txt
stringlengths
140
500
සිටි සුද්දා වෙනදා මෙන් කෙලිදෙලෙන් නොව හෙනම අප්සට් එකේ සිටියේය… වෙනදාමෙන් උගේ කටහඩ වෑන් රථය පුරා රැව් දුන්නේද නැත. එසේ සිටීමට හේතුව ටික දුරක ගමනෙන් පසු ඔහු එලියට දැම්මේය.. එලියට දැම්මේ වමනේ ලෙසින්ය.. හැබැයි සුද්දාගේ වමනය නං මගේ වගේ අහි‍ංසක වමනයක් වූයේ නැත.. විවිධාකාර වූ කෑලි බෑලි පංචිකාවත්තේවත් නැති ගැජමැටික්ස් රැසක් සමඟින් ඌ දාපු වමනේ වල අන්තර්ගත දෑ මට අදටත් මාගේ මතකයේ සිහිනයක මෙන් සටහන්ව ඇත.. හමා ආ ඒ මිහිරි සුගණ්ධය දැනුනු කළ මා නිගමනය කලේ ඊට කලින් දවසේ රෑ සුද්දා කුණු වුනු මීයෙක්වත් කන්නට ඇති බ
වය ..කාට නමුත් මා හට සුද්දාගේ වමනය සැබැවින්ම ප්‍රීතිදායක වූයේය.. ආයෙත් සුද්දාට මගේ වමනය ගැන කිණ්ඩි දාන්නට බැරිය.. කෙසේ නමුත් කුතුහලය උපරිමය තිබූ කොල්ලෙක් ඌ මා හට උගෙ වමනය නිරීක්ශනය නොකර සිටීමට නොහැකි විය.. මී කුණු සුගන්ධය ඉවසා දරාගෙන පසුදා සුද්දාට කිණ්ඩි දැමීමේ අදහසින් වමනයෙහි අන්තර්ගත වූ දෑ මතකයේ තියාගනට වෑයම් කරමින් මම උගෙ වමනය මගේ උකුසු ඇස් දෙක යොදා නිරීක්ශණය කරන්නට පටං ගතිමි.. වැඩි කල් නිරීක්ශය කරන්නට හම්බුනේ නැත,.. මගේ සුන්දර කිරි වමනය උගේ වමනේ ගොඩටම පැන්නේ මටත් හොරාය.. නිරීක්ශකයින්ව සිට ඇත
්තේ මා පමනක් නොවන බව පසක් වන්නට වැඩි වෙලා නොගියේ සුද්දාගේ වමනය් උඩ පාවුනු මගේ වමනය මතට නොබෝ වේලාවකින් විවිධාකාර ලාක්ෂනික පැහැයන්ගෙන් සහ සුගන්ධයන්ගෙන් සපිරි වමනයන් රැසක් පතිත වීමය…. එදා නං වමනයා අපි හැමෝටම වගේ බෝ උනේය.. හැබැයි වෑන් අයියාට එදා නම් අපේ දෙම්වපියන් නිරතුරුවම සිහිවන්නට ඇති බව මට හැඟී යන්නේ දැන්ය.. කෙසේ නමුත් සුද්දාගේ අභිමානය මා ඉදිරියේ දියකර හැරියේද ඒ වමනේමය.. ඉතින් වමනය සුන්දර නොවන්නේ යැයි කෙසේ නම් මට කිව හැකිද ? වමනයහි ඇති ප්‍රභේද අතර කිරි වමනයට අමතරව “වැනෙන කුක්කු වමනය” ද ප්‍රධානම
තැනක් ගන්නවා පමනක් නොව සමාජය තුළද කතිකාවතක් ඇති කරවන්නට එය සමත්ව තිබේ.. කුක්කු සහ වැනෙන කුක්කු අතර වෙනසද ඇතමෙකු නොදන්නේය… කෙසේ නමුත් කුක්කු බොන්නේ කිරි පස්සපයෝය.. වැනෙන කුක්කු බොන්නේ ලොකු සප්පයෝය..වැනෙන කුක්කු බිව් ලොකු සප්පයෝ වැනි වැනි දාන්නේ නන්ස්ටොප් වමනේය.. වැනෙන කුක්කු බිව් පසු ඇති වන හිසේ කැක්කුම බඩේ දැගලිල්ල වැනි අක්‍රමිකතා වලට සහනය දෙන්නේ මේ වමනේමය.. ( අසා දැනගත්ත අන්දමට :P ) මේ වමනය ලොව ඇති අසීරුම වමනය වේ.. ආතල් එකේ වැනෙන කුක්කු වලට වගකියන රා කල සොලොසක් බිය හැකි හස්තිරාජයෙකු මෙන් ලොරි ට
ෝක් දෙන වැඩ්ඩන් මේ වමනය ඉදිරියේ අසරණ වෙන හැටි මං තුමා කොතෙකුත් දැක ඇත.. “ඇයි බං ඉවරකරන්න හදන්නෙ තාම පටංගත්ත විතරනෙ අපි” , “මෙහෙම බිව්ව එවුන්ද ඩෝ අපි” , “ අඩෝ ආ ඉදා සල්ලි තව බෝතලයක් ගෙනෙං “ යනුවෙන් මොහොතකට කලින් පිටවුනු ලොරි ටෝක් “අනේ ඇයි මට පෙව්වෙ බං” , “අනේ අපේ අම්ම මට කිව්ව බං බොන්න එපා කියල බං”, “ අනේ මාව දාල යන්න එපා බං මට වමනේ යනව බං” , “ මං නං ආයෙ ජීවිතේට බොන්නෙ නෑ බං” යනුවෙන් අසුරුසැනයකින් වෙනස් කිරීමේ හැකියාවක් මේ වමනයට ඇති බව මා සැබවින්ම අනන්තවත් නිරීක්ෂනය කර තිබේ.. ඒ නිරීක්ෂනය අත්දැකීම
ක් බවට පත්වේදෝයි මේ ලියන්නාටද යම් චකිතයක් නැතිවා නොවන මුත් “තම තම ණැන පමනින් දැන් ගත යුතු බව ලියන්නා අදහයි” :D කෙසේ නමුත් ලොරි ටෝක් සමඟින් වැනෙන කුක්කු බොන එකී වැඩ්ඩන් මේ ලියන්නාගේ “මද පමන” ඉදිරියේ ඇද වට්ටන්නට තරම් සමත්කම් කියන මේ වමනය සුන්දර නොවේ යැයි මෙකී ලියන්නා වන මාහට කිව හැක්කේ කෙසේද ? ඔලුව කැක්කුමක් බඩේ අමාරුවක් උනක් ඇති දවසක වමනය දැමූ විට ඇති වන පහසුව කියන්නට වචන උවමනා නැත්තේය.. ඔබේ අත්දැකීම් පමණක් හොඳටෝම ඇතිය.. බැරිම තැනක ගිරියට ඇඟිල්ල ගසා හෝ වමනය දාන්නේ ඒ නිසාය.. උගුරේ යමක් හිර වූ විට
බඩට යම් විශක් ඇතුලු වූ විට එය එලිය අරන් දෙන්නේද මේ සුන්දර වමනේමය.. එය එසේ වන විට වමනය යනු අසුන්දර දෙයක් කියා මට පමනක් නොව ඔබට කිව හැකිවන්නේ කෙසේදැයි මා හට නම් නොතේරෙන්නේය .. කතාව පොඩ්ඩක් මගේ අත්දැකීම් වලින් එහාට ගෙනගොස් මෙම ලිවිල්ල නතර කර දමන්නට සිතමි.. කතාව ආරම්භයේදී වමනය ජීවිතය ට වඩා වටින බව මම ඔබට කීවෙමි… මේ සැරසෙන්නේ ඔබ ඉදිරියේ එය එසේ වන්නේ කෙසේදැයි ඔබට කියන්නටය සාමන්යෙන් වැනෙන කුක්කු කේස් එක අමතක කළ විට වමනය හා වැඩි ඇඟෑලුම්කමක් දක්වන්නේ පිරිමින්ට වඩා ගැහැනුන්ය.. අපෝ ඊඊඊඊඊඊඊ‍යා කියන්න බලාගෙන
ඉන්නේද මේ ගෑනුන්මය :D වමනය කියන වචනය දැන් භාවිතයෙන් ඈත්වෙන්නට පටං අරං තිබේ .. ආරම්භයේදී කිව් ලෙසින්ම කොල්ලන් කබා , කබරයා යන සුරතල් නාමයෙන් හඳුන්වන්නේය.. නමුත් පොශ් කෙල්ලන්ට වමනය වොමිටිංය.. “අනේ මට නිකං වමනෙ යන්නෙ වගේ “ යැයි කිසි කෙල්ලෙක් කියන්නෙ නැත.. “අද මට නිකං වොමිටිං වගේ මෙයා , වට් ටු ඩූ මොනව කරන්නද කියල මෙයා “ යනුවෙන් කෑම කන තැන උවත් දෙනෝදාහකට ඇහෙන්නට කියන්නට තරම් එය පොශ්ය.. ඒ ඈයොන්ට වමනය අප්‍රියජනක දෙයක් වූවාට වොමිට් නම් අතිශය සුන්දරය :D කෙසේ නමුත් ගෑනු ළමෙක් අමුතුවට වමනෙ දාන්නේනං ඒ ඇත්ති
ගෙ මෑනියන්දෑට නොදැනිම වගේ හීන් දාඩියක් දාන එක සාමන්‍ය දෙයකි.. නමුත් කෙල්ලගේ තරම දන්නා මෑනියන්ලාට හීන් දාඩියට අමතරව මහ දාඩියද දාන්නේය .. “උඹ මුකුත් නරක දෙයක් වත් කෑවද බං කෙල්ලෙ” යනුවෙන් මුවින් පැවසුවද ඈගේ හිතින් වර නගන්නේ “දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මේ යකෝ කාත් එක්ක හරි හැ&@*)වත්ද දෙයියනේ යනුවෙනුයි.. එකී වමනය නොනවත්වා සති ගනං ඉදිරියට ඇදෙන්නේ නම් ඉතින් සිරාවටම බඩු බනිස් වී තිබෙන්නට පුලුවන… එසේ වූ විට ඉතිං වහ කුප්පියක , ගහක එල්වනු ලෑබූ කබයක, දුම්රිය පීල්ලක හෝ ගඟක මුහුදක පහස හොයාගෙන යන්නේ දෝනියන්දෑ පමනක
් නොව එකේ දෝනියන්දෑව මෙලොවට ජාතක කල මාපිය යුවලත්ය.. එසේ බලනකල පළමු වෙඩි මුරය පත්තු කල මේ වමනය ජීවිතයකටත් වඩා නොවටින්නේද ? කෙසේ නමුත් ඔය කාරණයෙහි අනිත් පැත්ත හෙවත් ඉන්වර්ස් ක්‍රියාදාමය (ප්‍රතිලෝමය) සිදුවන්නේ කෙල්ල කසාදයක් බැඳගත්තාට පසුවය.. අන්න එවිට නම් වමනය සුන්දර වන්නේ ලියන්නාට පමණක් නොවේය. එකී කෙල්ලගේ සමස්ත ඥාති සනුහරේම පුල පුලා බලා සිටින්නේ ඒ කෙල්ල වමනය දාන තුරුය.. කෙල්ලට බඩේ අමාරුවක් හැදී වමනය ගිය විටද නැන්දම්මා දුවගෙන විත් වමනෙ ගොඩට පනින්නේය.. “දෙයියන්ගෙ පිහිටෙන් පුතෙක්ද දුවෙක්ද දන්නෙ නෑ නේ
ද දුවේ?” යනුවෙන් එකී කෙල්ල මවක වන්නටත් කලියෙන් නැන්දම්මා ආච්චී වී හමාරය :3 තත්වය දරුනු වන්නේ අවුරුද්ද දෙක තුන ගතවීගෙන එනවිටත් වමනෙ නොදැම්මොතින්ය… එවිට මෙලොව පවතින වටිනාම දේ වන්නේ වමනේමය.. වමනේට එන්නෙම නැත්නම් අහලපහල හිත්මිත්‍රාදීන්ගේ උදව් ඇතිව වමනය දැමීමට ඇයට සිදුවන්නේ එනිසා වන්නට ඕනෑය.. අඹුසැමි ජීවිතයේ ආරවුල් , නැන්දම්මා ලේලි සමග ඇති වන යුධමය වාතාවරන හා අවසානයේ උසාවියක ගොනුවන දික්කසාද නඩුවකට වගකියන්නට සිදුවන්නේද මේ ආදරණිය වමනයාටමය.. එකී වමනයාගේ වටිනාකම මෙතකැයි කිව නොහැක්කේ කාහටද ? ඉතින් හිතවත්
පාඨකය… මේසා විශාල කාර්ය භාර්යක් කරන , මේසා වැදගත්කමක් ඇති සුන්දර දෙයකට ඔබ මෙතරම් පිළිකෙව් කරන්නට දෙයක් නැති බව දැන් ඔබටම ශපථ වී හමාරය.. එසේ නම් මේ උදා වී ඇත්තේ ඒ සුන්දරවූත් රමණි‍ය වූත් වමනයාට ආදරය කිරීමට කාලයයි.. ඔබගේ සිතිවිලි වෙනස් කරන්නට කාලයයි.. ඔබ සැමට වමනයේ මිහිරියාව නුදුරේම විඳගැනීමට ලැබේවා !!! :D උපේක්ෂා January 22, 2016 at 9:00 AM මමත් වාහනවල පිටිපස්සේ ගියොත් ඉතින් බඩුම තමයි. 'හෝටලේ' කියල අපේ ගෙදර උන් මට නම්බුනාමයක් දීල තිබ්බ. ඉස්සරහ උනත් වංගු නම් හෝටලේ අරිනවා. සමී January 23, 2016 at 10
