text
stringlengths
5.78k
8k
ඕනෙනේ.මං ඒක නිසා මුල ඉඳලා කියාගෙන යන්නං." "සර්ට මතකද මීට අවුරුදු පහකට විතර කලින් මේ ඒරියා එකේ ගාමන්ට් ගෑණු ළමයි කීපදෙනෙක් මරලා දාපු කතාව ?සර් එතකොට මෙහේ නෙවෙයි වැඩ කලේ මං හිතන්නෙ ." මේ හාදයා මේ අහන කතාව දේවේන්ද්‍රට අමතක වෙන්න විදිහක් තිබුනෙ නෑ.අවුරුදු පහකට කලින් උනත් ලංකාවම හොල්ලපු දාම ඝාතනයක් ගැන තමයි මේ මතක් කරන්නෙ.මුලින්ම මාසෙකට වතාවක් සිකුරාදා දවසක අවුරුදු විසිදෙකත් විසිපහත් අතරේ ටවුමෙ තිබුන ප්‍රසිද්ධ ගාමන්ට් කිහිපයක වැඩ කල කෙල්ලෙක් ගානෙ මරලා දාපු මිනීමරුවා පස්සෙ සති තුනෙන් සති දෙකෙන් සතියෙන් සතියත් මිනීමරන්න ගත්ත එකෙන් මුළු රටම බයෙන් ඇලලිලා ගිහින් තිබුනේ.මැරිච්ච මිනිස්සුන්ගෙ ගෙවල්වල උන් ගෙ මදිවට මීඩියා කාරයන්ගෙයි පළාත් දේශපාලකයන්ගෙයි ප්‍රෙශර් එක එක්ක ඒ කාලෙ හිටපු ඕ.අයි.සී රත්නසේකරට හාට් ඇටෑක් එකකුත් ආව කතාවක් ඒ දව්ස්වල තිබුනා.කොහොම හරි අන්තිමේ සී.අයි.ඩී එකත් මැදිහත් වෙලා තමයි මිනීමරුවා කොටු කරගත්තෙ. "ඔව් ඒ කාලෙ මං හිටියෙ නෑ.ඒත් මට කේස් එක මතකයි.දැන් මොකක්ද මහත්තයා ඒකත් එක්ක තියෙන සම්බන්ධෙ?"දේවේන්ද්‍ර ගේ කටහඬේ තියෙන නොරිස්සුම දැනුන වගක් නොපෙන්නාම ඉස්සරහ වාඩි උන හාදයා ආයෙත් කතාවට බහිනවා. "ඔය මැරිච්ච ගෑණු අයගෙන් නව වෙනියට මැරෙන්නෙ පොළොන්නරුවෙ ඉඳලා ආපු චතුරිකා දමයන්ති කියලා අවුරුදු විසිතුනක ගෑණු ළමයෙක්.අගෝස්තු අට වෙනිදාවක බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ තියෙන පාරෙ තමයි මරලා දාලා තිබුනේ." "මට එහෙම නම් වශයෙන් මතක නෑ.ඒත් නව වෙනි මිනීමැරුමෙන් පස්සෙ සැකකාරයෙක් අහු වුනා කියලා මතකයි." දේවේන්ද්‍ර නොඉවසිල්ලෙන් මේසෙට තට්ටු කරන ගමන් ආයෙම වතාවක් බිත්ති ඔරලෝසුව දිහා බලන්නෙ පේන්නමයි. "අන්න හරි සර්.එච්චර දවසක් සැක පිට කාවවත් හොයාගන්න බැරුවනේ හිටියෙ ඔය මරණවලට.ඔය චතුරිකා මැරුණට පස්සෙ වටේ සීසීටීවී බලද්දි බොහොම කලබලෙන් එතනින් යන මනුස්සයෙක් හොයාගන්නවා.ඔය පාර සාමාන්‍යයෙන් වැඩිය මිනිස්සු යන පාරක් නෙවෙයි නේ.පස්සෙ ඒ පාරෙ ගෙදරක සීසීටීවී එකක තියෙනවා ඒ දෙන්නා පාරෙ මුල හරියෙදි එකට ජෝඩු දාලා එනවා. ඊට පස්සෙ තමයි ඉතින් හොයාගෙන ගිහිල්ලා ඇරෙස්ට් කරන්නෙ.මෙහේ ඉස්කෝලෙ උගන්නපු සර් කෙනෙක් නේ." "අපරාධකාරයාගෙ එක්ක ඒ පොරගෙ ඇඟිලි සලකුණු මැච් උනේ නැතුව පොර නිදහස් උනානේ.පස්සෙ අර ගාමන්ට් එකේ සෙකියුරුටි පොරක් නේ වැඩේ කරලා තිබුනේ." මේ යකා මොකක් හරි මානසික අසනීපයක් තියෙන එකෙක්ද කියන එක ගැන හිතමින් හිටි දේවේන්ද්‍ර මේකෙන් ගැලපෙන විදිහක් හිතන්න ගත්තා. "ඒ මම සර්." "ඇහ්?"දේවේන්ද්‍රගෙ ඇස් උඩ ඉන්දුනා. "අර සැකපිට අත් අඩංගුවට ගත්ත චිත්‍ර ගුරුතුමා මම සර්."මේ හාදයා බොහෝම අහිංසක විදිහට දේවේන්ද්‍ර දිහා බලාගෙන උන්නා. "අහ්.ඉතින් දැන් මොකක්ද මේ මිනීමැරුමෙ කතාව." "එතනට තමයි මං මේ පිළිවෙළකට කියාගෙන එන්නෙ සර්.මං සාමාන්‍යයෙන් හැමදාම ගෙදර ඉඳන් බස් එකේ ඇවිත් ඔය බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ ශෝට් කට් එකෙන් තමා ඉස්කෝලෙට යන්නෙ.විනාඩි පහක් ගමන ඉක්මන් වෙනවා ඒකෙන්.ඔය කියන ගෑණු ළමයා එදා මං බස් එකෙන් බහින වෙලේම වෙන බස් එකකින් බැස්සෙ.උදේට නොකා ඇවිත් කලන්තෙට වගේ ඇවිත් එතන හේත්තු උනාම මම මගේ වතුර බෝතලෙන් වතුරත් දීලා පාර දිගේ ආවෙ.මගක් ඇවිත් ඒ ළමයට මතක් උනේ කලන්තෙ දාපු තැන කුඩේ දමලා ආපු විත්තිය.ඒ ළමයා කුඩේ ගන්න ආපහු හැරිලා ගියා.මං වෙනදට වඩා පරක්කුත් වෙලා ඉක්මනට ඉස්කෝලෙ පැත්තට පය ඉක්මන් කලා." "හරි හරි අයිසෙ, ඒවා පහුගිය කතානේ.දැන් මොකද වෙලා තියෙන්නෙ?" දේවේන්ද්‍රට නම් මේ කතාවෙ අගක් මුලක් හොයන්නම අමාරුයි . " සර්ට හදිස්සියි නේද? සොරි.හදිසි වෙලා ඉතින් කතාව පැටලෙනවනේ සර්.සැකකාරයෙක් හොයාගන්න බැරුව එච්චර දවස් හිටපු සර්ලගෙ පොලිසිය පාන්දර හතරට අපේ ගෙදර ඇවිල්ලා මාව ඇරෙස්ට් කලේ ඉරිදා.ඊට පස්සෙ එදා දවලුයි රෑයි ඔක්කොම ටීවී චැනල්වල ප්‍රධාන ප්‍රවෘත්තිය උනේ ගාමන්ට් මිනීමරුවා පාසල් ගුරෙක්ද කියලා.අපේ ගෙදර ඇවිල්ලා මාව ඇරෙස්ට් කරලා පොලිසි ගෙනියන එක, මාව උසාවි ඉදිරිපත් කරන එක එහෙම ඔක්කොම වීඩීයෝ කරලා පෙන්නුවනේ සර්.ටීවීවල එහෙමයි එතකොට ෆේස්බුක් එකේ වෙනමම ගෲප් එකක් තිබ්බනේ ඔය මිනීමැරුම් ගැන කතා කරන්න.මං ඉතින් එක රැයින් ජනප්‍රිය උනා සර්." ජයන්තගේ මූනෙ ඇඳෙන හීනි හිනාව දේවේන්ද්‍රට එච්චරම අල්ලන්නෙ නැති නිසා කෝකටත් අත රිවෝල්වරේ කිට්ටුවෙන්ම තියාගත්තෙ මේ මිනීමැරුමට මේකාගෙ මොකක් හරිම සම්බන්ධයක් තියෙන්න ඕනෙ කියන ඉවත් එක්ක. "මාව තාවකාලික වැඩ තහනමක් ආවා ඕකත් එක්ක.පස්සෙ නිදහස් උනාට පස්සෙ ඒකත් සෑහෙන කාලෙකින් නිදොස් කොට නිදහස් කලා.ඒත් ඉතින් මිනිස්සුන්ගෙ ඔලුවලට මාව නිදහස් කරන්න එච්චර ලේසියෙන් බෑනේ සර්.ඉස්කෝලේ චිත්‍ර විශය කරන්න එක ළමයෙක්වත් නැතුව ගියාම මමම රස්සාවෙන් අස් උනා.ඉස්කෝලේත් නැති කොට ටියුශන්වලට ළමයි කොහොමත් එන්නෙ නෑනේ සර්.කොහොමත් ගමේ වටපිටාවෙ උදවිය එක්ක ලොකු ඇයි හොඳයියක් අපේ කලින් තිබ්බෙත් නෑ.ඒත් රෑට රෑට ගෙට ගල් වදින්න ගත්තට පස්සෙ නෝනා දුවව අරගෙන එයාලගෙ මහ ගෙදර ගියා.අපේ නෝනා ඔය ෆේස්බුක් එකේ සෑහෙන කාලෙ ගෙවනවනෙ සර්.ඔය ගෲප්වල හාදයො ඔය මැරුණ චතුරිකාට මට දාව බඩේ ළමයි පවා මවලා කතන්දර ලීවා.මං හිතන්නෙ ඔය කහටත් හිතේ තිබ්බ නිසා වෙන්න ඕනේ අවුරුද්දක් යන්නත් කලින් එයා ඩිවෝස් එක ඉල්ලුවෙ." "දෙයියනේ, මූ ඒ ගෑණිව මරලාද එතකොට මේ ඇවිත් තියෙන්නෙ?" දේවේන්ද්‍රට ෆෑන් එක යට ඉඳලත් හීන්දාඩිය දාගෙන ආවා. "තමුසෙ දැන් ඒ ගෑණිව මැරුවද ඕයි?" "ඔය ඉතින් සර් කලබල වෙනවනේ.මං කවදාවත් ගෑණු මරන මිනිහෙක් නෙවෙයි සර්." "කෝ දැන් තමුසෙගෙ නෝනා.කොහෙද ඒ ගෑණි ඉන්නෙ?" දේවේන්ද්‍ර පුටුව පස්සට කරගෙන නැගිට්ටා. "මට දැන් නෝනෙක් නෑනෙ සර්.අපි ඩිවෝස් වෙලා අවුරුදු තුනක්.එයා මගෙ දුවවත් අරගෙන ඊයෙ ලංකාවෙන් යන්නම ගියා සර්.කෙල්ලව පහු ගිය අවුරුදු පහට දාපු හයවෙනි ඉස්කෝලෙටත් වසංගතයක් වගේ මේ කරුම කටකතා පස්සෙන් යනවා.බැරිම තැන තමයි ලංකාවෙන් යන්න ගියේ." "එතකොට කාවද ඕයි තමුසෙ මැරුවෙ?" දේවේන්ද්‍ර ගේ කටහඬ මහා ගෙරවිල්ලක් වෙනකොටත් අර හාදයා බොහෝම සන්සුන්ව පුටුවෙම උන්නා. "මං කාවවත් මරණ මනුස්සයෙක් නෙවෙයි සර්.සර්ලගෙ පොලිසියට තියෙන හදිසියට මාව එහෙම පෙනුණට." "මගෙ ඔළුව විකාර නොකර කියනවා ඕයි කවුද දැන් එහෙනං මරලා දාලා තියෙන්නෙ?" දේවේන්ද්‍රගේ නොසන්සුන්කම තඹ සතයකටවත් ගනන් නොගත්ත හාදයා බොහෝම ඉවසිල්ලෙන් පුටුවෙන් නැගිටලා කාමරෙ එළියට යන්නෙ දේවේන්ද්‍ර කට ඇරගෙන බලාගෙන ඉන්න අතරෙ. "සර්ම ගිහින් බලන්න සර්.ජයන්ත අත්තනායකව එල්ලලා මරලා තියෙන්නෙ සර්ලා ඔක්කොම එක්කහු වෙලා.ඒක මිනීමැරුමක් සර්. ඒක මිනීමැරුමක් මිසක් සියදිවි හානි කරගැනිල්ලක් නෙවෙයි ." ඉගිලෙන ලියමන් 2023.12.18ලන්ඩනයේ කාන්තා උමං දුම්රියවරියන්! අද උදේ උමං දුම්රිය පොළ ලඟදි ඇස ගැටුනු බෝඩ් කීපයක් කියවන් යද්දී හරි අපූරු ඉතිහාස කතාවක් තිබ්බා. අපූරුමත් නෑ මේ දෙවෙනි ලෝක යුද්ධයේදී එල්ල කරපු බෝම්බ ගැන තිබ්බ සටහනක්... දෙවන ලෝක යුද්ධය අවසානගේ ලන්ඩන් නගරයට හෙලූ බෝම්බ හේතුවෙන් ගමනාගමනය ( tfl - transport for london) සම්බන්ධ රැකියා කරන මිනිසුන් පමණක් 400 කට වඩා මියගොස්, 3,000 කට වඩා ආබාධිත වෙලා තිබුණා. 1940- 43 කාලය ඇතුලත් බෝම්බ 30,000 කට වඩා ප්‍රමාණයක් ලන්ඩන් නුවර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට අක්ෂ පෙළේ බලවතුන් ( ජර්මනිය ඇතුලු අනෙක් රටවල්) හෙලූ බවට සඳහන් වෙනවා. අද මම ගොඩ වුන ඊලින්ග් කොමන් (Ealing Common) දුම්රිය පළත් ඒ වගේ දරුණු බෝම්බ ප්‍රහාරයකට ලක්වුන තැනක්! එදා හා අද තත්වය දැකගන්න ජායාරූප දෙකක් අමුණලා ඇති. ඒ වගේම Belsize Park, Camden Town, Chancery Lane, Goodge Street, Stockwell, Clapham North, Clapham Common and Clapham South වගේ උමං දුම්රිය මාර්ග 8,000 කට වැඩි පිරිස් බිං ගෙවල් ලෙස භාවිතා කරපු බවටත් සඳහන් වෙනවා. වෙන දවසක ඒ ගැන කතා කරමු. වඩාත්ම අවධානයක් ගන්න සිද්ධිය වෙන්නෙ කාන්තාවන් මේ කාලයේ විශාල ලෙස දුම්රිය සේවයට බඳවා ගැනීමයි. දවස් තුනක කෙටි පුහුණුවක් අතරතුර ඔවුනට දුම්රිය සංඳා පද්ධති පුහුණුවේ සිට ගෑස් ආක්‍රමණයකදී ( gas attack ) පවා කටයුතු කරන ආකාරය ගැන පුහුණුවක් ලැබෙනවා. අවුරුදු 25-35 අතර පුහුණු නුපුහුණු කාන්තාවන් සියල්ලටම වගේ මේ නව රැකියා අවස්ථාට දොරටු විවර වෙන්නෙ, හොඳ පඩියක්, නොමිලේ නිල ඇඳුමක් හා සිත්ගන්නා රැකියාවක් යන තේමාවන් යටතේයි. සිත්ගන්නා සුලු බව කෙසේ වෙතත් අවධානමනම් බොහොම ඉහළයි . කාලෙකට කලින් වැඩිහිටි නිවාසයකදී මට මුණගැහුණු ආච්චි කෙනෙක් කියපු කතාවක් මට මතක් වුනා. “ මම ඉස්සර හැමදාම බයිසිකලේ පැදගෙන ස්ටේෂන් එකට යනවා අම්මාට කෑම අරන්, එයාලට ඒ කාලෙ ගෙදර එන්න වෙලාවක් තිබ්බෙ හරිම අඩුවෙන්" A woman's job in war යන පාඨයෙන් එදා ඔවුන් කරපු මෙහෙවර නම් සුලුපටු නෑ!චාරු ! "චාරු" කියලා කියවද්දි ගැහැණු ළමයෙක්ව මැවුන නම් මුලින්ම ඒ ගැහැණු ළමයව අයින් කරලා කොල්ලෙක් මවාගන්න. මොකද චාරු කියන්නෙ කොල්ලෙක් ඌගේ නම චාරුක. චාරු කියන්නෙ මගේ හොඳම යාළුවා කියලා මං හිතාගෙන ඉන්නවා. ඇත්තටම මං දන්නෙත් නැහැ චාරු වගේ එකෙක්ව මං ඇයි හොඳම යාලුවා කරගෙන ඉන්නෙ කියලා. දෙවියෝ මිනිස්සුන්ව මවද්දි හැම මනුස්සයෙක්ටම වගකීම පවරනවා. මටත් එහෙම වගකීම් පැවරිලා තියෙනවා ඒ වගකීම තමයි චාරු කියන බූරූ පැටියගේ හැම බූරු වැඩකටම සහයෝගය දීලා ඌව තනි නොකර බලාගන්න එක. ඒ වගේම චාරු කියන බූරුවටත් වගකීමක් ලැබිලා තියෙනවා මගේ මිනිස් ආත්මය ඇතුලේ කැළඹීම්, කම්පන වගේ දේවල් ඇති කරන්න. මට කලාතුරකින් නෙවෙයි අනන්තවත් හිතෙන දෙයක් තමයි චාරු කියන්නෙ මනුස්ස ශරීරයක් ඇතුලේ හිර වෙච්චි බූරුවෙක්ගේ ආත්මයක් කියලා. චාරු බූරුවෙක් වුනත් ඌ මගේ බූරුවෙක් නිසා මං ඌත් එක්ක තාමත් ඉන්නවා. චාරුයි මායි හිටියේ එකම ගමේ එකම ඉස්කෝලේ එකම පංතියේ නිසා අපේ සම්බන්ධය අපේ සම්බන්ධය එන්න එන්නම වැඩි වුනා මිසක් ලිහිල් වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉස්කෝලේදි වෙන හැම ගොන් වැඩකටම වුනත් මොන හේතුවක් න
ිසාද කියලා දන්නෙ නැහෑ ඌගේ පිටිපස්සෙන් කරත්තේ වගේ මම හිටියා. චාරුගේ සමහර ගොං වැඩ තිබුණා සීයට දාහක් වැරදියි කියලා දැන දැනත් මං හරි දේ නොකර චාරු කරන දේම කරා. වතාවක් අපි පුංචිම කාලෙදි ඉංග්‍රීසි මිස් "එක පොතකට බුක් කියලා කියනවනම් පොත් දෙකකට මොකක් කියන්නෙ" කියලා ඇහුවහම චාරු අත උස්සලා මුලින්ම කිව්වේ "දෙබුක්" කියලා. පංතියම හිනාවෙන මැද්දෙ මිස් මගෙනුත් ඇහුවහම මං දැන දැනත් "දෙබුක් නෙවෙයි ද මිස්" කියලා, මං මිස්ගෙන් ඇහුවේ ඇයි කියලා මං තාම දන්නෙ නැහැ. තව වතාවක් චිත්‍ර අඳිනකොට මිස් කිව්වා හැමෝම ලස්සනට හාවෙක් අඳින්න කියලා. චාරු හාවෙක් ඇන්දා කකුල් දෙකෙන් හිටගෙන ඉන්න. ඌ හාවව ඇඳලා හාවට සරමකුයි කමිසයකුයි ඇන්දා. මං ඇහුවහම කිව්වේ ඒ හා පිරිමි සතෙක් කියලා. මං මගේ චිත්‍ර පොතේ ඇඳපු හාවව මකලා ආයෙත් චාරු ඇඳපු විදියට කකුල් දෙකෙන් හිටගෙන ඉන්න හාවෙක් ඇඳලා ඌට ගවුමකුත් ඇන්ඳා. ඒ කරලා මිස් ලඟට චිත්‍ර පෙන්නන්න ගියහම මිස් දෙන්නටම වේවැල් පාරවල් එක ගානේ දුන්නේ මොන රටේ හාවොද ඇඳුම් අඳින්නෙ කියලා අහලා. ඒ ගුටි කාලා පුටුව ලඟට එන ගමන් චාරු කිව්වා අපරාදේ අපිට කලිසම් ඇඳපු හා පැටවුනුත් අඳින්නෙ තිබුණේ කියලා. ඒ තමයි චාරු. චාරුව මං බූරු පැටියෙක් විදියට දැක්කට ඌට ලස්සනට හිතක් තිබුණේ පොඩි කාලේ ඉඳලමයි. අපිට පුද්ගලයා කවුද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒ පුද්ගලයගේ හිත කොච්චර පිරිසිඳුද සහ අපිට පුද්ගලයා කොච්චර සමීපද කියන කාරණාවයි. චාරුත් එක්ක මගේ තියෙන මතක වලින් මං අමතක නොවෙන්නම දෙන දේ තමයි චාරු වතාවක් මාව පුදුම කරා යමක් දීලා. ඒ කාලේ කඩවල් වලට අලුතින් පොඩි පැකට් එකක කේක් කෑල්ලක් ආවා. ඔය කේක් කෑල්ල අපේ ඉස්කෝලේ ළඟ කඩේටත් ආවට ඕක ගන්න අපිට ඒ කාලේ සල්ලියක් තිබුණේ නැහැ ගෙදරින් වුනත් අපිට ඉස්සර දුන්නෙ රුපියලක් දෙකක් නිසා. අපි ඉතින් ඉස්කෝලේ ඇරිලා පාරේ යනකොට විසි කරලා තියෙන ඔය පැකට් එකතු කරනවා ඒ පැකට් වුනත් හරි ලස්සනයි දිලිසෙන නිසා. කොහම හරි ඔය පැකට් චාරු ළඟ තිබුණේ පොඩි මල්ලක දාලා මගේ ඒවා තිබුණේ පිළිවෙළට පොත් අස්සෙ දාලා. දවසක් චාරු ඌගේ ඔය මල්ල මට දික් කරලා මේකට අත දාලා බලන්න කියලා කිව්වහම මං දැනගත්තා මොකක් හරි ගොං බූරූ විහිළුවක් තමයි එක්කො ගෙම්බෙක් නැත්තම් මොකෙක් හරි සතෙක් වෙන්න ඇති කියලා. එහෙම වෙයි කියලා දැන දැනත් මං ඌගේ මල්ලට අත දැම්මේ ඌ මගේ බූරූ පැටියා නිසා. මල්ලට අත දාලා බැලුවහම මල්ලෙ තිබුණේ අර හිස් පැකට් එක්ක කේක් කෑලි තිබුණු පැකට් දෙකක්. මට ඒ සිදුවීම දැං මතක් වෙද්දි ඇස්වල කඳුළු පිරුණට එදා එහෙම කඳුළු ආවේ නැහැ. මං චාරුගෙන් ඇහුවම මේවා ගන්න සල්ලි කොහෙන්ද කියලා චාරු කිව්වේ කැටේ කැඩුවා කියලා. ඒ තමයි මිනිස් ශරීයක් ඇතුලේ හිර වෙච්චි බූරු ආත්මයක් හිමි මගෙ හොඳම යාළුවා චාරු. ________________________ ඉඳලා හිටලා චාරුට ආදරේ හිතෙන වැඩයි, චාරුගෙ ගොං බූරු වැඩයි ඒ වැඩ වලට අඩුවක් නැතුව මගේ සහයොගයයි එක්ක අපි ඉහළ පංති වලට ආවා. අපි දහයේ පංතියේ ඉන්නකොට චාරුට කෙල්ලෙක් ගැන හිත ගියා. ඒ කසුනි, ඒ කෙල්ල හිටියේ අපිට වඩා බාල පංතියක. කොහම හරි මගේ මැදිහත් වීමෙන් චාරුට කසුනි කැමැත්ත දුන්නා. චාරුට අකමැති වෙලා හිටපු කසුනි කැමති වුනේ අන්තිමට ලේ වලින් ලියුමක් ලිව්වට පස්සෙ. ඒ මගේ ලේ නෙවෙයි බූරු ලේ ඒ ලියුමේ තිබුණේ. ඒ කැමැත්ත ගන්න කලින් මුල ඉඳලම චාරු කසුනිට දෙන හැම ලියුමක්ම සිංදු කෑලි එහෙම දාලා ලස්සනට ලිව්වෙ මම. මොකද මිනිස් ශරීයක් ඇතුලේ හිර වෙච්ච බූරූ ආත්මයකට ප්‍රේමය ගැන හැඟීමක් ලස්සනට ලියන්න බැරුව හිටිය නිසා. කොහම හරි අපි ඔය ලියපු ලියුමක් පහුවදාට දෙන්න ඉන්නකොට චාරුගෙ ගෙදරට මාට්ටු වෙලා තිබුණා. ලියුම කාගෙද ඇහුවහම අත් අකුරු මගේ නිසා අර බූරුවා හොඳම යාළුවා හැටියට දෙවියන් විසින් මට දුන්න වගකීම ලස්සනට ඉටු කරා මාව පාවලා දීලා. මං කොච්චර පිං කරලා තියෙනවද කියනවනම් ඔය ලියපු හැම ලියුමක අවසානයේ "මීට චාරුක අයියා" කියලා ලියපු මම ඒ ගෙදරට අහු වුන ලියුමේ ඒක ලියලා තිබුණේ නැහැ. ඉතින් ඒක මං ලියපු ලියුමක් විදියට මං පිළිගත්තා දෙවියො මට දුන්න වගකීම එතනදිත් ඉටු කරලා. ඔය සිද්ධිය වුන දවසේ චාරුකලගේ තාත්තා මට එයාලගෙ ගෙදර එන්න කියලා හෙනට දේවල් කිව්වේ ඉදිරියෙදි මං නිසා චාරුකත් ඉගනගන්න කාලේ ඕවට පැටෙලෙයි කියලා නොකියා කියලා. කොහම හරි ආයෙත් එහෙම දේවල් වෙන්නෙ නෑ කියලා මං චාරුකලගේ තාත්තගෙ කකුල් දෙක අල්ලලා සමාව ගත්තා අපේ ගෙදරට කියන්න එපා කියලා. චාරුකලගේ තාත්තා අපේ ගෙදරට කියන්නෙ නැහැ කියලා පොරොන්දු වුණාට පස්සෙයි මං චාරුකලගේ තාත්තගෙ කකුල් දෙක අතහැරලා නැගිට්ටෙ. මට බය තිබුණේ හදිස්සියෙවත් අපේ ගෙදරට දැන ගන්න ලැබුණොත් මං ඉවරයි. ඊට වඩා මෙතන අවුලක් නෑ නොකර වැරද්දකට යාළුවා වෙනුවෙන් සමාව ගන්න එක ගෙදරට දැන ගන්නවට වඩා හොඳ නිසා මං එහෙම කරා. ගෙදරට ඒ ලියුම අහු වුණාට පස්සෙ චාරු හොඳටම බය වුන පාර ඌ එදා රෑම ලියුමක් ලියලා කසුනිට සම්බන්ධය නවත්තන්න වෙනවා කියලා. පහුවදා උදේ ඒ ලියුම චාරු කසුනිට දුන්නට පස්සෙ ඉන්ටවල් එකේ කසුනි මට ඇවිල්ලා කිව්වා "අයියේ අපේ සම්බන්ධය නවත්තනවා කියලා චාරුක අයියා ලියුමක් දුන්නා ඒත් ඒකේ තියෙන්නෙ වෙනදා දුන්න ලියුම්වල අකුරු නෙවෙයිනේ තියෙන්නෙ" කියලා. මං කිව්වා "කලබලේට ලියලා වෙන්න ඇති" කියලා මං ශේප් කරලා ඇවිල්ලා කසුනි කියපු කතාව චාරුට කිව්වහම ඌ ගිහින් අර කෙල්ල ඉස්සරහ ඔක්කොම කියලා තිබුණා ඒ ලියපු හැම ලියුමක් ම ලිව්වෙ මං කියලා. එදැයින් පස්සෙ ඉස්කෝලේ හිටිය කාලය පුරාවටම ඒ කෙල්ල මං දිහා බැලුවෙත් මාව බූරුවෙක් ගානට දාලා. බූරු ආත්ම වලට මනුස්ස හිත් ගලපන්න ගිය මගෙයි වැරද්ද ඒත් ඉතිත් ඒ බූරූ ආත්මය ලඟම ඉන්න නිසා ඌ මගේ මගේ බූරුවා. ________________ අපි උසස්පෙළ කරන කාලේ වෙනකොට චාරුගේ ගොං වැඩ ටිකක් වෙනස් වුනා. ඉස්සර එදිනෙදා කරන ගොං වැඩ වගේ නෙවෙයි ඒ කාලේදි සතියකට සැරයක් විතර හොඳට හිතලා බලලා මොනවා හරි දෙයක් කරනවා මාසයක් විතර ඒ කරපු වැඩේ වෙනුවෙන් කට්ටක් කන්න විදියට. උසස්පෙළ පංති යන කාලේ දවසක් අපි දෙන්නා පංති ඉවර වෙලා හවස ටවුමේ ඉන්නකොට පොලීස් ජීප් එකක් ඇවිත් අපි දෙන්නා ඉස්සරහ නවත්තලා නිකං ඇහුවා කොහෙද යන්නෙ මොනවද කරන්නෙ අනම් මනම්. ඒ දවස්වල කොහමත් අපේ ටවුමේ පොලීසිය කැරකුනා පංති යන කොල්ලො වගයක් ගංජා ගහලා අහුවෙලා තිබුණු නිසා. කොහම හරි අපි එක්ක පොලීස් ජීප් එක නතර කරලා කතා කරනවා දැකලා තියෙනවා අපි පංති යන සර්. සර් චාරුගෙන් ඔය ගැන අහලා තිබුණහම මගේ බූරු ආත්මය කියලා තියෙන්නෙ ඒ මගේ යාලුවගේ තාත්තා කියලා. ඒ කියන්නෙ මං නොදැනුවත්ව මට තාත්තා කෙනෙක් ඉන්නවා පොලීසියේ වැඩ කරන. චාරු ඔහම කතාවක් සර් එක්ක කියලා කියලා මං දන්නෙ නැහැ. ඌ මට කිව්වෙත් නැහැ. දවසක් සර් සර්ගෙ වැඩකට පොලීසියට ගියහම අර අපිත් එක්ක කතා කරපු පොලිස් රාළහාමිව පොලීසියෙදි දැකලා කියලා තියෙනවා සර්ගේ පුතත් එන්නෙ අපේ පංතියට කියලා. එතනදි ඒ රාළහාමි කියලා තියෙනවා එයාට පුතාලා නෑ කියලා. සර් කියලා අහ් වැදීමක් වෙන්න ඇති කියලා සර් ශේප් වෙලා ඇවිල්ලා. ඔය දේවල් ඔහම වෙලා තියෙන අතරතුර අපිට පංති තියෙන දවසේ අපි පංතියට ගියහම සර් මට පැත්තකට කතා කරලා මගෙන් ඇහුවා තාත්තා පොලීසියේ නේද වැඩ කරන්නෙ කියලා. මං කිව්වා නෑ සර් අපේ තාත්තා පොලීසියේ නෙවෙයි වැඩ කරන්නෙ කියලා. එතකොට සර් කිව්වා "අර ඔයාගේ යාළුවා චාරුක කිව්වනේ එදා ඔය දෙන්නා එක්ක ටවුමෙදි පොලිස් ජීප් එක නතර කරලා කතා කරේ ඔයාගේ තාත්තා" කියලා. මට ඉතින් අරූව ම.රාගෙන කන්න කේන්තිය ආවත් බූරු මස් නොකන නිසා ඉවසන් හිටියේ ඌ මගේ බූරූවා නිසා. සර් චාරුට පැත්තකට එන්න කියලා එක්කගෙන ගිහින් ටික වෙලාවකින් ආවා. කම්මුල චුට්ටක් රතු වෙලා තිබුණා විතරයි. ශරීරය මිනිස් නිසා පාර හිටියට ඌගේ බූරූ ආත්මයට ඒක ගානක්වත් නැහැ. තව වතාවක් ඔය වගේම වැඩක් කරා. මම සිගරැට් බොනවා කියලා මම මුලින්ම දැනගත්තෙත් චාරු නිසා. චාරු එතකොට හොරෙන් සිගරැට් එහෙම බොනවා. අපි දෙන්නම ලෝකෙටම හොරෙන් බියර් එකක් එහෙම බිව්වට සිගරැට් බිව්වෙ චාරු විතරයි. කොහම හරි ඔය සිගරැට් දෙකක්ද කොහෙද මූගේ බෑග් එකේ තිබිලා ගෙදරට අහු වෙලා. ඉතින් ඒ සිගරැට් කාගෙද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒවා ඉබේටම මගේ සිගරැට් වුනා. මං ඔය කිසිම දෙයක් දන්නේ නැතුව සාමාන්‍යයෙන් යනවා වගේ නිකං චාරුලාගේ ගෙදර ගියා. එදා තමයි සිගරැට් අහු වෙලා තියෙන්නෙ. ගෙට ගොඩ වෙනවා එක්කම චාරුකලගේ තාත්තා "මං දැං එන්න හිටියේ උබලගේ තාත්තව හම්බෙන්න උබලට පංති යනවා කියලා මේවද ගිහින් කරන්නෙ මේ පාරන නම් සමාවක් නැහැ තාත්තට කියනවමයි" කියලා කිව්වා. මාව නිකං හොල්මන් වුනා වගේ වුනත් ටීපෝ එක උඩ බූරුවෙක්ගේ බෑග් එකයි සිගරැට් දෙකයි ඌගේ ලයිටරෙයි දැක්කහම ඉක්මනින් තේරුනා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. මං සද්දයක් නැතුව හිටියා චාරුකලගේ තාත්තා බණ ද බයිලද දන්නෑ මොනවද මොනවද කිව්වා. ඒ අතරමැදදි මං සැරින් සැරේ ඇඬුවා. පැයක් විතර කිව්වා කිව්වා මොනවා කිව්වද කියලා තේරුණේ නැහැ හැබැයි සැරින් සැරේ කිව්වා ඔයාගේ මේ දේවල් නිසා ඉදිරි‍යෙදි චාරුකත් මේවට පුරුදු වෙයි කියලා. එදත් ඉතින් කකුල් දෙක අල්ලලා සමාව අරගෙන චාරුකලගේ තාත්තගෙන් පොරොන්දුවක් ගත්තා අපේ ගෙදරට කියන්නෙ නැහැ කියලා. _________________ මං තාමත් දන්නෙ නැහැ චාරු කොහමද මගේ හොඳම යාලුවෙක් වුනේ කියලා. දැං ඉස්සර වගේ මං ඒ ගැන හිතන්නෙ නැහැ ස්ථිර වෙලා ඉවරයි ඌ මගේ හොඳම යාළුවා කියලා. ඉදිරියෙදිත් සමහරවිට ඌ වෙනුවෙන් මං ආයෙත් සමාව ගනියි. මොකද දෙවියෝ මට දීලා තියෙන වගකීම මනුස්ස ශරීයක් ඇතුලේ හිර වෙලා ඉන්න බූරු ආත්මය කරන කියන හැම වැඩකටම සහයෝගය දිලා ඌව තනි නොකර බලාගන්න එකනේ. ඉතින් මං ඒ වගකීම ඉටු කරන්න ඕන! ඌත් අඩුවක් නැතුව ඌට පැවරිලා තියෙන වගකීම අකුරටම කරනවා මගේ මිනිස් ආත්මය ඇතුලේ කැළඹීම්, කම්පන වගේ දේවල් ඇති කරලා. Pubudu Udatiyawala 2023/12/13රළ බිඳෙන තැන - තුන්වන (අවසන් කොටස) කඩුතුඩු ඇණෙන තරමටම උඳුවප් මහේ සීතල කටුක වෙලා. මගේ හිතත් ඒ වග
ේ. මුළු ආත්මයම උත්පල එයත් එක්කම අරන් ගියා වගෙයි . ඈතින් පේන දුම්බර කඳුපෙත හෙලන සුසුම් රැළි ඈත ඉමේ ඉඳන් පාවෙලා මගේ ඇඟ වටේ දැවටෙනවා . ඒ තරමට ඒ පවනේ එති එතී එන්නේ සුවදායක නැති දුක්බර පහසක් . පාළු බැල්කණියට වෙලා ඈත බලනකොට මාර ගහ ඈතින් පේනවා.. මම කවදාවත් පණ්ඩුකට මේ තරම් ආදරෙන් ලංවෙලා නෑ. එයා මාව ලංකරගෙනත් නෑ. ඒත් උත්පල..? මේ ගහකොළ, කඳු වැටි විතරක් නෙවෙයි පාළු වළව්වේ බිත්ති පවා අපේ රහස් හංග ගෙන හිටියා. ",මල්ලි කොළඹ ගිහින් මොනා කරගනියිද කියලයි මට බය. ලොකු පුතේ එයා ලොයිඩ් අංකල්ලගෙ ගෙදර යන්න ඇත්තෙ. ගිහින් එක්කන් ආවනම් හොඳයි නේද ...? " "අනේ මේහ්.. මට කියන්න එපා..." ලොකු අයියා නැගිට්ටේ පුටුවත් ගස්සගෙන. උත්පල කොහොමත් අම්මල,අයියල එක්ක හිත රිද්දගෙනයි උන්නේ.. මයුරි අක්කගෙ මරණය උත්පලගෙ හිත කළකිරෙන්න ලොකුම හේතුවක් වෙලයි තිබුනේ. මොනා වුනත් අම්මට නම් ඕනකම තිබුනේම උත්පලව ආපහු ගෙන්න ගන්න. මයුරි අක්කා අකාලයේ මැරෙන්න හේතුවක් තියෙන්න ඕන. උත්පල මට කිව්ව විදිහට මොකක් හරි මේ ගේ අස්සෙ හංගන්න හදන රහසක් තියෙනවා. හැමදේම රහස් තමයි. කවුරු කවුරුහරි එකතු වෙලා කටු කුටු ගාද්දි මං එනකොට කතාව නවතිනවා. මට නම් ඇත්තටම දැන් මගෙ ජීවිතේ ගැනත් බයයි . උත්පල එනව කිව්ව දවස් කිට්ටුයි. උඳුවප් පෝය නිවාඩුව අල්ලල තමයි එනව කිව්වේ. පෝය කිට්ටුවෙද්දි හ‍ඳ එළිය වෙනදාටත් වඩා පැහැසර වෙනවා. හොර රහසේ ලෝකෙන් සැඟවෙන්න දඟලන පෙම්වතෙකු වගේ හඳ වළාකුළට මුවා වෙන හැටි මං බලන් උන්නේ හරිම ආසාවෙන්. "උත්පල කළින්ම ඇවිල්ලා...? " රෑ නවයට විතර ඒ හඬ ඇහෙද්දි මට දැනුනු සතුට ? ආදරේ පපුව ඇතුලෙ විතරක් හිර කරගෙන ඉන්න සිද්ද වුනාට...බැල්මකින්වත් ඔහු දිහා බලන්න මේ වහළ යට මට ඉඩක් නොලැබුනාට... උත්පල මගෙ මුළු හිතම අවුරගෙන ඉවරයි ...එක්ටැම්ගේක හිරකරල වත් උන්මාද චිත්‍රව හැඟීම් වලින් හිරගත කරන්න බැරිවුනා වගේ මගේ හිතත් පාළු බිත්ති හතර පීරගෙන අහිමි ආදරේ අහුමුළු හොයන්න වුනා. පණ්ඩුක ඔෆිස් රූම් එකේ.වෙලාව රෑ දහයට විතර ඇති. එළිමහනේ බංකුවකට වෙලා උත්පල මැන්ඩලීනය වාදනය කරන හඬ මට ඇහුනා. ගෙදර අනිත් අයනම් මේ වෙලාවට නින්දට යනවා. හඳ එළියයි මද විදුලි පහන් එළියයි අතරින් මීදුම දුමාරය මට පේන්නේ මුළු පරිසරයම වහගෙන වගෙයි. "අක්කෙ..." මම හෙමින් බංකුව කෙළවරින් වාඩිවුනාම උත්පල වාදනය නතර කරල මං දිහාට හැරුනා. ඒ ඇස් දිළිසෙන තරු දෙකක් වගේ. ඒ හැඟීම් ..ඒ තරම් ආදරයක්... මං කවදාවත් පණ්ඩුක කෙරෙන් දැකල නෑ. මගේ ජීවිතේ නැත්තන් අපායක් වෙන්න තිබුනා. ඊටත් වඩා හුඟක්ම අනාරක්ෂිත වෙන්න තිබුනා. මං අඩ අඳුරේ හෙමින් ඔහුගේ ලය මත මූණ හංගගත්තේ ජීවිතේ මෙතෙක් විඳපු හැම සන්තාපයක්ම තුනී කරගන්න හිතාගෙන. "ඉන්දි..." පණ්ඩුක කවදාවත් මට මේ තරම් ආදරේකින් අමතල නෑ. "මයුරි අක්කට වුනු දේ ඔයාට වෙන්න ඉඩ තියන්නෙ නෑ මං කවදාවත් ..." "මයුරි අක්කට මොකද වුනේ ? " මං ඔහුට තුරුල් වී ඉන්න ගමන් රහසින් ඇහුවේ ඒක මටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන හින්දා . "මෙහෙම කතා කරන්න අමාරුයි. ඒත් ඔයා ඒ සිද්දිය දැනගෙන ඉන්න ඕන. මයුරි අක්ක මැරුනෙ අදටත් අබිරහසක් ඉතුරු කරලා. කෝකටත් ඔයා සොල්දර තට්ටුව පැත්තට යන්න එපා . අදටත් ඒ අහිංසක ගෑනිගෙ කෙඳිරිළි සද්දෙ ඇහෙනව ඇහෙනව වගේ.. මේවට කට වහගෙන ඉන්න එක ලොකු අයියගෙ වැරැද්ද .. ඒත් අපේ අයගෙ බලපුළුවන්කාර කමට සේරම යටයි ඉන්දි.." "දෙයියනේ... අනේ මට බයයි උත්පල . මාව බේරගන්න. ඇයි එයාල එහෙම කරන්නේ ? කියන්න ඔයා මාව දාල ආයිත් කොළඹ යන්නෙ නෑ කියල ...' "නෑ...කවදාවත් නෑ.." ගේ ඇතුලෙන් මොකක්දෝ සද්දයක් ඇහිල මං එහෙමම උත්පලගෙන් ඈත්වුනා. ඒ උණුසුමින් මිදිල යන්න හිත දුන්නෙ නැතත් මෙවෙලෙ මට යන්නම වෙනවා. මම හෙමින් තරප්පු පෙළ නැගල කාමරේට ආවේ හිතේ ලොකු බරකින්. මේ මිනිස්සු මහ අමුතුයි. උත්පල විතරයි මහ පොළොවෙ පය ගහල ජීවත්වෙන මිනිහෙකුට ඉන්නේ. මං උත්පල එක්ක වචනයක් දෙකක් හරි කතා කරනකොට ගෙදර මිනිස්සු පුදුම විදිහට කලබල වෙන්නේ. අනේ දෙයියනේ අපේ අම්මල ඉක්මනට ලංකාවට ආවනම්...? පණ්ඩුකගෙ අම්මා මොනාද බෙහෙත් පෙති තියෙන බෝතලයක් අතේ තියාගෙන ..මං එද්දි හුඟක් කලබල වුනා කියල මට හිතුනා. උත්පල මට කියල තියෙන්නේ මොන අවුල තිබුනත් කෑම එක කාමරේට ගෙන්න ගන්න එපා.. හැමොත් එක්කම කෑම මේසෙදි කන්න කියල. මට තේරුම් ගන්න බැරි ඇයි මේ මිනිස්සු පවුලට එකතු වෙන අයට මෙහෙම දේවල් කරන්නෙ කියල?දෙයියනේ උත්පලත් නැත්තන් මං තනියෙන් මොනා කරන්නද.. ? පහුවදා හවස මම හෙමින් සොල්දර කෑල්ල සමීපයට ගිහින් අවට බැලුවේ මයුරි අක්කා හැම මොහොතකම මට කල්පනා වෙන්න ගත්තු නිසා.මට තිබුනේ කුහුළක්.. මම උත්පල එක්ක එළියෙ කතා කරද්දි කුදී හස්ත මුද්‍රාවෙන් මට මොනවදෝ කිව්ව...මට තේරුනේ "එපා " කියන එක විතරයි. මට ඇතුල් කාමර වලට යන්න තරම් හිතේ ධෛර්යයක් තිබුනෙ නෑ. හිත කොච්චරවත් තිගැස්සිලයි තිබුනෙ.. ඒත් යාන්තමට ඇරිල තිබුනු කාමරයක දිග සාරියක් වගේ රෙදි කඩක් වහළෙ බාල්කයෙ ඔහෙ එල්ලෙමින් තිබුනා.. ඒත් තොණ්ඩුවක් දාල තිබුනෙ නෑ. ඒක අළුත් පිටයි තිබුනේ . මම පහත මාලයට ආවේ අසිහියෙන් වගේ. හෙට උදෙන්ම මම ගෙදර යනවා. අම්මල එන්න තව පොඩි කාලයයි තියෙන්නේ. මට මගේ ගෙදර තනියෙන් උන්නත් සැපයි.මේක මහ අද්භූත ජාතියක් ඉන්න තැනක්. මෙහෙ මනුස්සයෙකුට ඉන්නේ උත්පල විතරයි. බිත්ති ඔරලෝසුවේ රාත්‍රී හත වදිනවාත් එක්කම කරන්ට් එක ගියා. කුදී ඉටිපන්දම් රඳවනය මේසෙ උඩ තියල එකින් එක දල්වන්න වුනා. මම බැලුවේ උත්පල කෝ කියල. එයාගෙ සද්දයක් නෑ. මට මෙතන ඉන්න එක අනාරක්ෂිතයි කියල හිතුනා. "ඉන්දිමා.. ඔයා කාමරේට එන්න. තනියම එහෙ මෙහෙ යන්න එපා " පණ්ඩුක මට අඬ ගැහුවත් මං නෑසූකණ් ව හිටියේ ඒ තරමට පුදුමාකාර කළකිරීමක්, අප්‍රසාදයක් හිතට නැඟුන හින්ද. අද අවුරුද්දේ අන්තිම පෝය..පංසලකටවත් යන්න නෑ මට . අම්මයි අප්පච්චියි විතරක් හවස හය විතර වෙද්දි පංසල් ගියා.මොකටද මූනිච්චාවට පංසල් ගිහින්...? කරන තරමක් පව් වැඩ කරලා . හඳ එළිය මිදුල පුරාම පැතිරිලා .මගේ ඇස් මද අඳුරේ දිව්වේ උත්පලව හොයාගෙන. එක පාරටම සද්දයක් ඇහිල මං තිගැස්සුනත් එකනෙහිම උත්පල එතනට ආවා. "ඉන්දි...?" "වෙන දෙයක් වෙද්දෙන් .ඔයා මා ළඟ ඉන්න උත්පල..!! කාමරේට ගියොත් පණ්ඩුක මාව මරයි. අර...අර සොල්දර කාමරේ මං දැක්කා." "ෂ්...ෂ්.." කෑ ගහන්න එපා කියල උත්පල අතින් සං කරා. "උත්පල... මෙහෙට එන්න . මොනාද ඔතන කරන්නේ.. ? ඉන්දිමා ඔයා යන්න කාමරේට " නැන්දා කෑ ගැහුව නෙවෙයි ගිගුරුවා. වහළත් හෙල්ලෙන ගානට. කවුළු වලින් එන හුළං අතට පැද්දෙන ඉටි පහන් සිළු කොයි මොහොතේ නිවිල යයිද කියන්න බෑ... එකපාරටම උත්පල මගෙ අතකින් කිටි කිටියේ අල්ල ගත්තා. "නැන්දා... !! අද ඉන්දිමා දැනගනීවි මේවයෙ ඇත්ත නැත්ත. ඔයා එන්න ඉන්දි මාත් එක්ක සොල්දරේට.." උත්පල මාව ඇදගෙන ලී තරප්පුව නැග්ගේ පුදුම වේගෙකින්. එවෙලෙනම් සොල්දරේට යන්න තියෙන බයට මං බෑ කිව්වා. "බයවෙන්න දෙයක් නෑ..මං ඉන්නවනේ...? " අර කාමරේ ඉටිපන්දමක් දැල්වෙමින් තිබුනා. බාල්කේ එල්ලෙමින් තියෙන සුදු රෙද්ද අඩ අඳුර අතරින් දැක්කම මගෙ ඇඟ හිරි වැටිල ගියේ මොකක්දෝ අමුත්තක් දැනුන නිසා. උත්පල මාව කිටි කිටියේ වැළඳගත්තා. "අපි දෙන්නට වෙන් වෙන්න කාලෙ ඇවිල්ල මගෙ මැණිකේ ...!! කවදාවත් මට ඔයාව ලැබෙන්නෙ නැති වග මං දන්නවා. ලබන ආත්මයක් තියෙයි නම් අපි හමුවෙයි.. " "උත්පල මාව අතාරින්න . නැන්ද දැක්කා අපි උඩට එනවා. අනික ඔයා මොනාද මේ කියන්නේ...? " "මද්දු අයියත් ලොකු අයිය වගේම අමුම අමු තිරිසනෙක්... නැත්තන් තමන්ගෙ ගෑනිට මෙහෙම අපරාද වෙනකල් බලා ඉඳීවියැ.. " "උත්පල ...ඔයා අයියලත් එක්ක ඔය තරම් වෛරෙන් ඉන්නෙ ඇයි?මේ.. ඔයාට හොඳටම දාඩියත් දාලා... " උත්පලට ඉතා සමීපයෙන් උන්නු මට ඔහුගේ ආවේගය හොඳටම දැනුනා. තරප්පු පෙළ නගින අඩි සද්දයත්..ඒ එක්කම යාන්තමට විදුලි පන්දම් එළියකුත් සෙලවෙන බව හැඟී මං උත්පලට මුවාවුනා. කවුරු හරි උඩට එනවා.එක්කෙනෙක් නෙවෙයි කීපදෙනෙක්? "මං උන්ට ඔයාව දෙන්නෙ නෑ.. " "උත්පල..මොකද ඔය..? මෙහෙට එනවා..." පණ්ඩුක ..? පණ්ඩුකගෙ ඇස් ගිනි පුළිගු දෙකක් වගේ. ඔහුගේ අතේ තුවක්කුවක්..? ඔව්.. තුවක්කුවක්..පණ්ඩුක එක්ක නංගිගෙ මහත්තයත් සරෝජනී නැන්දත් හිටියා. "මයුරි අක්කට විච්ච දේ උඹල ඉන්දිමාටත් කරන්න ... හහ්...අත තියන්න එපා .. අපි දෙන්න ඒක බලාගන්නම්.. මම තීරණයක් ගත්තා .." උත්පල එකපාරටම උල් පිහියක් වැනි දෙයක් ඇදල ගන්නවත් එක්කම මගේ ගෙල වටා ඔහුගේ අතක් කිටි කිටියේ වෙලා ගත්තා. කෑ ගැහුනෙත් නෑ මට බයටම. උත්පලගෙ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. හරියට උන්මත්තකයෙක් වගේ..? පුදුමාකාර ශක්තියක් ඔහුට තිබුනේ. මට ක්ෂණයකින් හිතුනා මගේ ජීවිතේ අනතුරේ කියලා. ඒ පණ්ඩුක නෙවෙයි උත්පල අතින් .. මගෙ දෑස පියවුනා. ඒ තත්පර ගාන මට මොකුත් මතක නෑ.කවුරු කවුරුහරි කෑ ගහනව වගෙත් ඇහුනා . මහා හඬක් එක්කම මාව විසිවෙලා ගිහින් කාගෙ හරි ඇඟකට වාරුවුනා විතරයි මට මතක. * * * මම ඇස් ඇරල බලන කොට පණ්ඩුක ඇඳ කොණක වාඩිවෙලා මං දිහා බලාගෙන ඉන්නවා. උත්පලගෙ අත්වලට හිරවුනු මගෙ බෙල්ල තාමත් ඇදුම් කනව වගේ. මට කිසිම දෙයක් හිතාගන්න බෑ. මගෙ ජීවිතේ ගැන තියෙන අවිනිශ්චිතකම තාමත් එහෙමමයි. පණ්ඩුකගෙ අම්මා ඔසරි පටින් කඳුළු පිහිනව දැකල තමයි මට උත්පලට මොකද වුනේ කියල හිතුනේ ... ඇත්තටම උත්පලට මොකද වුනේ ...? "ඔයා තාමත් ඉන්නෙ බයවෙලා. බයවෙන්න එපා ඉන්දිමා. ඔයාගෙ අම්මලත් ලංකාවට එන්න පිටත් වෙලා. එයාල කළින් එන වගක් ඔයාට නොකිය ඉඳල තියෙන්නේ ඔයාව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන. ලොකුඅයිය එයාර්පෝට් එකට යාවි . මම නොගියේ ඔයාව මෙතන දාල යන්න බැරි නිසා..දැන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න .'' සරෝජනී නැන්දා උණුවෙන් කෝපි එකක් ගෙනත් .. පණ්ඩුක අතට දුන්නෙ මට පොවන්න කියල .මට මතක් වුනේ උත්පල කියපු කතාවක් . කාමරේට ගෙනත් දෙන කිසිම දෙයක් කන්න බොන්න එපා කියල. එහෙම
කියපු එයාම ඇයි මාව මරන්න හැදුවේ...? මම ගිරේට අහුවුනු පුවක වගේ. මට හිතාගන්න බෑ.. කාගෙන්ද මම බේරෙන්න ඕන කියල ...? "ඇයි බොන්න බයද.?උත්පල.. ඔයාගෙ ඔළුව බොරු මනස්ගාත වලින් අවුල් කරලා. ඒ එයාගෙ ලෙඩේ හැටි.ඉන්න මං උගුරක් බීලම දෙන්නම් .. සරෝජනී නැන්ද වහ දාල නම් ඉස්සෙල්ලම මැරෙන්නෙ මමනේ...? " පණ්ඩුක කෝපි උගුරක් බීල දිග කතාවකට මුල පිරුවා.ඒත් සේරටම ඉස්සෙල්ල මට ඕන වුනේ උත්පලට මොකද වුනේ කියල දැන ගන්න. "උත්පල හොස්පිට්ල් ගෙනිච්චා. මිනිහගෙ ඔළුවට මම තුවක්කු බඳෙන් ගහපු පාර ටිකක් තදට වැදිලා.මම එහෙම නොකල නම් ඔයා අද ජීවතුන් අතර නෑ..කොහොම වුනත් පොලිසියටත් කට උත්තරයක් දෙන්න යන්න වෙනවා..." "එතකොට මයුරි අක්කට මොකද වුනේ ? " "මේ හැමදෙයක්ම එකම සිදුවීමක ප්‍රථිපල.. ඉන්දිමා . මීට අවුරුදු හතරකට විතර කලින් අපි තඹලගල යද්දී දරුණු රිය අනතුරකට මූණ දුන්නා. එදත් මේ වගේම අඳුරු වැහි දවසක්. වෑන් එක ඩ්‍රයිව් කලේ අයියා. ඒ ඇක්සිඩන්ට් එක ගැන පත්තරවල පවා ලොකුවට පලවුනා.. වාහනේ පල්ලමකට පෙරලිලා අපි උන්නු පැත්ත තමයි යටවුනේ . මල්ලි ඒ වෙනකොට කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ. එයාගෙ ඔළුව තමයි ලොකුවට ඩැමේජ් වෙලා තිබුනේ. ඉන් පස්සෙ සෑහෙන දේවල් කරල තමයි මේ තරමට එයාව සනීප කර ගත්තේ.ඒත් දිගටම බෙහෙත් කරන්න වුනා. ලොයිඩ් අංකල් කියන්නෙ අම්මගෙ ලොකු අයියා.හොස්පිට්ල් එකෙන් කෙරෙන ප්‍රතිකාර වලින් පස්සෙ ලොයිඩ් අංකල්ලගෙ ගෙදර ඉඳන් තමයි දිගටම ප්‍රතිකාර කලේ. ඒත් එයා පස්සෙ පස්සෙ බෙහෙත් අරගෙනම නැහැ. උත්පල විශ්වාස කරන්නෙ නෑ එයා ලෙඩෙක් කියල. මොනා වුනත් මට එවෙලෙ මල්ලිට ගහන්න සිද්දවුනේ ඔයාගෙ ජීවිතේ බේරගන්න ඕන හින්දා.. " "එතකොට මයුරි අක්කත් ... ? " "ඔව්...මයුරි අක්කා ඒ ඇක්සිඩන්ට් එකෙන් එතනදිම නැතිවෙලා..." පණ්ඩුක ටික වෙලාවක් නිහඬව ඉ‍ඳල ආයිත් කතාව පටන් ගත්තා . 'ලොකු අයිය මැරි කරනකොට උත්පල පොඩි වයසෙනෙ.. ඉතින් එයා අම්ම කිව්වෙ මයුරි අක්කට.අක්කත් එහෙමයි.තමන්ගෙ අක්කට වඩා එයා ආදරේ කලේ නෑණට. මල්ලිට ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ දරා ගැනීමේ ශක්තිය හුඟක් දුරට අඩුවුනා. එයා පිළිගත්තෙම නෑ මයුරි අක්ක නැතිවුනේ ඇක්සිඩන්ට් එකෙන් කියල. ඒ හින්ද එයා අපිට පුදුම විදිහට වෛර කරන්න පටන් ගත්තා ... මටත් සිහිය තිබුනෙ නෑ. මගෙ ඉණෙන් පහළ කොටස ලොකුවට ඩැමේජ් වෙලා තිබුනේ .මට සමාවෙන්න ඉන්දිමා ... මගෙ අතින් ඔයාට ගොඩක් වැරදි වෙන්න ඇති. මම මේ සිද්දියෙන් පස්සෙ "විවාහය" කියන එක සහමුලින්ම අමතක කරලයි හිටියේ. හේතුව ....ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට කවදාවත් තාත්ත කෙනෙක් වෙන්න බැරි බව මම දැනං හිටියා .ඒත් මට කසාද බඳින්න සිද්ද වුනේ අම්මලගෙ බල කිරීමට. ඔයා දරුවෙක් ගැන කියන වෙලාවට මට හුඟක් කේන්ති යන්නේ ඒකයි ඉන්දිමා.." ආච්චි අම්මා කකුල් අද්ද අද්දා මං දිහාට ඇවිත් මගෙ නළලෙ ඕඩිකලෝන් වලින් පොඟවපු රෙදි කඩක් තියල පිටි අත්ලෙන් උණ බැලුවා.මේ මිනිස්සු වෙනස් වෙලා නැද්ද ..? වෙනස් වෙලා තියෙන්නේ මම ද..? දෙයියනේ ජීවිතේ කොතන හරි මටත් වැරදුනා . සමහර තීන්දු ,තීරණ ගනිද්දී උඩු හිත සහ යටිහිත අපිව හසුරුවන විදිහට හිතට වහල් වෙලා තමන්ම අසරණ වෙන තරමක් ...? මට මගේ කුසට අත යැවුනේ නිරායාසයෙන්. මම අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ ...? ඒ සුභාරංචිය රහසක් විතරක් වුනා . මට ඒ ගැන දරුවගෙ තාත්තට කියාගන්නවත් අවස්ථාවක් ලැබුනෙ නෑ . හීනයක් විතරක් වෙලා තිබුනු ඒ කිරි සිහිනය හැබෑවක් වුනත් ඒ සුභාරංචිය මේ මොහොතේ මාව හුඟක්ම අසරණ කලා. රැල්ල කොයිතරම් වෙරළෙ හැපුනත් ආයිත් යන්න ඕන මුහුදටමයි. මම කුස තැබූ අත ඉවතට ගනිමින් පණ්ඩුක දිහා බැලුවේ පුදුම අසරණකමකින්. මම කොහොමද පණ්ඩුකට මේ වගක් කියන්නේ..? කොහොමද මගෙ අම්මලට මූණ දෙන්නේ...? මොනා වෙන්නත් මට උත්පලව බලන්න ඕන. පණ්ඩුක එක්ක රෝහලට යද්දිත් මං උන්නේ ලොකු දෙගිඩියාවකින්. මම දන්නව පණ්ඩුක කොහොමටවත් මට සමාවක් නොදෙන විත්තිය. එයාට කවදාවත් දරුවෙක් හදන්න බැරි වග මට කලින් කියන්න තිබුනා. මට ආදරෙන් ඉන්න තිබුනා. ඇයි එයාගෙ ජීවිතෙන් මාව අතෑරල දැම්මේ...? "උත්පල ඔයාව සොල්දරේට ගෙනිහින් මරාගෙන මැරෙන්න ගියේ ඌ ඔයාට තියෙන ආදරේ වැඩිකමට කියලයි මට හිතෙන්නේ..." වාහනේ යන අතරෙ පණ්ඩුක කිව්වම මට පුදුම හිතුනා. ආදරේ නම් මරන්න හිත හදාගන්නෙ කොහොමද ? "එයා හිතුවේ අපෙන් ඔයාට කරදයක් වෙයි කියල. මයුරි අක්කට ඒ දේ වුනේ අපි අතින් කියල උත්පල හිතට කාවද්දගෙනයි හිටියේ. අන්තිමේදී ඔයාගෙ ආරක්ෂාවට හොඳම විසඳුම ඔයත් මරාගෙන එයත් මැරෙන එක කියල එයා හිතුවා. ඒක හරිම භයානක සිතුවිල්ලක්. මම උත්පලව බලන ඩොක්ටර් එක්ක කතාකලා. එයා කියන්නේ ඒ ලෙඩේ ලක්ෂණයක් කියල ඒක ..මට මගෙ මල්ලි ගැන දුකයි ඉන්දිමා. ඒත් මම දන්නව ඔයා කවදාවත් මට පිටුපාන්නෙ නෑ කියල. මට ඔයාව විශ්වාසයි ..." මම කවුළුවෙන් ඉවත බලාගත්තේ පණ්ඩුක දිහා කෙළින් බලන්න බැරි කමට.කරන්න තියෙන ලොකුම වරද මම කලා කියන සිතුවිල්ලෙන් මිදෙන්න මට බැරි කමට... උත්පල හිටියේ විශේෂ ප්‍රතිකාර කුටියක. එයා ඇඳ වියළට බරවෙලා ඔහේ බලා ගත්තු අත බලාගෙන ඉන්නවා. හෙදියක් ඇවිත් කිව්වේ ලෙඩාට කරදර කරන්න එපා කියල . පහරේ කම්පනය හින්ද එයාගෙ මතකය නැතුව ගිහින්.. පණ්ඩුක ගැහුව හින්ද කියල කිසිම තැනක සඳහන් වෙලා නෑ. ලෙස්සල වැටිල කියල තමයි කියල තියෙන්නේ. ඒව එයාල ෂේප් කරල දායි.නැත්තන් නීතියෙන් ප්‍රශ්නයක් එන හින්ද . උත්පල මං දිහා ටික වෙලාවක් බලන් හිටියා. දෙයියනේ මේ මොනාවුනත් මං ආදරේ කරපු කෙනා.. මගෙ කුසේ ඉන්න දරුවගෙ තාත්තා. "උත්පල..." උත්පල පුදුමෙන් වගේ මා දිහා බලල ඉවත බලා ගත්තා. මට දැනුනේ මුළු ලෝකයම මට අහිමි වුනා වගේ. කාන්තාරෙක අතරමං වුනු මට කෙම්බිමක් වුනු ඔහු... ඇත්තටම මාව කාන්තාරෙක අතරමං කලා වගේ. මට කෑ ගැහිල හැඬුනා... මට පණ්ඩුකත් උත්පලත් දෙපසින් උන්නත් විශාල තනිකමක් දැනුනා. "පණ්ඩුක.. මට සමාවෙන්න . ඒත් මම ඔයාට වරදක් කරන්න හිතුවෙ නෑ කවදාවත්. ඒත් මටත් නොදැනීම මම උත්පලට ලංවුනා. මට ඒ වැරැද්ද ආයිත් කවදාවත් හදාගන්න බැරි තරමට දුරදිග ගියා ..." පණ්ඩුක ටික වෙලාවක් මා දිහා බලාගෙන ඉඳල කාමරෙන් එළියට ගියා. එකනෙහිම උත්පලව පරික්ෂා කරන වෛද්‍යවරයා ආවම මම ඇහුවේ එකම එක දෙයයි. ඒ උත්පලව සනීප කරන්න පුළුවන්ද කියල. මට යන්තම් වත් හිත හදාගන්න ඕන හින්ද. "අපට දැන්ම කියන්න අමාරුයි. එයා ලොකු කම්පනයක ඉන්නේ. සමහරවිට ජීවත කාලයටම ඒ මතකය එන්නෙ නැතිවෙන්නත් පුළුවන්... " පණ්ඩුක පේන්න හිටියෙ නැති නිසා මම කෑගල්ලට යන බස් රියකට ගොඩවුනා. මම.. උත්පල විතරක් නෙවෙයි පණ්ඩුකත් තනි වුනා..මට හිතාගන්න බැරි ඒ කාගෙ වරදින්ද කියල .මට මගේ හෘද සාක්ෂිය එක්ක එකඟ වෙන්න වෙනවා. වරද මගේ අත කියලා. රළ බිඳෙන තැන රැඳෙන්න අවසර නෑ...ආපහු මහ මුහුදටම ඇදෙනවා මිස. මම ආයිත් වතාවක් හැරිල බැලුවේ හැඟීමකින් නෙවෙයි .. නිකමටවත් පණ්ඩුක ඒවි කියල. ඒත් ඔහු පේන මානයකවත් හිටියෙ නෑ. ආදරය කියන්නේ මුලාවක් ..ආත්මාර්ථය කියන්නේ ඇත්තක්... ඒක තමයි තිත්ත ඇත්ත කියල මට හිතුනා . නිමි (සේයාරුව අන්තර්ජාලයෙනි )***හිමාල දිනපොත*** **සත්වන දින** අද අප ඩිංබුචේ හැරදා යන දවසයි. අද අපේ ගමනාන්තය, මීටර් 4940 (අඩි 16,210) උසින් පිහිටි ලොබුචේයි. උදේ නැගිටිනකොට තිබ්බේ තද සීතලක්. නාන කාමරයේ තිබ්බ වතුර බැරලය සම්පූර්ණයෙන්ම මිදිලා. රෑ ඉල්ල ගත්ත උනුසුම් වතුර බෝතලේ නිදන බෑගය අස්සෙම තියා ගත්ත නිසා ඒකනම් බේරිලා තිබ්බා. ඒකේ ඉතුරු වතුර ටිකෙන් තමයි යන්තමට මූණකට හෝදා ගත්තේ. සුපුරුදු පරිදි උදෑසන කෝපි කෝප්පයෙන් සප්පායම් වෙලා, නේපාලි පාන් කෑව මී පැණිත් එක්ක. උදේට නේපාලි පාන් කන්න කියලා යෝජනා කලේ තානායම් පාලක ආකාශ්. ඔහු එවරස්ට් තරණය කරපු දාට ඒ බව මට දන්වා එවන්න පොරොන්දු උනා. ඒ වගේම මම නැවත නේපාලයට ආවොත් ඔහුව මුණ ගැසෙන බවටත් පොරොන්දු උනා. මම පාතරාසය අරගෙන ඉවර වෙනකොට කේෂාරුයි, සොන්පායි ලෑස්තියි. සුපුරුදු පරිදි වතුර බෝතලය පුරවගෙන, විෂබීජහරණ පෙත්තකුත් දාලා සූදානම් කරගෙන එලියට බැස්සා. ඊයේ වගේම නවාතැන්පල පසුපස කන්ද නැගලා, එතැනින් වයඹ දිශාවට ගමන්කරන්න පටන් ගත්තා. ඒ අපි ඊයේ දකපු දැවැන්ත නිම්නය හරහා. ඩිංබුචේ සිට එවරට් මූල කඳවුර කරා යා හැකි මාර්ග දෙකක් තිබෙනවා. එකක් අප ගමන් ගන්නා කුම්බු කෝලා නිම්නය හරහායි. අනෙක් මාර්ගය ඊසාන දිගට ගමන්ගන්නා ත්‍රී-පාසස් මාර්ගයයි. මෙය නේපාලයේ දීර්ඝතම සංචාරක මාර්ගයයි. මෙයට ත්‍රී-පාසස් යන නම වැටී ඇත්තෙ එය කඳුමුදුන් 3ක් හරහා ගමන් ගන්නා නිසායි. ඒ කොන්ග්මා-ලා(5535මී), චෝ-ලා (5420මී) හා රෙන්ජො-ලා (5360 මී) ය. එසේම සුප්‍රකට ගොක්යෝ විල් නැරඹීමටත් මේ මාර්ගයේ ගමන් ගන්නන්ට අවස්ථාව උදා වෙනවා. සාමාන්‍යයෙන් දින 17-21 අතර කාලයක් සම්පූර්ණ ගමන සඳහා ගත වෙනවා. ඉර එලිය බැබලෙමින් තිබුනත්, අවට තිබුනේ දැඩි ශීතලක්. අත්වැසුම් පැලඳ සිටියත්, අතැගිලි දැඩි ශීතල නිසා ගල් වෙලායි තිබුනේ. ඒවා නැවත යථා තත්ත්වයට පත්වෙන්නේ පැයක් දෙකක් වේග‍යෙන් ඇවිදලා, ඇඟ උණුසුම් උනාට පසුවයි. අපේ ගමන් මග වැටී තිබුනේ කුම්බු කෝලා නිම්නයට මීටර් 300 පමණ ඉහලින්. එය ඉතා දර්ශනීය පුලුල් නිම්නයක්. නිම්නය පතුලේ ගල්වලින් පිරී ගිය, හිමෙන් වැසුනු ගංගාවක්. ඒ අසලින්ම පෙරීචේ ගම්මානය. අවට කඳු මුදුන් සියල්ල හිමෙන් වැසී තිබුනා. එම කඳුවලින් පහලට ගලාගෙන එන මිදුනු දිය ඇලි වගේම හිමගිරි නිපාතන් මවා පෑවේ ඉතා මනස්කාන්ත දසුනක්. භූමිය දුඹුරු පැහැති කර්කශ එකක්. තව දුරටත් කොල පැහැයක් දකින්නට තිබුනේ නෑ. දුඹුරු පැහැති, අඟල් කිහිපයක් පමනක් උසට වැවෙන තුන්ද්‍රා ලක්ෂණ සහිත පඳුරු පමණයි දකින්නට පුලුවන් උනේ. පහල නිම්නයේ වරින් වර ගමන් කරන හෙලිකොප්ටර් යානාද අපිට දැක ගැනීමට පිළිවන් උනා. ඒ එවරස්ට් මූල කඳවුර කරා ගමන් ගන්නා යානායි. සමාන්තර මාර්ගයක ගමන් කරන්නට තිබූ නිසාත්, කාලගුණය ඉතාම සුන්දර වූ නිසාත් ගමන කොහෙත්ම අසීරු උනේ නෑ. අපේ සුපුරුදු ගමන් වේගය සෑහෙන්න අඩු කරලා, අපි අවට සිරි විඳිමින්, තැනින් තැන නැවෙතෙමින
් සැහල්ලුවෙන් ගමන් කලා. පැය තුනකට විතර පසු කෙමෙන් පටු වේගන ගිය නිම්නයේ කෙලවරට අපිට පැමිණෙන්නට පුලුවන් උනා. ඒ අපේ දිවා නවාතැන වන ඩුග්ලා ගම්මානයයි. ගම්මානයට එලඹීමට පෙර ගලින් වැසී ගිය ග්ලැසියරයක් හරහා යන්නට තිබුනා. ඒ සුප්‍රකට කුම්බු ග්ලැසියරයේ අවසන් කෙලවරයි. මේ අපගේ ගමනේ සංධිස්ථානයක්. එවරස්ට් මූළ කඳවුර පිහිටා තියෙන්නෙ කුම්බු ග්ලැසියරයේ ඉහල කෙළවරේ. නිශ්චිත මාර්ගයක් හෝ පාලමක් නැති ගලින් ගලට නගිමින් බසිමිනුයි ඉන් එතර වන්නට සිදු උනේ. ගසාගෙන ගිය පැරැණි පාලමක කොටසක්ද පහලින් දකින්නට තිබුනා. ලොව උසින්ම පිහිටි හා, නේපාලයේ විශාලතම ග්ලැසියරය වන කුම්බු ග්ලැසියරය තවමත් ස්ක්‍රීය ග්ලසියරයක්. සෙමෙන් පහලට ගලාබසින පාෂාණ නදියක්. ඩුග්ලා, ආපනශාලා දෙක තුනකින් සමන්විත ඉතා කුඩා ගම්මානයක්. දිවා ආහාරයෙන් හා කෙටි විවේකයකින් පසු අපි නැවතත් ගමන ඇරඹුවා. ආරම්භයේ සිටම තිබුනේ තියුනු නැග්මක්. ගලින් හ බෑවුමින් වලින් පිරුනු පටු මාර්ග දිගේ ඉහල නැගීම එතරම් පහසු උනේ නෑ. විශේෂයෙන්ම දිවා ආහාරයෙන් පසුව. විනාඩි 45 පමණ අසීරු නැග්මකට පස්සෙ අපි කඳු ගැටයක් මුදුනට ලගා වුනා. එතැන ඉතාම සුවිශේෂ තැනක්. නම තොක්ලා-පාස්. මේ කුඩා කඳුගැටය පුරාම විසිරී තුබුනේ ගලින් තැනූ සිහිවටනයන්ගෙන්. ඒ හිමාළ අඩවියෙ දිවි පිදූවන් සිහි කිරිමට ඔවුන්ගේ ආදරණීයන් විසින් තැනූ සිහිවටනයන්ගෙන්. සොහොන්කොත් වැනි සිහිවටන අතුරෙන් හමා යන සුලඟේ හඬ හැර කිසිදු හංඩක් නැති ඉතාම පාළු, ගූඨ, ශෝකය දනවන තැනක්. හිමාල කඳු තරණයට තැත් කිරීමේදී විවිධ අනතුරු වලට මුහුණපා මිය ගිය කඳු නගින්නන් වෙනුවෙන් තැනූ සිහිවටන දෙසියයකට අධික ගණනක් මෙහි දකින්නට පුලුවන්. ඒ සියල්ල ගලින් තැනූ විවිධ ප්‍රමාණයේ සරල ස්මාරක. අප ඇතුළු වූ තැනම තිබුනේ නේපාල කඳු නගින්නන් අතර ප්‍රමුකයෙක් වූ බාබු චිරි ෂර්පා (babu Chiri Sherpa) වෙනුවෙන් තැනූ සිහිවටනයක්. ඔහු ලෝක වාර්තා කිහිපයකටම හිමිකම් කියූවෙක්. ඒ වැඩිම කාල‍යක් එවරස්ට් මුදුන මත අමතර ඔක්සිජන් රහිතව පැය 21ක් සිටීමෙන්. වේගවත්ම එවරස්ට් නැගීමේ වාර්තාව ඔහු සතු කරගන්නේ වසර 2000 දී පැය 16 විනාඩි 56කින් එවරස්ට් තරණය කරමින්. දස වතාවක් එවරස්ට් තරණය කල බාබු චිරි ෂර්පා මියයන්නේ, 11වෙනි වතාවට එවරස්ට් තරණය කරමින් සිටියදී ග්ලැසියට විවරයකට වැටීමෙන්. කේෂාර් හා සොන්පා විවේක ගැනීමට හිදගත් අතර මා මලවුන්ගේ සිහිවටන අතර යමින් සිහිවටන පුවරු කියවීමට පටන් ගත්තා. සුප්‍රකට කඳු නගින්නන් වෙනුවෙන් තැනූ සිහිවටන කිහිපයක්ම මට අඳුනා ගැනීමට පුළුවන් උනා. විවිධ අනතුරු වලින් මිය ගිය කඳු නගින්නන් වෙනුවෙන් තැනූ සිහිවටන අතර එක් සුවිශේෂී එකක් වන්නේ 2013 නොවැම්බර් වලදී පාකිස්ථාන, නන්ගා පාර්බා හීදී ත්‍රස්ථවාදීන් විසින් මරා දැමුණු කඳු නගින්නන් වෙනුවෙන් තනා තිබූ සිහිවටනයයි. කඳු නැගීමේ ඉතිහාසයේ ඛේදාන්තයක් වන නන්ගා පාර්බා ප්‍රහාරයේදී 11 දෙනෙකු මිය යන අතර ඊට යුක්‍රේන, චීන, ස්ලොවැකියන්, ලිතුවේනියන්, නේපාල හා පාකිස්ථාන ජාතිකයින් අයත් වෙනවා.ත්‍රස්ථයන් විසින්, ප්‍රාණ ඇපකරුවන් ලෙස මෙම කඳු නැගීමේ කාණ්ඩායමේ සාමාජිකයින් අල්ලා ගැනීමට උත්සාහ දරන විට ඇති වූ ගැටුමකදී චීන-ඇමෙරිකානු ජාතික කඳු නගින්නෙක් මිය යන අතර, ඉන්පසු ත්‍රස්ථයින් විසින් සියලු සාමාජිකයින් වෙඩිතබා මරා දමනවා. විනාඩි 45 පමණ කාලයකින් පසු අප ඒ නිසල භූමිය හැරදා ගියේ ශොකයෙන් බරවූ හදවත් වලින්. එය එතරම්ම හදවත් සසල කරවන තැනක්. එතරම් නැගීමක් නැති තැනිතලා මාර්ගයක් දිගේයි ඉන්පසු අපට යන්නට තිබුනේ. හොඳින් හිරු එලිය වැටී තිබුනත් ශීතල ක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගත්තා. අප ගමන් කරමින් සිටියේ හිමෙන් හා ගලින් පිරුණු දැවැන්ත කුම්බු ග්ලැසියරය පසෙකිනුයි. සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන කුම්බු ග්ලැසියරයේ දැවැන්ත බව සිත් මවිත කරවන සුලුයි. සවස දෙක පමණ වන විට අපි ලොබුචේ කරා ලඟා උනා. ඒ වන විට හාත් පස මීදුමෙන් වැසී ගොස් තිබූ අතර, ශීතලද ක්‍රමයෙන් වැඩි වෙමින් තිබුනා. නවාතැනට ඇතුලු වූ පසු මගේ ප්‍රථම කාර්‍යය උනේ උණුසුම් ලෙමන් තේ බඳුනක් ඇනවුම් කිරීමයි. මීපැණි දමූ ප්‍රනීත ලෙමන් තේ වෙහෙසටත්, සීතලටත් දිව්‍ය ඖෂධයක්ව ගේ. ආපන ශාලාවේදී මට හමුවුනේ, නම්චේ හීදී මුණ ගැසුනු ඉන්දියානු සිසුන්ගේ කණ්ඩායමයි. ඔවුන් අද උදෑසන එවරස්ට් මූළ කඳවුලර වෙත ලඟා වෙලා තිබුනා. වෙහෙසට පත් වෙලා මුත් ඔවුන් සිටියේ ප්‍රීතියෙන්. දැඩි ශීතල නිසා ආපන ශාලාවේ පෝරණුව කලින්ම දැල්වූ අතර සියළු දෙනා ඒ වටේ වට වී දෑත් හා දෙපා උනුසුම් කර ගැනීමට වෙර දැරුවා. මා සිටියේ හෙට දිනය ගැන උද්දාමයෙන්. ඒ අප පළමුව ගොරාක්ෂේප් ගම්මානයටත්, එතනින් එවරස්ට් මූල කඳවුරටත් ලඟා වන දිනය නිසායි. මීට වසර 70කට පෙර සර් එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සින්ග් නොර්ගේ එවරස්ට් ජයග්‍රහණය ලොව පුරා ඇති කලේ උන්මාදයක්. 1953 වන විට එවරස්ට් තරණය සඳහා ලොව පුරා කඳු නගින්නන් තරඟයක් ඇති වී තිබුනා. මුල් කාලීන උත්සාහයන් දැරුනේ එවරස්ට් උතුරු මුහුණතින්. ඒ ටිබටයේ සිට. උතුරු මුහුණතින් එවරස්ට් තරණයට උත්සාහයන් 14ක් හෝ 15 දරා තිබුනත් ඒ සෑම එකක්ම අසාර්ථක වී තිබුනා. එවැනි ඇතැම් උත්සාහයන් අවසන් වී තිබුනේ ඛේදවාචකවලින්. 1924 දරණ ලද උත්සාහයකදී ජොර්ජ් මැල්‍-රෝයි හා ඇන්ඩෲ අර්වින් මීටර් 8600 දක්වා ඉහලට නැගීමට සමත් උනත් ඉන් අනතුරුව හිම කුණාටුවකට හසුවන ඔවුන් කිසිදු සලකුණක් නොතබාම අතුරුදහන් වෙනවා. මැල්‍-රෝයිගේ සිරුර සොයා ගැනෙන්නේ ඉන් වසර 75කට පසුවයි. ඔවුන් විසින් එවරස්ට් විජයග්‍රහණය කරන ලද බවට ඇතැමුන් විශ්වාස කලත් ඒ සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි ඇත්තේ නෑ. මැල්‍-රෝයිගේ සිරුර සොයා ගන්නා විට ඔහු සතුව තිබූ ආයිත්තම් වලින් දෙකක් හමුවන්නෙ නෑ. ඒ ඔහුගේ කැමරාව හා බිරිඳගේ චායාරූපයයි. ගවේෂණය සඳහා පිටත්වීමට පෙර මැල්-රෝයි සිය බිරිඳට පොරොන්දු වන්නේ ඔහු එවරස්ට් තරණය කිරීමට සමත් වුවහොත් කඳු මුදුනේ ඇගේ චායාරූපය තැන්පත් කරන බවටයි. ඇගේ ජායාරූපය ඔහුගේ සිරුර සමග නොතිබීම, ඔවුන් ඇත්තටම එවරස්ට් මුදුනට නැග්ගාදැයි සැකයක් මතු කරනවා. යම් දිනෙක ඔවුන්ගේ කැමරාව හෝ අර්වින්ගේ සිරුර හෝ සොයා ගැනුනොත් එම සැකය දුරුවෙන්නටත් පිලිවන්. 1934 දී මොරිස් විල්සන්, එවරස්ට් තරණයට තනිවම උත්සාහයක් දරණවා. ප්‍රමාණවත් පළපුරුද්දක් හා නිසි උපකරණ නොමැති උවත් මොරිස් දැඩි ආත්ම ශක්තියකින් හා දේව භක්තියකින් යුතු පුද්ගලයෙක්. මුලදී ඔහුගේ සහයට ෂර්පාවරු දෙදෙනෙක් එකතු වූවත්, එම ව්‍යායාමයේ උමතු බව වටහා ගත් ඔවුන් මොරිස්ව හැර යනවා. සිය අරමුණට ලඟාවීමට දෙවියන්ගේ උපකාරය ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් තනිවම ඉහල නගින මොරිස් මීටර් 6500 ආසන්නයේදී දැඩි සීතලට නිරාවරණය විමෙන් හෝ වෙහෙස නිසා මිය යනවා. ඔහුගේ සිරුර වසරකට පසුව සොයා ගන්නවා. 1950 දී චීනය විසින් ටිබෙටය ඈඳා ගැනීමත් සමග එවරස්ට් උතුරු මුහුණත් මාර්ගය වැසී යනවා. විකල්ප මාර්ගයක් හැටියටයි ඉන්පසු නේපාලයේ සිට දකුණු මුහුණත හරහා එවරස්ට් තරණයට මං සොයා බැලෙන්නේ. 1952 දී ස්විස් කඳු නෑගීමේ කණ්ඩායමක රේමන්ඩ් ලැම්බර්ට් හා ටෙන්සින්ග් නෝර්ගේ මීටර් 8598 දක්වා ඉහලට ලඟා වීමට සමත් වෙනවා. 1953 දී එවරස්ට් කමිටුව විසින් එවරස්ට් ජය ගැනීමේ අරමුණින් කණ්ඩාය්මක් සූදානම් කරනවා. ලන්ඩන් හී කඳු නැගීමේ සමාජයක් වන ඇල්පයින් සමාජය (Alpine Club) හා රාජකීය භූගෝලීය සමාජයේ (Royal Geographical Society ) එක්වීමෙනුයි එවරස්ට් කමිටුව බිහිවන්නේ. කණ්ඩායමේ නායකයා වන්නේ කර්නල් ජෝන් හන්ට්. ඒ සඳහා ඒ වනවිට හිමාල කඳු නැගීමේ ඉහල පරිචයක් තිබූ ටෙන්සින්ග් නෝර්ගේ හා නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරිද එක්කර ගන්නවා. ටෙන්සිංග්, එවරස්ට් තරණය පිළිබඳ ඒ වනවිට ලෝකයේ සිටි පළපුරුදුම පුද්ගලයායි. 1953 මාර්තු 10වන දින කත්මණ්ඩුවෙන් ගමන් අරඹන මෙම එවරස්ට් ගවේශණ කණ්ඩායම පුද්ගලයින් 400 අධික දැවැන්ත එකක්. පෝටර්වරු 350ක් පමණ ටොන් හතහාමරකට අධික බඩු බාහිරාදිය ගෙන යෑමට යොදාගෙන තිබෙනවා. දින නවයකට පසු ටෙංබුචේ වෙත ලඟාවෙන කණ්ඩායම සති තුනක පමණ කාලයක් නැවතී ඉහල උන්නතාශයට හැඩ ගැසෙනවා. ඉන්පසු ඔවුන් අප්‍රේල් 12වන දින කුම්බු අයිස් නදිය වෙත පැමින කඳවුරු බැඳ ගන්නවා. ඒ වර්තමාන එවරස්ට් මූල කඳවුර ඇති ස්ථානයට ආසන්නවයි. එතැන් සිට ඇරඹෙන්නේ ඉතා අභියෝගාත්මක කාලයක්. කුම්බු අයිස් නදිය (Khumbu Icefall) තරණය බෙහෙවින්ම අනතුරුදායක එකක් වනවා. ඒ නිරන්තරයෙන් වෙනස් වන භූමියත්, හදිසියේ ඇතිවන අයිස් පැළුමුත් නිසා. අයිස් නදිය මැද කොටසේ දෙවන මූල කඳවුර ස්ථාපනය කලත් අනතුරුදායක තත්තව නිසා එය අතැහර දමන්නට සිදු වෙනවා. කෙසේ නමුත් ගවේෂණ කණ්ඩායම සැලකියයුතු උපද්‍රවයකින් තොරව අයිස් නදිය තරණයට සමත් වෙනවා. මීටර් 6462 ඉහලන් සිව්වන කඳවුර ස්ථාපනය කරන අතර, එය එවරස්ට් ශිඛරය තරණය කිරීමට නියමිත පිරිසේ මූලස්ථානය බවට පත් වෙනවා. මැයි 26 වන දින ටොම් බූර්ඩිලන් හා චර්ල්ස් එවන්ස් කඳු මුදුනට ලඟාවීමට පළමු ප්‍රයත්නය දරණ අතර එය අසාර්ථක වෙනවා. මෙහිදී ඔවුන් දෙදෙන එවරස්ට් මුදුනට අඩි 300ක් තරම් ආසන්නයට පැමිණීමට සමත් වෙන්නේ කලින් ස්විස් කණ්ඩායම තැබූ වාර්තාව බිඳිමින්. නමුත් එවන්ස්ගේ ඔක්සිජන් කට්ටලයේ ඇතිවන දෝෂයක් හේතුවෙන් ඔවුන්ට අවසාන මොහොතේ උත්සාහය අතහැරීමට සිදු වෙනවා. දින දෙකකට පසු දෙවන හා අවසන් උත්සාහය දැරීමට එඩ්මන්ඩ්ට හා ටෙන්සිංට අවස්ථාව ලැබෙනවා. පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්, ඔවුන්ට අවශ්‍ය උපකරණ රැගෙන හැකිතාක් ඉහලටම ගමන් කර මීටර් 8500 සීමාවේදී නමවන කඳවුර ස්ථාපනය කරනවා. එදින රාත්‍රියේ එඩ්මන්ඩ් හා ටෙන්සිං එම කඳවුරේ ගතකරන අතර පසුදා උදෑසන 6.30 ඔවුන් එවරස්ට් මුදුන බලා ගමන් අරඹනවා. උදෑසන 9:00 වන විට එවරස්ට් මස්තකය පාමුළට පැමිණෙන ඔවුන් අවසන් පියවර සඳහා ගමන් අරඹනවා. කඳු මුදුනටම ලඟාවන ඔවුන්ට අවසන් බාධකය මුණ ගැසෙනවා, ඒ මීටර් 17 පමණ උසින් යුතු දුෂකර හා ඉතා අනතුරු දායක සෘජු නැග්මක්. මහත් පරිශ්‍රමයක් දරා මේ අවසන් බාධකයත් සාර්ථකව තරණය කරන එඩ්මන්ඩ් හිලරි එව
රස්ට් මුදුනට සම්ප්‍රාප්තවන්නේ එසේ කල ලොව පළමුවැන්නා බවට පත්වෙමින් වගේම දශක ගණනාවක් පුරා මිනිසා ජය ගන්නට උත්සාහ කල තවත් අභියෝගයක් සාර්ථක කරගනිමින්. මෙම අවසන් බාධකය අද හැඳින්වෙන්නේ හිලරිගේ පියවර ලෙසයි (Hillary Step) ඉන් විනාඩි කිහිපයකට පසු ටෙන්සිං ද කඳු මුදුනට ලඟා වෙනවා. ඒ මැයි 29 වන දින උදේ 11:30ට. එඩ්මන්ඩ් විසින් එහිදී ටෙන්සිංගේ ලෝ සුපතල චායාරූපය ලබා ගන්නවා. ටෙන්සිං විසින් කැවිලි පූජාවක් සිදු කරන අතර එඩ්මන්ඩ් කුඩා කුරුසියක් කඳු මුදුනේ තැන්පත් කරනවා. විනාඩි 15කට පමණ පසු ඔවුන් නැවත් පහල බැසීම ආරම්භ කරනවා. දෙවන එලිසබත් රැජිනගේ රාජාභිෂේකය යෙදී තිබුනු ජූනි දෙවැනි දිනම, එවරස්ට් ජයගත් පුවත ලන්ඩනයට ලඟාවන්නේ එහි උත්සවශ්‍ර්‍රීය දෙගුණ තෙගුණ කරමිනුයි. එවරස්ට් ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ජයන්ති කුරු-උතුම්පාලයි. ඒ 2016 මැ‍යි මස 21 වන දින. ඇය ඉතා දක්ෂ කඳු නගින්නියක් මෙන්ම නිපුණු දුර්ග නගින්නියක් (rock climber) ද වෙනවා. ඒවගේම ඇය කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමාජ ක්‍රියාකාරිණියක්. තවත් පළපුරුදු ශ්‍රී ලාංකික කඳු නගින්නෙකු වන යොහාන් පීරිස් ද මේ ගමනට ජයන්ති සමග එකතු වෙනවා ජයන්ති සහ යොහාන් ඇතුලු කණ්ඩායම සති කිහිපයක ප්‍රරිශ්‍රමයකින් පසුව සිව්වන එවරස්ට් කඳවුරට ලඟා වෙනවා. එතැන් සිට රාත්‍රී 8:30 ගමන් අරඹන ජයන්ති පාන්දර 05:03 ට එවරස්ට් මුදුනට ලඟා වෙනවා. අවාසනාවකට මෙන් දිගු පෝලිමක සිරවීමට සිදුවීම නිසා, ඔක්සිජන් ප්‍රමාණයේ ගැටලුවක් පැන නැගීම හේතුවෙන් යොහාන්ට ගමන අතර මග නවතා දැමීමට සිදු වෙනවා. ඒ කඳු මුදුනට මීටර් 400 පමණ තිබියදී. ජයන්ති ගැන හා ඇයගේ එවරස්ට් ගමන ගැන සවිස්තරාත්මක වීඩියෝ කිහිපයක්ම ඔබට යූටියුබ් හිදී සොයා ගන්නට පිළිවන්.නාග්පූර් හල්දිරාම් රහ මතක.... මෙතැන්ට ගොඩවෙලා හරියටම අවුරුද්දක් ගත උනත් තවම රහ මතකයි. මේ තරම් කැවිලි මහ ගොඩක්. නාග්පූර් වලදී මාව බලාගත්තු මගේ නාග්පූර් මිත්‍රයා හෙට ලංකාවට එනවා. මම නාග්පූර් ගියායින් හරියටම අවුරුද්දකට පස්සේ. ඒකත් හරි අපූරු සංසිද්ධියක් . මේ කාර්තික් ගේ පළමුවැනි ලංකා ගමන. මට කාර්තික් නමින් ඉන්දියානු මිතුරන් දෙන්නෙක් ඉන්නවා. මුලින්ම හමුවුනේ ' කාර්තික් තමිල්' එයා චෙන්නයි එක්කෙනෙක්. හින්දු අගම අදහන දෙමළ ජාතිකයෙන් . අනික් කාර්තික් ජෛන භක්තිකයෙක්. හැබැයි වැඩිපුර කැමති දකුණු ඉන්දියානු කෑම කන්න. පුල පුලා බලං ඉඳල කාර්තික් ලංකාවට එන්නේ වැහිකාලෙක. " ශීත කාලෙට අඳින ඇඳුම් ගේන්න ඕනෑ ද ? " කාර්තික් ඇහුවේ එක පාරටම " නෑ නාග්පූර් වගේ ශීත කාලයක් මෙහෙ නෑ. නමුත් වෙනදාට වඩා ටිකක් නම් ශීතයි " " එහෙනම් ලංකාවෙ ඇත්තේ මුම්බයි ක්ලයිමේට් එක මෙහෙ වගේ එකක් " " ඔව් ටිකක් . ඊටත් වඩා කේරළේ ක්ලයිමේට් එක " " නෑ මම කේරළේ ගිහින් නෑ " " මමත් කේරලේ ගිහින් නෑ චෙන්නයි නම් ගම වගේ " " ම්හ්... චෙන්නයි ඇවිල්ලත් නෑ.නමුත් තිරුප්පූර් නම් හිහින් තියනවා " " තිරුප්පූර් කියනේ අර ඇඟලුම් කම්හල් 10,000ක් තියන ටවුම නේ " " ඔව් මුම්බයි ෆ්ලයි කරලා එතනින් කොයිම්බතූර් ෆ්ලයි කරලා තමයි ගියේ " "' නෑ ලංකාවේ ක්ලයිමේට් එක ඊටත් වෙනස්. මුම්බායි වලටත් වඩා වෙනස්. ඇවිල්ලම බලාගන්න බැලූ බැලූ තැන කොල පාට " " නාග්පූර් වලින් මොනවද ගේන්න ඕනෑ " " මුකුත් එපා " " ඔයා නාග්පූර් ආව පාර බක්ලාවා හල්දිරාම් රසකැවිලි වලට කැමති වුනා නේද ? මම ඒවා අරන් එන්නම් " " දැන් කෙලින්ම නාග්පූර් ඉඳන් ෆ්ලයිට් එකේ එන්නේ නෑනේ. හයිද්‍රාබාද් වලට වොල්වෝ බස් එකේ ඇවිත්. එතැනින් චෙන්නයි ඇවිත් නේ කොළඹට එන්නේ ? ඉතින් කොහොමද ඔය බර උස්සන් එන්නේ ?" " වොල්වෝ බස් එකට පටවන එක විතරයි.වොල්වො බස් එක හරි සැප පහසුයි " " ඔව් අහලා තියනවා " " බස් එකට නැගලා නිදා ගන්න තියෙන්නේ . පැය 8 ක් 9 කින් හයිද්‍රාබාද් එයාපෝට් එකට එනවා. " " ඒක වෙහෙසකර ගමනක් නේද ? " " නෑ.. වොල්වෝ එකේනේ එන්නේ. ලොකු ප්‍රශ්ණයක් නෑ . අනික මට එයාර්පෝර්ට් එකේ ලවුන්ජ් එකත් තියනවා. මොනවහරි කාලා බීලා රෙස්ට් කරලා ඉන්න පුළුවන් " " හරි හෙට එහෙනම් හම්බුවෙමු. හයිද්‍රාබාද් වලින් ෆ්ලයිට් එකට නගින්න කලින් කෝල් කරන්න " " කල් මිලෙංගේ " ( හෙට හමුවෙමු ) සංජය දොළමුල්ල***හිමාල දිනපොත*** **සයවන දින** අද තවත් විවේක දවසක් හෙවත් ඉහල උන්නතාංශයට සිරුර හැඩගැසීමට ඉඩ ලබාදෙන දවසක්. අද දවසේ නියමිතව තිබූ මූලික කාර්‍යය වූයේ අසල පිහිටි නාගර්ජුන් කන්ද නැගීමයි. එහි මුදුන මීටර් 5128 ක්. ඩිංබුචේ පිහිටා හිබුනේ මීටර් 4410 උසින්. උදෑසන ආහාරයෙන් පසු මාත් කේෂාමණිත් ගමන ආරම්භ කලා. රාත්‍රියේ වැටුනු හිම පියලි වලින් වැසී සුදු පැහැයෙන් බබලමින් තිබූ පරිසරය මට ගෙන ආවේ ස්වීඩනයේ සුපුරුදු මතකයන්. කාලගුණය කලින් දිනවල මෙන්ම ඉතාම හොඳින් පැවතුනා. අපගේ නවාතැන පසුපසින්ම තියුනු ඉහල නැගීමකින් පසු කන්දේ මුල් කොටසට අපි ලඟා උනා. එතැන සිට දැකිය හැකි දර්ශණය ඉතා මනස්කාන්ත එකක්. අපට පහලින් දකුණු පසින් ඩිංබුචේ ගම්මානයත්, වම්පසින් කිලෝමීටර් ගනනවක් ඈතට ඇදී යන ගංගාවක් සහ නිම්නයක් දකින්නට පුලුවන්. කේෂාර්ට අනුව හෙට දින අපගේ ගමන වැටී ඇත්තේ එ නිම්නය මැදින් වැටී ඇති මාර්ගයේයි. ඒ ලොබුචේ කරා යන මාර්ගයයි. අවට සිරි නැරඹීමෙන් පසු අපි නැවතත් කන්ද නගින්නට පටන් ගත්තා. බෑවුම තියුනු එකක්. ඉහලට නගිත්ම, වෙහෙස වැඩි වෙත්ම, ඔක්සිජන් හිඟකම දැන්නෙනන්ට ගන්නවා. කටින් හුස්ම ගනිමින්, වැඩිපුර ජලය පානය කරමින් අපි ටිකෙන් ටික කන්ද මුදුනටම ලඟා උනා. ඉහලට යන්න යන්න හාත්පස පෙනෙනෙ දර්ශණයත් ඉතාම මනරම් එකක් උනා. දැවැන්ත කඳු පන්තීන් හා ඒ අතරින් විහිද යන නිම්නයන්, ගංගාවන්. මවා පෑවේ අද්විතීය දසුනක්. මා හිතන්නෙ නෑ මිහිතලයේ ඊට සමාන දසුනක් දැකිය හැකි වෙන තැනක් ඇති යයි කියා. සංචාරකයින් දින ගනනක් ගෙවාගෙන දුෂ්කර ව්‍යායාමයකින් මේ ගමන පැමිනෙන්නේ මෙවන් වූ අද්විතීය තැන් දැකගන්නයි. එය චායාරූපයකට නැගිය හකි දසුනක් නොවෙයි. කාලගුණයත්, අපේ ශරීර ශක්තියත් හොඳ මට්ටමක පැවතීම නිසා, උදෑසන 9:00 පමණ වන විට අපට නාගර්ජුන කඳු මුදුනට ලඟාවීමට හැකි උනා. දැන් ඩිංබුචේ ගම්මානය පෙනුනේ ඉතා කුඩාවට. අලුත් කඳු ශිඛර කිහිපයක්ම මෙහිදී අපට දැක ගැනීපට පුලුවන්කම ලැබුනා. මකාලු ඒ අතරින් ප්‍රමුඛයි. මීටර් 8481 (අඩි 27, 825) ක උසකින් යුතු මකාලු ලොව උසම කඳු අතරින් පස් වැනි තැන ගන්නවා. එවරස්ට් ශිඛරයට ගිණිකොන දිගින් පිහිටා ඇති මකාලු පිහිටා තිබෙන්නෙත්, නේපාල-චීන දේශසීමාවේ. මකාලු තරණයට මුලින්ම ප්‍රයත්නයක් දැරෙන්නේ 1954 දී. රයිලි කීගන්ගේ නායකත්වයෙන් යුත් ඇමරිකානු කඳු නගින්නන් විසින්. දඩි හිම කුණාටු නිසා ඔවුන්ගේ ප්‍රයත්නය අසාර්ථක වෙනවා. එම වසරේම සර් එඩ්මන්ඩ් හිලරිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද තව උත්සාහයක් දැරුවත්, එයත් අසාර්ථක වෙනවා. ඊලඟ කඳු නැගීමේ වාරයේදී, 1955 මාර්තු මස 15 දින, ප්‍රංශ කදු නැගීමේ කණ්ඩායමේ ලයනල් ටෙරී සහ ජීන් කුසි මකාලු කඳුමුදුනට ලඟා වූ ප්‍රථමයන් බවට පත් වෙනවා. ඊට පසු දින දෙකේ කණ්ඩායමේ තවත් හත් දෙනෙකු කඳු මුදුනට ලඟා වෙනවා. ඔවුන් කඳු මුදුනට ලඟා වෙන්නේ, උතුරු මුහුණතින්. තියුණු බෑවුම් සහිත මකාලු තරණය, එවර්ස්ට් වලට වැඩිය දුෂ්කර එකක් ලෙසයි සැලකෙන්නේ. කඳු නැගීමේ උසස් තාක්ෂණික ශිල්පක්‍රම අවශ්‍ය වෙන මාකාලු තරණයේදී මෙතෙක් මිය ගිය ගණන 30 පමණ වනවා. සිරි නරඹමින්, චායාරූප ගනිමින්, මද වේලාවක් කඳු මුදුනේ ගත කරපු අපි නැවත පහල බැසීම ආරම්භ කලා. දෙපා වල තත්තවය යහපත් වූ බැවිනුත්, කායික ශක්තිය හොඳ මට්ටමක පැවති නිසාත්. මගේ දණහිස් වල තත්ත්වය මැන බැලීමට මා තීරණය කලා. ඒ වේගවත් පහලට බැසීමකින්. විවේකයක් නොගෙනම අප වේගයෙන් පහලයට බැස්සා. අප පහලට බසිමින් සිටින විට ඔස්ට්‍රේලියානු සංචාරක කණ්ඩායම ඉහල නගිමින් සිටියා. ඔවුන් සමග වචන කිහිපයක් හුවමාරු කරගෙන අප දිගටම පහලට බැස්සා. විනාඩි 35කට මදක් අඩු කාලයකදී මීටර් 600ක් පහල බැසීමට අප සමත් උනා. දණහිස් වල තත්ත්වය ගැන මා සෑහීමකට පත් උනා. දිවා ආහාරයෙන් පසු මා තනිවම ඩිංබුචේ ගම්මානයේ ඇවිදින්නට ගියා. මූලික අරමුණ උනේ, පෙර දින ඇමරිකානුවාගෙන් අසා ගත් පරිදි 'නියම කෝපි කෝප්පයක් බොන්න පුලුවන්, ලොව උසින්ම පිහිටි කෝපි හලක්' වෙත යාමයි. ඩිංබුචේ හිමාල සංචාරකයින්ගේ මධ්‍යස්ථානයක් වෙනවා. බොහෝ කඳුමුදුන් කරා යන මාර්ග මේ හරහා වැටී තිබෙනවා. හෙලිපෑඩයක්, රෝහලක්, පොලිස් මුර පොලක්, නවීන පන්නයේ කෝපි හලක් සහ බේකරියක් මෙහි තිබෙනවා. රෝහල, එක්ස්-රේ හා ශල්‍යාගාර පහසුකම් සහිත එකක්. අනතුරු වලට හා ඉහල උන්නතාංශ රෝගී තත්තවයන්ට ලක්වන සංචාරකයින්ට ප්‍රතිකාර මෙහිදී ලබා ගැනීමට පුලුවන්. ඒ වගේම ගලවා ගැනීමේ හෙලිකොප්‍ටර් සේවාවක්ද මෙහෙ ක්‍රියාත්මක වෙනවා. ඩිංබුචේ කෝපි හල ඇමරිකානුවා කී පරිදිම ඉස්තරම් එකක්. එලිමහනේ හිරු එලිය විඳින්මින් කපුචිනෝ කෝප්ප දෙකකම රසවිඳීමෙන් පසු මා ගමේ පාරවල් දිගේ ඉබාගාතේ ඇවිද්දා. උෂ්නත්වය බිංදුව ආසන්නයේ තිබුනත්, හිරු එලිය නිසා එතරම් ශීතලක් දැණුනේ නෑ. ඩිංබුචේ පිහිටා තිබුනේ ඉම්ජා-කෝලා නදියට අසබඩවයි. ගලින් පිරී ගිය, පුළුල් නදිය ඉතා සුන්දර එකක්. එහි ඉවුරු ශීත කාලයේ මිදුනු හිමෙන් තවමත් වැසී තිබුනා. කුඩා ඩිංබුචේ ගම තනිකරම සංචාරකයින් මත රඳාපවතින ගමක්. නේපාලයේ මේ දක්වා ම දුටු විශිෂ්ඨතම ලක්ෂණයක් වූයේ නේපාල වැසියන් සංචාරකයින් හමුවේ දක්වන, විනයවත් ආචාරශීලි බවයි. විවිධ දේවල් විකිනීමට පසුපසින් එන වෙලෙන්ඳන්, බලහත්කාරයෙන් විවිධ සේවා, උපකාර සැලසීම එන්නවුන් මේ වන තෙක්ම මා දුටුවේ නෑ. කඩයකට ගොඩ වැදුනද මට අවශ්‍ය දේ තෝරා ගන්නා තෙක් ඉවසිලිවන්තව බලා සිටිනවා විනා, අඩුකර දෙන්නම් යැයි පවසමින් විවිධ දෑ කරේ ගසන්නට තැත්කරන්නන් මා දුටුවේ නෑ. ලුක්ලා ගුවන්තොටට ගොඩබට වෙලේ, මාගේ ගමන් මළු පැමිණ නොතිබුනෙන්, කුමක් කරන්නටදැයි සිතමින් මා එකල මෙකල වෙමින් සිටියා. මට මදක් ඈතින් සිටියේ පෝටර්වරුන් කිහිප දෙනෙක්. ඔවුන් ඉතා දුගී
බව හැද සිට කඩමාළු ඇඳුම් වලින් පෙනුනා. දැඩි ශීතලේ වුවත් ඇතැමුන් හැද සිටියේ කබල් සෙරෙප්පු පමණයි. ටික වේලාවකට පසු මාවෙත ලඟාවූ එක් පෝටර්වරයෙක් බොහෝ ආචාරශීලී ලෙස විමසා සිටියේ 'සර් ඔබට පෝටර් කෙනෙක් ඕනෑද ? " කියා. මට පෝටර් කෙනෙක් අවශ්‍ය නැති බවත් මා සිටින්නේ මගේ ගමන් මල්ල එන තුරු බවත් මා ඔහුට පිළිතුරු ලෙස කියා සිටියා. ඔහු සිනා මුසු මුහුණින් පිළිතුරු දුන්නේ ඒ ගැන වද නොවන ලෙසත්, ඊලඟ ගුවන් යානයේ එය එනු ඇති බවත්. එවිටම කේෂාර් එතැනට පැමිණියෙන් මා ඔහු සමග පිටතට ආවා. පෝටර්වරු මට අත වනා ගමනට සුබ පැතුවා. මාගෙන් යමක් උපයා ගැනීමට නොහැකි වීම ගැන අසතුටක් ඔවුන්ගේ මුහුණු වල තිබුනේ නෑ කෙටි නින්දකින් පසු මා නැවත ආපන ශාලාවට පැමිණෙන විට එය උනුසුමින් පිරී තිබුනා. ඔස්ට්‍රේලියානුවන්ගෙන් කිහිප දෙනෙක් දැඩි වෙහෙසට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබුනා. ඔවුන් වරින් වර කුඩා බෑග වලින් ඔක්සිජන් ආශ්වාස කරමිනුයි සිටියේ. අප නවාතැනේ කළමණාකරු ලෙස සිටියේ විසි හය හැවිරිදි ආකාශ්. ඔහු පැමිණ සිටියේ ඉන්දියාවේ සිටයි. මේ අවන්හල ඔහුගේ සොයුරියගේ සැමියාට අයත් බවත්, ඔහු මෙහි පැමිණියේ මාස කිහිපයක පෙර බවත් ඔහු කියා සිටියා. ඔහුගේ අරමුණ වී තිබුනේ කවදා හෝ එවරස්ට් තරණය කිරීමයි. අටදාහේ දැවැන්තයින් ලෙස හැඳින්වෙන ශිඛර 14ක් ලොව පවතිනවා. ඒ මීටර් 8000 (අඩි 26247) වඩා උසකින් යුතුයයි මේ දක්වා හඳුනාගත් කඳු මුදුන්. උසේ අනු පිලිවෙලින්, එවරස්ට් (8849 නේපාල-චීන), K2 (8611 පාකිස්ථාන-චීන), කන්චෙන්ජුන්ගා (8586 නේපල-ඉන්දියා), ලොත්සේ (8516 නේපාල-චීන), මකාලු (8485 නේපාල-චීන), චෝ ඔයු (8188 නේපාල-චීන), දුලාගිරි I (8167 නේපාල ) , මනාස්ලු (8163 නේපාල), නන්ගා පාර්බා (8125 පාකිස්ථාන), අන්නපූර්නා I (8091- නේපාල), ගාශර්බෲම් I (8080 පාකිස්ථාන-චීන), බ්‍රෝඩ් පීක් (8051 පාකිස්ථාන-චීන), ගාශර්බෲම් II (8034 පාකිස්ථාන-චීන), ශිෂපන්ග්මා (8027 චීන). මේ කඳු සියල්ල හිමාල හා කාර්කෝරම් කඳු පන්ති වලට අ‍යත් ඒවා. මීටර් 8000න් ඉහල කලාපය හැඳින්වෙන්නේ මරණයේ අඩවිය නමින්. මිනිස් සිරුරට ඔරොත්තු දිය හැකි මට්ටමේ පරිසරයක් අඩි 8000න් ඉහල නෑ. වායු ඝනත්වය ඉතා තුනී වන අතර, ඇති ඔක්සිජන් ප්‍රමාණය වැඩි වේලාවක් දිවි රැක ගැනීමට තරම් ප්‍රමාණවත් නෑ. අධික පාරජම්බුල කිරණ ප්‍රමාණයකට මුහුණ දීමටද සිදු වෙනවා. මීටර් 8000 ඉහල ගතවන සෑම තත්පරයක් කරාම ඔබගේ සිරුර මරණය කරා ලඟා වන අතර, කඳු නගින්නන්ගේ අභියෝගය වන්නේ ඉක්මනින් කඳු මුදුනට ලඟාවී, හැකිතාක් ඉක්මනින් නැවත අටදාහේ කඩඉමෙන් පහලට පැමිණීමයි. ඒ සඳහා ඔබට කාලගුණයේ සහයෝගයත් උපරිමව තිබිය යුතුයි. අටදාහේ දැවැතයින් යනු ලොවපුරා කඳු නගින්නන්ගේ දැවැන්තම අභියෝගයයි, විශාලතම සිහිනයයි. අටදාහේ දැවන්තයන්ගේ අභියෝගය්ට මුහුණදීම මුලින්ම ඇරඹෙන්නේ 1895 දී. එ ඇල්බර්ට් මමරි, ජෙෆ්‍රි හෙස්ටින්ග් හා නොර්මන් කොලී ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්, පාකිස්ථාන නන්ගා පාර්බා නැගීමට දරණ ප්‍රයත්නයකින්. හිම නිපාතයකට හසුව, මමරි හා ගුර්කාවරුන් වන රොගෝබිර් තාපා හා ගෝමන් සිංග් මිය යාමෙන් අසාර්ථක ව්‍යායාමයක් වන එය, ලොවට පසක් කර දෙන්නේ අටදාහේ දැවන්තයින්ගේ අභියෝගයේ දැවැන්තකමත්, බිහිසුනුකමත් මෙම අභියෝගය මිනිසා ජය ගන්නෙ තවත් වසර 55කට පසුවයි. ඒ 1950 දී ප්‍රංශ ජාතික කඳු නගින්නන් වන මොරිස් හර්සොග් හා ලුවිස් ලැච්නල් විසින් අන්නපූර්ණා I ජය ගැනීමෙන්. 1986 දී ඉතාලියානු ජාතික රයින්හෝල්ඩ් මෙස්නර් අටදාහේ දැවන්තයින් සියල්ලම තරණය කල පළමු පුද්ගලයා බවට පත්වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙස්නර් මේ සියලු කඳු තරණය කරන්නේ අතිරේක ඔක්සිජන් සැපයුමකින් තොරව වීමයි. අටදාහේ ශිඛර 14ම තරණය කල පළමු කාන්තාව වන්නෙ ස්පාඤ්ඤ ජාතික එඩුනා පසබාන්ය. මෙම ශිඛර 14න් මාරන්තිකම ශිඛරය අන්නපූර්ණා Iයි. දල වශයෙන් සෑම නගින්නන් තිදෙනෙකුටම එක් මරණය බැගින් මෙහි වාර්තා වෙනවා. දෙවන තැනට එන්නෙ K2 යි. එහි මරණ ප්‍රතිශතය සිව් දෙනෙකුට එක් අයෙක් එනම් 26% පමණ වෙනවා. චෝ-ඔයු හා ශිෂපන්ග්මා සැලකෙන්නේ තරණයට පහසු කඳු ලෙසයිරළ බිඳෙන තැන - දෙවෙනි කොටස "ඇඟේ හැටි.. හොඳටම ඇදිල පැදිල ගිහින්.." සරෝජනී නැන්දා වදෙන් පොරෙන් කෑම බෙදද්දී මල්ලි පිඟාන අතින් වහගෙන කාමරේට වැදුනා. එයා හරිම අමුතු විදිහක්..? මේ ගෙදර මිනිස්සු කොහොමත් හරි අමුතුයිනේ. අද කෑම මේසෙ එදා මඟුල් මේසෙටත් වඩා ජයයි කියල මට හිතුනා. මාරගහ යට උදේ වෙච්ච රස්තියාදුව මෙයා ගෙදර මිනිස්සුත් එක්ක කිව්වොත් ...? මා දිහා බලද්දි මං මේ මනුස්සයට රැව්වත් එක්ක. අනේ මන්ද ... කවුද හිතන්නේ... ? උත්පල හුඟක් නිහඬ සරළ චරිතයක් වග මට තේරුනා . ලොකු අයියටයි පණ්ඩුකටයි වඩා හුඟක් වෙනස් ගති පැවතුම් උත්පලට තිබුනේ . "දැන් ඉතින් තමුසෙ මොනාද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ... ? " පණ්ඩුක දවසක් ඇහුවම අම්මත් ඒ කතාවට හවුල් වුනා . "දැන් ඉතින් ඔළුව නිදහස් කරගෙන අළුත් විදිහට හිතන්න පුරුදු වෙන්න පොඩි පුතා. ලොකු අයියට ෆැක්ට්‍රි එකේ වැඩවලට උදව් වෙන්න ඔළුවෙ තියෙන මනස්ගාත අත ඇරලා.." "අයියෝ..පොඩි හුස්මක් ගන්න දෙන්න අම්මා මට ..අනික මොන මනස්ගාතද...?" උත්පල මා එක්ක උනත් වචන දෙක තුනක් වත් කතා කරල නෑ. අප්පච්චි වගේ පොත් ගුල්ලෙක් එයා . රැවුල ,කොණ්ඩෙ කපාගන්න කියල ගෙදර අය කිව්වම උත්පල දුන්නු උත්තරේට මටනම් මාරම සතුටුයි . "මගේ දිහා බලන්න බැරිනං අහක බලාගෙන ඉන්න . මගෙ නිදහසට නම් අත තියන්න එපා... මං කැමති නෑ..." ඒකනම් මටත් කියාගන්න ඕනකම තිබුනා. ඒත් මං කියනවට වඩා උත්පල එහෙම කිව්වම තත්වෙ වෙනස්නේ..?ඒක එයාල බාර ගත්තේ හිනාවෙන්. සැහැල්ලුවෙන් . "පණ්ඩුක...අපි අම්මල බලන්න ගිහින් එමු. ඒ දෙන්න ලබන මාසෙ ඉංග්ලන්ඩ් යන්නත් ඉන්න නිසා මට යන්නම ඕන .. මට ඒ දෙන්න ගැන බලන්නම බැරිවුනානේ..." "මට මේ දවස්වල මිනිස්ට්‍රි එකේ වැඩ.. ඔයා දන්නවනෙ..? මේ මාසෙ අන්තිමට ගියාම ඇතිනෙ ..? " "බෑ...මට යන්න ඕන .තවත් පහුකරන්න බෑ. ඔයාට ඒ හැඟීම් කවදාවත් තේරුම් ගන්න බෑ පණ්ඩුක .ඇයි ඉතින්...ඔයාට නම් මොකද..? මේ වහළ යටනෙ හැමෝම ඉන්නෙ... " "ඉතින් යන්න ඕනම නං ඔයා යන්න.මං එපා කිව්වෙ නෑනෙ .මම යන්න බෑ කිව්වෙ මට යන්න බැරි නිසා ... " පණ්ඩුක වගේ මිනිහෙක් බැඳගත්ත එක ගැන මම දුක් වුන මුල් වතාව නෙවෙයි මේක. බස් එකේ හරි මම ගෙදර යනව කියල හිතා ගෙනයි මං රෑ ඇඳට වැටුනේ. කේන්තියටම ඇඳේ අනිත් ඇලයට හැරිල මං ඇස්දෙක පියා ගත්තා. පණ්ඩුක ඔෆිස් රූම් එකට ගිහින් දොර වහගන්නව මට ඇහුනා. පහුවදා පාන්දර මම ඇඳුම් දෙක තුනක් අඩුක් කරගනිද්දී පණ්ඩුක කිව්වේ ලොකු අයියට කියල වාහනයක් ගෙන්න ගන්න කියල. මට එහෙම කරන්න ඕනකමක් නෑ. පුදුම අසරණ කමක් මට දැනුනේ. කොයිදේත් ඉවසා දරා ගන්න වෙනව කිව්වට සමහර සිදුවීම් වලදි ජීවිතේ ගැන පුදුම කළකිරීමක් දැනෙන්නෙ. මම ලෑස්ති වෙලා එළියට ආවෙ පණ්ඩුකත් වැඩට ගිහින් පැයකට විතර පස්සෙ. "අනේ මන්ද ඔය ළමයින්ව දෙමව්පියෝ කොහොම හදලද කියල...මද්දු පුතා නිවාඩු පාඩු වෙලාවක යමු කියල තියෙද්දිත්නෙ මේ තනිපංගලමෙ එළියට බහින්න හදන්නේ. ඔය ළමය මල්ලකුත් එල්ලගෙන තනියෙන් මග බැහැල යන එකේ අවනම්බුව අපිටයි.." පණ්ඩුකගෙ අම්ම කිව්වම අප්පච්චිත් ඒක අනුමත කරන්න වගේ ඔළුව වැනුවා. මම නිහඬවම ඈත කඳුවැටිය දිහා බලාගෙන ටික වෙලාවක් උන්නා.. මගේ දෑස් මටත් නොදැනීම තෙත්වුනේ... ඒ තරමට දැඩිව උපන් ආත්මානුකම්පාව නිසා. මම හිමිහිට ... නිතර නිතර වැටෙන පින්න නිසා තෙත්වුනු පටු පාර දිගේ බස් පාර පැත්තට ආවා. පණ්ඩුක මාත් එක්ක මේ ගමන නාව එකට අපේ අම්මලගෙ හිත් කොහොමත් රිදෙයි. එයත් එක්ක මේ ගමන යන්න හිතුවොත් මට කවදාවත් මගෙ අම්මවයි තාත්තවයි බලන්න වෙන්නෙ නෑ. අයියට කෝල් කරල වාහනයක් එවන්න කියල කියන්න ඕන පණ්ඩුක මිසක් මම නෙවෙයිනෙ.... අනික කසාද ගෑනියක් කියල පොතේ අත්සන් කරල නමට තියාගන්න මොන එහෙකට මාව බැන්දද ..? වාහනයක් හෝන් කරන සද්දෙට මං පාරෙන් ඉඩ දුන්නා. ඒත් ... ඒක නැවැත්තුවේ මං ළඟ . "අක්කෙ නගින්න. මේ වෙලාවට බස් අඩුයි. කෑගල්ලට කොහොමත් යන්න බෑ...බස් දෙහෙක යන්න වෙනවා..' උත්පල , ලොකු අයිය ගරාජ් කරල තිබුන කැබ් එක ගෙනත්...? වචන දෙක තුනක්වත් කතා නොකලාට මෙවෙලෙ උත්පල කතා කරේ මා ගැන උපන් අනුකම්පාවෙන් කියල මට හිතුනා . "ඔයාට ගෙදර කට්ටිය බනියි මල්ලි..." "නෑ මම ලොක්කයියට කියලයි වාහනේ ගත්තේ .අනික අක්කට ගමනක් යන්න ඕන නම් අයියට කියල ෆැක්ට්‍රි එකේ වාහනයක් ගෙන්න ගන්න . ඔහොම වෙන්න එපා ..." මම කවුළුවෙන් එළිය බලාගත්තේ මල්ලි ගෙන් කඳුළු හංගගන්න. තනිකමට අසරණ කමට උනන කඳුළු බර වැඩියි. අම්මයි තාත්තයි ළඟ කිරිල්ලියක් වගේ උන්නු මගේ අත්තටු කැපුනේ මං පණ්ඩුකගේ අත ගත්තු දාම නේද කියල මට හිතුනා. * * * "දුවේ...අපි යූකේ ගියත් අවුරුද්දකින් එනවා. ඊළඟට අපිට ඔයා ළඟත් ඉන්න ඕන වෙන දවසක් එනවනේ... නේද මහත්තයා ...? " අම්ම කිව්වේ මගෙ හිත සනසන ගමන්. "ඒත් අම්මේ එහෙම දවසක් එයිද කියලත් මට සැකයි "කියල මං හිතින් කිව්වා. "දෙන්න එක ඇඳේ දෙපැත්තට වෙලා නිදාගනිද්දි ඒ හීන එහෙමම බොඳවුනා අම්මේ..." මම සතුටින් නෙවෙයි කියන එක අම්මල ගෙන් හංගන්න මං ගත්තේ ලොකු වෑයමක්. උත්පලවත් මා එක්ක ආව එක හොඳට ගියා. අම්මලා උත්පලට සැළකුවේ හුඟක් ලෙංගතු කමකින් .අපි ආපහු එන අතරේ උත්පල මගෙන් ඇහුවේ අමුතුම ප්‍රශ්නයක් . "තරහ වෙන්න එපා මම මෙහෙම අහනවට. අක්ක ඉන්නෙ සතුටින් නෙවෙයි නේද කියන මෝඩ ප්‍රශ්නෙ නෙවෙයි මම අහන්නේ..? මේ ගත කරන ජීවිතේ හරය මොකක්ද ? කාව සතුටු කරන්නද... නැත්තන් තමන්ගෙම ජීවිතෙන් පළිගන්න හිතාගෙන මෙහෙම ජීවත් වෙනවද... දෙන්නකො මට උත්තර .." කැබ් එක පැත්තකට කරල නවත්තපු උත්පල මං දිහාට හැරුනා. ඇත්තටම මං නිරුත්තර වුනේ ඒ ප්‍රශ්න තුනටම උත්තර මං ළඟ නැති හින්දා. අම්මයි තාත්තයි විදෙස් ගත වුනාට පස්සෙයි මට ඒ තනිකම වැඩිපුර දැනෙන්න වුනේ. පණ්ඩුකට දිසාපති වශයෙන් ලද උසස්
වීමත් එක්ක එයාගෙ කාර්ය බහුලකමත් වැඩිවුනා. පීඩනය වැඩිකමටද මන්ද පණ්ඩුක කොයි මොහොතෙ බැලුවත් හැසිරුනේ නොරුස්නාවෙන් වගේ. "පණ්ඩුක..." "නිදාගන්න ඉන්දිමා. මට මේ දහසකුත් එකක් ප්‍රශ්න...හෙට ඩීසීසී රැස්වීමට මිනිස්ටර්ල එහෙමත් එනවා. මාධ්‍යකාරයින්ගෙන් බේරෙන එක අමාරුයි සේරටම වඩා..." නිදිමත අහලකවත් නෑ. මට මතක් වුනේම අද රෑ කෑම මේසෙදි ...ගෑනුන්ට රස්සාවල් අකැපයි කියන කතිකාව... ඔය මාතෘකාව ඇදල ගත්තෙත් උත්පලම තමයි. "ගෑනුම තමයි ගෑනුන්ට වල කපන්නේ. කෝ ඉතින් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ කොහොමද ගෙදරක නැන්දම්ම ලේලිට එකට ඉන්න බැරුව. අනික තමන් උගත් දේකින් ප්‍රයෝජනයක් ගන්න එකේ මොකක්ද තියෙන වැරැද්ද..? කතාවක් තියෙනවනේ තොටිල්ල පදවන අත ලොවක් හසුරුවයි කියල " "විකාර... " නැන්දා ගස්සගෙන මුළුතැන්ගෙට වැදුනම උත්පල හිනාවෙවී බැලුවෙ මං දිහා. ලොවක් හසුරුවන එක කෙසේවෙතත් තොටිල්ල පදවන්නවත් මගෙ අත පිං කරල නෑනෙ කියල මට හිතුනා . උත්පල ඇහුව වගේ මොකක්ද මේ විදිහට ජීවත් වීමේ තේරුම? කාව රවට්ටන්නද අපි මේ විදිහට ජීවත් වෙන්නේ....? "ඔන්න ඉතින් මූණ එල්ල ගත්තා . ඔහොම හිටියොත් අපේ එකා අම්මටයි නැන්දටයි ඕන විදිහට නට නටා ඉඳියි . ඔයා ටිකක් ස්ට්‍රික් පිට ඉන්න අක්කේ. අපෙ අම්ම වගේ.. පේන්නැද්ද අපෙ අප්පච්චිගෙ කීකරු කම..? " මිගාර අයියා , ඒ කියන්නෙ ලොකු අයියයි පණ්ඩුකයි දෙන්නටම වඩා උත්පලගෙ ලොකු වෙනසක් මට පෙනුනා. අර දෙන්නා මුදල, බලය ,තත්ත්වය වගේම වංශයත් ඉහ මුදුනෙන් තියාගෙනයි එදිනෙදා වැඩ කටයුතු වල යෙදුනේ. ඒත් නිදහස, සරළකම, සතුට වගේම සංගීතය තමයි උත්පල එයාගෙ ජීවිතේට කිට්ටු කරගත්තේ. නිස්කාංසුවේ ඉද්දි උත්පලගෙ කාමරෙන් මට ඇහෙන්නේ මැන්ඩලීනය වයන හඬ.එහි ගැබ්වුනු ශෝකී රාවය මාව කොහෙදෝ අනන්තෙකට අරගෙන යනවා. වාලුකා කාන්තාරෙක කිසිම දෙයක් කරකියා ගන්න බැරිව අතරමං වෙලා ඉන්දැද්දි සීතල දිය උල්පතක් මතුවුනා වගෙයි උත්පල මේ ගෙදරට ආ දා ඉඳන් මට දැනුනේ. "ලොකු අයියෙ මට කැබ් එක ඕනේ.." "ඇයි තමුසෙ කොහෙ යන්නද... රස්තියාදුවෙ යන්නෙ නැතුව ෆැක්ට්‍රියට එනවා.." "මට ඕන ... පොඩි ගමනක් යන්න " උත්පල කොහොම හරි අයියගෙන් වාහනේ ඉල්ලගත්තා. අම්මයි අප්පච්චියි ඉන්න තැන "පොඩි ගමනක් යමු අක්කෙ" කියල මට අඬ ගැහුවම ආච්චි අම්මත් කරපොවල බැලුවා. "ස්වීටරයක් ගන්න අක්කෙ.. අපි යන පැත්ත සීතලයි . ම්... කන්න මොනාහරි දාගන්න " මම අම්මල දිහා බැලුවෙ ඒ අය මොනා කියයිද කියල .අප්පච්චි කෙසේවෙතත් අම්මගෙ මූණත්තහඩුව නම් බෙරිවුනා. "යන දිහාක ගියාට කමක් නෑ ඔයා විතරක් .. මද්දු අයිය ගෙදර නැති වෙලාවේ..? තමුන්නෙ නෑනණ්ඩි වුනත් පිටස්තරයෙක්නෙ ..." ආච්චි අම්ම මැද්දට පැනල උත්තර දුන්නම උත්පල ආච්චි අම්මගෙ දෙවුර වටා අත්දෙක දාගත්තා . "ආච්චි අම්මේ..මේ පණ්ඩුකාභයගෙ රාජ්‍ය පාලන සමය නෙවෙයි....පණ්ඩුක රජාගෙ පාලන සමය... හ්ම්...මං අයියගෙන් අවසර ගන්නම්කෝ.. පව් අප්පා... අපේ මිනිහ හරියට හිරකාරියක් ගෙනල්ල වගෙයිනෙ මේ ගෙදරට . හැබැයි අම්මා ..මං ගෑනියෙක් ගෙනාපු දාට නම් ඕව බෑ... ' "හා..එහෙම හිතුමතේ ගෑනු ගේන්න..? ඒව හරියන්නෙ නෑ පුතේ මේ අම්ම ,අප්පච්චි ජීවත් වෙලා ඉන්නකල්...ඒව තීරණය කරන්නෙ අපි. දැන් ඔය කොහෙ යන්නද මේ ලමයත් එක්ක ...? යන්නෙ නෑ කොහෙවත්... කවුරුවත් ...? " "මොකක්ද අම්මා...? අක්ක යන්නෙ මගෙත් එක්කනේ..දැන් ඔය මද්දු අයියා සයිබීරියාවෙ ද... ඉතියෝපියාවෙද කොහෙද සවාරි යන්නේ තනියෙන්ද.. නැත්තන් වෙන ගෑනියෙක් එක්කද කියල කවුද දන්නෙ.. ? එයා ලෝකෙ වටේ සවාරි ගහල එනකල් මේ ගෑනි ඉන්න ඕන බිත්ති හතරට කොටුවෙලා ...? අක්ක තාම මේ අහල පහළ තියෙන තේ වත්තකට වත් පය ගහල නෑ මං හිතන්නෙ" මම කාමරේට ගිහින් ඇඳ පැළඳගෙන එළියට ආවම අම්මල බැලුවේ බය බිරාන්ත වෙලා වගේ. උත්පල ලේසියෙන් කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි ඒත් කේන්ති ගියාම හොඳට දැන ගන්න පුළුවන් . මේ වෙලාවෙ නම් උත්පල ඉන්නෙ කේන්තියෙන් තමා... "ඉක්මනට එන්න ඕන .නැත්තන් අයියගෙන් දොස් අහන්න වෙන්නෙ අපිට..." "අනේ ඒ ළමයි ගිහින් ආවදෙන් මැණිකේ . දැන් පොඩි පුතා ඉස්සර වගේ නෙවෙයිනේ.. " අප්පච්චි වැඩි ගානක් ගන්නෙ නැතුව කිව්වම ගෙදර අනිත් අය නිහඬ වුනා. කැබ් එක වත්තෙන් එළියට ගත්තම මට දැනුනේ පුදුම මානසික නිදහසක්. "මාත් සිංහබාහු වගේ නේද අක්කෙ..ඒත් ගල්ලෙන බිඳලා මුදාගන්න හදන්නේ අයියගෙ පවුලනෙ... ඒකයි අවුල... " "අනේ විහිළු කරන්න එපා මල්ලී. .. දැන් අපි කොහෙද යන්නෙ කියන්නකො.." "අපි යන්නෙ රිවස්ටන් ... ! " මං හිතන්නේ... මගෙ ජීවිතේ වැඩිපුරම විනෝද වුනේ මේ ගමනෙදි කියල . උත්පල මට මගේම සහෝදරයෙක් වගේ. එයා මං ගතකරන ජීවිතේ සහමුලින්ම අත් දැකපු හින්ද වෙන්න ඇති මාව සතුටින් තියන්න මේ තරම් උත්සාහ කරන්නේ... "අක්කෙ..ඔයා අපේ ගෙදර සිද්ද වෙන දේවල් අලකොළේට වැටෙන වතුර බිංදු වගේ ... ඒ මොහොතෙම හිතෙන් අයින් කරගන්න . නැත්තන් ඔයාටත් වෙන්නෙ මයුරි අක්කට වගේ.... " "මොකක්ද මල්ලි...? මයුරි අක්ක.. ? එයාට මොකද වුනේ ..." "නෑ නෑ... ඒව දැන් කතා කරල මේ ලස්සන දවස සවුත්තු කරගන්න ඕන නෑ.. මං පස්සෙ කියන්නම්... " රිවස්ටන් ගිහින් .. අපි වටා සීතල හුළං බදද්දී මං නොදැනීම උත්පලට ලංවුනා. පාළු නිම්නය පුරා පැතිරෙන නිහ‍ඬතාවය බිඳුනේ උත්පලගෙ මැන්ඩලින් වාදනයෙන් විතරයි. සියොතුන් ඈත අහසේ පියාසර කරද්දි උන් විඳින නිදහස... ඒ සුවය කොයිතරම්ද කියල හිර කඳවුරකින් නිදහස ලබපු හිරකාරියක් වගේ මාත් මේ මොහොතේ අත් වින්දා..." හරිත නිම්නයේ බොහෝ දුරක් අප ඇවිද ගියා. නිරන්තරයෙන් ඇද හැලෙන හීන් පොද නිසා දැනෙන සීතල ...ගතට සුවයක් මිස විඩාවක් ගෙන දුන්නෙ නෑ. ජීවිතේ සුන්දර අසුන්දර...කම තියෙන්නේ අපි අතේමයි. ඒ අපේ සමීපතමයන්ගේ සෙනෙහස .. බැඳීම .. ඒ හා බැඳුනු හැඟීම් අනුව. "මට දුක මල්ලි... අඩුම තරමේ අයිය යන ගමන් බිමන් ගැන නිකමටවත් මා එක්ක නොකියන එකට. මම එයාට මොන තරම් කිට්ටු වෙන්න බැලුවත් එයා ජීවත් වෙන්නෙ තනිකඩයෙක් ගානට..මේ පාර ටුවර් එකට අනිත් හැමෝගෙම ෆැමිලි වලින් ගිහිල්ලා. ඒත් මාව එක්කන් යන එක කෙසේ වෙතත් අන්තිම දවස වෙනකල් කිව්වෙත් නෑ... " උත්පල දිගු සුසුමක් හෙලුවත්..මුනිවත රැක්කා.. බෑවුම්, හෙල් වැටි වලදි ඔහුගේ සුරත මට ලොකු හයියක් වුනා. ඒ වාරුවෙන් මිස සමහර තැන්වලදි මට අඩියක් වත් තියන්න අමාරු වුනා, අපි පිටවෙල පතනත් සේර ඇල්ලත් බලන්න ගියා. පුදුම ලස්සනක්. ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි... මම නිහඬව හිතුවා. "ඕ..නයිස් කපල්..!" කියමින් ෆොරිනර් කෙනෙක් අපිව ෆොටෝ ගත්තම මට බයකුත් හිතුනා . මම උත්පල දිහා බැලුවෙත් ඒ බැල්මෙන් . "ඔයා හිතුවද සුද්දා ඒ ෆොටෝස් ටික අපේ අයියට යවයි කියලා...? "උත්පල හිනාවෙවී කිව්වේ එයා හැමදේම සැහැල්ලුවෙන් හිතන පතන හින්දා .ඒත් මගෙ හිත ඊට වඩා හුඟක් දුර යනවා . "අක්කේ... අඳුරු වුනා වැඩියි . අපි අද ගෙස්ට් එකේ නතර වෙමු. මම අම්මට කෝල් කරන්නම් . මේ පාරවල් සමහරක් ගොඩක් පටුයි .කළුවර වුනාම යන්න බෑ.." "මල්ලි... අපි කොහොමහරි යමු. නැත්තන් අම්මල අපි ගැන මොනා නොහිතයිද.. අනික මං නිසා මල්ලිටත් ප්‍රශ්න ඇතිවෙයි..." අපි කොහොම හරි රෑ දහය එකොළහ වෙද්දි ගෙදර ආවා. මට ගේ මායිම ඇහැ ගැහෙන කොට දැනෙන්නේ පුදුම සාංකාවක්...උත්පල සුපුරුදු සැහැල්ලුවෙන් අම්මල ඉදිරියට මාව එක්කරගෙන ගියා . "ඔන්න.. අම්මගෙ ලේලි පොඩ්ඩ බොහොම පරිස්සමෙන් එක්ක ඇවිත් බාර දුන්නා. අතකින්වත් ඇල්ලුවෙ නෑ කියල බොරු කියන්නෙ නෑ.. මොකද අපෙ අක්කට ඔය හෙල් වැටි, ගල් පර වලින් පැනගන්න බැරි වුනාම මම ඉතින් අතෙන් අල්ලලා සපෝට් එක දුන්නා.අම්මෝ මහන්සියි නේද අක්කේ?" මට මහන්සිය වැඩිකමට රෑ නින්ද ගියෙත් නෑ. ඊටත් වඩා..මගෙ හිතේ තිබුනු හිස්තැන් වගේම කඩතොලු තැන් බලාපොරොත්තු වලින් පිරිල ගිහින් .මගෙ සුපුරුදු දඟකාර , කෙළිලොල් ගති ආයිත් මතුවෙන්න අරන් . පණ්ඩුක සති තුනකින් තමයි ආපහු ලංකාවට ආවේ. උත්පල ෆැක්ට්‍රි එකේ වැඩ කරන්න තියෙන අකමැත්ත හින්දම කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවකට යන්න වගෙයි. ඒත් අම්මනම් ඒකට හුඟක් විරුද්ධ වුනා. මම රහසින් පැතුවෙත් ඒකමයි. මං වෙනුවෙන් මේ වහළ යට පෙනී ඉන්න එකම ප්‍රාණියා උත්පල හින්දා... ඇත්තටම ඒ පාළුව මට දරාගන්න බැරි හේතුව ඒකමද මන්දා..? "අපේ අම්ම කෝල් කරල ඇහුවෙත් තාම වෙනසක් නැද්ද කියල . අපි දෙන්න ආදරෙන් හිටිය කාලයක් මතක නෑ.. ඇත්තටම ඔයා මට ආදරේ නැද්ද පණ්ඩුක ..? " "ඔයාලගෙ අම්මට වෙන අහන්න දෙයක් තිබුනෙම නැද්ද..? අනික මේ අපේ රටේ තමයි බැන්ද ගමන් ළමයි ..ළමයි ...ළමයි කිය කිය දඟලන්නේ. අනුන්ගෙ මඟුල් හොය හොය...අනික ඔයත් හරියට පොඩි ලමයෙක් වගෙයි නේ..? ආදරෙයි කියල මට ඔයාව බදාගෙන ඉන්න බෑනෙ..? අනික ලමයෙක් හදමු තව අවුරුද්දක් විතර ගියාට පස්සේ. මගෙ රස්සාවෙ තියෙන වගකීම ඔයා දන්නවනෙ...?" මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා කියල නන්දා මාලනී කියනව වගේ මං නිහඬ වුනා . අපි දෙන්නගෙ සිතුම් පැතුම් අතරේ තියෙන්නෙ විශාල නොගැලපීමක්.. හිත් දෙක වෙන්වෙලා තියෙන්නෙ ඒ නොගැලපීම කියන විසල් බැම්මෙන් . මට කවදාවත් අම්ම යැයි නොකියන මනඃකල්පිත දරුවෙකු හැමදාමත් රෑ හීනෙන් මා අසළ රැඳුන හින්දම.... ඒ හීනෙන් අවදි වෙන්න මට ලෝබ හිතෙනවා. තිත්ත වුනු යුග දිවියක කවදාවත් නොවිඳි සෙනෙහසක් වෙනුවෙන් ජීවත කාලයම දුක් විඳිනවාද.. නැද්ද කියන දෙගිඩියාවෙනුයි මම කාලය ගත කළේ. "ඔයා නැන්දලගෙ වැඩ වලටයි, වත්තෙ මුර කාරයගෙ වැඩ වලටයි, කුදීගෙ වැඩ වලටයි අතදාන්න යන්න එපා ඉන්දිමා. මේක මටත් මහ වදයක් වෙලා දැන් ..." "කවුද ... නැන්දද කිව්වේ...? මොකක්ද මේ ජීවිතේ ? හිරකාරයින්ටත් මීට වඩා නිදහස තියෙනවා .අඩුම තරමේ මිදුලෙ මල් ගහක් හිටවන්නත් අවසරේ ගන්න වෙලානෙ..." "පාඩුවේ කාල ඇඳල ඉන්න බැරිකම. හැදිච්ච ගෑනියෙක් නම් එදා මල්ලි එක්ක උනත් අර වගේ ගමනක් යයිද ? තනි ගේක හිටියනං මං නැති වෙලාවට කොහොම හැසිරෙයිද ඔයා...? අනික ඔයාට මම එකක් කියන්නම්. උත්පල එක්ක තනියෙන් ගමන් බිමන් යනවට මම කැමති නෑ... තේරුනාද ? " එ
ක කුස උපන් සහෝදරයව සැක කරන මිනිහෙක් තමන්ගෙ ගෑනිව විශ්වාස කරයිද? "අක්කෙ මම හෙට කොළඹ යන්න කියලා. පරිස්සමෙන් ඉන්න. ඔයාට මම නිවාඩුවට ආ වෙලාවක විස්තර කියන්නම්. ඔයාටම තේරෙයි ඇයි මම එහෙම කිය්න්නෙ කියලා.." උත්පල එහෙනම් කොළඹ යන තීරණේ වෙනස් කරගෙන නෑ? පහුවදාට පහන් වෙද්දී වත්තෙ දළු කඩන ගැහැණු පෙළ ගැහිල සීරුවට යන හැටි මීදුම අතරින් ඈතට මට පේනවා.උත්පල අළුයමින්ම කොළඹ යන්න? අදනම් ඉරවත් අහසට නේන ලකුණුයි පේන්නේ. අර අපි දෙන්නා මුලින්ම අහඹු ලෙස හමුවුන මාර ගහ..? හරියටම එතනදි උත්පල හැරිල බැලුවා. වෙනදට ලිස්ස ලිස්ස යන බෑවුමේ මං කොහොම එතනට දුවගෙන ගියාද කියලා.. මටම හිතාගන්න බෑ. මං උත්පලගෙ ඇඟේ එල්ලුනේ පොඩි දරුවෙක් වගේ. අපි දෙන්නා එකිනෙකා වැළඳ ගෙන ටික වෙලාවක් ගත වෙන්න ඇති. සංස්කෘතිය ,සභ්‍යත්වය , සම්මතය.. කියන බැමිවලින් කිටි කිටියේ වෙලල තිබුනු මගේ ලෝකයෙන් ඒ බැමි සුන්නද්දූලි වෙලා යන වගක් මට හැඟුනා . මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි)රළ බිඳෙන තැන - පළමු කොටස (කොටස් තුනකින් යුක්තයි) "ඉන්දිමා...මේ තමයි අපි දෙන්නගෙ සෙනෙහසේ නවාතැන....අදින් පස්සෙ මේ ඔයාගෙම තැන කියල හිතාගෙන සතුටින් ඉන්න ඕන .. " පණ්ඩුක හිනාවෙවී අත්දෙක දෙපසට විදා ලමින් කිව්වම මට පුදුමත් හිතුනා. මේ අපේම තැන..? එතකොට අපි පදිංචි වෙන්නෙ මෙහේද..?මගෙ ජීවිතේට දැකල නෑ මෙහෙව් තැනක්...? "ඒ කියන්නෙ අපි වෙනම තැනක පදිංචියට යන්නෙ නෑ කියලද පණ්ඩුක....? " "නෑ..ලමයො...මේ තමයි අපේ තැන " මම මනමාලියක් වෙලා පය ගැහුවේ අමුතුම තැනකට. දෙවෙනි ගමනක් කියල වෙනමම උත්සවයක් ගත්තෙ නැති හින්ද දෙපාර්ශවයේම නැදෑයො එකතුවුනේ මංගල උත්සවය තිබුනු අරලියා හෝටලයට.. අඹන් ගඟ අසබඩ ...සොඳුරු පරිසරේකදි මම පණ්ඩුක බණ්ඩාර කොතලාවලගෙ අත ගත්තෙ කියන්න බැරි තරම් බලාපොරොත්තු ගොන්නක් හිතේ පුරවගෙන . ඉන් එකක් තමයි එයාට හොඳ බිරිඳක් වෙන එක. ඊළඟට දරුවො හදන එක. රස රස කෑම උයන පිහින එක. අපේම කියල පුංචි ගේ පොඩ්ඩක බිරිඳක්, අම්මෙක් විදිහට ගෑනියෙකුට කොයිතරම් හීන ගොන්නක් මැවෙනවද...? "දුවේ... තාත්ත ඔයාට ඉහළටම ඉගැන්නුවේ රස්සාවක් කරන්නම නෙවෙයි . උගත්කම ගෑනු දරුවෙකුට වුනත් ලොකු හයියක් නිසා. අනික ඔයාට කොහෙ ගියත් ජීවිතේ හදාගන්න ලේසියි මයෙ පුතේ. ගෙදරක ඉවුම් පිහුම් විතරක් නෙවෙයි සකසුරුවමත් ඔයාට මම කියල දීලනෙ තියෙන්නේ... පණ්ඩුක පුතා ඒ අතින් වාසනාවන්තයි...ඔයා වගේ බිරිඳක් ලබන්න " මගෙ අම්මා ...ජීවිතේ හැම අභියෝගයකටම මූණ දෙන්න කියල දුන්නේ මං පුංචි කාලෙ ඉඳන්මයි . මට විතරක් නෙවෙයි අක්කටත්. එයා විවාහ වෙලා එංගලන්තෙ පදිංචියට ගියාට පස්සෙ අම්මලගෙ ලොකුම බලාපොරොත්තුව වුනේ මං. ඒ කියල මට කෝප්පයක්වත් අල්ලන්න නොදී හැදුවෙ නෑ ඒ දෙන්නා. මං ටිකක් විතර දඟකාර උනත් ඒ මගෙ අම්ම, තාත්ත ළඟ විතරයි . ඉස් ඉස්සෙල්ලාම අළුත් නවාතැනකට පය ගැහුවම දැනෙන සබකෝලය ,අමුත්ත මටත් දැනුනා. අනික මෙහෙම තැනක.. ? මහ සෙනඟක් ඉන්න තැනක් වගෙයි මට නම් පණ්ඩුකලගෙ මහ ගෙයි ඇතුලෙ තියෙන කලබලේ දැක්කම හිතුනේ . එහෙන් මෙහෙන් ගහල තියෙන කොණ්ඩා කටු ටික ගලවලා , ඊගාවට සාරි කටු ටික ගලවගන්න පණ්ඩුක කාමරේට එනකල් හුඟ වෙලාවක් බලා හිටියා. දවස තිස්සක් හිර කරන් ඉන්න ඇඳුම් වලින් නිදහස් වෙන්නෙ කොයි වෙලාවෙද කියල මාත් බලා ඉන්නේ. මේක ගෙයක් නෙවෙයි මහ විසාල බලකොටුවක් වගෙයි පේන්නේ. හරියට අර ඉන්දියාවෙ තියෙන මහ විසාල ගෙවල් වගේ මැද මිදුල්, එහෙට මෙහෙට කෙළවරක් නැති කාමර, දිග පැසේජ් එහෙම තියෙන පවුල් හුඟක් ජීවත් වෙන දකුණු ඉන්දියානු ගේක ස්වරූපයම තමයි. කොතලාවල වළව්ව කියන නමටම කොටුවෙලා පවුලෙ හැමෝම මේක අස්සෙ හිරවෙලා කියලයි මටනම් හැඟෙන්නේ. එක පාරටම දොර රෙද්ද හෙමින් මෑත් වෙන කොට මං හිතුවෙ ඒ පණ්ඩුක වෙන්න ඇති කියල. ඒත් ...රැළි ගැහුණු මූණක්,තියුණු ඇස් දෙකක්..? මං තිගැස්සුනේ නිහඬව ටික වෙලාවක් මා දිහා බලාන ඉන්න පණ්ඩුකගේ වයෝවෘද්ධ ආච්චි අම්මා දැක්කමයි. මං හිනාවුනාට ඇය යාන්තමටවත් ප්‍රතිචාර දැක්වුවෙ නෑ. මහ නපුරු පාටයි. හරියට අපි දෙන්න හොරෙන් පැනල ආව ජෝඩුවක් විදිහටයි එයා මා දිහා බලාන හිටියේ . රෑ කෑම මේසෙට දහ දෙනෙක් හිටිය අපි දෙන්නත් එක්ක.පණ්ඩුකගෙ අම්ම,අප්පච්චි දෙන්නයි, ලොකු අයියයි, නංගියි ,එයාගෙ මහත්තයයි, චූටි පුතයි, ආච්චි අම්මයි, අපි දෙන්නයි. තව එන්න ඉන්නවා කුස්සියෙ අණසක පතුරවගෙන ඉන්න සරෝජනී නැන්දා... තව පුටුවක් හිස්... ඒ ඉඩ පවුලේ බඩපිස්සට... එයාට කැම්පස් එකේ ලාස්ට් ඉයර් එග්සෑම් හින්ද වෙඩින් එකටවත් එන්න වෙන්නෙ නෑ කියල පණ්ඩුක මාත් එක්ක කිව්වා. "මේ ලමයට පුදුමත් ඇති. මෙහේ ඔහොම තමයි. අපේ ලමයි කවුරුත් පිට ගියෙ නෑ. මේ සාගරයක් වගේ ගේ.. වත්ත පිටිය... අක්කර ගානක් තේ වතු තියෙද්දි අහවල් එහෙකට පිට යන්නද..? අනික පිටස්තර පවුල් වලින් කියල පරස්තාවල් කරේ ලොකු පුතයි , මද්දු පුතයි විතරයි.අක්ක,නගෝ දෙන්නම බැන්දෙ අපේ පවුල් පවුල්වලම ළමයි තමා... පොඩි පුතා නං තාම තනිකඩයනේ..." පණ්ඩුකගෙ අම්ම කිව්වේ අමුතු අහංකාර කමක් ආරූඪ කරන් වගේ. පණ්ඩුකලගෙ පවුලෙ පස් දෙනයි. ලොකු අයියා, අක්කා, ඊළඟට පණ්ඩුක , නංගි , බඩ පිස්සා මල්ලි. පණ්ඩුකට මද්දු පුතා කියන්නෙ ඒකයි. ලොකු අයියගෙ නෝන ඇක්සිඩන්ට් එකකින් මීට අවුරුදු කීපෙකට කලින් මැරුන කිව්ව. අක්ක එයාගෙ පවුලෙ අයත් එක්ක පිටරටක පදිංචි වෙලා ඉන්නේ. මේ හැම පවුලකටම මේ ගේ අස්සෙ වෙන වෙනම කාමර, ටීවී ලොබි, නාන කාමර , වැසිකිළි හදල තියෙනව. ඒත් උයන්න පිහන්න , කන්න බොන්න වෙන වෙනම බෑ. ඒව එකට. අනික සරෝජනී නැන්ද තමයි ඒව බාරව ඉන්නේ.ආසාවට කියල තේ එකක් පණ්ඩුකට හදල දෙන්නවත් මට ඉඩක් නෑ. පණ්ඩුකගෙ අයිය මා එක්ක සුහදව කතා බහ කලා.ඒත් නංගිනම් එක විදිහක්. අම්ම වගේම අහංකාරයි. අප්පච්චි නම් එයාටම වෙන්වුන ආලින්දයක් වගේ තැනක හාන්සි පුටුවකට වෙලා පාඩුවෙ පතපොත කියවනව. මම ආසම මේ ගෙදර එළිමහනේ තියෙන මී අ‍ඹ ගස් හෙවණට. ඒ එක ගහක බැඳල තියෙන ඔංචිල්ලාවෙ වාඩිවෙලා පැද්දි පැද්දි ඉන්න එක හොඳයි අර පාළු කාමරේට වෙලා ඉන්නවට වඩා. පණ්ඩුකට නිවාඩු තිබුනෙත් සතියයි. මං හිතුව එයා තව දවස් දෙක තුනක්වත් මා එක්ක ඉඳීවි කියල. ඒත් ... "මට නිවාඩු ගිහින් බෑ ඉන්දිමා. ඇසිස්ටන් සෙකට්‍රිත් රට ගිහින් .ස්කොලර්ෂිප් එකකට. ඔයාට පාළු නම් අප්පච්චිගෙ තියෙනව පොත් කාමරයක්ම.. ගිහින් බලන්න .මේක පිට තැනක් කියල හිතන්න එපා. හැබැයි කුස්සියෙ වැඩ නං අපේ නැන්දට ඕන විදිහට තමයි .අම්මවත් ඒවට ඇඟිලි ගහන්නෙ නෑ. කුදී.. ඉන්නෙත් අත් උදව්වට විතරයි . නැන්ද තමයි උයන්නේ. අප්පච්චිට රහට කෑම ටික ඕන. පිළිවෙලට.. පිරිසිදුවට... " අනේ මන්ද. මටනම් කාලයක් යාවි මේ කියන විදිහට මෙතනට අනුගත වෙන්න. හැම කෙනාම ඒ ඒ අයගෙ කාමර අස්සට වෙලා. කුදී හරියටම උදේ හත වෙද්දි රස්සාවට යන අයට උදේ ,දවල් කෑම පාර්සල් වෙන වෙනම මේසෙ උඩින් ගෙනත් තියනවා. කුදීට අවුරුදු පනහක් වගේ ඇති. ඇගේ පිටේ යාන්තම් කුදු ගතියක් තියෙනවා.ඒ හින්ද වෙන්න ඇති කුදී කියන්නේ.ඒ වුනත් මටනම් එහෙම කියන්න දිව නැමෙන්නෙ නෑ. එහෙම වැඩකාරයෙකුට උනත් නමින් විතරක් කතා කරන්න අපේ අම්මල නම් උගන්නල නෑ. අපේ ගෙදර උදව්වට එන යන පොඩි හාමිනා නැන්ද අපිට පවුලෙ කෙනෙක් වගේ. ඒත් මේ ගෙදර වැඩට ඉන්න මිනිස්සුන්ගෙ දිව කපලද මන්ද මීක් ගාන්නෙ නෑ. ගොළුවො වගේ තමයි . "ඉන්දිමා... අපි යනවා. ඔයාට කම්මැලි නම් වත්තෙ ටිකක් ඇවිදින්න යන්න .කුදී ඔයාව එක්කගෙන යයි..." නංගි එයාගෙ මහත්තයයි , පුතයි එක්කල එළියට බැස්සෙ එහෙම කියාගෙන. ඒ දෙන්න ළඟ ඉස්කෝලෙක ගුරුවරු. ලොකු අයියනම් වත්තට යනවා . ඊළඟට පණ්ඩුකත් ගියාම ගෙදරින් බාගයක් අඩුවුනා වගේ. විල්ලියා ඇවිත් කාණු, මිදුල් සුද්ද පවිත්‍ර කරනවා. ඒත් බිම බලාගෙන . ආයි ඉන්නෙ කවුද කියලවත් ඒ මිනිස්සුන්ට බලන්න අවසරයක් නෑ. පණ්ඩුකගෙ නංගි මට වඩා ඕනනම් අවුරුදු දෙකක් විතර වැඩිමල් ඇති . බාලම මල්ලිව නම් මං දැකල නෑ .ඒත් මගෙ වයස වගේ ඇති මයෙ හිතේ. කොයිතරම් එක වහළක් යට හිටියත් ඒ අය අතරෙ බැඳීම් හරි දුරස්ථ වග මේ හිටිය ටිකට මට තේරුනා. මම කුස්සියට ගියාට කවුරුත් කතා බහක් නෑ.. සරෝජනී නැන්ද මං දිහා බලන්නෙ කුස්සියට කඩාපාත්වුනු මහ කරදරකාරියක් විදිහට . මං කොහොමත් ආසයි අමුතු අමුතු කෑම ජාති හදන්න. පණ්ඩුකට මා අතින් කෑම ටිකක් උයල දෙන්න. ඒ තියා තේ කෝප්පයක් වත් හදන්න විදිහක් නෑ. මට නම් මේක හිර ගෙයක් වෙලා ඉවරයි. "කුදී... ඔය කොස් මදුළු ටික සුද්ද කරල ගනින්. මද්දු හාමුට පංගුව තියන්න වෙයි. ආසයිනේ කොස් කන්න. හා...හා..කුදී. ඕව අතපත ගාන්න එපා. ඒව කරන්නෙ මම.." මම පලා වට්ටියට අත තියනකොටම නැන්දා කුදීට කෑ ගැහුවා ...මං ගැස්සිලා අත අහකට ගත්තේ ඒක හරියට මට කිව්ව වගේ හිතුන නිසා. හිරයක්....හිරයක්...හිරයක් කිව්වට මේක නම් හිර ගෙයක් ? උදේ අට නවය වෙද්දි ගේ පුරාම පැතිරෙන නිහැඬියාව දවල් දෙක තුන වෙද්දි ටික ටික නැතිවෙලා යනව.මම ඉතින් මුළු ගේ පුරාම ඇවිදල ගෙයි අහුමුළු අඳුන ගන්නේ ඔය නිහඬ නිස්කාංසු වෙලාවට.. පාළු සොල්දර තට්ටුව , ස්ටෝරු කාමරේට යාබද කාමර පේළිය, ගරාදි වැටත් එක්කල තියෙන මැද මිදුල ,කෙළවරක් නැතුව එහෙන් මෙහෙන් දිවෙන කොරිඩෝවල්..හරියට වංක ගිරිය වගෙයි . එක අතකින් මෙහෙමවත් කට්ටිය නොහිටින්න මේක හොල්මන් ගුහාවක් වෙයි. දඩ බඩස් ගාල දොරක් ඇරෙන සද්දයක් එක්ක තඩි කළු පූසෙක් ජනේලෙකින් පැනල දිව්වා....ඡායාවක්...? මං ගැස්සුනා... කුදී.. ? එයා මොනා කරනවද මෙතන ? මට බන්දේසියක තියල පැෂන් වීදුරුවක් ගෙනත්. ඒක දීපු ගමන් හිනාවක්වත් නැතුව ආපහු හැරුනා. අනේ මන්ද...එක වෙලාවකට මට හිතෙනව මම ආවට මේ මිනිස්සු අකමැතිද කියලත්.. උඩු මහළෙ තියෙන බැල්කනියත් පාළුවට ගිහින්. ඒකෙ බිත්තිවල පාසිත් බැඳිලා. තම තමන්ගෙ කාමරවලට කොටුවෙලා හිටියට පිළිවෙලකට තියාගන්න කාටවත් උවමනාවක් නෑ වගේ. ",ඔයා මෙහේ..?ඔය අතන මෙතන ඇවිදින්න එපා ඉන්දිමා. තාම හුරු නෑනෙ.. සර්පයොත් ඇති මේ කෑල්ලෙ... කොහෙද මේව නඩත්තු කරන එක ලේසි නෑ දැන් " පණ්ඩු
ක අද වේළාසනින් ඇවිත් ? මට පුදුම සතුටක් දැනුනේ.කතා කරන්නවත් කෙනෙක් නැති එකේ. අනික ෆෝන් එකෙන් කාටවත් කතා කරන්න මේ හරියට සිග්නල් ඇත්තෙත් නෑ. අම්මට කෝල් කරල නිදහසේ කතා කරන්න විදිහක් නැත්තෙ මෙහෙ ටෙලිෆෝන් එක තියෙන්නෙ ආලින්දෙ..පණ්ඩුකගෙ අප්පච්චි පොත් කියවන තැනට ගොඩක් කිට්ටුවෙන්. "ඔයා හෙව්වෙ ජොබ් කරන්නෙ නැති මනමාලියක් නේ..? අම්මල අකමැතියි කියල. ඒත් ඔයාගෙ නංගි ජොබ් එකක් කරනවනෙ පණ්ඩුක ? " "එයාටත් ගෙදරින් එපා කියල කිව්වා. ඒත් ඒ මල්ලිත් එක ඉස්කෝලෙමනේ...? ඒකෙන් ෂේප් . කොහොමත් අපේ නංගි ටිකක් හිතුවක්කාරයි.. ඉන්දිමා .." "ඔයත් ගෙදරින් ගියාම මට හරි පාළුයි පණ්ඩුක. මෙහෙම බුම්මගෙන ඉඳල මාව ගොළුවෙයිද මන්ද.අනික මෙහෙම ඉඳල මට පුරුද්දකුත් නෑ. කුස්සිය සරෝජනී නැන්දගෙ. මිදුලයි වත්තයි සෙනේගෙ. ගෙයි අහුමුළු මුර කරන්නෙ ආච්චි අම්මා. අනේ මන්ද පණ්ඩුක...." "ඔයාට පහුවෙනකොට හැමදේම හුරුවෙයි. මට ඉස්සරහට රස්සාවෙ වගකීම් වැඩියි . රාජකාරිය දේවකාරියටත් වඩා වටිනවනේ.. ඉතින් මට මේ ඉන්න ටිකත් ඔෆිස් රූම් එකට ගතකරන්න වෙනව ඉන්දිමා. දැන් ඉතින් ඔහොම ලඳ බොළඳ වෙලා බෑ...ඔයාට හුරු වෙන්නම වෙනවා ..." පණ්ඩුක එහෙම කිව්වම නං මගෙ හිත ටිකක් රිදුනා. ඉස්සරහට මගෙ ජීවිතේ අමුතු අරුම අත්දැකීම් හුඟකට මූණ දෙන්න වෙයි. අම්ම ඊයෙ කෝල් කරපු වෙලාවෙ මං කිව්වෙ මම හුඟක් සතුටෙන් කියලා. ඒ දෙන්න දැන් වයසයි. ඕනවට වඩා දුක, සතුට දරාගන්න අමාරුයි. මට මේ ජීවිතේට හැඩ ගැහෙන්න සිද්ද වෙනවා . මම පුළුවන් තරම් උත්සාහ කරනවා මෙහෙ විදිහට හැඩ ගැහෙන්න. ඇඟපත හෝදල රෑ ඇඳුමක් දාගෙන මම කාමරේට ආවෙ පණ්ඩුකගෙ ආදරේ,උණුහුම බලාගෙන.... මුළු දවසක් තට්ට තනියම පාළුවෙන් ඉඳල මොහොතකටවත් මගේ කියල කෙනෙක් මේ වහළ යට ඉන්නව නේද කියන සිතුවිල්ලෙන් හිත සනසගන්න. මොකක්දෝ කියන්න බැරි හිස්තැනක් , රික්තයක් හැදුන හිතට පුංචි අස්වැසිල්ලක් දෙන්න. ඒත් ඔෆිස් රූම් එකේ විදුලි පහන් දැල්වෙමින් තිබුනා. අඩවල් වෙලා තිබුන දොරත් වැහිල ගියා . මම කොට්ටයට මූණ තද කරගෙන ඇස්දෙක පියාගත්තෙ නින්ද බලෙන් හරි ලංකරගන්න. ඒත් නින්ද වෙනුවට හීං කඳුළක් ඇස් යට බර වෙමින් තිබුනා . උදේ තේ එක බීල, මගෙ නළලත් ඉඹල පණ්ඩුක වාහනේට ගොඩවුනේ පුදුම කලබලේකින්. රෙදි බෑග් එකකුත් සෙනේ ඩිකියට දැම්මා. මං ප්‍රශ්නාර්ථයකින් බැලුවම පණ්ඩුක කිව්වේ... " මං ඔයාට කෝල් එකක් දෙන්නම්..." කියල ....වාහනේ හරියට මගෙ පපුව උඩින් ගියා වගෙයි මට දැනුනේ. ඇයි දෙයියනේ මේ මනුස්සයට අමතක වුනාද ගෙදර ගෑනියෙක් ඉන්නව කියල . උදේ මට ඇහැරෙනකොටත් පණ්ඩුක ඇඳ පැළඳගෙන හිටියේ . සද්ද නැතුව යන්න හිතාගෙන වෙන්න ඇති . මම සාම්ප්‍රදායික ඇඳුමට කොටු නොවී ඩෙනිමක් ඇඳ ගත්තා .ඕනවට වඩා නිවට වෙන්න ඕනත් නෑනෙ... මනුස්සයෙකුට එක පාරටම වෙනස් වෙන්න පුළුවන් ද? අනික තේරුමක් නැති දේවල් වලට...? "මොකක්ද ලමයො..? මද්දු පුතා කිව්වෙ නෑද්ද ඔය,සුක්කුරුත්තන් මෙහෙට අඳින්න එපා කියල .අමතක කරන්න එපා මේ ගෙදර ඉන්නෙ ඔය දෙන්න විතරක් නෙවෙයි... " පණ්ඩුකගෙ අම්ම මෙහෙම කෑ ගහයි කියල මං කොහෙත්ම හිතුවෙ නෑ.මට පුදුම හිතුනා. අසංවර ඇඳුමක් නම් මං හිස නමල වරද පිළිගන්නවා. සෙනසුරු අපලෙන් බේරෙන්න කියල විෂ්ණු දෙවියොත් බට කැළේට වෙලා බටකොළ කෑවලුනේ....? දෙයියන්ටවත් බේරෙන්න බැරිවුන අපලෙන් මං බේරෙන්නෙ කොහොමද ? මං කුදීට විතරක් කියල එළියට බැස්සේ... එළිමහනේ ඩිංගක් ඇවිදින්න හිතාගෙන . සෙනේ මුර කාමරේ ඉඳන් වත්ත පැත්තට යනකල් ඉඳලා මං හෙමින් පාර පැත්තට ආව. පණ්ඩුකලගෙ ගෙයි ඉදිරිපිට විශාල මිදුල සහ පොල්වත්ත මායිමෙන් පිහිටි ගල් පඩිපෙළ නැග්ගම තේ වතු යාය ලස්සනට පේනවා. ඈතට දිවෙන තාර පාරේ ඉඳහිට ගමන් කරන තේ දළු පටවපු ට්‍රැක්ටර, ලොරි ඇරෙන්න ලේසියකට මිනිස් පුළුටක් පේන්න නැති තරම් . පුංචි කඳු ගැට්ට උඩට නැග්ගම ඈතට ඈතට විහිදෙන කඳුයාය හරිම ලස්සනට පේනවා. දුම්බර කඳුවැටිය මත්තෙන් ඉහළට නැගෙන ඉරේ රැස් මාලා මීදුම ඉරාගෙන පැතිරෙන හැටි බලන්න ලස්සනයි . නිදහසේ හුස්මක් ආශ්වාස කරන්න ලැබුන සතුට විඳිමින් මම උඩින් පොරවාගත්තු ජැකට්,එක ගලවගත්තේ ... සීතල විඳගන්න තියෙන ආසාවට. ඒත් ...හුළං රැල්ලත් එක්ක ආව වැහි වළාවෙන් පළාතම අඳුරු වෙන්න ගියේ මොහොතයි. මොරගෙඩි වගේ වැහි පොද කඩා,වැටෙන්න උනා. මට කිසිම දෙයක් හිතාගන්න බැරුව ළඟ තිබුන ලොකු මාර ගහ යටට දිව්වේ මෙලෝ සිහියක් නැතුව . ඒ වෙනකොටත් මං හොඳට තෙමිලයි හිටියේ . දෙයියනේ ... කවුරුහරි ලොකු බෑග් එකකුත් කරේ එල්ලගෙන ගහ,යටට මුවාවෙලා ඉන්නව මං,දැක්කේ තත්පර ගානක් ගියාට පස්සේ. අද ගෙදර ගිහින් ගොඩයි. ගෙදර මිනිස්සු හිතන් ඇත්තෙ මං කාමරේ කියල .. කුදී නොකිව්වනම්...? මේ මනුස්සය කොහෙන් කඩාපාත්වුනාද? ගෝරිල්ලෙක් වගේ රැවුලත් වවාගෙන .. මා දිහා බලන්නෙවත් නෑ. ඒක හොඳයි එක අතකට...වැස්ස තුරල් වෙන පාටක් නෑ වගේ. වෙන කරන්න දෙයක් නෑ.. තෙමි තෙමීම ගෙදර දුවනවා ... ඊට වඩා දෙයක් වෙයි මං පරක්කු වුනොත් . අම්මගෙයි , ආච්චිගෙයි නීති රීති ..? ඊට හපන් පණ්ඩුකගෙ නැන්දා. අනික මේ ආතක් පාතක් දන්නෙ නැති පිරිමියෙක් එක්ක මෙහෙම තැනක තනිපංගලමේ ..කොයිතරම් වෙලා ඉන්නද.? මහ වැස්සෙම මං ගේ පැත්තට දිව්වේ පස්ස නොබලාමයි....සෙනේ ගේට්ටුව වහළ තිබුනෙ නෑ. කුදී කියන්න ඇති මං එළියට ගියා කියල. (මම පස්සෙ කාලෙකයි දැනගත්තේ කුදී ගොළු බව) මං ඉස්සරහ දොරෙන් ඇතුලට යන්නෙ නැතුව පැත්තකින් තිවුන දොරකින් ඇතුල්ගෙට රිංගුවා. අම්මයි, නැන්දයි බර කතාවක..? එකත් එකටම මා ගැන තමයි ...නැත්තන් ඉතින් මං දැක්කම කතාව නතර කරගන්න ඕන නෑනෙ . තෙත බරිත වෙච්ච ඇඳුමින්ම මං දිව්වේ අපේ නිදන කාමරේට. ආච්චි අම්මත් මා දිහා බල බල කකුල් අද්ද අද්දා ගියේ.මං හිතුවේ කාගෙ හරි කටකින් මොකක් හරි ඇනුම්පදයක් නැත්තන් බැනුමක් පිටවෙයි කියලා. ඒත් මට උහුලන්න බැරිවුනේ කිසි කෙනෙක් මාව තුට්ටුවකටවත් මායිම් නොකර ඉන්න එකට. තනිකම , පාළුව තරම් කටුක අත්දැකීමක් තවත් තියෙනවද කියල හිතුනේ හිත්පිත් නැති බිත්ති හතරකට කොටුවෙලා ඉන්න වුනාම...ඔරලෝසුවෙ කටු කැරකෙන වේගය ඉස්සර විදිහමයි. ඒත් කාලය ගතවෙන්නේ බොහොම හිමීට කියල මට හිතුනා . පණ්ඩුක මට කතා කලෙත් නෑ. ආයිත් මං ඒ ගැන අහන්න ගියෙත් නෑ.දවල් කෑම මේසෙට කුදී මාව කීද්දුවේ..මට ඒ ඩිංගට නින්ද ගිහින් තිබුනේ . ඇඟපතත් රිදෙනවා මට මෙහෙ දේශගුණේ වෙනස් හින්ද වෙන්නැති. උණ එන්න වගේ.මම මේසෙට වාඩිවුනේ නොයා බැරිකමට .. නංගිලගෙ ජෝඩුවයි , අයියයි ඇවිත් හිටියෙ නෑ. සරෝජනී නැන්දා මං එනකොටම .... "එපා කියන්නයි තියෙන්නේ ... නැත්තන් හැමදාම ඒ වැරැද්ද කරන්න ගනීවි....අගේට හිටියි එහෙම උනොත් " එහෙම කිව්වේ මට වෙන්නැති. මං මොකුත් නෑහුනා වගේ මේසෙට වාඩිවෙන කොට මගෙ ඇහැ ගැහුනේ පහුගිය දවස් ටිකේ හිස්ව තිබුන පුටුව දිහාට... ඒ ඇස් මගේ ඇස් ...එකට ගැටුනා. ඇත්තටම මගෙ ඇස් අදහගන්නත් බැරි තරම්...? ඔහු සිහින් මදහසකින් මට ප්‍රතිචාර දැක්වුවා. මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි )භාශාවන් කාලෙං කාලෙට වෙනස් වෙනවා. කියමුකෝ පරිණාමය වෙනවා කියල. නව එකතු වීම්, පවතින වචන ඉවත් වීම් , ව්‍යාකරණ නීති වෙනස් වීම් වගේ දේ තමා බොහෝ දුරට වෙන්නේ. සිංහලයටත් ඕක පොදුයි. හැබැයි මේ දවස්වල බලං හිටියොත් පෙනෙයි සිංහලයේ හරි ලස්සන පරිණාමයක් වෙනවා. පවතින අකුරු දෙකක් තවත් පවතින අකුරු දෙකකිං රීප්ලේස් වෙනවා. “ප,උ” අකුරු දෙක “ෆ,වු” අකුරු දෙකෙං රීප්ලේස් වීම තමයි මං මේ කියන පරිණාමය. දැං මෙහෙම රීප්ලේස් වීම් වෙන පළවෙනි වතාව මේක නෙමයි. “න,ණ,ල,ළ” භේදය අපි ඉපදෙන්නත් කලිං ඉදං තියෙන්නේ. ශ,ෂ තව එතකොට ඥ,‍ඤ මාරු කරගැනීම් කියන්නෙත් සිංහලයේ වෙමින් පවතින පරිණාමය වීම්ම තමා. හැබැයි මේ පරිණාමයන්ගෙදී වචන වල වෙනසක් වෙන බවක් ලොකුවට කෙනෙක්ට දැනෙන්නේ පේන්නේ නෑ. මොකද මේ අකුරු වල වෙනස් වීම් වලදි වචනාර්ථයන් ශබ්දාර්ථයන් වල ලොකු වෙනසක් සාමාන්‍ය පුද්ගලයෙක්ට දැනෙන්නෙ නෑ. භාශාව ගැන යම් ආකාරයක දැඩි මතේක ඉන්න හෝ භාශාව ගැන යම් දැනුමක් තියෙන , මේ අකුරු වල උච්චාරණ විධි ගැන පුරුද්දක් තියෙන කෙනෙක්ට තමයි මේකේ යම් අවුලක් දැනෙන්නේ. හැබැයි දැං මේ වෙන පරිණාමයේදී නං සාමාන්‍ය කෙනෙක්ට උනත් පේන දැනෙන වෙනස්වීම් තියෙනවා. “ප” යන්න “ෆ” යන්නෙං රීප්ලේස් වීමනං හැමෝම දකිනවනේ. උදාහරණ බුකියේ ඕන තරං. සමහරවිට ඔබට එහෙම තැනක් මතක් වෙන්නැත්තං මං කියන්නං. අෆ්ෆා , ෆට්ට , ෆයිය (කැමති විදියට හිතාගතෑකි). එතකොට “ උ” ? මේකත් ඉතිං බුකියෙම තමා තියෙන්නේ. “උන්” “වුන්” (වු කියන අකුර හැදෙන්නේ ව+උ කියන අකුරු දෙකෙං දන්න තරමට) වෙලා තියෙන්නේ තාම නං. ඉදිරියේ තව රීප්ලේස් වීම් වෙයි. මේක තාම බුකියෙං එළියට ගිහිං නෑ හරියට. නමුත් 2000 න් පසු පරම්පරා වැඩිහිටි සමාජයට එන්න ගත්තම මේ පරිණාමය සම්පූර්ණ වෙලා තියෙයි. වෙන එකක් නෑ කියනවද? කොහොමද සහතික වෙන්නේ? දෙයක් වැරදියි කියන්නනං නිවැරද්ද ගැන දැනුවත්ව ඉන්න ඕන. හැබැයි වරද නිවැරැද්ද විදියට පිළිගන්නවා නං තවත් එතන වරදක් ඉතිරි වෙලා තියෙනවද? ආ එතකොට මේක වරදක්ද? භාශා ප්‍රවීණයෙක්ට , භාශා ගැන උගත්තෙක්ට මේක මරණිය වරදක්. අපි වගේ සුකිරිබටිල්ලංටනං මේක උන්නත් දාහයි මළත් දාහයි තමා. හැබැයි ඉතිං සමහර රිප්ලේස් වීම් නං හරි විනෝදජනකයි ඉතිං............. මාස දෙකකට පස්සේ ................ හරියටම මාස දෙකකින් අපි ආයෙම මුණගැහුනේ. කලින් වගේමයි කිසිම වෙනසක් දැනුනේ නෑ ඇගට. පරණ පුරුදු හැගිම එහෙම්ම දැනුනා. මදැයි දැන් ඉතින් මාස දෙකක ඇරියස් කවර් කලා. අපේ බැදීමට, අපි හම්බෙලා දැන් අවුරුදුම දොලහක්.... නෑ ඊට වැඩිද මංදා. කොහොමත් ඊට වැඩි මිසක් අඩුනම් නෑ. ලංකාවේදී මගේ කුණු හේදූවා මදිවට ඔයාව මං අද මෙහෙටත් ගෙන්නා ගත්තා. ඒකටත් මට සති දෙකක් බලන් ඉන්න උනා. හැබැයි දුකයි මං මෙහෙ එද්දිම ඔයා එක්කම එන්න බැරිඋන එකට. ඒත් දැන් කමක් නෑ දැන් ඔයත් සතුටින් මාත් සතුටින්. මාස දෙකකින් නිවීහැනහිල්ලේ ඇග සේදුවා. තිබ්බ කුණු සේරම යන්න හොදට ඇග අතුල්ලලා හෝදගත්තා. දැ
න් නම් හරිම සනීපයි අප්පා. ආදරෙයි මගේ "කොහුලණුව" කොහේ ගියත් මං ඔයා එක්ක ( මට නාද්දි, ඇග සෝදද්දි නැතුවම බැරි කොහු ලණුව. මේකෙන් ඇගඅතුල්ලා හෝදගත්තාම තමයි සැප දැනෙන්නේ )කොන්සට් එක ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ඉන්න කට්ටියට ලංකාව එහෙමටම මග ඇරෙන්නේ නෑ කියලා සෞන්දරී නෝනාට වෙලාවකට හිතෙනවා. ඒකෙන් කියන්නේ ලංකාවට ආදරේ නෑ කියන එක නෙමේ. පවුලේ කට්ටිය මතක් වෙනකොට පියඹලා යන්න හිතෙන වෙලාවල් තියනවා. ඒත් කැලිෆෝනියා ජීවත්වෙනකොට මේ ඉන්නේ ලංකාවෙද කියලා හිතෙන වෙලාවල් ඕනෑ තරම් තියනවා. කැලිෆෝනියාවේ ලංකාවේ පවුල් බොහෝමයක් ඉන්නවා. ලංකාවේ පංසල් ගනනාවක් තියනවා. ලංකාවේ කඩ තියනවා. ලංකාවේ කෑම කඩත් ඕනෑ තරම්. ඒ වගේම ලංකාවේ කෑම ඕඩර් ගන්න අයත් ඉන්නවා. ඉඳිආප්ප​, ආප්ප​, පිට්ටු, කට්ලට්ස්, පැටිස්, රෝලස්, බත්මුල් කියන පරක්කුවට! ඒ ඇරෙන්න හැමදේම නැතත් ලංකාවේ වැවෙන බොහෝමයක් පලතුරු, එලවලු කැලිෆෝනියාවේත් වැවෙනවා. ලංකාවට හුරු පලා වර්ග හා එළවලු, මුරුංගා,කරපිංචා...... වත්ත පිටියේ ඉඩ තියනවා නං කාටත් වවාගන්න පුලුවන්! ඒ වගේම තවත් විශේෂ දෙයක් කැලිෆෝනියාවේ තියනවා. සංගීත සංදර්ශන! සමහරු කාලෙන් කාලෙට ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් ගෙන්නලා විවිධාකාර මියුසිකල් ෂෝස් තියනවා. ඩිනර් ඩාන්ස්,මෑත කාලීන ජනප්‍රිය ගීත ඇතුළත් සංදර්ශන, සාම්ප්‍රදායික සංදර්ශන, ජනප්‍රිය පරණ ගායකයින් ගේ සංදර්ශන....මෙකී නොකී බොහෝමයක් මේ ගොඩට වැටෙනවා. මහත්තයා නං සංගීතයට බොහොම ලැදියි, ඒත් සෞන්දරී නෝනා නං ඔය සංදර්ශනවලට එහෙමට කැමති කෙනෙක් නෙමේ.ඒත් ඉතිං මහත්තයා කැමති හින් දා සෞන්දරී නෝනා ඔය කොයි ෂෝ එකත් බලන්න යනවා. එහෙම කීවට සෞන්දරී නෝනා කැමති ගායක ගායිකාවො කීප දෙනෙකුත් ඉන්නවා. ඔන්න සෞන්දරී නෝනාගේ ලිස්ට් එකේ කාගෙ හරි ෂෝ එකක් තියනවා කීවොත් නං හැමෝටම කලින් ටිකට් එක ගන්නෙ සෞන්දරී නෝනා. ඔන්න ඉතිං මියුසිකල් ෂෝස් ගානකට පස්සෙ සෞන්දරී නෝනාගේ ලිස්ට් එකේ ගායකයෙක් එනවා. සුභාවිත ගීතයෙන් රට පුරා සිටින ප්‍රේක්‍ෂකයින් ආකර්‍ෂණය කරගත්, බොහෝම ප‍්‍රසිද්ධ ගායකයෙක්! මම මුලින් කී විදිහටම සෞන්දරී නෝනා ටිකක් වැඩිපුර ගෙවලා කාටත් ඉස්සරලා ඉස්සරහ සීට් එකකටම ටිකට් ගත්තා. සංදර්ශනේ දවස ආවා. සෞන්දරී නෝනා බොහෝම සතුටින් ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා සිංදු අහන්න ලක ලෑස්ති වුනා. ගායකයා වේදිකාවට ආවා. පිරිස ඔල්වරසන් දුන්නා. ගායකයා බොහෝම සංයමයෙන් ගීතය පටන් ගත්තා. සෞන්දරී නෝනා ගීය විඳින්න හරි බරි ගැහුනා. හෑ! කණ ලඟින් කුරුමිණියෙක් කෑ ගහනවා වගේ ඇහෙනවා. සෞන්දරී නෝනා වටපිට බැලුවා. ඒ මොකද​? මයික්‍රෆෝන් වල දෝෂයක්වත්ද​? නෑ නෑ එහෙම එක නෙමේ. සෞන්දරී නෝනා ලඟ වාඩිවෙලා හිටි නෝනා ගායකයත් එක්කම සිංදුව මුමුනනවා. මදැයි! සිංදුව අවසන් වුනා. කට්ටිය අත්පොලසන් දුන්නා. විසිල් ගැහුවා. ඒ එක්කම අර නෝනා එතනම වාඩිවෙලා හිටි උන්දැගෙ දුවට කියනවා, "ඒ තමයි අම්මා ආසම සිංදුව!" ආ ඒ උන්දැ ආසම සිංදුවලුනේ! ඒකයි ගායකයා එක්කම කියන්න ඇත්තේ! සෞන්දරී නෝනා හිත හදාගත්තා.ඉතුරු සිංදු ටික නිවිසැනසිල්ලේ අහන්න බැරියැ! දෙවෙනි සිංදුව පටන් ගත්තා. මෙන්න ඒ නෝනා ඒ සිංදුවත් මුමුනනවා. කුරු කුරු කුරු කුරු.....කුරු කුරු කුරු කුරු..... සෞන්දරී නෝනාගේ කණ ඇතුලෙත් කුරු කුරුව කූං කූං ගාන්න පටන් ගත්තා. සිංදුව ඉවරවෙනවත් එක්කම සෞන්දරී නෝනාට ඇහෙනවා, "ඒ තමයි අම්මා ආසම සිංදුව!" හෑ! ඒ සැරේ ඒක ආසම සිංදුවලු! තුන හතර සිංදු වලදිත් ඒ සෙතේම තමයි! සෞන්දරී නෝනාට ඇහෙන්නෙ අර නෝනා කුරු කුරු ගාන සද්දෙ විතරයි. සිංදු අහලා ඉවරයි! ඔය කුරු කුරුව නවත්තන්න කියලා සෞන්දරී නෝනාට කියන්නත් හිතුනා. ඒත් එතකොට ඒ නෝනගේ හිත රිදෙයි නොවැ. සෞන්දරී නෝනා බොහෝම අමාරුවෙන් හිත පාලනය කර ගත්තා. විවේක කාලෙට ලයිට් වැටුනම සෞන්දරී නෝනා මහත්තයත් එක්ක පිටිපස්සේ සීට් එකකට ගියා. මොන හේතුවටද මන් දා සෞන්දරී නෝනාට අදටත් කල්පනා වෙනවා, ඇත්තට අර නෝනා හැබෑවටම ආසම සිංදුව මොකක්ද​? -ශ්‍රීපාලි පින්තූරය අන්තර්ජාලයෙන්!පොඩි අවතාරය- කෙටි කතාව " සියළු දෙනාම මාත් සමඟ කියන්න" "ඉතිපිසෝ බගවා අරහන් සම්මා සම්බුද්ධෝ....." සෝරත පොඩි හාමුදුරුවෝ බුදුගුණ උස් හඩින් කියන්න ගත්තා, ලන්දෙකුඹුර කන්දට උඩින් පායාලා තිබුනු පොසොන් සඳ අද ගමට එලිය දුන්නෙ දවාලෙ ගමට වැටිලා තිබුනු හිරුඑලියටත් අභියෝග කරමින්, කන්ද මුදුනෙන් මතු වෙච්ච හඳ දිය පිලිවෙලට බෝ කොල වලින් බේරිලා බෝ මලුව දිගේ විහාර මලුවට ඇවිත් ආවාස ගේ පැත්තෙන් ගම දිහාට ඇඳුනෙ අතරමග සෙවනැලි වලින් බේරෙන ගමන්, පුංචි උන්වහන්සේ පංසලට ඇවිත් වැඩි කාලයක් නෑ, ඇවිත් පුංචි කාලයක් උනාට හරි ඉක්මනට ගමේ මිනිස්සු,දහම් පාසලේ ඈයෝ උන් වහන්සේව අඳුර ගත්තා, කාලයක් තිස්සෙ අසනීපවෙලා ඉන්න ලොකු හාමුදුරුවෝ අසනීපෙ නිසා ගමෙන් ටික ටික ඈත් වෙද්දි ගමේ පාංශුකූලෙට, දානෙ ගෙට වඩින්න උනේ පුංචි හාමුදුරුවන්ට, බුදු හාමුදුරුවෝ කල්ප ලක්ශ ගානක් පෙරුම් පුරලා දේශනා කරපු සද්ධර්මයෙන් වැලිකටයක තරම්වත් දෙයක් වත් ඉගෙන ගන්න කාලයක් නොගියට තියෙන වත්කමේ හැටියට පිංකමට දෙයක් කරන්න උන්නාන්ගෙ චතුර කතිකත්වයට පුලුවන් උනා, අද උන්නාන්සෙගෙ පළවෙනි බෝධි පූජාව, හරි ලස්සනට අමුණගත්ත කවි මාලයක් අරගෙන මලුවට ආපු උන්නාන්සෙ පියවරෙන් පියවර සීරුවට එකින් එක ගලවගත්ත මල් මලුව වටේම ඉහින්න ගත්තා,තුන් හාරසියක් වෙච්ච ගමේ සෙනග ඉස්සරහා ඉඳ හිට වචන බොඳ උනාට ඒ හැමෝම හරි ආසාවෙන් අහගෙන හිටියා, "අනුත්තරෝ පුරුස ධම්ම සාරථී...." මුලදි මුලදි වටාපත අස්සෙ ගහ ගත්තු කොලේක මතක නැති ගාථා ටික කටු ගහගත්තට දැන් ගොඩක් ගාථා උන්නාන්සෙට කට පාඩමෙන් කියන්න පුලුවන්, නමස්කාරය, බුදුන් තුන් සරණය, පන්සිල් ටික පහුකරගෙන ඉතිපිසෝ ගාථාව කිට්ටුවට වඩිනකොට ගිය සතියෙ සමන්ති අක්කලගෙ දානෙ ගෙදරදි වගේම උන්නාන්සෙට ඇඟට හරි අමුත්තක් දැනෙන්න ගත්තා, යටිපතුල් වලින් හීනියට පටන් ගත්තු හිරිවැටීම හිරිවැටීමක්ද වෙව්ලිල්ලක්ද තේරුම් ගන්න බැරි උනා, එහෙම යටිපතුල් කොනේ ඉඳන් හිස මුදුනට වැටිච්ච නහර දිගේ ආපු නාදුනන වෙනස්කම කන් පෙති දෙපැත්තෙන් වගේම ඇස් බෝල රතු කරගෙන වැඩි වෙන්න ගත්තා, වැඩි අමුත්තක් නොපෙන්නාම උන්නාන්සෙ ගාථා ටික කියවගෙන යන්න උනා, ඇඟ ඇතුලෙ තිබුන ඒ ප්‍රෙහෙලිකාව වටාපතට, ඉඳන් උන්නු පුටුවට බෝ වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ, උරහිසෙන් අල්ලගෙන කවුදෝ තමාව හොල්ලන බවත් ඉන් හෙලවෙන තමන්ට ගාථා ගොත ගැහෙන බවත් අසිහියෙන් උන්නු උන්නාන්සෙට ඇහිපිල්ලන් අස්සෙන් පෙනුනා, පැය දෙකකට ආසන්න කාලයක් තමන්ට එක එල්ලේ දිස් උන පොසොන් හඳ සිය ඇහිපිල්ලම් පහත් වෙන වාරයක් පාසා කෝණයෙන් කෝණයට වෙනස් වන බව උන්නාන්සෙට පෙනී නොපෙනී අවසානයේ අමාවක බවට පත් උනා, "සද්....ධා.... දේ.... ව ....මනුස්සා....නම් බුද්ධෝ බග....වාතී...." ......................................................... "නෑ බං ඔය ලොකු හාමුදුරුවන්ගෙ විකාරනෙ, අම්මා අප්පා නෑ කියලා ඔය පොඩි එකෙක්ව මහණ කරලා හරියනවද? රෑට කන්න දෙන්නෙ නැල්ලු, දවසට වේල දෙකක් කාලා ඇතිද? ඔය හැදෙන පොඩි එකෙක්ට, පොරවගෙන ඉන්නෙ සිවුර උනාට ඕක ඇතුලෙ ඉන්නෙ පොඩි එකෙක්නෙ" දෙවටකඩේ මුදලාලි හිතේ තිබ්බ කහට මංඩිය ගුණසේකර ඉල්ලපු තේ දෙකට කවලම් කලේ දෙපැත්ත කැපෙන හැන්දෙන් ගඩ ගඩ ගාලා රස්නෙ කහට වටේ ඉහිරවන ගමන්, "උන්නාන්සෙට ෆිට් එක කියලා මං අහගෙන, යකඩ කෑල්ලක් දුන්න නම් ඕක හරියනවා, අපේ මායියගෙ මලයටත් ඕකම තියෙනවා" ගුණසේකරත් මුදලාලිගෙ කූඩුවට රැලි එල්ලුවා, " මොක උනත් බන්, පොඩි උන් සාසනේට ගන්න වැඩේට නම් මගේ මනාපයක් නෑ, ඕං කිව්වය කියලා හිතා ගන්, ඔය පොඩි එකා සිව්රත් එක්ක ලොකු වෙලා, ඕකගෙ මදන විසේ එන කාලෙට ඔය සිව් රෙන්ම ඔය විසේ පිහිද ගත්තෙ නැත්තම්" "පව් පුරව ගන්ට එපා මුදලාලි, දහය පන්තිය පාස් වෙලා, යාන්තම් රැවුල එනකොට ත්‍රීවීල් කට්ටක් හරි මේසන් හැන්දක් හරි අරගෙන බීඩියකුත් කනේ ගහගෙන අම්මගෙ තාත්තගෙ නම්බුව හංදියෙ බෝක්කුව උඩ තියාගෙන බෝතලේකුත් එක්ක කනවට වඩා, පොඩි කාලෙම ධර්මෙ ගැන පොත පත ගැන හරි ඉගෙන ගන්න එක ගමට රටට හරි වැඩක් වෙයිනෙ, අනික මේක බෞද්ධ රට" කටට කොනට ගත්ත නෝක්කඩු හිනාව කන ළගට එනකල් ගෙනාපු ධනපාල හීන් නූලෙ මුදලාලිගෙ ලොකු පුතාව මතක් කලා, " අනේ මේ ධනපාල ...බෞද්ධ රට ගුලි කරලා ගහගන් තොගෙ...මම කියන්නෙ නෑ" ......... ..................................................... "සෝරත මගෙ ළගට එනකකොට යාන්තම් අකුරු ටික අඳුර ගත්තා විතරයි, දවසක් පොඩි නෝනා ආච්චි එක්ක පන්සලට තනියට හීල දානෙ ඇන්න ඇවිත් මගෙ දිහා බලාන හිටියෙ හරියට උන්ගෙ අප්පා දිහා බලාගෙන ඉන්නවා වගේ, එදා මගෙ සිවුරෙන් අල්ල ගත්තාමයි, දැන් අවුරුදු තුන හතරක් උනා අන්තිමට පන්සලේ පොඩි හාමුදුරුවෝ වෙලා පස්ස බැලුවෙ, අනේ මොකද දොස්තර මහත්තයා උන්නාන්සෙට?" ලොකු හාමුදුරුවෝ තමන් හදාපු දරුවා දිහා බලාගෙන තාමත් තමන්ටත් අවබෝධ කරගන්න බැරි උන "දුකට හේතුව" ඇහිපිල්ලම් ගහ ගහ වහගත්තා, " එහෙමයි කියලා කියන්න ලෙඩක් නම් මට පේන්නේ නෑ හාමුදුරුවනේ, ඒ වෙලාවෙ දානෙවත් නැතුව...." " එදා ඉස්කෝලෙ මහත්තයාගෙ වට්ටෝරු දානෙ, ඒම දාට අපි දෙන්නා ගේනවයින් තුන්කාලකට වඩා පහල ඉස්කෝලෙට යවනවා පොඩි උන්ට කන්න, අපතෙ යන හන්දා, වළඳලා නම් නොයින්න විදියක් නෑ" " පළවෙනි බණ කිව්වනෙ අපේ හාමුදුරුවනේ, චකිතයක් බයක් හෙමත් තියෙන්න ඇති, කෝකටත් ලේ වඩන්න කියලා මන් විටමින් දෙකක් ලියලා දෙන්නම්, ඔබ වහන්සේ ආපස්සට වඩිනකොට මං වාහනේට එවන්නම්,'පොඩි හාමුදුරුවෝ ටිකක් විවේකෙන් තියන්ට" ............................................................... " මේ සිකුරාදා රෑ බණ මුදලාලි, පහුවදා දානෙ, බුලත් තියලා යන්ට කියලා" අතට දිය වෙච්ච ගම්බුලත් කොල හතර මුදලාලි දිහාට දික් කරපු කපිල තමාගෙ යටහත් පහත් ගතිය පෙන්වන්න දණිහිස්ස, කොන්ද සහ බෙල්ලට අමතරම නළලෙ රැලිත් උපයෝගි කරගත්තා, "තුන් මාසයක් ගියාද බං, අද ඊයෙ වගේ," "ඔව් මුදලාලි එදාට තුන් මාසෙ, ලොකු හාමුදුරුවොන්ටත් ඒ හැටි හොඳක් නැති එකේ, මං බැ
ලුවෙ පොඩි හාමුදුරුවොවත් වඩම්මන්න කියලා, ඒ හැටි ලොකුවට කරන්න ලොකු සල්ලියකුත් නෑ අතේ" "පොඩි උන්නාන්සෙ වඩම්මනවා නම්, ඒ ළඟින් කලු මල්ලිගෙ ලොරි කට්ට්වත් නවත්තලා තියා ගන්, අර උන්නාන්සෙ ගැහෙන්න ගත්තම මහ ඉස්පිරිතාලෙ අදින්න, පෙරේදා පාන්දර හන්දියේ බේකරිය විවුර්ත කරන්න ගිහින් පිරිත් කියන්න ඇව්ල්ලත් ඇල්ලුවා කියන්නෙ අඩව්ව, අන්තිමට උඹලගෙ තාත්ත ඉපදිච්ච තැනකින් එනවා ආයෙ ඉපදිලා, "ඈ කොලුවො මං ඊයෙත් අපේ මැනිකෙත් එක්ක කියව්වා අම්මපා උඹලගෙ තාත්තා ඔය මාලු වෙළදාම නොවෙන්න යස අගේට හොඳ තැනක ඉපදෙන්න හිටිය මනුස්සයෙක් ඔය.හා හා වැඩකුත් යෙදුනා එදාටම,ම් ම් කාරි නෑ මං එන්ට බලන්නම්, උඹලට තේ එකක්වත්? " "ඕන නෑ මුදලාලි, තව ගමේ ඇවිදින්නත් තියෙනවා, අපි එන්නම්" "තුං නොදකින් ඔකගෙ කට නම්, දැක්කද කියපු කතාව, තාත්තා මැරෙන්න කලින් ඕකට උන ණය නොවෙන්න, දනී මන් ඕකගෙ කට උලන තැන" "ගනන් ගන්න එපා බං, ඕකගෙ හැටිම එහෙමනෙ" " ඒ මදිවට තේත් හදන්න ලැස්තිය, ඕක බිව්වානම්, ඕකා මං මලත් ඕක කියවනවා" " අපේ මල්ලි කියන්නෙ ඕකගෙ ඇඟම ප්ලේන්ටියක් කියලා, ඇයි බං.. ඕකගෙ හිතේම කහට, ලේ වල සීනි, දණිස් පොල්කටුවල වතුර" .................................................... "උන්නාන්සෙගෙ අම්මා ඔය කොල්ලට පණ ඇරලා,රෙදි හෝදන්න ගිහින් කොල්ලා පිටිපස්සෙන් ආපු කිඹුල් තඩියෙක් ඉස්සරහට පැන්නලු කොල්ලව බේරගන්න, මං දන්නෙ නෑ ඉතිං දැකපු උන් තමා කියන්නෙ, කොහොමින් කොහොම හරි කොල්ලව බේරගත්තට කිඹුල් නාම්බා ඔය නාමලීව බරු ගහලා තිබුනා, බඩවැල් එහෙම එල්ලගෙනලු උන්දැව ඉස්පිරිතාලෙ අරන් ගියේ, ඔය කලු මල්ලිට එහෙම ටික දොහක් වෙදකම් කලාලු, ඒ දැකපු බය අරින්න, ඒත් අන්තිමට සතියක්වත් ජීවත් කරවන්න බැරි උනාලු, ඒ මැරෙන මොහොතෙත් කියවවෙ මේ කොල්ලා ගැනලු, අන්තිමට මැරුනට පස්සෙ ඔය කොල්ලා පොඩි නෝනා නැන්දාට සින්න උනා" " නාමලී අකාලෙ මැරුනට කොල්ලා සාසනේට ආපු පිනෙන්ම කොහෙ හරි හොඳ තැනක ඉපදිලා ඇති, දැක්කද බෝධි පූජා කවි කියන ලස්සන, අර කෙහෙල්මල් ලෙඩේ නොවෙන්න ටීවී එකක රේසියෝ එකක ගියානම් ආයෙ අල්ලනවා බොරු" ................................................ " ඉස්කෝලෙ මහත්තයා මං එන්නයි කිව්වෙ, බරපතල කාරණාවකට, මේක අහලා කලබල වෙන්ට කාරි නෑ, ඔය දොර ටිකක් අඩවන් කරලා ඔහෙන් වාඩි වෙමුකෝ" " හාමුදුරුවනේ" " පොඩි නමගෙ වාර්තා වල නම් පේන්න ලෙඩක් නෑ, නමුත්?" "හාමුදුරුවනේ" " උන්නාන්සෙගෙ වෙලා කොලයක්වත් නෑ, කා ළගවත්, මං හොයලා බැලුවා, උන්නාන්සෙගෙ කාමරේට මං පිරිත් පැන් ටිකක් ඉස්සා පහුගිය තුන් වරුවෙම, මට හිතෙන්නෙ ඉස්කෝලෙ මහත්තයා..........." "හාමුදුරුවනේ"? " උන්නාන්සෙගෙ අම්මා උන්නාන්සෙගෙ ඇඟේ ඉන්නවා" " දෙයියනේ නාමලී?" .......................................................:::::::::..:: "බුද්ධ චීවරේ අස්සටත් රිංගලා, මේ බුද්ධ බිමේ අස්සෙත් රිංගලා, මේ බුද්ධ පුත්‍ර්‍යාට කරදරයක් හිරිහැරයක් කරන්න තරම් තෝ කවුද? කවුද තෝ, කතා කරපිය" ආවෙශ වෙච්ච කපු මහත්තයා පුටුවකට බැඳලා හිටපු පොඩි නමගෙ බෙල්ලෙන් අල්ල ගත්තා,ඒ වෙනකොටත් පොඩි හාමුදුරුවෝ හිටියෙ ඇස් බෝල දෙක ගිණි පළඟු කරගෙන, " මං අම්මා යකෝ අම්මා,මේ මගේ කොල්ලා," මෙතුවක් කල් හීන් හඩට කවි කියපු පොඩි හාමුදුරුවෝ යටි ගිරියෙන් උත්තර දෙන්න උනා " මට මගේ සිරිමල් බේබි දීලා ගිය කොල්ලා, මගෙ රත්තරං යන්න කලින් මට දීලා ගිය කොල්ලා" "සිරිමල් බේබි මැරිලා කොයි කාලෙද බං, බේබි මලේ වැව් දියේ ගිලිලා, " "මැරුවා, මැරුවා, උන්දාගෙ අම්මා උන්දව මැරෙව්වා, උන්දා හැදුවෙ මාව සේනට බන්දලා දීලා මගෙ බඩේ උන්න මේ දරුවා සේනගෙ කොරන්ට" පොඩි හාමුදුරුවෝ හරි වේදනා කාරී හුස්ම කිහිපයක් ඉහළ පහළ දැම්මා, " මට කිව්වා සේනව බැන්දේ නැත්තම් අපෙ අම්මව මරනවා කියලා, බේබි හිතුවෙ මම බේබිට වැරද්දක් කලා කියලා, පහුවදා ආරංචි උනා බේබි වැවේ පැනලා මැරිලා කියලා, අනේ උන්දැ මාත් එක්ක තරහට කිඹුලෙක් වෙලා මාව බරු ගැහුවා, මං ඔහේට වැරද්දක් කලේ නෑ මගෙ දෙයියෝ" " උන්දැ දන්නෙ නෑ එතන හිටියෙ උන්දාගෙම පුතාය කියලා" පොඩි හාමුදුරුවෝ අඩන්න ගත්තා, ක්ශණයෙන් තරහ මූණක් ආරෝප කර ගත්තු පොඩි හාමුදුරුවෝ " මම එක එකාව මැරුවා, සේනයා ඌ ආව මාත් එක්ක බුදියන්ට, උන්දා දන්නෙ නෑ උන්දා කෑවෙ නියගලා කියලා.හහ් හහ් හහ් හහා..... මහ අම්මණ්ඩි උන්දා මලේ මහ කැලේට අරන් ගිහින් ආං තාම නිදන් ගල ළග එල්ලිලා ඉන්නවා බෙල්ලෙන්..හහ් හහ් හහ් හ හා" " මං යන්නෙ නෑ මං යන්නෙ නෑ, මේ මගේ කොල්ලා, අපි දෙන්නගෙ කොල්ලා, අනේ අම්මාපල්ලා අම්මා ගැන වගක් නැතුව ගාථා කියන්න පටන් අරන්, දෙන්නම් දෙන්නම් මං උඹට ගාථා කියන්න, අනේ මට එන කේන්තියක්" ................................................................ " පැමිණ සිටින ඔබ සියලු දෙනා පංචශීලයෙහි පිහිටිවීම සඳහා මා ගෞරවය්‍ර්න් යුතුව ආරාධනා කර සිටිනවා ලන්දෙකුඹුර විහාරයේ අප පොඩි හාමුදුරුවන් වහන්සේ සෝරත පොඩි හාමුදුරුවන්ට, අවසරයි අපේ හාමුදුරුවනේ........" දමියා (සමාව: කතා තේමාවෙන් ඔබ්බට යාමේ පරම ලෝබකම නිසා ධර්මයට හෝ සාසනයට ඌ හානියක් පිළිබද ආපස්සට කියවා බැලුවේ නැත, එසේම නොවේවා....)පෝන් ප්‍රමෝශන් තාරක ච.ණ්.ඩියෙකි.අඩුම ගණනේ ඔහු හිතා හිටියේ එසේය.පන්තියේ ළමයි දෙන්නෙක් ග.හ ගත් පසු තාරක හා මිතුරු සටන්කරුවා විත් "අරූ මට ගැ.හුවා"කියයි. තාරකට කවුද හරි, කවුද වැ.ර.දි වැඩක් නැත.ඒ සැණින් අදාල කෙනා වෙත ගොස් තු.වා.ල වෙන තරමට පවා ප.හ.ර පිට ප.හ.ර දීගෙන යයි.ඒ ළමයා ඉහළ පන්තියක හෝ පහළ පන්තියක විය හැක.එහෙත් ඒ කිසිවෙක්ට ඔහු පරා.ජය කළ නොහැකි විය.සමහර අවස්ථා වල ඔහුගෙන් ප.හ.ර ලැබූවන් කල්ලි ගැසී තාරකට පෙරළා ප.හ.ර දීමට ආහ.මුල දී නම් ඒ සමහරුන්ගෙන් ප.හ.ර කා පරාජය වුවත් පසු වෙද්දී හතර පස් දෙනෙක් සමග වුවත් ග.හ ගන්නට ඔහු සමත් වූයේය. මේ නිසා තාරක අයියා, තාරක මල්ලී, අපේ තරියා පාසලේ නොම්බර එකේ ච.ණ්.ඩියෙක්, ග.ණන් කාරයෙක් බවට පත් විය. ඔහුගේ හිත මිතුරන් ගැ.ටු.ම් ඇති කරගෙන අනෙක් අයට ත.ර්.ජ.නය කළේ "තාරක ලව්වා ග.ස්.ස.න්නෙ" කියමින්ය.සමහර අවස්ථා වල දී තාරක අහිංසකයන්ගේ ගැලවුම්කරු ලෙසත්, සමහර අවස්ථා වල පන්තියේ සගයන්ගේ ආරක්ෂකයෙක් ලෙසත් පෙනී සිටියේය. අණක් ගුණක් සොයා බැලීමක් නැතිව කරන මේ ප.හ.ර දීම් වලින් සමහර වේලාවට ගු.ටි කා තිබුණේ සම්පූර්ණ අහිංසකයෙකි, නිවැරදිකරුවෙකි.පිටට සුදු මුහුණු පෙන්වාගෙන, අහිංසකයන් ත.ළා පෙ.ළා වින්දනයක් ලබන මානසිකත්වයක් තිබූ සමහරු තමන්ගේ එවන් වැඩ සඳහා අතකොලුව කර ගත්තේ තාරකවය. තාරකට ඒවා වැඩක් නැත.ඔහුට ඕනෑ ග.හ ගන්නය, හරියටම කීවොත් ග.හ.න්නටය. ස.ට.න් වලින් පසු තාරකත් සම්පූර්ණයෙන් නිරුපද්‍රිත ව නොසිටියේය.ඔහුගේත් තොල් පැලී, මුහුණු ඉදි මී,නිල් වී,ඇඳුම් ඉරී,මඩ ගෑවී තිබූ අවස්ථා අනන්‍තය.එහෙත් ඔහු පාඩම් ඉගෙන ගත්තේ හෝ තමන්ගේ චර්‍යාව වෙනස් කළේ නැත. මේවා ගුරුවරුන්ගේ ඇසින්,කනින් ද ගැලවී නොගියේය.කොතරම් අවවාද කළත්, ද.ඬු.වම් දුන්නත්, බැන්නත්, ගැහුවත් එක දශමයක්වත් වෙනස් වූයේ තාරක නොවේ. "මේකා නම් කවද හරි නතර වෙන්නෙ එල්.ලු.ම් ගස් ගිහින් තමා" "නොම්බර එකේ මැ.ර.යෙක් වෙයි.අනේ වාසනාවන්,අපේ ඉස්කෝලෙන් බිහි වුණ වැදගත් මිනිස්සුන්ට හරී නම්බුවක් වෙයි.අපිටවත් මෙහෙ ඉගැන්නුවා කියන්න වෙන්නෙ නෑ දවසක ලැජ්ජාවක් නැතුව" "අපිටත් උසාවි,පොලිසි යන්න වෙයි මේවට සාක්කි දෙන්න.මුගෙන් ගු.ටි කන ළමයින්ගෙ දෙමාපියෝ අපිට බ.නි.න්නෙ මෙච්චර දෙයක් වෙනකල් අපි මොකද කළේ කියල.දැන් උගන්නන එක පැත්තක දාලා අපිට ළමයින්ගෙ බොඩි ගාඩ් වැඩේ කරන්න වෙලා තියෙන්නෙ" "මේකාව පරි.වා.සෙටවත් යවන්න විදියක් නැද්ද?" ගුරුවරු සියල්ලෝම අදහස් පළ කළහ. කොහොමටත් තාරක ර.ණ්.ඩුවකට පැටළුනේ නැති දවසක් තිබුණේ ම නැති තරම්ය. "තාරක අයියේ,අර දහයෙ කොල්ලා මගෙ කොලර් එකෙන් ඇදල අරන් කම්මුලට ගැ.හු.වා........" විවේක කාලය අවසන් වෙන්න ඔන්න මෙන්න තිබියදී හත වසරේ ළමයෙක් තාරකගේ පන්තියට දුවගෙන ආවේය. "කොයි එකා ද?" දහයෙ කොල්ලාට ග.හ.න්න අට වසරේ තාරක අඩි දෙකෙන් මිදුලට පැන්නේය. එහෙත් අද ඔහුට වැඩි දුර යන්න වූයේ නැත.ඔහුගේ දකුණු අතේ බාහුව පිටුපසින් දඬු අඬුවකින් මෙන් තදින් අල්ලා ගැනුනේය. ඒ අල්ලා ගැනිල්ලට තාරක හිටි තැනම නතර වූයේය.මෙතෙක් ජීවිතයේ කිසිම ඔහුට බා.ධ.කයක් හමු වී නැත.ඊටත් හයේ හතරේ මේ කොල්ලා අල්ලා නවත්තන්නට තරම් නිර්භීතයෙක්? ශක්තිවන්තයෙක්?? "කවුද මේකෙ මාව නවත්තන්න තරම් හපනා" තාරක පුදුමයෙනුත් පුපුරන ත.ර.හෙනුත් වහා ආපසු හැරුණේ තමන්ව නතර කරන්න හදන්නේ මොන සක්කරයෙක් වුවත් ඔහුට මූණට ම නිදහස් අතෙන් වේගවත් පොල් අඩියක් එල්ල කරගෙනය.ඒ ක්ෂණයෙන් ඔහු දෙවන හා තුන් වන ලෝක පුදුමයන්ට ද මුහුණ දුන්නේය. ඔහු එල්ල කළ අනපේක්ෂිත ප.හ.ර කලින් ම දැන සිටියාක් මෙන් පිටිපස සිටි ප්‍රතිවාදියා ක්ෂණික හරස් ප.හ.රක් එල්ල කර ප.හ.ර වළක්වා තාරකගේ ඒ අතත් අල්ලා ගත්තේ කලින් ග්‍රහණයටත් වඩා තදිනි. පාසල තුළ තමන්ට ඉහළින් බිහි වූ ච.ණ්.ඩියා දුටු තාරකගේ කටත් දෑසත් උපරිමයෙන් ඇරුණේය. ඒ පාසලට අළුතින් ආ,අව්වේ යන්න බැරි නිසා ඉන්ඩෝ ගේම් ටික විතරක් බාර ගත්තා යයි ප්‍රසිද්ධ වූ සිනිඳු සියුමැලි ලලනාවක් ලෙස සියලු දෙනා දුටු අළුත් ක්‍රීඩා ගුරුතුමිය විහංගනායි. අද ඇගේ මූණේ ඔවුන් මෙතෙක් දුටු පරිදි කිසිම ලඳ බොළඳ බැල්මක් නැත. "ග.හ ගන්නනෙ ඕන.......යං......මුලින් මාව ප.ර.ද්දලා ඉන්න" ඇය ඔහුගේ එක් අතක් පමණක් නිදහස් කර අනෙක් අතින් අල්ලාගෙන පාසල මැදින් ක්‍රීඩා කාමරය දක්වා ඇදගෙන මෙන් ගියාය. තත්පර තුන හතරක් තුළ ලෝක මහා පුදුම තුනක්ම අත් දැක ඉන්නා තාරක සිත නැති කය පමණක් ඇත්තෙක් ලෙස ඇය පසුපස ගියේ වටපිට සියළු දෙනා ඇස් ලොකු කර ගමන් බිමන් කතා බහ නවත්වා ඒ දෙස බලා ඉන්නා බව ඇස් කොනින් පෙනෙද්දීය. ක්‍රීඩා කාමරයේ ඒ වන විට කීප දෙනෙක් චෙස් බෝඩ් දිග ඇරගෙන ඒ දෙස හිස් පාත් කර නොසෙල්වී බලාගෙන සිටිති. ඔහු එන විට හිස ඔසවා බැලීමට පමණවත් ඔවුන් සැලකිලිමත් වූයේ නැත.විහංගනා මිස් තාරක
ව හිස් චෙස් බෝඩ් එකක් අසලින් ඉන්දෙව්වාය.පියවි සිහියට එමින් සිටි තාරක වටපිට බැලුවේය. මෙවන් සම්පූර්ණයෙන් නිහඬ පරිසර ඔහුට පුරුදු නැත.ඔහුට අප.හසුවක් දැනුනේය. "තාරක,මොනවද චෙස් ගැන දන්නෙ?" මිස් ද ඔහු අසලින් වාඩි වී ඇසුවාය. "මුකුත් නෑ ටීචර්" තාරක කියා දැම්මේය. "බොහොම හොඳයි.මට හරි සන්තෝසයි" ඇයව කේ.න්.ති ගස්සන්න හිතාගෙන කිවූ දේට ඇගේ ප්‍රතිචාරය අපේක්ෂා කළ එකක් නොවූ නිසා තාරක පුදුමයෙන් ඇගේ මූණ බැලුවේ ඇය කළේ උප.හාසයක් ද අප.හා.සයක් ද සිතමිනි. නමුත් ඒ මුහුණේ එවන් පාටක් නැත. "හුඟක් මිනිස්සු මා.න්නය නිසා තමන් දෙයක් නොදන්න බව පිළිගන්න කැමති නෑ. ඒ අතින් තාරක දුන්නෙ අවංක උත්තරයක්." තාරකට සතුටු හිතුණේය.අවුරුදු ගාණකින් ඔහු ඇසූ එක ම අගය කිරීම එයයි. "චෙස් කියන්නෙත් ස.ටනක්.රාජකීය සට.නක්" මිස් වචන එකිනෙක අවධාරණය කරමින් තාරක දෙස බැලුවාය. "මේකෙ ඉන්නවා රජවරු,රැජිණියෝ, ආදිපාදවරු,පූජකයෝ,සෙබළු හැමෝම. මේ ලොකු තනතුරු දරන පිටිපස්සෙ පේළියෙ ඉන්න අයට බෝඩ් එකේ කොටු ඕන එකකට තමන්ට අයිති රටාවට අනුව ඉස්සරහට, පස්සට, හරහට, විකර්ණෙට යන්න පුළුවන්.ඒත් මේ සෙබළුන්ට,චෙස් වල විදියට කිව්වොත් පෝන් කෙනෙක්ට යන්න පුළුවන් ඉස්සරහට විතරයි.ඒකත් වරකට එක කොටුවයි.තියෙන පියවර වැරදුනත් ආපහු එන්නත් බෑ.හුඟක් වෙලාවට ලොකු තනතුරක කෙනෙක් ආරක්ෂා කරන්න ස.ට.නට ගිහින් ස.තු.රු පැත්තට බි.ලි වෙන එක තමා පෝන්ලගෙ ඉරණම.කවුරුවත් පෝන් කෙනෙක් නැති වුණා කියල ලේසියෙන් දු.ක් වෙන්නෙත් නෑ,පෝන්ව කාටවත් මතක් වෙන්නෙත් නෑ.හැමදාම අනුන්ගෙ ඉත්තෙක් විදියට තමා ඉන්න වෙලා තියෙන්නෙ......හැබැයි එකම එක අවස්ථාවක් තියෙනවා පෝන් කෙනෙක්ට ඒ තත්වෙන් මිදෙන්න." තාරක කුතුහලයෙන් අසා සිටියේය. "තාරක හිතන්නෙ චෙස් බෝඩ් එකේ උපරිම බලය තියෙන ඉත්තා මොකක්ද?" "ම්ම්ම්......කින්ග් ද?" "චෙස් බෝඩ් එකේ බලවත් ම ඉත්තා ක්වීන්. එයාට පුළුවන් බෝඩ් එකේ ඕනම කොටු ගාණක් දිගට හරහට, විකර්ණෙට යන්න ඉස්සරහටත් පස්සටත්.....හොඳ කල්පනාවෙන් කොච්චර බාධක ආවත් නොසැලී,අනුන් වෙනුවෙන් බි.ලි නොවී තමන්ගෙ මාවත පැහැදිලිව දකිමින් ඉස්සරහටම යන පෝන් කෙනෙක්ටත් විරු.ද්ධ පිළේ අවසාන කොටුවට වෙනකල් ඉවසීමෙන් ගියොත් එයාට පුළුවන් රැජිණක් වෙන්න.ඒ කියන්නෙ අනුන්ව රකින්න දිවි දෙන ඉත්තෙක් විදියට ලබල තියෙන ඉරණමෙන් මිදිලා බෝඩ් එකේ ප්‍රබලම කෙනා බවට පත් වෙන්න.....ඒකට කියන්නෙ පෝන් ප්‍රමෝෂන්" "පෝන් ප්‍රමෝෂන්...."තාරක තමන්ට ම මෙන් කියා ගත්තේය. "ටීචර් මාව මෙතනට එක්ක ආවෙ චෙස් වලින් ස.ටන් කරල පරද්දන්නද?" තාරක අ.ව.ඥාවෙන් මෙන් ඇසුවේය. "නෑ චෙස් තියෙන්නෙ මොළයෙන් ස.ටන් කරන අයට.ඔයා වගේ අතින් පයින් ස.ටන් ඕන අයට මං දෙන්නෙ වෙන ගේම් එකක්." ඇය නැගිට ගොස් අරන් ආවේ බැඩ්මින්ටන් රැකට් එකකි.තාරකගේ කට ඇද විය. "ගෙවල් වල අම්මලා දූලා පුතාලා හවසට නිකං ඉන්නකොට කරන කම්මැළි සෙල්ලමක් විදියට නේද මේක ගැන හිතන්නෙ.බලමු එහෙනම්" තාරක අතට රැකට් එක දී ඔහු ව දැලේ එක් පසෙකට යැවූ විහංගනා ඔහුට එදිරි ව අනෙක් පසින් සිට ගත්තාය. ක්‍රීඩාව පටන් ගත්තේය.ඇයට තම ශක්තිය පෙන්වා ඉක්මනින් ජයයුතු යයි ඉටා ගත් ඔහු වේගයෙන් ප.හර දුන්නේය.නමුත් ඇය සැලුනේ නැත. තාරකට පුදුම හිතුණේය.ඔහු ඉතා වේගයෙන් මුළු ජවය ම යොදා දෙන ප.හරවල් ඇය රැකට් එකටවත් නොදැනෙන තරම් පොඩි තට්ටුවකින් නවතා ගනියි. ඇය එල්ල කරන වේගවත් ප.හ.රකට මූණ දෙන්න ඔහුට සෑහෙන දුරකට දුවන්න සිදු වේ.ඒ සැණින් නැවත ඊළඟ ප.හර පිළි ගන්න අනෙක් කොනට දුව ආ යුතුය. තත්පරයක්වත් එක තැනක සිටිය නොහැක,අහක බැලිය නොහැක. මහා නිදිමත ක්‍රීඩාවක් සේ පෙණුන බැඩ්මින්ටන් මේ තරම් වේගවත් ද? ඇයගේ පැත්තෙන් එවූ බොහෝ පහ .රවල් තාරකට මග හැරුණේය. එහෙත් තාරක එවූ එක ප.හරක් හෝ ඇයට මග හැරුණේ නැත.ඇය පියවර දෙක තුනක් පමණක් එහා මෙහා වෙමින් අත දිග හැර බොහෝ ශාන්ත විලාසයෙන් ග.හන ප.හ.ර වලට පිළිතුරු දෙන්න ඔහු මොහොතක් එක තැන නොරැඳී කෝට් එකේ තමන්ගේ කොටසේ හැම තැනකටම දිව්වේය.ඇසි පිල්ලමක් සලන්නට ප්‍රමාද වූ එක් ඇසිල්ලක ශටල් කොක් එක හිස මුදුනටම වැටුණේ ටොක්කක් ඇන්න ලෙසය.ඔහුට හිසෙන් ගිනි පිට විය. මහන්සියත් වේදනාවත් නිසා ඔහුට එතැනම බිම ඉන්දවින. අවුරුදු ගාණකට පසු තාරක ස.ට.නකින් පැරදුණේය. "මොකද කියන්නෙ තව රවුන්ඩ් එකක් පටන් ගමුද?" ගුරුතුමිය එක බිඳක මහන්සියක් නැති සේ ඔහු වෙත ආවාය. "අද .....නම් බෑ......... මිස්........හෙට බලමු" ඔහුට කතා කර ගන්න බැරි තරම් හති වැටේ. "බලන්න බෑ.......කරන්න ඕන.මං චැම්පියන් ගත්ත ස්පෝර්ට්ස් වලින් මෙහෙ තියෙන්නෙ බැඩ්මින්ටන් විතරයි .....මං ආසයි මට වඩා ඉහළට ඒකෙන් මේ ඉස්කෝලෙන් එක ගෝලයෙක් හරි හදන්න.මොකද කියන්නෙ?" තාරක ඇය දෙස බලා සිටියේය.ඒ අභියෝගය බාර ගන්න ඔහුට සිතුණේය. "හා........ මිස්" "හරි එහෙනම් හෙට ඉඳන් ප්‍රැක්ටිස් එන්න ඕන.මාව බැඩ්මින්ටන් වලින් ප.රද්.දනකල් තාරක ග.හ.න්නෙ බැඩ්මින්ටන් විතරයි.මිනිස්සුන්ට නෙවේ ........හරිද?" තාරක උත්සාහයෙන් නැගිට්ටේය. "හරි මිස්" "එහෙනම් මීට පස්සෙ කාගෙවත් කීමට, ආරක්ෂාවට තමන් බි.ලි වෙන පෝන් කෙනෙක් වෙන්න බෑ." තාරක හිස සැලුවේය. එතැන් සිට තාරක අළුත් වූයේය. දිනපතා පුහුණුවට ආවේය.ඉතා ඉක්මනින් බැඩ්මින්ටන් ප.හරවල්, පියවර ඉගෙන ගත්තේය.එදා තවත් කෙනෙක්ට ග.හ.න්න මුදා හළ ඔහුගේ අසීමිත ජවය බැඩ්මින්ටන් කෝට් එක තුළ ප්‍රයෝජනවත් ලෙස මුදා හැරියේය. තාරක තව දුරටත් කලින් සිටි මැ.ර.යා නොවන බව කාලයක් යනතුරු ගුරු සිසු කාටවත් විශ්වාස කළ නොහැකි විය. මෙතෙක් ඔහුගෙන් ඇති තරම් වැඩ ගත් කීප දෙනෙක් ඔහුව නැවත පරණ පුරුදු ගති වලට ගේන්න බොහෝ උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. "අරූ මට ගැ.හු.වා,බැ.න්නා" කියාගෙන එන හැමට ඔහු නොසැලකිල්ලෙන් කීවේ "ඕක අත් ඇරල දාපල්ලා බං" ලෙසයි.ඔහු මැදිහත් නොවන බව දුටු විට සමහර ර.ණ්ඩු ඇති නොවීම දියාරු වී ගියේය.තමන්ගේ ඇත්ත මිතුරන් සොයා ගැනීමට මේ තාරකට ලැබුණ හොඳම අවස්ථාවක් විය. තාරක නිසා පාසල කොට්ඨාශ තරඟ දිනුවේය.දිස්ත්‍රික් දිනුවේය.පළාත් තරඟයෙන් කණ්ඩායම පැරදුණාට තාරකගේ ක්‍රීඩා කෞෂල්‍යය ඉහළින් කැපී පෙනුනේ ඔහු ජාතික තලයට ඔසවා තබමිනි. ඔහු සමස්ත ලංකා පාසල් බැඩ්මින්ටන් ශුරයා ලෙස පාසලට ආ දවසේ මුලින් ම වැඳ වැටුණේ ගුරුතුමිය පාමුලය. "මට හරිම සන්තෝසයි දරුවෝ......ඔයා හරි පාර හොයා ගත්තා තමයි.හැබැයි මේ ඒකෙ පටන් ගැන්ම විතරයි පුතේ" තාරක ඇය කිවූ දේ තේරුම් ගෙන හිස වැනුවේය. ******** ශශිනිකා තාරක ලියූ පිටු කීපය එක හුස්මට කියවා අවසන් ව ඉන් දෑස් ඉවතට ගෙන විස්මයෙන් තාරක දෙස බැලුවාය. "චැම්පියන්ශිප් විසි ගානක් දිනල වර්ල්ඩ් රෑන්ක් එකක ඉන්න ඉන්ටනැශනල් බැඩ්මින්ටන් චැම්පියන් කෙනෙක්ගෙ බෙල්ලෙ තියෙන චේන් එකේ පෙන්ඩන්ට් එක බැඩ්මින්ටන් රැකට් එකක් හරි ශට්ල්කොක් එකක් හරි වත් නොවී කොහෙත්ම අදාල නැති චෙස් වල පෝන් කෙනෙක්ගෙ හැඩේට හදා ගත්තෙ ඇයි? කියල මං අහපු ප්‍රශ්නෙ පිටිපස්සෙ මෙච්චර කතාවක් ඇති කියලා හිතුවෙ නෑ." "විහංගනා මිස් ඉස්කෝලෙ යන කාලෙදි හුඟාක් ගේම්ස් කරලා කරාටේ, බැඩ්මින්ටන් වලින් සමස්ත ලංකා දිනල තියෙනවා . එයා මට එදා චෙස් ඉත්තො ගැනයි පෝන් කෙනෙක්ගෙ කතන්දරේයි කියා නොදී කෙලින්ම බැඩ්මින්ටන් විතරක් ඉගැන්නුවා නම් මම මේ විදියට වෙනස් නොවෙන්නත් තිබුණා" තාරක කල්පනාවකින් කීවේය. "එහෙනම් ඔයා අදටත් වෙන කෙනෙක්ව ආරක්ෂා කරන්න තමන්ගෙ ජීවිතේ බි.ල්.ලට දෙන අහිංසක පෝන් කෙනෙක්" ශශිනිකා ඔහුගේම වචනයෙන් කීවාය. "ඔව් එහෙම වෙයි.පා.තා.ල ච.ණ්ඩි.යෙක්, මැ.ර.යෙක් වෙලා මේ වෙද්දි ජීවතුන් අතරවත් නොඉන්නත් පුළුවන්.හැබැයි අද මං වෙද්දි මිස් කිව්ව විදියට ම නිකං පෝන් කෙනෙක් නෙවේ ප්‍රමෝට් වෙච්ච පෝන් කෙනෙක්. අසීමිත දිග් බලයක් හිමි රැජිණක්!!" තාරක සිනාසී තමන්ටම මෙන් කීවේය. -------------------Shanika Tennakoon-------------------------# ***රෝජා*** 1992, 1995, 1998 අවුරුදු වල පළමුවරට තිරගත වුණු, මනි රත්නම් කියන අග්‍රගණ්‍ය සිනමාකරුවා නිර්මාණය කරපු, A R රහමන් කියන තරුණ ගාන්ධර්වයා සංගීත නිර්මාණයෙන් දායක වුණු රෝජා, බොම්බේ සහ දිල් සේ චිත්‍රපට වාර්ගික අරගලවල, බෙදුම්වාදී යුද්ධවල තියෙන බිහිසුණුකම ගැන අමිහිරිකම ගැන බොහොම ළාබාල වයසකදි මාව හිතන්න පෙළඹෙව්ව. මේ චිත්‍රපට මම බැලුවෙ ඒ කාලෙ අපේ ගෙදර තිබුණු අඟල් 14 කළු සුදු ඩේට්‍රොන් ටීවී එකෙන්. ඒ රූප රාමු කළු සුදු වුණත් ඒවගේ මතකය අදටත් හරිම වර්ණවත්. බොම්බේ චිත්‍රපටියෙ ‘තුහිරෙ’ ගීතයටත් රෝජා චිත්‍රපටියෙ ‘රෝජා ජානෙමන්’ ගීතයටත්, දිල් සේ චිත්‍රපටියෙ ‘දිල් සේ’ ගීතයටත් මම ඉස්සර වගේම තාමත් හරිම ආසයි. පහුගිය දවසක ‘රෝජා ජානේමන්’ යූටියුබ් එකෙන් අහද්දි, ඉංග්‍රීසි උපසිරැසි එක්ක අප්ලෝඩ් කරපු එකක් හම්බුණා. බොහෝ දුරට මගේ පරම්පරාවෙ අය සහ ඊට වැඩිමල් අය මේ චිත්‍රපට තුනම බලල තිබුණත්, අපට වඩා බාල පරම්පරාවලට මේ විශිෂ්ඨ නිර්මාණ සමහරවිට මගහැරිල තියෙන්න පුළුවන් හින්ද, මේ අපූරු ගීතය සිංහලට පරිවර්තනය කරන්නත්, මේ චිත්‍රපට ගැන සඳහන් කරන්නත් ඕනැ කියල මට හිතුණ. රෝජා කියන්නෙ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයේ නම වුණත් දෙමළ භාශාවෙන් රෝස මලටත් රෝජා කියල කියනව. තවත් ඉතාම සුවිශේෂී දෙයක් තමයි රෝජා A R රහමන් කියන තරුණ සංගීතවේදීයාගේ කුළුදුල් සිනමා සංගීත නිර්මාණය වීම. ඒ වගේම මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහු 1992 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා වන ජාතික සම්මානය, හොඳම සංගීත අධ්‍යක්ෂවරයා සඳහා වන ෆිල්ම්ෆෙයා සම්මානය (දෙමළ භාශා) සහ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා සඳහා වන තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මානය යන සම්මාන ත්‍රිත්වයම හිමිකරගත්ත. ඉන්දියාව පුරා මිලියන 30කට වඩා අලෙවි වුණු රහමන්ගේ කුළුඳුල් සිනමා සංගීත නිර්මාණ එකතුව වුණු රෝජා සංගීත ඇල්බමය, ලෝක ප්‍රකට Time සඟරාව විසින් එදා මෙදා තුර ලෝකයේ නිර්මාණය කල විශිෂ්ඨතම සංගීත ඇල්බම් 10 න් 1ක් විදිහට නම් කරල තියෙනව. ‘රෝජා ජානේමන්’ ගීතය ලියල තියෙන්නෙ වයිරමුත්තු කියන සුප්‍රකට සම්මානනීය ඉන්දියානු කවියා. *“රෝජ
ා මගේ පෙම්වතිය* *ඔබ තමයි මගේ හදවත* *මගේ දෑස් ඔබේ රසඳුන දකින්නට බලාසිටියි* *මට ඔබේ මතකයන් අමතක කල නොහැකියි.* *ඔබ නැතිව මම කෙලෙස ජීවත්වන්නද?* *මගේ ඇස්වලත් හදවතෙත් ඉන්නෙ ඔබමයි.* *මම ඇස් පියාගත්විට මගේ හද තුළ මට හමුවෙන්නෙත් ඔබවයි.* *මගේ සිහිනවලත් හුස්මෙත් සැරිසරන්නෙ ඔබමයි මගේ ආදරිය රෝජා…* *රෝජා මගේ සොඳුරිය මම ඔබට ආදරෙයි* *මම ඔබව දකින්නට අයදිමි* *ඔබ මාව ස්පර්ෂ කරන්නා සේ සුළඟ මා වැළඳගනී* *අපේ ආදරය අද මල් දරල* *ඒත් ඇයි මේ ගින්දර?* *මම ජීවත් වෙන්නෙ මම ඔබට ආදරය කරන නිසාමයි.* *මේ සැහැසිකම් ඔක්කොම මම විඳ දරගන්නෙ මම ඔබ වෙනුවෙන් බලන් ඉන්න හින්දමයි.* *මට ඔබව දකින්නෙ නැතුව මියයන්නවත් බැහැ* *මගේ මරණයට කලින් මම ඔබව හමුවෙන්න බලාපොරොත්තුවෙනව.* *ඔබ කොහෙද? ඔබට කොහොමද රෝජ?* *රෝජා මගේ සොඳුරිය මම ඔබට ආදරෙයි* *ඕ සීතල මද පවන, ඔබ මොනවද මෙතන කරන්නෙ?* *සඳ එළිය ඔබ යන්න මගේ සොඳුරිය මා ළඟ නෑ* *ඇයි මල් පිපෙන්නෙ ඇයට ඒවා ඇගේ හිසේ පළඳින්න බැරිකොට?* *මේ වළාකුළුත් මට ඔච්චම් කරනව.* *මගේ ආදරිය නැතිව මම සොවින් තැවෙමි* *කවුරුත් මා අසල නැතිව මම ඔබව බලාපොරොත්තු වෙනව* *මගේ ඇස්වලත් හදවතෙත් ඉන්නෙ ඔබමයි රෝජා* *මගේ සිහිනවලත් හුස්මෙත් සැරිසරන්නෙ ඔබමයි මගේ ආදරිය රෝජා…”* මට හිතෙන්නෙ යුද්ධයේ කොයි පැත්තෙ හිටියත්, යුද්ධය ඊට සම්බන්ධවෙන හැම තනි පුද්ගලයෙක්ටම සහ ඔවුන්ගේ පවුල් වලට බලපාන විදිය ගැන, යුද්ධය මානව සබඳතාවලට කරන හානිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යුද්ධ කරන්න අණදෙන පුද්ගලයන් හැම විටම දැනගත යුතුයි. ඔවුන් ඒ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුයි, පුළුල්ව සොයා බැලිය යුතුයි. මොනම හේතුවක් හින්දවත් අපි කාටවත් තවත් මනුස්සයෙක් මරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. යුද්ධයට විරුද්ධව කියන්න තියෙන දාහක් දේවල් අතරෙ, මට අහම්බෙන් හම්බෙච්චි හිතට දැනෙන එක පුංචි සටහනක් ඔබ සමග බෙදාගන්න මම හිතුව. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය අරඹනවත් එක්කම සමාජ මාධ්‍ය ජාල වල බෙහෙවින් ජනප්‍රිය වුණු මේ කවි පද පේළිය ලියල තියෙන්නෙ Mahmoud Darwish කියන පලස්තීන ජාතික කවිය. මේ කවියෙ මාතෘකාව ‘The War Will End’. *The war will end.* *The leaders will shake hands.* *The old woman will keep waiting for her martyred son.* *That girl will wait for her beloved husband.* *And those children will wait for their hero father.* *I don’t know who sold our homeland* *But I saw who paid the price.* *‍* *යුද්ධය අවසන් වේවි* *නායකයො අතට අත දේවි* *නාකි ගැහැණිය ඇගේ මිය ගිය වීර පුත්‍රය වෙනුවෙන් බලන් ඉඳීවි* *ඒ තරුණ ගැහැනිය ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වෙනුවෙන් බලන් ඉඳීවි.* *ඒ දරුවො ඔවුන්ගේ වීර පියාණන් වෙනුවෙන් බලන් ඉඳීවි.* *මම දන්නෙ නෑ අපේ මව්බිම කවුරු වික්කද කියල* *ඒත් මම දැක්ක කවුද ඒකට මිළ ගෙව්වෙ කියල.* Amos Oz කියන සාමය වෙනුවෙන් තමන්ගේ පන්හිඳ හසුරුවන (dove) ඊශ්‍රායල ජාතික ලේඛකයා එක තැනක මෙහෙම ලියනව: “A conflict begins and ends in the hearts and minds of people, not in the hilltops.” ඔහු හරි. ඔහු හරියටම හරි. ඇත්තටම හැමදාවත් යුද්ධය පටන්ගන්නෙ මිනිස්සුන්ගෙ හදවත් සහ මනස ඇතුළෙ මිසක් කඳු මුදුන්වල වත් කඳු වළල්ලෙන් එහා පැත්තෙ වත්, ගණ කැලෑ ඇතුළෙ වත් නෙමෙයි. එහෙම හිතුවම යුද්ධය මේ මිහිතලයෙන් අතුගාලම දාන්නෙ කොහොමද කියන එකත් ඉතාම පැහැදිලියි. යුද්ධයේදි මිනිස්සුන්ට කලින් මනුස්සකම මැරෙනව කියල අපි තේරුම්ගන්න දවසට, වෛරය වෙනුවට අපේ හදවත් ආදරයෙන්, මෛත්‍රියෙන්, මනුස්සකමෙන් පුරවගන්න අපි හැමෝටම පුළුවන් වුණු දවසක, මිනිසත්කමින් යුද්ධය පරාජකරන්න, සහමුලින්ම අවසන් කරන්න අපිට පුළුවන්. ඔබ දකිනව මේ දවස්වල ගාසා තීරයේ යුධ ගැටුම් ඇවිළිලා වෙන විනාශය. ඔබ දකිනව රුසියාවේ සහ යුක්‍රේනය අතර ඇවිළෙන යුද්ධය හින්ද වෙන විනාශය. ඒ මැරුණු, මැරෙන, ඒ තුවාල වුණු, තුවාල වෙන හැම කෙනෙක්ම ඔබයි මමයි වගේම මිනිස්සු. වැරදි වෙලාවෙ වැරදි තැන ඉඳල එහෙම අකාලයේ මැරිල ගිය මිනිස්සුන්ගෙ ජීවිත වෙනුවෙන් කවුද වගකියන්නෙ? මේ ලෝකෙම තියෙන සල්ලි වලට වත්, ඉහළම වීර පදක්කම් වලට වත් එක මනුස්ස ජීවිතයක වටිනාකමේ කිට්ටුවට වත් එන්න පුළුවන්ද? දේශපාලනය ඇතුළෙ ඉතිහාසය පුරාමත් තිබිල තියෙන, දැනුත් තියෙන, ඉස්සරහටත් නැතිවෙයි කියල ලකුණක් වත් පේන්නේ නැති මේ කුහකකම ඔබත් දකින්න. ඒක නිර්ධය ලෙස විවේචනය කරන්න. ඒකට විරුද්ධවෙන්න. Christopher Nolan ගේ Oppenheimer (2023) ෆිල්ම් එකේ, senate confirmation hearing එකේදි ආචාර්‍ය ක්‍රිස්ටෝපර් හිල් ඇවිත් දෙන සාක්ෂිය හින්ද Lewis Strauss සෙනෙටර්වරයට ඔහුට ලැබෙන්න ගිය කැබිනට් තනතුර නැතිවෙනව. එතනදි ඔහු තරහෙන් පිපිරි ඔහුගේ සහායකයගෙන් අහනව ඇයි හිල් ඇවිත් මාව එහෙම විනාශ කරල දැම්මේ? ඔහුගේ සහායකය ඒ වෙලාවෙ ඔහුගෙන් අහනව "සර්, හරි දේ කරන්න මිනිස්සුන්ට හේතුවක් තියෙන්නම ඕනෙද?" මේ ඔක්කොම දැකලත්, කියවලත් ඔබ තාමත් යුද්ධය හොඳ දෙයක් විදිහට දකිනව නම්, අවසාන වශයෙන් මම කැමතියි T S Eliot කියන නොබෙල් සාහිත්‍ය සම්මානලාභී මහා ඇමෙරිකානු කවියා ඔහුගේ The Rock කියන කවියෙ ලියන පෙළි කිහිපයක් ඔබත් එක්ක බෙදාගන්න. *“Where is the Life we have lost in living?* *Where is the wisdom we have lost in knowledge?* *Where is the knowledge we have lost in information?”* *ජීවත්වීම තුළ අපිට නැතිවුණු [අපේ] ජිවිතය කොහේද?* *දැනුම ඇතුළෙ අපිට නැතිවුණු [අපේ] ප්‍රඥාව කොහේද?* *තොරතුරු ඇතුළෙ අපිට නැතිවුණ [අපේ] දැනුම කොහේද?”* අද වෙද්දි යුද්ධය බොහොම සාමාන්‍ය එදිනෙදා ජීවිතයෙ දෙයක් වගේ අපිට හිතෙන තරමටම යුදගැටුම් බහුල වෙලා තියෙන, මනුස්ස ජීවිතයක වටිනාකම වෙඩි උණ්ඩයකට ලඝු කරල තියෙන ලෝකෙක, තොරතුරු සහ දැනුම් සාගරයක අතරමං වෙලා ඉන්න අපිට මේ ටික හරියට තේරුම්ගන්න පුළුවන් නම් ඒ තමයි අපේ සැබෑ බුද්ධියේ සැබෑ ප්‍රඥාවෙ ආරම්භය. ඒ තමයි මේ ලෝකෙ ඇත්තටම යහපත් වෙන්න ලස්සන වෙන්න පටන්ගන්න තැන්න. ඒ තමයි අපේ මේ ආධ්‍යාත්මික වශයෙන් වල් වැදුණු ශිෂ්ඨාචාරයේ හැරවුම් ලක්ෂය. කේරළයේ 2018 දි ඇතිවෙච්චි දරුණු ගංවතුර පාදක කරගෙන නිර්මාණය කරපු මේ අවුරුද්දෙ තිරගත වුණු ආදායම් වාර්තා බිඳ හෙළපු අති විශ්ෂ්ඨ මලයාලම් සළරුවක් වෙච්චි Jude Anthony Joseph ගෙ 2018 ෆිල්ම් එකේ ආරම්භයේදි හරි අපූරූ උපුටාගැනීමක් පෙන්නනව: Every calamity is just news until it hits us. ඇත්තටම හැම ව්‍යසනයක්ම අපිට සිද්ධවෙන්නෙ නැති තාක් කල් ඒක අපිට තවත් එක ආරංචියක් විතරයි. ඒ හින්ද ඔබත් යුද්ධය glorify කරන කෙනෙක් නම්, එහි විනාශය නොදකින කෙනෙක් නම් ඒ ගැන එක් වතාවක් නෙවෙයි සිය දහස් වතාවක් හිතන්න.රැකියා අත්දැකීම් 6 ඔන්න යාලුවනේ මෙච්චර දවසක් මම ලියාගෙන ආපු කතාවෙ මේක තමයි අන්තිම කොටස. දවස ගානෙ සිද්ධ වෙච්ච සිද්ධි එකින් එක ලියන්න ගිහින් සමන් එදිරිමුනි දෙවෙනි ඉනිම ඇද්ද වගේ මුල මැද අමතක වෙනකං මේක ලියව්වොත් ඕගොල්ලොන්ට උනත් කියවන්න එපා වෙයි. ඇරැත් මේ අත්දැකීම් මම ඕගොල්ලොන්ට ලි‍යන්න හිතුවෙ මේක කියවල ඕගොල්ලොන්ට දැනුවත් වෙන්න පුළුවන් වෙයි කියන අවංක චේතනාවෙන්. මේක කියවල මගේ අත්දැකීම් ඒ අයට තේරුනේ නෑ කියල කොමෙන්ට් දාල තිබ්බ අය ගැන මම සතුටු වෙනව. මොකද මේ වගේ අත්දැකීම් ඕගොල්ලො එක්ක බෙදාහදා ගන්න මටත් කිසිම ඕන කමක් තිබ්බෙ නෑ. අදටත් මම හිතන්නෙ මට මේ අත්දැකීම් නොලැබුනා නම් හොඳයි කියල. ඔන්න මිත්‍රවරුනි ගොඩක් අයට දැනටමත් තේරෙන විදියට මේ සේවා ස්ථානයේනම් මට සතුටු දායක අවසානයක් ලැබුනෙ නෑ. මොකද වැඩ කරන ආයතනයක මේ විදියෙ බංකොලොත් ප්‍රතිපත්ති මත කලමනාකරනය මෙහෙයවනවනම් සහ ඒකෙ කලමනාකාරීත්වය දරන්නෙ මම කලින් කොටස් වල පැහැදිලි කරපු විදියෙ විශම පෞරුෂයන් තියෙන අය නම් මීට වඩා දෙයක් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන එක මොඩ කමක්. මට අන්තිමට මගේ තත්වය ආරක්ශා කර ගන්න නම් ගෞරවාන්විතව මේ රැකියා වෙන් අස් වෙන්න සිද්ධ උනා. ඒ කතාව කෙටියෙන් කියනව නම් මෙහෙමයි මිත්‍රවරුනි. ඔන්න මේ විදියට දින සති මාස ගෙවිල ගියා. ඒ අතරෙ එක දවසක් රැකියාව අවසන් වෙලා ගෙදරෙ යනකොට මට අවාසනාවන්ත යතුරු පැදි අනතුරකට මුහුන දෙන්න සිද්ධ උනා මේකත් මගේ වැරැද්දෙන් නෙවෙයි. කොහොම හරි මේ අනතුරෙන් මගේ ඉල ඇට දෙකක් බිඳුන (Crack). ඔන්න ඉතින් ඉල ඇට දෙකක් බිඳිල තියෙද්දිත් වැඩට ගිහිල්ල ඉතිහාසගත වෙන්න බැරි නිසා වැඩ කරන තැනට දන්වල සති 8 ක් නිවාඩු ගත්ත. මේ සති අටට මට (Shop and Offfice Act) එකෙන් නිර්දේශ කරල තියෙන ඒ උනාට වැඩ කරන තැනින් මට ලබාදෙන්න තීරනය කරල තිබ්බ ඔක්කොම නිවාඩුත් ඇතුලත්. මම එහෙම කිව්වෙ මේ ආයතනය සෞක්‍ය ක්ශේත්‍රයට සම්භන්ද උනත් අපි වැඩි හරියක් වැඩ කලේ රෝහල් වල උනත් අපිට ලෙඩ නිවාඩු කියල වර්ගයක් තිබ්බෙ නෑ. ඔව් අපේ බොසාගෙ වචන වලින්ම කියනවනම්. " ගිහාන්, අපිට Sick Leave නෑ" මේක ඇහෙද්දි "අනේ මේ කුප්ප කතා නොකිය පලයන්" කියන්න හිතුනත් මොනව කරන්නද? ප්‍රායෝගිකව ඕක තමයි ඇත්ත. මෙන්න මම මාස දෙකක් ගෙදර ඉඳල වැඩ කරන තැනින් තව මාසයක් පඩි රහිත නිවාඩු ඉල්ලුවත් මට කිව්වෙ එහෙම දෙන්න පුලුවන් කමක් නෑ කියල. ඉල ඇටේ බිඳුනම Plaster එකක් දාගෙන වැඩට යන්නයැ. කොහොමහරි ඔන්න හම්බ කරන් කන රස්සාවනෙ කියල මාත් ඉතින් ආයෙ වැඩට ගියා. ඕගොල්ලො දන්නව ඇති ඉල ඇටයක් බිදෙනව කියන්නෙ හරිම වේදනාකාරී අත්දැකීමක්. මම ආයෙ වැඩට ගියා කියල මගේ වැඩ කොටසෙ අඩුවක් වත් වෙන මානුශික සැලකිල්ලක් වත් ලැබුනෙ නෑ. බොස් මගේ හිත හැදෙන්න කිව්වෙ "ආ ගිහාන් ආයෙ ආවද?" කියල විතරයි. ඔන්න ඉතින් මේ විදියට වැඩට ගිහිල්ල පලවෙනි මාසෙ මට ලැබුනෙ හරිම අමිහිරි අත්දැකීමක්. හැමදාම හවස ගෙදර ගිහිල්ල කාල ඇදේ ඇල උනාම තමයි වේදනාව තදින් දැනෙන්න ගන්නෙ. හොඳටම අසරණ උනේ බයිසිකලෙන් ගිහිල්ල කොලඹ ප්‍රධාන රෝහල් ගාව බයිකලේ පාක් කරන්නයි ආයෙත් ඒකෙ නැගල එන්නයි ගියාම. මොකද ඒ වෙලාවට යන්නෙ යතුරු පැදියකින් උනාට නවත්තන්න වෙන්නෙ
පා පැදියක් වගේ උස්සල සැමන් පැක් කරනව වගේ. මේ අත්දැකීමට මුහුණ දීපු කෙනෙක්ටම තමයි මම මේ කියන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ. ඇයි සෙනඟ පිරිච්ච බස් වල පිට පලාත් වලට යනකොට ? එතකොට මට දැනුනෙ කඩු පාරක් කාගෙන ඒත් නොවැටි දිගටම සටන් කරන යුධ සෙබලෙක් වගේ. කොහොම හරි වේදනාව නොතකා ඔය විදියට මාස 3 ක් විතර වැඩ කරගෙන ගියා කියමු. මෙන්න මේක තමයි හොඳම කතාව. දවසක් අපේ මාසික රැස්වීමෙදි බොසා කියනව දැන් ආයතනයෙ තාක්ෂණික අංශයෙ "මේගොල්ලො මේක හඳුන්වන්නේ "After Sales Division" කියල දැනට ඉන්න සේවක සංඛ්‍යාව අඩු කරනව එතකොට ඉන්න සේවකයන්ගෙ වැඩ කොටස (Work Load) එක වැඩි වෙනව කියල. මෙක දිවයිනටම බලපාන විදියට වෙනව කිව්වට මම කලින් කිව්වෙ, මම වැඩ කරපු කොටසෙ හිටියෙ අපි තුන්දෙනයි. ඔයගොල්ලො අසූව හැත්තෑව වෙන එකයි තුන්දෙනා දෙන්න වෙන එකයි අතරෙ වෙනස තේරෙන බුද්ධිමත් පාඨකයො කියල මම හිතනව. ලස්සන වැඩේ මෙහෙම වැඩ වැඩි උනාට අපේ පඩි නම් සුළු ගානකින් වත් වැඩි වෙන කතාවක් කිව්වෙ නෑ. කාල වරෙන්කො දැන්. මට මගේ දැන් කරන වැඩ කොටසට අමතරව කරන්න දෙන්න යන්නෙ අම්පාර සහ ත්‍රිකුණාමලය රෝහල් වල යන්ත්‍ර නඩත්තු කිරීමෙ වගකීම කියල අපේ බොසාගෙන් ඒ රැස්වීමෙදිම දැනගන්න ලැබුන. මේකෙන් කියන්නෙ කිසිම ප්‍රශ්නයක් නැති නම් අවම මාසයක් ඇතුලත එක වරක් බැගින් වත් මේ රෝහල් දෙකට ගිහිල්ල යන්ත්‍ර පරීක්ශා කරල බලන්න ඕන. මේක කරන්න කිව්වෙ කොහොමද දන්නවද? එදා දවසෙ වැඩ ඉවර වෙලා ගෙදර ගිහිල්ල ලෑස්ති වෙලා රෑ බස් එකේ නැගල අම්පාරෙ ගිහිල්ල කොහේ හරි කාමරයක් අරං ඒකෙ පැයක් දෙකක් ඉඳල, ඒ කිව්වෙ රෑ බස් එක උදේ 5 වෙද්දි විතර අම්පාරට යනව ඊට පස්සෙ ඔක්කොම දේවල් කරගෙන ලෑස්ති වෙලා 8.30 වෙද්දි රෝහලට ගිහිල්ල ඒකෙ කරන්න තියෙන වැඩ ටික කරගෙන ආයෙ හවස බස් එකේ කොලඹ ඇවිල්ල පස්සෙ දවසෙ උදේ 8.30 වෙද්දි කොලඹ වැඩට ඉන්න ඕන. කොහොමද සැප. මෙහෙම වැඩ කලාට මිත්‍රවරුනි හිලව් නිවාඩු (Lieu Leave) එකක් වත් අපිට මේකට හම්බවෙන්නෙ නෑ. අම්පාර ත්‍රිකුණාමලය යනව කියන්නෙ මාසෙට අනිත් වැඩ වලට අමතරව අඩුම මෙහෙම ගමන් දෙකක් යෙදෙනව. ආ මට අමතක උනා කියන්න. අපිට මෙහෙම පිට පලාත් වල ගියාම නවාතැන් පහසුකම් සඳහා ගෙවන්නෙ රැයකට රැ.1500.00 යි. ඉතින් වැඩේ කරන්න නම් මේ ගානට ඉන්න පුළුවන් උදේ 5 වෙද්දි check-in වෙන්න පුලුවන් තැනක් හොයාගන්න එපැයි. එහෙම කරන්න තිබ්බ මගේ නැන්ද මාමගෙ තැන් එහෙ තිබ්බ නම්. මට කියන්න අමතක උනා මගේ අනිත් වැඩ සගය (මම කලින් කොටසෙ කිව්වෙ එයාව අස් කලා කියල). ඒක උනෙත් මේ හේතුව නිසා. එයාට කොලඹ ඉඳන් මේ වගේම අනුරාධපුර පොලොන්නරුව රෝහල් වල වගකීම් පැවරිල තිබ්බ. එයාටත් ගෙවීම් කලේ මං කලින් කියපු විදියට. මෙයා නවාතැන් ගත්ත තැන් වල ගාන රු.3000-4500 අතරෙ වෙලා තියෙනව. මෙයාට ගෙවන්නෙ මං කලින් කිව්ව වගේ රු.1500 යි දවසකට. එතකොට ආයතනය බලාපොරොත්තු වෙලා තියෙන්නෙ අමතර ගාන එයාගෙ සාක්කුවෙන් වියදම් කර ගනීවි කියල වෙන්න ඕන. ඔන්න යාලුවනේ සමහර මාස වල මෙහෙම ගමන් තුන හතර යෙදිල එතකොට මෙයා ඒ හැම ගමනටම වැඩිපුර රැ 1500-2500 බිල් දාල එයාගෙ වියදම පියව ගන්න. අනේ ඒත් මේ මනුස්සයට ගෙවල තියෙන්නෙ දවසට රු.1500 ක් විතරයි. මාස දෙකක් විතර මෙහෙම වෙලා. බිල් පෙන්නල හිඟ දීමනා ඉල්ලුවම මෙයාට කියල එහෙම දෙන්න බෑ ඒක ආයතනයෙ නීති රීති වලට පටහැනියි කියල. ඉතින් අන්තිමට බැරිම තැන මේ මනුස්සය රස්සාවෙන් ඉල්ලල අස් වෙලා. හැබැයි අර හිඟ වියදම් දරාගන්න වෙලා තියෙන්නෙ එයාටමයි. එයා රස්සාවෙන් අස් උනාට මම ඒක දකින්නෙ එයාට රස්සාව කරගෙන යන්න බැරි තැනට වැඩ සැලසීමක් විදියට. මටත් අත් වෙන්න යන්නෙ මේ ඉරණම මයි කියල තේරෙන්න මටත් වැඩි කාලයක් ගියේ නෑ. එහෙම මාසෙකට රු. 5000-6000 අතින් වියදම් කරං රස්සාව කරන්න තරං ලොකු පඩියක් අපිට ලැබෙන්නෙ නෑ කියල මේ යාලුවන්ට අමුතුවෙන් කියන්න ඕන නෑ කියල හිතෙනව. අපිට වෙලා තියෙන්නෙ "ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී" වගේ වැඩක්. රස්සාවට ගියේ නැත්තං රස්සාවෙන් අස් කරනව රස්සාවට ගියොත් පඩියෙන් හතරෙන් එකක් විතර රස්සාව වෙනුවෙන් වියදම් කරන්න වෙනව. ඕකයි තත්වෙ. මං කිව්ව වගේ අනිත් කෙනාට උනා වගේ පාඩුවත් දරාගෙන අයින් වෙන්න බෑ කියල හිතුන නිසා මම කලේ මේ අමතර වැඩ කොටස සෞඛ්‍ය හේතු නිසා කරන්න බෑ කියල මානව සම්පත් අංශයට පැමිනිලි කරපු එක. ඒගොල්ලො මගේ පැමිල්ල ගැන සානුකම්පිතව බලල මට කිව්ව කලමනාකාරීත්වයෙ තීරනය වෙනස් කරන්න බෑ අකමැති නම් අස් වෙන්න කියල. ඔන්න ඔහොම තමයි මිත්‍රවරුනි මගේ වසර තුන හමාරක සේවා කාලය අවසන් වෙන්නෙ. කොටස් 6 ක් පුරාවට මගේ දුක අහගන හිටියට ඔයාලට ගොඩක් පිං. මං මේ නිර්මානශීලි ආත්ම ප්‍රකාශනය කලේ කේලමක් කියන්නම නෙවෙයි. මේවගේ අත්දැකීමක් නැති කෙනෙකුට දැන ගන්න හරි, මෙහෙම අත්දැකීමක් ලබන්න කලින් කෙනෙකුට ඒ සඳහා සූදානම් වෙන්න අත්වැලක් වෙන්න හරි කියල හිතල. මම පෞද්ගලිකව හිතන්නෙ නම් මේ වගේ දේවල් වලට මුහුන දීල තමංගෙ අයිතිවාසිකම් දිනා ගන්න නම් බෞද්ධ සාහිත්‍යයේ එන වටු කුරුල්ලන්ගේ කතාවෙ වගේ සාමූහික ප්‍රයත්නයක් යොදන්න ඕන. නැත්නම් මේව ජය ගන්න අමාරුයි. ඒ වගේම මේ ආයතන වල ක්‍රමය නිර්මාණය කරල තියෙන්නෙම මිනිස්සුන්ව තනි කරල ඒ මිනිස්සුන්ගෙ රීරි මාංසය උරා බොන්න. "Devide and concur" කියල ඉංග්‍රීසි කියමනක් තියෙනව නෙ. ඒකටම "තනි කර පරාජය කරන්න" කියල සිංහල කියමනක් හැදුව නම් හරි. එකතුවෙලා සාමූහිකව මේ වගේ අසාධාරණ ක්‍රමයක් පරාජය නොකලොත් හැමෝටම වෙන්නෙ තනි තනිව තමංගෙ කලුවර කාමර ඇතුලට වෙලා විඳවන්න. මගේ කතාවෙන් ඕගොල්ලො යම්කිසි රසයක් වින්ඳ නම් දැනුවත් වීමක් උනා නම්, රෑ තිස්සෙ phone එකට කොටල මං ගත්ත උත්සාහය සාර්ථකයි. .............................නිමි.............................. ගිහාන් සමරසිංහ***හිමාල දිනපොත*** **පස්වන දින** අද අපගේ ගමනේ පස්වන දිනයි. අද දින ඉලක්කය මීටර් 4410 (අඩි 14,470) උසින් පිහිටි ඩිංබුචේ වෙත ළඟා වීමයි. උදෑසන මීදුම පහව ගොස් ඉතා පැහැදිලි නිල් අහසක හිරු බබලමින් තිබුණා. සුපුරුදු කොපි කෝපයෙන් හා බදින ලද බිත්තර සමග රෝස් පාන් පෙති කිහිපයක් සමඟින් ගත් උදෑසන ආහාරයෙන් පසු අපි මගට බැස්සා. හිරු බැබළෙමින් තිබුනත් අවට තිබුණේ දැඩි ශීතලක්. අත් වැසුම් පැලඳ සිටියත් සීතලට අසුවූ මගේ ඇඟිලි වලින් නැගුනේ දැඩි වේදනාවක්. ගමනේ මුල් කොටස් වැටී තිබුණේ හොඳින් සකස් කරන ලද මාර්ගයකයි නවාතැන්පොළවල් හා ගොවිපොළවල් පසු කරමින් අප කෙමෙන් ඉදිරියට ඇදුනා අවට වනාන්තරය වෙනස් වී තිබූ අතර දක්නට ලැබුනේ කුඩා පඳුරු හා පයින් ගස් පමණයි. අප ඉක්මනින්ම ඩෙබුචේ හා පෙංබුචේ ගම්මාන පසු කලා. පෙංබුචේ කුම්බු නිම්නයේ පැරණිතම ගම්මානවලින් එකක්. අප ගමන්ගත් මාර්ගයට වම් පසින් වූයේ චෝලුන්ග්මේ කෝලා නදියයි. දකුණු පසින් වුයේ අම-ඩබලම් කඳුවැටියයි. පෙංබුචේට මදක් ඉහලින් අම-ඩබලම් මූල කඳවුර කරා යන මාර්ගය අපට දක්නට ලැබුනා. අම-ඩබලම් මූල කඳවුර මීටර් 4600ක් උසින් පිහිටි අතර අම-ඩබලම් ප්‍රධාන ශිර්ෂය මීටර් 6856 වනවා. අම-ඩබලම්, ශීර්ෂ දෙකකින් යුක්තයි. මුල්වරට මෙම ශිඛරය තරණය කරනු ලබන්නේ නවසීලන්ත ජාතික මයික් ගිල් ඇතුළු කණ්ඩායමක් විසින්, 1961 මාර්තු මසදී. අම-ඩබලම් තරණය කිරීමට දරන ලද උත්සාහය වල දී මේ දක්වා මරණ 15 ක් පමණ වාර්තා වී තිබෙනවා. කුඩා කඳුගැට නගිමින් බසිමින් අප වේගයෙන් ගමන් කලා. එතරම් තියුනු නැගීම් නොතිබූ බැවින් ගමන දුෂ්කර වූයේ නෑ. හොදින් හිරු එලිය වැටෙමින් තිබූ නිසා ශීතල ඉක්මනින්ම පහව ගියා. අප ගිමන් හරින්නට නැවතුනු තැනක කරෙන් බඩු අදින්නන් දෙදෙනෙක් නැවතී සිටියා. හතරැස් ලෑලි තට්ටුවකට තබා බඳින ලද බර, කරමත තබාගෙන, හිසට දමන ලද පටියක් ආධාර‍යෙන් රැගෙන යන බර අදින්නන් මේ මර්ගයේ සුලබ දසුනක්. දෙදෙනාගෙන් එක් අයෙක් දීප්තිමත් දෑසක් හිමි අවුරුදු දහසයක පමණ දරුවෙක්. මා ඔවුන්ට නමස්තේ යයි ආචාර කලවිට ඔහු ලැජ්ජාවෙන් සිනාසුනා. මා ඔහුට බෑගයේ තිබූ චොකලට්ටුවක් හා ප්‍රෝටීන් බාර් එකක් දුන්නා. ඔහු ලැජ්ජාවෙන් එය ප්‍රතිෂේප කලත් කේෂාර් නේපාලි බසින් කියූ යමකින් පසු ඔහු ස්තූතිපූර්වකව එය බාර ගත්තා. එහි සිටි අනෙක් පුද්ගලයා ඔහුගේ පියා බව කේෂර් මට හඳුන්වා දුන්නා. මෙම ගම්වල බොහෝ තරුණයන් සිය ජීවිකාව අරඹන්නේ බඩු ඔසවාගෙන යන්නන් ලෙස. ඉහල ගම්මාන වලට අවශ්‍ය ආහාර, ඇඳුම් පැලඳුම්, ගෑස්, ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය මෙසේ කරතබාගෙන යනවා. ඉහල උන්නතාශවල, අඩු ඔක්සිජන් තත්ත්ව යටතේ කිලෝ 40-50 පමණ බර ඔසවාගෙන යාමට මේ කඳුකර වැසියන්ට ඇත්තේ විශ්මයජනක හැකියාවක්. බොහෝ තරුණයින් පසුකලක, සංචාරකයින්ගේ බඩු ඔසවාගෙන යන පෝටර්වරු බවට පත් වෙනවා. එයිනුත් කොටසක් ඉංග්‍රීසි බස ප්‍රගුණ කර සංචාරක මග පෙන්වන්නන් බවට පත්වෙන්වා. බොහෝ සංචාරක මගපෙන්වන්නන් හා කඳු නගින්නන්, සිය දිවිය ආරම්භ කරන්නේ බඩු ඔසවාගෙන යන්නන් ලෙසයි. ලොව ජනප්‍රියම ශර්පාවරයා වන ටෙන්සිංග් නොර්ගේත් සිය දිවිය අරඹන්නේ පෝටර්වරයෙකු ලෙසයි. මගේ මගපන්වන්න වූ කේෂාමණීත් සිය දිවිය අරඹා තිබුනේ පෝටර්වරයෙකු ලෙසයි. සංචාරකයින්ට හා කඳු නගින්නන්ට පෝටර්වරුන්ගෙන් සිදුවන සේවල මිලකල නොහැකි එකක්. අදටත් ෂර්පා පෝටර්වරුන් ගේ සහාය රහිතව හිමාල කඳු තරණය නොකල හැක්කක් ලෙසයි සැලකෙන්නේ. සාමන්‍ය සංචාරක පෝටර්වරයෙකු උපරිමය කිලෝ 20 බැගින් වූ ගමන් මලු දෙකක් රැගෙන යනවා. ඒ කියන්නේ සංචාරකයින් දෙදෙනෙකුට එක පෝටර්වරයෙක් ප්‍රමාණවත්. එතරම් අසීරුවක් නොමැතිවම අප සොමාරා කරා ලඟා උනා. ඒ අපේ දිවා ආහාරයට නියමිත ස්ථානයයි. සුපුරුදු පරිදිම අප දිවා ආහාර වෙලාවට පෙර පැමිණ තිබූ නිසා එතරම් බඩගින්නක් තිබුනේ නෑ. හිරුඑලිය හොඳින් තිබූ නිසා අප තෝරා ගත්තේ එලිමහනේ තිබූ මේසයක්. අප අසල මේසයේ වූයේ ජපන් ජාතික සංචාරකයෙක්. ඔහු එතරම් කතාවට රුචිකත්වයක් නොදැක්වුවත් ඔහුගේ මගපෙන්වන්නා අපත් සමග කතාවට වැටුනා. මා දිවා ආහර සඳහා තෝරා ගත්තේ කොරියානු නූඩ්ල්ස් සුප් එකක්. එය ඉතා රසවත් ලෙස පිලියෙල කර තිබුනා. මදකින් තවත් සංචාරකයෙක් අවන්හලට ඇතුලු උනා. ඔහු තනි
යම සංචාරයේ යෙදෙන ජපන් ජාතිකයෙක්ත. ඔහු ප්‍රියමනාප තරුණයෙක්. මගේ නූඩ්ල්ස් සුප් එකේ සුවද ඉවකල ඔහු මගෙන් එහි රසගුණ විමසා එවැන්නක්ම ඇනවුම් කලා. ආහාර රසවිඳින අතර අප ආගිය තොරතුරු කතා කලා. ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් බවත් රටවල් කිහිපයකම සංචාරය කර ඇති අයෙකු බවත් දැනගන්නට ලැබුනා. දිවා ආහාරයෙන් පසු ගමන් කරන්නට තිබුනේ ක්‍රමික නැගීමක් සහිත තැනිතලා මාර්ගයක. තැනිතලාව පුරාම විශාල කලුගල් විසිරී තිබුනා. බොහෝ විට පැරණි ගිරිහිම නිපාතයක ප්‍රථිපලයක් විය හැකියි. ගල් සහිත මාර්ගයේ ගමන තරමක් පීඩාකාරී උනා. භූමිය ඉතා කර්කෂ පෙනුමක් ගත්තා. අඟල් කිහිපයක් උසට වැවෙන සයිප්‍රස් වලට සමාන පඳුරු හැර වෙන කිසිවක් තිබුනේ නෑ. මේ වන විට අප සිටියේ අපට දකුණින් අම-ඩබලම් ශිඛරය පසුකරමින්. අප ගමන් කරමින් සිටි කදු ගැටයත්, අම-ඩබලමුත් වෙන් කරමින් පුළුල් නිම්නයක් විහිදී තිබුනා..ඒ මැදින් ගලායමින් තිබුනේ, ඉම්ජා-කෝලා නදියයි. එම නිම්නය සම්පූර්ණැයෙන්ම පාහේ වැසී තිබුනේ ගල්වලින්. ඒ අම-ඩබලම් සිට පහලට ගලා ආ ග්ලැසියර මගින් ගෙන එන ලද ගල්. අම-ඩබලම් හි දැවැන්ත නායා යෑම් දෙකක සලකුණු පෙන්වමින් ග්ලැසියර දෙකක් සෑදී තිබුනා. එම ග්ලැසියර දෙක චුරෝ හා ඩුවෝ ලෙස හැඳින් වෙනවා. මාර්ගය ක්‍රමයෙන් ඉහල නගිමින් තිබූ අතර, මට දැඩි තෙහෙට්ටුවක් දැනෙන්නට ගත්තා. ඔක්සිජන් හිඟකම නැවතත් දැනෙමින් තිබුනා. මගේ දුෂ්කරතාවය විගසින් හඳුනාගත් කේෂාර් සෙමින් ගමන් කරන ලෙසත්, නිතර විවේකයන් ගන්නා ලෙසත් බලකරමින් ගමන්වේගය සෑහෙනදුරට අඩාල කලා. ගලින් පිරුනු අසම බිමක දිගු වේලාවක් ගමන් කරමින් සිටිම දෙපාවල්ටත් විශේෂයෙන්ම වලළුකරටත් සෑහෙන වෙහෙසක් ගෙන දුන්නා. අපට ඉදිරියෙන් තැනිතලාවේ කෙලවරින් ස්ථූප දෙකක මුදුන් පෙනෙන්නට ගත්තා. ඒ අද දවසේ අපගේ නවාතැන වන ඩිංබුචේ ග්‍රාමයයි. තවත් විනාඩි විස්සක පමණ ගමනකින් පසු අප ස්ථූප අසලට ලඟා උනා. එතනින් මදක් පහල ගඟට සාමාන්තරවම ඩිංබුචේ පිහිටා තිබුනා. තරමක් විශාල ගමක්. තැනිතලාවට ඉහලින් ආඩම්බරකාර ලෙස නැගී සිටියේ ලොත්සේ ශිඛරයයි. ඊට මදක් දකුණින් පිහිටියේ අයිලන්ඩ්පීක් කඳුගැටයයි. එය ආධුනික කඳු නගින්නන් අතර ජනප්‍රිය කන්දක්. ඩිංබුචෙ හි නවාතැන පෙර දිනයන්ට වඩා පහසුකමින් තරමක් වැඩි එකක්. කාමරයත් ඉඩකඩ ඇති එකක් වූ අතර, එයටම ඇල්ලූ වැසිකිලියක් තිබීම මගේ සතුටට හේතු උනත්, එහි ගලායන ජලය තිබ්බෙ නෑ. ලොකු බැරලයකට පුරවපු වතුර සුළු ප්‍රමාණයක් පමණයි තිබ්බේ. වැඩිපුර වතුර ලැබීම සැක සහිත නිසාත්, දැඩි ශීතල නිසාත් ඇඟපත යන්තමින් වතුර ගාගෙන තෙත ටිෂූ වලින් පිහදාගෙන සෑහීමකට පත්වෙන්නට සිදු උනා. ආපන ශාලාවේදී මට මුණ ගැසුනේ ඕස්ට්‍රෙලියනු ජාතික සංචාරක නඩයක් හා අමෙරිකානු සංචාරකයෙක්. ඇමරිකානුවා එතැනට පැමින සිටියේ පෙරදින වූ අතර ඔහු හෙට දින ලොබුචේ වෙත යාමේ බලාපොරොත්තුවෙන් සිටියා. ඔහුත් රටවල් බොහෝමයක සංචාරය කර තිබූ අයෙක්. කලින් වසරේ ඔහු ජෝර්දානයේ සංචාරය කර තිබූ අතර ඔහු සිටියේ ඒ ගැන බොහෝ තෘප්තිමත්ව. "ජෝර්දාන් ඔබ යන්නම ඕනේ රටක්. නේපාලේ වගේම එහෙත් අද්විතීයයි.." සවස් වන විට මීදුමත් දැඩි ශීතලත් නිසා එලියට බැසීමට තරම් සුදුසු තත්ත්වයක් තිබුනේ නෑ. අප ආපනශාලාවට වී උනුසුම් ලෙමන් තේ බොමින් කාලය ගත කලා. ආපන ශාලාවේ බිත්තියේ තිබූ දැන්වීමකින් කියැවුනේ ගලවා ගැනීමේ හෙලිකොප්ටර් සහන සේවාවක් ගැන. අනතුරට ලක්වන්නන් හා වෛද්‍යාධාර අවශ්‍ය අය සඳාහා හදිසි ඇමතුම් අංකයක්ද එහි ඇතුලත්ව තිබුනා. හිමාළ අඩවිය යනු සංචාරකයන්ටත්, කඳු නගින්නන්ටත් අනතුරු බහුල ප්‍රදේශයක්. ඉහල උන්නතාශ රෝගී තත්ත්වය හෙවත් (High altitude sickness), අධික ශීතලට හසුවීම, අධික ශීතල නිසා හමේ ඇතිවන තුවාල (frostbite), ලිස්සායාම හා වැටීම් නිසා සිදුවන අනතුරු ආදිය බොහෝ විට දක්නට පුලුවන්. හිම කුණාටු හා හිම නිපාතයන් ට හසුවී අතරමං වීම හා සිරවීමත් බහලුව දකින්නට පුලුවන්. මෙවැනි අවස්ථාවලදී හදිසි ප්‍රථිකාර ලබාදීම හා ජීවිත ගලවා ගැණීම ඉතා දුෂ්කර කාර්‍යයක්. භූමියෙන් ලඟාවීමට ඇති එකම ක්‍රමය පාගමනින් නිසා, බොහෝවිට හදිසි අවස්ථාවලදී හෙලිකොප්ටර් වල පිහිට පැතීමට සිදුවෙනවා. හිමාල අඩවියේ ගලවාගැනීමේ මෙහෙයුම් යනු දැඩි අභියෝගාත්මක හා සංකීර්ණ කර්තව්‍යයක්. එය ගලවාගනීමේ මෙහෙයුම් කරන්නන්ටත් මාරාන්තික අවදානමක් ගෙන දෙන ක්‍රියාවලියක්. ඒ සඳහා විශේෂයෙන්ම පුරුදු පුහුණු වූ හෙලිකොප්ටර් නියමුවන් හා ගලවා ගැනීම් කරන්නන් යොදා ගැනෙනවා. හිමාල කඳුවැටියේ උසත් ඒ නිසා ඇතිවන තුනී වායු ඝනත්වයත් හෙලිකොප්ටර් ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවනවා. තද සුලං හා නිරන්තරයෙන් වෙනස්වන කාළගුණයත් මේ අසීරුව තවත් දැඩි කරනවා. කඳුවල ඇති තියුනු බෑවුම්සහිත බව නිසා බොහෝ විට ගොඩබෑමට සුදුසු ස්ථාන සොයා ගැනීමට අපහසුයි. මෙවැනි අවස්ථාවල පිහිටට එන්නේ දිගු රැහැන් මෙහෙයුමුයි (long-line rescue operations). හෙලිකොප්ටරයේ සිට රැහැනක ආධාරයෙන් එල්ලී ගොස් හෝ පහලට බැස ගලවා ගැනීමේ මෙහෙයුම් කිරීමයි ඒ. අඩු ඔක්සිජන්, දැඩි ශීතල, කර්කෂ කාලගුණ ආදිය නිසා එය ඉතා අභියෝගාත්මක මෙන්ම දැඩි කැපකිරීමක් අවශ්‍ය කර්තව්‍යයක්. මීටර් 5000 ඉහල කෙරෙනෙ මෙවැනි දිගු රැහැන් මෙහෙයුමක් කියන්නේ කායික, මානසික ශක්තියත්, හැකියාවත් පුහුණුවත් මෙන්ම හෙලිකොප්ටර්වල යාන්ත්‍රික හැකියාවත් උපරිමයෙන්ම උරගා බැලෙන ක්‍රියාන්විතයක්. නේපාලයේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බහුලවම යොදා ගැනෙන්නේ B3E වර්ගයේ තනි එන්ජිමක් සහිත සැහැල්ලු හෙලිකොප්ටර්යානයි. මෙම යානා වලට මීටර් 7000 දක්වා උපරිම උසකට ලඟාවිය හැකියි. ඉන් ඉහලදී වායූ ඝනත්වය ඉතා තුනී වන නිසා බමනතල වලට යානය ඔසවා තබා ගත හැකි තරම් ශක්තියක් ජනනය කරන්නට හැකියාවක් නෑ. එවරස්ට් හි දෙවන මූල කඳවුරේ ඇති මීටර් 6400 උසින් පිහිටි හෙලිකොප්‍ටර් ගොඩබෑමේ ස්ථානය ලොව ඉහලින්ම පිහිටි එවැන්නයි. ඉතා පටු, හිමෙන් පිරි ලිස්සන සුළු එම ස්ථානයේ හෙලිකොප්ටරයක් ගොඩ බෑම, නියමුවන් අතලොස්සක් විසින් පමණක් බාර ගන්නා ඉතා අවදානම් කාර්‍යයක්. වැරදීම් හෝ දෙවන අවස්ථාවලට ඉඩක් නැති තරමට මේ ගලවා ගැනීමේ මෙහෙයුම් මාරාන්තිකයි. ලුක්ලා සිට පියාසර කරන හෙලිකොප්ටරයක් මීටර් 3500 ඉහලදී ක්‍රියාවිරහිත වුනොත් හෝ තාක්ෂනික දෝෂයකට ලක් උනොත්, එය නියමුවාට මාරාන්තික වෙන්නට පිළිවන්. ඒ ඔහුගේ සිරුර ඉහල උන්නතාශයකට හැඩ ගැසී නැති නිසා. එබැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් නියමිත කාල පරාසයක් තුල අවසන් කළ යුතු වෙනවා. නේපාලයේ මෙවැනි ගළවාගැනීමේ මෙහෙයිම් සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ 1973 දී පිහිටුවන ලද Himalayan Rescue Association (HRA) නම් සංවිධානය‍ හා නේපාල හමුදාවයි. චිරින්ග් භෝතේ (Chhirring Dhenduk Bhote), දිගු රැහැන් ගලවා ගැනීමේ මෙහෙයුම් වල නොමැකෙන නමත් තැබූවෙක්. 2008 සිට 2017 දක්වා සිදුකොට ඇති දිගු රැහැන් මෙහෙයුම් 35න් 21ම සිදු කොට ඇත්තේ භෝතේ විසින්. කඳු මුදුනකදී රෝගාතුර වන්නෙක් ගලවා ගැනීමට පහසු ස්ථානයක් කරා ගෙන ඒමත් ඉතා දුෂ්කර කාර්‍යයක්. එය තනිකරම රඳා පවතින්නේ කණ්ඩායමේ අනෙකුත් සාමජිකයින්ගේ ශක්තියත්, කැපවීමත්, විශ්වාසවන්තභාවයත් උඩයි. සංචාරකයින්ගේ හා කඳු නගින්නගේ ජීවිත බේරා ගැනීමට ඔවුන් සමග යන නේපාල මග පෙන්වන්නන් හා පෝටර්වරුන් කරන සේවාවත් අති විශිෂ්ඨයි. අවාසනාවකට මෙන් සංචාරක කඳු නගින්න්නගේ මරණ සඳහා ලැබෙන අවධානය, ෂර්පාවරුන්ගේ මරණ සඳහා ලැබෙන්නෙ නෑ. උපකරණ හා ශිල්පක්‍රම වල දියුණුවත් සමග සෑහෙන අඩුවීමක් පෙන්නුම් කලත්, අදටත් හිමාල කඳු නගින්නන් අතර මරණයට හා ස්ථිර ආබාධිත තත්ත්වයට පත්වන්නන් සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙනවා. තහවුරු නොකරන ලද දත්ත වලට අනුව පසුගිය වසර පහ ඇතුලට මියගිය ගණන 500 පමණ වනවා.ලෝක අවසානයෙන් තවත් ලියුමක්! මේ තියෙන්නෙ දක්ෂිණ ඩ්‍රැවයේ තියෙන අවසාන නගරය " උෂුආයා " නැත්තම් දක්ෂිණ සාගරයේ ඇන්ටාක්ටිකාවට පිවිසෙන්න කලින් අපිට හමුවෙන ජනාවාසයක් පවතින අවසාන නගරය. ඔවුන් මේ නගරය හඳුන්වන්නෙ ලෝක අවසානය (End of the World) කියලා. මේ යෙදුම ස්පාඤ්ඤ භාෂාවෙන් බොහොම ප්‍රසිද්ධයි Fin Del Mundo ලෙස. මේ නගරය වැදගත් වන්නෙ ඇන්ටාක්ටිකාවට පිවිසෙන ද්වාරය ( Gate way of Antarctica ) පමණක් නිසා නෙමෙයි Tierra Del Feogo ප්‍රාන්තයේ ආර්ජන්ටියානු පැටගෝනියා (Patagonian Argentina) කලාපයේ ස්භාව සෞන්දර්යත් නිසා වගේම ලෝකයේ දිගම මාර්ගය ලෙස හඳුන්වන 48,000 km ක් පුරාවට ඇලෙස්කා දක්වා දිවෙන පැන්- ඇමරිකන් (Pan-American) මාර්ගයත් ආරම්භ වන නගරය නිසා. සෙක්'නම් (Selk’nam) හා යමනාස් (Yámanas) කියන ආදීවාසීන් තමයි උෂුවායා වල මුල් පදිංචි කරුවන්. " යෙමනන්ස්" ගෝත්‍රය ලෝකයේ දක්ෂිණවම දිවි ගෙවූ ආදී වාසීන් ලෙසත්, උෂුවායා නාමය ඔවුන්ගෙන් පැවතගෙන ආපු බවටත් මතයක් තියෙනව. දකුණේ සයිබීරියාව ලෙස හඳුන්වන මේ නගරයට ඉතිහාසයේ යුරෝපයේ සිර කරුවන් පිටුවහල් කරපු ස්ථානයක් ලෙස භාවිතා කරලා තියෙනවා, සුන්දර ස්භාව සෞන්දර්යක් තිබුනත් උෂුවායා අඳුරු ඉතිහාසයක් පසු කරපු නගරයක්. මේ ආදීවාසී ගෝත්‍ර ජන සංහාරය කරමින් තමයි යුරෝපීයන් අලුත් නගරයේ පදිංචි වෙන්නෙ. අද වන විට මේ ගෝත්‍ර දෙකම වදවී ගිය ගෝත්‍රයන් ලෙසට හඳුන්වන්න පුලුවන්, ඒ ගැන වෙනම ලිපියකින් කතා කරමු. ඉතින් ලෝකයේ අවසාන නගරයින් තැපල් කරපු තැපල් පතත් මට හමු වෙනවා මාසයක් වැනි කාලයක් ඇතුලත. තැපැල් පත යොමු කරද්දී මට දැනුනේ එකම එක දෙයයි, " මේ මොහොතේ සතුටින් ගත කරන්න, මේ මොහොත තමයි ජීවිතය ""අද ටිකක් අමුතුයි වගේ" "ඇයි වෙනසක් දැනෙනවද?" "වෙනදා ඔහේ කියවනවානේ අද මොකෝ මේ" "මං කියන්නම් පාරී.... දුක්වෙන්නේ නෑ නේද මේක අහලා..." "ඕන දෙයක් කියන්න ඔයා දන්නවනේ මං ගැන" ....... මං පාරින්ද්‍යා එයා සුදීර.එයා පළවෙනියටම මුණගැහුණු දවස ඒක තාම මතකයි. එදා මං ලයිබ්‍රිය ඉස්සහ වාඩි වෙලා හිටියේ .මගේ ළඟින් කොල්ලෙක් වාඩි වුණා.මං ටිකක් ඈත් වුණා. ටික වෙලාවකින් එයා කතා කරනවා. "පොත් ගන්නද ආවේ නැත්තං කියෙව්වාද" මං හිනා වුණා. "ඔව්" කෙටි උත්තර වලි
න් මේ කතාව ඉවර කරන එක හොඳයි කියලා මට හිතුනා. "මොකක්ද ගත්ත පොත" "ඇට මැස්සා" "කියෙව්වද?" ගත්ත ගමන් කොහේ කියවන්නද කියලා අහන්න හිතුනත් "තව නෑ" "ඒක හොඳ පොතක් මං කියවලා තියෙනවා .ඔයා කියෙව්වහම අපි පොත ගැන කතා කරමුද,ඔයා හැමදාම මෙහෙ එනවද?" "නෑ" "එහෙනම්" "හිතුනොත් එනවා" "ඒ කියන්නෙ හුමුවීමක් වුණොත් ඒක අහම්බයක්ම වේවි නේ" "හ්ම්" "පොත කියවන්න ඔයා .අහම්බෙන් හම්බ වුනොත් කතා කරමු අපි.අකමැත්තක් නෑනේ" මං හිනා වෙලා යන්න ගියා. ඒක තමයි අපේ පළමු හමුවීම. ඇත්තටම ඒ හමුවීම විශේෂ වෙච්ච හින්දා මට එදා දෙබස් ටිකත් ඒ වගේම මතක තිබ්බා. එතකොට මං පෙම්වතියක්. එදා මං හිටියෙත් එයා එනකං.ඒ උනාට අහම්බෙන් හම්බවෙච්ච නන්නාදුනන මනුස්සයෙක් මගේ හිතේ මතකයක් ඉතුරු කරා. කොහොමත් මම හිටියේ මගේ සම්බන්ධය නිසා එච්චර සතුටකින් නෙවෙයි.දවසක් එයා මගෙන් යාළුවෙන්න ඇහුවහම මොකද්දෝ හේතුවකට මං හා කිව්වා. එයා ගැන ආදරයක් දැනිලා මං එහෙම කිව්වේ නෑ.මං එහෙම හා කිව්වෙ ඇයි කියලා මට තේරෙන්නෙත් නෑ. අපි දෙන්න හම්බුනාට කතා කරන්න තරම් විශේෂිතයක් නෑ.ඔහේ ඕපදූප ටිකක් කතා කරනවා. එක්කෝ එයා කාට හරි බනිනවා.බනින්නම කෙනෙක් නැත්නම් ළඟ ඉන්න බල්ලෙක්ට හරි බනිනවා. මට නම් ඉතිං එපා වෙනවා. .ඒත් මං ඔහේ ඔළුව වනවන අහගෙන ඉන්නවා. බස් එකට නැග්ගහම මං එයාට ටිකට් ගන්නවා එයා මාව ගිහින් අරලිනවා. බඩ ගිනි කියලා කන්න කඩේකට ගියහම කාල ඉවර වුණහම මං බිල ගෙවනවා. සම්බන්ධයක් පටන් අරගෙන කොහෙවත් ඉන්න මනුස්සයෙක්ව මම රකිනවද කියලා මට හිතුනා. හිතට සැනසීමක් නැති සම්බන්ධයක් පවත්වන යන එකේ තේරුමක් නෑ.අන්තිමට මම ඒ සම්බන්ධ නතර කරලා දැම්මා.එදා මට පුදුමාකාර නිදහසක් දැනුනා .මං පීසා කාලා කොකා කෝලා බීල මගෙ සතුට සැමරුවා.මං කිරිල්ලියක් වගේ නිදහස් කියලා එදා මට දැනුනා . ඔහොම ටික දවසක් යද්දී කීවා වගේ අහම්බෙන් මට එයාව හම්බ උනා.එදත් ලයිබ්‍රිය ළඟදිම තමා.මං පාර පනින්න යද්දී මං දැක්කේ නෑ එහා පැත්තෙන් බයික් එකක් එනවා.අතින් ඇදලා කවුරුහරි මාව අයින් කරද්දි තමයි මම දැක්කේ.මාව එක පාර ගැස්සුනා.එදා එයා අතින් අල්ල ගත්තේ නැති උනානම් මේ කතාව ලියන්න මම ඉතුරු වෙලා නෑ.එදා ඒ අතේ උණුහුම මගේ හිතටම දැනුනා.මගේ ඇඟ පුරා විදුලි සැරයක් වැදුන වගේ.මං ඇහි පිල්ලමක්වත් ගහන්නැතුව එයා දිහා බලන් හිටියා.ඒ දැනුම උනහුම මගේම කරගන්න මට ලෝභ කමක් ඇති වුණා. "මේ...මොකෝ" මං එකපාරටම පියවි සිහියට ආවා.මං අත අතෑරියා.ඇත්තටම අත ඇරියේ ලෝභකමකින්.ඒ අත ආයෙ අල්ලගන්න බැරි වෙයි කියන මොකක්දෝ මහා අමුතු හැඟීමක් මගේ හිතට ආවා.මගේ ඇස් දන්නෙම නැතුව කඳුළු වලින් පිරිලා ගියා..දන්නෙම නැතුව කඳුළු පේළියක් කම්මුල් දිගේ පල්ලෙහාට රූටලා ගියා. මං ඒ කදුලු පිහ දැම්මේ නෑ. මගේ යටි හිත බලාපොරොත්තු වුණා ඒ කඳුළු එයා පිහදායි කියලා.ඒත් නන්නාදුනන මනුස්සයෙක් නන්නාදුනන කෙල්ලෙක්ගේ ඇස් වල කඳුළු පිහදාන්නේ නෑ . "බයටද අඬන්නේ කඳුළු පිහිදා ගන්න කවුරුහරි දකියි"ඔව් එයා කදුලු පිහ දැම්මේ නෑ පිහදාගන්න කියලා මට කිව්වා විතරයි.මං අත් දෙකෙන්ම කඳුළු පිහදාගත්තා. . එයා මගෙන් ඇයි කියලා ඇහුවේ නෑ.ඒත් මං දැක්කා එයා ඇස් වලින් අහනවා "ඇයි" කියලා. කවුරුවත් ඇස් වලින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මං බය උනා.කොහොමද කාගෙවත් ඇස් කියවන්නේ මං . " ආයෙ අහම්බෙන් හරි හම්බ වුණානේ.මං සුදීර ඔයා..." "මං පාරින්ද්‍යා..." "පරිස්සමට යන්න.මං ඉරිදා ලයිබ්‍රි එකට එනවා පුළුවන් වුනොත් හම්බවෙමු.ඔයා එනවද?" "හරියටම කියන්න බෑ "ආයේ දකින්න කොච්චර ආස හිතුනත් එනවා කියල කියන්න මගේ දිව නැමුනේ නෑ. මං ඒ ඉරිද ලයිබ්‍රියට ගියේ නෑ.එයා එන්න කියලා මං හරියට ගියා වගේ කියලා එයා හිතයි කියලා මට හිතුනා. එදා දවසම මං හරියට ගෙව්වේ තෝන් තුවෙන් වගේ. මොකක්දෝ කියාගන්න බැරි හැඟීමක් හිත ඇතුලෙ හිරවෙලා වගේ දැනුනා.සතියක් ඉවර වෙනකම් මම බලාගෙන හිටියා.මං සැදී පැහැදී ගියාට මේ ඉරිදා එයා ලයිබි එන්නේ නැති වෙන්නත් පුළුවන්.ඒත් මං කන්නාඩියෙන් දෙසැරයක් තුන් සැරයක්ම මං දිහා බැලුවා. මගේ හිත ගැස්සිලා තිබ්බේ. ං උදේ දහය විතර වෙද්දී ලයිබ්‍රියට ගියා.ලයිබ්‍රිය ඇතුලේ පොතක් තෝරන්නවත් පොතක් කියවන්නවත් මගේ හිත නිවිලා තිබ්බේ නෑ.මං එයාව හෙව්වා.එයා නෑ .මට මාරම දුකක් දැනුන.පොතක් ගන්නෙවත් නැතුව පොතක් කියවන්නෙවත් නැතුව මං එලියට අවෙ ඒක ඇතුලේ ඉන්න මට හිත හදාගන්නන් බැරි නිසා. ටික දවසක් ඔහේ ගෙවිලා ගියා.මට සුදීර මතක් නොවුණු දවසක් නැති තරම්.ඒත් අවාසනාවකට මට එයා මුණගැහුනේනෑ.සිතිවිල්ලකින් පවා මගේ හිත කම්පා කළ ඒ හමුවීම අතීතයට එකතු කර සැනසෙන්න තරම් මගේ හිතට හයියක් තිබුණේ නෑ..ආදරය මේදැයි මා නොදන්නා නමුත් ංසාරෙ පුරාවටම මා සෙවූ ප්‍රාණියා මට මුණ ගැසී අතහැරී ගිය අපූරුව මට දැනුනා .හදිසියේ ආ චණ්ඩ මාරුතයක් සියල්ල සුණුවිසිණු කර දැමුවත් ඒ සොඳුරු හමුව මගෙ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කලා. බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා.මාව ජීවත් කළේ ඒ බලාපොරොත්තුව.අහම්බයකින් නැවතත් ගිනි ගහන මද්දහනේ දෙනෝදාහක් සෙනග මැද එකපාරටම මගේ නෙත් අබියස ඒ නෙත් ගැටුනා.මගේ ඇස් හිනා වුණා මගේ කම්මුල් ලේ පුරා ගියා. හදවතේ ගැස්ම මට දැනුනා .ඒ තරම් කම්පිතයක් කිසි කලෙක මා විඳ තිබුණේ නෑ. "පාරින්ද්‍යා....."එය ආදරණීය කටහඬ මාව අමන්දානන්දයට පත් කළා. මං බිම බලාගෙන හිනා වුණා. "යමු අපි මොනවා හරි බිබී කතා කරමු"අනවසරයෙන්ම ඔහු මට පැවසුවා.මාත් කිසිවක් නොපවසා ඔහු පස්සේම වැටුණා.ටිකක් දුරක් ගිහින් එයා හැරිලා බැලුවා මම එනවද කියලා.මල් ළඟට ගියේ නෑ හැබැයි ලගින් ගියා.ටිකක් දුර ගියායින් පස්සේ මං එයා ළඟින්ම ගියා.එයා නිස්කලංක තැනකට ගියා.එයා වාඩි වුණා මාත් වාඩිවුණා. මොහොතක නිහඬියාවක් අප අතර තිබුණා. "මොනා හරි බොමු" මං ඔලුව වැනවා.කාලයක් තිස්සේ මම බලාපොරොත්තුවෙන් හිටිය ආදරණීය මනුස්සයෙක්ගේ අහඹු හමුවීම මාව සලිත කරලයි තිබ්බේ. "පාරින්ද්‍යා කියන නම දිග වැඩියි. මම පාරි කියලා කතා කරන්නද?" මං ඔලුව වැනුවා. " මං අද හරි අවුලෙන් ඉන්නේ පාරී....මට අද වෙච්ච දේ අනේ ඔයා හම්බවෙච්ච එක හොඳයි. මගේ හිත ටිකක් නිදහස් කරගන්න ඕනේ" මං සන්සුන් ව සුදීර දිහා බැලුවා . ඒ ඇස් මලානික වෙලා.ඒව අස්සේ ලොකු කතාවක් හිර කරගෙන ඉන්නවා කියලා මට හිතුනා. "මං මගේ දුක ඔයත් එක්ක බෙදා ගත්තට කමක් නැද්ද පාරී...." "කමක් නෑ" මං හිමිට කිව්වා.එයා මාව එක්කන් එලියට ගියා. කවුරුත් පේන්නේ නැති තැනක අපි දෙන්නා වාඩි වුණා. "පාරි.....දන්නවද මගේ අම්මයි තාත්තයි දික්කසාද වෙද්දී මට අවුරුදු දහතුනයි. දික්කසාද නඩුවට මාවත් උසාවියට එක්කන් ගියා. අම්මගේ ලෝයර් අම්මගේ බාරයට මාව ඉල්ලුවා. එතකොට තාත්තාගේ ලෝයර් නැගිටලා කිව්වා අනාචාර ගේ ගෑනියෙක්ට දරුවා දෙන්න බෑ කියලා.එතකොට අම්මගේ ලෝය කිව්වා වෙන ගෑනියෙක් ඉන්න මිනිහටත් දරුවා බලාගන්න බෑ කියලා.එදා මගේ ඔලුව පුපුරන්න ආවා උසාවි ඇතුලෙදි. පොඩි දරුවෙක්ට දැනුන ඒ අසරණ කම ඔයාට හිතාගන්න පුළුවන්ද,මට එකෙක්වත් එපා කියලා මං උසාවියේදී කෑගැහුවා.කිරිඅම්මා ඉක්මනට මාව අල්ලගෙන එළියට එක්කන් ගියා.උසාවි ඇතුලේ එහෙම කෑ ගහන්න බෑ කියලා දන්නෙ මං පස්සේ.එදායින් පස්සේ මං අම්මවත් තාත්තවත් හම්බවුණේ නෑ.කිරිඅම්මා විතරයි මාව බලා ගත්තේ. මං ඕලෙවල් ලියන්නත් කලින් කිරි අම්මා නැති වුණා.ඔයා හිතනවද මගේ ජීවිතේ කඩා වැටෙන්න ඇති කියලා.නෑ පාරි දෙයියො මට අම්මා කෙනෙක්ව එව්වා. මගේ හොඳම යාළුවගේ අම්මා මාව ඒගොල්ලන්ගේ ගෙදරට එක්කන් ගියා. අපි තියෙන විදිහට කාලා බීලා සතුටින් හිටියා.රණ්ඩු සරුවල් දකින්නැතුව සතුටින්ම ගෙවපු කාලය ඒක තමා.මගේ යාළුවගේ නංගී ගොළුයි. එයා හැම දෙයක්ම අපිට කියන්නෙ ගොළු භාෂාවෙන්.එයා හරි ලස්සනයි.එයා මටත් අයියෙක්ට තරම්ම ආදරෙයි.මං එයාව මගේ නංගි වගේම ආදරෙන් බලා ගත්ත පාරි........" එහෙම කියලා සුදීර අනවසරයෙන්ම මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන හයියෙන් ඇඬුවා.මං හෙමිහිට ඔළුව අත ගෑවා.ටිකකින් එයා ආයෙ කතා කලා. "මගේ නංගිට යන්තම් අවුරුදු 18 ක් වුනා විතරයි. ඊයේ ඒ කෙල්ලට කවුද කරදර කරලා.මගේ නංගිව කවුද පාහරයෙක් විනාශ කරලා.පාරී ..... එයා ගොළු භාෂාවෙන් කියන එකක් අපිට හරියට තේරුම් ගන්නත් බෑ.එයා හුඟක් කම්පනයට පත්වෙලා ඉන්නේ.අම්ම වැලි හින්නියක් වගේ අඬනවා.ඒ මිනිස්සු මට ජීවිතේ දුන්නා.දැන් ඒ මිනිස්සු විඳවද්දි මට එතනට වඩා සැනසීමේ බලන් ඉන්න බෑ.ඔයාට මේ ටික කිව්ව නිසා හරි මගේ හිතට හරි සැනසිල්ලක් පාරී ....එහෙම කියලා සුදීර මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන හුඟක් වෙලා හිටියා. මාත් ඉක්මනට අම්මට කෝල් එකක් අරං කිව්ව එන්න ටිකක් පරක්කු වෙනව කියල.මොන අම්මත් දරුවෙක් එලියට ගියහම ගෙදරට එනකම් පිච්චෙනවා ඇති.ගෑණු දරුවෙක් රකිනවා කියන්නේ ම අම්මලාට බරක්.එක් කුසේ නූපන් උනත් මේ අයියා මේ නංගි ගැන වද වෙන තරම්. "පාරි....හවස් වුණා. දැන් අපි යං.ඔයාගෙ නම්බරේ දෙන්නකො. ඔයාට කරදරයක් නෑ නේද මං එහෙම කතා කරන එක." "අනේ නෑ සුදීර ඔයා ඕන වෙලාවක කතා කරන්න" නමක් හරියටම හොයාගන්න බැරි බැඳීමක් අපි දෙන්න අතර හෙමින් හෙමින් ගොඩනැගුනා.මාසෙකට විතර පස්සේ සුදීර මාව හම්බවෙන්න ඕන කිව්වා. ...................... "පාරි...එහෙනම් මං කියන දේ හොඳට අහනවද?" "කියන්නකො ඉතින්" "නංගි අර මිනිහගෙන් අම්මෙක් වෙන්න යන්නේ.අර කෙල්ලට අප්පෙක් නැති දරුවෙක්ව බඩේ තියාගන්න වෙලා." "දෙයියනේ". අනේ අප්පේ මේ ලෝකෙ මිනිස්සු කොච්චර නපුරුද.මිනිස්සුන්ට පුළුවන්ද මේ වගේ නපුරු දේවල් කරන්න. "පාරී......" "කියන්න" " මං හුඟක් හිතලා බලලා තීරණයක් ගත්තා.මං නංගිව බඳිනවා.අර දරුවාට අප්පෙක් වෙනවා මං" අකුණු සැරයක් වැදී ගියා සේ මොහොතකට මං නතර වුණා.ඇස් දෙකෙන් කඩන් වැටුණු කඳුළු කොහොමත්ම මට නවත්තන්න බැරි වුණා.සුදීර ගල්ගැහිලා මං දිහා බලන් හිටියා.ුමාසිතේ ිබිදෙන්නට බලන් හිටිය ප්‍රේමයේ කුසුම පිපෙන්නටත් පෙර නටුවෙන්ම සිඳී ගියා සේ මට දැනී ගියා.මං හිත හදාගන්නෙ කොහොමද,හුඟක් වෙලා අපි දෙන්න අතර තිබ්බ නිහඬතාවය මට කොහොම
ත් දරාගන්න බැරි වුණා. "ඔයාට එයාට ආදරේ කරන්න පුළුවන්ද?"මං එහෙම ඇහුව නෙවේ මට ඇහුනා. "බෑ"සුධීර හිමිට කිව්වා. "එහෙනම් එච්චර ලොකු කැප කිරීමක් කරන්න පුළුවන්ද ඔයාට" "මං දන්නෙ නෑ මට වෙන විසඳුමක් නෑ" "ඒත් ආදරේ කරන්නෙ නැති මනුස්සයෙක් එක්ක ජීවිත කාලයක් බෙදාගන්න පුළුවන්ද?" "එහෙම කියලා අප්පෙක් නැති දරුවෙක්ව මිනිහෙක් භාර ගනීද ඇරත් ගොළු කෙල්ලෙක්ව" "දරුවාව කාට හරි දෙන්න බැරිද හදාගන්න" "මං කොහොමද එහෙම කියන්නේ. මෙච්චර කාලයක් මාව බලා ගත්ත ඒ මිනිස්සුන්ට යුතුකමක් විදිහටයි මං මේ දේ කරන්න හිතුවේ. නංගිගෙන්එහෙම පිට කෙනෙක්ට දරුවා දෙන්න කියලා ඉල්ලන්නේ කොහොමද? එයා යාළු වෙලා ඉන්න පිරිමි ළමයට අපි විස්තරය කිව්වා.ඒත් හැබැයි එයා දරුවා බාරගන්න කැමති නෑ.නංගිව නම් භාර ගනියි.ඒත් ඒක ප්‍රශ්නෙට විසදුමක් වෙන්නේ නෑනේ" "ඔයා මට ආදරේද?" සුදීර ඇස් දෙක ලොකු කරන් මං දිහා බලන් හිටියා.එහෙම කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාළුවෙන්න අහනවද?සමහරවිට එයාට මං ගැන එහෙම හැඟීමක් නැතුව ඇති.ඒත් මටත් නිකම්ම පැරදිලා යන්න බෑ. "පාරි...මං ඒක හරියටම දන්නේ නෑ.. ඒත් මං ඔයා ළඟ ඉන්න කැමතියි.මට මහා හයියක් දැනෙනවා ඔයා ළඟ ඉද්දි.ඒක කවදාවත් නොදැනුණු අපූරු හැඟීමක්.ඒක ආදරේද කියලා මට හරියටම විස්තර කරන්න තේරෙන්නේ නෑ.හැබැයි ඔයා මගේ උනොත් මම මේ ලෝකේ ඉන්නේ වාසනාවන්තම පිරිමියාවේවි.ඒත් ......" "ඔයා මගෙ ගැන කැමැත්තක් තියෙනවා නම් අපි බඳිමු" "පිස්සුද ඔයාට ඔයා මං කවුද කියලවත් හරියට දන්නේ නැතුව ඔය වගේ ඉක්මන් තීරණයක් ගන්නේ" " මගේ ජීවිතයේ මට දැනුන එකම පිරිමියා ඔයා.මට මේ දැනුන හැඟෙන තරම හොඳටම ඇති.ඔයාව මට ඕනේ" "අනේ පාරී .කලබල වෙන්න එපා.ඔයා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න එපා. මං නංගිව බඳින්න තීරණය අරන් ඉවරයි.මං ඔයාට ආදරේ ඇති ඔයත් එක්ක ජීවත් වෙන්න කැමතිත් ඇති ඇති ඒත් මේ වෙලාවේ බැඳීමක් පටන් අරන් මාව හිර කරන්න එපා.මට තවත් දේවල් කියලා මාව අසරණ කරන්න එපා .මාව නවත්තන්න එපා ." "ජීවිත කාලෙම දුක් විඳලා ඉතිරි කාලෙත් තමන් ආදරේ කරන්න නැති මනුස්සයෙක් එක්ක දුක් විඳින්න හිත හදාගන්න ඔයාට පුළුවන්ද.තමන් ගැන හිතලා තීරණයක් ගන්න හැමදාම අනුන් වෙනුවෙන් තීරණ ගන්න එපා" " ඔයාගේ හිතේ ආදරයක් ඇතිවෙන විදියට මං හැසිරුනා නම් අනේ මට සමාවෙන්න.මං එහෙම හිතලා කරේ නෑ.මට යන්න දෙන්න පාරි මට නිදහසේ මේ ගමන යන්න දෙන්න.මගේ හිත වෙනස් කරන්න එපා" එහෙම කියලා සුදීර මගේ අත ඇත්ත ඇරලා යන්න හැදුවා. " මං ඒ දරුවට අම්මෙක් උනොත් ඔයා මාව භාරගන්නවද? මෙච්චර දේවල් මං ඔයාගෙන් ඇහුවේ මෙන්න මේ අවසාන දේ හිතේ තියාගෙන.ඔයා මාව බඳිනවනම් මං ඒ දරුවා බාරගන්න කැමතියි."සුදීර නතර වෙලා මං දිහා බලාගෙන හිටියා.එයා අත් දෙක දික් කළා.මං දුවගෙන ගිහින් එයාව බදාගත්තා.තාත්තට පස්සේ මගේ ජීවිතේ මට දැනුනු එකම පිරිමියා.ඒ පිරිමි ආත්මෙම මාව සුවපත් කරයි.මෙහෙම හයියට කෙනෙක් ඉන්නවනම් මුළු විශ්වයටම ආදරේ කරන්න පුළුවන් මට. අප්පෙක් නැති ඒ දරුවාට පණ වගේ ආදරය කරන්න පුළුවන් මට.මගේ හිත හරිම පෘතුලයි.ඒක විශ්වය කෙරෙහිම ආදරයෙන් පිරිලා තියෙන්නේ. එහෙම මුළු ලෝකයකටම ආදරේ කරන්න මටත් පණ වගේ ආදරේ කරන කෙනෙක් මට ඕන. "මං දන්නෑ මොනවා කියන්නද කියලා කියල ඔයාට දුක් විඳින්න වෙයි.ඔයාට මාව එපා වෙයි.හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්න එපා.මං කොහොම කෙනෙක්ද කියලා ඔයා හරියටම දන්නෙත් නැතුව.අනික අපේ නොවන දරුවෙක්ට අම්මෙක් වෙන එක ලේසි නෑ.ෙ ඔයා හිතලා බලලා මේ තීරණය වෙනස් කළා කියලා මගේ කිසිම අහිතක් නෑ. නංගිට මට ආදරේ කරන්න බැහැ ඒක ඇත්ත.ඒ දරුවාට තාත්තෙක් වෙලා නන්ගිව බලාගන්න විතරයි මට ඕන. මට ආදරේ කරන්න ගෑනියෙක් බදිනවා නෙවෙයි මම.ඔයා ගැන මගේ හිතේ ආදරයක් ඇතිවෙන්න පටන් අරන් තිබුනත් මට ඒක යටපත් කරගෙන ඉන්න පුළුවන්.හිතෙන් විතරක් උනත් මට හැමදාම ඔයාට ආදරේ කරන්නත් පුළුවන්.හැබැයි මට ඔයාට දුක් වින්දවන්න බෑ. ඔයා හොඳට හිතලා අම්මලත් එක්ක කතා කරලා මේ තීරණය ගන්න.මං හැමදාම ඔයා දැක්ක ඔය ආදරේ කරපු සුදීර එයා වෙනස් වෙන එකක් නෑ." එහෙම කියපු සුදීර මගේ අතින් අල්ලගෙන ගිහින් මාව බස් එකට ඇරලුවා. එයා කිව්වා වගේ මං හුඟක් කල්පනා කළා.සුදීර කියන්නේ මනුස්සකමින් පිරිච්ච මනුස්සයෙක්.ජීවත් වෙන්න රස්සාවක් තියෙනවා. එයත් එක්ක ජීවත් වෙන එක මං හරි කැමැත්තෙන් කරන්න යන්නේ .. අහිංසක දරුවෙක්ට අම්මෙක් වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි මට. අම්මට මං හිමීට මේක පැහැදිලි කළා.ප්‍රශ්න කෝටියකට උත්තර දුන්නා.සමහර අහන ප්‍රශ්න වලට මට උත්තර නැති වුණා. මං හිතපුවත් නැති විදිහට අම්මා මගේ පැත්තෙන් හිට ගත්තා. තාත්තා මාව තේරුම් ගත්තා.හැබැයි මේ කසාද වෙනුවෙන් මට හුඟක් දේවල් කැප කරන්න වෙනවා. මගේ හිතට දැනුන ආදරේ වෙනුවෙන් මං ඒ කැපකිරීම ඔක්කොම කරන්න සූදානම් වුණා. මං සුදීරට කතා කළා. "මගේ තීරනේ වෙනස්..." "චුට්ටක් ඉන්න පාරී......ඔයාගේ කතාව කියන්න කලින් මට දෙයක් තියෙනවා කියන්න. පුංචි කාලෙ ඉඳලා මට දැනිච්ච විදිහට මට හරියට ආදරයක් හම්බුනේ නෑ.මං පළවෙනි දවසේ ඔයත් එක්ක කතා කලේ ඔයා ගැන විශේෂ හැඟීමක් ඇතිවෙලා නෙවෙයි ඔයා එතන තනියම ඉන්නවා දැකලා. කතා කරලා ඉවරවෙලා ඔයා ගියායින් පස්සේ අනේ මං දන්නේ නෑ ඔයාව මගේ හිතේ ඇඳිල ඉවර වෙලා. එදා ඉදලා මං ඔයාව දකින්න ආසා උනා.ඔයාගේ තීරණය මොකක් උනත් මට කියන්න තියෙන්නේ එක දෙයයි පාරි .... මේ සංසාරෙ මොකක් හරි හේතුවකට අපි දෙන්නා වෙන් වුනත් මගේ හිතේ ඉපදිච්ච ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ.මං නංගිත් එක්ක කවද හරි දවසක හම්බ උනත් ඔයා දුක හිතන්න එපා.මං එයා එක්ක හිටියට හිතින් හැමදාම ඔයත් එක්ක ජීවත් වෙනවා. මං හින්ද කවදාවත් ඔයාගේ ජීවිතේ ඔයා කාලකන්නි කරගන්න එපා. ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බුනොත් ඔයා කසාද බඳින්න ඕන.මේක මගේ ඉල්ලීමක්.මගේ හිත හරි නිදහස් දැන්" "මං කියන්නා ආව දේ කියලා ඉවර කරන්නද?" "කියන්න" "මං එදා ගත්ත තීරණය වෙනස් කරන්නෙ නෑ" "ඒ කිව්වේ" "මං ඔයාව බඳිනවා. ඔයාගේ නංගිගේ දරුවාට අම්මා වෙනවා" "ඔයාට එන ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන්ද?" "බැරිනම් මං මේ තීරණය ගන්නේ නෑනේ" "පාරි.......ඇත්තමයි මට හරි සතුටුයි.ඔයා නැති කරගන්න හිත හදාගත්තෙ හුඟක් අමාරුවෙන් .මට ජීවිතේ දුන්නඒ අම්මගේ දුක නිවන්න හින්දමයි මම මේ තීරණය ගත්තේ.දැන් කමක් නෑ.අපි ඉස්සහට තියෙන වැඩ ටික පිළිවෙලට කරගමු. ඔයා මේ කරන හැම දේකටම මං සාධාරණයක් කරනවා මගේ ජීවිතය පුරාවට.මාව විශ්වාස කරලා ඔයා මා එක්ක එන්නෙ. කවදාවත් මං මේ විශ්වාසය කඩන්නෙ නෑ .මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ මෙච්චරක් කියලා මට කියන්න බෑ.ඔයා වගේ පෘතුල හදවතක් තියෙන කෙල්ලෙක්ට ආදරේ කරන්නම ලැබිච්ච එක මගේ වාසනාවක්." සමාප්තයි. අඩුපාඩු ඔබේ අදහස් වටිනවා හැමදාමමේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කොහොමද? සමහර දවස් තියෙනවා හතේ හත වැදිලා ඉන්න. මේ රටට වෙලා තියෙන සහ වෙන්න යන විපරීත තත්වය ගැන හිත රිදිලා උඩ බලාගෙන ඉන්න වෙන. රට ගැන වගේම තමන් ගැනත් මන්ද මානසික හැගීමක් එක්ක පින්නට තෙමි තෙමි කිබුහුම් අරින්න වෙන. ඒ වගේ දවසට බැචෙක් එක්ක බුකියෙන් රට හදන්නේ කොහොමද කියන මාතෘකාවේ යටතේ සාකච්ඡා කරලා ෆෝන් එක කට් කරාම අපිට එකපාරටම හිතෙන්න ගන්නවා, අපි ඉන්නෙ ඉතාම සමෘද්ධිමත් දියුනු ලොකේ රටක කියලා. ඇත්තටම ඊට පස්සේ සැනසිල්ලෙ නින්ද යනවා. ඒක මහ රෑ එකපාරටම ඇහැරෙන නින්දක් නෙවේ. දිග නින්දක්. හීන බලන නින්දක්! මගෙ ජීවිතේටම කොල් එකක් ගද්දි අඩෝ යකෝ, මචන්, බන්, බොලන්, අස්සෙ, 'මැණිකෙ' කියලා කතා කරන එකම එකයි ඉන්නෙ. ඉතින් මෙලෝ යකෙක් එක්ක කතා කරත්, මෙලෝ වටිනාකමක් දැනුන්නැති වුනාම මම කෝල් කරන්නෙ ඌට. ඌ හලෝ මැනිකේ කීව ගමන් මං ඉන්නෙ අහසෙ. ඊට පස්සෙ මුතු මැණික් ඇත් දල වගේ දේ ගැන විතරක් නෙවේ රුසියන් යුක්‍රේන් යුද්දය තුලින් අපේ රටට ගත හැකි පාඩම් වගේ රට ගොඩ නගන හෙට දවස ගැන තමා කතාව යන්නෙ. එදා ප්‍රස්තුතය එඩියුකේශනල් රිෆෝම්ස් හරහා රට ගොඩ ගැනීම. ඒක කොහොමද වෙන්න ඕනේ කියලා ඌයි මායි කතා කරනවා. ඇත්තටම ඒකට ප්‍රස්තුතය වෙන්නේ ඊට කලින් දවසක චමිල කියපු කතාවක්. 'මේ රට හදනවා නම් හදන්න උපරිම අවුරුදු දහතුනක් තිබ්බොත් ඇති.!' ඇයි දහතුනක්? දැන් එකේ ඉන්න ළමයගෙ ආකල්ප වර්ධනය කරලා මිනිහාව දහතුනෙන් එළියට දැම්මහම එතනින් එහාට මතු වෙන්නේ ආකල්පමය විදියට සංවර්ධනය වෙච්ච අලුත් මනුස්සයෙක්. එහෙම පරම්පරාවක් එක්ක අවුරුදු 13ක් හොඳටම ඇති මේ රට වෙනස් කරන්න. කවුද කරන්නෙ- කොහොමද කරන්නෙ- කවද්ද කරන්න පටන් ගන්නෙ- කියන ඒවා අපිට අදාල නෑ. ඒත් කවදාහරි- කවුරු හරි- කොහොම හරි- ඒ වැඩේ කරොත් දහතුනකින් රට ගොඩ. මට 44 දි ඕක පටන් ගත්තොත් මම පෙන්ශන් යන්න කලින් දියුනු ගොඩගත්ත රටක ඉදන් පෙන්ශන් යතෑකි. ඔන්න ඔය ප්‍රස්තුතය යටතේ එදා මායි පානුයි පැය තුනක් කතා කරන්න ගන්නවා. 'මැනිකෙ, ඕකට අවුරුදු දහතුනක් ඕන වෙන්නෙ නෑ. අවුරුදු අටක් හොඳටම ඇති.' දහතුනකින් ගොඩ ගන්න හිටපු රට අටකින් ගොඩ ගන්න තියනව නම් එතනම අවුරුදු පහක ලාබයක් තියනවා. අන්න ඒ ලාබෙ එක්ක කොහොමද ඒක කරන්නෙ? මෙතනින් එහාට ඔයාලා අහන්න යන්නේ අවුරුදු අටක් ඇතුළත කොහොමද අධ්‍යාපනයෙන් රට ගොඩ ගන්නේ කියලා. ඒකෙදි ඌ ජනාදිපතිවෙලා මං අද්‍යාපන අමාත්‍යාංශය බාර ගන්න ඕන. එහෙම නැත්නම් මං ජනාදිපති වෙලා ඌ අද්‍යාපන අමාත්‍යාංශය බාර ගන්න ඕන. මේ තමයි මම අධ්‍යාපන ඇමතිවෙලා ඌ ජනාධිපතිවෙලා අවුරුදු අටකින් රට ගන්න න්‍යායාත්මක සැලැස්මෙ උසස් පෙළ කෑල්ල. ශිශ්‍යත්වෙ කෑල්ල, ඕලෙවල් කෑල්ල වගේ කෑලි තවම සාකච්චා මට්ටමේ තියෙන්නෙ. හැම දිස්ත්‍රික්කයකටම එක එක ස්ට්‍රීම් එකට ගැලපෙන මොඩ්ල් ඒලෙවල් ස්කූල් එකක් හදනවා. හරියට මාතලේ සයන්ස් කොලේජ් එක වගේ. ඒක හරියන්නෑ. එහෙම වුනොත් කොහොමද පදවියෙ ළමයා අනුරාධපුරේට එන්නේ? පදවියෙ ලමයා කොහොමත් ටියුශන් කරන්න අනුරාධපුර එනවනෙ. උසස් පෙළ කරන වයසට එනකොට ළමයි ඉන්නේ තනියෙන් රැකෙන්න තනියෙන් කරගන්න පුළුවන් වයසක. ඉතින් එයාලා ඉස්කෝලෙ එයි. එච්චර දියුණු ප්‍රවාහනයක් නැතිව කොහොමද ඒක වෙන්නෙ.? පදව
ියේ ඉඳන් අනුරාධපුරයට එන්න ප්‍රවාහන පහසුකම් සපයතෑකි. පාරවල් සෑහෙනට හැදිලා තියෙන්නෙ. කොට කොට යන බස් ටිකක් වේගවත් කරලා ප්‍රවාහනේ වැඩි දියුණුකරන්න ඕන. මේවා මල්ටි ඩිසිප්ලිනරි ඇප්‍රොච් වලින් යන්න ඕන ඒවා. මේ ලමයින්ට ආන්ඩුව ගානෙ ෆ්‍රී සීසන් එකක් දෙතෑකි. මොකද ඒලේවල් ලමේක්ට උගන්නනවා කියන්නෙ ගෙඩි පිටින් අනාගත අයෝජන. රජයට බැරිනම් කොච්චර මිනිස්සු ඉන්නවද ඒකට උද්ව් කරන්න. සීසන් දෙන්න ඔය ගම්වල බස් තියනවද? දැන් තේරෙනව නෙ නේද බස් නැති නිසා ටීචර්ලත් නෑ. බස් නැති නම් ටීචර්ලා කොහමද ඔය ගම්වල ඉදියි කියල හිතන්නෙ. එන එන ටීචර් ඉස්කෝලෙට එන්න කලින්ම ට්‍රාන්සර් හදාගන්නවා. දැන් බලාන් අපේ ට්‍රාන්සර් සිස්ටම් එකට මොකෙක්ටවත් අත දාන්න බෑනෙ. අන්න ඒ සිස්ටම් එක ගුරුවරුන්ටත් ඇප්ලයි කරන්න ඕන. කොච්චර දොස්තරල නැතත් පීඩියැට්‍රීශියන් කෙනෙක්ව වනාතෙ ඉස්පිරිතාලෙකට OPD එකේ බෙහෙත් දෙන්න දාන්නෙ නෑනෙ. ඒ වගේ සයන්ස් ග්‍රැජුවට් කෙනෙක් හොරොව්පොතානෙ වැහෙන්න යන ප්‍රයිමරි ඉස්කෝලෙක ලමයින්ට PT උගන්වන්න දාන්නෙ නැතිව තියන සිස්ටම් එකක් හදන්න ඕන. ඒකයි ඉස්කෝල වල ගුරු හිගය, විශමතාවයක් විදිහට තියෙන්නෙ. ඒක හිගයක් නෙවේ කලමනාකරනය නොකරපු දේශපාලනික හිගයක්. අපි මැරෙන්නම වැටුනත් අපේ ට්‍රාන්සර් ස්කීම් එක මොන ජගතාටවත් වෙනස් කරන්න බෑ වගේ සිස්ටම් එකක් එන්න ඕන. ඒකට කාලයක් යාවි. එතකන් මේ ලමයින්ට මොකද කරන්න පුලුවන්.? එහෙමත් නැත්නම් එයාලට හොස්ටල් පහසුකම් දෙන්න පුළුවන් ඇවිල්ලා ඒ සතියේ ඉස්කෝලේ ඉගෙනගෙන විකෙන්ඩ් එකේ ගෙදර යන්න හරියට අපි කැම්පස් එකේ කරනවා වගේ. අර කීව ඒලෙවල් ඉස්කෝල කීපයෙ, දුර ඉදන් එන ලමයින්ට ඒ පහසුකම ලබා දෙතෑකි. ඒක නම් එච්චර අමාරු නෑ. ස්පෝර්ට්ස් ස්කූල් හදනව වගේ ආන්ඩුවෙන් ගානක් ගෙවල හරි ලමයින්ට හොස්ටල් ෆැසිලිටිස් දෙතෑකි. ආන්ඩුව ක්‍රීඩාවෙන් සාර ලමයි හදන්න ජාතික ප්‍රතිපත්තින් වෙනස් කරනවා නම් බුද්දිමත් උගත් පරම්පරාවක් වෙනුවෙන් එහෙම වෙනස් කම් කරන්න බෑ කියන්න බෑනෙ. නැතත් උගන්නනවා නම් බෝඩ් වෙන එක හරි ලමයි කරාවි. ඒක ආණ්ඩුවට එහෙම නැත්නම් රජයකට සෑහෙන වියදම් වැඩි වැඩක් වෙයිනේ? ඔය තැන් තැන්වල ඇරල තියෙන ඉස්කෝලෙක ළමයි දෙතුන් දෙනා වෙනුවෙන් සයන්ස් උගනනන්න ටීචර්ලා තුනයි, කොමස් උගන්නන්ට තුනයි, මැත්ස් වලට තුනයි, ආර්ට්ස් වලට ටීචර් තුනයි, ටෙක් වලට තව තුනයි ගානේ දාන්න හිටියොත් එයාලට පඩි නඩි ගෙවන්න ආණ්ඩුවට තියෙන වියදමට වඩා සෑහෙනට අඩුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක නිසා එයාලා දැන් ඒලෙවල් කරන හැම ඉස්කෝලෙකටම ඔය ඉලක්කම් ගානට ගුරුවරු ඇලොකේට් කරන්නෑ. ඒ නිසා ඉන්න ගුරුවරු අර අපි හදපු ඒ ලෙවල් ස්කූල් වලට ගන්නවා. ඒ සබ්ජෙක්ට්ස් ගැන හොඳටම ස්ටඩි කරලා ඒ සබ්ජෙක්ට්ස් ගැන හොඳටම ඉහළ තලයේ ඉගැන්වීම් රටාවක් කරන්න පුළුවන් ගුරුවරු ඔක්කොම ටික. ඔය ඒලෙවල් ගුරුවරු කැම්පස් එකේ අවුරුදු ගනන් ඔය සබ්ජෙක්ට් ඉගෙන ගත්තු අය. එයාලා තුනේ ලමයින්ට අපි ප්‍රීතිමත් වෙමු පාඩම උගන්වන්න ඕන අය නෙවේ. ඊට පස්සෙ එයාලා කන්ටිනුවස්ලි මොනිටර් කරන්න ඕන. මොකද එයාලා හරියට ෆෝකල් පොයින්ට් එකක නැත්නම් කැම්පස් එකක වගේ තැනක උගන්වන්න යන්නෙ. අටොරාසියක් වැඩ කරන, විනය බලන, පිට්ටනි හදන, ස්විමින් උගන්වන ගුරුවරු ඕකට දාගෙන බෑ. එතකොට රිසල්ට්ස් පෙන්නන්න ලේසියි. එතකොට කෙලින්ම ඉස්කෝල අතර තරගය බහිනවා. බහිනවා කියන්නෙ තරගයක් නැතිව යනවා. උදාහරනයක් විදිහට අනුරාධපුරේ ගත්තොත් සෙන්ට්‍රල් එක සයන්ස් වලින් තියන එකම ස්කෝලේ බවට පත්වෙනකොට නිවත්තක චේතිය ආට්ස් එකෙන් ප්‍රධාන ඉස්කෝලේ බවට පත්වෙනවා. වලිසින්හෙ ටෙක් වලට හදනවා. ප්‍රසිඩන්ට්ස් කොලේජ් එක කොමස් වලට දානවා. ඒවායෙ නම් වෙනස් කරගත්තත් ඇති. හැම ඉස්කෝලෙකටම පිළිගැනීමක් එනවා. එකක් තව එකක් අබිබවා යන්නෙ නෑ. එක ඉස්කෝලයක් විතරක් මුදුනා වෙන්නේ නැහැ. මෙඩිසින් යන ඔක්කොම සෙන්ට්‍රල් එකෙන් තමා යන්නෙ. ඒක සෙන්ට්‍රල් එකේ හපන්කමක් නෙවේ. දිස්ත්‍රික්කයේ හපන්කමක් වෙනවා. මොකද දිස්ත්‍රික්කයේම ඉන්න සයන්ස් කරන ලමයි ටික එන්නෙ එතැනට. එහෙම වුනු දාට උතුරු මැච පලාත ලන්කාවෙ නවවෙනි තැනට එන එකක් නෑ. එතැන පන්ති කාමර පහක් අටෝගෙන ඕක කරන්න බෑ. එහෙම වුනොත් ආයෙත් ඒ නවය ගත්ත එකාට ඇරෙන්න විශයට ආස ඒ අටක් ගත්ත ලමයෙක්ට ඒ සබ්ජෙක්ට් එක කරන්න් බැරිවෙනවා. ඒ නිසා අනික් ස්ට්‍රීම් වල ක්ලාස් රූම් සයන්ස් වලටම ගන්නවා. එතැන පන්ති කාමර දහයක් පහලොවක් වුනත් සයන්ස් වලට කන්වර්ට් කරන එක ගැටලුවක් නෑ. ආර්ට්ස් කොමස් වෙන ඉස්කෝලෙකට යන නිසා. වටේම තැන් තැන්වල ඉන්න ඒලෙවල් සයන්ස් ටීච්‍ර්ස්ලා මෙතැනට එනවා. එතකොට අනුරාධපුර සයන්ස් කොලේජ් එක වගේ එකක් හැදෙනවා. කොමස් කොලේජ් එක වගේ එකක් හැහෙනවා. ඔක්කොම ෆැසිලිටීස්, ලැබ්, ඇකඩමික් ලයිබ්‍රරි, රිසෝර්සස් එක්ක. ටියුශන් ඉබේම අඩුවෙලා යාවි. ලමයි නිදහසේ ඉගෙන ගනීවි. අමාරුම ලමයින්ට ඔන්ලයින් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කරවතෑකි. මොකද ඒ ෆැසිලිටීස් ලේසියෙන්ම ඔය ඉස්කෝලවලට ඇප්ලයි කරවතෑකි. ඊට පස්සෙ ටික ටික රෑ වෙනවා. උගෙ ඩිස්පෙන්සරියටත් ලෙඩෙක් එනවා. මටත් තියෙන දෙයක් රත් කරන්න යන්න වෙනවා. පාර්ලිමේන්තුව විසිර යනවා. ............................................ මට ඔය සිද්දිය අමතක වෙලාම තිබ්බෙ. ඊයෙ මම යනවා මැදවච්චිය ජාතික පාසලට. මම හැමදාම පදවියට යනකන් යන හැම ගමනෙම මැදවච්චිය සෙන්ට්‍රල් එක පහු කරනවා. ලස්සන ලොකු ඉස්කෝලෙ. ජාතික පාසලක්! කොහොමද ඒ ලෙවල්ස්? කී දෙනෙක් මේ පාර මෙඩිසින් ගියාද? මං වැරදි ප්‍රශනයක් ඇහුව වගේ ටීචර් මං දිහා බලාන ඉන්නවා. වැඩ තුන පාස් කරගන්නත් විදිහක් නැතිව ඉන්නෙ ? ඇයි? ෆිසික්ස් සර් කෙනෙක් නෑ අවුරුදු කීපයක ඉදන්. බයෝ ටීචර් දවස් පහකින් රිටයර් වෙනවා. කෙමිස්ට්‍රි ගුරුවරයෙක් විතරයි ඉන්නෙ. ලමයි 12යි. හොදට පාස් වෙන ලමයි ඔක්කොම අනුරාධපුර ටව්මෙ ඉස්කෝල වලට අස් කරගෙන යනවා. ඉතින් ඇයි ලමයිනුත් නැතිනම් ටීච්‍ර්ලත් නැත්නම් සයන්ස් ස්ට්‍රීම් එක ඇරගෙන ඉන්නෙ? මං දන්නවා මට අදාල නැති ප්‍රශනයක්. ඒ ලමයිනුත් ආස ඇති සයන්ස් ඉගෙන ගන්න. අනුරාධපුර පැයක දුරකින් තියෙන්නෙ. ඒ අට නවය නැති ලමයින්ටත් ආසාවක් තියනවා. හැබැයි ඒ ආසාවල ප්‍රායෝගික තත්වය සබ්ජෙක්ට් තෝරා ගද්දි ඉස්කෝලවලදි මීටින් අරන් පැහැදිලි කරල දෙන්න ඇතිනෙ. මුලු කැබිතිගොල්ලෑව කලාපයේම සයන්ස් වලින් විබාගෙ ලියන්න ලමයි ඉන්නෙ 35 යි. ඒ 35 වෙනුවෙන් ඉස්කෝල හය හතක් සයන්ස් ස්ට්‍රීම් එක ඇරගෙන ඉන්නවා. ඇරගෙන උන්නට සබ්ජෙක්ට් තුනටවත් ටීචර්ලා නෑ. ඒකෙන් එක්කෙනෙක්වත් මෙඩිසින් යනවද? මීක් නෑ. අඩුම ගානෙ ඒ 35 වත් එක ඉස්කෝලෙකට දාලා , ඒ ටීචර්ලා ටිකත් එකම ඉස්කෝලෙකට දාලා සබ්ජෙක්ට් තුනට ටීච්‍ර්ලා තුන්දෙනෙක් එන්න ලමයින්ට උගන්වන්න බැරි ඇයි? ලැබ් හදන්න ඕන එතකොට එක ඉස්කෝලෙක විතරයි. අඩුම ගානෙ ඒ ලමයින්ට තරගය දැනෙයි. මොකද ඒ ලමයි 35 ත් තරග කරන්න ඕන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙඩිසින් යන ලමයි 90 අතරට රිංගන්න. ඇත්ත ඒකයි. එක පාරටම මට මොකෙක් හරි ඔලුවට තඩි බානවා දැනුනා. කට වහගෙන ඉදින්. පුලුවන් නම් උබේ ලමයව ඉස්කෝලෙට දාගන්න මොකෙක් හරි ඇමති කෙනෙක්ගෙන් ලියුමක් අරගෙන වරෙන් වගේ වාක්‍යක් මොලය හරහා කනෙන් එලියට ගියා. ආයෙත් මන් ඇස් පියා ගන්නවා. ආයෙත් එකෙක් ඔලුවටම තඩි බාලා මෙහෙම කියනවා මට ඇහෙනවා. දොස්තරලා තමන්ගෙ ක්ශේත්‍රයෙ විතරක් ප්‍රවීනයො වෙලා හිටියාම ඇති බන්. ඔලුව බේරගෙන මං කෑගහගෙන නැගිටුනා. ඒක හීනයක්. හීන දකින්න තහනමක් නෑ. දොස්තරලටත් එයාලගෙ නොවන ෆීල්ඩ් වල හීන පේනවා. මම ඇහැරුනා පෙන්ස්. මේක හිතෙන ඒවා දාන්න තහනම් නැති තැනක්. ඇත්තටම මගෙ හීන ගැන දාන තැනක්. අනික දොස්තරලා වුනාම තමන්ගෙ ක්ශේත්‍රයෙ ඇරෙන්න අනික් ඒවා ගැන යහමින් කතා කරන්න දන්න ඩෑල් නිසා ඔන්න තමන්ගෙ නොවන ගැටලුවකට මගෙ රිෆෝර්ම්ස් ටිකත් කියාගෙන ගියා. ඔයාලටත් යටින් ඉඩ තියනවා අමුණන් යනව නම් අමුණන් යන්න. හප්පන් යනව නම් හප්පන් යන්න. නැත්නම් පාර්ක් කරනවනම් පාක් කරල යන්නත්. 2023.12.12 පින්තූරෙ කෘශිකර්ම ඇමති වෙලා ඉද්දි ගත්ත එකක්. පරිප්පු ගනන් කාලෙ පරිප්පු බෙදද්දි .***ගාල්ලෙ එකෙක් (04 👉) ස්ටිකර් ප්‍රෝඩාව * *සම්පූර්ණ කොටස* අවුරුදු 10ක පමණ කොලු ගැටයෙකු අවදියේදීම ගොඩකන්ද හෝලුවාගොඩ නිවසේ සිට කරාපිටිය පන්විලදූව වත්තේ පදිංචියට පැමිණීමත් ,එනයින්ම නිස්කලංක සුන්දර වූ පරිසරයක ක්‍රීඩාශීලී මිත්‍රශීලී කොලු කුරුට්ටන් සමග ඇති පදම් ක්‍රීඩා කිරීමට ලත් අවස්ථාවත් මාගේ ජීවිතයේ මා ලැබූ මහත් භාග්‍යයක් හා මා ලබන්නට තරම් වාසනාවන්ත වූ ඉන්ද්‍රිය කේන්ද්‍ර අධ්‍යාපනයේ ප්‍රධානතම හැරවුම් ලක්ශයක් ලෙසත් සටහන් කරන්නට කැමැත්තෙමි . ගාල්ල කරාපිටිය හන්දියේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති පුරාණ සුනන්දාරාම විහාරස්ථානයත් කරාපිටිය වෛද්‍ය විද්‍යාලයයත් අතරින් පිහිටි මාර්ගයේ සැතපුම් කාලක පමන දුරක් පැමින ඉන්ලන්ඩ් හිල් ඉඩම අසලින් දකුණු පසට හැරුනු විට ඇති දෙවට දිගේ බෝගහවේල්ල මාර්ගයට පැමිණ වමට හැරුණු විට ඇති කුඩා වංගුව පසුකරන විට ඉදිරිපසින් දිස් වන්නේ වෙල් යායකි.මේ වෙල්‍ යාය මැදින් ඉදිරියට දිවෙන මාර්ගයේ මීටර තුන්සීයක පමණ දුරකින් පාරේ දකුණු පස අයිනෙන් දිස්වන්නේ බෝගහවේල්ල බෝධියයි.එය පසුකර මීටර් සියයක් පමණ යනවිට ගම් මණ්ඩිය ආරම්භ වෙයි. මා යටකී කුඩා වංගුව පසුකර වෙල්‍ යාය ආරම්භයේදීම දකුණු පසට ඇති කුඩා අඩිපාර එකල දිවයන්නේ එම මණ්ඩියේ කෙලවරේම පිහිටා ඇති අපේ නිවස වෙතයි.අප නිවස පිහිටි ඉඩමද ඇතුලුව පරම්පරාගත ඉඩමක් වූ එම විශාල ඉඩමේ එකල අපේ නිවසට අමතරව තිබුනේ ලොකු මල්ලීගේ වයසේ සිටි මදුශංකලාගේ නිවසත් එම මණ්ඩිය ආරම්භයේම කුඩා කදු ගැටයක් මත තිබූ සමන්ති නම් කුඩා කෙල්ල ජීවත් වූ නිවසත් අපේ නිවසට උඩින් පිහිටි ජෝතිපාල අංකල්ලාගේ උඩ ගෙදරත් පමණි.(මුලින් කී පවුල් දෙකම අද එහි නොමැත). තාත්තා අපේ නිවස ඉදිකිරීම සදහා මිලදීගෙන තිබුනේ ජෝතිපාල අංකල්ගේ අය්යාගේ ඉඩමකි.අද පර්චස් දහයේ කැබලි වලට කඩා තට්ටු නිවාස
බොහොමයක් ඇති ජනාකීර්ණ ලෙස හැදින්විය හැකි ප්‍රදේශයක් තරමට දියුණු වී ඇති වුවද අප පදිංචියට පැමිණෙන අවධිය වනවිට එය පොල් ගස් හා පදුරු සහිත කැලෑ භූමියකි. කාලවර්ණ උස් සිරුරකින් හා සුදුම සුදු කොණ්ඩය හා රැවුලක් සහිත කලු සීයා(මියගිය) මාස කිහිපයකට වරක් පැමිණ ඔහුගේ ඉඩම් වල පොල් කඩාගෙන යන අතට අක්කර කිහිපයකින් සමන්විත එම ඉඩමේ කොටසක් තාත්තා පසුකලෙක ඔහුගෙන් මිලදී ගනු ලැබීය. එකල ඉදුරාම මාණ්ඩලික සැරයන් වරයෙකු ලෙස හමුදා සේවයට එක්වී සිටි තාත්තා එම ඉඩම මිලදීගෙන කුඩා කාමර දෙකකින් පමණක් සමන්විත වූ නිවසක් තනා හෝලුවාගොඩ සිට එහි පදිංචියට අප සමග පැමිනි අතර වසර කිහිපයක් අප එම නිවසේ ජීවත් වූයේ විදුලිය නොමැතිවය. රාත්‍රී වනවිට මා සහ මල්ලිලා දෙදෙනාත් කුඩා නංගීත් චිමිනි ලාම්පුව වටේ එකතු කරගන්නා අම්මා, එක පිගානකට බත් බෙදාගෙන අප හතර දෙනාටම කවයි.රාත්‍රී ආහාරය වේලාසනින්ම ගන්නා අප එකල රාත්‍රී හත පමණ වනවිට එකිනෙකාට තුරුල් වී නින්දට වැටෙන්නේ අතක් හෝ පයක් අම්මාගේ ඇගේ වදින්නට දමාගෙනය.ගෙම්බන්ගේ ,රැහැයියන්ගේ හා බකමූනන්ගේ හඩ අසාගෙන දෑස් වසාගෙන සිටින අප බල්ලෙකුගේ උඩුබිරුම් හඩට හෝ නරියෙකුගේ හූවකට බියෙන් තදින් එකිනෙකාට තුරුල් වූ හැටි අදටත් මට මතකය. තාත්තා හමුදා සේවයට එක්වූ දා සිට කුඩා අප රාත්‍රියට මුත්‍රා කිරීමට වත් අම්මා එලියට බැස්සෙව්වේ නැත.දත් මැද කකුල් දෙක සෝදා ඇදට නග්ගවන අපට රාත්‍රියේදී ඇතිවන මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයන් සදහා ඇටෑච් බාත් රූම් නොතිබූ එකල අපේ නිවසේ ඒ සදහා හට්ටියක් තබා තිබුනි.රාත්‍රියට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් අප ඒ " චූ හට්ටිය" ට අවශ්‍යතාවය ඉශ්ඨ කරන අතර පසුදින උදයේ අම්මා ඒවා අස්කර දමයි. පවුලේ වැඩිමහල් දරුවා වූ මාගේ කරදඩු උස්මහත් වනවිට පවුලේ හැමෝටම ඒ හට්ටියට ආයුබෝවන් කීමට හැකියාව ලැබුනි. මෑතක් වනතුරුම මිදුලේ පසෙක එම බෙලෙක් හට්ටිය තිබුනා මට මතකය. තනිව ජීවත්වන හැම හමුදා බිරිදකගේම හා කුඩා දරුවන්ගේ ජීවිත එවැනි විය හැක. මදුශංකලාගේ නිවසට පහලින් පිහිටි බෝගහවේල්ලේ සිට අපේ නිවසට යන මාර්ගයේ (වර්තමානයේ ඥාන ඇන්ටිලාගේ නිවස ඉදිරිපස )කොටස එකල අපේ ක්‍රිකට් පිට්ටනියයි.හැමදාම සවස් වරුවට ගමේ කොල්ලන් සෙල්ලම් කිරීමට පැමිණි මෙම පිටියේ ආරම්භය මදුශංක,මම ,ලොකු මල්ලී සහ චූටි මල්ලීය.පසුකලෙක ක්‍රිකට් තරගාවලි සදහා සහභාගී වූ කණ්ඩායමක් නිර්මාණය කල මේ කුඩා පිටියේ සෙල්ලම් නොකල කොල්ලෙක් බෝගහවේල්ලේ නොමැත. සෙනසුරාදා උදේ අටට පමණ පටන් ගන්නා ක්‍රිකට් තරග නිමවෙන්නේ අදුරු වැටීගෙන එන මොහොතත් පසුවීමෙන් අනතුරුව මදුශංකලාගේ අම්මා හෝ අපේ අම්මා කෝටුවක් කඩාගෙන ඒ පැත්තට එන විටදී පමණි.බෝලය ඇසට පෙනෙන නොපෙනෙන තරම් ගොම්මන් වූ විට ඕවර් පහලොවේ මැච් ඕවර් දෙකේ මැච් බවට පරිවර්තනය වන අපේ මෙම ක්‍රීඩා චර්‍යාව එකල සති අන්තයේදී සිදුවූ අතර නිවාඩු කාලයේදී නම් දිනපතා සිදු වන්නකි. මම,ලොකු මල්ලී,චූටි මල්ලී,මදුශංක,ඔශාන්,ප්‍රසාද්(ලොකු මල්ලී), පොඩි මල්ලී,කිරි අය්යා,චමින්ද (සිරිසේන මාමලගෙ),ලහිරු,අජිත්,වීරතුංග,සුදේශ්,ඇතුලු විසිපහකට වඩා නිත්‍ය සාමාජිකයන් ප්‍රමාණයක් එකල මෙහි සෙල්ලම් කිරීමට පැමිනි පිරිස අතර වූහ. වෙලේ නියවරල් වලට හතරේ සීමාවේ මායිම් සලකුණු කොට තිබූ අතර අනෙක් පසින් පොල් ගස් හා නිශ්චිත වස්තුවක් සීමාවන් ලෙස සලකුණු කොට තිබුනි.කණ්ඩායමේ සිටි ලාබාලතම සාමාජිකයන් වූ අපේ චූටි මල්ලීට සහ ප්‍රසාද් ගේ මල්ලී වන පොඩි මල්ලීට පංදු රැකීම සදහා නිතරම වෙලේ බැසීමට සිදුවූ අතර ඔවුන් ගොඩට පැමිනියේ අවස්තාවක් ලදහොත් පන්දුවට පහර දීමට පමණි.ගොඩට එනවිට මඩ කරියන් සේ මඩ නාගෙන එන මොවුන් දෙදෙනා කල සේවයට නිසි ඇගයීමක් එකල අප ලබාදුන් බවක් මතකයට නම් නොඑන අතර චූටි මල්ලීට අම්මාගෙන් නම් හවසට හොදවයින් අගය කිරීම් අසන්නට ලැබුනි. ක්‍රිකට් යනු පිස්සුවක් වූ එකල ගමේ කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වූ මා හට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක "වෙන්කටේශ් ප්‍රසාද් "ගේ නාමය ආරූඪ කර තිබුනු අතර ඇතමුන් රාජේශ් චව්හාන් ලෙස නම පටබැඳ තිබුනි. එකල ක්‍රිකට් කුඩා අපගේ ආත්මයටම කා වැද්දීමට සමත් වීමේ ප්‍රශංසනීය ගෞරවය හිමිවන්නේ අර්ජුන රණතුංගයන් ප්‍රමුඛ ලෝකශූරී ක්‍රිකට් කණ්ඩායමටයි . සනත් ජයසූරිය ,රොමේෂ් කලුවිතාරණ,අරවින්දද සිල්වා ඇතුලු විශිෂ්ඨයින් කුඩා අපට විදින්නට සැලැස්වූ ඒ අමන්දානන්දය වර්තමාන දරු පරපුරට නොමැතිවීම මහත් කණගාටුවට කරුණක් වන අතර,ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ආනන්දය විදි අවසන් පරපුර අප බව සතුටින් ,ගෞරවයෙන් හා කලකිරීමෙන් මේ මොහොතේ සිහිපත් කරමි.බුකි කරුවන්ගේ ග්‍රහනයට ක්‍රීඩාව යටත් නොවූ සමයක ලාංකීය ක්‍රීඩකයන්ගේ එකමුතුව හා කැපවීම වින්දනය කල අපට වර්තමාන ක්‍රීඩාව ගැන කලකිරීමට වඩා එහි ආනන්දය අහිමිවන දරු කැල ගැන ඇත්තේ අපිරිමිත අනුකම්පාවකි. ලංකාවම ක්‍රිකට් පාරාදීසයක් බවට පත්ව තිබු මේ කාලයේ ඒ ප්‍රීතිය දෙගුණ තෙගුණ කරමින් එදා මෙදාතුර ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ ස්වර්ණමය යුගය සටහන් කරමින් සුසන්තිකා ජයසිංහයන් ද ඔලිම්පික් ලෝකඩ පදක්කමක් මෙරටට රැගෙන ඒමට සමත් විය. රටපුරා සනත් සහ සුසන්තිකා (S&S) යුගය ලෙසත් එකල එම නාමයන් රැව් පිලිරැව් දුන්නේය. ඉතින් මේ කතාව ඒ පිලිඹදව නම් නොවේ. මෙසේ ක්‍රිකට් සැණකෙලි විදිමින් පසුවූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා සම්බන්ධ නොයෙකුත් විනෝද අංගයන්ද විවිධ සමාගම් මගින් මේ දිනවල අනුග්‍රහය කිරීම් කරන්නට යෙදුනි . කුඩා අපගේ වඩාත්ම සිත්ගත් ක්‍රියාකාරකම වූයේ එඩ්නා සමාගම විසින් ක්‍රියාත්මක කල ස්ටිකර් එකතු කර ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ දිනා ගැනීමේ තරගකාරීත්වය යි. එකල අප අමතර පංති ලෙස ගාල්ල වෙස්ට් එන්ඩ් චායාරූප හල අසල තිබූ ජාගොඩ සර්ගේ සහ මල්වැන්න මිස්ගේ පන්ති යන සමය වූ අතර මගේ ගමේ සිටි හොදම යහලුවෙකු වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ කසුන් වීරතුංග හා මම බයිසිකල් වල නැගී මුලු ගාල්ල පුරාම කඩවල් වල ස්ටිකර් එකතු කිරීමේ මහා ක්‍රියාන්විතයක් ආරම්භ කොට තිබුනි. කඩවල් කරා යන අප "අංකල් එඩ්නා දහයෙ චොකලට් තියෙනවාද ?" යනුවෙන් අසමින් මුදලාලිගේ චොකලට් රාක්කය අසලට ගොස් සීරුවට චොකලට් එකේ කවරය උස්සා ඇතුලේ ඇති ස්ටිකරයේ අංකය පරීක්ෂා කරයි.අපගේ ස්ටිකර් එකතුවට අඩු අංකයක් එහි තිබුනොත් පමණක් එම චොකලට් මිලදී ගන්නා අතර එසේ නොවුනොත් චොකලට් පෙට්ටියම අර ආකාරයෙන් පරීක්ෂා කර මුදලාලිගෙන් බැනුම් අසමින් පිටතට පැමිනෙයි. මෙසේ පට්ට කට්ටක් කා අප දෙදෙනාම වෙන වෙනම ස්ටිකර් සෙට් කිහිපයක් සාදාගත් අතර ඒ හැම සෙට් එකකම කුමන හෝ අංක කිහිපයක අඩුවක් තිබුනි. මේ අතර ස්ටිකර් වෙනුවෙන් ලැබෙන තෑගි ප්‍රදර්ශනය කල එඩ්නා ශාඛාවක් ගාල්ල සම්බෝධිය අසල තිබූ අතර අපි දෙදෙනාම නිතිපතා එහි ගොස් තෑගි පරීක්ෂා කරමින් ආශාව වර්ධනය කරගෙන එතනින් පිටත් පිටත් වන්නේ දැඩි අධිශ්ඨානයක් සිත් තුල රදවා ගෙනය. එහි තිබූ තෑගි අතරින් අපට වඩාත්ම සිත්ගත් ත්‍යාගය වූයේ අංක 101 සිට 125 දක්වා එකතු කලවිට ලැබෙන බැට් එකයි.මුලු ප්‍රදර්ශනාගාරයටම තිබුනේ බැට් දෙකක් වූ අතර හැමදාම ගොස් අතපත ගාන බැවින් සයිස් හයේ බැට් එක මටත් සයිස් පහේ බැට් එක කසුන් වීරතුංග ටත් වශයෙන් ඒවා අප දෙදෙනා වෙන් කරගෙන තිබුනි. සති දෙකක් යනවිට මේ අනර්ඝ බැට් දෙකේ හිමිකරුවන් වීමට අපට අඩුව තිබුනේ එකම එක ස්ටිකරයක් පමණි .ඒ අංක 101 ස්ටිකරයයි. මුලු ගාල්ල නගරයේ කිසිදු කඩයක අංක 101 නොතිබූ බවට මට අදටද සහතික විය හැක්කේ ගාල්ලේ නිකුත් කර තිබූ චොකලට් තොග සියල්ලක්ම පාහේ අප දෙදෙනා පරීක්ෂා කොට තිබූ බැවිනි .මුදලාලිලා කොච්චර බැන්නත් දින දෙකෙන් දෙකට ගොස් අලුත් චොකලට් තොග කඩයට ඇවිත් ඇද්දැයි පරීක්ෂා කිරීම අපි අත් හැරියේ නැත. දිනක් හවස් වරුවක වීරතුංගයා හති දාගෙන අපේ ගෙදරට පැමිනියේය."මචං තුශාරය සුබ ආරංචියක් තියෙනවා කියන්න." "මොකද්ද බන්?" "එකසිය එක හම්බ උනා" ඔබ විශ්වාස කල යුතුයි ඒ අවස්ථාවේ කසුන් ගේ මුහුණ සහ මට ඇතිවූ හැගීම් ඊට අවුරුදු විසි පහකට පමන පසු අදටත් මට ඒ ආකාරයෙන්ම මතකය. "අම්මටසිරි යකෝ කෝ කොහෙද?" "මෙන්න බලපන්කො මේක .." එය විස්සෙ චොකලට් එකකි.දිවා රාත්‍රි තරගයක අරවින්ද ද සිල්වා ස්වීප් පහරක් ගසන ආකාරයේ ඉරියව්වක් තිබූ එහි ඔහුගේ බැට් එක සහ සපත්තුව අතර තිබූ කලුපාට හිඩැස තුලින් 101 අංකය පෙනුනු අතර ඒ ස්ථානය පොඩිකර(අතින්) තිබුනි. "මචන් මේ 1 ද 7 ද?" හොදින් පරීක්ෂා කර බැලූ මාගේ ඇස් රැවටීමට තරම් වීරතුංගයාගේ උප්පරවැට්ටිය සමත් නොවීය. "උඹ හිතන්නෙ මේක අක්කට අහුවෙයිද?" වීරතුංගයාගේ බලාපොරොත්තු සහගත එම ප්‍රශ්නය තුලින් මටත් අමුතු ඉවක් ඇතිවිය. අක්කා යනු එඩ්නා කොම්පැණිය ප්‍රදර්ශනාගාරය බලාගැනීමට යොදවා සිටි තරුණ කාන්තාවයි. "දෙමුද පොඩි ට්‍රයි එකක් .එකසිය එක නෑ බන්ක් කොහේවත් .ඒක කොම්පැණිය ගහල නෑ වගේ .එහෙම නැත්තං වෙන කොහේහරි නගරෙක ඇති...." මෙකල මෙන් එකල සමාජ මාධ්‍ය තිබුනේ නම් ඕවා සොයා ගැනීම ඉතා සුලු වැඩය.එසේ නොතිබූ අවධියක 101 වෙනුවෙන් තවත් කල් ගැනීම රාත්‍රී නින්දට පවා බාධාවකි. "වෙන එකෙක් ඇවිත් බැට් දෙක ගෙනිච්චොත් නම් වැඩක් නෑ මචන්." අවසන් තීරණය ගැනීමට අපට විනාඩි දෙකකට වඩා ගියේ නැත. "දැන් හවස් වෙලා නිසා අක්කට කොහොමත් මේක පේන්නෙ නෑ.වහන්න ඔන්න මෙන්න තියල යමු." දැන් වැඩකරන්නේ මගේ මොලයයි. දඩබඩ ගා ස්ටිකර් අලවා තිබූ කොලය ගත් මා වීරතුංගයා සමග සරෙන්තුකඩේ හන්දිය දක්වා වේගයෙන් බයිසිකලය පෑගුවේ චොකලට් කඩය වසාවි යැයි තිබූ බය නිසාමය. රුපියල් විස්සක් දී ගත් චොකලට් එක කවරයේ මිදිගෙඩි පිරී තිබුනු ෆෘට් ඇන්ඩ් නට් එකක් වූ අතර වීරතුංගයා ස්ටිකරයේ අදාල ස්ථානය පොඩිකර ගම් ගල්වා ස්ටිකර් අලවන කොලයේ අලවන තෙක් එම ස්ටිකර් මෙහෙයුමේ පලමු වරට එම චොකලට් එක කඩාගෙන් අපි දෙදෙනා රස වින්දෙමු.අපි දෙදෙනා කිසිම දිනෙක ස්ටිකර් වෙනුවෙන් මිලදී ගත් චොකලට් නොකෑ අතර රුපියල් දෙක තුනක් අඩුවෙන් ඒවා නැවත කඩවලටම විකුනන්නෙමු. ස්ටිකර් සෙට් දෙකම සම්පූර්ණ වූ අංක 101 ස්ටිකර් දෙක අලවා නැවත තෘප්තිමත්
දෑසින් එය දෙස බැලූ අපි දෙදෙනා ඊලඟ මෙහෙයුම සදහා පිටත් වුනෙමු . හවස පහමාරත් පසුවී තිබූ එම මොහොතේ ප්‍රදර්ශනාගාරයේ අක්කා එය වැසීමට සූදානම් වෙමින් සිටියාය. වෙනත් කිසිවෙකුත් ප්‍රදර්ශනාගාරය තුල නොසිටි අවස්තාවේ එයට ඇතුලු වූ අප දෙදෙනා , "අක්කේ අපි 101 හොයා ගත්තා" යැයි පැවසූවේ බැට් දෙක තිබේදැයි බලමිනි. පුදුමයෙන් මෙන් අප දෙදෙනා දෙස බැලූ අක්කා ස්ටිකර් අප දෙසට පැමිනෙන විට වඩාත් කලුවර හරියට අඩියක් දෙකක් ගත් අපි දෙදෙනා ස්‍ටිකර් කොල දෙක අක්කා අතට ගන්නවාත් සමග අතුරු කතාවකට මුල පිරුවෙමු . "අක්ක අර සොහොන හරිය පහු කරනකොට රෑ වෙනව ඇති නේ මේ වෙලාවට ගියාම?" "මොන සොහොනද මල්ලි ?" ප්‍රශ්නය නගන්නේ අක්කා 101 පරීක්ෂා කරන ගමන්මය. අප දන්නා සොහොනක් නැත.ගෑනු රෑට පාරේ යන්න බය බව පමණක් අප දැන සිටියෙමු. "එහෙනම් හරිනෙ අක්කෙ අක්කටත් රෑ වෙනවනෙ මොනවාද පුරවන්න තියෙන ෆෝම් ?" ඒ ඊලග ගැටයය... "ඉන්න මල්ලි මම අරන් එන්නම් ෆෝම් ටික ගාල්ලෙන් ඔයාල දෙන්න තමයි මුලින්ම තෑගි ගන්නෙ .තාම කාටවත් බැරි උනා මුකුත් ගන්න." "සුබ පැතුම් " කියාගෙන ඇතුලට ගිය අක්කා පිටුපස දොරෙන් එලියට ඔලුව දමා "සදුන් මල්ලී...මෙන්න මේ අය්යල දෙන්න 101හොයාගෙන." හුටා...... "මචන් බඩු හම්බ වෙන්න යන්නෙ පොඩි එකානම් රවට්ටන්න අමාරුවෙයි .දැන් ඕක ඒවි මෙතනට." පොඩි එකා ආවේ විදුලි වේගයෙනි .... "අය්යෙ කෝ බලන්න මරුනෙ,කොහේද තිබුනෙ? මටත් අඩු ඕක විතරයි " උගෙන් ප්‍රශ්න කෝටියකි. "පේන්නෙ නෑ අය්යෙ හරියට ....යමු අර හොදට එලිය තියෙන තැනට" අම්මටසිරි බඩු බනිස් වෙන්න යන්නෙ..... "මල්ලි පරක්කු වෙනව අපිට ...ඔයා කොහෙද මල්ල් ඉස්කෝලෙ යන්නෙ.අක්කෙ හරිද ෆෝම් ටික?" "අය්යෙ අරවින්ද නේ ඉන්නෙ මේ? මම මහින්දෙ අය්යෙ යන්නෙ." "අඩේ අපේ ඉස්කෝලෙ කොල්ලෙක්නෙ එල එල මොකද්ද මල්ලි පන්තිය ඕන දෙයක් කියන්න මල්ලි මට .මාත් මහින්දෙ තමයි වලි එහෙම සෙට් උනොත් අනිවා කියන්න...." මල්ලිගෙ ඇහැ වහල වීරතුංගයා ගේම අතට ගත්ත ..... බැට් දෙක ගත්තු අපි ගෙදර ආපු විදිය වත් අපිට මතක නෑ ..... ඊට පස්සෙ මමනම් ඒ පලාතෙ වත් ගියේ නෑ.... වීරතුංගයා ස්ටිකර් වැඩේ දිගටම කරගෙන ගියා..... අක්ක කොම්පැණියෙන් හොදටම බැනුම් අහල තිබුන...... අපේ සීන් එකෙන් පස්සෙ කොම්පැණිය නීතියක් දැම්ම ස්ටිකර් ටික කොලඹට එවල කොම්පැනියෙන් අනුමත කලාට පස්සෙ තෑගි නිකුත් කරන්න කියල..... ඕව වෙච්ච හැටි කවුරුවත් දන්නෙ නෑ........අඩුගානෙ ගෙවල් වල මිනිස්සු වත්. ඒ නීති වෙනස් උනේ එහෙමයි..... ඒ කාලෙ කොලුකමට කරපු දේවල් ඕව..... තව ඒව තියෙනවා කාටවත් නොකියපු. වෙලා තියෙන විදිහට කියන්නම්. කසුන් වීරතුංග අද ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ජාලයක විධායක නිලධාරියෙක්...... අදටත් මගේ අතිජාත මිත්‍රයෙක්..... නැවත හමුවෙමු ....... සටහන ✍️ Thushara Niroshana Punchihewaඅවාසනාවන්ත ආදම්.. රෙදි ගැනීම සඳහා බිරිඳත් සමග සාප්පු සවාරි යාම ස්වාමිපුරුෂයෙකු ට ලබා දිය හැකි ඉහළම දඬුවමකි. මේ ඇඳුම ලස්සනද. මේක ඊට වඩා හොඳයි නේද... ආදී දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දීමට සිදුවෙයි. සළුවඩන මහතා ද එවැනි සැමියෙකි. තම බිරිඳ සමග රෙද්දක් තේරීමට ගිය විට ඇය තනිව අවසානයේ දී ගවුම් විස්සක් තෝරා ගනියි . ඉන්පසු එයින් ගැලපෙන ගවුම් දහයක් තෝරා දීම සළුවඩන මහතා කළ යුතු වෙයි. ඇය එම තේරූ ගවුම් දහයෙන් පහක් තෝරා ගනියි. එම තෝරාගත් ගවුම් පහෙන් හොඳම ගවුම් දෙක නැවත වරක් සළුවඩන මහතා තෝරා දිය යුතුය. එම ගවුම් දෙකෙන් එක ගවුමක් සළු වඩන මහත්මිය තෝරාගනී. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. කාලය පැය හතරක්වත් ගත වෙයි. දැන් දැන් වයස්ගත වන විට මේ ක්‍රියා නිසා සළුවඩන මහතාගේ ඉවසීමේ සීමාව රතු කට්ටද පනියි. වාහනයෙන් නිවසට එන විට සළුවඩන මහතා බුම්මාගෙන පැමිණීම බිරිඳට හිතට ඇල්ලුවේ නැත. මොකද මාත් එක්ක තරහ වෙලාද.. ඇය විමසීය. නෑ මං මේ කල්පනා කලේ ඒ කාලේ ආදමි කොච්චර වාසනාවන්ත මනුස්සයෙක්ද කියලයි.. ඔහු පැවසීය. ඇයි ඒ.. ඒව නෝනා ඒ කාලේ ඇන්දෙ ගස් වල කොළළු නේ... සළු වඩන මහතා පැවසීය. ඒ අතින් ඔයා වාසනාවන්තයි... බිරිඳ පැවසීය... මොන විකාරද.. මම එක කඩේ පැය පහක් කට්ට කෑවා නේද එක ගවුමකට... . සළුවඩන මහතා පිළිතුරු දුන්නේය. ඔයා දන්නවද එක එක ගස් වල කොළ එක එක විදිහයි. ඒව නෝනට කොහේ හරි උත්සව ගමනක් යන්න ඕනි උනාම ආදම් මහත්තයාට ගස් කීයකට නගින්න බහින්න වෙන්ඩ ඇතිද නෝනට ගැලපෙන කොළයක් තෝරා ගන්නකං. බිරිඳ පිළිතුරු දුන්නාය.වටිනාම මල ලෙසට පැලඳුවත් ඔටුන්න හිමි නෑලු කිසිදාක උදේකට පිපෙන්න මහ රෑම පීදිලා සිදුවුනත් මියෙන්න කඩුපුලත් ආස ඇති ඉර එළිය දකින්න 🙂 නෙරංජලා කඹකාරගේමීදුම් දුමාරය - කෙටිම කෙටි කතාව ================================== මොනවද බං ඔච්චර අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ ? මගේ සද්දෙට මෙච්චර වෙලා අහස දිහා බලාගෙන හිටපු සමන්ගෙ සිතුවිලි දැහැන බිදුනා. ඊට පස්සෙ ඌ සුපුරුදු විදිහට අහිංසක හිනාවක් දාලා ගෙයි පිලිකන්නෙ වාඩි වෙලා හිටපු තැනින් නැගිටල උගෙ නොන්ඩි කකුලත් ඇද ඇද ආපහු තේ කඩන්න යන්න හැදුවේ. සමන් මගෙ වත්තෙ තේ කඩන්න ආවෙ මීට මාසයකට කලින්... හැමදාම උදේ හයට විතර වැඩ කරන්න පටන් ගත්තම මිනිහ එකදිගටම වැඩ , කවුරු හරි මොනව හරි කිව්වත් ඌ කරන්නෙ යන්තම් හිනා වෙන එක විතරයි. වැඩ කරල මහන්සි උනාම ඌ ගෙයි පිලිකන්නෙ තියෙන කනුව ලගට ඇවිත් වාඩි වෙනවා, ඊට පස්සෙ ඔහේ අහස දිහා බලාගෙන ඉන්නවා... කොහෙද බං ඔය යන්න හදන්නෙ මම මේ ආවෙ උබේ මාසෙ පඩිය දීල යන්න. මං එහෙම කිව්වෙ කකුලත් අද්ද අද්ද යන්න හදන සමන් දිහා බලලා. ආ මේ පඩිය පරිස්සම් කරල තියාගනින්.. මං සල්ලි ටික සමන් දිහාට දික් කරාම ඌ ආයෙ උගෙ ඇස් පුන්චි කරල අහිංසක හිනාව දැම්මා.. මෙච්චර ඕනෙ නෑ මහත්තයො මහත්තයා මට තුන් වේලම කන්නත් දීලා ඉන්න තැනකුත් දෙනවනෙ ඒ ඇති මට..... සල්ලි දෙන්නෙ උබේ මහන්සියට... කන්න බොන්න දෙන්නෙ යුතුකමක් විදිහට .. පණ්ඩිතය නොවී මේ සල්ලි ටික ගනින්... එහෙම කිව්වම සමන් අත් දෙකම එකතු කරල සල්ලි ටික ගත්තා.. ආයෙ මං සමන්ව දැක්කෙ ඌ හවස මොනවදෝ අරගෙන ඇවිත් වත්ත පහල ඉන්න බල්ලොන්ට පූසොන්ට බෙදනකොට.. ඌට තිබ්බෙ පෙරාපු රත්තරන් වගේ හදවතක්.. හැබැයි ඒ හදවත කියාගන්න බැරි දුකකින් පිරිල තියනව කියල මට හිතුනා... රෑ ඌ පිලිකන්නෙ වාඩි වෙලා අදුරු අහස දිහා බලන් ඉන්නකොට මං ඒ පැත්තට කිට්ටු කලා.... මොනවද බං ඔච්චර කල්පනා කරන්නෙ? උබට මොනව හරි ප්‍රශ්නයක් නම් මට කියපන්.... ආයෙ උගෙ බායාදු හිනාව දාල ඌ නිශ්ශබ්ධ උනා... ඊට පස්සෙ උගෙ හඩ අවදි කලා.... මට අම්මව මතක් උනා මහත්තයා ! ඇයි සමන් අම්මට මොකද උනේ ? ඒක ලොකු කතාවක් මහත්තයො හ්ම්... කමක් නෑ කියපන්කො බලන්න උබේ කතාව මං මහත්තයො උසස් පෙලින් දිස්ත්‍රික්කෙ හතර වෙනියා උනා ... ඊටපස්සෙ මම කොළබ කැම්පස් එකට තේරුනා .. තාත්තත් නැති මාව හදාගත්තෙ අම්මා.. ඉතින් අම්මට තව දුක් දෙන්න බැරි හන්දා මං හැදුවෙ රස්සාවකට යන්න... ඒත් අම්මා කැමති උනේම නෑ... අම්මට ඕන උනේ මාව කැම්පස් යවල ලොකු තැනකට ගේන්න.. ඉතින් ඊට පස්සෙ මං කැම්පස් ආවා.. මගේ වියදම අම්ම පිරිමැහුවෙ ඉදියාප්ප විකුනල.. මට කැම්පස් එකේදි කෙල්ලෙක් හම්බුණා... මට ජීවිතේ ලැබිච්ච වටිනම තෑග්ග ඒක.. ඒ කාලෙ මට එයාගෙන් තොර ලෝකයක් තිබ්බෙම නෑ මහත්තයො ... ටික දවසක් යද්දි මන් එයාටත් වියදම් කරන්න ගත්තා. මොකද එයත් මං වගේම දුප්පත් පවුලක කෙනෙක් නිසා.. මම රස්සාවක් කලෙත් නැති නිසා එයාට මට වියදම් කරන්න සල්ලි ඉල්ල ගත්තෙත් අම්මගෙන්... මං හැමදාම වගේ අම්මට කතා කරල සල්ලි ඉල්ලුව පොත් ගන්න ඕනෙ කියල මහත්තයො ... සල්ලි නැත්තම් කැම්පස් යන්න බෑ කිව්වම අම්ම බය උනා මම ගෙදර නවතියි කියලා.. ඉතින් හැමදාම අම්මා මට සල්ලි දැම්මා... හැබැයි මන් එකක් දැනගෙන හිටියෙ නෑ මහත්තයො, ඒ අම්මා බඩගින්න ක්‍රීම් කැකර් එකෙනුයි ප්ලේන්ටියෙනුයි නැතිකරගෙන මට සල්ලි එවපු විත්තිය..... දවසක් මම පාරෙ යනකොට දැක්ක මගේ කෙල්ල කැම්පස් එකේම වෙන කොල්ලෙක්ගෙ වාහනේ නැගල යනවා.. අත් අල්ලගෙන උන් දෙන්න යන හැටි දැක්කම මම පපුව පැලුන කන්ථක වගේ උනා.... මම උන්හිටි තැන් අමතක වෙලා උන්ගෙ පැත්තට දුවද්දි පාරෙ ආපු වාහනේකට යට උනා.... මාව බේර ගන්න නම් මගේ දෙකට කැඩිච්ච කකුල කපන්න ඕනෙ කියල දොස්තරල කියද්දිත් අම්මා කිව්වෙ කකුලනම් කපන්න එපා බුදු මහත්තයො මගේ කොල්ලා කොහොම හරි නැගිටිනව කියලා.... අම්මට මන් එහෙම ඉන්නව බලන් ඉන්න බැරි උනා මහත්තයො ... අම්ම එදා රෑ මුරුගසන් වරුසාවෙම ගල උඩ තියෙන කෑලෑ බණ්ඩාර දෙයින්ගෙ දෙවොලට ගියේ දෙයියොන්ට මේ අවනඩුව කියන්න.. කුරා කූඹියෙක්ටවත් වරදක් කරන්නෙ නැති අම්මා හිතුවෙ දොස්තරලට හොද කරන්න බැරි කොල්ලව දෙයි හාමුදුරුවෝ කොහොම හරි බේරගනී කියලා... ඒ කියපු සමන් අහස දිහා බලන් අඩන්න ගත්තා... ඇයි බං මොකද උනේ ? ඒක මහ මූසල දවසක් මහත්තයො ... ගල උඩ දේවාලෙට ගියපු අම්මා ආපහු ආවෙ නෑ .. මගේ අම්මා ... මගේ අම්මා.. සමන්ට ගොත ගැහෙන්න ගත්තා... දේවාලෙ ඉදන් පහලට එනකොට අනෝරා වැස්සට අහුවුන අම්මා ලිස්සල ගිහින් ගලෙන් පහලට රූටල වැටිලා... අම්මා එනකන් මං ඉස්පිරිතාලෙ ඇදට වෙලා බලාගෙන හිටියා හැමදාම.... ඒත් අම්මා ආයෙ ආවෙ නෑ... ඉස්පිරිතාලෙ මගේ ටිකට් කපන්කොට තමයි දැන ගත්තෙ අම්ම නැති වෙලා කියලා..... "අම්මා නැති ලෝකෙ මට මොන රජකිරුලුද මහත්තයො " මට ඊට පස්සෙ පිස්සු හැදිල අවුරුදු 7ක් බේත් කලා මුල්ලේරියාවෙ.. හ්ම්... දැන් ඔය හැමදේටම මුල්වෙච්ච ගෑනි කොහෙද බං ඉන්නෙ ? එයා දැන් නුවර තේවතු අයිති මහත්තයෙක් බැදල ඉන්නව මහත්තයො. ඉතින් උබට ආයෙ හම්බ උනේ නැද්ද එයා ? හම්බ උනා මහත්තයො මොකද මමත් ඒ තේවත්තෙනෙ වැඩ කරන්නෙ කියපු සමන්ගෙ කටින් වියරු හිනාවක් ආවෙ මගෙ සියොලගම දාඩියෙන් තෙත් කරමින්... ඒ එක්කම සමන් ඉන්න පැත්ත මම හැරිලා බැලුවම එතන තිබ්බෙ මීදුම් දුමාරයක් විතරයි.......💎💎ධරණිගේ හිත💎💎 පපුවට දැනෙන ඒ නුපුරුදු උණුහුමත් එක්ක
මම ඉක්මනටම ඇස් ඇරියා. අතක් මගේ බද වටේ දාගෙන ඉන්න දේහදාරියා ගැන පළවෙනි පාරට මහා ලෝබ කමක් මට දැනුනා. මට කඩාගන්න බැරි තරම් උස අත්තක තියෙන ගෙඩියකට ආස වෙලා බෑ. ඒක මට කඩාගන්නම බැරි එකක්. ගලක් ගහලා හරි පොල්ලක් ගහලා හරි ඒක කඩාගන්න බැරිකමක් නෑ. ඒත් ගල හරි පොල්ල හරි ගිහින් ගහ විස්වාස කරගෙන හදපු කුරුලු කූඩුවේ වැදුනොත් කියලා මට බය හිතුනා. කුරුලු අම්මා වගේම පැටවු තුන් දෙනත් බිමට වැටෙයි. ඊටත් වඩා නරක දෙයක් උනත් වෙන්න පුලුවන් කියලා හිතුනා. මගේ පපුවේ දකුණු පැත්තේ වම් කම්මුල තියන් නිදන් ඉන්න ඔහුගේ කෙටි හිසකේ මම හෙමින් අත ගැවා. ඒ කෙටි කොණ්ඩය හරිම සිනිදුයි. සුදු හිසකේ කලු වෙන්නට වරින් වර ගල්වපු හිසකෙස් වර්ණ නිසා කලුත් නොවන, දුඹුරුත් නොවන අමුතුම පාටක් ඒ කොණ්ඩේ තිබුනේ. දකුණු ඇහිබැම වගේම කම්මුලෙත් තිබුණු සුදු උන රැවුල් ගස් ඔහුගේ වයස නොකියා මට මතක් කලා. පුලුල් නළල, දිග නහය ඒ මූණට ගෙනාවේ අමුතුම පෙනුමක්. සාලියගේ බොකුටු කොණ්ඩෙයි මුක්කන් නහයයි ඒ අස්සේ මට මතක් උනා. මම සාලිය එක්ක එනකොට උසස් පෙල ලිවුවා විතරයි. තාත්තාත් නැතුව මාව බලාගත්තු අම්මාට දුන්න ගින්දර ආපස්සට ඇවිලෙන්න ගියේ හරියමටම අවුරුදු තුනයි. එතකොට මම දුවලා දෙන්නෙක්ගෙම අම්මා කෙනෙක්. කසාද බැන්ද මුල් දවස් වල සාලියගේ තිබ්බ අදරේ වගේම පෙනුමත් ඒ අවුරුදු තුනේ බහිරවයා ගිලලා දැම්මා. අම්මා කරට දාපු මාල පොට වගේම කනේ දාපු කරබු දෙකත් සාලිය අරන් ගියේ මගේ කම්මුලත් රත් කරලා. හැබැයි ඒ ගියා ගියාමයි ආයේ ආවේ නෑ. එයයි එයාගේ යාලුවෝ ටිකයි පොලිසියෙන් අල්ලන් ගිහින් තිබ්බා.එයාලා ලග තිබ්බ බඩු වලට. සාලියත් එක්ක හිටපු කුලි ගෙදරින් මම අම්මා ගාවට ආවා. කවුරු අත ඇරියත් අම්මා මාව අත හරින්නේ නෑ කියලා මම දැනන් හිටියා. ඒක හරි ආත්මාර්ථකාමී හැගීමක්. ඒක මගේ හිත දන්නවා.ලේ කිරි කරලා දීපු අම්මගේ හිත රිද්දන කාට උනත් ඒක පොදු ධර්මතාවක්.ආයේම ඒ රත්තරන් කකුල් ගාවට යන්න වෙනවා. එහෙම නොවෙන කෙනෙක් ඉන්නවානම් එයාගේ හිත මැරිලා වෙන්න ඕන. අම්මා මාව දැකලා එදා අඩපු විදිය මතක් වෙන කොට මගේ පපුවේ පැත්තක් රිදෙන්න ගත්තා. එක දුවෙක් අතින් අල්ලන් අනෙක් දුව කරේ තියන් රෙදි මල්ලත් උස්සන් ආපු මාව අම්මට පිස්සියෙක් වගේ පේන්න ඇති. දරුවෝ දෙන්නට කලින් අම්මා ඉම්බේ මාව. අත අල්ලන් ආව ලොකු දුවව වඩගත්තේ ඊට පස්සෙ. ඒ මූණ පුරාම ආදරේ තවරපු අම්මා මගේ අතින් අල්ලන් ගෙට ගියා. කොයි ලෝකේ හිටියත් වතුර බින්දුවක් බොන්න හරි ඉස්පාසුවක් තියෙන එකම තැන අම්මා ඉන්න තැන. අම්මාලා නැති මහ ගෙවල් පාලු වෙන්නේ ඒකයි. උනු උනුවෙම සුදු බත් හදලා පොල් සම්බෝලයි කරවල තෙල් දාලය පිගාන පිරෙන්නම බත් එකක් ගෙනත් අතේ තිබ්බා. එදා තමයි අවුරුදු තුනකින් මම බඩ පිරෙන්න රහට කෑවේ. එදා ඉදන් අද වෙනකම් ඒ රස මගේ බත් එකේ තියෙනවා. දරුවෝ දෙන්නටයි මටයි කන්න බොන්න ලගට අම්ම ගෙනත් දෙනකම් බලන් ඉන්න මට බැරි උනා. හිතේ හය්ය තිබුනට ඒ වියපත් අත පය දකිද්දී ජීවිතේ පලවෙනි පාරට රස්සවක් කරන්න මට ඕන උනා. සාලිය එක්ක යන්න කලින් ලියපු උසස්පෙල ඉහලින්ම මම සමත් වෙලා තිබ්බ නිසා රැකියාවක් හොයා ගන්න එක අමාරු උනේ නෑ මට. අම්මා දරුවෝ දෙන්නා බලාගත්ත නිසා රැකියාව උපරිම කැපවීමෙන් කරන්න පුලුවන් උනා. ඉලක්කම් පහක වැටුපක් ලැබුන නිසා අම්මා වගේම දරුවෝ දෙන්නත් සතුටින් තියන්න පුලුවන් උනා. මමත් ලස්සනට ඇන්දා. මාව දකිනකොට කාටවත් පෙනුනෙත් නෑ, හිතුනෙත් නෑ මම දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් කියලා. අම්මා ගාවට ඇවිත් පස් වෙනි අවුරුද්ද මේ යන්නේ. මගේ දරුවෝ දෙන්නම ඉස්කෝලේ යනවා දැන්. අම්මා ඒ දෙන්නව මටත් වඩා ආදරෙන් බලාගන්නවා. සිදත් සර් මට හම්බ උනේ අපේ ඔෆිස් එකේ වැඩසටහනක් කරන්න ආව දවසක. දෙපාරක් හැරිලා බලන්න ආස හිතෙන චරිතයක් උනත් එහෙම බැලුවෙ නැත්තේ ඒ ජීවිත ලස්සන නිසා. හීනෙකින්වත් මගේ භිතේ එදා මෙහෙම ලගට වෙලා ඉන්න ආසවක්වත් හැගීමක්වත් තිබ්බේ නෑ. ඔෆිස් එකේ එක එක වැඩ වලට සිදත් සර්ට කතා කලත් ඒ කිසිම දවසක මට වෙනසක් පෙන්නුවේ නෑ. ඒත් ඒ කට හඩට මම ගොඩාක් ආස කලා. ගැඹුරු, පරිණත කටහඩක්. "කියන්න ධරණී...." "මම කෝල් එකක් දෙන්නම් ඔයාට.." එහෙම කිවුවට ආපහු කෝල් කරයි කියලා මම හිතුවේ නෑ. හැමවෙලේම හිනාවෙලා ඉන්න මට ඔහු බොහෝ කැමති බවත්, නිතරම මතක් වෙන බවත් කිවුවා. "ඒ හිනාව යට තියෙන දුක කතාව සර් දන්නේ නෑ. බාහිර ලස්සනට රැවටෙන්න එපා සර්" කියලා එදා මම කිවුවා. ඉලක්කම් වලින් වයස උනත් ඒ දුක කතාව කියනකම් ඒ දවසම ඔහු මැසේජ් කලා. වරින් වර ඔෆිස් එකට ඇවිත් මාව බලලා ගියත් අතකින්වත් ඇල්ලුවේ නෑ මගේ. අද මේ ආව ගමන උනත් මගේ උවමනාවට ආවද කියලා හිතෙනවා මට. ඇත්තටම මට ඕන උනේ කතා කරන්න. සිදත් සර්ගේ පවුල සම්පූර්ණයි. ලොකු දුවලා දෙන්නෙක්, පුතෙක්, හොද බිරිදක්. මනුස්සයෙක්ට සල්ලි භාහේ නැතත් සතුටින් ඉන්න පවුලක් තියෙනවානම් ඒ ඇති. එකක් එක්ක හරි කාලා සතුටින් ඉන්න පුලුවන්. මම හිතන්නේ එහෙමයි. ඒත් සිදත් සර් සතුටින් නෙවෙයි හිටියේ. එයා එහෙම කිවුවා. කඩේ යන එකේ ඉදන් එයාගේ රෙදි ටික සෝදගන්න එක වෙනකම් හැමද්ම කරලා දීලත් එයාගෙ වයිෆ් හිටියේ සැකෙන් කිවුවා. කලින් මොනාහරි තියෙන්න ඇති ඔච්චරටම සැක කරන්න. නැත්නම් සැක කරන එක ලෙඩක්. සාලියටත් ඔය ලෙඩේ තිබ්බා. බස් එකේ ඩ්‍රයිවර් එක්ක හිනා උනත් ඒකටත් කතාවක් කිවුවා. කඩේ මුදලාලි පාවලා දුන්නා. ඒවගේ ඒවා වෙන්න පුලුවන් දේවල්. ඒත් ඒ නිසා මෙච්චර දුර එන්න බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. මට ඕන උනේ කතා කරන්න විතරයි. ඒකයි අද ආවෙත්. සුදුපාට බිත්ති, ජනේල් රෙදි, ඇද රෙදි තිබ්බ කාමරේ මට අලුත් හැගීමක්. සාලියව බැදපු දවසේ අපි හිටිය අදුරු කාමරේ මට මතක් උනා. කණ්නාඩියෙන් මගේ දිහාම බලන් ඉන්නකොට මට පිටි පස්සෙන් හිට ගත්ත ඒ අපූරු පිරිමියා දිහා නොබලා ඉන්න මට බැරි උනා. මනුස්සයා නෑ කියලා දැනගත්තම ගොඩාක් අය මට කතා කලා ජීවිතේ දුක සැප බෙදාගන්න නෙවෙයි දවසකට දෙකකට ඇද බෙදාගන්න.ඒත් ඒ එක් කෙනෙක්ටවත් හොල්ලන්න බැරි උන හිත මේ පිරිමි රුව ඉස්සරහා හෙල්ලුනා. හොලවලා බලන්න මට හිතුනා.ඇත්තටම වාසනාවන්තයෙක්. "නිදහසේ කතා කරන්න ඕන උනා මැණික, ඒකයි මෙතනට ආවේ" "ඔයා කැමති නැත්නම් අපිට ආපහු යන්න පුලුවන් මැණික" එහෙම කියන ගමන් හෙමින් මගේ නළල ඉම්බා. ඒක ජීවිත කාලෙම මතක තියාගන්න පුලුවන් තරම් උණුම උණු හාදුවක්. හෙමින් හෙමින් මගේ දොතොල් මත්තට එන ඒ සුසුම් මග අරින්න හිතුනේ නෑ මට. හරියටම අවුරුදු පහකින් ලැබෙන මේ උණුහුම හැමදේම මට අමතක කලා. ඔව් පිරිමියෙක්, ගෑනියෙක් බලාපොරොත්තු වෙන ඒ දිග ගමන අපි ගියා. දකින අයට, ලෝකෙට ඒක වැරැද්දක් උනාට හැගීම් එක්ක ගිනි ගන්න හදවත් වලට ඒක දැනෙන්නේ නෑ. .ඒක මහ භයානක ගින්දරක්. එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙවෙයි පවුල් පිටින් විනාශ කරලා දාන්න පුලුවන් තරමේ විශාල ලැව් ගින්නක් ඒක. සිහින් ගෙරවුමකුත් එක්ක නිදාගෙන ඉන්න ඔහුගෙ කරේ තිබ්බ රත්තරන් මාලේ පෙන්ඩන්ට් එක මම හෙමින් අල්ලලා බැලුවා. කොටු හැඩයක් තිබ්බ ඒකෙ ගහලා තිබ්බේ ඉoග්‍රීසි පී අකුර. ඔව් පද්මිගේ නමේ මුල් අකුර. ඒක කරේ එල්ලන් මාත් එක්ක යන මේ ගමනේ තේරුම මොකක්ද කියලා හිතුනා මට. ඇත්තටම මට ඊලග ආත්මෙත් තනියම ඉන්න වෙන්නේ. පද්මි, දරුවෝ තුන් දෙනා දන්නවානම් එයාලගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ ආදරේ තව කෙනෙක්ටත් බෙදෙනවා කියලා. පවු. එහෙම කරන්න හොද නෑ. ඒක න්‍යෂ්ටික ප්‍රහාරයක් තරම්ම කුරිරුයි. හැගීම් දැනීම් දැනෙන ගැහැනියෙක් විදියට මෙච්චර දවස් ඒව හoගන් හිටිය එක ගැන මටම පුදුමයි. කුලප්පු වෙච්චි නාබර වැස්සියෙක් බොහොම අමාරුවෙන් ආන් බාන් කරගන්න ගොපල්ලෙක් මට හිතේ මැවුනා. මහන්සියට නිදාගෙන ඉන්න සිදත් සර් දන්නවානම් මම ගොපල්ලෙක්ට එයාව සමාන කලා කියලා. මට හිනාවකුත් ගියා. අපේ අම්මා හැමවෙල්ලෙම කියනවා සාලිය ආයේ එන්නේ නැති නිසා කසාදයක් බදින්න කියලා. ඒ අහන හැම වෙලේම ගස්සපු පුප්පපු මම සිදත් සර් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගත්ත දවසේ අම්මා පරල උන හැටි මතක් උනා. "උබේ පවුල කඩාගෙන ඒ පවුලක් කඩන්න එපා බන්. ඕවා ආත්ම ගානක් පටිසන් දෙනවා" "අනෙක උබේ වයසට හරියන එකෙක් හම්බ උනේම නැද්ද" "ඒ ගෑනි ලමයි දන්නවානම් ඒ අයට දෙන්න තියෙන සතේ උනත් උබට වියදම් කරන්නේ කියලා.." "ඕක නතර කරපන් ධරණී, මේ අම්මා උබට බොහොම හොදින් කියන්නේ." අම්මා එහෙම හිතුවට ඇත්තටම අපි අතරෙ එහෙම දුර ගිය සම්බන්ධයක් තිබ්බේ නෑ. යන එන ගමන් පොඩි දෙන්නට දෙන්න පලතුරු ටිකක්, චොකලට් එකක් දුන්නට එතනින් එහා මම මුකුත්ම අරන් නෑ. "උබලට තේරෙන්නේ නෑ බන් ඕව. කොයි මිනිහත් වෙන ගෑනියෙක් පස්සේ යන්නේ ගෙදර ගෑනිගේ අඩු පාඩු කියලා, ඒකත් ලමයි හම්බ වෙනකම් නොදැකපු අඩු පාඩු. ඕකුන් කියන විදියට ලමයි නිසා ගෑනි ලගට ආවේ නෑ කියන්නේ ඒ පොඩි උන්ට උණුහුමක් එපා කියලද කියන්නේ, ඔය මිනිහලාගේ තාත්තලත් එහෙම කොලා නම් උන්ටත් අම්මගේ තුරුලේ ඉන්න බැරි වෙන්න ඇති. ඒක දෙන්න දෙමල්ලෝ තේරුම් ගන්න ඕන. එක එකාගෙ වැරදි කිය කියා පැලැස්තර කෑලි ගහගන්න යන්නෙ නැතුව, ගෑනු උනත් මිනිහලා උනත්" අම්මා එහෙම කියනකොට මට හීල්ලුනා. වයසත් එක්කද මන්දා අම්මා මෙච්චර දේවල් දන්නේ කියලා හිතුනා. "උබලගේ තාත්තා නැති වෙනකොට මට විසි හතරයි. හත් දවසේ දානේ දීගන්න ඉස්සෙල්ලා එක එකා මට මගුල් ජෝඩු කරන්න ආවේ. ඒත් මගේ හිත හෙල්ලුනේ නෑ අම්මා. මට උබවත් හදන් ජීවත් වෙන්නයි ඕන උනේ. හැගීම් දැනීම් පිට දාලා මමත් වෙන මනුස්සයෙක් එක්ක ගියානම් අද මේ කිරි සප්පයෝවත් තුරුල් කරන් ඉන්න මට පුලුවන්ද. එක්කෝ තව දරුවෝ දෙතුන් දෙනෙක්ගේ වැඩ තියෙයි. නැත්නම් කසාද මනුස්සයාගේ ආවතේව තියෙයි. ඒ නිසා ඕක නතර කරලා දාන්න ඕන. එච්චරයි. මම ආයේ ආයේ කියන් නෑ ඔන්න" අම්මා කියන එක ඇත්ත, කොච්චර ලස්සන පවුලක්ද ඒ. මම නිසා කැඩිලා යන්න දෙන්න බෑ කියලා එදා මම හිතුවා. අද මේ අන්තිම හමුවීම වෙයි. ලබන සතියේ ඔෆිස් එකෙන් මම අයින් වෙනවා. ටිකක් දුර, වෙනත් ආයතනයක රස්සාවක් මට හම්බ උනා. ඉතින් ඒ යන්න කලින් මට එක පාරක් සිදත් සර්ට කතා කරන්නයි ඕන උනේ.
සිදත් සර්ගේ පුතාගෙ නමින් දෙපාරක්ම කෝල් ඇවිත් කට් උනා. දුවලම දෙන්නෙක් ඉන්න මට ආසයි පුතෙක්ට. උදේ ආව ගමන්ම මම කිවුවා මට පුතෙක්ට ආසයි කියලා. "ඔයාට තනියම හදාගන්න අමාරුයි මැණික. මටත් ආසයි ඔයාගේ බඩේ මගේ පැටියෙක් හැදෙනවා බලන්න.ඒත් ඒවා වෙන්න පුලුවන් දේවල් නෙවෙයි. අපි පරිස්සම් වෙමු" එයා එහෙම කිවුවට මගේ හිත එයා දන්නේ නෑනේ. ආයෙත් පුතාගෙන් කෝල් එකක් එනකොට එයාට ඇහැරුනා. "තාත්තේ...හවසට කලින් එනවද" "අද මගේ ෆයිනල් මැච් එක." "තාත්තා එන්නම ඕන" "අම්මයි අක්කලා දෙන්නයි තාත්තා එනකම් ඉන්නවා කිවුවා එන්න" "ඒ නිසා තාත්තා එන්නම ඕන" සිදත් සර්ගේ පුතාගේ හඩ එහා පැත්තෙන් ඇහුනා. කොච්චර ලොකු වැරැද්දක්ද මම මේ කරන්නේ කියලා හෘද සාක්ෂිය ආයෙත් මතක් කලා. මටත් ආසයි ඒ අතේ එල්ලිලා ඇවිදින්න යන්න, පන්සල් යන්න, ශොපින් යන්න, රට වටේ ඇවිදින්න, ඒත් ඒවා හීනෙන්වත් වෙන්න පුලුවන් දේවල් නෙවෙයිනේ. "හරි පුතා. මම ඉක්මනට එන්නම්. මගේ කොල්ලා සෙල්ලම් කරනවා බලන්න. බුදු සරනයි, පරිස්සමෙන්" "තව චුට්ටක් නිදාගන්න එපැයි මැණික" "මට නින්ද ගියා. දැන් ඇහැරුනේ" "අපි යන්න ඕන නේද..කීයටද මැච් එක තියෙන්නේ.?" "හවස තියෙන්නේ.2.30ට. තාම එකොළහයිනේ." "ඒ උනාට කමක් නෑ සර්. අපි යමු" "සර්, සර් ඇත්තටම මට ආදරේද" අන්තිම පාරටත් ඒ ඇස් දිහා බලාගෙන මම ඇහුවා.එක පාරම ඒ ඇස් ගැස්සුනා. හරියට ඒ ප්‍රශ්නේ මම අහයි කියලා බලාගෙන හිටියා වගේ. "ඒක මගෙන් ආයේ ආයෙ අහන්න එපා මැණික, ඒකට උත්තරේ ඔයා දන්නවා. දැන දැනත් ඒකම අහන්නේ ඇයි" ඒක හැමවෙලේම අහන්නේ "මම ඔයාට ගොඩක් ආදරෙයි" කියන වචන ටික එක පාරක් හරි අහන්න ඕන නිසා.අන්තිම දවසේ හරි කියයි කියලා ඔව්..අදින් පස්සේ ආයේ කවදාවත් අපි හම්බ වෙන එකක් නෑ.ඒ ලස්සන කුරුලු කූඩුව කඩන්නේ නෑ මම. එයාලා ලස්සනට ඉන්න ඕන. මම නිසා ගෙදර ප්‍රශ්න වෙලා ඒ මූණ දුකින් ඉන්නවා දකින්න මට ඕන නෑ. පද්මි, ලමයි තුන් දෙනා එක්ක එයා හිනා වෙලා ඉන්න ඕන. ඒ තරමටම මම එයාට ආදරේ කරනවා. ඔව් සර් ඒ තරම්ම මම ඔයාට ආදරේ කරනවා. දෙන්නෙක් අස්සට තුන් වෙනියෙක් වෙන හැමෝටම කියන්න කතාවක් තියෙනවා. මේ මගේ කතාව. ජීවිතේ අතරමo වෙලා ඉන්නකොට, කාන්තාරෙට වැටෙන වැහි බිoදුවක් තරමටම ආදරේ කියන වචනේ වටිනවා, දැනෙනවා. වයස, උස මහත,කලු සුදු මේ මුකුත් එතනදී බාධාවක් වෙන්නෙ නෑ. ආදරෙන් එක වචනයක්, එක ස්පර්ශයක්, වැලදගැනීමක් හොදටෝම ඇති ඒ හැමදෙම අමතක වෙන්න. එන සතියේ සදුදා ඉදන් මම වෙනත් පළාතකට යනවා. ඉතින් අදින් ධරණී සිදත්ගේ අතින් අල්ලන් ගිය ගමන ඉවරයි. ඒත් තව මාස දහයකින් ලොකු උනාම මේ අත අල්ලන් යන්න මේ වගේම ආදරණීය පුතෙක් මගේ අතට එනකම් ලෝකෙටම රහසින් මම බලාගෙන ඉන්නවා.🌸🌸🌸 E.M.C.K.එදිරිසූරිය 2023.12.12 පද්මිගේ පැත්තෙන් කතාවත් අහමු මේ දවස් ටික පහුවෙලා🌸🌸🌸===මොහොතක් කියවන්න=== දන්නේ නැති කෙනෙක්ට නොරැවටෙන්න සහ වෙන්න පුලුවන් විශාල අනතුරු වලක්වාගන්න ඔයාලට සරලව පොඩි උපදෙසක් දෙන්නම් මම ලඟදී ගත්ත අත්දැකීමක් එක්ක, මේ ෆොටෝ එකනම් නෙට් එකේ තිබ්බ එකක්, මේක දැකලා තමයි මට මතක් වුණේ සිද්ධිය, මට මල්ලි කෙනෙක්ගෙන් මැසේජ් එකක් එනවා පේජ් එකට, "තාරු අයියේ මට සිවිල් ඉංජිනියරින් උදව්වක් ඕනේ" "කියපං මචං" "මම දැන් අවුරුදු 5ක් තිස්සේ ඩුබායි ඉන්නේ, මම ගිය අවුරුද්දේ ගේ හදන්න පටන් ගත්තා, ඒ ගෙදර හදාගෙන යන්න බාර දුන්නා මනුස්සයෙක්ට, ඒත් මට ඒ කරගෙන යන විදිහ හිතට අල්ලන්නේ නෑ, පොඩ්ඩක් බලන්න පුලුවන්ද? දාපු කොන්ක්‍රීට් එකෙත් පොඩි ක්‍රැක් එකක් තියනවා කියලා අපේ තාත්තා කිව්වා" පස්සේ මම කෝල් කලා, ඒ මල්ලි විස්තරේ කිව්වා සම්පූර්ණයෙන්ම, මට වැඩි දුරක් තිබ්බේ නෑ ඒ හදන ගෙදරට යන්න, කොහොම හරි ගිහින් බැලුවාම ඒ ඉඩම තියෙන්නේ ටවුමක පොඩි ඉඩක, තට්ටු 4කට යන්න ප්ලෑන් කරපු බිල්ඩින් එකක්, තට්ටු 4ම දාලා, දැන් Finishing level එකේ තියෙන්නේ, ඒ කියන්නේ columns beams slab දාලා දැන් කපරාදු කරන්න දොර උළුවහු තියන්න ටයිල් අල්ලන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ, ඒකේ structure එක බැලුවාම ඒක හදන්න බාරගත්ත මනුස්සයා නියමිත ආකාරයට Structural design එකක් කරලා දුන්න plan එකකට නෙවෙයි ඒක කරලා තියෙන්නේ, ඒ වගේම අඩුපාඩු ගොඩයි, 1. පඩිපෙළවල් වල සයිස් එක අඩුවෙන් දාලා - වයසක කෙනෙක් එහෙම පඩි නගිද්දි ඒක හරි අපහසුයි. 2. Bathroom floor එකේ level drop එක තියලා නෑ හරියට - බාතෲම් එක සහ කාමරය අතර වෙනමම strip එකක් දාන්න වෙනවා 3. Block work එක කරද්දී ඇදේට බැඳලා - කපරාරු කරද්දී සමහර තැන්වලට ලොකු බදාම ප්‍රමාණයක් දාලා ඒක level එකට ගන්න වෙනවා. 4. කොන්ක්‍රීට් එකට අපි සාමාන්‍යයෙන් දාන cement brand එකක් නෙවෙයි දාලා තියෙන්නේ තව සෑහෙන්න තියනවා ලිස්ට් එකක්, ඔය #ඔක්කෝම_හරි_කියමුකෝ, මේ මිනිහා තමන්ට ඕනේ ඕනේ විදිහට කම්බි දාලා ප්‍රමිතියකින් තොරව, කොන්ක්‍රීට් කනුවල සයිස් එක අඩු කරලා වියදම අඩු වෙන්න ඒකෙන් contractorටනේ ලාබේ, මොකද මේ contractor ඒ මල්ලිගෙන් සල්ලි අරන් තියෙන්නේ එක එක step එකට, මේ මල්ලිත් ඒ වැඩේ හරි අධ්‍යනයක් නොකර සල්ලි ටික එවලා, සාමාන්‍යයෙන් තනි තට්ටුවේ ගෙයක් හදනවා වගේ නෙවෙයි, මේවට structural design එකක් කරලා, 1. අවශ්‍ය column සහ beam ප්‍රමාණය සහ size එක 2. කම්බි ප්‍රමාණය 3. කම්බි වල diameter එක 4. stirrups වල ප්‍රමාණය සහ දමන දුර එන results වලින් තමයි ඒ ගොඩනැඟිල්ල ඉදිකරන්න ඕනේ, එහෙම නැතුව හිතෙන හිතෙන විදිහට තට්ටු ගෙවල් හදන්න බෑ, අනික මේ වගේ වැඩක් කරද්දී එහෙම හරි design එකක් හදාගෙන එතන තමන්ගේ කෙනෙක් තියන්න ඕනේ, එහෙම නැත්නම් observation එකට කෙනෙක් පත්කරන්න ඕනේ, ඒ වගේ මිනිස්සු තමන්ට ලාභයක් බලාගෙන ඔය වගේ පීචං වැඩ හින්දා ජීවිත රැසක් අනතුරේ වැටෙන්න පුලුවන්, බේත්පෙත්තට හොර කරන රටේ, අසරණ ලෙඩ්ඩුන්ගේ කෑම එකට හොර කරන රටේ ඔය වගේ දෙයකින් අර වගේ රට ඉඳන් දාඩිය මහන්සියෙන් වැලිකතරේ හම්බ කරලා එවන තුට්ටු දෙකට වංචා කරන මිනිස්සු නෑ කියලද කියන්නේ? දැන් අපි ඒ අඩුපාඩු වලට විසඳුම් දීගෙන යන ගමන්, ඒ මල්ලිම තමයි කිව්වේ නම ගම නොදා මේක දාන්න කියලා, ඔය වගේ තවත් මනුස්සයෙක් අහු නොවෙන්න, යම් ඉදිකිරීමක් කරද්දී පොඩ්ඩක් ඒ ගැන හිතන්න. හදන බිල්ඩින් එක හදලා තින්ත ගාලා යයි උන්, ඒත් මේ වගේ 2.50 වැඩ කරන මිනිස්සු හින්දා මුදල් වංචාව කෙසේවෙතත් ආදරණීයයන් රැසකගේ ජීවිතේ අනතුරේ වැටෙන්න පුලුවන්. ගෙයක් හදද්දී Contractor කෙනෙක් විතරක් හොයාගෙන මදි, ඒකට හොඳ consultation එකක් දෙන්නත් ඕනේ, නැත්නම් රීරි මා ංසෙත් එක්ක හූරං කන උන් ඉන්නේ. -Tharu Rajapaksha- thaaarustories තාරුගේ සිද්ධිඅපේ තාත්තා මැරුනේ ගෙදර බාල්කේ එල්ලිලා. තාත්තට එල්ලලා මැරෙන්න තරම් හේතුවක් තිබුණේ නැහැ කියලා අම්මා මට ඉස්සර කියලා තියෙනවා. තාත්තගෙ මරණෙන් පස්සෙ අපිට ගෙදර ඉන්න පුළුවන් තත්ත්වයක් තිබිලා නැහැ. මට ඒ මුල් කාලේ ලොකු කම්පනයක් තිබිලා තියෙනවා. එහෙම ලොකු කම්පනයක් තිබුණා කියලා ලොකුවට මට මතකයක් නැහැ ඒත් මං ඉස්සර රෑට හීනෙන් බය වෙලා ඇහැරිලා අඬනවා කියලා මට ලාවට මතකයි. මං එහෙම හීනෙන් බය වුනේ තාත්තා සාලේ එල්ලිලා හිටිය විදිය දැකලා. මායි අම්මයි කොහෙද ගිහින් එනකොට තමයි තාත්තා එහෙම සාලේ එල්ලිලා හිටියේ. අපේ තාත්තා ගමට ගොඩක් ආදරේ කරපු මනුස්සයෙක්. තාත්තගෙ මරණෙන් පස්සෙ නෑදෑයෝ එහෙම කිව්වේ "අපි ඉන්න රටට එන්න කිව්වට ආවනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑනේ" කියලා. ඒ වෙනකොට අපේ අම්මගෙ අක්කලා තාත්තගෙ මල්ලි එහෙමත් හිටියේ රට පදිංචි වෙලා. මං වුනත් ඉස්සර තාත්තට කියලා තියෙනවා අපිත් යමු කියලා. ඒත් තාත්තා ගම දාලා යන්න කැමති වුනේ නැහැ. තාත්තා ගමට කොච්චර ආදරේද කියනවනම් තාත්තට ගමේ මිනිස්සු කිව්වේ බහිරව මහත්තයා කියලා. තාත්තා තමයි ගමේ හැම දේකටම මුල්වෙලා වැඩ කරන්නෙ ඒ හැම තැනකටම ආරක්ෂකයා වෙන්නෙ. ඒක පිංකමක් වේවා විපතක් වේවා ඕනම තැනකදි තාත්තා තමයි ඔය දේවල් වලට මුල් වෙන නිසා වෙන්න ඇති තාත්තට මිනිස්සු බහිරව මහත්තයා කියලා කිව්වෙ. මට තාත්තා එක්ක තියෙන මතක වලින් මං කැමතිම දේ තමයි තාත්තා සමහර හවස් වලට සිංදුවක් එහෙම කියන වෙලාවට. තාත්තා ඉස්සර ආසාවෙන් ඉඳලා තියෙන්නෙ ගායකයෙක් වෙන්න ඒත් තාත්තට ගායකයෙක් වෙන්න බැරි වෙලා. තාත්තගෙ සිංදු කියනවා අහගෙන ඉන්න මටත් වඩා කැමති අපේ අම්මා. තාත්තට පුරුද්දක් තිබුණා ඔය සිංදු කියන වෙලාවට ඒවා කැසට් එකේ රෙකෝඩ් කරන්න. තාත්තා ඒවා රෙකෝඩ් කරන්නෙ ඇයි ඇහුවහම දවසක් තාත්තා කිව්වේ මං නැති කාලෙක "මැනිකෙට" අහන්න කියලා. තාත්තා අම්මට කතා කරේ මැණිකේ කියලා. තාත්තා නැති වෙලා අවුරුද්දකට වැඩි කාලයක් විතර අපි ගමේ හිටියා. ඒ හිටිය කාලේ කිසිම දවසක අපේ ගෙදර කැසට් එක දැම්මෙ නැහැ. ඔච්චර තාත්තගෙ හඬට කැමති අම්මා තාත්තගෙ කටහඬ අහන්නවත් කැසට් එක දැම්මෙ නැහැ. තාත්තා නැති වෙලා අපි ගමේ හිටිය මුල් කාලේ මට ගොඩක් අසනීප වෙලා තියෙනවා. මම ලොකු කම්පනයකින් හිටියා කියන කාලය මට ලොකුවට මතකයක් නැති වුණාට මම රෑට බය වෙන එක තමයි මතක තියෙන්නෙ. මං හිටපු තත්ත්වයත් එක්ක අපිට ගමේ ඉන්න එක එන්න එන්න අපහසු බව තේරුන නිසා අම්මා තීරණය කරා අපිට ආදායම ආපු ඉඩම් තුනෙන් දෙකක් විකුණලා අනිත් එක පුංචිලට බලාගන්න දීලා අම්මගෙ අක්කලා ඉන්න රටට මාවත් එක්කගෙන යන්න. මම ඉස්සර ආසාවෙන් හිටියේ මායි තාත්තයි අම්මයි අපි තුන්දෙනාම රට යන්න. ඒත් අපිට තාත්තව දාලා ඒ ගමන යන්න වුනේ. මට අරගෙන යන්න තාත්තගෙ අන්තිම මතකය විදියට තිබුණේ තාත්තා එල්ලිලා හිටපු ඡායාව විතරයි. ඊට අමතරව තිබුණේ තාත්තා ඉස්සර පුරුද්දක් විදියට රෙකෝඩ් කරපු කැසට්පීස්. ඔන්න ඔය රෙකෝඩ් කරපු කැසට්පීස් ගොඩකුයි ඒ ‍රෙකෝඩ් කරපු කැසට් එකයි මං ගත්තා තාත්තගෙ හඬ අහන්න. _____________________ අපි මේ රටට ඇවිත් අවුරුදු නමයකට විතර පස්සෙ තමයි මම මුලින්ම රස්සාවකට ගියේ. මේ ගෙවුන අවුරුදු නමයේ මුල් කාලේ හරි අපහසුවක් තිබුණත් ඒක ටිකෙන් ටික අඩු වෙලා පවතින අලුත් තත්ත්වයට හුරු වුන නිසා. මේ අවුරුදු නමය ඇතුලෙදි මට පුළුවන් වුන
ා තාත්තා එල්ලිලා හිටපු විදිය අමතක කරලා දාන්න. තාත්තා එල්ලිලා මැරුනා කියලා මතක් වුනත් ඒ ඡායාව දැං මට මැවෙන්නෙ නැහැ. මං හිතන්නෙ ඒකට හේතුව තාත්තා රෙකෝඩ් කරපු සිංදු අහන එක කියලා. මොකද ඒ සිංදුවල තියෙන්නෙ අපි තුන්දෙනා එකට හිටපු සුන්දර මතක නිසා. තාත්තා ඒ කියපු සිංදු මේ ගෙවුන අවුරුදු පුරාවට කොච්චර වතාවක් ඇහුවද කියලා මමවත් අම්මවත් දන්නෙ නැහැ. ඒ අහන හැම වතාවකම මටත් අම්මටත් මොකදෝ ආදර හැඟීමක් දැනෙනවා. ඒක අපි දෙන්නටම ලොකු සුවයක්. මං මුලින්ම රස්සාවට යන්න කලින් දවසෙත් තාත්තා කියපු සිංදුවක් අහගෙන ඉන්නකොට මට මතක් වුනා තාත්තා මේ සිංදු රෙකෝඩ් කරපු කැසට් එක. ඒ කැසට් එක අපි ගෙනාවට ඒක මෙහෙදි දැම්මෙ නැහැ. මෙහේ රේඩියෝ තිබුණු නිසා අපි ගෙනාපු රේඩියෝ එක එහෙමම පැත්තකට වුනා. පැත්තකට වුනා කිව්වට ඒක පරිස්සමට අරං තිබ්බා තාත්තව මතක් වෙන්න. තාත්තව මතක් වෙන වෙලාවට තාත්තා කියපු සිංදුවක් මෙහේ කැසට් එකට දාලා අහන නිසා මුල් කාලේ ඉඳලම ඒ කැසට් එක පාවිච්චියට ගත්තෙ නැහැ. මතක් වුන වෙලාවේ ඒක අතට ගන්න හිත කියපු නිසා මං ඒක පරිස්සමට තියලා තිබුණු තැනින් අරගෙන ඇවිල්ලා වැඩ කරනවද කියලා බැලුවත් ඒක වැඩ කරේ නෑ. ඒකේ ඇතුලේ කැසට්පීස් එකක් තියෙනවා කලිනුත් දැක්කට ඒකට ලොකු අවධානයක් ගියෙ නැහැ. ඒත් ඒ වෙලාවේ ඒ කැසට්පීස් එක මම එලියට ගත්තා. ඒ අරගෙන ඒක මගේ කාමරේ තියෙන කැසට් එකට දාලා අහගෙන හිටියා. සිංදු දෙකක් තාත්තා කිව්වා ඒවා මෙච්චර කල් අපි අහපු සිංදු නෙවෙයි. ඒ සිංදු අහන අතරතුර තේරුනා මේ තාත්තා අන්තිමට රෙකෝඩ් කරපු කැසට්පීස් එක කියලා. දෙවනි සිංදුව ඉවර වෙලා තුන්වෙනි සිංදුවේ බාගයක් විතර යනකොට වෙන වචන ටිකක් මට ඇහුණේ. ඒ ඇහුන වචන වලින් පස්සෙ මං තීරණය කරා ඒ ඇහුන වචන කිහිපය වෙනුවෙන් වැඩ කරන්න. ______________________ මං රස්සාවට ගිහින් අවුරුදු එකාමාරක් විතර කාලයක් රස්සාව කරලා ‍රස්සාවෙන් අයින් වුනා. මම එච්චර කාලයක් වුනත් රස්සාවට ගියේ මගේ අතට යම් මුදල් ප්‍රමාණයක් අත්‍යාවශ්‍ය වෙන නිසා. මම රස්සාවෙන් අයින් වුනේ මට මාස කිහිපයක විතර නිවාඩුවක් ඕන වෙලා තිබුණා අර තාත්තගෙ අන්තිමට රෙකෝඩ් කරපු කැසට්පීස් එකේ තුන්වෙනි සිංදුවෙන් පස්සෙ ඇහෙන වචන වෙනුවෙන් යමක් කරන්න. මට ඒ වෙනුවෙන් ලංකාවට යන්න වුනා. අම්මට එන්න බැහැ කිව්ව නිසා මං ලංකාවට ආවේ තනියම. ලංකාවෙන් ගියාට පස්සේ මේ ලංකාවට ආවමයි. අම්මා දන්නෙ නැහැ මම මේ ගමන ආවේ තාත්තගෙ අන්තිම වචන ටික වෙනුවෙන් කියලා. අම්මා හිතාගෙන ඉන්නෙ මං ලංකාවට යන්නෙ නැදෑයෝ බලන්න කියලා. අම්මා එහෙම හිතාගෙන ඉන්න එක හොඳයි. මං ඇවිල්ලා නැවතුනේ අපේ පුංචිලගේ ගෙදර. පුංචිලා හිටියෙත් අපි හිටපු ගමට ටිකක් එහාට වෙන්න ගමක. මං මාස හත අටක් මෙහේ ඉන්න බලාගෙන ආවට මට එච්චර කාලයක් මෙහේ ඉන්න ඕන වුනේ නැහැ. මට ඒ හිටපු කාලෙදි තේරුනා මිනිස්සු සල්ලි වෙනුවෙන් මිනිස්සුන්ව මරන්න ලෑස්ති පිට ඉන්නවා කියලා. මට ඕන වුණෙත් ඒකමයි මගේ අත්වල මුකුත්ම නොගෑවී තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න. ඒ දේ මං කරා. මං ගමේ හිටිය මාස පහ ඇතුලේ ගමේ මරණ තුනක් වුනා. තුනම බෙල්ලෙ වැල දාගෙන මැරුන අය. මුලින්ම මැරුනේ පංසලේ ලොකු හාමුදුරුවෝ, එයා එල්ලිලා තිබුණේ ආවාස ගේ ඇතුලේ. දෙවනියට සිරිල් කියලා මැණික් වෙළෙඳාම් කරන මුදලාලි කෙනෙක් එයා එල්ලිලා තිබුණේ එයාගෙම රබර් වත්තේ. තුන්වෙනියට එල්ලිලා තිබුණේ අජිත් කියලා මාලු බිස්නස් කරන මුදලාලි කෙනෙක්. එයා එල්ලිලා තිබුණේ ගමේ නිධන් ගල කියලා පොඩි කැලයකට මැදි වෙන්න ගලක් තියෙනවා ඒ ගල ළඟ තියෙන ගහක. ඔය මරණ තුනෙන් පස්සෙ ගමේ කටකතාවක් පැතිරුනා නිධන් හාරපු එකේ සාපේ තුන්දෙනාටම වැදිලා දිශ්ඨියෙන් තුන්දෙනාවම එල්ලලා කියලා. __________________ මං තාත්තා වෙනුවෙන් කරන්න ඕන දේ කරලා ගමෙන් ආවා. මං ආයෙත් ගෙදර ආවට පස්සෙ මුලින්ම ඇහුවෙත් තාත්තා අන්තිමට කියන වචන ටිකයි, තාත්තට කවුද මිනිස්සු තුන්දෙනෙක් කියන වචන ටිකයි. ඒකේ මෙහෙම කියනවා. "උඹ ගමේ බහිරවයා වුණාට උබද යකෝ නිධානෙත් බහිරවයා. උඹ ගන්නෙ නැත්තම් ගන්න එකෙක්ට ගන්න දීපන් ලොකු හාමුදුරුවනේ ඔය වැඩේ කරන්න එපා. සිරිල් උබෙයි මගෙයි යාලුකම ගැන හිතපන් අජියා උඹලා ඕක ගත්තා කියලා ලැබෙන සල්ලි යාදින්නෙ නෑ බං එල්ලපන් ඕකව එල්ලපන් ! " මං දන්නෑ මම ලංකාවට ගිහින් මම කරපු දේ හරිද වැරදිද කියලා. ඒත් ගිහින් ඇවිල්ලා තාත්තාගේ අන්තිම වචන ටික අහද්දි හිතෙනවා මං ඒ වචන වලට සාධරණයක් කරා කියලා. Pubudu Udatiyawala 2023/12/11එකදහස් නවසීය අනූ එක මේ අවුරුද දැන් අවු. 32කේ අම්මලා වෙලා ඉන්න, වයිෆ්ලා , තාත්තලා වෙලා ඉන්න නානා ප්‍රකාර අය ඉපදුන අවුරුද්දක්. ඉතින් මේ අවුරුද්දට කලින් 1990 දී ඉතාමත් සුරූපී අවු. 25 කාන්තාවක් ගැබ් ගන්නවා. අපි නම තියමු සුබා කියල. සුබා සහ සුදීප බලාපොරොත්තු ගොන්නක් මැද මේ ගැබ් ගැනීම ගැන සතුටින් කාලය ගත වෙනවා. ඉතින් එකදහස් නමසිය අනූ එකේ තමයි දරුවා ලැබෙන්න තියෙන්නේ. මේ ඉන්න කාලය අතර තුර සුබාගේ ඇඟ කසන්න ගන්නවා, කසන අතර තුර ලොකු රෑශ් එකක් එන්න ගන්නවා, සූදීප තැඹිලි ද, පලතුරුද, පලා නොගේන දෙයක් නෑ නමුත් මේක අඩු වෙන්නෙම නෑ, දොස්තර බලල කියනවා මේක කෑම විසවීමක් බෙහෙත් බිව්වොත් දරුවට හොඳ නෑ, මොකද කරන්නේ කියලා, ඉතින් සුබාට දුකයි දරුවා ගැන, මාස 8ක් යනකම් අමාරුවෙන් දරුවා ලැබෙනකම් ඇ‍ඟ කස කස ඉන්නවා, රන් ආලේප කල වැනි සිරුර රෑශ් එකෙන් වැහිල යනවා, දරුවා ලැබෙන දවස එනවා. දරුවා ලැබෙන වෙලේ මහ පුදුමාකාර දෙයක්, ඒ දරුවා එක්ක තවත් මළ පුස් කාපු දරුවෙක් බඩ ඇතුලේ, ස්කෑන් කරනකොට අහු වෙලත් නෑ එයා ඉඳලා තියෙන්නේ පිට පැත්තට, හාට් බීට් එකක් ඇහිලත් නෑ මළ දරුවෙකු නිසා, අනික් දරුවාගෙත් වැඩීම අඩාල වෙලා මේ මළ දරුවා නිසා. මළ මිනියක් බඩේ තියාගෙන මාස 8ක් ජීවත් වුන එකත් අනිත් දරුවා ලොකු වෙහෙසක් යොදා බේර ගැනීමත් යන දෙකම දෛවෝපගත පුදුමාකාර සිදුවීම් දෙකක් ලෙස සියල්ලෝම දැක්කා, මාස 3ක් ඉපදුන දරුවා වීදුරු පෙට්ටියේ. සිසේරියන් සැත්කම තියාගෙනම වෝඩ් එකට නිතර එනව යනවා මව් කිරි දෙන්න ඇය. සුදීපගෙ වැඩේ වෝඩ් එකේම දරුවන්ගේ සනීප ආරක්ශාව ගැන බලන එක. මාස 3කින් පස්සේ දරුවා ගෙදර ගේන්න ලැබෙනවා, හැබැයි දරුවා අතට දෙන්නේ තව කොපමණ කාලයක් ජීවිත් වෙයිද කියන දේ ගැන බලාපොරොත්තුවක් නොතබන ලෙසට උපදෙස් මත. කකුල් දෙක ඇදයි, ඉස්ගෙඩියෙකු වගේ පොඩී සාමාන්‍ය දරුවෙකුට වඩා ගොඩාක් පොඩී, ඉතින් බබාව ගෙදර ගේනවා. බබාගෙ නෑදෑයන්ගෙයි හැමෝගෙම වැඩේ බබාව ජීවත් කරවන්න දන්න හැමදේම කරන එක. ඉතින් ආදරේ කිසි අඩුවක් වෙන්නේ නෑ, ෆිෂෝ තෙරපිද, අරවද , මේවද සිදීපගෙයි සුබාගෙයි තරුණ කාලයම දරුවාගේ නිතර ලෙඩ වීම්, ඉන්ජෙක්ශන් කෝස් , නෙබියුලයිසින් වගේ විවිධාකාර වෛද්‍ය ප්‍රතිකාර වලටම ගෙවිලා යනවා. අවු. 10 පහු වෙනකොට ටික ටික දරුවා සාමාන්‍ය අතට හැරවෙන්න ගන්නවා. ඉතින් අවසානයේ, ඒ දරුවා මැරෙන්නේ නෑ, අවු. 32ක් ම ජීවත් උනා( දැන් 32යි ), අවසානයේ උපාධියකුත් සහිත කළමනාකාරිනියක් ලෙස.***හිමාල දිනපොත*** **සිව්වන දින** අද නැවතත් ගමන් ආරම්භ කරන දවස. නම්චේ සිට ටෙංබුචේ දක්වා. මීටර් 3440 ඉඳලා මීටර් 3990 වෙනකම් ඉහලට. ඊයෙ වගේම නම්චේහි ඉහලටම නැගලා එතනින් උතුරු මාර්ගය අරගෙන ගමන් පටන් ගත්තා. බටහිර මාර්ගය, සුප්‍රකට ගොක්යෝ විල් හරහා යන ත්‍රී-පාස් මාර්ගයයි. නම්චේ පහු උනාට පස්සෙ ඉතිරි කොටස ලේසියි. ඊයේ අපි දැකපු මාර්ගය දිගේ කි.මි 2ක් විතර තිරස් මාර්ගයක යන්න තිබ්බේ. පාර තරමක් පුළුල්, හොඳ එකක් උනත් දූවිලි පිරිලා. කෙලවරක් නැතුව එන කොටළු ගැල් වලට ඉඩ දෙමින් අපි හැල්මේ ගමන් කලා. කාලගුණය අදත් ඉතාම හොඳයි. අප ඉදිරියෙන් වූ දැවැන්ත කඳු පන්තීන් මවා පෑවේ ඉතා තේජාන්විත දසුනක්. දකුණින් අප ආසන්නයෙන්ම සුන්දර අම-ඩබලම්. ඇස් ගලවා ගැනීමට අපහසු තරම් ඈ සුන්දරයි. ඉදිරියෙන් ලොත්සේ සහ නුප්ත්සේ. ඊට පිටුපසින් තේජාන්විතව නිසොල්මනේ සාගර්මාතා හෙවත් එවරස්ට්. නේපාලි ජාතිකයින් එවරස්ට් හඳුන්වන්නේ සාගර්මාතා නමින්. ටිබෙට් ජාතිකයින් හා ෂර්පාවරුන් එය හඳුන්වන්නේ චොමලුන්ග්මා (Chomolungma) නමින්. එහි තේරුම 'ලෝකයේ දිව්‍ය මාතාව' යන්නයි. බ්‍රිතාන්‍යයින් ඉන්දියාව යටත් කරගත් පසු පීක්-බී (Peak-B), පීක්-15 ( Peak-XV) නමින් මුල් කාලයේ හැඳින්වූවත්, 1865 දී එය එවරස්ට් ලෙස නම් කරන්නේ කීර්තිමත් බ්‍රිතාන්‍ය භූ විද්යාඥයෙකු මෙන්ම ඉන්දියාවේ මිනින්දෝරු ජෙනරාල්වරයෙකුද වන ශ්‍ර්‍රීමත් ජෝර්ජ් එවරස්ට්ට උපහාර පිනිසයි. අප කඳුගැටයක් හරහා කපා තිබූ මාර්ගයක ගමන් කරමින් සිටි අතර, අපට දකුණින් ඉතා පහලින්, අප පසුගිය දින කිහිපයේ පසු කරමින් පැමිණි නිම්නයත්, හිලරිගේ පාලමත් ඉතා කුඩාවට දකින්නට හැකි උනා. මෙම කඳුගැටය අවසානයේ අප තවත් කන්දකට මාරු වෙන්නට ඕනේ. මේ දුෂ්කර කලාපයේ එක් කඳු මුදුනකින් තවත් කඳු මුදුනකට මාරු වෙන්නට පහසු ක්‍රමයක් නෑ. එකම ක්‍රමය කඳුගැටය පහලටම බැස පටු තැනකින් ඊලඟ කඳු ගැටයට මාරු වීමයි. මේක තමයි අද දවසේ අභියෝගය. ඔබ ඉහලට නගිමින් සිටියදී පල්ලමක් හමුවීම කියන්නේ නරක ආරංචියක්. එක: ඔබ පහල බසින ප්‍රමාණය නැවත නැගිය යුතුයි. වෙන විදිහකින් කියනවානම් ඔබ උපයාගත් උස ප්‍රමාණය වැය කොට නැවත උපයා ගත යුතුයි. දෙක: ආපසු පැමිණීමේදි මේ පල්ලම කන්දක් වෙනවා. අපිට මීටර් 300 පමණ ආපහු පහල බහින්න උනා. ඒක තියුනු බැස්මක්. උස් ගල් පඩි නිසා බැස්ම අමාරු උනත්, මගේ අළුත් ගමන් සැරටි දෙකට ස්තූති වෙන්න, දණහිස් වලට ලොකු පීඩනයක් නොදී බහින්න පුලුවන් උනා. කන්ද පහලටම බැහැලා, ක්ෂීර නදිය හෙවත් ඩූහ්ඩ් කෝෂි වැල් පාලමකින් තරණය කරලා දිවා ආහාරයට නියමිත ස්ථානයට ලගා උනා. වැල් පාලමෙන් එගොඩවත්ම මට හමු උනේ සිංදුවක් උරුවම් බාමින් පැමිණි ප්‍රීතිමත් සංචාරකයෙක්. ඔහු මට උනුසුම් ලෙස සුබ පැතුවා. ඔහුත් මා මෙන්ම ඉහ නිකට පැසුනු සංචාරකයෙක්. "ඔබ ඉතා සතුටින් වගේ...." මම ඇසුවා. "ඇත්තෙන්ම ඔව්. මම යනවා නම්චේ වලට. ඒකේ තේරුම උණුවතුර හා බියර්..." ඔහු කිව්වේ මහ හඩින් සිනා සෙමින්
. "දවස් 12ක්ට පස්සෙ මම නාන්න යන්නේ.. ඉහල ඉතා හොඳ කාළගුණයක් තියෙනවා. ඔබ වාසනාවන්තයි. ඉතා විශිෂ්ඨ දර්ශනයක් ඔබට දැක ගන්නට පුලුවන් වේවි..." "බොහෝම ස්තූතියි. මේ සුන්දර පෙදෙස හැර යන ඔබට සුබ ගමන් !!" "නෑ නෑ මම යන්නෙ නෑ..නම්චේ දවස් දෙකක් ඉඳලා ආපහු එනවා. මම යනවා ගොක්යෝ විල් බලන්න....." මගෙන් සමුගත් මේ තනිව සැරිසරන අපූරු සංචාරකයා උරුවම් බාමින්ම පාලම තරණය කර නොපෙනී ගියා. දිවා ආහාරයට තව බොහෝ වෙලා තිබූ නිසා, මා ඇනවුම් කළේ, සුපුරුදු ලෙමන් තේ සමඟ ඔම්ලට් එකක්. මද වේලාවකින් එතැනට පැමිණියේ තව සංචාරකයෙක්. ප්‍රිය මනාප පෙනුමකින් යුත් ඔහු, ජර්මන් ජාතික තරුණයෙක්. ඔහු සිටියේ පහලට බසිමින්. මා ඔහුගෙන් ඉහල පෙදෙසේ කාලගුණය ගැන විමසා සිටියා. "උඩ ඉතා හොඳ කාලගුණයක් තියෙනවා. ඔබට ඉතා හොඳ දර්ශණයක් දැකගන්න පුළුවන් වෙයි. එවරස්ට්, නුප්ත්සේ, අමඩබලම් හොඳින්ම පේනවා. ලොත්සේ නම් එයාම හදන වලාකුලු නිසා සැරෙන් සැරේ නොපෙනී යනවා.." ඔහු සිටියේ ගමන ගැන බොහෝ තෘප්තිමත්ව. ඔහු මාස කිහිපයක් තිස්සේ ආසියානු රටවල් ගනනාවක සංචාරයේ යෙදෙන්නෙක්. නේපාලයට පැමිණීමට පෙර ඔහු මලේසියාව, තායිලන්තය, වියට්නාමය ආදී රටවල් ගණනාවක සංචාරය කර තිබෙනවා. "තව එක රටකට යන්න විතරයි මට සල්ලි ඉතුරු වෙලා තියෙන්නෙ...බොහෝ විට ඒක ඉන්දියාව වෙයි..." මා ඔහුට යෝජනා කලේ ලංකාව ගැන සලකා බලන්නැයි කියලා. ඉඳුම් හිටුම් සඳහා යන වියදමත්, කෙටි කාලයක් තුල විවිධ සංචාරක ආකර්ෂණ කලාප හරහා යාමේ පහසුවත් පෙන්වා දුන්පසු ඔහු කියා සිටියේ ඒ ගැන තදින්ම සිතා බලන බවයි. ජර්මනියේත්, ස්වීඩනයේත් සංචාරය කල හැකි ස්ථාන ගැන අපි තොරතුරු හුවමාරු කර ගත්තා. මෙවැනි බැක් පැකිං සංචාරකයින් නේපාලයේ සුලබ දසුනක්. අඩු වියදමත්, ආරක්ෂාවත් නිසා නේපාලය බැක්පැකින් සංචාරකයින් අතර බොහෝ ජනප්‍රියයි. නේපාල රජය මෑතකදී නිකුත් කල නිවේදනයකින් කියැවුනේ, 2023 අප්‍රේල් මස සිට මග පෙන්වන්නෙකු සමග සංචාරය කිරීම අනිවාර්‍ය බවයි. මේ නීතිය, එවරස්ට් මාර්ගය ඇතුලු මාර්ග ගණනාවකට බලපානවා. මෙය බැක් පැකින් සංචාරකයින් අධර්‍යමත් කරන තීරණ්යක් වුවත්, සංචාරකයින්ගේ ආරක්ෂාවටත්, නේපාලයේ ආර්ථිකයටත් එයින් යහපතක් සැලසෙනවා. මෑත දිනවල මේ මාර්ගයේදී අතුරුදහන් වූ සංචාරකයින් තිදෙනෙකුගේ විස්තර, අප පසුකරමින් ආ මුරපළවල් වල ප්‍රදර්ශණය කරමින් තිබුනා. සංචාරක මග පෙන්වන්නෙකුගේ දිනක ආදයම ඩොලර් 25-50 පමණ වෙනවා. පෝට‍ර්වරයෙකුට ඩොලර් දිනකට 15-20 පමණ උපාය ගන්නට පුලුවන්. මීට සංචාරකයින් විසින් දිය යුතු තුටුපඬුරුත් (Tip) එකත් එකතු වෙනවා. නේපාලයේ සංචාරක ආදයම ඉහල නැංවීමට මෙම තීරණය ඉවහල් වෙයි. දිවා ආහරයෙන් පසුව මද දුරක් ගෙවා අප පැංබුචේ ගම්මානයට එලඹුනා. ඉන්පසු තිබුනේ ඉතා තද නැග්මක්. විවිධ උස සහිත ගල් පඩිත්, දූවිල්ලෙන් වැසුනු මාර්ගයත්, ගමන දුෂ්කර කලා. හිරු රෂ්මියද තදින්ම දැනෙන්න ගත්තා. කඩින් කඩ, පයින් ගස් සෙවනේ කෙටි විවේක ගනිමින්, පුරුදු පරිදි. අඩියෙන් අඩිය, පඩියෙන් පඩිය, නම්මෙන් නැම්ම අපි ඉහලට ඇදුනා. කඳු මුදුනට ලඟාවන විට මා සිටියේ බෙහෙවින් හෙම්බත් වෙලා. දහවල් 1:30 පමණ වන විට අපි කඳු මුදුනට ලඟා උනා. ඒ නියමිත වෙලාවට පැය දෙකකට පමණ් කලින්. ඒ මුහුදු මට්ටමේ සිට මීටර් 3810 (අඩි 12500) ඉහලින් පිහිටි ටෙංබුචේ ගම්මානයයි. අපේ නවාතැන පිහිටා තිබුනේ කඳුගටයක් මුදුනේ ඉතා චිත්තාකර්ෂණීය තැනක. ඉදිරියෙන්ම තේජාන්විතව නැගී ඉන්න සුන්දර අම-ඩබලම්. වම් පසින් ටෙංබුචේ ආරාමය. ඉතා ශීතල සුලඟක් කඳුමුදුන හරහා හමමින් තිබුනා. දැඩි වෙහෙසින් උණුසුම් වී තිබූ අපේ සිරුරු ශීතල වීමට ගතවුනේ තප්පර කිහිපයක් පමණයි. මට ලැබුනු කාමරයත් සුව පහසු එකක්. ජනේලයෙන් කෙලින්ම හිරු එලිය වැටෙමින් තිබූ නිසා හොඳ උණුසුමක් කාමරය තුල තිබුනා. වතුර ඉතාම සීතල වූ නිසා ඇඟපත හෝදා ගැනීම නම් වේදනාකාරී දෙයක් උනා. එහෙන් මෙහෙන් යන්තම් වතුර ටිකක් ගාගෙන, තෙත ටිෂූවලින් හැකිතාක් පිරිසිදුවීම තමයි කරන්න පුලුවන් උනේ. කෙටි විවේකයකින් පසු ටෙංබුචේ ආරමය නැරඹීමට යාමයි අපේ සැලැස්ම උනේ. කෙටි නින්දකින් පසු මා ඇහෙරෙන විට කාලගුණය බෙහෙවින්ම වෙනස් වී තිබුනා. වලාකුලු වැස්මකින් අහස වැසී තිබූ අතර, අම-ඩබලම් තව දුරටත් පෙනෙන්නට තිබුනේ නෑ. සුලඟ දැඩි වී හාත්පසම තද සීතලකින් හා අඳුරකින් වෙලාගනිමින් තිබුනා. ටෙංබුචේ ඉතා කුඩා ගම්මානයක්. නමුත් ටෙංබුචේ හී ආරාමය ලොව ප්‍රසිද්ධ එකක්. මෙය කුම්බු නිම්නයේ විශාලතම ආරාමයයි. ආරාමය කදුමුදුනේ පිහිටි තැනිතලාවක ගොඩනැගිලි කිහිපයකින් යුක්ත එකක්. ඇතුල්වන තැන අලංකාර තොරණක්. ඊට පිටුපසින් විගාල මිදුලක්. උත්සව කාලයට භික්ෂූන් රබන් වයමින් මේ මිදුල වටා ගමන් කරනවලු. එතැනින් ප්‍රධාන ශාලාවට ඇතුලු වෙන්නට පුලුවන්. ප්‍රධාන ශාලාවට ඇතුලුවීමට ප්‍රථම පාවහන් ගැලවිය යුතුයි. ඇතුලත චායාරූප ගැනීමටත් අවසර නෑ. ශාලාව විචිත්‍ර වර්ණ බිති සිතුවමින් අලංකාර වී තිබූ විශාල එකක්. ඉදිරියෙන්ම වූයේ අග්‍රශ්‍රාවක ප්‍රථිමා දෙකට මැදි වූ විශාල බුදු පිලිමයක්. ඊට දෙපසින්, ඊට දෙපසින් ගුරු රිංපොචේ ගේ හා අවලෝකීතේශ්වර බෝසතුන්ගේ ප්‍රතිමා දෙකක් දකින්නට පිළිවන්. ගුරු රිංපොචේ, මෙම කළාපයේ දෙවැනි බුදුන් ලෙස මහත් සම්භාවනාවට පාත්‍ර වන්නෙක්. ආරාමයේ අවසන් ලාමා වරයා ගේ චායාරූපයක්ද පහලින් දකින්නට ලැබුනා. ඔහුගේ ළමා කාලයේ ජායාරූප කිහිපයක්ද දකින්නට තිබුනා. ප්‍රථිමා වලට දෙපසින් වූ රාක්ක වල තබ තිබුනේ ශුද්ධ වූ ග්‍රන්ථයි. ශාලාවෙ භික්ෂූන් සඳහා පේලියට ආසන පනවා තිබූ අතර මැද වූයේ ලාමාවරයාගේ ආසනයයි. ටෙංබුචේ ආරාමය ඉදිවන්නේ, 1914 දී. ඒ ටිබටයේ රොන්ග්බුක්හි ප්‍රධාන ආරාමාධිපතිවරයාගේ නියමය පිට ගුලු ලාමාවරයා විසින්. කුම්බු නිම්නය පුරා විසිර සිටින පර්ෂාවරුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ගොඩ නැගෙන ආරාමයෙහි වැඩ අවසන් වන්නේ 1919. එය එතැන් පටන් කුම්බු නිම්නයේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය බවට පත් වෙනවා. 1932 දී භූමිකම්පාවක් නිසා ආරාමය විශාල වශයෙන් විනාශ වෙනවා. භූමිකම්පාවෙන් තුවල නොලැබුවත්, යම් නොදන්නා හේතුවක් මත ගුලු ලාමාවරයා එදිනම රාත්‍රියේ මිය යනවා. ටිබටයේ රොන්ග්බුක් ආරාමයේ හා බැතිමතුන්ගේ ආධාර මත, ආරාමය නැවත ගොඩ නැගෙනවා. ගුලු ලාමාවරයාගේ මරණින් වසර කිහිපයකට පසු, නම්චේ හී ෂර්පා පවුලක උපත ලබන න්ග්වාන්ග් ටෙන්සින්ග් ජැන්ග්පෝ නම් දරුවෙක් පෙර ආත්මභාවයන් ගැන කියමින් ඔහුගේ නිවස වන ටෙංබුචේ හී ආරාමයට යාමට ඇවැසි බව කියන්නට පටන් ගන්නවා. ඔහුගේ මව්පියන් ඔහුව ටිබෙටයේ රෙන්ග්බුක් ආරාමයට රැගෙන යන අතර එහිදී ඔහු ගුලු ලාමාවරයා වැඩ සිටි ස්ථානත්, ඔහුට අයත් ආම්පන්නත් හඳුනාගන්නවා. එතැන් සිට ඔහු ගුලු ලාමාවරයාගේ පුනරුප්පතිය ලෙස සලකා ටෙංබුචේ ආරාමයේ ආරාමාධිපතිවරයා වීමට පුහුණුව ලබනවා. ඔහු ටිබටයේ හා ඉන්දියාවේ ඩාජීලින්ග් හී බෞද්ධ විශ්ව විද්‍යාලයන් හී ඉගෙනුම ලබා පසුව ටෙංබුචේ ආරාමයේ ලාමා වරයා බවට පත් වෙනවා. ඔහුව ටෙංබුචේ රිම්පොචේ නමිනුත් හැඳින්වෙනවා. 1989 දී විදුලි කාන්දුවකින් ඇතිවන ගින්නකින් ආරාමය නැවතත් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වෙනවා. සියදිවි නොතකා ගිනිගනිමින් පවතින ප්‍රධාන ශාලාවට ඇතුලුවන තරුණ භික්ෂුවක් හා සංචාරක මගපෙන්වන්නෙක්, එහි තිබූ පැරණි ප්‍රතිමා හා ශුද්ධ ග්‍රන්ඨ බොහෝමයක් බේරා ගැනීමට සමත් වන නමුත් ගොඩනැගිලි බොහෝමයක් ගින්නට හසුවී විනාශ වෙනවා. ටෙංබුචේ එවරස්ට් සංචාරකයින්ගේ ප්‍රධාන නැවතුම් පලක් වන නිසා ආරාමයේ ගින්න ජාත්‍යන්තර අවධානය ලක් වෙනවා. ඊලඟ වසන්තයේදී ආරාමය නැවත ඉදිකිරීමට මූලිකත්වය ගන්නේ ලොව පුරා විසිර සිටින එවරස්ට් සංචාරකයි විසිනුයි. කුම්බු මිටියාවතේ, කඳුකර ජනයාගේ නොමද ගෞරවයට පාත්‍රවෙමින් විශාල කාර්‍යභාරයක් ඉටු කරන ටෙංබුචේ රිම්පොචේ 2020 ඔක්තෝබර් මස 10 දින සිය දිවි ගමන නිම කරනවා. ඔහු එවරස්ට් සංචාරකයින් නිසා ශීඝ්‍රයෙන් වානිජකරණය වන කුම්බු මිටියාවතත් එහි ජනයාත් මුහුණ දෙන සංස්කෘතික හැලහැප්පීම් ගැන විශේෂ අවධානයෙන් ක්‍රියා කල නායකයෙක් මෙන්ම සංචාරකයින් සමගත්, හිලරි පදනම ඇතුලු විවිධ සංවිධාන සමගත් කිට්ටුවෙන් වැඩ කල අයෙක්. අපි නැවත නවාතැන් පොලට එන විට සීතලත් මීදුමත් දැඩි වී තිබුණා.. .මීට වසර පනහකට පමණ පෙර රෝහල්වල සේවය කළේ රට වටින්ම පැමිණි කාර්ය මණ්ඩලයන් ය.එක පවුලක් සේ කටයුතු කරන මොවුන් අතර සිටි මා සහ මගේ සොහොයුරන් මෙන්ම අනෙක් පවුල්වල දරුවන්ද කිලෝ මීටර් දෙකක් පමණ ක් පයින් ගමන් කර පාසල වෙත ළඟා වුනෙමු. එකල ව්‍යවහාරයට අනුව ඩී .එම්.ඕ .මහත්තයාගේත් ,දෙවෙනි මහත්තයාගේත් අනෙක් සියල්ලන්ගේම දරුවන් සැම පාසල් ගියේ පයින් ගමන් කරමිනි. බොහෝ විට පිරිමි ළමුන් වෙනමත් ගැහැණු ළමුන් වෙනමත් වෙන ම කණ්ඩාම් දෙකක් ලෙස මෙම ගමනට එක්විය .මා අයත් වුණු ගැහැණු කණ්ඩායමේ දෙවැනි මහත්මයාගේ දියණියත් එකේ පන්තියේ ඉගෙනුම ලබමින් අප සමග එක්විය . .. ඇයට පාසල නිමවීමෙන් පසු නැවත රෝහලේ නිල නිවාසය ට ඒමට අපට පාසල නිමවනතුරු පාසලේ රැඳී සිටින්නට සෑමදාම සිදුවිය .එම නිසාම ඇයට වෙනමම අමතර කෑම වේලක් මෙන්ම පලතුරු බීමක් වැනි දෙයක් නිවසින් සපයා තිබුණි. එකල පාසලේ බිස්කට් ලබා දෙන බැවින් අපි කිසිවෙකුත් පාසලට කෑම ගෙන ගියේ නැත. අතරමග පිරිසිදු පරිසරයක් තුළින් තේ වතු මැදින් ඇද හැලෙන කුඩා දිය පහරවල් අපගේ පිපාසය සංසිඳවන බැවින් වතුර ගෙන යාමක් ද නැත. පාසලේදී වුවත් නළ ජලයක් නොමැති වූයෙන් පිහිල්ලකට කට තබා වතුර බීමට අපට සිදුවිය . අප අතරේ සිටින එක් පවුලක දියණියන් තිදෙනෙක් අපට අමුතු ආධිපත්‍යයක් යොමු කර අපව ඔවුනගේ අණසකට යටත් කරගෙන තිබුණි. ඒ නිසාම අපට ඔවුන් කියන සෑම දෙයක්ම පිළිපැදීමට සිදුවිය . එයින් අපට අවාසි සිදුවුවද නිවසට ගොස් පැවසීමට පවා අපොහොසත් විය. මා සමග සම වයසේ සිටි මාගේ මිතුරිය පන්තියේ අනෙක් යෙහෙළියන් තුළද එම ආධිපත්‍යය පතුරුවාලීමට සමත් විය .එය කුමක් නිසා ඇතිවූවක්දැයි අදටත් මට ප්‍රහේලිකාව කි. මන්දයත් ඇයට මට මෙන් මා වෙනුවෙන් පෙනී සිටින්නට සොහොයුරන් හතර දෙනෙක් නොවීය. සිටියේ සො
යුරියන් දෙදෙනෙකි. ආර්ථිකය පැත්තෙන් ගත් කල ද ඇය අභිබවා දී අප සිටියේ අම්මා තාත්තා දෙදෙනාම සේවය කළ නිසාත් ලොකු මහත්තයාටත් දෙවැනි මහත්තයාටත් අමතරව ඒ පළාතේම කාරයක් සතුවූයේ අපට බැවිනි.තවද ඉගෙනුම පැත්තෙන් බැලූවිට ද මම ඇය අභිබවා සිටියෙමි. පාසලේ සමිති සමාගම්වලද මම තැනක සිටිය නමුත් මම මිතුරියගේ සහ ඇයගේ සොහොයුරියන්ගේ ආධිපත්‍යයෙන් අසරණව සිටියෙමි . මෙම සිදුවීම සිදුවූයේ මෙවන් වටපිටාවක් තුළය. දෙවැනි මහත්මයාගේ දියණියට සෑමදාම පාහේ පාන් පෙති කිහිපයක් කෑම පෙට්ටිය තුළ වූයේ ජෑම් බටර් හෝ මාමයිට් සමඟිනි .එම ආහාර වර්ග අපට නම් ඉඳ හිට හෝ ලැබුණ නමුත් අර සොහොයුරියන් හට එවැනි ආහාර බොහෝ දුර ය. එනිසාවෙන්ම ඔවුන්ට එම ආහාර දිව බොජුනකි.ඉඳහිට ලැබුණ නිසාවෙන් මටද එලෙසමය . ඉතින් මේ පීඩාකාරී සොහොයුරියන් ඔවුන්ගේ අණසක පතුරවමින් සෑම දිනකම උදෑසන පයින් යන ගමනේදී ,දෙවන මහත්තයාගේ දියණියගේ කෑම රැගෙන ඔවුන් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳිමින් ඉතා ස්වල්පයක් මා හටත් අනෙකුත් අයටත් ලැබෙන්නට සැලැස්වීය . කෙසේ නමුත් කලක් ගතවෙද්දී මෙම සිදුවීම දෙවන මහත්මයාගේ කනටද සැලවූයේ ඇයගේ කුඩා දියණියගෙන්මය. මේ පිළිබඳව විමසීමේදී දෙවන මහත්තයාගේ දියණිය අර සොහොයුරියන් ගේ නම් වෙනුවට අසරණ මාගේ නම එයට ඈඳා තිබුනේ අර සොහොයුරියන්ට තිබූ බිය නිසාවෙනි . පසුදින මේ පිළිබඳව අප සියල්ලත් ඉදිරියේ විමසද්දී අර නපුරු සොහොයුරියන් මාව පාවා දෙන ලදී. තම දියණිය ලබාදුන් තොරතුරු අනුවත් අර සොහොයුරියන්ගේ තොරතුරු අනුවත් කෑම කොල්ලකෑමක් මාගේ ගිණුමට බැර විය . කොතරම් අසාධාරණ වුවත් එයට එරෙහිවන්නට අසමත් වූ මම දෝෂ දර්ශනයට ලක් ව පියාගෙන් ගුටි කෑමට ද ලක්විය. එය අදටත් මා හට මා ගැනම අනුකම්පාවක් උපදවයි.මට හිතුනා ඔයාලට කියවල රසවිඳින්න පුළුවන් එකක් ලියන්න.ඉඩකඩ තිබුනොත් හෙමින් කියවන්න. ගොඩක් දෙනෙකුට වගේම ලස්සන ලමා කාලයක් දකුණු පලාතෙ ගාල්ලේ රජ්ගම ප්‍රදේශයේ මාවඩවිල කියන සශ්‍රීක ගමේ අපිට තිබුණා.ඔයාලට වගේම රොබින්හුඩ් කරන්න කැලෑවක්, ක්‍රිකට් ගහන්න පිට්ටනියක් වගේම පොල්වතු රබර් වතු ,පිදුරු ගොඩවල් වල නටන්න කුඹුරු ,අවුරුදු උත්සව තියන්න ඉඩකඩ සමහර කාලෙට තොරණ් සමඟ ගෝනි වලින් වටකරපු පොඩි තැනක(ගොඩක් වෙලාවට සජියලගෙ ගේ ලග) මාතර සැන්ඩෝ දර්ශන ...වෙසක් පොසොන් වලට භක්ති ගීත කියන්න...වේදිකා නාට්‍ය වල රඟපාන්න වගේම රසවිඳින නිරන්තරයෙන් දිරිගන්වන වැඩිහිටියන් පරපුරක්ම හිටියා (ගොඩක් අය තවම ඉන්නවා ) ඒ වගේම හොඳ යාළුවො ගොඩක් .....අදටත් ගරු කරන අපේ වැඩිමහල් අයියලා..... (මේක කියවන මාවඩවිල ගොඩක් අයට මැවිල පේනව ඇති අපේ පරණ ගම).... ඉතින් අන්න ඒ ගමේ ගොඩක් කලා කටයුතු අපේ තාත්තා ඉටුකලා.(තවත් කලාකරුවෝ හිටියා) අපේ සමවයස් යළුවො වගේම වැඩිමහල් අයියලා අක්කලා තාත්තාගේ නාට්‍යවල භක්තිගීත කණ්ඩායම් වල යාවජීව සාමාජිකයන් වුනා.අපේ පරම්පරාව තාත්තාගේ අඩසියවසක කලා දිවියේ තෙවන පරම්පරාව විතර කියලයි මට මතක. ඉතින් ඔන්න මට මතක විදියට 1992 වර්ෂයේ පොසොන් කාලයක් ආව.වෙනදා වගේම භක්ති ගීත වගේම නාට්‍ය කිහිපයක් අපි මාස කීපයක් පුහුණු වුනා.දැන් වගේ ස්ටේජ් නැති නිසා පොල්කොට ,ලෑලි වලින් ගෝනි සහ සාරි වලින් තමයි වේදිකාව සැරසුවේ.මේ වැඩේට ගොඩක් අය උදව් කලා.ඒවගේම මේ වැඩ වලදි වාදන කටයුතු කලේ මාස්ටර් කළුමහත්තයා (කියද්දී අපේ ගමේ යාළුවන්ට ඒ ගැන රසවත් මතකයන් අවධි වෙන්න ඇති) නම් ඒ කාලෙ හිටිය වචනයේ පරිසමාප්තියෙන්ම ජාතික ඇදුම අඳින සංගීතඥයෙක්. ඉතින් ඔන්න පොසොන් සඳ මෝදු වෙනකොට පිට්ටනිය සෙනඟ පිරිලා උත්සවය පටන් ගත්තා .අතරින් පතර නාට්‍ය වගේම භක්ති ගීත ගායනා වෙනව දැන්...මම සහ මගේ වයසේ යළුවා හිටියේ නාට්‍ය වලට ...දැන් වේදිකාවේ භක්ති ගීත ගායනා වෙනව මට මතක් වුනා මේක ලස්සන කරන්න මොකක් හරි අපි කරන්න ඕන කියල .මම ඒ වෙනකොට දැකල තිබුණා සංගීත සංදර්ශන වල වේදිකාවේ පාට පාට දුම් යනවා .මම යළුවට යෝජනා කලා අපිව මේකප් කරන්න ගෙනාව පව්ඩර් ටින් එක ගෙනත් ස්ටේජ් එක යටට ගිහින් ස්ටේජ් එකේ උඩට දාපු ලෑලි අතරින් පවුඩර් දුම් ස්ටේජ් එක උඩට යවන්න.ඔන්න වැඩේ පටන් ගත්තා..අපි දෙන්න මාරුවෙන් මාරුවට ටින් එක ඉවර වෙනකං වැඩේ කලා...කොහොම හරි පවුඩර් ඉවර වුනත් භක්ති ගීත තවම යනවා ...තැනට සුදුසු විදියට අපි ආදේශකයක් ගෙනාව ඒ තමයි පාන් පිටි..ඉතින් දෙන්න එක්ක අත් මිටට පාන් පිටි අරන් අර ලෑලි හිඩැස් අතරින් උපරිම වෙර දාල උඩට පාන් පිටි ගැහුව.දැන් ඉතින් දෙන්නට පට්ට හැපි.....මෙන්න ටික වෙලවකින් අර ලෑලි අතරින් කව්ද පට්ට කුණුහරුප වලින් අපිව අමතනවා...ඔයලට කියන්න පුළුවන් ඒව විදිහට එයා කිව්වෙ "කව්ද හු......පුතෝ පාන් පිටි ගහන්නේ අපේ ඇස් වලට ගිහිල්ලා නහයෙ කටෙත් එක්ක...හිටපල්ලා භක්ති ගීතෙ ඉවර වෙනකන් තොපේ.........වන්න..." වහාම ක්‍රියාත්මක වන පරිදි වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණු අපි දෙන්නා ආරක්ෂක පියවරක් ලෙස ඉතා ඉක්මනින් එතනින් මාරු වුනා .පසුව එය කඩාකප්පල්කාරීන් ගේ ක්‍රියාවක් ලෙස නම් නොදත් ඔවුන්ගේ ගිණුමට බැර විය. භක්ති ගීතය අවසන් කළ අයියලා අක්කලා අවුරුදු උළෙලක පිටිගොඩේ සතේ සෙවූ අය මෙන් මුහුණු ඇතිව වේදිකාව පිටුපස මුහුණ සෝදමින් ස්ටේජ් එකට පිටි ගැසූ එවුන්ට දෙස් දෙවොල් කියන්නට විය.සාර්ථක කලා උළෙලක් එසේ අවසන් විය..... මේක කියවද්දී මාත් එක්ක මේක කරපු යාළුවට මේ සිද්ධිය මතකයේ තියෙනවද කියල ෂුවර් නෑ.... අමිල කුමාරසිරි රජ්ගමසිහින මවන්නැති කියන සේනක බටගොඩගෙ සිංදුව ඇත්තටම ස්වභාවික ගීතයක්. මට ඒක අද ඔප්පු වුනා. අද මං කොළඹ මිද්දෙනිය බස් එතකට නැග්ගෙ ගෙදර එන්න හිතාගෙන. ඒකෙ උතුරන්න සෙනඟ. සෙනඟ මැද්දෙං මං අමාරුවෙං උඩ මැද පොල්ලෙ එල්ලිලා ඉස්සරහට යද්දි මට යංතං ඇහෙනව.. සිහින මවන්නැති අහස උසට තනියම.. කියල හෙන ගේමක් දීල මැද යංතං කකුලක් තියාගන්න පුලුවන් ගෑණු දැරිවියෙක් ඉන්න තැනක ඉඩකට කිට්ටු වෙන්න හදද්දි ඇහෙනව.. ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර.. අරෙහෙං කොන්ද කෑ ගහනව, ලඟපාත එවුං කකුල් උස්ස උස්ස බැන බැන දඟලනව බස් එක ඇතුලෙ එකම කෙලියයි.. ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද... මගේ බෑග් එකේ බරට මට හෙලවෙන්නවත් බැරුව දඟලද්දි තමයි හදට දැනෙන දේවල් ඇයි එතරම් බර.. කියල ඇහුනෙ.. බෑග් එක පොරවල් දෙන්නෙක් මැද්දෙ හිරවෙලා අදිනව අදිනව එන්නෑ.. මට හෙලවෙන්නවත් බෑ.. රේඩියෝ එකේ.. සිරවෙලා.. නැවතිලා.. නැතිනං.. සීමාවක.. ගාලා යටිගිරියෙං බෙරිහං දෙනව. ෆුල් වෙරදාලා මං ඇදල ගත්ත බෑග් එක උං දෙන්නට බම්බුගහගන්න කියල. කරුමෙට බස් එක දඩාර බ්‍රේක් එකක් ගැහුවා. බෑග් එකත් ඇදිල ඇවිත් මං විසිවෙලා ගිහිං අර ඉඩ තිබුනු හරියෙ හිටපු උංගෙ ඇඟට හේත්තු වෙලා වැටෙන්නැතුව බේරුනේ.. නිදහසේ.. ඉගිලිලා යමු.. එක රෑනක කෑල්ල අහගෙනමයි.. නැවතිච්ච බස් එකේ පිටිපස්සෙ ඉඳන් එකෙක් හෝ හෝ හෝ හෝ හෝ හෝ ගාගෙන කෙලගෙන අපි සේරම පෙරලගෙන ඉස්සරහ දොරෙං බැහැලා ගියේ සේනක බටගොඩ වෝව් වෝව් වෝ ගාද්දි... සෑමදේම නිමවුනා ඒ නිමේෂයෙන් පස්සෙ. මට සීට් එකක් හම්බුනා..ඛලීල් ජිබ්රාගේ ඉංගිරිසි කවක රස හිංහලට නැගුවා හොඳද බලමු. අඩ ෴උපුල් සිල්වා අඩක් දිවි ගෙවුන තැන අඩක් නොව පුන් ලෙසට අඩක් ගැන අමුනමි වදන් අඩක් දිවි පුරවන්ට… අඩක් ජීවත් නොවන්, අඩක් මිය ගිය ලෙසට මියෙන කල මියෙන්නට අඩක් නොව පූර්ණව.. නිහඬ බව නම් ඔබේ මඟ නිහඬ වෙනු පූර්ණව ආත්මීයව.. දොඩනවිට දොඩමළුව දොඩනු අවසන් ඉමට අඩක් නොව පූර්ණව අරමුණු පසක් වන තුරැම.. අමු අමුව පූර්ණව සැබෑව නිරැවත් කරනු පූර්ණව ගලවා වෙස්මුහුනු නොපෙන්වා පෙන්වා අඩමුහුණු .. හෙලි කරනු අඩක් නොව පරිපිරැණ ලෙස බැහැරලනු විට යමක් බැහැරලනු මළ විලස අඩක් නොව පූර්ණව අඩක් බැහැ කියනවිට අඩක් හා කියා ඇත ඔබ.. පැනයකට අඩ විසඳුමක් පිළිගනු එපා පූර්ණව මිසක අඩඇත්ත ඇත්තම ඇත්ත නොවේ විශ්වාස ගනු එපා.. අඩක් හීනෙන් හීන දකින්නට එපා අඩක් බලාපොරොත්තු ගැන දවල් හීන දකින්නට එපා දිවි මගේ අඩක් දුර නොයයි ගමනාන්තයකට අඩ ජීවිතේ කිසිවිටෙක නොමවනු ඇත පිරැණු අරැත් රස දිවිය කොනක විදින.. පූර්ණයි ඔබ ඉදින් ජීවත්වනු මැන පිරැණු දිවියක් අඩක් නොව .. THE PROPHET Do not live half a life and do not die a half death If you choose silence, then be silent When you speak, do so until you are finished If you accept, then express it bluntly Do not mask it If you refuse then be clear about it for an ambiguous refusal is but a weak acceptance Do not accept half a solution Do not believe half truths Do not dream half a dream Do not fantasize about half hopes Half the way will get you no where You are a whole that exists to live a life not half a life. ~Khalil Gibran (Book: The Prophet https://amzn. to/3LqsqANඋඳුවප් මනාළී කුප්පි ලාම්පුවෙන් විහිදෙන මලානික එළිය මිදුලේ පහන් පැල ළඟට යාන්තමින් වැටී තිබුනි. පහන් පැලෙන් එහා ගල් වැට මායිමේ සිට විහිදෙන රබර් වත්තේ රබර් ගස් කරුවලේ අවතාර මෙන් නැගී සිටිනු දැක ගත හැකි විය. ඇඟ කිළිපොලා යන දුරුතු සීතලෙන් මිදෙන්නට පොඩි හාමී උරහිස වැහෙන්න චීත්ත රෙද්ද පොරවගත්තාය. සවස් කාලයේ පොද වැස්සක් වැටුනු බැවින් හඳ එළිය හෝ තරු එළියක් නැති ගන අඳුරක් හාත්පස වෙලාගෙන පැතිර තිබුනි. පැතිර තිබූ මීදුම නිසා රබර් වත්තට වම් පසින් පිහිටි වෙල් යායෙන් ඔබ්බේ කුප්පි ලාම්පු එළියක් වත් නොපෙනේ. අඳුර වැටෙන විගස කුමක් හෝ රත් කරගෙන කුස පුරවාගන්නා ගම් වැසියන් බොහෝ දෙනෙකු වේලාසනින්ම නින්දට යාම සිරිතක් කරගෙන ඇත. එහෙත් වේලාසනින් නිදාගැනීමට පොඩි හාමිට පුරුද්දක් නැත. මාගලක් පැදුරක් පිරීමට හෝ ඉරුනු සරමකට,චීත්තෙකට අණ්ඩයක් දැමීමට ඇය පැයක් දෙකක් ගත කරන්නේ පැදුරට වැටීමට පෙර ය. එක් අතකින් එය කාන්සියට අපූරු ඔසුවකි. අනෙක් අතට අතිරේක ආදායම් මාර්ගයකි. නිවසට පහල පාර දෙසින් බල්ලන්ගේ බිරුම් ශබ්දයක් ඇසේ. පින්දෙනිය වත්ත දෙසට කිසිවකු හෝ යනවා විය හැක
. පොඩිහාමි කුස්සියේ ජනේලයෙන් කළුවර ට දෑස් යොමු කලාය. පහල පාරේ හුළු අත්තක් ඉහල පහල යනු පෙනේ. ඒ මල්වානේ කඩ මණ්ඩියට ගොස් ආපසු යන පින්දෙනිය වත්තේ අයකු විය හැකිය. කුස්සියේ ජනේලයෙන් බලන විට ඉඩමේ එක් පැත්තකට මායිම්ව දඟර ගැසී සර්පයකු සේ දිස්වෙමින් පින්දෙනිය වත්ත දෙසට දිවෙන පහල පාර පැහැදිළිව පෙනේ. දවල් දවස තුළ මුළුතැන් ගෙයි සිටින ඇයට පහළ පාරේ යන එන අයගේ කට හඬවල් හොඳින් ඇසේ. ඇතැම් විට කටහඬින් යන්නේ අහවලා යැයි හඳුනා ගැනීමටද හැකි වේ. ඇතැම් විටෙක ඒ පින්දෙනිය වත්තේ ලැයිම් කාමරයක වෙසෙන දෙමළ අයෙකි. වත්තේ ඈයෝ හා ගම් වැසියන් අතර ඇත්තේ දශක ගානක සිට පැවත එන මනුෂ්‍යත්වය පෙරදැරි කරගත් සුහදත්වයකි. වත්තේ වැඩ නැති දින වල රාමසාමි, කදිරවේලු, කුමාරන්, තංගවේලු වැනි අය ගමේ අයට උදව්වක් කර කීයක් හෝ උපයාගනී. බුලත් කහටින් කහ පැහැ ගැන්වුණු දසන් පෙන්වා සිනාසෙන ඔවුහු අහිංසකය. පෙරදී පාරේ යන එන අය හොඳින් හඳුනා ගත්තද, දැන් ඇයට පුද්ගලයින් හඳුනා ගත නොහැකි ලෙස ඇසේ පෙනීම අඩු වී ඇත. ලොකු පුතා පැමිණි පසු ඇසේ පෙනීම අඩු වීම ගැන ඔහුට කිව යුතු යැයි ඇය සිතුවාය. පොතුකොළදෙනිය කන්ද බහින අන්තිම බස් එකේ සද්දෙ ඇහෙද්දි පොඩිහාමී වියමින් හිටි පැදුර අකුලා ඇඳ යටට තල්ලු කළාය. කොට බිත්තියට හේත්තු කර තිබූ හුළු අත්ත කනප්පුව මත තිබූ කුප්පි ලාම්පුවට අල්ලා පත්තු කරගත් පොඩි හාමි ගෙල හරවා බලමින් සිය දියණියට කතා කලාය. "අයියා එනවා ඇති බස් එකේ. ඔය කෑම ටික රත් කරලා ගත්තානම්..... මේ දොර වහගනින් මම එනකල් " ලොකු කොලූ ජිනසේන ගෙදර එන දවස අද ය. සතියක් පැක්ටේරියේ වැඩ කර සිකුරාදා රෑ අන්තිම බස් එකේ ජිනසේන ගෙදර එනතෙක් හැමදාම පොඩිහාමි අවදියෙන් ඉන්නේ කොලූ ආ විට කෑම ටික රත් කර උණුවෙන්ම කන්න දෙන්න වුවමනා නිසාය. ජයන්තිය ළඟින් බැස ජිනසේනට ගෙදරට එන්න විනාඩි හත අටක් ගත වන බව පොඩි හාමි දනී. රබර් වත්ත මායිමේ සිට නිවස ළඟට එනතෙක් ඇට ඇඳිරි කරුවල ය. සතා සරුපයා එළි බහින වෙලාව බැවින් ඈත නා ගහ ළඟින් පල්ලම් බහින ටෝච් එළිය පෙනෙද්දි පොඩිහාමි කළින් ලෑස්ති කර ගත් හුළු අත්ත පත්තු කරගෙන රබර් වත්තේ වැට මායිමට යන්නේ පුරුද්දටය. මේ වැඩේට ජිනසේන කැමති නැත.හැමදාම කරුවළේ මගට එන්න එපා කියා මවට කීවද පොඩි හාමිට ගානක් නැත. පොඩි හාමිගේ ලෝකේ රජ්ජුරුවෝ ලොකු කොලූ ජිනසේන ය. මල්වානේ සමූපකාරයේ වැඩ කරමින් සිටි ළමයින්ගෙ තාත්තා වයස අවුරුදු පනස් හයක් පිරෙන්නට මාසයක් තිබියදී හදිසියේ අන්ත්‍රා උනේ ජිනසේන සාමාන්‍ය පෙළ විභාගෙ ට ඉගෙන ගන්න අවදියේය.ඒ වන විට භද්‍රාවති ට අවුරුදු දහහතරකි. චිත්‍රා ට අවුරුදු එකොලහකි.බාලම කොලු ලලිතසිරි යාන්තම් තනේ අත ඇරියා පමණි. ඩේවිඩ් අප්පුහාමි ගේ මරණෙන් පසු පොඩි හාමිලාට උදා වුනේ නරක කාලයකි. ඩේව්ඩ් අප්පුහාමි පොඩි හාමි ව හිතු මතේ කරකාර බැඳ ගත් නිසා ඩේවිඩ් අප්පුහාමිගේ පැත්තෙන් ලොකු උදව්වක්ද නොතිබුනි . පොඩි හාමිගෙ ලොකු අයියා ඉඳ හිට ආව ගිය අතර එන යන වෙලාවට හාල් ටිකක් එළවළු ටිකක් ගෙනත් දුන්නේ නගාගේ දරු පැටවුන්ගේ සුදහ ගින්දර නිවීම තමන්ගේ ද යුතුකමක් සේ සලකා ය. මරණයේ උණුසුම යද්දි ගෙදර වියදමට තිබුන සේසතම ඉවරවී තිබූ හැටි පොඩි හාමිට මතක ය. ඉගෙන ගන්න එච්චර දක්ෂයෙක් නොවුනත් පොඩි හාමිගේ පෙරැත්තෙට සාමාන්‍ය පෙළ විභාගෙට වාඩි වුවද ජිනසේන ට අවශ්‍ය වූයේ කුමක් හෝ රස්සාවකි. නංගිලා දෙන්නයි මල්ලියි එක්ක අම්මාව දුකක් නැතුව බලාගන්න ජිනසේනට උවමනා විය. පොඩි හාමි වට්ටි පෙට්ටි, පැදුරු, මාගල් වියමනට අත හුරු කරගත්තේ ඩේවිඩ් අප්පුහාමි එක්ක දීග තල එන්න කලින් ය. ගෙදරින් එනකොට ගෙනාව පොඩි මැෂින් එකෙන් ළඟ අහල පහල අයගෙ ඇඳුම් මසා ඇය කීයක් හරි හොයා ගත්තාය. දරුවො හතර දෙනා එක්ක දෙන්න දෙමහල්ලො කරදරයක් නැතුව ජීවත් උනත් ඒ හැම දෙයක්ම වෙනස් වෙන්න වැඩි කාලයක් ගියේ නැත.ඩේවිඩ් අප්පුහාමි එක පාරටම යන්න ගියේ පොඩි හාමියි දරුවො ටිකයි මෙලොව තනි කරමිනි. හරියට හොරු ගෙනිච්චා වාගේය. ජීවිතේ හැටි මෙහෙම තමයි, හැම දෙයක්ම අස්ථිරයි, අට ලෝ දහමට මූන දෙන්න අපි හැමෝටම වෙනවා කියලා හිත හදාගන්න පාර පෙන්නුවේ හීන්වැල්ල පංසලේ ලොකු හාමුදුරුවෝය. ඒක නිසා දරුවන්වත් බලාගෙන කොහොම හරි ජීවත් වෙන්න පොඩි හාමි හිත දැඩි කරගත්තාය. ඇඳුම් මහලා, වට්ටි පෙට්ටි වියලා හොයාගන්න පනම් හතර ජීවත් වෙන්න මදි බැවින් ඇය පිංදෙනිය වත්තෙ රබර් කිරි කපන්න වැඩ ඉල්ල ගත්තාය . පාන්දර කිරි පිහියයි බාල්දියයි අරගෙන හිස වැහෙන්න රෙදිකඩක් බැඳගත්ත පොඩි හාමි රබර් ගහෙන් ගහට කූඩැල්ලො ගලවමින් සීතලේ ඇවිද්දේ දරුවන්ගෙ කුසගින්න නිවන්නටය. ජිනසේන ට අඹන්පිටියේ රබර් පැක්ටේරියේ රස්සාවක් ලැබුන බව දැනගත් දින පොඩි හාමිගේ ඉහේ මල් හතක්ම පිපුණාය. රැකියාවට පිටත් වීමට පෙර දින රාත්‍රී සරුවට රාත්‍රී කෑම වේලක් පිළියෙල කළ පොඩිහාමි දරුවන් සිව් දෙනාම එක පෙළට වාඩි වී සතුටින් කෑම ගන්නා දෙස බලමින් දරුවන්ට හොරෙන් චීත්තයේ කෙළවරින් දෑස පිස දැම්මාය. ජිනසේන කවදත් පවුලට හිත ඇති ඉලන්දාරියෙකි. ඔහුට සිය මව විඳින දුක තේරෙන බැවින් හම්බ කරන සොච්චමෙන් කීයක් හෝ පවුල වෙනුවෙන් ද වැය කරයි. එහෙත් පොඩි හාමි සෑම විටම කියන්නේ තමන්ගේ අනාගතේ වෙනුවෙන් කීයක් හෝ ඉතිරි කරගන්නා හැටියටය. ජිනසේනගේ කල වයසත් හරි බැවින් පිළිවෙලක් කළ යුතුය. ලොකු කෙළී භද්‍රවතී ට කටයුත්තක් කරදී නිදහස් වීමට පෙර ජිනසේනට පෙළවහක් කර දිය යුතු යැයි ඇය සිතුවාය. පවුලක බර උහුලන ජිනසේන වැනි නිවුණු ගති ඇති ඉළංදාරියකු පවුලට සම්බන්ධ කර ගැනීමට ඕනෑම අයකු කැමති විය හැක. ගමේ අඟර දඟර ගැටිස්සියෝ ජිනසේන ගැන ඇහැ ගහගෙන සිටින බව පොඩි හාමි දනී. කොහේවත් යන තේඋඩිච්චියෙක් ජිනසේනගේ කරේ එල්ලෙන්නට පෙර ඔහුට ගැලපෙන තැනකින් කටයුත්තක් කර දිය යුතුය. පොඩි උන් දෙදෙනා පමණක් පාසැල් යන බැවින් ඔවුන් ගැනද බැලිය යුත්තේ ජිනසේන ය. ලලිතසිරිට ඉගෙන ගැනීමට ආසාවක් නැත. එහෙත් චිත්‍රා ඉගෙනීමට දක්ෂ ය. ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් වීමට උවමනා බව ඇය නිතර පවසයි. ජිනසේනට පින් සිදුවන්නට පොඩි හාමී ට අගහිගයක් නැත. ජිනසේන සෑම දෙයක් ගැනම සොයා බලයි. මේ වතාවේ පැමිණි පසු ලොකු අයියා ගෙනා කාරණාව ගැන ජිනසේන හා කතා කර මනාළිය බැලීම සඳහා දිනයක් යොදාගත යුතුයැයි ඇය කල්පනා කලාය. ඇහැට කනට පේන ඉළංදාරියකු වන ජිනසේන ගැන උනන්දු වන ළමිස්සියෝ කිහිප දෙනෙක් සිටින බව පොඩිහාමිට එහෙන් මෙහෙන් ආරංචි වෙයි. නොගැලපෙන කසාදයක් කරගතහොත් අනික් දරුවන් ගැන බැලීමට නොහැකි වනු ඇත.ඒ නිසා හොඳින් සොයා බලා කටයුත්තක් කර දීමට පොඩිහාමි සිතාගෙන සිටී. හුළුඅත්ත වනමින් දෙවට දිගේ රබර් වත්ත මායිමට යන පොඩි හාමිට නාගහ ළඟින් මතු වුන ටෝච් එළිය පෙනේ. ගල් වැට මායිමේ නතර වුනු පොඩි හාමි ටෝච් එළිය කෙමෙන් කෙමෙන් ළඟා වෙනු බලා සිටියාය. ගල් වැට මායිමට එන ජිනසේන පිටුපසින් තවත් අයකුගේ චායාවක් පෙනේ. එහෙත් ඇස් පෙනීම දුර්වල බැවින් හඳුනාගත නොහැක. ජිනසේන සමග එන්නේ තරුණියක බව පොඩි හාමි හඳුනා ගත්තේ ලඟටම ආ පසුවය. කුතුහලය පිරි දෑසින් පොඩි හාමි බලා සිටිද්දී ජිනසේන මව අසල නතර විය. පුතේ...කව්ද මේ ළමයා....? මේ කොහේ යන ගමන් ද ? පින්දෙනිය වත්ත පැත්තෙ ළමයෙක් ද...? "අම්මේ. අපි ගෙදරට යමුකෝ.....විස්තර කියන්න. යන් යන්...හැමදාම කියනවා කරුවලේ මගට එන්න එපා කියලා. අහන්නෙ නෑනේ....." පොඩිහාමි ඉස්සර විය. සැකයේ සේයාවක් පොඩි හාමිගේ සිතේ නළියයි. "කව්රු හරි උරචක්කරමාලයක් එල්ලුනාවත්ද මගෙ එකාගෙ කරේ.. ...බලමුකො..... ඉදිරියෙන් යන මවගේ නිහැඬියාව ජිනසේනට ඇල්ලුවේ නැත. මේ නිශ්ශබ්ද තාවය කුණාටුවක පෙර නිමිතිය. එන දෙයකට මුහුණ දෙනවා .... ජිනසේන සිතීය. මිදුලට ගොඩ වූ පොඩි හාමි හුළු අත්ත නිවා බිත්ති කණ්ඩියට හේත්තු කළාය. කෙල්ලේ.මට වතුර එකක් ගෙනෙන්...... කුස්සිය දෙසට ගෙල හරවමින් භද්‍රාවතීට පැවසූ පොඩි හාමි හිස ඔසවා ජිනසේන දෙස බැලුවාය. ඒ බැල්ම ජිනසේනට දරා ගත නොහැකි වුවද වෙන දෙයක් උනාවේ යැයි සිතමින් උගුර පෑදුවේය. "අම්මේ....මේ සීතා, මම නතර වෙලා ඉන්න ගෙදර ට අල්ලපු ගෙදර හිටියේ..." ඉතින්.....? "සීතා කෑගල්ලෙ අතුකෝරළේ වැඩ කරන්නේ. අපි දෙන්නා උදේට වැඩට යන්නේ එකට. අපි දෙන්නා දැන අඳුරගෙන ටික කළක් වෙනවා. මම අම්මාට සීතා ගැන කියන්න හිටියේ. අම්මා අපිට සමාවෙන්න.සීතාගෙ තාත්තා එයාව බන්දලා දෙන්න යනවා වෙන කෙනෙකුට .ඒකට අකමැති උනා කියලා සීතාට හොඳටම ගහලා. මේ සම්බන්ධෙ නතර කරන්න කියලා. වෙන කරන්න දෙයක් නැති තැන අපි දෙන්නා අද උදේ කච්චේරියෙදි කසාද බැන්දා." "මට සමාවෙන්න අම්මේ. සීතා නරක කෙනෙක් නෙවෙයි..." ඒකත් එහෙමද......පොඩි හාමි ගේ අත කම්මුලේය. ඇස් දෙකෙන් හෝ ගාලා ගලන කඳුලු ඇය පිටි අල්ලෙන් පිස දැම්මාය. "අනේ අම්මේ අපිට සමාවෙන්න.මට ජිනේ අම්මලා ගැන හැම දෙයක්ම කියලා තියෙන්නේ.." සිහින් හඬකින් තිගැස්සුනු පොඩිහාමි හිස ඔසවා බලද්දී දුටුවේ තමාගේ දෙපතුළ ළඟ වැටී හඬන තරුණියත් ජිනසේනත් ය. මවට වතුර කෝප්පය රැගෙන පැමිණි භද්‍රවතී මුව අයාගත් ගමන් ජෝඩුව දෙසත් මව දෙසත් මාරුවෙන් මාරුවට බලයි. භද්‍රවතීට මුවා වුනු චිත්‍රා හොරෙන් බැලුවේ අයියා ගෙනා අක්කා ගේ හැඩ ය. තළෙළු ඇය රූප සුන්දරියක නොවුනද සිරියාවන්ත බව චිත්‍රාට සිතේ.ලලිතසිරි ට පාඩම් කරමින් සිටියදී නින්ද ගොස් සිටි බැවින් මේ අලකලංචිය ඔහු දන්නෙ නැත. උදේ නැගිටින ඔහු මේ අමුත්තිය දුටු විට විමතියට පත්වෙනු නොඅනුමාන ය. "නැගිටපල්ලා. දැන් ඉතින් මොනව කරන්නද..වෙච්ච දේ උනා. තෙරුවන් සරණයි.හොඳින් හිටපල්ලා..." පොඩි හාමි මිමිනුවේ නෙතඟ නැගි කඳුළු බිඳුවක් කම්මුල් දිගේ රූටා වැටෙද්දීය. "චිත්‍රෝ මේ අක්කගෙ බෑග් එක එළියෙ කාමරෙන් තියපන්...." ලොකු පුතේ මේ ළමයත් එක්ක ගිහින් මූන අතපය හෝදගත්තනම්. පිලිකන්නේ වතුර මුට්ටියක් රත් කරල ඇති ....." "කෑම ටික රත්කරල ගනින් බද්දරෝ. දැන් රෑ වෙලා. මදි පාඩුවක් තියේනම් කැකුළු හාල් ටිකක් ලිපේ තියලා සම්බෝලයක්වත් හදල ගනින්..." පොඩි හාමි
නැගිට චිමිනි ලාම්පුවේ දැල්ල වැඩි කර ඇතුල් ගෙට ගියේ වැඩිපුර කොට්ටයක් සහ පොරවන රෙද්දක් රැගෙන ඒමට ය. තමාත් දරු තිදෙනාත් අමතක කර ජිනසේන ගත් තනි තීරණය ගැන සිහින් දුකක් ඇති වුවද ජිනසේන වැඩි හිටියෙකි. තනිව තමන්ගේ අනාගතය ගැන තීරණ ගැනීමට ඔහුට නිදහසක් ඇත. තමා ද තරුණ කළ ඩේවිඩ් අප්පුහාමි සමග විවාහ වූයේ මේ ආකාරයටම බව ඇයට අමතක කළ නොහැක. ඩේවිඩ් අප්පුහාමි තමාට යහපත් සැමියෙකු වූ වග පොඩිහාමි ට අමතක නොවේ. එසේම ඔහු තමාගේ දෙමාපියන්ටද, සොහොයුරන්ටද එක සේ ලෙංගතුව විසූ බව පොඩි හාමි ට මතක ය. පියා ගේ නිවුණු ගතිගුණ ඇති ජිනසේන ද තම සොහොයුරියන් හා බාල සොහොයුරා අමතක නොකරනු ඇතැයි පොඩි හාමි සිතුවාය. මිදුලේ පහන් පැලේ නිවී යාමට ආසන්න ව තිබූ පහනට තෙල් ටිකක් දමා පහන් තිරය අතින් සකස් කළ පොඩි හාමි දුරුතු සීතල මැකෙන්නට උරහිස වටා දමා සිටි රෙදි කඩ සකස් කර ගත්තාය. (මංගලා ගුණරත්න )ළමයි තැරි ගැසීම, පාසල් ක්‍රමය සහ මම අපයෝජනය වුන හැටි ගුරුවරුන් කරන ඕනෑම දෙයක් අනුමත කරන්නන් සහ අධි මාත්‍රා පාසල් ප්‍රේමීන්ට ඔෆෙන්ඩ් විය හැක. මෙය දකින විටම මට මතකයට නැඟුනේ මා පාසල් යන විට ප්‍රාථමික අංශයේ 3 වසර සහ 4 වසර පන්තිභාර වූත් පසුව ඉහළ අංශ වලට මාරු වූ(මාරු වෙන්නට වූ) ගුරුතුමියයි.1 සහ 2 ශ්‍රේණි වල මනුශ්‍යත්වයෙන් ඉතා පොහොසත් ගුරුතුමියක් ලැබුණත් ඉන් එහා තත්වය සම්පූර්ණ වෙනස් විය. මා ලද අමිහිරි ජරා මතකයන් මතක ආකාරයෙන් එකින් එක ඉදිරිපත් කරන්නෙමි. හිරිහැරයට උපරිමයෙන් ලක්වූයේ මම සහ ප්‍රාථමික අංශයේ සිට හිතවත් මිත්‍රයෙකි. අප පමණක් නොව අපේ පවුල් ද හිතමිතුරන් ය. මෙම ගුරුතුමිය දෙමාපිය රැස්වීම් වලදී දෙමාපියන් සමඟ කතා කරන විට එක එක දේවල්(හෝ උදවු) ඉල්ලයි. ඒවා නොලැබුනොත් හෝ උපකාරක පන්තියට මුදල් ගෙවා නොපැමිණියොත් වැඩ අවුල් යයි. මට ප්‍රශ්ණය පටන් ගැනීමට මූලිකම හේතුව වූයේ කොතරම් ඇවිටිලි, දැනුවත් කිරීම්, පණිවිඩ හමුවේ වූවත් කිලෝමීටර් ගණනක් ඈතින් තිබූ අනවශ්‍ය උපකාරක පන්තියට සහභාගී වීම ප්‍රතික්ශේප කිරීමෙනි. මගේ මිතුරාට ප්‍රශ්ණය පටන් ගත්තේ ඔහුගේ මව ස්ථාවර දුරකථන සේවා සැපයූ ලංකාවේ විශාලතම ආයතනයක ඉහළම තනතුරක් දැරීම නිසා ඇයගෙන් නොමිළේ නගරයෙන් ඈත තිබූ නිවසට ස්ථාවර දුරකතන සම්බන්ධතාවක් නොමිළේ ලබාදෙන ලෙස කළ ඉල්ලීම නොසළකාහැරීම නිසාවෙනි. ස්ථාවර දුරකථන සම්බන්ධතාවක් අලුතින් නගරයට කිට්ටුවෙන් ලබාගැනීමටත් එකල රුපියල් විසිදාහක් පමණ ඉක්මවිය. පළිගැනීම් ආරම්භ විය. පැවරුම් ලකුණු අඩු විය, කුමක් හෝ හේතුවක් දමා හැකි හැමවිටම පහරදීම ඇරඹුණි, එක් දිනෙක මගේ වටේ සිටි මිතුරන් පොත පෙන්වීමට එකා බැගින් යන විට. මම ඉන්නේ කූඩාරමක බවත්, මම ඉතාම නරක කෙනෙක් බවත් සහ තවත් දේ කියා එවා තිබිණි. නමුත් මිතුරන් කිසිත් නොසඟවා සියල්ල මා හමුවේ තැබීමට වගබලාගත්තෝය. තවත් දිනෙක කූඩාරම් කතාව මුළු පන්තියටම කියද්දී පළිගැනීමට ලක් වූ අනෙක් මිතුරා අසුනින් නැඟිට "නෑ ටීචර්, එයාගෙ ගෙදර දිගයි, මම එහෙ ගිහින් තියෙනවා" යැයි කියූ විට කම්මුලට තදින් පහරවල් කිහිපයකින් සැළකීමට ඇය වගබලා ගත්තාය. ඒ 3 ශ්‍රේණියේ දරුවන්ගෙන් පළිගැනීමේ ආරම්භක අවදියයි. හතර ශ්‍රේණියේ අධ්‍යාපන චාරිකාවට මම සහ මිතුරා මුදල් ලබාදුන් මුදල් වල ගුරුතුමිය අත්සන් ද තැබූ රිසිට් පත් අප අතට ලැබුණේ නැත. එය විමසූ විට අප මුදල් ලබා නොදුන් බවත්, චාරිකාව රැගෙන නොයන බවත් බැණුම් අපහාස ගොඩක් සමඟ ඈ කියා සිටියාය. නමුත් ගුටි ලැබෙන බව දැන දැනත් එසැණින් නිර්භීත ලෙස අසුනෙන් නැඟී සිටි හැඩි දැඩි සිරුරක් තිබූ මිතුරෙක් " නෑ මැඩම් එයාලා සල්ලි දුන්නා. මාත් එක්කමනෙ දුන්නෙ. මම ඇස් දෙකටම දැක්කා" යැයි උස් හඬින් ප්‍රකාශ කළ සැණින් ඔහුටද කනේ පාරවල් කිහිපයක් සමඟ ගුටි බැට ලැබුණු සිදුවීමද මතකයට නැඟේ. ඔහු අද ශ්‍රී ලංකා නාවික හමුදා නිළධාරියෙකි. එදිනම පෑන කටේ ගැසූ බව කියමින් අඬන තුරුත් අඬන අතරතුරත් මිතුරාට පහරදීම ද අද මෙන් මතකයේ ඇත. නමුත් පාසල නිමවූ පසු පන්තිය අතුගෑමට සිටි ළමයෙක් ගුරු මේසය අසළ කුණු බක්කියේ තිබුණු අපේ රිසිට් පත් අපට ගෙනැවිත් දීමට ත කාරුණික විය. මේ සම්බන්ධව කතා කිරීමට පමිණි මගේ පියාට සහ මිතුරාගේ පියාට කියා සිටියේ ඔවුන් හොර අත්සන් ගැසූ බවයි. 😂😂😂 තවත් දිනෙක සිද්ධියක් පැමිණිලි කිරීමට ආ මගේ මවට පන්තියට ආවොත් ගහන ලෙසත් කොස්ස ගෙනත් ඉස්සරහින් තියන ලෙසත් ළමයින්ට අණ කළ හැටි ද සිහියට නැඟේ. පසුකාලීනව මගේ දෙමාපියන් හොඳින් හඳුනන පවුලකින්ද රුපියල් 7000ක් ඉල්ලා නොදුන් විට නොයෙක් වෙනස්කම, පළිගැනීම් ‍රාශියකට දරුවා ලක් වුන බවද ආරංචි විය. ඉතාමත් කළකිරීමට, කණගාටුවට මෙන්ම තරහා ඇති වන කාරණය නම් මැයට කරන පැමිණිලි වලට අංශ භාර ප්‍රධානීන් සහ විදුහල්පති තුමා කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. පාසල් ගැන තීරණ ගත හැකි ඕනෑම තැනකට පැමිණිලි කළ විට විදුහල්පති මැය වෙනුවෙන් පෙනී සිටි බව පසුව ආරංචි විය. "ඔව් රජයේ ආයතන එහෙම තමයි" කියා ගැලවීමට නොහැක්කේ මෙම ආයතන දරුවන්ගේ අධ්‍යාපනය, පෞරුෂය, ජීවිතය සහ ජීවිත කාලයටම බලපෑම් කරන ආයතන නිසාවෙනි. එම විදුහල්පති පසුකාලීනව එල්ල වූ අල්ලස් හැනීම්, ලිංගික අල්ලස්, සහ නොයෙක් චෝදනා මත ආදි ශිෂ්‍ය සංගමය විසින් විශාල උද්ගෝශණ සිදුකර ඉමහත් පරිශ්‍රමයක් දරා පාසලෙන් එළවා දැමිණි. නමුත් පසුව සැළකිය යුතු පිරිසක් "අඥේ එයා තමා මේක හැදුවේ, එයා තමා පාසලට ආදරේ. අඥේ එයගෙ වටිනාකම" යනුවෙන් නාහෙන් අඬනවා අසා ඇත්තෙමි. ඔවුන් බොහෝ විට තමන්ව පීඩාවට පත් කරන පුද්ගලයන් කරන සුළු දේවල් නිසා ඔවුන් කෙරෙහි ආදරයෙන්,ගෞරවයෙන් බැඳෙන ස්ටොක්හෝම් සහලක්ශණයෙන් (stockholm syndrome) පෙළෙන්නන් විය හැක. මට නම් එවන් අයෙක් එළවාදැමීම පිළිබඳව එවකට ආදිශිෂ්‍ය සංගමය ගැන ප්‍රසාදයකි. ඉහත කී අංශයෙන් මාරු වූ පසුද අලුත් ගුරුවරුන් හමුවී තමා වෛර කරන ළමයින් පිළිබඳ ගුරුවරුන් ට අප්‍රසාදයක් ඇති වන පරිදි කේළාම් කීමට තරම් ඇය තුච්ච, පීචං, නීච, නිවට ගති පැවතුම් ඇති ජරා ගැහැණියෙක් විය. අද උදේ මිතුරෙක් තවත් රසබර මෙන්ම අමිහිරි මතකයක් ආවර්ජනය කළේය. දිනක් 5 ශ්‍රේණියේදී මම සහ තවත් මිතුරෙකු "අත්තම්මාගෙ කෝලා වලහා" නමින් ගීතයක් ලියූ මහා අපරාධයට පන්තිය ඉදිරියේ අපහසුතාවට පත් කර දඬුවම් කිරීමයි. එම ගීතයේ කිසිම කුණුහරපයක්, ආහාසයක්, වෛරී දෙයක් අඩංගු නොවූ සරළ හිනායන ගීතයක් බව සිහිපත් කළ යුතුමය. මිතුරෙක් ට කළ විහිළුවක්(ටොමී ) ඔහුට කළා යැයි සිතාගත් පෞරුශ දුර්වලතාවක් ඇති ළමයෙක්ටත් වඩා ගොබ්බ ගුරෙක් මට දැඩිව පහර දී පයින් පවා පහරදුන් ආකාරයද සිහිපත් වේ. තවත් මට වුණු ලොකු අසාධාරණයක් නම් ඉමහත් ආශාවෙන් සිටි ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කිරීමට ඉඩ නොදීම. උසස් පෙළ ළමුන් භාරගන්නා දෙමාපිය රැස්වීමේදී මහා පකීර්වරුන් කියා සිටියේ මහා ප්‍රථිඵල නැතිව බයෝ කරන්නට දිය නොහැකි බවත්. එසේ දීමෙන් මහා නාමයට හානි වන බවත් මෙවර එය තදින් ක්‍රියාත්මක වන බවත් ය. එක් විශයක් කෘශිකර්මය හෝ තොරතුරු තාක්ශණය ඇතුලත් කර වත් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කිරීමට ඉඩ දුන්නේම නැත. පාසලක් ඇත්තේ නම් නඩත්තු කිරීමට නොව ළමයාට සේවය කිරීමට බවත්. ළමයින් නැතිව පාසලක් යනු ගොඩනැගිළි ගොඩක් පමණක් බවත් පිං කෙතේ සියලු පාසල් වල මහා පකීර් මණ්ඩල වල ඇත්තන්ට අවබෝධ වේවා. හාස්‍යට කාරණාව නම් මගේම ප්‍රතිඵල ඇති මගේ වයසේ සහෝදර ශිෂ්‍යයෙක් ට ඔහුගේ මව පාසලේ ගුරුවරියක් වීමේ V.I.P වරප්‍රසාද මත ජීව විද්‍යා අශයෙන් ප්‍රශ්ණයකින් තොරව උසස් පෙළ හදාරන්නට ලැබී ඇති බව කොමස් කිරීමට ගොස් නිවාඩු කාලේ ටියුශන් වල ඉවර කරපු තැනින් පටන් ගත් ඉගැන්වීමත් ආශාව අවම වීමත් නිසා හෙම්බත්ව පාසලෙන් පිටත්ව ගොස් බොහෝ කළකට පසුවය. මිතුර ඔබ මෙය කියවනවා නම්, ඔබ සමඟ මා කිසිම තරහක් නැත. ඔබ ගැන මම ඉතාමත් සතුටු වෙමි. ඔබගෙන් උදව් ඉල්ලූ වේලාවන් වල එසැණින් ප්‍රතිචාර දක්වා විශාල උදව් කළ බව ගෞරවයෙන් සිහිපත් කරමි. මෙහි දැක්වෙන පරිදි උසාවි නොයෑම පිළිබඳ මගේ දෙමාපියන් සහ මමත් කණගාටු වන බවත්. එසේ නොකිරීමෙන් තව දරුවන් කීයක් පීඩාවට පත් වුනෑදැයි නොදනිමි. ගුරුවරුන්, විදුහල්පති, පූජකයන්, දේශපාලකයන් හෝ කුමන වෘත්තියක් හෝ දේවත්වයේ ලා සැලකිය යුතු නොවේ. ගරු කළ යුත්තේ හෝ නොකළ යුත්තේ ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසායි. චායාරූපයේ ඇති පෝස්ටුවට සැලකිය යුතු තරමකින් වැටී ඇති කමෙන්ටුවකි. "අපිට ගැහුව නිසා හැදුනා. නැත්තම් අපි හිරේ" යන පදනම් විරහිත මරි මෝඩ කතාව. මෙම කතාව සාක්ශි දරන්නේ, උදාහරණ සපයන්නේ අධ්‍යාපන ක්‍රමය හරහා පෞරුෂය කෙතරම් බිඳ දමා ඇත්ද සහ සහකම්පනය, ආදරය, වැනි මානුශීය ගුණාංග හරහා සදාචාරය ගොඩනගාගෙන ස්වයං විනයක් වත් ඇති කරගත නොහැකි කෙවිටටම හුරු වූ තමන්වම අවතක්සේරු කරගන්නා පිරිසක් බිහිවීමය. ඉහත සඳහන් දේ කියෙව්ව ඔබ කරුණාකර "අඥේ ඕකෙන් අපහාස වෙනවා, අපිට ඌයියා වෙනවා, හොඳනෑ නේද" වැනි කතා නොකියන්න. මේ යථාර්ථයයි, සත්‍ය වශයෙන් අත්විඳි අත්දැකීම් වල එකතුවයි. ඔබේ අනාගත දරුවා පොරකාගෙන ඇතුලත් කිරීමට වෙර දරනා රජයේ පාසල් වල තිරය පිටුපස කතාවයි. ඔබට මෙවැනි අත්දැකීම්, අසාධාරණ වලට මුහුණ නොදුන්නා විය හැක. නමුත් මෙය මගේ සහ මම වැනි තවත් ශිෂ්‍යයන්ගේ කතාවයි. ‌අවසාන වශයෙන් තැරි ගසා ළමයි හැදේ නම්. ලොව අපරාධ අඩුම, සාමකාමීම සාම දර්ශකයේ හැම අවුරුද්දකම උඩින්ම් සිටිය යුත්තේ ලංකාවයි. එම නිසා ගොන් කතා නොකියා සිටින්න. පාසල් මිතුරන් ඉන්නා සාද වලට, උත්සව සියල්ලට සහභාගී වෙමි.නමුත් ආදි ශිශ්‍ය සංගම් වලට කරුණාකර ආරාධනා නොකරන්න. (මම පොරක් නොවන නිසා නැති උනාට වුනාට ඔබලාට පාඩුවක් ඇත්තේම නැත) ළමයි දාන්න ඕන කියා ඔබලාට ඉදිරියේදී කිසිවිටෙකත් කරදර නොකරමි. මම කිසි විටෙක පාසලට වෛර නොකරමි අමුතුවෙන් ආදරයද නොකරමි. නමුත් පින් කෙතේ පාසල් ක්‍රමයට වෛර කරමි පාසල් තුල පොදුවේ ළමයි පීඩාවට පත් වන දේවල් ඊලඟට කතා කරමු. ජය වේවා. ස්තූතියි සජිත් විතානගේඅන්ටාක්ටිකාවෙන් ලියුමක්! ඇන්ටාක්ටිකාවෙන් තැපල් කරපු
පෝස්ට් කාඩ් එක මාසෙකට පස්සෙ ඊයෙ හමුවෙනවා මට (15.12.2023), Port Lockroy නැත්තම් Penguin's post office කියලා හදුන්වන්නෙ දක්ෂිණ ඩ්‍රැවයේ අවසාන තැපල් කන්තෝරුව. නැත්තම් ලෝකේ පහලින්ම තියෙන තැපල් කන්තෝරුව. මේකට අදාල නම පටබැදුන හැටි පින්තූරය දැක්කම හිතාගන්න පුලුවන් වෙයි. මේ බ්‍රිතාන්‍යයට අයත් තැපැල් කන්තෝරුවක් ( ඇන්ටාක්ටිකා සම්මුතියට අනුව ඇන්ටාක්ටිකාව රටවල් කීපයකින් පාලනය කරන නිදහස් රාජ්‍යයක්). බ්‍රිතාන්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ වුන මෙම ස්ථානය අදටත් තැපල් කන්තෝරුවක් වගේම කෞතුකාගාරයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තමන්ගේ ගමන් බලපත්‍රයට සමරු සටහනක් ලබා ගන්නත් පුලුවන්.. ඉතින්, මම මේ තැපල් පත යොමු කරද්දී විශාල අයිස් කුට්ටියක් පසු කරමින් හිටියේ මගේ හිතට දැනුන හැඟීම් මේ තැපැල් පතට යොමු කලේ මෙහෙමයි.. " මෙය සැබෑ වූ සිහිනයක්, මට දැනෙන්නෙ මම තවත් ලෝකයක ගමන් කරනවා වගේ , මේ තමයි මා මාවම සොයා ගන්නා අවස්ථාව, මා තුල සිටිනා සංචාරකයා අවදිකරගන්නා අවස්ථාව, මම උපරිමයෙන්ම විදිනා මොහොත" ඔව් ඇන්ටාක්ටිකාව කියන්නෙ හීනයක් වගේ, තවත් රසබර කතා ඉදිරියට ලියන්නම්..***හිමාල දිනපොත*** **තුන්වන දින** අද අපගේ විවේක දිනයයි. නොඑසේනම් ඉහල උන්නතාශ වලට සිරුර හැඩ ගැසීමට ඉඩකඩ ලබා දෙන දිනයයි. මුහුදු මට්ටමේ සිට ඉහලට යත්ම වාතයේ ඝනත්වය අඩු වීම නිසා අප හුස්ම ගැනීමේදී ලබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මෙම අඩු ඔක්සිජන් තත්ත්වයට හැඩ ගැසීමට සිරුරට යම් කාලයක් ලබා දිය යුතුයි. නොඑසේනම් altitude sickness නම් රෝගී තත්ත්වයට මුහුණ පෑමට සිදු විය හැකියි. altitude sickness හි මරණ ප්‍රතිශතය 11% තරම් ඉහල අගයක් ගන්නා නිසා මෙය බැරෑරුම්ව සැලකිය යුතු කරුණක් වෙනවා. විවේක දවසක් කිව්වට ඒක එහෙම්මම නෙවෙයි කියලා මට තේරුනේ කේෂාර්ගේ දවසේ සැලැස්ම ගැන ඇහුවට පස්සේ. අද සැලැස්ම තමයි, නම්චේ ගම්මානය නැරඹීමත්, නැරඹුම් ස්ථාන කිහිපයකට යාමත්. එක් නැරඹුම් ස්ථානයක් වන්නේ එවරස්ට් වීව් හෝටලයයි. නම්චේ නගරයට ඇතුලුවන තැනම ඇත්තේ අලංකාර ස්ථූපයක්. ඒ අසලම තිබෙන්නේ ස්මාරකයක්. ඒ පෙම්බා ඩෝම් ෂර්පා ගේ. පෙම්බා ෂර්පා නම්චේ හී උපන් තැනැත්තියක් වන අතර ඇය නේපාල කඳු නගින්නියන්ගේ පුරෝගාමී චරිතයක්. ඇය එවරස්ට් ශිඛරය උතුරු මාර්ගයෙන් තරණය කල පලමු නේපාල ජාතික කාන්තාව වන අතර, උතුරු හා දකුණු මාර්ග දෙකෙන්ම එවරස්ට් තරණය කල පලමු නේපාල ජාතික කාන්තාවද වෙනවා. ලොත්සේ කඳු මුදුන තරණය කරමින් එසේ කල පලමු දකුණු ආසියාතික කාන්තාව වීමේ වාර්තාවටද හිමිකම් කියන ඈ, නැවත පහලට බසිමින් සිටියදී හිම කුණාටුවකට මුහුණ පා අවාසනාවන්ත ලෙස අඩි 800 පමණ පහලට ඇද වැටී මිය යනවා. ඈ කඳු නගින්නියක් පමණක්ම නොවේ. නම්චේ නගරයට විශිෂ්ඨ සේවාවක් කල සමාජ සේවිකාවක්ද වෙනවා. නම්චේ යනු තනිකරම කඳු බෑවුමක පිහිටා තිබෙන නගරයක්. අපගේ නවාතැන පිහිටා තිබුනේ පහලම කෙලවරේ. ඉදින් නගරෙයේ ඉහල කෙලවරට නගින්නට ගල්පඩි විශාල ගණනක් පසු කරන්නට උනා. -5C පමණ වන උදෑසන ශීතලේ, සිරුර උණුසුම් වීමට පෙර එලෙස ගල්පඩි නැගීම මට තරමක අසීරු කාර්‍යයක් උනා. නැවත ආපසු පැම්ණෙන ගමනක් නිසා පෝටර්වරයා වූ සොන්පා ගමනට එකතු උනේ නෑ. නම්චේ හි ඉහලටම නැග දකුණු පසට හැරුනු පසු කුඩා කඳු ගටයක් මුදුනේ නැරඹුම් ස්ථානය පිහිටා තිබුනා. කඳු ගටයේ කොටසක හමුදා කඳවුරක්. නරඹුම් ස්ථානයේ සිට අංශක 360ක ඉතා මනරම් දරශනයක් දැක ගන්න පුලුවන්. හාත්පස වට වී තිබුනේ හිස් හිමෙන් වැසී ගිය ගිරි ශිඛර වලිනුයි. අප ආසන්නයේම තිබුනේ කුම්භු ශිඛරයයි (Khumbu Yui Lha - 5761m). කේෂාමණී කියා සිටියේ එය පූජනීය කන්දක් කියා. එය කුම්භිලා දෙවියන්ගේ නිවහනයි. කුම්භිලා යනු කුම්බු මිටියාවතට අධිගෘහිත, මිටියාවත් වාසීන් ගේ ආරක්ෂක දේවතාවයි. කුම්භු කඳු මුදුනට මදක් දකුණු පසින් එවරස්ට්, ලොත්සේ, අමඩබලම් ආදී කඳු මුදුන් පැහැදිලිව දැක ගන්න පුලුවන් උනා. අද හොඳ කාලගුණයක් සහිත පැහැදිලි දවසක්. පළමු වරට එවරස්ට් තරණය කල ටෙන්සිං නෝරගේ සිහිවීම පිනිස තැනූ ස්මාරකයක් ද ඒ අසල තිබුනා. සිරි නරඹමින්, ඡායාරූප ගනිමින් මද වෙලාවක් ගත කල අප ආපසු හැරුනා. නම්චේ නගරයට වම් පසින් තිබුනේ කේතුකාකාර උස් කන්දක්. එහි මුදුනේම ගොඩනැගිල්ලක් ඉතා කුඩාවට පේන්න තිබ්බා. කේෂාර් ගෙන් ඒගැන විමසූ විට ඔහු කීවේ ඒ 'ෂර්පා හෝටලය' බවටයි. "ඒකට යන්න පුලුවන් හෙලිකොප්‍ටර් එකකින් විතරද?" මගේ ප්‍රශ්නෙට ලැබුනේ හකු පූට්ටු වෙන උත්තර‍යක්. "නෑ..පඩි පෙලක් තියෙනවා...අපි ඊලඟට යන්නේ එතෙන්ට..." කේෂාර් කිව්වේ කිසි ගානකට නැතුව. බැලූ බල්මට නම් ඒක නොකල හැකි වැඩක් වගේ. කඳු බෑවුම ඉතා තියුණුයි. "මරු නිවාඩු දවස.." යයි සිතමින් මා කේෂාර්ගේ පසුපස වැටුනා. නගින්නට පටන් ගත් තැන සිටම තිබුනේ තද බෑවුමක්. කන්ඳේ රඟ දැකීම නිසා හෝ කෑම වල අවුලක් නිසා වැඩි වෙලා යන්නට පෙරම වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් දැඩිවම දැනෙන්නට ගත්තා. මා කේෂාර්ගෙන් අසාසිටියේ වැසිකිලි පහසුකම් ලබා ගන්නට පුලුවන් තැනක් අසලක ඇත්දැයි කියලා. "ෂර්පා හෝටලයට" ලඟා වීමට තව බොහෝ ඉහල නැග යුතුව තිබෙනාවා. "ඕපන් ටොයිලට තමයි ඉතින්" කේෂා‍ර් කීවේ සිනා සෙමින්. කෑලෑ වසිකිලිවලට ගොස් පුරුද්දක් තිබුනත් බොහෝ කලකින් එවැන්නක් කර තිබුනේ නෑ. වාසනනවකට මෙන් මගේ සැහැල්ලුවේ තෙත ටිෂූ පැකට්ටුක්ද තිබුන නිසා එතරම් කරදරයක් නැතුව බර සැහැල්ලු කරගන්නට පුලුවන් උනා. මා බලාපොරොත්තු වූ සේම ඉහල නැගීම දුෂ්කර උනා. අඩියෙන් අඩිය, පඩියෙන් පඩිය, නැම්මෙන් නැම්ම අපි ඉහල නැග්ගා, අපිට පහලින් නම්චේ නගරය කුඩා වේගන ගියා. දැඩි වෙහෙසක් දැනුනත්, කාලගුණය ඉතාම හොඳ වූ නිසා ගමන ආශ්වාද ජනකයි. වටේට පෙනුනු දර්ශනය විස්තර කල නොහැකි තරම් මනස්කාන්තයි. තත්පර කිහිපය බැගින් වූ විවේක ගනිමින් අපි ටිකෙන් ටික ඉහලටම ඇදුනා. පලමු වරට වාතයේ ඔක්සිජන් හිඟකම මට දැනෙන්නට පටන් අරගෙන. කොයිතරම් හුස්ම ගත්තත් මදි කියලයි දැනෙන්නේ. දැන් නම්චේ පෙනුනේ අපට ඉතා පහලින් කුඩාවට. නම්චේ වෙත යන හෙලිකොප්ටර් පියාසර කරන්නේ අපට පහලින්. අපට පහලින් පියාසර කරන හෙලිකොප්‍ටර් දෙස බලා සිටීම මට මහත් සතුටක් ගෙන දුන් කාරණයක් උනා. අවසානයේ අප කඳු මුදුනට ලගා වූ අතර එතැන උස 3880ම් බව සඳහන් පුවරුවක් දක්නට ලබුනා. අප නම්චේ සිට මීටර් 440ඉහල නැග තිබුනා. එතැන් සිට උතුරු දෙසට වූ තවත් කඳු ගටයක් මුදුනේ එවරට් වීව් හෝටලය පිහිටා තිබුනා. කඳු මුදුනේ තැනිතලාවක් හරහා ගමන් කිරීමට තිබූ නිසා එම කොටස අසීරු ගමනක් උනේ නෑ. එතැනට පෙනුනූ දර්ශනය හුස්ම හිර කරවන තරම් මනස්කාන්ත එකක්. දැවැන්ත කඳු පන්තීන් හා ඒ මතින් ඉහල නැගි හිමෙන් වැසුනු ශිඛරයන්ගේ දර්ශණය අද්විතීයයි. එවැන්නක් ලොව වෙන කිසිම තැනක් නැතුව ඇති. කුම්බිලා ශිඛරය දැන් පෙනෙන්නේ අතින් ඇල්ලිය හැකි තරම් දුරින්. අමඩබලම්, ලොත්සේ, නුප්ත්සේ, එවරස්ට් ආදී කඳු මුදුන් ඉතාම පැහැදිලිව දැක ගන්න පුලුවන් උනා. "දැන් නම් ඉතින් ආපහු හැරිලා යන්න උනත් දුකක් නෑ..." මම කේෂාර්ට කිව්වා. ආසන්නයේම පිහිටි අම-ඩබලම් ඉතා සුවිශේෂී කන්දක්. එහි ඇති අසම සම හැඩය නිසා, අන් කඳු ඇතර එය ඉතා පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. එවරස්‍ට් කඳු අතර රජු වනවිට අම-ඩබලම් එහි රැජිණයි. අම-ඩබලම් හිස් දෙකකින් (6812මී, 6170මී) හා ඉන් දෙපසට විහිදී ගිය කඳු වැටි දෙකකින් යුක්තයි. අම-ඩබලම් යන්නෙහි තේරුම 'මවගේ ගෙලබැඳි මාලය' යන්නයි. වරින් වර උස් පහත් වෙමින් යන ගී හඬක් අපට ඇසෙන්නට උනා. එය වේගයෙන් නමුත් ලයාන්විතව ගයන අපූරු ගීයක්. තවත් ඉදිරියට යද්දී අපට ගායකයාව දැක ගන්නට පුලුවන් උනා. එ ගලින් ගලට පැන පැන යන, දීප්තිමත ජැකට්ටුවකින් සහ කලිසමකින් සැරසුනු ගොපළු තරුණයෙක්. ඒ අසලම සිටියේ ඔහුගේ යැක් ගව රංචුවයි. එවරස්ට් වීව් හෝටලය සුඛෝපභෝගී හෝටලයක්. එයට පැමිනීමට ඇති පහසුම මග ලුක්ලා සිට හෙලිකොප්ටරයකින් පැමිණීමයි. හෝටලය අසලම හෙලිපෑඩයක් තිබෙනවා. නො එසේනම් අප පැමිණි මාර්ගය ඔස්සේ දින දෙකක් ගෙවා පැමිණිය යුතුයි. අඩි 13,000 (3900මී) උසින් පිහිටි මෙම හෝටලය කලක් ලොව ඉහලින්ම පිහිටි හෝටලයේ ගීනස් වාර්තාවටත් හිමිකම් කිව්වා. ජපන් ජාතික ටකාෂි මියහ්රා ගේ අදහසක් අනුව, වසර ගනනාවක දුෂ්කර ව්‍යායාමයකින් පසුව මේ හෝටලය ඇරඹෙන්නේ 1971 දී. හෝලටලේ ආපනශාලාවේදී, එවරස්ට් ඇතුලු අනෙක් කඳු ශිඛර වල ඉතා අලංකාර දර්ශනයක් දැක ගන්නට පුලුවන්. විනාඩි හිකිපයකට වරක් එතැනට පැමිනෙන හෙලිකොප්ටට වල ඝෝෂාව නොවන්නට එය ඉතා සිත්ගන්නා සුලු තැනක්. උණුසුම් ලෙමන් තේ රස විදින්මින්, අවට දර්ශණය හිතේ හැටියට විඳ ගනිමින් අප පැයකට ආසන්න කාලයක් හෝටලයේ ගතකලා. ආපසු කන්ද පහලට බහිද්දී වේගයෙන් බහින්න පුලුවන් උනත් දණහිස් වලට වැඩි පීඩනයක් නොදෙන්න, මට පරිස්සම් වෙන්න උනා. මට තියෙන්නේ එතරම් නිරෝගී දණහිස් දෙකක් නෙවෙයි. මේ ගමන සැලසුම් කරලා පුහුණුවීම් පටන් ගත්තේ 2022 නොවැම්බර් මාසේ විතර. හතරවෙනි දවසෙම දකුණු දණහිස ආබාධයකට ලක් උනා. පුහුණු වීම් වහාම නවතන්නට සිදු වූ අතර භෞතචිකිත්සකවරයකුගේ පිහිට පැතීමට සිදු උනා. වාසනාවට මෙන් මට හමුවූ භෞතචිකිත්සකවරයා, මටත් වඩා මේ ගමන් ගැන උනන්දුවෙන් වැඩ කලා. 'අපි මේක කොහ්ම හරි කරමු' කියූ ඔහු ඉදිරි කාලය සඳහා ව්‍යායාම සැලැස්මක් සකස් කලා. මම ඔහුගේ උපදෙස් අකුරටම පිළිපැද්දත් ජනවාරි මැද වෙන තුරුම ලොකු වෙනසක් සිදු උනේ නෑ. මේ වෙනකොට දණහිසේ තත්ත්වය මේ ගමනේ තීරණාත්මක සාධකය උනා. දණහිසේ තත්ත්වය යහපත් නොවුනහොත්, ගමන අතහැර දමන්නට හෝ කල්දමන්නට සිදුවේයි බියෙන් මට කල් ගෙවන්නට සිදු උනා. පෙබරවාරී මුල වන විට තත්වය බොහෝදුරට යහපත් වූ අතර, වේදනාව බොහෝදුරට අඩුවී ගියා. නමුත් එය සම්පූර්ණයෙන් නැති වුනේ නෑ. කඳු නගිද්දී කිසිදු අපහසුවක් නැති උනත් පහලට බසින විට දණහිස් වේදනව නැවත මතු වෙනවා. ආපසු නවාතැනට පැමිණ සුලු විවේකයක් ගැන, නැවට එලියට බැස්සේ කේෂාර් සමග නම්චේ බසාර් හී රවුමක් ගැසීමටයි. නම්චේ නගරය මෙම කලාපයේ ප්‍රධාන නගරය සේම වෙලඳ මධ්‍යස්ථානයද වනවා. සිත්ගන්නා සුළ
ු කාරණය වන්නේ මෙම නගරයට වාහනයකින් ලඟාවිය හැකි කිසිදු මාර්ගයක් නොමැති වීමයි. අවශ්‍ය සියලුම දෑ ප්‍රවාහනය කෙරෙනුයේ, තවලම් මාර්ගයෙන්, කරතබාගෙන යාමෙන් හෝ හෙලිකොප්ටර් මාර්ගයෙන් පමණයි. එය නම්චේ පමණ්ක් නොවේ ලුක්ලා සිට අපට හමුවූ සෑම ගම්මානයකටම පොදු තත්ත්වයක්. නම්චේ වලදී ඔබට ලෝ ප්‍රකට සන්නාම වලින් යුත් කඳු නගින ඇඳුම්, උපකරණ අඩුවක් නැතුවම ලබා ගත හැකියි. සීතලට පලඳින යැක් ලොම් වලින් සෑදූ තොප්පි වල සිට කඳු නැගීමේදී භාවිතා කරන ඔක්සිජන් ටැංකි සහිත මුහුණු ආවරණ දක්වා ඕනෑම දෙයක් ඔබට මෙහිදී සොයා ගන්නට පුලුවන් නේපාලයේ කත්මණ්ඩු හා ටිබැටයේ ලාසා නගර යා කරන ඉපැරණි වෙලඳ මාර්ගය වූ 'ටිබෙටියානු ලුණු මාවත' (Tibetan Salt Route) හි කොටසක් නම්චේ හරහා වැටී තිබුනා. මේ වෙළඳ මාර්ගය හරහා ටිබටයේ සිට කඳුකර ලුණු, ලොම් හා අශ්වයින් දකුණටත්, දකුණේ සිට ධාන්‍ය, තේ, කුළුබඩු, ආදිය උතුරටත් හුවමාරු උනා. හිමාලය හරහා උතුරත් දකුනත් ‍යාකරන ඉපැරණි මාර්ග කිහිපයක්ම තිබෙනවා. කුම්බු මිටියාවත හා නම්චේ හරහා වැටී ඇති මෙම මාර්ගය වඩාත්ම දුෂ්කර මාර්ගයයි. මුල් කාලයේ මෙම මාර්ගයේ වෙලඳාම් කිරීමේ ඒකාධිකාරය ෂර්පාවරුන් සතුව තිබූ බව කියැවෙනවා නම්චේ, කුම්බු මිටියාවතේ සෑම ගමකටම සේවය සලසන ආර්ථික මධ්‍යස්ථානයයි. සෙනසුරාදා දින වල නම්චේ සති-පොලට ඈත ගම්වලින් මිනිසුන් පැමින ඔවුන්ගේ ගවභෝග අලෙවි කර ගැනීමටත්, අනෙකුත් අත්‍යාවශ්‍ය දෑ මිළදී ගනීමටත් සිදු කරනවා. පෙර ඉතා කුඩා ගම්මානයක් වූ නම්චේ සීඝ්‍ර දියුණුවක් ලබන්නේ එවරස්ට් කරා යන මාර්ගය ක්‍රමයෙන් ජනප්‍රිය වීමත් සමගයි. එවරස්ට් මූල කඳවුර කරා යන, ලුක්ලා සිට පැමිනෙන මාර්ගය නම්චේ හීදී දෙකට බෙදෙනවා. එකක් පැංබුචේ හරහා යන මාර්ගයයි. අනෙක ගොක්යෝ විල් හරහා යන ත්‍රී-පාස් (Three passess trek) නමින් හැඳින්වෙන දීර්ඝ මාර්ගයයි. මින් අප තෝරාගෙන තිබුනේ පැංබුචේ හරයා යන මාර්ගයයි. අප නම්චේ වලට පැමිණි මොහොතේ සිටම අපේ පෝටර්වරයාව දකින්නට සිටියේ නෑ. කේෂාර් කිව්වේ "ඒ..එයාට මෙහේ යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් එයා කැමතියි යාලුවෙක්ගේ ගෙදර නවතින්න..". එසේ නැවතීමෙන් ඔහුට දිනකට නවාතැන් සඳහා ලැබෙන් මුදලින් කොටසක් ඉතුරු කර ගන්නට පුළුවන් ඇති කියලා මම අනුමාන කලා. "කේෂාර් ඔයාටත් යාලුවෝ ඇතිනේ.. දවසම මගෙත් එක්ක ඉන්න ඕනේ නෑ...මේකෙ ඇවිදින එක මට තනියම කරගන්න පුලුවන්...ඕනෙනම් ගිහිල්ලා යාලුවෝ බලලා එන්න.." කේෂාර්ට යන්න ඕනේකම තියෙන බව හොඳටම පෙනුනා. ඒත් ඔහුගේ වගකීම වූ මාව දාලා යන්න පැකිලෙමින් හිටියේ. මට කිසිදු ගැටලුවක් නැති බව පැහැදිලි කරායින් පසු, උපදෙස් රාශියකුත් දීලා, රාත්‍රී කෑම වේලාවට නොවරදාවම නැවත් පැමිණෙන බවට පොරොන්දු වෙලා කේෂාර් අසල වීදියකින් නොපෙනී ගියා. මම නම්චේ හී වීදි දිගේ ඉබාගාතේ ඇවිද්දා. ගමන් සැරයටි කුට්ටමක්ද (walking sticks) මිලට ගත්තා. ඒ යුරෝපයේ මිලට වඩා සෑහෙන අඩුවට ඉතා හොද මට්ටමේ සැරයටි කුට්ටමක්. නැවත කාමරයට පැමිණ, යන්තමින් ඇඟපත සෝදාගෙන, කෙටි විවේකයක්ද රැගෙන, රාත්‍රී ආහර සඳහා නැවත ආපන ශාලවට යනවිට, සිනා මුසු මා එනතුරු බලා සිටියේ පොරොන්දුව අකුරටම ඉටු කරපු කේෂාර්. පසු සටහන. කිහිප දෙනෙක් අසා තිබුනා, නේපාල සංචාරයක / ආහාරපාන වල මිළ ගණන්. නේපාලය සැලකෙන්නේ අඩු සංචාරක වි‍යදම් සහිත රටක් හැටියටයි. එවරස්ට් මූල කඳවුරු චාරිකාව - එක් පුද්ගලයෙකු සඳහා දවස් 12 - ඩොලර් 900 - 1100 දවස් 18 (ත්‍රී පාසස් මාර්ගය) - ඩොලර් 1500-1700 මේ මුදල සංචාරක මග පෙන්වන්නෙකු ඇතුලු සියලු ඉඳුම් හිටුම් සඳහා. රාත්‍රී නවාතැන් හා ආහරවේල් 3ක් ඇතුලුව. ( අමතර ආහාර, බීම වර්ග, දුරකථන චාර්ජ් කිරීම, ඩේටා කාඩ් ආදිය මිලදී ගත යුතුයි) පෝටර්වරයෙකු සඳහා දවසට ඩොලර් 15-20 පමන ගෙවිය යුතුයි. ඇතම් සංචරක ආයතන වල පැකේජ සඳහා පෝටර් ගාස්තුද ඇතුලත්. මග පෙන්වන්නෙකු නැතිව ඔබට තනිවම සංචාරය කිරීමටත් පුලුවන්. නමුත් 2023 අප්‍රේල් මාසයේ සිට තනිව සංචාර තහන්ම් කරමින් නේපාල රජය නීතියක් සම්මත කොට තිබුනා. නමුත් මෙම නීතිය එවරස්ට් මාර්ගයේ තවම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නෑ. ආහාර පාන වල මිළ මාර්ගය ඉහලට යත්ම ආහරපාන වල මිල ක්‍රමයෙන් වැඩිවෙනවා සාමානය ආහාර වේලක් - ඩොලර් 6-8 නේපාලි රුපී (800-1000) තේ/කෝපි - ඩොලර් 1.50 පමණ ටී හවුස් එකක ඇති අහාර පාන වල මිල දර්ශකයක් මා චායාරූප ගොන්නට ඇතුලත් කොට තිබෙනවා නේපාලි රුපියල් 100 = ඩොලර් 0.75 = ලංකා රුපියල් 245කොහේ හෝ නුඹ නතර වී.... "මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතූ පැතුම් ඒ සිනා මැද ඉටුවේවි නම් ආයේ නාවත් කම් නෑ ඉතිම්" මිල්ටන් මල්ලවආරච්චි කාට කීවද දන්නෙ නෑ හැබැයි ඒ කියන්න කතාව තමන්ටත් වලංගුයි නේද කියලා සින්දුව කන වැටුනු විහංගට හිතුනා. "මාලිගාවක රජ කෙනෙක් වත් යනවදෝ කැන්දා, වාසනාවන් ඒ සැදෑවට මා ඇවිත් යනවා" ඒ පද පේලිය ඇහෙද්දිම විහංගගෙ ඇස් නොදැනිම ලාවට තෙත් වෙන්න ගත්තා. බොද වුන ඇස් අතරින් විහංගට මැවුනේ සහංගිව. අවුරුදු 3කුත් මාස ගානක් ගෙවිච්ච ප්‍රේම සම්බන්ධතාවෙට තිත තියලා අද වෙද්දි මාස හය හතක් ගෙවිලා තිබුනත් හයිය හිතක් තිබ්බ කොල්ලෙක් වෙච්ච විහංගට සහංගි ගැන මතකෙ යට කරන එක නම් ලේසි දෙයක් උනේ නෑ. අදටත් නවතින්නෙ ඇයි කියලා හරි හේතුවක් නොකියම සමුගත්ත සහංගිම තමයි ඒ කතාව ඉවර කරේ. එදා ඉදන් අද වෙනකම් කොයි තරම් සහංගිව මතකෙට ආවත් විහංග ඒ මතක එක්ක කොච්චර ඇවිලුනත් කිසිම වෙලාවක සහංගිට වචනෙකින් වත් වදයක් උනේ නෑ. ඔයාගේ තීරණේ ඒක නම් හරි මම පාඩුවේ ඉන්නම් ඒක ඔයාගේ අයිතිය කියලා සහංගිට කීව විහංග අන්තිම පාරට ඒත් ඇයි කියලා ඇහුවත් හේතු අහන්න එපා මේක මෙතනින් ඉවරයි කියලා කිසිම හැගීමක් නැතිව කියලා දැම්ම විදියෙන්ම විහංග ඒ ගැන තවත් කතා කරන එක තේරුමක් නොවෙන දෙයක් කියන එක හිතට ගත්තා. එදා ඉදන් අද වෙනකම් ගෙවුන මේ කාලේ ඇතුලේ විහංග හිතින් කොයි තරම් සහංගි නිසා විදෙව්වත් එලියට ඒ බවක් පෙන්වන්න ගියේ නෑ. විටින් විට යාලුවෝ සහංගි ගැන එක එක ආරංචි අරන් ආවත් ඒ දේවල් පස්සෙ හිතන්න එලවන්න නොගිය විහංග කීවේ ඒක එයාගේ ලයිෆ් එක මට ඒවා දැන් අදාල නෑ බං කියන එක. සහංගි මැරි කරන්න යනව කියන ආරංචිය විහංගගෙ කනේ තිබ්බ මලින්ත කීවේ බදින්න ඉන්නෙ බිස්නස් කරන අත මිට බර එකෙක් කියලා. මේ වෙලාවේ මේවා ආයේ මතක් වෙන්නෙ මේ මිල්ටන්ගෙ පිස්සු කතා නිසා නේද කියලා ඒ අස්සෙන් ආයෙ විහංගටම හිතුනා. ඒ වෙද්දි ඒ සින්දුව ඉවර වෙලා තව සින්දු කීපයක්ම ප්ලේ වෙලා තිබ්බත් මතක අස්සෙ ඇවිදපු විහංගට ඒ සින්දු මග ඇරිලා තිබුනා. ඒත් මතක වලින් පොඩ්ඩක් පියවි ලෝකෙට ආව විහංග ආයේ ඒ ලෝකෙටම ඇදල ගන්න මිල්ටන්ට අවශ්‍ය වුනේ තවත් වචන හත අටක් විතරයි. "කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා, මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා" මේ මනුස්සයා නම් ඇත්‍තටම පිස්සුවක්. කව්රු ලීවද කාට ලීවද දන්නෙ නැති උනත් මිල්ටන් මේ ගයන්නේ තමන්ගෙම කතාව කියලා හිතෙද්දි විහංග මෙච්චර කාලෙකට තද කරන් ඉදිය හයිය හිත විහංගත් නොදැනම ලිහිල් උනාද මංදා. කොහේද ඉදන් ආව බොලද සිතුවිල්ලක් ඔලුවට රිංගන්න ගත්තේ තත්පර ගානක් විතරයි. සහංගි ගැන අමනාපයක් නැතුව තාමත් විහංගගේ පෝන් එකේ කන්ටැක්ට් වල උඩින්ම තියෙන නම්බරේ ඩයල් කරේ මලින්ත දුන්න ආරංචිය නිසා සහංගිට සුබ පතන්න. මොකක්දෝ ඉංග්‍රීසි සින්දුවක් රිගින්ටෝන් එක විදියට සහංගිගේ පැත්තෙන් ඇහෙද්දි කවදත් විහිලුවෙන් සැහැල්ලුවෙන් කටකාර කමෙන් සහංගි එක්ක ගත කරපු විහංග ආන්සර් කරාම මොනාද මුලින්ම කියන්නේ කියලා හිතාගන්න බැරුව සින්දුව අහන් ඉදියා. සහංගිගෙන් මුලින්ම කැමැත්ත අහන්න හදපු දවස වගේම අදත් විහංගගේ හිත නොසන්සුන්. මොකක්දෝ නොතේරෙන අමුතු හැගීමකින් හිත පිරිලා. ඒත් සින්දුව නෑහි ගිහින් කෝල් එක කට්වෙලා ගියත් සහංගි පෝන් එක ආන්සර් කරේ නෑ. ආයේ ගන්නවද කියලා හිතුව විහංග ආයේම, නෑ ඕන නෑ මැසේජ් එකක් දාල තියනවා හිතුවේ පෙම්වතෙක් විදියට ආදරෙන් පැරදුනත් කොල්ලෙක් විදියට කෙල්ලෙක් ඉස්සරහා ඕනවට වඩා සෙකන්ඩ් වෙන්න විහංග කැමති නොවුන නිසා. ආදරේ කියන්නෙත් හරි පුදුම දෙයක්. කාලෙකට කලින් පෝන් එකේ රින්ග්ස් දෙපාරක් යන්න කලින් ආන්සර් කරපු කෙනාම. එයා ගත්ත කෝල් එකක් ආන්සර් කරන්න රින්ග්ස් තුන හතරක් විතර ගත වුනොත් බොරුවට හරි රන්ඩු වෙලා තරහා වුන කෙනාම අද වෙද්දි කෝල් එක ඉවර වෙනකම් රින්ග්ස් ගියත් සද්දයක් නෑ. සහංගි ගැන හොදටම දන්න විහංග දන්නවා විශේශ වැඩක් නොතිබ්බොත් මේ වෙලාව කොහොමත් සහංගි ගත කරන්නේ ගෙදරට වෙලා පොතක් කියවන ගමන් බව. ඒ පොත කියවද්දි පෝන් එක අත ලගම තියෙන බව. සමහර විට දැන් ඒ දේවල් වෙනස් වෙලා ඇති ආයෙම විහංග සහංගිව නිදොස් කොට නිදහස් කරන්න උත්සුක උනා. කමක් නෑ පස්සෙ ගනී නැත්නම් මැසේජ් එකක් හරි දායිනේ. නැති උනත් කමක් නෑ දැන් මෝඩයා වගේ කෝල් එකකුත් ගත්ත එකේ විශ් කරලා මැසේජ් එකක් දාල තියනවා. නැත්නම් මොනා හිතයිද දන්නේ නෑ. අඩුම අද වෙනකම් තමන්ට සහංගි මතක් වෙනවා වගේ සහංගිට තමන්වත් මතක් වෙනවා ඇද්ද කියලා වත් හිතන්න විහංග නොගියේ ඒ සිතුවිලි දිගේ යන්න යන්න වෙන්නේ තමන්ම වේදනාවක හිර වෙන එක කියන එක විහංග දැනන් උන්න නිසා. විශ් කරලා මැසේජ් එක දාන්න ගත්ත පෝන් එක දිහා බලන් විහංග ආයෙම කල්පනාවට වැටුනේ මොනා කියලද විශ් කරන්නේ හිතාගන්න බැරුව. මලින්ත කීව ආරංචිය කෝමටවත් බොරුවක් වෙන්න බැරි බව විහංග දන්නේ මලින්ත සහංගිලට කිට්ටුවෙන් නෑකමකුත් තිබ්බ එකෙක් වෙච්ච නිසා. ආදරේ ඉස්සරහදි විතරක් නෙවේ කොයි දේකදි උනත් ප්‍රාතමික විදියට හිතන කෙනෙක් නොවුන විහංග කිසිම වෙලේක තරහකින් සහංගි දිහා බැලුවේ නෑ. හේතුවක් නොකියම තමන්ව අත ඇරිය කියලවත් සහංගි සම්බන්ධයෙන් තරහක් විහංග තියන් ඉදියේ නෑ. එහෙව් එකේ විශ් කරලා දාන මැසේජ් එක පවා ඇලපිල්ලකින් ඉස්පිල්ලකින් වත් විහංගිට වෙනසක් දැනෙන්න නොදී ඒ ප්‍රාර්ථනාව කරන්න විහංගට ඕන උනා. ඒ වෙලේම තමා විහංගට ආයෙම මිල්ටන්ගෙ කට හඩ ඇහුනේ. ටිකකට කලින් තමන්ව පරණ මතක අස්සට එක්ක ගිය මේ මනුස්සයගේ ඒ පද ප
ේලි දෙකක් මතක් උන විහංග කවදත් තිබ්බ කටකාර කම නිසාම සහංගිගේ ඉන්බොක්ස් එකේ මිල්ටන්ගේ හඩ අකුරු කරන්න ගත්තා. "මාලිගාවක රජ කෙනෙක්වත් යනවදෝ කැන්දා, වාසනාවන් ඒ සැදෑවට මා ඇවිත් යනවා" ටයිප් කරලා ආයේ මකලා ආයෙම ටයිප් කරපු ඒ පද පේලි යටින් හදවතින්ම සුබ පතනවා අලුත් ජීවිතේට සතුටින් ඉන්න හැමදාමත් කියලා ලියන්නත් විහංග අමතක කරලා තිබ්බෙ නෑ. වචන දහය පහලවක වැඩක් උනත් මහා යුද්දයක අවසානයක වගේ හැගීමක් එක්ක හිතින් නිහඩව ආදරෙත් එක්ක හිනාවුන විහංග පෝන් එක ආයෙම අතට අරන් කෝල් කරේ දහම් ට. මතක කාලේ ඉදන්ම අම්මා තාත්තට පස්සෙ වැඩියෙන්ම ආශ්‍රය කරපු එකා උන දහම් විහංගගේ අතිජාතයා. මේ ප්‍රස්න ආව වෙලාවේ විහංගට හිත හයිය කරන් ඉස්සරහට යන්න ඌ වගේ හයියක් වෙන කොහෙන්වත් විහංගට ලැබුනේ නෑ. ඉතිම් මේ යුද්දේ ගැන කතා කරන්නත් ඌට වඩා වෙන මොකෙක් වත් නෑ කියන එක දන්න විහංග දහම්ට කෝල් කරෙ හවස් වෙලාවේ ඌ එක්ක සෙට් උනා නම් ලාවට බියර් එකක් ගහන ගමන්ම තමන් කරපු බොලද වැඩේ ගැන ඌට කියලා බැනුමක් දෙකක් අහගන්න එකත් වෙනම ආතල් එකක් වෙයි කියලා විහංගටම කියා ගන්න ගමන්. ඉස්සර සහංගි වගේ රින්ග්ස් දෙකක් යන්නත් කලින් පෝන් එක ආන්සර් කරපු දහම්, කියපන් විහා කීවේ මොකෝ වෙන්නේ අහන් ගමන්මයි. විශේශයක් නෑ බං නිකම් ගත්තේ මොකෝ කරන්නේ උබ. අද නිකම් ලාවට බීර එකක් තොල ගාලා ස්ට්‍රෙස් රිලීස් කරන්න හොද දවසක් කියලා උබට හිතෙන්නෙ නැද්ද. විහංගගේ කතාවට අනිත් පැත්තෙන් උත්තරේ විදියට දහම්ගේ කඩප්පුලි හිනා හඩ ඇහුනා. උබ කියනවා නම් ඉතිම් වෙන්න ඇති. මොකෝ කියන්නේ කොහෙද සෙට් වෙන්නේ මචං එකටම යනවද නැත්නන් අර ඉස්සර වගේ බයික් එකේ තියාගෙන බීච් එකට යනවද දහම් ඔප්ශන් දෙකක් දුන්නා. මචං එකේ සෙනග ඇති අපේ පොට් එකට යමන්. විහංග තැන තීරණය කරන පරක්කුවට දහම් කතාව ඉවර කරේ මන් අනිත්වා ගේන්නම් උබ ඒනම් බියර් ඔතනින්ම අරන් බීච් එක පැත්තට වරෙන් කියල පෝන් එක තියන ගමනුයි. තියන්න කලින්ම ලාවට සින්දුවක් දාගන්න ඕන නිසා jbl එක අරන් වරෙන් කියන්න විහංගට ඕන උනත් ඒ වෙද්දිත් දහම්ට තිබ්බ තදියමට ඌ පෝන් එක තියලා ඉවරයි. අව්ලක් නෑ ඕකා ඒක අමතක කරන්නේ නෑ. සහංගි විහංගව දන්න තරමටම ඒ නැත්නම් ඊටත් වැඩියෙන් දහම් විහංගව දන්න නිසා විහංග ආයේම ඒක කියන්න කෝල් ගන්න මහන්සි උනේ නෑ. විහංග තාම තනිව ඉදියට දැන් කසාදයක් ඒම කරන් අවුරුද්දකට කිට්ටු පොඩි එකෙකුත් ඉදිය දහම්ට ජීවිතේ තියෙන ප්‍රස්න එක්ක මේ වගේ දවස් හරිම සනීපයක් කියලා කලින් සෙට් උන දවසක දහම් කීවේ අපිට තියෙන ප්‍රස්න එක්ක උබට මොනාද බං තියෙන ප්‍රස්න කියලා විහංග දහම් එක්ක සහංගි ගැන කතා කරන්න ලෑස්ති උන වෙලාවකමයි. ආයෙත් සහංගිගෙ මතක එක්ක ඇවිදින්න ගිහින් දාගත්ත වැඩේට පරක්කු උනොත් දහම්ගෙන් අහගන්න වෙන කුනුහරුප මතක් වෙච්ච විහංග මිල්ටන්ගෙම සින්දුවක් ලාවට මිමිනුවේ ශෝටක් දාගනන් ගමන්මයි . "මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි" සින්දුවේ කීව සතුට බොරු නෙවේ නේද කියලා විහංගට හිතුනේ තමන්ගෙන් ඈත් වෙලා අලුත්ම ජීවිතයක් ආරම්භ කරන්න යන සහංගිට විශ් කරල දැම්ම මැසෙජ් එකත් විහංගට දුකක් නොතිබ්බෙම නැති සතුටක් උන නිසාමයි. ශෝට දාගෙන අදින්න ටී ශර්ට් එකක් හෙව්ව විහංගගේ අතට ඒ වෙලේ අල්මාරිය අස්සෙ තිබිලා අතට ආව ටී ශර්ට් එක දැක්කම ආයෙ පොඩි හිනාවක් ගියා අන්තිමට තිබ්බ උපන්දිනේ වෙලේ සහංගිගෙන් ලැබුන තෑග්ගක් වෙච්ච ඒ ටී ශර්ට් එක අදටත් විහංග ආසම ටී ශර්ට් එකක්. සහංගි ඔයා නම් කියලා තමන්ටම කියා ගත්තු විහංග ටී ශර්ට් එකත් දාගෙන එලියට බහින්න කලින් ආයේ පෝන් එක දිහා බැලුවේ බැරි වෙලාවත් සහංගි රිප්ලයි එකක් දාලද බලන්න නම් නෙවේ කියල විහංග තමන්ටම කියා ගත්තත් හිතේ කොනක උඩින්ම තිබ්බේ ඒ ආසාව කියන එක විහංගත් දැනන් ඉදියා. පෝන් එකේ ස්ක්‍රීන් එකේ ඉදන් විහංගම විහංග දිහා හිනාවෙලා බලන් ඉන්නවා. සහංගි නම් පේන්න ඉදියේ නෑ ඒ උනාට. ඒ පොටෝ එක සහංගි ගත්ත එකක්. විහංගට මතක් උනා. අපි මේක නවත්තමු මේ සම්බන්දෙ කියල සහංගි කියන්න සුමාන දෙකක් ඇති වැඩිම උනොත් ඒ පොටෝ එකට. හවස් වෙලාවක පීසා හට් එකේදි මීට් වුන වෙලේක සහංගි ඕක ගත්තේ. විහංගට පේන තරමට නම් ඒ පොටෝ එකේ ඒ හැටි ලස්සනක් නොතිබ්බත් සහංගිගේ වදේටයි කියවිල්ල නිසාවටමයි විහංගට ඒක පෝන් එකේ ස්ක්‍රීන් එකට දාගන්න උනේ පොටෝ එක ගත්‍ත දවසෙමයි. ඒ වෙලේ නම් බොරුවටත් එක්ක ඊයා මේ මොන ජරාවක්ද මම මේ වගේ සිය දහස් ගුනයක් ලස්සනයි මේක නම් පෝන් එකේ දාන්නෙ නෑ මම කියල සහංගිව අවුස්සනත් එක්ක විහංග කීවත් හැමදාම වෙනවා වගේ සීරියස්ම දෙයක් නෙවේ නම් ටික වෙලාවක් බොරුවට රන්ඩු අල්ලලා අන්තිමට සහංගිට දිනුම දෙන්න විහංග පුරුදු වුනේ ඒ දිනුමෙන් පස්සෙ සහංගිගේ ඇස් සෙල්ලම් බඩුවක් ඉල්ලලා අම්මා එක්ක පාරෙ රන්ඩු කරලා කෝම හරි ඒක ලබාගත්ත පොඩි එකෙක්ගෙ වගේ දිලිසෙන හැටි බලන්න පුලුවන් වෙන නිසා. සහංගි කීව විදියට කතාව නතර වෙලා දැන් කාලයක් ගෙවිලත් වෙනදා ගන්න ගන්න සෙල්ෆිය ගානෙ ස්ක්‍රීන් එක මාරු කරපු විහංග තාමත් මොකක්දෝ හේතුවකට ඒ පොටෝ එක ස්ක්‍රීන් එකේම තියෙන්න ඇරියා. සහංගිගෙ උත්තරයක් බලන්න හිතන් අතට ගත්ත පෝන් එකේ සහංගි නැති උනත් හිනා වෙලා තමන් දිහා බලන් ඉන්න විහංගගෙන් ඒ වෙලේ විහංග දැක්කේ සහංගිව. පෝන් එක සාක්කුවට දාගෙන සහංගිට බායි කීව විහංග බයික් එකට නැගලා ස්ටාර්ට් කරන්න උනේ නෑ ආ ඒ පාර හවස් ජාමේ කොහෙද රස්තියාදුවේ යන්න හදන්නේ කියලා අම්මා කුස්සිය පැත්තෙන් කෑගහනවා විහංගට ඇහුනා. බයික් එක රේස් කරන් පාරට දාන ගමන්ම අම්මට උත්තර දුන්න විහංග දහමව සෙට් වෙලා එන්නම් බීච් එක පැත්තෙත් ගිහින් කීවේ අම්මට ඇහුනද නැද්ද කියලවත් ආයේ බලන්න ඉන්නෙ නැතිව. බයික් එකට නැග්ගම විහංගට හැමදාම දැනුනේ තටු ලැබුන කුරුල්ලෙක් ගානට. හදිසි ගමනක් නෙවේ නම් පාරෙ අයිනක් අල්ලන් වට පිටාවත් බලාගෙන නිදහසේ රව්ම් ගහන එක විහංගගේ කවදත් ආස වැඩක්. ඒ වගේ ගමන් වලට සහංගි නිතර වගේමත් දහම් ඉදහිටත් විහංගට බැන්නත් කාලෙයි සල්ලියි දෙකම නාස්ති කරනවා කියලා විහංග වෙලාවක් සෙට් උන හැටියේ නිකම් හරි බයික් එකේ වටයක් දාල එන පුරුද්ද තවමත් අත ඇරලා නෑ. දහම් ඇවිල්ලා බලන් ඇති මතක් උන විහංග තවත් පරක්කු නොවී ඇක්ස්ලේටරේ කැරකුවේ බාර් එකටත් ගිහින් යන්න තියෙන නිසා. අයියේ ස්පෙශ්ල් බෲ බෝතල් දෙකයි ටින් 3යි. ස්කූටියේ ශීට් එක ඇරලා ඒ ටිකත් කැබියට දාගෙන විනාඩි 10න් වැල්ලට ආව විහංග එන ගමන් දහම්ගෙන් ආව කෝල් එකත් බයික් එකේ යන ගමන්ම සාක්කුවේ අත දාන් කලබලෙන් ඇදලා ගත්තේ සහංගිදෝ හිතිලා.. ඒත් ආන්සර් කරලා කනේ තියා ගන්නත් කලින්ම, කොහෙද බල්ලෝ ඉන්නේ තාම මක් කරනවද, කියලා දහම් එහා කොනෙන් බෙරිහන් දෙන්න ගත්තම ඉදහන් මේ ලග කියලා කෝල් එක කට් නොකරම ආයේ සාක්කුවේ ඔබා ගත්තා. අපෝ උබනම්, බයික් එකෙන් බහින්න උනේ නෑ දහම් බනින්න තියාගත්තා. බලපන් මන් ඇවිත් දැන් විනාඩි 10කට වැඩි තෝ පොල් ගෑවද, දහම්ගෙ කරච්චලේ ඉවරයක් වෙන්නෙ නෑ කියලා දන්න විහංග කට ඇරියේ, අයියෝ නවත්තගනින්කෝ උබේ කන්දොස්කිරියාව හරි දැන් ඉතිම් ආවනේ කෝම හරි කියන ගමන් තෝත් හරියට අපේ ගෑනි වගේ කියාගෙනමයි. "ගෑනි" ආයේ ඒකම අනිත් අතට බර කරලා උච්චාරණය කරපු දහම් මොන ගෑනිද කොයි ගෑනිද අර අරකි සහංගිද නැත්නම් උබ අද ඊයේ ගෑනියෙක් ගෙනාවද. සහංගි වෙන්න බෑ ඒකි උබේ ගෑනි නෙවෙනේ. ඒකි දැන් බදින්නත් නෙහ් ඉන්නේ දහම්ගේ නන්ස්ටොප් කියවිල්ල ආයේ පටන් ගත්තා. හරි හරි බං මගේ නොවුනට මගේ කියන්න බැරි නෑ නේ. අයිති වෙන්නම ඕනද මං ලව් කරන එකීට මගෙ ගෑනි කියන්න විහංග දුන්න බර වදන් වලට අනිත් පැත්ත හැරිලා පස්ස පෙන්නපු දහම්, මේ බලපන් පොඩ්ඩ්ක් දගලනවා වගේ දැනෙනව ඌටත් හිනාද කොහෙද කීවේ, තෝ ඔය බුකියේ එක එකාගේ වදන් කියෝලා ඒවා ඔලුවට අරන් මගුල් කියවන්න එපා. උබ ඕම නෙවේ ඔලුවෙන් හිටන් කීවත් ඒකි උබේ ගෑනි නෙවේ. වෙන්නෙත් නෑ වෙන්න ඕනෙත් නෑ. ඒ නිසා මේ ආතල් එකක් ගන්න යන වෙලාවේ විකාර මතක් කරලා වැඩේ අල කරන්නෙ නැතුව ගෙනාපුව ගනින්. මම ඉක්මනට යන්නත් ඕනා අපේ ගෑනි කෝල් කරලා බර බරේ දාන්න කලින්. ඒම කීව දහම් නක්කල් හිනාවක් තියෙන මූනක් හදන්, උබේ ඔය ගෑනි වගේ නෙවේ අපේ ගෑනි දන්නවනේ. හිතේ ඉන්න ගෑනුයි එලිපිට ඉන්න ගෑනුයි කියන්නේ තනිකරම අන්ත දෙකක් ඒ නිසා මේ වැඩේ පටන් ගමු.. දහම් ඒම කීවම විහංග මුකුත් කටින් නොකියා බයික් එකේ සීට් එක ඇරියත් අද මේ ආවේ ආතල් ගන්නම නෙවේ මගේ ගෑනි ගැන උබ එක්ක පොඩ්ඩක් කතා කරන්නත් එක්ක තමයි හිතිං හිතුව විහංග සුදුසු වෙලාවක් එනකම් වැඩේ පටන් ගන්න ලෑස්ති උනා. වෙන හැමදාමත් වගේ දහම්ගෙ කටේ දත්වලයි හකුවලයි ශක්තිය උරගා බලපු බියර් බෝතල් දෙක අදත් පරාජය බාරගත්තේ මූඩිය ගැලවුන ගමන් පෙන එවලා දහම්ගේ හැකියාවට රෙස්පෙක්ට් කරන්න වගේ. චියර්ස් දෙන්නා එක්ක ඈත මුහුද දිහා බලාගෙනම සව්දිය පිරුවා. " හපන්න මුකුත් නෑ" ඒ විහංග. අයියෝ බං හැමදාම ඕමයි. මේ බියර් වලට මොන බයිට් ද බං, ඔය වැලි අහුරක් ගනින් අතට. විහංගට විහිලු කරන ගමන් දහම් බයික් එකේ එල්ලලා තිබ්බ කවරයක් අරන් ස්කූටියේ ශීට් එක උඩින් තිබ්බේ ඉදා ඕන විදියකට කාගනින් කියලා විහංගට කියන ගමන්මයි. චීස් කෑලි දෙකකුයි ජම්බෝ පීනට් පැකට් එකයි ඉස්සෝ කීවට කූනිස්සෙක්වත් හොයාගන්න අමාරු වඩේ 5,6ක් තිබ්බ මල්ලෙන් ජම්බෝ පීනට් එක ගත්තේ චීස් කැල්ල දහම්ගෙ චොයිස් එක කියලා දන්න නිසා. "ඉතිම් බං මොකො වැඩ තත්වේ. ගෙවල් පැත්ත මොකද, පොඩි එකා සනිපෙන් ඉන්නවද" බියර් උගුරක් දෙකක් හෙමීට ගලා යන්න දීලා විහංග ආයේ හඩ අවදි කලා. "අව්ලක් නෑ බං ශේප්. කොල්ලා දැන් වචන කියනෝ එක දෙක, අල්ලන් නැගිටිනවා, වැඩ ගොඩයි. පස්සෙන්ම ඉන්න ඕනා විසේ පුදුම විදියට පොඩි උනාට". ඒ අහන් ඉදිය විහංගට කියවුනේ අප්පා වගේම නැතැයි කියලා. "ජොබ් එක මොකෝ මේ කරන එකවත් කාලයක් කරන් ඉන්න හිතක් තියෙනවද" විහංග ආයෙම දහම්ගෙන් ඇහුවේ දහම් කිසි දවසක එක ජොබ් එකක් අවුරුද්දකට දෙකකට වඩා නම් කරපු එකෙක් නොවුන නිසා. එව්වා
කියන්න බෑ මගේ විදියට යනකම් කරනවා, එපා උනොත් දමලා ගහලා එනව. උබ දන්නවනේ ඉතිම් මගේ ගැන දහම් උත්තර දුන්නා. ඌ ගැන දන්න විහංග ඒ ගැන ඊට වඩා කතා කරන්න ගියේ නෑ. බියර් උගුර දෙක ආමාශ ගත වෙද්දි විහංග ලාවට සින්දුවක් දැම්මා. විහංගට කතාවට එන්න මිල්ටන්ගෙ සින්දුව ප්ලේ කරන්න ඕන උනත් දැන්ම ඒකට වෙලාව නෙවේ කියලා හිතුව නිසා අමරසිරි පීරිස් ගෙ සින්දුවක් දැම්මේ දහම් ගොඩක්ම කැමති උනේ මේ වගේ වෙලාවට අමරසිරි පීරිස් ගෙ සින්දු වලට නිසා. "මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක, එක මොහොතක් අපේ වෙලා උයනක කෙලවර, එදා වගේ හමුවන්නට සුන්දර හවසක, හීන මවනවද හිරවී හිමි නැති පපුවක" අමරසිරි පීරිස් ඒ විදියට ගීතවත් වෙන්න ගනිද්දි බියර් එකත් අතේ තියන් දෙන්නම ඈත මුහුද දිහා බලන් ඉදියේ කතාවක් නැතුව. හවස් වරුව නිසා වෙරලේ කලබල ගතියක් ඉසිලුවත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඒ බව දැනෙන්නෙ නැති තරමටම දෙන්නා සින්දුවත් එක්ක ඇලිලා හිටියා. විහංග දහම් වගේම තමන්ගෙ සවස් වරුව සැහැල්ලුවෙන් නිදහසෙන් ගත කරන්න ඇවිත් ඉදිය අනිත් අයත් තම තමන්ගෙ ලෝක වල ගිලිලා ඉදිය නිසා කාටවත් අනෙක් අය ගැන හැගීමක් තිබ්බේ නෑ. මොන තරම් සින්දුව එක්ක තමන්ගෙ ලෝකවල ඉදියත් විහංගගේ හිත කොනක සහංගිත් සහංගිගෙ විවාහය ගැන ආරංචියත් ඒ වෙනුවෙන් විහංග සුබ පතලා යවපු මැසේජ් එකත් තැම්පත් වෙලා තිබ්බා. ඒ ගැන දහම් එක්ක කතා කරන්න තිබ්බ උවමනාව දිය යට ඔබපු රබර් බෝලයක් වගේ හැම වෙලේම උඩට එන්න හැදුවත් කතාව පටන් ගන්න සුදුසු වෙලාවක් එනකම් කල්මරපු විහංග ඒ හැම වෙලෙම වගේ තවත් තද කරලා ඒ බෝලේ වතුර යටටම ඔබාගෙන ඉදියා. එක් සින්දුවක් අහවර කරපු අමරසිරි පීරිස් මහත්මයා තවත් සින්දුවක් පටන් ගනිද්දි දහම් නිහඩතාවය බින්දා. මේ මනුස්සයා නම් පිස්සුවක් බං, බලපන් ඒ වොයිස් එක,ඒ වචන දැන් හැදෙන සින්දු වගේද, ඒ වගේ හිතට දැනෙන්න සින්ග් කරන්න පුලුවන් කීයද බං දැන් ඉන්නේ. දහම් කියවන් යද්දි විහංග ඒක අනුමත කරේ වම් අතේ තිබ්බ බියර් බෝතලේ පොඩ්ඩක් උස්සලා. මිල්ටන් මල්ලවආරච්චි ගෙ සින්දුත් මාර විදියට දැනෙනවා නේද බං විහංග වටෙන් ගොඩෙන් තමන්ගෙ මාතෘකාවට එන්න පාර කපාගන්න බැලුවේ ඒම. ම්ම්ම්ම් සින්දු නරක නෑ . ඒකත් වෙනම ලෙවල් එකක් තමා උබ වගේ බූට් කාපු උන්ට ඉතිම්. මිනිහා කීවෙම විරහ ගීතනේ. දහම් පොඩි හින්ට් එකකුත් ගැහුවේ අහුවෙච්ච චාන්ස් එකෙන්. ඔන්න ඉතිම් ලබ්බක් කතා කරනවා. ඒම එකක් නෙවේ බං ඒ සින්දුවල තියෙනවා අමුතු ලල් එකක් ඒකයි කීවේ. විහංග දහම් දාපු නෝන්ඩිය නිසා කට උත්තර නැති උනත් ඩිෆෙන්ස් වෙන්න උත්තර දුන්නා. ලබ්බක් කතා කරනවා නම් අටපට්ටමට කියපන්. අනේ මං නොදන්න උබ. හරි හරි ඉතිම් ඒ ගැන වාද නොකර ඉමු මොකෝ මෙච්චර කාලෙකට උබ කවද්ද උබ වැරදි පිලිගත්තේ. විහංග එක්ක කතා කරලා කවදාවත් උගේ මතෙන් පිට දේකට ඌව ගන්න බෑ කියලා දන්න දහම් ඒ ගැන ඊට වඩා කතා කරන්න ගියේ නෑ. ලගින් ඇහෙන රල බිදෙන සද්දෙයි මුහුද දිහාවෙන් හමාගෙන එන හුලං සද්දෙයි එක්ක මුහු වුන හැන්දෑවෙ වෙරලට රැල්ල පාගන්න ආව පොඩි උන්ගේ හිනා හඩවල් අතරින් ලාවට ඇහෙන අමරසිරි පීරිස් මහත්තයගෙ ගීතවත් හඩ එක්ක බියර් බෝතලේ ටිකෙන් ටික හිස් වෙන්න ගත්තා... ඒ අතරේ කීප සැරයක්ම විහංග පොන් එක අතට අරන් බල බල සාක්කුවට දාගත්තේ සහංගි ගෙන් උත්තරයක් ඇවිත්ද කියන එක දැන ගන්න උනත් මේ දෙයක් නොදන්න දහම් හිතුවේ විහංග මොනා හරි තව වැඩක් ඔලුවේ තියන් වෙලාවවත් බලනවා කියලයි. ඒ නිසාම මොකෝ උබ අද කලබලේ කොහේ හරි යන්නවත්ද, කොයි වෙලෙත් වෙලාවම බලන්නේ දහම් ඇහුවා. අහ් නෑ බං මේ මැසේජ් එකක් ආව වගේ දැනුනට බැලුවේ. විහංග නොහිතා කර දෙයක් උනත් ඒක දහම්ට නෝට් වෙලා කියන එක දැනගත්ත එකෙන් ආව චූටි ලැජ්ජාවක් එක්ක උත්තරයක් දුන්නා. මොකෝ අලුත් කෑල්ලක් වත් සෙට් ද. ඔච්චරට මැසේජ් එන එකක් බලන්නෙ දහම් ඇහුවේ අනේ ඒම නම් වාසනාවන් කියන හැගීමෙන්. මොකද සහංගිගෙ වෙන් වීමත් එක්ක පිටට නොපෙන්නුවත් විහංග ඒ ගැන හිතේ හිරකරගත්තු වේදනාවකින් ඉන්නෙ කියන එක දහම්ට සෑහෙන කාලෙක ඉදන් දැනිලා තිබ්බ දෙයක් නිසා. තමන්ගෙ හොදම යාලුවා කියන් එකත් මනුස්සයෙක් විදියට විහංග ගොඩක් අයට වඩා ගතිගුන වලින් ඉස්සරහින් ඉදපු කෙනෙක් විදියටත් විහංග දමා ගියපු ආදරයක් හින්දා විදවනවා කියල දැනෙන එක දහම්ටත් හිතට වදයක් උනා. මොන කෑලිද බං, ඒම එකක් නෑ,පෝන් එක වයිබ්‍රේට් වුනා වගේ දැනුනා ඒකයි.විහංග ආයෙම ඒක ඒ හැටි දෙයක් නෙවෙයි කියන එක දහම්ට ඒත්තු ගන්නවන්න උත්සහ කරා. අරකි මැරි කරන්න යනවලු නේද , මලින්තයා කීවේ මට උබටත් කීවා කියලා මට කීවා. දැන්වත් උබට පිලිවෙලක් වෙන්න අයිඩියා එකක් නැද්ද. ඒකි ගැන තවත් හිත හිත ඉදලා තේරුමක් නැ නේ. දහම් ගෙ වචන එක්ක විහංගට ඕන උන තැනට කතාව පෙරලුනත් ඒ විස්තරේ ඒ හැටි දෙයක් නොවුන ගානට පොඩි හිනාවකුත් දැම්ම විහංග ඔව් ඔව් මට මලින්තයා කීවා හොදයි බං කෙල්ලෙක්ට කෝමත් හැමදාම ඕම ඉන්න බෑනේ. ඒවා වෙන්න ඕන දේවල් ඉතිම් කියලා පොඩි සුසුමක් හෙලුවේ දහම්ට නොදැනෙන ගානට . හරි බල්ලෝ ඒකි එකෙක් බැරි නම් දහයක් මැරි කරත් මයෙ මොකෝ. මං අහන්නේ උබ ගැන උබ දැන් ඒ තීරණේ ගන්නෙ කවද්ද. නැද්ද හිතට සෙට් වෙච්ච කෙල්ලෙක් කවුරුවත්. දහම් ආයෙම ඇහුවා. කෙල්ලො ඉතිම් කවුරුත් දැක්කම හිතට සෙට් වෙනවා. කෙල්ලො කියන්නේ සුන්දර ජාතියක් නෙහ් බං. වැඩේ තියෙන්නේ ටිකක් ආශ්‍රය කරද්දි තමා සුන්දරත්වය දරාගන්න අමාරු වෙන්නෙ. විහංග පණ්ඩිත වදනක් දැම්මා. "ඒම නෑ බං. හැමෝම ඒම නෑ. උබ තාම ඉන්නේ පරණ සිද්දිය ඔලුවේ තියං. කොයි එකත් වෙන්නෙ හොදට. අපිට කෝමත් යන්න වෙන්නේ ගැලපීම් නොගැලපීම් එක්ක. ඒවා බැලන්ස් කරගෙන ඉස්සරහට යන එකයි ගේම් එක. ඒ ගේම් එකේදි ඒ බැලන්ස් එක නැති වෙන තැන්වල ප්‍රස්න එනවා. ඒම කියලා ඒකෙ තේරුම හැමදේම නැති උනා කියලවත් අපි ෆේල් කියන එකවත් ආයේ ජීවිතයක් නෑ කියන එකවත් සේරම ඉවරයි කියන එකවත් නෙවේ. දැන් උබේ ප්‍රස්නෙදි උනත් කාගෙ හරි වරදක් නිසා.එක්කො දෙන්නගෙම වැරදි නිසා. අන්තිමට අද උබලා ඉන්න තැනට සිද්දිය පත්තු උනාට ඒකෙ තේරුම හැමදේම ඉවරයි කියන එක නෙවේනේ.අපි ඉස්සරහට යන්න ඕනා. කෝමත් ඉතිම් මේක අරකිගෙ වරද කියලා මං කීවත් උබ ඒක පිලිගන්න තියා අහන්නවත් කැමති නෑ නේ උබ ඒක ඒමයි කියලා දැනන් ඉන්නවා උනත් ඒකයි මම කිවේ දෙන්නගෙම වැරදි හන්දා හරි කියලා කීවේ" දහම් එක හුස්මට කියවන් ගියා. මොකෝ උබට වැඩිද කියවන්නෙ කෝච්චිය වගේ. විහංග කතාව වෙන අතකට ගන්න බැලුවා. ඕකනේ උබ සීරියස් වෙන්න ලෑස්තිම නෑ නේ. අරකි තෝව දාලා ගියෙත් ඔය නිසා ද මන්දා. දහම් කතාව හරවන්න ලෑස්තියක් නෑ වගෙ. හරි හරි ඒ නිසා තමා දැන් ඒකෙන් වැඩක් නෑ ඒක ඉවරනේ. මම ඒකිට අද මැසේජ් එකක් දැම්මා. විහංග ඕන මගුලක් කියලා එක සැරේට කියලා දැම්මේ මෙච්චර වෙලා කියාගන්න බැරිව තටම තටම ඉදිය සිද්දිය. පලමු කොටස සචිත් පවින්ද නාකන්දලරැකියා අත්දැකීම් 5 ඔන්න මිත්‍රවරුනි මේ ඉංජිනේරු කොල්ල දැං අලුත් තැන වැඩේට බැහැල ඉන්නෙ. කලින් වගේම තාක්ෂණික ලියකියවිලි හොයාගෙන ඒව කියවල ඊට පස්සෙ මෙතන වෙන Admin වැඩ එහෙම ඉගෙන කියාගෙන ඔන්න මම වැඩ වලට පුරුදු වෙනව. සාමාන්‍යයෙන් උගත් මිනිස්සු වැඩ කරන ආයතනයක කලමනාකරන හා පරිපාලන කටයුතු කරන්න යොදා ගන්න වඩාත් ගැලපෙන ක්‍රම තිබ්බට මෙතන එහෙම නෙවෙයි. කලමනාකරනය විශයයක් වශයෙන් ඉගෙනගන්න අය මේව ගැන දන්නව. මෙතන අපිව පාලනය කරන්න පාලනාධිකාරිය යොදාගත්තෙ ගනං කාරයො සාමාන්‍ය මිනිස්සුන්ව පාලනය කරන්න යොදා ගන්න බියවැද්දීම් (Coercion) හා චකිතය පාවිච්චි කරපු ක්‍රමයක්. සමහර විට "ඕගොල්ලො ගනං ඉගෙන ගෙන තිබ්බට අපි තමයි ගනං කාරයො" කියල පෙන්නන්න මේගොල්ලොන්ට ඕන වෙලා තිබ්බද දන්නෙ නෑ. ඉස්සරහට කියවගෙන යන්නකො එතකොට මම කියන්නෙ මොකක්ද කියල ඔගොල්ලොන්ට තේරෙයි. දැන් මිත්‍රවරුනි ඔන්න මගේ පරිවාස කාලය ඉවර වෙන්න ලඟයි. අනිත් ගොඩක් ආයතනවල වගේ මෙතනත් සේවා ස්ථිර කිරීම සිදු කරන්නෙ සම්මුඛ පරීක්ෂණයක් මාර්ගයෙන්. ඔන්න මටත් මේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න කාලෙ ආව. මේක මෙහෙයවන්නෙ ආයතනයෙ කලමනාකාර අධ්‍යක්ෂ එහෙම නැත්තං ප්‍රධාන විධායක නිලධාරී කියන දෙන්න. එක්කෙනෙක් ඒ කිව්වෙ අර ලොකු නෝන ජෛව රසායන විද්‍යා අංශයෙන් උපාධියක් තියෙන කෙනෙක් අනිත් එක්කෙනා CIMA කරපු කෙනෙක්. ඉංජිනේරු වගේ තාක්ෂණික අංශයෙ කෙනෙක් නම් අර කියපු සම්මුඛ පරීක්ෂණයට යන්නෙ අර ලොකු මැඩම් ගාවට. වෙනත් තාක්ෂණික නොවන අංශවල අය යන්නෙ ප්‍රධාන විධායක නිලධාරියා ගාවට. ආයතනයෙ විසාල බව වැඩි නිසා හරි තාක්ෂණික තනතුරකට මම සුදුසු නැති නිසා හරි මාව යොමු කලේ අර ප්‍රධාන විධායක ගාවට. එයා මගෙන් ඇහුවෙ ආයතනයේ දැක්ම හා අරමුනු පිලිබඳ (Mission and Vision Statements) ගැන. මම ඉතින් මට පුලුවන් විදියට ඔය දෙක ගැනම පැහැදිලි කලා. අනේ ඔන්න මෙයා තීරනය කරල මාව ස්ථිර සේවකයෙක් විදියට බඳවගන්න. ඔන්න යාලුවනේ මමත් දැන් ආයතනයෙ ස්ථිර සේවකයෙක්. මට පැවරිලා තියෙන්නෙ මුලු ලංකාව වටේම රෝහල් වල තියෙන මේ මම වැඩ කරන ආයතනය මගින් නඩත්තු කරන, අළුත් වැඩියා කරන යන්ත්‍ර වල වගකීම්, නව යන්ත්‍ර ස්ථාපනය කිරීම්, එතකොට යන්ත්‍ර වල සේවා කොන්ත්‍රාත් පවත්වාගෙන යාම පිලිබඳ වගකීම් වගේ දේවල්. මේව ඉතින් ඉංජිනේරුවෙක්ගෙ වගකීම් කිව්වොත් හරි. කොහොම වෙතත් මේවට අමතරව මිත්‍ර වරුනි මෙතන ලියකියවිලි සහ පනිවිඩ යවන Messenger Boy ඉඳන් හිඟ මුදල් එකතු කරන Debt Collector වගේ වෙනකං අමතර වැඩ රාශියක් පැවරිලා තිබ්බෙ අපි වගේ අහිංසක ඉංජිනේරුවන්ට. මම මෙහෙම පොදුවෙ අරං කතා කලාට මම ඇත්තටම දන්නෙ මට මේව පැවරිලා තිබ්බ කියල විතරයි. මොකද යාලුවනේ අර කතාවට කියනව වගේ අපි ඔටුවො නේ. ඔන්න යාලුවනේ දැන් මගේ අළුත් බොස් ගැන කතාව. මිනිහගෙ නම දැන් ප්‍රසිද්ධ දේශපාලන පක්ශයක නායකකම කරන පිය උරුමයෙන් දේශපාලනයට ආපු දේශපාලකයෙක්ට සමානයි. මෙයා ඉංජිනේරු NDT උපාදිය තියෙන කලමනාකරන අංශයෙන් පශ්චාත් උපාදිය හදාරන කෙනෙක්. දැං යාළුවනේ ඕගොල්ලො මගෙන් අහන්න පුලුවන් මේ වගේ හොඳ උගත් කෙනෙක් යටතේ වැඩ කරන්න ලැබුන එක හොඳයි නේද? කියල. ඇත්තටම මෙතන වැ
ඩට ආපු මුල් කාලෙ මමත් හිතාගෙන හිටියෙ එහෙමයි. හැබෑයි මම කියුව වගේ මෙතන හිටිය අපි තුන්දෙනෙකු අතර ලොක්ක තමයි මෙයා. අපි අවශ්‍යතාවයෙ හැටියට කරන්න වෙච්ච හැම වැඩේම අපේ තත්වෙ තරාතිරම නොබල කලාට මෙයා නම් ඔය පොඩි පොඩි වැඩ කරන්න ලොකු වැඩියි. ඒක නිසාද කොහෙද මටයි මෙතන වැඩ කරපු අනිත් කෙනාටයි සමහර වෙලාවට මෙයා මුද්‍රන යන්ත්‍රය වෙත යවපු මුද්‍රණ පිටපත් ටිකත් මෙයා ගාවට ගෙනත් දෙන්න උනා. මේ තරම් බර සාර මනුස්සයෙක් උනාට මෙයා අපි දෙන්නටම වඩා වයසින් නම් බාලයි. එකක් කියන්න ඕන. මෙතන ඉන්න යක්කු කලු වගේම කපටියි ඒත් ඒක බුද්ධිය කියල කියන්න නම් මට අමාරුයි. මෙයා ආයතනයෙ පොදු පාලන ක්‍රමය (Management Style) එක තේරුම් අරං තමං දන්න කලමනාකරනය ගැන ශාස්ත්‍රීය කරුනු අර පොදු කලමනාකරන ක්‍රමයට හොඳින් අනුගත කරල යොදාගත්ත කියල නම් කියන්න පුළුවං. කොටින්ම ඔය මනෝ විද්‍යාවෙ එන Behavioural Conditioning වගේ ඒව මෙයා සැරටම පාවිච්චි කලා, මෙයාට ඕන විදියට සේවකයො පාලනය කරන්න. සරලවම කිව්වොත් ඔයා සුවච කීකරු ගෝලය වගේ මෙයා දාන මුද්‍රණ පිටපත් දුවල ගිහිල්ල මුද්‍රණ යන්ත්‍රයෙන් ගෙනත් දුන්නොත් ඔයාට මෙතුමගෙන් හොඳ විහිලුවක් සුහද කතාබහක් වගේ පාරිතෝශිකයක් ලැබෙනව. අපි ටිකක් විහිළුවට බර වෙලා හිතේ තියෙන දේ කියන මට්ටමට ආවොත් වහාම කැඩිච්ච මැශින් එකක් හදන්න කොලඹ අනිත් කෙලවරට යන්න සිද්ධ වෙන්න පුලුවන්. ඒත් ගියාම තමයි මිත්‍ර වරුනි අහිංසක අපිට දැන ගන්න ලැබෙන්නෙ නෑ ඇත්තටම වෙලා තියෙන්නෙ මැශින් එකේ UPS එක Off වෙලා කියල. ඉතින් කිලෝමීටර් 10-15 ගිනි අව්වෙ කට්ට කාගෙන ගිහින් UPS එක On කරල වරෙන්කො. හැබැයි මේවගේ වැඩ දෙන්න තියෙන්න ඕන හැකියාව හා වෘත්තීය සබඳකම් මෙයාට තියෙනව. ඒක තමයි මෙයා අපේ බොස් වෙලා අපි මෙයාගෙ කීකරු බලු කුක්කො වෙලා තියෙන්නෙ මම හිතන විදියට. මේ වගේ දේවල් රැකියාවෙන් පිටත උනා නම් මේ මහත්තයට දත් නැතුව බත් කන්න වෙන්න තිබුන. හැබැයි තනතුරේ වරප්‍රසාද වලට මුවා වෙලා තමයි මෙයා මෙහෙම ගේම් දෙන්නෙ. දැන් තමයි ඊලඟ රස කතාව. මට ලැබුන පත්වීමේ ලිපියෙ තිබුනනෙ වැඩ කරන ස්ථානය හා වෙලාව ආයතනයෙ පාලන අධිකාරියේ අභිමතය පරිදි ඕනෑම වෙලාවක වෙනස් කරන්න පුළුවං කියල. මෙන්න මේ වගන්තිය ආයතනය විසින් "නියම" ආකාරයෙන් අර්ථ නිරූපණය කලේ මේ අවස්ථාවෙදි. මං කිව්වෙ මෙතන මුළු දිව ඉනටම සාමවිනිසුරු වගේ දිව ඉනටම තාක්ෂණික සහය ලැබුනෙ කොලඹ හිටිය අපි දෙන්නගෙං මිත්‍ර වරුනි. ඔන්න සාමාන්‍යයෙන් රාජකාරී ගමන් යද්දි ඒවා ආරම්භ කරන්නෙ සේවා ස්ථානයෙන් උනාට මෙතන එහෙම නෑ මිත්‍රවරුනි. මම රැකියාවට එන සේවා ස්ථානය කොලඹ උනාට ඔන්න මම ගාල්ලෙ රෝහලක වැඩකට යනව නම් මම 8.30 වෙද්දි ගාල්ලෙ ඉන්න ඕන මිත්‍රවරුනි. කොලඹ කාර්‍යාලයේ උනත් ගාල්ලෙ උනත් නුවර, පේරාදෙණිය හෝ රත්නපුර උනත් වැඩක් යෙදිල තෙයේනම් 8.30 වෙද්දි එතන ඉන්න ඕන එතනින් එන්න පුලුවන් 5.00 න් පස්සෙ ඔකයි තත්වෙ. මේක කොයි තරම් සාධාරනද කියල ඔයාලම කියන්නකො. අනික අපිට මෙහෙම කියන්නෙ වැඩට යන්න කාර් බාර්, හෙලිකොප්ටර් පෞද්ගලික ගුවන්‍ යානා දීල නෙවෙයි මිත්‍ර වරුනි. අපිට රාජකාරි ගමනාගමනය සඳහා දීල තිබ්බෙ දීමනාවක් විතරයි. ඒගොල්ලො අපිට ඇඟෙව්වෙ ඒක දෙන ඒකටවත් අපි සුදුසු නෑ වගේ. හරියට මන්ත්‍රී වරුන්ට වාහන පර්මිට් දෙන එක වගේ. මිත්‍ර වරුනි මට දීපු දීමනාවෙන් කල්බදු ක්‍රමයට යන්තමට යතුරු පැදියක් විතරයි ගන්න පුලුවන් උනේ. ඒකත් මගේ නමට. එතකොට වාහන නඩත්තු වියදම් ඔක්කොම මම දරන්න ඕන. බැරි වෙලාවත් රස්සාව නැති උනොත් වාහනේට ගෙවන්න වෙන්නෙ අතින් තමයි. එතකොට වාහනේ මූලික තැන්පතුව එහෙමත් ගෙව්වෙ මගේ අතේ තිබ්බ සල්ලි වලින්. ඔය මොනව උනත් ඒකෙන් යන්න පුළුවං කාර්‍යාලයටයි කොලඹ අවට රෝහල් කීපයකටයි විතරයි. ඔන්න ඕකයි යාළුවනේ ඇත්ත තත්වෙ. මම කිව්වෙ මා එක්ක වැඩ කරපු අනිත් තාක්ෂණික නිලධාරියා. මම මෙතන වැඩ පටන් ගනිද්දිත් එයා මෙතන වැඩ. මෙයාත් ආයතනයෙ මේ විකාර නීති ගැන පැහැදීමෙන් නෙවෙයි හිටියෙ. මොකද මගේ වගේම මේයාගෙත් මොලේ සාමාන්‍ය කෙනෙක්ගෙ වගේ වැඩ කලා. අපේ "සුදුසුකම්ලත්" බොසා ඉන්නවනෙ මිත්‍ර වරුනි මෙයා සේවකයො බය ගන්නල කොටවල මෙයාගෙ වැඩ ටික කර ගන්න හරිම දක්ශයි. මම කිව්වෙ මෙතන ඒ මට්ටමෙන් වැඩට ගත්තෙ ඒ වගේ පෞරුෂයන් තියෙන අය කියල. මෙයා මාසයක් විතර මට අනිත් කෙනාගෙ වැරදි කිය කිය, මට ඒ වගේ වෙන්න එපා කියල උපදෙස් දුන්න. හැබැයි මේ විදියට එයා මගේ ඔලුවට දැම්මෙ එයාට මගෙන් කර ගන්න ඕන වැඩ ටික කියල හිතාගන්න තරම් පරිනත බවක් මට ඒ වෙනකොට තිබ්බ. ඒක නිසා ඒ අනවශ්‍ය බලකිරීම් වලට මම නැමෙන්නෙ නෑ කියල මෙයාට තේරුනා. මම වැඩ කලේ මගේ දැනුමෙ හැටියට පලපුරුද්දෙ හැටියට මිස එයාට ඕන විදියට නෙවෙයි. ඔන්න මිත්‍රවරුනි මේ විදියට මාස දෙකක් විතර ගියා. මම මොනව උනත් රස්සාවට අවංක විදියට වැඩ කලා කිව්වොත් ඒක බොරු පුරාජේරුවක් නෙවෙයි. අපි සැපයුවෙ අහිංසක ලෙඩ්ඩුන්ව සුවපත් කරපු සෞඛ්‍ය සේවයට සහයක සේවාවක් නිසා අපිට වෙච්ච අසාධාරණකම් අයුතු බලපෑම් අමතක කරල පුලුවන් තරම් හොඳ සේවාවක් මගේ පැත්තෙන් දෙන්න මම හැකි තරම් උත්සාහ ගත්ත. ඉතින් මිත්‍රවරුනි ඔන්න ඔය උනන්දුව නිසාම මම මේ කෙටි කාලය ඇතුලෙ මෙතන වැඩ ටික අල්ල ගත්ත. හැබැයි එහෙම කියල අපේ "නායක තුමාට" හෙංචයියෙක් නම් උනේ නෑ. මේ නිසාමද කොහෙද අපේ බොසා දවසක් මට වෙනමම කතාවක් දැම්ම. "ගිහාන්, ඔයා දැන් වැඩ දන්නවනේ පුලුවන් තරං මහන්සි වෙලා වැඩ කරන්න මොකද රස්සාව බේර ගන්න එක ඔයාගෙ වැඩක්. අපේ අනිත් අහවල් එක්කෙනාව අස් කරන්න තමයි දැන් කලමනාකාරීත්වය තීරනය කරල තියෙන්නෙ" කියල. මේ කියන අපේ අනිත් සහෝදරයා මේ අසාධාරණ නීති වලට විරුද්ධ උනාට වෙන විශේෂ වැරැද්දක් මම එයාගෙ දැක්කෙ නෑ. දැන් මම වැඩ දන්න නිසා මට කියල ගොනා සේ වැඩ කරවගන්න පුළුවං වෙයි කියල මෙයාල හිතන්න ඇති. ඇයි දෙය්යනේ මෙහෙම කතාවක් කිව්වම කවුරු උනත් බය වෙනවනේ. ඒ අතරෙ මේගොල්ලොන්ට ඕන නම් මෙයාව අස් කරල තව අලුත් කෙනෙක් වැඩට ගන්න පුලුවන් අපිටත් වඩා අන්ත අසාධාරණ කොන්දේසි මත. එතකොට එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. මේ කතාව මට නම් තේරුනේ එහෙමයි. කොහොම උනත් කතාව දික් වෙන නිසා අදට ඇති මම ඉස්සරහට තව කොටසකින් ඉතුරු හරියත් කියන්නම්කො. ගිහාන් සමරසිංහඔන්න මිත්‍රවරුනි මේ ඉංජිනේරු කොල්ල දැං අලුත් තැන වැඩේට බැහැල ඉන්නෙ. කලින් වගේම තාක්ෂණික ලියකියවිලි හොයාගෙන ඒව කියවල ඊට පස්සෙ මෙතන වෙන Admin වැඩ එහෙම ඉගෙන කියාගෙන ඔන්න මම වැඩ වලට පුරුදු වෙනව. සාමාන්‍යයෙන් උගත් මිනිස්සු වැඩ කරන ආයතනයක කලමනාකරන හා පරිපාලන කටයුතු කරන්න යොදා ගන්න වඩාත් ගැලපෙන ක්‍රම තිබ්බට මෙතන එහෙම නෙවෙයි. කලමනාකරනය විශයයක් වශයෙන් ඉගෙනගන්න අය මේව ගැන දන්නව. මෙතන අපිව පාලනය කරන්න පාලනාධිකාරිය යොදාගත්තෙ ගනං කාරයො සාමාන්‍ය මිනිස්සුන්ව පාලනය කරන්න යොදා ගන්න බියවැද්දීම් (Coercion) හා චකිතය පාවිච්චි කරපු ක්‍රමයක්. සමහර විට "ඕගොල්ලො ගනං ඉගෙන ගෙන තිබ්බට අපි තමයි ගනං කාරයො" කියල පෙන්නන්න මේගොල්ලොන්ට ඕන වෙලා තිබ්බද දන්නෙ නෑ. ඉස්සරහට කියවගෙන යන්නකො එතකොට මම කියන්නෙ මොකක්ද කියල ඔගොල්ලොන්ට තේරෙයි. දැන් මිත්‍රවරුනි ඔන්න මගේ පරිවාස කාලය ඉවර වෙන්න ලඟයි. අනිත් ගොඩක් ආයතනවල වගේ මෙතනත් සේවා ස්ථිර කිරීම සිදු කරන්නෙ සම්මුඛ පරීක්ෂණයක් මාර්ගයෙන්. ඔන්න මටත් මේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න කාලෙ ආව. මේක මෙහෙයවන්නෙ ආයතනයෙ කලමනාකාර අධ්‍යක්ෂ එහෙම නැත්තං ප්‍රධාන විධායක නිලධාරී කියන දෙන්න. එක්කෙනෙක් ඒ කිව්වෙ අර ලොකු නෝන ජෛව රසායන විද්‍යා අංශයෙන් උපාධියක් තියෙන කෙනෙක් අනිත් එක්කෙනා CIMA කරපු කෙනෙක්. ඉංජිනේරු වගේ තාක්ෂණික අංශයෙ කෙනෙක් නම් අර කියපු සම්මුඛ පරීක්ෂණයට යන්නෙ අර ලොකු මැඩම් ගාවට. වෙනත් තාක්ෂණික නොවන අංශවල අය යන්නෙ ප්‍රධාන විධායක නිලධාරියා ගාවට. ආයතනයෙ විසාල බව වැඩි නිසා හරි තාක්ෂණික තනතුරකට මම සුදුසු නැති නිසා හරි මාව යොමු කලේ අර ප්‍රධාන විධායක ගාවට. එයා මගෙන් ඇහුවෙ ආයතනයේ දැක්ම හා අරමුනු පිලිබඳ (Mission and Vision Statements) ගැන. මම ඉතින් මට පුලුවන් විදියට ඔය දෙක ගැනම පැහැදිලි කලා. අනේ ඔන්න මෙයා තීරනය කරල මාව ස්ථිර සේවකයෙක් විදියට බඳවගන්න. ඔන්න යාලුවනේ මමත් දැන් ආයතනයෙ ස්ථිර සේවකයෙක්. මට පැවරිලා තියෙන්නෙ මුලු ලංකාව වටේම රෝහල් වල තියෙන මේ මම වැඩ කරන ආයතනය මගින් නඩත්තු කරන, අළුත් වැඩියා කරන යන්ත්‍ර වල වගකීම්, නව යන්ත්‍ර ස්ථාපනය කිරීම්, එතකොට යන්ත්‍ර වල සේවා කොන්ත්‍රාත් පවත්වාගෙන යාම පිලිබඳ වගකීම් වගේ දේවල්. මේව ඉතින් ඉංජිනේරුවෙක්ගෙ වගකීම් කිව්වොත් හරි. කොහොම වෙතත් මේවට අමතරව මිත්‍ර වරුනි මෙතන ලියකියවිලි සහ පනිවිඩ යවන Messenger Boy ඉඳන් හිඟ මුදල් එකතු කරන Debt Collector වගේ වෙනකං අමතර වැඩ රාශියක් පැවරිලා තිබ්බෙ අපි වගේ අහිංසක ඉංජිනේරුවන්ට. මම මෙහෙම පොදුවෙ අරං කතා කලාට මම ඇත්තටම දන්නෙ මට මේව පැවරිලා තිබ්බ කියල විතරයි. මොකද යාලුවනේ අර කතාවට කියනව වගේ අපි ඔටුවො නේ. ඔන්න යාලුවනේ දැන් මගේ අළුත් බොස් ගැන කතාව. මිනිහගෙ නම දැන් ප්‍රසිද්ධ දේශපාලන පක්ශයක නායකකම කරන පිය උරුමයෙන් දේශපාලනයට ආපු දේශපාලකයෙක්ට සමානයි. මෙයා ඉංජිනේරු NDT උපාදිය තියෙන කලමනාකරන අංශයෙන් පශ්චාත් උපාදිය හදාරන කෙනෙක්. දැං යාළුවනේ ඕගොල්ලො මගෙන් අහන්න පුලුවන් මේ වගේ හොඳ උගත් කෙනෙක් යටතේ වැඩ කරන්න ලැබුන එක හොඳයි නේද? කියල. ඇත්තටම මෙතන වැඩට ආපු මුල් කාලෙ මමත් හිතාගෙන හිටියෙ එහෙමයි. හැබෑයි මම කියුව වගේ මෙතන හිටිය අපි තුන්දෙනෙකු අතර ලොක්ක තමයි මෙයා. අපි අවශ්‍යතාවයෙ හැටියට කරන්න වෙච්ච හැම වැඩේම අපේ තත්වෙ තරාතිරම නොබල කලාට මෙයා නම් ඔය පොඩි පොඩි වැඩ කරන්න ලොකු වැඩියි. ඒක නිසාද කොහෙද මටයි මෙතන වැඩ කරපු අනිත් කෙනාටයි සමහර වෙලාවට මෙයා මුද්‍රන යන්ත්‍රය වෙත යවපු මුද්‍රණ පිටපත් ටිකත් මෙයා ගාවට ගෙනත් දෙන්න උනා. මේ තරම් බර සාර මනුස්සයෙක් උනාට මෙයා අපි දෙන්නටම වඩා වයසින් නම් බාලයි. එකක් කියන්න ඕන. මෙතන ඉන්න යක්කු කලු වගේම කපටියි ඒත් ඒක බුද
්ධිය කියල කියන්න නම් මට අමාරුයි. මෙයා ආයතනයෙ පොදු පාලන ක්‍රමය (Management Style) එක තේරුම් අරං තමං දන්න කලමනාකරනය ගැන ශාස්ත්‍රීය කරුනු අර පොදු කලමනාකරන ක්‍රමයට හොඳින් අනුගත කරල යොදාගත්ත කියල නම් කියන්න පුළුවං. කොටින්ම ඔය මනෝ විද්‍යාවෙ එන Behavioural Conditioning වගේ ඒව මෙයා සැරටම පාවිච්චි කලා, මෙයාට ඕන විදියට සේවකයො පාලනය කරන්න. සරලවම කිව්වොත් ඔයා සුවච කීකරු ගෝලය වගේ මෙයා දාන මුද්‍රණ පිටපත් දුවල ගිහිල්ල මුද්‍රණ යන්ත්‍රයෙන් ගෙනත් දුන්නොත් ඔයාට මෙතුමගෙන් හොඳ විහිලුවක් සුහද කතාබහක් වගේ පාරිතෝශිකයක් ලැබෙනව. අපි ටිකක් විහිළුවට බර වෙලා හිතේ තියෙන දේ කියන මට්ටමට ආවොත් වහාම කැඩිච්ච මැශින් එකක් හදන්න කොලඹ අනිත් කෙලවරට යන්න සිද්ධ වෙන්න පුලුවන්. ඒත් ගියාම තමයි මිත්‍ර වරුනි අහිංසක අපිට දැන ගන්න ලැබෙන්නෙ නෑ ඇත්තටම වෙලා තියෙන්නෙ මැශින් එකේ UPS එක Off වෙලා කියල. ඉතින් කිලෝමීටර් 10-15 ගිනි අව්වෙ කට්ට කාගෙන ගිහින් UPS එක On කරල වරෙන්කො. හැබැයි මේවගේ වැඩ දෙන්න තියෙන්න ඕන හැකියාව හා වෘත්තීය සබඳකම් මෙයාට තියෙනව. ඒක තමයි මෙයා අපේ බොස් වෙලා අපි මෙයාගෙ කීකරු බලු කුක්කො වෙලා තියෙන්නෙ මම හිතන විදියට. මේ වගේ දේවල් රැකියාවෙන් පිටත උනා නම් මේ මහත්තයට දත් නැතුව බත් කන්න වෙන්න තිබුන. හැබැයි තනතුරේ වරප්‍රසාද වලට මුවා වෙලා තමයි මෙයා මෙහෙම ගේම් දෙන්නෙ. දැන් තමයි ඊලඟ රස කතාව. මට ලැබුන පත්වීමේ ලිපියෙ තිබුනනෙ වැඩ කරන ස්ථානය හා වෙලාව ආයතනයෙ පාලන අධිකාරියේ අභිමතය පරිදි ඕනෑම වෙලාවක වෙනස් කරන්න පුළුවං කියල. මෙන්න මේ වගන්තිය ආයතනය විසින් "නියම" ආකාරයෙන් අර්ථ නිරූපණය කලේ මේ අවස්ථාවෙදි. මං කිව්වෙ මෙතන මුළු දිව ඉනටම සාමවිනිසුරු වගේ දිව ඉනටම තාක්ෂණික සහය ලැබුනෙ කොලඹ හිටිය අපි දෙන්නගෙං මිත්‍ර වරුනි. ඔන්න සාමාන්‍යයෙන් රාජකාරී ගමන් යද්දි ඒවා ආරම්භ කරන්නෙ සේවා ස්ථානයෙන් උනාට මෙතන එහෙම නෑ මිත්‍රවරුනි. මම රැකියාවට එන සේවා ස්ථානය කොලඹ උනාට ඔන්න මම ගාල්ලෙ රෝහලක වැඩකට යනව නම් මම 8.30 වෙද්දි ගාල්ලෙ ඉන්න ඕන මිත්‍රවරුනි. කොලඹ කාර්‍යාලයේ උනත් ගාල්ලෙ උනත් නුවර, පේරාදෙණිය හෝ රත්නපුර උනත් වැඩක් යෙදිල තෙයේනම් 8.30 වෙද්දි එතන ඉන්න ඕන එතනින් එන්න පුලුවන් 5.00 න් පස්සෙ ඔකයි තත්වෙ. මේක කොයි තරම් සාධාරනද කියල ඔයාලම කියන්නකො. අනික අපිට මෙහෙම කියන්නෙ වැඩට යන්න කාර් බාර්, හෙලිකොප්ටර් පෞද්ගලික ගුවන්‍ යානා දීල නෙවෙයි මිත්‍ර වරුනි. අපිට රාජකාරි ගමනාගමනය සඳහා දීල තිබ්බෙ දීමනාවක් විතරයි. ඒගොල්ලො අපිට ඇඟෙව්වෙ ඒක දෙන ඒකටවත් අපි සුදුසු නෑ වගේ. හරියට මන්ත්‍රී වරුන්ට වාහන පර්මිට් දෙන එක වගේ. මිත්‍ර වරුනි මට දීපු දීමනාවෙන් කල්බදු ක්‍රමයට යන්තමට යතුරු පැදියක් විතරයි ගන්න පුලුවන් උනේ. ඒකත් මගේ නමට. එතකොට වාහන නඩත්තු වියදම් ඔක්කොම මම දරන්න ඕන. බැරි වෙලාවත් රස්සාව නැති උනොත් වාහනේට ගෙවන්න වෙන්නෙ අතින් තමයි. එතකොට වාහනේ මූලික තැන්පතුව එහෙමත් ගෙව්වෙ මගේ අතේ තිබ්බ සල්ලි වලින්. ඔය මොනව උනත් ඒකෙන් යන්න පුළුවං කාර්‍යාලයටයි කොලඹ අවට රෝහල් කීපයකටයි විතරයි. ඔන්න ඕකයි යාළුවනේ ඇත්ත තත්වෙ. මම කිව්වෙ මා එක්ක වැඩ කරපු අනිත් තාක්ෂණික නිලධාරියා. මම මෙතන වැඩ පටන් ගනිද්දිත් එයා මෙතන වැඩ. මෙයාත් ආයතනයෙ මේ විකාර නීති ගැන පැහැදීමෙන් නෙවෙයි හිටියෙ. මොකද මගේ වගේම මේයාගෙත් මොලේ සාමාන්‍ය කෙනෙක්ගෙ වගේ වැඩ කලා. අපේ "සුදුසුකම්ලත්" බොසා ඉන්නවනෙ මිත්‍ර වරුනි මෙයා සේවකයො බය ගන්නල කොටවල මෙයාගෙ වැඩ ටික කර ගන්න හරිම දක්ශයි. මම කිව්වෙ මෙතන ඒ මට්ටමෙන් වැඩට ගත්තෙ ඒ වගේ පෞරුෂයන් තියෙන අය කියල. මෙයා මාසයක් විතර මට අනිත් කෙනාගෙ වැරදි කිය කිය, මට ඒ වගේ වෙන්න එපා කියල උපදෙස් දුන්න. හැබැයි මේ විදියට එයා මගේ ඔලුවට දැම්මෙ එයාට මගෙන් කර ගන්න ඕන වැඩ ටික කියල හිතාගන්න තරම් පරිනත බවක් මට ඒ වෙනකොට තිබ්බ. ඒක නිසා ඒ අනවශ්‍ය බලකිරීම් වලට මම නැමෙන්නෙ නෑ කියල මෙයාට තේරුනා. මම වැඩ කලේ මගේ දැනුමෙ හැටියට පලපුරුද්දෙ හැටියට මිස එයාට ඕන විදියට නෙවෙයි. ඔන්න මිත්‍රවරුනි මේ විදියට මාස දෙකක් විතර ගියා. මම මොනව උනත් රස්සාවට අවංක විදියට වැඩ කලා කිව්වොත් ඒක බොරු පුරාජේරුවක් නෙවෙයි. අපි සැපයුවෙ අහිංසක ලෙඩ්ඩුන්ව සුවපත් කරපු සෞඛ්‍ය සේවයට සහයක සේවාවක් නිසා අපිට වෙච්ච අසාධාරණකම් අයුතු බලපෑම් අමතක කරල පුලුවන් තරම් හොඳ සේවාවක් මගේ පැත්තෙන් දෙන්න මම හැකි තරම් උත්සාහ ගත්ත. ඉතින් මිත්‍රවරුනි ඔන්න ඔය උනන්දුව නිසාම මම මේ කෙටි කාලය ඇතුලෙ මෙතන වැඩ ටික අල්ල ගත්ත. හැබැයි එහෙම කියල අපේ "නායක තුමාට" හෙංචයියෙක් නම් උනේ නෑ. මේ නිසාමද කොහෙද අපේ බොසා දවසක් මට වෙනමම කතාවක් දැම්ම. "ගිහාන්, ඔයා දැන් වැඩ දන්නවනේ පුලුවන් තරං මහන්සි වෙලා වැඩ කරන්න මොකද රස්සාව බේර ගන්න එක ඔයාගෙ වැඩක්. අපේ අනිත් අහවල් එක්කෙනාව අස් කරන්න තමයි දැන් කලමනාකාරීත්වය තීරනය කරල තියෙන්නෙ" කියල. මේ කියන අපේ අනිත් සහෝදරයා මේ අසාධාරණ නීති වලට විරුද්ධ උනාට වෙන විශේෂ වැරැද්දක් මම එයාගෙ දැක්කෙ නෑ. දැන් මම වැඩ දන්න නිසා මට කියල ගොනා සේ වැඩ කරවගන්න පුළුවං වෙයි කියල මෙයාල හිතන්න ඇති. ඇයි දෙය්යනේ මෙහෙම කතාවක් කිව්වම කවුරු උනත් බය වෙනවනේ. ඒ අතරෙ මේගොල්ලොන්ට ඕන නම් මෙයාව අස් කරල තව අලුත් කෙනෙක් වැඩට ගන්න පුලුවන් අපිටත් වඩා අන්ත අසාධාරණ කොන්දේසි මත. එතකොට එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. මේ කතාව මට නම් තේරුනේ එහෙමයි. කොහොම උනත් කතාව දික් වෙන නිසා අදට ඇති මම ඉස්සරහට තව කොටසකින් ඉතුරු හරියත් කියන්නම්කො. ගිහාන් සමරසිංහ***හිමාල දිනපොත*** **දෙවන දින** උදේ 7:00 එලාර්ම් එක තියලා තිබ්බත්, 6:30 විතර වෙනකොට මට ඇහරුනා. රාත්‍රියේ උෂ්ණත්වය තවත් පහල බැහැලා තිබුනා. ඇඳුම් කට්ටල දෙකක් ඇඳලා, මේස් දාලා, නිදන බෑගයක් අස්සට රිංගලා., ඒකට උඩින් ඝනකම් පොරෝනයකුත් දාගෙන නිදා ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් සීතලයි. නින්ද ගියාට පස්සෙ නම් මට සීතල කරදරයක් උනේ නෑ..ලැස්තිවෙලා, ගමන් මළු සූදානම් කරගෙන, මිදෙන්න ඔන්න මෙන්න සීතල වතුර ටිකක් මූණේ ගාගෙන මම ආපණ ශාලාවට එනකොටත් මගේ කෝපි එක ලෑස්තියි. උදේ ආහරය ගන්නා ගමන් කේෂාර් අද ගමන ගැන විස්තරයක් ඉදිරිපත් කලා. දවල් ආහාරය තෙක් පැය කිහිපයක් කුඩා කඳු නගිමින් බසිමින් යායුතු බවත්, ඊට පසු තියුණු නැගීමක් බලාපොරොත්තු විය යුතු බවත් ඔහු මට පැහැදිලි කලා. උදේ අටට පමණ අපි ගමන ඇරඹුවා. සුපුරුදු ගල් පඩි පෙලවල්, ආපනශාලා, කුඩා නිවාස පසුකරමින්, කුඩා කඳු ගැට නගිමින් බසිමින් අපි උතුර බලා ඇදෙන්නට උනා. ඉක්මණින්ම අප ෆාක්ඩිං පසු කරලා ටොක්ටොක් ප්‍රදේශයට ඇතුල් වෙලා අපේ බලපත්‍ර අළුත් කර ගත්තා. ඒකත් තරමක් ජනාකීර්ණ පෙදෙසක්. අප තවමත් ගමන් කරමින් සිටියේ ඩූහ්ඩ් කෝෂි නදියට සමාන්තරවයි. දැන් අපට ඉදිරියෙන් පෙනෙන්නේ හිස හිමෙන් වැසී ගිය කුම්බු යුයි ල්හා (Khumbu Yui Lha) ශිඛරයයි. ටොක් ටොක් හා මොන්ජො ගම්මාන පසුකරත්ම අප එලඹුනේ සාගර්මාතා ජාතික වනෝද්‍යානයටයි. වර්ග කිලෝ මීටර් 1140 වපසරියෙන් යුත් මෙම වනෝද්‍යානයට‍ එවරස්ට් ශිඛරය ඇතුලු මීටර් 7000 වඩා උස කඳු 7ක් අයත් වනවා. නේපාලි බසින් එවරස්ට් කන්ද හඳුන්වන්නේ සාගර්මාතා නමින්. මෙම වනෝද්‍යානය තුල, ෂර්පා ගම්මාන, බෞද්ධ ආශ්‍රමයන් ආදිය පිහිටා තිබෙනවා. එමෙන්ම මෙය දුර්ලභ සත්ත්ව වර්ග වන හිම දිවියන්, රතු පැන්ඩාවුන් ආදීන්ටද මෙය නිවහනක් වෙනවා. සාගර්මාතා වනෝද්‍යානයෙන් 3%ක් පමණයි වනාන්තර වලින් වැසී තිබෙන්නේ. තව 28% කුඩා පඳුරු සහිත අර්ධ ශුෂ්ක පෙදෙස්. 70% පමණම කිසිදු ගසක් කොලක් නැති පර්වත හා හිමෙන් වැසීගිය බිම්. වනාන්තර වල බහුලවම දකින්න පුලුවන් බර්ච්, පයින්, ජුනිපර්, උණ, රොඩොඩෙන්ඩ්‍රොන් වැනි ගසුයි. වසන්තකාලය එලඹෙන විට පහල නිම්නය පුරාම රොඩොඩෙන්ඩ්‍රොන් මල් දකින්නට පුලුවන් යයි කේෂාර් කිව්ව. "තාම සීතල වැඩියි..මල් පිපෙන්න තව සුමාන දෙක තුනක් යනවා..එතකොට හරිම ලස්සනයි..". එතරම් පාටවල් නැති මේ, කර්කෂ නිම්නයට වර්ණවත් රොඩොඩෙන්ඩ්‍රොන් කියන්නේ හොඳ ආභරණයක් වෙන්න ඇති. වනෝද්‍යානයට ඇතුලුවීමට ප්‍රථම නැවතත් සංචාරක බලපත්‍ර අළුත් කර ගන්නට සිදු උනා. ඇතුළුවීමේ දොරටුව කුඩා තොරණකින් හා බිංගෙයක් වැනි ශාලාවකින් යුක්තයි. එම ශාලාව විවිධ බුදු වරුන්ගේ හා, බෝධිසත්ත්වවරුන්ගේ රූප වලින් හැඩ ගන්නවා තිබුනා. මැදින් විශාලා සිලින්ඩරාකාර මාණි චක්‍ර පෙල ගන්වා තිබුනා. මෙම මාණි චක්‍ර මග දිගට බොහෝ තැන්වල අපට හමුවෙනවා. ඒවායේ විවිධ මන්ත්‍ර/සූත්‍ර පිටපත් කොට තිබෙනවා. සිලින්ඩරාකාර, බෙර වැනි මෙම මාණි චක්‍ර අතින් කරකවන්නට පුලුවන්. එම ශාලාව පසු කරත්ම එක් වරම අප පැමිණුනේ වෙනමම ලෝකයකටයි. අප සිටියේ කඳුගැටයක් මුදුනේ. එතැන් සිට පහලට බැසීමට තියුණු බෑවුමක පඩි පේලියක්. ඉදිරියෙන්ම සුදු හිම සේලයකින් හැඩවුනෙ කුම්බු යුයි ල්හා ශිඛරය. සාගරමාතා වනෝද්‍යානට ඇතුල්වන ස්ථානයම ඉතා මනරම් තැනක්. ඒ කඳු ගැටය පහලට බැස වැල් පාලමකින් ඩූහා කෝෂි නදිය තරණය කොට ජෝර්සල්ලේ ගම්මානයට පැමිණියා. ඒ අපගේ දවල් නවාතැන්පොළයි. වේලාව උදෑසන 10:30යි . අප වේගවත් ගමනකින් පැමිණි නිසා දහවල් ආහාරයට වේලාසන වැඩියි. ඉතින් අපි එතන පැය එකහාමාරක පමණ විවේකයක් ගන්නට තීරණය කලා. එතැන කෝෂි නදිය අසබඩ ඉතා මනස්කාන්ත තැනක්. අප පසු කොට ආ එල්ලෙන පාලම ඉතා හොඳින් එතැනට දිස්වෙනවා. අද දවස තුල අපට මෙවැනි වැල්පාලම් 5ක් හමුවන බව කේෂාර් ගෙන් දැන ගැනීමට පුළුවන් උනා. එක් කඳුගැටයක සිට අනෙක් කඳු ගැටයට අදින ලද ශක්තිමත් වානේ කම්ඹි දෙකක් මත පාස්සන ලද යකඩ තහඩු වලින් මෙම පාලම් නිර්මාණය කර තිබෙනවා, මැද කිසිදු ආධාරකයක් නෑ. මේ මතින් ගමන් කිරීම තරමක් ත්‍රාසජනකයි. මීට පෙර මෙවැනි පාලම්වල ගොස් පුරුද්දක් තිබුනත් මෙතරම් දිග එල්ලෙන පාලම් මා මීට පෙර දැක තිබුනේ නෑ. වැසි සහිත කාළගුණයක හෝ තද සුලං සහිත කාලගුණයකදී එය තරණය කිරීම ඇත්තෙන්ම දුෂ්කර විය හැකියි. මට මතක් වූයේ, දරුවාද රැගෙන වැල් පාලමේ ගිය ගෲෂායි. වානේ කම්බි
හෝ පෑස්සුම් ශිල්පය නොතිබූ අවදියේ වැල් පාලම් වල ගමන් කෙසේවන්නට ඇත්දැයි සිතා ගැනීමටත් අපහසුයි සුපුරුදු ඩාල් බාත් ආහරයෙන් පසු, දහවල් 12ට පමණ අප නැවතත් ගමන් ඇරඹුවා. පාර හොඳින් සකසා තිබූ අතර, පළමුවරට අප ජනාවාස වලින් තොර වනාන්තරයක් මැද්දෙන් ගමන් කරමින් සිටියා. මාර්ගය තරමක් පුළුල් ගල් ඇල්ලූ එකක්. පැයක පමණ ගමනකින් පසු අපට හමු උනේ අද දවසේ අවසාන සහ දිගම වැල් පාලමයි. එය නමින් හිලරි බ්‍රිජ්. එඩ්මන්ඩ් හිලරිට උපහාර පිණිස එය ඔහුගේ නමින් නම් කොට තිබෙනවා. එය පිහිටා තිබුනේ අප සිටි මාර්ගයට ඉතා ඉහලින්. එයට ලඟාවීමට උස් ගල්පඩි 200 පමණ නැගිය යුතුයි. හිලරිගේ පාලම අඩි 410 උසින් පිහිටා තිබෙන අතර අඩි 460 පමණ දිගකින් යුක්තයි. පාලම මැදට පැමිණි විට දිස්වන්නේ ඩූඩ් කෝෂි නදියට භෝතේ කෝෂි නදිය එක්වී ගැඹුරු නිම්නය දිගේ ඈතට ගලා යන අයුරුයි. එය ඉතා මනරම් දසුනක්. එමෙන්ම පහලින් අත හැර දමූ පැරණි පාලමක නටබුන්ද දැක ගන්නට පුලුවන්. පාලම පසුවත්ම අප ඉදිරියේ තිබුනේ තියුනු ඉහල නැග්මක්. ගල් සහිත දුෂ්කර පටු මග සිග්-සැග් ආකාරයට කන්දේ ඉහලටම ඇදුනා. නැග්ම ඉතා තියුණු බැවින් අපගේ ගමන් වේගය සෑහෙන්න පහත වැටුනා. මේ මගේ එක් තැනකදී කඳු ගැට අතරින්, ඈතින් එවරස්ට් ශිඛරය පලමුවරට දැක ගැනීමට පුලුවන් වෙනවා. හිරු රශ්මිය ඉතා දැඩි වූ අතර මාර්ගයේ තිබූ ගනකම් දූවිලි තට්ටුව ගමන තවත් දුෂ්කර කලා. අඩි කිහිපයකට වරක් තප්පර කිහිපය බැගින් වූ විවේකයන් රැගෙන අපි හෙමින් හිමින් ඉහලටම ඇදුනා. මුලදී අපට ඉතා ඉහලින් පෙනුණු කඳු මුදුන් දැන් අපට පෙනෙන්නේ සමාන්තරවයි. සෑහෙන වෙලාවකට පසු ගිමන් හරින්නට තැනක් හමු උනා. ඒ ආරක්ෂක මුරපොලක්. ස්වයක්‍රීය අවි වලින් සන්නද්ධ සෙබලුන් සිව් දෙනෙක් එහි සිටි අතර වතුර බොතල්, බිස්කට් ආදිය වෙලඳාම් කරන වයසක කාන්තාවන් දෙදෙනෙකුද එහි සිටියා. අහල පහලක ගම්මානයක් නොමැති බැවින් ඔවුන් බොහෝ දුර සිට පැමිණි අය විය යුතුයි. එතැන මුහුදු මට්ටමේ සිට මීටර් 2990 බව සඳහන් පුවරුවක් තිබුනා. එය තරමක බලාපොරොත්තු කඩවීමක් උනා. මා සිතා සිටියේ ඊට වඩා උසකට අප නැග ඇතැයි කියා. අද දිනය තුල අප මීටර් 3440ට ලඟා වියයුතුයි. ඉන්පසුස තිබුනේ, තරමක් බෑවුම අඩු, ගල් පඩි වලින් තොර මාර්ගයක් දිගේ ඉහල නගින්නටයි. බෑවුම එතරම තද නොවුනත් ඒ වනවිට සෑහෙන වෙහෙසට පත්ව සිටි මා හට එය එතරම්ම පහසුවක් උනේ නෑ. තවත් විනාඩි 45 පමණ ගමනකින් පසු අප එලඹුනේ තවත් අවසර පත්‍ර අලුත් කරන ස්ථානයකටයි. ඒ නම්චේ නගරයට ඇතුල්වීමේ දොරටුවයි. අද දින අපගේ ගමන අවසන් වීමට ආසන්න බව අඟවන සලකුණක්. තවත් විනාඩි 20 පමණ ගල්පඩි නගිමින් පැමිණ කඳු නැම්මකින් දකුණට හැරීමත් සමග අප ඉදිරියේ වුයේ සුප්‍රකට නම්චේ බසාර් නගරයයි. කුම්බු මිටියාවතේ නිල නොවන අගනුවරයි. මෙම කලාපයට ආවේනික දීප්තිමත් කොල, රතු, නිල් වහලවල් වලින් යුත් ගොඩනැගිලි කඳු බෑවුම පුරාම විසිර තිබුනා. මාව විස්මයට පත් කලේ නගරයේ තිබූ අලුත් බවයි. බොහෝ ගොඩනැගිලි මෑතක ඉදිවූ බවක් පෙනෙන්නට තිබුනා. පාරවල් ගල් අල්ලා ක්‍රමවත්ව සකස් කර තුබූ අතර නගරයට ඇතුලුවන තැන තොරණක් හා වතුර මලකින් හැඩකර තිබුනා. ඒ අසලම වූයේ ස්ථූපයක්. මෙය මට සිහිගැන්වූයේ යුරෝපීය ගම්මානයක්. හැබයි වෙනස් ගෘහනිර්මණ ශිල්පයක් සමග. නගරයේ නව්‍යතාව ගැන මගේ පුදුමය පලකල විට කේෂාර් කියා සිටියේ 2015 මහා භූමිකම්පාවෙන් පසු නගරයේ බොහෝ ගොඩනැගිලි අලුතෙන් ගොඩනගා හෝ අලුත්වැඩියා කොට හෝ ඇති බවයි. ඒ නැවුම් බව පසුපස තිබුනේ මහා ඛේදවාචකයක කතාවක්. 2015 අප්‍රේල් මස 25 වෙනි දින කියන්නේ නේපාල ඉතිහාසයේ අඳුරුතම දිනයක්. එදින උදෑසන 11:56 සිදුවූ, රික්ටර් මාපකාංක 8.1ක භූමිකම්පාව නිසා, නවදහසකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ අතර විසිදෙදහසකට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි උනා. භාරතපූර් හා කත්මණ්ඩු නගර, භූමිකම්පාවෙ දැඩි බලපෑමට හසු උනා. භූමිකම්පාවේ බලපෑම නිසා, හිමාල කඳුවැටියේ ස්ථාන කිහිපයකම ගිරි-හිම නිපාතයන් (avalanche) හට ගන්නවා. එවරස්ට් ශිඛරයේ ඇතිවූ හිම නිපාතය කඳු නගින්නන් 22ට ජීවිත අහිමි කල අතර සියයකට ආසන්න පිරිසක් අතුරුදන් වෙනවා, ලන්තාන්ග් නිම්නයේ හිම නිපාතය නිසා 250 අධික පිටිසක් අතුරුදහන් උනා. මැයි මස 12 වන දින ඇතිවූ රික්ටර් මාපාංක 7.3ක පසු කම්පනය තවත් ජීවිත 200 බිලි ගත්තා. නම්චේ නගරයට වඩාත්ම හානි කලේ මේ පසු කම්පනයයි. නේපාලය පිහිටා තිබෙන්නේ භූ-කම්පන කලාපයකයි. ඒ ඉන්දු හා යුරේසියානු භූ තැටි එකට හමුවන මායිමේයි. ඉන්දූ භූ තැටිය ක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කොට වසර මිලියන 50කට පමණ පෙර යුරේසියානු භූ තැටිය සමග ගැටෙනවා. මේ සිදු වන ඝට්ටනය නිසා තමයි හිමාල කඳුවැටිය බිහිවන්නේ. ඉන්දු භූතැටියේ ගමන්කිරීම ඉතා සෙමින් නමුත් තවමත් සිදුවන අතර, ඒ නිසා වසරක් පාසා හිමාල කඳුවැටිය මිලිමීටර් කීහිපයකින් ඉහලට එසවෙනවා. නවාතැනට පැමිණ වහාම මා ලෙමන් තේ කොප්පයකින් සප්පයම් උනා. දෙහි යුෂ, ඉඟුරු හා මීපැනි යොදා සකස් කරන මේ ලෙමන් ටී ඉතා ප්‍රණීතයි. එය සීතලටත්, තෙහෙට්ටුවටත් ඉතා හොඳ පානයක්. අප පැමිණෙන විට උණු වතුර අවසන් වී තිබූ බැවින්, ශීතල ජලයෙන් යන්තම් මුහුණ කට සෝදාගන්නට පමණයි පුලුවන් උනේ. අද නවාතැනේ විශාල පිරිසක් සිටි බැවින් ආපනශාලාවේ තිබුනේ තරමක් තදබදයක්. ඉන්දියානු ජාත්‍යන්තර පාසලක සිසුන් පිරිසක් හා ඔවුන් කැටුව පැමිණි ආචාර්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙක් උස හඬින් කතා කරමින් වාද විවාද කර ගනිමින් සිටි නිසා එතැන වුයේ තරමක ගාලගෝට්ටියක්. මා හා කතාවට වැටුනු එක් ආචර්‍යවරයෙක් මට තත්ත්වය පැහැදිලි කලා. ඔවුන් නම්චේ වෙත පැමිණ තිබූයේ පෙර දිනයේයි. අද දින ඔවුන් නම්චේ අසල කන්දක් නැග තිබුනා. එහෙදී සිසුන් කීප දෙනෙකු දැඩි වෙහෙසට පත්ව තුබූ අතර altitude sickness රෝගී ලක්ෂණ පෙන්වා තිබුනා. ඒ නිසා ඔවුන් තීරණය කර තිබුනේ ඒ සිසුන් නමචේ හී එක් ගුරුවරයෙකු සමග නවතා ඉතිරි පිරිස ඉදිරියට යාමටයි. "ඉතින් එයාල කැමති උනාද නවතින්න?" "ළමයින්ට පැහැදිලි කලාම එයාල කැමති උනා. සමහර ළමයිම තමයි යෝජනා කලේ එයාල නවතින්නම් කියලා. හැබැයි ඉතිං එයාලගේ දෙමව්පියන්ට මේක පැහැදිලි කරන එක තමයි අමාරුව. එයාල අපිත් එක්ක අමනාප වෙන්න ඉඩ තියෙනවා..." ඔහු කිව්වේ සිනාසෙමින්. එතරම් කෑම රුචියක් නොතිබූ නිසා රාත්‍රී ආහාරයට මා ඇනවුම් කලේ සුප් එකක්. බියර් වීදුරුවක් පානය කරමුදැයි ඇසූ මගේ පැනය කේෂාර්ව අපහසුතාවයට පත් කලා. "මම හිතන්නේ නෑ ඒක හොඳ අදසක් කියලා. අපි ඉහල නගින කාලේ ඇතුලත ඇල්කොහොල් වලින් වැලකිලා ඉමු. ආපසු පහලට එනකොට මම ඔයාට හොඳම නේපාලි බියර් අරගෙන දෙන්නම්". කේෂාර්ගේ තීරණය අවසන් තීරණයයි. ඇල්කොහොල්, ඉහල උන්නතංශයන්ට සිරුර හැඩ ගැසීමට බාදා කරනවා.මී දෙයියා අවසන් කොටස. පහුවදා උදේ සැකෙන් හිටි නිසාද මන්ද මට වෙලාවටත් කලින් ඇහැරුනා.නාලිකාට කතාව කිව්ව නිසා මී දෙයියා මගෙත් එක්ක උරණ වෙලාද දන්නෙ නෑ. අනේ අපිට සමාවෙලා අපි දිහා බලන්න දෙයියෝ.මං හිතින් කන්නලව් කලා. ෆෝන් එකේ එලියෙන් මං වෙලාව බැලුවා.හතරට පහයි.ලයිට් එකත් නොදා මං ඇඳේ දිගා වෙලා කල්පනා කර කර හිටියා. මගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා වගෙයි.තව විනාඩි දෙක තුනයිනෙ.මං සන්සුන් වෙන්න උත්සාහ කලා. එක පාරටම එලාම් එක වැදුනා.දෙයියනේ හතරයි.මං දුකින් උනත් එලාම් ඕෆ් කලා.අනේ මී දෙයියෝ මං වරදක් කලේ නෑ.ඒ මගෙ නෝනනෙ.අපි අතරෙ මෙච්චර දවස් රහස් තිබ්බෙ නෑනෙ.අපිට සමාව දෙන්න බැරි තරම් වරදක් මං කලාද දෙයියෝ. නොදැනිම මගෙ ඇස් දෙකේම පිරුණු කඳුලු පිරිල කම්මුල දිගේ ගලාගෙන ගියා. මට දැනුනෙ ලෝකයම මහ හිස් තැනක් වගේ. ඒ කියන්නෙ ආයෙ මට සල්ලි ලැබෙන් නැති ද 😥 කරුස් කුරුස්.. එක පාරම අර දිව්‍ය ලෝකෙන් එන දිව්‍යමය හඬ ආයෙමත් මට ඇහුනා. අනේ මයෙ දෙයිය ආවද.මං ඇඳෙන් උඩ පැනල නැගිටලා ලයිට් එක දැම්මා. පුරුදු විදියටම මී දෙයිය ගුලට රින්ගුවා.පන්දාහෙ කොලේ එතන බිම තිබ්බා. මං සතුටෙන් මී දෙයියට පින් දෙමින් පන්දාහ අතට ගත්තා. ඇත්තටම මගෙ හිතට දැනිච්ච සතුට කොච්චරක්ද කියල කියන්න මට වචන තිබ්බෙ නෑ.මට ඕන උනේ ඉක්මන්ට නාලිකා ළඟට දුවල යන්න. ඊට පස්සෙ මං ඒකත් අරන් එලියට යන්න කාමරේ දොර අරිද්දිම නාලිකා එතන හිටගෙන. "මං බය උන තරමක්.ඇයි මේ.". ? මං ඇහුවා.. කෝ අදත් තියනවද? .. නාලිකා සැකෙන් උනත් බලාපොරොත්තු සහගතව මං දිහාවෙ බැලුවා. අපි වාසනාවන්තයි නෝනේ .මං පන්දාහ නාලිකාගෙ අතට දෙන ගමන් අතක් කරවටේට දාල නාලිකාව තුරුල් කර ගත්තා. එදා ඉඳන් හැමදාම උදේ හතරට කලින් අපිට පන්දාහ වැරදුනේ නෑ.හැමදාම පාන්දර හතරට විනාඩි දෙකක් තියා මී දෙයියයි පන්දාහයි දකිනව කියන්නෙ ඉතින් මට ඊට වඩා දෙයක් නෑ. මූට එක පාර ටිකක් වැඩිපුර ගෙනත් දෙන්න බැයිද දන්නෑ කියල කීප විඩක් මට හිතුනත් කිකිළිගෙන් රත්තරන් බිත්තර ගන්න කිකිළිව මරපු මෝඩයගෙ කතාව මතක් කරගෙන ඒ ඇතිවුන සිතුවිල්ල මම යටපත් කර ගත්තා. මෙහෙම හරි ලැබෙනව කියන්නෙ පොඩි දෙයක්ද මොකද. තාත්ත හැමදාම කියනව වගේ ඕනවට වඩා ලෝබකම් හොඳ නෑ. කොහොම උනත් එතන ඉඳන් අවුරුදු එක හමාරක් යනකන් අපි කිසිම අග හිගයක් නැතිව සතුටින් ජීවත් උනා.ඒකට ප්‍රධාන හේතුව අපි ඒ සල්ලි පරිස්සමෙන් උනත් පුලුවන් තරම් එදිනෙදා ප්‍රයෝජනයට ගත්ත එක. ඒක අර භූත කතාව නිසා මට හිතුනු දෙයක් වෙන්න ඇති. ඒ කාලෙ තුල අපි ඉඩමෙ වාරික සේරම ගෙවල අවසන් කලා.පොඩි පොඩි ණය තුරුස් සේරම ඉවර කලා. අපේ අම්මලට හොඳට සැලකුවා.නාලිකාගෙ අම්මලටත් සැලකුවා.අපෙ අක්කවත් බලන්න අඩුම කුඩුම සේරම අරන් දෙතුන් පාරක් ගියා.ආච්චිට කෑමෙන් බීමෙන් විටමින්, බේත් හේත් වලින් අඩුවක් නොවී හොඳටම සැලකුවා. ආච්චිව එයා කැමති වන්දනා ගමන් පහ හයක්ම මාස දෙකෙන් තුනෙන් එක්ක ගියා.කොටින්ම කියනවනම් අපි ජීවත් උනා. රුවන්වැලි සෑය වැඳගත් දවසෙ ආච්චි හිටියෙ දඹදිව වැඳපුදා ගත්ත වගේ සන්තෝසෙන්. ආයෙ නම් කොහේ නොගියත් කමක් නෑ මහ සෑය වැන්ද කියන්නෙ බුදු හාමුදුරුවෝ දැකගත්ත වගේ කියලයි ඊට සතියකින් ආච්චි අසනීප වෙනතුරුම දවසට තුන් හතර වතාවක්ම මතක්වෙන ගානෙ එයා කියවල ප
ින් දුන්නෙ. පහුවදා උදේ ආච්චිට සස්ටජන් එක දෙන්න ගියාම තමයි ආච්චි අමාරුවෙන් ඉන්න බව නාලිකා දැක්කෙ.අපි ඉක්මනින් ආච්චිව ඉස්පිරිතාලෙට එක්ක ගියා. හවස වැඩ ඇරිල එන ගමන් මං ආච්චිව බලන්න ගියාම තමයි ආච්චි මගෙ අත අල්ලන් ඇඬුවෙ. "මයෙ පුතා උඹ මාව සතුටින් තිබ්බ.මට දැන් යන්න ළඟයි.මං උඹට ගේ දෙන්න ඕන." ආච්චි කීවා. "හරි හරි ආච්චි මුලින් සනීප වෙන්නකෝ."මං එයාගෙ ඔලුව අතගෑවා. පනස්දාහෙන් ලෝන් එකටත් කැපිල අතට ආපු සොච්චමෙන් යන්තන් පවුල ජීවත් කරපු කාලෙ වගෙ නෙවෙයි. පහුගිය අවුරුදු එක හමාරෙ අපි ජීවිතේ වින්දා.පඩියත් එක්ක මී දෙයියා දුන්න ලක්ෂ එක හමාරෙන් නාලිකා මහන්සි නොබලා රෙදි මහන මැෂින් ව්‍යාපාරෙකුත් පොඩියට පටන් අරන් තිබුනා. ඒකෙනුත් අපිට සෑහෙන ලාබයක් ආවා. ආර්ථික ගැටලු නැති නිසාමද මන්ද අපි අතරෙ හරිම සමීප සම්බන්ධයක් ගොඩනැගිල තියනව කියල මට කීප වතාවක් හිතිල තිබුන.ආච්චිව සනසන්න ඔලුව අතගාද්දි මට ඒක ආයෙම වතාවක් හිතුන. "එහෙම බෑ.උඹලනෙ මාව හො‍ඳින් බලාගත්තෙ.මට අඩුවකට කියල තිබ්බෙ සීය ළඟ නැති එක විතරයි. මගෙ දානෙ හාමුදුරුවෝ දහ නමක් වත් වැඩමවල දෙන්න ඕන.ඒවට සල්ලි ඕන තරම් තියනව".ආච්චි කියෝගෙන ගියා. "අනේ ආච්චියෙ මොනවද මේ කියවන්නෙ.අපි මාස දෙකකට කලින්නෙ සීයගෙ අවුරුදු හතරෙ දානෙ අර තරම් හොඳට දුන්නෙ". මං කීවා. "ඒ උනාට උඹල මගෙ සල්ලි ගත්තෙ නෑනෙ ඒවට.ඒ නිසා මගෙ දානෙට සීයගෙ පන්ට් එකෙන් ලැබුනු සල්ලි ටික ගන්න.ඉතුරුවට කැමති දෙයක් කරන්න.මට ඕවට ආසාවක් නෑ."ආච්චි කීවා. ලෙඩ්ඩු බලන වෙලාව ඉවර නිසා මං එදා හවස ආපහු ආවෙ ආච්චිට වැඳල.ඒ එද්දි හිතට අමුතු දුකක් දැනුනත් ඒ අපි හම්බෙන අවසන් දවස කියලවත් ඒ අපි අතරෙ සිද්ද උන අවසන් කතාව වෙයි කියලවත් මට ඒ මොහොතෙ නිකමටවත් හිතුනෙ නෑ. මුල් කාලෙ ටික ටික අසනීපෙන් උන්නට පහුගිය අවුරුදු එක හමාරෙ ආච්චි උනත් තරුණ වෙලා වගේ හිටියෙ.හදිසියෙ ආපු පොඩි අසනීපයක් කියල හිතුව නිසා අපි කලබල උනේ නෑ මිසක් නැත්නම් මීට වඩා දෙයක් ආච්චි වෙනුවෙන් කරන්න තිබුනා කියන සිතුවිල්ල මට තිබුනා.එහෙම උනා නම් ඉඩමත් ලියවගෙන ඒ වැඩෙත් ඉවර කරන්න තිබුනා. කොහොම උනත් ආච්චිගෙ අවසන් කටයුතු පුලුවන් තරම් හො‍ඳින් අවසන් කරපු මං ඊළඟට බැලුවෙ පොරොන්දු උන විදියට ආච්චිගෙ දානෙට සීයගෙ සල්ලි ගන්න පුලුවන්ද කියලා. ඒත් සීයගෙ දානෙටවත් ආවෙ නැති මාමා ආච්චිගෙ මල ගෙදර දවසෙ හැසිරුනු විදියෙන් ඉදිරි දානෙ කටයුතුවත් පහසු වෙන්නෙ නැති බව නම් මට තේරිලා තිබුනා. " ජයනාත්ගෙ නෝන නේද ඇවිත් ගියේ. මල ගෙවල් දවස් වල ජයනාත් වැඩිය දැක්කෙත් නෑ". මං දවල් නාලිකාට කිව්වෙ ජයනාත්ගෙ නෝන කුස්සිය පැත්තෙන්ම මට වත් කතා නොකර යනව දැක්ක නිසයි. "නෑ අනේ දෙන්නම විටින් විට ඇවිත් ගියා.එයාලගෙ ලෝන් එකේ සල්ලි වල මොකද්ද අවුලක් ලු. ලොකු ගානක්නෙ.මට වැඩිය විස්තර අහන්නත් බැරි උනා".නාලිකා කිව්වා. මගෙ ඔලුව හරහා ඇස් දෙක අස්සෙන් විදුලියක් කෙටුව වගේ දැනුනා.නාලිකාට මගේ වෙනසක් තේරිලාද බලන්න මං එයා දිහා බැලුවත් එයා වෙනසක් නැතුව කලබලෙන් බඩු මුට්ටු අස් කරන්න උදව් වෙමින් හිටියා. එයාට ඒ ගැන මට වැඩි පැහැදිලි කිරීමක් කරන්න කිසි වුවමනාවක් තිබ්බේ නෑ. දෙයියනේ මිනිහ අච්චර අමාරුවෙන් ගත්තු ලෝන් එකවත්ද මීය මට ගෙනත් දුන්නෙ. එහෙම නම් කවුරු දැන ගත්තෙ නැතත් කවදාවත් මට සමාව දෙන්න මටම බැරි වේවි.මං කොහොම ඒව ආපහු ගෙවන්නද.ආච්චි නැතිවුනු දුකත් එක්ක ඒ පසුතැවීමෙන් මගෙ හදවත ඇතුලෙන් වැලපෙනව මට දැනුනා. ඒත් දුක් වෙවී ඉන්නවට වඩා දානෙ වැඩ සූදානම් කරන්න, හදිසියෙන් කරන්න ඕන වැඩ ගොඩක් අපිට තිබුනා. අල්මාරියෙ තිබ්බ ආච්චිගෙ පාස් පොත එයා අපි කාටවත් පෙන්නල නෑ..ඒකෙ ලක්ෂ 25 කට වඩා මුදලක් තිබුන බව මං දැනන් හිටියෙ අම්මගෙ කතාවකින්. ආච්චිගෙ කාමරේ අස් කරන්න ගිය මං වෙව්ලන දෑතින් ඒක විවෘත කලා.මගෙ ඇස් නලලෙ ඉන්දවුනේ ඒක අවුරුදු එක හමාරකට කලින් කැන්සල් කරල තිබුන බව දැක්කමයි. සීයගෙ පොතෙන් ආච්චිට ලක්ෂ 30 ක් ට්‍රාන්ස්ෆර් වෙලා තිබ්බෙ සීය නැති වෙලා මාස දෙකකින් විතර.ඊට පස්සෙ අවුරුද්දකින් පොතේ තිබ්බ ලක්ෂ තිස් හයක් ආච්චි අරගෙන පොත කැන්සල් කරල තිබුණ.ඒත් සල්ලි වලට එයා මොකද කලේ එතකොට? මට හිතා ගන්න බැරි උනා.සම්පූර්ණ අල්මාරිය ඇදල බැලුවත් ආච්චිගෙ පරම්පරාවෙන් පරිස්සම් කරපු රත්තරං බඩු ඇරෙන්න මොනවත් හොයා ගන්න මට බැරි වුනා. දෙයියනේ ලක්ෂ තිස් හයක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද.මං කුස්සියෙ හිටපු නාලිකාට හෙමින් කතා කරල කැන්සල් කරපු පාස් පොත පෙන්නල ඇහුවෙ ආච්චි කවදද මේ සල්ලි ගත්තෙ කියල දන්නවද කියල. ඒත් නාලිකාට එහෙම දවසක් ගැන මතකයක් තිබ්බෙත් නෑ. හැබැයි අවුරුදකට දාල තිබ්බ ස්ථිර තැම්පතුව දීර්ඝ කරන්න කියල දැන් අවුරුදු දෙකකට විතර කලින් ලිවුමක් ආ බවත් නොගියත් නිකම්ම කාලෙ දික් වෙන බව කියල ආච්චිව සැනසුව බවක් නම් නාලිකාට මතක තිබ්බා.එතකොට ආච්චි කා එක්කද මේව ගන්න බැංකු ගියේ? කෝ දැන් එතකොට ඒ සල්ලි? පද්ම ඇන්ටි විතරයි මෙහෙට නිකමට හරි ආවනම්.සමහරවිට අපිනැති දවසක එයත් එක්ක ටවුන් ගියාද දන්නෙ නෑ. මට නම් පිස්සු වගේ. මේ ගෙදරට එහෙම හොරකමක් කරන්න කියල පිට මනුස්සයෙක් එනව කියලයැ. අල්මාරියෙත් නෑ.කොහෙ තිබ්බද එතකොට සල්ලි. ඒ වෙලාවෙමයි අපෙ අම්මත් කාමරේට ආවෙ. "හාමුදුරුවෝ ගෙදරට වඩින නිසා ගෙදර පොඩ්ඩක් අස් කරල හේදුවොත් හොඳයි නේද පුතේ." "ඔය මෙට්ට එහෙම එලියට අරන් අවුවෙ දාන්න වෙයි. නාලිකා දුවේ මේ මෙට්ටෙ අල්ලන්නකො එහෙනම්." අම්ම ආච්චිගෙ මෙට්ටෙ අවුවට වේලෙන්න දාන්න පැත්තක් ඇල්ලුවෙ ආච්චිගෙ බෙඩ් ෂීට් එකයි කොට්ටෙයි දුකින් අස් කරන ගමන්. "මේන් බලන්නකො දුවේ ඇඳ අස්සෙ තඩි මීයෙක්".අම්ම කියද්දි මං ඉක්මනින් අල්මාරියෙන් මෑත් වෙලා මෙට්ටෙ දිහාවෙ බැලුවා. "අම්ම එලියට යන්නකො.සමහර මීයො හපා කෑවම විසයිලු.මං මේක අස් කරල දාන්නම්.කෝ නාලිකා කොස්ස ගන්නකො.කෝ කෝ දොර වහන්නකො ඉක්මන්ට". මං පොඩියට බොරු කලබලයක් ඇති කරන ගමන් අම්මව ආච්චිගෙ කාමරෙන් එලියට යවල නාලිකාව කාමරේ ඇතුලට අරන් දොර වැහුවෙ අම්මට සැකයක් ඇති නොවෙන විදියට. හෙමිහිට මෙට්ටෙ බිමට ඇදල දාපු මං දැක්කෙ මෙට්ටෙ කෙලවර තිබ්බ ලොකු සිදුර.ඒකෙ ඇතුලෙ පොඩි බාගෙට ලෙහුනු පාර්සලයක් තිබ්බා. හෙමිහිට ඒක අදිද්දි ඇතුලෙ තිබිල තව පන්දාහෙ කොල විස්සක් විතර එලියට වැටුනා.අල්මාරිය අස්සට පැනල දුවපු මියා අහිංසක විදියට අර හැම උදේම මා දිහා බලපු දිලිසෙන ඇස් වලින් මා දිහා බලන් හිටියා. මං ඌට යන්න හෙමිහිට දොර ඇරියා. දානෙට ගන්න මං ගාවත් සල්ලි තියනවා. ඒ නැතත් මේ ලක්ෂෙත් හොඳටම ඇති.නාලිකා කිව්වා. මී තඩියා ජයනාත්ගෙ සල්ලි නොගෙනාව එක ගැන දහස් වතාවක් මං ඌට පින් දුන්නා. පස්සෙ මී ගුල බලද්දි තවත් ලක්ෂ හය හමාරක විතර මුදලක් හොයා ගන්න අපිට පුලුවන් උනා. ඒත් ඒව එකක්වත් ඌ හපා කාල නොතිබ්බ එක ගැන නාලිකායි මායි ගොඩක් පුදුම උනා. එක අතකට ඔය සල්ලි එක පාර ලැබුන නම් අපි ඒකෙන් තවත් ඉඩමක්වත් ගන්නව හරි ස්ථිර තැම්පතුවක් හරි දානව ඇරෙන්න පහුගිය කාලෙ වගේ වියදම් කරල ලස්සනට ජීවත් වෙන්නෙ නෑනෙ.ආච්චිගෙ සල්ලි වලින් තවත් දේපලම එකතු කරනව ඇරෙන්න එයා ජීවතුන් අතර ඉද්දි එයාට හිතේ හැටියට සතුටින් ජීවත් වෙන්න සැලසුනු එකම මදැයි. මොකෝ මැරෙනකොට ඕව එකක්වත් ගෙනියන්න පුලුවන් උනාද. එහෙම හිතුවම හිත හදාගන්න මට ගොඩක් පහසු උනා. ඉඩම කාටවත් ලියල නොතිබුන නිසා මාමටයි අම්මටයි සමානව දේපල බෙදන්න සිද්ද උනා. ආච්චි අන්තිමට ගේ මට දෙන්න කැමැත්තෙන් හිටි බව ආරංචි වුණු නිසා ගේ පැත්ත අම්මට ලැබෙන්න ඉඩම් බෙදන්න මාමත් කැමති උනා. හිමි දේවල් තමයි ලැබෙන්නෙ. තාත්ත කාලෙකට කලින් කියපු කතාවක් මට මතක් වෙලා මගෙ මූණට හීන් හිනාවක් ආවා. අවසානයි.ආදරේ ඉතුරු ටික අවසන් කොටස වෙනදාට මිදුලේ ඇටඹ ගහේ පාතම අත්තෙ ඉදලා කෑගහන රතු කුකුළා අද කුස්සියෙ වහලෙ උඩට නැගලා.අඩලනවා.පව් ඌට දුක ඇති.ඌ කුඩා කාලෙ ඉදලාම හැන්දෑවට ලැග්ගෙ ඔය ඇටඹ ගහේ.දරුවො දෙන්නා මුල් ඉඩම දෙකට බෙදා ගත්තාට පස්සෙ දුවට අයිති කොටසෙ ලොකු ලොකු ගස් ටික ඔක්කොම වගේ බෑණා ලී මුදලාලිට විකුණල .ඒ මනුස්සය ඇවිත් ගස් කපන්න අතු පාහිනකොට තමයි සෝමලතා දන්නෙ ගස් ඔක්කොටම සල්ලිත් අරගෙන කියලා . පව්.අර මනුස්සය එදා ඉදලා මහ පෑවිල්ලටත් වතුර දදා ලොකු කරපු ගස් ටික. තේක්ක ගස් දෙකයි ,ලොකු වරකා ගහයි , හල්මිල්ල ගහයි ඒ මදිවට මිදුලට හෙවණ දීපු ඇටඹ ගහත් විකුණල දාලා.ඉස්සරකාලෙ සෝමලතාගෙ තාත්තා හිටවපු ඔය ඇටඹ ගහට සෝමලතාට මතක තියෙන විදිහට අවුරුදු හතළිහක් කිට්ටු කරලා ඇති .අප්පේ ඔය අවුරුදු ගානට කුරුල්ලො කී දාහක් නං ඔය ගහේ අඹ කාලා බඩවල් පුරවාගන්න ඇත්ද.අපරාදෙ දරුවෙක් වගේ ළගින් ඉදගෙන දුක සැප බෙදාගත්තු ගහ. අතු කපලා පාහිනකොට දරුවෙක් වගේ චිරි බිරි වේදනාවෙන් කෙදිරිගාපු හැටි. සෝමලතාට කේන්ති ගියාට දැන් ඉතිං දරුවො එක්ක ආරවුල් ඇති කරගෙන මොකටද කියලා හිතුණා .මේ වල පයයි ගොඩ පයයි ඉන්න මට තණ්නාසෙ තියාගෙන ඇති වැඩක් තියෙනවද කියලා සෝමලතාට හිතුණා . " ලී ටික ගෙනියන්න අපි රෑවෙලා එන්නං හාමිනේ .මහත්තයා කිව්වා මේ සල්ලි ටික හාමිනේ අතටම දෙන්න කියලා " ගස් ටික ඔක්කෝටම ගාන රුපියල් හැත්තෑපන්දාහයි කියලා කට්ටිය කතාවෙනවා සෝමලතාට ඇහුනා.බේත් ටිකක් ගන්නවත් අතේ කීයක්වත් තිබුනෙ නැති හින්දා බෑණා දුන්නු සල්ලි ටිකත් ලොකු දෙයක් කියලා හිතාගෙන සෝමලතා අත දිග ඇරලා බැලුවා.අතේ හිරවෙලා තිබුනු රුපියල් දාහෙ කොළේ එහෙම්මම ගුලිවෙලා බිමට වැටුනා. අනේ අපොයි මේ ටික බේත් ගන්න යන ත්‍රීවිල් එකටත් මදිනෙ.කියලා සෝමලතාට දුක හිතුණා .අනේ මට පුළුවන් කාලෙ ජයපාල ගැනවත් නොහිතා මේ ළමයි මත්තෙ කොච්චර නැහුනද .අන්තිමට සේරම මාව දාලා ගියා.මගෙ තනි නොතනියට හිටියෙ ජයපාල මං එයාවත් නැති කරගත්තා . දවස තිස්සෙම මහන්සි වෙලා එන මනුස්සයට අඩු ගානෙ තේ වතුර ටිකක්වත් දෙන්න ආදරෙන් කරුණාවෙන් කතා කරන්න මට උවමනාවක් නොතිබිච්ච හැටි.පව් එයා කො
ච්චර මං ගැන හිතුවද.මටයි මුල අමතක වුණේ .මටත් නොදැනිම ජයපාල මගෙන් ඈත්වෙලා ගියා. වෙලාව දවල් දොළහ පහුවුනත් බඩගින්න කියන නාමයක්වත් නොදැනෙන හැටි කියලා සෝමලතාට හිතුණා .කොහොමත් සෝමලතා උදේට කන්නෙ නෑ.අමාරුවෙන් බැට්ට ගගහා ගිහිල්ල දර ළිප පත්තු කරලා දර කොට කෑල්ලකට ගිනි අවුලගත්තාම හවස් වෙනකල් වතුර මුට්ටිය ළිපේ රස්නෙන් තියෙනවා . සැරෙන් සැරේ තේ වතුර ටිකක් බෙලෙක් කෝප්පෙට වක්කරගෙන හකුරු කෑල්ලක් එක්ක බීපුවාම හුග වෙලාවකට බඩගින්නක් දැනෙන්නෙ නෑ.උඩහ ගෙදරින් දවාලට ගේන බත් එක අරගෙන කටවල් දෙක තුනක් කාලා කරෝල කෑල්ලක් පොඩි කරලා කලූටත් බත් ටිකක් අනලා දෙනවා.ඉතුරු ටික හැන්දෑවට කන්න කියලා වහලා තිබ්බත් හැන්දෑ වෙනකොට බත් එක සීතල වෙලා.ආයෙත් කන්න හිතෙන්නෙ නෑ. ඉද හිටලා දවසක රස්නෙන් රොටියක් පුච්චගෙන කන්න පිට්ටු කෑල්ලක් කන්න හිතුනත් උවමනා කරන දේවල් මොකවත්ම ගෙදර නෑ.ඒවා ගන්න කඩේකට යන්න සෝමලතාට කකුල් දෙකට හයියකුත් නෑ. ඉද හිටලා දවසක බේත් ටිකක් ගන්න ඕන වුනොත් ලොකු මල්ලි දුවට කතා කරලා සල්ලි ගෙන්නගෙන බේත් අරගෙන දෙනවා.ඉස්සර වගේ නෙමෙයි ටැප් එක ගාවට යන්නෙත් පරිස්සමින් .පොඩ්ඩ බැරිවෙනකොට ලෙස්සලා වැටෙයි කියලා බයයි.කීප දොහක්ම හැරමිටිය වාරුවෙන් කකුල බිම ගහලා බේරුනා. අදවත් වතුර ටිකක් උනුකරලා ඇග හෝදන්න වෙයි වාගෙ .මං ගාව මටම අප්පිරියයි .බේත් තෙල් ගදේ බෑ කියලා සෝමලතා හෙමීට බේසම ගෙනිහිල්ල ටැප් එක ගාවට ගිහිල්ල වතුර ටිකක් පිරෙන්න ටැප් එක ඇරියා.ඇගට වතුර ටිකක් දාගන්න බැරි තරමට සීතල හින්දා බේසමට දාපු වතුර ටික අව්වට රත් වෙනකල් සෝමලතා ඇදෙන් ටිකක් ඇලවෙලා ඉන්නවා කියලා හිතාගත්තා . කල්පනා කර කර සෝමලතා කුස්සියෙ දොර වහලා ගෙට ආවා.හිතේ අමාරුවක් දැනිච්චාම කියන්න කෙනෙකුත් නැතුවාම සෝමලතාට හිතට හරි දුකයි.කොයි වෙලාවෙත් ළග දැවටෙන කලු පූසි විතරයි සෝමලතාගෙ තනි නොතනියට ඉතුරු වුණේ . කියන්න දෙයක් හිතට ආවාම උහුලන්න බැරිම නං කලූට කියලා හිතේ දුක ටිකක් තුනී කරගන්නවා ඇරෙන්න සෝමලතාට වෙන කරන්න දෙයක් නෑ.එහෙම වෙලාවට.කලුත් සෝමලතාව තේරුම් ගත්තා වාගෙ ඉවරයක් නැතුව කකුල් දෙකේ ඇතිල්ලෙනවා.වෙලාවකට සෝමලතාට බය හිතෙනවා කතා කරන්න කෙනෙක් නැතුව සෝමලතා ගොලුවෙලා යයි කියලා .නැත්තං තනිකම ඉවසගන්න බැරුව පිස්සු හැදෙයි කියලා . හුගක් දවස්වලට සෝමලතා බුදු පහන තියෙන තැනට ගිහිල්ලා හිතේ තියෙන ඔක්කොම දේවල් බුදුහාමුදුරුවො ඉස්සරහ කියලා හිත ටිකක් නිදහස් කරගන්නවා.පැදුර එළාගෙන බිම ඉදගත්තොත් ආයෙ තනියම නැගිටගන්න බෑ.බිත්තියට හේත්තුවෙලා ඉදගන්න ඕනෙ.බිත්තිය අල්ලගෙන නැගිටින්න ඕනෙ.ඔය සේරමට ඔට්ටු වෙනකොට හිතේ සර්දාවෙන් බණ පදයක් අහන්නවත් පන්සිල් පදයක් කියන්නවත් සෝමලතාගෙ හිත එකග නෑ.ඒ හින්දා සෝමලතා ඔය ඔක්කොම කරන්නෙ ඇද උඩ වාඩිවෙලා . භාවනා කරන්න ඇස්දෙක පියාගත්තොත් පේන්නෙ ජයපාල ලොකු පුතා දුව නැත්තං ඉස්සර කාලෙ වෙච්ච මොකක් හරි දෙයක් .හිත එකග කරගන්නම බෑ.බණ දහමකට හිත යොදවන්නත් මං දැන් මහලු වැඩියි කියලා සෝමලතාට හිතුණා. සෝමලතා කාමරේට ගිහිල්ල හෙමීට ඇදෙන් ඉදගත්තා .ඇදයට අතගාලා බිම තිබුනු බේත් තෙල් කුප්පිය අතට අරගෙන අල්ල බොකුටු කරලා තෙල් ටිකක් අතට හලාගන්න හැදුවා විතරයි ත්‍රීවිල් එකක් ඇවිල්ලා ගේ මිදුලෙ නතර කෙරුවා. දුවවත් මාව බලන්න ආවද කියලා සෝමලතා ඇදෙන් නැගිටගන්න හැදුවත් එකපාරටම නැගිටගන්න බැරුව ගියා. සාලෙ දිගේ හෙමිහිට ආව සෙරෙප්පු සද්දෙ නතර වුණේ සෝමලතාගෙ කාමරේ ඉස්සරහ . දෙයියනේ ජයපාල .සෝමලතාට ඇස් අදහාගන්න බැරුව ගියා.ජයපාල අඩියට දෙකට කාමරේට ආවා . ඇදෙන් ඉදගත්තා නෙමෙයි ඉන්දවුනා. දෙන්නට දෙන්නා එක්කෙනාට එක්කෙනා බදාගත්තා .හිතේ දුක යනකල් සෝමලතා ඇඩුවා.ජයපාල ඔලුව අතගෑවා .පහුගිය කාලෙ සිද්දවෙච්ච කිසිම දෙයක් කතා කෙරුවෙ නෑ. ජයපාල කඩියා වාගෙ ගෙවල් අස් කෙරුවා.වත්ත පිටිය සුද්ද කෙරුවා.සෝමලතා හෙමින් හෙමින් ඉදල අරගෙන මිදුල අතුගෑවා . මිදුලේ මල් පෝච්චියෙ සරුවට වැවිලා තිබුනු ඉගුරු පදුරෙන් අලයක් හාරලා අරගෙන හොදට තලලා දාලා තේ ටිකක් වැක්කෙරුවා. ජයපාල ගෙනාව බූන්දි උරෙන් ටිකක් අරගෙන කටේ දාගත්තෙ පෙරේත කමට. " ඉස්සර වාගෙ දැන් වැඩිය පැණි රහ කන්න බෑ.සීනි වැඩිවෙලා." සෝමලතා හෙමීට කිව්වා. " එහෙනං වැඩිය කන්න එපා." ජයපාලට බය හිතුණා .සෝමලතාට මොනා හරි වුනොත් මාත් ඉදලා මොකටද කියලා හිතුණා . " කමක් නෑ.ටිකක් කනවා.සීනි වලට බේත් තියෙනවනෙ" සෝමලතා කිව්වෙ පොඩි දරුවෙක් වගේ.කොයි දේත් කලට වෙලාවට වයස් සීමාවට කෙරෙන්න ඕනෙ.කල් පහු වෙනකොට කොයි දේත් නොපිට පෙටලෙනවා .ජයපාලට හිතුණා .ඉස්සර සෝමලතා දැක්කාම ජයපාලගෙ හිතට ආව සමහර ආසාවල් දැන් පරිනත වෙලා ගිහින් .ආසාවල් මියගිහින්.කාලෙන් කාලෙට වයස් සීමාවෙන් වයස් සීමාවට ඕන කරන දේවල් වෙනස් වෙනවා. රෑ වෙන්න කළින් හංදියෙ දොස්තර මහත්තයා ළගට ගිහිල්ල සෝමලතාගෙ අසනීප වලට බේත් ටිකක් ගමුද කියලා ජයපාල සෝමලතාගෙන් ඇහැව්වා . " මට දැන් අසනීයක් නෑ " සෝමලතා කිව්වා.ඇත්තටම තනිකම කියන්නෙත් බේත් නැති ලෙඩක් නේද කියලා සෝමලතාට හිතුණා .දෙන්නත් එක්ක වතුර මුට්ටියක් රත් කරලා නා ගත්තා .රෑවෙලා නාන්න එපා කියලා ජයපාල සෝමලතාට සැර දැම්මත් සෝමලතා පොඩි එකෙක් වාගෙ හිතුවක්කාරකමට නා ගත්තා .ඉස්සරත් ඔහොමයි.ජයපාල මොනා හරි කිව්වාම ඒකට සෝමලතා ඔය වාගෙ නුහුරට දෙයක් කරනවමයි. ජයපාල සැර දාන්නෙ ආදරේට කියලා සෝමලතා දන්නවා.ඒත් ජයපාල සෝමලතාට හරි ආදරෙයි. ජයපාල උයන පිහින අඩුමකුඩුම ටික සෝමලතා ළගට කරලා දුන්නා.සෝමලතා රහට උයන දෙයක් කන්න ජයපාලට තිබුනෙ පුදුම දොළදුකක් .සෝමලතා කරෝල හොද්දක් හදලා අගුණකොළ සම්බෝලයක් හදලා මිරිස් කරලකුත් බැද්දා. මේ ටිකේ ඇගේ පතේ තිබුනු අමාරු කොහෙන් ගියාද කියලා නෑ .සෝමලතාගෙ හිතට දැනුනෙ හරි සැනසිල්ලක් . ජයපාල පරණ රේඩියෝ එක සුද්ද කරලා බණ ටිකක් අහන්න පුළුවන් තත්වෙට හදලා දුන්නා. " ඔයා ආයෙ කොළඹ යනවද " සෝමලතා ජයපාලගෙන් ඇහැව්වා .රෑ කරුවලේ දිලිසෙන ජයපාලගෙ ඇස් වල තියෙන ආදරේ සෝමලතාට පෙනුනා. " සෝමෙ දාලා මං කොහෙවත් යන්නෙ නෑ.හෙට උදේට දුවට කියන්න තාත්තා ගෙදර ආවා කියලා " ජයපාල සෝමලතාට එහා පැත්තෙන් ඇලවුණා . ආදරේ කියන්නෙ ආසාවල් සංතර්පණය කරගන්න එක විතරක් නෙමෙයි.ළග හිටියත් හුස්ම පොදක් වැටෙන මානෙක හිටියත් ඇති කියලා සෝමලතාට තේරුනා.එතන තියෙන ආරක්ෂාව කොයි තරම් වටිනවද.කාලයක් ගිහිල්ලා හරි තමන්ට ඒක තේරුම් ගිය එක ගැන සෝමලතාට සතුටුයි . වෙනදාට සෝමලතාගෙ තනියට කකුල් දෙක ගාව නිදාගන්න කලූ අද කොහෙද කියලා සෝමලතා ටෝච් එක ගහලා බැලුවා.අනේ ඇත්තටම තිරිසන් සතෙක් වුණත් ඌට තේරෙන අපූරුව.අද සෝමලතාට තනියක් නෑ කියලා දැනිලා වෙන්නැති .ඌ අල්මාරිය උඩට වෙලා හොදටම නිදි.සෝමලතා ජයපාල ගාවින් ඇලවුණා .ආදරේ ඉතුරු ටික කොයි තරම් ලස්සනද කියලා දෙන්නාටම හිතුණා .ආදරේ ඉතුරු ටික 1 කොටස මාස ගානකට පස්සෙ දවස් දෙකක නිවාඩුවත් එක්ක ජයපාලගෙ හිත නොසතුටෙන් පිරිලා ගියා.කාත් කවුරුත් නැති බෝඩිං කාමරේ දවස් දෙකක් ගෙවන්නෙ කොහොමද කියලා හිතාගන්නත් බැරුව ගියා.කොහොමත් ජයපාල නිවාඩු දවස්වලට වැඩි කැමැත්තක් නෑ.එහෙම දාට හිතට දුක වැඩියි තනිකම ඉවසගන්න බෑ. වෙනදට නං ඔය හදිස්සියේ නිවාඩු ගන්න ඕනවෙන කෙනෙක් වෙනුවට ජයපාල සිය කැමැත්තෙන්ම එයාගෙ රාජකාරියත් බාර අරගෙන කෙරුවා. අනුන්ගෙ නිවාඩු වලට ඉඩදීලා කැමැත්තෙන් දිවා රෑ නොබලා වැඩ කරන ජයපාලට සිකුර්ටි සර්විස් එකේ කවුරුත් හරිම ආදරෙයි.හැමෝම ජයපාලට කටපුරා කිව්වෙ ජයපාල අංකල් කියලා. අදත් එක දිගට චුරු චුරු ගගා වහින වැස්ස.ඒ මදිවට ජයපාලට කුඩෙත් අමතක වෙලා .වැඩ ඇරිලා මගක් එද්දිම මහවැස්සට අහුවුණා . දෙපැත්තම එක දිගට කඩපේළි.ඒවගෙ බැදෙන පිච්චෙන කෑමවල සුවද හැමදාම බත් අම්මගෙ දිය හොද්දයි බතයි කාලා පුරුදු ජයපාලගෙ නාස් පුඩු වලට අමුතු වෙනසක්වත් අමුතු ආසාවක්වත් ඇති කෙරුවෙ නෑ.ඔය කොයි කෑමත් සෝමලතාගෙ කෑම වලට පරාදයි. කටට රහට කෑමට දෙයක් නැතුව ගියොත් සෝමලතා කරන්නෙ පොල් ටිකක් ගාලා අරගෙන රතුළූනු ගෙඩියක් ,කරපිංචා ඉත්තක් සුදුළුනු ගම්මිරිස් ටික ටික දාලා යහමින් දෙහි දාලා කට්ට සම්බලයක් හදන එකයි.ඔය කොයි රජ මැදුරෙ කෑමත් පරාදයි ඒ සම්බෝලෙට.ඒ ගැන කල්පනා කරද්දි ජයපාලගෙ කටට කෙළත් උනාගෙන එනවා වාගෙ. වැස්ස හොදටම වැඩි වුණා .ජයපාල ලේන්සුවෙන් ඔලුව වහගෙන එතනම තිබුනු කඩේක පිලට ගොඩවුණා .ඒ කඩේ ඉස්සරහ නවත්තලා තිබුනෙ සුපිරි වාහන ටිකක් .අපි වගේ දුප්පත් මිනිස්සුන්ට මේ කඩවලින් කන කෑම දිරවන එකක් නෑ කියලා ජයපාලට හිතුනා. සීතල වැඩි කමට උනුවෙන් කෝපි කෝප්පයක් බොන්න තිබුනා නම් කියලා හිතුවත් මේ කඩවල් වල කෑම බීම ගණන් වැඩියි.අනික.මේ දිරාපත් වෙච්ච පරඩැලක් වාගෙ මාව මේ මිනිස්සු සත පහකට මායිං කරන එකක් නෑ කියලා ජයපාලට හිතුණා . ජයපාලත් එක්කලම කඩේට ගොඩ වැදුනු කටුවා කාලා හම පෑදිච්ච බලුනට්ට ඇගේ ගෑවිච්ච වතුර ටික යන්න සට පට ගාලා කන් ගැහැව්වා .කඩේ මුරට හිටිය මනුස්සය උනු වතුර කෝප්පයක් ගෙනත් බල්ලගෙ ඇගට විසික් කෙරුවා.කෙදිරිගාගෙන බල්ලා පැනලා දිව්වා.වැටෙන්න ගිය ජයපාල නවත්තලා තිබුනු කාරෙක හයියෙන් අල්ලාගත්තා . ඔය මහත්තයා මොකද මෙතන.මෙතන්ට එන්න දෙන්නෙ කස්ටර්මලට විතරයි . කඩේ මනුස්සය එහෙම කිව්වෙ ජයපාලට පල නොකියා පලා බෙදනවා වාගෙ අඩකින්. එතකොටම කඩේ ඇතුලෙ ඉදලා වාහනේ ගාවට දුවගෙන ආවෙ පුංචි දරුවො දෙන්නෙක්. ඒ දෙන්නා ටික වෙලාවක් යනකල් ජයපාල දිහා මාරුවෙන් මාරුවට බලාගෙන හිටියා.ජයපාල අහිංසක විදිහට හිනාවෙලා බබා කොහොමද ඉතිං කියලා ඇහැව්වා .දරුවො දෙන්නත් හිනාවෙලා ආයෙත් කඩේ ඇතුලට ගියා. ජයපාලට පුතාගෙයි දුවගෙයි දරුවො මතක් වුණා .පව් පුතාගෙ පොඩි උන් දැකපු කාලයක් මතක නෑ.දුවගෙ ළමයි නං ඇහැටවත් දැකලා නෑ.උන් දකින්න හුරතල් විදින්න සීයා කෙනෙක් විදිහට ජයපාලටත් ආසා හිතුණා . ජයපාල ලොකු හුස්මක් පිට කෙරුවා. කඩේ ඇතුලෙ ඉදලා තේ බීලා එළියට ආපු නෝනා අතේ තිබුනු ආප්ප දාප
ු කවරයක් ජයපාලගෙ අතට දුන්නා. " මේක ගන්න පොඩි දෙන්නා කිව්වා එළියෙ සීයා කෙනෙක් ඉන්නවා අපි සීයට මොනාහරි දෙමුද කියලා" කියන ගමන් ඒ නෝනා ජයපාල දිහා බැලුවා. " දෙයියනේ තාත්තෙ මේ කොහෙද " ජයපාලගෙ දුවයි බෑණයි දරුවො දෙන්නයි. ජයපාලගෙ හිත වේදනාවෙන් පුපුරු ගැහිලා ගියා.මහා ලොකු ජලස්කන්දයක් පොඩි සිදුරකින් එළියට පනින්න දගලනවා වාගෙ හිතේ තිබුනු වේදනාව පෙරලි කරන්න ගත්තා.ඒත් එක්කම ජයපාලට ලොකු ලැජ්ජාවකුත් ඇතිවුණා .නූල් ඇදිලා සායම් ගිය පරණ යුනිෆෝම් එක හින්දා මේ දරුවන්ටත් ලජ්ජයි කියලා හිතුණා . ඔයා ඉන්න තැනක් හොයාගන්න අපි කොච්චර මහන්සි වුනාද.අඩු තරමෙන් ඉන්න තැන කියලාවත් කෝල් එකක් දෙන්න තිබ්බනෙ. දුවගෙ ආඩපාලි එක දිගට.බෑණාගෙ පෙරැත්තෙට ජයපාල කාරෙකට නැග්ගා. කෝ දරුවො අම්මා කියලා අහන්න දෙතුන් වතාවක් උත්සාහ කෙරුවත් දිව නැමුනෙ නෑ. " මෙයාට කොළඹ ජොබ් එක හම්බවෙලා වැඩි දවසක් නෑ.කොහෙද ඉතිං අම්මටටත් කොච්චර ඇවටිලි කෙරුවද අපිත් එක්ක එන්න කියලා . කෝ එන්නම බෑ කිව්වනෙ.ගෙවල් දොරවල් දාලා .ඕං දණිස් අමාරුව කියලා කෙදිරිගගා ඉන්නවා කියලා ලොකු බාප්පා කිව්වා.ලබන සතියෙවත් යන්න ඕනෙ අම්මා බලන්න .කෝ තාත්තෙ ඉතිං නිවාඩුවක් .නිවාඩු දවස්වලත් මේ දරුවන්ගෙ පංති හින්දා මොකුත් කරගන්න වෙලාවක් නෑනෙ" ජයපාලට සෝමලතා මතක් වුණා .ඒකි හැමදාම හිතුවෙ දරුවො ගැන.ඒ හින්දාමයි මං ඉන්නවද නැද්ද කියලා බලන්නවත් උන්දැට වෙලාවක් නැතුව ගියේ.පව්.අහිංසක ගෑනි.මං කොච්චර නං කිව්වද තමන් ගැනත් ටිකක් හිතන්න කියලා .ඔය දණිස් අමාරුව ආවෙ ඒ දවස්වල .ඒ කාලෙ හරියට බේත් ගත්තා නං ටිකක් හරි අඩුවෙනවා. " දැන් අම්මා කොහෙද අයියලගෙ ගෙදරද ? " ජයපාල ඇහැව්වා " අයියලා පවුල පිටින්ම ඔස්ට්‍රේලියාවේ ගියානෙ.අම්මා මහගෙදර තනියම ඉන්නෙ . මහප්පට කිව්වා ටිකක් බලන්න කියලා ." දුව කතා කෙරුවෙ අම්මා ගැන කිසිම ලෙංගතුකමක් නැති විදිහට .ජයපාලට එවලෙම කාරෙකෙන් බහින්න හිතුණා .ඒ ගෑනි පුළුවන් කාලෙ කෙරුවෙම උඹලට.අන්තිමට උඹලගෙ වැඩ ඔක්කොම ඉවර වුනාට පස්සෙ රොඩ්ඩක් වගේ අහිංසක ගෑනිව ගමේ දාලා කොළඹ ආවා.ජයපාලට තරහා ආවෙ සෝමලතා එක්ක.මෝඩ ගෑනි දරුවො කියලා උන්ටම කැඹුරුවා.ලෙඩකට බේත් ටිකක් ගත්තෙ නෑ.බඩට බත් ටිකක් කෑවෙ නෑ.ජයපාල දිගටම හිතුවා. ජයපාල ගමෙන් ආවෙ වේදනාවකින් වගේම සෝමලතා ගැන උපන් කලකිරීමෙන් .පරණ රෙදි බෑග් එකකට කලිසං කමිස දෙකතුනක් දාගෙන පාරට ආව ජයපාල කොහෙද යන්නෙ කියලා කල්පනා කෙරුවෙ ඉස්සෙල්ලාම ආව බස් එකට නැග්ගට පස්සෙයි.බලපුවාම ඒකත් කොළඹ යන බස් එකක්.එතනදි තමයි ජයපාලට එයත් එක්ක කන්තෝරුවෙ එකට වැඩ කරාපු සිරිසේනව හම්බවුණේ . සිරිසේනගෙ දූල පුතාලා ඔක්කොම පදිංචිය පිටරට .පුතා කිව්වලු සිරිසේනවත් එහාට පදිංචියට ගන්නවා කියලා.පොඩි දෙන්නා බලාගන්න කෙනෙක් ගත්තොත් ඒකටත් සෑහෙන වියදමක් යනවලු.ඒ වියදම පියවගන්න තමයි සිරිසේනව එහෙට එක්කරගෙන යන්නෙ.එතකල් සිරිසේන කරලා තියෙන්නෙ සිකුර්ටි ජොබ් එකක්.පොඩි බෝඩිං කාමරේක නැවතිලා ඉදලා තියෙන්නෙ. ජයපාල රස්සාවක් හොයනවා කිව්වම සිරිසේන කිසිම අකමැත්තක් නැතුවම ජයපාලට එයා කරපු රස්සාවයි බෝඩිං කාමරෙයි පිළිවෙළක් කරලා දුන්නා.ඒක කොච්චර ලොකු උදව්වක්ද කියනවානං ජයපාල දෑත් එකතුකරලා සිරිසේනට වැන්දා.ජයපාලගෙ ඇස්වල කදුළු උතුරල පිටාර ගැලුවා.ගෙදරින් ආවෙ හිතේ කේන්තියෙන්.ඊට වඩා කොහෙද යන්නෙ කියලා නිච්චියක් නැතුව.ඒත් ඉන්න තැනකුත් රස්සාවකුත් ලැබුනාම හිතේ දුක ටිකක් තුනීවෙලා ගියා. තරුණ කාලෙ ජයපාල සෝමලතාට වහ වැටිලයි හිටියෙ.ඒ හින්දයි ගෙදර අය එපා කියද්දිත් ජයපාල සෝමලතාව කසාද බැන්දෙ.හැබැයි ඉතිං කියන්න තරං වැරැද්දක් ඒකිගෙ නෑ.එකම වැරැද්ද තමයි කාගෙවත් හිත් රිද්දන්න සෝමලතා කැමති නෑ.ඒ වගේ අවස්ථා වල සෝමලතා අනිත් අයට රැවටෙනවා නිනව්වක් නැති තරම් . මේ දෙන්නට හිටියෙ දුවයි පුතයි.පුතා කසාද බැදලා අයින්වුණා.දුව කසාද බැදලා ගෙදරම නතර වුණා .දුව පුතාට වඩා වයසින් බාල වුණේ අවුරුද්දකට විතරයි . කුඩා කාලෙ මේ දෙන්නා හින්දා සෝමලතා ගොඩක් දුක් වින්දා.සමහර දාට ළමයි අසනීප වෙච්චාම දවස් ගණන් එක දිගට නිදි මැරුවා. ඒ වුනත් පාන්දර නැගිටලා ජයපාලගෙ කෑම එකත් හරිගස්සලා දුන්නා.අඩි දහයක් දොළහක් විතර ජඹුර ළිදෙන් වතුර ඇදලා රෙදි පෙරෙදි හේදුවා.කෑමට ගන්න කියලා එළවළු ටිකක් හෙම ගොවිතැන් කෙරුවා.ඒවට වෙහෙස මාන්සි වුණා .දර ඉපල පවා හොයලා දරමැස්ස පිරෙව්වා.කොටින්ම කියනවා නං ඇහැ පියාගන්න තරම්වත් කාලයක් නැති තරම් . දරුවො ලැබිලා ඒ ගොල්ලො ලොකු මහත් වෙනකොට ජයපාල දවල් දවසෙ කන්තෝරුවටයි රෑ පානෙ කාමරේටයි සින්න වුණා .සෝමලතා කුස්සියටම වුණා .ළමයි ලොකු වෙලා විභාග ගන්නකොට සෝමලතා උන් එක්ක රෑ දෙගොඩහරියක් වෙනකල් නිදිමරාගෙන උන්ට තනි රැක්කා.සාලෙ සැටිය උඩ එහෙම්මම නින්ද ගියා. ජයපාල තමන්ගෙ හැගීම් හිරකරගෙන පවුල නඩත්තු කරන්න වෙර වීරිය දැම්මා.ඊට පස්සෙ ඕ ටී කරලා සල්ලි හෙව්වා.දරුවො දෙන්නා එක පලවලේ හින්දා ඒ දෙන්නගෙ අමතර පංති ගාස්තු ඇදුම් පැළදුම් බස් ගාස්තු වලට හෙම සෑහෙන වියදමක් ගියා. හැබැයි දරුවො දෙන්නත් කොහොම හරි ඉගෙන ගත්තා .කම්මැලි වුණේ නෑ.ඒ සේරම වුණේ සෝමලතා ඒ දෙන්නා පස්සෙන්ම වැටිලා හිටිය හින්දා. ජයපාලගෙයි සෝමලතාගෙයි හොද කාලෙ දරුවො වෙනුවෙන්ම ගෙවිලා ගියා.එක වහලක් යට දෙන්නා දෙමාල්ලො උවමනා දේට විතරක් කතා කරන්න පුරුදු වුණා .ජයපාල හෙමින් සීරුවෙ හැන්දෑවට ගෙදර එනකොට හීනියට අඩියක් ගහන්නත් පුරුදු වුණා .ඊට පස්සෙ ගෙදර ඇවිත් බත් ටික කාලා ඇදට වැටිලා නිදාගත්තා . පුතා කසාද බැදලා ගියාට පස්සෙ ලේලිට දරුවා ලැබුනට පස්සෙ දරුවා බලාගන්න සෝමලතා පුතාලගෙ ගෙදරට සින්න වුණා .සතියෙ දවස් පහ එහෙ ඉදලා සෙනසුරාදා ඉරිදා ගෙදර ආවා.ඒ ඇවිල්ලා ගෙවල් අස්පස් කරලා ගද්දි නිවාඩු දවස් දෙකම ගෙවිලා ගිහින් . පුතා පදිංචි වෙලා හිටියෙත් ගමේම හින්දා ජයපාල වැඩ ඇරිලා එන ගමන්ම එහාට ගොඩවැදුනා.එතකොට සෝමලතා රෑ කෑම එක බකට් එකකට දාලා තියෙනවා .මුනුබුරාගෙ හුරතල් ටිකක් බලලා ජයපාල තනියම ගෙදර යනවා. පොඩි දුවට නර්සින් හම්බවෙලා එයත් පුහුණුවට ගෙදරින් ගියාට පස්සෙ ජයපාල හොදටම තනිවුණා .ඉද හිටලා දවසක සෝමලතා දවාලෙ ගෙදර ඇවිල්ලා ගේ දොර අස්පස් කර දාලා ගියා. ජයපාල වෙලාවකට සෝමලතාට ගෙදර යං කියලා කතා කෙරුවා.කොහොම යන්නද අනේ මේ ළමයි දාලා අපිට පුළුවන් කාලෙ ඒ ගොල්ලන්ට උදව් කරන්න ඕනෙ කියලා සෝමලතා දහයක් දේවල් කිව්වා. ඒ අතරවාරෙ තමයි කන්තෝරුවට අලුතින් ආව රීටා ජයපාල ගැන උනන්දු වුණේ . බොහොම හිතේ අමාරුවෙන් ඉන්න දවස්වලට රීටා ජයපාලගෙ විස්තර අහගෙන ඉන්නවා.හිත හයිය කරගන්න හැටි ජයපාලට කියලා දෙනවා. ඔහොම කාලයක් ගතවෙද්දි සෝමලතා දුරස් වෙච්ච පාලුව මකන්න රීටා ඉබේටම ජයපාල එක්ක හිතවත් වුණා . ඉදලා හිටලා දවසක දෙන්නත් එක්ක එළියට ගිහිල්ල කඩේකින් තේ එකක් බිව්වා.රීටා සාප්පු යනකොට ජයපාලටත් කතා කෙරුවා.එහෙම දවසට ජයපාලටත් රීටාගෙන් පොඩි තෑග්ගක් හම්බවුනා . කීප දවසක් රීටා ජයපාලට රෑ කෑමකටත් ආරාධනා කෙරුවා.කෑම කෙසේවෙතත් ජයපාල නිවාඩු දවස් කීපයක්ම රීටා බලන්න ගියා.ඒ යනකොට ගෙදර සෝමලතා හිටවපු එළවළු දෙක තුනක් ගොටුකොළ මිටියක් ගමෙන් පලතුරු මොනා හරි අරගෙන ගියා.යාළුවෙක් බලන්න යනවා කිව්වාම සෝමලතා හරි අගේට බෑග් එකකට ඔය අඩුම කුඩුම ටික දාලා ලෑස්ති කරලා දෙනවා. කොහොම වුණත් රීටයි ජයපාලයි අතරෙ තිබුණේ හිතවත් කමක් වුනාට ඒ හිතවත්කම ඊට වඩා දුර දිග යන්න ආසන්න වෙලාවක තමයි ජයපාල හදිස්සියේම රීටා බලන්න බෝඩිමට ගියේ. එදා ජයපාල රීටට තෑගි දෙන්න කියලා ගවුම් රෙද්දකුත් අරගෙන රීටා බලන්න බෝඩිමට ගියා.හැබැයි ජයපාල එනවා කියලා කියන්නෙ නැතුව රීටා පුදුම කරවන්නයි ජයපාලට ඕනා වුණේ . ජයපාල සෝමලතාටත් කිව්වා අද වැඩපොලේ යාළූවෙකුගෙ මළ ගෙදරක යනවා අද රෑ නං ගෙදර එන්න බැරිවෙයි කියලා .හිතයි ගතයි දෙකම අවුරුදු ගානකින් තිරිහන් වුණා වාගෙ ජයපාලට දැණුනා රීටා එක්ක රාත්‍රිය ගත කරන්න බියර් ටින් දෙකකුයි බයිට් දෙකකුයිත් අරගත්තා ..ජයපාලගෙ හිතේ මෙච්චර කාලයක් සෝමලතාට ඇරෙන්න ඉඩක් වෙන කාටවත් දුන්නෙ නෑ.ඒත් අද මොකද්දෝ අමුතු දෙයක් ජයපාලගෙ හිතට ඇතුල් වුනා. ඒත් සිද්දවුනේ හිතපු නැති දෙයක්.රීටාගෙ කාමරේ ඉස්සරහට ගියාමයි දැක්කෙ කවුද මනුස්සයෙක් එක්ක රීටා තොදොල් වෙන හැටි.එදා ආපහු හැරිලා ආවට පස්සෙ ජයපාල කවදාවත් රීටගෙ මූණ දිහා බැලුවෙ නෑ. සෝමලතාටත් රීටටත් දෙන්නටම වයිර කෙරුවා.ගෙදර කාවවත් පෙන්නන්න බැරුව ගියා.වැඩපොලේ කට්ටිය ජයපාල රීටා එක්ක කතා නොකරන එකට තැන් තැන්වල කසු කුසු ගෑවා.ජයපාල එව්වා නෑහුනා වාගෙ හිටියත් වැඩපොලෙන් අස්වෙලා යන්න තීරණය කෙරුවා.ඒකට වෙලාවක් එනකල් ඉවසාගෙන හිටියා. ඉදහිට දවසක ජයපාල පුතාලගෙ ගෙදර ගියදාට එහෙ නතරවෙන්න කියලා සෝමලතා බල කරනවා.එහෙම දාකට ජයපාල සෝමලතා වටේ ටිකක් කැරකි කැරකි ඉන්නෙ සෝමලතා ගාවින් චුට්ටක් ලංවෙලා ඉදලා පොඩ්ඩක් නිදහසේ ගත කරන්නයි.ඒත් සෝමලතා කියන්නෙ දරුවො අපි ගැන මොනා හිතයිද දන්නෙ නෑ කියලා සෝමලතා ජයපාලට කන්තෝරු කාමරේ ලෑස්ති කරලා දෙනවා ජයපාල සෝමලතාගෙන් ටිකෙන් ටික අයින්වුණේ ඊට පස්සෙ. දුව කසාද බැදලා ගෙදර පදිංචි වුනාට පස්සෙ සෝමලතා පුතාට කරපු සුමේම දුවටත් කරන්න පටන් ගත්තා .ඇදට වෙලා පාලුවෙන් කාන්සියෙන් ඉන්න වෙලාවට ජයපාලට මතක් වෙනවා ඉස්සර දෙන්නත් එක්කම දවාලට ගෙදර වැඩ අහවර කරලා මේ ඇදටවෙලා ඔහේ කියෝ කියෝ ඉන්න හැටි.සෝමලතාගෙ පපුව අස්සෙ මූණ හංගගෙන ජයපාල නිදාගත්තු හැටි.ඒ සෝමලතා අද කොහෙද.දැලි කුණු පෙරාගෙන තමන්ගෙ දරුවො වෙනුවෙන් නැහෙනවා.උන්ගෙ තාත්තාවත් අමතක වෙලා ගිහිල්ලා . එදා රාත්තිරියෙ හැමෝම නින්දට ගියාට පස්සෙ ජයපාල සෝමලතාගෙ කාමරේට ගියා. සෝමලතාගෙ කර වටේ අත දාලා හෙමීට ළගට ඇදලා ගත්තා .ජයපාලට ආසයි ඉස්සර වගේ සෝමලතා එක්ක ටිකක් ආදරෙන් කතා කර කර ඉන්න.ඔයාට පිස්සුද ඒයි අහකට වෙන්න දරුවො දැක්කොත් හොද නෑ. කියලා ජයපාල දිහා බැලුවෙ නිකං වලත
්ත කමක් කරන්න ආපු මිනිහෙක් දිහා බලනවා වාගෙ.ඒ සද්දෙ ඇහිලා දුවත් නැගිටලා ඇවිත් කාමරේට එබිලා බලලා ආපහු ගියා. ඊට පහුවදා තමයි ජයපාල තීරණය කෙරුවෙ ගෙදරින් පිටවෙලා කොහෙ හරි යන්න ඕනෙ කියලා .ලැජ්ජාවයි කේන්තියයි දෙකම එකට කැටිවෙලා. දරුවන්ට මූණ දෙන්නත් මහ මොකද්ද වගේ වුණා . කාරෙක නතර කරලා දුව තාත්තෙ කියනකල් ජයපාල හිටියෙ කල්පනා ලෝකෙක. කාරෙකෙන් බැහැලා ජයපාල දුවට යන්නං කිව්වා. " තාත්තෙ මෙයා පිටරට රස්සාවකට යන්න හිතාගෙන හිටියෙ.හොද වෙලාවට ඒක හරි ගියා.අපිත් තව සතියකින් දෙකකින් විතර යන්නයි ඉන්නෙ." එතකොට අම්මා කියලා අහන්නත් හදලා ජයපාල නිකං හිටියා.හිතේ කිසිම කහටක් නැතුව දරුවන්ගෙ ඔලුව අතගාලා ආශිර්වාද කෙරුවා.පුළුවන් වෙලාවට අම්මවත් බලන්න කියලාවත් කියයිද කියලා හිතුවත් උන්ට අම්මා අමතක වෙලා ගිහින්. පහුවදා උදේ පාන්දරින් නැගිට්ට ජයපාල පවුල අසනීපෙන් ගමේ යනවා කියලා වැඩපලට කෝල් එකක් දුන්නා බෝඩිං කාමරේ යතුර දොර ගාව තියෙන මල් පෝච්චියට යටින් තිබ්බා.ඇද යට උරේක දාලා තිබුනු රෙදි බෑග් එකට ගෙනාපු කමිස දෙක තුනයි කලිසම් දෙක තුනයි දාගෙන පාරට බැස්සා. බෙලිවත්ත හංදියෙන් බැහැලා එතනම තිබුනු සිල්ලර කඩේට ගියා.සෝමලතා කවදත් ආසා කරන බූන්දි දෙසිය පනහකුයි විස්කිරිඤ්ඤා පැකට් එකකුයි සීනි තේ කොළ සැමන් ටිකකුත් ගත්තා. දෙල්ගහවත්තට යමු කියලා ත්‍රීවිලර් එකකට නැග්ගා. ජයපාලට මතක් වුනේ ඉස්සිස්සෙල්ලාම සෝමලතා බලන්න ජයපාල මේ දෙල්ගහවත්තට ආපු හැටි.එදා වගේම අදත් ජයපාලගෙ හිත ආදරෙන් පිරිලා තිබුනා.එදත් මේ විදිහටම ජයපාලගෙ බෑග් එකේ බූන්දි මුලක් තිබුණා .කොච්චර වටිනා තෑගි බෝග ගෙනිච්චත් සෝමලතා හරි පෙරේතයි බූන්දි වලට.ගේ ලං වෙනකොට ජයපාලගෙ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙන්න පටන් ගත්තා .***හිමාල දිනපොත*** **පළමු දින** "නමස්තේ..!" යයි අරඹමින්, හින්දියයි මා අනුමාන කල බසකින් මා අසල සිටි තරුණිය මාගෙන් යමක් විමසා සිටියා. "සමාවෙන්න මට තේරුනේ නෑ ඔබ ඉංග්‍ර්‍රිසි කතා කරනවද?". "අහ් ඔව්..මම ඇසුවේ ඔබ යන්නේ කොහෙටද කියා". ඇය පැහැදිළි ඉංග්‍රීසියෙන් පිළිතුරු සැපයුවා. "මම යන්නේ ලුක්ලා වලට..", "මේ මගේ අම්මයි, තාත්තයි. එයාල යන්නෙත් ලුක්ලා වලට". මේ නේපාලයේ කත්මණ්ඩු නුවර, ට්‍රිබුවාන් ගුවන් තොටේ අභ්‍යන්තර ගුවන් ගමන් පර්‍යන්තයයි. මා නේපාලයට පැමිණියේ අදට දින දෙකකට කලිනුයි. මාස දෙකක පමණ කාලයක් නේපාලයේ නැවතී සිට සංචාරය කිරීමයි මගේ බලාපොරොත්තුව. නේපාලයේ සංචාරය බොහෝ කලක් හිතේ තිබ්බ එකක් උනත් එය සැබෑවක් වීමට ලොකුම හේතුව උනේ, ලෝක සෞබ්‍ය සංවිධානයේ නේපාල ශාඛාවේ සේවය කරන හිත මිතුරු වෛද්‍ය අචල ජයතිලකයන්ගේ ඇරයුමයි. මේ ඇරඹෙන්නේ එහි පළමු චාරිකාව වන එවරස්ට් මූල කඳවුර(Everest Base camp) කරා යන ගමනයි උදෑසන 5.30ට ගුවන් තොටුපලේ සිටින ලෙසටයි මගේ ගමන් සංවිධායක අර්ජුන් පාන්ඩේ මට උපදෙස් දී තිබුනේ. මම වෙලාවටම ආවත් අභ්‍යන්තර ගුවන් ගමන් පර්‍යන්තය ඒ වෙනකොටත් විවෘතව තිබ්බෙ නෑ. ඉතින් විනාඩි කීපයක්, එතන තිබ්බ පුටු පේලියේ වාඩි වෙලා ඉන්න උනා. මම වගේම සංචාරකයෝ, වෙලෙන්දෝ වගේම සාමන්‍ය මගීනුත් සෑහෙන පිරිසක් ඒ වෙනකොටත් ඇවිත් හිටියා. මගේ අසලම හිටියේ කත්මණ්ඩු පැමිණ ආපසු ගම් බලා යන වයසක යුවලක් හා ඔවුන්ව හැරලීමට පැමිණි ඔවුන්ගේ දියණිය‍යි .ටැක්සි රියදුරන් ඇරුනම ඒ මට කතා කරන්න ලැබුනු පලමුවෙනි නේපාල වැසියන්. ඔවුන් හරිම මිත්‍රශීලියි, විනීතයි. මා නේපාලයට පැමිණියේ දිනකට පෙර බැවින් කත්මණ්ඩු නුවර දැක බලා ගැනීමට හෝ නේපාලි වැසියන් මුණ ගැසීමට අවස්ථාවක් ලැබුනේ නෑ.. "ඔබ කොහෙන්ද? අපි සිතුවේ ඔබ ඉන්දියාවෙන් කියා". "මම ආවේ ස්වීඩනයේ ඉඳලා. මම ඉපදුනේ ලංකාවේ." "ආ...සිරි ලංකා.." හැමෝගෙම හිනාව පුළුල් උනා. අපි රටතොට විස්තර කතා කරන අතරවාරයේ මට බිස්කට් සංග්‍රහයකුත් ඔවුන්ගෙන් ලැබුනා. බිස්කට් රස විඳින් ගමන් අපි ආගිය තොරතුරු, අපේ රටවල් ගැන විස්තර කතා කලා ටිකකින් ගුවන්තොටේ දොරටු ඇරුනා. ඒක බොහොම සරල මට්ටමේ ගුවන් තොටුපළක්. ගුවන් සේවා කවුන්ටර් වෙනුවට එක් එක් ගුවන් සේවා වෙනුවෙන් ලොකු ශාලවක තරාදියකුත් සමග මේස තියලා තිබුනා. පෝලිම් නෑ. ගෙනියන්න අවසර කිලෝ 10ක බෑග් එකයි, අතේ අරං යන මල්ලයි විතරයි. පෝලිම්ක් නැති නිසා මගේ වාරය ලබා ගන්න තරමක් අපහසු උනත්, සංචාරක මග පෙන්වන්නෙකුගේ මැදිහත් වීමෙන් පසු මගේ ගමන් බෑගය භාර දී ගුවන් අවසර පත්‍රය ලබා ගැනීමට ඉඩ සැලසුනා. ආරක්ෂක පරීක්ෂාවන් නම් උපරිමේට තිබ්බා. ඇතුලට ගියාට පස්සෙ නම් හොද රසට කෝපි එකක් බොන්න අවන් හලක් තිබුනා. කෝපි එක ඉවර කරන්නත් කලින් අපේ ගුවන් යානයට කතා කලා. කුඩා බස් රථයකින් අපිව ගුවන් යානය ලඟට අරගෙන ගියා. බඩු මලුත් කරත්තයක පටවලා, ඒ බස් රථයටම ඈඳලා තමයි රැගෙන ගියේ. කුඩා ගුවන් යානයක් උපරිම මගීන් 14. එක පැත්තකට ආසන 7 බැගින් පේලි දෙකයි. නියමුවන් දෙන්නයි. පුදුමෙකට වගේ මේ හුණ්ඩු යානාව ඇතුලේ ගුවන් සේවිකාවකුත් හිටියා. අපි ගොඩවෙලා අවසන් වෙනවාත් සමගම ගුවන් යානය පිටත් උනා. ගුවන් සේවිකා තොමෝ මොන මොනවද කිව්වත් ඇංජින් වල ඝෝෂාවට ඒ කිසිදෙයක් ඇහුනේ නෑ. මගේ ඇතේ කැමරාව තියෙනවා දුටු ඈ මා අසලට ඇවිත් කි‍යා සිටියේ ගුවන් යානය ඇතුලට චායාරූප ගැනීමට අවසර නැතිබවත්, ජනේලයෙන් පිටත ජායාරූප ගත්තාට ගැටලුවක් නැති බවත්. ගුවන් ගමන අපට හුරුපුරුදු සුව එකක් නෙවෙයි. පැද්දීම් ගැස්සීම් බහුල යි. කඳුගැට වල ගෑවී නොගෑවී යන ඒ ගමන මට ගෙන දුන්නේ ත්‍රාසජනක ආස්වාදයක්. යානය ඉහල නැග මද වෙලාවකින්ම වලාකුළු වලට ඉහලින් උතුරු දෙසින් කඳු වැටි පෙනෙන්නට පටන් ගත්තා. ඒ මම ජීවිතයේ බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි මොහොතක්. කවදාක හෝ හිමාල කඳු දකින්නට යනවා යැයි කියන හීනය හිතට ආවේ කවදා දැයි හරියටම මතක නම් නෑ. හැබයි ඒ ළමා වියේදීමයි. පොත්පත් වල තිබූ දෑ ඇසුරෙන් විචිත්‍රවත් ලොවක් මවන්නට අපේ තාත්තාට තිබුනේ අපූර්ව හැකියාවක්. හිමාල පිස්සුව මට හැදුනේ ඒ කතාවක් ඇසුරෙන් විය හැකියි, එසේත් නැතිනම් ටිබෙටයේ ටින්ටින් ගේ වීර ක්‍ර්‍රියා ගැන ඇසුවාට පසුව විය හැකියි, එසේත් නැතිනම් රයිඩර් හැගාර්ඩ් ගේ අයේෂා හී එන ලියෝගේ හා හොරස්ගේ වික්‍රමයන් ගැන ඇසීමෙන් විය හැකියි. කෙසේ වුවත් කැලෑ අස්සේ රිංගීමේ පිස්සුව කුඩා අවදියේ පටන්ම අඩු නැතුවම තිබුනු දෙයක්. ඊටම සරිලන සහෝදරියක්ද, ඤාතී සහෝදර පිරිසක්ද, යහලුවන්ද (වත්මනේ නම් බිරිඳක් ද) සැම කල්හිම මා වටා සිටියා. මගේ මවගේ ගම වූ බෝගහකුඹුර, බිබිලිගමුවේ සිට වංගෙඩිගල කන්ද නැගීමත්, එතනින් උඩුමහලේ කන්ද නැග කැලෑව හරහා පට්ටිපොළට යෑමත් එකල අපගේ ජනප්‍රියම විනෝදාංශය උනා. විශ්ව විද්‍යාලයේදීද මට හමු වූයේ එවැනිම ඇම්මක් තිබූ මිතුරන් පිරිසක්. මගේ රූමාටද කැලෑ පිස්සුවට අමතරව වනජීවී හා චායාරූප පිස්සුවද උපරිමෙන් තිබූ බැවින් ලංකාවේ බොහෝ කඳු කැලෑ අපන් ගැලවුනේ නෑ.. ඉතිං එවැනි ඉතිහාසයක් සහිත මට හිමාල කඳුවැටිය යනු ජීවිත කාලයක් බලා සිටි සිහිනයක් සැබෑ වීමක්. විනාඩි 20 පමණ ගුවන් ගමනකින් පසු කඳු ගැටයක් වටා පැමිණි යානය එක්වරම ගොඩ බෑමට සූදානම් උනා. එය ඉතා ක්ෂණික ගොඩ බෑමක් වූ අතර, දැඩි ගැස්මකින් යුතුව යානය පොලවේ ගැටුනු අතර මා අත වූ කැමරාව විසිවී ගියා. තප්පර තුන හතරකින් ගුවන් යානය ධාවනපථයේ කෙලවරට පැමිණ නතර උනා. ඒ ලුක්ලා ගුවත් තොට හෙවත් ටෙන්සිං-හිලරි ගුවන්තොටුපලයි. මේ ගුවන්තොට ලොව භයානකම ගුවන්තොටුපලවල් අතර ප්‍රමුඛවම සිටින්නක්. මුහුදු මට්ටමේ සිට මීටර් 2846 උසින් පිහිටි මෙම ගුවන් තොටේ ධාවනපථයේ දිග මීටර් 527 පමණයි. ධාවනපථය පිහිටා ඇත්තේ බෑවුමක ආකාරයටයි (අංශක 12ක ආනතියක්). මෙම ගුවන්තොටුපල භාවිතා කිරීමට, ගුවන් නියමුවන් ඉතා ඉහලම කෙටි ධාවනපථ පිලිඹඳ පරිචයක් ලබා තිබීම අත්‍යාවශ්‍යයි. වටේටම ඇති කඳුවලල්ල නිසා ඉතා කුඩා අතපසු වීමක් වුවත් මාරාන්තික වෙන්න පුළුවන්. ගුවන් යානය ගොඩබැසීම ආරම්භකල පසු මොනම හේතුවක් නිසාවත් ගොඩ බෑම අවලංගු කොට නැවත ඉහල යාම මෙහි නොකල හැක්කක්. වැරදීමකට ඉඩක් නෑ. මෙම ප්‍රදේශයට නිතර බලපාන අයහපත් කාළගුණයත්, දැඩි මීදුමත්, තුනී වායු ඝනත්වයත් මෙහි අවදානම වඩාත් තීව්‍ර කරනවා. 2008 දී යෙටී ගුවන් සේවයට අයත් යානාවක් සංචාරකයින් 16 දෙනෙකු සමග ගොඩ බැසීමට තැත් කිරීමේදී අනතුරට ලක්වූ අතර දිවි ගලවා ගැනීමට සමත් වූයේ නියමුවා පමණයි. 1973 සිට මේ දක්වා අනතුරු 11ක් මේ ගුවන් පථයේ සිදු වී තිබෙනවා. මෙය ඉතා කුඩා ගුවන් තොටුපලක්. අප යානයෙන් බසිනවාත් සමග, අනිත් පැත්තට යන මගීන් ගුවන් යානයට ගොඩ වෙනවා. එසැනින්ම යානය නැවත කත්මණ්ඩු කරා පියාසර කිරීම අරඹනවා. මා ලුක්ලා වලට ආවත් මගේ ගමන් මල්ල ඇවිත් තිබුනේ නෑ.. විමසා සිටිවිට එහි සිට නිලදරුවෙක් කියා සිටියෙ එය ඊලඟ ගුවන් යානයේ එන බවයි. ඒ කොයිතරම් වේලාවකින් දැයි ඔහුගෙන් දැන ගැනීමට නොහැකි උනා. කුමක් කරන්නදැයි වට පිට බලමින් සිටින විට මහත් සැනසිලක් උදා කරමින් මගේ මාර්ගෝපදේශකයා වූ කේෂාමණී ෂර්පා එතැනට පැමිණියා. ඔහු කියා සිටියේ එය සාමන්‍ය දෙයක් බවත්, පැයකින් පමණ නැවත එන ගුවන් යානයකින් ගමන් මල්ල එනු ඇති බවත්. ඔහු ඒ ගැන සොයා බලන්නට බාර ගත්තා. ඔහු මාව අසල වූ අවන් හලකට කැඳවාගෙන ගොස් මට උදෑසන ආහරය ලබා දීමට කටයුතු කලා. වේලාව උදෑසන 7 පමණ වූ අතර කාලගුණය බලාපොරොත්තු නොවූ තරම් යහපත් උනා. හිරු බබලමින් තිබූ අතර එතරම් තද ශීතලක් තිබුනේද නෑ. මා සිටි අවන්හලට ගුවන් ධාවනපථය ඉතා හොඳින් දිස් වූ නිසා, කිරි තේකකින් ද ටෝස්ට් පාන් පෙති කිහිපයකින්ද යුක්ත වූ මාගේ උදෑසන ආහාරය ගන්න අතරම එහි යන එන ගුවන් යානා දෙස බලමින් මා කාලය ගත කලා. 8:30 පමණ පැමිණි යානයකින් මගේ ගමන් බෑගය ගෙනවිත් තිබූ අතර කේශාමණි එය මා වෙත රැගෙන ආවේ අපගේ පෝටර්වරයා වූ සොන්පා ෂර්පාත් සමගයි. ඔවුන් දෙනාත් සමග තවත් තේ වටයක් පානය කර අපගේ සුහදතාවය හොඳින් වැඩි දියුණු කර ගත්තා. දින 12 ගමනකට එය අත්‍යවශය බව මා මෙන්ම ඔවුන්ද හොඳින් දැන සිටියා. ඔවුන් දෙදෙනාම ලුක්ලා වලට දකුණින් පිහිටි ගම්මාන වලින් පැවත එන ෂර්පාවරුන් දැ
න් අපි ගමනට සූදානම්. ප්‍රධාන ගමන් මල්ල සොන්පා ගත්තා...එය කිලෝ 10ට මදක් අඩුයි. මගේ අමතර ඇදුම්, බෙහෙත් හේත්, නිදන බෑගය ආදිය අඩංගු වූයේ ඒ ගමන් මල්ලේයි. මගේ කරේත් වතුර බෝතල්, අත්වැසුම්, හිස්වසුම්, ප්‍රථමාධාර ආදිය අඩංගු අඩංගු කිලෝ 3ක පමන මල්ලක්. බෝතල් වලට වතුර අවන්හලෙන්ම පුරවා ගත් අතර, මා ඊට වතුර පිරිසිදු කිරීමේ පෙත්තක් එකතු කලා. පැය බාගයකට පමණ පසුවයි එය බීමට සුදුසු තත්වයකට පත් වන්නේ. පිරිසිදු වතුර නේපාලයට එන සංචාරකයින් මුහුණපාන ගැටළුවක්. කොලරාව, හෙප්ටයිටිස්, ටයිෆොයිඩ් වැනි රෝග වලින් ගැලවී සිටීමට පිරිසිදු කර ගත් ජලය පමණක් භාවිතය අනිවාර්‍ය කරුණක්. ගමන ආරම්භයේදී තරමක සීතලක් තිබුනත් හිරු එලිය වැඩිවත්ම සීත දුරුවී ගිය අතර මට ඉක්මණින්ම අත්වැසුම් හා හිස්වැස්මෙන් ගැලවෙන්නට ලැබුනා. ලුක්ලා කුඩා ගම්මානයක්. අප ඉක්මණින්ම එය පසු කලා. ලුක්ලා පසුවත්ම තිබුනේ සංචාරක බලපත්‍ර පරීක්ෂා කරන ස්ථානයක්. එහිදී එවරස්ට් මාර්ගයට ඇතුලුවන සියළු සංචාරකයින් ලියාපදිංචි කරනවා. එය සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇති වැඩපිළිවෙලේ කොටසක්. එම ස්ථානයේ ඇති පිවිසුම් දොරටුව පසාන්ග් ලාමු වෙනුවෙන් නම්කොට තිබෙනවා. පසාන්ග් ලාමු එවරස්ට් තරණය කල මුල්ම නේපාල කාන්තාවයි. පසාන්ග්, එවරස්ට් තරණය කිරීමට තුන්වතාවක් උත්සාහ කලත් එය සාර්ථක වන්නෙ නෑ. නමුත් සිය සිව්වන උත්සාහයේදී එවරස්ට් කඳු මුදුනට ලඟා වීමට ඇය සමත් වෙනවා. ඒ 1993 අප්‍රේල් මස දී තවත් ෂර්පා වරු සිව් දෙනෙකු සමග. නැවත පහලට බැසීමේදී කණ්ඩායමේ එක් ෂර්පාවරයෙකු වූ සෝනම් චායිරින්ග් ෂර්පා ඉහල උන්නතාංශ රෝගයට ගොදුරුව දැඩි ලෙස අසනීප වෙනවා. පසාන්ග් ඔහුට උපකාර කිරීම ඔහු සමග නවතින අතර කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් පහලට බසින්නේ ඔක්සිජන් සිලින්ඩර රැගෙන නැවත පැමිනීමේ බලාපොරොත්තුවෙන්. අවාසනාවකට මෙන් කාලගුණය හරස්වීම නිසා ඔවුනට නැවත පැමිණීමට නොහැකි වෙනවා. කාලගුණ තත්ත්වය යහපත් වීමත් සමග පසාන්ග් හා සෝනම් සොයා යන කණ්ඩායමට හමුවන්නේ ඔවුන්ගේ මළසිරුරුයි. පසාන්ග් නේපාලයේ ජාතික වීරව‍රියක්. එවරස්ට් තරණය කල පලමු නේපාල ජාතික කාන්තාව වීමේ ගෞරවයට හිමිකම් කියමින් ඒ උත්සාහයේදීම මෙලොව හැරයන විට ඇගේ වයස අවුරුදු 29ක් පමණයි. ඉන්පසුව ගල්පඩි වලින් සැකසුනු තරමක් පුළුල් මාර්ගයක් ඔස්සේ අප උතුර බලා ඇදුනේ, තවත් ගම්මාන කිහිපයක්ම පසු කරමින්. කුඩා කඳුගට කිහිපයක් නගිමින් බසිමින් ගමන්කල අප පැයකින් පමණ මනස්කාන්ත නිම්නයකට එලඹුනා. වම්පසින් හිමෙන් වැසීගිය සුන්දර කඳු පන්තියක්. එහි ප්‍රකටව පෙනුනු කඳු ශිඛර දෙකක්. මොරේ-ලා (4340මී) සහ ලුම්ඩින්-ලා (4561මී). දකුණු පසින් අඳුරු පැහැති එතරම් උස් නොවූ කඳු වැටියක්. අප ගමන්කරමින් සිටියේ ඒ කඳුවැටි බෑවුමේයි. මේ කඳුවැටි දෙක අතර පහල නිම්නයේ සුදු පෙණ පිඬු නංවමින් ගලා බසින්නේ ඩූහ්ඩ් කෝෂි නදියයි. එහි තේරුම ක්ෂීර (කිරි) නදිය බව කේෂාර් මට පැහැදිලි කලා. එහි ජලය අමුතුම ලා නිල් පැහැයකින් යුක්ත උනා. තවමත් උදෑසන නිසා මාර්ගයේ වැඩිපුරම වූයේ පාසැල් යන කුඩා දරුවන්. කඳු බෑවුමේ තැනින් තැන නිවාස පිහිටා තිබ්බත්, මාර්ගය දෙපස වැඩිපුරම වූයේ, සංචාරකයින් ඉලක්ක කරගත් අවන්හල් හා නවාතැන් පොලවල්. ඉඳහිට පෝනීන් පිට වේගයෙන් යන තරුණයින් අප පසු කර යයි. සෙමෙන් සෙමෙන් ඇදෙන කොටළු ගැල් ද මේ මාර්ගයේ සුලබ දසුනක්. කේෂාමණී කියා සිටියේ මේ ගම් වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය බවයි. කෘෂිකර්මාන්තයේ යෙදන අයද සිටින අතර, අර්තාපල්, බාර්ලි, එලවළු ආදිය වැඩිපුරම වගා කරනවා, නමුත් ශීත කාලයේදී වගා කිරීම අත හැරදැමීමට ඔවුන්ට සිදු වෙනවා. කොවිඩ් වසංගත සමය මෙහි වැසියන්ට ඉතා දුෂ්කර වූ අවාසනාවන්ත කාල සීමවක් වූ බව කේෂාර් ගේ කතා වලින් පැහැදිලි උනා. පැය දෙකහාමාරකට පමණ පසු අප අද දවසේ ගමනාන්තය වූ ෆාක්ඩින් වෙත පැමිණියා. අද පහසු දවසක්. ඇත්තෙන්ම අප සිටියේ ලුක්ලා වලට වඩා පහල මට්ටමක. ෆාක්ඩින් පිහිටා තිබුනේ මුහුදු මට්ටමේ සිට මීටර් 2610 උසින් (ලුක්ලා මීටර් 2840යි) . අද දවසේ ගමන් දුර කි.මි. 6.4යි. නවාතැනට ලඟාවූ වහාම උනුසුම් තේ කෝප්පයක් සප්පායම් වූ මා දිවා ආහරයද ඇනවුම් කලා. මගේ තේරිම වූයේ නේපාලයේ ජනප්‍රියම සාම්ප්‍රදායික ආහාරයක් වන ඩාල් බාත් ය (Dahl Bhat). ප්‍රධාන වශයෙන්ම බත් හා පරිප්පු වලින් සමන්විත මෙයට අමතර එලවලුවක්, අච්චරුවක් හෝ කොල මැල්ලුමක් එකතු වෙනවා. මෙය සංචාරකයින් අතරද ජනප්‍රියයි. ආහාර විෂවීමේ හැකියාව අඩු වීමත්, කඳුකර පරිසරයට අවශ්‍ය ශක්තිය ලබාදීමට ඊට ඇති හැකියාවත් නිසා විය හැකියි. මගේ ආහර වේලත්, බත්, පැල පරිප්පු හොද්දක්, අල ව්‍යාංජනයක්, කැරට් වලින් තැනූ අච්චාරුවක් සහ පපඩම් වලින් යුක්ත උනා. උණුසුම්, ප්‍රණීත ආහර වේලක්. මේ නවාතැන අයිති වනුයේ මෙම කලාපයේ ප්‍රකට ටී-හවුස් ගණයටයි. ඈත කඳු අතර සංචාරකයින්ගේ ක්ෂේභූමිය, ටී-හවුස්. ටී-හවුස් වල සැලස්ම මොහෝ දුරට එක සමානයි. විශාල ආපන ශාලාවක් හා කුඩා කාමර රාශියකින් යුත් මේවා වල තිබෙන්නේ මූලික පහසුකම් පමණයි. එක් කාමරයක ඇඳන් දෙකක් ඇති අතර වැසිකිලි හා නානකාමර පොදුයි. (ඇතැම් ටී-හවුස් වල නම් නානකාමරයක් සහිත කාමරත් තිබෙනවා.) වැසිකිලි වල තත්ත්වය සාමාන්‍යයෙන් යහපත් නමුත් වතුර ඉතා ශීතලයි. පාන්දරට වතුර මිදෙන නිසා මේ වැසිකිලි වල ගලා යන ජලය කියන්නේ ගැටලුකාරී තත්ත්වයක්. ඒ නිසා බොහෝ විට තිබෙන්නේ ලොකු බැරලයකට පුරවපු වතුර. ඇතැම් ට්-හවුස් වල ස්නානය පිනිස උණුසුම් ජලය මුදල් ගෙවා ලබා ගත හැකියි. ඉහලට යත්ම උණු ජලය ලැබීම සැක සහිත බැවින් උණු ජල ස්නානයක් ලබා ගැනීමට තීරණය කලා.. ගෑස් මගීන් රත්වන හීටරයකින් ආ උණු ජලය ගතට සුවදායී සනීපයක් ගෙන ආවත්, නාන කාමරයේ ඉතා කුඩා බව නිසා, මාගේ ඇඳුම් හා පාවහන් නොතෙමී තබා ගැනීමට මහත් ආයාසයක් දරන්නට උනා. දිවා ආහාරයෙන් පසු මද විවේකයක් ගත් මා නැවත සාවස 4:00 පමණ ආපන ශාලාවට විත් උණුසුම් ලෙමන් තේ කෝප්පයකින් සප්පායම් උනා. පිටත උණුසුම -8ක් දක්වා පහත බැහලා. ටික වෙලාවකින් ආපන ශාලාව මැද වූ පෝරණුවට ගිණි දැල්වුනා. ශාලාව සෙමින් සුව දායී උණුසුමකින් පිරී යන්නට පටන්ගත් අතර මගේ ගමන් සගයින් දෙදෙනාත් ආපන ශාලාවේ සේවකයිනුත් පෝරණුව වටේ වාඩි වී සතුටු සාමීචියේ යෙදෙන්නට පටන් ගත්තා. මම මේ දින සටහන ලියන්නට ගත්තා..තෝඩුව. ( Story 359 ) නගරය මැද ඔරලෝසු කණුවේ පාන්දර දෙක සනිටුහන් වනවාත් සමඟම මා මගේ හැඳ සිටි කබාය තරමක් තදින් තුරුළු කරගත්තෙ මා හට දැණුනු ඒ අස්වාභාවික සීතලෙන් බේරීමටය. එය වචනයෙන් විස්තර කළ නොහැකි සම විදගෙන යන අමුතුම සීතලක් වග මා ඔබට කිව යුතුමය. සෙංකඩගල ⁣ශෛලාභිදානිපුරය අධික සීතලකින් පෙළෙන්නියක් නොවන බව ඔබත් මමත් දන්නා කරුණකි. ඒ මොහොතේදී ත් ඇය සිටියේ තරමක සීතලක ගිලීගෙන මුත් එක්වරම දැණුනු ඒ සීතලෙන් ඇය ද වෙව්ලා ගිය බව නම් මට සක් සුදක් සේ පැහැදිලිය. මාගෙ මිතුරියන් මට තරමක් ඈතින් වූ බංකු දෙකක වාඩි වී ගෙන ලොකු කතා බහකය. තවකෙක් සිගරැට්ටුවක් දල්වාගෙන විශාල කල්පනාවකය. ඔවුන්ට ඒ සීතල දැණුනාද..? මා ඔවුන් අසළට යෑමට අඩියක් ඉදිරියට තබනවාත් සමඟම කාන්තාවන් තිදෙනෙක් අමුතු ආකාරයක සළුපිලි ආභරණ ඇඟ ලාගෙන මා ඉදිරියට පැමිණෙමින් සිටිනවා දුටු මා එක්වරම ගල් ගැසී සිටි තැනම සිට⁣ගත්තේ කිසිදු දෙයක් සිතා ගත නොහැකිවය. ඔවුන් තිදෙනාම අතිශය රූමත් කාන්තාවන්ය. නමුත් ඒ සුන්දරත්වය සහ ලාලිත්‍ය මා වර්තමානයේ ජීවත් වන කිසිදු ස්ත්‍රීයක් තුළ නොදුටු වෙනස්ම ආකාරයක සුන්දරත්වයක් සහ ලාලිත්‍යයක් බව කිව යුතුමය. ඔවුන් ඇඳ සිටියේ දකුණු ඉන්දියානු සළුපිළිය. ඒ ආභාරණ පවා මා හට නුහුරුය. ඔවුන් මා වෙත පැමිණ මා දෙසම බලාගෙන මා ළඟ සිට ගත් විට මා හට ඔවුන්ගෙ මුහුණු දෙස බලන්නට බෙල්ල තරමක් උස්සන්නට වූයේ මා අඩි හතරයි අඟල් එකොළහක් වූ නිසාම නොව ඔවුන් තිදෙනා අඩි හයකට ආසන්නව උස් වූ නිසාමය. " එන්න යමු..." එක් වරම එහි සිටි එක් යුවතියක් මා හට ඉතා පැහැදිලි සිංහලෙන් කතාකොට මාගෙ දකුණු අතින් අල්ලා ගත්තාය. මා හට ඒ මොහොතේ දැණුනු හැඟීම් ඔබට පැවසිය යුතුම ද ? සමාවන්න මා එතරම් දක්ෂයෙක් නොවෙයි.! මට ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කොට මගෙ මිතුරන්ට හයියෙන් කෑ ගසා කතා කරන්නට වුවමනා වූව ද එය කරගැනීමට නොහැකි ලෙසට මාගෙ මුළු ගතම හිර වී අගුළු වැටි තිබුණි. ඔවුහු මාව රැගෙන වීථි දිගේ ඇවිදගෙන යන්නට පටන් ගත්තෝය. මා ද ඔවුන් සමඟ ඇවිදගෙන ගියේ යාන්ත්‍රිකව සහ කර කියා ගන්නට දෙයක් නොමැති කමටය. ඉන් පසුව මා කිසි දාක නොදුටු සෙංකඩගල පුරවරයකට ඔවුහු මාව රැගෙන ගිහහ. එම පුරවරය තනිකරම කොප්පරා වලින් දැල්වෙන විලක්කු සහ කැකුණ ඇට තෙල් වලින් දැල්වුණු පහන් ආලෝකයෙන් දීප්තිමත්ව තිබුණි. විවිධාකාර හැඩගත් ශක්තිමත් උත්තුංග දේහධාරි පිරිමි යම් කිසි මත් වෙන පානයකින් පදම් වී ගීත ගයමින් වීථි පුරා සැරිසරමින් සිටියෝය. වීථියේ තන් තන් වල ඇති සමහර ආපන ශාලා ඉතා සක්‍රීයව තම තමන්ගෙ රාජකාරි වල නියැලෙමින් සිටියෝය. එක්වරම අප දෙසට ආ ශක්තිමත් මිනිහෙක් මා සමඟ ආ ස්ත්‍රීයකගෙ අතකින් ඇද්දේය. ඇය අකමැත්ත ප්‍රකාශ කරද්දි ඔහු ඇයව තම කර මතට දමා ගත්තෙ රෙදි කඩමාල්ලක් දමා ගන්නා විලාසයෙන්ය.. සිදු වන කිසිවක් සිතා ගත නොහැකි වූ මා එදෙස බලා සිටිය දි අනෙක් තරුණියන් දෙදෙනා අර මිනිහා දෙසට පැන පොර බදන්නට විය. පොර බැදිමේ අවසන් ප්‍රථිපලය ලෙස අර මිනිසා ලේ පෙරාගෙන එතනම මැරී වැටුණු අතර ඒ වන විට වීථි දිගේ සැරිසරමින් සිටි පිරිමින් කිහිප දෙනෙක් පැමිණ වහාම අර තරුණියන් තිදෙනාගෙ අත පය ගැට ගසා ඔවුන්ව බිම දමා බිම දිගෙ ඇදගෙන යන්නට විය. මා කෑ ගසා එය එසේ කරන්නට එපා යැයි ඇයැදි මුත් ඔවුන් කිසිවෙකුත් මා දුටුවේ නැත. ඔවුන්ට මාව ඇසුණේ ද නැත. මම ඔවුන් පසුපසම කෑ ගසමින් දිව්වෙමි. මම මට හැකි වේගයෙන් ඔවුන් සමඟ දිව්වෙමි.අර අහිංසක තරුණියන් තිදෙනා කෑ ගසද්දි ඔවුන්ව බිම දාගෙන ඇදගෙන ගිය ඒ පිරිමි මාළිගාව දොර අසළට ගොස් එහි සිටි මුරකරුවන් හට යමක් කීවෝය. කරත්ත පාර දිගේ ඇදී ආ ඒ ත
රුණියන්ගෙ සම ගල් සහ වැලි වලට හීරි තුවාල වී ලේ ගලමින් තිබුණි. ඔවුන් අධික බියකින් සහ අසරණකමකින් ඇඹරෙමින් වෙව්ලන්නට විය. තරමක වේලාවකින් මාළිගාවේ දොරටු විවර විය. ඇස් අදහාගත නොහැකි ලෙස දිස්න දුන් මාළිගා පරිශ්‍රය සැබැවින්ම දිව්‍යලෝකයක් බඳුය. මාළිගාවේ සෑම කණුවකම දීප්තිමත් පහනක්ය. ⁣දිය අගලේ දැල්වෙමින් පාවෙන ලන්තෑරුම් සහ පහන්ය. මාළි⁣ගාවේ දකුණු පසින් වූ යම් ශාලාවකින් ගීත සහ බෙර හඬක් ඇසෙන්නට විය. එය අමුතුම මිහිරි ශබ්දයක්ය. එහි තිබුණේ පිරිත් සජ්ජායනයට සමාන අමුතුම මිහිරියාවක් වූවද ඒ පිරිත් නොවන බවට ඒකාන්තය. තුවාල වලින් වේදනා විඳිමින් හෙම්බත්ව සිටි තරුණියන් තිදෙනාව ඒ ශාලා⁣වේ කොරිඩෝවක් දිගේ ඇදගෙන ගිය මාළිගාවේ පුරෝහිතයන් එක් තැනක නැවතුණි. ඒ සමඟම අර ගීත හඬ ද නැවතී ගියේය. ශාලාවේ අභ්‍යන්තරයේ සිටි රාජපුරුෂයන් කිහිප දෙනෙක් එළියට පැමිණ අතින් සංඥා කළ විට අර තරුණියන් තිදෙනාව ඇතුළට ඇදගෙන ගියෝය. මම ද ඒ පසු පසින් ගොස් ඇතුළු වුණෙමි. බලන බලන සෑම දෙයක්ම අතිශය දීප්තියකින් දිලිසෙන එම ශාලාව කෙළවර මූලාසනාරූඪව සිටි එක් පුද්ගලෙයක් දැක මාගෙ මුළු සරුවාංගයම වෙව්ලන්නට විය. උසට සරිලන මහතක් සහ දීප්තිමත් සමක් සහිත ඒ පුද්ගලයා අලංකෘත ආභරණ සහ සළුපිළිවලින් සැරසී සිටි අතර ශාලාවේ උන් සියළුම දෙනා ඔහු ඇඟිල්ලක් එස වූවද එයට අවනතව ක්‍රියා කළ බව පෙනෙන්නට විය. ඔහු තුළ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ තේජසක් ද විය. " එහෙනම් උඹලව අහු වුණා..." ශාලාවම දෙවනත් කරවමින් මුළු සරුවාංගයම කිළිපොළා යන විලාසයකින් රජු සිනා සෙන්නට විය. වේදනාවෙන් ඇඹරෙමින් හඬමින් උන් තරුණියෝ ඔවුන්ට හැකි සෑම ලෙසකින්ම රජුගෙන් සමාව අයදින්නට පටන් ගත්හ.ඔවුන් කෙරෙහි මා හට දැඩි අනුකම්පාක් ඇති වුණ මුත් මා ඉන්නවාද වත් නොදත් ඒ සියළු දෙනාම ඔවුන්ගෙ රාජකාරි වල නිරත විය. නමුත් මාගෙ පුදුමයට මෙන් තරුණියන් තිදෙනාම ද දැන් හැසිරෙන්නෙ මා නොපෙනෙන සහ නොඇසෙන ලෙසකින්ය..! ඔවුන් මාව මොන අමාරුවක ද මේ දැම්මේ..? " නුඹලා ව මම දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගත්තේ මාගෙ වුවමනාවට. නමුත් නුඹ තිදෙනාම ඉතාම වංචනික ලෙස අන්තපුරයෙන් පැන ගියා..එයට දඬුවම මරණය පමණයි..." ඔහු හිත්පිත් විරහිතව ඒ අහිංසකාවියන්ට මරණ දණ්ඩනය නියම කරද්දි බිම වැතිරි සිටි එක් තරුණියක් මා දෙසට හැරි ඇයගෙ දකුණත මා වෙත යොමු කළාය. මා වහාම ඈ වෙත දිව ගොස් ඒ අත අල්ලාගත් වහාම මා හට එම ශාලාව තුළ විවිධ රූප රාමූන් මැවෙන්නට විය. මාගෙ අත අල්ලාගෙන ඉකි ගසන තරුණිය , කඩවසම් තරුණයෙක් සමඟ පොකුණක ගිලි ස්නානය කරන අයුරුත් , මල් උයන් වල , කැලෑ වල ඇවිදින අයුරුත් , ගීත ගයමින් නටමින් ඉතා ප්‍රීතියෙන් සිටින අයුරුත් චිත්‍රපටියක් මෙන් දිස්වන්නට විය. ඉන් පසු ජවනිකාවේ වූ මැටි පැලක සිටින ඇගෙ දෙමව්පියන් යැයි කිව හැකි වැඩිහිටි යුවළක් අයට ⁣තරයේ අවවාද කරන ආකාරයත් , ඇය පොළවේ පස් කමින් , පෙරළෙමින් හඬා වැළපෙමින් ඇගෙ විරෝධය පළ කරද්දි ඇයව කාමරයකට දමා හිර කරන අයුරුත් , ඉන් දින දෙකකට පමණ පසු එම ප්‍රාන්තයේ රජුගෙ මාළිගාවට ඇයව බලහත්කාරයෙන්ම රැගෙන ගොස් ඔහුගෙ අන්තපුර ළඳුන්ට ඇයව භාර කරන අයුරුත් , ඔවුන් ඇයව නහවා , විවිධාකාර සාත්තු සප්පායම් කොට දින හතක් මුළුල්ලේ ඇයව රැක බලා ගන්නා අයුරුත් , පසුව ඇයවත් තවත් ඇය මෙන් ළලනාවන් දහයක පමණ ප්‍රමාණයක් නැවකට ඇතුළු කරන අයුරුත් දුටු මාගෙ සම්පූර්ණ හිසම තදින් කකියන්නට විය. එම තරුණියන්ව සිංහලේට රැගෙන ආ පසු සිංහලේ රජුට ඔවුන්ව රාජකීය උත්සවයකින් භාර වීය. ඔවුන්ව රජුට භාර කළ දිනයේ සිට දින සියයක කාලයක් යන තුරු රජු ඔවුන් අසළකටවත් නාවේය. තම දෙමව්පියන්ගෙන් , පෙම්වතුන්ගෙන් , ඥාතීන්ගෙන් , හිත මිතුරන්ගෙන් වෙන් වූ එම තරුණියන් නොදන්නා දේශයක , නොදන්නා මිනිසුන් සමඟ නොදන්නා භාෂාවක අතරමංව හඬමින් , පීඩාවෙන් මිරිකී සිටිය දී එක් තරුණියක් කළ යෝජනාවක් මත තරුණියන් තිදෙනෙක් පමණක් ඉතාම සූක්ෂමව කල් යල් බලා මාළිගා අන්තපුරයෙන් පැනගත්තේ අනිත් තරුණියන් ඒ දෙස අධික බියකින් බලා සිටියදීම ය. ඒ සියළු ජවනිකාවන් අසුරු සැනින් අවසන් වෙද්දී විදුලි ආලෝකයක් සමඟ මා නැවත සෙංකඩගල පුර එළිමහන් වධකාගාරයකට පැමිණ තිබුණි. සාමාන්‍ය මනුස්සයෙකුගෙ මනසකට දරා ගත නොහැකි ලෙසට එම තරුණියන් තිදෙනාව නිරුවත් කොට ප්‍රසිද්ධියේ එල්ලා ම රා දමා තිබිණි. මම අතරමංව ගියෙමි. මා මට හැකි වෙර යොදා කෑගසා හැඬූ මුත් මාගේ හැඬුම් අසන්නට එහි කිසිවෙක් නොසිටියේය. මම පිස්සියක් මෙන් දුවන්නට පටන් ගත්තෙමි. එක්වරම මා පසු පසින් පැමිණි අයෙක් මාව තදින් අල්ලාගෙන කම්මුලට වැරෙන් පහරක් ගැසීය ඉන් මම පියවි සිහියට පමිණියෙමි. " උඹට මොකද වු⁣ණෙ..? " මාගෙ එක් මිතුරියක් අසන්නට විය. " උඹ එකපාරටම කෑගහගෙන දුවගෙන ආවා..අපි හොල්මන් වුණා.. අපි මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ උඹ මෙතන ඉන්නවා කියලා..කොහෙද අර උඩහකට ගියේ..? මේ කට්ට කළුවරේ තනියම..? " "මොකාට ද උඹ බය වුණෙ...? ඇති යන්තම් පාර හොයාගෙන එන්න පුළුවන් වුණා උඹට .." " ආහ් මේ වතුර ටික බීපන්..හෙට පන්සලට ගිහින් හාමුදුරුවන්ට කියලා පිරිත් නූලක් ගැටගහමු..." මාගෙ මිත්‍ර කැළගෙ දහසකුත් ප්‍රශ්න සහ යෝජනා මැද මම නිරුත්තරව ගල් ගැසී සිටියෙමි. අපි පාන්දර තුනහමාර වන විට අපේ නවාතැනට ආවෙමු. උණු වතුරෙන් ඇඟ පත සෝදා ඇඳට පැමිණි පසුත් මම නිහඬවම සිටියෙමි. දැණුන අධික වෙහෙසට මා හට තද නින්දක අවශ්‍යතාවයක් ඇති විය. එක් වරම පිටතින් පැමිණි ගොරවන සහ අකුණු හඬට තිගැස්සි ඇහැරුණු මම විදුලි ආලෝකයෙන් කාමරය තුළ දුටු දර්ශ⁣නයෙන් තිගැස්සී ගියෙමි. එම තරුණ කාන්තාවන් තිදෙනා කාමරයේ කෙළවරක සිටගෙන මා දෙස බලාගෙනම සිටියෝය..! ඔවුන්ගෙ දෙනෙත් තුළ වූ බලාපොරොත්තු හෝ අරමුණු කිසිවක් මා හට පැහැදිලි නොවූ බව ඔවුන්ට වැටහුණාක් මෙන් ඔවුන් මා දෙසට චෝදනාත්මක ස්වරූපයෙන් ඇඟිලි දිගු කරන්නට විය. පසු දා නින්දෙන් අවදි වූ වහාම එය තවත් එක් නපුරු සිහිනයක් පමණක් යැයි සිතා සිත සදා ගත් මුත් කොළඹට පැමිණ මා මාගේ ඇඳුම් බෑගය අස් කරන විට ඒ ඇඳුම් අතර ඔවුන් පැළඳ සිටි , මා මින් පෙර කිසිදාක දැක නොතිබූ ඔවුන්ගෙ කන් වල පමණක්ම දුටු එක් තෝඩුවක් විය.!!! පූර්ණිමා චාරුණි බණ්ඩාර . සෙංකඩගල ශෛලාභිදානිපුරවරයේ රහස්.රැකියා අත්දැකීම් 4 මේ විදියට පරිවාස කාලය ගත වෙමින් තියෙද්දි හදිස්සියෙම එක දවසක් මගේ වෙන්ඩ Boss මං හිටපු Desk එක ලඟින් ඇවිදං යන ගමන් "ගිහාන්, ලෑස්ති වෙන්න හෙට අහවල් හොස්පිටල් එකේ වැඩකට මාත් එක්ක යන්න" කියාගෙන ගියා. මෙන්න මටත් ඒක නං හොඳයි කියල නිකමට කියඋනා. පොඩි හිනාවකුත් එක්ක. මොකද ඇත්තටම වැඩ කරන්න වෙන වාතාවරණයක, ඒවගේ තැනක, වැඩකට යන්න ලැබුන එක මට ලොකු දෙයක්. ඔන්න මමත් පස්සෙ දවසෙ වැඩේට ලෑස්ති වෙලා ගියා ඔෆිස් එකට. හවස දෙකට දෙක හමාරට විතර මෙන්න බොසා තව එක්කෙනෙකුත් එක්ක "ගිහාන් එන්න යන්න..." කියාගෙන මම වාඩි වෙලා හිටපු තැනින් ගියා. මිත්‍රවරුනි ඔන්න මේ ගමංම මේකත් කියල දාන්න ඕන. මෙයා වගකිවයුතු ආයතනයක ඉංජිනේරුවන් පාලනය කරන පුද්ගලයෙක් උනාට කතාව හැසිරීම හරියට ඉස්කෝලෙ විනය බාර සර් කෙනෙක් වගේ. වයසත් එච්චරම නැති මෙයා ඒ ශෛලියට අනුගත වෙලා චරිතය රඟනකොට අපරාදෙ කියන්න බෑ යාලුවනේ හිතට බයක් චකිතයක් කොහොම වෙතත් හිනාව නවත්තගෙන මෙයත් එක්ක කතාකරන්න අමාරුයි. සමහර විට ඉස්කෝලෙ ඉන්න නස්කූනි කොල්ලොන්ට පොදු චරිත ලක්ශන මගෙනුත් විද්‍යමාන වෙනවද දන්නෑ මෙහෙම කියනකොට. කොහොම වෙතත් මෙහවු පොරක් අපේ බොසා වෙන්න මං අර කලින් කොටස් වල කියපු සමහර දේවල් හේතු වෙන්න ඇති. අර මානව සම්පතේ ලාබ බව එහෙම..... මොනව උනත් මම නම් හිනාව තද කරගෙන මෙයාට කතා කලේ මිස්ට මෙයා කියල. මොකද වැඩ කරන තැන බොස්ලට මාමෙ, අය්යෙ කියන්න ඒගොල්ලො මගෙ නෑදෑයො නෙවෙයිනේ. ඔන්න අපි 3 දෙනා එහෙනම් දැන් මේ කියන රෝහලේ රසායනාගාරයට ගියා කියමු. මෙන්න මෙයා ඒකෙ කොනක තිබ්බ මං ජීවිතේටවත් දැකල නැති මැශිමක් ගාව නැවතුනා කියමුකො. අපි එක්ක හිටපු අනිත් එක්කෙනා සිසිර කියල දැනට කියමුකො. "සිසිර, මෙන්න මේ මැශින් එක ඔන් කරල ගන්න" මමත් ඉතින් ගොඩයට මැජික් වගේ පාට පාට බල්බ් පත්තු වෙච්ච කොම්පියුටරයකට සම්භන්ද කරල තිබ්බ මේ මැසිම දිහා තුශ්නිම්භූතව බලං ඉන්නව. දැන් මීට කලින් Manual එකකින් වත් දැකලවත් නොතිබුනු මේ මැසිමෙ නඩත්තු කටයුත්ත මෙන්න මේ දෙන්න පටන් ගන්නව. මේක ගැන කිසිම පැහැදිලි කිරීමක් කරන්න තරම් මේ දෙන්නට ඉස්පාසුවක් නෑ. මේ දෙන්න කරන දේවල් ගැන ප්‍රශ්නයක් අහල වත් තේරුම් ගන්න මට මේක ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඕන නේ. මූලික වැඩ ටික කරල මැශින් එක පනගන්වල Calibration in progress කියන screen එක තමයි Computer එකේ පෙන්නන්නෙ. මෙහෙම තියෙද්දි මිත්‍ර වරුනි මෙයා කියනව "ගිහාන්, අපි පොඩි වැඩකට එලියට යනව කිසි දෙයක් අල්ලන්න එපා කියල. මම ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ගොනා සේ ඔලුව වැනුව. මෙන්න දැන් මේ දෙන්න ගිහිල්ල විනාඩි 15ක් විතර. තාම මැශිම නිකං ඔහේ දුවනව. මම මිත්‍ර වරුනි කාගෙ උනත් මිනිස් ළමයෙක්නෙ ඉතින් මමත් කල්පනා කලා. ඉන්ජිනේරුවක් විදියට ආයතනයට සම්භන්ද වෙලා දේවල් පුලුවන් තරම් තනියෙන් ඉගෙන ගන්න අතරෙ අඳුරන්නෙ නෑ වගේ ඉඳපු වෙන්න බොසා මේ හදිසි පුහුනු ක්ශේත්‍ර චාරිකාව මාව එක්කං ඇවිල්ල අර අත් උදව්වට ගත්ත මොකුත් නොදන්න පොඩි කොල්ලෙක්ට වගේ මට සලකන එක මට දරාගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. මමත් බැලුව මගේ මොලේ උපරිමයෙන් පාවිච්චි කරල මෙයාට පෙන්නන්න මම ඔයා හිතං ඉන්න තරම් මොකුත් බැරි මෝඩ කොලුගැටයෙක් නෙවෙයි කියල. සාමාන්‍යයෙන් මිත්‍රවරුනි ඕන නවීන මැසිමක User Interface එකේ Help Button එකක් තියෙනව නම් ඕන වෙලාවක ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට Help Button කියන්නෙම ඕක තමයි. මමත් නිකං ඉන්න ගමන් ඔය Help Button එක ඔබල ඒකෙ එන විස්තර කියවන්න පටන් ගත්ත. ඇයි දෙය්යනේ මේගොල්ලො කියල දෙන්නෑ කියල බෑනෙ මාත් කොහොමහරි ඉගෙන ගන්න එපැයි. මෙන්න! විනාඩි දෙකක් යන්න උන්නෑ කොල්ල එනව. ඇවිල්ල බැරෑරුම් බවක් මූණට ආ
රූඪ කරං මගෙන් අහපි කෝ මේක තාම Run වෙනව නේ දැන් හරියන්න ඕන මොනවත් එබුවෙ කලේ නෑ නේද? කියල. මං ඉතින් බොරු කියන්න ගියේ නෑ. "ආ, මිස්ට මෙයා මං Help Button එක නම් එබුව" කියල. එතකොට මට කියපි "ඔයාට තේරෙන්නෙ නැද්ද ගිහාන්, මොකුත් ඔබන්න එපා කිව්වනේ මේකට 50,000 විතර වටින Part එකක් අපි අලුතින් දැම්මෙ" කියල. මමත් ඇරියෙ නෑ ඕන එකක් වෙයං කියල කලබල බවක් නොපෙනෙන්න "ඒත් මිස්ට මෙයා මං දන්න තරමින් Help Button එක එබුව කියල මොකුත් ප්‍රශ්නයක් නම් වෙන්න බෑ කියල කිව්ව". බොහොම බැරෑරුම්ව ඔලුව දෙපැත්තට වනපු මනුස්සය ඔරලෝසුව දිහා බලල මට කියපි ආ දැන් පහයි ඕයාට ඕන නම් ගෙදර යන්න කියල. මොනව කරන්නද? මෙතන දෙමල ෆිල්ම් එකක් Subtitles නැතුව බලනව වගේ ඉන්න බෑනෙ කියල මමත් ඉතින් හිමින්සැරේ ගෙවල් බලා පිටත් උනා. පහුවදා ආයේ ඔෆිස් එකට ආපු මට යන්න උනේ ඩිපාර්ට්මන්ට් හෙඩ් ගාවට එයා නම් ටිකක් හිනා වෙලා කතා කරන සුහදශීලී කෙනෙක්. වරදවා වටහ ගන්න එපා යාලුවනේ මම කලින් කිව්වෙ කොලඹ ප්‍රදේශයේ සේවා කන්ඩායම මෙහෙයවන කෙනා ගැන. එයාට තමයි වෙන්න බොස් කිව්වෙ. මේයා අපි ඔක්කොටම බොස්. කොහොමද Training එහෙම කියල ඇහුව මේ සර් මට කියපි "මෙහෙමයි ගිහාන්, මම තීරනය කලා ශල්‍යාගාර උපකරන සේවා නඩත්තු ආදිය කරන අපේ ආයතනයෙම වෙන කොටසකට ඔයාව මාරු කරන්න. කොහොම හරි එතන වගකීමෙන් යුතුව වැඩේ කරන්යන්න ඕන හොඳද" කියල. මෙච්චර කල් අමාරුවෙන් පුහුණු උනු රසායනාගාර යන්ත්‍ර අත ඇරල දැන් අලුතින්ම මේ කියන ශල්‍යාගාර යන්ත්‍ර ගැන ඉගෙන ගනින්කො. මොනව කරන්නද? හම්බ කරං කන රස්සාවනෙ කියල ඔලුව වනල මාත් ඉතින් එකඟ උනා. ඒ විදියට තමයි මම අර කලින් කියපු මම මෙතනින් එහාට කරපු Job එකට මාව වැටුනෙ. මේකෙ හිටියෙ කලමනාකරුවයි එක ඉංජිනේරුවයි (ඒ මම) සහ කාර්මික ශිල්පියෙකුයි විතරයි. මේකෙ වෙච්ච රසකතා තමයි ඉස්සරහට ලියන්න වෙන්නෙ. දැනට කියමුකො මේකෙදි කාර්‍යාලයේ වැඩයි, අපි කට වචනෙට Admin වැඩ කියන්නෙ, කාර්‍යාල කාර්‍ය සහයකගෙ වැඩයි වෙලාව අනුව අර අපේ කලමනාකරුවගෙ වැඩයි (මෙයාගෙ වැඩ වලින් නම් එපාම කරපුව තමයි මට කරන්න උනේ), කාර්මික ශිල්පියාගෙ වැඩයි ඔක්කොම පොදුවෙ මටත් කරන්න උනා කියල. ඒකට හේතුව 3 දෙනෙක්ගෙන් සමන්විත වෙච්ච මේ තාක්ෂණික අංශය මගින් දිවයින් පුරා විහිදුනු යන්ත්‍ර විශාල ප්‍රමානයක නඩත්තු කටයුතු කරන්න සිදු වීම. කෙටියෙන් කිව්වොත් අපි ලොකු සේවක හිඟයකට මුහුණ දීල හිටියෙ.අනික මේ අංශය ආයතනයෙ අනික් තාක්ෂණික අංශයට වඩා අළුත් නිසා ඒක තරම් වත් සංවිධානාත්මක හා විධිමත් බවක් මේකෙ තිබ්බෙ නෑ. ඔන්න ඕකයි මිත්‍ර වරුනි තත්වය. මේක කියවන සමහර දෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක වැඩ කාරයෙක්ට හොඳ chance එකක් නෙ වැඩ පෙන්නන්න කියල. කතාවට එහෙම කියන්න පුළුවන් උනාට කවුද මිත්‍ර වරුනි දෙන්නං කාසි වලට අතින් කාල හරක් බලන්නෙ. මෙච්චරකල් වෙච්ච දේවල් වල හැටියට ගේමක් ගහන්න ගියානම් මට වෙන්නෙ ක්‍රීඩකය කොහොම වෙතත් බැට් එක හරි බෝලෙ හරි වෙන්න. ගේම ගහන අය ගන්න සැප බැට් එකයි බෝලෙයි දන්න එකක්යැ. අඩුම තරමෙ මගේ ටිකිරි මොලේට තේරුනේ එහෙමයි. මගේ අදහස හරිද වැරදිද කියල දැන ගන්න ඊලඟ කොටසත් කියවන්නකො. ගිහාන් සමරසිංහතරුණයාගේ මරණය "රූස්ස ගස් වල මුල් ඇදිල තියෙන්නේ පොළවෙ හැංගිච්ච දිය උල්පත් වලට.. ඒකයි ඒවා නියං කාලෙත් නොමැරී ඉන්නෙ.. උල්පත හිඳිලා ගියාට පස්සේ ගිගුම් දීල වැස්සත් වැඩක් නෑ.." ------------------------------------------------------------------------ තරුණයා මියගොස් තිබුණේ සියදිවි නසා ගැනීමෙනි. උග්‍ර රසායනිකයක් පානය කල ඔහු රෝහල් ගත කරන විටත් මියගොස් සිටියේය. “මිය ගොස් ඇත්තේ ගගන ගීකියනකන්ද නම් විසිහතර හැවිදිරි පේරාදෙණිය සරසවියේ රසායන විද්‍යා පීටයේ තුන්වන වසර ඉගෙනුම ලැබූ සිසුවෙකි. අංක තුන, බෝපිටිය, දෙල්තොට පදිංචි කාරයෙකු වූ ඔහු තාවකාලිකව හිඳගල පිහිටි මිතුරෙකුගේ නිවසේ නැවතී සිට ඇති අතර රසායනික වර්ගය පානය කොට ඇත්තේ එම මිතුරාගේ නිවසේදීය. සිද්ධිය පිලිබඳ පේරාදෙණිය පොලිසිය තව දුරටත් පරීක්ෂණ පවත්වයි.” එදින රාත්‍රී පුවත් වල රජයේ පොලිස් ප්‍රකාශක එසේ නිවේදනය කල පසු, එතුවක් සරසවිය පමණක් සසල කල පුවත මුළු රටම සසල කරවන පුවතක් බවට පත් විය. "ස්ට්‍රෙස් වෙන්න ඇති" බොහෝ දෙනා සැක පළ අතර "ගෑණු ළමයෙක්ගේ හුටපටයක් වෙන්න ඇති" යැයි අනෙකුන් කීහ. ඇත්තෙන්ම එය ගැහැණු ළමයෙක්ගේ හුටපටයක් ලෙස පෙනෙන්නට තිබුණේ, ඉකුත් සතියේ ඔහු ඇයගෙන් කැමැත්ත විමසා එහෙත් ප්‍රතික්ෂේපව සිටි බව බොහෝ දෙනා දැන සිටි හෙයිනි. ගැහැණු ළමයා සයුරි නවගත්තේගම නම් වූවාය. එම පීඨයේම එම වසරේම සිසුවියක වූ ඇය පසුගිය සති කිහිපය මුළුල්ලේ මියගිය තරුණයා ලඟින් ඇසුරු කර තිබුණේ විෂයය භාහිර ඩෙංගු මර්ධන වැඩසටහනක් හේතුවෙනි. මියගිය ගගනට හා දැඩි මිත්‍රත්වයක් තිබූ ඇය මෙම මරණය අසා වික්ෂිප්තව සිටියාය. වික්ෂිප්ත වීමට හේතු කිහිපයක් විය. එකක් නම් තම සහෘදයාගේ හදිසි වියෝවය. අනෙක නම් සහෘදයාගේ වියෝවට හේතුව තමන් බව පෙනෙන්නට තිබීමය. සරසවියේ තැනින් තැන යන කසුකුසුවට අනුව ගගන මැරෙන්නට පෙර ලිපියක් ලියා තම ලේ වලින් අත්සන යොදා තීබී ඇත. එම ලියමන ආරම්භයේ කිසිවෙකුට ආමන්ත්‍රණය කර නොතිබුණද එහි ලියා ඇත්තේ ඔහු කෙතරම් ආදරයෙන් බැදී සිටියේද යන්නයි. ඒ ආදරය අහිමි වූ දුකද ආදරය නොමැතිව ජීවිතය කොතරම් දුෂ්කරද යන්න සහ තරවදුරටත් ඒ වේදනා විඳගෙන ජීවත් වීමේ හැකියාවක් නොමැති බවද ඔහු ලියා ඇත. පසුගිය සති කිහිපයේ ඩෙංගු මර්ධනය පිලිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනට ගෙයින් ගෙට යෑමේදී බොහෝ විට ගගන හා කාලය කරන්නට යෙදුනද ඔහු තුළ තමා පිලිබඳ එවැනි අදහසක් ඇති බව සයුරීට කොයි මොහොතකවත් වැටහී තිබුණේ නැත. නොදැනුවත්ව හෝ එවැනි අදහසකට අනුබල දෙන යමක් තමන් අතින් සිදුවීදැයි සයුරී භීතියෙන් යුතුව කල්පනා කලාය. සැබවින්ම සයුරීට ඔහු දැනුණේ සොයුරෙකු මෙනි. අනෙක් අතට ඔහු ඇත්තෙන්ම සොයුරා වී සිටියේය. ඒ සයුරී ඒ වන විටත් ගිගුම් බණ්ඩාරගේ ආදරවන්තිය වූ බැවිනි. ගිගුම් බණ්ඩාර සරසවියේ තරුවකි. සෑම අධ්‍යයන වාරයකම හොඳම ප්‍රථිපල ලැබූ ඔහු ගීයට වැයුමට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ද එකසේ දස්කම් පෑවෙකි. ඔහුගේ කඩවසම් රුවට බොහෝ කෙල්ලන් වහ වැටී සිටියද මේ ලඟක් වෙනතුරු ඔහු කෙල්ලන් හා හාද වූයේ නොවේ. යමක් කමක් ඇති පවුලකින් පැවත ආවද තමාගේ වියදම් තමන්ම උපයා ගැනීමට ඔහු උසස් පෙළ සිසුන්ට ගෙදරට ගොස් අමතර ඉගැන්වීම් සිදු කල අතර එහෙයින් රසායනික විද්‍යා ගුරුවරයෙකු වශයෙන් පේරාදෙණිය ප්‍රදේශයේ ජනප්‍රියව සිටියේය. ගිගුම්, මියගිය ගගනට සැලකූයේ සහෝදරයෙකු පරිද්දෙනි. ඒ ගගන තාවකාලිකව නැවතී සිටියේ ඔහුගේ නිවසේ ඔහුගේ කාමරයේම වූ බැවිනි. පළමුවන වසරේ දිනෙක, ගගන, බොහෝ රෑ බෝ වී බසයක් එන තුරු ගලහ හංදියේ රස්තියාදු වනු දුටු ගිගුම් ඔහු තම නිවසට කැඳවාගෙන ගොස් තිබුණේය. එයින් පසු බොහෝ දිනවල ගගන, ගිගුම්ගේ නිවසේ නැවතුණේ පේරාදෙණිය සරසවිය අතරින් වැටී ඇති පාරේ හිඳගල පාර අද්දරටමට වන්නට ඇති ගිගුම්ගේ නිවස දෙල්තොට කඳු මුදුනක ඇති තම නිවසට වඩා සෑම අතින්ම පහසු වූ බැවිනි. පහු පහු වන්නට එය ගගනගේම නිවස වූ අතර ඔහු දෙල්තොට ගියේ කලාතුරකිනි. මියගිය තරුණයාගේ දේහය දෙල්තොට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබිණි. -------------------------------------------------------------------------- මල්ලිකා සිටියේ හොඳටම හෙම්බත්වය. පුරා දින දෙකක් තිස්සේ ඇය තම පුතුගේ දේහය අසලින් හෙල්ලුනේ නැත. හෙට වෙද්දී පුතු මෙහෙම වත් දකින්නට නොලැබෙන බව මතක් වෙද්දී ඇයගේ පපුව පත්තුවී යයි. කඳුලින් තෙමී ඉදිමී බොඳ වුන දෑසින් ඇය තම පුතු දෙස බලා සිටියාය. "අනේ මගේ අහිංසකය, මොන තරම් ගින්දරක් හිතේ තියෙන්න ඇද්ද මෙහෙම කරගන්න.. ඇයි මගේ දරුවො එහෙමනම් ගෙදර ආවේ නැත්තෙ.. මේ අම්ම ඉන්නවනෙ උඹට මොකී නැති උනත්.. උඹ නේද අපිව බලාගන්න හිටියේ .. මම නැතත් උඹේ නංගි.. ඒකි උඹට කොච්චර ආදරේද… උඹල දෙන්නනෙ පොඩි කාලේ ඉඳන් එකට හිටියෙ.. උඹල දෙන්නව මයෙ අම්ම ගාව තියල රට ගිය කාලේ ඉඳන්… උඹල දෙන්නනේ එකට හිටියෙ .. අනේ දෙය්යනේ මම උඹව දාල ගියානේ රට.. උඹ දන්නවනේ රත්තරනේ.. ඒ වෙන මොනවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති උනාම කියල.. උබලගේ තාත්තා අපිව දාල යද්දී උඹට අවුරුදු හතරක් උනා විතරයි.. කිරි සප්පයෝ දෙන්නෙක් ලොකු කරගන්න මම වෙන මොනවා කියල කරන්නද… රට ගියා කියලත් මට උඹලට සැපක් දෙන්න බැරි වුන විත්තිය ඇත්ත.. ඒත් කොහොමහරි මම උඹව විශ්ව විද්‍යාලෙට යවා ගත්තා... හිතුවේ අපේ ප්‍රශ්න සේරම දැන් විසදෙයි කියල.. අනේ දෙය්යනේ දන්නවනම් මෙහෙම වෙයි කියල... මගෙ ඇස් මානෙන් එක අඟලක් ඈතට යවන්නේ නෑ උඹව..." "මම දැක්ක ඒ ගෑනු ළමය.. උඹලගේ නංගි මට පෙන්නුවා උඹේ මරණෙට ඇවිත් මූණ දෙන්නේ නැතිව හැංගි හැංගි හිටියට.. මහා ලොකු රූප සෝභාවක් නම් නෑ මයෙ හිතෙ.. මම දන්නෙ නෑ ඕව.. උඹට ඉතිං හැඩට පේන්න ඇති නෙව.. දැන උගත් පාටයි.. ඒත් ඉතිං මොන තරම් දැනුම් තේරුම් තිබ්බත් මොකද තමන් ගැන අදහසක් හිතේ තියෙන පිරිමි ළමයෙක්ගෙ හිත පෑරෙන්නේ නැතිව කාරණා කාරණා පහදන්න තේරුමක් නැති වෙච්චි කොට.." "ඒ ළමයා යාළු වෙලා ඉන්නෙ ගිගුම් පුතා එක්කලු නේද පුතේ… නංගි කිව්වෙ එකත්.. ඇයි මගෙ පුතේ උඹට එහෙම හිතුනෙ.. ගිගුම් පුතා උඹේ යාලුවා වෙච්චි.. නෑ.. උඹ එහෙම නෑ... මොකක් හරි හේතුවක් තියෙන්න ඇති... දැන් ඉතිං උඹ නෑනේ පුතේ ඒක අපිට කියන්න... මට වාවගන්න බැරි පුතේ උඹට එක එකා එක එක කතන්දර කියනවට... මගේ අහිංසකය එහෙම නෑ දෙය්යනේ... " -------------------------------------------------------------------------- උපතිස්ස බණ්ඩාර නිහඬව මෝටර් රථය පැදවූයේය. ගගනගේ මරණය සිදුවී දැන් සති දෙකකට ආසන්න වෙමින් තිබුනද ලොකු පුතා තවම ගෙදර පැමිණියේ නැත. හත් දවසේ දානයෙන් පසුව ඔහු අනෙකුත් යහළුවන් සමග එතැයි සිතුවද එසේ නොවූ හෙයිනි ඔහු කැඳවාගෙන ඒමට උපතිස්ස බණ්ඩාර පැමිණියේ.. තම පියා පැමිණ සිටිනු දුටු ගිගුම්, නිහඬව පැමිණ ඉදිරිපස අසුනට ගොඩ විය. "මේ කොල්ල කොහොම හිත හදාගන්න
ද ඉතිං සහෝදරයා වගේ හිටිය එකා මැරුණම.. ක්ලාස් කරලා ගෙදර එද්දී පුතාටමනේ හම්බ වෙලා තිබ්බේ කාමරේ වැටිල ඉන්නවා… පුතාමයි කාරෙකේ දාගෙන පේරාදෙණියට අරගෙන ගිහින් තිබ්බෙත්.. පොලිසියෙනුත් හරි හරියට ප්‍රශ්න කලානේ .. කොහොම හිත හදා ගන්නද ඉතිං තමන්ගේ මල්ලිට වගේනේ සැලකුවේ..." "මම දන්නවා හාමිනේ උනත් දරුවෙකුට වගේ සැලකුවේ ඔය ගගන පුතාට... අපේ දෙවනිය කියනදේ අහන්නෙ නැතිව හොයාගත්තම රට රස්සාවක්, මමයි හාමිනෙයි කොච්චර කිව්වද අයියා වගේ තව ඉගෙනගන්න කියල.. ඒවා කනකට ගන්නෙ නැතිව ගිය එකට මං වගේ නෙමේ, හාමිනේ හිටියේ හරිම විස්සෝපෙන්... ඒ කාලේ ලොකු පුතා රෑට යන්න බස් නෑ කියල ගගන පුතාව එක්කගෙන එද්දී හරියට නිකං අපේ පොඩි පුතා ආපහු ගෙදර ආව වගේ... මං දැකල තියෙනවා හාමිනේ ලොක්කට කැම්පස් අදින්න ඇඳුම් ගද්දි ගගන පුතාටත් ගන්නවා..." "ලොකු පුතා උනත් ඔය හම්බ කරන ඒවායින් ගගනට වියදම් කරනවා මම දන්නවා… බස් ගාස්තු පවා දෙන්නෙ අපේ එකා... දුප්පත් ළමයනේ.. ඉගෙනගෙන තැනකට ආවොත් පරම්පරාවම ගොඩ කියල හිතන්න ඇති... ලොකු පුතා කොහොමත් හොඳ දරුව... ඕන අසරණයෙකුට උදවු කරනව..." "ඔය සයුරි ළමයත් එක්ක තියෙන සම්භන්දෙත් තාම අපිට කිව්වෙ නෑ නෙව... එහෙම තියෙද්දීනෙ මේ අපරාදේ උනේ... ගගන ළමයත් ඒ ළමයට කැමැත්තෙන් ඉඳල කියල කියන්නේ... ඒක නම් විශ්වාශ කරන්න අමාරුයි... එහෙම දෙයක් තිබ්බත් ඉතිං ගිගුම්ට ඉහළින් යයි කියල පිළිගන්න අමාරුයි ගගන පුතා... ඕව ඉතිං අපිට හරියටම කියන්න බෑ... අපේ කාලේ වගේ නෙමෙයි... දැන් කාලේ දරුවො ගැන හිතාගන්න බෑ..." "ලොකු පුතාට නම් ඕක අකා මකා යයි කල් ගතවෙද්දී.. කොල්ලොනේ... මට බය හාමිනේ.. පොඩි දේටත් හිත ගැස්සෙන හාමිනේ කොහොම අමතක කරන්නද ලොක්කගේ කාමරේ ගගන පුතා මියැදිලා හිටිය එක..." -------------------------------------------------------------------------- "රූස්ස ගස් වල මුල් ඇදිල තියෙන්නේ පොළවෙ හැංගිච්ච දිය උල්පත් වලට.. ඒකයි ඒවා නියං කාලෙත් නොමැරී ඉන්නෙ.. උල්පත හිඳිලා ගියාට පස්සේ ගිගුම් දීල වැස්සත් වැඩක් නෑ.." සයුරී දුරකථන තිරයේ පෙනෙන්නට තිබෙන සටහන ආයේ ආයෙත් කියෙව්වාය. ගගන සියදිවි නසාගන්නට පෙර ලියන ලද ලිපියෙන් කොටසකි ඒ. ගගන මියගිය පසුව, ගගන සහ ගිගුම් ජීවත් වූ කාමරයේ තිබූ සියළු සටගන් පොලිසිය විසින් තම භාරයට ගෙන තිබිණ. පොලිසියේදී ඉඩක් ලස විගස එහි ජායාරූපයක් ගෙන තිබුණේ එහි ගිය ගගන සහ ගිගුම්ගේ මිතුරෙකු විසිනි. දැන් එය අතින් අතට ගොස් මුළු සරසවිය පුරා පතළ වී ඇත. "ගගනට තිබිල තියෙන්නෙ ලස්සන හිතක්... මැරෙන්න මොහොතකට කලින් ලිව්ව උනත් මේක කවියක් වගේ... දෙයියනේ ගගන මට කොච්චර ආදරේ කරලද… මාව උල්පතකට සමාන කරල.. එතකොට එයා ඒ රූස්ස ගහ... උල්පත හිඳුනාම ගහකට ජීවත් වෙන්න බෑ කියල එයා කියන්නේ..." "මාත්තෙක්ක ගත කරපු එක තප්පරකවත් ගගන මට ආදරේ කරනවා කියල තෙරුන්නැත්තේ ඇයි... එයා කොහොමටවත් එහෙම දෙයක් අඟවල තිබ්බේ නෑ. අන්තිමේදී එක පාරටම ඇවිත් කැමැත්ත ඇහුවා. තවත් වෙලාවක් ගියා ඇත්තටම ගගන එහෙම අහනවා කියල විශ්වාශ කරන්න. මුලින්ම දැනුනේ පුදුමයක්... ඊට පස්සේ කෙන්තියක්... ඊටත් පස්සේ දුකක්... මම මෝඩියක් වගේ ඒ හැම ෆීලින් එකකින්ම එයාට දමල ගැහුවා. මුලින්ම හිනාවෙලා... ඊට පස්සේ බැනල... ඊටත් පස්සෙයි ඇහුවෙ ඇයි මෙහෙම කරන්නෙ කියල... මම ගිගුම් එක්ක සම්භන්ධයි කියල හොඳටම දැන දැන ඇයි එහෙම කරන්නෙ කියල... ගිගුම්ගෙයි මගෙයි අෆෙයා එකට තාම වැඩි කාලයක් නැති උනත් ඒක මුල ඉඳලම දැනගෙන හිටිය එකම කෙනා ගගන... මොකද මට ගිගුම් කිව්ව කාමරේ ඉන්න එකාට හොරෙන් මොකුත් කරන්න බැරි නිසා ඌට කියනවා කියල..." "මට තාම හරියට ගිගුම්ව වත් තේරුම් ගන්න බැරි උනා... අපි හරියට ලංවෙලා කතා බස් කලේ දවස් කීයද… දැන් මෙහෙම උනාම කොහොමද අපි ආයේ මොනවත් උනේ නෑ වගේ ඉන්නේ... මළගෙදර යන්න කලින් මම ගිගුම්ගෙන් ඇහුව ගියාට කමක් නැද්ද කියල.. උත්තර දුන්නෙ නෑ... එයාට දැන් මාව පිළිගන්න අමාරු ඇති... අනිත් හැමෝම වගේ ගගන මරුනෙ මම හින්ද කියල හිතෙනව ඇති.." "මැරෙන්න කලින් දවසෙ ගගන ඇහුව මම ගිගුම්ට ඇත්තටම ආදරේද කියල... ඒ වෙලාවෙදිත් මම කිව්වෙ ඔයා කවුද එහෙම අහන්න කියල... ඇත්තටම ගගනට එහෙම අහන්න අයිතියක් නැති උනත් අන්තිමේදී මම එයාට පහදල දුන්න ගිගුම් කියන්නේ දැන් මට මගේ මුළු ජීවිතේම කියල... පව්... ගගනගේ හිත රිදෙන්න ඇති..." "ගගන මට කොච්චර ආදරේ කරලද මැරෙන්න තරම්... එදා ගිගුම් මේ දේම ඇහුව වෙලාවේ මම අකැමැති උනානම් එයා ජීවිතේ නැති කරගනීද... නෑ ගිගුම් නම් කවදාවත් ඒ වගේ මෝඩ වැඩක් කරන්නෙ නෑ. මෝඩ වැඩක් කරන් නැද්ද... නැත්නම් ගගන තරම් මට ආදරේ නැද්ද…” “දෙය්යනේ ..." -------------------------------------------------------------------------- දෙල්තොට සිට පේරාදෙණිය තෙක්ම ගිගුම් මෝටර් රථයෙන් එපිට බලා සිටියේය. තම පියාට පමණක් නොව පහළ දුර්ගයට, මිටියාවතට පවා මුහුණ දිය නොහැකි අපහසුතාවයකිනි ඔහු පෙළෙමින් සිටියේ. නිවසට පැමිණි වහා ගිගුම් තම කාමරයට වැද දොර වසා ගත්තේය. "ගගන මචං උඹ මේ මොකක්ද කරගත්තේ..." "අර මළ මගුල් ඩෙංගු නාඩගම හින්ද ගගන උඹ ඕනෑවට වඩා සයුරිට ලංවුණා... ඒක හොඳටම වැඩියි.. උඹ ඒක දන්නවා. දවසකින් දෙකකින් ඉවර වෙයි කියල මම බලං හිටිය.. එත් ඒක එහෙම නෙමෙයි උනේ.. කොයි වෙලාවේ බැලුවත් උඹ ඒකි එක්ක.. මට ඕන උනේ පාඩමක් උගන්නන්න.. පාඩමක් උගන්නන්න විතරයි මචං.. ඒකයි මම ඒකිගෙන් ඇහුවෙ.. හිතුව විදියටම ඒකි කැමති උනා.. ඒක දැනගත්තම උඹ අවුල් යන විදිය බලන්නයි මට ඕන උනේ.. මම දැක්ක.. උඹේ අහිංසක මූණ කළු උනා.. මට මාර සතුටක් දැනුනෙ ඒ වෙලාවෙ.." "මට මතක් වෙනව උඹ මට ක්ලාස් කරන්න යන්න ඇඳුම් මැදල තියන හැටි.. උඹ කොච්චර අහිංසකද.. ඔච්චර අහිංසක වෙන්න එපා බං.. එතකොට උඹල විනාශ වෙනවා.. දැන් ඒක නෙමේද උනේ.. " "මෙහෙම කරගන්න කලින් දවසෙ උඹ ඇහුව සයුරිට ලව් කරන්නේ සිරාවටද කියල... මම කිව්වේ ඇයි උඹෙන් අවසර ගන්න ඕනද කියල... උඹ බිම බලාගත්ත.. මම ඔව් කිව්වෙ ඇත්තට නෙමෙයි බං... ඇත්තට වෙන්නේ කොහොමද... මෙච්චර කල් ඉඳල උඹ ඒක දන්නේ නැද්ද..." "සයුරි.. සයුරි කියන්නෙ කවුද... කොහෙන් ආපු එකියක්ද? උඹ සයුරිව උඩ දාගෙන හිටියට මට ඒකි ලොකු නෑ... මට හිතාගන්න බැරි ඇයි උඹ ඒකිගෙන් ඇහුවේ..." "උඹට ඕන උනේ සයුරි උඹට හා කිව්වනම් ගෑණු විශ්වාශ කරන්න බෑ කියල මට ඔප්පු කරන්නද... මම ඒක දන්නව බං... නැත්නම් ඇත්තටම උඹේ හිතේ සයුරි ගැන තිබුනද? නෑ... උඹ කොහොම කිව්වත් එහෙම නෑ කියල මම දන්නව..." "උඹ කවදත් කලාකාරය... මොකක්ද අර ලියල තිබ්බෙ… රූස්ස ගස් වල මුල් ඇදිල තියෙන්නේ පොළවෙ හැංගිච්ච දිය උල්පත් වලට… ඒකයි ඒවා නියං කාලෙත් නොමැරී ඉන්නෙ.. මම දන්නව බං... උඹ නොලිව්ව ටික මම දන්නව…" "උල්පත හිඳිලා ගියාට පස්සේ වැස්සෙන් වැඩක් නෑ... දෙයියනේ මම දන්නවා උඹට රිදුන කියල.. කාලකන්නියෙක් වගේ මම ඒක එන්ජෝයි කලා... උඹ දන්නෙ නෑ... උඹට වැරදිලා... කවදාවත් පොළවට වැස්ස නැතිවෙන්නෑ... වැස්ස එන්නෙම පොළොව හොයාගෙන... ඒක මෙච්චර කල් එහෙමමයි උනේ... ඉස්සරහට වෙන්නෙත් එහෙමයි... ඇයි උඹට ඒක අමතක උනේ..." "උඹ දන්න දවසෙ ඉඳල මට හිතවත්ව හිටිය.. මරුණෙත් හිතවත්ව... උඹ අර ලියුම ලියල අන්තිම මොහොතෙත් මාව බේරුව.. හෙටින් පස්සෙ මම මොනව කරන්නද… උඹට කරපු දේ කොහොම අමතක කරන්නද…” "මට ටික වෙලාවකට ඊරිසිය හිතුන... ටික වෙලාවකට මචං... ඇයි උඹට ටිකක් අල්ලගෙන ඉන්න බැරි උනේ... උඹ දන්නව මචං මාව... උඹ දන්නව… උඹ විතරයි දන්නෙ…" ඔහු නිදන්නට පුරුදුව සිටි තම යුගල ඇඳේ බිත්තිය කෙළවර වූ කොටස දෙස ගිගුම් හැරී බැලුවේය. නින්ද ගොස් සිටියදී සමහර දිනවල තමන් දකින ගගනගේ සැනසිලිදායක මුහුණ ගිගුම්ට මැවී පෙනුණේය. ගගනගේ කොට්ටයට එබී ගිගුම් තම මුහුණ හොවා ගත්තේ තවමත් එහි ඉතිරිව තිබූ ඔහුගේ සුවඳ තම නාස් පුඩු වලට සෙමෙන් ඇතුළු වන්නට ඉඩ හරිමිනි. රාත්‍රියේදී තමාගේ බාහු වලට සිරවුණ ගගනගේ සිරුරද ඔහු නඟන සිහින් කෙඳිරියද සිහිවී ගිගුම්ගේ හදවත මහත් ශෝකයකින් වසා ගත්තේය.කසාක්ස්ථානයෙන් ඉන්දියාවට... ඉස්කෝලේ යනකාලේ ඉඩක් ලැබුණු වෙලාවට මොකක් හරි ෆිල්ම් හෝල් එකකට රිංගල චිත්‍රපටි බලන පුරුද්දක් මටත් තිබ්බා. ඒකටම සෙට් වෙන යාළුවෝ පිරිසක් හිටිය. වයිට් හවුස් එකෙන් හරි බේක් හවුස් එකෙන් හරි එක ෂෝටීස් එකක් කාල වතුර වීදුරුවක් බීල කිරිතේ එකක් බොන්නත් ඕනෑ උනොත් ගැලරියේ හරි ඕ.ඩී.සි යේ හරි ටිකට් එකක් ගන්න සල්ලි හොයාගන්න පොඩි පොඩි ක්‍රම සහ විධි එදත් අපි ගාව තිබුණා. අපි බලන්න යන චිත්‍රපටිවලට භාෂා ප්‍රශ්ණයක් නම් තිබුණෙම නෑ. ඉංග්‍රීසි, සිංහල , හින්දි දෙමළ මේ ඕනෑම භාෂාවක චිත්‍රපටියක් බලන්න අපි දෙපාරක් හිතුවේ නෑ. ඒ දවස් වල නුවර ඔරලෝසු කනුව ගාව එදාට ප්‍රදර්ශනය වන චිත්‍රපටිවල පුවරු ගහල තිබ්බා. ටවුමේ තිබ්බ ඕඩියන්, වේල්ස් ,වෙම්බ්ලි, රීගල් විතරක් නෙමෙයි කටුගස්තොට සීගිරි , ඇරීනා සහ පේරාදෙණියෙ තුසිත හෝල් එකේ ප්‍රදර්ශනය වන චිත්‍රපට ගැනත් පුවරු තිබ්බා. ඔන්න ඔය දවස් වල තමයි පේරාදෙණියෙ තුසිතෙට ' තිදේව් ' කියන හින්දි චිත්‍රපටය ආවේ. ඒකේ ප්‍රධාන නළු ත්‍රිත්වයට හිටියේ ජැකී ෂ්රොෆ් නසිරුද්දින් ෂා එක්ක සනී ඩියෝල්. මේ චිත්‍රපටය ඉන්දියාවේ මුලින්ම තිරගතවුන 1989 අවුරුද්දෙ මේක බොක්ස් ඔෆිස් වාර්තා එක්ක වාණිජ වශයෙන් සාර්ථක වුන චිත්‍රපටියක් උනා. ඊට ඉදිරියෙන් තිබ්බේ සල්මන් තුන්වැනි චිත්‍රපටය වෙච්චි " මේනේ ප්‍යාර් කියා "සහ ජැකී ෂ්රොෆ් සහ අනිල් කපූර් රඟපාපු ජනප්‍රිය ' රාම් ලකාන් ' . කියන ජනප්‍රිය චිත්‍රපටි දෙක. ' රාම් ලඛන් ' මම කලින් බලල තිබ්බත් ඒකේ ජැකී ෂ්රොෆ් ප්‍රධාන නළුවෙක් උනත් ත්‍රිදේව් චිත්‍රපටයේ ජැකී ගේ රඟපෑමේ අපූර්වත්වයක් මම දුටුවා. ඒ විතරක් නෙවෙයි ජැකී ගේ පෙනුමෙත් වෙනසක් මම දුටුවා. ජැකී අනික් හින්දි නළුවන්ට වඩා පෙනුමෙන් වෙනස්. ජැකීගේ පුත්‍රයා ටයිගර් ගෙනුත් ඒ වෙනස පේනවා. දැන් දැන් නම් ජැකී වයසට හිහින් . වියපත් චරිත දුෂ්ඨ චරිත රඟපානවා. ඒ විතරක් නෙමෙයි දෙමළ තෙළිඟු වග
ේ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට වලත් ජැකී ඉන්නවා. ජැකීයි, ජැකීගෙ චිත්‍රපටයි පැත්තකින් තියලා දැන් අපි සියවසකට කලින් කසාක්ස්ථානයට යමු. කසාක්ස්ථානය කියන්නේ මධ්‍යම ආසියාවේ තියෙන උතුරින් සහ බටහිරෙන් රුසියාවත් නැගෙනහිරින් චීනයත් , ගිණිකොණ දිශාවෙන් කිර්ගිස්ථානයත්, දකුණෙන් ටර්ක්මේනිස්ථානයත්, නිරිතදිගින් කැස්පියන් මුහුදෙනුත් මායිම් වුනු මහ විශාල රටක්. විශාලත්වය අතින් ලෝකයේ නව වෙනියට විශාලතම රට.ඒ වාගේම සියවස් ගණනාවකට පෙර බෞද්ධ ආභාෂය ලැබුණු රටක්. ඒ මෞර්යය යුගයෙන් පසුව. කසකස්ථානයේ ඉලී ගංගා ඉවුර අසබඩ ගෞතම බුදුන්ගේ අලංකාර රූපයක් පවා කොටා තිබෙනවා. 1930 වෙනකොට කසාක්ස්ථානය සමාජවාදී රටක් . ඔවුන් සෝවියට් රුසියාවේ කොටසක්. මුලු කලාපයේම පාලනය අරන් ගියේ ජෝසෆ් ස්ටාලින් කියන පාලකායා විසින්. ඔහු1924 ඉඳන් 1952දක්වා සෝවියට් රුසියාවේ පාලනය කරන් ගියා. මේ යුගයේ එනම් 1930 -33 කාලයේ සමූහ ගොවිපල ක්‍රම හඳුන්වාදීම නිසා කසාක්ස්ථානයේ ජන ජීවිතය උඩු යටිකුරු වෙන්න පටන් ගත්තා. ඔවුන්ට දරුණු සාගතකයකට මුහුණ දෙන්න සිදුවුනා. සාගතයෙන් මියගිය ප්‍රමාණය ලක්ෂ 20 තරම්. සාගතයෙන් පසු කොමියුනිස්ට් පාලනය විසින් රටේ ජීවත් වූ සුලු ජනවර්ග බලහත්කාරයෙන් පන්නා දමන්නට කටයුතු කලා. තර්ජනයට ලක් වූ මිලියන කසාක්ස්ථානයෙන් පලා යන්නට පටන් ගත්තා. හමුදාවට වෙඩි තබන්නට පවා නියම කෙරුනා. එක්තරා ශීතකාලයක උයිගර් ජනවර්ගයට අයත් පවුලක් කසාක්ස්ථානයෙන් පැනයන්නට සැලසුම් කලා. උයිගර් වරුන් කියන්නේ වැඩිමනක් චීනයේ ක්සින්ජියෑං පලාතේ ජීවත් වන තුර්කි ජනවර්ගයකට. චීනයට අමතරව මේ උයිගර් වරුන් පාකිස්තානයේ, තුර්කියේ , කසක්ස්තානයේ සහ අනෙකුත් මධ්‍යම ආසියානු රටවල සුළු වස්ගයෙන් ජීවත් වෙනවා. මම මේ කියන්නට හදන උයිගර් පවුලේ අත්තම්මා, අම්මා සහ තවත් දියණියන් හත් දෙනෙක්. අධික ශීතලෙන් බේරෙන්නට සුදුළූණු පල්පය මුහුණේ සහ ඇඟ පුරාම තවරා ගන්නවා. ඒ වගේම එය හමුදා සෙබලුන්ව රවට්ටන්නටත් උපක්‍රමයක්. හදිසියේ හෝ හමුදාවෙන් ඔවුන් නවත්වන්නට උත්සාහ කලහොත් ඔවුන් බරපතල වසංගතයකට ගොදුරු වී කසාක්ස්ථානයෙන් පලා යන බවට කියන්නටයි ඔවුන් සූදානම් ව සිටියේ. ඔවුන්ගේ උපකල්පනය 100%ම නිවැරදි වුනා. කිසිදු උපද්‍රවයකින් තොරවම ඔවුන්ට කසාක්ස්ථානයෙන් පලා විත් බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ලාහෝරයට එන්නට සමත් වුනා.1947 දී ඉන්දියාව දෙකඩ උනායින් පස්සෙ ඔවුන් දිල්ලියට සංක්‍රමනය වුනා. දූවරුන් සත් දෙනාගෙන් එක් දුවක් වූ රීටා දිල්ලියේදී කාකුභායි හරිභායි ෂ්රොෆ් නම් ගුජරාටි තරුණයාව හමු වූ අතර ඔවුන් දෙදෙනා පෙමින් බැඳුනා. අවසානයේ හාත්පසින්ම වෙනස් ජනවර්ග දෙකකට අයත් ඔවුන් දෙදෙනා විවාහ වුනා. 1957 බොම්බායේදී මේ යුවලට ලැබුණු දරුවාට තැබූ නම ජයකිෂන් ශ්‍රොෆ් .1983 Hero චිත්‍රපටිය නිසා මේ දරුවා ඉන්දියාවේම වීරයෙක් බවට පත්වුනා. මේ නළුවාගේ නම ජැකී ශ්‍රොෆ් බව ලෝකයම ඒ චිත්‍රපටයෙන් පසු දැන ගත්තා. ( තොරතුරු අන්තර්ජාලයෙන් සහ Times of India ) සංජය දොළමුල්ලඒ මෝඩ නාග රාස්සයා මතුවුණේ කුඹුරු යාය මැදින්ය. මහ දවහවලේය. පාසල ඇරෙන්න ඔන්න මෙන්න තියෙද්දිය. හරියටම කියන්නේ නම් මහ පොළොව පලාගෙන කුඹුරු යාය මැද්දෑවෙනි. කැපූ ගොයම් මිටි තැන තැන ගොඩ ගසා තිබූ ලියැද්ද මතිනි. සක්වල ගල හැමතැනකම සැරිසැරූ මෝඩ නාග රාස්සයෙක් මතුවීටම තෝරාගෙන තිබුණේම කුඹුරු යායකි. නාගයන් යනු නාවිකයන් බවත්, සැරිසරන්නන් බවත්, කොහේදෝ පොතක තිබුණා මතකය. ඒත් රාස්සයන් යනු අපව රක්ෂා කරන ගොවියන් බවත් ඒ පොතේම ලියවී තිබුනා යන්තමින් මතකය. මේ නාගයාට පෙණයක් ද තිබුණි. එය යෝධ පෙන ගොබයකි. මුචලින්ද නාගයාටවත් ඒ තරම් විශාල පෙනයක් නොතිබෙන්නට ඇත. ඒත් මුචලින්ද නම් නාග රාජයෙකි. මූ මෝඩ රාජයෙකි. සමදරා උන්නේ ගොයම් කපමින්ය. ගිණි කාෂ්ඨක අවුවෙන් බේරීමට හිස මත රෙදි කඩකින් තැනූ තලප්පාවකි. ඒත් ඇයගේ කම්මුල් වලින් ඩා බිඳු වැගිරෙයි. කම්මුල් මත තැවරුණු දුහුවිලි තට්ටුව මත කඳුළු පාරවල් තැනෙයි. මැණිකේ, කමලක්කා, තිලකා ද ඇය සමග එක පෙලට සමෝ සම ගොයම් කපති. දෑකැති ලෙලදෙයි. පියාදාස කැපෙන ගොයම් එක ගොඩකට ගෙන හිස මත තබා අසල ගොඩ ඉඩමෙහි ඇති ගොයම් කොලය මතට ගෙන යයි. නාග රාස්සයා උන්නේ නියරමත සිට මේ ගොයම් කපන අසිරිය දෙස බලා ගෙනය. මේ සියල්ල සිදුවූයේ මේ මෝඩ රජාට ඉදිරියෙනි. ඇස් මානයේය. කාටවත්ම අකරතැබ්බයක් නොවන මානයේය. යෝවද තම්පව රෝමනු ජේසු සක්ක්‍ය මුණි භගවා කත කිච්චෝ කුඹුරට යාව ගොඩ ඉඩම. ගොඩ ඉඩම මායිමේ ගාල්ල මාපලගම බස් පාර. බස් පාරේ සිට පෙනෙන දුරින් අක්මීමණ පාසල. පාසලේ දිනයක් අවසන් කරන ඡත්ත මානවක ගාථා හඩ කුඹූරු යායටද ඇසෙයි. ඒ සමගම ඇසුණු ඝංඨාර නාදය සමගම එක පොදියට ගුලි ගැසී උන් ළමයින් පන්ති කාමරයෙන් මිදුලටත්, මිදුලෙන් පාරටත්, පාරෙන් අතුරු පාරවල් වලටත් පාවී යති. නිදහසේ, හැල්මේ දොඩවමින්, දුවති. ඇවිදිති. කුසුමී ද පොත් බෑගය පිටේ එල්ලාගෙන කුඹුර අසලින් ඇදෙන ගම්සභා පාරෙන් මතුවිය. එක කොන්ඩා කරලක් පිට මතය. අනික් කොන්ඩා කරල පපුව මතය. ඇය අඩි තබන්නේ බරටය. බර සාරෙටය. ඒ අඩි හඩ කීවේ අද දවසේ පාසලේ සිදුවූ සිදුවීම් බොහොමයක් අම්මා අසලට පැමිණ හිස් කිරිමට, හිස් කර ඇයගේ සිත හිස් කර ගැනීමට තිබෙන බවකි. කලු දැකුම් කලු මුහුණ සිතුවිලි වලින් පිරිලාය. බරවෙලාය. “අම්මේ ටිචර් කිවුවා මගේ අකුරු ලස්සනයි කියල…” “මේ ඊයෙ බලාගෙන ලියපු එකට ඉතා හොඳයි එකකුත් දුන්නා..” “සරත් ට නම් ටීචර් ගැහුවා..” “සරත් මට කලුහාමිනේ කියල කිවුවා..මං එලවගෙන ගිහින් දුන්නා පිට මැද්දෑවටම…” “ලොකු ටීචර් ඒක බලාගෙන හිටියෙ..” “මාව ගෙන්නුවා..” “මං කිවුවා සරත් මට කලුහාමිනේ කියල කියනව කියල…” “ලොකු ටීචරුත් සරත් ට බැන්නා…” “කුසුමි කලු උනාට ලස්සනයි කියලත් ලොකු ටීචර් කිවුවා..” “අදත් දයා කෑම ගෙනත් තිබුණෙ නෑ අම්මේ..” “උදේට කාලත් නෑ..” “පවු, මං බත් කෑවෙ දයාත් එක්ක බෙදාගෙන..” “පෙරේත කමට බලාගෙන හිටපු සරත් ටත් කටක් කන්න දුන්නා..” කුසුමිගේ සිතේ සිතුවිලි පොදි ගැහෙයි. සිතුවිලි පොදිය ලිහන තුරු ඇයට ඉවසිල්ලක් නැත. ගුරු පාර වෙල් යාය මැදින් ඇදෙන්නේද සද්දන්ත නාගයෙකු සේය. වෙල් යාය මැදින් ගලන ඇල වෙල් යාය මෙන්ම ගම්මානයද දෙකඩ කරයි. දෙකඩ කර අනන්‍යතා සළකුනු කරයි. ඇල ගුරු පාර හමුවන තැන ඇලේ වතුරින්ම තැණනු නෙළුම් පොකුණකි. නෙළුම් පොකුණ අසල ඇලේ දියමංකඩ ගමේ කොළු කුරුට්ටන්නට නාන තටාකයකි. අර මෝඩ නාග රාස්සයාට නම් මේවායේ වගේ වගක් නැත. ඌ ගොයම් කපන ගැහුණුන් දෙසම ඇස් මානගෙන සිටී. ගුරු පාර වෙල් යාය හමුවන තැනදීම තමන්ගේ මව, සමදරා ගොයම් නෙලනු කුසුමි දුටුවාය. ඇයගේ සිත සතුටින් ඉපිලුනි. එතැන් සිට ඇය ඇවිද්දා නොව දිවුවාය. දිවුවා නොව මහපොළොව මත පා ඇගිලි තුඩු තබමින් පියෑඹුවාය. නියරට බැසීමට පෙර සුදු සපත්තු, මේස් ගලවා සපත්තු කූට්ටම එක අතකට ගත්තාය. ගුරු පාරෙන් නියරට. නියරෙන් නියරට. අම්මා අසලට. සමදරා ගොයම් නෙලුවේ ඇය එන දෙසට පිටුපා ගෙනය. ඇය සමදරා එනු දුටුවේ නැත. මෝඩ නාග රාස්සයා උන්නේද කුසුමීට පිටුවා ගෙනය. ඌ කුසුමී එනවා දුටුවේද නැත. ඌ උන්නේ කොහොමත් ගැහැණු සිතුවිලි වලම පැටලී ගෙනය. කුසුමී ගේ පා තුඩු නාගයාගේ අගර දගර වලිග කොන යන්තමින් ස්පර්ශ විය. ගොං මෝඩ නාග නාම්බා… ඇය උන්නේ වෙද ගෙදරය. ඒ වන විට නාග විෂ ඇයගේ ළපටි සිරුර අඩපන කර අවසන්ය. කිසිවකින් කිළිටි නොවූ පිරිසිදු සිතක්. ජීවිතය මෙන්ම මරණයත් විශ්මයක්ම බව සිතන සිතක්. ඇය උන්නේ මනුෂ්‍ය ලෝකය තුලදී ගන්නා අවසන් හුස්ම ඉතා අපහසුවෙන් උරා ගනිමිනි. කුසුමිගේ මියැදෙන්නට ආසන්න මළානික ඇස් සමදරා සොයයි. “අම්මේ, මං අත් අකුරු තරගෙට තේරුණා..” “අපේ පන්තියෙන්ම තෝර ගත්තෙ මාව විතරයි..” “ආ..ටීචර් කිවුවා ගොයම් කපන හැටි චිත්‍රයක් ඇඳ‌ෙගෙන එන්න කියල..” “පාට පෙට්ටියෙ සමහර පාර කූරු ඉවරයි අම්මෙ…” “මං ගොයම් ගස් ඇදලම ලා කොළ පාට කූරත් ඉවරයි…” “අහසෙ නිල ඇඳලම ලා නිල් පාටත් ඉවරයි…” වචන පිට නොවෙන කුසුමිගේ දෙතොල් සැලෙයි. දෙනෙතින් කඳුළු බිඳු වෑහෙයි. වේදනාවෙන් බරවෙයි. සමදරාගේ මර ලතෝනිය ගම්මානය අකම්පාල කරවමින් ගිගුම් දෙයි . සක්වල ගලද දෙදරුම් කයි. සක්වල තලයම කම්පා වෙයි. මෝඩ නාග රාස්සයාට උනේ කුමක් දැයි සිතා ගත නොහැකි විය. සිය පහර කා වේල්ලේ ඇද වැටුණු සියුමැලියකි. මොකද්ද දෙයියනේ මේ උනේ…දැරියගේ හඩට ගොයම් කැපූ ගැහැණුත්, මිනිසාත් එතනට දිව ආවෝය. ලියැද්ද දිගේම ඈතට ඇදුනු නාගයා උණු දේ සිතා ගත නොහැකිව, කඳුළු සලමින් ඈතට වී බලා සිටියි. ගල් මුගුරු අතින් ගත් මිනිස් රැලකි. උන් නියරවල් දිගේ නාගයා වට කරමින් මෝඩ නාගයා දෙසට පැමිණෙයි. නාගයාට කොහොමත් පලා යෑමේ සිතක් නැත. කඳුලැලි පිරුණු නාග දෑස සහිත යෝධ පෙණ ගොබයද නියරටම ඔබා ගත්තේය. නියර මතම දරණ ගසා පලමු ගල, මුගුරු පහර විඳ ගැනීමට, මරණීය වේදනාව දරා ගැනීමට, නිසොල්මන් විය.මෝටිවේශන් ගයාන්ගේ අවුරුදු තුනහමාරක සරසවි ප්‍රේමය වූ තමාලි හේතු පැහැදිලි කිරීමකින් හෝ කලින් කිසිදු දැනුවත් කිරීමකින් තොරව ඔහුව අත් හැර දමා ඇත.වරු ගණන් කියවූ දුරකථනයට ඇගෙන් ඇමතුම් ආ දිනක් වත් මතක නැත.ගයාන් එක දිගට ඇමතුම් ගත්තත් ඒ එකකටවත් ප්‍රතිචාර දක්වන්නේ ඇය නොවේ. වෙනදා මාගල් තරම් දිගට මැසේජ් එවා ඊළඟ තත්පරයේම ඊට උත්තරයක් නොඑව්වොත් ආඩපාලි කී ඇයට දැන් මැසේජ් සීන් වෙන්නේත් නැත.හද්දා පිටිසරක වාසය කරන දුෂ්කර පාසලක කලා උපාධිදාරී ගුරුවරයාට වඩා යුරෝපා රටක පුරවැසි බව ඇති පරිගණක ඉංජිනේරුවා පවුලේ හැමගේ කැමැත්ත දිනා ගත් බවත් මේ වෙද්දී දෙන්නාගේ නම් ප්‍රසිද්ධ කර ඇති බවත් අවසානයේ ආරංචි විය. කොයිකටත් තෛලය ලෙසින් ගයාන්ට ඉතුරු වූයේ පාසල් කාලයේ පටන් ම හොඳම මිතුරා තුශාර හා දුක කීම පමණි. "උඹට ඔය පළ දෙන්න ඇත්තෙ සාගරිකාට කරපු දේ" තුශාර සියල්ල අසා සිට කීවේය. මෙතරම් දෙයක් වී තිබිය දී දුක ඇහූ එකා දුන් උත්තරයට වෙන වෙලාවක නම් හොඳ පදයක් කිව හැකි වුණත් ගයාන් නිහඬව සිටියේ තුෂාරගේ බිරිඳ අසංකා සාලයට එන බව දැකීමෙනි. "කවුද සාගරිකා?" අසංකා ඇහුවේ ගයාන් අහන්න එපා
ම යයි පැතූ ප්‍රශ්නයමය.ඔහු තුෂාර දෙස රවා බැලුවේය.දැන් ඉතිං අසංකාගේ හිතේ සානුකම්පාව දිනාගත්, ප්‍රථම ප්‍රේමයෙන් නිර්දය ලෙස බැට කා විරහ වේදනා විඳින අහිංසක පෙම්වතාගේ චරිතය අවසන්ය. "ආ........සාගරිකා මුගෙ පාසල් පෙම්වතී. අවුරුද්දක් විතර කට්ට කාලා දා ගත්තෙ. ඒ ලෙවල් අවුරුදු දෙකමත් ලව් කරලා රිසල්ට්ස් ආ ගමන් ලව් එක හබක්. මූ කැම්පස් සිලෙක්ටඩ්,ඒ කෙල්ලට එස් තුනයි!!"තුශාර ගානකට නැතිව ඇත්තටම සිදු වූ දේ කෙටියෙන් කියා දැම්මේය. "එහෙම නෑ බන්..........ඉස්කෝල කාලේ අපි පොඩි ළමයිනෙ ඔක්කෝම එක වගේ.අවුට් වුණාට පස්සෙ තමා කුල බේද, පංති බේද අරව මෙව්වා පේන්නෙ. ගෙදරින් කැමති නොවෙන බව දැන දැන ඕක වැඩි දුර ඇදන් යනවා කියන්නෙ අවසානයේ වැඩි දුකක් කියන එක ම තමා." ගයාන් යන්තම් ජාම බේරා ගන්න තැත් කළේය. "එහෙනම් ඒකම තමා තමාලි උඹට කරල තියෙන්නෙ" තුශාර කීවේ ගයාන්ගේ වචනයෙන් ඔහුටම පහර දෙමිනි. "ඔයාට තියෙන්නෙ මේකෙන් වැටෙන්නෙ නැතුව ආයෙමත් තවත් හොඳට නැගිටින්න. අපේ අලුත් ඇසිස්ටන්ට් මැනේජර් පොඩි වයසක කෙනෙක්. හැබැයි මාර ටැලන්ටඩ්.එයා කියන්නෙ එයාගෙ ෆස්ට් ලව් එක බ්‍රේක් අප් වුණ එකලු එයාට පොඩි කාලෙකින් මෙච්චර හොඳ පෝස්ට් එකකට එන්න ලැබුණ හොඳම මෝටිවේශන් එක.බ්‍රේකප් වුණ මුල් කාලේ නම් නොකා නොබී ඒකම හිත හිත දුක් වුණාට දැන් හිතෙනවාලු එයාව එහෙම රිජෙක්ට් වුණ එකමයි හොඳ කියලා" අසංකා ඇය සේවය කරන බැංකුවේ කතාවක් කීවාය. "අනේ මුගෙ මෝ........ටිවේ........ සං........ තම මිතුරා ගැන හොඳින් දන්නා තුෂාර කීය. "උඹ මොකක් හරි දේකට පට්ට බිසී වෙයං.ඔය ඉස්කෝල වල එක එක තරඟ,බාහිර ක්‍රියාකාරකම් එහෙම තියෙනවා නේද?අන්න ඒවා ටිකක් අල්ලන් බොක්කෙන් ම ළමයින්ට පුරුදු කරවපං...... ළමයි එක්ක වැඩ කරපං.මුකුත් නැත්නම් සිලබස් කවර් කරන්න ඉස්කෝලෙන් පස්සෙ පන්ති කරපං එතකොට ඕකම හිතෙන එක නවතීවි. දැන් කොහොමත් ඒකි එන්ගේජ් වෙලාත් නම් ඉන්නෙ උඹට නෝ චාන්ස්.උඹ ඒ ගැන හිත හිත ජීවිතේ කාලක.න්.නි කර ගත්තට වැඩක් නෑ" අවසානයට තුශාර වැඩකට ඇති අවවාදයක් දුන්නේය. තුශාර කියූ ලෙසින් පාසලේ දරුවන් හා කාර්‍යබහුල ව සිටියත් ගයාන්ට නිරන්තරයෙන් තමාලි සම්බන්ධ නොයෙක් දේ මතක් වීම නම් අඩු වූයේ නැත. අන්තිම අවුරුද්දේ දී බැච් එකේ මළ ගෙයක බස් එකක් අරන් යද්දී ගයාන්ලාගේ ගෙවල් පැත්තෙන් ගිය නිසා කොල්ලන්ට එහි යන්නම ඕනෑ විය.එදා තමාලි ආවේ නැතත් ඇගේ යෙහෙළියෝ සිටියහ.මෝටර් සයිකලයකට වැඩි වාහනයකට යන්න නොහැකි ගෙදරට යන ගුරු පාර තිබුණේ හොඳටම මඩ වී හෑරී එරෙන තරමටය. එය දුටු සැණින් තමාලිගේ හොඳම මිතුරියකගේ කට ඇදව ගිය හැටි ගයාන්ට හදිසියේ සිහි විය. එතරම් පිරිසකට ගෙතුළ ඉඩ නොතිබූ නිසා ගෑණු ළමයි කීප දෙනා ගෙතුළ සිටිද්දී ලොකු තාත්තලාගේ ගෙදරින් පුටු ගෙනවිත් කොල්ලන්ට ඉඳ ගන්න දුන්නේ එළියේ ගස් යටය.එදා ඇලෙන් නා, කා, බී ගයාන්ගේ ගමේ මිතුරන්, නෑදෑ සොහොයුරන් සමග බජව් දමාගෙන ආ ගමන කොල්ලන්ට මා.ර ෆන් වූවාට තමාලිගේ යෙහෙළියන්ට නම් තමන්ගේ ගෙදරත් වටපිටාවත් කළ එළි මදි වූ බව එදා නොතේරුණාට ගයාන්ට අද තේරේ. ඔවුන් ඒ ගැන තමාලිට සිය දහස් වරක් වැඩිකර කියන්නට ඇති.ඒ ගමනෙන් පසු ඒ ගැන සිහි කර තමාලි කී සමහර දේවල් ගණන් නොගෙන සිටියත් මේ තීරණයට ඒවාත් මුල් වෙන්න ඇති. ගයාන් තීරණයක් ගත්තේය. ****************************Shanika Tennakoon**************************** "මචං,මං තීරණේ කළා බිසී වෙන්නත් එක්ක අපේ ගේ ටිකක් ලොකු කරලා රෙපෙයාර් කරන්න" ඔහු තුශාර සමග කීවේය. "ගුඩ් අයිඩියා මචං" "හැබැයි මං ගාව ලොකු සල්ලියක් නෑ. මං බැලුවෙ බෑන්ක් ලෝන් එකක් ගන්න." "ආ........ලෝන් නම් අපේ නෝනා තමා ........අසංකා.........!!"තුශාර ගයාන් කියන්නත් පෙර අසංකාට කතා කළේය. ඇත්තටම අසංකාගේ උදව් නිසා ගයාන් දුෂ්කර ගමක සිටියත් ඉතා ඉක්මනින් අවශ්‍ය ලිපි ලේඛන සකස් කර ගත හැකි විය.නමුත් පොඩි ප්‍රශ්නයකි. "ඔයාගෙ පඩිය එක්ක බලද්දි ඔය ගාන‍ දෙන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා කොයිකටත් අපේ ඇසිස්ටන්ට් මැනේජර්ව මීට් වෙලා කතා කරලා බලනවද.එතනින් ඕකේ එක දෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ" අසංකා ගයාන්ගේ ලිපි ලේඛන ඔහු අතට දී පාරභාශක වීදුරු කුටියක් පෙන්නුවාය. ගයාන් ගරු සරුවෙන් එහි දොරකඩ පෙනී සිටියේය.ඇසිස්ටන්ට් මැනේජර් හා යාප්පුවෙන් කතා කර ණය මුදල අනුමත කරවා ගන්නට කිව යුතු වචන ඔහු හිතින් ගලපා නැවත නැවත පුරුදු වුණේය.ඔහුට ඉදිරියෙන් තවත් නිලධාරීන් දෙදෙනෙක් සිටිති. ඔවුන්ගෙන් එක් නිලධාරියෙක් ඇතුලෙන් ලද කැඳවීමෙන් දොර හැරගෙන ඇතුල් වූයේය.ඒ අවසරයෙන් ඇතුලේ සිටින ඔහුගේ මුහුණේ ස්වභාවය බලන්න ගයාන් මඳක් ඉදිරියට නැවුණේය.ඒ ක්ෂණයෙන් ම විදුලි සැරක් වැදුණු සේ පිටුපසට විසි වුණේය. අසංකාටවත් නොකියා ඔහු බැංකුවෙන් පිට වී බස් නැවතුමට විත් තමන්ගේ දුෂ්කර සේවා ස්ථානයට යන බස් රථයකට නැගුනේය.බස් දෙකක ගොස් ගමේ කඩ මණ්ඩියෙන් බැස පයින් යන කිලෝමීටර් ගණනත් ගොස් කරුවලේම ගුරු නිවාසයට රිංගුවේය.ඔහු පියවි සිහියට ආවේ ඉන්පසුය. දුරකථනයේ මිස් කෝල් දොළහකි. අසංකාගෙන් දෙකකි. තුෂාරගෙන් අටකි. ඔහු හුස්මක් ගෙන නැවත තුෂාරට ඇමතුමක් ගත්තේය. "කොහෙද ය.කෝ උඹ අතුරුදහන් වුණේ.......?මෙච්චර වෙලා කොහෙද හිටියෙ?මොකද ෆෝන් එක ආන්සර් නොකරන්නෙ?අපි මේ පොලිසි යන්නද කල්පනා කළේ.......උඹ පිස්.සු.වෙන් වගේ බැංකුවෙන් එළියට දුවද්දි සෙකියුරිටි පස්සෙන් දුවන් ඇවිල්ලා කතා කළත් උඹට ඇහිලා නෑ .....මොකද තො.ට වුනේ?" තුශාර එක දිගට අහගෙන ගියේ ගයාන්ට කතා කරන්න අවස්ථාවක් නොදෙමිනි. "ම.......මට ඒ ණය ඕන නෑ" ගයාන් අමාරුවෙන් කියා ගත්තේය. "ආ........ඒ මොකද උඹට හදිසියේ ස්වීප් එකක්වත් ඇදුණද?" ගයාන් යටි තොළ හපා ගත්තේය. "එතන ඇසිස්ටන්ට් මැනේජර් සාගරිකා!!" ---------------------------------Shanika Tennakoon-------------------මී දෙයියා 2. කොහොම හරි ආයෙමත් පහුවදා උදේ හතරට එලාම් එක වැදෙන්න විනාඩියකට කලින් ආයෙමත් කුරුස් කුරුස් සද්දෙ. මං ලයිට් එක නොදා ඇඳ අතගාල ෆෝන් එක හොයාගෙන ඒකෙ ලයිට් එක පත්තු කලා.හෙමින් බැලුවෙ මී ගුල ළඟ තව පන්දාහක් වත් තිබියන් දෙයියනේ කියල. හිතුව වගේම හරි.අදත් මීය ෆෝන් එකේ එලියට ටක් ගාල ගුලට රින්ගුව.වෙනද වගේම පන්දාහ මී ගුල ළඟ තිබ්බ. දෙයියනේ මේ වෙන්න යන්නෙ මොකක්ද? මට හිතට සතුටක් වගේම බයකුත් දැනුන. කමක් නෑ හෙටත් බලමුකො.මං හිතා ගත්ත. භූතයො සල්ලි ගෙනත් දෙන කතා නම් පොඩි කාලෙ මං අහල තිබ්බ. උන් සල්ලි ගෙනත් දෙන්නෙ පෙර ආත්ම වල අපෙන් ගත්තු ණය හිලව් වෙන්නලු. එහෙම සල්ලි දුන්නාම වියදම් නොකර තියා ගත්තොත් ආයෙ ලැබෙන් නැතුව යනව කියල කතාවක් මං අහල තියනව. ඒත් මේ භූතයෙක් නෙවෙයිනෙ.මීයෙක්නෙ. අනික මං ඌව හොඳටම දැක්ක. කොහොම උනත් මේ ලැබීම නිසා මගෙ හිතට පොඩි බයක් වගේ දේකුත් දැනුනට හිත තිබ්බෙ පාවෙලා සතුටින් ඉපිලෙමින්. ඒ නිසා එදා පන්දාහත් මං කඩේ මුදලාලිටම දෙන්න තීරණේ කලේ ණය ගෙවා දාන එකත් හිතේ තිබ්බ ලොකු බරක් නිසා.හවස පන්දාහ දෙද්දි මුදලාලි ඊයෙ වගේ සතුටින් නැතුව මා දිහා බැලුවෙ නම් කුතුහලෙන්.ඒ උනාට මං ඒක ගනන් ගත්තෙ නෑ. "අනිද්දට වැඩිපුර බඩු ටිකක් ගන්න ඕන මුදලාලි.ඊට කලින් පරණ ණය ගෙවල ඉන්න එපැයි".මං එහෙම කීවෙ මුදලාලිගෙ කුතුහලේ නැති වෙන්නත් එක්ක.එතකොට නම් මුදලාලි හිනා වෙලා ණය පොතෙන් පන්දාහක් අඩු කරල මං ඉල්ලපු චිකන් පන්සීය දෙන්න උනන්දු උනා. කවද කෑවට පස්සෙද මේ චිකන් ගෙනියන්නෙ? ආච්චිත් පවුනෙ.ඉස්සර සීය ඉද්දි නම් සීය නොකෑව උනාට ආච්චිට දවස් දෙකෙන් තුනෙන් චිකන් ගෙනත් දුන්නෙ ආච්චි ඒවට ආසයි කියල දන්න නිසයි.සීය නැති උනත් හරි ඒ සෝකෙ පිට දාල මේ අවුරුදු තුනටම මාත් දෙතුන් පාරකට වඩා චිකන් ගෙනිච්චෙ නෑ. කොහෙ තියන සල්ලිද අනික. සීයගෙ පොතේ තිබිල ආච්චිගෙ නමට දාපු ස්ථිර තැම්පතුව වත් ගත්ත නම් ඔන්න ඕන ඕන හැටියට චිකන් චීස් බීස් ගේන්න තිබ්බ.ඒත් ආච්චි නෙවේ වචනෙකින්වත් ඒ ගැන මතක් කලේ.මට දුන්න නම් ඒකත් නෑ කියල සමහරවිට ආච්චිට තේරුනා ද කියල නාලිකායි මායි සාකච්ඡා කලාට අපිට ඒ ගැන හරි උත්තරයක් හොයා ගන්න බැරි උනා. ඒත් දවසක් අපි අර අලුතින් ගත් ඉඩම ගැන නාලිකායි මායි කතා කරද්දි ආච්චි පිටිපස්සෙ කාමරේ ඉඳන් ඒක අහන් ඉ‍ඳිය කියල නාලිකාට ඒ දවස් වල ඉඳන් පොඩි සැකයක් නම් තිබුණ.ඒත් ආච්චි ඒ ගැන අපෙන් කවදාවත් අහල නැති නිසා අපිට ඒක සාක්ෂි ඇතුව ස්ථිරවම කියන්න බැරි උනා.කොහොම උනත් තමන්ගෙ එකම පුතා කුලී ගේක ඉද්දි උරුමෙන් ගේකුයි සල්ලි වලට ගත් ඉඩමකුයි තියෙන බව දන්න නිසාද මේ ගේ මුනුපුරාට ලියන්න ආච්චි ප්‍රමාද කරන්නෙ කියල මට නොහිතුනා නෙවෙයි. අම්ම වතාවක් දෙකක් ඇවිත් ආච්චිට ඒ ගැන මතක් කලත් ඒ වෙලාවට ඔලුව වැනුවට ආච්චි නෙවේ ඒ වෙනුවෙන් ඉදිරි පියවරක් තිබ්බෙ. පහුවදාත් පුරුදු විදියටම පාන්දර හතරට මීයගෙ සද්දෙත් එක්ක මී ගුල ළඟ රුපියල් පන්දාහක් තිබ්බ. එදා කඩේට සල්ලි දුන්නොත් මුදලාලි මාව සැක කරනව කියල මට හිතුන නිසා මං කලේ රුපියල් පන්දාහෙන් දෙදහක් හන්දියෙ ත්‍රීවිල් මල්ලිට දුන්න එක.කොහොමත් මං මිනිහටත් පන්සීයක පොල්ලක් තියල හිටියෙ මාස දෙකකට කලින්.මල්ලි හෙට පොඩි ගමනක් යන්න තියනව.මං උදේ කෝල් කරන්නම්කො කියල කීවට මං මිනිහට යන තැනක් ගැන කීවෙ නෑ.පහුවදාත් මී දෙයියා පන්දාහක් දුන්නොත් ඒකෙන් බඩු ටිකක් අරන් ඔෆිස් නිවාඩු දාල නාලිකාලගෙ අම්ම බලන්න යන්නයි මං ප්ලෑන් කලේ.මේ යන්නෙ නාලිකා ගෙදර ගිහින් දහවෙනි දවස.මං පොරොන්දු උනේ නම් සෙනසුරාදට එහෙ ගිහින් නතර වෙලා ඉරිදට එයාලව එක්කගෙනම ආපහු එන්න.ඒත් මේ හදිසියෙ මතුවුනු වාසනාවත් එක්ක එහෙම කරන්න ගිහින් වැඩේ වන කර ගන්න බෑ කියල මගෙ කුඩා මොලේට වැටහිලයි තිබ්බෙ. පහුවදාත් හරියටම හතරට මී දෙයියගෙ පන්දාහ ගුල ළඟ. අද වෙනකොට රුපියල් විසිපන්දාහක් මෙහෙම හේතුවක් නැතිව නිකන් දීපු කවුරුත් මට නම් නෑ කියල මං හෙඳටම දන්නව.ඉතින් මී දෙයියට පින් දෙන ගමන් මං උදේම නාලිකාලගෙ ගෙදර යන්න පිටත් උනේ හන්දියෙ මල්ලිගෙ ත්‍රීවිල් එකෙන්.ඒ යන අතර උදේ නාලිකාගෙ ගෙදරට ඕන වෙයි කියල හිතෙන අඩුම කුඩුම සේරම මං හන්දියෙ කඩෙන් ගත්තෙ
තව දෙදාහක් මුදලාලිගෙ අතේ තියන ගමන්.මං හිතන්නෙ මං රුපියල් හත් අට දාහක බඩු ගොඩක් ගත්ත.උදේම මට ණයට බඩු දෙන්න මුදලාලි උනත් පැකිලුනේ නෑ.දෙදාහ උනත් දුන්නෙ උදේම ණයට ගන්න එක හරි නැති නිසයි.අනිද්දට වගේ ඉතුරුව ගමුකො මුදලාලි.මං කීවම මුදලාලි සතුටෙන් හිනා උනා විතරයි. "නෝනගෙ අම්මට අසනීපයි මුදලාලි.දරුවො විදියට මේව අපේ යුතුකම්නෙ". මං වැඩිමනත් විදියට මුදලාලිට කිව්වා. " නැතුව නැතුව මහත්තයො .. "මුදලාලි ඔලුව වනල ඒක අනුමත කලා. මං හිතන්නෙ බැන්ඳටම පස්සෙ මං මෙච්චර ගානක වියදමක් නාලිකාලගෙ ගෙදර අය වෙනුවෙන් කලාමද කොහෙද.ඉතුරු හයදාහ මං තියා ගත්තෙ නාලිකාගෙ අම්මට බෙහෙත් ගන්න වියදමට දෙන්න හිතාගෙන. ලෝබ නොහිතුනාම නෙවෙයි.ඒත් බූතයො දෙන සල්ලි වැඩි දවස් තියා ගන්නැතුව එදාට එදාටම මාරු කරල පුලුවන් තරම් වියදම් කරන්න කියලමයි මගෙ හිත මට කීවෙ. මාව දැක්කම නාලිකා පුදුම නූනෙ මං කෝල් කරල එහේ ගිය නිසයි.හැබැයි මං ත්‍රීවීලර් එකෙන් ගිය එක ගැනත් කවදාවත් නැතුව බඩු ගොඩක් ගෙනිච්ච එක ගැනත් අම්මගෙ වියදමට සල්ලි දීපු එක ගැනත් එයාට පුදුමය මිශ්‍ර උනු සතුටක් තිබ්බෙ කියල මං ඒ දිලිසෙන ඇස් වලින් දැක්ක.ඉස්කෝලෙ නිවාඩුවත් ඉවර නැති එකේ මට ඕන උනේ නාලිකාව තව දවස් දෙකතුනක්වත් අම්මලගෙ ගෙදරම තියන්න.අම්මගෙ අසනීපෙ සෑහෙන දුරකට හො‍ඳ වෙලා තිබුනත් නාලිකාව මා එක්ක ගෙදර එක්ක නොගිහින් අම්මල එක්කම දවස් දෙකක් වැඩිපුර නතර කරල තියන්න වැඩි ආයාසයක් නැතුවම මට පුලුවන් උනා.දවල් කෑමෙන් පස්සෙ මං ත්‍රීවීල් එකේම ගෙදර එන්න ගත්තෙ දවස් දෙක තුනකින් ගෙදර එන්න කියල එයාට කියන ගමන්මයි.නැත්නම් නාලිකා උනත් මාව සැක කරන්න පුලුවන් කියල මට හිතුනෙ පෙර අත්දැකීම් එක්කයි. කොහොම හරි ඊට දවස් හතරකට පස්සෙ නාලිකා එන දවස වෙනකොටත් සේරම රුපියල් හතලිස්පන්දාහක් මී දෙයිය මට ගෙනත් දීල තිබුනා. මං ඒවයින් කිරි අම්මට සස්ටජන් එකකුයි අවශ්‍ය විටමිනුයි අඩු නැතිව ගෙනත් දුන්නා.දවස් දෙකක්ම කටට රහට කන්න කුකුල් මසුත් ගෙනත් දුන්නා.ඒ ගැන ආච්චි එහෙම උනත් හිටියෙ සතුටින් වගේම පුදුමෙන්. කාමරේ පිරිසිදු කරල මදි නිසා කියල එදා රෑ මම නාලිකා පුතාලගෙ කාමරේ තිබ්බෙ එයා මීයව දැක්කොත් වැඩ සේරම අවුල් ගියොත් කියන බය නිසයි. පහුවදාත් පුරුදු විදියට මී දෙයිය දීපු පන්දාහ අරන් උදේට චූන් පාන් ගන්න කියල මං වැඩට යන්න ටිකකට කලින් ඒක නාලිකාට දුන්නා. ආච්චිත් උදේට පාන් කන්න හරි ආසයි.ඒත් මට වැඩට ගෙනියන්න හැමදාම බත් උයන නිසා මං සෑහෙන දවසකින් පාන් ගන්න සල්ලි වියදම් කලේ නෑ.ඒත් දැන් ඉතින් තවත් ලෝබකම් කරන්න ඕන නෑනෙ.. මගෙ මූණෙ තෘප්තිමත් හිනාවක් තිබ්බ කියල මටම දැනුනා. "ඇත්ත කියන්න සුජිත්.ඔයාට කොහෙන්ද මේ සල්ලි." මගෙ පස්සෙන් ආපු නාලිකා එක පාර මගෙන් ඇහුවෙ එයාගෙ හඬ ගොඩක් අඩු කරල තරවටුවක වගේම සැකයක විලාසෙන්. මං නාලිකා දිහාවෙ බැලුවෙ කරගන්න දෙයක් නැතුව. ගෑනුන්ගෙ ඉව තමයි ඉව. "ඔයා වැරදි දේක පැටලෙනව කියන්නෙ අපි හැමෝම අනතුරේ වැටෙනව කියන එකයි සුජී.තේරුම් ගන්න.මෙච්චරකල් අපි අතරෙ රහස් තිබ්බෙ නෑනෙ.මා ගැන නැතත් දරුවො දෙන්න ගැන හිතන්න සුජී.මට බොරු කියන්න එපා." නාලිකා සැක කලේ එයා ගමේ ගිය දවස් ටිකට මම නීති විරෝධී දේක පැටලිලා කියලයි.දිවුරල කීවත් නාලිකා පිළිගත්තෙම නෑ මං නරක දෙයක් නොකරන බව.අන්තිමට මගෙ දුර්වලම තැන එයාගෙ කඳුළු බව දැනගෙනමද මන්ද නාලිකා උදෙන්ම ඉකි ගගහ අඬන්න පටන් ගත්තා. එයා අඬන්නෙ මං ගැන බයෙන් කියන එක මට නොවැටහුනා නෙවෙයි.පවුලට තියන ආදරේ නිසානෙ ඒ බය.මට නාලිකා ගැන හිතේ තිබ්බ සෙනෙහස තවත් වැඩි උනා. "මේ අහන්න මැණිකේ.හැබැයි මේක අපි දෙන්නගෙ අතරෙ විතරක්ම තියෙන්න ඕන රහසක්." රහස රකින බවට නාලිකා දිවුරල කීවට පස්සෙ මං නාලිකාට මුදල් ලැබුනු රහසෙන් බාගයක් විතරක් එලි කලා. "හැමදාම පාන්දරට මට පන්දාහක් කාමරේට ලැබෙනවා. ඔයාට පුතාලගෙ කාමරේ ඉන්න කීවෙත් ඒකයි.ඔයා කාමරේ ඉන්න එක හොඳ නෑ නාලි.මේක අත්භූත බලයක් වෙන්නත් පුලුවන්.නැත්නම් මෙච්චර වාසනාවක් කොහෙන්ද." මං මගෙ හිතේ තියන ඒවත් එක්ක ගොතලා නාලිකාට කිව්වා. උදේ වැඩට යන්න පරක්කු වෙන නිසා නාලි ට වගෙන් වැඩි විස්තර අහන්න බැරිඋනා.ඒ නිසා ඒ ගැන හොයන්න කාමරේට යන්න එපා කියලත් කිසීම හේතුවක් මත මේ ගෙදර ඉඩම තුල සත්තුන්ට හිරිහැරයක් කරන්න හොඳ නෑ කියලත් මං නාලිකාව දැනුවත් කරල පොරොන්දු කර ගත්තා. මේ රහස එලි උන නිසා නැවත පන්දාහවල් ලැබෙයිද කියල සැක බවත් මං නාලිකාට කිව්වා.එයා ඒ ගැන දුක් උනත් මං නීති විරෝධී දෙයක් කරන්නෑ කියන සැනසීම ඒ මූණෙ මං දැක්කා. කොහොමත් මං කියන දේ නාලිකාට ගලේ කෙටුව අකුරු වගේ තමයි.එයා මං වෙනුවෙන් මේ රහස රකින බවත් කාමරේ පැත්තෙවත් නොයන බවත් ආයෙ මේ ඉඩම් සීමාව ඇතුලෙ කූඹියෙකුටවත් හිරිහැර නොවෙනා බවත් මං හොඳටම දැනගෙන හිටියා. නාලිකාගෙ ඇඬියාව නවත්තල පවුලෙ සාමය රැකගන්න රහස කීවට මොකද දවසම මං හිටියෙ හිතේ අවුලෙන්.දවස මොනවා කලාද කියලවත් එදා මට හරියට කල්පනාවක් තිබ්බේ නෑ එදා හවස වැඩ ඇරිල කාමරේට ආවම මට තේරුනා පොරොන්දු උන විදියට නාලිකා කාමරේ පැත්ත පලාතකවත් ගිහින් නෑ කියල. ගෙදර මීයො බෝ වෙලාවත් ද මන්දා.රෑට කන ගමන් මං නාලිකාගෙන් නිකමට වගේ ඇහුවෙ මගෙ මී දෙයියට ගෙදර අයගෙන් කරදරයක් එහෙම වෙලා නෑ නේද කියල දැනගන්න තිබ්බ තද උවමනාව නිසයි. "ඔව් අනේ මං මේ ඔයාට කියන්න හිතුව විතරයි." නාලිකා එහෙම කියද්දි මට කකා හිටපු කෑම ටිකත් පිට උගුරේ ගියා. නාලිකා කලබලෙන් වත් කරල දීපු වතුර වීදුරුව වැඩි කලබලයක් නොපෙන්වා මම බීවෙ නාලිකාගෙ අවධානය වෙන පැත්තකට යොමු උනොත් මට ආපහු ඒ කතාව උලුප්පලා අහන්න වෙන බව මට තේරුනු නිසයි.එහෙම උනොත් ඒ ගැන මගේ අවධානෙ වැඩියි කියල නාලිකාට උනත් සැක හිතෙන්න පුලුවන්. සීරුවෙන් කල්පනාවෙන් කරන දෙයක් අසාර්ථක වෙන්න තියෙන්නෙ අඩු ඉඩක්. මං උනන්දුවෙන් වගේ එයා දිහාවෙ බලද්දි නාලිකා මං හිතපු විදියටම කතාව පටන් ගත්තා. "අහන්නකො ඒයි.. අද මං ආච්චිට උදේ සස්ටජන් කෝප්පෙ පොවල ආපහු එද්දි මීයෙක් ආච්චිගෙ කාමරේ ඉ‍ඳන් එලියට දීවනෙ.මං එක පාර බය උනත් එක්ක".නාලිකා කීවා. ඒ දීවෙත් මගෙ මී දෙයියමද දන්නෑ. මට නිකමට හිතුනා. වෙන්න බෑ.උගෙ කටේ සල්ලි කොලයක් තිබිල නෑනෙ. කොහොමත් ඒ මගේ මී දෙයිය උනත්, අපිට මෙච්චර උදව් කරන දෙයියගෙ යාලුවෙක් උනත් ඉතින් දැන් උන්ට කරදර කරල බෑ නොවැ.උනුත් මේ පවුලෙ අය තමයි.මං හිතින් හිතා ගත්ත. "මොකෝ කල්පනාව". නාලිකා ආයෙමත් මගෙන් ඇහුවා. "මං මේ ඔයාට කියන්න හිටියෙ මේ දවස් ටිකේ ටිකක් හොඳට කෑම බීම ටික වැටෙන නිසාද මන්ද ආච්චිට ටිකක් ගුණ පාටයි.අද කවදාවත් නැතුව නාන්න ඕනෙ කියල කීවට මං දවල් උණුවතුර හැලියක්ම උණු කරල නෑව්ව.හවස කීව පන්සල් යන්නත් ඕන කියල.මං කීව සෙනසුරාද ඔයා නිවාඩු නිසා කට්ටියම ගලේ පන්සල් යමු කියල.දැන් ඔය සන්තෝසෙන් ඉන්නෙ සෙනසුරාදා වෙනකන්." නාලිකා ආයෙම කීව. හ්ම්ම්.. ඕව කියන්න ගියාම මීය කොහෙටද දීවෙ කියල කියන්න මෙයාට අමතක වෙනවනෙ. අපරාදෙ මං කතාව අතරෙ කල්පනා කරන්න ගියෙ.මං මටම දොස් කියා ගත්තා. "ඒක නෙවේ.. එහා ගෙදර මිරිස්සෙ මාමලගෙ ගෙදරට පන්සල ළඟ ගෙදරින් ලස්සන පූස් පැටියෙක් ගෙනත් අනේ. මං මී කරදරේ ගැන කීවම "තව එහෙ පැටව් ඉන්නව" කීව. "ඒත් මං මොනවත් කීවෙ නෑ සුජී.සතුන්ට කරදර වෙන්න අරින්න එපා කියල ඔයා උදේම කීවනෙ."නාලිකා ආයෙම කීව. අනේ ඇත්තමයි කවුද කීවෙ ගෑනුන්ගෙ මොලේ හැඳිමිටේ කියල. බලන්න මගෙ නාලිකා මං නොකීව ඒවත් ලස්සනට තේරුම් අරන් තියන තරම්. මට තිබ්බෙ මිරිස්සෙ මාමල ගෙනාපු පූස මෙහෙටත් එයිද කියන බය විතරයි. ඒත් තව ඌ පැටියෙක් නම් වටේ ගෙවල්වල ඇවිදින්න පුරුදු වෙන්න තව කාලයක් යයිනෙ. මං මටම කියා ගත්තා. "ඒක හොඳයි. මෙහෙට පූසොන්ව වද්දගන්න එපා".මං නාලිකාට කීවා. පහුවදා උදේ සැකෙන් හිටි නිසාද මන්ද මට වෙලාවටත් කලින් ඇහැරුනා. නාලිකාටත් රහස එලිකල නිසා මී දෙයියා මගෙත් එක්ක උරණ වෙලාද දන්නෙ නෑ.. "අනේ අපිට සමාවෙලා අපි දිහා බලන්න දෙයියෝ."මං හිතින් කන්නලව් කලා. ෆෝන් එකේ එලියෙන් මං වෙලාව බැලුවා.හතරට පහයි.ලයිට් එකත් නොදා මං ඇඳේ දිගා වෙලා කල්පනා කර කර හිටියා. මගෙ පපුව ගැහෙන සද්දෙ මටම ඇහෙනවා වගෙයි.තව විනාඩි දෙක තුනයිනෙ.මං සන්සුන් වෙන්න උත්සාහ කලා. එක පාරටම එලාම් එක වැදුනා.දෙයියනේ හතරයි.මං දුකින් එලාම් ඕෆ් කලා. "අනේ මී දෙයියෝ මං වරදක් කලේ නෑ.ඒ මගෙ නෝනනෙ.අපි අතරෙ මෙච්චර දවස් රහස් තිබ්බෙ නෑනෙ.අපිට සමාව දෙන්න බැරි තරම් වරදක් මං කලාද දෙයියෝ." නොදැනිම මගෙ ඇස් දෙකේම පිරුණු කඳුලු කම්මුල් දිගේ ගලාගෙන ගියා. මට දැනුනෙ ලෝකයම හිස් උනා වගේ. ඒ කියන්නෙ ආයෙ මට සල්ලි ලැබෙන් නැතිද 😥 අවසන් කොටසෙන් හමුවෙමු.මී දෙයියා "කුරුස්... කුරුස්.. කට කට " සද්දෙ ඇහුන ගමන්ම මං කාමරේ ලයිට් එක දැම්මා. මීයට පිම්බා වගේ නිශ්ශබ්ද බවකින් වටේම එක පාර පිරුන වගේ මට දැනුනා. ආච්චි විටින් විට තදින් හුස්ම ගන්න සද්දෙට අමතරව ටික් ටික් හඬින් ඔරලෝසුවෙ තත්පර කටුව හෙමි හෙමින් කැරකෙන සද්දෙ විතරයි සද්දෙකට කියල මට පැහැදිලිව ඇහුනෙ. ඔරලෝසුව දිහා බලපු මට ඇති උනේ තරහක්. වෙලාව දෙළහයි විස්සයි. මං ආයෙ ලයිට් එක නිවුවේ හිතට වගේම ගත්ටත් දැනුන තෙහෙට්ටු ගතිය නැති කරගන්න එකම ඔසුව නින්ද බව සහසුද්දෙන්ම දන්න නිසයි. විනාඩි දෙකක් ගියෙ නෑ ආයෙත් අර සද්දෙ. කුරුස්... කුරුස් .. මං ආයෙ ලයිට් එක දැම්මා.කිසි සද්දයක් නෑ.ඒ නිසා ආයෙ ලයිට් එක නිමුවා. විනාඩියක් ගියෙ නෑ ආයෙම සද්දෙ. නොදකින් මේ මීයො නම්... මහන්සි වෙලා ඇවිත් නිදා ගන්න දෙන්නැති හැටියක්. ගෙදර හිටපු පූස් තඩිය නැති වෙලා සතියයි ගියෙ.මුං ගේ අයිති කරගෙන. අපේ කාමරේ තිබ්බෙ මේසෙයි ඇඳයි අල්මාරියයි පොත් රාක්කෙයි ඇඳුම් වැටයි විතරයි. ඒකෙන් ටිකක් විතර කාමරේ ඉඩ ඇහිරිලා වගේ තිබුනට නාලිකා පිරිසිදුවට කාමරේ තියා ගත් නිසා එහෙමට අපිරිසිදු බවක් කාමරේ තිබ්බෙ නෑ.හැබැයි නිවාඩුවට නාලිකා පුතාල දෙන්නත් එක්ක ගමේ ගියාට පස්සෙ මේ දවස් පහ හයටම මං කාමරේ අතුගෑවෙත් නෑ. ගෑණු අතක් ගෙදරක නැතුවම ඉතින් එහෙම තමයි. ෂික්.නාලිකා හිට
ියනම්. මට ආයෙ හිතුනා.කොහොමත් මට මේ දවස් පහ හයට නාලිකා නැති අඩුව මට හොඳටම දැනිල තිබ්බෙ. තරහෙන් පුපුරන ගමන් මං ආයෙමත් කාමරේ ලයිට් එක දැම්මා. මූ මොනවද මෙච්චර රහට කන්නෙ? මගෙ අලුත් කමිසෙ වත්ද ?කමිසෙ නම් කෑවත් කමක් නෑ.නාලිකාගෙ සාරියක් හරි කාල තිබ්බොත් ඒකෙ වරදත් මට තමයි එන්නෙ කියල මං මතක් වෙනකොට මෙච්චර වෙලා ඔලුවෙ තිබ්බ බර ගතියයි නිදිමතයි එක පාර අතුරුදන් වෙනව වගේ මට දැනුන. ෂිට්.. මං මිට මොලවපු අතින් මේසෙට ගැහුවෙ තරහටමයි. තද නින්දෙන් මහ රෑ මැද ඇහැරුනු එක ගැන වගේම රෑ එලි වෙනතුරු කාමරේ ලයිට් එක දාගෙන හිටියොත් සැපට නිදාගන්න නැති වෙන බව කල්පනා උනු මට ඇති උනේ පුදුම තරහක්. කමක් නෑ.. බලාගන්නම්කො උඹද මම ද කියල.හෙට ඉරිදනෙ. මං හිත හදා ගත්තෙ හෙට උදෙන්ම මීයට හොඳ පාඩමක් උගන්වන බලාපොරොත්තුවෙන්. ලයිට් දාගෙන උනත් මට තදින් නින්ද ගියේ මහන්සි ගතිය නිසාම වෙන්න ඇති.උදේ ඇහැරිලා ඔරලෝසුව දිහා බලද්දි හය හමාරත් පහුවෙලා. උදේ මං මුලින්ම හෙව්වෙ කාමරේ කොතනක හරි මී ගුලක් තියෙනවද කියල හොයපු එක. අපේ පවුලෙ හිටියෙ මායි අක්කයි විතරයි. අම්මගෙ පවුලෙ හිටියෙ අම්මයි මාමයි විතරයි. මාම ඒ කාලෙ හිතුවක්කාර කසාදයක් කර ගත්ත කියල පවුලෙන් අයින් කරල තිබුනෙ සීයගෙ කිසිම දේපලක් මාමට දෙන්නෙ නැතුවයි.තරහට එහෙම කලාට මොකද සීය ඒ ගැන දුකෙන් ද ඉන්නෙ මට කීප වතාවක් හිතිල තිබුන.අම්මලගෙ පපුව ඉක්මනින් උනු වෙනව කීවට මොකද ගමේ ඒ කාලෙ ඉඳන්ම තත්වයක් තියන් හිටපු ආච්චි නම් කොච්චර කාලයක් ගියා උනත් එයාගෙ ලේලිගෙ මූණවත් බලන්න කැමති උනේ නෑ.ආච්චිගෙ ගෙදර නිසාද මන්දා සීය ඒ ගැන මොකුත්ම කීවෙත් නෑ.හැබැයි මාමට දේපල කිසි දෙයක් නොදුන්නට සීය ඒව අම්මට ලියල දුන්නෙත් නෑ.ඒ බව දැනගත් නිසාද මන්ද මාමත් ඒ ගැන ඇහැ ගහගෙන හිටියෙ කියල මට කීප විඩක්ම කටකතා වලින් ආරංචි උනා. අක්ක බැඳල ගෙදරින් ගියාට පස්සෙ අම්මගෙ යෝජනාව පිට මං නාලිකාව බැඳල නතර උනේ අපේ අම්මගෙ මහ ගෙදර.ඒ අම්මගෙ යෝජනාවක් අනුව.වයසක දෙමාපියන්ව බලා ගන්න තමන්ගෙ එකම පුතාව එයාල ළඟ නවත්වනව කියල හැමෝටම ආරංචි වෙන්න ඇරියට මොකද අම්මගෙයි මගෙයි බලාපොරොත්තුව උනේ සීයගෙ අතින් දේපල ටික සේරම අම්මට ලියා ගන්න. තාත්ත නම් කීවෙ හිමි දෙයක් නම් ලැබෙයි. ඉඩ කඩම් වලට ඕනැවට වඩා ඇලෙන්න නරකයි කියල.එහෙම උනාම මැරිලවත් ඕව අතෑරගන්න බෑ කියල තාත්ත විශ්වාස කලා.කොහොමත් මේ වෙනකොට අම්ම නිතර නිතර ආච්චිව බලන්න ඇවිත් ඒ ගැන කතිකා කරගෙන අවසන් තීරණේකට එළඹිලයි තිබුනෙ.මට තිබ්බෙ නාලිකා එක්ක ඒ කියන විදියට වැඩ කරන්නයි. කොහොමත් ආච්චිගෙ තද ගතිගුණ එහෙම පිටින්ම පිහිටල තිබුන අම්ම එක්ක වසන එක නාලිකාට අමාරු වෙනව කියල මම වගේම් තාත්තත් හොඳටම දැනන් හිටිය නිසා තාත්ත අම්මගෙ ඒ යෝජනාවට සතුට පල කලා. ඒ නිසා අම්මයි තාත්තයි තනියෙන් ගෙදර නතර කරල නාලිකායි මමයි ආච්චියි සීයයි එක්ක අම්මගෙ මහගෙදර ජීවත් වෙන්න පටන් ගත්තා. අම්මල ඉස්කෝලෙ යන කාලෙ සීය හදපු ගේ නිසා ගේ අවුරුදු පනහක් විතර පරණයි.ඒත් ඉතින් අපි දෙන්නට තව අවුරුදු පහළොවක් විස්සක් උනත් කරදරයක් නැතුව ඒ ගෙදර ඉන්න බැරි කමක් තිබුනෙ නෑ.පොඩි පොඩි රෙපෙයාර් නම් ඉතින් අලුත් ගෙවල් වලත් එනවනෙ. ඒත් මේ ගෙදර සමහර බිත්ති ගලින් බැඳල තිබ්බ නිසා මීයන්ට ගුලක් හාරගන්නත් පොඩි අවස්ථාවක් නැතුවම නෙවෙයි.මං කෝකටත් කියල මුලින්ම අල්මාරිය අස්සෙ බැලුවෙ ඒකයි. මගේ සැකය ගැන මටම පුදුම හිතුනෙ අල්මාරියයි පොත් රාක්කෙයි අතරෙ ඒ වෙලාවෙත් බයෙන් වගේ ඉඳපු මී නාම්බ දැක්කම.මගෙ අතක් මිට මොලවපුවම තරම් ඌ ලොකුයි. මං හිතන්නෙ ඌට තේරුනා මං ඌව දැක්ක බව. ඌ කලබලයක් නැතුව අහිංසක විදියට දිලිසෙන ඇස් හීන් කලා. බයටද මන්ද මූ ගැහෙනව වගෙත් මට පෙනුන. වෙන වෙලාවක නම් උගෙ අහිංසක කමට මගෙ හිත හෙල්ලෙන්න උනත් තිබුන.ඒත් රෑ මූ මට නිදා ගන්න නොදී වද දීපු තරහ ඊට වඩා වැඩිපුර මගෙ හිතේ තිබුන. වෙලාවට මං පොල්ලක් අරගෙනම මූව හොයන්න පටන්ගත්තෙ.නැත්නම් ඌ පැනල යන්න උනත් පුලුවන්.මීයා මරන්න කල් ඇතිවම සන්නද්ධ උන එක ගැන සියුම් සතුටකුත් මට දැනුනා. පොත් රාක්කෙ ළඟ තිබුන මගෙ සපත්තුවට යාන්තම් මුවා වෙලා හයියෙන් හුස්ම ගන්න ඌට ඉලක්ක කරල මගෙ අතේ තිබ්බ පොල්ලෙන් එක පාරම ගහන්නයි මට ඕන උනේ. මොනව උනත් නාලිකා හිටිය නම් කෑ ගහල මෙතන දෙකක් කරල ඌව කොහොම හරි පන්නගන්න බලනව ඇරෙන්න මෙහෙම පොඩි පාප කර්මයක්වත් කරන්න නම් එයා මට ඉඩ තියන්නෙ නෑ.පෝය දවසට කොහෝම හරි අකමැත්තෙන් උනත් මාව ඇදන් එයා පන්සල් යන්නෙ ඊළඟ ආත්මෙටත් මාවම ඕන කියලනෙ.බැන්ඳ අලුත ඔහොම තමයි කියල ඒ දවස් වල හිනා උනාට එයා ඒ පුරුද්ද අතෑරියෙම නෑ. හාමුදුරුවො කීවලු දෙන්නෙක් ඊළඟ ආත්මෙත් හම්බෙන්න ඕන නම් සම සීලයෙන් ඉන්න ඕන කියල.එක්කෙනෙක් විතරක් වැඩි සීලයෙන් ශ්‍රද්දාවෙන් හිටියට මදි කියලයි නාලිකා හැමවෙලේම හැම දේටම මාවත් සම්බන්ධ කර ගන්නෙ.මොනව උනත් එයා හිටිය නම් මූව මරාගන්න වෙන්නෙ නෑ.අන්තිමට ගිය දිහාවක් හොයා ගන්න වෙන්නෙත් නෑ කියල නම් මම දන්නව.මං දන්නැතුවයැ මා එක්ක අවුරුදු හයක් එකට ජීවත් වුනු මැණිකෙගෙ හැටි. මතකනෙ ගිය සතියෙ කැරපොත්තෙක් පන්න ගන්න ගිහින් වෙච්චි සන්තෑසිය.අන්තිමට ඌ කොහෙ ගියාද නෑ. මට ඒක මතක් වෙලා එක පාරටම හිනා ගියා.එහෙම කියල උඹට නම් මං බේරිලා යන්න දෙන්නෙ නෑ.ලෑස්ති වෙයන් එලොව යන්න.මං විසාල පලි ගැනීමේ චේතනාවක් හිතේ තියාගෙනම ඌට අවසන් ගමන යන්න සූදානම් වෙන්න මතක් කලා.සපත්තුව ටිකක් මෙහාට කලා නම් එක පාරෙන්ම උඹට ගියහැකි.මාත් කැමති නෑ වෙලාව අරගෙන උඹව දුක් විඳල මැරෙනව බලන්න. මොනවා උනත් සතාට බාගෙට වැදිල ඌ පණ අදිනව බලන් ඉන්න උනොත් කියල ඇති උන සිතුවිල්ල නිසාම මං සපත්තුව ලීයෙන්ම ටිකක් එහාට කලා. ඈ.. එක පාරටම මගෙ ඇස් විශ්වාස කරන්නත් අමාරු උනා වගේ. රුපියල් පන්දාහක් සපත්තුවත් එක්කම තිබ්බ මී ගුල ළඟ තිබ්බා.මගෙ අවධානය සල්ලි කොලේ දිහාවට යොමු වෙනවත් එක්කම මී තඩියා ගුලට පැන ගත්තා. හා හා කමක් නෑ.උඹ අදට බේරුනා කියල හිතපන්කෝ.. කීයක්වත් අතෙත් නැති වෙලාවෙ රුපියල් පන්දාහක් කියන්නෙ ඉතින් උඹේ පන බේරුවට මට පාඩුවක් නෑ.මං සතුටින් පන්දාහෙ කොලේ අරන් මටම කියා ගත්තා. ඒත් කොහෙන්ද දැන් මූ මේක ගේන්න ඇත්තෙ. මට හොඳටම විශ්වාසයි නාලිකා ළඟ මීයන්ට ගෙනියන්න තරම් සල්ලි තිබ්බෙ නැති වග.අම්මලගෙ ගෙදර යන්නත් මං දුන්නෙ මං ළඟ ඉතුරු වෙලා තිබ්බ හයදාහක් විතරයි.වැඩට යන්න කෝච්චියට සීසන් එක තිබ්බ නිසයි මාසෙටම ඕන උයන පිහන බඩු ටික ගෙනත් තිබුන නිසයි මා ළඟ සල්ලි තියා ගන්නත් මං උනන්දු උනේ නෑ. සීය නැති වෙලා දැන් අවුරුදු දෙකකටත් වැඩී.සීයගෙ බැංකු පොතේ තිබුන සල්ලි නම් ආච්චිගෙ පොතට ඒ දවස් වලම හැරෙව්ව උනත් අසනීපෙන් ඉන්න ආච්චි බැංකු ගියේ නෑනෙ සල්ලි ගන්න.අනික පහුගිය මාස දෙකේම මංමයි ඩොක්ටට පෙන්වන්නෙත් නැතුව ෆාමසියෙන් ආච්චිට ඕන බෙහෙත් ටික අරගෙන ආවෙ. ඒ නිසා ආච්චි ගාව සල්ලි තියෙන්න විදියකුත් නෑ.කොහොමත් ඒ මනුස්සය දැන් ඉන්නෙ බැංකු ගානෙ තියා ඩොක්ට ගාවට යන්නවත් පුලුවන් තත්වෙක නෙවෙයි.ඒත් ඉතින් හිත හැදෙන්න ඕනවටත් එක්ක මං ආච්චිව මාස දෙකෙන් තුනෙන් ටවුමෙ ස්පෙෂල් දොස්තර මහත්තයට පෙන්නුව.ඒ පෙන්නලත් ඩොක්ට ගොඩක්ම ලිව්වෙ විටමින් වර්ග තමයි.හොඳ පෝෂණයක් ලැබෙන කෑම බීම දෙන්න කියල දොස්තර නම් කියයි.ඒත් ඉතින් මාසෙ අනිත් වියදම් දරද්දි ඕව ගැන හිතන්නවත් කීයක්වත් අතේ ඉතුරු උනේ නෑ.එක අතකට රටට ලෝකෙට හිනා වෙලා හිටියට අපේ ජීවිත මොන තරම් දුෂ්කරද.. රුපියල් පන්දාහ දිහා බලන් මට මොහොතකට හිතුවා. එහෙනම් වෙන කොහෙ හරි ගෙදරකින් මු මේක ගෙනාවද දන්නෑ.මං කියන්නෙ මේ අල්ලපු ගෙදර සමරෙ නැන්දලගෙ ගෙදරින්.වයසක ජෝඩුව විතරයි ගෙදර ඉන්නෙ.මොනවට වියදම් කියලද. සල්ලි ඇති ඕන තරම්.මිනිස්සු පරම්පරාවෙන් පෝසත්තු.ඉඩමම අක්කර තුනක් විතර. ආයෙ කාට දෙන්නද ඕව ඒත් මං කොහොමද හරියටම හොයා ගන්නෙ මේක මූ කොහෙන් ගෙනාවද කියල.අක්කර බාගෙක අපි හිටපු ඉඩමට මෙහා පැත්තෙ ගෙදර නම් හිටියෙ උත්සාහයෙන් ජීවත් වෙන්න හදන අවුරුදු තිස් ගනන් වල කපල් එකක්.තාම එයාලට බබාල හිටියෙ නෑ.ගේ පිලිවෙලක් කර ගන්නකම් බබාල ගැන හිතන්නෙ නෑ කියල ජයනාත්ගෙ නෝන අපේ නාලිකාට පහුගිය දවසක කියලත් තිබුනෙ ගේ හදන්න ලෝන් එක පාස් වෙලා කියන ආරංචියත් එක්කමයි.මිනිහ සල්ලි ගෙනත් ඒකෙන් පන්දාහක් මීය ගෙනාවවත් ද.මට ආයෙම හිතුන. ඔච්චර දුර හිතන්න ඕන නෑ. මේක මගෙම අතපසු වීමකින් බිම වැටුනු පන්දාහක් වෙන්න උනත් බැරි නෑ.කොහොම උනත් තාත්ත කියනව වගේ හිමි දේනෙ ලැබෙන්නෙ.ඒ නිසා මේක මගෙ.මං සතුටින් හිතුවා. එක පාරම මට මතක් උනේ මගෙ ඉස්සරහින් හිල් උන සපත්තුව.පන්දාහ හම්බුනෙත් ඒක ළඟම තිබිලනෙ.හරියට දැන්වත් අලුත් සපත්තු දෙකක් ගනින් කීව වගේ. නාලිකාට පස්සෙ කියන්න බැරියැ.තුන්දාහක් දීල හෙට ගන්න ඕන අලුත් සපත්තු දෙකක්.මං හිතා ගත්තා.ඉතුරු දෙදාහෙ බැරියැ නාලිකාටයි බබාලටයි ඔය මොනවහරි ගේන්න.මං එහෙම හිතන ගමන් පන්දාහ පර්ස් එකට දා ගත්තා. සතියකට පස්සෙ කාමරේ අතුගාපු එක ඇරුනම එදා දවස වෙන විශේෂයෙන් දෙයක් සිද්ද උනේ නෑ.පහුවදා හරියට එලාම් එක වගේ හරියට හතරට ආයෙම මීයගෙ සද්දෙ ඇහුනා.මං ටක් ගාල ලයිට් එක දැම්මෙ ඌ ඉන්න තැන දැන් මං හරියටම දන්න නිසයි.කොහොමත් මෝහෙ වැඩි කමට ආච්චිලගෙ ගෙදර නැවතුනාට මොකද ටවුමට මෙහෙ ඉ‍ඳන් සැලකියයුතු දුරක් තිබුන නිසා හැමදාම මහ පාන්දර නාලිකා එක්කම ඇහැරෙන එක මට දැන් පුරුද්දක් වෙලා.පව්.මගෙ ලෝබකන් නිසා ගෑනිත් දුක් විඳිනව.එක අතකට උදේ ඇහැරිය වගේද. පුතාල දෙන්නෙක් ඉන්න නිසා අපි දෙන්නට ගෙවල් දෙකක් වැඩි වෙන්නෙ නෑනෙ.අරපිරිමැස්මෙන් වැඩ කරපු නාලිකාත් මොනව උනත් ඒක තේරුම් අරන් හිටි නිසාද මන්ද ඒ ගැන වැඩි මැසිවිල්ලක් නැගුවෙ නෑ. ඊයෙ මීයට ගහන්න ගත්තු පොල්ල මේසෙ උඩ එහෙමම තිබ්බා.මං අඩියට මී ගුල පැත්තට අඩිය තිබ්බා.ඊයෙ වගේම මීය අමුතු අහිංසක කමකින් දිළිසෙන ඇස් දෙකෙන් මා දිහාවෙ බලල මං පොල්ල උස්සන තත්පරේට සපත්තුවට මුවා වෙලා මී ගුලට රිංගුවේ මගේ ඇස් පුදුම කරමින්.එක පාර මගෙ හදවත නැවතුනා වගේ මට දැනුනා.සපත්තුව ළඟ රුපියල් පන්දාහක්. මං ඊ
යෙ ඒක ගත්තෙ නැතුවවත්ද.මං ටක් ගාල අනිත් පැත්ත හැරිල පර්ස් එක ගත්තෙ ඊයෙ මං පන්දාහෙ කොලේ පර්ස් එකට දා ගත්ත බව මට හොඳටම මතක නිසා. මේ තියෙන්නෙ ඊයෙ පන්දාහ කහ පාටින් බැබලි බැබලි.මගෙ ඇස් විස්මයෙන් පිරිල ගියා. මී රජෝ උඹ මීයෙක්ද නැත්නම් දෙයියෙක්ද ? මට මීයා ගැන තිබ්බ තරහ එහෙමම මැකිල ගියා. ගිය මාසෙ කඩෙන් පොතට ගත්තු බඩු වල හිග සල්ලි ටික දීල දාන්න ඕන. මට ක්ෂණයකින් හිතට ආවා උදේ හතරත් වෙලා තිබ්බ නිසා මං උදේ උයන්න ලෑස්ති උනා.උයන එක නම් මට මහ දේකුත් නෙවෙයි.හැබැයි ඉතින් කන්න තමයි ටිකක් අමාරු.ආච්චි ඕවයෙ රහ හොයන් නැති එක එක අතකට සැනසිල්ලක්. උදේට මං වැඩට ගියාම මේ දවස් ටිකේ ආච්චිව බලාගන්න එන පත්මා නැන්ද ආච්චිට බොන්න කැඳ එහෙම හදල දෙන නිසා ඒ ගැන මට ලොකුවට හිතන්න දේකුත් තිබ්බෙ නෑ.නාලිකා ගෙදර ගිය සතියට පත්මා නැන්ද නොමිලේම ආච්චිව බලා ගන්න ඉදිරිපත් උනේ නාලිකා පහුගිය දවස් වල පත්ම නැන්දගේ අම්ම නැති වෙන්න අම්මරු වෙලා හිටිය දවස් වල උදව් කරපු නිසා වෙන්න ඇති. නාලිකා තමන් කරපු උදව් හදවතින් කලා මිසක ආපහු උපකාර බලාපොරොත්තු උනේ නෑ.ඒත් නාලිකාගෙ අම්මගෙ කකුල පෙරලිලා ඇවිදගන්න අමාරුයි කීවම අපේ ආච්චි බලා ගන්නවට වඩා ගෙදර දුවන්න නාලිකාට ඕන උනා.ඒක සාදාරණයි ඉතින්.අපේ ආච්චි වගේද ඒ එයාගෙ අම්මනෙ. එදා හවස මං කඩෙන් ගන්න ඕන සිල්ලර බඩු ටිකකුයි බිත්තර හතරකුයි අරන් ගෙදර ආවෙ මුදලාලිට කඩේ ණය වලින් පන්දාහක්ම ගෙවලා.පන්දාහ දැක්ක විතරයි මුදලාලිගෙ ඇස් දිලිසුනා මං දැක්කා.මිනිහත් ඉතින් හිතවත් කමට අපිට පොතට බඩු දුන්නට හිතේ ගින්දරෙන් ඉන්නව ඇත්තෙ.පන්දාහ දුන්නට තව එකොලොස්දාහක් ගෙවන්නත් තියනව.මිනිහටත් ඔය කීවට කඩේට බඩු ගේන්න සල්ලි එපැයි. මං ඔන්න එදා රෑ තමයි නාලිකා ගියාටම පස්සෙ ආච්චිට බිත්තරයක් තම්බල දුන්නෙ.නාලිකා ගෙදර ඉද්දි උනත් පොඩි උන්ට දෙනව මිසක් අපි බිත්තර කන්නෙ නෑ.ඇයි අනේ ඔය ඇබින්දන් බිත්තරයක් රුපියල් පනහක් වෙනවනෙ. වෙන වියදම් නැත්නම් හොඳයි ඉතින්.ඒත් මීයට පින් සිද්ද වෙන්න ඔන්න අපි රෑට බිත්තර කෑවා. එක අතකට රස්සාවක් කරපු මට ගෙදර පස් දෙනාට බිත්තර ගේන එක වියදමක් උනාට දරා ගන්න බැරි වියදමකුත් නෙවෙයි.ඒත් මං මාසෙ පඩියෙන් කොටසක් ඉඩමක් ගන්න ආයෝජනය කරලයි තිබ්බෙ.අපිට වැඩක් නැති උනාට පස්සෙ කාලෙක විකුණගන්න උනත් බැරියැ.මොකෝ ඉඩ කඩම් දිරල යනව කියලයැ.නාලිකාත් ඒ ගැන නම් හිතුව්වෙ මං හිතපු විදියටම තමයි.කොහොමත් ඉතින් පොඩි පොඩි වෙනස්කම් තිබ්බට ඉතින් එයාගෙයි මගෙයි ලෝබකම් ගත්තත් සෑහෙන්න සමානයි.ඉතින් අපි දෙන්නම කතා වෙලා ගත්තු ඒ ඉඩමට පඩියෙන් බැංකුවට ගානක් කැපුනා. තව පොඩි ගානකින් මං පොලියට සල්ලි දුන්නා.ණයට දීමෙන් මුදලත් මිතුරාත් දෙකම අහිමි වේ කියල කියන නිසා මං යාලුවන්ට වැඩි ගනන් පොලියට දුන්නෙ නෑ.ඉතින් ඕව මේව නිසා තමයි අපිට සල්ලි වියදමට හිග උනේ. පොඩි උන් දෙන්නත් නැතුව ගෙදර හරි පාලුයි.පහුවදාඋදෙන් නැගිටින්නත් ඕන නිසා මං කාපු ගමන් නාලිකාටත් කෝල් කරල බලල නිදා ගත්තා. එදා මගෙ හිත ටිකක් සැනසිල්ලෙන් පිරිල තිබ්බෙ කියල කොට්ටෙට ඔලුව තියා ගන්න වෙලාවෙත් මට හිතුන.මොකද ඉතින් අතේ තිබ්බ සල්ලි වැඩ වලට හිර කරල තිබ්බ වෙලාවට රුපියල් දහ දාහක් දෙයියො ගෙනත් දෙනව කියන්නෙ කොයි තරම් දෙයක්ද. කොහොම හරි ආයෙමත් පහුවදා උදේ හතරට එලාම් එක වැදෙන්න විනාඩියකට කලින් ආයෙමත් කුරුස් කුරුස් සද්දෙ. මං ලයිට් එක නොදා ඇඳ අතගාල ෆෝන් එක හොයාගෙන ඒකෙ ලයිට් එක පත්තු කරල හෙමින් බැලුවෙ මී ගුල ළඟ තව පන්දාහක් තිබියන් දෙයියනේ කියල. හිතුව වගේම හරි.අදත් මීය ෆෝන් එකේ එලියට ටක් ගාල ගුලට රින්ගුව.වෙනද වගේම පන්දාහ මී ගුල ළඟ තිබ්බ. දෙයියනේ මේ වෙන්න යන්නෙ මොකක්ද. මට හිතට සතුටක් වගේම බයකුත් දැනුන. කමක් නෑ හෙටත් බලමුකො.මං හිතා ගත්තා.මගේ ජිවිතේ පුරාවටම මා වටපිටාවේ ඉන්න මිනිස්සුන්ට සහ හිටපු ප්‍රේමවන්තයින්ටත් වඩා මාව අභ්‍යන්තරයෙන්ම අවබෝධ කරගත්ත එකම කෙනයි ඉන්නෙ ඒ පැතුම්! වෙලාවකට හිතෙනවා පැතුම් කියන්නෙ මගේ මිතුරු වලල්ලෙ ඉන්න සමීපතම මිතුරද එහෙමත් නැත්තම් මගේ අප්‍රකාශිත ප්‍රේමයද කියලත්. ඒ තරමටම මම පැතුම් ට සමීපයි. පැතුම්ගෙයි මගෙයි මේ හිතවත් කම පටන් ගත්තේ ෆේස්බුක් එකෙන් මේ වෙනකොට අවුරුදු හතක් අටක් විතර වෙනවා. මගෙ ජිවිතේ මේ ගෙවුන අවුරුදු ගාන ඇතුලේ මට නානප්‍රකාර මිතුරන් ඕන තරම් ඉඳලා තියෙනවා. ඒ තිබුණු මිතුරු සම්බන්ධ බිඳිලත් තියෙනවා. ඒ මිතුරු සම්බන්ධතා පවතින්න හෝ නවතින්න මගේත් වැරදි ඇති ඔහුන්ගෙත් වැරදි ඇති. පැතුම් ජිවත් වෙන්නෙ ගොඩාරියක් සැහැල්ලුවෙන් ඒ ජිවත් වෙන දිහා බලාගෙන ඉන්නකොට ඇති වෙන්නෙ පැතුම් ගැන ඉරිසියාවක්. පැතුම්ට පවුලක් තියෙනවා ඒ පවුලේ බරෙන් වැඩි කොටසක් තියෙන්නෙත් පැතුම්ගෙ කරේ. ඒත් ඒ බර පැතුම්ට බරක් විදියට පැතුම් පිළිගන්නෙ නැහැ. ඒ නිසාම පැතුම්ට ඒ දේවල් බරක් විදියට දැනෙන්නෙ නැහැ කියලා තමයි පැතුම් මට කියලා තියෙන්නෙ. ඉස්සර මට තිබුණු ලවු හුටපට ගෙවල් වලින් දැනගත්තොත් මොනවා වෙයිද ඒ දේවල් ගෙවල් වලට කියන්නෙ කොහමද කියලා පැතුම්ගෙන් තමයි මං උපදෙස් ගන්නේ. එහෙම වෙලාවට පැතුම් කියන කතාවක් තමයි "උඹලා මුලින්ම මේ ගෙවෙන මොහොතවල් ආදරෙන් ගෙවාගන්න බලපන් එන්න තියෙන ප්‍රශ්න ගැන දැං ඉඳලම කල්පනා කරලා ආදරේ කරන්න තියෙන කාලේ නාස්ති කරගන්න එපා" පැතුම් කියපු කතාව හරි කියලා තේරුම් ගන්න ටිකක් කල් ගියාට ඒ වෙනකොට මට තිබුණු එක සම්බන්ධයක් ගැන මම මෝඩියෙක් වගේ ගෙදරට කියලා තිබුණේ. එහෙම කියලා තියෙද්දිත් අවසානයේ අපිට ඒ සම්බන්ධය නවත්තන්න වුනා. "සම්බන්ධ කියන දේවල් පවත්වගෙන යන්න ඕන නැහැ ඒවා ඉබේටම පවතිනවා" ඒ තිබුණු සම්බන්ධය නැවතුනාට පස්සෙ පැතුම් මට ඔහම කතාවක් කිව්වා. සමහරවිට මම ඒ සම්බන්ධය පවත්වගෙන යනවා කියලා පැතුම්ට වුනත් තේරුන ඇති. සම්බන්ධය නැවතුනාට පස්සෙයි මටත් තේරුම් ගියේ ඒ සම්බන්ධය මම විසින් පවත්වගෙන ගියපු එකක් කියලා. _____________ මං දැනුවත්ව පැතුම්ට එක ආදර කතාවක් තිබුණා. ඒක අවුරුදු කිහිපයක් පැවතිලා නැවතුණා. ඒ කෙල්ල මූට පණ ඇරලා ආදරේ කරපු කෙල්ලෙක්. ඒ කාලේ මට පුංචි ඉරිසියාවක් තිබුණා ඒ කෙල්ල එක්ක. පැතුම් ඒකිට ළං වෙද්දි මගෙන් ඈත් වෙයිද කියන බය මම ම හිතින් හදාගත්ත මනස්ගාතයක්. ඒ සම්බන්ධය තිබුණු කාලය පුරාවටම පැතුම්ගෙන් මට වෙනස්කමක් දැනුනෙ නැහැ. ඒ කෙල්ලට පැතුම් එක්ක ජිවත් වෙන්න ලස්සන හීන තිබුණා. ඔය හීන ගැන පැතුම් මට කියලා තිබුණේ. පැතුම් වුනත් ඒ කෙල්ලට පණ ඇරලා ආදරේ කරත් ඒ හීනවලට පැතුම් බයකික් හිටියේ. පැතුම්ට ඒවා ඇත්තටම බරයි කියලා පැතුම් මට කියලා තියෙනවා. මට වුනත් සමහර වෙලාවට හිතෙන දෙයක් තමයි "අපේ ජිවිතේ අපිට බර නැහැ අනුන්ගේ හීන වල අපි ජිවත් වෙන්නෙ නැත්තම්" ඒත් ආදරේදි අපිට අනිත් කෙනාගේ හීනවල ජිවත් වෙන්න වෙන අවස්ථා තියෙනවා එහෙම අවස්ථා හැමෝටම එක සමානව දරාගන්න බැහැ. පැතුම්ට වුනත් සමහරවිට ඒ හීනවල ජීවත් වෙන්න අපහසු නිසා ඒ සම්බන්ධය නවත්තන්න තීරණය කරා වෙන්න ඇති. ___________________ පැතුම්ගෙ ගෙවල් තිබුණේ පුංචි කුඹුරු කෑලි දෙකකට මැදි වෙන්න ඒ කුඹුරට උඩින් තව රබර් කට්ටියකුත් තිබුණා. ඒ කුඹුරු එහෙම අස්වද්දන්නෙ පැතුම්. තව ගේ පැත්තට වෙන්න පුංචි එළවළු කොටුවකුත් තිබුණා ඒක කරන්නෙ පැතුම්ලගෙ අම්මා. මට මාසෙකට දෙතුන් වතාවක් වගේ ඒකත් කලාතුරකින් පැතුම් එයා ඔය ඉන්න වට පිටාවේ ෆොටො එවලා තියෙනවා. හැබැයි ඒ ෆොටො වලටත් කලින් මම ඒ දේවල් මවාගෙන හිටියේ පැතුම් කියන දේවල් වලින්. පැතුම් ඒ වෙනකොටත් එයාලගෙ ටවුමේ බැංකුවෙ රස්සාවක් කරමින් හිටියේ. පැතුම් ඔය හැමදේකටම හරි ආදරෙන් ඉන්න කෙනෙක්. මං පැතුම්ව ෆොටො වලින් හැර හැබැහින් දැකලා තිබුණේ නැහැ. එහෙම දකින්න ඕන කමක් තිබුණත් ළඟින් ඉන්නවා කියන හැඟීම දැනෙන නිසා වෙන්න ඇති මටවත් ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. කවදා හරි හම්බෙමු කියලා මං කියපු වෙලාවට පැතුම් නම් කියන්නෙ "කවදා හරි කොහෙදි හරි අපි මුණගැහෙයි" කියලා. මගේ ජිවිතේ බොහොමයක් අපහසු කාලවලදී පැතුම් මං වෙනුවෙන් හිටගත්තා. ඒ හිට ගැනීම මට ලොකු හයියක් වෙලා තිබුණේ. ඒත් පැතුම් නිතරම කියන කතාවක් තමයි "වැටෙන තැනකදි තනියම නැගිටින්න පුළුවන් වෙන තරමට තමන්ව පෝෂණය කරගන්න" කියලා. ඒක ඇත්ත අපේ ජිවිතේ සමහර අවස්ථා තියෙනවා අපිට තනියම නැගිටින්න තනියම කඳුලු පිහිදගන්න වෙන අවස්ථා තියෙනවා කියලා මං අත්දැකීමෙන් දන්නවා. දැං මට මොන දේ වුනත් මම මං වෙනුවෙන් ඉන්න තැනට මගෙ මනස පැතුම් හදලා තියෙනවා. එහෙම මනුස්සයෙක්ගෙ ඇසුරක් හැම මනුස්සයෙක්ටම තියෙන්න ඕන අපිට අපේ වටිනාකම තේරෙන්න නම්. _________________ මේ ගෙවුන අවුරුදු කිහිපය ඇතුලේ සතියකට දෙතුන් වතාවක් හරි අපි අනිවාර්යයෙන් කතා කරා. අවුරුදු හතරකට විතර කලින් සතියක් විතර පැතුම්ගෙන් කිසිම සද්දයක් නැතුව හිටියා. ඒ දවස් ටිකේ නම් මං හොඳටම බය වුනා. ෆේස්බුක් එකවුන්ට් එක තිබුණත් ඔන්ලයින් ඇවිත් තිබුණේ නැහැ ෆෝන් නම්බර් පවා වැඩ කරේ නැහැ ඒ දවස් ටිකේ. පස්සෙ පැතුම් මට කිව්වා එයාගේ ෆෝන් එක කැඩිලා තිබුණා ඒකයි කතා කරන්න බැරි වුනේ කියලා. මං එදා බැන්නත් එක්ක වෙන යාලුවෙක්ගෙ හරි ගෙදර නම්බර් එකකින් හරි මැසෙජ් එකක් හරි දාන්න තිබුණනේ කියලා. මොකද ඒ වෙනකොට පැතුම්ගෙ නම්බර් එක හැර වෙන කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ පැතුම්ව සම්බන්ධ කරගන්න. දැං මාස හයක් වගේ ඉඳලා පැතුම් අතුරුදහන් වෙලා. මොනවා වුණාද කියලා දන්නෙ නැහැ ෆෝන් නම්බර් කිසිම දෙයක් වැඩ කරන්නෙ නැහැ. ගෙවුන මාස හය අද කතා කරයි අද කතා කරයි කියන බලාපොරොත්තුවෙන් දවස් සති මාස ගෙවී ගෙන ගියා. පැතුම්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක ටැග් කරලා පොස්ට් එකකුත් දැම්මා ඒකටවත් නිසියාකාර තොරතුරක් ලැබුණේ නැහැ. මං මගෙ යාලුවෙක් වුන සුමිත් එක්ක කොළඹ ඉඳලා පැතුම් මට කියලා තිබුණු ගමට ගියා. අපි මුලින්ම ගියේ පැතුම් වැඩ කරනවා කිව්ව ඒ ටවුමේ තිබුණු බැංකුවට. මං පැතුම්ගෙ සම්පූර්ණ නම "පැතුම් තිවංක සේනානායක" කියලා මෙහෙම කෙනෙක් මෙහෙ වැඩ කරනවද කියලා ඇහුවා. එතකොට බැංකුවෙන් කිව්වේ එහෙම නමක් තියෙන කෙනෙක්
මෙහෙ වැඩ කරලා නැහැ කියලා. සුමිත් කිව්වා ෆොටො එක පෙන්නලා අහන්න කියලා. ෆොටො එක පෙන්නලා ඇහුවත් ඒත් උත්තරය වුනේ ඒකමයි. මට පැතුම්ව බොරුකාරයෙක් විදියට දැනුන මුල්ම වතාව තමයි එතන. අපි බැංකුවෙන් පිටත් වෙලා පැතුම් කියපු ගමට ආවා. ගමට යන අතරතුර ගමේ මුණගැහෙන මිනිස්සුන්ගෙන් අපි පැතුම්ගෙ නමත් කියලා ෆොටො එකත් පෙන්නලා පැතුම් ගැන ඇහුවා. ඒ කිසිම මනුස්සයෙක් පැතුම්ව දන්නෙ නැහැ වගේම එහෙම කෙනෙක් මේ ගමේ ජිවත් වෙලත් නැහැ කියලා ඒ මිනිස්සු අපිට කිව්වා. අපි ඔහම ඉස්සරහට යනකොට අපිට තේ කඩයක් හම්බුනා අපි එතනට ගියේ මහන්සියට තේ එකක් බොන්න බලාපොරොත්තුවෙන්. අපි තේ බොන අතරතුර ඒ කඩේ හිටපු මුදලාලිට අපි ආපු විස්තරේ කිව්වේ මොකක්ම හරි තොරතුරක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. මුදලාලිගෙන්වත් පැතුම් ගැන තොරතුරක් ලැබුණේ නැහැ. ඔය අතරතුර මට පැතුම් කියලා තිබුණ එයාගේ ගේ තියෙන වටපිටාව මතක් වෙලා ඒ විස්තර ටික කියලා මුදලාලිගෙන් ඇහුවා මෙහෙම ගෙයක් තියෙන තැනක් මේ ගමේ තියෙනවද කියලා. එතකොට මුදලාලිලා කිව්වා "අහ් ළමයි ඔය කියන විදියට නම් ඒ අපේ වෙද මහත්තයගේ ගෙදර වෙන්න ඕන" කියලා. ඒ වෙලාවෙම කඩේට ආපු මහතුන් කියලා කෙනෙක්ගෙන් මුදලාලි අපි පෙන්නපු ෆොටො එක පෙන්නලා ඇහුවා "මහතුන් අයියේ මේ ළමයව මේ ගමේ දැකලා තියෙනවද" කියලා. එතකොට ඒ මහතුන් කියන කෙනා ෆොටො එක අතට අරගෙන "අහ් මුදලාලි මේ අර වෙද මහත්තයා ලඟට බෙහෙත් කරන්න රෝද පුටුවෙන් එන ළමයනේ" කියලා. මගෙ පපුව පිච්චිලා වගේ ගිය හැඟීමක් ආවා. අපි එහෙමම ඒ කිව්ව වෙද ගෙදර ගියා. ඒ වෙද ගෙදර තමයි මට පැතුම් කියලා තිබුණු ගෙදර, කුඹුරකට මැදි වෙන්න ඊට උඩින් රබර් කට්ටියක් ගෙදර පැත්තට වෙන්න පුංචි එළවළු කොටුවක් ඒ හැමදේම තිබුණා. අපි වෙද මහත්තයගෙන් පැතුම් ගැන විස්තර ඇහුවා පැතුම් දැං අවුරුදු ගාණක් තිස්සෙ වෙද මහත්තයගෙන් බෙහෙත් කරනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අපි වෙද මහත්තයගෙන් පැතුම්ලගෙ ගෙදර නම්බර් එකකුයි ගෙවල් තියෙන ලිපිනයයි ඉල්ලගත්තා. පැතුම් ඒ වෙනකොට මාස ගානකින් වෙද ගෙදරවත් ඇවිත් තිබුණේ නැහැ. වෙද මහත්තයා අන්තිමට බෙහෙත් කරලා තියෙන්නෙත් පැතුම්ලගෙ ගෙදර ගිහින්. අපි ගමෙන් පිටත් වෙලා කොළඹ ආවා. අපිට ලැබුණු ලිපිනය තිබුණෙත් කිරිබත්ගොඩ පැත්තේ නිසා. ________________ කිරිබත්ගොඩ අපිට පැතුම්ගෙ ගේ හොයාගන්න ගොඩක් අපහසු වුනේ නැහැ වෙද මහත්තයා අපිට කියලා දුන්න නිසා යන්න ඕන විදිහ. වෙද මහත්තයා කියපු විදියට කියපු තැනින් බැහැලා ත්‍රීවීල් එකකට නැගලා "සේනානායක මහත්තයගෙ ගෙදරට" කියලා කිව්වහම අපිව ඒ ත්‍රීවීල් මනුස්සයා මහ විසාල ගේට්ටුවක් දාපු ගෙයක් ළඟට ගෙනල්ලා නැවැත්තුවා. අපි ගේට්ටුවෙ තිබුණු බෙල් එක ගැහුවහම ගේට්ටුව ලඟට කෙනෙක් ඇවිත් ඇහුවා කාව හම්බෙන්නද කියලා. අපි කිව්වා පැතුම්ව හම්බෙන්න කියලා. ඒ ආපු කෙනා ගේට්ටුව ඇරලා අපිව ඇතුලට එක්කගෙන ගියා. ගේ ඇතුලට ඇතුල් වෙනවත් එක්කම පැතුම්ගෙ මං ළඟ තියෙන ෆොටො වලින් එක ෆොටො එකක් තිබුණා බිත්තියෙ එල්ලලා සුදු මල් මාලයක් දාලා. ඒක දැක්කහම මාව ඇඟ ඇතුලෙන් දිය වෙලා වගේ ගියා. අපිට වාඩිගෙන ඉන්න කියලා ඒ අපිව ගේ ඇතුලට එක්කගෙන ආපු කෙනා ඇතුලට ගියා. කඳුළු පුරෝගෙන මං වාඩිගෙන ඉන්නකොට වෙන ගැහැණු කෙනෙක් ආවා ඒ පැතුම්ගෙ අම්මා. අම්මා අපෙන් විස්තර ඇහුවා. වැඩි විස්තරයක් කියන්නෙ නැතුව ෆේස්බුක් එකේ යාලුවෙක් කියලා මම කිව්වා. එතකොට පැතුම්ගෙ අම්මා කිව්වා එහෙනම් මේ නෙහංසි දුව වෙන්න ඕන. අම්මා කොහමද මාව දන්නෙ කියලා ඇහුවේ පුරෝගෙන හිටිය කඳුළු හිර කරගන්න බැරුව බිමට වැටෙන අතරතුරයි. "පැතුම් දුව ගැන කියලා තියෙනවා එයා ගොඩක් කණගාටු වුනා ඔයාට එයා ජිවත් වුන තත්ත්වය කියාගන්න බැරි වුන එක ගැන" අපි පැතුම්ගෙ අසනීප ගැන වැඩි විස්තර අහන්න ගියේ නැහැ ඒ අම්මටත් වේදනාව නැවත නැවත පාරනකොට දැනෙන වේදනාව අමාරු වෙන නිසා. මට දැනෙන හැගීමත් එක්ක ගොඩක් වෙලා ඒ ගෙදර ඉන්න බැරි තත්ත්වයක් තිබුණු නිසා අපි පැතුම්ලගෙ ගෙදරින් පිටත් වෙලා ගෙදර ආවා. ____________________ ගෙවුන අවුරුදු කිහිපය පුරාවට පැතුම් කියපු දේවල් එක්ක ප්‍රශ්න කෝටියක් මතු වුනත් මං ඒවට උත්තර හොයන්න ගියෙ නැහැ දැං උත්තර හොයලා තේරුමක් නැති නිසා. මං ඇඬුවා, මං තාමත් අඬනවා. පැතුම් කියන්නෙ දැං බොඳව ගිය මගෙ එකම පැතුමක් ! Pubudu Udatiyawala 2023/11/28මට මතක් වුණා පොඩි කතාවක්, ඉස්සර මම පොඩි කාලේ දඟ කලාම අම්මා ගහන්නේ නෑ මට, මොකද අම්මා ගහන ඒවා රිදෙන්නේ නෑ, රිදෙන්නේ නැද්ද අම්මගේ ආදරේ වැඩිකමට මට රිදෙන්න ගහන්න අම්මට හිතෙන්නේ නැද්ද දන්නේ නෑ, මමත් සම්මි එක එක කොන්දේසි දාගෙන එද්දී ලංකාවේ නීතිය සහ ප්‍රසම්පාදනේ ගනන් ගන්නේ නැතිව සම්මිට එරෙහිව කටයුතු කරා වගේ අම්ම කියන දේ ගනන් නොගෙන හිටියා, අම්මා මට ගහන්න එද්දී දුවනවා, එහෙම බයක් නෑ අම්මට මම. "අද උඹට දෙව්වන්නම් පුතේ අප්පච්චිට කියලා" කිව්වේ නිකම් ලංකාව ගැන සම්මි ICCD එකට කේලම කිව්වා වගේ, ඔහොම කියලා අම්මා කිව්ව දවසට මට කෙල ගිලෙනවා, උගුරේ ගෙඩියක් වගේ හිරවෙනවා, පපුව ගැහෙනවා, අපේ අප්පච්චි මට ගහන්නේ කලාතුරකින්, ඒත් පෙර වැරදි 3ක් වගේ කියලා නඩු වාරයක් එහෙම තියල නඩු අහලා, අම්මා තෝල්ක මුදියන්සේ, නංගිලා සාක්ශිකාරියෝ, නඩු අහලා දඬුවම් දීමෙන් සති 2ක් වගේ ඇතුලත දිවි පරදුවට තියලා සාක්ශි දුන්න සාක්ශිකාරයන්ට තාඩන පීඩන කළොත් නැවත දැඩි දඬුවම්, මට තියන විසේ එක්ක අප්පච්චීට සහ අම්මාට ගෙදර නිකම් Aushwitz නීති පද්ධතිය පනවලා තමයි වැඩකටයුතු කරන් යන්න වුණේ, "කොහෙන් පුරුදු වෙන ඒවාද මංදා මේකා" දෙන්නම බනිනවා, මම හිතින් කිව්වා ඉතින් අම්මගේ තාත්තගේ ජාන තමා මට මේ ඇවිත් තියෙන්නේ කියලා, ඊට අමතරව දඟ මහප්පෙක්, සීයෙක් ඉන්න ඇති, එයාලාගේ නිලීන ජාන මට එන්න ඇති චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය අනුව කියලත් පුංචි තාරුට කල්පනා වුණා ඔය අල්ලපනල්ලේ. ----- ඔන්න දැන් මම කතාවට එන්ටර් වෙනවා, උඩ කලේ සිද්ධියට පසුබිම සැකසීම, පෙර වදන ඕකට කියන්නේ, දවසක් මම හෙන ගුස්පි වැඩක් කරලා චූදිතයා වෙලා හොඳට ගුටි කෑවා අප්පච්චිගෙන්, මට දැන් පට්ට තරහා අප්පච්චී එක්ක, ඇයි දෙයියනේ මෙහෙම ගහනවාද කුළුඳුල් පුත්තරත්ණයට? අම්මා අප්පච්චීව මා හට දඬුවම් කිරීමට පෙළඹෙව්වාට පළවෙනි පාර ගහද්දී මම කෑගහන කෑගැහිල්ලට අම්මාගේ ද්වාරක සෙනෙහේ දෝරේ ගලා යනවා, මම ආයේ කෑගහනවා මුළු යටන්වල ගමටම ඇහෙන්න, නිකම් උල ලේනෙක් වගේ, ගමම මූසල වෙලා යනවා, පිපුණ සමන්පිච්ච මල් පරවෙලා වැටෙනවා, ප්‍රෙග්නන්ට් ලේනියෝ ඇබෝට් වෙනවා, අටුකොස්කුඹුර ලිඳේ වතුර බොර වෙනවා, කවුඩන්ගේ තටු හැලෙනවා, ඒතරම් මූසලයි මගේ අඳෝනාව. කොහොම හරි අප්පච්චී මගේ අතකින් අල්ලලා ගැහුවා පස්සට හොඳට රිදෙන්න 5ක් 6ක්, මට දැන් පට්ට තරහා අප්පච්චී එක්ක, ඇයි යකෝ, අතපය විසිකරන්න ඕනේ නෑනේ, ඒ කාලේත් මගේ ඇඟේ නාට්‍ය හා රංගකලාව තිබුණා, ආයේ ඇක්ටින් පුලුවන් දිවංගත ජයලත් මනෝරත්නයන් ගානට, "දෙන්නම් අප්පච්චී වැඩේ" කියලා හිතාගෙන, ඔන්න දැම්මා ඇක්ශන් එක, "හූස්....හෑස්....හූස්...හෑස්..." හුස්ම ගන්න බෑ කොල්ලට, එක පාරට හිටිය එකාට මෙන්න ශ්වසන අපහසුතාවයක් ඇවිත්, අම්මා එද්දී මෙන්න පුටුවේ දිගෑඳිලා හුස්ම ගන්න බැරුව පණ අදිනවා තමන්ගේ පුතා, "අනේ පුතේ මොකද?" "හූස්...හෑ...හූස්...හෑස්.... අම්මේ....හු...හු...හුස්ම ගන්න....හූස්...හෑස්....අමා...හුස් හෑස්....රුයි....අප්පච්චි...හූස්...හෑස්...ගහපු...එකට...හූස් හෑස්...." කියාගෙන හාවෙක් වගේ බැල්මක් අප්ප්ච්චි දිහත් දාලා කිව්ව, අප්පච්චි ඉනට අත තියාගෙන, "ඔහොමත් ගහනවද අනේ ලමයට" ඔන්න අමම පටන් ගත්තා අප්පච්චීට ආඩපාලිය, අම්මාගේ බළල් අතක්වූ අප්පච්චී දැන් අඩෝ වයි බං කුමාරි සීන් එකෙන් අම්මා දිහා බලාගන, "අනේ පුතේ ඉන්න සිද්ධාර්ථ ටිකක් ගාමු" කියලා අම්ම දැන් ගානවා පපුවේ බේත් තෙල්, මම තාම ඇක්ශන් එකේ, අපේ ගෙදර මොනවා වුණත් ගාන්නේ සිද්ධාර්ථ තයිලේ, උළුක්කු පපුවේ වේදනා හිසේ කුඩිච්චි ඔක්කොටම, "හූස්...හෑස්...හූස්...හෑස්...අම්මේ....එපා..හොඳවෙයු...හූස්...හෑස්.." එහෙමත් කියනවා, අම්මට තව ඇඬෙනවා දෙයියනේ මේ දරුවා අමාරු අස්සේ මගේ හිතත් හදනවා, දසමසක් කුසේ තියන් වැදුව මේ දරුවට ගැහුවනේ මගේ මනුස්සයා සීන් එකේ, අම්මා දෙසනවා අප්පච්චීට හොඳට, මම හිත ඇතුලෙන් සතුටුවෙනවා අපපච්චී ආයේ අතක් උස්සන්න එන එකක් නෑනේ මේ හර්ද රෝගී පුතුණුවන්ට කියලා, ඇයි යකෝ මෙහෙම ගුටි කන්න පුලුවන්ද? මාත් මේලෝකේ අවුරුදු 10ක් 12ක් පොල් ගෑවේ නෑනේ. දැන් මම නිකම් බේත් ඔරුවක දාපු සීයෙක් වගේ, මටත් දැන් ඕවර් ඇක්ටින් දඟලානා හින්දා මහන්සී, රඟපෑම වුණත් වේතනයක් හම්බෙන්නේ නැත්නම් එක දිගට කරන් යන්න අමාරුයිනේ. ඔන්න අම්මා මාව ඇඳේ නිඳිකරවලා ගියා කුස්සියට, මම පටන් ගත්ත එක නවත්තන්න බැරි හින්දා තාම, "හූස්...හෑස්...හූස්...හෑස්..." කියලා ලාවට කියාගෙන බිත්තියේ ගිය හූණෙක් දිහා බලන් හිටියා, එක පාරට අප්පච්චී ආවා ටවුමට යන්න ශර්ට් එකක් අඳින ගමන් මම ඉන්න තැනට, එතන බෝලකූඩුවේ තමා අප්පච්චිගේ ශර්ට් තියෙන්නේ, අම්මා හිටියෙත් නෑ, "හූස්...හෑස්...හූස්...හෑස්..." එකපාරට මම වැඩි කලා සද්දේ, මොකද මට තේරුණා මම හෙමීට කෑගහන්නේ කියලා, අප්පච්චී ඇවිත් මම දිහා බලලා හින වෙලා, "අනේ නිකම් බොරු නොකර ඉඳපං බං" කියලා යන්න ගියා... මම කට ඇරන් බලා හිටියා පියාණෝ දිහා... thaaarustoriesමගේ රාජකාරි ජීවිතේ මට මුනගැහිච්ච නීතිගරුකම නිලධාරියා කවුද කියලා මගෙන් යමෙක් අැහුවොත් මගේ උත්තරය චාල්ස් මහත්තයා. මට නමේ මුල් අකුරු නම් මතක නැහැ. ඔහු මට අාශ්‍රය කරන්න අවස්තාව සැලසුනේ තැපැල් දෙපාර්තමේන්තුවෙ ගාල්ලෙ ගිණුම් කාර්යාලෙ වැඩ කරද්දි. ඔහු ටයිපිස්ට් කෙනෙක්. එ් කියන්නෙ යතුරු ලියන්නෙක්. රජ්‍ය සේවයේ දැන් එහෙම තනතුරක් නැහැ. චාල්ස් මහත්තයගෙ කමිසෙ උඩ සාක්කුවෙ නිතරම කාබන් පෑන් දෙකක් තිබුණා. එකක් නිල් පාටයි. අනික කලු පාටයි. නිල් පෑන කාර්යාලෙන් හම්බවෙච්ච එකක්.. කලු පෑන ඔහු සල්ලිවලට ගනිපු එකක්.. ඔහු කවදාවත් නි
ල් පෑන පුද්ගලික වැඩවලට පාවිච්චි කළේ නැහැ. ඔහු හැම දාම හරියටම උදේ අටයි කාලට ටයිපිස්ට් පුටුවෙ ඉඳගන්නවා. පුටුවෙන් නැගිටින්නෙ අත්‍යවශ්‍ය කාරණේකට විතරයි. එ් වගේම තමයි හතරයි කාලෙන් පස්සෙ මොහොතක්වත් කාර්යාලෙ රැඳෙන්නෙ නැහැ. කොච්චර හදිස්සි ලියුමක් ටයිප් කරන්න තිබුණත් හෙට හෙට කියාගෙන බිම බලාගෙන එළියට බහිනවා. චාල්ස් මහත්තයගෙ මේ ක්‍රියා පිළිවෙත කාර්යාලෙ සෙසු සේවකයින්ට රිස්සුවෙ නැහැ. සමහරු පැමිණීමේ ලේඛනේ උදේ හතයි කාල දාල අත්සන් කරලා අතිකාල පැයක් කොටා ගන්න හිතාගෙන කාර්යාලයට එනවා. එහෙම එනකොට චාල්ස් මහත්තයා අටයි කාල දාල තිබුණොත් කුණුහර්ප ඉවරයි. එහෙම වෙලාවට චාල්ස් මහත්තයත් පස්සට යන්නෙ නෑ. "අඩෝ අපි බලපිටියෙ කොල්ලෝ කපනවා හු...." කියාගෙන අතපය විසිකරනවා. අපේ කාර්යාලෙත් හැමදාම රණ්ඩු. පාර්ලිමේන්තුවට දෙවැනි නෑ . දවසක් චාල්ස් මහත්තයා මිසිස් යටවර එක්කත් වලියක් අැදගත්තා. මිසිස් යටවරත් ලේසිපාසු අම්මන්ඩියෙක් නෙවෙයි. කෝච්චියෙ කාන්තා මැදිරියෙ වැඩට එන්නේ. උන්දැ අපේ සුබසාධන සමිතියෙ ගරු ලේකම්තුමිය. අපේ කාර්යාලෙ මාණ්ඩලික සහකාර ගමගේ මහත්තයා ළඟදි විශ්‍රාම ගියා. එ් වෙනුවෙන් සමුගැනීමේ සාදයක් පැවත්වීමේ සංවිධාන කටයුතුවල මූලිකත්වය ගත්තේ මිසිස් යටවර. අැයට වුවමනා වුණා චාල්ස් මහත්තයා ලවා අාධාර පත්‍රයක් ටයිප් කරවගන්න. "මම කරන්නෙ රාජකාරි වැඩ විතරයි මේක රාජකාරි ලිවුමක් නෙවෙයි ." චාල්ස් මහත්තයා වැඩේ ප්‍රතික්ෂේප කළා. "තමුසෙ එල්ලන්නෙ නෑ මේ ලියුම ටයිප් කළා කියලා මේක මගේ පුද්ගලික වැඩක් නෙවෙයි. පෙදු වැඩක්." "මම එක පාරක් කිව්වා. මේ මගුල අරන් යනවා." මිසිස් යටවර ලියුමත් අරගෙන ගියා දිසාපාලන නිළදාරියාගෙ කාමරේට. චාල්ස් මහත්තයට සිද්ධවුණා අායතන ප්‍රධානියගෙ නියෝගයට යටත් වෙන්න. ඔහු ලියුම ටයිප් කළේ යටි හිතින් බණිමින්. මිසිස් යටවර මුලින්ම අාරාධනා පත්‍රය අරගෙන ගියේ දිසාපාලන නිළදාරිතුමා ළඟට. ඔහු ලියුම කියවලා නළල රැළි ගන්වලා මිසිස් යටවර දිහා බලලා කට කොණකින් හිනා වුණා. අැයට තේරුණා මොකක් හරි අවුලක් කියලා. "අැයි සර්?" "මිසිස් යටවර, කවුරු වෙනුවෙන්ද මේ සාදය පවත්වන්නෙ?" "අැයි සර් එහෙම අහන්නෙ? ගමගේ මහත්තයගෙ විශ්‍රාම යාම වෙනුවෙන් නේ." "ගමගේ මහත්තයා මිසිස් යටවරගෙ කවුද?" මිසිස් යටවරට කිසි දෙයක් හිතා ගන්න බෑ. මොනවද මේ මනුස්සයා අහන විකාර ප්‍රශ්න කියලා යටි හිතින් බැණ බැණ නිහඬව හිටියා. " මිසිස් යටවර මේකෙ ගමගේ මහත්තයගෙ නමක්වත් සඳහන්වෙන්නෙ නෑ. මගේ මහත්මයාගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් කියල තියෙන්නේ" "බලන්නකෝ සර් මේ මිනිහා ගයන්නක් අඩුවෙන් නේ ගහලා තියෙන්නේ" මිසිස් යටවර බිම බලාගෙන ලියුමත් අරගෙන ලැජ්ජාවෙන් එළියට අාවා. අැය කියන්න ඕන ටික චාල්ස් මහත්තයගේ මූනටම කිවුවා. "තමුසෙ මීට පස්සෙ සුබසාධන සංගමේ පැත්ත පළාතෙ එන්න එපා. රාජකාරිය කරගෙන ඔය පුටුවෙම ලැගල හිටපන්. තමුසෙ මෙ ඔෆිස් එකෙන් චුතවෙන දවසට පාටි නෑ බල්ලෙක් වගේ තමයි යන්න වෙන්නේ." "මට ඕන නෑ යකෝ. නීතියට ගරු කරන්නෙ නැති මහජන මුදල් හොරා කන පාහර බල්ලො බැල්ලියාෙ මට වලිගෙ වැනුවත් එකයි නොවැනුවත් එකයි. හොර හැත්ත." මිසිස් යටවර ඉවතට ගියේ තමුසෙ මට කෝචියෙදි හම්බුවේවි නේ එතකොට බලාගමු යි කියාගෙන. චාල්ස් මහත්තය වුවමනාවෙන්ම ලියුමෙ ගයන්න අඩුවෙන් ගහන්න අැති කියල තමයි හැමෝගෙම නිගමනය වුණේ. චාල්ස් මහත්තයා නීතියට වැඩ කළා වගේම නීතිය කඩන උන් පිළිකුල් කළා. බොහොමයක් දෙනා කිවුවෙ චාල්ස්ට පිස්සු කියලා. කෙලින් යන කකුලුවා අංගවිකලයි කියල කියමනක් තියෙනවා නේ. චන්ද්‍රසේන කොඩිතුවක්කු.🌸🌸🌸අප්පුච්චා🌸🌸🌸❤ සීතල බණඩාරවෙල ඉදන් කිලෝ මීටර් ගාණක් ඇතුලට වෙන්න තිබ්බ පුoචි ගමක කෙලවරේම අපේ ගෙදර තිබ්බේ. ගමට එන්න පාරවල් දෙකක් තිබුන නිසා එක පැත්තකින් බැලුවොත් ගම පටන් ගන්නේ අපේ ගේ ගාවින්. ගේ ගාවින්ම ගලාගෙන ගියා පොඩි ඇළකඩක්. ඒකේ වතුර සද්දෙන්ම කියන්න පුලුවන් ඊයේ රෑ වැස්සේ තරම. අම්මයි, අක්කලා හතර දෙනායි, සුද්දියි, රත්තියි, අප්පුච්චායි, මමයි එක්ක අපේ ගෙදර සේරම නවයයි. ඒක පිරිමියයි, ගෑනු අට දෙනයි. ඒකෙන් ගෑනු හයක්ම මනුස්ස ගෑනු. අනෙක් දෙන්නා සත්ත්ව ගෑනු. සුද්දියි රත්තියි කියන්නේ අපේ ගෙදර දෙය්යෝ බුදුන්ට පස්සේ වැදුම් ලබන දෙන්නෙක්. අම්මයි අප්පුච්චයි වගේම අපිත් ඒ දෙන්නට හරි ආදරෙයි. කරුණාවයි. "මට බය ඇලකඩේ වතුර ගාලට දායිද කියලා" අප්පුච්චා අම්මට කියනවා මන් අහගෙන. වැස්ස වැඩි උනාම ඇලකඩ උතුරලා අපේ ගේ පැත්තට වතුර දානවා. ගෙට කලින් තියෙන්නේ ගාල නිසා ඉස්සෙල්ලම වතුර දානේ එතනට, මම නම් කැමතියි හැමදාම වැස්ස වැහැල ඇලකඩ උතුරනවාට. එතකොට ඉස්කෝලේ යන්න බෑනේ. ඉස්කෝලේ මතක් වෙනකොට මට හිතෙන්නෙම හැමදාම වැහැපන් වැහි වළාවේ කියලාමයි. අක්කලා හතර දෙනාම පන්තියේ පළවෙනියා. මම විතරයි මොට්ටයා කියලා අක්කලාම මට හිනා වෙනවා. එයාල නම් හිනා උනාට කමක් නෑ. ඒත් ඉස්කෝලේ උන් කියන කතා ඇහුවම මට ඉස්කෝලෙටත් වතුර දානවනම් හොදයි කියලා හිතෙනවා. "ආහ්හ් ගොම් බෙට්ට , අද ගෙනාවෙ පුන්නක්කුද දවල්ට" අද දවල්ට පුන්නක්කු ගෙනාවේ නැතුවට මම පුන්නක්කු කාලා තියෙනවා. පුන්නක්කු මිටිය උඩ වාඩිවේලා හෙමීට අත දාල පුන්නක්කු කැටයක් කටේ දාගන්නවා මම. අමුතුම රසක් ඒකත්. පොල් කුඩු වගේ අන්තිම ඉතිරි වෙනවා. රත්තිටයි සුද්දිටයි පුන්නක්කු හදනකොට ඒකේ සුවදට මටත් කන්න හිතෙනවා. මුo මම පුන්නක්කු කනවා දැකලවත්ද කියලා මගේ හිත කිවුවා. නෑ එහෙම වෙන්න විදියක් නෑ.මම වට පිට බලලනේ කෑවේ. "මේ සිරියා යන ගමන් අපේ ගේ පැත්තෙන් යමුද" තව එකෙක් අහනවා. "මේ මගේ නම සිරියා නෙවෙයි ශ්‍රියා. එස්.එච්.අයි.වයි.ඒ. සිoහල බැරි උන්ට මන් මේ කිවුවේ" අම්මයි අප්පුච්චයි ලස්සන නමක් දාලා තියෙද්දී එක එකා මට හිනා වෙනකොට පුදුම කේන්තියි. කලු, කොට බතලියෙක් වෙච්චි මට අප්පුච්චා මොන එහෙකට ශ්‍රියා කියලා දැම්මද මන්දා. "මොකද සිරියා කියන්නේ එනවද අපේ ගේ පැත්තේ, දවල්ට කන්න හොද කිරි වැල් වගයක් තියෙනවා. කාල මදිනම් ගෙදර අරන් යන්නත් පුලුවන්, උබලගේ කකුල් හතරේ අක්කලා දෙන්නටත් එක්කම තියෙනවා" පන්තියේම උන් එක පැත්තක ඉදන් මට හිනා වෙනවා. ඔව්. සුද්දියි රත්තියි කියන්නේ අපේ ගෙදර ඉන්න එළ වැස්සියෝ දෙන්නා. අම්මා අපුච්චා එක්ක දීග එනකොට ගෙනාව එකම දෑවැද්ද තමයි රත්තී. ලොකු අක්කා හම්බ උන දවසේ අම්මට වැදුම් ගෙයි සන්නිය හැදුනලූ. ලොක්කක්කා අඩනකොට කිරි දුන්නේ රත්තිගෙන් දෝලලු. රත්තිගේ පැටියා අම්මගේ අය්යා ඇවිත් බලෙන්ම අරන් ගියාලු. එයාටත් වැස්සියෙක් ඕන කියලා. ඉතින් ඒ එරිච්ච කිරි බිවුවේ අපේ ලොක්කක්කලු. ඉතින් රත්තිත් අපිට අක්කෙක් වගේ තමයි. රත්තිගෙ දුව සුද්දි එයත් අක්කා කෙනෙක් වගේ තමයි. මටත් වැඩිමල්නේ. ඔව්වා මෙව්වා නිසා ඉස්කෝලේ අය හැමෝම මට විහිලු කලා. "ගොo බෙට්ට" " පුන්නක්කු" "දිය බැරලි" "කිරි වදුලි" "හරක් මැස්සි" කියලා. "හිටපල්ලකෝ... මම ගෙදර ගිහින් අප්පුච්චට කියනවා" "අප්පුච්චා....අප්පුච්චා...ඒ කවුද දෙමලිච්චා පොල්කිච්චා බට්ටිච්චා වගේ කුරුල්ලෙක්ද?" මට මොක කිවුවත් ඉවසන් ඉදතහැකී, ඒත් මගේ අප්පුච්චට විහිලු කරනකොට නම් මගේ යකා, මාරයා සේරම ඇවිස්සෙනවා. අතට අහු උනේ කිරවනා ගල් කැටයක්. වැදෙන එකෙක්ට වැදියන් කියලා කරකවලා අත ඇරියා. උන් සේරම පස්ස බලන්නෙ නැතුව දුවද්දී මාත් දිවුවේ එකෙක්ගේ හරි ඔලුව පැලිලා ලේ ඇවිත්නම් අප්පුච්චා මාව කෝටු මස් කරයි කියලා බයට. අප්පුච්චා මන් ඉස්කෝලේ එන හැම උදේකම හිටියේ ගාලේ. කිරි දෝනවා. කිරි දෝන වෙලාවට අම්මවත් එනවට අප්පුච්චා එච්චර කැමති නෑ. අප්පුච්චා ඒක කරන්නේ භාවනාවක් වගේ. හරියට වැස්සිගෙ කිරි බුරුල්ලට රිදෙයි වගේ. ඒ උනාට සුද්දි, රත්තිගෙන් කිරි බොනකොට ඔයිට වඩා බුරුල්ල ඇද ඇද නට නටා බොනවා මම බලාගෙන. දැන් රත්තී ටිකක් වයසයි. රත්තිට සුද්දී හම්බ වෙනකොට මම හම්බ වෙලා නැති උනාට ලගදී අපේ ගෙදරට ලොකු සිලින්ඩරයක් අරන් ආව මහත්තයා දැක්කම මද්දු අක්කා කිවුවා රත්තිට සුද්දී හම්බ උනෙත් ඔය වගේ මහත්තයෙක් ඇවිත් ගියාට පස්සෙය කියලා. ඈහ් ඒ මොන හරුපයක්ද කියලා ඒ දවස් වල මම කල්පනා කලා. ඉස්කොලේ කේ බී සර්ගේ ප්‍රජනනය පාඩමට පින් සිද්ධ වෙන්න තමයි මම ඉගෙන ගත්තේ ඒ කෘතීම සිoචනය කරන්න එන පශු වෛද්‍ය එකේ මහත්තයෙක් කියලා. එදා අප්පුච්චා අපිට ගාල පැත්තේ එන්න දුන්නේ නෑ. මොකක් උනත් මහ විශාල දෙයක් වෙනවා කියලා විතරයි මම දන්නේ. අප්පුච්චා එයාගේ දූලා පස් දෙනාටම තරම් රත්තිටයි සුද්දිටයි ආදරේ කලා. කවන්න, පොවන්න, නාවන්න හැමදේම කලේ අප්පුච්චා. හැමදාම පාන්දර හතරට නැගිටින අප්පුච්චා රේඩියෝ එකේ පිරිත් දානවා, වතුර කේතලේ ලිපේ තියල අනෙක් පැත්තේ ලිපේ වතුර මුට්ටියක් තියනවා. ඉදල අරගෙන ගාල වටේ අතුගාලා ඒක ඇතුලත් ඇල කඩෙන් වතුර ඇදලා සෝදනවා. ඒ ටික කරලා එනකොට වතුර මුට්ටිය උතුරලා. උණු වතුර පනිට්ටුවක් අරගෙන ගිහින් රත්තිගේ බුරුල්ල සෝදනවා. හෙමි හෙමින් කිරි දෝන අප්පුච්චව මට මැවිලා පේනවා. ඒ තරම් සoයමයක් තියෙන මනුස්සයෙක් මට කවදාවත් හම්බ වෙන එකක් නෑ කියලා හොදටෝම විස්වාසයි. කිරි ටික දෝගෙන ඇවිත් කහට දාලා අපි සේරටම බොන්න කිරි හදන්නේ අප්පුච්චා මට විතරක් කහට දාන්නේ නැතුව සුදු එලකිරි කෝප්පයක්ම දෙනවා. පස්සේ කාලෙක තමයි මම දන්නේ අප්පුච්චා කහට බීලා එයාගේ කිරි ටිකත් මට දීල කියලා. මන් ආසම ඒකේ උඩ පාවෙන යොදය කන්න. රත්තිගෙන් ගත්ත කිරි ටිකක් අපිට තියාගෙන වැඩි ටික අපි විකුණුවා. ඇත්තටම අපේ ගෙදර එක ආදායම් මාර්ගයක් උනේ කිරි. තව අම්මා එලවලු ටිකක් හැදුවා. තව ගොම පොහොරට වික්කා. ජනවාරි පලවෙනිදා වගේම අලුත් අවුරුද්දටත් අපිට ජයයි. මොකද වෙනදා ගෙදරට එන්නේ නැති ගොඩාක් ඈයෝ එදාට අපේ ගෙදර එනවා. අවුරුද්දට උතුරවන්න කිරි බෝතලයක් ගෙනියන්න. ඔය අපේ පන්ත
ියේ එකෙකුත් එක දවසක් ආවා කිරි බෝතලයක් ඉල්ලන් යන්න. එදා දවාලෙත් ඌ මට හිනා උනා මේ එයාලගේ අවුරුද්ද මිසක් අපේ අවුරුද්ද නෙවෙයි කියලා. අපේ අවුරුද්ද තෛපොoගලු. තෛපොගල් දවසට අපි රත්තීවයි සුද්දීවයි නාවලා, එයාලට කිරිබත් හදලා දීලා අපිත් කිරිබත් කනවා. අපේ අම්මාත් ඉතින් ඔය හදන ඒවගෙන් ටිකක් එහාට මෙහාට බෙදනවනේ. බෙදන්න යන්නෙ මම. කෑම පිගාන දීල නිකන් එන්නේ නෑ.විස්තරෙම කියලා තමයි එන්නේ.ඉතින් අපි රත්තියි සුද්දියි එක්ක ඒක සමරනවාට ඉස්කෝලෙ උන් මට හිනා වෙනවා. දැන් නම් ඌ ඉන්නේ අම්මගේ කිරි පුතා වගේ චීත්තේ අස්සේ හැoගිලා. "සිරියා දුව අම්මා නැද්ද?" අම්මා ගේ හිටියා. ඒත් මම නෑ කිවුවා. අප්පුච්චාත් නෑ කිවුවා. මූණ බිමට බර කරන් යනකොට මට මාර සතුටුයි. මගෙ කරුමේ කියන්නේ එතකොටම අප්පුච්චා ගාලේ ඉදන් එලියට ආවා. එදානම් මන් පීචස් කොටුවකින් චිස් සද්දේ එන්න ගුටි කෑවා. "අප්පුච්චා දන්නේ නෑනේ උන් මට ඉස්කෝලෙදි හිනා වෙනවා, මට ගොම් බෙට්ට කියනවා.තව එක එක නම් කියනවා. දවල්ට කන්නේ පුන්නක්කුද අහනවා. උන් එක්ක සෙල්ලමට මාව ගන්නේ නෑ ගොම ගදයි කියලා. ඒ මදිවට ඔය ආපු එකාගේ අම්මා කිවුවා මට ඒ ගේ පළාතේ එන්න එපා කියලා. මාත් එක්ක මෙහේ ඉන්න හරක් මැස්සෝ එහෙට එනවලු. එයාලගේ ලමයිගේ කනවලු. අප්පුච්චට තේරෙන්නේ නෑනේ...උන් මගේ අප්පුච්චාටත් බනිනවා...." අන්තිම ටික කියනකොට මට ඇඩුනා. අප්පුච්චා කෝටුව විසික් කරලා මාව ඔඩොක්කේ වාඩි කර ගත්තා. ඉතිරි උන එලකිරි වලින් අම්මා හදපු එලගි තෙල් ටිකක් අරගෙන කෝටු පාර හිටපු තැන් වල අප්පුච්චාම ගෑවා. "මගේ පුතා ඕවා හිතන්න එපා. ඔය කොල්ලො කුරුට්ටෝ එක්ක කතාවට නොගිහින් ඉන්නකෝ. අපි කතාවට ගියොත්නේ එයාලා එල්ලී එල්ලී එන්නේ. ඒ නිසා මගේ පුතා ඊලග දවසේ ඉදන් ඉස්කෝලෙ ඇරුනම දෙවැට දිගේ එන්න. බයත් නෑනේ, අනෙක ඒ ලමයි මගේ පුතාට එක එක නම් කිවුවට මට මගේ පුතා ශ්‍රියාවක්. ඒක හැමවෙලේම මතක තියාගෙන වැඩ කරන්න." අප්පුච්චාට හිටියේ දුවලම පස් දෙනෙක් උනාට කවදාවත් දොසක් හිතුවේ නෑ පුතෙක් නෑ කියලා. ලොකු දුව, මද්දු දුව, පොඩි දුව, චූටි දුව වගේම පුතෙක් නොවුන මට අප්පුච්චා කිවුවේ පුතා කියලා. එදා ඉදන් මම අප්පුච්චා කියපු විදියට දෙවැට දිගේ ආව. ඒ එන මග කිරි වැල්, දිය බැරලියා තිබුනොත් මම ඇදගෙන එනවා. මොකද හැමදාම අප්පුච්චාගේ එක රාජකාරියක් තමයි රත්තිටයි සුද්දිටයි කන්න දෙන්න වල් කපන්න යන එක. ඒක හරිම අමාරු වැඩක් කියල විතරයි ඒ දවස් වල මට තේරුනේ. අප්පුච්චා වල් කපලා, මිටියක් බැදලා, කණ්ඩියක් උඩ තියලා තනියම ඔලුවේ තියාගෙන එන්නේ. එක දවසක් මහ වැස්ස දවසක කූඩැල්ලෙක් අප්පුච්චාගේ ඇහැ ගාව කාලා. ඇහැ කෙවෙනකොට ගෙට ඇවිත් බලද්දි ඌ ඇහේම එල්ලිලා ඉන්නවා. අප්පුච්චට වඩා බය උනේ අපි. කුඹුරේ ගෙදර සීයා තමයි බෙහෙත් දාලා කූඩැල්ලාව අයින් කලේ. දවස් ගානක් යනකම් අප්පුච්චාගේ ඇහැ රතු වෙලා තිබ්බේ. තව දවසක් කලින් දවසේ කපපු වල් මිටියෙන් වල් ගන්නකොට ඒකේ හිටපු සර්පයෙක් අප්පුච්චාගේ අත කාලා. අම්මා ඉක්මනට කරපිoචා කොල ටිකක් කොටලා බොන්න දීලා ඉස්පිරිතාලේ අරන් ගියා. එච්චර විෂ නැති එකෙක්ලු කාල තියෙන්නේ. තව දවසක් දෑකැත්තට අත කැපිලා, තව දවසක් වල් වල හිටිය දළඹුවෙක් ගෑවිලා.මුලු බෙල්ලම වණ වෙලා. ඉතින් අප්පුච්චා අව්වේ වැස්සේ වල් කපන්න වෙන මහන්සිය මන් ඇස් දෙකෙන්ම දැක්කා. ගෙදර වැඩ වලින් අක්කලා හතර දෙනා නොකරපු එකම වැඩේ වල් කපන එක. ඒත් මම ඒක කැමත්තෙන්ම කරන්න ගත්තා. වල් කපන්න නෙවෙයි පාර දිගේ තියෙන වැල් ජාති ඇදගෙන එන එක. මම ගේන දිය බැරලියා වැල් රත්තියි සුද්දියි ජරස් බරස් කාලා හපනකොට මට අහන් ඉන්න ආසයි. සතුටුයි. කවදාවත් කකුලට සෙරෙප්පු දෙකක් දාපු නැති අප්පුච්චාගේ කකුල් දෙකේ යටි පතුලේ ගල් තැලුම් දහයකට වඩා තිබුනා. සරම කැසපොට ගහගෙන වල් මිටිය උස්සගෙන එන අප්පුච්චාගෙ කකුල් දෙකේම දාර නයි වගේ නහර ගැට ගැහිලා තිබුනා. ගාලේ වැඩ සේරම ඉවර කරලා, ඇලකඩෙන් ඇග සෝදගෙනෙ එන අප්පුච්චාගේ ඔඩොක්කුව තමයි මට තිබුන සනීපම පුටුව. සමහර දවස් වලට ගල් තැලුම්, නහර ගැට ගැහුන ඒවා ඇදුම් කනකොට මට ඒවා පාගන්න කියනවා. ඒත් මට බයයි අප්පුච්චාට රිදෙයි කියලා. රිදේනේ නෑ කියන නිසා මම හෙමින් හෙමින් ඒ කලු ගැහිච්ච කකුල් දිගේ අඩි තියනවා. අන්තිම මගේ පුතාට බුදු සරණයි කියලා අප්ප්ච්චි මාව තුරුල් කරගන්නවා. ඇග සෝදගෙන ආවම දාඩිය, එල කිරි, ගොම, වල් මේ හැමදෙයක්ම වගේම ආදරේ එකතු වෙලා අප්පුච්චා ගාව ආවේ අමුතුම සුවදක්. සමහරක්ට ඒක ගදක් වෙන්න පුලුවන්. ඒත් මගේ ජීවිතේ මම විදපු ආදරණීයම සුවද තිබුනේ අප්පුච්චා ගාව. දහස් ගණන් වියදම් කරලාවත් ඒ සුවද සල්ලි වලට ගන්න බෑ කියලා එදා මට හිතුනේ නෑ. අප්පුච්චා කවදාවත් රත්තිට සුද්දිට පාරක් ගහලා නෑ. ඒත් ලොක්කක්කා බලන්න මනමාලයෙක් ආපු දවසේ ඒ පැත්තේ අය අපිට හරක් ඉන්න නිසා මගුල එපා කිවුවා. වෙලාව කියන්නේ එදා ලොක්කක්කා යයි කියලා දුකටදෝ මන්දා රත්තියි සුද්දියි දෙන්නම තරගෙට කෑගහන්න ගත්තා. මගුල් කතාවට ඒකත් බාධාවක් උනාදෝ කියලත් හිතුනා. ගෙදර හරක් ගාලක් තිබුනට ගමේම ලස්සනම මිදුල තිබ්බේ අපේ ගෙදර. අපේ අම්මගේ අත් ගුණේ එහෙමටම. ගොම පොහොරත් වැඩියෙන් වැටුන නිසා ගස් වැල් මල් හැමදේම හොදට හැදුනා.ඒත් මනමාලයාගේ පැත්තෙන් අකැමැති වෙනකොට, ලොක්කක්කා වැලහින්නක් වගේ අඩනකොට, අප්පුච්චාට ඉවසන් ඉන්න බැරි උනා. දෙවැටේ තිබ්බ කෝටුවක් අරන් රත්තිටයි සුද්දිටයි පාරවල් දෙක තුනක්ම ගැහුවා. තරහට නෙවෙයි. හිතේ වේදනාවට. අප්පුච්චා කවදාවත් ගෙදර මදි පාඩුවක් අපි ඉස්සරහා කිවුවේ නෑ. අපි හැමෝටම අදින්න ගවුම් තිබුනා. ලොක්කක්ක ඇදපු එක එයාට මදි වෙනකොට මද්දු අක්කට, ඊට පස්සෙ පොඩි අක්කට, ඊට පස්සේ චූටි අක්කට.ඊලගට මට. මම තමයි ඉතින් අලුත් එකක් ඕන කියලා වද දුන්න එකම කෙනා. එකක් එක්කන් හරි අපිට තුන් වේලටම කන්න බත් දුන්නා. රත්ති වයස නිසා සුද්දීට කෘතීම සිoචනයෙන් පැටවු තුන් දෙනෙක්ම හමබ උනා. වාසනාවකට වගේ ඒ හැමෝම වැස්සියෝ. අප්පුච්චාට හරි සතුටුයි. ගෙදර බැළලි පූසියෝ දැම්මා කියලා පාරට ගෙනත් දාපු කුසුමා නැන්දත් ආවා වැස්සි පැටියෙක් ගන්න පුලුවන්ද අහන්න. දකින දකින තැන කෙල්ලො ගෙදර උන්, ගොම ගෙදර උන් කියපු කඩේ පියදාස මාමත් ආවා පැටියෙක් ඉල්ලන්. ඒත් අප්පුච්චා කවදාවත් කාටවත්ම සුද්දිගේ පැටවු දුන්නේ නෑ. රත්ති එකතැන් වෙනකොට වගෙම තමයි අප්පුච්චාටත් පොඩි පොඩි ලෙඩ ආවේ. ඒත් රත්තිගේ වැඩ සේරම කලේ අප්පුච්චා. ටවුමේ මස් කඩේ කොල්ලා කීප දවසක්ම ඉස්කොලේ ගිහින් එන මගට මට අහම්බ උනා අපේ ගෙදර ඉදන් යනවා. ඒ ඇවිත් තියෙන්නේ රත්තිව ඉල්ලන් යන්න. දෙන්නේ නෑ නෑ කියද්දිම මූ ආයේ ආයේ අපේ ගෙදර ඇවිත්. අන්තිම දවසේනම් අප්පුච්චා ගත්තේ මෝල් ගහ. එදායින් පස්සේ ඌ ගමේ ඉන්නවා මම දැක්කේ නෑ. රත්තී නැතිවෙලා මාසෙකින් අප්පුච්චාත් නැති උනා. අප්පුච්චාගේ අන්තිම ඉල්ලීම උන්නේ සුද්දීයි එයාගෙ දුවලා ටිකයි කාටවත් දෙන්නා එපා කියන එක.අක්කලා හතර දෙනාම හොදට ඉගෙන ගත්තා.ලොකු අක්කලා දෙන්න ගුරු වෘත්තිය තෝර ගත්තා. පොඩි අක්කා වෛද්‍යවරියක්, චූටි අක්කා නඩු කතා කරන්න පටන් ගත්තා. උපන් ගෙයිම මොට්ටයෙක් උන මම අප්පුච්චගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පටන් ගත්තා. ඒත් ඒ වෙන විදියකට. අප්පුච්චා වගේම එල වැස්සියෝ හතර දෙනෙක් එක්ක මගේගමන් පටන් ගත්තා. අද මට තියෙනවා කිරි දෙනුන් සීයක් ඉන්න මගේම කියලා ගොවිපොලක්. ගමේ විතරක් නෙවෙයි පලාතේ පනහකට වැඩි දෙනෙක්ට රස්සා හම්බ උනා. විශ්ව විද්‍යාලයට යන්න බැරි උනාට මම හරියටම සත්ත්ව පාලනය ඉගෙන ගත්තා. දැන් මට අවුරුදු විසිපහක්. මට ගොම් බෙට්ට කියපු අය මගේ ගාවම ගොම් බෙටි අදිනවා. කලු කොට බතලි ලගදිම ඉoජිනේරු මහත්තයෙක්ගේ හාමිනේ වෙන්නයි යන්නේ. ඇත්තටම අප්පුච්චා මට හරිම නම තමයි දාලා තියෙන්නේ කියලා මගේ වෙන්ඩ මහත්තයාත් කියනවා. අප්පුච්චාට වගේම එයාටත් මම ශ්‍රියාවක්. ඉතින් එච්චරයි🌸🌸🌸 E.M.C.K.එදිරිසූරිය 2023.11.28චාරිකාව අනේ ජයේ ඔයාගේ ප්‍රමෝෂන් එක ලැබුණු එකේ ට්‍රිප් එකක් යමුකෝ පුතා උනත් හැමදාම කියනවා අනේ අපි තමා ට්‍රිප් එකක් වත් යන්නේ නැත්තේ අනිත් යාලුවෝ හැමෝම යනවා කියලා , තරංගා ජයන්තට කිව්වේ ජයන්ත ගෙදර ආවට පස්සෙ , තියෙන ප්‍රශ්නත් එක්ක මතක ඇති කාලෙකින් කොහෙවත් ගියෙ නෑ නේ කියලා ජයන්තට මතක් උනා එහෙනම් මේ සෙනසුරාදා වත් යන්න බලමු ෂාහ් මේ අපිට කීර්තිගේ කාරෙක ඉල්ල ගන්න බැරිද ඔයාගේ හොදම යාලුවනේ ඉල්ල ගන්න නම් බැරිවෙන එකක් නැහැ ඒත් වාහනයක් අල්ලපු කාලයක් මතක නෑ ඒකට මොකද අනේ ඉස්සර විදිහටම තමයි තාමත් වාහන එලවන්නේ හෙටම අහලා බලන්නකෝ කීර්ති නම් බෑ කියන එකක් නෑ ඒත් නයන තමයි ෂුවර් නැත්තේ මං හෙට අහල බලන්නම් ඒත් අපි කොහෙද යන්නෙ ඒයි..නුවර යමුකෝ .මාලිගාව වැන්දේ නෑ මතක ඇති කාලෙකින් හ්ම්ම්.. එහෙනම් සෙනසුරාදා ගිහින් ඉරිදා එමු. කොල්ලා උඩ පනියි ඕක ඇහුවාම. පව් . කොහේවත් එක්ක යන්න බැරි උනා නෙ හරියට . නොවෙම්බර් විසි එක සෙනසුරාදා (පලමු දිනය) ඔක්කොම හරි නේ. එහෙනම් පිටත් වෙමු. මොකක්ද ජයේ ඔය ශර්ට් එක ඕක මැද ගත්තේ වත් නැද්ද .අයියො ගමනක් යන්න දන්නේ නෑ තාමත් හරියට . අම්මේ පරක්කු වෙනවා. කීයටද යනව කිව්වෙ හරි හරි මේ යන්න හදන්නෙ. එහෙම පුලුවන්ද ගමනක් යන්න . කොච්චර වැඩ තියෙනවද කර ගන්න . අනේ අම්මා ඔයා පැයක් විතර කරේ මේකප් දාපු එක නේ. හරි හරි .මේ ජයේ බඩු ටික සේරම කාරෙකට දැම්මා නේ. දැම්මා දැම්මා .දැන් ඉතුරු ඔයාව පටවා ගන්න එක තමා ඔව් නේද තාත්තෙ. කාර් එකේ හුළං බහීද දන්නේ නෑ අම්ම නැග්ගම අනේ. මගේ කට අවුස්සා ගන්න එපා උදේම . හරි හරි දැනටම පරක්කුයි යන් යන්. මේ ජය ගෙයි පිටිපස්සේ දොර හරියට වැහුවා නේද . මට මතක නෑ වගේ හරි හරි වහලා තිබුණේ හරි බයයි අනේ දැන් හැමතැනම හොරු තරන්ගා කිව්වෙ ජයන්ත වාහනේ ප්‍රදාන පාරට හරවන්න හදන කොට. ඔය පරිස්සමෙන් එලවන්න . මොනව හරි උනොත් නයනා ගෙන් විසුමක් වෙන්න නෑ . මේක දෙන කොටත් කොච්චර කියවලාද දුන්නේ . කොහෙද ඉතින් අපිට කියලා වාහනයක් තිබුනා නම් ඔන්න ඔ
න්න ජයේ බ්‍රේක් ගහන්න තරන්ගා හදිසියේම කීවෙ ඈත පාරේ ලොරියක් දැකල . ජයන්ත එක පාරටම ගහපු බ්‍රේක් පාරට පිටිපස්සෙ සීට් එකේ හිටපු පුන්චි කසුනුත් විසි උනා. මොකද ඒ කෑ ගැහුවෙ කියලා ජයන්ත අහද්දීම පිටිපස්සෙ බයිසිකල් එකක ආපු තරුනයා කොහේද ඕයි යන්නෙ පිස්සෙක් වගේ කියලා ඇහුවේ සෑහෙන කේන්තියෙන් අපි මේ ට්‍රිප් එකක් යනවා ජයන්ත කිව්වෙ නිවුනු විදිහට . ඒ තරුණයා කේන්තියෙන් කියවමින් යනව දැකපු තරන්ගාට ලොකු කේන්තියක් ආවා. දැක්කද අපි ට්‍රිප් එකක් යනව කිව්වම ඌට කේන්ති ගිය හැටි . උන්ට ට්‍රිප් එකක් යන්නවත් බැරි උනාට අපි මොනව කරන්නද.. මගුලක් කියනව.ඌට තව පොඩ්ඩෙන් යන්න වෙන්නේ හර්ස් එකේ. තමුසෙගෙ සද්දෙට මං බ්‍රේක් ගහපු විදිහට .ඒකයි ඌ බැන බැන ගියේ මං ඒ ලොරිය දැක්කෙ නැත් නම් අපිට තමා හර්ස් එකේ යුතුය යන්න වෙන්නෙ ඒ ලොරිය දැම්මේ මීටර් පන්සීයක් විතර ඈත . ඒ උනාට අපි පරිස්සමෙන් වෙන්න එපාය.අනික අනුන්ගේ කාර් එකක් . මේකට මොනව හරි උනොත් අරකි රටම ගිනි තියයි.අපිටම කියලා වාහනයක් නැති නිසානෙ මේ සේරම . තාත්තේ ඔය රේඩියෝ එක ඔන් කරන්නකො.සන් එෆ් එම් දාන්න ජයන්ත පුතාගෙ ඉල්ලිම ඉටු කලා. මොනවාද පුතා මේ සින්දු .හොද සින්හල සින්දුවක් අහමුකෝ මිල්ටන්ගෙ වගේ කව්ද අම්මා මිල්ටන් කියන්නේ . පුතා කියපු එක ඇහුනු ජයම්තටත් හිනා ගියා. මොකද ඔයා හිනා වෙන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් දාමු කියද්දම මං කිව්වෙ ඕක වෙයි කියලා . දැන් ඉතින් අහන එකයි ඇත්තෙ ඒ උනාට හොද සින්හල ඒවත් මෙයාලා අහන්න පුරුදු වෙන්න එපාය. මේ කොයි හරියද තාත්තේ . කසුන් පුතා නින්දෙන් අවදි වෙලා . අබේපුස්ස පහු උනා පුතා .තේ ටිකක් බීලා යමු මහන්සි මේක එලවලා ජයන්ත පාරේ අයිනෙ තිබුනු ආපන සාලාවක රතය නතර කලා. කට්ටිය තේ බොන අතරේ ආපන ශාලා හිමිකරුගෙ බිරිය සුරතල් සුනඛයා සමග එලියට ආවා . හරිම ශෝක් ..මොකක්ද මෙයාගෙ නම තරන්ගා ඇහුවා . රොබින් හිමිකාරිය පිලිතුරු දුන්නා . අපේ බෘනා වගේමයි අනේ ඔයාලාගෙත් ජර්මන් ශෙෆඩ් කෙනෙක්ද ඉන්නෙ ආපන ශාලා හිමිකරුගෙ බිරිය තරන්ගාගෙන් ඇහුවා. කව්ද අම්මා බෲනා කියන්නේ පුන්චි කසුන් ඇහුවේ තරන්ගාගෙන්. අපේ බලු පැටියා අපිට බල්ලෙක් නෑනෙ . මෙයා මේ විහිලු කරනව දැන් නින්දෙන් නැගිටල තරන්ගා විහිලුවට වගේ කියලා කසුන් දිහා ඔරවලා බැලූව. අපි යමු නේද දැන් .ලේට් වෙනව තත්වය තේරුම් ගත්තු ජයන්ත කිව්වා මොකද අම්මා ඔයා අර ඇන්ටිට බොරු කිව්වෙ අපිට බල්ලෙක් නෑනෙ .බෲනා කියන්නේ ජයනි ඇන්ටිලගෙ බල්ලා නෙ ඌට වැඩිපුර කන්න දෙන්නේ අපිනෙ..ඌත් අපේ වගේම තමා .වැඩිහිටියන් කතා කරද්දී මැදට පනින්න එපා කියලා මං කොච්චර කියලා තියෙනවද..ඊලග පාර මං මෙහෙම නෙවෙයි පුතේ කියන්නේ . මේ අර අපි නතර වෙන තැනට ආයෙත් කතා කරලා කන්ෆර්ම් කර ගන්න ජයන්ත තරන්ගාට කිව්වා නැත්නම් පාරේ තමා ඉන්න වෙන්නෙ ශෝක් තාත්ත අපි පාරෙ ඉමු රෑට.. ඔව් ඔව් තාත්තට නම් මොකද පුරුදු නැති තැනක් නෙවෙයිනේ. පඩි දවසේ එහෙම හැමදාම පාරෙත් නිදා ගෙන ඉදලානෙ එන්නෙ . ජයන්ත මුකුත් කියන්නේ ගියෙ නෑ . අපි ඇම්බැක්ක බලන්නත් යමුද ජයේ. පුතාට ආට් වලටත් කැටයම් ඉගෙන ගන්න ඕන නෙ. අමුතුවෙන් කැටයම් බලන්න ඇම්බැක්ක යන්න මොකටද .අම්මගෙ කැටයම් ඇම්බැක්කට එහා නෙ.පුතාට ඒ මදිද අනේ මගෙන් මුකුත් අහ ගන්න එපා. තරන්ගා ජයන්තගෙ උරහිසට හෙමින් පාරක් ගැහුව, ඔව් අපි මේ මග එන ගමන් ඉන්නේ .එහෙනම් හරි නේද . තැන්ක් යූ.බායි අපි කඩුගන්නාවේ නතර කරලා කාලා යමු. ජයන්ත කිව්වා . කට්ටිය කඩුගන්නාවෙ නතර කරලා කෑම කෑවා . පේරාදෙණිය මල් වත්ත බලලාම අපි ඉන්න තැනට යමු. තරංග කිව්වා . ජයන්තලා පේරාදෙණිය මල් වත්ත බලලා එලියට එනකොට හවස් වෙලා . මොකටද අම්මේ ඔච්චර ෆොටෝ ගැහුවේ මේවා දාන්න ඕන කට්ටියට පේන්න නැත්නම් මිනිස්සු හිතයි අපි කොහෙවත් යන්නේ නෑ කියලා මිනිස්සුන්ට පේන්නද අම්මා අපි ට්‍රිප් යන්නේ අන්න පුතා නියම කතාව දාන්න පහක් මරු තාත්තයි පුතයි , මං තමයි අඩුයිම පොටෝ දාන්නෙ. කොහේද පොටෝ දාන්න ඉතින් අපිව එක්ක යන්න එපාය. යමු.යමු. ලේට් වෙනවා. කට්ටිය නතර වෙන තැනට එනකොට රෑ හතහමාර පහුවෙලා .ජයන්ත හිතන් හිටියේ හොටෙල් එකක් කියලා .බලද්දි ඒක ගෙයක උඩ තට්ටුවක් . ඒකට යාකරලා තව ගෙයක් තිබුනා.එක පඩි පෙලින් තමා ගෙවල් දෙකටම යන්නෙ මේක ගෙදරක් නේ තරන්ගා . කොහේ හරි හොටෙල් එකක් බලන්න තිබුනා නෙ. තිබුණා තිබුණා ඒවා හෙන ගණන් .අපේ ගානට තිබුනේ මේක තමයි ඉතින් .ඇයි මේක හොඳ මදිද නෑ නෑ එහෙම එකක් නෑ . සර්ලට රෑට කෑම කොහොමද ගෙදර කාන්තාව ඇවිත් ඇහුවා මොනවද ගන්න පුළුවන් සර් රයිස් රොටි පාන් හැමදාම රයිස් කන එකේ අද රොටි කමු තරංග කිව්වා ඇයි අම්මේ රොටි ඊයෙත් කෑවේ පුතා ඇහුවා. ඔව් අපිට රොටි දෙන්න . ජයන්ත ස්තිර කලා. මං දවලුත් කියල තියනව නේද වැඩිහිටියෝ කතා කරද්දි මැදට පනින්න එපා කියලා තරන්ගා ඇහුවේ කේන්තියෙන් ඉතින් මං ඇත්තනෙ කිව්වේ ඒ පණ්ඩිතකම් වැඩක් නෑනේ .මං හැමදේටම බජට් හදලා තියෙන්නේ කට්ටියම රෑට රොටි කෑවා .මහන්සි නිසා තරංගයි පුතයි කලින්ම නින්දට ගියා . ජයන්ත කාර් එකෙට ගිහින් ඩිකියේ පිලිවෙලට තබා තිබුනු බෝතලය ගෙනාවෙ හරිම නිදහස් හැගීමකින්. ෆෝන් එකෙන් සින්දුවක් අහගෙන වීදුරුවක් දෙකක් හිස් කළ ජයන්තට හරි සතුටක් දැනුනා සෑහෙන කාලෙකින් තරංගා සහ පුතා සමග මේ ගමන එන්නට ලැබීම ලොකු දෙයක්. මොනවා උනත් හැමදේම කළමනාකරණය කරගෙන ගෙදර වැඩ ටික කරගෙන ඉන්න තරංගා ගැන ජයන්තට දැනුනෙ ආදරණීය හැඟීමක් දුම්වැටියක් දල්වන්න බලද්දි ලයිටරය නැති බව දැනුණු ජයන්ත කාර් එකට යන්ඩ නැගිට්ටා .සද්ද නොනගා පඩිපෙළ බැහැපු ජයන්ත එකවර දුටුවේ පහත කාන්තාවක් ස්නානය කිරීමට සූදානම් වන ආකාරය එකවර උඩින් ආපු ශබ්දය නිසා ඒ කාන්තාව උඩ බලද්දී දැක්කේ ජයන්ත ඉන්නවා .කලබල වුණු ඇය හොරෙක් යනුවෙන් කෑ ගැසුවා . නෑ නෑ යනුවෙන් ජයන්ත කියද්දී කවුද කවුද කියාගෙන වටේම පහන් දැල් උනා. කලබල උනු ජයන්ත හැරෙද්දි ජයන්තගෙ කකුලක වැදුණු පඩිපෙලේ තිබුණු මල් පෝච්චියක් පහළ වැටී යට ජනේලයේ වැදී එතන නිදා උන් බල්ලෙකුගේ ඇඟට වැටුනා . බල්ලත් මර හඩ දෙන්න ගත්තා මේ ශබ්දය ඇසී එළියට පැමිණි පිරිමියකු දැක කාන්තාව අර මිනිහා උඩ ඉඳන් මං නානවා බලන් හිටියා යනුවෙන් පැවසුවෙ හොදටම බියපත් වූ ස්වරූපයෙන් නෑ නෑ වැරදිලා .මං මේ ගිනිපෙට්ටියක් හොයන්න ආවේ ජයන්ත කිව්වා ගිනිපෙට්ටි කොහෙද ඕයි පඩි පෙළේ තමුසේ හොරෙන් බලන් හිටියේ මං නානවා. මං දැකලා කෑ ගහද්දි මට මල් පෝච්චියෙන් ගැහුවා නෑ නෑ අපි මේ හෝටලේ කට්ටිය මේ සද්දය ඇසි නිවෙස් හිමියා මෙන්ම තරංගා දුව ආවා. ඇයි ජයේ මොකද වුණේ තරන්ගා ඇහුවේ ලොකු කුතුහලයෙන් මේ මිනිහා හොරෙන් මං නානවා බලන් හිටියා නෑ නෑ මං මේ ගිනිපෙට්ටියක් හොයන්න ආවෙ . අනේ සමාවෙන්න . ඔය වගේ වනචර වැඩ කරන්න .ලැජ්ජා නැද්ද ගෑනිත් එක්ක ඇවිත් අනුන්ගෙ ගෑනු නානව හොරෙන් බලන්න වැරදීමක් උනේ සමාවෙන්න මට පඩිපෙළ වැරදුනා හරි මල්ලි මේ අද අපේ නවතින්න ආපු කට්ටිය අය වැරදීමක් වෙන්න ඇති මොන වැරදීමද..මොකොද බබාලද වැරදෙන්න . ඔය වගේ අසහනකාරයෝ මන් දැකල තියෙනවා යාබද නිවසේ පිරිමි පුද්ගලයා කිව්වෙ කේන්තියෙන් ගනන් ගන්න එපා මල්ලි .අපි මේක කතා කරලා විසදා ගමු. හෝටල් හිමියා කීවෙ තත්ත්වය ගැටලුව ඉක්මනින් විසදා ගැනීමේ අරමුණින් හරි මේ අපේ කැඩුණු වීදුරුවයි බල්ලට බෙහෙත් ගන්නයි යන සල්ලි කවුද දෙන්නේ .බල්ලගෙ කකුලක් කැඩිල අසරණ බල්ලා වේදනාවෙන් කෙදිරියක් ගෑවෙ හරියට කකුල් දෙකම නෑ වගේ හරි හරි ඒක මම දෙන්නම් සොරි උනු අත් වරදට තරන්ගා ජයන්ත දිහා බැලුවේ දැවිලා පිච්චිලා අලු වෙලා යන බැල්මකින්. ජයන්තගෙ අතින් ඇද ගෙන තරන්ගා කාමරයට ආවා . තමුසෙට පිස්සුද මේ මහ රෑ අනුන්ගේ ගෑනු නානවා බලන්න .අනික මගේ මොන අඩුවක්ද මං කවදාවත් හිතුවේ නෑ තමුසේ මේ වගේ ජරා මිනිහෙක් කියලා තරන්ගා හඩන්න පටන් ගත්තා නෑ නෑ තරංගා මං මේ සිගරට් එකක් බොන්න ගින්දර ටිකක් හොයන්න ගියේ පඩිපෙළේ පාර වැරදුනා මං එන්න හැරෙනකොට කකුල වැදිලා මල් පෝච්චිය පෙරලුනා බොරු කියන්න එපා මිනිහෝ අරක්කු ටික බී ගත්තම තමුසේ කරන දේවල් දන්නෙත් නෑ ඔය අරක්කු තමයි සේරටම මුල මගේ වැරදිවලට අහිංසක අරක්කු වලට බනින්න එපා. .අනික හිතල කරපු දෙයක් නෙවෙයි නෙ තරන්ගා මට බොරු කියන්න එපා තමුසේ මට හොඳට මතකයිනේ ඒ කාලේ නටපු සෙල්ලං බදින්න කලින් තමුසෙ කීදෙනෙක් එක් ලව් කරාද කෑගහන්න එපා මේ පොඩි එකා නැගිටීවි. තමුසෙට කරන්න හොඳයි කියන්න තමයි නරක මං නං ආයි තමුසෙත් එක්ක කොහෙවත් යන්නෑ හරි හරි දැන් අපි නිදාගමු හෙට යන්නත් එපාය දළදා මාලිගාවට ඇයි තමුසෙ දැන් ඔය මාළිගාව බැලුවේ වඳින්නම් තරන්ගා ඔය කට වහගන්න නැත්නම් පුතත් නැගිටීවි. තරංගා හැඩූ කදුලින්ම ඇදට ගියා. සිද්ධ වුනු දේ ගැන ජයන්තගෙ හිතට සෑහෙන කලකිරීමක් ඇති උනා.දැන් ඉතින් මැරෙන කම් මේක අහන්න වෙනව. ජයන්ත ආයෙත් වීදුරුව පුරව ගත්තා .. නොවම්බර් විසි දෙවෙනිදා(දෙවන දිනය) ඕයි ඕයි නැගිටනව තමුසෙ ඉන්නෙ ගෙදර කියලා හිතුවාද උදේම තරන්ගා කේන්තියෙන් ජයන්ත අවදි කලා. පෙරදින සිදුවීම් සිනමා පටයක් මෙන් ජයන්තගෙ මනසෙ ඇදී ගියා. චිහ්. මූන දෙන්නෙ කොහොමද මං දැන් නෝනා නෝනා නිවෙසහිමි කාන්තාව දොරට තට්ටු කලේ උදෑසන තේ ගැන අහන්න . කිරි තේ දෙකයි කහට එකයි ඇය් නෝනා කහට. හස්බන්ට සුගර් තියෙනවා .ඒකයි තරන්ගා කියනව ජයන්තට ඇඇහුනා මට කොහේද සුගර් .උදේම කහට බොන්නේ කොහොමද . කිරි තේ තව අරක්කු ටිකක් බොනවකෝ ඊයෙ වගේ . දැන් කොහොමද ඕවට අලාබෙ ගෙවන්නෙ .කිරි නෙවෙයි වතුර බොන්නත් නැති වෙනව තමුසෙගෙ වැඩ හින්දා ජයන්ත උත්තර දෙන්න ගියෙ නෑ . එතනින් පිටත් වීමට පෙර කැඩුණු වීදුරුව හා තුවාල උනු බල්ල වෙනුවෙන් රුපියල් හාරදහසක මුදලක් ගෙවන්නත් සිදු උනා. පිටත් වෙද්දී ඒ නිවස හිමි කාන්තාව තමා දෙස හෙලූ බැල්ම තේරුම් ගන්න මේ තමන්ගේ ඉතිරි ජීවිත කාලය මදි වෙයි කියලා ජයන්තට හිත
ුනා පිරිස දලදා මාලිගාව කරා ලගා වෙන විටත් දහවල් දොලහත් පහු වෙලා . දළදාව වදින කොට උනත් තරන්ගාගෙ කේන්තියෙ අඩුවක් ජයන්ත දැක්කෙ නෑ . ජයන්ත නම් වදින ගමන් ප්‍රාර්ථනා කලෙත් තරන්ගාගෙ කේන්ති නිවී ඊයෙ රෑ සිදුවීම් අමතක වේවා යනුවෙන් . මදැයි ඉදලා ඉදලා ට්‍රිප් එකක් ආවා . වදින එකවත් සැනසීමෙ කර ගන්න බැරි උනානෙ තරන්ගා නැවත වාහනේට පැමිණි පසුත් බැන වැදීම නතර කරලා තිබුණේ නෑ . හරි හරි දැන් වෙලා ඉවරනේ.. ආයෙත් ඕකට බැන්නා කියලා ඇති වැඩේ මොකද . බැනලා නෙවෙයි වෙන ගෑනියෙක් නම් යනව දාලා . අර මිනිහට නිරපරාදේ රුපියල් හාරදාහක් දුන්නා .ගෙදර ලයිට් බිල.වතුර බිල ගෙවලත් නෑ තාමත් . පුතාගෙ ස්කූල් පීස්. ජයන්ත මුවින් නොබැන ධාවනය කලා. පුතා අන්න අන්න අතන අර මට්න් කෙනෙක් තරන්ගා පාරෙ අයිනේ උන් එලුවෙක් පුතාට පෙන්නුවා කෝ කව්ද මට්න් කියන්නේ අර අර කෝට්‍රන් පැලයක් කන මට්න් දැක්කද පුතා . ඒ ගෝට් කෙනෙක් නේ අම්මා . එලුවට කියන්නේ ගෝට් කියලා . සිදුවීම් දැකපු ජයන්ත කීවා . ඒකනේ තාත්ත .අම්මා ඒකවත් දන්නේ නෑ . ඒ දැන්නෙ ඉස්සර ඌට මට්න් කියලත් කිව්වා තරන්ගා කිවෙ ලැජ්ජාව වහ ගන්න වගේ. මට්න් කියන්නේ එලු මස් වලට . ජයන්ත කීවා. තමුසෙගෙ පණ්ඩිත කම් එපා .ඊයෙ රෑ දැක්කනෙ කරන වැඩ.තව කියවන්නත් එනව.. ඇයි අම්මා ඊයේ රෑ මොකද උනේ. ඊයෙ රෑ උනේ. ඊයෙ රෑ තනියම චිත්‍රපටි බලන්න ගිහින් තාත්ත . ඒකයි උනේ, අනේ තාත්ත මට කිව්වෙ නැත්තේ ඇයි .මාත් එනවනේ. නෝටි තාත්ති පුතා කිව්වෙ දුකමුසු ස්වරයෙන් . ජයන්ත ප්‍රදාන වීදුරුව සේදී යන සේ වතුර පාරක් විද පාර දිහා බලාගෙන ඉදිරියට රතය දාවනය කලා. අහසේ තිබුනු අදුරු වැහිබර ගතියත් සමග ජයන්ත රතය ධාවනය කලේ මදක් මද වේගයෙන් . ට්‍රීන් ට්‍රීන් ජයන්තගෙ ජංගම දුරකථනය නාද උනා. ජයන්ත දුරකථනය කනට තබා පිලිතුරු දුන්නා. අනික් පස හිටියේ රතයේ හිමිකරු කීර්ති . කොහොමද මචන් ට්‍රිප් එක හොදයිද. හොදයි මචන් . ජයන්ත තරන්ගාගෙ දිහා බැලුවා. ඒ බැල්මට දුරකථනය සමග තමාද අලු වි යතැයි ඔහුට සිතුනා. ඊයේ රෑ මොකද උනේ. තනියමද සෙට් උනේ. ඔව් ඔව් මචන් .මම විස්තර කියන්නම්. එන ගමන් ඉන්නෙ දැන් . ජයන්ත පිලිතුරු දෙන අතරේ ඉදියෙන් ගිය ත්‍රීරෝද රතය ධාවනය කලා. පාරේ අනිත් පස උන පොලිස් නිලධාරියා වහා පාරට පැන රතය නතර කරන මෙන් උපදෙස් දුන්නා . මම තියන්නම් මචන් .උබට ගන්නම්. ජයන්ත ඇමතුම විසන්ධි කොට රතය පාරෙ අයිනට කොට නතර කලා. මහත්තයා . ඉරි කැපුවා නේද . එහෙම ඉස්සර කරන්න බෑ කියලා දන්නවනෙ පොලිස් නිලධාරියා රියදුරු කව්ලුව ලගට විත් පැවසුවා. කෝල් එකක නෙ ආවෙ රාළහාමි . ඉරක් තියෙනව දැක්කෙ නෑ තරන්ගා කිව්වෙ ජයන්ත කතා කරන්නත් කලින්. ආ එහෙමද..එහෙනම් වැරදි දෙකයි.කෙලින්ම උසාවි ජයන්ත තරන්ගා දිහා ස්තුතිපූර්වකව බැලුවා. ලැයිශන් ඉන්සුවරන්ස් අරන් බැහල එන්න. පොලිස් නිලධාරියා සමග හමුවී ජයන්ත ආවෙ විනඩි දහයක් පමන පහු වෙලා . මොන මගුලටද කෝල් කතාවක් කිව්වෙ ඉතින් මන් ඇත්තනෙ කිව්වෙ .කෝල් එක හින්දානෙ ඉර දැක්කෙ නැත්තෙ. ඒ කෝල් කතාවක් හින්දා රුපියල් පන්සීයෙන් ගොඩ දාන්න තිබුනු එකට රුපියල් දෙදාහක් ගියා .චිහ්. බොසාගෙන් ප්‍රොමොශන් එක ඉල්ලා ගන්නත් ඔච්චර වදින්න උනෙ නෑ . අපරාදේ ඔෆීස් එකේ උන්ට කේක් එකක් අරන් යන්න තිබුනු සල්ලි . ජයන්ත නැවතත් ධාවනය ආරම්භ කලා. කේක් .ඔෆීස් එකේ උන්ට. කේක් දෙන්නම වටිනා උන් ටිකක් නෙ ඔෆීස් එකේ ඉන්නෙ. උන් පුලුවන් තරම් කකුලෙන් ඇද්දා ප්‍රොමොශන් එකට. දැන් උන්ට කේකුත් දෙන්නද හදන්නෙ. උන්ට කේක් දෙනවට වැඩිය හොදයි පොලිසියෙට දුන්න එක. ජයන්ත මුකුත් නොකියා හිටියේ කියන්න දාහක් තිබුනත් ඔය කතාව ඉවර වෙන තැන දන්නා නිසා. කට්ටිය නිවසට ලගා වෙද්දී රෑ හතත් පහු වෙලා . ඩ්‍රීම් ස්ටාර් පටන් ගන්න කලින් ආපු එක ලොකු දෙයක්. තරන්ගා කීවෙ ජයන්ත නින්දේ හුන් පුතා ඔසවා ගෙන ගෙට ගොඩ වෙද්දී . පුතා ඇදෙන් තියලා පොල් ටිකක් ගාලා දෙනව පරිප්පු ටිකක් හදන්න පාන් කන්න ස්තුතිය .. ලලිදු ලියනගෙ.සෝපාක...ලා - කෙටි කතාව "සර්..! "මෙත්සර" කැම්ප් එකෙන් කොල්ලෙක් පැනල ගිහිල්ලලු... මේ දැන් මැසේජ් එක ලැබුනේ....ඒකත් එකටම අර ආසි...යා වෙන්ඩැති" වීරසිංහ රාළහාමි "ආසියා" කිව්වම මටත් එකපාරටම මතක් වුනේ ආසිරිව. ආසිරි? ආයෙත් සැරයක් මගේ මතක කරළියේ පෙරළි කරන්න ඇවිත්? "මොන.. ? ආසියා... එහෙම කෙනෙක් මං දන්නෙ නෑනෙ වීරසිංහ...!! කවුද ඔය කියන ආසියා.. ?" මං ඇහුවේ කිසිම දෙයක් නොදන්න ගානට. කොහෙත්ම මගෙ හිත එකඟ වෙන්නෙ නෑ "ආසිරි"නොහොත් "ආසියා" කියන්නෙ කළු චරිතයක් කියල විශ්වාස කරන්න. "ඇයි සර්..? ඕකා ඔය කී වෙනි වතාවටද කඳවුරෙන් පැන්නේ...? කෑම්ප් කීයක මූව නැවැත්තුවද..? ඒ හැම එකෙන්ම පැන්නනෙ. මූ අපිවත් අමාරුවෙ දානව... කාළකන්නියා.." මං ආසිරිව හොයන්න වහාම විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදෙව්වා. කොලුවට සීරීමක් වත් නොවෙන්න වගබලා ගන්න කියල නියෝග කලා. රැඳවුම් මධ්‍යස්ථානයටත් නිලධාරීන් කීප දෙනෙක් යවල මං ක්වාටස් එකට ආවේ නොසංසුන් වුනු හිතකින් . "ඇයි බිම්සර ඔයා අද මොකක් හරි ලොකු අවුලකින් නේද ? තේ එක බීලත් නෑ.. රාජකාරිය උනත් ඔය හැටි ඔළුවට ගන්න එපා අනේ... " රසිකා කිව්වේ නොරිස්සුමින්. එයා දන්නවා මගෙ මූඩ් එක දැක්ක ගමන්ම ප්‍රශ්නෙ තියෙන්නෙ රස්සාවෙද.. අසනීපෙකද.. එහෙමත් නැත්තන් එයත් එක්කද කියලා. "ඇත්තටම චේන්ජ් එකකට කියල පික්නික් එකක්..අඩුම තරමෙ යාළුවෙක්ගෙ ගෙදරක ගිය කාලයක් මතකද ඔයාට ? මේ සැරේ පුතාට ඉස්කෝලෙ නිවාඩු දුන්නම යමු ඔන්න කොහේ හරි.. මට නම් මේ බිත්ති හතර අස්සෙ කොටුවෙලා ඉඳල ඇතිවෙලා " රසිකා සුපුරුදු කියවිල්ලෙන්ම කතාව ඉවර කලා. අද ඔය තරමින් හරි කතාව නතර වුනේ පුතාට ඕන කරන බඩු වගයක් ගන්න කියල රසිකා කාරෙකත් අරන් ටවුමට ගියාට පස්සේ. මම නිවිහැනගිල්ලේ තේ එක බොන්න කියල වැරැන්ඩාවට ආවේ ෆෝන් එකත් අරගෙනම. කොයි වෙලාවේ අපේ නිලධාරියෙකුගෙන් කෝල් එකක් එයිද කියල සැකෙන්..ආසිරිව ඉක්මනින්ම හොයාගන්න ලැබුනොත් ලොකු දෙයක්. නැත්තන් මේ කොල්ලගෙ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්.එහෙම නැත්තන් මුළු ජීවිතේම ආයිත් කාළකන්නි වෙන්න ඉඩ තියෙනවා . මට ලොකු හුස්මක් හෙලුනේ ඉබේටම ... චූදිතයා ආසිරි නෙවෙයි ... ආසිරි වටා රොක්වුනු සමාජයයි චූදිතයා. ඒත් දඬුවම් විඳින්නේ ආසිරි. ඒ..ඌ පොඩි තැනක උපන් එකෙක් නිසා. මට අද වගේ මතකයි ආසිරි හොරකමකට අහුවෙලා පොලිසියට ගෙනාපු දවස.. මට මතක විදිහට මීට අවුරුදු තුනකට විතර කලින්...? ඇස් යට ගිලුනු ඒත් හරි තියුණු ඇස්දෙකක් මා දිහාට යොමු වෙලා තිබුනා එක එල්ලේම. මං එනකොටත් කොලුවා පොලිසියෙන් විතරක් නෙවෙයි මිනිසුන්ගෙනුත් ගුටි කාල තියෙන වග මට තේරුනා. නළලෙන් බේරෙන දාඩිය විතරක් නෙවෙයි කොල්ලගෙ ඇස් දෙකෙන් බේරෙන කඳුළුත් මම දැක්කා.ඕව පොලිසියෙ අපිට ඕනතරම් පුරුදුයි. සමහරු හරි දක්ෂයි කිඹුල් කඳුළු හෙලන්න. මොකද යුනිෆෝම් එක අස්සෙ ඉන්නෙත් මනුෂ්‍යයින් නිසා අපේ හිත් උණු වෙයි කියල හිතල වෙන්න ඇති . ඒත් මේ කඳුළු වල වෙනසක් මට පෙනුනා.මං ඒ වෙනස හොඳින්ම දැක්කා. "මේකා... මේකට දෙක තුනක් ඇනලා මිසක් කට අරවන්න බෑ,සර්..මූ වයසට වඩා මෝරපු මහ අංකුරයෙක්. පේන් නැද්ද මූණෙ හැටි...? හුම්.. යමං දැං..." පීසී කෙනෙක් කොල්ලගෙ ෂර්ට් කොළරයෙන් අල්ලල ඇදගෙන ගියා. චෝදනාව තමයි බෝ ගස් හන්දියෙ අළුත් බුදු මැදුරේ පිං කැටේ කැඩීම සහ ඒකෙ මුදල් හොරකම් කිරීම. "ඔහොම ