summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රන් ආභරණ වෙළඳසැලකින් වඳුරකු මුදල් සොරා ගන්නා ආකාරය එහි ආරක්ෂක කැමරාවල සටහන් වී ඇත.
වෙළඳසැලේ සේවකයකු වඳුරාට කෑමට යමක් ලබා දෙන අතර එයින් සෑහීමකට පත් නොවන වඳුරා වෙළඳසැල තුළට ඇතුළු වන ආකාරය ආරක්ෂක කැමරාවල පටිගත වී තිබේ. සිය වෙළඳසැලට ඇතුළු වී මද වේලාවක් එහි රැඳී සිටි වඳුරා මුදල් ලාච්චුව විවෘත කොට මුදල් සොරා ගත් බවයි වෙළඳසැල් හිමිකරු පවසන්නේ. වඳුරා විසින් ඇමරිකානු ඩොලර් එක සිය පනහක මුදල් නෝට්ටු මිටියක් සොරා ගෙන ඇති බවත් වෙළඳසැල් හිමිකරු සඳහන් කළේය. සොරා ගන්නා ලද මුදල් නෝට්ටුවලින් කොටසක් බිම දමා ගොස් තිබී නැවත හමු වී ඇත. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ පසුගිය මැයි මස 23 වනදායි.
ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරු රැසක් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේය.
ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු හෙළි කරන බවට ද ඒකාබද්ධ විපක්ෂය පැවසීය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්/මන්ත්‍රීවරියන් සිටින්නේ එක් අයෙකු පමණක් බව ආගමන විගමන පාලකවරයා තහවුරු කර තිබේ. ඒ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ බව ආගමන විගමන පාලක එම්එන් රණසිංහ පවසයි. සබැඳි යොමු: ඔහු ඒ බව අනාවරණය කර තිබෙන්නේ, තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන පැෆරල් ආයතනය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක් කළ බව ද ආගමන විගමන පාලකවරයා පැෆරල් ආයතනය වෙත ලබා දී ඇති ලිඛිත පිළිතුරේ සඳහන් වේ. ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නේ නැහැ - බැසිල් එම ලේඛනයේ සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයන්ගේ තොරතුරු අන්තර්ගත පරිගණක පද්ධතියට ඇතුළත් කොට පරීක්ෂා කළ බවත්, එයින්ද නොනැවතී පරිගණක පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පුද්ගලයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛන ද වැඩිදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කළ බවත් ආගමන විගමන පාලකවරයා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කොට නැතැයි සනාථ කළ හැකි බව ද ආගමන විගමන පාලකවරයා පැෆරල් ආයතනයට ලබාදුන් පිළිතුරේ සඳහන් වේ. ඇමෙරිකානු පුරවැසිභාවය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය. ඒ අනුව ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එහි තීන්දුව ලැබෙන තුරු ඇය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සේවය කරයි. ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් (Barnaby Joyce) පසුගිය සතිය වන තුරුම නවසීලන්තයේ ද පුරවැසියකු විය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාටම ඇමෙරිකා එක්සත් ජනපදයේ ද පුරවැසිභාවය හිමි නමුත් ඔවුහු පාර්ලිමේන්තුව නියෝජනය නොකරති. ඒ පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බව සඳහන් කළේය. මේ අතර ද්විත්ව පුරවැසිභාවය හිමි නියෝජ්‍ය අගමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හත් දෙනෙකු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ද ආන්දෝලනයක් මතු වී තිබේ. ඒ පිළිබඳව මාස ගණනක් මුළුල්ලේ පැවති දේශපාලන වාද විවාදවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේ අධිකරණ විභාගයක් පැවැත්වීමට නියමිතය. අදාළ මන්ත්‍රීවරුන් පිරිස මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේ ද්විත්ව පුරවැසියන්ව සිටියේ නම් ඔවුන් මන්ත්‍රී පදවි දැරීමට සුදුස්සන් ද යන්න අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි අපේක්ෂිතය. ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් (Barnaby Joyce) පසුගිය සතිය වන තුරුම නවසීලන්තයේ ද පුරවැසියකු වූ අතර, ඔහුට මන්ත්‍රී පදවිය අහිමිවුවහොත් අගමැති මැල්කම් ටර්න්බුල් ගේ ආණ්ඩුව අර්බුදයකට මුහුණ පෑමට ඉඩ තිබේ. අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බලය හිමි වී තිබෙන්නේ එක් බහුතර ආසනයකිනි.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ගේ ශ්‍රී ලංකා සංචාරයේ සාධනීය අංග රැසක් දැක ගත හැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය
කොටි සංවිධානය මිනීමරු සංවිධානයක් සේ හඳුන්වාදීම, උතුරේ පළාත් සභා මැතිවරණය දේශපාලන ජයග්‍රහණයක් සේ අගය කිරීම, සහ ශ්‍රී ලංකාවේ යොවුන් පරපුර දෙස සුභවාදී දැක්මකින් කටයුතු කිරීම පිළිබඳව තමන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට ස්තුතිවන්ත වන බව ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කියා සිටියේය. ජන කොටස් නියෝජනය යොවුන් පාර්ලිමේන්තුව තුල ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජන කොටස් නියෝජනය වීම පිළිබඳව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය තම ප්‍රසාදය පල කල බව අලහප්පෙරුම ඇමතිවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අධිකාරිවාදී දිශාවකට ගමන් කරමින් සිටින බවට නවී පිල්ලේ සිදු කල ප්‍රකාශයට එකඟ විය නොහැකි බව කෙලින්ම එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය වෙත දැන්වූ බව පැවසූ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය වෙත මර්වින් සිල්වා ඇමතිවරයා විසින් විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි ක්‍රියාවක් බව ද පිළිගත්තේය.
ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ඉනිම සැලසුමකට අනුව ක්‍රීඩා කිරීම සිය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි දෙවන ඉනිමේදී ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ සැලසුම සාර්ථක වූ බව ඔහු කියා සිටියේ මහනුවර පල්ලෙකැලේ පැවති ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 'කුසල් මෙන්ඩිස් හොදට ක්‍රීඩා කළා. ඔහු වටා අනෙකුත් ක්‍රීඩකයන් සෙල්ලම් කළා. චන්දිමාල්, ධනංජය, රංගන හේරත් අමතක කරන්න බැහැ. මැද පෙළ ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා.' ඔහු පැවසීය. කණ්ඩායමට ඇතුළත් කර ගනු ලැබූ නවක ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණෙමින් ගොඩ නගා ගත් ආත්ම විශ්වාසය ඔවුන්ගේ ඉදිරි ගමනට විශාල පිටිවහලක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය. (ඇන්ජලෝ මැතිව්ස් සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු කරන්නේ නම් එය පිළිකුල දනවන ක්‍රියාවක් බව කැනඩාවේ විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් (John Baird) ප්‍රකාශ කරයි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ වටිනාකම් වන ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම අතින් ශ්‍රී ලංකාව අසමත් වී සිටින බවයි ඔහු කියා සිටියේ. දෙමළ ජනතාව හා සංහිඳියාව ගොඩ නැගීම අතින්ද ප්‍රමාණවත් ප්‍රගතියක් ශ්‍රී ලංකාව පෙන්නුම් කොට නැතැයි කැනඩාවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දෙමළ ජනතාවට තවමත් හිරිහැර සිදුවන බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය පල කළ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මෙම චෝදනා කුණු බක්කියට විසි කල යුතු බවයි. මේ අතර වාරයේ තමන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුලුවට සහභාගී වන බව ඕස්ට්‍රේලියානු විදේශ ඇමති බොබ් කා විසින් ප්‍රකාශ කොට ඇත.
අනිසි ගැබ් ගැනීම්වලට මුහුණ දෙන කාන්තාවන් රඳවාගෙන, ඔවුන්ගේ දරුවන් බිහි වූ පසු හදා වඩා ගැනීම සඳහා වෙනත් අයට ලබා දෙන 'CSC නේෂන් ලංකා' නම් ආයතනයක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ මේ දිනවල දැඩි කතා බහක් ඇති වී තිබේ.
පුණ්‍ය ආයතනයක් ලෙස හඳුන්වන මෙහි ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම, අධ්‍යක්ෂකවරයා වන්නේ මංජුල ලසන්ත උක්වත්ත නැමැති පුද්ගලයෙකි. මෙම ආයතනය දරුවන් අලෙවි කරන 'බේබි ෆාම්' එකක් බවට ඇතැමුන් චෝදනා කරන නමුත් මංජුල උක්වත්ත කියා සිටින්නේ තමන් සිදු කරන්නේ "පුණ්‍ය ක්‍රියාවක්" බවය. CSC නේෂන් ලංකා පුණ්‍ය ක්‍රියා රාශියක් සිදු කරන ආයතනයක් ලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අති විශාල ප්‍රචාරයක් ලබා දීමට ද මංජුල උක්වත්ත ක්‍රියා කරමින් සිටියි. "අසරණ වූ ගර්භණී කාන්තාවන්ට පිහිට වන" ආයතනයක් ලෙස ෆේස්බුක් හි මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් ද නිරන්තරයෙන් දැක ගත හැකිය. ආයතනයේ ෆේස්බුක් ගිණුමේ 64,000කට අධික පිරිසක් සිටින අතර, ඔවුන් බොහෝ දෙනෙකු මෙම ආයතනයෙන් සිදු කරන ක්‍රියාවන් අනුමත කරන බවක් පෙනෙන්නට ඇත. "මේ පුද්ගලයා සිදු කරන්නේ නීත්‍යානුකූල දෙයක් ද නැද්ද කියන එක හරියට ප්‍රකාශ කරන්නේ නැහැ. කොහොම වුණත් මව්වරුන්ගේ, දරුවන්ගේ පින්තූර හැමතැනම අසීමිත විදිහට ප්‍රචාරය කරගෙන ගෙනියන මේ වැඩපිළිවෙල සම්පූර්ණ සමාජ විරෝධීයි. ඒ වගේම යම් කෙනෙක් මේ ක්‍රියාවේ නීත්‍යානුකූල බව ප්‍රශ්න කළ සැණින් එයාට අසාමාන්‍ය ලෙස මඩ එල්ල වෙලා, සමාජ මාධ්‍ය ජාල ගිණුම් පවා බ්ලොක් වෙනවා. මේක සංවිධනාත්මක මාෆියාවක් වගේ පෙනෙනවා," කොළඹ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පැවසීය. යම් පුද්ගලයෙකු CSC නේෂන් ලංකා ආයතනයේ නීත්‍යානුකූල බව ප්‍රශ්න කළ විට, එම තැනැත්තා මතු කරන ප්‍රශ්නය ඉතා සුළු වේලාවක් ඇතුළත ඉවත් කෙරෙන අතර, විවේචනය ඉදිරිපත් කරන සමහර කාන්තාවන්ගේ ෆේස්බුක් පිටු තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කිරීම ගැන ද අදාළ ආයතනයට චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්, බොහෝ දෙනෙක් සිය අදහස් දැක්වූව ද නම හෙළි කිරීමට අකමැත්ත පළ කළහ. CSC නේෂන් ලංකා සිදු කරන්නේ කුමක් ද? මංජුල උක්වත්ත හඳුන්වා දෙන පරිදි CSC නේෂන් ලංකා යනු "ආධ්‍යාත්මික සමාජයක් සඳහා වන සාමාජීය පරිවර්තනයේ ජාතික ආයතනයකි." මෙම ආයතනයේ ක්‍රියාකාරිත්වය ගැන මෙන්ම ඔහුට එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් පළ කළ යූ ට්යුබ් සහ ෆේස්බුක් වීඩියෝ ද විශාල ප්‍රමාණයක් දැකගත හැකිය. "මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අනිසි ලෙස ගැබ් ගෙන දුක් විඳින ගර්භණියන් ආරක්ෂා කරළා, ඒ අයට උපදින දරුවන් මේ රටේ ස්ථාපිත නීතියට අනුව, ඒ මවගේ කැමැත්ත තියෙනවනම්, අපි ඒ දරුවා දාරක ස්නේහය තිබෙන ආදරණීය දෙමාපියන්ට ඒ දරුවන් හදා ගන්න දෙනවා," යනුවෙන් මංජුල උක්වත්ත සිය නිවේදනවල සඳහන් කරයි. මංජුල ලසන්ත උක්වත්තට විශ්වක්‍රීර්ති දේශමාන්‍ය යන ගෞරව නාම ද ඇත මෙම පුණ්‍ය ආයතනය පවත්වාගෙන යෑමට එංගලන්තය, ස්වීඩනය ඇතුළු රටවල් රාශියක ශ්‍රී ලාංකිකයන් ආධාර ලබා දෙන බව ද එහි දැක්වේ. "මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ වැඩපිළිවෙළ ලංකාව තුළ විතරක් නෙමෙයි ලෝකයේම ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව. ගර්භණියන් සුරක්ෂිත කරමින් ගබ්සා වන්නට තිබුණ කළල ආරක්ෂා කර ජාතියේ අනාගතය වෙනුවෙන් ඒ දරුවන් උපද්දවා මව සහ දරුවා දෙන්නගෙම ජීවිත සුඛිත මුදිත තත්වයට පත් කිරීමයි අපේ අරමුණ." ආයතනයේ ක්‍රියාදාමයට බෞද්ධ භික්ෂූන් පිරිසක් ද සම්බන්ධ කරගෙන ඇති අතර, රාජ්‍ය අනුමැතිය සමග අදාළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ඔහු නිරන්තරයෙන් පවසයි. ඔහුට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීම පිණිස මංජුල උක්වත්ත ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම උත්සහ කළ නමුත් ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ නැත. අනිසි ගැබ් ගැනීමට ලක් වූ බව පවසන කාන්තාවන් සිදු කරන හෙළිදරව් මෙන්ම දරුවන් හදා ගැනීමට ලබා දීමේ දී පවත්වන උත්සවවල සේයාරූප සහ වීඩියෝ ද සමාජ මාධ්‍ය ජාල තුළ බහුලව දැකිය හැකිය. මෙම ක්‍රියාවලිය පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්දැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නැඟුණු ප්‍රශ්නයකට වීඩියෝ ඔස්සේ පිළිතුරු දෙමින් මංජුල උක්වත්ත පවසන්නේ, " මට විරුද්ධව පෙර වැරදි නැහැ. මම අපරාධ කරලා නැහැ. මගෙ නම පොලිස් පොත්වල ලියවිලා නැහැ. එහෙමනම් මම ඇයි පරිවාස දෙපාර්මේන්තුවෙ ලියාපදිංචි වෙන්නෙ? මම හොඳ මනුස්සයෙක්," යනුවෙනි. "දරුවන් උපද්දවා මව සහ දරුවා දෙන්නගෙම ජීවිත සුඛිත මුදිත තත්වයට පත් කිරීමයි අපේ අරමුණ" CSC නේෂන් ලංකා ආයතනයේ 'දස අවුරුදු සැලැස්මක් ද' එළිදක්වා තිබිණි. ඒ අනුව, 2020 සිට 2030 දක්වා "කාරණා හතක් මුල් කරගෙන රට තුළ අධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කිරීම" ඔවුන්ගේ බලාපොරොත්තුව බව සඳහන් වේ. එම කරුණු හත වන්නේ: CSC නේෂන් ලංකා ආයතනය ගැන අදහස් දක්වමින් කොළඹ පදිංචි චම්පිකා පැවසුවේ, "මේක නීත්‍යානුකූල වුණත් නැතත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය රැඩිකල් කියල හිතාගෙන ඉන්න අය තමයි මේ අකුල් හෙළන්නේ. මීට වඩා නීත්‍යානුකූල නොවන දේවල් අපේ රටේ ඕනෑ තරම් වෙනවා. ඒ හින්දා මේ ආයතනයෙන් කරන මේ පුණ්‍ය ක්‍රියාවට අකුල් හෙලන්න එපා. මේ මනුස්ස ලෝකයේ ඉපදෙන්න ඉඩකඩ ලබලා දෙනවා කියන එක ලේසි පහසු පුණ්‍යකර්මයක් නෙවෙයි. මේ වැඩපිලිවෙලට අකුල් හෙලමින් පව් සිදුකර ගන්න එපා. වෙන දෙයක් බලා ගෙන පාඩුවේ ඉන්න," යනුවෙනි. රටේ නීතිය කුමක් ද? ස්වභාවික දෙමාපියන් හැර වෙනත් විවාහක හෝ අවිවාහක පුද්ගලයන් දරුවෙකු දරු කමට හදා වඩා ගැනීම 'දරුවන් කුලවද්දා ගැනීම' යන්නෙන් අදහස් වන අතර, ඊට අදාළ නීතිය 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතේ සඳහන් වන බව නීතීඥ මදුෂි කොස්වත්ත බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. නීතීඥ මදුෂි කොස්වත්ත "මේ සම්බන්ධයෙන් දරුවා වගේම ඒ දරුවා හදා ගන්න අය සපුරාලිය යුතු අවශ්‍යතා කීපයක් පනතේ සඳහන් වෙනවා. ප්‍රායෝගිකව සිදු විය යුත්තේ, අධිකරණය හරහා පෙත්සමක් ගොනු කරළා ඉල්ලුම්කාර පාර්ශවය විදිහට දරු කමට හදා ගන්න ඉල්ලන යුවල හෝ තනි පුද්ගලයා සඳහන් කරන්න ඕනේ. එහි වගඋත්තරකරුවන් විදිහට දරුවාගේ නම සඳහන් කළ යුතුයි. ඊට අමතරව දරුවාගේ ස්වභාවික මව සහ පියාගේ කැමැත්ත අනිවාර්යයෙන් තිබිය යුතුයි," ඇය සඳහන් කළාය. "ඊට අමතරව රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව සහ දරුවට අදාළ පරිවාස නිලධාරීන්ව වගඋත්තරකරුවන් ලෙස නම් කරළා, ඒ අයගෙන් කැමැත්ත විමසලා, දරුවාගේ උපරිම යහපත කියන සංකල්පය මත අධිකරණය තීරණයක් ලබා දෙනවා," යැයි නීතීඥවරිය පැවසුවාය. 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනත ප්‍රකාරව දරුවෙක් දරුකමට හදා ගැනීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා: දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය යනු කුමක්ද? දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ 4 වන වගන්තිය, දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් විස්තර කර ඇත. දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් හඳුන්වන්නේ දිසා අධිකරණය වන අතර, දරුවා කුලවද්දා ගැනීමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට පෙර දරුවා හදාගැනීමට දීමෙන් ඔහු හෝ ඇයගේ උපරිම යහපත සැලසී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය. මෙහිදී මූලික වශයෙන් සලකා බලන කරුණු නම්: "තනි පුද්ගලයෙකුට දරුවෙක් හදා ගන්න පුළුවන් කියලා පනතේ තිබුණට, අධිකරණයෙන් ඒකට අවසර දෙන්නෙම නැති තරම්. කොහොම වුණත්, දරුවන් කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ යල් පැනගිය නීතියක්. 1940 ගණන්වලට අදාළ මේ නීතිය අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි," නීතිඥ මදුෂි කොස්වත්ත පැවසීය. "මේ නීතියේ සෑහෙන හිඩැස් තියෙනවා. ඒ හිඩැස්වල තමයි CSC නේෂන් ලංකා වගේ ආයතන එල්ලිලා ඉන්නේ. මේ යල් පැනගිය නීති නිසා ඇත්තටම දරුවෙකුගේ අවශ්‍යතාව තියෙන යුවලකට දරුවෙකු හදාගන්න එක අමාරු වෙන අවස්ථා අපි අත්දැක තියෙනවා." ළමා නිවාසවල සිටින දරුවන් කුලවද්දා ගැනීම සිදුවන්නේ කෙසේද? ළමා නිවාසවල සිටින දරුවන් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අදාළ පළාතේ ළමා හා පරිවාස කොමසාරිස්වරයාටය. දරුවෙකු කුලවද්දා ගැනීමට ගැනීම සඳහා අධිකරණයෙන් තාවකාලික ආඥාවක් පමණක් නිකුත් කර තිබෙන අවස්ථාවක, දරුවා නැවත ළමා නිවාසයට භාරදීමේ හැකියාව ඇති නමුත්, අධිකරණය මඟින් ස්ථිර ආඥාවක් නිකුත් කළ පසුව එසේ කළ නොහැකිය. "නීතියේ තියෙන යම් දුර්වලතා නිසා, ළමා නිවාසයකින් දරුවෙක් හදා ගන්න ඉල්ලනකොට පරිවාස නිලධාරීන් හරි ඉක්මනට ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තත්වයක් තියෙනවා. ඒ වගේ දේවල් CSC නේෂන් ලංකා වගේ ආයතනවලට වාසි සහගත වෙලා තියෙනවා." "ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම තහනම් වීම යන කාරණය මත, සමහරවිට ඔවුන් මේ සිදුකරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන්, නමුත් මංජුල කියන පුද්ගලයා මේ ලබා දෙන අනවශ්‍ය ප්‍රචාරය දැක්කාම ඕනෑම කෙනෙකුට සාධාරණ සැකයක් මතු වෙනවා," නීතිඥවරිය තවදුරටත් පැවසුවාය. ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි. ගබ්සා කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන්, ස්ත්‍රී දූෂණ, කළලයේ බරපතළ විකෘතිතා, පවුල් සැලසුම් ක්‍රම අසාර්ථකවීම, ව්‍යභිචාර වැනි අවස්ථාවලදී ඇතිවන ගැබ් ගැනීම් ඉවත් කිරීමට නොහැකි නිසා කාන්තාවන් විශාල ගැටළු රැසකට මුහුණ දෙන තත්වයක් දැකිය හැකිය. දියුණු රටවල මෙන් ශ්‍රී ලංකාව තුළ තනි මවකට දරුවෙකු හදා වඩා ගැනීමට රජයෙන් සහයක් නොලැබෙන අතර, සමාජයෙන් එල්ල වන පීඩනය අන් සියල්ලට වඩා අසීරුය. ගබ්සා නීතිය ලිහිල් කරන ලෙස කාන්තා සංවිධාන, වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් කළ නමුත් ඒ සෑම අවස්ථාවකම ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කිසිදු රජයක් එම ඉල්ලීම් ක්‍රියාත්මක කළේ නැත. මේ අතර, ලොව පුරා රටවල් ගණනාවක ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කර තිබේ. "ඉවරයක් නැති අපහාස, හැබැයි....." තනි මවක ලෙස වසර 11ක් පුරා සිය දරුවා හදා වඩා ගත් මවක බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම් බෙදාගත්තාය. රෙදි සාප්පුවක වෙළෙඳ සහායිකාවක ලෙස රැකියාවක නිරත වන ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති විය. "මම ආදරය කරපු කෙනාගෙන් දරුවෙක් ලැබුණා. එයා මාව කසාද බැන්දේ නැහැ. මට වයස 23 දී දරුවා ලැබුණේ. කිසිම හව් හරණක් තිබුණේ නැහැ මට. හැබැයි එහෙම කියලා මගේ දරුවා කාටවත් දෙන්න ගියේ නැහැ," ඇය පැවසුවාය. ඇයට මෙන්ම දරුවාට ද සමාජයෙන් අනේක නින්දා අපහාස විඳීමට සිදු වී ඇති අතර, දරුවා පාසලකට ඇතුළත් කිරීමේ දී පවා විශාල ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබේ. "මාව පවුලේ අය පවා එළවල දැම්මා. රස්සා කළත් ඒවගේ ඉන්න මිනිස්සු කරන අපහාස සහ අයුතු ප්‍රයෝජන ගන්න හදන අවස්ථා ඉවරයක් නැහැ. හැබැයි, මට සහ දරුවට උදව් කරපු සහ අදටත් උදව් කරන මිනිස්සුත් සෑහෙන්න ඉන්නවා." "හැබැයි, මම අදටත් කොහොමහරි දරුවා හදාගෙන ජීවත් වෙනවා. දියුණු රටවල මම අහලා තියෙනවා තනි අම්මලට සෑහෙන දීමනා ලැබෙනවා කියලා දරුවා වෙනුවෙන්. ඒකට අපේ රටේ සලකන්නේ මේක මහා අපරාධයක් විදිහට." "ඔය ෆේස්බුක් එකේ කියන ආයතනවලට ගිහින් හැංගිලා දරුවෝ බිහි කරලා දරුවා කාටහරි දෙන්න අවශ්‍ය නැහැ. දරුවෝ සහ තනි අම්මලා වෙනුවෙන් මේ රටේ හොඳ වැඩපිළිවෙලක් තිබුණනම් හරි. දරුවෙක් බිහි වෙන්න දෙන එක පුණ්‍යකර්මයක් කියන මිනිස්සුම තමයි අනික් අතට ඒ දරුවටයි, අම්මටයි නොසෑහෙන්න ගරහන්නේ." "ඒ ගැරහිලිවලට බයෙන් හංගලා දරුවෝ බිහි කරළා, දරුවාගේ ලේ උරුමේ මකලා දාන එකයි ලොකුම පාපය කියලා මේ සමාජය දැනගන්නකොට හුඟක් පරක්කු වැඩි වෙයි," ඇය ඉතා ආවේගශීලීව පැවසුවාය. මේ අතර, උනේකා ලක්මිණි අබේරත්න, CSC නේෂන් ලංකා ආයතනය ගැන ෆේස්බුක් ඔස්සේ සිය අත්දැකීම් බෙදා ගනිමින් පවසා ඇත්තේ, "විවාහයට පෙර හෝ පසු ගැබ් ගත්තොත් දරුවා හදනවද ,නැත්ද කියන එක තීරණය කරන්නෙ දෙමාපියෝ. විශේෂයෙන් අවිවාහක ගැබ් ගැනීම් වලදි දරුව බිහිකරනවද නැත්ද කියන එක ඒ ගැබ දරණ කාන්තාවගෙ ජීවිතය සම්බන්ධ සංකීර්ණ කාරණාවක්. මේ පුද්ගලයා කොහොමද බල කරන්නෙ දරුවෝ උපද්දල එයාට දෙන්න කියල," යනුවෙන් සඳහන් කර තිබුණි. "ඔය වගෙ අවස්ථාවල කරන්න ඕන අතරමැදියෙක් වෙලා දරුවො කාටහරි දෙන එක නෙමේ. ඒ අදාල කාන්තාව, single parent කෙනෙක් හැටියට අභිමානයෙන් කටයුතු කළ හැකි අන්දමින් ඔසවා තැබීමට අවශ්‍ය ආකල්පමය පසුබිම සකස් කරන එකයි. දරුව හදාගන්න දෙන්න අවශ්‍ය නම් නීත්‍යානුකූල ක්‍රමයක් තියෙනවනෙ රටේ" යනුවෙන් ද ඇය එහි සඳහන් කරන්නීය. ශ්‍රී ලංකාවේ 'බේබි ෆාම්' 1980 වසරවල දී දරුකමට හදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උපත ලැබූ ළදරුවන් දහස් ගණනක් වංචනික ලෙස විවිධ රටවලට විකුණා ඇති බව 2017 දී නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටයකින් හෙළිදරවු කර තිබිණි. මෙය ශ්‍රී ලංකා බලධාරීන් පිළිගත් අතර, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවට එවක රජය ප්‍රකාශ කළේය. මෙහිදී දරුවන් 11,000 ක් පමණ යුරෝපීය පවුල්වලට විකුණා ඇති අතර දෙපාර්ශවයටම ව්‍යාජ ලියකියවිලි ලබා දී ඇත. එලෙස විකුණූ සමහර දරුවන් 'බේබි ෆාම්වල' උපත ලැබූ බව වාර්තා වේ. ඒ අතරින් දරුවන් 4,000ක් පමණ හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබෙන්නේ නෙදර්ලන්තයටය. දරුකමට හදා ගැනීමට අවසර ලබා දුන් බලධාරීන් විසින් උප්පැන්න සහතික, දරුවන්ගේ නම් සහ ජීව විද්‍යාත්මක දෙමව්පියන්ගේ අනන්‍යතාවය ඇතුළුව සියලු ආකාරයේ ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට සාක්ෂි හමු වූ බව නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටය වෙනුවෙන් පරීක්ෂණ සිදු කළ කණ්ඩායමේ නොර්බට් රයින්ජන්ස් මේ සම්බන්ධයෙන් 2017 දී බීබීසී සේවයේ පළවූ ලිපියට සිය අදහස් දක්වමින් පැවසීය. "සමහර අවස්ථාවල දරුවාගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන් ලෙස පෙනී සිටීමට විවිධ පුද්ගලයන්ට මුදල් පවා ගෙවා තිබුණා." සමහර රෝහල් සේවකයින් ද මෙම අපරාධ ජාලයට සම්බන්ධව කටයුතු කළ බවට වාර්තා චිත්‍රපටයෙන් චෝදනා නඟා තිබේ. මතුගම රෝහලක නව මවුවරුන් කිහිපදෙනෙකුට තම දරුවන් උපතේ දී මියගිය බවට දන්වා, පසුව ඔවුන් හොර රහසේ දරුකමට හදා ගැනීම සඳහා විදේශයන්ට විකුණූ බවට ද වාර්තා විය. 1987 දී මෙවැනි ස්ථානයක් වටලා අලුත උපන් දරුවන් 20 දෙනෙකු සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දරුවන් පිටරටක දරුකමට හදා ගැනීමට ලබා දීම තාවකාලිකව තහනම් කළේය. එහි සිටි මව්වරුන් අඩි 10ක තාප්පයකින් වටකර තිබුණු "සිරගෙයක් වැනි" ස්ථානයක රඳවා සිට ඇත. බීබීසී සිංහල සේවය 2017 දී මේ සම්බන්ධයෙන් පළ කළ ලිපියකට අදහස් දක්වමින්, සිය දරුවා ලබා දුන් දෙනියායේ පදිංචි එන් සිරිමාවතී පැවසුවේ, "මගේ එකම බලාපොරොත්තුව මගේ දුවගේ මුණ දැකගන්න එක. මම අදටත් දරුවා දුන්නු එක ගැන හිත හිතා අඩනවා. ඒ දවස්වල මහත්තයා මාව දාලා ගියා. නැති බැරි කම හින්දයි ළමය දෙන්න වුනේ," යනුවෙනි. එන් සිරිමාවතී විදේශිකයෙකු ශ්‍රී ලංකාවේ දරුවෙකු කුලවද්දා ගැනීමට අදාළ නීති මොනවා ද? විදේශීය රටක පුරවැසිභාවය හිමි අයෙකුට වුව ද ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී පහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය වේ: කෙසේනමුත්, 2011 වසරේ දී කොළඹට නුදුරු පළාතක පිහිටවා තිබූ 'ප්‍රේම් නිවාසය' නම් පුණ්‍ය ආයතනයකට විරුද්ධව නඩු පවරා තිබුණේ බාලවයස්කාර මව්වරුන් ගැන අදාළ නීති ආයතනවලට නොදැන්වීම සහ දරුවන් විකිණීම සම්බන්ධයෙනි. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවූ පරීක්ෂණවලින් පසු එම පුණ්‍ය ආයතනයේ ප්‍රධානී මේරි එලිසා කන්‍යා සොහොයුරිය නිදහස් කළ අතර, මව්වරුන් සහ දරුවන් සම්බන්ධ සියලු කටයුතු ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව ඔවුන් සිදු කරන බව තහවුරු විය. 'ප්‍රේම් නිවාසය' ඉදිරිපිට තනා තිබූ තෙරේසා මව්තුමියගේ පිළිමය පැමිණිලි රැසක් CSC නේෂන් ලංකා ආයතනයට සහ මංජුල උක්වත්තට විරුද්ධව මේ වන විට පැමිණිලි රැසක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. කෙසේ නමුත්, පවතින නීතිමය ගැටළු හේතුවෙන් මෙවැනි ක්‍රියාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ යම් අපහසුතා පවතින බැවින් සියල්ලට ප්‍රථම නීති සංශෝධනය විය යුතු බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසීය. මේ තොරතුරුත් කියවන්න:
බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ළඟ තබා ගත් බවට එල්ල වන චෝදනා මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ අලි පැටවුන් පෙරහැර සඳහා යොදා නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
'වනයෙන් කොල්ල කාපු වන අලි පෙරහැරවලට යොමු කරන්නේ නැහැ' සාම්ප්‍රදායික පෙරහැර මංගල්‍ය සඳහා අවශ්‍ය හීලෑ අලි ඇතුන් පින්වල අලි අනාථාගාරයෙන් ලබා ගත හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ ගන්නෝරුව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. 'ආණ්ඩුවේ වගකිවයුතු නියෝජිතයෙක් ලෙස කියන්න කැමතියි අපේ රජය, අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත්, කුමන හේතුවක් මත හෝ කැලෑවෙන් කොල්ල කාපු වන අලි පෙරහැරවලට යොමු කරන්නේ නැහැ' කෙසේ වෙතත් පෙරහැර සඳහා අලි ඇතුන් අවශ්‍ය බැවින් පින්නවල අනාථාගාරයේ සිටින හීලෑ අලි ඇතුන් යොදා ගනිමින් රටපුරා බෝ කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවිය හැකි බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය.
දේශපාලන රැකවරණ පතා බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව ක්‍රියාකරන ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය බලවත් කනස්සල්ල පළ කරයි.
දෙදහස් දොළහ වසරේදී දේශපාලන රැකවරණ පතා ගමන් ගත් පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානය එසේ කියා සිටින්නේ එම කණ්ඩායමෙන් පිරිසක් කෙටි තොරතුරු විමසීමකින් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමට ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට වාර්තා පළවෙමින් තිබෙන අතර වාරයේදීයි. දෙසීයකට වැඩි පිරිසක් බෝට්ටු දෙකකින් ඕස්ට්‍රෙලියාව බලා පැමිණ ඇති අතර දේශපාලන රැකවරණ පැතීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න හතරක් පමණක් ඇසීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. මාධ්‍ය වාර්තා අනුව සහ ජනතාවගෙන් ලැබෙන තොරතුරු අනුව, ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව පතා පැමිණෙමින් සිටි පුද්ගලයන් මුහුදේදී නැවැත්වීමට පියවර ගැනීම කෙරෙහි තම බලවත් කනස්සල්ල පලකරන බවයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය පවසන්නේ.
ඇත් දළ ලබා ගැනීමේ අරමුණින් සිදු වන අලි දඩයම වර්තමාන තත්වයෙන් පැවතුන හොත් ඉතා ඉක්මනින් අප්‍රිකානු අලි මිහිතලයෙන් වඳ වී යනු ඇතැයි ජාත්‍යන්තර සංවිධානයක් අනතුරු අඟවයි.
තර්ජනයට මුහුණපා ඇති අප්‍රිකානු අලියෙක් පසුගිය වසර තුළ පමණක් අප්‍රිකානු අලි විසි දහසක් පමණ මරා දමා ඇති බවයි සයිට්ස් (CITES) නමින් හැඳින්වෙන වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටින සතුන් වෙළඳාම පිළිබඳ ප්‍රකාශනය පළ කළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. දඩයම් කර ඇති අලි ගණන කලාපයේ අලි උපත් සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බව ද එම වාර්තාවෙන් පැවසේ. අප්‍රිකානු කලාපයේ දී අත් අඩංගුවට ගනු ලැබ ඇති ඇත් දළ ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව තමන් ලේඛන ගත කර ඇති තොරතුරු වලින් හෙළි වන බවයි සයිට්ස් සංවිධානය පවසන්නේ. ඇත් දළ ජාවාරම පිටුපස රටවල් කිහිපයක සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි සිටින බවට සයිට්ස් සංවිධානය සැක පහළ කරයි.
බංගලාදේශයේ අන්තර් ජාතික ක්‍රිකට් පරිපාලක තරඟ මුදලට පවා දීමට සම්බන්ධ හත් දෙනෙක් තමන් චිසින් හඳුනා ගෙන ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් පරිපාලක මණ්ඩලය කියා සිටී.
මේ සම්බන්ධයෙන් ඩකා අගනුවර පුවත් පත් සාකච්ඡාවක් ඇමතු අන්තර් ජාතික ක්‍රිකට් පරිපාලක ඩේව් රිචඩ්ස්ර්න් කියා සිටියේ විනය ක්‍රියා මාර්ගය අවසන් වන තුරු සියලු චුදීතයින් නිවැරදිකරුවන් සේ සලකන බවයි. චෝදනා ලැබූ හත් දෙනාම ක්‍රීඩකයින් නොවන නමුත් හිටපු ක්‍රිකට් ක්‍රීඩා නායක මොහ්මෙඩ් අශ්රෆුල් මේ චූදිතයින් අතරේ සිටින බව විස්වාශ කෙරේ.
මොසැක් ෆොන්සේකා සමාගමේ වසර හතළිහක ගණුදෙනු වලට අදාළ ලිපිගොණු මිලියන ගණනක් එළිදැක්වීමෙන් පසු ඇතිවී තිබෙන ජාත්‍යන්තර අවධානය හමුවේ අදාළ චෝදනා පිලිබඳ සොයා බැලීමට විශේෂ කොමිසමක් පත් කිරීමට පැනමා රජය කටයුතු කරමින් සිටී.
ස්වදේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් ගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් පත්කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ පැනමා ජනාධිපති ජුවාන් කාලෝස් වරේලා (Juan Carlos Varela) පැවසුවේ ස්වදේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන් ගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් පත් කිරීමට පැනමා විදේශ අමාත්‍යංශය කටයුතු කරන බවයි. විදේශ සමාගම් සම්බන්ධ ගණුදෙනු පිලිබඳ වර්තමාන ක්‍රමවේදයන් පිලිබඳ යළි සලකා බලා පැනමාවේ මුල්‍ය හා නීති ක්‍රමවේදයෙන් හි විවෘතභාවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. පැනමාව තම බදු ක්‍රමවේදය නිවැරදිකරගැනීමට අපොහොසත්වීම පිළිබඳව ලෝක ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිලිබඳ ආයතනය විසින් කෝපයෙන් යුතුව ප්‍රතිචාර දක්වා තිබුණේ මේ සතිය මුලදී ‘පැනමා ලිපිගොණු’ එළිදැක්වීමෙන් පසුවයි.
ඊජිප්තුවේ අන්තර් වාර පාලනයේ ජනාධිපතිවරයා ලෙස එරට ව්‍යවස්ථා කටයුතු අධිකරණයේ, අග විනිසුරු ඇඩ්ලි මන්සුර් (Adly Mansour) දිවුරුම් දී තිබේ.
සාධාරණ හා දුෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රටක් බිහි කරණ බවටයි පදවියේ දිවුරුම් දෙමින් ඔහු කියා සිටියේ. එම අවස්ථාව සංකේතවත් කරමින් ඊජිප්තු ධජයේ වර්ණ වන රතු, සුදු සහ කළු දුම් පිට කරමින් යුද හමුදා ගුවන් යානා පියාසර කෙරිණ. ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහමඩ් මුර්සි (Mohammed Morsi) යුද හමුදාව විසින් ඊයේ ධුරයෙන් පලවා හරිනු ලැබූ අතර ඔහුගේ ආධාරකරුවන් එය හඳුන්වා දුන්නේ කුමන්ත්‍රණයක් ලෙසින්.
ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය හා එක් වීම සඳහා පාකිස්තාන කාන්තාවන් තිදෙනකුවත් ලාහෝරයේ සිට සිරියාව බලා ගොස් ඇති බව පාකිස්තාන පොලිසිය පවසයි.
කාන්තාවන් සිය දරුවන්ද රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ (සංරක්ෂිත ඡායාරූපයක්) අයි එස් කැරලිකරුවන්ගේ පාලනයේ පවතින කලාප වෙත පාක්ස්තාන කාන්තාවන් ගොස් ඇති බව වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ඉහත කී කාන්තාවන් සිය දරුවන්ද රැගෙන පළමුව ඉරානය බලා ගොස් එතැන් සිට සිරියාව බලා ගොස් ඇති බවයි පැවසෙන්නේ. තම රට තුළ අයිඑස් කැරලිකරුවන් සිටින බව හෝ ක්‍රියාත්මක වන බව මීට ඉහත අවස්ථාවලදී පාකිස්තානය ප්‍රතික්ෂේප කළේය. නමුත් මේ සතිය ආරම්භයේදී පාකිස්තාන ආරක්ෂක අංශ කියා සිටියේ ලාහෝර් නුවර ආසන්නයේ ක්‍රියාත්මක වූ අයිඑස් හිතවාදීන්ගේ තිප්පොළක් තුළට සිය භට කණ්ඩායමක් කඩා වැදුණු බවයි.
ඉන්දියාවේ මතභේදයට තුඩුදී ඇති ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් අදහස් දැක්වූ එරට අගමැති මන් මෝහන් සින් අනාගතයේදී විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීමට එම ප්‍රතිපත්ති ඉවහල් වනු ඇතැයි කියා සිටියේය.
ඔහු මේ අදහස් පළ කළේ දිල්ලි අගනුවර පැවති කොන්ග්‍රස් පක්ෂයේ රැළියකදීයි. ආර්ථික ප්‍රතිපත්ති වලට සහාය දක්වීම සඳහා කොන්ග්‍රස් පක්ෂයේ සාමාජිකයෝ දහස් සංඛ්‍යාත පිරිසක් දිල්ලි අගනුවරට රැස්ව සිටිති. බහුජාතික සුපිරි වෙළඳ සමාගම් වලට ඉන්දීය වෙළඳපොලට පිවිසීමට ඉඩ දීම නිසා ඉන්දියාවේ ගොවීන්ට අගතියක් සිදු වෙන බවට කරන ප්‍රකාශ වලට කිසිඳු පදනමක් නොමැති බවද ඉන්දීය අගමැතිවරයා පැවසුවේය. නව ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය කටයුත්තක් වී ඇති බවයි ඉදිරියේදී ඉන්දියාවේ අගමැතිධුරයට පත් වීමට ඉඩ ඇති රාහුල් ගාන්ධි ප්‍රකාශ කළේ. සබැඳි තේමා
පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා දෙන සහාය පිළිබඳ ව ඉදිරි දින කිහිපයේ දී නැවත සලකා බැලීමට සිදු වී ඇති බව එම පක්ෂය පවසයි.
'මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම දේශපාලන පලි ගැනීමක්' පසුගිය ඔක්තෝබර් 5 වැනිදා මාතර දී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව සිය විරෝධය පළ කිරීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි එම අදහස් පළ වුණේ. මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම නිසා කළ දේශපාලන පලි ගැනීමක් බව පවසන විපක්ෂ නායකවරයා කියා සිටියේ බලපිටියේ දී තමන්ටත් මහලේකම්වරයාටත් පහර දීමට උත්සාහ කළ පිරිස මෙලෙස අත්අඩංගුවට පත් නොවූ බවයි.
නීති විරෝධී ලෙසින් නවසීලන්තය බලා යාමට උත්සාහ කළ තවත් පිරිසක් අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලිසිය පවසද්දී, ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් දේශපාලන රැකවරණ පතන්නන් වැළැක්වීමේ අරමුණින් සිතුවම් සහිත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.
ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් කඳවුරුවල වෙසෙන දේශපාලන රැකවරණ පතන්නන් විඳින ගැහැට නිරූපණය කෙරෙන සිතුවම් සහිත අත් පොතක්ද ඕස්ට්‍රේලියාවේ ප්‍රචාරක ව්‍යාපාරයට ඇතුලත්. නීති විරෝධී ලෙසින් බෝට්ටුවකින් රටින් පලා යාමට උත්සාහ කළ කාන්තාවන් නම දෙනකු සහ දරුවන් හය දෙනකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් හැත්තෑ පස් දෙනකු මොරගොල්ලේදී අත් අඩංගුවට ගත් බවයි, මේ අතර පොලිසිය පවසන්නේ. නාවික හමුදාව එම පිරිස බදාදා සවස මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට පැමිණවීමට නියමිත බව පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මුහුද මැද දීම සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීමට නාවික හමුදාවට නියෝග කළ බවට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට මෑතදී විවේචන එල්ල වූ නමුත්, ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ඒ පිළිබඳව මෙතෙක් නිළ වශයෙන් කිසිවක් ප්‍රකාශ කොට නැත. විශේෂයෙන්ම ඇෆ්ඝනිස්තානයේ සිට පැමිණෙන දේශපාලන රැකවරණ පතන්නන් වැළැක්වීම එම ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානම අරමුණ බව පෙනී යන බවයි, ලන්ඩනයේ ප්‍රකාශයට පත් කෙරෙන ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ. සංක්‍රමණිකයන්ගේ ආගමනය වැළැක්වීමේ සිතුවම් සහිත ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස ආණ්ඩුවේ බලධාරීන් ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවූ බවද පුවත්පත පවසයි.
මීට වසර හතළිහකට පෙර ලෝ වටා ජීවත් වූ වන සත්ව ගහනය වර්තමානය වන විට හරි අඩක් ඉක්මවා පහළ ගොස් ඇති බව මෑතකදී කරන ලද පරීක්ෂණයකින් හෙළි වේ.
ඒ අනුව ක්ෂීරපායීන්, පක්ෂීන්, උරන්ගයින්, උභයජීවීන් හා මත්ස්‍යයින් පෙර සිතුවාට වඩා බෙහෙවින් විනාශ වී ඇති බව ලෝක වනසත්ව පදනම පෙන්වා දෙයි. අග්නිදිග ආසියාව පුරා විහිදෙන නිවර්තන කලාපීය රටවල සහ මධ්‍යම අප්‍රිකානු රටවල වෙසෙන වන සතුන්ට මෙම තත්වය තදින්ම බලපා ඇති බව ලෝක වනසත්ව පදනමේ කොලින් බට්ෆීල්ඩ් පැවසුවේය. මීට බලපා ඇති කරුණු අතරින් නිවර්තන කලාපීය වන විනාශය ප්‍රධාන සාධකයක් වන බව ඔහු කියා සිටියේය. මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ කැලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව මීට පෙර තිබූ නිල දත්ත හා සැසඳීමේදී සියයට හයකින් අඩු වී ඇති බවත් ඔහු පේනවා දෙයි.
කොලොම්බියාවේදී අනතුරට පත් ගුවන් යානයේ ගමන් කළ ෂෙපෙකෝඑන්සි පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් බ්‍රසීලයේ දකුණු දිග ෂෙපෙකෝ නගරයේ දස දහස් සංඛ්‍යාත ජනතාව ප්‍රණාමය පුද කරමින් සිටිති.
ෂෙපෙකෝ නගරයේ වීදි ඔස්සේ ක්‍රීඩාගාරය වෙත පැමිණි ෂෙපෙකෝඑන්සි පාපන්දු ලෝලීහු අනතුරින් මිය ගිය ක්‍රීඩකයන් වෙනුවෙන් යාඥා කළහ. පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළු හැත්තෑ හත් දෙනෙක් අනතුරට පත් යානයේ ගමන් ගත්හ. මැඩලීන් නගරය ආසන්නයේ සිදු වූ අනතුරින් එහි ගමන්ගත් හය දෙනෙකු පමණක් දිවි බේරා ගෙන ඇති බව බලධාරීහු පවසති. විදුලි පරිපථයක හටගත් දෝෂයක් අනතුරට හේතු වී ඇතැයි විශ්වාස කෙරේ.
හම්බන්තොට කටුවන රැස්වීමකට වෙඩි තබා දෙදෙනකු ඝාතනය කළ බවට ජනතා විමුක්ති පෙරමුණ විසින් චෝදනා එල්ලකරන ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ තංගල්ල අධිකරණයට භාරවීමේ ක්‍රමය විනිසුරුවරයා පවා ප්‍රශ්න බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.
