text
stringlengths
1
163k
දරුවාගේ හැම අවධියකම වෙනස්කම් රස විඳින දෙමාපියන්ගේ සිහින වලට මේ ලිපිය උදවු වෙතැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.
කථානායක කරු ජයසූරියගේ දියණිය අභාවප්‍රාප්ත වෙයි | Anan Manan Gossip
කථානායක කරු ජයසූරියගේ දියණිය අභාවප්‍රාප්ත වෙයි
Y%S ,xld md¾,sfïka;=fõ l;dkdhl lre chiQßh uy;df.a ÈhKshl jk bkaÈrd chiQßh uy;añh ñhf.dia we;s nj wmg jd¾;d jk w;r ñhhk úg bkaÈrd uy;añh tx.,ka;fha flkaÜ m%dka;fha mÈxÑj isáhdh'
ngysr fhdalaIh¾ m%dka;fha n%eâ*¾â iriúfhka uQ,sl Wmdêh ,enQ bkaÈrd ish Ydia;%m;s Wmdêh yodrk ,oafoa ,kavka ial+,a T*a bfldfkdñlaia ^LSE& ys§ jk w;r weh uOHu ,kavkfha w¾kiaÜ iy hx.a wdh;kfha wd¾:sl WmfoaYljßhla f,i fiajh l, nj ioyka'
ÈhKshlf.a yd mqf;l=f.a ujl jQ weh 2008 jif¾ isg ms<sld frda.h je<£u fya;=fjka frda.d;=rj isá w;r weh ish ms<sldjg tfrysj igka lr 2012 jif¾§ iqjm;a jQ w;r kej;;a 2014 jif¾ isg frda.d;=rj isáhdh' ñhhk úg bkaÈrd chiQßh uy;añh 40 yeúßÈ úfha miqjQ njhs jd¾;djkafka…
2016-11-02T22:11:00+05:30
සංදේශය වැඩසටහන් - BBC News සිංහල
සංදේශය වැඩසටහන්
http://www.bbc.com/sinhala/institutional/2012/04/000000_programmes
බීබීසී සිංහල සේවයේ සංදේශය විදෙස් පුවත්, ලාංකීය පුවත් සහ කාලීන ප්‍රවණතා දෙස යොමුවන ගුවන් විදුලි වැඩසටහනකි. දවසේ විදෙස් විත්ති සංග්‍රහයෙන් ආරම්භවන සංදේශය වැඩසටහන ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ කාලීන පුවත් දෙසට යොමුවේ. ශ්‍රී ලංකාවේ අප වාර්තාකරුවන්ගෙන් ලැබෙන වාර්තා සහ දවසේ පුවත් මවන්නන් සමඟ සම්මුඛ සකච්චාවලින් අනතුරුව විදෙස් විත්ති විමසුම හා සතියේ විශේෂාංගය සඳහා වැඩසටහනේ අවසාන භාගය යොමුවේ.
ශ්‍රී ලංකාවේ සතර දිග් භාගයේ සිට අපේ වාර්තාකරුවන්ගෙන් ලැබෙන වාර්තාවලින් වැඩසටහනට ලැබෙන්නේ නොමඳ ආලෝකයකි. එමෙන්ම ලොවපුරා විවිධ රටවල වෙසෙන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවද නිරන්තරයෙන් සිය අදහස් උදහස් එක්කරමින් සංදේශයට දායකවෙති. ලොවපුරා වෙසෙන බීබීසී වාර්තාකරුවන්ගේ වාර්තා සහ විශ්ලේෂණද සිංහලට නඟා අපි අපේ අසන්නන්ගේ දැනුම වර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කරමු.
සංදේශයට සවන්දෙන්න
සතිපතා විශේෂාංග
මකරන්ද - ලොව කලා ක්ෂේත්‍රය දෙස වෙනත් කෝණයකින් විමසා බැලීමක්. ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තර තලයේත් කලාව සහ කලාකරුවන් ගැන සංවාද සහ විසංවාද. කලා ලෝකයේ නව ප්‍රවණතා හඳුනාගැනීම සහ පැරණි ප්‍රවණතා විමසා බලන වැඩසටහනක්.
ආලෝකය - සම්ප්‍රදායයට සහ සම්මතයට යටනොවී සම්මතය අභියෝගයට ලක්කරන සංවාද මණ්ඩපයක්. විද්‍යා මාතෘකා ගැන පමණක් අවධානය පලකරන වැඩසටහනකට වඩා ලෝකය සහ නව ප්‍රවණතා දෙස විද්‍යාත්මක කෝණයකින් විමසා බැලීමට උත්සාහ දැරීමක්.
තැපැල් මල්ල - අපේ වැඩසටහන් ගැන ඔබේ ප්‍රතිචාරය පලකිරීමට ඔබටත් අවස්ථාවක්. ලොවපුරා වෙසෙන සියගණනක් අසන්නන්ගෙන් සතිපතා ලැබෙන ලිපි අතරින් තෝරාගත් ලිපි ප්‍රචාරය කෙරෙන තැපැල් මල්ලෙන් ප්‍රචාරය කිරීම සඳහා ඔබේ අදහස් උදහස් අපට එවන්න. සතිපතාම තැපැල් මල්ලෙන් අසන ප්‍රශ්ණයට පිළිතුරු සපයා බීබීසී තෑගි මල්ලක් දිනාගන්නත් ඔබට පුළුවන්.
පොතකින් පිටුවක් - සිත පැහැර ගත් පොතක් සමගින් සංදේශයට එන ප්‍රකට චරිතයක් හා එක්වන්න. අසන්න. රස විඳින්න. කියවන්න.
තාරුණ්‍යය - ලොවපුරා වෙසෙන තරුණ පරපුරේ නව ප්‍රවණතා සහ අධ්‍යාපනය, විරැකියාව ඇතුළු ගැටළු දෙසට යොමුවන විශේෂාංගයක්. ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා මෙන්ම ළමා සහ කාන්තා පරපුර දෙසද අවධානය පලකරන තාරුණ්‍යය ලාංකීය යොවුන් දේශපාලනයත් සංවාදයට ලක්කරනවා.
