summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් ගේ පාලනයේ පැවති ඉරාකයේ විවිධ ප්‍රදේශ වලින් සමූහ මිනීවළවල් 50 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
අප්‍රේල් මාසයේ දී රමාදී නගරයෙන් සොයා ගත් සමුහ මිනීවළවල් වලින් පමණක් පුද්ගලයන් 40 කට අයත් සිරුරුර් කොටස් සොයා ගෙන තිබේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ජෑන් කුබිස් ප්‍රකාශ කළේ මේවා ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සිදුකළ අති බිහිසුණු අපරාධ පිලිබඳ සාක්‍ෂි බවයි. මෙම සමුහ මිනීවළවල් සොයාගැනීමට හැකිවූයේ මෑතක දී එම ප්‍රදේශ IS සන්නද්ධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් පසුවයි. වඩාත් මෑතක අප්‍රේල් මාසයේ දී රමාදී නගරයෙන් සොයා ගත් සමුහ මිනීවළවල් වලින් පමණක් පුද්ගලයන් 40 කට අයත් සිරුරුර් කොටස් සොයා ගෙන තිබේ. 2015 මැයි මාසයේ දී ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් විසින් අත් පත් කරගත් රමාදී නගරය ඉරාක හමුදාව විසින් නැවත අත්පත්කර ගනු ලැබුවෙ එම වසරේ ම දෙසැම්බර් මාසයේ දීය. එහෙත් 2016 වසරේ පෙබරවාරි මස රමාදී නගරය සම්පුර්ණයෙන්ම ඉරාක රජයේ හමුදා පාලනයට ගන්නා තෙක්ම තැනින් තැන සුළු ප්‍රහාර එල්ලවීම් පැවතිනි. උතුරු ඉරාකයේ සින්ජාර් බටහිර ඉරාකයේ අන්බාර් උතුරු ඉරාකයේ ටික්රිට් යන ප්‍රදේශ වලින් සමූහ මිනීවළවල් හමුවී තිබේ. මරා දැමුවන් අතර රජයේ සොල්දාදුවන්, සුළු ජාතික යසිදී ගෝත්‍රයට සහ වෙනත් ගෝත්‍ර වලට අයත් පිරිස් ද සිටින බවයි වාර්තාවන්නේ. ඉරාකයේ පමණක් නොව IS පාලනයේ පැවති සිරියාවේ ද සමූහ මිනීවළවල් හමුවී තිබේ. ජෑන් කුබිස් ඉරාකයේ එක්සත් ජාතීන්ගේ ආධාර වැඩ සටහනේ නියෝජිතයායි. ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් විසින් සිදුකළ ඝාතනය කිරීම් පැහැරගෙනයාම්, ස්ත්‍රී දුෂණ සහ වධහිංසා මිනිස් සංහතියට එරෙහිව සිදුකළ අපරාධ මෙන්ම ජන සංහාරය අරමුණු කරගත් යුද අපරාධ බවයි ඔහු පැවසුවේ.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ගෙන් ද සමන්විත වූ ඉහළ පෙළේ නීතිවේදීන් සමුහයකට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට බාධා පමුණුවා ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් පවසයි.
හෙලේනා කෙනඩි සාමි වරිය පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ට පෙරාතුව පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා ලබා දී තිබූ වීසා බලපත් ශ්‍රී ලංකාවේ රජය විසින් නිල වශයෙන් අහෝසි කොට ඇති බවයි ලන්ඩනය මූලස්ථාන කොට ගත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ මානව හිමිකම් ආයතනය (IBAHRI) පවසා ඇත්තේ. ‘කලකිරවන සුළුයි' ශ්‍රී ලංකාවේ රජය දෙවැනි වතාවටත් IBAHRI නියෝජිතයන් රටට ඇතුළු වීම වලක්වා ලීම පිලිබඳ කනගාටුව පළ කරන සම සභාපතිනි හෙලේනා කෙනඩි සාමි වරිය, පොදු රාජ්‍ය මණ්ඩලයේ අනාගත සභාපතිත්වය දැරීමට නියමිත රාජ්‍යය මෙවැනි පියවරක් ගැනීම ‘කලකිරවන සුළු’ බව කියා සිටී. තවත් සම සභාපති වරයකු වන ස්ටර්න්ෆර්ඩ් මෝයෝ මෙම අවහිර කිරීම හැඳින්වුයේ රට තුළ ‘භාෂණයේ නිදහස හා නිදහස් සංවාදය වළක්වා ලීමට ශ්‍රී ලංකාවේ රජය සතු අධිෂ්ඨානය ලෝකයට විදහා දැක්වීමක්’ ලෙසින්. ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා එක් ව නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට සංවිධානය කොට තිබුණ නීතියේ ආධිපත්‍යය හා නීති වෘත්තියේ ස්වාධීනත්වය පිලිබඳ සමුළුවට සහභාගී වීම සඳහා නීතිඥයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙසිය දෙනකු ලියා පදිංචි වී සිටි බවයි IBAHRI නිවේදනයේ දැක්වෙන්නේ. තහංචි සමයක් විනිශ්චය කරුවන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ද සමුලුවට සහභාගී වීමෙන් වළක්වා ඇති බව සංවිධානය පවසයි. රටට ඇතුළු වීමේ අවසරය අත් හිටුවීම සම්බන්ධයෙන් නොවැම්බර් හය වැනිදා ලිපියක් ලියන බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් නෙවිල් සිල්වා පවසා ඇත්තේ, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වෙන හෙයින් ඔක්තෝබර් විසි වැනිදා සිට වැනිදා දක්වා ‘තහංචි සමයක්’ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇති බවයි. එවන් ලිපියක් යවන ලද බව බීබීසී සංදේශයට තහවුරු කළ මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් කියා සිටියේ, සමුළු සමය තුළ දී වෙනත් කටයුතු සඳහා පිට රටින් පැමිණෙන අමුත්තන්ගේ කාර්ය සම්පාදනයට විදේශ අමාත්‍යංශයට හැකියාවක් නැති බවයි.
එල්ටීටීඊ පාලනය පැවති සමයේ උතුරෙන් පලවා හරින ලද මුස්ලිම් ජනතාව යලි පදිංචි කිරීමේ ප්‍රයත්නයට ඉන්දියාව කිසිදු දායකත්වයක් දක්වා නැති බව ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරයෙක් පවසයි.
'අනාගතේදී ඒ ජනතාව නැවත පදිංචි කිරීමට උදවු කරන්න කියල අපි ඉල්ලීමක් කළා' සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ඒ බව කියා සිටියේ බීබීසී දෙමළ සේවයේ සිවරාමක්‍රිෂ්ණන් පරමේශ්වරන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව යලි පදිංචි කිරීම පිණිස ආධාර කරන මෙන් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සමඟ පැවති සාකච්ඡාවකදී තමන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා පැවසීය. "ලක්ෂයකට වැඩි පිරිසක් උතුරු පලාතෙන් එල්ටීටීඊ ය එළවලා අවුරුදු ගාණක් අනාථ වෙලා ඉන්න අය පදිංචි කරවීම සඳහා ඉන්දියාව අද වෙන තුරු පිළිවෙලකට උදවු කරලා නෑ. අනාගතේදී ඒ ජනතාව නැවත පදිංචි කිරීමට උදවු කරන්න කියල අපි ඉල්ලීමක් කළා," යනුවෙන් ඔහු සඳහන් කළේය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං ශ්‍රී ලංකාවේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීම හේතුවෙන් සමුළුවට සහභාගි වූ ඉන්දීය දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් විසින්. අමාත්‍ය බදියුද්දීන් ඇතුළු ඔහුගේ පක්ෂයේ දූත පිරිස ඉන්දීය අමාත්‍යවරයා මුණ ගැසුණේ ඔහු කොළඹ පැවති සමුළුවට සහභාගි වෙමින් සිටි අතරවාරයේ. යුද්ධයෙන් උන් හිටි තැන් අහිමිවූ ලක්ෂ තුනකට ආසන්න දෙමළ වැසියන්ගෙන් අති බහුතරය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මේ වන විටත් යලි පදිංචි කොට තිබෙන බවත් ඉන්දීය අමාත්‍යවරයාට පෙන්වා දුන් බවද අමාත්‍ය බදියුද්දීන් පැවසීය.
එක් රටක් තුළ සියලු ජාතීන්ට එකට ජීවත් වීමට සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගයක් නිර්මාණය කිරීම සඳහා සහාය ලබා දීමට ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු නියෝජිතයන් සහතික වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසයි.
මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ දකුණු ආසියානු කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් සහ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අතර බදාදා උදෑසන පැවති සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමිනි. ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා විදෙස් විනිසුරන් සහභාගී කර නොගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කරන අතර දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් සාමාජිකයන්ගේ මතය වී ඇත්තේ ඒ සඳහා විදෙස් විනිසුරන්ගේ සහාය ලබා ගත යුතු බවයි. ඒ පිළිබඳ කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් යෝජනාවේ සඳහන් අදාළ යාන්ත්‍රණ ස්ථාපිත කරන අවස්ථවේදී ඒ සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කරන බවයි 'අද ආණ්ඩුවේ නියෝජිතයෙක් එක් අදහසක් කියනවා. අපි ඊට විරුද්ධව තව අදහසක් හෙට කියනවා. ඒ වගේ අපි මේ පිළිබඳ නැවත කතා කරන එකෙන් වැඩක් නැහැ. ඒ සම්බන්ධයෙන් රජය පියවර ගනු ලබන අවස්ථාවේ, යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන්න රජයට අපේ සහභාගීත්වය ලබා දෙනවා' පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි විරෝධය පළ කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසයි
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස මේ වන විට සකස් කර ඇති සංශෝධන පනත ලබන 24 වනදා හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ. ව්‍යවස්ථා සංශෝධනය සාමාන්‍ය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ යුතු බව පවසන විපක්ෂ නායකවරයා හදිසි පනතක් ලෙස රජය එය ඉදිරිපත්කළ හොත් ඊට විරුද්ධ වීමට සිදුවන බවයි පැවසුවේ. " ජනතාවට, සිවිල් සමාජයට ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දිය යුතුයි මේ සම්බන්ධයෙන් සාකච්චා කරන්න, මොකක්ද තියෙන හදිසිය ? " යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. ව්‍යවස්ථා සංශෝධනය සමගම මැතිවරණ පනතද සංශෝධනය කළ යුතු බව පැවසූ නිමල් සිරිපාලද සිල්වා එය කල්දැමීමට තම පක්ෂය එකග නොවන බව පැවසුවේ මේ සියළු යෝජනා සම්මත කිරීම සදහා අවශ්‍ය මන්ත්‍රීවරුන්ගේ බලය තම අත ඇති බව රජයට මතක් කරමින්. ඔහු වැඩිදුරටත් අදහස් දැක්වුවේ " ජනපතිගේ බලතල අඩුකිරීමයි, මැතිවරණ සංශෝධනයි දෙකම එකට කරන්න ඕනේ, එක්සත් ජාතික පක්ෂය මේකට එකග වෙන්න ඕනේ, මොකද අපේ චන්ද 120 නැත්නම් ඔය එක සංශෝධනයක් වත් සම්මත කරන්න බැහැ" යනුවෙන් පවසමින්. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මාස තුනකින් පමණ සිදුකළ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම්දුන් බව පැවසූ විපක්ෂනායකවරයා ඒ අනුව අදාළ සංශෝධන සිදුකොට නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවයි අවධාරණය කළේ. ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරුන් බෙදී යන ක්‍රම කිහිපයක්ම සාකච්ඡා වූ බව පැවසූ විපක්ෂනායකවරයා මේ සම්බන්ධයෙන් අවසන් එකගතාවයක් ඇති නොවූ බවයි පැවසුවේ. " ආසන ක්‍රමයට 125 යි, සමනුපතික ක්‍රමයට 75 යි ජාතික ලය්ස්තුවෙන් 25 යි යන්න යෝජනා වුනු ක්‍රමයක්, නමුත් එකඟතාවයක් තවම නැහැ" යනුවෙන් ඔහු පැවසීය.
ඉන්දීය පාලිත කාශ්මීරයේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දීය අගමැතිවරයා වෙත සිය ශෝකය පළ කළේය.
දුරකථනය ඔස්සේ ඉන්දීය අගමැති නෙරේන්ද්‍ර මෝදි ඇමතූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ හමුදා කඳවුරකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමින් ශෝකය පළ කළ බවයි ඉන්දීය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පාකිස්තානය පාලනයේ පවතින කාශ්මීරයේ දේශ සීමාව ආසන්නයේ ඌරි ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් දාහත් දෙනකු මරුමුවට පත් විය. එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මරුමුවට පත් හමුදා භටයන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කළ බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. කලාපයේ රටවල් අතර තිරසාර සහයෝගීතාවක් පවත්වා ගැනීම සහ ත්‍රස්තවාදය පිටුදැකීමේ අවශ්‍යතාව පිළිබඳවත් දෙරටේ නායකයන් සාකච්ඡා කළ බවත් ඉන්දීය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. ගිනි අවි සහ අත් බෝම්බ රැගත් ප්‍රහාරකයන් හමුදා කඳවුරට කඩා වැදී ප්‍රහාර එල්ල කොට තිබිණි. මේ අතර ඉන්දීය පාලිත කාශ්මීරයේ සිට පාකිස්තාන පාලිත කාශ්මීරයට පලා යාමට තැත් කළ කැරලිකරුවන් ලෙසින් සැක කෙරෙන දස දෙනකු මරා දැමූ බව ඉන්දීය ආරක්ෂක හමුදාව පවසයි. එම පිරිස ඌරි ප්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ කළ බවටයි හමුදාව චෝදනා කරන්නේ. මෑත යුගයේදී ඉන්දීය හමුදාවට එරෙහිව එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය වන අතර ඒ හේතුවෙන් ඉන්දියාව සහ පාක්ස්තානය අතර උණුසුම උත්සන්න වෙමින් පවතියි. ගතව ගිය සති දහයක කාලය ඇතුළත ඉන්දීය පාලිත කාශ්මීරයේ පැවති බෙදුම්වාදී උද්ඝෝෂණවලදී අනූවකට ආසන්න පිරිසක් මරුමුවට පත් වී තිබේ.
ජාතික සංහිඳියාව සඳහා යන ගමනට මුල් පියවර තැබිය යුත්තේ උතුරේ ජනතාව නොව දකුණේ ජනතාව යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
'සංහිඳියාව පිළිබඳ ඉතා අත්‍යවශ්‍ය ලෙස දැනුවත් කළ යුත්තේ දකුණේ ජනතාවයි. දකුණේ ජනතාව තුළ අන්තවාදී පිරිස් විසින් බොහෝ වැරදි අදහස් ඇති කරනවා.' සංහිඳියාව ඇති කරනු වස් උතුරු පළාතේ කටයුතු කරන ආයතන දකුණේ ජනතාව දෙස වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ යාපනයේ අවතැන් ජනයාට ඉඩම් අක්කර හත්සීයක් නැවත බෙදා දීම සඳහා පැවති උත්සවයක් අමතමිනි. 'සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය ලෙස දැනුවත් කළ යුත්තේ දකුණේ ජනතාවයි. දකුණේ ජනතාව තුළ අන්තවාදී පිරිස් විසින් බොහෝ වැරදි අදහස් ඇති කරනවා.' ජනාධිපතිවරයා කියා සිටියේය`. සමානාත්මතාව අගයන සැමට එකසේ ජීවත් විය හැකි රටක් ගොඩ නැගීමට එක් වන මෙන් ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා යාපනය,කන්කසන්තුරෙයි සහ තිලිප්පලෙයි යන ප්‍රදේශවලට අයත් අධිආරක්‍ෂිත කලාප වශයෙන් පැවති ඉඩම්වලින් කොටසක් ඒවායේ මුල් අයිතිකරුවන්ට පවරා දුන්නේය. 'මේ අය ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නොවෙයි. ඒ අය ඉල්ලන්නේ ඒ අයගේ ඉඩම් ඒ අයට දෙන්න කියලා. එහෙනම් අපි ඒ වගකීම සහ යුතුකම ඉටු කළ යුතුයි.' ජනාධිපතිවරයාකියා සිටියේය. නව ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව අවස්ථා කීපයකදීම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත බෙදා දුන් බවත් ඉදිරි මාස කීපය ඇතුළත මුල් අයිතිකරුවන්ට අයත් සියලු ඉඩම් බෙදා දී අවසන් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. 'ඇවිත් බලන්න' 'මේ ගෙවල්වල ඉන්නේ මමවත්, විග්නේශ්වරන් ඇමතිතුමාවත්, ස්වාමිනාදන් ඇමතිතුමාවත් නොවෙයි.' උතුරේ ඉඩම් බෙදා දීම විවේචනය කරන දකුණේ ඇතැම් පිරිස්වලට උතුරු පළාතේ අවතැන් වූ කඳවුරුවල වෙසෙන අසරණ ජනතාව වෙත පැමිණ ඔවුන් දිවි ගෙවන ආකාරය සියැසින් දැක බලා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. යුද්ධයේ පීඩාවන්ට ගොදුරු වූ සියලු දෙනාට නිවාස ඉදිකර දෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 'මේ ගෙවල්වල ඉන්නේ මමවත්, විග්නේශ්වරන් ඇමතිතුමාවත්, ස්වාමිනාදන් ඇමතිතුමාවත් නොවෙයි. ජනතාව කැමති කුමන ආකාරයේ ගෙයකටද?, ඒ විදිහේ ගෙයක් තමයි අපි හදලා දෙන්න ඕන' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානය විසින් රජයට ලබා දී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරේ මුල් පදිංචිකරුවන්ට ඉඩම් අක්කර 7600 ක් අහිමි වී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ නව ආණ්ඩුව යටතේ ඉන් ඉඩම් අක්කර 3000 ක් මේ වනවිට බෙදා දී ඇති බවයි වාර්තා වන්නේ.
උපත ලබා පැය තිහක් ගත වූ ළදරුවෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර, මෙතෙක් වාර්තා වූ ලාබාලතම කොරෝනාවෛරස් රෝගීයා බව චීන මාධ්‍ය වාර්තා කරයි.
දරුවා බිහි කිරීමට පෙර මවට කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු විය. වෛරසය පැතිරීම ආරම්භ වූ වූහාන් ප්‍රදේශයේ දී පෙබරවාරි දෙවෙනිදා මෙම දරුවා උපත ලැබීය. දරුවා බිහි කිරීමට පෙර මවට කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු විය. නමුත් රෝගය සම්ප්‍රේෂණය වූයේ ගර්භාෂයේ ද නැතහොත් උපතින් පසු ද යන්න පැහැදිලි නැත. වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් 636 සහ ආසාදිතයන් 31,161 අතර ළමුන් දක්නට ලැබෙන්නේ අතළොස්සක් පමණි. උපතේ දී කිලෝග්‍රෑම් 3.25 ක් බරැති දරුවා මේ වන විට ස්ථාවර තත්ත්වයේ පසුවන අතර නිරන්තරයෙන් නිරීක්‍ෂණය යටතේ පසු වේ. ළදරුවෙකුට ආසාදනය වූයේ කෙසේ ද? මෙය ගර්භාෂය තුළ දී වෛරසය ආසාදනය වූ අවස්ථාවක් විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. "මවගෙන් දරුවාට ද කොරෝනාවෛරසය සම්ප්‍රේෂණය විය හැකි මාර්ගයක් ඇතැයි මෙය අපට මතක් කර දෙනවා," වුහාන් ළමා රෝහලේ නවජ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍යවරයා වන සෙන්ග් ලින්ග්කොං රොයිටර් පුවත් සේවයට පැවසීය. නමුත් දරුවා බිහි වූ පසු මව සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් ද වෛරසය ආසාදනය විය හැකිය. "මවගේ කැස්සෙන් පිට වූ වෛරසය සහිත බිඳිති ආශ්වාස කිරීමෙන් ළදරුවාට එය ආසාදනය වී තිබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා," කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මේල්මෑන් මහජන සෞඛ්‍ය පාසලේ වසංගත රෝග විද්‍යා විශේෂඥ ස්ටීවන් මෝර්ස් බිස්නස් ඉන්සයිඩර් වෙත පැවසීය. රැකවරණය නොමැතිව ආබාධිත තරුණයා මරුට Cerebral Palsy හෙවත් මස්තිෂ්ක ආඝාතයෙන් පෙළුණ පිරිමි දරුවකුට සිටි එකම රැකවරණය වූ සිය පියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක පිට ඔහු නිරෝධායනය කිරීමට පියවර ගැනීමෙන් පසු එම දරුවා මිය ගිය පුවතක් ද වාර්තා විණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චීන නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් පහ කර ඇත. සිය පියා සහ සහෝදරයා නිරෝධායනය සඳහා යොමු කිරීමෙන් සතියකට පසු 16 හැවිරිදි යැන් චෙං මියගොස් සිටියේය. මෙම කාලය තුළ ඔහුට ආහාර ලැබී ඇත්තේ දෙවරක් පමණක් යැයි වාර්තාවල සඳහන් වේ. යැන් චෙං මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂ ලේකම් සහ හුආජියා නගරයේ නගරාධිපති යන දෙදෙනාම සේවයෙන් පහ කර ඇත. යැන් චෙංගේ කතාව සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල ජනප්‍රිය මාතෘකාවක් බවට පත් විණි. මෙම පවුල ජීවත් වූයේ කොරෝනාවෛරස් රෝගයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයේ මධ්‍යම හුබෙයි පළාතේය. තම පුතාට ආහාර හෝ ජලය නොමැතිව තනි වී ඇතැයි පවසමින් අදාළ දරුවාගේ පියා චීන සමාජ මාධ්‍ය ජාලයක් වන වීබෝ හි උදව් ඉල්ලා සටහන් තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මස්තිෂ්ක ආඝාතය යනු මුල් ළමාවියේදී දක්නට ලැබෙන රෝගී ලක්ෂණයක් වන අතර එය මාංශපේශි චලනයට සහ අන් අය සමඟ සම්බන්ධතා පැවැත්වීමට බලපායි. මෙහි රෝග ලක්ෂණ එකිනෙකාට වෙනස් වේ. කම්පන ඇතිවීම, තද හෝ දුර්වල මාංශ පේශි, ආහාර ගිලීමේ ගැටලු, පෙනීම, කථනය සහ ශ්‍රවණය යන රෝගී ලක්ෂණ පොදුවේ දැකිය හැකිය. කෙසේවෙතත්, මෙම රෝගයට ගොදුරු වූවන් දැඩි ආබාධිත තත්වයට පත්වේ. තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව බලධාරීන් මින් පෙර ප්‍රකාශ කර තිබිණි. කොරෝනාවෛරසය නිසා මෑතක දී සිදු වූ වෙනස්කම් මොනවාද? ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. පුද්ගලයන් 3,700 ක් සමඟ වසා දමා ඇති 'ඩයමන්ඩ් ප්‍රින්සස්' නෞකාවේ කොරෝනාවෛරස ආසාදිතයන් විසිදෙනෙක්. මාස තුනක ප්‍රතිචාර සැලැස්මක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 675ක අරමුදලක් සපයන ලෙස එහි ප්‍රධානී ටෙඩ්‍රොස් අදනොම් ගෙබ්‍රෙයිසස් බදාදා (පෙබරවාරි 5) ඉල්ලා සිටියේය. අරමුදල්වලින් බහුතරය සැපයෙන්නේ වෛරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය රටවලටය. මුහුණු ආවරණ 500,000ක් සහ ශ්වසන යන්ත්‍ර 40,000ක් රටවල් 24කට යවනු ඇත. වෙනත් සිදුවීම්: පාළුවට ගිය බෙයිජිං නගරයේ වීදි ශ්‍රී ලංකාව තවදුරටත් 'සූදානමින්' කොරෝනාවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රට තුළ ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිළි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (පෙබරවාරි 6) පැවැත්විණි. "ජාතික ක්‍රියාකාරි කමිටුව හරහා ගුවන් තොටුපලවල් පමණක් නොව වරායත් සම්බන්ධ කර ගනිමින් නැව්වලින් එන අයත් අපි පරික්ෂාවට ලක් කරනවා," යැයි සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය. "නැව්වලින් එන අයගේ තොරතුරු ඇතුළත් කිරීමට පත්‍රිකාවක් ලබා දෙනවා. ඉන්පසු එම තොරතුරු පරිගණකයට ඇතුළත් කර මෘදුකාංගයක් මගින් ඔවුන් යන එන ස්ථානවල තොරතුරු පරික්ෂා කරනවා," අමාත්‍යවරිය තවදුරටත් පැවසීය. කොළඹ: මුහුණු ආවරණ පැළඳ රැකියාවේ නිරතවන ශ්‍රී ලාංකිකයන් පිරිසක්. කොරෝනා වෛරස ආසාදිතයන් දැනට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇත්තේ එක් අයෙකු පමණක් වන අතර, තවත් සැකකටයුතු රෝගීන් 16 දෙනෙකු රෝහල්වල පරික්ෂාවට භාජනය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය. මේ තොරතුරුද කියවන්න:
පාසල් වියේ දැරියන්ගේ සිට වැඩි වියේ කාන්තාවන් දක්වා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රචණ්ඩ හිංසනයට මෙන්ම අනාරක්ෂිත භාවයකටද මුහුණ දෙන බව කාන්තා හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
'ගෙදර බුදුන් අම්මා කියනවා. ඒත් කාන්තාවන් ආරක්ෂා කරන්න තියෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණත ඉවත් කර ගන්නවා' මෙම තත්ත්වය පිළිබඳව සමාජයේ අවධානය පළ කරනු වස් කාන්තා හිමිකම් ක්‍රියාකාරිනියන් පිරිසක් අද කොළඹ අගනුවර පා ගමනක නිරතව සිටියහ. "ඉස්කෝලේ යන දරුවට බස් එකේ යන්න බෑ. යන කොට කරදර කරනවා. වැඩ පොලේ ගියොත් පිරිමි ළමයි, ගෑනු ළමයි වැඩකරන්නේ එකට. ඒ වගේම තමයි ගෙදරදී - ගෙදර ගියොත් හස්බන්ඩ් බනිනවා, ගහනවා," බවයි, නුවර එළියේ සිට පැමිණ පා ගමනට එක්ව සිටි ලක්ෂ්මන් ශෂිකලා බීබීසී සංදේශයට කියා සිටියේ. කාන්තා හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීම් වස් එම උද්ඝෝෂණය ජාතික වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූවක්. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහයි, උද්ඝෝෂණය අවසානයේ පැවති හමුවේ ප්‍රධාන දේශකයා ලෙසින් ආරාධනා ලැබ සිටියේ. "ගෙදර බුදුන් අම්මා කියනවා. ඒත් කාන්තාවන් ආරක්ෂා කරන්න තියෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි පණත ඉවත් කර ගන්නවා," ඔහු පැවසීය. විශේෂයෙන්ම වතුකරයේ කාන්තාව පුරුෂාධිපත්‍යයට යට වී විවිධ හිංසනයන්ට ගොදුරු වී සිටින බව නෝවුඩ් සිට පැමිණ සිටි වී මංජුලා සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු සමග පැවසුවාය. "වත්තේ වැඩ කරන කොට කන්කානි පිරිමි. වත්තේ වැඩ කරන ඔක්කොම කාන්තාවෝ. කාන්තාවෝ ඉදිරියට යනවට පිරිමි කැමති නෑ," බව ද ඇය සඳහන් කළාය. කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් මැති ඇමතිවරුන් ද අනුගමණය කරන්නේ ඉතා උදාසීන පිළිවෙතක් බවයි, ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ වේලායුදම් ගේ අදහස වී තිබුනේ. සබැඳි තේමා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීම් හමුවේ එංගලන්ත කණ්ඩායම දුෂ්කර තත්වයකට පත්ව සිටින්නේ යයි කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් කරන ලද ප්‍රකාශය මුල් කර ගත් අර්බුදය නිරාකරණය කෙරුණ බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
සිය ප්‍රකාශය සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් විසින් කරන ලද පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය සෑහීමට පත්ව සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සාමි උල් හසන් පවසන්නේ. මෙම අර්බුදය ආරම්භ වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාකදී කරන ලද ප්‍රකාශයකිනි. සංදේශයට කළ ප්‍රකාශය සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට ලක් කිරීමට තීන්දු කරනු ලැබීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ, ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන පීඩනය දරා ගත නොහැකි වූ විට අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පීඩනය යොමු කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාමාන්‍ය සිරිතක් බවට පත් වී තිබෙන බවයි. "සමහර අවස්තාවලදී සමහර පන්දු යවන්නට හොඳින් මුහුණ දෙන්න බැරි වුනාම මේ වගේ මතභේද ඇතිවෙනවා. මුරලිදරන් ගේ ඉඳල ඒක අපි දැකපු දෙයක්," ඇන්ජලෝ මැතිව්ස් බීබීසී සංදේශයට කියා සිටියේය. සචිත්‍ර සේනානායක එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ඇන්ජලෝ මැතිව්ස් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට පවසා ඇත්තේ ක්‍රිකට් විනිසුරුවන් කෙරෙහි කිසිදු බලපෑමක් විනැයි තමා නිගමනය නොකරන අතර තම ප්‍රකාශය මගින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනයට ලක් කරනු ලැබීමක් නොවූ බවයි. දෙවැනි ටෙස්ට් තරඟය බීබීසියට කළ ප්‍රකාශය මුල්කර ගනිමින් ඇන්ජලෝ මැතිව්ස්ට තරඟ තහනමක අවදානමකට මුහුණ දීමට සිදු විය හැකි බව පසුගිය දිනවල මාධ්‍ය මගින් පැවසුණි. මේ අතර,ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙවර තරඟාවලියේ දෙවන සහ අවසාන තරඟය මෙයින් ස්වල්ප වෙලාවකට පෙර ආරම්භ විය. මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ එංගලන්තයේ ‘හෙඩින්ග්ලි’(headingley)ක්‍රීඩාංගනයේ. මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පවරනු ලැබුණි.
පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හි සිදුවූ මාරක රිය අනතුරට ලක්වූ ටෙස්ලා මෝටර් රථය එම අවස්ථාවේදී ස්ව-පැදවුම් (Auto Pilot) තත්ත්වයේ තිබී ඇතැයි ටෙස්ලා ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදන සමාගම පවසයි. ඒ සමග ස්ව-පැදවුම් තාක්ෂණයේ ඇති ආරක්ෂාව පිළිබඳ තවදුරටත් ගැටලු මතුකර තිබේ.
ටෙස්ලා Model X වර්ගයේ රිය අනතුරට ලක්වූ වහාම මියගිය එහි රියැදුරා ඇපල් සමාගමේ ඉංජිනේරුවෙකි එහෙත් අදාළ අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය (NTSB), එම පරීක්ෂණයේ තොරතුරු ටෙස්ලා සමාගම විසින් ප්‍රසිද්ධ කරනු ලැබීම සම්බන්ධයෙන් "නොසතුට" පළ කළේය. එම සමාගම නිපදවූ Model X වර්ගයේ මෝටර් රථයක් මාර්තු 23 වෙනිදා කැලිෆෝර්නියා හි මාර්ගයක බාධකවල ගැටී ගිනි ගැනිණි. අනතුරින් මියගොස් තිබුනේ ඇපල් සමාගමේ වෝල්ටර් හුවාංග් නම් ඉංජිනේරුවෙකි. එහිදී 38 හැවිරිදි රියැදුරා එතැනම මියගිය අතර අනතුර වන අවස්ථාවේදී රථය ස්ව පැදවුම් (Auto Pilot) තත්ත්වයේ පැවති බව ටෙස්ලා මෝටර් සමාගම පැවසීය. නමුත්, මාර්ගයේ කොංක්‍රීට් බාධක රථයේ තාක්ෂණික පද්ධතියට නිරීක්ෂණය වී ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ඔවුහු කිසිවක් ප්‍රකාශ නොකළහ. "ඊට පෙර දෘශ්‍ය හා ශ්‍රව්‍යමය අනතුරු ඇඟවීම් කීපයක් රියදුරාට ලැබී තිබුණා" යැයි සමාගමේ වෙබ් අඩවියෙහි පළවූ ප්‍රකාශයක සඳහන් විය. "ගැටීමට පෙර තත්පර හයක් පුරා රියැදුරුගේ දෑත සුක්කානම මත නොවූ බව නිරීක්ෂණය වී තිබෙනවා" "කොංක්‍රීට් මාර්ග බෙදීම පිළිබඳ මීටර 150ක (අඩි 490) බාධකයකින් තොර දර්ශනයක් මෙන්ම තත්පර පහක කාලයක් රියදුරුට තිබුණා. නමුත් රථයේ ලොග් වාර්තාව පෙන්වන්නේ ඔහු කිසි පියවරක් නොගත් බවයි" එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ. පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රයකට කළ හැකි දෙයින් ඇතැම් දේ ටෙස්ලා ස්ව-පැදවුම් පද්ධතියට ද කළ හැක. ඇතැම් තත්ත්වවලදී තිරිංග යෙදවුම, වේගය වැඩිකිරීම හා පැදවීම කළ හැකි වුවද, එය රියැදුරු සහායක පද්ධතියක් ලෙස වර්ගීකරණය කෙරී ඇත. ස්වාධීනව මෙහෙයවීමක් ඉන් අපේක්ෂා නොකරන බැවින් සෑමවිටම රියදුරු සිය දෑත සුක්කානම මත රඳවාගැනීම අවශ්‍ය වේ. මේ තොරතුරුද දැනගන්න: ටෙස්ලා රථයක් පැදවූ රියැදුරකු 2016 දී ෆ්ලොරිඩා හිදී මියගියේ සිය මාර්ගය හරහා යන ලොරියක් හඳුනා ගැනීමට එම රථයට නොහැකිවීම හේතුවෙනි. මේ නිසා සමාගම විසින් අලුත් ආරක්‍ෂිත පියවර හඳුන්වාදෙනු ලැබූ අතර ඊට ස්ව පැදවුම ක්‍රියාවිරහිත කිරීම මෙන්ම රියැදුරු ඕනෑවට වඩා කාලයක් සුක්කානම අතහැර සිටී නම් රථය නැවතීම වැනි පියවර ද ඇතුළත් විය. ෆෙඩරල් පරීක්ෂකයින් පසුගිය වසරේ පැවසුවේ අර්ධ ස්වයංක්‍රීය ස්ව පැදවුම් වල සීමා ගැන ටෙස්ලා සමාගමට "අවබෝධයක් තිබී නැහැ" යනුවෙනි. කැලිෆොර්නියාහි අනතුර සිදුවුයේ ස්ව පැදවුම් තාක්ෂණය අසීරු කාලයකට මුහුණ දී සිටියදීය. ඇමෙරිකාවේ 'ඇරිසෝනා' ප්‍රාන්තය තුළ ස්ව පැදවුම් පරීක්ෂණ පැවැත්වීම යළි ඇරඹීමට ඌබර් සමාගමට මාර්තු මස මුලදී අවසර නොලැබුණි. එය සිදුවුයේ ස්වයංක්‍රීය රථයක්, පා පැදියක් ගෙන මාර්ගය හරහා ඇවිදගිය කාන්තාවක හා ගැටීමෙන් මාරක අනතුරක් සිදුවීමෙන් පසුය. ස්වයංක්‍රීය රථයක් පදිකයකු හා ගැටීමෙන් මාරක අනතුරක් සිදුවූ පළමු අවස්ථාව එය ලෙස සැලකිණි. එම අනතුරින් පසු උතුරු ඇමෙරිකාව තුළ සියලු ස්ව-පැදවුම් පරීක්ෂණ අත්හිටුවීමට සමාගම පියවර ගත්තේය. ඒ සමග පොදු මාර්ගවල ස්වයංක්‍රීය මෝටර් රථ පැදවීම සම්බන්ධයෙන් නැවත වරක් දැඩි අවධානයක් පළවිය. ටෙස්ලා Model 3 වර්ගයේ මෝටර් රථවල ස්ව-පැදවුම් පාලකය වෙනස් කර තිබේ මෑතදී වාර්තා වූයේ ටෙස්ලා වර්ගයේ සිය Model 3 වර්ගයේ මෝටර් රථවල ස්ව-පැදවුම් පාලකය වෙනස් කර ඇති බවකි. මෙතෙක් එය ක්‍රියාත්මක කරන ස්වභාවය වූයේ සුක්කානමේ වූ බොත්තමින් ක්‍රියාත්මක කිරීම හා ක්‍රියා විරහිත කිරීම සහ ස්පර්ශක තිරයක ආධාරයෙන් අනෙකුත් හැසිරවීම් කිරීමය. එය මාර්ගය පිළිබඳ රියැදුරාගේ අවධානය බිඳින්නකි. එන්ගැජට් (Engadget ) පුවත් වෙබ් අඩවිය පවසන පරිදි දැන් එම හැසිරවීම සුක්කානමේ ඇති බොත්තම් මගින් කළ හැකිය.
ලොව අලි ඇතුන් වෙනුවෙන් ඉදි වූ පළමු රෝහල මූල්‍ය ප්‍රතිපාදන හිඟ වීම හේතුවෙන් වැසී යෑමේ අවදානමක පවතින බව එම රෝහලේ බලධාරීහු පවසති.
බිම්බෝම්බවලට හසු වී ආබාධිත තත්වයට පත් අලි ඇත්තු ද මධ්‍යස්ථානයේ රැකවරණය ලබති තම ආයතනය වෙත වහා ආධාර ලබා දෙන මෙන් තායිලන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි රෝහල ඉල්ලා සිටී. බංකොලොත්භාවයට පත් නොවී තවදුරටත් සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා ආධාර කරන ලෙසත් එම ආයතනය තායිලන්ත ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. අලි ඇතුන් වෙනුවෙන් 1993 වසරේ ආරම්භ කෙරුණු මධ්‍යස්ථානය තුළ අලි ඇත්තු පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් රැකවරණය ලබති. බිම්බෝම්බවලට හසු වී ආබාධිත තත්වයට පත් අලි ඇත්තු ද ඒ අතර වෙති. කෘතීම පාද ආබාධිත අලි ඇතුන් සඳහා 2008 වසරේ දී ලොව පළමු වරට කෘතීම පාදයක් නිර්මාණය කිරීමත් සමග එම මධ්‍යස්ථානය වෙත ජාත්‍යන්තර අවධානය යොමු විය. තායිලන්තය බලා පැමිණෙන විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අලි ඇතුන්, නිතරම පීඩාවලට ලක්වන බව සහ හොඳින් රැක බලා නොගන්නා බව සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසති.
ජිනීවා හිදී පැවැත්වෙන මානව හිමිකම් කොමිසම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන යෝජනාවට සංශෝධන එක් වෙමින් ඇත.
ආචාර්ය දයාන් ජයතිලක ඇමරිකාවේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වෙන මේ යෝජනාවට සංශෝධන වැඩි වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ යුරෝපා රටවල් විසිනි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ලවා දිගින් දිගටම විමර්ශනය කිරීමට ඉඩ ලබා දීමට ගන්නා උත්සාහය පිළිගත නොහැකි එකක් යැයි කොළඹ සිට අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක කියා සිටියේය. ස්වාධීන පරීක්‍ෂණයක් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා නිශ්චිත සිදුවීම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර කීර්තියක් සහිත විනිශ්චයකාරවරයෙක් වන සී ජේ වීරමන්ත්‍රී ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට තමන් ශ්‍රී ලංකාවට යෝජනා කළ අතර,එම නිර්දේශය ක්‍රියාත්මක කළා නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන යෝජනාව පරාජය කිරීමට ඉඩ තිබුණ බව ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, එවැනි නිර්දේශ ක්‍රියාත්මක නොකළ පමණින් ශ්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පූර්ණ බලතල පැවරීම වැරදි බවයි, ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ. සුනන්ද දේශප්‍රිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ සිට කථා කළ ‘යුක්තිය’ පුවත්පතේ හිටපු කර්තෘ සුනන්ද දේශප්‍රිය කියා සිටියේ, අළුත් සංශෝධන අනුවත් ශ්‍රී ලංකාවට තමන්ගේ ම ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමට ඉඩ තිබෙන බවයි. කෙසේ වෙතත් පසුගිය අවුරුදු පහක කාලයක් තුල දී ශ්‍රී ලංකාව ට තමන්ගේ ම ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බව සනාථ වී ඇති බවයි සුනන්ද දේශප්‍රිය කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය සිය මධ්‍යම කාරක සභිකයන් පස්දෙනකු ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඉවත් කරනු ලැබුණ මධ්‍යම කාරක සභිකයෙක්-බන්දුල ගුණවර්ධන සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටී බී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන මධ්‍යම කාරක සභිකයන් පස්දෙනාගේයි සාමාජිකත්වය අත්හිටවනු ලැබ තිබෙන්නේ. පසුගිය පස් වැනි දා මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබුණ තීන්දුවලට පටහැනිව කටයුතු කිරීම එවැනි පියවරක් ගැනීමට හේතු වූ බව ඉහත කී මධ්‍යම කාරක සභිකයන්ට ඔවුන් ඉවත් කරනු ලැබීම දැනුම් දීමේ ලියුම්වල සඳහන් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ. මහින්දවාදීන් ඉවත් කරනු ලැබුණ මධ්‍යම කාරක සභිකයෙක්- සාලින්ද දිසානායක. ඉහත සඳහන් පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කොට ඇති සාමාජිකයන් සියලු දෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූර අපේක්ෂකයා වශයෙන් පක්ෂය තුළට යළි ගෙන ඒමට කටයුතු කරන දේශපාලනඥයෝ වෙති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පෙර කී මධ්‍යම කාරක සභිකයන් ඉවත් කිරීමේ ලිපිවලට අත්සන් තබනු ලැබ ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දීම් වස් සංවිධානය කෙරෙන මහජන රැලිවලට සහභාගී වීමෙන් වළකින මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සාමාජිකයන්ට දැනුම් දෙනු ලැබයි තිබුණේ. එහෙත් එම උපදේශය නොතකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් එවැනි රැලිවලට සහභාගී වෙමින් සිටිති.
ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු අනුකාරක සභා හතක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා ඇසුරින් සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා ( සැප්තැම්බර් 21) පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ සම්බන්ධයෙන් තවදුරටත් නිරාකරණය කර ගත යුතු ක්ෂේත්‍ර පවතිනවා - අගමැති එය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වූ අගමැතිවරයා, බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට අනුකාරක සභාවල සියලූ සාමාජිකයන් සූදානම් බව අවධාරණය කළේය. ඉතිහාසයේ "පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින්," ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම එකඟ වන්නේ නම් අතුරු වාර්තා කෙටුම්පතේ සඳහන් කරුණුවලට එකඟවන බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී තිබෙන බව ද අගමැතිවරයා පැවසීය. එබැවින් දශක ගණනාවක් භේද භින්න වී තිබුණු රටක පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ඇති වී තිබෙන "ඓතිහාසික අවස්ථාව" ගිලිහෙන්නට ඉඩ නොදිය යුතුය යන්න අගමැතිවරයාගේ ස්ථාවරය විය. කෙසේ නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ කෙටුම්පතක් පමණක් බව පෙන්වා දෙන අගමැති රනිල් වික්‍රමසිංහ, අවසාන ලේඛනය සකස් කරන්නේ ජනතා සංවාදයට භාජනය කිරීමෙන් පසුව බව අවධාරණය කළේය. නව ව්‍යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාව සමන්විත වී තිබෙන්නේ අනුකාරක සභා හතක වාර්තා ඇසුරිනි: පහත දැක්වෙන්නේ අධිකරණය පිළිබඳ අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සාරාංශයකි. ගතව ගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ අත්දැකීම් සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මතු වූ ගැටළු සැලකිල්ලට ගනිමින්, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ ප්‍රකාශිත විධිවිධාන නව ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතු බව අනුකාරක සභාවේ එක් ප්‍රධාන නිර්දේශයකි. විශේෂයෙන්ම ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව මගින් අධිකරණ සහ විනිශ්චය සභා හරහා ක්‍රියාවට නගනු ලබන වත්මන් "අසතුටුදායක" ක්‍රමවේදය වෙනුවට ජනතාවගේ අධිකරණ බලය සෘජුවම අධිකරණ වෙත පැවරිය යුතු බව අනුකමිටුවේ අදහසය. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විධිවිධාන ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවෙන් යහපත් මාර්ගෝපදේශයක් ලබාදෙන බවත් එහි සඳහන් වේ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුවන ගැටළු විනිශ්චය කිරීම පිණිස, ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවිය යුතුය යන්න තවත් නිර්දේශයකි. පැවැත්මක් නැති පිරිසක් ආණ්ඩුවේ ගමනට බාධා කරනවා -මල්වතු මහනාහිමි වෙනත් අධිකරණවලදී විභාගයට ගැනෙන ව්‍යවස්ථාව සම්බන්ධ සියලු කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කළ යුතු අතර, එහිදී "විනිසුරුවරුන් හත් දෙනාම අධිකරණයේ විනිශ්චයාසනාරූඩ යුතුය," යනුවෙන් ද අනුකමිටුව යෝජනා කරයි. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විනය පාලනය සහ ඔවුන් සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කරන අනුකමිටුව පවසන්නේ ඒ සඳහා විනය පාලන කොමිෂන් සභාවක් පත් කළ යුතු බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත එම කොමිසම පත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. කිසියම් විනිසුරුවරයෙකුගේ විෂමාචාරයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව විනය පාලන කොමිෂන් සභාව ඉදිරිපත් කරන වාර්තාව මත පදනම්ව ඔහු/ඇය සේවයෙන් පහ කළ යුතු බව ව්‍යවස්ථා සභාව නිර්දේශ කරනු ලැබුව ද, ඔහු/ඇය සේවයෙන් පහ කිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ එම යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවන්නේ නම් පමණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 15 ක් දක්වා වැඩි කළ යුතු බව ද අනුකමිටුව නිර්දේශ කරයි. අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ අභියාචනාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 45 ක් විය යුතු බව තවත් නිර්දේශයකි. එයට අමතරව පළාත් බදව අභියාචනාධිකරණ ස්ථාපිත කළ යුතුය. අපරාධ සහ වාණිජ වැනි අංශ වෙනුවෙන් අභියාචනාධිකරණයේ විවිධ අංශ ද තිබිය හැකිය. එමෙන්ම වැටුප් ලබන හෝ නොලබන, අධිකරණ කටයුතුවලින් පරිබාහිර වෙනත් කිසිම කාර්යයක් භාර ගැනීමට දැනට සේවයේ නියුතු හෝ විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරුවන්ට අවසර ලබා නොදිය යුතු බව ද අධිකරණය පිළිබඳ අනුකාරක සභාව යෝජනා කරයි. බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලබා දී ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම ආරක්‍ෂා කෙරෙන බව නව යෝජනා සභාගත කරමින් සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවට පදනම් වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති හා මූලධර්ම බව ද පෙන්වා දුන්නේය. "බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවයි. අවෛරයෙන් වෛරය ජයගතයුතු බවයි. අද අපි ඉටු කර ගන්න බලාපොරොත්තු වන අරමුණෙහි හරය එයයි. ඒ වගේම ඉදිරියේදීත් අපේ ජාතියට මඟපෙන්වීම සඳහා මේ බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි අප විශ්වාසය තබනවා," අගමැතිවරයා පැවසීය. දැඩි ලෙස මධ්‍යගත වූ පාලන ව්‍යූහය වෙනුවට ප්‍රාදේශීය කලාපවල අවශ්‍යතා ආමන්ත්‍රණය කළ හැකි බලය බෙදීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන නමුත් විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ සම්බන්ධයෙන් තවදුරටත් නිරාකරණය කර ගත යුතු ක්ෂේත්‍ර පවතින බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකරනු වස් එකිනෙකාගේ හර පද්ධති බෙදාහදාගැනීමේ සංවිධිත ක්‍රියාවලියක් අවශ්‍ය බව කලා සංස්කෘතික ඒකකයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවසයි.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන බෙදීම් දුරලීමට එය අත්‍යවශ්‍ය සාධකයක් බව කී ආචාර් විජේසිරිවර්ධන, "මිනිස්සු වශයෙන් අපි වෙනස්. සංස්කෘතීන් බැලුවහමත් එකිනෙකට වෙනස් දේවල් ගොඩක් අපේ රටේ තියෙනව. අපිට එච්චර ලේසියෙන් බේරෙන්න බෑ අපි දෙමළ, සිංහල වශයෙන් සංස්කෘති නම් කරලා. මොකද ඒවා ඇතුලේත් උප සංස්කෘතීන් තියෙනවා." යැයි සඳහන් කළේ ශ්‍රී ලංකාවට කලා, සංස්කෘතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ අධ්‍යයන චාරිකාවක් අතරතුර ලන්ඩනයේ බීබීසී සංදේශය මැදිරියේදී අදහස් දක්වමිනි. "අනිත් එක කවුරු හරි හිතනවා නම් එක සංස්කෘතියක් සම්පූර්ණයෙන් අනෙක් සංස්කෘතියෙන් වෙනස් කියල ඒකත් වැරදියි." (සාකච්ඡාවට සවන්දෙන්න) එහෙත් එම තත්ත්වය ප්‍රසිද්ධියේ පිළිගෙන අවශ්‍ය සංශෝධන දියත් කිරීමට සමාජයේ බියක් පවතින බව ඔහු පෙන්වා දුණි. "වෙනස්කම් නැත්නම් අපිට බෙදා හදාගන්න දෙයක් නෑ." යනුවෙන් පැහැදිලි කළ ඔහු, සිංහල උරුමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් භාවිත කරන 'උරුමය' යන වචනය දෙමළ භාෂාවෙන් බිඳී ආ එකක් බව උදාහරණ ලෙස ගෙන හැර දැක්වීය. 'බෙදීම් සහ බලය' "අපේ අවුල තියෙන්නේ බෙදීම් නිසා. ඒක සම්පූර්ණයෙන් වෙනස් දෙයක් වෙනස්කම්වලට වඩා. භේදයක් හැම තිස්සෙම බලය හා සම්බන්ධයි." යැයි කියා සිටි ආචාර් සුනිල් විජේසිරිවර්ධන, පසුගිය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ පැවති 'දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය' තුළ රටේ සංස්කෘතියේ ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම නොතකා හැර තිබූ බව පැවසීය. විශේෂයෙන්ම රටක් දරුවා වෙනුවෙන් වෙන්කරන අවකාශය ඒ රටේ සැබෑ සංවර්ධනය පිළිබිඹු කෙරෙන කැඩපතක් බව ද ඔහු පෙන්වා දුණි. (සාකච්ඡාවට සවන්දෙන්න) පරාක්‍රම නිරිඇල්ල සමඟ එක්ව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ශ්‍රී ලංකාවට කලා, සංස්කෘතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ නිරතව සිටින්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය සහිතව ය. ඒ උත්සාහයට අදාළව ලොව පුරා රටවල හැඩ ගැසීම් පිළිබඳව තමන් හැදෑරීමක් කළ බව පවසන ආචාර්ය විජේසිරිවර්ධන, විශේෂයෙන්ම දරුවා පරිසරයට, ලෝකයට හුරු කිරීමේ අරමුණින් හතර වන ශ්‍රේණිය දක්වා ජපානයේ දරුවන් කිසිදු විෂයයක් නොහදාරන බව තමන්ට දැනගන්නට ලැබුන බව පෙන්වා දුන්නේය. "අපේ දෙමවුපියෝ නර්සරි එකේ ඉඳලා ළමයින්ට මනුස්සයෝ වෙන්න දෙන්නේ නෑ, විෂයයන් උගන්වනවා," ඔහු පැවසුවේ මඳ සිනහවකින් මුව සරසා ගනිමිනි.
යාපනය, පන්නෙයි, මීනාච්චි ආම්මාන් කෝවිල මාර්ගය ආසන්නයෙන් හමුවූ අස්ථි කොටස්වලට අදාළව අඟහරුවාදා (අගෝස්තු 18) දෙවෙනි දිනටත් කැණීම් කෙරිණි.
අදාළ ස්ථානයෙන් පසුගිය 14 වෙනිදා පළමු වරට අස්ථි කොටස් හමුවූයේ එම මාර්ගයේ ජලනල එළීම සඳහා කැණීම් කරන අවස්ථාවේදීය. එදිනම, යාපනය වැඩබලන මහේස්ත්‍රාත් වී. ටී. ශිවලිංගම් ස්ථානීය පරීක්ෂාවක් කළ බව යාපනය පොලිසිය සඳහන් කළේය. අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් එදින නිරීක්ෂණය කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අඟහරුවාදා දින අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කරන ලෙසට නියෝග කළ බවද පොලිසිය පවසයි. ඒ අනුව යාපනය මහේස්ත්‍රාත්වරයා මෙන්ම යාපනය රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා, යාපනය පොලිස් නිලධාරීන්, පුරාවිද්‍යා නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක නිරීක්ෂණය යටතේ අස්ථි කොටස් හමුවු ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරිණි. අස්ථි කොටස් හමුවු ස්ථානයෙන් කාන්තා ඇඳුම්වලට සමාන ඇදුම් කොටස් කිහිපයක්ද හමුවි ඇති බව ආරක්ෂක අංශ පවසයි. මෑත කාලය තුළ අවස්ථා කිහිපයකදී යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් මිනිස් අස්ථි කොටස් හමුවී තිබේ. මෙම තොරතුරු ද දැනගන්න:
පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් එළුවන්කුලම ගඟේ වාඩිය ප්‍රදේශයට කොළඹ කුණු කසල ගෙනැවිත් දැමීමේ සැලසුම් ගැන තමන්ට වාර්තා වී ඇතැයි ප්‍රදේශවාසීහු කියා සිටිති.
වනාතවිල්ලුව ගඟේ වාඩිය ප්‍රදේශයේ පිහිටි හුණුගල් ඉවත් කරන ලද විශාල වලවල් වලට එම කුණු තොග දැමීමට යෝජනා වී ඇති අතර මේ වන විට ඒ සඳහා අවශ්‍ය මිණුම් කටයුතු සිදු කර අවසන් බවත් වාර්තා වෙයි. එවැනි තත්වයක් යටතේ අවශ්‍ය පාරිසරික වාර්තා ලබා ගැනීම සඳහා කණ්ඩායමක් ප්‍රදේශයට පැමිණ සිටි අතර එහි නායකත්වය ගත් මැග්ඩන් ජයසූරිය ප්‍රකාශ කළේ යම්කිසි ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීමට ප්‍රථම එම ප්‍රදේශයේ පාරිසරික මෙන් ම විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව සොයා බැලිය යුතු බවයි. කුණු දැමීම මගින් සිය පානීය ජලය අපවිත්‍ර කෙරෙන අතර භයානක රෝග පැතිර යාමට ඉඩ ඇති බව ගඟේ වාඩිය ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. වනසතුන්ටත් හාණියක් විල්පත්තු අභය භූමියට හා කලාඔයට නුදුරින් කුණු කසල දැමීම සිදු කළොත් එය වන සතුන්ටත් හානිකර බලපෑමක් වන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික සේනාධීර ප්‍රකාශ කරමින්, පවතින ජනතා විරෝධය පිළිබඳව අදාළ බලධාරීන් දැනුම් දුන් බවත් කුණු කසල දැමීම නිසා සිදු වන පරිසර හානිය තක්සේරු කල නොහැකි මට්ටමක එකක් වන බවත් කියා සිටියේය. වසර කීපයකට පෙර හුණුගල් ඉවත් කරන ලද අඩි සියයයට වඩා ගැඹුරු වලවල් කීපයක් එම ප්‍රදේශයේ සංචාරය කල බීබීසියේ ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට දැක ගත හැකි විය. එහි ස්ථාන කීපයක මිණුම් කටයුතු සිදු කර ඇති බවට සාක්ෂි පවතින අතර නළ ළිං වැනි දේවල් ද දක්නට ලැබුන බවයි ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න පවසන්නේ.
අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ තමා විසින් ප්‍රංශයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුට හඳුන්වා දෙන ලද බවට එම මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදියෙක් පවසයි.
ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් සිටින බවට මන්ත්‍රීවරයා සන්ධ්‍යා එක්නැලිගොඩට චෝදනා කරයි පාර්ලිමේන්තුව අමතමින් සිකුරාදා විශේෂ ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බව මෑතදී ප්‍රංශයේ සංචාරය කළ අවස්ථාවේ එහිදී හමුවුන සිය පාසල් මිතුරකු වන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන තමාට දැනුම් දුන් බවක් කියා සිටියේය. "මංජුල වෙඩිවර්ධන සිරුරින් උස නැති පුද්ගලයකු මට හඳුන්වල දුන්නා. ඔහු ප්‍රගීත් එක්නැලිගොඩ. ඊට පස්සේ ඒ පුද්ගලයා මාව මඟ හැරලා, මට කථා කරන්නේවත් නැතිව යන්න ගියා," යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය. මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් බවයි, මංජුල වෙඩිවර්ධන බීබීසී සංදේශයට කියා සිටියේ. 'අමූලික බොරුවක්' අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අවසාන වරට දුටුවේ, 2007 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී යයි පවසන මංජුල වෙඩිවර්ධන, ඉන් අනතුරුව පසුගිය වසරේ අගභාගයේදී ප්‍රංශයට පැමිණ සිටි මන්ත්‍රීවරයා දුරකථනයෙන් තමාට කතාකළ බවත් ප්‍රකාශ කරයි. ප්‍රංශයේදී තමා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ හඳුන්වා දුන් බවට මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශය "අමූලික බොරුවක්" බව පවසන මංජුල වෙඩිවර්ධන, තමා කිසි දිනෙක ප්‍රංශයේදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හමු නොවූ බව අවධාරණය කරයි. ළමා වියේ සිටම හඳුනන අරුන්දික ප්‍රනාන්දු සමඟ එකම පාසලේ උගත් නමුත්, ඔහු කිසිසේත්ම තමාගේ මිත්‍රයෙක් නොවන බවත් මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන සංදේශයට පැවසීය. රටින් පිටුවහල්ව සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ජටාවක් පැළඳගෙන ජිනීවා නුවරදී ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණයකට සහභාගි වී සිටි බවත්, එම උද්ඝෝෂණයට එක්ව සිටි තවත් පුද්ගලයෙක් ප්‍රගීත් එක්නැලිගොඩ ලෙසින් හඳුනාගෙන ඇති බවත් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. එමෙන්ම සිය ස්වාමි පුරුෂයා ජීවතුන් අතර සිටින බව හොඳින්ම දන්නා සන්ධ්‍යා එක්නැලිගොඩ, ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි. එක්නැලිගොඩ මාධ්‍යවේදියා ප්‍රංශයේ ජීවත්වන බවට තමා පසුගියදා කළ ප්‍රකාශයෙන් අනතුරුව, ජනමාධ්‍ය මගින් තමන්ට "මඩ ගැසීමේ" ව්‍යාපාරයක් දියත් කොට තිබෙන බව පවසන මන්ත්‍රීවරයා, ඒ පිළිබඳව වරප්‍රසාද ප්‍රශ්නයක් කථානායකවරයාට යොමුකර ඇත.
තමන්ට එරෙහිව අලුතෙන්ම පණවා තිබෙන එක්සත් ජාතීන්ගේ සම්බාධක සිය රටට එරෙහි "යුදමය ක්‍රියාවක්" බව උතුරු කොරියාව පවසයි.
එම සම්බාධක සිය ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩපණ කර දැමීමේ ක්‍රියාවක් ලෙසින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශ නිවේදනයක සඳහන් වන බව KCNA නිල පුවත් සේවය වාර්තා කරයි. මේ තත්වය යටතේ එක්සත් ජනපදයේ උපක්‍රම අසාර්ථක කළ හැකි එකම මාර්ගය සිය නිවාරණ ක්‍රමවේද ශක්තිමත් කිරීම බව ද නිවේදනයේ සඳහන් වේ. බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමේ උතුරු කොරියානු වැඩසටහනට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සිකුරාදා (දෙසැම්බර් 23) එරටට එරෙහි අලුත් සම්බාධක පණවනු ලැබිණ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරන ලද අලුත් සම්බාධක පැණවීමේ යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15ම ඒකමතික අනුමැතිය පළවිණ. උතුරු කොරියාවේ පෙට්‍රල් ආනයන 90% කින් අඩු කිරීම එම යෝජනාවේ එක් ප්‍රධාන පියවරකි. පසුගිය අප්‍රේල් මාසයේදී උතුරු කොරියාව සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කළ අයුරු එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය උතුරු කොරියාවට එරෙහිව දැනටමත් බොහෝ සම්බාධක පණවා තිබේ. එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක් එම සම්බාධක උල්ලංඝනය කරමින් උතුරු කොරියාව සමග වෙළෙඳ සම්බන්ධතා පවත්වා තිබෙන බව පසුගිය සැප්තැම්බර් මාසයේ අනාවරණය කෙරිණ. අලුත් සම්බාධක මොනවාද? උතුරු කොරියාව සම්බන්ධ ගැටලුවට රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් විසඳුමක් සොයා ගැනීමේ අරමුණින් නව සම්බාධක පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරන බව එක්සත් ජනපදය සඳහන් කළේය. එහෙත් එම සම්බාධක සිය රටේ "ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක්" පමණක් නොව "කොරියානු අර්ධද්වීපය ඇතුළු කළාපයේ ස්ථාවරභාවය අනතුරේ හෙළන" පියවරක් බව ද උතුරු කොරියාවේ ස්ථාවරය වී තිබේ. දශකයකට ආසනන කාලයක් මුළුල්ලේ එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පණවමින් සිටින නමුත් එමගින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල උදාකරගැනීමට හැකි වී නැත. විශේෂයෙන්ම නව සම්බාධක හේතුවෙන් සිය න්‍යෂ්ඨික වැඩසටහන තවත් වේගවත් කරන බව උතුරු කොරියාව පවසයි. මෑතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පණවන ලද සම්බාධක සහ වෙනත් බොහෝ බලපෑම් හමුවේත් උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික සහ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් ක්‍රියාත්මක කළේය. ශ්‍රී ලංකාව සම්බාධක උල්ලංඝනය කිරීම එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වෙන අයුරු උතුරු කොරියාව ගැන තවත් යොමු:
වර්ගවාදී සහ විදේශිකයන්ට එරෙහි අදහස් බොහොමයක් ඇතුළත් ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් මෑතකදී ප්‍රසිද්ධියට පත් කර තිබේ.
වර්ෂ 1922 ඔක්තෝබර් මස සිට 1923 මාර්තු අතර කාලයේ ආසියාවේ සහ මැද පෙරදිග ඔහු කළ සංචාරය පිළිබඳ මෙම දිනපොත්වල සටහන් කර තිබේ 1922 ඔක්තෝබර් මාසයේ සිට 1923 මාර්තු මාසය අතර කාලයේ ආසියාවේ සහ මැද පෙරදිග රටවල ඔහු කළ සංචාරය පිළිබඳ මෙම දිනපොත්වල සටහන් වේ. විවිධ ජාතීන් පිළිබඳ වර්ගවාදී සහ නිශේධනීය අදහස් බොහොමයක් මෙහි සටහන් කර තිබිණි. උදාහරණයක් ලෙස චීන ජාතිකයන් "ඕනෑවට වඩා කඩිසර, අපිරිසිදු, බුද්ධියෙන් අඩු මිනිසුන්" පිරිසක් ලෙස විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සිය දිනපොතේ හඳුන්වා දී තිබේ. කෙසේ වුවත් ජාතිවාදය "සුදු මිනිසුන්ගේ රෝගයක්" යැයි පවසමින් ඔහු සිය ජීවිතයේ පසු කාලයේ දී එක්සත් ජනපදය තුල සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. මෙම දිනපොත් ඉංග්‍රීසි භාෂාවෙන් තනි පිටපතක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පළමු අවස්ථාව මෙය වේ. 'The Travel Diaries of Albert Einstein: The Far East, Palestine, and Spain, 1922-1923'(ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දින පොත: ඈත පෙරදිග, පලස්තීනය සහ ස්පාඤ්ඤය 1922 - 1923) නමින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයේ සංස්කාරකවරයා කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ අයින්ස්ටයින්ගේ ලියවිලි පිළිබඳ ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂ Ze'ev Rosenkranz ය. ස්පාඤ්ඤයෙන් ගමන් ඇරඹි අයින්ස්ටයින්, මැද පෙරදිගට ගොස් එතැන් සිට ශ්‍රී ලංකාව හරහා චීනය සහ ජපානයේ සංචාරයක නිරතව ඇත. බටහිර ජාතීන් එවකට ශ්‍රී ලංකාව හැඳින්වූයේ 'සිලෝන්' යන නාමයෙනි. මෙම ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා ඊජිප්තුවේ පෝට් සයිඩ් වෙත පැමිණි අවස්ථාවේ එම නගරයේ භාණ්ඩ විකිණීම සඳහා නැවට නැඟි පිරිස විස්තර කර ඇත්තේ "සෑම තැනින්ම නෙරපාදමනු ලැබූ පිරිසක් ... ඔවුන් අපායෙන් ඉවතට ඇද දමලා වගේ," යනුවෙනි. අයින්ස්ටයින් කොළඹ නගරයේ ගත කළ කාලය ගැන ලියූ සටහන් අතර "ඔවුන් ජීවත් වන්නේ ඉතා අපිරිසිදු සහ සැලකිය යුතු දුර්ගන්ධයක් නිකුත්වන පොළොවක. ඔවුන් සුළුවෙන් වැඩ කරන නිසා, අවශ්‍යතාවන් ද අඩුයි," යනුවෙන් සඳහන් කර තිබිණි. මෙම සංචාරයට ඔහු සිය බිරිඳ, එල්සාව ද කැඳවාගෙන ගොස් තිබේ කෙසේවෙතත්, මෙම සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා වැඩිම මතභේදාත්මක අදහස් දක්වා ඇත්තේ චීන ජාතිකයන් පිළිබඳවය. "චීන දරුවන්ට ආත්මයක් නැහැ වගේම බුද්ධියෙන් අඩුයි. අනෙකුත් සියලු වර්ගයන් වෙනුවට චීන මිනිසුන් බිහි වුණොත් අපිට කනගාටු වෙන්න වෙනවා," ඔහු සඳහන් කර තිබිණි. දිනපොතේ තවත් තැනක අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ "චීන ජාතිකයන් සියලු දෙනා අරුම පුදුම ලෙස එක වගේ පෙනෙන ජාතියක්. ඔවුන් මිනිස්සු ලෙස නොවේ රූකඩ ලෙසයි පෙනෙන්නේ," යනුවෙනි. එමෙන්ම චීන කාන්තාවන් සහ පිරිමින් අතර "වෙනසක් නැති තරම්" වන අතර, කාන්තාවන්ගේ "අසාමාන්‍ය ආකර්ෂණයට" ලක් නොවී පුරුෂයන් "තමන් ආරක්ෂා කර ගන්නේ" කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි. විද්‍යාව පිළිබඳ අද්විතීය දැනුම සහ මානවහිතවාදී ගතිගුණ හේතුවෙන් ප්‍රසිද්ධියට පත් අයින්ස්ටයින්, 1933 දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි පාලනය ඇරඹීමත් සමග ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය. ඒ අතර 1946 පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමක දී අදහස් දැක්වූ යුදෙව් ජාතික විද්‍යාඥයා වර්ගවාදය යනු "සුදු මිනිසුන්ගේ රෝගයක්" ලෙස විග්‍රහ කළේය. මේ තොරතුරුද කියවන්න: කලින් කලට වෙනස් වූ දිනපොත්වල ඇති අදහස් බීබීසී වොෂින්ටන් වාර්තාකරු ක්‍රිස් බක්ලර්ගේ විශ්ලේෂණයකි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය හේතුවෙන් මිනිසුන් අභ්‍යවකාශය සහ කාලය ගැන සිතන ආකාරය වෙනස් විය. නමුත් වසර ගණනාවක් ඇතුළත විවිධ ජාතීන් ගැන ඔහුගේ පෞද්ගලික මතය වෙනස් වී ඇති බවක් මෙම දිනපොත්වලින් පෙන්නුම් කෙරේ. ලේඛනවල සටහන් වන්නේ ඔහුගේ පෞද්ගලික මතය වුවත්, මෙම ප්‍රකාශ හේතුවෙන් ජාතීන් අතර බෙදීම් නැති කිරීමේ ව්‍යාපාරවලට සම්බන්ධ ඇමරිකානුවන්ගෙන් සමහරක් කලබලයට පත් වනු ඇත. ඔවුන් තවමත් ඇල්බට් අයින්ස්ටයින් සමරනු ලබන්නේ බෙදීම් නැති කිරීමේ ව්‍යාපාරවල පුරෝගාමියෙකු ලෙසය. 1933 දී ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු කළු සහ සුදු ජාතිකයින් සඳහා වෙනම පාසල් සහ සිනමා ශාලා පිහිටීමට විරුද්ධව හඬ නැගීම ආරම්භ කළේය. පසු කලෙක අයින්ස්ටයින් විවිධ වර්ණ පුද්ගලයින්ගේ අභිවෘද්ධිය උදෙසා පිහිටවූ ජාතික සංගමයට එක් විය. යුදෙව්වන්ට ජර්මනියේ දී සිදු වූ හිරිහැර සහ ඔහුගේ නව නිවහන වූ එක්සත් ජනපදයේ දී අප්‍රිකානු-ඇමරිකානුවන්ට සිදු වූ හිරිහැර අතර බොහෝ සමානතා දකින්නේ යයි ඔහු සඳහන් කළ බව විශ්වාස කෙරේ. දෙවන ලෝක යුද්ධය අවසාන වී වසරකට පසු ඓතිහාසික වශයෙන් වැදගත් වන කළු ජාතික විද්‍යාලයක් වන පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්ව විද්‍යාලයේදී සිදු කළ කථාව අයින්ස්ටයින්ගේ වඩාත්ම සංවාදයට ලක් වූ කථාවලින් එකකි. ඔහුගේ දිනපොත් පිරී ඇත්තේ ඔහුට දැනෙන දේවලින් සහ පෞද්ගලික අදහස් වලිනි. වැරදි අවබෝධය නිසා 21 වන සියවසේ දී මෙම අසහාය විද්‍යාඥයා සහ මානව හිතවාදියාගේ කීර්තියට හානි සිදු විය හැකිය. කෙසේ වෙතත්, මෙම වචන සටහන් කර ඇත්තේ වර්ගවාදය නිසා ඇතිවිය හැකි තත්වය ඔහු ඇමරිකාව සහ ජර්මනියේ දී අත්දැකීමට පෙරාතුවය. පුනුරුදය තවත් තොරතුරු:
පසුගිය ආණ්ඩුව සමයේ දූෂණ චෝදනා පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට එල්ලවන විවේචන තමන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
බැඳුම්කර ගනුදෙනුව මෙන්ම මහ පරිමාණ දූෂණ හා වංචා පිළිබඳව පත් කරන ලද කොමිෂන් සභා නිකුත් කළ වාර්තා දෙක සම්බන්ධයෙන් ද අදාළ ආයතන අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ බීබීසී සිංහල සේවය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ලන්ඩනයට පැමිණ සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයා බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවට එක්විණි. දූෂණ චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබඳ කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ කොමිෂන් සභා වාර්තා සම්බන්ධ ක්‍රියාමාර්ගවල නැවතීමක් හෝ පසුගාමී තත්ත්වයක් නැති බවය. මෙවැනි කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේදී ජනමාධ්‍ය වෙත ද වගකීමක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, "හැමවෙලේම ඔය දේශපාලන ගැටුම් සහ කුණුගොඩවල් පෙන්නන්නේ නැතුව රටේ මහජනයා දැනුවත් විය යුතු දේවල් පිළිබඳ දැනුවත් කරන්න" යැයි කියා සිටියේය. පරීක්ෂණවල වේගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡාව කෙසේවෙතත්, අදාළ පරීක්ෂණයන්හි වේගවත් බව සම්බන්ධයෙන් විවේචන එල්ල වනවා නොවේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ජනාධිපතිවරයා "රටේ නීතිය" සමග එම කටයුතු ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුණි. "රටේ නීතියත් එක්ක යන්න ඕන. මේක කැලෑ නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් නෙවෙයි" යැයි ඔහු කියා සිටියේය. දූෂණ චෝදනාවලට ලක්වූ පසුගිය ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ට රැකවරණ ලැබෙන්නේදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, "මගෙන් ආරක්ෂාවක් නැහැ- කාටවත්. මම දන්නේ නැහැ වෙන අය කොහොමද කියලා" යැයි සඳහන් කළේය. ජනාධිපතිවරණය ඉදිරි ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වන්නේදැයි කළ විමසීමට ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ, "මම හිතන්නේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ගැන දැනට කතා කිරීම අවශ්‍ය නැහැ" යනුවෙනි. වසර එකහමාරක් හෝ දෙකක් ඉදිරියට ඇති දෙයක් ගැන අද කතා කිරීමෙන් රට තුළ "දේශපාලන අස්ථාවරත්වයක්" ගොඩනැගෙන බව ජනාධිපතිවරයාගේ අදහසය. මැතිවරණ මානසිකත්වයක් සැමදෙනා තුළ ගොඩනැගීම නිසා රටේ සංවර්ධනයට, පැවැත්මට හා ස්ථාවරත්වයට "බරපතළ හානියක්" වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා සමග බීබීසී සිංහල සේවය කළ සම්මුඛ සාකච්ඡාව
පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල දී උද්ඝෝෂණය කළ ජනතාවට හමුදාව ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ එය වාර්තා කළ මාධ්‍යවේදීන්ට හමුදා පැහැර දීම පැහැදිලිවම හමුදා රාජ්‍යයක ලක්ෂණ ප්‍රදර්ශනය කරන්නක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
ප්‍රහාරයේදී දේවස්ථානයටද වෙඩි පහර වැදී හානි සිදු වී තිබෙන බව කිතුහඬ සංවිධානය පවසයි උද්ඝෝෂණයේ යෙදී සිටි රතුපස්වල ජනතාවට හමුදාවේ ප්‍රහාර එල්ලවීමට ප්‍රථම පොලීසිය සහ හමුදාව විසින් ප්‍රදේශයෙන් මාධ්‍යවේදීන් පලවා හැර තිබෙන බව පවසන මාධ්‍ය සංවිධානය, මාධ්‍යවේදීන් කිහිපදෙනකුට පහර දී කැමරා විනාශ කොට තිබෙන බව ද පවසයි. එම ප්‍රහාරවල දී එක් මාධ්‍යවේදිනියක තුවාල ලබා තිබෙන නමුත්, හමුදාව විසින් ගම්මානය වට කොට සිටි බැවින් ඇයට මුළු රාත්‍රියම නිවසක කොටු වී සිටීමට සිදු වී ඇති බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන්. දේවස්ථානයට ප්‍රහාර වහලක් උඩ සිට උද්ඝ්ෂණයේ ඡායාරූප ගත් 'අද' පුවත්පතේ මාධ්‍යවේදියාට වහලෙන් බසින් ලෙස අණ කොට, පහර දී, තුවාල කොට, කැමරා විනාශ කොට තිබෙන බව ද නිවේදනය පවසයි. උද්ඝෝෂකයන්ට ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ තවත් කැමරා මාධ්‍යවේදීන් පිරිසක් නිවසකට කොටු කොට රැකවල් ලා තිබූ බව ද එහි සඳහන්. මේ අතර රතුපස්වල ජනතාවට එල්ල කළ ප්‍රහාරය සමස්ත ලාංකීය කතෝලික ප්‍රජාවම හෙලා දකින බවයි, 'කිතුහඬ' කතෝලික දහම රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ප්‍රහාරයේදී තුවාල ලැබූ භික්ෂූන් වහන්සේට ඉක්මන් නිරෝගී සුවය පතන එම නිවේදනය, ප්‍රහාරයේදී වැලිවේරිය දේවස්ථානයටද වෙඩි පහර වැදී හානි සිදු වී තිබෙන බව ද සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා ගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගත් ක්‍රමවේදය හා ඔහු නාවික හමුදාව තුළ විශේෂ වරප්‍රසාද ලබා ගත් ආකාරය සොයා බලන ලෙස ඉල්ලීමක් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.
ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායකට යි. එම පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පලාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ නාවික හමුදාව ලුතිනන් යෝෂිත රාජපක්ෂට විදේශ ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කර ඇති ආකාරය විධිමත් නොවන බවයි. විදේශ ශිෂ්‍යත්ව එංගලන්තයේ ඩාර්ක්මන් රෝයල් ඇකඩමියේ අධ්‍යාපනය ලැබීමට ලුතිනන් යෝෂිත රාජපක්ෂ සුදුසුකම් ලබා ගත් ආකාරය සොයා බලන ලෙසද මේ පැමිණිල්ලෙන් ඔවුන් ඉල්ලා තිබේ. නාවික හමුදා නිලධාරියෙකු වශයෙන් පත් වී සිටියදී තම සොහොයුරාගේ නිල් බලකාය ට සහයෝගය දක්වමින් ක්‍රියාකාරී වීම පිළිබඳවද මෙම පැමිණිල්ල මගින් ප්‍රශ්ණ කෙරෙයි. එම පැමිණිල්ල බාරදීම සඳහා බස්නාහිර පලාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල හා කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. ජනාධිපතිවරණයෙන් අනතුරුව ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ සේවයට වාර්තා කර නොමැති නම් ඊට විනයානුකූල පියවර ගන්නා ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති. මේ පිළිබඳව නාවික හමුදාපතිවරයාගෙන් වහාම වාර්තාවක් ලබා ගෙන නිසි පියවර ගන්නා බවට ආරක්ෂක ලේකම් ප්‍රතිඥා දුන් බවයි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ.
යාපනය කට්ටුවාන් උතුර ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් හා ගේ දොර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඩෝසර් කරන ලද බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
නීත්‍යානුකූලව රජයට පවරා ගන්නා ලද ඉඩම් වල පිහිටි ගොඩනැගිලි ඉවත් කරන බව හමුදාව පවසයි සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සරවනභවන් බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ නිවාස ඩෝසර් කරන ස්ථානයට සමීපයේම සිටිමින්. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව මාධ්‍යවේදීන් පිරිසක්ද සමඟ තමන් එම ස්ථානයට පැමිණි බව පැවසූ මන්ත්‍රීවරයා, නිවාස ඩෝසර් කිරීම වීඩියෝ සහ ඡායාරූප ගත කළ මාධ්‍යවේදීන්ගේ කැමරා ලබා ගත් යුද හමුදාව එම දර්ශන මකා දැමූ බවද සංදේශයට කියා සිටියේය. රජයට පවරා ගන්නා ලද ඉඩම් වල පිහිටි ගොඩනැගිලි ඉවත් කරන බවයි, මේ පිළිබඳව මාධ්‍යවේදී දිනසේන රතුගමගේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ. "කලින් ඒවාට නීත්‍යානුකූල හිමිකරුවෝ සිටින්නට පුළුවන්. නමුත් දැන් ඒවා රජයට පවරාගෙන තිබෙන ඉඩම්," බවයි බ්‍රිගේඩියර්වරයා කියා සිටියේ. කෙසේ නමුත් මාධ්‍යවේදීන්ට හිරිහැර කළ බවට මන්ත්‍රීවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කළ හමුදා ප්‍රකාශකයා, එම ස්ථානයේ ඡායාරූප ගැනීමෙන් වලකින මෙන් ඔවුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කළ බව කියා සිටියේය.
ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බිරිඳ බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවරීමට සුදානම්වෙයි.
ඩේලි මේල් මාධ්‍ය ආයතනය අසත්‍ය තොරතුරු වාර්තාකළ බවයි මෙලනියා පවසන්නේ. එක්දහස් නමසිය අනූ ගණන්වලදී මෙලනියා ට්‍රම්ප් පරිවාරිකාවක් ලෙස රැකියාව කළ බවට සඳහන් ලිපියක් එම ආතනය මගින් ප්‍රසිද්ධියට පත්කිරීමට එරෙහිවයි එසේ අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන්නේ. 2005 වසරේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග විවාහ වූ මෙලනියා ට්‍රම්ප් ගේ තෙවැනි බිරිඳයි ඇගේ නීතිඥයා පවසන්නේ 'මේල් ඔන්ලයින්' ඔස්සේ පළවූ වාර්තාව සියයට සියයක් අසත්‍ය තොරතුරු මත පදනම් ව තිබුණු අතර ඒ මගින් මෙලනියා ට්‍රම්ප් ගේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදුවන බවයි. ඔහු පැවසුවේ මෙලනියා නීත්‍යානුකුල ලෙස නිරූපිකාවක් ලෙස කටයුතුකළ නමුත් පරිවාරිකාවක් ලෙස හෝ ලිංගික ශ්‍රමික රැකියාවක් කිසිවිටෙක කර නැති බවයි. ඇය මේ අසත්‍ය වාර්තාකරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන එකසිය පනහක මුදලක් වන්දි ලෙස බලාපොරොත්තු වන්නීය. එහෙත් මෙයට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය ආයතනය පවසන්නේ ඇය පරිවාරිකාවක් ලෙස සේවය කළ බව හුවා දැක්වීමට අදාළ ලිපිය මගින් බලාපොරොත්තු නොවූ බවයි. මේ අතර මෙලනියා ට්‍රම්ප් ඇමරිකානු බ්ලොග් මාධ්‍යකරුවෙකු වන වෙබ්ස්ටෙර් ග්රිෆින් ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිස සිටින්නීය.
පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී සිදුවී යැයි පැවසෙන රුසියානු මැදිහත්වීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන විමර්ශන අධීක්ෂණයේ යෙදෙන විශේෂ නීතිඥයා ඉවත් කිරීම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවධානය යොමු වී ඇති බව ඔහුගේ සමීප මිතුරකු පැවසීය.
රොබර්ට් මලර් සවිමත් විමර්ශන කණ්ඩායමක් ගොඩනගමින් සිටී රොබර්ට් මලර් නම්වූ එම නීතිඥයාගේ විශ්වසනීයත්වය මෑතදී දෝෂ දර්ශනයට ලක් කළ ඇතැම් ගතානුගතික ට්‍රම්ප් හිතවාදීහු, ඔහුගේ කාර්ය භාරය සම්බන්ධයෙන් යළි සිතා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. "විශේෂ නීතිඥයා ඉවත් කිරීම" ගැන ට්‍රම්ප් අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයාගේ දිගු කාලීන සගයකුවන ක්‍රිස්ටෝෆර් රඩී පැවසුවද, ධවල මන්දිරය කියා සිටින්නේ ජනාධිපතිවරයා මෙම කරුණ රඩී සමග සාකච්ඡා කර නැති බවය. නියෝජ්‍ය නීතිපති රොඩ් රොසෙන්ටයින් විසින් අදාළ විමර්ශන අධීක්ෂණයට පත්කරන ලද රොබර්ට් මලර්, එම කටයුතු සඳහා සිය කණ්ඩායම තෝරමින් සිටින අතර එහි වැඩි දෙනා අපරාධ නීතිය පිළිබඳ විශේෂඥයින්ය. යම් හෙයකින් මලර් ඉවත් කිරීමට පියවර ගතහොත්, එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමී එම තනතුරින් පහකිරීම නිසා දැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යළි විවේචන එල්ලවනු ඇත. එෆ්බීඅයි අධ්‍යක්ෂ තනතුරෙන් කොමී පහකිරීම නිසා ට්‍රම්ප් වෙත එල්ලවූ විවේචනවලින් කියවුනේ ඔහු විමර්ශනවලට බාධාකරන්නට ඇති බවකි අසුබ නිමිත්තක් නීතිඥ මලර් ද අදාළ විමර්ශන කටයුතුවල අධීක්ෂණයට පත් කෙරුනේ එෆ්බීඅයි අධ්‍යක්ෂවරයා පහ කිරීමෙන් අනතුරුව එවැනි විමර්ශනයක් අවශ්‍ය බවට මතු වූ ඉල්ලීම් හමුවේය. මෑතදී රොබර්ට් මලර් විමර්ශනය ආශ්‍රයෙන් නිකුත්වූ ප්‍රකාශ ට්‍රම්ප් පරිපාලනයට ඇති ගැටලු සම්බන්ධයෙන් දැකිය හැකි අසුබ නිමිත්තක් ලෙස සැළකේ. මේ වනවිට ක්‍රියාත්මකවන විමර්ශනය ජනාධිපතිවරණ සටනෙන් පරාජය වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාර්ශ්වය ඉදිරිපත්කරන නිදහසට කරුණක් සේම "තමන් කොටුකරගැනීමේ" පියවරක් ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. එසේ වුවද, රොබර්ට් මලර් ගේ හැසිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔහු ජනාධිපතිවරයාගේ අදහස නොදරන බවකි. සවිමත් කණ්ඩායමක් දිගු කාලීන වැඩපිළිවෙලක් සඳහා ක්‍රියාත්මක වී සිටින රොබර්ට් මලර් , විමර්ශන නඩු විභාගයක් කරා ගෙනයාමටත්, අවශ්‍යනම් අදාළ පුද්ගලයින් සිරගතකිරීමටත් අවශ්‍ය හැකියාව සහ අත්දැකීම ඇති කණ්ඩායමක් ඒකරාශී කරමින් සිටී. මේ වනතුරු ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය විවේචනය එල්ල කර ඇත්තේ හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමී වෙත පමණි. එය රොබර්ට් මලර් වෙත ද යොමු වනු ඇත්දැයි පැවසීමට තවමත් කළ වැඩිය. රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් යන දෙපාර්ශවයේම අගය කිරීම මැද මලර් පත් කෙරුනද, ඇතැම් ගතානුගතික ට්‍රම්ප් හිතවාදීන් පවසන්නේ ජනාධිපතිවරයා මලර් අදාළ කාර්යයෙන් පහකළ යුතු බවය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සැප්තැම්බර් 14 වන සඳුදා ආරම්භ වෙයි. එය අවසන් වන්නේ ඔක්තෝබර් දෙවැනි දාය.
විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඉරිදා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවූහ ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන යෝජනාව 2014 මාර්තු මාසයේ පැවැත්වුන 25 වන සැසිවාරයේ දී සම්මත විය. එකී යෝජනාව අනුව සිදුකරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ පරීක්ෂණ වාර්තාව සඳුදා ඇරඹෙන 30 වන සැසිවාරයේ දී සාකච්ජාවට ගැනෙනු ඇත. මෙම වාර්තාව සාකච්ජාවට ගැනීමට නියමිතව තිබුණේ පසු ගිය මාර්තු මාසයේ දී පැවැති 28වන සැසිවාරයේ දී ය. ජනවාරි 08 දා බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ඉල්ලීම සහ එකී යෝජනාවේ මූලිකයා වූ එක්සත් ජනපදයේ අනුමැතිය අනුව වාර්තාව ඉදිරිපත් කිරීම මෙම 30 වන සැසිවාරය දක්වා කල් තබන ලද්දේ පැහැදිළි දේශපාලන තීරණයක් අනුවය. මෙවර මෙම වාර්තාව ඉදිරිපත් වන්නේ ඊට අදාළ යෝජනාව සම්මත වූ 2014 මාර්තු මාසයේ පැවැති තත්වයට සම්පූර්ණයෙන්ම වෙනත් තත්වයක් යටතේ ය. අද බලයේ සිටින්නේ ශ්‍රී ලංකාවෙහි මානව සහ ප්‍රජා අයිතීන් යළි පිහිටුවීමට ගිවිස ගත් ආණ්ඩුවකි. පසුගිය සතියෙහි ජිනීවා නුවර වෙත පැමිණ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් හමු වූ මානව හිමිකම් ආරක්ෂකයිනට පෙර වසරවලදී ලද සාධනීය ප්‍රතිචාර ලැබුණේ නැත යෝජනාව ගෙන ආ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වගවීම - විශේෂයෙන්ම යුද්ධයේ අවසාන කාලයෙහි සිදු වූ බවට චෝදනා කැරෙන බරපතල මානව හිමිකම් කෙළෙසීම සම්බන්ධයෙන් වගවීම - තහවුරු කැරෙන අන්තර් ජාතික පරීක්ෂණයක් ඇතිවනු ඇතැයි විශ්වාසයක් තිබුණි. වාර්තාව ආණ්ඩුවට අද එම විශ්වාසය වාෂ්ප වී යෑමට ආසන්න ය. මන්ද යත් එකී වගවීම පිළිබඳ කරුණු ආමන්ත්‍රණය කැරෙන පිළිගත හැකි ස්වාධීණ දේශීය යාන්ත්‍රණයක් පිහිටුවන බවට නව ශ්‍රී ලංකා ආණ්ඩුව දී ඇති සහතිකය නිසා ය. එමෙන්ම 2012, 2013 සහ 2014 වර්ශයන් හිදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා තුනකටම මූලිකත්වය ගත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාණ්ඩුවේ ස්ථාවරය සමඟ එකඟ වී ඇති නිසා ය. බොහෝ කල් පසු වූ එම වාර්තාවෙහි පිටපතක් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලබා දී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම වාර්තාව සම්බන්ධයෙන් දක්වන ලිඛිත ප්‍රතිචාරය ද වාර්තාවට ඇමුණුමක් ලෙස ඉදිරිපත් වීමට ඉඩ තිබේ. මානව හිමිකම් කවුන්සිලය වෙත මෙම වාර්තාව ලබන 16 වැනි බදාදා ලබා දෙනු ඇත. වාර්තාවට පුලුල් ප්‍රසිද්ධියක් ලබා ගැනීම පිණිස සන්නිවේදන උපදේශකවරයකු ද දැන් පත් කර තිබේ. පරීක්ෂණය සඳහා සහාය වීමට පත්කරන ලද අන්තර් ජාතික උපදේශකයින් තිදෙනාගෙන් එක් අයකු හෝ බදාදා මාධ්‍ය හමුවට සහභාගිවීමට ඉඩ තිබේ මෙයට පෙර මානව හිමිකම් කවුන්සිලය වෙත මෙවැනි වාර්තා ඉදිරිපත් කරන ලද්දේ එහි සාරාංශයක් කවුන්සිලයේ අදාළ සැසිවාරය හමුවෙහි ඉදිරිපත් කිරීම මගිනි. නමුත් මෙවර වාර්තාව දියත් කිරීමේ හමුවක් 16වන බදාදා පැවැත්වෙන බව ජිනීවාහි මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධාන වෙත වාර්තා වී තිබේ. බොහෝ දුරට ඒ සඳහා මෙම පරීක්ෂණය සඳහා සහාය වීමට පත්කරන ලද අන්තර් ජාතික උපදේශකයින් තිදෙනාගෙන් එක් අයකු හෝ සහභාගිවීමට ද ඉඩ තිබේ. බොහෝ දුරට ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිතයකු ද ඊට සහභාගි වනු ඇත. වාර්තාව ඒකපාර්ශවීය නොවන එනම් යුද්ධයේ දෙපාර්ශවයම සම්බන්ධයෙන් විවේනාත්මක එකක් වනු ඇතැයි දැන ගන්නට තිබේ. එහි කිසිදු යුද හෝ දේශපාලන ප්‍රධානියකුට චෝදනා නොකැරෙනු ඇතැයි ද කියැවේ. ඊට හේතුව නම් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ නොකොට ඔවුන්ට චෝදනා ඉදිරිපත් කිරීම සදොස් යැයි එක්සත් ජාතීන්ගේ පරාමිතීන් අනුව කියැවෙන නිසා ය. එසේ නමුත් අපරාධයන්ට අදාළ හමුදා ඛණ්ඩ නම් කිරීමට ඉඩක් ඇතැයි ද කියැවේ. එක්සත් ජනපද ජිනීවා දූත මණ්ඩලය විසින් වාර්තාව පිළිබඳ පසු විපරම් යෝජනාව පිළිබඳ සාකච්ජා කිරීමට එළැඹෙන 17වන දිනට කැඳවා තිබූ සාකච්ජාව දැන් 21 දිනට කල් දමා තිබේ. ඒ වාර්තාව ප්‍රසිද්ධ කිරිම අනපේක්ෂිත ලෙස කල් ගිය නිසා ය. එම සාකච්ජාවේ අරමුණ එකඟතා යෝජනාවක් ගෙන ඒම බව දැනටමත් එක්සත් ජනපද දූත මණ්ඩලය පවසා තිබේ. යාන්ත්‍රණයේ කටු සටහනක් මේ වන විට ජිනීවා නුවර වෙත පැමිණ සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉරිදා මහ කොමසාරිස්වරයා හමු වී සාකච්ඡා කළේය. ඔහු සදුඳා පෙරවරු 11.40ට මානව හිමිකම් කවුන්සිලය ඇමැතීමට නියමිත ය. සතියකට පෙර කොළඹදී මානව හිමිකම් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් හමුවූ ඔහු කියා තිබුණේ වගවීම පිළිබඳ දේශීය යාන්ත්‍රණය පිහිටුවීමේ ක්‍රියාවලිය ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කරන බවයි. මානව හිමිකම් කවුන්සිලය ඇමැතිමේ දී ඔහු යෝජිත දේශීය යාන්ත්‍රණයේ කටු සටහනක් ඉදිරිපත් කරනු ඇත. මාර්තු මාසයේ දී පැවැති 28වන සැසිවාරයේ වාර්තාව ඉදිරිපත් කිරීම කල් තබන ලද්දේ පැහැදිළි දේශපාලන තීරණයක් අනුවය ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියෙන් පසු ජිනීවාහි 2009 මොහොත එහි ප්‍රතිවිරුද්ධය ලෙස දැන් ආපසු පැමිණ තිබේ. 2009 වසරෙහි දී යුරෝපා සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට චෝදනා කැරෙන බරපතල මානව හිමිකම් සොයා බැලීමේ අරමුනින් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් කැඳවන ලදී. එසේ නමුත් කවුන්සිලයේ බහුතර රටවල් එම යුරෝපා සංගමයේ යෝජනාවට විරුද්ධ වී ශ්‍රී ලංකාණ්ඩුව ගෙන ආ යෝජනාව සම්මත කළේ ය. ඉදිරිපත් කැරෙන වාර්තාවට පසු විපරමක් වශයෙන් මෙම 30 වන සැසිවාරය හමුවට ගෙන එන කවර හෝ යෝජනාවකට ශ්‍රී ලංකාණ්ඩුව විරුද්ධ වුවහොත් එය මානව හිමිකම් කවුන්සිලයේ බහුතර ජන්දයෙන් පරාජය වීමට ඉඩ තිබේ. ඊට හේතුව 2009ට වඩා සහමුලින්ම වෙනස් ය. මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයක්? එනම් ශ්‍රී ලංකාවෙහි ආණ්ඩු පෙරළියක් වී රාජපක්ෂ පාලනය අවසන් වී යෑමත් නව ආණ්ඩුව වගවීම සහ සංහිදියාව සම්බන්ධයෙන් නව සහ සම්මුතිකාමී ස්ථාවරයකට පැමිණ සිටීමත් නිසා ය. මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම තේමාව ඇතිව මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කැරෙන යෝජනාවෙහි අන්තර්ගතය තීරණය කිරීමේ මහත් ඉඩකඩක් දැන් ශ්‍රී ලංකාණ්ඩුවට ලැබී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් විසින් සැසිවාරයට ඉදිරිපත් කරනු ඇත්තේ සැප්තැම්බර් 30 වන දින දහවල් 12.00 ටය පසුගිය සතියෙහි ජිනීවා නුවර වෙත පැමිණ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් හමු වූ මානව හිමිකම් ආරක්ෂකයිනට පෙර වසරවලදී ලද සාධනීය ප්‍රතිචාර ලැබුණේ නැත. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාණ්ඩුව එක්ව ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කැරෙන යෝජනාවේ මුල් කෙටුම්පත දක්නට ලැබෙනු ඇත්තේ 21 දින ය. එම කෙටුම්පත ශක්තිමත් කිරීමට ලතින් ඇමෙරිකානු රටවල් යම් යෝජනා ගෙන ඒමට ද ඉඩ තිබේ. ආසියානු සහ අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාවේ ස්ථාවරය සමඟ ගමන් කරනු ඇතැයි පෙර වසර වල හැසිරීම අනුව අනුමාන කළ හැක. සිය කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් විසින් සැසිවාරයට ඉදිරිපත් කරනු ඇත්තේ සැප්තැම්බර් 30 වන දින දහවල් 12.00 ටය. ඉන්පසු තෙපැයක සාකච්ජාවක් පැවැත්වෙනු ඇත. යෝජනා ඉදිරිපත් කැරෙන්නේ ඔක්තෝබර් 01 සහ 02 යන සැසි වාරයේ අවසාන දින දෙකෙහි ය. එනමුත් ඊට පෙර යෝජනාවේ අවසන් පිටපත ප්‍රසිද්ධ කැරෙනු ඇත. එහි අන්තර්ගතය ගැන නිශ්චිත යමක් දැනට කිව නොහැක. යෝජිත දේශීය යාන්ත්‍රණය පිළිගැනීමක් එහි අඩංගු වනු ඇත. සමහර විට එවැන්නක් සඳහා දළ ප්‍රමිතීන් එහි ඇතුළත් වීමට ඉඩ තිබේ. වසරක් හෝ දෙවසරක් ඇතුළත හෝ වාර්ශිකව හෝ වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කරන සේ එමගින් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීමට ද ඉඩ තිබේ. ශ්‍රී ලංකාණ්ඩුව එකඟ වන්නේ නම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමටද යෝජනා වීමට ඉඩ තිබේ.
ඉන්දු ලංකා ධීවර ගැට‍ළු නිරාකරණය කර ගැනීම සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයන් අතර ඍජු සාකච්ඡා සඳුදා ආරම්භ වීමට නියමිතව තිබියදී තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.
දෙරට අතර ධීවර සිරකරුවන් හුවමාරුවක්ද පසුගිය දා සිදුවිය යෝජනා පහක් ඇතුළත් මෙම න්‍යාය පත්‍රයේ සඳහන් වන්නේ සාම්ප්‍රදායික වශයෙන් මහ ඇමතිනිය විසින් හඳුන්වනු ලබන මුහුදු කලාපයේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට අයිතියක් තිබිය යුතු බවයි. චෙන්නායි නුවරදී සඳුදා පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වන ලාංකික ධීවර පිරිස සහ බලධාරීන් ඇතුළත් නියෝජිත පිරිස මේ වන විට ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ. මුහුද මැද දී සිරකරුවන් හුවමාරු කර ගනිමින් දිල්ලියේ පැවති මූලික සාකච්ඡාවලින් අනතුරුව මන්නාරමේදී සහ යාපනේදී පුළුල් සාකච්ඡා පැවති බව චෙන්නායි බලා පිටත්ව ගිය ධීවර නායක ඇල්බට් ජස්ටින් සොයිසා බීබීසීයට ප්‍රකාශ කළේය. 'එක දවසක් හරි' ‘එක දවසක් හරි අපේ මුහුදට ඇතුල් වීම ට කිසි සේත් එකඟ වන්න බැරි බව ඉන්දීය ධීවරයන්ට දැනුම් දෙන ලෙස අපේ ධීවරයන් අපිට කිව්වා. ඒ වගේම දිල්ලි රැස්වීමේ දී දෙරටේම නිලධාරීන් එකඟ වූ කාරණයක් තමයි මුහුදු සීමා කඩන ධීවරයන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව. ඉන්දීය ධීවරයන් මසුන් මරණ ක්‍රම වෙනස් කරන්න උපදෙස් දෙන බවත් එසේ නොකරන අයට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් ඉන්දීය නිලධාරීන් අපට ප්‍රකාශ කළා. ඉතින් තමිල් නාඩු ධීවරයන් මීට එකඟ වෙන බව අපිට විශ්වාසයි.’ ඔහු තව දුරටත් කියා සිටියේය. 'දැනුවත් කර නෑ' නමුත් දිල්ලියේදී සාකච්ඡා වූ කරුණු හෝ චෙන්නායි නුවරදී සාකච්ඡා කෙරෙන කරුණු පිළිබඳව තමා දැනුවත් කර නැති බවයි එම සාකච්ඡා සඳහා කැඳවා නොමැති යාපනේ ධීවර නායක කන්ධවනම් සූරියකුමාරන් පවසන්නේ. ‘තමිල්නාඩු ආණ්ඩුව වගේ අපේ පළාත් සභාවත් ධීවරයන්ගේ සුබ සාධනය ගැන දැඩි උනන්දුවක් දැක්විය යුතුයි. ධීවරයන් තෝරලා රැස්වීම සම්බන්ධීකරණය කරන්න තිබුනේ ඒ ගොල්ලෝ. එහෙම කරන්නේ නැතිව ඒ අය මේ ගැන සද්ද නැතිව ඉන්නවා. ඒ ගොල්ලො මොකක් හරි පියවරක් ගත්තා නම් අපි සතුටු වෙනවා. එහෙම නැති තැන මේ රැස්වීමෙන් පලක් වේවි කියලා හිතන්න අමාරුයි. අපි හිතුවා බලයේ ඉන්න අපේ අය අපි ට සහන සලසන්න මොනවා හරි කරයි කියල. ඒත් එහෙම වෙලා නැහැ.’ සූරියකුමාරන් පැවසීය.
චීනයේ ව්‍යාජ සනීපාරක්ෂක තුවා බෙදා හැරීමේ මහා පරිමාණ කූට ව්‍යාපාරයක් පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමග කාන්තාවන්ගේ සෞඛ්‍ය වෙත බලපෑම් එල්ල වීමේ අවදානමක් පිළිබඳ බියක් මතු වී තිබේ.
කෝටියකට අධික ව්‍යාජ සනීපාරක්ෂක තුවා තොගයක් සිය භාරයට ගත් බව මහජන ආරක්ෂණ කාර්යාංශය පවසයි දස ලක්ෂ ගණනක් ව්‍යාජ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන ලද බවට විශ්වාස කෙරෙන පුද්ගලයන් දෙදෙනකු ජියන්ෂි පළාතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 2013 වසරේ සිට එම සනීපාරක්ෂක තුවා චීනය පුරා අලවි කොට ඇති බව විශ්වාස කෙරේ. මිල අඩු කළ නිෂ්පාදන මිලදී ගැනීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බවට චීන බලධාරීහු අනතුරු හඟවති. විෂබීජ නැසීමේ පහසුකම් නොමැති කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කරන ලද ඩොලර් ලක්ෂ හැටකට ආසන්න අලවි වටිනාකමකින් යුත් ව්‍යාජ සනීපාරක්ෂක තුවා තොගයක් සිය භාරයට ගත් බව නැන්චෑන් නගරයේ මහජන ආරක්ෂණ කාර්යාංශය පවසයි. ABC හෝ Whisper යන චීනයේ ප්‍රමුඛ පෙළ වෙළඳ නාම යටතේ එම ව්‍යාජ සනීපාරක්ෂක තුවා තොග වශයෙන් වෙළඳසැල්වලට අලවි කොට ඇති බව නැන්චෑන් පුවත් සේවය වාර්තා කරයි. චීනයෙන් පිටත වෙනත් රටවල එම ව්‍යාජ සනීපාරක්ෂක තුවා බෙදා හැර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. ව්‍යාජ සනීපාරක්ෂක තුවා අසුරන තරමක් තද පාටින් නිෂ්පාදනය කොට ඇති බව වාර්තා වන අතර මිලදී ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස බලධාරීහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාව 'සතුට' පිලිබඳ ලෝක දර්ශකයේ ස්ථාන පහළොවකින් ඉහළට පැමිණ තිබේ.
සෞඛ්‍යය පහසුකම් හා ධනය බෙදී යාමේ අසමතුලිතතාවය හේතුවෙන් සමාජයේ අසතුට වර්ධනය කෙරන බවයි පැවසෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව පළ කෙරෙන ‘සතුටින් සිටීම පිලිබඳ ලෝක දර්ශකයේ’ පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව ට හිමි වී තිබුණේ 132 වැනි ස්ථානය වුවද මේ වසරේ දර්ශකය තුළ 117 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකාව සමත් වී සිටී. සතුට පිලිබඳ මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකසනු ලබන්නේ සෑම රටකින්ම පුද්ගලයන් දහසක සංඛ්‍යාවක් යොදාගනිමින්, වසරකට වතාව බැගින් වසර තුනක දී කරනු ලබන අධ්‍යයනයකින් ලැබෙන දත්ත සලකා බැලීමෙනි. මෙවරත් ඩෙන්මාර්කය ලොව සතුටින්ම සිටින රට ලෙස තම ස්ථානය රැක ගෙන සිටින අතර ලොව අසතුටින්ම සිටින ජනතාව සිටින්නේ බුරුන්ඩි රාජ්‍යයේ බවටයි පෙන්නුම් කෙරෙන්නේ. ඩෙන්මාර්කයට පසු වඩාත් සතුටින් සිටින ජනතාව සිටින රටවල් වන්නේ පිළිවෙලින් අයිස්ලන්තය, නොර්වේ, පින්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ස්වීඩනයයි. සෞඛ්‍යය පහසුකම් හා ධනය බෙදී යාමේ අසමතුලිතතාවය සමාජයේ අසතුට වර්ධනය කිරීමට බෙහෙවින් බලපා ඇති බවයි වාර්තාවට අනුව හෙළිවන්නේ. ඇමරිකාව 13 වන ස්ථානයේ සිටින අතර චීනය 83 ස්ථානයේත්, ඉන්දියාව 118 වන ස්ථානයේත්, ජපානය 53 වන ස්ථානයේත් සිටින බවයි පෙන්නුම්කෙරෙන්නේ. වඩාත්ම නොසතුටෙන් සිටින රටවල් වන බුරුන්ඩි, සිරියා, ටෝගෝ, ඇෆ්ගනිස්තාන්, රුවන්ඩා වැනි රටවල් බොහොමයක් දුප්පත් රටවල් වන අතර බොහෝ විට ලෙඩ රෝග හෝ යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාවක් ජීවත්වීම මෙසේ සතුටු දර්ශකයේ පහළ ස්ථානයකට පැමිණීමට හේතුව වී ඇති බවයි පෙනී යන්නේ.
ශ්‍රී ලංකාවේ ගැටළු වලට රට තුලින්ම විසඳුම් සොයා ගැනීම පිණිස එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කළේය.
'වෙනත් රටකින් විසඳුම් සොයනවාට වඩා අපිට අපි ගැනම අභිමානයක් ඇති කර ගත හැකි වන විසඳුමක්' ජනාධිපතිවරයා එම ආරාධනය කළේ, පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය හමාර කිරීමේ දේශණය පවත්වමින්. "වෙනත් රටකින් විසඳුම් සොයනවාට වඩා අනෙක් රටවල්වලටත් ආදර්ශයක් ගත හැකි, අපිට අපි ගැනම අභිමානයක් ඇති කර ගත හැකි වන විසඳුම් සෙවීම, කටුක අමිහිරි අත්දැකීම් ඇති අපි මතු පරපුර වෙනුවෙන් කළ යුතු කාර්යභාරය යයිද මා සඳහන් කරන්න කැමතියි," යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙවර අය වැය විවාදය පැවැත්වෙන්නේ උතුරේද ප්‍රජාතන්ත්‍රවාදී පළාත් සභාවක් තෝරා පත් කර ගනු ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව විශේෂ සන්ධිස්ථානයකට පිවිස සිටින අවස්ථාවක බව සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ, සිය දිගු කාලීන අත්දැකීම් තමන් සමඟ බෙදා ගන්නා මෙන් විශේෂයෙන්ම ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයාට සහ උතුරේ මහ ඇමති සීවී විග්නේශ්වරන්ට ආරාධනා කරන බවද කියා සිටියේය. උතුරු ප්‍රදේශයේ රාජ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම, ත්‍රෛභාෂා වැඩපිළිවෙල පුළුල් කිරීම සහ නිවාස සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
කියෙෆ් අගනුවර ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ පෙරට යමින් පවතින ස්ථාන වලින් පොලිසිය ඉවත් කර ගත් බව යුක්‍රේනයේ බලධාරීහු පවසති.
සති කීපයක් පෙරට යමින් තිබුණ ව්‍යාපාර මැඩලීමට මෙතෙක් ගනු ලැබුණ දැවැන්තම ප්‍රයත්නයට විරෝධය දක්වමින්, කියෙෆ් නගර ශාලාව අල්ලා ගෙන සිටින උද්ඝෝෂකයන් තමන් ඉන් ඉවත් කිරීමට තැත් කළ පොලිස් භටයන්ගේ හිසට හිම මිදෙන මට්ටමේ ශීතල වතුර වත් කළ බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේ ගැටුම් මගින් දෙපාර්ශවයටම තුවාල සිදු වී තිබුණි. යුක්‍රේන් විපක්ෂයේ නායකයන් නිදහස් චතුරශ්‍රයේ අඛණ්ඩ උත්සාහයක නිරත වෙමින් සිටින විරෝධතාවාදීන් අගයමින් ඔවුන් අමතා කතා කළ බවත් වාර්තා වෙයි. ඔවුන් යළිත් කියා සිටියේ ජනාධිපති වික්තර් යනුකොවිච් පදවියෙන් ඉවත් ව යා යුතු බවයි. මේ අතර ප්‍රකාශයක් කරන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, විරෝධතා වාදීන්ට එරෙහිව බලය පාවිච්චි කරනු ලැබීම පිළිකුල් සහගත යයි පවසමින්,සංයමයෙන් ක්‍රියා කරන මෙන් ඉල්ලා සිටියි.
විශ්වාස භංග යෝජනාව
රජයට එරෙහිව සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දීමට පියවර ගත් බව කතානායක කාර්යාලය නිවේදනය කළේය. සිකුරාදා (16) දින සම්මත වූ විශ්වාස භංග යෝජනාවේ, "ගරු කතානායකවරයා විසින් නිකුත් කරන ලද 2018 නොවැම්බර් මස 15 වන දින දරන නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 14 වන දින ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවේ අංක 02 දරන යෝජනාව සම්මත වූ හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසුරුණු බවට වන නිල ප්‍රකාශය මෙම ගරු සභාව පිළිගන්නා අතර, මෙම ගරු සභාව 2018 ඔක්තෝබර් මස 26 දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව යෝජනා කර සිටියි," යනුවෙන් සඳහන් වන බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මින් පෙර වාර්තාකරණය ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහි නව විශ්වාස භංගය සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දෙවන වරටත් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවය. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ මලික් සමරවික්‍රම ද තහවුරු කළහ. කතානායකවරයා සභා ගැබට කැඳවන ලද පොලිස් නිලධාරීන්ට ද මිරිස් වතුර ප්‍රහාර එල්ල වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි දෙවන වාර්තාකරණය පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබූ අතර කතානායක කරු ජයසූරිය පොලිස් ආරක්ෂාව යටතේ වෙනත් ස්ථානයක සිට පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවීමට තීරණය කර තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු වූහ. කතානායකවරයා තීරණය කර ඇත්තේ, විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටය. මේ අතර, පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුව කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉල්ලා තිබිණි. ඔහු එහි සඳහන් කර ඇත්තේ, කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තුව කල් නොතබන බවය. පාර්ලිමේන්තුවට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂට පාර්ශවයට සහය දක්වන මන්ත්‍රීවරුන් සහ පොලිසිය අතර ගැටුමක් ද ඇති විය. එම තත්ත්වය උද්ගත වී ඇත්තේ, මහින්ද රාජපක්ෂට සහය පළ කරන මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක ආසනය වට කරගෙන කරු ජයසූරියට එම ආසනයේ අසුන් ගැනීමට ඉඩ නොදීම හේතුවෙනි. පළමු වාර්තාකරණය: අප වාර්තාකරු පැවසුවේ, කතානායක ආසනය මත පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වාඩි වී සිටි බවය. මේ අනුව, පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුවේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි විය. කියවන්න: තමන් ව්‍යවස්ථාව කඩවන අන්දමේ කටයුත්තක් නොකරන බවත්, ඒ අනුව නැවත පාර්ලිමේන්තුව කල් දැමීමට අපේක්ෂා නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (නොවැම්බර් 15) සවස පක්ෂ නායකයන් සමග පැවති හමුවේදී ප්‍රකාශ කළ බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. බදාදා ඉදිරිපත් කළ විශ්වාස භංගයේ පළමු කරුණ තමන්ට එරෙහිව ඉදිරිපත් වූවක් බැවින් සහ පිළිගත නොහැකි කරුණක් බැවින් අලුත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙම හමුවීමේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නැවත විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය. එබැවින් සිකුරාදා (නොවැම්බර් 16) නැවත වතාවක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු පැවසීය.
දිනය 2020 නොවැම්බර් 06 වෙනි සිකුරාදාය.