මේ පුද්ගලයා භාරවී ඇත්තේ මහාධිකරණයට බවත්, භාරවීමට පැමිණ ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සමග බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද මාධ්‍ය කරුවන් අමතමින් පැවසුවේය. තවමත් සිරගත නොකළ අයකු බන්ධනාගාර ආරක්ෂාව යටතේ අධිකරණය වෙත පැමිණෙන්නේ කෙසේදැයි විනිසුරුවරයා ප්‍රශ්න කළ විට බන්ධනාගාර අධිකාරිවරයාගේ උපදෙස් පිට තමන් එසේ කිරීමට පියවර ගත් බව බන්ධනාගාර නිලධාරීන් විසින් පිළිතුරු දී ඇතැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව ඝාතකයන් ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයක නියැලී සිටින බව මෙවැනි ක්‍රියාවලින් මනාව ඔප්පු වන බවයි, ඔහු ප්‍රකාශ කළේ. "ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන ආයතන තමන්ගේ යටතේ තබා ගෙන මෙවැනි මැරයන් හදනවා. ඔවුන්ගෙන් වැඩ ගන්නවා විතරක් නොවෙයි ඔවුන් ආරක්ෂා කරලා ඊළඟට ඒවා වෙනත් අය මත පටවන්න, නොමග යවන්න බොරු කියල මේක බේරගන්න වැඩ කරනවා," ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද මාධ්‍ය කරුවන් අමතමින් තවදුරටත් පැවසුවේය. ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ බන්ධනාගාරයට භාරවීම හේතුවෙන් කටුවන ද්විත්ව මිනීමැරුමේ පරීක්ෂණ කටයුතු සංකීර්ණ විය හැකි යැයිද ඔහු ප්‍රකාශ කළේය. ඉකුත් සිකුරාදා හම්බන්තොට කටුවනදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන රැස්වීමක් පැවැත්වෙමින් තිබියදී යතුරු පැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ
මීට වසර 17 කට ඉහතදී දෙහිවල දී දුම්රියක බෝම්බයක් පුපුරුවා හැරීමේ චෝදනාවට වරද පිළිගත් එල්ටීටීඊ සැකකරුවන් තිදෙනකුට අධිකරණය විසින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
බෝම්බය පුපුරුවා හැරීම පිණිස කටයුතු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් බව විත්තිකරුවෝ පිළිගත්හ සවරිමුත්තු ලෝගනාදන් සහ ඇන්තනි රොබට් මැක්සීලන් විත්තිකරුවන් දෙදෙනාට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය, සිත්තිරසේනම් තිරුමගල් විත්තිකාරියට බරපතල වැඩ සහිත වසර පහක සිරදඬුවමක්ද නියම කළේය. 1996 ජූලි 24 වැනි දින දෙහිවල දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක බෝම්බයක් පුපුරුවා හැරීමෙන් එහි සිටි මගීන් 66 දෙනකු මියගොස් තවත් 400 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව නඩු වාර්තාවේ සඳහන් වේ. එම බෝම්බය පුපුරුවා හැරීම පිණිස කටයුතු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් බව විත්තිකරුවෝ පිළිගත්හ. සැකකරුවන් තිදෙනා වසර 17 කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි බැවින් ඔවුන්ට ලිහිල් දඬුවමක් පණවන මෙන් විත්ති පාර්ශවයේ නීතිවේදීන් කළ ඉල්ලීමට පැමිණිල්ලේ විරෝධයක් පළ නොවීමෙන් අනතුරුවයි, අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.
සිය ක්‍රිකට් දිවියේ සිය වෙනි ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ට ක්‍රීඩාලෝලීන් ගෙන් සහ සහෝදර ක්‍රීඩකයන්ගෙන් සුභ පැතුම් පළවෙමින් තිබේ.
බ්‍රිතාන්‍යයේ සරේ කණ්ඩායම වෙනුවෙන් තරග කරන කුමාර් සංගක්කාර යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහි එක් දින තරගයකදී සියවෙනි ශතකය වාර්තා කළේය. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරු කෙවින් පීටර්සන් සහ රූපවාහිනී නිවේදක පියර්ස් මෝගන් ද සංගක්කාරට සුභ පැතූ පිරිස අතර සිටිති. මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ විස්තර විචාරයටද එක් වී සිටින කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්තය වෙනුවෙන් ඉතා දක්ෂ පිතිහරඹයක නිරතව සිටියි. පසුගියදා එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරමින් පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කළ ඔහු ලබන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පිටපිට තරගාවලි හතරකදී ද්විත්ව ශතක රැස්කළ පළමු පිතිකරුවා ලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි වාර්තා පොතට එක් විය.
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව හියිද්‍රාබාද් නගරයේ පවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවන දින කෝලි ලකුණු 204 ක් රැස් කළේය. වාර්තා පොතට එක් වීමට මඟ පාදමින් ඉන්දීය කණ්ඩායමේ තවත් පිතිකරුවන් පස් දෙනෙක් අවම වශයෙන් ලකුණු අසූව බැගින් රැස් කළහ. ඒ අනුව පිටපිට ටෙස්ට් තරග තුනකදී හයසීයට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පළමු කණ්ඩායම ලෙසත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වාර්තා පොතට එක් වේ.
අරණායක නාය යෑමට ගොදුරු වූ ප්‍රදේශයේ සිටි බවට විශ්වාස කෙරෙන එකසිය තිස් හතර දෙනකු පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බව තමන්ට වාර්තා වී ඇතැයි එම ස්ථානයේ සිටින බස්නාහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසයි.
'දැනට මිය ගිය අයගේ සිරුරු දහතුනක් සොයා ගෙන තිබෙනවා. ඊට අමතරව අපට වාර්තා වෙලා තිබෙනවා තව හැත්තෑ පස් දෙනකුගේ තොරතුරු තවමත් සොයා ගැනීමට නැහැ කියලා' මේ වන විට නාය යාමට හසු වූ පුද්ගලයන්ගෙන් දාහතර දෙනකුගේ මළසිරුරු සොයා ගෙන ඇති බවද බේරාගැනීමේ මෙහෙයුම් භාරව සිටින මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බීබීසී සංදේශයට පැවසීය. ආරක්‍ෂිත ස්ථානවල කඳවුරු හතරක් ස්ථාපිත කොට ඇති බවත් එම කඳවුරු තුළ එක්දහස් එකසිය හතළිස් දෙනකුට අධික පිරිසක් රැඳී සිටින බවත් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය වත්මන් නායක ඇන්ජෙලෝ මැතිව්ස් විසින් දරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසයි.
බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමින් ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ස්ථිර නායකත්වය හා දිනේෂ් චන්දිමාල්ගේ ස්ථිර උප නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ක්‍රීඩා කරනු ඇති බවයි. තමන් ක්‍රිකට් ආයතනය බාර ගනිද්දී ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු පවා නොසිටි බව පෙන්වා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ වන විට අවශ්‍ය සියළුම අංශ සඳහා සුදුසුකම් ලත් වෘත්තීය පුහුණුකරුවන් පත් කර ඇති බවද සඳහන් කළේය. දේශීය පුහුණුකරුවන් වෙනුවට විදේශීය පුහුණුකරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට හේතුව ව්මසිමේදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පළපුරුදු හිටපු ක්‍රීඩකයන් රැසක් සිටියත් ඔවුන් බොහෝ දෙනා පුහුණුකරුවන්ට අවශ්‍ය වෘත්තිමය සුදුසුකම් සපුරා නොමැති බවයි. ලෝකේ ඕනෑම කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ දත්ත ඇතුළත් පරිගණක පද්ධතියක් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ප්‍රයෝජනයට හඳුන්වා දී ඇති බවද ඔහු කියා සිටියේය. මෙවර ඕස්ටේලියානු සංචාරයේදී එම තාක්ෂණයද ප්‍රයෝජනයට ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සමඟ පැවැත්වූ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)
ඒකේ 47 නමින් ප්‍රචලිත කලෂ්නිකොව් ස්වයංක්‍රිය රයිපලයේ නිර්මාතෘ මිහායිල් කලෂ්නිකොව් මියගිය බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු අනූ හතරක්. රුසියාවේ අල්තායි ප්‍රත්‍යන්ත කඳුකරයේ දුගී පවුලක 1919 දී උපන් කලෂ්නිකොව් ගේ සහෝදර සහෝදරියන් ගණන දහ හතක්. සෝවියට්, වෝර්සෝ රටවල් සහ රුසියානු හමුදා අත ප්‍රධාන ගිනි අවිය වුනේ ඔහු තැනු රයිපලයයි. කෙසේ වෙතත්, ඇන්ගෝලාව,වියට්නාමය, ඇල්ජීරියාව වැනි විවිධාකාර සටන් බිම් වල විප්ලව වාදීන් අතත් AK 47 ගැවසුනි. කලෂ්නිකොව් ගේ සැලසුම අනුව ලොව පුරා කෝටි ගණනින් රයිපල් නිෂ්පාදනය කොට තිබේ.
පසුගිය පාලන සමයේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දෙමළ ජාතික තරුණයන් එකොළොස් දෙනකු පැහැර ගෙන ගොස් අතුරුදන් කර වීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට නීතිපතිවරයාගේ සහාය මෙතෙක් ලැබී නොමැති බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කරයි.
අදාළ පැමිණිල්ල අඟහරුවාදා කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විවෘත අධිකරණයේ ප්‍රකාශ කොට සිටියේ ඉහත කී සිද්ධියට අදාළ පරීක්ෂණ පොලිසිය විසින් නිසියාකාරව සිදු කරනු ලැබ ඇති බවයි. පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස නීතිපතිවරයාට පසුගිය නඩු දිනයේ දන්වා යැවූ බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය එහෙත් අද දින නීතිපතිවරයා නියෝජනය කරමින් කිසිවෙකුත් අධිකරණයේ පෙනී නොසිටි බව ප්‍රකාශ කළාය. අපරාධ පරීක්ෂණයක් සාර්ථක කර ගැනීමට නීතිපතිවරයාගේ සහාය බෙහෙවින් වැදගත් බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය නඩුව විභාග වන මීළඟ දින අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් නීතිපතිවරයාට නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කළේය. අනතුරුව අදාළ නඩු විභාගය අගෝස්තු 30 වනදා දක්වා කල් තැබිණ. ඉහත කී චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් තිදෙනෙකු රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් මේ වන විට ඇප මත මුදා හැර තිබේ.
කොළඹ වරාය නගරය නැවතත් ජනතාව අතර සාකච්ඡාව සඳහා මාතෘකා සපයා ඇත. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ මතුවනු ඇතැයි කියන තත්ත්ව සම්බන්ධ චෝදනා එල්ලවීමත් සමගය.
අදාළ පනත හරහා එම භූමී ප්‍රදේශය චීන කොලනියක් වන අතර එය රටේ කොටසක් ලෙස නොව වෙනමම කලාපයක් ලෙස නම් කිරීමක් ලෙසත් ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ක්‍රියාත්මක වන, බදු සහන ලබාදෙමින් කළු සල්ලි සංසරණය වන ස්ථානයක් වනු ඇතැයි යන්න එසේ නැගෙන චෝදනාවලින් කියැවේ. කෙසේවෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන රජය පවසන්නේ කොළඹ වරාය නගරය චීන කොළනියක් බවට පත්වන බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය. කොමිෂන් සභාව පිහිටුවන්නේ, ආයෝජකයන්ගේ පහසුව සඳහා සියලු රාජ්‍ය ආයතන එක් ස්ථානයකින් සම්බන්ධීකරණය කිරිම වෙනුවෙන් බව පවසන රජය, මෙම කලාපයට පිවිසෙන විදේශකයින්ට වීසා ලබා දීම බැංකු බලපත්‍ර ලබා දීම ඇතුලු අනෙකුත් සේවා අදාළ ශ්‍රී ලංකා රජයේ ආයතන විසින් මෙරට නිතීයට අනුව ක්‍රියාත්මක කරනු ලබන බව කියා සිටී. පෙත්සම් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කෙරුණු පෙත්සම් 19 ක් සළකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සිය නිර්දේශ කතානායකවරයා වෙත යොමු කළහ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා එම විනිසුරු මඩුල්ලට අයත් වූහ. අදාළ පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති ඉංජිනේරු ජී. කපිල රේණුක පෙරේරා ඇතුළු පිරිසක් විසිනි. එමෙන්ම අදාළ පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළහ. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පැවසු පෙත්සම්කරුවෝ, අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ එහි ඇති බලතල මොනවාද? කොළඹ වරාය නගර භුමිය සහ අයිතිය කොළඹ වරාය නගරයේ භූමි අවකාශය හෙක්ටයාර 269 ක් නැතහොත් අක්කර 664 ක් පමණි. නමුත් ඒ වටා ඉදිර කර ඇති දියකඩනය සහ දිය අගල ද ඇතුළත් සමස්ත අවකාශය හෙක්ටයාර 446 ක් නැතහොත් අක්කර 1102 කි. මෙකී සමස්ත භූමිය ශ්‍රී ලංකා රජයට සින්නක්කර අයිතිය සතු භූමියක් ලෙස පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ප්‍රකාශයට පත් කර ඇත. භූමි අවකාශයේ හෙක්ටයාර 269 න් ගොඩනැගිලි සෑදිය හැක්කේ හෙක්ටයාර 178 ක එනම් අක්කර 439 ක පමණි. සෙසු හෙක්ටයාර 91 නැතහොත් අක්කර 224 වෙන් වන්නේ මහාමාර්ග, වෙරළ තීර, උද්‍යාන, පදික තීරු, ඇල මාර්ග ආදී පොදු යටිතල පහසුකම් සඳහාය. ගොඩනැගිලි ඉදිකළ හැකි හෙක්ටයාර 178 න් ව්‍යාපෘති සමාගම වෙත 99 අවුරුදු බදු ලෙස ලැබෙනුයේ හෙක්ටයාර 116 ක් එනම් අක්කර 286 ක් පමණි. ඉතිරි හෙක්ටයාර 62 එනම් අක්කර 153 රජයට සෘජු පරිහරණය හෝ වෙනත් ඕනෑම පාර්ශවයකට ප්‍රතිබදු දීමේ හැකියාව ඇත. සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4 ක මුදල ප්‍රතිපූරණය කර ගැනීමේ සැලසුමෙන් ව්‍යාපෘති සමාගමට හිමි වන හෙක්ටයාර 116 ත් ඔවුන්ගේ පරිහරණයට වඩා ඉලක්ක ගත කෙරෙනුයේ තෙවෙනි පාර්ශවීය ආයෝජකයන් වෙත ප්‍රතිබදු ලබා දීමය. ව්‍යාපෘතියේ සමස්ත භූමි අවකාශය වන අක්කර 1102 න් අදාළ චීන සමාගම වෙත තාවකාලිකව හෝ ලැබෙනුයේ අක්කර 286 ක් පමණි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 25% ක් බව රජය පවසයි. වරාය නගරයේ පාලනය වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බලයට පැමිණියේ 'දේශප්‍රේමී' මුහුණුවරකින් හා ජාතික සම්පත් ආරක්ෂා කිරීමට පොරොන්දු දෙමිනි. එහෙත් ජනාධිපතිවරයා විසින් කරනු ලබන කොමිෂන් සභාවේ සාමාජිකයින් ශ්‍රී ලංකා පුරවැසියන් පමණක් විය යුතු බවට කොතනක හෝ සඳහන් නොවීම තුළින්, කොමිෂන සභාවේ සාමාජිකයින් විදේශිකයන් හෝ හුදෙක් චීන ජාතිකයින්ද යන්න පිළිබඳ සැක මතුවන බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති. නිතීඥ සුරේන් ප්‍රනාන්දු පෙන්වා දෙන පරිදි වරාය නගරයේ පාලනය සඳහා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කරන පුද්ගලයින් 5ක් හෝ 7 කින් සමන්විත කොමිසමක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතේ විධිවිධාන සලසා ඇතත් එම පුද්ගලයින් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුයැයි සදහනක් නොමැත. කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රධාන විධායක නිලධාරී) ද ජනාධිපතිවරයා විසින් ම පත්කරනු ලබයි. එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීමේ අවශ්‍යතාවක් ද මෙහි සදහන් කර නොමැති බව නිතීඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටී. එම වරාය නගරය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවන විශේෂ කලාපයක් වනු ඇති බවට ද චෝදනා නැගේ. මේ පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමට, ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී මිලින්ද රාජපක්ෂගේ ප්‍රතිචාරය මෙබඳු විණි. පළාත් පාලන ආයතන ප්‍රදේශ පාලනය වන්නේ එහි ජීවත්වන ජනතාවගේ ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයින් මගිනි, එහෙත් වරාය නගරය පාලනය වන්නේ මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් මගිනි. එම කොමිෂන් සභාවේ සමාජිකයින් ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බව ද මිලින්ද රාජපක්ෂ කියා සිටියේය. කොමිෂන් සභාවේ නියෝජිතයන්ට මෙම පනතට අදාළ කටයුතු සඳහා පමණක් බල පැවැත්වෙන පරිදි කිසිවක යෙදීම වෙනුවෙන් හෝ කාර්ය ඉටු නොකිරීමක් වෙනුවෙන් අධිකරණයේ නඩු පැවරිය නොහැකි මුක්තියක් ලැබෙන බව ද කියැවේ. "නමුත් එම මුක්තිය කවර ආකාරයේ අපරාද වරදක් හෝ මේ පනතේ කටයුතු හිතාමතා පැහැරහැරි අවස්ථාවන් වලදී හෝ රටේ පිළිගත් වෙනත් නීති උල්ලංඝණයකදී කිසිසේත්ම අදාළ නොවේ," යැයි මිලින්ද රාජපක්ෂ පැවසීය. කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ අදාළ වන්නා වූ, සියලු ප්‍රජා රීති සහ සංවර්ධන පාලන නියෝග පිළියෙල කිරීම, සැකසීම, සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම, පළ කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව වගකිව යුතු ය යනුවෙන් පනත් කෙටුම් පතේ සඳහන් වේ. කොමිෂන් සභාවේ අරමුණු සහ බලතල, කාර්ය සහ කර්තව්‍ය අරමුදල් එක්රැස්කිරීමේ බලය සාමාන්‍යයෙන් රාජ්‍ය ආදායම් එකතු වන්නේ රජයේ ඒකාබද්ධ අරමුදලට ය. එයින් මුදල් ලබාගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යවේ. එහෙත් මෙම කොමිෂන් සභාවට විශේෂ මුල්‍ය බලතල ලැබෙන බවත් පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නොවන වෙනම අරමුදලක් පවත්වා ගෙන යා හැකි බවටත් චොදනා නැගේ. නමුත් රජය පවසන්නේ ඕනෑම රාජ්‍ය ආයතනයකට, කොමිසමකට ස්වකීය අරමුදල් පවත්වාගෙන යා හැකි ආකාරයටම වරාය නගර කොමිසමටත් අරමුදලක් පැවතීම සාමාන්‍ය දෙයක් යනුවෙනි. "අනෙක් රාජ්‍යමය ආයතන මහජන බදු මුදලින් නැතහොත් පාර්ලිමේන්තු අවසරයෙන් මුදල් ලැබුවද වරාය නගර කොමිසම ස්වකීය අරමුදල් ප්‍රධාන කොටම විදෙස් ආයෝජන වලින් උපයා ගෙන එය රජය වෙත ලබා දීමේ වෙනස් ක්‍රමවේදයකින් ක්‍රියාත්මක වීමට නියමිත අතර කොමිසම රටේ ජනාධිපතිවරයාට සහ ඔහු නම් කරන අමාත්‍යවරයෙකුට වග කියන බැවින් අවසානයේ එය රටේ මහජනතාව වෙත සිදු වන වගවීමකි," යනුවෙන් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය. බදු සහන සාමාන්‍යයෙන් රටේ බදු සහන ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණකි. නමුත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට විවිධ බදු සහන ලබාදීමේ බලය හිමිවී ඇති අතර එමගින් මෙම 'ප්‍රාන්තය'ට විශේෂ බදු සහන බලය හිමි බවට විශ්ලේෂකයන් චෝදනා නගයි. පනතේ දෙවෙනි උපලේඛනයට අනුව ආයෝජකයින්ට නිශ්චිත නීති වලින් එනම් දේශීය ආදායම, වැට් බදු, සුරාබදු, රේගු, ඔට්ටු සහ සූදු බද්ද, විනිමය පාලනය, කැසිනෝ ව්‍යාපාර නියාමනය වැනි රටේ පවතින ඇතැම් පොදු බදු හා නිතීන් වලින් ආයෝජකයින් නිදහස් කළ හැකිය යනුවෙන් නිතීඥ සුරේන් ප්‍රනාන්දු පෙන්වාදෙයි. එහෙත් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ පවසන පරිදි කොමිසම විසින් නිර්දේශ කර සකස් කරනු ලබන ඕනෑම බදු සහනයක් බලාත්මක වීමට නම් එය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුවේ. "විදෙස්ගතව විදේශ විනිමය ඉපයීම වෙනුවට මෙරට සිට උසස් වෘත්තීන්වල නිරත වෙමින් විදේශ විනිමය ඉපයීමේ යුගයක් බිහිවීමේ මූලික අදියර හැටියට මෙහි සේවය කරන්නවුන්ගේ ආදායම්, ආදායම් බදුවලින් නිදහස් කරනු ලැබ තිබෙන අතර එම මුදල් මෙරට විදෙස් ව්‍යවහාර ගිණුමක තැන්පත් කළ හැකි," බව ඔහු පැවසීය. විගණනය හා වගවීම රාජ්‍යයට ලැබෙන මුදල් විගණකාධිපතිගේ අධීක්ෂණයට යටත් වූවත් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ මුදල් විගණනය කරනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් විසිනි. එය රාජ්‍ය විගණනයෙන් ඉවත් කරනු ලැබ තිබෙන බවට සමාජය තුළ මහත් කතාබහක් ඇති වී ඇත. නිතීඥ සුරේන් ප්‍රනාන්දු පවසන්නේ කොමිෂන් සභාවේ ගිණුම්, සුදුසුකම් ලත් විගණකවරයකු විසින් විගණනය කිරීම අවශ්‍ය වන නමුත් එම විගණනය විගණකාධිපති විසින් කළ යුතු බවට කිසිදු අවශ්‍යතාවක් නොමැති කම නිසා ඒ පිළිබඳව ඇති විනිවිදභාවය පිළිබඳව ගැටලු මතුවිය හැකි බවය. එහෙත් මිලින්ද රාජපක්ෂ පවසන්නේ ව්‍යවස්ථාවේ 154 වගන්තිය ප්‍රාකාරව විගණන කටයුතු ජාත්‍යන්තර විගණන අධීක්ෂණයක අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර අවසන් විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බැවින් එය හොඳින් අධ්‍යයනය කිරීමේ හැකියාව මහජන නියෝජිතයින්ට ලැබෙන බවය. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුවේ කෝපා (COPA) සහ කෝප් (COPE) කමිටු හමුවට කැඳවනු ලැබිය හැකිවූවත් මේ 'චීන ප්‍රාන්ත' පාලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවිය නොහැකිය යන චෝදනාවට පිළිතුරු දෙමින් මිලින්ද රාජපක්ෂ පැවසුවේ එසේ කැඳවිය නොහැකි බවට අදාළ පනත් කෙටුම්පතේ සඳහනක් නොමැති බවය. "මහජන මුදල් වලින් නොයැපෙන ආයතනයක් ලෙස ගොඩනැංවීමට අපේක්ෂිත ආයතනයක් බැවින් පාර්ලිමේන්තුවට වඩා සෘජු වගවීම ඇත්තේ ජනාධිපතිවරයා වෙත හෝ නම් කරන ලද අමාත්‍යවරයෙකුට," යනුවන් ඔහු පැවසීය. ශ්‍රී ලාංකිකයන්ට මෙහි ආයෝජන කළ නොහැකිද? මෙම වරාය නගරය තුළ ආයෝජනය කළ හැක්කේ විදේශිකයන්ට පමණක් බවට පැවසෙන අතර වරාය නගරය තුළ අරමුදල් විදේශයන්ගෙන් සම්පාදනය කරගන්නා අයට පමණක් මෙහි ආයෝජනය කළ හැකි බව දන්වා සිටීමෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීම වක්‍ර ලෙස වළක්වා තිබෙන බවත් එමගින් මෙය 'වෙනම ප්‍රාන්තයක්' වීමක් බවට චෝදනා එල්ලවී ඇත. "වරාය නගරය තුළ ව්‍යාපාර කළ හැක්කේ 'බලයලත් පුද්ගලයෙකුට' පමණි. එසේ බලය පවරනු ලබන්නේ කාටද යන්න කොමිසම විසින් තීරණය කරනු ඇති. වරාය නගරයෙන් පිටත පදිංචිකරුවෙකු සමඟ ව්‍යාපාරයක යෙදීමට බලයලත් පුද්ගලයෙකුට කොමිසමට අවසර ලබා දිය හැකිය," යනුවෙන් නිතීඥ සුරේන් ප්‍රනාන්දු පැවසීය. ඔහු තවදුරටත් සඳහන් කළේ අයදුම්පත් මගින් කරනු ලබන විදේශ සෘජු ආයෝජන සඳහන් කළ යුතු අතර දේශීය බැංකුවල විදේශ මුදල් තැන්පතු මේ සඳහා භාවිත කළ නොහැකිය යනුවෙනි. එහෙත් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ මිලින්ද රාජපක්ෂ පවසන්නේ දේශීය හෝ විදේශීය ඕනෑම ආකාරයකින් අරමුදල් සම්පාදනය කරගත හැකියාව ඇති මෙරට ව්‍යාපාරිකයින් සේම මෙරට සිට ක්‍රියාත්මක විදෙස් ව්‍යාපාරිකයින් පවා මෙරට තුළ ඇති මුදල් සංචිත විදෙස් මුදල් වලට මාරු කර හෝ තම විදෙස් ව්‍යාවහාර මුදල් වලින් මෙරට බැංකු තුළ පවත්වාගෙන යන මුදල් ඉතා සීඝ්‍ර ලෙස වරාය නගරය වෙත සම්ප්‍රේෂණය කිරීමට ඉඩ ලබාදී ඇති බවය. "නමුත් මෙම කොන්දේසිය මගින් දේශීය හෝ විදේශීය ඕනෑම ව්‍යාපාරිකයෙකු විදෙස් සංචිත අනිවාර්යයෙන්ම විදේශ රටක සිට රැගෙන ආ යුතුය. එමගින් නියත ලෙසම විදෙස් ආයෝජන මෙරටට ලැබීමේ ප්‍රවණතාව ඇති වේ. මේ වන විටත් ඇතැම් දේශීය සමාගම් තමන් සතු විදේශ මුදල් මෙරටට නොගෙන්වා සිංගප්පූරුව, හොංකොං හෝ ඩුබායි වැනි නගර වල මෙම යෝජිත පහසුකම් ඇති බැංකු තුළ තැන්පත් කර පවත්වාගෙන යමින් සිටී. වරාය නගර කොමිසම බිහිවීමෙන් පළමු කොටම ප්‍රතිලාභ ලැබෙනුයේ එසේ විදෙස් සංචිත රටින් පිට තැන්පත් කර සිටින දේශීය ව්‍යාපාරිකයින් වෙතයි," යනුවෙන් ඔහු පැවසීය. වරාය නගරය තුළ භාවිත කෙරෙන්නේ චීනයේ 'යුවාන්' ද? වරාය නගර කලාපය තුළ සේවය කරන පුද්ගලයින්ට වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශීය මුදලකින් බව පැවසෙන අතර එය චීන 'යුවාන්' විය හැකි බවට මතයක් පවතී. එහෙත් මිලින්ද රාජපක්ෂ පවසන්නේ ලෝකය පිළිගත් ඕනෑම ව්‍යවහාරික මුදල් ඒකකයකින් වැටුප් පමණක් නොව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත් සැපයීමටත් දීමටත් වරාය නගරය තුළ හැකි වනු ඇති අතර එය ශ්‍රී ලංකා හෝ ඉන්දීය රුපියල් පමණක් නොව යුරෝ, පවුම්, ඩොලර්, යෙන්, ඩිනාර්, රූබල් ඕනෑම ඒකකයක් විය හැකි බවය. වරාය නගරයෙන් පිටවන විට බදු ගෙවිය යුතු 'වෙනම රටක් ද?' ශ්‍රී ලංකා පුරවැසියන්ට කොළඹ වරාය නගරයේ දී භාණ්ඩ හා සේවා මුදල් ගෙවා ලබා ගත හැකි වුවත් නගරයෙන් පිටව යද්දී මිලදී ගත් භාණ්ඩවලට බදු ගෙවිය යුතු බවට ද චෝදනාවක් එල්ල වේ. රජය පාර්ශ්වයෙන් පවසන පරිදි බදු සහන හිමිවන්නේ සංචාරකයින්ට හෝ තාවකාලික පදිංචි වීසා ඇති පුද්ගලයන්ට වරාය නගරය තුළ පරිහරණය හෝ පරිභෝජන කිරීම සඳහා පමණි. "එසේ නොවුවහොත් රටේ අනෙක් ප්‍රදේශවල භාණ්ඩ හා සේවා අලෙවිය බිඳවැටීමකට ලක්විය හැකි බැවින් මෙසේ එම කලාපයෙන් පිටතට ගෙනයන භාණ්ඩ සඳහා තීරුබදු හෝ අදාළ බදු ගෙවීමට සිදු වේ," යනුවෙන් මිලින්ද රාජපක්ෂ පැවසීය. "රටේ සමස්ත භාණ්ඩ හා සේවා අලෙවිය ආරක්ෂා කරගනිමින් සංචාරකයින් සඳහා වඩා උසස් හා තරඟකාරි භාණ්ඩ හා සේවා ලබා දීමට මෙමගින් හැකි වෙයි. මෙම පනතින් වෙනම රටක් බිහි වෙතැයි යම් කිසිවෙකු හට සැකයක් ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එය නිරවුල් කරගත හැකියි," යනුවෙන් ඔහු පැවසීය. ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේදී ජාතික ආර්ථිකය පිළිබඳ මතයක් ඉදිරිපත් කළද රටේ අන පනත් අහෝසි කරමින් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට සැරසෙන්නේය යන්න තවත් චෝදනාවකි. එහෙත් මිලින්ද රාජපක්ෂ පවසන්නේ ලෝකයේ බොහෝ රටවල විවිධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල අති දක්ෂ ශ්‍රී ලාංකිකයින් සේවය කරන පුවත් නිතර අසන්නට ලැබෙන අතර එවැනි රටෙන් අහිමිව ගිය විශිෂ්ඨ බුද්ධිමතුන් යළි මව් රටට ගෙන්වා ගැනීමට හැකි අනගි අවස්ථාවක් මෙමගින් උදාවන බවය. "වරාය නගරය ආර්ථික කොමිෂන් සභා බල ප්‍රදේශය තුළ ආරවුල් විසඳාගත යුත්තේ ජ්‍යාත්‍යන්තර බේරුම්කරණයෙනුයි. නිදසුනක් ලෙස තෙල් සංස්ථාව හා ජ්‍යාත්‍යන්තර සිටි බැංකුව සමග ඇතිකර ගත් හෙජිං ගිවිසුම පිළිබඳ ආරවුල සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයකට යොමු විය. ඒ රාජ්‍යයන් අතර ආරවුල් විසඳා ගන්නා ක්‍රමයයි. ඒ අනුව කොමිෂන් සභාව හා ආයතන අතරත් ආයතන සහ සේවකයන් අතර ඇතිවන ආරවුල් එහි පිහිටුවනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයකට පැවරෙන බවත් එවැනි බේරුම්කරණ මධ්‍යස්ථාන බිහිවීමෙන් පෙන්නුම් කරනුයේ දියුණු ජ්‍යාත්‍යන්තර තලයේ නගරයක් බවට කොළඹ වරාය නගරය පත්වීමේ මුල් පියවර," යනුවෙන් මිලින්ද රාජපක්ෂ පැවසීය. වරාය නගරය තුළ පවතින්නේ වෙනම නීතියක්ද? මේ අතර දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන ඉතාමත් වැදගත් පනත් ගණනාවක් මෙම කළාපය තුළ ක්‍රියාත්මක නොවන ඇතැම් විහාරකයෝ පෙන්වා දෙති. ඉදිකිරීම් පිළිබඳ අනුමැතිය ලබාදෙන ජාතික රාජ්‍ය සභාවේ අංක 78 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත, මහ නගර සභා ආඥා පනත, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත, නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත, විවිධ ව්‍යාපෘති සඳහා බදු සහන ලබාදෙන ක්‍රමෝපායික සංවර්ධන පනත, පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත, ආයෝජන මණ්ඩල පනත, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත වැනි වැදගත් පනත් කළාපය තුළ ක්‍රියාත්මක නොවන බව එම චෝදනාවල දැක්වේ. "සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත මගින් තමයි විදෙස් විනිමය ආරක්ෂා කරගෙන තිබෙන්නේ. එම රටේ විදෙස් මුදල් පිළිබඳ සියලු බලතල හා රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ මෙම පනත හරහා යි" යැයි මිලින්ද රාජපක්ෂ පැහැදිලි කළේය. "එමෙන්ම ආදායම් බදු පිළිබඳ නීති රෙගුලාසි ඇතුළත් දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, 2002 අංක 11 දරණ මුදල් පනත, 2005 අංක 05 දරණ මුදල් පනත, භාණ්ඩ ආනයන අපනයන පිළිබඳ බලය ඇති රේගු ආඥා පනත, වරාය හා ගුවන්තොටුපල බදුවලට අදාළ වරාය හා ගුවන්තොටුපල සංවර්ධන පනත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත, ඔට්ටු ඇල්ලීම හා සූදු පනත, තමන්ට රිසි පරිදි සමාගම්වලට සේවකයින් සේවයෙන් පහ කිරීමට නොහැකි සහ සේවකයින්ට අදාළ අයිතිවාසිකම් ආරක්ෂාවන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත, විනෝද බදු පනත, විදෙස් විනිමය පනත, කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යන පනත් සියල්ල මුළුමනින්ම නිදහස් කිරීමට හෝ යම් වගන්ති සංශෝධනය කර දීමට ආණ්ඩුව කටයුතු කරනවා." යනුවෙන් විශ්ලේෂකයින් පැවසීය. සැලසුම් සකස් කෙරෙමින් තිබෙන්නේ වරාය නගරය චීන ප්‍රාන්තයක් කිරීමටය යනුවෙන් බව පවසන ඇතැම් විශ්ලේෂකයින් හා නීති විශාරදයෝ, චීනයට හොංකොං පිළිබඳ ඇති සැලසුමට සමාන සැලසුමක් වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද ඇති බව පවසති. පවතින භූ දේශපනනික ආනතීන් නිසා බොහෝ දුරට චීනයට නැඹුරු ආයෝජන පමණක් මේ වෙත ලැබීමේ ප්‍රවණතාවක් ඇති බව ඔවුහු පෙන්වා දෙති. ඊට ප්‍රතිචාර දක්වමින් මිලින්ද රාජපක්ෂ කියා සිටින්නේ, "හොංකොං යනු ඓතිහාසික සාධක අනුව පුරාණ චීන අධිරාජ්‍යයේම කොටසක්. එය 1842 වසරේදී බ්‍රි‍තාන්‍යයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගන්නා ලදුව පසුව විවිධ උපක්‍රම මගින් අබිං යුධ සමයේදී කූට ලෙස පාලනය කොට පසුව 1898 වසරේදී 99 අවුරුද්දක් සඳහා චීන අධිරාජ්‍යයාගෙන් බදු පදනම මත ගන්නා ලද අර්ධදීප භුමියක්," යනුවෙනි. "99 අවුරුදු බද්ද අවසන් වූ 1997 වසරේදී අකමැත්තෙන් වුවද යළි චීනය වෙත හොංකොං කලාපය ලබා දීමට බ්‍රිතාන්‍යයන්ට සිදු වූයේ ඔවුන් ලෝකය හමුවේ බැටළුහම් පොරවාගත් වෘකයින් සේ වසර 150ට අධික කාලයක් ඒ කලාපයේ ධනය හා ස්වභාවික සම්පත් සූරාකා තිබූ පසුබිමකය. නමුත් වසර 150 ක් තිස්සේ බ්‍රිතාන්‍යයන් හොංකොං තුළ ක්‍රියාත්මක කළ පාලන ක්‍රමය එක රැයින් වෙනස් කිරීමට චීන බලධාරීන් කටයුතු කළේ නැහැ." "එය එක රටක ක්‍රම දෙකක් යන සංකල්පය ඔස්සේ සිදු කිරීමට ඔවුන් කටයුතු කළත් අදටත් බ්‍රිතාන්‍යයන් විසින් බිහිකරන ලද බටහිර ලැදි නූතන හොංකොං පරම්පරාව නිරන්තරව උසි ගන්වමින් හොංකොං කලාපය අස්ථාවර කිරීමේ සාහසික ක්‍රියාවේ බ්‍රිතාන්‍යයන් නිරත වේ." "නූතන සමාජවාදයේ සුපිරි ආදර්ශය වන චීනය පසෙකලා අන්ත ධනේෂ්වර බ්‍රිතාන්‍යයේ ක්‍රියාකලාපයට ආවැඩීම විමතිය දනවන කරුණකි," යනුවෙන් ද මිලින්ද රාජපක්ෂ පැවසීය. ශ්‍රී ලංකා පොලීසිය වරාය නගරයේ නිතීය බලාත්මක කරන අතර එහි නඩු කටයුතු ශ්‍රි ලංකා අධිකරණ තුළ විභාග කෙරේ. නමුත් එම නඩු ඉතා ඉක්මනිනි අවසන් කිරිමට කටයුතු කරනු ඇති බව ද මිලින්ද රාජපක්ෂ කියා සිටියේය. මේ අතර 'වෙරටි' පර්යේෂණ ආයතනයේ සුභාෂිනි අභයසිංහ මේ පිළිබදව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ "තියෙන සිස්ටම් දේශීය ව්‍යාපාරිකයන්ට, අලුත් සිස්ටම් විදේශ ව්‍යාපාරිකයන්ට, අලුත් එක තියෙන එකට වඩා හොඳලු. තියෙන එකත් එක්ක ගෝලීය තරඟකාරී ව්‍යාපාර කරන්න බැරිලු. දෙස් විදෙස් හැමෝටම ගෝලීය තරඟකාරී ව්‍යාපාර කරන්න පුළුවන් සිස්ටම් එකක් හදන්න බැරි වීම, සංවර්ධනයට එදත් අදත් තිබෙන ලොකුම බාධාවක්." යනුවෙනි. කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ අදාළ නොවන පනත් 1. ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත 2. (252 වන අධිකාරය වූ) මහනගර සභා ආඥාපනත 3. 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත 4. (269 වන අධිකාරය වූ) නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනත 5. 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත 6. 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත 7. ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පනත නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කරනු ලැබිය හැකි පනත් 1. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත 2. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත 3. 2002 අංක 11 දරන මුදල් පනත 4. 2005 අංක 5 දරන මුදල් පනත 5. 1989 අංක 13 දරන සුරාබදු (විශේෂ විධිවිධාන) පනත 6. 2002 අංක 16 දරන හරබදු පනත 7. (235 වන අධිකාරය වූ) රේගු ආඥාපනත 8. 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත 9. 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත 10. 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම් සහ සූදු බදු පනත 11. 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත 12. (267 වන අධිකාරය වූ) විනෝද බදු පනත 13. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත 14. 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත
ශ්‍රී ලාංකිකයන් එකසිය පනස් තුන් දෙනකු රැගෙන ක්‍රිස්මස් දූපත කරා යාත්‍රා කරමින් ඇති බෝට්ටුව සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටි නමුත් සෙනසුරාදා උදෑසන පටන් එම සබඳතා ඇනහිට ඇති බව අනාථයන් පිලිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක ඉයන් රින්ටෝල් පවසයි.
බීබීසිය සමඟ සිදු කළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, සබඳතා නතර වී පැය නවයක් පමණ ගතව ඇති අතර තමන් ඒ ගැන කනස්සල්ලෙන් පසු වෙන බවයි. බෝට්ටුවේ ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් අවදානම් තත්වයක් පවතින බවයි ඉයන් රින්ටෝල් පෙන්වා දෙන්නේ. දෙමළ අනාථයන් බෝට්ටුවේ සිටින සියලු දෙනාම ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වන බවත් අනාථයන් පිළිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක නිලධාරියා පවසයි. “බෝට්ටුවේ එකසිය පනස් තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් අතර ළමයිනුත් ඉන්නවා. ඕස්ට්‍රේලියානු රැකවරණ පතා පැමිණි බවයි ඔවුන් කියන්නේ” අනාථයන් පිළිබඳ ඕස්ට්‍රේලියානු ක්‍රියාකාරී සංවිධානයේ සම්බන්ධීකාරක ඉයන් රින්ටෝල් සඳහන් කරයි. එම සරණාගතයන්ට ඔස්ට්‍රේලියාව දැන් අනුගමනය කරන පිළිවෙත ගැන අවබෝධයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. ආපසු යැවීමේ උත්සාහයක් “ඕස්ට්‍රේලියානු රජය දේශපාලන රැකවරණ පතා එන සියලු දෙනාම ආපසු හරවල යවනවා. මුලින් ම සිද්ධ වෙන්නේ ‘නවුරු’ දූපත්වලට හරි වෙනත් දූපතකට යවල ඊ ලඟට ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලන එකයි. නමුත් මේ බෝට්ටුවේ විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා ක්‍රිස්මස් දූපතට යවාවි” ඉයන් රින්ටෝල් අනුමාන කරයි. ඔහු අවසාන වශයෙන් කියා සිටියේ ඕස්ට්‍රේලියානු රජය මෙම අනාථයන් කණ්ඩායම ගමන් ආරම්භ කළ ඉන්දියාවට හෝ ශ්‍රී ලංකාවට යැවීමට උත්සාහ කළ හැකි බවයි.
ආගම්වාදය සහ ජාතිවාදය මුල් කර ගනිමින් මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට සැරසෙන බවට ආණ්ඩුවට චෝදනා කරන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය, 83 කළු ජූලිය අන්දමේ සිදුවීමක් යලිත් හට ගැනීම වැළැක්වීම සඳහා පෙරමුණ ගන්නා මෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරයි.
බොදු බල සේනා රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ සහභාගි වීම මගින් දෙපාර්ශවය අතර පවතින සම්බන්ධතාවය සනාථ වන බව අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය පවසයි කොළඹ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ එම ව්‍යාපාරයේ සම පූජ්‍ය දඹර අමිල හිමියන් ආගම්වාදය සහ ජාතිවාදය මුල් කර ගනිමින් මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට දැරෙන උත්සාහය හඳුන්වා දුන්නේ "ඉතා අනතුරුදායක" ප්‍රවණතාවයක් ලෙසින්. ශ්‍රී ලංකාවේ සිංහල ජනගහණය ඉතා විශාල වශයෙන් පහල වැටී තිබෙන බවට කලෙක ඇතැම් කණ්ඩායම් ප්‍රචාරයක් ගෙන ගිය බව පෙන්වාදෙන එහිමියෝ, කෙසේ නමුත් 1981 දී 74% ක් වූ සිංහල ජනගහණය, 2011 දී 74.9% දක්වා ඉහල ගොස් ඇතැයි නිළ වාර්තාවල දැක්වෙන බව ද පවසති. "ජාතිවාදයෙන් මුසපත් වී, උන්මාදයට පත්ව," ජාතිවාදී සංවිධානවලට උඩගෙඩි දීමෙන් බෞද්ධ භික්ෂු නායකත්වය වැළකිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරති. "විවිධ බල සේනා" නමින් හැඳින්වෙන සංවිධාන වත්මන් යලිත් වරක් ආණ්ඩුවට බලය ලබා දීමේ "කෙක්කක්" බවට පත්ව තිබෙන බව පවසන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය, ගාල්ලේ පැවති බොදු බල සේනා රැස්වීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගි වී එහි නායකත්වය අගය කිරීම මගින් දෙපාර්ශවය අතර පවතින සම්බන්ධතාවය සනාථ වන බව ද පෙන්වා දෙයි.
හම්බන්තොට වරායේසේවක උද්ඝෝෂණය අතරතුර මාධ්‍යවේදියකුට පහර දුන් බවට එල්ල වන චෝදනාවලින් නාවික හමුදාපතිවරයා බේරා ගැනීමේ උත්සාහයක නිරතවන බවට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට චෝදනා කරයි.
හම්බන්තොට විරෝධතාව: උණුසුම් තත්වයක් එම සිදුවීමෙන් දින දහයක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පවත්වන බව කී පරීක්ෂණවල ප්‍රගතිය හෝ නිගමන මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැති බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ පෙන්වා දෙයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පැමිණි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එහිදී කටයුතු කළ ආකාරය සාධාරණීකරණය කරනු වස් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය, විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පළ කළ අදහස් සිය සංගමයේ දැඩි අවධානයට ලක් වූ බව ද මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ පැවසීය. "අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම යහපාලනය යැයි හඳුන්වා ගනු ලබන ආණ්ඩුවකට උචිත නොවේ," ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ. නාවික හමුදාපතිවරයා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රටේ සේනාධිනායකයාවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉලා සිටියි.
තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය මගින් පසුගිය සිකුරාදා සම්මත කළ දේශපාලන ක්‍ෂමා පනතට එරෙහිව බැංකොක් අගනුවරට රැස් වූ දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයන් පිරිසක් විරෝධතා රැලි වලට සහභාගී වෙමින් සිටිති.
සම්මත කරනු ලැබ ඇති නව ක්‍ෂමා පනත නීතිගත කෙරුනොත් ඒ යටතේ පසුගිය අවුරුදු නවයක කාලය ඇතුළත දේශපාලන කාරනා මුල් කර ගනිමින් වරදකරුවන් කරනු ලැබ ඇති සියලු දෙනාට ම සමාවක් පිරිනැමිය හැකි වෙයි. අධිකරණය විසින් වරදකරුවකු හැටියට තීන්දු කරනු ලැබ ඇති, මේ වන විට රටින් පළා ගොස් සිටින හිටපු අගමැති තක්ෂින් සිනවත්ටත් මෙම නව නීතිය අනුව ආපසු රටට ඇතුල්වීමට අවස්ථාව උදා වනු ඇත. තක්ෂින් සිනවත් 2006 වසරේ දී සිදු කෙරුණ යුද හමුදා කුමන්ත්‍රණයකින් එවකට අගමැති පදවියේ සිටි තක්ෂින් සිනවත්ගේ පාලනය පෙරළා දමනු ලැබීමෙන් පසු, රට තුළ වසංගතයක් වී පවතින අර්බුදකාරී තත්වය නිමාවකට ගෙන ඒමට නව ක්‍ෂමා පනත හේතු වන බවයි, තායිලන්ත ආණ්ඩුව පවසන්නේ. එහෙත් එම පනත දෝෂ දර්ශනයට ලක් කරන්නන් පෙන්වා දෙන්නේ, මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ට දඬුවම් ලැබීමෙන් වැළකීමට නව පනත මගින් මග සැලසෙන බවයි.
සත්ත්වෝද්‍යාන තුළ රඳවා සිටින පැන්ඩාවුන් අතුරින් වයස්ගතම පැන්ඩා ලෙස සැලකෙන 'ජියා ජියා' නමැති පැන්ඩා හොංකොං නුවර සත්ත්වෝද්‍යානයකදී මිය යයි.
මිය යන විට ඇයගේ වයස අවුරුදු තිස් අටකි මිය යන විට ඇයගේ වයස අවුරුදු තිස් අටකි. පසුගිය සති කීපය ඇතුළත ඇයගේ ශරීර සෞඛ්‍යය ඉතා ශීඝ්‍රයෙන් පිරිහුණු බවත් කෑම රුචිය හීන වී ගිය බවත් සත්ත්වෝද්‍යාන බලධාරීහු පවසති. ජියා ජියාගේ නිවහන වූ හොංකොංහි පිහිටි 'Ocean Park' සත්ත්වෝද්‍යානය විසින් ගිය වසරේ පැවති ඇයගේ තිස් හත් වන උපන්දිනය මහත් ඉහළින් සමරනු ලැබිණි. වනයේ වෙසෙන පැන්ඩාවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර විස්සක් පමණ වන අතර ගෘහස්ථව වෙසෙන පැන්ඩාවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර විසි පහක් පමණ වේ.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකොට සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම මගින් මිනීමැරීම පිළිබඳ සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බව තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය නිෂ්ප්‍රභ කරන බව ප්‍රකාශ කළේය.
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර ඒ අනුව සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේය.. මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේ අදාළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය දෝෂ සහිත බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සම් විභාගයක තීන්දුව දෙමිනි. සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකළ 'ජාතික තව්හිද් ජමාත් සංවිධානය' සහ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් වාර්තා 347 ක් මෙම සැකකරුවන් දෙදෙනා වෙත යොමු කර තිබූ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය දේශනයෙන් සඳහන් කර තිබූ බව සඳහන් කළේය. එයින් වාර්තා 131 ක් සැකකාර පොලිස්පතිවරයා වෙතත්, තවත් වාර්තා 97 ක් සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙතත් යොමු කර තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළ බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව මගින් පෙන්වා දෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ අදාළ සැකකරුවන් දෙදෙනාම නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු කළුආරච්චි, අදාළ වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් වන අවස්ථාවක මහේස්ත්‍රාත්වරයෙකුට පැවරෙන බලතල පිළිබඳව ද විස්තර කළේය. මහේස්ත්‍රාත් බලතල මහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් සඳහන් කළේ "මිනීමැරීම නැමති චෝදනාව යටතේ සැකකරුවකු ඉදිරිපත් කළ අවස්ථාවක ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් මුල් අවස්ථාවේදීම සැකකරුවකු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන" බවය. මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් ලඝු නොවන නඩු විභාගයක් පවත්වා එහිදී සාක්ෂි නොමැති බවට කරුණු අනාවරණය වන අවස්ථාවක එහි සැකකරු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන අතර, එම ලඝු නොවන නඩු විභාගයේ දී යම් සැකකරුවෙකුට එරෙහිව සාක්ෂි තිබෙන බවට කරුණු අනාවරණය වන්නේ නම් එම නඩු කටයුත්ත මහාධිකරණය හමුවේ තැබීමටද මහේස්ත්‍රාත්වරයෙකුට බලය තිබෙන බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේය. පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි ජනතාව වෙනුවෙන් පුදපූජා එහෙත් මෙම සිද්ධියේදී නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ මිනීමැරීමේ චෝදනා යටතේ සැකපිට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවක ඔවුන්ට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ඇප මත මුදා හරිමින් දුන් නියෝගය නීතියට පටහැනි බව මහාධිකරණ විනිසුරුවරයා ගේ තීන්දුව විණි. අදාළ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති නිසා සැකකරුවන් ඇප මත මුදා හරින බව ද මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන් සඳහන් කර ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු කලුආරච්චි, දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා එල්ල වන සැකකරුවකුට ඇප ලබා දීමට බලය පැවරී තිබෙන්නේ මහාධිකරණයට පමණක් බවත් මහේස්ත්‍රාත්වරයෙකුට එවැනි බලයක් නොමැති බවත් ප්‍රකාශ කළේය. සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරිය "නැති නීතිමය බලයක් නිර්මාණය කර ගනිමින් නීතිය ද අභිබවා ගොස්" එම නියෝගය දී ඇති බවත්, එය විනිසුරුවරයකු විසින් නොකළ යුතු නියෝගයක් බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය. මහේස්ත්‍රාත්වරියගේ ඇප නියෝගය බරපතළ නීතිමය දෝෂයන්ගෙන් සමන්විත බවත් ඒ හරහා නීතිය බරපතල ලෙස අපගමනය වීමක් සිදුවන හෙයින් එම නියෝගය ප්‍රතිශෝධනය කර ඇප නියෝගය ඉවත් කිරීමට තමන් තීන්දු කළ බවත් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ කීපදෙනෙක් ආරක්ෂක බලධාරීන් දෙදෙනෙක් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහාධිකරණ විනිසුරුවරයා, පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා තවත් රජයේ නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් පමණක් හඳුන්වා දීමට මහේස්ත්‍රාත්වරිය සිය නඩු තීන්දුවෙන් කටයුතු කර ඇති බව සඳහන් කළේය. එය පිළිගත නොහැකි කරුණක් බව පෙන්වාදුන් මහාධිකරණ විනිසුරු කළුආරච්චි ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා යනු ආරක්ෂක අංශයට අණදෙන ඉහළ පෙළේ නිලධාරින් දෙදෙනෙකු බව සඳහන් කරමින් ඔවුන් වෙත ආරක්ෂාව පිළිබඳව භාරධූර වගකීමක් පැවරී තිබෙන බව පෙන්වා දුන්නේය. එවැනි වාතාවරණයක් මත පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා තවත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු වශයෙන් හඳුන්වා දීම තුළින් මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ රාජකාරිය සැහැල්ලුවට ලක් කර ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවෙන් කියා සිටියේය. එල්ල වීමට නියමිත බිහිසුණු ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු ලැබුණු විගස පොලිස්පතිවරයා සිදුකිරීමට නියමිතව තිබුණේ වහාම පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර රට පුරා ප්‍රබල ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා, එහෙත් එවැන්නක් පොලිස්පතිවරයා විසින් නොකරන ලද බව පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය. ඒ වෙනුවට ඔහු සිදුකර තිබෙන්නේ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය තමන් යටතේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු වෙත යොමුකිරිම පමණක් බවද මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේය. පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය විභාග කළ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු ලැබී තිබියදී සිංහල අවුරුදු සමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තුන්දෙනෙකුට නිවාඩු ලබාදීමට සැකකාර පොලිස්පතිවරයා කටයුතු කිරීමද මෙහිදී විනිසුරුවරයා සිය තීන්දුව මගින් සිහිපත් කළේය. සැකකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ද මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා සාධනීය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පෙනී යන්නේ යැයි විනිසුරුවරයා සඳහන් කළේය. "මහාධිකරණයටත් නැති බලයක්" ඒ අනුව ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ අනුව එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මෙම සැකකරුවන් දෙදෙනා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර තිබෙන බවට සහ ඒ තුළින් ඔවුන් මිනී මැරීම නමැති වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් එළැඹ තිබෙන නිගමනය නීත්‍යානුකූල සහ යුක්ති සහගත නිගමනයක් බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය. මෙවැනි තත්ත්වයක් යටතේ අඩක් පමණක් අවසන් වූ පරීක්ෂණයක ඉදිරිපත් වූ වාර්තා කිහිපයක් සහ ලේඛන කිහිපයක් පදනම් කර ගනිමින් මිනීමැරීමේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා, මෙවැනි නියෝගයක් ප්‍රකාශ කිරීමට මහාධිකරණ විනිසුරුවරයෙකුට පවා හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය. සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පෙර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ගැටලු සහගත බව මහේස්ත්‍රාත්වරිය විසින් සිය ඇප නියෝගයේ සඳහන් කර තිබුණද සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශ සටහන් කළ යුතු බවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව මහාධිකරණ විනිසුරුවරයා පැවසීය. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් ඉකුත් ජුලි මස 09 වනදා දෙන ලද ප්‍රශ්නගත ඇප නියෝගය බරපතළ දෝෂයන්ගෙන් සමන්විත නියෝගයක් බැවින් එය නිෂ්ප්‍රභ කරන බව විනිසුරු විකුම් කළුආරච්චි මහතා කියා සිටියේය. ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා ලෙස මහධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි නියෝග කළේය. ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර භාරයට පත් කරන ලදුව පසුවකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයේ නියෝගය පරිදි සැකකරුවන් දෙදෙනා ලබන 23 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය. කියවන්න;
එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අඟහරුවාදා පැවැත්වුණු පුහුණු තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම ලකුණු 22 ක ජයග්‍රහණයක් අත් කර ගත්තේය.
තරඟයේ ජයග්‍රාහකයා තීරණය කෙරුනේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මගින් තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කෙරුනේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මගින්. මුලින්ම පන්දුවට පහර දුන් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් ලකුණු 71 ක් රැස් කළ අතර, බෙන් ෆෝක්ස් ලකුණු 51 ක් රැස් කිරීමට සමත් විය. ඉන් අනතුරුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ඕවර 21 ක් තුල ලකුණු 169 ක් රැස් කළ යුතුව තිබූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නමයක් දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 146ක් පමණයි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින්. ඒ ලකුණු 31 ක්. ලබන අඟහරුවාදා එංගලන්තයට එරෙහිව තරඟ වැදීමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්ට් සහ සසෙක්ස් කණ්ඩායම්වලට එරෙහිව තවත් පුහුණු තරඟ දෙකකට සහභාගී වීමට නියමිතයි.
තායිලන්තයේ ආණ්ඩු විරෝධීන් නව උද්ඝෝෂණ ආරම්භ කිරීමට ප්‍රථම ප්‍රකාශයක් කරන ප්‍රධාන විරුද්ධ පක්ෂය, තම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළේය.
ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වී ඇති බව විරුද්ධ පක්ෂය පවසයි ආණ්ඩුවේ සුජාතභාවය අහිමි වී ඇති හෙයින් තම පක්ෂයේ සාමාජිකයන්ට තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අයිතියක් නැති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. වරෙක ප්‍රචණ්ඩ බවට පත් වුනු, සති දෙකක් මුළුල්ලේ පැවති උද්ඝෝෂණවලින් අනතුරුව "අවසාන සටන" ලෙසින් ඔවුන් විග්‍රහ කරන දේ වෙනුවෙන් හෙට යලිත් වීදියට බසින බවයි විපක්ෂයට සම්බන්ධ උද්ඝෝෂකයන් පවසන්නේ. තායිලන්තයේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කරන අගමැති යින්ලුක් ෂිනවත්, සියලු පාර්ශව එකඟ වන්නේ නම් මහ මැතිවරණයක් පැවැත්වීමටද තමන් සූදානම් බව සඳහන් කළාය.
තවත් ජනාධිපතිවරණයකට යාමට පෙර ඉටු කිරීම සඳහා තම පක්‍ෂය ආණ්ඩුවට ඉදිරිපත් කර තිබුණ යෝජනා සම්පූර්ණ නොවූ තත්වයක් යටතේ ‘දෙන්නම් කාසි වලට වැඩ කළ නොහැකි බව’ සිය පක්ෂ සම්මේලනයේ දී කියා සිටියේ පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක් වූ හිටපු නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල බව ජාතික හෙළ උරුමය කියා සිටියි.
උදය ගම්මන්පිල ජාතික හෙළ උරුමය නියෝජ්‍ය ලේකම් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පක්ෂයෙන් ඉවත් වෙමින් ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දෙන්නේ, 2005 සහ 2010 වසරවල මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කෙරුණ සිය යෝජනා 2014 වසරේ දීත් තවත් මැතිවරණ පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කරනු ලැබීම කිසිසේත් ම පිළිගත නොහැකි වූ හෙයින් තම පක්ෂය දේශපාලන පියවරක් ගත් බවයි. ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දීමට ඉදිරිපත්ව සිටින උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක දී කියා සිටියේ ‘ප්‍රතිපත්තිමය කරුණු මත’ එම තීරණය ගත් බවයි. ‘දෙන්නම් කාසි එපා’ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහපාලනය ගැන ප්‍රශ්න පවතින නමුත් පොදු විපක්ෂයක් එක්ක එකතු වීමෙන් රටට විනාශයක් වුණොත් එහි කොටස් කාරයකු වීමට තමාට නොහැකි හෙයින් ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහයෝගය දීමට තමා තීරණය කළ බවයි ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ දී කියා සිටියේ. එහෙත් හෙළ උරුමය විසින් ගනු ලැබ ඇති දේශපාලන තීන්දුවත් සමඟ ඔහු දිගටම ක්‍රියාත්මක වූ බවයි මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දෙන්නේ. උදය ගම්මන්පිල විසින් ගනු ලැබුණ තීරණය කවර හේතුවක් මත ගනු ලැබූ එකක්දැයි තම පක්ෂය නොදන්නා බව කියා සිටින එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ඉවත්ව ගිය පක්ෂ සාමාජිකයාගේ තීරණය අවසාන වශයෙන් යුක්ති යුක්ත කරනු ලබන්නේ මහජනතාව විසින් බවත් කියා සිටියි.
HIV ආසාදිතයන් වීම නිසා තමන්ට ගුවන් යානයකට ඇතුල් වීමට ඉඩ නොදුන් චීන ගුවන් සමාගමකට එරෙහිව ගුවන් මගීන් දෙදෙනෙක් එම සමාගමට එරෙහිව නඩු පවරා ඇත.
එම මගීන් දෙදෙනා ‘ෂෙන්යෑන්’ නගරයෙන් ‘ස්ප්‍රින්’ (Spring Airlines) ගුවන් සමාගමේ යානයකට ඇතුල්වීමට බලාපොරොත්තුව සිටියත් ගුවන් සමාගම ඔවුන් දෙදෙනා ගේ ගුවන් ගමන් බලපත් අවලංගු කරනු ලැබ තිබුණ බවයි, වාර්තා වන්නේ. එය තමන්ට එරෙහිව සිදු කරන ලද ‘වෙනස් කම් කිරීමක්’යයි චෝදනා කරන HIV ආසාදිතයන් දෙදෙනා ඩොලර් අට දහසක වන්දියක් ද සමාව අයැද සිටීමක් ද ගුවන් සමාගමෙන් ඉල්ලා සිටිති. ‘ෂෙන්යෑන්’ නගරයේ උසාවියක් ඔවුන්ගේ පැමිණිල්ල භාර ගෙන ඇති අතර චීන ඉතිහාසයේ එවැනි විභාගයක් ආරම්භ කෙරෙන පළමු අවස්ථාව මෙයයි. HIV ආසාදිතයන්ට සහ ඒඩ්ස් රෝගීන්ට එරෙහිව සිදු කෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් රට තුල පවතින දීර්ඝ ඉතිහාසයේ වෙනසක් ඇති කිරීමෙහි ලා තමන් පියවර ගත් බවයි, චීන නිලධාරීන් පවසන්නේ.
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නය දේශපාලන අරමුණකින් කෙරෙන්නක් බවට සාධාරණ සැකයක් මතුවන බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනය පවසයි.
'මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට වෙන්නේ මොකක්ද කියල අපි අවධානයෙන් බලා ඉන්නවා' ජගත් සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. "අපි දන්න විදියට ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරිය අතර සම්බන්ධතා බිඳ වැටිලා තියෙන්නේ. අගවිනිසුරුවරියගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව ඔහුගේ මූල්‍ය කටයුතු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන්න පුළුවන් බව අපි දන්නවා නමුත් ඒක සහ අගවිනිසුරුවරිය අතර කිසිම සම්බන්ධයක් නෑ," ආදිපාදවරිය සඳහන් කළාය. "අගවිනිසුරුවරියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන්න යන්නේ මොන චෝදනා මතද කියල අපිට තවම පැහැදිලි නෑ. නමුත් විශේෂයෙන්ම මේ දිනවල අධිකරණයේ ක්‍රියාකාරිත්වය හමුවේ දෝෂාභියෝගයක් ගෙන ඒම දේශපාලන අරමුණකින් සිදුවන්නක් කියන අදහස මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අධිකරණය කරන දේට ආණ්ඩුව කැමති නෑ ඒ නිසා අගවිනිසුරුවරිය ඉවත් කරන්න හදනවා කියන අදහස," යනුවෙන්ද බ්‍රිතාන්‍ය අධිකරණයේ රාජ නීතිඥවරියකද වන ආදිපාදවරිය සඳහන් කළාය.
ඡන්ද පොළේ ඡන්දය භාවිතා කිරීමේ දී, හෝ ඡන්ද ගණන් කිරීමේ දී ඡන්දයේ ප්‍රතිඵල වෙනස් කිරීමට හැකි ආකාරයේ මහා පරිමාණයේ දුෂණ සිදුවන බවට යමෙක් ඔප්පු කළ හොත් විශ්‍රාම වැටුප ද නො ගෙන ඉවත් වීමට මැතිවරණ කටයුතු දෙපාර්තමේන්තු සේවකයන් සුදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.
මැතිවරණ දුෂණ සිදුවීමට කිසිදු ඉඩක් නැති බවයි කොමසාරිස්වරයා පවසන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී මැතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැකි එවැනි දුෂණයක් සිදු නොවන බවට සහතිකයක් දීම සඳහාය ඔහු මේ බව ප්‍රකාශ කළේ. “සුළු එකතුකිරීමේ දෝෂයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අටසිය හතලිස් එකක් පාවිච්චි කරපු චන්ද පොලේ එස්පීඕ ගේ රිපෝර්ට් එකේ තියෙන්න පුළුවන් අටසිය අනු එකක් පාවිච්චි කලයි කියල. අපි අටසිය අනු එකයි කියල ලියල තිබුණට අරගොල්ලන් ගේ ටැලි වලින් පේනව (ඒජන්ට් ලගේ), අටසිය අනු එකක් නොවෙයි අටසිය හතලිස් එකයි කියල. එතකොට ආපසු ගණන් කරන්න කියල ඒ ගොල්ල කියනව” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය. 'පෙට්ටි මාරු කරන්න බැහැ' ඡන්ද පෙට්ටි බස් රථ තුල දී මාරු කිරීම කළ හැකි යැයි නැගෙන චෝදනාවට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේ අළුතින්ම භාවිතයට හඳුන්වා දුන් අංක හා මුද්‍රා දැමීමේ ක්‍රමයට අනුව පෙට්ටි මාරු කිරීමක් කිසිසේත් කළ නොහැකි බවයි. “අපි චන්ද පොළට සීල් තුනක් යවනව. උදේට රැන්ඩම් විදියටයි ඒවායින් එකක් තෝරා ගන්නෙ” යනුවෙන් රැගෙන ඇති ආරක්ෂාකාරී පියවරවල ඇති විශ්වසනීයත්වය පිලිබඳවද ඔහු පැහැදිලි කළේය. හින්දි චිත්‍රපට වල පෙන්වන “බුත් කැප්චරින්” යන වචනයෙන් හැඳින්වෙන චන්ද මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම වැනි දේ ඉන්දියාවේ සිදු වුවද ලංකාවේ සිදු නොවන බවයි මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රකාශ කළේ. අතීතයේ එවැනි දේ ලංකාවේ සිදු වූ අවස්ථා තිබුණ ද අර්ජුණ පරාක්‍රම සහ අධිකාරී එගොඩවෙල යන අය විසින් අධිකරණයේ ගොණු කළ නඩු වලට ලැබුණු අධිකරණ තීන්දුවලින් පසු එවැනි දේ සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 'යුරෝපා සංගමය පක්ෂග්‍රාහී ලු' විදේශීය මැතිවරණ නිරීක්ෂකයන් ගෙන ඒමට ඇතැම් තරඟ කරුවන් අකමැත්ත පළ කිරීම පිළිබඳ ව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ යුරෝපා සංගමයෙන් නිරීක්ෂකයන් පැමිණීමට ඇතැමුන් විරෝධය පලකොට ඇත්තේ යුරෝපා සංගමය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට ඇති මතය නිසා බවයි. “කොමන්වෙල්ත් එකෙන් ගෙන්න මම කවුරුන් ගෙන් වත් අහන්න ඕන නැහැ. මොකද කොමන්වෙල්ත් එකේ අපේ රට මෙම්බර් කෙනෙක් නිසා. එත් අපි ඊයු (EU) එකේ මෙම්බර් කෙනෙක් නොවෙයි. ඒ නිසා අපේ ට්‍රැඩිෂන් එක තමයි ඊයු එකට ආරාධනා කරනවා නම් තරඟ කරන පක්ෂවල අපේක්ෂකයන් ගේ අනුමැතිය ලබා ගැනීම” යනුවෙන් තීරණය පිලිබඳ විස්තර කළේය.
ග්‍රීසියට අයත් ලෙස්බොස් දූපතේ පිහිටා ඇති 'මොරියා කඳවුරේ නිරන්තරයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු වන අතර, එහි සිටිය යුතු ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ජීවත් වෙනු දැකිය හැකිය. මෙම කඳවුර ඉතා අපිරිසිදු තත්වයේ තිබෙන අතර, අවුරුදු 10ක් තරම් වූ කුඩා දරුවන් පවා සියදිවිහානි කර ගැනීමට උත්සාහ කරන බව එක් පුණ්‍යායතනයක් පැවසීය. බීබීසී වැඩසටහනක් වන 'The Victoria Derbyshire' හි නිෂ්පාදන කණ්ඩායමකට මෙම කඳවුර ඇතුළට පිවිසීමේ විරල අවස්ථාව හිමි විය.
"ප්‍රචණ්ඩත්වය කොයිතරම්ද කියනවනම් අපේ දරුවන් නිදා ගන්නෙත් නැහැ." "අපි හැම වෙලාවේම මෙතනින් පැනල යන්න සූදානමින් ඉන්නේ. අපේ දරුවන්වත් පැය 24ම සූදානම් කරලා තියෙන්නේ" යැයි ඇෆ්ගනිස්තාන ජාතික සාරා ඛාන් පැවසීය. "ප්‍රචණ්ඩත්වය කොයිතරම්ද කියනවනම් අපේ දරුවන් නිදා ගන්නෙත් නැහැ." කඳවුර තුළ ආහාර ලබා ගන්න දවස පුරා පෝලිම්වල සිටින ආකාරය සහ නිරන්තරයෙන් ඇතිවන ගැටුම් උග්‍ර වන අවස්ථාවල, රාත්‍රියේදී පවා ඉවතට දිව යෑමට සූදානමින් සිටීම ගැන සාරා ඛාන් විස්තර කළාය. කඳවුර තුළ තත්වය ඉතා දරුණු හෙයින් පුණ්‍යායතන මෙය හැරගොස් තිබේ. කඳවුර තුළ දැඩි දුර්ගන්ධයක් පැතිරී ගොස් ඇති අතර, 70කට ආසන්න පිරිසක් එක් වැසිකිළියක් භාවිත කරන බව Medecins Sans Frontieres (MSF) නම් වෛද්‍ය පුණ්‍යායතනය පවසයි. ජීවත් වීම සඳහා නිල වශයෙන් භූමි ප්‍රමාණයක් නොමැති පුද්ගලයන් ඉටි රෙදි අටවාගෙන ජීවත් වනු දැකිය හැකිය සමහර පුද්ගලයන් ජීවත් වන්නේ ජංගම කුටිවලය. තවත් විශාල පිරිසක් එකිනෙකා තෙරපෙමින් කූඩාරම්වල ජීවත් වෙති. ජීවත් වීම සඳහා නිල වශයෙන් භූමි ප්‍රමාණයක් නොමැති පුද්ගලයන් ඉටි රෙදි අටවාගෙන ජීවත් වනු දැකිය හැකිය. මෙම කඳවුර ක්‍රමයෙන් අවට ප්‍රදේශය තුළ පැතිරී යමින් තිබේ. එක් කැන්වස් රෙද්දකින් තැනූ කූඩාරමක් තුළ පවුල් හතරකට අයත් 17 දෙනෙක් ජීවත් වෙති. පුද්ගලයන් 2000කට ආසන්න ප්‍රමාණයක් රැඳවිය හැකි මොරියා කඳවුර තුළ මේ වන විට 8000 ට වැඩි ප්‍රමාණයක් තෙරපෙමින් ජීවත් වෙමින් සිටිති. දින 12 ක් වයසැති සිය දියණිය සමග ජීවත් වන කූඩාරම් පොලවේ අසූචි තිබෙන ආකාරය ගැන එක් මවක් විස්තර කළාය. කඳවුර තුළ දැඩි ප්‍රචණ්ඩත්වයක් දැකිය හැකිය. පසුගිය මැයි මාසයේ දී කඳවුර තුළ සිටින අරාබි සහ කුර්දි ජාතිකයන් අතර ඇති වූ විශාල ගැටුමකින් පසු සිය ගණනක් කුර්දි ජාතිකයෝ කඳවුරෙන් පළා ගියහ. "එය හරියට සිරියාවේ යුද්ධය වගේ. සමහරවිට ඊටත් වඩා අප්‍රසන්නයි" "අපි එතනට ගිය පසු දැනගන්න ලැබුණා නිකායවාදය සහ ජාතිවාදය තිබෙන බව. සමහර විට එය සුන්නි සහ ෂියා මුස්ලිම් අතර, නැත්නම් කුර්දි, අරාබි හෝ ඇෆ්ගනිස්තාන ජාතිකයන් අතර" යැයි අලි සිය පවුල සමග ප්‍රථමයෙන් මොරියා කඳවුරට ගිය අවස්ථාව විස්තර කළේය. ඔහු මේ වන විට කඳවුර අත්හැර ගොස් සිටී. සිරියාවේ විප්ලව කණ්ඩායම් ද මෙම සරණාගත කඳවුර තුළට පැමිණ ඇති බව ඔහු පැවසීය. "එය හරියට සිරියාවේ යුද්ධය වගේ. සමහරවිට ඊටත් වඩා අප්‍රසන්නයි. එහි සිදුවන කාන්තාවන් දුෂණය කිරීම් මෙන්ම ලිංගික හිංසා ගැන ද අසා තිබෙනවා," ඔහු පැවසුවේය. බීබීසී කණ්ඩායම මොරියා කඳවුර තුළ පටිගත කිරීම්වල යෙදෙන අතරතුර පවා දහවල් ආහාරය ලබා ගැනීම සඳහා වූ පෝලිමේ සිටි පිරිසක් අතර ගැටුමක් ඇති විය. එහිදී දෙදෙනෙකුට පිහි ඇනුම් තුවාල සිදුවූ අතර, අනෙක් පිරිස එම සිද්ධිය දැකීමෙන් භීතියට පත්වී සිටියහ. MSF ආයතනයට අනුබද්ධ වෛද්‍ය සේවා සපයන කූඩාරම කඳවුර අසළ ස්ථාපනය කර ඇත. කඳවුර ඇතුළත පවතින තත්ත්වයට විරෝධය පෑමක් ලෙස මෙම වෛද්‍ය පුණ්‍යායතනය වරක් එයින් ඉවත් විය. නමුත් එහි තත්ත්වය තවත් දරුණු අතට හැරීමත් සමග ඔවුහු නැවතත් කඳවුරු ගේට්ටුව අසල සිය සායනය පවත්වාගෙන යෑමට කටයුතු කරති. මෙහි ඇති අපිරිසිදු වටපිටාව නිසා කුඩා දරුවන්ට සමේ රෝග වැළදී ඇත. එමෙන්ම, ගැටුම් නැවත්වීම සඳහා පොලිසිය නිරන්තරයෙන් එල්ල කරන කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඔවුහු ශ්වසන රෝගවලින් ද පීඩා විඳිති. තවත් බොහෝ පිරිසක් මානසික රෝගවලට ගොදුරු වී ඇත. "මෙම දරුවන් හැකිතාක් ඉක්මනින් ඇතන්ස් නගරයට රැගෙන යන්න කියා අපි බල කරනවා. නමුත් එය සිදුවන්නේ නැහැ" අවුරුදු 10 ක පමණ කුඩා දරුවන් සියදිවිනසා ගැනීමට තැත් කළ අවස්ථා තිබූ බව කඳවුරේ සේවකයෝ පවසති. "ඒ වගේ දේවල් අපි නිතරම දකිනවා" යැයි MSF ආයතනයේ ලෙස්බොස් දූපත් සම්බන්ධීකාරක ලූකා ෆොන්ටානා පැවසීය. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමට (UNHCR) සහ ග්‍රීසියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳ දැන්වීමට ඔවුන් කටයුතු කර තිබේ. "මෙම දරුවන් හැකිතාක් ඉක්මණින් ඇතන්ස් නගරයට රැගෙන යන්න කියා අපි බල කරනවා. නමුත් එය සිදුවන්නේ නැහැ. දරුවෝ තවමත් කඳවුර තුළ සිටිනවා." සරණාගතයින් වෙනත් ස්ථානයකට මාරු කර යවන තුරු තාවකාලික රැඳවුම් ස්ථානයක් ලෙස මෙම කඳවුර 2015 දී පිහිටුවා තිබේ. කෙසේවෙතත්, සමහර පුද්ගලයන් වසර ගණනාවක් මෙම ස්ථානයේ ජීවත් වෙමින් සිටිති. ලෝකය පුරා ගැටුම් පවතින ප්‍රදේශවල රැකියාව කර ඇති MSF ආයතනයේ ලූකා ෆොන්ටානා පැවසුවේ ඔහුගේ ජීවිත කාලය තුළ දැක ඇති නරකම ස්ථානය මෙම කඳවුර බවය මෙය පාලනය කරනු ලබන්නේ ග්‍රීසියේ රජය විසිනි. ඔවුන් යුරෝපා සංගමයේ "ඉවසීමේ" ප්‍රතිපත්තිය අනුගමනය කිරීම මෙම කඳවුර පුද්ගලයන්ගෙන් පිරී ඉතිරී යෑමට හේතුවකි. මෙම රැඳවියන් ග්‍රීසියේ ප්‍රධාන භූමියට මාරු නොකර දූපතක රඳවා තැබීමට ද කටයුතු කර තිබේ. මෙය, යුරෝපා සංගමය සහ තුර්කිය අතර ඇතිවූ ගිවිසුමේ එක් අංගයකි. 2016 වසරේ සිට ක්‍රියාත්මක වන එම ගිවිසුමට අනුව දහස් ගණනක් සරණාගතයින් තුර්කියට හරවා යැවීම අරමුණ වී ඇත. කෙසේනමුත්, ගිවිසුම ක්‍රියාත්මක වූ දින සිට 2018 දක්වා මුහුදු මගින් ග්‍රීසියට අලුතින් පැමිණි සරණාගතයන් සංඛ්‍යාව 71,645 ක් වන අතර, තුර්කියට නැවත යවා ඇත්තේ 2,224 ක් පමණක් බව යුරෝපා සංගම් දත්ත අනුව පෙනී යයි. කඳවුර තුළ තත්වය ඉතා දරුණු හෙයින් පුණ්‍යායතන මෙය හැරගොස් තිබේ කඳවුර තුළ තත්වය ඉතා නරක බව පිළිගන්නා අතර, මේ ගැන දෝෂාරෝපණ එල්ල කළ යුත්තේ ග්‍රීසියට නොව යුරෝපා සංගමයට යැයි මොරියා කඳවුරේ රජයේ මාධ්‍ය නියෝජිතයා වන George Matthaiou පැවසීය. "අපිට මුදල් නැහැ. ආර්ථික වශයෙන් ග්‍රීසියේ තත්වය ගැන ඔබ දන්නවා," ඔහු පැවසුවේය. "මට ඔවුන්ට උදව් කරන්න අවශ්‍ය වුණත්, ඒක කරන්න බැහැ. එයට හේතුව, යුරෝපා සංගමය මායිම් වසා දමා තිබීමයි." ලෝකය පුරා ගැටුම් පවතින ප්‍රදේශවල රැකියාව කර ඇති MSF ආයතනයේ ලූකා ෆොන්ටානා පැවසුවේ ඔහුගේ ජීවිත කාලය තුළ දැක ඇති දරුණුතම ස්ථානය මෙම කඳවුර බවය. බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය පැතිරී යන කාලය තුළ ඔහු එහි සේවය කර ඇති අතර, "මේ කඳවුරේ තරම් මිනිසුන් දිනපතා විඳවනවා මම කවදාවත් දැකලා තිබුණේ නැහැ" යැයි පැවසීය. "ඉබෝලා වෛරසය ශරීරගත වුණ අයටත් ජීවත් වීමට බලාපොරොත්තුවක් තිබුණා. ඒ පුද්ගලයන්ට සිය පවුලේ සහය ලැබුණා, සමාජයෙන්, ගමෙන් සහ ඥාතීන් උදව් කළා. නමුත් මේ කඳවුරේ සිටින මිනිස්සුන්ගේ බලාපොරොත්තු ක්‍රමවේදය විසින් නැති කර දමා තිබෙන්නේ." මේ තොරතුරුද කියවන්න:
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති දශක තුනකට ආසන්න කාලය තුල ශ්‍රී ලංකාවාසී සියලුම ජාතීන්ට එරෙහිව සිදු කෙරුණු සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයා බලන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය පවසයි.
'අමාත්‍ය කරුණා නැගෙනහිර එල්ටීටීඊ නායකයා වූ සමයේ කළ අපරාධ පිළිබඳවත් සොයා බලන්න' නවී පිල්ලේ ගේ නියෝජිත රෝරි මුන්ගවන් එම ප්‍රතිඥාව දුන්නේ, යුද්ධයේ අවසාන වසර කිහිපයේ දී පමණක් නොව සමස්ත යුද්ධයේදීම සිදු වූ අපරාධ පිළිබඳව සොයා බලන මෙන් ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එකමුතුව ඇයගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී. විශේෂයෙන්ම කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් නැගෙනහිර එල්ටීටීඊ නායකයා වූ සමයේ බෞද්ධ භික්ෂුන් වහන්සේ මරා දැමීම, දරුවන් පැහැර ගැනීම ඇතුළු අපරාධ පිළිබඳව සොයාබලන මෙන් ත්‍රිකුණාමලය නගරයට රැස් වී සිටි සිය ගණනක් උද්ඝෝෂකයෝ මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා සිටියහ. නියෝජ්‍ය අමාත්‍ය කරුණා එල්ටීටීඊ නායකයාව සිටි සමයේ එල්ටීටීඊය විසින් පැහැර ගන්නා ලද බව පැවසෙන දරුවන්ගේ මවුවරුද අතුරුදහන් දරුවන්ගේ ඡායාරූපද අතැතිව උද්ඝෝෂණයට එක් වී සිටියහ. විශේෂයෙන්ම අරන්තලාව භික්ෂු ඝාතනය සහ දිමුලාගල විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඝාතනය කිරීම ඇතුළු අපරාධ පිළිබඳව ද සොයා බලන මෙන් මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා සිටින පුවරු විරෝධතාකරුවන් අත තිබුණු බව මාධ්‍යවේදී ආර්ජී ධර්මදාස වාර්තා කරයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් නියෝජනය කරන ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන් අනුර බණ්ඩාර සිය ඉල්ලීම් ඇතුලත් පෙත්සමක් මහ කොමසාරිස්වරියට භාර දුන්නේය.
උතුරේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් එය ඊලාම් සැලස්මේ දෙවැනි ආරම්භය බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කරයි.
එසේම උතුරු හා නැගෙනහිර පළාත් සභා එකාබද්ධ කිරීමේ ප්‍රවනතාවක් එමගින් උද්ගතවනු ඇතැයිද විමල් වීරවංස අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් අමතමින් තවදුරත් ප්‍රකාශ කළේය. උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එදා එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටි දෙමල ජාතික සන්ධානය බොහෝ දුරට ජය ගැනීමට ඉඩ කඩ ඇති බවත් හෙතෙම පැවසුවේය. දහ තුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලත් ඉඩම් හා පොලිස් බලතල යලි සංශෝධනය කොට එම බලතල ලඝු කළ යුතු බව පැවසූ විමල් වීරවංස අමාත්‍යවරයා අඩු වශයෙන් එවැනි පියවරකින් හෝ තොරව උතුර පළාත් සභා මැතිවරණය නොපැවැත්විය යුතු බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ ගනුදෙනු ඉදිරි වසර කීපය තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
වියට්නාමයේ තෙදින නිල සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එරට අගමැති නුයන් ස්වන් ෆුක් අතර අද (අප්‍රේල් 17) ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. වෙළඳ ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍ර ද ප්‍රවර්ධනය කිරීම සඳහා පදනම සැකසීමට එහිදී එකඟත්වය පළ වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ 1970 වසරේදීය. වියට්නාම වාණිජ මණ්ඩලයේ වාර්තාවලට අනුව දෙරටේ වෙළඳාම 2015 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 192 ක් වන අතර 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 325.6 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර වියට්නාම නිල සංචාරය අවසන් කර, 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට නියමිතව තිබුණ ද, මීතොටමුලලේ සිදුවූ ඛේදවාචකය හේතුවෙන් සිය සංචාරය කෙටි කොට කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණීමට අග්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සිය මව ඝාතනය කළ පුද්ගලයාට කුමක් කිව යුතුද? ඔවුන්ට සමාව දිය හැකිද?. දූපතක පිහිටි ඉන්දුනීසියානු බන්ධනාගාරයකට පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ගිය ගමනේ දී 17 හැවිරිදි සේරා සල්සබිලා හට මෙවැනි ගැටලු රැසක් පැන නැගිණි.
(බීබීසී ලෝක සේවයේ රෙබෙකා හෙන්ෂ්කි සහ එන්ඩැං නුර්දීන් සකස්කළ ලිපියක් ඇසුරිණි) සාරා ජකර්තාහි පිහිටි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය පසුකරමින් ඉවාන් සෙටියාවන් සිය යතුරුපැදිය ධාවනය කරමින් සිටියේය. නමුත් ඔහුගේ මනස තිබුණේ ඔහුව තදින් අල්ලාගෙන යතුරුපැදිය පසුපස අසුනේ හිඳ සිටින සිටි ගර්භණී බිරිඳ කෙරෙහිය. සති කිහිපයකින් දෙවෙනි දරුවා බිහිවීමට නියමිතව තිබූ අතර, අදාළ පරීක්ෂණ සඳහා ඔවුහු රෝහලට යමින් සිටියහ. "හදිසියේම ඇදහිය නොහැකි තරම් විශාල ශබ්දයක් ඇසුණා, ඒ එක්කම අපි අහසට විසිවුණා," ඔහු පැවසීය. සාරා සහ ඇයගේ මව හලීලා එය ඉන්දුනීසියානු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන 'ජෙමා ඉස්ලාමියා' එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව බොහෝ කලක් ගතවන තුරු ඉවාන් දැන සිටියේ නැත. 2002 වසරේ දී 202ක් මියගිය ඉන්දුනීසියාවේ බාලි බෝම්බ ප්‍රහාරය ඇතුළු තවත් ප්‍රහාර මාලාවකට මෙම සටන්කාමී කණ්ඩායම සම්බන්ධය. "මම ලේ දුටුවා. මහ ලේ ගොඩක්. යකඩ කෑලි පියාඹලා ඇවිත් මගේ ඇහැකට වැදිලා එය විනාශ වුණා." ඔහුගේ බිරිඳ යතුරුපැදියෙන් මීටර් ගණනක් ඉවතට විසිවී බිම පතිත වී සිටියාය. දැඩි කම්පනයට පත් වූ දෙදෙනාම රෝහල් ගත කර ඇති අතර, දරුණු තුවාල ලැබූ හලීලා සෙරෝජා ඩොව්ලේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් කර තිබිණි. "ප්‍රසූත වේදනාව ඇති වීම නිසා ඇයව ශල්‍යාගාරයට ගෙන ගියා. නමුත්, අල්ලාහ්ට ප්‍රශංසා වේවා, කෙසේ හෝ ඇය ස්වාභාවිකව දරුවා බිහි කළා," යැයි ඉවාන් පවසයි. 'රිස්ඛි' එදින රාත්‍රියේ දී උපත ලැබීය. ඔහුගේ නමේ තේරුම "ආශීර්වාදය" යන්නය. ඉවාන් සහ රිස්ඛි ඉවාන් සහ හලීලාගේ පළමු දරුවා වන සාරා කඳුළු සලමින් පැවසුවේ, "මගේ අම්මා ඇදහිය නොහැකි තරම් ශක්තිමත්" බවය. "ඇයගේ ඇටකටු කැඩී ගියත් ඇයට ස්වාභාවික ලෙස මගේ සහෝදරයා බිහි කිරීමට හැකි වුණා. , මගේ අම්මා.. ඇය ඇදහිය නොහැකි තරම් ශක්තිමත්." නමුත් හලීලාගේ තුවාල කිසි දිනෙක සුව නොවූ අතර, වසර දෙකකට පසු සාරාගේ පස්වන උපන්දිනය දා ඇය මිය ගියාය. "මගේ හොඳම මිතුරා, මගේ ආත්මය බෙදාගත් සහකාරිය, මාව සම්පුර්ණ කළ පුද්ගලයා මට අහිමි වුණා. ඒ ගැන කතා කිරීමත් ඉතා වේදනාකාරියි," ඉවාන් කඳුළු සලමින් පැවසීය. මුලදී ඔහු පළිගැනීමේ චේතනාවෙන් පිරී සිටියේය. ඉවාන් සහ හලීලා විවාහ වූ දින "මට අවශ්‍ය වුණේ දිවි ගලවා ගත් බෝම්බකරුවන් මියයෑමයි. නමුත් ඔවුන් ඉක්මණින් මියයනවාටත් මම කැමති වුණේ නැහැ" ඔහු පවසයි. "මට අවශ්‍ය වුණේ ඔවුන්ව මුලින්ම වධහිංසාවට ලක් කිරීමයි. ඊට පසු මට අවශ්‍ය වුණේ ඔවුන්ගේ සම කපා තුවාල වලට ලුණු දැමීමයි. එවිට ඔවුන්ගේ බෝම්බ ඇති කළ ශාරීරික සහ මානසිකව වේදනාව ගැන දැනෙයි. දැන් මගේ දරුවන් සහ මම ජීවත් වෙන්න මහත් වෙහෙසක් දරනවා." එය 2019 ඔක්තෝබර් මසය. 2004 වසරේ දී ඉන්දුනීසියාවේ පිහිටි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ බෝම්බ ප්‍රහාරයෙන් වසර පහළොවක් ගත වී ඇති අතර, හලීලාගේ මරණය සිදු වී වසර 13කි. රිස්ඛි දැන් කණිෂ්ඨ උසස් පාසලේ ඉගෙනුම ලබන අතර සාරාගේ පාසල් කාලය අවසන් වීමට ආසන්නය. ජාවා වෙරළට ඔබ්බෙන් වනාන්තරයෙන් වැසී ඇති 'නුසකම්බන්ගන්' දූපතේ පිහිටි ඉන්දුනීසියාවේ අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත යෑම සඳහා ඉවාන් සමඟ අපි බෝට්ටුවකින් පටු සමුද්‍ර සන්ධියක් පසුකරමින් සිටියෙමු. "ඔවුන් එය සිදු කළේ ඇයි? මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එයයි." අපි මරණීය දණ්ඩනය නියම වූ දෙදෙනෙකු හමුවීමට යන්නෙමු. දරුවන්ට මව සහ ඉවාන්ට බිරිඳ අහිමි කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එම සිරකරුවන් දෙදෙනාම වැරදිකරුවෝ වූහ. "මගේ හදවත වේගයෙන් ගැහෙනවා, මට හැඟීම්බර බවක් දැනෙනවා. මගේ මනසේ සිදුවන දේ පැහැදිලි කරන්න මට වචන නැහැ," සිහින් වැහි පොද වැටෙන අතර වරායේ සිටගෙන සිටි ඉවාන් පැවසීය. "මම හිතනවා මේ ගමන නිසා බෝම්බකරුවන් හදවත් විවෘත කරයි කියලා." පුද්ගලයන් අන්තගාමී අදහස්වලින් විනිර්මුක්ත කිරීම සඳහා ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන සුවිශේෂ වැඩසටහනකට අනුව සටන්කාමීන් සහ ඔවුන්ගේ වින්දිතයින් අතර හමුවීම් පවත්වයි. ඒ අනුව, ඉවාන් මීට පෙර ද අදාළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු හමුවී ඇත. නමුත් ඔහුගේ දරුවන්ට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. " මගේ දරුවන්ට මේ අවස්ථාව ලැබීම ඉතා වැදගත්" ඔහු පැවසීය. බන්ධනාගාර ගමන ගැන හැඟීම්බර වී සිටින ඉවාන්, සාරා සහ රිස්ඛි "මම නිතරම ඔවුන්ට ඉගැන්නුවේ කෝප නොවී සිටින්නයි. නමුත් මෙය සිදු කළ මිනිසුන් කෙබඳු අයදැයි දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා. අපට ඔවුන් හමුවීමට ලැබුණු මෙම අවස්ථාව ලබා ගැනීමට අවශ්‍යයි." ඔවුන් ඉතා සමීප පවුලක් බව පැහැදිලිය. 17 හැවිරිදි සාරා අලුත් පන්නයට හැඩවී කළු හිස් ආවරණයක්, ඉරි සහිත කමිසයක් සහ දිගු කලිසමකින් සැරසී සිටියාය. ඇය මුළු ගමන පුරාවට සෙල්ෆි ඡායාරූප ලබා ගත් අතර, අනෙක් බොහෝ යෞවනයන් මෙන් දුරකථනයේ 'ඇලී' සිටියාය. නමුත් මේ සිදු කරන දේ පිළිබඳ සාකච්ඡා කරන විට ඇයගේ දෑස් අධිෂ්ඨානයෙන් පිරී යනු දැකිය හැකිය. "මේ හමුවීමෙන් පසු ත්‍රස්තවාදීන් වැඩිදුර සිතන්න පෙළඹී, අල්ලාහ්ගෙන් සමාව අයදියි කියලා මම විශ්වාස කරනවා. ඔවුන් කළ දේ ගැන ඔවුන් සැබවින්ම පසුතැවෙනවා නම්, එය අන් අයට හොඳ දෙයක් විදියට දෙන්න පුළුවන්. මේ වගේ දෙයක් නැවත කිසි දිනෙක සිදු නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා." නුසකම්බන්ගන් දූපතේ පිහිටි ඉන්දුනීසියාවේ අධි ආරක්ෂිත බන්ධනාගාරය අවුරුදු ගණනක සිට අසන්නට ඕනෑ කළ දැවෙන ප්‍රශ්නයක් සාරා සතුයි "ඔවුන් එය සිදු කළේ ඇයි? මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එයයි." සිර කරුවන්ට වෙන් වූ තැඹිලි පැහැති ඇඳුමකින් සැරසී සිටින ඉවාන් ඩර්මවාන් මුන්ටෝ හෙවත් රොයිස් කුඩා හමුවීම් ශාලාවක වාඩි වී අප බලාපොරොත්තුවෙන් සිටිනු දක්නට ලැබිණි. දුර්වල පෙනුමකින් හෙබි ඔහු රෝද පුටුවක හිඳ සිටියේය. ආඝාතය වැළඳීම නිසා ඔහු මෙම තත්ත්වයේ සිටින නමුත් ඔහුගේ දෙපා සහ අත් විලංගු ලා තිබිණි. ඉවාන් ඩර්මවාන් මුන්ටෝ හෙවත් රොයිස් නඩු විභාගයෙන් පසු ඔහු වරදකරු යැයි තීන්දුව ප්‍රකාශ කළ පසු සිය අසුනෙන් නැගී සිටි රොයිස් දෑත් මිට මොළවමින් පවසා ඇත්තේ, "මට මරණ දඬුවම නියම කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා...මොකද දැන් මට ආගම වෙනුවෙන් මිය යන්න පුළුවන්," යනුවෙනි. ඉරාක යුද්ධයේ දී එක්සත් ජනපදය සමඟ හවුල්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය ඉලක්ක කර ප්‍රහාර එල්ල අර ඇතැයි උපකල්පනය කෙරිණි. හිස් ආවරණ පැළඳගත් සන්නද්ධ බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙක් ඔහු දෙපස සිටගෙන සිටිති. අවට පරිසරය ඉතා නොසන්සුන්ය. රොයිස් යම් දෙයක් සිදු කිරීමට උත්සාහ කළහොත් ඉක්මනින් බිත්තිය දෙසට යා යුතු යැයි අපට උපදෙස් ලැබිණි. ඔහුට ආචාර කළ ඉවාන්, සාරා සහ රිස්ඛි පසෙක තිබූ ප්ලාස්ටික් පුටු මත හිඳගත්හ. පැවති නිශ්ශබ්දතාව බිඳ දැමුවේ ඉවාන්ය. සාරා සහ රිස්ඛි රොයිස් හමු වූ අවස්ථාව "මගේ දරුවන්ට ඔවුන්ගේ මව අහිමි කළ සහ පියාගේ ඇසක් අහිමි කළ පුද්ගලයා හමු වීමට කුතුහලයක් ඇති වී තිබෙනවා," ඔහු පවසයි. බෝම්බ ප්‍රහාරය සිදුවන විට ඉවාන් සිටියේ කොහේදැයි රොයිස් අසා සිටියේය. තම බිරිඳ ගර්භණී තත්වයේ සිටි බවත් බෝම්බ ප්‍රහාරය එල්ලවූ රාත්‍රියේ ඇය දරුවා බිහි කළ බවත් ඉවාන් පැහැදිලි කළේය. "මේ ඇය බිහි කළ දරුවා" යැයි පවසමින් ඉවාන් රිස්ඛි පෙන්වා සිටියේය. එයට ප්‍රතිචාර දක්වමින් රොයිස් පැවසුවේ, "මටත් දරුවෙක් ඉන්නවා. මම වසර ගණනාවකින් මගේ බිරිඳ හෝ දරුවා දැක නැහැ. මට ඔවුන් නැතිව පාළුයි. මගේ තත්ත්වය ඔබට වඩා නරකයි. ඔබ තවමත් ඔබේ දරුවන් සමඟ ඉන්නවා. නමුත් මගේ දරුවා මාව හඳුනන්නෙවත් නැහැ," යනුවෙනි. "මට මරණ දඬුවම නියම කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා...මොකද දැන් මට ආගම වෙනුවෙන් මිය යන්න පුළුවන්," රොයිස් සිය නඩු තීන්දුවෙන් පසු පැවසීය රෝයිස් සාරා සහ රිස්ඛි දෙස බැලූ නමුත් ඔවුන් දෙදෙනාම මුහුණ බිමට හරවාගෙන සිටිති. මීළඟ මොහොතේ සැවොම එකවර සාරා දෙස බැලූහ. ඇයට යමක් ඇසීමට අවශ්‍ය බව අපි දනිමු. මේ සියල්ල දරා ගැනීමට අපහසු වූ අතර ඇය හඬන්නට පටන් ගත්තාය. ඇය අසලට වහා ගිය ඉවාන් ඇගේ හිස රුවා වැලඳගෙන ඇය සනසන්නට විය. මඳ වේලාවකට පසුව ඇය ඉතා පහත් හඬින් රොයිස්ගෙන් අසා සිටියේ මෙවැනි දෙයක් සිදු කළේ ඇයි දැයි යනුවෙනි. "මම මේ දේ කළේ නැහැ ඔවුන් කියපු දේ තමයි මම කළේ. ඇයි මම මේ වරද පිළිගන්නේ? මගේ ඇස්වල ඒ පිළිතුර රැඳී තිබෙනවා" ඔහුගේ බොර පැහැති දෑස්වලට ඇඟිල්ල දිගු කරමින් පැවසීය. "සමහර විට ඔබ වයසින් මුහුකුරා ගිය විට ඔබට මා කියන දේ වැටහෙයි. පීඩාවට පත් වෙන්නන් මුස්ලිම්වරුන් වන ප්‍රහාරවලට මම එකඟ නැහැ. එය වැරදියි. ඔබට මුස්ලිම්වරුන් මරන්න හෝ පීඩාවට පත් කරන්න බැහැ. එය වැරදියි." "වින්දිතයින් මුස්ලිම් නොවේ නම් කුමක් සිදු වන්නේද?," කතාවට බාධා කරමින් මා අසා සිටියාය. "මමත් එයටත් එකඟ නැහැ," ඔහු ඉතා ඉක්මණින් පිළිතුරු දුන්නේය. මෙම උපරිම ආරක්ෂිත බන්ධනාගාරයේ මේ වන විට හුදෙකලා සිර මැදිරියක සිටින රොයිස්ගෙන් අන් රැඳවියන්ට බලපෑම් එල්ල විය හැකි යැයි යන කනස්සල්ලෙන් ආරක්ෂකයෝ නිතර විමසිලිමත් වෙති. ඔහු මීට පෙර රැඩිකල් දේශකයෙකු වන අමන් අබ්දුරාහ්මාන් සමඟ එක සිරකුටියේ සිටියේය. ඔහු ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට පක්ෂපාතීත්වය දැක්වූ අයෙකි. ජකර්තා නුවර 2016 දී සිදු වූ ප්‍රහාර බන්ධනාගාරයේ සිටියදීම සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම සැකකරුවන්ය. හඬා වැටෙන ඉවාන් පිටත්ව යෑමට පෙර රොයිස් ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට ඉදිරිපත් විය. "සියලු මිනිසුන් අතින් වැරදීම් සිදු වෙලා තිබෙනවා. මම ඔබට යම් ආකාරයකින් වැරැද්දක් කර ඇත්නම් එයට මම සමාව ඉල්ලනවා. මට ඒ ගැන වේදනාවක් දැනෙනවා. මට ඇත්තටම දැනෙනවා," ඔහු පැවසීය. නමුත් ඉවාන් දැඩි ලෙස කම්පාවට පත් වී ඇති සෙයක් පෙනිණි. "ඔහු තවමත් සිතන්නේ ඔහු හරි දේ කළා කියලා. අවස්ථාවක් ලැබුණොත් ඔහු නැවත එය කරයි කියලා මට බය හිතෙනවා," ඔහු කඳුළු සඟවාගෙන පැවසීය. "මම ඇත්තටම කලකිරී සිටින්නේ. ඔහු මෙතරම් වේදනාවක් ඇති කරලත් තවමත් එය පිළිගැනීමට කැමති නැහැ. තවත් මට කරන්න පුළුවන් කුමක්ද?" සිරගෙදර පිහිටි දිවයින වටා යන හමුදා බස් රථයට අපි නැවතත් ගොඩ වීමු. මෙම දූපතේ බන්ධනාගාර දෙකක් ඇති අතර, සාරා සහ රිස්ඛිගේ මව ඝාතනය කළ ප්‍රහාරයට වග කිව යුතු දෙවෙනි පුද්ගලයා වන අහමඩ් හසන් හමුවීමට පර්මිසන් නම් අනෙක් බන්ධනාගාරය වෙත බස් රථය අප රැගෙන ගියේය. ඔහුටද මරණීය දණ්ඩනය නියම වී ඇත. බන්ධනාගාරය වෙත රැඟෙන යන අහමඩ් හසන් සිය අත් මිට මොලවමින් දැඩි ආවේගයකින් සිටින දර්ශන කැමරාවල සටහන් වී තිබිණි නඩු විභාගය අවසන් වූ පසු බන්ධනාගාරය වෙත රැඟෙන යන අහමඩ් හසන් සිය අත් මිට මොලවමින් දැඩි ආවේගයකින් සිටින දර්ශන කැමරාවල සටහන් වී තිබිණි. නමුත් අද අපට හමුවන්නේ වෙනස් මිනිසෙකි. දිගු ඉස්ලාමීය ලෝගුවකින් සහ යාච්ඤා කරන විට පළඳින තොප්පියකින් සැරසී සිටි ඔහු වෙතින් නොසන්සුන් බවක් පෙනුණු අතරම පහත් ස්වරයකින් කතා කළේය. ඉවාන් මීට පෙර එක් වරක් ඔහු හමුවීමට බන්ධනාගාරයට පැමිණ තිබිණි. " මම ඔබ හමුවීමට මගේ දරුවන්ට ආරාධනා කළා. ඔබ ඔවුන්ගේ අම්මා මරා දමා, මගේ ඇසක් නැති කිරීමට හේතු වූ ප්‍රහාරය එල්ල කළේ ඇයිද යන්න ඔවුන් තේරුම් ගත යුතුයි" අහමඩ් හසන්ගේ දණහිසට අතක් තබමින් අයිවන් කියා සිටියේය. අහමඩ් හසන් සෙමෙන් හිස වැනුවේය. "ඔවුන් දැනගත යුතුයි. ඔවුන්ට කුඩා කාලෙදීම තමන්ගේ අම්මා අහිමි වුණා," ඔහු පවසයි. "මම ඔබේ තාත්තාට මේ ගැන පවසා තිබෙනවා. නමුත් දැන් එය ඔබට කියන්නට මට අවස්ථාව ලැබිලා තිබෙනවා. අල්ලාහ්ට ප්‍රශංසා වේවා, මට මේ අවස්ථාව ලැබුණාට." "මට කවදාවත් ඔබේ තාත්තාට රිදවන්න අවශ්‍ය වුණේ නැහැ. ඔහු ඒ ස්ථානය පසුකර යමිනුයි සිට ඇත්තේ. බෝම්බය රැගෙන ගිය මගේ මිතුරා ඒ අවස්ථාවේ දීම එය පුපුරුවා හැර තිබෙනවා. ඉවාන්ගේ දරුවන් වන ඔබට මට සමාව දිය හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා." ඔහුගේ කටහඬ බිඳී යෑමට පටන් ගත්තේය. "මම දෝෂ සහිත මිනිසෙක්. මම බොහෝ වැරදි කර තිබෙනවා." සාරා ඔහු දෙස එක එල්ලේ බලා සිටියත් ආචාරශීලීව සහ ස්ථිර ලෙස අසා සිටියේ "ඇයි ඔබ එවැනි දෙයක් කළේ? හේතුව කුමක්ද?," යනුවෙනි. "මට කවදාවත් ඔබේ තාත්තාට රිදවන්න අවශ්‍ය වුණේ නැහැ" "මගේ මිතුරන්ට සහ මට වැරදි අධ්‍යාපනයක් සහ ඉගෙනීමක් ලබා දී තිබෙන්නේ. ඇත්තෙන්ම අප සිදු කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමටත් පෙර, අප ක්‍රියාවේ නොයෙදුණේ නම් හොඳයි කියා මට දැන් සිතෙනවා," ඔහු පිළිතුරු දුණි. ඉන්පසු, සාරා ඇයගේ කතාව කීම ආරම්භ කළාය. ඇයගේ පස්වන උපන්දිනය වෙනුවෙන් පස්වරු හතරට සාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබියදී, එදිනම තම මව මිය යාමත් සමග ප්‍රීතිය දුකකට හැරවුණු ආකාරය ඇය විස්තර කළාය. "මම පොඩි කාලේ නිතරම මගේ තාත්තාගෙන් අහන්නේ, 'මගේ අම්මා කොහෙද?' කියලා. ඒ වෙලාවට ඔහු කියන්නේ ඇය අල්ලාහ්ගේ නිවසේ සිටිනවා කියලා. එය කොහේදැයි කියලා මම අහනකොට ඒ පල්ලිය යැයි ඔහු පවසනවා." "ඉතිං මම දවසක් හොරෙන් පල්ලියට ගියා. මගේ ආච්චි මාව සොයන්න ගත්තා. ඇය මාව හොයාගත්තට පසුව මම කිව්වේ මගේ අම්මා එනකම් බලාගෙන සිටියා කියලා. අම්මා ගෙදර එනකම් මම බලාගෙන හිටියා. ඒත් කවදාවත් ඇය ගෙදර ආවේ නැහැ." ඒත් සමගම දෑස් පියාගත් හසන් සිය දෑත් විවර කරමින් යාච්ඤා කරනු දක්නට ලැබිණි. ඔහු නැවත නැවතත් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා යාච්ඤා කරනු ඇසිණි. "අල්ලාහ්ට අවශ්‍ය වූයේ මා ඔබව මුණගැසී මෙය පැහැදිලි කිරීම උත්සාහ කිරීමයි" ඔහු අවසානයේදී පැවසුවේය. "නමුත් මගේ දරුවා, මට ඔබට පැහැදිලි කළ නොහැකියි, මට කණගාටුයි." "මට මගේ කඳුළු නවත්තාගන්න බැහැ. සාරා මගේම දරුවෙකු ලෙස මම සලකනවා. කරුණාකර මට සමාව දෙන්න. එය තියෙන්නේ ඔබගේ අතේ." කුඩා කාමරය තුළ සිටි සියල්ලන්ගේ දෑස්වල කඳුළුය. හසන්ගේ කඳුළු තමාට කොතරම් වටිනවාද යන්න ඉවාන් පසුව පැවසීය. "හසන් හොඳ පුද්ගලයෙක් කියලා මම දැනගත්තේ ඔහු අඬන හැටි මා දැක්කට පස්සේ. ඔහුට අන් අයගේ දුක වේදනාව දැනෙනවා. සමහර විට ඒ අවස්ථාවේදී ඔහුට වැරදි මිනිසුන්ගේ වැරදි අදහස්වල බලපෑම එල්ල වෙන්න ඇති. නමුත් දැන් ඔහු හදවත විවෘත තිබෙනවා. " හමුවීම අවසානයේදී ඔවුහු එකට සිට ඡායාරූප ගත්හ. එමෙන්ම, ඔවුන් එකිනකාගේ අත් අල්ලාගෙන සිටිනු දක්නට ලැබිණි. එම අවස්ථාවේ ඒ කුඩා කාමරයේ පැවති සමාව දීමේ ස්වභාවය පුදුම සහගතය. "ඔවුන්ට මරණ දඬුවමද ප්‍රමාණවත් නොවන බව මම නිතරම කියනවා. අප විඳි වේදනාව දැනගන්න ඔවුන්ට පළමුව වධහිංසා පැමිණවිය යුතුයි. නමුත් තම අනුගාමිකයන් අතරින් සමාව දිය හැකි අය අල්ලාහ් තෝරා ගන්නවා," ඉවාන් පැවසීය. කඳුළු පිස දමමින් කාමරයෙන් පිටතට පැමිණි අපි නැවත හමුදා බස් රථයට ගොඩ වීමු. රැඳවියන් කිසි විටෙක නොදකින ප්‍රසිද්ධ ස්ථානයක්, බන්ධනාගාරය පිටුපස පිහිටා ඇත. පර්මිසන් බීච් හෙවත් සුදු වෙරළ ලෙස හැඳින්වෙන එය එරට විශේෂ හමුදා පුහුණු කරන ස්ථානයකි. සාරා, රිස්ඛි සහ ඉවාන් එය නරඹන්න අවශ්‍ය යැයි ඉල්ලීමක් කළහ. එය කළු පැහැති පාෂාණ සහිත වනයෙන් වැසී ගිය ස්ථානයකි. දෑත් පටලාවාගත් සාරා, රිස්කි සහ ඉවාන් වැලි තලාව හරහා දිව ගියහ. සාරා එලෙස සිනාසෙනු මින් පෙර මා දැක නොතිබිණි. "අද හමුවීම මට බොහෝ දේ ඉගැන්නුවා" ඇය මට පැවසීය. "හසන් කණගාටුව ප්‍රකාශ කළා. කළ දේ ගැන ඔහු දැන් පසුතැවෙනවා. යම් පුද්ගලයෙකු කොතරම් භයානක දෙයක් කළත් පසුව වෙනස් විය හැකි බව මම ඉගෙනගත්තා. මම ඔහුට සමාව දෙනවා." "මම දැන් සෑහෙන්න හිනාවෙලා ඉන්නවා, මොකද මට දැනගන්න ඕන වෙලා තිබුණ දේ, මට මෙච්චර කාලයක් අහන්න ඕන වෙලා තිබුණ දේ අහලා ඒවාට උත්තර ලැබිලා තිබෙනවා." "මට දැන් මහා සැනසීමක් දැනෙනවා." මේ තොරතුරුද කියවන්න:
'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නඩුවේ විත්තිකරු වන ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ ඒ පිළිබඳ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.
රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය "ඉවසීම නැතිවුණ තැන සිද්ධ වන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මම හිතනවා ඔබතුමන්ලාට මතක ඇති කියලා මීට වසර ගණනකට කලින් රෝයල් පාක් නිවාස සංකීර්ණයේ සිද්ධිය. ඒ තරුණයාට එතකොට වයස අවුරුදු 19යි. ඔහු තරුණිය සමඟ වාදයක පැටලිලා අවසානේ ඇයව ඝාතනය කළා. ඔහු මේ වන විට ආචාර්ය උපාධියකුත් සම්පූර්ණ කරලා තියෙනවා, මම හිතන්නේ දැන් ඔහුට වයස 32ක්," යැයි පසුගිය ඉරිදා (ඔක්තෝබර් 20) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා පැවසීය. ඝාතන නඩුවේ පසුබිම රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ පියගැට පෙළ මතදී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ එම වසරේ දීම අත්අඩංගුවට ගැනිණි. ස්වීඩන් ජාතික පියෙකු හා ශ්‍රී ලාංකික මවකගේ දියණියක වූ ඉවොන් ජොන්සන් සිද්ධිය වූ දින ඇඟලා සිටි ඇඳුමකින් ගෙල සිර කර තිබූ අතර, හිස සිමෙන්ති පොළොවේ ගැසීමෙන් හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීය. ඉන්පසු කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වර්ෂයේ දී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි. එයට එරෙහිව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය 2012 වර්ෂයේ දී ඔහුට මරණ දඬුවම ලබා දුන්නේය. පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරන ලද අතර, එහිදී නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථීර කරමින් තීන්දුවක් ලබා දුන්නේය. මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම පැනවිය හැකි බවට 2014 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නේය. කෙසේවෙතත්, ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනිට 2016 වර්ෂයේ දී විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ ජීවිත සමාව හිමිවෙමින් ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්‌ ලෙස ලිහිල් කර තිබේ. ජනාධිපති සමාව දෙවෙනි වරටත්? ධනවත් පවුල් දෙකක දරුවන් සම්බන්ධ නඩුවක් වීමත් සමඟ මෙය සමාජයේ දැඩි කතා බහට ලක් වූ අතර, සිද්ධියට අදාළ තරුණ තරුණියන්ගේ ජීවන රටාව ගැන ද දැඩි විවේචන එල්ල විණි. අදාළ ඝාතනය පිළිබඳව යළිත් වරක් අවධානය පළ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශයත් සමඟය. "මේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත වෙලා ඉන්න ළමයාගේ පාර්ශවයෙන් මට ඉල්ලීමක් ආවා ජනාධිපති සමාව යටතේ ඔහුව නිදහස් කර දෙන්න කියලා. සිරගෙදර දී ඔහු යහපත් කල් ක්‍රියාවෙන් සිටි නිසා මම මේ ඉල්ලීම ගැන සලකා බලනවා. ඉවසීම නැති නිසා වූ සිද්ධියක් මත සිරගත වෙනකොට ඔහුට වයස 19යි," ජනාධිපතිවරයා පැවසුවේය. එමෙන්ම තමන් කුඩා කළ සිට ඉවසීම ප්‍රගුණ කළේ කෙසේදැයි ජනාධිපතිවරයා විස්තර කළේය. "මම කුඩා කාලේ දවසක් බයිසිකලේ පැදගෙන පාසලට යනකොට, කලින් දවසේ වුණ රණ්ඩුවක් මුල් කරගෙන, මග රැක හිටපු ළමයෙක් මට කොහු මිටෙන් ගැහුවා. ඔක්කොම පොත් එක්ක මම බිම වැටුණා. පස්සේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොට එදා මට කොහු මිටෙන් ගහපු කෙනා මගේ ළඟට ආවා එයාගේ දරුවට රැකියාවක් ලබා දෙන්න කියලා ඉල්ලගෙන." "එදා සිද්ධිය මට මතකයට ආවත්, මම ඉතා ඉක්මනට ඔහුට හොඳ රැකියාවක් සොයලා දුන්නා. එහෙමයි මම එයාට සැලකුවේ. රෝයල් පාක් කතාව, කොහු මිටේ කතාව වගේම අනික් කතාවලින් කියවෙන්නේ ඉවසීමේ වැදගත්කම ගැන. හොඳ වැඩවල නිරත වෙලා, හොඳ අධ්‍යාපනයක් ලබලා විනීත ජීවිතයක් ගත කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ," රැස්ව සිටි තරුණ පිරිස අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය. නැගණියගේ ප්‍රතිචාරය කෙසේනමුත්, මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබූ අතර, ඝාතනයට ලක් වූ ඉවෝන් ජොන්සන්ගේ නැගණිය, කැරොලයින් ජොන්සන් ද බදාදා (ඔක්තෝබර් 23) සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ සටහනක් පළ කර තිබිණි. "ජනාධිපතිවරයා මගේ සහෝදරියගේ ඝාතකයාට සමාව ලබා දෙන්න යනවා කියන ප්‍රකාශයට පිළිතුරු දෙන්න වෙන එක ගැන ඉවොන්ගේ සහෝදරිය ලෙස මට ඇතිවෙන්නේ විශාල දුකක් නමුත්, මෙය මගේ වගකීමක්" යැයි කැරොලයින් සිය සටහන ආරම්භයේ සඳහන් කර තිබිණි. ඉවෝන් ජොන්සන්ගේ නැගණිය, කැරොලයින් ජොන්සන් සහ ඔවුන්ගේ මව "මගේ සහෝදරිය සාහසික ලෙස මරා දැමීමෙන් පසු අපේ ලෝකය උඩු යටිකුරු වුණා කිව්වොත් එය ඌන ප්‍රකාශයක්. මළගෙදර ආපු හැමෝම දැක්කා ඇයගේ දේහය පොළොව යටට යනවා, නමුත් එයත් සමඟ මමත් වැළලී ගියා. ඒ වගේම මගේ අම්මා සහ තාත්තාත්. අපේ ජීවිත නැවත ගොඩනගා ගන්න අපි සෑහෙන උත්සහයක් ගත්තා. නමුත් වසර 15කට පස්සේත් අපි තාම යුක්තිය වෙනුවෙන් සටන් කරනවා." "අවාසනාවට අපිට දැන් සූදානම් වෙන්න වෙලා තියෙන්නේ මෙතෙක් වුණ අතිශය නරකම සිද්ධියට මුහුණ දෙන්නයි. ඒ මගේ සහෝදරියගේ මිනීමරුවාට සමාව දීමයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය ජය ගනියි කියලා...," කැරොලයින් සිය සටහනේ සඳහන් කර තිබුණි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන ප්‍රතිචාරය පළ කරමින් අරුණි ටී නම් තරුණිය, එමගින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට ලබාදෙන පණිවුඩය කවරක් දැයි ප්‍රශ්න කරන්නීය. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බව පවසන ජනාධිපතිවරයා, ඒ අතරම මිනීමැරුමකට වැරදිකරු වූ පුද්ගලයෙකු නිදහස් කරන බව පවසන්නේ කෙසේ දැඩි අනෝජි ඒකනායක ප්‍රශ්න කර තිබුණි. "මට එයාගේ තර්කය තේරුම් ගන්න බෑ," ඇය පවසන්නීය. ජනාධිපති සමාව යනු කුමක් ද? සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි. 34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. එමෙන්ම, වරදකරුට ලබා දෙන්නේ සම්පූර්ණ සමාවක් ද නැතහොත් නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ද යන්නත් ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය. අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට ද ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් බලය හිමි වී තිබේ. මේ තොරතුරුද කියවන්න: මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව දිය හැකිද? අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ. එවන් පුද්ගලයෙකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබා ගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු, ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබා දීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබා දෙමිනි. ඉන්පසු, අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශ ද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි. "මරණ දඬුවමට නියම වූ පුද්ගලයෙකුට සමාව ලබාදීමේ දී හැර වෙනත් අවස්ථාවල දී ජනාධිපතිවරයාට විශේෂ ඉල්ලීම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය බොහොම පුළුල් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් විදියට සකසලා තිබෙන්නේ," යනුවෙන් නීතිවේදිනී ජී මනෝරි රණසිංහ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට විස්තර කළාය. "ජනාධිපති සමාව ලබාදීමේදී සලකා බැලිය යුත්තේ මොනවගේ කරුණු දැයි නීතියේ පැහැදිලිව සඳහන් කර නැහැ. ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය සහ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු සේ සලකා සිය අභිමතය අනුව ක‍්‍රියා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති තවත් බලයක් ලෙස මා මෙය දකිනවා," ඇය තවදුරටත් සඳහන් කළාය. "නිර්ණායක නැහැ" ජනාධිපතිවරයාගේ සමාව හිමිවිය යුතු සිරකරුවන් තෝරා ගැනීමේදී කිසිදු නිර්ණායකයක් සලකා නොබලන්නේ ද? වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වී යන සිරකරුවන් පිරිසක් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ එවැනි සම්මත නිර්ණායක මාලාවක් නොපවතින නමුත් අධිකරණ අමාත්‍යංශය මගින් ඒ අවස්ථාවන් හි නිර්ණායක ඉදිරිපත් කරන බවය. "සම්මත නිර්ණායකයක් කියල කියන්න බැහැ. මේ වන තෙක් තිබෙන අත්දැකීම් අනුව කියන්න පුළුවන් බොහෝ වෙලාවට බරපතළ නොවන වැරදි වලට සිටින අය තමයි නිදහස් කරන්නේ," ඔහු පැවසීය. "යම් කෙනෙක් නිදහස් වීමට අදාළ පසුබිම අපට අදාළ නැහැ. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කරනවා. සමහරවිට අමාත්‍යංශය හරහා නිර්දේශ වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්." ඔහු පැවසීය. මේ අතර, ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවක් මෙම වසරේ ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ අතර, සිරකරුවන් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා වී තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවූ බව නීති විශාරදයෝ පවසති. ජනාධිපති සමාව අභියෝගයට ලක් කළ හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය අනුව ජනාධිපති ධූරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි ලෙස සඳහන් වී තිබේ. නමුත්, එම ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත. සිරකරුවන්ට සමාව ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමෙන් සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මේ හේතුවෙනි. "ජනාධිපති සමාව ලබා දීම වරදක් යැයි පවසමින් සෘජුව නඩු පවරන්න නීති නැහැ. නමුත්, 19 වෙනි සංශෝධනය යටතේ යම් වරදකරුවෙකු නිදහස් කිරීම මගින් තවත් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බව සඳහන් කරමින් නඩු පවරන්න පුළුවන්," නීතිවේදිනී ජී මනෝරි රණසිංහ පැවසීය. "ඒ හැර, අනෙක් සෑම අවස්ථාවකදීම අදාළ කාරණා සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා වරදකරුවාට කොන්දේසි රහිත සමාවක් හෝ කොන්දේසි සහිත සමාවක් ලබා දෙන්න. ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් පුද්ගලයාගේ තරාතිරම හෝ වෙනත් කරුණු කිසිවක් බලපාන්නේ නැහැ." කෙසේනමුත්, ජනාධිපති සමාව ලබා දිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ට දැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන් වී නොමැත. ජනාධිපති සමාව සමාජයේ කතාබහට ලක් වූ අවස්ථා කිහිපයක් 1883 දී ශ්‍රී ලංකාවේ පිහිටි සිර කඳවුරක චිත්‍රයක් තවදුරටත් අදහස දැක්වූ නීතිවේදිනී ජී මනෝරි රණසිංහ: "මීට කලින් ජනාධිපති සමාව ලබා දුන් අවස්ථා කිහිපයක් ගැන දැඩි ලෙස පසුතැවීමක් ඇති වුණත්, ඒ කාලයේ හැටියට ජනතාවට එළිපිට අදහස් දක්වන වටපිටාවක් තිබුණේ නැහැ. වාචික විවේචන එල්ල වුණත් ඒවා ප්‍රබල වුණේ නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි ඔස්සේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා රජයට දැඩි බලපෑම් එල්ල කරන්න පුළුවන්," යනුවෙන් කියා සිටියාය, "අදාළ නීති රීති, නිර්ණායක නැති වුණත් විධායකය සහ රජයට දැඩි පීඩනයක් එල්ල කිරීමේ හැකියාව ජනතාවට ලැබිලා තිබෙනවා. එය පසුගිය කාලයේ සිදු වූ සිද්ධි කිහිපයකදීම ඔප්පු වුණා," ඇය වැඩිදුරටත් සඳහන් කළාය. තවත් තොරතුරු:
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වූ බව පැවසෙන නීති විරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල සහ අදාළ සැත්කම් මෙහෙය වූ ප්‍රමුඛ පෙළ වෛද්‍යවරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව විත්තියේ නීතිඥ ලක්ෂාන් ඩයස් පවසයි.
අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ නීතිපති උපදෙස් මත පරීක්ෂණ පවත්වන බවයි ඔහු ඒ බව කියා සිටියේ වකුගඩු ජාවාරමේ නිරත වූ බවට සැක පිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින ඉන්දීය ජාතිකයන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී. ඉන්දීය ජාතික සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස එහිදී විත්ති පාර්ශවයේ නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පොලිසිය එම ඉල්ලීමට විරෝධය පළ කළේය. වකුගඩු ජාවාරම සිදු කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදා ගෙන ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ පවත්වන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බැවින් ඇප ඉල්ලීමට විරෝධය පළ කරන බවයි පොලිසිය කියා සිටියේ. පසුගිය කාලයේ සිදු කරන ලද වකුගඩු සැත්කම්වලට අනුමැතිය ලබා දී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල ඇතුළු ප්‍රමුඛ පෙළ වෛද්‍යවරුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය කටයුතු නොකොට සැකකරුවන් දින 90 කට වඩා රිමාන්ඩ් භාරයේ තබා ගෙන සිටීම යුක්ති සහගත නොවන බව නීතිඥ ලක්ෂාන් ඩයස් පැවසීය. ඉහත කී සැකකරුවන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබා ගැනීම තුළින් ඔවුන්ට අසාධාරණයක් සිදු වන බැවින් පරීක්ෂණ කටයුතු කඩිනම් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. ඒ අනුව සැකකරුවන් ජුනි 14 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසිය දැනුම් දුන්නේය.
මහජන ශරීර සෞඛ්‍යයට හානිකර විස රසායන වර්ග ආහාර නිෂ්පාදන වලට එක්කරන්නන්ට දැඩි දඬුවම් නියම කිරීම පියවර ගන්නා බව බංග්ලාදේශ් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාවේද ආහාර කල්තබා ගැනීමට වෙළෙන්දන් පෝමලීන් යොදා ගන්නා බවට චෝදනා එල්ල වී ඈත. බංග්ලාදේශය , ඒ සම්බන්ධයෙන් කෙටුම්පත් කරනු ලැබ ඇති නව නීතිය යටතේ,ඉහත කී ආකාරයේ වරදක් කරන තැනැත්තෙකුට අවුරුදු හතක සිර දඬුවමක් නියම කල හැකි වෙයි. එසේම, යම් තැනැත්තෙක් එම වරද දිගින් දිගටම සිදු කරන්නේ නම්,එවැනි පුද්ගලයන්ට අවරුදු දාහතරක උපරිම සිර දඬුවමක් නියම කිරීමටද බලය ලැබෙයි. ආහාර අපවිත්‍රකරණය ඉතාම අනතුරුදායක මට්ටමකට ලඟා වී ඇති බවට බංග්ලාදේශ් පාරිභෝගික සහ අපනයන සංවිධාන විසින් අනතුරු ඇඟවීමක් කරනු ලැබයි තිබෙන්නේ. ඉක්මනින් නරක් වෙන පලතුරු සහ මස් මාංශවලට පෝමලීන් වැනි හානිකර විෂ රසායනික ද්‍රව්‍ය නිතරම මෙන් එක්කෙරෙන බවයි ,එම සංවිධාන පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේද ආහාර සහ පළතුරු කල්තබා ගැනීමට බොහෝ වෙළෙන්දන් පෝමලීන් යොදා ගන්නා බවට නිතරම චෝදනා එල්ල වී ඇත.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනයෙන් බැනවැදීමට විරෝධය පළකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයෝ අද (ජන.30) වැඩ වර්ජනයක යෙදෙති.
එම රාජ්‍ය සේවකයින් පවසන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන ඒ සම්බන්ධයෙන් සමාව ගත යුතු බවය. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ ( ජන.29) මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කළේ තමන් වරදක් නොකළ බැවින් කිසිවකුගෙන් හෝ සමාව නොගන්නා බවය. කෙසේවෙතත්, ජනතා විරෝධය එල්ල වී ඇති දිවුලපිටියේ සිදුවන පස් කැපීමේ ව්‍යාපාර නවතා දමා අදාළ ප්‍රදේශ යළි නැවත සකස්කිරීමේ කොන්දේසිය මත තමන් ඕනෑම කෙනෙකුගෙන් සමාව ගැනීමට සුදානම් බව ද ඔහු කියා සිටියේය. ජනතා මුදලින් පඩි ලබන දේශපාලකයන් මෙන්ම රජයේ සේවකයන් ද විවේචනයට පුරුදු විය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මේ අතර අද පැවැත්වෙන විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රන්ජිත් ආරියරත්න පැවසුවේ මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිළධාරින් මෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජිතයන් පිරිසක් ද ජනාධිපතිවරයා විසින් අද කොළඹට කැඳවනු ලබූ බවය.
ඉන්දියාවේ නව අගමැතිවරයාගේ කුළුඳුල් කැබිනට් මණ්ඩලයේ ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයා දිල්ලි නුවර දී සිදු වූ රිය අනතුරකින් මිය යයි.
ගෝපිනාත් මුන්ඩේ මිය යන විට හැට හතර වැනි වියේ පසු විය ගෝපිනාත් මුන්ඩේ, ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි විසින් පත් කරන ලද්දේ පසු ගිය සතියේදී. තම උපන් ප්‍රදේශය වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය බලා යාම සඳහා ගුවන් තොටුපල කරා යමින් සිටියදී මෙම රිය අනතුර සිදු වී තිබේ. ගෝපිනාත් මුන්ඩේ මිය යන විට හැට හතර වැනි වියේ පසු විය. රෝහල කරා ගෙන එන විටත් ඔහු මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ. පිටුපස අසුනේ සිටි ඔහු කම්පනයට ලක්වී හෘදයාබාධයකට ගොදුරුවීම නිසා මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට තේරී පත් වූ පළමු කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාස ගත විණි.
කමලා හැරිස් එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ලෙස ප්‍රක්ෂේපණය කෙරේ කැලිෆෝර්නියා ප්‍රාන්තය නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්ෂික සෙනෙට් මන්ත්‍රීවරියක වන 55 හැවිරිදි ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව ජනාධිපති ධුරය පිළිබඳ මුලින් සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරමින් ධවල මන්දිරය කෙරෙහි බැලුම් හෙළුවාය. එහෙත්, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුරාපේක්ෂකත්වය සඳහා වූ තරගයේදී ජෝ බයිඩන් ට ඇය පරාජය වුව ද සිය උප ජනාධිපති අපේක්ෂක ලෙස එක්වන ලෙසට බයිඩන් කළ ආරාධනය හමුවේ ඇය යළි කරළියට පැමිණියාය. පළමු කාන්තාව වීමට අමතරව, ජැමෙයිකානු හා ඉන්දියානු සම්භවය හේතුවෙන් උප ජනාධිපති ධුරයට පත් පළමු සුදු ජාතික නොවන පුද්ගලයා බවට ද කමලා හැරිස් පත් විය. කමලා හැරිස් යනු කවුද? සංක්‍රමණික මා පිය යුවලකට දාව ඕක්ලන්ඩ් හි උපන් කමලා ගේ මව ඉන්දියාවේ උපත ලද තැනැත්තියක වූ අතර පියා ජැමෙයිකාවේ උපන්නෙකි. දෙමාපියන් දික්කසාද වීමෙන් අනතුරුව කමලා හැදී වැඩුණේ සිය හින්දු භක්තික මව ශ්‍යාමලා ගෝපාලන් හැරිස් සමග ය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියකද වූවාය. කුඩා කමලා සිය මව සහ නැගණිය මායා සමග ඉන්දියානු උරුමය සමග බැඳෙමින් වැඩුණු කමලා මව ඉන්දියාවට ගිය ගමන්වලදී ඇය හා එක් වුවද, සිය දියණියන් දෙදෙනා - කමලා සහ මායා - සමග ඕක්ලන්ඩ් හි පැවති කළු සංස්කෘතියට සිය මව අනුගතව විසූ බව කමලා පවසන්නීය. සිය ස්වයං ලිඛිත චරිතාපදානයේ කමලා සඳහන් කළේ "තමන් කළු දියණියන් දෙදෙනෙක් ඇතිදැඩි කරන බව මගේ අම්මා ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටියා." යනුවෙනි. "ඇය අනුගත වූ නිජබිම මායා සහ මා කළු තරුණියන් ලෙස දකිනු ඇතැයි ඇය දැන සිටි අතරම අපි විශ්වාසයෙන් යුතු, සාඩම්බර කළු කාන්තාවන් ලෙස වැඩෙනු තහවුරු කරන්නට ඇය අදිටන් කර සිටියා," කමලා පවසයි. මොන්ට්‍රියෙල් හි ගෙවූ අවුරුදු කමලා හැරිස් සෙනෙට් මන්ත්‍රීවරියගේ මුල් අවධියේ කෙටි කලක් කැනඩාවේ ගත කළාය. මව, ශ්‍යාමලා ගෝපාලන් හැරිස් හට මැක්ගිල් සරසවියේ ඉගැන්වීම් රැකියාවක් ලද විට ඇය සමග කමලා සහ මායා එහි ගියහ. ඒ අනුව අවුරුදු පහක කාලයක් ඔවුහු මොන්ට්‍රියෙල්හි පාසල් ගියහ. එක්සත් ජනපදය තුළ උසස් පාසල් අධ්‍යාපනය ලද කමලා, ඓතිහාසිකව එක්සත් ජනපදය තුළ කළු ජනතාව යොමු වූ විද්‍යාල හා විශ්ව විද්‍යාල අතරින් එකක් වන හවර්ඩ් විශ්ව විද්‍යාලයේ (Howard University) වසර හතරක් ගත කළාය. එය සිය ජීවිතය හැඩගැන්වූ අත්දැකීම් අතරින් එකක් බව කමලා විස්තර කළාය. සිය අනන්‍යතාව පිළිබඳ නිතර සෑහීමට පත්වන බව කී ඇය සරලව තමන් "ඇමෙරිකානුවෙක්" ලෙස හඳුන්වා දෙන්නීය. 2019 දී වොෂිංටන් පොස්ට් පුවත් පතට ඇය කියා සිටියේ සමේ පැහැය හෝ පසුබිම මත දේශපාලනඥයින් රාමුවලට කොටුවිය යුතු නැති බවකි. "මා කියන්නේ මෙයයි. මම, මා යි. ඒ ගැන මම සෑහීමට පත්වෙනවා. ඇතැම්විට ඔබ ඒ ගැන සොයා බලන්න අවශ්‍ය ඇති, නමුත් මම එයින් සෑහෙනවා." නීතිඥ ඩග් එම්හොෆ් සමග 2014 දී විවාහ වූ ඇය ඔහුගේ දරු දෙදෙනාට සුළු මව වූවාය. නීති කේෂේත්‍රයේ ඉහළට නැගීම හවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිව් වසරින් පසු කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලද ඇය සිය වෘත්තීය ඇරඹුවේ ඇලමීඩා කෝරලයේ දිස්ත්‍රික් නීතිඥ කාර්යාලයෙනි. 2003 වසරේදී කමලා සැන් ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිඥ - ඉහළ ම නීති නිලධාරී - තනතුරට පත් වූවාය. ඉන් අනතුරුව, ඇමෙරිකාවේ වැඩි ම ජනගහණයකින් යුතු ප්‍රාන්තය වන කැලිෆෝර්නියා හි ඉහළ ම නීතිඥයා මෙන්ම නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා වන ප්‍රාන්ත නීතිපති තනතුරට පත් කමලා එම ධුරයේ සේවය කළ පළමු කළු තැනැත්තා මෙන්ම පළමු කාන්තාව ද විණි. නීතිපති ලෙස දෙවරකට ආසන්න නිල කාලයක් ගෙවූ ඇය, ඩිමොක්‍රටික් පක්ෂයේ නැගී එන තරුවක් ලෙස ලද කීර්තිය උපයෝගී කරගෙන මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් 2017 වසරේදී කැලිෆෝනියා හි කණිෂ්ඨ සෙනෙට් මන්ත්‍රීවරිය වූවාය. සෙනෙට් මණ්ඩලයට පත්වූ තැන් සිට, ඇය ප්‍රගතිශීලීන්ගේ කැමැත්ත දිනාගත්තේ මුල් පෙළේ සෙනෙට් මණ්ඩල විමර්ශනවලදී එවක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස යෝජනා කෙරුණු බ්‍රෙට් කැවනෝ සහ නීතිපති විලියම් බාර් ඉතා දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් කිරීම හේතුවෙනි. ධවල මන්දිරය ගැන බලාපොරොත්තු තමන් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව ඕක්ලන්ඩ් හිදී 20,000 ට අධික පිරිසක් ඉදිරියේ පසුගිය වසරේදී ප්‍රකාශ කිරීමෙන් පසු ආරම්භයේදී ඒ පිළිබඳ උනන්දුවක් දැල්විණි. නමුත් නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෘත්තීය පසුබිමකින් යුතු කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන ඇය, පක්ෂයේ ප්‍රගතිශීලී හා මධ්‍යස්ථ කඳවුරු දෙක අතර තියුණු ගමනක යාමට උත්සාහ දැරුව ද එම කණ්ඩායම් දෙකෙහි ම ආකර්ෂණය දිනා ගැනීමට නොහැකි විය. 2020 වසර මුල් සමයේ අයෝවා ප්‍රාන්තය තුළ ඩිමොක්‍රටික් පක්ෂ තරගය පවත්වන්නට පෙර කමලා සිය අපේක්ෂකත්වය දෙසැම්බර් මාසයේදී අවසන් කළාය. මාර්තුවේදී, ජෝ බයිඩන් ගේ අපේක්ෂකත්වය අනුමත කළ ඇය, "මගේ සියලු බලය යොදමින් ඔහු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තෝරාගැනීමට මා උදව් දෙනවා" යැයි පැවසුවාය. ඩිමොක්‍රටික් පක්ෂයෙන් උප ජනාධිපති අපේක්ෂකත්වය ලද පසු, උප ජනාධිපති මයික් පෙන්ස් ට එරෙහිව දැඩි ක්‍රියාකාරීත්වයක් ප්‍රකට කළ අතර ඔක්තෝබරයේ පැවති උප ජනාධිපති විවාදයේදී මාතෘකා ගණනාවක් ඔස්සේ ඔවුහු උද්වේගකර වාදයක පැටලිණි. "උප ජනාධිපතිතුමනි, මම කතා කරනවා" යනුවෙන් ඇය පෙන්ස් හට සිහි කැඳවූයේ ඔහු යළි යළිත් කළ බාධා හමුවේ ය. උප ජනාධිපති විවාදයකට එක්වූ ප්‍රථම කළු කාන්තාව ලෙස ඇය දැරූ එම ප්‍රයත්නය අන්තර්ජාලය ඔස්සේ අවධානයකට ලක්විය. අපරාධ හා නීතිය ක්‍රියාත්මක කිරීම ගැන ඇගේ වාර්තාව සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ තැන් සිට, කැලිෆෝනියාවේ ඉහළම නීති නිලධාරියා ලෙස ඇය සතු වාර්තාව දැඩි විමර්ශනයකට ලක්විණි. සමරිසි විවාහ සහ මරණ දඬුවම සම්බන්ධයෙන් වාමාංශික දෙසට බරවූ ස්වභාවයක් පෙන්නුම් කළ ද ඇය ප්‍රමාණවත් තරම් ප්‍රගතිශීලී නොවී යැයි ප්‍රගතිශීලීන්ගේ නිරන්තර දෝෂ දර්ශනයට ලක්වූවාය. පොලිසියට ප්‍රතිසංස්කරණ ගෙන ඒම, මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිසංස්කරණ මෙන්ම වැරදි සහගත ලෙස වරදට ලක්කිරීම යන කරුණු සම්බන්ධයෙන් ප්‍රගතිශීලීන් ගෙන ගිය සටන් කමලා විසින් මගහරින ලද බව සැන් ෆ්‍රැන්සිස්කෝ සරසවියේ නීතිය පිළිබඳ මහාචාර්ය ලාරා බැසෙලොන් පැවසීය. "ප්‍රගතිශීලී නීති නිලධාරියෙකු" ලෙස තමන්ව හඳුන්වා ගනු ලැබූ කමලා වමට බර වූ සිය උරුමය ඇතැම් අංග අවධාරණයට උත්සාහ දැරුවේ, කැලිෆෝර්නියා හි නීති දෙපාර්තමේන්තුවේ ඇතැම් විශේෂ නිලධාරීන් ශරීරයේ පළඳින කැමරා සහිත විය යුතු වූ වැඩපිළිවෙලක් ගෙන එමිනි. එවැනි පියවරක් ගත් ප්‍රාන්තය පුරා පැතිරුණු පළමු රාජ්‍ය ආයතනය එය වූ අතර අපරාධ පිළිබඳ සංඛ්‍යා ලේඛන ඇතුළත් මහජනයාට විවෘත වූ දත්ත ගබඩාවක් ද දියත් කෙරිණි. වාර්ගික ක්‍රියා හා පොලිස් කෘරත්වයෙන් එක්සත් ජනපදය වෙලා ගනිද්දී ප්‍රගතිශීලී හඬ තීව්‍ර කිරීම සඳහා කමලා හැරිස් ඉදිරියෙන් සිටියාය. හැරිස් සහ බයිඩන් මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල තුළදී එක්සත් ජනපදය පුරා පොලිසියේ භාවිතයට වෙනස්කම් එක් විය යුතු බව ඇය සංවාද වැඩසටහන්වලදී කීවාය. කෙන්ටකි ප්‍රාන්තයේ 26 හැවිරිදි බ්‍රෙයෝනා ටේලර් නම් අප්‍රිකානු - ඇමෙරිකානු කාන්තාව මරා දැමූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස ට්විටර් ඔස්සේ ආයාචනයක් කළ කමලා හැරිස් පද්ධති තුළ ඇති වර්ගවාදය ඉවත් කළ යුතු බව කීය. කොන්කරන ලද පිරිස් නියෝජනය කිරීම සඳහා තමන්ගේ අනන්‍යතාව ඊට ම ආවේණිකව ගැලපෙන බව ඇය නිතර සඳහන් කළාය. දැන්, ධවල මන්දිරයට හද ගැහෙන දුරින් හිඳින, උප ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින කමලා හැරිස් නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කළ තැන් සිට පොරොන්දු ප්‍රකාර කෙසේ ක්‍රියා කරනු ඇත්දැයි යන්න පිළිබඳ ඉතා සමීප නිරීක්ෂණයකට ලක්වනු ඇත. මෙම තොරතුරු ද දැනගන්න:
කොරෝනාවෛරස පරීක්ෂණ මගින් මිනිසුන්ට හානියක් විය හැකි බවට විවිධ ප්‍රකාශ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. අනිසි බියක් ඇති කිරීම හෝ "බියවැද්දීමෙන්" මිනිසුන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට යොමු කිරීම එවැනි ප්‍රකාශවල අරමුණ යැයි එවැන්නක් පළ කළ පුද්ගලයන් කීපදෙනෙකු අප සමග 'මැසෙන්ජර්' ඔස්සේ අදහස් හුමාරු කරමින් පැවසූහ. නමුත් මේ "බියවැද්දීම්" නිසා PCR පරීක්ෂණය මඟහරින පුද්ගලයන් සිටිය හැකිද? "මම PCR ටෙස්ට් එක කරන්න සෑහෙන බය වුණා. ෆේස්බුක් එකේ පෝස්ට් දැකලම තමයි මේ බය ඇති වුණේ. බය නිසාම ටෙස්ට් එක කළාට පස්සේ වමනේ ගියා. ඒ වගේම මගේ ටෙස්ට් එක කරන්න සෑහෙන අමාරු වුණා. අන්තිමට මට සැර කරළා තමයි කූර උගුරටයි, නහයටයි දැම්මේ," ජා ඇල පදිංචි ඉනුෂි කුරේ සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය. PCR පරීක්ෂණය මොළයට හානි කළ හැකිද? කොරෝනාවෛරස පරීක්‍ෂණ සිදුකරන අයුරු දැක්වෙන පින්තූර ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි පුළුල් ලෙස සංසරණය වී ඇත. එමෙන්ම, PCR පරීක්ෂණ මඟින් "මොළයට හානි සිදු විය හැකි යැයි" සමහරු අදහස් පළ කර ඇත. කෙසේනමුත්, නාසයෙන් ඇතුළු කරන පුළුන් රැඳවූ කූර (swab) මොළයට පිවිස එයට හානි සිදු කළ හැකි යැයි යන්න සම්පූර්ණ වරදවා වටහා ගැනීමකි. මොළයේ ආරක්ෂිත ස්ථර රාශියක් පිහිටා ඇත. පළමු හා පැහැදිලිම ආවරණය හිස් කබල වන අතර ආරක්ෂිත පටල හා තරලවලින් තවදුරටත් මොළය ආරක්ෂා වී තිබේ. මොළයට හානි සිදු කිරීමට නම් නාසයට ඇතුළු කරන කූර පටක ස්ථර කිහිපයක් කඩා අස්ථියක් හරහා හා රුධිර නාල තුළට යා යුතුය. "පටක හා අස්ථි බිඳගෙන යන තරමේ බලයක් මේ ටෙස්ට් යොදන්නේ නැහැ. මේවා අනවශ්‍ය බිය ගැන්වීම් සඳහා පතුරවන බොරු මත. මොළයට හානි සිදුවෙලා වැනි සංකූලතා මෙතෙක් අපට අසන්න ලැබිලා නැහැ," වෛද්‍ය පවිත්‍රා ද සිල්වා පැවසුවාය. "ටෙස්ට් එක කරනකොට උගුරේ, නාසයේ කැසීමක් වගේ දෙයක් දැනෙන එක සාමාන්‍යයයි. සමහරුන්ට පොඩි කැස්සක්, නැත්නම් ඔක්කාරයට එන ගතියක් දැනෙනවා. ඒ කිසිදෙයක් කල් පවතින ලක්ෂණ නෙමෙයි. ටෙස්ට් එකට කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. බය වෙන්න ඕනේ කොරෝනාවෛරසය නිසා ලෙඩ වීමට," ඇය තවදුරටත් පැවසීය. PCR පරීක්ෂණය සිදු කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් ලැබූ පිරිසක් වන අතර, එයින් හානි සිදුවීමක් ගැන ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ බීබීසී සිංහල සේවයට පැවසීය. මොකක් ද මේ PCR පරීක්ෂණය? PCR swab (පුළුන් රැඳවූ දිග කූරක්) පරීක්ෂණය කොරෝනාවෛරසය සඳහා සම්මත රෝග විනිශ්චය ක්‍රමය ලෙස හැඳින්වේ. රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වෛරසයේ ජානමය ද්‍රව්‍ය විස්තාරණය කිරීම මෙමගින් සිදුවේ. PCR යනු කෙටි නාමය වන අතර, එහි දිගුව වන්නේ Polymerase Chain Reaction යන්නය. වෛරසය ඇති දැයි විනිශ්චය කිරීමට ඔබෙන් ලබා ගන්නා සාම්පල විද්‍යාගාර පියවර ගණනාවක් හරහා යා යුතුය. පුළුන් රැඳවූ දිග කූරක් (Swab) නාසයෙන් හෝ මුඛයෙන් ඇතුළු කර උගුර සහ නාස් කුහරය කෙළවර ආසන්නයෙන් සෙම පටල ලබා ගැනීමෙන් පසු, එම සාම්පල PCR පරීක්ෂණය සඳහා පැය 48ක් තුළ රසායනාගාර වෙත යොමු කළ යුතුය. එම රසායනාගාර අප එදිනෙදා දකින සාමාන්‍ය ඒවා නොවන අතර, විශේෂ දැනුමැති තාක්ෂණවේදීන්, විද්‍යාඥයන් සිටින රසායනාගාරය. කොරෝනාවෛරස පරීක්ෂණයෙන් පසු ඔබට "ඔව්" හෝ "නැත" යනුවෙන් පිළිතුරක් ලැබේ. කෙසේනමුත් ලබා ගත් සාම්පල තුළ වෛරසය කොපමණ ප්‍රමාණයක් ඇත්ද යන්න හෝ ක්‍රියාකාරී ආසාදනයක් වීමට ඇති ඉඩකඩ පිළිබඳ කිසිදු සඳහනක් පරීක්ෂණ ප්‍රතිඵලවල සඳහන් වන්නේ නැත. සක්‍රීය ලෙස වෛරස් විශාල ප්‍රමාණයක් ඇති පුද්ගලයෙකුට මෙන්ම දැනටමත් සුව වී ඇති ආසාදනයකින් ඉතිරිව ඇති කොටස් ඇති පුද්ගලයෙකුට ද 'ධනාත්මක' ලෙස පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනු ඇත. එංගලන්තයේ මහාචාර්ය හෙනගන් පවසන්නේ සාක්ෂි අනුව කොරොනාවෛරසය "සතියකට පමණ පසු ආසාදනය අඩු වන බව පෙනේ," යනුවෙනි. සක්‍රීය වෛරස තිබේදැයි බැලීමට සෑම සාම්පලයක්ම පරීක්‍ෂා කළ නොහැකි වුවද, කඩඉම් ලක්ෂ්‍යය විය යුත්තේ කොතැනදැයි විද්‍යාඥයින්ට සොයාගත හැකි නම් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමේ සම්භාවිතාව අඩු කළ හැකි බව ද මහාචාර්යවරයා පැවසීය. මෙමගින් පැරණි ආසාදනයක් මත පදනම්ව ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීම මෙන්ම පුද්ගලයන් අනවශ්‍ය ලෙස නිරෝධායනයට යොමු කිරීම වළක්වා ගත හැකිය. "මගේ දරුවාට කොවිඩ් 19 ලක්ෂණ නිසා අපේ ගෙදර හැමෝම ටෙස්ට් කළා. හැබැයි දරුවා සහ ගෙදර හැමෝම නෙගටිව්, මම විතරක් පොසිටිව් වුණා. මේක හිතා ගන්න බැරි දෙයක්. මම දොස්තරලගෙන් ඇහුවමත් කිව්වේ මේ වගේ දරුණුවට පැතිරෙන වෛරස් එකක දී මේ වගේ දෙයක් අසාමාන්‍යයි කියලා. ඒක නිසා දවස් තුනකට පස්සේ මම ආයෙත් ටෙස්ට් කළා. ඒ ප්‍රතිඵලේ නෙගටිව්," එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක පැවසූ අතර, ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත පළ කළාය. මෙය සමාජ මාධ්‍ය ජාලවල පළවන සේ "භයානක" පරීක්ෂණයක් නොවන නමුත් සංකීර්ණ පරීක්ෂණයක් බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ "මෙය සිදු කරන කෙනාට භයානක වන්නේ නැහැ. නමුත් පියවර කීපයක් ඔස්සේ සිදුවන සංකීර්ණ පරීක්ෂණයක්. සමාජයෙන් නැගෙන තවත් චෝදනාවක් තමයි PCR පරීක්ෂණයට මේ තරම් කාලයක් ගත වන්නේ ඇයි කියන එක. ඔවුන් අසන්නේ ලේ පරීක්ෂාවක් වගේ ඉක්මණට මෙය සිදු කරන්න බැරි ඇයි කියලා. මේ තත්ත්වයට හේතුව, මේ වන විට සාම්පල් විශාල ප්‍රමාණයක් එන නිසා අපට කාලයක් ගත වෙනවා මේ පරීක්ෂණ සිදු කරන්න. එය ප්‍රමාදයක් නොවෙයි, නමුත් පරීක්ෂණයේ සංකීර්ණ බව එක්ක ගතවන කාලයයි" "මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නිසා අපි නිවැරදි වාර්තාවක් දෙන්න ඕනේ. මෙහි දී සිදුවන්නේ යම් කාලයක් ගතවන සම්පූර්ණ ක්‍රියාවලියක්," ඔහු තවදුරටත් පැහැදිලි කළේය. PCR පරීක්ෂණය සම්බන්ධ විවිධ අත්දැකීම් රටවල් ගණනාවක් හරහා ගුවන් ගමන් කීපයකින් පසු ශ්‍රී ලංකාවට පැමිණි නිල්මිණී PCR පරීක්ෂණ හතරකට මුහුණ දී ඇති අතර එම අත්දැකීම් බීබීසී සිංහල සේවයට පැවසුවාය, "ලංකාවට එන්න ෆ්ලයිට් කීපයක් ගන්න වුණා, රටවල් දෙකක PCR කළා. ලංකාවට ඇවිත් නිරෝධායනයේ ආයෙත් PCR දෙකකට මුහුණ දුන්නා. මට මුලින් අපහසු වුණේ නැහැ. හැබැයි තුන්වෙනි එක කරළා පැය කීපයක් යනකොට නහය, මූණ ඉදිමුණා. දවසක් යනකොට ඒක හොඳ වුණා. කොහොම වුණත් මේකට බය වෙන්න ඕනේ නැහැ. ඊට වඩා ප්‍රශ්න වෙනවා ලෙඩේ හැඳුනොත්," ඇය පැවසීය. මේ අතර, ගම්පහ පදිංචි ධම්මිකා ලොකුහේවා පැවසුවේ, PCR පරීක්ෂණය කිරීමේ දී හෝ ඉන් පසුව ඇයට කිසිදු අපහසුතාවක් නොදැනුන බවය. "මගේ ටෙස්ට් එක නෙගටිව් ආවා. ටෙස්ට් එක කරනකොට කිසිම අමාරුවක් වුණේ නැහැ. උගුරේ, නහයේ පොඩි කැසිල්ලක් ආවා විතරයි. ඒ අය කියන විදිහට හොඳට කට ඇරලා, දිව එළියට දමලා ඉවසීමෙන් හිටියාම හැමෝටම කරදරයක් නැහැ," ඇය පැවසුවාය. PCR පරීක්ෂණය සිදු කරන ආකාරය සහ කොරෝනාවෛරසය පිළිබඳ දිගින් දිගටම වීඩියෝ සහ ඡායාරූප නැරඹීම නිසා ඒ ගැන දැඩි බියකින් පෙළෙන බව කොළඹ පදිංචි සමාධි කුරුවිට බීබීසී සිංහල සේවයට පැවසුවාය. "මට වෛරස ලක්ෂණවත් නැහැ. හැබැයි PCR කරනකොට අමාරු වෙන වීඩියෝ, ඡායාරූප දැකලා, විවිධ අය කියන කතා අහලා හොඳටම බයක් දැනෙනවා මේ ගැන. මේවා ඇත්තද බොරුද කියලා හිතා ගන්න අමාරුයි." Swab එකට හුස්ම ගැනීමෙන් පමණක් පරීක්ෂණය සිදු කළ නොහැකිද? "කෝවිඩ් ඇත්තටම ඔබේ හුස්මෙන් බෝ වෙනවා නම්, ඔබට Swab එක මත හුස්ම ගන්න බැරි ඇයි? එය ඔබේ නාසයේ පිටුපසට තල්ලු කළ යුත්තේ ඇයි?" යනුවෙන් ඉන්ස්ටග්‍රෑම් බොහෝ දෙනෙකු අතර බෙදී ගිය ප්‍රකාශයක් දක්නට ලැබිණි. ආසාදිත පුද්ගලයෙකුට කැස්ස හෝ කිවිසුම් යන විට වෛරසය පිරී ඇති කුඩා බිඳිති වාතයට එකතු වීමෙන් එය පැතිරී යා හැකිය. නමුත්, රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍ය මෙමගින් එකතු නොවේ. "නාසයෙන් හෝ උගුරෙන් සෙම් පටල ගැනීමෙන් වඩාත් නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනවා," යැයි වෛද්‍ය පවිත්‍රා ද සිල්වා තවදුරටත් පැවසුවාය. සිහින් කූරකට හුස්ම පිටකිරීමෙන් වෛරස් අංශු හෝ වෛරසය රැගෙන යන සෛල හඳුනාගත නොහැකිය. නමුත්, නාසයට සහ උගුරට Swab ඇතුළු කර ලබා ගන්නා සෙම් පටලවලින් වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනු ඇත. PCR පරීක්ෂණය යොදාගන්නා වෙනත් කාර්යයන් කුඩා DNA සාම්පලයක පිටපත් විශාල ප්‍රමාණයක් ගෙන ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා භාවිතා කරන්නේ ද PCR පරීක්ෂණයයි. අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී අපරාධකරුවන් හඳුනාගැනීම සහ වෙනත් කාර්යයන් සඳහා ද මෙම පරීක්ෂණය යොදාගනු ලැබේ. ඊට අමතරව පුද්ගලයෙකුගේ දෙමාපියන් හඳුනාගැනීම මෙන්ම විවිධ ආසාදන හඳුනාගැනීමටද මෙම පරීක්ෂණය යොදා ගැනේ. මේ තොරතුරුද කියවන්න:
තවත් ජාත්‍යන්තර දිනයක් උදාවීමට ඇත්තේ දින කිහිපයකි. ඒ, ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙවර කාන්තාව ඇගයීමට ලක්වන්නේ ලෝකයම වසංගත රෝගයකින් වෙලාගෙන සිටින අවස්ථාවකදී ය.
