text
stringlengths
0
1k
ම් කට්ටලයලේන්සුහේමකඳශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත.දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය ශ්‍රී දළදා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ.මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ ධුරය දැරැ නෙරංජන් විජයරත්න ගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්‍රදර්ශණයට තැබිය යුතු යයි තීරණය කර ඔහුගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රි ලංකා ව්‍යපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී.ටී.බි.නුගවෙල නම් හිට
පු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්‍රාභරණ, බුද්ධ පූජා චාරිත්‍ර වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්‍රයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ.දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි
දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්‍රදර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමාගේ කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්‍රදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹ
ුරු අවබෝධයක් ලැබිය හැක.1814 වර්ෂයේදී ශ්‍රී වික්‍රමරාජසිංහ නම් අන්තිම රජු අල්ලා ගැනිමෙන් පසු සහ ශ්‍රි දළදාවේ ආරක්ෂකයින් ලෙස මහ නා හිමි දෙපළ සමග ගිහි භාරකරුවෙකු පත් කිරීමේ සිට දියවඩන නිලමේ තනතුරෙහි බොහෝ දෙනෙකු සේවය කර ඇත. ඔවුන් නම්,ආශ්‍රිත ලිපිශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරදළදා මාළිගාදළදා තේවාවදළදා පෙරහැර මංගල්‍යයදළදා මාළිගා කෞතුකාගාරයඅඩවියෙන් බැහැර පිටුශ්‍රී දළදා මාළිගාවපින්තූර ගැලරියදළඳා මාළිගාව1දළඳා මාළිගාව2දළඳා මාළිගාවේ ඇති චිත්‍ර3දළඳා කෞතුකාගාර පුස්කොල පොත් 4දළඳා මාළිගාව 5දළඳා මාළිගාවේ ඇති චිත්‍ර 6දළඳා මාළිගාව 7දළඳා මාළිගාව 8දළඳා මාළිගාවේ ඇති බුදුපිළිම 9දාතූන් වහන්සේගේ ආකෘතියක්10දළඳා මාළිගාවේඇති කැටයම්11මාළිගාවේ තේවා කරන ස්ථානය12පැරණිදළඳා මාළිගාව13කැටයම්14පුස්කොල පොත්15දළඳාවහන්සේ වැඩසිටින ස්ථානය15ශෛලේන්ද්‍ර රජ මාලිගාවේ දර්ශනයක් පදනම් කොට ගෙන රජෙකු හා රැජනක පෙන්නුම් කරන 8වන සියවසෙහි බොරෝබුදූර් නෙරූ කැටයමක්.ශෛලේන්ද්‍ර (සංස්කෘත:शैलेन्द्र කන්දෙහි අධිපතියා) හෝ නිල වශයෙන් ශෛලේන්ද්‍රවංශ (සංස්කෘත: ශෛල
ේන්ද්‍ර වංශය) යනු 8වන සියවසෙහි ජාවාහී පැනනැගුනු බලගතු ඉන්දුනීසියානු රාජ වංශයකි.ශෛලේන්ද්‍රවරුන් ඉතා සක්‍රීය ලෙසින් මහායාන බුද්ධාගම ප්‍රචාරයට අනුබල දෙමින් මධ්‍යම ජාවාහී කෙඩූ තැන්න පුරා බෞද්ධ ස්මාරක ඉදි කල අතර මේවා අතර ප්‍රසිද්ධ බොරෝබුදූර් ද ඇතුලත් විය .[1]සමුද්‍රාධිපත්ව ජාතියක් ලෙසින් සැලකෙන ශෛලේන්ද්‍රවරුන්, සාමුද්‍රීය අග්නිදිග ආසියාව පාලනය කල මුත්, මධ්‍යම ජාවාහී කෙඩූ තැන්නෙහි තීව්‍ර වී ගොවිතැනෙහි යෙදීම තුලින් කෘෂිකර්මය පිළිබඳ අවධානයක්ද යොමු කර ඇත. මෙම රාජ වංශය විසින් යම් කාලසීමාවක් තුල මධ්‍යම ජාවාහී මේඩං රාජධානිය සහ සුමාත්‍රාහී ශ්‍රීවිජය යන දෙකම පාලනය කල බව පෙනේ. සටහන්[සංස්කරණය]↑ "පේට්‍රන්ස් ඔෆ් බුඩිසම්, ද ශෛලේන්ද්‍රස් ඩියුරින් ද හයිට් ඔෆ් දෙයාර් පවර් ඉන් සෙන්ට්‍රල් ජාවා කන්ස්ට්‍රක්ටඩ් ඉම්ප්‍රෙසිව් මොන්‍යුමන්ට්ස් ඇන්ඩ් ටෙම්ප්ල් කම්ප්ලෙක්සස්, ද බෙස්ට් නෝන් ඔෆ් විච් ඊස් ද බොරෝබුදූර් ඉන් ද කෙඩූ ප්ලේන්" (හෝල් 1985:109 වෙතින් උද්ධරණය කෙරිණි).ලූනා ඇට්මොස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයිරන්මන්ට් එක්ස්ප්ලෝරර්චන්ද්‍ර කක්ෂයෙහි LADEE සිත්තරකුගේ මනසෙහි ඇඳි අයුරුමෙහෙයුම් වර්ගයචන්ද්‍ර වායුගෝල
ගවේෂණයක්‍රියාකරුනාසාCOSPAR ID2013-047ASATCAT №39246වෙබ් අඩවියnasa.gov/mission_pages/ladee/main/මෙහෙයුම් පැවතුම් කාලයප්‍රාථමික මෙහෙයුම: 100 දින දීර්ඝ කළ මෙහෙයුම: 28 දින අභ්‍යාවකාශ ගත කෙරුමෙන් පසු ගතවූ කාලය: 223 දිනඅභ්‍යාවකාශයානා ගුණාංගබසයMCSBනිෂ්පාදකඒම්ස් පර්යේෂණ ආයතනයදියත් ස්කන්ධය383 kg (844 රාත්)[1]වියලි ස්කන්ධය248.2 kg (547 රාත්)[1]අයබර ස්කන්ධය49.6 kg (109 රාත්)[1]මාන1.85 × 1.85 × 2.37 m (6.1 × 6.1 × 7.8 අඩි)[1]ජවය295 වොට්[1]මෙහෙයුමෙහි ඇරඹුමඅභ්‍යාවකාශගතකිරීම් දිනයසැප්තැම්බර් 7, 2013, 03:27 (සැප්තැම්බර් 7, 2013, 03:27) UTC[2]රොකට්ටුවමිනටාර් V පියාසැරිය 1අභ්‍යාවකාශගතකිරීම් අඩවියMARS LP-0Bකොන්ත්‍රාත්කරුOrbital Sciences Corporation[1]මෙහෙයුමෙහි අවසානයව්‍යපහරණයකක්ෂයෙන් ඉවත් කෙරිණික්ෂය දිනයඅප්‍රේල් 18, 2014 (අප්‍රේල් 18, 2014), ~04:30 UTCකක්ෂීය පරාමිතිකසමුද්දේශ පද්ධතියචන්ද්‍රෙක්න්ද්‍රික[3]චන්ද්‍ර දූරකය25–50 කිමී (16–31 සැත)[4]චන්ද්‍ර සමීපකය60–80 කිමී (37–50 සැත)[4]ආනතිය157 අංශක[4]ආවර්තය111.5 සිට116.5 දක්වා විනාඩි[1]Epochසැලසුම් කෙරිණි(විද්‍යා අදියර)චන්ද්‍රයා කක්ෂ ගත කරන්නාකක්ෂීය නිවේශ
යඔක්තොම්බර් 6, 2013, 10:57 UTCලූනා ඇට්මොස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයිරන්මන්ට් එක්ස්ප්ලෝරර් (LADEE}[5]) යනු, නාසා චන්ද්‍ර ගවේෂණ සහ තාක්ෂණ ප්‍රදර්ශන මෙහෙයුමකි. මිනටාර් V රොකට්ටුව භාවිතයෙන් 2013 සැප්තැම්බර් 7 දිනදී එය මධ්‍ය-අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යාවකාශ තොටුපොළ වෙතින් අභ්‍යාවකාශ ගත කෙරිණි.[6]ආශ්‍රිත[සංස්කරණය]↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;FAQ නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;launchschedule නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;nsf20130906 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ 4.0 4.1 4.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;spf101-traj නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි↑ "LADEE මිෂන් ඕවර්විව්". NASA.gov. සැප්තැම්බර් 6, 2013. සම්ප්‍රවේශය දෙසැම්බර් 4, 2013.↑ "ලූනා ඇට්මොස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයිරන්මන්ට් එක්ස්ප්ලෝරර් (LADEE)". ජාතික අභ්‍යාවකාශ විද්‍යා දත්ත කේන්ද්‍රය ප්‍රධාන නාමාවලිය. නාසා.ස්ථාවර පියා
පත් (fixed-wing) ගුවන් යානය වාතයට වඩා බර යානාවක්(heavier-than-air craft) වන අතර එහි එසවීම සිදුකෙරෙනුයේ යානාවට සාපේක්ෂව තටු වල චලනය උපයෝගී කරගැනීමෙන් නොව,වාතය තුලින් ඉදිරියට යෑම උපයෝගී කරගැනීමෙනි.මෙම වදන භාවිතා වන්නේ ගුවන් යානාවට සාපේක්ෂව තටු චලනය වීම මගින් එසවීම සිදුකරන්නා වූ rotary-wing aircraft හා ornithopters වලින් මෙය වෙන්කොට දැක්වීම සඳහා ය. ස්ථාවර පියාපත් සහිත ගුවන් යානා දෙකක්වඩා බහුල ලෙස " aeroplane "(අයර්ලන්තයේ හා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් වල, කැනඩාව හැර ) හෝ " airplane” (එක්සත් ජනපදයේ හා කැනඩාවේ )යන යෙදුම් ,ඕනෑම අවර පෙති වලින් හෝ ජෙට් එන්ජින් මගින් ක්‍රියාකරන fixed wing ගුවන්යානයක් හැඳින්වීමට යොදාගැනේ. මෙම වචනය ග්‍රීක භාෂාවේ αέρας (aéras-) ("වාතය") සහ -plane යන වචන වලින් සාදන ලද්දකි. " aeroplane" මෙම යෙදුම් දෙක අතුරින් වඩා පැරණි වන අතර එය 19 වන සියවස දක්වා විහිදේ. මිනිසුන් සේවයේ යෙදුන හෝ නොයෙදුන ද; ප්‍රමාණයෙන් විශාල හෝ කුඩා වුවද; සෑම fixed wing ගුවන්යානයක්ම පාහේ ආදර්ශනය කරනු ලබන්නේ සමහර විට ඊට වඩා විශාල හෝ කුඩා වූ fixed wing ගුවන් යානාවක අනුරුවක් භාවිතා කරමිනි. මෙවැනි බොහෝ
ගුවන් යානා දුරස්ථ පාලකයක් හෝ රොබෝවෙක් මගින් පාලනය කල හැක.තාක්ෂණය[සංස්කරණය]ගුවන් යානා ෆ්ලැප් සහ ඒරර්රෝෆොයිල් (සුළං වල හැසිරීම)ගුවන් යානා වල පියාපත් සැලසුම් කිරීම සහ විශ්ලේෂණය කිරීම තරල යාන්ත්‍ර විද්‍යාවේ ශාඛාවක් වන වායුගතික විද්‍යාවේ ප්‍රධාන යෙදුම් වලින් එකකි. ප්‍රතිපත්තිමය වශයෙන්, චලනය වන ඕනෑම වස්තුවක් වටා ඇති වාත ප්‍රවාහයේ ගුණාංග, දියර ගතිකතාවයේ නේවියර්-ස්ටොක්ස් සමීකරණ විසඳීමෙන් සොයා ගත හැකිය. කෙසේ වෙතත්, සරල ජ්‍යාමිතික හැරුණු විට මෙම සමීකරණ විසඳීමට ඉතා අසීරු වන අතර සරල සමීකරණ භාවිතා කෙරේ. පියාපත් සෝපානයක් නිපදවීමට නම් එය සුදුසු ප්‍රහාරක කෝණයකට යොමු කළ යුතුය. මෙය සිදු වූ විට, පියාපත් පියාසර කරන විට වාතය ගලායාම පහළට හරවයි. පියාපත් එහි දිශාව වෙනස් කිරීම සඳහා වාතයට බලයක් යෙදෙන බැවින් වාතය ද පියාපත් මත සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් යෙදිය යුතු අතර එමඟින් පියාපත් මතුපිට විවිධ වායු පීඩන ඇති වේ. හරස්කඩ හැඩය[සංස්කරණය]එයාර්ෆෝයිල් ප්‍රහාරක කෝණයඑයාර්ෆෝයිල් (ඇමරිකානු ඉංග්‍රීසි) හෝ එයාරොෆොයිල් (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි) යනු පියාපත්, තලය (ප්‍රචාලකය, රෝටර් හෝ ටර්බයිනයක) හෝ රුවල් හැඩයේ හැඩයයි (හරස
්කඩෙහි පෙනෙන පරිදි). අසමමිතික හරස්කඩක් සහිත පියාපත් උප ශබ්දයක් තුළ පියාසර කිරීම සාමාන්‍ය දෙයකි. සමමිතික හරස්කඩක් සහිත පියාපත් වලට වාතය පහළට හැරවීම සඳහා ධනාත්මක ප්‍රහාරක කෝණයක් භාවිතා කිරීමෙන් එසවීමක් උත්පාදනය කළ හැකිය. සමමිතික එයාර්ෆොයිල් වල එකම පියාපත් ප්‍රදේශයේ කැම්බර්ඩ් එයාර්ෆෝයිල් වලට වඩා වැඩි ස්ථායි වේගයක් ඇති නමුත් ගුවන් යානා කෙළින්ම හෝ පෙරළී තිබියදී ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් ලබා දෙන හෙයින් එය ගුවන් යානා වල භාවිතා කෙරේ. තවත් උදාහරණයක් නම් රුවල් බෝට්ටු වලින් වන අතර එහිදී රුවල් යනු සිහින් පටලයක් වන අතර එහි එක් පැත්තක් සහ අනෙක් පැත්ත අතර දිග-දිග වෙනසක් නොමැත. ශබ්දයේ වේගය ආසන්නව පියාසර කිරීමේ වේගය (ට්‍රාන්සොනික් ෆ්ලයිට්) සඳහා, ශබ්දයේ වේගය ආසන්නයේ වාත ධාරාව හා සම්බන්ධ ඩ්‍රැග් වල දැඩි වැඩිවීම අවම කිරීම සඳහා සංකීර්ණ අසමමිතික හැඩතල සහිත එයාර්ෆොයිල් භාවිතා කෙරේ. සුපර්ක්රිටිකල් එයාර් ෆොයිල් ලෙස හැඳින්වෙන එවැනි ගුවන් පථ ඉහළින් පැතලි වන අතර පතුලේ වක්‍ර වී ඇත.පින්තූර ගැලරිය[සංස්කරණය]රුසියානු ඇන්ටනොව් -225, ලොව විශාලතම ස්ථාවර පියාපත් ගුවන් යානය (ලොව විශාලතම ගුවන් යානය).තායි එයාර්වේස් බෝ
යිං 747-දෙවන විශාලතම මගී ගුවන් යානය (බෝයිං විසින් ඇමරිකාවේ නිෂ්පාදිත)එයාර් ෆ්‍රෑන්ස් එයාර් බස් ඒ 380 -ලොව විශාලතම මගී ගුවන් යානය (යුරෝපයේ නිපදවන ලද්දේ එයාර් බස්)සුඛෝයි එස්යූ 57-රුසියානු 5 වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක ගුවන් යානයලොක්හීඩ් මාටින් එෆ් 22 රැප්ටර්-ඇමරිකානු 5 වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක ගුවන් යානයශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ඒ 340 (විකුණන ලද)ඇව්රෝ ලැන්කැස්ටර්- දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය බෝම්බ හෙලන ගුවන් යානයකිනාසි ජර්මානු ජන්කර්ස් ජූ 87 "සුට්කා"- දෙවන ලෝක යුද්ධයේ සාර්‍ථක ගුවන් යානයක් (ගුවන් කිමිදුම් බෝම්බ ගුවන් යානය)ග්ලයිඩරයක්ලිහිනියා එම්කේ 1- ගුවන් හමුදාව මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මිනිසුන් රහිත ඔත්තු බැලීමේ ගුවන් යානයක් (ඩ්‍රෝන්)විරාගය සිංහල සාහිත්‍යයේ සුvවිශේෂි සළකුණක් තැබූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත නවකතාවකි. වික්‍රමසිංහයන්ගේ සියළු කෘතීන්ට පොදු වූ පැරණි ගැමි සමාජය පිළිබඳ ඔහුගේ සමාජ දෘෂ්ඨිය මෙයින්ද යම් තරමකින් සංකේතවක් කෙරේ.සිංහල නවකතා මඟින් බිහි කෙරුණු චරිතයන් අතරින් වැඩිම විවේචනයන්ට හා වැඩිම දෝෂාරෝපනයන්ට ලක්වූ චරිතයක් වේ නම් ඒ විර
ාගයේ 'අරවින්ද' යි. 1965 දී මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියා පලකරන ලද 'නවකථාංග හා විරාගය' කෘතියේ ද දිගු පරිච්ඡේදයක් අරවින්දගේ චරිතය විවේචනය සඳහා වෙන් කොට ඇත. එමෙන්ම සාහිත්‍ය විවේචකයන්ගේ සිට විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් 'අරවින්ද' ගේ චරිතය විවිධ අයුරින් අරුත් ගන්වා ඇත.'විරාගය' මූලික වශයෙන් ගලා යන්නේ අරවින්ද නම් එක් පුද්ගලයෙකුගේ ස්වයං ආත්ම විවේචනයක් ලෙසය. එය ඔහුගේ මරණින් පසු එය කියවන 'සැමී' විසින් සංස්කරණය කොට ඉදිරිපත් කරන්නක් සේ නවකතාවෙහි දැක්වේ."කවර මනුෂයෙකුගේ චරිතයෙහි වුවද චරිතයෙහි අංග එකිනෙකින් වෙන් කොට හැඳිනගත නොහැකි දේදුන්නක් වැන්නයි අරවින්දගේ සංකීර්ණ චරිතයෙහි එක් අංගයක් වත් නිශ්චය වශයෙන් හඳනාගත නොහැකි වූ මම සිතුවෙමි. දේදුන්නෙහි වර්ණ එකිනෙක වෙන් කොට හැඳිනගැනීමට වෑයම් කරන්නා මිරිඟුව ඔස්සේ ගිය එකකු මෙන් වෙහෙසෙයි"- පිටුව 4, පළමු පරිච්ඡේදය (විරාගය)"අරවින්ද තමාගේ මව්පියන්ටත් සහෝදරියටත් දැඩි ලෙස ඇල්ම කළේය. එහෙත් ඔවුන්ගේ වුවද හොඳගති මෙන් නරක ගති මිනිහෙකුගේ මළකඳ කපා පිරික්සන ව්‍යවච්ඡේඥයකු මෙන් ඔහු හෙළි කරයි. ඔහු තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන්ද අහුමුළු වල සැඟවුණු අශෝභන තැන්ද හෙ
ළි කරනුයේ පාපෝච්ඡාරණයෙන් ආත්ම ශුද්ධිය පතන්නෙකු ලෙසිනි"- පිටුව 11, පළමු පරිච්ඡේදය (විරාගය)"ඔහු බුද්ධියට වඩා දියුණු කල හැඟීම් ඇත්තෙක් යි මට නිසැකවම වැටහිණි. ඔහු අනුන්ට දැක ගත හැකි සේ කෝප නොවීය; ශෝක නොවීය; ඔහු තමාගේ දයාව, කරුණාව, ආදරය වචනවලට නඟා කටින් පිට නොකළේය. එහෙත් ඔහු අප මෙන් කෝප වන්නෙක් විය. කෝපය නැඟුණු වහාම ඔහු එය අනුකම්පාවට හරවා ගත්තේය. කෝපය වුවද ආදරය වුවද මැඩ ගන්නට වෑයම් කරන්නා සිතින් පීඩා විඳියි. අරවින්ද ගෑනියකට ආලය නොකරන, කෝප නොවන කෙළෙසුන් මැඩ ගත්තෙකු ලෙස ජීවත් වූයේ තමාගේ ඇතුලු හදට වද දීමෙන් බව නිසැකය. අරවින්දගේ චරිතය හාරා ගරා එහි ඇති තිරුවාණ ගල් හා බොරළු මෙන්ම මැණික් ද සෙවීමට මා තුළ දැඩි කුහුලක් හට ගත්තේය"- පිටුව 5, පළමු පරිච්ඡේදය (විරාගය)අරවින්දගේ චරිතය කියවීමකින් තොරව විරාගය කියවිය නොහැක. අරවින්දගේ චරිතය තනිකමෙන් පෙළුණු හා තර්ක බුද්ධියේත්, ව්‍යවහාරයේත් ඝට්ටනයන් හේතුවෙන් ජීවිතය කෙරෙහි දැඩි උදාසීනත්වයක් දැක්වූයෙකු ගැන හෙළි කරයි.විරා‍ගයේ ඇති අනෙක් චරිත අතරින් මේනකා, සරෝජනී, සිරිදාස හා බතී ප්‍රධාන වෙති. අරවින්දගේ චරිතය බොහෝ විට හැඩ ගැසෙන්නේත්, ගලා යන්නේත් ඔවුන් මූලික කොටගෙන
ඔවුන් වටාය."මගේ ජීවිතයේ හතරමං හන්දිය සරෝජනී නිසා උපන් ආලයයි. ගතයුත් මඟ නිශ්චය කොට දැඩි සිතින් ඒ මඟ ගැනීමට තරම් ධෛර්්යයක් මට නොවීය. සරෝජනී සිරිදාස හා විවාහ වූ පසු මා විසින් ගතයුතු දෙමඟින් එකක්වත් ගැනීමට වුවමනා නිර්භයත්වයෙන් මම හීනයෙක් වීමි. වලට වැද හෝ අරමකට වී අපිස් ලෙස ජීවත් වීමට නිර්භයබවකුත් දැඩි සිතකුත් වුවමනාය. මම ඒ දෙකින්ම තොර වූවෙක්මි."- පිටුව 190, (විරාගය)තමන්ගේ නිවස සොයුරිය විසින් අත්පත් කර ගනිද්දීත්, තමන් ප්‍රෙමකරන තරුණිය අනෙකකු විසින් විවාහ කර ගනිද්දීත් ඔහු ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසීය. තම නිවසේ මෙහෙකාරියගේ දියණියට තම වියදමින් උගන්වා පසුව ඇයව විවාහ කරදුන් ඔහු ඊට එරෙහිව වූ සමාජ අපවාදයන් කෙරෙහි නෑසු කන්ව සිටියේය. අවසානයේ ඒ හේතුවෙන්ම සිතින් හා කයින් දුර්වල අයෙකු විය. නමුත් අවසානයේදී ඔහු මියයන්නේ ඒ හේතුවෙන් ඇතිවූ කළකිරීමෙන් නොවේ. ජීවිතය අවසාන භාගයේදී ඔහු මනුෂ්‍ය ජීවිතය සම්බන්ධයෙන් වූ සනාතන සත්‍යයක් සාක්ෂාත් කර ගනියි."බතීත් සරෝජනීත් පිළිබඳ මගේ හැඟීම මැරෙන්නට යන පක්ෂියෙකු මෙන් අත්තටු සලතියි මට සමහර විට හැ‍ඟේ. නොතින් ආසාව මට දැන් මගේ ශෝකයට නොව සොම්නසට හේතුවෙයි. මගේ ආත්ම විශ්වාසය න