මාධ්‍යයෙන් හුස්ම සිර කොට සිටියදී අධිකරණයෙන් ජීව වායුව දුන් ප්‍රජාතන්ත්‍රවාදය​​ – Colombo Telegraph
මාස් යූසුෆ් –
මාස් යූසුෆ්
‘වීරයන් සහ වීර වන්දනාව’ නැමැති සිය කෘතියේදී තෝමස් කාලයිල් මෙසේ කියයි: ‘‘පාර්ලිමේන්තුවේ පර්ෂද තුනක් ඇතැයි එඞ්මන්ඞ් බර්ක් කීවේය. එහෙත් ඊට එපිටින් වාර්තාකරුවන්ගේ ගැලරියේ අසුන් ගෙන සිටි සිව්වැනි පර්ෂදය ඒ තුනටම වඩා වැදගත් ය.’’
ඉන්දියාව ගැන සඳහන් කරමින් පණ්ඩිත් ජවහර්ලාල් නේරු, මාධ්‍ය ‘අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරබල්ලා’ වන බව කියා ඇතැයි චිරප‍්‍රසිද්ධ ය. ඊට අයත් ආයතනික නාමකරණයට අමතරව කෘත්‍ය සාධනයේදී එය තොරතුරු පරිතුලනය කරයි. ප‍්‍රචාරණය කරයි. එකී කාර්ය භාරය පුළුල් ය. විවිධ ය. එය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ආවරණය කරනු ලැබේ. එසේම, සමාජයට, ආර්ථිකයට, ආගමට සහ සංස්කෘතියට ආදී වශයෙන් වන විශාල පරාසයක් ඒ මගින් ආවරණය කරනු ලැබේ. ඒ සමගම, සාකච්ඡුා සහ සංවාද මාර්ගයෙන් මහජනතාව දැනුවත් කරමින් මගපෙන්වනු ලැබේ. විනෝදයත් එහි අංගයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ගත් විට, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට නැතිවම බැරි අංශ තුනක් තිබේ. ඒ ආයතන තුන අතරේ ස්ථාවරත්වය ස්ථාපනය කෙරෙන්නේ, බල විභජනය නම් වූ ක‍්‍රමයකිනි. ඒ මගින්, ඒ ඒ ආයතන අන්‍යොන්‍ය වශයෙන් තුලන සහ සංවරණ ක‍්‍රමයකට යටත් කෙරේ. මේ ආයතන තුනෙන් නිකුත් වන තොරතුරු ජනතාව වෙත සපයන්නේ මාධ්‍ය මගිනි. මේ කියන මාධ්‍ය හෙවත් සිව්වැනි පර්ෂදය අනිත් තුනට වඩා වැදගත් යැයි එඞ්මන්ඞ් බර්ක් කියා ඇත්තේ එබැවිනි.
සීමිත ප‍්‍රවේශය
ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී ආයතනය වන්නේ ස්වාධීන රූපවාහිනියයි. එහි විකාශන කටයුතු ආරම්භ කෙරුණේ 1979 අපේ‍්‍රල් මාසයේදී ය. මෙය ස්වාධීන ආයතනයක් වශයෙන් පැවතියේ මාස දෙකක් පමණි. මන්ද යත්, අනතුරුව එය රජයට පවරා ගත් බැවිනි. ලංකාවේ රජය සතු දෙවැනි රූපවාහිනී නාලිකාව වන ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 1982 අංක 6 දරණ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ ස්ථාපනය කරන ලදි.
විවෘත විශ්ව විද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයකට අනුව, ශ‍්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකා 60 කට වැඩි ගණනක් ද, රූපවාහිනී නාලික 20 ක් ද, භාෂා තුනෙන් පළවෙන පුවත්පත් 200 ක් ද තිබේ. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන අරභයා වන ශ‍්‍රාවක සහ පේ‍්‍රක්ෂක මට්ටම් තක්සේරු කරන්නේ වෙළඳ පර්යේෂණ සමාගම් දෙකක් මගින් පමණි. එහෙත් මේ කියන තක්සේරු පද්ධති ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලීන් සහ ක‍්‍රමවේද පිළිබඳ පාරදෘෂ්‍ය භාවයක් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ නැත. එම තත්වය ප‍්‍රයෝජනයට ගන්නා රූපවාහිනී අයිතිකරුවෝ, වැඩියෙන්ම නරඹන අංක එකේ නාලිකාව තමන් යැයි කියා ගනිති. සාමාන්‍ය ජනතාව ඒ ගැන මෙලෝ හසරක් දන්නේ නැත. ඔවුන්ව මේ ව්‍යාජ ප‍්‍රකාශයන් තුළින් පහසුවෙන් රැුවටිය හැකිය.
ලංකාවේ ග‍්‍රාමීය ජනතාව, මුළු ජනගහනයෙන් සියයට 81 කි. ඒ අනුව, නගර සහ තදාසන්න පෙදෙස්වල ජීවත් වන්නේ සියයට 19 ක් පමණි. මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරණය කෙරෙන තොරතුරු ග‍්‍රාමීය ජනතාවට සැපයෙන්නේ සීමිත ආකාරයකිනි. ඊට හේතු කිහිපයකි. යටිතල පහසුකම් නැති කම, ගෘහ ආර්ථික ප‍්‍රමුඛතා වඩා වැදගත් වීම, නොදැනුම සහ දුර්වල මිල දී ගැනීමේ හැකියාව ඉන් ප‍්‍රධානයි. පොදුවේ ගත් විට, ඒ සියල්ලට පසුපසින් ග‍්‍රාමීය පසුගාමිත්වය තිබේ. එසේම රූපවාහිනියක් නැති නිවෙස් ද බොහොමයක් තිබේ. රූපවාහිනියක් ඇති බොහෝ නිවෙස්වලට පවා ඇත්තේ නොමිලේ සැපයෙන සේවාවන් පමණි. වඩාත්ම, රාජ්‍ය නාලිකාවන් ය. එසේ වෙතත්, රූපවාහිනී නරඹන විශාල පේ‍්‍රක්ෂක පිරිසක් සිටිති. සමහර පිරිස් වෙනත් නිවෙස්වලට ගොස් හෝ ඇතැම් වැඩ සටහන් නරඹති.
