text
stringlengths 5.78k
8k
|
---|
යිට ඇතෙක් බරට තෑගි දුන්නා.අපේ මිසුත් ඒ උත්සවේ කතාවක් කරල ආපහු සැරයක් මාව මුරුංගා අත්තට ගොඩ කරා.අකලංකත් එදා කොහේදෝ අස්සක හිටං මං තෑගි ගන්නකොට අප්පුඩි ගහන්න ඇති.අනේ එයාටත් තෑග්ගක් හම්බුනා නම් කොච්චර ශෝයිද ..මට එහෙමත් හිතුනා.එදා ගෙදර ගියාම අකලංකගෙ සිස්සත්තෙ ලකුන ගැන මං අපේ අම්මාට කිව්වා.ඒ වෙලාවෙ අම්මා මට හෙන හැඩ කතාවක් කීව.
අකලංක ලමයා පාස් නැති කාරනේ මං කලින්ම දැනන් හිටියා.ඒකගෙ මහ ගෑනි මමයි එක වත්තෙ වැඩ කොරද්දි මොකද මම නොදැන ඉන්නෙ.ඔය කොල්ලාට තියෙන්නෙ දොස්තර පෙනුමක්.සිස්සත්තෙ පේල් උනා කියල වැටෙන එකක් නෑ.දවසක මේ ගම්මැදිහතටම බෙහෙත් දේවි.
ඊට පස්සෙ මං ගමේ ඉක්කෝලෙන් අයින් වෙලා ටවුමෙ ලොකු ඉක්කෝලෙට යන්න ගියා.මගෙ පදින්චියත් ටවුමෙ කුලී ගේ කෑල්ලකට මාරු උනා.එතකොට අකලංක ,එයා ගමේ ඉක්කෝලෙටම කොටු උනා.එතනින් එහාට අකලංකට මක්කා උනාද කියල මට දැනගන්න විදිහක් තිබ්බෙම නෑ.මං සාමානිය පෙල කරා.උසස්පෙල කරා.ඒව කරන්න පන්තියකට යද්දිවත් මට අකලංකව එකම එක වතාවක්වත් මූලිච්චි උනේ නෑ.ඒත් අකලංක මගෙ හිතේ කොනක හිටියා.කවදහරි දැක්කොතින් දුවල ගිහින් බදාගන්න ඕන කියන සිතුවිල්ල මගෙ හිතේ කැකෑරෙමින් තිබුනා.ඇත්තටම අකලංකට මොකද උනෙ.අපෙ අම්මා කියපු විදියට මිනිහා දොස්තර වෙන්න ඉගන ගන්නවද..නැතිනම් කුලියක් මලියක් කරල ගමේම ලැගගෙන ඉන්නවද.මං පේරාදෙනියෙ කැම්පස් එකෙ ඉදපු කාලෙත් මට නිතරම ඕක හිතුනා.
අන්තිමට මට එයා හමු උනා.කැම්පස් එකෙන් අවුට් වෙලා දෙවනි පත්වීම අරන් හද්දපිටිසර ගමක ඉක්කෝලෙ හාමිනේ කෙනෙක් වෙලා ඉන්නකොට ඔන්න මට එයා හමු උනා.මට බාරව තිබුනු පහේ පන්තියෙ පොඩි එවුන්ගෙ දත් බලන්න කියල ඉක්කෝලෙට ඇවිත් හිටපු දත් දොස්තර මහත්තයා උනෙ අකලංකයා.මට එක පාරටම මෑන්ව අදුරගන්න බැරි උනා.හිටියට වඩා තව සුදු වෙලා.හැඩ වෙලා.උසත් ගිහිල්ලා.තව කන්නාඩි දෙකකුත් දාල.නිල් පාට අත් දිග ශර්ට් එකක් ඇදල අත් දෙක වැලමිට ලගට නවල හිටපු අකලංක මාව දැකල තප්පර ගානක මං දිහා බලන් හිටියා.හරියට පොඩි කාලෙ වගේමයි.
නිර්මලාට මාව මතක නැද්ද..
එයා මගෙ ඇස් වලට එබිගෙනම ඇහුව.රූපෙ අමතක උනාට කතාකරද්දි යන්තමින් තිබ්බ ගොත ගතිය නිසා මට මෑන්ව මීටර්කරගන්න වැඩි වෙලාවක් ගියෙ නැහැ.
අකලංක..
ඉතින් මට ඕන උනා පොඩි කාලෙ මගෙ ලග ඉදපු මේ මනුස්සයා එකම එක පාරක හරි බදල බදාගන්න.ඒත් කොහෙ කරන්නද.දැන් මම පොඩි උන්ගෙ ටීචර් අම්මා .නැතුව නිකන්ම නිකන් නිර්මලා නෙවෙයි.ඒ නිසා මට සිද්ද උනා අතට පොඩි තට්ටුවක් විතරක් දාල මුන ගැහීමෙ සතුට ප්‍රකාශ කරන්න.
එදා ලමයින්ගෙ දත් බැලිල්ල ඉවර කරල අකලංකයි මමයි කැන්ටීන් එකෙන් තේ එකක් බොන්න ගියා.කෑම ගත්තෙ එයාගෙ ගානෙ.කෑම කනකොටත් එයා තමයි වැඩිපුර කතා කරෙ.ඒ හැසිරිච්ච විදියට මට හිතුනෙම එයා මොකද්දෝ ලොකු දුකක් පිටකරන්න හදනව කියලයි.
නිර්මලාට මතකද ඉස්සර ඉදපු අකලංකව.අර හොටු පෙර පෙර අඩපු පොඩි කොල්ලව.
අකලංක ඒ ටික කීවෙ කොහේදෝ ඈතක් බලන්.
මොකද අනේ මට මතක නැත්තෙ.තාමත් කොලර් එකෙ ලේන්සුවක් ගහන් ඉන්නවද
කාලෙකින් හම්බ වෙච්ච යාලුවා එක්ක ඩින්ගක් හිනා වෙන්න ඕන නිසා මමත් පොඩි කොලොප්පමක් කොරන්න හිතුව.එතකොටම අකලංක සාක්කුවෙන් එලියට ඇදල ගත්තෙ කොටු කොටු පරන ලේන්සුවක්.ඒක දැක්කම මගෙ ඇස් දෙක නලලටම ගියා.දෙයියනේ මේකාට පිස්සුද..
නිර්මලා දැන් හිතන්නෙ මොකද්ද කියල මම දන්නව.දෙයියනේ මේකට පිස්සුද..එහෙම නේද හිතන්නෙ..
අකලංක ආපහු සැරයක් මගෙ ඇස් වලට එබීගෙන ඇහුව.ඒකට කියන්න දෙයක් තිබුනෙ නැති නිසා මං බිම බලාගෙනම හිටියා.
නිර්මලා..
අකලංක හරි හෙමින් මගෙ නම කෙදිරුව.ඊලගට ආපහු තප්පර දහයක් විතර මං දිහා බලන් ඉදල කතාව පටන් ගත්තා.
මට පොඩි කාලෙ මෙලෝ දෙයක් බෑ.ඒක මටත් වඩා හොදට නිර්මලාට මතක ඇතිනෙ.නිර්මලා ටවුමෙ ඉක්කෝලෙට ගියාමත් ඒකෙ ඒ හැටි වෙනසක් උනෙ නෑ.ඕලෙවල් කරනකම් තිබ්බ හැම වාර විභාගෙකම මට හොදට ලකුනු තිබුනෙ ගනන් වලටයි විද්‍යාවටයි විතරයි.සිංහල බුද්දාගම ඉංග්‍රීසි ඉතිහාසෙ ඒවට ලකුනු හතලිහෙන් ඉහල ගියේම නෑ.මට හෙන ගේමක් දෙන්න උනා ඕලෙවල් හයයි තුනක් ගන්න.ඔයා දන්නවද මට ඕලෙවල් රිසාල්ට් තිබ්බෙ කොහොමද කියල..
ලොකු හුස්මක් පිට කරනගම් එයා මගෙන් ඇහුව.මම කොහොමද ඉතින් ඒක දන්නෙ.ඒත් මම නෑ කියන්න වගෙ ඔලුව දෙපැත්තට වැනුව.
මට තිබුනෙ A 1 B 1 C 3 S 3 W 1 යි.
A තිබ්බෙ ගනන් වලට.B තිබ්බෙ විද්‍යාවට.දෙයියනේ කියල සින්හල වලට C එකක් තිබුනා.ඉතුරු ඒව වැදගත් කියල හිතෙන්නෙ නැති නිසා මං කියන්නෙ නෑ.
ඔයාට W තිබ්බෙ ඉන්ග්කිශ් වලටද..
ඒක නම් මං ඇහුවෙ හිනා වෙන ගමන්.මොකද මට ඉන්ග්ලිශ් වලට තිබ්බෙත් එස් කට්ටක් නිසා.
ඔයා හරි.මං කඩ්ඩ හදාගත්තෙ ෆැකල්ටියෙදි.
ඔහොම ගිහින් අතුරු කතා හැදිල අකලංකගෙ මුල් කතාව වැහෙන්න ගිය නිසා මම ආපහු කතාවෙ මුලට ඇදිල ආව.
ඉතින් ඔයා දත් දොස්තර කෙනෙක් උනා.එහෙම නේද..
හ්ම්.ඒක හිතන තරම් ලේසි උනේ නෑ නිර්මලා.මං කොහොමත් මුල ඉදන්ම ඔයා වගෙ දක්ස ලමයෙක් නෙවෙයි නෙ.මට ගොඩක් දේවල් හදාගන්න තිබුනා.ඒත් මම ඇතෑරියෙ නෑ.කොහොම හරි ගේම ගැහුව.
ඔයාට මාව මතක් උනේ නැද්ද..
කොහේදෝ හිරකරන් ඉදපු වචන ටික බොග් ගාලා එලියට පැන්නෙ ඒ වෙලාවෙ.වස ලැජ්ජව.මේක මං ගැන මොනව හිතුවද මන්දා.
නිර්මලා ගමෙන් ගියාම මට ලොකුපාලුවක් දැනුනා.ඒත් මං කොහෙන් කියල හොයන්නද.මං ඔලෙවෙල් වලින් පස්සෙ ගමෙන් ගියා ඔයා වගේම .නෑ ඊටත් ටිකක් දුරකට ගියා.මං පන්ති ගියෙත් ඒ ලොකු ටවුමෙ.නිර්මලා පොඩි ටවුමෙ පන්ති යද්දි මං පන්ති ගියෙ ලොකු ටවුමෙ.ඒකයි අපි කවදාවත් මුන නොගැහුනෙ..
ඒ විදිහට නිර්මලාගෙයි අකලංකගෙයි අතීත කතා ටික අහල රසවිදල ෆෝ නම්බර් එකත් මාරු කරගෙන මං කැන්ටිමෙන් එලියට එන්න පිටත් උනා.කොච්චර කතා කරත් මට දැනුනා මොකද්දෝ හිස්තැනක්.කියාගන්න බැරි වෙච්ච දෙයක්.එහෙම නැත්තම් අහන්න බැරිවෙච්ච දෙයක්.ඒත් ඒ මොකද්ද කියල මට හරියට තේරුම් ගන්න බැරි උනා.අකලංක එයාගෙ කටයුත්ත ඉවර කරල ආපහු හොස්පිටල් එකට් යන්න කියල එයාගෙ කාර් එකට ගොඩ වෙන්න හදනකොටත් මං එයා ලගම හිටගෙන උන්නා.
පරිස්සමින් යන්න.
මං එහෙම කියල යන්තමින් හිනා උනා.
නිර්මලාට මට මොනව හරි කියන්න තියෙද..
ඔන්න එතකොටම අර හිස්තැන සම්පූර්න උනා.මෙච්චර කලක් මට කියාගන්න බැරි වෙච්ච දේ මම කියල දැම්මා.
අකලංක..එදා සිස්සත්තෙ රිසාල්ට් ආපු වෙලාවෙ හිතේ තිබ්බ සතුටට මට ඔයා අමතක වෙලාම ගියා.ඒකට මට සමාවෙන්න.
මං ඔලුව බිමට බර කරන් ඉන්නකොට අකලංක ආපහු මගෙ ඇස් වලට එබුනා.
නිර්මලා .එදා මාව අමතක වෙච්ච එකම කෙනා ඔයා විතරක් නෙවෙයි.හැමොටම මාව අමතක උනා.අනික ඒ සිද්දිය මට විතරක් වෙච්ච දේකුත් නෙවෙයි.ඒක විභාගෙ පේල් වෙන හැම ලමයෙක්ටම වෙන දෙයක්..
එහෙම කියාගෙන අකලංක දත් දොස්තර මහත්තයා යන්න ගියා.එයා ආයි මට කතා කරාවිද නැද්ද කියල මා දන්නෙ නෑ.ඒත් පොඩි පැටවුන්ට උගන්නන ටීචර් අම්මා කෙනෙක් විදියට එදා පොඩි අකලංකට සිස්සත්තෙ නිසා වෙච්ච කෙනෙහිලිකම් ටික නම් කවදාවත් අමතක කරන්න බැරි වේවි..විරුවකුගේ නික්ම යෑම...! 💂
දිනයේ සවස් වරුව උදාවූවා පමණි. මා හට ලැබුණු නියෝගය වූයේ දිනයක් වේලාවක් නොමැතිව, එක දිගට උපන්බිම වෙනුවෙන් සිය ජීවිත පූජා කල තවත් රණවිරුවකුගේ නිසල දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ දෙමාපියන්ට හෝ භාරකරුවන්ට බාර දීමේ වගකීමයි.
උපදෙස් සමග සිව් දෙනෙකු සමගින් ජීප් රථයක් මාගේ ඉදිරි කටයුතු වලට භාර කෙරිණි. කඳවුරෙන් පිටත්වී මල් ශාලාවට යාමට ප්‍රථම සියලු විස්තර හා උපදෙස් ලබා ගැනීම මාගේ රාජකාරියට අදාල විය. කෙසේ වුවත් නැවත වතාවක් මා උත්සුක වූයේ මරණය සම්බන්ධව නිවැසියන්ට දන්වා ඇත්ද යන්නයි. 🏳️
සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වනුයේ මරණයක් වූවිට ඔහුගේ මව් රෙජිමේන්තුවට ලැබෙන මුල්ම පණිවිඩය අනුව ඔහුගේ නිවස අයත්වන පොලිස් ස්ථානයට සිද්ධිය සබැඳිව විස්තර ලබා දීමයි. ඒ අනුව ඔවුන් නිවැසියන්ට දන්වා සිටීම පළමු කර්තව්‍යයයි.
එසේ වූ නමුදු, යම් අවස්ථාවලදී යුද්ධයේ අපට සිදුවන බිහිසුණු සහ අවාසි සහගත තත්ත්වයන් මේ ක්‍රියාදාමය කණපිට පෙරලූ අවස්ථාද නැත්තේම නොවේ.
බොහෝවිට වැරදි නිවැසියන්ට පණිවිඩය ලැබීම හෝ අදාල පණිවිඩය නොලැබීම වැනි කාරනා හුවා දැක්විය හැකිය... 😕
ඒ අනුව සොයා බලා අදාළ දැනුම් දීම් සිදුවී ඇති බවට විශ්වාසය පෙරදැරිව මම අප රැගත් වාහනය මල් ශාලාව වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි.
ආදරණීය දෙමාපිය යුවලකගේ ශක්තිය වූ තවත් වීර සෙබලෙකු ගේ නිසල දේහය සුදු පැහැති රුක්මණී දේවී මොඩලයේ හයිඒස් වෑන් රථයක තැන්පත් කර ඒ සඳහා අවැසි ආම්පන්න ද සහිතව සූදානම් කොට තිබුණි... ⚰️
ගෙන යන ලද ජාතික ධජයෙන් දෙන සහිත පෙට්ටිය ආවරණය කල අපි මල් ශාලාවෙන් කැබිතිගොල්ලෑව බලා පිටත් වූයෙමු.
වලගොඩැලි සහිත වසර ගනනාවකින් අළුත් වැඩියාවක් නොවූ ප්‍රධාන වුවත්, දුෂ්කර මාර්ගයේ කැබිතිගොල්ලෑව නගරයට ළඟාවන විට ඉර දවසේ අවසන් රත්පැහැ මන්දාලෝකය විහිදුවමින් නිහඬ රාත්‍රියට ආරාධනය කර තිබිණි... 🌒
කොටින්ගේ භීෂණයේ අඳුරු සෙවනැලි පැවති නගරයක් තුල මගේ රාජකාරිය බැරෑරුම් වුවද එය නිසි පරිදි කලයුතුම විය.
නගරයෙන් ලබාගත් තොරතුරු මත අදාළ මාර්ගයේ මා සමග ගමන් ගත් ජීප් රථය සහ ඊට මදක් පිටුපසින් සුදු පැහැති වෑන් රථය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙයි...
මිනිස් ඡායාවක් බව පමණක් ඇඳිනිය හැකි, එකිනෙක නොපෙනෙන දුරින් පිහිටි කටුමැටි සහිත වරිච්චි බිත්ති වලින් සුසැදි, දරිද්‍රතාවයෙන් සහ භීෂණ වාතාවරණයෙන් පෙළුණු පොල් අතු නොවේ නම් ඉපල් වලින් සෙවිලි උනු නිවාස එකින් එක අප පසුකර පසුපසට යයි.
අප වාහන ඉතා සෙමින් ඉදිරියට ඇදුනද එහි ශබ්දයට විවුර්තව තිබූ දොරපියන් වැසී එතුල තිබෙන අඳුර යම් තරමකට කපා හෙලූ කුප්පි ලාම්පු එළියද නිවී යාම, අප තවත් අසීරුතාවට පත් කල බව නොකිවමනාය. 😞
මායිම් ගම්මාන වල නිරතුරුවම ඇති මරණයේ සෙවනැල්ල එයට කදිම සාක්ෂියකි.
එනයින් බලන කල මේ අහිංසක මිනිසුන්ට දකුණේ මිනිසුන්ට මෙන් කිසියම්ම හෝ නිස්කාංසුවක් නොමැති බවට මීටත් වඩා උදාහරණ අවැසි නොවේ.
රට වෙනුවෙන් පුත් රුවනක් දායාද කලා හෝ නොකලා යැයි වෙනසක් නොමැත. සියල්ලන්ගේම ජීවිත පසුදින දක |
්වා කෙසේ විසඳේ දැයි දන්නේ අන්ධකාර රාත්‍රියම පමණි.
එනිසාම ඔවුන්ගේ බියමුසු සැඟවීම අප තවත් අපහසුතාවට ඇද දමන ලදැයි කීවොත් නිවැරැදිය.
අහම්බයක් මෙන් තම නිවෙස කරා පියමනින අයෙකු අපට හමුවිණි.
දහවල අවසන්ව නිෂාකාලය ලැබීම යනු මේ ගම් වාසීන් ඔවුන්ගේම ඇඳිරි නීතියට අනුගත වූවා සේය.
එවැනි මොහොතක හදිසියේ මුණගැසුණු ඔහුගෙන් නිවැරැදි තොරතුරක් ලැබීමම මට මහත් වූ සහනයක් විය.
................................!!
නිවෙසට මදක් වූ දුරින් රථ දෙකේම ප්‍රධාන ලාම්පු නිවා දමා නතර කෙරිණි.
පොල් අතු වලින් සෙවිලි වූ එම නිවෙස වෙත මා තනිව පිය නැගුවේ මහත්වූ කුතුහලයෙනි.
සිය දේශය වෙනුවෙන් තමන්ගේ හෙට දවස පූජා කල තවත් එක් විරුවකු වූ ඔහුගේ බාල සොයුරා මා ඉදිරියේය. මා සිතුවා නිවැරැදිය, අදාල දැනුම් දීම මොනයම් හේතුවක් මත හෝ ලැබී නොමැති බව මට පසක් විය... 😕
භාරදූර සියලුම වගකීම් මා හිසමත මහාමෙරක් තිබ්බා සේය. කලහැකි අන්කිසිවක් නොමැත. මා ඔහු උරමත අතක් දමා සෙමින් බොරළු පාරට පිය නැගීමු.
ඔහු සන්සුන් කොට තත්ත්වය පසක් කරවූ මාගේ මීළඟ වගකීම වූයේ දේහය ඔවුන්ගේ මවට බාරදීමය.
උපේක්ෂා සහගතව එහෙත් බොඳවූ ප්‍රශ්නාර්ථ නෙතින් ඇය මාදෙස බලාසිටින අයුරු අඳුර කැපූ කුප්පි ලාම්පුවේ මද එළියෙන් දැකීම, මා එදා කෙසේ විඳදරා ගත්තා දැයි නොහැඟේ. 😢
ප්‍රාණය නිරුද්ධ සිය වැඩිමල් පුතනුවන්ගේ නිසල දේහය නොසිතූ මොහොතක පැමිණි පසු මවකගේ හර්ද ස්පන්දනය මා කෙසේ නම් පැහැදිලි කරන්න ද..? 🥺
දේහය තැබීමට කුඩා නිවෙසේ ඇතුල්ගේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මා මෙන්ම ඔවුන්ද අසරණ කලා සේය.
මව් රෙජිමේන්තුව දැනුවත් කොට හෙට දිනයේ අවශ්‍යය පහසුකම් ලබාදෙන තුරු, කෙටි තාප්පයකින් හෙබි නිවසේ ඉදිරි කොටස හෝ යම්තම් ප්‍රමාණවත් වීමම මසිතට විශාල සහනයක් විය.
එදවස කුරිරු යුද්ධයේ බිහිසුණු බව විසි හතර පැයේම අත්විඳි මායිම් ගම්මානවල වෙසෙන අපේම මිනිසුන්ගේ පවුලක යෝධ ශක්තියක් වූ ආදරණීය පුතෙකුගේ නිසල සීතල සිරුරට ආචාර කොට නැවත කඳවුරට වාර්ථා කිරීමේ අටියෙන් පසුව අප හැරුනෙමු...! 🇱🇰
(ප.ලි: අද දවසේ ත්‍රිවිධ හමුදාවන්ට නිගරු ලෙස කතා කරන බොහෝ අය ඔවුන්ගේ හෙට දිනය වෙනුවෙන් මේ ජීවිතේ සැපය යනු කුමක්දැයි නොදැන "මෙලෙස නිහඬ වූ විරුවන්" ගේ චරිතාපදාන වලින් දැනුම් වත් වේ නම් එය ඔවුන්ට කල හැකි ඉහළම ගවුරවය වනු ඇතැයි මම අපේක්ෂා කරමි...! ❤️🩹)
(චායාරූපය අන්තර්ජාලයෙනි.)කරාබු කුට්ටම
සුනන්දා මැණිකේ කඳුළු පුරෝගෙන ලේන්සු පොදිය දිහා ආයෙම බැලුවා.සේදර මෙච්චර කාලයක් ගල් ගිලලා වගේ හිටලා මොකට ඇත්ත කිව්වද කියලත් සුනන්ද මැණිකෙට හිතුණා.උන්දෑ මැරෙන කොට හිත නිදහස් කර ගන්ට ඕනෑ කමක් තියෙන්න ඇති.ඒත් ඉතින් ඒ නිදහසින් සුනන්දා මැණිකෙට අත් වෙච්ච සෙතක් නං නෑ හිත ගිනි ඇවිලුනා මිසක්.කලුවර අල්මාරියේ කලුවරට මූණ ඔබාගෙන ඈ ඇඬුවා...ලේන්සු පොදිය පපුවට තුරුල් කරන් ඉඹ ඉඹ ඈ ඇඬුවා...ඈට දැනුනේ සිහිය විකල් වේගෙන එනවා වගේ.දෛවය මේ තරං නපුරු දඬුවමක් ඈට දුන්නේ ඇයි කියලා සුනන්දා මැණිකෙ අහසට නෙත් යොමාගෙන ඇහුවා..
සේදර කියන්නේ සුනන්දා මැණිකෙලාගේ වලව්වේ වත්ත පිටිය බලා ගත්තු හීන් බණ්ඩගේ බාල කොලූ.සුනන්දා මැණිකෙට අවුරුදු කීපයක් බාලයි.උපන් දා හිටම සුනන්දා මැණිකෙගෙ මූණේ වම් පැත්තේ පදාසයක්ම වහ ගත්තු දැලි පැල්ලමක් වගේ උපන් ලපයක් තිබුනා.ඒ මදිවට දකුණු ඇහැ වපරයි හොඳටෝම.ඔයින් මෙයින් සුනන්ද මැණිකෙගේ මූණ ඒතරං ප්‍රියමනාප පෙනුමකට හිමිකම් කීවේ නෑ.යොවුන් වියේ එලිපත්තට එනකොටත් මහ තප්ප දෝරු ඇඟකට කඳ බඩ ආරලා තිබුණා.සුනන්දා මැණිකෙගේ මේ පෙනුම නිසාම පවුල ඇතුලේ ඈට ලොකු ලෙංගතුකමක් පාන්න කවුරුත් හිටියේ නෑ.දනක් දිගට කොණ්ඩෙ තිබුණත් නිල් මැණික් කැට වගේ දිලිහෙන ඇස් දෙකක් තිබුනත් ඒ වග විස්තර කවුරුවත් ගණන් ගත්තේ නෑ.සුනන්දා මැණිකෙගේ අප්පොච්චිට සුනන්දා මැණිකෙව දෑහට පේන්න බෑ.ඈට වඩා දහ පාලොස් අවුරුද්දකට බාල නංගියි නිවුන්නු උන මල්ලිලයි උනත් සුනන්දා මැණිකෙට වැඩිමහල් සහෝදරී විදියට සැලකුවේ නෑ.සුනන්දා මැණිකෙට තිබුණු එකම සැනසීම ඇගේ අම්මා විතරයි.උණහපුළු අම්මට උගේ පැටියා මැණිකක් කියන්නැහැ ඈ සුනන්දා මැණිකෙව ඇහේ මූණේ තියං බලා ගත්තා.පවුලේ කාගෙන් වත් නොලැබුණු ආදරේ ඈ ලෝබ නැතුවම සුනන්දා මැණිකෙට දුන්නා.නංගිලා මල්ලිලා ඉස්කෝලෙ පංති යනකොට හැමදාම සුනන්දා මැණිකෙ ගෙදර හිටියා.අම්මගෙන් මැහුම් ගෙතුම් වැඩ ගෙදර දොරේ වැඩ සේරම අහු කොන් නෑරම ඈ ඉගෙන ගත්තා.ගෙදර දොරේ වත්තෙ පිටියේ වැඩට ඕනෑ තරං සෙනඟ හිටියා උනත් සුනන්දා මැණිකේ උන්නේ කොයි වෙලේත් පාලුවෙං කාංසියෙන්.ඒ හින්දම කුස්සියේ වැඩට උන්නු ගුනවතිගේ දූ සේපාලිව සුනන්දා මැණිකෙගේ අම්මා තමුන්නේ වියදමින් බතික් ඉගෙන ගන්න පංතියකට යැව්වේ ගෙදර ඇවිත් ආපහු ඒ ඉගෙන ගන්න පාඩං අකුරක් නෑර සුනන්දා මැණිකෙට කියා දෙන්න පොරොන්දු කරවගෙන.අකුරක් නෑර කිව්වට සුනන්දා මැණිකෙට අකුරු බෑ කොහොමත්.ඈව ඉස්කෝලෙ යවන්න සුනන්දා මැණිකෙගේ අප්පොච්ච කැමති කර ගන්න මහ මැණිකෙට කොහොමටවත් බැරි උනා.
කොහොමින් කොහොම හරි සේපාලි සුනන්දා මැණිකෙට ගුරු මුෂ්ටියක් තියා ගන්නේ නැතුවම ඈ උගත් කලාව ඉගැන්නුවා.ඕන කරන බඩු සේරම මහ මැණිකෙට කියලා ඉල්ල ගෙන දෙන්නා එක්ක හරි හරියට සාරි ඔසරි මේස රෙදි ආදි නානාප්‍රකාර මෝස්තර වැඩ කරන්න ගත්තා.සුනන්දා මැණිකේ චිත්‍ර කලාවට හොඳ හපනියක් කියලා මහ මැණිකෙ දැන ගත්තෙත් මේ වැඩ වලින් තමා.පස්සෙන් පහු වත්තේ කොණකට වෙන්න බතික් වැඩ වලටම ගැලපෙන තැනක් හීන් බණ්ඩා ට කියලා තනා ගන්න මහ මැණිකෙ පුළුවන් උනේ.මේ ඉන්න වලව්ව මහ මැණිකෙට දෑවැද්දට ලැබිච්චි තැන හින්දා.ඉඩ කඩං ලියන වෙලාවේ සුනන්දා මැණිකෙගේ අප්පොච්ච මහ මැණිකෙට කිව්වේ
"දෑවැද්දට ගෙනාව එකීට දෑවැද්දට ගෙනාව ඉඩම ලියලා දුන්නට කමක් නෑ.මගේ එව්වැයින් පස් පිඩැල්ලක් මං ඕකිට දෙන්නේ නෑ"
කියලා.මහ මැණිකෙටත් ඉතිං කට උත්තර නැතුව ගියා.කොහොමින් කොහොම හරි මහ මැණිකෙගේ නම්බුව බලා ගෙන කසාද බැන්ද කුලෙන් ඩිංගක් බාල උන ඇත්තාට මුහන්දිරම් රාලහාමි වෙලා ගමෙන් බාගෙක අණසක පතුරවන්න පුළුවන් උනේ ඉතින් තමං අතින් වෙච්ච වැරැද්දේ හිලව්වට කියලා මහ මැණිකෙ එකට එක කියන්න ගියෙත් නෑ.මොනවා කොහොම උනත් ඒ ඇත්තෝ සුනන්දා මැණිකෙට වෙනස් කං කරා මිසක තමන්ට වචන මාත්තරේක වෙනසක් කලේ නෑ කියලා මහ මැණිකෙගේ හිත දන්නවා නොවැ.
සුනන්දා මැණිකෙගෙයි සේපාලිගෙයි බතික් වැඩපොලට කාගෙවත් ඇණවුමකින් තොරවම අත් උදව්වට හිටියේ සේදර.දෙන්න එක්ක කරන මෝස්තර වැඩ වලින් බාගයක් ටවුමට ගිහින් විකුණලා කාසි කරලා ගෙනාවේ සේදර.කොහොමින් කොහොම හරි සේදර, සේපාලි සුනන්දා මැණිකෙ එක පෙලේ යාලුවො උනා මහ මැණිකෙ නැති වෙලාවට සේදරගේ කොලොප්පම් වලට හිනාවෙන අනික් දෙන්නගේ සද්දෙට වහලේ උලුත් හෙලවුනා මයේ හිතේ.
කාලේ ගෙවීගෙන යනකොට නිතර නිතර එකට මුහු වෙලා වැඩ කරන සේදර ගැන සුනන්දා මැණිකගේ හිතේ ආලයක් මෝරන්න ගත්තා ඈටත් නොදැනීම.මිනිරන් කලු පාට තුංග ඇඟ පත සුනන්දා මැණිකෙ හීනෙන් දකින ගානටම ආවා.ඒත් සේදර ගේ ඇල්ම තිවුනේ සේපාලිට.සේපාලිලා සේදරලා කොහොමත් පෑහෙන පෙලේ වෙච්චි කාගෙන් තහනමක්ද?ඒ වගේ යැ සුනන්දා මැණිකෙ වලව් පෙලපතේ.සේදරට තේරුනා උනත් සුනන්දා මැණිකේ ගේ අමුතු ඇල්ම බැල්ම.සේදර හිටියේම නොදැනුන ගානට.සුනන්දා මැණිකෙටත් පිරිමි පරාණයක් කියලා නිතර පෙනුනෙත් සේදරව.ඊටත් පවුලෙන් ම ප්‍රතික්ෂේප වෙන කොට කිසි වෙනසක් නැතිව සුනන්දා මැණිකෙට ලෙංගතුකම් පෑවෙත් සේදර.ඉතින් සුනන්දා මැණිකෙගේ ආල ලීල හිත සේදර ඇර වෙන කාව තෝර ගන්නද ?කොහොමත් ඔය වලව් ඌෂ්ණයක් සුනන්දා මැණිකෙ ළඟ ගෑවිලවත් තිබුනේ නෑ.උපන් තේකට වලව්වෙන් එලියට නොබැහැපු සුනන්දා මැණිකෙට සමාජේ ගැන ලොකුවට තේරුමක් වැටහීමක් තිබුනෙත් නෑ.
"සේදර මාව කසාද බඳින්න කැමති නැද්ද?"
සේපාලි නැති තැනක සුනන්දා මැණිකේ සේදරව ඇස් දෙකටම කොටු කර ගත්තා.සේදරත් ඒ බැල්මට ගැස්සුනේ නෑ කිව්වොත් බොරු.කොහොමත් ඉතින් ඒකත් පිරිමියෙක්නේ.සුනන්දා මැණිකේගේ ඒ ඇස් බැල්මේ පිරිමි හිතක් උනත් ගැබ්බර කරන්න පුළුවන් ජාතියේ නුරාවක් ඇඳිලා තිබුනා.
"සුනන්දා මැණිකෙට හඳ මෝරනකොට ඔලුව අවුල් වෙනවද?"
ඒ වගේ බයක් හැකක් නැති ප්‍රශ්නයක් අහන තරමේ බැඳීමක් සේදරයි සුනන්දා මැණිකෙ අතරයි තිබුනා.
"සුනන්දා මැණිකෙ වලව්වේ කුමාරිහාමි වෙච්චි.මං හරක් බලන එකා වෙච්චි පොලවේ ඉඳලා අහසට ඉණි මං බඳින්න බෑ මැණිකේ..."
මහදැනමුත්තෙක් වගේ සේදර කියන කොට සුනන්දා මැණිකෙ අඬාගෙන ගෙට දුවගෙන ගියා.ආයේ කාමරෙන් එලියට බැස්සේ දොට්ට පිලට යන්න විතරයි.සුනන්දා මැණිකෙගේ වෙස් පෙරලිය තේරුම් ගන්න තරං මහ මැණිකෙට නිනව් තිබුනෙත් නෑ.කොහොමත් ඔය බතික් රාජකාරි වලට කලිනුත් සුනන්දා මැණිකේ උන්නේ කාමරේටම වැදිලා නොවැ.සේපාලි කොච්චර වලි කෑවත් සුනන්දා මැණිකෙව කාමරෙන් එලියට ගන්න ඈටත් බැරි උනා.බාර ගත්ත ඇණවුම් වල වැඩ සේපාලිට තනියම කරන්න සිද්ද උනා.සේදරත් හරි හරියට ඈට උදව් කරා.ඒ අතරේ සේපාලිට සේදර සුනන්දා මැණිකෙගේ යෝජනාව ගැනත් තමන් ඊටත් උත්තර බැන්ද විදියත් කිව්වා.
"සේපාලිට ලස්සන ඔසරියක් බතික් කරලා දෙන්න බැරිද සුනන්දා"
ඇඳට වෙලා වහලේ දිහා බලන් කල්පනා කරන සුනන්දා මැණිකෙගෙන් මහ මැණිකෙ ඇහැව්වේ ඒ වැඩේ බාර දුන්නහමවත් ඇගේ මේ ඈලි මෑලි ගතිය ඇරිලා යයිද බලන්න.
සුනන්දා මැණිකේ ඇස් බැල්ම මදකින් වත් එහෙට මෙහෙට නොකර
"සේපාලිට මොටද ඔසරි?"
කියලා ඇහුවා.
"සේදරගෙයි සේපාලිගෙයි කටයුත්ත යෙදිලා තියෙන්නෙ ලබන මාසේ මුලට මෙච්චර කාලයක් ඔයාට ආවතේව කං කරපු එකේ කෙලෙහි ගුණෙටත් එක්ක එහෙම එකක් වත් කරන්න ළමයෝ"
ප්‍රති උත්තරයක් බලාපොරොත්තුවෙන්නෙ නැතුව මහ මැණිකෙ කාමරෙන් එලියට ගිය නිසා මී දෙනක් ගානට අඬා වැටෙන සුනන්දා මැණිකෙව ඈට මග ඇරුණා.
සේපාලි අම්මාව එක්කගෙන ටවුමට ගිය දාක හැන්දෑවේ සුනන්දා මැණිකේ සේදරව බදා ගෙන ඇඬුවා.
"මාව අත් අරින්න එපා සේදර.... මං ඔයාට ආදරෙයි සේදර"
ඉකි ගහ ගහ සුනන්දා මැණිකේ අඬනකොට සේදරව සුනන්දා මැණිකෙගේ නිල් මැණික් කැට ඇස් අස්සේ හිර උනා.හුඟාක් දේවල් උනේම සුනන්දා මැණිකෙගේ උවමනාවට සේදර හි |
ටියේ අසරණ වෙලා.ඔක්කොම දේවල් වෙනස් වෙන්න මහ වෙලාවක් ගත උනේ නෑ.සේදර අන්ද මන්ද වෙලා කවදාවත් නොදුටු සුනන්දා මැණිකෙගේ මේ අරුමේ දිහා බලන් හිටියෙත් ලොකු තෘප්තිමත් හිනාවකින් මූණ පුරෝගෙන සුනන්දා මැණිකේ ඒ රතු පැහැ සලකුණ රැඳුණු සේපාලි වෙනුවෙන් බාගෙට හද හදා තිබුණු ඔසරි රෙද්දත් ගුලි කර ගෙන ගෙට දිව්වෙත් එක මොහොතේ.
"අම්මේ මට සේදරව බඳින්න ඕන"
කාමරේට ආව මහ මැණිකෙට සුනන්දා එක පාරට කියලා දැම්මම මහ මැණිකේ වියන් ඇඳේ විට්ටම බදා ගත්තා.
"උඹට පිස්සුද?"
කියලා අහ ගන්න තරමට මහ මැණිකෙට සිහි කල්පනාව තිබුන.
"මේං...."
මහ වීරකමක් කරා වගේ සුනන්දා මැණිකේ අර ගුලි කරන් ආව රෙද්ද මහ මැණිකෙගේ ඇස් ඉස්සරහ දිග ඇරිය.ඒ වතාවේ නං ඇඳේ ඉඳ ගත්තේ නැත්තං මහ මැණිකෙ බිමට පත බෑවෙනවා.හෙමින් සැරේ සුනන්දා මැණිකේ දිහා බලං උන්න මහ මැණිකෙට විනාඩි ගානක් ඇතුලේ හුඟාක් දේවල් තේරුම් ගියා.ඈ විනාඩි ගාණට ඔලුව ඇතුලෙන් ලොකු සැලැස්මක් හදා ගත්තා.
"සුනන්දා යං මා එක්ක පුංචි අම්මලගෙ ගෙදර"
සැලැස්මේ පලවෙනි පියවරට ඒ විදියට එලඹුනා.වදෙන් පොරෙන් සුනන්දා මැණිකෙ ව කලුතර තමන්ගේ නංගිගේ ගෙදර නවත්තලා එන ගමන් මහ මැණිකේ සැනසුම් සුසුමක් හෙලුවා.ඊලඟ දවසේ සේපාලි සේදරත් එක්ක ගමන් ඇරඹුවේ මහ මැණිකෙගේ දුර නෑයෙක්ගේ ඈත පලාතක තිබුන පොල් වත්තක මුර රස්සාවට, එහෙ පදිංචියට ගේ පොඩ්ඩකුත් ලෑස්ති කරලා තිබුනා.යාන්තම් මහ මැණිකෙට ඕන විදියට හැමදේම ලෑස්ති කරන් මාස තුනකට විතර පස්සේ සුනන්දා මැණිකෙව එක්ක එන්න හිතං කලුතර ගිය මහ මැණිකෙට ආය හෙනයක් පාත් වෙනවා වගේ ආරංචියක් තමයි ලැබුණේ.
ඉතින් මක් කරන්නද කුසෙන් හෑල්ලු වෙනකම් කලුතර නංගිටම සුනන්දා මැණිකෙව භාර දීලා වරින් වර මහ මැණිකේ එහාට මෙහාට ගෑටුවා.සුනන්දා මැණිකේ සතුටින් හිටියා දරු පැටියෙක් ලැබෙන්න ඉන්න හින්දා කොහොමත් අම්මා සේදරව තමන්ට විවාහ කරලා දෙයි කියලමයි ඈ හිතුවේ.අම්මා කීවෙත් දරුවා කුසෙන් හෑල්ලු වෙනකම් කලබල නැතුව ඉන්න අප්පච්චිව මේ කටයුත්තට කැමති කර ගන්නං කියලා.ඒත් සුනන්දා මැණිකෙ මාස නවයකට පස්සේ මහ වදයක් වේදනාවක් විඳලා සිහියත් අසිහියත් අතරේ මරණෙ දොරකඩටම ගිහින් වදලා තියෙන්නෙ මළ දරුවෙක්ය කියලා දැන ගත්ත වෙලාවේ නං සුනන්දා මැණිකෙට හිතුනෙම වහ ඩිංගක් බීලා ඒ දරුවා ළඟම ඇල වෙන්න.සුනන්දා මැණිකෙට දුක හිතෙන නිසා දරුවා පෙන්නන්න එපා කියලා අම්මා වින්නඹු අම්මට කියලා තිබුණු නිසා ඉපදුණ දරුවා කලුද සුදුද කියලවත් ඈ දන්නෙ නෑ.පුංචි අම්මලගෙ වත්තේ මායිමේ දරු පැටියාගේ සොහොන දැක දැක ඉන්න බැරි කොමට සුනන්දා මැණිකෙ අම්මට කිව්වා තමන්ව ගෙදර එක්ක යන්න කියලා.මහ මැණිකෙ ඈව ආපහු වලව්වට එක්ක එනකොට හුඟාක් දේවල් වෙනස් වෙලා.දහ අටේ කෙල්ල වගේ හැඩට රුවට ඔපේට ආඩම්බරේට හිටපු මහ මැණිකෙගේ ඔලුවේ බාගයක්ම කෙස් සුදු වෙලා තිබුන.සේදරත් සේපාලිත් ගිය තැනක්කත් හොයා ගන්න දන්නෙ නෑ කියලයි සේපාලිගේ අම්මයි සේදරගේ තාත්තයි දෙන්නම කිව්වේ.
අවුරුදු දහයක් ම විදුලි වේගෙට ගෙවිලා ගියා සුනන්දා මැණිකේ වලව්වේ තනි උනා.අල්ලපු ඉඩමේ උන්නු එක්කුස උපන් සහෝදරයා සුනන්දා මැණිකෙට වලව්වේ වහල යට ඉන්න දුන්නේ අම්මා ඒක ඈට ලියලා වෙන් කරලා තිබුණු නිසා.මුලු වත්තෙ පිටියේ ආදායම සේරම ඔහු ගත්තේ සුනන්දා මැණිකෙට ඕවට ඔට්ටු වෙන්න බැරි වග කියලා.ගමේ ගෑණු ළමයි දෙතුන් දෙනෙක් අල්ලගෙන සුනන්දා මැණිකෙ ආපහු බතික් වැඩපල පටන් ගත්තා.ඉවුම් පිහුම් ටික සේපාලි ගේ අම්මා කරලා දුන්නා.සේදරගේ තාත්තාත් සුනන්දා මැණිකෙට කරදරේකට ආයාමෙකට පිරිමි පුලුටක්කත් ළඟ ඉන්න ඕන කියලා මහ මැණිකෙ ඒ කාලේම වත්තේ කොණක අටවාපු පැලේ උන්නා.සුනන්දා මැණිකේ සතුටත් නැති දුකකුත් නැති ලෝකෙක ඔහේ උන්නා.අවුරුද්දකට වතාවක් දරුවා වෙනුවෙන් සාංඝික දානයක් දුන්නා හොඳ තැනක ඉපදෙන්න පතලා.
දවසක් මහ රෑක කුස්සියේ දොරට කවුදෝ තට්ටු කරනවා ඇහිලා සුනන්දා මැණිකෙ සේපාලිගේ අම්මාට කිව්වා දොර ඇරලා බලන්නය කියලා.ඇරපු දොර පාමුල උන්නේ සේදර.දොර ඇරපු ගමන් සේදර පිලේ බිමින් ඉඳ ගත්තා.සුනන්දා මැණිකේ හැරිලා ගෙට ගියා.ඔහු අවුරුදු දහකට කලින් උන්නයින් දැන් බාගයයි.සුනන්දා මැණිකේගේ හිතේ දුකක් ද සතුටක් ද කියන්න බැරි හැඟීමක් උපන්නා.
"මැණිකේ සේදරගේ ලොකු කෙලී මහරගමලු බේත් කරන්න සල්ලි නෑලු මැණිකෙගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් ඇවිත් ඉන්නෙ."
සේපාලිගේ අම්මා ඇඬූ කඳුලින් කිව්වත් සුනන්දා මැණිකෙට දැනුනේ කුරිරු සතුටක්.
"මං මක් කරන්නද ආපු අතක් බලන් යන්න කියන්න"
සුනන්දා මැණිකෙ හැඟීම් විරහිත ඇස් දෙකෙන් ඈත බලාගෙන කිව්වා.යකෙක් දැක්ක ගානට ඈ දිහා බලන් උන්නු සේපාලිගේ අම්මා පස්සෙන් පස්සටයි කුස්සි යාලත්තට ගියේ.ගමේ කවුරු උනත් පිහිටක් පතාගෙන ආවොත් බඩේ කටේ තියෙන දෙයක් හරි දීලා තියෙන හැටියකට උදව් කරන සුනන්දා මැණිකෙට මක් උනාද කියලා හිත හිතා...
"ඕනම නං ණයට තුරහට කීයක්වත් දෙන්න පුළුවන් හැබැයි ඇපේට තියා ගන්න දෙයක් ඕනේ."
ඒ පාර සුනන්දා මැණිකේ කුස්සියටම ඇහෙන්න කීවා.ටිකකින් සේදර ඇවිත් තිබුනා ආයෙම සව් කොලේකින් ඔතලා තිබුන කරාබු ජෝඩුවක් අරං.
"ඕක දරුවා උපන් වෙලාවේ මහ මැණිකේ තෑගි දුන්නා.වෙන දෙන්න දෙයක් නෑ සුනන්දා මැණිකේ තිබුන සබ්බ සකල මනාවම දරුවා සනීප කර ගන්න වියදං කරා."
සේදර සාලෙටම ඇවිත් තිබුනා.සුනන්දා මැණිකේ කරාබු කුට්ටම අරං ඒක වටිනවයි කියලා හිතෙන මුදල අරං සේදරට දුන්නේ මූණවත් නොබලා.කරාබු කුට්ටම ලේන්සුවක ඔතලා කලුවර අල්මාරියේ ලාච්චුවක් ඇතුලට එබුවා.කොහොම උනත් ඒ සල්ලි වලිනුත් සේදරට දරුවා බේර ගන්න බැරි වෙලා තිවුණා.සේදරගේ දරුවගේ අවසන් කටයුතු කරේ සුනන්දා මැණිකෙගේ අම්මා සේදරගේ තාත්තාට ලියලා දුන්න ගෙදර.වල දැම්මේ ඒ ඉඩමෙමයි.සුනන්දා මැණිකේ මේ කිසි දේකට සහභාගී උනේ නෑ.පස්සෙන් පහු සේදර සුනන්දා මැණිකෙගේ සහෝදරයා ළඟ වැඩට ගියා.සේපාලි සුනන්දා මැණිකෙගේ බතික් වැඩපලට ආවා.ඒත් දෙන්න අතරේ ඉස්සර වගේ යාලු මිත්‍ර කමක් තිබුනෙත් නෑ.ඔය සංසිද්ධි වලට හුඟාක් කාලෙකට පස්සේ සේදර උන් හිටි ගමන් අසනීප උනා.මැරෙන්න කලින් දවසේ සුනන්දා මැණිකෙට සේපාලි අත ලියුමක් එවලා තිබුනා.බතික් වැඩපලේ ගණන් හිලව් බලන කුමාරි කෙල්ල සුනන්දා මැණිකෙට ඇහෙන්න ලියුම කියෙව්වේ හරියටම සේදර අන්තිම හුස්මත් අත ඇර දාපු දවසේ.
මැණිකේ,
ඔය කරාබු කුට්ටම පරිස්සම් කරලා තියා ගන්ට.ඒක මයේ දූ කනට දාපු දවසේ මට මතක් උනේ මැණිකෙගේ දිලිසෙන ඇස් දෙක.මැණිකේ කලුතර ගිහින් බලලා කරලා එන්නේ ඒ ගෙදර උන්නු බැලලිගේ සොහොන.මැණිකෙට අපේ දූ බලන්න ඕන නං යන්න ඕන අපේ ඉඩමේ තියෙන සොහොනට.මට මේ දේවල් වලින් නිදහස් වෙන්න ඕන මැණිකේ. මං යනවා අපේ දූ ළඟට.ඒකිට තනිකම ඔරොත්තු දෙන්නේ නෑ මැණිකෙට වගේම.
සේදර
නිමි.
(සේයාරුව මුහුණු පොතෙන්)මේ ලෝකේ සුන්දරම මග බලා හිදීම් තිබුනේ දෙමව්පියන්ගේ හිත්වල...
මේ පින්තූරය දකිද්දිම හිත අස්සේ අමාරුවෙන් හිරකරගෙන ඉන්න මතක ගොන්නක් එලියට ආවා. ඉතින් ඇහෙන් වැටෙන කදුලක බර අකුරු නොකර ඉන්නේ කොහොමද .....
ජීවිතේ කියන්නේම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙන සුන්දර අසුන්දර මතක ගොන්නක් එක්ක වේගයෙන් ගලායන පුදුමාකාර දෙයක්.
පුංචිම කාලේ ඇහැට පේන මානේ තියාගෙන මාව පරිස්සම් කරපු අම්මයි තාත්තයි තවත් කාලෙකදි කැම්පස් නිවාඩුවට ගෙදර එනකල් බලන් හිටියෙත් මේ වගේම තමයි.
ඊටත් පස්සෙදි කාලෙක වැඩ ඇරිලා ගෙදර එනකල් මගින් මගටම කෝල් දිදී කොහේද ඉන්නේ කියලා හොයල බලලා මග බලාන හිටියේ ගෙදරට ගොඩ වෙද්දිම බොන්න උණුවෙන්ම කිරි තේකකුත් හදාගෙනමයි.
දෙමව්පියන්ට දරුවෝ කියන්නේ තමන්ගේ හදවතේම කොටසක්. කොච්චර ලොකු වුනත් වයසට ගියත් එයාලට ඕනි තමන්ගේ ඇස් මානේ තියාන දරුවන්ව පරිස්සම් කරන්නයි. හරියටම මගේ අම්මයි තාත්තයි කලා වගේ.....
ජීවිතේ අන්තිම හුස්ම වැටෙනකල්ම දරුවෝ පරිස්සමින් ගෙදර එනකල් හැමදාමත් දෙමව්පියෝ මග බලනවා."අම්මාට හිතෙනවා ද මේ ගත්ත තීරණය හරි කියලා "
" ඔව් මං හුගක් හිතුවා.මංඒක වෙනස් කරන්නෙ නෑ.ඔයාලා මාව නවත්තන්න එපා. මං අතින් වැරැද්දක් වුණා මං අද ඒක නිවැරදි කරනවා නැත්නම් සැනසීමේ මැරෙන්න වෙන්නේ නෑ "
"අපි අම්මට කවදාවත් ඔය දේ කරන්න එපා කිව්වේ නෑ අම්මයි කළේ නැත්තේ"
"අනේ මං නොදන්නේ ඒක .උඹලා තුන්දෙනත් දැන් එක එක විදිහ .එක බඩවැල කඩාගෙන ආවට"
"අම්මේ දැන් අපේ ජීවිත හරි කාර්යබහුලයි .මං දන්නවා අපිට අම්මා වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලය අඩුයි තමා .ඒත් අපේ අම්මට හැම පුළුවන් වෙලාවක බලනවා"
"උඹලා බැලුවත් නොබැලුවත් මට ඒකෙ ගානක් නෑ .මගෙ අතපය තාම හයියයි.තාත්තා වෙනුවෙන් පන්සලේ පින්කමට මම ලොකු ගානක් දෙන්න හිතුවා"
"කමක් නෑ අම්මේ අම්මගෙ කැමැත්ත අපි කවදාවත් අම්මට මුකුත් කිව්වේ නැහැ නේ"
"ලබන මාසයේ අර වැඩේට යනවා"
"හොඳයි අම්මේ අම්මට තනි නම් මාත් එන්නම්"
"මම මේක තනියම යන්න ඕන ගමනක්"
..................
මම කුසුම්සිරි හා විවාහ වූයේ යෝජනාවකින්.වසර අටක ප්‍රේම කතාවට මං සමු දුන්නෙ කොහොමද කියලා තවමත් මට හිතාගන්න බෑ. හිටිහැටියේ මං එහෙම සම්බන්ධ කමක් නවත්තද්දි සාලිය මැරෙයිද කියලත් මට බය හිතුනා. ඒත් මට හේතුවක් තිබුන එයාව අතාරින්න. එදා මට සාලියට කියන්න බැරි වෙච්ච .
"අනූ ඔයා අද හරි වෙනස් "
ඇයි?" මං ගිනිකන්දක් නැද්ද පිච්චෙනවා අනේ අහිංසක සාලිය දන්නෙ නෑ.
"නිකං"
"මං අද ඔයා ළඟටම වෙලා ඉන්නවා. මොකුත් කියන්න එපා ඔයා. මට එහෙම ඉන්න දෙනවද ටිකක් වෙලා?"
"ඔයා ඇති තරම් ඉන්න ඒත් අනු අපි මේ හම්බෙන අන්තිම දවස අද වගේ. ඇයි ඔයා මේ. මට අද වෙනසක් දැනෙනවා. ඔයා මාව දාලා යන්න ද යන්නෙ?"
"මං කිව්වනේ කතා නොකර ඉන්නකො ටිකක්"
ඇත්තටම පැයක් විතර යනකම් සාලිය මට ඉන්න දුන්නා. ඒත් මම දන්නවා මට යන්න ඕනේ ආයෙ මේ උරහිසට වාරු වෙන්න මට ලැබෙන්නේ නෑ.මේ ආදරය මේ උණුහුම මට ආයේ ලැබෙන්නේ නෑ. ඉතින් ඒක දැන දැන මං විදවන තරම් ඔයා දන්නවානම්.
මට ඒක ඔයාට කියන්න බෑ. චපල ගැහැනියක් වගේ ඔයාව දාල ගියොත් ඔයා මට වෛර කරලා මාව අමතක කරයි. නැතුව ආදරෙන් අපි වෙන්වුනොත් ඔයා මට යන්න දෙන්නෙ නෑ මං එක දන්නවා.
"සුදු මැණික මට හුඟක් දේවල් දැනෙනවා .අවුරුදු අටක් කියන්නෙ |
ම ලොකු කාලයක් .ඔයා අද වෙනස් ඇයි මට කියන්න බැරි .ඔයා දන්නව මං එක්ක ඔයාට ඕනෙ දෙයක් කතා කරන්න පුළුවන්"
"මං යන්නත් දැන් හුඟක් වෙලා හිටියා .call එකක් දෙන්නං .පරිස්සමෙන් ඉන්න .මං නැතත් ඔයා හොදින් ඉදීවි. මට ඒක විශ්වාසයි"
"පිස්සු කතා කියන්න එපා අනු...... ඔයා නැතුව මං හොඳින් නෑ හොඳද? ඒක විහිළුවක් විතරයි. මං හොඳින් ඉන්නේ නෑ ඒක හොඳට මතක තියාගන්න"
මම සාලියට සමුදුන්නෙමි.මම එලෙස සමුදුන්නේ කෙසේදැයි මට වත් තාම නොතේරෙයි. කඳුළු බින්දුවක් වත් නොසලා සමු දුනිමි. මගේ හිත යට ගිනිකන්ද පුපුරා ගලා යාමට පෙර මම ඔහුට සමු දුනිමි.මා නැතත් ඔහු සතුටින් සිටිය යුතුය.
අනුත්තරා විජේමාන්න සාලිය රත්න සාගර යන තරුණයාව මානසිකව ඝාතනය කර ආත්මාර්ථකාමී ප්‍රේමවන්තියක ලෙස සිය පියාගේ යෝජනාවට අවනත විය.
"පුතේ කුසුම්සිරි හොඳ ව්‍යාපාරිකයෙක් මයාට සතුටින් ඉන්න පුළුවන්"
"මට සාලියත් එක්කත් සතුටින් හිටියේ හැකි තාත්තේ"
" ඕකනේ කියන්නේ ගහේ කටු උල් කරන්න ඕන නෑ කියලා.අම්මා වගේම නැතෑ දෝණියැන්දත් .අම්මා සැප හොයාගෙන ගියා දරුවෙක් ඉන්නවද කියලා ගානක්වත් නැතුව.මේකිටත් ඉතින් මොකෙක් හරි කමක් නෑ එල්ලිලා යන්න තියෙනවා නම්"
"සුමනා නවත්තන්න ඕක. දුව කසාදෙට අකමැති කිව්වෙ නෑනෙ. එයා කීවෙ සාලිය එක්ක සතුටින් ඉන්න පුළුවන් කියලා විතරයි"
"ඔවු ඉතින් අප්පටත් දූ කියනවට වඩා දෙයක් නෑ. අන්තිමට දරුවෙක් ඉන්න මිනිහෙක් එක්ක ආවෙ මම එක එකාගෙන් කතා අහන්න නෙමේ. මේකිගෙ පොඩි කාලේ ඉඳන් ඔක්කොම කළේ මම.මටත් දරුවෙක් නැති වුණා මේකිගෙ කරුමෙට ද කොහෙද.දැන් ඉතින් හොඳ සල්ලි කාරයෙක් කතා කරලා වත් මේකිට පින නෑ ඒකත් එක්ක යන්න. මොකෙක් හරි එක්ක ගිහින් දුක් විඳින්න අපිටත් දුක් විඳවන්න"
"අනේ සුමන එහෙම දෙයක් නෑ . දුව අපි පස්සේ කතා කරමු. මං හිතනවා ඔයා හොද තීරණයක් ගනියි කියලා"
අන්න එහෙම මගේ තීරණය ගන්න එක තාත්තා කීවා .පුංචි අම්මගෙ ආදරේ කිසි දවසක නොවිදි මට තාත්තාගේ ආදරේ මහමෙරක් උනා.මාව දාලා ගිය මගේ අම්මට මං වෛර කලා.අපායක දාලයන්න මං කළ වැරැද්ද මොකක්ද කියලා මං හැමදාම දෙවියන් ගෙන් ඇහුවා.බලාගන්න බැරිනම් දරුවා හැදුවෙ ඇයි ද කියලා මට තේරෙන්නේ නැහැ.
කාලය ගෙවෙද්දි සාලියගේ ආදරේට මේ හැම දුකක්ම යට වුණා.මේ ලෝකේ මට ආදරේ කලේ තාත්තයි සාලියයි විතරයි.ඒත් මං සාලිය නිසා තාත්තාගෙනුත් දුරස් වුණා.එච්චරටම ආදරයක් දුන්න මට මගේ සාලිය. ලය පසාරු කරගෙන යන වේදනාවක් දැනුනත් තාත්තා පුංචි අම්මා හමුවේ අසරණ වෙන වේදනාව මට දරා ගන්න බැරි වුණා.ඉතින් සාලියට මම සමු දුන්නා.
......................
"අනුත්තරා ඔයත් එක්ක මං අලුතෙන් ජීවිතය පටන් ගන්නයි යන්නේ.මං කැමති සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න .ජීවත්වෙන කාලේ වද විඳ විඳ ජීවත් වෙන්න මං කැමැති නෑ.ඔයා ලෝකෙ ලෝකෙ වාසනාවන්තම බිරිඳ වෙනවා මට ඒක විශ්වාසයි"
එහෙම කියලා පලවෙනි වතාවට කුසුම්සිරි මාව ඔහුගේ තුරුලට අරගෙන නලලත හාදු තිබ්බා.සියුම්ව මගේ තොල් පෙති ස්පර්ශ කලත් මං ඔහුට අවනත නොවී ඉන්න උපරිම උත්සාහ ගත්තා. කසාදයකට පෙර මම පරිස්සම් විය යුතු බවත් මාව සාලිය පරිස්සම් කළ බවත් මට මැවි මැවි පෙනුන.කොතෙක් දුරට සාලියව අමතක කිරීමට උත්සාහ ගත්තත් නැවත නැවත හිත අස්සේ ඉදන් ඔහු මට කතා කරනවා මට ඇහෙනවා. කුසුම්සිරි මට වඩා වසර හයක් පමණ වැඩිමල් නිසා මට හොඳ රැකවරනයක් ලබා දේවි යැයි මම විශ්වාස කළා. ඒත් ඔහුගේ විනෝද ශීලී බව විටෙක මාව විඩාබර කළා.සමහර විටෙක මා සාලිය සමග ඔහු සසඳනවා ද යන වග මට හිතුනා. සාලිය යනු තවත් එක් පිරිමියෙක් බවත් කුසුම්සිරි යනු තවත් එක් පිරිමියෙක් බවත් මට සමහර විටෙක අමතක වූවා. එවිට මං කුසුම්සිරි තුල සාලියව හෙව්වා .සාලිය මට නොපෙනෙන විට මට දුකක් දැනුනා. විටෙක ජීවිතේ නැති කර ගැනීමට පවා සිතුනා.එසේ සිතුන නමුත් නැවත නැවතත් මා සිත හදා ගත්තා. කුසුම්සිරිවම දකින්න, ඔහුට ආදරය කරන්න, ඔහුට ගෞරව කරන්න මං පුරුදු වුණා.
"අනූ....මං එහෙම කිව්වට කමක් නැද්ද?"
"එපා මට අනු.. කියන්න එපා"
"ඒක ඔයාට අතීතය මතක් කරවනවා නම් මං එහෙම කතා කරන්නේ නෑ.මං කිව්වා වගේ මට ඕන සතුටින් ඉන්න ලස්සන දුවෙකුයි පුතෙකුයි එක්ක අපේම කියලා ලස්සන ලෝකයක් ගෙවන්න මං හරි ආසයි"
"එහෙනම් ඉතින් මේ කතාව ලස්සන ප්‍රේම වෘතාන්තයක් වේවි"
"එහෙම නොවුනත් මං එහෙම කරනවා මං පොරොන්දු වෙනවා.හරි මං යන්නම්. වැඩ ගොඩ ගැහිලා. ඔයා වෙනුවෙන් මං කාලේ වෙන් කලාට සමහර වෙලාවට මට හරියට කන්නවත් නෑ, නිදාගන්න නෑ ,ඒ නිසා මං ඔයත් එක්ක ගෙවන කාලේ හරිම නිදහසේ සැහැල්ලුවෙන් ගෙවන්න කැමති"
"එහෙනම් පරිස්සමින් ගිහින් එන්න"
"ඔයා කැමති දෙයක් ඔතන තියෙනවා .කන්න. එහෙනම් යනවා"
ඔහු වසර තිහක් පමණ වුවද හැසිරීම හරිම කෙලිලොල් ය. රූපකායත් එලෙසය.ඔහු සාලියට වඩා බොහෝ වෙනස්ය. මේ දෙදෙනා අහස හා පොළොව සේ ය .අහසට ආදරය කළ මං දැන් පොළොවට ආදරය කරයි. මෙලෙස සිතකට එලෙස වෙනස් විය හැකි දැ යි ඔබ සිතුවාට මා ආ මග ඔබ ගියා නම් ඔබත් එලෙස විය හැක. අහසට තරම් ආදරේ කළ නොහැකි වුවද පොළොවට ද මං ආදරේ කරන්න ඉගෙන ගනිමින් සිටිමි.පොළොව මහා වෘක්ෂ දරා සිටින්නාක් මෙන් මාවත් දරා සිටියැයි මම විශ්වාස කරමි. මගෙන් වෙන යම් යම් හිත් රිදවීමි ඔහු නොසලකා හරින විට ඔහු පොළොව සේ මා දරාගන්නා බව මට දැනේ. එහෙත් පොළොව ඉරිතලා දෙකඩ වී යනු මා දැක ඇත .එලෙස දෙකඩ වී යාමටද පොළොවට හැක. අධික නියගය කදී ඔරොත්තු නොදෙන සීමාවේදී පොලොව ඉරිතලා යන්නේ යම්සේද තෙත් නොවූ රුදු මගේ වදනින් ද ඔහුද ඉරිතලා යා හැක. මට එය දැනේ . එසේ නම් මා ඒ නොකළ යුත්තක් වේ .එහෙත් මා එලෙස සිටි වි දැයි මට විශ්වාස නැත.
කෙසේ නමුදු අද මා කුසුම්සිරි ගේ ආදරණීය බිරිඳයි. ජීවිතයේ ඉදිරිය සාර්ථක වීමට නම් අතීතය වලදා දැමිය යුතුය. අතීතයේ යම් යම් ශේෂයන් හිතට ගෙන දෙන දුක එසේ නොවුවහොත් කිසිදා නිම කළ නොහැක.මා ගතකල ජීවිතේට වඩා දැන් ගෙවන ජීවිතය ඉතා සැනසිලිදායක ය. ඔහු සියලු සැපසම්පත් මා වෙනුවෙන් යොදවයි. දාඩිය පෙරාගෙන බස් වල තෙරපිය ගිය මම අද යන්නේ අධි සුඛෝපභෝගී වාහන වලය. ඉතින් මා සතුටින්ය.ඇත්තෙන්ම ඔහු ආදරණීය සැමියෙකි.
"ජීවිතේ මගේ සතුට ඔයා. ඔයා ආවහම මං හුඟක් සතුටු වුණා. දැන් ඉතින් මට ඉතිරි කාලෙත් සතුටින්ම ඉන්න පුළුවන්.මම හැමදේම හැමදේම පිළිවෙලකට කරපු මනුස්සයෙක් .මං හුඟක් ඉගෙන ගත්තෙ නැති වුණාට මං කරපු බිස්නස් වලින් මං ඉහළටම ආවා.මං හෙව්වේ මගේ ජීවිතේ ගෙනියන්න පුළුවන් හොඳ ගෑණියෙක්ව.ඉතින් මට එහෙම කෙනෙක් හම්බ වුණ එක ගැන ඇත්තටම මම සතුටු වෙනවා."
"මං අකමැති වුනානම්?"
"එහෙනම් බලෙන් බඳින්නෑ. වෙන කෙනෙක්ව බලනවා. බලෙන් හිත් නවත්තලා තියාගන්න බෑ යන එකා යනවා .ඔයා මට කැමති වුනේ තාත්තා නිසාද?"
"ඒවා වැඩක් නෑ අතීත මතක අවුස්සන්න එපා"
"සාලියව අමතක කලේ නැද්ද ඔයා ?ඔයා මට කැමති වුණා කියලා මට සාලිය වෙන්න බෑ .ඒත් ඔයා මගෙන් සාලිය බලාපොරොත්තු වුණෙත් නෑ .කොහොමද එහෙම ?"
"එහෙම නෑ කියලා කියන්නත් බැහැ මුලදි නම් ,ඇත්තමයි දැන් ඒ මතකය මැරිලා,"
"එහෙම පුලුවන්ද අනුත්තරා මතකයන් වල දාන්න?"
"ඔව් ඇයි ඔයාට බැරිද?"
"මට පිස්සුද ? මට එහෙම වල දාන්න තරම් මතක නෑ"
"එහෙනම් ඉතින් කමක් නෑ.."
කොහේවත් හිටිය සාලියව මතකයට ඇඳගත්තේ කුසුම්සිරි ය. ඇත්තටම ඔහුට කුමක් සිදුවන්නට ඇත්ද ? කාලෙකට පස්සෙ සාලිය ගැන මතකය මගේ හිතේ චිත්‍රයක් වගේ ඇදිල ගියා .සුසුමකින් ලය සැහැල්ලු කරගත්ත මම හිත නිදහස් කරගන්න අපරිමිත උත්සාහයක් දැරුවා. හිත එක්ක කියන තරම් ගණුදෙනු කරන්න ලේසි නෑ.
කාලය කොච්චර නම් දේවල් අපූරුවට වෙනස් කරනවද.දැන් අපි දෙන්නා ලොකු දරුවො තුන් දෙනෙක්ගේ අම්මෙකුයි තාත්තෙකුයි වෙලා. අන්තිමට හිතලා බලද්දි කුසුම්සිරි මට දක්වපු ආදරය මහමෙරක් වගේ වටිනවා.
"අනුත්තරා බිස්නස් වලට මම ටික දවසකට රට යනවා .ඔයාට මේ දේවල් බලන්න පුළුවන් නේද ?"
"පරිස්සමින් ඔයා නැතුව මට හුඟක් පාළු තියෙයි"
"දැන් දරුවො ලොකුයි නේහ් ඔයාට මං නැතත් පාළුව නැති වෙයි"
"පිස්සුද දරුවෝ වගේම මම ඔයාටත් ආදරෙයි"
"ඇත්තම ද එන්න බලන්න එහෙනම්"
කාලෙකට පස්සේ නව යොවුන් වියේ පෙම්වතුන් වගේ රිසිසේ අපි වින්දා .හුඟ කාලෙකින් ආයෙත් ඉපදුනා වගේ ලස්සන හැඟීමකින් හිත පිරිල ගියා.
සතියකින් එනවා කිව්වා කුසුම්සිරි ආවේ නෑ.ඔයාගේ ෆෝන් එක වැඩත් නෑ .ලංකාවට ආවා කියලා විස්තරයක් හොයා ගන්න පුලුවන් උනාට කුසුම්සිරි ට මොකද උනේ කියලා අපිට හරි හමන් විස්තරයක් හොයාගන්න බැරි වුණා.හරියට හොරු ගෙනිච්චා වගේ එකපාරටම කුසුම්සිරි අපිට නැති උනා.එයාගෙ මතකයත් එක්ක මට ජීවත්වෙන්න හුඟක් අමාරුයි.එයාට කවදාවත් දරුවොයි මායි නැතිව ඉන්න බෑ කියල විතරක් මම දන්නවා . එයාට සිද්ධ වෙච්චි දේ ඇත්තටම අපිට හිතාගන්න බැරි වුණා.
හෙමින් හෙමින් සාලියව අමතක කළා වගේ මං කුසුම්සිරි ගෙ මතකයන් අමතක කළා. ඒක එච්චර ලේසි උනේ නැහැ. අපි දරුවෝ තුන් දෙනෙක් හැදුවා.අපි ආදරයෙන් එක් වුනා.ඉතින් එහෙම මතකයක් අමතක කරන්න ලේසි නෑ.
ලොකු දූ නංගී යි, මල්ලීයි බලාගන්න මේ ගමන ගිහින් එන්නම්.
"අම්මා වාහනේ නෙවෙයි ද යන්නේ"
"මං තනිවම යනවා කවුරුත් මේක දැන ගන්න හොඳ නෑ"
පහුවදා උදේ පාන්දරම මං නුවර යන්න පිටත් වුණා .මගේ සිතුවිලි වල මං පැටලිලා ඉවරයි.මට ඒවා ලිහගන්න අමාරුයි. අද මේ සියල්ලම ඉවරවේවි. නුවරින් මං හීරැස්සගල බස් එකට නැගලා මං හන්දියෙන් බැස්සා. මට ලැබුණු ආරංචි අනුව මං අතුරු පාරෙන් හැරිලා පොඩි වත්තක් මැද තිබ්බ ගෙදර ගේට්ටුව ළඟට ආවා. පොඩි දරුවෙක් ඉස්සරහ බයිසිකල් පදිනවා. හිමින් මං ගේට්ටුව ඇරගෙන ඇතුලට ආවා.
දරුවා ගේ ඇතුලට දුවගෙන ගියායින් පස්සෙ
ගෑනු කෙනෙක් ගෙදරින් එළියට ආවා..
"ඔයා කාවද හොයන්නේ?"
ඔයා විතරද මේ ගෙදර ඉන්නේ?"
"නෑ මගේ මහත්තයා ඉන්නවා"
"එයාට ටිකක් කතා කරන්න පුලුවන්ද?"
ටිකකින් සුපුරුදු දෑසක් ළඟ මං නතර වුණා. දෙයියනේ කුසුම්සිරි.එයා හුඟක් කෙට්ටුවෙලා. එයා මං දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ පුටුවෙම වාඩි උනා. හරියට මං ගැන මතකයක් වත් නෑ වගේ .කිසි දෙයක් කතා කලේ නැහැ.මාත් අහන්නෙම නැ |
තුව පුටුවකට වාරු උනා.විශ්වාස කරන්න මගෙ ඇස් වලින් එක කඳුලක් වත් වැටුනෙ නෑ .
ඇත්තටම කුසුම්සිරි ට වෙච්චි දේ අහන්න මගේ දිව නැමුනේනෑ. කුමක් හෝ හේතුවකට ඔහු තවත් දරුවෙකුට පියෙක් වෙලා .මගේ දරුවන් මෙන් නොව අගහිඟකම් මැද ගෙවන ජීවිතයක් ඔවුන් ගෙවනා බව පමණක් මට දැනුනා .එහෙත් ඇයි මේ අපිව අත්හැර මෙවන් දිවියක් ගෙවීමට කුසුම්සිරි ට සිදු වූයේ කුමක් නිසා ද ? මට හිතා ගත නොහැක.
"බොන්න"
මාව ගැස්සිලා ගියා.කෝපි කෝප්පය අතට ගත්තේ අප්‍රාණික ජීවියෙක්. බිඳෙන් බිඳ තොල ගෑවේ මුවටවත් නොදැනෙන සේ. ජීවිතේ මගේ ඉදිරියේ මෙලෙස බිඳ වැටෙද්දි මට ප්‍රාණියෙක් ලෙස ජීවත් වෙන්නේ කෙසේදැයි සිතා ගත නොහැක. එහෙත් මා විමසිය යුත්තේ කුමක්ද? "අපිව දාලා ගිය හේතුව "නැත. එය මට දැන් අවැසි නැත. කුමක් හෝ හේතුවක් කුසුම්සිරි මෙලෙස වීමට හේතු පාදක වන්නට ඇත. අයිතිවාසිකම් කියා කුසුම්සිරි රැගෙන යා හැකිද ?එවිට මේ පවුල ද සිඳී බිඳී යා හැක.. මා කොහොමත් බිඳී ගිය ගැහැනියකි .නැවත මට ගොඩනැගිය නොහැක. නමුත් ඇයටත් බිඳ වැටිය දිය නොහැක. දරුවාට පිය සෙනෙහස අවැසිය. මොහු තාම සුරතල් කුඩා දරුවෙකි. මාගේ දරුවන් පිය සෙනෙහස විඳ ඇත.
මා කොහොමත් දෙවරක් හිත හදාගත්තා.ඉතින් දැන් මා කුමක් කරම්ද ?
"මේ ඔයාගේ මහත්තයා ද?"
"ඔව්"
"කොහෙදිද හම්බ උනේ"
"හුඟක් කාලෙකට කලින් අපි දෙන්න අතර සම්බන්ධයක් තිබ්බා.ඒත් එක පාරටම එයාව නැතිවුණා .මට එයා ඉන්න තැනක්වත් හොයා ගන්න බැරි වුණා.මං හැමදාම ජීවත් වුණේ එයාගෙ මතකයත් එක්ක.එයා ගමෙන් ගියාට පස්සේ කවදාවත් ගම ආවෙ නෑ.අහම්බෙන් මට මෙයාව හම්බ උනේ අසනීප වෙලා ඉස්පිරිතාලෙ ඉද්දි.මෙයට ඉස්සර කිසි දෙයක් මතක නෑ.මාව වත් ඔයාව වත් මතක නෑ.ඒ හින්ද මං එයත් එක්ක අලුතින්ම ජීවිතයක් පටන් ගත්තා. දැන් ඉතින් මැරෙනකම්ම මෙයා මගේ තමා."
මං ඉන්නෙ කොහෙද කියලවත් මට හිතා ගන්න බැරි වුනා. ඒ වුනාට කුසුම්සිරිට වෙච්චි දේ දන්නේ කුසුම්සිරි විතරයි.මතකය නොමැති ව ඔහුට මාත් එක් ගැහැනියක පමණි.ඉතින් මා යා යුතුම වේ.
"ඔයා මේ සල්ලි ටික තියාගන්න. මෙයාගේ ඕන එපාකම් වලට එයා මට හම්බ කරල තියනවා සල්ලි ඇති වෙනකන්."
"සල්ලි නං එපා නෝනා. මේ මගේ දරුවාට පණ.එයා දැන් මගේ.කවුරුවත් නැති මගේ ලෝකෙ ආයෙමත් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන්නේ එයා.මම එයාව දෙන්නේ නෑ නෝනා .
"එහෙම හිතන්න එපා. සල්ලි ඔයාලට ඕන වෙයි .මං ආයෙ එන්නෙ නෑ .කවද හරි දවසක අනුත්තරා මතක් වුනොත් මට මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න පුලුවන්ද?"
"බෑ නෝනා ... මං මෙයාව එහෙම දෙන්නෙ නෑ .නෝනා මට මෙයාව දීලා ගියාට මං එහෙම ලේසියෙන් දෙන්නෙ නෑ"
මාද ලේසියෙන් අත අරින්නේ නැත. නමුත් අතහරින්නට සිදුවී ඇත. ඉතින් මම යන්න යනවා" . නැවත අපි හමු නොවේවි කුසුම්සිරි නැවත ඉපදෙන්නේ නැත. මට එය සක්සුදක් සේ පැහැදිලිය. පරාජිත ගැහැණියක් ලෙස මා පිටව ගියේ දෙවන වරටත් ප්‍රේමයෙන් පරාද විය. සාලියට දුන් වේදනාව පරා වළල්ලක් සේ මා වෙත පැමිණ ඇත. අටලෝ දහමින් කම්පා නොවී දිවිගෙවීම හැර වෙන කුමක් නම් කරන්නද ,
ඉන්පසු කුසුම්සිරි ගේ මතකයක් සාලියගේ ම මතකයට එකතු කර වල දමන්නට මට සිදුවිය.
අදට වසර විස්සක් ගත වී අවසානය.මා අද ඉටු කරන්නට යන්නේ මට සිදු වූ වැරැද්දක් නිවැරදි කිරීමකි .එදා මම සදහටම අමතක කර ආ කුසුම්සිරි ගේ බිරිඳ අද දරුවා සමඟ තනිවී ඇත.දරුවා තදබල රෝගී තත්ත්වයෙන් පසුවේ.අහඹු ලෙස මට ඇය මුණගැසුනේ දෛවයේ සරදමකට මෙන්.වසර පහළොවකට පෙර කුසුම්සිරි මෙලොව අතහැර ගිය බවත් මා හට දැනුම් දීමට ක්‍රමයක් නැති වූ බවත් ඇය අඬඅඬා ම මා ඉදිරියේ කියා සිටී.මා ඇගේ නම්බරේ ලබාදීමෙන් පසු නිවසට පැමිනියේ සුව නොවූ තුවාලයක් නැවත වරක් රිදුම් දෙද්දී ය.
ඉතින් මං ඉටු කරන්නට යන්නේ මා අතින් ඉටුවිය යුතු ම යුතුකමකි.
"නෝනා එදා මට හම්බ උනේ"
"ඉතින් කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ කියලා දන්නවා. ඒ උනාට මට දැනෙනවා මේ කුසුම්සිරි ගේ දරුවා වෙනුවෙන් මං මොකක් හරි දෙයක් කරන්න ඕන කියලා.මෙයාගේ අසනීප තත්ත්වය කොහොමද?"
"ඔපරේෂන් එකක් කරන්න තියෙනවා නෝනා . ඒකට ටිකක් වියදම් වෙනවා"
"අපි අපේ ගෙදර ගිහින් ඔපරේෂන් එකට ලෑස්ති වෙමු.මං ඒ හැම දෙයක්ම කරනවා ඔයා බයවෙන්න එපා"
"නෝනා නෝනාගෙ දරුවො මොනාහරි කියයිද දන්නෑ නේද?"
"එයාලා ඔක්කොම බැඳලා ගිහින් ඉන්නේ. එයාලා වෙනුවෙන් එයාලගේ තාත්තා යුතුකම් ඔක්කොම ඉෂ්ට කරලා ඉවරයි.දැන් තියෙන්නේ ඒගොල්ලොන්ගෙ මල්ලිව බලාගන්න එක.ඒගොල්ලොන්ට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ . බයවෙන්න එපා."
"නෝනා කියනවා නම් ඒක ලොකු දෙයක් නෝනා .කුසුම්සිරි ගේ මතකය වෙනුවෙන් මේ මට ඉතිරි මෙච්චරයි"
"කුසුම්සිරිව භූමදානය කරපු තැනට යන්න පුලුවන්ද?"
"යමු "
එතන ලස්සනට සුදු වැලි අතුරා ඇත .චූටි මල් කිණිති වටේට පිපී ඇත.
"ඔයා ද මෙතැන මෙ තැන බලා ගන්නෙ?"
"ඔව් එයා ඉන්නකම් බලාපොරොත්තුවක් නැතිව හිටපු මාව බලාගත්තා .නැත්නම් මම අද නෑ .ඉතින් එයාව මම බලාගන්නවා හැමදාම. මට තනි නෑ නෝනා"
"අපි ආදරේ කලේ මනුස්සකමින් පිරිච්ච මනුස්සයෙක්ට"
"ඉස්සර මගේ හිතේ කැකෑරෙන වේදනාවක් තිබ්බා නෝනා මෙයා ඇයි මාව දාලා ගියේ කියලා.ඒත් සමහර විට එදා එයාට ෙහේතුව මට කියන්න බැරි වෙන්නැති.මට ඒව ගැන දුකක් නෑ නෝනා මැරෙද්දි එයා මං ලඟ හිටියනෙ."
ඇය හඬ හඬා ම කියවයි.ඔබ විශ්වාස කරයිද මන්දා මගේ ඇස්වල නං අඬන්න කඳුළු තිබ්බෙ නෑ.කඳුළු නැති මං ගලක් වගේ ඔහේ බලාගෙන හිටියා.
"මම ඔයාගේ දරුවවයි,නෝනා වයි බලාගන්නවා කුසුම්සිරි ඔයා සැනසිල්ලෙ නිදියගන්න"
කොහේදෝ සිට සුළඟට අරලිය මලක් මං ලඟ .කුසුම්සිරි ගේ මතක රැදි අරලියා මල රැගෙන මං ඇගේ අතින් අල්වාගෙන පියමැන්නේ නැවත ජීවිතය අලුතින්ම අරඹන්නයි.
සමාප්තයි.
අදහසක් දෙනවා නම් වටිනවා.තව එක සැරයක්
හිතත් ගතත් එක සේ වෙහෙසට පත් ව සිටි සුමනසිරි පවුලේ අය නිවසට විත් නිදා ගන්නා විට පාන්දර හතරත් පසු වී තිබිණ.උදේ මුලින් ම සවීතාට ඇහැරුණේ වාහනයක් මිදුලට හරවන ශබ්දයෙනි.කවුද මේ පාන්දර කියාගෙන නොරිස්සුමින් ඇඳෙන් බැස්සත් වේලාව උදේ නවයත් පසුව ඇති බව දුටු ඇය කඩිනමින් ඇඳුම් මාරු කර මුහුණ යන්තම් සෝදා එළියට දිව්වේ අතින් කොණ්ඩය හදමිනි.
වාහනයෙන් බැස නිවසට එන දෙන්නා දුටු ඇය මොහොතක් පසු බැස්සාය.
"සාරංග අයියා"ඇය තමන්ටම තොළ මතුරා ගත්තාය.
තම අතිජාත මිතුරා නාරද සමග සාරංග චකිතයෙන් ඉස්තෝප්පුවට ගොඩ වැදුනේය.
"නංගි...............අක්කා ඉන්නවද?"ඔහු පැකිළීමෙන් ඇසුවේය.
"අක්කා නම් ගෙදර නෑ"
"ෂහ්......අපි උදෙන් ආවෙ ගෙදර ඇතිමයි කියල හිතාගෙන.දැන් ම එයි ද නංගි" එවර නාරද කට ඇරියේය.
"අයියලා වාඩි වෙන්නකො.ඊට කලින් මට කියන්න පහුගිය හය මාසෙම අක්කගෙ කෝල් වලට මැසේජ් වලට ආන්සර් නොකර හම්බ වෙන්න ගියාමත් මග ඇරලා ඔයා කොහෙද අතුරුදහන් වුණේ සාරංග අයියෙ?"
මං කිව්වා නේද යන බැල්මෙන් සාරංග දෙස බැලූ නාරද "කවුද කා.ළ.කන්.නි.යෙක් මදුමිණි සාරියකුත් ඇඳන් කොල්ලෙක්ට හාට් ශේප් කේක් එකකින් කේක් කවන ෆොටෝ එකක් මූට එවලනෙ මදුමිණී කලින් බැන්ද කෙනෙක් කියලා"
සවීතා මොහොතක් නොසැලී දෙදෙනා දෙසම බලා සිටියාය.
"එතකොට මේ හය මාසෙම ඔයා ගොළුවෙක් වගේ ඉඳන් ඒ කතාව ඇත්තද හෙව්වා. බොරුවක් බව දැන ගත්ත නිසයි මේ ආවෙ?"
"මදූ මට කියල තිබුණෙ එයාට කවදාවත් සීරියස් රිලේශන්ශිප් තිබුණෙ නෑ කියල..... එහෙම වෙද්දි ඔහොම ෆොටෝ එකක් කියන්නෙ හොයල බලන්න ඕන කාරණාවක් තමයි"සාරංග තමන් වරදක් නොකළ බව පෙන්වමින් කීවේය.
"ඉතිං අක්කගෙන් ඇහුවෙ නැද්ද ඒ ෆොටෝ එක ගැන?"
"මං වටින් ගොඩින් ඇහුවා.......එයා හරි උත්තරයක් දුන්නෙ නෑ"
"එහෙනම් ඔය ළමයා ඒ ෆොටෝ එකත් අරන් මෙහෙ එන්න එපැයි අපෙන් අහන්න. බොරු කියලා කාගෙවත් ඇඟේ බලෙන් එල්ලන්න මං දරුවෝ හදල නෑ"
තුන් දෙනාම ගැස්සී ගියේ කාටත් නොදැනී පිටුපසින් පැමිණ සිටි තාත්තා කියද්දීය.
එතරම් ලේසි විසඳුමක් ඇතැයි නොසිතූ මිතුරන් දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්හ.
"ඒ ෆොටෝ එක ගන්න ඇත්තෙ ලොකු දුවගෙයි මේනකගෙයි නම් ප්‍රසිද්ධ කරන දවසෙ. මේනක කියන්නෙ මගෙ ඔෆිස් එකේ මිස් කෙනෙක්ගෙ නෑදෑ පුතෙක්. ඔෆිස් එකෙන් තිබ්බ ෆන්ශන් එකකදි ලොකු දුවව දැකල එයාලම තමා ප්‍රපෝසල් එක ගෙනාවෙ.පවුල් පසුබිම්, සමාජ තල ගැළපුණ නිසා මගුල තීන්දු කළා.මේනක සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්. ගෙදර ඉඳන්මයි වැඩ කළේ.ඒ නිසා එයාට වැඩිය යාළුවෝ එහෙම හිටියෙ නෑ. අම්මා නම් ඒකට හරි කැමති වුණා යාළුවෝ වැඩි වෙද්දි නරක දේවල් වලට ඇබ්බැහි වෙනව කියල.ගෙදරට නෑයෝ ආවමත් ඒ ළමයා කාමරෙන් එළියට එන්නෙ නෑලු.ඒ අය කිව්වෙ "අපේ පුතා හරි ලැජ්ජාකාරයා" කියල.ඒක ලැජ්ජාව නෙවේ අමුතු සමාජ භීතිකාවක් වගේ කියල අපි දැන ගත්තෙ හුඟක් කල් ගිහින්"
"ඒ කිව්වෙ?"සාරංග බාධා කළේය.
"අපේ අක්කා ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හරියට සමාජ සේවා වැඩ,සමිති සමාගම් වැඩ වලට දුවල පැනල වැඩ කරන,විවිධ මට්ටම් වල හුඟාක් ලොකු මිතුරු පිරිසක් හරි ගාණෙන් ආශ්රය කරන කෙනෙක්.ඒත් මේනක අක්කට සෑහෙන්න නීති දාලා තියෙනවා.කිසි සමිති සමාගම් වැඩකට යන්න එපා. ඒවයෙ කට්ටිය ආශ්‍රය කරන්න එපා. ඔෆිස් යද්දි අඳින ඇඳුමට පවා සීමා දාලා. පිරිමි යාළුවෝ ආශ්‍රය කරන්න,ෆේස්බුක් එකේ චැට් කරන්න තහනම්ලු.බැරි වෙලාවත් අක්කා ඒ නීති කඩ කළොත් දවසක් දෙකක් යනකල් කිසි හාවක් හූවක් නැතිව අක්කාම සමාව ඉල්ලන් එනකල් නිශ්ශබ්ද ව ඉන්නවා. ඒ මදිවට ඔයා ඕවා කරන්න දන්නෙ නෑ......ඕවා ගෑණු ළමයිට කරන්න හොඳ නෑ. ඔයාට එහෙම හැකියාවක් නෑ.....ඔයා හරි මෝඩයි,ඔයාට හොඳ පර්සනැලිටි එකක් නෑ කිය කිය එයාව සෑහෙන්න බිඳ දාලා. අක්කා පවුලේ ට්‍රිප් එකකට පාටි එකකටවත් නොයා බොරු කියල මග අරින්න ගත්තා.ඔක්කෝම සෝශල් වැඩ වලින් අයින් වෙලා ගෙදර මුළු ගැන්වුණා.අපි හිතුවෙ එයාලා හරි සතුටින් ඉන්න කපල් එකක් කියල.ඒක පිපිරුවේ ඔය නම් ප්‍රසිද්ධියෙන් පස්සෙ. ......අපි වෙඩින් එකට නැකත් හදලා, හෝල්, සැලූන්, ෆොටෝග්‍රැෆර් බලලා, නෑයො ලිස්ට් හදද්දි මේනක කියල තිබුණා බොරුවට වියදම් කරල වෙඩින් ගන්න ඕන නෑ. කච්චේරියට ගිහින් කසාද බැඳලා ඒ ගෙදර පදිංචි වෙමු, ඕනම නම් ස්ටුඩියෝ එකකට ගිහින් මනමාලියක් විදියට ඇඳලා ෆොටෝ එකක් ගමු කියල. |
......
"ඒ මොන විකාරයක් ද?"නාරදට කියවුණේය.
"ඔව්........අක්කා ඒ වෙලාවෙ තමා අඬ අඬ මේනක දාලා තියෙන නීති ඔක්කෝම විස්තර කිව්වෙ. තාත්තා වහාම මේනකට එන්න කිව්වා දෙමාපියොත් එක්ක.......ඒ මිනිස්සුත් පුතාගෙ පැත්තෙ. අක්කා රට වටේම එක එක ගෑණු මිනිස්සු එක්ක ඇවිදින හැදිච්චකමක් නැති කෙල්ලක් නිසාලු පුතා එයාව හොඳ විදියට හදල ගන්න හැදුවෙ, වෙඩින් එකක් කියන්නෙ බොරු වියදමක්ලු........ තාත්තා වහාම තීන්දුව දුන්නා ඔහොම හිතන තැනකට මගෙ හතුරෙක්වත් යවන්නෙ නෑ.මේ සම්බන්දේ මෙතනින් ඉවරයි කියල"
.........අවුරුද්දක් විතර ඒ දෙන්නා කතා බහ කළා.අක්කා වෙඩින් එකටත් ප්ලෑන් හැදුවා. එක පාරටම ඒ හීන ඔක්කොම කඩන් වැටුණම අක්කා ශොක් වුණා. මේනක උදේ හවස මතුරපු නෙගටිව් වචන නිසාත් අක්කා හොඳට ම ඇද වැටිලා......ඒ තත්ත්වයෙන් ගොඩ එන්න එයාට ගොඩක් කල් ගියා. බෙහෙත් ගන්නත් වුණා.ඒ තමා එයාගෙ ජීවිතේ අඳුරුම කාලය.අපි කවුරුවත් ඒ ගැන මතක් කරන්නෙවත් නෑ.......මේනක කියන්නෙ මහා අම.නු.ස්ස.යෙක්. ....... ඒත් ඊටත් වඩා අම.නු.ස්ස.යෝ ඉන්නවා බලාගෙන යද්දි......"
සවීතා අවසන් වචන කීවේ සාරංග දෙස ම බලාගෙනය.නොදැනුවත්ව ඒ වෙද්දී නිවසේ වැඩිහිටියන් සියළු දෙනා ඉස්තෝප්පුවට රැස් ව සිටියහ.
------------Shanika Tennakoon-------
"මං අතින් ලොකු වරදක් වුණේ කියල මම දන්නවා නංගි.ඒත් ඒක මේ තරම් බරපතළයි කියල තේරුණේ දැන් තමා. මදූ කියන්නෙ මට හම්බ වුණ හොඳම ගෑණු ළමයා.මට එයාගෙන් සමාව ගන්න ඕන .......එයා කීයටද එන්නෙ?"
සාරංග නොඉවසිල්ලෙන් ඇසුවේය.
එවිටම "තාත්තී ලොකු ආච්චී කෝලින්......." ගාගෙන ෆෝන් එකක් රැගෙන ඉදිරියට දුව ආවේ පවුලේ ලොකු පුතාගේ සුරතලිය මන්ද්‍රීය. අමුත්තන් දෙදෙනෙක් සිටිනවා දුටු ඇය වහා ලැජ්ජාවෙන් පිටුපසට පැන්නාය.සවීතා තනි කර සියලු දෙනා එක පිම්මෙන් ගෙතුළට පැන්නේ අමුත්තන් දෙදෙනා ද පුදුම කරවමිනි.
"ඔයා කතා නොකර අත් ඇරියම සතියක් දෙයක් නෙවේ මාස ගානක්,අක්කා ආයෙත් කල්පනා කර කර ඉන්න, තනියෙන් අඬන්න පටන් ගත්තා.අපි බය වුණා ආයෙ ලෙඩ වෙයි කියල.එයාට හරීම ආදරෙයි අපේ ලොකු අම්මා.එයා ඉන්නෙ යූ.කේ.වල. කෙල්ලට දුක් නොදී එවපල්ලා මා ගාවට කියල අපිට කෑ ගැහුවා.........ඊයෙ රෑ අක්කා යූ.කේ.ගියා ......... නවතින්නම.......ඔයාට ආයෙ එයාව මුණ ගැහෙන එකක් නෑ"
සාරංග මහා කම්පාවකින් හුස්මක් හෙළුවේය.
"පොඩි දේවල් නිසා ලොකු දේවල් නැති කරගන්න හොඳ නෑ"
මදුමිණී ම ඔහුට කී දෙයක් නැවත මතක් වූයේය.
-----------Shanika Tennakoon---------------එයා ස්ලිම් වෙච්චි හැටි....🤗💟🤗
අපේ නෝන මට නිතරම කරන චෝදනාවක් තමයි මම වෙන ගෑනු දිහා බලනවැයි කියන එක ඇත්තටම ඒක හරි අසාධාරණයි මට බැලෙනවා කිව්වොත් තමා හරි.
කොහොමින් හරි මේ ගෑනු දිහා බලන කතාව දරුණුවටම ඇදුනු දවසක මමත් කේන්තියෙන් එයාට කිව්වා
"තමුසෙලත් ටිකක් මොනව හරි කරල ඇඟ පත ලස්සන කරගන්නවලකෝ තාර පීප්ප වගේ ඉන්නෙ නැතුව" කියල.
ඔව් දැං තමයි ඔයාලට අපිව කැතට පේන්නෙ කියමින්
යක්ශාවේශ වූ ඇය කාමරෙන් පිට උනේ මගේ හෙල්මට් එකටත් පයින් පාරක් දෙමින්.
ඊට දින කීපයකට පසු මා රාත්‍රී ආහාරය ගන්නාවිට ඇය කලුපාට ගුලි දෙකක් මාගේ පිඟානට බෙදූ අතර ඒ ගැන විමසීමේදී ඈ කියා සිටියේ එය ගොරකා ගම්මිරිස් සුදුලූනු සහ කරපිංචා ලුනුත් සමග අඹරා සෑදූ ගුලි බවත් ඇය ඒවා ආහාරයට ගන්නට පටන්ගත් බවත් මේවා කොලොස්ටරෝල් මට්ටම පාලනය කරන බවත් මේදය දියකොට බඩවල් සුටුස් ගා බස්සවන බවත්ය.
බිරිඳ ඇඟ බැස්සීමේ සටනට අවතීර්ණ වී ඇති ආකාරය දැකීමෙන් මට ප්‍රීතියක් උපන.
මාස තුන හතරක් ගොරකා ගුලි කෑමෙන් මා හෙම්බත්ව සිටියෙමි ඒ ඇය ගොරකා ගුලි කනවිට ගුලි දෙකක් මගේ පිඟානටද දමන බැවිනි. මෙසේ කලක් ගතවුනත් බිරිඳගේ බඩ අඩුවන පාටක්ද නැත.
"ගොරක ගුලි හරියන පාටක් නෑ නේද..? බලනවකො තමුසෙගෙ කඳ බඩ බැහැල නෑනෙ"
."ඒක තමයි අප්පා හින්දුමතීනං කිව්වෙ ග්‍රීන් ටී බොංඩ කියල එයත් බොනවලු.ග්‍රීන් ටී බිව්වම මේධය ඇඟට උරාගන්නෙ නෑලූ"
"හිංදුමතීත් ඩබල් ඩෙකර් එක වගේනෙ ග්‍රීන් ටී බිව්වට ඇඟ අඩුවෙලා නෑනෙ"
"එහෙම එකපාරට අඩුවෙන්නෙ නෑ මෝඩයෝ මාත් ගොරක ගුලිය නවත්තල ග්‍රීන් ටී බොංඩ ගන්න ඕනෙ."
ඉන්පසු බිරිඳ ඉල්ලූ නානාප්‍රකාර ග්‍රීන් ටී වර්ග මා විසින් මාස ගනනාවක් පුරා මිලදීගත් අතර ඇයගේ පෙනුමෙහි කිසි වෙනසක් නොවීය.
"ග්‍රීන් ටී වැඩෙත් හරියන්නෙ නෑ වගේ නේද..? දිනක් මම කීමි."
"මම ඇඟ ශේප් කරගන්න යෝගා කරංඩ යන්නෙ"
ඇය ඇයගේ ඊලග වැඩසටහන නොවලහා ඉදිරිපත් කලාය.
"අන්න ඒකනං හොඳයි ඇඟ බස්සන්නනං දාඩිය දාන දෙයක් කරංඩ ඕනෙ දැන් කා ලගටද යෝගා කරන්න යන්නෙ"
"මං ටී වී එකේ යන යෝගා ගුරු චාමින් වර්ණකුල සර්ගෙ ප්‍රෝග්‍රෑම් එක බලාගෙන කරනවා"
"හොදයි හොදයි කරල බලන්න"
ඉන් පසු චාමින් වර්ණකුලගේ වැඩසටහන පටන්ගන්නා විට ලොකු බත් පිඟානක් අතැතිව සැටියෙහි හිඳගන්නා ඇය වැඩසටහන ඉවරවනතෙක් එය නරඹමින් බත් පිඟානද අවසන් කරයි.
වැඩසටහනෙහි සිටි එක් සුරූපී යුවතියක් නිසා මමද බොහෝ විට එය බිරිඳ සමග නැරඹූයෙමි.
ටික දිනක් යනවිට යෝගාවල ඇති ආසන සහ ඒවා කිරීමෙන් ශරීරයට ඇතිවන වාසි එක් එක් ලෙඩ රෝග වලට කලයුතු යෝගා ආසන ආදී සියලු දේ පිලිබඳ ඇය මනා නිපුනත්වයක් ලැබීය.
මාස කිහිපයක් මෙසේ ගතවුනත් බිරිඳ මොනවා හෝ කමින් යෝගා බලනවා විනා ඒවා කිරීමක් නැත.
"මොකද්දෝයි ඔය විකාරෙ ඕක බැලුවට ඇඟ අඩුවෙනවද ඕව ෆ්‍රැක්ටිකලි කරංඩ එපැයි"
බිරිඳ කේන්තියෙන් පුපුරන්නට විය..
ඔයාලට පිට උං තමයි ලොකු ගෑනියෙක් පාරෙ යනකොට උංදිහා පෙරේතකමින් බලනවා උංගේ ලස්සනයි උංගෙ හිනාවෙ ලස්සනයි අරකයි මේකයි කියවනවා.ඒ මදිවට උදේ ඉදං රෑ වෙනකං ෆේස්බුක් එකේ.. ජරා ගතිය..අපේ ඇද හොයනවා...
මාතෘකාවට අදාලම නැති දෙයක් ඇදගෙන ඇය මට දිහට හරහට එල්ලකල වාග් ප්‍රහාර නැවතීගියේ අඩියක් පසුපසට තබා මා කටවසාගත් පසුය.
තව සති කිහිපයක ඇවෑමෙන් බිරිඳ මා අමතා
"අපි යෝගා පංතියක් දාන්න යන්නෙ ගෙදර උඩ තට්ටුවේ ඒක කලාට කමක් නැද්දැයි" මගෙන් විමසීය.
"ඉතිං මගේ මොකෝ..දැං කව්ද ඔය පංතියේ උගන්නංඩ එන්නෙ"
"මීරිගම පැත්තෙ මිස් කෙනෙක් තව හතර පස් දෙනෙකුත් ක්ලාස් එකට එනවා"
"කව්ද ඒ"
"ඉස්සරහ ගෙදර හින්දුමතී එනවා තව අහල පහල කීපදෙනෙකුත් එනවා"
අනේ මුං කොරන යෝගායැයි මට සිතිනි.
කෙසේ හෝ නියමිත දිනයේ යෝගා මිස් අප නිවසට සම්ප්‍රාප්ත වන්නට යෙදුනි.
හොඳ ප්‍රමාණයට උස ඇති, මහතත් නැති කෙට්ටුත් නැති ලස්සන පැහැපත් හැඩකාර දඟකාර සිරුරකින් හෙබි යෝගා මිස් දුටුවනම ප්‍රිය උපදවයි.
තරුණයෙකු මෙන් කොන්ඩය කොටට කපා ඇති නිසා ඉතා ක්‍රීඩාශීලී පෙනුමක් ඇගෙන් දිස්වෙයි ඇය දුටුවනම යෝගා පිලිබදව මගේ උනන්දුවත් දලුලන්නට පටන්ගත්තා.
ඉතා වටකුරු ගැහැනුන් පස් හය දෙනෙක් සමග ඔවුන්ගේ සිරුරු කෘශ කොට අවශ්‍ය තැන් වලින් වක්‍ර කරණුවස් අසරණ යෝගා මිස් ඇයගේ යෝගා සංග්‍රාමය අප නිවසේදී අභිනවයෙන් ආරම්භකරනු ලැබුවා.
ආරම්භයේදීම බිරිඳ විසින් ඔවුන් යෝගා ව්‍යායාමයන්හි යෙදෙන කිසි විටෙක උඩු මහලට පැමිණීම මට සපුරා තහනම් කරනු ලැබුවා.
පහල මහලට වී විමසිල්ලෙන් කන්දී ඉන්නාවිට යෝගා ආසන වල පිහිටීමට යාමෙන් ඔවුන් ඇදවැටෙන හඬද හිටපු ගමන් එකියකගේ මස්පිඬු පෙරලෙන විට අනික් උන් කොක් හඬලා සිනාසෙමින් එයට ප්‍රතිකාර කරන හඬද තවද
එකවරම බිරිඳ පහලට විත් ලුනුකුඩු බැන්ඩේජ් රැගෙන යන දසුන්ද මුලදී මට විනෝදය ගෙන ආවත් පසුව ඒවා සාමාන්‍ය දේවල් බවට පත්වුනා.
එකල ගමේ බොහෝ මහත දෙහෙත ගැහැනුන්ගේ මාතෘකාව බවට පත්වුනේ යෝගා.
යෝගා කිරීමෙන් සිරුර හැඩවෙන බවත් ලෙඩරෝග බොහෝ අඩුවන බවත් කියමින් එහි අගය නැවත නැවත ඇය මට සිහිකරදුන්නේ ආඩම්බරයෙන්.
මේ ලෝකේ මොනවටද බාධා නැත්තේ ඉතිං මේ යෝගා පංතියටත් හෙනහුරා ලැබුවේ අපේ ජීවිත කනපිට හරවපු කොවිඩ් වසංගතයක් එක්ක.
ඉතිං කොවිඩ් වසංගතේ ඉවරවුනාට පස්සෙ ශිශ්‍යාවියන් පිරිස ආයෙත් යෝගා පංතිය පටංගන්න උත්සාහ කලත් වැඩ අධික බව පවසමින් කොවිඩ් පිටම දාල යෝගා මිස් පංතිය මඟඇරියා කියලයි මටනම් හිතුනේ..
ඉබ්බංගෙං පිහාටු ගංඩ බැරි බව පහුවෙලා හරි ඇයට අවබෝද වෙංඩ ඇති.
බිරිඳ යෝගා කරංඩ ගත්ත කාපට් එක උඩ ගෙදර බල්ලා නිදියං ඉන්නව දකින හැම වෙලේම මට ලස්සන යෝගා මිස්ව මතක් වෙනවා.
ඒත් ඉතිං නෝන උත්සාහවන්තයි පරාජය බාරගංඩ සූදානම් නෑ කියල මට අවබෝධ උනේ මං ලබන සතියෙ ඉදං ජොගිං යනව කියල මට කිව්ව දවසෙ.
කෑගල්ලට ගිහින් බොටම් එකක් කාරිය ගෙනත් නමෝවිත්තියෙං සූදානම් වෙච්චි මායියගේ ජොගිං යන දවසත් උදා උනා.
හිමිදිරි පාන්දරම තව සාමාජිකාවන් තුංදෙනෙක් එක්ක අදුරේම ඇය ජොගින් සදහා පිටත්ව යනු ලැබුවා.
පිටවගොස් විනාඩි දහයකට පමණ පසු මගේ දුරකතනය නාදවෙන්න ගත්තා අනිත් කෙලවරේ හිටියේ බිරිඳ...
"අනේ අයියෝහ් මගේ කකුල ගැස්තර බල්ලෙක් කෑවනේ කකුල තුවාලත් වෙලා ලේත් එනවා දැන් මොකද කරන්නේ..."
"ඒ මොනව කරංඩ ගිහිල්ලද බල්ලො කවා ගත්තෙ"
"මිනිහෝ මං බල්ලො කවාගත්තෙ නෑ අපි දුවනකොට ජරා බල්ලො රෑනක් පස්සෙන් බුර බුර පන්නගෙනම ආවා බේරෙන්නම බැරි උනා එකෙක් එකපාරට මගේ කකුල කාල පැනල දිව්ව"
"ඔයා බල්ලව අදුරගත්තද.."
"කුනුහරපද අහංනෙ ඔයා.. මේ කලුවරේ බල්ලොංව අදුරගන්න මං උගෙ අයිතිකාරයයෑ..."
"එහෙනං ඉතිං ජොගිං පැත්තක දාල ආපහු එනවා ඕකට දැං බෙහෙත් දාංඩත් එපැයි.."
මගේ යාලුවනේ අර ගැස්තර බල්ලාට හෙන හතක් ගහංඩ ඌ හිංද අපේ නෝනා සහ පිරිස මහත් බලාපොරොත්තු අතැතිව ආරම්භකල ජොගින් ව්‍යායාම වියාපෘතිය විනාඩි දහයෙන් කෙලවර කරන්නට ඔව්න්ට සිද්දවුනා..
හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට කිව්වැහේ බෙහෙත් දැමීමට ඇයව රෝහලට රැගෙන ගියවිට සපා කෑ බල්ලාට ජලභීතිකාව සදහා විදින ලද බෙහෙත් සටහන්කොට ඇති පොත රැගෙන එන ලෙස පවසා සිටින ලදී.
සපා කෑ බල්ලා කලුද සුදුදවත් ඈ දන්නේ නැත.
"නිකං උඩබලාගෙන ඉන්නෙ ගිහින් හොයනවකෝ මාව හපා කාපු බල්ලා.."
"යකෝ මං කොහොම හොයන්නද මං ගිහිං එතන ඉන්න බල්ලංගෙන් අහංඩද.."
"පංඩිත කං නැතුව එතනට ගිහින් විපරම් කරල බලනවකෝ."
ගෑනුන් සමග මේ අවස්ථාවල වැඩිදුර කතාකොට වැඩක් නැත.
මම බල්ලා ඇයව සපාකෑ ස්ථානයට ගොස් විපරම් කලෙමි එක බල්ලෙකුවත් එතන සිටියේ නැත.
අ |
සල සිටි කාන්තාවකගෙන් විමසූවිට කියාසිටියේ වටේම සිටිනා බල්ලන් රාත්‍රියට ට්‍රැෆික් රාජකාරී සදහා මේ ස්ථානයට වාර්තා කොට උදෑසන පිටවී යන බවයි.
හිමිදිරි පාන්දර තහ්තහ් තප තප ගගා රෝල්වෙන මෙවුන්දලා දැක බල්ලෝද වික්ශිප්ත වන්නට ඇත.
"කාපු බල්ල හොයාගංඩ බැරිනං ඉතිං ඉංජෙක්ශන් කෝස් එකට යංඩ වෙනවා"
ඒ දොස්තර මහතාගේ හඩය.
මට සිනහව නවතාගත නොහැකිවිය
බිරිඳ මා දවා හලුකරන තරමේ බැල්මක් හෙලුවේ බොට දෙන්නෙ රෝලිං පින් එකෙන් කියන්නාක් මෙනි.
එතැන් සිට පිස්සුබලු රෝගය සදහා වන එන්නත ලබාගැනීම සදහා කිහිපවිටක්ම ඇය කැටුව රෝහලට බඩගාන්නට සිදුවිය.
එන්නත් වාර පහක් හයක් ලබාගෙන අවසන්වූ පසුවවත් නැවත කිසිදිනක ඇගේ ජොගින් යෑම ඇරඹුනේනම් නැත.
පිස්සුබලු බෙහෙත විද මාස කිහිපයක් ගතවනවිට ආස්චර්‍යකින් මෙන් ඇයගේ ස්තූලබව ටිකින් ටික අඩුවූ අතර දැන් අර බැරල් ගතිය දක්නට නැත.
මේ විශ්වය ගැන අපි දන්නේ මොනවාද...
ගොරකා ගුලි, ග්‍රීන්ටී, යෝගා වලට කල නොහැකිදෙයක් පිස්සුබලු බෙහෙතට කලහැකිවාවත්ද?
© Dhammika Wickramaarachchiකලු කුමාරයාගෙන් සැමියෙක්ට.....
ඊයේ රෑ මං යද්දී තනියෙන්
ඉකිබිඳින ඉකි හඬක් ඇහුනා
එබී කවුලුව තුලින් බැලුවම
රුවක් සයනයෙ වැතිර තිබුණා
දිග සුසූම්,උණු කදුළු විතරක්
දකුණු පස තනිකමට රැදුණා
නුඹේ මතකය ලගින් වැතිරී
මම ඇගේ හදවතට එබුණා
උහුලගන්නත් බැරිම තරමට
අතීතයෙ ආදරේ පිරුණා
ඒත් කාලය එක්ක දියවී
මහා ලොකු හිස්තැනක් හැදුණා
පුරවගනු බැරි නිසා නුඹ ගෙන්
ලොවට රහසේ හඬා වැටුණා
ඇගේ හිත ගත ඇයට නොදැනිම
ඉපදෙමින් මියයමින් තිබුණා ..
හිස්තැනක් ආදරේ දැක්කම
මගේ හිමිකම එතැන රැදුණා
සොඳුරු පහසට වෙලා අවනත
ඇයත් මට නතුවෙලා රැදුණා
සොයා ඔසු හුදකලා මිනිසුන්
උමතුවෙන් දස අතේ ඇදුණා
ආදරේ මිස කොහෙද වෙන ඔසු
කවුරු කවුරුත් නොදැන තැවුණා
ගැහැනුන්ද,පිරිමින්ද වෙනසක්
නොවී හිස්තැන් හිතේ තිබුණා
යක්කු ඒ අඩු මකාලන්නට
නිරතුරුව හිත ළඟින් රැදුණා
සෙනෙහසින් පිරි ලෝකයක් දුටු
යකුන් තැති ගෙන දුරට ඇදුණා
එහෙව් තැන්වල දෙව් බඹුන් විසු
ස්වර්ගය ඉදිවෙලා තිබුණා ...
(පසුව ලියමි....)
හිතන් මිනිසුනි ...
නුඹට හැකි දේ නොදී
දහසක් වැරදි පෙන්නා
එපා ගැහැනිය දෙන්න මට බිලි
ආදරේ නාමයෙන් ගන්නා..
සෙනේහය අඩුපාඩු වෙද්දී
වසල ගති පිරි යකුන් එන්නා
කළු කුමාරට වැඩිය වියරුයි
අසම්මතයේ යකුන් ඉන්නා.......තාත්තට දැන් අනූ හතරක්
ඒත් ඒ පය පොලොවෙ ගාටයි...
දරුවො මුණුපුරො පියාඹද්දී
හෙව්වෙ ඔහු මහපොළොවෙ පිහිටයි...
හිනාවක් අද මුහුනෙ නැත්නම්
ගහට මලකට රිදුන පාටයි...
මායිමක් නැති ජීවිතේ පොත්
දිග හැරෙන්නේ වැහුන දාටයි...
මහන්සිය ගැන වගක්වත් නෑ
අව්ව වැස්සට පදම් ජීවිත...
මුලක් ගානේ සෙනෙහෙ වපුරා
නිවන හැටි මහපොළොවෙ හාමත...
අලද,මල්,ඵල,කොළ,පැලෑටිද
ගිණි දවන විට කුසට මීවිත...
දුන්න තරමට නෙළු දෑතක
හිස් බවයි පවසන්නෙ ඒ හිත...
පින්න හිරු බිළි ගන්න පළමුව
දෙපා දොවමින් තබන හාදුව...
දරුවටත්, එළු පැටියටත්,
බලු කපුටො දක්වම එකම කෝදුව...
කාගෙ කාගෙත් සිහින ගොනුකර
හුස්ම ගානේ සතුට පෑදුව...
දෙපා වැඳ විමසමුද දැන්වත්
උතුම් බණ පද මෙතෙක් නෑසුව...
🌹
... ශ්‍රීමතී වල්පොල...කෙටි කතවකි...
කොච්චි කඩේ අලුත් පාලම පහු වෙනකොට ගතට වගේම හිතටත් දැනෙන්නෙ සැහැල්ලුවක්. මේ පහුවෙන්නෙ කාලෙකට කලින් මම ජීවත් උන අපූරු නගරය.ඔව් අවුරුදු හතරක් කියන්නෙ ලොකු කාලයක්.
එතකොට ඒ ලෙවල් ප්‍රතිඵල ඇවිදින් හරියටම සති දෙකයි. අපේ උපන් ගම කුරුණෑගල.ඒ උනත් මම දන්න කාලෙක ඉදල අපි උන්නෙ කොච්චි කඩේ. හේතුව මගෙ තාත්ත වැඩ කලේ කොච්චිකඩේ රථ වාහන පොලිසියෙ. මාර්ග නීති කඩකිරීම සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කියල ඒ කාලෙ හිටපු ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ගෙ පුතෙක්ට විරුද්ධව අපේ තාත්ත නඩුවක් දානව.ඒකට තාත්තට හම්බ වෙන උසස් වීම උනේ ඉක්මන් දඩුවම් මාරුවක්.ඒකත් මොනරාගලට.තාත්ත ලේසියෙන් කාටවත් ඔලුව නවන කෙනෙක් නොවුනට දවසක් මම ක්ලාස් ඉවර වෙලා බස් එකක් එනකල් ඉද්දි ගත්ත පොටෝ එකක් තැපෑලෙන් ගෙදරටම ආවට පස්සෙ තාත්ත තීරණය කළා පුලුවන් තරම් ඉක්මනින් මොනරාගල යන්න. ලියුම ඇවිදින් සතියක් ගෙවෙනකොට අපි හිටියෙ මොනරාගල. මට කැම්පස් යන්න ඕන උන ලියකියවිලි පවා ගෙන්න ගත්තෙ තාත්තගෙ යාලුවෙක්ගෙ උදව්වෙන් තැපෑලෙන් .ඊට පස්සෙ මම අපේ ගමට එන පළවෙනි පාර මේ.ඒකත් ගෙදරට හොරෙන්.
මගෙ ගමේ ගොඩාක් දේවල් වෙනස් වෙලා. වෙනස් වෙලාම නෙමෙයි දියුණු වෙලා. ඒක ගොඩක්ම දැනුනෙ අලුත් පාලම දකිදදි. කොළඹින් මාදම්පේ හරහ හලාවත යන බස් එකක් අල්ල ගත්තෙ කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ ගොඩාක් වෙලා බලාගෙන ඉදල. බලාගෙන ඉදලම බස් එකට නැගපු හින්ද ආසම විදිහට ජනේලයක් ගාවින් ගානට කැසට් එකේ සද්දෙ ඇහෙන විදිහට ඉදගන්න පුලුවන් උනා.කොළඹ ඉදලම තිබුන කළබලකාරී මව කොච්චිකඩේ පාලම පහු වෙද්දි නැති වෙලා වටපිටාව සාමකාමි උනේ මගෙ හිතත් සැහැල්ලු කරන ගමන් . ඒක හරි අපූරුවට හිතට දැනුනෙ බස් එකේ කැසට් එකෙන් ඇහුන සංවර සංගීතයත් එක්ක. මට දැනුනෙ මම අවුරුදු හතරක් ජිවිතේ ආපස්සට දුවගෙන ආව වගේ හැගීමක්. මේ බස් එක යන්නෙ නිකන්ම සෙනග ටිකක් අරගෙන යන ගමනක් නෙවෙයි , මාවත් අරගෙන මගෙ ජීවිතේ සුන්දරම කාලෙට චාරිකාවක්.
චන්දන ලියනාආරච්චිගෙ සින්දු වල තියෙන්නෙ අමුතු රහක් ඒක දැනෙන්න මේ වගේ වෙලාවකම ඒක ඇහෙන්න ඕන. අවුවත් නැති වැස්සත් නැති දේශගුණය , අඩියෙන් අඩියට වෙනස් වෙවී එළියෙන් පේන අපූරු පරිසරය ,මට දැනෙන්නෙ මාව වෙනම ලෝකෙකට අරන් යනව වගේ සැහැල්ලුවක්. ඒක අමුතු ලස්සන හැගීමක්. මම කවදත් ඒ ලස්සන හැගීමට ආස කලා.තනියම ඉන්න , හොස්ටල් එක ඇතුලෙ ඉන්නවට වඩා මම ආස උනේම හොස්ටල් එකෙන් එලියට වෙලා ඉන්න. පරණ සිංදු අහන්න.යාලුවො කන්න කොත්තු රයිස් හොයද්දි මම ආස උනේ හැලපයක් කාල ප්ලේන්ටියක් බොන්න.ඒ හින්දම කැම්පස් එකේ මගෙ කාඩ් එක උනේ තපස්. එහෙම උන්න මම මේ හදිසියේ සතිය මැද දවසක ලෙක්චර්ස් පාඩු කරගෙන කැළණියෙ ඉදල මාදම්පේ දුවන්නෙ පත්තරේක තිබුන පුංචි ආටිකල් එකක් දැකල. සාමාන්‍යයෙන් පත්තර කියවන්නෙ නැති මම ඊයේ හවස යාලුවෙක් එක්ක පුස්තකාලෙට ගියෙ යාලුවගෙ වැඩකට පරන පත්තර වල නිව්ස් වගයක් හොයන්න . එවෙලෙ තමා මම කිව්ව ආටිකල් එක දැක්කෙ.ආටිකල් එකක් කිව්වට ඒක පාඨක නිර්මාණ තීරුවෙ පලවෙච්ච නිර්මාණයක්. ඒකත් දැනට මාස තුනකට කලින් ......
මේ පහුවෙන්නෙ ඒ ආදරණීය නගරය. ඇත්ත ඒ ලෑලි බංකුව තාම ඒ විදිහටම තියෙනවා. තිබුන විදිහටම.ලෑලි බංකුව විතරක් නෙවෙයි චූටි බස් හෝල්ට් එක බස් හෝල්ට් එක කිව්වට ඇත්තටම ඒක කණු දෙකක් හිටවල පොඩි තහඩුවකින් විතරක් කරපු ආවරණයක් .වැස්සෙන් හෝ අවුවෙන් ආරක්ෂා වෙන්න ඒක කොහෙත්ම ප්‍රමාණවත් නෑ. වෙනස් වෙලා තියෙන එකම දේ එදා තිබුන මැයි මාර ගහ ගොඩාක් ලොකු වෙලා..
බස් හෝල්ට් එකේ යකඩ කනුවක් අල්ලගෙන අනික් අතින් ඔලුව බදාගෙන පහුවෙලා යන බස් එක දිහා බලාගෙන හිටපු ,ඇගිලි අස්සෙන් මූනට වැටුණ කොන්ඩ කෑලි අතරින් පෙවුන ඇස් වල තිබුන හැගීම් එදා නොතේරුනේ මගෙ හිතේ තිබුන දුකට ද කේන්තියටද කියන්න මම දන්නෙ නෑ . හැබැයි අද මල් නැතුව පාලුවට ගිය මැයි මාර ගහ දකිද්දි මට දැනෙනව ඒ ඇස්වල තිබුනෙ පරාජයක් ...
මේ සැප්තැම්බරේ මල් නැති උනාට එදා ඒ කවිය ලියනකොට නම් ඇත්තටම මල් පිපිල තියෙන්න ඇති ...
" අදත් ආවලු රෑන් සමනල් මටත් කිව්වේ මල් පෙතී
තාම තරුණයි ළෑලි බංකුව රත්තරං නුඹ දන්නැතී
පුරුදු පාරෙම සුළඟ ඇවිදින් මාර අතුවල එති එතී
කනට කොදුරා හෙමින් ඇහුවා කොහිද නුබගේ හිතවතී
දෑත් පටලා ඇවිද ගිය දුර අපිත් හරි හැටි දන්නැතී
මුදා දෑගිලි සොරාගෙන සිත දුරක ඉගිලුන හිතවතී
දන්නෙ නෑ නුඹ එදා ගිය මග පිපේ තව මල් මිහිරැතී
පුරුදු පාරෙම නුහුරු ගමනක් යන්න එනවද සදවතී.....
කසුන්.
මාදම්පේ .
" හායි "
කන ළගින්ම ඇහිච්ච සද්දෙට පිටිපස්ස බැලුවත් දන්නෙ නැති අයත් එක්ක කතාවක් නැති මම පාඩුවෙ ඉස්සරහ බලාගෙන ගියෙ ක්ලාස් එකට වෙලාවට යන්න ඕන නිසා.
"හායි කසුනි"
ඒ පාර නම් මම පොඩ්ඩක් තිගැස්සුනේ ඔහු මගෙ නමත් හරියටම කිව්ව හින්ද.
" ඔයා මාව දන්නවද. සොරි මට ඔයාව මතක නෑ "
" ඕහ් ! ඔයාට මාව මතක නෑ නෙවෙයි ඔයා මාව දන්නෙ නෑ "
" සොරි. මට පරක්කු වෙනව මම යන්නද."
" අපි දැනටමත් යන ගමන්නෙ ඉන්නෙ ඩියර්."
( ඔව් .ඇත්තටම අපි කතා කර කර ඇවිදගෙන ආවෙ.කතා කරන්න කිසිම කැමැත්තක් නොවුනත් ඔහු කියපු දේට මට සිනා නැගුන.ඒත් ඒක නොපෙන්වා ඉන්න මම පරිස්සම් උනේ කතාව තව දිග්ගස්සන්න මට ඕන නැති නිසා.)
" බලන්න මම ඔයාව දන්නෙ නෑ .අපේ තාත්ත කියල තියෙන්නෙ නොදන්න අය එක්ක කතා කරන්න එපා කියල"
" ඉතිං දැන් දැන ගන්නකො. මම ..,එක පැත්තකින් මම ඔයාම තමයි. "
( ඒ පාර නම් ඇත්තටම කේන්ති ගියා. කේන්තියත් එක්ක මම ඔහුට රැව්වත් ඔහු හිනාවීගෙනම හිටිය. ඒ තමා මම ඔහුගෙ හිනාව හරියටම දැක්ක පළවෙනි පාර.ඇත්තම කිව්වොත් එයාගෙ හිනාව දකින්න පටන් ගත්තෙ එවලෙ.එදා ඉදල ඒ හිනාව මම හැමදාමත් ඒ මූනෙ දැක්ක .එකම එක දවසක් ඔව් එකම එක දවසක් ඇරෙන්න )
" සොරි සොරි ඕකේ ඔච්චර රවන්න මොනවද තියෙන්නෙ . මම කසුන් . ඔයාගෙ ක්ලාස් එකේමයි. මම මාදම්පේ සෙන්ට්‍රල් එකේ. ඔයා කසුනි. කොච්චිකඩේ, දංකොටුවෙ ගර්ල්ස් එකේ. එදා ඔයාට පිටිපස්සෙන් රෙජිස්ටර් වෙන්න හිටියෙ මම. එවලෙ තමයි මම ඔයාගෙ විස්තර දැන ගත්තෙ. සෝ දැන් වත් මට හායි කියනවද."
එක දිගටම කතා කරපු ඔහු කතාව නතර කලේ මට අතත් දික් කරල . පැකිලීමෙන් උනත් මම ඔහුට අත දුන්නෙ මට වෙන කරන්න දෙයක් නැති කමට..
මගෙ අත අත අරින ගමන් ඔහුට ආයෙත් ප්‍රශ්නයක්
"තනියමද යාලුවො නැද්ද "
" නෑ මෙච්චර මිනිස්සු ඉද්දි කොහොමද තනියම වෙන්නෙ, හැබැයි යාලුවො නම් නෑ "
"නියමයි. මාත් එහෙමයි . අද |
ුනන්නෙ නැති මිනිස්සු ගොඩක් එක්ක යාලුවො නැතුව.."
( ඔහු කීවේ මට නැවතත් අත දිග් කරන ගමන් )
" සේම් විශන් ඩියර් "
(ඔහු නැවතත් කිව්වෙ මම ඔහු දිහාත් දිගු කරන් ඉන්න අත දිහත් මාරුවෙන් මාරුවට බලද්දි )
ඒ පාරත් වෙන විකල්පයක් නැති කොට මම ඔහුට අත දෙනකොටම ඔහු ඇසිල්ලකින් මගෙ අත අත් ඇරල ආයෙමත් අත දිගුකලා.
" නව්??? "
ඒ මම හිනා උන පළවෙනි පාර. ඇත්තටම මම ඔහු එක්ක හිනාවෙන්න පටන් ගත්ත තැන . එදා ඉදන් මගෙ හිනාව ඔහු ළඟදි නැවතුනේම නෑ.
" ෆො ද ෆ්‍රෙන්ඩ් ෂිප් ඩියර්... ඕකේ "
"ඕකේ."
මම කසුනි , කසුනි වික්‍රමසිංහ. එක වසරෙ ඉදල ඒ ලෙවල් වෙනකල්ම දංකොටුව ගර්ල්ස් එකේ ඉගෙන ගත්තෙ. පොඩිම කාලෙ අම්ම එක්ක ඊට පස්සෙ අම්ම හෝ තාත්ත එක්ක ඉස්කෝලෙට වගේම ටියුෂන් වලටත් ගිය මම ජීවිතේ පලවෙනි පාරට තමා තනියම ගමනක් යන්නෙ. ඒකත් තාත්තගෙ උවමනාවට. තාත්තට ඕන උනා මට පොළවෙ පය ගහල ඉන්න උගන්නන්න.පොඩි භයක් තිබුනත් මම ඒකට ආස උනා. දංකොටුවෙ ගර්ල්ස් එකේ ඉගෙන ගන්න මම කොච්චිකඩේ ඉදල වෙන්නප්පුවට තනියම ඒ ලෙවල් ටියුෂන් එන්නෙ අන්න ඒ විදිහට.
ආයෙත් මට ඔහුව හම්බ වෙන්නෙ ක්ලාස් එක ඉවර වෙලා ආපහු එද්දි.
" ඒක නෙවෙයි කසූ . ඇයි ඔයා අතනින් අච්චර ලේසියෙන් බස් එකට නගින්න බහින්න පුලුවන් කම තියෙද්දි මෙච්චර දුර ඇවිදන් ඇවිත් මෙතනින් බස් එකට නගින්නෙ "
" අපෝ එතන සෙනග ගොඩේ පොර කනවට වඩා මේක කොච්චර ලේසිද.වටිනවද. එතකොට ඔයා...ඔයාටත් පුලුවන්නෙ එතනින් බස් එක ගන්න......
( මම ඇහුවෙ එකම පාරක දෙපැත්තට යන අපි දෙන්නගෙන්, මට වගේම ඔහුටත් එම පහසුවම තියෙන හින්ද )
" අගේන්.. සේම් විෂන් ඩියර් , "
ඔහු පෙරලා උත්තර දුන්නෙ ආයෙමත් මට අත දෙන ගමන්.
" අගේන්.? ෆොර් වට් "
(මම ඇහුවෙ ඔහුට අත දෙන ගමන් )
" සේම් විෂන් "
තාලෙට වගේ ඔහු කිව්වෙ මගෙ ඔළුවටත් තට්ටුවක් දාන ගමන්.එහෙම පැටලිච්ච අපේ අත් දිගටම පැටලිලා තියෙන්න එච්චර කල් ගියෙ නෑ. එදායින් පස්සෙ හැම සිකුරාදාම වෙන්නප්පුව ඩිපෝ එක කිට්ටුවම තිබුන පුංචි බස් හෝල්ට් එකේ මම වෙනුවෙන් ඔහු බලාගෙන හිටිය. එතනින් පැටලෙන අපේ අත් අත් ඇරුනෙ ක්ලාස් එකේ දොර ගාවදි. පිරිමි ළමයෙක් එක්ක තියා ගෑනු ළමයෙක් එක්ක වත් වැඩි හිතවත්කමක් නොතිබුණු තනියම හිටපු මාව සම්පූර්ණයෙන්ම වෙනස් කලේ කසුන්. අපිට හිනා වෙන්න ,රන්ඩු කරන්න තරහ වෙන්න ආයෙත් යාලු වෙන්න ඕන තරම් හේතු තිබුන.
ඒ අයිස් ක්‍රීම් එක ඒක තාමත් එතනම තියෙනවා . ඒ විදිහටම. මට තාමත් ඒ රහ දැනෙනව. වෙන්නප්පුව ටවුන් එකේම තියෙන බස් හෝල්ට් එකේ බස් එක නතර කල ටික වෙලාවට ඒ ඉස්සරහටම තිබුන ජූස් බාර් එකයි පාරෙ තියල තිබුන ලොකු අයිස්ක්‍රීම් එකයි මාව ආයෙත් අතීතෙට අරන් ගියා .
ටවුන් එක පැත්තට නෑවිත් බස් එකට නැගපු අපිට ටවුන් එකට එන්න තිබුන එකම හේතුව මේ ජූස් බාර් එක. කලින් ක්ලාස් ඉවර වෙන හැම දවසකම ෆලූඩ එකක් නැත්තං අලිපේර එකක් බීල සෝයා අයිස්ක්‍රීම් එකක් කාල යන්න අපි මෙතනට එනව.දවසක් මෙතනදිමයි කසුන් මට වෙසක් කාඩ් එකක් දුන්නෙ .ඒ වෙසක් පෝයට දවස් දෙකකට පස්සෙ ක්ලාස් තිබුන දවසක් .
" මේක තමුසෙට "
" තමුසෙ කියන්න එපා හරි ද"
(මම කිව්වෙ කවරෙ අරින ගමන් )
"ශාහ් ලස්සනයිනෙ , ඇත්තටම මටද නැත්තං කවුරු හරි කෙල්ලෙක් දුන්න එකක්ද "
"අයියෝ උබට බන් ගත්තෙ . අපේ කඩේ විකුණන්න ගෙනත් තිබුන මට උබව මතක් උනා . ගෙනාව.කොහොම තේරීම."
"ආ මම කලු හින්ද නේද."
( මම ඇහුවෙ සම්පූර්ණ කලු පසිබිමක සුදු රෝසමලක් තිබුන වෙසක් කාඩ් එක දිහා බලාගෙන. මමත් චුට්ටක් කලු හින්ද .)
"රෙද්ද තමා . කලු කියන්නෙ ලස්සන පාටක් ලස්සන දේවල් එක්ක තියෙන කොට. කොහොමද මගෙ සිලෙක්ශන් "
" සුපර් , මොනව නැතත් උබේ තේරීම නම් අති විශිෂ්ටයි. පේනවනෙ."
( මම කිව්වෙ මාව පෙන්නවන ගමන් )
" ඇත්තටම මචන් ,සමහර වෙලාවට මගෙ තේරීම් මහ ගොන්. ආතල් එකේ කෑල්ලක් දාගෙන තුරුල් වෙලා යන්න තිබුන ගමනක්නෙ ඉතිං මේකත්.."
ඔහු ආයෙත් කිව්වෙ අයිස් ක්‍රීම් කකා එන අතරෙ මාව පෙන්නලා ....
" අනේ පලයන් බූරුව යන්න .මම හින්ද හොදයි නැත්තං මෙලහටත් උරචක්කර මාලයක් කරේ එල්ල ගෙන තාත්තගෙ ලාච්චුව ඔක්කොම හිස් කරල තියයි ඒ ලෙවල් ඉවර වෙද්දි ඌරෙක් වගේ.."
ඔහු කසුන්. කසුන් අංජන ද සිල්වා. මාදම්පේ .සෙන්ට්‍රල් එක ඉස්සරහටම තියෙන අංජන ස්ට්‍රෝස් එක එයාලගෙ. එක නන්ගියයි අම්මයි තාත්තයි. නන්ගි ඒ ලෙවල් වලට ඉගෙන ගත්ත නම් මේ වෙද්දි එයා එග්සෑම් කරල ඉවර වෙන්න ඕන.ඒ ඇරෙන්න මම වෙන මොකුත්ම කසුන් ගැන දන්නෙ නෑ .හැබැයි මම කසුන්ව දන්නව. එයාට පුලුවන් මම කොතැන කොහොම මොන ප්‍රශ්නෙක හිටියත් එක විනාඩියකදි ඒ හැමදේම අමතක කරවල මාව හිනස්සන්න.මාව විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ව. කවදාවත් දැකල නැති කෙනෙක්ට උනත් තමන්ගෙම කෙනෙක් කරගන්න. අත අල්ලල සාත්තර කියන්න. ඒ වගේම එයාට තිබුන ඕනාම කෙනෙක්ගෙ දුක නැති කරල මූඩ් ෆික්ස් කරන්න පුලුවන් මැජික් එකක්. පන්තියේ හිටපු ගෑනු ළමයි පිරිමි ළමයි ඔක්කොම එයා එක්ක ඉන්න ආසයි .එයා මා එක්ක ඉන්න ආසයි . යාලුවො හිටිය නැති මට යාලුවො ගොඩාක් හොයල දුන්නෙ එයා.හැමෝගෙම යාලුවෙක් වෙන හැටි ඉගැන්නුවෙ එයා.
අපේ තාත්තගෙ නීති තදයි. එයා මට ෆෝන් එකක් පාවිච්චි කරන්න දුන්නෙ කැම්පස් යන්න පටන් ගත්තටත් පස්සෙ . කසුන් ලග ෆෝන් එකක් තිබුනත් එයා ඒක ක්ලාස් එද්දි ගෙනාවෙ නෑ . එයා ඒකෙ නම්බර් එකක් මට දුන්නෙත් නෑ .මම ඉල්ලුවෙත් නෑ.එයාගෙ ඉස්කෝලන් අපේ ක්ලාස් එකට ආපු එකම ලමය එයා . අපේ ඉස්කෝලෙන් ඒ ක්ලාස් එකට ගිය එකම ළමයත් මම. සතියකට එකම එක දවසක් විතරක් හම්බ වෙන කසුන් ගැන අම්ම තාත්තට කියන්න සතියක දේවල් මට තිබුන . කසුන්ටත් ඒක එහෙම යි කියල තේරුනේ එයාලගෙ ගෙදර විශේෂ කෑම එහෙම හැදුවම මගෙ පංගුව ලස්සනට පැක් කරල නන්ගිගෙ චූටි චිට් එකක් එක්ක එවන හින්ද. කසුන්ගෙ ගෙදරින් එවපු පලවෙනි කෑම එකෙන් පස්සෙ ඒක අපේ අම්මගෙත් පුරුද්දක් උනා. කොටින්ම අපේ ගෙදර විශේෂ කෑමක් හැදුනෙම බ්‍රහස්පතින්දා හවස නැත්තං සිකුරාදා උදේ.
ඉදල හිටල එයා අපේ ගෙදරට කතා කලා.හැබැයි ඒ එකම දවසකවත් කසුන් මා එක්ක කතා කලේ නෑ.කලා නම් ඒ එක්කො අම්ම කෝ කියල නැත්තං තාත්ත කෝ කියල.
" මේ කසුන් ඇයි බන් උබ අපේ ගෙදරට කෝල් ගත්තම මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ.
" මම ගන්නෙ උබට කතා කරන්න නෙවෙයිනෙ ඒකයි"
" හරි ඉතිං ,මාත් එක්ක කතා කලා කියල උබේ කට ගෙවෙන්නෙ නෑනෙ "
" ඇයි දැන් මම උබ එක්ක කතා කරන්න ඕන. කෝල් අරන් කතා කරන්න උබ මගෙ ලව් එක නෙවෙයිනෙ. එහෙම ඕන නම් උබ කාව හරි හොයා ගනින්. මට නම් උබ වගේ මල හෝන්තුවකට ලව් කරන්න කිසිම උවමනාවක් නෑ
"මේ කසුනි ඇත්තටම උබේ එහෙම මම ගැන බලාපොරොත්තුවක් නෑනෙ . හරි මම පොඩ්ඩක් ශාරුක් ඛාන් වගේ ලව්ලි බෝයි කෙනෙක් තමයි"
" හෝව් හෝව් ... ඇති ඇති.උබ කසාද බදින්නෙ චයිනීස් කෑල්ලක් කියලනෙ කියන්න හදන්නෙ"
" චයිනීස් නෙවෙයි බන් ජපනීස් ,නෙරිකෝසන් වගේ "
කසුන්ගෙ එකම ටාගට් එක උනේ ඒලෙවල් වලට එස් තුනක් දාගෙන ජපන් යන්න . එයාගෙ මාමගෙ පවුලම හිටියෙ එහෙ. මට ඕන උනේ කොහොම හරි කැම්පස් යන්න .අපි හිනා උනා ,රන්ඩු උනා ,දන්නෙම නැතුව කාලෙ ගෙවුණ.එදා ක්ලාස් එකේ අන්තිම දවස.
" ළමයි එහෙම නම් රිසාල්ට් ආවට පස්සෙ එන පළවෙනි සිකුරාදා පුරුදු වෙලාවට හැමෝම ඇවිදින් යන්න ඕන . හරිනෙ අනික ඔය දාල යන්න බැරි විශේෂ අය එහෙම ඉන්නවනම් කතා කර ගන්න දෙයක් මෙතන ඉදල කතා කරගන්න . තැන් තැන් වල ඇවිදල මගෙ නම කැත නොකර "
" එහෙනම් කසුන් උබල පස්සෙ වරෙන් . අපි යන්නම්" ( ඒ කසුන් ළඟ හිටිය ළමයෙක්)
"ඇයි ඒ ,සර් කිව්වෙ විශේෂ අයට මට නෙවෙයි "
" එතකොට ක..."
" උබට පිස්සුද බන්. ඒකිත් උබල වගේම යාලුවෙක් ,වෙනස ඒකි මම ආසම යාලුවෙක් එච්චරයි, යමං "
එයාල හිටියෙ මට පිටි පස්සෙන්මට දුක හිතුනද මන්ද , ඒත් මොකක්දෝ අසරණ කමක් හිතට දැනුන. ඇත්ත එයාට එදා දවසත් වෙනද වගේම දවසක් . පුරුදු විදිහටම කියෝ කියෝ ගිහින් එයා එයාගෙ හෝල්ට් එකට ගියා .මම මගෙ හෝල්ට් එකේ නැවතුනා. මම බස් එකට නගිනකන් වෙනද වගේම මට විරිත්ත විරිත්ත උන්න. එකම එක වෙනසක්
මට දැනුත් මතකයි. ඔව් එකම වෙනසක්.එදා ඒ ඇස් දිලිසුනේ නෑ .
චන්දන ලියනආරච්චි නැවතිලා. කොළඹ ඉදල ආව හුගක් අය බැහල ගිහින්. නොගිහින් බැරි කමට යන තේරුමක් නැති ගමනක් වගේ බස් එක ඔහේ යනව.ඇත්තටම මම යන්නෙත් එහෙම ගමනක්ද , තේරුමක් නැති ගමනක්ද. නුපුරුදු පරිසරය හිතට ගෙනාවේ බයක් චකිතයක්...
" ඉදං , මේක උබට අපේ අම්ම දෙන්න කිව්ව."
" මොකක්ද මේ "
( මම ඇහුවෙ කවරෙ දිග අරින ගමන් )
"ගෙදර ගිහින් බලපන්.නංගිට ඇදුම් ගන්න ගිය ගමන් උබටත් ගවුමක් අරගෙන "
" ශාහ්. මම ආසම පාට.ඉදපන් මම චිට් එකක් දෙන්නම් අම්මට.තෑන්ක් කරල "
" මමයි තේරුවෙ මට තැන්ක් යූ කියපන්"
"බෑ, ඒක නෙවෙයි අම්මට මාව ලේලි කරගන්න හිතිල එහෙම නෙවෙයිනෙ..?
"උබව ,,,දැට්ස් ඉම්පොසිබල් ඩාලිං. එයාට හිතිල හරියන්නෙ නෑ .මටයි හිතෙන්න ඕන .ඩෝන්ට් වොරි."
එදා රිසාල්ට් ආවට පස්සෙ මම ක්ලාස් ගියෙ ඒ ගවුම ඇදගෙන. දවස් තුනකට කලින් කසුන් අම්මට කතා කරල ඉල්ලල තිබුන ලොකු හැලප පාර්සලෙත් අරගෙන . එදා හැමෝම ඇවිදින් හිටිය . කසුන් ඇරෙන්න. හැමදාම කසුන් මම වෙනුවෙන් පාර බැලුවෙ. එදා මම කසුන් වෙන්වෙන්. එයා ආවෙ නෑ. සර්ට කතා කරල ආපහු එනකල් වත් එයා ආවෙ නෑ. වෙනද මම තනියම ඉන්න මාර ගහ යට එදා පන්තියේ ඔක්කොම බලාගෙන හිටිය . එකම එකම මලක් වත් එදා තිබුනෙ නෑ.ක්ලාස් ඉවර වෙන වෙලාවත් පහු වෙලා පැයකටත් වඩා පාර බැලුව. හැමෝම හිටියත් මම උන්නෙ තනියම. අනිතිමට කවදාවත් නැතුව හලාවත ඉදල එන දොර දෙකේ බස් එකට මම පිටිපස්සෙන් නගිද්දි කසුන් ඉස්සරහින් බැහැල......
බස් එකේ පිටිපස්සෙ වීදුරුවෙන් දැක්ක පරාජිත ඇස් ඇරෙන්න මේ අවුරුදු හතරට කවදාවත් කසුන්ගෙ හිනාව මට මතක් උනේ නෑ .
එන කෝල් වලට ආන්සර් කලා ඇරෙන්න මම ලග කසුන්ගෙ නම්බර් එකක් තිබුනෙ නෑ.දවස් දෙකකට පස්සෙ අපි ගම දාල ගියා. අද වෙනකල් හැම උදේකම හැම රෑකම හැම දවාලකම එදා බස් එකෙන් නොබැස්ස එක ගැන |
මම දුක් උනා. යුනි එකට මාදම්පේ සෙන්ට්‍රල් එකෙන් ආපු ළමයි හොය හොය ඇවිද්ද. අනිතිමට කැම්පස් එකේ ළමයින්ට මම විහිලුවක් උනා.
සමහර විට අද කසුන්ටත් මාව විහිලුවක් වේවි.වීදුරුවෙන් එලියෙ බස් එකට පහුවෙන ගස් කොලන් ගෙවල් දොරවල් මගෙ හිතේ චකිතය තවත් වැඩි කරනව.උදේ කැම්පස් එක ගාවදිම ෆෝන් එක ඔෆ් කලේ අම්මට බොරු කියන්න බැරි හින්ද.අඩුම තරමෙ මට යාලුවව හරි එක්ක එන්න තිබුන .
" මිස් ඔයා ඉස්සරහින් බහින්න ඕන .වීල් පාර්ක් එකේ කාට හරි කිව්ව නම් මිස්ට වැඩේ ලේසියි . භය වෙන්න දෙයක් නෑ උන් රත්තරං මිනිස්සු "
කන්ඩක්ට එහෙම කිව්වෙ මගෙ හිතේ තියෙන තිගැස්ම මූනෙන් පේන නිසා වෙන්න ඇති .කවිය තිබුන පත්තර පිටුවයි , එදා අන්තිම දවසෙ ක්ලාස් එකෙන් දුන්න මගෙ මූන ගාවින්ම කසුන්ගෙ මූන විතරක් චූට්ටන් රවුමක තියෙන හෑන්ඩ්බිල් එකත් අරගෙන බැස්සෙ යටි පතුලෙ ඉදල ඉස්මුදුනටම සීතල වේගන යද්දි.
" අයියෙ, සෙන්ට්‍රල් එක ඉස්සරහ තියෙන අංජන ස්ට්‍රෝස් එක..."
" අද නම් වහල මිස් . ඕනම නම් ගෙදරට දාන්නම්"
රියදුරා මොනවදෝ ඇහුව.හරියටම උත්තර නොදුන්න නිසාදෝ කතාව දිගටම ඇදුනෙ නෑ.විනාඩි දහයකට පස්සෙ වීල් එක ටිකක් විශාල ගෙයක් ඉස්සරහ නතර උනා.
"බහින්න මිස් ,"
"මේකද , ගාන කීයද"
( මම ඇහුවෙ ගොක් රෑන් ඇදල දානෙ ගෙදරක ලකුණු පෙනිච්ච ගේ දිහා බලාගෙන .)
" සල්ලි එපා මිස් , මිස් නොදැනද ආවෙ .ඉන්නකො"
(එහෙම කියපු රියදුරු මිදුලෙ හහිටපු කාටද කතා කලා)
" අක්ක අක්ක කසුනි නේද .මම අන්ජනී.එන්න අක්ක ගෙට"
"නන්ගි කසුන් "
"එන්නකො ගෙට "
මට හරියට මුහුණ නොදුන් ඈ මාවත් එක්කගෙන ගේ ඇතුලට ගියා.
දොරකඩදි උස්සපු කකුල මට බිම තියන්න අමතක උනා . සාලෙ කොනක කසුන් ලස්සනට හිනාවෙලා මම අවුරුදු ගානක් මතක් කරපු හිනාවෙන් මං දිහා බලාගෙන .
මේසෙ උඩ පත්තු වෙන පොල්තෙල් පහණ දිහා බලාගෙන මම නංගිව අල්ලගත්තෙ තව දුරටත් කකුල් දෙකට මාව දරන්න බැරි බව තේරුන හින්ද .
"ඔයා හුගක් පරක්කුයි අක්ක.එදා රිසාල්ට් වලට පස්සෙ ක්ලාස් තිබුනදා සීය නැති උනා .අයිය හොස්පිට්ල් ඉදල යද්දිත් ගොඩක් පරක්කු වෙලා. අයිය ගෙදර ඇවිදින් පොඩි එකෙක් වගේ ඇඩුව.හැමෝම හිතුවෙ සීය වෙනුවෙන් කියල. මම දන්නව එයා පරක්කු බව.එයා ජපන් හිටපු අවුරුදු හතරෙම හැමදාම ඇහුව ඔයාව .රට ඉදල ඇවිදින් සති දෙකක් හැමදාම කොහෙදෝ ඇවිද්ද.එයා ඔයාව හෙව්වෙ නෑ ඔයා නොකියම ගම දාල ගිහින් කියල දැන ගත්තම.හැබැයි ඔයා කවදහරි ආපහු එයි කියල එයා බලාගෙන හිටිය.එදා එයා වෙන්නප්පුව කන්තෝරුවට ගිහින් තියෙනව.ඇක්සිඩන්ට් එක දැකපු අය කිව්වෙ කන්තෝරුවෙ ඉදල හිනා වෙවී ඇවිදින් පාර බලන්නෙ නැතුව පැන්න කියල . ඇයි කන්තෝරුවට ගියෙ , සති දෙකක් තිස්සෙ වෙන්නප්පුව ටවුන් එකේ මොකද කලේ කියල අහන්න එයා ආයෙත් ඇස් ඇරියෙ නෑ අක්ක. වෙන්නප්පුව ටවුන් එකේ නිතර ඉන්න අයට අයියව හොදට මතක තිබුන .රට ඉදල ආවට පස්සෙ ඇක්සිඩන්ට් එක වෙනකල් සති දෙකම අයිය ඉදල තියෙන්නෙ වෙන්නප්පුවෙ ටවුන් එකේ.
අද තුන් මාසෙ....."
අතේ තිබුන පත්තර පිටුව නන්ගි අතට දෙන කොට, නොදැනම පියවෙන ඇස් වලට කාලෙකට පස්සෙ මට පෙනුනෙ හැමදාම මම බස් එකෙන් බහිද්දි ලෑලි බංකුවට වෙලා මා දිහා බලාගෙන ඉන්න හිනා වෙන ඇස්.....කවුරුහරි මාව හයියෙන් අල්ල ගද්දිත් මම ඇස් තද කරල පියාගෙන බලා උන්නෙ මාත් එක්ක තාමත් හිනා වෙන ඒ ඇස් දිහා....දයාබර, නැහැ ආදරණීය ඔව් ආදරණීය කසුන් ....
නිමි!මගේ කතා වලින් අඩුවෙන්ම බලල තිබ්බ කතාව තමා මේ.. එහෙම හරියනවද මං අහන්නේ..දැන් ඉතිං කැමති උනත් නැති උනත් ආයේ කියවන්ඩලා..අලුත් කතා ටික ඔන් ද වේ..
ලීච්
ඉස් ඉස්සෙලම මට මතක හිටින කූඩලු ප්‍රහාරය එල්ල උනේ ගොඩක් පොඩි කාලේදී.. අපේ ගෙවල් අද්දර තිබ්බ වෙල් යාය තමයි අපේ සෙල්ලම පිට්ටනිය උනේ ඒ දවස් වල. මාත් මල්ලිලා දෙන්නත් ඉස්කෝලේ ඇරිලා ඇවිත් තියන මොනාහරි කාල හවස් වරුවම වෙලේ නටනව.. පොඩි මාලු පැටව අල්ලනව.. බත්කූරෝ සරුංගල් යවනව.. ගමේ හිටපු පොඩි එවුන් ඔක්කොම හැන්දෑවට එහෙම තමා ඉතිං..
මඩේ නටල මාත් මල්ලිලත් ගොඩට එනව.. තාත්ත එන්න කලින් නාල හොඳ ළමයි වගේ ඉන්න එපාය..එතකොටම මගේ කකුලේ ටිකක් දිග කොස් කොළයක් ඇලිල තියනව.. මම අනිත් කකුලෙන් කොස් කොලේ අයින් කරන්න හදනව.. තව දුරටත් ඒක කොස් කොලයක් නොවන බවත් මහ නපුරු ජීවියෙක් මගේ කකුලේ එල්ලිලා ඉන්න බවත් මම දකිනව.. "අම්මෝ මී හරක් කූඩැල්ලෙක්.." කව්ද කියනවා මට ඇහෙනව.. ඒ එක්කම ලෝකේ කැරකිලා.. හතරවටේ කලුවෙලා මාව එතනම චකබ්ලාස් වෙනව.. ඊට පස්සේ උන දේවල් මල්ලි ගිරවෙක් වගේ කියනව.. පොඩි එවුන් කෑ ගහනකොට වෙලේ වැඩ කර කර හිටපු මාම කෙනෙක් ආව බවත් එයාගේ කටේ තිබ්බ බුලත් හපේ කූඩැල්ලට තිබ්බ බවත්.. ඌ ගැලවිලා වැටුන බවත් උගේ දත් සෙට් එක පවා දැක්ක බවත් අපේ එකා කියනව.. ඒ රමණීය අවසථාව දැක බලා ගන්න කලින් සිහි මුර්ජා උන එක ගැන මම දෙයියන්ට පින් දෙනව.."කූඩැල්ලට පිං සිද්ද වෙන්න දැන් අපේ කට්ටිය වෙල පැත්ත බලන් බත් වත් කන්නේ නෑ" කියල අපේ අම්ම අල්ලපු ගෙදර නැන්ද කෙනෙක් එක සන්තෝසෙන් කියනව අපිට ඇහෙනව..
ඕ ලෙවෙල් ඉවර වෙලා එයාගේ ගමේ ගෙදර එන්න කියන යාලුවෙක් ඉන්වයිට් කරනව.. අපි කොල්ලෝ කෙල්ලෝ විස්සක් විතර සමහරු ගෙවල් වලට කියල, සමහරු හොරෙන්, තවත් සමහරු පුස්තකාලේ යනව කියල හොරණ ඉඳල මතුගම බස් එකක නැගල සින්දු කිය කිය යනව..බස් එකෙන් බැහැල සල්ලි එකතු කරලා අයිසින් කේක් එකකුත් කෙසෙල් ඇවරියකුත් අරන් තවත් හැතැප්මක් විතර පයින් යනව .. එකෙක් දෙන්නෙක් යාළුවගේ ගෙවල් දන්න හින්ද කොල්ලෝ චන්ඩි වගෙත් කෙල්ලෝ හෙන පොෂ් වගෙත් ගමේ මිනිස්සුන්ට පෙන්න යනව. මේ පැත්තේ හරියට කූඩැල්ලෝ ඉන්නව එකෙක් කියනව.. ඊට පස්සේ අනං මනං පැත්තකට දාල කූඩැල්ලෝ කතා පටන් ගන්නව.. කූඩැල්ලන්ගේ ගතිගුණ උන් එක්කම ජීවත් උනා වගේ එක්කෙනෙක් කියනකොට තව කෙනෙක් පිරිමි කූඩැල්ලෝ හරි වල් බවත් ගෑනු ළමයින්ගේ කකුල් වල එල්ලෙන්නේ උන් බවත් කියනව.."එක ගෑනු කෙනෙක්ගේ බඩ ලොකු උනාලු.. බබෙක් හම්බ වෙන්නත් නෙමෙයි ලු.. ඊට පස්සේ.. කියල තවත් එකෙක් පටන් ගත්ත ඉස්ටෝරිය කෙල්ලෝ ටික බයවෙලා අහන් ඉන්නව.. මට ආයෙමත් කොස්කොල කූඩැල්ල මතක් වෙනව..
තවත් කාලයක් යනකොට කූඩැල්ලෝ මගේ බය ලිස්ට් එකෙන් අයින් වෙනව.. මේ ලෝකේ බයවෙන්න ඕන නානාප්‍රකාර මිනිස්සු ගෑනු දකිනකොට කූඩැල්ල මොනාද අනේ කියල මට හිතෙනව..
මාත් මහත්තයත් රෝඩ් ට්‍රිප් එකක් යනව.. කලින්දා කෝච්චියේ නුවර ගිහින් උදේම දළදා වැඳලා..නුවර ඉඳල ඇතුලේ තියන ලස්සන ගම් වලට යන රතුපාට සීටීබී බස් එකක රටකජුයි අච්චාරුයි කකා අපි යනව.. ලස්සන කඳු මිටියාවත්.. කුඹුරු යායවල් බල බලා යන අතරමග මේ හරියේ බහිමු කියල අපේ එක්කෙනවත් ඇදගෙන බස් එකෙන් බැහැල පරිසර සිරි විඳ විඳ පයින් යනව.. ඒ අතර පාර අයිනේ පුංචි දියපාරවල් වලට කකුල් ඔබන්නත් මල්, කොළ අතගාල බලන්නත් හිතෙනව.. ඔය අයින් වල කූඩැල්ලෝ ඇති.. අපේ එක්කෙනා සැර දානව.. මම දඩිබිඩි ගාල තාර පාර මැද්දට වෙනව..
පැය බාගෙකට පස්සේ ආයේ නුවරට බස් එකක් එනව.. හෝව් හෝව් කියල පාරට පැනල අතදාල ඒක නවත්තගෙන පුංචි සීට් එකේ මම තුන්කාලයි අපේ එක්කෙනා කාලයි වෙන්න ඉඳගෙන ආයේ පාර බල බල යනව.. ටික වෙලාවකින් කකුලේ පොඩ්ඩක් උඩට වෙන්න කඩියෙක් කනවා වගේ දැනෙනව.. "කූඩැල්ලෙක් එල්ලිලා අනේ.". මම අන්ත අසරණව අපේ එක්කෙනාට කියනව.. "කෝ කොතනද.. මම කිව්වානේ.. පිස්සුවක් නේ ඉතින්.." තව එක එක ඒවා කියන එයා පොඩ්ඩක් වටපිට බලල ගවුම පොඩ්ඩක් එහාට මෙහාට කරලා අනවසර ජීවියව ඉවත් කරන්න හදනකොටම "ටිකට්" කියාගෙන කොන්දොස්තර මහත්තය එතනම හිටගෙන ඉන්නව.. උන්දැ මොහොතක් ඇස් උඩ තියාගෙන ඉඳල සීට් වල වැදී වැදී ගිහින් රියදුරු මහත්තය එක්ක පස්ස බලල මොනවද කියනව.. "දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ රත්තරන් මේ නාකි මගුල් එක්ක බලනකොට" කියල කියනව ඇති කියල මට හිතෙනව.. ඒ අතරේ සැපේ ඉන්නේ සැපේ කියල අනිත් කූඩැල්ලන්ට ස්ටේටස් අප්ඩේට් කරපු පිරිමි කූඩැල්ල අපේ එක්කෙනාට පස් පඩන්ගුවේ බැන බැන බස් ටිකට් එකක එතිල ජනේලෙන් එලියට ගුවන්ගත වෙනව..
හම්බෙමු
රොෂනිසදජීවිතය නුඹෙයි පරිස්සමින්
මවක් වූ දිනේ ඇය
ජීවිතේ ආයෙමත් අලුත්
විෂයන් වලින් හැදෑරුවා...
ඒ පන්නරයෙන්
දරුවන් දිනන ලෝකය
දෙස බලලා තුටු වූණා...
දැන් දැන් ජීවිතේ ජය ගත්ත
යෙහෙළියෝ දකිද්දි මොකද්දෝ
අඩුවක් ඇයට දැනෙනවා
කොතන කොහොමද වැරදුනේ
ඉතින් තනියෙන්ම හිතනවා...
උපාධිය ගත් දිනේ ජායාරුවේ
ඉඳන් ඇගෙ රුවම
ඇයට සරදම් ලෙස හිනැහෙනවා,
හීනී කඳුලක් නෙත් අග ඇඳී
පවුලේ ජායාරුව දැකලා
එසැනනින්ම වියැලෙනවා...
කාලය ඉගිල ගොස් දරුවන්
තටු සරි කරන් පියඹද්දි
තනිය ඇවිදින් හිත කොනිත්තන කොට
දැනෙනා මහා හිස් බව තුල
ඈ මංමුලා වී
මම කවුද ? ඇයි මෙහෙම ?
හිතද්දී ඇයට ජීවිතේ
මග ඇරිලානේදැයි හිතෙනවා...
බොහෝ ගැහැණුන් පවුල වෙනුවෙන්
තමන්වම අමතක කරනවා
ඒත් එහෙම නොවෙන්නට පාඩමක්
ඇය ඇගේ දෝණිට කියලා දෙනවා
දෝනී උඹ පහන් තරුවක් වෙයන්
උබේ පවුලටම මං සකුණු කියන,
එපා වල්ගා තරුවක් වෙන්න
මං සලකුණු කියා දී දිය වී වැටෙන...
සත්තකයි දෝණි ජීවිතේ දිනපු හැම ගැණීයෙක්ගෙම
ගමන් මඟ හරි වෙහෙසකර වුණත්
මල් පිපෙන වසන්තය ළඟ ඇය හරිම තෘප්තිමත්....
ජීවිතේ උබෙයි පරිස්සම් කරගනින්
දිශ්ලියන්න හිතුනේ මත්ද්‍රව්‍ය සම්බන්ධව සහ ඒ හා බැදුනු ලංකාවේ උනත් කැමති මාතෘකාවක් ඒ ලංකාවේ හිටපු මිලියනර් කෙනෙක් වෙන උපාලි විජේවර්ධන ගැන පුරවෘත්තයක් සහ යම් තොරතුරු ඒ සම්බන්ධව ලොව වටා.
(01) චායාරුපය Sri Lankan Business Icon උපාලි විජේවර්ධන.
(02) ඇමෙරිකානු DEA පොලිස් නිලධාරීයෙක්.
(03) Indian Mob Boss ඩාවුඩ් ඉබ්‍රාහිම්.
(04) Mexican Drug Lord රෆායල් කාරෝ කුන්ටිනෝ
සුප්‍රසිද්ධ රන් ත්‍රිකෝණය නැත්නම් දකුණු ආසියාවේ (Golden Triangle in Southeast Asia) මත්ද්‍රව්‍ය හබ් එක පිහිටා තියෙන්නේ චීනය,ලාඕසය,මියන්මාරය සහ තායිලන්ත දේශසීමා ආසනයේ Ruak සහ Mekong ගංගා නිම්න ආශ්‍රිත ප්‍රදේශයේ තුල.මේ පලාත් අදටත් අපි බටහිර |
චිත්‍රපට වලින් බලන ක්‍රියාදාම හා සමානම සත්‍යයක්.ඝන වනාන්තර වලින් සහ කදු නිම්න වලින් පිරුණු මේ දේශසීමා පාලනයකින් තොර සම්පුර්ණයෙන් Drug Cartel නැත්නම් සංව්ධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි වල ආදිපත්‍යක්.එයට ඒ අවට රාජ්‍ය වල දූශිත සන්නද්ධ අංශවල සහය ලැබෙන්නේ විසිවෙන අසිමිත ඩොලර් කන්දරාව නිසා.
මේ හා සමානයි කොළොම්බියාව සහ මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය කාර්ටෙල් එකත්..කොච්චර කොළොම්බියන් සහ මෙක්සිකන් Drug Enforcement ඒකක ඒවා මර්ධනය කරන්න හැදුවත් බැරි එහි සමහර නිලධාරීන්ම ඇතුලින් ඒ ඩ්‍රගස් කාර්ටෙල් එකේ ඒජන්ට්ලා වීම නිසා ඩොලර් වලට.ඇමෙරිකානු DEA (Drug Enforcement Administration) නිලධාරීන් පවා මෙක්සිකෝවේ සහ කොළොම්බියාවේ මත්ද්‍රව්‍ය කාර්ටෙල් එක්ක ගණුදෙනු කරලා අහූඋන වාර්තා පසුකලෙක ඇමෙරිකානු මාධ්‍යවල පල උනා.ඒ විතරක් නෙවෙයි සමහර එෆ්.බි.අයි නිලධාරීන් පවා එවැනි දූෂණ වලට හවුල් උන බවට වාර්තා උනා.හේතුව ඇමෙරිකාවේ ඩි.ඊ. ඒ සහ එෆ්.බි.අයි ආයතන දෙක තමයි මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රදාන ෆෙඩරල් ආයතන දෙක.ඔවුන් විසින් මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් මෙක්සිකානු සහ කොළොම්බියානු මත්ද්‍රව්‍ය නාශක යුනිට් එක්ක මෙහෙයුම් ක්‍රියාත්මක කරන නිසා විවිධ සම්බන්ධතා දූශිත නිලධාරීන් ඩ්‍රග්ස් කාර්ටෙල් එක්ක ගොඩ නගා ගන්නවා .
ඕක ඉතින් අලුත් දෙයක් නෙවෙයි ලංකාවට නම්.මතක ඇති පසුගිය කාලෙක අපේ පොලිසියෙ නාර්කොටික් නිලධාරීන් ගනනාවක් මත්ද්‍රව්‍ය එක්ක අහුවෙලා තාම බන්ධනාගාරගත වෙලා ඉන්නවා.නමුත් දැන් නම් ඔක්කොටම අමතකයි ඒ ගැන මොනවද උනේ කා එක්කද ඒ සම්බන්ධතා තිබ්බේ කවුද ලංකාවට ඩ්‍රග්ස් ගේන ප්‍රදාන මිලියනර් වැදගත් මට්ටමේ ප්‍රබල ව්‍යාපාරික නෙට්වර්ක් එක කියලා.කොහොමත් පොලිටිසියන්ලාගේ බැක් අප් නැතිව මොකුත් කරන්න බැහැ.ඒක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පූරාම සාමාන්‍ය සිදුවීමක්.
ඒ වගේම තායිලන්තය සහ මැලේසියාව කියන්නේ තවත් මත්ද්‍රව්‍ය තෝතැන්නක්.මැලේසියාව තුල ඉන්දියන් මැලෙසියානුවන් ව්‍යාපාරික ලෝකයේ ප්‍රදාන තැනක් ගන්නවා.මතක ඇති ප්‍රබල කොටි නායකයන් හිටන් Safe House හැටියට ආරක්ශිතව හිටියේ මැලේසියාවේ.අපේ බුද්ධි අංශ වලින් හබාගෙන ගිහින් අත් අඩංගුවට ගත්ත විස්තර දන්නවනේ.ඒ මැලේසියාව තුල ඉන්දියන් මැලේසියානුවන් ( මැලේසියාවට සංක්‍රමණික උන ඉන්දියන් බහුතරයක් දකුණු ඉන්දියානු තමිල්නාඩු ජාතිකයන් අතිතයේදි) ප්‍රබල නිසා.එසේම ඔවුන්ගේ උනත් අදටත් ඕන තරම් දූශිත නිලධාරීන් ඉන්නවා.ඒක ස්වාබාවය.නිතීය පිරිසිදු රාජ්‍ය ඇත්නම් ඒ බොහො දුරට ස්කැන්ඩේනියානු (Scandinavian Countries) රටවල් විතරයි.ලෝකයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නැති හේතුව Zero tolerance Policy නිසා ඒ රටවල් වල.
මත්ද්‍රව්‍ය ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ ඒ කාලේ මරිජුවානා කියලා.දැන් නම් අයිස්,ස්ටැම්ප් නැත්නම් මුද්දර ඇතුලු නම් ගනනාවක් තියෙනවා.