ැතිවිය. තැණවතීගෙන් සාත්තු ලබමින් මා ජීවත් වූ කාලය මරු කතරක ජීවත්වීමක් ලෙස හැ‍ඟේ. මගේ ලෙඩේ සුව නොවේ. එහෙත් කරුණාව, දයාව, ඇල්ත යන ආදී මිනිස් දහමින් නොතොර තැනක ජීවත්වීම නිසා මගේ කල කිරීම දුරු විය. මා වඩාත් කලකිරුණේ බතී නිසාය. ඈ නිසාම මගේ කලකිරීම තුනී විය. මනුෂ්‍ය ජීවිතය මැනෙන මිනුමක් වශයෙන් නම් කුල සිරිත් හා ගුණ දහම් වූ කලී කාලය, දේශය, අවස්ථාව අනුව වෙනස් නොවන කෝදුවක් නොවේ."- පිටුව 201, (විරාගය)ආශ්‍රිත සැබැඳුම්[සංස්කරණය]මාර්ටින් වික්‍රමසිංහ නිල වෙබ් අඩවිය[permanent dead link]සම්පීඩන ප්‍රත්‍යාබලය නිසා විරූපණය සිදුවන අතර, එය නිසා වස්තුව මිටි බවට පත් වන අතරම දෙපසට ප්‍රසාරණය වෙයි.සන්තති යාන්ත්‍ර විද්‍යාවනියමස්කන්ධ සංස්ථිතියගම්‍යතා සංස්ථිතියශක්ති සංස්ථිතියඑන්ට්‍රොපි අසමානතාවයඝන යාන්ත්‍ර විද්‍යාවඝනප්‍රත්‍යාබලය • විරූපණයසංවර්ත්‍යතාවපරිමිත වික්‍රියාව • අත්‍යණුක වික්‍රියාවප්‍රත්‍යාස්ථතාව ( රේඛීය) • සුවිකාර්යතාවආනමනය • හුක්ගේ නියමය අසමර්ථ වාදයබිඳුම් යාන්ත්‍ර විද්‍යාවඝර්ෂණ රහිත/ඝර්ෂණ ස්පර්ශ යාන්ත්‍ර විද්‍යාවතරල යාන්ත්‍ර විද්‍යාවතරලතරල ස්ථිතිකය • තරල ගතිකයපෘෂ්ඨික ආතතියනේව
ියර්–ස්ටෝක්ස් සමීකරණදුස්ස්‍රාවිතාව:නිවුටෝනියානු, නිවුටෝනියානු-නොවනස්‍රැති විද්‍යාවදුස්ස්‍රාවිප්‍රත්‍යාස්ථතාවසපන් තරල: චුම්බකස්‍රැතිවිද්‍යාත්මක විද්‍යුත්ස්‍රැතිවිද්‍යාත්මකඅයශ්තරලස්‍රැතිමිතිය • ස්‍රැතිමානයවිද්‍යාඥයින්බර්නෝලි • කෝචි • හුක්නේවියර් • නිවුටන් • ස්ටෝක්ස්vteද්‍රව්‍යය විද්‍යාවෙහි, විරූපණය යනු, එය මත යෙදුනු බලයක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ කාර්යය වෙයි) හෝඋෂ්ණත්වයෙහි වෙනස්වීමක් නිසා (මෙහිදී විරූපණ ශක්තිය බවට හැරවෙන්නේ තාපය වෙයි). හෝ වස්තුවක හැඩය හෝ ප්‍රමාණය හෝ වෙනස් වීමක් වෙයිභෞතික විද්‍යාව පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteසිම්බියන්නොකියා බෙලේ fp2 හි මුල් තිරයනොකියා බෙලේ fp2 හි මුල් තිරයවිකාශකයාසිම්බියන් සමාගම (1998–2008)සිම්බියන් පදනම (2008–11)නොකියා (2010–11) නොකියා වෙනුවෙන් අවධාරණය (2011–13)[1]ලියන ලද්දේC++[2]OS පවුලRTOSWorking stateඅත්හිටුවන ලදිමූලාශ්‍ර ආකෘතියහිමිකාර මෘදුකාංග,[3] මීට පෙර නිදහස් මෘදුකාංග (2010–11)Initial release5 ජුනි 1997; වසර 26 කට පෙර (1997-06-05) (EP
OC32 වශයෙන්)Latest releaseනොකියා බෙලේ ඇසුරුම 2 / 2012 ඔක්තෝම්බර් 2ලබා ගත හැක්කේබහු භාෂාUpdate method65Package manager.sis, .sisx, .jad, .jarPlatformsARM, x86[4]Kernel typeReal-time microkernel, EKA2Default user interfaceS60 (2009 සිට)Licenseහිමිකාර මෘදුකාංග,[5], EPL යටතේ කලින් බලපත්‍ර ලබා ඇතOfficial websitesymbian.nokia.com/ (2014 මැයි මාසය වන විට අක්‍රියයි), symbian.org/ (2009-10 වන විට අක්‍රියයි)සිම්බියන් යනු අත්හිටුවන ලද ජංගම මෙහෙයුම් පද්ධතියක් සහ ස්මාර්ට්ෆෝන් සඳහා නිර්මාණය කර ඇති පරිගණක වේදිකාවකි.[6] සිම්බියන් පළමුව සංවර්ධනය කරන ලද්දේ PDA සඳහා හිමිකාර මෘදුකාංග මෙහෙයුම් පද්ධතියක් ලෙස 1998 දී සිම්බියන් සමාගම විසින් ය.[7] සැම්සුන්, මෝටරෝලා, සෝනි එරික්සන් වැනි බොහෝ ප්‍රධාන ජංගම දුරකථන වෙළඳ නාමයන් විසින් සිම්බියන් භාවිතා කළ අතර ඒ සියල්ලටත් වඩා නොකියා විසිනි භාවිතා කළේය. ජපානයේ ෆුජිට්සු, ෂාප් සහ මිට්සුබිෂි ඇතුළු වෙළඳ නාම වලින් එය ප්‍රචලිත විය. ස්මාර්ට්ෆෝන් කර්මාන්තය ආරම්භ කළ පුරෝගාමියෙකු වශයෙන්, ස්මාර්ට්ෆෝන් සීමාසහිතව භාවිතා කරන ලද කාල වකවානුවේදී 2010 වසර අවසානය දක්වාම ලොව පුරා වඩාත්ම ජ
නප්‍රිය වූ ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය එය විය. පසුව iOS සහ ඇන්ඩ්‍රොයිඩ් විසින් මෙය අභිබවා යන ළදි.මූලාශ්‍ර[සංස්කරණය]↑ "Nokia and Accenture Finalize Symbian Software Development and Support Services Outsourcing Agreement | Accenture Newsroom". newsroom.accenture.com.↑ Lextrait, Vincent (January 2010). "The Programming Languages Beacon, v10.0". 30 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 January 2010.↑ Nokia transitions Symbian source to non-open license. Ars Technica. Retrieved 12 June 2014.↑ Lee Williams "Symbian on Intel's Atom architecture". Archived from the original on 19 අප්‍රේල් 2009. සම්ප්‍රවේශය 31 මාර්තු 2010.{{cite web}}: CS1 maint: bot: original URL status unknown (link). blog.symbian.org. 16 April 2009↑ "Not Open Source, just Open for Business". symbian.nokia.com. 4 April 2011. සම්ප්‍රවේශය 23 August 2014.[භින්න වූ සබැඳිය]↑ Lunden, Ingrid (30 September 2011). "Symbian Now Officially No Longer Under The Wing of Nokia, 2,300 Jobs Go". mocon
ews.net. 1 October 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 September 2011.↑ "infoSync Interviews Nokia Nseries Executive". Infosyncworld.com. 24 June 2010. 13 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 August 2010.ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙහි, ශ්රෝඩින්ගර් සමීකරණය යනු භෞතික පද්ධතියක ක්වොන්ටම් අවස්ථාව කාලය සමග වෙනස් වන අයුරු විස්තර කරන සමීකරණයකි. ඕස්ට්‍රියානු භෞතික විද්‍යාඥ අර්වින් ශ්රෝඩින්ගර් විසින්, එය 1925 හී අග භාගයෙහි සූත්‍රණය කෙරී 1926දී ප්‍රකාශයට පත් කෙරිණි.සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවෙහි, චලිත සමීකරණය වන්නේ නිව්ටන්ගේ දෙවන නියමය වන අතර, සමතුල්‍ය සූත්‍රණ වන්නේ ඔයිලර්-ලැගෝන්ජ් සමීකරණ සහ හැමිල්ටන්ගේ සමීකරණ වෙති. මෙම සියළු සූත්‍රණයන්හී, ඒවා භාවිතා වන්නේ යාන්ත්‍රික පද්ධතියක චලිතය විසඳීමට වන අතර, පද්ධතියෙහි ආරම්භක පරිස්ථිතීන් සහ වින්‍යාසයට පසු ඕනෑම වේලාවක පද්ධතිය කුමක් කරන්නේද යන්න ගණිතමය වශයෙන් පුරෝකථනය කරයි.ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙහි, නිව්ටන්ගේ නියමයට තුල්‍යරූප යන්නේ, සාමාන්‍යයෙන් නිදහස්, බැඳුනු හෝ ස්ථානගත පරමාණු, අණු සහ අනුපරම
ාණුක අංශු වලින් සමන්විත ක්වොන්ටම් පද්ධතියක් සඳහා ශ්රෝඩින්ගර් සමීකරණයයි. එය සරල වීජීය සමීකරණයක් නොවන අතර, (සාමාන්‍ය වශයෙන්) රේඛීය ආංශික අවකලන සමීකරණයක් වෙයි.මල්ලව පොරAncient Greek wrestlers (Pankratiasts)එල්ලයGrapplingඔලිම්පික් ක්‍රීඩාවGreco-Roman and Freestyleමල්ලව පොර ක්‍රීඩාව යනු ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර ආයුධ භාවිතයෙන් තොරව සිය ශරීර ශක්තිය උපයෝගී කරගෙන සිය ප්‍රතිවාදියාව මෙල්ල කිරී‍ෙම්‍ ක්‍රීඩාවයි.මෙහිදී ප්‍රතිවාදියාව මෙල්ල කිරීම සඳහා උපයෝගී කරනු ලබන තාක්ෂණයන් අතර ප්‍රතිවාදියාව දැඩිව ග්‍රහණයට ලක් කිරීම ඔහුව සිරකර ගැනීම හා සිය ශරීර ශක්තිය උපයෝගී කර ගැනීම වැනි දෑ දැකිය හැකිය. සාමාන්‍යයෙන් සටනකදී මෙම තාක්ෂණයන්ගෙන් බැහැරව සටන් කිරීම විවිධ ආබාධයන් ඇති වීමට හේතු ‍ෙව්‍.මෙම ක්‍රීඩා‍ෙව් මුලික ප්‍රතිපත්ති ආත්ම ආරක්ෂාව සඳහා කෙරෙන සටන් ක්‍රම හා හමුදාවේ මුහුනට මුහුනලා ඉතා ලඟින් සිදු කෙරෙන ස‍ටන් වලට සමානව පවතී.විවිධ ස්වරූපයේ මල්ලව පොර තරඟ ලොව පුරා පැතිර තිබෙන අතර ඒවා සතුව දීර්ඝ ඉතිහාසයක්ද ඇත. ක්‍රීඩාවක් වශයෙන් මල්ලව පොර ක්‍රීඩා කිරීම ඔලිම්‍පික් ක්‍රීඩා අතරට එක් වුයේ මීට අවුරුදු සිය ගණනකට ප
ෙරය.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteමෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.Manufacturing යනු යන්ත්‍ර, මෙවලම් සහ ශ්‍රමය යොදා ගනිමින් භාවිතය හෝ විකිණීම සදහා භාණ්ඩ නිෂ්පාදනයයි.රාජසිංහ යන්නෙන් පහත දෑ අදහස් විය හැක:පළමුවන රාජසිංහ - සීතාවක රාජධානියේ රජු (1581-1593)දෙවන රාජසිංහ - මහනුවර රාජධානියේ රජු (1634 -1686)ශ්‍රී විජය රාජසිංහ - මහනුවර රාජධානියේ රජු (1739–1747)කීර්ති ශ්‍රී රාජසිංහ - මහනුවර රාජධානියේ රජු (1747-1782)රාජාධි රාජසිංහ - මහනුවර රාජධානියේ රජු (1782-1798)ශ්‍රී වික්‍රම රාජසිංහ - මහනුවර රාජධානියේ අවසන් රජු (1798-1815)මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteෂෙයාර් වෙයා(ර්) යනු පරිගණක මෘදුකාංග සඳහා වූ අලෙවිකරණ ක්‍රමයක් ව
න අතර එය අන්තර් ජාලයෙන් වාගත කිරීමෙන් හෝ සඟරාවක කවර තැටි ලෙස නොමිළේම පරිශීලනයට ලබා ගත හැක. එමගින් යම් ක්‍රමලේඛයක සම්පූර්ණ අනුවාදය මිළදී ගැනීමට පෙර එම ක්‍රමලේඛය අත්හදා බැලීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. අත්හදා බැලීමේ මෘදුකාංගය තුළ එහි සම්පූර්ණ අනුවාදයේ පහසුකම් පවතී නම් එය කුඩා කලකට පමණක් පරිශීලකයාට භාවිතා කිරීමේ අවස්ථාව හිමිවනවා මෙන්ම යාවත්කාලීන කිරීම හෝ ආධාරක සටහන් හෝ අනෙකුත් අතිරේක මෘදුකාංග භාවිතා කිරීමේ පහසුකම් හිමි නොවේ. Shareware මෘදුකාංග “ මිළ දී ගැනීමට පෙර අත්හදා බලන්න.” ලෙස ප්‍රචලිතය. Shareware මෘදුකාංග සැම විටම මුදල් ගෙවීම සඳහා වූ ඉල්ලීම් අන්තර්ගත අතර මෘදුකාංග බෙදාහැරීමේ බලපත්‍ර සඳහා එවැනි ගෙවීම් අවශ්‍ය වේ.ජර්මනියේ බැවේරියාවේ රෙයිස්ටින්හී චන්ද්‍රිකා සන්නිවේදනය සඳහාවූ විශාලතම පහසුකම් සැපයුමෙහි පිහිටි පරාවලයික චන්ද්‍රිකා සන්නිවේදන ඇන්ටෙනාවක්.අන්තර්ජාලයේ කොටසක විවිධ ගමන්පථ දෘශ්‍යකරණයක් ඔප්ටො ව්‍යාපෘතිය වෙතින්.දුරසන්නිවේදනය යනු සන්නිවේදනය සඳහා සැලකිය යුතු තරම් දිගු දුර ඔස්සේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමයි.ශාන්ත ඩෝහාන් අපොස්කුලුවරයා සෙබිඩිගේ පුත් වු අතර සාන්තුවර මහා ජාකොබ්ග
ේ සහෝදරයා විය. එක් සම්ප්‍රදායක් ඔහු‍ගේමව ලෙස සලෝමි කරනු ලබයි. උතින්මි මොවුන් දිවරයන් විය. මෙම දහෝදර දෙදෙනාගේ තාත්තා සමග ඩෙන‍සරතේ වැවෙහි මාලු ඇල්ලුහය. පළමුව ස්නාවක ජුවාම්තුමාගේ ශ්‍රාවකයෙකු වු සිටි මොහු පසුව ජේසුස් වහන්සේ ඇපොස්කුළුවරැන් දෙළොස් දෙනා අතරට පැමිණයියේය.ශාන්ත ජොහ්ාන් අපොස්තලික පදනමේ ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. ජයිරස්ගේ දුවව මරණයෙන් නැගිටිම (මාක් 5:37) ක්‍රිස්තුස් වහන්ගේ ගෝලයින් තිදෙනා ඉදිරියේ ශ්‍රි විභුතියෙන් බැපබලෙමින් පෙනි සිටිම (‍මතොව් 17:1) හා ගෙත්සමනි අරගලය (මාතෙව් 26;27) යන අවස්ථාවල සාක්ෂිකරැවන් වශවෙන් පෙනි සිටයේ පේදුරැතුමන් ‍ජාකොබ්තුමන් හා ජොහාන්තුමන්ය. ජොහාන්තුවන් පේදුරැතුමන් පමණක් අවසාන යුදෙව් වසන්ත උත්සව පිළියෙල කිරිමට නගරයට යැවුහ. භෝජනය අවස්ථාවේදි ශාන්ත ජෝහාන් ජේසුස්ගේ අසළම අසන් ගත් අයෙකි. ජේසුස් වහන්සේව අල්ලාගෙන මාලිගාව වෙන ගෙන ගිය විට උන්වහන්සේ පිටෙුවස මොහුද පේදුරැතුමහන්ද ගියහ. මොහු කල්වයාියේදි කුරැසයේ ඇණ ගැසු ‍ෙජ්සුස් වහන්ගේ පාද අසළ ජේසුස් ගේ මව වු මරියතුමියන් හා අනිකුත් සැදැහැවත් ගැහැණුන් සමග හුදෙකලාව සිටියේය. පසුව ජේසුගේ අවසාන උරැමයේ සංකේතයක් ලෙස මරියකතුමියට තමන්
ගේ රැකවරනයට බාර ගත්තේය. (ජො‍හාන් 19;25-27) 6 වන සියවනසේ අපොස්කුළුවරැන්ගේ රැසියානු සධාර්මික සංකේතය හා ශුද්ධවර ජෝහාන්උත්ඵාලනයෙන් පසු සොහොන් ගැබ වෙත ගිය පළමු ශ්‍රාවකයින් දෙදෙනා වුයේ ‍ජෝහාන් හා පේදුරැය. ජේසුස් වහන්සේ සත්‍ය වශනේ උත්ථාපබනය වු බවට පළමුව පිළිගත්තේද ජෝහාන්ය. (ජෝහාන් 20:2=-10) ජොහාන් ශුභාරංචියේ කර්තෘ සැමවිටම ඔහු ජේසුස් වහන්සේ වැඩි වශයෙන් ආදරය දක්වනු අපෝස්කුළුවරයා ලෙස පෙන්නුම් කිරිමට උනන්දු වියත ජේසුස් වහන්ගේ අහස් නැගීමේ මංගල්‍යයට පසු හා පෙනන්තකොස්ති දිනයේ ශුද්ධාත්මයාණන් බැසිම යන සිද්ධි දෙකට පසුව ජොහාන් පේදුරැ සමග" එක්ව ක්‍රිස්තු සභාව ස්ථාපිත කර එය මග පෙන්විම ප්‍රමුඛත්වයක් දැරැවේයි සිතනගෝනයේ ආබාධිචත මිනිසා සුවකිරිමේදි පිතරු් සමග ජොන් පැමිණ සිටියේය. (ක්‍රියා. 3;1) පේදුරැව සිහරගෙදරට දැමු අවස්ථාවෙදි ඔහුත් සමග ජෙහාන්ද සිටියේය (ක්‍රිය. 4:3) සමාරියාවේ අළුතින් සංවර්තනය වු පිරිස හමුවිමට පේදුරැ සග ජෝහාන් ද ගියේය.බයිබලයේ ජොහාන් පිළිබදව සුවිශේෂ කොටස් පෙළ මාලාවජුදෙයා‍ව් ක්‍රියා සම්බන්ධව කාල සිමාව ගැන නිශ්චිත තොරතුරැ නොමැත. අනිත් අපොස්කුලු වරැ සමග පොදුව ජොහාන් ද පළමු කම්කරැවන් ුඅතරෙහි අව
ුරැදු 12 ක කාලයක් නත කෙරැවේය. ඉන්පසුව හෙරොද්ගේ හිංසා, රෝමන් අධිරාං්‍යාගේ යැම ස්ථානය වෙත අපොස්කුළුවරැ වෙන් ව ගියහ. (ක්‍රියා. 12;1-17) කුඩා ආසියාව, තුළට ගොස් විවිධ පුදේශ වල පදවි පවත්වාගෙන ගිය බවට ස්‍ත්‍ය ලෙස පිලිගත හැක. මගීෂස්එහි පාවුළුගේ කම්කරැව්නට පෙර ගැලවුම්කරැගේ ප්‍රජාව එහිදි පවත්වාගෙ ගියේය. (ක්‍රියා 18:27) මෙම ප්‍රදේශයන්හි ජෝහාන්ඩෙග් තාවකාලික නවාතැන් සම්බන්ධිකරණය කරන්නට ඉතා ලෙසි පහසු විය. දෙවන මිෂනාරි ගමන සදහා පාවුළු ශුභාරංචිය දේශනා කිරිමට මසියියා හා බිතින්යා යන ආසියා නගර දෙකට ගියේය. (ක්‍රියා 16;6) මෙය කිසිසේත් බලපෑමකට ලක් නොවීය. අනිත් ශ්‍රාවකයෝ සමග පාවුළු ජෙරැසලිම‍අපොස්තලික සභාව වෙත නැවත පැමිණියේය (ක්‍රි.ව 6 පමණ0 *ගලාති 2:9දෙස බලන්න)නව ගිවිසුමේ අතින් ලේඛන අතින් ජොහාන් පිලිබදව තවදුරටත් ඉගෙන ගත හැරක්කේ ජොහාන්ගේ ලියවිලි තුනෙන් සහ හෙළිදරව් පෙ‍ොතෙනි. මෙහි ලියවිලි දෙකක හා හෙලිදරව් පොතේ සදහන්ව ඇත්තේ ජොහාන් ජේසුස් වහන්‍සේගේ ක්‍රියාවන් හා පුද්ගලික සාක්ෂිකරැවා වු බවවයි. 91 ජෝන් 1:1-5, 4;14) ජොහාන් කුඩා ආසියාවේ දිගු කාලයක් ජිවත් වු බවත් වයිවිධ අපොස්තලික සබාවන්හි කොන්දෙහි හදුනාගත බවත් අපෝසතල
ික සභාවේ නායකයෙකු සැටියට බලයෙන් ලත් බවත් මෙහි සදහන් වේ. තවද හෙළිදරව් පොතට අනුව හෙළිදරව්වේ දර්ශනය තම කතුවරයා වෙත පිදම් ලැබුවය් පැටිමස් දුපතනි බවද කිව ඇත (හෙලිදරව් 1:9)ජොහාන්ගේ ශුභරංචිය ඇතුළු නව ගිවිසුමේ ජො‍හාන්ගේ පොත් පහේ කතෘ වුයේ ශාන්ත ජොහාන්ය. කෙසේ වුවත නම විවේචනාතම්ක වියතුන් ජොහාන්ගේ අවසාන සංස්කරණය, පළවන සියවසේ අග හෝ දෙවන ‍සියවස ආරම්භයේ ස්ථානගත කළහ.Photographic Studies in Hypnosis, Abnormal Psychology (1938)මිනිසෙකුට හොඳින් පෙනෙන ශරීරයකුත් එසේ නොපෙනන සිතක් හෙවත් මනසකුත් ඇත. ශරීරයේ ඉතාම වැදගත් අවයවයකි මොලය. මොලය විසින් ශරීරයේ අනෙක් අවයවවල යම් පාලනයක් නියාමනයක් සිදු කරයි. විද්‍යාව අනුව, මනස යනු මොලය ආශ්‍රය කරගෙන පවතින මොලයේම යම් ක්‍රියාකාරිත්වයකි. ඇත්තටම මෙහිදී මොලය කියා තනි අවයවයක් පමණක් උලුප්පා දැක්කුවත්, මොලයට තවත් හවුල්කාරයන් කිහිප දෙනෙක් සිටී. මොලය හා එම හවුල්කාරයන් සියල්ලම පොදුවේ ස්නායු පද්ධතිය ලෙස හඳුන්වනවා. ඒ අනුව, මනස යනු මුළු ස්නායු පද්ධතියම ආශ්‍රය කරගෙන පවතින ‍තත්වයක් බව මින් පැහැදිලි වෙනවා.සත්වයකුට පවතින්නේ එක සිතකි. එම සිතට සුවිශේෂි ලක්ෂණ ගණනාවක් පවතිනවා. තර්ක කිර
ීම, විශ්ලේෂණය කිරීම, සිතීම, මතක තබා ගැනීම, සතුට-දුක-තනිකම-උනන්දුව වැනි දහසකුත් හැඟීම් හා භාවයන් ඇති කර ගැනීම, යම් යම් දේ සාධාරණීකරණය කිරීම වැනි නොයෙක් ඥාණන ක්‍රියාවන් මනසින් සිදු කරනවා. විද්‍යාව ඔස්සේ තවදුරටත් මේවා අධ්‍යනය කරගෙන යන විට, මනස තුළ මේවා සිදු වන්නේ විවිධ මට්ටම් හෝ ආකාරවලින් බව පෙනී ගියා. ඒ අනුව විද්‍යාඥයන් මනස කොටස් කිහිපයකට බෙදා දැක්වූවා. බොහෝ අය උඩු සිත හා යටි සිත ලෙස පවසන්නේ මෙලස කළ එක්තරා බෙදීමක්. එහෙත් නිවැරදිව තවත් සියුම්ව සලකා බලන විට, මනස කොටස් තුනකට බෙදා දක්වන්නටත් පුළුවන්. එය සවිඥානය, උප-විඥානය, හා අවිඥානය ලෙසයි. ඇත්තටම මෝහනය අධ්‍යනය කිරීමට මෙම බෙදීම ඉතාම යෝග්‍යයි. උඩු සිතටම තමයි සවිඥානය කියන්නේ. උපවිඥානය හා අවිඥානය යන දෙකටම තමයි යටි සිත කියන්නේ.අවිඥානය සම්පූර්ණයෙන්ම වට කර ගෙන උපවිඥානය පිහිටනවා. හරියට පොල්ගෙඩියක මදය වටකරගෙන පොල් කට්ට පිහිටනවා වාගේ. එලෙසම එම දෙකම වටකරගෙන සවිඥානය පිහිටිනවා. ඇත්තටම රූපමය ආකාරයට, ඒ කියන්නේ ආකෘතියක් ලෙස එහෙම පැහැදිලි කළත්, සැබැවින්ම ඒවා එකිනෙකාට සාපේක්ෂව තිබෙන්නේ කෙසේදැයි කිසිවෙක් නොදනී. සාමාන්‍යයෙන් ජීවියෙක්/මනුෂ්‍යයෙක් ජීවත්වන විට ම