"ඊට පස්සේ ඔක්කොම අමතකයි. අන්තිමට ඉතුරු වෙන්නේ කරපු කතා ටික විතරයි" මෙම වසංගතයට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බව සැබවි. නමුත් එමගින් කාන්තාවට සිදුවන පීඩාවේ තරම සුළු පටු නොවන බව නොරහසකි. මෙවැනි වාතාවරණයක් යටතේ සැමරීමට සූදානම් වන කාන්තා දිනයේ ඇති වැදගත්කම සහ ස්ත්‍රිය සැබෑ ලෝකයේ දී මුහුණදෙන ජීවිතය පිළිබඳව, අහඹු ලෙස තෝරාගත් කාන්තාවන් කීප දෙනෙකුගෙන් විමසා බැලුවෙමි. "කාන්තා දිනයට විතරයිනේ මේ ඔක්කොම කතා. ඊට පස්සේ ඔක්කොම අමතකයි. අන්තිමට ඉතුරු වෙන්නේ කරපු කතා ටික විතරයි. ක්‍රියාවන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ." නිකදළුපොත, මාලගමුව ග්‍රාමයේ පදිංචි නිශාන්ති අබේසුන්දර කතාව ආරම්භ කළේ නෝක්කාඩු ස්වරයෙනි. ඇය 46 හැවිරිදි එක් දරු මවකි. "ගෑනියෙකුට ගහන්න තියෙන හොඳම ආයුධය" "නගරේ කාන්තාවට නම් අඩු සැලකීමක්, පීඩාවක් වෙනකොට කොහේ හරි පිළිසරණක් ඇති. ගමේ ගැහැණියට ඉතින් සියල්ල දරාගෙන ඉන්නවා ඇරෙන්නේ යන්න තැනක් නැහැ. මම දන්නා ගොඩක් කාන්තාවෝ ඉන්නවා මේ පළාතේ, තමන්ට තියෙන පීඩාවක් ගැන කියන්න පොලිසියකටවත් තනියෙන් යන්න බය." කාන්තාවට "සම තැන කෙසේ වෙතත් නිසි තැනවත් ලැබේනම්" සැහීමකට පත්විය හැකි බව නිශාන්තිගේ අදහසයි. "රස්සාව කරන තැන වුනත් ගෑනියෙක් කියන දෙයකට හිස නමන්න අකමැති පිරිමි කොච්චර ඉන්නවද? ගෑනුන්ට පුලුවන්ද අපිව පාලනය කරන්න කියල හිතන මහත්තුරු කන්තෝරුවල කොච්චර ඉන්නවද? ගෑනු ඉන්නේ ගෙදර වැඩ කරන්නයි ළමයි බලාගන්නයි විතරක් කියල හිතන පිරිමි කොච්චර ඉන්නවද? ඒ ඔක්කොම එකතුවෙලා අවුරුද්දකට සැරයක් කාන්තා දිනය සමරනවා. විහිළුවක්නේ..." "වැඩිහිටියන්ගේ ආකල්ප හදන්න දැන් බැහැ. පරක්කු වැඩියි" නිශාන්ති රැකියාවක් කරන අතරතුර ස්වයං රැකියාවක ද යෙදෙන්නීය. තම දියණියට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනයක් ලබා දීම ඇයගේ ඉලක්කයයි. ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් ම කාන්තාවන්ට ගරු කළ යුතු ආකාරය දරුවන්ට කියා දිය යුතු බව ඇය අවධාරණය කරන්නීය. "වැඩිහිටියන්ගේ ආකල්ප හදන්න දැන් බැහැ. පරක්කු වැඩියි. දරුවෝ ටිකවත් හදාගෙන ඉස්සරහට ගියොත් ඊළඟ පරම්පරාවවත් මීට වඩා හොඳ වෙයි." "මේ පළාතේ නගරවල විදේශ රැකියා ඒජන්සි ගොඩක් තියෙනවා. ඒ මිනිස්සු හම්බ කරගන්නේ කාන්තාවන් මැදපෙරදිග යවල. ඒත් ඒ මිනිස්සුවත් දන්නේ නැහැ කාන්තාවකගේ ගරුත්වය රැකෙන විදියට කතා කරන්න. සමහරු ඉන්නවා ගැහැනුන්ට කටකතා හදල විනෝදයක් ලබන. ගෑනියෙකුට ගහන්න තියෙන හොඳම ආයුධය ඒකනේ." නිශාන්ති අබේසුන්දර පැවසුවාය. අමුතු සත්ව කොට්ඨාසයක්? නිදහස් ලේඛිකාවක වන ඉන්දු මධුභාලා පවසන්නේ එක් දිනක් වෙනුවට වසර පුරාම කාන්තාවන් වෙනුවෙන් හඬක් නගන්නේනම් තමන් සතුටුවන බවය. "මොකද එක දවසක් ඇය වෙනුවෙන් හඬක් නඟලා අනිත් දවස්වල ඇයට අකටයුතුකම් අසාධාරණකම් වෙනවානම් ඒ දිනයෙන් තියන තේරුම මොකක්ද? කාන්තාවන්ට සතුටු වියහැකි පසුබිමක් අද සමස්ත ප්‍රජාව තුළම ගොඩ නැගිලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්." ඈත අතීතයේ පටන් ම පුරුෂාධිපත්‍යයට ගැතිවුන අසාධාරණ සමාජ රටාවක් පවතින බව ඇයගේ අදහසයි. "අද සමාජයේ විවිධ අවස්ථාවන්වල, විවිධාකාරයෙන් කාන්තාවට අනිසි බලපෑම් බලහත්කාරකම් කායිකව පමණක් නෙවෙයි, මානසිකවත් දැඩිව පීඩනයට ලක්වෙනවා. එවැනි පීඩනයන්ට ලක්වුන මගේ යෙහෙළියන් බොහොමයක් ඉන්නවා." "කාන්තාවන් කියන්නෙ අමුතු සත්ව කොට්ඨාසයක් නෙවෙයි" පිරිමින්ට මෙන්ම "කාන්තාවන්ටත් කොන්ද කෙළින් තියන් තනිවම වුනත්" සමාජයට ධෛර්යයයෙන් මුහුණ දිය හැකි සමාජ පසුබිමක් ගොඩනැගිය යුතු බව ඉන්දු අවධාරණය කළාය. "වත්මන් සමාජයේ කාන්තාවකට තනිවම ඉන්නත් අපහසු තත්ත්වයක් තියෙනවා. දික්කසාද වුන කාන්තාවන්ටත් එහෙමයි. කාන්තාවන් කියන්නෙ අමුතු සත්ත්ව කොට්ඨාසයක් නෙවෙයි. සෑම කාන්තා දිනයකම මේ දේවල් වචන වලට පමණක් සීමාකරලා වැඩක් නැහැ, ක්‍රියාවෙනුත් යමක් කළ යුතුයි." ඇය පැවසුවාය. කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් හෝ වෙනස්කොට සැලකීම් අවම වූ සමාජයක් දැකීම කඩිනම් කර ගැනීමට නම් සෑම ස්ත්‍රීයක්ම උසස් අධ්‍යාපන මට්ටමකට ළඟා වී, ඉහළ තනතුරු දැරීමට උත්සාහ කළ යුතු බව ඉන්දු මධුභාලා පවසන්නීය. "සදාචාරය සංස්කෘතිය ගැන මහා ඉහළින්..." හසිතා දර්ශනී කොඩිතුවක්කු, පොලොන්නරුව විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියකි. කිවිඳියක වන ඇය සාකච්ඡාවට අවතීර්ණ වූයේ තමන්ගේ ම පද වැලකින් ඌනපූරණයක් තබමිනි. ලොව ඇති දුක් දරන්නී ඈ නම් ⁣වේය ජනනී... "කිසිවකුට අවතක්සේරු කළ නොහැකි ගැහැනිය සතු දරාගැනීමේ හැකියාව ඇත්ටම අසමසමයි. කම්හලේ, වැඩපළේ හෝ කාර්යාලයේ පැය අටක් මෙහෙකරන මිනිසුන් වැඩ ඇරී නිවෙස් බලා යන්නේ විඩාව සංසිඳුවාගන්න. විවේකයක් අත්විඳින්න. ඒත් ගැහැනුන් කාර්යාලයේ සිට නිවෙසට යන්නේ වැඩ පටන් ගැනීමට. ඒ, ඊළඟ වැඩමුරය සඳහා. මේ වැඩමුරය ඇය අරඹන්නේ නිවෙසේදී. ඇයට තම නිවස තුළ වුවද ඇය වෙනුවෙන් වෙන්වූ මානසික නිදහසක් ශාරිරික නිදහසක් තිබෙනවාද යන්න අද ගැටලුවක් කියලා මට හිතෙනවා." ස්ත්‍රියගේ "කඳුලට සිසලසක් සමාජයෙන් මෙතෙක් ලැබී ඇත්දැයි යන්න" විමසිය යුතුම කාරණයක් බව හසිතා අවධාරණය කරන්නීය. "සදාචාරය සංස්කෘතිය ගැන මහා ඉහළින් කතා කරන අපි මෙරට වැඩිම අය මාර්ගය රැගෙන එන ඇයගේ කතාවට සවන් දුන්නාද?" "අද රටට විදේශ විනිමය සපයන, කොටින්ම කීවොත් අපේ රට පොහොසත් කරන මූලික අය මාර්ගය තමයි විදෙස්ගත ගෘහ සේවය. වර්තමානයේ වසංගත තත්ත්වය නිසා ඔවුන්ට රැකියා අහිමි වෙලා ඉතා අසරණභාවයට පත්වෙලා ඉන්න වෙලාවක රටක් විදියට ඇයට අපි යහපත් සාධාරණයක් ඉටු කළාද? වගකිවයුතු අය නිහඬව සිටිම කෙතරම් යුක්ති සහගතද?" ඇය ප්‍රශ්න කළාය. "ඇය ගැන කතා කරන කාන්තා දිනයේදීවත් ඇය⁣ පිළිබඳව සහකම්පනය ඇති නොවන්නේ මන්ද යන්න මට මහා දුකක් එක්කම කළකිරීමක් තමයි දැනෙන්නෙ. රටක් විදියට අප ඉදිරියට යන්නෙ කොහොමද මෙහෙම කඩතොලු තිබියදී. සදාචාරය සංස්කෘතිය ගැන මහා ඉහළින් කතා කරන අපි මෙරට වැඩිම අය මාර්ගය රැගෙන එන ඇයගේ කතාවට සවන් දුන්නාද?" "වචනවලට සීමා නොවී ඇයට නිසි වටිනාකම ගෞරවය ලබා දෙන්න කියන යෝජනාව මම මේ වෙලාවෙදී සියලුම පුරවැසියන්ට මතක් කරනවා." හසිතා දර්ශනී කොඩිතුවක්කු මගේ සාකච්ඡාවට සමුදුන්නේ සමාජයෙන් ඉල්ලීමක් ද කරමිනි. "මගේ ඇස් දෙකෙන් දැක්කා..." කොරෝනා වසංගතය නිසා කාන්තාවන් විශාල පිරිසක් මැදපෙරදිග අසරණ වී සිටියදී කාන්තා දිනයක් සැමරිය හැකිදැයි කුවේට් රාජ්‍යයේ සල්වා නගරයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් වන තුෂාරි අන්සයිඩ් ප්‍රශ්න කරන්නීය. ඇය කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිලධාරිනියකි. "කොරෝනාවෙන් බේරෙන්න ආපහු ලංකාවට එන්න බැරුව තාමත් කාන්තාවෝ ලතවෙනවා. මම මගේ ඇස් දෙකෙන් දැක්කා කාන්තාවන් සිය ගණන් එම්බසි ඉස්සරහ දවස් ගණන් මහපාරේ ඉන්නවා. ඒ ගොල්ලෝ හම්බ කරලා ලංකාවට එවන සල්ලි වලින් තමයි රටම දුවන්නේ. අමාරුවේ වැටුනම පිහිට වෙන්න කවුරුත් නැහැ. ඒ වුනාට කාන්තා දිනය නම් ඉහළින් සමරනවා. එදාට කාන්තාව ගැන හරි ඉහළින් අගය කරනවා." ඇය ප්‍රකාශ කළාය. "එම්බසිය ඉස්සරහ පාරේ වැටිල හිටිය කාන්තාවන්ට කෑම පැකට් එකක් දෙන්න කෙනෙක් ආවේ නැහැ. සමහර මිනිස්සු පෞද්ගලිකව තම තමන්ට පුළුවන් විදියට කන්න දෙයක් ගෙනත් දුන්නා." "හරිනම් අමාරුවේ වැටුනම මුලින්ම උදව් කරන්න ඕන රටට සල්ලි ගේන මිනිස්සුන්ට" "රස්සාවල් නැති වෙච්ච අය ලංකාවට එන්න සල්ලි නැතුව තාම ලත වෙනවා. මේ කාන්තාවන් අවුරුදු ගානක් හම්බ කරපුව එව්වේ ලංකාවට. රටේ මිනිස්සුන්ට පොදු පහසුකම් සපයන්නේ මේ විදේශ විනිමයෙන්. ඒත් ලංකාවේ ඇතැම් සාමාන්‍ය මිනිස්සුත්, පිටරටවල ඉන්න අපි දිහා බැලුවේ නරක විදියට. හරිනම් අමාරුවේ වැටුනම මුලින්ම උදව් කරන්න ඕන රටට සල්ලි ගේන මිනිස්සුන්ට." රටට ලැබෙන විදේශ විනිමයෙන් වැඩි කොටසක් ලබා දෙන මෙම කාන්තාවන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී බොහෝ හිරිහැර සහ නොසැලකීම්වලට ලක්වන ආකාරය තමන් සියසින් දැක ඇති බව තුෂාරි පැවසුවාය. "පාර්ලිමේන්තුවේ පටන් රජයේ සේවකයා දක්වා නඩත්තු කරන්න මේ අසරණ ගෘහ සේවිකාවන් එවන සල්ලි පාවිච්චි වෙනවා. සරලවම කියනවනම් මේක කාන්තාව හම්බ කරන සල්ලි වලින් දුවන රටක්. ඒ වුනාට ලංකාවට යනකොට ප්ලේන් එකේදිත්, එයාපෝර්ට් එකේදිත් හැමෝගෙම ලොකුකම් බලන්නෙත් මේ අසරණයෝ. හැබැයි මේ විදේශ විනිමයෙන් තමයි පාඩු ලබන ගුවන් සේවයට සල්ලි පොම්ප කරන්නෙත්. තේ, පොල්, රබර් වලින් හම්බවෙන්නේ කීයද?" තුෂාරි අන්සයිඩ් ප්‍රශ්න කළාය. මේ ගැනත් දැනගන්න:
උතුරු පළාතේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් අද උදෑසන රෝහල්ගත කෙරුණ බව වාර්තා වෙයි.
දෙමළ ජාතික සන්ධානය පවසන ආකාරයට මහ ඇමතිවරයා යාපනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන්නේ හෘදයාබාධයක් හේතුවෙන්. මහ ඇමතිවරයා සිය හෘද චිකිත්සක ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් ඇති අතර, ඔහු තරමක් අයහපත් තත්වයක වූ හෙයිනුයි, රෝහලට ඇතුළත් කරනු ලැබ තිබෙන්නේ.
කිරි එළදෙනුන්ගේ තන බුරුල්ලේ හට ගන්නා දැඩි වේදනාකාරී තත්වය මග හැරීම සඳහා පැරණි කාන්තා තනපටයක් ඇන්දවූ අවස්ථාවක් පිළිබඳ ස්කොට්ලන්තයෙන් වාර්තා විය. එළදෙනුන්ගේ තන බුරුල්ලේ හටගන්නා එම වේදනාකාරී තත්ත්වය 'මැක්ටිටීස්' ලෙස හැඳින්වේ.
තමන්ගේ එළදෙනක් එම තත්වයට පත්ව වේදනාවට ලක්වීමෙන් වලක්වා ගැනීම සඳහා ස්කොට්ලන්තයේ ජීවත් වන ගොවි යුවලකට අයත් මෙම අපූරු අදහස පහළ වී ඇත. ගව පැටවා කිරි උරා බොන්නේ තන බුරුල්ලේ ඉදිරි කොටසින් නම් පසුපස කොටසට කිරි එකතු වීමෙන් එළදෙනට දැඩි වේදනාවක් ගෙන දෙයි. කිරි උරා බොන කොටස හැර අනෙක් කොටස වැසෙන සේ තනපටයක් ඇන්දවීමෙන් තන බුරුල්ලට ඇති වන පීඩනය අවම කිරීම සඳහා මෙසේ තනපටක් භාවිත කළ හැක. ගොවි යුවලගේ තවත් මිතුරු ගොවියකු වන ඩොනල්ඩ් රොස් මේ පිළිබඳ ඡායාරූප බෙදාහැර තිබේ. "මම කැමතියි ගොවි ජනයා සමග අලුත් අදහස් හුවමාරු කරගන්න," රොස් පැවසීය. "මෙම ක්‍රියාවේ පොඩි හාස්‍යඋත්පාදක ස්වරූපයක්ද දකින්න පුළුවන්." "තනපටයක් ඇන්දවීමෙන් බලාපොරොත්තු වන්නේ එළදෙන සුව පහසුව සිටීමයි. තනපටයකට භාවිත කරන රෙදි ඉතා මෘදුයි. එයට රබර් පටියක් එක්කොට එළදෙනගේ බඳ වටා සවි කරනවා," යැයි රොස් තවදුරටත් පැවසුවේය. "තන බුරුල්ලට ඇති පීඩනය අවම කරගන්න අතින් කිරි දොවන්න පුළුවන්. හැබැයි එයින් එළදෙන තවත් පීඩනයට පත් වෙලා කිරි දොවන්න පැමිණෙන පුද්ගලයාට පහර දී තුවාල කිරීමේ අවදානමත් තිබෙනවා."
එක් දින ජාත්‍යන්තර තරඟයකදී වේගවත්ම ශතකය වාර්තා කරමින් නවසීලන්ත කණ්ඩායමේ කොරී ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් බිහි කළේය.
හයේ පහර දාහතරක් සහ හතරේ පහර හයක් කොරී ඇන්ඩර්සන්ගේ ඉනිමට ඇතුලත් ක්වීන්ස්ටවුන් හිදී බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවැත්වුන තරඟයේදී පන්දු තිස් හයකින් ශතකයක් රැස් කරමිනුයි ඔහු එම වාර්තාව බිහි කළේ. මීට කලින් එම වාර්තාව පිහිටුවා තිබුනේ පන්දු තිස් හතකින් ශතකය රැස් කළ පකිස්තාන කණ්ඩායමේ ෂහීඩ් අෆ්රිඩි විසින්. ඒ 1996 දී. නවසීලන්ත ඉනිම අවසාන වන විට කොරී ඇන්ඩර්සන් නොදැවී ලකුණු 131 ක් රැස් කර ගෙන සිටියේය. හයේ පහර දාහතරක් සහ හතරේ පහර හයක් ඔහුගේ ඉනිමට ඇතුලත්.
ලොව විශාල වශයෙන් පරිසර දූෂණයට ගොදුරු වී තිබෙන නගර අතුරින් එකක් වන ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගෝලය රැක ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබ ඇත.
ගොඩනැගිලි ඉදිකිරීම් හෝ මාර්ග ආශ්‍රිත පවතින දූවිල්ල, පොදු උද්‍යාන තුළ කැළිකසල සහ කොලරොඩු ආදිය ගිනි තැබීම වැනි වායු දූෂණයට හේතු වන ක්‍රියාකාරකම් වාර්තා කිරීම සඳහා මහජනතාව වෙත ඉඩ සලසමින් ජංගම දුරකථන මෘදුකාංගයක් (App) හඳුන්වා දී තිබේ. වායු දූෂණයට හේතු විය හැකි යැයි හැඟෙන ක්‍රියාකාරකම්වල ඡායාරූප ගෙන අන්තර්ජාලයට එක් කිරීමටද මෘදුකාංගය භාවිත කරන දිල්ලි නගරවාසීන්ට අවස්ථාව සලසා ඇත. ඉන් අනතුරුව වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම පැමිණිලි අදාළ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග දැක්වෙන වාර්තාවක් පැමිණිලිකරු වෙත ලැබේ. ජංගම දුරකථන මෘදුකාංගය හඳුන්වා දෙනු ලැබුවේ ඉන්දියාවේ පරිසර දූෂණ පාලන අධිකාරිය විසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පක්ෂයේ නව නායකයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගන්නා ලද බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
නව නායක අනුර කුමාර දිසානායක සහ හිටපු නායක සෝමවංශ අමරසිංහ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ හත් වැනි ජාතික මහ සමුළුවේදී යි ඔහු පත් කොට ගෙන ඇත්තේ. නව මධ්‍යම කාරක සභා සාමාජිකත්වය තිස් දෙනකු දක්වා පුළුල් කොට ඇති බවද ජවිපෙ පවසයි. මෙතෙක් ජවිපෙ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය දැරුවේ විසි පස් දෙනෙකි. පක්ෂයේ ප්‍රධාන ලේකම්, ප්‍රචාරක ලේකම්, ජාත්‍යන්තර ලේකම්, මුදල් ලේකම් සහ ජාතික සංවිධායක යන තනතුරු සඳහා තෝරා පත් කර ගැනීමට නව මධ්‍යම කාරක සභාව කටයුතු කරමින් සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.
ලොව ඇතැම් කලාප කොරෝනා වෛරස් ලොක්ඩවුන් සීමා ලිහිල් කරද්දී ඉන්දියාවේ වසංගත තත්ත්වය ව්‍යසනයක් කරා ඇදෙමින් පවතී.
එරටින් හමුවන නවතම කොරෝනා වෛරස් ප්‍රභේදය තවත් රටවල් දහ අටකවත් පැතිර ඇති බව GISAID ග්ලෝබල් ඩේටාබේස් ආයතනය පවසයි. ඉන්දියාව මුහුණ පා ඇති ගැටලු සහගත තත්ත්වය ලොව සෙසු රටවලට බලපාන්නේ කෙසේද යන්න ඉහත වීඩියෝවේ දැක්වේ. මේ ගැනත් කියවන්න:
සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ගේ අංක 10 සඳහන් ටී ෂර්ටයට සමාන කමිසයක් හැඳ අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් ඇෆ්ගනිස්තාන දරුවාට සිය වීරයා හමු වීමට භාග්‍ය උදා වී තිබේ.
පොලිතින් බෑගයක් යොදා ගනිමින් සකස් කරන ලද කමිසයක් හැඳ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන හය හැවිරිදි මුර්ටාසා අහ්මාඩිගේ රුව සහිත ඡායාරූපය පසුගිය ජනවාරි මාසයේදී සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පළ විය. ඒ සමග පාපන්දු ශූර ලයනල් මෙසී ගේ අත්සනින් යුත් අංක 10 සහිත පාපන්දු ජර්සියක් මුර්ටාසා වෙත තෑගි වශයේ ලැබිණ. නමුත් කුඩා මුර්ටාසාට සිය සුපිරි වීරයා සියැසින් දැක ඔහු මුණ ගැසීමට ද අවස්ථාව උදා වූ බව 2022 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන උළෙලේ සංවිධායක මණ්ඩලය පවසයි. ඇෆ්ගනිස්තානයේ ගාන්සි පළාතේ විසූ මුර්ටාසා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම ප්‍රදේශය හැර පසුගිය මැයි මාසයේදී පාකිස්තානය බලා පලා යාමට සිදු විය.
ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කර ඇති බැවින් ඇය වෙත තීරුබදු සහනය යටතේ නිකුත් කරන ලද වාහනය සඳහා අදාළ බදු මුදල් වහා අය කර ගැනීමට කටයුතු කරන මෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) ඉල්ලා සිටී.
අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ගීතා කුමාරසිංහ පවසයි ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේ ද පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින් ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බව අභියාචනාධිකරණය ඊයේ (මැයි 03) තීන්දු කළේය. ඇය වෙත රජයෙන් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කොට ඇති බව කියා සිටින කැෆේ සංවිධානය ඒ සඳහා රජයට අය විය යුතු බදු මුදල් සහ අධි භාරය අයකර ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. මූල්‍ය වරප්‍රසාද මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් රජය විසින් වැය කරන ලද මුදල් ඇයගෙන් අයකර ගැනීමට කටයුතු කරන මෙන් අධිකරණය ඊයේ නීත්පතිවරයාට නියෝග කළේය. ඒ අනුව මන්ත්‍රීවරියගෙන් අයකරගනු ලබන්නේ ඇයට ගෙවූ දීමනා පමණක්ද, නොඑසේනම් තීරු බදු රහිත වාහන දීමනා ඇතුළු මෙතෙක් ඇයට හිමි වූ සියලු මූල්‍ය වරප්‍රසාද ඊට ඇතුලත් වන්නේ ද යන්න පැහැදිලි නොමැත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය. කෙසේ නමුත් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ගීතා කුමාරසිංහ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජාතික ගැටළුව විසදීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට ඒ අතර වාරයේ පොලිස් සහ ඉඩම් බලතල කප්පාදු කිරීමට තැත් කිරීම පරස්පර විරෝධී ක්‍රියාවක් යැයි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ප්‍රකාශ කරයි
ඉන්දියාවටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් පොරොන්දු වූ පරිදි දහතූන් වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට බලය විමධ්‍ය ගත කළ යුතු අවස්ථාවක දී කප්පාදු කිරීම් ගැන සාකච්ඡා කරන පාර්ලිමේන්තු කාරක සභාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා ගැනීමට උත්සාහ කිරීම අර්ථ විරහිත බව බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේය. "ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයට කියන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇවිල්ලා දහතූන් වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෑලි ගලවන වැඩේට සම්මාදම් වෙන්න කියලයි.ඉතිං කෝ දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වෙන්න දිරිගැන්වීමක් " යැයි දයාන් ජයතිලක ප්‍රශ්න කළේය. මේ අතර විපක්ෂ නායකයා බදාදා කියා සිටියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රටේ ජනතාව සමග කතා නොකොට රජය ඉන්දීය රජය සමග ඒ ගැන සාකච්ඡා අරඹා ඇති බවයි. “ඉන්දියාව සමග බැසිල් රාජපක්‍ෂ හරහා මේ ගැන කතා කළාට පසුව 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට යළි අපට ආරාධනා කරන්නේ කුමකට දැ?’ යි රනිල් වික්‍රමසිංහ විමසා සිටියේ ජාතික සේවක සංගමයේ වෘත්තීය කි‍්‍රයාකාරීන් සමග ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති හමුවක් අමතමින්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නවලෝක රෝහලේ රිමාන්ඩ් භාරයේ පසුවූ දුමින්ද සිල්වා මන්තීවරයා කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් කෙරේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මුල්ලේරියාවේදී ඝාතනය කෙරිණ සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත්කරමින් ඔහුගේ නීතිඥවරයා පැවසුවේ සිය සේවා දායකයාගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරයා අප මත නිදහස් කරන ලෙසයි. ඊට විරෝධතා නොදැක්වූ නීතිපතිවරයා එම ඉලීමට තමන් එකඟත්වය පල කරන බව අධිකරණය හමුවේ පැවසුවේය. ඒ අනුව, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා රුපියල් 50,000 ක මුදල් ඇප මත සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කෙරිණ. ඒ හැරුන විට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයාගේ ගමන් බල පත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසටත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් කොන්දේසි පනවා තිබේ.
ඉන්දියාවේ දිල්ලි නුවර ස්ත්‍රී දූෂණ නඩුවේ ඇතැම් චුදිතයන්ට පොලීසිය වධ හිංසා පමුණුවා බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබාගෙන ඇතැයි විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටීමට අපේක්ෂා කරන නීතිඥයෙක් චෝදනා කර ඇත.
නීතිඥ මනෝහර් ලාල් ශර්මා කියා සිටින්නේ සැකකරුවන්ට පහර දී මහජන කෝපය සමනය කරන අපේක්ෂාවෙන් සාක්ෂි හසුරුවා ඇති බවයි. විශාල ආන්දෝලනයක් විසිතුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දැමීමේ චෝදනා යටතේ සැකකරුවන් පස් දෙනෙක් බ්‍රහස්පතින්දා යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණ. අධිකරණ බලධාරීන් පවසන්නේ විවෘත නොවූ අධිකරණයක් ඉදිරියේ නඩුව කඩිනමින් විභාග කැරෙන බවයි. දෙසැම්බරයේ සිදුවූ මෙම අපරාධය ලොව පුරා විශාල ආන්දෝලනයක් ඇති වීමට හේතු විය. සබැඳි තේමා
වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන් විසින් බැලුම්මහර නගරයේ කොළඹ-නුවර මාර්ගයේ අද පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට පොලීසිය සහ යුද හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
තුවාල ලැබූ විසි දෙනකු පමණ රෝහල් ගත කොට ඇති බවයි ගම්පහ මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ. කර්මාන්තශාලාවක් වසා දමන ලෙස ඉල්ලා සිටින උද්ඝෝෂකයන් දහස් ගණනකට කිසිම හේතුවක් නැතිව පහර දුන් බවයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සංදේශයට ප්‍රකාශ කළේ . වැලිවේරිය රතුපස්වල පිහිටි හේලීස් සමාගමට අයත් අත් වැසුම් කම්හලක් නිසා පවුල් දස දහසකට අධික පිරිසක්, පානය කිරීමට හා පරිභෝජනය සඳහා ලබා ගන්නා ජලය විස වන බවට චෝදනා කරති. මෙම වෙළෙඳ ව්‍යාපාරයකට එරෙහිව ගල්ඔලුව සිරි සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් උපවාසයක් ආරම්භ කොට තිබිණ.
පාකිස්තානයේ ලාහෝර් නුවර සිදු වූ පිපිරීමකට හසු වී පනස් දෙනෙකුට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති අතර පුද්ගලයන් ගණනාවක් තුවාල ලබති.
මරාගෙන මැරෙන ප්‍රහාරකයකු විසින් ළමා සතුටු උයනක් ආසන්නයේ දී බෝම්බය පුපුරවා හැර ඇති බවයි පාකිස්තාන පොලිසිය කියා සිටියේ. පිපිරීම සිදු වන අවස්ථාවේ උයන සහ ඒ අවට ප්‍රදේශය දෙමව්පියන් සහ දරුවන්ගෙන් පිරී තිබූ බවත් වාර්තා වේ. ප්‍රහාරය එල්ල වීමත් සමග තැති ගත් දරුවන් දෙමව්පියන්ගෙන් මඟ හැරී ඒ මේ අත දුව යන ආකාරයත් ඒ මොහොතේ විශාල තෙරපීමක් ඇති වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෙක් කියා සිටියේය. දරුවන් සහ වැඩිහිටියන් විශාල පිරිසක් රෝහල් වෙත ගෙන ගොස් තිබේ. බෝම්බ ප්‍රහාරය කවුරුන් විසින් මෙහෙයවා ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි නොමැත.
වෙසක් සමයේ දන්සැල් සඳහා වියදම් කරන මුදල් ගංවතුරෙන් සහ නාය යෑම් හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙත කැප කරන මෙන් අස්ගිරි මහනාහිමියෝ ඉල්ලා සිටිති.
දායක සභා දැනුවත් කොට ඒවායේ සහාය ලබා ගනිමින් අසරණ තත්වයේ පසු වන ජනතාවට සහන සැලසීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර ගන්නා ලෙසත් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන නාහිමි මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියහ. 'ඒ ලබා දෙන සහනාධාර ඒ පිරිස් අතරේ සාධාරණ විදිහට බෙදා දෙන්න සලස්වනවා නම් හොඳයි.' උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
ලෝකය පිළිකා රැල්ලකට මුහුණ පා සිටින බවට අනතුරු අඟවන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්ද්‍යාඥයෝ මධ්‍යසාර සහ සීනි සම්බන්ධයෙන් සීමා පැනවීම සලකා බැලිය යුතු බව පවසති.
පිළිකාව සම්බන්ධ අලුත් ම වාර්තාවේ මෙම අනතුර හැඳින්වුණේ ‘උදම් රළ පහරක්’ ලෙසින්. 2035 වන විට ලෝකයේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දෙකෝටි විසිහතර ලක්ෂය දක්වා ඉහළ යනු ඇතැයි පෙර දකින එම සංවිධානය පවසන්නේ එය අඩකින් අඩු කිරීමේ හැකියාව පවතින බවයි. දුම් පානය, තර බව හා මත්පැන් බීම සම්බන්ධයෙන් පියවර ගෙන පිළිකාව වැලැක්වීමේ ‘සැබෑ අවශ්‍යතාවක්’ මතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ. ජගත් පිළිකා පර්යේෂණ භාරය ප්‍රකාශ කරන්නේ පිළිකා රෝගය සහ ආහාර අතර සම්බන්ධය ගැන ඇති බොළඳ අවබෝධය ‘තැති ගන්වන’ සුළු බවයි. වසරක් පාසා එක් කෝටි හතලිස් ලක්ෂයකට පිළිකා රෝගය ඇතැ’යි හඳුනා ගනු ලබන අතර 2025 දී එය එක් කෝටි අනු ලක්ෂය දක්වාත්, 2030 දී දෙකෝටි විසි හතර ලක්ෂය දක්වාත් ඉහළ නගිනු ඇතැයි ගණන් බලා තිබේ. මෙයින් වඩාත් පීඩාවට පත් වනු ඇත්තේ සංවර්ධනය වන රටවල් ය.
රජයේ සන්නද්ධ සේනාංක උතුරු පලාතෙන් මුළුමනින් ම ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටිය දී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ යුද භටයන් සැලකිය යුතු අයුරින් අඩු කොට ඇති බවයි.
මහ ඇමැති සී වී විග්නේස්වරන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඉරිදා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ යාපනයේ තෙලිප්පලෙයි පිළිකා රෝහල විවෘත කිරීමේ උත්සව සභාවේ දී. ශ්‍රී ලංකා රජයේ යුද හමුදා සේනාංක උතුරෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවට හේතු ලෙස මහ ඇමැති වරයා දක්වා සිටියේ මානව හිමිකම් උල්ලංඝනය වීමත් භට පිරිස් වලට දෙමළ ජනතාවගේ භාෂාව, ඇදහිලි හා සංස්කෘතිය පිළිබඳ නිසි අවබෝධයක් නො තිබීමයි. රටේ ආරක්ෂාව ඒ අතරම තමන් වෙත, ‘රටේ ආරක්ෂාව පවත්වා ගෙන යාම පිළිබඳ ව වෙනස් අදහසක් නැති,’ බව ද මහ ඇමැති විග්නේස්වරන් කියා සිටියේය. එහෙත්, ‘අඩියෙන් අඩියෙන් කඳවුරු තිබුණු යුගයක්,’ පැවතියේ යැයි කියා සිටි ජනාධිපතිවරයා වර්තමානයේ තත්වය වෙනස් වී ඇති බවයි රැස්වීම අමතා පැවසුවේ. “මා දන්නා තරමට හැට දාහක් හැත්තෑ දාහක් අතර හමුදාවක් මේ ප්‍රදේශයේ හිටියා. අද වෙන කොට හමුදාව දොළොස් දහසකට අඩු වෙලා,” යි ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළේය.
මෑතකදී තායිලන්තයෙන් පිටුවහල් කරන ලද උයිගර් මුස්ලිම් ප්‍රජාවට අයත් සීයකට අධික චීන ජාතිකයන් පිරිසක් ජිහාඩ්වරුන් වීම සඳහා මැද පෙරදිග බලා යමින් සිටි බව චීන රජයේ මාධ්‍ය නිවේදනය කරයි.
එම පිරිස චීනය බලා ආපසු පිටත් කර හරිනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන චීන රජයේ රූපවාහිනිය ඔස්සේ විකාශනය කොට තිබේ. මේ අතර වද හිංසා වලට බියෙන් උයිගර් මුස්ලිම් ප්‍රජාව තම ගම් බිම් පිහිටි චීනයේ ෂින් ජියාන් ප්‍රදේශය හැර දමා පලා යන බවයි ඇමරිකානු මානව හිමිකම් සංවිධාන වල මතය වී ඇත්තේ. තායිලන්ත රැඳවුම් භාරයේ පසු වූ උයිගර් මුස්ලිම් ප්‍රජාවට අයත් සංක්‍රමණිකයන් පිරිස තායිලන්තය විසින් චීනයට නැවත පිටත් කරනු ලැබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ දැඩි විරෝධය එල්ල විය. එම පිරිසගේ පැවැත්ම සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත් වී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය හඳුනා ගැනීම සිය ජීවිතයේ මුහුණ දුන් දුෂ්කරම අවස්ථාව බව සන්ඩේ ලීඩර් පුවත්පතේ ඔහු සමග සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම පවසයි.
අඟහරුවාදා ගොඩ ගැනුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස ඔහුගේ පවුලේ ඥාතීන් මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල්ගෙන් ඉල්ලීමක් කොට තිබිණි. බොරැල්ල සුසාන භූමියේ දේහය මිහිදන් කොට තිබූ ස්ථානය හඳුනා ගැනීමෙන් අනතුරුව එය ගොඩ ගන්නා අවස්ථාවේ තමා දැඩි කම්පනයටත් සංවේගයටත් පත් වූ බව මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමග අදහස් දක්වමිනි. දීර්ඝ කාලයක් සමීපව කටයුතු කළ වෘත්තීය සගයාගේ දේහය ඒ ආකාරයට දැක ගැනීම දරා ගත නොහැකි වේදනා බර අත්දැකීමක් වූ බවයි ඇය කියා සිටියේ. "ඒ වේදනාව, මට වගේම ලසන්තගේ පවුලේ දරුවන් ඇතුළු සෑම දෙනාටම දැනෙනවා. මම හිතනවා දැන්වත් ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉටු කරලා දිය හැකි නම් මේ ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ එතනයි," සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතුවරියක වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම වැඩිදුරටත් කියා සිටින්නීය. ඝාතනය පිළිබඳව සැකපිට හමුදා බුද්ධි අංශ සාමාජිකයකුද අත්අඩංගුවට ගෙන තිබෙන නමුත්, ඝාතනය සඳහා අණ දුන් පුද්ගලයන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඇය අවධාරණය කළාය.
අඟහරුවාදා (ජනවාරි 7) රාත්‍රියේ ඉරාකය තුළ ඇමෙරිකානු හමුදා රැඳී සිටින ගුවන් කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.
