txt
stringlengths
140
500
රි තැන්වල පයින් ඇවිද්දා. එක වේලක් විතරක් කාපු දවස් වැඩි. හෑන්ඩ් බෑග්, සෙරෙප්පු, ඇඳුම් අළුත්වැඩියාව ඉගෙන ගත්ත. දන්නා හඳුනන අය මම මුහුණ දී සිටි තත්වය ගැන දැනගත්තෙ නැහැ ඒ ගැන මම හැමෝටම කිය කියා ගියෙ නැති නිසා. නිතර යමක් ඉල්ලන්නෙ නැති කෙනෙක්ව වගේම දොම්නසින් නැති කෙනෙක් වත් ඇසුරු කරන්න පහසුයි. සමාජ ආශ්‍රයෙන් නොයෙකුත් ඉඩ ප්‍රස්ථා පෑදුනා. රධිකා කුමාරස්වාමි ඉංග්‍රීසියෙන් ලියපු ශාස්ත්‍රීය ලිපියක් සිංහලට පරිවර්තනය කරලා දුන්නෙ දන්න කෙනෙකුට. ඒ වගේ වැඩ වලට සල්ලි ගෙවනවා කියල දැනගත්තෙ ඊට පස්සෙ!! හිටපු බැංකු සභ
ාපති කෙනෙක්ට ඔහු කැමති එහෙත් ඔහුට යන්න වෙලාවක් නැති දේශන අහන්න මම ගිහින් ඒවා සේරම සටහන් ගහපු වාර්තා දීලා සල්ලි හොයාගත්ත. ඒක නිසා අහපු ටාසි විට්ටච්චිගේ දේශනය අමතක නොවෙන්නක්. SLAAS වැනි තැන්වල පුංචි සම්මන්ත්‍රණ සංවිධානය කරලා සල්ලි හොයාගත්ත. මට කමාන්ඩර් කියල නමකුත් වැටුණ. අවසන් වසර විභාගයට සූදානම් වෙන ගමන් ඔය සේරම කරලා ලැබිච්ච සල්ලි වලිනුත් සාරියක් අළුතින් ගන්න තරම් සල්ලි ඉතුරු වුනේ නැහැ මාසේ අන්තිමට. අම්මා ශල්‍යකර්මයක් සඳහා ඉස්පිරිතාලෙ නැවතුනේ ඒ අස්සෙ. අම්මා තාත්තා වෙන්වුනා වස ලැජ්ජාවයි කියල නෑදෑ
කෙනෙක්ගෙ ගෙදරක හැංගිලා තැවි තැවී හිටියා නම් කාට ද පාඩු? මටනෙ. කොල්ලාගේ ඇසුර නතර කරන්න වුනා කියලා වහ බිව්වා නම් කාට ද පාඩු? මටනේ!!! ස්ථිර රැකියාවක් පේන මානයක නැහැ, පිටරට විශ්ව විද්‍යාලයකට ශිෂයත්වයකින් මිස යා ගන්න බැහැ, උදව් කරන්න කාත් කවුරුත් නැහැ, අතේ සතේ නැහැ කියල සේරම දමලා ගහලා ජීවිත සටන අත් හැරියොත් කාට ද පාඩු? මටනේ. මම වෙනස් වුනා, අනුන් කරලා දෙනකම් බලා නොසිට මගේ ජීවිත සටන මා විසින් ගෙන යන්න. පළමු පංතියේ සාමාර්ථයක් යැයි ඇහිච්ච දවසේ හොඳටම ඇඬුවා. වැඩියෙන් ම ඒක බෙදා ගන්න කැමැත්ත තිබ්බෙ තාත්තා එක
්ක. තාත්තා හිටියෙ කොහේදැයි වත් දැන සිටියෙ නැහැ එදා. ධනාත්මක චින්තනය කියන්නෙ සිහින ලෝකයක සිහින මවමින් සිහින සැබෑ වෙනවා යැයි ප්‍රාර්ථනා කිරීම නෙමෙයි. සැබෑ කරගත යුතු සිහින වෙනුවෙන් තමන් වෙහෙසීම. නැත්නම් කාට ද පාඩු?!!! ලැබෙන ප්‍රතිඵල අරමුණ එක්ක ගැලපෙන්නෙ නැත්නම් ඊ ළඟට ගත යුතු තාර්කික පියවර තමයි තමන් වෙනස් වීම. රැකියාවක් නැතැයි කියා කන් කෙඳිරි ගාන අය තමන් සතු කුසලතා මොනවා ද ඒවා වැඩි දියුණු කරගන්නේ කෙසේදැයි විමසන්නෙ නැතිව මට මේක තියනවා ඒ නිසා මට මේවා ලැබිය යුතු යැයි සිතනවා. ඒවා නොලැබෙද්දී අනුන්ට බනිනව
ා, උත්සාහ නොකරන්න හේතු සොයනවා මිසක් තමන්ව හදාගන්න වෑයමක් ගන්නෙ නැහැ. තමන් විසින් දැනුම හා කුසලතාවයන් එකතු කරගන්න තරමට කාගේවත් පිහිටක් නැතිව තම අරමුණු තමන්ට ම සාක්ෂාත් කරගන්න පුළුවන්. ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන්. ඒක මට විතරක් නෙමෙයි හිතන්න පුළුවන් මොළයක් තියන ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. ගල් ලෙනක හැංගිලා දඩයම් කරගත් සතෙක් කාලා ජීවිතය ගෙවන්නෙ නැතිව මිනිස් මොළයෙන් හිතන්න පටන් ගත් දා පටන් මොළය පාවිච්චි කරන මිනිසා පා තබන්නෙ තමන්ගේ අභිවෘද්ධියට. « ඇයි මම මෙහෙම හිතන්නේ? ධනාත්මක චින්තන
ය අතකොළුවකි » kathandarakaraya said, on නොවැම්බර් 2, 2011 at 9:21 පෙ.ව. තාත්තා ගේ අභිනිෂ්ක්‍රමණය ගැන අසා මෙච්චරයි හිතුනේ.. “මිනිස් සිතේ හාස්කම්!” NotAFool said, on නොවැම්බර් 7, 2011 at 2:53 පෙ.ව. ලෝකෙට බන කියන මිනිසුන්ගේ ඇතුලාන්තය මෙන්න මේ වගේ තමයි. අරුණි මේ ලියල තියෙන සුරඟන කතාවේ ඇත්ත version එක දෙයියෝ තමයි දන්නේ. arunishapiro said, on නොවැම්බර් 7, 2011 at 9:10 පෙ.ව. NotAFool, නිර්නාමිකව හැංගිලා මම අත්දැකි පුද්ගලික සිද්ධියක් ගැන දෝෂාරෝපණ එල්ල කරන ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔයා වගේ නෙමෙයි මම නම් ඇත්ත න
මින් ම තමයි පටන් ගත් දා සිට මේ සටහන් හැම එකක් ම ලියන්නෙ. ඉහත සටහන මට සුරඟන කතාවක් නෙමෙයි, නපුරු සිහිනයක්. ඒවා සුරඟන කතා නම් වෙන දිව්‍යලෝකයක් තමයි හොයාගන්න වෙන්නෙත්!!! NotAFool said, on නොවැම්බර් 7, 2011 at 10:57 පෙ.ව. විරුද්ධ අදහස් වලට ඔච්චර තරහ යන්නේ ඇයි? මන් මගේ අදහස්නේ කිව්වේ. මොකක්ද එකේ තියෙන වරද? arunishapiro said, on නොවැම්බර් 8, 2011 at 9:06 පෙ.ව. ඔබ කියා ඇත්තේ විරුද්ධ අදහසක් නොවේ, වැරදි අදහසකි. වැරද්ද මෙයයි: ඔබේ නොවන පුද්ගලික අත්දැකීමක් එසේ විය නොහැකියි ඔබ අනුමාන කර තිබීම ය. Ravi said, o
n නොවැම්බර් 2, 2011 at 9:22 පෙ.ව. එක හිත් හිතා ගත්තොත් බැහැ කියල දෙයක් නෑ කියන පරම සත්‍යය අරුණි ඔයාගෙන් ආයෙම සැරයක් ස්ථිර කර ගත්ත. දන්න හඳුනන කෙනෙකුගෙ වචන වලින්ම ඇත්තමටම ජීවිතේ ගැටළු, අභියෝග ජයගත් විදිහ කියනකොට හිතට හරිම සමීප සහ කාවදින අයුරක් මට දැනුන. ඒ සමහර විට Personal Touch එක නිසා වෙන්නැති. අරුණිට ස්තූතියි කියන්ට පුලුවන් හොඳම විදිහ අපිත් ජීවිතේට නොබියව මුහුණ දීමෙන් සහ අවශ්‍ය පරිදි වෙනස් වීමෙන්……… arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 9:49 පෙ.ව. සටහනේ අරමුණ වැටහී ගිය ප්‍රතිචාරයක් ඉක්මණි
න් ම දකින්න ලැබීම ඉතා සතුටක් රවී. kathandarakaraya said, on නොවැම්බර් 2, 2011 at 9:23 පෙ.ව. පාසලේ ඉගැන්වීමට සාරියක් ඇඳිය යුතු යැයි කියන නීතිය තර්ක සාස්ත්‍රයෙන් සාධනය කළ හැකිද? සොසී said, on නොවැම්බර් 2, 2011 at 9:52 පෙ.ව. ඒක නීතියක් නෙමෙයි.රීතියක්…. kathandarakaraya said, on නොවැම්බර් 2, 2011 at 9:25 පෙ.ව. මේ ලිපියට සෑහෙන්න ප්‍රතිචාර ලැබෙනු ඇත. සුදු අප්පුහාමි ගැන ලියූ ලිපියටත් වඩා, සමහරවිට! arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 9:56 පෙ.ව. kathandarakaraya, තාත්තා ඔයිට කළින් අභිනිෂ්ක්‍රමණය න
ොකරපු එකයි “මිනිස් හිතේ හාස්කම”!!!! පාසැලේ ඉගැන්වීමට සාරියක් ඇඳිය යුතු යැයි කිව්වේ ප්‍රින්සිපල් මිසක් තර්ක ශාස්ත්‍රයේ සිද්ධාන්තයක් නෙමෙයිනෙ. මේ වෙබ් අඩවියේ දී මගේ අරමුණ සටහන් කියවන්න එන සංඛ්‍යාව වැඩි කරගන්න හෝ ප්‍රතිචාර ගණන වැඩි කරගන්න නොවේ. ඔළුවෙන් හිටගෙන කිව්වත් විශ්වාස නොකරන අය ඉන්නවානෙ. නමුත් මගේ අරමුණ එය වූවා නම් එය සාක්ෂාත් කරගන්න පුළුවන් සටහන් ගහන හැකියාවක් මා සතු යැයි මා දනිමි!!!! kathandarakaraya said, on නොවැම්බර් 3, 2011 at 7:51 පෙ.ව. වරදවා වටහා ගන්න එපා, මං කිව්වේ බ්ලොග් බලන අපි වගේ
අය කැමති සරල කතා බලන්නයි, විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවිත පිළිබඳ සංවේදී කතා කියවන්න. හුඟක් හිත උණුවෙන සංවේදී අය තමයි වැඩියෙන් බ්ලොග් කියවා ප්‍රතිවාර කරන්නේ. කෙස් පැලෙන, මොලය කරකරන දේවල් දිරවා ගන්න වෙලාව අඩුයි. සොසී said, on නොවැම්බර් 2, 2011 at 9:40 පෙ.ව. අරුණි අක්කා , මම මේ තාක් දැකපු එඩිතර වගේම වෙනස්ම විදිහෙ චරිතයක්. මුණ ගැහෙන්න කතා කරන්න හිතේ තියෙන්නෙ හරිම ආසාවක්.ඔබ වගේ වෙන්න මටත් පුළුවන් නම්. මටත් ඔබ වගේ වෙන්න වෙනවත ඒකට මූලික අඩිතාලම අද වැටුනා. අම්ම දැන් වයසයි, අම්මට විවේකය ඕනි කියල , අද මට තේරු
නේ ඇගේ දොස්තරත් එක්ක කතා කරද්දි. මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් අරන්. එහෙම කියල ඔහේ බලාන හිටියොත් කාටෙයි පාඩු ? මටනේ. arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 9:58 පෙ.ව. අප්පමාදේන සම්පාදේථ! අමිල.. said, on නොවැම්බර් 2, 2011 at 9:58 පෙ.ව. අරුණි අක්කා, අක්කා මේ ගැන ඉස්සෙල්ලාම කිව්වේ මට මතක හැටියට කුමුදු පිංතු මහතාගේ මරණය දවස්වලයි. සමහර විට අක්කාගේ පවුලට සිද්ධ වේච්ච කරදර නිසාම අක්කාට තනියම වැඩ කරගන්න ශක්තිය ආවා කිව්වොත් මම හරිද? එහෙම නොවුනනනම් අක්කා ඔය පිම්ම පනියිද? මටතියෙන ප්‍රශ්ණය නම්, ප්‍රශ්න ව
ැඩිවෙනකොට ශක්තිය වැඩි වෙන අයට ප්‍රශ්න අඩු උනාම මෙලෝ අරමුණක් නැති වෙනවා නේද? බාහිර ලෝකයට පේන්න ප්‍රශ්න නෑ වගේ විනෝදෙන් ඉන්නකොට අපිට ලොකු අරමුණකට යන්න හයිය නැතිව යනවා නේද? අපි විනෝද වෙන්න ගත්තම අරමූන නිකං දියවෙලා වගේ යනවා නේද? arunishapiro said, on නොවැම්බර් 2, 2011 at 10:08 පෙ.ව. අමිල මල්ලි, මගෙ පවුලේ අනිත් ළමයි එහෙම නොවෙන්නත් මා එහෙම වූයේත් ඇයි? මම වැඩිමලාත් නෙමෙයි, බාලයාත් නෙමෙයි. ප්‍රශ්න අඩු අයෙක් ඉන්නවා ද ලෝකයේ මෙලෝ අරමුණක් නැතිවෙන්න? අද බලන්න ලෝකේ ලොකුම ලොකු ධනවතුන්ට තියන ප්‍රශ්න හම්බ කරගත්ත