ඇෆ්ගනිස්තානය,ඉරානය,පකිස්තානය කේන්ද්‍ර කරගත් ලෝකයේ ප්‍රදානතම මත්ද්‍රව්‍ය සංදිස්තානයක් වෙන "රන් අඩ සඳ ත්‍රිකෝණය " නැත්නම් Golden Crescent එක ගැනත් සදහන් කරන්න ඕන.ලෝකයේ මත්ද්‍රව්‍ය නිශ්පාදනයෙන් 25% ක් ලෝකය පුරා දුවවන්නේ ඔවුන්.බිහිසුණුම අංශය කියලා කිව්වොත් නිවරදියි.ලංකාවට උනත් මත්ද්‍රව්‍ය එන්නේ ඒ හරහා.පකිස්තානය තමයි මේන් ඩිලිවරි පොයින්ට් එක ඉන්දියානු සාගරයේ සහ ගල්ෆ් මුහුදේ මත්ද්‍රව්‍ය බෙදා හරින.අදිවේගි බෝට්ටු වලින් සහ කාගෝ වෙසල් නැත්නම් බාණ්ඩ කුඩා නෞකා හරහා ඉන්දියාවට එන නෝදර්න් එමිරේට්ස් නැත්නම් ෆුජෙයිරා පැත්තට ඔවුන්ගේ කාර්ටෙල් එක ක්‍රියාත්මක වෙනවා.ඒ නිසා තමයි මදූශ් ලා වැනි අයට ඩුබායි කේන්ද්‍ර කරගෙන ඔවුන්ගේ ඩ්‍රග්ස් ඩිලිවරි කරන්න පහසු උනේ.එමිරේට්ස් රාජ්‍යේ මත්ද්‍රව්‍ය නාශක අංශ ඉතාම දක්ශ ලෙස ඩ්‍රග්ස් ඩීලින් මර්ධනය කලත් සම්පුර්ණයෙන් වලක්වන්න බැරි වෙලා තියෙනවා.
මතක් උනේ ඉන්දියාවේ Drugs King වන ඩාවුඩ් ඉබ්‍රාහිම් (Indian Mob Boss & Drug Lord) කාලයක් සේෆ් හවුස් හැටියට ඉස්සෙල්ලා හිටියේ ඩුබායි වල.ඔහුට අයත් නයිට් ක්ලබ්,රෙස්ටුරන්ට් අදටත් තියෙනවා වෙනත් අයගේ නම් වලින්.
පසුකලෙක ඩාවුඩ් පකිස්තානයට ගියා හේතුව ඉන්දියාව විසින් බල කල නිසා එමිරේට්ස් රාජ්‍යට ඔහුව බාර දෙන්න කියලා.නමුත් ඩුබායි රාජ්‍ය ඩිප්ලොමැටික් ඉශුවු එහෙකට හිර උනා හේතුව ඉන්දියාව කියන්නේ ප්‍රදානම ආර්ථික හිතවතා ඒ වගේම පකිස්තානය කියන්නේ න්‍යෂ්ටික බලවත් එකම ඉස්ලාම් රාජ්‍ය.ඉන්දියාව වගේම ආර්ථික සම්බන්ධතා පකිස්තානය එක්ක.Smoothly Diplomatic Level එහෙකින් ඩාවුඩ් එක්සයිල් උනා පකිස්තානයට .ෆෝබස් වාර්තා අනුව ඔහුගේ ධනය ඩොලර් බිලියන 6 කට එහා.
එසේම ඩුබායි ආර්ථික වශයෙන් සීඝ්‍ර දියුණුවක් ලබන කාලේ ඩාවුඩ් හිටන් වෙනත් අයගේ නම් වලින් Real State වල කලු සල්ලි ආයෝජන කල බවට ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කලා වතාවක්.කොහොමත් ලෝකයේ සුපිරිම බිලියනර්ලා ලෝකයේ සුපිරිම අවි ආයුධ සමාගම් හිමි රුසියානු,යුක්ක්‍රේන කෝටිපතියන් ඔවුන්ගේ කලු සල්ලි ආයොජනය කලේ ඩුබායි වලට.අති දැවැන්ත ලිට්ල් මෑන්හැටන් ගොඩනැගිලි අහස් කුස සිපගන්නා ලෝකයේ සුපිරිම රටක් බවට ඩුබායි පත් උන එක් හේතුවක් ඒ.මොකද ඩුබායි වල තෙල් සම්පත් නැහැ .තියෙන්නේ ප්‍රදාන ප්‍රාන්තය වන අබුඩාබි වල.
මතක් කරන්න ඕන මේ ගෝල්ඩන් ට්‍රයැන්ගල් එකේ මියන්මාරය කෝවිඩ් වසංගතය අස්සේ ඔපියුම් නිශ්පාදනය අතින් ලෝකයේ දෙවනි තැනට ආවා.
ඇමෙරිකානු මහද්විපය තුල කොළොම්බියාව,මෙක්සිකෝව මත්ද්‍රව්‍ය කිරුළු පලදිනකොට ආසියාවේ සහ මැදපෙරදිග හරහා යුරොපයට කිරුළු පලදින්නෙ ගෝල්ඩන් ට්‍රැයන්ගල් සහ ගෝල්ඩන් ක්‍රෙසන්ට් එක.
Gossip About Upali Wjewardane ...
1983 පෙබරවාරි 13 වෙනිදා මිය ගියා යැයි සැලකුන උපාලි විජේවර්ධන වසර 26 ක්ම මෙක්සිකෝවේ ඉස්ලස් මරියස් ( Islas Marías Federal Prison ) නැමති සිරගෙදර මත්ද්‍රව්‍ය ප්‍රවාහන මොළකරු චෝදනාවකට සිර දඩුවම් විදමින් සිට ඇති බව කියැවේ.අසුව දශකයේ මිලියන පතියකු වූ ඔහු මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වූ බව ඇතමුන් මත පල කලහ. Rafael Caro Quintero නැමති මෙක්සිකානු Drug Lord ගේ සහොදරයා නිතර මැලේසියාවේ සංචාරය කල අතර ඔහුට මෙක්සිකෝවේ ඩ්‍රග් කාර්ටෙල් එක සමග සම්බන්ධතා ගොඩ නගා ගැනිමට හැකි වි ඇත.කොකොවා වගාවට සම්බන්ධ නොමැති ඔපියුම් නැත්නම් පොපි වගාව පිලිබද එක්ස්පර්ට්ලා එක්ක ඩිල් කල බව කියැවේ.එසේම
මොහුගේ තිබු සමේ පැහැය නිසා මොහු මෙක්සිකානු පෙනුමක් ගෙන ඇත.
තොරතුරු අනුව 1983 පෙබරවාරි 13 වෙනිදා තමන්ගේ ජෙට් යානය කඩාවැටිමෙන් දිවි ගලවාගෙන ඇත්තේ ජ්‍යතන්තර මුහුදු මාර්ගයේ ගමන් කරමින් තිබු නැවකට පින්සිදු වන්නටය.
පසුව ලංකාවේ ව්‍යාපාරත් තම බිරිදත් අත් හැර මැලේසියානු බිරිද සමග රහස් ජිවිතයක් ආරම්බ කොට මොහු සැගවුන ජිවිතය තුල අනවර්ත නාමයකින් පෙනිසිට ඇත.
ඔහු බේරි ඇත්තේ ගුවන් ගත වි විනාඩි පහළොවක් ඇතුලත ලැබුන පනිවිඩයක් හරහා එහි බෝම්බයක් සවිකොට ඇති බව දැනගැනිමෙන් ඔහු ගේ ගමන් සගයන් විසින් උපාලිව ජිවිතාරක්ශක කබා දමා පළමුව ඉමර්ජන්සි එක්සිට් එකින් බිමට දැමු නිසා බව කියැවේ.එසේම අනෙක් පිරිස සූදානම් වෙනවාත් සමගම ගුවන් යානය පුපුරා ගොස් ඇත.මුහුදේ පාවෙමින් සිටි ඔහු බේරාගෙන ඇත්තේ මෙක්සිකානු ධජයක් සහිත කාර්ගෝ නෞකාවක් මගින් වෙන අතර එතනින් මෙක්සිකෝව බලා ගොස් ඇත.පසුව පෙර සම්බන්ධතා මගින් නැවත ඉන්ටර්නැෂනල් ඩ්‍රග් කාර්ටෙල් එක සමග සම්බන්ධ වි ඉපැරැණි ජිවිතය පටන් ගෙන දැවැන්ත කලු සල්ලියක් උපයා ගත්තද Inside Job Games යටතේ ඔහුගේම මෙක්සිකානු මිතුරන් විසින් පාවා දි මෙක්සිකානු ෆෙඩරල් අදිකරණය මගින් වසර 45 ක සිරදඬුවම් නියම කර ඇත.
ඔහු අත් අඩංගුවට පත්වෙන විට සියලු දේ වලින් මිදි තම මැලේසියානු බිරිද සහ ඇයගෙන් ලැබුන දරුවා සමග වෙනත් රටකට ගොස් සාමාන්‍ය ජිවිතයක් ගෙවිමට සැලසුම් කල තිබුනද සියල්ල කනපිට පෙරලි ඇත.
බටහිර චිත්‍රපට ස්ක්‍රිප්ට් එකක් වැනි ඔහුගේ විස්තරය තුල ඔහු කියා ඇත්තේ වතාවක් ලංකාවට ඇමතුමක් දුන් අවස්තාවේ එන් .වෙල්ගම පවසා ඇත්තේ උබ මැරිලා ඉවරයි මෙහෙ ආවොත් උබ මැරෙයි අනික මැරිච්ච මිනිහෙක් ආයිත් මලාට නඩු නැහැ කියලා.
ජිවිතයේ අනෙක් කම්කටොලු විද ඇති ඔහු කියා ඇත්තේ විජේවර්ධනලගේ පණ හයියයි මම ලංකාවට ආවොත් බලමු මරණ හැටි මාව මාධ්‍ය හමුවක් තියලා සියල්ල හෙලි කරනවා කියා ඇත.
මේ සුන්දර ත්‍රාසජනක ගොසිප් එක Lankaleaks හි විදුර සමරසිංහ නැමත්තෙක් විසින් පලකරන ලද්දක් වන අතර ඔහු මෙක්සිකෝවේ දි උපාලි මහතා සමග සිර දඩුවමින් සමා කාලයක් තුල නිදහස් විමෙන් පසු දුරකථන සංවාදයක් තුලින් ලබා ගත් තොරතුරු යැයි කියැවේ.
Different Story about Upali..
මේ ඉතාම විශ්වාස කල හැකි සත්‍ය තොරතුරු .
උපාලි විජේවර්ධන අතුරුදහන් වුණාද අතුරුදහන් කළාද?
පිලිප් උපාලි විජේවර්ධන ඉපදෙන්නේ ලංකාවේ ප්‍රබල පෙළේ දේශපාලනික වශයෙන් සහ ධනවත් කමින් අනුන පවුලක. 1938 වර්ෂයේ පෙබරවාරි 14 වැනි දා වෝල්ටර් තුඩුගල්ලේ විජේවර්ධන මහතාට සහ අනුලා කල්‍යාණවතී විජයවර්ධන මහත්මියට දාව ඉපදෙන උපාලිට කල්‍යාණි සහ අනුලා නමින් සහෝදරියන් දෙදෙනෙක් හිටියා.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් තමන්ගේ මූලික අධ්‍යාපනය ලබා ගන්න උපාලි ඉගෙනුමට වගේම ක්‍රීඩාවටත් එක සේ දක්ෂකම් දක්වනවා. මේ කාලය තුළ විනෝදාංශයක් විදිහට ඔහු වැඩි වශයෙන් ප්‍රිය කරන්නේ අශ්වයන් පැද යාම. උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන උපාලි ඉන් පිට වෙන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක් විදිහට.
ලංකාවට පැමිණෙන උපාලි පළමු රැකියාව විදිහට තෝර ගන්නේ වර්තමානයේ යුනිලීවර් නමින් හැඳින්වෙන එදා ලීවර් බ්‍රදර්ස් ලෙස හැඳින්වුණු සමාගමේ පුහුණු කළමනාකාර ධුරය.නමුත් ආයතනයේ සභාපතිවරයා සමග ඇති වුනු ගැටුමක් නිසා උපාලි වසර කීපයක් ගත වන්නටත් පෙර ඒ රැකියාවට සමු දෙනවා.
මේ වෙනකොට උපාලි ගාව ඉතිරිකරගෙන කරගෙන තිබ්බේ රුපියල් පහලොස් දහසක මුදලක් විතරයි. මේ මුදල පාවිච්චි කරලා තමන් ජීවත් වන සේදවත්ත වලව්වේ එක කොටසක උප |
ාලි රසකැවිලි කැවිලි නිපදවීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා.ෆේස්බුක් එකේ බොහෝ දෙනෙක් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වගේ අය ව්‍යාපාර පටන් ගත්තේ තමන්ගේ ගෙදරින්මයි කියලා පෝස්ට් ෂෙයාර් කරාට ඒ බොහෝ දෙනෙක් උපාලි විජේවර්ධන තමන්ගෙ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නෙත් ගෙදරින් කියලා දන්නේ නැහැ
මේ රස කැවිලි ව්‍යාපාරය දිගටම කරගෙන යද්දි තමයි delta toffee නමින් ටොෆී වර්ගයක් නිපදවන්න ඕන කියන අදහස උපාලිට ඇති වෙන්නේ. මේ හරහා ඔහු සුවිශාල ලාභයක් ලබා ගන්නවා.ඊට පස්සේ උපාලි යොමුවෙන්නේ සපුරා වෙනස් ව්‍යාපාරික ක්ෂේත්‍රයකට.ඒ වෙනකල් ලංකාවට රේඩියෝ ඔරලෝසු ආදිය ගෙන්වූයේ පිටරටින් .නමුත් උපාලි මේ භාණ්ඩ ලංකාවේ ලංකාවේ නිපදවන ව්‍යාපාරයක් පටන් ගත්තා. යුනික් කියන සන්නාමය බිහිවෙන්නේ වෙන්නෙ ඔන්න ඔය විදිහට.ඒ කාලයේදී රට තුළ දේශීය ආර්ථිකය පිළිබඳව වැඩි වශයෙන් කතාබහක් තිබුණු නිසා උපාලිගේ මේ ව්‍යාපාරයත් ජයෙන් ජයට පත් වනවා.
ඊට පස්සේ උපාලි මැස්ඩා කාර් ලංකාවේ එකලස් කරලා අලෙවි කරන ව්‍යාපාරයක් පටන් ගත්තා.මේ කාරෙක ලංකාවේදී දැකපු ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධිගේ පුත් සංජේ ගාන්ධි ජපානයේ සුසුකි සමාගම සමග එක්වෙලා මරුටි නමින් මෝටර් රථ නිපදවීම ආයතනයක් පටන් ගත්තා.මේ ආයතනයට ඉන්දියාවේ රජයෙන් විවිධ ආධාර උපකාර ලැබෙද්දී උපාලිගේ වැඩපිළිවෙළට ලංකාවෙන් නිසි පරිදි ආධාරයක් ලැබුණේ නැහැ.
ඉන්පස්සෙ උපාලි තීරණය කළේ අහස ජය ගන්න.ඒ අනුව ලංකාවේ පලමු ගුවන් යානා සහ හෙළිකොප්ටර් සේවා සපයන සමාගම ඔහු ආරම්භ කළා.අභ්‍යන්තර ගුවන් ගමන් ජනප්‍රිය කිරීමටත් ඔහු වැඩි වැඩ කොටසක් සිදු කළා.
හැබැයි උපාලිගේ ජනප්‍රියතම ව්‍යාපාරය බවට පත්වෙන්නේ කැන්ඩොස් නමින් අද දක්වාම ජනප්‍රිය චොක්ලට් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය.ඒ කාලයේදී ලංකාවේ පමණක් නොව මැලේසියාවේ සිංගප්පූරුවේ පවා කැන්ඩොස් චොකලට් ජනප්‍රිය වුණා.
ලීවර් සමාගමේ ගත කළ කාලය තුළ එම සමාගම සබන් නිෂ්පාදනය මගින් ලංකාවේ අත්පත් කරගෙන තිබූ ඒකාධිකාරිය ගැන හොඳ වටහා ගැනීමක් තිබුණු උපාලි සිකුරු, ක්‍රිස්ටල් සහ ටිංගල් යන නම්වලින් සබන් වර්ග තුනක් දේශීය වෙළඳ පොළට හඳුන්වා දුන්නා.නමුත් ඒ අවස්ථාවේ දී යම්කිසි බහුජාතික සමාගමක් වෙළඳපලේ කෘතීම ඉල්ලුමක් ඒ සබන් වලට ඇති කරලා ඒ හරහා සබන් ව්‍යාපාරයට පාඩු ඇති කිරීමට කටයුතු කළා.
පුවත්පත් කලාව කියන දේ විජේවර්ධන පවුලේ ලෙයටම සම්බන්ධ වුනු දෙයක්.මේ නිසාම උපාලි තමාගේ නමින් පුවත්පත් සමාගමක් ආරම්භ කරලා දිවයින සහ අයිලන්ඩ් නමින් පුවත්පත් දෙකක් හඳුන්වා දුන්නා.
විවිධ ක්ෂේත්‍රවලට තමන්ගේ ව්‍යාපාර කටයුතු ව විහිදුවාලීම නිසා බොහෝ දෙනෙක් උපාලිව හඳුන්වන්නේ ලංකාවේ පලමු බහුජාතික සමාගම නිර්මාණය කරපු පුද්ගලයා විදිහට.ඒ වගේම කෙටි කාලයක් තුළ දී ජාත්‍යන්තර වශයෙනුත් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථක වෙන්න ඔහුට හැකියාව ලැබුණා.මැලේසියාවේ ඔහු ආරම්භ කළ චොක්ලට් සමාගම සඳහා අවශ්‍ය කොකෝවා වැවීමට වතුයායක් එරටින් මිලට ගත්තා.ඒ වගේම නිව්යෝර්ක් නගරයේ මූල්‍ය සමාගමක් ආරම්භ කළ පළමු ශ්‍රී ලාංකිකයා විදිහටත් ඔහුව ඉතිහාස ගත වෙනවා.
ඒ වගේම දේශපාලන වශයෙන් උපාලි විජේවර්ධන කිසිදා අන්තවාදියෙක් වුණේ නැහැ.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා තමන්ගේ ව්‍යාපාර කටයුතු අතිසාර්ථක වුණත් එක්සත් ජාතික පක්ෂයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමග ඔහු ගැටුමක් ඇතිකර ගත්තේ නැහැ. මේ නිසාම ජේ. ආර් ජයවර්ධන මහතා ඔහුව වර්තමානයේ ආයෝජන මණ්ඩලය ලෙස හැඳින්වෙන ආයතනයේ ආරම්භක අවස්ථාව වුණු මහ කොළඹ ආර්ථික කොමිසමේ සභාපතිවරයා විදිහට පත් කළා. කටුනායක බියගම සහ කොග්ගල නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීම පිටුපස උපාලි හිටියා.ඇගළුම් ක්ෂේත්‍රයට සීමා වීම තුළින් ලංකාවට දීර්ඝ කාලයක් ආර්ථික වාසි ලබා ගත නොහැකි බව ඒ කාලේදිම දැකපු උපාලි පරිගණක නිෂ්පාදනය සඳහා අවශ්‍ය අර්ධ සන්නායක නිපදවීමේ වැඩපිළිවෙළක් ලංකාවේ ආරම්භ කිරීමට උත්සාහ කළා.නමුත් අවාසනාවකට වගේ උපාලිගේ මරණයෙන් පසුව සහ ලංකාවේ ඇතිවුණු ජාතිවාදී කෝලාහලවලින් පසුව මෙම ව්‍යාපාර ශ්‍රී ලංකාව අත් හැර තායිවානය මැලේසියාව වැනි රටවල් වෙත සිය නිෂ්පාදන කටයුතු ගෙන ගියා.
භක්තිමත් බෞද්ධයකු වූ උපාලි විජේවර්ධන තමන්ගේ නිෂ්පාදනාගාරවල මුල්ම නිර්මාණ නිර්මාණ කැලණි පන්සල වෙත පූජා කළා. මේ නිසා පළමු උපාලි මැස්ඩා රථයක් අද තිබෙන්නේ කැලණි පන්සල භාරයේ.එම පන්සලේ බස්නායක නිළමේවරයා විදිහට කටයුතු කරපු ඔහු කැලණි පෙරහැර ආකර්ෂණීය අයුරින් සකස් කිරීමට කටයුතු කළා.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සහෝදරයෙකු වුනු දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වුණු ලක්මිනී රත්වත්ත සමඟ විවාහ වුණ උපාලි ඒ හරහා බණ්ඩාරනායක පවුලේ ඥාතියෙක් බවටත් පත් වුණා.ඔහු මරණයට පත්වන විට පත්වන විට කඹුරුපිටිය ආසනය හරහා පාර්ලිමේන්තුවට තරග වැදීමට ඔහුට බලාපොරොත්තුවක් තිබ්බා
මෙි ඥාති සම්බන්ධකම් නිසා ජේ ආර් ජයවර්ධන මහතා තමන්ගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ ජනාධිපති ධුරයට උපාලි විජේවර්ධන යෝජනා කරනු ඇතැයිද ඒ සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහාය දෙනු ඇතැයි ද බොහෝ දෙනා විශ්වාස කළා.
නමුත් 1983 වර්ෂයේ දී ඒ සියල්ල කණපිට හැරුණා1983 ජනවාරි තිස් එක් වෙනිදා උපාලි තමන්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් මැලේසියාව බලා පිටත් වෙනවා.ඒ ව්‍යාපාරික කටයුත්තක් සඳහා.උපාලි සමඟ උපාලි සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක ආනන්ද පේලි මුහන්දිරම් මහතාත් මේ ගමනට එකතු වෙනවා. ඔවුන් දෙදෙනා නවාතැන් ගන්නේ උපාලිට අයිති සුඛෝපභෝගී මන්දිරයක් වන කොකෝවා විලා මන්දිරයේ .මැලේසියාවේ අගනුවර වන ක්වාලාලාම්පූර් නගරය ආසන්නයේ මේ මන්දිරය පිහිටා තිබෙනවා
පෙබරවාරි 13 වෙනිදා හවස තුනට ලංකාව බලා නැවතහ් ඔවුන් පිටත් වීමට නියමිතව වුණත් ලැබීමට යම් ව්‍යාපාරික දුරකථන ඇමතුමක් උපාලි බලාපොරොත්තු වීම නිසා මේ ගමන හවස හය දක්වා ප්‍රමාද වෙනවා. පස්වරු හයයි එකොළහට සුබංග් ගුවන් තොටුපලෙන් උපාලි සහ ඔහුගේ කාර්ය මණ්ඩලය රැගත් L35A ලියර් ජෙට් යානය අහසට හරින්නේ ලංකාවට නැවතත් පැමිණීමේ බලාපොරොත්තුවෙන්.මේ ගමන සදහා මැලේසියාවේ සේවය කරමින් සිටි එස්.එම් රත්නම් නමැති උපාලිගේ සමාගම් අධ්‍යක්ෂකවරයාද එකතු වෙනවා.
පස්වරු හයයි දසයයට මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට උපාලිගේ ගුවන්යානය ගුවන් යානය ලංකාව බලා ගුවන් ගත වූ බව දැනුම් දීමක් කරනවා.පසුව හෙළි වූ පරිදි උපාලි රැගත් යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූ වේගය පිළිබඳව යම් ගැටලුවක් ගුවන් තොටුපළ බලධාරීන්ට ඒ වන විටත් තිබිලා තිබෙනවා.පස්වරු 6.40 පමණ වන විට මෙම ගුවන් යානය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබුණු නිසා මදුරාසිය හරහා ද මේ පිළිබඳව විමසීමක් කරනවා.මේ සියළු විමසීම් වලින් ප්‍රතිඵලයක් නොලැබෙද්දී හවස හවස 7.55 වන විට ක්වාලාලම්පූර් ගුවන් පාලක මැදිරි තීරණය කරන්නේ මේ උපාලි රැගත් ගුවන් යානයට යම් අනතුරක් සිදු වී ඇති බව.පස්වරු දහයාමාර පමණ වන විට ජපානය ඕස්ට්‍රේලියාව යන රටවල් වල ගුවන් පාලන අධිකාරිවලින් මේ යානය පිළිබඳව තොරතුරු සෙවීමට උත්සාහ කරනවා ඒ වන විටත් දියාගෝ ගාෂියා දූපතේ නවතා ඇති ඇමරිකානු හත්වෙනි නාවුක බලඇණියක් යානය සෙවීමට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා.
මේ අතරතුරදී උපාලිගේ අතුරුදහන්වීම පිළිබඳව ලංකාව මහත් කැළඹීමකට ලක් වෙනවා.කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වාසය කරන එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේ අහසේ ගමන් කළ ගිනි බෝලයක් මුහුදට වැටෙනු දුටු බවක්. ඒ වගේම එම ප්‍රදේශයේම හේන් ගොවියන් කීපදෙනෙක් ඒ ප්‍රකාශය ස්ථිර කරනවා.
මේ අතරතුරේදී උපාලි විජේවර්ධනගේ ගුවන් අනතුර ගැන විවිධ කට කතා පැතිරෙන්න පටන් ගන්නවා.උපාලිගේ දේශපාලන ගමන පිළිබඳව බියෙන් සිටි දේශපාලනඥයන් දෙදෙනෙකු විසින් උපාලිගේ ඝාතනය සැලසුම් කළ බවක් කියවෙනවා උපාලිගේ යානයේ බෝම්බයක් සවි කිරීම මගින් මේ අනතුර සිදු වුණු බව කියවෙනවා.කොහොම වුණත් බරපතලම සැකය එල්ල වෙන්නේ හවස තුනට උපාලි ලංකාවට පිටත් වීමට නියමිතව තිබුණත් හවස හය දක්වා ඔහුව ප්‍රමාද කළ දුරකථන ඇමතුමක් ගැන.පැය තුනක පමණ කාලයක් උපාලි ඒ දුරකථන ඇමතුම ලැබෙන තෙක් බලාගෙන සිටියත් ඒ දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ නැහැ
මීට වඩා වෙනස් මතයක් රජයේ ප්‍රබල දේශපාලනඥයින් එක් පළ කරනවා.ඔහුට අනුව උපාලි විජේවර්ධන ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා නියමිත ගුවන් මාර්ග වලින් පිට පැන කෙටි ගුවන් මාර්ග භාවිතා කර තිබෙනවා.ඒ අවස්ථාවේදී එක්තරා යුද කඳවුරක මගින් එල්ල කරන ලද එල්ල කරන ලද ප්‍රහාරයක් නිසා මේ අනතුර සිදුව ඇති බවට ඔහු විශ්වාස කළා.
ඒ වගේම එවකට රජයේ සිටි තවත් ප්‍රබල අමාත්‍යවරයෙකු වන ලලිත් ඇතුලත් මුදලි මහතා මේ අතුරුදහන් වීමට තුඩු දිය හැකි හේතු හතරක් ඉදිරිපත් කළා .එකක් කාර්මික දෝෂයක් දෙවැන්න නියමුවා අතින් සිද්ධ වුණු අත්වැරැද්දක් තුන්වැන්න යානයට පිටතින් එල්ල කරන එල්ල කරන ලද ප්‍රහාරයක් හතරවැන්නා වුණේ යම් කිසිවෙක් විසින් යානය තුළ අටවන ලද බෝම්බයක්
මීට අමතර ව තවත් අරුම පුදුම කතාවක් මේ පිළිබඳව පැතිර ගියා.කුඩා කාලයේ සිටම අශ්වයන් සඳහා දැඩි උනන්දුවක් දැක්වූ උපාලිට ලෝකයේ සිටි වටිනාම අශ්වයා වන ෂර්ගා මිලට ගැනීමට අවශ්‍යතාවක් ඇතිවී තිබෙනවා. අයර්ලන්තයේ වාසය කළ මේ අශ්වයාගේ භාරකාරීත්වය තිබී ඇත්තේ එවකට ජාත්‍යන්තර මට්ටමේ ඉස්ලාම් නායකයෙකු වන අගා ඛාන් කුමාරයා ඇතුළු පිරිසකට. නමුත් ඔවුන් මෙම අශ්වයා විකිණීමට කැමැත්තක් දක්වා නැහැ. 1983 පෙබරවාරි 8 වැනි දා ෂර්ගාව රඳවා සිටි ස්ථානයට පැමිණි අවිගත් කණ්ඩායමක් විසින් අශ්වයාව පැහැරගනු ලබනවා. මේ සිදුවීමට උපාලි විජේවර්ධන වගකිව යුතු බවට සැක කළ ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් උපාලි ව පැහැර ගැනීම සිදු කළ බවටත් සැක කෙරෙනවා.
උපාලිගේ යානයට සිදුවුයේ කුමක්ද යන්න සෙවීමට ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ රුසියාව වැනි රටවල් රාශියක් දීර්ඝ මෙහෙයුමක් ආරම්භ කළා.නමුත් මේ කිසිදු මෙහෙයුමකින් උපාලිගේ ගුවන් යානයේ කොටසක් හෝ සොයා ගැනීමට නොහැකි වු |
ණා.ඔහුගේ ගුවන් යානයේ යැයි සැක කළ හැකි රෝදයක් වැනි කොටස් හමු වූවත් පසුව කළ පරීක්ෂණවලින් හෙළි වූයේ ඒවා ලියර් ජෙට් යානයේ කොටස් නොවන බවයි.
අවසානයේ දී උපාලි විජේවර්ධනගේ බූදලය පිළිබඳව අයිතිය ලබා ගැනීමට පාර්ශව දෙකක් නීතිය ඉදිරියට ගියා.ඒ උපාලි විජේවර්ධන මහතාගේ බිරිඳ වුණු ලක්මිනී රත්වත්ත මහත්මිය සහ ඔහුගේ සහෝදරියන් දෙදෙනා වූ අනුලා විජේසුන්දර සහ කල්‍යාණි ආටිගල.අවසානයේ දී උපාලි විජේවර්ධන විජේවර්ධනගේ බූදලේ භාරකාරීත්වය ඔහුගේ බිරිඳට හිමිවුණා.පසුව ඇය නිමල් වෙල්ගම මහතා සමඟ දෙවැනි විවාහයකට එළැඹුනා.
උපාලි විජේවර්ධන මිය ගිහින් දැනට අවුරුදු තිස් හතකට ආසන්න වුණත් ඔහුගේ මරණය පිළිබඳව අදත් ඇතැම් අය සැක පහළ කරනවා.සමහරු කියන විදිහට උපාලි විජේවර්ධන තවමත් ජීවත් වෙනවා. ඒ අය කියන විදිහට තමන්ගේ ව්‍යාපාර කටයුතුවල යම් තරමක පසුබෑමක් ඔහු විසින් නිරීක්ෂණය කළ නිසා මේ අතුරුදහන් වීම ඔහු විසින් සැලසුම් කරනවා.මැලේසියාවෙන් අතුරුදහන් වෙන ඔහු මධ්‍යම ඇමරිකාවට ගිහිල්ල අලුත් ජීවිතයක් ආරම්භ කරනවා.මේ අය කියන විදිහට ඔහු තවමත් මධ්‍යම ඇමෙරිකාවේ ජීවත් වන සාර්ථක ව්‍යාපාරිකයෙක්.
ලංකාවට ආපු වෙලේ අපේ නිලධාරීන් ගේ පාටි එහෙකදි පොලිසියේ හිටපු එස්.එස්.පි කෙනෙක් ඔහු කොළබ බාරව හිටපු කවුන්ටර් ටෙර්‍රිසම් එක්ස්පර්ට් කෙනෙක් ඇහැව්වා මගෙන් මචං අපි මදුශ ගැන හෙව්වෙ ඒ කාලේ උබ ඩුබායි ඉන්න නිසා දන්නවද ඔය ඩීලර්ස්ලා ගැන කියලා .මම කිව්වා ජොබ් එකට ගිහින් රූම් එකට ආවා මිසක් ඕවා හොයන්න වෙලා නැහැ කියලා.
අනික යම් තොරතුරු දැනගත්තා උනත් බුලට් එකක් අපේ ගෙදර ඉන්න මිනිස්සුන්ට තෑගි දෙන්න අපිට මොංගල්ද ?
ලංකාවේ ක්‍රම කියන්න ඕන නැහැ දන්නවානේ ඔක්කොම.
ඩාවුඩ් ඉබ්‍රාහිම් ගැන දැනට පකිස්තානයේ මිලිටරි සහය ඇතිව සුපිරි ජිවිතයක් ගෙනයමින් ඉන්න ඩුබායි ඔහුගේ ව්‍යාපාර ගැන වෙනම ලියමි.
විවිධ කරුණු කාරනා අන්තර්ජාලය හරහා ගෙන සංසකරනය කරන ලදි.
සටහන:
K.Mendis.
facebook: Kel Mendis
Dubai-UAEස්කෝලේ පොළ
.................................
මං ස්කෝලේ යන්න පටන් ගත්තේ 1998 දී ඒ ගම්පහ ගෝතමී කණිශ්ඨ විද්‍යාලයට .මන් විතරක් නෙවේ අපි හතර දෙනාම ගියේ ගෝතමියට. පස්සෙන් පහු ශිශ්‍යත්වේ පාස් වෙලා ගම්පහ බන්ඩාරනායකයට ගියා. ඔය ස්කෝල දෙකේම සුන්දර වගේම අසුන්දර මතකයන් තියෙනවා . ඉතින් හුගක් අය කියන වා ආයේ පාසල් කාලෙට යන්න ඇත්නම් කියලා. කාට කෝම උනත් මටනම් එහෙම යන්න ආසාවක් නෑ, මොකද ස්කෝල යන කාලේ ස්කෝලේ ගිනිගන්නකන් බලන් උන්න මිනිස්සු අපි.
ලංකාවෙ ආණ්ඩුවෙ ස්කෝල වලට අවශ්‍ය කරන පහසුකම් මද්‍යම රජයෙන්, පළාත් සභා වලින් වගේම පාසල් සංවර්ධන සමිති වලිනුත් ලැබෙනවා. ඊට අමතරව ඩොනේශන් , ආදී ශිශ්‍ය සංගම්,දෙමාපියන්ගේ ලැබීම් වගේ දේවලුත් තියෙනවා. ඒත් ඉතිං ලංකාවේ හුගක් ස්කෝලත් පංසල් පල්ලි වගේම තමා කවදාවත් හදලා ඉවර වෙන්නෙත් නෑ අවශ්‍යතා වල ඉවරෙකුත් නෑ.
ඉතින් ඔය කියන හැම අවශ්‍යතාවයම සපුර ගන්න මුදල් නැති වෙනකොට ස්කෝල වලින් කරපු දෙයක් තමා පාසල් පොළක් පවත්වන එක . එතකොට ළමයින්ට පහසුවෙන් ගෙදරින් හොයා ගන්න පුලුවන් දෙයක් ගෙනල්ලා පොළේ විකුනලා ඒ මුදල පාසලට අය කර ගන්නවා. ඒකෙන් පාසලේ අදාල අවශ්‍යතාව සපුරා ගන්නවා.
ඔය විදියට මං මුලින්ම පාසල් පොලක් කියලා තිබ්බෙ මන් 2 වසරෙදි , ඒකෙනම් බලාපොරොත්තුව උනේ ළමයි විදියට අපි කොහොමද පොළක් දකින්නෙ , මුදල් ගනුදෙනු කරන්නෙ එහෙම කියලා. ඉතින් ඒකට ගෑනු ළමයින්ට රෙද්දේ හැට්ටෙ අන්දලා පබලු මාල් දාල වට්ටි වල එළවලු තියන් ඉන්න කොල්ලො සරම් බැනියම් ඇදලා ඩෙස්ක් උඩ තියන් මොනා හරි විකුනන්න තමා තිබ්බේ.
ඔය කියන කාලේ මං හිටිය පන්‍තියේ පන්තිභාර ගුරුතුමිය කණ්ඩායමකට විශේශයෙන් සැලකුවා. ඉතින් අපි ඒ කන්ඩායමේ නොවන නිසා අපිත් පැත්තකට වෙලා උන්නා. එදා මං පොලේ විකුනන්න ගෙනිච්චේ කොහිල මිටි දෙකක්. ඒ කාලේ මිටියක් රුපියල් 5 යි. මගේ යාලුවෝ පොල් , බුලත් එළවලු , කරවල එහෙමත් අරන් ඇවිත් තිබ්බා. සමහර දෙමාපියෝ කඩෙන් සල්ලි වලට බඩු අරන් එවලත් තිබ්බා.
ඉතින් අපේ පොළ පටන් ගත්තා. පොළ විවෘත කලේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලය , ඉතින් පොළ ගොඩාක් වෙලා තිබුනේ නෑ ඉන්ටවල් එක වෙනකොට බඩු විකිණිලා ඉවර උනා. අපි හැමෝම ගාව කාසී නම් සෑහෙන්න තිබුනා.
මට මතකයි නියෝජය විදුහල්පතිනයක් ඇවිල්ලා මගේ කොහිල ගණන් අහනවා , මිටියක් 5 ගානේ දෙන්නම් කීවම දෙකම ගන්නම් තුන ගානේ එතකොට ඔයාට 6 ක්ම තියෙනවනේ කියුවා. ඇත්ත කොහොමත් මේ සල්ලි අම්මට නොදෙන නිසා මන් 6කට ඒ කොහිල ටික දීලා දැම්මා.
ඔය විදියට ගෝතමියේ පහු කාලීනව නගර සභා ක්‍රීඩාංගනේ ලොකු පොළවල් තිබ්බා. මොනා උනත් ඒවායේ ලාබෙට බඩු තිබ්බා. විකුනන ළමයට වියදමක් ගිහින් තිබ්බ්‍ර් නැති නිසා.
ඊලගට පොළවල් තිබ්බෙ බණ්ඩාරනායක විද්‍යාලයේ . මට මතකයි 2005 වගේ ස්කෝලෙට ත්‍රී වීල් එකක් ගන්න පොළක් තිබ්බා. ඒක පවත්වද්දී කොන්දේසියක් තිබ්බා රුපියල් 150 වත් බඩු ගේන්න ඕන නැත්නම් 150ක් දෙන්න ඕන කියලා. ඉතින් මන් ඕක ගෙදරට කියලා රුපියල් 150ක් ස්කෝලෙට දුන්නා බඩු විකුනන්න ගෙනියනන් බෑ කියලා.
බණ්ඩාරනායකයේ පොල සෑහෙන්න සරුයි මොකද උසස් පෙළ ළමයිනුත් ඉන්න නිසා සෑහෙන්න විවිධත්වයක් තිබ්බා. බීම, අච්චාරු,ශෝටීස්, පත්තර , එළවලු, පුවක් ,කරෝල අල බතල විතරක් නෙවේ ඇදුම් ක්‍රීඩා භාන්ඩ හිටන් ඒ පොළේ තිබ්බා.
ඔය කාලේ ආදායමක් කියලා තිබ්බෙ බ්‍රහස්පතින්දාට පන්ති ගිහින් එන්න දෙන බස් ගාස්තුව පයින් ඇවිල්ලා ඉතුරු කරගන්න එකයි දහම් පාසල් යන්න දෙන රුපියල් 10. මේ වෙනකොටත් අපි පන්තියේ එක එක වෙලදාම් කරනවා. ඉතින් කොහොමත් පොළට සල්ලි දීලා තියෙන එකේ කීයක් හරි හොයා ගන්න ඕන නිසා . මන් තීරණය කරනවා පොළේ බඩු ටිකක් විකුණන්න.
ආත්තා ගහෙන් ගෙඩි 2ක් , අම්මගේ ඕකීඩ් පදුරු වලිම් පැල ගලවලා කිරි පැකට් වල හිටවලා. තව පොල් ගෙඩියක්,කෙහෙල් මුවක් ඔය වගේ සිල්ලර ලට්ට ලොට්ට ටිකක් මන් පොළට ගෙනිහිල්ලා තිබ්බා.
කොහොමත් පොළවල් වල ඉන්න වෙලෙන්දෝ කපටී කියනවනේ. ඉතින් ඕකීඩ් වල පාට එහෙම ඉල්ලුම අනුව වෙනස් වෙලා විකුණුනා.
තව යාලුවෝ විකුනන්න කම්මැලිකමේ ඉන්න කොට ඒවත් අරන් විකුනලා කොහොමින් කොහොම හරි එදා පොළ ඉවර වෙනකොට මන් රුපියල් 250ක් විතර හොයන් තිබ්බා. ඒක ඒ දවස් වල හැටියට ලොකු ගාණක් මටනම්.
පස්සෙ එක පාරක් වගෙ ස්කෝලේ පොළ තිබ්බා ඒකට මට යන්න බැරි උනා. කොහොම උනත් අදටත් ස්කෝලෙක පොළක් තියෙනවා කියුවම මට රුපියල් 6ක් දීලා 10 මිටි දෙක අරන් ගියපු නියෝජ්‍ය විදුහල්පති තුමියව මැවෙනවා.
....හැමිලගේ චාලි ....නැවේ විත්ති 3
ගොඩ දවසකින් ඔන්න ලියන්න වෙලාවක් හම්බ වුණා. මම දැන් ගෙදර ඇවිල්ලා ඉන්නේ.
මගෙ ඊළඟ විභාගය ලියනවා මෙ දවස් වල එක නිසා පරක්කු වුණාට සමාව ඉල්ලනවා ඔයලාගෙන්.
එත් රස මුසු දේවල් එමටය, හෙමිට එවා ගැන කතා කරමු.
මම නැවට නැග්ගෙ සෞදි අරාබියේ දමාම් වරායෙන් 31-08-2006. (දැන් ඉතින් මගෙ වයස හොයන්න එපා hode ) ඉතින් කිසිමාකාර අදහසක් නැතුව තමා ගියේ. අඩුම ගානේ නැවක් දැකලා වත් නැහැ ඉතින්
මුලින්ම කන්න හම්බ වුණේ කිරිබත් සහ Samon (මම එ කාලෙ ආසම නැති කෑමක් ,ඉතින් හිතා ගන්නකො පළමු අත්දැකීමම ඔහොම වුණාම මොකද කරන්නෙ කියලා. නොදන්නා රටක , නොදන්නා රස්සාවක, නොදන්නා මිනිස්සු අතරේ එ වගේ අත්දැකීමක් හම්බ වුණාම දැනෙන හැඟීම, එක හින්දා මම අදටත් අලුත්ම නාවිකයන් නැවට එනකොට එයාලගේ න් අහනවා මොනවා හරි එයාලාට වෙන්න ඔනෙද කියලා.)
මම පුරුදු වෙන්න ගිය පළමු නැව යාත්‍රා කරන්නේ ඉන්දියාවේ කන්ඩලා ඉඳන් සෞදි අරාබියේ දමාම් වරාය දක්වා.
අපි අරන් ගියේ බාස්මති හාල් (අපරාදෙ කියන්න බැහැ අපෙ කපිතාන් සහ උයන මහතා ඇති වෙනකං බාස්මති හාල් කන්න දුන්නා ) එ වගේම ඉල්ලන ඕනෑ කෙනෙකුටම දුන්නා.
ඉස්සර ඉන්ටෙර්නෙට් තිබ්බෙ නැහැනෙ දැන් වගේ. අපිට ලියුම් එන්නේ ඉන්දියාවේ කන්ඩලා වරායෙන් තමයි. මට අදටත් එ හැඟීම තාමත් දැනෙනවා. ඉන්ටෙර්නෙට් තිබ්බෙ නැති කාලෙක ලියුම් එනකල් මඟ බලන් ඉන්න එක , හරිම සුන්දර අත්දැකීමක් එත් සමහර අය මා එක්ක එකඟ වෙන්නේ නැති වෙ.
ඉට පස්සෙ ලොකුම දෙ තමයි එළියට යන එක රට තොට බලන්න. එත් ඉන්දියාවේ සමහර වේලාවට යන්න බැහැ එ දවස් වල තිබ්බ තත්ත්වය එක්ක. එහෙම වුණාම නාවික වුර්තිය එපා වෙනවා මොකද ගොඩබිමකට යන්නේ නැතුව ඉන්න පුළුවන් සීමාකාරී කාලයකට විතරයි ඉතින් (අපි හැමෝම ආසයි නෙ අත්දැකීම් එකතු කර ගන්න, විශේයෙන් ආධුනික මම වගේ අය ).
කොරොනා දවස් ගැන කතා නොකර ඉමු දැනට (ඉස්සරහට එ අත්දැකීම් ගැන ලියන්න ඉන්නේ )
ඉතින් එළියට ගිය පළමු සැරේ ඉතින් ගොඩක් අත්දැකීම් එකතු කර ගත්තා. ඉන්දියාවේ මුම්බායේ තමයි යන්න හම්බ වුනෙ.
දැන් ඊළඟ ප්‍රශ්නය වුනෙ මුහුදු ඔක්කාරය නැත්නම් අපි කියන SEA SICKNESS එක. අප්පෙ මට නම් මාරම අමාරු වුණා එකට හුරු වෙන්න. මුලදී එ හැඟීම තොර ගන්න තේරුණේ නැහැ , හරිම අප්‍රසන්න හැඟීමක් තමයි දැනුණේ.මම හිතන්නේ මාස 6k විතර ගියා මට හුරු වෙන්න.
එ අතරෙ මට රස්සාව අත හරින්නම ඕනෑ වුණා මෙ මුහුදු ඔක්කාරය ප්‍රශ්නය හින්දා, අපෙ කපිතාන් තුමා තමයි එකට විසඳුම් දුන්නෙ.
මේ රස්සාවෙ වැදගත් ම දෙ තමයි අපි එකතු කර ගන්න අත්දැකීම්. එ අත්දැකීම් වලින් පොහොසත් වෙච්ච නාවිකයන් ලොකු මෙහෙවරක් කරනවා නැවේදී.
මම අදටත් ස්තුති වෙනවා මගේ නැවෙ හිටිය අයට , එයාලා නැත්නම් මම කියන පුද්ගලයා නැහැ. මගෙ සුපුරුදු පරිසරයේ අඑන් වෙලා මේ ලොකෙට හුරු වෙන්න දීපු එ ගුරු හුරු කම් වලට ණය ගැති හැමදාම.
ඔය විදියට මම මාස 11ක්ම ඉඳලා අයෙක් ගෙදර ආවා ,හැබැයි ඉතින් ගෙදර අය භය වෙලා හිටියේ මාව දැකලා ගුවන් තොටුපලේ දී. ඔයාලට බාරයඑ ඉතින් හිතා ගන්නකො කරපු වැඩ කන්දරාව. යද්දී 62kg එද්දී 49k.
එහෙනම් ඔයාලාට සුබම සුබ සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා .හමු වෙමු නැවේ විත්ති 4න්සිහින නොවන සිහින ( දෙවන සහ අවසාන කොටස )
" නිර්මලා.. මාර වැඩේ... අමිතවයි රශ්මිවයි මරලා දාලලු...! "
මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මට ඒ වෙලාවෙම කැ |
රකැවිල්ලක් එක්ක ඔක්කාරයක් ආවා. වජිර නොසෑහෙන්න කලබල වුණා. මාව ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරා.
" නිර්මලා ඔයාගෙ ටිකට් කැපුවම අපි මෙහෙන්ම ගෙදර යමු. මට තව දුරටත් හොටෙල් එකේ ඉන්න තරම් මානසිකත්වයක් නෑ.."
" මට කියන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා... !"
" මටත් හිතාගන්න බෑ නිර්මලා.. උදේම මිශෙල් කතා කරා. අපි ඉක්මණින් කොළඹ යමු...දැන් එයාලට අපිව ඕනිම වෙලාව..."
"හරි ඔව් අපි යමු.. ඒත් කවුද මරලා තියෙන්නෙ..? මොකක්ද වෙලා තියෙන්නෙ..? "
" අනේ නිර්මලා මගෙ මේ ඔළුව විකාර වෙලා ඉන්න වෙලාවේ පොඩ්ඩක් කට වහගෙන ඉන්න.. මම මුකුත්ම විස්තරයක් දන්නෙ නෑ.. අර මනුස්සයා අඬ අඬ මිනිහව මරලා දාලා කියද්දි මම කොහොමද නිර්මලා ඒකේ දිග පළල හොයන්නෙ..? "
වජිර නොසෑහෙන්න කලබල වෙලා තරහින් කතා කරාම මමත් මගෙ ප්‍රශ්න කිරිල්ල නැවැත්තුවා. මගෙ ටිකට් කපපු වහාම අපි කොළඹට ආවා. වජිර මාව ගෙදරින් බස්සලා කෙළින්ම අමිතගෙ ගෙදර ගියේ මිශෙල්ටයි , එයාගෙ පවුලේ අයටයි දැන් වජිරව අවශ්‍යම වෙලාවක් නිසා. දොස්තර මහත්තයා මට රෙස්ට් කරන්න කියපු නිසා මම හොඳ වොෂ් එකක් දාලා දයාවති නැන්දා හදලා දිපු කිරි වීදුරුව බිව්වා. ඒත් මට ඔළුවට කිසිම සැනසීමක් සහනයක් දැනෙන්නෙම නැති තරම්..! ඒක කියන්න බැරි තරම් පීඩනයක්.!
" ඇයි නෝනා හිත හරිම නොහොඳින් වාගෙ ඉන්නෙ..? අසනීප නිසාද..? "
" නෑ දයාවති නැන්දෙ අසනීප නම් දැන් සනීපයි..."
" එහෙනම්..? ගිය ගමන හරියකට නොයා ආපස්සට එන්න වෙච්ච නිසාද...? "
" අමිත මහත්තයාව මරලා දාලලු..."
" ඔව් ඔව් මම ඒක දන්නවා නෝනා.."
" හරි පව්.. මිශෙල් දැන් දරුවො දෙන්නෙක් එක්ක තනි වෙනවා..."
" නෝනා ඔය කාටවත් අනුකම්පා කරන්ඩ යන්ඩ එපා.. එයා නම් තනිවෙන එකක් නෑ.. නෝනාට තමා තනි වෙන්න වෙන්නෙ..."
දයාවති නැන්දාගෙ ඒ අමුතු කතාවට මට මාරාවේස වුණා.
" මොකක්ද නැන්දේ ඒ ජරා කතාව..? මොන කුණුහරප ද ඔයා මේ කියවන්නෙ..? " මගෙ කඩා පැනිල්ලට දයාවති නැන්දා බය වෙලා පස්සට පැන්නා.
" මට සමාවෙන්න නෝනා.. සමාවෙන්න.. නෑ නෝනා නොදන්නවට... "
මට තවත් හොඳටම තරහා ගියා. දයාවතිට ඒ කතාව සම්පූර්ණ කරන්න ඉඩ නොදි මම උන්දැව කාමරෙන් පන්න ගත්තා.. ඇත්තටම මේ මොනවද වෙන්න යන්නෙ..? මොනවද වෙන්නෙ..? මට මේ මොකක් වෙලාද..? ඇයි මම මෙහෙම හැසිරෙන්නෙ..? මම වජිරට ඇමතුම් කිහිපයක් ගත්තා. ඔහු මගෙ කිසිම ඇමතුමකට උත්තර දුන්නෙ නැහැ. මට හිතුණා මම කලබල වැඩියි කියලා. මේ කලබල ගතිය නැති වෙලා යන්න මට අනිවාර්යයෙන්ම හොඳ නින්දක අවශ්‍යතාවයක් දැණුන නිසා මම නිදි පෙත්තක් බීලා නිදාගත්තා. මම නැගිටිද්දි හවස හත වෙලා තිබුණත් වජිර ඇවිත් හිටියේ නැහැ.
නිදි තෝන්තු ගතිය යන්නත් එක්ක හොඳට නා ගත්ත මම කුස්සියට යද්දි දයාවති නැන්දා එළවළු රොටි හදලා හොඳ රස ඉඟුරු ප්ලේන්ටියක් එක්ක දුන්නා.
"නැන්දෙ.. මට සමාවෙන්න , මගෙ ඔළුව තෝන්තු වෙලා හිටියෙ..."
" අනේ මගෙන් සමාව ඉල්ලන්න එපා නෝනා.. මට සමාවෙන්න. මාත් තැන නොතැන නොබලා වැඩකට නැති මඟුලක් ඔහේ කියෙව්වා..."
" නෑ නෑ ඒක ගොඩක් වැදගත්... මට කියන්න නැන්දා කියන්න හදපු දේ..."
"නෝනට විශ්වාස ද..?"
" ඔව් ඔව්.. මට කියන්න.."
" මම මේක නෝනට කාලයක් තිස්සේ කියන්නම හිටියේ.. නමුත් ඇත්තටම මට ඒක කියන්න තරම් හිතට හයියක් තිබ්බේ නැහැ. නෝනට මතකද මීට මාස දෙකකට උඩදි වජිර මහත්තයාගෙ ප්‍රමෝෂන් එකකට මෙහේ තිබ්බ පාටිය..? අන්න එදා රෑ මම උඩ බැල්කනියට ගියා. ගියේ රෙදි ටික ගන්න. මොකද එදා දවසේ වැඩ ගොඩත් එක්ක මට රෙදි ටික ගන්න අමතක වුණා. හදිසියේම රෑ ඕක මතක් වෙලා මම උඩට යද්දිත් පහළ හැමෝම කකා බිබී නටනවා.
මම උඩට ගිහින් රෙදි ගද්දි මට ඇහුණා වතුර ටැංකිය පිටිපස්සෙ සද්දයක්. මම හෙමින් සැරේ එතනට යද්දි වජිර මහත්තයායි , මිශෙල් නෝනයි ලොකු කතාවක. පහළ සිංදු සද්දෙට මට මොකුත්ම හරියට ඇහුණෙ නැති නිසා මම කළුවරේම හැංඟිලා තවත් ළං වෙලා හොරෙන් අහගෙන හිටියා. මට අතරින් පතර ඇහුණා මිශෙල් නෝනා කියන සමහර වචන.. " ළමයි දෙන්නව අම්මලා ගාව තියමු , අපි යමු " කියන ටික විතරයි ඇහුණෙ. ඊටපස්සෙ දෙන්නම බදාගෙන ඉඹින්න ගත්තා. මම හරිම කළකිරීමකින් දුකකින් පල්ලෙහට ආවා..."
ඇත්තටම ඒ කතාව ඇහුවම මම ආපහුත් ක්ලාන්ත නොවුණෙ ඊයෙ ඉඳලා මේ වෙනකම් මම ඇති තරම් ක්ලාන්ත වෙලා හිටි නිසා වෙන්නත් ඇති. ඒ කියන්නෙ වජිරයි මිශෙලුයි සම්බන්ධකමක් පවත්වලා තියෙනවා. එහෙනම් ඒකයි වජිර අමිතගෙ අනියම් සම්බන්ධයට මෙච්චර සහයෝගයක් දුන්නෙ. ඇත්තටම මෙතන මොකක්ද වුණේ..?
රෑ අට වෙලත් වජිරගෙන් කිසිම සද්දයක් නැති නිසා මම ඉක්මණින් ඇඳගෙන මිශෙල්ගෙ ගෙදර ගියා. එහේ යද්දිත් සෙනඟ පිරිලා. අමිතගෙ නෑදෑයො , යාළුවෝ හැමෝම වගෙ ඇවිත්. මිශෙල්ව රෝහල්ගත කරා කිව්වා. මම ඉක්මණින් අදාල රෝහලට ගියා. වජිරයි මිශෙල්ගෙ දෙමව්පියොයි ඒ වෙද්දිත් මිශෙල් එක්ක හොස්පිට්ල් එකේ. මට වජිරව දැක්කම අප්‍රසන්න හිතුණා. මාව දැක්ක වජිර කලබලයෙන් මගෙ ළඟට ආවා.
" සොරි නිර්මලා , ඔයාව ගෙදරට දාලා ආපු වෙලාවෙ ඉඳලම මම පිස්සෙක් වගෙ එහේ මෙහේ දුවනවා. ඒ අස්සේ මිශෙල්ට හාට් අටෑක් වගෙ ඇවිත්. ඒ පාර එයාව අරන් මෙහේ ආවා. අනිද්දා රෑ වත් වෙයි අමිතගෙ බොඩිය එද්දි..තාම මාතලේ හොස්පිට්ල් එකේ පෝස්ට් මෝට්න් එකවත් තියලා නෑලු. අපි ඉක්මණින් කරවගන්න බලනවා..."
මම වජිර කියපු කිසිදෙයක් සත පහකට ගණන් නොගෙන අහක බලාගද්දිම එතනට මිශෙල්ගෙන් කට උත්තර ගන්න පොලිසියෙන් ආවා. මිශෙල් කට උත්තර දෙන්න අකමැත්තක් ප්‍රකාශ කළේ ඇය දැඩි මානසික පීඩනයක බව අඟවමින්. ඇගේ දෙමව්පියනුත් එයට විරෝධයක් පළ කළේ තමන්ගෙ දියණිය ගැන හිතලා.
" මෙහෙමයි.. අපිට මිසිස් රන්කොත්ගේ ට කරදර කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේක මිනීමැරුමක් නිසා අපිට විමර්ෂණ කරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම තොරතුරු අවශ්‍යයි. මිසිස්ට කාව හරි සැකද..? "
" මට එහෙම සැක කරන්න කවුරුත් නෑ..., මට හිතාගන්න බෑ..." මිශෙල් අමාරුවෙන් කෙඳිරුවා..මට මේ නාඩගම තවත් බලාගෙන ඉන්න බැරි වුණා.
" මට සැකයි ඉනස්පෙක්ටර්..." මම එහෙම කියද්දිම හැමෝම මා දිහා තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා.
" මට මගෙ හස්බන්ඩ්වයි , මිශෙල්වයි සැකයි. මොකද මේ දෙන්නා අතරේ අනියම් සම්බන්ධයක් තිබුණා.." මම ඒ ටික කියද්දිම මිශෙල්ට ඇත්තටම පපුවෙ අමාරුවක් එන්න ඇති කියලා මට හිතුණා. වජිර ඔළුව බදාගෙන පුටුවකට වැටුණා. මිශෙල්ගෙ හිතවතුන් ඇස් නළලේ තියාගෙන හොල්මන් වෙලා වගෙ මා දිහා බැලුවා. පොලිසිය වහාම මගෙන් කට උත්තර ගත්තා. මිශෙල්ව සහ වජිරව සැක පිට අත්අඩංගුවට ගත් පොලිසිය දයාවති නැන්දාවත් ගෙන්ව ගත්තා.
මිශෙල්.
" මට වජිර එක්ක සම්බන්ධයක් ඇති වුණෙ මීට මාස හයකට උඩදි. ඒ අපේ ගෙදර ෆන්ක්ෂන් එකකදි. අමිතට ඒ ගැන සැකයක් ඇති වුණා. ඊටපස්සෙ වජිර තමයි මට කිව්වෙ අපි අමිතට වෙන ගෑණියෙක් සෙට් කරමු කියලා. රශ්මි කියන්නෙ අපිම ප්ලාන්ට් කරපු අපේ ඉත්තෙක්. අමිතව අල්ලගන්න රශ්මිට සෑහෙන මහන්සි වෙන්න වුණා. ඒ අතර කාලයේ මම හැසිරුණෙ අමිතට මාව එපා වෙන විදියට. අමිත රශ්මිට සෙට් වුණාම වජිර ඒකට උදව් කරන බව අමිතට ඇඟෙව්වා. අමිත වජිරව විශ්වාස කරා. අපි හිතාගෙන හිටියේ අමිතගෙයි , රශ්මිගෙයි සම්බන්ධය ඔප්පු කරලා දික්කසාදයක් දාන්න.
නමුත් රශ්මි ඇත්තටම අමිතට කැමති වුණා. මේ ගෑණි අමිතට හැමදේම කියලා. අමිත ඊටපස්සෙ යක්ෂාවේස වුණා. ඊටපස්සෙ අමිත වජිරටයි මටයි හොඳටම ගැහුවා. නමුත් වජිර මට වඩා කපටි නිසා එයා හැමෝටම ඇඟෙව්වා අමිතට රශ්මි වධ කරනවා කියලා. සම්බන්ධය නවත්වන්න බෑ කියලා. ඇයි එයා එහෙම කළේ කියන්න මම දන්නෙ නෑ. එයා නිර්මලාට කියලා තිබ්බෙත් ඒ කතාවමයි. නිර්මලා ඒක හොඳටම විශ්වාස කරා.
අපි කාට මොන කතාව කොහොම කිව්වත් අමිතයි රශ්මියි අපිට විරුද්ධවම හිටියා. අමිත රශ්මිව සාක්ෂියක් කරගෙන මට විරුද්ධව දික්කසාද නඩුවක් දාන්න හදන බවත් , මම අනාචාරයේ යන බව කියන්නත් උත්සහ කරනවා කියලා අපිට ආරංචි වුණා. අමිත වජිරටත් කියලා තිබ්බා නිර්මලාට සේරම කියනවා කියලා. ඊටපස්සෙ තමයි මට වජිර කිව්වෙ තවත් පරක්කු වුණොත් අපි ලෝක අමාරුවක වැටෙනවා කියලා..."
වජිර.
" මම හිතුවේ නැති විදියට මගෙ ප්ලෑන් වතුරේ ගියා. මට ඕනි වුණෙ අමිතගෙ ධනස්කන්ධය විතරයි. මිනිහා අනාචාරයේ හැසිරෙන බව ඔප්පු කරලා දික්කසාද කරවලා ගෑණි වන්දි ගත්තම මමත් ඒකට වග වෙන්න බලාගෙන තමයි සේරම කළේ. නමුත් අර බැ ල්ලි රශ්මි අපිව නැත්තටම නැති කරා. අමිත රශ්මිවත් අරගෙන රට යන්න ප්ලෑන් කරන ගමන් මිශෙල්ව දික්කසාද කරන්න ලෑස්ති වෙන්න තමයි හැදුවේ. ඒ වගේම නිර්මලාටත් සේරම කියනවා කිව්වා. මට එකපාරටම කරන්න දෙයක් හිතාගන්න බැරි වුණා. මම ඉක්මණින් නිර්මලාවත් අරගෙන ටික දවසකට මාතලේ ගියේ ඒකයි. මිශෙල්ට මම කිව්වා ඒ අතර තුර අමිතවයි රශ්මිවයි මුණගැහිලා සමාව ඉල්ලලා සාමදානයක් කරගන්න බලන්න කියලා. කැමැත්තෙන්ම දික්කසාදය දීලා පැත්තකට වෙන බවත් කියන්න කියලා. මොකද ඇත්තටම අමිතයා නිර්මලාට මේ දේවල් කිව්වොත් මම විනාශ වෙන නිසා...මොකද මම ගොඩ ආවේ නිර්මලාගෙ දෑවැද්දෙන් නිසා..ඒවා මම බුක්ති වින්ඳත් තවමත් නිර්මලාගෙ නමින් තියෙන්නෙ.."
මිශෙල්.
" වජිර මට කියපු විදියට මම අමිතගෙන් බොහොම අමාරුවෙන් මේ ගැන තව දුරටත් කතා කරගන්න අවස්ථාවක් ඉල්ල ගත්තා. එදා අමිත රශ්මි එක්ක මාතලේ යන ගමන් හිටියෙ. ඒ නිර්මලාව හම්බවෙලා වජිර ඉස්සරහම සේරම කියන්න හිතාගෙන. මම බැගෑපත් වුණා ඒක කොහෙත්ම කරන්න එපා කියලා.., මම කැමැත්තෙන්ම දික්කසාදය දෙන්නම් කියලාත් කිව්වා. ඊටපස්සෙ අමිත කිව්වා එහෙනම් ලොකු වන්දියකුත් ඕනි ඒ ගැන කතා කරගන්න මාතලේටම වරෙන් කියලා. මම ඉක්මණින් වජිරට ගත්තා. වජිර කිව්වා එයා යන්නම් කියලා. මොකද එයා ඒ වෙද්දිත් මාතලේ නිසා. වජිර මට කිව්වා වෙලාවයි තැනයි අහගන්න කියලා..."
වජිර.
" අමිත ඒ වෙද්දි හිටියෙ නයෙක් වගෙ කිපිලා. මොකද එක පැත්තකින් මම උගෙ හොඳම යාළුවා. අනික මම අමිතයට කෙළවන්න හැදුවේ හිතාමතාමයි. උගේ සල්ලි ගන්නමයි..! මිනිහා ඒ නිසා මගෙත් එක්ක හිටියේ දරාගන්න බැරි වෛරයකින්. මට මිශෙල් කිව්වා |
එදා රෑ දහය වෙද්දි මවුන්ට් ස්ප්‍රිංග් රෙස්ට් හවුස් එකට එන්න කිව්වා කියලා. නිර්මලාට හොරෙන් එතනට යන්න විදියක් හිතාගන්න බැරුවයි මම හිටියේ. මම ඉතින් අපේ තේ පෝච්චියට නිදි පෙති දැම්මා. ඒත් කරුමෙටම නිර්මලා මටත් ඒකෙන්ම තේ වත් කළා. රෑ කළුවරේ බැල්කනියේ හිටි නිසාත් , ලොකු කතාවක හිටිය නිසත් මම තේ බොන බව අඟවන ගමන් හෙමිට තේ ටික ළඟ පෝච්චියකට දැම්මා. ගෑණි ටික වෙලාවකින් තව තේ කෝප්ප දෙකක් පිරෙව්වා. මම කලින් තේ එකට කරපු දේම කරා. නිර්මලාට නිදිමත ආවා. එයා නිදාගන්න යද්දිත් හොඳටම රෑ වෙලා. මිශෙල් ඒ අස්සේ මට කෝල් කරලා තිබ්බා නොසෑහෙන්න. මම තවත් හිත හිත ඉන්නෙ නැතිව රෙස්ට් හවුස් එකට ගියා. මම අමිතට කතා කරලා කිව්වා එළියට එන්න කියලා. අමිත ඒකට අකමැති වුණ නිසා මට උන්ගෙ කාමරයට යන්න වුණා. අමිත මට කිව්වා ඌට කරන්න හදපු බලුකමට කෝටියක් ඕනි කියලා. නැත්තම් ඌ මේ සේරම ප්‍රසිද්ධ කරනවා කිව්වා. මම උගෙන් සමාව ඉල්ලුවා. ඒත් ඌ මට සමාවක් දුන්නෙම නෑ. අපි අතරේ සෑහෙන වචන හුවමාරුවක් වුණා. අමිත මට ගහන්න පැන්නා. අපි ගහගත්තා. රශ්මිත් මට ගැහුවා. මට තේරුණා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න හදන්නෙ කියලා. ලේ එන්නම හෝ තැලුම් පේන්න ගුටි කෑවොත් මම නිර්මලාට මොනවා කියන්නද..? ඒ නිසා මම ඉක්මණින්ම එතනින් පැන ගත්තා. සහතිකෙන්ම මම කියන්නෙ.. මම ඇත්තටම එතන හිටියෙ නෑ. මම එද්දිත් උන් දෙන්නා පණ පිටින් හිටියේ..."
- රෙස්ට් හවුස් සේවකයින්ගෙ කට උත්තර වල සාරාංශය -
" රෑ එකොහළට වගෙ කිට්ටු කරලා මහත්තයෙක් ආවා.. ඔව් ඔව් මේ පිංතූරයේ ඉන්න කෙනා තමයි.. ඔව් වජිර තමයි නම. අපිට කාමරයේ සද්ද ඇහුණා. ඒ මහත්තයා ගුටිකාගෙන වගෙ එළියට ආවා. අපේ කස්ටසමර්ස්ලට ප්‍රශ්නයක් ද කියලා බලන්න අපි ගියා. නමුත් මිස්ටර් අමිතයි , ඒ මිසුයි කිව්වා එයාලට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා..ඒ නිසා අපි එතනින් එහාට මැදිහත් වුණෙ නෑ. උදේ හත වෙද්දි තේ ගේන්න කියල තිබුණ නිසා කාමරයට යද්දි සද්දයක් නෑ. ඊටපස්සෙ දොර කඩන් යද්දි ඒ දෙන්නම ලේ පෙරාගෙන ඇඳ උඩ. අපි ඉක්මනින් හොස්පිට්ල් අරන් ගියා. යද්දිත් දෙන්නම මැරිලා... එහේ පොලිසියට කට උත්තර දුන්නා. ඇඟිලි සළකුණු සේරමත් ගත්තා.."
මිශෙල්.
" එදා රෑම වජිර මට කතා කරලා කිව්වා වෙච්ච සේරම. මමයි වජිරයි හොඳටම බය වෙලා හිටියේ. ඊට පහුවදා උදේ මාතලේ පොලිසියෙන් මට කතා කරලා කිව්වා අමිතවයි , රශ්මි කියලා කාන්තාවකුයි මරා දාලා කියලා. මම හිතුවෙම වජිර කියලා. මම උදේ වජිර එක්ක නොසෑහෙන්න රණ්ඩු කරා. වජිර දහ අතේ දිව්රුවා එයා කෝමටවත් එහෙම දෙයක් නොකළ බවට. ඇත්තටම ඇත්ත මම මේ කියන්නෙ... මම ඇත්තටම දන්නෙ එච්චරයි.."
වජිර.
" මම නිර්මලාට පෙන්වුවේ අමිතට රශ්මි එපා වෙලා , රශ්මි අමිතව බ්ලැක්මේල් කරනවා කියලා. ඒ නිසා මම අමිත ගැන හුඟක් වොරි වෙනවා කියලා. මම නිර්මලාට සෑහෙන බොරු කිව්වා. මොකද දවසක අමිත මගෙ විස්තර නිර්මලාට කිව්වොත් නිර්මලා ඒවා පිළිනොගන්න විදියේ තත්වයක් මම ඒ වෙලාවේ හදා තියන්න ඕනි වුණ නිසා. එතකොට නිර්මලා අනිවාර්යයෙන්ම කියයි තමුසේ යාළුවා ගැන වොරි වුණාට ඔන්න තමුසේ පිටින් දැන් සේරම පටවන්න යන්නෙ කියලා. මොකද එයා මිශෙල්ව දැක්කෙත් අහිංසක ගෑණියෙක් විදියට. ඒ නිසයි මම සෑහෙන බොරු රඟපෑමක් කරේ.."
------------------------------------
මාතලේ පොලිසිය මූලික විමර්ෂණ කරලා අවසන් කරා. වජිරගෙ සහ මිශෙල්ගෙ ඇඟිලි සළකුණු සහ අපරාධය සිදු වූ ස්ථානයේ තිබු ඇඟිලි සළකුණු වෙනස් වූ නිසාත් ඔවුන්ට එරෙහිව සාක්ෂි නැති නිසත් ඔවුන්ව තාවකාලිකව මුදා හැරියා. මම වජිරගෙන් දික්කසාද වුණා. මිශෙල් සහ වජිර අතර තිබූ ප්‍රේම සම්බන්ධය ඒ වෙද්දිත් දෙදරා ගිහින් තිබුණ නිසාත් , වජිරගෙ රැකියාව අහිමි වුණ නිසත් වජිර තෝන්තුවෙන් වගෙ කල් ගත කරා. මම එංගලන්තයට ගියේ ඒ අතරතුරයි.
දවසක් එහිදි මට තරුණ පිරිමි ළමයෙක් මුණගැහුණා. ඔහු මාව දැකලා අඳුරගෙන කතා කරා.
" මිස්ට මාව මතකද..? මාතලේ හොටෙල් එකේ හිටියේ.. මම එතකොට එහේ ශෙෆ්ගෙ ගෝලයා.. මතක නෑ.. මට නම් මිස්ව හොඳට මතකයි. මිස් තාම නින්දෙන් ඇවිදිනවද.. ? "
" මම...? මම කවදාවත් නින්දෙන් ඇවිදලා නෑ..." ඒ ළමයා අහපු කතාවට මම උඩ ගියා.
" මට මිස්ව මතකම ඒකයි. එදා මිස් රෑ දොළහට වගෙ කිට්ටු කරලා කොහෙද ඉඳලා හෝටලේ පිටිපස්සෙන් ආවා.. ඇවිත් කාමරේට ගියා...ඇවිද්දෙ නින්දෙන් වගෙ.. මට බයත් හිතුණා.. මම බයටම කාමරේට දිව්වා. කාටවත් කියන්නවත් හිතුනෙ නෑ ලැජ්ජාවට.."
" මොකක්...? මම...? ඒක වෙන්න බෑ. ඔයා මාවම කියල කියන්නෙ කොහොමද..හොඳටම දැක්කද..? "
" මිස් තමයි... මට මතක හැටියට මිස්ම තමයි..මම දැනගත්තා මේ නින්දෙන් ඇවිදින්නෙ කියලා.. "
" මූණ දැක්කද මගෙ..? "
" ආහ් නැහැ.. ආහ් ඔව්මයි... නැහැ...ඒකනෙ...අනේ සොරි මිස්...අයි ඈම් රියලි සොරි..." කොල්ලා හොඳටම බය වෙලා බැගෑපත් වෙලා සමාව ගත්තා. මගෙ වාසනාවකට මූ මේ කතාවක් ඒ දවස් වල නොකිවේ. කිව්වා නම් නිකරුණේ මාත් ඉවරයි. ඇත්තටම ඒ කතාවට මම බය වුණා.
ආහ්... ඕගොල්ල තාම කතාව ඉවර වෙනකම් නේද බලාගෙන ඉන්නෙ..? ඇත්තටම ඒ මිනිමැරුම කළේ කවුද.?
මම දන්නවා කවුද ඒක කළේ කියලා..ඔව්..! ඒක මම දැනගත්තෙ මට ඇති වුණ පොඩි සැකයක් නිසා. නමුත් මට දැනගන්න වුවමනා වුණා ඇත්තටම මෙතනට වජිරගෙ ඇති සම්බන්ධය මොකක්ද කියලා.ඒක දයාවති නැන්දා විසඳුව නිසා තමයි මම බය නැතිව මේකට වජිරයි මිශෙලුයි සම්බන්ධ බව එදා පොලිසියට කිව්වේ. නමුත් මම එදා පොලිසියට නොකියු කතාවක් තියෙනවා. මම ඒක එහෙම කරේ ඇයි කියලා ඔබට මේ කතාවේ ඉතිරි ටික කියෙව්වම තේරෙයි.
එදා අපි තේ බොන්න ගත්තනෙ. නමුත් මම දැක්කා වජිර තේ බොනවා වගෙ පෙන්නුවට බොන්නෙ නැහැ කියලා. මම බෝම සූක්ෂමව බලාගෙන ඉද්දි දැක්කා එයාගෙ ළඟ තිබුණ මල් පෝච්චියකට තේ හලනවා. නමුත් මම ඒ වෙද්දිත් උගුරු දෙක තුනක් බීලා හිටියේ. මමත් , වජිර කතාව කරගෙන යන අතරෙම තේ බොනවා වගෙ පෙන්වලා එයා කර දේම කරලා දෙවනි තේ කෝප්පයත් වත් කරා. නමුත් ඒකටත් එහෙමම වෙද්දි මට බයක් සහ සැකයක් හිතිලා මම ඉක්මණින් ඇඳට ගියා. ඇඳ උඩ තිබුණ වජිරගෙ ෆෝන් එකට මිශෙල් කෝල් කරනවා දැක්කෙ ඒ වෙලාවෙදි. මට එතකොටම නිදිමතක් ආවා. ඒ නින්දෙ දි තමයි මම අර මහා විකාර හීනය දැක්කෙ. ඒ හීනෙන් මම බය වෙලා ඇහැරෙද්දි මට ඇහුණා වජිර ෆෝන් එකෙන් කා එක්ක හරි කතා කරනවා. මම නිදි වගේම බේඩ් ශීට් එකෙන් පොරවගෙන හිටියා. වජිර කාමරේට ඇවිත් ආපහු ඉක්මණින් බැල්කනිය පැත්තට ගියා.. මම ඉවසීමෙන් විනාඩි දෙක තුනක් වගෙ ඉඳලා බැල්කනියට ගියා. මම දැක්කා බැල්කනියෙන් බැහැපු වජිර ඈතට දුවනවා. මමත් ඉක්මණින් මගෙ කබාය ඇඳගෙන බැල්කනියෙන් බැහැලා වතුර බටයක් දිගෙ පහළට ඇවිත් හැකි වේගයෙන් ඉස්සරහට යන්න හැදුවත් මට යා ගන්න බැරි වුණා.
ඒත් මට තිබ්බ උනන්දුව , අහේතුක තරහව , දුක , ආවේගය එක්ක මම පුළුවන් වෙර දාලා අර මහ වැස්සෙන් බේරීගෙන වේගයෙන් ඉස්සරහටම ගියා. ටිකක් ඉස්සරහට යද්දි මම දැක්කා වජිර කඩයක් අයිනට වෙලා ඇමතුමක් ගන්නවා. ඒ ඇමතුම තරහෙන් වගෙ ඉවර කරලා ආපහුත් වේගයෙන්ම එයා ගියේ රෙස්ට් හවුස් එකකට. මම ඒ රෙස්ට් හවුම් එකේ ගේට්ටුව ගාව එළියෙන් කාටත් නොපෙනෙන්න හිටියා. මම දැක්කා රෙස්ට් හවුස් එකේ එක කාමරයක ලයිට් පත්තු වෙලාම තියෙනවා. මට ඉන් එහාට පෙනුනෙ ජනෙල් තිර රෙද්දෙන් විටින් විට කලබලයෙන් වගෙ එහා මෙහා වෙන ජායාවන් තුනක් විතරයි. ඒත් එක්කම මම දැක්කා " මම " ඒ රෙස්ට් හවුස් එකේ පිටු පස පැත්තෙන් ඇතුළු වෙනවා.
ඔව් ඒ හිටියෙ මම..! ඇත්තටම කිව්වොත් මගෙ නිවුන් සහෝදරිය.! එයා ඒ වෙලාවේ එතන මොකක්ද කරේ කියලා මම පස්සේ කියන්නම්. මට තේරුණා එතන මම හිතනවට වඩා ලොකු ප්‍රශ්නයක් වෙන්න යන බව.. මම ඇත්තටම බය වුණා. මගෙ ඔළුවට කුළුගෙඩියකින් ගහනවා වාගෙ වේදනාවක් ආවා. ඉතින් මම ඉක්මණින්ම අපි හිටි හෝටලයට ආවා. නමුත් මට බැහැපු තැනින් නැග ගන්න බැරි වුණා. ඒ නිසා මම හෝටලේ පිටු පසින් ආවා. මම ඇත්තටම ආවේ මැරුණු පරාණ කාරයෙක් ගාණට. මම දැන උන්නේ නෑ මගෙ ඒ පැමිණිම අර කොල්ලා දැකලා ඇති කියලා. හොඳ වෙලාවට ඒ පැත්ත සිසිටිවි වලට වැටිලා නෑ. එක්කෝ එතන සිසිටිවි වැඩ නැහැ. නැත්තම් දාලා නැහැ. ඒ වගේම ඌ ඒ ගැන කාටවත් නොකිය හිටිය එකත් අහඹු වාසියක් වුණා.
හරි දැන් මට ඔයාලට කියන්න තියෙන්නෙ මගෙ නිවුන් සොයුරිය ගැන. එයා අවුරුදු දහසයේදි එයාගෙම වයසේ ගැහැණු ළමයෙක් එක්ක ඇති කරගත්ත ප්‍රේම සම්බන්ධයක් මත අපේ ගෙදර මහා විශාල ප්‍රශ්න ගොඩක් ආවා. මගෙ නිවුන් සොයුරිය එයාට අවුරුදු 21 දි ගෙදරින් පැනලා ගියේ ඒ ප්‍රශ්ණ නිසාමයි. ඊටපස්සෙ එයාට අපි එක්ක කිසිම සම්බන්ධතාවක් තිබුණෙ නෑ. නමුත් මම හොරෙන් හොරෙන් එයා ගැන හොයලා බැලුවා. අපි අතර තිබුණ සහෝදර පෙම ඒ කිසිම දෙයක් නිසා නැවතුනෙ නැහැ. නමුත් මගෙ දෙමාපියෝ මට තරයේම අවවාද කරා කිසිම හේතුවක් මත මගෙ විවාහයක දී සහෝදරිය ගැන නොකියා සිටිය යුතු බවට.
අමිතගෙ සහ රශ්මිගෙ මරණය ආරංචි වුණ ගමන්ම මම බය වුණා. මොකද ඇත්තටම ඒකේ කළේ වජිර , නැත්තම් මගෙ සොයුරිය. නමුත් මම තරයේම හිතා ගත්තා මම මගෙ සොයුරියව පාවා දෙන්නෙ නෑ කියලා. වජිර ගැන මොකක් කරනවද කියලා මට ඒ වෙලාවේ හිතාගන්න බැරිවයි හිටියේ.. මොකද මම ඒ වෙද්දිත් දැනගෙන හිටියේ නෑ එයාලගෙ අනියම් සම්බන්ධය ගැන.
කොහොම හරි මම එදා කාමරේට ඇවිත් තෙත කබාය ගලවලා දාලා ඉක්මණින් ඒක කාමරයේ මුල්ලක හංගලා , මගෙ ඇඟ පත පිහිදගෙන ඔළුවේ ඉඳලා පොරවගෙන ඇඳේ ගුලි වෙලා විනාඩි දහයක් වගෙ යද්දි වජිර ආවා. මිනිහා මම ඇවිත් විනාඩි විස්සකට වගෙ පස්සේ එතනින් එන්න ඇත්තෙ කියලා මම හිතුවා. වජිර හිතුවේ මම නිදි කියලා. මනුස්සයා ගුටි කාපු අමාරුවෙන් කෙඳිරි ගගා ඇඳට ඇවිත් විනාඩි දහයක් වගෙ යනකොට මගෙ ඇඟට අත දාන්න හැදුවා. තාමත් කොණ්ඩේ ලාවට තෙත නිසා මට බය හිතුනා වජිරට සැක හිතෙයි කියලා. මම ඊටපස්සෙ අර හීනය ඒ මොහොතේ දැක්කා වගේ බයවෙලා ගැස්සිලා ඇහැරුණා. අමුතු විදියට හැසිරුණා.. එහෙම වුණාම වජිරට මගෙ ලාවට තෙත කොණ්ඩේටවත් වෙන කිසිම දෙයකටවත් අවධානය ගියේ නෑ. එයා කොහොමටත් බයෙන් කලබලයෙන් හිටි නිසා තවත් කල |
බල වුණා.
පහුවදා මම ගෙදර ආවම මගෙ නිවුන් සහෝදරියව සම්බන්ධ කරගන්න උත්සහ කරත් මට බැරි වුණා. මේ සිදුවීම් සේරම වෙලා මම වජිරගෙන් දික්කසාද වෙලා මාසයක් ගිය තැන මගෙ සොයුරිය මට කතා කළා. එවිට මම ඇයට කිව්වා මම ඇයව එදා දැක්කා කියලා. මගෙ ඒ අනපේක්ෂිත ප්‍රකාශයෙන් බය වුණ සොයුරිය සියල්ල වැමෑරුවේ මම මගේ පැත්තෙ කතාව කිව්වට පස්සෙයි.
" නිර්මි... මම පණ වගේ ආදරෙන් හිටියේ රශ්මිට. එයා මගෙ හතරවෙනි ආදරය. ඒත් මට එයාගෙ වෙනසක් පෙණුනා. ඒක විශේෂයෙන්ම වුණේ එයා ක්ලබ් එකට ගියාම. නමුත් එයා දිව්රලා පොරොන්දු වුණා කිසිසේත්ම මාව අතාරින්නෙ නෑ කියලා. එහෙම කියපු ගෑණි මට හොයාගන්න බැරි වෙන්නම එකපාරටම අතුරුදහන් වුණා. මම පිස්සියෙක් වගෙ මේකිව හෙව්වා. එහෙම හොයද්දි දවසක් මම දැක්කා මේකි මිනිහෙක් එක්ක හොටෙල් එකක ඉඳලා එළියට එනවා. එදා ඉඳල මම උන්ව ෆලෝ කරා. ඒ දැකපු දවසෙට දවස් හතරකට පස්සේ උන් මාතලේ ආවා. මම මගෙ යාළුවෙක් ගෙ බයික් එකක් අරගෙන මුන්ගෙ වාහනේ පස්සෙන්ම ආවා. එදා උන් මාතලේට එද්දි රෑ වුණා. උන් මග දිගට වාහනේ තැන තැන නවත නවත ආවේ. ඒත් එළියට බැස්සේ නෑ . මම සමහර වෙලාවල් වලට දැක්කා ඒ මිනිහා ෆෝන් එකෙන් කා එක්ක හරි කතාවක. අත පය එහේ මෙහේ ගිය හැටියට ඒ සුහද කතාවක් වෙන්න බෑ.
ඊටපස්සෙ උන් අර රෙස්ට් හවුස් එකට ගියා. මම බයික් එක අරගෙන එහෙමම පහළට ගිහින් ඒ හරියේ තිබ්බ තව හෝටලයක නැවතුණා. බයික් එක එතන තියලා මම ආපහුත් ඇවිත් රෙස්ට් හවුස් එක පැත්ත බැලුවා. බලද්දිත් උන්ගෙ වාහනේ එතනමයි. මම එතකොට දැනගත්තා උන් අදම යන එකක් නෑ කියලා. කොහොමත් රෑත් වෙලා නිසා මට ඒ ගැන සැකයක් තිබුණේ නැහැ. මම වැස්සෙන් බේරෙන්න ඒ හරියෙ අතැරලා දාපු ගෙයක ඉස්තොප්පුවේ හැංගිලා හිටියා. රෑ මම දැක්කා උන්ගෙ කාමරයේ කලබලයක්. මම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන රෙස්ට් හවුස් එක පිටිපස්සෙන් ගියා. ඒ හරියෙන් උඩට නගින සර්පිලාකාර යකඩ පටු පඩිපෙළක් තිබුණා. පඩි පෙළ දිගෙ හෙමින් උඩට යද්දි මට අර කාමරේ ඇතුළේ ලොකු රණ්ඩුවක සද්දයක් ඇහුණා.
ඒත් එක්කම මිනිහෙක් එළියට පැනලා ගියා. මම දැක්කා ඒ වජිර බව..! මට පුදුම හිතුණා..! දැන් ඔයා මට කිව්වම එදා ඔයත් එතන හිටියා කියලා මට දැනුනෙ මහ බයක් එක්ක පුදුමයක් නිර්මි. ඊට නොදෙවෙනි පුදුමයක් මට දැණුනා එදා ඔයාගෙ හස්බන්ඩ්ව මම අර විදියට දකිද්දි. ඇත්තටම මම සිද්ධිය දන්නවා නම් එදාම ඌවත් මරනවා.. ප රයා..! හරි ඊටපස්සෙ හෝටල් සේවකයො එතනට ආවා. ඒ මොකක් හරි ප්‍රශ්ණය සෙට්ල් වුණා. මම එතනට වෙලා සේරම නිහඬ වෙනකමුත් , මගෙ වෙලාව එනකමුත් කාගෙන ඉවසගෙන හිටියා. එතනින් සේවකයොත් පිටත් වුණා. මුළු රෙස්ට් හවුස් එකම නින්දට වැටුණා. ඒත් එක්කම හෙන ගගහා වහින්න ගත්තා. ඊට පස්සේ මම එතන කොට තාප්පයෙන් පැනලා අඩියට දෙකට කාමරේ පැත්තට ගිහින් දොරට තට්ටු කරා. ඇතුළේ හිටිය රශ්මි "කවුද" කියලා ඇහුවා. මම සද්ද නැතිව හිටියා. ඇතුලේ හිටි පිරිමියා දොර අරින්න හැදුවා. අර බැ ල්ලි එතකොට කිව්වා ඇහුණා "අනේ මැණික අරුද දන්නෙ නෑ. දොර අරින්න එපා මට ඔයා නැතිව බෑ.. ඔයාට මොකුත් කරයි ඌ " කියලා..
නිර්මි මම ඇත්තටම ගියේ උන්ව අතටම අල්ලගෙන "තෝ මහ බැ ල්ලියෙක් "කියලා ඒකිගෙ කනට ගහලා එන්න විතරමයි. මම නැතිව මරෙයි කියපු , මම දවසක් දෙකක් කතා නොකළාම වහ බොන්න හැදුව ගෑණි නේද උඹ කියලා අහන්නයි ඕනි වුණෙ. නමුත් මට අර ඇහුණ වචන එක්ක ඇත්තටම දරාගන්න බැරි වුණා. ඒත් එක්කම අර මිනිහා දොර ඇරියා. මම කාමරේට පැන්නා.. ආයෙමත් ලොකු හෙනයක් පිපිරුවා..! ඒ මිනිහා තුෂ්නිම්භූත වෙලා බලා ඉද්දි රශ්මිගෙ කට ඇරිලා බය වෙලා රතු වෙලා ඒකි මා දිහා බලාගෙන හිටියා. ඒ ළඟ තිබ්බා පළතුරු වට්ටියක පිහියක්. මම පැන්න ගමන් ඒක අරගෙන අරකිගෙ උගුරටම ඇන්නා. අර පිරිමියාට මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරිව හිටියේ. ඒ වාසියෙන් මම උගෙත් උගුරු දණ්ඩ කැපුවා. ඇත්තටම මම ඒක හිතා මතා කළේ නැහැ. නමුත් මම ඒක කළා..ඔව්..!! ඊටපස්සෙ මම ඒ පිහියත් දාගෙන ආපහු දිව්වා.. මම බේරිලා ආවා..ඒත් මට නම් ඒ සිද්ධිය දරාගන්න බෑ නිර්මි.. මගෙ ඔළුව තාම එතන නිර්මි.."
මගෙ නිවුන් සොයුරිය මට ඒ කතාව කියලා මාස දෙකකට පස්සේ සම්පූර්ණයෙන්ම අතුරුදහන්ම වුණා. ඇය කළ අපරාධයට ඇය වන්දි ගෙවයි. මොකද සොබාදහම හැමදෙයක්ම බලා සිටි නිසා. නමුත් තවමත් මම දන්නෙ නෑ ඇය කොහෙද කියලාවත්..!
ඒ වගේම වජිර ගැන මට අනුකම්පාවක් ආවා. ඒත් මම තරයේම හිතාගත්තා ඒ වගේ වංචාකාරයෙක්ට ආපහුත් මම මගෙ ජිවිතයේ ඉඩක් දෙන්නෙ නෑ කියලා. මිශෙල් දරුවො දෙන්නා එක්ක අමිතගෙ දේපළ වලින් ජීවත් වුණා. මම තීරණය කරා සදාකාලිකවම තනිකඩවම ඉන්න. වංචාකාරයින් නිසා හිත් රිද්දවාගන්නවාට වඩා , මිනිමරුවන් වෙනවාට වඩා එය දාහෙන් සම්පතක් බව මට තේරිලා තිබුණා. ආහ් ඒ හීනය..! ඇත්තටම ඒ හීනය මම දැක්කෙ මේ සිදුවීම් සියල්ල වෙන්න කලින් වීම මටත් මහා පුදුමයක්..! ඇත්තටම ඒ සමහර හීන හීන විතරක්ම ද ?
පූර්ණිමා චාරුණි බණ්ඩාර.හෘද සාක්ෂිය...
දන්නවද...?
උඹව අපෙන් අයින් කරන්න තීරණය කරාට පස්සෙ...
ඒ වැඩේ බාරගත්ත මිනිස්සු උඩ ඉඳල පහලටම උඹ දිහා මහා කෑදරකමකින් බලද්දි...
මට දැනුණෙ පුදුම වේදනාවක්.
මං දන්නව උඹ හරිම අහිංසකයි..
උඹ නිසා ගමේ කී දෙනෙක් නං බඩ පුරවගන්න ඇද්ද?
එක දිගට වැහි.. නියං.. කාල....
කුලියක් මලියක් නැති දවස් කොච්චර තිබුණද...?
ඒ හැමදාම, තුන් කල් දකින කිරි අම්ම කෙනෙක් වගේ..අතින් කටින් දරුවො එල්ලගත්ත උඹ... එක වේලක්වත් අපිව බඩගින්නෙ තිබ්බෙ නෑ.
කවදාවත්ම හිතුවෙ නෑ මෙහෙම කරන්න.
මං උඹට කොයිතරම් ආදරේ කරාද කියල දන්නෙ මං විතරයි.
ඒත් අර විනාශකාරී හුළඟ ඇවිල්ල...
රෑ පුරාම මහා හය්යෙන් ගෝරනාඩු කරගෙන ගේ වටේ කැරකෙනකොට...
ඇත්තමයි..අපි හිටියෙ පණ බයෙන් බං...
හැමදාම ඇස් කන් පියාගෙන ඉන්නව කියල ගෙදර මිනිස්සු..ළඟපාත මිනිස්සු.. මට දොස් කියද්දි...ඒ හැම වෙලාවෙම වහලෙට නැමුණු අතු විතරක් කපල දාල කොහොම හරි උඹව බේරගත්තා.
මට කියල තියෙන එකම දේ මේ ගේ පැල විතරයි. ඒකත් රැකගෙන උඹත් රැකගන්න නොකරපු දෙයක් නෑ.
ඒත් අන්තිමේ මං පැරදුණා. මං විතරක්
නෙමෙයි උඹත්.. ඔව්...අපි දෙන්නම පැරදුණා.
"ඔයාට ඕනෙ මේ ගහට යටවෙලා අපි මැරිල ඉන්නව දකින්න ද?
මහ කරුමයක් මේක..
එළි වෙනකල් නින්දක් නෑ...කොයි වෙලේ වහලෙ උඩට කඩන් වැටෙයිද කියල පුදුම බයකින් ඉන්නෙ.
අද හෙටම කපල අයින් නොකළොත් දරුවොත් අරගෙන මම අපේ ගෙදර යනවා."
මගේ ජීවිතේ වටිනාම සම්පත..
ඇඳේ ගුලිවෙලා නිදාගෙන ඉන්නකොට...
රෑ පුරාම දෙවියන්ට කියන්නෙ උඹෙන් උන්ව රැකල දෙන්න කියල.
ඒ.. උඹ අපරාධකාරයෙක් කියල හිතල නෙමෙයි.
උඹත් නොදැනම උඹේ අතින් අපරාධයක් වෙයි කියන බයට..
ඒත් අන්තිමට... උඹව පවුකාරයෙක් නොකරපු මම..මගේ හෘද සාක්ෂිය ඉදිරියේ මහා පවුකාරයෙක් වුණා...
විශ්වාස කරපන්...
ලොරියට පටවන්න කලින් සදහටම ඇස් පියාගනිද්දි.. මගෙ දිහා බැලුව උඹගෙ අන්තිම බැල්ම... මාව තාම පුච්චනවා...
ඒ වේදනාව..හිතක් පපුවක් තියෙන මිනිහෙකුට දරාගන්න අමාරුයි.
ඒත් මං ගොඩක් අසරණයි..
මට සමාවෙයන්...ආදරණීය මිත්‍රයා😢
✍කල්‍යාණි රූපසිංහ
2023.11.13
මාතලේ.ඉඩෝරය පිස හමාගෙන ආ
සුළං රැල්ලක දැවටිලා...
අපේ ලෝකෙට නුඹ ඇවිත් වග
කනට කර මුමුණා ගියා...
ඉරිතලා ගිය කටුපඳුරු බිම
මලක් පූදින දෙස බලා...
වසන්තයෙ අරුණලු විඳින්නට
සිතට ඉහිලුම් නැති වුණා...
බැඳීමක හැම කෙළවරක දුක
ලොවේ දහමක තතු කියා...
අනෝරා මැද විදුලි සැරයක
නුඹේ නික්මණ සැළවුණා...
බිඳුණ සිහිනෙක අගුලු සිරකොට
ගතින් ඈ විඳි වේදනා...
කඳුලු සඟවා දරා උන්නෙමි
හඬන්නට තහනම් නිසා...
කිරි සිනා දඟකාර කෝලම්
විඳින්නට පිං මදි නිසා...
මල ගමක් නැති මරණයක සැත
පුනිද නුඹ ඇයටත් හොරා...
හුදෙකලා කිරි සිහිනයේ නුඹ
නමට හිස් පිටුවක් තියා...
මඟ බලා ගෙන හිදින්නම් මතු
භවෙක හෝ යලි එන තුරා....
---------දර්ශණ----------සාරාගේ අවංක ප්‍රේමය.. . ...❤😔
EK650 අංකය දරණ එමිරේට්ස් ගුවන් යානය ගොඩබස්සලා විනාඩි හතලිස්පහක් විතරත් ගිහින් මම උදාසීනව ගුවන්තොටුපලේ රැදී සිටියේ මෙම යානයෙන් පැමිනෙණ සතිදෙකක් පුරා මා සේවය සැපයිය යුතු බෙල්ජියම් ජාතික කාන්තාව බලාපොරොත්තුව ඇගේ නම සදහන් පුවරුවත් ඔසවාගෙන.
මගේ උදාසීනබව බිඳදමමින් සිනහමුසු මුහුනින් මා වෙත පැමිණියේ ඉතා පියකරු ලඳක් ඇය තමයි මා බලාපොරොත්තුව සිටි සාරා.
"Hello sara welcome to srilanka .
I am your tour guide Dhammika"
.
"Hi Dhammika nice to meet you I am sara.. sara corner"
ඇය ඉතා ප්‍රීතිමත් ආචාරශීලී ලඳක් බව දුටුවනම හැගීගියා,ක්‍රීඩා ඇදුමක් වැනි ඇඟටම තදවූ බොටම් එකකින් සහ ටී ශර්ටයකින් සැරසී සිටි ඈ සැබැවින්ම රූමතියක්.
බොහෝ බටහිර තරුණ ලඳුන් මෙන් මුදුනට වෙන්නට බැඳතිබූ ඇගේ කෙටි වරලස ඇයට දගකාර පෙනුමක් ලබාදුන්නා මනාව පාලනයකොට ඇති ඉතා ශෝභාසම්පන්න සිරුර කවියෙකුටනම් කවි උල්පතක් වගේ යැයි මට සිතුනා.
අපේ කාන්තාවන් හා සසඳන විට බටහිර කාන්තාවන් ඇත්තටම රූමත්,ඔව්න්ගේ සිරුර ඉතාම හැඩයි ලස්සනයි හරියට වාත්තුකලා වගේ සම වෙල්වට් වගේ.
ඉතින් අපි අපේ සංචාරය පටන්ගත්තේ අනුරාධපුරෙන්,
නිතරම දොඩමලු වීමට රුචි මේ ලස්සන සාරා බුද්ධිමත් කෙනෙක් බව මම අවබෝද කරගත්තේ අනුරාධපුර සයිට් එක කරද්දීමයි.
ගැහැනියක් වූ සුප්පා දේවී සිංහයකූ හා පෙමින් වෙලුන හැටිත්,විජය නම් පුද්ගලයෙකු මෙහි පැමිණ කුවේනි වසගයට ගත් සැටිත් පසුව ඇයව පන්නා දමා වෙනත් කුමරියක සරන ගිය බවත්,එක්ටැම් ගෙයි සිරකල චිත්‍රාට ගාමිනීගෙන් දරු සම්පතක් ලැබුන හැටිත්,අශෝක මාලාට පෙම්කල වරදට සාලියට සිහසුන අහිමිවුන බවත්,
වලගම්බා රජතුමාව බේරාගැනීමට සෝමා දේවිය කරත්තයෙන් බැස සතුරා වෙතට ගිය බවත්.මෙරටේ ප්‍රථම රැජින වූ අනුලා දේවිය ගතකල අතෘප්තිකර ජීවිතය ගැනත් කියන්නට සිදුවූයේ අතුරුකතා ඇසීමට ඇගේ වූ රුචිය නිසාවෙනි.
මෙම කතාවල මෙන්ම හැමවිටම අසාධාරනයට ලක්වන්නේ කාන්තාවම බව ඈ දුක්බරව පවසා සිටිනු ලැබුවා.
එදා සවස මා ඇගෙන් සමුගනිද්දී ලස්සන නිල්පාට ඇස්දෙකින් අමුතුවිදිහකට මා දෙස බලා සිත කුල්මත්කරන ඇගේ |
දෙතොලින් මට පවසා සිටියේ.
"උබ හරිම රොමෑන්ටික් මිනිහෙක්,මේ අනුරාධපුරේ ඉතිහාස කතාවට වඩා මට සිත්ගත්තේ උඹේ කතාව. හෙට උදේ උඹව දකින්න නොයිවසිල්ලෙන් ඉන්නවා,සුභ රාත්‍රියක් "
මේ වගේ කතා මේ වෘත්තියේ සාමාන්‍ය දේවල් නිසා මම ඒ හැටි ගනංගත්තෙ නෑ. නමුත් ඇයගේ නිල් දෑසනම් මගේ හිතේ කොහේ හරි කොනක හිර උනා වගේ දැනුනා.
දින දින ගෙවෙද්දී අපි ගොඩාක් දේ කතා කලා ගොඩාක් ලං උනා ඇය විසි නමවෙනි වියේ පසුවූවත් ජීවිතය පිලිබඳ අද්දැකීම් සම්භාරයක් ලැබූ කතක්.දැනට ප්‍රේම සම්බන්දයක් නැතිබව පැවසූ ඇය මා විවාහකදැයි විමසූ විට තාම නැතැයි ඇයට බොරු කීවේ ඇයිද යන්න මටම හිතාගන්න බැරි උනා.
ඒ ඇගේ සිරුරට මගේ සිත ලොබ බැඳි නිසාද?
අපි පොලොන්නරුව සීගිරිය දඹුල්ලෙන් අනතුරුව පැමිණියේ නුවරට.
නුවර දලදා මාලිගාවෙ සංචාරය අහවර කරල පේරාදෙනියේ උද්‍යානයේ ඇවිද යනකොට ඈ මට යෝජනාවක් කලා.
"ධම්මික උඹ කැමතිද අද රෑට මම එක්ක එලියට යන්න"
"ප්‍රශ්නයක් නෑ යමු"
ඇත්තටම මේව මේ වෘත්තීයට අලුත්දේවල් නෙමේ ඒක මහා ලොකුදේකුත් නෙමේ ඒත් මට එයා එක්ක බැඳිච්ච මොකක්දෝ හැඟීමක් ඒ වෙනකොටත් අතිවෙලා තිබ්බෙ.
එදා හවස ඇයටත් කලින් ලෑස්තිවෙලා ඇය එනතුරු මම නොඉවසිලි උනේ මොකද කියල හිතන්නවත් උවමනාවක් මට තිබ්බෙ නෑ.
ඇය ඉතා කෙටි නිල් කොටකලිසමින් හා දෙඅත් කැපූ ටී ශර්ටයකින් සැරසී සිනහමුසු මුහුණින් මා වෙත පැමිණ මගේ දෑතේ වෙලෙමින්
"අද උඹ එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න ඕනෙ,අපි ඇවිදගෙන යමු." යැයි පැවසීය.
යුරෝපීය ගැහැනුන් ගේ සිපගැනීම් අතට අතදීම් එතරම් අරුමයක් නොවූ මට ඈ මගේ දෑතේ වෙලෙද්දී සිරුර පුරා ගොස් හඳවතෙන් නතරවූ විදුලියක් වැනි දෙය දරාගැනීමට අපහසු උනේ මන්ද...?
මටත් හොරෙන් මගේ හඳවත ඈ හා බැදුනිද..?
දිගටම මගේ අත ඇගේ අතින් තරයේ අල්ලාගෙන ගමන්කිරීම මට අමුත්තක් වුවත් සිරුර පුරා දිවයන මිහිර නිසා එය රිසිසේ විඳගනිමින් ගමන්කලෙමි.
ඇගේ ඇත්දල පැහැති කලවා මොනතරම් සුන්දරද.... ,එහි හැඩය දෙවියන්ගේ මැවීමක්ම තමා..
ඒ මත මුහුණ හොවාගෙන ඉන්න ඇත්නම් යැයි සිතිනි.
ඇගේ අලංකාර නිතඹ හදවතේ ගැස්ම වැඩිකරලයි..
දිගැටි අතැගිලි සිත පුබුදුවන දෙතොල්, නියම පමනට ලස්සනට ඇති එල්ලා නොවැටෙන පියයුරු ඇයනම් සුරංගනාවියක්මයි.
මග දෙපස බොහෝ මිනිසුන් අපදෙස බලද්දී මා ආඩම්බර කාර පෙනුමක් ආරූඩකොටගතිමි.
මහනුවර කොලඹ වීදියේ මට හුරුපුරුදු තැනක් වන වික්ටරි සමාජශාලාවතුල අඩ අදුරේ විෂ්කි වඩි කීපයකට පසු ඇගේ හදවත විවරවන්නට විය.
"දම්මික මං ජීවිතේ තනිවුන කෙනෙක්"
ඇය දොඩමලුවන්නට විය.
"මට හරි පාලුයි...මං පතන ජීවිතේ මට හමුවුනේ නෑ..."
"මම ඉස්සෙල්ලාම කෙනෙක්ට ආදරේ කලේ වයස දාහතරෙදි,
මගේ වර්ජිනිටි එක නැතිවුනේ පහලවෙදි...
ඇලෙක්ස් තමයි ඒක කලේ..ම්..ම් ..නෑ පීටර් පීටර්..
ඕහ්..ශිට්.... මට මතක නෑ ඩාලිං.. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් තමා.....
ඊට පස්සෙ ගොඩාක් කොල්ලො හිටියා.
අව්රුදු තුනක් ඩේවිඩ් එක්ක ලිවින්ටුගෙදර් හිටියා..
තව දෙකක් සෙල්බි එක්ක උං ඔක්කොම බොරු කාරයෝ..උංට ඕනෙ උනේ සෙක්ස් විතරයි.
මං හොයන්නෙ මේ පෙරදිග මිනිස්සු වගේ හොද ෆැමිලිලයිෆ් එකක් ගෙවන්න පුලුවන් කෙනෙක්...
ඇත්තටම ගැහැනුන්ට ගරුකරන අවංකව ආදරය කරන උඹවගේ එකෙක්..."
අපේ කෙල්ලෝ වගේ හැංගිලි බොරු කියවිලි නැතුව වක්කඩ කැඩුව වගේ සාරා කියවගෙන යනවා.
මූණට මූණ බලාගෙන මා සමග ඉදගෙන සිටි ඇය එක්වරම මා වෙතට එන්නට නෑගීසිටිමින් පුටුවත් වීදුරු කීපයකුත් පෙරලාගෙන විත් මගේ උකුල උඩින් හිද මගේ ගෙලවටා ඇගේ සියුමැලි දෙඅත් යවමින් මා සිපගන්නට විය..
මම එකවිට ගැස්සී ගියේ මගේ බිරිඳ මෙය දකීවිද යන සිතිවිල්ලෙනි.මේ වික්ටරි එක ඇතුලත බව සිහිවීමෙන් නැවත සිහිණ ලොවට පිවිසියෙමි.
නිහඬ බව බිදිමින් ලයාන්විතව සෙමින් ගලායන සංගීතය, අඩ අඳුර, කිසිවෙකුගේ බාදාවක් නැති නිස්කලංක පරිසරය, රස ගුලාවක් වන් ස්ත්‍රී සිරුරක්, ඇයට රිසිසේ ඉඩ දෙමින් මම නිහඬවිමි.
"උඹ ගෑනුංට ගරුකරන බොරු නොකියන පලල්ව හිතන අවංක මිනිහෙක් කියල මේ ආශ්‍රය කරපු දවස් කීපයෙදි මට හිතුන මං උඹට කැමතියි ඔව් උඹට කැමතියි..."
ඇය දොඩමලුවෙයි..
මත්පැනින් අප්‍රාණික ස්වභාවයට පත් ඇගේ සිරුරින් දනවන ස්පර්ශය නිරාමිස සුවයක් සේ මට දැනෙන්නට විය..
ඇපල් ගෙඩියක් මෙන් රත්පැහැගත් මුහුණට වැටි අව්ල් වූ කෙස්රොඳ ඇයට සරාගී පෙනුමක් එක්කරයි.
ඈ මගේ මුහුණ තදින් ඇගේ පිරුණු ලැමට තුරුල් කරගන්නාවිට සියල්ලටම ඉහලින් ඇත්තේ කම්සැපය යයි මට සිතිනි.
මේ මගේ සිරුර ඇගෙන් ඉල්ලන සැපයේ අංශු මාත්‍රයක් නොවේද...?
ආශාවන් නිසා ජීවිතයට නොසතුට ලගාවන බවත් අප ආශාවන් ප්‍රහීන කිරීමට උත්සාහ කලයුතුබවත් බුදුරජාණන්වහන්සේ පවසා වදාල බව දලදා මැදුරේදී දහවල් ඇයට දේසනාකල මාද,එය සම්පූර්ණ ඇත්තක් වශයෙන් පිලිගෙන එය එවෙලේසිට පිලිපදින බවට සපථකල ඈද ඒ ආශාවෙහිම ගැලී ජීවිතයේ විස්තර කල නොහැකි මොකද්දෝ සතුටක පැටලී එය විඳිමින් සිටියෙමු.
ඇය මා හට ආදරය කරන බවත් මගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත්, අන්තිමේදී ඇයට ආදරය මේ කුඩා දූපතේදී හමුවුන බවත් නුරාවෙන් අඩවන්වූ දිලිසෙන නිල්පාට ඇස් වලින් මා දෙස බලා පැවසූ අතර දෙදෙනාම ඇයගේ රටටගොස් අලුත් ජීවිතයක් අරඹමු යැයි ඇය බමන මතින් කියවද්දී මට පෙනුනේම ඇයගේ දෙතොල්, පිරුනු කලවා හා ලැමම පමණි...
මට ඇවැසි වූයේ ඈ සමග විගසින් හෝටල් කාමරයට යෑමට පමණයි.
හෝටලය වෙත යෑමට ඈව වත්තම් කරගනිමින් එලියට ඒම අසීරු කාරියක් විය.
එකවරම කකුල පැටලී බමන මතින් සිටි ඇයත් සමග ඇදවැටුනෙමි...
ගැස්සී නැගී සිටි මා දුටුවේ වේගයෙන් කැරකෙන විදුලි පංකාවේ හඩ පමණි.
සාරා...සාරා...කෝ ඔයා........
......එතකොට....
අඩේහ්.....
අප්පගෙ හීනයක්නෙ යකෝ ඒක.........🙄
© Dhammika Wickramaarachchiපසුතැවිල්ල
"ලොකු පුතේ..ඔයා..ඔය..චාමර ලමයා ගැන හොයලා බැලුවද??"දෙන්නම එකම ඔෆිස් එකේ උනහම..සම්බන්ධය ක් තිබිලා කැඩිලා ගියහම..ඒ ඔෆිස් එකේ දිගින් දිගටම වැඩ කරන්න ..ටිකක් අමාරුය් .." පියසේන , තම වැඩිමහල් දියණිය දෙස බැලුවේ..උගුර කකාරමින් දිගින් දිගටම එන කැස්ස අසීරුවෙන් වලක්වා ගනිමිනි."මම මේ දේවල් කියන්නේ පුතේ ඔයාගෙම හොදට"
දිනිති, පියසේනට සහ මන්ගලිකාට දාව ඉපදුන පලමු දරුවාය්.සිත්මි සහ රිද්මි ,දිනිතිගේ බාල සහෝදරියන් දෙදෙනාය.පියසේන තම වැඩිමහල් දියණියට මහත් සේ ආදරය කලේය...විවාහයෙන් පසුව අවුරුදු හතක්ම දරුවන් නැතිව සිටි පියසේනටත් මන්ගලිකාට ත් ..දිනිතිගේ මුහුණ මුලින්ම දැකිනවිට ඇති වූ ප්‍රීතිය වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය .තම පලමු දරුවා..පිරිමි දරුවකු විය යුතුය් යන අදහසින් සිටි මන්ගලිකාට වඩා දිනිතිගේ උප්පත්තිය පියසේනට අතිශයින්ම මන්ගල කාරණයක් විය..තම බිරිද ගේ සතුට ගැන සිතු ඔහු..ඉතා කුඩා වයසේ සිටම..දිනිතිව ආමන්ත්‍රණය කලේ "පුතා"යනුවෙනි..ඊට පසු ඉපදුනෙත් දුවලා..පියසේන ..මන්ගලිකාට කිව්වේ..දුවලා කියන්නේ..හරියට මල් වගේ..අපි ලස්සනට ..ඒ ගොල්ලන්ට පිපෙන්න ඉඩදෙන්න.ඕන..හැබය් පරෙස්සමට..බලා ගන්නත් ඕන..
දුවලා තුන්දෙනෙකුගේ තාත්තෙක් උනහම..නිතරම වගකීම් සහගතව දරුවන් රැක බලා ගන්න ඕන..පිටි පස්සෙන්ම ඉන්න..ඕන..හරි වගකීමක් තමය් මේක..කෝ ඉතින්..පුතෙක්..මගෙ කුසට ආවෙ නැහනේ...මම ලබා උපන් හැටි තමා..
මන්ගලිකා..එකම සූත්‍රය නිතරම වැයුවාය.
පියසේන දිනිති ගැන අනෙක් දරු දෙදානට වඩා කලබල උනාය..දිනිතිත්..තම පියාට මවට වඩ කුලුපගු උනාය..
"නරකද පුතේ..ඔයා ගමට මාරුවක් හදා ගත්තනම්..ඔය බෝඩිං වල හැමදාම ඉන්න බැහනේ..හරියට කෑමක් බීමක් නැහ"
තැපල් දෙපාර්තමේන්තුවේ සේවයෙන් විශ්‍රාමලත් පියසේන දැන් විවේක සුවයෙන් කල්ගත කරන්නේ තම පිය උරුමයෙන් ලද අක්කර භාගයේ කුඹුරු කෑල්ලත් අස්වද්දිමිනි.
"අනේ තාත්තේ..මම තාම අවුරුදු දෙකක්වත් වැඩ කලේ නැහනේ..ඒ ඔෆිස් එකේ..අඩුම තරමේ අවුරුදු හතරක්වත් වැඩ කරලය් මාරුවක් ඉල්ලන්න වෙන්නේ"
පතල් සහ කැණීම් දෙපාර්තමේන්තුවේ පත්වීම දිනිති බාර ගත්තේ පියසේන විශ්‍රාම යනවත් සමගමය.රජ්‍ය මගින් පවත්වන විභාගයන් සමත් වුනු දිනිතිට පතල් හා කැණීම් දෙපාර්තමේන්තුවේ සේවය කිරීම ට අවස්තාව පෑදුනි.
"ඔව් ඉතින් ඒක දාල එන්න දැන් කොහෙත්ම හිතක් නැතිව ඇතිනේ..රස්සාවට ගිය ගමන්ම..පරස්තාවක් කර ගහ ගත්තනේ..
මන්ගලිකා නෝක්කාඩුවෙන් මෙන් පැවසුවේ දිනිති දෙස නොබලම්නි..
"අනේ මේ කෙල්ලට මොකුත් කියන්න එපා..ඒකි වරදක් කර ගන්නේ නැහ..හොදට හිතලා මතලා වැඩ කරය්..වේලාවට ඒ පිරිමි දරුවගේ දෙමව්පියන් ටත් මෙහෙ එන්ඩ කියමු"
පියසේන , අසීරුවෙන් මෙන් කෙල ගිල්ලේය..ආයෙත් උගුර කකාරව්මින් කෙල ගැසුවේය..
"ලගදි ඉදන්..මට මහ අමුත්තක් දැනෙනවා මන්ගලිකා..කෙල ගිල ගන්නත් බැහ..කෑම නිකන් උගුරෙන් පලෙහාට යද්දි හිර වෙනවා වගේ..ඒ මදිවට..මේ කැස්ස.."
පියසේන ..කුස්සියේ උලුහස්සට හේත්තු උනේය..ඔහුගේ ශරීරය වෙනදාට වඩා ඇදී ..ගොස්ය..කෙසග සිරුරකට හිමිකම් කිවු පියසේන තවත් කෙට්ටු වෙලා වගේ..ඒ මන්ගලිකා..පියසේනව දුටුව හැටිය්..ඒත් ඒ කිසිවක් නොකියා..අපි ඉක්මනින්ම ,දොස්තර කෙනෙකුට පෙන්නමු කියා..ඈ පිටුපස මිදුලේ වියලි රතු මිරිස් අතුරා තිබු පැදුර ගෙට ගන්නට මිදුලට ගෑටුවාය.
***--*************************************
සති අන්තය ගෙවී යාමත් සමගම,දිනිති සදුදා පාන්දර ම කොලඹ බෝඩිමට යන්නේ..කෙලින්ම ඔෆිස් එකට යන්නට කලින්..ගෙදරින් එකතු කරගෙන එන කෑම බීම අනෙකුත් අඩුම කුඩුම බෝඩිමේ තිබීම පිනිසය..
ඔෆිස් එකට ගිය විගසම ඇයට චාමර මුන ගෑසෙය්..දෙදෙනාම එකම අන්ශයේ සේවය කරන නිසා..නිතර දෙවොලේ..දෙන්නාට දෙන්නා දකිය්..කෑම බෙදා ගෙන කය්..එකට මය් තේ බොන්නේ..ගහට පොත්ත වගේ..චාමර ඉතා හොදින් , දිනිතිට සැලකුවේය..දිනිති බෝඩිමක සිට වැඩට එන නිසා..ගොඩක් දවස් වලට චාමර, දිනිතිට කෑමත් ගෙනාවේ , දිනිති ආසම තලනබටු මාලුව අමතක නොකරමිනි.
"මම අම්මට කියල තියෙන්නේ ඔයාගෙ ආසම කෑම තලනබටු කියලා..අපේ අම්ම..එයාගෙ අනාගත ලේලි වෙනුවෙන්..අමාරුවෙන් හරි තලනබටු හදනවා"
චාමර ,දිනිතිට බත් කටක් කැව්වේ..හොදට බත් එක අනමිනි ගුලි කරමින්‍ය.
"අනේ ඕගොලන්ගේ අම්මට පින් සිද්ද වෙනවා.මට මෙහෙම උයලා දෙනවට..ඒක නෙවෙය්, |
චාමර ඔයා මට බත් කවද්දි..මට මගේ තාත්තා ව මතක් වෙනවා.
එයත් ඔහොම හොදට බත් ගුලි කරලා අපිට කවන්නේ..අපි හරි ආසය් තාත්තා කවද්දී..ඔයාට හොදට කවලා..එක්ස්පීරියන්ස් තියනවා වගේ"
දිනිති සිනහ මුසු මුහුනෙන්..චාමර දෙස බලාගෙනම සිටිය්..ඔහු නිහඩ බව රැක ගෙනම දිනිතිට තවත් බත් කටක් කැව්වේය..
"අපි හෙට මූවි එකක් බලන්න යමුද"
චාමර දිනිතිගෙන ඇසුවේ..කාලෙකින් දෙදෙනාට නිදහසේ කොහෙවත් යන්න අවස්තාවාක් ලැබුනේ නැහනේ යන්න..ඒත්තු ගන්වමිනි..දිනිතිත්..ඉතා ආදරෙන්..ඔහුගේ යෝජනාව ට කැමති විය..ඒ මොහොතේ ම
"දිනිතිගෙ ජන්ගම දුරකතනය නාද වන්නට විය..චාමර ඇස් වලින් දිනිතිට එය පෙන්නුවේය.."අම්මා"
"ඇය් අම්මේ..හදිසියක්ද"
ඇය එහෙම ඇහුවේ..සාමන්‍යෙන් දිනිති බෝඩිමට ආවහම..කෝල් කරන්නේ තාත්තා නිසාය.
"පුතේ.., මගේ ඇග පන නැහ..මම මොනව කරන්නද කියල හිතා ගන්න බැහ..මට පිස්සු හැදෙය්"මන්ගලිකා ගෙ කටහඩ අදෝනාවක් මෙනෙ දිනිතිට ඇසෙය්..
ඇය් අම්මේ මොකද වෙලා තියෙන්නේ..
දිනිති..කලබල උවද ඉවසිලිවන්තව කතා කලාය..
පුතේ තාත්තට ..ගල නාලයේ පිලිකාවක්..ඊයෙ කරපු ටෙස්ට් වල රිපෝට්ස් අද ආවේ..මම මොනව කරන්නද කියලා හිතා ගන්න බැහ..ටිකක් පැතිරිලාලු..
දිනිතිගේ..ඔලුව කැර කෙන්නට විය..දෑස් තෙත්වී කදුලු කැට කඩාහැලුනේ නිමේශයකෙනුත් බිදකිනි..අනේ මගේ තාත්තා..
චූට් කාලේ ඉදන්..අපිව බලාගන්න..කොයිතරම් නම් දුක් කන්දරාවක් වින්දද..ඒත් ඇය තම මව ඉදිරියේ දුර්වල වෙන්නට අකැමති උනාය..
අම්මේ පොඩ්ඩක් ඉන්න..කලබල නොවී..අපි බලමු..සර්ජරි එකක් වත් කරල..අය්න් කරන්න පුලුවන්ද කියලා..ඔයා කලබල වෙන්න එපා..මම එන්නම් ඉක්මනට.."
මන්ගලිකා ගතින් සහ හිතින් දෙකෙන්ම දුර්වල විය..පියසේන..දරුවන්ට පමනක් නොව තමාටත් කෙතරම් ආදරනීය සෙනෙහෙබර සැමියෙක් උනාද..කිසිවිටෙකත් කේන්ති නොගත් ඔහුගේ ඉවසීම මන්ගලිකාට හිතාගත නොහැකිවිය.
"ඔයා එන්න කලබල වෙන්න එපා..,තාත්තා ඉන්නේ හොස්පිටල් එකෙනේ..ඩොක්ටර්ස්ලා තාත්තව බලනවා..ඔයා සති අන්තයේම එන්නකෝ.."මොනව හරි විශේෂ දෙයක් තිබ්බොත් ඔයාට කියන්නම්..මන්ගලිකාට කියන්න ගියදේ නිම කිරීමට නොහැකිවිය..දුරකතනය විසන්ධි ව්ය..
"අය්යෝ අම්මගේ පෝන් එකෙ සල්ලි ඉවර වෙලාද කොහෙද කට් උනානේ..මම වීකෙන්ඩ් එක වෙනකන් ඉන්නේ නැහ..ගෙදර යනවා.".දිනිතිගේ කදුලු වලින් රත්වෙච්ච දෑස් දෙසම චාමර බලාසිටියේය..
ඊලග දවසේ ..චාමර,දිනිතිත් සමග කතාකර ගත් පරිදි මූවි එක බලන්න යන්න කතා කලේය.
"අනේ චාමර මට මූඩ් එකක් නැහ..මම හෙට ගමේ යනවා.."
"අනේ හරි පැටියො..ඔයා ගමේ ගිහින් ආයේ කවදා එයද දන්නේ නැහනේ..හැමදාම නැහනේ..අදට විතරක් යමු..ප්ලීස්..
චාමර බැගෑපත් වූ විලාශෙට දිනිතිට කෙසේවත් ඒ යෝජනාව ට එරෙහි වන්නට නොහැකිවිය ...ආදරෙන් මුස පත් වූ දිනිතිට තම පියාගෙ මුව පෙනී නොපෙනී යන්නට විය..එදා..චාමර,දිනිතිව බෝඩිමට ගෙනත් ඇරලවන විට රාත්‍රි දහයත් පසුවී තුබුනී..
දිනිති..වොශ් එකක් දාගෙන..උනුසුම් තේ කෝප්පයකින් සප්පයම් වෙන ගමන්..බැටරී ශූන්‍ය වීම නිසා ක්‍රියාවිරහිත වී තිබුනු පෝන් එක යලි සක්‍රීය කර ගත්තාය..
තම මවගෙන් මිස් කෝල් දහ හතරක් තිබීම ඇයට අමුතුම බියජනක සිතුවිල්ල ක් හිතට එක්කලේ ක්ශණයකිනි..
රාත්‍රි එකොලහ පසු උනත්..තම මවට දුරකතන ඇමතුමක් දිය යුතු යැය්..ඇය සිතුවාය .
"අනේ ලමයෝ..කොහෙද හිටියේ..මේ ප්‍ර්ශ්න මැද්දේ ඔයත් හරි හරියට අපිට ප්‍රශ්න දෙනවනේ..තාත්තට ඔයත් එක්ක..කතා කරන්න..ඕන කිව්වා..ඒකය් ගත්තේ..දන්නවනේ..ඔයා තමය් තාත්තගේ පණ..,
තාත්තව, හිටපු..තැපල් ස්තානාධිපති මහත්තයා බලන්න ආව,මෙහෙ ඩොක්ටර්ස්ලා කිව්වේ..තාත්තව හෙටම පේරාදෙණිය මහ රෝහලට මාරු කරනවා කියලා..ඒ මහත්තෙයත් ඒක හොදය් කිව්වා ..එයා දන්න..පිලිකා ස්ම්බන්ධ දොස්තරලා දෙන්නෙක්ම ඉන්නවා කිව්වා..ඔයත් එක්ක..ඒ ගැන කතා කරන්න..තමය් දිගින් දිගටම කෝල් කලේ..කෝ ඉතින් ඔයා කතා කලේ නැහ්නේ.."
මන්ගලිකා කියවගෙන කියවගෙන් ගියේ හිතේ කේන්තියට සහ දුකටය..
"අම්මේ තාත්තට මොකද දැන්"..මම හෙට ගෙදර එන්න..ය් ඉන්නේ"
දවසින් දවස දුරවල වෙනවා පුතේ..බලන් ඉන්න බැහ..මේ කරුම ලෙඩේ හරි ඉක්මනට පැතිරෙනවනේ,මට නම් දැකපු නරක් හීනයක් වගේ.., තාත්තා..ඔයා පෙලවහක් කර ගන්න ඒවත් කියවනව..ඔයා ගැනම තමා..සිහිය..මගේ කෙල්ලට වරදින්නේ නැහ..ඒකි හොද දෙයක් කර ගනිය්, ඕව තමය් කියවන්නේ"
හරි අම්මේ දැන් හොදටම රෑ වෙලානේ..මම එන්නම්..හෙට..ඔයා දැන් නිදා ගන්න..
දිනිතිට ඉකි ගසා අඩන්නට අවැසි වුවද..ඒ හැමදෙයක්ම සිතින් දරා ගත්තේ..හෙට උදෙන්ම ගිහින් තම පියාව දැක බලා කතාකිරීමේ අභීලාශ්‍ය හිතේ තැන්පත් කරගෙනය...
තවත් දවසක උදාව..
උදේ සිටම කඩා හැලෙන චුරු චුරු වැස්ස මුලු පරිසරයටම මහ මූසල බවක් ගෙනාවේය..දිනිති උදෙන්ම ඇද ගත්තේ අස්නීපයෙන් පසුවන තම පියාගේ දෑත් අල්ලාගෙන..ඔහු සමග ආදරෙන් කතාකිරිමටය්..ඒ ඔහුට මහත් අස්වැසිල්ලක් බව දිනිති හොදින්ම දැන් සිටියාය.
බෝඩිමේ දොරේ සවි කර ඇති බෙල් එක වදී..මැදි වයසට ලන්වෙච්ච පෙනුමක් ඇති කාන්තාවක් තව දරුවෙකු සමග..දොරලග හිටගෙන..ඉන්නවා දැකීමෙන් ..දිනිති වික්ශිප්ත නොව්නේ..මේ බෝඩිමේ තවත් කාමර තියනවද බලන්න..මෙහෙම එන අය කොතෙකුත් ඇය දැක..අත් විද ඇති නිසායි ..ඇය ගැබිනියක් බවත් දිනිතිට ප්‍රත්‍යක්ශ විය..
"මොනවද දැන ගන්න ඕන.."
දිනිති කාරුණිකව ඇසුවාය..
"අනේ නන්ගි ..ඔයාද දිනිති කියන්නේ.."
ඔව් ඇය්..?"
"අනේ නන්ගි ඔයා හරිම හොද පාටය්..මම වැන්දලා කියන්නම් මගෙ පවුල කඩාකප්පල් කරන්න එපා..චාමර කියන්නේ මගෙ මහත්තයා ..අපි දෙන්නා ස්කෝලෙ යන කාලෙ ඉදන් ආදරය කරලා තමය් බැන්දේ...එයගේ පොඩ් වෙනසත් මට හොදට දැනෙනවා ..මට ඔෆිස් එකෙ..රන්ගන තමය් නන්ගි ගැන කිව්වේ..අනේ නන්ගි..අපේ අතරට එන්න..එපා..මේ දරුවෝ අසරණ කරන්න එපා.."
ඇය හඩා වැලපෙන්නට විය..සැරෙන් සැරෙ තම උදරය අත ගාමින් අනෙත් දරුවාගෙ හිස අතගාය්.
ඔයා තලනබටු කන්න ආසද..මට කියලා හැමදාම තලනබටු හදා ගන්නවා
.ඉස්සර මේ මනුස්සයාට තලනබටු පෙන්නන බැහ..බලන්න ඉතින්..එයා මට මෙහෙම කරය් කියලා..මම හීනෙකින්වත් හිතුවේ නැහ..
දිනිතිගේ මුලු ලෝකයම කඩා බිද වැටුනාක් මෙන් දැනේ..තමාව කෙතරම්..සූක්ශම .ලෙස සහ .බාල..කපටි නින්දිත ලෙස රැවටීමකට මේ මනුස්සයා ලක් කර ඇද්ද..එසේම මේ අසරණ ගැහනිය ගැනත්..දිනිතිගේ හදවත හඩාවැටෙය්..හඩන්නට පෙරමන් බලාසිටි දෙනෙත් වලට කටු වලින් ඇන්නාක් මෙන් කදුලු බින්දු සට සට ගා කඩා හැලෙය්..ඇයට චාමර ගැන ඇත්තේ..පුපුරා යන කේන්තියකි..අවුරුදු එකහාමාරක් තිස්සේ..තමන්ව සේම මේ ගැහනියද..ඔහු රවටා ඇත..ඔක්කෝටම වඩා දිනිතිගේ හදවත් කකියන්නේ..තම පියාව බලන්න නොගිහින් එවැනි පහත්..පුද්ගලයෙකුගෙ පෙම් සුව විදින්න..පෙලබීම ගැනය්..
නැහ කොහෙත්ම මට මේකට මේ ජීවිතයේ සමාවක් නැහ..මගේ පියා මට නොකලේ..ලේ කිරි කරල පොවපු නැති එක විතරය්..ඒත් මම මේ වන්චාකාරි පහත් මිනිහා වෙනුවෙන් තාත්තා ව බලන්න යන එක කල් දැම්මා..තාත්තා එක්ක කතා කරන්න මට බැරි උනා..
ඇයට දැනුනේ..තමා ගැනම පිලිකුලකි..
"අක්කා දැන් යන්න..ආයේ එහෙම මොකුත් වෙන්නේ නැහ..මම ගමේ යනවා", ඒක ස්තීරය්..
දිනිති..චාමරගේ බිරිඳ ට සමු දුන්නේ.. පෝන් එකේ සිම් එකත් එලියට විසි කරමිනි..
දිනිති හැඩුවාය...හොදටම හැඩුවාය..ඉකි ගසමින් හැඩුවාය ..එවැනි බාල..පහත් මිනිහෙකුට දුන්න කාලය නැවත පෙරලීමට කිසි සේත් බැරිය..
....................................................
එදිනම හවස තුනය් තිහ පමන් වනවිට ..දිනිතිට පේරාදෙණිය මහ රෝහලට ලගාවීමට හැකිවිය..ඇය යනවිටත් පියසේනව සැත්කමක් සදහා..තියටර් එක ඇතුලට අරගෙන හමාරය ..ඔහුව සිහිසුන් කර ඇත..දෙය්යනේ..මගෙ තාත්තව සිහියෙන් ඉද්දි මට බලා ගන්න බැරි උනානේ..අනේ මගෙ අසරණ තාත්තා...මට තාත්තත් එක්ක..එයාගේ අත් දෙක අල්ලන් කතා කරන්න බැරි උනානේ...දිනිති..දස දහස් වාරයක් හිතින් හඩා වැලපෙන්නෙට විය.ඇයගේ පසුතැවිල්ලට ..සන්තාපයට කොහෙත්ම අස්වැසිල්ලක් නොමැත..
දින සති..ගෙවුනේ..අවුරුදු ගානක් ගෙවෙන්නාක් මෙනී..අයේ කවදාවත් පියසේනගෙ පියවී සිහිය නොලබුනි..ඔහුගේ මොලය අක්‍රීය වීමෙන් අනතුරුව..නිහඩවම අවසන් ගමන් ගියේ , දරු තිදෙනාත් මන්ගලිකා වත් මෙලොව තනි කරමිනි..පියාගෙ වියෝව දිනිතිගේ ජීවිතයේ නොමැකෙන මතකයක් විය..එත් සමගම..ගෑවෙන කලු පැල්ලම ඇගේ හිතේ හොල්මන් කරය්..ජිවිතයෙ කිසිම දිනක ඇය ..ඇයට සමාව නොදෙය්..තාත්තා..මේ කිසිත් නොදැන සිටීම ගැන විතරක් සිතාඇය මොහොතක ට සැන්සෙය්..ජීවිතයේ ..අදටත් ඇය..සුව කල නොහැකි චිත්ත සන්තාපයකින් පෙලෙය්..
නිමි
ල.සු.ජ
15/11/23අබ්බා
ගොම්මන් කරුවල බිමට පාත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කන කොක්කු රෑනක් විලාප තියාගෙන ගේ උඩින් පියාඹල ගියා. ඈත මූකලාන පැත්තෙන් කලිම්ම ඇහැරුණු බස්සෙකුයි නරියෙකුයි තරගෙට මොර දෙන්න ගත්ත. මං හනිකට ගෙට එබිල බැලුව. නැති වෙන්න කියල වටින දේකට මට ඉන්නෙ මයි ලොකු පුතා විතරයි. අනේ මයෙ රත්තරන් පුතා කුප්පි ලාම්පු එළියෙන් පස්සෙන්ද තියන විබාගෙට පාඩං කොර කොර හිටිය.
ලොකු ඉස්කෝලෙ මහත්තය කිව්වෙත් ඌ නං එක පාරෙං විබාගෙ පාස් වේවි කියල. ඌ කවද හරි මහ ඒජන්ත කෙනෙක් වෙන එක තමයි මගෙ ලොකුම හීනෙ. ඌ තමයි මයෙ මැණික. මයෙ රං කඳ. මට හැමදාම හිතුනෙ අපිව වලෙන් ගොඩ ගන්න කවද හරි පුළුවං ඌට තමයි කියල.
එක පාරටම, කොහේදෝ ඉඳං ආපු අතක් මයි කර වටේ වැටුන.
"අ..අ.. අබ්බා"
ඒ මයි දෙවෙනියා. ගොත කොල්ල. ඌට මොළේ කලඳක් නෑ. කට ඇරිල දිව එලියට ආපු ගමං ඉන්නෙ. තිස්සෙම කෙල බේරෙනව. වයස දොළහක් උනාට ඌ කරන්නෙ නොදරුවො කරන වැඩ. අයියගෙ අහලක වත් ඌව තියන්න බෑ. හතර කේන්දරේ පාලු හිංද මං ඌව මහණ කොරන්න හිතුවට කොහෙද ලොකු හාමුදුරුවො කැමති උනේම නෑ.
"මොන වද කරුමයක්ද? එහාට වෙයං. මගෙ ඇඟේ කෙල වක්කරන්නෙ නැතුව" මං ඌව තල්ලු කරල දැම්ම.
"අ..අ..අබ්බා. ම..ම.. මල්" ඌ අරලියා මලක් දික් කරල කිව්ව.
ඌ හැදුවෙ මගෙ ඔලුවෙ අරලිය මල ගහන්න. පූජ කරන මල් ඔලුවෙ ගැහුවම පව් සිද්ද වෙනව කියල දහස් වතාවක් කියල තිඋනත් ඒ ගොං නාම්බට ඒක කවදාකවත් තේරුනේ නෑ.
"සද්ද නොකර කුස්සියට වෙලා හිටහන්. අයියට පාඩං කරන්න දීල" මං ඌව කුස්සියට දැක්කුව.
මං හනිකට බ |
තල ටික සුද්ද බුද්ද කොරල ලිපේ තියන කොට දෙවෙනිය පොල් ගාන්න ගත්ත. ඌට ඉතිං ඒව තමයි පුළුවං. ගොං ගහ.
මයි රත්තරං කොල්ලට ඉක්මං කොරල කෑම ටික දෙන්නෝන හිංද මං තව පොල් කට්ටක් ලිපේ දැම්ම. වේලුනා මදි හින්දද මන්ද ඒව පත්තු උනේ නෑ.
"උඹ මේ කටු ටික අව්වට දැම්මෙ නැද්ද?" මං ගොතය ගෙන් ඇහුව.
ඌ කෙල බේර බේර ඇඟිල්ලක් කටේ ගහං මයෙ දිහා බලං හිටිය.
"පලයං යන්න. මගෙ දෑහට නොපෙනි"
ඌව පන්නල දාල මං හනස්සක් පත්තු කොර ගෙන පොල් කට්ටක් ගේන්න පිළිකන්න පැත්තට යන කොට මොකක්දෝ හීතලට මයෙ කකුලෙ හැප්පුන. ඒත් එක්කම වගෙ උල් කට්ටක් කකුලෙ ඇනුන වගේ දැනුන. උහුලන්න බැරි වේදනාවකින් මං විලාප දෙන කොට දෙවෙනිය දුව ගෙන ඇවිත් මයෙ අත අල්ල ගත්ත.
"පුතේ, ලොකු පුතේ, අනේ, මට නයෙක් ගැහුවද කොහේදෝ" මං විලාප තිඋව.
"මොන නයිද අම්මෙ මෙහෙ? ඔය අර ළිඳ ළඟ උදේ උන්නු ගැරඬිය වෙන්නැති" ලොකු පුතා කිඋව.
"අනේ, පුතේ හරිම විසයි. ගිහිං අර නිමල් ගෙ ටැට්ටරේට වත් එන්න කියහං මට වෙද ගෙදර යන්න"
"අයියෝ, පොඩ්ඩක් කෑ නොගහ ඉන්නකො බොරුවට. මං මේ වෙලාවට කරන ප්‍රශ්න පත්තරයක්. ඒක ඉවර වෙල යන්නනම්."
මයි ඔලුව කැරකෙන්න වගෙ ආව. මං එතනම ඇල උනා.
සිහිය එන කොට මං හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ. මිසී නෝන කෙනෙක් මට බේතක් විද්ද. දොස්තර මහත්තයෙක් මයෙ ඇඳට එහා මේසෙ පුන්ච ළඟ මොනවදෝ කොලේක ලිය ලියා හිටිය. මයි දකුණු පැත්තෙ ඇඳ තිරේකිං වහල තිඋන. වම් පැත්තෙ ඇඳේ වයසක ගෑනු කෙනෙක් හිටිය. ඊට එහා එකේ පොඩි කොල්ලෙක් තියා ගත්තු ටිකක් තලතුනා අම්ම කෙනෙක් හිටිය.
"ඔහොම හාන්සි වෙන්න" මං නැගිටිද්දි මිසි නෝනා කිඋව.
"මට මොකද උනේ මහත්තෙය?" මං ඇහුව.
"නයෙක් කාල අරං ආවෙ."
"ගැරඬියෙක් නෙවේද මහත්තයෝ?"
"නෑ. ට්‍රැක්ටරෙන් අම්මව ගෙනාපු කට්ටිය සතාව ගෙනාව. ඔය ඉන්නේ." ඇඳ පාමුල බෝතලේකට අත දික් කොරල දොස්තර මහත්තෙය කිඋව.
අනේ, මයි ලොකු පුතා වෙලාවට නිමල්ට ගිහිං කියන්නැත්තෙ. නැත්තං මෙලාකට මං පරලොව. මයි මැණික. රං කඳ. අනේ පාඩං වැඩත් පාඩු වෙන්නැති නිමල් හොයන්න ගිහිං. මට හිතුන.
"සරත් කුමාර මේ අම්මගෙ පුතාද?" ටික වෙලාවකින් දොස්තර මහත්තෙය ඇහුව.
"ඔව්, මහත්තෙය. දෙවෙනියා. ඌ මෙහෙත් ආවද මහත්තයො? ඌට මොළේ නෑ. ඌ මක්ක හරි මහත්තෙයලට කිඋවද?"
"නෑ සරත් කුමාර අපිට මුකුත් කිව්වෙ නෑ. අම්ම කිවුවනෙ සරත් කුමාරට මොලේ නෑ කියල. ඒ වුනාට ඒකට හරි යන්නත් එක්ක කොල්ලට හොඳ හදවතක් නං තියනව. සරත් කුමාර තමයි අම්මව මෙහෙ ගෙනාපු ට්‍රැක්ටරේ අයිති කාරයට පණිවිඩේ දීල තියෙන්නෙ අම්මව සතෙක් කාල කියල. වෙලාවට ඒ කට්ටිය ඇවිත් අම්මව මෙහෙ එක්ක ආවෙ. තව පරක්කු උනානම් අම්මට ගොඩක් අමාරු වෙනව. සරත් කුමාර අම්මට සිහි නැති වෙලා තියෙද්දි අපි බෙහෙත් දෙන කොට අම්මගෙ ළඟටම වෙල හිටිය අඬ අඬා"
"අනේ, මයි රත්තරං පුතා. කෝ මයි පුතා ගෙදර ගියාද?"
"කලබල වෙන්න එපා. අම්මව එක්ක ආපු කෙනා සරත් ගෙදර යන්න බෑ කියල අඬද්දි ගෙදර එක්ක යන්න හදල. ඒ මනුස්සය ට්‍රැක්ටරේ රිවස් කරනකොට සරත් කුමාර ඒක පිටිපස්සේ ඉඳල කරුවලේ පේන්නෙ නැතුව ට්‍රැක්ටරේට හැප්පිලා."
"හත් දෙයියනේ! කෝ මයෙ පුතා?"
"පපුවමයි යට වෙලා තිබුනෙ. අපි උත්සාහ කරා පුළුවන් තරම්. ඒත් බේර ගන්න බැරි උනා. අපිට හරිම කනගාටුයි" එහා පැත්තෙ ඇඳේ තිරේ අදින ගමං දොස්තර මහත්තෙය කිඋව.
මට කවුරු හරි පොල්ලකිං ගැහුව වගෙ දැනුන. මයි පපුව හිර උනා.
"මයෙ පුතේ" මං කෑ ගහ ගෙන ඇඳෙන් බිමට පැන්න. මයි අතේ කටුවට ගහල තිඋන සේලයිං බෝතලේ කනුවත් එකක්ම බිමට පෙල්ලුනා. මං කොල්ලව වහල තිඋන සුදු රෙද්ද ඇද්ද. මට වාවන්නෙ නැතුව ගියා. ඌ ඇස් පියං නිදන් හිටිය. හැමදාම ඇරිල තිඋනු උගෙ කට වැහිල තිඋන. වෙනද කෙල බේරුණු කට වටේ ලේ බේරිල තිඋන. ලේ පෙඟිච්ච කමිසෙ උඩ බැඳපු අත් දෙකේ තැලිච්ච, රතු පාට වෙච්ච අරලිය මලක් තිඋන.
"සරත් කුමාර අන්තිම වතාවට කිව්වෙ අබ්බා..මල් .. කියල . ඒ හින්ද අපි මල අයින් කලේ නෑ. අතේම තිවුව." මිසී නෝන ඈත ඉඳං කියනව මට ඇහුන.
ප.ලි : නො වටිනා හදවත් වලට පවා නො සිතූ මොහොතක වටිනාකමක් ලැබිය හැකිය. එබැවින් එවන් හදකින් වුවද ලැබෙන ආදරය අපතේ නොයවන්න.පෙනෙන නොපෙනෙන ඇය...
පලවෙනි ලෝකයේ රටක
වීදි කොනක ගුලිවී සීතලේ නිදියන
උදෑසන කෝපි කෝප්පයට
ඩොලරයක් ඉල්ලන
ඇය පසු කරන හැම මොහොතකම
හදවත මැද දැවිල්ලක් අල්ලන...
කවර හෝ අපි නොදන්නා කතාවක,
සමහර විට දෙක තුනක,
තැළුනු පෑගුනු ගැහැනියක් වග
මගෙ හිත නිරතුරුව මට කියන...
ඉසුරුමත් ලෝකයක
වීදියක නිදන්නට වීම
ඇගේ වරදක් ලෙසින්
කිසිවිටකත් නොසිතෙන..
සිසිරයේ සීතලද ගිම්හානයේ උණුසුමද
එක ලෙසම ගත පෙළන
ඊටත් වැඩියෙන් තනිකමෙන් සිත පෙලන
ආදරය, සෙනෙහස , උණුසුම් වැළඳගැනීම්
ඇයටත් අවැසි වග
ලෝකයට නොතේරෙන...
රසිකා හෙට්ටිආරච්චි
17/11/2023
(පිංතූරය අන්තර්ජාලයෙන් )"ඔයත් 99 club එකේ member කෙනෙක් ද"
99,club 🤔🤔🤔බොහෝ දෙනෙක් මේ club එක ගැන දන්නවා ඇති.....සමහර විට නොදන්නවා ඇති...මේ කතාව නොදන්න ඔබටයි.
ඔන්න එකෝමත් එක රටක රජකෙනෙක් හිටියා එයා රටේ සංචාරය කරන වෙලාවක දි දැක්කලු එක්ගොවි මහත්තයෙක් කුඹුරු වැඩ කරනවා....එයා බොහොම සතුටින් හිනාවෙවී සිංදු කිය කිය තමයි වැඩ කරමින් ඉදල තියෙන්නෙ ඉතින් මේ රජතුමා කල්පනා කරාලු...මෙයාට කොහොමද මෙච්චර සතුටක්....මෙච්චර බලය ධනය තිබෙන මට නැති සතුටක් මෙයාට කොයින්ද........කියල රජතුමා හෙමින් අර ගොවි මහත්තයාගෙන් අහනවා
"ඔයා කොහොමද ඔච්චර සතුටින් ඉන්නෙ" ගොවි මහත්තයා කියනවා
"අනේ රජතුමනි....මං හරිම පුංච් මනුස්සයෙක්...මගේ අවශ්‍යතා හරිම සීමිතයි.... ඉතින් මට මගේ පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න බොහොම පුංච් දේවල් ටිකක් ඇති.....අද දවසට මටත් මගේ ගෙදර අයටත් අවශ්‍ය කෑම ටික ලැබුනත් මට ඒක සතුටින් ඉන්න කාරණයක්... ඒක නිසා මං සතුටින්"
ඒත් රජතුමා ඒක විශ්වාස කලේ නෑ...රජතුමා ආපසු රජවාසලට ගිහින් තමන්ගෙ ඇමති කෙනෙක් ගෙන් ඇහුවා
".කොහොමද අර අහවල් ගොවියා මටත් වඩාසතුටින් ජීවත් වෙන්නෙ "
ඇමති හිනාවෙලා කියනවා
."ආ....රජතුමනි ඒ ගොවියා 99 club එකේ member කෙනෙක් නෙවෙයි නෙ ඒකයි ඒ"
රජතුමාත් ඉතින් මෙහෙම club එකක් ගැන දැනුවත් නෑ...රජතුමා ට ලොකු ගැටලුවක් .ඇමති රන් කාසි අනූනමයක මල්ලක් ගෙනත් රජතුමා ට දීලා රජතුමා ට කිව්වා
"රජතුමනි දැන් මේ කාසිමල්ල අර ගොවියාගෙ ගෙයි දොරකඩින් තියල වෙන දේ බලන්න "
රජතුමා එහෙම කලා....මේ ගොවි මහත්තයා ගෙදර දොර අරින කොට තිබුනු කාසි මල්ල දැකල පුදුම වුනා ...එයා ඒක ගනින්න පටන් ගත්තා...අපොයි 99 ක්නෙ කොච්චර ගැන්නත් තියෙන්නෙ ඒක වෙන්න බෑ 100 ක් තියෙන්න ඇති එහෙම හිතල එයා රන් කාසිය හැමතැනම හෙව්වා..දවසම හෙව්වත් එයාට තව රන්කාසියක් නම් හොයාගන්න බැරිවුනා..දැන් ගොවිමහත්තයාට හරිම දුකයි.. ...එයා හිතුවා එයා තව රන්කාසියක් උපයාගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියල ඉතින් එයා දැන් මහන්සි වෙලා වැඩ කරනවා...එයාට දැන් ඉස්සර වගේ සිංදු කියන්න වෙලාවක් නෑ...හිනාවෙන්න වත් වෙලාවක් තිබුනෙ නෑ...ඔය අතරෙ එයාගෙ බිරිද රන් කාසි 2 ක් අරගෙන ගෙදරට ඕනි බඩු අරන් තිබුනා....ගොව්මහත්තයට හොදටම තරහයි.....බිරිදට කවදාවත් බැනල නැති ඇයත් එක්ක බොහොම සතුටින් කල්ගෙවපු ගොවි මහත්තයා බිරිදට පළමුවරට හොදටම බැන්නා....එයාගෙ රන් කාසි අඩු වුනාට.....
මේ අතර රජතුමා ට හිතුනා ගොවියා ගෙ තත්වය බලන්න .....රජතුමා හිතුවා දැන් ඉතින් රන් කාසිත් තියන නිසා ගොවියා බොහොම සතුටින් ඇති කියල...රජතුමා ගියා ගොවියා වැඩ කරන කුඹුර ලගට ඒත් ...වෙනදා වගේ සතුටින් වැඩ කරන ගොවියෙක් එතන හිටියෙ නෑ රජතුමා දැක්කා දැන් ගොවියා ඉන්නෙ බොහොම දුකින් කනසල්ලෙන් කියල ..... පුදුම වුනු රජතුමා තමන්ගේ ඇමතිගෙන් අහනවා
"මොකද මේ ගොවියාට වුනේ "
ඇමති හිනා වෙලා කියනවා
"ආ රජතුමනි...දැන් එයත් 99 club එකේ member කෙනෙක් නෙ ඒකයි "
උදේ පාන්දරින් මමත් කහවනු හොයන්න යන්න කඩිමුඩියේ දුවමින් වැඩ කරන වෙලාවක මේ කතාව ඇහුනෙ ගුවන් විදුලි වැඩසටහනකින්.....මේ කතාව ඇහෙද්දී මටත් හිතුනේ වැඩිහිටි අපිත් වැඩිදෙනෙක් මේ club එකේ සාමාජිකයො නේද කියලයි..අපිට බොහෝවිට සතුටු වීමට අපි ලග බොහෝ දේවල් පවතින බව අමතකයි නැති දේ විතරක්ම මතකයි...හරියටම මිරිවැඩිසගලක් නැතුව දුකින් ඉන්න පුද්ගලයෙක් දෙපානොමැති අයෙක් හමුවන තුරුම තමන් සතු දේ අවබෝධ නොවූවාසේමයි...
බොහෝ මහන්සියෙන් කැපවීමෙන් ජීවනමගෙහි පෙනෙන එක් කන්දක් තරණයක් කලාට පස්සෙ පේන තවත් කන්දක් දැක්කම අපිට හිතෙනවා ඒ කන්දත් තරණය කලානම් අපිට සතුට ලැබෙයි....කියල... මේ විදිහට කන්දෙන් කන්ද ... තරණය කරන අතරමග මහන්සියෙන්ම අපි ජීවිතයෙන්ම නික්ම වෙලා යනවා....මා ඔබට මේ කියන්නෙ ජීවිතයේ දියුණුව අභිවෘද්ධිය උදෙසා උත්සහයෙන් කැපවීමෙන් ඉලක්ක කරා නොයා යුතු බවද....නැත ...ඔබ කන්ද තරණය කොට කදු මුහුණත සිට අවට සිසාරා බලන්න....එහෙත් කන්ද දක්වා මාර්ගයේ ඔබට ලස්සන ලස්සන පුංච් දියකඩිති සුන්දරතම මල් අපූරුතම සොඳුරු දර්ශන පිරි මොහොතවල් මගහැරී තිබිය හැකි බව පමණි...ජීවිතය කියන්නෙම මොහොතවල් ගොඩක එකතුවක්....ඉතින් ලැබෙන හැම මොහොතකම තමා සතු දෙයින් සතුටින් සිටිය හැකි නම් කෙතෙක් අගනේද....එසේම තව කෙනෙක්ට සතුට ලබාදෙන්න මැජික් බලයක් ඔබසතුයි....ඒ ඔබේ වචන ඔබේ සිනාවයි......ඔබත් සතුටින් සිට ඔබේ මැජික් බලයෙන් තවත් කෙනෙකු සුවපත් කරන්න.....
.🙏❤ඔබට සතුට පිරි මොහොතක් ❤️🙏ඇඩ්වෙන්චර් ටුවරිසම් ..🏃⛈️⛅⚡🌘🌊🛺
එදා හැන්දෑව ගෙවිල ගියේ කිසිම විශේෂයක් නැතුව.රෑ දහයට විතර ගෙදර වැඩකටයුතු ඉවරකරල බිරිඳ මාලගට විත් පහත් ස්වරයෙන් කියාසිටියේ "මට ඔයා එක්ක කතාකරන්න දෙයක් තියනවා" යනුවෙනි.
කුමක් හෝ ගිනිගෙඩියක් ඔලුවට පහත්වීමට නියම්ත බව ඇය කතා කල පහත් ස්වරයෙන් මම තේරුම් ගතිමි.
"ඔතනින් වාඩිවෙන්නකෝ"
බිරිඳ එසේ පවසත්ම මරාලයක් පාත්වෙනබව සීයට සීයක් ස්ථිර උනා.මොකද ඉතා බරපතල කාරණා ගැන සාකච්චා කරන්නට ඈ පටන්ගන්නේ එම විධානයත් සමග බව මා අද්දැකීමෙන් දන්නා බැවිනි.
මෙවැනි අවස්ථාවල පිලිතුරු දීම ඉතාමත් බුද්ධ |
ිමත්ව කලයුතු කාර්‍යක්.
විශේෂයෙන් බිරිඳට බොරුවක් වැනිදෙයක් කර ඇති විටෙක.
මන්දයත් බිරිඳ ප්‍රශ්ණ කරන්නට පටන් ගන්නේ ඒ පිලිබද සියලූම දත්ත තොරතුරු රහසේ රැස්කරගැනීමෙන් අනතුරුවය.
එය වටහානොගෙන බොරුකීමට යෑමෙන් අතේ කෝට්වී වැඩේ අච්චාරුවක් බවට පත්වී නිතැතින්ම වරදකරු බවට පත්වීමට සිදුවේ.
එකෙන් දෙකෙන්ම එන්නේ මොකාටදැයි තේරුම් ගෙන ගැලවීමට නොහැකි දෙයක්නම් වරද කල බව පිලිගෙන සමාව ඉල්ලා බිරිඳගේ අත්හිටවූ සිරදඬුවමකට යටත්වන එක හැම අතින්ම සැපදායකය.
" හරි මට මේක කියන්න ඔයා සුද්දියෝ එක්ක ටුවර් යනවනේ නිතරම. ඒ වගේ ඔයාගෙ යාලුවොත් උං එක්ක යනවනේ.. ඔය ගයිඩ්ල සුද්දියෝ එක්ක නිදාත් ගන්නවද ?"
"ඒ මොන විකාර කතාවක්ද.? මම ඕකුං එක්ක නිදාගන්න ගිහිල්ල නෑ පිස්සුද.?"
"ඔයා ගැන නෙමේ මම ඇහුවේ අනිත් අය ගැන ඔයා කුලප්පු වෙන්නෙ ඇයි"
"එහෙම වෙනවත් ඇති ඉතිං මං දන්නෑ"
"එතකොට ඔය සුද්දියන්ට සමාජ රෝග එහෙම තියනවලුවනේ ගයිඩ්ලටත් හැදෙනවනේ"
"ඒව ඉතිං මම දන්නෙ නෑ"
"හරි එහෙම කරන ගයිඩ්ලත් ඉන්නවනං කොහොමද ඒ දේවලින් ආරක්ශාවෙන්නේ"
මොන මගුලකටද අද මේ ගෑනි එන්න හදන්නේ කියල මට හිතාගන්නම බැරි උනා.
"මං දන්නෙ නෑ හලෝ එහෙම කොරන උං කොන්ඩම් එකක් පාවිච්චි කරනව ඇති ඉතිං"
මම කේන්තියෙන් කියා දැම්මෙමි.
මෙවැනි ප්‍රශ්න කිරීම් වලදී බිරිඳ හිතාගන්නත් බැරි තරමට සන්සුන්වේ මට භීතිය ඇතිකරන්නේද එයමයි.
"හරි එතකොට ගයිඩ්ල නිතරම තමන්ලග කොන්ඩම් තියාගන්නවද"
"තියාගන්නව ඇති තියාගන්නව ඇති. ඕන උං ඒව ලග තියාගන්නව ඇති.
දැං තමුසෙ මගෙන් මොකද මේව හාර හාර අහන්නෙ..."
"අහන්නෙද අහන්නෙ තමුසෙගෙ පර්ස් එක ඇතුලෙ කොන්ඩම් පැකට් එකක් තිබ්බා.මේ සැරේ ගියෙත් සුද්දියෝ දෙන්නෙක් එක්කලනෙ"
"වෙංඩ බෑ වෙංඩ බෑ කව්රු හරි විහිලුවට දැම්මද දන්නෙ නෑ"
"විහිලුවට දාල තමුසෙගෙ පර්ස් එකට.අනේ මගෙ කට "
පැකට් එක කඩලා ඒකෙන් එකක් පාවිච්චිත් කරලා දෙකයි තියෙන්නේ මේ බලනවා"
බිරිඳ මගේ පසුම්බිය ගෙනහැර පාන්නට විය.එතන කඩා එකක් ඉවතට ගත් කොන්ඩම් පැකට් එකක් විය.
"දැං එතකොට මේව තමුසෙගෙ නෙමෙයි"
"නෑ නෑ ඕයි මගෙ නෙමෙයි මට මොකටද කොන්ඩම්"
"ආ තමුසෙ බබා දන්නෙම නෑ මොකටද කොන්ඩම් කියල"
මම වික්ශිප්ත භාවයට පත් උනෙමි.
අඩියක් පසුපසට ගත යුතුයැයි මට වහා අවබෝධ විය.
"මේ බලන්න මෙතන මොකක් හරි අව්ලක් අපි දෙන්න මරාගෙන හරියන්නෙ නෑනෙ.කලබල නොවී මේක විසදගම්මුකෝ"
"අනේ යනව යංඩ වනචරයා,ඕක තමයි බාගෙට හෙලුවැලි පින්තූර ෆේස්බුක් එකේ දාගෙන කරන්නෙ.කතාව බෝදිසත්වයෝ වගේ මට ලමයි දෙන්නවත් හදාගංඩ බැරිවෙනව තමුසෙ හිංද" කියමින් ඈ ගස්සාගෙන යන්නට ගියාය.
මේ පාත්වුන ගිනිගෙඩිය කුමක්ද.කොන්ඩම් පැකට් එකක් මගේ පර්ස් එකට ආවේ කොහොමද..?
මේ කැලල මකා ගැනීම ලේසි පහසු නැත.ඒකට තව අව්රුදු කීපයක්වත් ගතවන බව බිරිඳ ගැන හොදින් දන්නා මට සක්සුදක් සේ පැහැදිලිය.ඇත්තටම මේ කොන්ඩම් පැකට් එක කාගෙද..?
මම මනස උපරිම වෙහෙසවමින් මතකය හාරා අව්ස්සා බැලුවෙමි.
ටික වේලාවකින් මට එය මාගේ පසුම්බියට පැමිණි ආකාරය මතකයට නැගිණි.
මම මීට මාසයකට හමාරකට පමණ පෙර ජනප්‍රිය විදෙස් රූපවානිනී නාලිකාවක මිනිසෙක් කඳු හෙල් තරණය කරමින් වනයේ ජීවත්වෙමින් ඉදිරිපත්කරන වැඩසටහනක් නරඹමින් සිටියෙමි.ඇඩ්වෙන්චර් ටුවරිසම් වල යෙදෙන මම වෙවැනි වැඩසටහන්වලට ප්‍රිය කලෙමි.
එම මිනිසා ගඟක් තරණය කිරීමට පෙර ඔහුගේ ජංගම දුරකතනය කොන්ඩම් එකක් ගෙන එය තුලට බහා ගැටයක් ගසමින් එය විස්තර කරනු ලැබිණ.
"ඔබ ගඟක් තරණය කරන විට හෝ වැස්සක ගමන් කරන විට විශේෂයෙන් ජංගම දුරකතනය කොන්ඩමයක බහාලීමෙන් එය ඔබට ජලයෙන් ආරක්ශාකරගත හැකියි යනුවෙන් පැවසීය"
ඇත්තටම ඒක මාර වැඩක් මෙච්චර කල් මම වැස්සට සහ ඇල දොලවල් හරහා යනකොට කලේ ෆෝන් එක ප්ලාස්ටික් බෑග් එකක් ඇතුලට දාල ගැටගහපු එක හැබැයි ඒක සාර්ථක උනේ නෑ.එකපාරක් සීගිරි ගල මුදුනෙදි අනෝරා වැස්සකට මාව කොටුවෙලා හොදටම තෙමිල ප්ලාස්ටික් බෑග් එක ඇතුලට වතුර ගිහින් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකත් ගියා.
මේ කොන්ඩම් ක්‍රමය වඩා සාර්ථක බව මට තේරුම් ගියා.
මා සංචාරක මාර්ගෝපදේසකයෙකු වශයෙන් වැඩකරන ආයතනයේ වැඩිවශයෙන් කරනුලබන්නේත් ඇඩ්වෙන්චර් ටුවරිසම් ඉතින් නිතරම කඳු හෙල් අතර ඇවිදින්න වෙනවා.
මමත් ඒ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න කොන්ඩම් පැකට් එකක් අරං පසුම්බියේ ලා ගත්තා.
මගේ හිතවත් ටුවරිසම් කරන තරුණ කොල්ලන්ටත් කොන්ඩම් එකක් ලග තියාගනිල්ලා කිව්වාම උං කීවෙ ආ අපි ගාව බඩු තියනවා කියලා.උනුත් ඒ පෝග්‍රෑම් එක බලල ඇති කියලයි මම හිතුවෙ.
පහුගිය මාසෙ ටුවර් එකකදි වැස්ස දවසක හෝර්ටන් තැන්නෙදි එක කොන්ඩම් එකක් පාවිච්චිකලා ෆෝන් එක වැස්සෙන් ආරක්ශා කරගන්න. ඒක හරියටම හරියන නියම වැඩක් සියේට සීයක් සාර්ථක උනා.ඉතිරි දෙක තමා නෝනට අහු උනේ.
නිදාගන්න ඇඳට ගියාම කේන්තියෙන් පුපුර පුපුර හිටපු නෝනට මම කිව්වා මට මතක් උනා අරක ආපු විදිහ.මෙන්න මේකයි උනේ කියල ඇත්ත විස්තරේම කිව්වා..
"ඔයා දන්නවනෙ මං ඇඩ්වෙන්චර් ටුවරිසම්නෙ කරන්නෙ කොන්ඩම් පැකට් එක ගත්තෙ ඒකයි"
"ඕව ගිහින් කියනව වෙන උංට තමුසෙ එක්ක ආවනිසා තමුසෙ හිතන්නෙ මං මෝඩයි කියලද.."
"මං එච්චර මෝඩ නෑ..දැන් ටිකකට කලිං කිව්ව මගේ නෙමේ දන්නෙ නෑ කියල දැං ලස්සන බොරුවක් ගොතාගෙන එනවා මාව ආයෙත් රවට්ටන්න.
තමුසෙගෙ කෙරුවාවල් මම දන්නවනේ ආව මෙතන ඇඩ්වෙන්චර් මගුලක් කියවන්න මොන ලෙඩ හදාගෙනද දන්නෙ නෑ ඉන්නෙ" යැයි කියමින් මම කෙරූ නොකෙරූ දේවල් ගැන චෝදනා රාශියක් එක දිගට එල්ල කරන්නට වින.
"මට තමුසේ අප්පිරියයි හලෝ" කියමින් බෙඩ්ශීට් එකද ගෙන නිදාගැනීම සදහා ඇය අල්ලපු කාමරයට පියනැගීය.
ඊට පසුවදා තත්වය තවත් දරුණු විය.මා නින්දේ සිටියදී බිරිඳ විසින් මාගේ පිට හරහා මුලුතැන් ගෙයි පාවිච්චි කරන රෝලින් පින් එකෙන් වැරෙන් වේගවත් පහරක් එල්ලකරන ලදී.
දරුණු වේදනාවක් ගෙන ආ එම සිද්දියෙන් පසුව නැවත පහරදීමක් සිදුනොවූවත් සතිදෙකක් පුරා මාහට හරිහමන් නින්දක් නොවූයේ කේන්තියෙන් වියරු වැටී සිටින බිරිඳ විසින් මාගේ රහසඟ කපා දමාවියැයි මා හට ඇතිවූ බිය නිසාය.
දැං මේ සිද්දිය වෙලා මාස අටක්. එදාසිට දරුවන් නොමැති වේලාවල් බලා හිටපුගමන් කේන්තියෙන් අතට අසුවන දෙයින් මට දමා ගැසීම ඇය තාමත් නවතා නැත.
මුලින් මුලින් එය එතරම්ම දරුණු නොවූයේ බොහෝවිට ඈට දමාගසන ඉලක්කය වැරදුනු බැවිනි.
නමුත් මේ වෙනකොට ඇති ලොකුම ගැටලුව නම් මාස ගනනක් ලැබූ පුහුනුව නිසා දැන් දැන් ඒවා නියමිත ඉලක්කයටම පතිතවීමයි....😔
© Dhammika Wickramaarachchiමේක මම කාලෙකට කලින් ඉංග්‍රීසියෙන් ලියපු කතාවක්. ඊයේ Sanka අයියගෙ Night Mail කියෙව්වට පස්සෙ හිතුනා ඒකට සිංහල අනුවර්ථනයක් කරන්න.
ඒ 1998 වසරේ අග බාගයයි. මල් කිණිති පීදෙන උණුසුම් සැප්තැම්බරයේ දිනක උදෑසනින්ම මා නිවසෙන් පිටවූයේ මා රැකියාව කරන පත්තර කන්තෝරුව වෙත හැකි ඉක්මනින් යාමේ අටියෙනි. ඒ සිකුරාදා දිනයක් වූ නිසාමද කොහෙදෝ මාගෙ ගමනේ වෙනදා නොතිබූ උද්යෝගයක් වූ බව වැටහී අනායාසයකින් ගලා ආ සිනා රැල්ලක් මාගේ මුවගේ රැදී තිබුණි. මීට වසර 5කට පමණ පෙර ඔටාගෝ විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට ලංකාවෙන් පිටවූ දින සිටම නවසීලන්තයේ ඩුනීඩන් නගරය මාගේ නිවහනවී තිබිණ.
විශ්වවිද්‍යාල සිසුන්ගෙන් පිරි දුම්රියට ගොඩවූ මා දොරටුව අසලින්ම රැදී සිටියේ මීලග නැවතුම්පොළ මාගේ ගමනාන්තය වූ හෙයිනි. ඉක්මන් ගමනින් එහෙ මෙහේ දුවන මිනිසුන් පිරි කාර්්‍යබහුල ඩුනීඩන් දුම්රියපොළින් බැසගත් මාද ඔවුන් අතරට එකතුවූයේ ඉක්මනින්ම ඇන්සැක් චතුරශ්‍රයට පිවිස මා රැකියාව කළ ‘ඔටාගෝ ඩේලී ටයිම්ස්’ වෙත යාමේ අටියෙනි.
නමුත් මාගේ ගමන නතර කරවූයේ ඉක්මන් ගමනින් යන මිනිසුන් අතරේ දුම්රිය පොළෙහි කෙළවරක නිසොල්මනේ බිම වැතීරී සිටින කළු පැහැති පිරිමි මුදල් පසුම්බියකි. ක්ෂණයෙන් එය අහුලාගත් මා වටපිට බැලුවේ පසුම්බියෙහි අයිතිකරු ඒ අසලක සිටිනවාදැයි සෙවීමට මෙන්ය. එය ‘ආර් එම් විලියම්ස්’ වර්ගයේ වටිනා ලෙදර් පසුම්බියක් ය. පසුම්බිය තුළ කොළ කැබලි කිහිපයක් හා හැදුනුම්පතක් හැරුණුකොට වෙනත් කිසිවක් නොතිබූ අතර මා ‘ස්ටුවර්ට් වීදීය’ ඔස්සෙ පරත්ත කන්තෝරුව දෙසට පියනගන අතරතුර එහි තුල වූ හැදුනුම්පත පිරික්සන්නට විය. නමින් ‘හෙමිශ් ඉයන් කැම්ප්බෙල්’ නම් වූ හැදුනුම්පතෙහි අයිතිකරු වයස 42ක කඩවසම් පුද්ගලයෙකි. හැදුනුම්පතෙහි වූ ඔහුගේ ඡායාරූපය දුටු විගස මට සිහියට නැගුණේ කුඩා මා නැරඹූ ‘දි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන්’ කතාවේ සිටි ‘බෙන් තෝමස්’ ය.