ෙම මනස් තුනම ඒ ඒ මට්ටම්වලින් සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අධ්‍යනය පහසුව තකා එලෙස තුන් ආකාරයට බෙදුවත් සත්‍ය ලෙස ඒ තුනම එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ.උපවිඥානයේ තමයි දිගු කාලීන මතකය පවතින්නේ. තවද, හැඟීම් හා භාවයන් තැන්පත් වන්නේද එහිමයි. අපේ පුරුදු සියල්ලම ගබඩා වී පවතින්නේය උපවිඥානයේ. මෙලෙස උපවිඥානය සතු තවත් ලක්ෂණ ගණනාවක් පවතිනවා. ඔබේ හොඳ සහ නරක ජීවන තත්තවයන් දෙකටම වග කියන්නේ මෙම උපවිඥානයයි. උදාහරණයක් ලෙස, ඔබ සිගරට් බොන නරක පුරුද්ද ඇති කරගෙන තිබේ නම්, එම පුරුද්ද පවතින්නේ මෙම උපවිඥානයේය. සවිඥානයටද සුවිශේෂි ලක්ෂණ ගණනාවක් පවතිනවා. තර්ක කිරීම, තමන් දරන මතය සාධාරණ බව තහවුරු කිරීමට වෑයම් කිරීම, බාහිරින් හෝ ශරීරය අභ්‍යන්තරයෙන් වුවද මනසට ලැබෙන පණ්වුඩ යටි සිතට යෑමේදී විකෘති කිරීම ඒ අතර ප්‍රමුඛ වෙනවා.ඉහත කෙටි විස්තරය සලකා බැලූ පසු දැන් අපට පුළුවන් මෝහනය යනු ඇත්තටම කුමක්දැයි විද්‍යාත්මකව බැලීමට. මෝහනය යනු උඩු සිතේ බලපෑම ඉතා අවම කර, යටි සිත සමග ඍජු සම්බන්ධයක් ගොඩනඟා ගැනීම හා මෝහනයට පත්වන තැනැත්තාට අවශ්‍ය (කැමැති) යෝජනා පමණක් යටි සිතට (උඩු සිතෙන් ඇති කරන කිසිම විකෘතියකින් තොරව) ඇතුළු වීමට ඉඩ
සැලැස්වීමයි.මෝහනය පිළිබද ඉහත අර්ථකථනය දුටු විට, එහි කොටස් දෙකක් පවතින බව පෙනේ. බොහෝ අය මෝහනය ලෙස දකින්නේ ඉන් පළමු කොටස පමණයි. එහෙත් ඇත්ත වශයෙන්ම මෝහනයට ඉහත කොටස් දෙකම අවශ්‍යයි. උඩු සිත තුනී කිරීම හෝ මග හැරීම හෝ එහි බලපෑම අවම කිරීම ඉතාම අත්‍යවශ්‍ය වේ. දෙවැනි කාර්යය ඉටු කිරීමට මෙම පළමු කාර්ය සිදු විය යුතුමයි. ඊට හේතුව මෙයයි. ඔබට සිගරට් බොන පුරුද්ද අත් හැරීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධව යටි සිතේ පැලපදියම්ව පවතින අදහස්/තොරතුරු වෙනස් කළ යුතුය. ඒ සඳහා කියන යෝජනා නිකංම ඔබ සාමාන්‍ය සිහියෙන් සිටින විට කියපු විට, උඩු සිත විසින් ඒවා යටි සිතට ඒ විදයටම යන්නට දෙන්නේ නැහැ. ඊට හේතුව උඩු සිතේ පවතින ලක්ෂණයක් බව දැන් ඔබ දන්නවා. ඇත්තටම උඩු සිතේ මෙම ක්‍රියාවට අවධි සාධකය යන විද්‍යාත්මක නම භාවිතා වෙනවා. මෝහනයේදී මෙම අවධි සාධකය මැඩ පවත්වනවා. ඒ විතරක් නොවේ, අවධි සාධකය තුනී කළාට පසුව වුවත් මෝහනයට පත් තැනැත්තාට යෝජනා කරන ඒවා නිකංම භාර ගන්නේ නැත. ඔහුට අවශ්‍ය කරන යෝජනා පමණයි ඔහු භාර ගන්නේ. මින් ඇත්ත වශයෙන්ම යම් ආරක්ෂාවක් ඔහුට ලැබෙනවා. එහෙම නැති වුවොත් ඕනම කෙනෙක්ට වෙනත් කෙනෙකු මෝහනයට පත් කර තමන්ට අවශ්‍ය දේවල් ඔහු ලවා ක
රවා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඇත්තටම චිත්‍රපටිවල නම් එබදු දර්ශන තිබෙනවා. එහේත් ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය වේ.ඉතිහාසය[සංස්කරණය]මධ්‍යම භාගයේ සහ නූතන කාලයේ මුල් අවස්ථාවේ ඇවිසෙන්නා වැනි වෛද්‍යවරු මෝහනය අවබෝධ කරගැනීමට පටන් ගති.පොදු ක්‍රම[සංස්කරණය]ශරීරය ක්‍රමයෙන් සැහැල්ලු කිරීම වැනි දීර්ග ක්‍රම සහ විනාඩි හතරකට අඩු කාලයකින් කෙනෙකු මෝහනයට පත්කළ හැකි වේගවත් ක්‍රමද, තත්පරයකින් කෙනෙකු මෝහනය කල හැකි ක්ෂණික මෝහන ක්‍රමද භාවිතයේ පවතී. බිය ඇත්නම් මේ කිසිම ක්‍රමයකින් මෝහනය කල නොහැක.References[සංස්කරණය]සාමුද්‍රීය ශාක ප්ලවාංග සහ භෞමික වෘක්ෂලතා යන දෙවර්ගයම ඇතුළු ගෝලීය ප්‍රභාසංශ්ලේෂණ ව්‍යාප්තිය දක්වන සංයුක්ත රූපයක්ශාකයන්හී සිදුවන ප්‍රභාසංශ්ලේෂණ වර්ගයෙහි සමස්ත සමීකරණයප්‍රභාසංශ්ලේෂණයෙහි සිදුවන ද්‍රව්‍යය ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලීයප්‍රභාසංශ්ලේෂණය යනු, ආලෝකය ඇතිවිට කාබන් ඩයොක්සයිඩ් හා ජලය උපයෝගී කරගෙන ප්‍රකාශ ස‍්වයංපෝෂී ජීවීන්ට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය කරගැනීමේ පරිවෘත්තීය ක්‍රියාවලිය යි.මේ සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව, හරිතප්‍රද, ජලය සහ හිරුඑළිය අමුද්‍රව්‍ය ලෙස භාවිතා වන අතර එනයින් හිර
ු එළිය සහ කාබන්ඩයොක්සයිඩ් වායුව බාහිර සාධක ලෙස ද ජලය හා හරිතප්‍රද අභ්‍යන්තර සාධක ලෙස ද සැළකේ. කාබන් චක්‍රයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ජීවක්‍රියාවක් සඳහා භාවිතාවන එක ම අවස්ථාව මෙය වේ. එබැවින් ඔක්සිජන්:කාබන්ඩයොක්සයිඩ් අනුපාතය නියතව තබා ගැනීම සඳහා ප්‍රභාසංශ්ලේෂණය අත්‍යාවශ්‍ය වේ.වාච්‍යාර්ථය[සංස්කරණය]ප්‍රභාසංශ්ලේෂණය (මෙම විද්‍යා වදනට සංස්කෘත බසින් ව්‍යවහාර වන්නේ प्रभासंयोगह् යනුවෙන් වන අතර එය ශබ්ද නැගෙන්නේ ප්‍රභාසම්යෝග ලෙසිනි. මෙහි අර්ථය ආලෝක ශක්තිය අනුසාරයෙන් සංයෝග කිරීම විය හැක. කෙසේවෙතත් प्रभा ප්‍රභා යන සංස්කෘත වදනෙහි අර්ථය "ආලෝකය" යන්න වන අතර संश्लेषिन् සංශ්ලේෂණ් යන සංස්කෘත වදනෙහි අර්ථය "එකට එක් කිරීම" යන්නයි. එනයින් ගත් කල මෙහි අරුත පැහැදිලි කර ගත හැක.) යනු ජීවියාගේ ක්‍රියාවලීන් සඳහා භාවිතා කල හැකි ඉන්ධන සපයාගැනුමට රසායනික ශක්තිය බවට හිරුගෙන් ග්‍රහණය කෙරෙන ආලෝක ශක්තිය පරිවර්තනය කිරීමට ශාක සහ ආනකුත් ජීවීන් විසින් භාවිතා කෙරෙන ක්‍රියාවලියකි. ශාක, ඇල්ගී, සහ බොහෝ බැක්ටීරියා විශේෂ තුල ප්‍රභාසංශ්ලේෂණය සිදු වන නමුත්, ආකෙයා තුල සිදු නොවේ. ප්‍රකාශ ස්වයංපෝෂියන් ලෙසින් ප්‍රභාසංශ්ලේ
ෂක ජීවීන් හැඳින්වෙන්නේ ඔවුන් විසින්ම ඔවුන්ගේ ආහාර නිපදවාගත හැකි නිසාය. ශාක, ඇල්ගී සහ සයනොබැක්ටීරියා තුලදී, ප්‍රභාසංශ්ලේෂණය විසින් කාබන්ඩයොක්සයිඩ් සහ ජලය භාවිතා කොට, අතුරුඵලයක් ලෙසින් ඔක්සිජන් නිදහස් කරයි. පෘථිවිය මත සමස්ත සවායු ජීවය සඳහා ප්‍රභාසංශ්ලේෂණය ඉතා වැදගත් වෙයි. වායුගෝලයෙහි සාමාන්‍ය ඔක්සිජන් මට්ටම පවත්වාගෙනයෑමට අමතරව, එක්කෝ සෘජු ලෙසින් ප්‍රාථමික නිෂ්පාදනය තුලින් හෝ, වක් ලෙසින් ඔවුන්ගේ ආහාරයන්හී අත්‍යන්ත ප්‍රභවය ලෙසින් හෝ පෘථිවියෙහි සමස්ත ජීවයෙහිම වාගේ ශක්ති ප්‍රභවය වන්නේ ප්‍රභාසංශ්ලේෂණය වන අතර,[1] ව්‍යතිරේකයන් වන්නේ ගැඹුරු මුහුදේ ජලතාප වාතව් අවට හෝ ගල් තුල හෝ ජීවත් වන රසායනික ස්වයංපෝෂිතයන් වෙති. ප්‍රභාසංශ්ලේෂණය මගින් ශක්තිය ග්‍රහණය කිරීමේ අති මහත් මධ්‍යනය සීඝ්‍රතාවය දළ වශයෙන් 130 ටෙරාවොට් වන අතර,[2][3][4] එය මිනිස් ශිෂ්ටාචාරය විසින් කෙරෙන සමස්ත ජව පරිභෝජනය මෙන් සය ගුණයක් පමණ විශාල වෙයි.[5] ශක්තියෙහි ප්‍රභවයක් වන සේම, ප්‍රභාසංස්ලේෂණය ජීවින්ගේ දේහයන්හී සියළු කාබනික සංයෝගයන්හී කාබන් හී ප්‍රභවයද වෙයි. සමස්තයක් වශයෙන් ගත් කල, ප්‍රභාසංශ්ලේෂී ජීවින් විසින් වසරකට 100–115 පෙටා
ග්‍රෑම් පමණ කාබන් ජෛවස්කන්ධය බවට පත් කරති.[6][7]ආලෝක ප්‍රතික්‍රියාව[සංස්කරණය]ප්‍රධාන ලිපිය: අලෝක-පරායත්ත ප්‍රතික්‍රියාතයිලකොයිඩ පටලයෙහි ප්‍රභාසංස්ලේෂණයෙහි ආලෝක ප්‍රතික්‍රියාහරිතලවයේ තයිලකොයිඩ පටල මත සිදුවේ. කාබන්ඩයොක්සයිඩ් හා ජලය උපයෝගී කරගනිමින් (හිරු එළියෙන් ලැබෙන) ශක්ති පෝටෝන ඇතිවිට ග්ලූකෝස් නිපදවයි. ඔක්සිජන් අතුරුඵලයක් ලෙස පිටවන අතර ඒ, ප්‍රභාජලවිච්ඡේදනය නිසාවෙනි.ප්‍රභාපද්ධති I හා ප්‍රභාපද්ධති II නම්වූ ක්‍රියා ඒකක වර්ග දෙකක් තයිලකොයිඩ පටල මත දක්නට ලැබේ. මින් හිරුඑළිය හමුවේ පළමු ක්‍රියාකාරිත්‍වය ලබන්නේ ප්‍රභාපද්ධති II ලෙස නම්කළ ව්‍යුහය යි. එය පසුව සොයාගත්තක් නිසා එසේ නම් කර ඇත.ප්‍රභාපද්ධති II ට පෝටෝන පතිත වී එහි ඇති ඉලෙක්ට්‍රෝන උත්තේජිත අවස්ථාවට පත් වේ. ඒවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් හරහා ප්‍රභාපද්ධති I වෙත යොමු කෙරේ. මේ අතරතුර ප්‍රභාපද්ධති II හි ඇතිවූ ඉලෙක්ට්‍රෝන ඌණතාව වළකාලීමට ප්‍රභාවිච්ඡේදනය නොහොත් ජල අණුවක් ඔක්සිජන් හා H+(ප්‍රෝටෝන) දෙකකට බිඳලයි.අඳුරු ප්‍රතික්‍රියාව[සංස්කරණය]හරිතලවයේ පංජරයේ සිදු වේ. මෙය ආලෝකය ඇතිවිටත්, නොමැති විටත් එක සේ සිදුවේ. මෙහි
ක්‍රියාවලීන් “කැල්වින් චක්‍රය“ නමින් මෙල්වින් හා කැල්වින් විද්‍යාඥයන් විසින් පැහැදිලි කර ඇත.කැල්වින් චක්‍රයේ පළමු පියවරකැල්වින් චක්‍රය[සංස්කරණය]ආලෝක ප්‍රතික්‍රියාවෙන් නිපැයූ NADPH හා ATP භාවිතා වේ.කාබොක්සිල්කරණය - රිබියුලෝස් බිස් පොස්පේට් කාබොක්සිලේස් එන්සයිමය; කාබන්ඩයොක්සයිඩ් සමග රිබියුලෝස් බිස් පොස්පේට් බැඳීම උත්ප්‍රේරණය කරයි. ඉන් ප්‍රභාසංශ්ලේෂණයේ ප්‍රථම අස්ථායි සංයෝගය සාදා අනතුරුව ග්ලිසරැල්ඩිහයිඩ්-3-පොස්පේට් (G3P) අණු දෙකක් බවට පත්වේ.PGA ඔක්සිහරණය - ඒ හා සබැඳෙන ATP හා NADPH මගින් බයිපොස්පොග්ලිසරේට් (PGAL) අණුවක් සාදමින් ATP → ADP බවටත් NADPH → NADP+ බවටත් පත් වේ. fuu PGAL වලින් කොටසක් කාබනික ආහාර නිපැයීමට යෙදවේ. කැල්වින් චක්‍රයේ දෙවන පියවරRuBP ප්‍රතිජනනය - ඉතිරි PGAL හා ATP බැඳී RuMP හරහා නැවත RuBP ඇතිවේ.මූලාශ්‍ර[සංස්කරණය]↑ බ්‍රියන්ට් ඩී ඒ, ෆ්‍රිගාඩ් එන් යූ (2006). "ප්‍රොකැරියොටික් ෆොටොසින්තසිස් ඇන්ඩ් ෆෝටොට්‍රොෆි ඉලුමිනේටඩ්". Trends Microbiol. 14 (11): 488–96. doi:10.1016/j.tim.2006.09.001. PMID 16997562. {{cite journal}}: Unknown parameter |month= ignored (help)↑ නී
ල්සන් කේ එච්, කොන්රඩ් පී ජී (1999). "ලයිෆ්: පාස්ට්, ප්‍රසන්ට් ඇන්ඩ් ෆියුචර්". Philos. Trans. R. Soc. Lond., B, Biol. Sci. 354 (1392): 1923–39. doi:10.1098/rstb.1999.0532. PMC 1692713. PMID 10670014. {{cite journal}}: Unknown parameter |month= ignored (help)↑ විට්මාර්ෂ් ජේ, ගෝවින්ජී (1999). "The photosynthetic process". මෙම කෘතිය තුල: සිංහාල් ජී එස්, රෙන්ගර් ජී, සොපොරි එස් කේ, ඉර්ගැන්ග් කේ ඩී, ගෝවින්ජී. කන්සෙප්ට්ස් ඉන් ෆොටෝබයලජි: ෆොටොසින්තසිස් ඇන්ඩ් and photomorphogenesis. Boston: Kluwer Academic Publishers. පිටු. 11-51. ISBN 0-7923-5519-9. http://www.life.illinois.edu/govindjee/paper/gov.html#80. "100 x 1015 grams of carbon/year fixed by photosynthetic organisms which is equivalent to 4 x 1018 kJ/yr = 4 x 1021J/yr of free energy stored as reduced carbon; (4 x 1018 kJ/yr) / (31,556,900 sec/yr) = 1.27 x 1014 J/yr; (1.27 x 1014 J/yr) / (1012 J/sec / TW) = 127 TW." ↑ Steger U, Achterberg W, Blok K, Bode H, Frenz W, Gather C, Hanekamp G, Imboden D, Jahnke M, Kost M, Kurz R, Nutzinger HG
, Ziesemer T (2005). Sustainable development and innovation in the energy sector. Berlin: Springer. p. 32. ISBN 3-540-23103-X. The average global rate of photosynthesis is 130 TW (1 TW = 1 terawatt = 1012 watt).{{cite book}}: CS1 maint: multiple names: authors list (link)↑ "වර්ල්ඩ් Consumption of Primary Energy by Energy Type and Selected Country Groups, 1980–2004" (XLS). එනර්ජි ඉන්ෆර්මේෂන් ඇඩ්මිනිස්ට්‍රේෂන්. July 31, 2006. සම්ප්‍රවේශය 2007-01-20.↑ Field CB, Behrenfeld MJ, Randerson JT, Falkowski P (1998). "Primary production of the biosphere: integrating terrestrial and oceanic components". Science. 281 (5374): 237–40. doi:10.1126/science.281.5374.237. PMID 9657713. {{cite journal}}: Unknown parameter |month= ignored (help)CS1 maint: multiple names: authors list (link)↑ "Photosynthesis". McGraw-Hill Encyclopedia of Science & Technology. 13. New York: McGraw-Hill. 2007. ISBN 0-07-144143-3. තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේවර්ෂය4 - 5 වන සියවසවර්ගයගල් මූර්තිපිහිටීමඅනුරාධපුරයතොළ
ුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ බුදුන් වහන්සේගේ සමාධි මුද්‍රාව විදහා දක්වයි. අනුරාධපුරයේ තොළුවිල දි 1900 දි මුල්වරට ඉංග්‍රීසි ජාතිකයන්ට හමුවූ අතර පසුව ඔවුන් විසින් කොළඹ කෞතුකාගාරයට ගෙනයන ලදුව දැනට එහි ප්‍රදර්ශනයට තබා ඇත. කළු ගලින් නිර්මාණය කරන ලද මෙම ප්‍රතිමාව උසින් අඩි 5 අඟල් 9 ( මිටර 1.75 ) වේ.මුද්‍රාව[සංස්කරණය]සමාධි මුද්‍රාවේ බුද්ධ ප්‍රතිමාවකි. මෙම භාවනා කිරීමේ ඉරියව්වේදී එරමිනියා ගොතා ගෙන අත්ල උඩු අතට හරවා එකක් මත එකක් සිටින සේ උකුල මත දෑත් තබා බුදුන් වහන්සේ වැඩ හිඳින සේක.මෙම පිළිමය අනුරාධපුරයේ සමාධි බුදු පිළිමයට සමානකමක් දක්වයි. වැඩහිඳිනා ඉරියව්ව විරාසනයයි. ඉන්දියාවේ මථුරා පිළිම සම්ප්‍රදායේ ආභාසය ලැබි ඇත. අඩවන් දෙනෙතින් නුදුර බලා සිටින ආකාරයෙන් නෙළා ඇති මෙම පිළිමයෙන් බුදුරජාණන් වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාව මැනවින් පැහැදිලිව පෙන්නුම් කරයි.ඉතිහාසය[සංස්කරණය]අනුරාධපුරයේ අග භාගයේදි පමණ නිර්මාණය කරන ලදැයි සැලකේ. (ක්‍රි.ව. 4 -5 වන සියවස.)මේවාද බලන්න[සංස්කරණය]තොලුවිල පුරාවිද්‍යා රක්ෂිතයමතුගමරටශ්‍රී ලංකාවපළාතබස්නාහිර පළාතදිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කයසරිය • මුළු105 කිමී2 (41 සතරැ
ස් සැත)උන්නතාංශය16.7 මී (54.8 අඩි)වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)තැපැල් කේතය12100කලුතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මතුගම නගරය පැරණිදේශ සීමා බෙදීම් අනුව පස්යොදුන් කෝරළයට අයත් වෙයි.කෝට්ටේ සයවන පරාක්‍රම බාහු රාජ්‍ය කාලයේ දී ඔහුගේ අප්‍රකට අග බිසව වූ මධුරා නොහොත් මිහිරි දේවියටශ්‍රී වර්ධන නම් කුමාරයෙකු විය. රජු මේ කුමරු ට ප්‍රතිරාජ තනතුර ලබා දී පස්යොදුන් කෝරළයට පිටත් කර එවීය. එහි පාලන බලය උසුලන අතර තුර සිය මව වූ මිහිරි දේවියද සිය බල පෙදෙසට ගෙන්වා ගන්නට ප්‍රතිරාජයන්ට සිදු විය. එයට හේතු වූයේ රජ වාසලේ වූ කුමන්ත්‍රණ ව්‍යායාමයයි. මෙයින් පසු පස්යොදුන් කෝරළයේ වත්මන් අගලවත්ත සහ මතුගම ට සීමා වන කලාපයේ වාස ග්‍රහණය කළ මේ බිසව නිසා මේ පෙදෙසට මාතෘ ග්‍රාම නම ව්‍යවහාර විය. එය පසුව මතුගම වූ බව පැවසේ. ක්‍රි.ව. 1766 දී මතුගම ගමට ලියවුණු ලන්දේසි තෝම්බුවකට අනුව මුණසිංහ පෙළපතටමේ පෙදෙසහි ඉඩම් කීපයක් අයත්ව පැවති බව පෙනේ. අද මෙය දියුණු නගරයකි. මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය එහි සීමාවයි.රන්වලා ගල කඳු සිඛරය මෙහි පවතින දර්ශණීය ස්ථානයකි. එම කන්දේ පෝෂක ප්‍රදේශයෙන් ගලා එන මැණික් ගොඩ ඇළ එකතුවන්නේ බෙ
න්තර ගංගාවටයි. මෙම පෙදෙසේ විශාල වපසරියක් රබර් වගාවට යට වී ඇත. එයටඅමතරව කුඩා තේ වතු වැවිල්ලෙන් සිය ආදායම සරි කර ගන්නා ජනතාවකට මතුගම වාස භූමි වෙයි. පාරම්පරික ජීවන වෘත්තිය වී ගොවිතැන නමුත් වර්තමානයේ දී මෙහි ආර්ථිකය විවිධාංගීකරණය වී ඇත.  * මතුගම ඇතුළු පස්දුන් රට ඉතිහාසයවර්තමාන මතුගම ප්‍රදේශය පුරාණ බෙදීම් වලට අනුව මායා රටට හා දක්ඛිණ දේශයට අයත් වේ.පසුකාලීනව බෙදීම් අනුව පංචයෝජන ( පස්‍ යොත්න ) හෙවත් පස්‍ යොදුන් කෝරළයට අයත් වේ.ඒ අනුව දිගින් යොදුන් 5 ක් ද පළලින් යොදුන් 5ක් ද වූ (යොදුන් 1 ක් සැතපුම් 16 ක් වේ.) විසල් ප්‍රදේශය පස් යොදුන් කෝරළය හෙවත් පස්දුන් රට ලෙස හැදින්වේ. එය නැගෙනහිරින්  සබරගමු කඳුකරයේ බටහිර බෑවුමින්ද, බටහිරින් මහ සාගරයද, උතුරින් කලු ගඟේ දකුණු ඉවුරද, දකුණේ බෙන්තර ගඟින් ද මායිම් වේ. මෙකී විසල් පස්යොදුන් රට කේන්ද්‍රීය මධ්‍යස්ථානය හෙවත් අගනගරය ලෙස හැඳින්වෙන්නේ මතුගම  නගරයයි. මතුගම යන නාමය පබැඳීම කෙරෙහි මුල් වන කාරණා කීපයක් ජනවහරේ වෙයි.           කෝට්ටේ රාජධානි සමයේ 6 වන පැරකුම්බා රජ දවස ඔහුගේ ප්‍රියතම බිසවක් වූ මධුරා හෙවත් මිහිරි දේවියට ශ්‍රී වර්ධන නම් පුත් කුමරෙක් විය.රජු වර්ධන
කුමරා ප්‍රතිරාජ පදවිය දුන් අතර පස්දුන් රට  පාලනය පිණිස මේ ප්‍රදේශයට එවීය.රජවාසල කුමන්ත්‍රණයක් නිසා කුමරා තම මව වන මධුරා දේවිය තම ප්‍රදේශයට ගෙන්වා මවට මැදුරක් කරවා එහි වාසයට කටයුතු යෙදීය.මව වාසය කල ප්‍රදේශය මාතෘ ගාම නම් විය.පසුව එය මාතු ගාම වී කල් යත්ම මතුගම නම් විය.      තවද ප්‍රදේශය පුරා ම පහත්බිම් දෙනි ගොඩැලි වගුරු බිම් හා ගම් බිම් වේ.ඒ සියල්ල ට වඩා උස්වූ බිමෙහි මත්තෙහි පිහිටි ගම මතුගම නම් වූ බවද කියවේ.        ඉහත කතා වලට අමතරව දැක්වෙන ජනවහරක කියවෙන්නේ එක් රජෙකු සේනා සමග අතරමංව ගමන් ගන්නා අතරතුර එක්වරම උස්බිමක පිහිටි ගමක් මතුවූ බවත් එනිසා එම ගම මතුගම නම් වූ බවත් ය.          ග්‍රාම නාමය පටබැඳීමට පාදක වූ ඓතිහාසික වශයෙන් ඉහත සිදුවීම් ද,තවත් ඓතිහාසික සිදුවීම් රාශියකට පස්දුන් කෝරළය සබැඳී පවතී.   පලමු වරට පස්දුන් රට ගැන සදහන් වන්නේ පොළොන්නරු අවධියේදී ය.පොළොන්නරුවේ මහා පැරකුම්බා රජදවස එතුමාගේ පුත් මානාභරණ කුමරු පස්දුන් රටට පැමිණ සේනා සංවිධානය කරමින් ප්‍රදේශය අස්වද්දා සංවර්ධනය කල බව ඉතිහාසගතය.       තවද මහා විජයබාහු රජු ද්‍රවිඩ ආක්‍රමණයෙන්  පොළොන්නරුව බේරා ගැනීමට රුහුණේ සිට සේනා සංවිධා
