text
stringlengths
21
5.87k
සීගිරිය මුද්දරයක් ලෙස ප්‍රවාරය වීම
සිගිරි ගලේ මුද්දර කථාව ආරම්භ වන්නේ වර්ෂ 1938 දීය. ඉංග‍්‍රීසි පාලනය පැවැති එකල ප‍්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල ප‍්‍රථමයෙන් මුද්දරයක පසුබිම සරසමින් සිගිරි ගලේ මුද්දර ජීවිතය ආරම්භ කරයි.<br />ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්‍රී ලංකාවේදී ද ඉන්දියාව, එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකර ඇත නමුත් මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.
සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට මිල කර ඇත්තේය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර් මස 12 වෙනිදා ප‍්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය. මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප‍්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය. <br />අවුරුදු 69ක් වයැසැති ප‍්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප‍්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප‍්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.<br />සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප‍්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.<br />ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප‍්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.<br />
පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප‍්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති.
කඩුගන්නාවට නුදුරු කුඩා ගම්මානයක රත්නායක වෙද මහතාට දාව 1942 පෙබරවාරි 18 වන දින උපන් වික්ටර් රත්නායක කුඩා කල සිටම සංගීතමය පසුබිමක හැදී වැඩුනු පුද්ගලයෙකි. සිය පියාගේ නූර්ති ගී ගායනයට ලැදි බවක් දැක්වූ වික්ටර් රත්නායකයන්ට නව හැවිරිදි වියේදී සිය පියා තෑගි කල හාර්මොනියම ඔහුගේ පලමු වාද්‍ය භාණ්ඩය විය.
සංගීතඥ සිරිල් පෙරේරා යටතේ මුල්ගම්පල පිහිටි M.G.P. ආයතනයෙන් වාදනය සහ ගායනය හැදෑරූ රත්නායකයන් එවකට රාජ්‍ය සංගීත විද්‍යාලය ලෙස හැදින්වුනු වර්තමාන සෞන්දර්ය කලායතනයෙන් පසු කාලීන අධ්‍යාපනය ලැබීය.
1964 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සිය ප්‍රථම ගීතය ප්‍රචාරය කල රත්නායකයන් පසු කලෙකදී සංගීත උපදේශකවරයෙකු වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ විය. ඉන් පසුව බණ්ඩාරවෙල පිහිටි එත්තලපිටිය මහා විද්‍යාලයලයට අනුයුක්තව සේවය කල ඔහු ප්‍රේමකිර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ.ඩී.කේ ධර්මවර්ධන, ආර්.ආර්. සමරකොන්, චින්තන ජයසේන සහ බණ්ඩාර කේ. විජෙතුංග යන සම කාලීනයන්ගේ ඉල්ලීම සලකා "ස" ප්‍රසංගය ආරම්භ කලේය.1973 ජූලි මස 20 වන දින ආරම්භ කල "ස" ප්‍රසංගය ඉන් වසර 39 කට පසු 2012 ජූලි මස 20 වන කොලඹ ලුම්බිණි ශාලාවේදීම නිමාවට පත් විය.
ඔහුගේ නවතම ගීය 2017 වසරේදී, "මගේ සඳ ඇවිත්" යනුවෙන් එලිදැක්වූ වගයි. එය දින කිහිපයක් ඇතුලත Youtube හි Trend #3 පසු කිරීමට සමත් විය. ඉතා විශාල ලෙස ජනප්‍රිය විය.
මහාචාර්ය චාමර දලුගම මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.
ඔහු ඩෙංගු, මී උණ වැනි බෝවන රෝග සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් කර ඇති විද්වතෙකි.
එම පර්යේෂණවලට අදාළව පශ්චාත් උපාධි සහ වෛද්‍ය සිසුන් වෙනුවෙන් ඔහු ග්‍රන්ථ කිහිපයක් පළ කර තිබේ.
මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ සායනික රෝග පිළිබඳ වෛද්‍ය මණ්ඩලයේ සභාපති ධූරය දරන අතර, නිවර්තන රෝග පිළිබඳ පර්යේෂණ ආයතනයේ සම්බන්ධීකාරක වශයෙන් ද කටයුතු කරයි.