ඒ, ඇමෙරිකානු ජනපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී එහි අවසාන ප්‍රතිඵලය කවරක් දැයි සමස්ත ලෝකයම උනන්දුවෙන් බලා සිටි මොහොතකි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සජීවී ලෙසින් ජාතිය අමතමින් සිටී. "වලංගුභාවය සහතික නොකෙරුණු සහ කිසිදු තහවුරු කිරීමකින් තොර ඡන්ද මිලියන ගණනක් ...," යනුවෙන් ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂයට සහ මැතිවරණ බලධාරීන්ට ඉතා බරපතල චෝදනා මාලාවක් එල්ල කරයි. හදිසියේම ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට බාධා කරමින් විශේෂ නිවේදනයක් කරන CNBC මාධ්‍ය ජාලයේ නිවේදක ෂෙපර්ඩ් ස්මිත් (Shepard Smith) "අපිට මේ විකාශයට බාධා කරන්න සිදුවෙනවා, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කරන මේ ප්‍රකාශයෙන් වැඩි කොටස සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරයි," යනුවෙන් සඳහන් කරයි. ඔහුගේ ස්වරය දැඩිය. මුහුණේ තිබෙන්නේ කෝපය මුසු ස්වභාවයකි. "අපිට මේක දිගටම විකාශය කරන්න ඉඩ දෙන්න බැහැ. මොකද, ඒක ඇත්ත නෙවෙයි," යනුවෙන් පවසන ෂෙපර්ඩ් ස්මිත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් නගන චෝදනා සනාථ කිරීම පිණිස සාක්ෂි නොමැති බව අවධාරණය කරයි. මාධ්‍යවේදී ෂෙපර්ඩ් ස්මිත් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ප්‍රශංසා කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත්කරන ජ්‍යෙෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදිනී නිරූපමා සුබ්‍රමනියම්, "බලය ඉදිරියේ සත්‍යය කථා කිරීම" අගය කොට තිබිණි. ඒ ගැන අදහස් දක්වමින් ලේඛක සහ සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසන්නේ "බියෙන් සහ පක්ෂග්‍රාහීවීමෙන් තොර, සැබෑ ජනමාධ්‍යකරණය යනු එය" බවය. ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සමයේ සහ ඡන්ද විමසීමෙන් අනතුරුව CNBC සහ CNN වැනි රූපවාහිනී නාලිකා එසේ සජීව ලෙසින් ජනාධිපතිවරයා නගන අසත්‍ය චෝදනා හෙළිදරවු කරද්දී, රොයිටර්ස් සහ ඒපී වැනි ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම බීබීසී ද ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සත්‍යය සෙවීමේ (Fact Check/ Reality Check) ලිපි ප්‍රකාශයට පත් කළහ. ජනාධිපතිවරයාගේ චෝදනා සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී බීබීසී වාර්තාකරුවන් සහ වෙබ් අඩවිය ද "ඒ චෝදනාව සනාථ කිරීමට සාක්ෂි නැති," බව දිගින් දිගටම ප්‍රකාශ කිරීම පෙර නොවූ විරූ ආකාරයේ තත්ත්වයකි. ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ හිටපු කර්තෘ සහ සමාජ මාධ්‍ය ජාල විශ්ලේෂක සංජන හත්තොටුව පෙන්වාදෙන ආකාරයට, කිසිදු සාක්ෂියකින් තොරව මැතිවරණ දූෂණ ගැන චෝදනා කරමින් සහ මැතිවරණයෙන් පරාජය වුවත් පරාජය පිළිනොගනිමින් ජනාධිපති ට්‍රම්ප් පළකරන හැසිරීම ද පෙර නොවූ විරූ සිදුවීමකි. 'We Report You Decide' ලෝකයේ බලගතුම පුද්ගලයා ලෙසින් සැලකෙන එක්සත් ජනපද ජනාධිපතිවරයා "බොරු කියන" බව ප්‍රසිද්ධියේ පවසමින් ඇමෙරිකානු මාධ්‍ය ප්‍රමුඛ ජාත්‍යන්තර මාධ්‍ය අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ පර්යේෂණ ආයතනයක විධායක නිලධාරිනියක වන මැණික් ප්‍රනාන්දු, ජනතාවට සත්‍යය වාර්තා කිරීම ජනමාධ්‍යවල වගකීම බව අවධාරණය කරන්නීය. "උදාහරණයක් විදියට අපිට මතකයි මුල් කාලේ සිරසේ මොටෝ එක 'We Report You Decide' මම කියන්නේ ඒක තමයි හරි," ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "මාධ්‍ය කළ යුත්තේ කවුරුවත් හිතන විදිය වෙනස් කිරීම නෙමේ, පවතින දේ වාර්තා කිරීම," යනුවෙන් පෙන්වා දුන් මැණික් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ, "සීඑන්එන් වුණත් වාර්තා අවසන් කළේ 'ඔබ තීරණය කරන්න' කියල," යනුවෙන් ද සඳහන් කළාය. "මාධ්‍ය පවතින තත්ත්වය වාර්තා කළාම, බුදු හාමුදුරුවෝ කිවුව වගේ ජනතාව තම නැණ පමණින් දැනගත යුතුයි." මේ අතර ඇමෙරිකානු ජනපතිවරණයේ දී ජනමාධ්‍යවල හැසිරීම පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් කරන අනිද්දා පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පවසන්නේ, "ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ අවිනිශ්චිතම, අඳුරුම මොහොතක ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සවිමත්ම කුළුණක් ලෙස ස්වාධීන ජනමාධ්‍ය නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ," බවය. "ජනාධිපතිවරයාගේ සෑම ව්‍යාජ ප්‍රකාශයක්ම ව්‍යාජ ප්‍රකාශ බව පැහැදිලිව ජනමාධ්‍ය වාර්තා කරනු ලැබීය," යනුවෙන් ද තරිඳු උඩුවරගෙදර සිය ලිපියේ සඳහන් කරයි. කියවන්න: ට්විටර් සහ ෆේස්බුක් ජනාධිපතිවරයා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරන විට එම චෝදනා සනාථ කිරීම පිණිස සාක්ෂි නොමැති බව දැක්වෙන පසුවදන් එම ප්‍රකාශවලට එක්කරමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පමණක් නොව ට්විටර් ජාලයත්, අනතුරුව මුහුණු පොතත් විශේෂ වැඩපිළිවෙලක් දියත් කළහ. උදාහරණයක් ලෙස, ජනපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බව පවසමින් නොවැම්බර් 07 වෙනි දින ජනාධිපති ට්‍ර්ම්ප් ලොකු අකුරෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ විට ඒ වනවිටත් නිල ප්‍රතිඵල නිකුත්කර නොමැති බව පවසමින් ට්විටර් ආයතනය එයට පසුවදනක් එකතුකර තිබුණි. ෆොක්ස් නිව්ස් සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය මේ අතර නොවැම්බර් 09 වෙනි දින සවස් යාමයේ මාධ්‍ය හමුවක් අමතා අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා Kayleigh McEnany "ඡන්ද කොල්ල කෑ" බවට ඩිමොක්‍රටික් පක්ෂයට චෝදනා කරද්දී, කලක් ජනාධිපති ට්‍රම්ප්ට ඉතා සමීප නාලිකාවක් වූ 'ෆොක්ස් නිව්ස්' එම විකාශය අතරමඟ නවතා දමා සාක්ෂිවලින් තොරව එවැනි ව්‍යාජ චෝදනා ගෙන ඒමට ඉඩ දිය නොහැකි බව කියා සිටියේය. විශේෂයෙන්ම රූපට් මර්ඩොක් පවුල තුළ පවතින මතභේද ෆොක්ස් නිව්ස් නාලිකාවේ මේ තීන්දුව සඳහා බලපාන්නට ඉඩ ඇති බව පවසන විශ්ලේෂක සංජන හත්තොටුව, "කුමන්ත්‍රණ න්‍යාය" ප්‍රචාරය කරමින් සහ ඇමෙරිකානු ජනතාව අතර බෙදීම් ඇතිකරමින් "ෆොක්ස් නිව්ස් ඇතුළු බලගතු සහ පක්ෂග්‍රාහී නාලිකා" කලක් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙනුවෙන් ඉටු කළ මෙහෙය, ශ්‍රී ලංකාවේ වත්මන් රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් ඇතැම් පෞද්ගලික නාලිකා ඉටුකරමින් සිටින කාර්යභාරයට බොහෝ සමාන බව ද පෙන්වා දෙයි. දැනට නවසීලන්තයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටින ඔහු වැඩිදුරටත් පවසන්නේ, මර්ඩොක් මාධ්‍ය අධිරාජ්‍යය ක්‍රියාත්මක නොවීම නවසීලන්තයේ දේශපාලනය අන් බොහෝ රටවලට වඩා වෙනස් වීමට එක් ප්‍රධාන හේතුවක් යයි බොහෝ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙන බවය. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ඡන්ද ගණන් කිරීම නිරීක්ෂණය කරන මැතිවරණ නිරීක්ෂක කාන්තාවක් 'ඇමෙරිකානු මාධ්‍ය හරි පැත්තේ හිටගත්තා' ස්වර්ණා කාන්ති ගුණරත්න ලොස් ඇන්ජලීස් නුවර හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරියකි. ඇය පවසන පරිදි එක්සත් ජනපදයේ මාධ්‍ය කෙතරම් ස්වාධීන ද යන්න ජනපතිවරණයේදී පැහැදිලිව දක්නට ලැබිණ. "මාධ්‍යවල වගකීම ඇත්ත ඇති හැටියෙන් කියන එක," යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය. "ජනාධිපති ලෝකෙම බලවතා වුණත් මාධ්‍ය ඇත්ත කියන්න ඕනේ. ට්‍රම්ප් කියපු ගොඩක් දේවල් ගැන සාක්කි නෑ. ඉතින් මම හිතන්නේ ඇමෙරිකානු මාධ්‍ය හරි පැත්තේ හිටගත්තා," යනුවෙන් පවසන ඇය, "මට හිතුණා ඇමෙරිකාවේ මාධ්‍ය ලෝකෙටම ආදර්ශයක් වුණා කියල," යැයි වැඩිදුරටත් සඳහන් කළාය. 'Racism is Racism' ගතව ගිය දශක කිහිපය ඇතුළත ජනමාධ්‍යවල වාර්තාකරණයේ ද පැහැදිලි වෙනස්කම් දක්නට ලැබිණ. ජනාධිපති ට්‍රම්ප්ගේ සිව් වසරක පාලනය හා ඒ බොහෝ වෙනස්කම් බැඳී පැවතීමද විශේෂත්වයකි. ගවේෂණශීලී මාධ්‍යකරණයේ දී හැරුණු විට සාමාන්‍ය වාර්තාකරණයේ දී බොහෝ විට දෙපාර්ශවයේ අදහස් වාර්තාකිරීමෙන් ඔබ්බට නොගිය බීබීසී ද Reality Check වැනි අංශ කෙරෙහි යොමුවීම එවැනි එක් අවස්ථාවකි. බීබීසී මාධ්‍යවේදිනී නාගා මන්චෙට්ටිගේ (Naga Munchetty) ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වූ අවස්ථාවේ බීබීසී හි සියලු සේවකයන් වෙත පණිවුඩයක් යවමින් එවක බීබීසී අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ටෝනි හෝල් කියා සිටියේ "ජාතිවාදය ගැන දෙපැත්තක් නොමැති" බවය. "ජාතිවාදය යනු ජාතිවාදයයි ඒ ගැන බීබීසී ය සමබර නොවේ," යනුවෙන් ටෝනි හෝල් ගේ පණිවුඩයේ දැක්විණ. එය එතෙක් බීබීසී අනුගමනය කළ වාර්තාකරණ ප්‍රතිපත්තියෙන් බැහැරව යාමකි. සමබර මාධ්‍ය වාර්තාකරණයක් උදෙසා කොළඹ පැවති උද්ඝෝෂණයක් (සංරක්ෂිත ඡායාරූපයකි) 'ලංකාවේ එහෙම වෙන්නේ නෑ' ලොව පුරා බොහෝ ජනමාධ්‍ය මෙලෙස සිය වාර්තාකරණයේ සාධනීය ඉදිරි ගමනක් පෙන්නුම් කළ ද ස්වර්ණා කාන්ති ගුණරත්න කියා සිටින්නේ, "ඒත් ලංකාවේ ඒ වගේ සංස්කෘතියක් නෑ," යනුවෙනි. "නිකමට බලන්න අපේ මාධ්‍ය කලාව. අන්තිමයි නේ. නිකම් හිතන්න අපේ ජනාධිපතිවරණය කාලේ අර නාගයා ගේ කතාව. කිසිම මාධ්‍යයක් ඒ බොරුව ප්‍රශ්න කළා ද?" ශ්‍රී ලංකාවේ එසේ වුවත්, එක්සත් ජනපදයේ වාර්තාකරුවන් ජනාධිපති ට්‍රම්ප් ගේ සෑම ප්‍රකාශයක් පිළිබඳවම ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල දී පවා "ඔබ දැක්කද එහෙම දෙයක්" යනුවෙන් නිරීක්ෂකයන්ගෙන් සහ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළ බව ඇය පෙන්වා දුන්නාය. එය අනුමත කරන මැණික් ප්‍රනාන්දු පවසන්නේ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය සඳහා ආචාර ධර්ම හඳුන්වාදීමේ සහ පිළිපැදීමේ අවශ්‍යතාව දැඩිව මතුවන බවය. "ඇත්තටම ලෝකේ මාධ්‍ය හුඟක් දුර ඇවිත් අපිට වඩා. ලංකාවේ මාධ්‍යවලට තව ගොඩක් දුර යන්න තියෙනව," යනුවෙන් පවසන මැණික් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ, මැතිවරණ ප්‍රතිඵලය ලැබෙන තුරු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කළ ඇමෙරිකානු ජනමාධ්‍ය දැන් ජෝ බයිඩන් ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවය. "දැන් ඇමෙරිකාවේ මාධ්‍ය බයිඩන් කරන්නේ මොනාද කියල ප්‍රශ්න කරනවා. එයාට හනිමූන් කාලයක් නෑ. ඇත්තටම විය යුත්තෙත් ඒක තමයි." ජනමාධ්‍යවේදයට එල්ලවන බලපෑම ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ හිටපු කතුවර සංජන හත්තොටුව පවසන්නේ, "මාධ්‍ය ආචාර ධර්ම සහ වෘත්තීයභාවය මායිම් නොකරන, ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහී මාධ්‍ය හැසිරීම" එක්සත් ජනපදයේ පමණක් නොව ශ්‍රී ලංකාවේදීත් ජනාධිපතිවරයා කරන ඕනෑම ප්‍රකාශයක් ජනතාව අතර පැතිරවීමට හේතු වූයේය යන්න බොහෝ පර්යේෂණවලින් හෙළි වී ඇති බවය. ජනපතිවරණය සමයේ එක්සත් ජනපදය හරහා හමා ගිය "කුණාටුවේ දී" ජනමාධ්‍ය හැසිරුණු ආකාරය තමන් අනුමත කරන අතරම එය මීට බොහෝ පෙරාතුව සිදුවිය යුතුව තිබුණු දෙයක් බවත් ඔහු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය. කෙසේ වුවත් ජනපතිවරයාගේ දේශනවල අන්තර්ගතය වෙනස් නොවූවත්, කිසියම් ලෙසකින් ජනපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වූයේ නම් ෆොක්ස් නාලිකාව ඇතුළු ඇමෙරිකානු ජනමාධ්‍ය මේ ආකාරයටම හැසිරෙනු ඇති දැයි යන්න ප්‍රශ්නාර්ථයක් බවත් සමාජ ජාල විශ්ලේෂකයා පෙන්වා දෙයි. "ජනාධිපතිවරයා වාරණය කිරීම පිණිස ජනමාධ්‍ය ගත් අසාමාන්‍ය පියවර එක්සත් ජනපදයේ හෝ වෙනත් ස්ථානයක ජනමාධ්‍ය හැසිරීමේ සාමාන්‍ය ස්වභාවය බවට පත්විය යුතු නොවේ. ජනමාධ්‍යවේදයේ මූලික සිද්ධාන්ත කෙරෙහි යළි යොමුවිය යුතු අතරම අනාගතයේ අප මුහුණදෙන අභියෝගය වන්නේ මේ ආචාර ධර්ම සහ වෘත්තීය ප්‍රමිතීන් ෆොක්ස් නිව්ස්, ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලවලින් ඔබ්බට ක්‍රියාත්මක වනු ඇත්තේ කෙලෙසද යන්නය," යනුවෙන් ද සංජන හත්තොටුව වැඩිදුරටත් සඳහන් කළේය. කියවන්න:
අරියාදු සහ අඩන්තේට්ටම් කිරීම යනු කුමක්ද?
මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් පවසන පරිදි අරියාදු සහ අඩන්තේට්ටම් ආකාර දෙකකි: ලොව සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තුළ අරියාදු සහ අඩන්තේට්ටම් කෙරෙන බව තංගල්ල මූලික රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුජ මහේෂ් කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. වැඩි විස්තර සඳහා: සේවා ස්ථානයේ අරියාදු: 'බුලි' වුණොත් මොකද කරන්නේ?
පසුගිය සතියේ අප නොදැන සිටි කරුණු කිහිපයක් මේ.
1. ලොව හොඳම ගණිකාවන් සිටින්නේ රුසියාවේ බව ජනාධිපති ව්ලදිමීර් පූතින් පවසයි. රුසියාවේ ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, 2013 ලෝක රූ රැජින තරගය අවස්ථාවේ මොස්කව් නුවර රිට්ස් කාල්ටන් හෝටලේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගණිකාවන් සමග සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් රුසියාව සතුව පවතින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමිනි. එම චෝදනාව තරයේ බැහැර කළ ව්ලදිමීර් පූතින්, ඉන් අනතුරුව මෙසේද පැවසීය: "ඔහු සදාචාරයක් නැති කෙල්ලෝ බලන්න හොටලේකට දිවුව කියල මම හිතන්නේ නෑ. හැබැයි ඉතින් අපේ ඒ කෙල්ලෝ, ලෝකේ හොඳම කෙල්ලෝ කියල කිසිම සැකයක් නෑ." 2. වෙනිසියුලාවේ අයිෆෝනයක් ඩොලර් 98,000 ක්. The Atlas සඟරාවේ දත්තවලට අනුව සිංගප්පූරුවේ අයිෆෝනයක සාමාන්‍ය මිල ඩොලර් 969 ක් වන අතර, බ්‍රසීලයේ එය ඩොලර් 843 ක් වන නමුත් වෙනිසියුලාවේ එය ඩොලර් ලක්ෂයකට ආසන්න වේ. ඒ අනුව ලෝකයේ අයිෆෝනයක් ඉහලම මිලට අලෙවි වන්නේ වෙනිසියුලාවේය. 3. "කිඹුල් කඳුළු හෙලනවා" යන යෙදුම ලොව භාෂා 45 ක යෙදෙන බව ඔබ දැන සිටියාද? අරාබි, ස්වාහිලි, පර්සියානු, ඉන්දීය භාෂා, චීන සහ මොන්ගෝලියානු මෙන්ම වෙනත් යුරෝපා භාශාවලද එවැනි යෙදුම් පවතී. 4. නීත්‍යානුකූල ගංජා වෙළඳාම මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා 123,000 ක්. ඒ අතරින් කැලිෆෝනියා සහ කොලරාඩෝ ප්‍රාන්තවල පූර්ණ රැකියා 53,000 ක් නිර්මාණය කර තිබෙන අතර, නීත්‍යානුකූල ගංජා වෙළඳාම මගින් 2020 වනවිට එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 23 ක ආදායමක් ලබාගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවන බව රොයිටර් පුවත් සේවය පවසයි.
කුමරන් පද්මනාදන්
දුෂිතයන් හා අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ඇති ප්‍රමාදය පිළිබඳව නව රජය විවේචනයට ලක්වෙමින් තිබිය දී සංදේශය කොළඹ වාර්තාකරු අසාම් අමීන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සමග සාකච්ඡාවක නිරත වුණා. කේ පී හෙවත් කුමරන් පද්මනාදන් අත් අඩංගුවට ගන්නා බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වුවද එය පමා වන්නේ මන්දැයි ඇසූ විට රුවන් විජේවර්ධන ඇමතිවරයා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ද මැදිහත් වීම මත අධිකරණය තුළ ඒ පිලිබඳ මුලික කටයුතු සිදුවෙමින් පවතින බැවින් එක් වරම ඔහු අත් අඩංගුවට ගැනීමට හැකියාවක් නැති අතර අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීමට අදහස් නො කරන බවයි. යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති ගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විජේවර්ධන පැවසුවේ දැනටමත් නාවුක හමුදාපති සමග එක්ව පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවයි. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ භටයෙක් ලෙස තමාව පත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ පිලිබඳ තීරණයක් ගෙන නැති නමුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය. සුදුසු ව්‍යාපෘතියක් හමුදා සෙබළුන් මහාමාර්ග පිරිසිදු කිරීම් වැනි හමුදා ක්‍රියාන්විතයෙන් පරිබාහිර කටයුතු වල යෙදවීම නවතා ඇති දැයි විමසූ විට ඇමතිවරයා කියා සිටියේ ඔවුන් සඳහා සුදුසු වෙනත් ව්‍යාපෘතියක් තවමත් සැලසුම් කර නැති බවයි. පසුගිය සතියේ විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍යවරයාට අයත් විෂයන් වෙන් කිරීමක් සිදු කිරීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන්ගේ “තටු කපා” ඇතැයි කටකතා පැතිර ගියද සැබවින්ම සිදු වූයේ ජනාධිපතිවරයා විසින් යම් විශ්වාසයකින් යුතුව තමන්ට විෂයයන් කිහිපයක් භාර දී ඇති බවයි. මින් ඉදිරියට ද ආරක්ෂක හමුදාවන් පිළිබඳව සොයා බලන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.
මේ සතියේ ක්ලික්
ෆේස් බුක් බෙබ් අඩවියට ප්‍රචණ්ඩ ක්‍රියා පල කිරීම සම්බන්ධයෙන් අඩියක් පස්සට ගැනීමට සිදුවුනේ ඇයි? මානව හිමිකම් ගැන කතා කරන වෙබ් අඩවි වලට මෙන් ම පුවත් වාර්තා කරන වෙබ් අඩවි වලටත් නිතර ප්‍රහාර එල්ල වෙනවා. මේ වෙබ් අඩවි වලට බේරෙන්න ක්‍රමයක් තිබේ ද? තාක්ෂණය ගැන උනන්දු උදවිය මෙවලම්වල අලුත් සංස්කරණයක් එන විට ඒ ගැන දක්වන්නේ දැඩි උනන්දුවක්. අලුතින් වෙළඳපළට එකතු වෙන ඇපල් අයි පෑඩ් පරිගණක පුවරුවේ වෙනස්කම් මොනවාද? ඡායාරූපයක් ගන්නා කොට නාභි ගත කිරීම හෝ ෆෝකස් කිරීම කල යුත්තේ ඡායාරූපය ගැනීමට පෙරයි. එත් දැන් ඡායාරූපය ගත් පසුවත් නාභි ගත කිරීම වෙනස් කල හැකි. ඒ කෙසේ ද? තාක්ෂණයේ නව රැල්ල හදුනාගන්න ක්ලික් වෙත එන්න
සිංහරාජයේ සිදුවෙනවා කියන විනාශය කුමක්ද ?
සිංහරාජයේ සිදුවන බව පැවසෙන වන විනාශයට අදාළව පළ කළ ඡායාරූපය අඩංගු වෙනත් පුවත් ඇඩ්මින්: "අපි විතරක් නෙමෙයි. මේක හැමෝම දාපු Postඑකක්නේ. පසුගිය කාලේ සිංහරාජයේ පස් කපන්න පටන් ගත්තා." ඒ කොහෙද? ඇඩ්මින්: "සිංහරාජයේ මායිමේ. මට ඒ ඒරියා එකේ නම හරියට මතක නැහැ. පස්සේ UN ඒකෙන් එහෙම තර්ජන ආවා ලෝක උරුම ලැයිස්තුවෙන් එහෙම අයින් කරනවා කියලා. ඊට පස්සේ ඒක නතර වුනා. ඒත් ටික ඒ වැඩේ වෙනවනේ. විල්පත්තුවෙත් ඕකමනේ වුනේ." නැහැ පාර කපපු එක නෙවෙයි. විශාල ප්‍රදේශයක කැලේ කපලා කියන එක ගැන අහන්නේ ? ඇඩ්මින්: "නැහැ නැහැ.. ඒ ෆොටෝ එක වැරදි එකක්. අපි ඒක ඊට පස්සේ අයින් කළා. අපිත් ගත්තේ හැම තැනකම share වුනු ෆොටෝ එකක්. බලද්දී ඒක වෙනස්. ගොඩක් අය කිව්වා මේක වැරදි එකක් කියලා. පස්සේ අපි ඒක අයින් කළා." ඉහත දැක්වෙන්නේ පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි පවසන ෆේස්බුක් පිටුවක ඇඩ්මින්වරයෙකු සමග බීබීසී සිංහල සේවය කළ සංවාදයකි. සිංහරාජයේ වන විනාශයක් සිදු වෙතැයි පවසමින් පළ කළ ව්‍යාජ ඡායරූපයක් සංවාදයට හේතු විය. එකී ඡායාරූපය, වන විනාශය සම්බන්ධයෙන් 2013 වසරේදී පළ වූ විදේශීය වෙබ් පුවතක ද දැකිය හැක. එමෙන්ම ලොව පුරා විවිධ භාෂාවලින් පළ වූ තවත් ලිපිවල ද එම ඡායාරූපය අඩංගු වන අතර බ්‍රසීලයේ සිදු වූ බව පැවසෙන වන විනාශයකට අදාළ පුවත් සඳහා ද එම ඡායාරූපය යොදා ගනු ලැබ ඇත. ඉහත සඳහන් ඇඩ්මින්වරයා සමග කළ සංවාදයේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ "මම අඹරැල්ලා කියලා පේජ් එකකින් ගත්තේ. තව කොහේ හරි තිබ්බා. මට ඒක මතක නැහැ" යනුවෙනි. තවත් වෙබ් පිටුවක පළ වී තිබූ අදාළ ඡායාරූපය සහිත පුවත දසදහසකට අධික පිරිසක් විසින් share කර තිබේ තමා අතින් සිදු වූ වරද පිළිගනිමින් එකී ඡායාරූපය සිය ෆේස්බුක් පිටුවෙන් ඉවත් කිරීමට ඉහත කී ඇඩ්මින්වරයා කටයුතු කර තිබුණ ද ඒ වන විටත් එය දහස් ගණනින් ෆේස්බුක්හි හුවමාරු වී තිබිණි. යම් කිසි පුද්ගලයෙකු දැන හෝ නොදැන ව්‍යාජ පුවතක් හෝ ඡායාරූපයක් සමාජ ජාලවලට එක් කිරීමේ ඇති භයානකත්වය වන්නේ 'Share' නොකර, ඕනෑම අයෙකුට එවැනි පුවතක හෝ ඡායාරූපයක පිටපතක් (Screen shot) ලබා ගැනීමේ හැකියාව නවීන ජංගම දුරකතන සතු බැවිනි. පනස් දහසකට අධික පිරිසක් සාමාජිකත්වය දරන ඉහත කී ෆේස්බුක් පිටුවෙන් එකී ව්‍යාජ පුවත ඉවත් කිරීමෙන් පමණක් 'Share' වීම නොනවතින්නේ එබැවිනි. කෙසේ නමුත් එවැනි ව්‍යාජ පුවතකින් හෝ ඡායාරූපයකින් ජනතාව යම් කිසි සාමාජීය ගැටලුවක් දෙස බලන ආකාරයට බලපෑම් එල්ල විය හැක. එමෙන්ම ඒ හරහා එහි විශ්වසනීයත්වය හීන විය හැකි බව ඉහත කී ඇඩ්මින්වරයා ද පිළිගනී. පහත දැක්වෙන්නේ, සිංහරාජයේ සිදු වෙමින් පවතින වන විනාශයක් බව පවසමින් පළ වූ තවත් ඡායාරූප පෙළකි. මල්ෂාන් චතුරංග නමැති පුද්ගලයෙකුගේ ෆේස්බුක් පිටුවක පළ කරනු ලැබ ඇති එම ඡායාරූප පෙළ හුවමාරු (Share) වී ඇති සංඛ්‍යාව අට දහසකට අධිකය. එහි දැක්වෙන පළමු ඡායාරූපය 2015 වසරේ පළ වූ අන්තර්ජාල පුවතක අඩංගුව වේ. එය ඉන්දුනීසියාව සම්බන්ධයෙන් පළ වූ පුවතකි. බීබීසී ඉන්දුනීසියානු සේවය ද ඒ බව තහවුරු කළේය. වන විනාශය සහ පරිසරය සම්බන්ධ බොහෝ පුවත් සඳහා එකී ඡායාරූපය යොදා ගෙන ඇති ආකාරය ද දැකගත හැක. එමෙන්ම දෙවන ඡායාරූපය 2016 වසරේ පළ වූ පුවතක දැක ගත හැකි අතර එය බ්‍රසීලයේ ඇමේසන් වනයේදී කැමරාවට හසු කර ගෙන ඇතැයි සඳහන් වේ. එම ඡායාරූපය විවිධ භාෂාවලින් අන්තර්ජාලයේ පළ වූ තවත් පුවත් සිය ගණනක ද ඇතුළත් වේ. තෙවන ඡායාරූපය ද 2018 වසරේ සිට ලොව පුරා විවිධ භාෂාවලින් පළ වූ වෙබ් අඩවි තුළ දැකිය හැක. උකුස්සන් හම ගැසූ පාපතරයන්ගේ සිට "මහජන වැටුපෙන් නඩත්තු වෙමින් වගකීම් පැහැර හරින" රාජ්‍ය නිලධාරීන්, අල්ලස් ලබා ගන්නා පොලිස් නිල දරුවන් මෙන්ම පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කරන පුරුෂයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මුල් වූ අවස්ථා දුලභ නොවේ. ජනතා බදූ මුදලෙන් ඉදි කළ ඇතැම් යටිතල පහසුකම් සඳහා දේශපාලනඥයන්ගේ මුහුණු යොදා ස්ථාපනය කළ පුවරු යළි හකුලා ගැනීම සඳහා බල කෙරුණේ ද සමාජ ජාල හරහාය. මහජන අභිමතයට පිටුපා දේශපාලන අවශ්‍යතා මත ආරම්භ කර සමාජ ජාල ඔස්සේ එල්ල වූ විරෝධය හමුවේ මග නැවතුනු ව්‍යපෘති ද මේ අතර වේ. එවැනි සමාජීය බලවේගයක් නිර්මාණය කිරීම සඳහා වේදිකාවක් බවට පත්ව ඇති සමාජ ජාල තුළ පළ කරනු ලබන තොරතුරුවල නිවැරදිභාවය අතිශය වැදගත් වන්නේ එබැවිනි. ඡායාරූපයක නිවැරදිභාවය පරීක්ෂා කරන්නේ කෙසේද? අදාළ ඡායාරූපය මීට ඉහතදී පළ වී ඇති වෙනත් පුවතක් සඳහා යොදා ගෙන ඇත්නම් ඊට අදාළ වෙබ් අඩවි පහත දැක්වෙන පරිදි තිරයේ දිස් වනු ඇත. ව්‍යාජ පුවතක් යනු? ව්‍යාජ පුවත් (Fake News) සහ ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් සැරිසරන අතර එවැනි පුවත් පළ කරනු ලබන පුද්ගලයන්ගේ අරමුණ එකිනෙකට වෙනස් විය හැක. ව්‍යාජ පුවත් වර්ග දෙකකි ව්‍යාජ පුවත් සහ ශ්‍රී ලංකාව සමාජ ජාල ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවත් සහ ඡායාරූප ලොව වෙනත් රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා ඇත. මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය හටගත් අවස්ථාවේ රෝහින්ග්‍යා මුස්ලිම්වරු ශ්‍රී ලංකාවට ද පැමිණෙමින් සිටින බවට සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් පළ විය. එමෙන්ම ආහාරවලට "වඳ පෙති" එක් කරන බව පවසමින් පුවත් පළවීමත් සමග එහි පවතින විද්‍යාත්මක පසුබිම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඉදිරියට පැමිණියේය. 2018 වසරේ රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිත කරනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එවක පැවසීය. මියන්මාරයේ බෞද්ධ ප්‍රජාව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති ආකාරය යයි පවසමින් ෆේස්බුක් සමාජ ජාලයේ පළ වූ ඡායාරූප විසිදහකට අධික වාරයක් යළි හුවමාරු තිබිණි අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලත් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ද ගනු ලැබිණි. තත්ත්වය පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට බලධාරීහු එවක කටයුතු කළහ. වට්ස් ඇප් පණිවුඩ සේවාව (WhatsApp) භාවිත කරන්නන් වෙත ලැබෙන ඕනෑ ම ආකාරයක තනි පණිවුඩයක් යළි වෙනත් පුද්ගලයන් වෙත යැවීම (Forward) වාර 5කට පමණක් සීමා කිරීමට එම සමාගම පසුගිය ජනවාරි මස කටයුතු කළේය. වට්ස් ඇප් පණිවුඩ සේවාව විසින් එවැනි පියවරක් ගනු ලැබුවේ සිය පණිවුඩ ජාලය හරහා ව්‍යාජ පුවත් පැතිර යාම වැළැක්වීමේ උත්සාහයක් වශයෙනි. "ව්‍යාජ පුවතක්" ව්‍යාජ පුවතක් නොවන අවස්ථා සත්‍ය පුවතක් වුවත් එය පිළිගැනීමට සූදානම් නොමැති පුද්ගලයෙකු හෝ යම් කිසි කණ්ඩායමක් විසින් සත්‍ය පුවතක් ව්‍යාජ පුවතක් ලෙස හුවා දැක්විය හැක. යම් කිසි කරුණක් සම්බන්ධයෙන් වෙනස් මතයක් දැරීම හේතුවෙන් සත්‍ය පුවතක්, ව්‍යාජ පුවතක් ලෙස හැඳින්වීමට ඇතැම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කිරීමට ඉඩ ඇත. ව්‍යාජ පුවත් පළ කිරීම දිනෙන් දින ගැටලුවක් බවට පත් වෙමින් තිබේ. ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයක්. ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.