නය කර ගමන් කල මාර්ග තුනෙන් එක් මාර්ගය ක්ද පස්දුන් කෝරළය හරහා වැටී තිබේ.         කෝට්ටේ යුගයේ රණශූරයෙක් වූ වීදිය බණ්ඩාර හෙවත් වේධය කුමරු සිරගෙයින් පලාවිත් පස්දුන් කෝරළයේ මතුගමට නුදුරු පැලැන්ද ප්‍රදේශය ආශ්‍රිතව බලකොටුවක් තනා එහි සිට සේනා සංවිධානය කල අතර වර්තමාන එම ප්‍රදේශය පාලින්ද නුවර නොහොත් බදුරලිය නම් වේ.       දඹදෙණි හා පොළොන්නරු යුගවල රජකල දෙවන පරාක්‍රමබාහු රජුගේ  අමාත්‍යවරයකු  වූ දේවපතිරාජ ඇමති පස්දුන් කෝරළයේ කැකුලන්දල සිටි අතර අගලවත්ත කැකුලන්දල පතිරාජ පිරිවෙන් පුරාණ ටැම්පිට විහාරය ඔහු කරවූවකි.                    පස්දුන් රට ජනාවාස වීම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන්නකි. ඊට මනා සාක්ෂි සපයන ස්ථානයකි පස්දුන් කෝරළයේ බුලත්සිංහල පාහියන්ගල.වසර 38000 කට වඩා පැරැණි මානව පොසිල ඉන් හමුවී ඇත.         මතුගම ප්‍රදේශය ජනාවාස වීම ගැන තොරතුරක් ද වේ.එනම් සීතාවක රාජසිංහ රජුගේ උදහසට ලක්වූ ප්‍රභූ පවුලක සොහොයුරන් දෙදෙනෙකු රහසිගතව වනාන්තර ගිරිදූර්ග ගහන නිරතුරුව වැසිලැබෙන මෙකී පස්දුන් රටට පැනවිත් මතුගම ආසන්න හොරපැලයවත්ත නම්ප්‍රදේශය තුළ වාසය කල අතර ඔවුන් ආවාහ විවාහ කරගෙන මෙහිම වාසය කළහ.ඔවුනගෙන් ආර
ම්භ වූ පරම්පරාවසුප්‍රකට මුණසිංහ පරම්පරාව වේ. දේශගුණය හා පරිසරය        පහතරට තෙත් කලාපයේ පිහිටි මතුගම ඇතුළු පස්දුන් කෝරළය සම සීතෝෂ්ණ දේශගුණයකට හිමිකම් කියයි.වාර්ෂික වර්ෂාපතනය ද ඉතා ඉහල මට්ටමින්  පවතින අතර ප්‍රදේශයේ ජලයද ගුණාත්මක බවින් ඉහළය. නිරිතදිග මෝසම් වර්ෂාවෙන් ප්‍රධාන ව වැසි ලැබේ.සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 ක් 32 ත් අතර මට්ටමේ පවතී.නමුත් වර්ෂයේ දෙසැම්බර් අගෝස්තු හා ජනවාරි කාලයේ උෂ්ණත්වය පහල බැසීම සමග සීතල කාලගුණයක් පවතී. උදෑසන පවතින මීදුම් තත්ත්වයද දුලබ නොවේ. මතුගම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට සාමාන්‍ය උස මීටර් 16.7 ක් වේ.මීටර් 16 සිට මීටර් 700 තෙක් විවිධ උස මට්ටමින් යුතු භූවිෂමතා ලක්ෂණ දැකිය හැකිය .           ස්වභාව සෞන්දර්ය හා ඓතිහාසික ස්ථාන                  පස්දුන් කෝරළය වනාහි කඳු  මිටියාවත්  වනාන්තර වගුරු බිම් ගහන ජල පෝෂක ප්‍රදේශ ගහන ප්‍රදේශය කි.කළු ගඟ හා බෙන්තර ගඟ ප්‍රධාන ගංගා වන අතර අතුරු ගංගා ලෙස මඟුරු ගඟ,කුකුලේ ගඟ ආදිය වේ.  කුකුලේ ගඟ ඇසුරු කර ජල විදුලි බලාගාරයක් පවතින අතර කුකුලේ ගඟ නිවාඩු නිකේතනය මෙන්ම හමුදා කඳවුරක් ද වේ. ඊට අමතරව මතුගම ආසන්නව කෙටි කලකින
්  ලඟාවිය හැකි දියඇලි රාශියක් වේ. ඒ අතර ප්‍රචලිත තුඩුගල ඇල්ල,මාකෙලි ඇල්ල මෙන්ම කපුරු කන්ද ඇල්ල , රජාමැරුණු ඇල්ල,පොල්ගම්පළ ඇල්ල , ගිනිගෙදර ඇල්ල අහස්බෝක්කු ඇල්ල ,කබරගොයිදොල ඇල්ල , තඹදොල ඇල්ල ,ඇලි හත ,පුවක් දොල ඇල්ල යන දියඇලි වන අතර තවත් අප්‍රකට කුඩා දියඇලි රාශියක් වේ.මේ හැර බුලත්සිංහල පාහියන්ගල,මතුගම ආසන්න යක්ගිරිලෙන ආදි ප්‍රාග් ඓතිහාසික ස්ථාන ද කලුගල ආරණ්‍යය, පහුරුකන්ද ආරණ්‍යය, මණ්ඩාගල ආරණ්‍යය , ස්වර්ණලෙන ආරණ්‍යය , වරකාගොඩ ලෙන් රජමහා විහාරය ,කැකුලන්දල ටැම්පිට රජමහා විහාරය , පැලැන්ද බලකොටුව නටඹුන් ,නයි හත්දෙනා උපන් මතුගම ගුරුදොල පත්තිනි දේවාලය, පැලැන්ද රජමහා විහාරය ඓතිහාසික වේ.සුප්‍රකට චිත්‍ර ශිල්පී එම්.සාර්ලිස් ගේ සිතුවම් ඇති පාන්තිය මංගලාරාම පුරාණ විහාරය ද නගරාසන්නව ඇත.තවද සුප්‍රකට බේවිස් බාවා උද්‍යානය,අලුත්ගම කන්දේ විහාරය,කළුතර බෝධිය,කෙටි වේලාවක් තුළ ලඟාවිය හැකි ස්ථාන වේ. යගිරල රක්ෂිතය , කලුගල රක්ෂිතය මෙන්ම සිංහරාජ රක්ෂිතයේ කොටසක් ද එහි මායිම් වනාන්තර ද පස්දුන් කෝරළයට අයත් වේ. මතුගම නගරයේම පසෙක ඇති මතුගම්කන්දේ පිහිටි කොඩිගල ද  හාත්පස පෙනෙනා බැලුම්ගලකි. එසේම මෑතකදී නගරාසන්න
බටමුල්ලකන්ද රක්ෂිත කඳු ශිඛරය මත ඉදිවුණු දකුණු ආසියාවේ මෙන්ම ලංකාවේ උසම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රදේශයට ආශිර්වාදයකි .මතුගම කඳු ගණනාවකින් වටවූ වල ගොඩැලි සහිත මද තැනිතලා බිමකි .මතුගම් කන්ද , බටමුල්ල කන්ද, පෙත්ත කන්ද , සාම කන්ද ,  රන්වලාගල කන්ද , දේවාල කන්ද , උගුල්වැටි කන්ද , බෝපිටිය කන්ද ඒ අතරවේ.  *ආර්ථිකය        පස්දුන් කෝරළය වනාහි කෘෂිකාර්මික අර්ථ ක්‍රමයකට උරුමකම් කියන්නකි.ප්‍රධාන ව රබර් වගාව ද වී වගාව හා පහතරට තේ වගාව ද සිදු කෙරේ.අමතරව කුරුඳු , ගම්මිරිස් , බුලත් ආදිය වගා කෙරේ.  වර්තමානයේ පරිධි කලාපයේ මෙවැනි කෘෂි ආර්ථික රටාවක් පැවතුනද මතුගම නගරය සීඝ්‍ර නාගරිකකරණයට ලක්වීම නිසා මතුගම නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශය කර්මාන්ත , සේවා මත රැදෙන  ආර්ථික රටාවකට යොමුව ඇත.ඇඟළුම්,තේ,රබර්,ප්ලාස්ටික් නිෂ්පාදන,කුළුබඩු,රසකැවිලි,හඳුන්කූරු,ජෑම්,පොහොර ආදී කර්මාන්තශාලා හා ගෘහස්ථ වශයෙන්ද කර්මාන්ත පවතී.මතුගම වැලිපැන්නේ ලංකාවේ නවීනතම මෝටර්රථ එකලස් කිරීමේ මහින්ද්‍රා අයිඩියල් කර්මාන්ත අංගනයද ඇත.මතුගම මීගම පහේ කණුව ප්‍රදේශයේ කර්මාන්තපුරයක්ද ස්ථාපිතය.පිහිටීම හා වැදගත්කමකළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යගත
ව පිහිටි මතුගම නගරය දිස්ත්‍රික්කයේ සියලුම දිශාවන් හා බස්නාහිර දකුණු හා සබරගමු පළාත් කරා විහිදෙන මාර්ග ජාලයක් ඒකාබද්ධ කරන කේන්ද්‍රීය මංසන්ධියකි. එසේම එය දිස්ත්‍රික්කයේ ප්‍රධානතම වෙළඳ හා පරිපාලනමය නගරයකි. කළුතර දිස්ත්‍රික්කයේ මුල්ම මැතිවරණ කොට්ඨාස හතරෙන් එකක්ද වන මතුගම ආසනය මතුගම හා දොඩම්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලින් සමන්විත වේ. මතුගම ප්‍රදේශය මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ මතුගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහනය 90000 ක් පමණ වන අතර සියලුම ජාතිකයන් වාසය කරයි.ග්‍රාම නිලධාරි වසම් 57 කින් සමන්විතය.ප්‍රදේශය වපසරිය ව.කි.මී 105ක් පමණ වේ.ආශ්‍රිතව පිහිටි අනෙකුත් ප්‍රදේශ ලෙස කලුතර,දොඩන්ගොඩ, අගලවත්ත , බුලත්සිංහල , වලල්ලාවිට ,පාලින්ද නුවර හා අලුත්ගම වේ. මතුගම නගරය ප්‍රධාන පරිපාලන මූල්‍ය හා වෙළඳ  නගරය වන අතර අගලවත්ත හා දොඩන්ගොඩ ප්‍රධාන උපනගර ද්විත්වය වේ.මාර්ග පරිවහනය    කලුතර දිස්ත්‍රික්කයේ මධ්‍යගතව පිහිටි ප්‍රධාන නගරය වන්නේ මතුගම යි.ප්‍රධාන මාර්ග 4ක් නගර මධ්‍යයට එක්වන අතර  මතුගම කලුතර මාර්ගය හා මතුගම අලුත්ගම මාර්ගය,මතුගම අගලවත්ත මාර්ගය හා මතුගම නෑබඩ හ
රහා හොරණ මාර්ගය එම මාර්ග වේ. මීට අමතරව යටදොල හරහා අලුත්ගමට හා පයාගලට මාර්ග දෙකක්ද,අගලවත්ත හරහා හොරණට මාර්ගයක් ද,අගලවත්ත හරහා කලවාන හා රත්නපුරයට ද, පැලවත්ත හරහා නෙලුව ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයටද, මතුගම සිට පහසුවෙන් ගමන් කල හැකිය. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයටද මතුගම සිට දොඩන්ගොඩ පිවිසුම හරහා සහ වැලිපැන්න පිවිසුම හරහා විනාඩි 10ක් වැනි කෙටි කලකින් පිවිසිය හැකිය.දුර ප්‍රමාණයන් දැක්වීමේදී කලුතර නගරයට 20 km, අලුත්ගම නගරයට 22 km,හොරණට මාර්ග දෙකකින් 32 km හා 42 km,අගලවත්තට 6 km,කොළඹට ප්‍රධාන මාර්ගය ඔස්සේ 64 km හා අධිවේගී මාර්ගය ඔස්සේ ද 64 km වේ.රත්නපුරයට 75 km වන අතර ගාල්ලටද 75 km පමණ වේ.දක්ෂිණ අධිවේගී මග ඔස්සේ කොළඹට විනාඩි 40 කින් කඩවතට විනාඩි 45 කින් හා ගාල්ලට පැයකින් පමණ ගමන් කල හැකිය.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රධානතම පිවිසුම් 2ක් වන දොඩන්ගොඩ හා වැලිපැන්න පිහිටා ඇත්තේ මතුගම ආසනය තුළ වීම විශේෂිත වේ.එසේම අධිවේගී මගේ සේවා කලාපය දමතුගම වැලිපැන්නෙ පිහිටා ඇත.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ඩිපෝවක්ද මතුගම සතු වන අතර  ප්‍රදේශයේ ප්‍රවාහන කෂේත්‍රයේ අවාසනාවට මෙන් 2001 වසරේ  මතුගම ඉදිකිරීමට යෝජිතව තිබ
ූ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද, ඒ සමගම  ඉදිකිරීමට තිබූ දුම්රිය මාර්ගයද මහජන සහයක් නොලැබීම හා දේශපාලන ප්‍රතිපත්ති, තීරණ මත මතුගමට අහිමි විය.මතුගම සිට ක්‍රියාත්මක බස් සේවා  මතුගම - කොළඹ, සාමාන්‍ය, මතුගම - කොළඹ A/C,මතුගම - කොළඹ (අධිවේගී මාර්ගය),මතුගම - මහරගම(අධිවේගී මාර්ගය),මතුගම - කඩවත (අධිවේගී මාර්ගය) මතුගම - මාතර (අධිවේගී මාර්ගය),මතුගම - ගාල්ල (අධිවේගී මාර්ගය),මතුගම - කළුතර ,මතුගම - අළුත්ගම (හොරවල හරහා),මතුගම - අළුත්ගම (යටදොල  හරහා),මතුගම - කලවාන ,මතුගම - අගලවත්ත ,මතුගම - බදුරලිය ,මතුගම - හොරණ (නෑබඩ  හරහා) ,මතුගම - හොරණ (බුලත්සිංහල   හරහා) ,මතුගම - නෙළුව ,මතුගම -  පැලවත්ත (අගලවත්ත හරහා ),මතුගම -  පැලවත්ත (හොරවල හරහා ),මතුගම - ගාල්ල ,මතුගම - මහනුවර ,මතුගම - කුරුණෑගල /දඹුල්ල හරහා යාපනය ,උඩුගම- මතුගම - රත්නපුර හරහා බදුල්ල ,උඩුගම - මතුගම -අවිස්සාවේල්ල හරහා හැටන්/නුවරඑළිය ,ඇල්පිටිය- මතුගම - රත්නපුර හරහා ඇඹිලිපිටිය ,මතුගම - රත්නපුර බෙරගල හරහා අක්කරේපත්තුව ,මතුගම - කුරුණෑගල/අනුරාධපුරය,මතුගම - දෙනියාය ,මීට අමතරව මතුගම සිට පාර්ලිමේන්තුව,දෙහිවල , මීගමුව  මහරගම ,පනාගොඩ
කාර්යාල සේවා බස් ගමන් වාර ද ක්‍රියාත්මක වේ.තවද  ප්‍රාදේශීය වශයෙන් ආසන්න ගම්මාන කරා බස් ගමන් වාර මතුගම ලංගම හා පෞද්ගලික බස් සේවා මගින් සපයයි .  තවද මතුගම හරහා කොළඹ  දක්වා මොරවක, ඕපාත,තවලම , නෙළුව යන ගාලු දිස්ත්‍රික් ගම් වල සිට ද, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සිටද, බදුරලිය , අගලවත්ත , වලල්ලාවිට,පැලවත්ත ආදී ආසන්න ප්‍රදේශ වල සිට ද බස් සේවා ක්‍රියාත්මක වේ.නගර සීමාවේ අභ්‍යන්තර මාර්ග   ආනන්ද පෙදෙස ( ආනන්ද මාවත),   ඩී.ඒ මුණසිංහ මාවත,    ශ්‍රී සුදර්ශනාරාම මාවත,   ඇල්බට් විජේගුණවර්ධන මාවත,     කන්නන්ගර මාවත,     ශ්‍රවණාගාර පිවිසුම් මාර්ගය,     තානායම පාර,     බටමුල්ලකන්ද පාර,     මධ්‍යම මාවත ( සෙන්ට්‍රල් පාර ),    බණ්ඩාරනායක මාවත,     ගාමිණි මාවත,     බාලිකා පාර,    මේධානන්ද මාවත,    පැස්කුවල් වීදිය,     පැස්කුවල් මාවත,      ආඳාගල පාර,      කුමාර වෙල්ගම මාවත ( සෙන්ට් මේරිස් ලේන්) ,     ඩිපෝව පාර,      නාරවිල පාර,      මද්දෙගොඩ පාර,      රෝහල පාර,දේශපාලනික පසුබිම            මතුගම සඳහා 1931 පලමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසනයක් හිමිවිය .මුල්ම මන්ත්‍රී බවට පත්වූයේ  ලලිත්
ඇතුලත්මුදලි ගේ පියා වූ මතුගම උපන් ඩී.ඩී ඇතුලත්මුදලි මහතා වේ.ඉන්පසු  1936 සිට 1947 දක්වා මතුගම මන්ත්‍රී  වූයේ මතුගම ලූල්බද්දූවේ උපන් සී. ඩබ්ලිව් . ඩබ්ලිව් කන්නන්ගර මහතායි.ඔහු මතුගම මන්ත්‍රී ව සිටි කාලය තුලම නිදහස් අධ්‍යාපන පනත ද ගෙනාවේ ය.ඒ අනුව ලංකාවේ නිදහස් අධ්‍යාපනය ස්ථාපනයෙන් පසු බිහිකළ මුල්ම මධ්‍ය මහාවිද්‍යාලය  තම ගමට ලබාදීමට කන්නන්ගර මහතා ක්‍රියා කලේය. මතුගම C.W.W කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය එයයි.1947 - 1956 මන්ත්‍රී විල්මට් ඒ පෙරේරා 1956 - 1977 මන්ත්‍රී දයා.ටී පස්කුවල්1977- 1983 රෙජිනෝල්ඩ් ගුණරත්න 1983        අනිල් මුණසිංහ දයා.ටී පස්කුවල් මහතා ගේ කාලය මතුගම ස්වර්ණමය යුගය ලෙස හැදින්විය හැකිය.එතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. නියොජ්‍ය කතානායක වරයෙක් ද විය.මතුගම ආසනයේ මන්ත්‍රීවරයා විය.එස්.ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සංකල්පයක් මත බිහිකළ සුලු නගර සභා යටතේ ලක්දිව නගර කීපයකට සුලු නගර සභා ලැබිණ. දයා.ටී පස්කුවල් මහතාගේ ඉල්ලීම මත මතුගමට ද සුලු නගර සභාවක් හිමිවිය.1949 දී හිමිවූ මේ සුළු නගර සභාවේ 1956 සිට පස්කුවල් මහතා නගරාධිපති ධූරය දැරීය.වත්මන් දේශපාලුවන් මෙන් න
ොව එතුමා වචනයේ  පරිසමාප්ත අර්ථයෙන් ම හොඳ දේශපාලකයකු විය. ඒබ්‍රහම් විජෙගුනවර්ඩන මහතට ායත් අක්කර දෙකක ඉඩම රජයට පවරාගෙන මතුගම මහජන ක්‍රීඩාංගනය තතීමට යොදාග්තෙය. මතුගමට ලංගම ඩිපෝවක් ,ලංගම හා පෞද්ගලික බස් නැවතුම්පොළ2ක්, සිනමාහල් 2ක්, විදුලි උපපොලක්,විදුලි බල මණ්ඩලයේ ශාඛාවක්,රාජ්‍ය දැව සංස්ථාවේ ශාඛාවක් , පොලිස් මූලස්ථානය හා පොලිස් අධිකාරි කාර්යාලයක්, දිසා හාමහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයක් , රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු කීපයක්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක්, කලාප අධ්‍යාපන කාර්යාලයක්  , රෝහලක්ආදී සියලුම පහසුකම් ලබාදීමට කටයුතු කලේය. එයින් නොනැවතුණ එතුමා මතු පරපුරේ අභිවෘද්ධිය උදෙසා මතුගම ආනන්ද ශාස්ත්‍රාලය බිහිකිරීමට මුල් විය.1942 ඇරඹි එය අද සියලු පහසුකම් සපිරි කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජාතික පාසලකි.මේ අපරිමිත සේවය තුලින් ලැබූ පින් මහිමය නිසා දෝ එතුමා වසර 100 ක් ජීවත් වීමට වාසනාව  ලැබුවේ ය.1983 මන්ත්‍රී වූ අනිල් මුණසිංහ ලංකාවේප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කලේය.මතුගම ආසනය එවකට බස්නාහිර පලාතේ විශාලතම මැතිවරණ ආසනය මෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විය.එය මතුගම,අගලවත්ත දොඩන්ගො
ඩ හා බුලත්සිංහල  අයත් විසල් ප්‍රදේශයකි.නමුත් 1947 දී මතුගමින් කොටසක් කඩා අගලවත්ත ආසනය ඇතිකලේය.1960 දී අගලවත්ත දෙකඩ කරමින්  බුලත්සිංහල නමින් නව ආසනයක් බිහිකෙරිණි .ඒ අනුව මතුගම ප්‍රා.ලේකම් කොට්ඨාසය    ව.කි.මී 105 කට සීමා විය.1949දී මතුගම සුලු නගර සභාව ද1987 දී සුලු නගර සභා ක්‍රමය අහෝසි වී මතුගම ප්‍රාදේශීය සභාව ද බිහිකරන ලදී.            මතුගමින් බිහිව ඇති  වර්තමාන දේශපාලන චරිත ලෙස කුමාර වෙල්ගම, රංජිත් සෝමවංශ,නිර්මල කොතලාවල ,මහින්ද සමරසිංහ ,පාලිත තෙවරප්පෙරුම,ජගත් විතාන වෙති.මතුගම ඉපිද බිහිවූ චරිත  ඩී . ඩී  ඇතුලත්මුදලි මහතා, සී.ඩබ්ලිව් . ඩබ්ලිව් කන්නන්ගර  මහතා ,අනිල් මුණසිංහ මහතා ,දයා . ටී පස්කුවල් මහතා ,නැසීගිය ගායක නාරද දිසාසේකර ( සාරංග දිසාසේකරගේ පියා),   ගායිකා නන්දා මාලිනී මහත්මිය,ක්‍රීඩක  ඩන්කන් වයිට් ,නැසීගිය ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න ,ලේඛක මතුගම මහින්ද විජේතිලක, ලේඛක පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි, සුප්‍රකට ගෘහ නිර්මාන ශිල්පී කුමුදු එස් මුනසිංහ,   ප්‍රවීණ මාධ්‍යවේදී, ගත්කතුවර, ගීත රචක​ [1], සාහිත පොත් පියස නිර්මාතෘ චාමික මුණසිංහ ,  ප්‍රවීණ ලේඛක මතුගම සෙනෙවි
රුවන් (සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදාය​), * මතුගම ආශ්‍රිත නිවාඩු නිකේතන කුකුලේගඟ නිවාඩු නිකේතනය, The Ark,දිය උල්පත resort, කන්දහේන සිනමන් ගාර්ඩ්න්, මුණසිංහ මහගෙදර , Natures village මතුගම ප්‍රදේශය හා නගරය               මතුගම ප්‍රාදේශීය සභාව හා මතුගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය  මගින් පාලනය වේ.      මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ව.කි.මී 105 ක් වේ.ග්‍රාමසේවා වසම් 57 කි.       මතුගම නගරය ඉන් ග්‍රාම සේවා වසම් 6ක පමණ ව්‍යාප්තව තිබේ. ඒවානම් මතුගම උතුර, මතුගම නැගෙනහිර,මතුගම දකුණ ,මතුගම බටහිර ,වෑත්තෑව හා පාන්තිය වේ.මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහනය 90000 ක් පමණ වේ.නගර සීමාව තුළ 20000 ක් පමණ වාසය කරයි.ප්‍රදේශයේ බහුතරය සිංහල වන අතර එය ප්‍රතිශතයක් 80% ක්  ඉක්මවයි.දමිළ,මුස්ලිම් හා වෙනත් ජනවර්ගද සුළු වශයෙන් සිටිති.සිංහල බෞද්ධ ප්‍රධාන වන අතර කතෝලික,ක්‍රිස්තියානි,ඉස්ලාම් හා හින්දු ආගම් අදහන ප්‍රජාව ජීවත් වේ. නගරය තුළ බෞද්ධ විහාර කීපයක් එනම් ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය,බටමුල්ලකන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරය,ඇතුලත්මුදලිගම ජයබෝධී විහාරය,පාන්තිය මංගලාරාමය ප්‍රධාන වේ. නගරයේ