විකෘති වාර්තාකරණය
මොන මාධ්‍යයෙන් ඉදිරිපත් කරන ප‍්‍රවෘත්තියක් වුවත් නිවැරදිව සහ අපක්ෂපාතීව ඉදිරිපත් කළ යුතුය. ප‍්‍රවෘත්ති සපයන්නා තුළ තිබිය යුත්තේ සමාජයේ පොදු සුභසිද්ධිය පිළිබඳ හැඟීමයි. ‘යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ආගමික හිංසනය’ නැමැති අධ්‍යයනයේ 2014 අලූත්ගම ප‍්‍රචණ්ඩත්වය ගැන මෙසේ දැක්වෙයි: ‘‘අලූත්ගම සිදුවීම් ඒවා සිදුවන පරිද්දෙන් ප‍්‍රධාන මාධ්‍ය තුළ වාර්තා කෙළේ නැත. රාජ්‍ය මාධ්‍ය එය ඉදිරිපත් කෙළේ විකෘති ආකාරයකිනි. වැරදිකරුවන්ව සුද්ද කෙරෙන ආකාරයෙනි. 2014 ජුනි 17 වැනි දා ආණ්ඩුවේ ‘ඬේලි නිව්ස්‘ පුවත්පත මෙය ‘හුදෙකලා’ සිදුවීමක් වශයෙන් හෑල්ලූ කළ අතර, වෙනත් තැන්වල අතිශයෝක්තියට නගා එය ප‍්‍රචාරණය වන බව කියා සිටියේය. පෞද්ගලික පුවත්පත්.. 2014 ජුනි 16 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ කතුවැකිය, බොදුබල සේනා රැුස්වීමට මුලින් පහර දීමක් සිදු වූ බව කියමින්, වරද මුස්ලිම් ප‍්‍රජාව මත ව්‍යංගයෙන් පැටවීය.’’
එහෙත් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියේ දැක්වෙන්නේ මෙසේ ය: ‘‘කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව ද, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේය.’’
භාෂණයේ නිදහස සහ පරිසීමාව
සක‍්‍රීය මාධ්‍යයක් සඳහා භාෂණයේ නිදහස අත්‍යාවශ්‍ය අංගයකි. එහෙත් එය සීමාවකින් තොර පරම බලයක් විය යුතු නැත. ඒ නිසා අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඒ අරභයා ඇතැම් සීමාවන් පනවා තිබේ. ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තියෙන් ඒ නිදහස සපයා දී ඇත්තේ මෙසේ ය: ‘‘සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප‍්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.’’
ඊළඟට, 15 (2) වගන්තියෙන් එය මෙසේ සීමා කෙරේ: ‘‘14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (අ) ෙඡ්දයෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද, ක‍්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප‍්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව ය.’’
වෙනත් විදිහකින් කිවහොත්, මේ වනාහී ‘වාර්ගික සහ ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා නීතියෙන් පනවා ඇති’ තත්වයන්ට අනුගත විය යුතු බවකි. මේ සීමාව වෙනත් නීතිවලටත් බලපවත්වන නිසා ඒ වෙනත් නීති කවරේදැ යි දැන ගැනීම වැදගත් ය. දණ්ඩනීති සංග‍්‍රහයේ ඒ පිළිබඳ අවස්ථා දෙකක් දැක්වෙයි. ඒ මෙසේ ය:
291 (අ) වගන්තිය- ‘‘යම් තැනැත්තෙකුගේ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමෙකු යම් වචනයක් කියතොත් හෝ ශබ්දයක් කළහොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යම් සංඥාවක් කරතොත් හෝ එකී තැනැත්තා අභිමුඛයෙහි යම් ද්‍රව්‍යයක් තබතොත්, ඔහුට අවුරුද්ද දක්වා කාලයක, දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.’’
291 (ආ) – ‘‘ආගමික හැඟීම් කෙලසීම සඳහා ඒකාන්ත හා ද්වේෂ සහගත අදහසින් භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි නිරූපණවලින් එකී පංතියේ ආගමට හෝ ආගමික විශ්වාසවලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත් කරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.’’
අපේ මාධ්‍ය මේ සීමාවන් ගැන කිසි තැකීමක් කරන්නේ නැත. විශේෂයෙන්, සිංහල බෞද්ධ ජාතිකවාදයෙන් කුරුවල් වූ සමහර නිවේදකයන් සහ මුද්‍රිත ක්ෂේත‍්‍රයේ මාධ්‍යකරුවන් මේ තහනම්වලට යටත් වන තොරතුරු ඉදිරිපත් කරනු දක්නට ලැබේ. එවැනි ප‍්‍රවෘත්ති යහපැවැත්මට සහ විනීත භාවයට හානියකි. අපරාධ සහ නොසන්සුන්තා ඇති කිරීමට ඒවා හේතු විය හැකිය. මාධ්‍යයට නිදහස තිබිය යුතු වුවත්, මාධ්‍ය ස්වාධීන විය යුතු වුවත්, ඊට පැවරෙන වගකීමක් ද තිබේ. ආචාරශීලී වීමක් ද ඉන් අපේක්ෂා කෙරේ. එහෙත් මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා බොහෝ දෙනා නියෝජනය කරන්නේ මෙහි සපුරා ප‍්‍රතිපාර්ශ්වයයි.