ු ධනය බෙදා දෙන්න යැයි කෑ ගහන අයගෙන්!!!! ප්‍රශ්න යනු ජීවත්වෙන නිසා විසඳන්නට අවශ්‍ය අභියෝග. අරමුණු නම් තමන් විසින් තම යහපත උදාකරගන්න සකස් කරගන්නා ඉලක්ක. විනෝදයෙන් ඉන්නවා කියල බොරුවට පෙන්වන්න යෑම බොරුවක්. බොරු කරලා දිනන්න බැහැ. හැබැයි අරමුණ විනෝදය නම්, එතකොට …? රූ said, on නොවැම්බර් 2, 2011 at 10:28 පෙ.ව. මේ සටහන කියවලා මට දැනුනු දේ නොකිව්වොත් කාටද පාඩු කියලා කල්පනා කරලා මටත් හිතුනා මෙහෙම කියන්න. සමහර වෙලාවට මේ විදිහට හිතලා වෙනස් වෙන්න දිරිගන්න හැදුවත් අපි හිතන විදිහටම අපිට මාර්ගය පෑදෙන්නේ නෑ..හැබැ
යි එහෙම හිතලා අපි උත්සාහ නොකර හිටියොත් කවදාවත් අපි හිතන ඉලක්කයට යන්නත් බෑ. ඒක ඊට පස්සේ විශම චක්‍රයක් වෙනවා… මොනවා වුනත් මේ වගේ අමාරු වෙලාවල් වලදී කාටද පාඩු කියලා හිතන එක මට පුළුවන් කියලා හිතනවට වැඩිය සාර්ථකයි…ස්තුතියි පෝස්ටුවට… arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:31 පෙ.ව. කියවන්න එන අය අතර ඔබ //මේ වගේ අමාරු වෙලාවල් වලදී කාටද පාඩු කියලා හිතන එක මට පුළුවන් කියලා හිතනවට වැඩිය සාර්ථකයි…// වැනි සටහනේ වැදගත් ම තැනක් වටහා ගත් අය ඉන්නවා යැයි දැනගත්තාම මගේ සිත පිරෙන්නෙ ලොකු සතුටකින්. ස්තූතියි. ප
ූසා said, on නොවැම්බර් 2, 2011 at 11:04 පෙ.ව. නව කතා පොත් වල පිටු සිය ගානක ලියපු ඔය වගේ ගොතපු කතා කොච්චරනම් කියවලා ඇද්ද… ඇත්තමයි අක්කේ ඒ එකක් වත් මේ ඡේද කීපය වගේ හිතට වැදුනේ නෑ…. අක්කලා එක්ක බැලුවාම අපි මොනවද මේ කරන්නේ කියලා හිතුනා…. arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:34 පෙ.ව. //අපි මොනවද මේ කරන්නේ කියලා// නිතර සිතා බැලිය යුත්තක් සුදු පූසෝ!!! තිස්ස දොඩන්ගොඩ said, on නොවැම්බර් 2, 2011 at 11:31 පෙ.ව. “නැති බැරි කම මුතු මාල හතක් වී” arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:36 පෙ.ව. da
wkinssdodo said, on නොවැම්බර් 2, 2011 at 12:02 ප.ව. ඔබ පුදුම නොසැලෙන චරිතයක් නේ. මේක ලියල තියෙන ස්ටයිල් එකත් හොඳයි arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:41 පෙ.ව. පුහුණුව … මනා පුහුණුව … තවමත් අත්හැර නැති පුහුණුව!!! හැඟීම්, ආවේග සම්පූර්ණයෙන් ම රස විඳින්න හැකියාව ඇත්තේ ද ඒවා මොනවා දැයි අවබෝධයක් ලැබුවා ම. //මේක ලියල තියෙන ස්ටයිල් එකත් හොඳයි// ස්තූතියි. dawkinssdodo said, on නොවැම්බර් 3, 2011 at 11:37 පෙ.ව. මේක කියෙව්වහම මට අතීතය සිහිවුනා. එක්තරා යුරෝපයේ රටක මාස්ටර් එක කරන්න තට්ට තනියම ඇවිත්
දෙමව්පියන්ට බරක් නොවී එදිනෙදා වියදම පියවාගන්න මම කාපු කට්ට මතක් වුනා. මට හම්බුනේ හෝටලේක ක්ලීනින් ජොබක්. අඩි 15 ක් විතර දිග පිඟන් හෝදන මැශිමකට අපිරිසිදු භාජන ඇතුල්කිරීම සහ කුස්සිය සහ ශීතකරන (කාමර ) මොප් කිරීම. කන්වෙයර් බෙල්ට් එකට එක එක භාජන නියම විදියට දාන්ඩ ඕනේ. සිකුරාදා හවස සෙනසුරදා දවස සහ ඉරිදා දවස තමයි මගේ ශිෆ්ට් එක. ඉරිදා හවස් වෙද්දි මගෙ හන්දි හොඳ ගනන්. සඳුදා ට ලැබ් එකට යනවා නෙවෙයි යැවෙනවා. එතනදී අඳුන ගත්ත අය ඇකඩමික් අය නෙවෙයි. සමහර මිනිස්සු හරි කරුණාවන්තයි, තවත් සමහර ලොක්කෝ ගන්න දෙයෙක් නැහැ
. මේක කියෙව්වහම ඒ සොඳුරු -දුක්මුසු අතීතය මතක් වුනා. arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:44 පෙ.ව. ඔව්, අපේ ඒ අත්දැකීම් නිසා අනිත් අයගේ දුෂ්කරතාවයන් ද වටහා ගන්න හැකියාව ලබනවා. මම මේ පැත්තෙ අවන්හලක් බාරව සිටියා මේ බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලයේ දී. ගිම්හානයේ එහි වැඩ කරන්න ආපු නේපාල සිසුවෙකු, රුසියන් හා පෝලන්ත අයට මා සැලකූ අන්දම නිසා ඔවුන් ඉතා සතුටින් හා වෙහෙසින් වැඩ කළා. අනිත් තැන්වලින් වැඩියෙන් ගෙව්වාත් එතැන වැඩ කරන කාලයට වැඩියෙන් ආවා. මගේ දුවට රැකියාවක් කරන්න කිසිම ආර්ථික අවශ්‍යතාවයක් නො
තිබුණත් එතැන හැම වැඩක් ම කරන්න ඇයව උනන්දු කළේ ඒවායේ දුෂ්කරතාවය වටහා ගන්නත්, ඒවා කරන අය ගැන අවබෝධයක් ලබන්නත්. නේපාල කොල්ලා ඉංජිනේරු සිසුවෙක්, නමුත් පිඟන් හෝදන්නයි බිම අතුගාන්නයි සිද්ධ වීම ලැජ්ජාවට කාරණයක් යැයි බාරගත්තෙ නැහැ. තමන් කොච්චර වෙහෙසිය යුතු ද දන්නා නිසා දියණියත් අද තතු දන්නා වූ සැලකිල්ලකින් රැකියාවක අගය දන්නවා. Chanaka Aruna Munasinghe said, on නොවැම්බර් 2, 2011 at 12:26 ප.ව. මේ සටහන මා වෙනුවෙනි 🙂 arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:42 පෙ.ව. Chanaka Aruna Munasinghe, ඔව්! 😀 ජීවි
තේ මල් said, on නොවැම්බර් 2, 2011 at 12:57 ප.ව. මගේ කතාවත් කවදා හෝ මට ලියන්නට හැකි වනු ඇත, තිබෙන්නේ කුඩා වෙනස් කම් කිහිපයක් පමණක්දැයි සිතේ…. arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:43 පෙ.ව. ජීවිතේ මල්, මීටත් වඩා හොඳින් ලියන්නට ලැබේවා! සපතේරු උන්නැහේ said, on නොවැම්බර් 2, 2011 at 4:43 ප.ව. හීනෙකින්වත් හිතුවෙ නෑ අක්ක මේ වගේ දුෂ්කර කාලයක් පහුකරල තියෙනව කියල… මම හිතුවෙ ඔයා ඔය හිතන නිදහස් පැහැදිලි ස්ටයිල් එක ඔයා ඉතා නිදහස් සුවපහසු තරුණ කාලයක් ( තාමත් තරුණයි.. මම කිව්වෙ ටීනේජ් එක ගැන ) ගත කරල ඒ ත
ුලින් ලැබුණ දෙයක් කියල… අක්කෙ මම දැන් අවුරුද්දකට කිට්ටුව මේ බ්ලොග් එක කියවනව… හුඟාක් දේවල් මේකෙන් ඉගෙනගෙන තියෙනව… මගේ ජීවිතේට වැදගත්ම වෙනසක් කරපු සටහන කියෙව්වෙ අද…. arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:55 පෙ.ව. දුෂ්කර කාල තව තිබුණ. මේක වැදගත් කියලා සැලකුවේ ගොඩක් දේවල් එකවර සිද්ධ වූ නිසා. දුෂ්කර කාල වගේ ම ඉතා නිදහස් සිතුවිලි පිරිච්ච සුව පහසු ගැටවර වයසක් ද ගෙව්වා. අර සොසී ඉහත කිව්වා වගේ (ඒ නිදහස් සුව පහසු කාලයේ දී ද) මාව හඳුනාගන්න ඕනෑ යැයි (අනිත් අයට වෙනස් වූ චරිතයක් නිසා ම!!!) සොයාගෙන ඇවි
ත් යාළු වෙච්ච යෙහෙළියෝ තාමත් මිතුරු කම් පවත්වනවා. මගේ චරිතය, මගේ චින්තනය වෙන කාගේවත් නොව මගේ යැයි දැනගත් දා සිට ‘මම’ කෙසේ විය යුතු දැයි කාටවත් තීරණය කරන්න ඉඩක් දීලා නැහැ. //මගේ ජීවිතේට වැදගත්ම වෙනසක් කරපු සටහන කියෙව්වෙ අද….// සතුටුයි යම් විදියකින් ‘යහපත්’ වෙනසකට දායකත්වය දෙන්න ලැබුණා නම්. Nalaka Prasad said, on නොවැම්බර් 2, 2011 at 5:02 ප.ව. තමන්ගෙ ජීවිතේ අමාරු කාලය ගැන පසුව හැමෝටම කියන එක ගොඩ දෙනෙක් ලග දකින්න පුලුවන්. මේකත් මම හිතන්නෙ මනසෙ සංකීර්ණ අවස්තාවක් කියල. තමන්ටත් හොරා මෙවැනි දේ තුලින් ත
මන් යම් මානසික උත්තේජයක් ලබයි. මෙයත් එක්තරා ආකාරයක මනසෙහි අසිරිමත් සිද්දියකි. Nalaka Prasad said, on නොවැම්බර් 2, 2011 at 5:10 ප.ව. Why I’m doing this? ඇයි මම මේක කරන්නෙ කියන මාතෘකාව ඔස්සේත් ලිපියක් ලියන්න කියල මම අරුණි අක්කගෙන් ඉල්ලනව. මොකද මම ඇතුලු තවමත් ඉගෙන ගන්න අයට වගේම සියලුම දෙනාටම තමන්ගෙ වටිනා කාලය යමකට යෙදවීමේ එය වැදගත්‍ වේයයි සිතනව. මෙහිදී මේ සම්බන්දව මනස හැසිරෙන ආකාරය ගැනත් යම් විස්තර කිරීමක් කරනවානම් හොඳයි. මට සුබ අනාගතයක්. arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 6:59 පෙ.ව. Nalaka
Prasad, //තමන්ගෙ ජීවිතේ අමාරු කාලය ගැන පසුව හැමෝටම කියන එක ගොඩ දෙනෙක් ලග දකින්න පුලුවන්. මේකත් මම හිතන්නෙ මනසෙ සංකීර්ණ අවස්තාවක් කියල. තමන්ටත් හොරා මෙවැනි දේ තුලින් තමන් යම් මානසික උත්තේජයක් ලබයි. මෙයත් එක්තරා ආකාරයක මනසෙහි අසිරිමත් සිද්දියකි.// හැබෑට ම? හොඳට ම ෂුවර් ද “තමන්ටත් හොරා” කියලා?!!!! මානසික උත්තේජනයක් නැතිව ලියන බ්ලොග් කියවන්න ගිහින් තියෙනවා ද? //Why I’m doing this? ඇයි මම මේක කරන්නෙ කියන මාතෘකාව ඔස්සේත් ලිපියක් ලියන්න කියල මම අරුණි අක්කගෙන් ඉල්ලනව. මොකද මම ඇතුලු තවමත් ඉගෙන ගන්න අයට