ක්‍රිස්තියානි හා කතෝලික දේවස්‍ථාන ලෙස ශා.මරියා දේවස්ථානය , මෙතෝදිස්ත දේවස්ථානය හා පෙන්තකොස්ත සභාව වේ. ජුම්මා ඉස්ලාම් දේවස්ථානයද නගරය තුළ ඇති නමුත් ප්‍රධානව ඉස්ලාම් ජනගහනයක් වාසය කරන්නේ මතුගම වැලිපැන්න නගරය ආශ්‍රිතවයි. එහි ඉස්ලාම් දේවස්ථාන කිහිපයක් ඇත.හින්දු කෝවිල් මතුගම ප්‍රදේශයේ පවතින තේ වතු ආශ්‍රිතව ඇත. නගරයේ පාසල් හා අධ්‍යාපන ආයතන කරා දිනපතා අවට  ප්‍රදේශ වල සිට 15 000 ක පමණ සිසු සිසුවියන් පිරිසක් පැමිණේ.ප්‍රධාන විද්‍යාල:  නිදහස් අධ්‍යාපන පනතෙන් පසුව බිහිකල ලංකාවේ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය වන          මතුගම සී.ඩබ්ලිව් .ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය  මහා විද්‍යාලය,මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල,මතුගම ශාන්ත මේරි මහා විද්‍යාලය,ඊ.ඩබ්ලිව් අදිකාරම් මහා විද්‍යාලය,ඩී.ඩී ඇතුලත්මුදලි විද්‍යාලය, පාන්තිය මහා විද්‍යාලය,පාන්තිය විද්‍යාතන පිරිවෙන,රත්නාලෝක විද්‍යාලය (පෞද්ගලික),ලීඩ්ස් ජාත්‍යන්තර පාසල (පෞද්).   :එසේම ලංකාවේ ප්‍රථම ගුරුවරුන් උදෙසා ඉදිකල ගම්මානය ගුරුපුරය ද මතුගම නගරාසන්නයේ ඇත.මීට අමතරව සුපිරි පෙර පාසල් ගණනාවක්ද, බාහිර උපාධි ආයතනද, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රැසක්ද නගරය ආශ්
‍රිතව පිහිටා තිබේ.       මෙම ශිෂ්‍ය ප්‍රජාව හැරුණුකොටබැංකු,මූල්‍ය,රක්ෂණ,ප්‍රවාහන,පරිපාලනමය,නීතිමය,ආර්ථික ආදි වෙනත් අවශ්‍යතා සඳහා දෛනිකව 100 000 කට වැඩි ජනකායක් නගරයට පැමිණෙති. නගරය තුළ සියළුම බැංකු, මූල්‍ය,රක්ෂණ,දුරකථන සමාගම්  ආයතන වල ශාඛාවන් ඇත.තවද සුපිරි ගණයේ ඇඳුම් විලාසිතා ප්‍රදර්ශනාගාර,වෙනත් වෙළඳ ප්‍රදර්ශනාගාර,වෙළද සංකීර්ණ,සුපිරි ආහාර අලෙවිසැල් ද, තොග හා සිල්ලර වෙළඳසැල් රාශියක්ද ඉරිදා හා බදාදා පැවැත්වෙන විශාල පොඳු වෙළඳපලක්ද ඇත. ශ්‍රී ලංගම බස් ඩිපෝවක් හා ප්‍රධාන බස් නැවතුම්පලක්, පෞද්ගලික බස් නැවතුම්පලක් නගරයට ඇත. ප්‍රදේශයේ හා පරිධි කලාපයට සේවා සපයන පරිපාලන හා ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ලක්ම මතුගම නගරයේ පිහිටා ඇත. ඒ අතරමතුගම ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාල සංකීර්ණය,කසල ප්‍රතිචක්‍රීකරණ අංගනය,මහජන පුස්තකාලය,ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරය හා ළමා උද්‍යානය,ආදාහනාගාරය,ප්‍රධාන ක්‍රීඩාංගණය,සංස්කෘතික මධ්‍යස්ථානය,ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් හා මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය,පරිවාස කාර්යාලය,මූලස්ථාන පොලීසිය,පොලිස් අධිකාරී කාර්යාලය,රජයේ තානායම,ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල ක
ාර්යාලය,විදුලි බල මණ්ඩල කාර්යාලය,ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලය හා ප්‍රාදේශිය ප්‍රධාන විදුලි උපපොළ, රාජ්‍ය දැව සංස්ථා ප්‍රාදේශිය කාර්යාලය හා දැව ගබඩාව,අඩවි වන කාර්යාලය,ප්‍රාදේශිය ඉංජිනේරු කාර්යාලය,ප්‍රාදේශිය ඉඩම් රෙජිස්‍ටාර් කාර්යාලය,ප්‍රාදේශිය මිනින්දෝරු කාර්යාලය,සුරාබදු කාර්යාලය,පශු වෛද්‍ය කාර්යාලය,දිස්ත්‍රික් රෝහල,විගමණික සම්පත් පුහුණු මධ්‍යස්ථානය,මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය,කලාප අධ්‍යාපන කාර්යාලය,කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, මතුගම විවිධ සේවා සමූපකාර සමිතිය හා තොග ගබඩා සංකීර්ණය,ටෙලිකොම් ප්‍රාදේශීය කාර්යාලය,ප්‍රාදේශිය මූලස්ථාන තැපැල් කාර්යාලය,සණස ප්‍රධාන කාර්යාලය,ප්‍රාදේශිය කම්කරු කාර්යාලය,කුඩා තේ වතු සංවර්ධන අධිකාරි ප්‍රාදේශීය කාර්යාලය,දිස්ත්‍රික් පොහොර ගබඩාවඇතුළු සියළුම රාජ්‍ය ආයතන, කාර්යාල නගරයේ ඇත. මේ ලෙස සියළුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ආදියෙන් නගරය සමන්විත වේ.    කොළඹ අගනගරය කරා දෛනිකව සංචලනය වන ශ්‍රම බලකාය 50 000 ඉක්මවයි. එසේම කොළඹ හා තදාසන්න කලාපයේ සේවය කරන විශාල ශ්‍රමිකයන් පිරිසක් මතුගම ඇතුළු පස්දුන් කෝරළයේ ජනතාව වෙති.      අන්වර්ථ නාම:  
* පස්දුන් කෝරළයේ අගනුවර  * නිදහස් අධ්‍යාපනයේ පිය නගරය  * කුරුලු පාරාදීස නගරය   බාහිර උපනගර:අගලවත්ත , දොඩන්ගොඩ අමතරව නෑබඩ බුලත්සිංහල , බදුරලිය ,පැලවත්ත වේ.ප්‍රධාන මාර්ග 4 ක් නගර මධ්‍යයේ වටරවුමට එක් වේ.එනම් සිව්මංසලකි.මතුගම - කලුතර ප්‍රධාන මාර්ගය මතුගම  - අගලවත්ත ප්‍රධාන මාර්ගය මතුගම - අලුත්ගම ප්‍රධාන මාර්ගය මතුගම - හොරණ ප්‍රධාන මාර්ගය මේ මාර්ග සතර කාපට් ඇතිරූ පුළුල් මාර්ග වන අතර ග්‍රාමීය මාර්ග කිහිපයක් හැරුණු කොට අනෙකුත් ප්‍රධාන හා නගරයේ මාර්ග සියල්ලද ඉතා හොඳින් කාපට් ඇතිරූ ප්‍රමිතියෙන් යුතු මාර්ග වේ. මතුගම,වැලිපැන්න,අගලවත්ත,බුලත්සිංහල,බදුරලිය,පැලවත්ත,වලල්ලාවිට, දොඩන්ගොඩ  ආදී සියලුම ප්‍රදේශ වලට අවශ්‍ය මූල්‍ය,බැංකු,රක්ෂණ, ප්‍රවාහන , වෙළඳ හා බොහෝ පරිපාලනමය කටයුතු මතුගම නගරය කේන්ද්‍ර කොට සිදුවේ.ප්‍රදේශයේ පාසල් 150 කට අධික ප්‍රමාණයක් පාලනය කරනුයේ මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය මගිනි.මතුගම , අගලවත්ත , දොඩන්ගොඩ, වැලිපැන්න ,තෙබුවන, බදුරලිය , බුලත්සිංහල ,මීගහතැන්නයන පොලිස් ස්ථාන 8 ද  ඊට අමතරව බේරුවල මොරගල්ල සංචාරක පොලිස් කාර්යාලය ඇතුලු තවත් පොලිස් මුරපොලවල් කීපයක්ද මතුගම පොලිස්
දිස්ත්‍රික්කය 1 හා මතුගම පොලිස් දිස්ත්‍රික්කය 2 යන සහකාර පොලිස් අධිකාරීවරුන් යටතේ පාලනය කෙරේ.ඉහත පොලිස් බල ප්‍රදේශවල අධිකරණ කටයුතු කෙරෙන්නේ මතුගම අධිකරණය මගිනි.  මෙම සේවා හා පහසුකම් මත නගරාශ්‍රිතව හා ප්‍රාදේශියව ඉඩම් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර පරිධි කලාපයේ  පර්චස් 1 ක මිල 100 000 ත් 400 000 ත් අතර පවතින අතර නගරාසන්නව එය ලක්ෂ 5 -10 ක් හෝ ඊට වැඩි වේ. යටදොලවත්ත ,යටියන,බදුගම ප්‍රධාන නේවාසික ප්‍රදේශ වෙයි.දෛනික එකතු වන කසළ ප්‍රමාණය ටොන් 16 ක් පමණ වේ. මතුගම නගරය වනාහි කලුතර දිස්ත්‍රික්කය තුළ වැඩිම මූල්‍ය සංසරණයක් සහිත නගරයක් වන අතර සීඝ්‍රයෙන්ම දියුණු වන නගරයකි. එය වර්තමානයේ සීග්‍රව දියුණු වෙමින් පවතින අතර නගර සභාවක් බවට උසස් වීමේ සුදුසුකම්ද පවතී.කුරුලු පාරාදීස නගරයThe birds paradise city               මෙය මෑතකදී පටබැඳී නාමයක් වේ.ඊට හේතු වී ඇත්තේ අගෝස්තුවේ මතුගම නගරය සොඳුරු ආක්‍රමණයට ලක්කරන දහස් සංඛ්‍යාත පක්ෂි සමූහයක් නිසාවෙනි.සෑම  වසරකම අගෝස්තුවේ දී  යුරෝපයේ සිට පැමිණෙන ලංකාවේ නිරිතදිගින් රටට ඇතුළු වන මේ පක්ෂීන්  අටු වැහිලිහිණියන් ලෙස හැදින්වේ .එලෙස ලංකාවට ඇතුළු වන ඔවුන්ගේ ප්‍ර
ධානතම නැවතුම්පොළ වන්නේ  මතුගම නගරයයි.මීට වසර කීපයකට ඉහත මොරටුව,රත්මලාන,රත්නපුර වැනි ප්‍රදේශ තම වාසස්ථාන කරගත් මොවුන් එම ප්‍රදේශ හැර දා දැන් වසර කීපයකම සිට පැමිණ මතුගම නගරයේ ලැගුම් ගනී. අගෝස්තුවේදී පැමිණෙන මේ අටු වැහිලිහිණියන් මතුගම සහ ලංකාව හැරදා ආපසු යන්නේ අප්‍රේල් මාසයේ දීයි.මේ වර්ගය එම පක්ෂි ගණයේසුලබ වර්ගය වන Hirundo rustica guttraills නම් විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ .ශරීර ස්වභාවය ගත්කල නළල හා උගුර රතු වන් දුඹුරු පාටය.දිලෙන උඩුකය තදනිල් පාට හා යටිකය කිලිටි සුදු පාටින් යුක්තය . වලිගය දෙකට බෙදී ඇත .ධාන්‍ය වර්ග ආහාරයට වැඩි රුචිකත්වයක් දක්වන මොවුන් මතුගම අවට කුඹුරුවල වී , බජිරි  හා කුඩා කෘමීන් ආහාරයට ගනී.අඳුරු තැන් වලට අකමැති මේ පක්ෂීන් සවස 6 පමණ වන විට අහසින් එක්වරම වලාවක් ලෙස පැමිණ පහත් වී මතුගම නගරයේ විදුලි ආලෝකය ඇති ස්ථානවල දුරකථන රැහැන් වල, විදුලි කණු වල, වටරවුමේ ඔරලෝසු කණුවේ කටු මත වසා රැය පහන් කරති.මෙසේ මතුගම නගරයට පැමිණෙන අටු වැහිලිහිණියන් ගේ සංඛ්‍යාව 70 000 ත් 100 000 ත් අතර වේ යැයි පරිසර වේදීන්  අනුමානය  කරති .අගෝස්තු සිට අප්‍රේල් දක්වා මාස 8 ක් මතුගම තම නිවහන කොට ගෙන
හොඳින් පෝෂණය වී වර්ධනය වන අටු වැහිලිහිණියන් අප්‍රේල් මස අවුරුදු සමයේ මතුගම හැර නැවත ගොඩබිම් හා සමුදුරු මතින් පියඹා තම මව්බිම් කරා යන්නේ තවත් මාස කීපයකින් නැවත මතුගමට පැමිණීමේ බලාපොරොත්තුවෙනි .                     කමල් දේශප්‍රියඋපතකමල් දේශප්‍රිය සිරිසේනශ්‍රී ලංකාවජාතිකත්වයශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹසංගණ්‍ය වන්නේප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකදෙමව්පියන්ආනන්ද සිරිසේන (පියා)ඇග්නස් තිසේරා (මව)ආගමබෞද්ධකමල් දේශප්‍රිය සිරිසේන, යනු ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක් සහ මාධ්‍යකරුවෙකි.[1]පෞද්ගලික ජීවිතය[සංස්කරණය]ඔහුගේ පියා ආනන්ද සිරිසේන ගුවන් විදුලි කලාකරුවෙකි.[2] ඔහුගේ මව ඇග්නස් තිසේරා (උපත 1928) නිළියක් සහ ගුවන්විදුලි ශිල්පිනියකි.[3] ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[4]වෘත්තීය ජීවිතය[සංස්කරණය]2017 දී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි නාලිකා ප්‍රධානියා ලෙස පත් කරන ලදී. 2018 පෙබරවාරි මාසයේදී ඔහු පෞද්ගලික හේතූන් මත එම තනතුරෙන් ඉල්ලා අස්විය.[5] ශ්‍රී ලංකා ක
්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය ලේකම් රවීන් වික්‍රමරත්න සමඟ තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම ඉල්ලා අස්වීමට සිදුව ඇති බව වාර්තා කිහිපයක් සඳහන් කළේය.[6] ඔහු ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරයේ (NMAT) සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසද සිහල උරුමයේ ප්‍රකාශක ලෙසද කටයුතු කළේය.[7]ඔහුගේ පළමු සිනමා රංගනය වූයේ සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද 2014 වසරේ "සිරි දළදාගමනය" චිත්‍රපටයයි.[8][9]රූපවාහිනී කතා මාලා[සංස්කරණය]අංගානා[10]චායා[11]දූවිලි සුළඟඉසුරු සංග්‍රාමය[12]මල් දෙවැට[13]මෞනයාගය[14]මුහුනු පොත[15]පත්තිනි[16]පියවි[17]සිහින අරන් එන්න[18]ටීචර් අම්මා [19]විමංසා[20]වාලුකා[21]වාසනා වේවා[15]චිත්‍රපටකරණය[සංස්කරණය]YearFilmRoleRef.2014සිරි දළදාගමනයගිරි අබා රජු[22]2016උලත් එකයි පිලත් එකයිපොලිස් පරීක්ෂක හෙවත් ගංගුගේ තාත්තා[23]2018පෝරිසාදයාවෙඩිසිංහ[24]2018බිම්බා දේවි හෙවත් යශෝධරාසුප්පබුද්ධ රජු[25]2018නිදහසේ පියා ඩී.එස්ඩඩ්ලි සේනානායක[26]TBDතානාපතිලගේ ගෙදර[27]ආශ්‍රිත[සංස්කරණය]↑ "Kamal Deshapriya films". Sinhala Cinema Database
. සම්ප්‍රවේශය 1 October 2019.↑ "After Jamuna Rani and K. Rani, It is G. S. B. Rani". Sarasaviya. සම්ප්‍රවේශය 30 January 2020.↑ "Agnes Sirisena". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Kamal Deshapriya bio". sangeethaya. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Kamal Deshapriya leaves SLC". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.↑ "SLC's channel head tenders resignation". Sri Lanka Mirror. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Nalandian Notable Old Boys". Nalandians in Sydney Inc. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Actor Kamal Deshapriya". IMDb. සම්ප්‍රවේශය 1 October 2019.[unreliable source?]↑ "Kamal Deshapriya filmography". Rate Your Music. සම්ප්‍රවේශය 1 October 2019.[unreliable source?]↑ "Nalan reinterprets Romeo and Juliet". Daily News. සම්ප්‍රවේශය 1 October 2019.↑ "'Chaya' on every weekday". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Isuru Sangramaya on ITN from Oct. 23". Life Online. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Mal Deweta blooms on ITN". Daily Mirror. සම්ප්‍රවේශය 1 Octobe
r 2019.↑ "Maunayagaya; A war between 'Sura' and 'Asura'". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.↑ 15.0 15.1 "Nalan Mendis teledramas". Nalan Mendis official website. සම්ප්‍රවේශය 1 October 2019.↑ ""Paththini" tele drama which comes to your lounge on every Saturday". Hiru FM. සම්ප්‍රවේශය 1 October 2019.↑ "'Piyavi' brings a fresh plot". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Sihina Aran Enna unspools on Rupavahini from today". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Explore the world of color to give color to dreams Sudaththa Thilakasiri, Director, "Teacher Amma"". Sarasaviya. සම්ප්‍රවේශය 2021-07-07. {{cite web}}: |archive-date= requires |archive-url= (help)↑ "'Vimansa' weaves a romantic comedy on ITN". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Waluka Teledrama & Yahapalana Political Drama". Colombo Telegraph. සම්ප්‍රවේශය 1 October 2019.↑ "Sri Lankan Screened Films". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.↑ "Ulath Ekai Pilath Ekai". National Film Corporati
on of Sri Lanka. සම්ප්‍රවේශය 25 February 2017.↑ "Porisadaya - පෝරිසාදයා". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 27 January 2018.↑ "'Yashodhara': A movie making, a bridge between Lanka-India talents". The Sunday Times. 9 July 2017. සම්ප්‍රවේශය 12 July 2017.↑ "Father Of The Nation, DS Senanayake's Legacy To Silver Screen". asianmirror. සම්ප්‍රවේශය 3 April 2018.↑ "Plot of Thanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 29 October 2019.බාහිර සබැඳි[සංස්කරණය]මේජර් ජෙනරාල් කේ.ජනක සී.පෙරේරා RWP,RSP,VSV, USPඋතුරු මැද පලාත් සභාවේ විපක්ෂ නායකහිටපු ශ්‍රි ලංකා ඔස්ට්‍රෙලියා මහ කොමසාරිස් සහ ශ්‍රි ලංකා ඉන්දුනීසියා තානාපතිපුද්ගලික තොරතුරුඋපතපෙබරවාරි 1, 1946(1946-02-01)විපතOctober 6, 2008(2008-10-06) (වයස 62)අනුරාධපුර, ශ්‍රී ලංකාවජාතිය ශ්‍රි ලංකිකදේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂයදරුවන්දනුක්ෂි,ෂෙහාරා සහ අශන්තඋගත් ශාස්ත්‍රාලයපානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය,අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය,පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයරැකියාවහමුදා නිලධාරි,දේශපාලනඥවෘත්තියමිලිටරිAwardsරණ වික්‍රම පදක්කම රණශූර පදක්කම ව
ිශිෂ්ට සේවා විභූෂණ උත්තම සේවා පදක්කම විදේශ සේවා පදක්කමහමුදා සේවයAllegianceශ්‍රී ලංකාවඛණ්ඩය/සේවයයුද්ධ හමුදාවසේවා කාල සීමාව1966-2001 (වසර 35 ක් )නිලයමේජර් ජෙනරාල්ඒකකයකොමාන්ඩෝ ‍රෙජිමේන්තුව ශ්‍රි ලංකා ඉංජීනේරු බල ඇනියCommandsවැලිඔය ප්‍රදේශ ආඥාපති කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති 53 සේනාංකාධිපති 51 සේනාංකාධිපති මින්නේරිය 23 සේනාංකාධිපතිසටන්/යුද්ධ1971 ජ.වි.පෙ කැරලි කෝලාහලය 1987-89 කැරලි කෝලාහලය ශ්‍රි ලංකා සිවිල් යුද්ධයමේජර් ජෙනරාල් කේ. ජනක සී. පෙරේරාඋපන් දිනය - 1946 පෙබරවාරි 1දෙමාපියන් - පියා ආතර් පෙරේරා මව මෙවිස් දිසානායක.පාසල - පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය.විෂය බාහිර ක්‍රියා - රගර් කණ්ඩායමේ නායකත්වය. ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය.්‍අධ්‍යාපනය - ගණිත අංශයෙන් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරීම.විවාහය - 1983බිරිය - වජිරා පෙරේරා (යුධ හමුදා කාන්තා බළකා ලුතිනන්වරියකි)දරුවන් තිදෙනයි - වැඩිමහල් දියණිය දනුක්ෂි, මද්දුමිය ෂෙහාරා, පුත්‍රයා අශන්ත.ශ්‍රීලංකා යුද්ධ හමුදාවට ඇතුලත් වූ දිනය - 1966.12.20බඳවාගැනීම් අංකය:කැඩෙට් 0/50478මූලික පුහුණුව