එක් කෝටි පනස් ලක්ෂයක ඡන්දදායකයන්
මාධ්‍ය අයථා පරිද්දෙන් මෙහෙයවනු ලැබීම පිළිබඳව මහාචාර්ය නෝම් චොම්ස්කි වරක් මෙසේ කියා තිබේ: ‘‘සිදුවන්නේ කුමක්ද යන්න සාමාන්‍ය ජනතාව නොදනිති. එය තමන් නොදන්නා බව ද ඔවුහූ නොදනිති’’. මතක තියාගන්න. අපේ ජනගහනයෙන් සියයට 81 ක් පමණ ග‍්‍රාමීය ජනතාවයි. ඔවුන්ගෙන් බොහොමයක් පුවත්පත් කියවන්නේ නැත. ඒ නිසා රූපවාහිනියට සහ රේඩියෝවට ග‍්‍රාමීය නූගත් ජනතාව දැනුවත් කිරීමේ සහ රටේ සිදුවන දේවල් ගැන ඔවුන් යාවත්කාල කිරීමේ විශාල කාර්ය භාරයක් පැවරේ. ශ‍්‍රී ලංකාවට එක් කෝටි පනස් ලක්ෂයක ඡුන්දදායක ලැයිස්තුවක් තිබේ. සිදුවන දේවල් දැන ගැනීමෙ අයිතියක් මේ සියලූ දෙනාට තිබේ. එමෙන්ම, රූපවාහිනිය සහ වෙනත් මාධ්‍යයන් හරහා සත්‍යය දැන ගැනීමේ සදාචාරමය අයිතියක් ද ඔවුන්ට තිබේ.
රාජ්‍ය මාධ්‍ය සහ වෙනත් ඇතැම් පෞද්ගලික නාලිකාවන් ද මෙකී සදාචාරමය වගකීම පැහැර හැර ඇත. ජනතාව දැනුවත් කිරීමේ කාර්යයට ඔවුන් උර දී නැත. ඡුන්දදායකයාට තමන්ගේ විනිශ්චයන්ට පැමිණීම සඳහා අවශ්‍ය කරන දේශපාලනික තොරතුරු ඔවුන්ට සැපයීම මාධ්‍යයෙන් අපේක්ෂා කෙරේ. එහෙත් ඒ වෙනුවට සිදුවන්නේ, මේ මාධ්‍ය ආයතන මගින් ඔවුන්ගේ සිත්සතන් එක දිගටම කුරුවල් කිරීම ය. විශේෂයෙන්ම, අසරණ ගැමි ජනතාව ඊට ගොදුරු වෙති. මාධ්‍ය ආයතන බලන්නේ, පටු ජාතිකවාදී දේශපාලනික ව්‍යාපෘතීන් මත පදනම්ව බලය කේන්ද්‍රගත කර ගැනීම ප‍්‍රවර්ධනය කිරීමට ය. මේ නපුරු සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා, රටේ ජනතාව ජාතිය, ආගම සහ උතුර-දකුණ වශයෙන් ප‍්‍රාදේශීයව බෙදා වෙන්කොට තබා ගැනීමට ඔවුහූ යත්න දරති. මේ අරභයා ඔවුන් සතු බලපෑමේ පරිමාණය ගණනය කළ නොහැකි වෙතත්, ග‍්‍රාමීය ජනතාවගේ හැඟීම්වලට ආමන්ත‍්‍රණය කෙරෙන ආකාරයෙන් තමන්ගේ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට ඔවුන් කටයුතු කරන බව නම් පැහැදිළි ය.
මිනිසුන්ගේ තාර්කික පාර්ශ්වයට වඩා මාධ්‍ය ආමන්ත‍්‍රණය කරන්නේ ඔවුන්ගේ හැඟීම් පාර්ශ්වයට බව මහාචාර්ය නෝම් චොම්සිකි පෙන්වා දෙයි. හැඟීම්බර භාවය, තාර්කික චින්තනය මොට කරයි. භීතිකාවන්, උද්වේගයන් සහ හැඟීම්බර පේ‍්‍රරණයන් ඇද බැඳ ගන්නා දොරටු ඒ මගින් විවර කර දෙනු ලැබේ. අහිංසක සහ පහසුවෙන් රැුවටෙන සුළු සිංහල ග‍්‍රාමීය ජනතාව මේ ප‍්‍රචාරකවාදී කතා විශ්වාස කරති. ඒ අනුව අපේ මාධ්‍ය මේ වන විට ජනප‍්‍රියවාදී ප‍්‍රචාරණයන්ගෙන් පිරී ගොස් ඇති අතර, ‘විරුද්ධවාදියාට’ එරෙහිව රැුවටිලිකාරී සහ ද්‍රෝහී මතිමතාන්තර නිර්මාණය කිරීම සඳහා පේ වී සිටී.
ලාබ ජනතාවාදය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතාවන් දුර්වල කරනු ලැබේ. ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී නායකයන්ට බලයට පත්වීමටත්, මෑතකදී දැක ගැනීමට ලැබුණු පරිද්දෙන් බලය අවභාවිත කිරීමටත් ඒ මගින් ඉඩහසර පාදා දෙනු ලැබේ. ඒ ආකාරයෙන් අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හුස්ම හිර වී මරණාසන්නව සිටි පසුගිය සතියේ අවස්ථාවක අධිකරණය පෙරමුණට විත් ඔක්සිජන් වායුව පිම්ඹේය.
මාධ්‍යයේ ඒකායන අරමුණ විය යුත්තේ මහජන අභිවෘද්ධිය සඳහා සේවයට කැපවීමයි. මෙතෙක් කල් ඉතිරි කරගෙන ඇති යහපත් යමක් වේ ද ඒ සියල්ල ආරක්ෂා කර ගැනීම, රාජ්‍යකරණයේ සිව්වැනි පර්ෂදය වන මාධ්‍යයේ වගකීමයි. එසේ නොමැතිව, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හුස්ම හිර කැරැුවීම මාධ්‍යයෙන් නොකළ යුතුය. පටු සහ අවස්ථාවාදී දේශපාලනයෙන් ඔබ්බට යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා වන අත්වැලක් වශයෙන් එය කටයුතු කළ යුතුව තිබේ.