වගේම සියලුම දෙනාටම තමන්ගෙ වටිනා කාලය යමකට යෙදවීමේ එය වැදගත්‍ වේයයි සිතනව. මෙහිදී මේ සම්බන්දව මනස හැසිරෙන ආකාරය ගැනත් යම් විස්තර කිරීමක් කරනවානම් හොඳයි. මට සුබ අනාගතයක්.// දැන් අර කළින් කියූ ගොඩ දෙනෙක් ගෙන් ඉල්ලන්න එහෙම කරන්නෙ ඇයි කියන මාතෘකාවෙන් ලිපියක්. ඔයාලට වැදගත් යැයි කියා යමක් ඉල්ලූ පලියට දෙන අය ලංකාවේ කොච්චරක් ඉන්නවා ද? මේ පැත්තෙ අය නම් සල්ලි ගෙවලා තමයි වැදගත් දේවල් ලබා ගන්නෙ. මමත් ඔබට සුබ අනාගතයක් පතනවා, අවංකව ම. ඒත් ඔයා ඒක විශ්වාස කරන එකක් නැහැ උඩ දාපු ටික කියවලා වැරදියට වටහා ගත්තොත්. Na
laka Prasad said, on නොවැම්බර් 3, 2011 at 8:43 පෙ.ව. හපොයි අක්කිට තරහ ගිහිල්ල වගෙයි!!! මට සමා වෙන්න අක්කි මම දන්නෙ නැහැ අක්කි කව්ද? මොනවද කරන්නෙ? අක්කිට වයස කොහොමද? කියන දේවල් මම අක්කිගෙ බ්ලොග් එකට අලුත්නෙ. මම දන්නෙ ඔයා ගැහැනු කෙනෙක් කියල විතරයි. සමහර තැන්වල මම ඔයාව ආමන්ත්‍රණය කරල තියෙන විදිය වැරදි නම් මට සමාවෙන්න. මම අන්තර්ජාලය ගොඩවෙලාවක් බාවිතා කරන්නෙ තාක්ෂණික දේවල් ඉගෙන ගන්න. ඒ නිසා ගොඩවෙලාවක් ගත කරන්නෙ ඉංග්‍රීසි වෙබ් අඩවි වල. එක දිගට හරවත් ලිපි පෙලක් පලවෙනව දැක්ක සිංහල ‍බ්ලොග්කරුවන්ගේ සංසදේ
සිංඩියේ. ඒනිසා මාත් ආව මේ පැත්තෙ. ඇත්තටම මේ බ්ලොග් එක කියෙව්වම තමයි මටත් හිතුනෙ බ්ලොග් එකක් කරන්න. ඒත් අවාසනාවක මහත මට ලියන්න අමාරුයි. ඒකියන්නෙ ම‍ට ලියන්න වචන එන්නෙ නැහැ. ලිපි කිහිපක් දැම්මත් මට එකක් ලියන්න පැයක්වත් යනව අනික කිසිම රසවත් බාවයක් මට ‍මගේ ලිපිවලට දෙන්න අමාරුයි. ‍ඒ කියන්නෙ මම රචනයට දක්ෂ නැහැ ඒත් මම අතහරින්නෙ නැහැ මම හිතනව ටිකක්ලියන කොට ටික ටික ‍මගේ රචණ හැකියාව දියුනුවෙයි කියල. //හැබෑට ම? හොඳට ම ෂුවර් ද “තමන්ටත් හොරා” කියලා?!!!! මානසික උත්තේජනයක් නැතිව ලියන බ්ලොග් කියවන්න ගිහින් තියෙන
වා ද?// මම ඒක පන්ඩිතය වගේ කිව්වට ඒක මම බලපු එක්තරා රූපවාහිණී වැඩසටහණකදි ගල්මන්ගොඩ මහත්මය කිව්ව එකක්. ඒකෙන් අක්කිගෙ හිත රිදුනනම් මට සමාවෙන්න. //මමත් ඔබට සුබ අනාගතයක් පතනවා, අවංකව ම. ඒත් ඔයා ඒක විශ්වාස කරන එකක් නැහැ උඩ දාපු ටික කියවලා වැරදියට වටහා ගත්තොත්.// අපෝ නැහැ අක්කි මම වැරදියට හිතන්නෙ නැහැ. මට කියල මොකෝ අක්කකෙනෙක් තියා අම්ම තාත්ත කෙනෙක්වත් ඉන්නවයැ. මට අම්මටයි තාත්තටයි කියල හිටියෙ අචු 18 වෙනකන් මදර් සබීනා ඩෝල්. අනික මන් කැමතියි කෙලින් කතාකරන අයට එතකොට අපේ වැරදි අපිටම හදාගන්න ඒක උදව්වෙනව. මම
මටම සුබපතාගෙන තියෙන්නෙ වැරදීමකින් ඒක උබට සුබ අනාගතයක් ලෙස නිවැරිදි විය යුතුයි. බලන්න හිතේ තියෙන යටි හැඟීම් විවිද ආකාරයෙන් එලියට පිනින හැටි.D මම සිංහල බ්ලොග් ගෝලයේ තියෙන අඩවි වලින් ඉතාම අතලොස්ක් තමයි කියවන්නෙ. අක්කිගෙ බ්ලොග් එක ලැයිස්තුවේ අංක එක. මම අක්කිගෙ පසුගිය ලිපිවලට අදහස් දැක්වූයෙ නැත්තෙ. මම නිදහස් මනසින් මොනව හරි කරුටු ගාන්න ගියොත් ඒකෙ හරවත් බාවය ගොඩක් අඩු නිසා. ඒත් ඉන්නම බැරුව ඉදිරි ලිපි වලට කමෙන්ට් කොරොත් සහ අඩුපාඩු ති‍බුනොත් හදල දාන්න. ඔන්න මම දැන්නම් හරියට දානව අක්කිට සුබ අනාගතයක්. aru
nishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:23 පෙ.ව. ප්‍රතිචාරය දැක්කම ලොකු සතුටක් දැනුනා. නොවැටහෙච්ච එකක් දැනගන්න උත්සාහ කරන අය දැක්කම ඒ වගේ සතුටක් දැනෙනවා හැම විටක දී ම. මගේ වයස, මොනව ද කරන්නෙ, ඒවා මුකුත් වැදගත් නැහැ මල්ලි. වැදගත් මේ ලියන දේවල් වලින් ඔයාට වැඩක් තියෙනවා ද නැද්ද කියන එක. සමහර විට මම දාන ප්‍රතිචාර ටිකක් සැරයි, ඔරොප්පුවට වගෙයි කියලා පෙනුනාට ගණන් ගන්න එපා … ඒවායේ කියන අදහස විමසන්න උත්සාහයක් ගන්න. ඔයා රචනයට දක්ෂ වෙන්න ඔයා කියා තියන විදියට ම ලියන එක දිගට ම කරගෙන යන්න. ජයවේවා! කවුරුත්
කියන දේවල් වලින් හිත රිදවා ගන්න එකට ඉඩ දීම මේ ලියන දේවල් සේරට ම පටහැණියිනෙ. සමාව ඉල්ලන්න එපා කිසිදාක ඒකට. අයෙක් ඔයා ඇත්ත කියද්දි එයාගෙ හිත රිදවා ගන්නවා නම් ඒක එයාගෙ වැරැද්ද මිසක් ඔයාගෙ වැරැද්දක් නෙමෙයි. ඒත් තමන් කියන්නේ සත්‍යයක් ද නැත්නම් හුදු ඇහුණ දෙයක් දැයි විමසා නොබලා නැවත කියන්න ගියාම වෙච්ච වැඩේ දැක්කනෙ. යම් දෙයක් කරන පිරිසක් සිටින බව දකිද්දී එය හැමෝම කරනවා යැයි සිතීම තාර්කික නැහැ. එකම විදියට හිතන දෙන්නෙක් ලොව නැහැ. මම කියන සමහර දේවල් වලට ඔයා එකඟ වෙනවා. සමහර දේවල් වලට ඔයා එකඟ වෙන්නෙ නැහැ. ඒක
යි වඩා නිවැරදි. තමන්ටත් හොරා සිතේ දේවල් වලට ඉඩ දෙන අය ඉන්නවා වුනාට හැමෝම එහෙම නැහැ. මල්ලි දිගට ම මේ පැත්තේ ඇවිත් ගන්න පුළුවන් දෙයකින් වැඩක් ගනීවි යැයි බලාපොරොත්තුවෙන් ඉන්නම්. Chandi said, on නොවැම්බර් 2, 2011 at 8:58 ප.ව. අරුණී ඔබ දිරිය කාන්තාවක්. මගෙ ජීවිතේත් මේ වගේ කාලයක් තිබෙනවා නංගී. එකම වෙනස අපි පවුලක් ලෙස එකටම හිටිය එක පමණයි. අපි පොඩි කාලෙ අම්මටයි, තාත්තාටයි අපමණ ගැටලුවලට මුහුණ දෙන්න උනා. විශේෂයෙන් ආර්ථික ගැටලු වගේ දේවල්. නමුත් පෙර කරපු කර්ම විපාක වලින්ද මන්දා ඒ කාලෙ අන්තිමේ විදේශ ගත වෙන්න
ලැබුනා. බොහෝ ගැටලු ක්‍රමයෙන් විසදෙන්න ගත්තේ අපිටත් නොදැනීම. අනේක විධ කරදර මද්ධ්‍යයේ මට නංගිලා දෙන්නාවත් බලාගෙන ලංකාවේ නතර වෙන්න සිදු උනා. එදා හොදටම ඇඬුවා. අවුරුදු දොළහේදී කොහොම මේ බර අඳින්නද? කියලා හිතුනා. නමුත් අධෛර්‍ය්ය වෙන්නෙ නැතිව හැම දේටම මුහුණ දුන්නා. ප්‍රථම ප්‍රේමය කඩාවැටුනා. ජීවිතේ මානසිකව ප්‍රපාතයටම ඇදගෙන වැටුනා. ඉගෙනීම කඩා වැටුනා. හැම දේම අමතක කරලා ආයෙත් නැගිට්ටා. පුලුවන් විදිහට ආයෙත් ඉගෙන ගත්තා. වාසනාවට හොඳ, හැමදේටම ඉවසන ස්වාමියෙකු ලැබුනා. එදා සිට ජීවිතය ඉතා සුන්දරව වින්දා. හොඳ සමාජය
ට වැඩදායක දරුවන් තිදෙනෙක් හැදුවා. දැන් මනස බොහෝ නිරවුල්. කිසිදෙයකින් සැලීමක් නෑ. අර විදිහට හිටියනම් කාටද පාඩු!!!……… ගොඩාක් ස්තූතියි! මේ සටහනට. arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 7:12 පෙ.ව. ස්තූතියි චාන්දි අක්කා. //අර විදිහට හිටියනම් කාටද පාඩු!!!…// ඒකනෙ කියන්නෙ. මම දිරිය කාන්තාවක් වීමට හැමදාම උත්සාහ කරනවා. ඔයයි මමයි අද සතුටින් ඉන්නෙ මුහුණ දිය යුතු වැදගත් ම සටන් අත්හැරලා දාපු නැති නිසානෙ. Aron Ralston ගැන අහලා ඇති සමහර විට. එයාගෙ කතාව 127 Hours (2010) චිත්‍රපටියක් ලෙසින් තිරගත වූවා. යූටාහ
් ප්‍රාන්තයේ කඳු නඟින්න ගිය ඔහුව ප්‍රපාතයක් අස්සේ හිරවෙනවා. දකුණු අත හිරවෙච්ච නිසා ගැලවී යන්න බැරිව ඔහු දවස් පහක් තිස්සේ වෙහෙස වී තමන්ගේ අත කපා දාලා තමයි ජීවිතය බේරා ගන්නේ. දැන් කතාව අහන වැඩි දෙනා “අපොයි මොන මඟුලකට ද කඳු නඟින්න යන්නෙ?” කියලා අහන්න ඉඩ තියෙනවා. ඒ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අය. එහෙම අය නිසා නෙමෙයි මිනිසාගේ අභිවෘද්ධිය සිද්ධ වෙන්නෙ මේ වගේ වැඩ කරන්න නොපසුබට වෙන අය ඉන්න නිසා. අමා said, on නොවැම්බර් 3, 2011 at 3:07 පෙ.ව. අක්ක ගේ කතාව කියෙව්වම, මට පහුගිය දවස් ටිකේ මං ගැන දුක් ව
ෙමින් ආත්මානුකම්පාවෙන් හිටිය හැටි කල්පනා කරලා ලජ්ජත් හිතුන. කොහොම හරි හිත හදාගන්නවා කියල තීරණය කරා. (හැබැයි ඒක කරන්නේ කොහොමද කියල තාම හිතාගන්න බැහැ! විරහ ගී අහන ඒක නම් නැවැත්තුවා . පින්තුර දිහා අනිමිසලෝචනය කරන එකත් අමාරුවෙන් නවත්තන්න ඕනා 😀 ) ඔව්… බුදු හාමුදුරුවෝ ත් කිව්වනේ තමන්ගේ හිසට තම අතමය කියල… arunishapiro said, on නොවැම්බර් 3, 2011 at 7:14 පෙ.ව. නංගි ඔයා සූදානම් දවසට හිත හදාගන්න, ඔයාව නවත්වන්න කාටවත් බැහැ. කොහොම ද කරන්නෙ කියන එකත් ඔයාට ම හොයාගන්න පුළුවන් වේවි. dayal-bathee said, on නොවැම්බ
ර් 3, 2011 at 4:26 පෙ.ව. ඔබගේ චරිතය ආශ්‍රයෙන් ගෙන ආ සටහන ආවේශකයි, inspiring ස්තූතියි අප සමග බෙදාගත්තාට. මා නැවතත් මාතෘකාව වෙත ගෙන යනවා නම්, එකේ සිටින කෙනෙකු උත්සහ කල යුත්තේ දෙකට යන්න. පඩි දෙක තුන එක වර නැග යාම නොසුදුසුය.? එකේ සිටින කෙනෙකුගේ ඉලක්ක දෙකේ ඉන්න කෙනාට කුඩා වැඩියි. ආදී වශයෙන් සිතන විට සාර්තකත්වය හා ඉලක්ක විශ්ව සාදාරණ දෙයක් නොවේ. සාපේක්ශයි! ඔබේ සාර්තකතවය වෙන කෙනෙකුගේ සාර්තකත්වය හා ගැටෙන විට තමයි ප්‍රශන්ය මතු වන්නේ! සරල උදාහරනයක් ගත්තොත් , ඔබගේ බ්ලොගයට ලැබෙන හිට්ස් ගනන? arunishapiro said