:23 AM හලෝ හෝටලේ :D උඩ රට පැත්තෙ එහෙම යන්ටම බැරිව ඇති මයෙ හිතේ :D උපේක්ෂා January 25, 2016 at 9:32 AM අනේ මේ..... ඔයත් ඉතින් හෝටලේ නේ?? ඒ පැත්තේ යනකොට එක්කෝ ඉස්සරහම සිට් එකකට පනිනවා. නැත්තම් ජනෙල් ඇරගෙන යනවා. එහෙමත් නැත්තම් නිදාගන්නවා. එකක්වත් හරි ගියේ නැත්තම් තරහකාරෙක් ගාව වාඩිවෙනවා. හි හි Praසන්ன January 22, 2016 at 9:34 AM යකෝ බලාගෙන ගියාම වමනෙ කියන්නෙ සමාජ කතිකාවතක් ඇතිකරන්න තරං දෙයක්නෙ. //( අසා දැනගත්ත අන්දමට :P )// අපි නොදන්න ෆුට් බෝල්. හැක්... සමී January 23, 2016 at 10:24 AM එව්ව ඉතිං අප
ිම හොයාගෙන කියන්න ඕනි :D ඕකනේ ඉතිං බැරි .. :( අහල දැනගත්ත කිව්වට කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ :( විචාරක Wicharaka January 22, 2016 at 1:15 PM වමනේ ගැන මිහිරි මතක අපමණයි. කිව්වොත් මා වැනසෙයි. නොකියාම නොහැකි නිසා එකක් කියමි. මගේ චූටි දුව ළදරු අවධියේ සිටියදී, මා ඇඳෙහි දිගාවී, ඇය ඔසවා මගේ මුහුණට උඩින් අල්ලා, හුරතල් කරමින් හිටියා. අපරාදේ කියන්න බෑ මගේ මූණ වැහෙන්න කිරි වමනේ පාරක් දැම්මා, පොඩි එකී. සමී January 23, 2016 at 10:26 AM ආ ඔය වගේ සීන් ගොඩාක් ඇමරිකාස් ෆනීස් හෝම් වීඩියෝස් වල පෙන්නුවා.. :D ළමය ඉහළ
ට උස්සල මූන දිහෑ බලල හුරතල් කරනකොට බබා දෙනව වැඩේ හිටු කියල :D Helapa kade January 22, 2016 at 4:05 PM දොරකඩ වමනෙ යන එක ගැන කිව්වෙ නෑනෙ බං. සමී January 23, 2016 at 10:31 AM අනේ හැලපයියේ ඒම කතාවක් අහල නෑනේ.. කියල දෙන්ටකෝ ඩ්‍රැකී January 26, 2016 at 9:46 AM ඒක නිකං දොරකඩ අස්න වගේ එකක් වෙන්නැති? Anonymous January 22, 2016 at 7:10 PM Liyanda deyak nathnam noliya hitapan, jarakatha liyanne. සමී January 23, 2016 at 10:32 AM අඟහරුවා. January 22, 2016 at 9:41 PM ආපෝ වමනේ.. මමත් ඔය දුර ගමනක් බස් වල එහෙම ය
න්නෙම නැත්තේ ඕක නිසා තමා. රත්නපුරේ ඉන්නවා අපේ නැන්දා කෙනෙක්. එහෙ ඉතිං කෝච්චි නෑ නේ. මම කරන්නේ, උදේ කෝච්චියෙන් නුවර යනවා. එතකොට කෑම එක ලාවට සෙට්ල් වෙලා. ගිහිං, නුවර පැය භාගයක් වගේ ඇවිදලා, නගිනවා අවිස්සාවේල්ල බස් එකකට. එතනින් බැහැල තව විනාඩි 10ක් වගේ ඉඳලා තමා රත්නපුරේ බස් එකකට නගින්නේ. මම නම් ස්කුල් වැන් ඒකෙ වමනේ දැම්මේ එහෙමත් වෙලාවක. ඒක නම් කොහොම හරි තද කරගෙන හිටියා. එකක් මම නගිනකොට වැන් ඒකෙ ඉතුරු වෙලා තියන්නේ දොර අයිනේම සීට් එකක්. ඉතිං ජනේලෙත් මගේ ගාවමයි. ඒ නිසා හුලං එහෙම හොඳට වදිනවා. කෝච්චියේ ය
නකොට නම් මම කවදාවත් වමනේ දාලා නෑ. එකයි මම පුළුවන් හැම වෙලාවේම කෝච්චිය පාවිච්චි කරන්නේ. අපේ දුමී අයියා ලියල තිබ්බා වමනේ ගැන හොඳ කතා ටිකක්. ගිහිං බලන්නකෝ. විචාරක Wicharaka January 22, 2016 at 10:01 PM ඇයි යකෝ නුවරින් ඇඹිලිපිටිය, බලංගොඩ, කතරගම, බස් තියෙන්නේ ඕනේ තරම්. ආයේ මොකටද අවිස්සාවේල්ලෙන් බහින්නේ. Praසන්ன January 23, 2016 at 9:50 AM එහෙම නැග්ගොත් මුට ඇහැලියගොඩ හරියට විතරයි එන්න වෙන්නෙ. හැක්.. සමී January 23, 2016 at 10:33 AM :D :D කෝච්චියේ යනකොට කාටද බං වමනෙ යන්නෙ :D බස් එකේ වමනෙ නොගියත් කෝච්චි
යක හිටගෙන යන එක සැපයි බස් එකේ ඉඳගෙන යන එකට වඩා අඟහරුවා. January 24, 2016 at 6:47 PM විචාරක- ආපෝ ඕවයේ යන්න නම් උදේට කන්නේ නැතුව එන්න ඕනේ. බඩගින්නේ යන්න බෑ.. Narthana Jananjaya January 22, 2016 at 11:55 PM ඒකිට වමනේ යයිද කියල බොක්ක කුල් වෙලා බලන් හිටියා බන් මන් :/ ඒ ගැන බය වෙන්ඩ කාරි නෑ සුද්දා... උඹ කවදාවත් ඒ ගැන බය තියාගන්න එපා :D කතාවේ අග හරිය කියවද්දි සූටි කාලෙ ඉගෙනගත්ත රබර් නයා ඉන්න සින්දුවත් මතක් වුනා.මන් හෙන ගේමක් දීලා ඒ කාලෙ රබර් නයා කියන්නෙ මොකේටද කියලා දැනගත්තෙ සමී January 23, 2016 at 10:
36 AM ආ අර කිරි වමනෙ කරපු රබර් නයා ද ? :D Dinesh January 23, 2016 at 1:58 AM යකඩෝ ඒකත් ලේසි පහසු දෙයක් නෙමෙයි බලාගෙන යද්දී නේ. ලේසියෙන් සහ පහසුවෙන් කවුද බං අයියෙ වමනෙ කරන්නෙ :D වමනෙ කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමේ :D Podi Kumarihami January 23, 2016 at 9:56 AM මේක කියවලා වමනේ යන්ට ආවා...:D:D සමී January 23, 2016 at 10:38 AM පොඩ්ඩිගෙ වමනෙ දාන්ට කලින් බලන්ට මදරින් ලෝ ලඟද කියල :D සු දී ක January 25, 2016 at 4:09 PM ඒකනම් නිකම් වෙන්න බෑ. P නාඩියා නාඩිරත්න January 24, 2016 at 9:50 PM පිස්සු බම්ප් වෙන වැ
නෙන කුක්කු වමනේ කතාවක් තියනවා. කියම්දෝ නොකියම්දෝ කියලා කම්පනා කළේ.... ඩ්‍රැකී January 26, 2016 at 9:48 AM ලිහයං ලියහං... Dude January 25, 2016 at 10:26 AM වමනය ගැන ලියවුනු සාරගර්භ ම ලිපිය මේක වෙන්න ඕනේ. කුරුටු ගෑ ගී පවුර January 25, 2016 at 4:10 PM වමනේ යන ලිපියක් නොවැ............ සු දී ක January 25, 2016 at 4:14 PM //මද පමණට// අහු වෙයන්කෝ මෙදා පාර //අද මට නිකං වොමිටිං වගේ මෙයා , වට් ටු ඩූ මොනව කරන්නද // මේක කිව්වම අපේ ඒ ලෙවල් කාලේ උගන්වපු නන්දා ටීචර්ව මතක් වෙනවා. එයා කියන්නේ කවදාවත් කෙල්ලෝ කෝ
ච්චියේ යන්නේ නෑ, එයාලා යන්නේ ට්‍රේන් එකේ කියලා. අපිටත් ඒ වගේ ඉංග්‍රීසි පුරුදු වෙන්න කියලා එයා කිව්වේ. සිංහ මචන් February 4, 2016 at 6:02 AM වමනේ ගියාට පස්සේ ඇගේ පතේ අමාරු හොදයි නේ.. වැසි දැරිය February 5, 2016 at 9:34 AM නොදකිං බං සමී අය්යේ.. මොකටද මේවගේ දහජරා ලිපි ලියන්නෙ.තව පොඩ්ඩෙන් මටත් වමනේ යනවා මේක කියවලා..)) Ajith Dharma February 7, 2016 at 9:28 PM මට මිස් වෙච්ච බ්ලොගයක්. වමනය ගැන කොච්චර හොඳට ලියල තියනවද කියනවා නම් භාගයක් දුර සුද්දගේ හරියෙන් කියවීම නතර කලා. වමනේ යන්න එනවා. :) ආවාටය aWaaTa
Ya: ගූ - බෝම්බය................යුසර් මෑනුවල්...... රොබින්May 1, 2011 at 7:16 PM:D :DReplyDeleteබීටාMay 1, 2011 at 7:18 PMඈක්කා හිතෙන බෝම්බයක්....සිස් මොනවා උනත් පට්ට ඈReplyDeleteඅසoකMay 1, 2011 at 7:31 PMරොබින් - හිකිzzzzzzzzබීටා - ආකාර 3නකින් සතුරාට පහර දෙන ගූ- බෝම්බය......හිකිzzzzzzzReplyDeleteprasanna86kMay 1, 2011 at 7:36 PMවෙලටක ටැස් කොරලා බලන්න ඕනේ....ReplyDeleteරංග - මගේ ලෝකයMay 1, 2011 at 8:17 PMපට්ටReplyDeleteපිස්සු පුසාMay 1, 2011 at 8:22 PMසොක් බොම්බයක් නොවැ.. බැරැක් අයියට එහෙම කියනවා
නෙමේ .. ලංකාවේ තෙල් මතු උනොත් ඔවයින්ම දෙයි සොට් එක..ReplyDeleteඅසoකMay 1, 2011 at 8:37 PMprasanna86k - අනිවා බලපන් ටෙස් පාරක් දාලා...රංග - ටෑන්කු කීවා රංග අයියා......පිස්සු පුසා - සිරාවට බන් බෑරෑක් කාරයා දෑනගත්තොත් අනිවා මෙක හදලා අපිටම ගහනවා.හෑබෑයි මිනිහට පිරිසිදු ගූ(H) සමස්තානිකය ඉන්දියාවෙන් වගේ ගන්න වෙනවා...හිකිzzzReplyDeletebuwaMay 1, 2011 at 8:57 PMමාත් වෙපන් එකක් හොය හොය හිටියෙ ..මේක නම් මරුReplyDeleteවැප්May 1, 2011 at 9:18 PMහික් ෆට්ටයෑReplyDeleteJHOTHISHALANKAMay 1, 2011 at 10:02 PMඇත්ත