මාධ්‍ය චර්යාවේ පක්ෂපාතීත්වය සහ ආධානග‍්‍රාහීත්වය පසුගිය ඔක්තෝබර් 26 වැනි දා සිට රටට නිරාවරණය වුණි. ඔවුන්ට පැවරී තිබුණේ රාජ්‍යයේ ප‍්‍රධාන අංශ තුන පිළිබඳ මුරබල්ලෙකුගේ භූමිකාව වුවත්, ඔවුන් කටයුතු කෙළේ රටේ අස්ථාවරත්වය, සැකසාංකා සහ ජනතාව අතරේ ගැටුම් ඇති කරවන ආකාරයෙනි. රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක වීමට නම්, මාධ්‍යය කිසි දේශපාලන පක්ෂයක හෝ පුද්ගලයන් අතලොස්සකගේ බලපෑමට යටත් නොවී, සියල්ලන්ට සාධාරණත්වය ඉෂ්ට වන ආකාරයෙන් කටයුතු කළ යුතුය. එවැනි නිදහස්, මධ්‍යස්ථ සහ සක‍්‍රීය මාධ්‍යයකින් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අර්ථ විරහිත වන්නේය.
සිවිල් සමාජ න්‍යාය පත‍්‍රයේ ඊළඟ අයිතමය විය යුත්තේ, රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමත්, පෞද්ගලික මාධ්‍ය තමන්ගේ චර්යාවන් මාධ්‍ය සදාචාරයට ඔබින අයුරින් හැඩගස්වා නොගන්නේ නම් ඔවුන්ව වාරණය කරන ලෙස ඉල්ලා සිටීමත් ය. එහි තේමාව විය යුත්තේ, ‘‘මාධ්‍ය මුදලාලිලාගේ සහ රාජ්‍යයේ අතපෙවීමෙන් නිදහස් මාධ්‍යයක් සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය භාවය නගා සිටුවීමක් අත්‍යාවශ්‍යය’’ යන්නයි.
*2018 දෙසැම්බර් 18 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Democracy Suffocated By Media And Oxygenated By The Judiciary නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා
අනේ එජාපය, ඔක්කොම පිරිමි - නැත්තෙම ගෑනු !
Shabir Zainudeen / December 24, 2018
Kumari / December 27, 2018
නාට්‍ය කලාව හා කථා කලාව – එදිරිවීර සරච්චන්ද්‍ර | 'කතිකා' සංවාද මණ්ඩපය
හැබැයි මෙවැනි කියමන් රසාත්මක වාක්‍ය වශයෙන් ගිණිය හැකි අවස්ථා තියෙනවා – එනම් කිසියම් අවස්ථාවක රසිකයා තුළ වින්දනයක් දැනවීමට යොදා තිබෙනවා නම් මේ කරුණු අපේ ප‍්‍රස්තුතයෙන් පිට නිසා ඒ ගැන යමක් සවිස්තර ව සාකච්ඡා කිරීමට මම අදහස් කරන්නේ නෑ.
නාට්‍යය, එක් අතකින් බලන විට කථා කථනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. හැම නාට්‍යයකින්ම කථාවක් කියන බව පෙනෙනවා. කාලිදාසයන්ගේ ‘අභිඥාන ශාන්කුන්තලම්’ නම් සංස්කෘත නාට්‍යයෙහි දුෂ්‍යන්ත රජ්ජුරුවන්ට ශකුන්තලා නම් යුවතිය ඈ වෙසෙන ආශ‍්‍රමපදයෙහි මුණ ගැසෙන සැටිත්, ඔවුන් දෙදෙනා උනුන් කෙරෙහි පිළිබඳ සිත් ඇති වන සැටිත්. ඉනික්බිති ව ඔවුන්ට අත් වන ඉරණම යනාදි තතු කියවෙනවා. වෙන කවර නාට්‍යයක් කියවා බැලූවත් පසුබිමෙහි කිසියම් වෘත්තාන්තයක් තිබෙන බව පෙනෙනවා. රත්නාවලියෙහි හෝ වේවා, මෘච්ඡුකටිකාවෙහි හෝ වේවා, එසේ නැත්නම් ශේක්ෂිපියර්ගේ හැම්ලට් නාට්‍යයෙහි හෝ වේවා, මෙම වෘත්තාන්තය දකින්නට ලැබෙනවා. බොහෝ සංස්කෘත නාට්‍යවලට ඇසුරු කොට තිබෙන්නේ ‘රාමායණ’ ‘මහා භාරත’ වැනි ආඛ්‍යානවල ඇතුළත් කථා. නාට්‍යකරුවෝ පුරාණ කථා, ඉතිහාස කථා ආදිය වස්තු කරගෙන නාට්‍යය රචනා කරනවා. ගී‍්‍රක් නාට්‍යය සියල්ලක් ම වාගේ රචනා කොට තිබෙන්නේ දේවකථා ආශ‍්‍රයෙන් බව කවුරුත් දන්නවා.
මෙය මෙසේ නම් අප තුළ ප‍්‍රශ්නයක් පැන නගිනවා. එනම්, කුමට ද මිනිස්සු නාට්‍යය බලන්න යන්නෙ? කථාව අහන්න වෙන්න බෑ – මක්නිසාද යත් අපි කලින් කියූ පරිද, මෙකී නාට්‍යය බොහොමයක් ප‍්‍රකට කථා ආශ‍්‍රයෙන් රචිත ඒවා. හැමදෙනාම ඒවා දන්නවා. එහෙම නම් මිනිස්සු රඟහලට යන්නේ සීතා දේවි, දුෂ්‍යන්ත රජ්ජුරුවො, රාම රජු, රාවණා රජු, වෙස්සන්තර රජ්ජුරුවෝ, මද්‍රි දේවිය ආදීන් සැබැවින්ම දකින්නට ආසාවෙන් ද? නැතිනම් කි‍්‍රෂ්ණජිනා, ජාලිය ආදී ළමයින් දකින්නට ද?