මගේ තෘප්තිය ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට සේවය කිරීමයි සිය පශ්චාත් අධ්‍යයන කටයුතු වෙනුවෙන් වසර ගණනක් එංගලන්තයේ වාසය කළ ඔහුට එහි රැඳී සිට සිය වෘත්තිය කටයුතු කරගෙන යාමට අවස්ථා හිමි වුව ද, ඔහු යළිත් මව් රටට පැමිණියේය. "එංගලන්තයේ වැඩ කරන්න මට අවස්ථා ගොඩක් තිබුණා. ඒත් මම ඒවා අතඇරලා ආපහු ලංකාවට ආවේ මගේ රටේ ළමයින්ට උගන්වන එක මට ලොකු සතුටක් නිසා. ඒක මම බොහොම තෘප්තියෙන් කරන දෙයක්. මේ රටේ ජීවත් වෙලා රට වෙනුවෙන් යමක් කරන එකෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. ඒ නිසා මේ රට දාලා යන්න මට කිසි ම අදහසක් නෑ. අපේ රටේ ශිෂ්‍යයන්ට උගන්වන එකත්, රෝගීන්ට ප්‍රතිකාර කරන එකත් මට ලොකු සතුටක්. ඒක දිගට ම කරගෙන යනවා," මහාචාර්ය චාමර දලුගම පැවසීය. තාම පටන් ගත්තා විතරයි වෛද්‍ය විද්‍යාව ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් අත් කරගෙන සිටින මහාචාර්ය චාමර දලුගම සිතන්නේ, තමන් තවමත් පර්යේෂණ දිවියේ ආරම්භයේ සිටින බවය. "මම හිතන්නෙ මම තාම ඇකඩමික් ජීවිතය ආරම්භ කළා විතරයි. ඉදිරියට ගොඩක් සැලසුම් තියෙනවා. පර්යේෂණ කටයුතු කරගෙන යනවා." මේ අතර, වෛද්‍යවරුන් රාශියක් ශ්‍රී ලංකාව අතහැර යාම සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවන් අදහසකි. "ඒ අය රට හැරලා යන එක හරි හෝ වැරදි කියලා මට කියන්න අමාරුයි. ගොඩක් අය රට අතඇරලා ගියේ ආර්ථික සහ තවත් දුෂ්කරතා ගොඩක් තිබුණ නිසා. ඔවුන් ඒ තීරණ ගන්න ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්න ගැන හිතලා වෙන්න පුළුවන්. මම නම් තෘප්තියෙන් තමයි මේ රටේ සේවය කරන්නේ."
ගුරුවරියක වූ ඔහුගේ මව සහ බැංකු කළමනාකරුවෙකු වූ ඔහුගේ පියා තමන්ට වෛද්‍යවරයෙකු වන ලෙස කිසි දිනෙක බලපෑම් නොකළ බව ඔහු පවසයි. "මම බොහොම සාමාන්‍ය පවුලක කෙනෙක්. අපේ පවුලේ වෛද්‍යවරයෙක් හිටියෙ නෑ. ඒත් මට පුංචි කාලේ ඉඳලා කැමැත්තක් තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න. මම තේරෙන කාලෙ ඉඳලා සැලැස්මකට අනුව වැඩ කළා. ඊළඟ අවුරුදු 5දී, 10දී මම කොතන ද ඉන්නේ කියලා මම සැලසුම් කළා. සැලසුම් කළා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් වැඩ කළා. ප්‍රශ්න ආවා, පසුබෑමට ලක්වුණා. ඒත් මම අධෛර්යවත් නොවී සියල්ල කළා." සීමාවාසික පුහුණුව නිම කළ වහා ම ඔහු කථිකාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එක් විය. එහිදී ඔහු කොළඹ විශ්වවිද්‍යාලය ද සම්බන්ධ කර ගනිමින් සිට ආචාර්ය උපාධිය නිම කළේය. පසුව, පශ්චාත් ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ ඔහු එය නිම කර යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. "පශ්චාත් ආචාර්ය උපාධිය ඉවර කරලා ශ්‍රී ලංකාවට ඇවිත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහට සහතිකය ලබා ගත්තා. ඊට පස්සේ තමයි මම මහාචාර්ය තනතුරට ඉල්ලුම් කළේ," මහාචාර්ය චාමර දලුගම පැවසීය. උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ ඔහු වෛද්‍ය අවසන් විභාගයට පෙනී සිටියේ, 2013 වසරේදීය. එහිදී වෛද්‍ය විද්‍යා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට හිමි කර ගත හැකි සියලු පදක්කම්, ශිෂ්‍යත්ව සහ සම්මාන සියල්ල දිනා ගැනීමට ඔහුට හැකි විය. එහිදී ඔහුට හිමි මූ සමස්ත සම්මාන සංඛ්‍යාව 26ක් විය. 2013 වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමක කළ ඔහු, වෛද්‍යවරයෙකු ලෙස සීමාවාසික පුහුණුව ලැබුවේ, කොළඹ මහ රෝහලේදීය. 1988 වසරේ උපත ලැබූ චාමර දලුගම පළමුවෙන් අධ්‍යාපනය ලැබුවේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි පොරමඩුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙනි. පසුව ඔහු ගන්නොරුව, රණබිම රාජකීය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අතර උසස් පෙළ සඳහා පෙනී