ටම මේකනම් මාරාන්තික ආයුධයක්ReplyDeleteඅළුත් කොල්ලාMay 1, 2011 at 11:37 PMහිරිකිතය නමුත් අත්දු‍ටු ප්‍රතිපල දැකගත හැකReplyDeleteShammika N. AbeysingheMay 1, 2011 at 11:52 PMGood for Banku Moon.ReplyDeleteඅසoකMay 2, 2011 at 12:37 AMbuwa - මෙක නම් බොහොම බයානක ආයුදයක් බරිම තෑන පාවිච්චියට තියාගනින්....වැප් - තෑන්කු අය්යා....JHOTHISHALANKA - නෑතුව නෑතුව....නෑකත බලලා හිරියට දුන්නොත් බඩුම තමයි..අළුත් කොල්ලා - මොකෑ බන් හිරිකිත.....ඌරන්ට මොන සෞක්කයද බන්...Shammika - ඔව් ඔව් මිනිහට ඔකෙන් එකෙක් වෑදුනොත හද සහ
තරු පෙනෙයි...හිකිzzzzReplyDeletePraසන්னMay 2, 2011 at 2:24 AMයකෝ හිරෝෂිමා නාගසාකි වලට දාපු ඒව මොනවද මේවනෙ බඩු.ReplyDeleteහිස් අහසMay 2, 2011 at 5:46 AMඔය රසායන ද්‍රව්‍ය සොපින් බෑගයකට පිරවීමෙන් අත් බෝම්බයක් සාදාගත හැකිද ?ReplyDeletekassaMay 2, 2011 at 7:32 AMමේ පැත්තෙ නම් පොල්තෙල් වෙනුවට දාන්නේ කලුතෙල්.පාටත් එතකොට තදට එනවනේ.ReplyDeleteDineshMay 2, 2011 at 8:06 AMමෙකත් ඇමරිකාවෙන් ඇවිත් හොරකම් කර යයිද දන්නෑ ලිබියාවට දාන්න..ReplyDeleteඉන්දිකMay 3, 2011 at 3:42 AMඑළයැ..අනර්ගයැ..!ReplyDeletenawammawa
thaMay 3, 2011 at 4:34 AMඔය ලාඩංට හැහැව්වෙත් මෙයිං එකකින්ය කියනවනෙ. බුවාගෙ ගෙදර බිත්තියෙත් ඇමරිකං කාරයො ගොහින් ගෑවලු. රෑ දෙගොඩ හරියෙ මොකාද යකෝ බය නැතුව දොරකඩ රෙන්නෙ කියල ලාඩං සරමත් උස්සං ආවලු දොරකඩට. ඒ ආව ආවමයි. හැංගිලා උන්න ඉස්නයිපරයෙක් දුන්නලු පාර උන්දැට. ඕං බංකර් බ්ලාස්ටර් දාලවත් එලියට ගන්න බැරි වෙච්ච ලාංඩං එලියට ගත්තු බඩ්ඩ.ReplyDeleteජයශ්‍රීMay 5, 2011 at 10:43 AMගූ නමැති මූලද්‍රව්‍යෙය් පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි කියන්න පුලුවන්ද?ආවර්තිතා වගුව මුල සිට අගටත් අගසිට මුලටත් බැලුවා හොය
ාගන්න බැරි උණා.ReplyDeleteAnonymousMay 5, 2011 at 10:26 PMඅබේසුන්දරගෙන්ද ඉගනගත්තෙ????ReplyDeleteBDMay 9, 2011 at 1:08 AMහික් හික්...!ReplyDeleteAnonymousMay 28, 2011 at 6:53 AMane huke ban... uba nikan gu bettakReplyDeleteයසයාJanuary 16, 2012 at 12:33 AMහිකිස්.. මමත් හදනව ඔයවයින් එකක්.. :D :PReplyDeleteවර්ණාMay 8, 2012 at 2:31 AM:pReplyDeletemee godayaMay 8, 2012 at 3:35 AMමචං හැංගියන් අන්න මේක ආරන්චිවෙලා.. ජපානෙ, රුසියාව, ඇමරිකාව.. උබව උස්සන්න ප්ලෑන් ගහනවා.....පොඩි ප්‍රෂ්නයක්අදාල අමුද්‍රව්‍ය තම
ා විසින්ම සපයාගත යුතුද.. එසේනම් පෙර දිනවල ආහාරයටගතයුතු දෑ මොනවාදReplyDeleteපොඩි මෑන්May 8, 2012 at 7:55 AMස්කෝලෙ යන කාලෙ අපි චූ බෝම්බ හැදුවා.... බාල්දියයි (Ch)*12 වගේ තමයි ඕනෙ...( 12 = වොලන්ටියර්සල 12 බාල්දිය පිරෙන්නත් එපැයි... ) පොල්තෙල් ඕනෙ නෑ සියබලා කොල ඕනෙ නෑ... සල් බාර් එකක් ගෑවත් සතියක් ගඳයි...ReplyDeleteunman thakaFebruary 11, 2014 at 8:48 PMමගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​ReplyDeleteAdd commentLoad more... වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත
් කර ඒ වෙනුවට වෙනත් අයකු පත් කරන ලෙස එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහිදී ජනාධිපතිවරයා කවර තීරණයක් ගනු ඇත්දැයි තමන්ට කිව නොහැකි අතර එජාපෙ ඉල්ලීමක් මත අග්‍රාමාත්‍යවරයා මාරු කෙරෙන්නේ නම් එය ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් එහි වගකීම ජනාධිපතිවරයාට හෝ ශ්‍රීලනිපයට පැවරීම අසාධාරණ බවයි ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ප්‍ර
කාශ කළේ. "එකක් අපි කියන්න ඕනෙකම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දැන් ඔය අගමැති කෙනෙක් පත් කරන කතාවකුත් යනවනෙ ඒගොල්ලොන්ගෙ. ඒකනෙ එයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ. ඉතින් එජාපයේ බහුතරයක් මන්ත්‍රීවරු ඇවිත් ඉල්ලීමක් කරොත් දැන් අපිට මේ අගමැති එපා, වෙන අගමැති කෙනෙක් දෙන්න කියලා ඒකෙ අපට කරන්න දෙයක් නෑ ඒක එතුමාලාගෙ ආණ්ඩුවෙ ඉල්ලීමක්. ආණ්ඩුවෙ ප්‍රශ්නයක්. අපි දන්නෙ නෑ ජනාධිපතිතුමා මොන තීරණයක් ගනීද කියලා. නමුත් ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒකනිසා ඒකේ චෝදනාව ජනාධිපතිවරයාට හෝ අපට එල්ල කිරීම සාධාරණ නෑ" යනුවෙන් මන්ත්‍රීවරය
ා ප්‍රකාශ කළේය. වීරකුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවක් අමතමිනි. වටින් පිටින් ඇහෙන කථා - watin pitin ahena katha: සමහරක්‌ යුවතියන් තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමින්ට ආදරය කිරීමට පෙළඹෙන්නේ ඇයි? සමහරක්‌ යුවතියන් තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමින්ට ආදරය කිරීමට පෙළඹෙන්නේ ඇයි? සමාජය දෙස බලද්දි යුවතියන් තමාට වඩා වයසින් බොහෝ වැඩි පිරිමින්ට ආදරය කිරීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබේ. එම පදනම මත ඇතිවන ආදර සබඳකම් දුරදිග යැම මත, බොහෝ අවස්‌ථාවලදි ඇයට විවාහවීමට සිදුවන්නේද අවුරුදු 10 හෝ
15 ක්‌ වැඩිමල් පිරිමියෙකු සමඟිනි. මෙසේ වයසින් වැඩිමල් පිරිමියෙකුට ආදරය කිරීමට යුවතියන් බොහෝ විට පෙළඹෙන්නේ එකට කාර්යාලයක සේවය කරද්දි හෝ තමා සමඟ නිබඳවම ගැටෙන නැති පිරිමියෙකු සමඟිනි. එයට අමතරව, මෙසේ ඇතිකර ගන්නා පෙම් සබඳතාවක පිරිමියා බොහෝ විට විවාහකයෙකු වීමටද හැකිය. ප්‍රබල මානසික බැඳීමක්‌ බොහෝ අවස්‌ථාවලදී යුවතියන්, තමාට වඩා බොහෝ වයසින් මුහුකුරා ගිය පෙම් සබඳතා ඇතිකර ගන්නේ, ප්‍රබල මානසික බැඳීමක ප්‍රතිඵලයක්‌ ලෙසිනි. එහෙයින් එම යුවතිය සම වයස්‌ තරුණයෙකු සමඟ ඇතිකර ගන්නා පෙම් සබඳතාවකට වඩා, මෙය බොහෝ ප්‍රබල
ත්වයක්‌ පෙන්නුම් කරයි. මන්ද මෙහි පදනම වන්නේ, දැඩි දයාබරත්වයකි. උණුසුමකි. ගොඩනගා ගැනීමට බලපාන හේතු බොහොමයකි. මෙය සහමුලින්ම වැඩිකාලයක්‌ එකට සමීපව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ඇතිවන්නකි. බොහෝ යුවතියන්ට තමාගේ පියාගේ හෝ වැඩිහිටි පිරිමියෙකුගේ දයාබරත්වය හා සමීපබව නොලැබේ. එහෙයින් ඇයව රැකබලා ගැනීමට උපදෙස්‌ දීමට කරුණු අවබෝධ කරදීමට යමෙකු නොවේ. මෙසේ තමාට වඩා බොහෝ වයසින් වැඩි පිරිමියෙකු සමඟින් පෙම් සබඳතාවක්‌ ගොඩනගා ගන්නා යුවතියකගේ පියා ඇයට බොහෝ දුරස්‌ව සිටී. එනම් විදේශගතව සිටීම, දුර පලාතක රැකියාව කිරීම,
පවුලෙන් වෙන්ව ජීවත්වීම හා ඇයට දයාබරත්වයක්‌ නොපෑම මෙම තත්ත්වයට බොහෝ හේතුවේ. එහෙයින් අප සමාජයේ මෙම තත්ත්වය යටතේ ජීවත්වන බොහෝ යුවතියන්ට "පිය සෙනෙහස" අහිමිවීමක්‌ තිබේ. එහෙයින් තමාට වඩා වයසින් වැඩි, නිබඳවම ගැටෙන පිරිමියෙකුට ඇගේ සමීපවීම මූලික වශයෙන්, පියාගෙන් නොලද සෙනෙහස නමුත් තමාට වඩා වයස අවු. 10-15 ක්‌ පමණ වැඩිමල් පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක්‌ ගොඩනගා ගැනීමෙන් යම් යුවතියකට මානසික හා සමාජමය ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවේ. නමුත් මෙවැනි සබඳතා ගොඩනැගීම , තරුණයෙකු විසින් තරුණියකට තමා ආදරය කරන්නේ යෑයි පවසන
්නේ, ඇගේ කැමැත්ත ලබා ගැනීමෙන් ඇතිවන්නක්‌ නොවීම විශේෂත්වයකි. මන්ද මෙම සබඳතා ක්‍රමයෙන් දළු ළා වැඩෙන්නක්‌ වන අතර, එකිනෙකා ආදරයෙන් බැඳි තිබෙන බවක්‌ වැටහෙන්නේද බොහෝ කළක්‌ ගතවීමන් පසුවය. එහෙයින් ළාබාල යුවතියක වයස්‌ගත පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක්‌ ගොඩනගා ගැනීම, ප්‍රබල මානසික ඒකාග්‍රතාවක්‌ ලෙසින් හැඳින්විය හැක. එය සහමුලින්ම එකිනෙකාගේ සිත් හදුනා ගැනීමෙන් ඇතිවන්නකි. එහෙයින් එය සාමාන්‍ය පෙම් සබඳතාවකට වඩා බොහෝ ප්‍රබල බැඳීමකි. යුවතියක, තමාට වඩා බොහෝ වයසින් වැඩි පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක්‌ අපේක්‌ෂා කිරීමකි.