මේ වගේ අත්දැකීමක් මට තියෙනවා. වෙස්සන්තර ආදී ආගමික කථා මිනිසුන්ගේ සිත් තුළට කෙතරම් ගැඹුරට කිඳා බැස තිබෙනවා ද කිව්වොත්, මගේ ‘වෙස්සන්තර නාටකය’ නරඹන්නට පැමිණි, ඈත ගම්බද පෙදෙස්වල අය, රංගය අවසන් වූ විට රඟබිමේ පසුපසට අවුත්. ‘මේ ජාලිය නේද’ මේ කි‍්‍රෂ්ණජිනා නේද කියමින් මේ චරිත නිරූපණය කරන ළමයින් අතගා බලනු මම දැක තියෙනවා. ඒ අයගේ භක්තිය කෙතරම් ද කියතොත් සත්‍යය හා කල්පිතය අතර වෙනස ඔවුන්ට පෙනුණෙ නෑ. මෙය බුද්ධිමත් ප‍්‍රතිචාරයක් නොවන නමුත් එය හෙළා දකින්නට වටින්නෙ නෑ. එහෙත් මෙය නියම රසවින්දනයක් නොවන බව අපි පිළිගත යුතුයි.
එය කෙසේ වෙතත් බුද්ධිමත් පේ‍්‍රක්ෂකයෝ – විශේෂයෙන් නාට්‍යය දැක පුරුදු අය දන්නව, මේ නළුවෝ, නිළියෝ වෙස්සන්තර රජු වශයෙන්, මද්‍රි දේවිය වශයෙන් රඟපානව මිස, සැබැවින්ම ඒ අය නොවන බව. සමහර විට නාට්‍යය නරඹා සමාධියට වැටුණු එක්තරා පේ‍්‍රක්ෂකයකුට ස්වල්ප මොහොතක් යන තුරු මේ සමාධියෙන් මිදී, සත්‍ය හා කල්පිතය අතර වෙනස දකින්නට බැරි වෙන්න පුළුවනි.
මෙවැනි තතු සලකා බලන විට, අපට පෙනෙනව කථාව දැන ගත්තත් රඟහලට යන අය යන්නේ කථාව මොකක් ද කියල දැන ගන්න නෙවේ. එය සිදු වූයේ කෙසේ ද කියා බලාගන්ටයි. සිද්ධිය එක ම වුණත් එය නොයෙක් අයුරින් වර්ණනා කරන්න පුළුවන්. නොයෙක් ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. දක්ෂ කථිකයා එකම කථාව විචිත‍්‍ර ආකාරයකින් කියනව – රසවත් කරල. ඔහු එසේ කරන්නේ මුල් කථාව විකෘත කරන්නෙ නැතුව.
නාට්‍යකරුවාගේ කාර්යය, කවුරුත් දන්නා කථාව පේ‍්‍රක්ෂකයන්ගේ සිත් ගන්නා අයුරින් රංග භූමියෙහි නිරූපණය කිරීමය. ඊට ඔහු නළු නිළියන් යොදා ගන්නව. කථාවට අයත් පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින්ට. ඔවුන් කිව යුතු දේ ඔවුන්ට උගන්වනව, කිය යුතු ආකාරයත් ඔවුන්ට උගන්වනව. ඒ ඒ දේ කියන විට ඔවුන් හැසිරිය යුතු ආකාරයත් කියා දෙනව. ඔවුන් පරිහරණය කරන උපකරණත් ඔවුන්ට දෙනව. මේවා කඩු කුන්ත යනාදිය වෙන්න පුළුවන්. කථාවේ ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමට වෙස් වළාගන්නා ආකාරයත් කියා දෙනව. අවසානයෙහි කථාව බලන්ට රඟහලට පැමිණි පේ‍්‍රක්ෂකයන් ඉදිරියෙහි සැබෑ සිද්ධියක් අනාවරණය වන ව්‍යාජයක් මවා පානව.
මෙසේ රංගභූමිය මත කිසියම් වෘත්තාන්තයක් දෘශ්‍ය ස්වරූපයෙන් දක්වන්ට සැරසෙන තැනැත්තා, ඒ සඳහා ආශ‍්‍රය කරගන්නා කථාව මේ කාර්යය සඳහා යම් ලෙසකින් සකස් කරගත යුතු බව දන්නවා. මුල් කථාවේ ස්වරූපයෙන් ම ඒක ඉදිරිපත් කළොත් පේ‍්‍රක්ෂකයින් රඟහලේ රඳවා ගැනීම අපහසු වෙනව. ශ‍්‍රාවක සමූහයක් හමුවෙහි කියන කථාව දැන් දෘශ්‍ය ස්වරූපයට හරවල රඟහලට ඇවිත් සිටින පිරිසට ඉදිරිපත් කරන්න ඕන. ඒ නිසා, කථාවෙන් තෝරාගත යුත්තේ රංගෝචිත කොටස් පමණයි. කථාව වටහා ගැනීමට වෙනත් කොටස් අවශ්‍යයි සිතෙනවා නම්, ඒවා වෙන ආකාරයකින් – වෙන උපායකින් පේ‍්‍රක්ෂකයින්ට දැන ගන්න සලස්වන්න ඕන. රංගයක් නිර්මාණය කරන තැනැත්තා, තමා මේ සඳහා තෝරාගෙන තිබෙන කථාවේ රංගෝචිත කොටස් මොනවා ද, සූචනය කළ යුතු කොටස් මොනවා ද කියලා තෝරා බේරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.