, on නොවැම්බර් 3, 2011 at 7:25 පෙ.ව. dayal-bathee, ඉංග්‍රීසි යෙදුමක් තමයි upward mobility. ඒ කියන්නෙ කෙනෙකු තමන් ඉන්නා තත්වයෙන් සමාජීය හා ආර්ථික වශයෙන් ඉහළ තත්වයකට යෑම. වැඩවසම් ලෝකයේ එහෙම හැකියාවක් තිබුනෙ අඩුවෙන්, කුල මල හා රාජානුග්‍රහය අවශ්‍ය වූ නිසා. ඒත් ඇමෙරිකාවේ වගේ නිදහස් සමාජයක ඊට අවස්ථාවක් සෑම අයෙකුට ම තියනවා. ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, වැන්නෝ නැඟ්ගෙ පඩි ගණනාවක් හනිකට. ඇයි පඩි දෙක තුන එකවර නැඟ යාම නොසුදුසු? //එකේ සිටින කෙනෙකුගේ ඉලක්ක දෙකේ ඉන්න කෙනාට කුඩා වැඩියි.// කවුද දයාල්-බතී එහෙම කිය
න්නෙ? කාට ද එහෙම ඉලක්කයක් ලොකු හෝ කුඩා යැයි තීරණය කරන්න හැකියාව ඇත්තේ? තමන්ට නොවේ ද? ඉහත කියපු තුන් දෙනාගේ ඉලක්කයන් වූයේ කවුරුත් හිතපු නැති තරම් ඈතක නොවේ ද? බිල් ගේට්ස් ලෝකයේ ධනවතා වෙද්දී ස්ටීව් ජොබ්ස් වසරකට ඩොලරයක වේතනයක් ගත්තේ ඇයි? //සාර්තකත්වය හා ඉලක්ක විශ්ව සාදාරණ දෙයක් නොවේ. සාපේක්ශයි!// මගේ සාර්ථකත්වය තවත් අයෙකුගේ සාර්ථකත්වය හා ගැටෙනවා යැයි සිතන්නේ ලොව සම්පත් සීමිත යැයි, ලොව ඇති අවස්ථා සීමිත යැයි සිතන චින්තනයක හිරවූවොත්. මගේ බ්ලොගයට ලැබෙන හිට්ස් ගණන නිසා දයාල්-බතීගේ බ්ලොගයට වාසියක් හෝ පාඩු
වක් සිද්ධ වෙනවා යැයි සත්‍යයෙන් ම සිතනවා ද?!!!! TG said, on නොවැම්බර් 3, 2011 at 10:57 පෙ.ව. Many thanks for sharing your personal experience .Indeed it has a personal texture, like pouring ur heart .i felt it even from the language ur using. It’s totally different from language in other posts I felt more or less it’s the story of mine. arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 10:32 පෙ.ව. ස්තූතියට ස්තූතියි. අපි නොදන්නවා වුනාට අපේ කතාවල් වගේ කතන්දර තියන අය අපි හිතනවාට වඩා වැඩියෙන් ඉන්නවා!!! හිෂා
න් මෙලංග said, on නොවැම්බර් 4, 2011 at 12:30 ප.ව. “තාර්කික පියවර තමන් වෙනස් වීම” මේ ලිපියෙ මාතෘකාවයි මගේ පියා හැමදාම කියන වචන කිහිපයකුයි අතර ලොකු සමානකමක් තියෙනව. ඒ කතාව තමයි “අපට අනුන්ව හදන්න බැහැ, අපි හැදෙනව මිසක්” කියන එක. එහෙම නැත්නම් කාටද පාඩු? තමන්ටමනෙ පාඩු. මේ ලිපිය කියවල ඔබතුමියට කියන්න නමක් මතක් වුනා. ජනරාල් අරුණි ශපීරෝ. මම ඔබ තුමියට හිස නමා අචාර කරමි. arunishapiro said, on නොවැම්බර් 4, 2011 at 4:50 ප.ව. හිෂාන් මෙලංග, අනේ දරුවෝ මට එහෙම නමක් දාන්න නම් එපා. ඔය නම් නිසා මොළේ තියාගන ඉන්න ඔළ
ු කට්ටත් නැති වෙයි මට!!! නවම් said, on නොවැම්බර් 5, 2011 at 4:55 පෙ.ව. කාලෙකින් අරුණි අක්කගෙන් ඔළුව කරවෙච්ච දවාලක අවුලක් නැතිව කියවන්න පුළුවන් සටහනක්. ඒ සරළ කමට මුලින්ම ස්තූතියි. අපි හැමෝම ආසයි තව කෙනෙක්ගෙ සාර්ථක ගමනක විස්තර දැන ගන්න. හරියට වන්දනා ගමනක ගියපු ආච්චිගෙන් “ඉතිං ආච්චියෙ කොහොමෙයි අතර මඟදි කරදරයක් උනේ නැතෙයි” අහනව වගේ. ඔන්න අතරමඟදි කරදරයක් එහෙම උනේ නැත්නම් ඔන්න අපේ හිතට හරි නෑ. මම හිතන්නෙ මෙතන කමෙන්ට්ස් කරපු හැමෝම වගේ අරුණි අක්කගෙ කතාව වගේ තවත් බොහෝමයක් කතා අහල ඇති. එදා ඉඳල අහපු කතාවලි
න් කීයෙන් කීදෙනාද තමන්ගෙ ජීවිතවලට ආදර්ශයක්, උත්ප්‍රේරකයක් අරගෙන ඇත්තෙ. ප්‍රේමයේ වියෝදුක, ජීවිතයේ වැටීම්, නැඟීම්, පරාජයන්, හපං කම් මෝඩකම් පුරසාරම් ගැන අපි මෙච්චර කියවන්න ආස ඇයි? ඒ දේවල් කියවීමකින් එහාට නොයන්නෙ ඇයි ? arunishapiro said, on නොවැම්බර් 5, 2011 at 8:19 පෙ.ව. මෝටර් රේස් බලන අය අතර ත් //ඔන්න අතරමඟදි කරදරයක් එහෙම උනේ නැත්නම් ඔන්න අපේ හිතට හරි නෑ// කියන අය ඉන්නවා. හැබැයි මම නම් කැමති වාර්තා පිට වාර්තා ගහන්න පුළුවන් මෝටර් රේස් බලන්නයි. අතරමඟ දී කරදර නැතුව ගිය ගමනේ සාර්ථකත්වයෙන් ලැබූ ඵල ගැන
වැඩියෙන් අහන්නයි. දැන් මේ අබුඩාබි ග්‍රාන්ඩ් ෆ්‍රී මුල් වටය බලන්න ලැහැස්ති වෙන ගමන්. ඒකයි මෝටර් රේස් හිතේ වැඩ කරන්නේ … //ඒ දේවල් කියවීමකින් එහාට නොයන්නෙ ඇයි ?// පුරුද්ද අත්හරින්න පුළුවන් වෙච්ච දාට පුළුවන්!!! Kumari Jayasinghe said, on නොවැම්බර් 5, 2011 at 10:38 පෙ.ව. godak watinawa thanks aravinda said, on නොවැම්බර් 10, 2011 at 2:55 පෙ.ව. Dear Aruni, Who know you They know you entire life.You can not hide it. But who do not not that,they can think you are going to gain something from thelling you
r past life or may they were refused to help you any time any reason. They know your current status and their status.They will be tell your are lier. That is matter of shame and embarassment. If you wish to reveal your life,but this is not suitable time for that. Time will reached you. Do not try to reached time. Time has a big value. හමුදා අණ සහ දේශපාලන කථා මත දෝලනය වන උතුරේ අවතැන්වුවන් ! – Vikalpa එකී ලබා නොදෙන ඉඩම් අතර ජේ/233 කන්කසන්තුරෙයි බස්නාහිර, ජේ/233 කන්කාසන්තුරෙයි මධ්‍යම ප‍්‍රදේශය, ජේ/
235 කන්කසන්තුරෙයි දකුණ, ජේ/236 පලෙයි වීවන්කාමන්, ජේ/250 තයිලෙට්ටි නැගෙනහිර යනාදි ප‍්‍රදේශවල දැනට පවතින යුධහමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බැවින් එම ප‍්‍රදේශවල ජනතාව සතු ඉඩම් නැවත් ලබාදෙන්නට කිසිඳු හැකියාවක් නොමැති බවට යාපනයේ ආඥාපතිවරයා කඳවුරු වැසියන්ට ප‍්‍රකාශකර ඇත. අනුන් සතු කුමක් වුව ද,(මෙහිදි ඉඩම් සහ ඒ ඉඩම් තුළ ඇති ජිවනෝපායන්) එය ලබාගැනිමෙන් හෝ පැහැර ගැනීමෙන් පසුව යළි එහි හිමිකරුවාට නැවත ලබා නොදෙන්නේ නම්, බිහිකර ගතයුතු යැයි පවසන සංහිඳියාවෙත් එය බිහිකරලීමට ගනු ලබන කවර හෝ උත්සාහයකත් ඇති
සත්‍යය කුමක්ද? අර්ථය කුමක්ද? ”යුද්ධයෙන් අනාථව, වර්තමානයේදි යාපනය අර්ධද්වීපය තුළ අනාථ කඳවුරු 43ක දමිළ පුරවැසි පවුල් 9000ක් තවමත් ජීවත් වෙනවා. ඔවුන් එසේ ජිවත්වෙන්නේ සැප සම්පත් ලැබී, ඉතාම සුව පහසුවෙන් නෙවෙයි. අන්ත දුක්විඳිමින් ජීවිතය තිත්ත වුනු විදියට තමයි ජිවත් වෙන්නෙ. මොවුන් සියලූම දෙනා වර්තමාන ආණ්ඩුව බලයට පත්කර ගැනිම සඳහා, මෛත‍්‍රිපාල සිරිසේන තමන්ගේ නායකයා කරගන්නට ඉතාම සතුටින් ඡන්දය පාවිච්චි කළා. එසේ කළේ ඉතාම විශාල බලාපොරොත්තු තියාගෙන, තමන්ගේ ගම් බිම්වල නැවත පදිංචි වීමේ මහා ආශාවෙන්. ඡන්ද පොරොන්
දුවල සහ ඉන් පසුවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශකර සිටියා උතුරේ නැවත පදිංචි කිරීම් ඉතාම ඉක්මනින් සිදුකරනවා කියලා, ජූනි මාසය නිම වෙන්න ඉස්සරින් සියලූම දෙනාව පදිංචි කරවනවා කිවා. නමුත් ඒවා පොරොන්දු විධියට තාම තියෙනවා, ඉතාම සුළු පිරිසක් පමණක් බොහෝම මන්දගාමිව විටෙන් විට නැවත පදිංචිකරවා තිබෙනවා.” යැයි කීහ. තවදුරටත් අදහස් දැක්වූ ඇන්තනි ජේස්දාසන් කියා සිටියේ අත්‍යවශ්‍යම හමුදා කඳවුරු තබා ගැනීම සාධාරණ නමුත් ඕනැවටත් වඩා තැන තැන, මිනිස්සු ජීවත්විය යුතු ස්ථානවල, ගම්බිම්වල හමුදා කඳවුරු පවත්වාගෙන යැමට, යුධහමුදාවත් ආණ්
ඩුවත් සැළසුම් කිරීම සම්බන්ධයෙන් නම් කිසිවිටකත්, මොනම හේතුවක් මතවත් එකඟවිය නොහැකි බවයි. ජාතික ආරක්‍ෂාවට යැයි හෝ නොයෙක් නොයෙක් සංවර්ධන කටයුතුවලට යැයි ප‍්‍රකාශකරමින්, යුද්ධයෙන් පීඩාවට පත්වු දමිළ ජනතාවගේ මුල් ඉඩම් නැවත ලබාදීමට නොහැකි බවට යුධ හමුදාව ප‍්‍රකාශකරන විට, විටෙන් විට එකී ඉඩම් නැවත ලබාදෙන්නට හැකි යැයි විවිධ අවස්ථාවලදි ජනතාව ආමන්ත‍්‍රණය කරන ජනාධිපති අගමැති, මැති ඇමතිවරු විවිධ පොරොන්දු ලබාදෙතිි. ප‍්‍රකාශකරති. පසුගිය වසරේ රාජ්‍ය නත්තල් උත්සවය වෙනුවෙන් උතුරට පැමිණි ජනාධිපතිවරයා දමිළ අවතැන්වුවන්
හට ප‍්‍රකාශ කළේ” තව මාස හයක් යන විට එනම් 2016 වසරේ ජුනි මාසය වන විට ඔබලා සියලූ දෙනාවම නැවත පදිංචි කරනවා” කියාය. එහෙත් ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර තවත් විශාල පිරිසක් අවතැන් කඳවුරු නැමති මඩ වගුරේ, අපායේ තවමත් ලැගුම්ගෙන සිටිති. ආණ්ඩුව දැඩි ලෙස ජාතික ආරක්‍ෂාව ගැන කථාකරනවා, උනන්දු වෙනවා, එනමුත් දමිළ අනාථායින්ගේ ආරක්‍ෂාව හා ජීවත්වීමේ අයිතිය ගැන එවැනිම වු දැඩි අවධානයක් යොමු නොකරන්නේ යැයි පෙන්වා දුන් ඇන්තනි ජේසුදාසන්, කඳවුරු වැසියන් තමන්ගේ ම වු ඉඩම්වල අයිතියි, සිය රැකියාවේ අයිතිය වෙනුවෙන් තවමත් ජීවත්වන්න