එහෙයින් එම පුද්ගලයාට තොරතුරුකීම, අදහස්‌ විමසීමක්‌, උපදෙස්‌ ලැබීමක්‌ සේම රැකබලා ගැනීමක්‌ සියුම්ව අපේක්‌ෂා කරයි. එය ක්‍රමයෙන් පෙම් සබඳතාවක්‌ බවට පරිවර්තනය වන්නේ, හැඟීම් අතර සමීපබවක්‌ ඇතිවීමෙනි. තරුණයෙකුට වඩා යම් යුවතියකට තමාට වඩා බොහෝ වයසින් මුහුකුරා ගිය පිරිමියෙකුගේ ආදරය ලැබීම, සමවයස්‌ තරුණයෙකුගේ ආදරය ලැබීමට වඩා වෙනස්‌ අත්දැකීමක්‌ බවට පත්වේ. සමවයස්‌ තරුණයෙකු සැමවිටම කෙළිලොල්, ඇයට පාලනය කිරීමට හතිදමන, ඇගේ අවශ්‍යතා ඉටුකර නොදෙන, අනව්‍ය විශේෂිත කමකින් යුතුය. නමුත් යුවතියක අන් පිරිමියෙකුගේ ආදරය බිsඳී
මේදී, එයට තම පියාගේ ආදරයේ කොටසක්‌ද එක්‌ වීම අවශ්‍යය. එනම් පියාගේ රැකවරණය හා පැසුණු බව එම පිරිමියා තුළින් ලැබිය යුතුය. බොහෝ අවස්‌ථාවලදි, තම පියාගේ ආදරය හා සමීපබව නොවිඳී යුවතියක්‌ ආදරය කිරීමේදී එම හිඩැස පුරවා ගැනීමටද උත්සාහ කරන්නීය. සැමවිටම වයසින් මුහුකුරා ගිය පිරිමියෙකු වෙතින් එම අවශ්‍යතාව ඉටුවේ. මන්ද, එම යුවතිය, තමාට වඩා වයස්‌ගත පිරිමියාගේ පැසුනු තැන්පත් බව, බුද්ධිමත් උපදේශයන්, රැකබලා ගැනීම, දැඩි ආදරණීය බව හා සියුම්ව දරන්න ලෙන්ගතුබවට සිත් බැඳගනී. එවිට ඇය පිරිමියෙකු වෙතින් බලාපොරොත්තුවෙන සියලු ගු
ණාංග අයත්වීමෙන්, ඇය ඔහුට සමීපව ආදරය කරන්නේ සියලු නොගැලපීම් අමතක කිරීමෙනි. පිරිමියාටද? එමෙන්ම යම් යුවතියක තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමියෙකුට ආදරය කිරීමේදී, ඔහුට ද එය නව ජීවයක්‌ සපයන්නකි. මන්ද, ඔහුගේ සිතටද එය හැගෙන්නේ, තමාගේ තරුණවියට ගමන්කිරීමක්‌ ලෙසිනි. එහෙයින් ඔහු බොහෝ ආදරයෙන් ඇයව රැකබලා ගනී. ඇයට අවශ්‍ය සියලු දේ සපයන්නේ, ඇය පිළිබඳව නිබඳවම සොයා බලමිනි. කෑමක්‌ බීමක්‌ ගැන සේම ඇඳුම් පැළඳුම් ගැන පවා ඔහු සියම්ව උනන්දුවේ. ඔහුගේ එම ගුණාංගයන්ට ඇයද දැඩිව ඇළුම්කිරීමට පෙළඹේ. නමුත් ළාබාල යුවතියක, තමාට වඩා වයස
ින් වැඩි පිරිමියෙකුට ආදරය කිරීම ගැටළු රැසකට මුහුණදීමක්‌ වීමට හැක. එයින් එක්‌ ප්‍රබල කරුණක්‌ වන්නේ, තරුණයෙකු මෙන් නොව, වයස්‌ගත පිරිමියෙකුගේ ආදරය ලිංගිකත්වය සමඟින් සිදුවන්නක්‌ වීමය. මන්ද ඔහුට එම අත්දැකීම හා වින්දනය හුරු වූවකි. එහෙයින් එම සබඳතාව, ලිංගිකත්වයද පදනම් වූවක්‌ වීමෙන් එක්‌ පැත්තකින් බැදීම ප්‍රබලවීමක්‌ සේම, අනෙක්‌ පැත්තෙන් එයින් මිදීමට ඇයට නොහැකි වේ. ඇය දැඩිව එම සබඳතාවට ප්‍රියවීමක්‌ද සිදුවේ. වරද තේරුම් ගියද? එහෙයින්, මෙවැනි සබඳකමක පැටලැවෙන යුවතිය තමා අතින් සිදු වූ වරද තේරුම් ගියද, ඔහුගෙන්
ඈත්වීමට නොහැකි වන්නේ, අන් විකල්පයක්‌ද නොවීමෙනි. එයට අමතරව දෙදෙනා දැඩිව බැඳී සිටීමෙන්, ඇයගේ සිතටද ඔහුට සමාන විය හැකි පිරිමියෙකු හමු නොවේ. බොහෝ විට එසේ ඇය පෙම් සබඳකමක්‌ ඇතිකර ගන්නා වයස්‌ගත පිරිමියා විවාහකයෙකු වීමද සාමාන්‍ය දෙයකි. එවිට ඇය තවත් අසීරුවට පත්වන්නේ, සමාජමය දෝෂාරෝපණද සමඟිනි. එහෙයින් බොහෝ අවස්‌ථාවදී මෙවැනි යුවතියන්ට මුළු ජීවිතයම හුදකලාවීමට හෝ ඔහු සමඟ විවාහවීමට සිදුවේ. ඇය සියල්ලෙන්ම මිදීගොස්‌ අන් විවාහයක්‌ සිදුකර ගත්තද, එම ආදරය තමා පෙම් කළ පැසුනු පුද්ගලයාගේ ආදරයට සමාන නොවීමටද හැකිය. එය ඇගේ
මනසට දැඩිව බලපානු ඇත. ආදරය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින්, තමාට වඩා වයස්‌ගත පිරිමියෙකු සමඟ විවාහවීමද යම් යම් ගැටළු ඉස්‌මතුවීමට හැක්‌කකි. උදාහරණයක්‌ ලෙසින් අද වයස අවු. 25 ක යුවතියක්‌ 40 හැවිරිදි පිරිමියෙකු සමඟ පෙම් සබඳකමක්‌ හේතුවෙන් විවාහ වෙද්දි, වර්තමානයේ දෙදෙනාම සිටින්නේ, යෞවනයට අයත් වූවන් ලෙසිනි. පෙනුමක්‌ හා සවියෙන් ඔහු ඇයට බොහෝ ගැළපේ. නමුත් ඇය තමාගේ වයස අවු. 38 ක පමණ සීමාවට එද්දි, ඔහු 53 හැවිරිදිය. එවිට ඔහු සිටින්නේ මැදිවියේ පිරිමියෙකු බවට පත්ව රෝගීවීම, ශක්‌තිය හීනවීම් හා පෙනුමෙන් වයස්‌ගත වූවෙකු
ලෙසිනි. එය ඔවුන් දෙදෙනා අතර ගැටළුවක්‌ ඇතිකළ හැක්‌කේ වයස අවු. 38 යනු, ගැහැනියකගේ ජීවිතයේ උපරිම කායික හැගීම් සහිත යුගය වීමෙනි. එයට අමතරව වයස්‌ගත පෙනුම මත ඒ වනවිටදි, ඔහු ඇයට ලැඡ්ජාවක්‌ හෝ නොගැලපීමක්‌ පෙන්නුම් කිරීමට හැක. මෙහිදී ඔවුන් දෙදෙනා කායික හා මානසික වශයෙන් දුරස්‌වීමකට ලක්‌වීම, ඔවුන්ගේ විවාහයේ බැඳීමද දුර්වල කරන්නකි. දරුවන්ගේ පැත්තෙන් බැලුවිටදීද, ඔවුන්ටද තම පියාගේ වයස්‌ගත ස්‌වභාවය මානසික ගැටළුවක්‌ යෑයි පැවසීමටද හැක. පසුව තේරුම් ගැනීම නමුත් මෙම වෙනස්‌කම් ඇය අත්දකින්නේ බොහෝ කළකට පසුවය. එතෙක්‌ ත
මාට වඩාත්ම ආදරය කළ සුන්දර මිනිසා ලෙසින ඔහුව දකී. එහෙයින් සෑම යුවතියකම පාහේ පෙම් සබඳතා අරඹද්දි, එහි අනාගතය හා පැවැත්ම පිළිබඳව සිත යොමු කළ යුතුවේ. මන්ද, මඟ වැරදි යැම් යුවතියකට නිවැරදි කර ගැනීම බොහෝ අසීරුය. සෑම විටම සමාජය බලා සිටින්නේ, යුවතියකගේ සබඳතා සම්බන්ධයෙන් දොස්‌ පැවරීමට හා අවමං කිරීමටය. නමුත් තමාගේ ජීවිතයේ වූ විවිධ හිඩැස්‌ පුරවා ගැනීම හා ඌණතා මත ආදරය යහතින් විඳීමට හැකි සම්පත් කෙරෙහි ඉඩ ඇල්ලීම යුවතියකගේ සිතේ ස්‌වභාවය වීමට හැක. එය ඇගේ පැත්තෙන් යම් සාධාරණයක්‌ තිබුණද, පසුකාලීනව ඇගේ ජීවිතය පැත්තෙ
න් වරදක්‌ වීමට හැක. Posted by snooper at 1:32 PM Labels: affairs, love, male, sex, women, කාන්තා, කායික සම්බන්ධතා, දික්‌කසාද, විවාහ buwa April 16, 2011 at 2:04 PM මේ මට හිතෙන දෙයක් හරිද මන්ද ...අවුරුදු 53 දිත් සමහර පිරිමි හොඳ ජව සම්පන්න පෙනුමකින් යුක්ත වෙනව , තම්න්ගේ ශරීර සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත්වෙන ගොඩ දෙනෙකුට එහෙම ඉන්න පුලුවන් , වයසින් බාල බිරිඳක් කියන්නෙ පිරිමියෙක් තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් හිතන්න යොමු කරවන්නක් ඒ නිසා අවුරුදු 15 ක වෙනස නම් ගැටලුවක් නැතිවෙයි , නමුත් අවුරුදු 20 ක් හෝ ඊ
ට වඩා පරතරයක් නම් ගැටලුවක් ඇතිවෙයි උණවටුන Rock Fort - සොදුරු නවාතැන් උණවටුන Rock Fort 2016-07-26 11:54:00 ★&nbsp713 අපේ රටේ අති සුන්දර වෙරළ තීරයන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ උණවටුනයි. දෙස් විදෙස් සංචාරකයන්ට ගමනා ගමන පහසුව සහ ඉතාමත් ඉක්මනින් සංචාරක ස්ථාන රැසක් නැරඹීමට ඇති හැකියාව නිසාත් තමාගේ විවේකය ගත කිරීමට සුන්දර උණවටුන වෙරළ තීරයට යාමට අමතක කරන්නේ නැහැ. උණවටුන පරිසර අසිරිය විඳ ගැනීමට සහ සොබා සිරියෙන් අනූන නවාතැනක තම විවේකය ගත කරන්නට කැමැත්තෙන් සිටින ඔබට ඉඟියක් දෙන්නටයි මේ සූදානම. උණවටුන මුහුදු
තීරයට මුහුණලා ඕලන්ද ගෘහ නිර්මාණ ආශ්‍රයෙන් කොටු පවුරක් ලෙස කළු ගලින් නිමවී ඇති Rock Fort (රොක් ෆොර්ට්) හෝටල් පරීශ්‍රය ඇස ගැටූණු වහ ගාලූ කොටු පවුර ඔබේ මනසේ ඇඳනු නිසැකය. පරිසර සංචාරකයන් පිනවීම වෙනුවෙන්ම ඉඳි වී ඇති සේම උණවටුන ප්‍රදේශයේ උස්ම ස්ථානයක ඉඳිකොට තිබෙන අවන්හලද සතු වන්නේද Rock Fort (රොක් ෆොර්ට්) සොඳුරු නවාතැනටය. කොළඹ සිට පැයක ගමනකින් මෙම නවාතැන්පොළට ළඟා වන්නෙකුට හොටල් කාර්ය මණ්ඩලයෙන් ලැබෙන හෘද්‍යාංගම පිළිගැනීම සහ උණුසුම් සංග්‍රහය විවේකය තව තවත් සුව පහසු ලෙස ගත කිරීමේ හැකියාව ඔබට මනාව ලෙස පැ
හැදිලි වේ. ඔබ පරිසරයට ළබැඳි සංචාරකයෙකු නම් Rock Fort (රොක් ෆොර්ට්) සිට මඩොල් දූව, මාර්ටින් වික්‍රමසිංහ කෟතුකාගාරය, තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව, කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන, යටගල විහාරය සහ ගාලු කොටුව වැනි ‍ඓතිහාසික වැදගත්කමින් යුතු ස්ථාන මෙන්ම තවත් සුන්දර ස්ථාන රැසක වින්ඳනීය අත්දැකීම් ඔබ සතු වෙයි. නවීන ගෘහභාණ්ඩ වලින් නිමැවී ඇති සුඛොපභෝගී කාමර 20කින් සමන්විත මෙම Rock Fort (රොක් ෆොර්ට්) හෝටලය සංචාරකයන්ගේ සුව පහසුව තකා තවත් කාමර 11 ඉඳි කිරිමට මේවනවිටත් සැලසුම් කර තිබේ. ඕනෑම මාදිලියේ උත්සවයක් ගත හැකි ලෙ
ස නිර්මාණය වි ඇති උත්සව ශාලා වෙනුවෙන් මේ වන විටත් ඔවුන් විශේෂ වට්ටම් හඳුන්වා දී තිබේ. ඒ අතර ලබන වසරේ තම විවාහය සැලසුම් කරන යුවළකට මේ වසරේ නොවැම්බර් මාසයට පෙර මෙම හෝටලය තම උත්සවය සඳහා වෙන් කර ගන්නේ නම් ඔවුන්ට 10% විශේෂ වට්ටමක් ලබා දීමට හෝටල් කාර්ය මණ්ඩලය සූදානම්ය. විවේකිව ගත කරන්නට ඔබ තෝරා ගන්නා Rock Fort (රොක් ෆොර්ට්) සොඳුරු නවාතැන්පොළේ ප්‍රණීත ආහාරපානවල ප්‍රමිතිය පිළිබඳ විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ඔවුන් අතින් සැකසෙන කිසිදු ආහාරපානයට කිසිදු රසකාරකයක් යොදා නොගන්නා නිසාය. එම නිසා කෘත්‍රිම රසකාර