- රාජකීය සෑන්ඩස් මිලිටරි ඇකඩමිය එංගලන්තය පළමු කාරක රෙජිමේන්තුවට.දෙවැනි ලුතිනන්වරයෙක් වීම - 1968.12.19ලුතිනන් වරයෙක් වීම 1970.06.19කපිතාන්වරයෙක් වීම 1976.06.19මේජර්වරයෙක් වීම 1977.11.15ලුතිනන් කරනල්වරයෙක් වීම 1986.05.01කර්නල් ධූරයට පත්වීම 1988.12.26බ්‍රිගේඩියර් ධූරයට පත්වීම 1994.06.01මේජර් ජනරාල් ධූරයට පත්වීම 1996.04.15යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී 1999.04.23යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී 2000.06.15ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති (2007 අප්‍රේල් දක්වා)රණ වික්‍රම (R.W.P)රණශූර (R.S.P)විශිෂ්ට සේවා විභූෂණ (V.S.V)උත්තම සේවා පදක්කම (U.S.V)පූර්ණ භූමි පදක්කමරිවිරැස පදක්කමවඩමාරච්චි පදක්කමඋතුරු නැඟෙනහිර මෙහෙයුම් පදක්කම.ශ්‍රී ලංකා හමුදා සේවා පදක්කම (1972)ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම් පදක්කමදීර්ඝ සේවා පදක්කම (1979)ජනාධිපති ප්‍රදානය (1978) ඇතුළු යුද හමුදා පදක්කම් රැසක් දිනා ඇත.යුද හමුදාවේ දැරූ තනතුරු[සංස්කරණය]දියතලාව යුධ හමුදා විද්‍යා පීඨයේ ප්‍රධාන පුහුණු උපදේශක (1980)පළමු කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ අණ දෙන්නා (1989)අතිරේක ප්‍රහ
ාර බලකායන්හි ප්‍රධාන අණ දෙන්නා (1989 දෙසැම්බර්)වැලිඔය ප්‍රදේශ ආඥාපති (1995 මැයි)කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති (1996 අප්‍රේල්)53 සේනාංකාධිපති (1996 අගෝස්තු)51 සේනාංකාධිපති (1996 දෙසැම්බර්)මින්නේරිය 23 සේනාංකාධිපති (1998 පෙබරවාරි)උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වීම 2008 අගෝස්තු 24කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1966දී යුද හමුදාවට බැඳුනු ජානක පෙරේරා 1968දී දෙවන ලුතිනන් තත්ත්වයට උසස් වීම ලැබීය. මේ අයුරින් උසස්වීම් ලබමින් ඉහලට ගිය ඔහු විශ්‍රාම යනවිට වසර 35ක කාලයක් තම සේවය රට වෙනුවෙන් ඉටු කර තිබුනේය. මෙසේ දශක තුනකටත් අධික කාලයක් රට වෙනුවෙන් සේවය කළ එතුමා විශ්‍රාම ලබන අවධිය වනවිට හමුදාවේ ලැබිය හැකි ඉහළම තනතුරක්වන මේජර් ජනරාල්වරයෙකුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්ව සිටියේය.3වන ඊලාම් යුද්ධයේදී යාපනය මුදා ගැනීමේ අරමුණින් සිදු කළ රිවිරැස මෙහෙයුමට බ්‍රිගේඩියර්වරයෙකු වශයෙන් තම දායකත්වය ලබා දුන් ඔහු මෙහෙයුම සාර්ථකව නිමා කළේ, රත්නවික්‍රම,රණශූර විශිෂ්ට සේවා විභූෂණ හා උත්තම සේවා පදක්කම්වලින් පුද ලබමිනි.ත්‍රස්තවාදීන් 503කට මරු කැඳවමින් ජයග්‍රාහීව අවසන් කළ ඵේතිහාසික 1
997 ජූලි 27 වැලිඔය මුදාගැනීමේ සටනේ ගරුත්වය හිමිවන්නේද ජානක පෙරේරාටය. කොටි ත්‍රස්තවාදීන් ජානක පෙරේරා යන නමට වෛර බැඳීමටද හේතුව මෙම සටනය. ත්‍රස්තවාදීන් 503ක් ඝාතනයක කළ මේ සටනේදී අහිමිවූයේ සෙබළුන් 2ක් පමණි.එමෙන්ම සිය හමුදා දිවියේ ශත පහක්වත් සොරකම් නොකර විශ්‍රාම ලැබූවෙකි ජානක පෙරේරා යනු. හමුදා දිවියේද ආශ්චර්යයක්ම වූ ජානකගේ දිවියේ ආරම්භයත් මහා ආශ්චර්‍යක්ම විය. ඔහු මව්කුස සිටි ඒ අවධියේ මේවිස් දිසානායක මහත්මියට ප්‍රථිකාර කිරීමට වෛද්‍යවරයෙකුද සිටියේය. එවන් පහසුකම් එකල සියල්ලන්ටම තිබුණේ නැත. ආතර් සහ මේවිස් යුවල සිය තෙවැනි දරුවා දැකීමේ බලාපොරොත්තුවෙන් සිටි එදවස උදාවිය. එහෙත් ඇයට ප්‍රථිකාර කළ වෛද්‍යවරයා පවා නොදැනුවත්ව යමක් සිදුවී තිබුණි. ඒ කාරණය නම්, මේ සිදුවන්නට යන්නේ එක්දරු උපතක් නොව නිවුන් දරු උපතක් බව ඔහු නොදැන සිටීමය. එහෙයින් පළමු බිළිඳා ලැබුණු පසු අත සේදීමට වෛද්‍යවරයා ගිය මොහොතේදී මේවිස් මහත්මිය ලඟ සිටි වින්නඹු මාතාව දුටුවේ තවත් දරු උපතක පෙරනිමිතිය. මේ ආරංචිය කන වැකුණු විගස වෛද්‍යවරයා වහා පැමිණ දෙවැනි දරුවාට මෙලොව එළිය දැකීමට සැලැස්වූවේය.එහෙත් වෛද්‍යවරයා පැවසූවේ හැඬීමටවත් ශක්තියක් නොමැතිවූ
ඒ බිළිඳා ජීවත්වන්නේ සතියක් බවය. එහෙත් මහා පෙළහරක් කරමින් ඒ බිලිඳා මරුවා හා සටන් කොට ජීවත්වීමේ අයිතිය ජයගත්තේය. රටම ඔහු හඳුනන්නේ ජානක කියාය. එහෙත් දෙමව්පියෝ ඔහුට තැබූ සැබෑ නම ජනක වෙයි.පානදුර මඩකුඹුර සිය ජන්ම භූමිය කරගත් ජානකගේ මුල්ම තක්ෂිලාව වන්නේ ජෑන්ස් විදුහලය. පසුව ඔහු කොළඹ ශාන්ත ජෝශප් විදුහලට ගියේය.පාසල් වියේ අධ්‍යාපනයට මෙන්ම රග්බි සහ මලළ ක්‍රීඩාවලටද ඔහු දැක්වූයේ ඉතා දක්ෂ කමකි. ක්‍රීඩා පමණක් නොව අධ්‍යාපනයේද අතිසමර්ථයෙකුවූ ඔහු පේරාදෙණිය සරසවියේ, ඉංජිනේරු පීඨයට යෑමට සමත්වන්නේ, ඒ විශිෂ්ට අධ්‍යාපන කුසලතාවන්හි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉංජිනේරුවෙකු වීමට මාර්ගය පෑදුනද, එකල පැවති සිසු අරගල හමුවේ විශ්ව විද්‍යාල වැසීම නිසා, ඔහු යලි සිය ගම බලා පැමිණියේය.මේ සිද්ධිය නිසා ගමට වී කාලය නිකරුණේ ගතකිරීමට ඔහුට සිදුව තිබුණි. එය දුටු ඔහුගේ පියා තම සමාගමට පැමිණ, එහි සේවය කරනලෙස ඔහුට උපදෙස් දෙන ලදී. ඔහුගේ පියාගේ සමාගම වූයේ ලංකාවේ ප්‍රථම ජෑම් නිපදවන සමාගම වූ කේ.ඩබ්ලිව් සන්ස් ආයතනයය. එහි සේවය කිරීමට යන මුල්ම දිනයේදී, ඔහු ලකලැහැස්ති වූයේ ගෙලවටා ටයිපටියකුත් දමාගනිමින්ය. එහෙත් පියාගේ විධානය මත එය ගැලවීයන්නේ ඔහ
ු මවිත කරවිමිනි. ඉක්බිති කාර්යාලයට පැමිණි ඔහුට ලැබුණු තනතුර වූයේ කාර්යාල සේවක කමය ! දහවල් ආහාරය ගැනීම සඳහා විධායක ශ්‍රේණියේ කෑම කාමරයට ගිය ඔහුට සිය පියා පැවසූවේ පියන් තනතුර දරන්නන්ට මෙහි පැමිණීමට අවසර නොමැති බවය. තාත්තාගේ කම්පැණිය වූවත් පියන් කෙනෙකු වූ නිසා ඔහුට එහි සිට ආහාරය ගැනීමට ඉඩ ලැබුනේ නැත‍. දුක් මහන්සියෙන් උපයන මුදලේ ඇති වටිනාකම එයින් ඔහුට තව තවත් පැහැදිලි විය. කෙසේ වූවද එම රැකියාව ඔහුගේ සිත් ගත්තේ නැත. එක් දිනෙක සමාගමට ගෙනා ඉංග්‍රීසි පුවත් පතක් කියවමින් සිටි ජානකගේ ඇස නතර වූයේ හමුදාවට ආධුනික කැඩෙට් නිලධාරීන් බඳවාගන්නා බවට පල කර තිබූ දැන්වීමක් ලඟය.ඉන් අනතුරුව සිය මෑණියන්ගේ ආශිර්වාදය සහ පියානන්ගේ දැඩි විරෝධය මධ්‍යෙය් ඔහු හමුදාවට එක්වූවේය. ඒ 1966.12.20 ය. 71 කැරැල්ල සමයේදී ජානක ලුතිනන් වරයෙකි. ලුතිනන්වරයෙකු ලෙස, කැරැල්ල දරුණුවටම පැවති ඇල්පිටියට ගිය ඔහු, කැරැල්ල මැඩපවත්වා. ජවිපෙ ප්‍රාදේශීය නායක රත්නසිරිවද ජීවග්‍රහයෙන් අල්වාගත්තේය. පොලීසියට ඕනෑවූයේ රත්නසිරිව ඝාතනය කිරීමටය. එහෙත් ලුතිනන් ජානකගෙන් එයට ඉඩක් ලැබුනේ නැත.එසේ ජානකගෙන් අභයදානය ලද රත්නසිරි හමුදා අත්අඩංගුවේ පසුවන විට, රත
්නසිරිගේ බිරිඳ පුතෙකු බිහිකර තිබුණි. එය දැනගත් ජානක, තමාගේ මුදලින්ම තෑගිබෝගත් රැගෙන රත්නසිරිව තම වාහනයට නංවාගෙන ඇය සිටි ගිණිදුම දක්වා ගියේය. රත්නසිරි දුටු ඔහුගේ බිරිය බොහෝ වෙලාවක් ඔහුව වැලඳගෙන හැඬුවාය. අනතුරුව ජානක දෙසට හැරුණු කැරලි නායකයා පැවසූයේ “සර් මම මගේ පුතාට ජානක කියලා නම දානවා කියාය.” මේ සිද්ධිය වන තුරුම, රත්නසිරිගේ බිරිඳ, ඥාතීන් ඇතුළු සියල්ලන්ම සිතා සිටියේ ඔහු ඝාතනය කර ඇතැයි කියාය. එසේ බලාපොරොත්තු හැර දමා සිටි අවස්ථාවක, තම සැමියා අනපේක්ෂිතලෙස දුටු විට ඇයට ඇතිවූ හැඟීම කෙබඳුදැයි සිතාගැනීමට නොහැක. ජානක පෙරේරා යනු එවැනි උතුම් මිනිසෙකි. ජානක යන නාමය සමග ගසට පොත්ත සේ බැඳී පවතින නාමයි වැලිඔය. වැලිඔය නම් ජානක යන පටබැඳීමට හේතුව ඇති ඉතිහාසය දන්නෝ ස්වල්පයකි. ඒ නිසා එය මෙසේ ගෙනහැර දක්වමු. ගාමිණී දිසානායක මහතා මහවැලි ඇමතිව හුන් සමයේ වැලිඔය හමුදා සම්බන්ධීකරණ නිලධාරියාවූයේ ජානක පෙරේරාය. ඉංජිනේරු රෙජිමේන්තුවේ අයෙකු වූ නිසා සංවර්ධනය පිළිඹඳ ඔහුට තිබූ දැණුම උපයෝගී කරගෙන ඔහු වැව් 7ක් අළුතින් ගොඩනැගීය. ගම් සංවර්ධනය කළේය. ඒ අයුරින් එකල මහවැලිය යටතේ එහි ගොඩනැගූ අවසාන ජනපදයට රජයේ නිලධාරීන් දුන්නේ
ඇමතිවරයාගේ නමය. ඒ නිසා ගමට දැමූ නම වූයේ “ගාමිණීපුර” කියාය. ගම විවෘත කරන දවසේ, ඇමතිවරයා පැමිණ, සමරු ඵලකය විවෘත කරන විට. අපූරු යමක් සිදුව තිබිණ. ගැමියෙකු විසින් අඟුරු කැබැල්කින් ගාමිණීපුර යනුවෙන් ලියා තිබූවට උඩින් ජනකපුර යනුවෙන් ලියා තිබුණේය.මේ විපර්යාසය ගැන විමතියට පත්වූ ඇමතිට ගම්මුන්ගෙන් පිළිතුරු ලැබිණි. “ගම හැදුවේ ජානක පෙරේරා මහත්තයායි.” ඒ කතාව ඇමතිවරයා පිළිගත්තේය. ඔහුගේ නාමය ඵලකයටම සීමා විය. ජනකපුර යනුවෙන් එය ආණ්ඩුවේ පොත්පත්වලද ලියැවිණි.පසු කාලෙක රාජ උදහසට ලක්ව දඬුවම් මාරුවක් ලබා, ඔහු නැවත වැලිඔයට පැමිණ සිටියේය. එහිදීය 95.ජූලි.27 කොටි ප්‍රහාරය එල්ලවූයේ. ඒ අවස්ථාවේදී, ජානක පෙරේරාගේ නායකත්වය යටතේ හමුදා සෙබළුන් මහා විස්කම් පෑහ. කොටි 503ක් මරා දැමීමට ඔවුන් සමත්ව තිබිණි. මෙය ඊලාම් යුද්ධයේ අප ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණයයි. මන්ද යත් මේ සටනේදී අප පාර්ශවයෙන් මිය ගොස් සිටියේ සෙබළුන් දෙදෙනෙකු පමණක් බැවිණි.ඔහුගේ ශක්තියෙන් පෑ පෙළහර එතනින් කෙළවර නොවේ. 93 නැගෙනහිර බලය යලි අත්පත් කරගැනීම සඳහා ලකී අල්ගම හා සටනට පෙරමුණගත්තේ ජානකය.නැගෙනහිර ජයග්‍රහණයෙන් පසු යාපනය ජයගැනීමට අප සිදුකළ රිවිරැස මෙහෙයුමේදී
, හමුදාවේ ප්‍රබලම ප්‍රහාරක සේනාංකයවන 53 සේනාංකයට අණ දුන්නේ ජානකය. ඒ බ්‍රිගේඩියර්වරයෙකු වශයෙනි. ඔහුගේ නායකත්වයෙන් 93.12.02 යාපනය අත්පත් කරගන්නේද 53 සේනාංකයය.ජානකගේ අවසන් මෙහෙයුම ගැනත් සඳහනක් නොකර බැරිය. මිනිස් රැළි ප්‍රහාර එල්ල කරමින් කොටි අලිමංකඩ 54 සේනාංකය වනසා දමා යාපනය සිටි තිස්පන්දහසක සෙබළුන් ජීවිතක්ෂයට පත්කිරීමට සැලසුම් කළ මොහොතේ, එවකට ජනාධිපතිනියගේ මතකයට ආවේ ජානකය. හමුදා මූලස්ථානයේ පසෙකට කර සිටි ජානක යළි කරලියට එන ලදී. මෙහොතකින් ඔහු ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති බවට පත්කෙරුණි. ඒ සමගම යාපනය ආඥාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත් කෙරුණි. ‍“අපි එකා මෙන් නැගිට සටන් කරමු. එසේ නැතිනම් මාගේ ඇටකටුද යාපනය පොළොවට පොහොර වීමට ඉඩ දෙමි” යයි ඔහු සිංහනාද කළේය.ජානක පෙරේරා, සරත් ෆොන්සේකා සුසංයෝගයෙන් බලගැන්වුණු හමුදා සෙබළු කොටි මුහමාලේට පලවා හැර යාපනය රැකගත්හ.පසු කළෙක කොමාන්ඩෝ පුහුණුවද ලැබූ ඔහු, කොමාන්ඩෝ භටයෙකුද විය. එහෙත් ඔහුගේ හැඩි දැඩි බාවයට යටින් තිබුනේ මෘදු නිහතමානී බාවයයි. එය මැනවින් දර්ශණයවූ අවස්ථාවකි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීම හා බැඳුනු සිද්ධි දාමය. උලපනේ ශාන්ත මේරි වතුයායේ සැඟවසිටි විජේවීර අත්
අඩංගොඩ ගත්තේ ජානක පෙරේරා විසිනි. පොලීසියට ඕනෑ වූයේ විජේවීර මරා දැමීමටය. එහෙත් ජානකගෙන් එයට ඉඩක් නොලැබින. ඔහු තමා විසින්ම වතුයායේ සිට කොළඹ දක්වා විජේවීර රැගෙන ආවේය. ඒ වෙනතුරු තමා රැගෙන ආවේ කවුදැයි රෝහණ විජේවීර දැනසිටියේ නැත.කොළඹට පැමිණි පසු විජේවීර මෙතෙක්කල් තමා භාරව හුන් නිලධාරියා අමතා තමාව,මේජර් ජෙනරාල් ලකී අල්ගමනියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළහා කර්නල් ජානක පෙරේරා යන නිලධාරීන් තිදෙනාගෙන් හැර ඕනෑම අයෙකුට භාර දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ මොහොතේ ජානක මෙතෙක් වේලා විජේවීර භාරව සිටි තමා කවුදැයි හඳුන්වා දුන්නේය. ජානකගේ ජීවිත කතාව මෙතෙකින් ලියා නිම කළ නොහැක. ඒ කතාව කියා හමාර නැත. මතු සබැඳිය.පාදඩ "දේශපාලනයේ" තවත් එක් ගොදුරක් වූ දක්ෂ සටන්කාමියා-මේජර් ජෙනරාල්-ජානක පෙරේරා-(1946.02.01-2008.10.06).-(Y.W.B).=========================================[සංස්කරණය]පුද්ගලික විස්තර(සිවිල් තොරතුරු).==============[සංස්කරණය]1946 පෙබරවාරි 1දා මෙලොව එළිය දුටු ජානක පෙරේරා පලමුව පානදුර ශාන්ත ජෝන්විද්‍යාලයේන්ද පසුව මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හැදෑරීය.ඉගෙනීමෙහිලා දක්ෂයකු වූ ජාන
ක පෙරේරා කලා අංශයෙන් උසස් පෙළ සමත්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා උපාධිය හැදෑරීමට වරම් ලැබුණද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ඔහුගේ සිත වඩාත් ඇදී යන්නේ විශ්වවිද්‍යාල දිවියට නොව හමුදා දිවියටයි.හමුදා දිවිය(රාජකාරි තොරතුරු).============[සංස්කරණය]1966දී තම විශ්වවිද්‍යාල දිවියට තිත තියන ජානක පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වන්නේ කැඩෙට් නිලධාරියකු ලෙසයි.එංගලන්තයේ සුප්‍රකට සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy of Sandhurst) සිය පුහුණුව ලබන ජානක පෙරේරා දෙවන ලුතිනන්වරයකු ලෙස පළමුවන ඉංජිනේරු ක්ෂේත්‍ර බලකායට අනුයුක්ත කෙරිණි.බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අධ්‍යයනයන් සම්බන්ධ රාජකීය කොලීජියෙන් (Royal College of Defence studies) මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා විද්‍යාපීඨයෙන් ඔහු ශිල්ප තර කරගන්නා ලදි.දෙවන ලුතිනන් ජානක පෙරේරා පළමුවරට හමුදා නිලධාරියකු ලෙස රණවිරුකම් පානුයේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දීමටයි.ඉන් වසර දෙකක ඇවෑමෙන් කපිතාන්වරයකු ලෙස උසස් වීමක් ලැබීමට තරම් 27 හැවිරිදී ජානක පෙරේරා භාග්‍යවන්තයකු විය.කමාන්ඩෝ නිලධාරි.=====[සංස්කරණය]අතිදක්ෂ කාර්යශූර නි
ලධාරියකු ලෙස පෙඳෙන් පෙඳ හමුදාවේ හිණිපෙත්තට ඇදී යන ජානක පෙරේරා 1983 ඇරැඹෙන ඊළාම් යුද්ධයේදී දැඩි ලෙස ක්‍රියාකාරී වනුයේ ජ්‍යේෂ්ඨ හමුදා නායකත්වයේත් දේශපාලන යාන්ත්‍රණයේත් නොමසුරු ඇගැයීමට පාත්‍ර වෙමිනි.1980දී ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කිරීමට නිර්මාණය වූ කමාන්ඩෝ බලකායට අනුයුක්ත වී සිටි ජානක පෙරේරා ත්‍රස්ත විරෝධී සටනේ ප්‍රමුඛ සෙන්පතියකු බවට පත්වෙමින් තිබුණි.කොටි ත්‍රස්තවාදීන්ට මහත් හිසරදයක්වූ කමාන්ඩෝ බලකාය එතරම් සවිබල සම්පන්න බලකායක් කිරීමෙහිලා ජානක පෙරේරාගෙන් ලැබුණු මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීයය."මායිම් ගම්මාන".===[සංස්කරණය]1980 දශකයේ මුල් භාගය වන විට පදවිය, වැලිඔය, ශ්‍රීපුර වැනි මායිම් ගම්මාන කොටි ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයට ලක්ව තිබුණි. කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූල ඝාතනයන් හරහා මායිම් ගම්මානවල කොටි ත්‍රස්තයින් තම අණසක පතුරුවමින් තිබුණු අතර "මායිම් ගම්මාන" වල සිංහල පදිංචිකරුවන් රැසක් සිය ගම්බිම් අතැර ඒමේ අවාසනාවන්ත ප්‍රවණතාවක් උද්ගත වෙමින් තුබුණි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තෝරා ගත්තේ එවක ලුතිනන් කර්නල් නිලයේ කටයුතු කළ ජානක පෙරේරාවය.සිය වගකීම භාරගත් ජාන
ක පෙරේරා ගම්බිම්වල ආරක්ෂාව සහ තම භට පිරිස් කළමණාකරණය දෙකක් නොව එකක් බව මනාව වටහා ගත්තේය. හමුදා කූඩාරමක දිවි ගෙවමින් ප්‍රදේශය ගැන සොයා බැලූ ජානක වැව් ප්‍රතිසංස්කරණය කරමින්, මංමාවත් පිළිසකර කරමින්, යුද හමුදා ජෙනරේටර් යොදා රෝහලට විදුලිය සපයමින් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවීය.ශ්‍රමදාන සංවිධානය කරමින් මේ කටයුතු වලට ප්‍රදේශවසීන්ගේ සහය දිනාගත් තුරුණු ලුතිනන් කර්නල්වරයා සෑම සති අන්තයකම ප්‍රදේශයට කොළඹින් විශේෂඥ වෛද්‍යවරුන්, බේත්හේත් ගෙන්වා වෛද්‍ය සායන සංවිධානය කළේ ප්‍රදේශවසීන්ගේ නිරෝගීකම වැදගත් සාධකයක් බව අවබෝධ කරගනිමිනි.අඛණ්ඩව පැවැති කොටි තර්ජන හමුවේ "මායිම් ගම්මාන" සුරකිමින් පමණක් නොව අස්වද්දමින්, දේශපාලනඥයන් යුද බිය නිසා පා නොතබන "මායිම් ගම්මාන"වලට නායකත්වය සපයමින් ඒ ප්‍රදේශවල අසරණ ජනතාවට ඔහු පිළිසරණක් විය.නිතර දෙවේලේ ජනතාව අතරට යමින් බිය සැක දුරු කළ ජානක ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය, ගුරුවරුන්, ඉංජිනේරුවරු, සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සමඟ තම කූඩාරමේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වූයේ ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගෙනය.ජානක පෙරේරා නිතරම මායිම් ගම්මානවල ජනතාවට “මගේ මිනිස්සු” කියා අම