එම ප්‍රහාරය එල්ල වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ජනවාරි 3වෙනිදා ඉරාන හමුදා නායකයා ඉරාකයේ 'බැග්ඩෑඩ්' ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ අවස්ථාවේ ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් මරා දැමීමට ප්‍රතිචාර වශයෙනි. මේ අතර ජනවාරි 7වෙනි දින පැවති ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණ අතර එයට ලක්ෂ ගණනක පිරිසක් සහභාගී වූහ. මිහිදන් කිරීමේ අවස්ථාවට පැමිණි ජනයා අතර ඇති වූ තෙරපීමකින් පනස්දෙනෙකු දෙනෙකු මරණයට පත් වූහ. ජනවාරි 6 වෙනි දින ශ්‍රී ලංකා විදෙස් අමාත්‍යාංශය පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ, "ඉරාන නායකයෙකු මරා දැමීමත් සමඟ මැද පෙරදිග ඇති වූ උණුසුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමු වී තිබෙනවා," යනුවෙනි. එමෙන්ම, "මෙම සිදුවීම්වලට සම්බන්ධ සියලු පාර්ශව ඉතා ඉවසීමෙන් කටයුතු කර සාකච්ඡා මඟින් ගැටලු නිරාකරණය කරගෙන කලාපයේ සාමය සහ ආරක්ෂාව රැක ගන්න යැයි ඉල්ලීමක් කරනවා," යනුවෙන්ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය. මේ අතර පර්සියානු ගල්ෆ් කලාපය තුළ මේ වන විට පවතින නොසන්සුන් තත්ත්වය හේතුවෙන් කොළඹ - ලන්ඩන් - කොළඹ ගුවන් මාර්ගයේ වෙනසක් සිදු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය බදාදා (ජනවාරි 08) නිවේදනය කළේය. ඒ අනුව ආරක්ෂක පියවරක් ලෙස, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරානය සහ ඉරාකයට අයත් ගුවන් කලාපය මඟ හරිනු ඇත. ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි පිරිස මැදපෙරදිග දිවි ගෙවන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් මෙම ගැටුම් පිළිබඳ මැද පෙරදිග රැකියාවේ නිරත ශ්‍රී ලාකිකයන් කිහිපදෙනෙකුගෙන් බීබීසී සිංහල සේවය අදහස් විමසීය. සෞදි අරාබිය "අපිට ලොකු ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. නමුත්, ගල්ෆ් කලාපයේ යුද්ධයක් පටන් ගනී කියලා ලොකු බයක් තියෙනවා. එහෙම වුණොත් අමාරුවෙන් සොයා ගත්ත මේ රස්සාව පවා නැති වෙන්න පුළුවන්. එය අවසානයේ බලපාන්නේ දුප්පත් අපේ පවුලේ ආර්ථිකයට," සෞදි අරාබියේ රෝහලක හෙද සේවයේ නියුතු පුෂ්පා බණ්ඩාර පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය බැංකු නිලධාරියෙකු වශයෙන් සේවයේ නියුතු නම හෙළි කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙකු පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෛනික රාජකාරී කටයුතුවලට මෙම ගැටුම්කාරී තත්වයෙන් බලපෑම් එල්ල වී නොමැති බවය. "සාමාන්‍යය වැසියන්ට මෙයින් විශේෂයෙන් බලපෑමක් එල්ල වෙලා නැහැ. නමුත් පාලන තන්ත්‍රයේ අය මෙයට සම්බන්ධ වෙලා ඇති. මෙයින් ආර්ථිකයට එල්ලවන බලපෑම සහ තෙල් මිල ගැන තමයි අපි වැඩියෙන් අවධානය යොමු කරන්නේ," ඔහු පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය "ඉරාකයේ ඇමරිකානු හමුදා මූලස්ථානයේ රැකියාව කරන මගේ යහළුවෙක් ඉන්නවා. ඔහුට දුරකතන ඇමතුම් ගන්න බැහැ. හැබැයි, කෙටි පණිවිඩයකින් කිව්වා ඔවුන් ආරක්‍ෂිත තැනකට මාරු වුණා කියලා," ඔහු තවදුරටත් පැවසුවේය. කටාර් "ඒ කලාපයේ රටක රැකියාව කරන නිසා මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන අදහස් ප්‍රකාශ කරන්න මට බයක් තිබෙනවා. කොහොමත් යුද්ධයක් නම් එපා" යැයි කටාර්හි කාර්මික ශිල්පියෙකු ලෙස රැකියාව කරන නම හෙළි කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයෙකු පැවසීය. "ලොකුම දුක තියෙන්නේ මේ තත්වය නිසා ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ දුප්පත් රටවල්වල ආර්ථිකයට ඇති වන බලපෑම ගැනයි," ඔහු පැවසුවේය. ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය වූ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කළ ඉරාන ජනාධිපති හසන් රෞහානි පැවසුවේ "ඉරානය ඇතුළු මෙම කලාපයේ අනෙක් නිදහස් ජාතීන් අපරාධකරුවෙකු වන ඇමරිකාවෙ සිදු කළ මේ භයානක අපරාධයට පළිගන්නවා ඇති," යනුවෙනි. පෙන්ටගනය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, "විදෙස් රටවල සිටින ඇමරිකානු නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අණ යටතේ, ඇමරිකානු හමුදාව ස්ථිර ආරක්ෂාකාරී පියවරකට එළඹුණා කාසෙම් සොලෙයිමානි මරා දමන්න," යනුවෙනි. එමෙන්ම, ඉරානය ඇමෙරිකානුවන් හෝ ඇමෙරිකානු දේපොළ ආදිය ඉලක්ක කොට පහර දුනහොත් " ඒ සැනින් ඉරානයේ ස්ථාන පනස් දෙකකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය. දෙරට අතර යුදමය සූදානමක් දක්නට ලැබෙද්දී වාග් ප්‍රහාර ද දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඉරාකයේ ඇමරිකානු හමුදා රැඳී සිටින ගුවන් කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. "අපේ රටවැසියන් සහ ප්‍රධාන පෙළේ හමුදා නායකයන් ඉලක්ක කර එල්ල කළ බයාදු ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වෙනි වගන්තියට අනුකුලව ආත්ම ආරක්ෂාව සඳහා අපි ප්‍රතිප්‍රහාර එල්ල කළා." "අපිට මෙය යුද්ධයක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය නැහැ. නමුත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආරක්ෂක පියවර අනුගමනය කරනවා," එම පණිවිඩයේ සඳහන් වන්නේය. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සම්බන්ධතා 1961 දී ශ්‍රී ලංකාව (එකල සිලෝන්) පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටවූ තානාපති කාර්යාලය හරහා ඉරානය සමග සබඳතා පැවැත්වීය. ඉරානය 1975 දී සිය තානාපති කාර්යාලයක් කොළඹ නගරය තුළ පිහිටුවන ලද අතර, 1990 දී ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කෙරිණි. මෑත ඉතිහාසය දෙස බැලූ කළ, 2018 වර්ෂයේ දී ඉරානයේ නිල සංචාරයක නිරත වූ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසන් රෞහානි විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කළහ. 2018 වර්ෂයේ දී ඉරානයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසන් රෞහානි ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් දෙරට අතර දැනට පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට නායකයෝ සාකච්ඡා පැවැත්වූහ. ශ‍්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතු සඳහා මීට වසර පනහකට පමණ පෙර සිට ඉරානය සහය ලබාදෙන අතර තෙල් පිරිපහදු ක්ෂේත‍්‍රය යාවත්කාලීන කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙන ලෙස නායක හමුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරානයෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාව වැඩි වශයෙන් තේ අපනයනය කරන රටවල් අතරෙන් එකක් වන ඉරානය, එය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රෞහානි සඳහන් කළේය. ඉරානයේ හිටපු ජනපති මහමුද් අහමදිනෙජාද් ශ්‍රී ලංකාවේ සංචාරයක් අතරතුර ඉරානයේ හිටපු ජනපති මහමුද් අහමදිනෙජාද්, සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව යෙදුණු පළමු ආසියානු සංචාරයේදී ශ්‍රී ලංකාවට ද පැමිණුනු අතර එවක ජනපති මහින්ද රාජපක්ෂ ද ඉතා සමීප මිත්‍රත්වයක් ඉරානය සමග ගොඩනගාගෙන තිබිණි. ජනපති මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මෙගාවොට් 100 ක පමණ ධාරිතාවකින් යුත් ජල විදුලි බලාගාරයක් සහිත උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානය ඩොලර් මිලියන 450-500 අතර ආධාර මුදලක් ලබා දීමට ද එකඟ විණි. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සම්බන්ධතා ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඇමරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙන්ම සමාජීය, දේශපාලනික වශයෙන් දෙරට අතර බොහෝ සම්බන්ධතා රාශියක් පවතී. ඇමරිකානු රාජ්‍ය ලේකම් (2005 වසරේ) ජෝන් කෙරී ශ්‍රී ලංකාවේ සංචාරයක දී එවකට අගමැතිම සිටි රනිල් වික්‍රමසිංහ හමු වී. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබූ කාල වකවානුවේ සිට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන ගණනක ආධාර ලබා දීමට ඇමරිකාව ක්‍රියා කර ඇත. 1961 දී ජෝන්. එෆ් කෙනඩි ජනාධිපතිවරයා යටතේ පිහිට වූ ඇමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට, විරැකියාව අඩු කිරීමට, නිවාස සංවර්ධනයට, කොළඹ කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට, අධිකරණ පද්ධතිය නවීකරණයට සහ ලෝකය හමුවේ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ඉහළ නැංවීමට ආධාර විශාල ප්‍රමාණවලින් සපයා තිබේ. 2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේදී ද ඇමරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට විශාල ණය ආධාර සහ උපකාර ලැබිණි. කෙසේවෙතත්, පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තැබීමට යෝජිතව තිබූ MCC (Millennium Challenge Compact), 'සෝෆා' (Status of Forces Agreement) වැනි ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රබල සංවාදයක් මතු වී ඇත. සුනාමි ව්‍යවසනයෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු හමුදා සාමාජිකයන් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසානයේ දී හමුදාව යුධ අපරාධ කළ බවට චෝදනා නඟමින් ඇමරිකාව මුල් වී, 2012 සහ 2013 යන වසර වල දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී යෝජනා දෙකක් සම්මත කර ගත්තේය. 2014 වසරේ පැවති මානව හිමිකම් සැසියේදීද, ශ්‍රී ලංකාව තුළ සිදු වූවා යැයි කියන යුධ අපරාධ ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි යෝජනාවක් ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් නැවත වතාවක් සම්මත කර ගනු ලැබිණි. තවත් තොරතුරු:
දඬුවමක් ලබා දීමේ අදහසින් සිය දරුවා වනයේ තනි කොට පැමිණි බව උතුරු දිග ජපානයේ කඳුකර ප්‍රදේශයක අතුරුදහන් වී සිටින සත් වියැති පිරිමි දරුවකුගේ දෙමව්පියන් පිළිගෙන තිබේ.
සංරක්ෂිත ඡායාරූපයක් දින දෙකක් ගත වී ඇතත්, වන වලසුන්ගේ නිවහනක් ලෙස සැලකෙන කලාපයක් වන 'හොක්කයිදෝ' ප්‍රදේශයේ දෙමව්පියන් විසින් හැර දමා ගිය දරුවා කිසිවකුට හමු වී නැත. වනයේ හට ගන්නා එළවලු සොයමින් සිටින අතරතුර සිය දරුවා අතරමං වී ඇති බවයි දෙමව්පියන් මීට ඉහතදී පොලිසියට කියා තිබුණේ. පසුව සිය දරුවා වනයේ හැර දමා පැමිණි බව පිළිගෙන ඇති දෙමව්පියන් පොලිසියට පවසා ඇත්තේ හැර දමා ගොස් මිනිත්තු පහකට පසු යළි පැමිණ බලන විට සිය දරුවා එම ස්ථානයේ නොසිටි බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේ ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම රට වෙනුවෙන් එක් විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙන අතර ජනතාවට පොරොන්දු වූ සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා තමා සමග එකතු වන ලෙස සියලුදෙනාටම මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරන බවය.
1978 සිට19 වතාවක් සංශෝධනය වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිත භාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බවත් ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා ඉල්ලූ ජනවරම ජනතාව ලබා දී තිබෙන නිසා පළමු කාර්යය ලෙස ජනතාවට පොරොන්දු වූ පරිදිම, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය. සියලු දෙනා සමග එක්ව රටට අවශ්‍ය සහ ගැලපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බව කී ජනාධිපතිවරයා රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන් 'එක රටක් එක නීතියක්' යන සංකල්පයට මූලිකත්වයක් දෙන බව ද පැවසීය. පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නොවන නිසා නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ දී වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වන බව ද ජනාධිපතිවරයා පැවසීය. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද , ජනතාවගේ සෘජු නියෝජනය ද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරන බව ඔහු සඳහන් කළේය. කිසිදු බලවේගයකට යටත් නොවී රටේ ස්වෛරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍යය කරා ගෙනයාමට වගකීමක් පැවරී තිබෙන බව ඔහු පැවසීය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පහත සදහන් කරුණු ද ඇතුළත්විය: ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය ඉතාමත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තමා ඇතුළු කණ්ඩායම භාර ගත්තේ කඩා වැටී තිබූ ආර්ථිකයක් බව සඳහන් කළේය. බුද්ධ ශාසනය ව්‍යවස්ථාවට අනුව තම ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට, පෝෂණය කරන බවටත් පොරොන්දු වී තිබෙන බව කී ජනාධිපතිවරයා රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබාගැනීමට ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා තිබෙන බව පැවසීය. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත්, බෞද්ධ උරුමයන් රැකගැනීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙන බව ද ඔහු සඳහන් කළේය. බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දීම තහවුරු කරන අතරම, රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බවත් ඔහු පැවසීය. රටේ ආරක්ෂාව රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇතිවී තිබූ බිය නැති කොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට කටයුතු කොට තිබෙන බවත් ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව ගැන බිය නොවී නිදහසේ ජීවත් විය හැකි වටපිටාවක් යළි ලබා දී තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට කටයුතු කරමින් රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම සඳහා එතෙක් පැවති සම්‍ප්‍රදාය වෙනස් කරමින් ඥාතීන්, හිතවතුන්, මිත්‍රයන් හා අනුගාමිකයින් පත්නොකොට වෘත්තිකයන්, ව්‍යවසායකයන්, අධ්‍යාපනඥයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් පත් කළ බව ඔහු සඳහන් කළේය. කෘෂිකර්මාන්තය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ බව කී ජනාධිපතිවරයා වී ගොවියන්ට තම නිෂ්පාදන සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන් බවත් අපනයන භෝග ප්‍රති අපනයනය සඳහා ආනයනය කිරීම නැවැත්වීම මෙන්ම මෙරට වගා කළ හැකිව තිබූ භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ද පැවසීය. දේශීය ව්‍යවසාය අරමුණු කරගනිමින් බදු සහන ලබාදීමට කටයුතු කළ බවත් ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලී අනුපාත අඩු කර දේශීය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා තරඟකාරී ආනයනයන් සීමා කිරිමද සිදු කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය. ජනතා ඉල්ලීම් වසර ගණනාවක් පුරා තමන් ජීවත් වූ ඉඩම්වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙන බවත් නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් නොකරන බවත් ප්‍රකාශ කළේය. ප්‍රමාණවත් තරම් ජාතික පාසල් නැතිකම හැම තැනකදීම පෙනී ගිය බව පැවසු ඔහු බොහෝ පාසල්වල විශාල අඩුපාඩුකම් තිබෙන බවත් ගුරු හිඟය මෙන්ම ප්‍රමාණවත් තරම් විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් නැතිකමත් හදුනාගෙන ඇති බවත් ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම සඳහා විද්‍යා හා තාක්ෂණික විෂයන් හැදෑරීම සඳහා මූලික පහසුකම්වත් බොහෝ පාසල්වල නොමැති බවත් ප්‍රකාශ කළේය. රටේ සෑම දරුවෙකුටම තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික දැනුම ලබා ගැනීමටත්, ඔවුන්ගේ නිපුණතා වර්ධනයට උපකාර කිරීමටත් අලුතින් වගකීම් පවරා ඇති අමාත්‍යාංශ හරහා මේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දෙන බවත් ඔහු පැවසීය. ග්‍රාමීය රෝහල්වල සම්පත් හා පහසුකම් ඉතා අඩු බවත් වෛද්‍යවරු, හෙදියන් හා අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලවල විශාල ඌණතාවක් තිබෙන බවත් ප්‍රකාශ කළ ඔහු පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීමේදී පවතින මේ විෂමතා ඉවත් කරන බවය. දේශීය වෙදකම විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ඖෂධ ආනයනයේදී සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. රැකියා රටේ ජීවත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබාදීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් ඊට සමගාමීව උපාධිධාරීන් හැටදහසකට රැකියා ලබාදීමටත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමටත් කටයුතු යොදා තිබෙන බවත් ඔහු පැවසීය. රජයේ රැකියා ලබාදීමේදී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙන්නට කටයුතු කරන බවත් රැකියා අවස්ථා ලබා දීමේදී සෑම පළාතකටම සම අවස්ථා හිමි වන ආකාරයට කටයුතු කරන බවත් ඔහු පැවසීය. ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ දේශීයව නිෂ්පාදනය කොට ඒවා ගොවීන්ට ලබා දීමට කටයුතු කරන අතරම කෘෂි නිෂ්පාදන සඳහා දියුණු ඇසුරුම් හා ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වාදීමෙන් නාස්තිය අවම කිරීමට කටයුතු කරන බවත් කිරි ගොවිතැන සහ බිත්තර නිෂ්පාදනය දියුණු කරන බවත් ඔහු පැවසීය. 'තේ' වගාව දියුණු කිරීමට කටයුතු කරන අතරම කුඩා සහ මධ්‍ය තේ වතු හිමියන්ට රජය උදව් කරන බව පැවසූ ජනපති වැසී ගොස් ඇති තේ කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට ක්‍රියාකරන අතර අක්‍රමිකතා තුරන් කොට ඉහළ ප්‍රමිතියකින් යුතු තේ අපනයනය දිරිමත් කරන බවත් 'සිලෝන් ටී' සන්නාමයට තිබුණු පිළිගැනීම ශක්තිමත් කරන බවත් පැවසීය. අධ්‍යාපනය 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී විශේෂයෙන් සැලකිලිමත් වන බව පැවසූ ජනපති උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා, විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කිරීමටත් විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කරන බවත් විෂය මාලාවන් නවීකරණය කොට මෙම උපාධි, ආර්ථිකයට සෘජුව දායකත්වය ලබාදිය හැකි විෂයයන් බවට තහවුරු කරන බවත් පැවසීය . සියලු අමාත්‍යාංශ හා ආයතනවල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන අතර ඉදිරියේදී නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු පසුබට නොවන බව ජනාධිපතිවරයා පැවසීය. මේ ගැනත් කියවන්න:
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අළුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගෙන තිබේ.
ඩේලි නිව්ස් පුවත් පත වාර්තා කළේ, ඔවුන් දෙදෙනා වැඩි ලකුණු ලබාගත් අයදුම්කරුවන් 26 දෙනා අතුරින් ඉහළම ලකුණු ලබාගත් දෙදෙනා බවය. ශ්‍රී ලංකාව අවසාන වරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළේ මීට වසර 43කට පෙරය. ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, මිනි මැරීම මරණ දඬුවම ලබාදිය හැකි වරදවල් ලෙස ගැනෙන අතර, නමුත් 1976න් පසු මරණ දඬුවම ක්‍රියාත්මක නොකෙරුණි. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිහිප වරක් පවසා තිබේ. 2019 පෙබරවාරි මාසයේදී අළුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවීය. එ සඳහා පුද්ගලයින් 102ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි. ඒ අතුරින් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවිණි. ඇමෙරිකානුවන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අළුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබු බව සඳහන් වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අළුගෝසු තනතුර මීට වසර පහකට පමණ පෙර පුරප්පාඩු වූයේ එම තනතුරේ සිටි පුද්ගලයා ඉල්ලා අස්වීමෙන් පසුවයි. ඉන්පසු තවත් අයෙක් එම තනතුර සඳහා පසුගිය වසරේ බඳවා ගෙන තිබු අතර ඔහු සේවයට වාර්තා නොකළ බව පැවසේ. මරණ දණ්ඩනයට එරෙහි උද්ඝෝෂණයක් ජුනි 26 වෙනිදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී තමා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළිකළේය. "මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනකුට මරණ දඬුවම් ලබා දීමට මේ වන විට අත්සන් තබා තියෙන්නේ," යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම හමුවේදී පැවසීය. "ඒ පුද්ගලයන්ට තවම මේ පිළිබඳව දැනුම් දී නැහැ. අපි ඒ වැරදිකරුවන්ගේ නම් හෙළිකරලා නෑ. නම් හෙළි කළොත් බන්ධනාගාර තුළ ගැටුම් ඇති වේවි." ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 200,000 පමණ සිටින බව පැවසු ජනාධිපතිවරයා සිරකරුවන්ගෙන් 60%ක් පමණ මත්ද්‍රව්‍ය වැරදි නිසා දඬුවම් විඳින අය බවද කීය. නමුත් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම තීරණය නිසා ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය ඉහළ යා හැකි බවය. ඊළඟ ජනාධිපතිවරණය 2019 වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය. මේ වන විට මරණ දඬුවම හිමිවූවන් හා අභියාචනා ඉදිරිපත් කර සිටින මුළු සිරකරුවන් ගණන 1261 කි. බන්ධනාගාර වාර්තා අනුව එයින් 297 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී. මරණ දඬුවම හිමිවී ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති සංඛ්‍යාව 823 දෙනෙකි. ඉන් 36 දෙනෙකු කාන්තාවක් වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාත්‍යන්තර ප්‍රතිචාරය: මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ, එක්සත් රාජධානිය, ප්‍රංශය, නෝර්වේ සහ යුරෝපීය සංගමය, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය දක්වති. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධවලින් මුදා ගත නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ අදහසයි. මේ අතර එක්සත් රාජධානිය පැවසුවේ ශ්‍රී ලංකාව මීට මාස හයකට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරමින් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවය. අභියාචනාධිකරණට දුන් පොරොන්දුව: බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවකු ජුනි 28 සිට සතියක කාලයක් තුළ මරණීය දණ්ඩනයට ලක් නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ. ඔහු එම පොරොන්දුව ලබා දුන්නේ, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම "අත්හිටුවීමේ නියෝගයක්" නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දීය. ඉදිරි දින 4 තුළ කිසියම් හෝ විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් කිරීමේ සූදානම් තිබේදැයි මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබි නොමැති බවය. තවත් තොරතුරු:
මාරවිල බරුදල්පොළ වෙරළේ සිටි අඩි 18 ක් පමණ දිගැති කිඹුලකු වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.
කිලෝ ග්‍රෑම් 650 පමණ බරැති කිඹුලාගේ වයස අවුරුදු පනහක් පමණ වන බව වනජීවී නිලධාරීහු පවසති. කිඹුලා දැක බලා ගැනීම පිණිස දහස් සංඛ්‍යාත පිරිසක් මාරවිල බරුදල්පොළ වෙරළට පැමිණ සිටි බවයි ප්‍රසාද් පූර්ණිමල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ. නවගත්තේගම කලාප වනජීවී නිලධාරීන් පැමිණ කිඹුලා පුත්තලම ප්‍රදේශයේ ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගිය බවයි ඔහු කියා සිටියේ.
අපි ඔහු 'හමාඩ්'යනුවෙන් හඳුන්වමු. කුවේට්වාසියකු වන විසිහත් හැවිරිදි හමාඩ් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දවසක සිය සිරුරට ගිනිතබා ගත්තේය. හමාඩ් ගේ ඛේදනීය ජීවිත ඉරණම මුළු කුවේටය සසල කිරීමට හේතුවිය.
1961 දී කුවේටය බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනාගැනීමත් සමඟ රටක් අහිමි කුවේට් 'බිඩූන්' ජනයාට ඉතිරිව ඇත්තේ සිහිනයක් පමණි ඛනිජතෙල් සම්පතින් පොහොසත් කුඩා ගල්ෆ් රාජ්‍යය තුළ බලාපොරොත්තු සුන්වීමෙන් කිසිවකු එවැනි ඉරණමකට පත්වීම සිදුවිය නොහැකිතරමේ පුවතකි. එහෙත් හමාඩ් එවැනි ඉරණමකට ගොදුරු වූයේ ඔහු කුවේටයේ රටක් නොමැති 'බිඩූන්' (Bidun) ජනකොටසෙහි සාමාජිකයකු වීමේ ''අවාසනාව'' හේතුවෙනි. 'බිඩූන් '(Bidun)යන අරාබි වචනයෙන් ''ජාතිකත්වයක් නැත'' යන තේරුම දෙයි. එම ''ජාතිකත්වයක්'' නොමැති ''බිඩූන්' ජනතාවට කුවේටයේ මහා සමාජයට පිවිසීමේ වරම් අහිමිය. එහි අඳුරු ප්‍රතිවිපාකය වී තිබෙන්නේ එම ජනතාවට අධ්‍යාපන,සෞඛ්‍ය පහසුකම් සහ රැකියාවක් ලබාගැනීමේ අයිතිය පවා අහිමි කිරීමය. එවැනි ජන කොටසකට අයත්වෙන හමාඩ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට උරුම වී තිබෙන්නේ ''බලාපොරොත්තු රහිත''ජීවිතයකි. ''සියල්ල වැසී ගිහින්'' 'කුවේට් සිටි' අගනුවරින් කිලෝමීටර් දාහතක් ඈතින් පිහිටි 'සුලෙයිබියා'( Sulaibiya) යනු අගනුවර අහස සිඹින වීදුරු මාලිගා සහ උත්තුංග සාප්පු සංකීර්ණ ඇස නොගැටෙන කලාපයකි. ඕමාර් 'සුලෙයිබියා' වාසියෙකි. ඔහු සිය දෙමව්පියන් සහ පවුලේ සහෝදර සහෝදරියන් දහදෙනෙකු සමඟ කාමර පහක නිවසක ජීවත්වෙයි. 'බිඩූන් '(Bidun) ජනයාට අයත් වැඩිදෙනෙක් එහි නිවාස යෝජනාක්‍රමයේ නිවාසවල පැලපදියම්ව සිටිති. තිස්තුන් හැවිරිදි ඕමාර් වැඩියෙන්ම කිට්ටු තැනැත්තා වූයේ සිය බාලම සහෝදරයා වන 'හමාඩ්' ය. ''මේ මිහිතලයේ සිටි කරුණාවන්තම තැනැත්තා හමාඩ්. ඔහු ස්වභාවයෙන් ම නිහඬ චරිතයක්, නිතරම මුහුණේ සිනාවක් තිබුණා'' ඕමාර් පවසයි. එහෙත් මෙයින් අවුරුද්දකට පෙර පටන් තරුණ හමාඩ්ගේ හැසිරීමේ වෙනසක් දකින්නට ලැබුණි. ඔහු හුදෙකලා වන්නට පටන් ගත්තේය. සිය කාමරයට වී තනිවිය. හමාඩ් ගේ සහෝදරයන් විසින් ඔහු නිවසින් පිටතට රැගෙන යාමට ගන්නාලද ප්‍රයත්නයන් සාර්ථක නොවුණි. සිය සහෝදරයා විඳින වේදනාව ඕමාර්ට දැනුණි.''ඔහුට අයත් සියල්ල වැසීගොස් තිබුණා'' හමාඩ් 'බිඩූන් ' ජනකොටසට අයත්වීම නිසා ඔහුට ළමාවියේදීම අධ්‍යාපන අයිතිය අහිමි විය 'අහිමිවීම' කවදා පටන්ද? කුවේටයේ 'බිඩූන් ' ජනතාව පිළිබඳ ප්‍රශ්නය 1961 තරම් ඈත අතීතයක් සමඟ බැඳුන වෘත්තාන්තයකි. 1961 දී කුවේටය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එරට දේශසීමාව අභ්‍යන්තරයේ ජීවත්වූ ඇතැම් පවුල් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරනු ලැබ නැත. කුවේටයේ පමණක් නොව සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය වැනි සෙසු ගල්ෆ් රටවලද ''රටක් අහිමි'' ජනකොටස් ජීවත්වෙති. ඔවුන්ගෙන් අතිබහුතරය පැවත එන්නේ ඒ ප්‍රදේශයන්හි වාසය කළ එඬේර ගෝත්‍රවලිනි. ගල්ෆ් කලාපයේ නවීන රාජ්‍යයන් නිර්මාණය කිරීමේ දී තමන් අයත් රටවල පුරවැසිභාවය ඉල්ලා සිටීමට එම ජනකොටස් අසමත් වූහ. ගල්ෆ් කලාපයේ වෙනත් රටවල වැසියන්ට 'රටක් අහිමිව' ඇත්තේ එම රටවල් විසින් ඔවුන්ගේ පුරවැසිභාවය අහෝසිකරන ලද හෙයිනි. උදාහරණයක් ගතහොත්, ආරක්‍ෂාවට තර්ජනයක් යයි සලකනු ලබන ප්‍රතිවිරුද්ධ මතවාදීන් රාශියකගේ පුරවැසිභාවය ඉවත් කිරීමට බහරේනය පියවර ගත්තේය. රටක් අහිමි 'බිඩූන් ' ජනතාව කුවේට් පාලනයට ද සංකීර්ණ ගැටලුවක් වී තිබේ. කුවේට් පාලනය එම ජනතාව වර්ගකරනු ලැබ තිබෙන්නේ තමරටේ වෙසෙන ''අනවසර වැසියන්'' කොටසක් ලෙසය. කුවේට් බලධාරීන් පවසන ආකාරයට ලක්ෂයකටත් අධික ''රටක් අහිමි'' ජනයාගෙන් 34,000ක් පමණක් එරට පුරවැසිභාවය ඉල්ලා සිටීමට සුදුසු වෙති. ඉතිරි ජනයා වෙනත් රටවලට අයත් හෝ ඔවුන්ගෙන් පැවත එන්නෝ වෙති. කුවේට් පොලිසිය 'බිඩූන් ' විරෝධතාවාදීන් පිරිසක් මර්දනය කරන ලද අවස්ථාවක් දෛනික අරගලයක් ප්‍රාථමික පාසලෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා ආණ්ඩුවේ උසස් පාසලකට ඇතුල්වීමට හමාඩ් නුසුදුසු වූයේ ඔහුගේ 'බිඩූන් ' ජන්මය හේතුවෙනි. සිය පුතු පෞද්ගලික පාසලකට ඇතුල්කරමින් අධ්‍යාපනයක් ලබාදීමේ වත්කමක් ඔහුගේ දෙමව්පියන් සතු නොවුණි. හමාඩ් ගේ පියා සහ සහෝදරයන් ජීවිතය ගැටගසා ගැනීමේ අරගලයේ නිරතවෙමින් සිටියේ මෝටර්රථ මිලට ගෙන ඒවා විකුණා ගැනීම මගින් ලද අඩමාන ආර්ථිකයෙනි. මාසයකට මෝටර් රථයක් විකුණා ගතහොත් ඔවුන්ට ඊළඟ මාස හතර කිසිදු ආදායමක් නොමැති ජීවන අරගලයක නිරතවීමට සිදුවෙයි. එය තමා බලාපොරොත්තු වෙන ජීවිතය නොවන බව හමාඩ් තේරුම් ගත්තේය.එවැනි පරිසරයක් තුළ තම සහෝදරයා යුද හමුදාවට බැඳීමට අදහස් කළ බව හමාඩ් ගේ සහෝදරයෝ පවසති. එහෙත් හමාඩ් වැනි තරුණයන්ට සමාජයේ ඇති අවස්ථා ඉතා සීමිතය. හමාඩ් අතට හසුවෙන තමාට සිදුකළ හැකි හැමදෙයකටම අත ගසන්නට විය. මුලදී ඔහු මහපාරේ පැණි කොමඩු විකුණන්නට පටන් ගත්තේය. එහෙත් එය දිගුකලක් කරගෙන යාමට නොහැකිවිය. නගර සභාවේ නිලධාරීන් විසින් ඔහු අල්ලාගනු ලැබුණි. හමාඩ්ගේ ඊළඟ උත්සාහය වූයේ පරෙවියන් බෝකිරීමය. ඔහුට පරෙවියකු මිලට ගැනීම සඳහා කුවේට් ඩිනාර් භාගයක් (ඩොලර් 1.65 ක් හෝ පවුම් 1.21 කට සමාන මුදලකි) වැය කිරීමට සිදුවිය. එහෙත් පාඩුපිට විකුණන්නට සිදුවූ හෙයින් හමාඩ් පරෙවි අලෙවිය ද අත්හැර දැම්මේය. ඉන් කලකට පසු බැටළුවකු සොරකම් කරනු ලැබීමක් සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හමාඩ් මාස අටක සිර දඬුමකට යටත් කරනු ලැබුණි. එම සිරදඬුවම ගෙවා දැමීමෙන් පසු හමාඩ්ගේ තවත් සහෝදරයකු වන ජාසෙම් (Jasem) සිය මළනුවන් වෙනුවෙන් ගමන් බලපත් සකස්කොට ඔහු මොරොක්කෝවට රැගෙන ගියේය. එම සංචාරය මගින් සිය මළනුවන් වෙනත් ජීවිතයක් දුටු බව ජාසෙම් පවසයි. ''මොරොක්කෝ ගමන නිසා මල්ලි වෙනත් ලෝකයක් දැක්කා. ජීවිතය දැක්කා. ඔහු සතුටට පත්වුණා. ඔහු මොරොක්කෝවේ සිටියේ සති තුනක කාලයක් පමණයි. ඒත් ඔහුට ඒ සති තුන අවුරුදු තුනක් වගේ වුණා. ඊළඟ අවුරුදු පහම මල්ලි කාලය ගතකළේ මොරොක්කෝ ගමන ගැන කතාකරමින්'' ''අපි ජීවත්වෙන්නේ ආශීර්වාද ලත් රටක.නමුත් අපේ රටේ ජනතාව ඔවුන් විඳින ජීවන ප්‍රශ්න සහ ඔවුන්ගේ දෛනික ජීවිතය කෙරෙහි එල්ලවී පවතින තහංචි හේතුවෙන් දිවි හානිකර ගන්නවා'' මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. සියදිවි නසාගැනීමේ රැල්ලක් මෑත දවසක සිය මව ඇමතූ හමාඩ් තමාට අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට අවශ්‍ය බවක් පවසා ඇත. ඔහු විවාහයක් සහ ජීවිතයේ පැලපදියම්වීමේ උවමනාවක් ගැන මවත් සමඟ අදහස් හුවමාරුකර ගත්තේය. එහෙත් බාධකය වූයේ පවුලේ පිරිහුණ මුදල් තත්වයයි. ''දෙවියන්ගේ පිහිට ලැබේවි!'' කියා ආශීර්වාද කිරීම හැර සිය පුතු වෙනුවෙන් කළහැකි වෙනත් යමක් එම මව සතු නොවුණි. තමා දිවි හානිකර ගන්නා බවක් සිය සහෝදරයා ප්‍රකාශ කළ බව ඕමාර් පවසයි. එහෙත් එක්තරා උදෑසනක් වනතෙක් ඔහු එවැන්නක් සිදුකරගනු ඇතැයි පවුලේ සාමාජිකයන් සිතා නැත. හමාඩ් සිරුරට ගිනිතබාගෙන තිබුණි. හමාඩ් සිය සිරුරට ගිනිතබාගනු ලැබීමෙන් පසු කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ෂූක් අල්-කාලිෆා ( Marzouq al-Khalifah) 'බිඩූන්' ප්‍රජාව අතර සිදුවෙන සියදිවි නසාගැනීමේ රැල්ලට හේතුව පරීක්ෂාකිරීම සඳහා කමිටුවක් පත්කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. ''අපි ජීවත්වෙන්නේ ආශීර්වාද ලත් රටක. නමුත් අපේ රටේ ජනතාව ඔවුන් විඳින ජීවන ප්‍රශ්න සහ ඔවුන්ගේ දෛනික ජීවිතය කෙරෙහි එල්ලවී පවතින තහංචි හේතුවෙන් දිවි හානිකර ගන්නවා'' මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 'බිඩූන්' ජනතා ක්‍රියාධරයකු වන අබ්දුල්ලා අල්- රබා (Abdullah al-Rabah) බලධාරීන්ට කියාසිටින්නේ ''සුදුසුකම් ඇතැයි හඳුනාගත් 34,00ක් පමණ වූ 'බිඩූන්' ජනයාට කුවේට් පුරවැසිභාවය දියයුතු අතර, ඉතිරිවෙන කොටසට සිවිල් අයිතිවාසිකම් ලබාදිය යුතු'' බවය. එමගින් ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට හැකිවනු ඇති අබ්දුල්ලා අල්-රබා පවසයි. පරම්පරා තුනක් එකම ඉරණමක තමා තුළ මෙන්ම තමා වැනි වෙනත් 'බිඩූන්' ජනයා තුළත් උපන් දේශය සඳහා පක්ෂපාතීභාවයක් ඇති බව තම තේරුම්ගැනීම යයි පවසන 35 හැවිරිදි අබ්දුල්ලා, එහෙත් සිය තරුණ ප්‍රජාව අතර යම්කිසි බලාපොරොත්තු සුන් වූ තත්ත්වයක් පවතින බවත් පෙන්වා දෙයි. ''දැන් ජීවත්වෙන්නේ අපේ ප්‍රශ්නවලට විසඳුමක් නොලද තුන්වෙනි පරම්පරාව. ඔවුන් කොච්චර කාලයක් බලාගෙන ඉඳීවිද? ඇත්තෙන් ම පවතින තත්ත්වය ඔවුන්ට බලපානවා'' හමාඩ් ගේ සොහොයුරු ඕමාර් ගත්විට ඔහුට අවශ්‍යකරන්නේ ''සිය සහෝදරයාගේ පාර්ශ්වය ගැනීමය'' 'ඕමාර්' තමාට හැකි හැම අවස්ථාවකම කරන්නේ 'සුලෙයිබියා' ප්‍රදේශයෙන් පිටව යාමය. සිය දුක්ඛ දෝමනස්සයන් අමතක කරනුවස් ඔහු හුදෙකලාව මුහුදු වෙරළට වී කාලය ගතකරයි. ඒ අතරම ඔහු දිනපතාම තවත් ගමනක ද නිරතවෙයි. ඒ 'හමාඩ්' ප්‍රතිකාර ලබන රෝහලේ දැඩිසත්කාර ඒකකයේ කුටියේ කවුළුවෙන් එබී සිය සහෝදරයා දෙස බලා සිටීමටය. කුවේටයේ 'බිඩූන් ' ජනයාගේ දුක්බර ජීවිතය මෙම පින්තූර මගින් පෙන්නුම් කෙරෙයි කියවන්න;
එංගලන්තයේ පශු වෛද්‍යවරියක් සිය රට හැර ශ්‍රී ලංකාවට පැමිණියේ අයාලේ යන සුනඛයන්ට පිහිට වීමේ අරමුණෙනි.
ජෙනී ලොව්ස්, නොසළකා හරින ලද සුනඛයන්ට වසර දෙකක් පුරා ප්‍රතිකාර කරන්නීය. ශ්‍රී ලංකාව තුළ අයාලේ යන සුනඛයන් ලක්ෂ තිහක් පමණ වෙසෙන අතර ඉන් 60%ක් බාල අවදියේදී ම මරණයට පත් වේ. තලල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සිය පශු වෛද්‍ය මධ්‍යස්ථානයට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අරමුදල් රැස් කරනුවස් විසි අට හැවිරිදි ජෙනී, 'WECare Worldwide' නමින් පුණ්‍යායතනයක් ආරම්භ කොට තිබේ.
පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ නගරාධිපතිවරයකු ලෙස සේවය කරද්දී අපරාධකරුවන් මරාදැමීමට තමන්ට සහ ඝාතක කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් ට නියෝග නිකුත් කළ බව පිලිපීනයේ කුලියට මිනීමරන්නෙක් පවසයි.
දුටර්ටේ දවාවෝ හි නගරාධිපති බවට පත්වුයේ 1998 දීය නීතියට පිටින් සිදුකරන ලද මිනීමැරුම් පිළිබඳව රුපවාහිනී පටිගත කරන ලද සාක්ෂි විමසීමකදී එඩ්ගාර් මටොබටෝ පැවසුවේ මිනිසුන් මරා දැමීම සඳහා දුටර්ටේ තමාට උපදෙස් දුන් බවයි. නගරාධිපතිවරයාව සිටියදී හෝ ජූනි මාසයේ ජනාධිපති පදවියට පත්වූ පසු අපරාධකරුවන් මරා දැමීමට තමාගේ කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණු බවයි මීට ඉහත දී රොඩ්රිගෝ දුටර්ටේ පවසා තිබුණේ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් රට මුදා ගැනීමට හැකි සියලු ආකාරයෙන්ම කටයුතු කරන බවට පවසමිනුයි ඔහු තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන ගියේ. එහෙත් දුටර්ටේ බලයට පැමිණීමෙන් පසු මේ වන විට දෙදහස් පන්සියයකට අධික මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ජාවාරම්කරුවන් පිරිසක් නීතියට පරිබාහිරව මරා දමා ඇත.
නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි.
"චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ," ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී පෙරේරා පැවසීය. සුළු ව්‍යාපාරයක නිරත පද්මා බණ්ඩාර පැවසුවේ, "නිව්ස්වල ඇහෙනවා, ඊට පස්සේ අපරාධකාරයෝ එළියට එනවා තමයි දකින්නේ. අපරාධ කරන අයට බේරෙන්න තියෙන දෙයක් කියලා තමයි මගේ පෞද්ගලික හැගීම," යනුවෙනි. "නීතිය දන්නේ නැහැ. නමුත් අර්ථය වැටහෙනවා. ඒ වගේම මෑතක දී මේ තරම් හෑල්ලුවට ලක්වෙච්ච් වචන දෙකක් තවත් නැතුව ඇති. වචන දෙක නිව්ස්වල දකිද්දිත් පුදුම කලකිරීමක් ඇති වෙන්නේ රට සහ නීතිය ගැන," පෞද්ගලික ආයතනයක සේවයේ නිරත අංජන පැවසුවේය. 'නිදොස් කොට නිදහස් කිරීම' යන්නේ සාමාන්‍යය අදහස විත්තිකරුගේ හෝ විත්තිකරුවන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය පිළිගැනීමය. ජූරි සභාවක් හෝ විනිශ්චයකාරවරයකුට විත්තිකරුවෙකු නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුවක් ලබා දිය හැකිය. යම් පුද්ගලයෙකු වරදකරු කිරීම සඳහා හෝ නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මෙම තීන්දුව ගැනීමට හේතු වේ. විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමෙන් ඔහුට එරෙහිව නීතිය ඉදිරියේ ඇති සියලු වරද ඉවත් කරනු ලබයි. ජූරි සභාවකින් යම් විත්තිකරුවෙකු නිදොස් කිරීමක් සිදුවන්නේ එම සභාව අදාළ පුද්ගලයා වැරදිකරු නොවන බව සොයා ගත් විටය. නීතියෙන් නිදොස් කිරීමක් සිදුවන්නේ හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. උදාහරණයක් ලෙස නඩුවේ මූලය නිදොස් වූ විට එයට හවුල්කාර පාර්ශවය ද නිදොස් වේ. පසුගිය දිනවල නිදොස් කොට නිදහස් කිරීම් සම්බන්ධ පුවත් නිතර ඇසෙන්නට විය. මේ පිළිබඳ සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම දේශපාලන වේදිකාවල ද විවිධ මත ඇසෙන්නට විය. මෑතක දී නිදොස් කොට නිදහස් වූවෝ රෝහිත අබේගුණවර්ධන 2014 සිට 2016 කාල සීමාව තුළ අමාත්‍ය ධුරය දැරූ සමයේ දී අයථා ලෙස රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණ. මෙම නඩුව පැවැරීමේ දී සිදුව ඇති තාක්ෂණික දෝෂයක් නිසා එය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අදාළ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ අද (මාර්තු 19) නියෝග කළේ ය. සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු පස් දෙනෙකුට නඩු පවරා තිබිණි. මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ බී 1357/05 දරණ බී වාර්තාවේ සියලු චෝදනාවලින් සහ මඩකලපුව මහාධිකරණයේ එච්.සී.ඩී./3057/17 දරන අධි චෝදනාපත්‍ර ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු ඩී එස් සූසෙයිදාසන් ක්‍රියා කළේය. ජෝසෆ් පරරාජසිංගම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වෙනිදා වෙඩි තබා ඝාතනය කෙරිණි. වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළේය. මහරගම ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්කර එක හමාරක් කූඨ ලේඛන සකස් කර අත්පත් කර ගැනීම ඇතුළු අධිචෝදනා යටතේ වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට නඩු පවරා තිබිණ. ගනුදෙනුව සිදුව ඇත්තේ 1996 වසරේදී වන අතර, නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ නඩු පැවරිය හැකි කාලාවරෝදය ඉක්මවා යාමෙන් අනතුරුව බව පෙන්වා දුන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය. ඒ අනුව, නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගත් අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ බිරිඳ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා 2021 මාර්තු 15 වෙනිදා නියෝග කළේය. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය. වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ තීරණය කළේ, විත්තිකරු වෙත එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා 2021 පෙබරවාරි 25 වෙනි දින නියෝග කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්දානන්ද අලුත්ගමගේය. එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා යහපාලන රජය සමයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග ක‍ළේය. එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ, කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර ය. නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රමාණවත් නඩුකරයක් හා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම හේතුවෙන් විත්තිකරුවන් මුදා හරින බව විනිසුරුවරිය නියෝගය නිකුත් කරමින් පැවසීය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබූණි. ඔහුට එරෙහිව චෝදනා ගොනු වූයේ ලක් සතොස ආයතනයෙන් රුපියල් මිලියන 5 කට අධික භාණ්ඩ මුදල් නොගෙවා ලබා ගැනීම සම්බන්ධයෙනි. සජින් වාස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට එරෙහිව ගොනුකර තිබුණු නඩුවේ තාක්ෂණික දෝෂ හේතුවෙන් එය ඉල්ලා අස් කරගැනීමට පැමිණිලිකාර අල්ලස් කොමිසම ක්‍රියා කළේය. මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ක්‍රියා කළ අවධියේ එම සමාගමට භාණ්ඩ මිල දී ගැනීමේ දී රජයට රුපියල් මිලියන 883ක අලාභයක් සිදු කර, අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි අල්ලස් කොමිසම සජින් වාස්ට එරෙහිව නඩු පවරා තිබිණි. කෙසේනමුත්, මෙම නඩුව ගොනු කිරීමේ දී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා අත්සන් කර නොමැති හෙයින් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ තාක්ෂණික දෝෂයක් මතුව තිබිණි. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 189 වගන්තියට අනුව, අදාළ නඩුව ඉල්ලා අස් කර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය. ඒ අනුව සැකකරු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල 2021 මාර්තු 16 වෙනිදා නියෝග කළේය. බැසිල් රාජපක්‍ෂ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර සහනාධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීමේ දී රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට නඩු පවරා තිබිණි. නමුත්, 2020 වසරේ දී බැසිල් රාජපක්‍ෂ ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. දේශපාලනයට හා පරිපාලනයට සම්බන්ධ තවත් බොහෝ දෙනෙකු පසුගිය වසර දෙක ඇතුළත නිදොස් කොට නිදහස් කෙරිණි. දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිසම මේ අතර, 2015 ජනවාරි 8 වන දා සිට 2019 නොවැම්බර් 16 වෙනි දින කාලය ඇතුළත සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කළේය. 2020 ජනවාරි 9 වෙනිදා විශේෂ ගැසට් නිවේදනයකින් මෙම කොමිසම පත්කළේය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ සෙසු සමාජිකයින් වේ. මෙම ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි බාර ගැනීම 2020 පෙබරවාරි 20 දින අවසන් වූ අතර, පැමිණිලි 305ක් ලැබී තිබෙන බව කොමිසමේ ප්‍රකාශකයෙකු මාධ්‍යට කියා සිටියේය. දේශපාලන පළිගැනීම්වලට අදාළ කොමිෂන් සභාවේ නිර්දේශ අතර මේ වන විටත් අධිකරණයේ පවතින නඩු හතළිස් ගණනක් ඉල්ලා අස්කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් බොහෝ දෙනෙක් මෙම නිර්දේශ විවේචනය කර තිබිණි. නීතිය කුමක් ද? "හරයාත්මක හා කාර්යපටිපාටික නීතිය මගින් අපරාධ නඩුවක චෝදනා ඔප්පු කරන්න මාර්ගෝපදේශ සපයා තියෙනවා. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ අපරාධ නඩුවක් විභාගයට ගැනීමේදී අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාවලිය සඳහන් කර තිබෙනවා," නීතීඥ සන්ධ්‍යා පෙරේරා පැවසීය. "සාක්ෂි ආඥාපනතේ තුන්වෙනි වගන්තියේ 'ඔප්පු කිරීම' යටතේ 'සාධාරණ විචක්ෂණ මිනිසාගේ උපමානය' අනුව යමින් නඩුවට අදාළ සාක්ෂි නැත්නම් අනුකූල කරුණක් ඔප්පු වී ඇත්ද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ විනිසුරුවෙකුට." "අපරාධ නඩුවක ආවේශ්‍ය කරගත යුතු සාක්ෂි තෝරා බේරා ගැනීම සම්බන්ධව නීති සාක්ෂි ආඥාපනතේ සඳහන් වෙනවා. සාක්ෂිවල සත්‍ය අසත්‍යතාවන් පිළිබඳව තෝරා බේරා ගැනීම සම්බන්ධයෙන් විනිසුරුවන්ට විශාල වගකීමක් පැවරෙනවා. "සාක්ෂි නොමැති වීම, සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකි වීම හෝ විවිධ තාක්ෂණික ගැටලු මත නඩු ඉදිරියට ගෙන යන්න බැරි වෙනවා. මේ වගේ අවස්ථාවල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමක් සිදු කරන්න පුළුවන්," නීතීඥවරිය පැවසුවාය. අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ පැමිණිලි පාර්ශවය වෙතය. අපරාධ නඩුවක විත්තිකරුට එරෙහිව නඩු විභාගය ඇරඹෙන්නේ අහිංසකභාවයේ පූර්ව නිගමනයට (Presumption of innocence) අනුවය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම අයිතිය සහතික කර තිබේ. යම් පුද්ගලයෙකු නොකළ වරදකට දඬුවම් විඳීම වැළක්වීම මෙහි අරමුණ වී තිබේ. විත්තිකරුගේ වරදකාරීත්වය පිළිබඳව කිසිදු සාධාරණ සැකයක්, සාධාරණ මිනිසෙකුගේ මනසේ ඇති විය නොහැකි තරම් දුරට සාක්ෂි මගින් අදාළ චෝදනාව සනාථ විය යුතුය. "නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් දේශපාලනිකව සිදුවන දේ ගැන හුඟක් අයට සෑහෙන විවේචන තියෙනවා. නමුත් නීතිමය ක්‍රියාදාමය සිදුවන්නේ සාක්ෂි, අණ පනත්වලට අනුව. රටේ සාමාන්‍ය දේශපාලනික ක්‍රියාකලාපය ගැන අපි හැමෝටම මතයක් තිබෙනවා, ඉතින් ඒ අනුව මේ සිද්ධීන් ගැන තේරුම් ගැනීම තම තමන්ගේ බුද්ධියට බාරයි," දිගින් දිගටම සිදුවන නිදොස් කොට නිදහස් කිරීම් ගැන සිය මතය ඉදිරිපත් කළ නීතීඥ සන්ධ්‍යා පෙරේරා පැවසීය. මේ තොරතුරුද කියවන්න:
චීන ආරක්‍ෂක ඇමතිවරයාගේ දින දෙකක ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ කුමක්දැයි යන විවාදය අතරතුර චීනයේ විදේශ අමාත්‍යවරයා ද ලබන මස මෙරට සංචාරයක නිරතවීමට නියමිත බවට වාර්තා වෙයි. අසල්වැසි රාජ්‍යයට චීනයේ ප්‍රධානපෙලේ දේශපාලනඥයෙකුගේ සංචාරය සම්බන්ධයෙන් නව දිල්ලිය දැඩි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි ලෝකය බලා සිටිය ද එවැන්නක් මෙතෙක් සිදු නොවුණි.