ක පිළිබඳ කිසිදු බියකින් තොරව දෙස් විදෙස් ආහාර පාන රැසක රස බලන්නට ඔබට අවස්ථාව උදා වෙයි. ඔබේ විවේකි සමය ඔබට රිසි සේ ගත කරන්නට දැනටමත් ඔබ Rock Fort (රොක් ෆොර්ට්) සොඳුරු නවාතැනට ගොඩ වන්නට සැලසුම් කරන්නේ නම් http://www.rockfortunawatuna.com වෙබ් අඩවිය ඔස්සේ තවත් තොරතුරු රැසක් ඔබට දැන ගත හැකිය. දේවා ගේ අඩවිය වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න අර්බුද මැද අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස් Home slide අර්බුද මැද අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි අ
ර්බුද මැද අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි Monday, November 19, 2018 slide, වර්තමාන අර්බුදකාරී දේශපාලන වාතාවරණය හමුවේ අද(19) සිව් වන දිනටත් යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බව කථානායක කාර්යාලය නිවේදනය කළේය. සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය 14 වනදා පළමු වරටපාර්ලිමේන්තුව රැස් වූ අතර ඇති වූ අර්බුදකාරී තත්වය අනුව 15 වන දිනට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තේය. පසුව 15 වන දින රැස් වූ පාර්ලිමේන්තුවේ කටයුත
ු යළිත් 16 වන දිනට කල් තැබුණු අතර එදින ද පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම හේතුවෙන් එය අද දිනය දක්වා කල්තැබීමට පියවර ගනු ලැබුවේය. මේ අතර පක්ෂ නායක රැස්වීමක් අද දහවල් 12.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට ආරාධනා කර ඇති බව කථානායක කාර්යාලය සඳහන් කළේය. සහීකා අම්‍ රී ලියයි By Devaka sadaruwan · 01 Sep 2018 #සහීකා අයියේ.. අනේ නැගිටිනවකො,, මේ, මොකද හලෝ මේ අඳෝඇඬියාව උදේම නිදාගන්න දෙනවකො මඟුල,, අනේ අයියෙ මාව ගිහිං දා
නවකො ක්ලාස් එකට අද පරක්කුවෙලා හොඳටම චික් අප්පා මුං වගේ එවුන් මොකට සහෝදරියො වුනාද මංදා ඉන්නවා වොශ් එකක් දාං එන්නම්.. හී හී මේ ඔච්චර ලස්සනට එන්නෝන්නෑ තමුසෙව බලන්න එතන කෙල්ලො නෑ . අනේ ප්ලෑන් නංගි යන්න උඹලෑ ක්ලාස් එකෙ ඉන්න රිලවියන්ට වඩා ලස්සන උන් දෙහිවල සූ එකේ ඉන්නවා... එනවා යන්න ඉතිං .තමුසෙව මෙහෙම දාං යද්දි කෙල්ලෙක්වත් බලන්නෑ ඕයි. හෝව් හෝව් හෝව්.. මෙතනින් දානවා මගෙ බොක්කිත් අතන ඉන්නවා එහෙනම් පරිස්සමට යනවා මොනාවුනත් හදිස්සියට ට්‍රාන්ස්පෝට් දෙන්න ඉන්න කෙනානෙ. අනෙ මේ රිලවි කෝ තමුසෙගෙ බොක්කි . අර ඉන්නෙ
ශෝල් එක දාලා එයා තමයි... ආපෝ මුස්ලිම් කෙල්ලෙක්නෙ..තමුසෙට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද?? අයියා,, මේ කවුරු වුනත් අපි මිනිස්සු ජාතිබේද මොකටද? හා හා මං යනවා අන්න අරකි එනවා මෙහෙට .. බිම බලාගෙන එන මුස්ලිම් කෙල්ල දිහා බලන ගමන් මං නංගිට බායි කියලා එන්න හැරුනෙ ..අහම්බෙන් වගේ මං ආයෙ නංගි ගෙ පැත්ත බලනකොටයි මං ඒ ඇස් දෙක දැක්කෙ තප්පර ගානක් ඒ ඇස් දෙකත් මගෙ ඇස් දෙක ගාව නතරවුනේ හිත ගොලුවෙනකොටමයි.. හඳක් වලාකුලෙන් වැහිලා වගේ රෝසපාට සර්වාර් එකෙ ශෝල් එකෙන් වැහිච්ච ඒ මූණ මගෙ දඩබ්බර හිත හෙලෙව්වද මංදා .. මං එහෙමම ආවෙ න
ංගි දැක්කොත් වස ලැජ්ජාව නිසාමයි.. මං දනුක චමත්ක, මගෙ එකම හුරතලී දනුකි චමත්කා ...එයා මේ අවුරුද්දෙ තමයි උසස්පෙල පටන් ගත්තෙ මම නම් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්..මීට අවුරුද්දකට කලින් තාත්ත අපිව දාලා සදහටම ගියේ අම්මවයි නංගිවයි මට බාරදීලා.. කවදාවත් ආදරේ කියන දේ ගැන මං උනන්දු නොවුනෙ මගෙ නංගී අම්මයි බලාගන්න එක දැං මේ හැමදේටම වඩා මගෙ වගකීම වුන නිසා..ඒත් අද හිතේ කොහෙද තිබිච්ච ආදරයක් එලියට එන්න පොරකනවදෝ කියලා මට හිතුනෙ මගෙ නංගිගෙ බොක්කිව දැකලා...මේවා හිත හිත මං ගෙදරට ආවා සුදු මහත්තයා නංගිව පරිස්සමට දැම්මද පංත
ියට ආ පෝ දාම්මා දැම්මා මල ඇණේ හැමදාම ඉතිං මට සෙනසුරාදා ඉරිදා ටිකක් නිදාගන්න නෑනෙ ... පව්නෙ සුදු මහත්තයො ඒකි බස් එකේ යන්න ආස නෑ ඒකයි... හරි අම්මා මං බොරුවට කිව්වෙ. මං ටිකක් නිදාගන්නම් එහෙනම්.. මං කාමරේට රිංගුවෙ සිංදුවකුත් කියාගෙන ,ගිහිං ඇඳට වැටිලා ඇස් පියවෙනකොටම මට ආයෙත් මතක්වුණේ අර ඇස් දෙක. මොන ජාතියෙ වුනත් ඒ ඇස් කොච්චර අහිංසකද? සින්දුවක විශුවල් එකක් බලුවා වගේ මම හීනෙක පැටලුනේ අර ලස්සන ඇස් 2ක ගාව. .. යකෝ මූ තාම නිදිද ? ඒයි කුම්බකර්න නැගිටිනවා මම ක්ලාස් ගිහිනුත් ආවා... ආපෝ වාතේ ආවද... මේ තමුසෙගෙ
අර බොක්කි මොකෝ කිවුවේ... ආ ආ ආ ඒ මොකෝ අයියන්ඩි ... මුකුත් කිවුවේ නෑ ... නෑ නෑ ඒකි මම දිහා කන්න වගේ බැලුවා ඒකයි... අනේ හලෝ යනවා යනවා මම දැක්කා තමුසෙ #සහීකා දිහා නම් කන්න වගේ බලනවා... හුටා මේකි ඒකත් දැක්කාද ?ලැජ්ජාවෙ බෑ ...ඒත් කමක් නෑ එතකොට ඒ අහින්සක ඇස් දෙකේ අයිතිකාරි #සහීකා ද .... මේන් වැන්දා අයියෙ වැරදිලාවත් බලන්න නම් එපා ... සහීකා දිහා . ඒ මොකො තමුසෙගෙ ඉරිසියාවනේ.. අනේ මගේ අයියට හරි යනවානම් මට කොච්චර සතුටුයිද ? ඒත් අයියා දන්නවාද සහීකාට අයියලා දෙන්නෙක් ඉන්නවාලු උන් දෙන්න ඒ කෙල්ලව හිරකාරියක් වගේ
ලු හදන්නේ ...පාතාලෙ දෙන්නෙක්ලු.. කෙල්ල ඔය A/L කරන්නත් කැමැත්ත ගත්තේ නොකා නොබී ඉදලාලු..දවසක් ක්ලාස් එකේ කොල්ලෙක් විහිලුවක් කරලා පහුවෙනිදා ඒ කොල්ලා ක්ලාස් ආවෙ අතත් කඩාගෙන .. මට අයියා විතරයි ඉන්නෙ ඒකයි මම දැම්මම කියන්නේ .. ඔන්න අම්මා එනවා... යමු කන්න දැන් මටත් බඩගිනි .... ජීවිතේ පලවෙනි වතාවට දැනුනු ආදරේ කොහොමද අමතක කරන්නෙ ... ඒත් මම නිසා ඒ කෙල්ලට ඉගෙනගන්නත් නැතිවෙයි..මෙහෙම හිත හිත රෑ එලිවෙනකම්ම හිටපු මම නන්ගව ඉරිදා ක්ලාස් එක්ක යන්න නැගිට්ටේ එයා මාව ඇහැරන්නත් කලින් .... අම්මා මේ බලන්නකො අද එක්කෙනෙක්
ඔක්කොටම කලින් නැගිට්ටේ මොකද දන්නෙ නෑ ... අනේ මේ මම වැඩකට ටවුන් එකට යන්නෙ තමුසෙ එනවනං එනව නැත්නම් මම යනවා ... ඒයි ඉන්නවා ඉන්නවා මේ එනවා මම ... අයියා ඔයා සහීකාට කැමතිද? මට බොරු කරන්න බෑ ඔයාට . නන්ගි අහපු දේට ඉබේම මට බයික් එකේ බ්‍රේක් එක ගැහුනෙ ලැජ්ජාවටද මන්දා ... පිස්සුද හලෝ... එහෙම මගුලක් නෑ .. හා හා නැත්නම් කමක් නෑ .. මතකනෙ මම කිව්ව ඒවා... එදත් මම සහීකාගෙ ලස්සන ඇස් දෙක දැක්කෙ මම දිහා බලලා හෙමීට දාපු ලස්සන හිනාවත් එක්ක .. මම සින්හල ,එයා මුස්ලිම් ..ඒත් ඒ ඇස් මගේ කරගන්න තිබ්බා නම් මට ජාතිබේද ඕනෙ න
ෑ ...මම ආයෙ නන්ගි එක්ක සහීකා ගැන කතා කලේ නෑ ... ඊලග සතියෙ නන්ගියි අම්මයි දෙන්න හදිසියේම ගමේ ගියේ සීයා තාත්තා අසනීපයෙන් කියලා දැනගත්‍තු නිසා .. මට තාමත් ඒ ඇස් අමතක කරන්න බෑ .. කල්පනා කරලා කරලා මම නන්ගිගෙ ක්ලාස් එක ලගට ගියෙ සහීකාට මගෙ හිතේ අදහස කියන්න ... එක්ස්කියුස් මී නන්ගි .... ආ මේ දනුකිගෙ අයියා නේ...කෝ එයා මම ගොඩාක් මෙතනට වෙලා... කිය කිය කැඩිච්චි සින්හල ගිරවියෙක් වගේ කියවද්දි මටම ලෝභකමක් දැනුනා... ආ අද නන්ගි එන්නෙ නෑ එයා ඔයාට මේක දෙන්න කිවුවා..කියලා මම මගේ අදහසයි ඵෝන් නම්බර් එකයි කොලේක ලියලා
දුන්නා.. පැය 6ක් 7ක් ගියා තාම උත්තර නෑ... එකපාරටම රෑ11ට විතර කෝල් එකක් ආවා රහසින් වගේ මුමුණන ඒ හඩ අදුරගන්න මට වෙලා ගියෙ නෑ ... අයියෙ මම සහීකා ... මම දන්නවා .... ඒ කෝමද ... ඒක වැඩක් නෑ කියන්න මම අහපු දේට උත්තර .... අනේ අයියෙ ඔයා දන්නේ නෑ මගේ අයියලා දෙන්න ගැන ....එයාලා ඔයාව මරයි...මම මේ කෝල් කරන්නෙත් හොරෙන් මට පෝන් එකක් යූස් කරන්න දෙන්නෙ නෑ මම හිරකාරියක් වගේ..... කෙල්ල අඩනවා මගේ පපුවත් හිරවෙලා වගේ ... හරි ඔයා කියන්න අයියලා ගැන නෙවෙයි මට කැමතිද කියලා ... ම්ම්ම්ම් එදා දනුකි දාන්න ඇවිත් මුලින්ම දැක්ක
දවසෙයි ආදරේ හිතුනෙ... හොරකෙල්ල .... ආදරෙයි මැණික ...දැන්වත් සතුටින් ඉන්න ...දැන්ම නන්ගිට කියන්න එපා එයා බයවෙයි.. හෙට මම ක්ලාස් එක ගාවට එන්නම් ... දැන් දොයියන්න.... ම්ම්ම්ම් ආදරෙයි අයියෙ ගොඩාලියක් ... කෝ බලන්න ආව් අදනෙ දැක්කෙ මගේ ෆාතිමාගෙ ලස්සන ... එක අතකට ඔහොම වහගෙන ඉන්න එක හොඳඉ ..ඕවා වෙන කාටවත් පේන්න ඕනෙ නෑ ... අනේ ඔයා නරකයි අයියෙ මුල්ම දවසෙ ඔහොම කියනවද? මේ මට ක්ලාස් යන්න පරක්කු වෙනවා.. මම යන්නද?? මැණික අද යන්නම ඕනෙද? අදට විතරක් ඉන්න ආය කවදාවත් ඔයා ක්ලාස් කට් කරන්නෙ නෑ ඕකේ..අද නන්ගත් නෑ නේ ..