න්ත්‍රණය කිරීමෙන් ඔහු තුල ජනතාව කෙරේ තුබූ භක්ත්‍යාදරය මනාව පිළිඹිබු වේ.මීට කෘතගුණ දැක්වීමක් ලෙස ඒ ප්‍රදේශයේ ජනතාව “ජනකපුර” නමින් ගම්මානයක් නම් කර සංවර්ධනය කරනු ලැබූයේ තමන් කොටි ග්‍රහණයෙන් මුදා සෞභාග්‍යයට පාර පෙන්වූ ඔහු කෙරේ ඔවුන් තුල පැවැති භක්තිය නිසාය.වඩමාරච්චි මෙහෙයුම.======[සංස්කරණය]1987 සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුමට (Operation Liberation) සක්‍රීයව දායක වන ජානක පෙරේරා ට එහිදී ඩෙන්සිල් කොබ්බෑකඩුව,විජය විමලරත්න ආදී ශූරවීර රණනායකයන් සෙවනේ හමුදා පන්නරය හිමිවේ.මේ වනවිට ත්‍රස්තවාදයට එරෙහිව වූ සටනේ දිගින් දිගටම වීර විකුම් පෑ ජානක පෙරේරා කර්නල් නිලය දක්වා උසස් කර තිබුණි.කෙටි කාලයක් තුල යාපන අර්ධද්වීපය දෙවනත් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය වඩමාරච්චි ප්‍රදේශයට කොටු කිරීමට වීර හමුදාවෝ සමත් වුවත් ඉන්දියාව මැදිහත්වීමෙන් කොටින් දිවි ගලවා ගත්හ.කොටින්ට ආහාර, පාන, සහ ආයුධ සපයමින් ඉන්දියාවේ රාමේෂ්වරන් වරායෙන් එවූ නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් හරවා යැවුණු කළ ඉන්දියාවේ බැංගලෝරයෙන් පිටත් කෙරුණු ඇන්ටනොව් 32 යාන දෙකකින් ආහාර පාන, ලාම්පු තෙල් ආදිය යාපන අර්
ධද්වීපයට හෙළීය.එම ඇන්ටනොව් 32 යානා දෙකට පරිවාර ලෙස මිරාජ් ප්‍රහාරක යානා එවුණු අතර ශ්‍රී ලංකා හමුදා එම යානාවලට පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමට පමණක් නොව ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉන්දියාව සූදානම්ව සිටි බව ඉන්දීය ලේඛක එම්.ආර්. නාරායන් ස්වාමි සිය ලංකා කොටි ග්‍රන්ථයේ සඳහන් කරයි.ඔහු කියන පරිදි ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා මෙන්ම මෙහෙයුම් අණදෙන නිලධාරී නලීන් සෙනෙවිරත්න යන සියල්ල අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු ඉන්දීය ආරක්ෂක අංශ සූදානම් කර තිබී ඇත.එහෙව් වාතාවරණයක් තුල රටේ පැවැත්ම උදෙසා අකමැත්තෙන් වුව පසුබැසීම හැර අන් විකල්පයක් නොවීය.ජවිපෙ කැරැල්ල.==[සංස්කරණය]"එවක කැපීපෙනෙන තරුණ හමුදා නිලධාරියකු ලෙස සිටි ජානක පෙරේරා 88-89 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල මැඩලීමේ අභියෝගයට යෙදවීමට රජය තීන්දු කළහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අල්ලා ගැනීමේ භාරධූර කර්තව්‍ය ජානක පෙරේරාට පැවරිණි. ජානක පෙරේරා බුද්ධිමත්, සූක්ෂම නිලධාරියකු වූ අතර ඔහුට බුද්ධි තොරතුරු එක් රැස් කිරීමේ සහජ හැකියාවක් තිබුණි.තමන්ට ලැබෙන හෝ
ඩුවාවන් ඔස්සේ රෝහණ විජේවීර වලපනේ බංගලාවක ගම්ලත්(අත්තනායක) නම් වූ වතු අධිකාරීවරයකු ලෙස වෙස් වලාගෙන සිටින බවට කර්නල් ජානක පෙරේරාට ඒත්තු ගියේය.වලපනේ වත්තට ගිය ජානක පෙරේරා තමන්ව හඳුන්වා දී ගම්ලත් (අත්තනායක) යනුවෙන් පෙනී සිටි රෝහණ විජේවීර සමඟ සතුටු සාමීචියකට පුල්පන්නේය, මේ සතුටු සාමීචය අස්සේ ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න නගමින් ජානක පෙරේරා සෑහෙන වේලාවක් ගම්ලත් නමින්(අත්තනායක) පෙනී සිටින්නා හා දොඩමළු විය.ගම්ලත් ගෙන් විජේවීර ගැනත් ජවිපෙ ගැනත් ඇසූ විට ඔහු ඉතා දක්ෂ ලෙස ඒ ගැන කිසිවක් නොදත් බව අඟවමින් රඟපෑ නමුත් ජානක පෙරේරාට මේ රෝහණ විජේවීරමයි යන විශ්වාසය ඇති වෙමින් තිබුණි. උණුසුම් තේ කෝප්පයක් රස විඳීමෙන් පසු ගම්ලත්ට ඔහුගේ ආගන්තුක සත්කාරවලට ස්තූති කර ආපසු නික්මීමට අවසර පතා දොරකඩ දක්වා සාමාන්‍ය ගමනින් කර්නල්වරයා ගමන් කළේය.ඕනෑම කෙනෙකු කොච්චර දක්ෂ ලෙස බොරුවක් රඟදැක්වුවද එය කරන්නේ විශාල ආතතියකිනි, එම බොරුවෙන් අත් මිදුණු කළ එකී ආතතිය පහව ගොස් එම පුද්ගලයා සැහැල්ලු වන්නේය. විජේවීර සහෝදරයාද තමන් අසුවේදෝ යන ආතතියෙන් පෙළෙමින් ගම්ලත් චරිතය රඟපාන්නට ඇත, නමුත් කර්නල් ජානක පෙරේරා නික්ම යන විට ඔහුට විශාල සහනයක් දැන
ී අරක් ගෙන සිටි ගම්ලත් චරිතයෙන් ඉබේටම අත්මිදෙන්නට ඇත.මේ මානව හැසිරීම් රටාව අවබෝධ කරගෙන සිටි ජානක පෙරේරා දොරකඩදී එකවරම ආපසු හැරී “ඇත්ත කියනවා… උඹ නේද රෝහණ විජේවීර??” කියා දැඩි විශ්වාසයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බව කියැවේ.මේ හදීසි හැසිරීමෙන් තිගැස්සුණු රෝහණ විජේවීර ගේ මුහුණේ අංග ලක්ෂණ වලින් ගම්ලත් චරිතය පුස්සක් බවත් ඔහු සැබැවින්ම රෝහණ විජේවීර බවත් ජානක පෙරේරාට වැටහෙන්නට ඇත.මේ අනුව තමා රෝහණ විජේවීර ලෙස පිළිගත් වතු අධිකාරීවරයා කර්නල් ජානක පෙරේරා විසින් අත්අඩංගුවට ගත්තේ තමන් කරන්නේ තම රාජකාරිය බව සිහිපත් කරදෙමිනි.විජේවීර ජානක පෙරේරාගෙන් තම බිරිඳට සහ දරුවන්ට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා වන අතර එම ඉල්ලීම ඉටු කිරීමට ජානක පෙරේරා ක්‍රියාත්මක විය. රෝහණ විජේවීර කැටුව කොළඹ ආ ජානක පෙරේරා ඔහුව අදාල නිලධාරීන්ට භාර දී තම රාජකාරිය ඉටු කළේය.පසුව රෝහණ විජේවීර කෲර ලෙස ඝාතනය වූ අතර ඊට ජානක පෙරේරා සම්බන්ධ යැයි චෝදනා එල්ල වුවද පසුකාලීනව ජානක පෙරේරා ඊට සම්බන්ධ නැති බවත් ඔහු කළේ ඔහුගේ රාජකාරිය බවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තේය.කෙසේ වෙතත් රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමේ පිළිවෙතින් ඔප් නැංවෙන්නේ ජ
ානක පෙරේරා තුල මිනිස් හැසිරීම් රටාව කෙරේ තුබූ අවබෝධයත් ඔහුගේ බුද්ධිමත්භාවය සහ සංවේදීභාවයයි".(සැ:යු-මෙම සිද්ධි දාමය පිළිබදව විවිධාකාර වූ කතන්දර තිබේ.මෙහි සදහන් කළේ ඉන් එක් කතන්දරයකි කෙසේ නමුත් රෝහණ විජේවීර අත් අඩංගුවට ගැනීමට ගිය හමුදා ක්ෂණික විහිදුම් බලකාය මෙහෙය වූයේ ජානක පෙරේරා බවත් ගාමිණී හෙට්ටිආරච්ච් හා බුද්ධි අංශයේ මුතාලිෆ් වැනි නිලධාරීන්ද එම කණ්ඩායමේ සිටි බවත් සත්තකි).නැගෙනහිර.=[සංස්කරණය]1993දී තොප්පිගලින් හමුදාව දියත් කළ මෙහෙයුම අඛණ්ඩව ගෙන යෑමට රජය උත්සුක වූ අතර මේ ක්‍රියාන්විතයේ ප්‍රධාන නියමුවකු ලෙස බ්‍රිගේඩියර් ජානක පෙරේරා කැපී පෙනුණි. තොප්පිගල කැලයෙන් ඇරැඹි මෙම මෙහෙයුම කෙටි කලෙකින් මුළු නැගෙනහිරම කොටි ග්‍රහණයෙන් නිදහස් කරගනිමින් අවසාන කරගැනීමට ජානක ඇතුළු හමුදාව හපන්කම් පෑහ.වැලිඔය.==[සංස්කරණය]මුහුදු කොටි.වැලිඔය ආඥාපතිව සිටියදී මුහුදු කොටින් විසින් කෝකිලායි, කොක්කුතුඩුවායි ප්‍රදේශ ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයද සාර්ථක ලෙස ජයගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ හමුදාවෝ සමත් වූයේ අනේකවිධ අගහිඟකම්, දුෂ්කරතා මැදය.මුහුදු කොටින් 300ක් පමණ මරු තුරුලට යැවූ මෙම සටනේදී කොටින් මළ සිරුරු 200ක
් පමණ සටන් බිමේ දමා ගොස් තිබිණි. ඒ සියල්ල රතු කුරුසයට භාරදෙමින් ඔහු තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේය. නමුත් ඊටත් වඩා එහා ගිය අභියෝගයකට නුදුරේදීම මුහුණදීමට ජානක පෙරේරාට සිදුවුණි.වැලිඔය ප්‍රහාරය.==[සංස්කරණය]ලංකා යුද ඉතිහාසයේ සුවිශේෂී ප්‍රහාරයක නියමුවා ලෙස ජානක පෙරේරා ඉතිහාස ගතවේ. එක රැයකින් කොටි ත්‍රස්තවාදීන් 500කට අධික පිරිසක් මරු තුරුලට යැවූ එම සටනින් මළ සිරුරු 503ක් සොයා ගැනුණු අතර එය ලක් යුද ඉතිහාසයේ එක් රැයකදී වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් විනාශ කර දැමූ සටන ලෙස වාර්තා වී ඇත.එවක වැලිඔය ආඥාපතිවරයාව සිටි ජානක පෙරේරාට විශේෂ මූලාශ්‍රයකින් වැලිඔය හමුදා කඳවුරට ප්‍රහාරයක් නොබෝ දිනෙකින් එල්ල කිරීමට කොටි සංවිධානය සූදානම් වන බව තහවුරු වී තිබුණි.ජානක පෙරේරා කඳවුරේ සෙබලුන් හා සුපුරුදු පරිදි කල් ගෙවීය. නිවාඩු ඉල්ලා තුබූ සොල්දාදුවන්ට නිවාඩු ලබාදෙමින් තමාට කොටි ප්‍රහාරය ගැන කිසිඳු හෝඩුවාවක් ලැබී නැතැයි හඟවමින් කොටින් ඇන්දවීම ජානක පෙරේරාගේ අරමුණ විය.එල්ටීටීඊ ප්‍රහාරය එල්ල වීමට නියමිතව තුබූ දිනයේ රාත්‍රී ජාමය වනවිට ජානක පෙරේරා තම සොල්දාදුවන් හෙමෙන්සීරුවේ වැලිඔය කඳවුරෙන් ඉවත් කර කඳවුර වටා කැලයේ ඉතා
සූක්ෂම ලෙස ස්ථානගත කළේය.ශ්‍රී ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ විශ්මයට කඳවුර අතැර දමා තිබුණි. සිදුවන්නේ කිමෙක්දැයි අදහා ගැනීමටත් පෙර සිව්දෙස කැලයෙන් කොටින්ට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි.රැය පහන්වන තුරු ඇවිලුණු දරුණු සටන් නිමා වූයේ කොටි මළසිරුරු 503ක් එම භූමියට පතිත කරවමිනි.මුළු සටන පුරාම ජීවිතක්ෂයට පත්වූයේ හමුදා භටයින් 20කට අඩු ගණනකි.මෙම සටනේදී මුලින් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ජානක පෙරේරා විසින් වැලිඔය ආරක්ෂාව වඩාත් තර කිරීම සදහ කමාන්ඩෝ බලඝණයක් එවන ලෙස කීප වරක්ම හමුදා මූලස්ථානයෙන් ඉල්ලා සිටි නමුත් එම තොරතුරු මූලාශ්‍ර තහවුරු නැතැයි කියමින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුණි.එහිදී තමන්ට තිබූ පාභල බලඇණි හා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන් යොදා ගනිමින් සියළු ආරක්ෂක විදිවිධාන යෙදීමට ඔහු ඇතුළු පිරිසට සිදි විය.අවසානයේ සටන ඇවිලී බොහෝඅ වෙලා ගිය පසු වෙනත් ගමනක් ගොස් එමින් සිටි කමාන්ඩෝ භට පිරිසක් එතැනට බැස්සවීමට නම් අදාළ ඉහල බලධාරීන් කටයුතු කළහ.එයින් පැහැදිලි වන්නේ ජානක පෙරේරාට වැලිඔය බාර දුන්නේ ඔහුව පරාජයකට ලක්කර ඔහු ගේ ප්‍රතිරූපය විනාශ කිරී
මට බැව් නොවේද...? නමුත් එය කණපිට හරවා ගැනීමට ඔහුට එහි සිටි සියළු සෙනීන්ගේ දායකත්වයෙන් හැකිවීම තුළ බලධාරීන්ට කපන්න බැරි අත ඉඹින්නා සේ ජානක පෙරේරාට වගකීම් දීම හැර වෙනත් විකල්පයක් නොමැති විය.මෙම සටනේදී කර්නල්-වජිර විජේගුණවර්ධන ඇතුළු අනෙකුත් නිලයන් හා සෙසු නිලයන් ඒකාබද්ධව දැක්වූ දායකත්වයද කිසිසේත්ම අමතක නොකළ යුතුය.මේ ජයග්‍රහණයෙන් අනතුරුව ජානක පෙරේරා ජනමාධ්‍යවේදීන්ට පැවසූයේ-“අවුරුදු 14 ළමුන් මරා සතුටු විය හැක්කේ මොන සොල්දාදුවාටද? මේත් මගේ රටේම මිනිස්සු, ඔයගොල්ලො තමුන්ගෙම මිනිස්සු මරණවද?”කියාය. මේ කියමන සැබැවින්ම ඉතා ගැඹුරු අර්ථයකින් හෙබි ප්‍රකාශයක් නොවන්නේද? කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ අතැතිව හමුදාවට ඒ ආයුධයෙන් පහර දුන්නේද මේ රටේම පුරවැසියන්ය යන යාථාර්ථය ඔහු මැනැවින් අවබෝධ කරගෙන තිබූ සෙයකි.වැලිඔය සංග්‍රාමික මෙහෙයුම හමුදාවන්ට සුවිශේෂී විජයග්‍රහණයක් විය. උතුරත් නැගෙනහිරත් කොටි ක්‍රියාකාරකම් සම්බන්ධ වූයේ වැලිඔය හරහාය. උතුරින් නැගෙනහිරටත්, නැගෙනහිරින් උතුරටත් කොටි සෙබලුන් ගමන් ගත්තේ වැලිඔය හරහාය. එම ගමන්මගට වැලිඔය කඳවුර සහ ජානක පෙරේරා බාධාවක් වුණි. එම බාධාව ඉවත් කිරීමට එල්ල වූ ප්‍රහාරයෙන් කො
ටින් ලැබුයේ සුළු පටු පරාජයක් නොවන වග නම් පැහැදිලිය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කොටි ත්‍රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්‍රහාර අතුරින් ඔහු අන්තම පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්‍රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි.ජානක පෙරේරා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වන දිනයේදීම කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම කෙතරම් දෛවෝපගත අහම්බයක්ද...?යාපන අර්ධද්වීපය.===[සංස්කරණය]යාපනය මුදා ගැනීමට මත්තෙන් පලාලි කඳවුර අවට භූමිය අත්පත් කරගැනීමේ ඉදිරි පිම්ම මෙහෙයුම අසාර්ථක වී තිබුණි. යාපනය නැවත අත්පත් කරගැනීමේ අරමුණට වැදගත් වූ පලාලි අවට භූමිය දිනාගැනීම උදෙසා නැවත වරක් බ්‍රිගේඩියර් ජානක පෙරේරා යටතේ අකුණු පහර මෙහෙයුම ක්‍රියාවට නැගුණු අතර එය මල්ඵල දැරීම යාපන අර්ධද්වීපයේ විජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වූවාට සැක නැත.1995 දියත් කෙරුණු යාපන අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ අභිලාෂයෙන් යුතු වූ ජයග්‍රාහී රිවිරැස මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් ඒ වන විට බ්‍රිගේඩියර් නිලයට
උසස් වී සිටි ජානක පෙරේරා විසින් රඟදක්වන ලදි.වසර ගණනකින් පසුව යාපනය නගරය රජයේ පාලනයට නතු කල රිවිරැස මෙහෙයුම 90 දශකයේ බලවේගය, ජයසිකුරු වැනි මෙහෙයුම් අතුරින් සුවිශේෂීත්වයක් ඉසිලීය.එවක බ්‍රිගේඩියර් ජානක පෙරේරා සුප්‍රකට 53වන සේනාවේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේය.යාපන කොටුව කොටින්ගෙන් මුදාගැනීමේ තීරණාත්මක මෙහෙයුම මෙහෙයවන ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසිනි. අතිශය උද්වේගකර සටනකින් පසුව යාපන කොටුව හමුදා ග්‍රහණයට නතු කර ගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ 53වන සේනාංකය සමත්විය.ජයග්‍රහණයෙන් උද්දාමයට පත් අනුරුද්ධ රත්වත්තේ යාපනයේ ජාතික කොටි ඔසවන විට ඔහු-“අපි කොඩි උස්සන්න ඕනෙ අපේ නොවන භූමියක් ඇල්ලුවම, මේත් අපේ භූමියමනෙ” කියා ඇති බව වාර්තා වේ. මෙවැනි කියමන් වල සැබෑ ගැඹුරුතර අරුතක් තිබුණද බොහෝ දේශප්‍රේමීන් යැයි ලේබල් අලවා ගන්නා උදවියට නම් මේවා නොරුස්සනවා විය හැක. ජානක පෙරේරාගේ "අවංකත්වය" ඔහුගේ හොඳට මෙන්ම නරකටද හේතු සාධකයක් වූ බව තතු දත්තෝ පවසති.මේ ජයග්‍රහණයට පරම වීර විභූෂණයෙන් පුද ලද වරලත් නිලධාරී පසන් ගුණසේකර ඇතුළු සෙබලුන් චිරුතිව් දූපතේ සිට කොටි බෝට්ටි සැපයුම් දාමය කඩා බිඳලීමට කළ කැපකිරීමද ප්‍රධාන
හේතුකාරකයක් වූ අතර එයද අප අමතක නොකළ යුතුය.නොනවතින රැල්ල.====[සංස්කරණය]වැලිඔයින් පසු 23වන, 51වන සහ 53වන සේනාංකාධිපතිධුර ඉසිලූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 1999 වන විට කොමාන්ඩෝ සහ විශේෂ බලකා වල සේනාංකාධිපතිවරයා ලෙසට පත්ව සිටියේය.වසර 2000 වන විට හමුදාව උතුරු යුද බිමේ පරාජයන් හමුවේ පරාජයන් ලබමින් මානසිකව ඇද වැටෙමින් පැවැතිණි. පුනරින්, කිලිනොච්චි, මුලතිව් හමුදා කඳවුරු කොටින් අත්පත් කරගෙන තුබූ අතර A9 මහාමාර්ගයේ බහුතර පාලනයද කොටි සන්තක විය.අලිමංකඩ.==[සංස්කරණය]ඔයාදු අලෛහාල් (නොනවතින රැල්ල/Unceasing Waves) නමින් ප්‍රහාර මාලවක් දියත් කර තුබූ කොටි සංවිධානය කිසිදා හමුදාව අතින් ගිලිහී නොගිය, හසලක ගාමිණී වන් වීර සෙබලුන් දිවි දී රැකගත් අලිමංකඩ කඳවුරද ඉතා සූක්ෂම ලෙස අත්පත් කර ගනු ලැබූයේ එහි ජල සැපයුම ඇනහිටුවමිනි. අලිමංකඩ සමඟම හමුදා සොල්දාදුවන් රැසකගේ ජීවිතද අහිමිව ගිය අතර කොටි සංවිධානය යාපනය නගරය ඇතුළු සමස්ථ අර්ධද්වීපයම අත්පත් කරගැනීමේ තර්ජනය දැඩිව පැවැතුණි.යාපනයේ හමුදා මෙහෙයුම්වල කොඳු නාරටිය බඳු වූ පලාලි කඳවුරද දැඩි තර්ජනයකට මුහුණ පා තිබුණේ කොටින්ට බර අවි, යුද ටැංකි සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර්
(MBRL) රැසක් අලිමංකඩ බිඳ වැටීමත් සමඟ අත්පත්ව තිබූ හෙයිනි. මේ බර අවි නිසි ලෙස ස්ථානගත කිරීමේ අවස්ථාව කොටින්ට හිමි වුණි නම් පලාලි ගුවන්තොටින් ගුවන් යානා ගොඩබෑමට හෝ පිටත් කිරීමට නොහැකි වනු ඇත.හමුදා සෙබලුන් 1000කට අධික ප්‍රමාණයකට මරු කැඳවද්දී කොටි ත්‍රස්තයින් 35ක් පමණක් මරු වැළැඳගත් අලිමංකඩ ප්‍රහාරය යුද හමුදා ඉතිහාසයේ විශාලතම පරාජය ලෙස ඉතිහාසගතව ඇත.හමුදා සෙබලුන් 40,000ක් පමණ ස්ථානගතව සිටි යාපන අර්ධද්වීපය මුළුමනින්ම රජයේ ග්‍රහණයෙන් ගිලිහී යෑමේ දැඩි අවදානමක් හට ගෙන තුබුණි. එම සෙබලුන් 40,000ට ඇති සැපයුම් මාර්ග (උදා – පලාලි) අහුරා ක්‍රමිකව හමුදාව අසරණ කර යාපන අර්ධද්වීපය දිනීම කොටින්ගේ උපක්‍රමය විය.මේ උපක්‍රමය සාර්ථක වීමේ සම්භාවිතාව කොතෙක්ව තිබුණිද යත් එවක ජනාධිපතිනිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉවත් කර ගැනීමට නෞකා සපයන ලෙස ඉන්දීය රජයෙන් සහය ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකා නාවුක හමුදා යාත්‍රා හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉක්මන් පසුබැසීමකට ප්‍රමාණවත් නොවුණු නිසා ඉන්දියාවෙන් කළ මෙම බැගෑපත් ඉල්ලීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තත්ත්වය ත