එස් එල් සෙනෙහෙධීර බීබීසී සිංහල
පසුගිය වසරේ මෙන්ම මේ වසරේ දී ත් ලෝක සිනමාවේ වඩාත්ම ජනප්‍රිය සිනමා සම්මාන උළෙල වන ඔස්කාර් සම්මාන ප්‍රදානය ලෝක සිනමා රසිකයන්ගේ මෙන්ම හොලිවුඩ් සිනමාකරුවන් ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබේ. මූලික චෝදනාව වී ඇත්තේ ත්‍යාග ලාභීන් ලෙසට යෝජිත නම් අතර කළු ජාතික සිනමාකරුවන්ගේ නම් ඇතුලත් නොවීම මෙන්ම වෙනත් සුළු ජාතික සහ කාන්තාවන්ගේ නම් සංඛ්‍යාව ඉතාමත් පහල අගයක් ගැනීමයි. 'සුදු පැහැති ඔස්කාර්' මේ වසරේ “ඔස්කාර් හරිම සුදුයි” යනුවෙන් විවේචන එල්ලවීම ආරම්භ වුයේ යෝජිත නම් ප්‍රකාශිත වූ දිනයේ දීම වුවද හිටපු කළු ජාතික සමාජ ක්‍රියාධරයෙකු වූ මාර්ටින් ලුතර් කිං අනුස්මරණ දිනයේ දී එය බොහෝ සේ පැතිරී යාම විශේෂත්වයක්. ඒ සමගම විල් ස්මිත් සහ ස්පයික් ලී වැනි හොලිවුඩ් සිනමා වේ නම ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුම තමන් ඔස්කාර් සම්මාන උළෙල වර්ජනය කරන බව පවසා තිබේ. මේ අතර සම්මාන උළෙල පවත්වන ඇකඩමි ආයතනයේ සභාපතිවරිය විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ ඉදිරි සති කීපය තුල ඇකඩමි ආයතනයේ සාමාජිකත්වය පිළිබඳව යළි සලකා බලා මින් ඉදිරියට ජනවර්ග විවිධත්වයෙන් යුතු පිරිස් එක්කර ගැනීමට කටයුතු කරන බවයි. 2020 ට පොරොන්දුවක් ඇකඩමි ආයතනය පවසන ආකාරයට 2020 වෙන විට කාන්තා හා සුළුජාතික නියෝජනය දෙගුණ කරන්නට ඔවුන් කටයුතු කරන බවට පොරොන්දු වී තිබේ. කෙසේ වුවද විවේචකයන් පවසන්නේ තිරය මත පමණක් නොව තිරයෙන් පිටුපසද කාන්තා හා සුළු ජාතික නියෝජනය ප්‍රමාණවත් නැති බවයි. ඇකඩමි සම්මාන සඳහා යෝජිත නම් තෝරාගන්නේ එම ආයතනයේ සාමාජිකත්වය දරන 6000 ක් පමණ වූ සාමාජිකයන්ගේ ඡන්දයෙන්. වර්ගවාදය 2012 වසරේ දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත ඇකඩමි ආයතනයේ සාමාජිකත්වයේ සංයුතිය පිළිබඳව කල සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඔස්කාර් සම්මාන යෝජනා සඳහා ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් 94% ක් පමණ කොකේසියානුවන් වන අතර 77% ක් පුරුෂ පක්ෂයේ අය බවයි. කළු ජාතික සාමාජිකයන් 2% සහ ලතින් ඇමරිකානුවන් 2% යන ආකාරයෙනුයි සෙසු පිරිස බෙදී ඇත්තේ. සුදු ජාතික හොලිවුඩ් නළුවෙක් වන ඩස්ටින් හොෆ්මාන් පවසන්නේ වසර දෙසීයක් ගතවුවැඩ ඇමරිකාවෙන් වර්ගවාදය තුරන් වී නැති බවයි. ඇමරිකාවේ සංගීත තැටි නිෂ්පාදකයෙක් වන ක්වින්සි ජෝන්ස් පෙබරවාරි 28 වෙනිදා පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේ ත්‍යාගයක් ප්‍රදානය කිරීමට ආරාධනා ලැබූ අයෙක්. ත්‍යාග ප්‍රදානය කිරීමට පළමුව ජාතික විවිධත්වය පිළිබඳව විනාඩි පහක් කතා කිරීමට ඉඩ නොදෙන්නේ නම් ත්‍යාග ප්‍රදානය ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසා තිබුණේ.
18:26
සජීවී තොරතුරු වාර්තාව අවසන්. බීබීසී සංදේශය යුරෝපයේ සරණ සොයා පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ගෙන ආ සජීවී විස්තර ප්‍රචාරය නිමා කරන අතර සරණාගත අර්බුදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න බීබීසී සිංහල වෙබ් අඩවියට. යුරෝපයේ සරණ සොයා පැමිණි දහස් සංඛ්‍යාත පිරිස් තම අපේක්ෂිත ගමනාන්ත වෙත ගමන් කරමින් සිටිති. යුරෝපයේ සරණ සොයා පැමිණි පුද්ගලයන් පිළිබඳ අළුත් ම තත්වය සහ ඡායාරූප බීබීසී සංදේශයෙන්. 18.17 තවත් පිරිසක් මුහුදු මගින් තවත් සංක්‍රමණිකයන් සහ සරණාගතයන් විශාල පිරිසක් තුර්කියේ සිට ග්‍රීසියේ පිරායුස් වරායට පැමිණ සිටින බවයි වාර්තා වෙන්නේ. 18:07 සැතපුම් 10 ක් පා ගමනේ හංගේරියාවේ සිට බීබීසී යේ ගැවින් ලී කියා සිටින්නේ බුඩාෆෙස්ට් දුම්රිය පොළේ සිට ඔස්ට්‍රියානු දේශසීමාව කරා ගමන් කරමින් සිටින සරණාගතයන් 1000 ක් පමණ මේ වන විට සැතපුම් 10 ක් පමණ දුරක් ගමන් කර ඇති බවයි. 16:35 සරණාගතයෝ 5500 ක් වියනා අගනුවරට බලධාරීන් විසින් අමතර දුම්රිය සහ බස් රථ යෙදීමෙන් පසු සරණාගතයන් 5500 කට ආසන්න පිරිසක් ඔස්ට්‍රියාවේ වියනා අගනුවර බටහිර දුම්රිය පොළ වෙත ප්‍රවාහනය කළ බව ඔස්ට්‍රියානු පොලිස් නිලධාරියෙක් බීබීසී යේ බෙන් බ්‍රවුන් ට ප්‍රකාශ කර ඇත. 16:28 බුඩාෆෙස්ට් දුම්රිය පොලේ සියගණනක් හංගේරියාවේ බුඩාෆෙස්ට් දුම්රිය ස්ථානයේ සිය ගණනක් සරණාගතයන් තවමත් බීබීසී යේ ගැවින් ලී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. 16:16 ලෙස්බොස් දූපතේ සිටි 2500 කට ආසන්න සරණාගතයන් පිරෝස් වරාය වෙත ලඟා වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 15:56 ජර්මනිය ඔල්වරසන් දී සරණාගතයන් පිළිගනී ඔස්ට්‍රියාවේ සිට දුම්රියෙන් ජර්මනියේ මියුනික් නගරයට පැමිණි සරණාගතයන් අත්පොළසන් මැද පිළිගත් අන්දම බර්ලින් නුවර සිටින බීබීසී වාර්තාකරු ජෙනී හිල් දුටුවා ය. සරණ සොයා පැමිණි බොහෝ දෙනා සිරියානුවන් බවයි පැවසෙන්නේ. ජර්මානුවන් විශාල පිරිසක් සරණාගතයන් පිළිගැනීමට පැමිණ සිටි අතර ඔවුන් රස කැවිලි සහ පානීය ජලය බෙදා දී තිබේ. 15:46 'යුරෝපය අවදි විය යුතුයි' “යුරෝපය සරණාගත අර්බුදය සම්බන්ධයෙන් අවදියෙන් කටයුතු කළ යුතුයි, සිහින දැකපු කාලය අවසන්”, යැයි ඔස්ට්‍රියානු ස්වදේශ කටයුතු ඇමති ජොහානා මික්ලෙයිට්නර් කියා සිටියි. “දැන් යුරෝපා මහද්වීපයට අභියෝගයක් එල්ල වී ඇත. මේ දැවැන්ත අභියෝගය ජය ගැනීම සඳහා යුරෝපා මහද්වීපය එකම පිළිතුරක් ලබා දිය යුතුයි. යුරෝපයෙන් ඉවත් වීමෙන් හෝ ඔස්ට්‍රියානු දේශසීමාව වටා කටු කම්බි ගැසීමෙන් මේ ගැටළුව විසඳේ යැයි කිසිවෙක් සිතන්නේ නම් එය වැරදියි, යැයි ඇය තවදුරටත් කියා සිටියි. සරණාගතයන් වෙනුවෙන් ඔස්ට්‍රියානු දේශ සීමාව අසල රතු කුරුස සංවිධානයේ තාවකාලික කාර්යාලයක් පවත්වා ගෙන යනු ලබන අතර බොහෝ දෙනා වියානා අගනුවර බලා දුම්රියෙන් ගමන් කරන බවයි වාර්තා වන්නේ. තම රටේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට හෝ ජර්මනිය බලා ගමන් කිරීමට මෙම සරණාගතයන්ට ඉඩ දී ඇති බවයි ඔස්ට්‍රියානු බලධාරීන් පවසන්නේ. සිරියානු අර්බුදයෙන් පළා එන සරණාගතයන් සඳහා රැකවරණ දෙන බව ජර්මනිය ප්‍රකාශ කර තිබේ. සිය ගණනක් සරණාගතයෝ මියුනික් නගරය වෙත පැමිණෙමින් සිටිති. සරණාගත අර්බුදය දිගටම පවතිනු ඇතැයි යුරෝපා සංගමයේ විදේශ කටයුතු භාර කොමසාරිස් ෆෙඩෙරිකා මොහෙරිනි ලක්සම්බර්ග් හී පැවති සාකච්ඡාවක දී අනතුරු අඟවා සිටියා හංගේරියානු බලධාරීන් විසින් සරණාගතයන්ට සිය අපේක්ෂිත ගමනාන්ත කරා යෑම නතර කරමින් පනවා තිබූ තහංචි අනපේක්ෂිත ලෙස ඉවත් කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත සරණාගතයෝ ඔස්ට්‍රියාව බලා ගමන් ගනිමින් සිටිති.
නිල කාලය අවසන් වී ඇති පළාත් සභා 6:
ශ්‍රී ලංකාවේ පළාත් සභා 6ක් මේ වන විට පාලනය වන්නේ මන්ත්‍රීවරුන් නොමැතිවය. ඒවා පාලනය වන්නේ ආණ්ඩුකාරවරයා යටතේය. ඉතිරි පළාත් සභා තුනෙන් දෙකක නිල කාලය අප්‍රේල් මාසයෙන් අවසන් වීමට නියමිතය. 1. සබරගමුව පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 4යි. 2. උතුරු මැද පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 4යි. 3. නැගෙනහිර පළාත් සභාව - නිල කාලය අවසන්වී වසර 1යි මාස 4යි. 4. මධ්‍යම පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි. 5. උතුරු පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි. 6. වයඹ පළාත් සභාව - නිල කාලය අවසන්වී මාස 4යි. නිල කාලය අවසන් වීමට නියමිත පළාත් සභා 3: 1. බස්නාහිර පළාත් සභාව - නිල කාලය අවසන්වීමට ඇත්තේ මාස 2ක් පමණි. 2. දකුණු පළාත් සභාව - නිල කාලය අවසන්වීමට ඇත්තේ මාස 2ක් පමණි. 3. ඌව පළාත් සභාව - නිල කාලය අවසන්වීමට ඇත්තේ මාස 8ක් පමණි. "ලිහන්න බැරි ගැටය කවුරුන් විසින් හෝ කපා දැමිය යුතුයි" නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඡන්දය නොපැවැත්වීම ගැන මේ දිනවල ප්‍රබල සංවාදයක ඇති වී තිබේ. පළාත් සභා ඡන්ද මේ වසර තුළ නොපැවැත්වුවහොත් තමා සභාපති තනතුරින් ඉවත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සිය නිදහස් දින කතාවෙන් මේ ගැන ප්‍රශ්න කළේ, පළාත් සභාවල ඵලදායිතාව ගැන ප්‍රශ්න කරමිනි. "අපි පළාත් සභා පිහිටුවා වසර 30කට වැඩියි. අද වාර්ෂික අය වැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට, ප්‍රාග්ධනයට වෙන් වන්නේ සියයට 15ක් පමණයි. පුනරාවර්තන වියදම්, නඩත්තු වියදම් සියයට 85ක්. මේව උඩු යටිකුරු කිරීමට අප වහා කටයුතු කළ යුතුයි. වසර එක හමාරකට ආසන්න කාලය තුළ පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් ලෙසයි මා දකින්නේ. මේවා කතා කිරීමට අද එන්ජීඕ ඉදිරිපත් වන්නේ නැහැ." ජනාධිපතිවරයා කියා සිටියේය. නිල කාලය ඉක්මවූ පළාත් සභාවල ඡන්දය පවත්වන්න බැරි ඇයි ? මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහය ඇතිව පනතක් සම්මත කරගත්තේ 2017 වසරේ ඔක්තෝබර් මාසයේදීය. එම පනත සම්මත වීමෙන් අනතුරුව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා 5 දෙනකුගෙන් සමන්විත කොමිසමක් පවා පත් කළ අතර එම කමිටුව 2018 පෙබරවාරි මාසයේ සිය වාර්තාව ලබාදී තිබුණි. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2/3 ක විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු වූ අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවූයේ 2018 අගෝස්තු මාසයේදීය. කෙසේ නමුත් එම වාර්තාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. එය ඉදිරිපත් කළ, එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ සහය පවා ඊට නොලැබුණි. ඔහු එම තීරණයට එළැඹියේ සීමානිර්ණ වාර්තාවේ අඩුපාඩු ඇති බව පවසමිනි. එම වාර්තාවට සහය පළ කරමින් එකදු මන්ත්‍රීවරයකු හෝ ඡන්දය භාවිත නොකළ අතර ඊට විරුද්ධව මන්ත්‍රීවරු 139 දෙනෙක් ඡන්දය භාවිත කර තිබිණි. මෙම වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවූ හෙයින් එහි ඊළඟ නීත්‍යනුකූල පියවර වූයේ කථානායකවරයා විසින් එම වාර්තාවේ අඩුපාඩු සකස් කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමය. එම කමිටුව කතානායකවරයා විසින් 2018 අගෝස්තු මාසයේ දී පත් කරන ලදී. මාස 2ක් ඇතුළත එම වාර්තාව සමාලෝචනය කළ යුතු බවට ද නීති සකස් වී තිබිණි. කමිටුවේ කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2018 ඔක්තෝබර් 28 වන දාටය. නමුත් ඊට දින දෙකකට පෙර එනම් ඔක්තෝබර් 26වන දා සිදුවූ අගමැති මාරුවත් සමග එම කමිටු වාර්තාව ගැන කතාබහ අවසන් විය. "දැන් පාර්ලිමේන්තුවෙන් ලබා දුන් මාස දෙකක කාලය ඉවරයි, දැන් ඒ වාර්තාව ඉදිරිපත් කළත් එහි වලංගුභාවය ගැන ගැට‍ලු තියෙනවා. ඒ නිසා නැවත පාර්ලිමේන්තු නීති සංශෝධනයකින් තොරව ඉදිරියට යන්න බැහැ." මැතිවරණ කොමසාරිස් ජනරාල් එම් මොහමඩ් බීබීසි සිංහල සේවයට කියා සිටියේය. මැතිවරණ කොමිසමට අනුව දැනට සම්මත වී ඇති නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නම් ඡන්ද කොට්ඨාස අවශ්‍ය වේ. නමුත් එම ඡන්ද කොට්ඨාස තවමත් තීරණය වී නොමැත. ඒ අනුව, එම ක්‍රියාදාමය සම්පූර්ණ වන තුරු නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය නොහැකිය. ඡන්දය පැවැත්වීමට කළ යුත්තේ කුමක් ද ? 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ලද අත්දැකීම් හේතුකොට ගෙන මිශ්‍ර ඡන්ද ක්‍රමයට ඡන්දය පැවැත්වීමට ප්‍රධාන පක්ෂවල අකමැත්තක් ඇති බව පෙනී යයි. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පසුගියදා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය නව ක්‍රමය අනුව පැවැත්වීම හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි නියෝජනය නොවූ බවය. එහි විශාල වරදක් ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය. එහි දී බහුතරයේ නියෝජනය විද්‍යාමාන නොවී සුළුතරය විද්‍යාමාන වන බවත් ගාල්ල මහ නගර සභාව ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයට නගර සභාවේ බලය අහිමිවීම ඊට කදිම උදාහරණය බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. අමාත්‍යවරයා පවසන්නේ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ පනත ගෙන ආ නමුත් එහි විශාල අඩුපාඩු පවතින බවය. "2015 සිට 2018 දෙසැම්බර් 21 දක්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබු‍ණේ. එනිසා ඔවුන්ගේ මතය අනුව ක්‍රියා කරල තියෙන්නේ. විවිධ දේශපාලන පක්ෂ රැසකගේ අදහස් අරගෙන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් සකස් කර තියෙනවා. එහි විවිධ අඩුපාඩු රැසක් පවතිනවා. දැන් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම එම ලිපි ගොනු අධ්‍යනය කරමින් මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ක්‍රියා කරනවා," පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබිණි. "විෂයභාර අමාත්‍යවරයා වුවද, මට මගේ තනිමතය අනුව ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පිළිගත් දේශපාලන පක්ෂවල එකඟතාවය මත මෙම ප්‍රශ්නය විසඳීමට කඩිනමින් ක්‍රියා කරනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ අදහස් දෙමළ ජාතික සන්ධානයේ අදහස් අතුළු සියලුම දේශපාලන පක්ෂවල අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වෙනවා. ඒ අනුව ඔවුන්ගේ එකඟතාව මත නව ක්‍රමවේදයකට ඡන්දය පවත්වන්නේද? නැතහොත් පැරණි ක්‍රමයට ඡන්දය පවත්වන්නේද? යන්න තීරණය කරනවා. ඉන් අනතුරුව රටේ සියලු පළාත් සභාවල ඡන්දය එකවර පැවැත්වීමට කටයුතු කරනවා," යැයි ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් වීමෙන් පසු අප්‍රේල් මාසය තුළ පැරණි මනාප ක්‍රමයට එම ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව, කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ පැවසී යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂය ඉල්ලා සිටින්නේ කුමන ක්‍රමය යටතේ හෝ කඩිනමින් මැතිවරණය පවත්වන ලෙසය. "ඉතා පොඩි දෙයයි මේකට කරන්න තියෙන්නේ. වගන්ති තුනක පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ, පැරණි ක්‍රමයට ඡන්දය තියන්න. ඒකට 2/3ක ලබාගන්න අවශ්‍ය සහය දෙන්න අපි සුදානම්. ඒ දෙය නොකර ඡන්දය දිගින් දිගටම කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවා. දැන් කියනවා අප්‍රේල් කියලා. අප්‍රේල්වල තව දිනයක් කියයි," විපක්ෂයේ මන්ත්‍රී උදය ගම්මන්පිල බීබීසී සිංහල සේවයට කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ මතය වී තිබෙන්නේ මැතිවරණය පවත්වන්නේ නව ක්‍රමයටද පැරණි ක්‍රමයටද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවය. "පරණ විදිහට මැතිවරණය පවත්වනවා නම් අලුත් පළාත් සභා පනත අත්හිටුවලා පැරණි පනතට අනුව පවත්වන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත යුතුයි. නමුත් අපි කියන්නේ මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ පළාත් සභා හෝ ජනාධිපතිවරණ මැතිවරණයක් නොවෙයි. පාර්ලිමේන්තුවේ විකෘතිය නැති කරන්න අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. තවදුරටත් මුදල් කාබාසිනියා කරන ජනාධිපති මැතිවරණයක් වෙනුවට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ යුතුයි," ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අනුව පෙනීයන්නේ ඔවුන් මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට එතරම් කැමැත්තක් නොදක්වන බවය. පළමුව ආණ්ඩුව වෙනස් කළ හැකි ඡන්දයක් සේ සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීම වඩාත් උචිත වන බව එම පක්ෂයේ මන්ත්‍රීවරු මාධ්‍ය හමුවල පසුගියදා දිගින් දිගටම ප්‍රකාශ කළහ. ජනාධිපතිවරණය කවදා ද ? මැතිවරණ කොමිසමට අනුව ජනාධිපතිවරයාට 2019 ජනවාරි 8 වැනිදා සිට ඕනෑ ම මොහොතක ජනාධිපතිවරණයක් කැඳවිය හැකිය. ජනාධිපතිවරයා තම ධුර කාලය සම්පූර්ණ කිරීමට තීරණය කළහොත් ජනාධිපතිවරණය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතය. නිසැක වශයෙන් ම මේ වසර අග භාගයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන හෙයින් පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වන්නේ නම් එය වසරේ මැද භාගයේ පැවැත්විය යුතුය. මේ අතරතුර, පළාත් නවයේ ම ඡන්දය මේ වසරේ මැයි 31 ට පෙර එක ම දිනයක පැවැත්වීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනවාරි 29 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. පැරණි සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා එම පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ඊට කාන්තා නියෝජනය 25% කිරීමේ යෝජනාවක් ද ඇතුළත් කර තිබේ. ජනාධිපතිවරයාගේ එම කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීම මේ සතියේ සිදුවීමට නියමිතව තිබූ නමුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ලබන සතිය තෙක් ඒ සඳහා කාලය ලබා ගත් බව කැබිනට් මණ්ඩල රැස්වීමට එක්වූ අමාත්‍යවරයෙක් බීබීසි සිංහල සේවයට පැවසුවේය. මෙම කැබිනට් පත්‍රිකාව අනුව ඉදිරි කටයුතු සිදුවන ආකාරය ගැන ආණ්ඩුව තවමත් නිසි ලෙස කරුණු පැහැදිලි කර නොමැත. "මොන ක්‍රමයට කරන්නත් පාර්ලිමේන්තුවේ නීති සංශෝධනයක් අවශ්‍යයි. ඒ සංශෝධනය සිදුකර මාස 3ක් ඇතුළත ඡන්දය තබා අවසන් කරන්න අපට පුළුවන්." මැතිවරණ කොමසාරිස් ජනරාල් එම් මොහමඩ් කියා සිටියේය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අවසන් වරට පැවති මාධ්‍ය හමුවේදී පළාත් සභා අවුල ගැන අදහස් දක්වමින් පැවසුවේ, "ලිහන්න බැරි ගැටය කවුරුන් විසින් හෝ කපා දැමිය යුතු" බවය. ඡන්ද විමසීම නොපැවත්වීම ගැන දේශපාලන පක්ෂ හා පුරවැසියන්ට අධිකරණයේ සහය පැතිය හැකි බව ද ඔහු එහිදී කියා සිටියේ ඒ සඳහා කොමිසමට නීතිමය හැකියාවක් නොමැති බව පවසමිනි.