ප්ලීස් ... අනේ අයියෙ මට බයයි දැනටමත් අයියලාට ආරන්චි වෙලාද දන්නේ නෑ .. මම ඉන්නකම් බය වෙන්න එපා මැණික ... හ්ම්ම් කොහෙද යන්නෙ අපි... ඔයා කැමති තැනකට යමු... එහෙනම් මාව බෙල්ලන්විල පන්සල් එක්ක යන්න ... තව ඊට පස්සෙ බීච් එකට ,,ඊට පස්සෙ අච්චාරු අයිස්ක්‍රීම් ඕනෙ ... අපෝ මේ කෙල්ල .... අපි මුලින්ම නෙලුම්මල් මිටියකුත් අරන් ඉස් ඉස්සෙල්ලම ගියේ බුදුන් වදින්න.. මගේ කෙල්ල ශෝල් එක ගලවලා මල් මිටියත් අතේ තියන් වදිනවා . .. ඒ මූණත් රෝස මලක් වගේ.... ඉවරද? මොනවාද අප්පේ ඔච්චර වැන්දේ.... මම වදින්න දන්නෙ නෑ අයියෙ ... ඒත් ම
ම බුදුසාදුගෙන් ඉල්ලුවෙ මේ ආත්මෙ බැරිවුනොත් ඊලග ආත්මෙ ඔයාව මටම දෙන්න කියලා .... පිස්සි ... ඔයා මගෙ මම ඔයාගෙ දැන් ... හ්ම්ම් එහෙනම් දැන් අපි යමු මැණික පරක්කු නොවී.. තව ඉතින් අයිස්ක්‍රීම් අරන් දෙන්නත් ඕනෙනෙ... හ්ම්ම් ඔව් ඔව්... අයියෙ ..... ඔයා දන්නවද ම්...මම අද තමයි මගේ ජීවිතේ සතුටින් හිටපු එකම දවස... ඒ ඔයා නිසා.. ඔයාට තෑන්ක්ස් අයියෙ ... මගේ කෙල්ල කොච්චර අහින්සකයි ද දෙවියනේ... කියලා ඒ මූණ අත් දෙකින්ම අල්ලන් ඉම්බෙ ගොඩාක් පරිස්සමෙන් ... මගේ ආදරේට තවත් කෙල්ල තුරුළු උනේ ඈත පේන ගොලු මුහුදටත් හොරෙන් වගේ.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤... මැණික අපි යමු දැන් .. මම ඔයාව ක්ලාස් එකෙන් දාලා යන්ම්... අයියෙ ... මාව අමතක කරන්නෙ නෑ නේද ?... අනේ නෑ මැණික ඔයා දැන් මගේ ... නෑ මට බයයි .මම මුස්ලිම් , මගේ අයියලා ගැනත් බයයි ... හරි දැන් මම ඉන්නවානෙ... අනික ඔයා මුස්ලිම් උනාට ඔයාට තියෙන්නෙත් රතු ලේ , මටත් එහෙමයි ... මම බයික් එක අරන් එද්දිම කෙල්ල මගේ ලගට ඇවිත් මට තුරුළු උනේ මට පුදුමයි ... මගේ අතේ සීතලට මොනවාද ගෑවෙනකොට මම දැක්කෙ ලේ.... දෙයියනේ ..... මගෙ මැණික ... ඔයා ඊලග ආත්මෙ මගේ වෙන්න මම බුදුසාදුගෙන් ඉල්ලුවෙ ....මම යනවා ඔයා හොදින්
ඉන්න ...මගේ ජීවිතේ පලවෙනි අන්තිම සතුටු දවස අද..දුකයි ඔයා දාලා යන්න .. නෑ මැණික උබට බෑ යන්න මොකක්ද මේ උනේ අනේ දෙවියනේ .... ජාති බේදයක් නිසා අවසානයේ අහිංසක ජීවිත දෙකක් අකාලයේ මිලින විය..සහීකාගෙ සහෝදරයන් අතින්ම තම නැගනිය අවසන් ගමන් ගිය අතර, උන්මත්තකයෙක් වූ දනුක තවමත් සහීකව සොයමින් හඩා වැලපෙයි..... #අම්රි පෙරේරා... Short_story 3972 Views ආදරෙයි... එත් මං අසරණයි Purchaser loyalty inside the virtual age: the importance of ai and device gaining knowledge of ජාතිවාදය කිසි ලෙසකින්වත් දෙවියන්ට ප්‍රසන්න න
ොවේ. ජාතිවාදය නිසා ශ්‍රී ලංකාව ගෙවා ඇති වන්දිය ගැන අවංක හැඟීමක් ඇති කිසිවෙකුට ජාතිවාදි විය නොහැකිය. එහෙත් අප ගෙවුනු කාලය පුරමත් අත්දුටවේ ජාතිවාදයම තම බලය ලබා ගැනීමේ මෙවලම කර ගන්නා දේශපාලකයින්ගේ රාක්ෂ කියුම් කෙරුම්ය. ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇවිල ගිය සිංහල-මුස්ලිම් ගැටුම 83 කළු ජූලිය හෝ අලුත්ගම කළු ජූලිය තරම් ව්‍යාප්ත නොවීම ගැන අප සතුටු විය යුතු නමුත් මේ සිදුවීම අපට පෙන්වා දෙන්නේ වහා ගිනි ඇවිලෙන සුළු ජාතිවාදි ආතතියක සමාජය පසුවන බව නොවේද ? සුළු අනතුරක් සම්බන්ධ සිදුවීමක් ජාතිවාදි පදනමින් සලකා බැලීම න
ිසා ඇති වු මෙම ගැටුම නිසා නිවාස 66 ක් වාහන 10 වෙළඳ සැල් 23 ක් ඇතුළු දේපළ රැසකට හානිවු බව ගණන් බලා තිබුණි. ජීවිත හානි සිදු නොවුනිද පහරකෑම් සිදු වී තිබුණි. පොලිසියේ ඇතැම් නිලධාරින් ගින්න ඇවිලෙන්නට ඉඩ දී බලා සිටියා පමණක් නොව උල්පන්දම් දුන් බවද පෙනීයයි. පොලිසිය මෙහි වග උත්තරකරුවෙකු වන්නේ ඒ නිසාය. කෙසේ නමුත් අලුත්ගම ගැටුම තරම් විනාශකාරි තැනකට ගැටුම ඇදී යාමට ඉඩනොදීම ගැන ඒ සඳහා අවංකව මැදිහත් වු සැමට ස්තූතිය හිමිවිය යුතුය. එහෙත් රජයේ වගකිම විය යුත්තේ ජාතිවාදින්ගේ මුහුණු පොතේ විෂ වැපිරීම පරාජය කරන ප්‍රචා
රන ක්‍රියාන්විතයක් සිදු කිරීමය. ඒ සඳහා අවංකව ජාතිවාදයෙන් මිදුනු නායකත්වයක් රටට අවශ්‍යය. ජාතිවාදයට එරෙහිව ප්‍රබල අධ්‍යාපන වැඩ පිළිවෙලක් රටට අවශ්‍යය. මුස්ලිම් විරෝධි අදහස් ප්‍රචාරය කිරීමේ යෙදි සිටින කිතුනු යැයි කියා ගන්නා පූජකවරු හා ගිහියන් සිදු කරන්නේ ද ක්‍රිස්තු විරෝධි වැඩ පිළිවෙලකි. 2018 සැප්තැම්බර් මස 18 වැනි අගහරුවදා ඇමෙරිකාවෙන් ඇවිටිලි 8 සැත්තැම්බර් 2018 04:51 pm 948 Views අර්බුද විසඳා ගැනීමට සාකච්ඡා කරමු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දිගින් දිගටම තමන්ට ඇවිටිලි කරනවා යැයි ඉරාන ජනාධි
පති හසන් රොව්හානී කියයි. ඉරාන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කළ කතාවේදීය. ‘එක පැත්තකින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අපට දිගින් දිගටම සම්බාධක පනවනවා. ඉරාන වැසියන් දැඩි ලෙස පීඩාවට පත් කරනවා. ඉරාන නායකයන් හමුවී සාකච්ඡා කරමු ඔහු අනෙක් පැත්තෙන් යෝජනා කරනවා. අපේ කිසිම අදහසක් නැහැ ඇමෙරිකන් ජනාධිපති හමුවෙලා සාකච්ඡා පවත්වන්න’ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී ජාතිය අමතමින් අවධාරණය කළේය. ඉරානය සහ ජාත්‍යන්තරය අතර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවෙන් ඇ
මෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් කටයුතු කළේ පසුගිය මැයි මාසයේදීය. එම පොදු එකඟතාවෙන් ඉවත් නොවන්නැයි ඊට සම්බන්ධ වුණු සෙසු රටවල් වන බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය දිගින් දිගටම ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේය. ට්‍රම්ප් කියා සිටියේ ඔහුට පෙර ජනපති ධුරයේ සිටි බැරැක් ඔබාමාගේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු එම එකඟතාව දෝෂ සහිත බවත්, එයින් වැඩි වාසි ඉරානයට අත්වී ඇති බවත්ය. මීට අමතරව, මැදපෙරදිග කලාපය අස්ථාවර කරන ත්‍රස්තවාදියා ඉරානය යැයි ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කර තිබේ. න්
‍යෂ්ටික එකඟතාවයෙන් ඉවත් වීමෙන් පසු ට්‍රම්ප් ඉරානට නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීය. ඒ, ඉරානයේ තෙල් නිෂ්පාදන කටයුතු සහ තෙල් විකිණීමේ කටයුතු ඉලක්ක කර ගනිමිනි. එම නව සම්බාධක හේතුවෙන්, මේ වනවිට එයින් ඉරාන ආර්ථිකය කඩා වැටීමකට ලක් වී ඇති බව ද පැවැසෙයි. 11 සැප්තැම්බර් 2018 11:29 am ආදරය ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ - දුලානි අනුරාධා මේ දිනවල තිරගත වන ‘විජය – කුවේණි ‘ චිත්‍රපටයේ කුවේණියගේ චරිතයට පණ දෙන්නේ දුලානි අනුරාධාය. දුලානි ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් වුවද, සහභාගි වී ඇති නිර්මාණ සංඛ්‍යාව අඩු වුවද
රංගනය තුළ තම සලකුණ තැබීමට ඇය සමත්ව ඇත. ඒ ඇය සතු රංගන හැකියාව මෙන්ම නර්තන හැකියාව ද නිසාය. දුලානි මේ වනවිට පාසල් නැටුම් ගුරුවරියකි. කොහොමද කුවේණි චරිතයට ලැබෙන ප්‍රතිචාර? චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙලා තවම දින කීපයයි. මේ වන විට චිත්‍රපටය නරඹපු බොහෝ දෙනෙකුගේ හොඳ ප්‍රතිචාර ලැබිල තියෙනව. විශේෂයෙන් ම මංගල දර්ශනය නැරඹූ කලා ක්ෂේත්‍රයේ උදවිය මගේ රංගනය ගැන සතුටින් කතා කළා. තව සතියක් දෙකක් පමණ ගතවන විට චිත්‍රපටය තවත් ප්‍රේක්ෂකයින් අතරට යනවිට මගේ රංගනය ගැන තවත් ප්‍රතිචාර දැනගන්න ලැබේවි. චරිතයට සාධාරණයක් කළ
ා කියල ඔබ හිතනවද? තිරපිටපත අධක්‍්‍යෂවරයාගේ උපදෙස්, ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගේ, අංග රචනා ශිල්පීන්ගේ දායකත්වය ඇතිව මගේ හැකියාව අත්දැකීම් එක්ක මම කුවේණි චරිතය ගොඩනඟා ගත්තා. මගේ රංගනය පිළිබඳව අධ්‍යක්‍ෂවරයා සතුටු වුණා. වෙනත් බොහෝ දෙනෙකුත් මගේ රංගනය ප්‍රශංසා කළා. ඒ නිසා මම හිතනව මම කුවේණි චරිතයට සාධාරණයක් කළා කියල. කුවේණිය පිළිබඳව ඔබට මොනවද හිතෙන්නෙ? කුවේණිය කියන්නෙ අපේ රටේ මුල්ම රැජන ලෙස හඳුන්වනු ලබන කාන්තාව. කුවේණිය කියන නමේම තිබෙනව ගම්භීරත්වයක්; අපූර්වත්වයක්. කුවේණියගේ චරිතය මුහුණදෙන සිදුවීම්වලට සමාන
අත්දැකීම් වලට මුහුණ දෙන කාන්තාවන් වර්තමාන සමාජයේත් ඉන්නව. ආදරය නිසා ජීවිතයේ බොහෝ දේ නැති කරගත්, ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව අසරණ වුණු නමුත් දරුවන් පණ මෙන් රකින කාන්තාවන් අදත් ඉන්නව. ඒ නිසා මම හිතනව කුවේණිලා අදත් ජීවත් වෙනව කියල. මේ චරිතය රඟපෑම ඔබට අභියෝගයක් වුණාද? කුවේණිය අපේ ඉතිහාසයේ ඓතිහාසිත චරිතයක්. ඒ චරිතය පිළිබඳව මුළු සමාජයම දන්නව. ලාංකේය සමාජයම ඒ චරිතය කියවල තියෙනව. ඒ නිසා කුවේණිය කියන චරිතය සෑම ශ්‍රී ලාංකිකයකුගේම සිත් තුළ ජීවත් වෙනවා. ඒ වගේ ම කුවේණියගේ පින්තූරය සෑම දෙනෙකුගේ ම සිත් තුළම ඇඳ