මෙකී දේ ස්ඵුට කිරීමට මගේ නාට්‍යයකින් නිදර්ශනය ගෙන හැර පෑමට වඩා, ප‍්‍රකට නාට්‍යය ශිල්පියෙකුගේ කෘතියක් එනම් ශේක්ෂ්පියර්ගේ හෝ කාලිදාසගේ කෘතියක් විග‍්‍රහ කොට දැක්වුවොත් මැනවැයි සිතෙනවා. ඒත් මේ කථාවට සවන් දෙන ශ‍්‍රාවකයන්ට එම විදෙස් නාට්‍යය එතරම් හුරු නැත්නම්, මම කියන දේ පැහැදිලි නොවෙන්න පුළුවනි. ඒ නිසා මම සිතුවා ඔබ හැම දෙනෙක්ම වගේ දැක පුරුදු නාට්‍යයක් වන මගේ මනමේ නාටකය නිදර්ශනයක් වශයෙන් ගන්න.
මගේ මනමේ නාටකයට ආශ‍්‍රය කොට ඇත්තේ ‘චුල්ල ධනුග්ගහ’ නම් වූ ජාතක කථාවයි. මේ ජාතක කථාව ආශ‍්‍රයෙන් ගම්බදව රග‘පාන නාට්‍යයක් තිබෙනව – ඒ නාට්‍යයේ ධනුග්ගහ කුමාරයා හඳුන්වන්නෙ ‘මනමේ’ යන නමින්. මනමේ කුමාරයා ශිල්ප ඉගෙනීමට තක්ෂලා නුවර පිහිටි විද්‍යායතනයට ගොස් එහි දී දිසාපාමොක් ඇදුරුතුමාගේ සිත් ගන්නා බැවින්, ඔහු ආපසු සිය රටට යන්ට සැරසෙන විට ඇඳුරුතුමා තම දුව ඔහුට බිරිඳ කොට විවාහ කර දෙනවා. දෙදෙනා පිටත් වී යන අතරමඟ දී ඔවුන්ට වනන්තරයක් හරහා යන්ට සිදුවෙනවා. එහි දී මස් අනුභව කරමින් හුන් වැදි රජෙකුයි ඔහුගේ සෙනගයි ඔවුන්ට මුණ ගැහෙනවා. තමා සාගින්නෙන් පෙළෙන බව කියන කුමාරයා බිසව යවනව වැද්දන් වෙතට මස් කෑල්ලක් ඉල්ලන් එන්න කියා තමාට කන්ට. බිසව දකින වැදි රජ්ජුරුවෝ ඇය කෙරෙහි උපන් පිළිබඳ සිත් ඇති ව, කුමාරයා හැර දා තමා සමග එනමෙන් ඇයට ඇවිටිලි කරනවා. බිසව වැද්දන් දෙන මස් අරගෙන සැමියට දෙනව. ඒත් මස් අමු නිසා කුමාරයා කන්න කැමති නෑ. වැද්දන් වෙත මස් වීසි කරන මෙන් කුමාරයා බිසවට කියනව. මීට වැද්දෝ කිපී කුමාරයා සමග සටනට එළැඹෙනවා. කුමාරයා වැද්දන් සියලූ දෙනා පරාජය කොට වැදි රජු සමග සටනට යනවා. සටනෙහි දී කුමාරයාගේ කඩුව ඔහුගේ අතින් ගිලිහෙනවා. බිසව කඩුව අහුලා වැදි රජු අතට දෙනව. වැදි රජ කඩුවෙන් ඇන කුමාරයා මරනව. බිසව වැදි රජු සමග යන්ට සැරෙසනවා. ඒත් මග දී වැදි රජ්ජුරුවෝ ඇයට කියනව තිගේ ආභරණ මට මුදා දෙව. මම ගඟින් එගොඩ ගොහිල්ලා ඒවා තැන්පත් කරල ඔබව එක්කං යන්න එනවා’ කියලා. බිසව, වෙන කරන්න දෙයක් නැති නිසා අභරණ ගලවා දෙනවා. වැදිරජ ඒවා ඇරගෙන බිසව වනාන්තරේ හැර දමා යන්ට යනවා.
මුල් කථාවේ රංගෝචිත නොවන සිදුවීම මම ඉවත දමලා සකස් කරලා තියෙන සැටි ඔබ දන්නව ඇතැයි මම සිතනවා. මගේ නාට්‍යයෙහි කුමාරයා සටනට යාමට පෙර තම කඩුව බිසව අතට දෙනව. ඔහු වැද්දා අභිබවා බිසවගෙන් කඩුව ඉල්ලන විට ඈ කියන්නේ ඉතා සාධාරණ දෙයක්. ඇගේ දෙගිඩියාව නිසා ඇති වූ අවකාශයෙන් ප‍්‍රයෝජනය ගත් වැදි රජ්ජුරුවෝ බිසවගේ අතින් කඩුව උදුරා කුමාරයා මරනව.
මගේ ප‍්‍රධාන අධ්‍යාශය වූයේ, මුල් කථාවේ තියෙන විදියට බිසව පතිද්‍රෝහි ගැහැනියක් ලෙස දක්වා තිබීම වෙනස් කරන්නයි. අවස්ථාව කෙතරම් ඉක්මනින් අනිත් අතට පෙරළේ ද කියතොත් ඈට තීරණයක් ගැනීමට ඉඩක් ලැබෙන්නේ නෑ. තම සැමියා මැරූ වැදි රජ්ජුරුවන්ට ඈ දොස් කියනවා. එහෙත් තමාගේ ආරක්ෂාවට ඔහු කෙරෙහි ළැදිකමක් පෙන්වීමට ඇයට සිදුවෙනවා. එහෙත් ඇයගේ උපක‍්‍රමය සාර්ථක වෙන්නේ නෑ. ඔබේ දිවිය මම ගලවාගත්තා ය කියූ විට වැදි රජ කිපී ඇය පලවා හරිනවා.