2014.03.19
මහින්ද දේශප‍්‍රිය මහතා මැතිවරණ කොමසාරිස් මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ මහලේකම් කාර්යාලය සරණ මාවත රාජගිරිය. මැතිවරණ කොමසාරිස්තුමනි, හිරිකිතයකින් තොරව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම හෙවත් මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ආවරණය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් විසින් 2014.03.13 දාතම සහිතව ඔබ වෙත යොමු කරන ලද ලිපියට අමතරව ලියමි. මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ පටන්ම රාජ්‍ය මාධ්‍ය හා ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන හිරිකිතයකින් තොරව සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට දැඩි විරෝධය දක්වමි. මැතිවරණ ව්‍යාපාර සම්බන්ධ නීතිය ඉතා පැහැදිළි වන අතර එකී මැතිවරණ ව්‍යාපාර හා මැතිවරණයට අදාල සියලූම කරුණු පාලනය කිරීම ඔබගේ රාජකාරිය බව පෙන්වා දෙනු කැමැත්තෙමි. මාධ්‍ය වාර්තා (2014.03.18 දින ඬේලි මිරර් පුවත්පතේ මුල් පිටුව* අනුව මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් යන දෙදෙනා ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයා ලෙස රාජ්‍ය උත්සවවලට සහභාගිවීම සඳහා ඇති සම්පූර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිති. ජනාධිපතිවරයා වත්මන් පළාත් සභා මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂයක නායකයා බව සමහරවිට එම මහත්වරුන් නොදන්නවා විය හැක. මැතිවරණ ව්‍යාපාරයේම කොටසක් වශයෙන් මෙකී කාලය තුල පැවැත්වෙන ඊනියා රාජ්‍ය උත්සවවලට සහභාගි වන ජනාධිපතිවරයා ජනතාව අමතන්නේ ජනාධිපති වශයෙන් නොව දේශපාලන පක්ෂයක නායකයා ලෙසය. මෙම සන්දර්භය තුළ ඔබ විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ මාර්ගෝපදේශ උපුටා දැක්ම යෝග්‍ය යයි සිතමි. ,10ග ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා හෝ රජයේ අමාත්‍යවරු සම්බන්ධ වන දේශපාලන මත/අදහස් ප‍්‍රකාශ කිරීමේ රූපවාහිනී/ගුවන්විදුලි වැඩ සටහන්වල ඔහු/ඇය අයත් වන දේශපාලන පක්ෂයේ වැඩ සටහනක් ලෙස සැලකිය යුතු අතර, එම නිසා එයට විරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂවල නායකයන්ට ද ඒ හා සමාන වැඩ සටහන් ලබා දිය යුතුය. මුද්‍රිත මාධ්‍ය ද ඒ අයුරින් දේශපාලන පක්ෂ/කණ්ඩායම්වලට විශේෂ සාකච්ඡුා ලබා දීමේ දී /ප‍්‍රචාරක පක්ෂ රැුස්වීම් වාර්තා පළ කිරීමේ දී සමාන ඉඩක් හා ප‍්‍රමුඛතාව ලබා දිය යුතුය. තරග කරනු ලබන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඒ සියලූම පක්ෂ ස්වාධීන කණ්ඩායම් සඳහා එක හා සමාන ගුවන් කාලයක් හෝ ප‍්‍රවෘත්ති පත‍්‍රවල ඉඩ කඩ ලබා දීම කළ නොහැකි නමුත් යම් කිසි පක්ෂයකට කණ්ඩායමකට හෝ අපේකෂකයකුට විශේෂ සැලකිල්ලක් දක්වා ප‍්‍රවර්ධනය වන අයුරින් හෝ වෙනත් පක්ෂ/කණ්ඩායම්/අපේක්ෂකයන් හට අගතියක් වන අයුරින් හෝ ගුවන් කාලය නැතහොත් ප‍්‍රවෘත්ති පත‍්‍ර ඉඩකඩ වෙන් කිරීම නොකළ යුතුය,ග :උපුටා ගැනීම: 2014 මාර්තු මස පැවැත්වීමට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡුන්ද විමසීම් පිළිබඳව විiුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් පිළිපැදිය යුතු මාධ්‍ය උපමාන* තවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට මාධ්‍ය ආවරණ ලබා ගැනීමේ හිමිකම එම ධුරයට අයත් අයිතිවාසිකමක් වශයෙන් කොතැනකවත් සඳහන් නොවන බවද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. ජනාධිපතිවරයා හා ඔහුගේ පක්ෂය හෙලිකොප්ටර් ඇතුලූ රාජ්‍ය දේපල පාවිච්චි කරන බව පෙනී යන අතර අපට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු අනුව ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් ද සිදු කර නැත. මේ තත්වය යටතේ අප පක්ෂයේ ස්ථාවරය වන්නේ මැතිවරණ කාල පරිච්ෙඡ්දය තුළදී ජනාධිපතිවරයාට මාධ්‍ය ආවරණය ලබා දෙන සෑම අවස්ථාවකදීම ඒ හා සමාන මාධ්‍ය ආවරණයක් විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් මා වෙත ද ලැබිය යුතු බවයි. ඔබ මේ පිළිබඳව අවධානය යොමුකොට නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් තහවුරු කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි මම විශ්වාස කරමි. රනිල් වික‍්‍රමසිංහ (පා.ම.* පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක.
තවත් ජනවාරි මාසයක් ගෙවී ගොසිනි.
ජනවාරිය, ගතව ගිය දශක කිහිපය තුළ මාධ්‍ය නිදහස, භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මෙන්ම දූෂණය සහ භීෂණයට එරෙහිව හඬ නැගූ මාධ්‍ය සගයන් ඝාතනයට, පැහැරගැනීමට සහ වධ බන්ධනවලට ලක් වූ මාසයයි. ජනේරුව, එසේ ඝාතනයට සහ වද බන්ධනවලට ලක් වූ උතුරේත්, දකුණේත් මාධ්‍ය සගයන් වෙනුවෙන් යුක්තිය උදෙසා "කළු ජනවාරිය" සැමරෙන මාසයයි. ජනේරුවේ අවසාන සිකුරාදා, 29 වෙනිදා, ලොව පුරා සිටින මාධ්‍ය ක්‍රියාධරයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංකේතාත්මක සැමරුමක් ද සංවිධානය කොට තිබිණ. පහත දැක්වෙන්නේ ඒ සැමරුම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී ෆේස්බුක් ජාලයේ සටහන් කළ කවි පෙළකි. "ඔවුන් ඝාතනය කළ, ඔවුන් අතුරුදහන් කළ, ඔවුන්ගේ අත් පා කඩා දැමූ, ඔවුන්ට හානි කළ, සියල්ල යහතින්ය. අපරාධකරුවෝ නිදැල්ලේය! අපි, වසර ගණනාවක් පුරා යුක්තියම ඉල්ලමු... යුක්තිය උදෙසා සඵථ කළ ආණ්ඩුත් ආවා ගියා යුක්තිය ගැන කතා නැති ආණ්ඩුත් ගියා ආවා... පරපුරෙන් පරපුරට සිදුවේවි අපට මේ හඩ අවදියෙන්ම තබා ගැනුමට අයුක්තියේ මුනිවත බිඳ දමන්නටනම්!" "අහිමි වුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දල්වමි පහනක්....," යනුවෙන් මාධ්‍යවේදිනී රුවන්දි සිල්වා එහි සටහනක් තබා තිබුණාය. මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා ගේ සටහනේ දැක්වුණේ, "මම බෞද්ධයෙක්. මේ ආලෝකවත් කළ පහන මගේ නිවසේ වෙනදා දැල්වෙන්නෙ තථාගතයන් වහන්සේ උදෙසා. අද මම ඒ පහන දලවන්නේ මරා දැමූ, අතුරුදන් කළ හෝ වධ හිංසාවට භාජනය කළ මගේ මාධ්‍යවේදී සහෝදරයන් සිහිපත් කරලා," යනුවෙනි. "සගයිනි, කළු කළ ජනේරුවේ හදවත දල්වමි!" යන්න, මාධ්‍යවේදිනී ශිවන්ති ප්‍රනාන්දු එහි තැබූ කවි සටහනයි. මේ අතර "සත්‍යය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින, විශ්වීය මිනිස් නිදහස උදෙසා මරණය වැළඳගත් මාධ්‍යවේදී සගයන්" සිහිපත් කිරීම පිණිස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානය කර තිබුණ සහෘද හමුවක් අමතා අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ, සිය සැමියා ඇතුළු ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නිරත වූ මාධ්‍යවේදීන්ගේ ජීවිත බිලිගත් "කළු වෙච්ච ජනවාරිය සුදු කිරීමට" ශ්‍රී ලංකාව වරක් සමත් වූ නමුත් වර්තමානයේ යළිත් වරක් ජනවාරිය කළු වී තිබෙන බව කියා සිටියාය. ඇයගේ සැමියා, ප්‍රගීත්, 2010 ජනවාරි 24 වෙනි දින සිට අතුරුදහන්ව සිටියි. "ඒ කළු ජනවාරිය සුදු කරන්න අපිට අවස්ථාවක් ලැබුණා. 2015 මේ රටේ හිටපු ඒකාධිපතියන් පන්නා දැම්මෙත් ජනවාරි මාසේ. ඒත් අපිට තවමත් කියන්න සිද්ධවෙලා තියෙනව ජනවාරිය කළුයි කියල," යනුවෙන් ද ජගත් සම්මානයෙන් පිදුම් ලැබූ මානව හිමිකම් ක්‍රියාකාරිනිය සඳහන් කළාය. "ඒ මගේ ප්‍රාණයත්, අනෙකාගේ ප්‍රාණයත් එක සමානයි කියලා නොහිතන නායකයින් සිටිය නිසා මේ රටේ. මේ රටේ අපරාධ නිසා වින්දිතභාවයට පත්වෙච්ච මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම අපේ වගකීම කියල නොහිතන පාලකයින් නිසා," ඇය කියා සිටියාය. "බොහෝ නින්දා, අපහාස විඳිමින්" සහ "තාඩන, පීඩනවලට ලක්වෙමින්" වසර 11 ක් මුළුල්ලේ තමන් සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා ඇවිද ගිය අන්දම ඇය සිහිපත් කළාය. කිලෝමීටර හාර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඇවිදිමින් ඇය යුක්තිය සොයා ගිය අන්දම සමාජ මාධ්‍ය ජාලවල පළ වී තිබුණි. මේ අතර සිය සැමියා අතුරුදහන් වීමෙන් 11 වසරක් ගතවන මොහොතේ සහෘදයන් පිරිසක් සමඟ සන්ධ්‍යා නව වෙබ් අඩවියක් (http://ekneligodaforum.org) ජනගත කළේ, ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ අනෙක් මාධ්‍යවේදීන් ද අනුස්මරණය කරමිනි. මාධ්‍යවේදියෙකු, කාටුන් ශිල්පියෙකු සහ දේශපාලන විචාරකයෙකු වූ ප්‍රගීත් සිතුවම් කළ කාටූන සහ සිය නිර්මාණ සඳහා ඔහු භාවිත කළ උපකරණ ද එහි ප්‍රදර්ශනයට තබා තිබිණ. ඒ පිළිබඳ අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාධාරිනී අමලිනී ද සයිරා පවසන්නේ, ප්‍රගීත් පැහැර ගැනීම, හමුදාව ඒ සම්බන්ධ සාක්ෂි සැඟවීම, බලවත් භික්ෂූන්ගෙන් එල්ල වූ තර්ජන වැනි සියල්ලෙන් අනතුරුව සන්ධ්‍යා සහ ඇගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවය. කියවන්න: යුක්තිය ඉටු නොකළ යහපාලනය 2015 ජනවාරි 08 වෙනි දින රාජපක්ෂ පාලනය පරාජය කරමින් යහපාලන ආණ්ඩුව බලයට පත්වූයේ ප්‍රගීත් අතුරුදහන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ධර්මරත්නම් සිවරාම් ඝාතනය සහ මාධ්‍යවේදී පෝද්දල ජයන්තට පහරදීම වැනි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බවට ප්‍රතිඥා දෙමිනි. සහෘද හමුව ඇමතූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වැඩබලන ලේකම් සුනිල් ජයසේකර පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව සත්‍යය දැනගැනීම, සබුද්ධික වීම සහ සවිඥානක වීම නොඉවසූ පාලනයක් පසු කිරීමට තමන්ට සිදු වූ බවය. ඔහු එම යුගය විග්‍රහ කළේ ශ්‍රී ලංකාවේ "බිහිසුණුම, අන්ධකාර වූ යුගයක්" ලෙසිනි. කෙසේ වුවත්, ඉන් අනතුරුව තමන්ගේ ද දායකත්වයෙන් බිහි වූ යහපාලන ආණ්ඩුව මාධ්‍යවේදීන්ට "චේතනාන්විතව හෝ සංවිධානාත්මකව" හිරිහැර නොකළ නමුත් ඊට පෙරාතුව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට එම පාලනය අසමත් වූ බවද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර සඳහන් කළේය. "නීතිය හමුවට පමුණුවලා, ඒ ඝාතනය වෙච්ච කිසිදු ජනමාධ්‍යවේදියෙකුට යුක්තිය ඉටු නොකළ පාලනයකුයි ඉන් අනතුරුව අපි ගෙවුවේ," ඔහු පැවසීය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකර අවධාරණය කළේ, එම ඝාතකයන් සහ භීෂකයන් තවමත් නිදැල්ලේ සිටින තත්ත්වය හමුවේ වර්තමානයේ ද මාධ්‍යවේදීන් ගේ ජීවිත සපුරා සුරක්ෂිත නොමැති බවය. මාධ්‍යවේදීන් 117 ක් ඝාතනය කරලා යහපාලන ආණ්ඩුවේ කතානායක පදවිය හෙබැවූ කරු ජයසූරිය, මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කරන ලද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් ප්‍රධානියාය. සහෘද හමුව ඇමතූ ඔහු කියා සිටියේ, පසුගිය රාජපක්ෂ පාලනයට වඩා වත්මන් රාජපක්ෂ පාලනය "වෙනස් ආකාරයේ මාධ්‍ය දඩයමක්" ක්‍රියාත්මක කරමින් සිටින බවය. ''අද පහර දෙනවා වෙනුවට නිවාස වලට පැන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ඒ අයගේ පරිගණක රැගෙන ගොස් හිරිහැර කරනවා. බොරු ප්‍රකාශ ගන්න බල කරනවා," හිටපු කතානායක කරු ජයසූරිය පැවසීය. ඔහු පවසන්නේ මාධ්‍ය ක්‍රියා කලාපය ද වර්තමානයේ වෙනස් වී ඇති බවය. "මෑත යුගයේ අපි දකින්නේ වෙනත් මාධ්‍ය සංස්කෘතියක්. තමන් කැමති දේශපාලකයින් ජයග්‍රහණය කිරීම සඳහා අමූලික බොරු ගොතනවා. චරිත ඝාතනය කරනවා. ජාති, ආගම් බේද ඇති කරනවා. ආගම වෙළෙඳ භාණ්ඩයක් කරගන්නවා. මේ නිසා අපි ඉතිහාසයේ නොවූ විරූ භයානක අභියෝගයකට රටක් වශයෙන් මුහුණ දී සිටිනවා. මෙහි ආදීනව ගෙවන්න වෙන්නේ ඊළඟ පරපුරට." 1981 සිට මේ දක්වා මාධ්‍යවේදීන් 117 ක් ඝාතනය හෝ අතුරුදහන් කර ඇති බවත් හිටපු කතානායකවරයා පැවසීය. කියවන්න: 'ඝාතනය වෙනුවට භීතිය' 2009 ජනවාරි 08 වෙනි දින ඝාතනය කරන ලද එවක සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය, අහිම්සා ද, වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහෘද හමුව ඇමතුවාය. රටේ සියලු පුරවැසියන්ට භාෂණයේ නිදහස සුරක්ෂිත කරන "සාධාරණ සහ විනීත" සමාජයක භාෂණයේ නිදහසට එරෙහිව "ඒකාධිපතියන්" යුද නොවදින බව සඳහන් කළ අහිම්සා වික්‍රමතුංග, තමන්ට එරෙහිව අදහස් දක්වන පුද්ගලයන් මරා දැමීම ආරම්භ කළේ එල්ටීටීඊ සංවිධානය බව ද පෙන්වා දුන්නාය. "කොටින් මර්දනය කිරීමට ප්‍රතිඥා දුන් බොහෝ දෙනා තමන් විවේචනය කළ මාධ්‍යවේදීන් නිහඬ කිරීම පිණිස එල්ටීටීඊ යේ ත්‍රස්ත උපාය යොදාගැනීම කෙරෙහි ආකර්ෂණය වීමෙන් වැලකීමට අපොහොසත් වූහ," යනුවෙන් ද ඇය කියා සිටියාය. 1990 දී රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා ඝාතනය කරනු ලැබීමේ සිට සිය පියා සහ ප්‍රගීත් එක්නැලිගොඩ දක්වා මාධ්‍යවේදීන් විශාල පිරිසක් "බල්ලන් ලෙසින් මරාදමන" ලද බව ඇය සිහිපත් කළාය. "මනුෂ්‍ය ඝාතනය, නිදහසේ අංගයන් පාලනය කිරීම පිණිස පාලකයන් යොදාගන්නා මූලික උපකරණය බවට පත්ව ඇති බව සිය මරණයට ටික දිනෙකට කලින් මගේ පියා ලියා තිබුණේය." අහිම්සා වික්‍රමතුංග පවසන්නේ, 2009 දී සිය පියා එසේ ලියා තැබූ අතර, තවත් විශාල පිරිසක් මරා දමා, වද බන්ධනවලට ලක් කොට සහ ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීමෙන් වසර ගණනාවකට පසුව 2021 දී සිදුව තිබෙන්නේ "භීතිය" ශ්‍රී ලංකාවේ නිදහසේ ගෙල සිර කරන අඬුව බවට පත්වීම බවය. "ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය "බලය තිබෙන පුද්ගලයන් ඇසීමට අකමැති කිසිවක් පැවසුවහොත් දඬුවම් ලැබෙනු ඇතැයි සිතීමට ශ්‍රී ලංකාවේ සෑම දෙනාටම බලකරනු ලැබ තිබේ," යනුවෙන් පවසන අහිම්සා වික්‍රමතුංග, යනුවෙන් ශ්‍රී ලංකාවේ "භීතිය" පැතිරී තිබෙන අන්දම පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළාය. ඇය අවධාරණය කරන්නේ, අනිවාර්යයෙන්ම මෙම "භීතියේ චක්‍රය බිඳ දැමිය යුතු," බවය. ඒ සඳහා සියලු වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතු බව ද ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය, අහිම්සා, අවධාරණය කරන්නීය. කියවන්න: අභීත නිලධාරීන්ට ප්‍රණාමය සිය පියා, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, නඩරාජා රවිරාජ් සහ ජෝසෆ් පරරාජසිංහම් ඇතුළු බොහෝ දෙනාට සිදු වූයේ කුමක් දැයි දැනගැනීමට ලැබුණේ නිශාන්ත සිල්වා සහ ශානි අබේසේකර වැනි "අභීත පොලිස් නිලධාරීන් දියත් කළ විමර්ශන" හේතුවෙන් බව පෙන්වා දෙන අහිම්සා, එම අභීත ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන්ට "සියල්ල අහිමි වී ඇති," බව ද සිහිපත් කළාය. "අපේ වීරයන් වීමට ඔවුන්ට දිරිය තිබීම හේතුවෙන් මේ අසාමාන්‍ය පොලිස් නිලධාරීන් අත්හැර දමා දුක් විඳීමට සලසනු ලැබ තිබේ." අහිම්සා අවධාරණය කරන්නේ නිශාන්ත සිල්වා, ශානි අබේසේකර ඇතුළු එවැනි "අභීත නිලධාරීන්" වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය. "මාධ්‍යවේදීන්ගේ ඝාතන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම හේතුවෙන් ඔවුන්ට දඬුවම් කිරීමට අප ඉඩ නොතැබිය යුතුය," ඇය පවසන්නීය. "මීළඟ වින්දිතයා අප අතරින් ඕනෑම කෙනෙක් විය හැකිය. අපරාධ පරීක්ෂා කිරීමට දිරිය ඇති පොලිස් නිලධාරීන් අප ආරක්ෂා නොකරන්නේ නම්, යුක්තිය උදෙසා අදහස් දැක්වීම හේතුවෙන් අපෙන් කෙනෙක් මරා දැමුණු විට ඒ ගැන පරීක්ෂා කිරීමට කිසිවෙක් ඉතිරි නොවනු ඇත." ගතවගිය දශකයකට ආසන්න කලය ඇතුළත යුක්තිය උදෙසා තමන් සහ සන්ධ්‍යා ඇතුළු වින්දිතයන්ගේ පවුල්වල ඥාතීන් කළ ආයාචනා ඇසුණේ ඉතා සීමිත පිරිසකට පමණක් බව සිහිපත් කරන අහිම්සා වික්‍රමතුංග, එසේ එදා තමන් වෙනුවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් පීඩාවට පත්ව සිටින අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සිය යුතුකම බව අවධාරණය කරන්නීය. කවුද මේ ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ? ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් දෙදෙනෙකි. වැනි සිදුවීම් පිළිබඳ විමර්ශන සිදුවූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි. එම සිදුවීම් වලට අමතරව; පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම විමර්ශන බොහොමයක් භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ කටයුතු කළේය. පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර, ඒ පිළිබඳව සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සහ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ද ඔහු සාක්ෂි දුන්නේය. තවත් කියවන්න:
මෙම අංකය දෙස බලන්න: 6174
මේ ඉලක්කමේ විශේෂත්වය කුමක් ද? බැලූ බැල්මට මෙහි විශේෂත්වයක් දක්නට නොලැබුණ ද, 1949 වර්ෂයේ සිට මෙය ලොව පුරා ගණිතඥයන් අතර කුතුහලය දනවන්නක් විය. එයට හේතුව කුමක් ද? පහත දැක්වෙන දත්ත කියවීමෙන් ඔබට මෙය වැටහෙනු ඇත: දැන් අපි මෙම ගණන හදමු ·4321 - 1234 = 3087 ·අංක අවරෝහණ පිළිවෙලට සකසන්න: 8730 ·නැවත එම අංක ආරෝහණ පිළිවෙලට සකසන්න: 0378 ·විශාල අගයෙන් කුඩා අගය අඩු කරන්න: 8730 - 0378 = 8352 ·ලැබෙන උත්තරය සමඟ පෙර පියවර නැවත අනුගමනය කරන්න. දැන් අවධානය යොමු විය යුතු වන්නේ 8352 අංකයට 6174 අංකයත් ආරෝහණ සහ අවරෝහණ පිළිවෙලට සකසා පෙර පියවර අනුගමනය කළ පසු ලැබෙන පිළිතුර: මෙම අවස්ථාවට පැමිණි පසු තවත් ඉදිරියට යෑම පළ රහිත බව ඔබට දැන් වැටහෙනු ඇත. මෙම පියවර නැවත අනුගමනය කිරීමෙන් ද ලැබෙන්නේ එකම පිළිතුරකි: 6174. මෙය අහඹු සිදුවීමක් ලෙස ඔබට සිතෙන්නට පුළුවන. එම නිසා, වෙනත් අංක හතරකින් අපි නැවත උත්සහ කර බලමු. මෙවර තෝරා ගන්නේ 2005 අංකය. ඉහත දැක්වෙන පරිදි ඔබ තෝරා ගන්නා ඕනෑම අංක හතරක් පෙර පියවර අනුගමනය කර ගණනය කළ ද සීමිත පියවර ගණනකින් හෝ ප්‍රමාද වී ඔබට ලැබෙන පිළිතුර 6174ය. එයින් පසු ලැබෙන්නේ එකම ප්‍රතිඵලයක් පමණි. කප්රෙකාර්ගේ නියතය ඉන්දියානු ගණිතඥයෙකු වන දත්තත්‍රේය රාම්චන්ද්‍ර කප්රෙකාර් (1905-1986) ඉලක්කම් සමඟ සෙල්ලමෙහි යෙදීමට ප්‍රිය කළ පුද්ගලයෙකි සුබ පැතුම්! ඔබ දැන් කප්රෙකාර්ගේ නියතය හඳුනාගෙන ඇත. ඉන්දියානු ගණිතඥයෙකු වන දත්තත්‍රේය රාම්චන්ද්‍ර කප්රෙකාර් (1905-1986) ඉලක්කම් සමඟ සෙල්ලමෙහි යෙදීමට ප්‍රිය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 6174 අංකයෙහි ඇති අද්භූත සුන්දරත්වය සොයා ගැනිණි. සංඛ්‍යා න්‍යායන්ට ඇබ්බැහි වූවෙකු ලෙස ඩී. ආර්. කප්රෙකර් තමන් හඳුන්වාගන්නා අතර, 1949 දී මදුරාසි නගරයේ පැවති ගණිත සමුළුවකදී සිය සොයාගැනීම ලොවට හඳුන්වා දුන්නේය. "බේබද්දෙකුට එම තත්වයේ රැඳී සිටීමට අවශ්‍ය වන්නේ වයින් පානය කිරීමයි. සංඛ්‍යා සම්බන්ධයෙන් ගත් කළ මාගේ තත්වය ද එසේමයි," ඔහු නිතර පවසන්නේය. මුම්බායි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කප්රෙකර් මුම්බායි නගරයට උතුරින් පිහිටි කුඩා කඳුකර නගරයක් වන දේව්ලාලි හි පාසල් ගුරුවරයෙකු ලෙස දිවි ගෙවීය. ඉන්දියානු ගණිතඥයන් ඔහුගේ සොයාගැනීම් සමච්චලයට ලක් කර හෝ බැහැර කරනු ලැබුවද, ඔහුගේ කෘති ඉතා සුළු කොට තැකුව ද ඔහු බොහෝ ජනප්‍රිය විද්‍යා ප්‍රකාශනවල දක්ෂ ලේඛකයෙකු විය. ඔහුගේ සුවිශේෂී ක්‍රමවේදයන් සහ සිත් ඇදගන්නා සංඛ්‍යාත්මක නිරීක්ෂණ පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීමට පාසල් සහ විද්‍යාලවලට බොහෝ ආරාධනා ලැබිණි. කප්රෙකර්ගේ ඉගැන්වීම ලොව පුරා ප්‍රචලිත විය ක්‍රමානුකූලව, කප්රෙකර්ගේ අදහස් දේශීය හා විදේශීය වශයෙන් ප්‍රසිද්ධ විය. 1970 දශකයේ ඇමරිකාවේ වැඩිම ජනප්‍රියත්වයක් ඉසිලූ කතුවරයෙකු සහ ගණිතයට ලැදිකමක් දක්වන මාටින් ගාඩ්නර් ජනප්‍රිය විද්‍යා සඟරාවක් වන Scientific America හි කප්රෙකර්ගේ ගැන ලිවීය. අද වන විට කප්රෙකර් සහ ඔහුගේ සොයාගැනීම් ලොව පුරා ගණිතඥයන් පිළිගෙන ගවේෂණය කරනු ලබන අතර, ඒ සියලු දෙනා ද ඔහු මෙන් සංඛ්‍යා සමඟ සෙල්ලමෙහි යෙදීමට ප්‍රිය කරති. ඔසාකා ආර්ථික විද්‍යා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන යුතාකා නිෂියාමා පවසන්නේ "අංක 6174 ඇත්ත වශයෙන්ම අද්භූත අංකයක්" බවය. "ඉලක්කම් හතරේ අංක 6174 වෙත සීමිත පියවර ගණනකින් ළඟා වීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පරිගණකයක් භාවිතා කළ ආකාරය" ගැන අන්තර්ජාල සඟරාවක් වන + plus හි පළ වූ ලිපියක, යුතාකා නිෂියාමා පැහැදිලි කර තිබිණි. ඔහුගේ සොයාගැනීම් මොනවා ද? එකිනෙකට සමාන නොවන සෑම ඉලක්කම් හතරක්ම කප්රෙකර්ගේ ක්‍රියාවලිය යටතේ පියවර හතකින් 6174 කරා ළඟා වේ. "කප්රෙකර්ගේ ක්‍රියාවලිය හත් වරක් අනුගමනය කිරීමෙන් පසු ද ඔබ 6174 ඉලක්කම වෙත ළඟා නොවන්නේ නම්, ඔබේ ගණනය කිරීම් වල වැරැද්දක් තිබිය යුතුයි. ඒ නිසා නැවත උත්සාහ කළ කර බැලිය යුතුයි!," යුතාකා නිෂියාමා පවසයි. මැජික් අංක "මැජික් අංකය" සොයා ගනිමුද? වෙනත් මෙවැනි "විශේෂ අංක" කීයක් තිබේදැයි ඔබ කල්පනා කරනවා නම් ... පිළිතුර වන්නේ ... අප නිශ්චිතවම නොදනී යන්නය. නමුත් අප දන්නා දෙය නම් ඉලක්කම් තුනක සංඛ්‍යා සඳහා කප්රෙකර්ගේ නියතය හා සමාන සංසිද්ධියක් ඇති බවය. අපි එය සොයා යමු. 574 වැනි අහඹු ඉලක්කම් තුනකින් අපට ආරම්භ කළ හැකිය: "මැජික් අංකය" 495 වේ. ගණිතඥයන් පවසන්නේ මෙම නියතයන් සිදුවන්නේ ඉලක්කම් තුන හෝ හතරක් සමඟ පමණක් බවය. නමුත් ඔවුන් සෙල්ලමේ යෙදී ඇත්තේ ඉලක්කම් දෙකේ සිට 10 දක්වා සංඛ්‍යා සමඟ පමණි. 6174, තාක්ෂණය සහ වර්ණ ගණිතය වඩාත් ආකර්ෂණීය කළ හැකි ද? 'ස්කිග්‍රෑම් ටෙක්නොලොජීස්' පදනම, ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි, ග්‍රාමීය සහ ආදිවාසී පාසල්වලට "තොරතුරු තාක්ෂණ ඉගැන්වීම" සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන සමාගමකි. ඔවුන් අංක 6174 භාවිත කරමින් ඉලක්කම් සහ වර්ණ සමඟ ක්‍රීඩාවක යෙදීමට තීරණය කර තිබේ. පාසල් දරුවන්, විශේෂයෙන් ගණිතයට අකමැති අයට එහි ඇති විනෝදය ගැන පෙන්වා දී ඔවුන් තුළ උනන්දුවක් ඇති කිරීමට තමන් නිරන්තරයෙන් උනන්දු වන බව පදනමේ නිර්මාතෘ ගිරිෂ් අරාබෙල් බීබීසී වෙත පැවසීය. "කප්රෙකර්ගේ නියතය එවැනි සුන්දර දෙයක්" යැයි ගිරිෂ් අරාබෙල් පවසයි. "ඔබ පියවර අනුගමනය කරන විට, එය අපූරු 'අහා!' මොහොතකට ඔබව ගෙන යනවා. සාම්ප්‍රදායික ගණිත විෂය මාලාව ඉගෙන ගන්නා විට ඒ වගේ දෙයක් බොහෝ විට සිදු වන්නේ නැහැ." "මැජික්" අංකයට ළඟා වීමට කිසි විටෙකත් පියවර හතකට වඩා ගත නොවන කරුණ සැලකිල්ලට ගනිමින්, ගිරිෂ් අරාබේගේ කණ්ඩායම 6174 අංකය වෙත ළඟා වීමට ගත යුතු පියවර වර්ණ කේත කිරීමට තීරණය කර ඇත. 6174 අංකය වෙත ළඟා වීමට ගත යුතු පියවර වර්ණ කේත මඟින් දැක්වීමට ක්‍රියා කර ඇත විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිතය ඉගැන්වීම් අතර ජනප්‍රිය මෙවලමක් වන "රාස්ප්බෙරි පයි," අඩු වියදම්, ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණයේ පරිගණකයකි. එය තුළ වර්ණ කේතක පහසුවෙන් ප්‍රතිනිර්මාණය කළ හැකිය. එවිට සිසුන්ට එය වුල්ෆ්‍රාම් භාෂාව (සාමාන්‍ය පරිගණක භාෂාවක් වන අතර එය රාස්ප්බෙරි පයි තුළ නොමිලේ ලබා ගත හැකිය) භාවිතයෙන් අර්ථ නිරූපණය කළ හැකි අතර, දැනට පවතින ඉලක්කම් හතරේ අංක 10,000 සඳහා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකිය. මෙමඟින් 6174 අංකයට ළඟා වීමට අවශ්‍ය පියවර ගණන රටාවකට නිර්මාණය කරන අතර ඒවා බහු වර්ණ ජාලයකින් පෙන්වා දෙනු ලබයි. ගණිත විනෝදය දිවි ගමනේ ඕනෑම අවධියක ගණිතය ඉගෙනීම ආරම්භ කළ හැකිය ඉලක්කම් සමග ක්‍රීඩා කිරීම හොඳම විනෝදය ලෙස සැලකූ කප්රෙකර්ගේ මෙම නියතය විනෝදාස්වාද ගණිතයට දායාද කළ එකම දෙය නොවේ. කප්රෙකර් අංකය ගැනද ඔබ අසා තිබෙනු ඇත: යම් සංඛ්‍යාවක වර්ගය ගණනය කර ලැබෙන පිළිතුර කොටස් දෙකකට බෙදා එකතු කළ විට, නැවත ලැබෙන්නේ මුල් සංඛ්‍යාවය. එය උදාහරණයක් සමඟ මෙසේ පැහැදිලි වනු ඇත: 9, 45, 55, 99, 703, 999, 2,223, 17,344, 538,461 ... යන ඉලක්කම් කප්රෙකර් අංක සඳහා තවත් හොඳ උදාහරණ වේ. ඔබම අත්හදා බලා සිදුවන්නේ කුමක්දැයි බලන්න! පිළිතුරු සංඛ්‍යාව එකතු කරන විට, හැකි සෑම විටම ඉලක්කම් සමානව බෙදීමට මතකයේ තබා ගත යුතුය. එක් ඉලක්කමක්, එක් ඉලක්කමක් සමඟ සහ ඉලක්කම් දෙකක අංකයක්, ඉලක්කම් දෙකක අංකයක් සමඟ වෙන් කළ යුතුය. නමුත් ප්‍රතිඵලයේ ඉලක්කම් සමානව බෙදිය නොහැකි අවස්ථාවක, ඉහත උදාහරණයේ මෙන් (88,209) මුල් ඉලක්කම් දෙක සහ පසු ඉලක්කම් තුන වෙන් කර එකතු කළ යුතුය ( 88 + 209). මෙය කප්රෙකර් මෙහෙයුම ලෙස ද හැඳින්වේ. දැන් ඔබත් විනෝදාත්මක ගණිතයේ දක්ෂයෙක්! මේ තොරතුරුද කියවන්න:
1942 - තලෙයි මන්නාරම නැව්තොට.