ිල තියෙනව. එවැනි චරිතයක් නිර්මාණය කිරීම ඉතා අපහසුයි. එවැනි චරිතයක් නිරූපණය කිරීමේදී බොහෝ දෙනෙකුගේ සිත් තුළ තිබෙන රූපයට හානියක් නොවන ආකාරයෙන් එය කළ යුතුයි. එහෙම නොවුණොත් ප්‍රේක්ෂකයින් මගේ රංගනය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අධ්‍යක්‍ෂවරයාගේ ඇතුළු සියලු දෙනාගේ අදහස් මත ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ ජීවත් වන කුවේණියගේ රූපයට හානියක් නොවන්න මම කුවේණි චරිතයට සූදානම් වුණා. ඇත්තෙන් ම එය අභියෝගයක් වුණා. කුවේණිය ලෙස රඟපාන්න ලැබීම ගැන ඔබ මොනවද හිතන්නෙ..? මේ අවස්ථාව රංගන ශිල්පිනියකුට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. තම රටේ පළ
මු රැජන යැයි සැලකෙන චරිතය රඟපාන්න කිසියම් රංගන ශිල්පිනියකට අවස්ථාව ලැබේ නම් එය වාසනාවක්. මේ චරිතය රංගන ශිල්පිනියන් කීප දෙනෙක් හරහා තමයි මට ලැබුණේ. මම හිතනව මේ ඓතිහාසික චරිතය රඟපෑමේ අවස්ථාව මට උරුමවෙලා තියෙන්න ඇති කියලා. මේ දවස්වල මොනවද කරන්නෙ...? මේ දවස්වල ”භව අරණ” ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ රූපගත කිරීම් සිදුවෙන්නේ අනුරාධපුරයේ. මේ ටෙලිනාට්‍යයේ මම කරන්නෙ අපූරු චරිතයක්. අතීතයේ සිටි දේවතාවියක් වර්තමාන සමාජයේ සාමාන්‍ය යුවතියක් ලෙස ඉපදිලා ඇය මුහුණ දෙන අත්දැකීම් තමයි මේ ටෙලිනාට්‍යයේ
කියවෙන්නේ. දැන් ඔබ ගුරුවරියක් නේද? ඔව් ආශාවෙන් සිටි ගුරු වෘත්තිය මට ලැබුණා. කලා නිර්මාණවලට දායක වීමේදී දැන් ඔබ ගුරුවරියක් නිසා කිසියම් තේරීමක් කරන්න සිදුවෙනවාද? මම ගුරුවරියක් වෙන්න කලින් ඉඳලම නිර්මාණවලට දායක වුණේ තේරීමක් කරලයි. කලාවට මම ඇවිත් තවම අවුරුදු 5 ක පමණ කාලයක්. මම සහභාගිවෙලා තියෙන්නෙත් නිර්මාණ කීපයකට පමණයි. ඒවා මම තෝරා බේරාගෙන රඟපෑ නිර්මාණ. මම දැන් ගුරුවරියක් නිසා රඟපෑම් පිළිබඳව තවදුරටත් හිතන්න වේවි. වර්තමානයේදී ඔබට ලැබී තිබෙන ජනපි‍්‍රයත්වය ගැන ඔබට මොනවද හිතෙන්නේ? රංගන ක්ෂේත්‍රයේ සිටින
විට ආදරය, ගෞරවය, සැලකිල්ල, නින්දාව ප්‍රශංසාව මේ සියල්ලම ලැබෙනවා. නමුත් කාලයක් ගතවන විට රංගනයෙන් ඉවත් වූවිට ඒ සියල්ල නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ ගැන හොඳ අවබෝධයක් මට තියෙනව. මම උත්සාහ කරන්නෙ ඉතාම සරලව ජීවත් වෙන්න. මගෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව කලා කටයුතුවලට යොමු වුණා. ඉන්පසුව ගුරුවරියක් වුණා. දිගටම කුමක් හෝ දෙයකට සම්බන්ධ වී සිටි නිසා ප්‍රේමය විවාහය ගැන හිතන්න මට වෙලාවක් තිබුණේ නෑ. නමුත් මම දැන් හිතනව මගෙ ජීවිතයේ වෙනසක් විය යුතු කාලය මෙයයි කියල. ජීවිතයට සමීප වූ විශේෂ කෙනෙක් ඔබට ඉන්නවාද? නැ
හැ තවම එහෙම කෙනෙක් නෑ. Silumina සොයා බලා කපා කොටා ලියා පළ කලේ ඉඟුරු ව්‍යංජනය - වයලගෙ කාමරේ Home කෑම සූත්‍ර ඉඟුරු ව්‍යංජනය වයලීනෝ February 08, 2017 ,කෑම සූත්‍ර බ්ලොග් එක ගොඩ කාලෙකට පස්සේ ගතානුගතික යක්ස කතා දේව කතා වලින් මුදවලා ආයෙත් සුපුරුදු තත්වයට ගත්තා . මම හිතන්නේ මේ මාස ගානකට පස්සේ තමයි ලිපියක් ලියන්නේ . මේ කාලය පුරාවටම බ්ලොග් එකත් එක්ක රැඳිලා ඉන්න අයට මාගේ හදපිරි මෙව්වා එක පුද කරනවා . අද ලියන්න යන්නේ කෑමක් ගැන . කෑම ගැන ලියන්න කලින් මම කියන්නම් ඇයි මේක ලියන්න කල්පනා කරේ කියලා . ගොඩක් දෙනෙක්ට
මේ කාලේ බඩේ ලෙඩ තමයි තියෙන්නේ . බඩ පුරවාදාන ලෙඩ . ගැස්ට්‍රයිටීස් ලෙඩ . අජීර්ණ ලෙඩ වගේ ලෙඩ තමයි තියෙන්නේ . කේන්දර බලන වෙලාවට සමහර අයට තියෙන බඩේ ලෙඩ ගැන කියලා මම ඒ අයට කියලා තියෙනවා ඉඟුරු සුදුලූනු එහෙම වැඩියෙන් කන්න කියලා . ඔන්න ඔහොම දවසක් මම කිව්ව කෙනෙක් අද මට කතා කරලා ඇහුවා ඉඟුරු ආහාරයට ගන්න විධි මොනවද කියලා . මමනම් කියන්නෙම අමුවෙන් පොඩ්ඩක් පොඩ්ඩක් කන්න පුළුවන් නම් හොඳයි කියලා . ඒත් කන්න බැරි අයට පුළුවන් බත් එක්ක දාගෙන අනාගෙන කන්න . එහෙමත් බැරිනම් උයලා කන්න පුළුවන් විදියක් ගැන තමයි මම ඒ කෙනාට ක
ිව්වේ . උයන්නේ කොහොමද කියලා ඇහුවම මම කිව්වා හැමෝටම දැනගන්න එක්ක අපි බ්ලොග් එකේ ලියන්නම් ඒ ගැන . ලියලා ලින්ක් එක එවන්නම් කියලා . මෙන්න මේ විදියට තමයි ඉඟුරු ව්‍යංජනය හදන්නේ . මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය වැඩිය මෝරලා නැති ඉඟුරු අල ග්රෑම් 250 මිටි කිරි කෝප්ප 1 දිය කිරි කෝප්ප 1 තුනපහ අවශ්‍ය තරමට රතුළූණු ග්රෑම් 5 උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ ග්රෑම් 5 අමුමිරිස් කරල් දෙකක් රම්පෙ කොළ 1 ලුණු ඉතාම ජුන්ඩක් අවශ්‍ය තරමට ඉස්සෙල්ලම ඉඟුරු අල හෝදලා පොතු ඇරලා පිරිසිදු කරගන්න . ඊට පස්සේ ඒවා පෙති පෙති කපන්න . පෙති හීනි වෙන තර
මට හොඳයි . මොකද ලොකු කෑලි හැපෙනවට වඩා පොඩි කෑලි හැපෙනකොට පොඩි ගතියක් තියෙනවා බත් එක්ක . ඉඟුරු ලියලා පිසගන්නා භාජනයකට දාගන්න . ඊට පස්සේ කපාගත්ත රතු ළූණු උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ අමුමිරිස් මිරිස් කුඩු තුනපහ කහ උළුහාල් රම්පෙ කරපිංචා දියකිරි දාලා අවශ්‍ය තරමට ලුණු දාලා මද ගින්නේ පිසගන්න . ඊට පස්සේ ඉඟුරු අල කෑලි තැම්බිලා කියලා දැනෙනකොට මිටි කිරි දාලා දෙහි ඇඹුල් බිංදු කීපයකුත් දාලා හොඳට ගින්දර දාලා පිසගන්න . ව්‍යංජනය හොඳට පිසගෙන ඊට පස්සේ දෙහි ඇඹුල් අවශ්‍ය තරමට දාලා කලවම් කරගත්තට පස්සේ කන්ට හැකි බඩ පිරෙනකල්
. මේ ව්‍යංජනය කටෙන් ආරම්භ වෙලා අනිත් කොනෙන් අවසන්වෙන ලෙඩරෝග විශාල ප්‍රමාණයකට ගුණදායක වෙනවා . ඒවගේම තමයි වාත පිත්ත සෙලෙස්මාව කියන තුන් දොස් සමනය කරන්න මේ ආහාරය වඩාත් ගුණ දායක වෙනවා . ආමාශගත රෝග සමනය කරන්නත් මේ ආහාරය උදවු වෙනවා . පොඩි ළමන්ගේ පණු අමාරු සමනය කරන්නත් මේ ආහාරයට පුළුවන් . ඉඟුරු දැන් ටිකක් මිලයි . ඒ නිසා මමනම් කියන්නේ වත්තේම ඉඟුරු වගා කරගන්න කියලා . පෝච්චියක උනත් පුළුවන් වගා කරගන්න . මේ ආහාරය මාසයකට වතාවක් වගේ හදලා ආහාරයට ගන්න පුළුවන් නම් ශරීරයට ලොකු මෙව්වා එකක් ලබා ගන්න පුළුවන් කියලා ප
ුරාණයේ හිටපු සෘෂිවරු පුස්කාපු කොලපොත් වල ලියලා තියෙනවා . එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු . By වයලීනෝ on February 08, 2017 හිත හොඳ කොටා 8 February 2017 at 21:51 ඈඈඈඈඈ පට්ටයිනෙ වැඩේ... අදමයි ඇහුවෙ ඉගුරැ උයලා කන්න පුලුවන් කියලා... නියමයි ඈ අපෙ අම්මට කියන්නොනා හදන්න කියලා.... වයලීනෝ 8 February 2017 at 21:58 මම කාලා තියෙනවා. සැරයි පුතෝ................ වැඩිය කන්න එපා . ගානකට කන්න . ලොකු පුතා 9 February 2017 at 09:00 මේක ට්‍රයි කරලා බලන්න ඕනේ... අක්මාවට ගුණ කෑම මොනවද තියෙන්නේ... ;) Aruna Perera 9 F
ebruary 2017 at 14:45 ඉඟුරු අරක්කුවලින් තම්බලා ලුනු පොඩ්ඩක් ඉහලා, බොන වෙලාවට බයිට් එකට ගනින්. වයලීනෝ 10 February 2017 at 00:45 දවසකට කොහොඹ කොළ දෙකක් කන්න පුළුවන් නම් ඇඟේ තියෙන විෂ ගතිය ගොඩක් නැතිවෙනවා . හැබැයි සමහර අයට කොහොඹ කොළ ඇලජි වෙනවා . ඒ නිසා කලින් ටිකක් වෙන්න කාලා බලලා තමයි කන්න ඕන . එනසාල් , කරාබුනැටි , සාදික්කා , විශේෂයෙන්ම වසාවාසි , ඉඟුරුපියලි , වගේ දේවල් වැඩියෙන්ම හොඳයි ඔය අප්සැට් එකට . මොනවා කලත් ඔය අක්මාවට ගුණ කෑම හොයන උන්දැලා වැඩියෙන්ම කරන්නේ වහ බීලා අනේ මට මැරෙන්න බැහැ කියලා බෙහෙත
් කනවා වගේ වැඩක් හිටං . ආ කරපිංචා කැඳ . අක්මාව වකුගඩු මොලය කියන තුනටම එකවගේ බලපාන ගුණ දෙනවා . මාත්‍රාව වැඩි වුණාම කරපිංචා කැඳ බොන එක හොඳයි වැඩිවෙන්න . Aruna Perera 9 February 2017 at 14:49 බ්ලොග් එකට පොඩි වෙනසක් කිරීම බොහොම හොඳයි. කොයි වෙලාවේ වෙනස් කරයිද කියලා බලන් හිටියේ. හොඳ කෑමක් වගේ. මම ජින්ජර් චට්නි කනවා බත් එක්ක. ඉන්දියන් කඩවල තියෙනවා. අපේ හොඳට බොන මාමා කෙනෙක් හිටියා බත් කනකොට අමු ඉඟුරු කෑල්ලක් බත් එක්ක හපාගෙන කනවා. වයලීනෝ 10 February 2017 at 00:48 කොටස් කීපයක කතාවක් ලියනවා කියන්නේ හරිම පී
ඩනයක් . එකක් ඉවරවෙලා අනික දානකල් මාව මරාගෙන කන්න හදනවා කස්ටිය . ඒ කෑම පුරුදු නැතිවීම තමයි ලංකාවේ මිනිස්සුන්ට හෙනයක් වෙලා තියෙන්නේ . යාළුවා 10 February 2017 at 08:18 වයලීනෝ 10 February 2017 at 18:09 අටම්පහුර 10 February 2017 at 11:27 ලොකු පුතා 10 February 2017 at 12:03 මොකක්ද බං මේ කමෙන්ට් එක... වයලීනෝ 10 February 2017 at 18:11 මේ කෝඩ්ස් වැඩ කරන්නේ නැහැ . කෝ මේ කෝඩ්ස් දාපු එකා ????? සුදීක 11 February 2017 at 14:48 මේ දවස් වල මම තනි රන් එක දෙන හින්ද, මේක හොඳ ඔත්තුවක්. හෙට අනිද්දම ට්‍රයි එකක් දීල බ