චීන ආරක්‍ෂක ඇමති වෙයි ෆෙන්ග් පිටත්ව යාමෙන් අනතුරුව කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් වරයා අගමැති මහින්ද රාජපක්‍ෂ මුණගැසුන අතර, එම හමුවේ දී හෝ අනතුරුව මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද 'ට්විටර්' පණිවුඩය මගින් හෝ සිය දේශපාලන පසමිතුරු රාජ්‍යයේ ඉහල නිලධාරියාගේ ආගමනය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකෙරුණි. ඉන්දියානු පාර්ශ්වයෙන්, ඉහල මට්ටමේ චීන නියෝජිතයාගේ කොළඹ සම්ප්‍රාප්තිය ගැන සෘජුව සඳහන් නොකෙරුනත් 'නව දිල්ලිය අසල්වැසි හිතවත් රාජ්‍යයේ අගනුවර සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න ගැන උනන්දුවෙන් බලා සිටින' බව කිසිවකුට රහසක් ද නොවේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමේ අනතුරක් පවතින්නේද? නැද්ද? යන්න මුල්කරගත් විවාදය මේ මොහොතේත් රට තුළ පෙරට යමින් ඇත. එසේ වීම හෝ නොවීමත්, එම වරාය නගරය 'ඩොලර්' හෝ 'යුවාන්' හෝ වෙනත් ව්‍යවහාර ජාත්‍යන්තර මූල්‍ය ඒකක වශයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ආකර්ෂණය කරගනු ලබන කුඩා 'රන් දිවයිනක්' බවට පත්වේද යන්න තීරණය කරනු ඇත්තේ අද නොව අනාගතයෙහිය. 'ජිබුති' දේශයේ පාලකයන් ලද අමිහිරි අත්දැකීම හැමතැනම එපරිද්දෙන් සිදුවිය නොහැකි බව පිළිගැනීමට සිදුවෙන නමුත් මේ මොහොතේ විසඳා ගතයුතුව ඇති මේවනවිටත් දිග හැරෙමින් පවතින සැඟවිය නොහැකි වෙනත් දැවැන්ත අභියෝගයක් පවතී. එනම්, ශ්‍රී ලංකාව වේගයෙන් චීනය වෙත ආකර්ෂණය වීමත් සමඟ කලාපයේ බලවතුන් පමණක් නොව සෙසු ජාත්‍යන්තර බලවේග කෙරෙන් එල්ලවෙමින් පවතින එදිරිවාදී ප්‍රතිචාරයයි. මෙයින් මාස හයකට පමණ පෙර චීන විදේශ ඇමතිවරයා මෙන්ම ඇමෙරිකානු රාජ්‍යලේකම් වරයාත් 'එකට එකමෙන්' සති කීපයක් ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කළහ. චීන ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිටුපස "විශේෂ හේතුවක්" 'පිබිදුන චීන යෝධයා' ආසියා-ශාන්තිකර කලාපයේ අතපය දිගහැරීමත් සමඟ කලාපයේ බලවතුන් පමණක් නොව බේජිං පිළිවෙත සමඟ ගැටෙන වෙනත් බලවතුන් ද සාකච්ඡා මට්ටමින් ඔබ්බට ගොස් සංවිධානාත්මක මට්ටමින් පෙරට පැමිණ ඇත. ශ්‍රී ලංකාව ගත්විට රටක් හැටියට එම විරසකයට ගොදුරුවන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන්ම නොවේ. සහශ්‍රය ආරම්භ වීමෙන් අනතුරුව ඉන්දියානු සාගරය මැද පිහිටා ඇති කුඩා දිවයින තුළ ආරම්භ කෙරුණ මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ලම මෙන් චීනය කේන්ද්‍ර කරගත් චීන ආයෝජන මත යැපෙන තත්වයකට පත්වීමත් සමඟය. මත්තල ගුවන් තොටුපොල සහ කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අහිමි වූ අතර ජපානයත් සමඟ ඇතිකරගත් 'සැහැල්ලු දුම්රිය' ව්‍යාපෘතියත් අහෝසි කරනු ලැබුණි. දැන් පෙනෙන්නේ ඊතලයේ තුඩ පමණක් බවත් මෙහි සමස්තය වඩාත් ගැඹුරින් නිරීක්‍ෂණය කළයුතු බවත් හිටපු තානාපති, ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි. "කොළඹ වරාය ව්‍යාපෘතිය නිසාම නොවෙයි," යනුවෙන් අවධාරණය කරමින් ඔහු සිය අදහස් දැක්වීම ආරම්භ කළේය. "හැබැයි, ලංකාව නොබැඳි පිළිවෙතක පිහිටා සිට දැන් තරඟකාරී බල කඳවුරු දෙකකින් එක පැත්තකට යොමුවීම ගත්තොත් ඒ අනුව බලන විට, ඔව්... වරාය නගරයත් යම් වෙනසක්, විචල්‍යයක් බවට පත්වෙන්න පුළුවන්. නැත්නම්, ඒ පරිවර්තනයේ එක ප්‍රපංචයක් වශයෙන් 'පෝර්ට් සිටිය' සලකන්න පුළුවන්" ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල සේවය කළ විමසීමක දී වැඩිදුරටත් පැවසීය. "ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් හැටියට නිදහසින් පසුව අනුගමනය කරන ලද නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තියේ වෙනසක් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සිදුවෙමින් පවතින බවත් ජනාධිපතිවරයා හිටපු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙන් සාම්ප්‍රධායික සබඳතා ජාලයෙන් ඉවත්ව කටයුතු කරන" බවත් ඔහු පෙන්වා දෙයි. "විදේශ ප්‍රතිපත්ති අංශයේ කලින් අනුගමනය කරමින් තිබුණ සාම්ප්‍රධායික ප්‍රතිපත්ති රාමුවෙන් ඉවත්ව දැන් චීන සාධකය නිසා බරපතල වෙනසක් සිදුවෙමින් පවතිනවා" ආචාර්ය ජයතිලක පවසයි. මේ අතර කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සහයෝගය දක්වන අතරම ශ්‍රී ලංකා-චීන සුවිශේෂී සබඳතා අගයකරන වත්මන් පොදු පෙරමුණු රජයේ පාර්ශ්වකරුවකු වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය "ශ්‍රී ලංකාව චීනයට කිට්ටුවීම දකින්නේ ශුභවාදී වර්ධනයක්" ලෙසය. තම පක්‍ෂය වරාය නගර ව්‍යාපෘතියට උපරිම සහයෝගය දක්වන බව එම පක්‍ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වූ ඩිව් ගුණසේකර ප්‍රකාශ කළ බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි. ඉන්දීය සහ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරුන්ගේ හමුවක් ශ්‍රී ලංකාව මේ ගමනේ දී 'චීන කොලනියක්' බවට පත්විය හැකි බවට සමාජයේ ඇතැම් කොටස් මතුකරන සැකය සහ දකුණු ආසියානු කලාපයේ භූ දේශපාලන සැකැස්ම වෙනස්කෙරෙන "චීන ව්‍යාප්තවාදයක්" ගැන පළවෙමින් පවතින මතවාදය ගැන බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ "තම පක්‍ෂය එම මතය බැහැර කරන බවත්, චීනය දකුණු ආසියාව තුළ පමණක් නොව සමස්ත ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු කලාපයන්හි පමණක් නොව යුරෝපයේ පවා ආර්ථික සබඳතා පවත්වන" බව සදහන් කළේය. "අද ලෝකයේ බලවත්ම ආර්ථික හැකියාව සහිත රට චීනය. චීනය ශ්‍රී ලංකාව වගේ රටවල් සමඟ පමණක් නොවෙයි, ඔස්ට්‍රේලියාව,ජපානය සහ දකුණු කොරියාව වගේ ධනවාදී කඳවුරේ රටවල් සමඟත් ආර්ථික සබඳතා පවත්වනවා. පසුගියදා චීනය ආර්ථික ගිවිසුම් අත්සන් කළ රටවල් දහයට ඔස්ට්‍රේලියාවත් ඇතුළත්. ඒ නිසා චීනය දකුණු ආසියාවේ මැදිහත්වීම කලාපයේ දේශපාලන සිතියම වෙනස් කිරීමට හේතුවෙන බවට පළවෙන අදහස් සමඟ අපට එකඟවෙන්න බැහැ" ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා පවසයි. ඉදි කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය එහෙත් ආචාර්ය දයාන් ජයතිලක මෙම සංවාදය තවත් ඉදිරියට ගෙනයමින් කියා සිටින්නේ, "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ බණ්ඩාරනායක පරපුරේ දේශපාලකයන් පමණක් නොව 2019 තෙක් බලයට පත් සියලුම දේශපාලන පක්ෂ විසින් අනුගමනය කරන ලද පිළිවෙතේ වෙනසක් සිදුකරමින් වත්මන් ජනාධිපතිවරයා චීන රාජ්‍යයෙන් නොව පාලක කොමියුනිස්ට් පක්ෂයෙන් පාඩම් ඉගෙණීමට යොමුවී සිටින" බවයි. "මෙය ප්‍රකාශයට පත්වන්නේ කොළඹ සිටින චීන ජනාධිපතිවරයාගේ ලිපි මගින් 'Daily FT' පුවත්පතට සපයන ලද ලිපියක් මගින් තානාපතිවරයා පෙන්වා දී තිබෙනවා, පසුගිය මාර්තු 29 දින දෙපාර්ශ්වය අතර පැවැති දුරකථන සාකච්ඡාවේ දී චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ එම ආණ්ඩුවේ අත්දැකීම් ඉගනීමට තමාගේ විශේෂ කැමැත්තක් ඇති බව ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති ජි ෂින් පිං සමඟ සඳහන් කළ බවක්. ලංකාව කොතරම් චීනයට ලංව සිටියත් මින්පෙර කිසිම නායකයෙක් චීන කොම්යුනිස්ට් පක්ෂයේ ආණ්ඩුකරණය ගැන ටියුෂන් ගැනීමට ඉදිරිපත්වෙලා නැහැ" ආචාර්ය ජයතිලක සඳහන් කළේය. "එය ශ්‍රී ලංකා-චීන සමීකරණයේ වෙනස්වීමක්. ඒ අනුව චීන සබඳතා අනිත් සබඳතා ඉක්මවා යමින් පවතිනවා. ඒ සමඟ සිදුවෙන්නේ ඉන්දියානු සම්බන්ධය පහත වැටීම" ආචාර්ය දයාන් ජයතිලක නිගමනය කරයි. ආචාර්ය දයාන් ජයතිලක (මැද) රුසියාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය "අද ලෝකයේ ලොකුම නිෂ්පාදකයා, ආයාත සහ නිර්යාත ආර්ථිකයේ හිමිකරු වන්නේ චීනය. ලොකුම විදේශ සංචිත ප්‍රමාණය අයත් රටත් චීනය. එම ආර්ථිකය පාලනය කරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය විසින්. ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණ සමාජවාදී රටක්, සමාජවාදී සමාජ ක්‍රමයක් නිර්මාණය කරනු ලැබීම. එය ඉලක්ක සහගත සැලසුම් සහගත් ගමනක්. ඒ සම්බන්ධයෙන් ධනවාදී ලෝකය තුළ මනාපයක් නැහැ. තියෙන්නේ භීතියක්" යනුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ පැවසීය. එවැනි පසුබිමක් යටතේ එකී ධනවාදී ලෝකය, කලාපයට පිවිසීමට ඉන්දියාව දොරටුවක් කර ගැනීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින්නේදැයි විමසු විට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ, කලින් නේරු සහ ගාන්ධිවරුන්ගේ පාලන සමයන්හි ඉන්දීය නායකයන් විසින් අනුගමනය කරන ලද ප්‍රගතිශීලී නිදහස් සහ නොබැඳි පිළිවෙත මේවනවිට අංශක 180කින් වෙනස්ව ඇති බවය. "මෝදි පාලනය යටතේ එය වේගවත් වුනා. අන්න එතැනින් තමයි, කලාපයේ භූ දේශපාලන සැකැස්මට බලපාන මට්ටමින් පිටස්තර බලවේග ප්‍රවේශ වෙන්නේ. ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ ශාන්තිකර කලාප වැඩසටහනට ඉන්දියාවත් ඈඳාගත්තා. ඉන්දියාව විතරක් නොවෙයි, අනිත් පැත්තෙන් වියට්නාමයත් ඊට එකතුකර ගැනීමට ඇමෙරිකාව උත්සාහ කළා," එහෙත් මේ මොහොතේ කලාපීය භූදේශපාලනයට සෘජුව බලපාන දේශපාලන ත්‍රිකෝණයක් නිර්මාණය වෙමින් පවතින බව ආචාර්ය දයාන් ජයතිලකගේ තක්සේරුව වී ඇත. හිටපු තානාපතිවරයා පවසන පරිදි එම ත්‍රිකෝණය නිර්මාණය වන්නේ චීනය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් තුනේ දිසානතිය අනුවයි. "ඇත්තෙන්ම මෙය කලාපයේ අලුත් භූ දේශපාලන රටාවක්. එය ගොඩනැගෙන්නේ බේජිං, ඉස්ලාමාබාද් සහ කොළඹ පාලනයේ උවමනාව අනුවයි" ආචාර්ය ජයතිලක පවසයි. "මේ ප්‍රවනතාව ඉන්දියාව කොයි විධියට දකීවිද යන්න අපි තවම දන්නේ නැහැ. අනිත් අතින් චීනය සිය තරඟකරුවන් හෝ පසමිතුරන් ලෙස සලකන රටවල් කලාපයට ප්‍රවේශවෙමින් සිටිනවා. අපි දේශපාලන චතුරශ්‍රය ලෙස හඳුන්වන එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළත් 'QUAD' රටවල් ආසියා-ශාන්තිකර කලාපයට පිවිසෙන විට සේද මාවතේ ගමන්ගනිමින් සිටින බේජිං ව්‍යාපෘතිය එකට මුණගැසෙන්න පුළුවන්," චීනය ආසියා-ශාන්තිකර කලාපය තුළ පමණක් නොව අප්‍රිකාව ඇතුළු පුළුල් ලෝක වපසරියක සිය ආයෝජන වපුරමින් සිටින අතරවාරයේ කලාපයේ අධිපත්‍යය සඳහා කටයුතු කරන "වෙනත් කණ්ඩායම්" ගැනත් සඳහන් කර ඇති අතර එමගින් ඔවුන් අදහස් කරන්නේ ඉහත කී "චතුරශ්‍රය" විය හැකිය. දකුණු ආසියාව තම "වැයික්කිය" ලෙස සලකන ඉන්දියාව නව තත්වයන් අනුව ඇමෙරිකානු කඳවුරට වේගයෙන් සමීපවීමේ ලෝක දේශපාලන රටාවක් ඇතිවිය හැකි බවත් ආචාර්ය දයාන් ජයතිලක පවසයි. වෛද්‍ය ජී වීරසිංහ ශ්‍රී ලංකාව කිසිදු බලවතකු සමඟ සන්ධානගත වීමකින් තොරව දුරස්ථ සම්බන්ධයක් පවත්වා ගනු ලැබීම මූලෝපායී වශයෙන් වැදගත් ක්‍රියාමාර්ගයක් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ පවසයි. ඉහත කී හැඩගැසීම් ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම කෙරෙහි සෘජුව බලපාන ආකාරය සම්බන්ධයෙන් බීබීසිය ප්‍රශ්නයක් යොමුකළ විට ඊට පිළිතුරු දුන් ආචාර්ය දයාන් ජයතිලක, "එය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පාලනය විසින් ගනු ලබන තීන්දුවලට සමාන්තරව" යයි සඳහන් කළේය. "උදාහරණයක් විධියට ලංකාව පළාත් සභා ක්‍රමය අහෝසි කළොත්, එහි බලතල අඩු කළොත් ඒක තමිල්නාඩුවේ අප්‍රසාදයට හේතුවෙනවා. ඒ සමඟ එම බලපෑමට නව දිල්ලියට බලපෑමක් වෙනවා. 1980 දශකයේ ඉන්දියාව උතුරු-නැගෙනහිර ප්‍රශ්නවලදී ගත් පියවර අමතක කරන්න නරකයි," "අපේ තක්සේරුව අනුවත් එවැනි අනතුරක් අපි දකිනවා" ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා ද පවසයි. "ඇත්තෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවේ භූ දේශපාලන සැකැස්මට බලපාන මට්ටමින් සහභාගී වන්නේනම්, ඒ සඳහා එවැනි සංවේදී කරුණු ඊට බලපාන" බව වෛද්‍ය ජී වීරසිංහ පෙන්වා දෙයි. "2009 වසරේ යුද්ධය නිමවුනත් දමිළ ජනයාගේ බලාපොරොත්තු ඉටුවුණේ නැහැ. ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමෙන් ස්ථාපනය කෙරුණ උතුරු-නැගෙනහිර පළාත් සභාව වෙන්කෙරුනා. අද පළාත්සභා අක්‍රීයයි .කොමිෂන් සභා විසින් නිර්දේශ කරන ලද යෝජනා ක්‍රියාත්මක කෙරුණේ නැහැ. දමිළ ජනයාගේ සමාජ-ආර්ථික ගැටලු උග්‍රවෙමින් පවතිනවා. එවැනි පරිසරයක් තුළ නැගෙන විරෝධය ඉන්දියාව වැනි බලවේගයන්ට පිවිසිය හැකි මට්ටමින් නරක දිශාවකට ගමන් ගැනීමට පවතින ඉඩකඩ අපි තේරුම් ගන්නවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවත් තොරතුරු;
AI යනු කෘත්‍රිම බුද්ධිය හෝ 'අයි' තාක්ෂණය සහිත තීක්‍ෂණ සීසීටීවී කැමරා පද්ධතියකි. එය වත්මන් ඩිජිටල් ලෝකයේ දියුණු තාක්‍ෂණ මෙවලමකි.
ෂින්ජියෑන් හි 'වෘත්තීය අධ්‍යාපන කුසලතා මධ්‍යස්ථානය' ලෙස නිල වශයෙන් නම්කරනු ලැබ ඇති ආයතනයේ දොරටුවක් කෘත්‍රිම ඔත්තුබැලීමේ තාක්‍ෂණයක් සහිත AI සීසීටීවී කැමරා පද්ධතිය මගින් මිනිසුන්ගේ මුහුණේ හැඟීම් කියවිය හැකියයි සැලකේ. එවැනි කැමරා පද්ධතියක් ෂින්ජියෑන් හි 'උයිගර්' ජාතිකයන් අධීක්‍ෂණය සඳහා ස්ථානගත කරනු ලැබ ඇති බව බීබීසියට දැනගැනීමට ලැබුණි. බීබීසී 'පැනරාමා' විශේෂාංගයට අදහස් දැක්වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් පවසන පරිදි 'ෂින්ජියෑන්' ප්‍රාන්තයේ පොලිස් ස්ථානයන්හි එවැනි කැමරා පද්ධතියක් සවිකර ඇත. ඒ සඳහා ලැබී ඇති සාක්‍ෂි අධීක්‍ෂණය කළ මානව හිමිකම් උපදේශකයෙක් එම භාවිතය විග්‍රහකරන ලද්දේ ''බලවත් මානසික කම්පනයක්'' ලෙසිනි. එම කැමරා පද්ධතිය සම්බන්ධයෙන් ඉදිරිපත්වෙන ප්‍රකාශන සම්බන්ධයෙන් ලන්ඩන් නගරයේ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් සෘජු ප්‍රතිචාරයක් දක්වා නැත. එහෙත් සියලු ජනවාර්ගික කණ්ඩායම්වල සමාජ සහ දේශපාලන අයිතිවාසිකම් සහතික කරනු ලැබ ඇතැයි තානාපති කාර්යාලය පවසයි. ෂින්ජියෑන් පළාතේ චීනයේ සුළුජන කණ්ඩායමක් වන 'උයිගර්' ජාතිකයන් මිලියන 12ක් පමණ වාසයකරන අතර ඔවුන්ගෙන් බහුතරය මුස්ලිම්වරු වෙති. ප්‍රාන්තයේ වැසියන් දිනපතා සෝදිසි කිරීමට ලක්කෙරෙති. එපමණක් නොව ''දැඩි මතභේදයකට'' තුඩු දී ඇති ''නැවත අධ්‍යාපනය ලබාදෙන මධ්‍යස්ථාන'' විශේෂයක් එම ප්‍රාන්තයේ ක්‍රියාත්මක කෙරෙයි. මානව හිමිකම් සංවිධාන මගින් එම ආයතන හඳුන්වනු ලැබ තිබෙන්නේ ''රැඳවුම් කඳවුරු'' යන වචනයෙනි. දශ ලක්ෂයකට අධික ජනතාව එම මධ්‍යස්ථානයන්හි රඳවනු ලැබ ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි. වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින බෙදුම්වාදී කණ්ඩායම්වල ත්‍රස්ත ප්‍රහාර මගින් පුද්ගලයන් සිය ගණනක් මරාදමා ඇති හෙයින් අධීක්‍ෂණ ක්‍රියාදාමයක් අවශ්‍යකරන බවට බේජිං පාලකයෝ නිතරම තර්ක කරති. Xinjiang is believed to be one of the most surveilled areas in the world බීබීසී පැනරාමා වැඩසටහනට අදහස් දැක්වූ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ඊට සහභාගී වූයේ සිය නම අනාවරණය නොකිරීමේ කොන්දේසිය යටතේය. ඊට හේතුව ඔහුට සිය රැකවරණය සම්බන්ධයෙන් සැකයක් පැවතීමය. ඔහු රැකියාව කරන සමාගමත් එය රහසක් වශයෙන් තබා ගැනීමට එකඟ විය. AI තාක්ෂණය උපයෝගී කරගනිමින් විමර්ශනය කරන ලදැයි පවසන 'උයිගර්' රැඳවියන් පස්දෙනකුගේ පින්තූර ඉංජිනේරුවරයා විසින් 'පැනරාමා' සඳහා ප්‍රදර්ශනය කරනු ලැබීය. මෙම අධීක්‍ෂණ කැමරා පද්ධතිය මගින් ප්‍රදර්ශනය කෙරෙන දත්ත මගින් පුද්ගලයකුගේ මනසෙහි තත්ත්වය සම්බන්ධයෙන් සංඥාවක් ලබාදෙයි. සෘණාත්මක ආකල්පවලින් පෙළෙන අයකුගේ මනසේ තත්ත්වය රතුපාටින් පෙන්නුම් කෙරෙයි ''මීයන් විද්‍යාගාරවල පර්යේෂණවලට යොදාගනු ලබන ආකාරයට චීන ආණ්ඩුව 'උයිගර්' ජාතිකයන් විවිධ අත්හදාබැලීම් ආදියට යොදාගන්නවා''එම ඉංජිනේරුවා පැවසීය. ප්‍රදේශයේ පොලිස් මධ්‍යස්ථානයන්හි කැමරා සවිකරනු ලැබීම සඳහා ඔහු විසින් ඉටුකරනු ලබන කාර්යභාරය ඔහු විස්තර කරයි. ''අපි මිනිසුන්ගේ හැඟීම් මීටර් තුනක දුරසිට කියවිය හැකි මට්ටමින් කැමරා ස්ථානගත කළා. එය ඔත්තුකරුවකුගේ කාර්යභාරයට සමාන එකක්. නමුත් ඉතා දියුණු තාක්ෂණයක්'' මෙම කාර්යයේ දී චීනය පුරා පොලිසිවල සවිකරනු ලැබ ඇති පුද්ගලයන් සන්සුන්ව තැබිය හැකි විශේෂ පුටු ("restraint chairs") නිලධාරීන් විසින් භාවිත කරන බවත් ඔහු පවසයි. ''එවිට ලෝහමය වළලු මගින් අත්වල මැණික්කටු ළඟින් සිර කෙරෙනවා. ඒ වගේම වළලුකර ළඟිනුත් සිරකිරීමක් සිදු කෙරෙනවා'' පුද්ගලයකුගේ මුහුණේ ඉරියව් මොහොතෙන් මොහොත වෙනස්වෙන ආකාරය සහ මිනිසකුගේ ඇඟේ සමෙහි ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර සිදුරු පවා හසුකරගත හැකි මට්ටමින් එම AI කැමරා පද්ධතිය දියුණු කරනු ලැබ ඇති ආකාරය පිළිබඳව සාක්ෂි පවා ඉංජිනේරුවා ඉදිරිපත් කළේය. ඉංජිනේරුවා සඳහන් කළ පරිදි මෘදුකාංගය මගින් 'Pie ප්‍රස්ථාරයක්' නිර්මාණය කරයි. එම ප්‍රස්ථාරයේ රතු කොටස මගින් පුද්ගලයකුගේ මනසෙහි අවුල් සහගතභාවය සහ නිශ්ප්‍රභ කෙරෙන සුලු මානසික හැඟීම් පිළිබිඹු කෙරෙයි. කිසිදු සාක්ෂියකින් තොරව පූර්ව නිගමන මත තීන්දුවලට එළැඹෙන මට්ටමින් එම මෘදුකාංගය නිමවා ඇති බව ඔහු කියා සිටියි.. ලන්ඩනයේ පිහිටි චීන තානාපති කාර්යාලය 'ෂින්ජියෑන්' පළාතේ භාවිත කරනු ලබන මිනිස් චිත්තවේග හඳුනාගැනීමේ මෘදුකාංග භාවිතය පිළිබඳ ප්‍රශ්නවලට ප්‍රතිචාර නොදැක්වූ නමුත් මෙසේ පැවසීය. "ෂින්ජියෑන්' පළාතේ සියලු ජනවාර්ගික කණ්ඩායම්වල දේශපාලන, ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සහ ආගමික නිදහස සහතික කරනු ලැබ තිබෙනවා. ජනවාර්ගික වෙනස්කම් නොසලකා ජනතාව සමගියෙන් ජීවත්වෙනවා. මිනිසුන්ගේ පෞද්ගලික නිදහසට කිසිදු තහංචියක් නැහැ. ඔවුන් සාමකාමී ජීවිතයක් ගත කරනව" ඉංජිනේරුවා විසින් ඉදිරිපත්කරන ලද සාක්ෂි චීන මානව හිමිකම් අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්‍ෂ සොෆී රිචඩ්සන්ට පෙන්වනු ලැබුණි. ''ඒවා සිත කම්පාවට පත්කරන මට්ටමේ සාක්ෂි. එම ක්‍රියාවලිය මිනිසුන් 'Pie ප්‍රස්ථාරයකට ලඝු කිරීමක් විතරක් නොවෙයි, එය දැඩි පීඩනයක් යටතේ මිනිසුන් බලහත්කාරයකට ගොදුරුකර ගැනීමක්'' සැක කටයුතු හැසිරීමක් කොලරාඩෝ සරසවියේ ඩැරන් බයිලර් (Darren Byler) පවසන පරිදි 'උයිගර්' ජනයාට නොකඩවාම ප්‍රදේශයේ බලධාරීන්ට DNA සාම්පල දීමට සිදුව ඇත. එම ජනයා ඩිජිටල් පරීක්ෂණවලට භාජනය කෙරෙන අතර එම තොරතුරු ආණ්ඩුවේ දුරකථන 'ඇප්' මෘදුකාංගයක් බාගත කෙරෙයි. එමගින් එම ජනයාගේ සම්බන්ධතා ලැයිස්තුවලට අදාළ තොරතුරු සහ ඔවුන් විසින් හුවමාරු කරගනු ලබන පණිවුඩ සියල්ල එක්රැස්කර ගැනීමට හැකිවෙයි. ''උයිගර් ජන ජීවිතය දත්ත එක්රැස් කරන මෙවලමක තත්ත්වයට පත්වෙලා තිබෙනවා'' ඩැරන් බයිලර් (Darren Byler) පැවසීය. ස්මාට් ජංගම දුරකථන ආදිය මගින් බලධාරීන්ට පුද්ගලයන් ගමන්ගන්නා ස්ථාන, ඔවුන් සිටින තැනක් ආදී සියල්ල හඳුනාගත හැකිය. ''මිනිස්සු ඔවුන්ගේ ගෙවල්වල ඉස්සරහ දොර වෙනුවට පිටුපස දොරෙන් පිටව යනවද? ඔවුන් තමන්ගේ නොව අනුන්ට අයත් මොටර් රථයකට ඉන්ධන පුරවනවද? ඔයවගේ හැම දෙයක් ගැනම තොරතුරු එකතු කරනවා''චීන මානව හිමිකම් අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යක්‍ෂ සොෆී රිචඩ්සන් සඳහන් කළාය. ''බලධාරීන් මිනිසුන්ගේ ගෙවල්වල දොරවල්වලින් පිටත QR කේත සවිකිරීමට පියවර අරගෙන තියෙනවා. එමගින් බලධාරීන්ට ඒ ගෙදරක ඉන්නේ කවුද? නොඉන්නේ කවුද? කියල පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්'' ''එක් එක් පුද්ගලයා මට්ටමින් තොරතුරු පද්ධතියක්'' සඳහා අදාළ සමාගම තාක්ෂණය සංවර්ධනය කරනු ලැබීමේ ඊනියා වැඩපිළිවෙලක නිරතවෙමින් සිටි බවක් පෙන්නුම්කෙරෙන ලියවිල්ලක් ද චීන මානව හිමිකම් පිළිබඳ ආයතනයට හමුවී ඇත. ''ආණ්ඩුව හැම පුද්ගලයකුගේම පෞද්ගලික තොරතුරු ගබඩාකර තබා ගැනීමට පියවර ගනීවි. දේශපාලන ක්‍රියාකාරකම්,මිනිසුන් පවත්වන සම්බන්ධතා,ඔවුන්ගේ සම්බන්ධතාවල ඇතුලාන්තය සහ ඔවුන්ගෙන් කවරාකාරයේ තර්ජනයක් එල්ලවෙන්න පුළුවන්ද ආදී කරුණු ගැන බලධාරීන්ට එමගින් අවබෝධයක් ලබාගන්න පුළුවන්''වීඩියෝ අධීක්‍ෂණය සම්බන්ධයෙන් ලෝකයේ බලවත්ම ආයතනය වන IPVM ආයතනයේ කෝනර් හීලි(Conor Healey) පවසයි. 'හික්විෂන්' (Hikvision)ව්‍යාපාරය කැමරා ඇතුළු භාණ්ඩ රාශියක් නිපදවයි ''මේ උපාංග යොදාගනිමින් ආණ්ඩුවට සිය පුරවැසියන්ගේ සියලු හැසිරීම් පුරෝකතනය කළ හැකිවෙනවා.මට හිතාගන්න බැහැ - ආණ්ඩුවකට මේ වගේ විශ්ලේෂණයක් කරන්න හැකියාවක් ලැබේවි කියල ජෝර්ජ් ඕවෙල්වත් හිතන්න ඇති කියල'' එක් පුද්ගලයා අධීක්‍ෂණය සහ එක් පුද්ගලයා සඳහා වෙන් වශයෙන් තොරතුරු පද්ධති සැකසීම (One Person, One File system) සම්බන්ධයෙන් නගන ප්‍රශ්නවලට Huawei ආයතනය සුවිශේෂී පිළිතුරක් ලබා නොදෙයි. එහෙත් ඔවුන් පුනපුනා කියාසිටින්නේ,තමන් ක්‍රියාත්මක වෙන ස්ථානයන්හි රජයන් ස්වාධීනව කටයතු කරන බවය. ''එක් එක් පුද්ගලයා සඳහා වෙන් වශයෙන් තොරතුරු පද්ධති සැකසීම''(One Person, One File system)සම්බන්ධයෙන් තමන්ට ''දැනුමක් නැතැයි'' ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය පවසයි. හික්විෂන් (Hikvision) චීන සමාගම විසින් 'උයිගර්'ජනයා හඳුනාගත හැකි AI කැමරාවක් සම්බන්ධයෙන් පළකරන ලද දැන්වීමක වාණිජමය ද්‍රව්‍ය IPVM ආයතනයට හමුවී ඇති බව ප්‍රකාශ වී ඇත. එසේම තවත් බලවත් තාක්ෂණික සමාගමක් වන Dahua විසින් සංවර්ධනය කරන ලද 'උයිගර්'ජාතිකයන් හඳුනාගත හැකි මෘදුකාංගයක පේටන්ට් බලපත්‍රයත් ඔවුන්ට ලැබී ඇති බව පැවසෙයි. සිය පේටන්ට් බලපත්‍රය චීනයේ පිළිගත් ජනවාර්ගික කණ්ඩායම් 56ටම අදාළ වන අතර තමන් සිතාමතා කිසිදු එක ජනවර්ගයක් ඉලක්ක කර නැතැයි 'Dahua' පවසයි. වැඩිදුරටත් අදහස් දක්ල්වන 'Dahua' පවසන්නේ ''එක්සත් රාජධානිය ද ඇතුළුව එය ක්‍රියාත්මක වන "සෑම වෙළෙඳපොළකම නීති සහ රෙගුලාසිවලට අනුකූලව" "ජනතාව ආරක්‍ෂිතව තබා ගැනීමට උපකාරී වන නිෂ්පාදන සහ සේවාවන්" සපයන බවය.. ''තම අන්තර්ජාල වෙබ් අඩවියේ ඇතුළත් තොරතුරු නිවැරැදි නොවන බවත් ඒවා යළි අධීක්ෂණයකින් තොරව ඇතුළත් කරනු ලැබ ඇති බවත් 'හික්විෂන්' (Hikvision) පවසයි. එසේම සුළුජනයා හඳුනාගනු ලබන තාක්‍ෂණයක් තමන් සතුව හෝ විකුණා නැති බවත් එම සමාගම සඳහන් කරයි. සඳහන් කරනු ලබන පේටන්ට් බලපත් ගැන තමා දැන නොසිටි බව චීනයේ AI පාලන ජාතික කමිටුවේ සභාපති ආචාර්ය ලෑන් ෂුවේ (Dr Lan Xue) පවසයි. ''එවැනි ක්‍රියා සම්බන්ධයෙන් චීනයෙන් පරිබාහිරව චෝදනා රාශියක් තියෙනවා. ඒවා නිවැරැදි හෝ සත්‍ය වූ ඒවා නොවෙයි''ආචාර්ය ලෑන් ෂුවේ කියා සිටියි. "ෂින්ජියෑන්ග් පළාතේ ජනතාව ආරක්ෂා කිරීමේ සැබෑ වගකීම පැවරෙන්නේ ෂින්ජියැන්ග් පළාත් පාලන ආයතනයට කියල මම හිතනවා. ඒ සන්දර්භය තුළ තාක්‍ෂණය භාවිත කරන්නේ නම් එය තේරුම්ගන්න පුළුවන්'' ඔහු සඳහන් කළේය. එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලය තත්ත්වය වඩාත් යුක්ති සහගත කරමින් මෙසේ පවසයි. ''උයිගර් ජනයා විශ්ලේෂණය කෙරෙන ඔවුන්ගේ මුහුණු කියවිය හැකි කවරාකාරයේ හෝ ඊනියා තාක්‍ෂණයක් නැහැ'' දිනපතා සෝදිසිය තමා නිරන්තරයෙන් සෝදිසිකිරීමට ලක්වෙමින් ඇති බව හූ ලියුගේ හැඟීමයි ලෝකයේ ඔත්තු බලන කැමරා මිලියන 800ක් පමණ භාවිතයට ගැනෙමින් පවතින අතර එයින් භාගයක්ම චීනය සතුයයි ඇස්තමේන්තු කෙරෙයි. එපමණක් නොව,නාගරික පරිසරයෙහි පදනම් තුළ AI තාක්ෂණය ස්ථානගත කරන ලද 'චොන්ග්කිං'(Chongqing) වැනි 'ස්මාර්ට්' තාක්ෂණය සහිත නගර ගණනාවක් ද චීනය සතුය. 'චොන්ග්කිං'(Chongqing)නගරයේ කටයුතු කරන ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන හු ලියු (Hu Liu) තම අත්දැකීම් බීබීසී 'පැනරාමා' වැඩසටහනට එක්කරමින් මෙසේ සඳහන් කළේය. ''කවුරුහරි කෙනෙක් ගෙදරින් පිටවෙලා සෝපානයට ඇතුල්වෙන කොට ඒ සමඟ ඔහු කැමරාවකට හසුවෙනවා. හැමතැනම කැමරා'' ''මට ගමනක් යන්න කුලී රථයක් කැඳවන අවස්ථාවල දී කුලීරථ සමාගම මගේ සියලු තොරතුරු ආණ්ඩුව වෙනුවෙන් සටහන් කරගන්නවා. ඉතින් මම ආපනශාලාවකට ගිහින් මගේ මිතුරන් කීපදෙනෙක් හමුවෙමින් සිටින විට බලධාරීන් කැමරා මගින් දන්නවා-මම ඉන්නේ කොතැනද? කියල'' ''මම මගේ මිතුරු සමාගම් පවත්වන ලද ඇතැම් අවස්ථාවල ඒ විගසම ආණ්ඩුවේ නියෝජිතයෙක් මා විමසූ අවස්ථා තියෙනවා. ඔවුන් මට අනතුරු අඟවලත් තියෙනවා. ඔවුන් කියනවා 'මේ පුද්ගලයා නැවත හමුවෙන්න එපා-මේ මේ දේවල් ආයෙත් කරන්න එපා' කියලා" ''ඔත්තු බලන මේ කෘත්‍රිම උපකරණ නිසා අපට දැන් හැංගෙන්න තැනක් නැහැ'' හු ලියු (Hu Liu) පවසයි. තවත් තොරතුරු;
ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටුවාගැනීම පිළිබඳව මාධ්‍යවේදීනට අදහස් ප්‍රකාශ කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියා සිටියේ වත්මන් රජය විසින් උදුරාගන ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතීන් නැවත ජනතාව වෙත ලබාදීම තම පක්ෂයේ අරමුණ බවයි.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඔහු නායකත්වය දරණ ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂයක් ලෙස පිළිගන්නා බව මැතිවරණ කොමසාරිස් වරයා විසින් සඳුදා ප්‍රකාශයක් නිකුත් කරනු ලැබිණි. "මගේ ප්‍රජා අයිතිය අහිමි කරලා තිබුණා. ඒත් පක්ෂයේ නිලධාරීන් ඉන්නවා. අනුගාමිකයින් ඉන්නවා. මම ඒ අයට නායකත්වය දෙනවා", යනුවෙන් හිටපු හමුදාපති වරයා ප්‍රකාශ කළේ ප්‍රජා අයිතිය නොමැතිව නව පක්ෂයේ නායකත්ව දැරීමේ අරමුණ පිළිබඳව යොමුකෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මම අභියෝගයක් කරනවා "ඒ අතරේ මම අභියෝගයක් කරනවා මගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ බියගුළු ක්‍රියාදාමය පිටුපස ඉන්නා අයට, පුළුවන් නම් මගේ ප්‍රජා අයිතිය යලි ලබා දීල ජනතාව ඉදිරියේ මට මුහුණ දෙන්න කියල ", යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුල සියලු ජාතීන්ගේ අයිතීන් තහවුරු කළ යුතු බව කී නව පක්ෂ නායක සරත් ෆොන්සේකා, රට පුරා ජනතාවට එකට ජීවත්විය හැකි මානසිකත්වයක් ගොඩනැගිය යුතු බවද කියා සිටියේය. තම පක්ෂය වෙනත් පක්ෂ සමග සන්ධානගත වීමට සුදානමක් නොමැති බවද ප්‍රකාශ කළ ඔහු, "ඒත් ඒ අයට අපගේ චන්ද ලකුණ යටතේ තරඟ කළ හැකියි." යනුවෙන් තවදුරටත් ප්‍රකාශ කළේය.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරයට මුල් වූ, අලුතින් ඉදි කළ මුස්ලිම් පල්ලිය ප්‍රාදේශීය මුස්ලිම් නායකයන් විසින් වසා දමන ලදී.
ප්‍රහාරයෙන් අනතුරුව පනවන ලද ඇඳිරි නීතිය ඉවත් කර ඇති නමුත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ ඒ වෙනුවට නගර සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කිරීමට නියමිත ව තිබූ පැරණි පල්ලිය දිගටම පවත්වා ගෙන යාමට රජය සමඟ එකඟතාවකට පැමිණ තිබේ. පල්ලියට පහර දුන් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට බලධාරීන් ක්‍රියා නො කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන්ගෙන් රජයට විවේචන එල්ල වෙමින් පවතී. ප්‍රහාරයෙන් අනතුරුව පනවන ලද ඇඳිරි නීතිය ඉවත් කර ඇති නමුත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ.
මධ්‍යම ඉතාලියේ ඇති වූ භූමිකම්පාවෙන් දින දාසයකට පසු විනාශයට පත් නිවසක සුන්බුන් අතර සිර වී සිටි බළලකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.
භූමිකම්පාවට හසු වී පියෙත්‍රෝ නැමති බළල් සුරතලාගේ හිමිකරුට අයත් නිවස විනාශයට පත් වී ඇති අතර පශු වෛද්‍ය චිකිත්සාගාරයක් වෙත රැගෙන යනු ලැබූ බළලා අසාධ්‍ය තත්වයේ පසු වන බවයි වාර්තා වන්නේ. රික්ටර් මාපකයේ 6.2 ක් සටහන් කරමින් පසුගිය අගෝස්තු මාසයේ සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයන් තුන්සියකට ආසන්න පිරිසක් මරුමුවට පත් විය.
ඇල්ප්ස් කඳු වැටිය යටින් දිවෙන ලොව දිගින් වැඩිම එමෙන්ම ගැඹුරින්ම පිහිටි දුම්රිය උමං මාර්ගය අද බදාදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිත ස්විට්සර්ලන්ත බලධාරීහු පවසති.
ගොට්හාර්ඩ් දුම්රිය උමං මාර්ගය පොළොව මතුපිට සිට කිලෝමීටර 2.3 දක්වා වූ සීමාවේ පිහිටා ඇත 'ගොට්හාර්ඩ්' දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට ගත වූ කාලය වසර විස්සකට ආසනයි. ඉංජිනේරු විද්‍යාවේ ඓශ්චර්යයක් ලෙස හැඳින්වෙන දිගින් සැතපුම් තිස් පහක් වන ද්විත්ව උමං මාර්ගය උතුරු සහ දකුණු යුරෝපය අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති බවට ස්විට්සර්ලන්තය බලාපොරොත්තු පළ කරයි. උමඟ ඔස්සේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 260ක් සහ මගී දුම්රිය 65 ක් දිනපතා ගමන් කරනු ඇත වාර්ෂිකව දස ලක්ෂ සංඛ්‍යාත ලොරි රථ හරහා ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ ගොට්හාර්ඩ් උමං මාර්ගය ඔස්සේ දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙනු ඇත. ගොට්හාර්ඩ් දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කොට ඇති මුදල ඩොලර් බිලියන දොළහකට අධිකයි.
ඇසෑම් ප්‍රාන්තයේ ඇද හැලුන ධාරානිපාත මෝසම් වැස්ස නිසා ඇති වූ ගංවතුරින් අඩුතරමින් එකොලොස් දෙනකුවත් මරණයට පත් වූ බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ඇසෑමයේ ‘ගුවාහති’ අගනුවර බොහෝ කලාප ගංවතුරින් යට වූ අතර නගර වැසියන්ට ඉනක් පමණ වතුරේ ඇවිද ගෙන යාමට සිදු වුන බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ. ඇතැම් මරණවලට හේතුව නිවාස කඩා වැටීම සහ විදුලි බලය වැදීමයි. බ්‍රහ්මපුත්‍ර සහ වෙනත් ගංගාවන්හි ජල මට්ටම සැලකිය යුතු පරිමාණයෙන් ඉහල ගොස් ඇති අතර ඇසෑමයේ වෙනත් ප්‍රදේශත් ගංවතුර උවදුරට මුහුණ පා ඇති බවයි වාර්තාවන්නේ.
හම්බන්තොට ගල්වැව පුංචි මදව්ව ප්‍රදේශයේ ගෙවත්තකදී අල්ලා ගනු ලැබූ දිගින් අඩි 11 ක් පමණවන හැල කිඹුලෙකු බුන්දල වනෝද්‍යානයට මුදා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.
සිය ගෙවත්තේ කිඹුලෙකු සිටිනු දුටු නිවැසියා ඒ බව අසල්වාසීන්ට දන්වා ඇති අතර අනතුරුව එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කිඹුලා අල්ලා ගැටගසා තිබේ. මීට පෙර එම ප්‍රදේශයට කිඹුලන් පැමිණ නැති බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශයේ වැව පිහිටා තිබෙන්නේ ද කිලෝමීටර් තුනක පමණ දුරින් වන අතර කිඹුලා කොහේ සිට පැමිණියේ දැයි යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් ප්‍රදේශවාසීහු කියා සිටියහ.
"මට ව්‍යවස්ථාව ගැන ගැඹුරු දැනුමක් නැහැ. නමුත් 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති බලතල සීමා වුණා කියලා දන්නවා ඒ ගැන පළ වුණ වාර්තාවලින් ලබා ගත් දැනුමෙන්."
"නමුත් රට සම්පූර්ණයෙන් හසුරවන බලය අගමැතිට ලැබිලා නැති බවයි මගේ අදහස. තවමත් ජනාධිපතිවරයෙකුට දැඩි බලතල තිබෙනවා," ශ්‍රී ලංකා රජය තුළ වැඩි බලතල හිමිවන්නේ ජනපතිට ද අගමැතිට ද යන්නට එසේ සිය අදහස එක් කළේ ව්‍යාපාරික කාන්තාවක වන ප්‍රියන්ති පෙරේරා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම වසරේ ඔක්තෝබර් 8 සහ දෙසැම්බර් 8 අතර දිනක මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය සඳහා කිහිපදෙනෙකු කරළියට පැමිණ ඇති නමුත්, ප්‍රධාන පක්ෂවලින් අපේක්ෂකත්වයට ඉදිරිපත්වන්නේ කවුදැයි නිල වශයෙන් දන්වා නොමැත. කෙසේනමුත්, 2015 දී සිදු වූ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා නාමමාත්‍රික ජනාධිපතිවරයකු වේද නැතිනම් තවදුරටත් විධායක බලතල ඇති ජනාධිපතිවරයකු වේද යන්න පිළිබඳ සමාජය තුළ සංවාදයක් ගොඩනැගී තිබේ. අනාගත ආණ්ඩුවේ බලය හිමිවන්නේ ජනපතිට ද අගමැතිට ද යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙකු විවිධ අදහස් පළ කළ අතර, සමාජ මාධ්‍ය ජාල, මාධ්‍ය සාකච්ඡාවල එකිනෙකට වෙනස් ප්‍රකාශ බොහොමයක් පළ වී තිබෙණු දක්නට ලැබිණි. "මම ගණකාධිකාරිණියක්. මට ව්‍යවස්ථාව අධීක්ෂණය කරළා පිළිතුරක් දෙන්න අවශ්‍ය දැනුම නැහැ. හැබැයි, ශ්‍රී ලංකාවේ ජීවත් වන සාමාන්‍ය පුද්ගලයෙකු හැටියට මට දැනෙන්නේ මෑතක දී සිදු වුණ සංශෝධන නිසා අගමැතිවරයාට අසීමිත බලතල ලැබිලා නැහැ කියන එකයි," රුවන්දි බණ්ඩාර පැවසුවාය. "කොහොම වුණත් මේ ගැන නිවැරදි දැනුමක් අපිට නැහැ. තර්ක විතර්ක ගොඩක් විතරයි අපිට පෙනෙන්නේ," ඇය තවදුරටත් සඳහන් කළාය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී බිහිවිණි. කෙසේනමුත්, වසර කිහිපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය. මේ වන විට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් හඳුන්වා දී තිබේ. 19 වෙනි සංශෝධනයට පෙර තත්ත්වය ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ බලය හිමි විය. කැබිනට් මණ්ඩලයට ඇතුළත් වන ඇමතිවරුන් සංඛ්‍යාව මෙන්ම කැමති අමාත්‍යධූර සංඛ්‍යාවක් තමන් යටතේ තබා ගැනීමට ද හැකි විය. අගමැති මෙන්ම අමාත්‍යවරුන් ද එම තනතුරුවලින් ඉවත් කිරීමේ බලය සහ පාර්ලිමේන්තුව පත් වී වසරක් සම්පූර්ණ කළ පසුව සිය අභිමතය පරිදි විසුරුවා හැරීමේ බලය ද තිබිණි. මෙයට අමතරව, විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා සහ සන්නද්ධ හමුදාවලට අණ දෙන ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා අතිශය පුළුල් බලතල සහ වරප්‍රසාද රැසක් අත් විඳිනු ලැබීය. 1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" යනුවෙන් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ "ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි" නමුත්, දැනට වසර කීපයකට පෙර සිට ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් දේශපාලන ක්‍රමයක් පිළිබඳ කතිකාවක් ගොඩ නැඟෙමින් පවතින අතර, පුළුල් බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය සීමා කිරීම හෝ අහෝසි කිරීමට දේශපාලනික වශයෙන් මෙන්ම සිවිල් සමාජය වෙතින් ද දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, විධායක බලතල "පිස්සෙකුට, උන්මන්තකයෙකුට ගියහොත් විය හැකි විනාශය පිළිබඳ අත්දැකීම් ජනතාව අත්විඳි" බවය. මේ හේතුවෙන් මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් ඒ සඳහා සියලු පාර්ශව සහයෝගය දැක්විය යුතු බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ සියල්ල වෙනස් නොවුණත්, විධායක බලතල යම් දුරකට සීමා වී අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට යම් බලතල හිමි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම මාධ්‍ය කිහිපයකට පවසා තිබුණේ, මෙය 1972 ව්‍යවස්ථාව යටතේ පදවිය දැරූ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාගේ තත්ත්වයට සමාන බවය. 19 වෙනි සංශෝධනයෙන් සිදු වූයේ කුමක්ද? 2015 මැයි මස සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ‍ දෙනාගේ ප්‍රසාදයට හේතු වූ අතරම, මෙයින් විධායක බලය සීමා කිරීමක් හෝ කපා හැරීමක් සිදුවී නැති බව ඇතැම් නීති විශාරදයන් සහ දේශපාලනඥයන්ගේ මතයය. එමෙන්ම, සංශෝධනය තුළ අපැහැදිලි තැන් ද බොහෝමයක් දක්නට ලැබෙන බවට ද මත පළ වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබිණි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය. කෙසේවෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය. මීට අමතරව, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ,පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය. ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වූ ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව, නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත. එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලතල සීමා කරනු ලැබ තිබේ. බලවත් කව්ද? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ජනපති අගමැති බලතල පිළිබඳ විවිධ තර්ක තවදුරටත් ඉදිරිපත් වෙමින් තිබේ. එහි උප වගන්ති විවිධාකාරයෙන් අර්ථකථනය කිරීමෙන් දැඩි අපැහැදිලිතාවක් මතුව තිබෙන බව විශේෂඥ මත මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අදහස් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි. පුද්ගලයන් ඉලක්ක කර ගෙන එසේ ව්‍යවස්ථා සංශෝධන සිදු කළ නොහැකියි - ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න "බලය වැඩි කාටද කියන එක තරාදියක දාලා මැනලා බලන්න බැහැ. ඒක එහෙම කරන එක වැරදියි. ව්‍යවස්ථාදායකය සහ විධායකය කියන්නේ ස්වාධීන ආයතන දෙකක්. ඒ ආයතන දෙක අතර බලය තුලනය කිරීමට තමයි මේ 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කළේ," ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු බීබීසී සිංහල සේවයට පැවසුවාය. "නමුත් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිසංස්කරණ සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරයේ යම් ගැටලු පැන නැගිලා තිබෙනවා. මෙය වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉලක්ක කර කළ සංශෝධනයක් ලෙස ද දකින්න පුළුවන්." කෙසේනමුත්, පුද්ගලයන් ඉලක්ක කර ගෙන එසේ ව්‍යවස්ථා සංශෝධන සිදු කළ නොහැකි බව 19 ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ කණ්ඩායමේ සාමාජිකයකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. "රනිල් අගමැති, මෛත්‍රී ජනාධිපති කියලා ව්‍යවස්ථා හදන්න බැහැ, හෙට පාර්ලිමේන්තුවේ අගමැතිට විශ්වාසභංගයක් ගෙනාවොත් ඔහුට අගමැතිකම නැති වෙනවා. අනික මීළඟ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් පත් වුනොත් රනිල් වික්‍රමසිංහ විපක්ෂයේනේ," ඔහු පැවසුවේය. 42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විශේෂඥ මාණ්ඩලික සාමාජිකාවක් වන නීතීඥ චමින්ද්‍රි සපරමාදු 42 (4) වෙනි වගන්තිය: ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය. 43 (2): අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හී අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරුන්ට පවරන විෂය සහ කාර්යය ද නිශ්චය කරනු ලැබිය යුත්තේය. 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය. කෙසේනමුත්, 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තිය (51 වෙනි වගන්තිය) අනුව විෂයන් තුනක අමාත්‍යාංශ ජනාධිපති යටතේ තබා ගත හැකිය. අග්‍රාමාත්‍යවරයාට යම් බලතල පැවරී ඇති නමුත්, මෙම උප වගන්තිවල අන්තර්ගතය අර්ථකථනය කිරීමේ දී එකිනෙකට පරස්පර මත බොහොමයක් ඉදිරිපත් වී තිබේ. "19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මතුපිටින් පෙනෙන්නේ ජනාධිපතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධානියා කියලා. නමුත් 19 වැනි සංශෝධනය කියවා බැලූ විට තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ අර්ථයක්‌," යැයි ආචාර්ය දයාන් ජයතිලක සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ සටහනක සඳහන් වන්නේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, "මෙතන තියෙන්නේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නෙවේ, දේශපාලනික පෞරුෂත්වය පිළිබඳ ප්‍රශ්නයක්. 19 වෙනි සංශෝධනයෙන් ඔය කියන තරම් බලය අවම වීමක් සිදුවුණේ නැහැ. තමන්ගේ බලය පාවිච්චි නොකිරීමයි මෙතන තියෙන ගැටලුව. සමහර ජනාධිපතිවරු තමන්ගේ බලය ඉක්මවා භාවිත කළා. තවත් අය බලතල තියාගෙන ඒවා නෑ වගේ හිටියා," යනුවෙනි. කෙසේවෙතත්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසුවේ, "මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වුණේ ජනාධිපතිගේ අත්තනෝමතික බලතල ඉවත් කිරීමයි. අපි කියන්නේ අගමැතිටත්, පාර්ලිමේන්තුවටත් අත්තනෝමතික බලතල නොදිය යුතුයි" යනුවෙනි. ජනතා පරමාධිපත්‍ය "මීට පෙර විධායක ජනාධිපති වන පුද්ගලයා පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ වගේම ඔහු හෝ ඇයගේ ක්‍රියාවන් අධිකරණයේ ප්‍රශ්න කරන්න බැරි තත්ත්වයක් තිබුණේ. අදාළ කෙනාට සම්පූර්ණ මුක්තියක් තිබුණා. නමුත් 19 වෙනි සංශෝධනයෙන් මේ දේවල් ඉවත් කළා" යැයි නීතීඥ චමින්ද්‍රි සපරමාදු පැවසුවාය. "විධායක ජනාධිපති කෙනෙක් තමයි තාමත් ඉන්නේ, හැබැයි බලතල යම් ප්‍රමාණයකට සීමා කිරීමක් තමයි සිදුවුණේ." කෙසේනමුත්, මෙම සංශෝධනය හේතුවෙන් දේශපාලනික වශයෙන් මෙන්ම ජනතා පරමාධිපත්‍ය සම්බන්ධයෙන් ගැටලු පැනනඟින බව නීතීඥවරිය තවදුරටත් විස්තර කළාය. "ඒ වෙලාවේ ජනමත විචාරණයකට ගියානම්, බලාපොරොත්තු වෙච්ච පාර්ලිමේන්තු ක්‍රමයට යන්න තිබුණා" "ජනාධිපති කෙනෙක් කෙළින්ම පත්වන්නේ මහජන ඡන්දයෙන්. ඒ කියන්නේ මුළු රටම එක ඡන්ද කොට්ඨාශයක් බවට ජනාධිපතිවරණයේ දී පත් වෙනවා. ජනතා පරමාධිපත්‍යත් සමග, එහෙම පත්වෙන ජනාධිපති කෙනෙක් බලවත් කියන හැඟීමක් එනවා." 19 වෙනි සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි ජනාධිපති බලතල වැඩි වශයෙන් සීමා කර තිබුණත්, එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පසු යෝජනා සියල්ල ඇතුළත් කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව තීන්දු කෙරිණි. "ඒ වෙලාවේ ජනමත විචාරණයකට ගියානම්, බලාපොරොත්තු වෙච්ච පාර්ලිමේන්තු ක්‍රමයට යන්න තිබුණා. ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ 2/3ක කැමැත්ත අනුව සිදු කරන්න පුළුවන් සංශෝධන කිහිපය පමණක් 19 වෙනි සංශෝධනයට ඇතුළත් වුණා," නීතීඥවරිය තවදුරටත් පැවසුවාය. 19 වෙනි සංශෝධනය ගැන අදහස් විමසූ විට ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසුවේ ද ජනාධිපති බලතල යම් සීමා වීමක් පමණක් සිදුව ඇති බවය. මේ තොරතුරුද කියවන්න: ජනාධිපතිවරයාගේ මතය ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජූනි මස පැවති සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සිය අදහස් පළ කළේය. "19 වන සංශෝධනයක් ඇති නොවුණා නම් මේ අවුරුදු හතර හමාර මීට වඩා විශිෂ්ට ජයග‍්‍රාහී සිව් වසරක්.." "19 වන සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් හැදුණා. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිදුවුණා. "ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. මේ රට යහපත් රටක් විදියට ගොඩගන්න නම් විශේෂයෙන් ම බොහෝ දේශපාලන විචාරකයින් කතා කරන මාධ්‍යවල කතා කරන මීට වඩා වෙනස්ව හිතන්නට ඕන. 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මේ සංශෝධන දෙක ම අවලංගු කෙරුවොත් තමා මේ රටට යහපතක් වෙන්නේ." "18 ඒකාධිපති 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 වන සංශෝධනයෙන් ඇති වෙච්ච තත්ත්වය. 19 වන සංශෝධනයක් ඇති නොවුණා නම් මේ අවුරුදු හතර හමාර මීට වඩා විශිෂ්ට ජයග‍්‍රාහී සිව් වසරක්," ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේය." නමුත් ජනාධිපතිවරයාගේ මෙම අදහස් ජනාධිපතිවරණයට පෙර සහ තේරී පත් වූ මුල් කාලය ඇතුළත පළ කළ අදහස්වලට පටහැණි බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ මත ඉදිරිපත් කර තිබිණි. "සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ" රෝහල් සේවිකාවක වන වසන්තා ජයතිලක පැවසුවේ, "මට මේ ගැන කිසි දෙයක් හරියට තේරෙන්නේ නැහැ. මේ දේවල් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න නෙමෙයි සිද්ධ වෙන්නේ," යනුවෙනි. "අපිට තේරෙන විදියට ජනාධිපති තමයි තවමත් රටේ නායකයා. අගමැති කෙනෙකුගේ කාර්යය හරියටම කියන්න මම දන්නේ නැහැ. නමුත් රටේ වැදගත් තීරණ ගන්න වගේම රට දියුණු කරන්න ඒ දෙන්නාගේ එකමුතුව ඕනේ කියන එකනම් පැහැදිලියි." "මේ වගේ සම්පත් තියෙන රටකට මෙහෙම වෙන එක මහ අපරාධයක්" "හැබැයි දැන් තියෙන තත්වය අනුව, ජනාධිපති වෙනමයි, අගමැති වෙනමයි තමන්ගේ දේශපාලන ගේම් එක ගෙනියනවා මිසක් රට ඉදිරියට යෑමක් නැහැ. මේක පඹ ගාලක් වෙලා. මේ වගේ සම්පත් තියෙන රටකට මෙහෙම වෙන එක මහ අපරාධයක්." "අන්තිමට කියන්න තියෙන්නේ එක දෙයයි, එන ජනාධිපතිවරණයේදීත් වැරදුනොත්, අපිට ආයේ රටක් විදියට ගොඩ ඒමක් නැහැ," ඇය තවදුරටත් පැවසුවාය. තවත් තොරතුරු:
ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය දිනෙන් දින උග්‍ර වීම හේතුවෙන් රට අරාජික තත්වයකට ඇද වැටී ඇතැයි පවසමින් කාන්තාවන් 50 දෙනෙකුට අධික පිරිසක් බදාදා (නොවැම්බර් 28) කොළඹ ගාලුමුවදොර පිටියේ දී විරෝධතාවක නියැලී සිටියහ.
මෙම විරෝධතාවෙන් අනතුරුව කාන්තාවන් විශාල පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණ. විරෝධතාවට සහභාගි වූ කාන්තාවන් අතරින් පස් දෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට පොලිසිය අවසර දුන්නේය. ඒ අනුව, රංගන ශිල්පිනියන් වන නදී කම්මැල්ලවීර, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ට්‍රේසි හෝල්සිංගර් සහ නාට්‍යවේදිනියක් වන රුවන්ති ද චිකේරා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමුවට ගොස් සිය ලිපිය භාර දුන්හ. මහාචාර්යවරියන්, කථිකාචාර්යවරියන්, නීතීඥවරියන්, රංගන ශිල්පිනියන්, මාධ්‍යවේදිනියන්, ලේඛිකාවන්, මෝස්තර නිර්මාණ ශිල්පිනියන්, නාට්‍යවේදිනියන්, නර්තන ශිල්පිනියන්, ගායිකාවන්, සමාජ ක්‍රියාකාරිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියන්, ගුරුවරියන්, ගෘහ නිර්මාණ ශිල්පිනියන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ද මෙම විරෝධතාවට සහභාගි වී සිටියහ. මහ වැසි මධ්‍යයේ පැවැත්වුන විරෝධතාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කෙරුණ අතර, එයට සහභාගි වූ සියලු කාන්තාවෝ කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ. "පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔබ විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට අපගේ රට මහත් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ආර්ථික වශයෙන් රට දිනෙන් දිනම උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතී. දේශපාලන සදාචාරය ද පෙර නොවූ විරූ ලෙස සෝදාපාළුවට හසුවී ඇත. තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ගෙවෙන්නට හැරියහොත්, රාජ්‍ය ආයතන ඇතුළු මුළු මහත් සමාජය තුළ ප්‍රචණ්ඩත්වය ඇවිලී, මහත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක," යනුවෙන් එම කාන්තාවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ ලිපියේ ආරම්භක ඡේදයේ සඳහන් වෙයි. ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, චන්ද්‍රා කලුආරච්චි, මහාචාර්ය දුෂී මෙන්ඩිස්, ආචාර්ය සුභා මල්ලිකාහේවා, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, දුලීකා මාරපන, ආචාර්ය කෞශල්‍යා පෙරේරා, අනෝමා රාජකරුණා, සුබෝධ්‍යා වැලිඅමුණ, රුවන්ති ද චිකේරා, ලංකා බණ්ඩාරනායක, ජයනි සේනානායක, දමිතා අබේරත්න, අමා විජේසේකර, නදී කම්මැල්ලවීර, ට්‍රේසි හෝල්සිංගර්, සීතා රංජනී, කුමුදු කුමාරසිංහ, නදීශානි පේලිආරච්චි, සුරංගා රණවක, නදී වාසලමුදලිආරච්චි, තරිදි ෆොන්සේකා, කුමාරි කුමාරගමගේ, තනුජා ජයවර්ධන, චිරන්ති මල්ලිකාරච්චි, නිල්මිණි බුවනෙක, සමාධි ලක්සිරි, චුලක්ෂි රණතුංග, රුවී ලක්මාලි හේරත්, කාංචනා තල්පාවිල, සුජානි මේනකා දහනායක, නිල්මිණි සිගේරා, සමනලී ෆොන්සේකා, බිම්සරා ප්‍රේමරත්න, වෙනුරි පෙරේරා, නිරංජලා මංජරී, ශ්‍යාමලිකා නානායක්කාර, අනුරාධා කෝදාගොඩ, රන්දුලා ද සිල්වා, හනා ඊබ්‍රහිම්, සෙල්වි සචිතානන්දන්, විශාඛා වේහැල්ල, කත්‍යානා අමරසිංහ, ප්‍රසාදිනී අතපත්තු, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, හර්ෂිකා රත්නායක, සුලෝචනා වීරසිංහ, කෞමදී ජයවීර, ද්‍රෞපදී ජයවීර, භවනීතා ලෝගනාදන්, තුෂාරි සෙව්වන්දි, අනුෂයා කොල්ලුරේ, මනෝහාරී හේවාවසම්, නදීරා නල්ලපෙරුම, හර්ෂණී පුෂ්පමාලා ආරච්චිගේ, ආරියවතී ජයකොඩි, තිළිණි රොද්‍රිගු, අමන්දා උදානි රොද්‍රිගු, රුචිරා තරංගනී රොද්‍රිගු, ඉන්ද්‍රා ද සිල්වා, සිරියාවති අතුකෝරළ, මනෝ මංජරී, සමදරා මාබුලගේ, තිලක්ෂණී රත්නායක සහ යශෝධා රසදුනි එම ලිපියට අත්සන් තැබූ කාන්තාවන්ය. මෙම විරෝධතාවෙන් පසු කාන්තාවන් විශාල පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට කටයුතු කර තිබිණි විරෝධතාව පැවැත්වෙන අතරතුර ඔවුහු සිය ෆේස්බුක් පිටු ඔස්සේ සජීවී වීඩියෝ ද නිකුත් කළහ. "ජනාධිපතිතුමනි, අපි ඉල්ලන්නේ අපේ දරුවන් සහ රටේ අනාගතය වෙනුවෙන් කරුණාකර මේ රට ඉතුරු කරන්න කියලා" යැයි රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර එක් වීඩියෝ පටයක පවසන්නීය. බොහෝ පැසසුම් සේම මෙම විරෝධතාව දැඩි විවේචනයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැමුන් අදහස් පළ කර තිබෙනු දක්නට ලැබිණි. විරෝධතාවට සහභාගී වූ සියලු කාන්තාවෝ කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ මේ අතර, විවිධ පුද්ගලයන් අසභ්‍ය සහ අශෝභන වැකි බොහොමයක් ද පළ කර තිබෙනු දක්නට ලැබිණ. මාධ්‍යවේදියෙකු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ධර්මන් වික්‍රමරත්න මෙම කාන්තා විරෝධතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් පිටුවේ අදහස් පළ කර තිබුණි. මේ තොරතුරුද කියවන්න: එමෙන්ම, මාධ්‍යවේදියෙකු සහ නාට්‍යවේදියෙකු වන නිස් මන් රණසිංහ ද මෙම විරෝධතාව ගැන ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබුණේ පහත දැක්වෙන අදහසය. "මෛත්‍රීපාල සිරිසේන මහතාණනි, මේ අන්ධකාර අනාගතයට රට ඇදගෙන නොයන ලෙස අපි මේ රටේ දූ දරුවන්ගේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. මේ තත්ත්වය ඇති වූයේ ඔබ විසින් ගන්නා ලද අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන තීරණ නිසාවෙනි. එය විසඳිය යුත්තේත් ඔබමය. විධායක බලතල උසුලන ඔබට අංශුමාත්‍රයක හෝ උවමනාවක් ඇත්නම් මේ අර්බුදය විසඳීමට බැරිකමක් නෑ," යනුවෙන් ද කාන්තා කණ්ඩායම ජනාධිපතිවරයා වෙත භාර දුන් ලිපියේ සඳහන් වේ. "අපටත් අපේ දරුවන්ටත් ජීවත්වීමට ඇත්තේ මේ රට පමණි. මේ රට, ආර්ථික වශයෙන් විනාශකාරී තත්ත්වයකට ඇද වැටුණහොත්, එහි බලපෑමට ගොදුරු වන්නෝ අපි වෙමු. දේශපාලනඥයන්ට මෙන්, නීති විරෝධීව එක් රැස් කරගත් ධනස්කන්දයක් අපට නැත. දේශපාලන බල පොරය නිසා ඇතිවන ආර්ථික අගාධයේ ගොදුර වන්නේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ආදී දේශපාලනඥයන් නොව, මේ රටේ සාමාන්‍ය ජනතාවයි," ජනාධිපති වෙත යොමු කළ ලිපිය කාන්තාවන් සහ දේශපාලන ක්‍රියාකාරකම් කාන්තාවන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීම සහ ඊට සම්බන්ධ සංවිධානවලට නායකත්වය දීම ඉතා අවම මට්ටමක පවතී. දැනට ක්‍රියාකාරී දේශපාලනයේ සහ නොයෙකුත් සංවිධානවලට නායකත්වය දරන කාන්තාවන්ට සමාජයේ ඇතැම් කොටස්වලින් එල්ල වන දරුණු චෝදනා සහ අපහාස ද නව කාන්තා නායිකාවන් බිහි වීම අවම වීමට එක් හේතුවක් බව ක්‍රියාකාරිනියෝ පවසති. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලැබී ඇති අදහස් පළ කිරීමේ නිදහස අයුතු ලෙස භාවිත කරමින් දරුණු අපහාසාත්මක වැකි පළ කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිති. විරෝධතා පෙළපාලිය ජනාධිපති මන්දිරය අසල දී නවත්වමින් ආරක්ෂක වළල්ලක් ලෙස සිටින පොලිස් නිලධාරිනියන් "සමාජයෙන් අඩක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි මම සිතන්නේ නැහැ. සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දක්වා තිබීම මෙන්ම, කාන්තාවන්ට කළ හැකි සහ කළ යුතු රැකියා ලෙස නම් කළ ක්ෂේත්‍ර කිහිපයක් සමාජය තුල උත්කර්ෂයට නංවා තිබීම එයට හොඳම උදාහරණ වෙනවා," යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායක මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කළාය. "එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කරන්න ඕනෙ නැහැ." මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී කෞශල්‍යා හේරත් බීබීසී සිංහල සේවය වෙත ලිපියක් යොමුකරමින් මෙසේ සඳහන් කළාය. "කාන්තාවගේ ප‍්‍රධාන භූමිකාව ඇගේ ජීව විද්‍යාත්මක සහ ප‍්‍රජනන කාර්යය බව ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයේ බොහෝ දෙනා තවමත් සළකන බව ප‍්‍රසිද්ධ කාරණයක්. මෙය සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එසේම ඇගේ දේශපාලනික හා සමාජයීය දැනුම සම්බන්ධයෙන් "ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි" යන ආකල්පය තවමත් බොහෝ පිරිස් විද්‍යමාන කරනවා." "මේ නිසා කාන්තාවට දේශපාලන අවකාශයට පිවිසෙන දොරගුළු සෘජුව මෙන්ම වක‍්‍රාකාරවත් වසා දමනු ලැබ තිබෙනවා." ලෝකයේ පළමු අගමැතිනිය තේරී පත්වූයේ 1960දී , එනම් මීට අවුරුදු 57කට පෙරදී ලංකාවේය කෙසේවෙතත් ලේඛිකාවක වන කුමාරි කුමාරගමගේ පළ කළ අදහස් අනුව මෙම තත්වයට කාන්තාවන් ද වගකිව යුතුය. "රටේ මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට හැම වරකම පාර්ලිමේන්තුවේ ගැහැනුන් කිහිප දෙනෙකුවත් සිටියා. ඒත් රටේ ගැහැනුන්ගේ තත්ත්වය ද රට තුළ ගැහැනු පිළිබඳ මතවාදයන් ද එන්න එන්නම පහළටම වැටුනා විනා යහපත් වීමක් නම් දකින්නට ලැබුණේ නැහැ," කුමාරි කුමාරගමගේ පවසන්නීය. "දැන් ඉඳහිට මේ ආයතනවලට තේරී පත්වෙන ගැහැනුන් එකා දෙන්නාවත් එක්කෝ ගැහැනු නියෝජනය යන්නෙහි අර්ථය දන්නේ නැහැ. නැත්නම් දන්නා වුවද නොදන්නා සේ පිරිමින් වල ඉහ ගන්නා මඩ ගොහොරුවේම ලැග ඉන්නට කැමැත්තක් දක්වනවා." කෙසේවෙතත්, දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පසුගිය ඡන්දවලදී නොයෙකුත් ක්‍රමවේද සහ නීති රෙගුලාසි අනුගමනය කිරීමට රජය ක්‍රියා කළ අතර, පවතින දේශපාලන තත්වයට පක්ෂව සහ විරුද්ධව බොහෝ කාන්තා සංවිධාන බිහිවෙමින් පවතී.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළැඹ නැති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු බීබීසි සිංහල සේවයට පැවසීය.ඊයේ (10) රාත්‍රි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් 'අරලියගහ මන්දිරයේදී' පැවැත්විණි.
එම සාකච්ඡාවේදී, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කරගැනීමට පක්ෂ නායකයා මෙන්ම නියෝජ්‍ය නායකයා කටයුතු කරනු ඇති බව වාර්තාවී තිබිණි. කෙසේ වෙතත් බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන ගැටලුව ගැන ඊයේ දින ද අවසන් එකඟතාවකට නොපැමිණි බවකි. සාකච්ඡා අවසානයේ මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ "සාකච්ඡා සුභවාදිව" අවසන් වූ බවය. ඉදිරි දින කිහිපයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි ජනතාවට දැන ගත හැකි වනු ඇති බව ඔහු එහිදී කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදීමට නම් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන සෙසු පක්ෂවල සහය ඔහුට හිමි විය යුතු බව මෙම සාකච්ඡාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා විණි. එම පක්ෂ සමග මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට දෙපිරිස අතර එහිදී එකඟතාවක් ඇතිවී තිබේ. සාකච්ඡා අවසානයේ මාධ්‍යට අදහස් දැක්වූ, ඊට එක්ව සිටි රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා "අපිට අදාළ අනිකුත් පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසාන එකඟතාවකට එනවා. සාර්ථක සාකච්ඡා අද සිදුවුණේ" යනුවෙන් කියා සිටියේය. තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට රනිල් වික්‍රමසිංහ නායකවරයා සාකච්ඡාවේදී කිසිවක් ප්‍රකාශ නොකළ බව ඊට සහභාගිවූ අමාත්‍යවරයෙකු කියා සිටියේය. "ගැඹුරු රැවටීමක් නෙවෙයි නම් මම හිතන්නේ අගමැතිවරයා හිත හදා ගෙන ඉන්නේ සජිත්ට ජනාධිපති අපේක්ෂක කම ලබාදෙන්න, ඉරිදා වෙනකොට සියලු කටයුතු අවසන් කරන්න එකඟ වුනා. දැනට සජිත් ඉදිරියෙන්" බව නම සඳහන් කිරීමට අකමැතිවූ අදාළ අමාත්‍යවරයා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා විය යුතු බවට ඇතැමුන් යෝජනා කළ කතානායක කරු ජයසුරිය ඊයේ සාකච්ඡාවට එක් නොවීය.
අලින්ට මිනිස් කටහඬ තේරුම් ගත හැකි බව පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත.
මිනිස් කට හඬ ඇසුරෙන් ගැහුණ -පිරිමි- ළමා -කාන්තා සහ ජන වර්ග වෙන් කොට හදුනා ගැනීමේ හැකියාවක් අලින්ට ඇති බවයි,ජාතික විද්‍යා ආයතනය මගින් පළ කරන ලද පර්යේෂණයකින් හෙළිදරව් වී තිබෙන්නේ. පටිගත කරන ලද විවිධ හඬ අලින්ට ඇසෙන්නට සැලැස්වූ විට අලින් එකිනෙකට වෙනස් ප්‍රතිචාර පළ කළ බවයි, කෙන්යාවේ දී වනගත අලින් සම්බන්ධයෙන් විමසුමක යෙදුන පර්යේෂකයින් කියා සිටින්නේ. ‘මසායි’ බසින් කෙරුණු පටිගත කිරීම් වලට අලින් බිය පළ කළ නමුත් එම පණිවුඩයම ‘කම්බා’ බස කථා කරන පිරිමින් වෙතින් ඇසුන විට අලින් කලබල නොවූ බව පර්යේෂකයෝ කියා සිටිති. ජීවන රටාව පර්යේෂකයෝ ‘අර බලන්න - අතන අලි රංචුවක්’යන පණිවිඩය ගැහැනු, පිරිමි සහ ළමා කට හඬවලින් ‘මසායි’ සහ ‘කම්බා’ බසින් පටිගත කොට ප්‍රචාරය කළහ. සත්ව පාලනයේ යෙදෙන ‘ මසායි’ පුරුෂයන් මීට පෙර තම හරකුන් අලින් ගෙන් බේරා ගැනීම සඳහා අලින් මරා දමා ඇති හෙයින් අලින්ගෙන් බිය මුසු ප්‍රතිචාරයක් පළ වූ බවයි, පර්යේෂකයින් ප්‍රකාශ කරන්නේ. එකම පණිවුඩය ‘කම්බා’ බස කථා කරන පිරිමින් වෙතින් ඇසුන විට අලින් කලබල නොවූ බව පර්යේෂකයෝ කියා සිටිති. කම්බා බස කථා කරන පිරිස් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන අතර ඔවුන්ගේ ජීවන රටාව අනුව අලින් හා ගැටෙන සුළු සිදුවීම් ඇති වෙන්නේ නැත. පර්යේෂණය පැවැත්වූ බ්‍රිතාන්‍ය සසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කැරන් මැක්කොම්බ් සහ ආචාර්ය ග්‍රෙමි ෂනොන් කියා සිටියේ, තමන් මීට පෙර සිදු කළ පර්යේෂණ වලදී අලින්ටත් . වඩාත් දරුණු ලෙස හැසිරෙන සිංහයෙකුගේ සහ සිංහ ධේනුවකගේ හඬ වෙන් කොට හඳුනා ගැනීමේ හැකියාවක් අලින්ට තිබෙන බව තමන්ට සනාථ වූ බවයි.
තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එල්ල කෙරුණ ප්‍රහාරයකින් අඩු තරමින් විසිඅට දෙනකු වත් තුවාල ලබා සිටින බව බැංකොක් අගනුවරින් වාර්තා වෙයි.
තායිලන්ත ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂකයෝ ජාතික ගීය ගයමින්. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායක සුතප් තොන්සුබන් විසින් නායකත්වය දුන් විරෝධතා රැළියකට අසල ගොඩනැගිල්ලක සිට පුපුරන ද්‍රව්‍යයකින් දමා ගසා ඇති බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ. එම ප්‍රහාරයේ දී තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායකයාට හානියක් සිදු ව නැතත් රැළියට සහභාගී වෙමින් සිටි ජනතාවට සහ ආරක්ෂක භටයන්ට තුවාල සිදු වී ඇති බව බැංකොක් වාර්තාවන්හි දැක්වෙයි. එම උද්ඝෝෂණ පෙරට ගෙන යමින් පවතින්නේ, තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත්ට පදවියෙන් ඉවත් වෙන මෙන් බල කරමින්. අගමැතිවරිය සති දෙකක කාලයක් ඇතුළත මහ මැතිවරණයක් කැඳවනු ලැබ ඇතත් ඊට තරඟ වැදීම විපක්ෂය විසින් වර්ජනය කරනු ලැබ ඇත.
ලබන මාසයේ ජිනීවා නුවරදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ආනන්දී සසිධරන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරිය සහභාගි කර වීමට තීරණය කළ බව පළාතේ මහ ඇමතිවරයා ප්‍රකාශ කරයි.
'කාන්තා ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන්න ආනන්දි ජිනීවා යවනවා' සීවී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ඒ බව කියා සිටියේ නෝර්වේ තානාපති ග්රෙටේ ලෝකන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින්. මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ඔහු සහභාගි වන්නේද යන්න මාධ්‍යවේදීන් ඔහුට යොමු කළ ප්‍රශ්නයයි. "නැහැ නැහැ මම ජිනීවා යන්නේ නැහැ. අනික මට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට වඩා පළාතේ පරිපාලන කටයුතු මට වැදගත්," යනුවෙන් මහ ඇමතිවරයා කියා සිටියේය. "දේශපාලන කටයුතු ගැන මන්ත්‍රීවරු බලා ගනීවි. ඒත් කාන්තා ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරන්න ආනන්දි සසිධරන් ජිනීවා යවන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනව." ආනන්දි සසිධරන් වවුනියාව, ත්‍රිකුණාමල දෙපලාතේ එල්ටීටීඊ දේශපාලන අංශ නායකයා වූ සින්නදුරෙයි සසිධරන් හෙවත් එලීලන්ගේ බිරිඳයි. එල්ටීටීටීයට එරෙහි යුද්ධයෙන් අනතුරුව රටේ සංහිඳියාව ඇති කිරීම් වස් ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වූ බවට ආණ්ඩුවට චෝදනා කරන ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කරන බව දැනටමත් ප්‍රකාශයට පත් කොට තිබේ.
අග විනිසුරු මොහාන් පීරිස් තවමත් ධුරයෙන් ඉල්ලා අස්වී නැති බව ඔහුගේ ප්‍රකාශකයා ලෙස පෙනී සිටින නීතිඥ විජේරත්න කොඩිප්පිලි පවසයි.
නීතිඥ විජේරත්න කොඩිප්පිලි වර්තමානයේ අග විනිසුරු ධුරය සම්බන්ධයෙන් සිදු කෙරෙන වෙනස් වීම් ඇතුළු ක්‍රියාවලිය පිළිබඳව අග විනිසුරු මොහාන් පීරිස් නීති විශාරදයන් සමඟ අධ්‍යනය කරමින් සිටින බවයි නීතිඥ විජේරත්න වැඩි දුරටත් කියා සිටියේ. අග විනිසුරු මොහාන් පීරිස් ඉදිරි දින කිහිපය ඇතුළත ඒ සම්බන්ධයෙන් ජනතාවට ප්‍රකාශයක් කරනු ඇති බව නීතිඥ කොඩිප්පිලි පැවසුවේය. අග විනිසුරු ධුරයෙන් ඉල්ලා අස් වීමට රජය මොහාන් පීරිස්ට ඉල්ලීමක් කර නැති බවත් රජයේ ප්‍රකාශයෙන් පැවසෙන්නේ ඔහුගේ පත්වීම නීත්‍යානුකුල නැති බව පමණක් වන බවයි නීතිඥ කොඩිප්පිලි කියා සිටියේ.
අගමැති ඩේවිඩ් කැමරන් ගේ ශ්‍රී ලංකා ගමන ගැන බීබීසියට අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන සමාජ ක්‍රියාධාරිනියක වන නිර්මලා රාජසිංහම් කියා සිටියේ,ජාත්‍යන්තර ප්‍රජාව දෙමළ ජනතාවට යුද්ධයෙන් විනාශ වූ තම ජීවිතය යළි ගොඩ නගා ගැනීමට ආධාර උපකාර කල යුතු බවයි.
පොදු රාජ්‍යය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ගිය බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ යාපනය සංචාරය පිළිබඳව විමසූ විට ඇය කියා සිටියේ, මේ ගමන හේතුවෙන් දෙමළ ජනතාවගේ ගැටළු පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වූ බවයි. “ශ්‍රී ලංකාව ගැන හැම තැනම තියෙනවා.ශ්‍රී ලංකාවේ මොනවද වෙන්නේ කියලා හැමෝම දන්නවා. මානව හිමිකම් කඩවීම් සහ අධිකාරිවාදය සහ මාධ්‍ය නිදහස සීමා වීම වගේ දේවල් පිළිබඳ ව කරුණු ඉස්මතු වෙලා තිබෙනවා. මේ නිසා රටක් පිටස්තර ලෝකයට වසන් වෙමින් අධිකාරීවාදී වෙන කොට ජාත්‍යන්තර අවධානය යොමු වීම වැදගත්.” යැයි ඇය පැවසුවාය. ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමල ජනතාවෙන් සෑහෙන කොටසක් පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව වර්ජනය කිරීම අනුමත නොකරන බවත් නිර්මලා රාජසිංහම් කියා සිටියාය.
කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ කිළිනොච්චිය, ඉරණතිව් දූපතේ භූමදානය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ ද කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහ බැහැරකිරීමේ ගැටලුව තවමත් අවසන් වී නැති බවට මුස්ලිම් ප්‍රජාව මැසිවිලි නගති. ඔවුන් පවසන්නේ රජය මෙම ගැටලුව නිරාකරණය කිරීමට කිසිදු සාධනීය පියවරක් නොගෙන දිනෙන් දින කල්මරණ බවය.
රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඉරණතිව් දූපතේ පදිංචිකරුවන් පිරිසක් අද (මාර්තු 3) විරෝධතාවක් ඇරඹීමත් සමඟම මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතී. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (මාර්තු 02) පැවසුවේ කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදානය සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවය. එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසුවේ ඉරණතිව් දුපතේ ද ජනතාව ජීවත් වන අතර ඔවුන් භූගත ජලය භාවිත කරන බැවින් මෙම තීරණය එම ජනතාවට කෙසේ බලපාන්නේද යන්නයි.එසේම භූමදානය වෙනත් ස්ථානවල කළ නොහැක්කේ මන්ද යනුවෙන් ඔවුහු තවදුරටත් ප්‍රශ්න කළහ. එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඔහු ඒ පිළිබඳව අදාළ විශේෂඥ කමිටුවට දැනුම්දෙන බවකි. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතාවක් පමණක් නොව ශ්‍රී ලංකා ජාතියේ ද අවශ්‍යතාවක් ලෙස සළකා බුද්ධිමත් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත ස්තූතිය ප්‍රකාශ කරමින් ට්විටර් සටහනක් තැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ජෙහාන් හමීඩ් වැඩිදුරටත් සඳහන් කළේ "ජෛව අපද්‍රව්‍ය සඳහා සුසාන භූමියක් ලෙස" ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවය. වර්ග කිලෝමීටර හයක් පමණ වන දුපත් දෙකකින් සමන්විත මන්නාරමට එපිටින් පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් ඉරණතිව් දූපතේ මේ වන විට ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් 108ට අයත් පුද්ගලයින් 335 දෙනෙකු පමණ වාසය කරන බව සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. කෙසේවෙතත් මේ දක්වා එම දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති බව පවසන දූපත්වාසීන්, පෙන්වා දෙන්නේ ඉරණතිව් දූපතේ නැවත පදිංචි කිරීම් සිදුවන තත්ත්වයක් යටතේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් බවය. ඒ අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු එම දූපතේ භූමදානය කිරීමට එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් දක්වන බව මාධ්‍ය වාර්තාවල දැක්විණි. මේ අතර, කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සඳහන් මාර්ගෝපදේශ සකස්කර අවසන් බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසූවේ අදාළ මාර්ගෝපදේශ අද (මාර්තු 03) නිකුත් කිරීමට පියවර ගන්නා බවය. කියවන්න: මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසන්නේ රජය ඉරණතිව් දූපතේ කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට ගත් තීරණය දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් එකිනෙකාට එරෙහි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් බවය. එය කෝවිඩ් ආසාදිත මෘත දේහ භූමදානයට ගත් තීරණය යටපත් කිරීමේ උත්සාහයක් බව ද ඔහු පෙන්වා දෙයි. "දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් අවසානයේ, රජයේ වෙන් කිරීමේ ක්‍රියාමාර්ග නිසා එකතුවෙලා .එය හොදටම පේනවා පසුගියදා පැවති පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ විරෝධතාවයෙන්. මෙම ප්‍රජාවන් දෙක එකට එකතු වී ඇති බව ඔවුන් දැක්ක නිසා ඔවුන් එයට භීතියට පත්වෙලා දැන්. මෙය ඔවුන්ගේම නාට්‍යයක්,"යනුවෙන් රවුෆ් හකීම් බීබීසී සිංහල සේවයට පැවසීය. මුස්ලිම් හා ද්‍රවිඩ ජාතින් භේද කිරීමට දරන උත්සාහයක් "සාමාන්‍ය රාජ්‍ය බුද්ධි මෙහෙයුමක්" ලෙස ද ඔහු හැඳින්වීය."අපි දන්නවා ඔවුන් අපි එකිනෙකාට එරෙහිව ජනතාව ධ්‍රැවීකරණය කිරීමට උත්සාහ කරමින් මැතිවරණ ජයග්‍රහණය කිරීමට පවා සමත් වූයේ කොහොමද කියලා. අපි දන්නවා මධ්‍යස්ථ සිංහලයන් සිටින බව, මම හිතන්නේ මේ රටේ දෙමළ හා මුස්ලිම් නායකත්වයේ පරිණතභාවය නිසා හා දුරදක්නා නුවණ නිසා අපි මෙන්ම සිංහල ප්‍රජාවේ බහුතරයක් ද මෙම ලාභ දේශපාලනයට වැටෙන්නේ නැති බව.""මෙය ඔවුන්ගේ ලාභ දේශපාලනය මිස අන් කිසිවක් නොවේ. ඔවුන් සිතන්නේ එවැනි දේ කිරීමෙන් ග්‍රාමීය සිංහල බෞද්ධ ජනතාව රැවටීමට ඔවුන්ට හැකි බවයි," යනුවෙන් ද රවුෆ් හකීම් පැවසීය. කෝවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ ආදාහනය සම්බන්ධයෙන් විරෝධය පළකිරීමක් - බොරැල්ල කනත්ත ඉරණතිව් දුපතේ කෝවිඩ් මෘතදේහ භූමදාන කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන සියලු දෙනා ඇමතීමට බීබීසී සිංහල ගත් උත්සායන් සාර්ථක නොවීය. ඒ පිළිබඳ කළ වීමසීමට, මෙම ලිපිය පළ කෙරෙන අවස්ථාව තෙක් ම ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොවිණි. කෙසේවෙතත්, ඇතැම් සමාජ ක්‍රියාකාරීන්ගේ විවේචනය වී ඇත්තේ, ජිනීවා හි මතුවන තත්ත්වයට මුහුණ දීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ලිඛිතව ප්‍රකාශ කළ ද ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොකෙරෙන තැනට පියවර ගෙන ඇති බවය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. කෝවිඩ් ආසාදිත මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ඉදිරි පැය 48 තුළ දී ලැබෙතැයි තමන් විශ්වාස කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කියවන්න:
සමාජ ජාල තුළ පළ වූ මරා දමන ලද වන සතුන් දැක්වෙන ඡායාරූපවල පෙනී සිටි පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් දඩයම් කරන ලද බවට විශ්වාස කෙරෙන සතුන් සහ ඒ සඳහා යොදා ගත් ගිනි අවි ඇතුළත් ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය සැකකරුවන් විසින් මහනුවර නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව වල් ඌරන්, වැලිමුවන්, ඉත්තෑවන් ඇතුළු වන සතුන් දඩයම් කොට ඇති බවයි වාර්තා වන්නේ. ඉහත කී සැකකරුවන් විසින් දඩයම් කරන ලද බවට විශ්වාස කෙරෙන සතුන් සහ ඒ සඳහා යොදා ගත් ගිනි අවි ඇතුළත් ඡායාරූප සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය. පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
හදිසි රිය අනතුරකට මුහුණ දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගමන් කළ කැබ් රථයේ වායු බැලුන නිසි පරිදි ක්‍රියාත්මක වීම නිසා ඔහුට බරපතල තුවාල සිදු වී නැති බව රත්නපුර පොලිසිය පවසයි.
පානදුරේ සිට රත්නපුර හරහා බදුල්ල බලා යමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා රැගත් කැබ් රථය සඳුදා රත්නපුර පොලිස් වසමේ හොලිපිටියේදී අනතුරට ලක් විය. ඉදිරියෙන් ගමන් කල ටිපර් රථයකට ඉස්සර කිරීමේදී ඉදිරියෙන් ආ තවත් ටිපර් රථයක් සමග මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. රත්නපුර මහ රෝහලට ඇතුලත් කළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සහ ඔහු සමග කැබ් රථයේ ගමන්ගත් තැනැත්තෙක් ප්‍රතිකාර වලින් පසු පහසුව තකා කොළඹට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් සංදේශයට කියා සිටියේය. මන්ත්‍රීවරයාගේ තත්වය බරපතල නැති බවද එම ප්‍රකාශකයා සඳහන කළේය. ටිපර් රථයේ රියදුරුද ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුලත් කොට තිබේ. ටිපර් රථයේ සහ දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් කැබ් රථයේ රියදුරා සාමාන්‍ය තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
සෞදි අරාබි ජාතික කාන්තාවක් පළමු වරට එවරස්ට් කන්ද තරණය කරයි.
රහා මොහාරක් (Raha Moharrakර) නම් සෞදි කාන්තාව තවත් තුන් දෙනකු ද සමඟ, අද සෙනසුරාදා ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් ගිරි ශිකරය මතට ලඟා වූ බවයි, ප්‍රකාශයට පත් කෙරුනේ. නව වාර්තාවක් තැබීමෙන් පසුව ප්‍රකාශයක් කළ රහා මොහාරක් (Raha Moharrak) , තමා තැබූ පියවර මගින් සෙසු සෞදි අරාබි කතුන් ද නව ජයග්‍රහණ වාර්තා කිරීමෙහි ලා දිරිමත් වනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි කියා සිටියේ. තව දුරටත් අදහස් දැක්වූ ඇය , එම වාර්තාව තැබීමෙහි ලා දෙවන්නකු ද දිරිමත්වීම අතින් බලන විට, පළමු වරට වාර්තාවක් තබනු ලැබීම, අඩු වැදගත්කමක් ගන්නා බවයි සඳහන් කළේ . ගතානුගතිකවාදී මුස්ලිම් රටක් වන සෞදි අරාබිය, කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැඩි තහංචි සහිත සමාජයක්. රහා මොහාරක් (Raha Moharrak) එවරස්ට් තරණය කරනු ලැබීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ සංවිධානය ප්‍රකාශයක් කරමින්, නව වාර්තාව තැබීමෙහිලා , ඇය බාධක රාශියක් අභිබවනය කරන ලදැයි සඳහන් කළා.
කාශ්මීරය සහ අසාම් ප්‍රාන්ත දෙකෙහි මෙන්ම තමිල්නාඩුවේ සහ මුම්බායි නුවර ජනතාව ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් අද (බ්‍රහස්පතින්දා) ඡන්දය ප්‍රකාශ කරති.
රජුන් තැනීමේ බලය පවතින කුඩා පක්ෂවලට අද දිනය ඉතා වැදගත් ආසන එකසිය හැත්තෑවක් සඳහා පැවැත්වෙන මෙවර මැතිවරණයේදී ඉහල මට්ටමක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වනු ඇති බවට අපේක්ෂා කෙරේ. රජුන් තැනීමේ බලය පවතින කුඩා පක්ෂවලට අද දිනය ඉතා වැදගත් වන බවයි එහි සිටින බීබීසී වාර්තාකරු කියා සිටින්නේ. ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මැයි මාසයේ මැද භාගය වන විට නිකුත් වීමට නියමිතයි.