ේ දේශපාලනඥයින් විසින් කිසිඳු පැකිලීමකින් තොරව විටෙන් විට ලබාදෙන පොරොන්දු, දේශපාලන කථා මත පමණක් යැයි කීහ. කරුණු මෙසේවන කළ, යුද්ධයෙන් විපතට පත්වු ජනතාවකගේ, අවතැන්වු ජනතාවකගේ සිය ගම්බිම්වල ජීවත්වීමේ අයිතිය, රැකියා කිරීමේ අයිතිය ලබාදීමට ”බැහැ” කීමේ හමුදාවේ තිර හඬටත් , ”විටෙන් විට පුළුවන්” කීමේ ආණ්ඩුවේ අස්ථාවර හඬටත් දෝලනය වෙමින් ජීවත්වන අවැතැන්වුවන්ගේ ජිවිතවල හෙට දවස කුමක් ද? සිය හුස්ම පොද යන්නට මත්තෙන්, අති බහුතරයක් වු වයෝවෘද්ද වැඩිහිටි අවතැන්වු මේ මිනිසුන් කවදා කොහේ තමන්ගේ ජීවිත ආරම්භ කරන්න ද ? කොහ
ේ සැනැසිල්ලේ තම ජීවත සතප්පවා ගන්නද ? තමන්ගේ ම වු දේපොල ආණ්ඩුවකට, රටක හමුදාවකට ලබාදි ජිවත්වීමේ අයිිතිය ඉල්ලා, රැකියාව කිරීමේ අයිතිය ඉල්ලා හූල්ලමින් දින, සති, මාස, අවුරුදු මෙසේ ගෙවා දමන්නේ මිනිසුන් කොට්ඨාශයක් යැයි බලධරයින් හට නොසිතෙන්නේ මන්ද? මෙරට දී, මනුෂ්‍යත්වය මෙතරම් ම බාල්දු ද? IDP IDPs Jaffna Tamil ලියන්නා: තහනම් ෆොටෝ ගැහිල්ල.. තහනම් නැත.. මගේ සිත්තර වලටත් තියෙන ඉල්ලුම වැඩි වෙන නිසා ඕන් අදත් ඇන්ඳා අද කතාවට සරිලන එකක්.. ඔයිට ඉස්සෙල්ලා දවසක මන් දැක්කා බත්තරමුල්ල හරහා යනකොට ඔය දියවන්නා හරියෙ හොඳ
ලස්සනට හදලා බංකු හයි කරලා හවස් ජාමෙ ගත කරන්න කදිමට සකසලා තියෙනවා. ඔතන දකින කොටම මට මතක් උනේ කාලෙකට ඉස්සර ඔය හරියෙ ගොල්ෆ් ගහන්න පිට්ටනියක් හැදුවා..ඊට පස්සෙ පෙම් උයනක්දෝ මොකද්ද එකකුත් කරලියට ආවා.. දැන් හරි ගස්සලා තියෙන්නෙ ඒ පෙම් උයනමද මන්දා..පෙම්වතුන් පෙම්වතියන් නම් වැහි වැහැලා තරමෙ බංකු අත් පත් කරන් ඉන්නෙ ඔය හැම වෙලාවෙම ඉතින් මට මෙතන පහු කරන් යනකොට හිතුනා දවසක හවසක එන්ඩ ඕනි මෙතනට... පෙම් කෙලින්ඩ කියලද නෑ පිංවතුනි..ෆොටෝ ටිකක් ගන්ඩ කියලා.. අපි ඔහොම පෙම් කෙලිය කාලෙ ගියා නොවැ..කබාය ඉරිලා කවුරු දකින්
නද මා දැන් මහලු වියේ ..කිය කියා ඉන්න අතරෙ ඉතින් දැන් හොඳ ෆොටෝ ගන්න තමයි මේ වගේ තැන්..ඉතින් මමත් කැමරාව සහ ට්‍රයිපොඩ් රාජයාත් එල්ල ගෙන ගියා ඔතනට.. බංකු නම් ගොඩාක්ම වගේ හිස් මොකද එතකොටත් එතන අව්ව නිසා..මන් දැන් අවට තියෙන දේවල් මට වැඩක් නැති ගානට..ෆොටෝ ටිකක් ගන්නවා.. "කොහෙද ඉන්නෙ ?" කියලා මගෙන් අහන සද්දෙකට මමත් ඔළුව උස්සලා බැලුවා. හෆ්ෆට සිරි පොලීසියෙ මල්ලි කෙනෙක් Environment Pilice Unit.. කියලා කබායකුත් දමා ගෙන..මන් ඉන්නෙ කොහෙද කියලත් මට අමතක උනාද මන්දා.. "මන් ඉන්නෙ අහවල් තැන ..." කියලා කීවා. "ෆොටෝ
ගන්ඩ අවසර අරන්ද තියෙන්නෙ ?" හුටාහ් මෙතන මේ පොදු ස්ථානයේ ෆොටෝ ගන්ඩ අවසර ගන්නත් ඕනිද කියලා හිතපු මන්.. "නෑ..මෙතන ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩ ඕනිද ?. මන් දන්නෙ නෑ..කාගෙන්ද අවසර ගන්ඩ ඕනි?" මන් ඇහුවා, "ඔව් නාගරික සංවර්ධන අධිකාරීයෙන්" ඒ එක්කම මට මතක් උනා ඔය හරියෙ මොකද්ද බෝඩ් එකක් ගහලා තිබ්බා නාගරික සංවර්ධන අධිකාරියේ අයිතිය ප්‍රකාශ කරල නම් නමුත් ඒ බෝඩ් එකේ ෆොටෝ ගැනීම තහනම් කරලා නම් තිබ්බෙ නෑ.. "මන් ඒ වගක් දන්නෙ නෑ. මන් විනෝදාංශයටයි ෆොටෝ ගන්නෙ..මන් හිතුවෙ ඔය පාර්ලිමේන්තුව අවට වගේ ගන්නවනම් තමයි අපිට අවසර ගන්ඩ ඕ
නි කියලයි. මොකද මන් ඊළඟ දවසෙ එන්න ඉන්නෙ ඒ හරියට..මන් හොයලා බලන්ඩ හිටියෙ ඒ හරියෙ ෆොටෝ ගන්නවනම් ආරක්ශක දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න ඕනිද කියන එක. මේ හරිය පොදු තැනක් නිසා මන් හිතුවෙ අවසර ගන්ඩ ඕනි නෑ කියලයි" මන් කියෝනවා..පොලිස් මල්ලි අහන් ඉන්නවා.. "මන් වැඩ කරන්නෙ අහවල් තැන මන් හොයලා බලන්නම්". "අනික මෙච්චර ලස්සන තැනක් දැක්කහම අපරාදෙ ෆොටෝ ගන්ඩ අවසර ගන්ඩත් වෙලා තියෙන්නෙ.. බලන්ඩ අවුරුදු ගානකට ඉස්සෙල්ලට වඩා මෙතන පරිසරය කොය්තරම් ලස්සනද ?" මන් උවමනාවෙන්ම එයාගෙ පරිසර කබාය දිහා බලනවා පෙන්නුවා. "මන් දැන් ෆොටෝ
ගන්ඩ එපාද ?" මන් අන්තිම තුරුම්පුව ගැහුවා, "නෑ ෆොටෝ ගන්ඩ ආයි ගන්න කොට අපිට කියලා ගන්ඩ " බළලා මල්ලෙන් පැන්නා එලියට.. "ඕ මන් දැක්කෙ නෑ ඉස්සෙල්ලා..මේ ලස්සන වලාකුලු ටික නිසයි මන් ටක් ගාලා ෆොටෝ ගන්ඩ හිතුවෙ" එයා ගියා..මන් මගේ ෆොටෝ ටික අරන් ආවා ගෙදර.. එන ගමන් සහ මේ වෙනකම්ම මට මතක් උනේ ලංකාව කියන්නෙ ලස්සනම රටක්..හැමදාම දකින කුකුලගෙ කරමලේ වගේ අපිට ඕකෙ ලස්සන පේන්නෙ නෑ. ඒත් පිටරට ඉඳලා මෙහෙ එන අය කියන කතා කියද්දි සහ ඒ අයගේ ඇහෙන් ඒ ලස්සන දකින්න උත්සාහ කරද්දි අපිට පේනව ඒ ලස්සන කොයිතරම්ද කියලා. ඒත් මේ ලස්සන අපි
ට ජායාරූප ගන්න තනම්ද ? මේක අපේ රට අපි ලාංකිකයො විදියට මේ ලස්සන ගැන ආඩම්බර වෙනවා. ඒ ආඩම්බරෙ හිඳෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට තමයි. ත්‍රස්තවාදී කලබල තිබුනු කාලවලදි අධි ආරක්ශිත කලාප වල ෆොටෝ ගත්ත එක තහනම් උන එක හරියි කියමුකො. ඒත් දැන් ? සමහර විට තාම ආරක්ශක අංශ ඉන්නෙ සැකෙන්ද මන්දා ? එහෙනම් ඒ සැකේ ඉවත් කර ගන්ඩ දැන් හොඳටම කාලෙ ඇතිනෙ කියලත් තිබුනා..රටේ ලස්සන තැනක් දැක්කහම ෆොටෝ ගන්ඩ පොලීසියෙන් අවසර ගන්න ඕනිද කියන නීතිමය තත්වය හොයලා බලන්ඩ ඕනි..හැබැයි එතකොටත් තව ගෑණු ලමයි දෙන්නෙක් සාමාන්‍ය කැමරාවකින් ඒ අයගේ ෆො
ටෝ ගන්නවා මන් දැක්කා. ඒ අයත් අවසර අරන්ද එහෙම කලේ ? මන් ආවටත් පස්සෙයි ඒ අය ෆොටෝ ගත්තෙ . සමහර විට අර කට්ටිය කියනවා වගේ මගේ පොල් රැවුලයි ද්‍රවිඩ ජාතිකයකුගෙ තියෙන පෙනුමයි නිසා එහෙම උනාද කියන්න බෑ. ඒත් එහෙම නම් ඒක පට්ට අසාධාරනයි. කොහොම උනත් එතන මාත් එක්ක කතා කල පොලිස් නිළධාරියා බොහොම ආචාරශීලීව කතා කල බව නම් නොකියාම බැහැ. ඒ නිසාම කීව කතාව එච්චරම සැරට මට දැනුනෙත් නෑ. ඒත් අවට ස්වභාව සෞන්දර්‍යය ජායාරූප ගත කරන්න පොලීසියේ අවසරය ඕනිද කියන ප්‍රශ්නය මගේ හිත ඇතුලෙ කැකෑරෙනවා තදටම... ඉතින් ඔන්න එතෙන්ට ගිහින් ගත්
ත ෆොටෝ 2-3කුත් .. බලන්ඩකෝ..හවසක නිවාඩු පාඩුවෙ බංකුවක් උඩ ඉඳ ගෙන ඉන්ඩ කියාපු පොට් එක.. මන් මේ ගැන ඇහුවා පොලීසියෙ ඉහල නිළධාරියකුගෙන් ඔහු කීවෙ ඒ ප්‍රදේශය ගැන ටිකක් ආරක්ශාව අතින් තදයි..ඒ නිසා ඔයා එතන හිටිය අයට පොඩ්ඩක් කතා කලා නම් ඒ අයට වැටහෙනවා ඔයා ෆොටෝ ගන්නෙ මොකටද කියලා. අරමුණ පැහැදිලීයි දෙගොල්ලන්ටම.. එතන අවසර ගන්නවා කියන අර්ථය නෙවෙයි තියෙන්නෙ..දෙගොල්ල අතර හදා ගන්නවා කියන එකයි..මගේ වැරැද්ද එහෙම නැත්නම් අතපසු වීම උනේ එතන..ඒක නොවුන නම් පෝස්ට් එකක් ලියන්න දෙයක් උනත් නැති වෙනවා..ඊළඟ සැරේ මන් දන්නවා කොහ
ොමද පටන් ගන්න ඕනි කියලා.. Posted by Weni at 8:15 AM සිහින June 27, 2012 at 8:22 AM මමත් මේ ඊයෙ පෙරේද දවසක ඔතනින් ගියා. ගෑල්ලමයි දෙන්නෙක් බංකුවක් උඩට වෙලා කතා කර කර ඉන්නව. එතනටම වෙලා පොලිස් (කාර/අයි) යෙක් ඒ දිහා බලන් ඉන්නව. සමාර විට ඒ ගෑල්ලමයි දෙන්න ඇමති දුවලද දන්නෙත් නැහැ නෙ. මොනව උනත් ඒ හරිය දැං මාර ලස්සනයි. හොඳ පිරිසිඳුවට තියනව. ඒ ගැන සතුටුයි. සිහින June 27, 2012 at 8:23 AM හෑ මම එකෙනෙ බොලේ.. හුරේ වෙනී මාමගෙ බ්ලොග් එකේ මම එක උනාමයි.. අද මාරය නෑ වගේ.. හැකිස් Weni June 27, 2012 at 2:02 PM සිහින
මල්ලි දන්නෙ නෑ අවුරුදු 10-15කට එහා ඔය හරිය තිබුනු විදිය...ඒ අනුව මට ඊට වඩා සතුටුයි.. වර්ණා June 27, 2012 at 8:36 AM ඇයි එහෙම අවසරයක් ගන්න ඕනා කියලා මටත් හිතාගන්න බෑ. යාපනේ යද්දී අර ස්විමිං පුල් එකටයන පාරේදී හමුදා නිලදාරියෙක් නම් මට කියුවා යන පාර ෆොටෝ ගහන්න එපා පුල් එක විතරක් ගන්න කියලා. එතැනදී නම් ආරක්ෂක හේතුන් මත කියන්න පුළුවන්. එත් මෙතැනදී? Weni June 27, 2012 at 2:03 PM මෙතන වෙන්න ඇත්තෙ ඒ පොලිස් නිලධාරියාගෙ නොදැනුම වෙන්න ඇති.. මන් හොයලා බලන්නම්... Raj June 27, 2012 at 8:39 AM ඇත්තටම වෙනි අයියේ
අර පොලිස් කොලුව ගේ කතාව ගැන හිතා බලන්ඩම ඔන...මොකද විදෙස් රටවල ඔය තහනම් ෆොටොගැහිල්ල දක්නට නෑ නේද...සුන්දර සොභා පරිසරය පිංතුර කැල්ලකට අරන් ඒ සුන්දරබව බොහො දෙනා අතරේ බෙදාගන්න කොට නිරායාසයෙන්ම ලක්මවටමනේ එකේන් හොඳ නාමය ලැබෙන්නේ .මම හිතන්නේ ඒ පිළිඹඳව මොවුන් දැනුවත් වෙලා නෑ හරියට නැත්නම් ඔක අස්සේත් ගැහිලක් ඇති... හැබැ ඔකේ ඇත්ත යුත්ත හොයල වැඩේ වැරදිනම් එකට විරොදය පාන්ට මාත් එනව උඹත් එක්ක Weni June 27, 2012 at 2:04 PM මට හිතෙන්නෙ ඔතන වෙන්න ඇත්තෙ වෙන වැඩක්..වැරදි වැටහීමක් වෙන්න පුළුවන් මගේ පෙනුමත් එක්ක..