ලන්න ඕනේ. වයලීනෝ 11 February 2017 at 18:39 හොඳට උයාගන්න ලැබේවා ! Unknown 16 February 2017 at 23:01 appaa mata kohhomaba kola alajic papola hadila anthimata hospital pawa admit wenna una kohomaba kola hinda;).e unata yaksha dewa kathath awulkma naa kiyawanna asai වයලීනෝ 22 February 2017 at 17:28 සයුරි 17 February 2017 at 00:51 වෑන්ජනේ රූපෙකුත් තිබුනානම් තමයි හොඳ වයලීනෝ 22 February 2017 at 17:30 හැදුවට පස්සේ ෆොටෝ එකක් ගන්ට :) කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි) 27 February 2017 at 13:36 බොහෝම ස්තූතිය
ි විස්තරේට ජින්ජර් වැංජනේ හදලා කාලා බලන්නම් :) ගෙදරට කොටුවෙලා ඉන්න බැරිව සියදිවි නසාගත්ත 25 හැවිරිදි නිළිය - Photos - Actress Commits Suicide After Posting Selfie And Message On Social Media - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company - ගෙදරට කොටුවෙලා ඉන්න බැරිව සියදිවි නසාගත්ත 25 හැවිරිදි නිළිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm
Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka ඉන්දිය ටෙලි සිනමා නිළියක වන ප්‍රේක්ෂා මේතා සියදිවි හානි කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. 25 හැවිරිදි ඇය තම නිවසේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා කියා සිටියේ. Crime Patrol නම් ටෙලි කතාමාලව හරහා ජනප්‍රිය වූ ඇය අක්ෂේ කුමාර්ගේ රංගනයෙන් තිරගත වූ පැඩ්මෑන් චිත්‍රපටියේ සහය නිළියක ලෙස ද එක්ව සිටියා. ඇය අවසන්වරට සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ "The worst is when your dreams die" ලෙසින්. මේතාගේ මෙම තීරණය සම්බන්ධයෙන් අද
හස් දක්වමින් අසල්වාසීන් කියා සිටියේ, නුදුරු අනාගතය සම්බන්ධයෙන් ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුන බවයි. මීට වසර දෙකකට පෙර ඇය මුම්බායි වෙත පැමිණ තිබුණේ හින්දි සිනමාව තුළ යම් තැනක් හිමිකරගැනීමේ අරමුණින්. රැකියා අහිමිවීම හේතුවෙන්, පසුගිය සතියේ තවත් නළුවෙකු වන මන්මීත් ග්‍රෙවාල් ද සියදිවි නසාගත් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වාදී තිබුණේ. කොරෝනා ව්‍යාප්තියත් සමග ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දැමීමට ඉන්දිය රජය පියවර ගනු ලැබුවා. නිතරම කාර්යබහුල ජීවිතයක් ගත කළ නළු නිළියන්ට මෙය දරාගැනීමට අපහසු කාලයක් බවයි ඉන්දිය
මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා වෛරස් ආසාදිතයින් 158,333 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4,534 ක් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔබගේ රුධිරයේ ග්ලූකෝස් අසමතුලිත දැයි දැන ගන්න. | Nittaa.com පාරට දාන ඩැයිවර් ඩෝසන් පාර්ක් කලේ 8/26/2011 08:25:00 PM 8/30/2011 4:43 PM Thank you for the wishes Preethi Ayya.. :) 8/30/2011 4:44 PM ඉතිහාසය යනු මහාවංසයම යැයි ඉගැන්වූ යුගයක් තිබිනි.. බුදුදහම මිහිඳු හිමියන් විසින් ගෙන ආ බවත්, විජය එද්දී
ලංකාවේ සිටියේ යකුන් බවත් කියවිනි.. දඩයක්කාරයා වඳව ගිය බවත් ඉන්දියාව හරහා පැමිණි ආර්ය ජනතාව ලංකාවේ පැතිරගිය බවත් කටපාඩමින් උගන්වනු ලැබිනි.. කෙටියෙන් කිවහොත් ලංකාවේ ඉතිහාසය ආගමික පොතපත තුලිනුත් පුරාවිද්‍යාව එක්නැලිගොඩ වලව්ව තුලිනුත් කියවාගැනීම එකම මාර්ගය විය.. සෝමදේව චරිතය වැදගත් වන්නේ මෙතැනදීය.. හල්දුම්මුල්ලේ ගල මිනිස් නිර්මානයක් බව පෙන්වාදෙද්දී එක්නැලිගොඩ වලව්වේ පුරාවිද්‍යා ගුරුකුලය තිගැස්සෙන්නට විය.. රංචාමඩමේදී සොයාගත් දේ අතර රූපලාවන්‍ය සඳහා යොදාගත් දේ තිබූ බවත් බලංගොඩ මිනිසාගේ බිරිඳ ෆවුන්ඩේෂන්
එකකින් ඇරඹි අංගසම්පූර්ණ මේක්අප් එකක් දාගෙන සිටි පොෂ් කෙනෙක් බව කී විට සොළොස් කුලයක් පැමිණ ශිල්ප දැක්වූ කතාව නිෂේධ විය.. පනානෙන් domesticated grains ⁣සහ ගල්මත සටහන්කල තරු සිතියම් සොයාගන්නාවිට කලවැද්දා හමගසන බලංගොඩ මානවයාගේ දැරණියගල ඇන්ද චිත්‍රය යටපත්ව දියුණු මානවයෙකුගේ චිත්‍රය මතුවන්නට විය.. කිරිමකුළුගොල්ලේදී අත්සනක්ද සහිතව "අනන්ත විශ්වයෙන් එන ශ්‍රමණයිනට" පූජාකල බව සඳහන් සෙල්ලිපි පිටපත් වද්දී බෙල්ගේ ඉතිහාසය, පරණවිතානගේ කාලනිර්ණයන් සහ මහාවංසයේ ඒකපාර්ශ්වික ලියවිලි වෙනුවට විකල්ප සෙවියයුතු බවට මතවාද
මතුවිය. වෙනත් බොහෝ මහාචාර්යවරැන්ට වඩා සෝමදේවයන් වෙනස්වන තැනක් ඇත. දැණුම තිබිය යුත්තේ පොත් තුල නොව ජනතාවගේ මොල තුල බවත් ඒ සඳහා තේරෙන සිංහලයට විද්‍යා සන්නිවේදනය පෙරලිය යුතුබව සෝමදේවයන්ගේ විශ්වාසය විය.. තමා සොයාගත් දේ එම ස්ථානය ආසන්නයේ ගැමියන්ට පෙන්වමින් දෙසුම් පැවැත්වූ ඔහු පුරාවිද්‍යාවට ගැමි උරුමකරුවන් පිරිසක් ඇතිකරන්නට මූලික විය.. ඔහු කැණීම් සඳහා පැමිණීම ගැමියන් සැලකුවේ ආඩම්බරයක් ලෙසයි.. උපකරණ කරගසාගෙන යන්නට, උයා පිහා දෙන්නට ඉහල තැන් වලට නගින ඉනිමං තනා දෙන්නට ගැමියන් කැප වූයේ තම ජීවිකාවද අමතක කර
මිනි.. ගුරුවරුන්ට තම කැණීම් භූමියටම එන්නට කියා දූවිලි වැකුණු මුහුණෙන් යුතුවම දැනුම බෙදන්නට සෝමදේවයන් කටයුතු කලේය.. කෙටියෙන් කිවහොත් "එක්නැලිගොඩ ආධිපත්‍යයට යටවූ" පුරාවිද්‍යාව වෙනස්වෙමින් එක්නැලිගොඩලාගේ ජන්මභූමියේදීම ජනතාව අතරට දේශීයත්වය සමග බැඳෙමින් ගමන්කරන්නට පටන්ගනිමින් තිබිණි.. කූරගල පැත්තෙන් දියවින්න බෑවුමට වන්නට දඩයක්කාරයා ගොවියෙකු බවට පත්ව චන්දනගාමය සකසා මිහිඳු හිමියන් නොවන මගකින් පැමිණි බුදුදහමේ යම්යම් අනුගතවීම් දක්වා පැමිණීම චිත්‍රපටයක ජවනිකා මෙන් මතුවෙමින් තිබිණි.. ඕනෑම පර්යේෂකයෙක් තම පර
්යේෂණ එලිදක්වන ක්‍රමවේදයක් ඇත.. එය සම්පූර්ණ වශයෙන්ම Academiaව විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් මිස පරිපාලන ක්‍රමවේදයක් නොවේ.. ජර්නලයන්හි පල කිරීම හෝ තමන් විසින් නිකුත් කරන ප්‍රකාශණයන්හි පල කිරීම මගින් ජනගත කිරීම පිළිගත් ක්‍රමය බව The Sri Lankan Scientist හි Dilip Kumar Fernando හෝ Sumith B Sisira Kumara පැහැදිලි කරනු ඇත. කරන ලද පර්යේශණ පිළිබඳ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම කර නැති බව දන්වමින් මේවනවිට සෝමදේව මහාචාර්යතුමාගේ කැණීම් අවසරය අත්හිටුවා ඇතිබව ප්‍රසිද්ධවී හමාරය.. පුරාවිද්
‍යා පනතේ හෝ වෙනත් නීතිමය ලියවිල්ලක එවැනි අවශ්‍යතාවයක් ඇති බවක් මෙතෙක් කියවී තිබුනේ නැත.. සෝමදේවයන් විසින් පලකල පර්යේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වාගන්නට අපහසුවක් තිබිය නොහැකිය.. ඕනෑම අයෙකුට පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් එම ලේඛණ පරිශීලනය කරන්නට බාදාවක්ද නැත.. එසේ තිබියදී පරිපාලනමය කාර්යයක් මත විද්‍යාඥයෙකුගේ පර්යේෂණ සීමා කිරීම සාදාරණ නොවන බව මගේ හැඟීමයි.. සොමදේව යනු උගත් දේ ⁣නිර්ලෝභීව බෙදාගන්නා වර්ගයේ උගතෙකි..ඔහු වලවේ නිම්නයේ සැඟවුනු ඉතිහාසය සොයා මතු කරන්නේ මෙතෙක් නොලියවුනු වීර කාව්
‍යයකි.. එය අසන්නට අපට අයිතියක් තිබේ.. කූඩැල්ලන් ගහන කැලෑවල, ලී මැසිවල, අඩි සියගනන් ගල්කුළුවල පතුල නොපෙනෙන වලවල් වල බසිමින් ගවේෂණය කරන්නෙක් බැවින් කැණීම් අවසරය නොමැතිව කල හැක්කේ කුමක්ද?? නැවත වතාවක් වනගහනය තුල මහ පොළොව යට සැඟවුනු බලංගොඩ මිනිසාගේ යටගියාව මතුකරනු උනන්දුවෙන් නරඹන්නට මා ඇතුළු බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාසිටින බවසිහිපත් කරමි.. කරුණාකර අත්හිටවූ අවසරය යලි දෙන්න.. ⁣. தமிழ் மக்களின் காவல் தெய்வங்களாக போற்றப்படும் மாவீரர்களை, வீர மறவர்களை நினைவுகூர அனுமதிக் 2018 සැප්තැම්බර් 15 – Amarasara
Sinhala News Day archives: සැප්තැම්බර් 15th, 2018 අංක තහඩු ටෙන්ඩරය රැකගන්න මෝටර් රථ නිලධාරීන්ට කෝටි ගණන් පගා දීලා – වසර 15 ක් තිස්සේ වැඩේ කරගෙන ගිහින් 2018 සැප්තැම්බර් 15අපරාධ - දූෂණ - වංචා, නීතිය සහ අධිකරණ, යහපාලන ටිකිරි මොළේ, ව්‍යාපාරික සහ බැංකුComments: 0 (16.09.2018 – mawbima.lk) වාහන අංක තහඩු නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති පෞද්ගලික සමාගමෙන් එම ටෙන්ඩරය වෙනස් නොකර තවදුරටත් තබාගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිවු දෙනකුට එම සමාගම සතියකට රුපියල් මිලියන හය බැගින් අල්ලස් ගෙවන කූට ජ