සිටියේ, මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. "උසස් පෙළ විභාගයෙන් මට A සාමාර්ථ 4ක් ලැබුණා. දිස්ත්‍රික්කයේ 3 වන ස්ථානය හිමි වුණා," මහාචාර්ය චාමර දලුගම අතීතය ආවර්ජනය කළේය. "කායික රෝග පිළිබඳ ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා" ඔහු බව පිළිගැනීමට සිදුවන්නේ, මෙතෙක් එම වයසේදී එම විෂය ක්ෂේත්‍රයට අදාළ මහාචාර්යවරයෙකු බිහි වී නොමැති බව පැවසෙන හෙයිනි. චාමර දලුගම මහාචාර්ය තනතුර වෙනුවෙන් අයැදුම් කර ඇත්තේ, 2022 ඔක්තෝබර් මාසයේදීය. ඒ අනුව, 2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔහුට මහාචාර්ය තනතුර පිරිනැමෙන්නේ, 2022 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ය. එවකට ඔහුගේ වයස අවුරුදු 35කි. ඕනෑ ම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් මහාචාර්ය පදවියක් උරුම කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. වෛද්‍ය විද්‍යාව වැනි විෂ්‍ය ක්ෂේත්‍රයක එය බෙහෙවින් දුෂ්කර වන්නේ, පර්යේෂණ රැසක් සිදු කිරීමට සිදුවීමත්, ජාතික මට්ටමේ දායකත්වයක් දැක්වීමට සිදුවීමත් නිසාය. කෙසේ වෙතත්, වයස අවුරුදු 35 වන විට කායික වෛද්‍ය විද්‍යා මහාචාර්ය පදවියකින් පිදුම් ලැබූ තරුණයෙකු පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාර්තා වෙයි. ඔහු නමින් චාමර දලුගම ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා, එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට අදාළව කිසිදු පියවරක් නොගන්නාබවට, නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම කැඳවන ලැබූ අවස්ථාවේ දී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් විදානපතිරණ මෙම දැනුම්දීම සිදු කළේ ය. පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම්කර සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තවදුරටත් එම ධුරයේ කටයුතු නොකරන බව දැනුම් දුන්නේ ය. ඒ අනුව, නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඔහුගේ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කිරීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම අවස්ථාවේ දී, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයාගේ පෙරකලාසිය තවදුරටත් අධිකරණය හමුවේ පවතින බවත්, සේවාදායකයා වෙනුවෙන් ඔහු පෙනී සිටින බවත් ප්‍රකාශ කළේ ය. ඉන් අනතුරුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කරන බව දන්වා සිටියේ ය. එමෙන්ම මීළඟ නඩු දිනය තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් නීතිඥ විදානපතිරණ අධිකරණයට දැනුම් දුන්නේ ය. මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා මීට පෙර අධිකරණය හමුවේ දැරූ ස්ථාවරයේ තවදුරටත් පසුවන බව කියා සිටියේ ය. අර්ජුන රණතුංග ප්‍රමුඛ ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහු විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතාව සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම පෙත්සම නැවත දෙසැම්බර් මස පස්වැනිදා දක්වා කල් තැබීමට නියම කළේ ය. මෙම නඩුකරය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ස්ථාවරය ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම්දීමට නියමිත ය. තෙල් හා වායු කර්මාන්තයේ ක්‍රියාකාරකමක් නිසාවෙන් නිකුත්වන විෂ සහිත දූෂකවලින්, පෙර දී අනුමාන කළ සංඛ්‍යාවන්ට වඩා මිලියන ගණනක ජනතාවක් අනතුරේ හෙළනබව බීබීසී විමර්ශනයක් මඟින් හෙළිදරව්වී තිබේ. තෙල් කැණීමේ දී අප වායු දහනය කිරීම (flaring), ඊට එරෙහිව ඇති තහනම කඩ කරමින් COP28 දේශගුණ සමුළුවේ සත්කාරකත්වය දරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළුව ගල්ෆ් කලාපයේ රටවල් විසින් සිදුකෙරෙයි. මින් ඇතිකරන පරිසර දූෂණය සැතපුම් සිය ගණනක් දුරට පැතිරී ඇති අතර, මුළු කලාපය පුරා වාතයේ ගුණාත්මකභාවය අයහපත් අතට හැරී තිබේ.