Praසන්ன June 27, 2012 at 8:44 AM මටත් පේන්න බැරි දෙයක් තමයි ඔය ෆොටෝ ගන්න එක තහනං කරන එක. යකෝ ලංකාවෙ මිනිහෙකුට ලංකාවෙ තැනක් ෆොටෝ ගහන්න කාගෙන්වත් අවසර ගන්න ඕනද ? නොදැනුවත්කම නිසා වෙන්න ඇති..එහෙම කියන්න ඇත්තෙ.. ගුණේ අයියා June 27, 2012 at 8:53 AM මටත් ඔයවගේ කේස් එකක් උනා එකපාරක් දබුල්ල ඉබ්බන්කටුව වැව ලග ඉදන් ග්‍රවුන්ඩ් ඒකේ පොටෝ ගන්න ගිහින් එදවස්වල පිට්ටනියේ මැච් එකකුත් තිබුනා මම ලගට සිවිල් ආපු පොලිස් කාරයේක් මගේන් ගේම ඉල්ලුවා පස් මම අයිඩි එඉ ඉල්ලගෙන බලලා මැන්ට කිව්වා ඔයාට වඩා ලොකු වැඩකට මන් ඇවිත්
ඉන්නේ කියලා Weni June 27, 2012 at 2:05 PM මෙයා නම් නිල ඇඳුමින්මයි හිටියෙ..නියම උත්තරේ දීපුවහම ඉවරයි.. විමුක්ති June 27, 2012 at 8:55 AM යුද්දෙ ඉවරඋනාට තාමඒමානසිකත්වෙන් එකපාරට මිදෙන්න අමාරුඇති.. ඔව් විමුක්ති කියන කතාව හරියටම හරි කියලයි මටත් හිතෙන්නෙ.. සරත් ලංකාප්‍රිය June 27, 2012 at 9:07 AM අපිත් ඔහොම හිටි හැටි මතකයි .. මට හොඳ හැටි මතකයි .. කියා කියා වෙනියා අර ජෝඩු වල ෆොටෝ ගහනවා. ඉතින් පොලිස් මල්ලි ඕකටයි සත්තමක් දාල තියෙන්නේ.. Weni June 27, 2012 at 2:06 PM අනේ නෑ සරත් අයියෙ මන් මේ බෝපැලේ වගෙ ඉන්
න මනුස්සයා ඔහොම කරයි කියල හිතනවද ? ඒ පැත්ත බැලුවෙවත් නෑ.. Pajero June 27, 2012 at 9:29 AM ඇත්තම කිව්වනම් ඉතින් ඔතන හිටපු ගෑණු ලමයෙකුට කැමරාව මානන්න ගිහිල්ල නේද..පොලෝසියෙන් ආවෙ.............? Weni June 27, 2012 at 2:07 PM බලන්න මන් කවර් කරපු Camera angle හතරම තියෙනවා ඔය ෆොටෝ හතරෙ.. මිනිස්සුන්ව ගත්තෙ නෑ.. වෙද ගෙදර මහ වෙදනා June 27, 2012 at 10:57 AM මම ඔබට පොඩි ඔත්තුවක් දෙන්නම්. ඔබ දන්නවනේ ඔතන තියන ආමි ච්ක් පොයිට් එක. දැන් එතැන පාලමක් හදනවා. අන්න ඒ පාලම ගාවින් යටට යන්න පොඩි පාරක් තියනවා. වැව අයිනෙම.
ඔබ එන්න දිනක එතැනට ඒ පාරෙන් ගියහම වැටෙන්නේ කෙලින්ම කොටු බැම්ම පාර හරහා කෝට්ටේ පාරට. ඒ පාර දිගටම එන්න ආ ආ අර ජපන් පන්සල තියන්නේ අන්න ඒ පාර. දිගටම එනකොට බලන්න පරිසරය. මේක ලංකාවද? ලංකාව නම් මේ ඉන්නෙ කොළඹද කියලා හිතෙනවා. තව තැනක් තියනවා. දැන් පාර්ලිමේන්තු පාර දිගේම එනකොට බත්තරමුල්ල පැත්තට හැරෙන වංගුව බලන්න. කාටත් පේන්නෙ නැති වෙන්න පොඩි බෝඩ් එකක් ගහලා ඇති කොන්තගම්තොට කියලා. අන්න එතැන බලන්න. ලස්සන ෆොටෝ ටිකක් ගහන්න පුලුවන්. ඔතැන තමයි හම්බන්තොටට කලින් අපේ වරායක් ගොඩබිම තිබුනු එක් තැනක්. තව තැන් තියෙනවා
. Weni June 27, 2012 at 2:17 PM අහලක පහලක් හිටියා නම් වඳිනවා වෙද මහත්තයට දීපු ඔත්තු වලට..ඇත්තටම බොහොම ස්තූතියි..ඉන්න ඉඩ හසරක් ලැබුනු ගමන්ම මන් යනවා එතනට..හොයා ගන්ඩ බැරි උනොත් මන් කෝල් එකක් දෙන්නම්කො..ඊයෙ නුගේගොඩ පාගොඩ පාරෙන් බස් එකේ එනකොට ඔබතුමාව මතක් උනා..කිඹුහුමක් එහෙම ගියා නම් ඒ මන් මතක් කරපු පාරට තමයි..ඕන්.. රාමා June 27, 2012 at 11:05 AM බලවතුන්ගේ බවලතුන්ව ෆොටෝ ගහන්න ගිහින් වගේ .. අනේ නෑ රාමා ඔය තියෙන්නෙ ගත්ත ෆොටෝ ටික.. Sumith Niriella June 27, 2012 at 11:21 AM පොලිස් පොර තමන්ගෙ රැස්පොට්ටෙක
පෙනුනුවාද දන්නෙත් නෑ.... කොහොම වුනත් තව කාලයක් යයි ඔවා හරියන්න. අද නම් පොටෝ ටිකේ අයිතිය සනාත කරලා තියෙනවා,ඒක හොද දෙයක් Weni June 27, 2012 at 2:19 PM නැහැ සුමිත් මේ දැන් මට චාන්ස් එකක් ආවා පොලිසියෙ ලොක්කෙක්ගෙන් ඒ ගැන අහන්න..මගෙත් වැරැද්ද..මට පොඩ්ඩක් කියන්න තිබ්බා එතන හිටිය පොලිස් නිලධාරියාට..මගේ ෆොටෝ ගැනීමේ අරමුණ මොකද්ද කියන එක..ඒක නොකී එකෙන් වෙච්ච දෙයක් මේ.. සිහින සිත්තම් June 27, 2012 at 11:29 AM මමත් ඔය හරිය දැකපු වෙලාවෙ හිතුනෙ හවස්යාමෙකනම් ඉන්න කියාපු තැන කියලා... මෙච්චර ලස්සන අපේ දේවල් අපිට
අයිතියක් නැති හැටි.පොටෝ එකක් ගත්ත කියල පර්සරය විනාස වෙනවනම් කමක්නෑ එහෙම නීතියක් දැම්මට.. Weni June 27, 2012 at 2:21 PM මෙතන උනේ මගෙත් වැරැද්ද පොඩ්ඩක් මට ඒ අයව දැනුවත් කරන්න උනා නම්.. මොකද ඒ හරිය ගැන පොඩ්ඩක් කන්සර්න් ඉන්නෙ පොලීස් නිළධාරීන් පවා..මන් ෆොටෝ ගන්ඩ ඉස්සර කතා කලා නම් ඒ අයට වැටහෙන්න තිබුනා මගේ අදහස.. බුද්ධි June 27, 2012 at 11:49 AM බුද්ධි June 27, 2012 at 11:53 AM ඒ අයත් අවසර අරන්ද එහෙම කලේ ? මන් ආවටත් පස්සෙයි ඒ අය ෆොටෝ ගත්තෙ . සමහර විට අර කට්ටිය කියනවා වගේ මගේ පොල් රැවුලයි ද්‍රවිඩ ජාති
කයකුගෙ තියෙන පෙනුමයි නිසා එහෙම උනාද කියන්න බෑ. ඒත් එහෙම නම් ඒක පට්ට අසාධාරනයි. // දවස් ගාණක් නොකා නොබී කතා කරන්න පුලුවන් මාතෘකාවක් Weni June 27, 2012 at 2:26 PM බුද්ධි මල්ලි පොඩි අතපසු වීමයි වෙලා තියෙන්නෙ මන් අතින්.. රාජ් June 27, 2012 at 11:54 AM යකාගෙ නීති! උංට ගිය රටනේ! Weni June 27, 2012 at 2:27 PM මටත් මුලින් එහෙමයි හිතුනෙ දැන් දන්නවා රාජ් කොතනද අඩු පාඩුව උනේ කියලා.. නලිනි චන්දිමා June 27, 2012 at 12:00 PM පරිසරය පින්තූර ගන්නට නොදෙන්නෙ මොකද කියලනම් හිතා ගන්න අමාරුයි. Weni June 27, 2012 at 2
:28 PM ඒ වගේ ආරක්ශිත ප්‍රදේශ සීමාවක අපිත් පොඩ්ඩක් එතන තියෙන බාධක එක්ක අපේ සීමාවන් එහෙ මෙහෙ කර ගත යුතුමයි කියන පාඩම ඉගෙන ගන්ඩ ලැබුනා..ජායාරූප ගැනීම සහ පරිසරය සාධක .. Podi Kumarihami June 27, 2012 at 12:21 PM ලංකාවේ ලස්සන තැන් ගොඩයි. පින්තූරු ටිකත් ලස්සනයි. අර උඩින් තියන සිත්තරෙත් ලස්සනයි. :) Weni June 27, 2012 at 2:29 PM පොඩී තමයි ඔන්න මුලින්ම චිත්තරේ දැක්කෙ.. ස්තූතියි.. දුකා June 27, 2012 at 12:43 PM උඹට වැරදිලා උඹ හිතාගෙන ඉන්නේ මේක උඹලෑ අපේ රට කියලද? බොරු හීන . . අපි කතිරේ ගහලා අපේ තිබුනු අයිති
ය වෙන උන්ට පවරලා ඉවරයි . . . දැන් මේක උන්ගේ . . උන්ට විතරයි මේකේ ඕන ඕන විදිහට ආතල් ගන්න පුලුවන් . . අපිට බෑ . . දැන් වත් ඒක තේරුම් ගනින් මෝඩ අයියේ . . :D අපි දැන් උන් කියන විදිහට xx ඇඟිල්ල ගහගෙන සද්දේ වහගෙන ඉමු . . . ඊලඟ සැරේදි ආයේ කතිරේ ගහලා උන්ට හරි අනිත් උන්ට හරි දෙමු . . . දීලා අයේ මෙහෙම ඉමු . . එච්චරයි . . Weni June 27, 2012 at 2:38 PM මෝඩ මල්ලියෙ :-D ඔහොම කොරහෙත් කිඹුල්ලු දැක දැක දකින හැම දේටම දේශපාලන අර්ථකතන දිදී කොහොම ජීවත් වෙනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ..ඔය පාට කන්නාඩි ගලවලා දමලා මන් ගො
ඩක් කල්..ඔය ගිණි ගන්න කුණු ගොඩවල් ඔළුවෙන් අයින් කරලා ගොඩක් කල්..දේවල් සිද්ධ වෙනවා..ඒවට ඒ ඒ කන්ටෙක්ස්ට් එකෙන්ම තමයි අර්ථකතන දෙන්නෙ..මම එකඟ නොඋනට ඔබට ඔය මතය දරන්න ඇති අයිතියට ගරු කරනවා බන් එච්චරයි..අපි දෙන්නා දකින්නෙ දෙවිදිහකට..මන් උඹ දකින විදියට හැඩගැහෙන්න ඕනි නෑ මට ඕනි නැත්නම්.. and vice versa.. දුකා June 27, 2012 at 2:43 PM දුමී June 27, 2012 at 2:46 PM මේ කතාවනං සිරා වෙනී අයියේ... මටත් ඔය ටික මූට කියාගන්න බැරි උනානේ මෙච්චර කල්.....! මූට ඔය වගේ මොනවහරි කියපු ගමන් මූ ගිහිල්ලා පෝස්ට් එකක් දානවා..