‘19, කැම්ප්බෙල් ටෙරසය, ට්‍රීප්වුඩ්, ලේක් හේස් 9371, ක්වින්ස්ටවුන්’
ඩුනීඩන් නගරයෙන් කිලෝමීටර් 250කටත් එහායින් වූ ‘ක්වීන්ස්ටවුන්’ නගරයෙහි ලිපිනයක් එහි සටහන් වී තිබුණි. පසුම්බිය තුළ වූ කොළ කැබළි කිහිපය අතර තිබූ එක් විශේෂ දෙයක් මා ඇගිලි තුඩු අතර නතර විය. ඒ හතරට නැමූ දුර්වරණ වී ගිය ඡායාරූපයකි. පසුම්බියෙහි අයිතිකරු වූ හෙමිෂ් සමග තවත් කඩවසම් තරුණයෙකු ඒ තුළ විය. පෙනුමේ හැටියට එය මීට වසර කීපයකට පෙරගත් සේයාරුවක් විය යුතුය. සේයාරුව මත ලියා තිබූ තිබූ වචන කිහිපයක් මත මගේ හදවත එකවර නතර විය.
‘In Loving Memory of Mitch’
කාගේ හෝ අහිංසකයෙකුගේ මුදල් පසුම්බියක හොරකම් කරගෙන එහි තුල වූ වටිනා දෑ රැගෙන එය විසිකළ ගැටකපන්නාට හෙණ ඉල්ලමින් මා පත්තර කන්තෝරුවට ගොඩ විය.
සුපුරුදු පරිදි රාජකාරි කටයුතු වල යෙදීමට උත්සාහ කලද බිම තිබී හමුවූ පසුම්බිය දවස පුරාවටම මගේ සිත තුල හොල්මන් කරන්නට විය. මෙය කෙසේ හෝ අයිතිකරුට නැවත දිය යුතු බව මගේ සිත මාත් සමගම සටන් කිරීමට පටන් ගෙන තිබුණි. එම සටනින් පැරදුණු මා බොහෝ පරිශ්‍රමයකින් පසුව ඔහුගේ හැදුනුම්පතෙහි වූ ප්‍රදේශය බාර තැපැල් කන්තෝරුවට ඇමතුමක් ලබාගත්තේ ඔහුව සම්බන්ධකරගත හැකි මාර්ගයක් සොයා ගැනීමේ අදිටනෙනි. නමුත් ඉන් කිසිදු වැදගත් තොරතුරක් සොයාගැනීමට මා අපොහොසත් විය.
රාජකාරී අවසන් වීමෙන් පසු මාගේ මිතුරන් සමග ‘බ්‍රොන්ක්ස් ක්ලබ්’ වෙත පැමිණියේ සිකුරාදා රාත්‍රීයේ අනිවාර්ය අංගයක් වූ මත්පැන් වීදුරුවක් බී ඇග උණුසුම් කරගැනීමටය. නමුත් හිත තුල හො |
ල්මන් කරනා පසුම්බියෙන් ඒ කටයුත්තට බාධා එල්ල කරන්නට විය. කෙසේ හෝ සිකුරාදා දිනය ඉවර වූයේ මාගේ මුරණ්ඩු සිත මා පරදවා සති අන්ත නිවාඩු දිනයක් වූ හෙට දිනයේ‘ක්වින්ස්ටවුන්’ වෙත ගොස් පසුම්බිය එහි අයිතිකරුට ලබා දීමට දැඩි තීරණයක් ගැනීමෙන් අනතුරුවය.
‘ක්‍රීංංංංංංංංංං’ පුරුද්දක් වශයෙන් සෙනසුරාදා දින වලදී දහවල් වනතෙක් නිදාගැනීමට පුරුදු වී සිටි නින්ද බෙහෙවින් ප්‍රියකල පුද්ගලයෙක් වූ මා උදෑසන 6ට අවදි වූයේ කලින් රාත්‍රියේ අටවා තැබූ ‘එලාම්’ ඔරලෝසුවේ නාදයෙනි.
මා රැගත් බස් රථය මුහුදුබඩ ඩුනීඩන් නැවතුම්පලේ සිට රට මධ්‍යට ගමන් අරඹන විට ඔරලෝසු කටුව අටේ කනිසම මත සටහන්වී තිබුණි. පැය 6ක ගමනක් වූ මෙය නවසීලන්තයේ දකුණු දූපතේ සොබා අසිරිය මනාව විදගනිමින් දිවෙන එකකි. පැය කිහිපයක නින්දකින් පසුව මා අවදිවන විට ඈතින් දකුණු ඇල්ප්ස් කදුවැටිය දර්ශණය වන්නට විය. මාගේ ගමනාන්තයට ලං වන විට දහවල් 2 පමණ වී තිබුණි. ‘ක්වීන්ස්ටවුන්’ ඉතා සුන්දර විල් නගරකි. නවසීලන්තයේ තුන්වනුවටම විශාල විල වන සුන්දර ‘වකටීපූ’ විල වටා මෙම නගරය ඉදවී තිබුණි. බස් නැවතුම්පළේ සිට හේමිෂ් ගේ නිවස පිහිටි කුඩා නගරයට යාම සදහා තවත් බස්රථයක් ගත යුතුය.
කොතරම් සුන්දර නගරයක් වුවද, ‘වකටීපු’ විල් ජලය පිස හබා එන සීතල සුළග මටම තේරුම්ගත නොහැකි මහා මූසල හැගීමක් ජනිත කරන්නට විය. ක්වීන්ස්ටවුන් නගරයේ සිට ‘ලේක් හේස්’ වෙත යන අතරතුර දහසක් ප්‍රශ්න මා සිත තුල පැන නගින්නට විය.
‘මා මේතරම් දුර පැමිණියත් ඔහු නිවසේ සිටීද?’
‘ලිපිනය ඩුනීඩන් වල සිට සැතපුම් ගණනාවක් ඈතින් තිබුණද ඔහු ඩුනීඩන් වල පදිංචි කරුවෙකු විය නොහැකිද?’
‘ඔහු නිවසේ සිටියහොත්, පසුම්බිය හොරාගත් පුද්ගලයා මා ලෙසට වරදවා වටහා ගනීවිද?’
දහසක් සිතුවිලි අතර මා අතරමංව සිටිනා අතරතුර බස් රථය හෙමිහිට මගේ ගමනාන්තය වෙත ලගා වී තිබුණි. බස් රථයෙන් බටමා හට ඔහුගේ ලිපිනය සොයා ගැනීමට අපහසු නොවූයේ ගරා වැටුනු බෝඩ් ලැල්ලක කැටයම් කර තිබූ ‘කැම්ප්බෙල් ටෙරසය’ මගේ නෙත ගැටුනු බැවිනි. රෑස්ස ෆයිනස් ගස් මැදින් දිවෙන පෞද්ගලික පාරක් ඔහුගේ නිවස දෙසට වැටී තිබුණි. එය විශාල ෆයිනස් වත්තක් මැද පිහිටි පැරණි තාලයේ සුවිසල් නිවසකි. ඔහු ප්‍රදේශයේ ධනවත් පුද්ගලයෙකු විය හැකි බවට ඉන් සාක්ෂි සැපයූවද ඔහු නිවාස අලුත්වැඩියාව සදහා මුදල් වැය කිරීමට අකමැති පුද්ගලයෙකු වන්නට හැකි බව සිත කීවේ කලකින් අලුත්වැඩියා කර නොතිබූ නිවස මගේ හිත තුල වූ මූසල හැගීම් දෙගුණ තෙගුණ කල බැවිණි.
සිව් වරක් පමණ තට්ටු කිරීමෙන් පසු නිවසේ ප්‍රධාන ලී දොරටුව කිරි කිරි හඩ නගමින් විවර වුයේ ඇගේ රෝම කූප පවා සලිත කරවමින්ය. විවර වූ දොරටුවෙන් එළියට ආ හිසකෙස් තරමක් ඉදී ගිය මැදිවියේ පුද්ගලයෙකි.
‘මේ මිස්ටර් හේමිෂ් කැම්ප්බෙල්ගෙ ගෙදරද?’
‘ඔව්, ඒ මම තමයි, ඇයි මොකක්ද කාරණාව?’ නළල මතට නැගුණු රැළිත් සමග මා දෙස සුපරික්ෂාකාරීව බලන ගමන් ඔහු ඇසීය.
‘මහත්මයාගේ මුදල් පසුම්බිය ඊයේ ඩුනීඩන් දුම්රියපළේ බිම තිබිලා මම අහුලා ගත්තා. ගන්න විටත් මුදල් හෝ වෙනත් වටිනා දෙයක් ඒ තුල තිබුණේ නෑ. නමුත් පසුම්බියේ තිබූ අනෙකුත් දේ ඔබට වටිනා බව හැගුනු නිසාවෙන් එය ඔබට බාරදීමට සිතුවා. හැදුනුම්පතේ තිබුනු ලිපිනය තමයි පාර පෙන්නුවේ.’
එක හුස්මට මම කියවන අතර ඔහුගේ මුහුණේ වූ හැගීම් කෙමෙන් කෙමෙන් වෙනස්වන අයුරු මා දුටුවේය.
‘ඔබ මේ පසුම්බිය රැගෙන ඒ තරම් දුරක් පැමිණියාද?’ පසුම්බිය අතට ගන්නා අතර විමතියෙන් විසල් වූ දෙනෙතින් යුතුව ඔහු ඇසුවේය.
එයට මා ප්‍රතිචාර දැක්වූයේ මද සිනහවකිනි.
‘ඇතුළට පැමිණ අසුන් ගන්න. දුර ගමනක් නොවැ ඔබ පැමිණියේ’
‘ඔබ තවමත් ඔබගේ නම මට පැවසුවේ නෑනේ’ මා ඔහුත් සමගම සුවිසල් නිවස තුලට යන අතරතුර ඔහු මගෙන් විමසීය.
‘මගෙ නම රමිත’
‘රමිත ඔබ වැනි තරුණයෙකු අදුනා ගැනීම සතුටුටක්. ඔබට කොහොම ස්තූති කළ යුතුද කියා මට තේරෙන්නෙ නෑ. ඔබ මට කළේවිශාල උපකාරයක්. මම බොහොම කනස්සල්ලෙන් හිටියේ පසුම්බිය නැතිවීම ගැන. මුදල් වලට වඩා වටිනා බොහෝ දේ එතුල තිබුණා. නැවත වාරයක් මා ඔබට ස්තූති කරනවා.’ හේමිෂ් පැවසීය.
------------
‘පසුම්බිය තුළ පරණ සේයාරුවක් තිබුණා’ කැරට් කේක් කැබැල්ලක් සමග උණුසුම් තේ කෝප්පයක් තොලගාන අතරතුර මා කතාවට මුළ පිරුවේය.
හිස් බැල්මකින් යුක්තව මා දෙස ස්වල්ප මොහොතක් බලා සිටි ඔහු දිගු හුස්මක් පිට කර ‘ඒ මගේ මිතුරා. අපි දෙදෙනා මේ නිවසේ එකට ජීවත් වුණේ’. යැයි පැවසීය.
ඒ පිළිබදව නැවතත් නෑසිය යුත බව ඔහුගේ මුහුණේ වූ ඉරියව් වලින් මා හට වැටහුණි.
නොදැනීම සවස 6ත් වී තිබුණි, නැවත ඩුනීඩන් බලා පිටවීමට අසුනෙන් නැගී සිටි මා ඒ පිළිබදව ඔහුට පැවසීය.
‘දැන් හොදටම හවස් වෙලා, ඔබට මේ රෑ නැවත ගමන් කිරීම අපහසු වේවී. අද මෙහි නවාතැන් ගෙන හෙට උදෑසනින්ම පිටවෙන්න. මට කරපු උපකාරයට ඔබට ප්‍රතිඋපකාර කිරීමට මට ඉඩ දෙන්න’ ඔහු පැවසීය.
අකමැත්තෙන් වුවත් එය වඩා නුවණට හුරු දෙයක් බව වැටහු හෙයින් මම ඔහුගේ ආරාධනාව බාර ගතිමි.
ඔහු රාත්‍රී ආහාරය පිළියල කරනා අතරතුර මා ආලින්දයේ සක්මන් කරමින් සිටියෙමි. ගිණි උදුන දෙපස බිත්තිය පුරාවට රාමු කර එල්ලූ දූවිලි වැදුනු පින්තූරූ රාශියකි. ඉන් බොහෝමයක ඔහුත්, ඔහුගේ පසුම්බියහි වූ සේයාරුවෙහි උන් මිතුරාද විය. නිවස තුළ එකදු මෙහෙකරුවෙකු හෝ දුටු බවක් මාගේ මතකයේ නැත. මේතරම් විසල් නිවසක එකදු මෙහෙකරුවෙකු හෝ නොමැතිව මොහු ගෙවනා හුදකලා ජීවිතය ගැන මා පුදුම වෙමින් රාත්‍රී නින්දට වැටුණි.
උදෑසනින්ම මා අවදි වූයේ හිතට වද දුන් රාජකාරිය අවසන් කර ඩුනීඩන් බලා නැවත පිටත් වීමටය. උදෑසන ආහාර රැගෙන හේමිෂ් ට සමුදී නිවසින් පිටත් වීමට සැරසෙන විට,
‘ඔබට මා වෙනුවෙන් තවත් එක් උපකාරයක් කළ හැකිද?’ කුඩා පාර්සලයක් අතැතිව පැමිණි ඔහු මගෙන් විමසීය.
‘කුමක්ද?’
‘ඔබට හැකි වේවිද මේ පාර්සලය මා වෙනුවෙන් ඩුනීඩන් වල සිටින මගේ මිතුරෙකු හට බාර දීමට?’
‘අනිවාර්යයෙන්ම මම එය කරන්නම්’ මම පසුගිය විමතියෙන් පැවසුයේ සිකුරාදා දිනත් ඩුනීඩන් වල සිටි මොහුට මේ හදිසියේම මිතුරෙකුට පාර්සලයක් ලබා දීමට ඇති වුවමනාව කුමක් විය හැකිදැයි කල්පනා කරමිනි.
නැවත ඩුනීඩන් පැමිණි දිනෙක මා මුණ ගැසීමට පැමිණිමට ඔහුව පොරොන්ද කරගෙන ඔහුගෙන් සමුගත් මා ගමන් ආරම්බ කළේය. සවස් වන විට බස් රථය මා විසූ ඩුනීඩන් වෙත පැමිණියේය. ගමනේ වෙහෙස නොතකා මම හේමිෂ් ලබා දුන් පාර්සලය අතට ගත්තේ එම රාජකාරියත් ඉවර කර නැවත නිවසට යෑමේ අටියෙනි. පාර්සලය මත ‘ක්‍රිස් හොප්කින්ස්’ යන නමට ‘ස්මිත්’ වීදියේ නිවසක ලිපිනයක් සදහන් වී තිබුණි.
ලිපිනයෙහි සදහන් නිවස වෙත මා පැමිණෙන විට සවස 3 පමණ වී තිබුණි. එහි වූ රත් පැහැති දොරන් එළියට ආ පුද්ගලයා දුටු මට ඇස් අදහාගත නොහැකි විය. ඒ අන් කිසිවෙක් නොව, මා මෙතෙක් මිය ගොස් ඇතැයි අනුමාන කල හේමිෂ්ගේ පසුම්බියෙහි වූ සේයාරුවෙහි උන් ඔහුගේ මිතුරාය.
‘ඇයි? කුමක්ද කාරණාව?’ විමතියෙන් මෙන් ඔහු දෙස බලා සිටින මගෙන් ඔහු විමසීය.
‘ඔබ ක්‍රිස් හොප්කින්ස්ද?’
‘ඔව්, ඒ මම තමයි’
‘සමාවෙන්න, ඔබගේ මිතුරා හේමිෂ් කැම්ප්බෙල් මේ පාර්සලය ඔබට දෙන ලෙස පැවසුවා.’ මා වහා පියවි සිහියට පැමිණෙමින් පැවසීය.
නමුත් මා පැවසූ දෙයින් පසු ඔහුගේ මුහුණ අදුරු වන බව මට වැටහිණි.
‘හේමිෂ් මෙය දෙන ලෙස පැවසුවා? ඔබ මා සමග විහිළු කරනවද? එය කෙසේවත් විය නොහැක්කක්.’ තරමක් කෝපය මුසු වූ හඩකින් ඔහු පැවසීය.
‘නෑ මහත්මයා, මෙය ඔබගේ මිතුරා විසින්ම මා අතට ලබා දුන් පාර්සලයක්. පසුගිය දිනක ඩුනීඩන් දුම්රියපළේ වැටී තිබී හමුවූ ඔහුගේ පසුම්බිය නැවත ලබා දීමට ‘ක්වීන්ස්ටවුන්’ හි පිහිටි ඔහුගේ නිවසට ගිය මොහොතේදී තමයි ඔහු මට මෙය ලබා දුන්නෙ.’ මා ඔහුට පැවසුවෙමි.
‘එය කිසිසේත්ම විය නොහැකි දෙයක්. Mitch මිය ගොස් දැනට අවුරුදු 3ක් පමණ වෙනවා. ඉන් පසු මම ඩුනීඩන් හි පදිංචියට පැමිණියා. ඔහුගේ පසුම්බිය තිබුණේ මගේ සන්තකයේ. නමුත් පසුගිය දිනක කවුරුන් හෝ එය මගේ බෑගයෙන් සොරාගෙන තිබුණා. ඔබට Mitch ව අපගේ පැරණි නිවසේදී හමුවීමට කිසිසේත්ම ඉඩක් නෑ මහතමයා.’ ඔහු පැවසූ දෙය ඇසූ මාගේ කොදුනාරටිය තුළින් සිහින් විදුලියක් ගමන් කරනු මට දැනුණි.
‘එතකොට ඒ පසුම්බිය ඇතුලේ තිබූ හමුවූ සේයාරුවේ තිබු In Loving Memory of Mitch කියන්නෙ…..’
‘ඔව් මහත්මයා, Mitch කියන්නෙ මම ඔහුට කතා කළ කෙටි නම. ඔහු මියගොස් දැනට අවුරුදු 3ක් පමණ වෙනවා.’ මගේ පැණය අසා නිම කිරීමට පෙර ඔහු පැවසීය.
මට මේ කිසිවක් අදහාගත නොහැකි විය. පෙරදින රාත්‍රියේ අප දෙදෙනා කතා කල කී දේ චිත්‍රපටයක් මෙන් මගේ හිස තුල දිගහැරෙන්නට විය, ඒ සිනහවන්, ඒ කතා, ඒ උණුසුම් තේ කෝප්පය, ඒ රාත්‍රී ආහාර වේල, නැවත ඩුනීඩන් පැමිණි පසු මා මුණ ගැසීමට දුන් පොරොන්දුව මේ සියල්ලක්ම මාගේ හිතේ මැවුණු දේවල්ද? එසේ නම් මා අත තවමත් ඇති මෙම පාර්සලය කුමක්ද? මොහොතක් ක්‍රිස් දෙස බලා සිටි මා, මා අත තිබූ පාර්සලය දිග හැර බැලුවේ පිළිතුරක් සොයන අරමුණෙනි. නමුත් ඒ තුළ තිබී මට හමුවූයේ ඒ කළු පැහැති පසුම්බියමය.
මගේ අත් පසුම්බියේ සීතලට පිළිස්සෙනවාක් මෙන් දැනුන හෙයින් මා එය බිමට අතහැර ඔහුගේ නිවසින් පිටතට දිව ගියෙමි. එලෙසින් දුම්රියපළෙහි තිබී හමුවූ පසුම්බිය ඇසූ කිසිවෙකු පිළිනොගන්නා නමුත් මා ජීවත්වන තාක් කල් කිසි දිනක අමතක නොවන කතාන්දරයක් ඉතුරු කරමින් මගෙන් දුරස් විය.ඔන්න යාලුවනේ එක කැලේක හිටියා කම්මැලි වඳුරෙක් සහ කඩිසර ලේනෙක්,
මේ දෙන්නා හරිම යාලුවෝ,
දෙන්නම හැමදාම හම්බෙලා බොහෝම සතුටෙන් කතා බහ කර කර ඉන්නවා සහ පළතුරු හොයන් කනවා,
"ලේන් යාලුවේ ලේන් යාලුවේ,
ඔයා මොනවද මේ කනවට අමතරව හැමදාම කෑම අරන් යන්නේ?"
වඳුරු යාලුවා ඇහුවා,
"වඳුරු යාලුවේ වඳුරු යාලුවේ,
ඉස්සරහට ශීත කාලයක් එනවා,
එතකොට මේ ගස් වැල් වල පළදාව හිඟ වෙනවා,
අපිට කන්න කෑම නැති වෙනවා,
එතකොට කන්න තමයි මම මේ ගබඩා කරන් ඉන්නේ"
කියලා ලේන් යාලුවා කිව්වා,
වඳුරු යාලුවා කලේ හිනා වෙවී කකා බිබී හිටිය එක,
ඒත් ලේන් යාලුවා කලේ පුලුවන් තරම් කෑම රැස් කරගත්ත එක,
ලේන් යාලුවා සමහර වෙලාවට හරියට කුසට අහරක්වත් නොගෙන ආහාර එකතුකරමින් ශීත කාලයට සූදා |
නම් වුණා,
"අනේ අනේ ලේන් යාලුවේ,
බලන්න ඔයා මහන්සිවෙන තරම?,
ඔයාටත් පුලුවන්නෙ මම වගේ නිදහසේ ඉන්න කාලා බීලා"
"ඔයාට තේරෙයි ශීත කාලේ ආවාම වඳුරු යාලුවේ,
මම මේ දැන් මහන්සි වෙන්නේ ශීත කාලේ සතුටින් ඉන්න තමයි වඳුරු යලුවේ"
ලේන් යාලුවා බොහෝම හොඳින් කිව්වා,
"ලොකු ශීත කාලයක් තියන එකක් නෑ ලේන් යාලුවේ"
"වඳුරු යාලුවේ ඔබට මා දුන්නේ මගේ උපදෙසයි,
එය පිළිපැදීම නොපැදීම ඔබේ යුතුකමයි,
මා හට බාදා නොකරන්න,
මා මේ ඉතුරු කරන්නේ අනාගතය වෙනුවෙනුයි"
කොහොම හරි ටිකෙක් ටික ශීත කාලය උදාවුණා,
ගස් වල කොල හැලිලා ඵලදාව නැත්තටම නැතිවුණා ඒ කැලේ,
ඒත් එක්කම වැස්ස එක්ක අධික ශීතලක් තිබුණේ,
ඉතින් වඳුරු යාලුව ඒ විදිහට කෑම රැස් කරගත්තේ නැති හින්දා වැස්සේ තෙමි තෙමී සීතලට ගැහි ගැහී හිටියා එහෙන් මෙහෙන් කෑම හොයාගෙන,
ලේන් යාලුවාව දැක්කේත් නැහැ,
"ලේන් යාලුවා කිව්ව දේ ඇහුවානම්"
හිත හිතා දුක් වුණා,
තව දවසකින් දෙකකින් වඳුරු යාලුවා කැලේ පුරා ඇවිද්දා කෑම හොයාගෙන,
එයාට එහෙන් මෙහෙන් බඩගින්න නිවාගන්න කෑම ලැබුණාට හරියට කුසගින්න තිබුණා,
ඉතින් ඒත් එක්කම මේ වඳුර යාලුවා දැක්කා හොඳට ඉදුණ කෙහෙල් කැනක්,
වඳුරු යාලුවට හිතාගන්න බැරිවුණා මේ ශීත කාලේ මෙහෙම කෑමක් තමන්ට ලැබුණ එක ගැන,
ඉතින් පුන්චි යාලුවනේ,
වඳුරු යාලුවා හොඳට බඩ පිරෙනකම් ඒ කෙහෙල්කනෙන් කෙසෙල් කෑවා,
වඳුරු යාලුවාගේ බඩ හොඳටම පිරිලා,
කටෙත් පුරවාගෙන අන්තිම කෙසෙල් ගෙඩිය අතට ගත්තා,
"වඳුරු යාලුවේ වඳුරු යාලුවේ"
යාලුවනේ,
වඳුර් යාලුවට බොහෝම දුර්වල වුණ හුරුපුරුදු කටහඬක් ඇසුණා,
වඳුර් යාලුවා පිරුණ බඩ එක්කම අමාරුවෙන් හැරිලා බැලුවාම එයා දැක්කේ සීතලේ ගැහි ගැහී කෙසෙල් පඳුර යට ඉන්න ලේන් යාලුවාව,
"ලේන් යාලුවේ,
ඇයි ඔබ මෙතන?,
ඔබ රැස් කරගත් කෑම තිබුණානේ ගස් බෙනේ?"
වඳුරු යාලුවා ඇසුවා.
"අනේ වඳුරු යාලුවේ,
ඔව් මම රැස් කරගත්තා ඒවා ඔක්කෝම දවස් දෙක යද්දී නරක් වුණා"
ලේන් යාලුවා වඳුරු යාලුවට කිව්වා,
"තෝ කැමි කුනු ලෝබ ලේනා,
ඔහ්...සොරි"
අධික තරහෙන් වෙව්ලමින් වඳුරු යාලුවා අතින් මුව වසාගනී,
"අහපිය,
අර කාලේ හරියට තෝ පරයා කෑමක් කෑවෙත් නෑ,
දීගෙන එකතු කලා තන්හාවට ඔක්කොමට ටික,
තොට ඔහොම නෙවෙයි වෙන්න ඕනේ,
ආ වහුකුණෝ තොට තේරෙන්නෙ නැද්ද කෙසෙල් අඹ එහෙම තොගෙ රෙද්දෙ ගස් බෙනේට දාගත්තාම ඒව දවසෙන් දෙකෙන් කුනු වෙනවා කියලා?,
තෝ ටවුන් වල ගෑනු අබාන්ස් දොර දෙකේ ෆ්‍රිජ් වල සති මාස ගනන් කෑම උයලා රත් කර කර කනවා වගේ කරන්ඩද ගියේ?
අද උදේ තොගේ ගස් බෙනේ ගාව තිබ්බ පේර අත්තට පැනලා එද්දී මට දැනුනා පළතුරු කුනුවුණ ගඳ,
පෙරපිය ඕවගෙන් දැන් කසිප්පු,
මට මේකේ හරියට කුනු හරපයක් කියන්න බෑ රෙස්ට්‍රික්ට් වෙනව,
ඊට අමතරව මොකෙක් හරි ඇට්ටර පොඩි එකෙක් මේක කියෙව්වොත් එහෙම මහෞන්ගේ ෆෝන් අරන් ඒකේ වැරැද්ද තාරුට,
නැත්නම් හොඳ පදේ කියලා තොට මම,
ආ ගිලපිය මේ කෙහෙල් ලෙල්ල,
ගිලලා පල මගේ දෑහැට නොපෙනී,
එදා මම කන්න අතට ගත්ත අඹගෙඩිය ඉල්ලන් ගියා තෝ රෙද්ද අස්සේ ගහගන්න,
අම්මප මතක් වෙද්දී මටනම් හිතෙන්නේ කැලේ ගස්වල ඉතුරු ඇට්ටියේ ඉඳන් කාලා දාන්න,
ඒත් මම එහෙම කරන්නේ නෑ,
තොපිවගේ කුනු ලෝබ කිසි ආතල් එකක් ගන්නේ නැති පජාත හැත්තක් ඉන්නවා මිනිස්සුන්ගෙත්,
උන්ටත් කියාපිය ගිහින් උඹට වුණ දේ"
කියූ වඳුරු යාලුවා අන්තිම කෙසෙල් ගෙඩිය කටේ ඔබාගෙන ලෙල්ල කෙසෙල් ගහ මුලට විසික් කලේය.
තාරුගේ සිද්ධි
thaaarustories"අම්මා" යනු ලෝක සාහිත්‍යයේ විශිෂ්ඨ නවකාතාවක් ලෙස සැලකෙන කෘතියකි. මැක්සිම් ගෝර්කි විසින් රචනා කරන ලද මෙම කෘතිය රුසියානු විප්ලවය හා සබැඳි සාහිත්‍ය තුල වැඩි වශයෙන් කාතාබහට ලක් වන්නේ රුසියන් විප්ලවයට ජවය හා දැක්ම සැපයූ සාහිත්‍යමය ප්‍රවනතාවය සැලකීමේදීය.
මෙම කෘතිය තුල අන්තර්ගත වන්නේ නිලොව්නා වසෝවා ලෙස හැඳින්වෙන, යටහත් ගතිපැවතුම් ඇති නිවස සහා ඒ ආශ්‍රිත කාර්‍යයන්ට තම පූර්න අවධානය ලබා දුන් මවකගේ, රුසියානු විප්ලවයේ ක්‍රියාකාරිනියක ලෙස සිදුවන පරිවර්තනය හා බැඳුනු සිදුවීම් මාලාවකි.
රුසියන් විප්ලවය සිදු වූ අවදිය (1905) පාදක කරගෙන රචනාකර ඇති මෙම කෘතිය තුල අම්මා නම් පාවෙල් ලෙස හැඳින්වෙන රුසියන් විප්ලව ක්‍රියාකාරීයාගේ මවයි. මුලදී සාම්ප්‍රදායික මවක ලෙස තම පුතුගේ කටයුතු වලට සහය දෙන ඇය පසුව වැඩකරන පන්තියේ ජනතාව විඳින දුක් ගැහැට අසාධාරණකම් වලට විරුද්ධව හඬ නගන මාතෲ ශක්තියේ හා විප්ලවීය ජවයේ සංඛේතයක් ලෙස කෘතිය තුල නිරූපනය කර ඇත.
මෙම කෘතිය තුල කාලීන සමාජ දේශපාලනික පසුබිම හා ඒ තුල වැඩකරන පන්තිය තුල ගොඩ නැගුන ප්‍රභල අසංතෘප්තිය විප්ලවීය අදහස් එම පන්තියේ ජනතාවගේ මනස් තුල රෝපනය වීමට බලපෑ අන්දම මනාව විවරණය කරයි. ගෝර්කි ඉතාමත් දක්ශ අයුරින් මෙම සමාජ දේශපාලන බලවේග පුද්ගල ජීවිතයට බලපෑ අන්දම මෙම කෘතිය තුල පැහැදිලිව ඉදිරිපත් කිරීමට සමත් වී ඇත.
මෙම කෘතියේ ආඛ්‍යානය සංඛේත අර්ථ තුලින් පොහොසත් වන අතර අම්මා යනු විප්ලවය පෝශනය කරන බලවේගයට උපමාවක් ලෙස කතුවරයා යොදාගෙන ඇත. මෙම නවකතාවේ එන තේමාවන් වන සමාජ නැගීසිටීම, නිදහස, ස්වෛරී භාවය හා කැපකිරීම් වැනි විශ්වීය සංකල්ප හා අදහස් මෙම කෘතිය එක් කාල සීමාවකට කොටු නොවන සෑම කාලයටම වලංගු සාහිත්‍ය කෘතියක් ලෙස හැඩ ගන්වා ඇත.
කෙටියෙන් කිවහොත් අම්මා යනු ඉතා ප්‍රභල රස භාවයෙන් පාඨකයා තුල උද්දීපනය කරන. රුසියානු විප්ලවයේ ජවය හා හරය කැටිකොට ගත්. පුද්ගල චරිතයන්ගේ හැසිරීම සමාජ විප්ලවයක් කරා සාමාජයක් ගෙනයන අන්දම විවරණය කරෙන. ගැඹුරු සමාජ දේශපාලන යතාර්තයන් සියුම්ව ඉදිරිපත් කරන ලෝක සාහිත්‍යයේ ඉතා වැදගත් නිර්මානයක් ලෙස හැඳින්විය හැක.ආදර බස්සී
අඳුර මෝදුවේගෙන එනකොට කාමරේට එහා පැත්තේ අඹ ගහේ ඉඳන් පුරුද්දට හැමදාම හ්ම්..හ්ම් විතරක්ම කියවපු බකමූණත් ටික දවසක ඉඳන් නිහඬයි.
"හැමදාම හැමවෙලාවෙම හැමෝම කියවන්න ඕනි කියල දෙයක් නැහැනෙ.!"
හිතට උපන් දේ හිතේම තියාගෙන ඔරලෝසුව දිහා බැලුනෙ ෆිල්ම් එකක් බලලම නිදාගන්න වෙලාව ඇතිද කියල හිතන ගමන්.
රෑ දහයයි.මොනාම හරි බලලම නිදාගන්නවා.ඒත් ..
ඒත් පුරුද්දට හුඟක් වෙලාවට බැලෙන්නෙම " 96 ".
" පුරුදු.! පුරුදු.! පුරුදු.! මිනිහෙක්ට දෙයක් පුරුද්දක් උනොත් ඒක එයාගෙ ජීවිතේ කොටසක් වෙනවා.නැතිවම බැරි වෙනවා.අපි සමහර පුරුදු ඇති කරගන්න වදවෙනවා.නැති උන දවසට ලතැවෙනවා."
එළිය වගේම කාමරෙත් අඳුරුයි.එළිය වැටුණු පුංචි තිරෙන් මගෙම කතාව ප්ලේ වෙනවා.මම බලන් ඉන්නවා.දහවතාවකට වැඩියෙන් බලලත් සමහර මොහොතවල් අලුතෙන් බැලුවා වගෙ දැනෙනවා. රිදෙනවා.ඔව් ඔව්..පුරුදු විදියට මම විඳිනවා.
" ඉතිං මොනාහරි කියන්නකෝ." නිහඬ වෙලා ඉන්න සමහර තත්පර වල දි මම එයාට කියනවා.ඒ අපේ ආදරේ මුල්ම දවස්.
"හ්ම්ම්." ඇය කියනවා." බස්සෙක්ද ? " මම අහනවා. එතැන් පටත් මම බස්සත් ඈ බස්සිත් වෙනවා.
බස්සත් බස්සිත් උනාට අපි වරුගනන් කියවනවා.ජීවිතෙත් ආදරෙත් බෙදාගන්නවා.මම ඈ ගාව නිවෙන්න ගන්නවා.බිඳක්වත් අනාගත ඇවිලිල්ලක් මට එදා ආදරේ නාමෙන් පෙනෙන්නට නැතිව ඇති.
" 96 යනවා.බලන්න." ඈ කියනවා.එතැන් පටන් මගෙ ප්‍රියතමය 96 වෙනවා.ඇය මගෙන් සමුගන්නා තුරු ඒ මගේ කතාව බව වැටහීමක් තිබුණෙ නෑ මට.ආදරේ අන්ධයි කියනවනේ සමහර තැන් වල.මටත් එහෙම වෙන්නැති.
කාලය ආදරෙන් ගෙවෙනවා.ජීවිතේ පළවෙනිවතාවට ආදරෙන් ගැහැණියක් මගේ පපුවට රිංගනවා.ඒ ගෑණු පරානෙට මම හුරු වෙනවා.ඔව් ඔව් මට දැනෙන්න ගන්නවා මම ඒ ආදරේට, ඒ ආදර බස්සිට පුරුදු වෙනවා.
" මේ පාර අපි හොඳට කරමු.! " ජීවිතේ කඩ ඉමක් වෙච්ච ඒ ලෙවල් කියන විභාගෙට මම සුදානම් වෙනකොට ඇය එහෙම කියනවා.ඒ හයියත් අරන් මම විභාගෙ ලියනවා.හීනියට පපුව චුට්ටක් රිදුණෙ ප්‍රතිඵල එනකොට පුරුද්දට ඈව මම හෙව්ව හින්දා.
" ඔව් මම ඒ දේ කරා.මම විභාගෙ සමත්." ඒත් ඒ බව කියන්න මම ප්‍රේමයෙන් අසමත්.මගේ මේ ගමනට ඇය වාරුවක් උනා.ඉතිං පුරුද්දට හොයන එක අහන්නත් දෙයක්ද ? ජීවිතේ මම ආසම පුරුද්ද උනේ ඈ.
අද මා ළඟ ඇය නෑ.
අන්තිමට ආදරෙන් ඇත්තටම බස්සෙක් උනේ මං නේද කියල හිතෙනකොට මට ඇයවත් ඉදහිටක මතකෙට එනවා.ඇය සමහරවිටක කෙනෙකුගේ ගිරවියක් වෙලා ඇති.නැත්නම් ඈත් තවම බස්සියක්ද ?
ආදරේ බස්සො වෙච්ච මමයි ඇයයි කියෙව්වෙ ඇස්,හිත්.ආදරේට කියවන්නම ඕන්නෑ.ආදරෙන් ළඟ ඉඳන් හ්ම් කිව්වත් ඇති.ඒත් ආදරේ හින්දා බස්සෙක් වුන මම ජීවිතේදිත් හිත නිහඬ කරගත්තු බස්සෙක් උනා.කාලයත් එක්ක දේවල් හරි යයි.සාමාන්‍ය වෙන්න ගනී.හරියටම ඉස්සරටත් වඩා දැන් මට දරාගන්න පුළුවන් වගේ.
ඇය මම එක්ක උන්නු කාලෙත් මම ආදරෙත් ජීවිතෙත් ඈගෙන් උගන්නා.ඇය ගියාමත් එහෙමයි.මම ජීවිතේ,ආදරේ ඉගෙන ගත්තා.ඇගේ මතකය මට හැමදාම මිහිරියි.මගෙ ආදර බස්සී ,මම ඈට ආදරෙයි.!
හිත සීතල කරල දාන මිහිරියාවකින් 96 ෆිල්ම් එක එකොළොස් වෙනි වතාවටත් ඉවර වෙනවා.මුළු කාමරෙත් මුළු පරිසරයත් අඳුරුයි.මොහොතක් ඒ අඳුරෙ මාත් මගෙ හිතත් නැවතුනා.පුරුද්දට වගේ.
ප : ලි :- පුරුද්දකට පුළුවන් මනුස්සයෙක්ව ඇති කරන්නත් නැති කරන්නත්.එහෙනම් ආදරේ පුරුද්ද.!
අනුත්තරා_මීට වසර 47කට පෙර අද වැනි දවසක වීරසූරිය ඝාතන යවූ දා,
මගේ ජීවිත යේ හැරවුම් ලක්ෂ්‍යකි.!
මේ දවස මට ඉතාමත් හොඳ ට මතකය . පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යය අරගල යක් ව්‍යර්ථ කිරීමට ගිය මහනුවර පොලිස් කැරළි මර්දන ඒකකයේ රයිෆල් වෙඩිල්ලක් වැදීම නිසා වීරසුරිය ශිෂ්‍යයා ට ජීවිතය අහිමි විය.
එවකට මා සිටියේ උඩරට වතු සංවර්ධන මණ්ඩලය ට අයත් හගුරන්කෙත රාජ්‍ය වතුයායේය. පුහුණු වන ක්ශේත්‍ර නිළධාරී (තේ) යනු මගේ නිළ නාමයයි.
මසකට රු.115.00ක දීමනාවක් ලැබේ. තුන්වේලටම කෑම දෙනවාට කොට්ටල වතු කොටස භාර රත්නායක මහතාගේ බිරිඳ පොඩිහාමි මගෙන් රු.80 .00 ක් ගත්තේය .
උදේ ට හැමදෑම පොල් රහිත රොටියකි.
දවල් රෑ හැමදෑම අලුත් හාලේ බත් ය. වස විස නැති , මාදංවල පොඩිහාමිලෑ කුඹුරේ අළුත් හාලෙ බත් ලුනු ටිකක් ඉහගෙන පොල් ටිකක් ගාගෙන උනත් කෑ හැකි ය.
පොඩිහාමි මා දුටු අතීශයින්ම දිරිය සහ ශක්තිමත් කාන්තාවක් ය.ඈ වැවත |
ැන්න වත්තේසිට මාදංවලට පයිංම ගොස් යලි නෙත්ති කානු අයින දිගේ, තේපදුරු අස්සේ අඩි පාරවල් මතින් කළුගල් උඩින් සහ දළු ලොරිය යන පාරෙන්ද කොන්දොස්තර බංගලාවට එන ඈ, ලොකු වීමල්ලක් හිස තබාගෙන විත් එය තම්බා වේලා කොටා ,ඉන්පසු කුල්ළෙන් පොලා සහල් කොට බත් පිස රෑට කෑමට මේසය ට ගෙනෙන්නේ, හරියට විෂ්මකර්මයාගේ නංගී වගේය.
ඇගේ සැමියා වූ රත්නායක මහතා එහි අනික් පැත්තය. දරුවන් නැති මොවුන් අතර නොහොද නෝක්කාඩු කං එමටය .ප්‍රධාන හේතුව රත්නායක මහතා වෙනිවැල් ගැට ලෝලියෙක් වීම ය. වත්තේ පඩිදාට ඔහු ගෙදර එන්නේ වතු කම්කරුවන්ගේ කරමතින් ය.
පවුල් අවුල් ගැන මෙලෝ අවබෝධයක් නැති පාසැල් හැරගිය හිරිමල් ගැටයෙකු වූ මට මේ දෙන්නාගේ ආරවුල් නිසා මුළදී මහා බයක් ඇතිවුණේ ය. ඇතැම් දිනවල පොඩිහාමි නරහවී වත්තේ දළු ලොරිය මිහිරිය තැන්න තේ දලු පටවාගෙන ආපසු එනවිට එහි නැගී මාදංවල මහ ගෙදර යයි.
රත්නායක මහතා රිකිල්ලගස්කඩ නංගිලෑ ගෙදර යයි. මං ඒ දැවැන්ත නිවසේ තට්ට තනිවම , රොටියක්වත් පුළුස්සාගැනීමට දැනීමක් නැතිව වතුර බී බඩගින්නේ නිදාගත් දවස් එමටය .උදේට කැරට් උගුල්ලාගෙන ඒවා තම්බාගෙන ලුනු ටිකක් ඉහාගෙන කෑ දවස්ද ඇත.
එහෙත් මේ රංඩු දවසින් දෙකෙන් හමාරය .ඒ නිසා පසුව මං ඒ රංඩු ගනන් ගත්තේ නැත .
මේ අයුරින් මගේ දවස ගෙවීගිය මේ කාලය මගේ ජීවිතයේ එක්තරා විදිහක සංක්‍රාන්ති සමයකි.
තවත් වරක් අ.පො.ස.(උ.පෙ) විභාගය යට පෙනී නොසිට මා හගුරන්කෙත ආවේ මගේ ප්‍රථම ප්‍රේමය ට දිගට හරහට විවාහ යෝජනා ආ නිසාය.
මගේ පුහුණුවීම් කාලය වසර දෙකකි. ඒ වසර දෙක පුරාම ලැබෙන්නේ දීමනාවක් ය. රු.115.00පටන් ගෙන රු.130.00අවසාන වන දීමනාවෙන් මිනිහෙකුට පවුල් කෑ නොහැකිය .
මේ බව තේරුම් ගත් මගේ නුවණක් කාර ප්‍රථම ප්‍රේමය මට ආයුබෝවන් කීවාය .
මේ නිසා බලවත් සන්තාපයෙන් ද ඒ මහා සන්තාපය වියෝගිනි ජාලාවක් කල හැකි පාළු හුදකලා එහෙත් රමණීය පරිසරයක් ද නිසා මම මගේ සියලු දුක්ඛ දෝමනස්සයන් පපුවෙන් එළියට දැම්මේ එළිවැට නැති නිසැදැස් කවි තුලින් ය. කෙටිකතා තුලින් ය.
මා එලෙස ලියා යවන ලද කවි ගුවන් විදුලියේ ආරියසිරි විතානගේ මෙහෙයවූ ජනප්‍රිය "ශනිදා සාදය "වැඩ සටහනක් වල සහ වෙළෙද සේවයේ "සේවක සංග්‍රහය " වැඩ සටහන් වලද ප්‍රචාරය වුනේය .
මෙලෙස ප්‍රචාරය වූ එක් කවියක් අසා හොරණ ,පොකුණුවිට ගෑණු ළමයෙක් ලසසන බෝල අකුරින් එවූ මුල්ම ලිපිය මට ලැබුණේ පේරාදෙණිය සරසවි යේ වීරසූරිය සිසුවා පොලිස් වෙඩි පහරින් මියගිය දාය.
මේ ගෑණු ළමයාගේ වාසගමද වීරසූරිය වීම නිසා මේ දවස මට හොඳටම මතකය .එදා සිට ඈ මගේ රසිකාවියක් වූවාය.
ඈ මට ගිනි සිසිලක් වෙමින් මගේ වියෝගිනි ඉතාමත් ඉක්මනින් නිවා දැම්මාය. ඉන්පසු යලිත් වතාවක් සෑම සතියකට වරක් හොරණ පොකුණු විටින් වැවතැන්න වත්තේ පුහුණු වන ක්ශේත්‍ර නිලධාරීයාට බෝල අකුරින් ලිපියක් වරදින්නේම නැත .
තෙරුවන් සරණයි
දයාබර ජයන්ත අයියා කියා මා අමතන ඇගේ ලිපි මාස පහක් පමණ යනවිට "දයාබරම ජයන්තයියා " යනුවෙන් ආමන්ත්‍රණය වෙනස් වුනේය .
අදමෙන් ස්මාට් ෆෝන් නැති ඒ කාලයේ අප එකිනෙකා සුදුද කලුද කියා හෝ ගොළුද බිහිරිද කියා හෝ නොදැන තවත් මාස පහක් පමණ ඉතාමත් සෙනෙහසින් ලිපි හුවමාරු කරගත්තෙමු.
මේ අතර එක දවසක් මගේ සංගීත කාමරේ මිතුරන් සිව්දෙනාද සමග නුදුටු නැගෙණිය දැක බලා ගැනීමට පිළියන්දල බස් නැවතුම් පොළට ගියෙමු.
දාස ඇගැළුම් සමාගමේ නිෂ්පාදිත ඩියුරෝ ගවුම් තුනකින් සැරසී අප දැක බලාගැනීමට පොකුණුවිට සිට ආ මේ අක්කා නගෝලා තිදෙනා දැකීමෙන් සතුටට වඩා මා තුල ඇතිවූයේ කම්පනයකි.
ගැමි සුවඳ විහිදෙන ඔවුන් තිදෙනාම එක ඉත්තක සුපිපි ඉද්ද මල් තුනක් වාගේය .
ඉන් මගේ නුදුටු නංගියා සරත් මධුගේ දේදුනු -කැළුම් චිත්‍ර කතාවේ එන දේදුනු වගේය .
මා කම්පාවුනේ මේ හමුවෙන් පසු යලි කිසිදාක ඇය මට නොලියනු ඇතැයි මා ගැන දුක හිතුන නිසාය .
මා වැනි තප්ප ගොරක කබ්බෙකුට තවත් ඇය ලියනු ඇතැයි මම එදා නොසිතීමි.
පිළියන්දල බස් නැවතුම් පොළ ඉදිරිපිටවූ සුමිත්‍රා හෝටලයෙන් අපි තේ බිව්වෙමු.
මා සහ මගේ යාළුවෝ කෑවේ සත පහේ වඩේ හතරක් ය. ගෑණු ළමයි පැටිස් කට්ලට් වැනිදේ කෑවේ අපේ බල කිරීමටය. අපි හත් දෙනෙක් එදා කාපු බීපූවාට බිල ගෙව්වේ මාය .
ඒ සියලු දේට එදා රු.දෙකක් වත් මට වියදම් උනේ නැත . කෙසේ නුමුත් මාසෙකට රු.115.00 පඩි ගන්නා මට එදා රු.2.00ක් යනු මහ විසාල ආයෝජනය ක් ය.
පුදුමය නම් අපේ මේ හමුවීමෙන් පසුද දිගටම ඈ මට ලිවීමය. පෙරට වඩා සෙනෙහසින් එවර ඈ මට ලීවාය.
අප එකිනෙකාට නොකීවාට අප්‍රකාශිත ප්‍රේමය ක් අප හදවත් තුල මෝදූවන බව ඒ සෑම ලිපියකින් ම බලවත් ලෙස මට දැනුනු කාරණාවය.
අදටත් ඉදහිට මේ නංගියාගෙන් බෝල අකුරින් නොව අකුරු කෑලි වලින් කලබලේට ඕනෑවට එපාවට කඩදාසි කොලයක ලියූ සටහන් ඉදහිට , මට ද ලැබේ. ඒවායේ සොදුරු ආමන්ත්‍රණ නැත . "දයාබර ම " කෑලි හෝ නමක් ගමක් හෝ නැත .
බොහෝ විට ඇත්තේ සුපර් මාකට් එකෙන් මා විසින් ගෙදර ගෙන ආයුතු සිරා බිරා බඩු ලැයිස්තු වකි.
සුධර්මා වීරසූරිය, සුධර්මා විජේසිංහ වුනේ එසේය .ඒ නිසා වීරසූරිය ශිෂ්‍යයා මිය ගිය දවස හරියටම කුරාකූඹි මිනිසා ගේ දෙවැනි උපත සිදුවුණා වාගේය .
කුරාකූඹි මිනිසා .සිහින නොවන සිහින
එදා රෑ හොඳටම වහිනවා. අපි දෙන්නා නාලා උණුසුම් රසම රසම එනසාල් තේ කෝප්ප දෙකක් ගෙන්නගෙන තේ රසය විඳින ගමන් බැල්කනියට වෙලා වැස්සට තෙමෙන ඒ සුන්දර නගරය දිහා බලාගෙනම හිටියා.
නගරයේ හැම වීථියකම තියෙන වීථි ලාම්පු විතරක් තමන්ගෙ රාජකාරිය ඉටු කරද්දි මුළු නගරයම ලොකු නින්දකට වැටිලයි හිටියෙ. මම ආසම කහ පාට එළියට. රාත්‍රී අන්ධකාරය දුරලන්න හොඳම දීප්තිමත් කහ ආලෝකය කියලයි මට හිතෙන්නෙ.
තරමක සීතලක් එක්ක වැටෙන විශාල වැහි බිඳුත් , විටින් විට අහස පුරා නැගෙන අකුණු සහ විදුලි සැරත් මාව මායාකාර ලෝකයකට අරගෙන ගියා. නමුත් ඔහු තේ කෝප්පය බොන ගමන් ලොකු කල්පනාවක..!
" මොනවද කල්පනා කරන්නෙ..? "
" අමිත අරකිගෙන් කොහොම ගැලවෙයිද කියලා.. ඒකිගෙන් ගැලවෙන්න ලේසි නෑ.."
" අමිත දැන දැනමනෙ ඒ ගෑණු ළමයා එක්ක පැටලුනෙ වජිර.. එයා බබා නෙමෙයිනෙ. තමන්ගෙ අවශ්‍යතා කරගෙන පැත්තකට විසි කරලා දාන්න ගෑණු කියන්නෙ කුණුත් නෙමෙයිනෙ..."
" ඔයා දැන් බොරුවට මෙතන ස්ත්‍රී වාදයක් ඇදගන්න එපා.. රශ්මිත් දැනගෙන හිටියා අමිත මැරීඩ් කියලා.. අනික ඌ පැහැදිලිවම කිව්වා මේක තාවකාලික සම්බන්ධයක් කියලා සහ ඌට වටින්නෙ උගෙ දරු පවුල කියන එක.."
" අනේ විකාර.. එච්චරටම වටිනවා නම් අහවල් එකකටද වෙන ගෑණු පස්සෙන් යන්නෙ..? "
" ඌට ඒකට සාධාරණ හේතු ඇති නිර්මලා.. අපි ඕක ගැන තර්ක කරලා වැඩක් නෑ.."
" දැන් රශ්මි මොකද කියනවා කියන්නෙ..? "
" ඒකිට අතාරින්න බෑලු.. අතෑරියොත් අමිතයගෙ ගෑණිට සේරම කියනවලු.. අතාරිනවා නම් උගෙ බෙන්ස් එකවත් ඕනිලු... මහ පුදුම බැ ල්ලියෙක් ඒකි...අමිතයා ඒකිට කොච්චර කරාද... ඕකාට මම පණ යනකම් කිව්වා ඕන එකක් කරහන් ඔය වේ සිට කර නොගහ කියලා... "
වජිර එසේ පවසත්ම කොයිදෝ පිපිරු හෙන හඬකට මාව ගැස්සිලා ගියා. අපේ තේ කෝප්ප දෙකම ඉවර වෙලා නිසා මම තේ පෝච්චියෙන් තව තේ කෝප්ප දෙකක් වත් කරා.
"අනේ මන්දා වජිර.. පිරිමින්ටත් ගෑණුන්ගෙන් ගන්නකම් පත්තිනි.. දුන්නම වේ සියෝ.. "
" ඔන්න ඔයා ආයෙමත් ට්‍රැක් පනිනවා.. මට තේරෙන්නෙ නෑ ගෑණු එක්ක කොහොමද දෙයක් කතා කරන්නේ කියලා.."
" දැන් අමිත මොකක්ද කරනවා කියන්නෙ..? "
" වැඩියම කරුමයක් වුණොත් ම රලා දානවා කිව්වෙ... පිස්සු ඌට.. "
" විකාර.. සමාදානයෙන් කතා කරගන්න කියන්න. නැත්තම් මිශෙල්ට විස්තර කියලා දාන්න කියන්න. මිශෙල් හරි අහිංසක ගෑණි. වැඩිම වුණොත් හොඳටම අඬලා අමිත එක්ක දවසක් දෙකක් කතා බහ නැතුව ඉඳියි. එතනින් ප්‍රශ්න ඉවරයි..."
" අන්න ඒ නිසාමයි ඌට දුක. මිශෙල් කවදාවත් මූට වචනයක් සැරට කතා කරලා නැති නිසාත් , ඒ ගෑණි මූට අල්පමාත්‍රයකවත් වරදක් කරලා නැති නිසාත් ඌට අවුල් ඒකිගෙ හිත රිද්දන්න.. "
" අනේ මේ.. අමිතයාගෙ නාඩගම්.. මට මතකයි එක පාරකුත් ඔහොම දෙයක් වෙලා මිශෙල් දැනගත්තා. ඒ වෙලාවෙ මිශෙල් කළේ හොඳටම අඬන එක..."
" ඊට වඩා මේක බරපතල් නිර්මලා... මූ එක පාරක් මීටිං එකකට මැලේසියා යනවා කියලා ඒකි එක්ක මාසයක්ම චයිනා ගිහින් ඉඳලා ආවා. මිශෙල් ඕවා දැනගත්තොත් පපුව පැලිලා මැරෙයි. ඒකි දවසම උගෙ දරුවො දෙන්නා එක්ක ඔට්ටු වෙද්දි ඌ වෙන ගෑණු එක්ක රට රටවල් වල ගිහින් ආතල් ගත්තා කියලා දැනගත්තම කෝමද ඒකි ඉවසන්නෙ..? "
" ඕවා අමිතට හිතන්න තිබ්බෙ ඒ වගෙ නරුම වැඩ කරන්න කලින් වජිර.. ජරා සත්තු. මම වගේ නම් ඇත්තටම අතැරලා දානවා. එකාතකට මිශෙල් දරුවො නිසා ඉවසනවා ඇති... හරි හරි දැන් ඉතින් වැඩක් නෑ.. මේ ආපහු වැස්ස වැඩි වුණා. අපි යමු ඇතුළට.. මට නම් දැන් සීතලකුත් එනවා.."
" ඔයා යන්න.. මම ටිකකින් එන්නම්..."
" ඔයා මොකද ඕක ගැන ඔච්චරටම හිතන්නෙ..? පිස්සු නැතිව ඉන්න.. ගින්දරට අත දාන්න කලින්ම පිච්චෙන බව දන්නවානෙ. ඒ දැන දැනම අත දැම්මා නම් එයා තුවාලෙට බෙහෙත් කරගයි.. ඔයා දොස්තර නෙමෙයිනෙ.."
" මට එහෙම ඔයා වගෙ ආත්මාර්ථකාමි වෙන්ඩ බෑ නිර්මලා , අමිත කියන්නෙ මගෙ යාළුවා. ඔයා යන්ඩකො ඇතුළට..!"
වජිරගෙ ඒ අස්වාභාවික හැසිරීම මගෙ හිතට අමුත්තක් ඇති කළා. ඒත් මම ඒ ගැන වැඩිය නොහිතා ඇඳට ගියා. වැහි ගිගිරුම් එක්ක වැස්ස තරමක් තද කළා. මට එහෙමම නින්ද ගියා. උදේ මම ඇහැරෙනකොට වජිර කාමරයේ හිටියේ නැහැ. බැල්කනියෙත් නෑ. කෝල් කරා |
ට ෆෝන් එකත් ඕෆ්.! මේ මනුස්සයා කොහේ ගියාද කියලා හිතාගන්න බැරිව මම අමිතට කතා කරා. ඒ මිනිහගෙ ෆෝන් එකත් ඕෆ්. ඉඳලා ඉඳලා ඔළුව නිදහස් කරගන්න කියලා එළියට බැස්සම මේ විදියට ඔළුව අවුල් වෙන දෙයක් නම් මම කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ.
ඉක්මණින් වොෂ් එකක් දාගෙන උදේ කෑමට පහළට යන ගමන් මම එතන හිටි සේවක මහත්තයෙක්ට කතා කරලා ඇහුවා මගෙ හස්බන්ඩ්ව දැක්කද කියලා.
" නෑ මිස්.. යනවා නම් ප්‍රධාන දොරෙන් තමයි යන්න ඕනි..මම දැක්කෙ නම් නෑ..!"
මම සිය වතාවක් විතර වජිරට කෝල්ස් ගත්තත් ඵලක් වුණේ නෑ...එයාගෙ ෆෝන් ඕෆ්. දවල් එක වෙනකමුත් මේ මනුස්සයා ගැන තොරතුරක් නැති නිසා මම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. දවල් දෙකට විතර ආපහුත් මම හෝටලයට එද්දි හොඳටම වහිනවා.
" මිස්.. මිස්ව හම්බවෙන්න කවුද ලේඩි කෙනෙක් ඇවිත්.. ලොබි එකේ ඉන්නවා..!"
හෝටලයේ සේවක මහතෙක් එහෙම කිව්වම මම පුදුම වුණා. මාව හම්බෙන්න මේ හෝටලයක් හොයාගෙන කවුද ආවේ..? කියන ප්‍රශ්නාර්ථයත් එක්ක මම ලොබි එක පැත්තට ගියා. කවුරුත් හිටියේ නෑ. හැම තැනම බැලුවත් කවුරුත්ම හොයා ගන්න බැරි වුණා.
" ආහ් හරි වැඩේනේ මිස්.. එයා හරිම අමුතු වෙලා හිටියේ.. මිස් නිර්මලාව හම්බවෙන්න ඕනි කිව්වා. රූම් නම්බර් එකත් එක්කම කීවේ. මිස් දන්නවා කිව්වා එයා අද මිස්ව හම්බ වෙන්න එන බවත්.. ඒකයි මම කිව්වේ ලොබි එකට වෙලා ඉන්න කියලා..!"
" නමක් කිව්වද..?"
" නෑ මිස්.. ඒ ලේඩි හරි අමුතුයි.. ඇත්තටම මට බයකුත් හිතුණා. සීතලට ද මන්දා නිල් පාට වෙලා.. නිකම් බාගෙට මැරිලා වගෙ මනුස්සයෙක් එයා..."
ඒ විස්තරය ඇහුවම මගෙ ඔළුව තවත් අවුල් වුණා. තියෙන ප්‍රශ්න මදිවට..! මම ඉක්මණින් කාමරයට ආවා. හිතෙ තියෙන ප්‍රශ්න සේරම නැති වෙන්නත් එක්ක උණු වතුරෙන් හොඳට නාගෙන ඇණවුම් කළ දහවල් කෑම එනතුරු බලාගෙන හිටියා. විනාඩි දහයක් වගෙ යද්දි කවුරුහරි දොරට තට්ටු කරා. මම දොර විවෘත කළේ මගෙ දහවල් ආහාරය බලාපොරොත්තුවෙන්. නමුත් දොර ඉස්සරහ හිටගෙන හිටියේ බාගෙට නිල් වෙච්ච ගැහැණියක්..! දෙයියනෙ.. රශ්මි..!! මම ඇයව කාමරයට ගත්තා. ඇය ගල් පිළිමයක් වගෙ කාමරයට ඇවිත් එහෙමම ගිහින් සෝෆා එකේ වාඩි වුණා.
" රශ්මි..මොකද මේ..? ඔයාට මොකක් වෙලාද..? " ඒත් එක්කම මහ හයියෙන් අකුණක් පිපිරුවා.
" ඔයාගෙ වජිර අමිතවයි මාවයි මරන්න හැදුවා...ඉතින් මම එයාව මැරුවා..." කිසිම තැති ගැන්මක් , බයක් සැකක් නැතිව ඇය පැවසු ඒ කතාවට මගෙ මුළු ඇඟම හීතල වෙලා ගියා. මට කැරකැවිල්ලක් ආවා..ඇත්තටම මට මතක තිබුණේ එච්චරයි. මම නැගිටිද්දි හෝටල් සේවිකාවක් ,වෛද්‍යවරයෙක් සහ තවත් මහත්මයෙක් මගෙ ඇඳ අසල හිටගෙන හිටියා.
" මිස් අපි කෑම අරගෙන එද්දි ඔයා දොරත් ඇරගෙන බිම වැටිලා හිටියෙ...! "
"කෝ රශ්මි...?"
" රශ්මි..? අනේ කවුරුත් නම් හිටියෙ නම් නෑ මිස්.. කවුරුත් ආවද..? මිස්ට කරදරයක් වුණාද..? අපි ඉක්මණින් පොලිසිය ගෙන්වන්නම්..."
" ඔව් ඔව් ප්ලීස්..ඉක්මණින් පොලිසියට කතා කරන්න...."
ඉන් පැය දෙකකට පසුව පොලිසියට නැවත ප්‍රකාශ ලබා දුන් මම වහාම හෝටල් කාමරයෙන් පිටත් වුණා. ඒ වෙද්දිත් වජිර ගැනත් අමිත ගැනත් රශ්මි ගැනත් කිසිම තොරතුරක් ලැබුණෙ නැහැ. ගෙවල් වල මිනිස්සු නොසෑහෙන්න කලබල වුණා. මිශෙල් ඔළුව බදාගෙන නොනවත්වා හඬන්නට වුණා.
හෝටලේ සිසිටිවි පරික්ෂා කරත් රශ්මි එහි එන බවක් හෝ පිටවෙන බවක් සටහන් වුණේ නෑ. වජිර සම්බන්ධවත් කිසිම තොරතුරක් නැති වුණා. අමිත ආ ගිය අතක් නැතිව ගියා.
සති තුනක් යනතුරුත් කිසිම හෝඩුවාවක් ලැබුණේම නෑ. නමුත් පොලිසිය තීරණය කළා රශ්මි වැඩ කළ ක්ලබ් එකට යන්න. එතනදි රශ්මි ගෙ එක් යෙහෙළියක් පවසා තිබුණා රශ්මි මාසයකට කලියෙන් රැකියාවෙන් ඉවත් වුණ බව. ඒ අනුව දිගටම පරීක්ෂණ කරගෙන ගියා.
පොලිසියේ වැඩිදුර පරීක්ෂණ අවසානයකට ආවේ වජිර , අමිත සහ රශ්මිගෙ මෘත ශරීර හමු වුණාට පසුවයි. වජිර හෝටල් කාමරයෙන් අතුරුදහන් වූවාට පසු දින මිය ගොස් ඇති බවටත් , අමිත සහ රශ්මි වජිර අතුරුදහන් වූ දවසේ මිය ගිය බවටත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දි හෙළි වුණා.
ඒ අනුව වැඩිදුර විමර්ෂණ වලින් අනාවරණය වුණෙ රශ්මි සමඟ අමිත සහ වජිර දෙදෙනාම ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
" මෙහෙමයි මිසිස් නිර්මලා.. ඔයාගෙ හස්බන්ඩුයි , අමිතයි දෙන්නම රශ්මි එක්ක සෑහෙන ලොකු සම්බන්ධයක් පවත්වලා තියෙනවා. මෙයාලගෙ ෆෝන්ස් හම්බුණ නිසා තමයි ඇත්තටම ප්‍රශ්ණය මේ තාක් විසඳෙන්නෙත්. රශ්මි මේ දෙන්නගෙන්ම ලොකු කප්පම් මුදලක් ඉල්ලලා තියෙනවා. ඒ නිසා අමිතයි වජිරයි ප්ලෑන් කරගෙන හිටියෙ රශ්මිව මරලා දාන්න. නමුත් රශ්මි ටිකක් ඉදිරියට අඩියක් තිබ්බා. රශ්මි අමිතවත් කැමති කරගෙන , අමිත එක්ක එකතු වෙලා ඔයාගෙ හස්බන්ඩ්ව බ්ලැක්මේල් කරලා කප්පම් ගන්න හිතුවා. එදා රෑ ඔයාගෙ හස්බන්ඩ්ට රශ්මි කතා කරලා තැනක් කිව්වා එන්න කියලා. හස්බන්ඩ් ඔයාට හොරෙන් යන්න ඕනි නිසා බැල්කනියෙන්ම පැනලා රශ්මි එන්න කියපු තැනට ගියාට පස්සෙ තමයි දැනගත්තෙ අමිතත් එතනට ඇවිත් කියලා. එතනදි ඇති වුණ ගැටුමකින් වජිර රශ්මිවයි අමිතවයි දෙන්නවම මරලා දාලා. හැබැයි ඔයාගෙ හස්බන්ඩ්ව මැරුවෙ කවුද සහ එදා ඔයාව හම්බෙන්න ආපු රශ්මි කවුද කියන එක අපිට තාමත් ප්‍රශ්නයක්....!"
පොලිසිය සිද්ධිය විස්තර කරත්ම මම කෑගසාගෙන අවදි වුණා..! වජිර ඉක්මණින් මගෙ ඔළුව අතගාලා , මට වතුර පොවලා කතා කරා.
"නිර්මලා... ඔයා හොඳින් ද..? මොකද වුණෙ..? "
" අනේ වජිර මම මහම මහ ජරා , නරක හීනයක් දැක්කා , ඔයා හොඳින් නේද..?! " මම හඬමින්ම ඔහුව බදාගත්තෙත් ඇත්තටම මම ඒ දැක්කෙ හීනයක් ද කියලා හිතාගන්න බැරුවයි...
" ඔව් ළමයෝ මම හොඳින්... ඔයා කතාව නවත්තලා දාලා නිදාගන්න ගිහින් පැයකට වගෙ පස්සේ මමත් ආවා. ඒ වෙද්දිත් ඔයා ලොකු නින්දක... ඔයා ඔය නිකම් හීනයකට බය වෙලා ඉන්නෙ....."
එවිටත් එළියෙ හොඳටම වැස්ස. තෝන්තු වෙච්ච ඔළුවත් බදාගෙන මම නානකාමරයට ගිහින් මූණ කට හෝදගෙන ඇවිත් ආපහුත් නිදාගත්තා. මම පහුවදා උදේ නැගිටිද්දි උදේ දහයත් පහු වෙලා. මම නැගිටිද්දි වජිර හොඳටම බයවෙලා මගෙ දිහා බලාගෙන හිටියා..
" නිර්මලා.. මාර වැඩේ... අමිතවයි රශ්මිවයි මරලා දාලලු...! "
පූර්ණිමා චාරුණි බණ්ඩාර.කොට කසාදය
නාමල් ගේට්ටුවෙන් ඇතුල් වී මෝටර් සයිකලය නවතා මහා බරක් ඔසවාගත් සෙයින් ගෙතුළට ආවේය.
"මොකද පුතේ නඩුවට වුණේ?"
ඔහු එනතුරු එවැනිම බරක් හිතේ තබාගෙන සිටි අම්මා ඇසුවාය.
"මාස හයකට කල් ගියා අම්මෙ"
නාමල් සියළු හැඟීම් එකම හුස්මකින් ඉහළට ගෙන පහළට අත හරින අතරේ කියා දැම්මේය.
"හ්............ම්............කසාදෙවත් තිබුණෙ නෑ ඒ තරම් කල්"
ඔහු හෙළා දැමූ ගිනියම් හුස්ම ම තමන් තුළට ඇදගත් ඇය තමන්ටම මෙන් කියාගෙන ගෙතුළට ගියේ
"බත් බෙදල ඇත්තේ..........කන්න එන්න" කියාගෙනය.
"මං කාලා ආවේ අම්මෙ කඩේකින්"
උදේ සිටම බඩගින්නේ සිටි නමුත් කන්න පිරියක් නැති නිසා නාමල් බොරුවක් කියා දැම්මේ එය බොරු බව අම්මා දන්න බව නොදැන නොවේ.ඔහු ඇඳගෙන ආ ඇඳුම් පිටින් ම කාමරයේ හාන්සි පුටුවට ඇද වැටුණේයඅම්මා තමන්ටම මෙන් කියාගෙන ගිය වචන ඔහුට ද හොඳින් ඇසුණි. ඇත්තෙන්ම ඔහුත් හිටියේ ඒ ගැන හිතන ගමන්ය.
ඔහු තුෂාරි හා විවාහ වූයේ මංගල යෝජනාවකින් වුවත් ඔවුන් ඉතා සතුටින් ආදරයෙන් ජීවත් වූහ. ඔහුට අද උසාවියේදී දුටු ඇයගේ මුහුණ මැවී පෙනුනේය.එහි කිසිදු හැඟීමක් නැතිවා වාගේය.
"ඇත්තටම ඇයි මට තුෂාරිගෙන් අයින් වෙන්න ඕන වුණේ?"
ඔහු අතීතය කල්පනා කළේය.
නාමල්ට සිටියේ කෙනෙක් පමණි.ඔවුන් ගමේ තත්ත්වයක් ඇතිව ජීවත් වූ පවුලක් විය. නාමල්ගේ මාපියන් නාමල්ටත් නාදනාටත් එක ලෙසින් ආදරය කළත් නාදනාට විශේෂයක් තාත්තා තුළ තිබුණේය.ඇය ඔහුගේ සුරතලියයි. කවදාවත් ඇය ඉල්ලන කිසිවක් ඔහු ලබා නොදී නැත. නාදනා ඒ ලෙවල් අවසන් කර ටවුමේ ඉංග්‍රීසි පන්තියකට ඇතුළත් වූවාය.පන්තිය උදේ වරුවේ පමණක් වුවත් ඇය ගෙදර එනවිට හවස් වන හේතුව සොයා බලද්දී ටවුමේ කඩයක වැඩ කළ තරුණයෙක් හා ඇය යහළු වී තිබුණේය. මයිකල් ඔවුන්ගේ පවුලටවත් නාදනාටවත් කිසිසේත්ම ගැලපෙන කෙනෙක් නොවුණත් නාදනා තමන්ගේ ස්ථාවරය වෙනස් කළේ ම නැත.
තාත්තා එකහෙළා ඇයට තරයේ විරුද්ධ වූවේය.එහෙත් පසු බැස්සේ නාදනා නොවේ. ජීවිතයේ පළමු වරට තාත්තාගෙන් ගුටි කෑ ඇය නැවතුණේ මයිකල් සමග හොරෙන් පැන යාමෙනි.නාදනා කළ වික්‍රමයෙන් ප්‍රතිඵල අත් වින්දේ අනෙක් අයයි. විශේෂයෙන් නාමල් ය.
නංගීගේ හපන්කම ගැන දැනගත් සැණින් තාත්තාට හදිසි හෘදයාබාධයක් ආවේය.ඔහු රෝහල්ගත කර නාමල් දවස් ගණනක් ඔහු වෙනුවෙන් රැයක් දවාලක් නැතිව මහන්සි වූයේය. ඒ නාමල් රැකියාවට ගිය අලුත වූයෙන් මාසයකට තිබුණේ නිවාඩු දින දෙකක් පමණි.මෙසේ නොදන්වා සති දෙකක් එක දිගට සේවයට නොපැමිණීම නිසා ඒ මාසය අවසානයේ ඔහුගේ රැකියාව අවසන් කළ බවට ලිපියක් ලැබී තිබුණේය.
ඒ මදිවාට
"දුවෙක් පැනල ගිය ගෙදරක් එක්ක අපි නෑකම් පටන් ගන්නෙ නෑ"
නාමල්ගේ පෙම්වතියගේ පියා ගෝරනාඩු කර තිබුණි.කෙතරම් වටහා දුන්නත් ඔහු ඒ තීරණය වෙනස් කළේ නැත. සමහර විට නාමල්ගේ රැකියාව අහිමි වීමත් ඊට බලපාන්න ඇති.
විශාල අහිමිවීම් දෙකක් මැදින් ආයෙත් ජීවිතය ගොඩ නගා ගන්නට නාමල්ට මහා කාලයක් ගත විය.තුෂාරිගේ මංගල යෝජනාව ලැබෙද්දී ඔහුට වයස තිස් පහකි.ඇය දුටු දා ම කැමති හිතුණත් ඔහුට වඩා අවුරුදු අටක්ම බාල නිසා අකමැති වනු ඇතැයි නාමල් සිතුවේය.එහෙත් කපුවා රැගෙන ආවේ සුබ පුවතකි.ඉතා චාම් උත්සවයකින් ඔවුහු විවාහ වූහ. තුෂාරි නාමල්ට ඉතා හොඳ බිරිඳක් මෙන් ම අම්මාටත් තාත්තාටත් ලේලියක් නොවී දුවක් වූවාය. අම්මාගේත් තාත්තාගේත් නොමද ආදරය ඇය ලැබුවාය. ඇය ද තමන්ගේ දෙමාපියන්ට සේම ඔවුන්ට හිතැති වූවාය.තමන්ගේ නරක කාලය අවසන් යයි නාමල් සිතුවේය. කාර්‍යාලයේ වැඩ අවසන් ව ගෙදර එන ඔහුට තිබූ ලොකුම සැනසීම ඇයයි.
තාත්තා නැවත අසනීප වී නොඑනා ගමන් ම ගියේය.මෙතෙක් නිවසට ගොඩ වෙන්න අවසර නොලද නාදනා මළ ගෙදර දවසේ ගෙට ගොඩ වූයේම ගමටම ඇහෙන්න බෙරිහන් දීගෙනය. ඇගේ අතේ එල්ලී සිටි නාමල්ගේ පොඩි කාලේ සිහිපත් කළ දරුවාට පිටුපාන්න කාටවත් හැකි වූයේ නැත.ඒ වෙද්දී දෙවන වතාවටත් ගැබිණියක් වී සිටි නාදනා |
ඉන්පසු නිතර නිතර ගෙදර ආවාය. දෙවන වර ලැබෙන්න ඉන්නේ නිවුන්නු නිසා හොඳින් පරිස්සම් වෙන්න යයි අම්මා නිරන්තරයෙන් උපදෙස් දුන්නාය. තුෂාරිත් අම්මාත් ඇයට ඉහළම සත්කාර කළ බව නාමල් දැන සිටියේය.තාත්තා නැති දුක ටිකක් හෝ තුනී වූයේ නාදනාත් දරුවාත් නිසාය.තාත්තාගේ තුන් මාසයේ දානය අවසන් වූ පසු නාදනා මහ ගෙදර පදිංචියට ම ආවාය.මයිකල් වැඩ කළේ දුර ඈතක නිසා ඔහු ආවේ ගියේ ඉඳ හිටය.
ඒ අතරේ නාමල් දැන් කරන රැකියාවෙන් සෑහෙන දුරකට මාරුවක් ලැබුණේය. පාන්දර ගෙදරින් පිට වන ඔහු රෑ බෝ වී නැවත නිවසට ගොඩ වැදුනේ පණ කඳක් නැති රූපයක් ලෙසිනි.ඒ වෙලාවට කාගේ හෝ හිනාවක් කතාවක් පවා ඔහුව කේන්ති ගස්සවයි. තුෂාරි හැමදාමත් ඔහු එන මග බලා සිටිමින් සියලු කටයුතු වෙනදා මෙන්ම කර දුන්නත් ඇයගේ වචනයකට ඔහු පුරුද්දට මෙන් හූමිටි තිබ්බේත් නොරිස්සුමිනි,ඈ කියන්නේ මොනවාදැයිවත් නොදැනය. පහු වෙද්දී ඔහු ඒ තරම්වත් කතා නොකළේය. සෙනසුරාදත් වැඩ තිබූ නිසා ඒ මහන්සියෙන් ඉරිදා දවස ම සතියේ ඇරියස් වහන්නට නින්දෙන් ගතවෙයි.
ටික දවසක් ගත වෙද්දී ගෙදර මොනවා හෝ ප්‍රශ්නයක් ඇත්දැයි ඔහුට සිතුණේය. නිදා ගන්නා ඉරිදා දවසේ ගෙතුළ පොඩි පොඩි වචන හුවමාරු ඔහුට යන්තම් ඇසුණේය.වෙනදා ඔහු එද්දී හිනා වී ඔහුව පිළි ගන්නා තුෂාරිගේ හිනාව අතුරුදහන් වී ඇත.ඔහු හා කතා කරන්න ගොස් ඔහුගෙන් රළු පිළිතුරක් ලැබුණත් නිහඬ ව සිටි ඇය දැන් නෝක්කාඩු කියන තැනට පත් වී ඇත.
ඒ නෝක්කාඩු අතර නාදනාගේ විත්තිද විටින් විට රැඳුනේය.
"නෑනලා නෑනලා රණ්ඩු කොතනත් තියෙනවා........එයාට අවුල් ඇති අපේ වෙඩින් ෆොටෝ දකිද්දි......... ටිකක් ඉවසලා ඉන්න ඔයත්......."
වරින් වර ඔහු කීවේය.එහෙත් පසු ව ඔහුට ඒවා මහා කන් කරච්චලයක් විය.
"මොන කරදරයක් ද මේ මැ.රි.ලා මැ.රිලා ආවම කනක් ඇහිල ඉන්න දෙනවකෝ"
තුෂාරි ඔහු හා කතා කරන්න හැමදාම බලා සිටියත් බාගෙට තුන් කාලට පණ සිඳී එන ඔහු ඈ දෙස බැලුවේවත් නැත.
"පව් එක අතකට, මට නොකියා වෙන කාට කියන්නද......."ඔහුට පළමු වතාවට හිතුණේය.
එක් ඉරිදාවක මේ නිහඬතාවය පිපිරුවේය.
වරුවක් තිස්සේ කෑ කොස්සන් දෙන නංගීට බැණ අඬ ගසාගෙන ඔහු නිදා ගන්න නොදෙන කේන්තියෙන් කාමරයෙන් එළියට ආවේය.නංගී රණ්ඩු වෙමින් සිටියේ තුෂාරි සමගය.ඔහුගේ කේන්තිය ඇවිස්සුනේය.ඔහු එවර ලේසියෙන් ම බිරිඳට බැණගෙන බැණගෙන ගියේය. නංගී ද සාක්ෂි සහිතව ඇගේ වැරදිම පෙන්නුවාය. සැමදා නිහඬව සිටි තුෂාරි එදා කට ඇරියාය.
අන්තිමේ නොසිතූ ලෙසින් නාමල්ගේ අතක් තුෂාරිගේ කම්මුල හරහා ගියේය.!! සියල්ල මොහොතක් නිහඬ විය.සිදු වූයේ කුමක්දැයි සියළු දෙනා විස්මයෙන් බලා සිටිති. අම්මාට නංගීට පමණක් නොව බිරිඳට පවා මුහුණ දී ගත නොහැකි වූ නාමල් නැවත කාමරයට ඇතුල් වූයේය.ඔහුට නින්ද ගියේ කොයි වෙලාවේදැයි ඔහු දන්නේ නැත.හුඟාක් හවස් වී ඇහැරුණු ඔහු දවසේ සිදු වූ දේවල් සිහි කළේය. ඔහුට තමා ගැන ම තරහ ගියේය.
"පුතා ඇහැරුණාද?"අම්මා කාමරයට ඇතුල් වූවාය.
"කෝ අම්මෙ තුෂාරි?"
අම්මා කිසිත් නොකියා පුටුවෙන් වාඩි වූවාය.
"ගෑණියෙක් වුණා ම මිනිහා පාරක් දෙකක් ගැහුවට කලබල වෙන්න ඕන නෑ.අපේ කාලේ නම් ඔහොම නෑ"
නාමල් කලබල වූයේය."ඇයි තුෂාරිට මොකද වුණේ?"
"මොනව වෙන්නද.කෝල් එකක් දුන්නා. ත්‍රී වීල් එකක් ආවා.බෑග් එකකුත් අරන් ගියා.
"මොකක්?.........!!"නාමල් කළබලයෙන් ඇඳෙන් නැගිට්ටේය.
"හතර විළි ලැජ්ජාවයි.මේ පවුල් වල කවදාවත් වෙච්ච දේවල් ද මේ.ගමටම අඬබෙර ගහලා පාවඩ උඩු වියන් මැදින් වඩම්මන් ආව මනමාලි හොර ගමනක් යන්නහේ ගොම්මනේ තනියෙන් රෙදි මල්ලක් උස්සන් යන්න ගියාම අපි කොහොමද රටට ලෝකෙට මූණ දෙන්නෙ."
"අම්මලටත් ඔයිට වඩා රත්තරං ගොඩක් හිටියෙ නෑනේ.දැන් පේනවනෙ රඟ" නංගීත් ඒ අස්සේ පෝර දැම්මාය.
නාමල් වහා නැගිට කමිසයක් අතට ගත්තේය.
"උඹත් දැන් ඔය ඒ පස්සෙන් දුවන්නද?විකාර නොකර හිටිං.මේ රෑ කොහෙ යන්නද?ගිය විදියට ම ආවාවේ"
සඳුදා සිට නැවත රැකියාවට මුල් ඇද ගත් ඔහු තුෂාරිගේ ගෙදර යන්න ඉඩක් හදා ගත්තේ ඉරිදාය.ඒ වෙද්දී නංගීගේත් අම්මාගේත් කතා වලින් ඔහුගේ හිස පිරී තිබුණේය.
"අනේ අපි වෙන ගෙදරකට ටික කාලෙකට හරි යමු........"තුෂාරිගේ එකම ඉල්ලීම වූයේ එයයි.
"පි.ස්සු හැදීගෙන එනවද?අච්චර ගෙයක් තියන් කුලියට යන්න. ඊටත් කොහෙ තියෙන සල්ලිද?"
"එහෙනම්.......එහෙනම් ඔයා මෙහෙ එන්න"
"මෙහෙ ඉඳන් මං කොහොමද වැඩට යන්නෙ?මටත් බෝඩ් වෙන්න ද කියන්නෙ.පි.ස්සු නැතුව ගෙදර යං."
එහෙත් වෙනදා ඔහුගේ වචනයකට උඩින් නොගිය තුෂාරි මෙවර කීකරු වූයේ නැත.
"මට එහෙ ඉන්න බෑ නාමල්!!"
එන්න බැරි නම් ඔහෙ ම හිටපං හිතාගෙන කෝ.පයෙන් ගෙදර ආ ඔහු ඒ වේගයෙන් ම දි.ක්ක.සාද නඩුවක් දැම්මේ ගෙදර අයගේත් කැමැත්තෙනි, උසි ගැන්වීමෙනි.
"අම්මේ..............."ඔහුගේ කල්පනාව බිඳ වැටුණේ නංගීගේ කට හඬිනි.
"අයියා ආවද?මොකද නඩුව?"
"කල් ගියාලු"අම්මා කණගාටුවෙන් කියනු ඇසුණේය.
"හ්ම්........ඕවා ලේසි නෑ........මේ…………..... පොඩි දෙන්නාට මොන්ටිසෝරියෙ කොන්සට් එක තියෙනවා. ඇඳුම් වලට පාළොස් දාහක්ලු."
"අම්මෝ........ඒවා රත්තරං නූලෙන්ද මහල තියෙන්නෙ"
"එහෙම තමා අම්මෙ.....වීඩියෝත් කරනවලු.ඒ නිසා කල එලියට තියෙන්න එපැයි ........... අම්මා අයියගෙන් අහන්නකෝ"
"උඹට පිස්සුද බං.........අයියා නේද ලොකු ළමයටත් වියදම් කරන්නෙ........ ඇයි මයිකල්ට කියපංකො"
"මයිකල් හම්බ කරන ගාන මගටම ඉවරයි.ඒ මනුස්සයාට ඉතුරුවක් කර ගන්න දැනෙන්නෙ නෑ.අනික අයියා අපිට නොදී වෙන කාට දෙන්නද?"
"හහ්......ඇයි අයියා කසාද නොබැඳ ඉඳී කියල හිතුණද?"
"මේ නඩුව ඉවර වෙද්දි තව කී කාලයක් යයිද?දැනුත් අයියගෙ වයස කීයද?ඉස්සර වගේ නෙවේ දැන් දික්ක..සාද පිරිමියෙක්ටත් දීගයක් දෙන්න කලින් මිනිස්සු තුන් හතර පාරක් හිතනවා"
"ඔය කිසි එකක් නෑනෙ උඹ අර කෙල්ලත් එක්ක තිස්සෙම කොණ්ඩවලු පටලවාගන්නෙ නැතුව හිටියානං"
"හා.........අම්මත් එහෙනම් ඒ කාලේ අගේ ඇති ලේලිගෙ පැත්ත ගන්න එපැයි"
"ඔව් ඒක තමා මට වැර.දුණේ........මොක වුණත් උඹ මගෙ දුව ඒකි පිට එකී කියල මට හිතුණෙ.......ඒත් උඹට වඩා ආදරෙන් ඒ කෙල්ල අපිට සැලකුවා"
"අනේ අම්මෙ මේ........ඒකි ඔහොම හරි පන්න ගත්තෙ නැත්නම් අයියා දෙයි සල්ලි අම්මට වන්දනාවෙ යන්නයි ඔහොම දාන මාන දෙන්නයි"
"මට ඒ කර ගත්ත පිනකට වඩා උන් දෙන්නා එක වහලක් යට හිටියා නම් පින් සිද්ද වෙනවා.
**********************************
"නඩු අංක .........දි.ක්ක.සාද, පැමිණිලිකරු නාමල් ජයශාන්ත,විත්තිකරු ගමගේ තුෂාරි සංකල්පනා"
තෝල්ක මුදලි තැන හඬ නැගුවේය. පැමිණිල්ලේ හා විත්තියේ නීතීඥවරු සැනෙකින් නැගී සිට හිස නවති. පැමිණිල්ලේ නීතීඥවරයා දුර්මුඛව මෙන් පැමිණ තෝල්ක මුදලි තැනට යමක් කෙඳිරුවේය.ඔහු පුදුමයෙන් මෙන් බලා සිට විනිශ්චයකාරතුමා වෙතට නැවී හෙමින් කතා කළේය. විනිශ්චයකාරතුමා මඳ සිනාවකින් හිස වැණුවේය.
"පැමිණිලි පක්ෂය නඩුව ඉල්ලා අස් කර ගන්නවා ස්වාමීනී........මේ විවාහය නැවත බලාත්මක කරන මෙන් ඉල්ලා සිටිනවා"
නාමල් තමා දෙස විශ්මයෙන් බලා සිටින තුෂාරි දෙස බැලුවේය.
"අපි වෙනම පදිංචි වෙමු" ඔහුගේ තොල් සැලුනේ එසේ කියමිනි.
--------------Shanika Tennakoon-----------------අද උදේම ෆෝන් එක රිං වෙනවා. අද මගෙ නිවාඩු දවස. මොකාද යකෝ මේ උදේ පාන්දරම කියලා හිතුනත් කෝටකත් ආන්සර් කරා.
"හෙලෝ මේ වජිරද?"
"ඔව්, කවුද මේ?" කන්ෆියුස් උන්ගා බුන්ගා වෙච්ච මං ඇහුවා.
"මම විලියම්සන්"
"මොන මිලියමෙක්ද. මං විලියම් දන්නෙත් නෑ උගෙ සන්ව දන්නෙත් නෑ. Uberta වැරදිලා"
"නෑ නෑ බං. වැරදුනේ නෑ. මං නව සීලන්තෙ කැප්ටන්. වැලලෙන්න නැතුව මේ කියනෙක අහපංකෝ"
" අම්මට සිරා විලියම්සන් බොසා. එකෙන්ම රෙස්පෙට් ඈ."
"හරි හරි රෙපෙක්ට් එපා. පොඩි උදව්වක් කරාං"
"මේමයි බොසා... ඔයා අපේ හදවතේ ඉන්න පොරක් තමා. ඒත් මේ දවස්වල හෙන අමාරුවෙන් ගේම ගහන්නෙ බොසා. රිම් එකෙන් යන්නෙ රිම් එකෙන්. සල්ලි නං ඉල්ලුවට දෙන්ඩ නෑ ඉතිං"
"නෑ නෑ බං. සල්ලි එපා. නාහෙන් අඬන්නැතුව අහපංකෝ. හැබැයි බොලා හෙන ඔසී ලයිප්, ලස්සරි ලයිප් ලයින් එකේ හිටියට සත පහ අතේ නෑනේහ්"
"ඒම තමා බොසා...පේස්බුක් ජීවිතේ නෙවෙයි අපෙ සැබෑ ජීවිතේ. ඒකෙන් වැඩක් නෑ... මොකක්ද දැන් වෙන්ඩෝන"
"ලොකු දෙයක් නෙවෙයි බං. පුලුවන්නං අද හදවතින්ම නසීලාංකිකයි ගගා අපිට සපෝර්ට් කරන්න්නැතුව හිටාංකෝ. ඔක්කොමත් හරි තොපේ වස්තිය තමා අද හරහට හිටියොත්"
"හුටා ... හරි හරි සපෝර්ට් කරන්නැ රෙද්ද "
"තෑම්ස් බොක්ක. බායි එහෙනං"
"හැබැයි බොසා අපි හදවතින්ම නවසීලාංකිකයි ඈ"
"උඹට මං #%*-#&@%@*%@*@"කෙටි කතාව
බෝඩිංකාරයා තවමත් තනිකඩය.
තට්ටු දෙකේ ගෙදර යට තට්ටුවේ බෝඩ් කාරයා සිරිදාසය. රකින්නට පරපුරක් හෝ භූදලයක් නැති බෝඩිං කාරයාට රස්සාවක් තිබේ . තනිකඩ සිරිදාසට ආඩම්බර කමක් වූ දවස ඊයේය.
තනිකඩයෙකු වීම ගැන මනස්ථාපයක් වූ හේතුව ම හරියටම මාස හයකට පසුව ආඩම්බරයක් වීම ගැන ඔහුට ඇත්තේ පුදුමය කට වඩා කණස්සල්ලකි.
අලුත්ම ජෝඩුවක් උඩ තට්ටුවේ පදිංචියට ආ පළමු දවසේ සිරිදාස හරිහරියට ඔවුන්ට උදව් උනේ බඩු මුට්ටු ටික උඩ තට්ටුවට ගෙනයෑමට ය.
කොළඹ විදිහට හැදුනු ඒ ගෑණු ළමයා ඉතාමත් කෙටි සායක් හැද සිටියාය . සරීරය කොහේ තිබුනත් කාගෙ ඇස් කොතැන තිබුනත් වගේ වගක් නැති ගානට ඈ කිරිළ්ලියක සේ උඩට පහලට පියා සැළුවාය.
සම වයස් වූ ඇගේ සැමියා ද වරින් වර දුම්වැටි පුළුස්සමින් සිරිදාස හා සමග බඩු මුට්ටු ගෙදර උඩ තට්ටු වට ඇද්දේය.
එදා රාත්‍රි යේ දී නව යුවල බෝඩිං කාරයා වෙනුවෙන් විස්කි බෝතලයක් කැඩුවේය.
කෑමෙන් බීමෙන් හොඳ ට සන්තර්පනය වූ බෝඩිං කාරයා එදා රාත්‍රි යේදී නින්දත් නොනින්දත් අතර කම්පාවුනේ තමා කලවයස ඉක්මයන තෙක් පෙළවහක් නොකරගත්තේ ඇයි ද , කියාය .
පව්ලේ එකම දරුවා වීම ඊට හේතුව වන්නට ඇත . අම්මා ගේ සහ තාත්තා ගේ අසීමිත ආදරය නිසා ඔහු සැමවිටම කළ්පනා කලේ ඔවුන් හැකිතාක් සතුටින් තැබීමටය. ඒ සමගම ඔහු තුල අනියත බියක් වැඩෙන්නට වූයේ පිට ගෑණියෙක් ගෙදරට ගෙනාවොත් මේ සැලකිළි දුරස්වේය කියාය .
සම්ප්‍රදායි මේ බොළඳ සිතුවිල්ල සහ කව |
දත් තමා තුල වූ ලැජ්ජාකාර ගති විසින් පස්සට අදිනු ලැබීම නිසාත් සිරිදාසට කසාද ය මගහැරී හියේය.
රස්සාව දේව කාරියක් සේ සැලකූ සිරිදාසට හැමෝගෙම ආදරය සහ කරුණාව ලැබීම නිසා ඔහුගේ බැදීම් රහිත තනිකඩ ජීවිතය අතීශයින්ම චමත්කාරජනක අත්දැකීමක් විය.
මේ අරාජික මනෝලෝකය තරමක් දෙදරා ගියේ අලුතින් කසාද බැදපු කුරුළු ජෝඩුව උඩ තට්ටුවේ ලැගුම් ගැනීම සමගය .
දෙදෙනා ගේ පළමු මාසය හිංදි චිත්‍ර පටියක් වාගේය . උදේට වැඩ යන විටත් හවසට ගෙදර විත් උඩ තට්ටුවේ පිය ගැටපෙළ නගින විටත් නවයුවලගේ පොපියන චමත්කාරය සිරිදාස දකී.
බොහෝවිට ඔහු ඒ දේ දැක්කත් නොදැක්කාසේ සිටී. ඇහුනත් නෑහුනා සේ සිටී.
අළුත් ජෝඩුව උඩ තට්ටුවට පැමිණ දෙවැනි තුන්වැනි මාසය එළැඹෙන විට වෙනදා සිරිදාසට ඇසුනු සුරතල් කතාවෙනුවට උස් හඩින් කෙරෙන කතා බහ සේම ප්‍රශ්ණ කිරීම් සහ උත්තර බැදීම්ද ඔහුට ඇසුනේය.
හතරවන පස්වන මාසවලදී සිනා හඩ වෙනුවට ඉකිබිදීම් ,හැඩීම් සහ හඩමින් බැණ අඩ ගැසීම් ද තද බල වාද විවාදද සිරිදාසට ඇසුනේය.
දැං දෙන්නා වෙන වෙනම වැඩට යයි. වෙන වෙනම ගෙදර එයි. හිටි ගමං ගෑණු ළමයා ඇදුම් කෑලි ටිකක් දමාගෙන ටැක්සියක් ගෙන්වාගෙන කෝපයෙන් පිටවැ යයි.
පිරිමියා වේග රිද්ම ගී මහා සද්දෙට දමාගෙන කර්ටි කැඩෙන්නට බොයි.
මාස පහක් ඇතුළත සිදුවූ මේ පරිවර්තනය සිරිදාසට අදහා ගත නොහැකි තරම්ය . ඔහු මේ දෙදෙනාගෙන් එකෙකුගෙන්වත් මේ ඇයි ද , කියා ඇසුවේ ද නැත .
ඊයේ නිවාඩු දවසේ , අර පොෂ් ගෑණු ළමයාගේ මහදෙන්නා ලොරිය ක්ද රැගෙන ආවේය . තරුණ යාද සිටියේ ය.
ඔවුන් දෙවැනි වතාවට සිරිදාසගේ උදව් ඉල්ලා සිටියේ මීට පෙර උඩ තට්ටුවට ගත් බඩු පහළ ට ගෙනියෑමටය.
තවත් මොහොත කින් පිරිමි ළමයාගේ තාත්තා සහ අම්මාද එහි ආහ.
දෙගොල්ලෝ එකිනෙකා ගේ කැඩෙන බිදෙන බඩු පරිස්සමෙන් පහළ ට ගෙන ගියහ.සිරිදාසද ඒවා පරිස්සමෙන් ගෙනයෑමට දෙගොල්ලන්ටම උදව් කලේය .
ඒ කිසිවෙකු ට ඉතාමත් කෙටි කාලෙකිං කැඩීබිදී ගිය වටිනාම සිත් දෙකක් ඒ ගෙදර තවමත් තිබෙන බව අමතක වූයේ ඇයිදැයි සිරිදාස කළ්පනා කලේය .
කුණු කූඩයට වැටුනු දෙදෙනාගේ ආදරය ගැන එදා මනස්ථාප වූ එකම පුද්ගලයා සිරිදාසය.
දොරවල් වසා ගේට්ටුව වසා ඔවුන් පශ්චාත් තාපි මුහුණින් "අපි යනවා මිස්ට සිරි දාස " කියා යන්නම ගියේ හරියට චිත්‍ර පට ජවනිකාව ක් වාගේය .
සුසුම ක් නැති කදුළක් නැති , ගිනි පිටවෙන ආදරණීය ඇස් වලින් සිව් දෙස බලමින් මේ මිනිසුන් ගේ නික්ම යෑම පළමු වතාවට තනිකඩ සිරිදාසගේ සිතට ගෙනාවේ කාළකන්ණි සතුටක් ය.
ඒදා දවසේ දී සිරිදාස නම් බෝඩ්ංකාරයා තමා තනිකඩයෙකු වීම ගැන අවංකව ම සතුටු උනේය .
ඔහු තාම තනිකඩය.
ජයන්ත විජේසිංහ .දෙකෙන් එකක් අඩු කලාම
එකක් ලැබෙනවා
එකයි එකයි දෙකයි කියල
ටීච කියනවා
කියන හින්ද මමත් ඒව
අහන් ඉන්නවා
තේරෙන්නේ නැති උනාට
ඔලුව වනනවා.......
අක්කි එක්ක හැමදාමත්
පාසල් එනවා
හරි තාලෙට උඩු බුරන්න
ඉගෙන ගන්නවා
ගමේ ගිහින් යාලුවන්ට
කියලා දෙනවා
පෝය දාට හඳ මාමට
සිංදු කියනවා......
පූසො පස්සෙ දුවල යන්න
ඉගෙන ගන්නවා
එහා ගෙදර කලු පූසිව
අල්ල ගන්නවා
නපුරු, බෝල මූණට බය
නැහැයි කියනවා
මට පුම්බන නියපොතු ටික
කපල දානවා............
Sudarshani~~~
Photo from web••••••••Whispers of Two Worlds••••••••
Anuja's journey began in the picturesque town of Gampola, Sri Lanka, where the vibrant colors of his childhood were overshadowed by the somber absence of his mother. Losing her at the tender age of 10 left a void that not even the lush landscapes of Gampola could fill. Life became a series of challenges, and his father, recognizing the need for change, made the bold decision to migrate to Dunedin, New Zealand, in search of new beginnings.
At the age of 13, Anuja found himself in the unfamiliar surroundings of Dunedin, a city nestled on the southeastern coast of New Zealand. The cultural shift was profound, and the once warm embrace of Gampola was replaced by the cool winds of the Southern Hemisphere. His father, determined to provide a better future, took on odd jobs to make ends meet. Anuja, on the other hand, faced the uphill task of adapting to a foreign land without the comforting presence of his mother.
The first few months were a struggle. The New Zealand education system, social dynamics, and even the accent were foreign concepts to Anuja. He found solace in his father's unwavering support, but the ache of his mother's absence lingered. Each day seemed like a battle against the tide of loneliness, and the memories of Gampola felt like distant echoes in the vast expanse of his new reality.
One of the saving graces for Anuja was the welcoming environment of Dunedin. The community, diverse and accepting, gradually became his new family. Classmates extended their hands in friendship, teachers offered guidance, and neighbors embraced the father-son duo with open hearts. The tight-knit community in Dunedin became a source of strength, helping Anuja navigate the labyrinth of adolescence without the compass of his mother's wisdom.
The rugged beauty of Dunedin, with its rolling hills and pristine beaches, also played a pivotal role in Anuja's healing process. Nature became his sanctuary, a place where he could reflect and find solace. The expansive landscapes mirrored the vastness of his grief, but also provided a canvas for resilience. The crisp air and the soothing sounds of the ocean whispered tales of renewal, encouraging Anuja to let go of the pain that had gripped his heart for so long.
As the seasons changed, so did Anuja. Academic challenges transformed into triumphs, and the once hesitant boy began to find his voice in the harmonious blend of cultures that defined Dunedin. The supportive community became the backbone of his emotional recovery, allowing him to confront the void left by his mother's absence.
Anuja's father, observing the positive changes in his son, couldn't help but marvel at the transformative power of their new home. The wounds of the past were not forgotten, but they were no longer the focal point of Anuja's narrative. Dunedin, with its nurturing embrace, had become a catalyst for healing and growth.
The pivotal moment came during a community festival that celebrated diversity and unity. Anuja, once a spectator on the sidelines, found himself at the heart of the festivities. The rhythm of the music and the laughter of his newfound friends echoed through the night, drowning out the echoes of his past pain. It was a moment of liberation, a realization that life in Dunedin had woven a tapestry of resilience, community, and self-discovery.
The journey from Gampola to Dunedin was not without its hardships, but for Anuja, it became a transformative odyssey. The vibrant hues of his childhood in Sri Lanka, dimmed by loss, found new brilliance in the landscapes of New Zealand. The boy who arrived with grief-laden shoulders emerged as a resilient young man, sculpted by the winds of change and the embrace of a compassionate community.
In the heart of Dunedin, as the Southern Cross adorned the night sky, Anuja stood tall, a testament to the indomitable spirit that arises when one finds solace in unexpected places. The memories of his mother remained etched in his soul, but the love and warmth of his new home in Dunedin had become the balm that soothed the wounds of the past.මා දන්නා කාලයක සිට මතකයන් විටෙන් විට මා දවමින් සිටින බව තේරුම් ගොස් තිබුණි.සත්‍ය වශයෙන්ම සිදුවූයේ මා මතකයන් මතක් කරමින් දැවීමයි.මතකයන් තුළ දැවීම විටෙක ගින්නක් වැනිය.දැල්වීමට අවශ්‍ය දහන පෝෂක ලබා දෙන්නේ මතකයන් අවදිවීම තුළ මාගේ ශරීරය තුළ සිදුවන රසායන ක්‍රියාවලියකි.එයට අවශ්‍ය උත්තේජනයද මා ලබාදෙන බැවින් වරද මා අතේය. මතකය නැමැති ගින්න දැල්වීම නොනවති. නමුත් එය තුළ සාමාන්‍ය වීම හෝ එයට ඇබ්බැහි වීම තමන්ට තමන් පාලනය කරගැනීමේ හැකියාවද නොහැකියාවමද යන්න මම අදටත් සිතමි.ඒ පැනයත් මතකය නැමැති දැල්වීමට මා විසින්ම තීරණය කළ ගින්නෙහිම තබා මගේ ආත්මාර්ථයත් පරාර්ථයත් අතර වන කැළඹීම හැකිතාක් දුරස් වෙමින් විදිමින් මධ්‍යස්ථයකට උත්සහ කරමින් අනාගතය කරා පියමනිමි.මා මේ මොහොතේ විදින්නාවූ මේ නිමේෂය පමණක් මෙසේ සටහනක් ලෙස තබමි.
අමතක කරන්න මතකයක්
නැත්තන් තැවෙන්න හිතකුත්
ඇයි හමුවුනේ ඇයි වෙන්වුනේ
මේ චාරිකාවේ දුර ආකහේ
විඩාබරයි මේ ජීවිතේ
සමාවෙයන් මගෙ ජීවිතේ//
කළ දේවල් ගැන තෘප්තියක් නෑ
ගියාට සතුටක් දැනෙන්නේ නෑ
අල්ලන් හිටි කාලේ මොහොතක්වත් බෑ
දැන් නැවතුනත් මට කමක් නෑ
දුවනවා පාර පැහැදිලි නෑ
අද දින මට තෑග්ගක්
ඒත් උපන් දිනයක්වත් නෑ
මගේ පරාර්ථ ආත්මාර්ථ අතරේ
මං ආයේ පැටලෙන්නේ නෑ
විඩාබරයි මේ ජීවිතේ
සමාවෙයන් මගේ ජීවිතේ//
දැහැමි තිසරු බිම්සර2023 නොවැම්බර් 13.
නොවැම්බර් යනු අපිට මළවුන |
් ගේ මාසයයි. 13 යනු ලෝකෙටම අසුබ අංකයකි. බොහෝ හෝටලවල 13 අංකය ඇති තට්ටුවක් නැත . 12 ට පසු 14 ය.
ඇපලෝ 13 ද කඩාගෙන වැටුනේය .බොහෝ දෙනා 13 දවස මගහරිති.
ගිය වසරේදී කොළඹ මහජන පුස්තකාල පොත් ප්‍රදර්ශනයේදී අපි (අනුහස්, ශ්‍රීලාල් ,අයිවෝ විරන්ත සහ කුරාකූඹි මිනිසා ) ඉතාමත් කැමැත්තෙන් 13 කුටිය ඉල්ලාගතිමු.
අපිට අව්ලක් උනේ නැත .
එහෙත් අද මොනව වෙයිද? මළවුන්ගෙ මාසෙ 13 දා රටේ මුදල් ඇමැති වන ජනපති අය -වැය ඉදිරිපත් කරයි.
ඉස්සර කාලේ අය වැය කතාව අහං ඉන්න ආසය. දේශපාලනය ගැන උනන්දුව ක් පොඩි කාලේ ඉදංම ඇගේ තිබුණු අපිවගේ අයට අයවැය ඉදිරිපත් කල ඒ කාලේ හිටපු මුදල් ඇමැති වරුන් අතර ආචාර්ය ඇන්.ඇම් .පෙරේරා , රොනී ද මැල් , යූ.බී .වන්නිනායක වැනි දේශපාලන මහත්වරුන් ගේ නම් තාම මතකය .එසේම පසු කලෙක අයවැය ඉදිරිපත් කල මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අපිට අයවැය ඇසීම ද එපා කලේය . ගමේ මරණාධාර සමිතියෙ අය වැය ඊට වඩා හොඳ ය.
බැසිල් රාජපක්ෂ ඉදිරි පත්කල අය වැය ඉතිහාසගත එකකි. ඔහුගේ සිංහළ පොඩි එකාගේ ලියුම වගේය.
මේ දෙන්නාම ගෙනහැර පෑ ගණන් සහ ඉලක්කං බොහොම යක් ඇස්බැන්දුම් බව අය වැය විවාද වලදී විපක්ෂයේ ආචාර්ය හර්ෂ සහ එරාන් ලා පෙන්නා දුන් හැටි අපි ට මතකය .ඒ කව් රු මොනා කීවත් ඕනෑම උලව්වක් සදහා අවසාන යේ දී වැඩිපුර ඇසෙන ,"පක් ෂාආආආයි" වචනයත් සමග සියල්ල සම්මතවේ.
අනාගතය ගැන මෙලෝ සැලසුමක් ,නැති වගවීමක් නැති ඒ නපුංසක බජට් වලින් සිදුවුනේ , සැමදෑම ඇති හැකි උංගේ ප්‍රශ්ණ නැති බැරි උංගේ ජීවිත මිරිකා ගත් සාරයෙන් පෝෂණය කිරීමය.
ඉස්සර යූ.බී.වන්නිනායක මුදල් ඇමැති කාලේ සිගරැටුවක් සත පහකින්ද භූමිතෙල් සත දහයකින්ද වැඩිකොට මදිපාඩුවට ලෝක බැංකු ආධාරයක් අරං පොඩි මිනිහාට නොදැනෙන්න බජට් එක බැලැස්කල හැටි හරි අපූරු ය.
මැතිනිගෙ ආණ්ඩුව කාලේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගේ අයවැය පොඩි මිනිහාට දැනෙන්න වැදුණා මතකය . හාල් පොලු මිරිස් පොලු කාලේ ආ ඒ අය වැය , අවසානයේදී මැතිනිය ට ප්‍රජා අයිතිය පවා නැතිකල JR ට බලයට ඒ මට එලූ රතු පාවඩයක් වුනේය .
මා දන්නා තරමට අයවැය ඉතාමත් බරසාර විදිහට ඉතාමත් දීර්ඝ කාලයක් ගතකරමින් වතුර වීදුරු ගනන් බොමින් කෙලින් හිටගෙන ඉතාමත් චතුර ලෙස ඉංග්‍රීසි යෙන්ද සිංහලෙන්ද ඉදිරිපත් කල වියතා අන් කිසිවෙකු නොව රොනී ද මැල් මුදල් ඇමැති තුමාය.
සත්‍යය වශයෙන් ම රටක අයවැයක් සෑදිය යුත්තේ කෙසේද කියා ඕනෑම මුදල් ඇමැති වරයෙකු විසින් හැදෑරීම සුදුසු අයවැය ලේඛන ඒවාය.
එය ට රටේ ආර්ථික යේ දිශානතිය වෙනස් කල හැකි කෙටි කාලීන , දිගු කාළීන සහ උපාය මාර්ගික සැලැසුම් අන්තර්ගත වේ. අවාසනාවකට ජාතික වශයෙන් වැදගත් කිසිම දිගුකාලීන සැලසුමක් අපේ රටේ පැවැති තට්ටු මාරු ක්‍රමය නිසා ක්‍රියාත්මක නොවීය . ඒ නිස මොනවා හෝ ඇස්බැන්දුමක් කොට ජනතාව රවට්ටා ඊලග වසර පහ සදහා ආණ්ඩු බලය ලබා ගැනීම ගෙවීගිය 75 වසර තුල රට පාලනය කල කොයි කාගේත් තියරිය වුනේය . රට ද එක තැන පල්වී අවසාන යේදි පල් හොරු සෙට් එකකට අයිතිවී ලෙල්ලටම බංකොලොත් උනේය .
මෙවර කිසිසේත්ම ජනතාව ට වග නොකියන , ජනතාව ට වග වීමක්ද නැති , 134කට පමණක් වගකියන රාජ්‍ය පාලකයෙක් ඉදිරිපත් කරන 2023 නොවැම්බර් 13 අය වැය ද තවත් එක් මරණාධාර සමිතියක අයවැය වාර්තාව ක් ඉදිරිපත් කිරීමක් වනු ඇතැයි කුරාකූඹි මිනිසා ට සිතේ.
එදා මෙන්ම අදත් අපිට වෙනසක් නැතිව දැක ගත හැක්කේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු අත්පුඩි ගසනවා වෙනුවට මේසවලට තට්‍ටු කරනවිට විපක්ෂයේ අය අතොරක් නැතිව නගණ හිස් ඝෝෂාව පමණි .
කුරාකූඹි මිනිසා
13.11.23**පුනරාවර්තනය (තුන්වන කොටස, අවසාන කොටස)**
සෙනසුරාදා උදයේ සයුරිත් තිමිරත් කලුතර සිටිනා, ඔවුන්ගේ විශ්ව විද්‍යාලයේ එකම කණ්ඩායමේ සිටි දිනුක සහ පවනි ගේ නිවසට ගියේ දිවා ආහාරය ගැනීමටත් මුහුදු වෙරළේ ඇවිදීමටත් එන්නයි කියමින් කාලයක් තිස්සේ ඔවුන් කරදර කළ බැවිනි. කොහොමත් දෙදෙනාට නිදහසේ විනෝද වීමට කලකින් නොහැකි වූ නිසා මෙය ඉතා සතුටින් පිළිගත් ආරාධනාවක් විය. පරණ යහලුවන් සමග හිතේ හැටියට විනෝද වූ සයුරි සහ තිමිර යළි හෝමාගම නිවසට ආවේ සවස 5 ට පමණය. දවසම ඉතා සතුටින් ගත කළ සයුරිත් තිමිරත් රෑ කෑම මේසයේදී ගෙදර අනික් සියලු දෙනාම සමග කතා බහට යොමු වුනේ නයනා, සුමිත් සමග එක්ව සෑදූ රසවත් සුප් කෝප්ප තොල ගාමිනි. “අම්මී හරීම රසයි මේ සුප් එක මොනවද දැම්මේ? වට්ටක්කා රස එනවා තව මොනවද දැම්මේ? ” කියා නිම්නි ඇසුවාය. “ආ ඇත්තද නිකමටවත් කුස්සිය පැත්ත පලාතෙ එන්නෙ නෑ, දාපුව ගැන අහනව. ඕකට දාල තියෙන්නෙ වට්ටක්කයි, ගඩොලුයි, පොල් කොළයි” නයනා බොරු තරහක් මවාගෙන නිම්නිට දොස් කීවාය. නිම්නිට, විශ්ව විද්‍යාලයේ විභාගයකට සූදානම් වන නිසා මේ දිනවල අම්මාට උදව් කිරීමට නොහැකි වී ඇත. සුප් එක සෑදීමේ වැඩි වගකීම ගත්තේ තම සැමියා බැවින් “මම නෙවෙයි ඕක හැදුවෙ, මම පොඩ්ඩක් උදව් කරා විතරයි, තාත්තිගෙන් අහගන්න” කියා සුමිත් දෙස බලා ඇසින් ඉඟි කළාය. “ඕකට වැඩිය මොනවත් දැම්මෙ නෑ, වට්ටක්කා කෑලි ටිකකුයි, එක අල ගෙඩියක්, සැල්දිරි, රතුලූනු ටිකක් තෙම්පරාදු කරල, ලුණු, ගම්මිරිස්, එන්සාල්, කරාබු නැට්ටක්, දෙහි, එච්චරයි” සුමිත්ගේ කාතාව අසා තිමිරට පුදුම හිතුනි. සයුරිගේ පියා පුද්ගලික බැංකුවක උසස් නිලධාරියකු ලෙස සේවය කර දැන් විශ්‍රාම ගෙන සිටින අයෙකි. “ඇත්තටම තාත්ති ඔයාද මේ සුප් එක හැදුවෙ? හරිම රසයිනෙ. තාත්ති කෑම හදන්න දන්නවද” එවිට නයනා සුමිත් දෙස බලා ආඩම්බරයෙන් කීවේ “අපෝ මට වඩා රසට කෑම හදන්න පුලුවන් තාත්තිට” කියාය. “අනේ අපේ තාත්තට තේ එකක්වත් හදන්න බෑනෙ”, තිමිරට ඉබේටම කියවුණි. නයනා මඳ වේලාවක් තිමිර දෙස පුදුමයෙන් මෙන් බලා හිඳ ඇසුවේ “පුතේ තාත්තා තේ හදන්න දන්නෙ නැද්ද නැත්නම් තේ හදන්න පුලුවන්, හැබැයි හදන්නෙ නැද්ද? හොඳට කල්පනා කරන්න. අම්මා ගෙදර නැති වෙලාවකවත් ඔයාලට තේ හදල දීල නැද්ද?”. තිමිර, සයුරිගේ අම්මාගේ ප්‍රශ්නයෙන් නිරුත්තර විය. එය එක් වරම පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නොවේ. මතකය දිගේ ආපස්සට ගිය විට කුඩා කාලයේ අම්මා ගෙදර නොසිටි කීප අවස්ථාවකම තාත්තා දරුවන් තුන් දෙනාට තේ සාදා දී ඇති බව සිහි විය. එමෙන්ම මෑත කාලයේද එනම් අවුරුදු හතරකට පමණ පෙර අම්මා සීයා වෙනුවෙන් දානයක් දීමට මල්ලීත්, නංගීත් සමග ගමේ ගිය වෙලාවක, විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ විභායට පාඩම් කරමින් සිටි නිසා තමා ගමේ නොගිය බවත් ඒ දින දෙකේදී අල්ලපු ගෙදර මාලා නැන්දා කෑම දුන් නමුත් උදේ හවස තේ සාදා පාඩම් කරන මේසය ළඟටම ගෙනැත් දුන්නේ තාත්තා බවත් තිමිරගේ මතකයට ආවේය. නමුත් අම්මා ගෙදර සිටින විට තාත්තා කිසිදු වැඩක් නොකරන බවත් සාලයට වී පත්තර හෝ ටෙලිවිෂනය බලමින් කාලය ගෙවන බවත් තිමිරට සිහිවිය.
නිම්නි අතින් කට වසාගෙන සිනා සෙන්නීය. “අප්පටසිරි ඇහුව නේද අම්මිගෙ උසාවියෙ ප්‍රශ්නයක් තිමිර අය්යගෙනුත්”, ගගනිද ඇයට හවුල්වී සිනාසෙයි.
“ඔව් අම්මි, තාත්තා තේ හදන්න දන්නවා. හැබැයි හදන්නෙ නෑ”, යමක් තේරුම් ගත්තාක් මෙන් හිස වනා හිස් සුප් කෝප්ප කිහිපයක් එකතු කරගත් නයනා එතැනින් ඉවතට ගියාය. “මොනවටද සයූ උසාවියෙ ප්‍රශ්නයක් කියල නංගිලා හිනා වෙන්නෙ” තිමිරට විශාල කුකුසක් ඇතිවිය. “ආ ඒ අපේ අම්මා සමහර වෙලාවට අහනවා ප්‍රශ්න අපේ ඔලු කැරකිලා යන්න. එකපාරටම උත්තර දී ගන්න බැරි වෙන. සමහර ඒ වගේ ප්‍රශ්න ඇහුවට අම්මා අපෙන් උත්තරයක් ආපිට බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අපට ටිකක් වැඩිපුර හිතන්න තමයි අම්මා ඒව අහන්නෙ. අපි ඒවට තමයි කියන්නෙ උසාවියෙ අහන ප්‍රශ්න කියලා”. එවර තිමිරද නංගිලා දෙදෙනා සමග එකතු වී සිනාසුනේය.
එදින රාත්‍රී කෑම මේසයේදී සයුරිගේ අම්මා තවත් ප්‍රශ්නයක් තිමිරගෙන් ඇසුවේ ඒ පිළිබඳ සමාව අයදිමිනි. “අනේ පුතා මොනවත් හිතන්න එපා මම ඔයාලගෙ පුද්ගලික දේවල් ගැන අහනව කියලා, මම මේක අහන්නෙ ඔයාගෙ අම්මා දැන් ඉතින් මගේ නෑනා නේ. අනිත් එක මගේ චූටි මල්ලි, ජීවක ඩොක්ටර් කෙනෙකුත් නිසා, මොනව හරි උදව්වක් මට කරන්න පුලුවන්ද කියලා දැන ගන්න. අම්මාට බ්ලඩ් ප්‍රෙෂර් ආවෙ කොයි කාලෙද? කාගෙන්ද අම්ම බෙහෙත් ගන්නෙ? ”. තිමිරට මතක විදියට අම්මාට අධි රුධිර පීඩනය සෑදී දැන් වසර දහයක් පමණ වේ. ඒ කාලය, අම්මා රැකියාවත්, ආර්ථික අපහසුතාත්, දරුවන් තුන්දෙනාගේ අධ්‍යාපන කටයුතුත්, අලුතින් සෑදීමට පටන් ගත් නිවසේ වැඩ ඉවර කර ගැනීමටත්, මැහුම් වැඩ වෙනුවෙනුත් බොහෝ වෙහෙස වූ කාලයක් විය. “දැන් අවුරුදු දහයකට ළඟයි අම්මි, අම්මා බෙහෙත් ගත්තෙ ස්පෙශලිස්ට් කෙනෙක් ගෙන් ඩොක්ටර් කරුණාසේකර කියල.” තාත්තාට කෑම බෙදන ගමන් සයුරිට, තිමිරටද බත් බෙදා දෙන මෙන් කියූ නයනා “ආ ඒ ඩොක්ටර් ගැන මාත් අහල තියෙනව හුඟක් හොඳයි, හැබැයි පුතා මම දන්න තරමට ඒ ඩොක්ටර් පෙන්ෂන් ගියාට පස්සේ ඔස්ට්‍රේලියාවෙ ඉන්න එයාගෙ දරුවො ළඟට ගියා නේද මීට අවුරුදු හතරකට පහකට කලින්? එතකොට දැන් කාගෙන්ද බෙහෙත් ගන්නෙ? ” කියා ඇසූ ප්‍රශ්නයට කෙසේ පිළිතුරු දෙන්නදැයි තිමිර සිතයි. “ඔවු අම්මි, ඊට පස්සෙම අපේ අම්මා ආයෙ වෙන කාගෙවත් ළඟට ගියේ නෑ අර ඩොක්ටර් අන්තිමට දීපු ප්‍රෙස්ක්‍රිප්ශන් එකටම දිගටම බෙහෙත් ගන්නවා. ෆාමසියෙන් බැනුනුත් අහනව, ඒ කොලේ දියවෙලා හරියට පේන්නෙත් නෑ කියල” තිමිර කීවේ යම් වරදකාරී හැඟීමකුත් එක්කය. “අනේ පුතේ” කියූ නයනා නළලේ අත ගසා ගත්තේ බියපත් දෑසිනි. “කවදාවත් ඩොක්ටර් ළඟට යන්නේ නැතිව දිගටම එහෙම බෙහෙත් ගන්න හොඳම නෑනෙ. මොකද ඩොක්ටර් ළඟට ගියාම නේ ඒ බොන බෙහෙත්වල මොනව හරි අතුරු ආබාධයක් ඇවිත්ද වෙන බෙහෙතකට මාරු කරනවද, වකුගඩු හරියට ක්‍රියා කරනවද වගේ දේවල් චෙක් කරලනෙ බෙහෙත් දිගටම දෙනවද නැද්ද කියල, ඩ |
ොක්ටර් තීරණය කරල කියන්නෙ. කරන්න හොඳම නැති වැඩක් නෙ පුතේ ඒක. ඔයා අකිල මල්ලිත් එක්ක කතා කරල බලන්න, එයත් දන්නව ඇතිනෙ දැන් එයා මෙඩිකල් කොලේජ් එකේ නිසා” නයනා කීවේ බැරෑරුම් හා ආයාචනාත්මක හඬකිනි. එදින රෑ නින්දට යාමට පෙර සයුරි අම්මාට කීවේ “අම්මි හෙට උදෙන් ඔයා නැගිටින්න එපා, මම නැගිටලා අත්තම්මාට තේ දීලා අනිත් හැමෝටමත් තේ හදන්නම්. හෙට ඉරිදා නිසා හේමලතා නැන්ද එන්නෙත් නැහැනෙ” කියාය. එවිටම තිමිරත් “හා හරි හරි මමත් එනව ඔයාට උදවු කරන්න” කියා කීවේ තමාගේ ගෙදරදී සයුරිට එවැනි උදව්වක් කරන්න ඉඩක් නොලැබුනු බැවින්ය.
රෑ නින්දට ගිය විට බොහෝ වේලාවක් යනතුරු තිමිරට නින්ද ගියේ නැත. සයුරිටද නින්ද යාම ප්‍රමාද විය. දෙදෙනාම සිතුවේ එකම දෙයක් ගැන බව දැන ගත්තේ තිමිර ඒ ගැන සයුරි සමග කතා කළ හෙයිනි. “සයූ, අම්මාගෙ සැර කරන, කෑ ගහන ගතිය නිසා අපෙන් අම්මාට වෙන්න ඕන දේවල් ගොඩක් මග හැරිල වගේ මට හිතෙනව. පවු අපේ අම්මා, ඇත්තටම මට දැන් භයයි අම්මට ප්‍රෙෂර් වැඩි වෙලා මොනව හරි වෙයිද කියලා” තිමිර දුක්බර හඬින් කී දේටත් අම්මා උදේ සිට කිසිවකුගේ උදව් නැතිව කරන වැඩකන්දරාවත් මුදල් ඉතිරි කිරීමට ගන්නා මහන්සියත් මතක් වී සයුරිටද විශාල දුකක් ඇතිවිය. “තිමිර ඔයා හෙටම ඩොක්ටර් කෙනෙක් චැනල් කරල අම්මාව එක්කගෙන යන්න. මම අපේ මාමගෙන් අහන්නම් එයාගෙ යාලු ඩොක්ටර් කෙනෙක් ඉන්නවද කියල, දැන් නිදා ගනිමු” කියා ඇස් පියාගෙන ඉතිපිසෝ ගාතාව සෙමෙන් කියන්නට පටන් ගත්තීය.
ඉරිදා උදේ හයහමාර වෙද්දීම සයුරි ඇහැරුනේ එලාම් එකේ නාදයටය. තිමිරට හොරෙන් නැගිට යාමට හැදුවත් ඔහුද ඇහැරී ඇය පිටුපසින් මුලුතැන් ගෙයට ගියේය. දෙදෙනාම එක්ව තේ සාදන අතරතුර සයුරි තිමිරගෙන් ඇසුවේ ඔහුගේ ගෙදර සිටි කාලය තුල හැමදාම හවසට මහන්සි වී ගෙදර ආවත් තනිවම තේ සාදද්දී ඔහු උදව් කරන්නට ආවෙ නැත්තේ ඇයි කියාය. එයට තිමිරගේ පිළිතුර වුනේ “මම එන්න හැදුවම අම්මා කිව්වා ඒවා ගෑනු උදවිය තනියම කරගන්න ඕන පිරිමි අයගෙන් වැඩ ගත්තම ගෑනුන්ට පවු සිද්ධ වෙනවා කියල . ඉතින් ඔයාට පවු සිද්ධ වෙයි කියල හිතල නෙවෙයි, ඒක විශ්වාස කරේ නැහැ, ඒත් අම්මගේ තීරණයට උඩින් යන්න බැරි නිසා මම ආවෙ නෑ”. අය්යෝ හරිම හණමිටි කාලෙ අදහසක් නෙ ඒක කියා කියන්න සිතුනත් සයුරි වචන ටික ගිල ගත්තාය. අම්මා උගන්වා ඇති පරිදි දෙසැරයක් සිතා වචන සීරුවට ගලපා “ඇත්තද තිමිර, හැබැයි ඒක ටිකක් ඈත කාලෙට ගැලපුනාට දැන් කාලෙට ඒ තරම් ගැලපෙන්නෙ නෑ නේද. මොකද ඒ කාලෙ ගෙදර තාත්තා විතරයි රස්සාවට මහන්සි වුනේ අම්මලා හිටියෙ ගෙවල්වල, ඉතින් අම්මලාට තනියම වැඩ කරගන්න වෙලාව තිබුනා, හැබැයි දැන් කාලෙ දෙන්නාම රස්සාවට යන නිසා දෙන්නම එකතු වෙලා නේද වැඩ කරගන්න ඕනෙ?” කියා ඇසුවාය. එයට තිමිර එකහෙලාම එකඟ බව පෙන්නුවේ හිස වැනීමෙනි.
ඉන්පසු අම්මාත් නැගිට ආවාය. සියලු දෙනාම තේ බිවු අතර ආත්තම්මා තේ එක ඉතාම රස බව කීවේ සයුරිගේ හිස අතගාමිනි. උදෑසන කෑම මේසයේ දී උපන් දින පිළිබඳව කතාබහක් ඇදී ආවේ එදින උදේ ආහාරයට කිරිබත්, ලූනු තෙල දමා, මාලු ඇඹුල්තියල් සමග සූදානම් කර තිබුණු බැවිනි. අද කාගේ හරි උපන් දිනයද කියා තිමිර ඇසුවේ කිරිබත් දීසිය දුටු විගසය. “නෑ මේ මාසෙ නෑ, හැබැයි ජනවාරිවල එනවා තාත්තිගේ උපන් දිනේ”. මේ ඔක්තෝබර් මාසයයි. තව මාස දෙකකින් අම්මාගේ උපන් දිනය යෙදෙන බව තිමිරට මතක් විය. “අපේ අම්මගේ උපන් දිනේ දෙසැම්බර් දොලොස් වෙනිදා” තිමිර කී විට නයනා “ආ එහෙනම් අම්මට මමත් තෑග්ගක් ගන්න ඕන, මොනවටද තිමිර අම්මා වැඩියෙන් ආස” කියා ඇසුවාය. තිමිර, තමා ආයෙමත් ලොකු අමාරුවක වැටුනු බව තේරුම් ගත්තේය. හොඳින් කල්පනා කර බැලූ විට අම්මා හැමදාමත් අපට ආස කරන දේවල් ගෙනැවිත් දුන්නා මිස අම්මා ආස කරන දෙයක් ගැන කතා කරලාවත්, අඩුම ගණනේ වෙන කෙනෙකුගේ දෙයක් ගැන වත් ආසා හිතී කතා කර නැති බවත් මතක් විය. විශ්‍රාම යාමට පෙර ඉතාම අඩු වියදමෙන් අම්මාම මසා ගත් ඇඳුම් කිහිපයකුත්, සාරි කිහිපයක්ද ඇන්ද අතර එකම අත් බෑගයත් සෙරෙප්පු කූට්ටමත් කැඩෙන තුරුම පාවිච්චි කළ ආකාරයද මතක් විය. අම්මාට කිසිම දිනක තාත්තා උපන් දිනයට තෑග්ගක් ගෙනැවිත් දුන් බවක් ද මතක නැත. තමාද රැකියාවට ගිය පසු යෙදුනු අම්මාගේත් තාත්තාගේත් උපන් දිනයන්ට කේක් සහ අමතර කෑම ගෙන ගිය නමුත් කිසිදා තෑග්ගක් නොගත් බවත් සිහි වී විශාල දුකක් හිතට දැනුනි. “අනේ අම්මි, එහෙම අම්මා ආස කරන දෙයක් ගැන මම දන්නේ නැහැනෙ. මම හිතන්නෙ තාත්තවත් දන්නේ නැතුව ඇති” තිමිර ලොකු අමාරුවකට වැටුනු බව දැක සයුරි හඬ අවදි කළාය. “ඔයාගෙ අම්මා ආසයි සින්දු අහන්න. මම කීප දවසක් දැක්කා සමහර ගායක ගායිකාවන්ගෙ සින්දු යන වෙලාවට කුස්සියෙ තියෙන රේඩියෝ එකේ සද්දෙ ටිකක් වැඩි කරනවා”. අම්මා තිමිර දෙස නොබලාම “පුතේ මෙහෙම කිව්වට පොඩ්ඩක්වත් අමනාප වෙන්න එපා, ඔයාල හැමෝම එක ගෙදර එකට හිටියට, ඔයාල වෙනුවෙන් නොසෑහෙන්න කැපවීමක් කරපු ඔයාලගෙ අම්මව හැමෝටම හොඳටම මගහැරිලා නේද?” කියා තාත්තාට තවත් කිරිබත් කෑල්ලක් බෙදුවේ එයට පිළිතුරක් අවශ්‍ය නොවන බව හඟවමිනි. අම්මා කියූ වදන් පිහිතුඩකින් හදවතේ ලිව්වා වැනි හැඟීමක් තිමිරට විතරක් නොව සයුරිටද දැනුනි. මෙතෙක් වේලා නිහඬව කෑම කමින් සිටි නයනාගේ අම්මා, මාපලානේ ඉස්කෝලෙ නෝනා යමක් කිව යුතු බව සිතා, “ඔවු ගොඩක් වෙලාවට අම්මලාගෙන් වෙන අඩු පාඩු ගැන කතා කරාට, කරන කැපවීම්, ළමයි හදන්න විඳින දුක, අගේ කරන්න ගොඩක් ළමයින්ට අමතක වෙනව. ඒ අතින් ඉතින් මම නම් වාසනාවන්තයි. අපරාදෙ කියන්න බෑ මගේ දූලා දෙන්නයි චූටි පුතයි මාව හොඳටම බලාගන්නවනෙ. ලොකු පුතාට ඉතින් රාජකාරි වැඩි නිසා වැඩිය ආවෙ නැතුවට, මට කිසිම අඩු පාඩුවක් නෑ” කියා සතුටු මුහුණකින් සිනාවක්ද පා, කීවාය. ලොකු පුතාට රාජකාරි වැඩි නිසා නොව එන්නෙ නැත්තේ ඔහුගේ බිරිඳ නිමාලි ඔහුට එන්නට ඉඩ නොදෙන බව නොකියා නයනා නිහඬ විය.
ඉන්පසු ගෙවුනු සති හතර පහ තුල තිමිරගේ නිවසේ පරිසරයේ විශාල වෙනස්කම් රාශියක් ඇති වුනි. ජීවක මාමාගේ යහලු වෛද්‍යවරයකු වූ විශේෂඥ වෛද්‍ය ඉඹුල්ගොඩ මහතාට අම්මා පෙන්වීමට රැගෙන ගියේ තිමිර සහ සයුරි දෙදෙනාමය. එම වෛද්‍යවරයා බොහෝ වේලාවක් ගෙන අම්මා පරීක්ෂා කර බලා මෙතෙක් ගත් ඖෂධ වෙනස් කොට තව උපදෙස් බොහොමයක් කියා දී අම්මාට හිත සතුටු වන ආකාරයට එම හමුව නිම කළේය. ඒ ගැන තිමිරගේ අම්මා කෙතරම් සතුටු වුනාද කියතොත්, සයුරිගේ මවට දුරකථන ඇමතුමක් දී, “නයනා නංගී ඔයාගේ මල්ලි, ඩොක්ටර් ජීවකට මම ගොඩක් පින් දුන්නා කියන්න. එයාගෙ යාලුවා හොඳට මාව පරීක්ෂා කරල ඔක්කෝම රිපෝර්ට්ස් හොඳටම වෙලාව අරගෙන බලල තමයි බෙහෙත් දුන්නේ” කියා කිව්වාය. නයනාද “අනේ සුනීතා අක්කේ ඒක සුලු දෙයක්, ඔයා ඉතින් දැන් මට මගේ අක්කා වගේම නේ ඕනම දෙයක් මට කියන්න මීට පස්සෙ” කියා කීවේ ඉතා ලෙන්ගතු හඬකිනි. ඉන්පසු, තිමිරගේ අම්මා කොතරම් එපා කීවත් ඇයට නිවසේ වැඩ කිරීමේදී උදව් කරන ලෙස තිමිර තාත්තාටද බල කර කියා දුන්නේය. නංගී රශිනිටත් හැකි සෑම අවස්තාවකම අම්මාට උදව් කරන ලෙස කියා දුන්නේ හදිසියෙන් අම්මා අසනීප වූවොත් නංගීට ගෙදර සියලුම වැඩ තනියම කරන්නට වන බව කියා භය කරමිනි.
නිවසේ වැඩවලට ගෙදර සියලු දෙනාම උදවු කිරීමත්, සති දෙකකට වරක් පමණ ගෙදර එන අකිල මල්ලී, අම්මාගේත් තාත්තාගේත් සෞඛ්‍ය තත්වය සොයා බැලීමත්, වෙනදාට වඩා උනන්දුවෙන් රශිනි පාඩම් වැඩවල යෙදීමත් නිසා අම්මා උදේ සිට රෑ වන තුරු කුමක් හෝ කාරණයක් අල්ලාගෙන කාට හරි බනින පුරුද්ද ක්‍රම ක්‍රමයෙන් අඩු වන බව තිමිරට තේරුම් ගියේය. ඒ වගේම වෙනදා රෑ 12 පමණ වනතුරු නින්දට නොයන අම්මා රෑ 10-11 විතර වෙද්දී නිදා ගැනීමට යන බවද තිමිර දුටුවේය. මේ සියලු වෙනස්කම් කළේ ඒවා තිමිරටම සිතී හෝ ඔහුගේ කාර්යාල ප්‍රධානියා වන සෙනෙවිරත්න මහතා හෝ ළඟම මිතුරා වන පැතුම් කියූ බැවින්යැයි අම්මා ඇතුලු ගෙදර අය සිතුවේ, ඒවා සයුරිගේ ගෙදරින් ඔහුට ලැබෙන උපදෙස් බව කිසිම විටක නොකියන්නැයි නයනා දැඩිව කළ ඉල්ලීම නිසාය. දිනක් කෑම මේසයේ දී තිමිරගේ ඉගැන්වීම මත දෑවැදි සම්බන්ධ කතා බහක දී රශිනි තරයේ කියා සිටියේ තමා කිසිම දිනක දෑවැදි ඉල්ලන පවුලක තරුණයෙක් හා විවාහ නොවන බවයි. එය ඉතා පැරැණි නූගත් අය පමණක් එල්ලී සිටින යල් පැනපු විකාර අදහසක් බව රශිනි කීවාය. තිමිරද එය අනුමත කරමින් එහි අනිටු විපාක පැහැදිලි කළ අතර, අකිලද කීවේ දෑවැද්දට නෝනා කෙනෙක් ගෙනැත් දෑවැද්දේ රස්නය බල බල නෝනාගේ පදේට නටන්න තමාද අකමැති බවයි. අකිල ගොතා කිවූ කතාවකට අනුව ඔහුගේ මිතුරකුගේ අයියා කෙතරම් හොඳ රැකියාවක් කළත්, විශාල දෑවැද්දක් එක්ක කසාද බැඳපු නිසා බිරිඳට යටත් සේවකයකු සේ ජීවත් වෙයි. වෙනදා මේවාට ඉතා තරහින් උත්තර දෙන සුනිතා නිහඬවම ඒ සියල්ල අසා සිටියාය. පසුව කෑම කා අවසන් වී තිමිර පිඟාන සේදීමට ගිය විට “පුතේ අර ළමයා මා එක්ක අමනාප වෙලා ගියේ මම පහුගිය දවස්වල ටිකක් ඔය දෑවැද්ද ගැන කියපු නිසාද” කියා විමසුවාය. සයුරි පෙර දිනයක තිමිරට කියා දුන් පරිදි “නෑ අම්මේ එයා ගියේ අමනාප වෙලා නෙවෙයිනෙ, එයාගෙ ඇඟට හරි නෑ කියල මාමගෙන් බෙහෙත් අරන් ටිකක් විවේක අරගෙන එන්නම් කියලනේ ගියේ. එයාලගෙ පවුලෙ අයට හිමොග්ලෝබින් ප්‍රශ්නයක් තියෙනවා, හැමෝටම තියෙන එකක්, ඉතින් වැඩියම මහන්සි වෙන්න බෑ. හැබැයි දැන් ටිකක් හරි වගේ දෙසැම්බර් තිස් එක මෙහේ එනව කිව්වා ඊට පස්සෙ දිගටම සතියෙ දවස් පහ මෙහේ ඉඳීවි, සෙනසුරාදට ගෙදර යාවි” කියා කීවේය. එය අසා අම්මාගේ මුහුණේ සතුටු සිනහවක් මතු වෙනු තිමිර දුටුවේය.
දෙසැම්බර් එකොලොස් වන දිනය සිකුරාදාවක් වූ නිසා සයුරි තිමිර සමග ඔහුගේ නිවසට ආවේ සති අන්තය එහි ගත කිරීමටත්, තිමිරගේ අම්මාගේ උපන් දිනය වෙනුවෙන් යමක් කළ යුතු නිසාත්ය. රෑ කෑමට සුනිතාත් තිමිරගේ පියා කපිලත් එකතු වී රසවත් ආහාර කිහිපයක්ම සාදා තිබුණි. වෙනදාට වඩා ලෙන්ගතු කමකින් සුනිතා සයුරිට කෑම බෙදුවාය. සෙනසුරාදා උදේ නැගිට මුහුණ සෝදා ගෙන තිමිරත් සයුරිත් අම්මාට දීමට ගත් තෑගිත් රැගෙන මුලුතැන් ගෙය වෙත ගියහ. සුනිතා, කපිල සහ රශිනි එක්වී කිරිබතක් සාදා හාල්මැස්සන් බැදුමක් ද ලුණු මිරිසක් ද සාදමින් සිටියෝය. තිමි |
ර සුභම සුභ උපන් දිනයක් අම්මාට කියා අම්මාව වැළඳ ගෙන ඔහුගේ තෑග්ග දුන් විට අම්මා ඉතා පුදුමයෙන් තම පුතා දෙස බලන අන්දමත් ඇස් දෙකෙන් කඳුලු කැට වැටෙන්නට ආසන්න බවත් සයුරි දුටුවාය. එම තරමක් විශාල පෙට්ටිය මේසය මත තබා කඳුලු පිරි දෑසින්ම සයුරි වෙත හැරෙද්දී සුනිතා දුටුවේ ඇය අතද තෑග්ගක් තිබෙන බවයි. එය අම්මාට දී ඇයව බදා වැළඳගෙන සයුරි සුභ පැතූ විට සුනිතා “ඇයි දුවේ මට මේ තරම් තෑගි මොනවටද” කියා ඇසුවාය. ඒවා දිග හැර බැලූ සුනිතාට සතුට ඉහවහා ගියාය. තමාගේ ආසම කරන ගායක ගායිකාවන්ගේ ගීත සහිත සී.ඩී. කිහිපයත් රේඩියෝවක්ද තිබෙන සී.ඩී. වාදන යන්ත්‍රයත් අම්මාට ගෙනාවේ මැහුම් වැඩ කරන තැන තියාගෙන, මහන අතර තුර අම්මා කැමති සින්දුවලට සවන් දීමට බව තිමිර කීවේය. සයුරිගේ තෑග්ග දිග හැර බලා අම්මා යළිත් සයුරි වැළඳගෙන “අනේ දුවේ මට ඕනම කරල තිබුන දෙයක් මේ” කියා ඇයගේ මුහුණ දෙවරක්ම ඉම්බාය. එහි තිබුනේ අම්මාගෙන් සාරි හැට්ට මහන්න එන කාන්තාවන්ගේ මිනුම් ලකුණු කළ හැකි පොතක්, අලුත්ම ටේප් එකක් සහ කතුරක්ය. එම පොත කොහෙන්වත් මිලදී ගත්තක් නොව සයුරි විසින්ම පිළියෙල කර මුද්‍රණය කර ගත් එකක් බව තිමිර අම්මාට කීවේය.
එදින දවල් වෙද්දී කෑම වර්ග කිහිපයක්, උපන් දිනයට කේක් එකක් සහ අතුරු පසට පුඩින් එකකුත් සාදාගෙන තෑග්ගට අලුත් ඇඳුමක් සහ කියවීමට පොත් කිහිපයක්ද රැගෙන නයනාත් සුමිත් සහ අනිත් දියණියන් දෙදෙනාත්, ඉස්කෝලෙ නෝනාත් ආවෝය. තමා විවාහයෙන් පසු මේ ගෙදරට පැමිණි දිනයට වඩා සතුටෙන් සහ ආදරයෙන් තමාත් තම පවුලේ අයත් තිමිරගේ අම්මා පිළිගත් බව ඇයට හොඳින්ම තේරුම් ගියාය. සයුරිත් රශිනි සහ සුනිතා සමග එක්වී දිවා ආහාරයට අඩු පාඩු සැකසුවාය.
ඉන්පසු දිනක දී සයුරිගේ නිවසේ කෑම කමින් සිටියදී තිමිර නයනා දෙස ඉතාම ආදරයෙන් හා භක්තියකින් බලා “අම්මාට මම කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නෙ නැහැ අපේ අම්මාගෙ මේ වෙනස් වීම කරල දුන්නට” කියා කීවේය. නයනා සතුටු සිනහවකින් එම ස්තුතිය පිළිගන්න බව අඟවා කීවේ, “පුතේ ඒ වෙනස මම නෙවෙයි කලේ, ඔයාලමයි කලේ. අම්මලා පවුලේ හැමෝටම ආදරය දෙන්නෙ එයාලා පොඩි කාලෙ එයාලට ලැබුණු ආදරය එකතු කරගෙන ඉඳලා. ඒක හරියට අර උල්පත්වලින් පොඩි දිය පාරල්වල් වලින් වතුර එකතුවෙලා ජලාශයක් හැදෙනව වගේ. පොඩි කාලෙ අම්මා තාත්තා නෑදෑයො, ගුරුවරු අසල්වැසියො මේ හැමෝම පෙන්නන ආදරේ එකතු කරගෙන ඇවිත් තමයි ඊළඟට එයා අනිත් අයට බෙදල දෙන්නෙ. ඒත් පුතාගෙ අම්මට, මම තේරුම් ගත්ත දේ තමයි ආදරය අඩුවෙන්ම ලැබිල තියෙන්න. සුනිතා පහුගිය දවසක මෙහේ ආ වෙලාවෙ මා එක්ක එයාගෙ අතීත කතාව ඔක්කොම කිව්වා. මට හරිම දුක හිතුනා කොහොමද ඒ හැම දේම දරාගෙන දරුවන්ට හොඳට උගන්නලා තැනකට ගෙනාවෙ කියලා. තාත්ත එක්ක හිතුමතේට කසාද බැඳපු නිසා තමන්ගෙ අම්ම තාත්ත එයාව පවුලෙන් අයින් කරල. තාත්තගෙ අම්මා හරිම දරුණු විදියට වද දීලා, එයා නපුරුම නැන්දම්මා කෙනෙක්. තාත්තටත් රස්සාවෙ ප්‍රශ්නෙන් පස්සෙ ඒ තරම් අම්මා ගැන බලන්න බැරි වෙලා. ඉතින් අම්මාට හිතේ තිබුණ පීඩනය, ලැබුණ ඒ තරම් හොඳ නැති ආදර්ශ තමයි ඒ විදියට පිට උනේ. ඔයාල හැමෝම අම්මාට ආදරය පෙන්නන්න පටන් ගත්තට පස්සෙ එයා පුරුදු වුනා ආදරය විඳින්නත් ඒක අනිත් පැත්තට දෙන්නත්” කියලාය. සුමිත් නැගිට ගොස් නයනාගෙ හිස අත ගා “ඔයා නම් ලොකු පිනක් කර ගත්තේ” කියා කීවේය. මාපලානේ ඉස්කෝලෙ නෝනා තමාගේ දියණිය මේ සියල්ල ඉගෙන ගත්තේ කොහෙන්ද කියා සිතුවාය. කොහෙන් කොහොම ඉගෙන ගත්තද, ඇය පවුලට සම්පතක් බවත් ඇයගේ මව ලෙස තමාට ආඩම්බර විය හැකි බවත් වයසට ගියත් තමාටද ඇයගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බවත් සිතුවාය. සයුරිද නැගිට ගොස් අම්මා වැළඳගෙන “අම්මී ඔයා තමයි තමයි අපේ ශක්තිය” කියා හාදු වැස්සක් දුන්නාය. “මම ජනවාරි පළවෙනිදා ඉඳලා ආයෙත් තිමිරලගෙ ගෙදර තමයි වැඩි කාලයක් ඉන්නෙ, දැන් මට පුලුවන් එහේ ඉන්න. අම්මා අතින් ඉඳහිට තරහට වචනයක් පිටවුනත් මම ඒව ගණන් ගන්නෙ නෑ. මගේ හිතේ කාත් එක්කවත් කිසිම තරහක් නැහැ” කියා සයුරි කීවේ ඇස්වල සතුටු කඳුලු පුරවාගෙනය.
ආදරයට සියල්ල ජයගත හැකි බව සුමිත් කීවේ සිනා සෙමිනි.
**නිමි**
යමුනා සරෝජනී ගුණවර්ධනඅම්මා ඉගැන්වූ පාඩම්.
අරපරිස්සම.
අම්මා ඉගැන්වූ පාඩම් අතර ඉතා අනර්ඝ පාඩමකි , අරපරිස්සම . ශතක භාගයක් ගතවූ මේ ජීවිතයේ මෙතෙක් උගත් පාඩම් අතර ඒ වැදගත් තැනක් ගනී. මම ඒ උගත් පාඩමින් දැනුඳු ඵල ප්‍රයෝජන ගමි.
මගේ අම්මා යමක් කමක් ඇති පවුලක හැදී වැඩුනියකි. දරුවන් දස දෙනකු සිටි මුත් ඒ සැමට කෑම බීමද , ඇඳුම් පැලඳුම්ද , නිසි අධ්යාපනයද දී නිසි වයසේදී විවාහපත් කරදීමට තරම් මගේ ආච්චි අම්මාත් සීය තාත්තාත් ඇති හැකි අය වූහ. නමුත් කිසිවක් නිකරුනේ බැහැරලන , නිසි දෙයින් නිසි ප්‍රයෝජනය ගෙන මිස ඉවත ලන ඒ අපූරු පුරුද්ද මගේ අම්මාට කොහින් ලැබුනාද තවමත් මම සිතමි.
අපි කුඩාවුන් සන්දියේ සිටම දුකද සැපද එකසේ වින්දවුන් වෙමු.තාත්තාට පරම්පරාවෙන් හිමිවූ චන්ද්‍රගිරිය නම් වූ ඒ විසාල, පෞරානික නිවසේ එකම ආදායම් මාර්ගය තාත්තාගේ වැටුප පමනක් වූ නිසාවෙන් අම්මාත් , තාත්තාත් , අයියාත් , මමත්, මල්ලීත් වන පස් දෙනෙක් ගෙන් වූ අප පවුල සුවසේද, තාත්තා පිට රට රැකියාවකට ගිය පසු ඉතා සුව පහසුවද දිවි ගෙවිමු.නමුත් ගෙදර හෝ රටේ ආර්තිකය මොන මොන පෙරලියකට ලක් වුවත් අපිව කිසිම දිනක, කිසිම වේලාවක බඩගින්නේ නොතැබීමටත් කිසිම අඩු පාඩුවක් අපිටනොදීමටත් අපේ අම්මා වග බලා ගත්තාය.
හාල් පෙට්ටියෙන් මැන බලා මුට්ටියට දමන සහලින් ඇය නොවරදවා එක් හාල් මිටක් වෙනම මුට්ටියකට දැමුවාය. මතක ඇති කිසිම දිනක අපිට කන්නට බත් මදි නොවූවා සේම ගෙදරට වේලාවේ අවේලාවෙ පැමිනෙන ඕනෑම කෙනෙකුට සන්ග්‍රහ කිරීමට ඇති තරමට බත් ඇගේ මුට්ටියේ ඇත. එසේම එදිනෙදා කෑමට හාල් මදි පාඩු විටක නොවරදවා ඇති තරම් සහල් ඇගේ සහල් සන්චිතයේ ඇත. දුප්පතෙකුට සහල් හුන්ඩුවක් දෙකක් දීමටත් , කුරුල්ලන්ට කෑමට දැමීමටත් මේ සහල් අපිට ප්‍රයෝජනවත් විය.
ගෙදර ඉතුරුවන බත් මගෙ අම්මා කිසිම විටෙක වීසි නොකලාය. පිරිසිදු කුල්ලක හෝ තැටිකය දමන ඉතුරු බත් ඒ උඩින් පොල්කොල කීපයක් රඳවා ගිනි ගහන අව්වේ වේලෙන්නට තබයි. පොල්කොල උඩින් තියන්නේ කපුටන් සහ කුරුල්ලන් ඒ වෙත ඒම වැලැක්වීමටයි. මේ අව්වෙන් කර වෙන්න වේලගන්නා බත් කුඩු කොට, පොල්පැනි සහ ගම්මිරිස් යහමින් යොදා ගුලිකර අග්ගලා සාදයි. මෙම අග්ගලා වැසි කුනාටු සහිත වෙරලබඩ සවස් යාමයන්හී උනු උනු තේ සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී උනු කැවුම් වලටත් වඩා වේගයෙන් අපි තිදෙන ගිල දමමු. ඒ දෙස බලා ඉන්නා මගේ අම්මාගෙ සතුට පිරි දෙනෙත් මට දැනුඳු මැවී පෙනේ.
මුහුදට ආසන්නයේ ජීවත් වූ අපිට මුහුදු මාලුන්ගෙන් අඩුවක් වූයේ නැත. අප ගේ පිටිපස වත්තේ පර්චස් සෑහෙන ගනනක බිම් ප්‍රමානයක් අපේ තාත්තා විසින් මසුන් මරන්නන්ට ධීවර ආම්පන්න , ඔරු , රුවල් රෙදි , දැල් දැමීටට මඩුවක් සදාගැනීමට පරිත්‍යාග කර තිබුනෙන් අපිට ඒ කලගුන දත් ධීවරයන් විසින් බොහො විට මාලු නොමිලේ සැපයුනි. වත්තේ පොල් ගස්ද උවමනා පමන තිබු හෙයින් අපිට අලුත් මාලුත් , පොල් සම්බෝලත් සමඟ තවත් දෙතුන් ජාතියක් අපේ අම්මා අපිට කෑමට දුන්නාය. අහේනි , අසීරු කාල වලදී වත්තෙන් කඩා ගත් කලවම් පලා මැල්ලුම් නොවරදී. කලවම් පලා මැල්ලුමට පැශන් ෆෘට් , කුප්පමේනියා,රනවරා,ඇත් තෝර , පෙති තෝර, මොනර කුඩුම්බිය වැනි කොල වර්ගද, එසේ නැත්තම් කරල් හැබ හෝ පිට සුදු සාරන කොල වත්තෙන්ම සොයා රසට උයයි. අලු කෙසෙල් , වැටකොලු ලෙලි කිසි දිනක විසි නොකරන මගෙ අම්මා කරවල සමඟ ඒවා තෙල් දමයි. මේවා සමඟ බත් පිඟන් දෙක තුනක් වුවද ලේසියෙන්ම වග කිව හැක.
වාරකන් කාලයේදී අපේ වත්තේ අම්මා විසින් සිටුවා රැකබලාගත් කෙසෙල් ගස්ද පැපොල් ගස් ද හුලඟට බිමට කඩන් පාත්වේ.සමහර කෙසෙල් ගස් මල් දරා සිටී, ලපටි කැන් දරා සිටී.කඩවැටුනු පැපොල් ගස්වල ගෙඩි සී සී කඩය. නමුත් මේවායින් මගේ අම්මා නොපසුබටී. කෙසෙල් මලින් (කෙසෙල් මුව) කූනිස්සන් දමා රසවත් තෙල් දැමුමක් සාදන ඇය, ලපටි කෙසෙල් කැනින් කොස් ඇට දමා ඉතා රසවත්ව කිරට හින්දවූ කරියක් සාදා , ගස් ලබු පොල් දමා මැල්ලුමක් සාදයි. කිසිම දෙයක් නිරපරාදේ වීසි කිරීම මගේ ආදර අම්මාගේ සිරිත නොවේ.
අපිට මුදල් අවශ්‍යතාවයකදී හැමවිටකම ඇය අපිට එමුදල කෙසේ හෝ සොයා දෙයි. ඇගේ අල්මාරියෙ උඩ කොලයක් දමා තිබේ. ඒ ඇය මුදල් සඟවනා රහස් බැන්කුවයි. අපිට කඩචෝරුවක් කන්නට වූ විට අපි ඒ නිසැක ස්ථානයෙන් මුදල් අස්ථානගත කරන්නෙමු. ඈ ඒ හොඳින් දැන සිටියත් ඒ බව විමසා අප තිදෙන අපහසුතවයකට පත් නොකලාය.
අපේ නිල නොලත් වෛද්‍ය වරයාද අපේ අම්මාය. ඇය ලඟ අත් බෙහෙත් , කෙම් ක්‍රම අටෝ රාසියකි. කට්ටක් ඇනුනොත් පොල් සමඟ කහ, සීනි බඳියි.කට්ට පහුවෙනිදාට කහ පොල් සීනි බැඳි රෙදි පාන්කඩයේ දිස්වේ. මේවා විශ්වකර්ම වැඩය.
ඉඟුරු,සුදුලූනු ගම්මිරිස් කුඩා රෙදි පොට්ට්නියකට දමා හක්කේ තියා කටට යටින් පොල් කටුවක් තබයි. කටේ ,උගුරේ සෙම නූලට අර පොල් කට්ටට බෙරේ. සෙම වැඩි නම් මෙය අත් හදා බැලීමට යෝග්‍යය.
පනුවන් නොසෑදන්න වලඟසහල් මීපැනියෙන් අඹරා දේ.අපිට කුඩ කාලයේ කිසිදා පනු අමාරු සෑදී නැත්තෙ ඒනිසා බව මම තරයේ විශ්වාස කරමි. දැන් නම් මේ වලඟසහල් පාවිච්චි කරන්නන් තබා ඒ ගැන ඇසූවන් පවා ඇද්දයි මම සිතමි.
අම්මාගේ හොඳම සහ අපි කැමතිම අත් බෙහෙත නම් බඩේ අමාරුවට දෙන එකය. එය සාදන්නේ බ්‍රැන්ඩි වලට , කරඳමුන්ගු, කරාබුනැටි සමඟ ගම්මිරිස් ඇට කීපයක් දමාය. පරන බ්‍රැන්ඩි බෝතලයකට දමා එය හන්ගන්නේ අම්මාගේ අල්මාරියේ යටම තට්ටුවේ කොනකය.අපිට නිතර හැදෙන නොයෙක් තාලයේ බොරු සහ ඇත්ත බඩේ අමාරු වලට එකම විසඳුම එයය.ඇස් වලින් තරුද, කනෙන් දුම්ද බඩේ ගිනිගුලිද සමඟ අමාරුව එක වඩියෙන්ම නිට්ටාවට සුවවේ. වඩිය වනාහී මේස හැන්දෙන් එකකි. නමුත් පසුකාලීනව අපි තිදෙන , විශේශයෙන්ම අයියා නිතර නිතර බඩේ රුදා වලට ලක්වී මෙම බෙහෙත ලෙඩා විසින්ම වෙදා ගෙන් ඉල්ලන අසාමාන්‍ය තත්ත්වයත්, බෙහෙත් ගබඩාව වෙදා ගේ අනුදැනුමෙන් තොරව ඉබේමෙන් අඩුවී යන තත්ත්වයක් පෙනීගිය නිසාත් ,වෙදා විසින් මෙම අල්මාරියේ බෙහෙත් ශා |
ලාව වසා දමන ලදි.
මම කුඩා කාලයේ සිටම මෝස්තරයට ඇඳීමට ප්‍රිය කලෙමි. මගේ අම්මා අසල්වැසියන්ට ඉතා හැඩටඇඳුම් මසා අමතර ආදායමක් ඉපැයුවාය. මින් ඉතුරු බිතුරු රෙදි කෑලි වලින් ඇය මට මම කියන කියන මෝස්තරයේ ඇඳුම් මසා දුන්නාය. අයියා සහ මල්ලීගේ විශේශ ඉල්ලීමකට, එකල ඉතා ජනප්‍රිය ඇබා බෑන්ඩ් ඒකේ ABBA ලෝගෝව එම්බ්‍රොයිඩර් කර කැප් තොප්පි මසා දුන්නාය. මෙහි බී අකුරු ප්‍රතිවිරුද්ද පැති බලා සිටී. මේ කැප් පලඳා උජාරුවෙන් යන අයියයි මල්ලියි අහල පහල කොල්ලන්ගේ ඉමහත් ඊර්ශ්‍යාවට බඳුන් විය.
අපේ අම්මා මේ සියල්ල කලේ නැති බැරි නිසා නොවේ.අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් වශයෙන් හොඳ ජීවිතයක් ගත කලෙමු. අසනීපයකට බෙහෙත් ගැනීමට අපේ අම්මාගේ අයියා අපෙන් කිසිඳු මුදලක් අය නොකලේය. ඔහු වෛද්‍යවරයෙකි. එසේම අපිට කෑමෙන් බීමෙන්ද අඩුවක් තිබුනේ නැත. මිල මුදල්ද තරමකට ජීවත් වීමට සෑහෙන මට්ටමකට විය. නමුත් මේ අරපිරිමස්මේ පාඩම අපිව යහපත් මිනිසුන් කල බව නම් ඇත්තකි. අපේ අම්මා මේ ආදර්ශයෙන් දුන් පාඩම් දෙස කුඩා ලමයින් ලෙස අපි අවධානයෙන් බලා සිටියෙමු. උගෙත්තෙමු. අද වැඩිහිටියන් ලෙසට අපිට පොලවේ පය ගසා ජීවත් වීමටත් , ඕනෑම ආර්ථික තත්ත්වයකට අනුරූප වීමටත් පෙරහුරුව, ආදර්ශය අපේ අම්මා අපිට ලබා දී තිබේ.
අදද මම මගේ අම්මගෙන් උගත් පාඩම් හැකි පමනින් එදිනෙදා ජීවිතයට යොදා ගනිමි.ඇය අනුව යන්නට හැකි සෑම අවස්තාවේම උත්සාහා කරමි. මගේ ගෙදර අලු කෙසෙල් පොතු, වැටකොලු පොතු කුනු බක්කියට යන්නේ නැත.මම හදන ඉතුරු බත් අග්ගලා මගේ දුවගේ ප්‍රියතම කෑමකි. හැකි සෑම විටම අම්මගේ අත් බෙහෙත් පාවිච්චියට ගමි. මගේ මහත්තයා මුලදී මේ අත් බෙහෙත් ගැන සැකයෙන් බැලුවත් ,දැන් දැන් ඒ බෙහෙත් විශ්වාසයෙන් පාවිච්චි කරයි.
අම්මා අනුව යමින් මම මගේ පුන්චි ඉඩමේ හැකි අයුරින් එලවලු , පලා , මිරිස්, කරපින්චා, තක්කාලි වගා කරමි. අපිට වැවිය හැක්කේ වසන්ත, ගිම්හාන කලයන්හිදී පමනක් වුවත් උත්සාහය අත් නොහරමි.වැඩි ඵලදාව අධි ශීතගත කොට පසුව පාවිච්චියට ගනිමි.
ලැබෙන දේ, ඇති දේ ,පරිස්සමින් පාවිච්චියට ගනිමින් ජීවත් වෙන්න වෙර දරමි. ඒ මගේ අම්මා කියාදුන් පාඩමයි.
අපිට යහමගට ගන්න, හොඳ මිනිසුන් කරන්නට ඇගේ මුලු දිවියම කැප කල මගේ අම්මා නිවනින් නිවී සැනසේවා!අහිමි සෙනෙහස - 2 (දෙක කොටස)
සිතිජ මායිමෙන් ගිලගත් මළ හිරු දෙස බලා සිටි දසුන් තව දුරටත් මුහුදු වෙරලෙහි නොරදී නුවර යාමට සිතාගත්තේය. ඊයේ උදෑසන සිටම ගමනේ බැවින් වෙනදාට නොදැනෙනෙ ගමන් මහන්සියක් ඔහුට දැනෙන්නට විය. මුහුදු හුලඟත් මුහුදු දියත් වැදි තමන් බොහෝ අපිරිසිදුව ඇතැයි දසුන්ට දැනුනි. තමාට අම්මා මුන නොගැහුනද ඈ ගැන පැහැදිලි විස්තරයක් හෝ දැන ගැනීමට හැකිවීම ගැන දසුන්ට තිබුනේ කිව නොහැකි සතුටකි.
ඒත් අපි බැලුවා දසුන් මහත්තයා ඊයේ රෑ ආවේ නැත්තේ මොකද කියලා,
බෝඩිමේ ඇන්ටි දසුන් දෙස බලා විමතියට පත් විය. දුර්වර්ණව වැලි තැවරුනු ඇදුමත් සපත්තුත් ඔහු අසලින් එන අමුතු ගන්දයත් ඇයට ගැටළුවක් ගෙන ආවාය.
මොකක් හරි ප්‍රශ්නයක්වත්ද මහත්තයා... ඈ විමසීය.
නෑ.. නෑ... මට මුකුත් කරදරයක් නෙමේ, මට හදිසි වැඩකට කොළඹ යන්න වුනා පාන්දර බස් එකේ ආවේ.
වැඩට ගියේ නැද්ද ? සමීර මහත්තයත් ඇවිත් ගියා
නෑ මම නිවාසෙට ගියා. ඒකෙ වැඩකට කොළඹ ගියේ.
මහත්තයා මූන කට හොදගෙන එන්නකෝ,... මම තේ ලෑස්ති කරලා තියන්නම්. අද වැඩට යන්නේ නැතිද?
නෑ.. නිවාඩු දැම්මා.
කරාමය ඇර වතුර මලට හිස අල්ලා දසුන් කල්පනාවේ යෙදෙන්නට විය. ‘අම්මා වලව්වක මැණිකේ කෙනෙක්. වෙලාවක යනවා මම ඔය කියන වලව්ව හොයාගෙන. මගේ සීයා මහ දුෂ්ඨ දුර්ජන මිනිහෙක්. මට ඔය මිනිහගේ මූන බලන්න ඕන. මාවත් වෙන් කරලා මගේ අම්මා තාත්තාවත් වෙන්කරා.....’ දසුන් අවේග සීලීව සිතන්නට විය. ඔහු බොහෝදේ සිතුවේය, මනස ව්‍යාකූලවී ක්‍රෝදයෙන් සිත පිරෙන තුරු සිතුවේය.
උදෑසන ආහාරයෙන් පසු ඇද පැලද ගත් ඔහු ළමා නිවාසයට පියමං කලේය. ඈත තියා එන දසුන් දුටු ලොකු ස්වාමින් වහන්සේ කියවමින් සිටි පොත වසා දමා පැලද සිටි උපැස් යුවල ගලවා පොත මත තැබීය.
දසුන් ළමයා අදත් මෙහෙ.
ලොකු ස්වාමීන්වහන්සේගේ දෙපා වැදි දසුන්,
“මට මගේ අම්මා හම්බවුනා හාමුදුරුවනේ. ඒත් දකින්නවත් කතා කරන්නවත් ලැබුනේ නෑ. අම්මා විවාහ වෙලා රට ගිහින් කියලා ආරංචි වුනා.’’
ඒක තමයි මම කීවේ අතීතේ කුණු අවුස්සලා ඒ ඇත්තිගේ ජීවිතේ අවුල් කරන්න එපා කියලා.
ලොකු හාමුදුරුවෝ මේ හැම දෙයක්ම දැනගෙන හිටියද?
“දරුවෝ තරුණකාලේ වැරැද්දක් වෙන්න පුලුවන්, ඒ වැරැද්ද මත්තෙම හැපි හැපි ඉන්නෙ නැතිව ජීවිතේ වෙනස් කරගන්න එක වැරැද්දක් නෑනේ. ඔයාගේ අම්මත් කරේ ඒ දේ ”
එහෙමයි හාමුදුරුවනේ,
“ගොඩක් දරුවෝ අම්මාව හොයාගෙන එන්නේ. ඒත් ඒ අම්මාව ඒ තත්වෙට පත් කරපු තාත්තා ඒ ලමයිගේ මානෙට අහුවෙන්නේ නෑ. මේ සමාජේ හරි වෙනස් ඇගිල්ල් දික් වෙන්නේම කාන්තාවට. දැන් ඔය දරුවත් අතීතේ හාර අවුස්සන්නේ නැතිව අනාගතේ ගොඩ නගා ගන්න. මේ ලොකේට බිහිවෙන්න ම්ව්කුසක් ලබන්නත්, ජීවත් වෙන්නත්, පින තියෙන්න ඕනේ. දැන් තමන්ගේ අනාගතේ ගොඩනගා ගන්න. තනියම ඇවිදින් තනියම යන ගමනක් සංසාරේ කියන්නේ, ගොඩනැගෙන හැම සබදකමක්ම තාවකාලිකයි දරුවෝ ”
එහෙමයි අපේ හාමුවුරුවනේ,
දසුන් දෙපා වැද සමුගත්තේය. එහෙත් තරුණ සිත් තුල ඇති ආවේගශීලි වෙනස වීම් හමුවේ දසුන්ට පැවසූ සියල්ලම හිස් වචන පමණක් බව ලොකු හමුදුරුවෝ දැන වුන්නේය.
මේ දරුවා අතීතේ පස්සෙ ගිහින් අනාගතේ අවුල් කරගනීවිද මන්දා ......