කුසුමා සමුදුර තරණය කරමින් ඉන්දියාවට ගොස් එහි සැඟවී සිටි ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ නායකයා වූ සිය සැමියාට එක්වූවාය. තලෙයි මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා යාත්‍රා කිරීමට නියමිත මගී පාරුවට පිවිසි යුවළක් සහ ඔවුන්ගේ යොවුන් "දියණිය" කෙරෙහි සෙසු මගීන්ගේ අවධානය යොමුවුණේ වයස්ගත පෙනුමක් නොමැති එම යුවළට එතරම් වැඩුන දියණියක් සිටීම එක්තරා ආකාරයක වාසනාවක් ලෙස ඔවුන් සලකන ලද හෙයිනි. එම ත්‍රිපුද්ගල මගී කණ්ඩායමේ නායකයා රෙජී සේනානායක නැමැත්තෙකු වූ අතර ඔහුගේ බිරිඳ ෆ්ලොරන්ස් සේනානායක වූවාය. පාසල් ඇඳුමින් සැරසුන ඔවුන්ගේ "දියණියත්" ඔවුන් සමඟ වූවාය. ඔවුන්ගේ දියණිය 'සේනානායක කෙනෙකු' නොවූ අතර ඇය ගමන් ගනිමින් සිටියේ කුසුම්සිරි අමරසිංහ නමිනි. කුසුම්සිරි අමරසිංහ ගමන් ගනිමින් සිටියේ සේනානායක යුවළගේ දියණිය ලෙසය. ඇයගේ ගමනේ ඉලක්කය බන්ධනාගාරයෙන් පළා ගොස් ඉන්දියාවේ සැඟව සිටින සිය ස්වාමිපුරුෂයාට එක්වීමය. ඔහු පිලිප් ගුණවර්ධනය. ඇය කුසුමා ගුණවර්ධනය. කුසුමා සමුදුර තරණය කරමින් ඒවනවිට ඉන්දියාවේ සැඟවී සිටි ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ නායකයා වූ සිය සැමියාට එක්වූවාය. කුසුමාගේ දේශපාලන සටන්මග තීන්දු වන්නේ ඇය යොවුන්වියේ කොළඹ මියුසියස් විදුහලේ උගනිමින් සිටිය දී බොරළුගොඩ පරපුරේ විවියන් ගුණවර්ධන සමඟ වැඩුන මිත්‍රත්වයත් සමඟය. යොවුන් කුසුමා ඩොරීන් වික්‍රමසිංහ, ෆ්ලොරන්ස් සේනානායක සහ විවියන් ගුණවර්ධන ඇතුළු පෙරළිකාරී කතුන් සමඟ එක්ව 1933 දී ආරම්භයේ පටන්ම යුද විරෝධී හඬක් නගමින් 'සූරියමල් ව්‍යාපාරයේ' කොටස්කාරියක් බවට පත් වූවාය. අනතුරුව ඔවුන්ගේ කාර්යභාරය වුණේ මැලේරියාවෙන් පීඩා විඳින ජනතාවට උදව් කිරීමය. ප්‍රභූන් විසින් පීඩිත කුලවලට අයත් ජනතාවට එරෙහිව අනුගමනය කළ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කුසුමා ඇතුළත් සම සමාජ ව්‍යාපාරය විසින් නගන ලද හඬ ගම්දනව් පුරා ඇසෙන්නට විය. ඇයගේ එම දේශපාලන ගමන් මාර්ගයේ ඊලඟ කඩඉම තීන්දු වෙන්නේ දේශපාලන ගමන් මාර්ගය තුළදී හඳුනාගත් පිලිප් සමඟ විවාහවීමෙනි. පිලිප් ගුණවර්ධන ඒ සමඟ කුසුමා 1935 ආරම්භ වූ ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාධාරිනියක් බවට පත්වූවාය. නායකයන් මුදාගැනීමේ මෙහෙයුම 1939 වසරේ දී දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ අතර, ලංකා සම සමාජ පක්ෂය යුද්ධයට සහයෝගය නොදෙන පිළිවෙතක් අනුගමනය කරන ලද හෙයින්, යටත් විජිත පාලකයන් විසින් එය තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් පිලිප්, එන්.එම්, කොල්වින් සහ එඩ්මන්ඩ් සමරක්කොඩි වැනි පක්ෂ නායකයන් අත්අඩංගුවට ගෙන සිරභාරයේ තබන ලදි. සම සමාජ ව්‍යාපාරයේ කීර්තිය ලංකාව පුරා පැතිර යෑමට එවකට ප්‍රධාන දේශපාලන සිදුවීම් දෙකක් හේතුවිය. ඉන් පළමුවැන්න 'බ්‍රෙස් ගර්ඩල් ' සිද්ධියයි. දෙවැන්න සම සමාජ නායකයන් බෝගම්බර බන්ධනාගාරයෙන් මුදා ගැනීමේ මෙහෙයුමයි. සම සමාජ නායකයන් සිරගෙයින් මුදාගැනීමේ මෙහෙයුමේ දී සිරකුටි සඳහා රහස් යතුරු පිළියෙළ කර ගැනීමේ කාර්යයේ දී කුසුමා විශේෂ වැඩ කොටසක් ඉටු කළාය. එම රහස්‍ය සැලැස්ම පළ දරමින් පිලිප් ඇතුළු යුද සිරකරුවන් 1942 අප්‍රියෙල් මාසයේ බෝගම්බර සිරගෙයින් පැන ඉන්දියාවට පළාගිය අතර, කුසුමා ගුණවර්ධන තලෙයි මන්නාරමෙන් නැව් නගින ලද්දේ එලෙස පළාගිය තම සැමියාට (පිලිප්) එක් වීමටය. ශ්‍රී ලංකාවේ කලක් බලවත් විප්ලවකාරී දේශපාලන ව්‍යාපාරයක සමාරම්භක කොටස්කාරියක් මෙන්ම බලවත් දේශපාලන පවුලක (බොරළුගොඩ පවුල) අදිසි හස්තය බවට පත් කුසුමා ගුණවර්ධනගේ සටන්කාමී දේශපාලන ජීවිතයේ එක් පරිච්ඡේදයක් ආරම්භ වන්නේ එම මුහුදු ගමනට මුහුණ දුන් ධෛර්යවන්තභාවයත් සමඟය. මිසිස් රාමසාමි ඉන්දියාවේ දී පිලිප්ට (මිස්ටර් එඩ්වඩ් රාමසාමි) එක්වූ කුසුමා 'මේබල් රාමසාමි මහත්මිය' බවට පත්වූවාය. සැඟවුන යටිබිම්ගත ජීවිතයක් ගෙවූ පිලිප් ඉන්දියාවේ දී පෙනී සිටියේ 'රාමසාමි' යන නමිනි. ඒ වනවිට ලංකාවෙන් ඉන්දියාවට පළාගොස් සිටි සම සමාජ නායකයන් හැමදෙනෙකු මෙන්ම වෙස්වලාගත් ජීවිත ගත කරන ලද්දේ විවිධ ආරූඪ නම්වලින් පෙනී සිටිමිනි. ආචාර්ය එන්.එම්.පෙරේරා ආරූඪ නමකින් ඉන්දීය බැංකුවක රැකියාවක් කර ඇති අතර ඔහුගේ බිරිඳ වූ සෙලීනා පෙරේරා, කුසුමා ගුණවර්ධන සහ පිලිප් ගුණවර්ධනගේ සොහොයුරිය වූ කැරොලයින් අන්තෝනිපිල්ලේ ට්‍රොට්ස්කිවාදී සංවිධාන සමඟ දේශපාලන කටයුතුවල දිගටම නිරතවෙමින් සිටියහ. සම සමාජ නායකයන්ගේ ඉන්දියානු යටිබිම්ගත ජීවිතය හුදෙකලාව සැඟවී සිටීමක් නොව ඔවුහු එහිදී ඉන්දියානු නිදහස් සටනට දායක වූහ. ඔවුන් සියලුදෙනාම ඉන්දීය බෝල්ෂෙවික්-ලෙනින් පක්ෂය(BLPI) යටතේ සංවිධානය වී සිටි අතර එම පක්ෂය ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ සහ බුරුමයේ නිදහස වෙනුවෙන් ගොඩ නගන ලද විප්ලවකාරී පක්ෂය විය. පිලිප් ගුණවර්ධන සහ කුසුමා දරුවන් සමග ඒ අතරවාරයේ යටත් විජිත ඉන්දියානු පොලිසිය විසින් පිලිප් ඇතුළු සම සමාජ නායකයන් වරින්වර අත්අඩංගුවට ගන්නා ලද අතර, පිලිප් සහ කුසුමා මුම්බායි (එවකට බෝම්බය) නගරයේ 'ආතර්' වීදියේ බන්ධනාගාරයක සිරකර තැබූහ. ඒවනවිට පිලිප් - කුසුමා පවුලට ඔවුන්ගේ වැඩිමහල් පුත් ඉන්දික එක්ව සිටියේය. කුසුමා බන්ධනාගාරගත වූයේ සිය සිඟිති පුතු ඉන්දික (රාමසාමි) ගුණවර්ධන සමඟය. එයින් මාස කීපයකට පසු ඔවුන් ලංකාවට (Ceylon) පිටුවහල් කරනු ලැබුණ අතර යුද්ධය නිමවෙන තෙක් (1945) පිලිප් ලංකාවේ සිරභාරයේ තබනු ලැබ සිටියේය. පාර්ලිමේන්තුවට නිතරඟයෙන් 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ පැවැත්වූ පළමු පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී පිලිප් ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් අවිස්සාවේල්ල ආසනය ජයගත්තේය. එහෙත් 1947 මහා වැඩවර්ජනය මෙහෙයවනු ලැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද පිලිප්ට වසර හතක කාලයකට සිවිල් අයිතිවාසිකම් අහිමි කෙරුණ අතර මන්ත්‍රී පදවිය පවා අහිමි විය. පිලිප්ගේ සිරගතවීමෙන් හිස්වූ අවිස්සාවේල්ල ආසනය සඳහා ලංකා සම සමාජ පක්ෂයෙන් කුසුමා ඉදිරිපත් කෙරුණ අතර ඇය නිතරඟයෙන්ම පාර්ලිමේන්තුවට පත් වූවාය. ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරීපත්වූ දෙවැනි කාන්තාව වන්නීය. ලංකා පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රීවරිය වූයේ කුසුමාගේ ද මිතුරියක වූ ෆ්ලොරන්ස් සේනානායකය. 1952 සහ 1956 මැතිවරණ ජයගත් කුසුමා 1960 තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වූවාය. 1953 හර්තාලය සිය පාර්ලිමේන්තු නිල කාලය තුළ ඇය ලංකාවේ දිළිඳු ජනයාගේ ශුභසාධනය වෙනුවෙන් විශාල හඬක් නගන ලද අතර, විශේෂයෙන්ම දුප්පත් දරුවන්ගේ පෝෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍යය නංවාලීමට ගතයුතු පියවර පිළිබඳව අවධාරණය කළාය. දිළිඳු ජනතාවට තදින් බලපෑ සහල් සේරුවේ මිල ඉහළ දැමීමත් සමඟ ඊට එරෙහිව දියත් කෙරුණ මහජන නැගිටීම වූ 1953 හර්තාලයේ දී සම සමාජ බලය මුල්බැසගෙන පැවති කැලණිවැලි ප්‍රදේශයේ මහජනතාවට නායකත්වය දෙමින් කුසුමා ගුණවර්ධන සිය සටන්කාමීත්වය ප්‍රදර්ශනය කළාය. කුසුමා (අමරසිංහ) ගුණවර්ධන කොළඹ නගරයට ලඟාවන්නේ දකුණු ලංකාවේ තංගල්ල නගරය අසල 'මැදකැටිය' නම් සමුද්‍රාසන්න ගම්මානයෙනි. දකුණේ සාම්ප්‍රදායික බෞද්ධ පවුලක දියණිය වූ කුසුමා, කාන්තාවන් දේශපාලනය ගැන නොසිතන ලද කාලයක ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට එක්ව එහි පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සිය නාමය සටහන් කළාය. "ගුණවර්ධන යුවළ බොහෝ විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර ඇති නමුත්, ඔවුන් ඒ වෙනුවෙන් පෞද්ගලිකව ලද කිසිවක් නැත," යනුවෙන් එක් විශ්ලේෂකයෙක් සඳහන් කර ඇත. කියවන්න:
2018 දී එක්සත් රාජධානියට අලුත් කුමාරිකාවක්!
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමග විවාහ ගිවිස ගැනීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරිණ. ඔවුන්ගේ විවාහය 2018 වසන්ත සමයේ සිදුවීමට නියමිතය. කව්ද මේ 'මේගන් මාකල්'? 1981 අගෝස්තු මස 4 වෙනි දින නෙදර්ලන්ත-අයර්ලන්ත සම්භවයක් ඇති තෝමස් වෙයින් මාකල් සහ අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් ට දාව කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උපත ලද මේගන් මාකල්, අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක් වන කාන්තා චරිතයක් බවට පත් වී සිටියි. නිළියක පමණක් නොව දක්ෂ නිරූපිකාවක ලෙස ද කටයුතු කළ මේගන් ජනප්‍රියත්වයට පත් වූයේ 2011 වසරේ සිට තිරගත වන 'සූට්ස්' නමැති ඇමෙරිකානු රූපවාහිනී විශේෂාංග මාලාව හරහාය. එහි රේචල් සේන්ගේ චරිතයට පණ පොවන මේගන්, 2016 දී ලෝකයේ වැඩිම වාර ගණනක් ගූගල් සෙවීම් (Google search) කෙරුණු නිළියන් අතර ඉහළම ස්ථානයක සිටී. මේගන් මාකල් තම මව සමග හැරී කුමරු සේම මානව හිතවාදී කටයුතු වල නියැලෙන, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිධාරිණියක් වන ඇය පසුගිය වසරේ දී කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' (World Vision) රාජ්‍ය නොවන ආයතනයේ තානාපතිවරියක ලෙස ද කටුයුතු කර තිබේ. වර්ල්ඞ් විෂන් ආයතනය සමග එක්ව රුවන්ඩාවේ පිරිසුදු පානීය ජල ව්‍යාපෘතියක් පිහිටුවීමට දායක වූ ඇය, තවත් පුණ්‍යායතන කිහිපයකටම සිය දායකත්වය ලබා දෙමින් මානව හිතවාදී ව්‍යාපෘති වලට සම්බන්ධව කටයුතු කරමින් සිටී. කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' රාජ්‍ය නොවන සංවිධානයේ තානාපතිවරියක ලෙස ඇය කටයුතු කළාය කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන්නියක වන මේගන්, කාන්තාවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය පිළිබඳව අවස්ථා කිහිපයකදීම 'ටයිම්' සඟරාවට අදහස් ප්‍රකාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක ආයතන රැසකට සිය සක්‍රීය දායකත්වය ලබා දෙන මේගන්ගේ මානව හිතවාදී ක්‍රියාකාරකම් අගය කරමින් පසුගියදා කැනඩාවේ ඔටාවා නුවර පැවැත්වුණු 'වන් යංග් වර්ල්ඞ්' (One Young World) තරුණ සමුළුවේදී විශේෂ ගෞරව සම්මානයක් ද පිරිනැමුණි. රුවන්ඩාවේ පිරිසුදු පානීය ජල ව්‍යාපෘතිය අතරතුර රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදු වුවත්, මානව හිතවාදී කටයුතු වෙනුවෙන් තම කාලය වැඩිපුර යෙදවීමට හැකි වෙනු ඇතැයි ඇය බීබීසීය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියාය. ඇමරිකානු පුරවැසියෙකු වන ඇයට බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සාමාන්‍ය පුද්ගලයකුට අදාළ වන සියලුම නීති වලට යටත්ව වසර ගණනාවක් බලා සිටීමට සිදු වනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. විලියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් මෙන්ම මේගන් මාකල් ද රජ පවුලක සාමාජිකාවක නොවන අතර ඇයට රාජකීය ලේ උරුමයක් නැත. එබැවින් විවාහයෙන් පසුව ඇය හඳුන්වීමට නියමිතව තිබෙන්නේ කුමාරිකාවක ලෙස නොව ආදිපාදවරියක් (Duchess) ලෙසය. එනමුත් ලෝකයේ බොහෝ දෙනෙකු දැනටමත් ඇය හඳුන්වන්නේ රජ පවුලේ අලුත් කුමාරිකාව ලෙසිනි. රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදු වේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු ඇමරිකානු කාන්තාවක විවාහ කර ගැනීම දෙවන වරටත් ඉතිහාසගත වන්නේ මේගන් - හැරී විවාහයත් සමගය. 1936 දී බ්‍රිතාන්‍ය කිරුළ දැරූ අටවන එඩ්වඩ් රජු වොලිස් සිම්ප්සන් නම් ඇමෙරිකානු ජාතික කාන්තාවක විවාහ කරගත්තේය. වොලිස් සිම්ප්සන් මෙන්ම මේගන් ද කලින් විවාහ වී සිට තිබේ. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ නළුවෙකු වූ ට්‍රෙවර් එන්ගල්සන් සහ මේගන් 2011 වසරේදී විවාහ වූවත් එම විවාහය පැවතියේ 2013 වසර තෙක් පමණි. වොලිස් සිම්ප්සන්ට වඩා "බ්‍රිතාන්‍යයේ රෝස කුසුම" ලෙස හැඳින්වෙන ඩයනා ස්පෙන්සර් කුමරියගේ ගතිගුණ සහ මේගන් අතර සම්නතා පවතින බව ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. 36 වෙනි වියේ දී රිය අනතුරකින් අකාලයේ මිය ගිය ඩයනා කුමරිය තම රාජකීය සංචාර යොදාගත්තේ ලෝකයේ ලෙඩ රෝග සහ ආර්ථික දුෂ්කරතා වලින් පීඩා විඳින ජනතාව හමුවීමටය. රාජකීයයන් සම්බන්ධයෙන් එතෙක් පැවති ආකල්ප වෙනස් කිරීමට සමත් වූ ඩයනා කුමරිය "ජනතාවගේ කුමරිය" ලෙස ප්‍රසිද්ධියට පත්වූවාය. ඩයනා කුමරිය සිම්බාබ්වේදී ළමුන්ට ආහාර බෙදා දෙමින් සිය සංචාරයක් අතරතුර HIV ඒඩ්ස් ආසාදිත රෝගීන්ට අතට අත දී ඔවුන් සමග කාලය ගත කිරීමෙන් ඒඩ්ස් රෝගීන් ගැන සමාජයේ ඇති වී තිබුණු වැරදි මත වලට අභියෝග කිරීමට ඇය සමත් වූවාය. සබැඳි යොමු: කාන්තාවන්ගේ ජීවන රටාව ගැන 'ටිග්' (The Tig) නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කළ මේගන් එහි ප්‍රධාන කතුවරිය ලෙස විවිධ මාතෘකා යටතේ ලිපි පළ කරමින් සමාජ ජාල වල අතිශය ජනප්‍රිය වී සිටියාය. 'ටිග්' බ්ලොග් අඩවියේ ලිපි අතරින්, රූපලාවන්‍යය, කෑම, විලාසිතා සහ සංචාරයන් පිළිබඳව පළ වූ ලිපි කාන්තාවන්ගේ නොමඳ ප්‍රසාදයට ලක් වී ඇත. කාන්තා අයිතීන් ගැන සහ ලෝකයේ බලවත් කාන්තාවන්ගේ තොරතුරු ද එම බ්ලොග් අඩවියේ අවධානයට බඳුන් විය. රාජකීය පවුලට සම්බන්ධ වීමේ පෙර සූදානමක් ලෙස, 2017 අප්‍රේල් මාසයේ එම බ්ලොග් අඩවිය වසා දමන ලදි. 'ටිග්' බ්ලොග් අඩවියේ කතුවරිය ලෙසින් ඇය සමාජ ජාල වල අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්විය "මට කවදාවත් දිවා භෝජන සංග්‍රහ වලට යන කාන්තාවක් වෙන්න ඕන වුනේ නැහැ. ඒ වෙනුවට වැඩ කරන ගැහැනියක් වීමටයි මට ඕන වුනේ," මේගන් 'ටිග්' බ්ලොග් අඩවියේ තැබූ මෙම සටහන බොහෝ කාන්තාවන සිය ආදර්ශපාඨය බවට පත් කරගෙන් තිබුණි. මිලියන 1.9 ක අනුගාමිකයන් පිරිසක් සහිත ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) ගිණුම සහ 350,000 කට අධික Followers සහිත ට්විටර් ගිණුම දෙස බැලූ විට පෙනී යන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ වීමට පෙර සිටම ඇය ලෝකයේ ඉතා ජනප්‍රිය චරිතයක්ව සිටි බවය. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් මිලියන 1.9 ක් කුඩා කල සිට මානව හිතවාදී ගුණාංග පිළිබිඹු කළ මේගන්, යාන්තමින් වයස 11 එළැඹෙද්දී සබන් නිෂ්පාදන ආයතනයක් ප්‍රචාරය කළ වෙළඳ දැන්වීමක කොටසක් වෙනස් කිරීමට බල කරමින් එකළ ඇමරිකාවේ පළමු කාන්තාව වූ හිලරි ක්ලින්ටන් වෙත ලිපියක් යොමු කළාය. කාන්තාවන්ට හිමි ස්ථානය මුළුතැන්ගෙය බවක් එම වෙළඳ දැන්වීම මගින් ගම්‍ය වන බව ඇය සිය ලිපියේ සඳහන් කර තිබුණි. ලිපිය යවා මසක් ගත වෙද්දී එයට ප්‍රතිචාර දක්වමින් සබන් නිෂ්පාදන ආයතනය තම වෙළඳ දැන්වීමේ 'කාන්තාවන්' යන්න ඉවත්කළ අතර පොදුවේ 'මිනිසුන්' ආමන්ත්‍රණය කරමින් දැන්වීම වෙනස් කරන ලදී. කාන්තාවන්ට සම තැන හිමි වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් 2015 දී ලෝක කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ රැස්වීම ඇමතූ ඇයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කීන් මූන් ඇතුළු ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලු දෙනා සිය ආසන වලින් නැගී සිට ඔල්වරසන් නැගූහ. කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මාකල් රාජකීය පවුලට සම්බන්ධ වීමේදී පිළිපැදිය යුතු නීති රීති වලට අනුව ඇය සියලු සංවිධාන සහ ආයතන වලින් ඉවත්විය යුතුය. නමුත් ඉදිරියේදී එක්සත් රාජධානිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල වෙසෙන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් ඇය සිය ව්‍යාපෘති දියත් කරනු ඇත. මිශ්‍ර ජාතික උරුමයක් සමග මෙලොව එළිය දුටු මේගන් වරක් සඳහන් කළේ, "මම මිශ්‍ර ජාතිකයෙක් වීමෙන් මගේ අනන්‍යතාවය හෙළි කිරීමේදී අඳුරු පැතිකඩක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන්, මගේ පාදය වැට දෙපසම තබා ගන්න සිදු වෙලා. නමුත් මම එය ඉතා අගය කිරීමට පුරුදු වී තිබෙනවා. මම කවුද, කොහෙන්ද පැවත එන්නේ කියල සහ බලවත්, පෞරුෂයක් හිමි මිශ්‍ර ජාතික කාන්තාවක් කියල මට විවෘතව කියන්න පුළුවන්." මිශ්‍ර ජාතික කාන්තාවක් වීම ගැන ආඩම්බර වෙන බව ඇය පවසයි මේ තොරතුරු ද දැනගන්න:
මොනික් දෙහැවිරිදි කිකිළි පැටවෙක්.
ඇය දැන් අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනා හඳුනන තාරකාවක්. ඒ ඇය බෝට්ටුවක නැගී ලෝකය පුරා චාරිකාවක් ඇරඹීමත් සමගින්. සිය ස්වාමියා වන ප්‍රංශ ජාතික ගුයිරෙක් ගේ බෝට්ටුවේ නැගී ඇය ඔහුත් සමගින් ශාන්තිකර සාගරය තරණය කොට, කැරිබියානු දූපත්වලත් සංචාරය කොට දැන් ග්‍රීන්ලන්තයට පැමිණ සිටින්නීය. මුහුදු ජීවිතයට හුරු වී සිටින ඇය සිය ස්වාමියාගේ සමාජ ජාල සටහන්වල වීරවරිය බවට පත් වී සිටිනවා.