...! හික් හික් හික්..... නිශ් June 28, 2012 at 12:58 PM වෙනීගේ උත්තරේට ++++++++++++++++++ කොහොම උනත් ඔය පැත්තෙ කරල තියෙන ඔය වෙනසට නම් මගෙන් ආණ්ඩුවට ලකුනු ටිකක්. එකම වැරැද්ද ආර පාලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ කොල්ලො කුරුට්ටන්ට ක්‍රිකට් ගහන්න නොදෙන එක තමා. රාජ් June 28, 2012 at 5:08 PM දුකා ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ DDT June 27, 2012 at 1:16 PM අයියගෙ චිත්‍ර ඇඳීමේ හැකියාව දවසින් දවස බලාන ඉද්දි
දියුණු වෙනව. අර පොලිස් මෑන් මොකක්ද දික්කරන් ඉන්නෙ. ඊතල ටිකක් ගහල ඒ ඒ දේවල් නම් කරානම් හොඳයි නේ ද? Weni June 27, 2012 at 2:39 PM දැන් ඉතින් ඒවා තම තමන්ගෙ පරිකල්පන ශක්තියෙන් තේරුම් ගන්න වෙයි .. ස්තූතියි ඇගයීමට... නිසුපා June 27, 2012 at 1:26 PM වහින්න එනවා වගේ අව්ව කිව්වට.. Weni June 27, 2012 at 2:40 PM අව්ව තිබ්බෙ මන් කැමරාව අටවන් තිබ්බ බංකු හරියට නංගි.. මධුරංග June 27, 2012 at 1:30 PM අර කිව්වත් වගේ යන්ඩ ආස හිතෙන පොට් එකක් !!! කපල් එහෙම ඉන්නවා කියන්නේ බංකු එහෙම ෆ්‍රී නෑ කියන එකනේ !!! ඒ නිසා උදේ
වෙලාවක තමා යන්ඩ වෙන්නේ ! Weni June 27, 2012 at 2:41 PM එතන බංකු ගොඩක් තියෙනවා මල්ලි.. ඒ නිසා හිස් ඒවා තියෙනවා ඕනි වෙලාවක යන්ඩ.. kandyan June 27, 2012 at 1:35 PM ෆොටෝ ගැහිල්ල ගැන පරිසර පොලිසියට ඇති රුදාව මොකද්ද? ෆොටෝ ගැහිල්ලෙන් පරිසරය කාබාසීනියා වෙනවාද? ලඟ තිබුනේ X-ray කැමරා එකක්ද??? :-) Weni June 27, 2012 at 2:42 PM වැරැද්ද හරි ගස්සා ගත්තා ඔතන එක්ක මගේ වැඩේ කර ගන්න ඕනි තැනක්..ගැටෙන්න නම් ඕනි මගේ අරමුණ ඒකටත් හොඳ පොයින්ට් එකක්.. Gimhani June 27, 2012 at 1:53 PM මේ හරියනම් හරිම ලස්සනයි තමා . මාත්
මේ පැත්තෙන් යනකොට පරිසරය හොදට රසවිදිනවා . Weni June 27, 2012 at 2:44 PM මාත් ගොඩක් කාලෙකට ඉස්සර ඔය පැත්තෙන් ගියා .ඒත් දැන් නම් ඒ පැත්තට අමුත්තෙක්ම වෙලා... දුමී June 27, 2012 at 2:42 PM ඉස්සර මමත් මගේ ගම හාමිනේ එක්ක ඔය විදිහට විහාර මහා දේවි පාක් එකේ, දෙහිවල බීච් එකේ පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක හරියේ වගේ නිදහස් තැන් වල ඉඳගෙන අල්ලාප සල්ලාපයේ යෙදිලා හිටියා... ඒ කාලේ අපිට තිබිච්ච ලොකුම කරදරේ තමයි "පීප්ප කාරයෝ...." නිදහසේ ඉඳගෙන උම්මා එකක්වත් දීගන්න බෑ මේ රිලව් ගස් ගල් අස්සෙ හැංගිලා ඉඳන් හොරෙන් බලනවා...
. එදා, අද කියලා වෙනසක් නෑ වගෙයි අසරණ පෙම්වතුන් ඉන්න තැන් වලට සොභා දහමේ අසිරිය විඳින මුවාවෙන් පිහිටෙන් දැනුත් පීප්ප කාරයෝ රිංගනවා වගේ....! මට හපොයි කියලා හිතෙන්නෙ දැන් ඉන්න පීප්ප කාරයෝ ලඟ 750mm සූම් කරන්න පුළුවං කැමරාත් තියෙනකොට අනේ අර අසරණ පෙම්වතුන්ට අබ සරණයි.... Weni June 27, 2012 at 2:48 PM අනේ යන්ඩලා දුමී.. ඔය පෙම් කෙලින ඒවා කැමරා කරන්න නෙවෙයි මන් ගියේ..ඔය තියෙන්නෙ ගත්ත ෆොටෝ ටික..චෙහ් බෝ පැලයක් වගේ ඉන්න මට කියන කතා..ඇහැක් ඇරලා බැලුවෙ නෑ කපල් දිහා නම්..පීප්ප කාරයො..පට්ට වචනයක්නෙ ඒක..දුමී ඉතින්
එහෙම පෙම් කෙලිය හැටි ලියන්ඩකො පෝස්ට් එකක.. දුමී June 27, 2012 at 2:53 PM පිස්සු කෙලින්න එපා වෙනී අයියේ.... උඹ මෙතන දාපු නැති ෆොටෝසුත් දලා උඹම ලියපන් එහෙම පෝස්ට් එකක් "වයි" පරම්පරාවෙ පෙම් කෙලිය කියලා....! ගැමියාගේ පත් ඉරුව June 27, 2012 at 3:30 PM //පෙම්වතුන් පෙම්වතියන් නම් වැහි වැහැලා තරමෙ බංකු අත් පත් කරන් ඉන්නෙ ඔය හැම වෙලාවෙම ඉතින් මට මෙතන පහු කරන් යනකොට හිතුනා දවසක හවසක එන්ඩ ඕනි මෙතනට... පෙම් කෙලින්ඩ කියලද නෑ පිංවතුනි..ෆොටෝ ටිකක් ගන්ඩ කියලා..// මෙන්න මේ ටික කියවද්දි මට හිතුනේ වෙනි අයියට හිතෙ
න්න ඇත්තේ පෙම් කෙලින ඈයොන්ගේ පොටෝ ටිකක් ගන්න කියලා.... තව ටික දුරක් කියවද්දි හිතුනා ආ දැන් හරි පෙම් කෙලින් උන්ගේ පොටෝ ගහන්න ගිහිං වෙනී අයියට වට කරගෙන නෙලයි කියලා... වෙනී අයියේ තව දුරටත් ඔයාගෙ පෙනුම ගැන කණගාටු වෙන්න ඕනේ නෑනේ.කවුරු හරි නිකන් අමුතුවට කතා කරන්න ආවොත් හොදට හිනා වෙලා කියන්න PLEASE CHECK MY BLOG කියලා.ආයේ ලොවෙත් නෑ ඊළඟ පාර හම්බුනාම හොඳට හිනා වෙයි මුකුත් කියන එකක් නෑ.... චිත්‍ර ඇඳීමේ හැකියාව දිනෙන් දිනම දියුණු වෙනවා සන්තෝසයි සන්තෝසියි... පොලිස් අංකල් තුවක්කුවක් දික් කලාද ඈ සිරාවටම Weni
June 27, 2012 at 5:39 PM හික්ස්..බ්ලොග් ලියන කතාව් කීවොත් පොලිස් කූඩුවෙන්ම නවතින්න වෙයිද මන්දා ? පොලිස් මල්ලි තුවක්කුවක් නම් දික් කරේ නෑ..මං හිතලා හිතලා ඇන්ඳා.. සෙන්නා June 27, 2012 at 10:20 PM ඔවුවොවු අර පොලීසියට ගම්පෙරලිය ගැන කියපු එකෙක්ට වෙච්ච සන්තෑසිය මතකයිනෙ.. උන්ට බ්ලොග් කිව්වොත්.. අම්මට සිරි මොකක් හරි නසරානි වැඩක් තමයි කියලා අල්ලලා කූඩුවෙ දානවා දෙකක් නෑ.. එකම හොඳේ එළියට ආපු ගමන් එළ පෝස්ට් එකක් දාගන්ඩ පුලුවන්... ItalyDilan June 27, 2012 at 4:13 PM කිවුවත් වගේ ඔය පාටට තමා කේස් එක,,ඔය තහනම්
ඕනම තැනක පිටරට සුද්දන්ට කිසිම තහනමක් නෑ,, Weni June 27, 2012 at 5:41 PM ඒ කරදර කාලෙ කොටුවෙ අඩියක් අඩියක් ගානෙ ෆොටෝ ගහන්ඩ එපා කියලා බෝඩ් තියෙද්දිත් වයිෆ් හිනාවක් දමලා ආමි කාරයින්ට ෆොටෝ ගැහුවා..ඩිලා මල්ලි කියන එක හරි..ෆොරිනර්ස් ලා ලවක් දෙවක් නැතුව ෆොටෝ ගහනවා කවුරුවත් මොනාවත් කියන්නෙ නෑ... හිරුහිමාවී June 27, 2012 at 4:34 PM ෂඃ ලස්සන පින්තුර ටික යාළුවා..ආය නම් අහලම ෆොටෝ ගන්න හ්ම්ම්..:) ඔව් ඊළඟ දවසෙ මන් මුලින්ම කරන්නෙ ඒක තමයි... නොම්මර 17 June 27, 2012 at 4:35 PM haa..ithin photo gahanna yannako sin
haraaje ta ;) Weni June 27, 2012 at 5:42 PM ඒක ඇත්ත හොඳම තැන් ඒවා තමයි..මේ ජොබ් එක කරන් තියෙන පොඩියක් නිවාඩු පාඩුවෙ ගන්න පුළුවන් ෆොටෝ තමයි මේ ගන්නෙ..අහල පහල තියෙන තැන්... මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ June 27, 2012 at 4:37 PM ඇත්තටම ලස්සනයි දැන්.. මාත් වැඩ කට යන ගමන් දැක්කා.. නිවි හැනහිල්ලේ යන්න ඕව තනියට තව මොකෙක් එක්කගෙන.. Weni June 27, 2012 at 5:43 PM ඔව් තව කෙනෙක් එක්ක යන්න..කොන්ක්‍රීට් වනන්තරෙන් මොහොතකට මිදෙන්න පුළුවන්.. AnithKona June 27, 2012 at 5:07 PM පුදුමයි ඇවිදින්න යන්න දෙන එක... අපේ රටේ ති
යෙන්නේ පුදුම නීති තමයි. ෆොටෝ ගත්තම මොකක් වෙනවටද දන්නෙ නෑ... Weni June 27, 2012 at 5:44 PM ඒක නීතියක්ම නෙවෙයි..පොඩ්ඩක් mutual understand එකෙන් විසඳගන්න ඕනි සිටුවේශන් එකක්..හැබැයි ඔබේ කතාව හරියටම හරි.. අසරණයා June 27, 2012 at 7:01 PM පින්තුරටික ලස්සනයි. කාලයක් රට ඉඳල ලංකාවට අවාම අපිටා එපා වෙච්ච ගම් පළාතත් ලස්සනට පේනවා. Weni June 29, 2012 at 6:03 PM ඔව් ඒක නම් ඇත්ත.. පැතුම් [සිතුම් පැතුම්] June 27, 2012 at 7:13 PM ෆොටෝ ටික දකිනකොට එතන ඉන්න හිතෙනවා අප්පා. තනියම නෙමෙයි හැබැයි. මායියත් එක්කම. අර ෆොටෝ
ගහනකොට අවසාර ගන්න ඕනෙද කියන එක ගැන නම් හිතන්නම වෙනවා Weni June 29, 2012 at 6:04 PM ඉතින් මායියා එක්ක ඇවිත් ඉඳලා යන්ඩ වරුවක් හමාරක්ම..ඔය ට්යිම් එකේ මන් දැක්කොත් ගන්නවා ෆොටෝ එකක්.. මඩිස්සලේ නිශාන් June 27, 2012 at 7:34 PM පින්තූර ටික දැක්කම නම් යන්නම හිතෙනවා බලන්න. නිශාන් යන්නකො සති අන්තෙක නිවාඩුවක.. Dinesh June 27, 2012 at 8:05 PM පරිසරේ සුන්දරත්වේ විදින්නත් අවසර ඕන.. කාට කියන්නද ඉදින්.. එතන ලවු කරන්නත් අවසර ඕනද අයියේ... :) Weni June 29, 2012 at 6:05 PM අනේ මන්දා මල්ලි ලව් කරන අය නම් ඔන්න ඔහේ ලව්
කර කර හිටියා..මන් අහන්ඩ ගියේ නම් නෑ.. Dude June 27, 2012 at 10:22 PM හම සුදුනම් අවසර ඕනෙත් නෑ මොන අහවල් එකක්වත් ඕනෙ නෑ අපේ රටේ ෆෝටෝ ගන්න. වෙනියා ඔය කියලා තියෙන mutual understanding අහවල් එකත් ඕනෙ නෑ. ඒවා ඔක්කොම ඕනෙ වෙන්නෙ මේ අපිට. ඒ ගැන කතා කරොත් අප්‍රසන්න කමෙන්ට් එකක් ලියවෙන නිසා නවතිනවා. අපි අර ලස්සන චිත්‍රය ගැන කතා කරමු. වෙනීගෙ චිත්‍ර ගැන හිතන්න දේවල් තියෙනවා, සීමාවල් නෑ, වැටකො‍ටු නෑ. මම මුලින්ම හිතුවෙ මේක තණකොල වලින් වැහිච්ච කලුගල් කන්දක තියෙන ගුහාවක ඉඳන් මිනිහෙක් අහසෙ පාවෙන උකුස්සෙකුගෙ පින