සූරියකන්ද වලව්ව ප්‍රතාපවත් වංශය නිසාම නොව, වර්තමනයේ ප්‍රසිද්ද වන්නේ හමුදාවේ උසස් නිලයන් දරන්න ජයම්පති මහතා දසුන්ට නෑකමින් මාමා වන්නේය. ජයම්පති සහ අරුන්දතී යනු ලොකු බණ්ඩාර මහතාගේ දරුවන් දෙදෙනාය. වසර විසි හතර කට පෙර තම වංශයට කැළලක් වු කුඩා දරුවා තරුණයෙකු වී ඔවුන් අතරට ගිය විට මේ බල සම්පන්න මිනිසුන් කෙසේ තීරණ ගනීවි දැයි ලොකු හාමුදුරුවෝ සිතුවේය.
මට මොකද්දෝ බයක් දැනෙනවා රූපසිරි.
මොකක් ගැනද අපේ හාමුදුරුවනේ.
අර දසුන් දරුවා ගැන.
එහෙමයි. පහුගිය ටිකේම අම්මා අප්පා කවුද කියලා හෙව්වා. මගෙනුත් විස්තර ඇහුවා.
ඒ කාරනේ ගැන තමයි මටත් බය. කුලයෙන් බලයෙන් ධනයෙන් උසස් මිනිස්සු , වලලලා දාපු අතීතයක් මේ දරුවා ආයි ගොඩගන්න හදන්නේ.
සුරියකන්ද වලව්වේ කිසිවෙකුට මීට වසර විසි හතරක අතීතයේ සිදුවු කිසිදු සිද්දියක මතකයේ නොවීය. අතීත සිද්දින් වලදමා තිබු අතර අරුන්දතී වෙද්‍යවරයෙකු විවාහ කරගෙන විදේශ ගතව ජීවත් වන බව මිස ඇගේ අතීතයේ කිසිවක් කිසිවෙකුට මතකයේ නොමැත. අරුණ්දතී උමතු රෝගයෙන් සුවය ලබා සිටියද අතීතයේ සමහර සිද්දීන් ඇගේ මතකයේද නොවීය. මානසික රෝග සුවවීමේදී සමහර අවස්ථාවන් වල අතීතයේ සමහර සිද්දීන් මතකයෙන් බැහැරව යන්නේය. අරුණ්දතීගේ මතකයෙන් ඇගේ පෙම්වතාත් දරුවාත් බැහැරව ගොස් තිබුනි.
ලොකු බණ්ඩාර මහතා අනූවන වියද පසුකල එක් සන්ධයා සමයක තම ජීවිත ගමනට- සමුදුන්නේය. අවසන් කටයුතු දනුම් දුන් අතර ඒ පිළිබදව මාධ්‍ය හරහාද ප්‍රචාරය වන්නට වුයේ ජයම්පති මහතා ජනප්‍රිය ප්‍රබල චරිතයක් වු නිසාය. හොදකට හෝ නරකට කාලය විසින් මේ සෑම දෙයක්ම නිර්නය කල අතර අහම්බෙන් මෙන් සූරිය කන්ද වලව්වේ ලොකු බණ්ඩාර මහතාගේ මලගම පිළිබඳ ආරංචිය දසුන්ගේ නෙත් ගැටින.
මේක තමයි බං වෙලාව උබට අම්මාව බලන්න තියෙන, .... සමීර දසුන් දිරිගන්වමින් පවසීය. මාත් එන්නම් තනියම යන්න එපා. අනික උබ කවුද කියලා කියන්න යන්නත් එපා. මළ ගේකට සෙනග ඕන තරම් එනවනේ අපි යමු බං, සමීර යලිත් පවසන්නට විය.
මම නිවාඩුවක් දාන්නම්. උබත් නිවාඩු ගනින්.
අනිවාර්‍යෙන් අම්මා එනවා එයාගේ තාත්තාගෙ මළගෙදරට.
සීයාහේ මළගමත් අම්මාගේ හමුවීමත් දසුන්ට කාලය ලබාදුන් හොදම අවස්තාවක් විය. පසුදා උදෑසනම සුරියකන්ද බලා පිටත් වුයේ සීයා මැරුනු දුකට වඩා අම්මා දැක ගැනීමේ ආසාව සිත් දරාගෙනය. කොලඹත් නුවරත් ජීවත් වු දසුන්ට සූරියකන්ද ඉතා ග්‍රාමීය පරිසරයක් විය. එහෙත් විශාල බිම් කඩක මැදි වන්නට ඉදිව තිබු පෙර කාලයෙ විශාල නිවසක මැද සාලයෙහි ප්‍රතාපවත් මිනිසෙකු සැතපී සිටියේය. ඒ තමගේම සීයා බව දසුන් හැදින ගත්තාය. ඒ ප්‍රතාපවත් මිනිසා තමාට කල අසාදාරනය සිත්හි දරා බොහෝ වෙලා අසලට වී නිසල සිරුර දෙස බලා සිටි දසුන් අසල සිටි හඬා වැටෙන බොහෝ පිරිස තම ගේ නෑයන් බව කතා බහෙන් හැදින ගත්තේය.
කෝ ජයම්පති
මහත්තයා පන්සලට ගියා ...
මැණිකේ නැති වෙලත් දැන් අවුරුද දහයකට වැඩියිනේ.
අරුන්දතී ආවේ නෑ.
ආවා පාන්දර මහන්සියටද කොහෙද නින්ද ගිහින්.
දසුන් සියල්ල නිහඩවම අසා සිටින්නට විය. මේ සියල්ලෝම තම ප්‍රතික්ෂේප කල තමාගේම හත් මුතු පරම්පරාවය. මෙතරම් විශාල ඥතීන් පිරිසක් සිටියදීත් කාත් කවුරුවත් නොමැති අනාතයෙකු ලෙස ලමා නිවාසයක උස් මහත් වු ආකාරය සිතට වේදනාවක් ගෙන එන්නට සමත් විය. බොහෝ සිතිවිලි මනසේ දෝලනය වෙද්දී මිදුලෙහි පැනවු ආසන වෙත මිතුරන් දෙදෙනාම ගොස් වාඩි විය. නවීන පන්නයේ ප්‍රජරෝ රථයක් මිදුලේ නතර වී, එයින් බැස ආවේ කඩවසම් සිරුරක් හිමි මැදි වයසේ පුද්ගලයෙකි.
“අන්න ජයම්පති මහත්තයා”
කවුදෝ පවසනවා දසුන්ට ඇසින. දසුන් ගෙල ඔසවා ඔහු දෙස බැලු අතර පුදුමයකට මෙන් තමාගේ මෙන්ම ලා දුඹුරු පැහැ ඇස් ඔහුට පිහිටා තිබුණි.
ගමන්මහන්සිය නිවාගත් අරුන්දතී එලියට විත් පැමිනි පිරිසට ආචාර කරන්නට විය. අරුන්දතී මැණිකේත් ඔහුගේ ස්වාමි පුර්ෂයා වන වෙද්‍ය පලිහවඩන මහතාත් ඉදිරිපස දොර ලග සිට සියල්ලන් ආචාරකර පිලිගත්තේය.
සමීර පුදුමයෙන් දසුන් දෙස බලන්නට විය. මූට තියෙන්නෙත් මෙයාගේ පවුලේ ඇස්වල පාටමනේ. අර අම්මා වෙන්න ඇති. අරුණ්දතී දුටු සමීර සිතුවේ, දසුන්ගේ රූපයට බොහෝ සමාන කම් ඇගේ රූපයෙහි තිබු නිසාය.
දස්සෝ අර බලපං. මට හිතෙන්නේ අම්මා.
සමීරගේ වදනින් දසුන් ජීවිතයේ ප්‍රථම වතාවට තම මව දැකගැනීමට හැකියාව ලැබුනත් දිව ගොස් තුරුලුවීමට තරම් ආශාවක් සිතෙහි උපන්නද ඒ සදහා වාසනාවක් හිමි නොවින. තම සිතෙහි උපන් හැගීම් පාලනය කරමින් ඈත තියා ඔහු අම්මා සිත්සේ දැක ගත්තේය. තම බිරිද දෙස ගෙල ඔසවමින් ඕනෑකමින් බලා සිටින තරුණයා පලිහවඩන මහතාගේ අවදානයට යොමුවිය. බොහෝ සෙයින් තම බිරිඳගේ රුවට සමා |
න කම් කියන මේ තරුණයා පිලිබදව යම් සැකයක් ඔහුට දැනෙන්නට විය.
බොහෝ වෙලා බලා සිටි පලිහවඩන සෙනග අඩු මොහොතක තරුණයාට නොදෙනෙන්නට ඔවුන් අසලට ගොස් වාඩිවි,
“මම ඔයාලා දිහා ටික වෙලාවක් ඉදන් බලාගෙන ඉන්නේ, ලොකු බණ්ඩාර පැමිලි එකත් එක්ක ඔයාලාගේ සම්බන්දයක් තියෙනවද? පලිහවඩන මහතාගේ වචනයෙන් තරුණයන් මදක් තැති ගැන්වී.......
නෑ...... අපි නැයෝ නෙමේ. යැයි සමීර පවසද්දී දසුන් තම මව දෙසම බලා සිටින්නට විය. ඇහි පිහාටු මතින් එළියට පැනීමට පොරකන කඳුලු බිදු පලිහවඩන මහතාගේ සියුම් දෑස් වලින් සගවන්නට ඔහුට නොහැකි විය.
මිස්ටර් කවුද?
මම අරුන්දතීව බැදලා ඉන්න පලිහවඩන.
සමීර මොහොතක් නිහඩව යලිත් ඔහු දෙස බලා,.....
සර්ට කාරනයක් කියන්න කලබල වෙන්නේ නද්ද?
කලබල වෙනවද නැද්ද කියන්න ඉස්සෙල්ලා කාරනේ දැන ගන්න ඕනනේ,... ඔහු ගැඹුරු හඩින් යලි, කියන්න බලන්න යැයි පැවසීය. තමා කරේ වරදක් දැයි සමීර සිතුවද, වෙනදෙයක් වුනාවේ යි සිතමින්.
සමීර සිත තද කරගත්තේය. යලිත් සිත් සැහැල්ලු කරගත්තේය. තමා කෙසේ මෙය පැවසිය යුතුදැයි ඔහුට අවබෝදයක් නොතිබුනි.
සර්ගේ වයිෆ් ... සර්ට හම්බෙන්න කලින්,
හ්ම්.... කියමු බලන්න,
සර් දන්නවද එයාට දරුවෙක් හිටියා කියලා.
දරුවෙක් හම්වෙන්න ඉදලා එයා නැතිවෙලා ඒ දුක තමා එයාට මානසිකව බැලපෑමක් වුනෙත්.
ඒ දරුවා නැති වුනේ නෑ සර්,
මොනවා..... ඔහු පුදුමයෙන් සමීර දෙස බලන්නට විය.
සර්, ඒ දරුවා මැරුනේ නෑ මේ ඉන්නේ එයා. පවසමින් සමීර දසුන් පෙන්වන්නට විය. වික්ෂිප්තවු වෙද්‍ය පලිහවඩන මොහොතක් නිහඩ විය. බැලු බැල්මටම අරුන්දතීගේ පියානන්ට පිහිටා ඇති ලා දුඹුරු පැහැ ඇස් දසුන් තුලත් ඔහු දකින්නට විය. හමේ වර්ණයත් දෑසෙහි හැඩයත් බොහෝ දුරට අරුන්දතීට සමානකම් දැක්වීය. තැරුණයා පැවසූ දෙයින් ඔහු මොහොතක් දෑස් පියා කල්පනා කර,
කොහොමද ඔප්පුකරන්නේ, මේ විස්තර ඔයාලා දැන ගත්තේ කොහෙන්දැයි විමසීය.
දසුන් රියදුරු සෙනෙවිරත්නයන්ගේ බිරිද මුනහැසුනු තැන සිට සියල්ල පවසන්නට විය. තරුණයා පවසනා දෙයහි බොරුවක් නොමැති බව ඔහුට දැනෙන්නට විය. තම දරුවාට මවක්වු තම බිරිඳට තම පුතා මුන ගැස්සවීමට හැකිනම් එය තමන් ලබන උතුම්ම අවස්තාවක් බව පලිහවඩන සිතුවේය. ඔහු මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා බැලීමට සිතූවේය. එහෙත් කාලයක් යම් මානසික ව්‍යාකූලත්වයකින් සිට සුවපත් වු අරුණ්දතී මෙවැනි අහබු සිදුවීමක් දැන ගත්විට කෙසේ හැසිරේද යන බිය ඔහු සතු විය.එය ඇගේ මනසට කෙසේ බලපාවිද යන බිය ඔහු සතු විය.
දසුන්ගේ කරවටා අත දැමු පලිහවඩන වම් උරහිසට තට්ටුවක් දමා....
“ පුතා මට ටිකක් කල් දෙන්න. අරුන්දතී එක පාරකුත් මානසික රෝගයකට ලක්වුන කෙනෙක්. මේ වගේ දෙයක් එයා කොහොම බාරගනීවිද දන්නේ නැ. මම ඔයාට අම්මව මුන ගස්සන්නම් ඔයා එතකන් සාමන්‍ය විදිහට හැසිරෙන්න. එයා එක්ක කතා කරාට හිනාවුනාට කමන් නෑ ඒත් පුතා බව අගවන්න යන්න එපා. මම එයත් එක්ක ඔයාව බලන්න නුවර එන්නම් යැයි ” පවසමින් ඔහු දසුන්ටත් සමීරටත් සමුදුන්නේය.
තම මිතුරන් මාර්ගයෙන් පරණ වෙද්‍ය වාර්ථා පිරීක්ෂා බලා අරුන්දතීගේ දරුවා ජීවතුන් අතර දැයි සෙවීමට වෙද්‍ය පලිහවඩනයන්හට මහ කාලයක් ගත නොවින. එදින නිරෝගී පිරිමි දරුවෙකු බිහිවු බවත් දරුවාගේ ඇස් දුබුරු පැහැ බවත් වාර්තාවේ සදහන් විය. තරුණයා කියු කිසිවක් බොරුවක් නොවන බව දැනගත් ඔහු සුසුමක් පිටකෙලේ ලොකුබණ්ඩාරත් බිරිඳත් කෙතරම් අසාදාරනයක් දරුවාටත් මවටත් කර ඇති දැයි සිතමිනි. ආගිය මුල ගිය තැන් සෙවීම ආරම්භය එතැන සිට සිදුවිය. මේ සියල්ල ජයම්පතිට නොදැනෙන්නට සියල්ල සොයා බැලීමට වෙද්‍යවරයා කටයුතු කලේ මේ සියල්ලට ඔහුත් සම්බන්දදැයි නොදත් නිසාය.
තම බිරිදටත් දරුවාටත් වු අසාදාරණයනය පිළිබදව හදවතින්ම අනුකම්පා කල මේ උතුම් මිනිසා බොහෝදේ සොයාබලා දැනගත්තේය. එහෙත් දරුවාගේ තාත්තාට සිදුවු දේනම් ඔහුට සොයා ගැනුමට නොහැකි විය. පරණ මතකයක් අවුස්සමින් යලි යලිත් තම බිරිඳ රෝගියෙකු කිරීමේ බියද ඔහු සතු විය.
ජයම්පති ඇත්තටම අරුන්දතීගේ දරුවා නැති වුනාද?
නිස්කලංක රාත්‍රියක මදුවිත තොල ගෑ මොහොතක ඔහු විමසීය.
ඇයි අයියේ, ඔයා එක පාරටම එහෙම දෙයක් ඇහුවේ.
නෑ මුකුත්ම නෑ මම නිකමට ඇහුවේ.
මම ඔය විස්තර මුකුත්ම දන්නේ නෑ අයියේ ඒ කාලේ මම ලංකාවේ හිටියේත් නෑ. ට්‍රේනින් එකකට ජපානෙට ගිහින් හිටියේ.
එතකොට එයා කා එක්කද යාලුවෙලා හිටියේ
ඔයා මොකටද මේවා හොයන්නේ..... අක්කාට ඒගැන මොනවා හරි මතකයක් තියෙනවද?
නෑ මල්ලි අරූන්දතීගේ ජීවිතේ සමහර සිද්දි තාම එයාට මතක නෑ. ඒත් ලංකාවට එන හැම පාරකම අතීතය මතක්වෙලා එයාගේ මනසට බලපෑමක් වෙන දෙයක් වුනොත් ආපහු අර පරණ තත්වෙටම එයා වැටෙවි කියලා මට බයක් දැනෙනවා.
අයියා බයවෙන්න එපා, ඒ කිසිදෙයක් ආපහු එලියට එන්නේ නෑ. මට විස්වාසයි. ඒ හැම දේම අතීතයක සිද්දි විතරයි. මම නොදන්න ගොඩක් දේ අම්මයි අප්පච්චියි දැනන් හිටියා ඒයාල ඒ හැමදේම රහස් විදිහට රැක්කා. ඒ රහස් එයාලා එක්කම වැලලිලා ගියා.
ජයම්පති ඉදිරියේ කිසිවක් කීමට පලිහවඩන ඉක්මන් නොවින. ඒ ඔහුට තවමත් ජයම්පතිගේ පරම්පරාව ගැන කිසිදු විශ්වාසයක් නොතිබුන නිසාය. මානසික වශයෙන් එතරම්ම අරුන්දතී දුර්වල වන්නට යම් දෙයක් ඔවුන් අතින් සිදුව ඇති බව නම් පැහැදිලිය.
ලොකු බණ්ඩාරයන්ගේ මලගෙදර දින රහසේම තම දුරකතනයෙන් ගත් අම්මාගේ ජායාරෑප කිහිපයක් දෙස බලා ඈ සමග කතාකර අහිංසක සතුටක් ඔහු වින්දේය. ලොකු හාමුදුරුවන් ඇසුරේ හැදී වැඩුනු නිසා මනස සන්සුන් කර ජීවත්වීමේ හැකියාවද ඔහු සතු විය. ලමා නිවාසයේ මව්පියවරුන් නැති එකම දරුවා තමන් පමනක් නොව මොලොව හැම මොහොතකම එම ධර්මතාවයට මුහුන දෙන දරුවන් බිහිවන බව දසුන් දැන වුන්නේය.
ලොකු හාමුදුරුවෝ තමන්ට පියෙකු හා සමානය. දෙමාපියන් නොමැතිව මේආ ගමනේ තමා පිටුපස සිටි යෝධ රුක්ෂය ලොකු හාමුදුරුවන් ය. ඒය දසුන්ට පමනක් නොව නිවාසයේ වෙසෙන සෑම පිරිමි දරුවෙකුටම පොදුය. තමා දෙමාපියන් ගැන සෙවීමේදී ඒ පිළිබදව නොකියන්නට හේතුව දැන් දසුන් දන්නේය. තමා වරදක් කල වැරදි කාරයෙකු ලෙස දසුන්ට දැනුනි. ඒ නිසාම ලොකු හාමුදුරුවෝ දෙස එක එල්ලේ නොබලා දසුන් බිම බැලුවේය.
මම එපා කීවේ අනවශ්‍ය නිසා. ඒත් ඒ දේම කරලා නේද? පලිහවඩන මහත්තයා මනුස්සයෙක් නොවුන නම්, අද දසුන්ගේ තත්වය මොහොතකටවත් හිතුවද? ඔය ලොකු ලොකු මිනිස්සුන්ගේ හැංගිච්ච රහස් ගොඩයි. වැලලිලා යන්න ඕන දේවල යට ගියාවේ මම එදත් කීවෙනේ දසුන්ට. දැන් ඒන දේකට මූන දෙන්න හොද වෙන්නත් පුලුවන් නරකක් වෙන්නත් පිලිවන්. අන්න අම්මයි දොස්තර මහත්තයයි බෝ මලුවේ ඉන්නවා. ගිහින් මුනගැහෙන්න. ඒත් මතක තියාගන්න කරන දෙයක් දොස්තර මහත්තයා කියන විදිහට. ලොකු පීඩනයක් ආවොත් අම්මා ආයි අසනීප වෙන්න පුලුවන්.
සිතෙහි වු තෙරපීම දරාගෙන දසුන් බෝ මළුව වෙත ඇවිද යන්නට විය. බෝධීන් වහන්සේ වදිමින් සිටින අම්මාත් දෙස්තර මහතාත් ඈත තියා දුටු දසුන් ඔහුන් වෙත ගමන් කර “සර්” යනුවෙන් දොස්තර මහතා ඇමතීය.
ආ දසුන්, පලිහවඩන මහතාගේ ආමන්ත්‍රනයෙන් අරුන්දතී දසුන්දෙස හැරි බලා.
ඔයා කීවේ මේ පුතා ගැනදැයි විමසීය.
ඔව් අරුන්දතී. මගේ වැඩට මෙයා හොදයිනේ මම ලොකු හාමුදුරුවන්ටත් කීවා. නිවාසේ මෙයා තමා හොදටම ඉගෙනගෙන තියෙන්නේ. මෙයාට සයන්ස්වලින් උපාධියකුත් තියෙනවලු. දැනට පොඩි රස්සාවක් කරනවා කීවේ. මම බැලුවේ අපි ලගට මෙයාව ගන්න. අපිට පිලිවන්නේ මෙයාට තව දුරටත් උගන්වලා මගේ වැඩවලට මේ පුතාව සම්බන්ද කරගන්න.
පුතා කැමතිද අපිත් එක්ක පින්ලන්ඩ් යන්න. අරුන්දතී දසුන් දෙස බලා අසන්නට විය.
ජීවිතයේ පලමු වතාවට අම්මාගේ මුවින් පුතා යන වදන ඇසී ඔහුගේ ආත්මයම සතුටෙන් ඉපිලයන්නට විය.
ඔව්...මම කැමතියි .
ඇය දසුන්ගේ හිස පිරිමැද.... එහෙනම් පුතා ගමනට ලෑස්තිවෙන්න. ඔයා හිතන්නකෝ ඔයාගේ අම්මා ඔයාට ලැබුනා කියලා. අරුන්දතී කියු වදනින් දසුනුත් පලිහවඩනත් මුහුනට මුහුන බලා ගත්තේ විමතියෙනි
( අහිමි සෙනෙහස 1, කොටස කියවු පාඨක ඉල්ලීම මත රචනා වුවකි)
-------
ලිමන්ති මාධවී සේනාරත්න.අමතක හාදු......
දෙසැම්බර මාසෙක උදෑසන දැනෙන හීතලට හිත කියන්නේ ඇස් අරින්න නෙමෙයි තව ටිකක් තද කරලා පියාගන්න කියලා.
අතට අහුවුන රෙද්ද අරගෙන ඇඟ වටේ ඔතාගන්න ගමන් මං ඇස් තද කරලා පියාගත්තා..එතකොට තමයි කුස්සියේ එක එක සද්ද ඇහෙන්න ගත්තෙ..,
"කල්පනා..මේ නිවාඩු දවසෙත් පාන්දර නැගිටගෙනද.???"
මේ ගෑණිට හැබෑට පිස්සුද...මම ඇඳෙන් නැගිට්ටෙ හිතින් එහෙම කිය කිය...
කුස්සියට යනකොට කල්පනා පොල් ගානවා "මොකද අනේ මේ නිවාඩු දවසෙත් පාන්දර නැගිටගෙන කරන්නෙ.."
මගේ සද්දෙට කල්පනා ගැස්සිලා ගියා,
"ඔයා ඉතින් නිවාඩු දවසට කිරිබත් ඉල්ලනවානෙ...මට උදේම හසිනි එන්න කිව්වා එයාට ඩිසයින් ටිකක් ඇඳලා දෙන්න. ඒක නිසා උයලා තිබ්බා නම් ලේසිනෙ අනික ආයේ දවල්ට උයන්න එන්නත් ඕනේ.."
"හරි ඉතින් ඕක කලින් කියන්න එපෑනෙ ඔයා යන්න ,ඒකට අපි කඩෙන් ගේමු, නැත්තම් මම උදේ කෑම එක හදලා තියන්නම්...දවල්ට දෙන්නා එක්ක හදමු, නැත්තම් ඒකත් කඩෙන්ම ගේමු දැන් යන් නිදාගන්න.."
මම එහෙම කියද්දි කල්පනා පුදුමයෙන් බලාගෙන හිටියා.
"මේ ඔයාම ද විශල් ? කල්පනා එහෙම ඇහුවෙ ඇත්තටම පුදුම වෙලා.."
"ඔව් මම්ම තමයි වෙනස් නේහ්..මටත් වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඔයාට පුළුවන් වුනා නම් මං නිසා ,මං වෙනුවෙන් වෙනස් වෙන්න, දැන්වත් මාත් ඔයා වෙනුවෙන් වෙනස් වෙන්නෝනේ ටිකක් හරි.."
"හරි හරි ඒක හරි දැන් යන් නිදාගන්න "
මං එහෙම කියලා කල්පනාව බලෙන් වගේ ඇදගෙන ආවා
"මේ නම් වෙන මොකකට හරි "
කල්පනා කිව්වේ සැකෙන් හිනාවේවි
"ඔන්න කිව්වා මගුලක්...එහෙම මගුලක් නෙමෙයි අපි ඉතින් හොඳ වෙන්න හැදුවත් කිසි සපෝර්ට් එකක් නෑ ඔයාලාගෙන්.."
"හරි හරි යන්. ඉන්න අත හෝදගෙනම එන්නම් ඔයා යන්න "
ටික වෙලාවකින් කල්පනා ඇවිත් ඇඳේ මගෙ වම් පැත්තෙ හෙමිහිට ඇල වුනා.
"ඇත්තටම ටිකක් වැඩිපුර නිදා ගන්නවා කියන එකත් ලොකු තෑග්ගක් හම්බ වුනා වගෙ තමයි."
කල්පනා කිව්වේ ඇස් පියාගන්න ගමන්.
මම කල්පනා දිහා බැලුවා. මීට අවුරුදු 30කට කලින් කල්පනා ගැන පළවෙනි හැඟීම ඇති වුන දවසේ වගේම අදත් එයා ලස්සනයි.. නිකට චුට්ටක් දික් වෙලා .., හිනා වෙනකොට මුහුණෙ ඇඳෙන රැල්ලක් දෙකක් ඇරුනු ක |
ොට ලොකු වෙනසක් වෙලා නෑ.. එදා විදිහමයි. ඇත්තටම මම කැමති වුණේ එයාගේ හුරුබුහුටි කමට .., හිනාවට..,සුදුත් නැති කලුත් නැති ඒ පාටට.. කාවවත් ගණන් නොගන්න ඒ අමුතු හැසිරීමට ... හැබැයි හැමෝටම එක වගේම කරන ආදරණීය සැලකිල්ලට..ඔව් කල්පනා කියන්නේ වෙනස් කොලිටි එකක් තිබුන කෙල්ලෙක්. වෙන කෙල්ලෝ හිතන දේවල් එයා හිතුවේ නෑ. ඒ තමයි මම ආස කරපු මාව වශී කරපු මට ලෝබ හිතුන දේවල්..,
කල්පනාට ඕනේ වුණේ ටැලෙන්ට්ටඩ් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න. එයාගෙ ඒම් එක තිබුණෙ ලොකු දුරක . මට ඕනේ වුණේ ඉක්මනට එයාව මගෙ ළගට ගන්න. අන්තිමට මං දින්නා. එයා එයාගේ හීනේ අකුලාලා මගෙ හීනේ වෙනුවෙන් කැප වුනා.
අවුරුදු 24දි එක්තරා දවසකට පස්සේ කල්පනා මගෙ බිරිඳ වුණා...එදා ඉඳන් හැමෝම එයාට කිව්වේ විශල්ගෙ වයිෆ් කියලා....
ගෙදර ඉන්න කාලෙ අම්මාගෙයි තාත්තගෙයි එකම දුව වුනු කල්පනා.. ගෙදර කිසි වැඩක් නොකරපු කල්පනා.. මගෙ ගෙදර හැමදේම කරන්න ගත්තා. එදා ඉදන් එයාගේ ජීවිතේ හැමදේම කැරකුනේ මගේ වටේ.එයාට ගොඩක් දේවල් දරාගන්න වුනා. ඒ මං නිසා. මේ ලෝකෙ එයා නිසා මං ලබපු ලොකුම දේ මගෙ දරු දෙන්නා...කුසේ දරාගෙන බිහි කරලා ලොකු කරේ එයා... හැබැයි ඒ දරුවන්ට එයාට සමානවම, ගොඩක් වෙලාවට එයාට වඩා අයිතියක් සමාජය මට හදලා දෙද්දී එයා හිටියෙ නිහඬව ...කොටින්ම පිරිමියෙක් විදිහට මාව සමාජය ඇතුළේ සම්පූර්ණ කරන්නෙ, ඒ හුරුබුහුටිය පුංචි කෙල්ලම තමයි.
කල්පනා කියන්නේ හරි දක්ෂ මුල්‍ය කලමනාකරණාකාරිනියක්.මගේ ජිවිත කාලය තුළ මොනවා හරි මට කියලා වත්කමක් එකතු කරගෙන තියනවා නම් ඒ හැම එකකම අයිතිය කල්පනා සතුයි. බැලු බැල්මට ඒවා මං හම්බ කරපුවා. හැබැයි හම්බ කරාටම වැඩක් නෑ වටිනාකමක් එකතු කරන්න දන්නෙ නැත්තම්...මං හම්බ කරපු හැම සතේකටම කල්පනා වටිනාකමක් එකතු කරා.
මාසය පුරා මොන විදිහෙ වියදම් ආවාත් මට එයාට දෙන්න පුලුවන් වුණේ මට හැම මාසේම මුල හම්බ වුනු ගාන විතරයි. හැබැයි හැම මාසයකම එයා හරිම සාර්ථක විදිහට මුදල් කලමනාකරණය කරලා තිබුනා. හැම වියදමක්ම දරලා හැම ප්‍රශ්නයකටම විසඳුමක් දීලා තිබුනා. එහෙම කරලා මාසේ අවසානයේ කීයක් හරි ඉතුරු කරලාත් තිබුනා.
ඇත්තටම නම් මම එයා ළඟට අරන් එන ඕනෑම ප්‍රශ්නයකට එයා විසඳුමක් දුන්නා. සමහර වෙලාවට ඒවා ඒ මොහොතට ගැළපුනේ නැති වුනාට ටික දවසක් යනකොට මටම තේරුනා ඒ තමයි ඒ ප්‍රශ්නයට හොඳම විසඳුම කියලා..සමහර දවස් වල ඔෆිස් එකේ අවුල්, අම්මා තාත්තා සම්බන්ධ පවුල ඇතුලෙ අවුල් මං පිට කරේ කල්පනා පිටින්. ඒ ගොඩක් වෙලාවට බැරිම තැන, කේන්ති ගත්තාත් එයා ඒ හැම වෙලාවකම හරිම නිශ්ශබ්ද චරිතයක් වුනා..එයා නොකරපු වැරදි වලට මගෙ පවුල ඇතුළෙන් එයාට ආපු පීඩනය එයා දරා ගත්තෙ බොහොම නිහඬව..
ඒක පුදුම ඉවසීමක්...ඇත්තටම නම් මම දන්න කල්පනා හරි සීතල අදහස් ඇත්තියක්... වැඩිය කතා නොකරන නමුත් කතා කරපුවාම දිගට කතා කරන්න පුලුවන්.. කේන්ති නොයන.. කේන්ති ගියොත් බොහොම දරුණු තිරණ වලට යන... අදහස් ලේසියෙන් වෙනස් නොකරන්නියක්. හැබැයි මගෙ පවුල සම්බන්ධයෙන් එයා එහෙම වුණේ නෑ. මං දන්නවා ඒ මං නිසා කියලා.
ඇත්තටම එයා හිටපු හැටියට ඒ තරම් හොඳ අම්මා කෙනෙක් මං මගෙ දරුවන්ට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැද්ද මන්දා. ඒ තරමටම එයා දරුවෝ ගැන සැලකිලිමත්. මට ඉන්නේ කොල්ලොම දෙන්නෙක් වුණු කොට උන් ආම්බාන් කරන්න ලේසි නෑ. හැබැයි කල්පනා මට කරන්න දෙයක් ඉතුරු නොකර එතන සාර්ථක වුණා. වෙන තැන් වල දරුවෝ විශේෂයෙන් කොල්ලෝ බය තාත්තාට වුනාට අපේ ගෙදර එහෙම වුණේ නෑ. දරුවෝ දැන්ගෙන හිටියා අම්මට හොරෙන් මුකුත් කරන්න බැරි විත්තිය. එයා දරුවන්ට යාළුවෙක්, ගුරුවරයෙක්, තවත් වෙලාවක සාර්ථක මනෝ වෛද්‍යවරයෙක්..., හෙදියක් . එහෙම කල්පනා කරද්දී මම කියන චරිතය මේ ගේ ඇතුලෙ නිකම්ම නිකම් වටිනාකමක් නැති හිස් චරිතයක්... ගිය අවුරුදු 30 පුරාම විශ්ව විශ්වනාත් කියන මාව නිර්මාණය කරලා තියෙන්නේ හුරුබුහුටි කම නිසාම තෝරගත්තු ඒ පුංචි කෙල්ලම තමයි.
මට ඉබේට හෙළුනු සුසුම එක්ක මම බැලුවෙ මට සමාන්තරව නිදාගෙන හිටපු කල්පනා දිහා. ඔය හැමදේම ඇත්ත වුණත් කල්පනා කවදාවත් මට සමාන්තර වෙන්න උත්සාහ කරේ නෑ. සමහර වෙලාවට එයාට මාව අභිබවා යන්න හේතු තිබුනාත්, එයා බොහොම පරිස්සමින් මගේ පිටිපස්සෙන් හිටියා මිසක්, අඩුම ගානේ මට සමාන වෙන්න හැදුවෙ නෑ.
කල්පනා කියන්නේ උස මහත අතින් මහා උස මහත ගැහැණියක් නෙමෙයි. හැබැයි එයා මගෙ උරහිසට උස ඇති සමහර විට ඊට වඩා අඟල් භාගයක් විතර උස ඇති...එයාව හම්බ වුණ මුල් කාලෙ ඉඳලම මම හැමදාම කරේ ටිකක් පාත් වෙලා කම්මුල සිප ගත්තු එක. හැබැයි පස්සේ පස්සේ මට ඒකට කම්මැලි හිතුනාද මන්දා. මට ඕනේ හැම මොහොතකම එයාගෙ තොල් සිප ගන්න පාත් වුනාට,අනිත් වෙලාවට මම කරේ එයාගෙ නළල හරි හිස හරි ඉම්බ එක...එයා එහෙම නෙමෙයි, කලාතුරකින් හරි මාව සිප ගත්තෙ වෙනදා විදිහටම. ඒ හාදුව හැමදාම ලැබුනෙ නොවැරදීම කම්මුලට. ඒක හරි උණුසුම්.
ජීවිතේ පළවෙනි වතාවට මට මං ගැන කලකිරිමක් ඇති වෙන්න ගත්තා. ඇත්තටම තවම පරක්කු නෑ ජීවිතෙ හොදම අවුරුදු 25ක් ගෙවිලා ඉවරයි තමයි. හැබැයි තවම කල්පනා ඒ විදිහමයි, ලොකු වෙනසක් නෑ. අද ඉඳන් කල්පනාගේ හීනෙට යන්න උදව් කරන්න ඕනේ ....කම්මැලි නොවි ආයේ වෙනදා වගේ හැම වතාවකම කම්ඹුලට කිස් එකක් දෙන්න ඕනේ.
එහෙම හිතපු මම කල්පනාගේ කම්මුල සිප ගත්තෙ එයාට නොදැනෙන්න.
"අප්පච්චි නමයත් වෙලා නැගිටින්නෙ නැද්ද" ලොකු පුතාගෙ කට හඬට ඇස් ඇරිය මං බැලුවෙ කල්පනා දිහා..
"මම ආමාගෙ වැඩ වගයකට එළියට යනවා දවල්ට එන්න වෙන එකක් නෑ. අප්පච්චිට දවල්ට මොනවා හරි හදාගන්න පුලුවන් නේද? තේ එක නම් හදලා දාලා ඇති. පුතා කියවගෙන ගියා.
මම හිටියෙ තෝන්තු වෙලා වගේ. ඒ වෙනකම් මං දැකලා තිබුනෙ හීනයක්. ඒක තේරුනාම මට ඇති වුනෙ අප්‍රමාණ පසුතැවිල්ලක්, හුලන්න බැරි තරම් වේදනාවක්.
ජීවිතේ ඉතුරු මුලු කාලයම මට පහසුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හැමදේම පිළිවෙලට හදලා එයා නිකම් නිකම් කල්පනා වීරසිංහ විදිහට...විශල් විශ්වජිත්ගෙ බිරිඳ විදිහට විතරක්ම සද්ද නැතුවම යන්න ගිහින් අවුරුදු තුනකට කිට්ටු වෙන්න ඇවිත්....
මට ඊයේ උදේ හම්බ වුන, කාලයකට කලින් කල්පනා ඇඳපු ඇඳුම් ඩිසයින් කොළ ටික මං ආයේ ගිහින් පෙරළලා බැලුවා. අඩුම ගානෙ ඒ හීනය මීට අවුරුදු තුනකට කලින් මට පෙනුනා නම්, කල්පනාගෙ අහිංසක හුරුබුහුටි හිනාව කොළ අස්සේ මතු වුනා.. යන්න පාර හොයාගන්න බැරි වුන කඳුළු කම්ඹුළ දිගෙ ඇවිත් කොළ වලට වැටිලා කල්පනා ගෙ හැඩ ඉරි බොඳ කරා.
රසිකා නවරත්න ....✍️අලුත් ලොකු මාළු ඔලුව
මස් මාලු නොකන අයත් අහිතක් නොහිතාම මේ පොඩි කතාව කියවයි කියල හිතනව.
අපේ වගේ මුහුදු බඩ පළාත්වල මිනිස්සු දන්නව අලුත් මාළු ඔලු වල තියෙන විශේෂ රසය. ගඟේ මාළු, වෙල් මාළු, වැව් මාලු වලත් ඔලු රස නැතුව නෙමෙයි නමුත් කොච්චර හොඳට ඉව්වත් අන්තිම මොහොතෙ හරි දිවට දැනෙන පොඩි මඩ රහක් ඒවල තියෙනව.ඒත් මූදු මාලු ඔලු ඒ වගේ නෙමෙයි.එයිනුත් පට්ටම රහක් තියෙන ඔලු තමයි. තෝරා ඔලුව, පරා ඔලුව, අලුත්ම අලුත් කෙලවල්ලන් ගේ ඔලුව, මීවැටි ඔලුව, මන්නා ඔලුව,මූදිල්ල ඔලුව වගේ ඔලු. ඔලුව කියල කිව්වට තනිකර ඔලුව විතරක් නෙමෙයි හදන්නෙ. ඒකටම කිරි මන්ද තියෙනව නම් දානව. බිත්තරත් එකතු කරනව.මහ බොක්ක සුද්ද කරල පොඩියට කපල ඒකත් දානවා හැබැයි ඒක ටිකක් කලින් ලිපේ තියල වැඩිපුර තම්බ ගන්ඩ ඕනා නැත්තං කනකොට ප්‍රියතාවයක් නැහැ රබර් වගේ තදයි. දිවට හොඳ රසයක් ගන්න නං ඔලුව අඩුම ගානෙ කිලෝ එකක් වත් බර වෙන්න ඕන. එතකොට තමයි පොඩි තෙල් ගතියකුත් එක්ක රස නහර පිනා යන්නෙ.
ඔලුව හදනකොට ලොකු කෑලි කපන්නෙ. මොකද කටු වැඩි නිසා අනිත් කාරණය තමයි කෑලි පොඩි වුනොත් හොද්දටම දිය වෙලා යන්නත් පුළුවන්. ඔලුව වැඩිය මිරිස් නොදා සූප් එකකට වගේ තැම්බුම් හොද්ද තියල, කහ අබ ගම්මිරිස් විනාකිරට පැය භාගයක් විතර තම්බල තෙම්පරාදු කර ගත්තහම හරි. සමහරු එච්චර වතුර තියන්නෙ නැතුව තෙලටත් හදාගන්නව. ඒකෙත් වරදක් නැහැ. ඈත පළාත්වලට අලුත්ම මාළු ඔලු ලේසියෙන් ලැබෙන්නෙ නැති නිසා "මොකක්ද ඕකෙ තියෙන විශේෂ රහ අපිට නං ඔලුව ඉව්වට පස්සෙ කට ඔයනව" කියල, කියන්නත් ඉඩ තියෙනව. ඒ කතාවෙත් ලොකු වරදක් නැහැ මොකද තෝරා පරවා විශේෂයෙන්ම ගල් මාලු ඔලුව කල් තියාගන්න අයිස් නොගහ අලුත් පිටම හදන්න ඕන. නැත්තං ඒකට ආවේණික රසය එහෙම්ම ඉවරයි.
අනිත් කාරණය තමයි ලොකු මාළු ඔලුවක් කොර නැතුව යන්ඩ පිරිසුදු කරල, පිළිහිඩි ගතිය යන්ඩ හෝදල, අතපය කපා ගන්නෙ නැතුව කපාගෙන, වළඳට දාන්න පුළුවන් ඒ කාරියට පළපුරුදු අතකට විතරයි. ඒ වගේම ඔලු කෑ යුත්තේ උණු උණු වෙම්මයි .වෙරළබඩ මිනිස්සු ලොකු මාළු ඔළුවක් හදපු දාට රෝස් පාන් හරි එහෙම නැත්නම් පාන් පෙති කිහිපයක් රෝස් කරල හරි අරගෙන එක වේලක් ඒකෙන් පිරිමහනව.දෙකෙන් පංගුවට හම්බවෙන හින්දා ලොකු මාළු කන්ඩ සල්ලි නැති අයත් ඔලු ගන්න වෙලාවල් තියෙනවා.සමහර බෝඩිං වල මාළු වියදම දරන්න බැරි නිසා හැමදාම කෑම වේලට ඔලු කෑලි දෙනකොට කොල්ලො කොල කෑල්ලක ලියල පිඟානට දාල අරිනවලු " ලබන සතියෙ ඔලු එපා" කියල.
දැන් ඔලු ගැන කියන්ඩ ගිය මගේ කතාව කියන එක හොඳයි.මීට අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා අපේ ගෙදර අස්පස් කරන්න උයන්න පිහන්න උදව්වට ආවා පොඩි ලමයි තුන් දෙනෙක් ඉන්න තරුණ පහේ ගෑණු කෙනෙක්. මාත් කොහොමත් සති දෙහෙකට විතර සැරයක් සෙනසුරාදට ටිකක් ලොකු මාළු ඔලුවක් ගේනව.පොඩි කාලේ ඉඳල ඇබ්බැහි කමටද කොහෙද මාත් ඉතින් උදව්වෙනව මාළු ඔලුව කපන්න. ඒ වෙලාවට සුරංගි ගෙයි මගෙයි සංවාදය මෙන්න මේ වගේ.
"කීයද මහත්තය මේ ඔලුව,?"
ඉතින් මම ගාන කියනව
"එච්චර ගණන් ද?"
"නෑ ඔලු ගොඩක් ගණන් නැහැ මාළු ගාණෙන් දෙකෙන් පංගුවයි."
"ඒ කියන්නේ මේ මාළු මේ වගේ දෙගුණයක් ගණන්ද?"
මම ඔලුව ඉහලට පහලට වනල ඒක අනුමත කරනව.
"මටත් මේ ජාතියෙ පොඩි ඔලු කෑල්ලක් ගන්න බැරිද මහත්තය."
සුරංගි අහපු දේට හිතට පොඩි අමනාපයක් ආවත්,
"හා කමක් නෑ ගන්ඩ.හවසට යනකොට අරගෙන යන්න."
"නෑ නෑ මහත්තය මේකෙන් කෑල්ලක් නෙමෙයි ඇහුවෙ මටත් වෙරළෙන් පොඩි ඔලු කෑල්ලක් ගේන්න බැරිද සල්ලි දෙන්න ?"
"බලමුකො"
මේ සාකච්ඡාව ක |
ිහිප සැරයක් උන නිසා මනුස්සකමට ඇයට මගේ ගානේ ලොකු මාළු ඔලුවක් ගෙනත් දීමේ යුතුකමක් තිබුණත්, මොකක්දෝ අහේතුවකට එහෙම හිතුනේවත් මතක් උනේ වත් නැහැ.කොහොමත් ඉතිරි වන නිසා හවස යන විට පිසින ලද මාළු ඔලුවෙන් යම් ප්‍රමාණයක් ඇයට අනෝමා දෙන බව මං හොඳින් දන්නව.ඇයට ද මාළු ඔලුවක් අවශ්‍ය වී ඇත්තේ එය රස වැටී විය යුතුය.
ඊළඟ දවසේ මං ගෙනා ලොකු මාළු ඔලුව සුරංගි එහෙට මෙහෙට ගිය පමාවකින් බල්ලෙක් ඩැහැගෙන ගොස් ඇති බව, එය මේසයේ නැතිකමින් කෑම කන වෙලාවේ ඇතිවූ කුහුල දුරු කිරීමට අනෝමා කිව්ව. සුරංගීද හැඬූ කඳුළින් ඇගෙන් සිදු වූ වරදට සමාව ඉල්ලුවත් මා එතරම් එය ගණන් ගත්තේ නැත.
"අනිත් දවසෙ මාළු, එළියෙ කුස්සියෙ බිම තියන්ඩ එපා.ගේ ඇතුලට යද්දි බර දේකින් වහල යන්න."
මාළු ඔලුව ගැන ඊට වඩා කතාබහක් ගෙදර ඇති උනේ නැත්තේ,විශේෂයෙන්ම මේ කාරණයට පුන පුනා දොස් පවරන්නට ගොස් ඉතා කැපවීමෙන් වැඩ කරන සුරංගිගේ හිත රිදුනොත් ඇය වැඩට නෑවිත් නතර වේ යැයි යන බියද යටි හිතේ තිබුණු නිසාය.
පසු දින ඉරිදා උදේ මාත් අනෝමාත් ව්‍යායාම පිණිස ඇවිදීමට ක්‍රීඩා පිටියට ගොස් ආපසු එන විට පල්ලියේ උදේ පූජාවට ගොස් පැමිණෙන සුරංගි ගේ පවුලම මහපාරේ දී මුණ ගැසිණි.සුරංගිගේ සැමියා මුවපුරා මා සමඟ සිනාසී,
"මහත්තයල ඊයෙ එව්ව මාලු ඔලුව හරි රහයි ලමයි තුන්දෙනත් ආසාවෙන් කෑව.සුරංගි කිව්ව මහත්තය දුන්න කියල. ගොඩක් ස්තුතියි මහත්තය මේ දවස් වල එහෙම දෙයක් සල්ලි වලට ගන්න පුළුවන්කමක් කොහෙත්ම මට නෑ."
කියා කීවේය.
මේ වචන පිට වෙනවාත් එක්කම සුරංගී හොල්මනක් දැක්කා මෙන් සුදුමැලි වී බය බිරාන්ත වූ හැටි මම දුටුවෙමි. සිදුවූ දේ වහා වැටහුන නිසා මම කිසිම වෙනසක් නොපෙන්වා."හා ඒක සුළු දෙයක්. මම ආයෙත් දවසක එවන්නංකො" කියා කිව්වත් සුරංගී කළ හොරකම ගැන හිතේ ඇතිවූ අමනාපයේ සලකුණු මුහුණට පැමිණීම වළක්වා ගත නොහැකි විය. අනෝමා දැඩිසේ කෝපාවිෂ්ට වී සිටින බව තේරුනත් කෙසේ හෝ ඇගේ කටින් එකදු වචනයක් හෝ පිට නොවිය යුතු බවට මා පල කළ රහස් මුද්‍රාද සංඥාද වාසනාවට වැටහුන හෙයින් ඇය සුරංගීට මඳක් රැව්වා මිස වචනයක් හෝ නොකීවාය.බිම බලා සිටි හෙයින් සුරංගී ඒ සොච්චමද දැක්කේ නැත.
ඔවුන් සියලු දෙනා අපට සමු දෙන අතරතුර සුරංගී බිම බලාගෙන දෙතොල් වෙව්ලුවමින් උගුරු ගැටය වේගයෙන් උඩ යට යවමින් මුහුණ දී ගත නොහැකිව සිටින ආකාරය ගැන මට එවෙලේ කණගාටුවක් ඇති නොවුණේ.ඇයට එවැනි පහත් සොරකමක් කිරීමේ අවශ්‍යතාවයක් මට කිසිසේත් හිතාගත නොහැකි වූ නිසාය.තවද මගේ නොරිස්සුම ඉහවහා ගියේ ඉල්ලුවානම් එය ඇයට ලැබෙන බව ඇයද ඉඳුරා දන්නා හෙයිනි.සුරංගි පසුදා සිට වැඩට ආවේ නැත.දුරකථනයට උත්තර දුන්නේද නැත.දින දෙකකට පසු අපි දෙන්නා ඇය සොයා ගියෙමු. ඇගේ සැමියා සිදුවූ කිසි දෙයක් ගැන හාංකවිසියක් නොදන්නා හෙයින් ඇගේ ආත්ම ගෞරවය රැකෙන ආකාරයට හැසිරිය යුතු බව මම කලින්ම අනෝමාට කීවෙමි..වාසනාවට ඇගේ නිවසට යන විට සැමියා රැකියාවට ගොසිනි.
"මං බොරුවක් කිව්වෙ නෑ මහත්තය. නෝනා මං බොරුවක් කිව්වෙ නෑ" අප දෙදෙනා දුටු වහාම ඇය ඉදිරියට පැමිණ හැඬූ කඳුළින් කීවාය.සුරංගී තවත් මොනවාදෝ කියන්නට ලෑස්ති උනත්.අතටම අසුවූවා වැනි හොරකම ගැන ඇය තවමත් මෙසේ කථා කිරීම ගැන සිතට කෙතරම් ලොකු තරහක් ආවත් සුරංගී ව නැති කරගෙන බැරිය.ඇය අපේ නිවසේ වැඩට නොපැමිනීම අනෝමාගේ අත පය කඩා දැමුවාක් බඳුය. ඒ නිසා.ඇයට සමාව දීමට තීරණය කළ අප ඇගේ හිත රිදෙන වචනයක් හෝ නොකීමට ද කලින්ම තීරණය කර තිබිණි.එසේ හෙයින් ඊට වඩා ඇයට කතා කිරීමට ඉඩ නොදී
"සුරංගි තව මුකුත් කියන්න ඕන නැහැ.ඒක බොහොම පුංචි සිද්ධියක් අනිත් දවසෙ මොනවා හරි ඕන නම් කියන්න. මොකද ඔයා අපේ පවුලේ කෙනෙක් වගේනෙ."
අම්මා හඬන හෙයින් වරින් වර ව්මතියෙන් සුරංගි ගේ මුහුණ දෙස බලමින් ළඟ දැවටෙමින් සිටි කුඩාම දරුවාවද වඩාගෙන ඈ නැවතත් මොනවදෝ කීමට ලෑස්ති වුවත් මම අතින් සන් කර එය වළක්වන විට,
"සුරංගි හෙට ඉඳල ආපහු වැඩට එන්න. අපේ අතිනුත් ලොකු වරදක් උනා අපිට තිබුන ඔයාට මීට වඩා උදව් කරන්න". සේවකයන්ට ඉතා කරුණාවෙන් සලකන අනෝමා ඒ වචන කීවේ ඇත්තටම බවට සැකයක් නැත.
"නෑ නෑ නෝනා. නෝනල කරන උදව් හොඳටම ඇති."ඇය නැවතත් මොකක් හෝ වැදගත් දෙයක් කීමට තතනන බව දැනුනත්.අප ඊට ඉඩ නොදුන්නේ එය මාළු හොරකම පිළිබඳ පැහැදිලි කිරීමක් ගැන විය යුතු නිසා ඒවා ඇසීමට අප දෙන්නාට කිසි උවමනාවක් නොතිබූ නිසාය.
.ආපසු හැරී එන විට මම අනෝමාට.
"අනිත් දවසෙ සල්ලි, රත්තරන් බඩු ගැන පොඩ්ඩක් වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. එහෙ මෙහෙ දාලා තියන්න එපා මොකද සුරංගි දැන් හොරකං කරන්නත් පටන් අරගෙන තියෙන්නෙ."
හිස සලා ඇයද එය අනුමත කළ අතර සිදුවූයේ ඉතා කුඩා සොරකමක් වුවත් ඉන් අනෝමාගේ හිත දැඩි සේ පෙලී ඇති බව මට දැනුණේ මටද එසේම වී ඇති නිසාය.මේතාක් සුරංගී අතිශය විශ්වාසවන්ත තැනැත්තියක් වූ අතර කිසිදිනක කිසිම දෙයක් සොරකම් කර නැත.එමතු ද නොව ඇය ඕනෑ තරම් අප විසින් නැති වී ඇතැයි සිතා අමතක කර සිටි රන් භාණ්ඩ සහ මුදල් නිවෙස අස්පස් කරන විටදී සොයා දී ඇති කෙනෙකි.
ඇය සොයා ගිය දිනට පසු දින සිටම සුරංගි නැවත වැඩට එන්නට පටන් ගත් සතුට නිසා සිදු වූ සියල්ල අපිට අමතක වූ අතර දිනක් අපේ නිවස ඉදිරිපිට පාරේ එහා පැත්තේ ගෙදර සිටින මිතුරා මාව අහම්බෙන් දැක නතර කර,
"දැන් සතියකට විතර ඉස්සෙල්ල ලොකු මාළු ඔලුවක් කටිං අරගෙන මෙතනින් බල්ලෙක් දිව්ව. උගෙ පස්සෙන් ඔගොල්ලන්ගෙ ගෙදර වැඩට එන ගෑනු ළමයා එලවගෙන ඇවිල්ල ඒ මාළු ඔලුව බල්ලගෙන් උදුර ගත්ත. ඊට පස්සේ බයෙන් බයෙන් ආපහු අරගෙන ගියා.මට එවෙලෙ කල්පනා නොවුනත් දැන් ඔයාව දැක්කම හිතුන ඒක ඒ කෙල්ල ඔයාලට උයල දුන්නවත්ද කියල ඒකයි ඒ සිද්ධිය ගැන කියන්න හිතුවෙ."
"නෑ නෑ සුරංගි අපිට විස්තරේ කිව්ව. අපි ඒ මාලු ඔලුව එවෙලෙම වැළලුව" තුෂ්නිම්භූත වූ මට ඒ තරම් හොඳ උත්තරයක් ක්ෂණිකව කටට ආවේ කෙසේදැයි තවමත් කල්පනා කරමි.
එදා සුරංගිගේ ගෙදරට අලුත් ලොකු මාළු ඔලුවක් ලැබුණේ කෙසේදැයි දැන් ඔබ දනී.මේ විස්තරය කියා අනෝමාවත් හැඬවීමට මට උවමනාවක් නැත.ඒත් සුරංගී දැන් හෙරක් වී ඇති බවට මා ඇගේ හිතට දැමූ බොරුව කෙසේ හෝ අයින් කළ යුතුමය.
සමන්ත ,වනගත දිවියක මතක සටහන් (7)
කළ හොඳ පල දීම..
අරාබි චායාතාලේරා
අරාබියා බොලොරේ
ඊස්න උපං ලකනීපංඬේ
මංගරාසේ මනෝරේ ඩොමාක් වෙදලගිය’
ඇය තාලයකට මුමුණන්නේ ය.
කැෆර් ජනතාවගේ ජනප්‍රියම ගීතයක් ලෙසින් සැලකෙන මෙම ගීතයේ සිංහල අදහස වන්නේ
අරාබියේ ගැහැණු ලස්සනයි.
ඇයි ඔයාලගේ මුහුණු නෙපෙන්වන්නේ.
ඔයාලගේ ලස්සන මුහුණ පෙන්වන්න තහනම් ද ...
යන්නය.
උදෑසන නිල නිවසේ පිවිසුම අසලට පැමිණෙන ඇය අප කොයිදැයි එබී බලයි.
good morning මමී..
good morning බියැප්පො මහත්තයාලා...
ඇයට සුවිශේෂී ආමන්ත්‍රණය කින් අපිව අමතයි.
තේකක් බොන්න යමුද මමී....
මම බීලා ඉන්නේ . කමක් නෑ මහත්තයලත් එක්ක යමු...
අපේ ඉල්ලීම නිසා ඇය එන බව අඟවයි.
ඇය උදෑසන කුසගින්නේ සිටින බව අපි හොඳින් දනිමු . ඉදිරිපස කඩේ මුදලාලිගේ ණය පොතට සදහන් කොට ඇයට උදේ කෑමට අඩයක් ලබාදීම අපි කවුරුන් හෝ පුරුද්දක් ලෙස කරන රාජකාරියකි.
ලංකාවේ වෙසෙන කාපිරි ජනතාවගේ අවසන් පුරුක් ලෙස ඇය හා සමාන වූ තවත් කිහිපදෙනෙකු නිල නිවාසය පිහිටි සිරම්බිඅඩියේ ජීවත් වේ. ඇතමුන් ඉතා හොඳින් දිවි ගෙවන්නන් අතර ඇතමුන් ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්ව සිටින්නේය.
මෙහි කතා නායිකාව ද එවැනි පරම්පරාවක ඉතිහාසය දන්නා අවසන් පුරුකකි.
බොහෝවිට වන අපරාධ වලට සම්බන්ධව නම කියවෙන කිහිප දෙනෙකුගේ මවක් වන ඇය පොදුවේ ගම්වැසියන් හඳුන්වන්නේ ද මමී යනුවෙනි.
තම දරුවන්ට ඇති එකම ජීවනෝපාය මාර්ගය වන අපරාධ බව ඇය දනී. වන අපරාධ වාර්තා වල ඇයගේ දරුවන්ගේ නම් බොහෝ විට ලිය වෙන නිසා ඒ නම් මට හොඳින් කට පාඩම්ය.
බටහිර ඌරුවක් සහිත ඒ නම් මෙහි පල නොකරමි.
ඇය අප සමඟ සුහදව සිටින්නේ හේතු දෙකක් නිසාය. පළමුවැන්න ඇතැම්විටක වනාන්තරයේ දී හසුවනඇගේ දරුවන්ට අපේ අනුකම්පාව ලබා ගැනීමට ය. දෙවැන්න ඈට හිටි හැටියේ අපෙන් ලැබෙන ආහාරය වෙනුවෙන්ය .
ඇය වෙසෙන කටුමැටි ගැසූ ටකරං සෙවිලි කළ පැල්පත ඇයගේ දරිද්‍රතාව මොනවට මතුකර පෙන්වයි. ද ඇගේ දරුවන් වයස්ගත ඇගෙන් වෙන්ව ඔවුන්ගේ පවුල්වල ජීවත් වෙයි. ලැබෙන දේකින් කුසගිනි පුරවාගන්නා ඇය මා කුඩා කල කතන්දර පොත්වල කියවු නපුරු මායාකාරියක් සිහිපත් කරවයි. ඇය ඇගේ ජන්ම වර්ගය වන සිලෝන් කැෆර් වලට වඩා අප්‍රිකානු කාපිරි ස්වරූපයට හොඳ උදාහරණයකි.
ඇයට කිසි දුකක් ඇති බව නොපෙන්වයි. නිතර මඤ්ඤං ගීත ගායනා කරන ඇය බුලත් විට කා රතු වූ මුව විවර කොට මහ හඬින්. සිනාසෙන්නීය.
මඤ්ඤං ගී යනු ඔවුන් අතර ඉතා ජනප්‍රිය වර්ගයකි. විටෙක තම දරුවන් කැඳවා ගන්නා ඇයි ඩොල්කිය ,පොල් කටු දෙකක් වීදුරු බෝතලයකට තට්ටු කරන කාසියක් ආදිය යොදාගෙන රාත්‍රී සංගිත සාද පවත්වයි . ඇය කොතරම් අවංක ද යත් ඇය තම දරුවන්ට වත් අප පිළිබඳ ඔත්තු නොසපයයි.
මහත්තයාලා ගාව නැද්ද ඉතුරු වෙච්චා...
දිනක් ඇය ගැටපද ප්‍රහේලිකාවක් ඉදිරිපත් කළාය.
ඒ කිව්වේ....
මහත්තයාලා රෑට හොරෙන් හොරෙන් ගන්නෙ..
ඇය මත්පැනට ගිජු බව අපි දනිමු.
අයියෝ තියෙනවනේ..ඉතින් ඇයි මමී ඉල්ලුවේ නැත්තේ...
මහත්තයා .. ..අපේ ඩැඩා වත් එහෙම ඉල්ලලා ගන්න කෙනෙක් නෙමෙයි. මහත්තයාලා කැමතිනම් මේ නාකි උන්දැට මේ නත්තල් කාලේ ඒවත් එක්ක පාටියක් දෙන්න. දෙවියන් වහන්සේත් සතුටු වෙයි.
ඇය අප මුරුංගා අත්තට නංවයි.
අයියෝ සිම්පල් .දෙන්නම් මමී හවස හතරට එන්න..
නියම වැඩක් කරමු.. අත්තනායක මහතා හෙමින් කියයි. ඇතුලෙ තියෙන හිස් අරක්කු බෝතලේකට තේ කහට වක් කරලා හවස පාටියක් දාමු. ඕ.කේ. රංජිත් කවදත් වැඩේට ඕකේ ය.
ඇයට පොරොන්දු වූ පරිදි කුඩා ටීපෝවක් පුටු හතරක් වීදුරු හතරක් අඩක් හිස් වූ බව පෙනෙනඅරක්කු බෝතලයක් හැපීමට දෙයක් සමගින් නිල නිවස පසුපස කොහොම ගහ යට හවස වන විට සූදානම් විය.
මමී නිල නිවස ඉදිරිපිට හොරගල් අහුලයි. ඒ ඇයට ආරාධනය ලැබෙන තුරුය. කිසිවකු ඇය නොදුටු ලෙස සිටීම ඇයට තේරුම් ගත නොහැකි වන්නට ඇත.
ටික වෙලාවක් මෙලෙස ගතක |
ර මේසය පමණක් තනිකර අප තිදෙනා එකිනෙකා බැගින් එතනින් ඉවත්ව නිල නිවස ඇතුළට ගොස් ඉන්පසු සිදුවන දේ බලාගෙන සිටියෙමු.
වයසක කාන්තාව ව මිදුලේ ගස්වැල් අතගාමින් හෙමින් මේසය අසළට ආවාය.
අරාබි චායාතාලේරා අරාබියා බොලොරේ ඊස්න උපං ලකනීපංඬේ මංගරාසේ මනෝරේ ඩොමාක් වෙදලගිය.....
වැනි ගීයක් ගයමින් වටපිට බලා අරක්කු බෝතලය ගෙන කොටසක් වීදුරුවට හලා අමු අමුවේම පානය කළාය.
තුක් විතරක්.. තේ කහට ජරාව..
අප මහ හඬින් කළ සිනාසීම ඇය කේන්ති ගැස්සවීමට සමත් වූවාය.
සුපුරුදු පරිදි ඇය පසුදින උදේ නොමිලේ ලැබෙන තේ බීමට වත් නො පැමිණියා ය. විහිළුවට ඇස් රතු වී ඇත.
ආන් මහත්තයලට අර උන්දෑ බැන බැන යනවා ...
තේ කඩේ මුදලාලි වන නෑයෙක් නොවන බාප්පා කීවේය.
දින දෙකකට පමන පසු අහම්බෙන් ඇය මුණ ගැසුණි.
ඇය ඉවත බලා ගත්තාය.
සමාවෙන්න මමී...
දෙවියන් වහන්සේත් අනුකම්පා කරන මේ මහලු ගෑණිට මහත්තයලා එහෙම කල එක වැරදියි මේ නත්තල් කාලේ. ..
ඇය තම අමනාපය පල කලාය.
සමාවෙන්න මමී.. නැවත වතාවක් කීවෙමි.
හොඳයි බියැප්පො මහත්තයාලාට සමාව දෙන්නම්. සමාව දීම දේව ගතියක් තමයි. හැබැයි නිකං නෙවෙයි. මට අරක්කු බෝතලයක්ම ඕනි. හැබැයි සුදුවා නෙවෙයි තේරුණාද..
ඇය ඇගේ සමාවේ වටිනාකම පෙන්වයි.
ජීවිතේ පළමු වතාවට වයස අවුරුදු විසි එකේදි පුත්තලම නගරයේ වාන පාරේ පිහිටි අරක්කු තැබෑරුමෙන් රුපියල් තිස් හතකට ගල් අරක්කු බෝතලයක් මිලදී ගැනීමට සිදුවිය.
ඇය දුන් සමාවේ ආශිර්වාදය නිසාදෝ ඉන්පසු මේ දක්වා කිසිමදාක මට තැබෑරුමකින් අරක්කු බෝතලයක් මිලදී ගැනීමට සිදුවූයේ නැත.සුදු, කළු සහ අළු හිම
තවත් සීත කාලයක් අත ළඟ එන වෙලාවේ හිම ගැන ලියන්න හිතුනේ පහුගිය අවුරුදු දෙක තුල මම දැකපු දෙයක් නිසා. එය ලෝකෙයේ පැහැදිලි ඍතු බේදයක් ඇති රටවල් තුනක මම ගත කල 10 වෙනි සීත ඍතුවය . පසු ගිය නොවැම්බරයේ සීත කාලය ආරම්බයත් සමග මුණු පොතේ වෙනදට වඩා විශාල ලෙස හිම සම්බන්ද චායාරුප සහ වීඩියෝ සංසරණය වෙනු දකින්නට ලැබුන. ඒ පසුගිය වසර එකහමාරක පමණ කාලයක් තුල අති විශාල ලෙස ලංකාවෙන් යුරෝපිය රටවලට සංක්‍රමණය උන ලාංකිකයන් සිය ප්‍රථම අසිරිමත් හිම අත්දැකීම විඳ ගන්නා අයුරුය . ඒ සම්බන්දයෙන් මුණු පොතේ විවිධ අදහස් පල වූ අතර එක් අයෙකු පැවසුවේ ඒ හුදෙක් හිම පින්තුර නොව නොදැනුවත්වම සිදුව ඇති බුද්ධිගලනයේ හා මානව සම්පත අහිමි වීමේ තරම බවය් . හැමදාම හිරු එළියත් වැස්සත් පමණක් අත්දැක ඇති ලාංකිකයන්ට හිම ඉතාම ආකර්ශනීය වීම පුදුමයක් නොවේ . එය ඉතාම සුන්දර , ජිවිතේ එක වරක් හෝ විඳිය යුතුම අත්දැකීමක් බව මගේ අදහසය් . හිම කිව්ව ගමන් දැනෙන්නේ හරිම සෞම්‍ය හැඟීමක්. සුදු පාටට, ලස්සනට තියෙන දෙයක්. හිම මෙන් පිරිසිදු අපේ ආදරේ කියලයි සදාතනික ප්‍රේමනීය හඬ මිල්ටන් කිව්වේ. නමුත් හිම ඇත්තටම ලස්සනද , සුදුද යන්න හිම මුලින්ම දැක දින කීපයකට පසුව සිට මගේ හිතේ ඇති උන ගැටළුවක්.
ජිවිතේ මුලින්ම හිම දැක්කේ 2006 අවුරුද්දේ නොවැම්බර් 6 වෙනිදා. දවසත් මතකය් විශේෂත්වේ නිසා . එතකොට අපි දකුණු කොරියාවේ . අපි බොහොම ළඟ යාළුවො 7,8 දෙනෙක් හිටිය. වැඩ කරන වෙලවක් . ඉතින් හැමෝම අනික් අයට කතා කරලා මේ පෙර නොදුටු සුන්දර අත්දැකීම වින්ද ගත්ත . කම්පැනි එකේ කොරියොත් අපිට එලියට ගිහින් බලන්න කියලා , හිම බෝල වලින් ගහගෙන අපිට ඒ අත්දැකීම රස විඳින්න දුන්න. ලංකාවට කතා කරල අම්මා තාත්තා, අක්කලටත් කිව්වා හිම වැටෙනවා කියලා . ඒ කලේ ෆේස්බුක් නැහැ , නැත්තම් ෆීලින්ග් ඕසම් විත් ගුණපාල ඇන්ඩ් 257 අදර්ස් කියලා ස්ටේටස් අප්ඩෙට් එකකුත් දානවා අනිවාර්යෙන්.
එත් කෙටි කාලෙකින්ම හිම එපා උනා . ඒකට හේතුව උනේ හිම වැටෙද්දී ලස්සන උනාට සුද්ද කරන්න වෙන්නේ අපිට නිසා. අපි වැඩ පටන් ගන්නේ උදේ 7ට . කරන මුල්ම වැඩේ කැම්පැනි එකට වාහන එන්න පුළුවන් වෙන්න පාරේ හිම සුද්ද කරන එක. ලේසි වැඩක් නෙමෙය් . අනික අපේ නවාතැන් තිබුනේ කුඹුරු යායක් මැද්දේ . තට්ටු දෙකේ ගොඩනැගිල්ලක ස්ලැබ් එකක් උඩ තමය් අපේ කන්ටේනර් පෙට්ටි කාමර තිබුනේ. හුලන් පාරත් එක්ක පුදුම සීතලක්. සමහර දාට උදේට කාමරේ දොර අර ගන්න බැහැ , අඩියක් දෙකක් උසට හිම වැටිලා හිර වෙලා. අනික ගෙවල්වල බොහොම ආදරෙන් අම්මා තාත්තා ගාව ඉඳලා ඇවිත් තනියම ගත කරන පලවෙනි සීත කාලේ, ඒ අඳුර , ගුප්ත බව එක්ක දරා ගන්න හරි අමාරු උනා . අනික මම හිටපු අනික් රටවල් වගේ නෙමෙය් , කොරියාවේදී අපි දෙවන පෙළ පුරවැසියෝ කියන එක එළිපිටම දැනෙන , හිත රිදෙන දේවල් උනා . ඒ නිසා ඒ හිම සුදු ලස්සන නැහැ , මට ඒ හිම කළු පාටට පෙනුනේ. හැබය් ඒ හැමදේම දාරගෙන. අවුරුදු තුනක් ආපු අරමුණ වෙනුවෙන් හිටිය. ඒක ජීවිතේ ලොකු ජයග්‍රහණයක් මට.
2006 මාර්තු කොරියාවේ ඉඳන් ලංකාවට ඇවිත් ඒ අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ මාගේ හොඳම යාළුවගේ උදව් එක්ක ඕස්ට්‍රාලියාවට යන්න මම වාසනාවන්ත උනා. ඒක ලෝකේ අනික් පැත්ත . සාමාන්යෙන් ලෝකේ අනික් රටවලට සීත කාලේ එන්නේ නොවැම්බර් - ජනවාරි අතර. එත් ඕස්ට්‍රාලියාවට
සීත කාලේ එන්නේ ජුලි මාසේ. ඒක හරි වෙනස්. අනික හැමතැනටම හිම වැටෙන්නෙත් නැහැ. හිම බලන්න අපි කඳුකරයට චාරිකා යනවා . ඉගෙන ගන්න ගමන් ජොබ් කරලා, ඉතුරු කරගෙන ඒ මුදලින් විනෝද වෙන්න පුළුවන් කමක් ඔස්ට්‍රලියාවේ අන්තර්ජාතික සිසුන් වුණ අපිට ඒ කල තිබ්බ. අපිට ඉතාම හොඳ මිතුරු කලක් හිටියා . එක මිතුරෙක් රැකියාව කලේ ප්‍රදාන පෙලේ හෝටල් ජාලයක. ඔහුට ඉතාම පහසු මිලකට මෙම කඳුකර පළාත්වල හෝටල් කාමර වෙන්කර ගැනීමේ හැකියාව තිබුන . ඉතින් අපි ඒ අවස්ථාව අරගෙන ගිහින්, දවස් දෙක තුන නැවතිලා , විනෝද වෙලා එනවා. එතකොට මම විවාහ වෙලා නැහැ. බිරිඳ( ඒ කාලේ පෙම්වතිය) ලංකාවේ. ඒ හැම දෙයක්ම එයාට පෙන්නනවා වීඩියෝ කරලා. කවද හරි එයාවත් ගෙනල්ල ඒවා පෙන්නන්න , ඒවා එකට විඳගන්න ලොකු ආසාවක් තිබ්බ. හිත බලාපොරොත්තුවලින් පිරිලා තිබ්බ කාලයක්. ඉතින් ඒ හිම මට හරිම සුදු පාටට පෙනුනේ.
ආපහු හිම දැක්කේ 2021 ස්වීඩනයට ආවට පස්සේ. බිරිඳය් පුතයි මුලින්ම හිම දැක්කේ එතකොට . ඒ දෙන්න බොහොම සතුටින් හිම එක්ක සෙල්ලම් කරනවා දැක්කම මටත් සතුටුය් ඔවුන්ට ඒ අත්දැකීම ලබා දෙන්න පුළුවන් උනාට. නමුත් ස්වීඩන් සීත කාලය කියන්නේ වෙනම දෙයක්. එය ඉතාම දිගුය්. ඔක්තෝම්බර් මාසෙයේ පටන් ගන්න දිවා කල කෙටි වීම්, අඳුරු ගුප්ත බව, දින දෙක තුන අඛණ්ඩ හිම වැටීම් සමහරවිට අප්‍රේල් මාසේ වෙනකන් පවතිනවා. අංශක රින 25 ට වගේ උෂ්ණත්වය පහල යනවා. සමහර දිනවල බස් ගමනගමනය නතර කරන තරමට දරුණු විදිහට හිම පතනය වෙනව. එත් එදිනද ජීවිතය පුරුදු විදිහට යනවා. හොඳට රස්නෙට ඇඳගෙන දරුවෝ ඉස්කෝලේ යනවා , වැඩිපුර ඉන්නේ එලියේ . ස්වීඩන් ජාතිකයන් නම් හිම ක්‍රීඩා කරලා හොඳටම විනෝද වෙනවා. අපේ රැකියාවල් උනත් එහෙමය්. නිදහසට කාරණා නැහැ අපි කරනවා . හිමේ පත්තර බෙදපු හැටි මම වෙනම ලියල ඇති . වැටෙද්දී ලස්සනට සුදට තියෙන හිම ටික වෙලාවකින් මඩ වෙලා කළු වෙනවා. පෑගිලා තද වෙලා අයිස් වෙලා පුදුම විදිහට ලෙස්සන්න ගන්නවා . මම හිතන්නේ ලෙස්සල නොවැටුන කෙනෙක් නැති තරම් . නමුත් ඊළඟ පාරත් හිම වැටෙනකොට ඉන්නේ ගෙදර නම් අපි ආසාවෙන් බලන් ඉන්නවා.
අපි දැන් හිමේත් එක්තරා අන්තයක් වෙත ගමන් කරමින් ඉන්නවා . ස්වීඩනයේ උතුරට අපි පදිංචියට යනවා. ස්වීඩනයේ සාමාන්‍ය සීතලටත් වඩා දරුණු මේ සීතලට අපි මූන දෙන්න යන්නේ අපේ අනාගතය වෙනුවෙන්. ඉතින් මට මුලින් ඒ හිම පෙනුනේ කළු පාටට. නමුත් බිරිඳ හැමදාම මේ උතුරු පළාතේ ධනාත්මක දේ ගැන කතාකළ. උතුරේ ඉඳන් ආපු සුනෙත් මල්ලි, උචිත නංගි හා අචින්ත මල්ලිත් මේ කටුක සීතලේ උනත් උතුරේ වසන්තයේදි පිපෙන මල් ගැන කතා කලා. ඒ නිසා මට දැන් ඒ හිම කළු ඉඳන් අළු පාටට වෙනස් වෙලා !
ඉතින් මේ වසරෙත් බොහෝ ශ්‍රීලංකිකයන් ජිවිතයේ පළමු වරට හිම දකීවි. ඒ ලස්සන අත්දැකීම් සමාජමාද්‍යවල බෙදා හදා ගනීවි. ඒක ඔවුන් කරපු කැපකිරීමක, ජයග්‍රහණයක සංකේතයක් ලෙස දකින්න මම කැමැතියි.
ජිවිතේ අනික් දේවල් වගේම තමය්, ඔබගේ ආර්ථික ස්ථාවරබව, මානසිකත්වය , ඔබ ගත කරන්නේ ජිවිතයේ කුමන පරිච්චේදයක්ද යන්න මත අපි දකින හිමේ පාටත් වෙනස් වෙනවා.
ඒ හිම සුදු, අළු හෝ කළු වීම ඔබේ උත්සාහය හා දරා ගැනීම මත රඳා පවතීවි. කළු පාට ස්වීඩන් හිම දැන් අළු පාට උනේ බිරිඳය්, පුතයි අවුරුදු දෙකක් තිස්සේ දීපු ආදරය, කරුණාව, බෙදා හදා ගැනීම් නිසා.කවුද මේ ජෛ ෂා
ලෝකයේම ක්‍රිකට් හසුරුවන ජෛ ෂා කවුද ? අවුරුදු 35 බීටෙක් උපධියක් හිමි තරුණයෙකුට ලෝකයේම ක්‍රිකට් හසුරුවන්න පුළුවන් ද ? ජෛ අමිත්බායි ෂා. නමේ හැටියටම ඔහු ගුජරාටියෙක්. ගුජරාටියෝ කියන්නේ ව්‍යාපාරික කප්පිත්තෝ. හීන් නූල් කාරයෝ. ඉන්දියානු හමුදාවේ අඩුවෙන්ම නියෝජනය කරන ලොකුම ජනවර්ගය ත් ගුජරාටී.
' The Wire ' කියන්නේ ඉන්දියාවේ ආදායම් ඉපදවීමේ අභිලාෂයකින් තොරව 2015 දී පටන් ගත්තු ප්‍රවෘති වෙබ් සයිට් එකක් කියල කිව්වොත් නිවැරදියි. (Non profit News and opinion Website ) . 2018 එක්තරා දවසක අමිත් ෂා විසින් ' ද වයර් ' ආයතනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්වා ගුජරාටි මහ අධිකරණයේ නඩුවක් පවරනවා.
ඊට හේතුව 2017 ඔක්තෝබරයේ ද වයර් හි වාර්තාවක අමිත් ෂා සහ භාරතීය ජනතා පක්ෂය අලලා පල කරන ලද එක්තරා පුවතක්. ඒ පුවතේ සඳහන්ව තිබුණේ මෝඩි බලයට පත් වූ පසු ජේ ෂා ගේ ව්‍යාපාර 16,000 ගුණයකින් වර්ධනය වූ බවයි. ෂා ගේ ව්‍යාපාර කෙලින්ම මෝඩිට සම්භන්ධ බවට ඉහත ලිපියෙන් නොකියා කියා තිබුණා.
ජේ ෂා කාගේ කවුද ?
ජේ ෂා වර්තමාන මෝඩි රජයේ ස්වදේශ කටයුතු ඇමති සහ භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපති හිටපු අමිත් ෂා ගේ පුත්‍රයායි. ඊටත් වඩා අමිත් ෂා අගමැති මෝඩිගේ සමීපතමයෙක් බවත් බීජේපියේ බලවතෙකු කිව යුතුමය.
ජෛ ෂා 2004 දී ආරම්භ කරන ලද ටෙම්පල් එන්ටර්ප්‍රයිසස් නම් කෘෂිද්‍රව්‍යා ව්‍යාපාර කරන සමාගමේ අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් කටයුතු කල අතර එම සමාගම 2016 දී වසා දමන ලදී. පසුව ෂා විසින් කුසුම් ෆයින්සර්ව් ආයතනයෙන් 60% කොටස් මිල දී ගන්නා ලදී.
2009 පටන් අහමද |
ාබාදයේ මධ්‍යම ක්‍රිකට් මණ්ඩලයේ විධායක නිළධාරියෙකු ලෙස සේවය ෂා ගුජරාටි ක්‍රිකට් සංගමයේ සම ලේකම් ධූරයට පත්වූයේ 2013 දීය. ගුජරාටි ක්‍රිකට් සංගමය ( GCA) විසින් මහ විශාල නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය ඉදිකරන යුගය වන විට ජෛ ෂා ගුජරාටි ක්‍රිකට් සංගමයේ සභාපති බවට පත්ව තිබිණි.
2015 දී ෂා ඉන්දීය ක්‍රිකට් පාලන මංඩලයේ මුදල් සහ ප්‍රවර්ධන කමිටුවට පත් විය. 2019 දී ඔහු ගුජරාටි ක්‍රිකට් සම්මේලනයේ සමලේකම් ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඒ වර්ෂයේදීම ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මංඩලයේ ( BCCI ) ලේකම් ධූරයට පත්වූ ලාබාලතමයා බවට පත්වීය. එමෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිකට් කවුන්සලයේ සියළුම සාකච්ඡා සඳහා ඉන්දියාව නියෝජනය කරන්නටද BCCI විසින් ෂා ව තෝරාගන්නට හේතුව ඔහුගේ හැකියාව මෙන්ම ඔහුගේ දේශපාලන බලය හේතුවක් වන්නට ඇත.
2021 වර්ෂයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වශයෙන් ද ඔහු තෝරා පත්කරන ලදී. ඉන්දියානු ක්‍රිකට් වල අසීමිත මුදල් බලයත් අසීමිත පිරිස් බලයත් නිසා ඔවුන් ලෝකයේ අන් රටවල් වල ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් කිරීම නම් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා යෝග්‍ය නොවේ.
සංජය දොළමුල්ලපන්තිය
පළවෙනි වාරෙ, දෙවෙනි වාරෙ අම්මගෙ ප්‍රෙශර් එකක් නැතුවම පන්තියෙ පළවෙනි පස් දෙනා අතරට ඇවිත් ගුරුවරුන්ගෙ හිත් දිනා ගන්නවා.
ඒත් තුන්වෙනි වාරෙ එහෙම ලේසි නෑ. ඊ ගාව අවුරුද්දෙ අලුත් පන්තියකට යන නිසා හැමෝම උනන්දුයි. 'අලුත් ගුරුවරුංගෙං අපිට බැණුම් අස්සවන්නෙපා ළමයි' කියල දැං ඉන්න ටීචර්ලත් තිස්සෙම අනතුරු අඟවනවා. හැමෝම අලු ගසා දාලා නැගිටින්නයි උත්සාහෙ.
'පළවෙනිය වෙන්නෝන. ඒ මදි. ගිය පාරට වඩා ලකුණු වැඩි වෙන්නත් ඕන' අපෙ අම්මගෙ නීති! ඔය ඉතිං මං හය හත අට වසරවල හිටි කාලෙ තමයි.
අම්මල පස්සෙං හිටියත් නැතත් ඇත්තටම අපි උනන්දුවෙං පාඩං වැඩ කරා. සෙල්ලනුත් කරා. ඔය දෙක විතරයි අපේ ජීවිතවල තිබ්බෙ. මං අදටත් හිතන්නෙ ඒ අපේ වාසනාව. දැං ළමයින්ට වගේ අතට පයට තාක්ශණෙයි තව තව පහසුකමුයි අපිට තිබ්බෙ නෑ. ඒක හොඳයි!
රූපවාහිනිය තිබුණා. ඕන වෙලාවට විතරක් බැලුවා.
සෙල්ලම් කරා. ගොඩාක් සෙල්ලම් කරා. පැය ගණං ගෙදරිං එලියෙ උන්නා. හැබැයි දවසෙ අදාල පාඩං වැඩ ඉවර කරලා. එහෙම නොකෙරුවනං ආයෙ එක දවසයි ඒ වැරැද්ද! අම්මගෙං තැන නොතැන නොබලම සම්බුව හම්බුනා රෙද්දෙ රෙවෙන්නම. මගෙ අම්මට ගෙදර දොරේ ඔක්කොමත් වැඩ කරලත් මගෙ පස්සෙං ඉන්න ඕන තරං වෙලාව තිබුණා. ඒ කාලෙ අනික් අම්මලාටත් එහෙමමයි.
අපේ අම්මත් එක්ක ඕන දෙයක් කතා කරල විසඳගත්තැහැකි පන්තියෙ දක්සකම්වලිං පහලට යන එක ඇරෙන්න. ඒකට අම්ම අම්මල ගාව තිබුණු හැම සතේමත් වියදං කරා. එයාට ගවුමක් මහ ගන්න රෙදි කෑල්ලක් ගන් නැතුව මට ඉස්කෝලෙ යන දවස් පහට අඳින්න අනිවාර්‍යෙං කලිසං තුනයි ශර්ට් තුනයි මහල දුන්නා. ආයෙ මොන ලොක්කගෙ දරුවෙක්ටවත් සෙකන්ඩ් වෙන්න ඉඩ තිබ්බෙ නෑ. අම්ම එහෙම ලස්සනට මගේ පෙනුමත් හදල මොලෙත් පාදල තිබ්බ නිසා ඉස්කෝලෙ වැදගත් උත්සව වගේ ඒවට එකතුකරගන්න සීමිත ළමයි අතරෙ හැමදාම මමත් හිටියා. අම්මගෙ වැඩ ගැන දන්න නිසා ඉස්කෝලෙ ටීචර්ලගෙනුත් එයාට පිලිගැනීමක් තිබුණා.
කොහොමහරි බය නැතුව තුං වෙනි වාරෙ නිවාඩු දෙන දවසෙ අම්මගෙ අතේ රිපෝර්ට් එක තියනවා. එදාට අම්ම එනවා හැම ගුරුවරයෙක්ම හම්බවෙන්න. 'ප්‍රසන්න ගැන කියන්න දෙයක් නෑ. එයාගෙ ගමන එයා යනව' කියලයි ඒ හැමදාම ටීචර්ල අම්මට කිව්වෙ!
ඒත් අම්මට නං ඕන තරං ඇනුංපද තිබ්බ මට දමල ගහන්න.
'චිත්‍ර වලට ගිය පාරට වඩා පහක් අඩුයි. බලනෝකො තව ටිකක් වෙලාව අරං කල්පනා කරල ගණං ටික හැදුව නං අනික් ලකුණු දෙකත් එනවනෙ'
අනෙ අම්මේ .. මේ ලකුණු අනූ අටක් අරං මං අහගන්නෙ!
'රචනෙට කවදාවත් මුලු ලකුණු ගාන ගන් නෑ. කොහෙද ඉතිං පත්තර කොච්චර ගෙනත් දුන්නත් කියවන්නෙ සුරංගි අක්කයි, මල් මාමයි විතරනෙ' ඉස්කෝලෙ ඉඳං ගෙදර යනකම්ම කං කරච්චලේ.
හැබැයි මගදි වෙනදට වඩා ලොකු චොකලට් එකක් අරං දෙනවා.
ගෙවල් කිට්ටුවෙද්දි ගේට්ටු ගාව, කඩුළු ගාව අහල පහල ඇන්ටිල හොර ගල් අහුල අහුල ඉන්නවා. වෙනිය දැන ගන්න. ඉතිං ඒ මීටිං ටිකත් ඉවර කරගෙනම ගෙදර යනවා. ඒ ඔක්කොම මගෙ පැත්තෙ. අපෙ අම්ම ඇර!
මං මූණ කට හෝදං එද්දි අම්මා ටීචර් දීපු පොත් ලැයිස්තුව, අලුත් පන්තියෙ පොත් ලැයිස්තුව බලනවා. අවුරුද්දකට සැරයක් එන ඒ ලැයිස්තුවට මං තාමත් ආසයි. ඒ දවස්වල ඒක අපිට ලොකුම ලොකු දෙයක්.
එදා ඉඳං සතියක් දෙකක් යනකං අම්මා සල්ලි එක්කාසු කරනවා. අලුත් පන්තියට මාව යවන්න අලුත් පොත්, පැන්සල්, සපත්තු, ඇඳුම් අරං දෙන්න. සති දෙකක් අම්ම ඕකට ඔට්ටු වෙද්දි අපි ආසාවෙං ඊ ලඟ වසරෙ පන්තියට දීපු අච්චු පොත් ටික කියෝල ඉවර කරල දානවා. පන්තියෙ වැඩ්ඩො නිසා අපිට හැමදාමත් කිරි කිරි අලුත් අච්චු පොත් තමයි ලැබුණෙ. අම්මෝ එව්වගෙ සුවඳ! ඒ සුවඳට ඇබ්බැහි වෙනවා. සුවඳ විඳින ගමං එක හුස්මට එව්වා කියෝනවා. ඒ මාසෙ අපිට සරුයි.
'හෙට අනිද්දම යං පොත් ටික ගන්න' සල්ලි හරි ගියහම අම්මා නිවේදනය කරනවා. එවෙලෙ ඉඳං මගේ කන්දොස්කිරියාවෙං ගැලවෙන්න බෑ ගෙදර කාටවත්ම. 'හෙටද යන්නෙ? කීයටද? අපි දෙන්න විතරද? සපත්තු ගන් නැද්ද? හැබැයි මට ඔරලෝසුවකුත් ඕන! ඔන්න යනවනේ?! මං ඉතිං විඩිං විඩේ දොඩෝනවා.. ආසාවට !
ඔන්න උදේ නමයට විතර අම්මයි තාත්තයි මාවත් අන්දවගෙන මාතර ටවුමට යන්න පිටත් වෙනවා. මගේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන ගමනක්. කුකුළත් අතිං අරං ටවුමෙ එරමාණිස් අප්පුහාමි පොත් සාප්පුවට අපි ගොඩ වෙනවා. ඒ වෙද්දිත් සෙනග පිරිලා. එතන කඩි ගුල වගේ. අම්ම ලිස්ට් එක දෙනවා වැඩ කරන ළමයෙක්ට. එයා විනාඩි දහයෙං පහලොවෙං අපේ පොත් කට්ටලේ ලෑස්ති කරනවා. අපෙං ප්‍රශ්ණ අහන්නෙ නෑ. බ්‍රෑන්ඩ් ගැන අහන්නෙ නෑ. මොකද එතකොට වෙන වෙන ඔප්ශන් තිබුණෙ නෑ. හැමෝම ගත්තෙ එකම විදියෙ ඒවා. වෙනස් උනේ පොත් බෑග්, වතුර බෝතල්, පැන්සල් පෙට්ටි විතරයි. අපිට හැමදාම ගන්න පුලුවං උනේ බේසික් පැන්සල් පෙට්ටියි වතුර බෝතලුයි තමයි. ලස්සන බෑග් එකක් තෝර ගන්න දුන්නෙම නෑ. අම්ම තේරුවෙම හයිය බෑග් එකක්. බිම වැටුණත් පැලෙන්නෙ නැති බෝතලයක් තමයි එයා මට ගත්තෙ. එව්වා මට වස කැතයි. ඒත් විකල්ප ඉතුරු කරේ නෑ මට!
මගේ ඉස්සර ලොකුම හීන තමයි කාන්දම් පෙට්ටි. කාර්ටූන් ඵොටෝ තියෙන පොත් බෑග්. ලේස් නැති චිරිස් බිරිස් අලවන සපත්තු. එකට බෝතල් දෙකක් තිබ්බ බෙල්ලෙ එල්ලං යන්න දිග පටියක් දාපු බයිනකියුලර් එක වගේ වතුර බෝතල්. අම්ම එක්ක හැමදාම ඕවට රණ්ඩු කරා. හැමදාම අම්මා දින්නා. ඒවගෙ මිළ අපිට ගොඩාක් ඈතිං තිබුණෙ කියල අදයි මට තේරෙන්නෙ.
ඔය අල්ල පනල්ලෙ මං ආසම අවස්ථාවක් මට ලැබෙනවා. කැමති ඕනම කතා පොතක් අර ගන්න. එතකොට ආයෙ මග් කුණු මූණට එළිය වැටෙනවා.
එතන ගාන ගෙවල ඊට එහා පැත්තෙ එලිගන්ස් එකට යනවා අලුත් සපත්තු දෙක ගන්න. ගැම්මෙං යන්නෙ. ආසාවෙ බෑ. තෝරගන්න ඩිසයින් තුන හතර නෑ. ස්කූල් ශූස් ජාතියයි දෙකයි. ලී බංකුවෙ වාඩි වෙලා හරි සයිස් එක තෝර ගන්නවා. සපත්තුවෙං එන සුවඳට ඒක කන්න හිතෙනවා. දාගෙන යන මුල් කාලෙ හරී පරිස්සමෙං අඩිය තියන්නෙ. ගෙදර ආපු ගමං පිහිනවා. හරී ආදරෙයි. මුල් ටිකේ අලුතෙං ගනිද්දි ලැබුණු කාර්ඩ් බෝඩ් පෙට්ටියෙ දාලයි තියන්නෙ. 'අලුත් පිට ගෝනියෙත් කැඳලු' කියල අම්මා මට හිනාවෙනවා. 'ගල් වලට පයිං ගහල ඕක ඉතිං සතියෙං ඉවරයි' තාත්තා තත්ව පරීක්ෂණ වාර්තා දෙනවා. එතකොට මට මරුව ජුවල් යනවා.
ආයෙ දවසක ඉස්කූල් යුනිෆෝම් එක ඇඳං හන්දියෙ දයාසේන මුත්තගෙ ටේලර් ශොප් එකට යනවා අලුත් ඇඳුම් මහන්න දෙන්න. 'මාමෙ ශර්ට් දෙකයි කලිසම් දෙකයි. කවද්ද ගන්න පුලුවං'? අම්ම අහනවා. මුත්තා උත්තරයක් නොදී හිනාවෙවී මාව මනිනවා. ඔක්කොම ලියං 'සතියෙං එන්න' කියනවා. ඒ කිව්වත් වගේ හරියට දවස් හතකිං හරි සතියෙං අම්ම උන්දැ ගාවට ගිහිං මගේ අලුත් ඇඳුම් ගෙනත් මට අන්දවල හැඩ බලනවා. ඒවගෙනුත් හරිම සුවඳක් හමනවා.
අලුත් සුවඳවල් පොදි බැඳගෙන ආඩම්බරෙං අපි අලුත් අවුරුද්දෙ අලුත් පන්තියට යන්න උදෙන්ම ගාටනවා. හැංගි හැංගි වෙනිය අහපු ඇන්ටිලා 'හම්මෝ අද ලස්සන' කියලා කට පුරා හිනා වෙනවා !වන දිවියක මතක සටහන් ( 6 )
එතකොට ගුඩ් නයිට් කිව්වේ කාටද...
මයෙ අප්පා මහත්තයා මගේ හෘදය වස්තුවත් නතර වුණා වගේ. මේ බලාපල්ලා මේකාලා ඇවිල්ල කරලා තියෙන විනාසේ. ඊයෙ රිලව් අඹ බරු ගහන්නාහේ වහිනකොට මට හිතුනා මේකලා මොකක් හරි උප්පරවැට්ටියක් කරයි කියාලා....
අපිට වඩා අඩි විසිපහක් තිහක් ඉදිරියෙන් ගමන් කළ සිරිල් රත්න වත් සීලෙ හඬනගා පැවසීය.
වයසින් දැන මුත්තෙකු සිරිල් රත්න ඉතා දක්ෂ සහායකයෙකි. සෙල්ලං කන්දල් රක්ෂිත වනයට පිවිසෙන විට ඔහු කිසි දිනෙක අප හා නොයයි. නිතරම අපට වඩා අඩු විසිපහක් තිහක් ඉදිරියෙන් යන්නේ පරිසරය පිළිබඳව අපට වඩා විචාරශීලීව බැලිය යුතු නිසාය.
ඉතා අගනා වයිරමක් සහිත දැව ඇති බවට සැලකෙන සෙල්ලං කන්දල් තේක්ක වන වගාව නීති විරෝධී ජාවාරම් කරන මට්ටයින්ගේ රජදහනකි. අක්කර සිය දහස් ගණනක් විශාල මෙම කෘතිම වනය බැලූ බැලූ අත ට එක යායට විහිදෙන්නකි.
මෙය වන වගාව එක්තරා අතකට හිසරදයකි. පුත්තලම දිසා වන නිලධාරීගේ සිට පහළ මුරකරුවා දක්වාම සෑම නිලධාරියෙකුට ම මෙහි වන අපරාධ මැඬලීමට දැරිය යුතු වෙහෙස හොඳින් හඳුනයි.
එකල ඇතැම් දිනවල රෑ බෝ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජංගම මුර සංචාරක රථ පවා මෙහි පැමිණෙන්නේ මෙම වන කොටස රැකගත යුතු නිසාවෙනි . හරියට රාජකාරි නොකළහොත් රස්සාවට ආයිබෝං කියා ගෙදර යාමට වුවද සිදුවිය හැකිය.
අපේ දෛනික කාල සටහනේ එක කොටසක් වෙන් වන්නේ එම රක්ෂිතය ආශ්‍රිතව සිදු කෙරෙන වන අපරාධ සොයා බැලීමයි. පුත්තලම අනුරාධපුර පාරේ සිට වනාන්තරයට පිවිසෙන අප ඇතැම් විටෙක එළියට එන්නේ පුත්තලම කුරුණෑගල පාරටය. ගමන පයින් වුවද සෙවන නිසා වෙහෙසක් නො දැනේ. මෙහි එක් තැනක ඇති සුදුවැලි මතුපිට ඇති උල්පත පිපාසය සංසිඳවීමට හොඳ මිරිදිය උල්පතකි. ගලා නො යතත් තරමක ජලය පිරුණු ළිඳකි.
මේ කියන දවසේ ද සුපුරුදු චාරිකාව මමත් ක්‍රිස්ටෝපර් මහතාත් මැදගොඩ මහතාත් අපේ පෙරගමන්කරු සිරිල් රත්නත් සමග වන අපරාධ කරන්නන් සොයා රක්ෂිතයට පිවිසුනෙමු
ඇයි සීලෙ මොකෝ..
මහත්තයාලම ඇවිත් බලන |
්නකෝ මේවා සහගහන අපරාධ...
ඇත්තෙන්ම වන විනාශයකි.පාසලක දරුවන්ගේ ගෙල කපා දමා ඇති පරිද්දෙන් දැවැන්ත තේක්ක ගස් යායක් කපා බිම හෙළා තිබේ. ඒවායේ හොඳින් වයිරම ඇතැයි සැලකෙන මුල් කොටය පමණක් වෙන් කර තිබේ. ඊයේ රාත්‍රියේ පැවති අනෝරා වර්ෂාව අපරාධකරුවන්ට ආශිර්වාදයක් වී තිබේ. ගස් මුල් වලින් තවමත් දිය වෑහෙයි.
වන අපරාධ පිළිබඳව හොඳ ඉවක් ඇති මැදගොඩ මහතා අපරාදයේ ප්‍රමාණය ක්ෂණයෙන් වටහා ගත්තේය. අසල්වැසි ගැමියන් මට්ටයින් සමග එකතුවී කරන වන අපරාධ පිළිබඳව කාලයක් තිස්සේ ඇති දැනුම උපයෝගී කොටගෙන ඔහු අපරාධය විශ්ලේෂණය කරයි.
මේ දැව කඳන් අද ලොරියකින් ගෙනියන්ඩ ලෑස්ති කරලා තියෙන්නේ. මේ බලන්න මේ මිනිසුන් පාර ගාවට එනතුරු කෑලි අතු අයින් කරලා අන්තිම ටික විතරක් කපන්න පාර තියලා තියෙන හැටි පේනවා නේද.මේවා කපලා තියෙන්නෙ ලොරි තට්ටුවෙ දිගට.
ගස් කපල තියෙන හැටි වමත් හුරු මිනිහෙක් එක්ක තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ගස් කපා ඇති ඇලය පරීක්ෂාකර ඔහු කියයි.
මේක කරලා තියෙන්නේ සුසන්ත යි අනිලුයි කියන උන් දෙන්නා. උන් තමයි මෙහෙම උන්ගේ බඩේ උසින් ගස් කපන්නේ. ගහ කපා ඇති උස සම්බන්ධ කොටගෙන අපරාධකරුවන් නිශ්චය කරයි.
වන අපරාධ ද සිය ගණනක් අල්ලා ඇති මැදගොඩ මහතා සහ ක්‍රිස්ටෝපර් මහතා ගේ දැනුම සහ අවබෝධය සමග සසඳන විට ඔවුන් වෙහෙරක් නම් මා අග්ගලාව කි.
කට්ටියගේ ඒකමතික තීරණය වූයේ ද මෙම වන අපරාධකරුවන් අල්ලා ගත යුතු බවයි. එතනට අප පැමිණි බවට ඇති පා සටහන් පවා මකා දැමූ වෙනදා පෙරගමන්කරු වන. සීලේ නැවත පැමිණෙන අප පසුපසින් කොළ අත්තක් ඇදගෙන එයි.
අපරාදයට සම්බන්ධව ඇති පිරිසගේ ස්වභාවය අනුව මෙය තනිව කළ හැකි වැටලීමක් නොවේ. අඩවි වන කාර්යාලය ද දැනුවත් කළ අතර වන අපරාධකරුවන් රෑට හීනෙනුත් බය වන වසන්ත මහතා සහ යකෙකුටවත් බය නැතිමහින්ද මහතා මේ සටනට එක පයින් එක්විය.
සැලසුම සකස් විය.
සැලසුම අනුව දෙපාර්තමේන්තු ජීප්රථය රාත්‍රියේ අප නිල නිවාසයට පැමිණ අප සමග ඈත රාජකාරියකට යන බවට ඔත්තු බලන්නන්ට අඟවනු ඇත. nissan petrol වර්ගයේ ජීප් රථයේ රියදුරු නඩරාජා හොඳ සහායකයෙකි.
රාත්‍රී දහයට පමණ ජීප් රථය පැමිණියේය. කලින්ම රාත්‍රී ආහාරයද ගත් අපි ආයුධ සහ විදුලිපන්දම් ද රැගෙන ජීප් රථයට ගොඩ උනෙමු. අපේ ඉලක්කයට සැතපුමක් පමණ මෙපිටින් අප බැසගත් අතර ජීප් රථය පිටත් කර යැවීමු.
එහෙනම් නඩරාජා පැය දෙකකින් විතර ආපහු යන්න. නිල නිවාස ගාවදි ලයිට් නිමලා ජීප් එකේ දොරවල් ඇරලා හයියෙන් වහන්න අපි ආපසු ආපු බව දැනෙන්න.
නිල නිවාසය අසල අපගේ හැසිරීම පරීක්ෂාකිරීමට ඔත්තුකරුවන් සිටින බව අප හොඳින් දනිමු.
විදුලි පන්දමක් වත් නොදල්වා අදාල ස්ථානයට සෙමින් ගමන් කළෙමු. අපට ඉලක්කයක් ඇත. රාත්‍රියට වනාන්තරය තමන්ගේ කර ගන්නා අලි ඇතුන් ආදි වන මෘගයන්ගේ ගේ හඬට ද අප බිය පත් කළ නොහැක. පොළොඟුන් ආදී සර්පයින් පලවා හැරීමට ලී කෝටුවකින් පොළොවට තට්ටු කරමින් සීලරතන පෙරමුණේ යයි.
අදාල ස්ථානය හොඳින් පෙනෙන ලෙස අප ස්ථානගත උනෙමු. රාත්‍රිය කෙමෙන් ගොරහැඩි වෙයි. ඈත මී ඔය අසලින් ඉහලට නැගෙන කිරලුන් ගේ ගේ හඬ අමිහිරිය. මධ්‍යම රාත්‍රියද පසුවී අවසන් ය. දෙදෙනෙකු අවදියෙන් තබා ඉතිරි සිව්දෙනාට නිදි දෙව්දුවට අත වැනුවා මතකය.
එක්වනම අවදිවූයේ මැදගොඩ මහතා ඇඟට දැමූ තට්ටුවකිනි. ඇස් ඉදිරියේ දැවැන්ත විදුලි ආලෝකයකි. ඉන්න තැනක් හිතාගන්නට එක්වනම නොහැකි විය.
ඇවිල්ලා ඇවිල්ලා...
ලොරිය ඇතුළට ගන්නයි ලෑස්තිය. තව ටිකක් හෙමින් පහත් වෙන්න. ඒ කණ්ඩායමේ 12ක් විතර ඉන්නවා. අපි අනුමාන කරපු කට්ටිය හරි. ඒක නිසා එතනට ගියාම පස්සෙන් පන්නගෙන දුවන්න යන්න එපා කැලේ අස්සේ.....
යුද්ධ හමුදාවේ කපිතාන්වරයෙකු සේ මැදගොඩ මහතා අණ දෙයි.
මඳක් පාර සකස් කර ගත් පසු ලොරිය දැව කඳන් පැවීමට වන අපරාධ ස්ථානයට ලං වූයේය. ලොරියෙ ආලෝකය නිවා දමන ලදී . අඩ අඳුරේ ඔවුන්දැඩි වෙහෙසක් දරා දැව කඳන් පටවනු පෙනෙයි.
තවම රියදුරු බැස්සෙ නෑ ලොරියෙන්. මිනිහා බැස්ස ගමන් අපි එක පාරට එතෙන්ට ඔක්කොම විදුලි පන්දම් දල්වාගෙන දුවගෙන යමු... ලොකු පිරිසක් ඉන්න බව අඟවන්න ඕනි. මිනිස්සු අල්ලගන්න දඟලන්න එපා ඔවුන් ළඟ මොන වගේ ආයුධ තියෙනවද දන්නෑ ජේෂ්ඨයා දැන මුත්තෙක් වෙයි.
රියදුරු ලොරියට පැන්නොත් ලොරිය අල්ලා ගන්නවා බොරුය. මට්ටයින්ට දිවැස් ඇත. ලොරියෙන් බැසගත් රියදුරු තම කමිසය ගලවා අසල ගසක එල්ලුවේය.
එය හොඳ සංඥාවකි. කතාකරගත් ලෙස එක් වනම අප විදුලි පන්දම් දල්වාගෙන කවුරුත් දුවන්න එපා වෙඩි තියනවා, වෙඩි තියන්න යැයි මහා හයියෙන් කෑ ගසා ගෙන එම ස්ථානයට දිව ගියෙමු.
අපරාධකරුවන්ට හිතා ගැනීමටවත් ඉඩක් නොවීය. හිස් ලූ ලූ අත දිව ගිය අතර ලොරිය පමණක් අසරනව තනි විය.
අපට අවශ්‍ය වූයේ ද එයයි. අපේ බලය පිළිබඳ ඔවුනට තක්සේරුවක් නොවීය. එවැනි විශාල තේක්ක කඳන් පැටවූ ඔවුන්ට ඇති ශක්තිය අපි දැන සිටියෙමු. ඔවුන් අනිත් පසට ප්‍රතිප්‍රහාර එල්ල කළේනම් හෙට උදේ අප සිටිය යුත්තේ පුත්තලම මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය.
ඔවුන් නැවත ඒකරාශී වීමට පෙර මෙම ස්ථානයෙන් පිට විය යුතුය. අවාසනාවකට රියදුරු බලපත්‍රයක් සතු කිසිම අප කණ්ඩායමේ නැති බව සිහිපත් වූයේ එවිටය.
මම ගන්නං වාහනේ. ක්‍රිස්ටෝපර් මහතා ඉදිරිපත් විය. මම ලොරි එලවන හැටි දැකලා තියෙනවා.
කඳන් පැටවුන් ලොරිය පුත්තලම අනුරාධපුර මහා මාර්ගයට ගෙන ආවේය. විල්පත්තු වනාන්තරය තුළ දෙමළ තස්තවාදි කලබල දැඩිව තිබූ යුගයක නිසා පාරේ කිසිදු වාහනයක් නැත. ඒ නිසා ඔහු එලෙසින්ම පාර පුරා යමින් අඩවි වන කාර්යාලය ටද රථය පදවාගෙන ගියේය.
අපි සියලු දෙනාටම ඉතා සතුටුය. තමන්ට පැවරුනු වගකීමක් තම දිවි නොතකා අකුරටම ඉෂ්ඨ කිරීමෙන් ලබන ප්‍රීතිය වචනයෙන් කිව නොහැකි ය.
ලොරියේ හිමිකරුවූ රියදුරු හැරෙන්නට පැමිණි පිරිසෙන් අඩක්ම උදේ පාන්දර කුකුළා හැඩලීමට පෙර නිවෙස් වලට ගොස් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ අප ඔවුන් හඳුනා ගන්නට ඇතැයි ඔවුන් සිහිනෙන්වත් නොසිතූ නිසාය.
අත්අඩංගුවට ගත් හැම දෙනාගේම ශරීර වල කටු අතු පැටලීමෙන් සිදුවු තුවාල සජීවී තත්ත්වයේ තිබීම ඔවුන් එම අපරාධයට සම්බන්ධ වූ බවට හොඳම සාක්කියකි.
එම අත්අඩංගුවට ගැනීම් කෙතෙක් තාර්කික ද යත් අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් පෙර මහමොලකරුවා වූ හාල්ඩීන් නැමැත්තා පොලිසියට භාර වී තිබුණි.
දවාලේ සර්ලා එතෙන්ට ගියා කියලා අපි දන්නවා....
රාත්තිරියේ සර්ලා ආපහු එතෙන්ට යයිද බලන්ඩ සුසන්තගෙ තාත්තා තමයි සර්ලගෙ නිල නිවාස ගාව ඔත්තු බැලුවේ. ඌ දැකල තිබුන නේ කොහෙද ගිහින් ඇවිල්ලා සර්ලා රෑ නිල නිවාසෙට යනවා..
එතකොට සර් සර්ලගෙ ජීප් එකේ ඩ්‍රයිවර්
එහෙනම් සර් ගුඩ් නයිට් ..
අපි යනවා කිව්වේ කාටද.......මන්නාරමෙන් 1915 දී පමන සමූහ මිනීවල ක් හමුවීම විශාල ප්‍රවෘත්තියක් වුනා.. හැබැයි carbon dating වලින් ශරීර කොටස් ක්‍රිව 1499-1700 අතර බව සොයාගත් නිසා,
තිස් වසරක යුද්ධයට සිරුරු සම්බන්ධ නැති බව ඔප්පු වුනා.. ඉන් පසු අමතකව ගිය මන්නාරම මිනීවලේ කතාව මට යලි මතක් වුනේ
Capt. Ribeiro ක්‍රිව 1680 දී ලියන ලද History of Ceylon නම් ග්‍රන්ථය කියන්න විටයි. 1650 දී පමන මන්නාමේදී වුනු ජන සංහාරයක් ගැන රෝබෙය්රෝ සදහන් කරනවා.. මිනිස් ජීවිත 600ක් පමන විනාශ වුනා කියලා කියන්නේ.. මන්නාරම් සිටින තම රට වැසියන් ක්‍රිස්තු භක්තිය වැළද ගත් නිසා ඔවුන් යාපනයේ රජු විසිනි මරාදමන ලද.බවත්, පෘතුගීසි සෙනවි
කොන්ස්ටන්ටයින් ද බ්‍රැස්ටා 1660 දී යාපනය රජුට විරුද්ධව විරුද්ධව කර පලිගැනීම අරබයා කල යුද්දය හා විනාශය ගැන සදහන් කරනවා. මේ කතාව නිසා 1653 දී
යාපනයේ රජු මරණයට පත්කළ ලාංකිකයන්ගේ සිරුරු මේ සමූහ මිනි වලේ තියෙනවා කියලා මට සාධාරණ සැකයක් මතුවෙනවා.. තවත් ප කතාවක් තමා යාපනයේ රජු බෞද්ධ ('බුදු') බව රෝබෙය්රෝ සටහන් කිරීමයි. . එතකොට 1650දී, අද හින්දු බහුතරයක් සිටින මන්නාරමේ සිටියේ බෞද්ධයන්ද?.
ඉතිහාසය ගැන දන්නා අයෙක් පැහැදිලි කරන්න පුලුවන්ද? මෙය කිසිසේත්ම කිසිදු ආගමිකයෙකුට සිත රිදීමක් උදෙසා ලියන ලද්දක් නොවේ..තමන්ට කතාවක් ලියල ඉවර කරගන්න බැරි නම් කතා ලියන්න එපා..මේක විශේෂයෙන්ම මම ලියන්නෙ දැනටමත් ඉංජිනේරු ක්ෂේත්‍රයට ඇවිල්ල ඉන්න දරුවන්ට සහ මට කිසි දිනකවත් මුණ නොගැසුන රටේ තවත් එවැනි වෙනත් විෂය ක්ෂේත්‍ර වල ඉගෙනගන්න සහ රැකියා කරන තරුණ දුවා දරුවන්ට කියවන්න. ඒකට හේතුව කිව්වොත් දැන් දැන් මේ ක්ෂේත්‍රයට එන නවක දරුවන් තමුන්ගෙ විෂයයේ න්‍යායයාත්මක දැනම සහ පරිගණක දැනුම ගන්න උනන්දුවෙන තරං රැකියාවකට ගියහම ඒ ඒ ක්ෂේත්‍ර වල කැපවීමෙන් වැඩකරල ප්‍රායෝගික දැනුම ගන්න අවස්ථා මම දකින්නෙ හරිම අඩුවෙන්.
ඉංජිනේරු ක්ෂේත්‍රයේ හොඳ තැනක රැකියාවක් ලබාගන්න සහ ඒ ලබාගත්ත රැකියාව හරියාකාරව කරල ක්ෂේත්‍රයේ ඉහලින් ඉන්න නං න්‍යායාත්මක දැනුම, පරිගණක සාක්ෂරතාව වගේම විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රයෝගික දැනුම කියන සාධක 3 ම ප්‍රධානව බලපානව.
මම හිතන විදිහට ඒක වෙනත් බොහෝ විෂය ක්ෂේත්‍ර ගත්තමත් පොදුයි.
මම රැකියාව කරන තැනටත් ආයතනික පුහුණුව (In plant training) සදහා රටේ තියන විවිධ රාජ්‍ය සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනගන්න ශිෂ්‍යයන් එනව. ඒ අයගෙන් ඉතාම සුළුතරයක් තමයි මේ ආයතනයෙන් ගන්න පුළුවන් උපරිම දැනුම ගන්නෙ.
ඒ ගැන නං කියන්න හරි අපූරු කතා ගොඩක් තිබ්බත් මම කැමතියි මේ කාරණය පිළිබඳ තරුණ කාලෙ මගේ අත්දැකීම් ලියන්න.
ගොඩක් එවැනි අත්දැකීම් කාලය ලැබෙන හැටියට පසුවට ලියන්න වෑයම් කරන්නම්.
දැනට එහෙම එක කතාවක් ලියන්නං.
ටිකක් දිග මේ කතාව ඔයාලට ජීවිතයට ප්‍රයෝජනවත් වේවි කියල හිතෙනව නං විතරක් කියවන්න.
එකල තරුණ අවධිය ගතකරමින් සිටි මට තිබ්බ එක ලෙඩක් තමයි එක තැනක වසර පහක්වත් එක දිගට සේවය කරගෙන ඉන්න හිත හදාගන්න බැරි කම. ඒක නිසා මගේ තිබ්බ එක විනෝදාංශයක් තමයි විවිධ ආයතන වලට රැකියා සදහා ඉල්ලුම්පත් දාන එක සහ සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන එක.
හම්බකරන සල්ලි සතපහක් වත් ගෙදරට නොදුන්නත් ගෙදරින් තුන් වේලම කන්න ටික ලැබෙන නිසා රැකියා ම |
ාරු කරන්න අවදානමක් ගන්න එච්චර බයක් හිතුනෙත් නෑ. අනෙක රස්සාව ඉගෙනගන්න කාලෙ ආයතනික පුහුණුවට දැම්මම දෙයියනේ කියල කට්ට කාල කරන දේ හරියට කරන්න ඉගෙනගත්ත නිසා රස්සාවකට ඉන්ටවීව් යනව කියන එක මට නං ඒ තරං බය හිතෙන දෙයක් උනෙත් නෑ.
ඒ එක්දහස් නවසිය අනූ ගණන්වල මුල් කාලෙ….
රත්මලානෙ මැලිබන් බිස්කට් ෆැක්ටරියෙ රැයක් දවාලක් නැතුව වැඩ කර කර හිටපු මට ඔන්න ආයෙත් හිතුන දැන් මෙතන හිටිය ඇති කියල.
එහෙම හිතිල ඉන්නකොට දවසක් පත්තරේ තියනව ඒකාලෙ ලංකාවෙ තිබුණ ප්‍රසිද්ධ ටයිල් නිෂ්පාදන සමාගමක් විසින් කොළඹට නුදුරින් අලුතින්ම හදල නිෂ්පාදනය පටන්ගන්න යන ටයිල් ෆැක්ටරියක "ඉංජිනේරු සහකාර" තනතුරකට කෙනෙක් හොයන දැන්වීමක්. ඉතින් පුරුද්ද අත්හරින්න බැරි නිසා මම නිකමට දානව ඇප්ලිකේෂන් එකක්.
ටික දවසකින් ඉන්ටවිව් එකකට එන්න කියල ලියුමක් එනව. ඉන්ටවිව් එක තියනව කියල තියෙන්නෙ කොළඹ තියන ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ.
මම පුරුදු විදිහටම එදාට ගියා.
විස්වාස කරනවද එදා එතනට ඇවිල්ල හිටපු අයගෙන් ටයි එකක් නැතුව ඇවිත් හිටියෙ මං විතරයි.
"මොකටද ආවෙ.. ඉන්ටවිව් එකටද?"
එහෙම අහන්නෙ එතන එලියෙ හිටපු කටිටියව ඉන්ටවිව් එකට සූදානම් කරන්න බාරවෙලා හිටිය නිලධාරී මහත්තය.
"ඔව්"
මම කිව්ව.
"ආපු පිලිවෙලට ඉදගන්න"..
උඩ ඉදන් පහලට මගේ දිහා බලපු මහත්තය කිව්ව…
"හා"...
මම හිතුවෙ ටයි නැති අය එලියට යන්න කියල කියයි කියල. යන්තම් එහෙම උනේ නෑ. ඒකත් මදෑ.
මගේ වාරය ආවම ඇතුලට ගියා..
" ප්ලීස් ටේක් අ සීට්"...
මහත්මයෙක් කරුණාවෙන් මට කියනව..
"එලියෙ හිටිය එකාගෙ අනිත් පැත්ත." මට හිතුන..
"කොහොමත් වී කරල් උනත් පැහුනමලු නේ බිමට බර වෙන්නෙ. " මෙහෙත් එහෙම වෙන්න ඇති.
ඉතිරි ටික ඉංගිරිසියෙන්.. මම ඒව සිංහලෙන් ලියන්නම්.
"කොහේ ඉදන් ද ආවෙ..? පදිංචිය කොහෙද"?
තව ඉතින්…,
"දෙමව්පියො මොනවද කරන්නෙ"
"පවුලේ සහෝදර සහෝදරියෝ කී දෙනෙක්ද"
" අම්මයි තාත්තයි කසාද බැඳලද"
" පවුලෙ ඉස්සෙල්ලම ලමය ඔයාද, මල්ලිද😉
" ඉස්කෝලෙ ගියේ කොහෙද"
" ඉන්න තැනින් අස්වෙන්න හිතුවෙ ඇයි"
"ඔයා දැන් ඉන්න තැන විතරයි වැඩිම කලක් ඉදල තියෙන්නෙ.. අනිත් තැන්වලින් ඉක්මනින් අස් වෙලානෙ"
"අපි ඔයාව තෝරගත්තොත් ඔයා මෙහෙනුත් ඉක්මනටම යයි නේ.. "
ඔන්න ඔයවගේ සාම්ප්‍රදායික ප්‍රශ්න වැලයි.
ඕව මට දැන් පුරුදුයි….
මෙයාලට ගන්න ඕනෙ විදුලි ඉංජිනේරු වැඩ දන්න කෙනෙක්ද , නැත්නම් කිසිම වැඩක් කරන්න දැනුමක් නැතත් මැරෙනකල් මෙතනම ඉන්න කැමති කෙනෙක්ද කියල මට දැන් සැකයි.
ඔන්න ඔය වගේ ප්‍රශ්න වැලක් අහල එකපාරටම අහනව මෙහෙම.
" ඔයා මැලිබන් එකේ අවන් වලින් බිස්කට් හදන හැටි දන්නවද"
"අපිට කියන්න බලන්න කොහොමද කියල"
"If it's difficult you to explain it in English, you can explain it in Sinhala. It's OK…"
තවත් බෝලයක්…
මම නං ඒ වචන ටික දකින්නෙ උදව්වක් හැටියට නෙවෙයි. රජයේ පාසැලක සිංහල මාධ්‍යයෙන් අවුරුදු දහතුනක් තිස්සේ අධ්‍යාපනය ලබල, ගෙදර අම්ම තාත්ත, ආච්චි සීය, නංගිලා මල්ලිලා සහ නෑදෑ පරම්පරාවත් එක්ක අමු සිංහලෙන් කතා කරන ගමන් සාමාන්‍ය පෙළ, උසස්පෙල කොහොම හරි පාස් වෙලා විශ්ව විද්‍යාල වල, කාර්මික විද්‍යාල වල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල විවිධ දුෂ්කරතා මැද ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන අනාගතේ හදාගන්න රස්සාවක් හොයන් එන අසරණ දරුවන් සම්මුඛ පරීක්ෂණයකට මූණ දෙන්න අමාරුවෙන් හදන්එන ආත්ම ශක්තිය බිංදුවට බස්සන්න ලංකාවෙ බොහෝ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වල ඉන්න මහත්තුරු දැන හෝ නොදැන කරන වරදක් විදියට.
ඒක නිසා මම ඉංග්‍රීසි භාෂාවෙන්ම උත්තර දෙන්න තීරණය කරා.
ඒ මහත්තය අහන්නෙ මොකක්ද කියල මට තේරුණත්, මට වඩා හොඳට එතුමට ඉංග්‍රීසි චතුර ලෙස කතාකරන්න හැකියාවක් තිබ්බත්, ප්‍රශ්ණයක් හරි විදිහට කෙනෙකුට ඉදිරිපත් කරන්න තරං දැනුමක් එතුමාට තිබ්බද කියල මට තේරුණේ නෑ.
"බිස්කට් හදන හැටි නං දන්නෙ නෑ"...
"එතකොට ඔයා හයි ටෙම්පරේචර් අවන් ගැන මොනවත් දන්නෙ නැද්ද. ඒව කොන්ට්‍රෝල් කරන විදිහ දන්නෙ නැද්ද? "
"පුදුමයි නේ"...
"මැලිබන් වගේ ලංකාවෙ තියන ලොකුම බිස්කට් ෆැක්ටරියෙ වැඩකරන ඔයා දන්නෙ නෑ බිස්කට් අවන් ගැන..?"
"සභාවේ සිනා.."
🙄
"අපේ ටයිල් වලටත් පුච්චන්න ඉස්සෙල්ල අපි කියන්නෙ "බිස්කට් ටයිල්" කියල. ඒවත් පුච්චන්නෙ හයි ටෙම්පරේචර් අවන් වල… "
"අපි හිතුව ඔයා ඉලෙක්ට්‍රික් අවන් ගැන දන්නව ඇති කියල."
" අවන් ගැන දන්නව"...
" එහෙනං දැන් දන්නෙ නෑ කිව්වෙ.?"
දැන් නං මට මෙතනට රස්සාවට එන එක ගැන දෙපාරක් හිතන්න වෙලා තියෙන්නෙ. ඒක නිසා ඕන එකක් වෙයං කියල හිතල උත්තරයක් දෙන්න හිතුව.
" අවන් ගැන දන්නව.. බිස්කට් හදන්න දන්නෙ නෑ. "
" මම දන්නෙ ඕනි නං අලුතින් බිස්කට් අවන් හයිකරන්නයි අපේ අවන් කැඩුනම හදන්නයි, හදන බිස්කට් ස්වයංක්‍රීයව පැකට් වෙන පැකටින් මැෂින් කැඩුනම හදන්නයි තව අපි ෆැක්ටරියට විදුලිය ගන්න වෝල්ට් තිස්තුන්දාහෙ හයිටෙන්ශන් ට්‍රාන්ස්ෆෝමර් පද්ධතිය නඩත්තු කරන්නයි විතරයි."
ඉන්ටවිව් පැනල්එකේ හිටපු, ඒ ප්‍ර්‍රශ්නෙ අහපු මහත්තයගෙ කන් දෙක රතු උනේ කේන්තියට වෙන්න ඇති.
මේ සියලු දේ පැනල් එකේ ලොක්ක වගේ හිටපු මහත්තය එයාගෙ කණ්නාඩිය යටින් බලන් ඉන්නව මුකුත් නොකිය.
දැන්නම් මට විශ්වාසයි මේ ඉන්ටවිව් එකෙන්ම මම කැපිල යනව.
"කමක් නෑ.. මට රස්සාවක් තියනව නේ..
නැති එකෙකුට මේ රස්සාව ලැබුණාවේ."
එහෙම හිතල හිත හදාගෙන යන්න කියනකං ඉන්නව කියල හිටිය.
යන්න කියන පාටක් නෑ..
මුල් මහත්තයට උදව්වට වගේ තව කොනේ හිටපු මහත්තයෙක් ප්‍රශ්ණ අහන්න පටන්ගත්ත.
මම දන්නව කට්ටියට දැන් ඕනෙ.. මාව කූජීත කරල, හප කරල ගෙදර යවන්න.
යන්න කිව්වනං දැන් හොදයි වගේ..
නම්බු පිටින් ගෙදර යන්න පුලුවන්.
මේ ගලිවර්ල අතරෙ මම නිකං ලිලිපුට්ටෙකුටත් අන්ත කොලුවෙක්.
"ඔයා දන්නවද.. ඔයා දැන් වැඩකරන තැන වගේ පරණ ෆැක්ටරියක් නෙවෙයි අපේ අලුතින් හදපු ටයිල් ෆැක්ටරිය.
ඒක යුරෝපීය තාක්ෂණය උපරිමයෙන් යොදාගෙන හදපු ෆැක්ටරි එකක්."
"ඒකෙ විදුලි තාක්ෂණයත් එහෙමමයි."
"යුරෝපයේ තියන හොඳම බිස්කට් අවන්, හොඳම ස්වයංක්‍රීය මැෂින් තාක්ෂණය අපි ලංකාවට ගෙනැල්ල තියෙන්නෙ ".
" අවන් හයිකරන්නත් දන්නව කිව්ව නේ.. "
" කියන්නකො බලන්න එහෙනං මැලිබන් එකේ ඔයා කරල තියන වැඩ ටිකක්"
කටිටියම කට කොනෙන් හිනා වෙනව..
හරි… ඔන්න මට ගොඩ එන්න කඹේ එයාලම දුන්න..
අපේ හිටපු පරිනතම සහ දක්ෂම විදුලි කාර්මික මහතුන්ගෙ ලඟ තිබ්බ මිලකරන්නවත් ලංකාවෙ කිසිම විශ්ව විද්‍යාලයකින් ඉගෙනගන්නවත් බැරි ප්‍රායෝගික දැනුම ගන්න ඕන උන නිසා දවස් ගනන් ගෙදර නොයා ගන්න පඩියට වඩා වැඩි පැයගානක් විදුලි කාර්මික මහතුන් එක්ක වැඩකරල, ෆැක්ටරියෙ නිදාගන්ත හැම දවසෙම කඩෙන් අරන් බත් කන්න තරං සල්ලි අතේ තිබ්බෙ නැති නිසා, බිස්කට් හදන්න අරගෙන ඉවරවෙලා ගෝනිවල ඉතුරු වෙලා තියන තිරිගු පිටියි, මික්සින් අංශයෙන් ඉල්ලන් එන මාගරීනුයි ඩෙසිකේටඩ් පොලුයි කලවං කරගෙන, පරණ අවන් හීටර් එලිමන්ට් කෑලි දාල අපිත් එක්ක හිටපු ( දැනට එංගලන්තයේ ජ්‍යේෂ්ඨ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් ලෙස සේවය කරන) ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු සහකාර දේවප්‍රිය හදාගෙන තිබ්බ හොට් ප්ලේට් එකේ දාල පුච්චගෙන හදපු රොටී කකා රෑ එලි වෙනකල් වැඩකරල ඉගෙනගත්ත දේවල් ටික මට පුළුවන් ඉංග්‍රීසියෙන් විනාඩි පහකට හයකට ලඝු කරල කියල දැම්ම.
තත්පර තිහක හතලිහක විතර විරාමයකට පස්සෙ මෙච්චර වෙලා නිහඬව හිටපු ඉන්ටවිව් පැනල් එකේ ප්‍රධානිය වගේ හිටපු මහත්තය කතා කරන්න ගත්ත.
ඊලඟ ප්‍රශ්නෙ එයාගෙන්….
"ඔයා ඉල්ලල තියන සැලරි එක අපිට මේ තනතුරට දෙන්න බෑ.."
"මොකද මේ ඉංජිනේරු සහකාර කියන තනතුර විධායක ශ්‍රේණියේ රැකියාවක් නෙවෙයි" .
"ඔයා ඉල්ලල තියන සැලරි එක සමාන වෙන්නෙ අපේ ආයතනයේ විධායක ශ්‍රේණිවල මහත්වරුන්ගෙ සැලරි එකට."
"ඒත් අපිට ඔයා ඉල්ලන සැලරි එක දෙන්න පුළුවන්"
" ඒක වෙන්නෙ මෙහෙමයි"
"කැමතිද කොළඹින් පිට තියන අපි මුලින්ම හදපු අපේ අනිත් ටයිල් ෆැක්ටරියෙ විදුලි ඉංජිනේරු තනතුර බාරගන්න".
මොහාන් දිසානායක ✍️
(පිංතූරෙ හිටගෙන ඉන්නෙ වර්ෂ 1989 දී කොළඹ තිබුණ (දැන් HNB Tower පිහිටා ඇති) සීමාසහිත බ්‍රවුන් සහ සමාගමේ ඉංජිනේරු ආධුනිකයෙක් විදිහට පුහුණු වෙන කාලෙ විදුලි පද්ධති ගැන ප්‍රායෝගිකව කියල දීල මාව අද ඉන්න තැනට එන්න මුලින්ම පාර හදපු පෙරේරා බාසුන්නැහේ.)# **කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - දෙවැනි චාරිකාව (අවසාන කොටස)**
## **පෙරියකුලම් වැව, විල්ගම් රජ මහා විහාරය, කන්නියා උණුවතුර ළිං, තල් කුරුම්බා සහ තල් හකුරු**
*නිලාවැලි ඉඳන් පෙරියකුලම් වැවට යන පාර තරමක් අහීමාන වතු, වෙල් යායවල් සහ කැලෑ රොදවල් මැදින් වැටිල තිබුණ. යෝධ තල්ගස් තැනින් තැන නිසොල්මනේ හිටගෙන හිටිය. ඊළඟ කන්නෙට වගා කරන්න පටන්ගන්න කල් පුරන් වෙන්න ඇරපු විශාල කුඹුරු යායෙ ලොකු හරක් රංචුවක් තණ උලමින් හිටිය. සුදු පාට, කළු පාට, දුඹුරු පාට, අව පාට, පුල්ලි පුල්ලි තියෙන මහ හරක්, ලොකු වැස්සියො වගේම පුංචි පැටවුණුත් එතන හිටිය. තණ උලන අතරෙ උන් සැරෙන් සැරේ ඔළු උස්ස උස්ස බැලුව. අහස වළාකුළු වලින් බරවෙලා වටපිටාවේ මඳ අඳුරක් තැවරිලා තිබුණත්, පොඩි අව් රැල්ලකුත් වැටිල තිබුණ. එදා උදේ වැස්සෙනුත් ඊට කලිනුත් වැහැපු වැහි වලිනුත් කුඹුරුවල තරමක් වතුර එකතු වෙලා තිබුණා. පාර අයින දිගට තිබුණු ඉඳි පඳුරුවල, ගම්මිරිස් කරල් වල වගේ කොළ පාට අමු ගෙඩිත්, ඉඳුණු රතු ගෙඩිත්, හොඳටම ඉඳුණු තද රතු ගෙඩිත් පොකුරු පොකුරු සරුවටම හැදිල තිබුණ. ඒ යන අතරමග එක තැනක මම ඉඳි පොකුරක් කඩාගන්න කල් නියාස් ටුක් ටුක් එක නවත්තගෙන හිටිය. මාත් කැන්ගරුවෙක් වගේ මඩවතුර පිරුණු කාණුවට උඩින් පැනල, මළකඩ කාපු කටු කම්බි උඩින් පරිස්සමට අත දාලා, රතු පාට ඉඳි පොකුරු දෙක තුනක් කඩාගත්ත. හොඳටම ඉදුණු ඒව දෙක තුනක් කාල කහට රහ ඒව විසික්කරා. තරමක් දුශ්කර තැනින් තැන කැඩුණු පාරක් වුණත්, ඒ තල්ගස් පිරුණු වියළි පරිසරයෙ මට නිර්වචනය කරන්න පැහැදිලි කරන්න අමාරු ඒත් මම ඇස් වලින් දැකපු මගෙ හදවතට දැනුණු අම |
ුතු කටුක සෞන්දර්‍යයක් තිබුණ. සමහර තැන් වල මම නියාස් ට ටුක් ටුක් එක නවත්තන්න කියල පොටෝ ගත්ත.*
*ඔහොම ඔහොම ගිහින් අපි කලින් වතාවෙ ආපු පාරට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පෙරියකුලම් වැව් කණ්ඩියට ආවා. කිඹුල අදත් හැංගිලා හිටියත් ජපන් ජබර අයින් කරල වැඩි හරියක් සුද්ද කරපු වැවේ තැන් තැන් වල ලස්සනට සුදු නෙළුම් මල්, ඕළු මල් පිපිල තිබුණ. මද්දහනට කිට්ටු හින්ද වැව අවට එච්චර අඳුරු අහීමාන බවක් නොතිබුණත්, එතන තියෙන සුන්දර හුදෙකලාව ඒ විදිහටම දැනුණ. මම නියාස් එක්ක සෙල්ෆි එකකුත් ගත්ත. අපි හිටපු තැනට දකුණු පැත්තෙ වැව් කණ්ඩියට එහායින් තිබුණු ගස් අතුවල එල්ලිලා රිලව් කෑගගහ එහෙට මෙහෙට පැන පැන හිටිය. එහෙම ටික වෙලාවත් පෙරියකුලම් වැවෙත් ඒ අවට මූකලානෙත් සුන්දරත්වය විඳපු අපි එතනින් විල්ගම් රජමහා විහාරයට එන්න පිටත්වුණා. *
*මම විල්ගම් රජමහා විහාරයේ නටඹුන් තියෙන හරියට ඇවිදගෙන යද්දි යද්දි එතනට බස් එකකින් ආපු නඩය නටඹුන් බලල ආපහු එන ගමන් මට මුණගැහුණ. ගස් කොළන් වලින් පිරිල පිටි පස්සෙන් මහ කැලෙකින් වටවෙලා තිබුණු හින්ද, ඒ මද්දහනෙත් විල්ගම් රජමහා විහාර පරිශ්‍රය පාළු අඳුරකින් වෙලාගෙන තිබුණ. හරියටම කිව්වොත් මම ඊට කලින් උදෙන්ම බලන්න ගිය පොදුරාජ්‍ය මණ්ඩලීය රණවිරුවන්ගේ කනත්තට වඩා මහ පාළුවක් අඳුරක් මට විල්ගම් රජමහා විහාරයෙදි දැනුණ. විල්ගම් රජමහා විහාර පරිශ්‍රය නිදහස් නොවුණු අඳුරු ආත්ම ගැවසෙන තැනක්ද කියලත් මට හිතුණ. ඒත් එතන මම කැමති තරමටම අකමැති, පැහැදිලි කරන්න අමාරු ගුප්ත සුන්දරත්වයක් තියෙනව කියල මට දැනුණ. මේ විහාර පරිශ්‍රයට අපි නොදන්න යම් අඳුරු ඉතිහාසයක් තියෙනවද කියල හොයල බලන්න එක වටිනව කියන එක මට එක පාරකට වඩා හිතිල තියෙනව. මම ඒ පරිශ්‍රය පුරාවටම ඇවිද ඇවිද පොටෝ ගත්ත. එහා පැත්තේ මහ කැලේ වඳුරන්ගෙ රිලවුන්ගෙ සද්දෙත් කුරුල්ලන්ගෙ සද්දෙත් ඒ පාළු නිහැඬියාව පසාරු කරනව මට දැනුණ. ඒ හැම හඬක් එක්කම අවිනිශ්චිත බයක්, තිගැස්මක්, චකිතයක්, පාළුවක් මට දැනුණ.*
*ඒත් අව්වට, වැස්සට, හුළඟට, පින්නට හැම මොහොතකම නිරාවරණය වෙලා ගරාවැටිල තියෙන මේ නටඹුන් වලට වඩා අපේ ජිවිතවල, අපේ හීනවල, අපේ උදාරම පරිත්‍යාගවල, අපේ උරුමයන්ගෙ ශ්‍රී විභූතිය, ප්‍රෞඩත්වය වගේම අනිත්‍යතාවය පෙන්වන්න පුළුවන් මොනවටද? විශ්වයට තරම්ම පරණ අපේ හදවත, අපේ ආත්මය ඇතුළෙ තියෙන අඳුර සහ ආලෝකය නොදකින අපි බාහිර ලෝකයේ තියෙන අඳුර සහ ආලෝකය දකිනව. ඒ බාහිර ලෝකයේ අඳුරෙන් අපි අහේතුකව දුක්වෙනව. ඒකෙම ආලෝකයෙන් අපි අහේතුකව අමන්දානන්දයට පත්වෙනව. හැබැයි ඉතින් මේ තමයි අපේ ප්‍රථග්ජන මනුස්ස ස්වාභාවය.*
*මේක හරියට තේරුම් ගත්තොත්, අපිට අවබෝධ වෙන්න පටන්ගන්නව අපේ ජිවිතවල මේ මොහොතෙත් හැමදාටමත් තියෙන හැම ප්‍රශ්නයක්ම, හැම ළතැවිල්ලක්ම, හැම දුකක්ම, හැම පසුතැවීමක්ම වගේ අපි අපේ හිත් ඇතුළෙන් අහේතුකව කෘතිමව නිර්මාණය කරගත්තු දේවල් කියල. මේ හැම දේකම මුදුන් මුල තමා අපේ මෝහය. මේක තේරුම් නොගන්න තාක් කල් අපි සංසාරෙ පුරාවටම ආත්මයෙන් ආත්මයට ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් විඳිනව. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි පිළිගන්න ඕනෙ අද අපේ ජීවිතය කියන්නෙ අපි උපන්දා සිට මේ දක්වාත් ඊට කලින් සංසාරෙ පුරාවටමත් අපේ තෝරාගැනීම්වල සමස්ත එකතුව කියන එක.*
*මේක ලියපු මමවත් මේක කියවන ඔබවත් හැමදෙයක්ම දන්න මිනිස්සු නෙවෙයි. අපි හැමෝම අපරිණත, අසම්පූර්ණ, ආයෙ ආයෙ වැරදි කරන, ඒ වැරදිවලින් ආයෙ ආයෙ ඉගෙනගන්න, හීන දකින, පිස්සු වැඩ කරන මිනිස්සු. ජීවිතේදි සතුටින් ඉන්න පරිපූර්ණත්වය අවශ්‍ය නෑ. හැබැයි අපි අපිට අවංක වෙන්න ඕනෙ. 1946 අවුරුද්දෙ නොබෙල් සාහිත්‍ය සම්මානය දිනපු Hermann Hesse කියන ජර්මන්-ස්විස් ජාතික මහා ලේඛකයා එක තැනක මෙහෙම ලියනව: *“*I have no right to call myself one who knows. I was one who seeks, and I still am, but I no longer seek in the stars or in books; I'm beginning to hear the teachings of my blood pulsing within me. My story isn't pleasant, it's not sweet and harmonious like the invented stories; it tastes of folly and bewilderment, of madness and dream, like the life of all people who no longer want to lie to themselves.” අපිට අපි ගැනත් මේ වගේ අවංක වෙන්න පුළුවන් නම්, අපිට සතුටින් ජීවත්වෙන්න පුළුවන් කියල මට හිතෙනව.*
*විල්ගම් රජ මහා විහාර පරිශ්‍රයෙන් පිටත්වුණු අපි ඊළඟට ආවෙ කන්නියා උණු වතුර ළිං බලන්න. ඒ එන අතරමගදි විල්ගම් විහාරයෙ ඉඳන් ටික දුරකින් හම්බෙන අනිත් පන්සලේ දහම් පාසැල ඇරිල එන සුදු සරම්, සුදු කමිස සහ ළමාසාරී වලින් සැරසුණු එක එක වයස්වල ළමයි කට්ටියක් පාර දිගේ සද්දෙට කතා කර යනව අපිට හම්බුණා. උණුවතුර ළිං බලාගෙන ආපහු එන ගමන් අපි දෙන්න තල් කුරුම්බා ගෙඩි දෙකක් අරන් ඒක කෑව. තල් කුරුම්බා වලත් ළොඳ තියෙනව පොල් කුරුම්බා වල වගේ. ඒත් ඒක වෙනම කපල ගන්න ඕනෙ, නැත්නම් ඒ ළොඳ තියෙන හරිය ටිකක් තදට ඉහළට උරන්න ඕනෙ. ඒකත් හරිම රසවත් නැවුම් අත්දැකීමක්. මම එතන කඩේකින් කොළ පාට, චුයින්ගම් එකක වගෙ දවටනවයක ඔතපු තල් චොකලට් හතරකුත් ගත්ත.*
*ඊට පස්සෙ නියාස් මාව එක්කගෙන ගියෙ තල් හකුරු හදන තැනකට. සුදු පාට ගේට්ටුවක් දාලා කහපාට තීන්ත ගාපු ටිකක් ලොකු පරණ තාලෙට හදපු ගෙට එළියෙන් හදපු තහඩුවලින් හෙවිලි කරපු පොඩි මඩුවක් වගේ කුස්සියක් ඇතුළෙ, දරවලින් වලින් ඇවිළෙණ ලිපක් උඩ අඩි හතරක් පහක් විතර දිග අඩි එක හමාරක් විතර පළල අඩි දෙකක් විතර ගැඹුරු සෘජුකෝණාශ්‍රකාර තාච්චියක් වගේ භාජනයක තල් රා බුබුළු දදා පැහි පැහී තිබුණ. ඊට මෙහා පැත්තේ ලොකු රවුම් පිත්තල මුට්ටියක ඒකෙ කට වැහෙන්න සුදු රෙදි කෑල්ලක් බැඳල ඒක උඩට කොණ්ඩ කැවුම් හදන්න ගන්න ද්‍රාවණයේ පාට තල් රා පෙරෙන්න දාල තිබුණ. තල් රා වල බරට ඒ රෙදි කෑල්ල කිරි ගොට්ටක හැඩේ අරන් තිබුණ. කොට කලිසමට උඩින් ටිකක් කිලිටි කළු ඉරි තියෙන සුදු ටී ෂර්ට් එකක් ඇඳල හිටපු තල් හකුරු හදන ඝණ උඩු රැවුලක් තිබුණු අවුරුදු 40ක් විතර වයස තලඑලළු පිරිමි කෙනා ගේ ඇතුළට ගිහින් තල් හකුරු ග්‍රෑම් 500 කට පොඩ්ඩක් අඩුවෙන් දෙමළ පත්තර කොළේක ඔතල නිල් පාට සිලි සිලි බෑග් එකකට දාලා මට දුන්න. මට මතක විදිහට තල් හකුරු කිලෝ 1ක් ඒ දවස්වල රුපියල් 800ක් ද කොහෙද. මම රුපියල් 400 ක් හරි 450 ක් හරි දුන්න ඒ හකුරු වලට. ඒ තල් හකුරු හරිම රසයි, ඒ වගේම හරිම මොළොක්. හරිම ඉක්මණට දියවෙනව. කලින් දවසෙ කෝණෙශ්වරම් කෝවිල ළඟ රසකැවිලි කඩෙන් ගත්ත තල් හකුරුයි, මේ තල් හකුරුයි අහසට පොළොව වගේ.*
*ඊළඟට මාව ආපහු හෝටලේට ඩ්‍රොප් කරන්න කලින් නියාස් මාව ඔහුගේ මාමලගේ ගෙදරට එක්කගෙන ගියා. නිල් පාට කොටු කොටු සරමක් විතරක් ඇඳපු කට පුරා හිනාවෙන කළු කෙට්ටු උඩු රැවුලක් තියෙන අවුරුදු 50 -55 ක් විතර වයස ප්‍රියමනාප කරුණාවන්ත පිරිමි කෙනා එතන තිබ්බ තල් ගහෙන් පිහියක් බැඳපු කෙක්කකින් තල් කුරුම්බා වල්ලක්ම බාලා එක එක ප්‍රමාණයේ කුරුම්බ 4 ක් හරි 5ක් හරි කප කපා ළොඳ කොටස වෙන් කරල මට දුන්න. මම එකක් දෙකක් කාල ඇති කියද්දිත්, ඔහු තවත් තල් කුරුම්බා මට කපල දුන්න. ඊට කලින් කවදාවත් හම්බෙලා නැති සමහරවිට ආයේ කවදාවත් හම්බෙන්නත් නැති මට, කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර, ඔහු ඒ දක්වපු කරුණාව, සෙනෙහස මාව පුදුමයට පත් කලා. එහෙම හරි අපූරු නිර්ලෝභී මිනිස්සු මේ රටෙත් මේ ලෝකෙත් ඉන්නව කියල මම හැමදාමත් විශ්වාස කරනව. මොන භාෂාව කතා කලත්, මොන ආගම ඇදහුවත්, මොන තරම් අමාරු තත්වයන් යටතේ වුණත්, සමහර මිනිසුන් ඇතුළෙ අපේ මනුෂ්‍ය හර පද්ධතිය වයිරස් එකක් වගේ survive වෙනව කියල මම හැමදාමත් විශ්වාස කරනව. ඔබ The Boy in the Striped Pajamas, Schindler's List වගේ චිත්‍රපටි මේකට සාක්ෂි දරනව.*
*එදා හවස තුනේ ඉඳන් හය හමාර විතර වෙනකන් මම රැල්ල පාග පාග බීච් එකේ ඇවිද ඇවිද හිටිය. හැන්දෑවේ කෑම එකක් අරන් එන ගමන්, අතරමග වඩේ කරත්තයක් තියාගෙන හිටපු වයසක් මුදලාලිගෙන් රුපියල් 100 ක හරි 150 ක හරි උළුඳු වඩේ ගත්තා. මැද්දෙන් කපල ලුණු මිරිස් දාපු පොඩි උළුඳු වඩේ හරිම රහට තිබුණ.*
*පහුවදා උදේ කෝච්චියෙන් ගල් ඔය හන්දියට ඇවිදින් එතනින් උදය දේවී කෝච්චිය අරන් මම කුරුණෑගලින් බැහැල ගෙදර ආවා.*"ජීවිතය ඔබට කියා දුන් ලොකුම පාඩම කුමක්ද?" යි දිනක් පුතෙක් සිය පියා වෙත ගොස් විමසීය.
"මේ පිළිබඳව ඔබට පැවසීමට බොහෝ දේ තිබුනත්, මට දැන් කතා කිරීමට තරම් මනෝභාවයක් නොමැත. මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි. ඒ නිසා කණගාටුයි " පියා පැවසීය .
"මොකද ප්‍රශ්නේ තාත්තේ ?
පුතා යලිත් ඔහුගෙන් විමසීය.
"අපේ ගැබිණි එළදෙන පැය විස්සකට වැඩි කාලයක් ප්‍රසව වේදනා විඳිනවා. වේදනාව දරාගත නොහැකි නිසා ඇය මිය යා හැකි යැයි මම බියට පත්ව සිටිමි ."
පියාගේ පිළිතුර විය.
"දැන් මම වයසයි දුර්වලයි, මට එළදෙන වෙනුවෙන් කල හැකි දෙයක් නැහැ.
ඒත් සමහර විට අපි අනිත් අයගේ අදහස් සහ උපදෙස් ලබා ගත්තොත්, අපේ දුප්පත් එලදෙන මිය යාමෙන් වලකා ගත හැකි වනු ඇති .
මට උදව්වක් ලෙස පාරේ ඇවිදින්න.
ඔබ යනවිට අහම්බෙන් හමුවන මිනිසුන් වෙතින් මේ පිළිබඳව උපදෙස් ඉල්ලන්න. ඔබට අඩුම වශයෙන් හතර දෙනෙකුගෙන් වත් මේ සඳහා උපදෙස් ලබා ගැනීමට සිදු වේවි .
ප්‍රසූතිය නිසා මිය යාමට ආසන්න අපගේ එළදෙන බේරා ගැනීමට ඔවුන්ගේ අදහස් මොනවාද යන්න අපි දැනගත යුතුයි."
පියා සිය පුතුට ප්‍රකාශ කලේය.
පිරිමි ළමයා වහාම පිටත්ව ගොස් පැයකට පමණ පසු ආපසු පැමිණියේය. ඔහු සිය පියාට මෙලෙස කීවේය.
“මට පුළුවන් වුණා හතර දෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැන්මට..
පළවෙනි කෙනා පැවසූවේ වහාම ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාට කතා කලයුතු බව හා එවිට ඔහුට ශල්‍යකර්මයක් කර වසුපැටවා ඉවතට ගනු ඇති බව ඔහුගේ අදහස විය.
දෙවැනි කෙනා මට යෝජනා කලේ ගවයාට ස්වභාවිකව දරු ප්‍රසූතියට වැඩි කාලයක් දිය යුතු බව හා පශු වෛද්‍යවරයා ඇමතීමට අවශ්‍ය නොවනු ඇති බවට යි. තුන්වන පුද්ගලයා ඔබට යෝජනා කළේ ගවයා මරා මස් විකුණන ලෙසයි. අවසානයේ කොහොමත් ඇය මිය යනු ඇති බැවින් ඉන් ප |
වක් හෝ පාඩුවක් සිදු නොවන බව ඔහුගේ අදහස විය.
සිව්වන පුද්ගලයා යෝජනා කළේ ඔබේ දෑතින් පැටවා ගර්භාෂයෙන් ඇදගෙන එළදෙනට ප්‍රසූතිය සඳහා සහාය වන ලෙසයි.
" එම උපදෙස් සියල්ල සිත්ගන්නා සුලුයි, එහෙම නේද?
ඔවුන්ගේ අදහස් එකිනෙකාට බොහෝ වෙනස්.
ඉතින් ඔබ හිතන්නේ මා ඉන් අනුගමනය කළ යුත්තේ කවරක්ද?"
පියා යලිත් සිය පුතු වෙතින් විමසීය.
"මට ඒ සියල්ල ටිකක් පැටලිලි සහගතයි වගේ. හැමෝම දුන්නේ එකිනෙකාට වෙනස් උපදෙස් "
පුතා පැවසීය .
පියා සිනාසුණේය.
ඉන් පසු සිය පුතුගේ උරහිසට තට්ටු කර
මෙසේ පැවසීය .
"ජීවිතයෙන් මට උගන්වා ඇති ලොකුම පාඩම ඔබට කියන්නැයි ඔබ මගෙන් ඉල්ලා සිටින විට මම ඇත්තෙන්ම පුදුමයට පත් වූවෙමි.
එය නිකම්ම නොකියා එය ඔබටම අත්විඳීමට ඉඩ දීමට මම තීරණය කළෙමි. එසේ කිරීමෙන් මම මගේ ගවයා මියයමින් සිටින බව මවා පෑවෙමි.
අප වේදනාවෙන් සහ උපකාර අවශ්‍යව ඇති විට මිනිසුන්ගේ අදහස් කෙතරම් එකිනෙකට වෙනස් විය හැකිද යන්න ඔබට අවබෝධ කර ගැනීමට මම එම උපාය මාර්ගයක යෙදවීමි.
මම ජීවිතයේ ඉගෙන ගත් ලොකුම පාඩම නම් විවිධ පුද්ගලයන්ට එකම දෙය පිළිබඳව විවිධ දෘෂ්ටිකෝණයන් තිබිය හැකි බවයි.
අපි සෑම කෙනෙකුටම එකම දේ පිළිබඳව අපගේම දෘෂ්ටියක් ඇත.
එසේම යමක් පිළිබඳව කෙනෙකුගේ මතය ඔබගේ මතයට වඩා වෙනස් වූ පමණින් ඔවුන් වැරදි බව අදහස් කල නොහැක .
අපගේ මතය ඔවුන්ගේ මතයට නොගැලපෙන බව හැඟුණු පමණින් අපි අන් අය සමඟ දබර කිරීම, රණ්ඩුවීම, වාද කිරීම හෝ ඔවුන්ට අපහාස කිරීම නොකළ යුතුය.
අප අන් අයගේ අදහස්වලට එකඟ නොවුණත් විවෘත මනසකින් හා ඒවාට ගරු කිරීමට ඉගෙන ගත යුතුය.
කෙසේ වත් යමෙකු පිළිබඳව තවකෙක් පවසන දේ අනුව ඔහු විනිශ්චය කිරීමට හෝ ඔහුට අපහාස කිරීමට හෝ අවිශ්වාස කිරීමට කටයුතු නොකරන්න .
විවෘත මනසින් ඔහු පවසන දේ විමසා බලා ඒ අනුව කටයුතු කිරීමට අමතක නොකරන්න ."
" මක් නිසාද යත් ඔහු ගන්නා සෑම පියවරක් සඳහා ම ඔහුට සාධාරණ හේතුවක් තිබිය හැකි බැවිනි.
© Wiraj Nanayakkara**පුනරාවර්තනය (දෙවන කොටස)**
සයුරි ආපසු ගෙදර ආ දින හවසම තිමිර වැඩ අවසන් වී ඇයගේ නිවසට ආවේ හිත දෙගිඩියාවෙනි. ඔහුට සයුරිගේ දෙමාපියන්ට මුහුණ දීමට අපහසු බවක් දැනුනේ මේ වන විටත් සියලු තොරතුරු සයුරි ඔවුන්ට කියා ඇති බවට සැකයක් නැති නිසාය. අම්මාගේ හැසිරීම ඉවසාගෙන, සියලු අණ පනත් වලට යටත්ව තමාත්, මල්ලීත්, නංගීත් පමණක් නොව තාත්තාද මේතාක් කල් ජීවත් වූ නමුත් සයුරිට එය ඉතා දුෂ්කර කාර්යයක් බව ඔහුට වැටහුනේ අද ඊයෙක නොව සයුරි ගෙදරට කැන්දාගෙන ගොස් දින දෙක තුනක් ගත වන විටමය. තිමිර ඉතා අමාරුවෙන් සිනහ මුහුණක් මවාගෙන සයුරිගෙ නිවසේ දොර අසල සිටගෙන සීනුව නාද කළේය. එසැණින්ම සයුරි පැමිණ දොර ඇරියේ ඔහු පැමිණෙන බව කියා ඇයට පැයකට පමණ කලින් දුරකථනයට කෙටි පණිවිඩයක් එවා තිබුණු බැවිනි. තිමිරගේ මුහුණ දුටු සයුරිට දැඩි වේදනාවක් ඇතිවිය. ඔහු අත තිබූ මලු කිහිපයක් සයුරි අතට දී සයුරිගේ උරහිස වටා අත යවා ඔහු වෙතට තුරුල් කරගත්තේ විවාහ වීමට පෙර සයුරි බලන්නට මෙහි ආ දිනවල මෙනි. තමාගේ හිත තුල කැකෑරෙන දුක තිමිරට පෙන්විය යුතු නැතැයි ඇයට සිතුනේ ඔහුගේ විඩාබර මුහුණත් මැලවී ගිය දෙනෙතත්, ඔහු දැනටමත් මානසිකව ඇද වැටී ඇති බව පෙන්නුම් කළ නිසාත්ය. ඉන්පසු සාලයේ සිට එළියට ආවේ සයුරිගේ පියා සහ බාලම නැගණිය ගගනිය. පියාද කිසිදු වෙනසක් නොපෙන්වා "ආ පුතා දැන්ද වැඩ ඇරිල යන්නේ, එන්න එන්න ඇතුලට" කියා ඔහුගේ පිටට අතක්ද තබා සාලයට කැඳවා ගෙන ගියේය. පොඩි නංගීද "ආ තිමිර අය්යා මොනවද මට ගෙනාවේ, චොක්ලට් ගෙනාව නේද" කියමින් වෙනදා වාගේම සිනා සී කතා කරයි. තිමිර සැනසුම් සුසුමක් හෙලා මේ තරමින් මාව පිළිගත්ත එක නම් පුදුමයක් යැයි තමාටම කියා ගත්තේ පුටුවකට බර දෙන ගමන්ය. සයුරි පුටු ඇන්දේ වාඩි වී අද නිවාඩුවක් ගෙන ගෙදර ආ බව කීවාය. එහෙත් තමා පැමිණියේ බොහෝ ඇඳුම්ද අනෙකුත් දෑද රැගෙන යළි තිමිරගේ නිවසට නොයන්නම සිතාගෙන බව කීවේ නැත. නයනා මුලුතැන්ගෙයි සිට සාලයට ආවේද සිනාමුසු මුහුණිනි. "ආ තිමිර පුතා වැඩ ඇරිල යන ගමන්ද? ඉන්න මම තේ එකක් හදා ගෙන එන්නම්" කියා ආපසු ගියාය. සුමිත් තිමිර සමග මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ගැන කතා කරමින් සිට, ගගනිට ආත්තම්මාට මල් කඩා දෙන්න යමු කියා මිදුලට බැස්සේ සයුරිටත් තිමිරටත් නිදහසේ කතා කරන්නට ඉඩ දෙමිනි.
කතාව කොතැනින් පටන් ගන්නදැයි සයුරිටත් තිමිරටත් සිතා ගත නොහැක. "හෙට ඔයා වැඩට යනවාද" කියා තිමිර ඇසුවේ සයුරි අද නිවාඩු ගෙන සිටින බව දන්නා බැවිනි. සයුරි හෙට වැඩට යන බවත් විවාහ වීමට පෙර තාත්තා සමග නගරයට ගොස් ඇයගේ මිතුරිය සමින්දිගේ වාහනයෙන් ගිය ලෙසම යළිත් යා හැකි බවත් කීවාය. අගනුවර ප්‍රධාන මූල්‍ය ආයතනයක සහකාර ගණකාධිකාරිණියක් ලෙස සයුරි රැකියාවට ගියේ විශ්ව විද්‍යාලයෙන් පිට වී කෙටි කාලයක් ඇතුලතය. එම විශ්ව විද්‍යාලයෙන්ම ඉගෙනුම ලැබූ තිමිර ඔහුගේ අමතර අධ්‍යාපන සුදුසුකම්ද හේතුවෙන් ප්‍රධාන රක්ෂණ සමාගමක මූල්‍ය සැලසුම් නිලධාරියකු ලෙස රැකියාව ලබා ගැනීමට සමත් විය. ආර්ථික අතින් දැන් ස්ථාවර තත්වයක සිටින අප දෙදෙනාට දෙවියනේ කියා නිදහසේ සතුටින් ජීවත් වන්නට නොලැබුනේ ඇයිද කියා තිමිරට සිතුනි. එමෙන්ම එයට හේතුව ඕනෑවට වඩා තම ජීවිතයට බලපෑම් කරන තමාගේම අම්මා නේද කියා සිතුනු විට දැඩි ශෝකයක් හිත තුල ජනිත විය. කාලයක් පෙරුම් පුරා සයුරි සමග එක වහලක් යට ජීවත් වීමට පටන් ගත් දිනයේ සිටම හිතට නිදහසක් නැතිව ගිය අයුරුත්, සතුටින් ජීවත් වීමට බැරි වූ බවත් මතක් වීම නිසා අම්මා කෙරෙහි සියුම් කෝපයක්ද හිතේ මතු වුනි. එහෙත් තමා නමවන වසරේ සිටින කාලයේ තාත්තාට බොරු චෝදනාවක් හේතුවෙන් සංස්ථාවක කළ රැකියාව අහිමි වූ දින සිට අම්මා රැකියාව කරමින් ඊට අමතරව ඇඳුම් මසමින් කිසිම විවේකයක් නොගෙන, සැපයක් නොවිඳ තම පවුල ගොඩ ගන්නට කළ කැප වීම සිහිවී එම තරහ සැනෙකින් අනුකම්පාවකට පෙරලුනි. ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලිපිකාරිණියක් වූ අම්මා දවසේ පැය 8 වැඩ නිම කර ගෙදර ඇවිත් ගෙදර අයට කෑම උයා ඇඳුම් සෝදා නවා, ගෙවල් අස් කර, භාර ගන්නා ඕඩරවල මැහුම් වැඩ අවසන් කර නින්දට ගියේ රෑ 1 ට පමණය. නැවතත් උදෑසන 5 ට අවදි වී ගෙදර යුද්ධය අරඹන්නීය. සෙනසුරාදා ඉරිදා දිනවලද එලෙසම උදෙන්ම නැගිට කෑම සාදා සූදානම් වන්නේ මැහුම් වැඩ කිරීමට සහ එදිනට ගෙදරට එන ඇයගේ පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමටයි. වැඩි දෙනෙක් ආවේ අම්මාට කියා සාරි හැට්ට මස්සවා ගැනීමටය. ඉතා පිළිවෙලට සීරුවට සාරි හැට්ට මැසීමට ඇයට හැති හැකියාව නිසා බොහෝ දෙනා ඇය සොයා ආවෝය. "තිමිර ඔයා අද මෙහේ නවතින්නකෝ" සයුරිගේ ආයාචනයෙන් තිමිර ගේ කල්පනාව අතීතයෙන් වර්තමානයට ක්ෂණිකව මාරුවිය. "අනේ සයුරි මම ඇඳුම් ගෙනාවෙත් නැහැ, අම්මලාට කියල ආවෙත් නැහැනෙ. මම හෙට එන්නම්, හෙට සිකුරාදා නිසා මට ඉරිදා හවස් වෙනකම් ඉන්න පුලුවන්" කියූ තිමිරට, සයුරිගෙන් යළි තමාගේ නිවසට යාමට එන්නේදැයි අසන්නට වචන ගලපා ගන්නට ශක්තියක් නැති බව දැනුනි. "අනේ එහෙමනම් හෙට නොවැරදීම එන්න. අපි කොහේ හරි යමු සෙනසුරාදට" සයුරි ඉතා සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නා බව ඇගේ කටහඬින් තිමිරට තේරුම් ගියේය. තේ එකකුත් රැගෙන සාලයට පැමිණි නයනා, "පුතා අද රෑට කෑම කාල යන්න ඉන්න මම මේ ඔයාටත් එක්ක උයනවා. සයුරි කැමති නිසා තාත්තා පොලොසුත් ගෙනාව, ඒකත් උයනවා, පුතත් කැමතියි නෙ නේද? හැබැයි පුතාගෙ අම්මට තරම් නම් මට බෑ පොලොස් එක රසට උයන්න. පුතාගෙ අම්මගෙ පොලොස් ඇඹුල නම් මතක් වෙන කොටත් කටට කෙළ උනනවා. ඔන්න එහෙමනම් පුතා ඉන්න ඕන රෑට කාලා යන්න" කියා නැවතත් මුලුතැන් ගෙය දෙසට ගියාය. සයුරිගේ අම්මාගේ හැසිරීමේ පුංචිම වෙනසක් හෝ නැති බවත් ඇය අම්මාගේ පොලොස් ඉවීම ගැන අගය කළේ හදවතින්ම බවත් වටහා ගැනීමට තිමිරට අපහසු නොවීය. අම්මලා දෙදෙනාගේ හැසිරීම් සිතින් සන්සන්දනය කළ තිමිර බැරි වෙලාවත් මේ අපේ අම්මා නම් මේ වන විට ඇණුම් පද විස්සක් තිහක් අසා ගන්නට වන බවත් කෑම කෙසේ වෙතත් බඩ කට පුරා දොස් අසාගෙන ආ පයින්ම යන්නට සිදුවන බවත් හිතුවේය.
රාත්‍රි ආහාර ගන්නා අතර තුර ද ඉන් පසුවද සයුරිගේ දෙමාපියන් හෝ අත්තම්මා හෝ අඩුම තරමෙන් නැගණිය පවා සයුරි නැවත ගෙදර පැමිණීම සම්බන්ධයෙන් එකදු වචනයක් හෝ කතා නොකිරීම තිමිරට අදහාගත නොහැකි කාරණයක් විය. ආපසු යාමට වාහනයට නගින්නට යද්දී "ඔයාගෙ අම්මලා මේ ප්‍රශ්නෙ ගැන මගෙන් මොනවත් ඇහුවෙ නැත්තෙ ඇයි? මම ආවෙත් භයෙන් එයාලගෙන් දොස් අහන්න වෙයි කියලා" තිමිර සයුරිට කීවේය. එයට සයුරිගේ පිළිතුර වුනේ "අපේ අම්මයි තාත්තයි කිව්වෙ මටම ඔයත් එක්ක කතා කරල මේක විසඳ ගන්න, බැරි වුනොත් විතරක් ඔයාගෙන් අහන්න එයාල මේ ගැන අපි දෙන්නම එක්ක කතා කරන එකට ඔයා කැමතිද කියල, ඔයා කැමති නම් විතරක් එයාල මැදිහත් වෙනව කිව්වා" කියාය. තිමිරට නොදැනීම සුසුමක් හෙලුනේ පවුල් දෙකේ වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපයේ වෙනස කෙතරම් විසල්ද කියා වැටහුනු නිසාය. අපේ ගෙදර අඩු තරමින් සයුරි සමග චිත්‍රපටියක් බැලීමට සිනමා ශාලාවකට යන්න ගියත් එක්කෝ දොස් අසන්නට සිදුවේ නැත්නම් එම ගමන අඩාල වන විදියට හරියටම එම වෙලාවට අම්මාට ඇයගේ නෑ ගෙදරක යන්නට අවශ්‍යතාවයක් මතුවේ. වාහනයට නගින්නට පෙර සයුරි තිමිරව බදා වැළඳ ගත්තාය, “අනේ තිමිර මට ඔයාට යන්න දෙන්න හිතෙන්නෙ නැහැ. හෙට හවසට ටිකක් කලින් එනවද? මමත් ශෝට් ලීව් දාලා එන්නම්”. තිමිරට ද සයුරිගෙන් සමු ගෙන යාමට හිතක් නැත. එහෙත් හෙට එන පොරොන්දුව මත සයුරිගේ හිසත් නළලත් සිඹ ආපසු යාමට කාරයට නැග්ගේය.
සිකුරාදා සවස 5 පමණ වන විට තිමිර ඇඳුම් කිහිපයක් සහිත බෑගයක්ද සයුරි සහ ඇගේ සොයුරියන් කෑමට ආශා කරන චොක්ලට්, යෝගට් සහ පළතුරු ද රැගෙන ආවේය. ඒ වන විටත් සයුරි වැඩ නිම වී ගෙදර ඇවිත් සිටියාය. ඇඟ පත සෝදාගෙන සැහැල්ලු ඇඳුමක් හැඳ තිමිර සාලයට ආවේ පවුලේ සියලු දෙනාම සමග තේ පානය කිරීමටයි. සයුරිගේ ආත්තම්මා, මාපලානේ ඉස්කෝලෙ නෝනා, තිමිර දෙස බලා "පුතේ ඔන්න ඔයා ආස නිසා අපි අද හැලප හැදුවා දෙක තුනක්ම කන්නකො" කියා කීවාය. වෙනදාට මේ වගේ අවස්ථාවක අත්තම්මා මෙසේ හැසිරෙන්නේ නැත. අම්මා අත්තම |
්මාට දේශනාවක් පවත්වා ඇති බව සිතී සයුරි තනිවම සිනාසුනාය. බැංකුවක මානව සම්පත් අංශයේ කළමණාකාරිනියක් ලෙස සේවය කළ අම්මා ඉතා ගුණවත්, කරුණාවන්ත සහ උපායශීලී කාන්තාවක් ලෙස හැමෝම හඳුන්වති. එයට හේතුව ඇය ලැබූ අධ්‍යාපනයත්, කාර්යාලයේ වැඩ කිරීම තුලින් ලැබූ පන්නරයත්, සහභාගී වූ පුහුණු වැඩ සටහන් තුලින් ඉගෙන ගත් කරුණුත් සහ විවේක ලැබෙන හැමවිටම පොත් කියවීමේ පුරුද්දත් බව සයුරිට නොරහසකි.
එදින ගගනි පමණක් නොව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ලොකු නංගී නිම්නිද ගෙදර සිටියාය. නිම්නි ගෙදර එන්නේ සති අන්තයට පමණි. නිම්නි, ගගනි තරම් නිහඬ චරිතයක් නොවේ. එනිසාදෝ ඇය තිමිරට විහිලු කරමින් දිගටම මේ ගෙදර නවතින්න කියා කීවාය. "අනේ අය්යෙ අපටත් පාලු නෑ, අය්යා ආවොත්, එන්නකො අය්යේ අපට කාඩ් ගේම්ස්, බෝඩ් ගේම්ස් කරන්නත් පුලුවන්, හවසට බැඩ්මින්ටන් ගහන්නත් පුලුවන්" කියමින් දිගින් දිගටම ආයාචනා කළාය. "මේ ලොකු නංගි තිමිර අය්යට කරදර නොකර යන්න" කියා සයුරි තිමිර අසලට ගියේ "ඔයා මේ දවස් දෙකට මෙහේ එනවට අම්මා කැමති වුනාද? ඔයාට බැන්නෙ නෑ නේද? අම්මට දුක හිතුනද දන්නෙ නෑ" කියා ඇසෙන නෑසෙන ගානට කියමිනි. "නෑ සයුරි අම්මලා මොනවත් කිව්වෙ නෑ, ඔයා ආපහු එක්කරගෙන එන්න කියල නම් කිව්වා. ඔයාට ඇඟට හරි නෑ ටිකක් ගෙදර ගිහිල්ලා ඉඳල එන්නම් කියලනේ ඇවිත් තිබුනෙ, එයාලට සැකයි ඔයාට බබෙක් හම්බවෙන්න ඇවිත්ද කියල, ටිකක් අවුලෙන් ඉන්නෙ හැබැයි." තිමිර කීවේ සමාව අයදින්නාක් මෙනි. "නෑ තිමිර මට දැන්ම එන්න බැහැ, අපි එළියට ගිහින් ටිකක් කතා කරමු නිදහසේ" කියා ඔහුගේ අතින් අල්ලාගෙන මිදුලේ උණ පඳුර යට ඇති ලී පුටුව වෙත ගියාය.
සයුරි පැයක පමණ කාලයක් ගෙන ඇයට තිමිරගේ ගෙදරට ගිය දා සිට විඳින්නට සිදුවූ දුක් ගැහැටත් අසන්නට සිදුවූ ඇණුම් පදත් ඉතා පරෙස්සමින් වචන තෝරා බේරා තිමිරට කියා දුන්නාය. එහෙත් කිසිම විටක තිමිරගේ අම්මා තමා විවාහ කර ගැනීම පිළිබඳව තිමිරට දොස් කියූ බව නොකීවාය. මේ සියල්ල අසා සිටි පසු තිමිරට ඉතා දැඩි අනුකම්පාවක් සහ වේදනාවක් සයුරි සම්බන්ධයෙන් හිතේ ඉපදුනි. ඇය සමග විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිටම තමා මේ නිවසට ආ ගිය හැටිත් ඒ හැම වෙලාවකම සයුරිගේ පවුලේ අය ඔහුට පවුලේම පුතකු ලෙස සැලකූ හැටිත් සිහිවිය. එමෙන්ම සයුරිට මේ නිවසේ කොතරම් සෙනෙහසක් ලැබුනාද කොයිතරම් මානසික නිදහසකින් සතුටින් ජීවත් වුනාද කියාත් හිතට තදින්ම දැනුනි. ඉන්පසු තිමිර, යම් යම් දේවල් ඔහුටද දැනී තිබුණු නමුත් කුඩා කාලයේ සිටම අම්මාගේ අණසකට යටත්ව ජීවත් වූ බවත් ඉන් තමාගේ අධ්‍යාපනය හොඳින් කර ගැනීමට හැකි වූ බවත්, පියා රැකියාව අහිමි වීමත් සමග මානසිකව පසු බෑමකට ලක් වූ බවත් කීවේය. ඒ නිසා තමාගේත් මල්ලී සහ නංගීගේත් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ආර්ථික වශයෙන් ද ආහාර පාන සකසා දී අනිකුත් පහසුකම් සැපයීමෙන්ද, පිහිට වුනේ අම්මා බව කීවේය. තිමිරගේ තාත්තා දැනටත් අඳුරන පාසල් ගුරු මහතකු සතු පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක රියදුරු වශයෙන් සේවය කරයි. නමුත් ඔහු බොහෝ වෙලාවට කතා කරන්නේ නැත. කතා කළද අම්මාගේ තීරණ මතම කතා කරන අතර ඊට පටහැනි වචනයක් හෝ නොකියයි. ඔහු අම්මා ළඟ හැසිරුණේ තවත් ළමයෙක් මෙන්ය. ඔහුගේ අනන්‍යතාවයක් හෝ ස්වාධීන බවක් නැති තරම්ය. අම්මාගේ හිත දිනා ගැනීමට මෙන් අම්මා සයුරිට ඇණුම් පද කියන විට ඔහුත් ඒවාට හවුල් වෙයි.
"ඔවු තිමිර මට ඔයා කලිනුත් කියල තිබුනනේ අම්මා කරපු කැපවීම ගැන, ඒනිසාම තමයි මම ඔයාටත් වචනයක්වත් නොකියා ඉවසා ගෙන හිටියෙ. ඒත් මටත් ඉවසීමේ සීමාවකුත් තියෙනවනෙ. අනිත් එක මම මොනවත්ම වරදක් නොකර ඇයි ඒ තරම් අපවාද, බැණුම් අහගන්නෙ කියල මට හිතුනා" කියා කීවේ තිමිර ගේ අත් දෙකම අල්ලාගෙන කඳුලු පිරි දෑසින්ය. තිමිර දෑත් මුදවාගෙන එක් අතක් ඇයගේ උරහිස වටා යවා අනිත් අතින් හිස අතගාමින් "මට සමාවෙන්න සයූ… මේ හැම දෙයක්ම ඔයාට විඳින්න උනේ මම නිසානෙ, මටත් හිතිලා තියෙන්නෙ වෙනම ගෙයක් අරගෙන යන්න, නිදහසේ ජීවත් වෙන්න. ඒත් අම්මගේ හිත රිද්දන්නත් බැරි නිසා මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරිව ඉන්නෙ" කියා කීවේ ඉතාම දුක්මුසු ස්වරයකිනි. ඒ සමගම තිමිරගෙ හඬ වෙනස් වී "ඒක නෙවෙයි සයූ මට ටිකක් ඔලුව අවුල් වගේ මගේ බොස්ටත් දැනිල අද උදේ ඇහුවනේ මගෙන් මොනව හරි ප්‍රශ්නයකද ඉන්නෙ කියල. එයා හරිම හොඳ බොස් කෙනෙක් නෙ, තාත්ත කෙනෙක් වගේ. මම ටිකක් මේ ප්‍රශ්නෙ එයාට කිව්වා, එයත් කිව්වෙ බැන්දට පස්සෙ අලුත් ජෝඩුව මහගෙවල් දෙකෙන්ම ඈත් වෙලා අඩුම ගණනෙ අවුරුදු දෙක තුනක්වත් ඉන්න ඕන කියල, හොඳ අඩිතාලමක් ජීවිතේට දාගන්න තුරු" කියා කීවේය.
සයුරිට අම්මාත් තාත්තාත් කීවේද ඒකම නොවේදැයි කියා සිතුනි. ඇය ඒ අදහසට උඩින්ම කැමතිය, නමුත් ක්‍රියාත්මක කරන්නේ කෙසේද? "ඇයි තිමිර ඔයාගෙ අම්මා මට මේ තරම්ම අකමැති? මොකක්ද හේතුව, දෑවැද්දක් නොගෙනාපු එකද?" සයුරිට එය දැන ගැනීමටම ඕනෑවිය. "මම හිතන්නෙ සයූ අම්මාට භය ඇති දැන් මම නිසා ටිකක් මුදල් අතින් අම්මලා හොඳ තැනක ඉන්නවනෙ, මම වෙනම ගෙදරකට ගියොත් අම්මලාට දැන් ආර්ථිකව තියෙන සහනය නැති වෙයි කියල හිතනව ඇති. මල්ලි නම් හොඳට ඉගෙන ගෙන මෙඩිකල් කොලෙජ් සිලෙක්ට් උනානෙ, ඒත් නංගි ටිකක් පාඩම් කරන්න කම්මැලි නිසා අම්මට භයයි එයාට හොඳ ජොබ් එකක් සොයා ගන්න බැරි වෙයි කියල. ඉතින් නංගිගෙ එකවුන්ට් එකක එයා සල්ලි එකතු කරනව දෑවැද්ද දෙන්න, ඔයාගෙ පඩි සල්ලිත් ගන්න කිව්වෙ ගෙදර වියදමට එතකොට මාසෙට වැඩි ප්‍රමාණයක් නංගි වෙනුවෙන් ඉතිරි කරන්න පුලුවන් නෙ. තව, මල්ලි ඉගෙන ගෙන ඉවර වෙන තුරුත් වියදම් කරන්න ඕන නෙ එයාටත්." තිමිර ඔහු දන්නා හේතු ටික නොසඟවාම කියා දැම්මේය.
නයනාත් සුමිතුත් මේ ගැන ඉතාම නිවැරදිව අනුමාන කළහ. මේක නම් තනිකරම සල්ලි මත හැදුන ප්‍රශ්නයක්, පරෙස්සමින් විසඳා ගනිමු කියා ඒ දෙදෙනාම සයුරිට කීවෝය. "හරි තිමිර මට දැන් තේරෙනවා, අපි හෙමින් කල්පනා කරල බලමු විසඳ ගන්න විදියක්. මම අපේ ගෙදරම ඉන්නම් තව ටික කාලයක්, ඔයා සතියෙ මැද දවසක, වීක් එන්ඩ් එකේ මෙහේ එන්න. මගේ පඩියෙන් භාගයක් මම ඔයාට දෙන්නම් ගෙදරට දෙන්න ඒකත්" සයුරි කීවේ අවංකම අදහසිනි. "නෑ එපා එපා පිස්සුද ඔයාට, ඔයාගෙ කලින් පඩියෙනුත් දීපු සල්ලිවලින් භාගයයි මම අම්මලට දුන්නෙ, අනිත් ටික මගේ ළඟ එකතු කරගත්තා ඔයාටම දෙන්න, ඒ එක්කම වෙනම ගෙදරකට යන්න ලැබුනොත් ඒකට ඇඩ්වාන්ස් දෙන්නත් කියල හිතාගෙන".
මේ අතර මුලුතැන් ගෙය ඇතුලේ බරපතල සාකච්ඡාවකි. මාපලානේ ඉස්කෝලෙ නෝනා තම දියණිය නයනාට දොස් කියයි. "ඔහොම කට වහගෙන ඉඳල හරියන්නෙ නෑ, ඒ පුතාගෙ වරදක් නෑ තමයි නමුත් අපි එයාගෙ දෙමවුපියන්ට කියන්න ඕන පණිවිඩය මේ ළමය අත කියල යවන්න ඕන, නැත්නම් අපි නිකම් භයට ඉන්නව වගේනෙ. අපි හරි නෝන්ජල් කට්ටියක් කියල හිතයි”, නයනාට කේන්ති එන්නේ මේ වෙලාවටය. "අනේ අම්මෙ පින්සිද්ධ වෙයි සද්ද නැතිව ඉන්න. ඒ ළමයි දෙන්නා කතා කරල ඒක විසඳ ගනීවි. අනික උගත් ළමයි දෙන්නෙක්, කාලයක් ආශ්‍රය කරල බැන්දෙ, එයාලට පුලුවන් හොඳ විදියකට ඒ ප්‍රශ්න විසඳගන්න, අපි මැදිහත් වෙන්න ඕන නැහැ. අනික ඒ අම්මත් ගොඩක් දුක් විඳල පුතාට උගන්නල ලොකු මහත්තයෙක් කරල ගත්ත නිසා නෙ අපේ දුවට ඒ වගේ හොඳ පුතෙක් ලැබුනෙ. ඒකෙ ගෞරවය අපි රකින්න ඕන, එයාල අපේ දරුවට නොසැලකුවට. මොකද අපි තිමිර පුතාගෙ හිත රිදෙන දේවල් කළා කියල කාටවත් යහපතක් වෙන්නෙ නැහැනෙ. එතකොට අපිත් ඒගොල්ලන්ගෙ ගොඩටම වැටෙනවා." නයනා තම තරහව හැකි තරමින් පාලනය කර ගෙන අම්මාට කිව යුතු දේ කීවාය. තමාගේ දැනුම අද කාලයේ ප්‍රශ්න විසඳීමට මදි බවත් ඒ කාලයේ වුවත් මාලතී ගේ දෙමාපියන්ද කිසි දිනක පැමිණ තමාගෙන් කිසිම ප්‍රශ්නයක් නෑසූ බවත් සිතමින් ඉස්කෝලෙ නෝනා නිහඬ වූවාය. ඒ දිනවල තමාගේ ඇණුම් පදවලින් හිත පෑරී මාලතීගේ ඇස්වල කඳුලු මතුවනු දැක තමා ලැබූ කුරිරු සතුට පිළිබඳව දැන් ඇතිවන්නේ කළකිරීමකි. මාලතී දුවට ඊළඟ සතියෙ එන්න කියලා පොල් ගෙඩි 20 ක් පමණ සිරිදාසට කියා ලෙලි ගස්සවා පොලොස් ගෙඩි කීපයකුත් ඉදුනු අඹ ගෙඩිත් සිරිදාසටම කියා කඩවා දිය යුතුයැයි තමාටම කියා ගත්තාය.
හැමෝම රාත්‍රී ආහාර ගත්තේ සතුටිනි. නමුත් ඒ සතුට තාවකාලිකය, මේ අවුල විසඳන්නේ කොහොමද කියන දැනට පිළිතුරක් නැති ප්‍රශ්නය හැමෝගේම හිත් තුල කැරකැවෙයි.
යමුනා සරෝජනී ගුණවර්ධනමම වැරදිද?
(මේක මට මගේ කලින් පොස්ට් එකක් දැකල දන්නේ නැති කෙනෙක් මට ඉංග්‍රීසියෙන් එවපු කතාවක්. මම සිංහලට දැම්ම. කියන විදියට ඇත්ත කතාවක්, පොඩි පොඩි දේවල් වෙනස් කරලා තියනවලු අනන්‍යතාවය හංගන්න. මම මේක එයා කියන විදියටම කියන්නම්. එයා අන්තිමට අහනවා එයා කරපු දේ වැරදිද කියල.)
මම පවුලේ වැඩිමලා. මම පලවෙනි පාර ඒ ලෙවල් කාගත්ත. නමුත් දෙවැනි පාර ගොඩ. විශ්ව විද්‍යාලේ ගියා. එහෙදි වෙන පීඨයක අපිට වඩා බාල ගැහැණු ළමයෙක් අදුනගත්ත. යාලු උනා. ප්‍රශ්න තිබ්බ, නමුත් පොඩි පොඩි දේවල්. විශ්ව විද්‍යාලේ ඉවර වෙලා මම කලින් එලියට ආව. එයාට (අපි සලනි කියමු) තව අවුරුද්දක් තිබ්බ. මම ජොබ් එකක් කරන්න පටන් ගත්ත. එත් මට තේරුණා මේ ජොබ් එකක් කරා කියල එකෙන් එන අදායමින් මට සහ සලනිට අවශ්‍ය ජීවිතය ගෙනියන්න බැහැ කියල.
සලනි විශ්ව විද්‍යාලෙන් පිට වෙන කාලෙම මට වෙන රටක පස්චාත් උපාධියකට යන්න අවස්ථාව ආව. මේ වෙද්දී ගෙවල් වලිනුත් දැනගන තිබ්බේ අපි ගැන. මම යන්න කලින් දෙමව්පියන්, සලනි හැමෝගෙම කැමත්ත එක්ක අපි දෙන්න විවාහ උනා. විවාහ කීවට ලගම ඥාතීන් දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක රෙජිස්ටර් කරපු එක තමයි කරේ විවාහය.
කොහොමත් මම කරපු උපාධිය අවුරුදු දෙකකින් ඉවර උනා. එතකොට මට ලොකුම ජොබ් එකක් නැතත්, සාමාන්‍ය හොද ජොබ් එකක් හම්බුනා. ඒ අතරේ මම පාර්ට් ටයිම් කරලා හොයාගත්ත සල්ලි වගේකුත් තිබ්බ. අපි සැලසුම් කරලා තිබ්බේ ජොබ් එකත් හම්බුනට පස්සේ සලනිව මෙහාට ගෙන්න ගන්න. එතකොට සලනිට පුළුවන් නේ ටික කාලයක් යනකන් බලල ජොබ් එකක් හොයාගන්න. ජොබ් එකක් හොයාගන්න කන් මගේ ජොබ් එකෙන් හම්බෙන සල්ලි වලින් ඉන්න පුළුවන්නේ.
ජොබ් එක හම්බෙලා මාසෙකින් වගේ සලනිට එන්න කියද්දී, එයාට ලංකාවේ මාස්ටර් උපාධියක් කරන්න ඕනේ කියල රෙජ |
ිස්ටර් වෙලා තිබ්බ. මට කිවේ අන්තිම වෙලාවේ. මම හොයල බැලුව මම ඉන්න රටේ එයාට මාස්ටර් එකක් කරන්න බැරිද කියල, සම්පුරන මුදල හම්බෙන ශිෂ්‍යත්වයක් නැති උනත්, කොටසක් ගෙවන ශිෂ්‍යත්වයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ වගේ පෙනුන. ඉතිරි මුදල මගේ ජොබ් එකෙන් සහ සලනි ඇවිල්ල කරන පාර්ට් ටයිම් වැඩ වලින් කරගන්න බැරි වෙන එකක් නැහැ කියල පෙනුන. ඉතින් මම සලනිට මම ඉන්න රටට එන්න කිව්වා. නමුත් එයා කැමති උනේ ලංකාවේම උපාධිය කරන්න. මම ත් අන්තිමේදී කැමති උනා, මොකද පරක්කු වෙන්නේ අවුරුදු දෙකයි නේ.
ඔය අවුරුදු දෙක මම හිතා ගත්ත හොදටම ඉතිරි කරලා සලනි ආවම හොද රිලැක්ස් ඒකෙ විනෝදෙන් ඉන්න පුළුවන් ගානට සල්ලි හොයනවා කියල. කොහොමත් මම මේ රටේම පදිංචි වෙන්න හිතල තිබ්බේ. මගේ අනිත් යාලුවෝ ට්‍රිප් යද්දී, එක එක විනෝද වැඩ කරද්දී, එක එක අලුත් ෆෝන්, කොම්පියුටර් ගත්දී, මම සල්ලි තිබ්බත් ඉතුරු කරා, එහෙම නැත්නම් ආයෝජනය කරා. සල්ලි අවශ්‍ය නැති උනත් ඔය නිවාඩු දවස් වලට උනත් ඉගන ගන්න කාලේ කරපු පිරිසිදුකිරීම් වගේ පාර්ට් ටයිම් වැඩක් හම්බුනොත් කරා.
මම සල්ලි වියදම් කරනවා නම් කරේ ගෙදර අයට මොනවා හරි ගන්නයි, නැත්නම් සලනිට ඕනේ මොනවා හරි ගන්නයි තමයි.
මම ආව ලංකාවට නිවාඩුවකට. මේ වෙද්දී සලනිගේ උපාධියේ වැඩ එහෙමත් ඉවර වෙන්න ලගට ඇවිල්ල තිබ්බේ. මම ඉවර උන ගමන්ම වගේ සලනිට මගේ ගාවට එන්න පුළුවන් විදියට විසා වැඩ එහෙමත් ඉවර කරගන්න බලාගන ආවේ.
සලනි මමයි කැමති එක එක වනගත පැති වල, එක එක කැලෑ පැති වල එහෙ මෙහෙ යන්න. අපි රවුම් ගහන්න කලින් ඉඳල ප්ලෑන් කරලා තිබ්බේ. නුවර එලිය, බදුල්ල, හැටන් වගේ තැන් තැන් වල කැලෑ අස්සේ රවුම් ගහන්න අපි ප්ලෑන් කරලා ඔය අස්සේ අස්සේ තියන හෝටල් වගයක් එහෙම බුක් කරලා තිබ්බ. සතියක් විතර ලොකු ට්‍රිප් එකක්.
මට ලංකාවේදී පාවිච්චි කරන්න වාහනයක් නැහැනේ. අපිට එහෙ මෙහෙ යන්න සලනිගේ තාත්ත එයාගේ පරණ ජීප් එකක් දුන්න. කොහොමත් කැලෑ පාරවල් වල යන්න නියම වාහනේ එකනේ.
අපි ගමන යන්න පටන් ගත්ත. දවස් දෙකක් අපි ගියා එක එක හෝටල් වල නැවතී නැවතී. මේක අපේ කලින් යන්න බැරි උන හනිමූන් එකක් වගේ උනා. අපි දෙන්නම ඉතාම සතුටෙන් ගියේ. සලනි මමයි මාරුවෙන් මාරුවට එලෙව්වා වාහනේ. තැන තැන තියන පොඩි කඩ වලින් එක එක කෑම කකා සතුටෙන් ගියේ.
මං මේ සැරේ එද්දී සලනිට ටැබ්ලට් කොපියුට්ර් එකක් ගෙනත් දුන්න. අපි එකත් අරගන ගියේ. එක තැනක පොඩි කඩයක් ලග නැවතිලා සලනි ගියා කන්න අරගන එන්න. මම ඊලගට යන්න ඕනේ තැන මැප් එකෙන් බලන්න ටැබ්ලට් එක අරගන බැලුව. බල බල ඉන්නකොට අරකට මැසේජ් එකක් ආව. බලනකොට සලනි එයාගේ ෆෝන් එක ටැබ්ලට් එකට සම්බන්ද කරලා. මම ඒක අයින් කරලා මැප් එක බලන්න යනකොටම බැරිවෙලා අර මැසේජ් එක එබුන.
ඒකෙ තිබ්බේ මම හිතපු නැති දෙයක්. එක පිරිමි කෙනෙක්ගෙන් ඒ පණිවිඩේ ආවේ. මට ඒ පණිවිඩ වල කලින් කතා කරපු දේවල් එක්ක එකපාර පෙනුන. දෙන්නගේ පින්තුර පවා හුවමාරු කරගන තිබ්බ. එතන තිබ්බ වැඩිහිටියන්ට විතරක් සුදුසු වෙන විදියේ පින්තුර පවා.
මට හිතාගන්න බැරි උනා. මම හිතුවේ නැහැ මට එහෙම දෙකට මුහුණ දෙන්න වෙයි කියල.
මම රොබෝ කෙනෙක් වගේ සලනි ආපහු ආවම වාහනේ එලවගන යන්න ගත්ත. මගක් ගිහිල්ල කවුරුවත් නැති තැනක නැවැත්තුව වාහනේ. සලනි මගේ දිහා බලාගන ඉන්නවා. මම ටැබ්ලට් එක අරගන සලනිගෙන් පෙන්නලා ඇහුව මේ මොකද්ද කියල.
සලනි උත්තර දෙන්නේ නැතිව ඉඳල එකපාර අඩන්න ගත්ත. එයා යවපු එවපු ෆොටෝ වල ඉඳල එයාට පෙන්නුවා මම. මට කේන්තිය, දුක, බය හැම එකක්ම දැනෙන්න ගත්ත. මම දන්නේ නෑ මම මොනවා කීවද කරාද කියල.
සලනි පොච්චාරණය කරන්න ගත්ත. මම විශ්ව විද්‍යාලෙන් අයින් වෙන කාලේම වගේ තමයි මෙයාව හම්බෙලා තියෙන්නේ. එයාලගේ පිටයේ කෙනෙක්. නිකන් යාලුවෙක් වගේ හිටියට ටික ටික දෙන්න සමීප වෙලා. මම රට ගියාට පස්සේ තවත් සමීප වෙලා.
මට තේරුණ විදියට අර එකපාරම මාස්ටර් එකක් ලංකාවේ පටන් අරගන තියෙන්නේ මෙයාව දාල යන්න බැරි හන්ද ලංකාවෙන්.
ඒ උනාට සලනි මට අදරෙයිලු. මම නැතිව බැහැලු. මට හොදටම කේන්ති ගිහිල්ල අතේ ඒ තිබ්බ ටැබ්ලට් එක විසික් කරා, වැදුනේ වාහනේ වීදුරුවේ, එක කැඩුන. අපි හොදටම රණ්ඩු උනා. මට මගේ කේන්තිය පාලනය කරගන්න බැරි උනා. මම බැනල බැනල වාහනෙන් බැස්ස.
මට කේන්තිය පාලනය කරගන්න අමාරුයි, දුක ඊට වඩා. මට කරගන්නේ මොනවද කියල හිතාගන්න බැරි උනා. මම නිකන්ම පාර අයිනේ ඉඳගන හිටිය. සලනි එලියට බැහැල ආව මගේ ගාවට. එයත් අඬ අඬ. මට එයා ලගට එනකොට තවත් කේන්තිය වැඩි උනා.
මොනවා කියවුනා ද දන්නේ නෑ, මොනවා හරි කියල ඇතුලට යන්න කියල බැන්න මම. එයා මගේ කටේ සද්දෙට වෙන්න ඇති, බය වෙලා ගියා. මම දන්නේ නෑ කොච්චර වෙලා හිටියද කියල.
ටිකක් වෙලා යද්දී මට ටික ටික මගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් උනා. කේන්තිය එහෙම්ම තියෙද්දී, මාව පාලනය කරගන මම නැගිටලා බැලුව දැන් මොකද කරන්නේ කියල. මට තේරුණා මම දැන් ඉන්නේ තීරණ ගන්න සුදුසු වෙලාවක නෙවෙයි කියල. මම එක හන්ද සලනිව මොනවා උනත් ගෙදර යවන්න ඕනේ. පස්සේ හිත පාලනය කරගත්තම බලන්න ඕනේ මොකද කරන්නේ කියල, මම ඒ වෙලාවේ හිතුව.
මම වාහනේට නැග්ග. සලනි සොරි කියන්න ගත්ත. මට කේන්තියට කිව “තමුසේ කතා කරන්න ඕනේ නෑ. මම දැන් තමුසෙව ගෙදර එක්ක යනවා. හැබැයි මම ටවුන් එකෙන් බැහැල යනවා. ඉතුරු ටික තමුසේ වාහනේ අරන් යනවා.”
තව මොනවා හරි එයා කියන්න හැදුව නමුත් මම කැගැහුව නිසා නැවැත්තුව. ඉතුරු පැය කීපය කිසි කතාවක් නැතුව ආව. එයාලගේ ගෙදරට කිලෝ මිටර් හතක් අටක් ඈත තියන ටවුමේ නැවැත්තුව වාහනේ. නවත්තල එයාලගේ ගෙදරට කෝල් කරා. එයාගේ තාත්තට කෙලින්ම විස්තරේ කිව්වා. කියල මම ටවුමෙන් බැහැල යනවා, සලනි ගෙදර එයි කියල, වැඩි විස්තර සලනිගෙන් දැනගන්න කියල තිබ්බ. ඊට පස්සී පිටිපස්සේ ඇදුම් දාගන ගිය බෑග් එකක තිබ්බ මගේ ඇදුම් ටික, මගේ අනිත් බඩු ටික බෑග් එකකට දාගන මම සලනි අඩ අඩ ඉද්දි බැහැල වාහනේ යතුර එයාට දීල ආව බස් එකක නැගල අපේ ගෙදර.
එන ගමන් අපේ තාත්තටත් කිව්වා.
දවස් දෙකක් තුනක් යනකන් මට කවුරු එක්කවත් කතා කරන්න හිතුනේ නෑ. ඇඳට වෙලා එක දිගට හිටිය.
පස්සේ මටම හිතුන මෙතන එයාගෙම නෙවෙයි වරද කියල. මම එයාට ඕනේ දේවල් නොදුන්නා වෙන්න පුළුවන්. මගෙන් එයා සතුටු නොවුන වෙන්න පුළුවන්. මට වඩා හොද කෙනෙක් වෙන්න ඇති අනිත් කෙනා. අනික හේතුවක් නැතිව මේ වගේ දෙයක් කරන්න හිතන්නේ නැහැනේ කවුරුවත්.
මේ දේවල් මම අම්මයි තාත්තයි එක්ක කතා කරා. ඒ දෙන්න මගේ හිත හැදුව.
මම තීරණය කරා එයාගෙන් වෙන් වෙන්න. මම අපේ මල්ලියි නංගි එක්ක සලනිගේ ගෙදර ගියා. සලනිගේ බඩු වගයක් අපේ ගෙදර තිබ්බ, ඒවා එයාට දීල, මගේ ඇදුම් ටිකක් තිබ්බ ඒවා එයාගෙන් ගන්නයි. තව මම කැඩුව එයාලගේ වාහනේ වීදුරුවට සල්ලි ගෙව්වා.
සලනිගේ අම්මයි තාත්තයි අසරණ වෙලා හිටියේ. සලනි අඩ අඩ හිටිය. සලනිගේ තාත්ත අන්තිම වතාවට එන්න හදද්දී මගෙන් ඇහුව “පුතා ඔයාට හොදටම සුවර් ද ඔය දෙන්නට මේක හදාගන්න බැරිවෙයි කියල” මම කිව්වා “තාත්ත, මම හිතන්නේ බැරි වෙයි” කියල.
ඊට පස්සේ මම කිව්වා අපේ දික්කසාද වැඩ වලට මල්ලි කතා කරයි කියල. මොකද මට තවත් එයාල එක්ක කතා කරන්න බැහැ.
සලනිගේ නම්බර් එක, ෆේස්බුක්, අනිත් ඔක්කොම ඒවා බ්ලොක් කරා මම.
මම නිවාඩුවේ ඉතිරි ටික ගෙදර ම හිටිය. එලියට ගියේ නීතිඥයෙක් හම්බෙන එකට විතරයි.
ඊට පස්සේ මම ආපහු ගියා. දැන් මට වෙනද වගේ සල්ලි ඉතිරි කරන එකක් ඕනේ නෑනේ. මම වෙනද නොකරපු හැම දෙයක්ම කරා. ට්‍රිප් ගියා, හොඳ ෆෝන්, කොම්පියුටර් ගත්ත, එක එක ගැහැණු අයව ආශ්‍රය කරා, කෑවා බීවා.
ඔය අතරේ මට ෆේස් බුක් එකෙන් යාළුකම් අලුත් උනා කට්ටිය එක්ක. සලනිගේ යාලුවෙක් හිටිය, අපි ජානකි කියමු එයාට. එයාව වෙනදට වඩා ලං උනා. එයාට ඔක්කොම මගේ විස්තර කිව. මගේ කරන ඔක්කොම දේවල් එයා දන්නවා. ටික ටික අපි ලං උනා. ජානකිට කලින් පෙම්වතුන් දෙන්නෙක් ඉඳල තියනවා. දෙන්නම යම් යම් හේතු නිසා වෙන් වෙලා.
ඔය අස්සේ කොවිඩ් එකට ලොක් ඩවුන් කරා හැම දිහාවම. වැඩ කරන ඒවත් ගෙදර ඉඳල කරන්න උනා. ඔය අතරේ ජානකි එක්ක මගේ ආදරයක් පටන් ගත්ත. ලංකාවට ඇවිල්ල හම්බෙන්න ඇඟිලි ගැන ගැන හිටිය.
ලොක් ඩවුන් ඉවර කරපු ගමන් මම බොස් ට කියල ලංකාවට යන්න අවසර ගත්ත. ඒ වෙද්දී ගෙදර ඉඳල වැඩ කරන්න පටන් අරගන තිබ්බ හන්ද, ලංකාවේ ඉඳල හරි වැඩ ටික වෙනවා නම් බොස්ට කිසි ගානක් තිබ්බේ නැහැ. මාසයක් විතර ලංකාවේ ඉන්න බලාගන ආව.
මම ලංකාවට ආවම ජනකිව හම්බුනා. පලවෙනි දවසේ හම්බුනේ එයා වැඩ ඇරිලා යනකොට කොපි එකකට වගේ. ඊට පස්සේ වීක් එන්ඩ් ඒකෙ අපි දවසම රවුම් ගහන්න බලාගන ගාල්ලේ ගියා. ඊට පස්සේ ගාල්ලේ ඉඳල එන ගමන් ජනකිලගේ ගෙදර ගිහිල්ල එයාගේ අම්මල උයල තිබ්බ කෑම රෑටත් කාල ආවේ.
සති දෙකක් විතර ඔහොම ගියාම මට තේරුණා ජානකි එක්ක දිග ගමනක් යන්න පුළුවන් කියල. නමුත් ටික ටික ඉස්සරහට ගමන ගෙනියන්න හිතාගත්ත. ජානකි උනත් ඒකට කැමැත්තක් තිබ්බ.
අපි දෙන්න දවසක් ගමනක් ගියා. ගියපුවාම ඉතින් ෆොටෝ එහෙම ගන්නවනේ. මම ගත්ත ෆොටෝ එකක් පලවෙනි වතාවට ෆේස් බුක් දැම්ම. මම වැඩිය හිතන්නේ නැතුව දැම්මේ. ඒකෙ තියෙන්නේ ජානකි මමයි ටිකක් ප්‍රසිද්ද හෝටලේක උඩ තට්ටුවක ඉඳල බදාගන ඉන්න ෆොටෝ එකක්.
ඕක දාපු දවසට පස්සේ දවසේ උදේම මට වට්සැප් කෝල් එකක් එනවා දන්නේ නැති නම්බර් එකකින්. මං උත්තර දුන්න. බලනකොට පුරුදු කටහඩක් එනවා. සලනි!!
“තමුසේ මොන පිස්සෙක්ද ඔයි. තමුසේ ජානකි ව සෙට් කරගත්තේ. උබට හොදක් වෙන්නේ නෑ, මෙච්චර ලෝකේ කෙල්ලෝ ඉද්දි ඔකිවම යාලු කරගත්තේ.......” කියනකොටම මට කියන්න දෙයක් නැතිව මම තිබ්බ ෆෝන් එක. ඒ නම්බර් එක බ්ලොක් කරා.
මම වැරදිද?තමන්ගෙ මට්ටම්
අලුතින් කාර්‍යාලයට ආ නිල්මි ටික දවසකින්ම සියලු දෙනාගේ අවධානයට ලක් වූවාය.හැමදාම ඇය ඇන්දේ ඇඳුම් පැළඳුම් සපත්තු බෑග් ආදිය එකිනෙකට හොඳින් ගැලපෙන ලෙසය.ඒ එකක්වත් බාල හෝ ලාබ ඒවා නොවන බව කාර්‍යාලයේ විලාසිතා රැජිණියෝ ද තහවුරු කළහ.ඇය කාර්‍යාලයෙන් පිට වන්නට පෙර හැඩ වැඩ වනු දුටු කෙනෙක් ඒ ආයිත්තම් ද ඉහළම පෙළේ ඒවා බව සහතික කළේය.
"කොහෙන්ද නිල්මි ඔයා ඇඳුම්, ඇක් |
සසරීස් ගන්නෙ.මේ පැත්තෙ ශොප් එකකින් නම් වෙන්න බෑ." ඇයගේ මේසයට අල්ලපු මේසයේ සිටි නදීකා බොහෝ දෙනෙක් වෙනුවෙන් ඇසුවාය.
"හස්බන්ඩ් ඔන්ලයින් ඕඩර් කරන ඒවා අනේ මේ.කොහෙන්ද කීයද කියලවත් මම දන්නෙ නෑ.ගෙදරටම පාර්සල් එකක් ගෙනත් දෙනකොට තමා මම දන්නෙ"ඇය සිනා සී කීවාය.
"ෂා……… නියමයි ඔයාගෙ හස්බන්ඩ්. ලකී ගර්ල් ඔයා නං" නදීකා පිළිතුරු දුන්නාය.
"හස්බන්ඩ්ට හොඳ තේරීමක් තියෙනවා වගේ.ඔයාට හරියටම මැච් වෙනවා එයාගෙ සිලෙක්ශන්." අසල සිටි තවත් කෙනෙක් කීවේය.
"නැතුව නැතුව.ඒකනෙ එයා මාවත් තේරුවෙ."නිල්මි නැවත සිනාසුනාය.
නිල්මි ඇඳගෙන ආ සමහර ඇඳුම්, පැළඳුම් අන්තර්ජාලයේ විකුණන්නට තිබූ බව දැකීමෙන් ඇය කියන්නේ බොරු නොවන බව සනාථ විය.ඒවායේ ගණන් ද ඉතා ඉහළ විය.
දිනක් උදේ කාර්‍යාලයට රතු රෝස මල් පොකුරක් ද අයිසින් කේක් ගෙඩියක් ද ලැබී තිබුනේය.පණිවිඩකරු කියා තිබුනේ ඒවා නිල්මි මිස්ට බවය.තෑග්ග දුටු නිල්මි රෝස මලටත් වඩා රතු වූවාය.
"අද අපේ ඇනිවසරි එක.මං හිතුවෙ පසන්ට අමතක වෙලා කියල. හානේ .... මං ආසම තීම් එකට කේක් එක හදවල තියෙන්නෙ"ඇය උතුරා යන සතුටින් කීවාය.
"සමයං.ගෙදර ඉන්න කෙනාට තෑගි එවන්න ඕනද ඔෆිස් එකට. රටට පේන්න"
"ඕව කරයි බැඳපු අළුත නම්. පස්සෙ පස්සෙ බලමුකො"
නිල්මි සැමියා සමග තෑග්ග ගැන කියමින් දුරකථනයෙන් හුරතල් වෙද්දී කීප දෙනෙක්ම මුණු මුණු හඬින් කතා වූහ.
නදීකාට තම සැමියා සම්පත් සිහි විය. විවාහ සංවත්සර තියා ඔහුට තමන්ගේ ම උපන් දිනය පවා අමතකය.ඔහු හා ඇඳුම් ගන්නට ගිය මතකය අවුරුදු ගානක් එහාට දිව යයි.එදා ද ඔහු කීවේ ඇය තෝරන හැම එක ම "ඔව් හොඳයි, ඔයාට ඕන නම් ගන්න" ආදී දෙයක් පමණි.නදීකාට තමා ගැනම දුක හිතී තනිව හීල්ලුනේය.දිග සති අන්තයක් තිබුනොත් නිල්මි ගෙදර රැඳුනේම නැත.ඔවුන් දෙදෙනාට යහලු යෙහෙළියන් බුරුතු පිටින් ඇති නිසා ඒ කවුරු හෝ සමග විනෝද චාරිකා, පාටි ඉවරයක් නැත.දිග සති අන්තයක් අවසන් වූ වහාම ඇගේ ෆේස්බුක් ගිණුම ෆොටෝ රාශියකින් වැසී යයි.
"පින් කළ මිනිස්සු තමා...."නදීකා තමන්ටම කියා ගනියි.
සිකුරාදාත් නිවාඩු වන සති අන්තයක් ඉදිරියට තිබියදී නිල්මි බදාදා සේවයට ආවේ නැත.දවල් වෙද්දී අසනීප බව දැනුම් දී තිබුනි.
"බොරු ලෙඩක් ද දන්නෙ නෑ ට්‍රිප් එකක් වත් යන්න දාගෙන" කාගෙදෝ කටින් පිට වුනේය.
"ඇත්තටම නිල්මි ලෙඩ වෙලා තමයි නදී...."පසුවදා සරෝජි කියාගෙන ආවාය.
"කොහොමද දන්නෙ?"
"එයාට බාර දීල තියෙන රිපෝට් එකක විස්තරයක් අහන්න මං ඊයෙ රෑ කෝල් කළා.හොස්පිටල් එකෙන් ආවා විතරලු. හරි අමාරුවෙන් උත්තර දුන්නෙ."
"ඇයි මක් වෙලාද?"
"බඩේ අජීර්ණයක්ලු.වමනෙ යනවලු පෙරේදා රෑ ඉඳන්.හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියලු දවසක්ම"
"බලන්න යන්න වෙයි නේද එහෙනම්" මෙතෙක් ඒ ගැන වැඩි උනන්දුවකින් අසා නොසිටි නදීකා වහා ඇසුවාය.
"ඒකම තමා මමත් හිතුවෙ.... විස්තර දැන ගෙනත් නොගිහින් හොඳ නෑනෙ. අපේ පියන් දන්නවා කිව්ව ගෙවල් තියෙන තැන"
සිකුරාදා උදේ වරුවේ දෙදෙනා නිල්මිගේ නිවස සොයාගෙන ගියහ.දොරේ සීනුව නාද කළ විට දොර ඇරියේ මැදිවියේ කාන්තාවකි. වැරදුනාවත් දැයි සිතා අඩියක් පස්සට තිබ්බත් නදීකා නොදැනුවත්වම "මේ නිල්මිගෙ ගෙදර ද?"ඇසුවාය.
"ආ....ඔව් මේ මිස්ලා නිල්මි මිස්ගෙ ඔෆිස් එකෙන්ද?"
කාන්තාව ඇසුයෙන් දෙදෙනාට හුස්ම වැටුණේය.
"ඔව්...අපි එක ඔෆිස් එකේ"
"එන්න මිස් එහෙනං"ඒ කාන්තාව ඔවුන් ව සාලයේ ඉන්දවා ගෙතුලට ගියාය.
ටිකකින් ඔවුන් ඉදිරියට ඒ කාන්තාවට වාරු වී ආවේ කලින් සිටි නිල්මිගේ රේඛා සටහනකි.මේ දැන් උඩින් මත්තෙන් පීරා ගත් කොන්ඩය අවුල් ගොඩකි. ඇස් යට ගිලී කම්මුල් සුදුමැලි වී ඇත.ඇය ඇවිදිනවා නොවේ විසි වෙනවා වගේය.
"අනේ ඔයාලද?"ඇය අමාරුවෙන් වචන ගැට ගැහුවාය.
"ඔයාට හොඳටම අමාරු වෙලා නේද?"
හිතුවාටත් වඩා අමාරු තත්ත්වයක් දුටු දෙදෙනා පුදුම වූහ.
"මොකද වුණේ?"
"අනේ මන්දා....ඩිනර් අවුට් එකකට ගියා අපි දෙන්නා.ඒ කාපු මොකක් හරි කියල ඩොක්ට කිව්වෙ.රෑ එලි වෙනකල් වමනෙ ගියා.හොස්පිටල් ගියාම සේලයිනුත් දුන්නා. හවස තමා ටිකට් කැපුවෙ"ඇය අමාරුවෙන් නවත්ව නවත්වා කීවාය.
"දැන් අඩු ද"
"වමනෙ නම් නැවතුණා.කන්න බෑ අප්පිරියයි.ඇඟටත් පණ නෑ"
"කෝ හස්බන්ඩ්...උයනවාද?" සරෝජි ඇසුවේ මේ ගමනේ එක අරමුණක් වූයේ මේ තරම් ආදරණීය සැමියා දැක ගැනීමටත් වූ නිසාය.
"එයාලගෙ ඉස්කෝලෙ යාලුවෙක් රට ඉඳන් ඇවිත්.ඉස්කෝලෙ සෙට් එකම යාල කෑම්පින් එකක් දාගෙන ඉරිදා වෙනකල්."
නදීකාත් සරෝජිත් බැලුවේ කන් අදහා ගත නොහැකිවය.
"ඔයාට මෙහෙම වෙලා තියෙද්දිත් එයා ට්‍රිප් ගියා ද?"
" අල්ලපු ගෙදර ඇන්ටි ගෙනත් නවත්තලා ඊයෙ හවසම ගියා තව යාලුවො දෙන්නෙක් එකතු කර ගන්න. කාලෙකින් සෙට් වෙන යාලුවොනෙ."
නදීකාට මහා හුස්මක් හෙලුනේය.
සම්පත් තමන්ට අසනීපයක් හැදුනොත් බේත් ටිකත් වතුර වීදුරුවත් අතටම දී බොනකල් බලා ඉන්නා, තමන්ගේ හෙදකම් කරනා හැටි සිහි වී දෑසට කඳුළු උනා ආවේය.
"අම්මෝ.....ඔන්ලයින් ඇඳුම්, සප්‍රයිස් තෑගි නැතුවට කමක් නෑ. මගේ හබියා රත්තරං"
නදීකා හිත හිතා ආ දේ සරෝජි කීවේ ඒ ගෙදරින් පිට වී මහ පාරට එන අතරය.
"හැබැයි ඉතිං මිනිස්සු එක එක විදියයිනේ.ඒ ඒ නෝනලාට ඒ ඒ හස්බන්ඩ්ලා.නිල්මිට හරි යන කෙනා එයාට ලැබුණා. අපිට හරි යන අය අපිට ලැබුණා.එක්කො ලැබුණ කෙනාට හරි යන්න නෝනලා මහත්තුරු හැඩ ගැහිලා. ඒකටනෙ කසාදෙ කියන්නෙ "
සරෝජිගෙන් ද සමු ගෙන ගෙදර එද්දී නදීකාට නැවත සිතුණේය.
කෙසේ වෙතත් ඇය පොළෙන් තිබ්බටු මල්ලක් මිල දී ගත්තේ සම්පත් ආසාම තිබ්බටු මැල්ලුමක් කාලෙකින් හදා දෙන්න සිතමිනි.
------------Shanika Tennakoon-----------------------තටු බිඳුන සමනල්ලු.........
හාත්පස සිසාරා ඝණව පැතිර ඇති මීදුම් පටලය ප්‍රධාන ලාම්පුවේ එළිය දිගේ අපූරුවට පැතිර ඇත. . වීදි ලාම්පු සහ නියොන් එළි අතරින් දියාරුවන මිහිදුම් පටලය අළුයම් කාලයේ ගමේ වෙල් පාවුල ගස් ගොම්මන සිහියට නංවයි. අවිනිශ්චිතාව රජයන සිතක සිතිවිලි ඉබාගාතේ ඇවිදිනවා. ඔව්, ඉබාගාතේ.....අරමුණතක් නැති ඉසව්වක ඉබාගාතේ සැරිසරනවා. නිශ්චිත තොටුපොලක් නොමැතිවම උකටලීව ගිමන් හරිනවා.
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා
"මිලී ඔය සිංදුව පොඩ්ඩක් වැඩි කරන්න පුළුවනි ද? " ඉතා අසීරුවෙන් හඬ අවදි කල විනූ ඉතා බැගෑපත් ස්වරයෙන් ඉල්ලා සිටියා ය. අවසන් ස්වරය ඇගේ මුවින් නික්මෙනවාත් සමග ක්‍රියාත්මක වූ විදූෂි , "ඉන්න මම වැඩි කරන්නම් කියමින් සීඩී ප්ලේයරය ඉදිරියට බර වූවා ය.
"ඔයත් මේ සිංදුවට කැමතිද?, මිලීගෙ නම් කටේ තියෙන්නෙම ඔය සිංදුවමයි"
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.......
සෝමතිලක ජයමහගේ මෙම ගීය මගේ ප්‍රියතම ගීය බවට පත් වූයේ මීට දශකට පෙර ය. දරිද්‍රතාවයේ උපරිම අඩියේ සිටි කාලයේදී මා හට ගීත ඇසීමේ වරප්‍රසාදය හිමි වූයේ බස් රථයක හෝ ලොතරැයි කූඩුවක් අසබඩදී පමණි.එහෙත් ඉන් පසු විනූගේ ජංගම දුරකතනයේ පිහිටෙන් කුඩා කල මග හල ඇරියස් සිහින බොහෝමයක කිමිදීමේ වරය හිමි වුණි.
"මිලී ඕපීඩී එක ඉස්සරහින් අපිව දාලා ඔයා කාර් එක පාක් කරලා එන්න. මම වැඩ ටික කරලා අක්කව ගෙනියන්නම්"
විදූෂිගේ මේ කරුණාබර හදවත රාත්තල් කීයක් බර දැයි නිතරම ඇගෙන් මම විමසනවා. ඒ සැම විටම ඇය සිය නළ දත් විදා සිනා සුනා මිස වචනයකුදු හෝ නොදෙඩීමය. කාරය නවත්වනවාත් සමග ජංගම තිරයේ දිසු වුනේ 18 වාට්ටුවට එන්න කියන කෙටි පණිවුඩයයි. වාට්ටුවට යාමට පෙර පැකට්ටුවේ ඉතිරිව ඇති අවසන් සිගරට්ටුව දල්වා, ඉන් උගුරු කිහිපයක් ඇද මනස සන්සුන් කර ගැනීමට ගත් අසාර්ථක උත්සාහය නිරර්ථක මෙහෙයුමක් බව මට අවබෝධ වුනි. එනිසා අඩක් දැල්වුන සිගරට් කොටය අතැර දමා රෝහලේ ප්‍රධාන පිවිසුම වෙත පියමන් කිරීමට තීරණය කළෙමි.
"මහත්තයා කොහාටද යන්නේ? " කියමින් ආරක්ෂක නිළධාරයෙක් මා අසලට පැමිණියේ ය. ඔහුට පිළිතුරු දීමට මත්තෙන් මා අතින් සිදු වීමට ගිය අතපසු වීම එක් වරම අවබෝධ වුණි.
"අනේ මල්ලි මම ලෙඩෙක් ගෙනාවා , එයාගෙ බඩු ටික ගෙනියන්න ගියේ. හොඳ වෙලාවට ඔයා කතා කළේ . මම ගිහින් ගෙනෙන්නම් කියමින් ඔහු පසු කර නැවතත් රථ ගාල වෙත ඇදුනෙමි. දැඩි ලෙස ගිළන් ව සිටිය ද විනූගේ ඉව තවමත් තීව්‍රව ඇති හෙයින් වාට්ටුවට යෑමට පෙර කට හොඳින් සොදා ගත්තෙමි.
විනූගේ බඩු බාහිරාදිය සියල්ල සූදානම් වුයේ විදූෂි අතිනි. එනිසා ඒ සියල්ල පිළිවලින් එළියට ගැනීමට ඇය ක්‍රියා කලා ය.
"මිලී, ඔයා උදේ එනකොට මගෙ ටූත් බ්‍රෂ් එක මතක් කරලා ගෙනෙනවද? මට ඒක අමතකම වුනානේ. ඔයාට මම කියපු දේ අහුන ද? "
"ආ ....හරි මම ගෙනෙනම්. විනූ මම යනවා කියමින් ඇගේ හිස අත ගාන මොහොකත් දී කඩා වැදීමට පොරබදන කඳුළු බිඳු කිහිපයක් ඇගේ ඇස අග යහුසුළුව මෝදු වෙමින් පැවතුනි. එවා තව දුරටත් බර වීමට නොදී සමබරව පවත්වා ගැනීමට මෙවර ද ඉදිරිපත් වූයේ විදූෂිය.
" හරි හරි , හෙට අපි අපහු යනවනේ, දැන් නිදා ගන්න. මිලී පරිස්සමින් ගිහින් කෝල් එකක් දෙන්න"
හැකි ඉක්මනින් රෝහල් පරිශ්‍රයෙන් පිට වී යාම මගේ ද එකම අරමුණ විය. එනිසා හැකි තරම් දුරට දිගු අඩි තබමින් රථ ගාල වෙත පිය නැගුවෙමි.
පදවිය වැනි හද්දා පිටිසර ගමකින් කොළඹට පැමිණීමත් ඉන් පසු යුරෝපා රටකට පිටත් වීමත් අතර දශක භාගයක කාලය මගේ ජීවිතයේ නොවූ විරූ වෙනසකම් රාශියක් ඇති කලා. කෙටියෙන්ම , හද්දා ඩොටේ ගම් වැද්දෙක් මි කඩන්න කැළයට නොගොස් නගරයකට ප්‍රවේශ වූ ආකාරයට මගේ ජීවිතය ද නාගරීකරණය වුනා. යාන්තමට ඉංග්‍රීසි බස හැිසිරවීමේ සමත්කම නිසා ලීසිං සමාගමක අළෙවි විධායකවරයෙකු ලෙස කොළඹ රටේ මම මගේ රැකියා ජීවිතයට මුල් පොත් තැබුවා. රැකියා ස්ථානයේ මගේ ගොඩේ ගතිය හා පෑහීමේ ප්‍රියතාවක් දැක්වූ එකම යුවතිය වූයේ මානව සම්පත් කළමණාකරිනියක වූ විනූ නම් රුවැත්තියයි. ඇය මා කෙරේ දැක්වූ ලෙංගතුකම තුල මුලින් ම පැවතියේ මාගේ සාර්ථකත්වය පිළිබඳ ඇගේ අපේක්ෂාවේ සෙවනැල්ලයි. ඇගේ ලෙංගතුකම කාලානුරූපීව ආදරයක් දක්වා ප්‍රතිනිර්මාණය වීමට අවුරුදු තුනක් තරම් දීර්ඝ කාලයක් ගත වූවා යැයි පැවසුවොත් ඔබ එය විශ්වාස කරන්නේම නැත.
නිවසට නොයා මේ සිදුවීම් සමුදාය මෙනෙහි කරීම අතිශයින්ම ප්‍රියජන |
ක කටයුත්තක් බැවින් තව ටික මොහොතක් මෙහිම රැඳී සිටිය යුතු යැයි නිගමනයට පිවිසුනෙමි. කෙසේ හෝ සඟවා තිබූ දුම්වැටි කිහිපයක් සොයාගත් බැවින්, මගේ කාර්යය තවත් පහසු වනු පෙනී ගියේ ය.
විනූ කොළඹ හැදී වැඩුන ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක බාල දියනිය යි. ඇය කුඩා කල සිටම සැපදායී ජීවිතයකට උරුමකම් කීවා ය. ඇගේ දෑත මල් පෙති තරම් ම සුසිනිදු ය, නිමල ය. ඇගේ දෑත ගත් සැම මොහොතකම මට සිතුනේ කරගැට පිරි මගේ ගොරහැඩි අතට ඒ දෙඅත සීරේවි දෝ කියා ය. අපේ සම්බන්ධය ගැන දැනගත් පසු ඇගේ පියතුමන් වන ක්‍රිස්ටි අංකල් මා හමු වීමට පැමිණියා. ඉන් පසු අප දෙදෙන බීර බෝතල් කිහිපයක් හිස් කරමින් ඉතා සුහදශීලී කතිකාවක නිරත වුනා. මේ කතිකාව පැය හතරකට ආසන්න කාලයක් පැවතියා. සාකච්ඡාව අතරතුර කිසිදු හිත් රිදුමක් ඇති නොවන ලෙස කතා කිරීමට දෙදෙනාම පරිස්සම් වුනා
ක්‍රිස්ටි අංකල්ගේ ව්‍යාපාරික පැලැන්තියේ මාලිගය අද්දර, මගේ දෑතට බිඳ නොහැකි තරමේ සවිමත් මුර කපොල්ලක් ඉදිව තිබුනා. ඒ අසළ රැඳී සිටියේ එවක කර්මාන්ත ඇමතිවරයාගේ ජ්‍යේෂ්ඨ පුත්‍ර රත්නය වන ආමන්ත සල්ගාදු නම් වත්මන් බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයාය. ඒ අවසරයෙන් ක්‍රිස්ටි අංකල්ගේ ව්‍යාපාරික අභිප්‍රායන් වෙත ළඟා විය හැකි සරළම මාර්ගයට ඔහු අවතීර්ණ වී සිටියා.
ක්‍රිස්ටි අංකල්ගේ දිගු කාලීන සැළැස්ම විනාශ කිරීමේ කිසිදු වුවමනාවක් මාහට නොතිබුනි. එනිසා ඔහුගේ බසට අවනත නොවීමේ අවශ්‍යතාවයක් මට නොවීය. ගම් වහරේදී බත් ඇති තැනටමයි කොස් කියලා කතාවක් තිබෙන්නේද මේ නිසා වන්නට ඇත. මැදියම් රාත්‍රිය එළඹීමත් සමග ක්‍රිස්ටි අංකල් මාව නවාතැන්පොලට ගෙනත් දැම්මා. සමුගන්නා මොහොතේදී ඔහු මාව බදාගෙන රහසේම ඉකි බින්දා. මේ කතා බහ විනූට පැහැදිළි කිරීම සිතූ තරම් අපහසු වුයේ නැහැ. ඇයටද ක්‍රිස්ටි අංකල්ට විරුද්ධ වීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවට ඇගේ කතා බහ තුළින් පැහැදිළි විය.
අවසාන දුම්වැටියේ අවසන් මිලි මීටරයේ දැවුන ගිණි පුළිඟුවේ ආලෝකය වඩා දීප්තිමත් පැහැයෙන් දිස් වූ නමුදු දෙතොල මතින් මුව තුලට ඇදි දුම් වළාව සියොළඟ දැවී අළු කර දැමුවා . ඒ අවසරයෙන් අතීතාවර්ජන සම්භෝගය සුරාන්තය වෙත කෙමෙන් ළඟා වෙමින් පැවතුනා. හදිසියට උනා දැමූ කාලයේ සළු පිළි තැන තැන විසිර තිබූනා. පහසින් උද්දීපනය වී වෙහෙසින් අවසන් වූ හැඟුම් සමුදායට තව දුරටත් විළි බිය ගැන තැකීමක් නොවීය.
ක්‍රිස්ටි අංකල්ගේ නික්මීමෙන් පසු මා සිතේ ශේෂ වූ හැඟීම වූයේ " උඹ කොහොම හරි ක්ලාසි මිනිහෙක් වෙයන්, මේ ගෙන්දගම් බිමේ තව දුරටත් නැහෙන එක උඹට නොවටී. එනිසා මේ බිමෙන් චුත වෙයන්. ඔව් හැකි ඉක්මනට චුත වෙයන්" . ඔව් ඒවා ඒ ආකාරයට සිදු වුනා. එක් වැහිබර දිනයක සවස ක්‍රිස්ටි අංකල් නැවතත් මා මුන ගැසීමට පැමිණියා. ඔහුගේ පැමිණීමේ අර්ථය ගැන පුර්ව නිගමනයක් ගැනීමට ප්‍රමාණවත් සාක්ෂියක් ඔහු අත රැඳී තිබුනි. එය ශ්වෙත වර්ණයට පරපුරක ආඩ්‍යය මුසු කල මංගල ඇරයුමකි. මා පදවියේ හැදී වැඩුන ගොං බයියකු වුව ද මේ වන විට කොළඹ රටේ සංස්කාරයන් ද මැනවින් වටහා ගෙන තිබුනි. මංගල ඇරයුම්පතේ සඳහන් දිනයට පෙර දින සවස 4.50 ට ඔස්ට්‍රියාවේ වියානා නුවර බලා නික්මෙන ගුවන් යානයේ අසුනක් මා එන තුරු බලා සිටියා. කරුණු කාරණා ක්‍රිස්ටි අංකල්ට පහදා දී ඔහුට සමුදීමට සිතා ගත්තා.
"අංකල් ගම් පෙරළිය කියවලා තියෙනවද?"
"පුතා මාව එච්චර පහතට දමන්න එපා. පුතා කියන්න යන්නෙ මමත් ,උන්ට කවුද හිර දෙන්නෙ කියලා හිතලා පුතාව මග හැරියා කියලා නේද? ඒක එහෙම නෙවෙයි" මේ ප්‍රකාශ තුලින් වින්දනයක් මුසු කම්පනයක් මා වෙතට පැමිණියද එය ක්‍රිස්ටි අංකල්ට නොදැනෙන සේ හඬ අවදි කලෙමි. "නෑ අංකල්, අංකල් කයිසාරුවත්තේ මුහන්දිරම්, ඒ ගේම හරියට ප්ලේ කලේ නැහැ. මම කියන්න ගියේ අංකල් හරියටම ඒක කලා කියලා" මේ වාග් ප්‍රහාරයෙන් වික්ෂිප්තව මා දෙස බලා සිටි ඔහු, තව කිසිවක් නොදොඩා ම එතැනින් නික්ම ගියේ ය.
වසර පහක විදෙස් ජීවිත පෙරළියෙන් පසු මාස දෙකක නිවාඩුවක් සඳහා නැවත ලංකාවට පැමිණියේ පසුගිය ඔක්තොබර් දෙවැනිදා ය.තෛරොක්සීන් පෙති කිහිපයක් ගැනීමට පාමසියට ගොඩ වූ මොහොතේදී ක්‍රිස්ටි අංකල්ගේ රුව නැවතත් මා දෙනෙතට හසු විය.
"ක්‍රිස්ටි අංකල් , මාව මතකද?"
"අනේ පුතේ ඔයාව මට අමතක වෙන්න මම මැරිලා ඉපදිලා යැ, ඉතිං පුතේ කවද්ද අවේ?"
"මම දෙවැනිදා ආවෙ අංකල්,ඒක නෙවෙයි අංකල් විනූ එහෙම කොහොමද? "
වියළි මුව දෙපසට සොලවා අපහසුවෙන් ඉනූ කෙළ බිඳක් ගිල දමමින් ඔහු තම හඬ අවදි කළේ ය. "පුතා , විනූට ලියුකේමියා හැදිලා. ඉන්නෙ අපේ ගෙදර. එයාට තමයි මේ බෙහෙත්. දැන් ඉන්නෙ අවසාන අදියරේ"
එක් වරම මා වෙත එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ මාගේ මුළු ශරීරයම හිරි වැටී දරදඬු විය. " අංකල් යන්න, මම ඒනනම් විනුව බලන්න" කියම්න් ඔහුට සමු දී කාරය වෙත පිය නැගුවෙමි. මුහුන මත ඇති කළු වළාවේ අඳුර අවබෝධ කරගත් විදූෂි , "ඇයි මිලී ප්‍රශ්ණයක්ද? " යි විමසුවාය. "විනූට ලියුකේමියා හැදිලා අමාරුයි ලු, මට ක්‍රිස්ටි අංකල් කිව්වේ" "මිලී , මේ ගමන අපි හෙට යමු . අපි දැන් විනූ බලන්න යමු" ඒ අවසරයෙන් කාරය ක්‍රිස්ටි අංකල්ගෙ නිවස බලා ධාවනය විය. ඔහුගේ නිවසට ඇතුළුවන විට විනූ රෝද පුටුවක පොතක් බලමින් උන්නාය. ඇගේ දෑසේ පෙර පැවති කාන්තිය තව දුරටත් එහි නොවීය. සේද ඇතිරිල්ලක් වන් නීල වර්ණ කියඹු ලතා වැල් තව දුරටත් ඇගේ සිරස වසා නොතිබින. මුහුනේ ප්‍රමාණය ඉක්මවා නිර්මිත උපැස් යුවල ඇය තව තවත් විරූපී භාවයට පත් කර ඇත. පොත පසෙක තැබූ ඇය මා සමග කතා කලේ වචන තුනක් පමණි. "මිලී කොහොමද ඔයාට?" ඉන් පසුව ඇය සමග දොඩමළු වූයේ විදූෂි ය. සිතිවිලි වචන වලට පෙරළිය නොහැකි නිමේෂයක විදූෂි සිදු කරන මෙහෙය සැබැවින්ම විශිෂ්ඨය.
"විනූ අපි තව මාස එකහමාරක් විතර ඉන්නවා. යමුද අපිත් එක්ක. මම යනකම් ඔයත් එක්ක ඉන්නම්" විනූගෙන් සමුගැනීමට මොහොතකට පෙර විදූෂි මතු කල පැනය සියල්ලෝම නිහඬතාවයේ පතුලටම ඇද දැම්මේ ය. ඇය කිසිත් නොකියා විදූෂිගේ අතේ එල්ලී සිටියා පමණි. විදූෂි කෙතරම් පරිත්‍යාගශීලි ගැහැනියක්ද?, ඇයට මෙතරම් උතුම් ගුණාංග උරුම වූයේ කෙලෙසද? මේ ප්‍රශ්ණ වලට දිය හැකි විසඳුම් මා සතුව නැත. එතැන් සිට විනූගෙ බඩු බාහිරාදිය ද බෙහෙත් ආදිී සියල්ල ද අසුරා ගත්තේ විදූෂිය. ඇය නිතරම පවසන්නේ අපි අපේ උපරිමය දෙන්න ඕන අන් අයගේ සතුට වෙනුවෙන් මිස අපේ සතුට වෙනුවෙන් නොවන බවය. විනූ රෝහලට ගෙන යාම, ඇය අසල රැඳී සිට උපකාර කිරීම ආදී සෑම කටයුත්තක්ම විනූ සිදු කලේ ඉමහත් ආශාවකින් ය. අද විනූට ඇති වූ ස්වසන අපහසුතාව මුලින්ම හඳුනා ගත්තේ ද විදූෂි ය. ගත වූ දෙසතිය , රෝගී වූ පසුව විනූ ගත කල ප්‍රීතිමත්ම කාලය බව ඇය විදූෂිට නිතර පැවසුවා ය.
මේ සිතිවිලි චිත්‍රපටයේ විවේක කාලය වෙත කෙමෙන් පිය නගා තිබුනෙමි. නිිවස ඉදිරියේ මා එනතුරු අමුත්තෙක් රැඳී සිටියේ ය. ඒ අන් කිසිවෙක් නොව ක්‍රිස්ට් අංකල් ය. වාහනය මිදුලේ නවත්වනවාත් සමග ඔහු මා ඉදිරියේ පෙනී සිටියේය. වෙනදා ඔහු කෙරෙන් දිස් වූ සිනා මුසු මුහුන වෙනුවට ඔහුගේ මුහුන තුල තිබුනේ අඳුරු සහ බැරෑරුම් මුහුනකි. එක් වරම ඔහු මගේ උරහිසට වත්තම් වී පොඩි එකෙකු මෙන් ඉකි බිඳීම ඇරඹුවේය. ඔහුගේ හැඬුම තව තවත් තීව්‍ර වූවා මිස අඩුවන පාටක් පෙනෙන්න නොතිබුනි. මෙලෙස ගත කල කාලය කෙතෙක් දැයි අවබෝධයක් මා හට නොවීය. මේ අතරතුර මගේ ජංගම දුරකතනයට විදූෂිගෙන් කෙටි පණිවුඩ දෙකක් ගලා ආවේය.
"පුතේ අපි යමු හොස්පිටල් එකට"
ඔහු පැවසුවේ එපමණකි.ඈත කොහේ හෝ මණ්ඩියක ඉකි බිඳින උලමෙකුගේ හඬ මගේ දෙකන් දෙදරා දෝන්කාර දුන්නේ ය.
නිමි.
Iඅයිෆල් කුළුණ
🗼අයිෆල් කුළුණ නිර්මාණය වූයේ ඇයි?
1789 දී ඇතිවුණු ප්‍රංශ විප්ලවය මුළු මහත් යුරෝපයේම අවධානය ලබාගත් හා ලෝක දේශපාලන සංකල්ප හා වින්තනයන් වෙනතකට හැරවීමට ප්‍රධාන වූ මානව ඉතිහාසයේ වැදගත් සන්ධිස්තානයක් වෙනවා. එය හදිසියේ ඇතිවූ විප්ලවයකට වඩා කාලයක් තිස්සේ ක්‍රමයෙන් වැඩී ආ කරුණු වලින් ඇතිවූ සංසිද්ධියක් ලෙස හැදින්වීම ඉතා නිවැරදියි.
ප්‍රංශ විප්ලවයට වසර 100ක් පිරීම හේතුවෙන් 1889 දී ප්‍රංශය “World’s Fair” නම් ප්‍රදර්ශනයක් සංවිධානය කරනවා. ප්‍රදර්ශනයට සමගාමීව ලොව උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට ප්‍රංශ රජයට අවශ්‍ය වුනා. මෙහි ඇතුල් වීමේ දොරටුව ලෙසයි කුළුණ යොදා ගැනීමට තීරණය වන්නේ.
නොයෙකුත් කුළුණු නිර්මාණ සැලසුම් සියයකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර මේවා අතරින් ‘අයිෆල් කුළුණ’ සැලසුම රජය විසින් තෝරා ගන්නවා.
🗼අයිෆල් කුළුණ කාගේ නිර්මාණයක්ද?
රජය විසින් කුළුණු සැලසුම් අවශ්‍යබව නිවේදනය කල පසුව එරට ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් සියල්ලම පාහේ තමන්ගේ සැලසුම් ඉදිරිපත් කරනවා. ඇලෙක්සැන්ඩර් ජි. අයිෆල් නම් ප්‍රංශ ජාතික නිර්මාණ ශිල්පියා ඒ අතරින් කෙනෙක්.
ඔහු විසින් පෘතුගාලයේ ඩෝරා නම් ගංගාව හරහා ඉදි කරන ලද අඩි 350ක් දිග පාලමද, ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සඳහා සකස් කරන ලද විධිමත් සැකිල්ලද හේතුවෙන් මේ කාලය වන විට ඇලෙක්සැන්ඩර් ජි අයිෆල් කියන්නේ යුරෝපයේ මෙන්ම අනෙක් රටවලත් ප්‍රසිද්ධියක් ලැබූ නිර්මාණ ශිල්පියෙක්.
මෙහි දළ සැකසුම නිර්මාණය කිරීමට එවකට ඔහුට අයත්ව තිබු සමාගමේ ඉංජිනේරුවන් දෙදෙනෙකු වූ Maurice Koechlin හා Emile Nouguier ගේ සහය ලැබෙනවා.
තමන්ගේ සැළසුම රජය විසින් තෝරා ගනු ලැබුවත් ඉන් පසුව ඔහුට එය ඉදිකිරීමට ප්‍රථම විශාල අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවෙනවා.
පැරිස් නගරය මැද කුළුණ නිර්මාණය කිරීම සඳහා ඇලෙක්සැන්ඩර් විසින් ඇස්තමේන්තු කරන ලද මුදල් ප්‍රමාණය වන්නේ ප්‍රංශ ප්‍රෑන්ක් ලක්ෂ 65ක්. නමුත් රජය විසින් ඔහුට අත්තිකාරම් ලෙස ගෙවීමට එකඟ වන්නේ ප්‍රෑන්ක් ලක්ෂ 15ක් පමණයි.
ඉතිරි මුදල නිර්මාණකරු විසින් සොයා ගත යුතු බව දන්වන රජය පසුව ප්‍රකාශ කරන්නේ කුළුණ ඉදිකිරිම සාර්ථක වුවහොත් එය නැරඹීමට පැමිණෙන ජනයාට නිකුත් කරන ප්‍රවේශපත්‍ර වලින් ලබා ගන්නා මුදලින් ඉතිරිය ගෙවන බවයි. මෙම යෝජනාව ඇලෙක්සැන්ඩර් අයිෆල් බලාපොරුත්තු නොවූ අභියෝගයක් විය.
තවද විද්වතුන්, වෙළද ව්‍යාපාරිකයන් හා කලාකරුවන් විශාල ප්‍රමාණයක් එක් ර |
ැස් වී මීටර් 300ක් උස යකඩ කුළුණක් නිර්මාණය කිරීම ප්‍රයෝගික නොවන බවත් එය සුළි සුළඟට ඔරොත්තු නොදී එහාට මෙහාට පැද්දී කඩා වැටිය හැකි බවත් පවසමින් මතවාදයක් සමාජගත කරනවා. ග්‍රන්ථ කතුවරයෙක් ලෙස ලොව ප්‍රසිද්ධ වූ ගීද මෝපසාං එවැනි විරෝධතා ව්‍යාපාර මෙහෙයවූ පුද්ගලයෙක්. මෙම විරෝධතා හමුවේ ඇලෙක්සැන්ඩර් කියා සිටින්නේ කුළුණ සුළඟට සෙලවුනත් කිසිලෙසකින් කඩා නොවැටෙන බවයි.
🗼කොහොමද ඉදිකළේ?
මෙවැනි අර්බුද හමුවේ පාදම සකසා අනතුරුව කුළුණ ඉදිකිරීමට පටන් ගන්නේ 1887 ජූලි මාසයේයි. කුළුණේ මුල් පදනම සැකසීම සඳහා අලෙක්සැන්ඩර් අයිෆල්ට තවත් ඉංජිනේරුවන් 25 දෙනකුගේ සහාය ලැබෙනවා. කුළුණ සෑදීම ආරම්භ කිරීමත් සමඟ දිනපතා එහි වැඩ කල කම්කරුවන් ගණන 250ක් විය. එය නිර්මාණය කිරීම දැඩි වගකීමකින් යුතුව කර ඇති බව අද දක්වා එය නිරුපද්‍රිතව පැවතීමෙන් මනාව පැහැදිළි වෙනවා.
පාදම සැකසීමේ කටයුතු 1887 දී ඇරඹුන අතර පළමුවෙන්ම යකඩ පාද 4 ඉදිකිරීම කරනු ලබනවා. 1888 මාර්තු වන විට මෙම පාද සතර ලී තට්ටුව මගින් එකට යාකර පළමු තට්ටුව නිම කරනවා.
1888 මැයි මස දෙවන අදියර ඇරඹි අතර 1888 අගෝස්තු මාසයේදී එය නිමවෙනවා.
අවසාන අදියර 1888 දෙසැම්බර් මස ඇරඹෙන අතර 1889 මාර්තු මස සම්පූර්ණයෙන්ම කුළුණේ වැඩ අවසන් වෙනවා. කුළුණේ පලමු සහ දෙවන තට්ටුවලට ගමන් කිරීමට පඩි පේලි සකසා තිබෙන අතර ඊට අමතරව තෙවන තට්ටුවට ගමන් කිරීමට විදුලි සෝපාන සකසා තිබෙනවා. මහල් තුනේම ආපනශාලා පිහිටා තිබෙන අතර කුළුනේ තුන්වන මහලේ ඇලක්සැන්ඩර් අයිෆල්ට වාසය කිරිමට කාමරයක් ද නිර්මාණය කර තිබුනි.
අද මෙම කාමරයේ අපූරු සිහිවටනයක් තිබෙනවා. 1889 සැප්තැම්බර් 10 වැනිදා මෙම කුළුණ නැරඹීමට පැමිණි ලෝක පූජිත විද්‍යාඥයෙකු වන තෝමස් අල්වා එඩිසන් සිහිකිරීම සඳහා ඔහු අයිෆල් සහ අයිෆල්ගේ දියණිය සමග පිළිසඳරේ යෙදෙන ආකාරයේ ඉටියෙන් නිර්මාණය කළ පිළිරූ තුනක් එම කාමරයේ සජීවී ආකාරයෙන් දැක ගන්නට පුළුවන්.
ටොන් 9700ක බර ප්‍රමාණයක් දරා ගැනීමට එහි අත්තිවාරම ඉතාම ශක්තිමත්ව නිර්මාණය කල අතර කුළුණ සඳහා වාත්තු යකඩ කොටස් 18,000ක්ද මුරිච්චි ඇණ 250,000ක් පමණද අවශ්‍ය විය. කුළුණ ගොඩ නගා අවසන් කිරීමට විවිධ වර්ග වල කුරුපා 20,000ක් පමණ සවි කල බව ඇලැක්සැන්ඩර් අයිෆල් පසුව සදහන් කරනවා. මහල් තුනක් සෑදෙන පරිදි නිර්මාණය කළ අයිෆල් කුළුණේ සියළු වැඩ අවසන් වීමට ගතව ඇත්තේ වසර 2ක් පමණ කුඩා කාලයක්.
ලෝහමය කුළුණක් වන අයිෆල් කුළුණ මීටර 300.51ක් (අඩි 985.11) උස වන අතර එහි සවිකර ඇති රූපවාහිනී ඇන්ටෙනාව සමග සම්පූරණ උස මීටර 324ක් (අඩි 1,063) පමණ වෙනවා. 1930 දී ඇමරිකාවේ නිව්යෝක් හි Chrysler Building ඉදිකරන තෙක් එනම් වසර 41ක් පුරාවට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස අයිෆල් කුළුණ පැවතුණා.
🗼ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසුව
ප්‍රංශ විප්ලවයේ සියවස් සමරුවට සමගාමිව ප්‍රදර්ශණය කල අයිෆල් කුළුණ 1889 මැයි මාසයේදී විවෘත කරනවා. එය නැරඹීම සඳහා පැමිණි ජනතාව වෙත නිකුත් කළ ප්‍රවේශපත්‍ර මගින් පළමු වර්ෂය තුළදීම ඉතිරි මුදල් ඇලක්සැන්ඩර් අයිෆල්ට ගෙවීමට රජයට හැකිවීම විශේෂ කරුණක් ලෙස සදහන් කරන්නට පුළුවන්.
එකළ ලොව උසම කුළුණ ඉදිකිරීම හේතුවෙන් ප්‍රංශ රජය විසින් ඔහුගේ දක්ෂතාවය අගය කිරීම පිණිස “අයිෆල්” ලෙස කුළුණ නම් කරන අතර රජය විසින් “ප්‍රංශ රාජ්‍ය ගෞරව ප්‍රතිභා සම්මානය” ඔහුට පුද කරනවා. කුළුණ ඉදිකිරීමෙන් පසු මේ දක්වා කාලය තුළ එය තරණය කළ පිරිස කෝටි 14කට ආසන්න අගයක් ගන්නවා. වසරකට එම අගය මිලියන හතක් පමණ වන බව පවසනවා.
අයිෆල් කුළුණ මුදුනට හාත්පස සැතපුම් 45ක දුර ප්‍රමාණයක් නිරීක්ෂණය වන බව පැවසෙනවා.1915දී ඇමරිකාවේ ආලිංටන් නාවික හමුදා මධ්‍යස්ථානයෙන් නිකුත් කරනලද ගුවන් විදුලි පණිවුඩයක් අයිෆල් කුළුණේ සිට ලබා ගත හැකි වුණා.
පලමුව අයිෆල් කුළුණ සැලසුම් කරන විට වසර 20කට පසු එනම් 1909 දී එය ගලවා ඉවත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් ක්‍රමක්‍රමයෙන් මෙය සංචාරක ආකර්ශණය දිනා ගැනීමත් සමග ප්‍රංශයේ ජාතික සංකේතයක් බවට පත් වී අද වන විට 500කට අධික සේවක පිරිසක් දිනපතා කුළුණේ සේවය සඳහා යොදවා තිබෙනවා.
ඉතින් අද වනවිට පැරීසියේ චෑම්ප් ද මාස් (Champ de Mars) නගරයෙහි ප්‍රධාන මාර්ගය හරහා සද්ධන්ත පාද හතරක් ඔස්‌සේ ඉහළට නැගුණු “යකඩ ගැහැණිය” ලෙස හදුන්වන අයිෆල් කුළුණ පැරිස් නගරයේ සදාතනික සංකේතය බවට පත් වී හමාරයි.
මුලාශ්‍රය:රොයර් මීඩියා වෙබ් අඩවියදෙහි කැපීම
"කාට ද අම්මෙ මේ දෙහි?"
රැකියාවත් සති අන්ත පාඨමාලාවත් නිසා මාස ගානකින් ගෙදර එන අංජුල ගෙ ඇහැ මුලින් ම ගියේ මේසෙ උඩ තියෙන දෙහි ගොඩටය.
"හා හා ඕක කහ වතුරෙන් හෝදලා තියෙන්නෙ.අල්ලන්න එපා.ශීලා නැන්දට ඕනකමකට"
"අපේ සනුකය ගෙ අම්මට.......ඇයි මොනව වෙලා ද?"
"සනුක ගෙ අයියා මිනුක හෝටලයක් දැම්මෙ කච්චේරිය පාරෙ.මුලදි සූ ගාලා සෙනග. කොල්ලා ගේත් හදන්න පටන් ගත්තා.ළඟ ක ඉඳන් කිසි ම වගතුවක් නෑ ලු.කාගෙ හරි ඇස් වහක් කට වහක් කියල කිව්ව ලු ගුරුන්නාන්සේ.දෙහි ටිකක් කපල බලනව ලු. ඒකත් හරි නොගියොත් ලොකු සෙත් සාන්තියක් කරන්න වෙයි කිව්වලු. මේ මිනිස්සුන්ගෙත් ඉරිසියාව.මිනිහෙක් දියුණු වෙනවා පේන්න බෑ"
අංජුල කල්පනාවට වැටුනේය.අහළ පහළ කිසි ම කඩයක් නැති ඒ පාරේ හෝටලයක් දමන කෙනෙකුට බිස්නස් වලින් අඩුවක් විය නොහැක."කාලෙකින් මිනුකයා හම්බ වුනෙත් නෑ.හෙට උප්පැන්න සහතිකේ කොපිය ගන්න ගියා ම කඩේට ත් ඔළුව දාල බලන්න ඕන." ඔහු තනිව කියා ගත්තේය.
---------------------------------------------------------
ගිය වැඩේ අවසන් ව ගේට්ටුවෙන් එළියට ආ අංජුල වටපිට බැලුවේය.
මාර ගහ යට “මිනුක හෝටලය” බෝඩ් එක අඳුනා ගැනීම අපහසු නැත.මුලින් පාළුවට ගොස් තිබූ මේ පාරේ වෙළඳසලක් ඇරඹුවේ මිනුකය.දැන් එය කුඩා කඩ මණ්ඩියක් වැනිය.අංජුල හෙමින් හෝටලය වෙත පිය නැගුවේය.
"මොනවද සර් ඕන" සැනෙකින් ඔහු වෙත ආවෙක් ඇසීය.
"ආ...... ටී එකක් ගේන්න.....මේ.....මිනුක මහත්තයා ඉන්නවද?"
අංජුල දෙස කුතුහලයෙන් බැලූ සේවකයා "මහත්තයා කවුද?"ඇසුවේය.
"ආ....මම මිනුක මහත්තයගෙ මල්ලි ගෙ යාළුවෙක්.අංජු ඇවිත් ඉන්නවා කියන්න"
"අහ්.....අංජුවා...සොරි මල්ලි මම දැන් වැඩිය එළියෙ ඉන්නෙ නෑ.උඹට කිව්ව ම මොකද මාස දෙකකින් ලීසිං එක ගෙව්වෙ නෑ"
"අර මොකද අයියේ"අංජුල කිසිත් නොදන්නා ලෙසින් ඇසුවේය.
"අනේ මන්දා බං බිස්නස් අන්තිම සවුත්තුයි. සමහර දවසට රුපියල් 1000ක බිස්නස් නෑ.මේක වහල දාන්න වෙන ලයින් එකක් තියෙන්නෙ."
"හ්ම්....එහෙම ද?හේතුවක් හොයල බැලුවෙ නැද්ද?"
"හේතුවක් නෑ බං.අම්මලා නම් කියන්නෙ ඇස් වහ කට වහලු.ඔන්න මොකද්ද සෙත් සාන්තියක් කරන්න හදනවා.ඒවත් ඇත්ත වෙන්නැති බං"
"ඇස් වහ කට වහ නම් මම දන්නෙ නෑ.හැබැයි අයියෙ මම පොඩි උපදෙසක් දෙන්න ද?"
"ඕන දෙයක් මල්ලි" මිනුක ඉන්නේ පිදුරු ගහේ ද එල්ලෙන්නට බලාගෙන ය.
"මේ පාරෙ රජයේ ඔෆිස් ම කීයක් තියෙනව ද? ඒවා වලින් වැඩ කරගන්න කොච්චර මිනිස්සු එනවද දවසකට. ඒ අයට වතුර එකක් බොන්නවත් තැනක් තිබුනෙ නෑ ඔයා මෙතන කඩේ පටන් ගනිද්දි.ඒ මිනිස්සු ඔක්කොම මේ කඩේට ආවා.හැබැයි දැන් මෙතන කඩ මණ්ඩියක් වෙලා.තව කෑම කඩ ම දෙකක් තියෙනවා.ඉස්සර මේකටම ආව අය දැන් ඒවටත් යනවා. කොතනින් බිව්වත් කෑවත්ටී, ප්ලේන් ටී, බත්, ෂෝට්ඊට්ස් ඔක්කොම එකයි."
"හ්ම්........ඇත්ත නේන්නම්"
" ඒ කඩ දෙක කුඩු කරල දාන එක නෙවේ උත්තරේ.තව තව තරඟකාරයෝ ඇති වේවි.ඒ තරඟෙන් දිනන්න නම් එයාල ට වඩා ඔයා වෙනස් වෙන්න ඕන.එයාල ළඟ නැති මිනිස්සු අද්දවා ගන්න පුළුවන් දෙයක් ඔයා ගාව තියෙන්න ඕන"
"උඹ කියන කල් මට ඔහොම එකක් හිතුනෙ නෑ නෙ මල්ලි."
"එහෙම තමා අයියෙ.පෙරහැරේ අඩුපාඩු පේන්නෙ පෙරහැරේ යන මිනිහට නෙවේ පිට ඉඳන් බලන අයට.උඹ හොඳ විදියක් හිතපන් කෝ...."
නැවත රාජකාරියට වාර්තා කල අංජුලට මේ සියල්ලක් අමතක විය.දිනක් නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබිණ.
"අංජු මල්ලි මම මිනුක අයියා..."
"ආ....කියන්න අයියෙ"
"උඹට ස්තූති කරන්න කතා කළේ.උඹේ උපදෙස හරියට ම හරි.දැන් මගෙ කඩේ තේ, කෝපි, ෂෝට්ඊට්ස්, බත් නෑ.fresh fruit juice & fruit salad විතරයි.අනිත් කඩ දෙකෙන් බත් කන මිනිස්සුත් මගෙ කඩේ ට එනවා ඩෙසට් කන්න.ඔෆිස් වලට වැඩක් කර ගන්න එන අය විතරක් නෙවේ ඒවා වල වැඩ කරන අයත් මෙහෙට එන්නෙ.ජූස් එකක් බීලා යන්න.උඹ කවදද ගෙදර එන්නෙ.මම එනවා ලොකු තෑග්ගක් අරන්"
ඔහු සතුටින් කියවා ගෙන යයි.
"අනේ මොන තෑගි ද බං.මම දුන්නෙ අදහසක් විතරයි.දැන් ඕකටත් තරඟකාරයො එයි. එතකොට කරන දේවලුත් කල්පනා කරපන් අයියෙ"
"අනිවා මල්ලි.මම දැනටත් ඒ ගැන කල්පනාවෙන් තමා.උඹේ මොළේ තමා”
------------------------------------------------------------------------
"කාට ද අම්මෙ මේ දෙහි ඒ සැරේ" නැවත ගෙදර ගිය දිනෙක අංජුල ඇසුවේය.
"ලොකු අක්කලාට.අර ගුරුන්නාන්සේ ගෙ සෙත් සාන්තියෙන් පස්සෙ ශීලා නැන්දලාට හොඳටම හොඳයි. ලොකු අක්කලාගෙත් බිස්නස් හරි නෑ මේ දවස් වල."
"හ්ම් ගිහින් එන්න ඕන ඒ පැත්තෙත්"
------------Shanika Tennakoon---------------රටේ අනාගතය තීන්දු කරන්නේ
ඇගිළි තුඩු වලින් ලෝකය දකින අපේ දරුවන් ය.
ඔබලා තාක්ෂණයේ දරුවන් ය. HR M හෙවත් මානව සම්පත් කළමනාකරණය ට අනුව නං Z පරපුරේ දරුවන් ය කොටින්ම කෘතිම බුද්ධියෙන් වැඩ ගන්නා දරුවන් ය. ඔබලා අමතන කුරාකූඹි මිනිසා බේබි බෲමර්ස් වර්ගයේ අවසාන පරපුරේ මිනිසෙක් ය.
අපි පරම්පරා තුනක් දැක ඇත්තෙමු . අපේ පරපුරේ අය ත්, XY පරපුරේ ඇත්‍තන් සහ ඔබලා අයිති Z පරම්පරාවේ දරුවනුත් දැකීමේ භාග්‍යය ලත් අවසාන පරපුර අපය.
ඒ නිසා , සන්සංදනාත්මකව මේ පරම්පරාවල හැසිරීම නිසා අප තුල ඇතිවූ කම්පනයන් මුහුදේ රැළිවාගේය. විටෙක සතුටටත් තවත් විටෙක පීඩාවටත් අප පත්වූ වාර අනන්තය .
අපේ පරපුර කුඩා කාලයේ දුටුවේ අසිරිමත් ලෝකය කි. ඒ අසිරිමත්බව රැදුනේ සොබාදහම තුලය. අපි සැබැවින්ම සොබා දහමේ දරුවන් ය.
ගමේ සෑම නිවෙසක ම වාගේ කිරි එළ දෙනක සිටියාය . උදේ පාන්දර ම අපි සතුට ට පත් වන්නේ සුරතල් වසු පැටියා සිය |
අම්මා සමග වන හුරතලය දැකීමෙන් ය.
වැස්සී අපි ට දෙන කිරි පංගුව ගෙදර අම්මා හෝ තාත්තා විසින් උදයේම දොවාගනී. වැස්සීද නිසොල්මනේ තම පැටියාගේ පංගුව සගවාගෙන , ඉතිරිය අනුකම්පාවෙන් අපට දේ. ඒ නිසා ගමේ අපි කවදාවත් පිටිකිරි බීවේ නැත .
මා කුඩා කාලයේ මට කිරිදුන් කිරි අම්මා වියපත්වැ මියෙන තුරු අප හා එක්ව විසුවාය.
අපේ දවස ඒ විදිහට ඇරැඹුණේ සොබා දහමේ ආදරණීය පණිවුඩය සමගය . ඊලග ට සපත්තු සෙරෙප්පු නැතිව ,පාසැල් නිල ඇදුම් නොමැති ව ගුරු පාර දිගේ ගමේ ඉස්කෝලේ ට ගිය අතීතයක් අපට තිබුණේ ය.
පාසැල නිමාවූ පසුව එසැනින් ගෙදර යෑමේ පුරුද්දක් අප හුගදෙනෙකුට තිබුණේ නැත . විශේෂයෙන්ම පලතුරු වාරයේදී පොත් ටික ගස් යට තියා අපි ඉන්නේ ගස් උඩය.
හිතුනොත් ජංගි කොටය සහ කමිස පොඩිය ගලවා තියා පාසැල පෙනෙන මානයෙ වූ මුදුන් ඇලට බැස භෙළුවෙන්ම නානවාය. ඊලග ට වෙල් ඉපනැළ්ලට ගොඩවී වතු උඩින් පැන හොරපාරෙන් ගෙදර එනවාය.
ඒ බේබි බෲමර්ස් පරපුරේ ළමා කාලයයි. ඊට සාපේක්ෂව ගමේ වැඩිහිටියන් ගේ ජීවිත රටාවද සුන්දර එකකි. ගමේ මිනිසුන් ගේ අවශ්‍යතාව න් සීමිත මට්ටමක පැවැතීම නිසා වැඩියෙන් මුදල් හම්බු කිරීමේ තරගයක් කාතුලවත් නොවීය . මේ නිසා ගම්මු ඉතාමත් සැහැල්ලුවෙන් විවේකීව දවස ගෙවූහ.
මේවා බොහොම යක් ගොවි ගම්මාන වේ. උදේම අඹුඩ කෙටිය තද කරගෙන ගෙදරින් පිටවන ගැමියා ගොවියෙක් ය. වී බෙර කීපයක් අස්වැද්දීම ඔහු දේව කාරියක් සේ සලකයි. සරු අස්වැන්නක් ගෙට ගැනීම එකම ඉලක්කයයි.
මේ අරමුණ ගමේ වෙල්යායටම පොදු සාධකයකි. ඒ නිසා හැමෝම එකට වැඩඩ බසිති. එකිනෙකා ට උදව් කරති. කිසිවෙකු කුළියට මලියට ගමේ කුඹුරේ වැඩ කරන්නේ නැත . සහජීවන ය යනු මෙය නොවේද ?
තරගයක් ඇති තැන නැත්තේ ද මෙයයි.
සහජීවනය ඇති තැන දයාව තිබේ. දයාව නිසා ප්‍රේමය වැඩේ. ප්‍රේමය ඇත්තේ කිනම් හදවතකද එහි පිරී පවතින්නේ සාමයයි.
"පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ" කියා කියන්නේ එනිසාය .
ඕනෑම ගමක කඩ මණ්ඩියක් හෝ සිල්ලර කඩයක් හෝ දෙකක් ඇත . මේ ඕනෑම කඩයක ඇති එක් පොදු ගුණාකාරයක් වන්නේ කඩ පිලය. ඒ නැති නම් දිග බංකුවය. මේ කඩ පිලේ හෝ බංකුවේ දාං ලෑල්ලක් අනිවාර්යයෙන් ම තිබේ . දිනමිණ පත්තරේ ද තිබේ .
මේ සුපුරුදු දර්ශනයේ යටිපෙළ කතාව වන්නේ එදා ගමේ මිනිසා කෙතරම් සැහැල්ලු මනසකින් හා විවේකීව දවස ගතකලේද කියාය .
භූමිතෙල් ටිකක්, කරෝල කෑල්ලක් හෝ සන්ලයිට් කාලක් ගැනීමට ගමේ කඩයට ගොඩවන ගැමියා ඒ බඩු ටික අරං සැනෙකින් ආපසු හැරී බිම බලාගෙන ගෙදර එන්නේ නැත .
මොදලාලි ද ගමේ විත්ති සහ රටේ විත්ති කතාකරමින් බඩු කිරන තෙක් , ගබිරියෙල්ලාට, සියදෝරිස්ලාට සේම ඉද හිට කඩේට ගොඩවදින අයිරිං සහ කැතිරිං ලාටද දොඩමළු වෙන්නට මාතෘකා කඩපිලේ ඕනෑතරම් තිබේ. ඒ අතර කැමැති කෙනෙකුට දිනමිණ පත්තරේ කියැවීමට ද තවත් දෙන්නෙකු ට දාං අතක් ඇදීමටද එතැන භාදාවක් නැත . සාමාන්‍යයෙන් දෙන්නෙක් දාං අදින විට තුන් හතර දෙනෙක් ඒ දෙස බලාසිටී.
මේ සියලු කාරණා වලින් කියැවෙන්නේ , එකිනෙකා අතර තරගයක් නොමැති සමාජයේ ජීවත් වූ ශ්‍රීලාංකීය මිනිසා ජීවිතය අත් වින්ද අපූර්වත්වය යි. එදා සිය කුටුම්ඹය ද රැකගෙන දරුවන් ට සිල්පසැත දීගෙන ඉතාමත් සැහැල්ලු වෙන් ඔවුන් ගත කල චාම් අල්පේච්ජ දිවිය කොයිතරම් නම් සුන්දර ද කියා දැන් අපට සිතේ.
ඉන්පසු ආ XY පරපුරේ ඇත්තන්ට ගොඩ මඩ දෙකම සරුසාර ය පළ බරය කියන්නට බැරි උනේය . නගරය ක්‍රම ක්‍රමයෙන් ගම සිය ග්‍රහණය ට ගත්තේ ය.
ගමේ මිනිසා ට හොද ම පාසැල ළගම පාසැල උනේ නැත . හොඳ ම පාසල තිබුණේ නගරයේ ය. ඉතාමත් හොඳ පාසැල තිබුණේ අග නගරයේ සහ මහ නගර වලය.
තරගය මුලින්ම ඇවිලුනේ හොඳ ම පාසැල ට තම දරුවන් ඇතුළු කිරීම උදෙසාය. තම දරුවා ට ඉහළම අධ්‍යාපන යක් දිය යුතුය කියා XY පරපුර කල්පනා කලෝය.
නුමුත් අප අයත් බේබි බෲමර්ස් පරපුරේ ඇත්තෝ තම දරුවන් ඉගෙන ගන්නේ මොනවාද කියාවත් නොදැන සිටි පිරිසක් ය. හේතුව ඔවුන් බොහෝ දෙනෙක් පාසැලෙන් පාඩම් ඉගෙන නොගත්‍තවුන් නිසාය . ස්වභාව ධර්මය හෙවත් සොබාදහම ඔවුන්ගේ ගුරුවරුය.
ගස කොල සතා සීපාවා ගෙන්, ඇල ,දොළ ගංගාවලින් සේම හමන සුළගින්ද ඔවුන් ජීවිතය ගැන බොහෝදේ ඉගෙන ගත් හ.
සතුන් ගේ අඩි පාරවල් දෙස බලා මෙන්ම වඩු කුරුළ්ලා හදන කූඩුව දෙස බලා අනාවැකි කීමට ඔවුන් සමර්ථය. කැලේ ගස කොළ, මුල් සහ පොතු අඹරා කොටා බෙහෙත් හේත් කිරීමට ද සොබාදහම ඔවුන්ට කියාදී තිබුණේ ය.
නුමුත් , වීජ ගණිතය ජ්‍යාමිතිය හෝ පෛතගරස් ප්‍රමේය ගැන තම දරුවන් ට කියා දීමට දැණ උගත් කමක් නැති මේ දෙමා පියන්ට සොබා දහමෙන් උගත් දේ අනුව මනුෂ්‍යත්වය පිරිනු මිනිසෙකුවැ ලොව ජීවත් වන සැටි තම දරුවන් ට කියාදීමට තරම් සුවිශේෂී බුද්ධියක් තිබුණේ ය.
මේ අයුරින් ජීවිතය ගෙනියන සැටි , තම මාපියන් ගෙන්ද එදාසිටි ගුරු දෙවිවරු න්ගෙන්ද උගත් දරුවන් පසු කලෙක සමාජයේ ඉහළ නිල තලවලට ආහ.
හැත්තෑව දශකයේ අප දුටු සිලාචාර සමාජයේ පැතිකඩ වර්ණවත් වුනේ එසේය . සැමවිටම සුදුස්සා සුදුසු තන්හීම සිටියේය . එකිනෙකාට ගරු කරන , සවන් දෙන දේශපාලන හා සංස්කෘතික , සමාජිය වටපිටාවක් එකල අපට දකිනට ලැබුණේ ය.
'77 දේශපාලන පෙරැළියත් සමග මිනිස් වටිනාකම් වෙනස් වුනේය . මුදලත් , මුදල් නිසා බලයත් මනුෂ්‍යත්වය ට හිමි තැන සීඝ්‍රයෙන් අත් පත් කර ගත්හ. මේ නිසා "බල්ලො මරා හෝ සල්ලි සොයාපියව්" යන්න සමාජ ගත වුනේය .
වෙනදා බිත්තර සදහා කිකිළියෝ ඇති කල ගම්මු මසට කුකුළ්ලු හැදූහ. සත්ත්ව ඝාතනය පාපයක් යැයි විශ්වාස කල ගැමියා වැඩි ලාභයට තමන් කන්ඩ දී හැදූ කුකුළ්ලු ටික බෙලි කපා සුද්දකොට උර වල දමා සකස් කරන්නේ ඇතැම් විට පාසැල් යන දූ දරුවන් ගේද අත් උදව්වෙන් ය.
එදා අප පාසැල් ගියේ එළදෙන සහ වසු පැටවා ගේ ආදරණීය ආදරය දැක තුටු පහටු වූ සිතින් ය.
අර්ධ නාගරික ජන සමාජයේ තත්ත්වය මීට වඩා නරක විය . ". ROOMS " යන ලොකු බෝඩ් ලෑලි ගැසූ ඇතැම් නිවාස තාවකාලික ලැගුම් හල් බවට පෙරලුනේ වැඩිවියට පත් දූ දරුවන් සිටින දෙමාපියන් අතින්මය.
පැයකට දෙකකට ඇදක් සමග කාමරයක් කුළියටදී දවසකට වැඩි අපහසුවක් නැතිව මුදල් උපයාගැනීම නව ප්‍රවනතාවයක් විය.
හොඳ නරක මුදල් මත දෝලනය වූ සමාජයේ කූධප්‍රාප්තිය Z පරපුරේ දරුවන් ය. දහනමවැනි ශතවර්ෂ යේ අග භාගයේ උපන් මේ දරුවන් ඉතාමත් කළබල කාරී සමාජ වටපිටාවක බිහිවු හයි ටෙක් දරුවන් ය.
කොටින්ම මේ අය බොහෝ දෙනෙකු ස්වභාවිකව තමන් කැමැති අයුරින් මෙලොව ට ආ දරුවෝ ද නොවෙති.
හොද ම දවසට හොදම නැකත් වෙලාවට මුදල් ගෙවා සිසේරියන් සැත්කමකින් බිහිකරවා ගත් අයය.
හොද ම ග්‍රහයා සහ මුලින්ම පාසැලට ඇතුළු කිරීමේ දී වයසේ වැඩි වාසියක් ගැනීම වැනි දෙමාපිය අරමුණු මුල් කරගෙන මේ කිරි සප්පයෝ උපදිති.
මේ වනවිට මේ දරුවන් ගේ දෙමාපියන් බහුතරයක් උගතුන් ය. ඒ නිසා ඔවුන්ගේ එකම වෑයම තම දරුවා ට ඉහළම අධ්‍යාපනය ක් ලබා දීමය. මේ වනාහි එදා අප නොදුටු මහා තරගයේ ආරම්භයයි.
අවාසනාවකට Z පරපුරේ දරුවන් ට මින් ගැලැවීමක් නැත .
අද දවසේ අධ්‍යාපන ය යනු රැකියාවක නියුතු මා පිය දෙදෙනාම දඩුකදේ ගැහුවාසේම ගැලැවිය නොහැකි සමාජ දඩුවමකි.
අධ්‍යාපනය කට වචනයට නොමිලයේ ය. එහෙත් අමතර උපකාරක පංතිවලට සිය මාසික ආදායමින් 50%කටත් වඩා වැය කරන මව් පියන්ද සිටී.
මේ වන විට අතීශයින්ම ඛේදනීය ලෙස බොහෝ මධ්‍යම පාංතික මව් පියෝ සිය කණකර දේපොල පවා උකස් කොට හෝ විකුණා දමා තම Z පරපුරේ දරුවන් විදේශ ගත කරති.
රටක් පාලනය පිණිස දියයුතු හා ඊට සුදුසු නායකත්වය ක් මේ යැයි කියා තේරුම් ගැනීමේ සාමාන්‍ය බුද්ධියක් ,බොහෝ දුරට බේබි බෲමර්ස් පරපුරේ අයට නොතිබීම හා ඒ නිසා හොරු රැළක් දශක ගණනාවක් පාලනය කල දේශයක් ඔවුන් විසින්ම බංකොලොත් යැයි කියන තෙක් වගේ වගක් නැතිව සිටීම ට අපට සිදු වූ අයුරු මෙනෙහි කරන්න.
ඊට ප්‍රධාන හේතුව මේ බේබි බෲමර්ස් පරපුරේ අයගේ ජාන වල , පක්ෂපාතී භාවය සහ කෙළෙහි ගුණය යන චරිත ලක්ෂණ ගැබ්වී තිබීමයි .ඔවුන් සමහරෙකු "කැපුවත් කොළ, කැපුවත් නිල් සහ රතු වුනේ " ඒ නිසාය.
මේ අය තම දේශපාලන පක්ෂය ට සේම , තමන් සේවා කරන ස්ථානය ට ඉතාමත් ලැදිය. ආදරේය . සුළු ලාභ ප්‍රයෝජනයට වෙනත් ආයතනවලට පැණ නොයයි.
ඔවුන්ගේ මේ ගුණවන්ත කම, තම නිවස තුල සේම සමාජ ය තුළද කැපී පෙනේ. ඔවුන් තමා හැදූ වැඩූ මව්පියන් ට ත් ගුරුවරුන් ටත් දක්වන ආදරය ඊට එක් නිදසුනකි .
නුමුත් වර්තමානයේ XY සහ Z පරපුරේ අය තුල මේ ලක්ෂණ නොමැත .සමස්ථයක් වශයෙන් මේ අය ඉතාමත් ආත්මාර්ථකාමී වේ. සහජීවන ගති පැවැතුම් ඇත්තේ ම නැති තරම් ය.
විශේෂ යෙන් ම Z පරපුරේ දරුවන් එනම් වත්මන් තරුණ පරපුර අතීශයින්ම අවිවේකී පිරිසකි. ඔවුන්ගේ අල්ලක් තරම් වූ smart phone එකකින් මුළු ලෝකය සහ ඉන් එහාටත් ගොස් ගණුදෙනු කරති. බොහෝ දුර දකින මේ දරුවන් බොහෝදෙනෙකුට ළඟ නොපෙනේ.
ඔවුන් විසින්ම ගොඩ නගන තර්ක ඔවුන් විසින්ම බිද හෙළනු ලබයි. උග්‍ර තරගය නිසා නිතරම ආතතියෙන් පෙළේ. මේ නිසා දයාව,ප්‍රේමය සහ කරුණාසහගත සිතුවිලි ඔවුන් වෙතට ලං නොවේ .
මේ දරුවන් මේ තැනට තල්ලුකල XY පරපුරේ මධ්‍යයම පාං |
තික මව් පියන් බොහොම යක් අද දවසේ කාමර හතර පහේ නිවාස වලට වී අවිනිශ්චිත හෙට දවස පිළිබඳ ව මනස්ථාප යෙන් පසු වනු පෙනේ.
ර්‍ඒ එසේවූවත් අද දවසේ දී බේබි බෲමර්ස් අවසාන පරපුරේ අපටත්, XY පරපුරේ මව් පියන්ටත් ඉතිරිව ඇති එකම බලාපොරොත්තු ව වන්නේද මේ තාක්ෂණයේ Z පරපුරේ දරුවන් ය.
ඔවුන් තර්කානුකූල ව සිතා බලා මෙවර මහ මැතිවරණයේ දී ගන්නාවූ නිවැරදි තීන්දු ව සැබැවින් ම අපේ මාතෘ භූමියේ හෙට දවස තීරණය කරනු ඇත .
කුරාකූඹි මිනිසා .
09.11.23.පලනි
කිරි අත්තාගේ මළ මිනිය රුපියල් ලක්ෂයකට විකුණා ඇති බව දැනගන්නා විට මා සිටියේ ඩුබායි හී මගේ නවාතැනට වී සිගරැට්ටුවක් උරන අතර මගේ ඉන්දියානු මිතුරා හා අල්ලාප සල්ලාපයේය.
විකුණුම් කරුවා පයිත්තියං චිත්තප්පාය.එනම් කිරි අත්තා හදාගත් දරුවා වන පලනි ය.ගැනුම් කරුවා වනාහී මාගේ පියාණෝ හෙවත් විමල් අමරවංශය.
කෙටියෙන් කිවහොත් ඒ වංශ කතාව මෙසේය. මාගේ පියාත් ඔහුගේ සහෝදරයා හා සහෝදරිය සමඟත් නොව තමා විසින් හදාගත් දරුවා වන පලනි බාප්පා සමඟ සිය කැමැත්තෙන්ම ගමෙහි විසූ අපගේ කිරි අත්තා මෙලොව හැර ගොස් ය. පලනි බාප්පා විසින් මගේ පියාට, බාප්පාට හෝ නැන්දාට මළමිනිය බාර කිරීමට අකමැති වූ අතර ග්‍රාම නිළධාරියෝද පොලිස් නිළධාරියෝද ඔහුගේ පාර්ශවයේ සිටගත් බැවින් අපගේ පාර්ශවයට සිදුව තිබුණේ පරාජය බාර ගැනීමටය.
නමුදු අපගේ පියා වනාහී ලෙහෙසියෙන් පරාජය බාරගන්නෙකු නොවේ.නොඑසේ නම් පළිගත හැකි අවසන් සීමාව දක්වා පළිගැනිමට අමතක නොකරන්නෙකි.
"හොඳයි උඹ මිනිය අරන් ගිහින් වළදාගනිං.හැබැයි ඒකෙන් පස්සෙ උඹට ඕකෙ ආයෙ ඉන්ඩ බෑ.ඕක අපිට අයිති ඉඩම" අපගේ පියා ගෝරනාඩු කළේය.
පලනි බාප්පා එකඟ වූවේය. එහෙත්,එතෙක් නිවසේ තිබූ මිනිය මල් ශාලාව වෙත ගෙනගිය පසු මගේ පියාට ඇමතුමක් වුන් පලනි බාප්පා යෝජනාවක් කළේය.
"එහෙනං මෙහෙමයි.මට ලස්සයක් දෙන්ඩ.අයියා තාත්තව ගන්ඩ"
ගණුදෙනුව සිදුවිය.මිනිය අපගේ පියාට හිමි විය.
මා මළ ගෙයට යා යුතු වූයේ එනිසා පමණක් නොවේ.කිරි අත්තාගේ රක්ෂණ ඔප්පුවේ නාමිකයා මා වූ බැවිනි. ඔහු මිය ගියේ හදිසියේය.වතුර මෝටරය පරීක්ෂා කිරීමට ගිය ඔහු විදුලි සැර වැදී මියගොස් ඇති බව පළමුව දැක තිබුණේ අසල්වැසියෙකි.ඔහු වකුගඩු රෝගයෙන් පෙලුනා වුවද දේහධාරියෙකි.ශක්ති වන්තයෙකි.ඔහු තවමත් සිය වගාවෙහි සියල් කටයුතු තනිව කරමින් සිටියේය. අතර තුර වකුගඩු බද්දයකට සූදානමින් සිටියේය.පරිත්‍යාගය පිණිස සූදානම් ව සිටියේ අපේ බාප්පාගේ බිරිඳගේ නෑයෙකි.
ඒ උදෙසා පරිත්‍යාගශීලියා ලබාගත් මුදල ලක්ෂ අටකි..එයින් ලක්ෂ පහක මුදලක් කිරි අත්තා විසින් සොයාගන්නා ලද්දේ ඉඩමේ ඔප්පුව බැංකුවෙහි තබා ණය මුදලක් ගැනිමෙනි.ඉතිරි ලක්ෂ තුනෙන් එක් ලක්ෂයක් ඔහුගේ සාමාජිකත්වය හිමි සමිතියකින් හිමිවූ අතර අනෙක් ලක්ෂය පලනි බාප්පා ඉතිරි කරගෙන තිබූ මුදලකි.හෙතෙම රැකියාව ලෙස කළේ කුලියට යෑමය.හේන් කුඹුරු හා වතුපිට වැඩ හැර ඔහු දන්නා රැකියාවක් නැත.
එවිට තවත් ලක්ෂයක මුදලක් ඉතිරිය.
අපේ බාප්පාත් අපේ නැන්දාත් යනුවෙන් ඔවුන් හවුන්වා පලනි බාප්පාව පලනි බාප්පා යනුවෙන් පමණක් හඳුන්වන විට ම ඔහු අපගේ නොවන හැටි මා කල්පනාවට පොළඹවාලයි.කෙසේ හෝ පලනි බාප්පා යනු අතීතයේ පටන් අපගේ වුවෙකු නොවේ.
ඌ දෙ ම ළෙ කි.ඒ මදිවාට නූගතෙකි. සියල්ලටම වඩා පිස්සෙකි.ඔහුට තනිව කතා කිරීමේ පුරුද්දක් ඇත. ගහ කොළ සමඟත් බල්ලන් පූසන් මෙන් ම හරකුන් සමඟත් ඔහේ කියවන පලනි බාප්පා පයිත්තියං චිත්තප්පා බවට පත් කිරීමේ ගෞරවය උගත් හා ප්‍රබුද්ධ මහචාර්‍යවරයා වන අපගේ බාප්පාට හිමිවේ. පයිත්තියං චිත්තප්පා සමඟම ගමට වී සිටීමට කිරි අත්තා ගත් තීරණයට හේතුවූ කිරි අත්තාගේ ගොඩේ ගතිය විවේචනය කිරීමෙන් තෘප්තිමත් වීමේ ගෞරවය උගත් බුද්ධිමත් ව්‍යාපාරිකයා වන මගේ පියාට හිමිවේ.
කතාව එය නොවේ.අර ලක්ෂ අටෙන් ඉතිරි වු ලක්ෂය සොයා ගත් ආකාරය ය. කිරි අත්තාත් පලනි බාප්පාත් පොළොන්නරුව රෝහලෙහි සායනයට ගොස් එන අතර රෝහල් ගේට්ටුව අසළ නිදා සිටි කටුවා කෑවා වූ හමක්ද පොත්තෑ වී ඇකීලුණු බඩක්ද හිමි ලෙඩ බලු නකුටෙකු ගෙදර ගෙන ආවේ මෙයින් වසරකට පෙරය. ඌ වනාහී අපේ වර්ගයක නොවන බවත් හෙතෙම උසස් වංශයක බවත් වැටහීමට ගියේ දෙසතියකි.බලු නාම්බා නාකියෙකු නොවේ.රෝගයක් හේතුවෙන් පරණ පාට ආ එකෙකි. උගේ නාසයේ හොට්ටට වහරක උණ පැණිය ප්‍රතිඵල දායක විය. උගේ කටුවා කෑ සමට ෆාමසියෙන් ගෙන ආ සිරින්ජරයෙන් විදි බෙහෙත ප්‍රතිඵල දායක විය.
දුබල දූ කොර පාදයට මහා නාරයන තෙල් හා ශූලහර තෙල් කලවම් කර ගෑම ප්‍රතිඵල දායක විය. අවසන සුව වීමට බැරි යැයි විරිත්තූ තුවාලය සීතෝදක තෙලෙහි බලයෙන් සුව වී ගියේය. ඌ කන්ථක අශ්වයා මෙන් නැගී සිට ඉලන්දාරි ගමන් ද යෑමට පටන් ගත්තේය. හෙතෙම දැන් රාසයියාය. පලනි බාප්පාට අනුව නම පලනිගේය, බල්ලා කිරි අත්තාගේය. එහෙත් කිරි අත්තාට අනුව බල්ලා කිරි මහත්තයාය.ඌ පලනිගේය. කිරි අත්තාත් පලනි බාප්පාත් දිනපතා වැවෙහි නෑමට ගියේ රාසයියා සමඟය.පලනි බාප්පාගේ ලයිසන් අහිමි පැරණි යතුරු පැදියට නැගී කිරි අත්තාත් රාසයියාත් වැවෙහි නෑමට යන විට ගම්මුන් සිනාසෙමින් බලා සිටියහ.
කතාව කෙටි එකකි .අපේ බාප්පාගේ සත්ව හිතවාදී පුත්තරයා බාප්පාත් සමඟ කිරි අත්තා බැලීමට ගිය විටෙක රාසයියා දුටුවේය.ඌ නම් පැටව් ඉපැද්දවිමට මරු බඩුවක් බව කල්පනා කළ සත්ව හිතවාදියා රාසයියාට රුපියල් පනස් දාහක් සහ පැරණි මොඩලයේ අර යතුරු පැදියට පනස් දාහක් දීමට එකඟ විය.කිරි අත්තා නිවසේ සිට්යේ නැත.පලනි බාප්පා එකඟ වූයේය.ලක්ෂය හිමිවිය. සත්ව හිතවාදී ගෙරියා රාසයියා සිය කාරයට පටවාගත්තේය.
ලක්ෂයක මුදල වකුගඩු පරිත්‍යාගශිලියා වෙත ලබා දීම බාප්පාගේ බිරිඳ අතින්ම සිදුවන බැවින් මුදල් පලනි බාප්පා අතට ගැනීමේ අවශ්‍යතාවයක් ද නොවීය.
පසුදා දහවල වන විට සත්ව හිතවාදියා වකුගඩු පරිත්‍යාගශීලීය වෙත අවසන් රුපියල් රුපියල් ලක්ෂයද ලබාදී තිබිණි
නියමිත දිනයට තමා සැත්කමට නොයන බවත් අදාළ මුදල ලබා දී රාසයියා නැවත ගෙන එන ලෙසත් අණ දුන් කිරි අත්තා පලනි බාප්පාට ප ර දෙ ම ළා යයි බැන වැදුනේය. සැත්කමට තවත් දින හයක් ඉතිරිව තිබූ අතර කිරි අත්තාටත් පලනි බාප්පාටත් කතා කිරීමට කිසිවක් ඉතිරිව තිබුණේ නැත.
කිරි අත්තා විදුලි සැර වැදී මිය ගියේ රාසයියා විකුණා දැමීමෙන් දින හතරකට පසුවය.එවිට පලනි බාප්පා සිටියේ රාසයියා පිස දමන තුවාය අත මිට මොළවාගෙන වැව් තාවුල්ලේ හිඳ හඬමිනි.
කිරි අත්තාගේ මරණයේ ආරංචිය ලද විට පසුදා පහන් වීමත් සමඟම මගේ පියාත් බාප්පාත් නැන්දාත් මහගෙදරට ගියහ. කිරි අත්තා තවමත් නිදා සිටියේ ළිඳ අසළ බිම අසලය. මරණ පරීක්ෂණය පැවැත්වෙන තෙක් මළමිනිය එතැනින් ඉවත් කිරීම සිදු නොවීය.ඒ අතර නිවසෙහි රැස් වූවන් අතර සිදුවූ සියලු කතා බස් පලනි බාප්පා නොදන්නවාට සැක නැත.එහෙත් අපගේ පියා හා මව අතර වූ කතාබහ නම් පලනි බාප්පාගේ කන වැකීම ඉරණම් සහගත විය.
කිරි අත්තාගේ මිනිය නිවසට ගෙන ගියහොත් අපගේ මවගේ සහෝදරයා හෙවත් මගේ මාමාට අපගේ නිවසට යාබද නිවස වන ඔහුගේ නිවසේ බූරුපොලක් පවත්වා ගත හැකිය. තාත්තාට මළ ගෙය උදෙසා ගත හැකි ආධාර උපකාර බොහොමයක් වේ.අම්මාටද ඇයගේ රැකියා ප්‍රධානීන් සහ හිතවතුන් ගෙන් ලද හැකි මුදල පමණක් ගණන් සෑදුවද මෙතෙක් වන සියළු ණය මුදල් ගෙවා දැමීමට එය ප්‍රමාණවත්ය. තාත්තා ලබන ආදායම තවත් වසරක් දෙකක් ව්‍යාපාර පවත්වාගෙන යෑමෙන් වත් ලද නොහැකි ආදායමකි.
පලනි බාප්පා විසින් අපගේ පියා වෙත කිරි අත්තාගේ මිනිය විකුණා දැමීමට තීරණය කරනු ලැබ ඇත්තේ ඔය සාකච්ඡාව අසා සිටීමෙන් පසුව ය.
කිරි අත්තාගේ මිනිය නිවසින් පිට කෙරුනේ දහසේ කොලවලින් සියයක් පලනි බාප්පා අත තැබුණු පසුවය. දුප්පතෙකු හා විවාහ වූ පාපයෙන් සමීපතමයින්ගේ කරදර වලදී පවා කිසිවෙකුට කිසිවක් උදෙසා නොවටිනා අවංක කමේ කඳුළු පමණක් වැගිර විය හැකිව හැකිව සිටි නැන්දා මොහොතින් මොහොත සියලු තොරතුරු මා වෙත වාර්තා කරමින් සිටියාය.
මිනිය නිවසින් පිටමං කළ පසු නිවසෙහි දොර ජනෙල් වසා දමා ඇඳුම් කැඩුම් මල්ලක්ද රැගෙන පිටව ගිය පලනි බාප්පා අපගේ කිරි අත්තා විසින් ලඟකදී ඔහුට පවරා දුන් තවමත් ඔප්පු අහිමි හේනෙහි වූ පැල් ගෙයට ගිය බවත් ඉක්බිති පැල්ගෙයින් එලි බැස නගරයට යෑම පිණිස හන්දිය තෙක් ගිය බවත් ආරංචි වූ බව නැන්දා කීවාය.
ඉනික්බිති රාත්‍රියේ ලද තොරතුර අමුතු එකකි.එය පයිත්තියං චිත්තප්පා පිළිබඳව මෙතෙක් මා ඇසූ අමුතුම තොරතුර විය.
"පුතේ පලනි මල් ශාලාවට ගිහිල්ලා. එම්බාම් කරන අයියට කියලා තියෙනව අපේ තාත්තගේ දකුණු අතේ දබරැඟිල්ල කපලා දෙන්න කියලා. අයියෝ මොකටද දන්නෑ ඕකට ඇඟිල්ල.ඒ වෙනුවට උගෙ අර වත්තෙ තියන කොට්ට ගස් හතරම මල් ශාලාවට දෙන්නං කියලා පොරොන්දු වෙලා. මම මේක කාටවත් කිව්වේ නෑ.අපෙ එක්කෙනාට එම්බාම් සමරෙ කියල තියෙන්නෙ"
එයිනුත් පසු පසුදා ලද තොරතුර පයිත්තියං චිත්තප්පා සම්බන්ධයෙන් මා ඇසූ දයාබරම තොරතුර විය.
අපේ බාප්පාගේ නිවසට ගිය ඔහු නිවසේ පසුපස වූ බලු කූඩුව හැර එහි සිටි රාසයියා එළියට ගත්තේය. එලියට ආ සත්ව හිතවාදියා යමක් කීමට පෙරම දහසේ කොල පනහ ඔහු වෙත විසිකළ පයිත්තියං චිත්තප්පා රාසයියා සමඟ ගොස් පාරෙහි නවත්වා තිබූ ත්‍රීවිලරයක නැග්ගේය.
මිනිය වළදමා දින දෙකකට පසු මා සියරට පැමිණි පසු පළමුව අම්මා සමඟ රක්ෂණ නියෝජිතයින් වෙත ගියෙමි.දෙවනුව කිරි අත්තාගේ මරණ සහතිකය ලබා ගැනීම උදෙසා පලනි බාප්පා සොයා ගියෙමි. ඔහු සිය පැල් ගෙය තුළ සිට එළියට එන විට රාසයියා මා වෙත බුරා හැලුනේය.සැබෑවකී.ඌ කන්ථකගේ චිත්‍රයට සමාන බලුච්චෙකි.
"රාසා .එනක තෙරියුම්" පලනි බාප්පා කියූ විට රාසා කට වැහුවේය. ඔහු සිය බල්ලාටද දෙමළ උගන්වා ඇත.
"රාසයියා දෙමළ දන්නව නේද?"මම ඇසීමි.
"මාත් එක්ක ඉතිං කවුරුවත් දෙමළ කතා කරන්නේ නෑනේ.මං ඌ එක්ක කතා කරනවා ආසාවට.ඒකයි .උගන්නලා නෙමෙයි"
"බාප්පට තාම දෙමළ මතකයි නේද?"
ආරම්භයේ ම මාතෘකාව ඇදී යමින් තිබුණේ සුදුසු දිශාවකට නොවේ.ඔහු අපගේ නොවන බව ඔහුට උලුප්පා පෙන්වීමට මා උත්සාහ දරන්නේ යැයි ඔහුට සිතෙන |
්නට ඉඩ ඇති බව හදිසියේ වැටහී ගිය මම කතාව වෙනස් කිරීමට කල්පනා කළෙමි.එය වටහා ගත්තාක් මෙන් ඔහුම කතාවේ දිශාව මාරු කළේය.
"ඉඳගන්ඩ වත් එකක් නෑ පුතා"
"කමක්නෑ.බාප්පා ඇයි මේකෙ ඉන්නෙ? ගෙදර ඉන්නැත්තෙ?"
"මං මේ මේක ටිකක් හදාගන්න ඉන්නෙ.පුතා කවද්ද ආවෙ?"
"පෙරේද.බාප්පා.."
පිඟන් දෙකකින් වසා ගත් බත් එකක් රැගෙන කඩුල්ල පැන ආ ගමෙහි කෙල්ලක මා නොසලකා හැර පැල් ගෙය පිටුපසට ගියාය.පලනි බාප්පා කෝපයෙන් මෙන් පසු පසට ගියේය.
"මම කිව්වනෙ එන්න එපා කියල.ඇයි ගෙනාවෙ.මං ඉව්ව"
"මං දන්නව ඔයාට උයන්න පුළුවන් කියලා.ඒ උනාට කන්න වෙන්නෙ තනියම නේ.මේක ගෙනාවෙ ඔයාට නෙවෙයි මට.මාත් ඔයත් එක්ක කන්න ආවෙ"
"උඹට පිස්සුද? මෙව්වා නිකම් කරදර වෙලා නතර වෙන්නේ"
"ඔයානෙ නිකන් කරදර කරගෙන තියෙන්නෙ.මං අර කුමාරි නැන්දට ගවුම් දෙකක් මහන්ඩ දීලා තියෙනවා.හෙට ඒක දෙනවා කිව්වා.මං ඒ දෙකත් අරන් අම්මගෙ පෙට්ටියෙන් මගෙ උප්පැන්න එහෙමත් ගත්ත ගමන් මෙහෙ ඇවිත් නතර වෙනවා"
"උඹ මොකටද මෙහෙ නතර වෙන්නේ?"
"මම පලනි අයියට ආදරෙ හින්ද"
"උඹට පිස්සුද උඹ මට කියන්න ඕන මාම"
"කෙහෙම්මල "
මම උගුර පෑදුවේමි.පලනි බාප්පා මා වෙත ආවේය.
"බාප්ප.කිරි අත්තගෙ මරණ සහතිකේ ගන්න ඕන"
"ආ.ග්‍රාමසේවක නෝනත් කිව්ව ගන්න කියල.මං ගෙනත් තියන්නං"
තවත් දින හතරකට පසු පලනි බාප්පාගෙන් ලද ඇමතුමකට අනුව ඔහුගේ පැල් ගෙයට ගිය මා දුටුවේ පලනි බාප්පාට වඩා වයස අවුරුදු දහ හතරක් බාල වු ඒ හිතුවක්කාර කෙල්ල පැලෙහි පදිංචියට පැමිණ සිටි අයුරු ය.
"බාප්පා බැන්දද?"මම ඇසුවෙමි.
ඔහු කුලෑටි කමක්ද ලැජ්ජාවක්ද ලැජ්ජාවක් ද නැතිනම් වෙන කුමක්දෝයි මට නො හැඟුනා වූ සිනාවක් පෑවේ ය.රාසයියා ඈ සමඟ කොහේදෝ සිට පැමිණ පලනි බාප්පාගේ ඇඟෙහි එතී "ඕඕඕඕ " කීවේය.ඒ රාසයියාගේ ඉල්ලීමකි.
"ආං තියෙනව ගිහින් ඉල්ලගනිං" ඒ කියූවේ රාසයියාටය.ඉනික්බිති කුඩා පැල් ගෙයට හඬගෑ බාප්පා
"රාසයියට ඉස්කිරිඤ්ඤයක් දෙන්ඩ" යැයි කීවේය.මඳකින් ඇයගේ නහකුනු හඬය.
"රාසෝ..එන්න"
"තාත්තා අන්තිම දවස් ටිකේ මාත් එක්ක කතා කරෙත් නෑ.රාසයියට අපි නැතුව ඉන්න බෑ කියලා.මූ ආපහු ඇවිල්ලා වෙලේ නටලා වැවේ නාලා මාත් එක්ක ජීවත් වුනේ නැත්තං තාත්තගේ ආත්මෙට සැනසීමක් හම්බු වෙන්නේ නෑ. තාත්තට එහෙම වෙන්ඩ දෙන්ඩ බෑ.රාසයියටත් මං නැතුව ඉන්ඩ බෑ.බෑඟිරි ගෑව මං දැකලා.ආයෙ දිලා හිත හදාන හිටිය නෙවෙයි ඕං"
පලනි බාප්පා රාසයියා විස්කිඤ්ඤය කා දමා මිදුලට යන තුරුත් කීවේය.ඌ නැවත වලි කුකුලෙකු ට එලවන තුරුත් කීවේය. ඒ රාසයියා නිවසට ගෙන ආ හැටිත් කිරිඅත්තා ඔහුත් සමඟ එක් ව රාසයියා සුවපත් කළ අයුරුත් පිළිබඳවය.
මරණ සහතිකය හිමි විය.එහෙත් මා තුළ සැනසීමක් වුයේ නැත.
"බාප්පා.මං දෙයක් අහන්න ඇත්තම කියනවද?"
"මොකද්ද? මම ආයෙ ගෙවල් දොරවල් ඉල්ලගන එන්නෑ"
"නෑ ඒක නෙවෙයි .කිරි අත්තගෙ ඇඟිල්ලට මොකද කරේ බාප්පා"
පලනි බාප්පා කතා කළේ නැත.
"නෑ මං කාටවත් කියන්නෑ. මට නිකං ඒක දැනගන්න හිතුනා ඒකයි. නැන්දට හිතේ බාප්පා හුනියමක් කරන්න අරං ගියා කියල"
පලනි බාප්පාගේ ස්නේහවන්තිය කතා කිරීමට පටන් ගත්තාය.
"අනේහ් කරන හූනියමක් නෑ.එයා ඔය හිතේ වේගෙට කරපු වැඩක්නෙ"
"පුතාට තේ එකක් දෙන්ඩ විදියක් නැද්ද?" පලනි බාප්පා ඇසුවේය.
"මං අපේ දිහෑන් උස්සං ආව පිඟන් කෝප්ප ටිකක්.අම්මලට ආයෙ ඔය ඔක්කොම තියාගෙන කන්නැයි" හිත හොඳ කටකාරිය පිටුපසට ගියාය.
"මං පොඩි කාලෙ හරියට ගස් නගිනව.අප්පා මට ගහනව.එක පාරක් ගහෙන් වැටිලා තුවාල වුණා.මේ පැල්ලම ඒක.එතකොට මට වයස අටක් ඇති"
බාප්පා කකුලෙහි වූ ලොකු තුවාල පැල්ලම දෙස බැලුවේය.
"ඕක අපේ ගෙදරට එනකොට කුණුවෙලා ගඳ ගහන දොන්ඩමක් තිබ්බ කකුලේ" අපගේ පියා කියා තිබිණි.
"කෝච්චිය යන්නෙ අපේ ගෙවල් පල්ලෙහා කැලේ හරියෙන්.මගෙ තුවාල දැකලා අපේ අප්පා මගේ පස්සෙන් එලවගෙන ආවා මට ගහන්න.එයා එහෙම තමා හැම වෙලාවෙම ගහනවා.මම අඩි පාර දිගේ දුවලා ගිහිල්ලා කෝච්චි පාරට ලං වෙනකොට කෝච්චිය නවත්තලා තිබ්බා.ඒ කැලේ පාරේ කවදාවත් කෝච්චිය නවත්තන්නේ නෑ. මං දන්නෙ නෑ ඔයා අලියෙක්වත් වැදිලා වෙන්න ඇති.මම එකපාරටම කෝච්චියට නැගලා තාත්තට පේන් නැති වෙන්න ඉඳගත්තා.මට ඕං ඔච්චරයි මතක.තුවාල අමාරුවටයි මහන්සියටයි මට නින්ද යන්න ඇති.ඊට පස්සේ කෝච්චිය නවත්තපු තැනකින් මම බැස්සා.ඊට පස්සේ ගෙවල් පැත්තට යන්න හිතාගෙන ආයෙ එකක නැග්ගා.ඕවා නිකන් චිත්‍රයක් වගේ මිසක් හරියට මතක නෑ.තාත්තගෙන් බේරෙන්න ගිහින් කෝච්චියට නැග්ග බව නං මට හොඳටම මතකයි. ඊට පස්සේ එක එක ටවුන් වල එක එක බස් වල ..මං ගෙදර යන්න පාර ඇහුවට සිංහල මිනිස්සුන්ට මං කියන එක තේරුනෙත් නෑ.මාස ගානක් යන්න ඇති .මං දන්නෑ.එක දවසක් මෙහෙ ටවුමට ආව.ආව හැටි මතක නෑ.
මං කඩේකින් ඤනකතා ගත්ත.බිම ඉඳගන ඒක කනකොට මිනිහෙක් මට තේ කෝප්පයක් දුන්න.මං තේ බිව්වා. ඊට පස්සෙ ඒ මිනිහා මගෙන් ඇහුව මොනවහරි.ඤානකතා එක ඇතිද කියලා ඒ අහල තියෙන්නෙ.මට තේරුන්නෑ.ඊට පස්සෙ ඒ මිනිහා පොළට ගියා.මාත් නිකං ගියා.ඒ මිනිහ රෙදි ගත්ත.මං ඉන්නව දැකලා ඇහුව අරං දෙන්නද කියල.ඒක මට තේරුනා.මම හා කිව්ව.මට කමිසෙකුත් හම්බුනා.මං ඒ මිනිහා පස්සෙන් ගියා.ඒ මිනිහා වඩේ ගත්තා.මට කෙල ගිලුනා.මම ඒ මිනිහගෙ පස්සට තට්ටුවක් දාලා අත දික් කරා.ඒ මිනිහා මට වඩේ දිලා වඩේ කාරයගෙන් ඇහුව මං ගැන.ඒ මනුස්සයා කිව්ව මං මේ රවුමට හදිසියෙන් පාත් වෙලා බව.මට වචන තේරුම් නැති වුණාට ඒ කිව්වේ ඒක කියලා කියලා මට තේරුණා. ඊට පස්සෙ ඒ මිනිහා මගෙන් එක එක ඒව ඇහුව.මම කිව්වා යේන් පේර පලනිදොරෙයි කියලා...........ඊට පස්සෙ ඒ මිනිහා මාව එක්ක ගියා කඩේකට.ඒ මු ස් ලි ම් කඩයක්.ඒ මිනිහට ඕන වුණේ ඒ කඩේ අය ලවා මගේ විස්තර අහගන්න.මේක හිඟන්නු හිටිය ටවුමක් නෙවෙයිලු.ඉතින් එක පාරටම පොඩි කොල්ලෙක් හිඟා කන කොට ඒක ගැන හොයන්න ඕනනෙ.කඩේ මුදලාලි මගෙන් මං කොහෙද කොහොමද මෙහෙට ආවේ කියලා එහෙම ඇහුවා මම මගේ කතාව කිව්වට මුදලාලි ඒක විශ්වාස කරෙ නෑ. මට ඇහුණා ඒගොල්ලො කතා වෙනවා.එතකොට යුද්දෙ තිබ්බනේ.පොඩි එකෙක් උනත් විශ්වාස කරන්න බෑ.මොනවට මෙහෙට ඇවිල්ලා ඉන්නවද දන්නෙ නෑ.නොදැක්කා වගෙ ඉන්න එක හොඳයි කියලා තමයි ඒගොල්ලෝ කතා වුනේ.එයාලා ඒක ඒ මිනිහටත් කිව්වා.ඒ මිනිහ මාව කඩෙන් එලියට එක්ක ඇවිල්ලා මගේ අතට රුපියල් දහයකුත් දීලා යන්න ගියා.ඒ උනාට මට එතන ඉන්න හිතුන්නෑ.මං ඒ මිනිහගෙ පස්සෙන් ගියා.ඒ මිනිහා නැගපු බස් එකටම නැග්ගා.ටිකට් ගද්දි ඒ මිනිහ කිව්වෙ ඉනිදුම කියල.මාත් ඉනිදුම කියන රුපියල් දහය දුන්නා.ඒ වෙලාවේ මිනිහ මාව දැක්කා.මං ඒ මිනිහා දිහාම බලාගෙන හිටියා.කාලෙකට පස්සේ මට මිනිහෙක් හම්බුනේ. ඉතිං කොහොමද ඒ මිනිහහෙන් ඇස් අහකට ගන්නෙ.ඒ මිනිහා බස් එකෙන් බහිද්දී මාත් බැස්සා.එතකොට පොද වැස්සක් ගියා.ලොකු බඩු මල්ලත් කරේ තියාගන ඒ මිනිහ ඉස්සරහින් යද්දි මං ඒ මිනිහගෙ පිටිපස්සෙන් ගියා. ඒ මිනිහා එක පාරක් මං දිහා හැරිලා බැලුවා. මං හිට ගත්තා..ඒ මිනිහා ආයෙ යන්න පටන් ගත්තා.මාත් ඉක්මනට ඉක්මනට පස්සෙන් ගියා. ඊට පස්සේ ටික දුරක් යනකොට මොණරු කෑ ගහන්න පටන් ගත්තා.මං ඒ සද්දෙට බයයි. මට යන්න බැරිවුනා.මං හිටගෙන අඬන්න පටන් ගත්තා.ටිකකින් මොනරුන්ගේ සද්දෙ ළඟම ඇහුණා.එතකොට මට බය හිතුනා.මං ඇස් දෙක පියාගෙන ටිකක් වෙලා ඉඳල ඇස් ඇරලා බලනකොට ඒ මිනිහ හිටියෙ නෑ.මං එතන තිබ්බ බෝක්කුව උඩ ඉඳගත්තා.ටික වෙලාවකින් අර මිනිහා ආපහු ඇවිත් හිටගන මං දිහා බලාගෙන හිටියා.ඊට පස්සෙ ඒ මිනිහ ආපහු යන්න පටන් ගත්තා මං ඒ මිනිහා ළඟට දුවගෙන ගියා.ටිකක් දුර මං ඒ මිනිහගෙ ළඟින් ළඟින් ,ළඟින් ළඟින් ගියා. ඒ මිනිහා මං දිහා බැලුවා මම එක දැක්කා.මට තේරුණා මං ඒ මිනිහත් එක්ක එනවට අකමැති නෑ කියලා.ඊට පස්සේ ටිකක් දුර යද්දි මං ඒ මිනිහගේ දිග අත ගෑවෙන ලගින් ගියා. මං එයාගෙ අත අල්ලන්න වගේ අත ලං කරා.එතකොට ඒ මනුස්සයා අනිත් ඇඟිලි නමල දබර ඇඟිල්ල ඉතුරු කරා.
ඒ මිනිහ මට කිව්වේ නෑ ඒ ඇඟිල්ලෙන් අල්ලගන්න කියලා.ඒ උනාට මං ඇඟිල්ලෙන් අල්ලගෙන ඒ මිනිහගෙ ගෙදර ගියා. අනාථ මටත් ගෙයක් හම්බුනා.ඒ මිනිහා ඒ ඇඟිල්ල අල්ලගන්ඩ දුන්න හින්දා.ඒ ඇඟිල්ල මට හම්බුන්නැත්තං මං අද .."
"ඇඟිල්ලට මොකද කරේ?"
"ඒක අර පාන් පැල ගාව බිම වළලා තියෙන්නෙ.සමන් පිච්ච වැල මුල" පලනි බාප්පාගේ පුංචි නැන්දනිය කියූවේ රසැති තේ කෝප්පයක් මට පිළි ගන්වන අතරය.
මගේ පියාගෙන් ලබාගත් රුපියල් ලක්ෂයෙන් රාසයියා වෙනුවෙන් ගෙවන ලද මුදලත් රාසයියා රැගෙන ඒමට ත්‍රිවිලරය ට ගෙවන ලද මුදලත් හැර ඉතිරි මුදල කිරි අත්තා වෙනුවෙන් ඕනෑම පින් කටයුත්තකට භාවිත කරන්නැයි පන්සලට බාර දී ඇති බව ආරංචිය.
අර වකුගඩු පරිත්‍යගශීලියා හට ගෙවන ලද මුදල නැවත ලබාගත හැකි දැයි උත්සාහ කර බලන ලෙස පලනි බාප්පා දැනුවත් කිරීම ඔහුගේ ස්නේහවන්ත ගැහැනියට භාර කළ මම නිවසට පැමිණියෙමි. කිරි අත්තාගේ නාමයෙන් මට හිමි වන රක්ෂණ මුදල කුමක් උදෙසා යොදවන්නේදැයි කතා කිරීම උදෙසා පවත්වන ලද සාකච්ඡා වාර බොහොමයකින් පසුත් හරි හමන් උත්තරයක් නොදී රැඳී සිටි මම පසුගිය ඉරිදාවේ මගේ පෙම්වතිය හමුවීමී.
ස්නේහවන්ත මගේ පෙම්වතියගේද පූර්ණ කැමැත්ත සහිතව මා වෙත හිමිවූ මුදල වන රුපියල් ලක්ෂ විසි පහෙන් ලක්ෂ විස්සක මුදලක් පයිත්තියං චිත්තප්පාගේ නමට ගිණුම් ගත කළ මම අද දින නැවත ගුවන් යානයට නඟිමි.
කිරි අත්තා වෙනුවෙන් වූ එම මුදල අයිති මට නොවේ. එය අයිති .ඔහුට සැබැවින්ම ආදරය කළ පයිත්තියං චිත්තප්පාටය.හෙතෙම පයිත්තියං චිත්තප්පා නොව පාසකාරන් (ස්නේහවන්ත) චිත්තප්පාය.
රාසයියා නැවත පැමිණ ඌට පුරුදු පරිසරයේ සුවසේ ජීවත් වීම සිදු නොවුනහොත් කිරිඅත්තාගේ ආත්මයට සැනසීමක් නොලැබෙන බව පලනි බාප්පා සිතයි. මා දන්නා තරමට කිරි අත්තාට මරණයෙන් පසු පවා සැනසීම අහිමි කිරීමට තිබූ එකම කාරණය එය පමණක් නොවේ.
"පලනිව ඉස්කෝලෙ ඇරියෙ නැති එක,ඌව නිකම් වැඩට පලටම තියාගත්ත එක ගැන තමා මං දුක් වෙන්නෙ.මට තිබ්බ කොල්ලට උගන්නන්න.ඌ මං ගැන විශ්වාස කෙරුව තරම් මං ඌට සලකලා නෑ කියලමයි මට හිතෙන්නේ.අඩුගානේ මං ඌට ගෙයක් දොරක් වත් හදලා දුන්නේ නෑනේ"
කිරි අත්තාගේ සැනසීම උදෙසා මට කළ හැකි උපරිමය කර, මගේ පියාගේ හෘදයාබාධයට හේතුවක් |
වී ගුවන් ගත වන්නෙමි. මගේ පියාට ලක්ෂ විසි පහක් අහිමිව ඇත.
හෙට පාසකාරන් චිත්තප්පාගේ විවාහය ලියාපදිංචි වෙයි.මගේ ස්නේහවන්තිය ඒ උදෙසා ඉනිදුමට යනු ඇත.කිරි අත්තාගේ ඇඟිල්ල යට කළ සමන් පිච්ච වැල පසුපස ඔහුගේ කැදැල්ල තැනෙනු ඇත.නිසි ආදරය ලද කිරි අත්තාගෙ එකම එක ශරීර කොටස වන එම ඇඟිල්ල හේතුවෙන් පමණක් වුවද ඔහුට සැනසීම හිමි වනු ඇත.
දයාබර කිරි අත්තේ..මුණුපුරන් වන අප ඔබගේ පරම්පරාවෙන් සිදුවු අඩුපාඩු සකස් කරමින් ඔබගේ නාමය ඔසවන්නෝ මිසක ඔබගේ නාමයෙන් ලාබ ප්‍රයෝජන පමණක් ලබන්නෝ නොවෙමු.
මම චමල් මහේන්ද්‍ර ආටිගල වෙමි.මා යනු ඉනිදුම ආටිගල මාමාගේ මුනුපුරා බව භෞතික ලෝකයටත් පලනිදොරෙයි හෙවත් පයිත්තියං චිත්තප්පාගේ මුනුපුරා බව ආධ්‍යාත්ම්ක ලෝකයටත් හඬඟා කියමි.
මගේ පාසාකාරන් චිත්තප්පා වැනි වූ ද මගේ ස්නේහවන්ත පෙම්වතිය වැනි වූද ඉනිදුම පලනිදොරෙයිගේ බිරින්දෑ වැනි වූද මිනිසුන් සමඟ ලෝකය තවමත් ස්නේහවන්ත තැනකි.
==============
සුජාතා මැණිකේ ඉහළගෙදරසින්ඩරෙල්ලාගේ කතාව
5 වන කොටස
සින්ඩිටද අශ්ව කරත්තය නවත්තන හඬ ඇසුණි,
"අනිවාර්‍යයෙන්ම රජ මාලිගෙන් මාව හොයාගෙන ඇවිත් ඇති"
සින්ඩි කල්පනා කලාය,
"අම්මේ,
පෝක් එක බලන්න"
කියූ ඇය වහාම තම නිදන කාමරයට ගියාය,
ඉන් පසු ඇය වහ වහා හොඳින් නාකියාගෙන සුවඳ විලවුන් තවරා තමන්ට ඇති ඉස්තරම්ම ඇඳුමෙන් ලෑස්ති වූවාය.
ඇයට මේ වැඩ සියල්ල සිදු කිරීමට ගතවූයේ නිමේශයකි,
"රමණී....
අර දොර අරින්න,
කව්ද කතා කරනව"
රෙල්ලා මහතා හෙවත් සින්ඩිගේ ෆා කුඩම්මාට කතා කලාය.
"මම මේ උයනවා ඔයාට වැඩට ගෙනියන්න,
ඔය ඉන්නේ ෆෝන් ඔබ ඔබා කට්ටියක්,
කියන්නකෝ"
කුස්සියේ සිට කුඩම්මා කෑ ගැසුවාය.
"ඔය පෝක් එක මම ගෙනියන්නේ නෑනේ,
තියන මාලු ටිකක් දාලා ඔතලා දෙන්න,
මම මේ රෙදි මදින ගමන්"
තාත්තා නැවත පිළිතුරු දුන්නේය.
"මම යන්නම් තාත්තේ"
මිහිකත නළවාලා ජැස්මින් සුවඳ විහිදුවමින් කාමරෙන් එළියට ආ සින්ඩි ඉදිරිපස දොර දෙසට දිව ගියාය,
සින්ඩිගේ හදවත වේගයෙන් සැළෙයි,
"ඔව්,
වෙලාව ආවම බඹරේ වල්ලේ කැරකෙනවා"
සින්ඩි තනියම සිතා ගත්තාය,
"නැ වැරදුණා,
වෙලාව ආවාම බඹරෙත් වැල්ලේ කැරකෙනවා"
ඇය නිවරදි ආකාරයට ආප්තෝපදේශය නැවත මිමිණුවාය.
සින්ඩි සාලයේ ඇති අඩි 7ක් පමණ උස විශාල දොර දෙකේ කැටපනෙල් කොස් දොර විව්ෘත්ත කළාය,
ඇයගේ ඇස් අදහාගත නොහැකි විය,
ඇය දුටුවේ රජ මාලිගයේ අශ්වයින් දෙදෙනෙක් බැඳි සුවිසල් අශ්ව කරත්තයක් නිවස ඉදිරිපිට නවත්වා තිබෙන ආකාරයයි,
එයින් බැසගත් හැඩි දැඩි හේවායන් දෙදෙනෙක් ඈ ඉදිරිපිටට පැමිණියේය,
"නංගි,
මේ අස්සයන්ට වතුර තිබහ ඇවිල්ලා,
වතුර බාල්දියක් ගෙනත් දෙන්න පුලුවන්ද"
හේවායෙක් ඇයගෙන් ඉල්ලීමක් කලා,
"නොදකින් වහුකුණා"
ආ තමන්ටම මුමුණා නිවසේ තිබූ ලීටර් 20 බ්‍රිලියන්ට් වයිට් හිස් බාස්කට් එකට වතුර ගෙන ඒමට නිවස තුලට ගියාය.
"ඇයි දුවේ?"
රෙල්ලා මහතා ඇසුවේය.
"නෑ තාත්තේ,
අර මගුල් අස්සයන්ට වතුර තිබහා ඇවිත් කියලා අස්ස කරත්තෙන් මෙහෙට ඇවිත්,
මුන්ටත් ගෑනු රෙද්දක් වැලක වනලා තියනවා පේන්න බෑ,
අස්සයන්ට හරි තිබහා එනවා"
ඇය වතුර පිරවූ බාස්කටය රැගෙන නැවත මිදුල දෙසට ගියාය.
--------
හෝම්ස් සහ මම ඉතාම සතුටෙන් රාජකුමාරයා හමුවී අදාල තරුණිය සොයාගත් පුවත සැලකර සිටියේය,
රජ කුමරාට සතුට නිම්හිම් නැතිවිය,
"යේහ් අංකල් සම්හව් යූ ඩිඩි ඉට්"
රජ කුමරා හෝම්ස්ගේ පිටට තට්ටුවක් දැම්මේය,
"කරන්න බැරිනම් බාරගන්නේ නෑ රජ කුමරුණි"
හෝම්ස් පම්පෝරි දෙඩුවේය.
"ඔබ දෙදෙනා විශිෂ්ඨයි"
නැවතත් කුමරා පැවසීය.
"ඩොක්ටර් වොට්සනුත් මට උදව් කලා පුලු පුලුවන් විදිහට"
හෝම්ස් නැවත තම කුහකකම රජමාලිගය මස්ථකයේ ප්‍රදර්ශණය කලේය,
"සල්ලි හින්දනේ මෙච්චර පාච්චල් වෙන්නෙ"
මම තනියම සිතුවෙමි.
"එසේනම් අපි යමු ඒ තරුණිය සොයාගෙන,
එන්න අංකල් අපේ තාත්තට මේක කියමු"
රජ කුමරා පැවසීය,
"තාත්තේ,
මා සෙවූ තරුණිය හෝම්ස් මහතා සොයාගෙන තිබෙනවා"
මහ රජුට අප කල වීර ක්‍රියාව රජ කුමරා සැල කර සිටියේය.
"ඉතාමත් හොඳයි හෝම්ස්,
මෙයා නිකම් නයා ප්‍රෙග්නන්ට් වුණ කූටාඬි වගේ හිටියේ පහුගිය ටිකේ,
මමයි කිව්වේ ඔබට මෙම කර්තව්‍ය භාර දෙන්න කියලා,
මගේ පුත් කුමරා සෙව්ව මේ තරුණිය සොයා දුන්නාට මෙන්න මගෙන් පුන්චි තෑග්ගක්"
රජතුමා සිංහාසනය අසල තිබූ පෙට්ටගම විව්ෘත්ත කලේය,
හෝම්ස්ගේ දෑස ප්‍රීතියෙන් දිදුලන්නට විය,
හෝම්ස් වැලමිටෙන් මාගේ යටි බඩට ඇන්නේය.
"පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස,
මේවා තුටු පඬුරු බලාපොරොත්තුවෙන් කල දේවල් නොවෙයි,
ඔබට සේවය කිරීම අප හට ගරුත්වයක්"
රජු ඉදිරියේ දණින් වැටී සිටි මා හඬ අවදි කළෙමි,
හෝම්ස් මා දෙස බැලුවේය.
"රජයට පක්ශපාතී,
රජු වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තම කැපකිරීම් කරන ඔබ දෙපළ වැනි රට වැසියන් සිටීම මට මහත් ආඩම්බරයක් හෝම්ස්"
කියූ රජතුමා පෙට්ටගම නැවත වැසුවේ කිසිවක් නොගෙනය.
හෝම්ස්ගේ කන් දෙකෙන් දුන් දාන්නට පටන් ගත්තේය,
"එසේනම් පිය රජතුමනි අපිට යන්නට අවසර"
"උඹ නෝමල් කතා කරපං,
උඹ පුතානේ,
කැටයං ඕනේ නෑ"
රජතුමා කුමාරයාට පැවසීය,
"හරි තාත්තේ,
එහෙනම් අපි යන්නම්,
ඩිෆෙන්ඩරේ ගන්නද?"
කුමරා ඇසීය,
"ඒකේ යන්න එපා,
ලීටරේට කිලෝමීටර් 2යි කරන්නෙ,
මාච් එකේ යන්න"
පැවසූ රජතුමා සිංහාසනයෙන් නැඟිට ගියේය.
"හරිනේ පුකේ අමාරුව?"
හෝම්ස් ම හට කනට කර පැවසීය,
"මම ටිකක් ඕවර් ගියා නේද?"
මා වේදනාබරව පැවසීමි.
"තොට දෙන්නේ ලක්ශයයි"
හෝම්ස් නැවත මා හට කනට කර පැවසීය.
ඉක්මනට මේ පරීක්ශණය ඉවර කලයුතු බව මා හට වැටහීගියේ මාගේ කොටස 150,000 සිට, 147,500 වී දැන් ලක්ශය දක්වා අඩුවූ නිසාය,
"අපි යමු නේද අංකල්"
රජ කුමරා පැවසීය.
------
"මම යනව එහෙනම්"
සින්ඩරෙල්ලාගේ පියා පෝක් නැතුව බෙදාගත් බත් එක බැඳගෙන සම්පකාරයේ රාජකාරී සඳහා පිටත් වූයේය.
"සින්ඩරෙල්ලා...
අර වළං ටික හෝදලා දැම්මානම්"
කුඩම්මා දොර කවුළුවෙන් එබී බලා පියා ඈතට යනවා බලාසිට නැවත තම අණසක නිවසේ පතුරවන්නට විය,
"හොඳයි"
සින්ඩරෙල්ලාද තරහින් උත්තර දී කුස්සිය වෙත ගියාය.
"සින්ඩරෙල්ලා,
අන්න බලන්න වාහනයක් ඇවිත්"
කුඩම්මා නැවත කැගැසුවාය,
සින්ඩරෙල්ලා ලෙමන් සුවඳැති විම් කැටයෙන් සෝද සෝදා සිටි වළඳ පසෙකින් තබා නැවත මිදුල දෙසට යාමට ඉදිරිපස දොර විව්ෘත්ත කළාය,
සින්ඩරෙල්ලා දුටුවේ රජ රජ මාලිගයේ රජ කුමරා තවත් පුද්ගලයන් දෙදෙනෙක් සමඟ මිදුලේ නවත්වා තිබූ කොල පැහැති කාරයෙන් බැස ඉදිරියට පැමිණෙන අයුරුයි,
එහි ඉදිරිපස වීදුරුවේ palace යනුවෙන් ගසා VVIP බල්බ ස්ට්‍රිපයක් ගසා තිබුණි,
ඇගේ හදගැස්ම වැඩි විය,
අතේ දැළිය,
"මහත්මිය,
දෙමාපියෝ ඉන්නවාද?"
තොප්පියක් දාගත් තලත්තෑනි පුද්ගලයෙක් සින්ඩරෙල්ලාගෙන් ඇසුවේය,
"අම්මේ,
මෙන්න රජකුමාරයා ඇවිල්ලා"
බියවූ සින්ඩරෙල්ලා කුඩම්මාට කතා කර නිවස තුලට දිව ගියාය.
-------
රජ කුමාරයා මම සහ තරහෙන් පුපුරමින් සිටි හෝම්ස් අදාල තරුණියගේ නිවසට ගොස් ඇගේ මව හමුවුණෙමු,
"මහත්මිය,
අපේ රජ කුමාරයා සමඟ නර්තනයේ යෙදුණද ඔබේ දුවලා?"
හෝම්ස් ඇගෙන් ඇසුවේය,
ඇය ඉතාමත් බියට පත්වී සිතිනු බවක් දකින්නට විය,
"ඔව්,
කුමාරයාණෙනි,
මගේ දුවලා දෙන්නාම සුළු වෙලාවක් නර්තනයේ යෙදුණා"
ඇය ගොත ගසමින් බොරුවක් පැවසුවාය,
"එසේනම් ඒ දුවලා දෙන්නාට එන්න කියන්න"
රජ කුමරා පවසීය,
ඇය නිවසේ කාමරයකට ගියාය,
ඇතුලෙන් කෑගසන ශබ්දයක් ඇසිණි,
"මොනවා උඹ ගියා?"
"ඔව් ගියා තමයි ගෑනියේ,
උඹ මාව හිර කලාට උඹේ පදේට නටන්නෙ නෑ යකෝ"
රජ කුමරා තුශ්ණිම්භූත විය,
"කට වහපිය සින්ඩරෙල්ලා"
"අතෑරපිය හැතිරි මාව,
බලපිය මම මාලිගාවට ගියාම තොපිව හැඳි ගාවල ගන්න හැටි"
රාජ කුමාරයාගේ මූණ ඇඹුල් විය,
විගසින් කොණ්ඩය අවුල් කරගත් තරුණ කාන්තාවක් කාමරෙන් එළිය දුව ආවාය,
"තොට මම"
කියමින් ඇගේ මවද පස්සෙන් පැමිණ කෙස් වැටියෙන් අල්ලාගත්තාය.
"අඩේ..."
හිඳ සිටි පුටුවෙන් නැඟිටගත් රජ කුමරා ගර්ජනා කරන්නට විය.
ඒ ශබ්දයට බියවූ හෝම්ස් වේගයෙන් ගැහී සෙම දමමින් පුටුවේ සිහිසුන් විය,
සියල්ලෝම මීයට පිම්බාක්මෙන් නිශ්ෂබ්ද විය,
"හෝම්ස් අංකල්,
මම මේ කාන්තාවටයි සැර කලේ"
කුමාරයා හෝම්ස්ව නැඟිට්ටුවන්නට වෙර දැරුවේය,
"මෙයා ගොඩක් සංවේදියි කුමරුණි,
පොඩි සද්දෙටත් පරළ වෙනවා"
මම ගෞරවයෙන් පැවසීමි,
"ඉක්මනට වතුර එකක් ගේන්න"
මම තරුණියගේ මවට පැවසීමි,
"අනේ,
සින්ඩරෙල්ලා වතුර එකක් ගේන්න"
ඇය ඉහතකී රණ්ඩුවූ තරුණියට පැවසුවාය,
හෝම්ස් තාමත් ගැහේ,
-----
කෙසේ හෝ හෝම්ස් නැවත ප්‍රක්ෘත්ති තත්වයට පත්වීමෙන් පසුව අප පැමිණි මාත්ෘකාවට අවතීර්ණ වුණෙමු,
"මහත්මිය,
ඔබගේ පවුල් ප්‍රශ්ණ අපිට අදාල නැහැ,
රජ කුමරා ඇවිත් ඉන්නේ ඇගේ අනාගත් බිසව සොයාගෙන,
කරුණාකර මේ සෙරෙප්පුව ඇයට දමන්න කියන්න"
හෝම්ස් හයි හීල් සෙරෙප්පුව ඇඟිලි තුඩෙන් අල්ලා ඇයට දුන්නාය,
"උඹ තැනකට යනවා කියන්නේ අපි තැනකට ගියා වගේ තමයි දුවේ"
කියූ ඇය සින්ඩරෙල්ලා නැමති තරුණියට එම සෙරෙප්පුව දැමීට දුන්නාය,
ඇයට රණ්ඩු වී පළක් නොමැති බව වැටහිණි,
ඇගේ අනිත් දියණියන් දෙදෙනාද දොර රෙද්ද මෑත් කර අප දෙස බයෙන් බලා සිටිණු දක්නට ලැබුණි,
ඔව්න්ගේද මහා ලොකු කැතක් නොමැත,
කෙසේ හෝ එම සෙරෙප්පුව ඇගේ කකුලට හරියටම හරි ගියාය.
කකුලට සෙරෙප්පුව දමන අතරතුර හෝම්ස් කෝකටත් කියා අහක බලාන සිටිනු මා හට නිරීක්ශණය විය.
"හරී"
කුඩම්මා ප්‍රීතියෙන් පැසුවාය,
හෝම්ස් කුමරා දෙස ශ තරුණිය දෙස බැලුවේය,
"එසේනම් රජ කුමරුණි,
මේ සිටින්නේ ඔබගේ අනාගත් රජ බිසවයි"
හෝම්ස් ඉතා ප්‍රීතියෙන් රජ කුමරාට සින්ඩරෙල්ලාව හඳුන්වා දුන්නේය,
"පොඩ්ඩක් ඉන්න,
ඒ ඔයාමද?"
රජ කුමරා මඳ සිනහාවක් පාමින් ඇසුවේය,
"ඔව් ඒ මමම තමා රජ කුමරුණි"
"එදා වෙනස්නේ"
"එදා මේකප් දාලානේ හිටියේ"
සින්ඩරෙල්ලා පැවසීය,
"කටත් හරි සැරයි වගේ"
රජ කුමරා කට ඇද කර ඇයට සරදමක් කලේය,
ඇය ලැජ්ජාවෙන් ඇඹරුණාය,
"මට අද හරිම සතුටුයි,
කෙසේ හෝ ඔබව මට අද ලැබුණා"
රජ කුමරා සින්ඩරෙල්ලාට පැවසීය,
මම සහ හෝම්ස් ඇතිවූ සතුටට එකිනෙකා තදින් වැලඳ ගත්තෙමු,
"වොට්සන්"
"ඔව්"
"රෙක්සෝනා ඩියෝඩ්‍රන්ට් එකක් ගන්න"
හෝම්ස් පැවසුවේය,
"ෆා එක?"
"ඒක |
ත් හොඳයි,
අරක ගනන් අඩුයි"
"හෝම්ස් අංකල්,
තාත්තාට එන්න කියමු නේද එහෙනම්?"
රජ කුමරා නිහඬතාවය බින්දේය.
"හොඳමයි කුමාරයාණෙනි"
කියූ හෝම්ස් රජ වාසලට දුරකථන ඇමතුමක් ගත්තේය,
-----
රජ කුමරා සහ සින්ඩරෙල්ලා නිවසේ ඉදිරිපස මිදුලේ තිබූ සිමෙන්ති බංකුව උඩ හිඳගෙන අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය,
සින්ඩරෙල්ලාගේ පියාද මේ සිදුවීම සැලවූ වහාම නිවසට පැමිණ තිබුණි,
සියල්ලෝම ඉතාමත් සතුටින් කතාබහ කරමින් සිටියේය,
"හෝම්ස්,
ඇඩ්වාන්ස් එකෙන්නම් 50,000ක් නැතිවුණා මට,
කුමා ඉතුරු බැලන්ස් එක දායිත?"
මම හෝම්ස්ගෙන් ඇසුවෙමි,
"මෙන්න වැන්ද සුදු මැණික,
කට පියන් ඉඳපන් කමර්ශල් බෑන්ක් එනෙක් සල්ලි වැටුණා කියලා මැසේජ් එක එනකම්"
හෝම්ස් සිනාසෙමින් මා හට වැන්දේය.
"අයියේ පැශන් ෆ්ෘට් එකක් හැදුවා,
මහ රජතුමා මඟ එන ගමන්ද?"
සින්ඩරෙල්ලාගේ මව අප හට බීම සාදා තිබුණි,
හෝම්ස් බීම වීදුරුවක් ගන්නට අත දිගු කලේය,
"කුමාරයාට අල්ලලා එන්න නංගි ඉස්සෙල්ලා"
මම පැවසීමි,
හෝම්ස් නැත ලැජ්ජාවෙන් අත ආපස්සට ගත්තේය,
"ඔව් ඔව් නංගි,
කුමාරයාටයි අලුත් බිසවුන් වහන්සේටයි අල්ලලා එන්න"
කියා,
"අර ඇඩ්වාන්ස් එකෙන් 90,000යි දෙන්නෙ තොට"
මදෙස හැරී හෝම්ස් පැවසුවේය.
thaaarustories
Tharu Rajapaksha
තාරුගේ සිද්ධිසින්ඩරෙල්ලාගේ කතාව
4 කොටස
කුමාරයා ගිය පසු හෝම්ස් සෙරෙප්පුවද අතින් ගෙන මදෙස බලා හොඳ හුස්මක් යව කට ඇරන් ශරීරය අඩපන කරගත්තා සේ ඇක්සන්ට් එකක් දමා සිනාසුණේ,
"අම්මෝ ඔයින් ගියා ඇති"
ස්වභාවයෙන්ය.
"හෝම්ස්,
ඇත්තටම දැන් පුළුවන්ද ඔය සිලිකන් ඔයිල් එකෙන් ඔය කෙල්ලව හොයා ගන්න?"
මම ඇසුවෙමි.
"ඒක තමා මිත්‍රයා මමත් මේ කල්පනා කරන්නෙ"
හෝම්ස් කියූ දෙයින් මගේ වම් තට්ටමේ රෝම කූප උද්ධීපණය විය,
රජ ගෙදර ගැටළු විසඳුවොත් ඇතෙක් බරට අපිට බඩු ලැබේ,
නොවිසඳුවොත් ඇතාගේ බරට අපිට බඩු හම්බේ,
"වොට්සන්,
වහාම මේ නගරේ අවට තියන සැලුන් ඔක්කෝගේම ඩීටේල් එකක් හොයාගන්න"
"කොහොමද ඒවා මම හොයන්නේ හෝම්ස්?"
මම තුශ්නිම්භූත වුණෙමි,
"10% එහෙනම් 5%වෙයි"
හෝම්ස් සිනාසුණේය,
"හොඳයි මම හොයන්නම්"
මම ලක්ශ එක හමාරෙන් කරන්න වැඩ දැනටමත් ප්ලෑන් කර ඇති නිසා පරාජය භාරගතිමි.
"මෙහෙම ඕක කරන්නේ,
යන්න ප්‍රාදේශීය සභාවට,
ගිහින් ගන්න මේ නගරයේ ලියාපදිංචි වුණ ඔක්කෝම සැලුන් වල විස්තර"
"වෙන නගරෙක සැලුන් එකකට ගියනම්?"
"වොට්සන්,
ඒ තරුණිය මේ අවටම කෙනෙක්,
නැත්නම් සෙරෙප්පුත් නැතුව මහ රෑ ජාමේ ගෙදර යන්නේ නැනේ"
"සැලුන් එකකට ගිහින් නැත්නම්?"
"ඇයි කුමාරයා කිව්වේ ලස්සනට මේකප් කරලා හිටියා කියලා"
හෝම්ස් තදින් පැවසුවේය.
"ගෙදරදී කලා වෙන්නත් පුලුවන් ඉතින්,
දැන් තරුණියෝ ආර්ථික තත්වේ හින්දා ගොඩක් වෙලාවට ගෙදරදී තමන්ම මේකප් එක කරගන්නවා"
"නැහැ,
මේ වගේ ජීවිතය සම්බන්ද මහඟු අවස්ථාවකට එන්න කිසි තරුණියක් නිවසේදී මේකප් එක කරන් එයි කියලා හිතන්න අමාරුයි,
අනික මේ සෙරෙප්පුව අනුව ඇය අතේ යම් මට්ටමකට මුදල් ගැවසෙනවා කියා කිව හැකියි"
------
"ව්‍යාපාර ලියාපදිංචි කරන තැන කොහෙද?"
"මමත් මේ ආදායම් බලපත්‍රය ගන්න ආව කෙනෙක්,
අතනින් අහන්න"
මා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගිය අවස්ථාවේ මුල් වරම අදාල නැති පුද්ගලයෙක්ගෙන් විස්තර අසා තිබුණි,
එංගලන්තයේ බේකර් වීදියේ නොසිට 2048 ලංකාව සමුර්ධිමත් රාජ්‍යයක් වෙන නිසා මොලේ කල්පනා කර හෝම්ස් සහ මම ආ නමුත් තවමත් මෙම ආයතනවලින් යම් විස්තරයක් ගැනීම අපහසු බව මට වැටහුණේය,
"මිස්,
එක්ස්කියුස්මී"
"හෙලෝ...
ඔව් ඔව් අනේ...
වැඩ ඉතින් දන්නේ නැද්ද?
අද එන්නම් කලින්...
හරී...
ඇයි?"
කාර්‍යාලයේ සාරියක් හැඳ දුරකථන ඇමතුමක් රැගෙන සිටි නිලධාරිණිය මා හට රවමින් ඇසුවාය.
"ව්‍යාපාර ලියාපදිංචි"
"ඔතනින් ගිහින් දකුණට යන්න,
නිල් පාට ශර්ට් එකක් ඇඳගත්ත මහත්තයා ඉන්න කවුන්ටරෙන් අහන්න,
හෙලෝ...
නෑ මේ සුද්දෙක් ඇවිත්"
මම වචනය කියා නිම කිරීමට පෙර ඇය මා හට පාර කිව්වාය,
"මේ ව්‍යාපාර ලියාපදිංචි කරලා තියන තැනද?
මට දැනගන්න පුලුවන්ද මේ ප්‍රදේශයේ තියන සැලුන් පිළිබඳව"
"මහත්තයෝ,
ඕකට මේකට එන්න එපා,
කියවන මිනිස්සු වුණත් මොකද්ද හිතන්නේ අපේ රජයේ සේවය ගැන,
දැන් මේ කියවන්නේත් පහලට පහලට අපි මෙතන ඔයාව වටේ යවයි කියලා බලාපොරොත්තුවෙන්නේ,
එහෙම කරන්න එපා,
මහත්තයා,
මහත්තයාගේ මහත්ත්‍යාගෙත් අම්මා තාත්තා ඔක්කෝම රජේ සේවකයොනේ නේද?
තමන්ගේ එවුන්ට කෙලින්න එපා මහත්තයෝ,
නිකමට සීනි බදු වංචාව ගැන වචනයක් කතා කලාද?
යවපු රොකට් ගැන කතා කලාද?
නෑනේ නෑනේ?
මාසෙකට රුපියල් 40,000ක් 50,000ක් අරන් ලමයින්ට විතරක් කන්න අරන් දීලා ඒවා දිහා බලන් ඉඳලා වතුර බොන අපේ මේ රජේ සේවකයන්ටම කෙලින් ඇට හිකනලෙක් වෙන්න එපා තාරු,
කතාව වෙනස් කරන්න මම කිව්ව කියලා ගූගල් මැප් එකේ බියුටි සැලුන් කියලා ගහලා හොයන්න කියන එකට"
"ඒත් හෝම්ස් කිව්වේ මේ විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙන් ගිහින් විස්තර ගන්න කියන කතාවනේ?"
"ඒක වෙනස් කරන්න,
මම කිව්ව විදිහට"
නිල් පැහැති ශර්ටයක් හැඳගත් පුද්ගලයා තදින් කිව්වේය.
ඔහුගේ කතාවේද යම් ඇත්තක් ඇති බව මට වැටහුණි.
මවිසින් ගූගල් මැප් භාවිතා කර නගරය අවට සැලුන් සියල්ල සොයා ගතිමි,
ඉන් පසු හෝම්ස් දැනුවත් කල මා එසේ තෝරාගත් සැලුන් වලට පිය නැඟුවෙමි,
පළමු සැලුනය ඉදිරියේ ස්කූටියක් නවත්වා තිබිණි,
මා සහ හෝම්ස් එහි යන විට තරුණියක් සැලුනයේ වීදුරුව පිස දමමින් උන්නාය සහ
රේ බෑන් සන්ග්ලාස් දෙකක් දමාගත්,
තැනින් තැන රැවුල් ගස් ඇති තරුණයෙක් එහි සෝෆාවේ හිඳගෙන කතා බහ කරමින් සිටියේය,
ඔවුන් අප නොදුටුවත් යම් දෙබසක් අප හට ඇසිණි,
ව්ෘත්තීය රහස් පරීක්ශකයන් වන හෝම්ස් සහ මම අනුන්ගේ රෙද්දවල් වලට ඇහුම්කන්දීම අපේ රාජකාරියේම කොටසක් නිසා අප නොදන්නවා සේම සවන් යොමා සිටියෙමු,
"අසේල,
මගේ බයික් එකත් අරන් කාවද බලන්න ගියේ"
තරුණිය ඇසුවාය,
"නෑ ශානි,
මං ලක්ශිකාට කෑම බීම ටිකක් ගිහින් දුන්නා,
මට ඒ ලමයා දකිද්දී බඩපපුව දාලා යනවා"
"වෙච්ච් දේවල් වෙලා ඉවරයි හලෝ,
ඕවා ගැන හිතන්න එපා"
"අමතක කරලා දාන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද"
"ඔයා ඉතින් ඒගොල්ලන්ට සාලකනවානේ අසේල"
ඒ කාන්තාව පැවසුවාය,
ඒ අතරතුර අප දුටුවේ මේ සියල්ල රූගත කරන බවයි,
"මේ එක්ස්කියුස්මී"
හෝම්ස් මැද්දට ප්න්නේය,
"කට් කට්"
කොණ්ඩය ක්‍රේල් උස පුද්ගලයෙක් එතනට කෑ ගසාගෙන පැමිණියේය,
"කොහෙද මනුස්සයෝ මේ ශූටින් අස්සෙ යන්නෙ"
ඔහු සැරෙන් ඇසුවේය,
"මේ සැලුන් එකේ සිලිකන් ඔයිල් භාවිතා කරනවද මහත්මයා?,
ගිය සෙනසුරාදා හවස 6.30ට වගේ ලස්සන ගෑනු ලමයෙක් ආවද?"
හෝම්ස් හයි හීල් සෙරෙප්පුව ඉදිරියට දික්කරමින් ඇසුවේය,
"මගුලක් කතා කරනවා,
මේක ශූටින් වලට දැන් මාස තුනක් තිස්සේ අපි අරන් තියෙන්නේ"
"මේක රාජ නියෝගයක්?
මොන ශූටින්ද?
ඔයා කව්ද?"
හෝම්ස් රාජෝශ්ණය ගෙන සැර දැම්මේය,
"මම මේ ඩ්‍රාමා එකේ ඩිරෙක්ටර්,
ජගත් මණුවරණ"
ඔහු පැවසුවේය.
"හෝම්ස්,
මේ සැලුන් එකට එන්න නැතුව ඇති අනිවාර්‍යෙන්,
මේක ශූටින් වලට විතරයිනේ ගන්නේ,
අපි යමු මෙතනින් දැන්"
මම හෝම්ස්ට කරුණු පැහැදිළි කරදී එතනින් එක්කන් ආවෙමි,
තව නූලෙන් සඳ ගුටිය,
වෙලාවට කලූ ගමේ ගිහින් හින්දා හොඳය,
පොලිස් කාරයෝ දෙන්නාද අයුධ කේස් එකට ගොස් ය.
------
කෙසේ හෝ අවසානයේ අප විසින් සැලුන් 9කට පමණ ගියමුත් එම කාන්තාව පිළිබඳව හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි වුණි,
"මේ මගුල හරියන්නෙ නෑ හෝම්ස්"
මම විඩාබර ස්වරූපයෙන් පැවසීමි,
"වොට්සන්,
මේරිගේ පවුල් පසුබිම කොහොමද?
මම ඇහුවේ එයාගේ ආරථික තත්වෙ එහෙම?
තනියම ජීවත් වෙන්න පුලුවන්ද එයාට වොට්සන් නැතුව?"
"මොනවද හෝම්ස් මේ කියන්නෙ?"
"මම නැතුව මේරිට ජීවත් වෙන්න බෑ,
එහෙම හිතන්නවත් බෑ අඩුම ගානේ"
"ඔව් ඔව්,
එයාට ඔයාව ඕනේ නේද?"
හෝම්ස් සිනාසෙමින් ඇසුවේය.
"විහිලු කිරීමේ සීමාවක් තියනවා රහස් පරීක්ශකතුමණි"
මම දැඩ් ස්වරූපයෙන් පැවසුවෙමි.
"ඔව් වොට්සන්,
මමත් ඒක තමා කිව්වේ,
මේක අපිට දේශබන්ධු දුන්න වැඩක් නෙවෙයි,
මේක රාජ කුමාරයා දුන්න වැඩක්,
මේක කරොත් අඩි ගානක් අපි උඩ,
කරලා නොදුන්නොත් අඩි 6ක් යට,
කොහොම හරි මේක හොයාගම්මු"
හෝම්ස් අසරණ ලෙස පැවසීය,
"හොඳමයි හෝම්ස්"
මේරි මාගේ දැවෙන චිතකය ඉදිරියේ හඬා වැලපෙන ආකාරය මට මැවී පෙණිනි.
"හෝම්ස් අපි අන්තිම සැලුන් එකට යමු"
"ඔව් වොට්සන්,
එහෙමත් බැරිවුණොත් අපි සෙරෙප්පුව හදපු කම්පැනිය හොයාගම්මු"
ආයෙත් සෙරෙප්පු කම්පැනිඅස්සේ බඩගෑමට සිදුවෙන්නේ මා හට බව දන්නා මා විසින් දැඩි උනන්දුවෙන් සැලුනය වෙත පිය නැඟුවෙමි.
------
"මහත්මිය,
මම රහස් පරික්ශක ශර්ලොක් හෝම්ස්"
හෝම්ස් තම නම කියූ පසු වාව් එකක් බලාපොරොත්තුවෙන් පැවසීය.
"අපි පිරිමි අයට කරන්නේ නෑ අංකල්"
තරුණිය පැවසුවාය,
"නැහැ මහත්මිය,
මම රහස් පරීක්ශ ශර්ලොක් හෝම්ස්,
මේ මගේ සහයකයා වොට්සන්"
"සහයකයා කිව්වට අපි දෙන්නා හොඳ මිත්‍රයෝ,
මම ජෝන් එච් වොට්සන්
ව්ෘත්තියෙන් වයිද්‍ය්වවරයෙක්,
පී පී එක කරනව කොහුවල,
ෆ්‍රී ටය්ම් එකට හෝම්ස් මහත්ත්‍යා එක්ක එනවා ඔහුට තියන හිතවත් කමට"
මමද බර කර කෙල ඇරියෙමි,
ගෑනියක් දුටුවිට තමන් පුම්බා මා උදෑසන හෙළූ කෙල පිඬක් සේ බිම දමා පාගා දැමීම සෑම විටම හෝම්ස් සිතු කරන බව මාගේ මින් පෙර ලියූ ශර්ලොක් හෝම්ස් කතාමාලා 20 කියවූ ඔබට අමුතුවෙන් කිවයුතු නැත,
එමනිසා මා සහායකයා යනුවෙන් හැඳින්වීම දැඩිලෙස පිළිකුල් කලෙමි,
මා උසස්පෙළට ජීව විද්‍යාව හදාරා වයිද්‍ය විද්‍යාලයට ඇතුලුවී ශ්ල්‍ය ව්‍යිද්‍යවරයෙක්වී රාජකීය හමුදාවේ වයිද්‍යවරයෙක් ලෙස වසර ගණනාවක් සේවය කල අභිමාණවත් පුද්ගලයෙක් බව මොහු ක්ශනිකව අමතක කරයි.
"ඔව් ඔව්,
අපි හිතවත්"
හෝම්ස් නෝක්කාඩු ස්වරූපයෙන් පැවසීය.
"අන්කල්,
ඉක්මනට කියන්න මොකද්ද වෙන්න ඕනේ,
ඩයි එකක් කරලා ඉන්නේ එක්කෙනෙක්ගේ ඒක වොශ් කරන්න ටයිම් හරි"
"Lots of people believe that the color needs to set in your hair for a few days after coloring — that's actually just a myth, The hair color doesn't set in any more than it already has if you wait to wash it."
හෝම්ස් කියගෙන ගියේය,
"විශිෂ් |
ඨයි හෝම්ස්"
මම පැවසුවෙමි,
"මම බියුටි කල්චර් කෝස් එකකුත් කරලා ඉන්නේ,
විකාර කියවන්න එපා,
මොකද්ද වෙන්න ඕනේ කෙටියෙන් කියන්න අංකල්ලා දෙන්නා"
"හරි,
ඔබේ වටිනා කාලය නාස්ති කෙරුවාට සමාවෙන්න,
මේක තියාගන්න මිස්,
අපි රහස් පරීක්ශක කණ්ඩාමයමක්,
අපිට විස්තර ටිකක් ඕනේ"
හෝම්ස් රුපියල් 5000ක මුදලක් ඇගේ අතේ තැබුවාය,
ඇගේ දෑස් ප්‍රීතියෙන් බැබලිණි.
"හරි අංකල්,
තව වෙලා තියනවා හෙයා ඩයි එකේ වොශ් එකට,
අහන්නකෝ"
"ගිය සෙනසුරාදා හවස 6.30ට වගේ රූමත් කාන්තාවක් ආවද මේ සැලුන් එකට,
රාජ මාලිගේ පාටියකට යන්න ඕනේ කියලා?"
"ම්ම්ම්ම්ම්ම්ම්
ඔව්නේ"
හෝම්ස්ගේ දෑස් ප්‍රීතියෙන් බැබලිණි.
"කියන්න මහත්මිය,
බර කිලෝ 45ක පමණ සිහින් සිරුරැති කාන්තාවක්?"
"හෝම්ස්"
මම හෝම්ස්ගේ කනට කර රහසින් කතා කෙරුවෙමි,
"අපි හරි තැනට ආවා නේද වොට්සන්"
ඔහු ප්‍රීයෙන් මගෙ ඇසුවේය.
"අර 5000 අඩුවෙන්නේ මගෙන්ද ඔබගෙන්ද?"
මා හිතේ දැවුණ ගැටළුව කෙලින්ම ඉදිරිපත් කළෙමි.
"හාෆ් හාෆ්"
හෝම්ස් තරහෙන් නමුත් රහසින් මුහුණේ සිනහවක් බොරුවට මවමින් පැවසුවේය.
"මහත්මිය,
මේ සෙරෙප්පුව ඇයගේද?"
හෝම්ස් සෙරෙප්පුව පෙන්වූයේය.
"අනේ ඔව් දෙයියනේ,
සින්ඩි කෙල්ලට කරදරයක්ද?"
ඇය කෑ ගැසුවාය,
"ශ්.....
කෑගහන්න එපා"
හෝම්ස් සන් කලේය,
"කියන්න මොකද එයාට වුණේ"
ඇය වේදනාත්මකව ඇසුවාය,
ඒ මන්ද මාස දෙකකට හෝඔ සැරයක් ඇයට එන 2500 මුදල ඇයට කරදරයක් වූවොත් නැතිවන බව ඇය දන්නා නිසාය.
"ඇයට කරදරයක් නැහැ මහත්මිය,
ඇය ඉන්න තැන දන්නවාද ඔබතුමිය?"
"ඔව්,
මෙතන පල්ලෙහා සණස තියෙන්නේ,
එතනින් හැරෙන්න ගම්සභා පාරට,
ඒ පාරේ කිලෝමීටර් 5ක් වගේ ගියාම තියනවා බෝක්කුවක්,
එතනින් අහන්න සම්පකාරේ වැඩ කරන රෙල්ලා මහත්තයාගේ ගෙදරට යන්නේ කොහොමද කියලා,
එතෙන්ට පේනවා සුදු හුණු ගාපු තට්ටු දෙකේ ගෙදරක්"
ඇය පාර පැවසුවාය,
-------
පුරුදු පරිදි පසුදින උදෑසන අවදිවූ සින්ඩි නිවසේ කෑම පිළියෙල කරාය,
උදේට පොල් සම්බෝල සාදා අල බැදුමක් සාදා කැකුළු සහල් හුණ්ඩු 3ක් රයිස් කුකරයේ තැබුවාය, කුඩම්මා පපඩම් බැද්දාය.
"සින්ඩි දුව ඊයේ ගියේ නැද්ද රමණි පාටියට?"
තාත්තා ඉරිදා ලංකාදීපයේ මංගල කිංකිණි බලන අතරතුර කුඩම්මාගෙන් ඇසුවේය,
"නැ අනේ,
ඔය බෑ කිව්වෙ ඒ ලමයට,
සින්ඩි ඉතින් ඕවාට නැති ලමයානේ"
කුඩම්මා සිනහා වෙමින් පැවසුවාය.
"ලියුම අහු වුණේ නැත්නම් ඕකිට මම දනී කරන දේ"
සින්ඩි තරහෙන් මිමිනුවාය.
------
වෙලාව දහවල් 11 පමණ විය,
සින්ඩි රජ සිහින දකිමින් නිඳියෑවාය,
"සින්ඩී...
දුවේ...."
කුඩම්මා පියා සිටින නිසා ඇයට ආදරයෙන් ඇමතුවාය,
"අනේ දුවේ අම්මට උදව් වෙන්න දවල්ට උයන්න,
තාත්තා දැන් වැඩට යනවලු,
එන්නකෝ ලමයෝ,
නංගිලා දෙන්නට තාම ඉතින් තේරුමක් නෑනේ ඕවා"
කුඩම්මා ඇස්ට්‍රා මාගරින් බජට් පැක් එකක් සින්ඩරෙල්ලාගේ ගා ඉවර කලාය.
කතාව ඉවරයි පාත ටික කියවන්න එපා
"අද මොනවද උයන්නේ?,
පෝක් තිබුණා නේද?"
සින්ඩරෙල්ලා නෝක්කාඩුවටමෙන් ඇසුවාය,
"පුතේ පෝක් නොකියා ඌරු මස් කියමු නේද?
මේ කතාවට ගැලපෙන්නේ නෑනේ?"
"නෑ නෑ,
මම කලිනුත් පෝක් කියාල කියලා තියනව මේකේ"
"මොනවා ඒ කොහේදීද?"
සින්ඩරෙල්ලාට දෙලෝ රත්විය,
කුඩම්මා ඇය සාදයට ගිය බවක් නොදනී,
ඇය බොහොම නිවුණ ස්වරූපයෙන් උත්තර දුන්නාය,
"නෑ නෑ,
මම මීයොයි කුරුල්ලොයි එක්ක කතාකර කර හිටියේ ඊයේ කුඩම්මලා පාටියට ගිය වෙලේ,
ඉතින් එවෙලේ මම් සින්දුවක් කිව්වා,
"පෝක් කන්නේ නෑ
හොඳ ලමයි අපී
බීෆ් කන්නේ නෑ
හොඳ ලමයි අපී
මට්න් කන්නේ නෑ
කටු වැඩී හොඳේ
කුකුලා... කනවා
පව් නැතේ අනේ"
සින්ඩරෙල්ලා හිටිවන කවියක් එවෙලේ තනා කිව්වාය.
"හරි හරි,
අපි එහෙනම් පෝක් පන්සීය හදමු,
පරිප්පුවක් ගහමු,
උදේ සම්බෝල ඉතුරුයිනේ"
ඇය නිල් පැහැති කෑම වට්ටිය විව්ෘත්ත කරන අතර පැවසුවාය.
"ආ...
මේ බතුත් තියෙන්නේ,
තව හුණ්ඩු 3ක් තියමු රෑටත් එක්ක"
ඇය පැවසුවාය.
"මම පෝක් එක හදන්නම්"
සින්ඩි පැවසුවාය.
සින්ඩරෙල්ලා පෝක් කුඩා කැබලි වලට කපා,
තුනපහ මේස හැන්දක් බැදීමට පටන් ගත්තාය,
ඉන් පසු කහ තේ හැන්දක්, ගම්මිරිස් මේස හැන්දක් සහ හීනියට ලියාගත් කරපිංචා සහ ඉඟුරු කැබැල්ලක් සමඟ තලාගත් සුදුලූනු බික් 5ක් පෝක් එකට ලුනු පදමට දමා මිශ්‍ර කලාය,
ඉන්පසු රම්පේ කෑලි කිහිපයක් දමා බැදගත් තුනපහ සමඟ සියල්ල හොඳින් අනා උඩින් ඉටි කොලයක් දමා ශීතකරණයට දමා ඇය ජංගම දුරකථනය හෙවත් ෆොන් එක අතට ගත්තාය.
"ලමයෝ,
මේක උයල ඉම්මුකෝ"
කුඩම්මා තාත්තා ඉන්නවාද බලා ඉවසීමෙන් සින්ඩරෙල්ලාගෙන් ආයාචනා කලාය.
"අනේ,
ඕක නියම රස එන්න අඩුම පැය බාගයක්වත් සීසන් වෙන්න ඕනේ"
සින්ඩි පැවසුවාය.
පැය භාගෙකින් පසු ඇය පෝක් මිශ්‍රණය මැටි හට්ටියක දමා ජලය පෝක් එකෙන් භාගයක් පමණ එන ලෙස දමා මඳ ගින්නේ ඉදෙන්නට ඇරියාය.
ඉන් පසු ඇය මාලු මිරිස් කරල් 2ක් ලොකුවට කපා,
බීලූනු ගෙඩියක් කපා,
තවත් සුදු ලූනු බික් 4ක් කපා,
කරපිංචා ඉත්තක් කපා සූදානම් කලාය,
"ලමයො ගින්ර ටිකක් වැඩි කරලා ඉක්මට උයමු"
"බෑ බෑ,
මේකේ රස මඳගින්නේ හදද්දී තමයි"
"ඔය ලමයා ගෑස් එක ඉවර කරන්න හදනවා"
කුඩම්මා පැවසුවාය.
සින්ඩි පෝක් එක ඇර මස් කැබැල්ලක් කටේ දමා රස බලා ඒප්‍රන් එකේ පිසදා පොල් කටු හැන්ද ගෙන හොදි ස්වල්පයක් ගෙන එයට පිඹ,
අල්ලට දමා රස බලා නැවත ලුනු ස්වල්පය එක් කලාය,
"දැන් මොකද කරන්නේ"
කුඩම්මා ඇසුවාය,
"දැණ් මේ පෝක් කෑලි ටික බානවා,
බාලා පෝක් එකෙන්ම ආව තෙල් ටිකේ වතුර අයින් වෙනකම් හින්දවනවා,
හින්දලා තව පොල් තෙල් පොඩ්ඩක් දානවා,
දාලා ඒක රත් වේගෙන එද්දී ඒකට තලපු කරාඹු නැටි 3කුයි, එනසාල් කරල් 3කුයි කුරුඳු පොත්තකුයි දාලා ඒකට සුදු ලූනු කරපිංචා ටික දාලා ඒවා රවන් පාට වේගෙන එද්දී ලූනු ටික දානවා"
"ඊට පස්සේ?"
කුඩම්මාගේ කටේ කෙල එකයිය,
කතාව ලියන මගේ කටේද එසේමය.
"ඊට පස්සේ පෝක් කෑලි ටික දාලා මාලු කිරිස් දාලා හොඳට හින්දවා ගන්නව"
කුඩම්මා පවසනවාත් සමඟම නිවස ඉදිරියේ අශ්ව කරත්තයක් නවත්වන හඬ ඇසුණි,
"දුවේ කව්ද බලන්න"
කුඩම්මා අර උයන්නවත් උදව්වට නොආ දහපදුරා දියණියට පැවසුවාය.
අද ටිකක් වැඩියෙන් කතාව ඇදුනා,
ඔයාලා එපා කිව්වට කියවනවා කියලා දන්නව මම,
ඒ විදිහට පෝක් හදන්න පට්ට රසයි,
මේ ඒක නෙවෙයි,
ඊලඟ එක කෙටි කරන්නද?
නැත්නම් මේක දෙවනි ඉනිම වගේ වෙනවා කියලා බනියි ඔයාලා මට,
මේ මේකත් ශෙයා කරාන්න,
ලයික් කරාන්න,
දන්න දන්න ග්ෲප් වලට යවාන්න...
ඒක බාර්...
thaaarustoriesසින්ඩරෙල්ලාගේ කතාව
3 කොටස
එදා රෑ දුවන් ආ සින්ඩි කෙසේ හෝ ලෙස් අක්කාට ගවුම භාර දී ඝනදෙවි නුවනින් ඇගෙන් බේරී සෙරෙප්පුත් නොමැතිව නිවසට පැමිණියාය,
ඒ වන විටත් ඇගේ කුඩම්මා සහ තේඋඩිච්චියන් නිවසට පැමිණ නැත,
මාලිගාවේ දමා තිබූ සංගීත රාවය ඇගේ සවන් පිනවන්නට විය,
ඇයට එදින රාත්‍රී කෑම සූදානම් කිරීමට අවශ්‍යතාවයක් නොවිණි,
ඒ මන්ද මාලිගාවෙන් පින්ටෝ කෙල කුඩම්මා සහ දෝනියන්දාලා පැමිණෙන නිසා එදින ඇයට විවේකයක් තිබිණි,
ඇය තනිවම රජ සිහින දකිමින් ඇඳුම් උණා තබා නව ඇඳුම් ඇඳ සයනයට ගියාය,
"කැමේලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්...
නිඳි බින්ද දෑස ඒ ඔබමද..
සින්ඩරෙල්ලා..."
යනුවෙන් ඒ ගීතය ඇය මිමිණීය,
අර දහපදුරා දියණියන් දෙදෙනා සහ කුඩම්මා නිවසට ආවෝය,
ඔවුන්ගේ කතා බහ සින්ඩරෙල්ලාගේ සවණට වැකුණි,
"කුමාරයාට පිස්සුද අනේ"
"ඒකිගේ හැටි"
"ඔව් අනේ,
පොත්තේ සුද විතරයි"
"මටනම් කිසි ලස්සනක් තිබුණේ නෑ"
"හිනා වෙද්දි දැක්කද වම් හක්ක කෙලවරේ දත්කුත් නැද්ද කොහෙද?"
වහාම සින්ඩරෙල්ලා කලුවරේම මාපටැඟිල්ල තම වම් හක්ක ට දමා තමන්ගේ දතක් ගැලවුණේ කොයි වෙලේදැයි පරීක්ශා කර බැලුවාය,
ඇත්තට එසේ කිසිම දතක් ගැලවී නොමැත,
තමන් කියා නොදැන තමන්ට මොවුන් බනින හැටි තවත් ඇසේ,
"ඔව් අම්මේ,
ඒකිනම් කුමාරයාට නූලක් පන්නලාද කොහෙද"
"කොණ්ඩේ දැක්කද නංගි?"
"අනේ හා...
මෙලෝම රහ නෑ අක්කේ"
සින්ඩරෙල්ලා ඒ කතාබහ වලට කටින් නැතුව සිනා සී සුව නින්දට ගියාය,
-----
හෝම්ස් සහ මම පුරුදු පරිදි ඉරිදා දින හඩ්සන් මහත්මියගේ නවාතැන්පළේ නැවතී සිටියෙමු,
"වොට්සන්,
ලංකාවේ රාජ්‍යසේවකයෝ හරිම දුකෙන් ඉන්නේ"
"ඔව් හෝම්ස්,
එයාලට 2019 ලැබුණ පඩියමයි දැන් ලැබෙන්නෙත්,
ඒත් වියදම අහස උසට නැඟලා නේද?,
පඩි වැඩිවීමක් එයාලා බලාපොරොත්තු වෙනවා"
මමද මගේ පරිණත සමාජයීය දැනුම පෙන්වීමට බරකර උත්තර දුනෙමි.
"හහ් හා හා...
අම්මෝ අමෝර්..."
හෝම්ස් කොක් හඬලා සිනාසුනේ තම බොරු දත් කුට්ටම හොඳින් පෙනෙන ලෙසය.
"හෝම්ස්,
වෙලාවකට ඔබ මාව සමච්චල් කරන ආකාරයට තරහත් යනවා"
මා පැවසුවෙමි.
"ඔබේ තර්කය හරි,
ඒත් ගොඩක්ම දුකෙන් ඉන්නේ නොවැම්බර් මාසේ කැලැන්ඩරේ සතියේ දවස්වල රතුපාට දින නැති හින්දා"
හෝම්ස් ලොකු දින කැලැන්ඩරය මා හට පෙන්වා නැවත සිනාසුනේය.
"ඒත් හෝම්ස් විහිලුවට ගන්න එපා"
මා දැඩි ස්වරූපයෙන් පැවසීමි.
"නෑ නෑ,
ඇත්ත වොට්සන්,
මැති ඇමතිලා සෙට් එක ඉන්සුවරන්ස් එකේ පවා ඉඳන් වැඩි කරගන්නවා,
උන්ගේ සුඛ විහරණේ හදාගන්නවා,
පොඩි මිනිහට හුළං"
හෝම්ස් සිනහව නවත්වා පැවසීය.
"කෝ ගන්න පෙපරමින්ට් පැකැට් එක"
හෝම්ස් සාක්කුවෙන් යමක් එලියට ගත්තේය,
ඊයේ සවස මා හෝම්ස්ගේ නවාතැනට එනවිට හෝම්ස් පෙපරමින්ට් පැකැට්ටුවක් ගෙන එන ලෙස පැවසු නිසා මම රුපියල් 2 පෙපරමින්ට් 10ක් රුපියල් 20ක් දී ගෙනාවෙමි.
"මිත්‍රයා,
මේ තියෙන්නේ 85 ගෝල්ලීෆ් කොට එක"
හෝම්ස් කොට ගෝල්ලීෆ් හතරක් අතට ගත්තේය.
"විශ්වාස කරන්නත් බෑ හෝම්ස්,
ඩන්හිල් පමණක් ගැසූ ඔබ දැන් ගෝල් ලීෆ් ගහනවා කිව්වම,
අනික කොට එක?"
"ඩන්හිල් එක 135යි,
මේක 85යි,
අපි ඩන්හිල් ගහන්නේ ඇයි?"
"මින්ට් කූල් ෆීලින් එකක් ගන්න"
මා පැවසුවෙමි,
හෝම්ස් කොට සිගරැට්ටුවක් දකුණතින් ගෙන වමතේ මාපටැඟිල්ලේ ෆිල්ටරය ගසා සූර්‍යා ගිනිපෙට්ටුවෙන් කූරක් ගෙන පත්තු කලේය,
දුම් උගුරක් ඇද අහසට පිම්බ ඔහු,
"පටස් ගාලා පෙපරමින්ට් එකක් දෙන්න"
ගිනි පෙට්ටිය විසිකල ඔහු අත දිගු කලේය,
මා කලබලවී පෙපරමින්ට් එකක් දුනෙමි,
එය විගසින් කටේ දාගත් ඔහු,
"හරිනේ,
දැන් ඩන්හිල් එකක් ගැහුවා වගේ තමා"
පැවසුවේය.
"විශිෂ්ඨයි හෝම්ස්"
මා කම්මුලේ අත් තබා ගතිමි.
|
"හා හා එකම ඇක්සන්ට් එක හැම කතාවෙම දෙන්න ඕනේ නෑ,
තව පොඩ්ඩෙන් පෙපරමින්ට් ටික හැලෙනවා"
නැවත සිනාසුනේය.
"හෝම්ස් පඩිපෙළෙන් අඩි ශබ්දයක් ඇසෙනවාද?"
මා එදෙසට කන් යොමා ඇසුවෙමි,
"ඔව් වොට්සන්,
කවුරුන් නමුත් ප්‍රභූ පැලැන්තියේ කෙනෙක්, බොහොම කලබලෙන් එන්නේ"
කියූ විගසම අපගේ දොරට තට්ටු දමනු ඇසුණි,
මම විගසින් ගොස් දොර විව්ෘත්ත කලෙමි,
"දෙවියනේ...
කුමාරයාණෙනි?"
හෝම්ස් වික්ශිප්ත විය,
අප නවාතැනට බෑගයක්ද සහිතව පැමිණ තිබුණේ රජ මාලිගයේ කුමාරයාය.
"හෝම්ස් ඔබ කෙසේද හරියටම කිව්වේ ප්‍රභූ පැලැන්තියේ කෙනෙක් එනවා කියා?"
මම ඇසීමි,
"වොට්සන් මෙතුමා එද්දී මට තේරුණා වේගෙන් ඇවිත් එක තැනක නැවතී,
නැවත්තත් ගමන් කරන බව,
ඔහු එන්නේ කවුරුන් හෝ දකීදැයි සැකයෙන් පසුපස බලමින්"
හෝම්ස් කුමාරයා දෙස බැලීය.
"ඔබ හරි හෝම්ස්,
මම කලබලෙන් ආවත්,
මට ඕනේ වුණා පසු පස හැරී බලන්න කවුරුන් හෝ මගේ මේ ගමන දැක්කාද කියා"
කුමාරයා බොහොම නිවුණු ස්වරූපයෙන් පැවසීය.
"කුමාරයාණෙනි,
ඔබේ පැමිණීම අපට මහත් ගෞරවයක්,
කරුණාකර හිඳගත්තානම්?
ඔබ ඊයේ රාත්‍රියේ තිබූ සාදය රැය පහන් වනතුරුම සමරා ඇති බවයි ඔබගේ දෙනෙත් දිහා බැලූ විටනම් පෙනෙන්නේ?"
හෝම්ස් විඩාබර නිඳිබර දෙනෙතින් සිටි කුමාරයා හට සරදමක් කලේය,
හෝම්ස් සමඟ මෙම රජ පවුල සමීප සම්බන්දතාවයකින් සිටි අතර මින් පෙරද ඔවුන් සියල්ල එකතුවී සිදුකල යම් යම් හොර ගනුදෙනුවලදී අසරණවූව්ට ඒවාගෙන් ගැලවී නීතිපති දෙපාර්තමේන්තුවෙන්ම නඩුව ඉල්ලා අස් කරගන්නා තත්වයට කටයුතු සූදානම් කර දීමට උපදෙස් ලබාදීම හෝම්ස් අතින් සිදුවිය,
එසේත් නැතිනම් මේ ආකාරයට හිතවත් කමක් නොමැතිව රජ කුමාරයාට හෝම්ස් කතා කලානම් මේ වනවිට 5 වන තට්ටුවට ගෙනගොස් හෝම්ස්ගේ දෙක මේසයක ලාච්චුවේ දමා ලාච්චුව ලොක් කර යතුර ජනේලෙන් පාතට විසික් කර හේවායන් මේසය පෙරලීමට හොඳ පයින් පාරක් ගසාය.
"හෝම්ස් අන්කල්,
මට ප්‍රශ්ණයක්"
රාජ කුමාරයා ඉතාම ලෙංගතුව හෝම්ස් ඇමතීය.
"මම දන්නව කුමාරයාණෙනි"
මම මැද්දට පැන්නෙමි,
හෝම්ස් මා හට නිශ්ෂබ්ද වන ලෙස අතින් සන් කලේය.
"වොට්සන් අන්කල් දන්නවද?"
කුමාරයා මගෙන් ඇසීය,
"ඔව් හෝම්ස් මට කිව්වා"
මම බිම බලාගෙන පැවසීය,
හෝම්ස් මදෙස බලා නැවත ඔඅරවන්නට ගත්තේය,
"මොකද්ද?"
කුමාරයා මගෙන් ඇසීය,
"පුතාට බීපු දවසට පහුවදා බඩ වේලලා මල බද්ධය එන එකනේ?"
මම කෙලින්ම කාරණාවට බැසෙමි,
"වොට්සන්...
මට කියල උක් කවාගන්නේ නැතුව කට වහපිය කොස් උගුඩුවා"
හෝම්ස් මගේ කනට කර සැරෙන් පැවසීය.
මම කට වසා ගතිමි.
"නැහැ හෝම්ස් අංකල්,
ඊයේ බ්‍රයිඩල් සිලෙක්ශන් එක තිබුණානේ අපේ පැලස් එකේ"
"ඔව් කුමාරයාණෙනි,
මමමනේ ෆොරින් ලිකර් ඕඩරේ සප්ලයි කලෙත්"
හෝම්ස් පැවසීය.
"ඒකෙදී ආවා ලස්සන ගැනු ලමයෙක්,
එයා මාත් එක්ක ලස්සනට ඩාන්ස් කලා,
ඈනම් සුර අඟනක් වැනිය..."
"බොන්න වෙන්නෙ ධම්මික පැනිය"
මම තාලය ඇල්ලුවෙමි.
"වොට්සන්"
හෝම්ස් සද්දෙන් පැවසීය,
කුමාරයා අසරණව බලා සිටී,
"කුමාරයාණෙනි,
ඔබ පවසන්න"
"මම ඒ තරුණියට බෙහෙවින්ම ආදරෙන් නර්තනයේ යෙදුණේ"
කුමරයා පවසත්ම,
"කුමාරයාණෙනි,
ඩාන්ස් කියා පවසන්න,
මේ කතාවේ මින් පෙරත් ඉංග්‍රීසි වචන යොදා තිබෙනවා"
"Then shall I continue this in English?"
කුමාරයා ඇසීය,
"එපා කුමාරයාණෙනි,
තාරුට වුණත් ඉංග්‍රීසි පුලුවන් ලිමිට් එකක් තියනව,
මැද්දෙන් එහෙන් මෙහෙන් කතා රසයට බාධාවක් නොවන ලෙස අපි ඉංග්‍රීසි කැලි දාමු,
මොකද මෙම තුන්වන කොටස අපි ලියන්න තීරණය කලේ හෝම්ස් කතා විලාශයට"
මම කීවෙමි,
හෝම්ස් එය පිළිගන්නා ලෙස හිස වැනුවේය.
"මොකද්ද ඒ කාන්තාවගේ නම?"
"ඒ ඩීටේල්ස් එන්ට්‍රන්ස් එකේදී ගන්නවානේ,
මම අහන්න ගියේ නෑ,
ඒත් එතනත් නෑ,
බවුන්සර් හිටිය එකෙක් බැලන්ස් කරලා ඇවිත්,
ඒකනම් අවුලක් නෑ,
ඌ ගේ,
ඌ කොහොමත් දැන් ගෙදර යැව්වා"
කුමාරයා පැවසීය.
"ඒ බවුන්සර්ගෙන් ඇහුවේ නැද්ද කුමාරයාණෙනි?"
"ඌ කියනව එහෙම කෙනෙක් කියලා දැනගෙන නෙවෙයිලු යන්න දුන්නේ,
ලස්සන හින්දා යන්න දුන්නලු, ඒක හින්ද ඌගෙන් විස්තරයක් දැනගන්නත් නෑ "
"කියන්න කුමාරයාණෙනි"
"ඉතින් හෝම්ස් අංකල්,
මමත් එක්ක දිගටම මේ තරුණ කාන්තාව ඩාන්ස් කලා,
කොහොම හරි රෑ 11.50ට වගේ විගසින් මෙම තරුණිය අත ගසා දාලා දිව්වා"
කුමරයාගේ ඇස් කදුලින් තෙත්වී තිබිනි.
මම පේපර් සර්වියටයක් දික් කලෙමි.
"කාන්තාවන්ට මුත්‍රාබර එක පාර එන්නේ කුමාරයණෙනි"
හෝම්ස් ඔහුව සනස අටියෙන් පැවසීය.
"මාත් හිතුවේ එහෙම තමයි අන්කල්,
ඒත් එයා යන්නම ගිහිල්ලා"
"මොකක්?"
"ඔව් හෝම්ස් අංකල් එයා එක පාරට කලබල වෙලා මාලිගාවෙන් යන්නම ගිහිලා"
"කුමාරයාණෙනි,
එහෙම නටන කාන්තාවන් විගසින් පැන යන්න හේතුව මම දන්නවා,
ඔබට මම නිර්දේශ කරනවා ක්ලෝගාඩ් මවුත් වොශ්"
මා විගසින් මාගේ අනුග්‍රාහක භවතාගේ මුඛ සෝදනය රජ මැදුරට හඳුන්වාදීමට මැද්දට පැන්නෙමි,
"නැහැ වොට්සන්,
මෙතන ඊට වඩා යමක් සිදුවී තිබෙනවා වගෙයි"
හෝම්ස් 85 කොට ගෝල් ලීපය පත්තු කරගත්තේය,
" අංකල්,
එකම එක දෙයක් එයාට බැරිවී ගියා"
"කිංස්ලි පීරිස් මහත්තයාගේ හොටෙල් රූම් එකේ තිබ්බා වගේ බැරිවී ගිය සිඟිති ලේන්සුවක්ද?"
මම ඇසීමි,
නමුත් ඒ වනවිටත් කුමාරයා මාගේ තර්කය බිඳ දමමින් ලඟ තිබූ කොල පැහැති කීල්ස් සුපර් එකෝ ෆ්‍රෙන්ඩ්ලි බෑගයෙන් එලියට නිල් පැහැති හයි හීල්ස් සපත්තුවක් අතට ගෙන තිබුණි,
"මෙන්න මෙච්චරයි මට ඉතුරු"
කුමාරයා දුකෙන් පැවසීය,
"කෝ දෙන්න බලන්න ඕක"
හෝම්ස් අතට ගත්තේය,
කුමාරයා අකමැත්තෙන් නමුත් එය දුන්නේය,
ඔහු ඒ තරම් ඇයට ආදරේ කලේය,
හෝම්ස් සපත්තුව ඉහලටගෙන හරවමින් බැලීය,
"මේක ලෝකල් හයි හීල් එකක්,
මේක තුන් පාරකට වඩා දාලා නෑ,
ගෑනු ලමයා බර කිලෝ 45ට අඩු කෙනෙක් කියලා තේරෙනවා මේකේ රබර් අඩියේ තියෙන වැලිකැට ඇතුලට කිඳා බැහැලා තියන ප්‍රමාණය අනුව බැලුවාම,
විශ්වාස කරන්න කුමාරයාණෙනි,
කිලෝ 60ට වැඩි කාන්තාවන්ගේ මේ සෙරෙප්පු වල එක්කෝ වැලිකැටේ එතනම කුඩු වෙනවා,
එහෙම නැතුව ද්‍රඩතාවය අධික වැලි කැයටක්නම් එය සම්පූර්ණයෙන්ම්ම සපත්තු අඩියට කිඳාබහිනවා,
මේක මම තුන් පාරකට වැඩිය බාවිතා කරලා නෑ කියලා කිව්වේ අඩියේ ඇනුන වැලි වල සහ සයිස් එකයි බ්‍රෑන්ඩ් එකයි ඇතුලේ ගහලා තියන ස්ටිකරේ ගෙවුණ ප්‍රමාණය එක්ක අනුපාතය 2ට වඩා අඩු නිසා"
කියමින් හෝම්ස් කියූ කිසිවක් අවංකෙම්ම මට නොතේරිණි,
ඔබටත් නොතේරෙන්නට පුලුවන,
කුමාරයාටනම් ඒ සියල්ල රිලා කුනුහරප මෙන් තිබෙන්නට ඇති කියා සිතමි,
කුමාරයා තාමත් මෝල් කලන්තෙන් සිටී.
"හොඳයි"
කියූ හෝම්ස් හයි හීල් සෙරෙප්පුවේ ඇතුල ඉම්බේය,
"අඩේ....
කැ* නාකි යටිපතුල් පිස්සා,
තෝ කොහොමද මේසාවෝ දෝනිගේ සපත්තුව ඉඹින්නේ"
විගසින් පුටුවෙන් ඉද්ද් ගැසුවාක්සේ නැඟිට කොපුවෙන් කඩුව ගත් කුමාරයා ඝෝරනාඩු දෙමින් කඩුවේ තුඩ හෝම්ස්ගේ බෙල්ලට තැබුවේය,
මාගේ ශරිරයේ මාංශ්පේශි ලිහිල්වී සුළු දිය පහවන තත්වයට ආවේය.
සෙරෙප්පුව පැත්තක දැමූ හෝස්ම් වෙව්ලන්නට පටන් ගත්තේය,
"කු....මාරයාණෙනි,
ක්ක්ක්කුමාරයාණෙනි..."
හෝම්ස් ගොත ගසන්නට විය,
"කියපිය"
කුමාරයා නැවත බෙරිහන් දෙන්නට පටන් ගත්තේය.
"ක්ක්ක්ක්කුමාරයාණෙනි,
හෝඩුවාවක් හම්බුණා"
හෝම්ස් දෑත් එක් කොට වඳින අතර පැවසීය,
"කුක්කු මාරයා?
තොගේ මහ එකා"
කුමාරයා කඩුව පොළොවේ ගැසුවේය,
ඔහු ආයාසයෙන් සංසුන්වීමට තැත් කරනු පෙණිනි,
බිමට නැමී කඩුව ගැනීමට සැරසෙද්දී හෝම්ස්ගේ වෙවිලිල්ල වැඩිවී මා දෙස ආයාචනාත්මක බළල් ඇස් යොමුවිය,
ඒ ඇස්වල මා මරණ බිය දුටුවේ මින් පෙර මහාචාර්‍ය මොරියාට් එවූ ලිපිය කියවන වෙලාවෙන් පසු අදය,
නමුත් අත මිට මොළවා කඩුව නැවත කොපුවේ හොවාගත් කුමාරයා ඉනට අත්දෙක තබා පසුපස හැරුණේය,
ඉන්පසු ඔහු ජනේලයසලට සක්මන් කලේය,
"කුමාරයාණෙනි"
මා බැගෑපත්ව ඔහුට කතා කලේය,
හෝම්ස් තවමත් ගැහේ,
මා හෝම්ස්ගේ අධි රුදිර පීඩන පෙත්ත කටට දමා වතුර වීදුරුවක් දුනෙමි,
"කු..මාරයාණෙනි"
හෝම්ස් මිමිණුවේය,
හොඳ හුස්මක් ගත් කුමාරයා නැවත අප දෙසට හැරුණේය,
"අනේ අනේ..
එපා...
එපා..."
හෝම්ස් කැගැසුවේය,
"සමාවෙන්න අංකල්"
කුමාරයා සමාව ආයාචනය කලේය,
හෝම්ස් සැනසුම් සුසුම් හෙළුවේය,
හෝම්ස්ට නැවතත් ගැම්මක් එන්නට විය,
දෙවියන්ට ස්ත්‍රෝත වේවා,
අධි රුධිර පීඩන පෙත්ත හොර පාරෙන් ලංකාවට එවූ කල් ඉකුත්වූ එකක් නොවේ,
"ප්‍රේමය නම් සඳ එළිය සේ සෞම්‍යයි,
නිල් ජලය සේ පිවිතුරුයි,
හිස් අහස සේ ගුප්තයි..."
හෝම්ස්ගේ කට මා විසින් වැසුවෙමි,
කලින් බය වී සිටි පුද්ගලයා දැන් කිසිවක් නොවූවාක්සේ කුමාරයා බැලන් කරගැනීමට මේ කියවන කියවිල්ල අවසානයේ නැවත වචනය්ක් වැරදී මඳ කිපුණ කුමාරයාගෙන් කඩු පාරකට අත වැනීමක් දෝ හෝයි මට සිතුණි.
"හිඳගන්න කුමාරයාණෙනි"
මා පැවසීමි,
සියල්ලෝම සන්සුන් විය,
කුමාරයා සොරි බ්‍රෝ බැල්මෙන් මඳ සිනහාවක් පා හිඳ ගත්තේය.
"කුමාරයාණෙනි,
ඔබ කොතරම් කලබල වූවත්,
මා ඔය කියන තරුණිය්ගේ සෙරෙප්පුවේ සුවඳ බැලුවේ එයින් හැමූ සිලිකන් තෙල් සුවඳ නිසයි,
එකෙන් තේරුම් ගත්ත එක දෙයක් තමයි ඒ හයි හීල් සෙරෙප්පුවට සිලිකන් ඔයිල් හැලිල තියනවා කියන එක"
හෝම්ස් පැවසුවේය.
"හරියට හරි අංකල්,
එයා සමහර වෙලාවට ගැලවුණ සෙරෙප්පුව දාගත්තා මම දැක්කා ඩාන්ස් කරන වෙලාවේ,
ඒකට ලිස්සපු හින්දා වෙන්න ඇති"
දෑත් එක්කර කටින් දබරැඟිලි දෙක හපනතුර කුමාරයා සමාව භජන ස්වරූපයෙන් පැවසීය,
"ලමයා මේකප් දාලාද හිටියේ?"
හෝම්ස් කුමාරයාගේ දනිසට තට්‍ටුවක් දමනතුර ඇසීය,
"ඔව් අංකල්"
"පොඩ්ඩක් ඉන්න"
හෝම්ස් මඳක් කල්පනා කලේය,
"මේ මොකුත් ඕනේ නෑ,
අපි ලමයා අඳුරාගන්න මාලිගාවේ සීසී ටීවී බලමු"
"ඒක අපේ තාත්තා අඳුරන අංකල් කෙනෙක් හයි කරේ,
ඒකේ ස්ටෝරේජ් එක මදි හින්දා පැය බාගයයි තියෙන්නේ මෙමරි එක"
කුමාරයා පැවසිය.
"ඉවෙන්ට් එක කවර් කරන්න ෆොටෝ ග්‍රැපර් කෙනෙක් හිටියේ නැද්ද?"
"නෑ,
ඊලඟට ඕවා සෝශල් මීඩියා දාලා ට්‍රෝල් කරන හින්දා ෆොටෝ ගන්න එපා කිව්ව තාත්තා,
මං පන්නිලට එන්න එපා කිව්ව ඒ හන්දා"
"හොඳයි කුමාරයාණෙනි,
අපි මේ හෝඩුවාව දිගේ යමු,
මම මේක භාර ගන්නවා"
හෝම්ස් පැවසීය.
"ඇඩ්වාන්ස් එකක් දාන්න එකවුන්ට් නම්බර් එක දෙන්න අංකල්"
"මේවා සල්ලි බලාගෙන කරන වැඩ නෙවෙයි කුමා |
රයාණෙනි,
වොට්සන් එක්ක බලාගන්න ඕවා,
වොට්සන් එකවුන්ට් නම්බරේ දෙනවානම් දෙන්න,
මට කියන්න එපා"
මදෙස බලා ඇසක් ගැසූ හෝම්ස් ඉතිරි 85 කොට සිගරට්ටුව පත්තු කලේය,
මා විගසින් එකවුන්ට් නම්බරය සහිත විසිටින් කාඩය කුමාරයාට දිගු කලෙමි,
කුමාරයා එය බලා තම ජංගම දුරකථනය ගෙන ඔබන්නට ගත්තේය.
Credit for Rs. 1,500,000.00 to ***0038138 at 11:19 at DIGITAL BANKING DIVISION
මැසේජ් එකක් මා හට දිස්විය,
මා කැල්කියුලේටරය ගෙන,
1,500,000x0.1 ගසා මට ලැබෙන එක්ලක්ශ පනස්දහස වියදම් කරන ආකාරය ගැන කල්පනා කලෙමි.
"හොඳයි අංකල් මම යන්නම් එහෙනම්"
කුමාරයා යන්නට පිටත් විය,
තාරුගේ සිද්ධි
Tharu rajapaksha
thaaarustoriesනෑකම(කෙටිකතාව)
"මෙහෙ වරෙන් කොල්ලෝ..උබ දැන් ආවොත් ගහන් නෑ."
පියසීලී උණ කෝටුව මානාගෙන කෑගහනකොට කසුන් තවත් සුභද්දිය හාමුදුරුවන්ට මුවා වුනා.
"ඔය ළමයා යන්ට.හැමදාම වගේ තව ටිකකින් කොල්ලා එයි"
සුභද්දිය හාමුදුරුවෝ කිව්වේ හැමදාම වෙන සිද්ධිය දන්න නිසා.
"හාමුදුරුවන්ගෙ කරුණාව නිසා තමයි මට මේ මගේ ළමයා හදාගන්නත් බැරි"
හැමදාම කියන ටික කියාගෙනම පියසීලි යන්න හැරුනා.කසුන් සිවුරේ එල්ලිගෙනම හිනා වෙලා හාමුදුරුවෝ දිහා බැලුවේ හැමදාම තමන්ව බේරගන්නවට ස්තූතියට වගේ.
කසුන්ගේ හවස සෙල්ලම හැමදාම ඉවරයක් නැති නිසා රෑ වෙනකොට පියසීලිට කෝටුව ගන්න වුනේ කසුන්ව මට්ටු කරන්න.ඒත් කසුන් ගෙදර ළඟම තියෙන පන්සලට දුවන්නේ අම්මගේ කෝටු පාරෙන් ගැලවෙන්න.
"ඔය පන්සල ගානේ රිංඟන එක නවත්තපන්.මං ආයෙ උබට කියන්නේ නෑ"
ගෙදර ආවම කසුන්ට වෙන්නේ පන්සලට ගිය නිසා බැනුම් අහගන්න මිසක් සෙල්ලම් කරාට බැනුම් අහන්න නෙවෙයි.
"පන්සල් ගානේ ඉන්නේ පවුලක් ගැන කැක්කුමක් නැති තමුන්ගේ සුභ සිද්ධියට වැඩ කරගන්න ගිය උන්.උන්ට උබලට අපිට වගේ ප්‍රස්න නෑ.උබ ආයේ රිංගන්න ගියොත් කකුල් දෙක කඩනවා"
පන්සල් ගැනත් හාමුදුරුවෝ ගැනත් කවදාවත් හොඳක් දැකපු නැති පියසීලිගේ මේ තරහට හේතුව කවුරුත් දැනගෙන හිටියේ නෑ.
*********************
"අම්මේ............"
කසුන්ගේ සද්දෙට පියසීලි ගෙයින් එළියට බැස්සමයි දැක්කේ සුභද්දිය හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝත් එක්ක වැඩම කරලා ඉන්නවා.
"මං එදත් කිව්වනේ හාමුදුරුවෝ මෙහෙ එන්න ඕනි නෑ.දරුවටයි මටයි ජීවත් වෙන්න මං හම්බකරගන්නවා"
පියසීලි අහක බලාගෙන කිව්වා.
පියසීලිගේ මනුස්සයා විජිත හදිස්සියේ ඇති වුන පපුවේ අමාරුවකින් නැති වෙලා මාසයක්වත් නෑ තාම.විජිතව කසාද බැඳලා ගමට ආවට පස්සෙත් පන්සල එක්ක පියසීලිගේ ඇයි හොඳයියක් නොතිබුනත් විජිත නම් හාමුදුරුවෝ එක්ක බොහොම ළඟින් ආශ්‍රේ කලා.අවුරුදු 7ක් වුන පුංචි කසුන් වුනත් හාමුදුරුවන්ව හොඳින් අඳුරන්නේ ඒ දවස් වල විජිත එක්ක පන්සලට ගිය නිසා.
"එහෙම හිතන්න එපා උපාසක අම්මා.තාම දරුවත් පුංචි.නායක හාමුදුරුවෝ තමයි මේ දේවල් භාර දෙන්න කිව්වේ"
සුභද්දිය හාමුදුරුවෝ අතේ තිබුන බෑගය දොර ළඟින් තියලා හති ඇරියේ බෑගයේ බර තම වයසට දරාගැනීමට බැරුව වගේ.
"අපි යමු"
හති අරින ගමන්ම පොඩි නමට කියාගෙන හාමුදුරුවෝ ආපසු යන්න හැරුනා.
******************
තමන් ඉදිරියේ වාඩි වී සිටින දායක සභාව දිහා නායක හාමුදුරුවෝ එක එල්ලේ බලාගෙන හිටියා.
"අපි හිතුවේ නෑ හාමුදුරුවනේ සුභද්දිය හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියලා.දරුවට අනුකම්පාවෙන් කියලනේ අපිත් මුලදි හිතුවේ"
"දරුවා ගැන උනත් ඔහොම හැම නිතරම රිංගන්න ඕනිද.තනි ගෑනියෙක් ඉන්න ගෙදරකට"
කුලඟන සමිතියේ ලේකම් නෝනගේ සද්දෙත් හයියෙන් ඇහුනා.
"වයසේ හැටියටවත් වැඩ කරන්න එපෑය.වල පලයි ගොඩ පයයි තියාගෙන බුදු පුතෙක් කරන වැඩද මේ"
"මනමාල කම තියාගෙන කසාදයක් බැන්දනම් ඔය වයසේ ළමයෙක් ඉන්නවා.එහෙම කෙල්ලට හිතක් පහලකරගෙනනේ රිංගන්නේ ඔච්චර ඔය"
එක එක්කෙනාගේ මත ඔක්කොම නායක හාමුදුරුවෝ ඉවසීමෙන් අහගෙන හිටියා.ඊට පස්සේ අත ඉස්සුවේ හැමෝටම නිශ්ශබ්ද වෙන්න කියන්න වගේ.
"දැන් මට කියන්න පියසීලි ළමයට කරදරයක් කරනවා දැකපු කෙනෙක් ඉන්නවද කියලා"
පිරිස අතරේ ආපහු කසුකුසුවක් ඇති වුනා.
"ඔය කියන ආකාරයේ සම්බන්දයක් තියෙනවා දැකපු කෙනෙක් ඉන්නවද"
නායක හාමුදුරුවෝ ආයෙත් ඇහුවා.
"නැතුව ඉතිං වෙන හේතුවකට හැම නිතරම හොයා බල බලා උදව් කරන්න ඕනි නෑනේ අපෙ හාමුදුරුවනේ"
දායක සභාවේ සභාපති කිව්වේ අනිත් අයත් ඔලුව වනලා අනුමත කරද්දි.
"සුභද්දිය බඩුබාහිරාදිය ගිහින් දුන්නේ මගේ අනුදැනුම මත.විජිත මහත්තයත් ඒ කාලේ අපිට හිතවත් නිසයි අසරණ වුනු පවුලට උදව් කලේ"
වයස නිසා වෙව්ලන කටහඬින් වුනත් ඉතාම පැහැදිලිව නායක හාමුදුරුවෝ කිව්වා.
"කොහොම වුනත් අපි කැමති නෑ මේ වගේ දේවල් අපේ පන්සලේ වෙනවට.රෑ තිස්සෙත් දරුවා ඇරලන්න කියලා යනවා."
"පියසීලිත් විජිත ඉන්න කාලේ පන්සල පැත්තේ ආවේ නෑ.දැන් බලපල්ලකෝ"
තවත් එකියෙක් හිමීට කිව්වත් ඒක නායක හාමුදුරුවන්ට හොඳට ඇහුවා.
"ඔය නෝනලා මහත්තුරු කලබල වෙන්න එපා.මං හොඳටම දන්නවා ඔය ආකාරයේ දෙයක් සිද්ධ වෙලා නැති බව.මං ඒ ගැන බලාගන්නම්"
නායක හාමුදුරුවෝ කතාව අහවර කරා.
************************
"සුභද්දිය හාමුදුරුවෝ ගමෙන් ගිහිල්ලා."
කටෙන් කට ගිය ආරංචිය ගම පුරා පැතිරුනා.ගමේ ගොඩක් අය පන්සලට ආවේ සිද්ධිය දැනගන්න.
"සුභද්දිය හාමුදුරුවෝ දුර පළාතක පන්සලකට වැඩම කලා ටික කාලෙකට"
නායක හාමුදුරුවෝ කිව්වේ එහෙමයි.
"හිතේ අමාරුවෙන් හිටියේ හාමුදුරුවෝ.කල්පනා කර කරමයි හිටියේ.වයසත් නිසා අසනීප වෙයි කියලා නායක හාමුදුරුවෝත් බයේ හිටියේ"
ඇබිත්තයා වුන සේදර කිව්වේ සියල්ල දත් එකෙක් වගේ.
"පියසීලිත් එන්න එපා කියද්දිනේ සුභද්දිය හාමුදුරුවෝ උදව් කරන්න ගිහින් තියෙන්නේ.ඒ ගෑනිත් කැමති නෑලු රිංගන්න එනවට"
"ඔව් ඉතිං ඒකි ඇහට කනට පේන එකී.වයසක එකෙක්ට කැමති වෙයි යෑ"
ගෑනුන්ගේ කට කැඩිච්ච කතා අහු මුලු වල දෝංකාර දුන්නත් පන්සලේ හාමුදුරුවරු සියල්ල මැදිහත් සිතින් ඉවසුවේ සුභද්දිය හාමුදුරුවෝ රකින්නට වගේ.
**********************
උදේ පාන්දර පොඩි නම රටා තියමින් අමඳින මිඳුල දිහා නායක හාමුදුරුවෝ බලාගෙන හිටියේ සුභද්දිය හාමුදුරුවෝ මතකයට නැගෙද්දී.සුභද්දිය හාමුදුරුවෝ පන්සලෙන් ගිහිල්ලත් මාස තුන හතරක් වුනා.වයස 22 දී සුභද්දිය හාමුදුරුවෝ මහන වෙනකොට නායක හාමුදුරුවන්ට වයස 30යි.ඒ දිනවල නායක හාමුදුරුවෝ ළඟින්ම ආශ්‍රේ කලේ සුභද්දිය හාමුදුරුවන්ව.තමන් නායක හාමුදුරුවෝ වෙනකල්ම ඉන් පසුවත් සුභද්දිය හාමුදුරුවෝ තමන් ළඟින් සිටි ආකාරය නායක හාමුදුරුවන්ට මතක් වුනා.දැන් වයස 55 කටත් වැඩි උන්නාන්සේ අද වෙනකල් කිසිම ආකාරයක වැරදි වැඩක් කරලා නැති බව දන්නේ සුභද්දිය හාමුදුරුවන්ගේ ජීවිත කතාවම නායක හාමුදුරුවෝ දන්න නිසා.
නායක හාමුදුරුවන්ගේ දැහැන බිදුනේ එතනට ආපු කොල්ලො දෙන්නා නිසා.
"උදේ පාන්දරින්ම"
නායක හාමුදුරුවෝ විමසිලිමත්ව ඇහුවා.
"පියසීලිට ඊයේ රෑ අලියා ගහලා"
"ඒ ඇත්ති ඒ රාත්‍රියේ කොහේ ගිහින්ද?"
"කොල්ලව සිරියා අක්කලාගේ ගෙදර තියලා නාගන්න ගිහිල්ලා. තේ පැක්ට්‍රියේ වැඩ ඉවර වෙද්දී රෑ වෙලානේ."
පියසිලිගේ ගෙදර ළඟම ඉන්න කොලුවා කියාගෙන ගියා.
"රෑ වුනාගෙන් කොල්ලා එහෙ නිදාගෙන.උදේ කොල්ල ගන්න එයි කියලා බලලා ආවේ නැති පාර උදේම ගිහින් බලද්දී ගෙදර නැල්ලු"
"ඊට පස්සේ අපි කට්ටිය ගඟ පැත්තට ගිහින් බැලුවා."
"කොයි හරියෙද ඔය දේ වෙලා තියෙන්නේ"
නායක හාමුදුරුවෝ ඇහුවේ කම්පාවෙන් වගේ.
"ගඟට පොඩ්ඩක් මෙහායින් අපේ හාමුදුරුවනේ.ඉණ හරිය පාඟලා.එතනමයි"
**************************
පියසිලිගේ හත්දවසේ දානෙට සුභද්දිය හාමුදුරුවොත් වැඩම කරා.දරාගන්න බැරි දුකකින් ඉන්නවා වගේ කියලා මිනිස්සු හැමෝම කතා වුනා.
නායක හාමුදුරුවෝ බණ දේශනාවත් පවත්වලා තවත් කතාවකට මුල පිරුවා.
"එක ගමක හිටියා තරුණ ජෝඩුවක්"
හැමෝම දේශනාවට කන් යොමු කලා.
"මේ යුවල ඉතාමත් ආදරෙන් හිටියේ.කසාඳ බඳින්නම ඇසුරු කල මේ යුවලගේ ආදරයට ගෑනු ලමයගේ ගෙදරින් අකැමති වෙලා මේ ගෑනු ලමයව වෙන කෙනෙක්ට බලෙන් කසාද බැන්දුවා.ඒ හිතේ අමාරුවට පිරිමි ළමයා කලේ හිත හදාගන්න සාසනේට බාර වෙන එක.ඉතිං එහෙම ඒ පිරිමි ලමයා මහණ වුනා."
බණ කතා මැදින් උනත් ගමේ ගෑනු බලාගෙන හිටියේ සුභද්දිය හාමුදුරුවෝ දිහා අඬනවද කියලා.
"ඔහොම කාලයක් ගත වුනා.ඒත් මේ පිරිමි ලමයා දැනගෙන හිටියේ නෑ තමන් නිසා ඒ වෙනකොටත් තමන්ගේ ගෑනු ලමයා අම්මා කෙනෙක් වෙලා කියලා.ගෑනු ලමයත් ඒක දැනගන්නකොට පිරිමි ළමයා මහණ වෙලා ඉවරයි.ඒ නිසා ගෑනු ලමයා ඒක තමන්ගේ හිතේම තියාගත්තා.ඒත් සැමියා දැනගත්තා මේ තමුන්ගේ දරුවෙක් නෙවෙයි කියලා.ඒ නිසා ඒ කාන්තාව ගෙදරින් පන්නා දැම්මා"
"දරුවා තනියෙන් හදාගන්න ඒ අම්මා නොවිදිනා දුක් වින්දා.ළමයට කිව්වා තාත්තා මහණ වුන විත්තිය.ඒත් ළමයා තාත්තට වෛර කලා.තමන්වයි අම්මවයි දාලා ගිය නිසා ඒ ළමයා පන්සලකටවත් නොයන තත්වෙට පත් වුනා"
සියලු දෙනා කතාවට වශී වෙලයි හිටියේ.සුභද්දිය හාමුදුරුවෝ හැඟීම් විරහිතව බලාගෙන හිටියා.
"මහණ වුන හාමුදුරුවෝ පස්සෙ කාලෙක දැනගන්නවා තමන්ට ලමයෙක් ඉන්නවා කියලා.සිවුරු ඇරලා යන්න තීරණය කලත් ඒ කාන්තාව අකැමති වෙනවා.ඒ නිසා සියල්ල ඉවසගෙන ඒ හාමුදුරුවෝ මහණදම් පුරනවා"
"ඒ දරුවා ලොකු වෙලා කසාද බැදලා ඒ පන්සල තියෙන ගමටම එනවා හරියට දෛවොපගත සිද්ධියක් වගේ.එතකොට අම්මා නැති වෙලා.හාමුදුරුවෝ හොයලා බලන නිසා දැනගෙන හිටියා.ඉතිං මේ දුවටත් දරුවෙක් ලබලා හොඳින් ඉන්නකොට දුවගේ සැමියා නැති වෙනවා"
නායක හාමුදුරුවෝ කතාව මඳකට නතර කලා.සියලු දෙනා ඇස් දල්වාගෙන හාමුදුරුවෝ දිහා බලාගෙන හිටියා.
"ඒ හාමුදුරුවෝ කැමති වුනේ නෑ දුව තමන් ගැන දැනගන්නවට.මොකද ඒ දැනගත්තම දුව තරහා නිසා මොන ආකාරයට හැසිරෙයිද කියලා දන්නේ නැති නිසා.ඒ නිසා කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නෑ."
"ඉතිං මං මේ කිව්වෙ බණ කතාවක්වත් ජාතක කතාවක්වත් නෙවෙයි.අපේ සුභද්දිය හාමුදුරුවන්ගේ ජීවිත කතාව.ඒ දුව වෙන කව්රුත් නෙවෙයි.මේ පියසීලි ඇත්ති"
කට්ටියගේ කසුකුසුව වැඩි වුනා.සුභද්දිය හාමුදුරුවෝ ශාන්තව බලාගෙන හිටියා.
*********************
"ඇයි අපේ හාමුදුරුවෝ මේක කලින් නොකිව්වේ"
පන්සලට රැස් වුන හැමොම නායක හාමුදුරුවන්ගෙන් ඇහුවා.
"ඒක සුභද්දිය හාමුදුරුවන්ගේ තීරණයක් මිසක් මගේ නෙවෙයි.ඒක ක |
ියන්න සුදුසුම වෙලාවෙයි මම ඒක කිව්වේ"
"සුභද්දිය හාමුදුරුවන්ගෙන් සමාව ගන්න ඕනි.ආයේ පන්සලට වඬින්න කියන්න හාමුදුරුවනේ"
"ආයෙ සුභද්දිය හාමුදුරුවෝ මෙහෙ වඩින්නේ නෑ කියලා තීරණය කරලා ඉවරයි.කසුන් කොල්ලවත් ඒ ඉන්න පන්සලට එක්කරගෙන හාමුදුරුවෝ මෙහෙන් පිට වෙලා ගියේ ඊයේ හවසමයි"
"ඉන්න තැනක් කියන්න හාමුදුරුවනේ.අපි ගිහින් කතා කරගෙන එන්නම්"
"ඒකත් මේ කතාව වගේම එළි නොකරන්න සුභද්දිය හාමුදුරුවෝ මගෙන් ගත්ත පොරොන්දුවක් මහත්තයෝ."
කියලා නායක හාමුදුරුවෝ ඉවතට වැඩම කලා.
සියලු දෙනාගේම හිතේ ඉතුරු උනේ කියාගන්න බැරි පසුතැවීමක් වගේම දුකක්.
✍️Rashmi Nimeshaලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කෙරනිනා පිලිබඳ හැඳින්වීමක්
ඇනා කෙරනිනා යනු ලියෝ තෝල්ස්තෝයිගේ 1877 දී එලි දැක්වූ යතාර්තවාදී නවකතාවකි. පොදුවෙ ගත්කළ මෙම නවකතාව ලෝක සාහිත්‍යයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම නවකතාවක් ලෙස පිලිගැනේ. විශේෂයෙන්ම යුරෝපීය සාහිත්‍යය හදාරන්නෙකු මෙම කෘතිය පරිශීලනය කර තිබීම අත්‍යවශ්‍ය කාරනාවක් ලෙස සැලකේ.
මෙම නවකතාව කේන්ද්‍රගත වන්නේ ඇනා කෙරනිනා හා කවුන්ට් ඇලෙක්සි අතර ඇතිවන අනියම් සබඳතාවක් පීටර්ස්බර්ග් නගරයේ ඉහල සමාජය තුල ව්‍යාකූල ස්වභාවයක් ඇති කිරීම හා මේ හේතුව නිසාම ඔවුන් දෙදෙනාට සතුට සොයා ඉතාලියට පලායාමට සිදුවීම සහ ඉන් පසු යලි රුසියාවට එන මෙම දෙපළ ගේ ජීවිත වල ගලා යාම අතරයි. දුම්රිය සහ දුම්රිය ස්ථාන යනු මෙම නවකතාව පුරා සංඛේතයක් ලෙස එන නවකතාවේ ප්‍රදාන සිද්ධි රැසක් සිදුවන පසුතලයකි.
මෙම නවකතාව තුල සමාන්තර වෘතාන්තයක් ලෙස ලෙවින් ලෙස හැඳින්වෙන ධනවත් ඉඩම් හිමියෙකුගේ ජීවිතයේ අරුත සොයා යන ගවේෂණය සහ විවාහය සහ පවුල තුල ඔහු සොයන ජීවිතය ඔහු ලබා ගැනීම ඉදිරිපත් කරයි. මෙහිදී ලෙවින්ගේ කතාව ඇනාගේ කතාවට වෙනස් මගක් ගන්නා අතර මෙම චරිත දෙක මිනිස් සතුට සහ සැනසීම සොයා යා හැකි වෙනස් මාර්ග දෙකක් ලෙස නවකතාව තුල නිරූපනය කර ඇත.
ඇනා කෙරනිනා යනු සංකීර්ණ හා ගැඹුරු සංවේදී අරුතක් ගැබ්වූ නවකතාවකි. මෙහි මිනිස් ජීවිත වල අපට හමුවන විවිධ පැතිකඩ වන ආදරය, අනියම් සබඳතා, පාවාදීම්, නිදහස සහ ජීවිතයේ නියම අරුත සොයා යාම තේමාවන් ලෙස නිරූපණය කොට ඇත. මෙම නවකතාව විශිෂ්ඨ ලෙස රචනා කොට ඇති වර්තමාන පාඨකයන් පවා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයාමට සමත් නිර්මානයකි.
මූලික කතාව
මෙම නවකතාව ආරම්භ වන්නේ ඔබ්ලොන්ස්කි පවුල අර්බුදයක සිටින අවස්ථාවකිනි. ඩොලී ඔබ්ලොන්ස්කි තම සැමියා වන ස්ටිවා සහ තම නිවසේ ගෘහ පාලිකාව අතර අනියම් සබඳතාවක් ඇතිබව සොයාගන්නා අතර ඇය ඔහු හැර යන බවට තර්ජනය කරයි. ඉතා රූමත් බුද්ධියෙන් යුතු ඇනා හෙවත් ස්ටිවාගේ සොහොයුරිය පීටර්ස්බර්ග් සිට පැමිනෙන්නේ තත්වය සමථයකට පත්කිරීමටයි.
මේ අතරවාරයේ ඇනා කවුන්ට් ඇලෙක්සි නැමති ඉතා කඩවසම් යුධ නිලධාරියා සමග ප්‍රේමයෙන් වෙලෙයි. ඔහුගේ අභිමානය සහ නිරෝගී ශක්තිමත් සිරුර නිසා ඔහු වෙත ආකර්ශනය වන ඇනා ඔහු සමග අනියම් ඇසුරක් අරබයි.
ඇනාගේ මෙම අනියම් ඇසුර ඔවුන් ජීවත් වන සමාජය ආන්දෝලනයකට ලක් කරන අතර ඇය යහලුවන්ගේ හා පවුලේ දැඩි දෝෂ දර්ශනයට හසු වේ. ඇනාගේ නීත්‍යානුකූල සැමියා ඇයට දික්කසාදය ලබා දීම ප්‍රතික්ෂේප කරන අතර ඇලෙක්සිගේ දරුවෙකු බිහි කරන ඇනාගේ සතුට තාවකාලික එකක් බවට පත් වෙයි. ඇනා ගේ මානසික තත්වය පිරිහෙන අතර ඇය තනිව සිටින්නටත් මානසික විකෘති භාවයෙන් (Paranoid) පෙලෙන්නට පටන් ගනියි. ඇය ක්‍රමයෙන් ඇලෙක්සිගේ ප්‍රේමය සැක කරන්නට පටන් ගන්නා අතර අවසානයේ දුම්රියකට පැන සියදිවි නසා ගන්නීය.
ලෙවින්ගේ කතාව වඩා බලාපොරොත්තු දල්වන සුභවාදී එකක් වන අතර කෙටි දැන හැඳුනුම් කමක් මත ඔහු කිටී නැමැති තරුණ සාම්ප්‍රදායික තරුණිය විවාහ කර ගනියි. කෙසේ වෙතත් ලෙවින්ගේ ජීවිතයද මුලුමනින්ම ප්‍රශ්න වලින් තොර නොවන අතර අවසානයේ ඔවුන් සතුට හා සැනසීම ඔවුන්ගේ විවාහය හා ක්‍රමයෙන් වැඩෙන පවුල තුලින් සොයාගැනීමට සමත් වෙයි
මෙම කෘතියේ ප්‍රධාන තේමාවන්
ආදරය හා අනියම් සබඳතා:
මෙම කෘතිය තුල ආදරයේ ස්වභාවය පැවැත්ම හා ආකර්ෂණීය බව මෙන්ම අනාචාරයේ හැසිරීම මගින් ඇතිවෙන සාමාජීය ගැටළු මෙන්ම මානසික ගැටළුද නිරූපනය කරයි.
පාවාදීම් මෙම කෘතිය තුල පෙන්වා ඇති ආකාරය: ඇනා මුලදී තම සැමියාට ද්‍රෝහී වන අතර අවසානයේ සියදිවි නසා ගැනීම මඟින් ඇයටම ද්‍රෝහී වේ.
සතුට සැනසුම ලබන ආකාරය හා දිවියේ අරුත:
ලෙවින්ගේ කතාව ඇසුරෙන් දිවියෙහි අරුත, සතුට, සැනසීම පිලිබඳව යම් අදහසක් පාඨකයා තුල ජනිත කරයි.
අවසාන වශයෙන් කිව යුත්තේ ඇනා කැරෙනිනා යනු අද්විතීය නවකතාවක් වන අතර එය ලියැවුනු වකවානුවේ සිට අද දක්වා පාඨකයා තුල ගැඹුරු රසාස්වාදයක් ජනිත කිරීමට සමත් ජීවිතය පිලිබඳ ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කරන සියලුදෙනා කියවිය යුතුම නව කතාවක් බවයි.
ගිහාන් සමරසිංහසුවඳම සුවඳයි ඒ ආදරේ
"ඒ පාර මගේ ආදරණීය ස්වාමි පුරුෂයා මොන වගේ ප්‍රශ්නයක් හදා ගන්න හදනවද ...අනේ මන්දා?"
ඇත්තටම මම මෙහෙම ලිව්වට මගේ හිත කිව්වේ නම්
"මේ මිනිහා ඒ පාර මොන මඟුලක් නටන්න හදනවද මන්දා"
කියලයි . ඒක ඉතිං එහෙම තමයි. අපි හිත ඇතුළෙන් මොනව හිතුවත් වචනෙන් ලියනකොට ලියන්නෙ ටිකක් තැන්පත් විදහටනෙ. මෙහෙම හිතන්න කියන්න හේතුවුණ කාරණය මගේ පැත්තෙන් බලද්දී ටිකක් බරපතලයි.
මේ සේරටම මුල තමා දැන් දවස් තුනකට කලින් කීර්තිගේ කන්තෝරු කාමරයේ මේසය මත තිබුණු කුඩා පාර්සලය. ඒ කාමරය සාමාන්‍යයෙන් තහනම් කලාපයකි. මේසය අතපත ගෑමට නම් කිසිසේත්ම අවසරයක් නැත. එසේ වුව ද ඉඩක් ලැබුණු විටෙක මම ඒ කාමරයට රිංගමි.
සැකයකට නම් නොවේ. සැකයකට නොවේද නොවේ. කවුද දන්නෙ.? කොයි දේ ගැනත් විමසිල්ලෙන් ඉන්න එක පසුව පශ්චාත්තාප වෙනවට වඩා හොඳයිනෙ. නියපොත්තෙන් කඩා දාන්න තියන දේ පොරොවෙන් කපන්න ඉන්න එපා කියලා ඉගෙනගත්තේ බොහොම ඉස්සර කාලෙ .
මා බ්‍රවුන් පේපර් බෑගය හෙමිහිට දිගහැර බැලුවේ ඔහු නාන කාමරයට ගිය මොහොතේය.
" සුවඳ පැන් කුප්පියක්" ඔව් ..සෙන්ට් එකක්.
සාමාන්‍යයෙන් මා පාවිච්චි කරන වර්ගය නම් නොවේ. පසුගිය අවුරුදු ගණනාවක ම මගේ උපන්දිනයට, අපගේ විවාහ සංවත්සරයට මට තෑගි වශයෙන් ලැබී ඇත්තේ සෙන්ට් බෝතල් ම තමයි .
කොපමණක්ද කියනවා නම් මේ වෙද්දී මා ළඟ සෑහෙන තොගයක් තිබේ. කියන්නත් බෑනෙ ගේන්න එපා කියලා. නෑදෑ දියණියන් නිවසට ආ කලක මා ඔවුන්ට තෑගි වශයෙන් දෙන්නේද එම සුවඳ පැන් බෝතල් ය. කාට පුලුවන්ද ඔය තරම් සෙන්ට් නාන්න.
නමුත් අප දෙදෙනා විසින් සැමරිය යුතු දවසක් අත ළඟක වත් නැත.
"දැන් ඉතින් මේ ප්‍රශ්නේ? කාටද මේ වෙනස් වර්ගයක කොලෝන් කුප්පියක් අරගෙන තියෙන්නේ ? "
අහන්න විදියකුත් නැත.
ඔහු නාන කාමරයෙන් එලියට ඒමට පෙර මම කුස්සියට ගියෙමි.
උදේට කෑම ටික හදල ඉවර කරන්නත් එපායැ.
රයිස් කුකරයේ තැබූ බත පෙණ නගමින් නටයි. ගෑස් ලිපේ ඉදෙන පරිප්පුව උඩ පනිමින් නටයි. මේ ලිප් දෙකේම ඉඳන් නටන බත් මාලු වලට වඩා වැඩියෙන් මගේ සිත දුම් දමමින් නටයි.
"කාටද මේ..කාටද මේ..අහනවද ? නැද්ද ? අහනවද ? නැද්ද?"
"නෑ .. බලමුකෝ තව ටිකක් එයාම මට කියන්නේ නැතෑ මොකක්ද මේ කියලා "
බතුයි පරිප්පුයි ඉදී හමාරය. අමුත්තක් නැතුවා වගේ මම කෑම මේසෙට බෙදුවෙමි. කීර්ති ඇඳ පැළඳගෙන විත් ආහාර ගන්නට පටන් ගත්තේ කිසිදු කතාවකින් තොරව ය.
" අද සෙනසුරාදා නෙ..ඔයා කොහෙද යන්නෙ?"
මම නිකමට ඇසුවෙමි.
" අද අපිට ඔෆිස් එකේ පොඩි හදිසි වැඩක් තියෙනවා. වරුවකින් එන්න පුළුවන් වෙයි"
ඉතාම සාමාන්‍යයි. වෙනදා වාගේමය. " ඉවසමු තව ඉවසමු"
හදවත එසේ කියද්දී මම කීකරු වුණෙමි.
"ඔබේ හදවතට ඇහුම්කන් දෙන්න" එහෙමනෙ කවුරුත් කියන්නෙ..
ඒ ඊයේ දවස.
කිව්වා වගේම ඔහු වරුවෙන් ගෙදර පැමිණියා. හවස වෙලාව තිබුණු නිසා අපි චිත්‍රපටියක් බලන්නත් ගියා.
මූඩ් ෆික්ස් වෙන්න කියාපු චිත්‍රපටිය.
වසන්ත ඔබේසේකරගේ දඩයම.
අර සූකිරි කැටේ වගේ ඉන්න රවීන්ද්‍ර වගක් නැතුව ස්වර්ණාව රවටන හැටි දුටුවම මට සසර එපා වුණා. ඒ මදිවට කිසි හිතක් පපුවක් නැතිව කාර් එකට යට කරලා මරා දමන හැටි . අනේ මන්දා පිරිමින්ට හදවතක් ඇත්තේම නැද්ද ? බොරුවට ආදරය පෙන්නන්න , ඊළඟ මොහොතේ ගෑණිව මරා දාන්න මේ විදිහට පිරිමියාට හැකි වුණේ කොහොමද?
බොරු කතාවකුත් නෙවෙයි. ඇත්තම කතාවක්ලුනෙ.
ආපහු එන අතරේ ඔහු ඇඩ්ලින් විතාරණ ගැනත් ඒ අතීතය ගැනත් බොහෝ විස්තර මට පැහැදිලි කරමින් ආවා. නමුත් මට ඒ අස්සේම නුපුරුදු විලවුන් සුවඳක් දැනෙන්නට පටන් ගත්තා. ඇස් ඉදිරියේ ස්වර්ණාගෙ හැඩේට විශාල සෙන්ට් කුප්පියක් අහසේ මැවිලා දඟර ඩාන්ස් දාන්න වුණා.මගෙ ඔළුව කරකැවෙන්න ගත්ත හින්දා කිටිකිටියේ ඇස් තද කරගෙන ඔහේ ඉවසාන හිටියා.
ඊළඟ දවස..අද ඉරිදා..
"අදත් කොහෙද අනේ යන්නෙ.?"
"ආ මට ඔයාට කියන්නත් බැරි වුණානෙ කුමුදු අද මම වැලිකඩ රිමාන්ඩ් හිරගෙදරට යන්න ඉන්නෙ කෙනෙක්ව විසිට් කරලා එන්න . "
"ඒ කාවද ?"
"ඔයා ඒ මනුස්සයාව දන්නෙ නෑ . මම රිමාන්ඩ් එකේ ඉන්දැද්දි යාළුවෙලා හිටපු කෙනෙක්. මම පොරොන්දු වෙලා තිබුණ වෙලාවක එන්නම් බලන්න කියලා. මට ලඟදි ලියුම් කෑල්ලකුත් එවලා තිබුණා. ඒක හින්දා තමයි අද ගිහින් එන්න කියලා හිතුවේ"
" අනේ මන්දා , ඔයාගේ හිරගෙදර යාළුවොත් එක්ක තියන යාළුකං අත් ඇරියා නං නේද දැන් හොඳ? ඔය මිනිස්සු එක්ක දුර දිගට සම්බන්ධකම් තියාගන්න බැහැනේ .ඔයාට ඒක තේරෙනවනෙ. හොරු මිනීමරුවො වංචා කාරයෝ තව මොන වැරදි කාරයොද"
" එහෙම කියන එක වැරදි නේ . දැන් මම හිටියේ වරදක් කරල නෙවෙයි නේ. අනික් මිනිස්සු දිහාත් ඒ විදිහට බලන්න. හැමෝම මිනිස්සුනේ"
"අනේ ඉතිං ඔයා කවද්ද මම කියන දේකට ඇහුම්කම් දුන්නේ ?එහෙම වුනානම් ඔයාටත් ඔය හිර කූඩුවේ ලගින්න වෙන්නේ නෑනේ "
"ඉතින් මොකද මට මුකුත් කරදරයක් වුනේ නැහැනේ. ඒකත් ජීවිතේ ලබාගන්න පුළුවන් ලොකු අත්දැකීමක් මට නම්. හරි, එහෙනම් මං යනවා "
"හරි හරි ඔයා කැමති දෙයක් කරන්නකො. මට මොකද?"
මට මොකද කිව්වට මං එපැයි ඉතින් කරදරයක් උනහම සේරටම මූණ දෙන්න. ඔය කිසි යාළුවෙක් මට නම් මතක නෑ මගෙන් අහනවා මොනව හරි ඔයාලට උදව්වක් ඕනැද? ඕනෑ නම් කියන්න ...කියලා .
ඒ ද |
වස මට අද වාගෙ මතකයි. නුපුරුදුම සිද්ධි දාමයකට මූණ දුන්නු
දවසක්.
දවස උදා වුණේ නම් සාමාන්‍ය විදිහට. අපි උදේට කාලා දෙයියනේ කියලා කතාබහ කරමින් හිටපු වෙලාව. එකපාරටම මෝටර් සයිකලයක් ඇවිත් පෝටිකෝව යට නතර කළා. ඔහුගේ කාර්යාලීය සගයෙක් වන රංජිත්.
"හා .. රංජිත් මොකද මේ උදේ පාන්දර? මොකක් හරි ප්‍රශ්නයක්ද? උඹ උදේට කාලද ඉන්නේ ?"
"උඹට පිස්සුද මන්දා ..කෑම ගැන කතා කරනවා. අරෙහෙ රට ගිනි අරන් "
"ඇයි මොකද වෙලා තියෙන්නේ?"
" දන්නෙම නැද්ද ?"
"නෑ බං මොකද වෙලා තියෙන්නේ ?"
"රට පුරාම ගිනි ඇවිලිලා..කලබල කලබල.. ඉන්දියන් හමුදාවට විරුද්ධව සුදු කොඩි එල්ලනවා. පාරවල් හරස් කරනවා.එක දෙව්ලාවයි. මිනිස්සු හොඳටම ෆෝම් වෙලා"
"ඇත්තද ..පොලිසිය මොකක් වත් කරන්නෙ නැද්ද ඉතින්"
"පේන විදිහට පොලිසිය සපෝට් වගේ .ආණ්ඩුවත් නිශ්ශබ්දව ඉන්න හැඩයි .කට්ටිය පාරට වෙලා නියම ෆන් එකක් ගන්නවා. ඇඳ ගනිං ඉක්මනට කලිසමක් . අපිත් ගිහින් ටවුන් එකේ සෙට් එක මොකද කරන්නේ කියලා බලමු "
" හා ඉඳිංකෝ ටිකක් "
ඔහු කාමරයට විත් ඇඳුමක් අතට ගනිද්දී මම ඉතා ශීඝ්‍රයෙන් කාමරය තුළට ගියේ මේ ගමන වළක්වාගත යුතුයි කියා මගේ සිත මට කියා සිටි බැවින්.
" අනේ ඔයා යන්න එපා ඔය ගමන. කවුද දන්නේ මොනවයින් මොනවා වෙයිද කියලා . මේ වගේ වෙලාවට මිනිස්සු කවුරුවත් සිහියෙන් වැඩ කරන්නේ නෑනේ. ඊළඟට කට්ටිය එක්ක බොන්නත් පටන් ගනියි . පිං සිද්ධ වෙයි ගෙදර ඉන්නවද ?"
මම කටු කුටු ගගා කට යටින් කීර්තිට කිව්වේ රංජිත්ට නොඇසෙන්නටයි.
" ඔයා බයවෙන්න එපා .මම ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියලා ටිකක් බලල එන්නම් .රංජිතුත් ගෙදරටම ආපු එක බෑ කියන්නත් බෑනේ "
"ඒ ගිය මගේ අවසානය පෝරකය " කියා කීමට සිදු නොවුණත් නවතින්නට වූයේ රිමාන්ඩ් සිරගෙදරිනි.
එදා ඔහු නිවෙසට ආවේ හොඳටම හවස් වෙලා. ආවා කියන්නත් බෑ.ගෙනත් දැම්මා. මම ඉතින් විස්තර ඇසීම පහුවදාට කල් දැම්මත් රට පුරා පුවත් නම් රූපවාහිනියෙන් බලා ගත්තා.
කීර්ති කීවේ ඔවුන් අතුරු පාරක සුදු කොඩි දැම්මා පමණකි කියායි.
ඉන්පසුව කට්ටිය වටවී මයියොක්කා තම්බාගෙන ඌරුමස් උයාගෙන බෝතල් සුද්ද කළා විතරලු. ඒ අය අතර සිටි එක් මිතුරෙකුගේ සොහොයුරා විරුද්ධ පක්ෂයේ දේශපාලකයෙකු බැවින් බොරදියේ මාළු බෑමක් සිදුවුණි. සිද්ධිය වී හරියටම දවස් තුනකින් පොලිසිය මේ නඩය එකිනෙකා අත් අඩංගුවට ගන්නට විය. කීර්ති සතියක් පමණ වසංවෙමින් සිටියද දිනක කාර්යාලයේ සිටියදී පොලිසිය ඔහු සොයන්නට එහි ගොස් ඇත. ලොක්කා කීර්තිට කතා කර පිටුපස දොරෙන් පලා යන ලෙස බල කළත් ඔහු ඒ වැඩේ තේරුමක් නැතැයි කියා පොලිස් නිලධාරීන් වෙත භාර වී තිබේ.
"අනේ ඉතින් තේරුමක් තියන වැඩම කරන මිනිහනෙ.."
මේ විස්තරය මගේ කාර්යාලයේ දුරකථනයෙන් මට දැනුම් දුන්නේ ලොක්කාමය. කීර්ති කිව්වලු මට කියන්න කියලා...
මගේ ඉස ගිණි ගත්තේ මටත් උපන්තේකට ගිහින් නැති පොලිසියට යාමට සිදුවන බව සිහිවෙලා. හොඳ වෙලාවට කීර්තිගේ අක්කයි මස්සිනයි අපේ ගෙදර නැවතිලා හිටියේ ඒ දවස්වල. ඒනිසා දෙයියනේ කියලා පොලිසියට බත් මුල් ගෙනියනවා වගේ වැඩ ඔක්කොම ඒ අයියා කළා.
පලමුවන දවසේ නම් කෑම අවශ්‍ය වුණේද නැත්තේ පොලිසියේ "සාදරයෙන් පිළිගැනීමේ වැඩ සටහන " යටතේ ඔහුගේ තොල පුපුරා කම්මුල ඉදිමී තිබූ හෙයින්.. ඒ දුටු මගේ දෑසින් කඳුළු උතුරන්නට වුවත් ඔහු මට නිහඬවන ලෙසට අතින් සංඥා කළේ මා ගැන දුක හිතිලාම වෙන්නැති.. නැත්නම් පොලිසිය කියන්නේ අඬන්න තහනම් තැනක් නෙවෙයි නේ.
ඊළඟ දවසේ එනවිට ලොකු ඩෙටොල් බෝතලයක් ,සබන් කෑලි,කොස්සක් පරණ පත්තර ආදී සනීපාරක්ෂක භාණ්ඩ රැසක් ගෙනෙන ලෙස මටත් අයියාටත් කිව්වා.
"මොකටද මල්ලී ඕවා"
"දවස් කීයක් මෙතන ඉන්න වෙයිද දන්නෑ අයියෙ. මේ කූඩුව හරි ගඳයි. පොඩ්ඩක් සුද්ද කර ගන්න ඕන"
පසු දවසක අයියා මට කීවේ පොලිස් මහත්තුරු මේ වගේ සැක කාරයෙක් නම් මීට කලින් දැකලාම නැතැයි කී බවයි.
කොහොමහරි හදිසි නීතිය යටතේ පොලිසියේ රඳවා ගන්න පුළුවන් වැඩිම දවස් ගානට පසුව ඔහුව උසාවියට ඉදිරිපත් කර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට යැව්වා.
ඒක පුණ්‍ය කාලයක් නැති මහ දිග නොනගත කාලයක් වුණා. ඒ කාලේ තුළ සිද්ධ වුණේ ,නොවුණේ මොනවද කියලා මට අදටත් හරියටම මතක නෑ. මට දැනුණේ මාව ගලක් වෙලා වගේ.
බොහොම දෙනෙක් අනුකම්පාවෙන් මට නඩුව ගැන එක එක උපදෙස් දුන්නත් සමහර ඒව මට හරියට තේරුනෙත් නෑ. ඒත් මම
"ඔව් ඔව් ඒක තමයි මාත් කරන්න ඉන්නේ"
කියලා පිලිගත්තා. අහගෙන හිටියා. ඒ භීම සමයේ කාගෙත් උදව් තිබුණේ වචනයෙන් විතරයි. කවුරුවත් වැලිකඩට යන්න එහෙම "යමු එහෙනම්. තනියට මමත් එන්නං "කියලා නම් කිව්වේ නැහැ.
වතුරට වඩා ලේ ඝන කමයි කියන කියමනේ තේරුම ඒ දවස්වල මට හොඳට තේරුනා. පවුලේම උදවිය ඇර පිට අය මේ වගේ සිදුවීම් වලදී සම්බන්ධ වෙන්නේ නෑ. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ මොනවටද කියලා හිතෙනවා ඇති. බැලුවම ඒකෙ ඇති වරදකුත් නෑ.
ඒ කාලේ එයාව බලන්න වැලිකඩ යනවා කියන්නේ අධි වියදම් ව්‍යාපෘතියක් වුණා. බ්‍රිස්ටල් පැකට් දහයයි , උයාපු මස් රාත්තල් තුන හතරක් , බිස්කට් පැකට් කීපයක් ඔය වගේ ඉල්ලීම් රාශියක්. ඇහුවම කියන්නේ කවුරුවත් ගෙවල්වලින් බලන්න එන්නෙ නැති අයට දෙන්නත් එක්ක කියලා. පව් තමයි .ඒ වුණාට මගේ ආර්ථිකය නම් සෑහෙන්න බිඳ වැටුණා. එයාගේ පඩියත් තාවකාලිකව අත්හිටවලා තිබුණු නිසා.
ඔය අතරේ මගේ යාළුවෙක් කිව්වා මෝෂන් එකක් දාලා නීතිපතිතුමා ව හමු වෙලා අභියාචනයක් ඉදිරිපත් කරන්න එතකොට ඉක්මනට නඩුව අහල සමාවක් ගන්න පුළුවන් වෙයි කියලා. සමහරවිට ඇප ලබා දෙයි කියලත් කිව්වා.
මම ඒ වෙනකොට මෝෂන් දානවා වගේ දේවල් දැනගෙන හිටියෙත් නෑ. අහල තිබුනේ මෝෂන් චිත්‍රපටි විතරයි. ඒ වුණාට මම කිව්වා
" ඔව් එහෙම කරන එක තමයි හොඳ නේද ?" කියලා.
මගේ හැටි එහෙම තමයි. දන්නෙ නැති දේවල් එකපාරටම අහන්න යන්නෙ නෑ.
මට මතකයි කීර්ති ඉස්සර මට ලියපු ලියුමක තිබුණා අපි යසර් අර්පත් වගේ නොනවත්වා අරගල කරන්න ඕනේ කියලා. මම ඒ දවස් වල දන්නෙ නෑ ඒ කවුද කියලා. මං හිතුවෙ කම්කරු මාවත පත්තරේ වැඩ කරපු කවුරු හරි මුස්ලිම් යාළුවෙක් වෙන්නැති කියලා.
කීර්ති දවස් වල "කම්කරු මාවත" පත්තර පහක් ගානේ ගන්නවා. එයා කියන්නේ ඒ පත්තරේට ආධාර පිණිස ලු. මටනම් තේරුණේම නැති පත්තරයක්. මුළු පත්තරය පුරාම තියෙන්නෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණ තුන්වෙනි ජාත්‍යන්තරය හතරවැනි ජාත්‍යන්තරය ඔය වගේ වචන තමයි. පත්තර පහක් ඉතින් මොනව කරන්නද එක පත්තරයක්වත් කියවන්න බැරි කොට .
අනික් අතට වැරදිලාවත් කවියක් කෙටිකතාවක් නැති පත්තරයකින් ඇති පලේ මොකක්ද? මට හිතෙන්නේ බත්මුල ඔතන්නවත් නුසුදුසුයි. බත් එක කන ගමන් පත්තර කොලේ දිග ඇරියම නිකමටවත් කියවන්න බැරිනම් බත් එකත් රස නෑ වගේ.
අන්තිමට කොහොමහරි මම නීතිපතිතුමා හමුවෙන්න දිනයක් ලබාගත්තත් මට තනියෙන් තමයි යන්න සිද්ද වුනේ. කමක් නෑ කියලා මම වැඩට යනවට වඩා හොඳට ලක ලෑස්ති වෙලා කොන්ඩෙත් සීරුවට බැඳලා හෑන්ඩ් බෑග් එකත් කරේ දමාගෙන ගෙදරින් පිටත් වුණේ බොහොම නිර්භීතව. ඒ උනාට මගේ හිත නම් මේ නුපුරුදු අවස්ථාවට මුහුණ දෙන්නෙ කොහොමද කියල තැවි තැවී හිටියේ.
හොඳ වෙලාවට බස් එකේදී අපේ පවුලේ හිතවතෙක් වන ලයනල් මුණගැසුණා. විස්තර ඇහුවහම මම කිව්වා මේ යන ගමන ගැන.
මට තේරුණා මගේ ඇස්වල කඳුළු උනා ගෙන එන බව. මොනවා කරන්නද ? කඳුළු පිසදමමින්ම කාරණාව කිව්වා.
" අනේ කොහොමද කුමුදු ඔයා කොහොමද තනියෙන් ඔය ගමන ගිහින් ඔය වැඩේ කරගන්නේ. ඉන්නකො මම කොහොමත් කොටුවටනෙ යන්නේ. මට වරුවෙන් වැඩට යන්න පුළුවන්. මම ඔයත් එක්ක එන්නම් නීතිපති කාර්යාලයට. මගේ යාළුවොත් දෙතුන් දෙනෙක් ඉන්නවා ඒකේ වැඩ කරන."
'දෙයියන්ගේ පිහිටයි 'කියලා මට හිත ඇතුලෙන් නිකන්ම කියවුණා. ඉතිං මම නීතිපතිතුමා හමුවෙලා ලියාගෙන ගිය අභියාචනය ඉදිරිපත් කරද්දී මම නොදැනුවත්වම හඬා වැලපෙන්න වුණා. එහෙමවෙයි කියා හිතලා ලේන්සුවක් වත් ලෑස්ති පිට අතේ තිබුණෙ නෑ. අනේ ඉතින් සාරි පොට තමයි කඳුළු පිස්සෙ.
නීතිපතිතුමාට මා ගැන දුක හිතුනා වෙන්නැති, මේ කාරණය ගැන යහපත් විදිහට කටයුතු කරන්න කියලා ඒ අභියාචනයේ සටහනක් දාලා සීල් එකක් උඩ අත්සන් කරලා දුන්නා. ඒ නිසා ඒ සුමානය ඇතුළතම කීර්ති ව ඇප මත නිදහස් කර ගන්න පුළුවන් වුණා.
ලයනල් අදත් කියනවා
"කුමුදු එතන අඬපු හැටියට මම හිතුවේ නීතිපතිතුමා එවෙලෙම කීර්ති ව නිදහස් කරයි කියලා "
ඒ පාර නඩුවත් ඉක්මනට ඇහුවා. ඒ උනාට කිසිම චෝදනාවක් ඔප්පු කර ගන්න බැරි වුණු නිසා නඩුකාරයා පොලිසියට දොස් පවරමින් විත්ති කාරයන් සියලුදෙනාම නිදොස් කොට නිදහස් කළා. ඊට පස්සේ කීර්තිගේ රැකියාව නැවතත් ලැබුණු නිසා ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවෙන්න පටන් ගත්තා.
සාමාන්‍යයි කිව්වට සාමාන්‍යයම නෑ .මේ උදාවෙලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙම අතුරුඵලයක් තමයි.
ඉස්සරහ දොර වැහිලා ටිකක් වෙලා ගියාට පස්සෙ තමයි මට හිතුණෙ මාත් පස්සෙන් ගියා නම් හොඳයි කියලා. ඇඳගෙන හිටපු ඇඳුමේ ඒ තරම් වරදක් තිබුණෙත් නැති නිසා එහෙමම මාත් පස්සෙන් ගියා. මං බස් හෝල්ට් එකට යනවත් එක්කම බස් එකක් ඇවිත් කීර්ති ඇතුළු වෙනවා දැක්කා. දුවල ගිහින් මම බස් එකේ එල්ලුණේ අද්දන්න ඔන්න මෙන්න තියෙද්දි. ඒත් කොන්දොස්තර ළමයා කෑගහන්න ගත්තා
"ඔය අක්කා ඉක්මනට ඇතුළට යන්න. මෙතන ෆුට්බෝඩ් එකෙන් වැටිලා අපිට පව් දෙන්නැතුව" කියලා.
'අනේ හැබෑට සාරිය ඇඳල යන දවසට මිස් .අද ඉතින් අක්කා'
මම මේ ශර්ලොක් හෝම්ස්ට රඟපාන වෙලාවෙ ඕවා ගැන හිතලා වැඩක් නෑ. හීන් සීරුවේ පිටුපස්සේ සීට් එකේ අඩයක ඉඳ ගත්තා. අයිනේ හිටපු ජෝඩුව අනේ කරුණා පෙරදැරිව බොහොම ලං වෙලා මට ඉඩ දුන්නා. විඩෙන් විඩේ මම එබි එබී බැලුවා කීර්ති මට නොදැනී බහීද කියලා.
දඩාං...බඩාං..සලාං..
අයියෝ බස් එක ඇක්සිඩන්ට් උනාද මන්දා. කීර්ති යහතින් ඉන්නවද කියලා බලන්න මම ඉක්මනට නැගිට්ටා.
ඒත් එක්කම මගේ කකුලෙ හැපි හැපී අල්ලපු ගෙදර පූසා පැනලා දිව්වා. එතකොටයි මට තේරුනේ මම තාම ගෙදර කියලා.
"චික් විතරක් ..මේ මොට්ට පූසා මගේ පරිප්පු ඇතිලිය පෙරලුවාද මන්දා.."
එදා හවස කීර්ත |
ි ගෙදර එනතුරු මම බලා හිටියේ පුදුමාකාර නොඉවසිල්ලකින්. මොකද අර මේසෙ උඩ තිබුණ සෙන්ට් කුප්පිය කීර්තිත් එක්කම එලියට ගිහින් තිබුන නිසා. වෙන ගෑනියෙක් නම් මිනිහා ගෙදර ආපු ගමන්ම
" කොහෙද ඕයි සෙන්ට් කුප්පියක් අරගෙන ගියේ..කාව බලන්නද"
කියලා අහන්න හොඳටම තිබුණා ඒත් ඉතිං ඉස්සර කාලේ ඉගෙනගෙන තියනවනේ 'ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය' කියලා. ඉවසලා ඉවසලා බැරිම තැන ..තව චූට්ටක් ඉවසන්න කියලා පොතකත් තිබුණා.
කීර්ති නාගෙන ඇඳුම් මාරු කරගෙන එන අතරතුරේ මම කෝකටත් කියලා තේ හැදුවා. බණ අහන්න යන කෙනෙකුටත් ඉස්සෙල්ලම කන්න දෙන එකේ බැනුම් අහන්න යන කෙනෙකුට බඩගින්නෙ ඉන්න දෙන්න හොඳ නෑනෙ.
"ඔයා දැන්ම බත් කනවද.? නැත්නම් තේ බොනවද? මම තේ නම් හැදුවා"
"තේ ටිකක් බීලා ඉමු. අම්මෝ අද නං ඇති වුණා . හොඳ ගනන් බස් වල රස්තියාදු වෙලා"
"දැන් ඔයා ඔය කාව බලන්නද ගියේ. ?"
"මම කිව්වේ අර සිරිල් අයියා කියලා පරණ හිර කාරයෙක් අපි හිටිය දවස්වල අපට උදව් කළා කියලා. ඒ උදව් නම් ඉතින් කියලා වැඩක් නෑ."
"මොනවද ඔයා ගෙනිච්චෙ?"
" වීරසිරියෙන් තෝසෙයි මසල වඩෙයි පාර්සලයක් ගත්තා. මිනිහා ඒ දවස් වල කියනවා හොඳට උළුඳු රහට තෝසෙ කන්න ආසයි කියලා."
"අනේ එච්චරද ගෙනිච්චෙ ?"
"මිනිහා සිගරට් බොන්නෙත් නෑ. ඒත් මම සිගරට් පැකට් දෙකක් ගත්තා . එයාට පුළුවන්නේ කාටහරි දීලා උදව්වක් ගන්න. ඇතුලෙදි ඕවා ඩොලර් වගේ තමයි.
ආ තව මම සෙන්ට් බෝතලයක් ගෙනිච්චා"
ඔන්න බළලා මල්ලෙන් එලියට පැනපු වෙලාව..
රිමාන්ඩ් එකේ ඉන්න හිර කාරයෙකුට සෙන්ට් කුප්පි මොනවටද.. ඇයි වදේ කාට දැනෙන්න සුවඳ ගහන්ඩ ද.. ලිහන්න තියෙන මල්ල ඔබල බලන්නෙ මොටෝ.. ලෙහලාම බලමු..
"ඒ මොකටද එයාට සෙන්ට් කුප්පි..?"
"ඒක ටිකක් දිග කතාවක් කුමුදු.."
"කියන්නකො මටත් ආසයි දැනගන්න. එයා මොනවා කරලද හිරේ ඉන්නෙ.."
"කිව්වොත් ඔයා හොල්මන් වෙයි. මිනී දෙකක් මරලා.."
"ඈ..අනේ බුදු අම්මේ ඔයා මේ ආස්සරේ කරන්නෙ එහෙම කෙනෙක්වද..ඇයි මනුස්සයෝ මොනතරම් භයානකද..ඔයාට බය හිතෙන්නෙ නැද්ද.."
"මං කිව්වෙ ඕකනෙ. මිනී දෙකක් මැරුවා කිව්වට තාම නඩුව තීන්දු වෙලා නෑ. අනික් අතට ඒ මනුස්සයා මේ අංගුලිමාල වගේ කඩුවක් අරගෙන දකින දකින අය පස්සේ පන්නන්නෙ නෑ. ඉස්සෙල්ලම ඒකෙ හේතු කාරණා අහල ඉන්න"
"හරි හරි ඉතින් කියන්නකො'
"ඔය සිරිල් අයියා හරි හැන්ඩ්සම් පොර. වයස තිස්පහක් වත් නෑ මං හිතන්නේ. ඔයාට කියන්න කුමුදු, මිනිහා අරක්කු ටිකක් වත් බොන්නෙ නැති එකෙක්. දැන් අවුරුදු පහකට විතර ඉස්සර තමයි එයාට එයාගෙ වයිෆ් රමණී මුණ ගැහිලා තියෙන්නේ. නෑ ගෙදරකදී. රමණී පුදුම තරම් ලස්සණලු. වතාවක් ගමේ අවුරුදු කුමාරි වෙලත් තියෙනවා. ඒ ගමේ තරමක චණ්ඩියෙක් රමණිගෙ පස්සේ වැටිලා හරි කරදරයක් වෙලාලු හිටියේ. . ඒ චණ්ඩියයි එයාගෙ මල්ලියි කිසි දවසක රමණිට වෙන කෙනෙකුව කසාද බඳින්න ඉඩ දෙන්නෙ නෑ ..කොයිවෙලේ හරි රමණිව උස්සගෙන යනව කියලා සැරින් සැරේ පාට් දානවලු. කොහොමහරි සිරිල් අයියා රමණි එක්ක සෙට් වෙලා . ගෙවල් වලිනුත් කැමති වෙලා. වෙඩින් එකට සූදානම් වෙන අතරේ අරුං රමණිව පන්නාගෙන ගිහින්."
"දෙයියනේ..මොන විපත්තියක්ද.."
"ඒකනෙ. පොලිසියටත් කියලා. සැකයි කියලා අරුන්ගෙ නම් දෙකත් දීලා. ඒ වුනාට පොලිසිය එච්චර උනන්දු වෙලා නැහැල්ලු ඒ කේස් එක ගැන. හැබැයි කොහොම හරි මේ කෙල්ල සුමානෙකින් විතර හිටපු තැනින් පැනලා ගෙදර ඇවිත්. උන්ගෙ වයසක නැන්දා කෙනෙක් උදව් කළාලු ඒකට. හොඳ වෙලාවට සිරිල් අයියා එහෙ ඉඳලා ඒ වෙලාවෙ.. රමණි බෑම කියද්දීත් සිරිල් අයියා රමණිව එයාගෙ ගෙදරට එක්ක ඇවිත් "
"ඇයි රමණි බෑ කියලා තියෙන්නේ?"
"උන් රමණිට කරන්න තියන ඔක්කොම කරලා. අනුන්ගෙන් සල්ලං වෙච්ච ගෑණියෙක් විදිහට සිරිල්ව කසාද බඳින්න බෑ කියලා. "
"පව් "
"ඔව්. සිරිල් අයියා ඒ අතින් ග්රේට්. පොලිසි ගානේ ගිහින් තවත් ප්‍රශ්න දාගන්නේ මොකටද කියලා කතාවෙලා කාටත් රහසෙම රමණිව කසාද බැඳලා මහගෙදර ඉන්නෙත් නැතුව ගෙයක් කුලියට අරගෙන පදිංචියට ගිහින්."
"එයා මොකක්ද කරපු රස්සාව. ?"
"ප්‍රයිවෙට් බස් එකක් එලවපු එක තමයි ඉස්සර කරලා තියෙන්නේ. පස්සේ පොඩි වෑන් එකක් අරං. මාස හය හතක් දෙන්නා සතුටෙන් ඉඳලා. දවසක් සිරිල් අයියා හයර් එකක් ගිය අතරේ චණ්ඩියො දෙන්නා ගෙදරට ඇවිල්ලා රමණිව ඇදගෙන යන්න හදලා. රමණී කෑගහන සද්දෙට ළඟ ගෙදරක අය ඇවිත්. කලබලේ අස්සෙ එකෙක් රමණිට පයින් ගහලා වීසිවෙන්න. ඒ වීසි වෙච්ච පාර ඔළුව කොන්ක්‍රීට් කනුවක හැපිලා ලේ ගලන්න වෙලා. උන් පැනලා ගියාලු. සිරිල් අයියා එනකොටත් රමණී ඉස්පිරිතාලේ සිහිය නැතුවලු. එහෙමම පණ ගිහින්."
"අයියෝ.."
"අනේ ලලනි සිරිල් අයියා ඔය විස්තර මට කියනකොට මටත් හරිම දුක හිතුණා. රමණිට දරුවෙක් ලැබෙන්න එනවා කියලා ඊට සුමානෙකට විතර කලින්ලු එයාලා දැනගත්තෙ. මොන පවක්ද..
අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් වෙන හැටි බලන්නකො. "
"ඉතින් පොලිසිය අර මිනිස්සු අල්ලගෙන නැද්ද..?"
"අල්ලපු ගෙදර අය අඳුරන්නෙ නෑනෙ ඒ මිනිස්සුන්ව. කියපු විස්තර වලට තමයි උන්ගෙ වැඩක් කියලා අනුමාන කරලා තියෙන්නේ. කොහොමටත් සිරිල් අයියා හිතුවලු දඬුවම් කරන එක කෙරෙන්න ඕනැ එයාගෙම අතින් කියලා. පොලිසියට කියලා තියෙන්නේ සැක කරන්න කෙනෙක් නෑ කියලා. හැබැයි සිරිල් අයියා එයාගෙ ගජයො දාලා හරියටම විස්තර හොයාගෙන තියෙනවා.
තුන්මාසෙ දානෙ දීලා දවස් තුනක් යද්දී අර දෙන්නම ගේ ඇතුලෙ මැරිලා හිටියලු පිහියා ඇනුම් කාලා. සැකේට සිරිල් අයියාව අත් අඩංගුවට අරං. ඔප්පු කරන්න අමාරුලු. දැක්ක කෙනෙක් වත් ඇනපු පිහිය වත් නැති හින්දා. නඩුව ඇදි ඇදී යනවා. ඇප දෙනවට ඒ පැත්තේ අය විරුද්ධලු."
"ඇත්තටම එයාද මරලා තියෙන්නේ..?"
.....
කීර්ති ලොකු හුස්මක් පිට කළා මිසක් මුකුත් කිව්වෙ නෑ. මටත් හිතුණා හාර හාර අහන්නත් හොඳ නෑ කියලා.
අනේ මන්දා.. අහිංසක කෙල්ලෙක්. එයාට අතවර කරපු මැරයෙක්. ඒ අසාධාරණය වෙනුවෙන් පෙනී නොහිටපු පොලිසියක්. ආදරය නිසාම ඒ කෙලෙසුණු කෙල්ලව භාර ගත්ත පෙම්වතෙක්. මෙලොව එළිය දකින්න වරම් නොලැබුණු කිරි දරුවෙක් කුස දරාගෙන මැරෙන්න සිද්දවුණ ලාබාල බිරිඳක්...
සිරිල් අයියා වෙනුවෙන් මගේ ඇස් වලින් කඳුළු ගලන්නට වුණේ මටත් නොදැනී.
දැන් සෙන්ට් කුප්පිය මෙතනට සම්බන්ද වෙන්නෙ කොහොමද.. මට දැනුණේ පුදුමාකාර කුහුලක්.
"මං නිදහස් වෙලා එද්දී සිරිල් අයියාගෙන් ඇහුවා දවසක බලන්න එන්නම් මොනවද ගේන්න ඕනෑ කියලා. සමන්පිච්ච මල් සුවඳ තියෙන සෙන්ට් කුප්පියක් ගේන්නයි කිව්වා. මමත් පුදුම වෙලා ඒ ඇයි ඇහුවා. මට කිව්වා..
"කීර්ති මහත්තයා මගේ රමණි කෙල්ල හරි කැමැතියි ඔය සුවඳට. හැමදාම උදේට සමන්පිච්ච එක මලක් හරි කොණ්ඩෙ ගහ ගන්නවා. දවසම සුවඳයි. ලඟින් එහාට මෙහාට යද්දී නොවැරදීම මට ඔය සුවඳ දැනෙනවා. මට එයා මතක් වෙන හැම මොහොතකම ඔය සුවඳ දැනෙනවා වගේ. පුංචි කුප්පියක් ගෙනාවොත් ඇති. " කියලා.
"අනේ ලලනි සිරිල් අයියගෙ ඇස් පුරෝලා කඳුළු එදා මට ඔය ටික කියද්දී. මම අද සෙන්ට් එක දුන්නම එවෙලෙම ඉඹලා බැලුවා..."
කීර්ති පුටුවෙ ඇලවෙලා ඇස් පියාගෙන හිටියේ ඒ මතකය ආයිමත් සිහි කරන්න වගේ.
මට ඇති වුණේ මහා විශාල කණගාටුවක්. ඒ වගේ දයාබර මිනිසෙකුට නේද ආශ්‍රය කරන්න සුදුසු නැති මිනී මරුවෙක් කියලා මම අපවාද කළේ. ඒ මනුස්සයගෙ හදවත ආදරේ සුවඳින් පිරිලා ඇති කියලා මට හිතුණා.
ඒ වගේමයි කීර්තිට මම හිතෙන් මොනතරම් බැන්නද? එයා දන්නෙ නැති එක හැබැයි. ඒත් මගෙ හිත දන්නවනෙ මම හිතපු දුෂ්ට හිතුවිලි. තව ටිකෙන් මේ සැකය නිසා වෙන්න ගිය විනාශය..!!
කීර්තිගෙ හිතත් මොනතරම් ආදරණීයද??
නිතර දෙවේලෙ අහන දකින කියවන දේවල් එක්ක ඇති වෙලා තියන ආකල්පය ' පිරිමි දිහා සැකෙන්ම බලන්න ඕනෑ. කොයි වෙලාවෙ ද්‍රෝහි වෙයිද කියලා දන්නෙ නැහැනෙ ' කියන එකනෙ. ඉතින් ඒක හැමතිස්සෙම වලංගු නෑ. මට හිතුණා මේ වගේ සොඳුරු ස්වාමි පුරුෂයෙකු ගැන මම මීට වඩා සෙනෙහෙවන්ත වෙන්න ඕනෑ කියලා.
මට හිතුනෙම කීර්තිගෙ ඔළුව මගෙ පපුවට තුරුළු කරගෙන ආදරයෙන් ඉස්මුදුන ඉඹින්න ඕනැ කියලා..
මම එහෙම නොකරන්න ඇති කියලද හිතන්නෙ...සිංහල සාහිත්‍ය කියන්නෙ විදින මනුස්සයෙකුට දිව්‍ය ඖෂධයක්. භාෂාව හැසිරවීම, සොබා සෞන්දර්‍යට සජීවිත්වය ආරෝපණය කිරීම,උපමා රූපක භාවිතයෙන් දුක, සතුට ,ශෝකය , ආදරය ,රාගය , විරහවේ හැඟීම් අමු අමුවේ නිරුවත්ව ප්‍රකාශ කරනවට වඩා කවිත්වය ආරෝපණය කිරීමෙන් ඒකට ලැබෙන්නෙ සුරම්‍ය නමුත් විශාල අගයක්.
වෙලාව මධ්‍යම රාත්‍රියත් ඉක්මවා ඇති මොහොතක ජීවිතයේ අනේකවිද සෝ සුසුම් හමුවේ මගේ තාවකාලික විඩාදුරුකරන්නා ගීතයයි.
මිනිස් සන්තානයේ පාරිශුද්ධිය සමඟ එක්ව ගමන් කරන සම්භාවනීය චින්තන විශේෂයක - කවිය හෙට ඉරක් පායපු, සක්වාලිහිණියකගෙන් ප්‍රබුද්ධ හරහා තුන්කල් දුටු මහා ප්‍රඥාවන්ත සේකරයන්ගෙනුත්, ගලායන ගංගාවක රිද්මයෙන් ජීවිතය කියා දුන් කුඩලිගමයන්ගෙනුත්, කටු පදුරු මතින් ජීවිතය වඩාගෙන වස්සානයකට දෑත් දිගුකරන්නට කියාදුන් රත්නශ්‍රියන්ගෙනුත් සේම එදා මෙදා තුර කේයස් පරපුරේ පුරුක්වලින් සුපෝෂිතවන්නාවු සිංහල කවියත්, ඉන් ඔබ්බට ගොස් මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලබන උත්තරීතර මිනිස් හැඟිම් සමුදාය සහෘදයාට සම්ප්‍රේෂණය කරන්නාවූ ගීතයත් මිනිස් ජීවිතාවබෝධය අපූරුවට පිළිබිඹු කරන්නට දරන්නෙ මහත් වෑයමකි.
ජනකවිය ,පැල්කවිය තුලින් සිය හැඟීම් නිර්ලෝභීව ප්‍රකාශකල කවියා භාෂා භාවිතයේ කෙතරම් හපන්කම්කෑවේද යන්න ආඩම්බරයට කරුණකි.
සිරිපා පහසලත් සමනොල අඩවියෙන් ආශිර්වාදකොට කැළණි පුරයට යනෙන මඟ ,පුර වැනුම් මඟ වැනුම් දෙවිදෙවොල් සේම ස්ත්‍රී වර්ණනා කෙතරම් සංයමෙන් වනා ඇති අයුරු?
රහල් හිමියන්ගේ සැළලිහිණිය මෙන්ම හංස, ගිරා,කෝකිලාව වනාහි සිංහල භාෂාවේ රන් මසුරන් දෝ මට සිතේ.
කෙසේ නමුත් කවියෙන් ඔබ්බට ගොස් පද රචනය ,සංගිතය හා මියුරු හඩක් මුසුව නිපවෙන 'ගීතය ' වනාහි වෙනම වූ අධි මාත්‍රික ඖෂධයකි.
ජාතික තොටිල්ලක නිදහසේ නැලැවී හැදෙන පුංචි මානවකයාට සිය නිදහස් යුතුකම් හා වගකීම් පසක් කරනු වස් සේම
කලට හෝ අකලට හෝ කෙසේ හෝ වහින සුළු වැසි මද වැසි මෙන්ම ධාරානිපාත වර්ෂා |
වන් හමුවේද ඉන්ද්‍රකීලයක් බඳු උත්තම කාන්තාව මව් පමණක් බව පසක් කරද්දි, මවක, දරුවන් වෙනුවෙන් නොකරනා දෙයක් නොමැත, එසේ වීනම් සිය පතිවෘතාව බිල්ලට නොදී ඇයත් මවක් වන්නේය. කිසි දිනක තනේ කඩා පත්තිනියක නොවී, සිය දරුවන් වෙනුවෙන් නේක දුක් උසුලන්නීය. ගල්පතුරු කැපුම් ඇගිලි හිල් කරන ඉටුකටු පැලුම් වලට වග නොකියන්නීය.. යන්න ඊට තවත් සාක්ෂි දරයි.
මහපොලොව හා පොර බැද සිය ගතින් රූරා වැටෙන දා බිදු යලිත් මේඝයන්ට මුසුව , ලොවක්.සශ්‍රීක කරන්නට වරුවාසක්ව මේ පොලෝගැබට පතිතවන්නේ උතුම් පීතෘත්වයේ නාමයෙන් හදවත බුරා නැගෙන්නාවු දාරක ස්නේහයයි.. අප්පච්චි,අව්වෙ මුතු ඇට වපුරා අපේ කුසේ ගිනිනිවනා ඔබත් දිනක මව් හා සමානවම බුදුවන්නේ ය.
ජීවිතය නම් මෙයැයි අතැඹුලක් සේ ගෙනහැර පාන්නටත්, ජීවිතයේ අනේකවිද කඨෝරභාවයන් හමුවේ අකලට පරව මෙහා ඉවුරට පාවෙන සුදු නෙළුමක සුවඳ වියැකෙන අයුරුත් ,විෂඝෝර සර්පයන් හමුවේ වංකගිරියේ අතරමංනොවන්නට බිසවුන්ට සිහිපත්කරන්නටත්, මෙන්ම
දෙමව්පියන් අතින් සිදුවන අත්වැරදීම් වලට දරුවන් වන්දිගෙවන්නට සිදුවනබැවත් ඉගි කරයි.
අමනාප වූයේ මා සමඟය. වන්දි ගෙවන්නේ පුංචි දෝණීය. වැලි පොල් කටු නැත. ඇගේ සිහින ලෝකය බිදවැටී ඇත. කවුරු කොහොම කීවත් කෙල්ලෙකුගේ ලෝකය ඇගේ තාත්තා ය. හැදි රෑන නැත. බෙදන්නට බත් ඉදෙන්නේද නැත.
පුරුෂයෙකු නැති නිවසක දරිද්‍රතාවය උපරිමයට ගෙන ඇත. මිදුල නැමැති මාගේ සිතේ නුඹ වෙනුවෙන් වැටුණු සියලු කොලරොඩු අමනාපකම් අතුගා ඉවරය. කල වරදට සමාවෙන්න. දූගේ අප්පචි.ඉක්මනට එන්න. කඩුල්ල ලග බලන් ඉන්න්ව. දෙම්ව්පියන් අතින් සිදුවන වැරදිවලට පුංචි පැටව් වන්දි ගෙවයි.
දෑස වසාගමි. මක් නිසාද යත් නුබ පෙනෙනෙ නිසා, නමුත් සිහිනයක් වී ඔබ එනව..
සිත හිරකරගමි මක් නිසාද යත් නුබ එන නිසා. නමුත් සෙවනැල්ලක් වී ඔබ එනව...
පාලුව ඉවසා මා තනිවෙද්දි සුසුමන් පසුපස එනව.කල්පිත ලෝකයේ ගීයක් වී ගී පොත පෙරලනව.
නොමැරී මැරී ජීවත් වන අප අලුගෝසුවනේ දැම්මම එල්ලා මරපං යන්නය. .. ඔව්න්ගේ බලාපොරොත්තුව එයය.
දුන්න වගේ නැමි බංඩි කුරක්කන් අන්න බලාපං අත වනතේ,
මන්ද නගේ නුබ යන්නෙ ගමෙන් පිට ගං ගොඩ වෙල් එළි පාලු වෙතේ...
නමුත් ඇය පාලු වීදියේ සිංදු කියූ මාල ගිරව්න්ට වහ වැටී අහවරය. මී වදේ පැණි තිත්ත බව වැටහෙද්දි සියල්ල සිදුවී හමාරය. ඉතින් එසේනම් ඊට මත්තෙන් තමන් පෙරමං විය යුතුය.
නවයොවුන් වියට එලඹෙන දියණියකට ජීවිතයේ නව පරිච්චේදයන් අපූරුවට විග්‍රහකරමින් රැයක මිහිරාවේ පොලෝගැබට රහස් කියන සේපාලිකාවකගේත්, වැව් දියට පෙම්බඳින තාරකාවකගේ කතාවෙනුත් නුඹට කියන්නෙ මේ මහත් ලෝකයට ගහට කොළට, ඇළට දොළට සතා සීපාවට ස්නේහය පතුරවන්නටය.
ප්‍රේමයේ නාමයෙන් සිය සියළු මිණිකැට ප්‍රේමභෘංගයාට පුදකරන ප්‍රේමවන්තිය සියලු හිමකදු දියවී ගලායන මොහොතක නිලංකාර දෑස් වසා සිටින හිමදියවී හිමාලයේ ගීතයේ ගෘංගාර රසය ගැන කතාකිරීමට වචන ප්‍රමාණාත්මකදැයි පැනයකි. එවන් ප්‍රේමාලිංගනයේ පැටලෙන යුවලක් එකිනෙකාට (නො)රහසේ ඉඟ නෙරියක රැළි බිදින්නටත් රැළි හඳන්නටත් ගත් ප්‍රයන්තය සේම සංසාර චාරිකාවේ එක්ව මියැදෙන්නට තරම් එකිනෙකාට ප්‍රාර්තනා තබන අපූරුව.. සේම එක්ව යන්නට නොහැකිනම් ඔබ යන්නම යනවනම් කිසිදු පලිගැනීමකින් තොරව සුබ පතා එදෙස බලාඉන්න අහිංසක පෙම්වතා..
නියම් හෝ අනියම් හෝ වේවා, තවෙකුට කප්පරක් ජීවත් වෙන්නට දහසකුත් බලාපොරොත්තු පුබුදුවාලන දම් පාට හැන්දෑවක ඔහු එනතුරා බිත්ති පුරා සෙවනැලි ඇද පාලුමකන ඈගෙ සිතුවිලි..
මාල ගිරාතටුවක රුවින් යුතු ලාමක ඇදුමේ පටන් කණකොක් පාටින් යුත් අවසන් සළුව ගතදරන්නා වූ මොහොත දක්වා සමස්ත ජීවිතයේ නේක පරිච්චේදයන් අමු අමුවේ ගෙනහැරපානව වෙනුවට හරවත් බසකින් සිත්සතන් තුළට කාවද්දන්නටත් සංසාර චක්‍රයේ අතරමංව මංමුලාවූවන්ට පාර කපනුවස් අචේතනික කලුගලකින්අපට හමුවන මෙත් මුදිතා ගුණ වෑහෙන අවුකන බුද්ද ප්‍රතිමාවේ සනාතන දහම නළලතට වැටෙන දිය බිදුව නාසාග්‍රයෙන් සිරිපතුලේ මහපටැගිලි දෙක අතරට ලබ්කව වැටෙමින් පොලොවට පතිතවවන්නෙ යම්සේද මැරි මැරී ඉපදෙන රළකින් ජීවිතයේ නැවුම් බලාපොරොත්තු ඇතිකරන්නටත් අව්‍යාජ සිනාව බොහොමයක් පැනයන්ට සරල පිළිතුරක් බැව් ඒත්තු ගන්වන්නටත් තවත් එකි මෙකී නොකී සියලු පැතිකඩයන්ගෙන් දැයට විශිෂ්ඨ නිර්මාණදායාද කල සියලු කලාකරුවන්ට උත්තමාචාර!
(ගීතය කියන්නෙ අපිව මෙල්ල කරන අවියක්..මට ඒම හිතුනා..ඒක නිසයි මේ සටහන තැබුවේ)
නිෂාදි මල්ෂිකා.වොරන්ට්සෝවා
ඒ වන විට මම දහතුන වසරේ මුල් කාලයේ ඉගෙන ගනිමින් සිටියෙමි. අපේ පහළ පන්තිවල සිටි සමීප සොහොයුරෙකු පාසලේ අමද්‍යප සංගමයක් පවත්වාගෙන ගියේ ය. ඔහු වරක් මරදානේ සිට විහාරමහාදේවී උද්‍යානය දක්වා ගොස් ආපසු ඒමට අමද්‍යප පා ගමනක් සංවිධානය කළේ ය. ඔහු ට ඒ සඳහා සහාය වීමට සැලකිය යුතු පිරිසක් නොවූ බැවින් මා ද එවකට මගේ සමීපත ම මිතුරා වූ සමරවික්‍රම ද ඒ සඳහා සහභාගී වූයෙමු.
ඒ පාගමන සඳහා අවට පාසල් ගණනාවක අපගේ වයසේ සිසු සිසුවියෝ කුඩා කුඩා කණ්ඩායම් සහභාගී වූහ. අප නැවත අපගේ පාසලට පැමිණි පසු ආරාධිත පාසල් සිසුන් සඳහා සංග්‍රහ කටයුතු ආදිය කරන්නට සිදු විය. මේ නිසා ආරාධිත සිසු සිසුවියන් ගේ මුහුණු අප මතකයේ සටහන් විය.
පසුව ඒ අතර සිටි අප පාසලට යාබද බාලිකාවක සිසුවියක් උපකාරක පන්ති සඳහා වෑන් රථයේ ගමන් කිරීම ප්‍රමාදයට හේතු වන නිසා දුම්රියේ ගම්පහට යාමට පැමිණියා ය. පසුකාලයක ඇයට මා තැබූ නම වොරන්ට්සෝවා ය. ඇයට වොරන්ට්සෝවා යැයි මා නම් තැබූයේ වික්ටර් ඩ්‍රැගන්ස්කි ගේ පොතක චරිතයක් අනුව ය. එය පිළිබඳ ව පසු ඡේදයක ඔබට ලියමි.
අඩි පහයි හඟල් හතරක් පමණ උසින් යුතු වූ ඇයගේ මඳ සිනහව අතිශයින් සුන්දර ය. ඇගේ මිතුරියන් දෙදෙනෙක් ද ඇය සමඟ පැමිණි අතර ඉන් එක් යුවතියකට සමරවික්‍රමත් මමත් දෙදෙනා ම බෙහෙවින් උනන්දු වීමු. ධම්මිකා නම් වූ ඇය කොණ්ඩය කොටට කපා සිටිය ද සිත්ගන්නා සුළු යුවතියක් වූවා ය. ඇයගේ අම්මා ගේ දැඩි පාලනයට නතු ව සිටි ඇය දිනයේ යම් සැහැල්ලුවකින් සිටියා නම් සිටින්නට ඇත්තේ අප සමඟ ගමන් කළ කාලය තුළ විය යුතු ය. ඊට හේතු වූයේ සමරවික්‍රම බෙහෙවින් කවටකම් කරන්නෙකු වීම යි.
අප ගමන් කළ තුන්වැනි පන්තියේ දුම්රිය මැදිරියේ වැඩි දෙනෙකු නොවී ය. අපට සෑම දවසක ම වාඩි වෙන්නට ඉඩ ලැබුනු අතර ධම්මිකා මැදිරියේ කෙළවර අයිනේත් මා නම සඳහන් නොකළ දීපමාලී ඊළඟටත් වාඩි වූවා ය. ඉන්පසුව වොරන්ට්සෝවා ද වොරන්ට්සෝවා අසල මට ද වාඩි වීමට ලැබිනි. සමරවික්‍රම වාඩි වූයේ මට පසුව ය.
වොරන්ට්සෝවා දිනපතා ඇගේ දුක්බර කතාව මා සමඟ කියන්නට පටන් ගත්තා ය.
මේ නිසා වොරන්ට්සෝවා ගේ පියා ධනවතකු බවත් රැකියාවකට නොයන බවත් දිනපතා ම නිවසට වී තදින් ම මත් පැන් පානය කරන බවත් මට දැන ගන්නට ලැබිනි. ඔහු මත්පැන් පානය කර ගෙදර අයට හිංසා කළේ ය. පියාට අසල්වැසි නිවසේ කාන්තාව සමඟ යම් සම්බන්ධයක් ඇති බව ද වොරන්සෝවා කීවා ය. වොරන්ට්සෝවා ට ඇයට වඩා වයසින් බාල සහෝදරයන් දෙදෙනෙකි. බාල මල්ලී බෙහෙවින් හුරතල් පාට ය. ඔවුන් ට යුරෝපයේ නිෂ්පාදිත තද නිල් පැහැති මෝටර් රථයක් වූ අතර ඇගේ අම්මා බොහෝ විට ඇය ව රැගෙන යාමට එය පදවාගෙන ගම්පහ දුම්රිය ස්ථානය අසලට ආවා ය. මට එම රථයේ අංකය තවමත් මතක තිබේ. දෙවන මල්ලී මා සමඟ යම් දුරකට හිතවත් විය. ඉඳ හිට ඔහු අපේ නිවසට ද ආවේ ය.
මා දුම්රියට නොපැමිණෙන දිනවල දී වොරන්ට්සෝවා දුකින් පසුවන බවත් ඒ නිසා හැකි නම් හැකි සෑම දිනයකදී ම දුම්රිය ගමනට එක් වන ලෙසත් දීපමාලී දිනක් මට කීවා ය. ඉන් ටික දිනෙකට පසු ව දීපමාලී සහ සමරවික්‍රම අතර සහසම්බන්ධතාවය ප්‍රේම සබඳතාවක් දක්වා වර්ධනය විය. මා පාසලේ ශිෂ්‍යය සංගමයේ සභාපති ධූරය දැරූ නිසා පාසල් ප්‍රේමයක් පවත්වා ගැනීම පහළ පන්තිවල සිසුන්ට වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් යැයි සිතුවෙමි. මේ නිසා වොරන්ට්සෝවා සමඟ කෙතරම් සමීප වුව ද එය ප්‍රේම සබඳතාවක් දක්වා දුර දිග නොගියේ ය. නමුත් මා ඇය ගැන සිතුවෙමි.
කාලය ඉක්මනින් ගත වී ගිය අතර අප උසස් පෙළ ලිවීමු. උසස් පෙළ විභාගයේ අවසාන දිනයේ දී ගම්පහ දුම්රිය ස්ථානයෙන් බැස මිනුවන්ගොඩ පාරේ එවකට තිබූ කුඩා බස් නැවතුම වෙත ඇය ව එහි ඇරලවන්නට යමින් සිටියෙමි. ( දැන් මේ ස්ථානය නැත. ) නෙළුම් පිපුණු කුඩා දිය පහර මතින් සුදු පැහැ අත් වැට තිබූ පාලම මතින් ගමන් කරද්දී ඇය සිය කටහඬ අවදි කළා ය.
'' බුද්ධික, මගේ නෑදෑවෙන කෙනෙක් ඉන්නවා ජාතික රූපවාහිනියේ පසුතල නිර්මාණ අංශයේ ප්‍රධානියෙක්. ඔයාට කලා කටයුතු පුලුවන් නිසා එතන රස්සාවක් හදා ගන්න කතා කරන්න මට පුලුවන්. ඔයා රස්සාවක් කරලා ඉක්මනට ස්ථාවරයකට ආවහම මට අපේ ගෙදරට ඔයා ගැන කියන්න පුලුවන්. ඔයා ඒ ගැන මට ටිකක් බලලා කියන්න. ''
මා ඇය ව ගුවන් තොටුපළ බසයකට නංවා නැවත ආවෙමි. අද මෙන් දුරකතන පහසුකම් නොමැති ඒ කාලයේ මා ඇය ගේ නිවසේ වූ දුරකතනයට ඉඳ හිට කතා කරන්නට උත්සාහ කළ ද ඒවා සාර්ථක නොවූ තරම් ය.
මා පළමු වටයෙන් ම විශ්වවිද්‍යාලයට තේරුණු අතර සමරවික්‍රම ගුවන් නියමු පුහුණු පාසලට එකතු විය. ධම්මිකාට වූ දෙයක් අදටවත් මම නොදනිමි. දීපමාලී දෙවන වර විභාගය ලියා වෙෙද්‍ය විද්‍යාලයට ඇතුල් වූවා ය. වොරන්ට්සෝවා ට ඒ සඳහා තුන්වන වර විභාගයට මුහුණ දීමට සිදු වූයේ නිවසේ පසුබිම නිසා බව සිතමි.
සරසවිය තුළ මම ජනප්‍රිය චරිතයක් වූයෙ මි. නමුත් කිසිවෙකු හා සබඳතාවක් ආරම්භ නොකර සිටීමට වගබලා ගත්තෙමි. මට වොරන්ට්සෝවා මතක් නොවූ දිනයක් නොමැති තරම් ය.
මා සරසවි අධ්‍යාපනය අවසන් කළ මුල් කාලයේ දිනක් මගේ පැරණි මිතුරෙකු මට ඔහු ගේ නිවසේ දානමය පිංකමකට මට ආරාධනා කළේ ය. මම එහි ගියෙමි. පරාක්‍රම වොරන්ට්සෝවාටත් මටත් දෙදෙනාට ම දානයට ආරාධනා කර තිබුන ද ඒ බව අපට කියා තිබුනේ නැත. ගම්පහ බණ්ඩාරවත්තේ අතුරු පාරක නිස්කලංක පරිසරයක පිහිටා තිබූ ඔහු ගේ නිවසට එදින සමීපතමයන් කිහිප දෙනෙක් ම රැස්ව සිටියෝ ය.
වොරන්ට්සෝවා මා දුටු විගස මා වෙත පැමිණ මා වාඩි වී සිටි පුටුවට යාබද පුටුවට එහායින් වාඩි වූවා ය.
ඇගේ පෙර ති |
බූ සුන්දරත්වය නොනැසී තිබිණි. ඇය මා හා හොඳින් කතාබස් කළා ය. අම්මාගෙන් තමා ට යම් සීමා පැනවී ඇති බව ඇය කෙටියෙන් කීවා ය.
දාන ගෙදරින් අප දෙදෙනා පිටතට විත් පාර දෙපස බිම වැටී කරවී තිබූ කොළ මතින් ගස් හෙවණේ නිහඬව ඇවිදගෙන ආවෙමු. කොළ පෑගෙන හඬ හැර වෙනත් හඬක් නොවී ය. ඇයට බසයකට ගොඩ වී යන්නට හැර මම ඊළඟ බසයෙන් ගම්පහට ගියෙමි. ඇයට හිරිහැරයක් වන මාතෘකාවක් සැපයීමට මට අවශ්‍යය නොවී ය.
මට නැවතත් ඇය ව අහම්බෙන් හෝ හමු නොවී ය.
කාලය ගත වී ගියේ ය. මට උසස් කලා කටයුතු ගණනාවක් සඳහා දායක වීමට අවස්ථාව හිමි විය. විදෙස් ගමන් කිහිපයක් ද ලැබුණු අතර යුරෝපයේ රටවල් කිහිපයකින් ම නතර වී රැකියා කිරීමට අවස්ථාව ද උදාවිය. නමුත් ලංකාවේ ජීවත් වීම තදින් ම ප්‍රිය කළ බැවින් දීර්ඝකාලීන ව යුරෝපයේ රැඳී සිටීම පිළිබඳ ව උනන්දු නොවී මි.
වසර දෙකක් පමණ ගත වන විට යම් මුදලක් උපයා ගන්නට මට හැකි විය. ඒ අතර මම උසස් උපාධි කටයුතු සඳහා සූදානම් වූයෙමි. මේ අතරවාරයේ දී දිනක් නැවත මාමා ගේ වෙද ගෙදර දී අහම්බයෙන් මට පරාක්‍රම හමු විය. එම කාලය වන විට යම් දුරකට දුරකතන භාවිතය ජනප්‍රිය ව පැවති අතර වොරන්ට්සෝවා ගේ දුරකතන අංකය පරාක්‍රම සතු විය.
මම එදින රෑ වොරන්ට්සෝවා ට දුරකතනයෙන් කතා කළෙමි. ඇය ට නිවසින් විවාහ යෝජනාවක් ගෙන ආ බවත් නමුත් එම පුද්ගලයා තමන් හා මේ වන විට කිසිදු හේතුවක් නොදක්වා ම කතාබහ නොකරන බවත් ඇය කීවා ය. හැකි නම් හෙද විදුහලට යන දුම්රියට පැමිණ ඇය ව මඳක් හමු වන ලෙස ඇය ඉල්ලීමක් කළා ය.
මා ගම්පහ දුම්රිය ස්ථානයට කල් වේලා ඇති ව පැමිණ ඇය එනතුරු බලා සිටියෙමි. මා කැමති ස්වරූපයේ තරුණියක් චාම් ඇඳුමින් සැරසී ඉතා ම සන්සුන් ගමනින් ටිකට්පතක් ගැනීමට යනු දුටුවෙමි. මට ඇයගේ ඉදිරිපස පෙනුනේ නැත. ඇය හරි හැටි පෙනුණු පසු ඇය ව මා හඳුනා ගත්තෙමි. ඇය වොරන්ට්සෝවා වූවා ය.
අප තුන්වැනි පන්තියේ මැදිරියක සිටගෙන ම මහනුවර බලා ගමන් කළෙමු.
ඉන්පසු ව සෑම සති අන්තයක ම මම සිකුරාදා නුවරට හෝ පොල්ගහවෙලට ගොස් ඇය සමඟ දුම්රියෙන් ගම්පහට පැමිණියෙමි. නැවත ඉරිදා හවස ඇයව ගොස් නවාතැන අසලට ඇරලවා සවස තනිව ම ගම්පහට පැමිණියෙමි. නැවත පැමිණෙන්නට දුම්රියක් නොවූ බැවින් ඇතැම් දිනවල බස් රථ කිහිපයක පැමිණීමට සිදු වූ අවස්ථා ද විය.
සිකුරාදා දිනය අපට සුන්දර දවසක් විය. ඒ කාලයේ ගම්පහ නගරයේ සන්ධ්‍යා ආහාරයක් ගැනීමට සුදුසු වැදගත් ගිමන් හලක් විය. අප එහි ගොඩවැදී රාත්‍රී ආහාරය එයින් ගෙන නිවෙස් කරා ගියෙමු. දිනපතා ම ඇය ව නිවස අසලට ම ඇරලවා නැවත එම ත්‍රීරෝද රියෙන් ම කෙටි අතුරු පාරකින් නිවසට ගියෙමි.
ඉක්මනින් ම ඇගේ අවසාන වසර එළෙඹෙමින් පැවතිනි. මේ අතර වොරන්ට්සෝවා ගේ ගමට යාබද ගමක වෙල් යායකට මුහුණලා උස් බිමක ඉදි කර තිබූ සුන්දර නිවසක් අලෙවි කිරීමට දැන්වීමක් දමා තිබෙනු මට දැක ගත හැකි විය. තම සැමියා පිළිකා රෝගයට ගොදුරුව ඇති නිසා වියහියදම් පියවා ගැනීමට බිරිඳ ඔවුන් ගේ නිවස සැලකිය යුතු තරම් සුළු මුදලකට අලෙවි කරන්නට තීරණය කර තිබුනා ය.
වොරන්ට්සෝවා ට ද නිවස පෙන්වීමෙන් පසු ව ඇය ඊට කැමති වූවා ය. එම නිවස භූමියේ පිහිටීම අනුව සාදා තිබූ අතර ඉඩම පවා තට්ටු වලට සකසා උද්‍යාන අලංකරණ කටයුතු යොදා මනා නිමාවකින් යුතු වූවක් විය. මා අත ඉතිරි වූ මුදලින් නිවසට අවශ්‍යය සියලු දේ මිලදී ගත්තෙමි.
වොරන්ට්සෝවා ට වාහනයක් ගැනීමට අදහසක් වූ නමුත් එවකට මා සේවය කළ ආයතනය මට රියැදුරෙක් සහ මෝටර් රථයක් ලබා දී තිබූ බැවින් වාහනයක් පසුව ණය නොවී ගත හැකි බව මම ඇයට පෙන්වා දුන්නෙමි. නමුත් ඇය එම අදහසට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැත.
ඇය ගේ අධ්‍යාපන කටයුතු නිමාවූ අතර අපට නිවසේ වැඩ කටයුතු තිබිණි. මා ඒ වන විට එම නිවසේ පදිංචියට පැමිණ සිටි බැවින් මට වැඩ කටයුතු සඳහා උපකාර කිරීමට ඇය ද පා ගමනින් ම හැන්දෑවට පැමිණියා ය. නමුත් මා ප්‍රිය කළ ඇගේ ජීවයෙන් පිරුණු මුහුණට වඩා එවකට ඇය තුළින් දිස් වූයේ විඩාබර පෙනුමකි. මට එය වටහා ගත හැකි නොවී ය.
මේ නිසා සති අන්තයේ ඇය සමඟ බම්බලපිටියේ සාප්පු සංකීර්ණවල ඇවිද යාමට ද ඇය කැමති යම් යම් දේ රැගෙන දීමට ද මම කටයුතු කෙරුවෙමි.
ඇය ව හඳුනා ගෙන පැමිණි ඒ දක්වා කාලය තුළ අප දෙදෙනා අතර කිසිදු ආකාරයක අමනාපයක් ඇති නොවූ බව ද කිසිදු දිනෙක වාද විවාද ආදිය නොවූ බව ද මෙහිදී සිහිපත් කළ යුතු ය. ඇය මා සමඟ පිටතට යන විට මා කැමති යැයි සිතා ඔසරියෙන් සැරසී ආවා ය.
වොරන්ට්සෝවා සතුව මුදල් නොවූ නිසා මාගේ මහ ගෙදර අයට සිත් රිදවීමක් නොවනු පිණිස අලුත් අවුරුදු තෑගි ආදිය ලබා දීමට පවා වොරන්ට්සෝවා ට මුදල් දුන්නෙමි. මට වොරන්ට්සෝවා සහ මගේ ඥාතීන් හොඳින් සිටිනු දැකීම අවශ්‍යය විය. නමුත් ඒවා සෑම විටම එසේ නොවී ය. වොරන්ට්සෝවා ගේ සිත් රිදීම් වුව ද ඇය ඒවා සඟවාගෙන සිටියා ය.
මේ අතර වොරන්ට්සෝවා ගේ ලොකු මල්ලී මැතිවරණය සඳහා තරඟ කරන්නට ඉදිරිපත් විය. මා දේශපාලනයට උනන්දුවක් දැක්වූයේ නැත. ඒ දිනවල යම් කාර්යබහුලත්වයක් ද විය. මේ නිසා වොරන්ට්සෝවා බලාපොරොත්තු වුව ද මට ඔවුන්ගේ මැතිවරණ කටයුතු සඳහා සහාය වීමට අවස්ථාවක් නොවී ය. මැතිවරණ උණුසුම මාස කිහිපයක් තිස්සේ පැවතිනි.
මේ අතර අපගේ විවාහය සඳහා යම් පමණකට හෝ සූදානම් වීමට කටයුතු සංවිධානය කළ යුතු ව තිබූ අතර වොරන්ට්සෝවා ගේ පවුලේ අයට ඒ පිළිබඳ ව කිසිදු උනන්දුවක් නැති බව පෙනී ගියේ ය. මේ නිසා ඇතැම් අවස්ථාවල යම් යම් මත ගැටුම් ද ඇති විය. නමුත් ඒ අප දෙදෙනා අතර නොවේ.
වොරන්ට්සෝවා දිනක් මට දුරකතන ඇමතුමක් ලබා දී පවසා සිටියේ මල්ලී මැතිවරණයෙන් ඉහළ ඡන්දයක් ලැබූවද පක්ෂයේ තීරණයක් මත ඔහුට ආසනයක් නොලැබෙන බව යි. මේ නිසා මල්ලී සිත් තැවුලින් සිටින බවත් පැමිණ හැකි නම් ඔහු ට මඳක් කතා කරන ලෙසත් ඇය ඉල්ලා සිටියා ය. නමුත් අත්‍යාවශ්‍යය රාජකාරි කටයුත්තකට මට කෙටි කාලීනව විදෙස් ගත වන්නට සිදු වූ බැවින් එම ඉල්ලීම සපුරා ගත නොහැකි විය.
මා විදෙස් ගත වී සිටින විට මට දුරකතනයට දීර්ඝ එස්. එම්. එස් පණිවිඩයක් වොරන්ට්සෝවා එවා තිබිනි. එහි වූයේ මා ඇය ගේ පවුලේ අය පිළිබඳ ව සංවේදී නොවන නිසා ඇය ට මා පිළිබඳ ව තීරණයක් ගන්නට සිදු ව ඇති බව යැයි මා එක එල්ලේ ම වටහා ගත්තෙමි.
මැතිවරණ කාලය තුළ ඇයට මල්ලී ගේ හිතවතෙකු හමු වී ඇති බවත් ඔහු මට වඩා යම් ආර්ථික ශක්තියකින් යුතු පුද්ගලයෙක් යැයි ඔවුන් සිතන බවත් මට ඇයගේ කෙටි පණිවිඩ හරහා දැන ගන්නට ලැබිනි. නමුත් මා පෞද්ගලිකව එම ව්‍යාපාරිකයාව දැන සිටියෙමි. ඔහු ට තිබූ දෙයක් නැත. ඔහු තම මව් පාර්ශවයේ ඥාතියෙක් ගේ ව්‍යාපාර බලා කියා ගත්තෙකු පමණකි. නමුත් මවා පෑමෙහි දක්ෂයකු වූ ඔහු සියල්ල තම වාසියට හරවාගෙන සිටියේ ය.
මා ලංකාවට පැමිණි පසු වොරන්ට්සෝවා මට දුරකතන ඇමතුමක් දී සමා වෙන ලෙසත් පසුගිය කාලය තුළ ඇය වෙනුවෙන් මා කළ කැපවීම් සිහිපත් වන විට වෙනත් අයෙකු පිළිබඳ ව සිතීම කිරීමට නොහැකි දෙයක් ලෙස තේරුම් ගත් බවත් කීවා ය.
නමුත් නැවත පැමිණි ඇය තුළ යම් වෙනසක් විය. වොරන්ට්සෝවා මා ඇයට සලකන ආකාරය සහ ලබා දෙන තෑගි බෝග ආදිය පිළිබඳ ව කිසියම් පරීක්ෂණයක නිරත වන ආකාරයක් පෙනිනි.
මේ අතර ඇයට පළමු පත්වීම ලැබුනේ ලංකාවේ එහා කෙළවරට ය. එය ලැබුණු පත් වීම නොවන බවත් ඉල්ලා ගෙන දුර පළාතකට ගිය බවත් මා පසුව දැන ගත්තෙමි. පත්වීමට ගොස් සතියකින් පමණ ඇය පෙර කී පුද්ගලයා සමඟ විවාහ වීමට අදහස් කරන බව සිය හෙද විදුහලේ සමීපතම මිතුරිය හරහා මට කීවා ය.
මට ජීවිතය පහසු වූයේ නැත. මා රාත්‍රියේ වැඩ ඇරී වෙල් යාය මැද්දෙන් පයින් ම නිවසට එන්නට පුරුදු වූයෙමි. මගේ රියැදුරා තරුණයකු වූ අතර ඔහු ද මා පිළිබඳ ව බෙහෙවින් කණගාටුවනු මම දුටුවෙමි. සහෝදරයෙකු මෙන් මට තනියට සිටි ඔහු නොයෙකුත් උපක්‍රම යොදා මගේ හිත හදන්නට උත්සාහ කළේ ය.
මට සමරවික්‍රම සිහිපත් විය. ඔහුට මා ඇමතුමක් ගත්තෙමි. සමරවික්‍රමට ඒ වනවිටත් සිද්ධිය දැන ගන්නට ලැබෙන්නට ඇත. ඔහු පරිස්සමට මට සවන් නොදී ම ඇමතුම මඟ හැරියේ ය.
වොරන්ට්සෝවා ට අගතියක් වේ යැයි සිතා මා පරාක්‍රමට කිසිවක් නොකීවෙමි. නමුත් පරාක්‍රම ට යමක් සිතන්නට පුලුවන් හොඳ ම යහළුවෙක් විය. මගේ රියැදුරාගෙන් සිද්ධිය පිළිබඳව දැනගෙන උදයකාන්ත නැමැති මේ මිතුරා පරාක්‍රමට ද කිසිවක් නොහැඟවෙන සේ බොහෝ වේලාවට මා සමඟ රැය ගත කරන්නට නිවසට ආවේ ය. මා මත්පැන් හෝ දුම්වැටි භාවිතා නොකළ අතර ඔහු ද බීර වීදුරුවක් හෝ තොල නොගාන මගේ ම ස්වරූපයේ පුද්ගලයෙකු විය. උදයකාන්ත කේන්ද්‍රපරීක්ෂා කිරීමේ දක්ෂයකු වූ බැවින් මගේත් වොරන්ට්සෝවාගේත් කේන්ද්‍ර පිටපත් ඇත්දැයි දිනක් විමසා සිටියේ ය.
නැකත් සෑදීමට අවශ්‍යය වන නිසා ගෙන්වා ගත් වොරන්ට්සෝවා ගේ කේන්ද්‍ර පිටපත ද මා ළඟ විය. මා පිටපත් දෙක ම දුන්නෙමි. ඔහු එය පරීක්ෂා කර බලා කීවේ පසුගිය අවුරුදු තුන වොරන්ට්සෝවා ගේ අපල කාලයක් බවයි. එය අවසන් වන විට ඇය තමන් ප්‍රිය කරන ආකාරයේ ජීවිතයක් කරා නැවත එළෙඹි බව ඔහු ගේ අදහස විය. පසුගිය අවුරුදු තුන මගේ යහපත් දශා කාලයක් බවත් එය ගෙවී අවසන් ව ඇති බවත් ඔහු කීවේ ය. කෙසේ නමුත් මේ කතාව මගේ අස්වැසිල්ලට හේතු විය.
වොරන්ට්සෝවා ගේ ජීවිතයේ නරක ම කාලයක දී මට ඇය ව බලා ගන්නට හැකි වීම මට සතුටක් ගෙන ආවේ ය.
සති කිහිපයකට පසු සිත යම් දුරකට හෝ සමාහිත වූ පසු ව මා ඇයට කතා කළෙමි. ඇය මා සමඟ ගත කළ කාලය ඇයට තදින් ම පාළුවක් දැනුණු කාලයක් බව ඇය නොසඟවා කීවා ය. විශේෂයෙන් ම මා මිලට ගත් නිවසේ වූ නිස්කලංක බවට ඇය ප්‍රිය කර තිබුනේ නැත. අපි එකිනෙකා ට හොඳින් කතා කර සමු ගත්තෙමු.
ඉන් සති කිහිපයකට පමණ පසු ව මා පාන්දර තුනට හතරට පමණ ලස්සන සුදු ඔසරියකින් සැරසුණු වොරන්ට්සෝවා ව සිහිනෙන් දුටුවෙමි. ඇය එදින විවාහ වී ඇති බව දැන ගන්නට ලැබුනේ ඉන් දින කිහිපයකට පසුව ය. ඇය සහ මා අතර යම් ආධ්‍යාත්මික බැඳීමක් තිබූ බවට එම සිහිනය මට සාක්ෂියක් විය.
විවාහයෙන් පසු ව මූල්‍යමය වංචාවකට හසු ව වොරන්ට්සෝවා ගේ සැමියා ට රැකියාව අහිමි විය. විවාහ |
යෙන් පසුව ඔහු ගේ කල්ක්‍රියාව ද වෙනස් විය. වොරන්ට්සෝවා ගේ දුරකතනය පවා තමා භාරයට ගත් ඔහු වොරන්ට්සෝවා තම මව හෝ සොහොයුරන් සමඟ හෝ කතා කරනු දැකීමට පවා අකමැති වූයේ ය. රිය අනතුරකින් ඔවුන් ගේ පළමු දරුවා ද කුඩා කාලයේදී ම මිය ගිය අතර ඉන් පසුව ඔවුන්ට කුමක් වූවාදැයි මට ආරංචියක් නොවී ය.
වොරන්ට්සෝවා විවාහ වූ පසු මට නිවස අලෙවි කළ යුවළ සොයා ගැනීමට මට හැකි විය. ඥාතියෙකු ගේ අනුකම්පාව මත කුඩා කාමරයක දුක සේ දිවි ගෙවන ඔවුන්ට ඔවුන් ගේ පෙර නිවස නැවත මාගේ බඩු බාහිරාදිය සමඟ ලියා භාර දුන් මම නැවත මහ ගෙදරට ගියෙමි. මට එය හිතට සතුටක් විය.
ඊළඟ වසරේ මාර්තු මාසයේ දී පමණ මා සේවය කළ ආයතනයට මට වඩා වසර කිහිපයකින් වැඩිමහල් ආබාධිත මල්ලී කෙනෙකු සිටින අක්කා කෙනෙක් වැඩට ආවා ය. ඇය මට සැබෑම සහෝදරියක් වූ බැවින් වොරන්ට්සෝවා ගේ අඩුව සහ දුක්බර මතකය ක්‍රමයෙන් තුනී විය. මා කිසිදිනෙක වොරන්ට්සෝවා ගැන ඇයට කියා නැතත් මා දිනක් මගේ පරිගණකයේ තිබී වොරන්ට්සෝවා සුදු පැහැ ඔසරියකින් සැරසී සිටන සේයාරුවක් පෙන්වූයෙමි. නමුත් වැඩිමනක් මා ඇයට කීවේ ද නැත. කිසිදා ක මගෙන් අතීතය පිළිබඳ ව නොවිමසූ ඇය සෑම විට ම මා ගැන සොයා බැලුවා ය. ඇය පසුව විවාහ වී කොළඹ පදිංචියට ගියා ය. නමුත් ඒ වන විට මා සම්පූර්ණයෙන් ම පාහේ සුවපත් වී සිටියෙමි.
සමරවික්‍රම පසු කාලයක සාර්ථක ගුවන් නියමුවකු විය. යුද්ධයේදී ලංකාව වෙනුවෙන් සැලකිය යුතු මෙහෙවරක් කළ ඔහු පසුව තම වෛද්‍යය බිරිය සමඟ විදෙස් රටක පදිංචියට ගියේ ය. වයස්ගත ව විවාහ වූ බැවින් ඔවුන් දරුවන් පිළිබඳ ව නොසිතූ හ.
ධම්මිකා පිළිබඳ ව ද කිසිදු ආරංචියක් නොලැබිණි.
පරාක්‍රම හෘදයාබාධයකින් අප අතරින් පසුගියදා සමු ගත්තේ ය.
උදයකාන්ත තමා කුඩා කාලයේ හිතවත් ව සිටි පෙම්වතිය ව ම විවාහ කර ගත් අතර විවාහයෙන් පසු ඔහු ගේ සියලු ව්‍යාපාර බිඳ වැටුනේ ය. ගම්පහ යමක් කමක් තිබූ පවුලක ගැහැණු ළමෙයකු වූ ඔහු ගේ බිරිඳ ඒ සියල්ල අමතක කර ඉඳි ආප්ප තම්බා කඩවල් වලට දා තම සැමියා ට උපකාර කළා ය. ඔවුන්ට දරුවන් තිදෙනෙකි.
මගේ රියැදුරා දැන් වයස් ගත වී ඇත. දියවැඩියාවෙන් අධිකව පීඩා විඳි බැවින් පෙර තිබූ ජව සම්පන්න පෙනුම ඔහු සතුව දැන් නැත. ඔහු වොරන්ට්සෝවා ගේ මහ ගෙදරට හැරෙන තැන අසල එළවළු කඩයක් පවත්වාගෙන යයි. මට ඉඳ හිට ඔහු ව හමුවෙයි.
මා මේ ලිපිය අකුරු කරමින් සිටින අතරතුර මගේ පැරණි තොරතුරු දන්නා මිතුරියක් දුරකතනයෙන් මා හා කතා කරමින් සිටියා ය. වෘත්තියෙන් ඇය රටම දන්නා හඳුනන ගායිකාවකි.
'' ඔයා ගොඩක් වෙලාවට හිටියේ වෙන රටවල් වල නෙ. ඒ රටවල් වල ගැහැණු අයගෙන් බේරිලා ඔයා වගේ කෙනෙක් ඔහොම තනිකඩව හිටියේ කොහොමද කියලා හිත ගන්නත් අමාරු යි '' ඇය කීවා ය.
'' හරිම සරලයි. ඒ හැම අවස්ථාවක ම වොරන්ට්සෝවා මාව බේර ගත්තා, '' මම කීවෙමි.
_______________________________
වොරන්ට්සෝවා නම මට හමුවූයේ වික්ටර් ඩ්‍රැගන්ස්කි ගේ පොතක අවසානයේ තිබී ය. වොරන්ට්සෝවා සර්කස් කණ්ඩායමක කැපී පෙනෙන ගැහැණු ළමයෙකි. කතා නායක පිරිමි ළමයා ඇයව දැක ඇයට බොහෝ ප්‍රිය කරන නමුදු කිසිදු දිනෙක නැවත ඔවුන්ට හමු වන්නට ලැබෙන්නේ නැත. මගේ පැරණි පෙම්වතියගේ ඇත්ත නම වොරන්ට්සෝවා යන්නට ඉතා ම සමීප නිසා පසුකාලයක සමීපතමයන් අතර ඇයව හැඳින්වීමට මම මේ නම තෝරා ගත්තෙමි.**පුනරාවර්තනය**
"අනේ අම්මි මට නම් ආයෙත් ඒ ගෙදරට යන්න කියන්න එපා, මට නම් යන්න බෑමයි" හොටු පෙරාගෙන ඉකි ගසමින් අඬන තම දියණිය දෙස බලමින් නයනා විස්සෝප වෙයි. නයනා ගේ සැමියා ද පත්තරය කියවන විලාශයෙන් ඇඳි පුටුවට බර දී සිටියද ඔහුගේ හිත වැඩ කළේ, විවාහ වී මාස අටකට පසු සැමියාගේ ගෙදර ඉන්නම බැරි බව කියමින් අඬාගෙන යළි නිවසට පැමිණි සයුරි දුවගේ ප්‍රශ්නයට කුමක් කරන්නදැයි සිතමිනි. නයනාගේ මවද සාලයේ කෑම මේසය අසල වාඩි වී පුටුවෙන් නැගිට ගැනීමටද වාරු නැතිවාක් මෙන් කම්මුලේ අත ගසා ගෙන මේ පාත් වුනේ මොන හෙණ ගෙඩියක්ද, ලක්ෂ ගණන් වියදම් කර මගුල් කා මිණිපිරිය දීග දුන්නේ ආයෙත් ගෙදර එන්නද කියා හිතමින් හූල්ලයි. තව දුරටත් නිශ්ශබ්දව නොසිට තමාත් මේ කතාබහට සම්බන්ධ විය යුතු බව සිතූ මාපලානේ ඉස්කෝලෙ නෝනා, එනම් නයනාගේ අම්මා, සයුරි ගෙන් වැඩි දුර විස්තර දැන ගැනීමට සිතුවාය. "දුවේ ඉතින් ඔයා මෙහෙම ආපු එක ගැන තිමිර පුතා මොකද කියන්නෙ? එයා මේ ප්‍රශ්න විසඳන්න බැලුවෙ නැද්ද?". හැඬුම මදකට නැවතූ සයුරි තම මිත්තණිය දෙස බලා, "නෑ අත්තම්මෙ එයාත් එයාගෙ අම්මට හරි භයයි. තිමිර විතරක් නෙවෙයි එයාගෙ තාත්තත්, මල්ලිත්, නංගිත් අම්මට හරිම භයයි. ඒ විතරක් නෙවෙයි අම්මා කියන හැම දේම හරි කියන මතයේ තමයි එයාල හැමෝම ඉන්නෙ." "දැන් අපි මොකක්ද කරන්නෙ දුවේ" බලමින් සිටි පත්තරය පසෙකින් තබා සයුරි ළඟට ගිය සුමිත් ඇයගේ හිස අත ගාමින් විමසයි. "මොනව කළත් තාත්ති මට නම් ආයෙත් ඒ ගෙදරට නම් යන්නම බෑ" සයුරි කීවේ යලිත් ඉකි ගසමිනි. මේ තරම් ඉකි ගසමින් හඬන්නට සයුරි කෙතරම් දුක් කන්දරාවකට මුහුණ දෙන්නට ඇත්දැයි සිතෙන විට නයනාට මෙවෙලේම තිමිර ගේ ගෙදරට ගොස් හොඳට දෙකක් කියන්නට තිබුනා නම් කියා සිතෙයි. ඒත් කෙසේ හෝ මේ විවාහය රැක ගත යුතු බවත්, දන්නා තරමට තිමිර හොඳ දරුවෙක් බවත් සිතුනු නිසා ඒ අදහස කිසිවකුටත් නොකියාම හිතේ රඳවා ගත්තාය.
වයස අසූ හතක් වුවත් මාපලානේ ඉස්කෝලෙ හාමිනේට තවමත් හොඳ කල්පනා ශක්තියක් තිබේ. මිණිබිරියට අත් වූ ඉරණම ගැන කෝප වී සිටින ඇයට, තිමිරගේ ගෙදර අය පලමු වරට මේ නිවසට පැමිණි දා තිමිරගේ අම්මා කිවු කතාවක් සිහිවිය. "එදා ඉස්සෙල්ලම අපේ ගෙදර ආව දවසෙ තිමිරගෙ අම්ම කිවුවා නේද, තිමිරට මේ කටයුත්තම ඕන කියල මැරෙන්න හදනව ඉතින් ඒ නිසා අර නෑදෑ කෙනෙක් ගෙනාව හොඳ මංගල යෝජනාවකුත් පැත්තකට දමන්න උනා කියල" නයනාට එසේ කියනු ඇසුනේ නැති නමුත් ඔවුන් ආපසු ගිය විගසම අම්මා ඒ බව කී අයුරු මතක් විය. "දැන් ඔය පරණ කතා වැඩක් නෑ අම්මේ, ඉස්සරහට වෙන්න ඕන දේ ගැනයි හිතන්න ඕන. දුවේ මේ ප්‍රශ්න පටන් ගත්තෙ කවදා ඉඳන්ද?" කියා අසමින් සයුරි අසලින්ම වාඩිවූ නයනා ඇයගේ හිස අත ගාන්නට විය. ඉන්පසු චිත්‍රපටියක කතාවක් මෙන් වරින් වර කඳුලු සලමින්, සයුරි තමාට මුහුණ පෑමට සිදුවූ සියලු කරදර එකින් එක විස්තර කළාය. තිමිරගේ නිවසට ගිය පසු ලද ඇයගේ පළමු වැටුපෙන් ඇයට රුපියල් 15,000 ක් පමණක් තබාගෙන ඉතිරි සියලුම මුදල් තිමිරට ගන්නා ලෙස ඔහුගේ මව කී ආකාරයත්, උදේ කෑම තිමිරගේ මව පිළියෙල කළ මුත් සවස වැඩ අවසන් වී ගෙදර ආ පසු තේ සෑදීමත්, රෑ කෑම පිළියෙල කිරීමත්, උදේට ඉවීම සඳහා එළවලු මස් මාලු කපා සෝදා, පොල් ගා ශීතකරණයේ තැබිමද කළ යුතු බවත්, ඒ කිසිවකට කිසිම කෙනෙක් උදව් නොකළ බවත් කීවාය. තවද විශේෂ කෑම වර්ගයක් සෑදූ දිනක අන් සියල්ලන්ටම දී ඉතුරු වුවහොත් පමණක් සයුරිට දුන් බවත්, තමාට තිමිර සමග එළියෙන් ආපනශාලාවකින් කෑම ගැනීමටත්, සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටියක් බැලීමට හෝ අඩුම තරමින් කිසිදු වියදමක් නොයන මුහුදු වෙරළේ ඇවිදීමට යාමටවත් ඉඩ නොදුන් බව කීවාය. මාස හත අටක් මේ සියල්ල ඉවසාගෙන සිටියේ හැකි ඉක්මණින් නගරයට තරමක් ඈතින් හෝ කුලියට නිවසක් අරගෙන තිමිර සමග අලුත් ජීවිතයක්, නිදහසේ ආරම්භ කරන්නට හිතමින් සිටි නිසා බවද කඳුලු අතරින් කීවාය. එපමණක් නොව ඇය එහි ගිය දින පටන් ගෙදර සිටිනා අයට හෙම්බිරිස්සාවක්, උණක් සෑදුනත්, ගසක අත්තක් සුළඟට කඩාගෙන වැටුනත්, ගෙදර සිටින පූස් තඩියා දවස් ගණනාවක් ගෙදර ආවේ නැතිව සිටියත්, තිමිරගේ අම්මා ඒ සැම විටම "ළඟදි ඉඳල මොන මුස්පේන්තුකමක් ද මන්දා අපේ ගෙදරට වෙලා තියෙන්නෙ" කියමින් සයුරි දෙස බැලූ බවත් ඇය කීවාය. තවද තිමිරගේ පවුලේ අය සාස්තර බැලීම, කේන්දර බැලීම, කොඩිවින ආදිය දැඩි සේ විශ්වාස කරන බවත් ඒ බව දැනගත්තේ ඇය එහි ගිය පසු බවත් කීවාය. එවන් එක් කේන්දර බලන තැනක කාන්තාවක් ඇගේත් තිමිරගේත් කේන්දර නොගැලපෙන බවත් කිසිදා දියුණුවක් ලබන්නට නොහැකි බවත් කියා ඇති අතර තිමිරගේ අම්මා එය ඉස් මුදුනින් පිළිගෙන එය සම්බන්ධ කර ගනිමින් නොයෙක් විට ඇනුම් පද කියා ඇත. තවද තිමිර හොඳින් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයෙන් පිටවීමෙන් පසු හොඳ තැන්වලින් ලොකු දෑවැදි සමග තරුණියන්ගේ මංගල යෝජනා ලැබුනු නමුත් තිමිර ඒ කිසිවකටත් කැමති වී නැත්තේ ඔහුගේ නරක වෙලාවට බවද කියා තිබුණි. සුමිත් එවර කීවේ "ඇයි දුවේ අපි අර ඉඩම් කෑල්ල විකුණලා ඔයාට සල්ලි හරි වාහනයක් හරි දෙන්න හැදුවම ඒ වෙලාවෙ තිමිර එපාම කිව්වනෙ. දුවට හොඳට උගන්වල රස්සාවක් කරන නිසා ඒ ඇති කියල, එයා ඒ ගැන එයාගෙ අම්මලාට කියල නැද්ද?" "නෑ අම්මේ තිමිර ඒ වෙලාවල්වලට මොකුත් කියන්නේ නැහැ, අම්මගෙ කීමට උඩින් කතා කරන්න එයා භයයි."