වදුරටත් බැරෑරුම් අඩියකට පත්විණි.යාපන අර්ධද්වීපයේ හමුදා සෙබලුන් 40,000කගේත් රාජ්‍ය පාලනයේත් අනාගතය තීරණය කෙරෙන හමුදා මෙහෙයුමට නායකත්වය සඳහා මේජර් ජෙනරාල්වරු දෙපලක් තෝරාගන්නා ලදි. ඉන් එක් අයෙකු වූයේ එවක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරායි අනෙකා එවක සාමාන්‍ය මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල් (DGGS) සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාය.මෙහිදී ජානක පෙරේරා සමස්ථ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙසත් යාපනයේ ආරක්ෂක සේවා ආඥාපති ලෙස පත්වීම් ලත්තේය. යාපනයේ සිට ස්වාධීන රූපවාහිණි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ මේජර් ජෙනරල්-ජානක පෙරේරා එහිදී ඕනෑම පරිත්‍යාගයක් කොට යාපනය රැක ගැනීමට සුදානම් බවත් හමුදාව හැරගිය සියළු දෙනාට තමන් හා එකතු වී අභීතව සටන් වදින ලෙසත් ප්‍රකාශ කළේය.මේ සටනේදී කොටි සංවිධානයේ මෙහෙයුම් නායකයා වූයේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් යහමුදා සැලසුම් කෙටුම්පත් කළ මේජර් ජෙනරාල්වරු යාපන අර්ධද්වීපයත් තම සෙබලුන්ගේ ජීවිතත් ආර්ක්ෂා කරගනු වස් දිවිහිමියෙන් කැපවිණි. වේගයෙන් යාපනය කරා ඇදෙමින් තිබූ කොටින්ට යාපන නගරයට කි.මි.45ක් නැගෙනහිරින් පිහිටි චාවකච්චේරියේදී දරුණු ලෙස
පහරදෙමින් කොටි ගමන අඩාල කළද තර්ජනය දිගින් දිගටම පැවැතුණි.ඊටද කඩිනම් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒ සියල්ලට අභීතව මුහුණ දෙමින් කොටින් මැඩපවත්වමින් වටිනා ජීවිත රැසක් ආරක්ෂා කිරීමටත් යාපනයේ රජයේ පාලනය තහවුරු කිරීමටත් ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු දෙපල උත්සාහ කළහ.යාපනය අර්ධද්වීපය රැක ගැනීම සඳහා දියත් කෙරුණු මෙහෙයුම බොහෝ අගහිඟකම් මැද, අවාසි සහගත තත්ත්වයක,හමුදා සෙබලුන්ගේ චිත්ත ධෛර්යය බිංදුවට බැස තිබූ සහ කොටින්ගේ චිත්ත ධෛර්යය උපරිමයක්ව තුබූ මොහොතක ජයගැනීමට මේජර් ජෙනරාල්වරුන් දෙපල උත්සාහ කළහ.මෙහිදී සරසාලේ සටන තීරණාත්මක සටනකි.එතෙක් එක දිගට ඉදිරියට එමින් සිටි එල්.ටී.ටී.ඊ සටන් කරුවන් පරාජය කර ආපසු හැරෙව්වේ තීරණාත්මක සරසාලේ සටනෙනි. ලුතිනන් කර්නල්-සුමේද පෙරේරා ගේ මෙහෙයවීමෙන් සටන් කළ (53 සේනාංකයට අයත් 533 බලසේනාව) එම සටන ජයග්‍රාහීව කෙළවර නොකරන්නට යාපනය බේරා ගැනීම ඉතාමත් අසීරු වීමට තිබූ ඉඩ බොහෝය.මෙහිදී 533 බලසේනාධිපති ලෙස ලුතිනන් කර්නල්-සුමේද පෙරේරා ත් එය අයත් 53 සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල්-සීවලී වණිගසේකර ත් කටයුතු කරන ලදි.නමුත් අවසානයේදී ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා දෙදෙනා අතර
ඇති වූ මතබේදයක් බල අරගලයක් දක්වා දුරදිග ගිය අතර එය දඩමීමා කරගත් පාලන අධිකාරිය මුලින්ම ජානක පෙරේරත් ඉන් පසුව සරත් ෆොන්සේකාවත් එම තණතුරු වලින් ඉවත් කර දමා වෙනත් නිලධාරීන් පත් කළහ.එම සිදුවීම් මාළාව අවසන් වූයේ එසේය.එහිදී සිදු වූයේ පාලන අධිකාරිය විසින් ජානක පෙරේරාට එරෙහිව සරත් ෆොන්සේකාව යොදා ගැනීමයි.පෙරේරාට එරෙහි ෆොන්සේකා සටනේ අවසන් ප්‍රතිපලය වූයේ දෙදෙනාම දං ගෙඩියට යාමයි.එහිදී පාලන අධිකාරියේ ලනුව ගිල්ල ෆොන්සේකාද අවසානයේදී එහිම බිල්ලක් විය.බිලී බෑමට යොදා ගන්නා ඇම දඩයම තුළ තමන්ද බිල්ලක් වන බැව් නොදැනීම පුන පුනා සිදුවන විෂම චක්‍රයකි.එය තේරුම් නොගන්නා තාක් කල් එම තුච්ඡ දේශපාලු සෙල්ලම පක්ෂ පාට මාරු කරමින් සැමවිටම සිදුවේ.සරත් ෆොන්සේකා පමණක් නොව ජානක පෙරේරා ද එය තේරුම් ගත්තේ නැත.අසාධාරණය.==[සංස්කරණය]ජානක පෙරේරා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ දෙමළ තරුණයින් හමුදාවට බඳවා ගත යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය. ඔහු ඒ ගැන පවසා ඇත්තේ මෙපරිද්දෙනි“යුද්ධයේ සැබෑ පරමාර්ථය වෙන්න ඕනෙ දෙමළ මිනිස්සුන්ව කොටි ග්‍රහණයෙන් ගලවන එක, ඒක එහෙම වෙන්නනම් දෙමළ මිනිස්සුන්වත් මේ හමුදාවේ කොටස්කාරයො කරග
න්ට ඕනෙ, උතුර අල්ලගෙන ඒක සිංහල සෙබලුන්ගෙ පාලනය යටතේ තිබ්බොත් ඒ මිනිස්සු අපිව විශ්වාස කරන්නෙ නැහැනෙ.”මේ තර්කය ඔහු සාධාරණීකරණය කළේ 1945 මිත්‍ර පාක්ෂික හමුදා නට්සි හමුදා පරදා ලෝක යුද්ධය නිමා කිරීමට ප්‍රංශයේ නෝමැන්ඩියට ගොඩ බසින විට පෙරටුව ගමන්ගත්තේ ජෙනරාල් ඩි ගෝල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රංශ හමුදා බව උපුටමිනි. ජානක පෙරේරා තමන්ගේ අදහස්වලට අනුව මේ යුද්ධයට දුටු විසඳුම නම් බහුතර සිංහල ජනතාවගේ සිතුම් පැතුම් සමඟ සුළුජනයාගේ සිතුම් පැතුම් සංතුලනය කළ යුතු බවයි.කළ නොහැකියැයි හැඟෙන මෙහෙයුම් සඳහා යොදා ගැනුණු රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තද පොදුජන එක්සත් පෙරමුණු රජයෙන් ජානක පෙරේරාට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය.එවකට චන්ද්‍රිකාගේ පාලනය තුළ සටන මෙහෙය වූ අනුරුද්ධ රත්වත්තේ ට කොහොමත් ජානක පෙරේරාව රිස්සුවේ නැත.රත්වත්ත+දළුවත්ත සංයෝගය විසින් ජානක පෙරේරාව කොන්කර දමමින් ඔහුට පල නොකියා පලා බෙදීම තුළ ඉතිහාසයේදී එ.ජා.ප පාලනය තුළ ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිදුන්ට අත් වූ ඉරණමට සමාන ඉරණමකට ලක් වීමට පොදු පෙරමුණු පාලනය තුළ ජානක පෙරේරා සෙන්පතිදුන්ට ද සිදුවිය.සුදුසු කම් අනුව ලැබිය යුතුව තිබූ හමුදාපති නිලය ඇස් ප
නාපිටම අහිමි කරගනිමින් හමුදාවෙන් සමුගත් ජානක පෙරේරාට එයට වන්දි ලෙස සලකාදෝ කාටත් වගේ දෙන විදෙස් තානාපති සංතෝෂමක් චන්ද්‍රිකා විසින් විසිකරන ලදි.එය බාර නොගෙන සිටිය යුතුව තිබුණත් ඔහු කිසියම් හේතුවක් නිසා එය බාර ගත්තේය.තානාපති සේවය.==[සංස්කරණය]කෙසේ හෝ බාරගත් තානාපති තණතුරේ අනිත් උන් සේ පුටු රත් කරමින් නොසිටි ජානක පෙරෙරා එම වගකීමද කරටම ගනිමින් හොද මෙහෙවරක් කරමින් සිටියදී පුටු රත් කරමින් පිං පඩි ගත් පෙන්දන්ට ඔහුගේ මෙහෙවර රිස්සුවේ නැත.ඒ අනුව සුපුරුදු ලාංකීය පන්දම් ක්‍රීඩාව යළිත් ක්‍රියාත්මක විය.පන්දම් හා කේළාම් ඉහ මුදුනින්ම දොහොත් මුදුන් දී බාර ගෙන ඇද ගන්නා චන්ද්‍රිකා නැවත වරක් ජානක පෙරේරා ගේ වැඩ වලට ඇගිලි ගසමින් පල නොකියා පලා බෙදන්නට වූවාය.පිං පඩි ගනිමින් පුටු රත් කරන මෙලෝ රහක් නැති හිගන පෙන්දන් තානාපති සේවයම නිගාවට හෙළමින් වැඩ බැරුව පන්දම් අල්ලමින් පහරද්දී ලැබුණු දෙයින් උපරිම මෙහෙවරක් කිරීමට උපරිම උත්සාහ ගත් ජානක පෙරේරාට නැවත වරක් ලාංකීය තුච්ඡ දේශපාලනයේ ගොදුරක් වීමට සිදු විය.ජරාජීර්ණ දේශ්පාලනයට.========[සංස්කරණය]නේක විධ කකුලෙන් ඇදීම් හා කකුල් මාට්ටු හමුවේ දුෂ්කර මෙහෙයක් ඉටු කළ ජානක පෙ
රේරා ඕස්ට්‍රේලියාවේ හා ඉන්දුනීසියාවේ රාජකාරි කර නැවත වරක් සිය රට පැමිණ ජීවිතයේ ගත් මෝඩම තීන්දුව ගත්තේය එනම් ජරාජීර්ණ දේශ්පාලනයට පය ගැසීමයි.ජානක පෙරේරාට චන්ද්‍රිකාගේ පාලනය තුළ දිගින් දිගටම සිදුවූ පල නොකියා පලා බෙදීමත් ඉන් පසුව පත් වූ මහින්ද විසින්ද ඔහුව නොසලකා හැරීමත් තුළ රනිල් සිය බල වුවමනාවන් ඉටු කරගැනීම සදහා ජානකව ඉත්තෙක් හෙවත් ඇමක් ලෙස යොදා ගැනීමට තීරණය කළේය රනිල් කොහොමත් එවන් බළල්ලු ලවා කොස් ඇට බෑවීමේ නූල් සූත්තර "දේශපාලනය" ට ඉතා දක්ෂයෙකි.ජානක පෙරේරාද රනිල් දුන් දිරච්ච ලණුව ගෙඩිය පිටින්ම ලුණු නැතුවම ගිල දැම්මේය. අවසානයේ ඔහුට එය දිරවා ගැනීමට නොහැකි විය.නොමරාම මැරූ ජානක ව මරලාම දැමීම...!.=====================[සංස්කරණය]එ.ජා.ප යෙන් උතුරු මැද මහ ඇමැති අපෙක්ෂකයා ලෙස තරග කරමින් ජරාජීර්ණ වූ ලාංකීය දේශපාලනයට පය තැබූ ජානක පෙරේරා එතැන් සිට "යූඑන්පී කාරයින්" ගේ " වීරයා" බවටත් "සංධාන කාරයින්" ගේ "ද්‍රෝහියා" බවටත් පත් විය.එතෙක් කල් නොමරා මැරූ ජානක පෙරේරා ව මරලාම දැමීමේ කුමත්‍රණය ආරම්භ වන්නේ එතැනිනි."සිංහයන්" ට අමතක වූ "වීරයා" "කොටින්" ට අමතක නොවීම හෙවත් ජානක පෙරේරා ව මරු තුරුලට යැවීමේ කුමන්
ත්‍රණය.====================================[සංස්කරණය]"දේශපාලනය" ට ඒමෙන් පසුව ජානක පෙරේරාට විවිධාකාර වූ මරණ තර්ජන එල්ල වන්නට වූ අතර ඒ අතර "කොටි" පමණක් නොව "කොටි" හා "සිංහ" වෙස් ගත් හිවලුන් හා සුනඛයන් ද බොහෝ වූහ.එම තත්ත්වය තුළ ඔහු පැවැති මහින්ද රාජපක්ෂ පාලනයෙන් සිය ජීවිතාරක්ෂාව පතා ඉල්ලීම් කරන ලදි.නමුත් සිදු වූයේ කුමක්ද...?"ජානක පෙරේරාට ආරක්ෂාව ලබා දීමට තරම් මරණ තර්ජනයක් නැතැයි" කියමින් එම ඉල්ලීම් කුණු කූඩයට දැමීමයි.ඉන් පසුව ඔහු තමා දශක කීපයක්ම රාජකාරි කළ යුද හමුදාවෙන් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ලෙස ආරක්ෂාව ඉල්ලා සිටියේය.නමුත් ප්‍රතිපලය පෙරට වඩා කිසිම වෙනසක් නොවීය ඔවුන් ගේ පිළිතුර වූයේ "හමුදා සේවයෙහි නොමැති අයවලුන්ට ආරක්ෂාව දීමට හමුදාව බැදී නොමැති" බවයි.අන්තිමේ ඔහු හමුදා මූලස්ථානයෙන් තමාගේ පුද්ගලික ආරක්ෂාව සදහා පිස්තෝලයක් ඉල්ලුම් කළේය.එයට හමුදා මූලස්ථානයේ ලැබුණු පිළිතුර වූයේ "දීමට තරම් සුදුසු මට්ටමේ පිස්තෝලයක් හමුදාවේ ආයුධ ගබඩාව සතුව නැති" බවයි.එවකට හමුදාධිපති කම දැරූ සරත් ෆොන්සේකාට එසේ කරන ලෙස ඉහළින් නියෝග ආවා විය හැකිය.නැති නම් ඔහුට ජානක පෙරෙරා සමග තිබූ පරණ කෝන්තර මතක් වූවා විය
හැකිය.කුමක් කෙසේ සිදු වූවත් අවසානයේ සිදු වූයේ තමා විසින් දශක කීපයක්ම රාජකාරි කළ හමුදාවෙන් ජානක් පෙරේරාට ආරක්ෂාවට කුඩා පිස්තෝලයක් වත් හිමි නොවීමයි.මේ සියලු ප්‍රවණතා දෙස ඉතා සියුම්ව නිරීක්ෂණය කළ ප්‍රභාකරන් ගේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ඔවුන්ගේ ඉලක්කය එනම් මූලෝපායික වශයෙන් දීර්ග කාලීනව තක්සේරු කරද්දී තමන් ගේ අරමුණට බාධාවක් විය හැකි ජානක පෙරේරා ව කරළියෙන් ඉවත් කිරීමට එනම් මරා දැමීමට උපාය සැළසුම් කළහ.සිංහල ෆොන්සේකලා ට අනුව විශ්‍රාම ගිය පසු ආරක්ෂාව වුවමනා නැති වූ හෙවත් කිසිම වටිනා කමක් නැති වූ ජානක පෙරේරා ප්‍රභාකරන් ට එසේ වූයේ නැත.ඔහුගේ යුද නියාට අනුව ජානක පෙරේරා යනු ඔවුන් ගේ අරමුණට මූලෝපායික තර්ජනයකි."සිංහයන්ට" වැදගත් නොවූ ජානක පෙරේරා "කොටින්ට" වැදගත් වූයේ එසේය.සිංහල දේශපාලුවන් "යූඑන්පී-ශ්‍රීලංකා" කියමින් අංක ගණිතයෙන් ගණන් හදද්දී වේළුපිලෙයි ප්‍රභාකරන් දීර්ග කාලීන මූලෝපායික යුද තක්සේරු ඔස්සේ ශුද්ධ ගණිතයෙන් ගණන් හැදීම තුළ අවසාන ප්‍රතිපලය වූයේ සැමදාමත් සිදුවූවාක් මෙන් රටට ජාතියට විශාල මෙහෙවරක් කළ හා තවත් එවන් මෙහෙවරක් කළ හැකිව සිටි වටිනා මානව සම්පතක් වූ මේජර් ජෙනරාල්-ජානක පෙරේරා ඔහුගේ බ
ිරිද හා තවත් අනුගාමිකයන් පිරිසක් සමග 2008 ඔක්තෝබර් 6 වනදා අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී මිය පරලොව යාමයි.අවසානයේ එසේ මරා දමන ලද ජානක පෙරේරා ගේ සිරුර අනුරාධපුරයේ සිට කොළඹට ගෙන ඒමට හෙලිකොප්ටරයක් ලබා දීමත් මහින්ද රාජපක්ෂ පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.අවසන් විග්‍රහය.=[සංස්කරණය]1995 සිට මරා දැමුනු 2008 දක්වාම ලාංකීය "දේශපාලනයේ" තුච්ඡ බෙලි කැපීම්,පාවිච්චි කිරීම් හා නින්දිත පාවා දීම් වලට ලක් වුණු ජානක පෙරේරා නැමැති දක්ෂ සෙන්පතියා ගේ මළ මිණිය විකුණාගෙන කෑමට ඔහුව පාවිච්චි කළ ඔහුව පාවා දුන් ඔහුට පල නොකියා පළා බෙදූ හා ඔහු මරු කටට යන තෙක් බලා සිටි කිසිම දේශපාලුවෙකුට කිසිම අයිතියක් නැත.එය චන්ද්‍රිකාට,මහින්දට,ෆොන්සේකාට,අනුර කුමාරට පමණක් නොව ඔහුව කැත විදිහට පාවිච්චි කර ඔහුව ඉවත දැමූ රනිල් වික්‍රමසිංහට ද එලෙසින්ම අදාළය.උන් සියලු දෙනාටම ජානක පෙරේරා පමණක් නොව තවත් අනිකුත් එවන් චරිත සියල්ල උන්ගේ වාසියට වුවමනා වූ කල පාවිච්චි කර වුවමනා දේ ඉටු කරගත් පසු කැත විදිහට පාවාදී ඉවත ලන තුරුම්පුම පමණි.චන්ද්‍රිකා+චන්ද්‍රානන්ද+රත්වත්ත+දළුවත්ත සිව් කට්ටුව.==========================
==[සංස්කරණය]1995 සිට 2005 දක්වා වූ යුගයේදී ජානක පෙරේරාට චන්ද්‍රිකා පාලනය තුළ ලැබුණු කුඩම්මාගේ සැළකිලි පිළිබදව ඉහතින් ලියා ඇත.යම් අසීරු අවස්ථාවක් ආවිට ඔහුව ඉදිරියට දමා එය විසදුනු පසුව දුන් පොරොන්දු සියල්ල අමතක කර ඔහුව කුණු කූඩයට දැමීම එම යුගයේදී වරක් දෙවරක් නොව කීප වරක්ම සිදු විය.ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිදුන්ට උඩරට රදළ කම හා සිරිමාවෝ මැතිණිය සමග තිබූ නෑ කම මෙන්ම පවුල් පසුබිම හරහා ඇති වූ "ශ්‍රීලංකා කාරයෙක්" යන ලේබලය එ.ජා.ප පාලනය තුළදී විශේෂයෙන් ප්‍රේමදාස යුගයේදී හරහට හිටියාක් මෙන්ම ජානක පෙරේරාට ඔහු පෙරේරා කෙනෙක් වීම හා පවුල් පසුබිම තුළින් "යූඑන්පී කාරයෙක්" වීම හරහාට හිටියේ සංධාන පාලන සමයේදීය.කොබ්බෑකඩුව ගේ "උඩරට ප්‍රභූත්වය" කෙරෙහි හීන මානයක් හා දැඩි හුඹස් බියක් ඇති කරගත් "පහත රට" හීනමාන කාරයෝ ඔහුගෙන් පළි ගත්තේ යම් සේද ජානක පෙරේරා ගේ පෙරේරා කමට බිය වූ "උඩරට" අධිමාන කාරයෝ එය ඉදිරියට දමමින් ඔහුගෙන් පළි ගත්තේ කුල ගෝත්‍ර ආදී පටු මායිම් ද පෙරට දමමිනි.රටේ අවාසනාවට උන් එකෙක්ට වත් කොබ්බෑකඩුවගේ අගය හෝ ජානක පෙරේරා ගේ අගය ඔවුන් ජීවත්ව සිටින තාක් කල් වැටැහුණේ නැත.මෙවන් පටු වර්ගවාදී මායිම් තුළින්
ප්‍රයෝජන ගත් වැඩ බැරි ටාසන්ලා හැමදාමත් ගතු කේළාම් කියමින් උන්ගේ නොහැකියාව වසාගෙන ගොටු,පන්දම් අල්ලා සෑම ආණ්ඩුවක් යටතේම ඉහල තණතුරු ගත්තේ කොබ්බෑකඩුවලා,විමලරත්නලා,ජානක්ලා අකාලයේ වළපල්ලට යවමිනි.නිවට පාලකයන්ද උන්ට උඩ ගෙඩි දුන්නේ තමන්ගේ පැවැත්මට එවන් නිවටයන් වඩාත් ගැලැපෙන බැවිනි.රටක් වටින මිනිසුන් රටට අහිමි වූයේ එලෙසිනි.මහින්ද+ගෝඨාභය+බැසිල් තුන් කට්ටුව.==================[සංස්කරණය]බලයට ඒමට පෙර මහින්ද චන්ද්‍රිකාගේ පාලනයෙන් ජානකට එරෙහිව සිදුවන කෙණහිලි කම් පිළිබදව කණගාටුව පළ කරමින් ජානකව රකින බවක් පෙන්වමින් රගපෑ නමුත් 2005 දී ඔහු බලය ගත් පසු ඒ සියල්ල අමතක කර ජානක පෙරේරාට පල නොකියා පළා බෙදීම දියත් කළේය.ජානක ගේ තානාපති සේවය දීර්ග නොකළ මහින්ද ඔහු මෙරටට ආපසු ඔහුගෙන් ගත හැකිව තිබූ කිසිම සේවයක් නොගෙන ඔහුව කුණු කරෝල කෑල්ලක් සේ පසෙකට කළේය.ජානක දේශපාලනයට පැමිණි පසුව ඔහුව ප්‍රධාන හතුරෙක් සේ සලකමින් ඔහුට කිසිම ආරක්ෂාවක් නොදුන් ආකාරය ඉහතින් දක්වා ඇත.කිසිම කමකට නැති මර්වින් සිල්වා මැරකම් කිරීමට ගොස් ආණ්ඩුවේම රූපවාහිනිය තුළ ගුටි කද්දී ඔහුව බේරා ගැනීමට ගජබා රෙජිමේන්තුවේ බලඇණියක්ම වහාම පිටත් කිරීමට පසුබට න
ොවූ මහින්ද රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ජානක පෙරේරා ගේ ආරක්ෂාවට එක සෙබලෙක් වත් දුන්නේ නැත.අශුද්ධව කතරගම කැලෑ වල රිංගීමට ගොස් හිර වූ විමල් වීරවංශ ගේ ගෑණිව බේරා ගැනීමට වහාම කමාන්ඩෝ භටයන් හා හෙලිකොප්ටර් යැවීමට පසුබට නොවූ මහින්ද කමාන්ඩෝඅ රෙජිමෙන්තුව දියුණු කිරීමට විශාල උත්සාහයක් දැරූ ජානක පෙරේරා ගේ දිවි රැක ගැනීමට කමාන්ඩෝ තබා ග්‍රාමාරක්ෂක භටයෙක් වත් දුන්නේ නැත.රටට විශාල විනාශයක් කළ කරුණා අම්මාන්ට හා විමල් ගේ ගෑනිටත් ලැබුණු ප්‍රභූ හෙලිකොප්ටර් තබා ප්‍රවාහන හෙලිකොප්ටරයක් වත් අවම වශයෙන් ජානක ගේ මිණිය ගෙන ඒමටවත් දුන්නේ නැත.කොතරම් තිත්ත වුවත් ඇත්ත එයයි.රනිල්+ෆොන්සේකා දෙකට්ටුව.============[සංස්කරණය]ජානක පෙරේරා ගේ සංකේත ප්‍රාගධනය හෙවත් ප්‍රසිද්ධිය හා ජනප්‍රිය තාවය තමන්ගේ "දේශපාලන" බල අරමුණු උදෙසා පාවිච්චි කිරීමට සිතූ රනිල් වික්‍රමසිංහ එහිදී ජානක පෙරේරා නැමැති මෝරාව බිලී බෑමට යෙදූ ඇම වූයේ උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධූරයයි.රනිල් පිළිබදව හරි හැටි නොදන්නා කම හෝ තමාට සිදු වූ අසාධාරණ කම් හෝ වෙනත් අප නොදන්නා ජානක පෙරේරා පමණක් හරියටම ඇත්ත දන්නා හේතුවක් නිසා ඔහු එම ඇම ගෙඩිය පිටින්ම ගිල