්තූර ගන්න අතරේ තට්ට හිසක් ඇති වෙලෙන්දෙක් පොප්සිකල් එකක් විකුනන්න හදනවා කියලා කියලා. පස්සෙ කතාව කිව්වම තමයි වැඩේ තේරුනේ. :) මගෙ මෝඩකමට එක ප්‍රශ්ණයක් අහන්නම්. එදා හාවො දෙන්නා වටේ තණකොල මැරිලා තිබ්බෙ උන් දෙන්න කාලයි කියමුකො. මුන් දෙන්න වටේ තණකොල මැරිලා තියෙන්නෙ අහවල් දෙයක් වෙලාද? සෙන්නා June 27, 2012 at 10:29 PM ඔය හමේ ප්‍රශ්නෙ මේ මම ඉන්න රටෙත් තියනවා... සුදු හමට ඕන දෙයක්.. වෙන එකක් තියා උන්ට ප්‍රසිද්දියේ සිප වැළදගන්ඩත් පුලුවන්.. එක බල්ලෙක් මුකුත් කියන්නෑ... ඩ්‍රයිවින් ලයිසන් එක එන පරක්කුවෙන්.. අයි
යෝ අපිව රස්තියාදු කරන තරමක්.. ඔක්කොම නීති අපිට තමා.. මරාගන මැරෙන්ඩ හිතෙනවා.. Weni June 29, 2012 at 6:06 PM හෙන්රි ගෙ විචක්ශන ඇහැට අහු වෙච්ච සීමාව චිත්‍රයෙ...හයියෝ...ඔය පොලොස් මාමා වෙඩි තියන්ඩයි යන්නෙ අවසර නොගෙන ෆොටෝ ගහනවට... සෙන්නා June 27, 2012 at 10:22 PM අනේ මංදා... එහෙම පොදු තැන් වලටත් අවසර ගන්ඩ ඕනද කියලා මටත් ප්‍රශ්ණයක්.. ෆොටෝ ටිකත් එළ, සිත්තරෙත් එළ... පොලීසිය චුට්ටක් හරි හැදිලනම් හොඳයි.. Weni June 29, 2012 at 6:07 PM පොලිසිය දැන් එන්න එන්නම හොඳ වෙනවා මයෙ හිතේ... ක්සැන්ඩර් | Xander June 27,
2012 at 10:25 PM අද චිත්‍රෙ ලස්සනයි. හරියට ෆොටෝ ගන්න එකාගේ ඔළුවට වෙඩි තියන්න හදනවා වගේ. ලස්සන කොක්කු (මට පේන විදිය ඈ..) ටික. පින්තුරැ ටිකත් මල් හතයි ඈ... ඒ වුනාට පොටෝ ගන්න ආයේ අහන්න කියන එක තමා අල්ලන්නේ නැත්තේ. කොහේද යුද්දේ ඉවර වුනාට කබායේ සැර වෙනස් නෑ නේ . Weni June 29, 2012 at 6:08 PM ක්සැන්ඩර් ච්ත්‍රය හරියටම තේරුම් ගත්ත එක ගැන මට සතුටුයි.. Hasitha June 27, 2012 at 10:46 PM මෙතන පෙම් කරන්න විතරක් නෙමේ බෝට්ටු පදින්නත් පුලුවන්. ඒ වගේමයි එළිමහන් රංග පීඨෙකුත් තියෙනවා නොවැ :) Weni June 29, 2012 at
6:09 PM ආ ඔන්න ඔය ඉන්නෙ පලපුරුදු කාරයෙක්... Il mondo di una povera pazza June 28, 2012 at 2:37 AM කියවලා ගියා කියලා විතරක් කිව්වම ඇතිනේ. ඔය ෆොටෝ කතා නම් ඉහේ කෙස් ගානට මට වෙන දේවල්. ඒ වෙලාවට ඉතින් හමේ පාට එලියට අරන් සේෆ් මූඩ් එකෙන් එන්න දැන් මාත් පුරුදු වෙලා. හික්ස් Weni June 29, 2012 at 6:10 PM ඔව් mutual undestand කියලා හිත හදාගෙන ඉන්නයි මාත් කල්පනා කලේ.. අටර්‍මපහුර June 28, 2012 at 4:44 AM දවසක් මට හිතවත් කාන්තාවක් කතාකලා මහන මෙෂින් කිහිපයක් මීලදි ගන්න කලින් බලන්න යන්න. ඒ කාන්තාවයි,එයාගේ පුතා
( දින කාහිපයකට කලින් යුරෝපිය රටක සිට පැමීණි සුද්දෙකූගේ පෙනුම සහිත) , මමයි ,තවත් තරෑණ ගැහැණු ළමයෙක් සහ චීන ජාතික කාන්තාවක් ( ලංකාවේ බොහොකලක් ජීවත්වු) සමග තවත් මැදි වයසේ පිරිමී කෙනෙකූත්. අපිව නවත්තපු පොලිස් මහත්තයෙක් අයිඩින්ටි කාඩ් බලලා,කොහෙද යන්නේ කියලා ප්‍රශ්න ඇහුවා. වාහන එලවපු අර සුද්දා වගේ කොල්ලගේ සහ චීන ජාතික කාන්තාවගේ මොකවත් බැලුවේ නැ.අඩුම තරමින් ලයිසන් ඒකවත් කොල්ලා කියනවා අම්මට !!අම්මා දැක්කද ඔයාලගේ පෙනුම හරි නැ, ඔයාලව හොරැවගේ පේනවා පොලිසියට!! එතකොට මෙහෙම කියුවා අර චීන ජාතික කාන්තාව (අමු ස
ීංහලෙන්) නැ පුතා එයා අපි දෙන්නගෙන් මොකූත් ඇහුවේ නැත්තේ අපි දෙන්නා සීංහල කතා කරන්න දන්නැ කියලා හිතලා. මගෙන් කවදාවත් එයාලා මොකූත් අහලා නැ Weni June 29, 2012 at 6:12 PM ඔව් ඒ සිද්ධිය නිසා වෙන්නත් පුලුවන් තමයි..බය ඇති කඩු පහරක් වත් වදීදෝ කියලා.. සිඳු June 28, 2012 at 6:57 PM මේ වැඩේ මටත් වුණා නිදහස් චතුරස්‍රය ෆොටෝ ගන්න ගිහින්. (මමත් බ්ලොග් එකේ ලිවුවා ඒ ගැන) එදාත් පොඩි සය්බර් ශොට් කැමරා වලින් , කැමරා ෆෝන් වලින් ෆොටෝ ගත්තු අය හිටියා ඕන තරම්. ඒත් එයාලට පෙනුනෙ මගෙ කැමරාව විතරයි. මට හිතෙන්නෙ DSLR කැමරා ද
ැක්කම බය වෙනවද කොහෙද පත්තරෙන් ඇවිත් කියල ඔව් සිදූ එහෙම බයකුත් එනවා ඇති.. වර්ණ June 28, 2012 at 10:37 PM මට නම් හොඳටම පුරුදු තැනක්.ඒත් ඔය ෆොටෝ කෙලිය නන් මටත් හිතා ගන්න බෑ. Weni June 29, 2012 at 6:13 PM ඔව් ..පොලීසිය එක්ක සාමෙන් ඉඳන් කර ගන්න ඕනි වැඩක් තමා.. The Modern Patriot June 29, 2012 at 11:08 AM මටනම් මේ සිද්ධිය ගැන වෙනස් කෝණයකින් බලන්නම හිතෙන්නේ නෑ. මේ පොලිස් නිළධාරියා ආචාරශීලීව කථා කළ නිසා මට හිතෙන්නෙම මේ ඉල්ලීම එච්චරම අසාධාරණ නෑ. අනිත් එක එය ෆොටෝ ගන්න එපා කිව්වෙත් නෑනේ. ලිපියේ ප.ලි. එකෙන්
මන් අදහස් කලෙත් ඒකම තමා... Dude June 29, 2012 at 11:16 AM උඹ කොහෙ ගිහින්දෝ???????????? Weni June 29, 2012 at 6:14 PM ඉන්නවා හෙන්රි පට්ට බිසි වෙන්ඩ උනා නොවැ.. ‘‘ඒ කතාව බොරුවක්. සන්ෆ්ලවර් කාටවත් තවම විකුණලා නැහැ“ නීල් වර්ණකුලසූරිය- Photos - Neel Warnakulasooriya's Article - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company - ‘‘ඒ කතාව බොරුවක්. සන්ෆ්ලවර් කාටවත් තවම විකුණලා නැහැ“ නීල් වර්ණකුලසූ
රිය- PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka 33,418 Views "සමහරවිට තව අවුරුදු හත අටකින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණාවි.." "මගේ දරුවන් සංගීතයට නැඹුරු අය නෙවෙයි.."කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ කණ්ඩායමක් හැටියට සන්ෆවලර් සංගීත කණ්ඩායම හදුන්වා දුන්නාට වරදක් නැහැ. ඒ තරම්ම ජනතාව ඒ කණ්ඩායමට ආදරේ කළා. පසුගිය කාලය පුරාවට රාවයක් පැතිරුණා නීල් වර්ණකුලසුරිය ප්‍රමුඛ සන්ෆ්ලවර් කෝටි ගණනකට ලංසු තියලා කියලා. ඒ ක
තාවේ ඇත්ත නැත්ත ගැන පුවත්පතකට නීල් වර්ණකුලසූරිය කතා කරලා තිබුණා.නීල්... මොකද මේ එකපාරටම සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට ඇතිවුණා කියන ප්‍රශ්නෙ...? සමාජ වෙබ් ජාලා කීපයකම පහුගිය දිනවල ප්‍රචාරය වුණා නීල් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණලා කියලා. මොකක්ද ඒ කතාව? ඒ කියන්නේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ශාන් කියන කෝටිපති ව්‍යාපාරිකයාට විකුණලා නැද්ද...? නෑ... එහෙම සන්ෆ්ලවර් තාම කාටවත් විකුණලා නෑ. ඒකම තමයි මාත් අහන්නේ... කවුද එහෙම කිව්වේ. ඇයි එහෙම කිව්වේ කියලා. ඔය සිද්ධියෙන් පස්සේ අපේ බලගල්ලගෙනුත් මාධ්‍ය ආයතනයක කෙනෙක් වි
ස්තර අහලා. ෆෝන් එකට කියපු දෙයක් පවා ඒ කෙනා වෙබ් සයිට්වලට දාලා. ඒක කොච්චර නරකද...? මට තේරෙන්නේ නෑ... ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. එතකොට නීල් හිතේවත් නැද්ද සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණන්න...? මෙහෙමනේ... අනාගතේ ගැන කියන්න හරියටම මම දන්නේ නෑ... හෙට මට මොනව වෙයිද කියල මම දන්නේ නැහැනේ. අනික මගේ දරුවන් වුණත් සංගීතයට නැඹුරු අය නෙමෙයි. ඉතින් සමහරවිට තව අවුරුදු හත අටකින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම විකුණාවි. හැබැයි ඇත්ත කතාව තාම මම කාටවත් සන්ෆ්ලවර් විකුණලා නෑ... ඒක බොරුවක්.ෆෝන් එකට කියපු දෙයක් ඒ කෙනා වෙබ
් සයිට්වල දාලා. ඒක කොච්චර නරකද. කොහොමද සන්ෆවලර් සංගීත කණ්ඩායමට තියෙන ඉල්ලුම එදා වගේමද...? සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම පටන් ගත්තු දවස් ඉඳන් අද වෙනතුරු හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංග වේදිකාවේ ලොකු ඉල්ලුමක් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට තියෙනවා. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ හිටපු සමාජිකයින් කීපදෙනෙක් වරින් වර සංගීත කණ්ඩායමෙන් වෙනත් කණ්ඩායම්වලට මාරැවුණා නේද...? ඒක සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට විතරක් ඇතිවුණු සිද්ධියක් නෙමෙයි. ඕනෑම කණ්ඩායමක ආරම්භකම සාමාජිකයෝම නෙමෙයි අදටත් ඉන්නේ. ඉතින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේදි මේ කාල