මනුෂ්‍යයන්ට ආකස්මික ව මුහුණ පාන්නට සිදු වන යම් අවස්ථාවල දී ප‍්‍රඥාගෝචර තීරණයක් ගැනීමට බැරි වෙනවා. මේ දෙගිඩියාවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන් දුක් දොම්නස් මහා මේඝයකට හසු වී නැසී යනවා.
මම මුල් කථාව මේ අයුරින් සංස්කරණය කොට රංගභූමිය මත දැක්වූයේ පේ‍්‍රක්ෂකයන් තුළ බිසව කෙරෙහි අනුකම්පාවක් අති කොට ජීවිතයේ අනිත්‍යතාව මෙනෙහි කිරීමට තුඩුදීම සඳහායි. මේ අයුරින් බලන විට මනමේ නාට්‍යය නරඹන පේ‍්‍රක්ෂකයා තුළ සාන්ත රසයක් ඇති වෙනව. ජීවිතයේ අස්තීරත්වය මෙනෙහි කරමින් ඔවුහු සමාධියට සමවැදෙනවා. රංගභූමියෙන් යන්නෙ මෙබඳු සමාධියකිනි.
(මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ‘නාට්‍ය කලාව හා කථා කලාව’ නම් දේශන මාලාවේ දෙවැනි දේශනය 1992 සාහිත්‍ය උළෙල වෙනුවෙන් සකස් වූ විශේෂ ‘තරංගිණි’ කලාපයෙන් උපුටා ගැණින.)
සංස්කෘති, 2010 අගෝස්තු කලාපයෙන් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.
සංස්කෘති ප්‍රකාශනය, 120 පිරිවෙන පාර, බොරලැස්ගමුව.
දුරකතනය 011 2519201
11.15.2010 – එදිරිවීර සරච්චන්ද්‍ර / නාට්‍ය කලාව / එදිරිවීර සරච්චන්ද්‍ර / කථා කලාව / නාට්‍ය කලාව
විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශය ~ යුක්තිය වෙනුවෙන්...!
ඇස පාදන 'රැස' මේ සතියේ පත්තර ලෑල්ලට. - Info Sri Lanka News | Sinhala
Home news Resa Newspaper Top රැස පුවත්පත ඇස පාදන 'රැස' මේ සතියේ පත්තර ලෑල්ලට.
ඇස පාදන 'රැස' මේ සතියේ පත්තර ලෑල්ලට.
ඇස පාදන 'රැස' මේ සතියේ පත්තර ලෑල්ලට. Reviewed by Vimukthi Dushantha Rawanasinghe on 9:32 PM Rating: 5
Tags : news Resa Newspaper Top රැස පුවත්පත
අනවශ්‍ය ගැබ් ගැනීම් වළකින්න පිරිමින්ටත් උපත්පාලන පෙත්තක් ~ ikman news web
අනවශ්‍ය ගැබ් ගැනීම් වළකින්න පිරිමින්ටත් උපත්පාලන පෙත්තක්
පිරිමින් සඳහා වන උපත් පාලන පෙත්තක්‌ ඇමරිකානු පර්යේෂකයන් පිරිසක්‌ විසින් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මෙම උපත්පාලන පෙත්ත මගින් පිරිමින්ගේ ටෙස්‌ටොස්‌ටෙරෝන් හා අනෙකුත් හෝමෝන මට්‌ටම පහත හෙළීම සිදු කරන බවයි සදහන් වෙන්නේ.
මේ හෝමෝන මට්‌ටම පහත හෙළිම මගින් පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීම අඩු වේ.
එසේම මෙම උපත් පාලක පෙතිවල විශේෂත්වය එමගින් ඇති කරන අතුරු ආබාධ ඉතාම අවම මට්‌ටමක පැවතීමත් විශේෂත්වයක් බව කියනවා.
මෙතෙක්‌ කල් උපත් පාලන පෙති භාවිත කළේ කාන්තාවන් පමණක්‌ වන අතර මෙම නව සොයා ගැනීම මගින් පිරිමින්ගේ ජීවන රටාවේ සුවිශේෂී වෙනස්‌කම් ඇතිවනු ඇතැයි පර්යේෂකයෝ සදහන් කරනවා.
2018-03-22T09:48:00+05:30
උදවු:Introduction to policies and guidelines - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
උදවු:Introduction to policies and guidelines
Policies and guidelines Content Conduct Summary
INTRO:PG
INTRO:POLICY
INTRO:GUIDE
මෙම ලිපියේ අඩංගු කරුණු සැකෙවින්: On Wikipedia, policies define the fundamental principles, while guidelines either advise how to apply these policies or provide general consistency.
The primary goal of Wikipedia is to provide a high-quality encyclopedia for free. Although Wikipedia does not have many strict rules, it operates on five fundamental principles. Wikipedia's policies and guidelines are developed by the community to clarify these principles and describe the best way to apply them, resolve conflicts, and otherwise further our goal of creating a free and reliable encyclopedia.
"Wikipedia:" or "WP:" will help indicate what is an official policy/guideline.
Essentially, policies express the fundamental principles of Wikipedia in more detail and guidelines advise how to apply policies and provide general consistency across articles. Formal policies and guidelines can be identified by their notice placed at the top of their pages, and the prefixes "Wikipedia:" or "WP:" before the page name.
While there is usually a policy or guide for every issue imaginable, no one is expected to know all of them! Luckily there are a handful upon which all others are based. The next few pages describe the most significant of these, representing the general spirit of Wikipedia's 'rules'. If followed, discussions and editing will be easier and more productive.
Next: Let's learn about content! →
"https://si.wikipedia.org/w/index.php?title=උදවු:Introduction_to_policies_and_guidelines&oldid=274939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
මේ පිටුව අන්තිමට සැකසුවේ 18 අගෝස්තු 2013 දින දී, 03:02 වේලාවෙහිදීය.
අත්තම්මාගේ අත්බෙහෙත්: දියවැඩියාව 5 වන කොටස (Diabetes : Blood Sugar Range and Short Term Complications)