මේ කතා සියල්ල නිහඬව අසා සිටි නමුත් නයනාගේත් සුමිත්ගේත් ඉස්කෝලෙ නෝනාගෙත් ලේ එන්න එන්නම රත් වී දැඩි පීඩනයකට පත් වී ඇති බව ඒ හැම දෙනාටම දැනුනි. "ඇයි වදේ අපි මල් වගේ දූලා හදලා, දුක් මහන්සි වෙලා හොඳට උගන්නලා කසාද බන්දල දෙන්නෙ එක එකාලගෙන් ඇණුම් පද අහන්නයි, වහල් වැඩවලටයිද? ආපුවාවෙකො ඔය තිමිරගෙ අම්මල මේ පැත්තෙ, මම හොඳට කියල දෙන්න ගෙදරට ලේලි කෙනෙක් ගෙනාවම බලාගන්න ඕන විදිය" මාපලානේ ඉස්කෝලෙ නෝනා ශබ්ද නගා කීවාය. නමුත් "ගෙදරට ලේලි කෙනෙක් ගෙනාවම" කියන වචන ටික පිට වුනේ එතරම් ගැම්මකින් නොවන බව කාට නැතත් නයනාට හොඳින් තේරුණි. එවර නයනා ගේ කෝපය පිට වුනේ කිසිවෙක් නොසිතූ විදියකටය.
"අනේ අම්මේ මේ නිකන් ඉන්න බොරුවට කෑ නොගහ, අම්මට කිසිම අයිතියක් නෑ ලේලිලාට සලකන විදිය ගැන කතා කරන්න. ඒ කාලෙ අම්ම චූටි මල්ලිගේ නෝනව බැඳල ආව දවසෙ ඉඳල මඩවපු විදියට මට හිතුන දවසක අපටත් මේ පරිප්පුවම කන්න වෙනව කියල. හොඳ වෙලාවට මල්ලි කොන්ද කෙලින් තියාගෙන මාලතී නංගිව ආදරෙන් බලා ගත්ත. මාලතී කෙල්ලත් අහිංසක හොඳට හැදුන ගුණවන්තකම් තියෙන කෙල්ලෙක් නිසා ඒ ඔක්කොම දරාගෙන වෙනසක් නැතුව හිටිය. පහුගිය කාලෙ අම්මට නියුමෝනියාව හැදිලා ඉස්පිරිතාලෙ දවස් ගානක් තියාගෙන අඩව් අල්ලනකොට අක්කටයි මටයි හරි හරියට උදව් කරෙත් මාලතී නංගි. අම්ම මහලොකුවට කපුවො දහ පාලොස් දෙනෙකුට කියල සොයා ගෙන පාරම් බාල |
ගෙනාව ලොකු මල්ලිගෙ ළමාතැනී ඒ කාලෙ මෙහේ පස් පෑගුවෙ නෑ." කස පුපුරන්නාක් මෙන් තරහට දත් මිටි කමින් නයනා කෑ ගැසූ හැටි දැක ඉස්කෝලෙ නෝනාට උතුර දකුණ මාරු වුනා මෙන් දැනුනි. තමාගේ දියණිය කිසි දින තමාට මෙසේ කතා කර නැත. සුමිත් ඇසින් ඉඟි කළේ නයනාට සන්සුන් වන ලෙසය. මේ කතාවෙන් සයුරිට ඇඬීමත් අමතක වී ආත්තම්මා දෙසත් අම්මා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ අත්තම්මාත් නපුරු නැන්දම්මා කෙනෙක් වූවා දැයි හිතමිනි. මාපලානේ ඉස්කෝලෙ නෝනාටද අතීතය මතක් නොවූවා නොවේ. නයනා කියන සියලු කතා ඇත්ත වුවත් මේ වෙලාවේ ඒක මොන එහෙකට මතක් කලාදැයි කියා සිතුවාය. නයනාගේ කතාව ඉවර නැත. "ඇයි මතක නැද්ද? දෑවැදි ගෙනාවෙ නැහැ කියල මොන තරම් පාච්චල් කලාද ඒ කෙල්ලව. හරියට කන්න දුන්නෙත් නෑ මහ ගෙදර ඉන්න කාලෙ. හොඳ වෙලාවට මල්ලි දුරකට මාරුවීමක් ඉල්ලගෙන මාලතීවත් අරගෙන ගියේ ඉන්නම බැරි තැන. ඒ දවස්වල මම උදේට වෙනම බත් එකක් ගිහින් දෙනව මාලතීගෙ ඉස්කෝලෙ ළඟට උදේට කන්න කියල. මම කට කැඩෙන කම් කිව්ව ලොකු මල්ලිගෙ ළමාතැනී නිමාලිට එක විදියකටයි චූටි මල්ලිගෙ මාලතීට තව විදියකටයි සලකන්න එපා කියල. ගෙදරක සැපට හැදිල ආදරේ උපරිමේට ලබල ඇවිත් තියෙන්නෙ, අම්ම ගුරුවරියෙක් වෙලත් ඔය වගේ බාල වැඩ කරන්න එපා කියල. කොහේද ඇහුවද? නිමාලි ඔලුව උඩ තියාගෙන මාලතීගෙන් වැඩකාරියෙක්ගෙන් වගේ වැඩ ගන්න බැලුවෙ. ඒ කෙල්ලත් ටීචර් කෙනෙක් කියල කිසිම වගක් තිබුණද? නිකම් වැඩකට නැති කෙල්ලෙක්, මල්ලිව බලෙන් අල්ලගෙන වගේ නේ ඒ කාලෙ එක එක ඒව කිව්වෙ".
"නයනා ඔය ඇති, ඔය පරණ කතා, දැන් වැඩක් නැහැනෙ ඒවා" නයනා ගේ කෝපය නිවා දැමීමට සුමිත් උත්සාහ ගත්තද ඵලක් නැත. "නෑ සුමිත් මම කියන්නෙ අපි ගෙදරින් එළියට දෙන දේ තමයි ආපහු කැරකිල ගේ ඇතුලට එන්නෙ. මම ඒකනෙ මේ දරුවො තුන් දෙනාටත් නිතරම ඉගැන්නුවෙ හොඳ දේ විතරක්ම කරන්න කියල. සයුරි කොච්චර හොඳ දරුවෙක්ද, ඒකනේ මෙච්චර කල් මේ කිසි දෙයක් අපටවත් කියන්නේ නැතුව විඳගෙන ඉඳල තියෙන්නෙ. ඒ වුනාට අපේ මහ ගේ ඇතුලෙත් මේව සිද්ධ වුනානෙ. දැන් බොරුවට කෑ ගහල වැඩක් නැහැ. බූමරංගෙ වගේ ඔය කැරකිල ඇවිත් තියෙන්නෙ අපටම. මට දුක ඒව මේ අහිංසක කෙල්ලගෙ පිටින් ගිය එකටයි." අත්තම්මා වික්ෂිප්තව සිටිනු දැක සයුරි බිය වූවාය. අත්තම්මේ අපි යමු කාමරයට, යන් මම එක්ක යන්නම් කියා ඉස්කෝලෙ නෝනාගෙ අතින් අල්ලා ගෙන කාමරයට එක්ක ගෙන ගියාය. ඇඳේ වාඩි වූ මාපලානේ ඉස්කෝලෙ නෝනා දිග හුස්මක් අරගෙන පිට කළාය. "අනේ දුවේ මට සමා වෙන්න මම නිසාද මගේ දුවට මෙහෙම උනේ කියල මටත් දැන් හිතෙනව, අම්ම කියපු දේවල් ඔක්කොම ඇත්ත. ඒ කාලෙ මටත් ටිකක් තරහ යනව, මගේ හිතේ තිබුණෙ චූටි මාම දොස්තර කෙනෙක් නිසා දොස්තර නෝනා කෙනෙක්ටම බන්දල දෙන්න. ඒත් චූටි මාම ඉස්කෝලෙ යන කාලෙම යාලු වෙලා හිටිය මාලතී නැන්දව අත අරින්න කැමති වුනේ නැහැනෙ. ඒ තරහ තමයි තිබුනෙ. මට පස්සෙ තමයි කරපු මෝඩ වැඩ ගැන තේරුනේ. බැඳල මහ ගෙදර ඇවිත් අවුරුද්දයි හිටියෙ, චූටි මාමට අනුරාධපුර ඉස්පිරිතාලෙට මාරු වීමක් ලැබිල ගියා. පස්සෙ තමයි දැන ගත්තෙ මාරු වීම මාම ඉල්ලගෙනම ගිහින් තියෙන්න වෙනම ඉන්න ඕන නිසා කියල. අනේ දුවේ මම ටිකක් වෙනස් කම් කළා තමයි මාලතීට, කවුද හිතුවෙ ඒක මේ විදියට ඵල දේවි කියල". ආත්තම්මා දිගටම කියා ගෙන යන්නීය. ඇගේ ඇස් කෙවෙනිවල කඳුලු ගුලි දෙකක් එකතු වනු පෙනේ. සයුරිට මහත් දුකක් දැනුනි. "අනේ අත්තම්මේ මේක මගේ කර්මයක් මිස ආත්තම්ම නිසා වුන දෙයක් නෙවෙයි. ආත්තම්මා දුක් වෙන්න එපා, අනික මාලතී නැන්ද ආත්තම්ම එක්ක කිසිම අමනාපයක් නැහැ නේද? අත්තම්මා ලෙඩ වෙලා ඉඳිද්දි අම්මයි ලොකු අම්මයි වගේම අත්තම්මව බලා ගත්තනෙ නේද?" සයුරි ආත්තම්මගේ කඳුලු බින්දු ඇයගේ ඇඟිලි තුඩින් පිස දැම්මාය. "හැබැයි ආත්තම්මේ අපේ අම්මා නම් හොඳ නැන්දම්මා කෙනෙක් වේවි නේද? ඒත් ඉතින් අවාසනාවට අපේ අම්මට පුතාල නැහැනෙ". සයුරි කියන කතාව ඇත්තකි. ඉස්කෝලෙ නෝනා එය නොපැකිලවම එය පිළිගත්තාය. " ඔවු දුවේ ඔයාගෙ අම්මයි ලොකු අම්මයි දෙන්නම මට වඩා කරුණාවන්තයි, එයාලගෙ තාත්ත වගේ." සයුරි ආත්තම්මාගෙන් බුදුන් වඳින්නට මල් කඩා ගෙනැත් දෙන්නදැයි ඇසුවාය. පොඩි නංගී පන්ති ගිහින් එන වෙලාවත් ළඟයි. මේ කතා නංගිලාට කියන්නේ කෙසේදැයි සයුරි සිතුවාය. එයාලට කසාද බඳින්න භය හිතෙයි.
වෙනදාට වඩා වෙලාව ගත කරමින් මාපලානේ ඉස්කෝලෙ නෝනා බුදුන් වඳින්නීය. එවෙලේ තරහ ගොසින් අම්මාට කෑ ගැසුවත් නයනාට දැන් දුක සිතේ. ඇය සස්ටජන් හැන්දක් දමා හොඳ තේ කෝප්පයක් සාදා බිස්කට් සමග ගෙනවිත් සාලයේ මේසය උඩ තබා "අම්මේ වැඳල ඉවර වෙලා මේ බිස්කට් කාලා තේ එක බොන්න" කියා කීවාය. සුමිත් නැවතත් පත්තරය කියවයි, නයනා සුමිත් අසලට ගොස් අම්මාට නෑසෙන්නට සෙමින් සුමිත්ට කීවේ "මම මේ ටික කිව්වෙ අම්මට ඊළඟ ආත්මෙටවත් හැදෙන්න, අඩු ගණනේ දැන්වත් මාලතීට අපට වගේම ආදරෙන් ඉඳියිනෙ, මම දන්නෙ නෑ මොකද එහෙම හිතුනෙ කියන්න, ඒත් ඒ කාලෙ අම්ම මාලතීට වෙනස්කම් කරනකොට, අපේ දූලා පුංචි වුනාට මට හිත යට ලොකු භයක් ඇති වුනා අපේ දූලටත් මාලතීට වගේ වෙනස්කම් කරන නැන්දම්මලා ලැබෙයි ද කියල, හරියටම ඒක එහෙමම උනානෙ" කියාය. "ඔයා ඒක නිතර නිතර හිතුව නම් ඉතින් ඔය ප්‍රාර්තනා කළා වගේ වෙලා තියෙන්නෙ, අහල නැද්ද හිතන දේම තමයි වෙන්නෙ කියල, දැන්වත් ඔය හිතන දේ වෙනස් කර ගන්න අනිත් දූල දෙන්නටවත් හොඳ තැන් ලැබෙන්න කියල" සුමිත් කී දේත් ඇත්තක් ඇති බව නයනා සිතුවාය. "මේ ප්‍රශ්නෙට මොකක්ද කරන්නෙ, අපි කලබල නැතිව හිතල තීරණයක් ගනිමු. අක්කගෙනුත් චූටි මල්ලිගෙනුත් අහල බලන්න ඕන, එයාල මොකක්ද කියන්නෙ කියල". ප්‍රශ්නයට පිළිතුරු සෙවීම මදකට කල් තැබූ නයනා සයුරිට කැමති කෑම වර්ග කිහිපයක්ම සාදා දිය යුතුයැයිද, ඇයට මේ නිවසේ දිය හැකි සියලුම සැප මේ දින කිහිපයේ සැලසිය යුතුයැයි සිතමින් මුලුතැන් ගෙයට පිය නැඟුවාය.
යමුනා සරෝජනී ගුණවර්ධනගහේ ගෙඩි
"ශීලක්කේ....!!ගහේ දිවුල් නැද්ද"
"ආ.....තාම ගැට ඇත්තෙ මාලියො.ඇයි හදිසියේ?"
"අපේ ලේලිට කන්න ආස හිතිල"
"අහ්....ඇත්ත ද?අනේ වාසනාවන්. සිරියාවන්ත කෙල්ල.ඒකට අපිට"
තමන්ගේ නැන්දම්මාත් එහා ගෙදර මාලනී නැන්දාත් අතර කතා බහ නෙලුනිකා ට ඉතා හොඳින් ඇසෙයි.නෙලුනිකා සංකේත් සමගත් චාමරී මාලිනී නැන්දා ගේ පුතා වූ දර්ශන සමගත් විවාහ වූයේ එක ම කාලයේය. නෙලුනිකා ගේ පුත් දම්සිත්ට වඩා චාමරී ගේ දියණිය මාසයකින් වැඩිමහල් විය.දෙවන දරුවා ගෙන එන්නට නෙලුනිකා වසර පහක් ගත කරද්දී චාමරී තවත් දෙවරක් කුසෙන් හෑල්ලු වුණාය. සහල්යාට දැන් වයස හතරකි.චාමරීට දරුවන් පහකි.තමන්ගේ ආර්ථික තත්වයත් අනෙක් අරමුණු හා ඉලක්කත් සලකා තවත් දරුවන් ලබා නොගැනීමට සංකේත් හා නෙලුනිකා තීරණය කළහ. මේ තීරණයට සංකේත් ගේ මව සපුරා එරෙහි වූ අතර ඇය ඒ ගැන පූර්ණ වරද තැබුවේ නෙලුනිකා ට ය.
"ළමයි හදන්න අකමැති නම් ඒ ගෑණිගෙන් ඇති වැඩේ මොකක්ද?"
"ළමයි කියන්නෙ පවුලකට සිරියාවක්. කොහෙද ඉතින් එකා යකා වෙලා හැදිල සහෝදර සහෝදරියන් ගෙ අගයක් දන්නවැයි"
"අපේ පවුල් වලත් ළමයි හත අට හැදුවෙ මොන ආදායම් තිබිල ද?"
"දැන් ඉන්න ගෑණුන්ට ඔක්කොටම වඩා ඇඟේ හැඩේ තියා ගන්න එපැයි.මොන ජවුසමක් නටන්නද දන්නෙ නැහැ"
පවුලකට දරුවො වැඩියෙන් ඉන්නවා කියන්නෙ මඟුලකට දානෙකට වුණත් පිටින් සෙනඟ ඕන නෑ. ගෙදර ම පිරෙන්න කට්ටිය"
ශීලා නොයෙක් දෙනා සමග නෙලුනිකාට වැදෙන්නට කියන කතා ඇය නෑසූ කන් ව සිටින්නට හැකි තරම් උත්සාහ කළාය.
කාලය ගත වී ගියේය.දම්සිත් දැන් තරුණයෙකි.පොතේ පතේ ඉගෙනීමට වඩා ඔහු ක්‍රීඩාවට ප්‍රිය කළ නිසා දෙමව්පියෝ ඔහු ව දක්ෂ පුහුණුකරුවන් යටතට පත් කළහ. කාර්මික අංශයට ලැදි වූ ඔහු පාසල් අධ්‍යාපනය අවසන් ව ඒ අංශයේ වෘත්තීය අධ්‍යාපනයට යොමු වුණේය.ක්‍රීඩා දක්ෂතාවයත් කාර්මික දැනුමත් නිසා දැන් ඔහු පුද්ගලික අංශයේ ඉහළ තනතුරක් දරන්නේ නුදුරේ දීම තමන්ගේ ආයතනයක් ඇරඹීමේ සැලසුමක් හිතේ ඇතිවය.
සහල්යා අයියාගේ කනපිටය.අයියා මුළු ජීවිත කාලයටම කියවා ඇති පොත් ගණනට වඩා ගණනක් ඇය සතියක දී කියවයි.සාමාන්‍ය පෙළ ඉහලින් ම සමත් වුවත් අනෙක් බහුතර සිසුන් මෙන් විද්‍යා හෝ ගණිත අංශයට යොමු නොවී කලා අංශයේ කැමති විෂය සංකලනයක් තෝරා ගත්තාය.මේ වසරේ විභාගයට පෙනී සිටින ඇය පාසලේ ගුරුවරුන් අතර ඉහළ බලාපොරොත්තුවකි.
වැඩ ඇරී නිවසට ආ සංකේත් පසු වූයේ මහා කල්පනාවකය.එවන් වේලාවට ඔහු ම පවසන තුරු ප්‍රශ්න අසා පලක් නැති නිසා නෙලුනිකා ඒ අසලට ම වී වෙනත් වැඩ කරමින් සිටියාය.
"දර්ශනලගෙ ලොකු පුතා මොනවද කරන්නෙ දැන්?"
ඔහු ඇසුවේ නෙලුනිකා අන්දුන් කුන්දුන් වූ ප්‍රශ්නයකි.
"ඒක නම් දන්නෙ නෑ.ඉස්කෝලෙන් කට්ටි පැන්නට පස්සෙ....ඉන්න මං අම්මගෙන් අහන්නම්."
සංකේත් අතක් ඔසවා ඇයගේ ගමන වැළකුවේය.
"කම්පැණියෙ කේස් එකකට මට අද උසාවි යන්න වුනා...ඒ ළමයා ව උසාවි දාලා තිබුණා"
"අපොයි.....ඒ මොකද?" නෙලුනිකා විස්මයෙන් ඇසුවාය.
"මම හිතන්නෙ කාගෙ හරි මාලයක් කඩල.... මට හරියට මූණ දුන්නෙත් නෑ"
"අනේ ඇත්තට.ඉස්කෝලෙ යන කාලෙත් ළමයින්ගෙ පෑන් පැන්සල් හොරකම් කළා කියල මට ඉස්සර පුතා කියල තියෙනවා....
එක වර ම එහා ගෙදරින් ලතෝනියක් ඇසුනේය. කොන්දෙ අමාරු, වාත අමාරු සැනෙකින් අමතක කළ ශීලා මල් වැට අතරින් ඒ මිදුලට අඩියට දෙකට පැන්නාය.විනාඩි දහයකදී අළුත් ම ආරංචියත් රැගෙන ආපසු ආවාය.
"එහා ගෙදර පොඩි කෙල්ල උදේ පංති ගිහින් ඇවිත් නෑ ලු"
"අපොයි මුකුත් කරදරයක් වෙලා ද?"
"අයියගෙ යාළුවෙක් එක්ක යනවා හොයන්න එපා කියල කෝල් කළා කියන්නෙ"
"ඒ ළමයා තව ම සාමාන්‍යපෙළ ලිව්වා විතරයි නේද?"
"අපේ දූටත් වඩා අවුරුදු දෙක තුනක් බාලයි නේ... අක්කාට වුණ දේ දිහා බලල වත් පාඩමක් ඉගෙන ගන්න එපැයි"
වසර කීපයකට පෙර වත්ත සුද්ධ කිරීමට ආ අවුරුදු දහයකින් පමණ වැඩිමල් විවාහකයෙක් සමග සැඟවී ගිය වැඩිමල් දියණිය මාස කීපයකට කලින් ගුටි කා නිල් ව ගිය අත පය ඇති ව දරු දෙදෙනෙක් සමග ගෙදර ආ ආරංචිය ගෙන ආවේ ද ශීලා ය.
"පවුලෙන් ම ඉගෙන ගනී කියල හිතන් හිටියෙ ඔය කෙල්ල විතරයි" ශීලා නැවත කියයි.
"දරුවො කියන්නෙ පවුලකට වාසනාවක් තමයි.හැබැයි රටට ලෝකෙට බරක් නොවී හදන්න පුළුවන් නම් විතරක්"
මෙතෙක් නිහඬ ව සිටි සංකේත් කීව |
ේය.
---------------Shanika Tennakoon-----------------------------සීමාව. ( දෙවන සහ අවසන් කොටස )
ඇත්තටම මගෙ යෙහෙළියගෙ මරණය මට නොසෑහෙන්න කම්පනයක් සහ භීතියක් ඇති කළ මුත් මම ඒ ගැන හොයන්නට යන්නෙ නෑ කියලා හිතාගත්තා. මොකටද ඔළුවට අනවශ්‍ය ප්‍රශ්ණ සහ කරදර..? මම හිත නිදහසේ තියාගන්නට හිතා ගත්තා.
නමුත් ඔබ මට එයට අවසර දුන්නෙ නෑ..!
ඉතින් මම හොයන්න ගත්තා ඒ මැණිකෙ ගැන. මට සිද්ධ වුණා කඳුකරයේ තේ වත්තක් මැද තියෙන ඒ අපූරු බංගලාව අවට දින කිහිපයක්ම සැරිසරන්න. සීතල මිහිදුම් කඳු පන්ති සහ හරිත තේ වතු මැද තනියම රහස් පරීක්ෂණ කටයුත්තක නියැලෙන්න තරම් මගෙ හිත හයිය නැති නිසා මම මගෙ හොඳම මිත්‍රයා ජෑන්ස්වත් සම්බන්ධ කරගත්තා.
අපි දෙන්නා දින තුන හතරක් පුරාවට වත්ත පුරා ඇවිදින ගමන් එහි පදිංචිව සිටි විවිධ මිනිසුන් සමඟ විවිධ කතා බස් වලට එක්කාසු වුණා. එම වත්තෙ දකුණු පස මායිමේ අවසන් කෙළවර පිහිටා තිබුණ "කාලිකා " ලැයිමේ මීනාච්චි අම්මාව මුණගැහුනේ ඒ කතාබස් වල ප්‍රථිපලයක් විදියට.
" මැණිකෙ නෝනා ලස්සන නොවුණට හිත හරිම ලස්සන ගෑණි. බඩේ බත් ටික හරි දෙනවා. හැබැයි හරිම ආඩම්බරයි.! පිරිසිදු වැඩියි.! නිතරම පිරිසිදු වෙනවා. නිකමට හරි මනුස්සයෙක් අතක වැදුණත් අත සෝදනවා. ඒ වගේම ඇය තමන්ගෙ පතිවෘතාවය හොඳටම රැකගත් ගැහැණියක්. ඒ මහත්තයා කඩවසම් වුණාට නෝනා තරම් පිරිසිදු නෑ. නෝනාට ඒ නිසා මහත්තයාව ඉක්මනින් අප්‍රසන්න වුණා. මට ඇහිලා තියෙනවා දවසක් නෝනා මහත්තයාට බනිනවා රෑට දත් මදින්න කියලා. බැරිම තැන තමයි නෝනා වෙන කාමරයකට ගියේ. එහෙම ගිහින් ඉද්දි තමයි මහත්තයා වෙන කෝලමක පැටළුණෙ. ඔව් සැලීනා..!
සැලීනා නෝනා , ලොකු අප්පොගෙ හොර ගෑණි. මට පේන්ඩ බෑ ඒ සක්කරවට්ටම. ඒකි මැණිකේ නෝනාටත් වඩා අවුරුදු තුනක් බාලයි. ලොකු මැණිකෙ මළේ මැණිකෙ නෝනාට අවුරුදු හතරෙදි. එදා හිට තනිකඩව හිටි අප්පෝ මේකිට කෝම අහුවුණාද කියන්ඩ මම නම් දන්නෙ නෑ. අනේ මන්දා. හැබැයි නෝනේ එක දෙයක්..! ඒ ගෑණි මිනීමරුවෙක් නෙමේ..! කට කච කච ගාලා කියෙව්වට මැණිකෙ නෝනාටත් වඩා දන් දෙන්ඩ රුසියා. වල්කම නම් කෙළවරක් නෑ. එකාතකට ඒ ගෑණි ගෙ තිබ්බ රූප සොබාවයි , වල්කමයි එක්ක මොන මිනිහද නෝනේ අහු වෙන්නෙ නැත්තෙ..?
ටික කලක් යද්දි ඕක මැණිකෙ නෝනාට ආරංචි වුණා. ඊට සතියකට පස්සේ තමයි ඒ අහිංසක ගෑණි ගෙ මළකඳ හම්බුණෙ. "
මීනාච්චි අම්මට ඒ ගැන ඊට එහාට යමක් කියන්නට තරම් දැනුමක් අවබෝධයක් තිබුණෙ නෑ. මගෙ යෙහෙළිය නොදැන සිටියාට බොහෝ දෙනෙක් සැලීනා ගැන දැන සිටි බවයි අපට වැටහුණෙ. ඉන්පසු මමත් ජෑන්ස් මගේ මිත්‍රයාත් කළේ සැලීනා ගැන විපරම් කිරීම.
එසේ විපරමින් පසු වු එක් දිනක ඇය ඇගෙ සැමියා සමඟ බංගලාවට ආවා. එදා මමත් ජෑන්සුත් ඇයව අපේ ඇස් වලින්ම දුටුවා. හැබැවින්ම ආකර්ෂණීය රූ සපුවක් ඇති දඟකාර තරුණියක් වූ සැලීනාට තිබුණෙ විදේශීය හුරුවක්. මගෙ මිය ගිය යෙහෙළියගෙ බොස් නොහොත් පෙම්වතා ද ඉතාම කඩවසම් මනුෂ්‍යයෙක්. බැලු බැල්මට ඔවුන් දෙදෙනා හොඳින් ගැළපෙන යුවලක් ලෙස දිස් වූවත් ඇගෙ හැසීරිම් වල තිබුණ යම් යම් ලක්ෂණ නිසා අප දෙදෙනාට ඒ සම්බන්ධය ගැන තරමක සැකයක් මතු වුණා.
" මිස්ටර් ජෑන්ස් අපි සිසිටිවි පරික්ෂා කළා, අවට සිටි සියළු දෙනාගෙන්ම සාක්ෂි ගත්තා. ඒක හිතා මතා කරපු අනතුරක් නෙමෙයි කියන එක ඉතාම පැහැදිලියි. ඔයාගෙ ගැහැණු යහළුවා සිහියක් නැතිව ඔහේ පාර පනිනවා. රතු එළි පත්තු වෙලා තියෙද්දිම.. එතකොටම තමයි කාර් එකට හැප්පෙන්නෙ..පව් මට දුක ඒ ඩ්‍රයිවර් ගැන. ඒ මනුස්සයා තේරුමක් නැතිව වන්දි ගෙවන්න වුණා.. එයා රිටයඩ් ප්‍රින්සිපල් කෙනෙක්.. ආහ් නෑ නෑ එහෙම කාටවත් සම්බන්ධයක් නෑ. ඒ ඇක්සිඩන්ට් එක නිසා ඒ මිනිහටත් හාට් ඇවිත් මරණාසන්න වුණා...! "
මගෙ මිත්‍ර ජෑන්ස් ඔහුගෙ සබඳතා වලින් මාගෙ යෙහෙළියෙගෙ අනතුර ගැන උපරිම සොයා බැලුවා. අවසානයේ දි අපට දැනගන්නට ලැබුණෙ එම අනතුර තනිකරම මාගෙ යෙහෙළියගෙ නොසැළකිල්ල නිසා සිදු වූ රිය අනතුරක් බවයි. සැබැවින්ම එයට සැලීනා හෝ ඇගෙ සැමියාගෙ සම්බන්ධයක් තිබුණේම නැහැ.
දැන් මට විසඳන්න තියෙන්නෙ මැණිකේ සම්බන්ධ ගැටළුවයි. මම මගෙ මිත්‍රයා සමඟ තව දුරටත් ඇය සම්බන්ධව සෙවීමේ දී අපිට ඉතාම අහම්බයෙන් බොහොම කුඩා මිත්‍රයෙක් මුණ ගැහුණා. අවුරුදු 12 ක් වයසැති සාමි නම් වූ මේ දරුවා අපව දැක දැඩිව බියට පත්ව දුවන්නට පටන් ගත්තා. අප වහාම ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන , ඔහුගෙ බිය නැති වන තුරු කතා බහ කර , කෑම බීම දී ඔහුව මිතුරු කරගත්තා.
" ඇයි දිව්වෙ..? "
" මට නිකම් මොකක්ද බයක් ආවා.."
" දැන් බය නැහැනෙ..? "
"නැහැ.." ඔහු අප දුන් චොකලැට්ටුව රස කරමින් කතා කරන්නට පටන් ගත්තා.
එදා සාමිට වයස අවුරුදු අටයි. ඔහුගෙ මව සුපුරුදු පරිදි තේ දළු නෙලද්දි සාමි වත්ත පුරා දුවමින් සෙල්ලම් කරා. ඔහු නොදැනුවත්වම සෑහෙන දුරක් පැමිණියා. මහන්සි වැඩි කමට දියපහරක් අසළ ඇති විශාල තේ පඳුරක් යට වාඩි වූ සාමි තේ ගෙඩියක් හපමින් ඔහේ වැතිර හිටියා.
" මම දැක්කා ඔසරියක් ඇඳගත්ත නෝනා කෙනෙක් ඒ පැත්තට එනවා.. ඊටපස්සෙ ඒ නෝනා වටපිට බල බල හොරෙන් හොරෙන් එතන ගලක් උඩ වාඩි වුණා. ඒත් එක්කම කවුද තව මනුස්සයෙක් ආවා ඒ නෝනා ගාවට. ඊටපස්සෙ ඒ දෙන්නා බදාගත්තා.."
සාමි ලැජ්ජාවෙන් බයෙන් රත් වී මුහුණ බිමට හරවාගෙන ඇඹරෙන්නට පටන් ගත්තා.
" කියන්න.. ඊටපස්සෙ..? " අපි ඔහුට ඇවිටිලි කරා.
" මට ඔයාලා ගහයි.. එදා අම්මා මට ගැහුවා වගෙ.." සාමි ඇස් වල කඳුළු පුරවාගෙන බයෙන් අපි දිහාව බැලුවා.
" අපි පොරොන්දු වෙනවා.. අපි කොහොමටවත් එහෙම කරන්නෙ නෑ..." තරමක වේලාවක් කල්පනා කරමින් සිටි සාමි හිත හයිය කරගෙන කතාව පටන් ගත්තා.
" ඒ නෝනායි මහත්තයායි නරක විදියට හැසිරුණා. එයාලා බාගෙට ඇඳුම් ගලවගෙන හිටියා..ඊට පස්සෙ එයාලා ගොඩක් දේවල් කරා " සාමි බිම බලාගෙන රහසින් කියවන්ඩ පටන් ගත්තා.
" මාව හිරිවැටුණා.. මම කෑගැහුවා.. , එතකොටම අර මිනිහා කලිසම ඇඳගෙන අර නෝනව තල්ලු කරලා පැනලා දිව්වා. නෝනා ඉක්මණින් නැගිටලා උස්සන් හිටි ඔසරිය පහත් කරගෙන , හැට්ටෙ හදාගෙන වටපිට බැලුවා. ඊටපස්සෙ එයා මාව දැක්කා.. එතකොටම එයා අයියොහ් කියලා පපුව බදාගෙන වැටුණා..මම බය වෙලා දිව්වා..අම්මට සේරම කිව්වා. අම්මා මට හොඳටම ගැහුවා.. ගහලා කිව්වා අම්මා ආයෙ කියනකම් එළියට යන්න එපා , පිටස්තර කා එක්කවත් කතා කරන්නත් එපා , මේ කතාව තව කාටවත්ම කියන්නත් එපා කියලා...එදා ඉඳලා මම කවුරු දැක්කත් දුවනවා.. අම්මා මට එදා එච්චරටම තැලුවා. "
" ඒ මනුස්සයාව ඔයා දන්නවද..? "
" පස්සේ දැනගත්තෙ.. එයා ඒ වත්තෙ කංකානම් කෙනෙක්..."
අප හිතුවාට වඩා කතාව සෑහෙන වෙනස් බව අපට දැනුණා. ඉන්පසු අපි සෑහෙන උත්සහයක් දරලා කංකානම්ව මුණගැහුණා. ඔහු සහ මැණිකේ සමවයස් වල මිතුරන්.දෙදෙනා ප්‍රේම කරන්නට පටන්ගෙන තිබුණෙ වයස අවුරුදු 14 දි පමණ.. මැණිකේගෙ නිවසෙන් එයට කිසිසේත්ම අවසර නොලැබෙන නිසා ඔවුන් එම සම්බන්ධය හොරන්ම පවත්වාගෙන ගියා. පසුව ඔහුත් එම වත්තේම කංකානමක් වූ නිසා සම්බන්ධය පහසුවෙන්ම ගලාගෙන ගියා.
" මැණිකෙ ඔය කියන තරම් පිරිසිදු නැහැ. එයා ඒ රඟපෑම කළේ ඔහුගෙන් ඈත් වෙන්න. ඒක නමට සිද්ධ වුණ විවාහයක්. අර මනුස්සයා මැණිකෙට ආදරය කරන්න ගොඩක් උත්සහ කළා. නමුත් මැණිකෙ ඒකට ඉඩ දුන්නෙම නෑ. අන්තිමට ඔහුටත් මැණිකෙගෙ මේ අනවශ්‍ය පිරිසිදුකම ගැටළුවක් වුණා. මැණිකෙ වැඩට එන මිනිස්සුන්ටත් පෙන්වන්න උත්සහ කළා ඔහු අපිරිසිදු බව. ඇත්තටම ඔවුන් දෙන්නම පිරිසිදු දෙන්නෙක්. නමුත් මැණිකෙ මෙතනදි අසාමාන්‍ය රංගනයක් සාමාන්‍ය විදියට කළ නිසා කාටවත් සැකයක් ඇති වුණෙ නැහැ. අර මනුස්සයා සැලීනා එක්ක හාද වුණෙ ඊටපස්සෙයි. සැලීනා අප්පොගෙ පෙම්වතිය..! නමුත් මම මගෙ ඇස් දෙකින් දැකලා තියෙනවා අප්පෝ සතුටු වෙන විදිය.."
කංකනාම් මහ හයියෙන් හිනා වුණා.. ඔහු විනාඩි හතරක් පමණ එක දිගට සිනා සී නැවත කතාව ආරම්භ කළා.
" දවසක් මම හදිසියකට බංගලාව පිටිපස්සේ පාරෙන් ආවා. ඒ එද්දි මට අප්පොගෙ කාමරය හම්බ වෙනවා. මට කාමරයෙන් හිනා සද්දයක් ආවා. මගෙ වල්කමට මම නැවතිලා හොරන් බැලුවා. බලද්දි සැලීනා නෝනා නිරුවතින් හිටගෙන ඉන්නවා. ඇගෙ පිටුපස විතරයි මම දැක්කෙ. ඒත් එතරම් සුන්දර ශරිරයක්..!! අපරාධෙ..!! අප්පො එහෙමම ඇඳෙ වැටිලා හිටියා. මම ඉක්මණින් දිව්වා. ඊළඟ දවසේ හොරෙන් ඒත් කලින්ම එතනට ගියා. ගිහින් හැංගිලා බලාගෙන හිටියා. සැලීනා නෝනා ඇඳුම් ගලවපු ගමන් අප්පොට යනවා..! "
ඔහු නැවතත් මහ හයියෙන් හිනා වුණා..හුස්ම අල්ලමින් හිනා වුණ ඔහු ඉන් පසුව නැවත කතාව ආරම්භ කළා.
" සැලීනා නෝනා ඒ ලස්සන නිරුවත පෙන්වලා අක්කර පනහක්ම ලියවගත්තා..හැබැයි මැණිකෙ ඒ කිසිම දෙයකට කිසි විරෝධයක් පළ කළේ නෑ. ඇය සැලීනා නෝනා එක්ක තරහවක් තිබ්බෙත් නෑ. සැලීනාට මැණිකෙ ගැන තිබුණෙ අනුකම්පාවක්. ඔහොම ඉද්දි දවසක් සැලීනා නෝනට අපි දෙන්නව අතටම අහුවුණා. ඊටපස්සෙ මැණිකෙ එයාට සේරම විස්තර කිව්වා. මැණිකෙම තමයි සැලීනා නෝනට කිව්වෙ ඒ තරුණ ජීවිතෙ නිකං විනාස කරගන්න එපා කියලා. ඇත්තටම ඇය ලොකු අනුබලයක් දුන්නා සැලීනා නෝනට ඇගේම සැමියා එක්ක හාද වෙන්න.. ඉතින් ඒක එහෙම වුණාම මැණිකෙටයි මටයි නිදහසේ ඉන්න පුළුවන් වෙයි කියලා මැණිකෙ හිතුවා..."
ඔහු ලොකු ප්‍රාශ්වාසයක් පහත හෙලුවා.
" නමුත් මැණිකෙගෙ මිනිහාට ඒක දරාගන්න බැරි වුණා. ඒ මිනිහා මට හොඳටම ගැහුවා. මැණිකෙව සදහටම අත්හැරියා..දික්කසාද කරන බව කිව්වා. මැණිකෙට මහා මාන්නයක් තිබ්බා. ඒ නිසා ඇය දික්කසාදයට බය වුණා. දික්කසාද කරනවා කිව්ව ගමන්ම ඇයට පළමු හෘදයාබාධය වැළඳුනා. රටට පේන්නවත් ඇයව තියාගන්න කියලා ඇය වැඳ වැටුණා. මැණිකෙ ඉක්මණින් සැලෙන චරිතයක් නිසාත් , ඇයට ඇති වූ හෘදයාබාධය නිසාත් අර මනුස්සයාත් එයට එකඟ වුණෙ ඇත්තටම ඒ මිනිහගෙ මනුස්සකමට. මැණිකෙට ලොකු වුණෙ මාන්නය.! උන්දැ හරි අකමැතියි තමන්ගෙ ප්‍රතිරූපයට හානියක් වෙනවට.. ඊටපස්සෙ අපි දෙන්නට මුණගැසීම තහනම් වුණා. නැවත එහෙම දෙයක් අහුවුණොත් අනිවාර්යයෙන්ම මැණිකෙව දික්කසාද කරන බවට ඔහු කිව්වා. ඔහු ඊටපස්සෙ තමයි වෙනස් වුණේ. ඊටප |
ස්සෙ තමයි ඒ මිනිහා දකින දකින ගෑණි එක්ක යන්න පටන් ගත්තෙ.. සැලීනාට එතනදි පුළුවන් වුණා මිනිහව හිරකරලම අල්ලගන්න..! නමුත් මැණිකෙටයි මටයි හැමදාම හොරෙන් මුණගැහෙන්න සිදු වුණා.
ඇත්තටම එදා මගෙ අතින් වුණෙත් ලොකුම වරදක්..! මම බයට ඇයවත් තල්ලු කරලා දිව්වා. සෑහෙන්ඩ දුරක් දුවලයි මට මතක් වුණෙ මොකක්ද ඒ කළ කැත වැඩේ කියලා. මම ආපහුත් එද්දි ඇය එතනමයි..! මම මිනීමරුවෙක් කියලා මට හිතුණා. ළඟටවත් නොගිහින් මම පණ එපා කියලා දිව්වා...මොකද මම ඒ වෙද්දිත් ප්‍රමාද බව මට දැණුනා.."
අදටත් තනිකඩ කංකානම දැඩි දුකකින් හැඬූ කඳුලින් තම කතාව එසේ අවසන් කළේ එය කිසිසේත්ම කිසිවෙකුට නොපවසන ලෙසට අපව දස අත පොරොන්දු කරවාගෙනයි. එම රහස වෙනුවෙන් අපට සෑහෙන්න ලොකු මුදලක් ගෙවන්නට ද සිද්ධ වුණා.
" දැන් ඉතින් සේරම පැහැදිලියි නේ...? " ජෑන්ස් අමුතුම තාලෙකට මාගෙන් එසේ ඇසුවේ ඩෙවෝන් හී උණුසුම් කෝපි උගුරකින් තම උගුර තෙමාගත් පසුවයි.
" හරි පුදුමයි ජෑන්ස්.. එතකොට මොකක්ද මගෙ යෙහෙළිය ට ඇහුන අර කතාව.? අර සැලීනාට ඒ මිනිහා කිව්වලුනෙ මට මැණිකෙටයි ඒකිගෙ අප්පටයි කළ දේම උඹට කරන්නත් බැරි නෑ වගෙ කතාවක්.."
" අත්හැරීම...මිනිහා කිව්වෙ අත්හැරීම ගැන.."
" මැණිකෙගෙ තාත්තවත්...? "
" ඔව්.. ඒකාවත් මාමා කමින් අත්හැරිය නිසානෙ උගේ දූව ආදහනය කරලා ආ දවසෙම උගේම පෙම්වතිය ව මූ ළඟට ගත්තෙ..."
" ඒකත් හරි තමයි.. එතකොට මගෙ යෙහෙළිය..? "
ඒ ප්‍රශ්නයට විසඳුම තිබුණෙ සැලීනා ළඟ නිසා අපි ඇයට අවංකවම අපේ කාරණාව පවසා ඇයව මුණගැහෙන්නට ගියා. සැලීනා කියන්නෙ හැබෑවටම රූමත් ඉතාම විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් තම ජීවිතය ගත කළ වාසනාවන්ත ගැහැණියක්.
" නැහැ.. ඔයාගෙ යෙහෙළිය එහෙමත් නැත්තම් මගෙ හස්බන්ඩ් ගෙ පෙම්වතිය කවදාවත් මාව මුණගැහෙන්න ආවේ නෑ. මට ඒ දෙන්නගෙ සම්බන්ධකම ගැන ආරංචිය ආවම ලොකු තරහක් ආවා. ඇත්තටම මේ මිනිහා ඔයාගෙ යාළුවාට කියලා තිබ්බෙ ඌ සිංගල් කියලා. එහෙම ඇහුවම කාටද තරහ නොයන්නෙ..? මම ඉතින් කතා කරලා දවසක් ලොකු රණ්ඩුවකුත් වුණා. ඒත් පස්සේ අපි ඒක එහෙමම අමතක කරා. මොකද ඇත්තටම ඔය මනුස්සයාව ඔය තත්වයට පත් කළේ මැණිකෙ.! මිනිහා මුලදි දේපළ වලට ආසාවට බැන්ඳට පස්සෙ ඒකිට ලව් කරා. මොකද මිනිහගෙ හිතේ හිටිය ගෑණි මැණිකෙ තුළ ඉන්නවා වගෙ මිනිහා දැක්කා. මිනිහා කැමති වුණෙ හරිම සරල , සංවර , කාරුණික , විශ්වාසවන්ත ගැහැණියකට. නමුත් මැණිකෙ කරපු රංගනය එළි වුණාම මිනිහා වියරු වැටුණා. ඊටපස්සෙ ඔය මනුස්සයා මැණිකෙ වාඩි වෙච්ච පුටුවකවත් වාඩි වුණේ නැහැ.. ඇත්තටම මනුස්සයා ට්‍රැක් පැන්නේ ඒ සිද්ධියෙන් පස්සෙ..! "
" ඇත්තටම මගෙ යෙහෙළිය ආවෙම නැද්ද..? "
" නැහැ...ආවා නම් අපි හොඳ යාළුවො වෙන්ඩත් තිබුණා. එයා සමහරවිට අදහස වෙනස් කරගන්න ඇති. ඇත්තටම එයා ඇවිත් මා එක්ක එයාලගෙ සම්බන්ධකම ගැන කිව්වත් අපේ සම්බන්ධයට ඒක බාධාවක් වෙන්නෙ නැහැ. මොකද ඔය මනුස්සයා මැණිකෙ එක්ක තියෙන වෛරයට දකින දකින ගෑණි ගාවට ගියාට මට හරිම ආදරේ වුණා. ඒකනෙ සේරම මගෙ නමින් නම් කළේ.! අදටත් ඒ ආදරයේ වෙනසක් නෑ. මනුස්සයා කරන එකම පල් වැඩේ ගෑණු රවට්ටන එක. හැබැයි ඔයාගෙ යාළුවාගෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ එයා ටිකක් ශොක් වෙලා ඉන්නෙ..එක පැත්තකින් එයා මේ මනුස්සයාගෙ සෙකට්‍රිනේ..සාධාරණයි..!!
ඉතින් ඔබ පැවසු පරිදිම මම ඒ කතාවේ අග මුල සොයා ගත්තා. අපි හිතුවාට වඩා ඒ කතාව කොතරම් වෙනස් ද..!
ඔබ අදටත් ඒ වතුයායට ගියොත් සමහරවිට ඇයව දකිවි..! ඔව් මැණිකේ නම් තවමත් වතුයායේ ඇවිදිනවා. සමහරවිට කංකානම්ව සොයමින් වෙන්නැති..!
පූර්ණිමා චාරුණි බණ්ඩාර.#හිච්චි_හාමිනේ
02 කොටස....
වතුර කොරහක් විසිකිරීමට පිළිකන්නට බට හිච්චි හාමිනේ දුටුවේ බිම වැටී සිටි කුරුලු පැටවෙකි. වහා අතට ගත් ඇය ඌට වතුර පෙව්වාය. මද වේලාවකින් දෑස් හැරි කුරුලු පැටවා ගේ හිස සීරුවට අතගාන හිච්චි හාමිනේ හිතින් ඌට සෙත් පැතුවාය. කුරුලු පැටවා යථා තත්ත්වයට පත් විය. ඈ කුරුලු පැටවා දෝතින්ම ගෙන ගහක් මතින් තැබුවාය.
"මට නැති සැනසීම හොයාගෙන උඹවත් මේ අපා.යෙන් ගැලවිලා පල.යන් පැටියෝ...."
ඈ සිතුවා පමණි.
"මක් කොරනවද බොල ඔතෙන්ට වෙලා....? භාවනා කොරනවද හොද්ද උතුරනවා මෙතන, මේ@කි සිරි නරඹනවා.."
ගුණදාසගෙ මවගේ ගොරහැඩි හඬින් ඈ නැවත හැරුණාය.
"හිච්චියේ.... මේං මේක උයා.පිය රෑට.."
බමන මතින් මල්ලක් එල්ලාන පැමිණි ගුණදාස මල්ල හිච්චි හාමිනේට දෙමින් කීවේය.
දෝතින් අතට ගත් මල්ල ලිහා බැලූ හිච්චි හාමිනේට හික් ගෑවිණි. ම..රා.දැමුණු හා පැටවෙකි. ඇස් අගට මේරූ කඳුළු වැටෙන්නට හරිමින් හිච්චි හාමිනේ හා පැටවා එළියට ගත්තේ සුද්ද කිරීමේ අටියෙනි.
අහෝ, හා පැටවා ගේ පණ ගැහෙයි. උගුලට හසුවීමෙන් සුළු තුවාල ලබා සිටියද ඌ මිය.ගොස් සිටියේ නැත. ම..රණ බියෙන් ගැහෙන හා පැටියාගේ ඇස් අගින් කඳුළක් රූරා වැටෙයි.
හිච්චි හාමිනේගේ පපුව හෝස් ගා ගියේය. ගුණදාසට කීවොත් ඌ මර..නු නියතය. එසේ වීමට ඉඩ දීමට බැරිය. ඈ තීරණයක් ගත්තාය. හා පැටියාගේ තුවාල වල කහ කුඩු ස්වල්පයක් ඇතිල්ලූ ඇය, පිළිකන්නෙන් මිදුලට බැස, වත්තේ කෙළවර දක්වා ගොස් හා පැටවා කැලේට අතහැරියාය.
"..අනේ හා පැටියෝ, මොන හිතකින් උ.ඹ ම-රන්ඩ ඉඩ අරින්ඩද...? පල.යං උ.ඹෙ නෑදෑයො හොයාන.. උ.ඹේ අම්ම අප්පා උ.ඹව අත්අරින එකක් නෑ.. පල.යන් සැනසීමක් හොයාගෙන උ.ඹවත්, මටත් කවදා හරි සැනසීමක් තියෙයි නෙවැ...."
ඈ හිත යටින් මිමිණුවාය. ඇය ආපසු හැරුණේ සැනසුම් සුසුමක් හෙළමිනි.
හිච්චි හාමිනේ එක්වරම ගැස්සී ගියාය. ඉනට අත්දෙක තබා ගෙන ර.කු.සු මුහුණකින් හෙබි ගුණදාස මහසොහොන් දිස්ටිය මෙන් රවා ගෙන සිටියේය.
"ම්....මොකද්ද බොල ත්....තෝ මෙතන කො..රන්නේ......?"
" ම....ම... ම..ම මේ....."
" කියා..පිය.. ඇයි තො.ගේ කටේ පිට්ටු ද...?"
"ආ...ර.. හාවා මැ..රිල උන්නෙ නෑ නෙව.. මල්ල ලිහද්දි ඌ පැනලා දිව්වා.. මං.... මේ.... ඌ අල්ලා ගන්ඩ පස්සෙං දුවගෙන ආවේ..."
හිච්චි හාමිනේ කටට ආ බොරුව ගොත ගසමින් කියා දැම්මාය.
"ංආ... ඇත්තද... තෝ හිතුවද මං තොත්ත බබෙක්ය කියලා....ඈ බොල...., හාවට යන්ඩ ඇරලා තෝ තව බොරුත් කියනවද.....? හිට..පිය තොට මම....."
හිච්චි හාමිනේගේ කෙස්වැටියෙන් වැ.රෙන් අල්ලා ගත් ගුණදාස, ඇයව ඇද.ගෙන ගෙට ගියේ ඇය මර..හඬ තල.ද්දීය. අතේ පයේ හිරි ඇරෙන තුරු ඇයට ප/හර දුන් ගුණදාස වැරෙන් ඇගේ හිස බිත්තියේ ඇන්.නේය.
බිත්තියේ වියළි කටුමැටි ලෙ.යින් පොඟවමින් බිම රූරා වැටුන හිච්චි හාමිනේට පයි-නුත් ඇන, ගුණදාස ගෙතුළට ගියේ අවදි වී මහහඬින් බෙරිහන් ත.ලන පොඩි එකාට ද පහ-රක් එල්ල කරමිනි.
කිසිවකු ඇය බේරා ගැනීමට ආවේ නැත. සිහි විසංඥ වීමට මොහොතකට පෙර ඇයට දැනුණේ ඉකි ගසමින් සිය මුහුණ අත ගාන පුංචි පුතාගේ උණුහුම ය.
කොතරම් වෙලාවක් ගත වුණා දැයි නොදැන, ලෙ-යින් පෙඟුණු දෑස් තටු විවර කරන විටත්, හිච්චි හාමිනේගේ හිසෙන් ලේ ගැලීම නිට්ටාවටම නැවතී තිබුනේ නැත. බොඳ වූ දෑසින් ඇයට පෙනුණේ ඉකි ගසමින්, ඉකිය අතරින්ම අම්මේ කියා කෙ.ඳිරි ගාමින් තමා ගේ මුහුණට එබී ගෙන කෙලින් කටින් ඉඳගෙන සිටින පුංචි පුතුගේ සියුමැලි මුහුණය.
බිත්තිය අතගාගෙන යන්තම් නැගී සිටි ඇය දරුවාද තුරුල් කරගෙන මිදුලට බැස්සාය. හිච්චි හාමිනේ සන්තකව තිබූ එකම වස්තුව වූ දිරාගිය රෙදි කැබලි කිහිපය මිදුලේ චිතකයක්ව තවමත් දැ-වෙමින් තිබුණේය.
බිත්තියට වාරු වී ගිමන් හරින හිච්චි හාමිනේ දුටු ගුණදාස නැවත අත උ.රුක් කරගෙන පැමිණියේ ඇයට පහ-ර දෙන්නට ය. එවර එය වැළැක්වීමට ගුණදාසගේ මව මැද්දට පැ.න්නාය.
"ඔය ඇති බං.... පේන්නැද්ද මේ.කිගෙ මූණ දිගේ ලේ බේ)රෙනව... මේ බලාපන්.... තව ගැ@හුවොත් මේකි මැරේ_වි.. ඒකටත් වගඋත්තර බඳින්න වෙන්නේ අපිට.... අත ඇර-පන් ඕකිව......"
"..ආයෙ තො.ට මේ ගෙයි හතර සීමාව බෑ.. තෝ හෙට උදේ වෙද්දි තො-ලොන්චි වෙලා ඉන්ඩ ඕනේ....."
මවගේ වචනයෙන් මදක් මෙල්ල වූ ගුණදාස, හිච්චි හාමිනේට තවත් පා පහරක් එල්ල කර, කුණු-හරුපයෙන් බැණ වදි-මින්ම ගෙට වැදී ගොරව ගොරවා නිදන්නට විය.
වාරු නැති වී සිටි හිටි හිච්චි හාමිනේට නැගිට ගන්නට පණක් නොවීය. පොඩි එකා පමණක් හ.ඬමින් ඇගේ අත අතගාමින් සිටියේය.
ගුණදාසගෙ මවට ලේලිය ගැන දැනුනේ අනුකම්පාවකි.
------"---------"--------"-------"------"-------"--------"-------
පිළිකන්නේ වැටී සිටි හිච්චි හාමිනේ අසලට වැටුණේ ඉ.රුණු පන් මල්ලකි.
"බේං මේ මල්ලෙ චීත්ත කෑලි දෙකකුයි හැට්ටෙකුයි ඇති.. මේ පොඩි එකාවත් ඇන්න අර වස.වාරතියා ඇහැරෙන්ඩ කලියෙන් කොහාට හරි වහන් වෙ.යං. නැත්තං ආයෙ බො.ට විසුම.ක් වෙන්නෑ...."
කියා ගෙට ගොඩ වූ ගුණදාසගේ මව ගෙට ගොඩ වී දොර පැළැල්ල වසා ගත්තාය.
ඈතින් බල්ලෙකු උඩු-බුරලනු ඇසූ රැහැයියන් මොර තියන්නට ගත්තේ මේ රැය මූ@සලයි බව කියාපාමිනි. ඒ හැරුණුකොට නිශ්චල වූ පරිසරයෙන් ඇසුණේ පොඩි එකාගේ හීං කෙඳිරිය පමණි. ඇඬීමෙන් හෙම්බත් වූ ඔහු කෙඳිරියක් පමණක් නඟයි.
හිච්චි හාමිනේ ඔහේ වැතිර හුන්නාය. පැළී-මෙන් ලුණු රස වූ තොළඟට, උණු රසට අලුතෙන් දැනුණේ නළල පැලී ගලන රුධි-රය බව මුහුණ අතගා බැලූ හාමිනේ වටහා ගත්තාය.
හිත දැඩි කරගත් හිච්චි හාමිනේ හැඳ සිටි චීත්තය උන්ඩි කොටගෙන බැරි අමා:රුවෙන් නැගිට ගත්තාය. පුතුගේ මොළකැටි සුරත තරයේ අල්ලා ගත්තාය. නැන්දම්මා දුන් රෙදි සහිත පන්මල්ල හිච්චි හාමිනේගේ පයට පෑගී මහපොලොවට ම වාරු වෙද්දී, කෑලි කැපෙන අඳුරේම සෙවණැලි අතරේ වැට මායිම පැත්තට අසීරුවෙන් ගාටන ගැහැණියකගේ ත්, කුඩා දරුවෙකුගේත් ඡායාවන් වලාකුළු විසින් මුවා කර ගත්තේය.
-------"-------"------"-------"-------"-------"-------"-----------
මේ මහ රෑ දොරට තඩි බෑවේ මො.කා දැයි බැලීමට සිරිසෝම දොර දෙසට ආවේ නොරිස්සුම.කිනි. දොර ඇර බැලුවද මො.කෙක් වත් නොවූ කල ඇති වූ කේන්ති.යෙන් දොර වසා දැමීමට සැරසුණ සිරිසෝම ට ඇසුණ හීන් කෙඳිරිය ට බිම බැලුනේ ඉබේටම ය.
දොර ලග සිහිසන් වී වැටී සිටී හිච්චි හාමිනේත්, මී පැටවෙකු සේ ගුලිවී හඬන කුඩා දරුවාත් දුටු සිරිසෝමට කෑ ගැස්සුණේද ඉබේටමය.
"ආරියෝ....."
"මොකද මනුස්සයො බෙරිහන් දෙන්නෙ....? මොකාදැ ආවෙ..... |
."
චීත්තයක් පොරවාගෙන මැසි.විලි නඟමින් ඉස්තෝප්පුවට ආ ආරියවතීගේ කට වැසී සැමියා දෙස බැලවුණේ ද ඉබේටමය.
"හත්දෙයියනේ.... මේ මොන අපරා-ධයක්ද...?"
" මේකිව අල්ල/පන් ගේ ඇතුලට ගන්න... හා... ඉස්සර වෙලා ඔය පොඩි එකාව ගනිං...."
නිවස තුළට වත්තම් කරගෙන ගිය හිච්චි හාමිනේව බූරු ඇඳ උඩ හාන්සි කරවීය.
" ඒයි... මේ නොදරුවා බයවෙලා, හෙම්බත්වෙලා... පව්...."
" අර වගේ වසව-ර්තියෙක් එක්ක මේ කිරිසප්පයා මේ තරමට ආරස්සා කොරගත්තට හිච්චි හාමිනේව අදහන්ඩ වටිනවා....."
ආරියවතී පැවසුවේ හිච්චි හාමිනේගේ තුවාල තෙත මාත්තු කරමිනි.
"පව් දෙයියනේ... මේ අහිංසකි මොනතරම් නම් ගින්දරක් උහු-ලනවද..... දෙයියන්ට වත් පෙන්නෑනේ මෙව්වා....."
"දෙයියො උඩ නෑ බං... හිටියනං මේවා මෙහෙම වේයැ....."
මදින් මද සිහිය ලැබූ හිච්චි හාමිනේ දෑස් හැර සිහිය එළවා ගත්තාය.
"අ..නේ... මයෙ පැටියා...."
ඇය තොල් මැතිරුවා ය.
"උඹට සිහිය ආවද නංගියෙ... දරු පැටිය ඉන්නව.. මේං මේ වතුර ටික බීල හිටහං...."
"..... පුංචි එකා හාමත් වෙලා නංගියෙ වදෙන් පොරෙන් බත් කටක් කවලා නිදි කෙරෙව්වා... උඹටත් බඩගිනි ඇතිනෙව බත් ඩිංගක් කාලා හිටිං.."
හිච්චි හාමිනේ හඬ-න්නට වූවාය.
"නාඬා ඉඳින් නංගියේ....අර වස-වර්තියා එක්ක ඔට්ටු අල්ලන්ඩ බැරි කමට මිසක්ක, උඹේ අඳෝනා අහගෙන පුළුවන් කමකට ඉන්නවා නෙවෙයි නංගියේ අපිත්....."
ආරියවති හිච්චි හාමිනේ ගේ හිස පිරිමදින්නට වූයේ සැබෑ ලෙන්ගතුකමකිනි.
" උඹ හරි අහිංසක එකි.යක් බං.... ඔන්න ඔය පොඩි එකාවත් ඇන්න ආපහු ගෙදර පලය.න්.... අම්මා අප්පා කොච්චර උනත් උඹ ව අතාරින එකක් නෑ...."
සිරිසෝම කතාවට අලගු තබමිනි කීවේය.
හිච්චි හාමිනේ සුසුමක් හෙලුවා පමණි.
"..ඔය වගේ මස් වැද්.දෙක් එක්ක ඔය හැටි හැප්/පෙන්ඩ උඹ වගේ අහිංසකියකට බෑ.... බලාපන්.... උඹේ අතේ පයේ තැලුම් තුවාල.... තියෙන දෙයක් කාලා... මේන් මෙහෙං ඇල වෙලා ඉඳලා.... උදේම ගෙදර පල.යන්..... මේ වගේ වෙලාවකත් උන් උඹව අතාරින එකක් නෑ....."
"අනේ ඔව් නංගියෙ.... මෙතනින් ගැලවෙලා පල.යන්.... උ.ඹට මෙහෙ ඕන තරම් කාලයක් ඉන්ඩ බැරි කමක් නෑ..... ඒත්....." ඇය සැමියා ගේ මුහුණ දෙස බැලුවා ය.
"...නෑ අක්කේ..... අර මස්.වැද්දා දැනගත්තොත් මං මෙහෙ ආ බව උ.ඹලව මරං කා.වි.... මං පාන්දරම යන්නං මෙහෙන්...."
කුකුළා පළමු වර හඬලද්දී හිච්චි හාමිනේ උන්නේ ආරියවතීලාගේ ඉඳි කඩුල්ල පනිමිනි. කුඩා දයාපාල කරපින්නා ගත් ඇය ආරියවතීගේ චීත්තයක් හැට්ටයකින් සැරසී උන්නාය. කවුරු නැතත් අම්මා තමාට පිහිට වෙනු ඇතැයි අවසන් වතාවටත් ඈ අපේක්ෂා කළා ය.
--------"--------"--------"-----------"--------"-------"---------
වේලෙන්නට දැමූ මිරිස් වට්ටිය අතගාමින් මිදුලේ හුන් ඇසිලින් හිස ඔසවා බැලුවේ කඩුල්ලේ උණ බම්බු බිම වැටෙන හඬිනි. මැණිකේ මල් ගස් වලට සාත්තු කරමින් සිටියාය. කේඬෑරි වී ගිය කෙහෙල් පඳුරක් වන් වූ දියණියත්, ඇගේ කරේ නිදන මුණුපුරා වත් දුටු ඇසිලින් ට වාවාගත නොහැකි විය.
"මයෙ දුවේ......"
විලාප.යක් වන් හඬක් නැගූ ඇය දියණියගේ මුහුණ අල්ලා ගත්තාය.
"මයේ අම්මේ..... ඒ මිනිහ මට හොඳටෝම තඩි..බාලා.... මේ කිරිසප්පයයි මායි ගෙදරින් එල.වලා දැම්මා.... මං කොයි යන්ඩදෑ අම්මේ.......?"
හිච්චි හාමිනේගේ වාන් දොරටු බිදීගිය හඬින් අවදි ව පොඩි එකාද හ.ඬන්නට විය.
මිදුලේ ඝෝෂාව ඇසුනු තේමිස් නිවස තුල සිට එලි බැස්සේ, නැවතත් ආ පයින්ම ගෙට ගියේය.
"දීගෙ කඩාගෙන ආවනං ඕ.කිට මේ හතරමායිම තහනම් කියා.පිය.... අර ළමය එක්ක ජල්ලියක් අල්ලාන ආවට මෙහෙ බාර ගන්න එකෙ.ක් නෑ කියා..පිය......."
ගෙතුලින් නැගුන බිරු.සමට හඬමින් උන් කාන්තාවන් දෙදෙනා හා පොඩි එකා මෙන් ම විස්සෝ.පයෙන් බලා හුන් මැණිකේ ද තිගැස්සු.ණාය.
හිච්චි හාමිනේ වහා දෑතින් ම කඳුළු පිසදා ගත්තාය.
"ව.රෙන් පුතේ....."
අම්මාගේ අතේ හුන් පොඩි එකාද උදුරා ගත්තාය.
"අපි යනවා අම්මෙ...."
පහත් වී තම මවට වැන්ද සෙනෙහෙලතා නොහොත් හිච්චි හාමිනේ ආපසු නොබලාම ඉදිරියට ඇදුණාය.
"අනේ.... මයෙ පුතේ.... යන්න එපා පුතේ....අනේ නැව.තියන්......"
ඇසිලින් බිම වැටී බෙරිහන් දී හැඬු.වත් හිච්චි හාමිනේ ආපසු හැරුණේ නැත.
--------"--------"----------"----------"---------"----------
මහ වැස්සකට අහස අර අඳින බව කළු පාට වෙච්ච වළාකුළු ගස් වලට කිව්වා. වේගෙන් ගලාගෙන යන ගඟේ ඉවුරට වෙලා හිච්චි හාමිනේ තමන්ගේ ජීවිතය ගැන කල්පනා කළා. තමන් යන්නේ කොහෙද? තමන්ටත් පුංචි දරුවාටත් පිහිටක් වෙන්නේ කවුද? තමාටත් ඔහුටත් යන කල කුමක්ද? ප්‍රශ්න සියල්ලටම පිළිතුරු උනේ හිස්තැනක්....!
අනුන්ට උවමනා ආකාරයට පාවිච්චි කර, අවසානයේ ප්‍රතික්ෂේප කර දැමුණු තමන්ගේ අසරණ ජීවිතය පිළිබඳ මහා කල.කිරීමක් ඇගේ සිතේ ඇතිවී තිබුණා. යන්න එන්න තැනක් නොවූ හිච්චි හාමිනේට ගන්න තිබුණෙ එකම තීරණයක් විතරයි. ඇය හයියෙන් හුස්මක් රැගෙන බිම වාඩි වී ඔහේ බලා සිටින පුතා දිහා බැලුවා.. ඉන් අනතුරුව දෑස් පියා ගත්තාය...
.......දින කිහිපයක් ගත විය. ඊයේ රෑ මහ වැස්සට ගඟ පිටාර ගලපු ආරංචියට වඩා වේගයෙන් පැතිරුණේ නන්නාඳුනන ගැහැණු කෙනෙකුගේ මළ-සිරු.රක් ගඟේ ගහගෙන ආපු ආරංචිය. මැ/රිලා තියෙන්නේ කවුරු වුනත් තරුණ ලස්සන ගෑණු කෙනෙක් වග ආරංචි වුණ ගුණදාසගෙ මවගේ ඉහමොළ රත් විය.
"යකෝ මේ.කි ගඟේ පැන්නාවත්ද....?"
දින කිහිපයක් ගත වුණද හිච්චි හාමිනේ ගැන ආරංචියක් නොලද ඈ උන්නේ තිගැස්මෙනි.
"ගුණදාසයෝ... උ.ඹ ගිහින් බලාපං කෝ ඩිංගක් ඒ පැත්තට....."
අනියත බියක් දැනෙමින් තිබූ ගුණදාස ඒ වනවිටත් කඩුල්ල පැන හමාරය.
කාන්තා මල-සිරු/රක් ගඟේ ගසාගෙන විත් ඇති බව සැලවූ ඇසිලින් හඬා වැටෙමින් ඇදහුන් රෙද්ද පිටින්ම ගං ඉවුරට දිව ආවාය.
පිරිපුන් සුන්දර සිරුරක් හිමි කාන්තාවකගේ සිරුරක් මහා වැස්සට ගසාගෙන විත් ගං ඉවුරේ උණ පඳුරු අතර නැවතී තිබිණ. එහි මුහුණ හඳුනා ගැනීමට නොහැකි තරම් විනා.ශ වී තිබිණ. ඇසිලින් ගං ඉවුරේ බිම හැපුණාය.
"තෝ මයෙ අහිංසකී ම.රා.ගත්තා...."
යක්.ෂණියක සේ වි..යරු වැටී සිටි ඇය ගුණදාසට පලි ගැසුවාය. ගුණදාස දිවීමට අතක් නැතිවූ ලෙස බලා සිටියේය.
"..තො_පි ඔක්කොම එකතුවෙලා මගෙ අහිංසකී ම@රා ගත්තා.... දැන් කා/පියව්....."
තේමිස් කරකියාගත හැකි කිසිවක් නොමැතිව හිමිහිට සෙනග අස්සට වී සිටියේය.
"දරු පැටියට වෙච්ච එක හොයාපල්ලා......"
විස්සෝප වී සිටි පිරිස අතරින් හඬක් නැගුණේය.
"ඕං අහක් වෙ.යල්ලා..... ලොකු හාමුදුරුවෝ වඩිනවා....."
එකෙක් කෑගැසුවේය.
ගිරිකන්ද ආරණ්‍ය සේනාසනයේ ලොකු හාමුදුරුවෝ රතනපාල හිමියන් සන්සුන් ගමනින් එහි වඩිමින් උන්නෝය.
"අනේ... මයෙ අහිංසකී..... මුං සේරම එකතුවෙලා ම.රා-ගත්තා අපේ හාමුදුරුවනේ......"
ඇසිලින් හාමුදුරුවන්ගේ දෙපා මුල වැටී දරු කැක්කුම දරාගත නොහැකිව වි.ලාප දුන්නාය.
"කලබල ගන්ට කාරි නෑ ඇසිලින් උපාසකම්මා, ඩිංගක් කලබල නොවී මේක අහගත්තනං...., සෙනෙහෙලතා බෝම යහතින් ඉන්නවා.... මේ ඇත්තො කලබල ගන්ට කාරි නෑ..."
රැස්ව සිටි පිරිස මීයට පිම්බාක් වැනි විය.
"ම්....මොනවා..... මයෙ කෙල්ල හොඳින් ඉන්නවද අපේ හාමුදුරුවනේ එතකොට........?"
වහා ඉදිරියට පැන ගත් තේමිස් විමසුවේ බිරිඳටත් පෙරාතුවය.
"..මේ තේමිසො, දරුවෝ මේ ලෝකෙට උපදින්නේ උන්නේ වුවමනාවට නෙවෙයි බොල..එහෙම වුනාම ඒ උපදින දරුවො මහ උන්නේ වැරදිඔලට පලි නෑ...."
.... සෙනෙහෙලතා කියන්නෙ බෝම අහිංසක, නිවිච්ච, කරුණාවන්ත දරුවෙක්....
....ලස්සන වගේම තමයි දස්සකමත්. ඒ වයෙ දුවෙක් ලබන්න අම්මෙක් අප්පෙක් පිං කොරන්ඩ ඕනේ....
..... එහෙව් දරුවෙක්ගේ වටිනාකම තේරුම් ගන්න බැරිවීමත් මහා අවාසනාවක් උන්නැහැ.....
......අනිත් කාරණාව, හයක් හතරක් නොතේරෙන කාලෙම අප්පගේ උවමනාවට දිග ගියපු දැරිවියක් ජීවිතය දුස්කර උනාම යන්නේ අම්මා අප්ප ගාවට තමා.. ඒ උන් දෙන්න හයියක් වෙයි කියලා හිතාන.. එහෙව් වෙලාවක පිහිට නොවී පස්සෙන් පහු දුක් වුණාට වැඩක් වෙන්නේ නෑ බොලව්...."
තේමිස්ගෙ පසුතැවෙන හිස බිමට බර වී තිබිණි.
"..... අනිත් කාරණාව, ගෑණියෙක් මිනිහෙක් එක සරණ එන්නේ ඒ මිනිහා තමා ව ආදරයෙන් රැක බලා ගනීවි කියලා තියෙන විස්සාසෙට.. ඒ ගෑනි තමුන්ට දෙයියන්ට වගේ අදහනකොට ඒ ගෑණිට ආදරේ දීලා බලාගන්න එක මිනිහයෙ වගකීම..
.....බඩට ළමයෙක් දීලා, හයි.කාරකං පෙන්නලා, අතපය උස්සල, තමන් පිරිමියෙක්ය කියලා මාන්නෙන් ඉන්න එකෙක් ඉන්නවනම් ඒකා නපු@සකයෙක් බොල...."
ගුණදාස දෙස දවා හළු කරවන බැල්මක් හෙලූ රතනපාල හිමියන් පැවසූ දෙයින් ඔහුට පොළව පලාගෙන යන්නට සිතුණේය.
"තමන්ගේ මත්තෙම ඉන්න ගෑනියෙක් ලබන්ඩ මිනිහෙක් වාසනා කොරන්ඩ ඕනෑ.. ඒ වාසනාව අතට හම්බෙලත් පයින් ග.හපු ගුණදාස නං හැබෑ මෝඩ..යෙක්. කොරන්ඩ පුළුවන් දහ..දුරා වැඩ ඔක්කොම කොරලා සේරම අහවර උනාම දුක්වෙලා කාරි නෑ බො.ලව්......
.......සෙනෙහෙලතා ඉවසාපු ඉවසීමට උඹැහැ ඒ කාන්තාවට දණ බිම තියලා වැන්දත් පව් නෑ ගුණදාස.. මින් මත්තේ වත් අමාරුවෙන් හරි හම්බ කොරගත්ත මනුස්ස ජීවිතේ දියුණුවට වැඩක් කොරාපං, තිරි-සන් ආත්ම වලට පාර කපා නොගෙන....."
ගුණදාස මහපට ඇඟිල්ලෙන් බිම කොනහමින් අසා සිටියේය.
"....සෙනෙහෙලතාගෙ වාසනාවට එදා අර කිරි දරුවත් ඇන්න ගඟ අයිනේ ඉඳන් ඈ කල්පනා කොරනව අපේ මෙහෙණි ආරන්ණෙ ධම්මදින්නා මෑණියෝ දැකලා. ලඟට ඇවිත් කතා කොරාපුවම විස්තරේ කියලා අඬා වැටිලා තියෙනවා.. ඒ ගමන් අපෙ මෑණියෝ මෙහෙණි ආරණ්‍ය ට එක්කාන ගොහින් තියෙනවා..
.....දරුපැටියට සහලෝල උණ ගැනිලා, සෙනෙහෙලතා ඉදල තියෙන්නෙ හෝන්දු මාන්දු වෙලා වගේ..ඒ ගමන් ඒ ඇත්තියො කතාබහ කොරලා ඒ ඇත්තිගෙ හිත හදලා....
....ඈ බොහොම බුද්ධිමත් කාන්තාවක්. හරි ඉක්මනින් ධර්මය අවබෝධ කරගෙන හිත හදාගෙන තියෙනවා.. අපේ ගෞතම බුදු හාමුදුරුවො ළඟ හැම හිතක්ම නිවුණා බොලව්...
.....ජීවිතේ දරාගන්ඩ බැරි තැන හය හතර නොදන්නා කිරිසප්පයාත් අරන් පණ නහ.ගන්ඩ හදාපු සෙනෙහෙලතාත් නිවුණා නං ඇයි තොපිට බැරි.....?"
"....සෙනෙහෙලතා මේ සංසාර ගමනෙ දුක අවබෝධ කොරාන ඉවරයි. දරු පැටියාට හොඳට ගුණදම් කියා දේවි. සුදුසු කාලෙ ආවම දරුවා පිරිවෙනට බාර කොරල |
ා ඈ කහ සිවුරු දරාවි.....
....... මීට සතියකට විතර කලියෙන් කඳුකරේ පැත්තෙන් ගඟේ නාන්න ගියපු දැරිවියක් අතුරුදහන් වෙලා වග මෙහෙට ආපු උපාසක ඇත්තෙක් කිව්වා.. බලාපල්ලා මේ මි-.නිය ඒ ඇත්තිගෙ වත්ද කියලා....."
ඇසිලින් සියලු වෙර යොදා මෙහෙණි ආරණ්‍ය සේනාසනය දෙසට දිව ගියේ දරු කැක්කුම ඉහවහා ගිය නිසාය.
තේමිස් හා ගුණදාස ඒ පසුපසින් දිව ගියේ පව් සමාකර ගැනීමට විය යුතුය.
ඉතා මිහිරි හඬකින් ගැයෙන බණ කවි පද සවන වැකුණේ පන්සල් කන්ද නඟිද්දීය. පිළිවෙලට සුදු පිරුවට හැඳ, කොණ්ඩය තනි කරලට ගොතා පිරිසිදුව සනීපවත් මුහුණෙන් යුක්තව තාලයට කවි බණ ගයන හිච්චි හාමිනේත්, ගල් පොත්ත මත තම මව අසලින්ම වාඩි වී ඇය ගයන කවි පද ආසාවෙන් අසා සිටින ඇගේ පුංචි පුතුගේත් දර්ශනය හද නිවන දසුනක් ම විය.
"මයෙ පුතේ......."
ඇසිලින් ගේ හැඟුම්බර හඬට හිච්චි හාමිනේ සන්සුන්ව හිස ඔසවා බැලුවාය.
ගුණදාස දුටු පොඩි එකා බයේ හැංඟුණි.
"ඇයි රත්තරනේ නොකියම මෙහෙව් ගමනක් ආවේ.... උ.ඹ ආගිය අතක් නෑ කියලා ආරංචි වුණ වෙලේ ඉඳන් මං බත් කටක් කාලා නෑ මැණිකේ......."
ඇසිලින් හති හලමින් බෝ මළුවේ ඇද වැටුණාය.
"ම්....මට... සමාවෙයන් දුවේ..."
කවදාවත් නැසූ හඬකින් කථා කරන දේ තංඑමිස්ගෙ හඬ පුදුමයක් ඇති කළ ද, හාමිනේ ගේ හැඟීම් වෙනස් නොවිණ.
"මයෙ අම්මා මට කොරන්ඩ පුළුවන් තරං ආදරේ දුන්නා. මං මයෙ අම්මට හැමදාම ණයගැතියි. මයෙ අම්මා බුදුවෙන්න ඕන..." හිච්චි හාමිනේ සන්සුන් ස්වරයෙන් කීවාය.
"මං උඹලා එක්ක තරහ නෑ තාත්තෙ. මෙච්චර වටින ධර්ම මාර්ගය හොයාන යන්න පාර කපාපු එකට උඹලටත් පින්..."
තම හෘද සාක්ෂිය පාලනය කරගත නොහැකි වූ ගුණදාස හිච්චි හාමිනේ ඉදිරියේ වැලි පොළොවේ දණින් වැටුණේය.
"මං හුඟාක් වැරදි කෙරුවා. මං මහා ජරා මිනි..හෙක්. මට සමාව දෙන්න බෑ කියලා මං දන්නවා මැණිකේ. ඒත් දරු පැටියාගේ නාමෙන් තව එකම එක සැරයක් මට අවස්ථාවක් දීලා බලන්ඩ. මං ඔයාවයි දරු පැටියාවයි ඇස් දෙක වායෙ රැක ගන්නවා..... අනේ මට සමාවෙලා මා එක්ක යන්ඩ එන්ඩ...."
ගුණදාස හඬා වැටෙමින් කීවේය.
"ඔය ඇත්තෝ එක්ක මං වත් පුතාවත් අමනාපයක් නැතුවා.. වෙච්ච දේවල් ආපසු හරවන්ඩ බෑ නෙව. මින් මත්තේ වත් යහපත් විදිහට ජීවත් වෙන්න බලන්ඩ...
.....මං හොඳම මාර්ගෙ තෝරාන තියෙනවා දැන් අපිට ආපහු හැරෙන්ඩ බෑ, ආපහු හැරෙන්ඩ කියලා ඉල්ලන්ඩත් එපා....
.......සැහැල්ලුව ඇතිවෙන්ඩ හැමදේම අතාරින්ඩ ඕනෑ ජීවිතේ ඇරෙන්ඩ. අපි මේ ජීවිතේ අපිට ලැබිච්ච හේතුව හොයාන, ආං ඒ හේතුව අනුව, තේරුමක් ඇතිව ජීවත් වෙන්ඩ ඕන.... ඒක මේ ඇත්තොත් තේරුම් ගත්තොත් හොඳයි......"
සන්සුන් ගමනින් සෙනසුන වෙත ඇදෙන හංස ධේනුවක වන් හිච්චි හාමිනේත්, ඇගේ අතේ එල්ලී ඈ හාම අබිනික්මන් කිරීමට සැරසෙන හංස පැටවකු හා සමාන පුතණුවන් දෙසත් බලා සිටි ගුණදාස බොහෝ දෑ වටහා ගන්නට ඇත..
අවසානයි ❤️
ඔයාලගෙ ආදරණීය අදහස් වලට ගොඩක් ස්තුතියි. ආදරෙයි. ඒ වගේම ඇඩ්මින් ටත්. ඔයාලගෙ අදහස් කතාවක් ලියන්න දිරිමත් කරවනවා. ඔන්න ඔයාලගෙ ඉල්ලීමට අනුව අවසානය යහපත් කරා. ආයෙම කතාවකින් හමුවෙමු. 🥰
✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර
කතෘ අයිතිය සුරකින්න
Photo from Rasika Pathiranaමතක මං පෙත් (කෙටි කතාව)
“නංගි ඔයා නිදිද?”
කාමලී උඩ තට්ටුවට ආවේ එහෙම අහගෙන.
අම්මගේ අවමංගල්‍යයට සහභාගි වෙන්න දින කීපයකට කළින් ඇමරිකාවේ ඉඳලා ආව රාජිකාට තවම වෙලාව වෙනස් නිසා එන නිදිමත තියෙනවා. නමුත් එන නෑ මිත්‍රයන්ට කතා කරන්න පහළට බහින නිසා දිගට නිදා ගන්න වෙන්නේ නෑ.
“නෑ අක්ක, මං පොඩි වැඩක හිටියේ. ළමයෙක්ගේ රිසර්ච් පේපර් එකක් රිවීව් කරනවා. ඇයි?”
ඇද උඩ එරමිණියා ගොතාගෙන හිටිය රාජිකා ඔලුව උස්සලා බැලුවා. හදිසියේ එන්න උන නිසා පර්යේෂණ කණ්ඩායමේ වැඩ ඔක්කොම මෙහෙ ඉඳලා බලන්නම් කියල තමයි එන්න උනේ. සති කිහිපයකින් තමන්ගේ විශ්ව විද්‍යාලය මූලික වෙලා කරන සමුළුවක්. පර්යේෂණ කණ්ඩායමේ දෙන්නෙක් ආචාර්ය උපාධි අවසන් කරන පියවරට ළඟා වෙලා. තවත් ශිෂ්‍යයො විවිධ සමුළුවලට, ජර්නලවලට ඉද්රිපත් කරන පත්‍රිකා, ඉදිරිපත් කිරීම් බලන්න, විශ්ව විද්‍යාලෙ පරිපාලන රැස්වීම්, එක එක වැඩ.
අම්මාගේ අවසන් කටයුතු පෙරේදා ඉවර වෙලා තමයි මේ ඔක්කොටම හිත යොමු කරන්න ලැබුණේ.
කාමලී උත්තර දුන්නේ නැති නිසා රාජිකා ඔලුව උස්සලා බැලුවා.
“ඇයි අක්කේ?”
“නංගි, සාරංග කෝල් කළා. දුවගේ ඕ ලෙවල් විභාගෙ ඊයෙ වෙනකම් තිබුණ නිසා මළගෙදර එන්න වෙලා නෑ. දැන් එනවා කියන්න.”
ඇස්වලින් පටන් අරන් රාජිකාගේ මුළු මූණම, ඇඟම ඒ වචනත් එක්ක වෙනස් වෙනව කාමලී බලන් හිටියා. එතන හිටියේ මහාචාර්ය රාජිකා උනම්බුව නෙවෙයි. වෙන බොහොම දුර්වල සත්වයෙක්.
“අක්කට කොහොමද සාරංග කතා කරන්නේ? අක්කගෙ නම්බරේ එයා ළඟ තියද? කළිනුත් කතා කළාද? මං ගැන ඇහුවද?” ඔය කිසි දෙයක් රාජිකා ඇහුවේ නෑ.
මළ ගෙදරට කට්ටිය එන ගානේ මේ මොහොතට කොයි වෙලේ හරි මූණ දෙන්න වෙයි කියල රාජිකා දැනගෙන හිටියා. සමහර සරසවි මිතුරොත් මළ ගෙදර ආව. “සාරංගටත් පණිවිඩේ කිව්ව. එයි” කියල ළඟම යෙහෙළියෝ දෙන්නෙක් ආව වෙලාවල කිව්වමත් රාජිකා මුකුත් නොකියා කතාව මාරුකළා.
“මං හදිසි මීටින් එකක කියන්න අක්කා. අක්කා කතා කරලා යවන්න”
රාජිකා ආයෙ පරිගණකයට ඔලුව ඔබාගත්තා. එක පාරට ආයෙ ඔලුව ඉස්සුවා. ගිහින් බිම තිබුණ ගමන් බෑග් එකෙන් බර ෆයිල් එකක් ගත්තා.
“අක්කෙ මේ ෆයිල් එක සාරංගට දෙන්න. මේකෙ මම කරපු වැඩ ගැන පත්තරවල, වෙබ්වල ගිය ඔක්කොම ආර්ටිකල් තියෙනවා. මං එකතු කළා කවදහරි සාරංගට පෙන්නන්න”
“ඉතිං ඔයාම දීලා වචනයක් කතා කරලා යන්න”
“බෑ අක්කා. ප්ලීස්”
යමක් කියන්න කට ඇරපු කාමලී ආයෙ කට වහගත්තා. ජීවත් වෙලා ඉන්න කාලෙ කොච්චර අම්මයි නංගියි කුළල් කා ගත්තත් අම්මගේ තියෙන තද හිතම නංගිට තියෙන බව කාමලී දන්නව. බෑ කිව්වොත් බෑ තමයි.
----------------------------------
සාරංගගෙ තියෙන මනුස්සකමට මිසක් තමන්ගේ අම්මගෙ මළ ගෙදර එන්න කිසිම උවමනාවක් නෑනෙ. තමන්ගේ ගෙදරට සාරංග ආව වෙලාවෙ පුලුවන් තරම් අපහාස කරලා අම්ම යැව්ව හැටි මතක් වෙද්දි තාම කාමලීගෙ ඇඟ හිරි වැටෙනවා වගේ.
කාමලී මුකුත් නොකියා හැරුණා.
දුවට ඕ ලෙවල් උනාට විභාගෙ ලියන්නේ සාරංග නෙවෙයි නේ. ළමයව ඉස්කෝලෙ දාලා දුවල එන්න බැරි දුරක නෙවෙයි දෙගොල්ලො ඉන්නේ. මළ ගෙදර කලබල මඟ ඇරලා එන්නේ මොකටද කියලා කාමලීට හිතා ගන්න බැරි නෑ.
අනික එහෙම එන එක කාමලී වැරැද්දක් කියලා හිතන්නෙත් නෑ.
කාමලී කොච්චර අම්මට අවනත දුවෙක් උනත් සාරංගගෙයි රාජිකාගෙයි සම්බන්ධෙට අම්මා විරුද්ධ වෙද්දි කාමලී ඒ වෙනුවෙන් කතා කළා. ඒත් අම්මා වෙනස් උනේ නෑ.
“රජ උනත් හකුරු සුදු වෙනවයැ. ඔය රජ කාලෙ හරියට බලලා තමයි ඔය කුල මළ දාලා තියෙන්නේ. ඉතිං කරගන්න කියපං. හැබැයි මේ අම්මා නෑ කියලා හිතාගෙන මේ පැත්තේ ආයෙ පස් පාගන්නෙ නැතුව ඉන්න බලාගෙන”
අම්මා කිව්වේ කාමලී ගිහින් නංගිට උදව්වට සාරංගගෙ පවුල ගැන, සහෝදරයොත් ඉගෙන ගෙන තියෙනවා අරක මේක කියන්න ගියාම. රාජිකාත් එතකොට හිටියේ ඒ ඇහෙන මානෙ. අම්මගෙ කතාව ඉවර වෙලා කාමලී නංගිගෙ මූණ බලද්දි ඒ මූණ මළ මිනියක වගේ මස් පිඬු මූණ තද වෙලා තිබුණා.
ඒ රාජිකා කැම්පස් එකෙන් අවුට් වෙන්න ළඟදි.
සාරංග රාජිකා එපාම කියද්දි ගෙදර ආවෙ ඊට මාස ගාණකට පස්සේ කැම්පස් අවුට් වෙලා රස්සාවත් කරද්දි.
සාරංග උස්සගෙන ආව බඩු ගොඩක් කණප්පුව උඩ තියලා බලා හිටපු හැටි, ඒ තරුණ ඇස්වල තිබුණ අවිනිශ්චිත ගතිය, තමන් අම්මා පස්සෙන් ඇවිත් ඉන්නවා දැකලා සාරංගගෙ මූණෙ ඇඳුණු අසරණ හිනාව අවුරුදු විස්සකුත් පහු වෙලත් කාමලීට මතකයි.
තමන් කුමාරිහාමි කෙනෙක් කියලා කාමලී හිත යටින් ආඩම්බර උනා. ඕන තැනක ගිහින් නම අහද්දි “කාමලී ටිකිරි කුමාරි උනම්බුව” කිව්වේ හිතේ ආඩම්බරෙන්. ගොඩක් වෙලාවට උඩරට තැනකදි නම් ඒ නම කියවෙනවත් එකක්ම පොඩි විශේෂ සැළකිල්ලකුත් ලැබුණා.
ඒ උනාට සියළු යහපත් ගති තියෙන මේ කඩවසම් කොල්ලා කුලය නිසා පහතට වැටෙනවා දකිද්දි ඔය කිසි දෙයක් මොනවටද කියල කාමලීටත් හිතුණ.
අම්ම සාරංගට වාඩි වෙන්න කිව්වෙත් නොකියා බැරිකමට වගේ.
සාරංග කතාව පටන් අරන් ටිකක් කියාගෙන ගියා. අම්මා අහක බලාගෙන වගේ ඉදලා ඒක පාරම ඇහුවේ “ඔය ළමයගෙ වාසගම මොකද්ද?”
කාමලී කරකියාගන්න දෙයක්නැතුව බලං හිටියා.
සාරංග නම කිව්වෙම අම්මගෙ මූණෙ සමච්චල් හිනාවක් මැවුණා.
“ඔය ළමයගෙ වරදක් නෑ. අපේ කට්ටිය දැන ගන්න ඕන තමන්ට ගැළපෙන දේවල් කරගන්න. එයාලට පොඩි කාලෙ ඉදන් ඕව කියල දීලා තියෙන්නේ. තරහ වෙන්න එපා. මේකට කොහොමටවත් කරන්න බෑ. අපේ මැරිච්ච මිනිසුස් වලවල් වලිනුත් නැගිටියි මේක කරන්න දුන්නොත්”
සාරංග කට අරින්න හදද්දිම රාජිකා වේගෙන් ගේ ඇතුලේ ඉදන් ආව.
“ඔයා දැන් යන්න සාරංග. ඔයාට මම එන්නත් එපා කිව්වේ ඒකයි.”
සාරංග ගියාට පස්සෙ රාජිකා අම්මත් එක්ක හරි හරියට කියවගත්තා. අම්මා කිව්වෙම “කරගනිං, හැබැයි මගේ මරණෙටවත් ඕකට මේ හතර මායිම පනින්න බෑ” කියල.
සාරංග ඉඳගෙන හිටපු පුටුව දිහා බලල “ඔය ජාතියේ එකෙක් මේ පුටුවක ඉඳගත්තම වෙන්න ඇති, නැත්නං ඔවුන් ගොඩවෙන්නේ අපේ පිළිකන්නෙං, ඉඳගන්නෙ ලොවි බංකුවෙ” කියල අම්ම කියද්දි කාමලී බය උනේ රාජිකා පුටුව උස්සලා පොළවේ ගහයි කියල.
ඒත් එහෙම උනේ නෑ. රාජිකාගේ මූණ ආයෙත් තද උනා.
දවස් ගාණක් සාරංග ගෙනාව බඩු කණප්පුව උඩ තිබුණා. කවුරුත් අල්ලන්නෙ නැතුව. අන්තිමට රාජිකා ඒ ටික අරන් ඇවිත් තමන්ගෙ කාමරෙන් තියාගත්ත. ඒක මේ සිද්ධි ඔක්කොම වෙලා සෑහෙන කලක් යනකම් කාමලීගෙත් හිත සෑහෙන රිද්දපු මතකයක්.
දවස් ගාණක් මූණක් කටක් හරියට නොසෝදා, නොකා නොබී ඉඳලා රාජිකා තීරණයක් ගත්තා.
“නෑ අක්කෙ මමයි වැරදි. මමයි අර කොහෙවත් ඉන්න අහිංසකයෙක්ව මේකට පටල ගත්තේ. අපේ අම්මලගෙ හැටි දන්නෙ මමනෙ. සාරංග ඇහුවම මට බෑ කියන්න තිබුණා. ඒත් මට හිතුණා සාරංග වගේ කෙනෙක් මට ජිවිතේට හම්බෙන එකක් නෑ කියල. මට බෑ කියන්න ලෝබ හිතුණා.”
ඊට පස්සේ හැමදේම උනේ බොහොම වේගෙන්. සාරංග එක එක විදි වලින් රාජිකාව හම්බ වෙන්න උත්සාහ කළත් ඒකට ඉඩ නොලැබුණ බව කාමලී දැනගෙන හිටියා. මේක හරියන සම්බන්ධයක් නෙවෙන නිසා පැත්තකට වෙලා ඉන්නවා ඇරෙන්න කාමලීටත් වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.
“මට පිටරට රස්සාවක් ලැබුණා. ලබන |
මාසෙ යනව”
ගහෙන් ගෙඩි එන්නා වගේ දවසක් රාජිකා කිව්වේ අම්මයි කාමලීයි දෙන්නම ඉන්න තැන.
“අපේ ගෙවල් වල ගෑණු බඳින්න කලින් ඔහොම යන්නේ නෑ, යන තැනක බැඳලා පලයං” අම්ම මන්තරේ වගේ කියපුවා රාජිකා කණකටවත් ගත්තේ නෑ.
අන්තිම මොහොතේ යනවා කියන්න වඳිද්දි ඇරෙන්න අම්ම එක්ක කතාවට ආවෙත් නෑ.
-----------------------------------
ඒ ගියපු ගමන අවුරුදු විසි ගාණක් රාජිකා ලංකාවට ආවේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. කාමලීගේ මඟුලට එද්දි සාරංගත් වෙන කෙනෙක් බැඳලා.
“ශෝබලගෙ පවුලෙ අයයි ශෝබයි සාරංගට සළකන්නේ දෙයියන්ට වගේලු. එයාලට හොඳට සල්ලි තියෙනවා. ඒත් කවුරුත් දුරට ඉගෙන ගෙන නෑ. පේරාදෙණියෙ ලෙක්චරර් කෙනෙක් කිව්වම ඒ මිනිස්සුන්ට රජ කෙනෙක් වගේ.”
රාජිකා අක්කට කිව්වේ ආපහු යන්න ලෑස්ති වෙලා බඩු අස් කරද්දි. සරසවි මිතුරියක් ඇවිත් කතා කර කර ඉඳලා ගියාට පස්සේ.
“සාරංග හොඳ කෙනෙක්නෙ. කවුරු බැන්දත් හොදට ඉඳී. දැන් ඔයත් අම්මගෙන් පළිගන්න ඔහොම ගහක් ගලක් වගේ ඉන්නෙ නැතුව සුද්දෙක් හරි මොකෙක් හරි ඔයාට හරියන කෙනෙක් හොයාගෙන බැඳගන්න. අම්ම නොකිව්වට හරි හිතේ අමාරුවෙන් ඉන්නේ ඔයා තනියම ඉන්න එක ගැන. සාරංග ඉන්න වැඩසටහන් ටී වී එකේ එහෙම යනකොට අම්මගෙ මූණත් වෙනස් වෙනව. මං වෙලාවකට කියනවා මේ දෙන්න එකතු උනා නං කොච්චර දෙයක් කරයිද කියල.”
රාජිකා හිනාවුණා.
“ඔහොම නෙවෙයි සාරංග ලංකාවේ ජනාධිපති උනත් අම්මා ඔය කුල කතාව කියයි. මං අම්මගෙන් පළිගන්න නෙවෙයි අක්කෙ තනියම ඉන්නේ. සාරංග තමයි මේ ලෝකෙ හිටිය මට හරියන මිනිහා. දැන් මට එතනට වෙන කෙනෙක් හොයාගන්න බෑ. අනික මං පළිගන්නෙ මගෙන්මයි. මම නිසානෙ ඒ මනුස්සයාටත් නිකම් අපහාස විඳින්න උනේ”
කාමලී ළමයි හැදුවා, අම්මා ගැන බැලුවා ඔහොම අවුරුදු ගාණක් ගෙව්ව.
සිංහ ධේනුව වගේ හිටපු අම්මා ටික ටික නිශ්ශබ්ද වෙන හැටි බලං හිටියා. නැත්නම් ඉස්සර කාමලීල කෝප්යක් හරියට හේදුවේ නැතත් චූර්ණිකාව පටන් ගන්නේ “අනික් තැන්වල මිනිහා මැරිච්ච ගමන් ඉස්සෙල්ලම කුමාරිහාමිල කාර් එක විකුණනවා. හොරාට හොරාට වලව්වේ තියෙන පිත්තල බඩු, රිදී බඩු, පෙට්ටගං ටික විකුණනව. අන්තිමට ඉඩම් ටිකත් විකුණල අයට වැටෙනවා. උඹලගෙ අප්පච්චි නැතිවෙද්දි අපිට තිබ්බේ මේ ටිකයි හන්දිය කඩ පේළියයි විතරයි. දැන් උඹලට නෑයින්ගෙවත් අත පල්ලෙන් වැටෙන්නේ නැතුවඉන්න හම්බෙලා තියෙන්නේ මං පිළිවෙළට වැඩ කරපු නිසා. පිළිවෙළට වැඩක් කරපල්ලා.”
ඇත්තටම අප්පච්චි ඉන්න කාලෙ ගෙදරින් පිට තනියම අඩියක් නොතියපු අම්මා අප්පච්චි හදිසියේ නැතිවුණ ගමන් වෙනස්ම චරිතයක් වෙලා පවුල කරගහගෙන ඉස්සරහට ගියේ කාමලීලටවත් හිතාගන්න බැරි විදිහට. ඒ කඩ කාමර පේළිය කඩල අලුතෙන් හදවන්න, ඉඩම් බදු අරන් තේ වවන්න ඕව ඔක්කොම කළේ අම්මම හිතල. කිසි කෙනෙක්ගෙන් කතාවක් අහන්නෙ නැතුව.
කෙල්ලො දෙන්නෙකුත් කතාවක් හදන්නැතුව හදලා හොඳට උගන්නලා අම්ම රැජිණක් වගේ ඉද්දි තමයි රාජිකා සාරංගව පටල ගත්තේ. ඒක නැවතුණාම අම්මා හිතන්න ඇති ටිකක් කල් අඬලා දොඩලා රාජිකා ගැළපෙන එකකට කැමති වෙයි කියලා. ඒක උනේ නෑ. අම්මා වගේම තද හිතක් තිබුණ රාජිකා ලංකාවට ආව වෙලාවකවත් ඒ ගැන කතා කරන්න වත් දුන්නේ නෑ.
අන්තිමට අම්මා හිටියේ ලොකු යුද්ධයක් කරලා පැරදිච්ච කෙනෙක් වගේ.
කාමලී පැත්තකට වෙලා බලා ඉන්නවා මිසක් දෙන්නටම මුකුත් කියන්න ගියේ නෑ.
ඒත් අම්ම නැතිවෙනකම්ම රාජිකා ඈත රටක තනියම ඉන්නේ තමන් හින්ද කියල දුක් උන බව කාමලී දැනගෙන හිටිය.
--------------------
සාරංග බඩු ගොඩකුත් උස්සගෙන ගෙට ගොඩ උනා. කොණ්ඩෙ සුදු වෙලා, පොඩ්ඩක් මහත් වෙලා ඇරෙන්න ලොකු වෙනසක් නෑ. කාමලීට නුවර ටවුමෙදි දෙතුන් පාරක් හම්බෙලත් තියෙනවා.
“කොහොමද අක්කා. අනේ සොරි මළගෙදරට එන්න උනේ නැතුවට”
“ගොඩක් නෑයින්ටත් එන්න උනේ නෑ මල්ලි. පැය විසි හතරෙන් කළානෙ”
වල් පල් කතා කළාට සාරංග උත්තර දෙන්නේ සිහියෙන් නෙවෙයි. අන්තිමට බැරිම තැන වෙන්න ඇති “රාජිත් ආව නේද අක්කා?” කියල ඇහුවේ.
“අනේ ආව මල්ලි. හදිසියේ ආව නිසා මොනවද වැඩ ටිකක් තියෙනව කියල උදේම කොළඹ ගියා”
කාමලී කිව්වේ ගෙදරම හදිසි වැඩක් කරනව කියල කියන එක හරි මදි වගේ හිතුණ නිසා.
ටික වෙලාවකින් මළ ගෙදරට ගෙනාව කොඩි ගස් ගෙනියන්න කට්ටියක් ඇවිත් කාමලීට යන්න උනා.
කාමලීගේ ලොකු දුව සාරංගට කේක් පීරිසියක් අරන් ආව.
“කොහොමද දුව?” සාරංග කෙල්ලගෙන් ඉස්කෝලෙ ගැන, කැමති විෂයයන් ගැන කතා කළා. අම්මගෙයි අත්තම්මගෙයි පුංචිගෙයි කතා අහලම මේ කවුද කියල දැනගෙන හිටපු කෙල්ලත් ඇඹරි ඇඹරි කතා කළා.
“පුංචි කොළඹ ගියෙ නෑනෙ. උඩ ඉන්නව නේද?” ටිකකින් සාරංග ඇහුවේ අමුතු හිනාවකින්. ඔයාලගෙ පුංචි ගැන මම දන්නෙ නැද්ද කියන විදිහේ හිනාවක්.
කෙල්ලට කට උත්තර නැති උනා. සාරංග ගෙනාපු බෑග් එකෙන් බ්‍රවුන් පේපර් කවරයක් අරන් දුව අතට දුන්නා.
“කැෂූ නට් චොක්ලට් එකක්, මං ගියාට පස්සේ දෙන්න”
එද්දි තමන්ට ෆෙරෝ රොචර්ස්, කැඩ්බරි, ටොබ්ලරෝන් ගේන පුංචි යන්න කිට්ටුව තියාගෙන කන්න කියල කැන්ඩොස් කැෂූ නට් චොක්ලට් තොගයක් ගන්න හැටි දුවට මතක් උනා.
----------------
ටිකකින් කාමලී ආව ෆයිල් එකත් අරන්.
“මල්ලි රාජි මේක දීලා ගියා. එයා කරපු ඔක්කොම රිසර්ච්ස්ගැස්න පත්තරවල එහෙම ගියපුවා මේකෙ තියෙනවලු. ඔයාට බලන්න කියල”
සාරංග ෆයිල් කවරෙ උඩින් උඩින් පෙරලුවා. හුස්මක් හෙළලා ආයෙ අමුතු හිනාවකින් කාමලී දිහා බැලුව.
“මං මේක ගෙනියන්නං අක්කා. ඒත් මේව ඔක්කොම මාත් එකතු කරලා තියෙනවා ෆැකල්ටියේ ෆෝල්ඩර් එකක”
-------------
එදා රෑ ඔක්කොම වැඩ ඉවර කරලා තේ දෙකකුත් අරන් කාමලී නංගිගෙ කාමරේට ආව. අක්කටයි නංගිටයි හිතේ නිදහසේ මූණෙන් මූණ බලාගෙන කතා කරන්න උනේ නෑ අවුරුදු ගාණකින්. කළින් දෙපාරම රාජිකා එද්දි කාමලීගෙ ළමයි පොඩියි. අම්ම ලෙඩ ගාණෙ. ඉතින් විවේකයක් තිබුණේ නෑ.
දෙන්න ඔහේ වල් පල් කතා කළා. අන්තිමට සාරංග ගැන කතාවට වැටුණා.
“ඔයා රට යනව නං සාරංගව ගෙන්න ගන්න තිබුණෙනෙ. අම්ම උනත් පස්සේ ලොකු විරුද්ධයක් වෙන්නේ නැතුව ඉන්න තිබුණා. අපරාදෙ නංගි.”
“මොකටද අක්කේ? සාරංග කියන්නේ එහෙම හොර රහසේ පවුලකට බැදෙන්න ඕන කෙනෙක් නෙවෙයිනේ. හොද වැදගත් අම්මල තාත්තල සහෝදරයො ඉන්න හොඳ කෙනෙක්. අනික අපේ පවුල්වල කවුරුවත් කොච්චර කල් ගියත් සාරංග දිහා බලන්නේ හිතේ කොස්සක් තියාගෙනනෙ. මොකටද එහෙම. දැන් එයාට නරකක් වෙලා නෑනෙ. ශෝබාත් හරි හොඳයි. දෙන්නා හොඳට ඉන්නවනෙ”
“ඒක නං ඇත්ත. ඒ උනාට ඔයා මේ තනියෙන් ඉන්න එක මගේ හිතටත් බරක්නෙ නංගි. මෙහෙ හිටියා නං අපිවත් ඉන්නවා”
“අනේ මොකටද අක්කා බය වෙන්නේ. මම දැනටම මාසෙකට ගාණක් යවනවා එහෙ හොඳ රිටයර්මන්ට් විලේජ් එකකට. වැඩ කරගන්න බෑ කියලා හිතෙද්දි ටැක්සියක් දාගෙන යන්න විතරයි තියෙන්නේ”
“මට නං හිතට හරි මොකද්ද වගේ ඔයා සාරංගට කතා නොකරපු එක. මමත් නිකම් බොරු කාරියක් උනා.”
මෙච්චර වෙලාවක් ඔහේ කතා කර කර හිටපු රාජිකාගේ ඇස් දෙක වෙනස් වෙලා දිළිසෙන්න ගත්තා.
“ අක්කේ මං රට ගිය මුල කාලෙ හැමදාම හිතුවේ ආයෙ ලංකාවට ඇවිත් සාරංගව හම්බ වෙන දවසක් ගැන. මං තනියම හිටියට සාරංග එක්ක ඉන්නවා වගේ හිතින් ජීවත් උනේ. ඒ උනාට පස්සේ මටම හිතුණා, දවසක හම්බ වෙලා සාරංග ඉස්සර වගේම මට ආදරෙන් “රාජි” කියලා කතා කළොත්, මට තරහ යයි නේද මේ මිනිහා අර ගෑණිව ගෙදර තියලා මාව හුරතල් කරන්න එනව කියල. අනිත් අතට එයා නිකම් සාමාන්‍ය බැච් මේට් කෙනෙක් වගේ “ඉතිං රාජිකා කොහොමද, ඔයාගේ රිසර්ච් වැඩ දකිනවා පත්තරවල එහෙම, හරි සතුටුයි” කිව්වොත්. මට ඊට පස්සේ පිස්සු හැදෙයි. තාම මගේ ඔලුවෙ ඉන්නේ අර කැම්පස් කාලෙ කෙට්ටුවට කෙට්ටුවේ කොටු ෂර්ට් ඇඳගෙන හිටපු සාරංග අක්කේ. මට බෑ ඒ පින්තූරෙ නැති කරගන්න. දැන් එයයි මායි දෙන්නම ඒ කාලෙ පහුකරගෙන සෑහෙන දුර ඇවිත්නේ. ඒ හින්දා මං දැන් ඉන්න සාරංග හම්බවෙන්න බයයි.”
පවිත්‍රා අභයවර්ධනඊශ්‍රායල්-හමාස් ගැටුමේ ක්‍රමෝපායය ගැන යමක්
මේ වන විට ඊශ්‍රායලය සහ හමාස් අතර ගාසා තීරයේ හටගත් ගැටුම් වලට මාසයක් ගතවී තිබේ.ඔක්තෝම්බර් මස 07 දින ඊශ්‍රායලයට එල්ලකල දැවැන්ත සහ අතිශයින් කුරිරු ප්‍රහාරයකින් ආරඹ්හ වුවත්,මේ වන විට එය ගාසා තීරයට එරෙහි දරුනු සහ කුරිරු ප්‍රතිප්‍රහාරයක් බවට පත්වී තිබේ.මේ වන විට ඊශ්‍රායල් හමුදා ගාසා තීරය කොටස් දෙකකට වෙන්කර ගත් බව ඊශ්‍රායල් හමුදා ප්‍රකාශ කර තිබේ.තවද ඔවුන් ගාසා තීරයේ අග නගරය වන ගාසා නගරය වටකොට ප්‍රහාර එල්ල කරමින් සිටී.
නමුත්,මේ ගැටුම් හටගත් මුල් අවස්ථාවේ සිට ඊශ්‍රායලය ප්‍රකාශ කලේ තම අරමුන වන්නේ හමාස් සංවිධානය විනාශ කර දැමීම බවයි.නමුත්,බොහෝ දෙනා බලා සිටින දැවැන්ත ගොඩබිම් ප්‍රහාරය තවමත් සිදුවී නොමැත්තේ ඊශ්‍රායලය හමාස් සංවිධානය සමඟ මුහුනට මුහුනලා සටන් කිරීමේ බිය නිසා සහ අන් අය පවසන පරිදි ලෙබනනයේ හෙස්බුල්ලා වැනි සන්නද්ධ කඬායම් මේ සටනට එක් වෙතැයි යන සැකය සහ බිය නිසාත් බව ප්‍රකාශ වී තිබෙනු දැකිය හැකි විය.
නමුත් ඊශ්‍රායලය තම අරමුන විවෘතවම ප්‍රකාශ කර තිබීමත්,මේ වන තෙක් ඔවුන් ගෙනයන ප්‍රහාරක මෙහෙයුම් වල රටාවත් අධ්‍යයනයේදී පෙනී යන්නේ ඊශ්‍රායල් හමුදාව මෙවර ගෙන යනු ලබන්නේ "ප්‍රතිඵල පදනම් කරගගත් ක්‍රියාන්විතයක්(Effects based Operation)" බවයි.එනම් මෙම ක්‍රියාන්විතයේ පදනම වන්නේ සතුරා වනසා දැමීම මිස භූමියක් අත්පත් කර ගැනීම නොවන බවයි.ලොව ප්‍රධානතම යුධ දාර්ශනිකයෙකු වූ කාල් වොන් ක්ලෝසේවිස් (Karl von Clausewitz) පවසා තිබෙන්නේ යුද්ධ වර්ග දෙකක් තිබෙන බවයි.එනම්,භූමියක් අල්ලා ගැනීමේ යුද්ධ සහ සතුරා විනාශ කිරීමේ යුද්ධ වශයෙනි.
යුධ ක්‍රියාන්විත වලට අලුතින් එක්වි තිබෙන "ප්‍රතිඵල පදනම් කරගගත් ක්‍රියාන්විත" පිලිඹඳ ක්‍රමවේදයේ මූලිකාංගයන් වන්නේ නිර්මානශීලීත්වය සහ නව්‍ය භාවයයි.එනම් මෙතෙක් ක්‍රියාත්මක වූ යුද්ධවල මෙන් දෙපාර්ශ්වය එකිනෙකාට මුහුනදී සටනට පිවිසීම වෙනුවට මෙම ක්‍රමයේදී වෙනස් ක්‍රියාමාර්ග ගනනාවක සමුච්ඡයක් (integration) තුලින් තමන්ට අභිමත අරමුන කරා යාම සිදු කෙරේ.ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ඹ්හ වී විකාශනය වූ මේ ක්‍රමය පලමු ගල්ෆ් යුද්ධයේදී ඔවුන් විසින් අති සාර්ථකව ක්‍රියාවේ යොදවන ලද්දකි.
මෙම ප්‍රතිඵල පදනම් කරගගත් ක්‍රියාන |
්විතයක තිබෙන මූලික ලක්ශනය වන්නේ වෙනස් උපක්‍රම රාශ්‍යක් එකිනෙක සමඟ බද්ධ කර ක්‍රියාත්මක වීමත්,ඒඑවා මොනවාද යන්න සහ එකතු කරන්නේ කිනම් ආකාර වලටද යන්නත් යුද්ධය අනුව තීරනය කර ගැනීමයි.එසේම මහිදී යොදා ගන්නා අවි-ආයුධ මොනවාද යන්න තීරනය වන්නේ බලාපොරොත්තු වන ප්‍රතිඵලය හෝ ඇති කිරීමට බලාපොරොත්තු වන බලපෑම් මත වේ.එහි තිබෙන තවත් ලක්ශනයක් වන්නේ සියලු මෙහෙයුම් වෙනස්වන සුලු ස්වභාවයක් ගැනීමයි.
ඒ අනුව පෙනී යන්නේ මෙවර ඊශ්‍රායලය කලින් සෑම අවස්ථාවකම සිදු කල ආකාරයට කෙටි කාලීන සීමිත ක්‍රියාන්විතයක් නොව දීර්ඝ කාලීන සහ විසිරුන මෙහෙයුම් රාශියකින් සමන්විත සංකීර්න ක්‍රියාන්විතයක නිරත වී තිබෙන බවයි.මෙවන් ක්‍රියාන්විතයක මූලික ලක්ශනයක් වන්නේ එය වටහා ගැනීමේ දුශ්කරතාවය වේ.මේ සටහන මෙතෙක් කල් ගත්තේ ඒ නිසාවෙනි.
මේ වන විට පෙනෙන්නේ ඊශ්‍රායලය ප්‍රධාන අරමුනු තුනක් වෙනුවෙන් සටන් කරන බවකි.ඒවා වන්නේ:
* හමාස් සංවිධානයේ දෙවන පෙල නායකත්වය හෙවත් ක්‍රියාන්විත නායකත්වය විනාශ කිරීම
* හමාස් සංවිධානයේ කිර්‍යාකාරිතවය සඳහා යොදා ගනු ලබන උමං පද්ධතිය විනාශ කිරීම
* හමාස් සංවිධානය විසින් ප්‍රාන ඇපකරුවන් ලෙස තබාගෙන සිටින ඊශ්‍රායල් වැසියන් අතුරින් හැකි වැඩිම ප්‍රමානයක් ආපසු ලබා ගැනීම සඳහා ඔවුන් මරනයට පත් නොවන ආකාරයට ප්‍රවේශමින් කටයුතු කිරීම
සටන් විරාමයක් සඳහා කෙරෙන සෑම ඉල්ලීමකටම ප්‍රතිචාර ලෙස ප්‍රාන ඇපකරුවන් නිදහස් කිරීමේ ඉල්ලීම ඊශ්‍රායල් රජයෙන් ඉදිරිපත් වීම තුලින් ඔවුන් තම රට වැසියන් නැවත ලබා ගැනීම ප්‍රධාන අරමුනක් කරගෙන තිබෙන බව පෙන්නුම් කරයි.
හමාස් සංවිධානයේ මුල් පෙලේ නායකයන් කලක සිට රැඳී සිටින්නේ ගාසා තීරයේ නොව අරාබි රටවලයි.ඒ අතුරින් බහුතරය සිටින්නේ ක්වටාර් රාජ්‍යයේ බව ප්‍රකාශ වී තිබේ.ඒ අනුව පෙනෙන්නේ ගාසා තීරයේ සිට ක්‍රියාත්මක වන්නේ හමාස් සංවිධානයේ පාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු භාරව සිටින හෙවත් ගාසා තීරයේ හමාස් කටයුතු සහ ඊශ්‍රායලයට එරෙහි කටයුතු පවත්වා ගෙන යන හෙවත් ක්‍රියාන්විත මට්ටමේ නායකත්වය (Operational Level Leadership) බවයි.මෙම මට්ටමේ නායකත්වය විනාස කිරීම තුලින් හමාස් සංවිධානය ක්‍රියාකාරීව විනාශ කිර්‍රිමට (effectively destroy) ඊශ්‍රායලයට හැකිවනු ඇත.
හමාස් සංවිධානය තම පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය සඳහා යොදා ගත් උමං පද්ධතිය විනාශ කිරීමත්,ඔවුන් සතු ශක්තිය විශාල ලෙස හීන කිරීමට හේතු වනු ඇත.නමුත්,එය හමාස් ක්‍රියාන්විත නායකත්වය විනාශ කිරීමට සාපේක්ශව ගත්කල ඉතා අඩු වැදගත් කමකින් යුත් මෙන්ම වඩාත් දුශ්කර කටයුත්තක් වේ.ඊශ්‍රායල් හමුදාවන් මේ භූගත පද්ධතිය විනාශ කිරීම ප්‍රමුඛ කාර්‍යයක් කරගෙන නොතිබෙන බව පෙනේ.එනමුත්,මුල සිටම ඇතැමුන් සිතා සිටියේ මෙය ඊශ්‍රායලයේ ප්‍රධානතම කාර්‍යය වනු ඇති බවයි.එය එසේ නොවී තිබීමෙන් යලිත් වරක් පෙන්නුම් කරන්නේ මෙවර ක්‍රියාත්මක වන්නේ සම්ප්‍රදායික ක්‍රමයෙන් බොහෝ සෙයින් දුරස්ථ වූ ප්‍රතිඵල පදනම් කරගගත් ක්‍රියාන්විතයක් බවයි.
ප්‍රතිඵල පදනම් කරගත් ක්‍රියාන්විත වල තිබෙන විශාලතම දුර්වලතාවය වන්නේ ඒවායින්ලැබෙන ප්‍රතිඵලය මූලික කරගන්නා නිසා විය හැකි දේපල සහ ජීවිත හානි ඉහලයාමට තිබෙන ඉඩකඩයි.පසුගිය කාලය තුල ගාසා තිරයේ සිදුවෙමින් පවතින ජීවිතච් සහ දේපල විනාශයේ තරම මෙම තත්වය පෙන්නුම් කර තිබේ.සින්ඩරෙල්ලා
රජ ගෙදර වුණත්
හිරගෙයින් වෙනස් හරි පොඩ්ඩයි
ඉස්සර වගේ පාළුවට කතා කියන
මී පැටවු මෙහෙ නෑ
උන්ට ගුල් ගහගන්න
කුණු පිරුණු අහුමුලුත් නෑ
මැදුර එච්චරට ම පිළිවෙළයි
කුරුලු පැටියෙකුටවත්
මං හොයාගෙන එන්න
මැදුරේ එක කවුළුවක් හැරුණෙවත් නෑ
කුමාරය නැති ව උයනටවත් යන්ඩ
මට කියල අවසරේකුත් නෑ
මෙහේ නීති එච්චරට ම තදයි
කෑම බීම අඳින පළඳින විදිහත්
තනි කැමැත්තට බෑ
එහෙම තීරණ ගත්තොතින්
කම්මුල් පාර වැරදුණෙත් නෑ
තරවටු හාදු ලැබුණෙ මුල් කාලෙ විතරයි
හුස්මක් ගත්තත්
ඔත්තු බලන බිත්තිවලින්
වහන් වෙලා අඬන්නත් බෑ
ඉතිං මං පුරුදු වුණා නාඬා ම ඉන්න
හැබැයි මට හිනාවෙන්න මතකත් නෑ
මං දැන් කුඩම්මටත් වඩා වසයි
සෙත්මිණි දිලේකා**ආදරණීය හැඟීම් ඇති කාරුණික අයකු වන්න.....**
ඔබට කාලයක් තිස්සේ ඇසුරු කරන අය අතරත්, එදිනෙදා ජීවිතයේ මුණ ගැසෙන පුද්ගලයන්ගෙනුත්, සමහර අය කෙරෙහි පමණක් විශේෂ ලැදියාවක් හට ගන්නා බව දැනී තිබෙනවාද? ඔබේ පවුලේ සාමාජිකයන් අතරින් වුවත් තෝරා ගත් කිහිප දෙනෙකුට අනිත් අයට වඩා ඔබ හදවතින් ළඟ බවක් දැනී තියෙනවාද? ඔබ රැකියාව කරන ස්ථානයේද බොහෝ දෙනෙකු අතරින් කිහිප දෙනෙකු පමණක් එසේ හදවතට සමීප බව ඔබට දැනී තිබෙනවාද?
එලෙස වන්නේ ඇයිද කියා ඔබ මඳක් හෝ සිතා බැලුවාද?
එලෙසින් හිතට ළං වීමට, ඔවුන් ඇසුරේ කල් ගත කිරීමට වැඩි කැමැත්තක් ඇති වන්නට හේතුව ඔවුන් සතු පිරී ඉතිරී යන මානුෂීය ගති ගුණයන්, අන් අය තේරුම් ගැනීමේ හැකියාව සහ අන් අය සතුටෙන් තැබීමට ඔවුන්ට ඇති දක්ෂතාවය බව ඔබට මඳක් කල්පනා කර බැලූ විට තේරුම් යනු ඇත. ඉතින් එවැනි මානුෂීය ගති ඇති, වැඩි දෙනෙකු ආදරය කරන, මිනිසත් බව පිරුණු, ආදරණීය පුද්ගලයකු වන්න ඔබත් කැමතිද? එම ගුණයන් යම් දුරකට හෝ ළඟා කරගත හොත් ඔබට පවුලේත්, අසල්වැසියන් අතරත්, රැකියාව කරන ස්ථානයේත් වඩා හොඳ සාමාජිකයකු බවට පත් වන්නට හැකි වේවි.
එවන් මානුෂීය ගුණාංග මොනවාද කියා අවබෝධ කර ගැනීමට, එයින් එක් ගුණාංගයක් පිළිබඳව විමසා බලමු.
**අවමන් නොකිරීම**
ඔබට වඩා දැනුමෙන්, උගත්කමෙන්, මිල මුදලින්, රූප සම්පත්තියෙන්, හැකියාවන්ගෙන් අඩු කෙනෙකු දුටු විට හෝ ඇසුරු කරන්න ලැබුනු විට කිසි විටෙකත් එම අඩු පාඩුවලට අවමන් නොකර සිටීමට ඔබට හැකි නම් ඔබ දැනටමත් අප මේ කතා කරන ආදරණීය පුද්ගලයකු බවට පත්වී ඇති බව කිව හැකියි. බොහෝ වෙලාවට මේ අවමන් කිරීම අප අතින් සිදුවන්නේ හිතා මතා නොව ඒ පිළිබඳ අවධානය නොමැති කම, නොදැනුවත් බව නිසා හෝ අනිත් අයගේ හිත් රිදෙන බව අමතක වීම නිසාවෙනි. නමුත් ඒ අතර සිතා මතාම අන් අය පහත හෙළා කතා කරන, ඔවුන්ට අවමන් කරන අදහසින් කතා කරන හෝ ක්‍රියා කරන කිහිප දෙනෙකුත් සිටිය හැකියි. එවැනි අය තමාගේ ක්‍රියාවේ බරපතලකම ගැන නොසිතා එලෙස ක්‍රියා කරනවා වන්නට පුලුවන්. නැතිනම් යම් විනෝදයක් ලැබීමට වෙන්නත් පුලුවන්.
අන් අයට අපහාස කර ඉන් කුරිරු සතුටක් ලබන අය එසේ කරන්නේ ඇයිද කියා විමසා බලමු. මනෝවිද්‍යාත්මක විශ්ලේෂනයන්ට අනුව එයට ප්‍රධානම හේතුවක් වන්නේ එවැනි පුද්ගලයන්ගේ හිත් පෙලන මානසික අනාරක්ෂිත භාවයයි. මානසික අනාරක්ෂිත බවින් යුතු පුද්ගලයන් තමා පිළිබඳ අගයක් නොදකින අතර ආත්මාභිමානයද අඩු, ආත්ම විශ්වාසයද හීන පුද්ගලයෝ වෙති. එවැනි අය තමාට වැඩි වැදගත් කමක් ලබා ගැනීමටත්, බලය ඇති බව පෙන්වීමටත්, යම් ස්ථානයක හෝ අවස්ථාවක පාලනය සියතට ගැනීමටත්, අන් අය අභිබවා කැපී පෙනීමේ ආශාව නිසාත් මෙසේ අන් අයව පහත් කර සැලකීම හා අවමන් කිරීම නිතර කරති. එයට අමතරව කුඩා කළ සිට ලැබුණු වැරදි පූර්වාදර්ශයන්, තමන්ගේ වැරදි අඩු පාඩු වසා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස, වෙනත් කෙනෙකුගේ මානසික ස්වභාවයන් පිළිබඳව කිසිදු අවබෝධයක් නැතිකම, මානසික අස්තාවරභාවයන් ගෙන් පෙළෙන අය වීම ආදී තවත් හේතු බොහොමයක්ද තියෙනවා.
මානසික සෞඛ්‍යය හා නවීන පුද්ගල කළමණාකරණය පිළිබඳ දැනුමක් තිබෙන අය, මෙවැනි ගති ගුණ පෙන්වන අය කෙරෙහි මනා වැටහීමක් ඇතිව කාරුණිකව ඔවුන්ට මෙයින් අත් මිදීමට මග පෙන්වති. එසේ නොමැති අය එම චරිත ස්වභාවය අනුමත නොකරන බව ප්‍රසිද්ධියේ පැවසීමට, ඔවුන් හා ඇති සම්බන්ධතාවලින් ඈත් වීමට, අපහාස කිරීමට සහ ගැටුම් ඇතිකර ගැනීමට පවා පෙළඹෙනු ඇත.
යම් කෙනෙකු තවත් කෙනෙකුට අපහාස කරන්නේ එම පුද්ගලයා අසල නැති විට හා බොහෝ පිරිසක් ඉදිරියේ නම්, සවන් දෙන අය එම අපහාසයන් අසා සිනාසේවි. නමුත් ඔවුන්ගේ යටි සිතේ එම අපහාසයන් සිදු කරන තැනැත්තා පිළිබඳව කුමන හැඟීමක් ඇති කර ගනීවිද? කුමන හැඟුමක් වුවත් එය එතරම් ප්‍රසන්න හැඟුමක් නොවන බව විශ්වාසයෙන් කිව හැකියි.
යම් පුද්ගලයකු තවත් කෙනෙකුට අපහාස කරන්නේ එම තැනැත්තා ඉදිරියේදීම නම් ඔහුට හෝ ඇයට ඉන් ඇතිවන හිත් වේදනාව, ලැජ්ජාව, නොපෙන්වා සිටියද මහමෙරක් තරමට දැනෙනවා වන්නට පුලුවන්. සංවේදී අයෙක් නම් එම වේදනාව තවත් තීව්‍ර ලෙස දැනෙනු ඇති. හිත දැඩි කෙනෙක් නම් එම අවමානය එතරම් තැකීමක් නොකර විඳගෙන, එහෙත් හිත තුල තරහක්, පසුව පළි ගැනීමේ චේතනාවක් ඇති කර ගන්නත් පුලුවන්. අවමානයට ලක් වන තැනැත්තා එය කෙසේ පිළිගත්තද, අවමන් අපහාස කිරීම ඉතා නුසුදුසු චර්යාවක් බව අප සැවොම හිතට ගත යුතුයි.
එයින් අපහාසයට ලක්වන තැනැත්තාට තාවකාලික හානියක් වන නමුත් දීර්ඝ කාලීන හානිය සිදුවන්නේ අපහාසය සිදුකරන තැනැත්තාටයි. ඔවුන්ගේ පෞරුෂය සෘණාත්මක එකක් ලෙස සමාජගත වන අතර තම හෘදසාක්ෂියෙන් පීඩා විඳීමටද ඔවුන්ට සිදුවේ. එනිසා කෙනෙකුගේ අඩු පාඩුවක් දුටු විට අපහාස කරනවා වෙනුවට අවංක සිතින් එම පුද්ගලයාගේ හිත නොරිදෙන ලෙසත් රහස්‍ය භාවය ආරක්ෂා වන ලෙසත් එය කාරුණිකව පෙන්වා දී එය මග හරවා ගැනීමට උපකාර කළ හැකි නම් ඔබත් උතුම් මානුෂීය ගුණයන් ගෙන් පිරුණු තැනැත්තෙක් වනු ඇති.
ඉදිරි දිනයකදී තවත් ගුණාංගයක් විමසා බලමු.
යමුනා සරෝජනී ගුණවර්ධනආදරණීය ආදරය !
පුදුම සහගතය. ආදරය දෙවිදුන්ගේ තිළිණය කි යන්න සත්‍යය ක් බව මම ඉදුරාම පවසමි. ඒ මගේ ජීවිත අත්දැකීම් මතය. ආදරය යට ලිංග භේද නැත . ජාති ආගම් කුළ භේද නැත . ළමා ,වැඩිහිටි සහ මහළු කියා භේද යක්ද නැත .ආදරය පොදුගුණාකාරය ක් වන්නේ ඒ නිසාය .
ආදරය නැති ව මිනිසා ලෝකය ට එන්නේ නැත .ලෝක සම්මත යට හෝ අසම්මත යට හෝ මිනිස් ජිවිත යක උපත ආදරය නිසාය .
වෛරය නිසා මිනිස් ජීවිතය ක් පිළිසිද ගත්තේය කියා කොහිවත් ලියා නැත . එහෙත් ආදරය නිසා ජීවිත ය ක උපත සිදූවූ බව සත්‍යය ක් සේ පිළිගැනේ.
මිනිසුන් මිනිසුන්ට ආදරය කරති. එසේම මිනිසුන් සත්තුන්ටත් ආදරය කරති. ගහ කොළටත් ආදරය කරති. ඉතිං අපි ආදරය මේයැයි කියා වෙන්කරන්නේ කෙසේදැයි මට නොතේරේ.
මම එක දෙයක් දනිමී .ආදරය නැතිව |
මිනිසා ට ජීවත්විම අසීරු බවය. දරුවා කුඩාම අවදීයේදී ආදරය අසීමිත ව ඕනෑවේ. ඊට පසු කාලානුරූපව ආදරයේ විවිධ කඩඉම් කරා මිනිසා ගමන් කරයි.
ඒ අතර යොවුන් වියේදී ඇතිවන්නාවූ ප්‍රේමය සුවිශේෂී එකකි. එය නැවත ඉපදීමක් වැනිය .
ආදරණීය හැගීම් උද්දීපනය කරන්නේ ස්වභාව ධර්මය සහ පරිසරය යයි. ප්‍රේමණීය හැගීම් ප්‍රකාශනයේදී කතා නොකරන තුරු මල් සද එළිය සේම තරු එළියත් ගනදුරු රැයත් මිනිසා යොදාගනී.
ආදරයේ චමත්කාරය ,සුන්දරත්වය මවන සිතුවිලි ද හරි අපූරුයි . මේ සිතුවිලි වචන වලට පෙරලුනාම ඒ සෑම වචනය කම අප දකින්නේද හදේ උතුරන ප්‍රේමය යයි.
වචන ගීතය යක් වූ කල අප ලබන වින්දනය ද විවිධාකාර ය. එය විටෙක සතුටු කදුළක් ය. තවත් විටෙක දුක් කදුළක් ය.
මේ සියළ්ලම ආදරයේ ප්‍රතිඵල ය. ආදරය නිසා දුක උපදී. ආදරය නිසා සතුට උපදී.ආදරය නිසා බය උපදී. එහෙත් සැබෑ වටම ආදරය ඉපැදුනේ ඒ එකකටවත් නොවේය .
ආදරය ඉපැදුනේ ආදරය සදහාමය. ඉන් සතුට සේම දුකද ඇති කර ගැනීම සිදුවූයේ මිනිසා ගේ භාවිතා ව තුලය.
කිතුණු අප අදහන්නෙ ප්‍රේමයේ උපත දෙවියන් කියාය . එසේනම් ප්‍රේමය පිරුණු හදවත දේවමන්දීරයක් නොවේද ? ඇවිදින දේවමන්දීර අප අතර ඕනෑ තරම් සිටී.
බහ තෝරන වියේ සිට අප ඇස්මානයේ වූ ඒ මහා දේව මන්දීරය අම්මාය. අම්මාගේ ආදරණීය ආදරය අසම සමය.
මා ඉතාමත් කුඩා කාලයේ දී තාත්තා ද ගෙදර නොසිට් දවසක මට බෙහෙත් අරං දීමට කිරිමැටියාගාරේ සිට රාගමට කි
මි. තුනාමාරකට වැඩිදුරක් මාවද වඩාගෙන පයිං ම ගොස් තමා පයිංම ගෙදර ආඉවේ , එදා අපේ ගෙදර සත පහක් නොමැති දවසක් නිසායැයි අම්මා පසු කලෙක මට කීවා මතකය .
පව්ලේ එකම දරුවා වූ මට අම්මා දැක්වූ ආදරය සිහිකරන හැම මොහොතක ම මගේ ආධ්‍යාත්මය අප්‍රමාණ වූ සෙනෙහසින් අදටත් , මේ මොහොතේ දීත් පිරීයයි.
මේ හා සමාන අත් දැකීම් ඔබලාට ද ඇත . ඒසා විසාල ප්‍රේමණීය බැදීමකින් පෝෂණය වූ දරුවෙකු පසු කලෙක අපරාධකාරයෙක් හෝ සමාජ විරෝධී යෙකු වන්නේ කෙසේදැයි මම කල්පනා කරමි.
ඉරිදාට පල්ලියේදීත් ,පෝයදාට පන්සලේදීත් අප දකින සිල්වත් මිනිසුන්ට ඉන් බැහැර වූ පසු සිදුවන්නේ කිමෙක්දැයි මම කල්පනා කරමි.
ඇතැමෙක් ආදරය හුදු මිත්‍යාවකැයි කියති.රැවැටීමක් හෝ රවටාගැනීමැකැයිද පවසති. එසේ රැවටුනු මිනිසුන් සහ ගැහැණුන් ද මට හමුවී තිබේ.
මිනිසා අමුතු සතෙක් වන්නේ මෙතැනදී ය. මා විශ්වාස කරන පරිදි ලෝකයේ වෙනත් කිසිම සතෙක් බොරුව ට ආදරය නොකරයි.මීට හොඳ ම උදාහරණය ඔබේ සුරතලා ය.
ඔබේ සුරතල් බල්ලා ඔබට ඇති ආදරය තරම් සත්‍යය වූ ආදරය ක් මිනිසුන් අතර අප දකින්නේ අම්මා තුලයැයි මට සිතේ.
එහෙත් විවිධ කාරණා අරමුණු කොට ගෙන ගැහැණු සහ මිනිස්සු බොරුව ටද ආදරය කරති. එය මහ පොළවේ යථාර්ථය යි.
තරුණ වයසේදී හෝ මැදිවියේදී ගැහැණුන් සහ පිරිමින් එකිනෙකා කෙරේ ඇතිකරගන්නාවූ ආදරණීය සබදතා ද විවිධාකාර වේ. අරමුණු විවිධාකාර වේ. එහෙත් මේ සියල්ලේ ම එක් පොදු ගුණාකාරයක් මම දකිමි. ඒ වනාහී ඔබ ඔහුට හෝ ඇයට දැක්වූයේ සත්‍යය වූ ප්‍රේමය යක් නම් ඒ ප්‍රේමය වියෝවූ පසුව, ඔබ තුල ශේෂ වන්නේ ද ප්‍රේමය යි. එතැන වෛර යක් , ද්වේෂයක්, කෝපයක් හෝ තරහවක් කිසිදාක ඉතිරි නොවේ .
කුරාකූඹි මිනිසා .මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි
—-------------------------------------------------
මගේ ජීවිතයේ හරිම සුන්දර මිනිසුන් හමුවුණු එක් නවාතැනක් රේල්ලුව.විශේෂයෙන්ම කොළඹ කොටුව.ඒ වගේම අමිහිරි සිද්ධීන් නීරස අත්දැකීම් එමටයි.මෙහෙයුම් දුම්රිය ස්ථානාධිපති වරයෙක් වශයෙන් සේවය කරන කරන විට විට විඳින්නට වෙන අභියෝග දුෂ්කරතා කෙළවරක් නැහැ.රේල්වේ හැම ආයතනයකම හැම ශ්‍රේණියකම අඩුපාඩු, සේවා බිඳවැටීම් , නැත්නම් වැඩ වර්ජන ,මැනේජ්මන්ට් එක ගන්නා අදුරදර්ශී තීරණ නිසාත් බැනුම් අවලාද අහන්නේ විඳින්නේ මගීන්ගේ ගැරහුමට ලක් වන්නේ මෙහෙයුම් කාර්යයේ යෙදෙන අය.සතුටු සිතින් වැඩ කරන්න සිද්ධ වෙන්නේ නියමිත වෙලාවට දුම්රිය ධාවනය වුනදාට විතරයි.ඒත් මේ අතරේ හරිම සුන්දර සිද්ධීන්ද අනන්තයි.මේ ඉන් එක් සිද්ධියක්.
********************
‘කරුණාවෙන් සවන් දෙන්න ….පස්වරු පහයි පහළොවට මහනුවර බලා ධාවනය වන දුම්රිය තව ස්වල්ප වෙලාවකින් හතරවන වේදිකාවට පැමිණෙන බව කරුණාවෙන් සලකන්න’
හරියටම වෙලාව හවස පහයි.දුම්රිය ස්ථානාධිපති කාර්යාලේ අයට පමණක් නෙවෙයි හැම දෙනාටම කාර්ය බහුල වෙලාවක්.මෙහෙයුම් කාර්යාලේ එදා වැඩ කළේ මමයි ප්‍රේමදාස මහත්මයයි.ප්‍රේමදාස මහත්මයා මෙහෙයුම් දුම්රිය ස්ථානාධිපති විදිහටත් මම හිටියේ ඔහුගේ සහායක දුම්රිය ස්ථානාධිපති විදිහටත්.අංක 39 එහෙම නැත්නම් මහනුවර දුම්රියේ කොළඹ සිට නුවරට වැඩ කරන ප්‍රධාන නියාමක විදිහට හිටියේ ලින්ටන් ප්‍රනාන්දු මහතා.ඔහුත් මේ වෙලාවේ මෙහෙයුම් කාර්යාලයේ හිටියේ අංක 39 එනතුරු.ඔහුටත් ප්‍රේමදාස මහත්තයටත් දෙන්නටම තිබුණා හරිම අපූරු හැකියාවක්. ඒ විවිධ භාෂාවලින් කතා කිරීමේ දක්ෂතාව.සිංහල දෙමළ ඉංග්‍රීසි වලට අමතරව චීන ජපන් හින්දි භාෂා කතා කරන්න පුළුවන්.ෂඩ් භාෂා පරමේෂ්වරලා .ඒ විතරක් නෙවෙයි ලින්ටන්ට ලස්සනට නිව්ස් කියන්නත් පුළුවන්.හැබැයි මේ දෙන්නා කතා කළේ නියම හින්දි ජපන් චීන භාෂා නෙවෙයි .ඒ තාලයට කරන කතා. හින්දි වචන කීපයක් කියවෙනවා,ඒ අතරේ සිංහල හින්දි මිශ්‍ර වචනත් තියෙනවා.ඒ වුනාට දෙන්න අපූරුවට කතා කරනවා අපව හිනා ගස්වමින්.ලින්ටන් මහතා බෑග් එකත් අරගෙන යනකොටම සැලුන් දොර ඇරගෙන ඔෆිස් එක ඇතුලට ආවේ පූජක පෙනුමක් ඇති අයෙක්.වේට්ටියක්ඇඳලා කුර්තාවක් වගේ ඇඳුමක් උඩට ඇඳලා කරට රතු පාට සාටකයක් දාගෙන හිසේත් රතු පාට පාට සුම්බරයක් බැඳගෙනයි ඔහු හිටියේ. කතා කළේ හින්දියෙන්.
‘කිත්නේ බජේ නුවරඑළියා කෝච්චි’
මට ඇහුණේ ඒ විදිහට.මම බැලුවේ ප්‍රේමදාස මහත්තයත් ලින්ටන් මහත්තයත් දිහා.
හින්දියෙන් කතා කරන දෙන්නා දැන් උඩ බිම බලනවා.
‘හොඳ වෙලාවට හින්දි කතා කරන්න පුළුවන් දෙන්නෙක් ඉන්න වෙලාවේ ආවේ’
එහෙම කිව්වේ මේ දිහා බලාගෙන හිටිය එස් එම් කෙනෙක් වුන උපුල්.
‘ක්‍යා තුම් ජාතා හෝ’
මම ඇහුවා දන්නා හින්දියෙන්.මමත් හින්දි භාෂාවේ වචන කීපයක් දන්නවා ඒත් ප්‍රේමදාස මහත්තයට වගේ කතා කරන්න බැහැ.
‘නුවරඑලියා’
පූජක උන්නාන්සේට හරිම සතුටුයි වගේ.
‘ප්‍රේමේ මම කෝච්චියට යනවා’
ලින්ටන් ගියා නියම හින්දි නොදන්නාකම දැනගන්නම කලින්.
‘නුවරඑලිය එයිට් ඔ ක්ලොක්’
ඒ ප්‍රේමදාස මහත්තයාගේ උත්තරය.
ඒක පූජකතුමාට තේරුණේ නැහැ.එයාට ඉංග්‍රීසි මොනවත්ම තේරෙන්නේ නැති බවයි මට හැඟුනේ.
‘නහීං නහීං..’
ඔහු තවත් මොනවාද කියනවා මට තේරුනේ නැහැ.
‘මොකක්ද හින්දියෙන් අටට කියන්නේ’
ප්‍රේමදාස මහතා ඇහුවේ මගෙන්.
‘ඇයි දැන් ප්‍රේමදාස මහත්තයා ලින්ටන් එක්ක කතා කළේ හින්දියෙන්’
ඔහු කට උල් කරලා හිනා වෙනවා.
‘ඒ ලෝකල් හින්දි’
‘ආට් බජේ කියලා කියන්න’
මම හිමිහිට කිව්වා ප්‍රේමදාස මහත්තයට.
‘ආට් බජේ නුවරඑළිය කෝච්චි ‘
‘කිත්නේ බජේ හේ ‘
ප්‍රේමදාස මහත්මයා බැලුවේ මගේ මූන දිහා. ඔහු ඇහුවේ වෙලාව වෙන්න වෙන්න ඇති.
‘පාංච් බජේ’
මම කිව්වා බිත්තියේ තියෙන ඔරලෝසුවත් පෙන්වමින්.
‘තුම් කහාං සේ ආ රහේ හෝ ‘
වචන මතක් කරලා ගැට ගහලා ඇහුවා කොහේ ඉඳලා ආවාද දැනගන්න.
‘දක්ෂිනේස්වර් කාලි ……’
ඔන්න ඔහොම එකක් කිව්වේ.ඒ කෝවිලක නමක් වෙන්න ඇති.ඊට පස්සේ මෙන්න මෙයා දිගටම හින්දියෙන් කතා කරන්න පටන් ගත්තා.මටත් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.
‘මුජ්ඣේ නහිං පතා හින්දි’
එහෙම මම දන්නා හින්දියෙන් කියලා බේරුණා.ඒ වුනාට නිහඬව සිටි ප්‍රේමදාස මහත්මයා හිනාවෙලා කතා කරන්න පටන් ගත්තා එයාගේ හින්දියෙන්.ඒ වචනවල වැඩිපුර තිබුනේ හින්දි ෆිල්ම්වල සහ හින්දි ගීතවල වචන.
‘ක්යා තුම් කාම් කර්තා හේ…කුචු කුචු හෝතා හේ .ඒක් පූල් දෝ මාලි ..රූප් තෙරේ මස්තානා ..මේරේ මිට්වා මේරේ මිට්රී…තෙරේ මේරේ මිලන් කියේ ‘
ඔන්න ඔය වාගේ වචන ඒත් ඉතින් ලස්සනට ගලපලා කියනවා ලින්ටන් එක්ක කතා කරපු විදිහට.පූජක තුමා බලාගෙන ඉන්නේ ප්‍රේමදාස මහත්මයාගේ කට දිහා.එයත් මොනවාද කියනවා හින්දියෙන්.බලාගෙන ඉන්න අපිට හිනා.ඊට පස්සේ පුජක තුමා මට තේරුම් ගත හැකි වාක්‍යක් කිව්වා.
‘ යේ ක්යා නාටක් හේ …යේ ක්යා බක්වාස් හේ ‘
මට තේරුම් ගියේ මේ මොන නාඩගමක්ද කියන බවයි.ඔහු ඊට පස්සේ බෑග් එක බිමින් තියලා මොන හේතුවක් හින්දද මන්දා එතනම ඉඳගත්තාම වේට්ටිය විසිරිලා රහස් ප්‍රදේශය එලියේ.
‘යටට මුකුත් නහීන් හේ ‘
ප්‍රේමදාස මහත්තය කීවේ කට උල් කර සිනාවෙමින්.බලාගෙන හිටි හැමෝම හඬ නගා හිනාවෙන විට පූජක තුමාත් අවුල් වෙලා .
‘නහීං නහීං ‘
හරියට ප්‍රේමදාස මහත්තය කිව්වා දේ තේරිලා වගේ .
‘ලන්කට් නහීං’
පුටුවෙන් නැගිටිමින් හොඳින් ඒ දෙස බලන ගමන් ප්‍රේමදාස මහතා කියනවා.
‘තුම් ක්යා දේඛ් රහේ හෝ …..පයිත්තියන්’(මොකද බලන්නේ…පිස්සු)
එතකොටයි ඔහු දැන ගත්තේ අපි හිනා වෙන්නේ මොනවටද කියලා.ඔහු වේට්ටියෙන් නිරුවත වසා ගත්තා.
‘පයිත්තියන්….ආ දෙමළ පුළුවන් වගේ’
ඊට පස්සේ ප්‍රේමදාස මහත්තය කතා කළේ දෙමළෙන්.ඔහුට ඇත්තටම දෙමළ හොඳට පුළුවන්.රවි ජයවර්ධන කියන්නේ හිටපු ජනාධිපති ජේ.ආර් ගේ එකම පුත්‍රයා.ඔහු ගැන යම් සටහනක් සේම පෞද්ගලික අත්දැකීමක් කෙටියෙන්.
.“එයාර් සිලෝන්” හි ගුවන් නියමුවකු වීම ඔහුගේ සිහිනයක් උනා.පසුකලෙක රවී එය සැබෑ කරගත් මුත්, සෞඛ්‍ය හේතු මත, එම “රාජකාරි” වලින් සමු ගැනීමට ඔහුට සිදු උනා.එසේම රවී අතිදක්ෂ ක්‍රීඩකයෙක් .එදා මෙදාතුර ඉතිහාසයේ මෙරටින් බිහි වූ විශිෂ්ටතම වෙඩි තැබීමේ ශූරයකු ලෙස රවී ජයවර්ධන සලකන්න පුලුවන් . 1964 ටෝකියෝ ඔලිම්පික් උලෙළට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූයේ රවී ජයවර්ධනයි. සුප්‍රකට සැන් ෆ්රැන්සිස්කෝ සමුළුවේදී ජපානය වෙනුවෙන් කළ ප්‍රසිද්ධ පෙනී සිටීමේ හමුවේ ජේ.ආර්. ජයවර්ධන ඒ වන විට ජපානයේ ‘ජාතික වීරයකු’ වී සිටිමුත් රවී කිසි විටෙක තම තාත්තා නොවිකුණුවේය. ජේ |
.ආර්.ගේ පුත්‍රයා වීම තුළ පහසුවෙන්ම ඉහළ අමතර සැලකිලි ලබා ගැනීමේ හැකියාවක් ටෝකියෝ හිදී ඔහුට තිබුණ ද ඔහු එසේ කළේ නැත. එම ඔලිම්පික් උලෙළට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හට ලැබුණේ රුපියල් හැත්තෑපහක දීමනාවක් පමණි. ආර්ථිකව ශක්තිමත් නොවන පවුලක කෙනකුට එය ඒ හැටි ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම තුළ එවැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටි අතර, රවී ජයවර්ධන ඒ සෑම කෙනකුගේම අවශ්‍යතා පිළිබඳ පෞද්ගලිකව සොයා බැලුවේ ඔහු ගේ නිහතමානී කම නිසයි.
රවී ජයවර්ධන නාමය රට තුළ වැඩි වශයෙන් අවධානයට බඳුන් වූයේ අසූව දශකය මැදදී ය කියා සඳහන් කළ හොත් එය බොහෝ දුරට හරිය.. ජාතික ආරක්ෂාව පිළිබඳ මාතෘකාව න්‍යාය පත්‍රයේ පෙරමුණට පැමිණ තිබු ඒ සමයේ ජනාධිපති ජයවර්ධනගේ ආරක්ෂක උපදේශකයා ලෙස කටයුතු කළේ රවීය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙනම ඇමැතිවරයකු අභ්‍යන්තර ආරක්ෂක ඇමැතිවරයකු රටේ සිටිමුත්, ඒ යුගයේ ආරක්ෂක කාරණා පිළිබඳ තිරය පිටුපස සිට ක්‍රියාත්මක වූ බලවත්ම පුද්ගලයා වූයේ රවීය. කිසිම නිල තනතුරක් නොමැති වුවද රටේ ආරක්ෂාවට අදාළ සෑම තැනකටම පුද්ගලයකුටම බලපෑම් කළ හැකි තත්ත්වයක ඔහු විය.
එස්.ටි.එෆ් නිර්මාතෘ වූ ඔහු එවකට ත්‍රස්ත මර්දන කටයුතු සම්බන්ධයෙන් විශේෂඥතාවක් අත්පත් කරගෙන සිටි මහා බ්‍රිතාන්‍යයේ කීනි මිනි සේවාව පොලිස් විශේෂ කාර්ය බළකාය පුහුණු කිරීමට කැඳවූයේ රවී රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පැරා මිලිටරි ඒකකයක් ස්තාපිත කල යුතු නිසාය.ඒ වෙනුවෙන් කර්නල්වරු දෙදෙනකු ඇතුළු එහි නිලධාරී කණ්ඩායමක් මෙරටට පැමිණි අතර, ඒ වන විට අයි. ආර්. ඒ. ඝාතන ලැයිස්තුවේ සිටි කර්නල් බ්‍රයන් බැටි එහි ප්‍රධානියා විය.
ත්‍රස්තවාදයට ශක්තිමත්ව මුහුණ දීමට අවශ්‍ය සහාය ලබාගැන්ම වෙනුවෙන් ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා ගොඩනැඟීමේ වගකීම ද රවී භාරගත්තේය. 1984 ජූනි 21 වැනිදා ජාතික රහස් ඔත්තු සේවාවේ එවකට ප්‍රධානියා ලෙස කටයුතු කළ සර්නි විජේසූරිය ( සර්නි විජේසූරිය යනු එස්.ටි.එෆ් හි පලමු කමඩාන්ට් වෙන අතර හිටපු සී.අයි.ඩි ලොක්කා වෙන අතර 1970 දි අම්පාරේ දි විජේවිර අත් අඩංගුවට ගත් අවස්තාවේ ඔහුගෙන් ප්‍රශ්න කරන ලද නිලදාරියෙකි.පසු කලෙක විජේවිර සදහන් කර ඇත්තේ ඒ කාලයේ සිටි පොලිස් නිලධාරීන් මහත්වරුන් ලෙසයි) සමඟ ඊශ්‍රායලයට ගිය රවී පුරා දින 10ක් එහි රැඳී සිටිමින්, ඊශ්‍රායලයේ මායිම් නගර සියල්ලේම පාහේ සංචාරය කරමින් ඒවා නිරීක්ෂණය කළේය. මොසාඩ් සංවිධානයේ එවකට ප්‍රධානියා වූ අද්මෝනීව මෙන්ම ඊශ්‍රායල් අගමැතිවරයා වූ යිට්ශාක් ෂාමීර් ද රවී ජයවර්ධන තම සංචාරය අතරතුර දී මුණගැසුණේය. ඉන්දියාව, එල්ටීටීඊයට ප්‍රේම කරමින් සිටි පසුබිමක ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා ගොඩනැඟීම ආරක්ෂාව පිළිබඳ මානයෙන් ගෙන බලන විට ශ්‍රී ලංකාවට අතිශය ප්‍රතිඵලදායක විය.
ඉන්දියානු විරොදය මැද්දේ ජේ.ආර් උපක්‍රමික ලෙස ඊශ්‍රායල් සහයෝගය ලබා ගත් අතර ජයවර්ධන ජනාධිපතිවරයා ඉලක්ක කරගත් පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පී.එස්.ඩී.ය නමින් වෙනම ඒකකයක් එස්.ටි.එෆ් ඒකාබද්ධව පිහිටුවීමට රවී ජයවර්ධන මූලිකත්වය ගත්තේය.
එසේම ඒ වන විට මතු වෙමින් පැවැති ඉන්දියානු තර්ජනයට මුහුණ දීම සඳහා පොදු පෙරමුණක් නිර්මාණය කිරීමට ද උත්සාහ කළේය. ජ්‍යෙෂ්ඨ ජවිපෙ සාමාජිකයකු වූ ශාන්ත බණ්ඩාර තංගල්ලේදී හමුදා අත්අඩංගුවට පත්වූ පසු රවී, හර්මන් ගුණරත්න හරහා ශාන්ත බණ්ඩාර සමඟ ඉහත කාරණය ගැන සාකච්ඡා කළ බව රොහාන් ගුණරත්න පසුව සඳහන් කර තිබුන බව පසු කලෙක දිවයින පුවත් පතේ ආරක්ෂක කොළමක සදහන් තිබු බවට මට මතකය.
අපේ රටේ බොහෝ දෙනා තමන් දරන තනතුර බබළනවා වෙනුවට තනතුරින් බැබළීමට උත්සාහ කරද්දී රවී ඊට ප්‍රතිවිරුද්ධ සාදකයක් විය. ඔහු හැම විටම උත්සාහ කළේ භාරගත් රාජකාරිය නිවැරැදිව ඉටු කිරීමටය. උතුරත්, දකුණත් ගිනි ගනිමින් රට දෙකොන විලක්කුවක් වී තිබු ඒ භයංකාර සමයෙහි පවා රවී ජයවර්ධන තම ආරක්ෂාව පතා අමතර ආරක්ෂකයන් හෝ පරිවාර රථ භාවිත කළේ නැත. ජනාධිපති මන්දිරයේ සිට දිවා ආහාරයට ඔහු පැගෝඩා අවන්හලට පැමිණියේ පාගමනිනි. වෝඩ් පෙදෙසේ “බ්‍රීමර්” නිෙවසේ සිට කොළඹ ජාතික රෝහලට ගියේ ඇවිදිමිනි. ඒ සියල්ල අපට පෙන්නුම් කරනුයේ ඔහුගේ නිරහංකාරත්වයය; සරල බව ය.
ඔහු ගැන මගේ කෙටි අත්දැකීමක් නම් 1988 අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ආසනයේ තිබුන අතුරු මැතිවරණය.එදා කොටි ත්‍රස්තවාදය සමගම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බීශනය පැවති අවදියක්.ආරක්ෂාව උපරිම ලෙස තරකරලා තිබුනේ.ඒක්සත් ජාතික පක්ෂයේ අගමැති ආර්.ප්‍රේමදාස ඇතුලු ප්‍රබුවරුන් සියල්ල බලා හිටියේ ජනාධිපති ජේ.ආර් එනකන්.
මම සහ අනෙකුත් නිලධාරීන් සහ එස්.ටි.එෆ් සෙබළුන් ග්‍රවුන්ඩ් එක සහ ඒ අවට ආරක්ෂාව වෙනුවෙන් හිටියා.කඩමංඩි ඔක්කොම වහලා ඊට පෙර දින ඩී.ජේ.වි එකින් තුණ්ඩු කෑලි දාලා ඔක්කොම වහන්න කියලා නියොග දිම නිසා .
නමුත් සෙනග හිටියා කොහොම හරි පලාතේ බලවතා ඇමති අදිකාරි සෙනග අද්දලා තිබ්බා.ඔහුගේ ප්‍රතිවාදියා උනේ ශ්‍රිලනිපයේ ලාල් මහේන්ද්‍ර අදිකාරි.
කෙසේ හෝ මම වහපු කඩයක් ලග හිටගෙන අවට නිරික්ශනය කරමින් හිටියා.එතන හිටපු උපැස් යුවලක් පැලදගත්ත සුදු අත් දිග කමිසයක් ඇදි සරම් කාරයෙක් ටික වෙලාවකින් මම ලගට ඇවිත් ඇහැව්වා ජනාධිපති තුමා එන්නේ කීයටද කියලා.කෙට්ටු මගේ උසට හරියන පුද්ගලයෙක් .උඩ ඉදන් පහලට බැලුවම සාමාන්‍ය ගැමියෙක්.මම කිව්වා දන්නේ නැහැ කියලා.ඒ කාලේ සන්නිවේදනයට තිබ්බේ අපේ රේඩියෝ විතරයි මොබයිල් මොකුත් නැහැ .මම හිටියේ යුනිෆෝම් පිට අනික..හෙමිහිට මම ඒ අවස්තාවේ එස්.ටි.එෆ් එකේ පී.එස්.ඩි බාරව හිටපු එවකට සහකාර පොලිස් අදිකාරි ( දැන් ඔහු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ) රොහාන් අබේවර්දන සර් ලගට ගිහින් කිව්වා සර් සැක කටයුතු පුද්ගලයෙක් ඉන්නවා අර කඩය ලග ඉන්න සරම් කාරයා ඔහු ප්‍රසිඩන්ට් එන වෙලාව ඇහැව්වා කියලා.එවලේ එතුමා ටිකක් අර පුද්ගලයා පෙනෙන මානයකට ගිහින් මම ලගට ඇවිත් සිනාවෙලා කිව්වා ඒ තමයි රවි ජයවර්ධන ජනාධිපති ජේ.ආර් ගේ පුතා කියලා.මොහොතක් සිහි එලවගන්න බැරි උනේ දෙයියනේ එස්.ටි.එෆ් නිර්මාතෘ ජේ.ආර් ගේ පුතා ගැන අහලා තිබ්බට දැක්කේ ඇස් දෙකට මෙහෙම නිසා..ඒ එදා ඔහු ඔත්තුකරුවෙක් හා සමානව ඇවිත් හිටියේ අපිව නිරික්ශනයට සහ රැස්විමේ ආරක්ෂක තත්ත්වය බලන්න..
ආයිත් ඔහුව දැක්කේ කඩවත ගෝනහේනේ එස්.ටි.එෆ් කදවුරේ වෙඩිපිටියට හිටපු එස්.ටි.එෆ් කමඩාන්ට් ආර්.කේ ලයනල් කරුණාසේන එක්ක වෙඩි පුහුණුවක් වෙනුවෙන් ආපු වෙලේ.මට බලන්න අවසර නොතිබුනත් මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිව්වා රවි ජයවර්ධන 9:MM එකින් තිබ්බ වෙඩි ඔක්කොම රුපියලේ කාසියට තිබ්බේ කියලා නැත්නම් Bullseye Shooting.ඒ වගේමයි ඔහුගේ M-16 වෙඩි තැබිම් වලදි වෙඩි පිටිය තුල මැගසින් එකම එකම ඉලක්කයකට ටාර්ගට් බෝඩ් එකේ.
M-16 ඇමෙරිකානු අවිය T-56 වෙනුවට හදුන්වාදීමේ නිර්මාතෘ ඔහුය.ඒ ගැන පසුවට සටහනක් තබමි.
ඔහුට දේශපාලනය කියන්නේ තිත්ත මාතෘකාවක් විය. ජේ.ආර්.ගේ කැබිනට් මණ්ඩලය තුල කිසි කෙනෙක් ඔහු හමු නොවිය..කිසිම උත්සවයකට සහබාගි නොවු ඔහු ධනය උපරිම කරගැනීමේ අදහසක් ඔහුට කිසිසේත්ම නොවීය. ප්‍රසිද්ධිය පසුපස කිසි විටෙක හෙතෙම හඹා නොගියේය. ඒ නිසාම පිළියන්දල සතිපොළට පැමිණ නිදහසේ බඩු භාණ්ඩ මිල දී ගැනීමට තරම් හැකියාවක් ඔහුට තිබිණි. එවැනි ගෞරවණීය දේශපාලන නායක පුතුන් අද අපිට නැත.
සටහන :
K.Mendis.
18-08-2023.
Dubai -UAE
facebook : Kel Mendisමහත්වරුන්ගේ ක්‍රිකට්
2023 ලෝක කුසලාන ශ්‍රී ලංකා බංගලදේශ ක්‍රිකට් තරගයේදී සිදු වූ අවාසනාවන්ත සිදුවීම එනම් ඇංජලෝ මැතිව්ස්ගේ දැවීයාම දැක
මෙසේ ලියා දන්වන්නට සිතුවෙමි.
ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් යයි පැවසේ.
ඒ අපේ කුඩා කාලයේදී පමණක් යයි අපට සිතේ.දැන් ක්‍රිකට් ක්‍රීඩාව තාක්ෂණයේ වහලකු
වී අවසානය.එහි දැන් පෙර තිබුණු ක්‍රිකට් රසය නැත.සියල්ලම DRS එකට භාර දී විනිසුරුවරුන්ද අත් දෙක බැද ගෙන බලා සිටිති.ක්‍රීඩකයින් රොබෝ වරු මෙන් ක්‍රීඩා කරති.එපමණක්ද ක්‍රීඩා විස්තර විචාරකයන්ද
සංඛ්‍යාලේඛන (statistics )වල හිරකරුවන් වීම නිසා තරගයට ඔවුන්ගෙන් එකතුවන ජීවයක් නොමැත .එකල සිටි ක්‍රිශ්ටෝපර් මාටින්ස්,රිචි බෙනෝ,ටෝනි ග්‍රෙග් පමණක් නොව අපේ
පාලිත පෙරේරා ,ප්‍රේමසර ඈපාසිංහ මීට වැඩි
රසයක් අපට ගෙන ආවෝය.
ඒ 1977 මාර්තු මස පැවති එංගලන්තය ඔස්ට්‍රේලියා ශත සංවත්සරික ටෙස්ට් තරගයයි
එනම් දෙරට අතර ප්‍රථම අළු බදුන තරගය පවත්වා (1877) වසර සියයක් පිරීම වෙනුවෙන් පැවැත්වූ තරගයයි.එංගලන්ත දෙවෙනි ඉනිමේදී පිතිකරු ඩෙරෙක් රැන්ඩල් විසින් ලබා දුන් උඩ පංදුව කඩුලු රකින ක්‍රීඩක රොඩ්නි
මාශ් විසින් අල්ලා ගත්තා යයි සිතා විනිසුරු රැන්ඩල් දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කලත්
ඉදිරියට පැමිණි රොඩ්නි මාශ් රැන්ඩල් දැවී
නොගිය බව විනිසුරුවරයාට දන්වන ලදී.
නැවත පිතිහරඹය ඇරඹූ රැන්ඩල් ලකුණු 174
ලබා එංගලන්තය ජය මාවතට ගෙන ආවත්
ඔවුන් ලකුණු හතලිස් ගනනකින් ඔස්ට්‍රේලියාවට පරාජය විනි.අද අපිට මාශ් වැනි මහත්වරුන් දැක ගත් නොහැකිය .පන්දු
ඕවර වේගය රදවා ගැනීමට පිම්මේ දුවන පංදු රකින කංඩායමට පිතිකරුවකුගේ ප්‍රමාදයද
(Time out) අනගි අවස්ථාවකි .ක්‍රිකට් ක්‍රීඩාවේ
මහත්මා ගතිය මෙසේ කෙමෙන් කෙමෙන් දිය වී යයි.
අපි නැවතත් මැතිව්ස්ගේ දැවී යාමේ අවස්ථාවට එමු.මෙවැනිම හෙල්මට් දැවීයාමක්
අප සිහියට එන්නේ 1983 84දී පමණය.ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගයේදී අපේ සුපිරි පිතිකරුවකු වූ රෝයි ඩයස්ගේ හෙල්මටය පංදුව වැදී විකට්ටුව මත පතිත වීමෙන් රෝයි දැවී ගියේය .රෝයි තම හෙල්මටය නිසි පරිදි හිර කරගෙන නොසිටි
නිසා ප්‍රතිඵලය වූයේ අවාසනාවන්ත දැවී යාමකි.තුවාලයක් සිදු නොවීම වාසනාවක් බව
පාලිත පෙරේරා එදා ගුවන් විදුලියෙන් පවසනවා අපට මතකය.රිචඩ් හැඩ්ලි භීතිකාව මතුව ආවේද එම සංචාරයේදීය.
තමා කෙතරම් දක්ශයකු වැඩ්ඩෙකු වුවද
ක්‍රීඩාවට පිවිසීමට පලමුව "පෙර සූදානම"
ඉහලම මට්ටමකින් තිබිය යුතු බව එවැනි සිද්ධීන් අපට මතක් කර දෙයි.
අද මැතිව්ස්ට නොතිබූණේද ඔය කිවූ
පෙර සූදානමයි.තරගයට පෙර වරක් හෝ ඔහු
හෙල්මටය දමා |
බැලුවේ නැද්ද?
සියලූම කර්තව්‍යයන් කර දීමට අතට පයට
සිටින කාර්‍ය මංඩලයේ කවුරුන් හෝ මෙම උපකරණ පරීක්ෂා කලේ නැද්ද? ඉදිරියේදි අපිට හෙල්මට් වල අත් ආවරණ වල පත්තෑයින්,සර්පයින් සිටියා යයි අසන්නට නොලබේවා යයි පතමු.
පෙර සූදානම යටතේම අප දන්නා එක උදාහරණයකින් මේ ලිපිය අවසන් කරමි.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමයි.
ඔහු නාලන්දා විද්‍යාලයට ක්‍රීඩා කරන කාලයේදී පවා මෙම පෙර සූදානම ඉහළින්ම රැකි විනය ගරුක ක්‍රීඩකයෙකි.ඔහු ක්‍රීඩා කලේ
අංක 3 (වන් ඩවුන්) ස්ථානයේය.ආරම්භක පිතිකරුවන් ක්‍රීඩා පිටියට පිය නගද්දී ම
රොෂාන් සියලුම සූදානම් වලින් සැරසී (එකල
හෙල්මට් තිබුණේ නැත ) ක්‍රීඩා ගාරයේ කාමරයට වී පංදුවක් උඩ දමමින් තම පිත්තෙන් එයට සෙමින් පහර ගැසීමට පටන් ගන්නේ එක්තරා භාවනාවකට සම වදිනවාක්
මෙනි.එමගින් ඔහු මනස ඒකාග්‍ර කරගන්නා අතරම පංදුවට ඇස හුරු කර ගන්නේය.පිතිකරුවකු දැවීයාමත් සමගම ඒ බව දැන් වූ වහාම නැගී සිටින රොෂාන් වටපිට නොබලාම කෙලින්ම පිටිය දෙස බලා ගෙනම
පිටියට පිවිසෙන්නේ දසතින් පැතිර එන ප්‍රීති ඝෝෂාවන්ටවත් අවධානය යොමු නොකරමිනි.
පිටියට පැමිණි පසු සිදුවන දේ දැන් ක්‍රිකට් හා සසදන විට අපට ඉමිහිරි මතකයන් පමණකි.
බන්දුල පෙරේරාසීමාව.
දිනය ඉල් මස පළමුදාවක්..වර්ෂය ගැන සටහන් නොකර ඉන්නම්. මගෙ හොඳම යෙහෙළියකට පොඩි ප්‍රශ්ණයක් වුණා. ප්‍රශ්ණය පොඩි වුණාට ඇය ඒ සිදුවීමෙන් සෑහෙන දුකකට පත් වෙලයි හිටියෙ. සාමාන්‍යයෙන් ප්‍රශ්ණයක් ආව ගමන් ඉන්න පරිසරයෙන් තරමක ඈතකට ගිහින් ඔළුව නිදහස් කරගන්න එක ඇගෙ පුරුද්දක්. ඒ අනුව තමයි අපි සෙංකඩගල ශෛලාභිදානිපුර පිහිටි කුඩා කඳු ගැටයක තේ වත්තක් හරහා ඇවිදගෙන යන්න තීරණය කළේ.
අතිශය සුන්දර සීත පරිසරයෙ නිහඬ බව බිඳුනේ විවිධ කෘමි සතුන්ගෙ හීන් හඬ වලින් විතරමයි. මගෙ යෙහෙළිය තවමත් මට ඇගෙ ගැටළුව ගැන කිව්වේ නෑ. මම ඇහුවෙත් නෑ. මනුස්සයෙක් ඔළුව නිදහස් කරගන්න ආවම මම කොහොමද ඒ නිදහස අනවශ්‍ය ප්‍රශ්න අහලා නැති කරලා දාන්නෙ..? එයා කැමති නම් කියයි.
අපි කතා කර කර ගියේ ලංකාවේ තේ වර්ග ගැන. නමුත් ඇය හිටි ගමන් විශාල ප්‍රාශ්වාසයක් පහත හෙළමින් ගැඹුරු කල්පනාවකට වැටෙන බව මම කිහිපවරක්ම නිරීක්ෂණය කළා. ඉන් පසු ඈ එක දිගට මීටර් තිහ හතළිහක් බිම බලාගෙන ඔහේ ඇවිදගෙන ගියේ පාවෙනවා වගෙයි. කොහේ හරි ඉඳලා හමාගෙන එන සීත හුළඟකින් ආපහුත් ඇඟට පණක් අරගන්න ඇය නැවතත් පෙර මාතෘකාවටම එනවා.
මේ විදියට අපි සෑහෙන දුරක් ඇවිදගෙන ගියා..! එකපාරටම මගෙ යෙහෙළිය නැවතිලා පුදුමයෙන් වගෙ පිටිපස්ස බැලුවා. ඊටපස්සෙ අමුතු බියක් සහිත මුහුණකින් වටපිටාව බැලුවා.
" උඹ දැක්කද..? "
" මොකක්ද ? "
" මෙතනින් ගිය ගෑණු මනුස්සයා ? කලින් පාරත් එයා අපිව පහුකරගෙන ගියා... "
මටත් ලාවට වගෙ මතකයක් තිබුණා කවුරුහරි කාන්තාවක් අපිව පහුකරගෙන ගියා කියලා. නමුත් ඇත්තටම හරියටම මට ඒ ගැන කියන්න බෑ. මොකද මම හිටියේ ඒ ගැන සිහියකින් නෙමෙයි.
" මට ලාවට වගෙ මතකයි..ඇයි ? "
" හරි පුදුමයි.. කෝමද එයා අපිව ආයෙම පහු කළේ...? "
" දැන් තවත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඔළුවේ දාගන්නෙ නැතිව යමුද..? "
මගෙ ඒ යෝජනාව සිනහමුසු මුහුණින් පිළිගත් ඇය නැවත සුපුරුදු මාතෘකාව ඔස්සේ කතා කරමින් ඉදිරියට ඇදුණා. එක් වරම ඇය කෑගසමින් මග නැවතුණා. මගෙ මුළු සරුවාංගෙම හීතල වෙලා ගියා..! ඔව් අර කාන්තාව නැවතත් අපව පසුකරමින් අප ආ දිශාවට විරුද්ධ දිශාවට වේගයෙන් ගමන් කරමින් සිටියා.
" ඇහැලේපොළ කුමාරිහාමිවත් ද ? "
ගොතගසමින් මම ඒ ඇසු පැනයට මාගෙ යෙහෙළිය වියරුවෙන් මෙන් සිනාසුණා.
" උඹට පිස්සු , හැබැයි මට පේන්නේ ඒත් තව එක් ඇහැලේපොළ කුමාරිහාමි කෙනෙක් තමයි.." ඒ මොහොත වන විටත් නොනැවති පැවති ඇයගෙ වියරු හිනාව මා තුළ අනියත බියක් ඇති කළා.
" මොකක්ද උඹට වුණෙ..? අපි ඩ්‍රයිවර් ට කෝල් කරලා ඉක්මනින් ඉක්මනින් ගෙන්න ගමු.."
" ඔව් ඒක හොඳ අදහසක්.." දැඩිව බිය වී දහදියෙන් නැහැවී සිටි මගෙ යෙහෙළිය එම යෝජනාවට එකඟ වුණා. ඊළඟ විනාඩි පහළොවක කාලය තුළ ඇයත් මමත් සිටියේ අපේ කුළි වාහනයේ.
" පීරිස් ඔයා දන්නවද තැප්‍රබෝනා වතුයායේ වතු අධිකාරිගෙ බංගලාව..? " මගෙ යෙහෙළිය එක්වරම රියදුරුගෙන් ඇහුවා.
" තැප්‍රබෝනා...?! මැඩම් දැන් ඒ වතුයාය වෙනස් නමකින් දුවන්නෙ..මීට අවුරුදු හතරකට උඩදි වතු අයිතිකාරයාගෙ දුව අභිරහස් විදියට මැරුණා. ඊටපස්සෙ වතු අයිතිකාර මහත්තයාත් ඒ දුකින්ම මළා. පස්සේ ඒ වතුයාය අයිති වුණෙ බෑනාට. ඒ මනුස්සයා හැමෝම පුදුම කරවලා වත්තේ නම වෙනස් කළානෙ.."
" මොකක්ද දැන් නම..? "
" සැලීනා..! එයාගෙ අලුත් ගෑණිගෙ නම..ගම්මු කියන විදියට උන්දැම තමයි ගෑණිව මරලා තියෙන්නෙ.."
" කවුද බෑනා..? දැන් කොහෙද ඉන්නෙ..? "
" සැලීනා තේ වල අයිතිකාරයා නෙ නෝනා.. ලෝක ප්‍රසිද්ධ තේ..."
රියදුරු එසේ ප්‍රකාශ කරද්දි මගෙ යෙහෙළිය ගෙ මුහුණ කළු වුණා. ඇත්තටම ඇයට පිස්සු ද ? මට එහෙම හිතුනෙ ඇය වැඩ කරන්නෙත් එම තේ කම්හලේම නිසා. ඇය මොනවද මේ අහන්නෙ..? අනිත් එක ඇය ඔහුගෙ පුද්ගලික ලේකම්වරිය...!!
" ලස්නි... උඹ අහන්නේ උඹේම බොස් නැත්තම් උඹේම...?"
ඇය වහාම මා දෙස හැරී ඉඟියකින් මාව නිහඬ කළේ රියදුරුට ඒ කිසිවක් දැනගැනීමට ඉඩ නොතැබීමට විය යුතුයි.
අපි හවස අපේ නවාතැන් පොළට ඇවිත් තේ කෝප්පයක් බොන ගමන් කතා කරන්න පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් ඇය කතා කරන්න පටන් ගත්තා.
" අර අද ඇවිදගෙන ගියේ මගෙ බොස්ගෙ , එහෙම නැත්තම් මගෙ පෙම්වතාගෙ මිය ගිය පළමු බිරිඳ..! "
" මොකක් ? "
" ඔව්... ඒ ගෑණි ගෙ පිංතූර මම දැකලා තියෙනවා.. ඒත් ඒ ගෑණි ගෙ නම සැලීනා කියලයි මට මූ කිව්වේ.. බලද්දි ඒක බොරුවක්..."
" මොකක්ද බොරුව.? "
" සැලීනා කියන්නෙ උගේ නීත්‍යානුකූල බිරිඳගෙ නම කියලා කියපු එක.. මම දන්නවා තැප්‍රබෝනා කියන නම දැන් වෙනස් කරලා සැලීනා නමින් දුවන බව..මට ඕනි වුණේ මගෙ සැකය තහවුරු කරගන්න විතරයි..."
"මොකක්ද සැකය..? "
" මම උඹට කියන්නම්... මම මේ කම්පැනි එකට ආවේ ගිය අවුරුද්දේ මුල. එදා ඉඳලම මිනිහා මට විශේෂත්වයක් පෙන්වුවා. අපි යාළු වුණා. මනුස්සයා ගෑණි මැරිච්ච දුක තමයි මාකට් කරේ. මටත් දුක හිතුනා. එහෙම ඉද්දි දවසක් මිනිහා මාව මිනිහගෙ බංගලාවට එක්කරගෙන ගියා. එදා රෑ හොඳටම වැස්ස.. මහ පාන්දර එකට දෙකට මේ මිනිහා හීනෙන් කෑගහනවා.. කෑගැහුවේ මැණිකේ මැණිකේ කියලා. නමුත් මිනිහා ඒ කතාව මඟහැරගත්තේ ආදරේට මටත් මැණිකෙ කියනවානේ කියලා. මමත් ඒකට රැවටුණා. නමුත් මැණිකේ කියන්නෙ මිනිහගෙ පළමු බිරිඳ.! වතු අයිතිකාරයාගෙ දුව.! ඔව්.!
ඒ ගෑණු මනුස්සයා බෝම සෝතමාන්දු ඇල්මැරුණු ගැහැණියක් කියලයි මට ආරංචි වුණේ. දවසම ඔසරිය ඇඳගෙන ඉස්තෝප්පුවේ පුටවක වාඩිවෙලා ඉන්න මැණිකේ මිනිස්සුන්ට හරියට උදව් උපකාර කරනවලු. ඒ වගේම සෑහෙන පිරිසිදුයිලු. ඒ නිසා මේ මනුස්සයා ව වෙනම කාමරයකලු තියන්නෙ. ඉතින් මිනිහා සැලීනා එක්ක යාළුවෙලා. සැලීනා කියන්නෙ මිනිහගෙ මාමණ්ඩිගෙ පෙම්වතිය සහ පුද්ගලික ලේකම්.."
" ඉතින් උඹ සේරම දන්නවනෙ..! "
"ඔව්..නමුත් ඒවා සේරම කටකතා.. ආරංචි.. ඕපාදූප විතරක් නිසා මම කනකට ගත්තේ නැහැ. නමුත් ඊයේ පෙරේදා මට ඇහුණා මිනිහා කා එක්ක හරි බොහොම ආදරණීය දුරකතන සංවාදයක පැටලිලා ඉන්නවා. මට ඇහුණා සැලීනා කියන නම දෙතුන් වතාවක්ම. නමුත් මම හිතුවෙම තේ සම්බන්ධ කතාවකුත් ඒ අතරේ යනවා කියල. ඒත් එක පාරටම මිනිහා කිව්වා //සැලීනා මට , මැණිකෙටයි ඒකිගෙ අප්පටයි කළ දේම උඹටත් කරන්න මහ වෙලාවක් යන්නෙ නෑ // කියලා.
ඊටපස්සෙ තමයි මම මේ ගැන හොයන්න හිතුවේ. එතන හිටි පරණම නමුත් මිනිහට එච්චරටම කැමති නැති සේවකයෙක් මට කිව්වා මැණිකෙගෙ අවතාරේ තවම මේ නුවර තේ වතු පුරා ඇවිදිනවා කියලා. සමහරු ඇහැලේපොළ කුමාරිහාමි කියලා රැවටෙන බවත් කිව්වා. මිනිහා තව කිව්වා // නෝනා.. ඔය මිනිහා ට දෑවැද්දට තමයි ඔය වතුයාය. මිනිහගෙ කඩවසම් පෙනුමටයි , උගත්කමටයි ලොකු නිළමෙයි අහිංසක මැණිකෙයි රැවටුණා..පව්..! මැණිකෙ ඔය මිනිහා තරම් හැඩ නෑ. ඒ නිසා මැණිකෙ හිතුවේ උන්දට නිධානයක් පහළ වුණා කියලා..පව් හැබෑවටම. දවසක් උදේ හැමතැනම බලද්දි මැණිකේ නෑ.. හවස් වරුවේ තමයි හම්බුණෙ.. වත්තෙ පහළ මල්කෑරල දිය සීරාව ගාව වැටිලා ඉන්නවා..සීතලට ගල් වෙලා..! එතනමයි ඉතින්..!!! වෛද්‍ය පරීක්ෂණ වලින් කීවේ පපුවේ අමාරුවක් කියලා..දවස් තුනෙන් මරණ කටයුතු සේරම ඉවර වෙලා , ආදාහන කටයුතුත් කළා. එදාම හැන්දෑවේ සැලීනා ආවා බංගලාවට. ගෑණි ගියේ මැණිකෙගෙ මිනිහා ගාවට. ඒක දැකපු ලොකු නිළමෙට පපුව අමාරුව ආවේ තමන්ගෙ පෙම්වති බෑනා ගාවට ගිය දුකට මිස දුව මැරුණු දුකට නෙමේ..! //"
" ඉතින් ඇත්තටම මැණිකෙ මැරිලා තිබුණෙ පපුවේ අමාරුවකින් ද..? " මම ඇහුවා.
" දන්නෙ නෑ. ඒක දන්නෙ සැලීනායි අර පසික්කාඩුවයි තමයි.. ! නමුත් අදටවත් මම සැලීනාව දැකලා නෑ. මේ වෙද්දි මුන් දෙන්නා ලොකු ආරවුලක ඉන්නෙ.. සැලීනා සේරම රහස් දන්න නිසා සමහරවිට මිනිහා බය ඇති ඒකිට.."
"ඉතින් සැලීනා නමින් බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න තරම් ඌ සැලීනාට ආදරෙයි නම් ඇයි දැන් දෙන්නා අතර මෙච්චර විරසකයක්..? "
" ආහ් මට උඹට කියන්න බැරි වුණා. සැලීනා නිකම්ම ගැහැණියක් නෙමේ. මැණිකෙගෙ තාත්තා එයාගෙ වතු දේපළ වලින් තේ අක්කර පනහක් සැලීනාට ලියලා දීලා තියෙනවා..! මුන් දෙන්නා අනිවාර්යයෙන්ම නීත්‍යානුකූලව විවාහක නම් සැලීනාගෙ ඒ දේපළත් මිනිහටමයි. එතකොට සියළුම දේපළ මිනිහගේ.. සමහරවිට සැලීනා දැනගෙන ඇති මගෙයි උගෙයි සම්බන්ධකම ගැන.. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වුණා වෙන්න ඇති. මට ඇත්තටම ඕනි උගෙ ඉස්සරහට ගිහින් උගෙ මූණටම මම මේ හැමදේම දන්න බව කියලා , සතෙක්ට වගෙ බැනලා එන්න..වංචාකාරයා..! "
" ඒකෙන් උඹට මොනවද ලැබෙන්නෙ..?"
" සැනසීමක්.!"
" නෑ.. උඹ තියෙන සැනසීමත් නැති කරගෙන තවත් ප්‍රශ්න දාගන්න හදන්නෙ.. කළුගල් වල ඔළුව ගහගන්න එපා...! තේරුමක් නෑ. එපා නම් නිහඬවම පැත්තකට වෙයන්..."
" බැහැ සමහරවිට අර මැණිකේ තාම ඇවිදිනවා ඇත්තේ එයාට සාධාරණයක් ඉටු වෙනකම් වෙන්න පුළුවන්..."
" උඹ දැන් කොහොමද සාධාරණය ඉෂ්ට ක |
රන්න බලාපොරොත්තු වෙන්නෙ..? "
" සැලීනාත් එක්ක එකතු වෙලා ඒක කරන්න පුළුවන්.."
" සැලීනා මිනීමැරුමට සම්බන්ධ නම් කිසිසේත් ඒ ගැන කතා කරන්නෙ නෑ. කවුරුත් ඉල්ලගෙන කන්නෙ නෑ බං. අනික කෝ සාක්ෂි..? අවුරුදු හතරකට පස්සේ කොහොමද ඔප්පු කරන්නෙ..? එයත් අනුබල දීලා නිහඬව ඉඳලා දැන් එහෙම කරන්නෙ ඇයි..? මොකක්ද හේතුව..? නිකම් පොලිසි උසාවි වල රස්තියාදු වෙන්න කාටද ඕනි..? මිනීමැරුමකට අනුබල දීලා තමන් විහින්ම බෙල්ලට තොණ්ඩුව දාගන්නෙ කවුද..? "
මගෙ යෙහෙළිය මා කියූ කිසිවක් කනකට ගත්තේ නෑ. ඇය පහුවදාම සැලීනාව මුණගැහෙන්න ගියා. එදින හවස මට දුරකතන ඇමතුමක් ලැබුණා. මගෙ යෙහෙළිය කාර් රථයකට යට වී බරපතල තුවාල ලබා අධික රුධිර වහනයෙන් මිය ගිය බව.!
පූර්ණිමා චාරුණි බණ්ඩාර.
Image :- George Keyt (1901 -1993 ) " Google"- හැදියාව -
ගස් කැපුවහම පාඩුලු අපි හැමෝටම
නැහැ ඔක්සිජන් සෙවනද සිසිලත් එහෙම
හිතුවද මෙහෙම ගැටලුත් ඇති වෙන තරම
වොෂ්රූම් කෝ අපිට, අපි පවු පෝලිමෙම
තැන නොතැනක් නැතිව බැහැ ඒ වැඩ එහෙම
ඕනෑ උනත් ඉවසන්නට වෙනවනෙ මෙහෙම
නෑ නොවැ පුරුදු පෝලිම් කඩලත් තවම
‘අරයගෙ’ වගෙයැ අපෙ හැදියාවෙත් තරම
ඡායාරූපයේ මුල් අයිතිකරුට ප්‍රණාමය.
ආනන්ද රණසිංහ
06-Oct.-2023(කොටස් 02 ක කෙටිකතාවකි.)
#හිච්චි_හාමිනේ
01 කොටස
.
.
"ආං.. හිච්චි හාමිනේ එනවා...."
"කෝ..?
සිරිපාල බලමින් සිටි පත්තරය පහතට හෙළුවේ මිදුල අතුගාමින් හුන් මැණිකෙ ගේ හඬෙනි.
"හැබෑ නේන්නං, අම්මේ.... හිච්චි හාමිනේ එනෝ...."
ඇඳ හුන් චීත්තයේම අත පිසිමින් ඇසිලින් දුවගෙන ආවාය. රෙදි පොට්ටනියකුත්, අත දරුවාත් කිහිලි ගන්වාගෙන කඩුල්ල පැන ආ හිච්චි හාමිනේ, පොට්ටනිය බිම අතැර දරුවා බිමින් තියා පිල උඩ වාඩි වූවාය.
"හිච්චි එකියෙ, මොකදැ මේ....?"
ඇසිලින් විමසුවේ තවමත් නොවියළුණු කඳුළු පාරවල් සහිත හිච්චි හාමිනේගේ මුහුණ දෙස විමසිල්ලෙන් බලමිනි.
"මට ඒ ම.ස් වැද්දා එක්ක ඉන්ඩ බෑ අම්මේ.." අමාරුවෙන් වචන අමුණාගත් හිච්චි හාමිනේ කෙඳිරුවාය.
"අර මොකෑ....?"
"ඒකා ගංගොඩෙන් ගෑනියෙක් ලෑස්ති කොරාන. කටගොන්නක් බී.ගෙන ඇවිත් මටයි මේ නොදරුවටයි ත.ල.නවා, මදිවට ඒ ගෑනි එක්ක ගම පුරාම ස.මයං නටනවා."
"දෙයි හාංදුරුවනේ.."
ඇසිලින් කම්මුලේ අත ගසා ගත්තාය. සිරිපාල ත්, මැණිකේත් මුහුණ ට මුහුණ බලාගත්තෝය.
"අගේට හිටපු ඉලංදාරියට මක් වෙලැයි..?" ගෙතුලින් එළියට බට තේමිස් විමසුවේ සියල්ල අසා සිටීමෙන් අනතුරුවය.
"උන්නෙ අම්මයි අක්කණ්ඩියි තමා උසිගන්නන්නෙ. මං උයන වළං හට්ටි සේරෝම පොළේ ග.හ.නවා."
හිච්චි හාමිනේ සුරුස් ගා නහය ඉහළට අදිමින් කීවාය.
"ගෑනු උනාම ඉවසන්ඩ ඕන බං. උඹ දැනගන්ඩ ඕන මිනිහයෙ අඩුපාඩු තියේනං ඒවා හදාගන්ඩ." තේමිස් කටේ විට කෙළ පුරවාන කීවේය.
"දැන් මි.නිහ දන්නවද උ.ඹ මෙහෙ ආ බව..? සිරිපාල ඇසුවේය.
"නෑ...."
"ගෑනියෙක් වුණාම ඕම හිතුමතේ එළියට බැහැලා යන්න හොඳ නෑ නංගියේ.."
මැණිකේ තේමිස් ගේ කතාවට අලගු තැබුවේ නෑණන්ඩිය කෙරෙහි නොරිස්සුමකිනි.
"ඒ කතාවලින් කාරි නෑ. උ.ඹලා උදේට කාලද?"
ඇසිලින් ගේ පැනයෙන් ඉසිඹුවක් ලද හිච්චි හාමිනේ හිස දෙපසට වැනුවාය.
"හිටිං, මේ නොදරුවත් හාමතේ. වරෙං කුස්සියට.."
------"----------"-------"--------"-------"-------"---------"------
දොඹේ ගෙදර මහා නිහැඬියාවකින් පිරී ඇත. හිච්චි හාමිනේ මහගෙදර විත් දවස් දෙකකි. ඇගේ සැමියා ගුණදාස තාමත් ඈ සොයා පැමිණියේ නැත.
"උඹ ඇදිලා ගිහින්, කළු ගැහිලා බං"
ඇසිලින් හූල්ලමින් කීවාය. හිච්චි හාමිනේ බර හුස්මක් අත හැරියාය.
"ගෑනු උනාම ඔහොම දමල ග.හල මහ ගෙදර යන සිරිතක් නෑ බං. දෙන්න දෙමාල්ලෝ උනාම කතාබහ කොරලා පුරස්න විසඳාගන්ඩ ඕනෑ.."
තේමිස් කීවේ මහා දැනමුත්තෙක් විලසිනි.
"ඒ මිනිහා එක්ක කතා කොරන්න බෑ තාත්තේ, ගහ.නවා. මේ බලාපන් ඔළුව බිත්තියේ ඇ.නපු පාරවල්"
ඇසිලින් හීල්ලුවා ය.
"උඹ දැනගන්ඩ ඕනෑ මිනිහා අයාලේ යනවා නම් හදාගන්න.නැත්තං ඒක උඹේ වැරැද්දක්"
"මං මොකක්දැ කොරාපු වරද....? ඔය මිනිහගේ පහිනිපත් ඔක්කොම කොරන්නේ මම. මට ඉතරක් ග.හනවා නං ඉවසතෑකි. ඒත් මේ නොදරුවා....? අනික මං මෙහේ ආවේ සැනසීමක් හොයාන. උඹලා කතා කොරන්නේ මං හිතුමනාපෙට කොරගත්ත දීගයක් ගානට නෙව."
"මොකාටද බොල උඹ ඔය කතා කොරන්නේ..? අපි උඹට මිනිහෙක් හොයල කසාද බන්දලා දුන්නා. උඹ දැනගන්න ඕනේ ඒ මිනිහා වලංගු කොරලා හදාගන්න."
"අනේ නවත්තගනිල්ලකො ඕක. දැන් ඉතින් ඉස්සරහට කොරන්න තියෙන දේ බලමුකෝ."
ඇසිලින් මැදට පැන කතාව නැවැත්තුවේ හිච්චි හාමිනේගේ කම්මුල් දිගේ පෙරලී යන කඳුළු බෝල දැකීමෙනි.
"වරෙන් පුතේ මොනාහරි උයන්ඩ යමං"
හිච්චි හාමිනේට කරුණාව දැක්වූයේ ඇසිලින් නම් වූ ඇගේ අම්මා පමණි. කුඩා අවධියේ පටන් පියා වූ තේමිස්ගෙන් හා සිරිපාල ඇතුළු සොයුරු සොයුරියන්ගෙන් ඈ අව.මන් අඩත්.තේට්ටම් වින්දාය. හිච්චි හාමිනේ පවුලේ බාලයා විය. ඈට වැඩිමල් සොයුරු සොයුරියන් හතරකි.
හේනට කුඹුරට ම ඉහ නිකට පැහුණු තේමිස් ඇසිලින් පස්වන වරටත් ගැබ් ගත් බව දැනගැනීමෙන් විශේෂ සතුටකට පත් නොවූවත් බිරිඳ වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කළාය. සැබැවින්ම ඇසිලින් ද යහපත් බිරිඳක් ලෙස සැමියා වෙනුවෙන් යුතුකම් ඉටු කළාය. නමුත් අඩුපාඩුකම් ද නොපැවතුණා නොවේ.
වැදුම්ගෙයි එළිපත්තට වී තේමිස් ඇඟිලි ගනිමින් සිටියේ දරුවෙකු හඬන තුරුය. ඒ වන විටත් පුතුන් දෙදෙනකු හා දියණියන් දෙදෙනකුගේ පියෙකු වූ ඔහුට මේ කිරි කැටියා මොකෙක් වූවාද කම් නැත. වින්නඹු අම්මා ඔතාගෙන ගෙනා ඔහෑ ඔහෑ ගාන කුඩා පොදිය ඔහු මහත් සෙනෙහසකින් අතට ගත්තේය. පස්වන දරුවාට ද සෙනෙහස ඉහළින්ම දීමට ඉටා ගත් ඔහු සිඟිති දියණිය වැඩෙන තුරු ආසාවෙන් බලා සිටියේය.
නමුත් අවාසනාවකට මෙන් ආදරේට හිච්චි හාමිනේ නම් වූ සෙනෙහෙලතා, තේමිස්ගෙ දරුවකු බව කිව නොහැකි තරම් රූපශ්‍රීයෙන් යුක්ත වූවාය. තමා තේමිස් විනා වෙනත් පිරිමියෙකු දෙස ඇසක් ඇර බලා නොමැති බව දිවුර දිවුරා කීවද, තේමිස්ගේ සිත එය පිළිගැනීමට නැමුණේ නැත. දෑවැද්දට ගොඩ මඩ ඉඩම් රාශියක් රැගෙන පැමිණි බිරිඳගෙන් පිරිමසා ගැනීමට නොහැකි වූ කේන්තිය සෑමවිට පිටවූයේ හිච්චි හාමිනේ හරහාය. සුන්දර කඩුපුල් මලක් සේ රුව ගුණ සුවඳින් පිපුණද, තෙමිස්ට ඈ පෙනුණේ තමා වි.නාශ කිරීමට ආ හැති.රියක ලෙසිනි.
කාගේ හෝ උවමනාවකට හෝ නුවුවමනාවකට ඉපදුන හිච්චි හාමිනේට කුඩා අවදියේ පටන් ම පියාගේ අඩත්තේ.ට්ටම් වලට මුහුණපෑමට සිදුවිය. තළෙළු පැහැ සමකින් යුක්ත වූ අක්කලා දෙදෙනා ද, තමාට වඩා රූපයෙන් ඉහළ වූ නැගණියට ඊර්ෂ්‍යා කළහ. පියාගේ අඩත්.තේට්ටම් නිසා එළිපිටම නැඟණියට කෙනෙ.හිලිකම් කිරීමට ඔවුහු සමත් වූහ. නොගැලපෙන සම්බන්ධකම් ඇති කරගන්නා බවට කියවුණු කේන්දරය නිසා, අයියලා දෙදෙනාද ඇයට නපුරු වූවෝය. ඇයට හිමි වුණේ අම්මගේ ආදරය පමණි.
මන බඳිනා රුව සේම කරුණාවන්ත හදවතක් හිමි වූ හිච්චි හාමිනේ ගෙදර වැඩටද ඉතා දක්ෂ වූවාය. නමුත් බොහෝ දෙනාට පෙනුණේ ඇගේ අඩුපාඩු පමණි. මේ හේතුවෙන් තරමක් උදාසීන, හුදෙකලා දැරියක වූ හිච්චි හාමිනේ සතා සීපාවාට ඉතා ළබැඳි මිතුරියක වූවාය.
අධ්‍යාපනයේ වටිනාකමක් නොදත් නූගත් ගැමියෙකු වූ තේමිස් දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ නොගත්තේය. රුවෙන් අගතැන්පත් වූ හිච්චි හාමිනේට තමාගේ ජීවිතය ගැන පවා තීරණයක් ගැනීමට වරම් අහිමි විය. කේන්දරයට අනුව එය අනවශ්‍ය හාදකම් පටලවා ගනී යැයි බිය වූ තේමිස්, යන්තම් වයස අවුරුදු දහසය පනින විට එහා ගමේ ජීවත් වූ ගුණදාස නම් මස් වැද්දාට ඈ කරකාර බන්ඳා දුන්නේ ඇගේ කැමැත්ත නොවිමසාමය. සැබැවින්ම ඒ ඇගේ අනාගතය පිළිබඳ බියක් ද, නැතහොත් ඇයට දෑවැද්දක් දීමට සිදු වෙතැයි වූ බිය ද, එසේත් නැත්නම් එම විවාහය නිසා ගුණදාසගෙන් ලද තුටු පඬුරු නිසා ද යන්න දන්නේ ඔහුම පමණි.
ගුණදාස ජීවත් වූයේ සතුන් දඩ.යමෙනි. වෙහෙස වී ගොවිතැන් කිරීමට අකමැති මිනිසෙකු වූ ගුණදාස, හැන්දෑ වරුවේ අසල කැලේට ගොස් සතුන්ට උ.ගුල් අටවා පැමිණෙන්නේ තමාගේම රා පොලට ය. හිච්චි හාමිනේව කරකාර බන්ඳා දීම නිමිත්තෙන් රා ගැලුම්, දඩමස් ඇතුළු බොහෝ තෑගි බෝග තේමිස් ලද බව නම් නොරහසකි. රා මෙන්ම දඩ.මස් වෙළඳාමට හිච්චි හාමිනේ විරුද්ධ වුවත් ඇයට කළ හැකි යමක් නොවීය.
අහිංසක ගැහැණියක වූ හිච්චි හාමිනේ තමාට අවැසි ආකාරයට නැටවිය හැකි වග වටහා ගත් ගුණදාසගේ න.පුරු මව හා අක්කණ්ඩිය ඇයට විරුද්ධව ගුණදාස ට කේලම් කීවෝය. රා මතින් පැමිණ කේළම් අසන ගුණදාස හිච්චි හාමිනේට ප.හර දෙයි. හිටිහැටියේම ගැබ් ගන්නා විට ඇයට යන්තම් දහ අටකි. ගැබිනි බව නොසලකා ගුණදාස ඇයට ප.හර දුන්නේය. වල් සතෙක් එලා ගෙන පැමිණෙන දාම.රිකයෙකු වූ ගුණදාස එය සුද්ද කර උයා දෙන මෙන් හිච්චි හාමිනේට බල.කරයි. ගැබිනි සමයේ අපහසුතා මෙන්ම අප්පිරියාව හා අකමැත්ත හේතුවෙන් අතපසුවන සුළු දෙයකටත් ඈ දඬු.වම් වින්දාය. දරුවා ලැබුන පසුවද මේ තත්ත්වය වෙනස් වූයේ නැත. සල්ලා.ලයෙකු වූ ගුණදාස ගඟෙන් එගොඩ ගමේ වැන්දඹු ගැහැනියක ලෑස්ති කරගෙන සිටියේය. හයක් හතරක් නොතේරෙන කුඩා පුතුට පවා තැලී.මට ගුණදාස කිසිවිටෙකත් පසුබට වූයේ නම් නැති.
ඉවසීමේ අවසානය වූ තැන ඈ දරුවාත්, රෙදි කෑලි දෙක තුනකුත් කිහිළි ගන්නා ගෙන මහ ගෙදරට පියමැන්නාය. නමුත් එහිදී ද ඇසුවේ අවලාද පමණි. දැන් ඇය මහගෙදරට පැමිණ දින පහක් පමණ ගත වී ඇත. මේ බව ආරංචි වූ අක්කලා දෙදෙනා ද මහ ගෙදරට ආවේ ඈට අවවාද කිරීමට ය.
"ඈ බං..?"
"ම්....?"
"උඹ දැන් හැමදාම මෙහෙ ඉන්ඩද කල්පනාව...? බලාපන් දැන් උඹ ඇවිත් පස් හය දොහක් ගත වුණා.."
සිරිපාල කීවේ නොරිස්සුමෙනි.
"අනේ ලොකු අයියේ, මට ඒ මිනිහා එක්ක වසන්ඩ බෑ නෙව...."
"එහෙමෙයි කියල උඹ දමලා ගහලා ඇවිත් මෙහේ පදිංචි වෙලා හරි යනවද බොල....?"
දෙවෙනි අක්කා කුසුමා සැරෙන් ඇසුවාය. ඇගේ ඒ පැනයට හිච්චි හාමිනේ මෙන්ම ඇගේ කුඩා දරුවා ද ගැස්සුණේය.
"බලාපන්.... මේ පොඩි එකාට අප්පෙක් නැති කොරන්ඩද උඹ හදන්නෙ..? ගෑනියෙක් උනාම ඔය පොඩි පොඩි දේවල් ඉවසන්ඩ ඕනැ.."
ලොකු අක්කා නන්දාවතී ද අලගු තැබුවාය. ඒ වගේ අප්පෙක් තමන්ගේ දරුවාට වුවමනා නැති බව කීමට අවැසි වුව ද, හිච්චි හාමිනේ නි |
හඬ වූවාය.
"දීග ගියපු ගෑනි.යෙක් දීගෙ කඩාගෙන ගෙදර එන එක නම්බුවක් නෙවෙයි. මිනිහා පිට යනවනම් යන්නේ ඒ ගෑනිගෙත් වරදක් තියෙන නිසා නෙව...."
".... කවුරු දන්නවද මේ ළමයා උගේ නෙමෙයි කියලා ඌ හිතනවද කියලා...."
"දෙයියනේ ඕක නවත්ත ගනි.ල්ල කෝ බං, මේ පොඩි එකී මරා.ගෙන ක.න්ඩ හදන්නැතුව.... කරදරයක් වුණාම ඒකි තමන්නේ අම්මා අප්පා ගාවට නෑවිත් කොහේ යන්ඩදැ...."
මේ අහස පොළොව නුහුලන කතා වාවාගත නොහැකි වූ ඇසිලින් මැදට පැන බෙරිහන් දුන්නාය.
"දැන් එතකොට අම්මා කියන්නේ මේ කොරේ නම්බුකාර වැඩක්ය කියලද.....?"
"අම්මා ඉතින් කවදත් කරේ මේකිව සුද්ද කොරාපු එකනේ...."
"හහ්.... යස පොඩි එකී.. මගුල් විසේ ඉහට ගහ.නකොටම මිනිහෙක් හොයාලා දීලා, මේ.කිට දැන් මගුල් විසේ ගහලා, අරූ මේ.කිට ග.හලා පැ.න්නුවද කවුදැ දන්නේ.... ඒක නෙව මෙහෙට වෙලා ඉන්නෙ...."
"කරදරයක් වුණාම අම්මා අප්පා ගාවට එන්ඩ ඕනෑ තමයි.... ඒ උනාට මේ ගෙදර දැන් ඉන්නේ අම්මා අප්පා විතරක් නෙවේ නෙව.. මටයි තාත්තාටයි තවත් පවුලක් නඩත්තු කොරන්ඩ බැරුවා......"
සිරිපාල මිදුලට බැස කඩුල්ල පැන්නේය.
දෑසේ කදුලු පුරවා ගත් ඇසිලින් තම අසරණ දියණිය දෙස විස්.සෝපයෙන් බැලූවාය. නමුත් ඇයට කළ හැක්කක් නොවීය.
"සිරිපාල කියන්නැහේ, අපිට තවත් පවුලක් නඩත්තු කොරන්ඩ බෑ.. උඹ ගිහින් මි.නිහා එක්ක සමාදන් වෙන්ඩ බලාපන්...."
කතාවේ අවසාන හරියේදී මිදුලට ගොඩ වූ තේමිස් කියා දැම්මේය. අවසාන තීරණය එයම විය.
හැඬූ කඳුළින් රෙදි පොට්ටනිය ලෑස්ති කරගන්නා නෑණන්ඩිය දුටු මැණිකේ ඈ ගැන විස්සෝප වූවාය.
"නාඬා ඉදින් නංගියෙ.. මේ නොදරුවා ගැන හිතලා හොඳින් ඉඳින්. උඹට දවසක හරියාවි.."
ඈ හිච්චි හාමිනේගේ ඉහ අතගාමින් කීවාය.
රෙදි ටිකත්, දරුවාත් කිහිලි ගසාගෙන කඩුල්ල පැන නැවතත් ම.රු කටට යන දියණිය දෙස දැඩි දුකකින් බලා හුන් ඇසිලින් දෙපා වාරු නැතිවාක් මෙන් බිම හිඳගත්තාය.
------"---------"-------"-------"-------"------"---------"---------
"ඈ.... රත්නාවතියො.. අර බලාපන්, ආං අරකි එනවා ආයෙම.."
"මොකී..?"
"සෙනෙහෙලතා එකී...."
"ඈ...? ගිය එකී මොකට ආයෙ එනවද..? හිටිං, මං හොඳ දෙක.ක් කතා කොරන්ඩ..."
"ඈ බොල බොණ්ඩියේ, තෝ ගිය අහක ඉන්නැතුව අහවල් කාරියකට ආයෙ මෙහෙ කඩා.පාත් උනා ද....?"
රෙද්ද කෙටිකර හැදගත් ගුණදාසගේ අක්කා රත්නාවතී, හිච්චි හාමිනේට බිරු.සන් දුන්නාය.
"හිතූ වෙලාවට යන්ඩයි, ආයෙ ඕනේ උනාම එන්ඩයි මේක අම්බලමක් කියලා හිතුවද....?"
ගුණදාස ගේ මව ද කඩා පැන්නාය. කුඩා දයාපාල මහා හඬින් හඬමින් මවගේ රෙදි පොටේ එල්ලුනේය.
"වැද්ද ගන්ඩ එපා අම්මෙ.. මේකි කොයි අත ගිහින් ආවද කවුදැ දන්නේ..?"
"අනේ අනිච්චං.. දවස් ගානක් ලැගලා කන්ඩ බොන්ඩ හිඟ වෙද්දි මෙහෙ එන්ඩ ඇති මේ වඳුරු පැටියත් කිහිළි ගන්නාන...."
"මොකද බොලව් මේ බෙරිහන් දෙන්නෙ..?
...අප්පද බොල කුමාරිහාමි වැඩියද..?"
දඩය.ම් තුවක්කුව කරපින්නා ගෙන ගෙයි කඩුල්ල පනින්න ආ ගුණදාස බිරිය දැක නැවතුනේය.
"ඇයි.. ගිය දිහාව හොඳ මදි වෙලාද..?"
"වද්දගන්ඩ එපා මල්ලියේ.. කවුදෑ දන්නේ කොයි අවලමක ගොහින් මො.කා එක්ක ලැගලා එනවද කියලා.?"
අසරණ ව කඳුළු සලන බිරිඳත්, ඇගේ රෙදි පොටේ එල්ලී විලා.ප නගන පොඩි පුතුත් දෙස බැලූ ගුණදාසගේ හිත එක් මොහොතකට එකල මෙකල විය. කුමක්දෝ කියා ගත නොහැකි හැඟීමක් ඇති වී නැති වී ගියේය.
"හා..හා..උඹලා පලයල්ලා ගෙට"
"ඈ.... එතකොට උඹ හදන්නෙ මේකිව ආයෙ ගෙට වද්දගන්ඩද?"
"මං දැං සැරයක් කීවා. උඹ.ලා යමං ගෙට. කොරන කාරිය මං බලා ගඤ්ඤං.. ඒක මයෙ කාරියක් නෙව.."
රත්නාවතී ගස්සා ගේ පැත්තට හැරුණාය. ඇගේ මව කාරා කෙළ පහරක් ගැසුවාය.
"තෝ.ව මං අවසාන වතාවට ගෙට ගන්නවා, හැබැයි අවල.@මියේ තෝ එකක් දැනගං, ආයෙ තෝ මේ කඩුල්ල පැන්.නොත්, ආයෙ තො.ටයි තොගේ පැටියටයි මේ ගෙයි බත් නෑ.."
ගුණදාස හිච්චි හාමිනේ ගේ බෙල්ලෙන් අල්ලා තර්ජනය කර ඇයව කඩුල්ලෙන් ඇතුලට තල්ලු කර දැමීය. එතැන් පටන් සුපුරුදු යුද්ධය ඇරඹුණි.
මතුවට....
✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර
(කතෘ අයිතිය සුරකින්න)
Photo from Rasika Pathiranaඅද නිවුස් .
Today News.(ada derana 14/09/2023 )
ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ (C.I.D) හි CCTV වසර එකහමාරක් තිස්සේම අක්‍රිය පවති.
ඒ අනුව හරක් කටා පැන යාමට උත්සහ කල CCTV දර්ශන කිසිවක් රූපගත වී නැහැ .
මේ අනුව වහාම ඒ CCTV පද්ධති යාව තත්කාලින කිරිමට පොලිසිය පියවර ගන්නා බව සදහන්.
ඒ මදිවට හරක් කටාට හෘදයාබාධයක් නිසා ජාතික රෝහලට ඇතුලත් කරලා................
මේ CCTV ගැන ඉස්සෙලාම පෝස්ට් එකක් දැම්මෙ ජූලි 16 නිදා.අද ඔප්පු වෙලා තියෙනවා ලංකාවේ ආරක්ෂක ක්‍රම මොන තරම් දුර්වලද කියලා .දැන් උසාවියට "බී රිපොර්ට් " ගොණු කරනකොට හරක් කටාගේ පැනයාමේ උත්සහය C.I.D එක තුලදි කොහොමද CCTV Footage ඉදිරිපත් කරන්නේ උසාවියට .මෙයින් වෙන්නේ හරක් කටා එස්.ටි.එෆ් උප පොලිස් පරික්ශකගේ ගිණි අවිය පැහැර ගැනිම ඔප්පු කරන්න බැරි වීමෙන් ඔහු ඒ චෝදනාවෙන් නිදහස් වීමට ඉඩ කඩ වැඩි වීමයි.
පොත් වල මැනුවල් ලියාගෙන ෆයිල් කර තියන් උසාවි යන ලංකාවේ පොලිසිය ,ඒ මදිවට ලංකාවේ පොලිස් ස්තාන වල පවා CCTV පද්ධති නැහැ ..
කතාව නම් ජාතික ආරක්ෂාව ලංකාවේ සුපිරිම කියලා .අහක යන කුඩ්ඩො හිටන් පොලිසියට ඩප්පි ගහලා යයි මෙහෙම ගියොත්..
(ජුලි,16,2023 ලියු සටහනක් පහත)
Security Surveillance System in Dubai .
ජනාධිපතිවරයා ඩිජිටල්කරණය ගැන කතා කරා...
මෙන්න මන් දන්න දේ....
ඩුබායි CCTV සිස්ටම් ගැන සටහනක් ..
ඩුබායි වල හැම හෝටලයක් හැම බිල්ඩිමක් හැම ඉන්ඩ්ස්ට්‍රියල් ඒරියා එකක්ම සිකියුරිටි සර්වයිලන්ස් අදාලයි ඩිරෙක්ට් Dubai Police වලට ඉන්ටර් කනෙක්ට් වෙන...
සිස්ටම් එක IP Ccamera නැත්නම් Internet Protocol සිස්ටම් එකින් සර්වර් එකින් ඩේටා ලබාගන්නේ..
ඒ වගේම කැමරා වර්ගීකරණයක් තියෙනවා Dubai Police වල Code of Conduct යටතේ.ඒ කියන්නේ සියලුම කැමරා කොටස් දෙහෙකට වෙන් කරනවා.Critical Camera සහ Non Critical Camera කියලා.මෙයින් Critical camera කියන්නේ හොටෙල් එහෙක නැත්නම් Luxurious High Rise appartement building එහෙක නැත්නම් Business Tower එහෙක සියලුම lobby ,entrance & exit,electrical,HUV,genarator,Gas panel rooms & corridors,front desk reception ,cashier room,ඇතුලු කැටගරි 100 කට එහා කවර් කිරිම..Non Critical Camera කියන්නේ අවශේෂ ග්‍රවුන්ඩ් එක එක එනම් ආරක්ශිත අතින් සෙකන්ඩ් ප්‍රයොරිටි තියෙන කැමරා ලොකේස්න්.
මින් අපේ හොටෙල් එකේ අගල් 50 ලොකු මොනිටර් 10 ක් බෙදනවා..එකක් වෙන් කරන්නේ හැම තත්පර 5 ක් තුල sequence camera ඝනයට. CCTV ඔපරේටර්ට පහසුවක් ක්ශනික සිදුවිම් ග්‍රහනය කරලා අදාල සැක සහිත පුද්ගලයන් PTZ කැමරා හරහා Zoom කරන්න..
අනිත් ලොකු මොනිටර් බෙදන්නේ ඉහත සදහන් කල ක්‍රිටිකල් සහ ක්‍රිටිකල් නොවන කැමරා අංශයට. Dubai Police CID විසින් යම් අපරාධකරුවෙක්,සැකකරුවන් ,හදිසි අනතුරු නිරික්ශනය කරන්න ආවම අපිට පහසුවක් වෙන්නෙ මේ සිස්ටම් එක නිසා.අමතරව මෙයින් මොනිටර් කරන්නේ ඕනෑම පුද්ගලයෙක් Entrance එකින් ඇවිත් මුලු බිල්ඩිමේ කොහෙ ගියත් අන්තිමේ Exit වෙනකම් ෆිල්ම් එකක් බලන් ඉන්නවා වගේ අදාල පුද්ගලයාගේ movement මොනිටර් කරන්න ලේසියි .
මෙහි විශේශත්ව audio & video data සම්ප්‍රේශනය කල හැකි වීමයි..නමුත් ඩුබායි වල Dubai Police විසින් audio system එක ඩිසෙබල් කරන්න සර්විස් ප්‍රොවයිඩර්ස්ලට නීතියක් පනවලා තියෙනවා.ඒ නිසා Dome or PTZ කැමරා හැම එකක්ම විශුවල් පමණයි.High definition IP camera වලින් සුපිරිම Zoom කිරිමක් සහ 30 megapixel resolution එකක් තියෙනවා analog camera වලට වඩා.මෙයින් version 6 (IP v6) සුපිරිම සහයක් සර්වර් එකට දෙනවා...
ඩුබායි පොලිසිය සතු සී.සී.ටි.වි ඉටර්කනෙක්ට් එක හැම බිල්ඩිමක් සදහාම තියෙනවා..හිතන්න මම වැඩ කරන හොටෙල් එකේ Main CCTV Controller හැටියට කැමරා 650 කට එහා CCTV monitor 50 කට එහා තියෙනකොට Burj Khalifa ලෝකයේ උසම බිල්ඩිම අඩි 2700 උස රෙසිඩන්ස් එපාර්ට්මන්ට් 900 ක් තියෙන හොටෙල් ගනනාවක් ඒ බිල්ඩිම තුල තියෙන සම්පුර්ණ CCTV ගනන 10,000 කට ආසන්නයි..මෙහි සර්විස් ප්‍රොවයිඩර් Johnson Control Security Management.
ඒ විතරක් නෙවෙයි මුලු ලංකාවෙම හොටෙල් හෝ High rise බිල්ඩින් වගේ දහස් ගුණයක් වෙන CCTV Surveillance සිස්ටම් එකක් ඩුබායි තියෙන්නේ තරු පහේ හොටෙල් සීය ගානක් සහ ලිට්ල්මෑන් හැටන් කියන ශෙයික් සයිඩ් හයි වේ එකේ තියෙන් අහස් කුස වැලදගත් හයි රයිස් බිල්ඩින් නිසා .
මේ හැම CCTV පද්ධතියක්ම සෘජුව Dubai Police main CCTV පද්ධතියට සම්බන්ධ වෙනවා..
ඒ විතරක් නෙවෙයි ANPR නැත්නම් Auto Matic Number Plate Recognizing සහ CCTV NPR මගින් සියලුම වාහන පරිශ්‍රය තුලට ඇතුලු වෙන ස්කැන් වෙන අතර සැක කටයුතු වාහන ගැන ඩුබායි පොලිසියට දැනුම් දීමෙන් විනාඩි කීපයක් ඇතුලත අයිති කරුගෙ විස්තර සොයාගන්නේ රියදුරු බලපත්‍ර සහ අයි.ඩි සියල්ල ඩිජිටල් කරනය මගින් පොලිස් සිස්ටම් එක තුල තියෙන නිසා.අනික හැම පොලිස් පැට්‍රොල් වාහනයක් තුලම පරිගනකයක් තියෙනවා ස්කැන් කල හැකි...ඒ නිසා මහ මගදි හෝ පුද්ගලයෙක් පරික්ශා කරන්න යන්නේ විනාඩියක් පමණයි.
ඩිජිටල්කරණය කියන්නේ ඒකට...
ඊලගට Elivator surveillance system එමගින් කරන්නේ CCTV Controller විසින් හොටෙල් එකේ නැත්නම් බිල්ඩින් එකේ ලිෆ්ට් පාලනය කිරිම .උදාහරණයක් යම් සැක කටයුතු පුද්ගලයෙක් අහඹු ලෙස ලිෆ්ට් එකින් යම් floor එහෙකට යනවා නම් අපි කරන්නේ පරිගණකය තුලින් ගමනාන්තය ඩිසෙබල් කරලා ලිෆ්ට් එක ඩිරෙක්ට් පහල යැවිම..එතනදි සිකියුරිටි එක මගින් ඔහුව පරික්ශා කරනවා..
එසේම සෑම වසරකට දෙවරක් Dubai Civil Defense & Dubai Police කන්ඩක්ට් කරනවා සෑම හොටෙල් එකක් සහ හයි රයිස් බිල්ඩින් වල Emergency Evacuation Plan එකක් ඉන්ටර්නල් සහ එක්ස්ටර්නල් කියලා මැන්ඩෙටරි...
හැම පාරක්ම එසේම හැම කඩයක් ගොඩනැගිල්ලක් CCTV සර්වයිලන්ස් ඩ |
ුබායි පොලිසියට සම්බන්ධ වෙන..හයි වේ එකේ ඔටොමැටික් කැමරා වලින් හයි ස්පිඩ් දඩය ක්ශනිකව එන්නේ එස්.එම්.එස් එකින් මොබයිල් එකට සහ ඊ මේල් එකට...
කෙටි සටහනක් Dubai Security System ගැන..
සවිස්තරාත්මකව Dubai Airport Terminal 1,23 ගැන සහ දැවැන්ත ඩුබායි ප්‍රොජෙක්ට් සිකියුරිටි සිස්ටම් ගැන ලියන්න ඕන දැනගැනීම සදහා..
එකක් ඩුබායි පොලිසිය සහ අබුඩාබි පොලිසිය කළමනාකරණය කරන සිකියුරිටි සිස්ටම් ඉන්දියාවේ පවා නැහැ ..අදි තාක්ෂණය සහ AI නැත්නම් Artificial Intelligent සිස්ටම් ගැන...
ලංකාවේ පොලිසිය පවා අනාගතය තුල පූර්ණ ඩිජිටල්කරණය විය යුතුයි.. ඩිජිටල්කරණය යනු අපේ ලංකාවේ පොලිසියට සැකකරුවන් සහ අපරාධ පහසුවෙන් ස්කැන් කරන්න CCTV SYSTEM එක Centralized වෙන්න ඕන ලංකාවේ පොලිසියට ඩුබායි වගේ..
( ලංකාවේ දැක්ක දේ CCTV Centralized නැහැ .CCTV CODE OF CUNDUCT නැහැ CCTV Inergrity නැහැ .ඩිජිටල්කරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පොලිසිය මේ වෙනුවෙන් පියවර ගානක් ඉදිරියට යන්න ඕන)
ඩුබායි වල කට උත්තර ගන්නකොටම සැකකරුවන් ගෙන් ඒක මැනුවෙල් කරන අතරම ඊලගට යන්නේ පරිගණක ඩේටා බේස් එකට..මිසින් වෙන්නේ නැහැ මොනවත්..අත්සන ගන්නේ පොඩි ටැබ් එකක් පරිගණකය තුල කනෙක් කරපු සහ එම තැන ෆින්ග්‍රර් ප්‍රින්ට් එක ටැබ් එකට තිබ්බ ගමන් ඔක්කොම ස්කැන්...ලංකාවේ වගේ ෆයිල් ලොරියක් අරන් පොලිසිය උසාවි යන්නේ නැහැ ...ඩුබායි පොලිසිය විශේෂයෙන් ඉංග්‍රීසි ,හින්දි ,උර්දු,බාශා ප්‍රවින...
සටහන : K. Mendis
( City & Guilds UK for Security System Professional )
Dubai - UAEඅප්පා මැරුණු හැටි..
පහළ ඌවට ධාරානිපාත වැසි වැටෙන සමය ට හේනක ජීවිතය ඉතා අසීරුය. මල ආරවල් ජලයෙන් පිර්‍රි පණ ලබා ඇති නිසා ඇතැම් විට හේන්වල වැඩට පැමිණි විට ගමට යාමටද අසීරු ය.
රම්මල්හාමි සිය බිරිඳවන එතනාත් සමග එදා හේනටකොටු වූයේ නොසිතූ විටෙක ඇදහැලුණු ධාරානිපාත වැස්සෙන් පිටකන්ද ආර දෙගොඩතලා යාමට වූ බැවිනි.
කෑමට කිසිම හාල් දුරු මිරිසක් හේනේ පැලේ නැත. පෙර දිනෙක ගැලවූ බතල අල කීපයක් පමණක් මැස්සේ තිබුණු බව මතක්විය.
එතනා බතල කෑමට රුසියෙකි.
හනි හනිකට බතල අල කීපය තැම්බුවේ කුසගින්න දැඩිව මෝදු වෙද්දිය.
තැම්බෙන බතල වල සුවඳ ඇගේ නාස් පුඩු අතරින් රිංගා යද්දි ඇය වතුර පෙරා බතල ටික පිගානකට හැලුවා ය.
බැලූ බැල්මට ඒ ටික දෙදෙනෙකුට මදි බව එතනාට හැඟුනි. ඇය තනිව බතල කෑමට උපායක් සිහිපත් කළාය.
ඈ.. රම්මල් අයියේ උඹල අප්පා මැරුනෙ කොහොමදැයි....
ඇය රම්මල්හාමිව කතාවට පෙලඹුවා ය.
අනේ අප්පේ.. අපේ අපුච්චා එදා හොඳට නාලා ඉඳලා අන්තිම මොහොතේ හුස්ම ඇදලා ඇදලා ..ඇදලා ..ඇදලා..
රම්මල්හාමි විස්සෝපෙන් කතාව පටන් ගත්තේය...
කතාවට හූමිටි තබමින් එතනා හෙමින් හෙමින් බතල අල වලට වැඩේ දුන්නාය.
රම්මල්හාමි කඳුළු පෙරමින් තම අප්පුච්චා මියගිය හැටි කියා අවසන් කරන විට එතනා බතල පිගාන අහවර කිරීමට ආසන්නය.
ඔන්න ඔහොමයි මැරුනේ..
කියා බතල පිගාන දෙස බැලු රම්මල් හාමිට දැක ගත හැකි වුයේ එක බතල කෑල්ලක් පමණක් පිගානේ ඉතිරිව ඉතිරි ටික එතනා අනුභව කර ඇති බවයි .
තමන් එතනාගේ උගුලට අසුවූ බව වටහාගත් රම්මල්හාමි ඉතිරි කෑල්ල වත් කෑමේ අපේක්ෂාවෙන්
ඉතින් මටත් කියාපන්කෝ උඹලගෙ අප්පාත් මැරුනෙ කොහොමද කියලා ..
එතනා ගෙන් විමසීය.
එතනාගේ කපටි මොලේ තැම්බීමට රම්මල්හාමිගේ ලුණු ගොරකා මදිය.
අපේ අපුච්චාද.. එතනහාමි කතාව පටන් ගත්තේය.
රම් මල්හාමි හූමිටි තැබීමට සැරසුණේය.
ඕන්න අපේ අප්පොච්චි මල දවසෙ රෑ ගෙදර බතල තම්බලායි තිබුනෙ .
එදා රෑ උන්දෑ මෙන්න මෙහෙම බතල කෑල්ලක් කටට දා ගත්තා ...
සුටුස් ගාලා හුස්ම ගියා කියමින් ඇය ඉතිරි බතල කෑල්ලද කටේ රුවා ගත්තාය....මුට්ටාසාගෙන් සාජහන්ට ,
සාජහන් නුබ මවා පෑ ඒ
ආදරය මට පුදුම හිතුනා....
ඉන්නකම් මට නොදුන් පෙම ගැන
ලෝකයට සගවලා තිබුනා.....
කවියො අපි ගැන හරිම ලස්සන
කවියි නිසදැස් ලියා තිබුණා...
ඒවා කියවලා මගේ ඇස් වල
කදුලු කැට බරවෙලා රැදුනා...
හදක් නැති වූ අහස් ගැබකට
පායද්දි තරු පොකුරු පේලි.......
මමත් අහසකි පෙමක් නැතිකොට
මෝරද්දි දරු ගැබින් පේවී....
නිහඩ තත්පර වලත් කදුලැලි
ඇස් කොණින් බේරිලා ඒවි.....
කුමන පවටද දන්නෙ නෑ මම
තනිව හදවත ඉකි ගසාවී......
ගතවෙද්දි දින මාස අවුරුදු
ඉවසගෙන මම පෙම් කලා....
උනා සළුපිලි දමා යහනක
සැනසුවා නොව දන්නවා....
ගතට වැඩියෙන් හිතට රිදෙනවා
දරුවො හින්දම ඉන්නවා....
මවාපානා බැදීමක් ලග
නුබ මගෙන් පලි ගන්නවා.....
දහ හතර වන දරු ගැබත් මට
දරා ඉන්නට බැරිම වූවා.....
ඉතින් නුබගෙන් මිදී යන්නට
හදවතින් ඇරයුම් ලැබූවා....
පවක් හෝ කල පිනක් හෝ වී
නුබෙන් සමු ගෙන නික්ම වූවා....
ඒත් නුබ නම් මවාපෑමක්
හරි අපූරුව නිම කෙරූවා......
කිරිගරුඩ කැට ප්‍රේමයක් ලෙස
ටජ් මහලකට නමක් තැබුනා....
කළු ගලුත් හිනහේවි නුබහට
උබේ රාගය විසක් වූවා....
ඉන්නකම් මට දුන්න දුක් ගිනි
ඇවිලිලා ගිනි ගඟක් ලාවා...
කිරිගරුඩ කැට ගිනි තියන්නට
තරම් ශෝකී හිතක් ආවා.....
ඒත් අදටත් ඒ මහල ලග
පෙම් යුවල් ඉන්නවා දුටුවා .....
මට වගේ නොව පිරිමි උරහිස්
ගෑණු හිස් සිප ගනියි සිතුනා.....
නොලැබුනත් මට ප්‍රේමයක් අද
උන්ට ප්‍රේමය ලැබී තිබුනා....
කමක් නෑ ඒ නිසා ප්‍රේමය
ටජ්මහල ලෙස පෙනී තිබුනා.....
සාජහන් නුබ , අපූරුවකට
ප්‍රේමයක් ගැන මවා තිබුනා....
කමක් නැ මට නැතත් ප්‍රේමය....
වෙනත් අය එහි පෙමින් රැදුනා.....
Tharushi Ranasinghe
___THAරූ___
කතු අයිතිය සුරකින්නමට අප්‍රිකාවේ සත්තු බලන්න යන්න පුදූම ආසාවක් පොඩි කාලෙ ඉඳන් තිබ්බේ. මාත් ඉතින් අප්‍රිකානුවෙක් වගේ ලස්සන හින්ඳා කියල තමා මගේ යාලුවෝ කිව්වේ. ඇත්තටම ඒ ආසාව කොච්චරද කිව්වොත් මම කම්පියුටර් තෝරගත්තෙත් ඒකෙන් උඩට ගිහින්, සල්ලි හම්බ කරලා අප්‍රිකාවේ යන්න කියලා. ඒ විශන් එක මට දුන්නේ මගේ අප්පච්චී. එතකොට මම බැඳල නෑ. වයස දාසයේදී කොල්ලො බඳින් නෑනේ. සල්ලි තියෙන්නනන් ආන්ඩුවේ රස්සාවක් කරල හරි යන් නෑ. ඒ හින්ඳා කම්පියුටර් ඉගෙන ගෙන, ප්‍රයිවට් රස්සා කරලා, අප්‍රිකාවේ පලයන් කියලා දුර දිග බොහෝ පෙනුන එතුමා කිව්වා.
ඒ ප්ලෑන් එක අනුව වැඩ කරලා දෙයියන්ගෙ පිහිටෙන් මම අප්‍රිකාවේ අඹුසාලි (කෙන්යා), ලේක් නකුරු (කෙන්යා), මසයි මාරා (කෙන්යා), මවුන්ට් (කෙන්යා), බිවින්ඩි (උගන්ඩා), කුවීන් එලිසබත් (උගන්ඩා) සහ ලෝකේ වැඩියෙන්ම මිනිස්සු යන කෲගර් (දකුණු අප්‍රිකා) ගිහින් තියනවා. එන අවුරුද්දේ බොට්ස්වානා යන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඊශ්‍රාල මිසලයික් කීන් ගාල ඇවිත් පුක පැත්තෙ වැදුන් නැත්තන් හෙට අනිද්දා.
සත්තු බලන්න ආස අය අප්‍රිකාවේ නොගියොත් ඒක ලොකු අඩුවක්. විශේෂයෙන් කෙන්යාවට. කෙන්යාව තමා මුලු අප්‍රිකාවෙම නම්බර් වන් සෆාරි ඩෙස්ටිනේෂන් එක කියන්නේ. අනිත් තැන් ලස්සන නැති හින්ඳා නෙවෙයි. ඒ හැම එකක්ම එකිනෙකට වෙනස්. ඒත් කෙන්යාවේ මසයි මාරා කියන පාක් එකෙයි, ටන්සානියාවේ සෙරෙන්ගෙට්ටි කියන පාක් එකෙයි අතර වාර්ෂික පෙර.. පෙරහැර නෙවෙයි බන්. සත්තු සන්ක්‍රමණය වෙනවා අලුත් තණ බිම් හොයාගෙන අපේ උන් කැනඩාවට, ඔස්ට්‍රේලියාවට යනව වගේ. ඒ සත්තුන්ගේ මුලු ගාන මිලියන දෙක හමාරක්! මම දෙපාරක් මසයි මාරා ගියත් ඒ මයිග්‍රේෂන් එකනන් බලාගන්න බැරි වුනා ආයුබෝවන්ඩ. මම ඒත් මසයි මාරා ගඟට ගියා. ඒක මේ අපේ මහවැලි ගඟට වඩා පලලින් අඩුයි. ඒත් කිඹුලොනන් ඉන්නවා අපේ පාර්ලිමේන්තුවේ අපිවම කන්න බලා ඉන්න කිඹුලොන්ට වඩා ලොකු බඩ මහත උන්! නැෂනල් එක ඇඳල නැති එක විතරයි වෙනස. අපේ සෙට් එක වගේම ඕනෙ කුණක් කනව උන්. දැක්කම බය හිතුනත් උන්ව සත පහකට ගනන් ගන් නෑ ඒකෙම ඉන්න හිපෝ අයියලා. කිඹුලො මාරු වෙනවා අරුන් ලඟට එනකොට!
මගේ හැබැයි අප්‍රිකා ගමන්වල හොඳම එක තමා උගන්ඩාවේ කඳුකර ගෝරිල්ලෝ බලපු එක. ඇත්තටම ඒකනන් ටිකක් විතර වීරකමක් අපේ සුසන්තයාගේ. අවුරුදු පනස් හතක් වුනු මම, ඒ තදින්ම වැල් සහ යටි වගාවෙන් වැහිච්ච, තෙත, කඳුකර කැලෑවේ පැය දෙක හමාරක් උඩට පහලට කඳු පල්ලම් බැහැන් ගියා කියන එක ලේසි පහසු දෙයක් වුන් නෑ මිත්‍රෝරුනි. ෆිට් බුවා හින්ඳම ගියා ඕන්. ඒ මදිවට කඳුකර අලින්ගේ අලි අඩි! වතුර පිරිලා ඒවයේ. කකුල ලිස්සලා ජබොග් ගාලා ඒවටත් වැටෙනවා. ඒ මදිවට බැලන්ස් නෑ ඇයි ගණිත පොතේ හොයාගෙනත් නැති මාර කෝනෙකට තියන නැඟීම බැහීම්. සුසන්තයාගේ දිව දනිහ ලඟ! හති අරිනවා ඕසෙට. ඒත් අරුන් නවත්තන් නෑ. 'මට මහන්සියි. මම හෙට එන්නන් මස්සිනේ' කියලා ඉන්නයැ. අරුන් එක්කම බඩ ගාගෙන හරි යන්න ඕනෙ. ආමි ට්‍රේනින් වගේ. ඔක්කොමත් හරි මුලු ඇඟම වැහෙන රේන් කෝටුත් දාගෙන. ඇයි කටු ගස්වලින් අත පය බේරගෙන එන්නත් එපායැ නිර්මලාට පේන්න. දාඩියෙන් නාලා. ඔන්න ඔහොම සාරා සන්කල්ප දුකක් විඳලා තමා බොලව් ඒ ලෝකප්‍රකට ගෝරිල්ලො පවුල දැක්කේ. ලොකුම එකා නොහොත් සිල්වර් බැක් අපිට ඇටෑක් කරන්නත් ආවා!! අම්මා සාන්ත. අච්චර කට්ටක් කාගෙන, උන්ව බලන ලයිසන් එකට වෙනමම ඩොලර් හත්සිය පනහක් ගෙවාගෙන ආපු අපිවම කන්න ආවා කිව්වම! මමනන් හිතුවා සුසන්තයාගේ අන්තිම මිහිපිට දවස කියලා. අඩමේ උඹලවත් මට මතක් වුනා මැරෙන්න ඕන්න මේන්න කියල තිබ්බ ඒ අවස්තාවේ. නිර්මලා හිනා වේගෙන වගේ ඉන්නව පෙනුනා 'ඇද්ද මම කියන දේ අහන් නැතුව පැනගෙන ගියා වීරයා වගේ' කියාන...
උඹලගෙ සමහරක් අප්‍රිකා ගිහින් ඇති. අනිත් උනුත් හොර ඔප්පුවක් ලියන් මාමගෙ ඉඩමක් විකුණලා පලයල්ලා දවසක උගන්ඩාවේ කඳුකර ගෝරිල්ලෝ බලන්න. උන් ඉන්නේ එක්දාස් පන්සීයලු මුලු ලෝකෙටම. උන්ටික මරල දාන්න කලින් දැක්කොත් හොඳා නේ?
ඊට පස්සෙ ගියේ චිම්පන්සියෝ බලන්න. මගේ ගයිඩ් වුනේ උගන්ඩා කාන්තාවක්. ඔන්න ඔන්න ඉතින් උඹල රබර් හිනා දාන්න එපල්ලා. ඒකි අතේ AK47 එකක් තියනවා! නිර්මලාටනන් කිව්වෙ නෑ ගෑනු කෙනෙක් ගයිඩ් වෙලා මහ කැලේ දෙන්න ගියා කියලා. උඹල කියන්නත් එපල්ලා. ඕන් මම වීඩියෝ ටිකක් දැම්මා....උලලේනකුගේ වැලපුම
(සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කළ සාහිත්‍ය සාක්ෂරතාව - 2023 සම්භාෂණයට සමගාමීව පවත්වන ලද නිර්මාණාත්මක කල |
ා විචාර තරගයෙහි විවෘත අංශයේ අවසන් වටයට නිර්දේශිත විචාරය ඔබගේ රසවින්දනයට මෙසේ ඉදිරිපත් කරමි)
සිංහල සුභාවිත ගීතයට නොමියෙන ගීත කිහිපයක්ම දායාද කළ සොඳුරු පන්හිඳක හිමිකරුවකු ලෙස රණ්බන්ඩා සෙනවිරත්නයන්ව හඳුන්වා දිය හැක. බොහෝ විට ගීතය ගායනා කරන පුද්ගලයාගේ නම පමණක් ප්‍රචලිත වන සිංහල ගීත රසික රසිකාවියන් අතර, එතුමා මියැදී වසර විසි දෙකක් පමණ ගතවී ඇතත් අදටද කොයි කවුරුත් පාහේ එතුමාගේ නම හැඳින’මම ඊට සාක්ෂි දරනු ලබයි. වෘත්තියෙන් අධිනීතිඥයකු වූ රණ්බන්ඩා සෙනවිරත්නයන් අතින් ලියැවුණු තවත් එක් විශිෂ්ට ගී පද රචනාවක් ලෙස “පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ” ගීතය හඳුන්වා දිය හැක.
“පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ...
සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ...
ඉහිරුණු කිරි කොතලට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මේ
පැල් කවිය කියන්නේ
උලලේනෝ...
සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ...”
ගී පද - රණ්බන්ඩා සෙනවිරත්න
ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ගුණදාස කපුගේ
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සදෙන් දුරු වෙයි ලොව ගන අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
( සුභාෂිතය)
සුභාෂිතයේ එන ඉහත කවියට අනුව කෙතෙක් පින් මද පුතුන් බිහි කළත් එම පුතුන්ටද අහසේ තරු මෙන් ලෝකය එළිය කළ නොහැක. මවක් කොතෙක් පින් මඳ පුතුන් බිහි කළත් එක් මවක් විසින් බිහි කරන එක් පුණ්‍යවන්ත පුතෙකුට රෑ කල අහසේ දිලෙන සඳ සේ මුළු ලොවම එළිය කරලීමට හැකියාව පවතී. එහිදී පින්වන්ත පුත්‍ර රත්නයක් සතු ලක්ෂණ ලෙස ඥානවන්ත වීම හා ගුණවන්ත වීම යන කරුණු ද්විත්වය අලගියවන්න මුකවේටිතුමා විසින් හඳුන්වා දී ඇත.
අප හට මෙම කරුණ ගීත සාහිත්‍යය කෙරෙහිද ආදේශ කළ නොහැකි දැයි මට හැඟෙන්නේ සිංහල ගීත ඉතිහාසය තුළ බිහි වූ ලක්ෂ සංඛ්‍යාත ගීත අතරින් බොහෝ රසික රසිකාවියන් පිරිසක් ආදරයෙන් වැලඳගත් ගීත ඇත්තේ සීමිත ප්‍රමාණයක් වීම මතයි. මිනිසුන් අතර ගුණ නැණ බෙලෙන් යුතු මිනිසකු, සියයක් තරු මැද රැඳී සිටින පුන් සඳක් සේ බබලන්නා සේම ශබ්ද හා අර්ථ රසයෙන් අනූන ගීතය රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කරවමින් ඔවුන්ගේ සිත් වල පැළපැදියම් වන්නේ අනෙකුත් ගීත පරයමිනි.
ගීතයක ශබ්ද රසය ඔප්නංවන ආකාර දෙකකි. එනම් සප්ත ස්වර උපයෝගී කරගෙන සංගීත භාණ්ඩ ඇසුරින් නිපදවන සංගීතය මේ ශබ්ද මාධූර්යය හා ගීතය ගායනා කරන ගායකයාගේ හඬ පෞරුෂය යන කරුණු ද්විත්වයයි.
ඉඳින් රන්බණ්ඩා සෙනෙවිරත්නයන් විසින් ලියැවුණු මේ අර්ථවත් ගී පද පෙලට ඊටම ගැලපෙන ලෙස සංගීතය හා හඬ පෞරුෂයන් එකතු කර තිබෙන්නේ විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසිනි.
ගුණදාස කපුගේ යන නාමය ශ්‍රවණය වූ සැනින්ම සිංහල සුභාවිත ගීතයට ප්‍රිය කරන රසිකයින්ගේ හදවත්වල විශාල ගීත ලැයිස්තුවක් එකිනෙක පරයමින් සාගරයක රැළි සේ නැගී එනු නොඅනුමානය. මන්ද ඔහුගේ හඬ මෙන්ම ඔහුගේ සංගීතයද බොහෝ දෙනකුට හිතකර වූ භාවනාවක්ම වන බැවිනි.
ඉදින් එවන් විශිෂ්ටයන් දෙදෙනෙකු අතින් නිමැවුණු ‘උලලේනෝ’ ගීතය විවිධ අර්ථ දනවන අග්‍රගණ්‍ය ගීතයක් ලෙස හඳුන්වා දිය හැකිය.
මෙලොව සෑම පුද්ගලයකුම පාහේ ආශා කරන වස්තුවක් ලෙස අහස හඳුන්වා දිය හැක. අහස යනු සුන්දර වස්තුන් රැසක එකතුවකි. ඉර, සඳ, තාරුකා, වැස්ස රැගෙන එන කාල වර්ණ මේඝයන්, බලා සිටීමට ප්‍රිය වූ ශ්වේත වර්ණ මේඝයන්, නෙක පියඹන සියතුන්, සමනලයින්, උල්කාපාත වල්ගාතරු මෙන්ම මිනිසා විසින් නවීන තාක්ෂණය භාවිතයෙන් ගුවනට මුසු කළ චන්ද්‍රිකා හා අහස් යානාද එකම අහසක් දෙස බලා සිටීමෙන් අපට නිරීක්ෂණය කළ හැක. ඉතිං හිරුට පෙම් කරන්නන්ද, සඳුට පෙම් කරන්නන්ද, නොයෙක් වලා රටාවන් නරඹන්නන්ද, වැස්සට පෙම් කරන්නන්ද, සියොතුන් සමනලුන්ට පෙම් කරන්නන්ද, ගුවන් යානා චන්ද්‍රිකා වැනි නවීන තාක්ෂණයට පෙම් කරන්නන්ද, යන මෙකී නොකී සියලු දෙනාම අහස නිරීක්ෂණය කරනු ලබන්නේ මහත් වූ ආශාවකින් යුතුවය.
ගීතයක පද පෙළින් විවිධ අර්ථ දැන වීමද ගීතය එවන් සොඳුරු අහසක් බවට පරිවර්තනය කිරීමට හේතුවන සුවිශේෂී ලක්ෂණයකි. එකම ගීතයක පද පේළි කිහිපයකින් වියෝගය, විරහව, විප්ලවීය අදහස්,පැල් රකින ගොවියෙකුගේ ජීවන සුවඳ, උතුම් බුදු මග ගමන් කරන්නා වූ සැදැහැති ශ්‍රාවකයෙකු ගේ අවසාන බලාපොරොත්තුව වූ නිවන වැනි කරුණු කාරණා කිහිපයක්ම දැනවීමට සමත්වන උලලේනෝ ගීතයද අහස සේ විවිධ ගණයේ ගීත රසික රසිකාවියන් අතර ප්‍රචලිතව ඇත. විවිධ අර්ථ දනවන සේ ලියූ මෙවන් උසස් ගීත, ගීත සාහිත්‍යයේ සුලබ නොවන අතර එවන් ගීයක් රචනා කළ හැකි ගී පද රචකයෝද ගීත සාහිත්‍යයේ සුලබ නොවෙති.
ගීතය ලියැවී ඇත්තේ මහ වනයක පැලක සිටින ගොවියකු උලමකුට ගයන පැල් කවියක ආකාරයටයි. එහෙයින් මහා වනපෙතක, දුෂ්කර වූ හේනක පැලක පැල් රකින එක් ගොවියකුගේ ඇසින් ගීතය දෙස මුලින්ම බැලීමට සුදුසු යැයි සිතමි.
රටට ලෝකයට පෝෂණය සපයන හිතවතා ගොවියා ලෙස හඳුන්වා දිය හැක. මෙවන් මෙහෙවරක් කරන මිනිසකුට සමාජයේ ඉහළ වටිනාකමක් හිමිව පැවතිය යුතු වුවද මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ගොවියාට සමාජයෙන් හිමි කර දී ඇති තැන නම් ප්‍රශ්නාර්ථයක් දනවයි. අතීතයේ මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසු යැයි කී ගොවියා තමාගේ හේනට කුඹුරට ඉසීමට ගෙන ගෙන ආ කෘෂි රසායනික දියරය සිය කුසෙහි හොවාගෙන මියයන අවාසනාවන්ත පුද්ගලයෙකුගේ තැනට මෑත ඉතිහාසයේ පත්ව සිටීම ඉතාමත් ඛේදජනකය. එනයින් හේන් ගොවියකුගේ ජීවිතය මෙ’බිම මත කෙසේ නම් සුන්දර වෙත්ද?
“පාළුව දෙවනත් කරලා නාඩන් උලලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ”
වන්නි වනාන්තරයේ හේනක පැලක එක ගොවියකුට මූසල රැයක දැනෙන පාළුව තනිකම තමා විසින් ඒ මොහොත අත්විදිමින්ම ලබා ගත යුතු යැය‘ මම සිතමි. බිරිඳ දරුවන් නිවසෙහි තනිකර තමා මහා වනයට වැදී කොයි මොහොතේ තමාට හා තමාගේ වගාවටද වග වලසුන්ගෙන් හානියක් වේ දෝයි යන සැකයෙන් පසුවන එවන් ගොවියකුට ගැමියන් මරණයේ සංකේතය ලෙසින් හඳුන්වන උලමකුගේ ශබ්දය රැයෙහි අසන්නට වීම සිතීමටත් අපහසු බිය දනවන සිතුවිලි සිතට ජනිත කරවන්නකි. තමා වෙලී සිටින පාළුව කාන්සිය දුරු කරන හඬක් වෙනුවට එය තව තවත් දෙගුණ තෙගුණ කරන හඬක් හිමි මේ රැයේ හඬන උලලේනාට නැතහොත් උලමාට ගොවියා අමතන්නේ කාරුණිකවයි.
“උලලේනෝ උඹ හඬන්නෙ පාළුවට වෙන්නැති. ඒ වුණාට ඇඬුවා කියලා පලක් නෑ බං. නපුරු කාලයේදී කාටත් ඔහොම තමයි”
තමාට සිදුවන විපතකදී එය නපුරු කලදසාව නිසා ඇති වූවක් යැයි සිතා සිත සනසා ගැනීමේ පුරුද්දක් ගැමියන් අතර පමණක් නොව නාගරිකයන් අතර පවා අදටත් දක්නට ලැබෙන සමාජ ලක්ෂණයකි.
“සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ...”
වනයෙහි රැයේ වාසය කරන්නාට සීතල සුළං සහ හිරිකඩ වලින් එන පීඩාව සුළුපටු නැත. නමුත් වනයෙක දී රැයක වාසය කරන්නෙකුට නම් එය විඳිය යුතුම වූ පොදු ධර්මතාවයකි. ගොවියාට විඳීමට සිදුවන දුක් පීඩාද එවන් ආකාර උරුමයන් සේ සිතා ඔහු සිත සදා ගැනීමට පුරුදුව ඇත . පාලු මූසල රැයක සීතලෙන් බේරීමට උලලේනාට පිහාටු ස්වභාවධර්මයෙන් හිමිකර දී ඇති අතර ගොවියාට ඇත්තේ ඔහු විසින් ඉදි කරගත් පැල්පතකි.
“ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උලලේනෝ”
මෙම පද පෙළෙහි උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ යන පද පෙළ ගීතයේ අර්ථය නොයෙක් දෙසට හැරවීමට උපකාරී වන වැදගත් පද පෙළක් ලෙස මම දකිමි.
“දැන් ඉතින් ගිය දේ ගියාවෙ. පහුගිය දේට අඬලා වැලපිලා පලක් නෑ.” යනාදී ලෙස තම සිතද සනසවා ගනිමින් උලලේනාගේ සිතද සැනසවීමට ගොවියා උත්සාහ කරන්නේ ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ යන වැකිය පවසමිනි. ඇතැම් විට කෙනෙක් මහන්සි වී වගා වගා කළද ඉඩෝරය අකල් මහ වරුසා හෝ වන සතුන් විසින් ගොවියාගේ අස්වැන්න විනාශ කරන අවස්ථා හේන් ගොවීන් අතර දුලබ නොවේ. මෙම පැල් කවිය ගයන ගොවියාටද එවන් අත්දැකීම් ලැබී ඇති සෙයකි. ඒ ඔස්සේද සිය උලලේනා නමැති සගයාගේ දුක තුනී කිරීමට උත්සාහ දරන ගොවියා තවමත් හඬන සිය සගයාට එය මතක් කර දෙනුයේ ඔහු මේ කවිය ගයන්නේ තමා ගැන සිතා පමණක් නොව උලමාගේ දිවියටද පාඩමක් ගනු පිණිස බැව් උස් හඬින් කියා සිටිමිනි.
”සැබැවින්ම මේ රැයෙහි හඬන උලලේනා කවරෙක්ද?” කවරෙක්දැයි සිතීමට මෙම පද පේළිය මගින් අප සිත් යොමු කරන අතර විශාරද ගුණදාස කපුගේ ගේ ගැඹුරු හඬද ඊටම රුකුල් දෙමින් සංගීතය හා මුසු කරලීමට කපුගේ ශූරීන් සමත්ව ඇත.
මෙසේ මේ රැයෙහි මූසල ලෙස හඬා වැටෙන උලමා විප්පයෝගයකින් පීඩා විඳින පෙම්වතෙක් පෙම්වතියක් විය නොහැකිද? එසේත් නොමැතිනම් ප්‍රියයන්ගෙන් වෙන් වීමට සිදු වූ අවාසනාවන්තයකු විය නොහැකිද?
මෙම ගීතය ලියවෙන්නේ හැත්තෑව දශකයේ මුල් භාගයේදීය. රටේ පවතින නොයෙක් ආපදාකාරී පීඩාකාරී තත්වයන්ට එරෙහිව නැගී සිටි ප්‍රජාවෝ අප ඉතිහාසයේ අතිශය සුලභ වෙති . මෙම ගීතය රචනා වූ සමකාලීන සමාජය සලකා බැලූවද 1971 දී ඇතිවූ ඇති වූ තරුණ කැරැල්ල අමතක කළ නොහැකිය. සන්නිවේදනය අද මෙන් පහසු නොවූ අතීත යුගයක ක්‍රියාත්මක වූ මෙම කැරැල්ල කෙටි කලක් තුළ පහසුවෙන් මර්දනය කිරීමට එවක සිටි ආණ්ඩුව සමත් වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. එවන් පසුබිමක විප්ලවය දියත් කළ තරුණයින්ට වූයේ වන වැදී දිවි ගෙවීමටය. ඉදින් එවන් වකවානුවක ගොවියෙකුගේ වේශයෙන් රන්බණ්ඩා මේ අමතන උලලේනා පරාජිත විප්ලවවාදියකු විය නොහැකිද?
ප්‍රේමය බිඳ වැටී අවසානය. ප්‍රියයන් නික්ම ගොසිනි. එසේත් නොමැතිනම් විප්ලවීය සටන දැන් පැරදී අවසානය. ඉතින් ඉහිරුණු කිරි කොතලෙට තවත් අඬ අඬා සිටීමෙන් ඵලක් නැත. දැන් ඇත්තේ ඉදිරිය ගැන සිතීමටය. ඉදිරියට සිදුකරන දේ ගැන සැලසුම් කිරීමට ය.
“සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ”
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙන් ඇතිවීම හා නැතිවීම ගැන පැහැදිලි කරන වෙනත් ශාස්තෘවරයකු මේ ලොව තවත් සිට ඇත්දෝයි මා සිතට නම් ඇත්තේ සැකයකි. එසේ සිටියත් ශ්‍රී ලාංකිකයාට වඩාත් සමීප වන්නේ බෞද්ධ දර්ශනයයි. ගීතය |
අවසන මේ විප්පයෝගය නැමැති පරාජයෙන්, එසේත් නොමැති නොමැති නම් පරාජය නමැති විප්පයෝගයෙන් පීඩා ලැබ හඬන මේ උලලේනාට රන්බණ්ඩා සෙනෙවිරත්නයන් උපදෙස් දෙනුයේ බෞද්ධ දර්ශනය ඇසුරෙනි. සසරේ ගමන් කරන්නා වූ සත්වයා වියෝග දුක් උරුමය නිතැනින්ම ලැබෙනු නියතය. විප්ලවවාදියටද එසේමය. විප්ලවවාදියකු සෑම විටම ජය මෙන් පරාජයද එක සේ බලාපොරොත්තු විය යුතුමය.
“නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ
උලලේනෝ”
මේ ගීතයේ වැදගත්ම පදය මෙය යැයි මා සිතමි. මන්ද විප්පයෝගයකින් එසේත් නොමැති නම් පරාජයේ වේදනාවෙන් හඬන මේ උලමාට මතු ජයගොසක් නැඟිය හැකි මගක් පෙන්වා දීමට අවසානයේදී රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සමත් වී තිබේ. මේ දුක නැති කිරීමට නම් නිවනට යා යුතුමය.
නිවන යනුවෙන් මෙම ගීතයෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ නිවනමද? මඳක් සිතා බලමු. විප්පයෝගයෙන් පීඩා විඳින්නෙක් නම් ගීතයේ පෙර පදපෙළින් පෙන්වා දුන්නාක් මෙන් ජීවිතයේ සත්‍ය ස්වභාවය මේ යැයි වටහා ගෙන මතු ජීවිතයට මුහුණ දිය යුතුය. එසේත් නොමැතිව පරාජිත විප්ලවවාදියකු නම් ලද පරාජයෙන් දුක් වෙවී නොසිට ඉදිරියට තවදුරටත් සිය විප්ලවය ක්‍රියාවට නඟන්නේ කෙසේදැයි සිතා සැලසුම් කළ යුතුය. සිය විප්ලවීය අදහස් කෙසේ හෝ ජය ගෙන සමාජය අද තිබෙන තැනට වඩා යහපත් වනු දැකීම හැර විප්ලවවාදියකු දකින තවත් නම් නිවනක් කොහිද?
රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මෙම අදහස් වලට කපුගේ ශූරීන් විසින් සංගීතය මුසු කර ඇති අපූර්වත්වය ඉහළින්ම දැකගත හැකි වන්නේ ගීතයේ අවසන යෙදෙන වේගවත් ”රණබෙර” වැනි සංගීත ඛණ්ඩයෙනි. ගීතය පුරා දුක්බර ස්වරයකින් සෙමෙන් කෙරෙන වාදනයට සවන් දෙන ගීත රසිකයාට ගීතයේ අවසානයේ ඇසෙන මේ වේගවත් රණබෙර නාදය වඩාත් පුළුල් හැඟීමක් වෙත සිත යොමු කරවයි. එනම් ජීවිතයේ මෙතෙක් ලද පැරදුම් කොතෙක් වුවද ඉන් වැටිය යුතු නැත. ජීවිතය නම් මතු දිනිය යුතුමය. විප්ලවය ද එසේමය. ජීවිතය ජීවත් කරවීමද විප්ලවයකි.
මෙවන් කරුණු ඔස්සේ සලකා බැලූ කල අධිනීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියැවී විශාරද ගුණදාස කපුගේ ශූරීන් විසින් සංගීතය මුසුකර ගැයූ උලලේනෝ ගීතය බහු අර්ථ දනවන හා ඊට සුදුසුම සංගීතයකින් හැඩගැන්වී සුදුසු ගැඹුරු හඬකින් ගැයෙන උසස් ගීතයක් ලෙස හදුනා ගත හැකිය.
සටහන - Madhawa Ranga
ඡායාරූප - අන්තර්ජාලයෙන්**අහිමි ප්‍රේමයට වැටෙන කඳුලු නවතා ගනිමු**
ඒක පාර්ශවික ප්‍රේමයක් හෝ ඔබ ආදරය කරන තරමට ආපිට ඔබට නොලැබෙන ආදරයක් හේතුවෙන් හෝ ඔබෙන් වෙන්ව ගිය ප්‍රේමයක් නිසා ඔබ හැඬූ කඳුලෙන්ද? ඔබේ කඳුලු පිස දා සිනා සෙන්නට උත්සාහයක් ගන්න කැමතිද?
නිතර කාර්යාලයේ මුණ ගැහෙන කාර්යාල සගයකු හෝ, කාර්යාලයට යන එන වාහනයේ හමු වන අයකු හෝ නැතිනම් අසල් වැසියකු හෝ පිළිබඳව ඔබට සෙනෙහසක් ඔබටත් නොදැනීම හිතේ පැලපදියම් වෙලාද? ඔහු හෝ ඇය ඔබට කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන්නේ නැද්ද? ඒ ගැන හිත හිතා ඔබ තැවෙනවාද?
ඔබ දැනටමත් යම් කෙනෙකුට පෙම් කරන නමුත් ඔහු හෝ ඇය ඔබට ඒ තරම් ආදරයක් සැලකිල්ලක් පෙන්වන්නේ නැද්ද? ඊටත් වඩා ඔබට හිත රීදෙන්නට දේවල් නිතර නිතරම කරමින් ඔබව මානසිකව පීඩාවට පත් කරනවාද? ඒ දේවල් ගැන හිතමින් ඔබ නිතර රහසේ හඬා වැටෙනවාද? ඔබ පණ දෙවැනි කොට ආදරය කළ ඔහු හෝ ඇය ඔබ හැර ගියාද? සිදුවූ දේ අදහා ගත නොහැකිව ඔබ සිහි විකල් වන තරමට මානසිකව අවුල් වෙලාද?
ඔබටත් මටත් අප අතුරෙන් බොහෝ දෙනෙකුටත් කොතරම් පිරිස්, වැඩ බිම්, ආයතන, ව්‍යාපාර ආදී මෙකී නොකී කොතෙකුත් දෑ පාලනය කළත් අපේ හිත පාලනය කර ගැනීම නම් ටිකක් අමාරු කාර්යයක් නේද? මෙන්න මේ පාලනයෙන් තොර අකීකරු හිත දමනය කර නොගත්තොත් ඔබේ වටිනා කාලය නිරපරාදේ නාස්ති වී, තරුණ ජීවිතය අරමුණක් නැතිව ගෙවී යන නිසා එයින් ගැලවී යළි සතුටින් ජීවත් විය යුතු බව ඔබට කියා දෙන්නට මෙසේ ලියන්නට මට හිතුනා.
**ඔබ පළමුවෙන්ම ඔබට ආදරය කිරීමට පටන් ගන්න**
ඔබ ඔබට ආදරෙයිද කියා මා ඇසුවොත් ඔබ හැම දෙනාම එක හඬින් ‘ඔවු’ කියා පවසාවි. නමුත් ඒ ආදරය ප්‍රායෝගික ලෙස ඔබ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියා ඇසුවොත් හුඟ දෙනෙක් උත්තර දෙන්න පෙර හිතන්නට බොහෝ වේලාවක් ගනීවි. ඔබ ඔබත් සමඟ කතා කරනවාද? තනියම කතා කරන්නේ උමතු පුද්ගලයන් යැයි මතයක් තියෙනවා. මම අසන්නේ ඒ විදියට තවත් කෙනෙකුට ඇසෙන පරිදි කරන කතාබහක් ගැන නොවෙයි. හිතෙන් කරන කතාවන් ගැනයි. "ඇයි ඔයා දුක් වෙන්නෙ? ඇයි මේ තරම් අඬන්නෙ? එයා සමහරවිට ඇත්තටම ඔයාට ආදරය නැතුව ඇති. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙ නොලැබෙන ආදරයක් ගැන හිත හිත අඬල පෙනුමත් අවලස්සන වෙලා නේද? බලන්න කණ්නාඩිය ඉස්සරහට ගිහින්, වයසට වඩා වයස පාටක් ඇවිත්. පොඩ්ඩක් අඬන එක නවත්තලා අපි ටී.වී. එකේ සින්දු ටිකක් බලමුද? නැත්නම් ෆිල්ම් එකක් බලමු." මෙන්න මේ වගේ ස්වයං කතාබහකට හිත පුරුදු කරගෙන බලමුද? මේ ආදරය කියන විෂය සම්බන්ධයෙන් ඔබ බොළඳ හැසිරීමක් පෙන්නුවත් ඔබ හැමෝම හොඳ අධ්‍යාපනයක් ලබපු, හොඳ නරක හොඳින්ම තේරෙන, බුද්ධිමත් අය. ඉතින් චුට්ටක් මහන්සි වුනොත් ඔබේ හිතත් එක්ක යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගත්තොත් ඔබටත් පුලුවන් වේවි මේ නොනවත්වා ගලන දුක් කඳුලු ගංගාවල්, මහා කුණාටුවක් තරමට හෙලන සුසුම් ක්‍රම ක්‍රමයෙන් නතර කර ගන්න.
මේ විදියට ඔබ ආයෙත් ඔබ කාලය ගෙවන්න කැමතිම විනෝදාංශයක් වෙනුවෙන් පැය භාගයක් ගත කරන්න ඔබේ හිත අවනත කර ගන්න පුලුවන් නම් ඔබ සාර්ථක පළමු පියවර තැබුවා කියල සතුටු වෙන්න. අඬ අඬා හිත හිතා මුලු කාලයම ගෙවුව ඔබේ දින චර්යාවෙන් පැය භාගයක් ඔබට පුංචි හරි සතුටක් දැනෙන දෙයක් වෙනුවෙන් වෙන් කර ගන්න පුලුවන් වුන එක ලොකු ජයග්‍රහණයක් කියල හිතන්න. ඊට පස්සෙත් දිගින් දිගටම ඔබේ හිතට කතා කරන්න. ඔබ අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙන අයෙක් නම් වඩාත් පහසුයි. මොකද දුකෙන් මිදෙන්න කරන්න පුලුවන් ගොඩක් දේවල් ඒ හරහා ලබා ගන්න පුලුවන්, හැබැයි ඉතින් පරෙස්සමෙන්, ඇබ්බැහි නොවී තමයි ඒ හැම දෙයක්ම රස විඳින්න ඕන. සින්දු අහන්න, ෆිල්ම් බලන්න, අලුතෙන් දේවල් ඉගෙන ගන්න, කෑම හදන්න, මල් වවන්න, මහන්න ගොතන්න ඉගෙන ගන්න, මේ වගේ ගොඩක් දේ තියෙනවානෙ. ඒ මොන දේ තිබුණත් ඒවායෙ යෙදෙන්න හිත හදා ගන්න එකනෙ අභියෝගය. ඉතින් මම හිතනවා සහ බොහොම විශ්වාසයෙන් කියනවා, ඔබ ඔබට ආදරය කරන්න ප්‍රායෝගිකව පටන් ගත්තාම, ඔබේ බාහිර පෙනුම ගැන, ඒ වගේම නිරෝගිකම ගැන හිතන්න පටන් ගත්තාම හිත ක්‍රමයෙන් හදා ගන්න පුලුවන්.
**ඔබේ වටිනාකම තේරුම් ගන්න**
ඔබව අගය කරන්නෙ නැති, ඔබේ වටිනා කමක් දැනෙන්නෙ නැති කෙනෙක් කරන කියන දේ නිසා මේ වෙද්දි ඔබටත් ඔබේ වටිනකම අමතක වෙලා ගිහින් ඇති. ඇයි මම ලස්සන නැත්තෙ, ඇයි මට ලස්සනට කතා කරන්න බැරි, ඇයි මට එයාට ආදරය හිතෙන විදියට ඉන්න බැරි, මම මෝඩයිද .... ඔය වගේ සෘණාත්මක දේවල් ගොඩක් ඔලුවට ඇවිත් ඔබටත් ඔබව එපා වෙන තරමට ඔලුව අවුල් වෙලා ඇති. ඉතින් ඉස්සෙල්ලාම අර තනියම කරන කතා බහේදි, මම හුඟක් වටින කෙනෙක්. මගේ දෙමව්පියො මාව හැදුවෙ ආදරෙන්, මට හොඳටම ඉගැන්නුවා, එයාලට මාව මැණිකක් තරම් වටිනවා කියල නිතර කියන්න. ඊ ළඟට කොලයක් පෑනක් අරගෙන ඔයාගෙ දක්ෂතා, ලබා ගෙන තියෙන අධ්‍යාපන සුදුසුකම්, කරල තියෙන බාහිර ක්‍රියාකාරකම්, ලැබූ ජයග්‍රහණ, පවුලේ අය, මිතුරු මිතුරියන් දක්වන ආදරය වගේ දේවල් එක දිගටම ලියන්න. මෙහෙම ඔබේ කුසලතා, අනිත් අයගෙ ජීවිතවල ඔබට කොයි තරම් තැනක් දීල තියෙනවද වගේ දේවල් මතක් වෙන වෙන වෙලාවට ඒ කොළේ ලියන්න. ඒ ලියවිල්ලෙ දිග වැඩි වෙන තරමට ඔබට ඔබේ අගය නිකම්ම වැටහෙන්න පටන් ගනීවි. ඔන්න ඊළඟ හිතට කරන කතාබහ ඇතුලෙ ඔබට කියන්න පුලුවන්, "මොනව හරි අහේතුවකට එයාට මාව වටින්නෙ නැති වුනාට මට මාව වටිනවා. කවද හරි තේරුම් ගනීවිද කියල උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නම්, හැබැයි හිත ඔයා නම් දුක් වෙන්න එපා. මොකද ඒ දුක් වෙන්න ගත වෙන වටිනා කාලය මම මගේ වටිනාකම් තවත් වැඩි කරගන්න යොදා ගන්න ඕන" කියලා.
**ඔබේ වටිනාකම් වැඩි දියුණු කරගන්න**
ඔබ මේ වෙද්දි කිසියම් වැඩිදුර අධ්‍යාපනයක යෙදිලා නැත්නම් ඔබේ ක්ෂේත්‍රයට ගැලපෙන වැඩි දුර අධ්‍යාපනයකට හිත යොමු කරන්න. ඉගෙන ගැනීමට දැන් විවිධ මාර්ග තියෙනවා. අපි හිතමු ඔබ ආයෙත් විධිමත් අධ්‍යාපනයක් ලබන්න කැමති නැහැ කියල. එහෙම නම් වෙනත් දක්ෂතාවයක් අලුතෙන් ඉගෙන ගන්න. උදාහරණයකට ඔබට පුලුවන් කේක් සෑදීම, ඇඳුම් මැසීම, මල් වගාව වගේ දෙයක් හොඳින් ඉගෙන ගෙන ඒ තුලින් අමතර ආදායමක් උපයා ගන්න. එයිනුත් වෙන්නෙ ඔබේ අගය වැඩි වීමක්. මේ තාක් කල් ඔබ දුක් වෙන්න ගත කරපු කාලය පුලුවන් නම් පැය, දවස්, සති, මාස, අවුරුදු වලින් ගණන් හදලා බලන්න. ඒ කාලය ඔබ අලුතෙන් යමක් ඉගෙන ගන්න යෙදෙව්වා නම් මේ වෙද්දි ආචාර්ය උපාධියත් සම්පූර්ණ කරගෙන නේද? මේ කාලයත් කොලයක් අරගෙන ලියල බැලුවොත් වඩා හොඳයි. අපතේ ගිය කාලය හරියටම ගණන් හදල දැනගෙන හිතට කියන්න ආයෙත් නම් මේ වගේ කාලය නාස්ති කරන්නෙ නැහැ. දැන් මම මගේ ඉදිරිය වෙනුවෙන් මහන්සි වෙනව කියල අවංකවම හිතට පොරොන්දු වෙන්න. ඔබට හිතෙනවද මම මේ කියන්නෙ ඔබට ආත්මාර්ථකාමී වෙන්න කියලද කියා? නැහැ, තමා ගැන සිතීම කොහෙත්ම ආත්මාර්ථකාමී වීමක් නෙවෙයි. ඔබ පියකරුව, නිරවුල් මනසකින් වැඩ කරමින් ඔබේ දියුණුව සලසා ගනිද්දි ඔබව නොසලකා හැරිය අයට සමහර විට ඔබේ අගය දැනෙන්න පටන් ගනීවි. නැත්නම් ඊට වඩා යහපත් ඔබ ප්‍රාර්ථනා කරන විදියේම ආදරයක් අලුතෙන් ඔබව සොයා ගෙන ඒවි.
**ඔබ ඔබව සතුටින් තියන්න, තෑගි අරගෙන දෙන්න**
ටික කාලයක් මේ විදියට ඔබේ හිතට කතා කරමින්, අලුත් යමක් කරමින්, කාලය අපතේ නොයවා ජීවත් වෙන්න පටන් ගත්තාම ඔබට දුක් වෙන්න කාලයක් නැති බවත් ඒ හඬමින් ගෙවුනු කාලය නිකරුනේ අපතේ ගිය බවත් ඔබට හිතේවි. ඒ සිතුවිල්ල තදින්ම හිතට දැනුනු දවසට ඔබ ඔබටම විශේෂ සංග්‍රහයක් තෑග්ගක් දෙන්න. නිස්කලංක තැනක ඇවිදින්න යන්න. හොඳම මිතුරා හෝ මිතුරිය සමග විනෝද ගමනක් යන්න. නැත්නම් අලුත් ඇඳුමක්, පොතක්, පාවහන් යුගලයක් අරගන්න. ඒ සතුට ඔබ සැමරිය යුතුමයි.
මෙහෙම කාලයක් ගිය විට ඔබට දැනෙන්න පටන් ගන්නවා ඔබේ සතුටේ යතුර තියෙන්නෙ ඔබ අතේම බවත් මින් පසු කිසිම හේතුවක් නිසාවත් ඒ යතුර වෙන කාටවත්ම |
නොදිය යුතු බවත්. ඉතින් නොලැබෙන ආදරයන් නිසා ඔබ ඔබේ සිතේ සතුට, නිදහස, ඔබේ වටිනාකම් අහිමි කරගන්න එපා. ජීවත් වෙලා ඉන්න තියෙන සීමිත කාලයෙන් විනාඩි ගණනාවක් වත් මේ වගේ අඬමින්, හූල්ලමින් නාස්ති කරගන්න එපා. ඔබට ආදරය කරන තව අය ඔබ වටා ඉන්නවා. ඒ කාලය ඔබ වෙනුවෙනුත් ඒ වගේම ඔබට සැබෑවටම ආදරය කරන අය වෙනුවෙනුත් වැය කරන්න. සතුටෙන් සැහැල්ලුවෙන් කාටවත් බරක් නොවී ජීවත් වෙන්න. ඔබේ පියකරු බව, නිරෝගී බව ඉබේම ආරක්ෂා වේවි.
ඔබ හැමට වාසනාවන්ත ඉදිරි කාලයක් ප්‍රාර්ථනා කරනවා.....
යමුනා සරෝජනී ගුණවර්ධනඋදෙන් පිට වීල ආවේ
කහට උගුරෙන් දිව තෙමා
හාල් ඇටයක් ගෙදර නෑ
උන්ට දෙන්නට බත් උයා....
සීය මං උන් දෙන්නගේ
ගියා ලොකු දූ උන් දමා
මාස තුනකුත් ගෙවී ගොස්
එව්වෙ නෑ ලියුමක් ලියා...
හැදුන ඒකිට පිස්සුවක්
යන්න රට සල්ලී හොයා
තිබුන ඉඩමත් උගස් කර
දුන්නෙ නොකරම බැරි නිසා...
දවසේම සූදු කෙලියේ
උන් වදාපු මහා එකා
ළමයි හදල උන්ගෙ දරුවොත්
අපේ හිස මත පැටවිලා
ගෙදර උන්දත් නොකීවට
හූල්ලනවා රෑ පුරා
බලා ඉන්නට බැරි තැනයි
බැස්සෙ පාරට වැඩ සොයා...
නොඑවුවොත් කෙළී විගහට
අපිත් පාරට හෙට දිහා
යෙහෙන් වැජඹෙයි මහා උන්
අපිව අගුපිලෙ ඇද දමා...
මාත්තයො දුන්න හිඟමන
අරන් යනවා නැති නිසා
එහෙම නොවුනොත් අදත් රෑ
නිදයි උන් හාමත් වෙලා...
නිල්මි ✍️
සේයාරූ මුහුණු පොතෙනි...බැංකොක් දවස් -1
සුරදූතයින්ගේ නගරයේ අහස කළු කොට තිබුණේ දැන් දැන් මහ වැස්සක් කඩා හැලෙන්නට මෙනි. තව ටිකකින් මොර ගෙඩි තරම් වැහි බිඳු අපේ ඇඟ මතට කඩා හැලෙන්නට නියමිතය. රාජදම්‍රි පාරට මහා වාහන කන්දරාවක් සේන්දු වී ඇත. විවිධ වර්ගවල ජපන් වාහන, කුඩා ලොරි සහ ටුක් ටුක් වලින් රාජදම්‍රි පාර පාරේ මංතීරු සියල්ල පිරී ඇත. වාහන දෙකක් අතර පොඩි හිදැසකි සිය පාරිභෝගිකයින් නංවා ගත් මෝටර්සයිකල් රික්ෂෝ කරුවන් රිංගමින් බිහිසුණු ගමනක යෙදෙයි.
කෙතරම් භයංකර වුවත් මෙවන් හවස්ජාමයක බැංකොක් නගරයේ මංමාවත් වල වාහන තදබදයක් ඇති වූ විට තමන්ට ඇති සීමිත කාලය කලමනාකරණය කරගන්නට හොඳම ක්‍රමය මේ මෝටර් සයිකල් ටැක්සිය. මේ ටැක්සි රියදුරන් අතර ගැහැණු මෙන්ම පිරිමි අයද සිටී. ඔවුන්ට ගැහැණු පිරිමි භේදයක් නැත. අපට තියෙන්නේ තැඹිළි පැහැ ජැකට්ටු දමාගෙන සිටින මේ මෝටර් සයිකල් ටැක්සියක් නවත් වා පිටිපස්සෙන් වාඩිවී තමන්ට යන්නට ඇවැසි තැන කීම පමණි. මම නම් ඊට කලින් තවත් දෙයක් අසන්නට අමතක නොකරන්නේ ගණන් හිලව් කතා කරගෙන යාම කෝකටත් හොඳ නිසාය. දෙතුන් වතාවක් මා මේ ටැක්සි වල භයංකර ගමන් ගොස් ඇත්තෙමි. ඒවායේ ගමන් යද්දී හැඟෙන්නේ දැන් දැන් දනිස්දෙක දෙපැත්තේ ඇති වාහන වල වැදේවි යැයි කියාය.
මමත් මගේ බැංකොක් ගමනකදී හමුවුනු මගේ අහඹු මිත්‍රයා රෝහණත් රාජදම්‍රි පාරේ බිග්සී සුපර්මාර්කට්ටුවට ගොඩවාදී බඩු පිරුණු මලුද ගෙන මහ පාරට ආවත් අපේ බලාපොරොත්තු සුන් වූයේ මහ මගේ තිබූ මහ විශාල තදබදය දැකීම නිසාය. වාහන හෙල්ලෙන පාටක් නැත. රියදුරන් ඔහේ බලාගත් වනම බලා සිටියි. නමුත් ඔවුන් සිය වාහන වල නලා නම් හඬවන්නේ නැත. ඔවුන් එතරම් විනීතය.
" මචං මේ මලුත් කර ගහගෙන පයින්ම හෝටලේට යන්න නම් බෑ. මේ බයික් එහෙක හරි එල්ලෙමුද "
මා රෝහණ ගෙන් විමසුවේ බැරිම තැනය.
" ටුක් එහෙක යමු "
"ටුක් ඔක්කොම පාරේ හිරවෙලා. හෙල්ලෙන්නෙ වත් නෑ. එකම විසඳුම බයික් එහෙක යන එක තමා "
" අනේ මචං තරහ වෙන්න නම් එපා. මම අපේ නෝනට පොරොන්දු වෙලා ආවේ බැංකොක් වලදි අළුත් අත්දැකීම් මුකුත්ම ගන්න යන්නේ නෑ කියලා. "
"' හරි මචං බයික් වල යන්ඩත් නෝනගෙන් අහන්නම ඕනෑද "
" බලපං උන් යන යෑම. අඩයක් වත් තිබ්බොත් එහෙම "
" එහෙනම් පයින්ම යමු ඉතිං. මට මේ බෑග් තුනම උස්සන් යන්න බෑ. එකක් ගනිං "
" හරි හරි එහෙම නම් අවුලක් නෑ.."
කී රෝහණ මගේ අතේ තිබූ එක් බෑගයක් අතට ගත්තේය.
පදික වේදිකාවල පදික වෙළෙන්දන් ගජරාමෙට වෙලහෙළඳාම් කරයි.
" සර් වෙරි චීප් ත්‍රී පීසස් ෆයිව් හන්‍ඩ්‍රෙට් "
වෙළෙන්දෙක් අඩිඩාස් අනුකරණ ටී ෂර්ට් විකුණයි.
"' මචං ඒ කියන්නේ ලංකාවේ රුපියල් දෙදාහට ටීෂර්ට්ම තුනක් නේද? ලාභයි වගේ. ගෙදර ගිහින් හෝදද්දි විනාස වෙලා යයිද "
( මේ 2014 වර්ෂයේ තායි බාතයක් රුපියල් හතරකට තිබූ කාලයයි. දැන් නම් තායි බාතයක් රුපියල් දහයකට ආසන්නය )
" අපොයි නෑ මේ මං ඇඳන් ඉන්න ටී ෂර්ට් එකම දැන් අවුරුදු පහක්. කලබල නැතිව ඉන්න ප්‍රාටුනාම් නයිට් මාකට් එකෙන් ගම්මු "
බඳපටි, බ්ලවුස, කලිසම්, පසුම්බි , සෙල්ලම්බඩු,සපත්තු , සෙරෙප්පු සුවඳ විළවුන්, සිහිවටන , පිහි වර්ග, විවිධ කෑම වර්ග, ජූස් වර්ග, විකුණන පදික වෙළෙන්දන් අතරෙන් අපි සැන්සේබ් ඇල දෙසට යන්නට වීමු. සැන් සේබ් ඇලේ බෝට්ටු සේවය තවමත් කාර්‍ය බහුලය. අධික තදබදයෙන් මිදෙන්නට බොහොමයක් තායි ජාතිකයින් මේ ඇල දිගේ බෝට්ටු වලින් ගමන් බිමන් වල නියැලෙයි. මේ ඇල වල්වල දුවන්නේ නගරයේ අප ජලයයි.
" සමාගම් සහ විවාහ ලියාපදිංචි කරන්නෝ "
සාප්පුව අසබඩ මසාජ් පාලර් කිහිපයකි.
" මේ පයින් යන විදිහට නම් හවසට මසාජ් එකක් දාගන්න වෙයි වගේ."
" මචං ඒවයේ හරි නරක දේවලුත් කෙරෙනවලු නේ. අපේ නෝනා ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන තිබ්බා "
" එහෙම කරන තැනුත් ඇති මචං . ගොඩක් තැන්න්වල කෙරෙන්නේ මසාජ් එක විතරයි "
" අඩේ ... එහෙනම් උඹ හිහින් වගේ "
රෝහණ කියන්නේ මසාජ් පාලර් දෙස බලමිනි.
" අන්තර්ජාලයෙන් හොයල බලපන් තායිලන්තයේ සම්බාහන කියන්නේ එයාලගේ පාරම්පරික වෙදකම් එක්ක එන දෙයක්. වට් පෝ පන්සලේ පාරම්පරික සම්බාහනය ගැන පුහුණුව පවා දෙනවා "
" මෙහෙ සාදුලාට ඕනෑ නැති දෙයක් නෑනේ "
" හා.. හා .. ඒවා කරන්නේ සාදුලා නෙවෙයි. එයාලා හරිම සිල්වත් අය. ගැහැණු කෙනෙක් අතින්දෙන දෙයක් වත් එයාලා බාර ගන්නේ නෑ. සම්බාහනය උගන් වන්න වෙනම අය ඉන්නවා "
අපි මසාජ් පාලරය ඉදිරිපිටින් ගාටමින් යනු දුටු සම්බාහනය ආයතනයේ සේවිකාවෝ අපදෙසට එන්නට වූයේ ගණන් හිලවු ලියා ඇති මෙනු කාඩ් පතක් ද රැගෙනය
" සර් තායි මසාජ් ත්‍රී හන්ඩ්‍රෙට්..ඔයිල් ෆුල් බොඩි වෙරි ගුට් ෆෝර් හන්ඩ්‍රෙට් "
එකියක් රෝහණගේ අතින් අල්ලා අදින්නට විය.
" මචං මචං මොකද මේ කරන්නේ "
රෝහණ බිය වී ඇත.
" ඕකේ..ඔකේ වී කම් ලේටර්.ගිව් හිම් ගුඩ් මසාජ්
කියමින් මා රෝහ්ණව මසාජ් කෙල්ලන්ගෙන් බේරා ගතිමි. ඔවුන් රෝහණව බලහත්කාරයෙන් මසාජ් පාලරයට ගෙනියන්නට උත්සාහ කලා නොව ඒ ඔවුන්ගේ හැටිය. රෝහණ වැනි කෝඩු කාරයෙකුට මේ සිදුවීම් ඔරොත්තු දෙන්නේ නැත.
" මචන් රෑ බෝවෙලා බැංකොක් වල ඇවිදින එක නම් සුබ නෑ වගේ "
රෝහණ බිය වී ඇත.
තවමත් වාහන හෙලවෙන පාටක් නැත. අපි බඩු මලුත් කර පින්නාගෙන පෙච්බුරි පාලමට යටින් පෙච්බුරි පාර තරණය කරන්නට වීමු. පෙච්බුරි පාරේ තදබදය රාචදම්‍රි පාරටත් වඩා දරුණුය. මේ බැංකොක් නගර වාසීන් වැඩ ඇරී නිවෙස් බලා යන කාලයයි. මේ ආකාරයේ තදබද බැංකොක් නගරයේ සුලභය. අපි හීන්සීරුවේ පෙච්බුරි පාර තරණය කරමින් රාජදම්‍රි පාරේ ඉදිරියට යන්නට වීමු. පාර පැන්න විගසම හමුවන්නේ පැලේඩියම් රාත්‍රී මාරකැට්ටුවයි. එය ප්‍රසිද්ධ ඇඳුම් කැඩුම් මිළදී ගන්නටයි.
පැලේඩියම් මාරකැට්ටුවේ විසිතුරු බලමින් යන අතරතුර බුර්කා ඇඳසිටි ගැහැණු කිහිපදෙනෙකු සමග සිටි අරාබි පෙනුමැති තරබාරු මිනිසෙක් අපට සිනාසී
" වෙයාරා යූ ෆ්‍රොම් "
කියා අපෙන් ඇසුවේ අරාබි ඌරුවෙනි.
" ශ්‍රී ලංකා... වෙයාරා යූ ෆ්‍රොම් "
කියා ඇසූ විට
" ටර්කි " යැයි ඔහු පිළිතුරු දුනි.
"' මචන් .... කළුකුමාටත් ටර්කි කියනවනේ. මේ දෙගොල්ල ගේ මොනව හරි සම්භන්ධයක් ඇති. මේ මනුස්සයත් කළුකුමෙක් වගෙයි "
" හොඳ වෙලාවට තුර්කි කාරයා සිංහල දන්නේ නැත්තේ "
තුර්කි කාරයා ලංකාවේ මුදල් බලන්නට ආසා වගක් නම් නොකීවේ අපේ වෙලාවටය. සාමාන්‍යයෙන් මෙලෙස පැන පැන කතාවට එන්නේ අරාබි ජාතික ඩොලර් අතුරුදන් කරන්නන් ය. නමුත් මේ තුර්කි කාරයා නම් අපෙන් විස්තර අසා තිබුණේ අවංකවමය.
පැලේඩියම් බසාරය පසුකල අපිළඟා වූයේ වෝටර්ගේට් නයිට් මාරකැට්ටුව ටයි. එයත් පැලේඩියම් පන්නයේම කුඩා මාරකැට්ටුවකි. එහි වැඩියෙන්ම විකුණන්නට තබා තිබුණේ ඇඳුම් වලට වඩා සිහිවටනය.
" මචන් පොඩි බඩගින්නක් නම් එනවා. ෆාම් එකෙන් කෑවට පස්සෙ මොකුත්ම කෑවේ නෑ. මම උඹ එක්කම කන්න හිටියා. පොඩි දෙයක් කමුද ? "
" එහෙනම් ෆිෂ් බෝම්බයක් හරි සොසේජස් කරලක් හරි කාල රෑ වෙද්දි මානෙල් ලංකා එකට යමු ":
මා කීවේ සොසේජස් පළහා විකුණන කාන්තාවක් ළඟ නතර වෙමිනි.
සංජය දොළමුල්ල
බැංකොක් මතකමානෙල් මල් පොකුරැ දෝතින්
දරාගෙන..
සිත නැගි විඬාවෙහි සලකුණු
වසාගෙන...
නොහෙලන කදුළු නෙත් අබියස
පුරෝගෙන....
සොදුරැද මොනතරම් ඔය වත
සිනාසෙන......" පිස්සුද අයිසේ ඒක හරි යන්නේ නෑ, කොහොමද එච්චර රිස්ක් එකක් ගන්නේ "
"සර් බය වෙන්න එපා මේක හරි යනවා සුවර්.. බැරිවෙලාවත් මොකක්හරි මිස්ටේක් එකක් උනොත් සම්පූර්ණ වගකීම මම ගන්නවා. සර් කියන්න මේකට ඩිපාර්ට්මන්ට් එකේ කිසි සම්බන්ධ නෑ කියල "
" තමුසේ කියයි මමනේ ඉහලට උත්තර බදින්න ඕනේ"
"ප්ලීස් සර් එක චාන්ස් එකක් දෙන්න "
"විකාර කියවන්න එපා මේකට පර්මිශන් නැ එච්චරයි"
" එතකොට සර් කියන්නේ පිස්සු බල්ලො ටිකකට මේ පලාත විනාශ කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න කියලද"
" නෑ මේක ඉවර කරන්න ඕනේ, හැබැයි ඒ හරි විදියට "
" මොක්ද්ද සර් හරි විදිය ? මොකෙක්හරි අල්ලගත්තම එක්කො ඇමතියෙක් කෝල් කරනවා, නැත්නම් මන්ත්‍රී කෙනෙක් කෝල් කරනවා නැත්නම් අපේ ඩිපාර්ට්මන්ට් එකේම ලොක්කේක් කෝල් කරනවා අච්චර මහන්සි වෙලා ජීවිතෙත් පරදුවට තියලා අල්ලපු එකා යන්නේ අපිට හිනාවෙලා"
" හරි අයිසේ ඒත්..."
" උන්ව අල්ලන්න ගිහින් අපේ කීදෙනෙක් මැරුනද ? අද ඒ පවුල්වලට මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවද සර්.... ඒ මිනිස්සු අද පාරට වැටිලා. ජීවිතේ පූජා කරලා දවසක් දෙකක් මීඩියා වලින් ජාතික වීරයො කරනවා සති දෙකයි යන්නේ හැමෝටම අමතකයි. අවසානෙට අසරන වෙන්නේ පවුලේ අය විතරයි"
" තමුසේ හිතන්නේ මට ඒ මිනිස්සු ගැන දුකක් නෑ |
කියල ද"
සති දෙක්කට කලින් අලුත් ස්තානාදිපති විදියට වැඩ බාරගත් IP අජිත්, DIG ව හමුවීමට ආවේ නගරයේ අනසක පතුරවාගෙන සිටි පාතාල කන්ඩායම් දෙක මර්දනය සදහා සැලසුමක් අරගෙන. DIG විමලසූරිය කියන්නේ මුදලට නොවිකුනු කීර්තිමත් අවංක නිලදාරියෙක් . ප්‍රතිලාභ හින්ද පාතාලයට රැකවරනය දෙන කාලකන්නි දේශපාලනඤයනුයි මුදලට විකුනුනු පොලිස් දෙපාර්තමේන්තුවෙ සමහර නිලදාරින් නිසා දිනෙන් දින වර්දනය වෙමින් පැවතුනු පාතාලය මුලු පලාතම ගිලගනිමින් පැවතුනේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනය එල්ල කරමින්.
" ටවුන් එකේ ඉස්කෝල ටික ගන්න දෙයක් නෑ සර්... අයිස් කුඩු ගංජා හැම තැනම"
" මටත් ඕනෙ මේ ප්‍රශ්නේ ඉක්මනට ඉවර කරන්න, මට තියෙන ප්‍රශර් එක අජිත් නොදන්නවා නෙමෙයිනේ. එහෙන් ඇමතිලා විපක්ශේ මන්ත්‍රීලා.... පොලිස්පතිගේ ඉදන් ඉහලින් ඉන්න හැමෝම අහනවා.... මීඩියා කාරයො ඔක්කොටම හපං"
" සර් මට පර්මිශන් දෙන්න ඒ ප්‍රශ්න නැතිකරලම දානවා"
" තවත් ඒ ගැන කතාකරන්න එපා , වෙන විදියක් ගැන බලනවා"
අජිත් DIG ගේ කාමරෙන් එලියට ආවේ ලොකු තරහකින්. අජිත්ගේ ඔලුවේ වැඩ කලේම මේ පාතාල කන්ඩායම්
දෙක මර්දනය කරන එක ගැන. කුඩු අයිස් ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය ඉස්කෝල ලමයින් හා තරුනයන්ගේ අතට ආවේ මෙම කන්ඩායම් දෙක මාර්ගයෙන්. මිනිස්සුන්ට ඔවුන් සැලකුවේ තිරිසන් සත්තු ගානට, මිනිස්සු මරලා දැම්මේ බල්ලො බලල්ලු ගානට. ඔවුනට එරෙහි වීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුනේ එසේ එරෙහි වුනු පුද්ගලයන්ට අත්වුන ඉරනම් දන්න නිසයි. ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම , මංකොල්ල කෑම් වැනි අපරාධ මෙන්ම ප්‍රදේශයේ ස්ත්‍රී දූශන එන්න එන්න වැඩිවීම නිසා ජනතාව අතර පොලිසිය ගැන පැවතුනේ දැඩි අප්‍රසාදයක්. ඒකට තවත් හේතුවක් වුනේ පොලිසියේ කීපදෙනෙක් මෙම කන්ඩායම් දෙකෙන් වරප්‍රසාද ලබා ගැනීමයි.
කන්ඩායම් දෙක අතර පැවතුනේ ලොකු තරගයක්. ඒ නිසාම ඔවුන් අතර නිතර නිතර සටන් ඇතිවුන අතර ගොඩක් වෙලාවට ඒවා අවසන් වුනේ දෙපැත්තේ සාමාජිකයන් කාගේහරි ජීවිත නැතිවෙලා. කල්ලි දෙකේ නායකයන් වුනු කුඩු වසන්ත නොහොත් වසන්ත පෙරේරට වගේම ආර්මි ගයාන් නමැති අන්වර්ත නාමයෙන් හදුන්වපු ගයාන් රත්නායකට අවශ්‍ය වුනේ කොළඹ සම්පූර්ණ බලය තමන්ගේ ග්‍රහනයට ගැනීමට.
" බොස් අරූ නම් හරියන්නේ නෑ"
" කව්ද "
" අලුත් OIC ,I P අජිත් කාරයා"
" සල්ලි ටිකක් විසි කරපන්, ඕනේ අය්යෙක් නැමෙනවා මොනරු ඉස්සරහ"
" වැඩක් නෑ ට්‍ර්‍යි කලා, ඌ එහෙම එකෙක් නෙමෙයි "
" එහෙනම් තියලා දාපන්"
" ඒත් බොස් "
"ඒත් ගාන්නේ මොකද අරන් දීපන් ඌට කෝල් එකක්"
වසන්තගේ හොඳම ගෝලයා උනේ රොශාන් , තමන්ට සහෝදරයෙක් වගේ සලකපු වසන්ත වෙනුවෙන් පනවුනත් දෙන්න සූදානම් ව හිටපු රොශාන් දක්ශ වෙඩික්කරුවෙක් වගේම එකපාර දහයකට වුනත් ගහන්න පුළුවන් දක්ශ ෆයිටර් කෙනෙක්. අජිත්ගේ දුරකතනය නාද වෙන්න ගත්තේ DIG ව හම්බෙලා එනගමන්.
"හෙලෝ"
" ආයුබෝවන් ඉන්ස්පෙක්ටර් මහත්තයා "
" කව්ද මේ"
" මුලු පලාතක් දන්න මාව සර්ට අදුරගන්න බෑ එතකොට "
" ඇයි කටහඩින් අදුරගන්න තමුසේ ජෝතිපාලද, කියන්න තියෙන දෙයක් ඉක්මනට කියනවා වටේ යන්නේ නැතුව මට වැඩ තියෙනවා"
" අන්න එහෙම කෙලින් වැඩ කරන මිනිස්සුන්ට මාත් හරි කැමතියි. අපි කෙලින්ම කාරනාවට බහිමුකො, සර්ට මම එවපු තෑග්ග එපා කිව්වලු නේද.... "
" ආ තමුසෙද ? ඔය ලේ ගෑවිච්චි සල්ලි ගන්නවට වඩා නම්බුයි අයිසේ ලේන්සුවක් දාගෙන පාරේ ලේන්සුවක් හිඟා කනවා"
" ආ සර් ඒකෙන්ද එන්නේ ... හිගාකන්න හරි ජීවත් වෙලා ඉන්න එපැයි"
" ඇයි තමුසේ තර්ජනේ කරනවද"
" මීට කලින් කීපදෙනෙක්ම ඔහොම ආව, අද උන් ඉන්න තැන්වල ගසුත් පැලවෙලා ඇති..... සර් පොඩ්ඩක් හොයලා බලන්නකෝ "
" තමුසෙව බල්ලෙක්වගේ කුඩුවට දාන දවස වැඩි දුර නෑ"
" හරි හැප්පිලා බලමුකො , මම ඉක්මනට එන්නම් බලලලා යන්න"
" එනවා එනවා මාත් ආසාවෙන් බලාගෙන ඉන්නේ තමුසෙවයි අර ගයාන් කියන එකයි හම්බෙන්න "
කොවාටස් එකට ඇවිත් නිදාගන්න උත්සාහ කලත් නින්ද අහලකටත් නාවේ හිතේ තිබ්බ කෝපය හින්දා. ඔය අතරේ කෝල් එකක් ආවේ නාදුනන නම්බර් එකකින්
" හෙලෝ "
" අජිත් මම"
" ඔව් සර්"
" අර වැඩේ කරනවා, හැබැයි මොකුත් මිස්ටේක් එකක් වෙන්න බෑ. උනොත් කරන්න ඕනෙ දේ දන්නවනේ"
" ඔව් සර් , සර් ඒ ගැන බය වෙන්න එපා"
" නම්බර් එකක් එවලා ඇති ඒකට කතාකරල හොඳ කොල්ලො හතර දෙනෙක් ඉල්ලගන්නවා වැඩේට”
“ තැන්ක් යූ සර්. ගුඩ් නයිට් "
නඩු කටයුත්තකට උසාවි ගිහින් ගිහින් පොලිසියට එද්දී 11ට විතර. පොලිසියේ එකම කලබලයක් අවුරුදු පනස්ගානක විතර පෙනුමැති අම්ම කෙනෙක් අඩ අඩ ඉන්නවා දැකපු අජිත් කතා කලේ කොස්තාපල් කෙනෙක්ට.
" බංඩාර මොකද මේ අම්මා අඩන්නේ"
" මේ අම්මගේ පුතාට කවුද කට්ටියක් ගහලා"
" වෙන කවුරුත් නෙමෙයි මහත්තයෝ මගෙ දරුවට ගහලා තියෙන්නේ අර ආර්මි ගයාන්ගේ ගෝලයෝ"
" ඇයි උන්ට අම්මගේ පුතත් එක්ක තියෙන තරහ මොකද්ද "
" අපේ ගමට කුඩු වසංගතේ බෝවෙලා ගමේ කිප දෙනෙක් එක්ක එකතුවෙලා පුතා ඒකට විරුද්ධ උනා. ඒ තරහටයි පුතාට උන් ගහලා තියෙන්නෙ මහත්තයෝ..."
" දැන් පුතා කොයි"
" කොල්ලා ඉස්පිරිතාලෙ , නවත්තලා ඉන්නේ ටිකක් අමාරුයි "
" හරි අම්මා දැන් අඩන්නේ නැතුව පැමිනිල්ලක් දීලා යන්න අද හවස් වෙද්දි ගහපු උන්ව අරන් ඇවිත් කූඩුදට දානවා"
"මේ මහත්තුරු පැමිනිල්ල ලියන්නේ නෑනේ..."
" පී සී මොකද්ද මේ කියන්නේ"
" නෑ සර් මේ...."
" මොනාද ඕයි නෑ බෑ ගාන්නේ , ඕක ලියලා ඇවිත් මාව හම්බෙනවා. ඔක්කොමලා මේ දේ මතක තියාගත්තොත් හොඳයි අපි ඉන්නේ මිනිස්සුන්ට සේවය කරන්න මිසක් ඔය එක එකාගේ කකුල් ලෙවකන්න නෙමෙයි. කාටහරි එහෙම ඕනේනම් ඔය යුනිෆෝම් එක ගලවලා තියලා උන්ටම වැඩ කරන්න පුළුවන්"
අජිත් එහෙම කියද්දි නිලදාරි කීපදෙනෙක් හිටියේ බිම් බලාගෙන. " තව ටික දවසක් රඟපල්ලකො" අජිත් සිය කාර්‍යාල කාමරය වෙත ගියේ තමාටම කියාගනිමින්
දින කීපයකට පසු මුලු පලාතම අවිලිලා ගියේ වැලිකඩ නිහාල්ගේ ගාතනයෙන්. නිහාල් යනු ආර්මි ගයාන්ගේ කල්ලියේ මොලයයි. ගයාන්ගේ කල්ලියේ සියලු සැලසුම් සකස්කලේ නිහාල් විසින්. ගයාන්ට නිහාල් හම්බුනේ වැලිකඩ බන්දනාගාරෙදි, ඒ හින්දම කවුරුත් නිහාල්ව හැදින්වුයේ " වැලිකඩ නිහාල් " නමින්. අවුරුදු 50ක විතර තලත්තෑනි පුද්ගලයෙක් වුනු නිහාල්ට තිබ්බේ සූක්ෂම බුද්ධියක්. නිහාල් හමුනොවන්නට ගයාන් අදටත් කොල්ලෝ කීපදෙනෙක් තියාගෙන කොන්ත්‍රාත් එකට අපරාධ කරන සාමාන්‍ය අපරාධකාරයෙක්. ගයාන්ගේ හැකියාවත් නිහාල්ගේ බුද්ධියත් නිසයි අද ආර්මි ගයාන්ගේ පාතාල කන්ඩායම ලංකාවේ නම ගිය පාතාල කන්ඩායමක් වුනේ.
නිහාල්ගේ ගාතනය ගැන කන වැකුනු ආර්මි ගයාන් හිටියේ පිස්සු බල්ලෙක් වගේ, මොකද ගයාන්ගේ හය්ය වුනේ නිහාල් හින්දා. වසන්තගේ දකුනු අත වෙච්චි රොශාන් විසින් මෙම ගාතනය සිදුකල බවටයි පුවත් පැතිරුනේ.
" චුට්ටේ බොඩි එකේ තත්වෙ කොහොමද"
" තාම මෝචරියේ බොස්"
" කීයක් ගියත් කමක් නෑ ඉක්මනට බොඩි එක ගනින්, මල ගෙදර තියෙන්න ඕනේ රජෙක්ගේ මලගෙයක් වගේ. අද මම මෙහෙම ඉන්නේ ඔය මනුස්සය හින්දා"
" හරි බොස් ඒ හැමදෙයක්ම ගානට වෙනවා වත්තේ උන් වැඩ පටන්ගෙන තියෙන්නේ "
" ලාල් "
" ඔව් බොස් "
" අය්යගේ වලට පස් දාන්න කලින් රොශානයා අඩි 6ක් යටට යවන්න ඕනේ ඉක්මනට ඕකව අල්ලගනින්"
" හරි බොස්"
" තව දෙයක්"
" මොකද්ද බොස් "
" මට ඌව පන පිටින් ඕනෙ "
" හරි බොස්"
නිහාල්ගේ ගාතනයේ ආරන්චියෙන් උද්දාමයෙන් සිටියත් වසන්ත කලබලෙන් හිටියේ රොශාන් ගැන තොරතුරක් නැතිහින්දා.
" අමරෙ"
" බොස්"
" බලනවා වෙලාව පාන්දර 03ත් පහුවෙලා, තාම නැද්ද ආරන්චියක්"
" තාම නෑ බොස් රොශාන් අය්යගේ ෆෝන් එක වැඩ නෑ. කොල්ලො ටික හොයනවා හැම තැනම"
" මුලු පලාතම පීරලා හරි කමක් නෑ ඉක්මනට කොල්ලව හොයපන්. අරුන් පිස්සු බල්ලෝ වගේ හොයනවා ඇති ඌව. හැබැයි කොල්ලට පොඩි සීරීමක් වත් වෙන්න බෑ"
උදේම DIG ප්‍රදේශයේ පොලිස් කීපයක ප්‍රදානින් ඇතුලු තෝරාගත්ත කීපදෙනෙක් කැදවලා තිබ්බේ මීටින් එකකට.
" අජිත් මොකද තත්වෙ"
" දැනට අවුලක් නෑ සර් සිද්දි මොකුත් වාර්තා වෙලා නෑ. අද උදේ නිහාල්ගේ බොඩි එක රිලීස් කලා. ගයාන්ගේ කල්ලියෙන් රොශාන්ව හොයනවා මරන්න"
" මේක කොහෙන් කොහොම නවතීද දන්නෑ අයිසේ"
" එහෙම දෙයක් වුනොත් කන්ට්‍රෝල් කරන්න ඇක්ශන් අරන් තියෙන්නේ , තව දෙයක් සර්"
" මොකද්ද අජිත් "
" හැබැයි සර් මේක එලියට යන්න බෑ එහෙම උනොත් ලොකු කලබලයක් වෙනවා"
" ඒ මොකද්ද "
" අපි ඊයේ රෑ රොශාන්ව ඇරෙස්ට් කලා"
" මොකක්... නියමයිනේ "
" ඔව් සර් ඒත් ඒක උන් දෙගොල්ලො දැනගත්තොත් ප්‍රශ්නයක්"
" ඔව් එහෙම උනොත් ලොකු කලබලයක් වෙන්නේ, මේ කාරනාව මෙතනින් එලියට යන්න බෑ"
මීටිමේ සිටි සියලු නිලදාරින් ඔලුව වැනුවේ කාරනාව පිටට නොයාමට එකග වෙමින්
" දැන් කොහෙද ඉන්නේ මිනිහා"
" දැනට ගම්පහ තැනක රදවලා ඉන්නේ ඒ ගැන විස්තර සර්ට කියන්නම් මම, මොකද රෑට එතනින් වෙන තැනකට ගේන්න ඕනේ. ඒ කරලා හෙට උදේම කොලඹින් පිට කරනවා කාටවත් දැනගන්න බැරි තැනකට"
මීටින් එක ඉවරවෙලා විනාඩි 5ක් යන්නටත් පෙර මීටිමේ තොරතුරු සියල්ල ගයාන් දැනගත්තේ ලැබුන ඇමතුමකින්
" ගයාන් බඩු ඉන්නාවා"
" ඒ කවුද S I කියන දෙයක් තේරෙන්න කියනවා"
" රොශාන් ඉන්නවා"
" මොකක් කෝ කොහෙද ඕකා"
" නිහාල් අය්යට ගේම දීල යද්දි ඌව ඇරෙස්ට් කරලා"
" ඒ කියන්නේ නිව්ස් එක කන්ෆර්ම් ? ඌමද ගේම දීලා තියෙන්නේ"
" ඔව් CCTV වල රෙකෝඩ් වෙලා තියෙනවලු"
" පාහරයා මම ඕකට දෙන්නේ මේ ලෝකේ කවුරුවත් අත් නොවිදපු මරනයක්"
" කලබල වෙන්න එපා, මේ වෙලාවෙ පොලිසියෙන් ඇහැගහගෙන ඉන්නේ"
" හරි තමුසේ කියනවකෝ කොහෙද ඉන්නේ කියල"
" ගම්පහ කියල විතරයි ආරන්චි ,ඉන්න තැන හරියටම දන්නේ නෑ හැබැයි අද රෑට තැන වෙනස් කරනවා. කරන දෙයක් අද තමයි හෙට උදේම ඌව කොලඹින් පිට කොහෙටද ගෙනියනවා"
" හරි තමුසේගේ කෝල් එක එනකල් බලන් ඉන්නවා මම, ප්ලේස් එක කොහෙද කියල හොයාගන්නවා. මේ වෑඩේට මම වෙනම සලකනවා"
අර්මි ගයාන් නිහාල්ගේ මලගෙදර වැඩ කටයුතු අදීක්ශනය කරමින් සිටි අතර වසන්ත වෙහෙසුනේ රොශාන්ව සෙවීමටයි.
ඔය අතර වසන්තගේ දුරකතනයට වට්සප් ඇමතුමක් පැමිනියේ නාදු |
නන නම්බරයකින්.
"හෙලෝ"
"වසන්ත අය්යා පොඩි තොරතුරක් දෙන්න කතා කලේ"
" කවුද උඹ , මොකද්ද ආරන්චිය"
" රෝශාන් ඉන්නවා තැනක"
" කොහෙද යකෝ මගෙ එකා ඉන්නේ"
" ඒවා ඉතින් නිකන් කියන්න බෑ, ඒවට ගෙවන්න ඕනේ”
“තෝ යකෝ මගෙන්ම කප්පම් ඉල්ලනවද , මේ පලාතෙම එවුන්ගෙන් කප්පම් ගන්න වසන්තගෙන්..... "
" දෙනවද නැද්ද කියලා ඔයා තීරනේ කරන්න, හැබැයි එකක් මතක තියාගන්න තව පැය කීපයයි තියෙන්නේ. ගයාන් බොස් හෙට නිහාල් අය්යගේ වලට පස් දාන්නේ අද රෑට රොශාන්ගේ අවසාන හුස්ම ටිකත් ඈතට යවලයි"
"කොහොමද උඹව විස්වාස කරන්නෙ"
" හරි මම එවන ෆොටෝ එක බලලා ඕනේ නම් මට කෝල් එකක් ගන්න"
වට්සප් එකට ආව ෆොටෝ එකෙන් වසන්ත ගැස්සිලා ගියේ රොශාන් හිටපු තත්වේ දැකලා. ඇස් දෙකයි අත් දෙකයි රෙදිපටි දෙකකින් බැදලා තිබ්බේ, රොශාන් හිටියේ මූන ආවරනය කරපු දෙන්නේක්ගේ වාරුවෙන් ඔවුන් රොශාන්ට දෙපයින් නැගිටලා ඉන්න බෑරි වෙන්න වද දීලා තිබ්බේ.වසන්ත නැවතත් ඇමතුම ගත්තේ අර නම්බර් එකට
"කොහෙද යකෝ මගෙ කොල්ලා ඉන්නේ"
" කලබල වෙන්න එපා වැඩේ කෙරෙන විදිය කිව්වනේ"
" හරි කියපන් කීයක් ඕනෙද ? කොහෙටද දෙන්න ඕනේ"
" 25 ක් ඕනේ මම එකවුන්ට් නම්බර් එක එවන්නම්"
“ මොකක් ලක්ෂ 25ක්"
" ඔයාට රොශාන් වටින්නේ ලක්ශ 25ද ?නෑනේ..... සල්ලි දාලා ස්ලිප් එක එවන්න"
වසන්ත එකවුන්ට් එකට සල්ලි දාද්දි හවස 6ත් පහුවෙලා. දාපු ගමන් ස්ලිප් එක වට්සප් කරපු වසන්ත කලබල වුනේ ඇමතුම් කීපයක් ගත්තත් අනිත් පැත්තෙන් ප්‍රතිචාරයක් නොවුන තැනයි.
" මොකද බොස්"
" ඌ ආන්ස්වර් කරන්නේ නෑ"
" බොස්ට සුවර්ද ඌව"
" සුවර් නැතත් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නෑනේ, රොශාන්ව බේරගන්න මම මීට වඩා දෙයක් වුනත් කරනවා"
"අන්න බොස් කොල් එකක්"
" හෙලෝ, සල්ලි දැම්මා මට කියපං කොල්ලා කොහෙද කියලා"
" ගම්පහ තැනක හිටියේ අද රෑට කොලඹට ගේනවා. දෙකේ කනුවෙ පොල්වත්තේ තියෙන ගෙදරට, එතනට ගේද්දි රෑ 9,10 වෙයි " වසන්ත කතා කරන්නත් කලිනුයි අනිත් පැත්තෙන් ඇමතුම කට් වුනේ.
" මොකද ඌ බොස් කියන්නේ "
"රෑට රොශාන් ගේනවලු කොලඹට, කොල්ලො ටිකයි ආයුදයි ලෑස්ති කරගන්නවා අද උන්ව ඉවර කරන්න ඕනේ. ගයාන් කියන එකයි උගේ කොල්ලෝ ටිකයි ජීවත් වෙන අවසාන දවස අද වෙන්න ඕනේ. නිහාල් එක්ක අනිත් එවුනුත් පරලෝකෙට යවන්න ඕනේ"
" හරි බොස් මම කොල්ලෝ ටික එක්ක ගිහින් වැඩේ දෙන්නම් අද එකෙක් ඉතුරු කරන්නේ නෑ"
" මාත් එනවා අරූ මැරෙන්න ඕනේ මගේ අතින්"
" බොස් යන එක හරි නෑ අනික කවුද දන්නේ ඒක ඇමක්ද කියල"
" අපි යන්නේ රෙඩි පිටනේ තියලා දාමු"
" නෑ බොස් කියන දේ පොඩ්ඩක් අහන්න , බොස් කීප දෙනෙක් එක්ක මෙහෙ ඉන්න මමයි අමරෙයි කොල්ලො ටික එක්ක ගිහින් වැඩේ තිතට දෙන්නම්"
" හරි එහෙනම් උන් එන්න කලින් තමුසේ කොල්ලො ටික එක්ක ගිහින් එතන වටලලා ඉන්නවා . හොඳට බලලා වෙලාව ආව ගමන් ගහනවා. හැබැයි රොශාන්ගේ ජීවිතේට කරදරයක් වෙන්න බෑ. මේක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් , උන් හොඳට ලෑස්ති පිටයි එන්නේ"
ගයාන්ගේ ෆෝන් එකට SI ගෙන් මැසේජ් එක එද්දි රෑ 7ට විතර.
" රොශාන්ව ගේනවා රෑ 10ට විතර දෙකේ කනුවේ පොල්වත්තේ පාලු ගෙදරට. එතන ගාඩ් එක තර කරලා තියෙන්නේ. ආයේ මේකට කෝල් ගන්නෙපා"
" ලාල් කොල්ලොයි ආයුදයි ලෑස්ති කරනවා අරූ ඉන්න තැන දැන ගත්තා"
" හරි බොස් මම කොල්ලෝ එක්ක ගිහින් වැඩේ කරලා එන්නම්"
" නෑ ඌට අපාය පෙන්නන්නේ මම"
" ඒත් බොස්, බොස් එතනට යන එක රික්ස් නේද"
" නිහාල් අය්යා මරපු එකා මේ අත් දෙකෙන් මරන්න බැරිවුනොත් ජීවිත කාලෙම මට නින්ද යන එකක් නෑ, කොල්ලො ටිකයි ආයුද ටිකයි ලැස්ති කරනවා"
වසන්තගේ ගෝලයො ගේ වටකරලා ටික වෙලාවක් යද්දි ගයාන් ආවේ කොලලො ටිකත් එක්ක, පාලුවට ගියපු වත්ත එකම එක යුද පිටියක් වෙද්දි එක එකා මැරි මැරී වැටුනේ බල්ලෝ වගේ . පලාතම දෙදුරුම් කමින් වෙඩි හඬ ඇහෙද්දි කල්ලි දෙකේ වැඩි පිරිසකට ජීවිත අහිමිවෙන්න ගියේ විනාඩි දහයයි පහලවයි. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක් වුනු ගයාන්ටයි ගයාන්ගේ කල්ලියේ 4,5 දෙනෙකුටයි පමනයි ජීවත් වීමේ අවස්තාව ලැබුනේ. ඒත් ඒ වැඩි වෙලාවකට නෙමෙයි , ඔවුන් බේරිලා වත්තෙන් එලියට එද්දිම එල්ලවුන T 56 වෙඩි වරුසාවෙන් ඔවුන්ගේ සරීර හිල්වෙලා ගියේ තප්පර කීපයක් ඇතුලතයි.
මේ අතර වසන්තට නැවතත් ඇමතුමක් ආවේ අර ඔත්තුව ආව නම්බර් එකෙන්.
" වසන්ත අය්ය ප්ලේස් එක වෙනස් වුනා"
" මොකක් බොල තෝ මාත් එක්ක සෙල්ලම් කරනවද, හොයාගෙන ඇවිත් බල්ලෙක් වගේ මරලා දානවා"
" ප්ලෑන් කරලා තිබ්බේ දෙකේ කනුවෙ තැනට ගේන්න , පස්සෙ ගයාන් බොස් කතා කරලා තිහේ වත්තට ගේන්න කියල. දැන් රොශාන් එතන ඉන්නේ. ගයානුත් එයි එතනට"
" රුවන් අමරෙට කෝල් එකක් ගනින්"
" බොස් අමරෙ ආන්ස්වර් කරන්නේ නෑනේ"
" වෙන එකෙක්ට ගනින්"
" උන් උස්සන්නෙත් නෑ බොස්"
"ඕකුන්ට කට කැඩෙනකක් කියනවා කෝල් වලට ආන්ස්වර් කරන්න කියලා. ප්‍රියන්ත ආයුද ටික දාගනින් වාහනේට.. ඉන්න කොල්ලො ඔක්කොම එක්ක යමන්. රුවන් උඹ දිගටම කෝල් ගනින් අමරෙට කොල්ලො ටිකත් එක්ක තිහේ වත්තට එන්න කියපන්"
"හරි බොස්"
වසන්ත තිහේවත්තට එද්දී එහි තිබ්බේ දැඩි නිහැඩියාවක්. පාලුවත්තක තිබුන ගේක ලයිට් දාලා තිබ්බේ ඔත්තුවේ හැටියටමයි. සූකශම වුනු වසන්ත එම නිවස පහුකරගෙන ගොස් වාහනයෙන් බැස වාහනය දිගටම යවා නිවස වට කලේ කලුවරේමයි. එක පාරටම වෙඩි පහරවල් කීපයක් එල්ල වුනේ බලාපොරොත්තු නොවුන විදියට. පලපුරුදු වෙඩික්කරුවන් කීප දෙනෙක්ගෙන් එල්ලවුනු ඒ වෙඩි පාරවල් වලින් බේරීමට කිසිවෙකුත් සමත් වුනේ නෑ.
පහුවදා ප්‍රදාන මාද්‍ය සියල්ලකම පාහේ වාර්තා වුනේ වැල්ලම්පිටිය දෙකේ කනුව පාලුවත්තකදී ආර්මි ගයාන්ගේ හා කුඩු වසන්තගේ කල්ලිවල ඇතිවූ ගැටුමකින් එම කන්ඩායම් දෙකේ විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවත් 50 ට ආසන්න මලසිරිරු ප්‍රමානයක් හමුවූ බවත් ඒ අතර පාතාල කල්ලි නායකයන් දෙදානාගේ මලසිරිරුද වැලිකඩ නිහාල් ගාතනයේ ප්‍රදාන සැකකරු වූ රොශාන්ගෙ මලසිරුරද තිබූ බවයි. වාර්තාවලින් කියවුනේ ඉතිහාසයේ වැඩිම පිරිසක් එකම තැනකදී ගාතනය වුනු විශාලම ගැටුම වුනු මෙයබවයි.
OIC උදේම DIG ව හමුවීමට ගියේ සිද්දිය වාර්තා කිරීමටයි.
" ගුඩ් මෝනින් සර්"
" වෙරි ගුඩ්මෝනින් අජිත්, වෙල් ඩන්"
" තැන්ක්‍යූ සර්"
" ඒක නෙමෙයි අජිත් කොහොමද හිතුවේ වසන්තයි ගයානුයි දෙන්නම එතනට එයි කියල "
" වසන්ත ආවේ නෑ සර් අජිත් විතරයි ආවෙ"
" ඒ කියන්නේ"
" ප්ලෑන් B එකක් තිබ්බා මුල ඉදන්ම, අර ප්ලේස් එකට ආවේ ගයාන් විතරයි. වසන්තට ශොට් එක දුන්නේ වෙන තැනකදි, තුන් දෙනෙක් දෙකේ කනුවේ ප්ලේස් එකට යවලා මම අනිත් කොල්ලත් එක්ක තිහේ වත්තට වසන්තව ගෙන්න ගත්තා. එතන වෑඩේ ඉවර කරලයි බොඩීස් ටික දෙකේ කනුවෙ ප්ලේස් එකට ගෙනත් දැම්මේ"
" කොල්ලො ටික කොයි දැන්"
" කොල්ලෝ 4 දෙනා කෑම්ප් එකට ගිහින් සර්. නියම වැඩ්ඩෝ හැබැයි, මාර ටාගට් එකක් තියෙන්නේ මීටර් 40 , 50 තියලා ගහනවනේ හරියටම"
"මම කීව විදියටම අනිත් වැඩ ටිකත් උනානේ"
" ඔව් සර් , බයික් දෙකයි වෙපන් ටිකයි ෆෝන් සිම් ඔක්කොම විනාශ කලා ආයේ ඒවගේ කෑල්ලක් වත් ඉතුරු වෙලා නෑ"
" නියමයි අයිසේ අද ඉදන් නින්ද යයි සනිපෙට මාර ප්‍රෙශර් එකක් තිබ්බේ, ඔක්කොම මැරෙන්න නැතුව ඇතිනේ හැබැයි උන්ගේ තව එවුන් ඇතිනේ"
" ඔලුව තැලුවට පස්සෙ නැට්ටට පන තිබ්බට වැඩක් නෑ සර්, තව කීප දෙනෙක් ඉන්නවා ඉක්මනට උන්ව ඇරෙස්ට් කරලා පැත්තම සුද්ද කරලා දාමු"අද මගේ කතාවට මූලික වෙන්නෙ විදුලිය භාවිතය සහ මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තියන විදුලි බිල සම්බන්ධයෙන් බොහෝ පුද්ගලයන් සහ සමහර සමාජ මාධ්‍ය පෝස්ට් හරහා වැරදියට සමාජගතවෙන කරුණු කීපයක් නිවැරදි කරන්න.
පහුගිය දවස්වල නැවතත් විදුලි බිල වැඩි කරපු නිසා රටේ බොහොමයක් අයට වැඩිකරපු විදුලි බිල සහ ඒක හැදෙන හැටි ගැන හරි අවබෝධයක් ලබාගන්න මේ දේවල් ටික ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව.
පලමුවෙන්ම බලමු විදුලි බිල් වර්ග ගැන.
ලංකාවෙ කොහොමද භාවිතාකළ විදුලිය වෙනුවෙන් අයකිරීම ඒ ඒ විදුලිය පරිහරණය කරන ස්ථාන අනුව ප්‍රධානව වර්ග කරන්නෙ.?
ලංකාවෙ විදුලි පාරිභෝගිකයන් වර්ගීකරණය මෙහෙමයි.
▪️ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් (Domestic consumers)
▪️ආගමික සහ පුන්‍යායතන (Religious & Charitable institutions)
▪️කර්මාන්ත (Industrial)
හෝටල් (Hotels)
▪️පොදු සේවා සපයන පුද්ගලික සහ රාජ්‍ය ආයතන (General purpose /Government)
ඉහත වර්ගීකරණය අනුව තමන් භාවිතාකරන විදුලි ඒකකයක් සදහා ඒ ඒ පුද්ගලයන් හෝ ආයතන විසින් ගෙවිය යුතු මිල වෙනස් වෙනව.
විදුලි ඒකකයකට අයකරන අඩුම මිල ගෙවන්නෙ ඉහත සදහන් රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් වැඩිම පිරිසක් ඇතුලත් වන ලක්ෂ 65 කට ආසන්න ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් (CEB සහ LECO පාරිභෝගිකයන් දෙගොල්ලොම ඇතුලත්ව).
ඒ ගෘහස්ථ විදුලි පාරිභෝගික ගිණුම් ප්‍රතිශතය ගත්තොත් ඒ අය ඉහත සදහන් රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් අතරින් 80% ට වඩා ප්‍රතිශතයක්.
ඒ වගේම තමයි සංඛ්‍යාලේඛණ දත්ත අරන් බැලුවොත් 2022 වර්ෂයේදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් වැඩිම ආදායමක් ලබල තියෙන්නෙත් මේ කියන ගෘහස්ත පාරිභෝගිකයන්ට විදුලිය විකුණල.
ඒ ආදායම 2022 වසරට රුපියල් බිලියන 96.3ක්.
ඒ නිසා සහ මේක කියවන බහුතරයක් දෙනාට වැදගත් වෙන්නෙ ගෘහස්ථ විදුලි සැපයුම ගැන නිසා අපි ඒ ගැන විතරක් දැනට විස්තර කතා කරමු.
විදුලි බිල්පතක් හැදෙන හැටි ගැන දැනගන්න කලින් ඔයාල මම දාල තියන ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බිල් පතක ආකෘතිය බලන්න.
ඒකෙ රතු පාට ඊතලයෙන් පෙන්නල තියෙන්නෙ ඔබ ඉන්න විදුලි ගිණුමේ කාණ්ඩය. මේක නං ගෘහස්ථ (Domestic) පාරිභෝගිකයෙක්ගෙ ගිණුමක්.
ඒකෙ අනුව ඔක්තෝම්බර් මාසයට මේ පාරිභෝගිකය පාවිච්චි කරල තියන මුලු විදුලි ඒකක ගාන 46යි.
ඒ ඒකක ගණනට ඔහු ඉන්න "ගෘහස්ථ කාණ්ඩයේ" අයක්‍රමය (Tariff) අනුව (බදු නොමැතිව) ගෙවිය යුතු මුලු ගාස්තුව රුපියල් 1000යි.
ඒක හැදුන හැටි ඒ පාරිභෝගිකයටම බලාගන්න පුළුවන් වෙන්න ඒක විදුලි බිලේම සදහන් කරල එවනව.
ඒක නිල් පාට ඊතලයෙන් පෙන්නල තියනව.
පැහැදිලි කරොත්, මම දාල තියන අනෙක් අයකිරීම් වගුව |
අනුව,
ඒකක 46 න් මුල් ඒකක 0 සිට 30 වෙනකල් අයකිරීම ඒකකයකට රුපියල් 10/= ගානෙ මුලු මුදල රුපියල් 300 යි.
දෙවන ඒකක 31 සිට 46 දක්වා ඒකකයකට රුපියල් 25/= ගානෙ ඒකක 16 කට මුලු අයකිරීම රු. 400යි.
එවිට පාවිච්චි කල මුලු ඒකක 46ටම ගෙවිය යුතු ගාස්තුව රු. 700යි.
දැන් පරණ අයකිරීම් වගුවේ හැටියට මේ පාරිභෝගිකයා පාවිච්චි කරල තියන මුලු ඒකක ගණනට (46) ගෙවිය යුතු ස්ථාවර ගාස්තුව රු. 300යි.
දැන් බදු රහිතව මේ පාරිභෝගිකයා ඔක්තෝබර් මාසයේදී ඔහු විසින් පාවිච්චි කරන ලද මුලු විදුලිබලය සදහා ගෙවිය යුතු මුලු මුදල වෙන්නෙ,
රු.700+රු.300 = රු.1000.00
බදු = රු. 25.64
ගෙවිය යුතු මුලු මුදල = රු.1025.64
දැන් අපි වැඩි උන අලුත් විදුලි ගාස්තු වලට මේ ඒකක 46ම යොදල බැලුවොත්,
ඒකක 0 සිට 30ට,
30 X රු 12 = රු. 360
ඒකක 31 සිට 46 ට,
16 X රු.30 = රු. 480
වැඩිකල ස්ථාවර ගාස්තුව = රු. 360
නව මිල සූත්‍රය අනුව එම ඒකක 46ට ගෙවිය යුතු අලුත් බදු රහිත ගාස්තුව = රු. 1200
වැඩිවීම 1200 - 1000 =රු. 200
වැඩිවීමේ ප්‍රතිශතය = 20%
ඔබේ විදුලි බිලත් දී ඇති වගුව ආශ්‍රයෙන් ඔබටම හදාගන්නත් පුළුවන්.
නැත්තං විදුලි බල මණ්ඩලය මගින් සකසා ඇති Electricity bill calculator අන්තර්ජාල යෙදුම හරහා ඔබේ මාසික විදුලි පරිභෝජන ඒකක ගණන සහ දින ගණන ඇතුලත් කර එදිනට විදුලි බිල බලාගන්නත් පුළුවන්.
එහෙම නැතත් ඔබට ලැබෙන "ඊ-බිලේ" ඔබ පාවිච්චි කල විදුලිය වෙනුවෙන් ඔබට ගෙවිය මුලු මුදල හැදුන හැටි සඳහන් වෙනව.
දැන් සමහරු අහන ප්‍රශ්ණයක් තියනව.
"මට එහෙම e Bill එන්නෙ නෑ නේ. මට විදුලි බිල එන්නෙ මගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් විදිහට නේ. එතකොට කොහොමද මේ දාල තියනව වගේ e Bill එකක් මට ගන්න පුළුවන්.?"
ඔව් ඔබට ඔබේ ජංගම දුරකථනයට එන කෙටි පණිවිඩයේ ඔබ පහුගිය මස පාවිච්චි කල විදුලි ඒකක ගාන සහ එයට ගෙවිය යුතු මුලු ගාස්තුව සදහන් වෙනව.
ඊට අමතරව ඒ පණිවිඩයේ යටම "Details" කියල තව අන්තර්ජාල දිගුවක් (web link) තියනව.
ඔබ ලඟ තියෙන්නෙ අන්තර්ජාල පහසුකම් තියන ස්මාර්ට් ජංගම දුරකථනයක් නං ඒ දිගුව ඔබල අන්තර්ජාලයට ගිහින් ඔබට ඔබේ විදුලි බිලේ මේ දාල තියනව වගේ සවිස්තරාත්මක ඊ-බිලක් (Detailed e-bill) ඔබගේ දුරකතනයට නොමිලයේම බාගත කරගන්න පුලුවන්.
ඔබ තවමත් විදුලි බිල කෙටි පණිවිඩයක් මගින් ලබාගන්න පහසුකම ලබාගෙන නැත්තං ඔබට පුළුවන් ඔබේ ලඟම ඇති විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගිහින් එහෙම ඊ බිලක් ජංගම දුරකථනයට ලබාගන්න ලියාපදිංචි වෙන්න.
ඒ වගේම ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට e bill එකක් ගෙන්න ගන්නත් පුළුවන්.
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශ බහුතරයක දැනටමත් මුද්‍රණය කරපු බිල් පත් කඩදාසි නිකුත් කරන එක නවත්තල තියෙන්නෙ. ඒ නිසා අපි කැමති උනත් නැතත් තව ටික දවසකින් ලංකාවේ විදුලි පාරිභෝගිකයන්ට කඩදාසි විදුලි බිල්පත් නිකුත් කරන එක නතර කරනව.
තව සමහරු වැරදියට හිතන් ඉන්න තව දෙයක් තියනව. ඒක මෙහෙමයි.
"සමාජ මාධ්‍ය පෝස්ට් හරහා මම දැක්ක රාත්‍රි 10.30 ට පස්සෙ විදුලිය පාවිච්චි කරොත් විදුලි ඒකකයකට අඩු ගාස්තුවක් තමයි විදුලි බල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කරන්නෙ කියල."
"මේ උඩ කියන විදියට නං විදුලි බිල හැදෙන්නෙ, එතකොට ඒක බොරුවක් ද?"
උත්තරය තමයි… ඒකෙ ඇත්තක් තියනව. ඒත් ඒ හැමෝටම නෙවෙයි.
ඒ විදුලි බිල් අයකරන ක්‍රමයට ඉංග්‍රීසියෙන් කියන්නෙ" Time of Use" (ToU) ගාස්තු අයක්‍රමය කියල.
ඒ අයක්‍රමය විදිහට දවසේ පැය 24 තුළ අපේ ගෙවල්වල විදුලිය පාවිච්චි කරන කාල පරාසයන් කොටස් 3කට කඩල තියනව. ඒ තමයි,
▪️Day - උදේ 5.30 සිට සවස 6.30 දක්වා
▪️Peak - සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා.
▪️Off Peak - රාත්‍රී 10.30 සිට පසුදා උදේ 5.30 දක්වා.
මේ වේලාවන් තුළ ගෙදරක භාවිතා කරන විදුලිය ඒකක සදහා අයකරන ගාස්තු මේ පෝස්ට් එකට අමුණල දාල තියන වගුවෙ තියනව.
මාසෙ අන්තිමට ඒ එක එක කාල පරාසයන් තුල පාවිච්චි කරපු විදුලි ඒකක ගණන් සහ ඒ ඒ ඒකක වලට අදාල ගාස්තු එකතු කරල, ඒ මුලු ගාස්තුවට වගුවෙ තියන විදිහට රුපියල් 2360 ක ස්ථාවර ගාස්තුවකුත් එකතු කරල අවසාන ගාස්තුව ගණනය කරනව.
නමුත් සාමාන්‍යයෙන් ගෘහස්ථ පාරිභෝගිකයෙක් විදුලි සැපයුමක් අලුතින් ලබාගන්නකොට විදුලි බල මණ්ඩලය විසින් ලබාදෙන්නෙ අර මම මුලින් කියපු මාසෙ අන්තිමට පාවිච්චි කරපු මුලු ඒකක ගානට ගාස්තුව ගණනය කරන සාමාන්‍ය විදුලි අය ක්‍රමය මිස කාල පරාස වලට පාවිච්චි කරන විදුලිය බෙදල ගණනය කරන අය ක්‍රමය හෙවත් ToU අය ක්‍රමය නෙවෙයි.
එහෙම ToU අය ක්‍රමයකට යන්න පාරිභෝගිකය කැමති නං ඔහුට හෝ ඇයට එහෙම යන්න පුළුවන්.
ඒ වගේම දැනට සාමාන්‍ය අයක්‍රමයෙ ඉන්න පාරිභෝගිකයෙකුටත් එක් වරක් පමණක් ගෙවිය යුතු සම්බන්ධතා ගාස්‌තුවක් ගෙවල ඒ ToU අය ක්‍රමයට මාරු වෙන්න පුළුවන්.
එහෙම ගාස්‌තුවක් ගෙවන්න ඕනෙ වෙන්නෙ, එහෙම අයක්‍රමයකට යනවනං ඒ ඒ කාල පරාසවලදී පාවිච්චි කරන විදුලි ඒකක වෙන වෙනම මනින්න ඔබට දැන් තියන සාමාන්‍ය විදුලි මනුවෙන් බැහැ. ඒකට වෙනම ස්මාර්ට් ඩිජිටල් විදුලි මනුවක්(මීටරයක්) සවිකරගන්න ඕන වෙනව.
පහුගිය වසරවල එහෙම සාමාන්‍ය විදුලි අය ක්‍රමය ToU අය ක්‍රමයට මාරු කරගන්න ඕන නං ඒකට රුපියල් 9000ක වගේ මුදලක් විදුලි බල මණ්ඩලයට ගෙවන්න සිදුඋනා. දැන් අයකරන මුදල දැනගන්න අවශ්‍ය නං ඔබට ලඟම ඇති විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට ගිහින් විස්තර දැනගන්න පුළුවන්.
ඒක නිසා සමාජ මාධ්‍යයේ එක එක මිනිස්සු කියල තියන විදිහට විදුලිය භාවිතා කරල තමුන්ට වැඩ කරගන්න රාත්‍රී 10.30 පහු වෙනකල් ඉන්න එක සාමාන්‍ය අයක්‍රමයට ලියාපදිංචි වෙලා ඉන්න බහුතර විදුලි පාරිභෝගිකයන්ට කිසිම ලාභයක් වෙන වැඩක් නෙවෙයි.
හැබැයි ඒක රටට නං යම් තාක් දුරට ලාබයි.
මොකද අපේ රටේ 2023 ජූලි මාසෙට විතරක් සමස්‌ත මාසික විදුලිබල පරිභෝජනය ගිගාවොට් පැය 1300ක් වෙනව.
ඒ භාවිතා උන මුලු විදුලියෙන් වැඩිම විදුලි පරිභෝජනයයක් වෙලා තියෙන්නේ දවසේ සවස 6.30ත් රාත්‍රී 11.30 ත් අතර. ඒක තමයි අපේ රටේ විදුලි පරිභෝජනයෙ උපරිම කාල පරාසය. (Peak hours).
දවසෙ ඒ කාල සීමාවෙ රටේ තියන විදුලිය ඉල්ලුම සපුරන්න අඩු පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් ජල විදුලි බලාගාර වල තියන විදුලි ජනන ධාරිතාව මදි නිසා අවශ්‍ය අමතර විදුලි ඉල්ලුම සපුරගන්න විදුලි ඒකකයක් නිපදවන්න ජල විදුලි බලාගාර වලට වඩා වැඩි පිරිවැයක් දරන්න වෙන ආනයනික ඉන්ධන දහනයෙන් විදුලිය ජනනය කරන තාප විදුලිබලාගාර වල විදුලි ජනන ධාරිතාව වැඩි කරන්න වෙනව.
ඒ නිසා රටේ විදුලි ඉල්ලුම වැඩියෙන්ම තියන සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලයේදි අපිට පුළුවන් නම් යම්තාක් දුරකටවත් පුද්ගලිකව අපේ අත්‍යවශ්‍ය නොවන විදුලිබල ඉල්ලුම අවම කරගෙන ඒ වැඩ රාත්‍රී 10.30 න් පසුව කරගන්න රටේ ඇති ඉන්ධන සංචිත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගන්න දායක වෙන්න ඔයාලටත් පුළුවන්.
හැබැයි මේක හුදෙක් රට ගැන හිතල කරන කැප කිරීමක් මිස මම මුලිනුත් කිව්ව වගේ සාමාන්‍ය විදුලි අය ක්‍රමයෙ ඉන්න ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට මේකෙන් ඇතිවෙන වෙනත් කිසිම මූල්‍යමය වාසියක් නං නෑ.
ස්තූතියි
මොහාන් දිසානායක ✍️ |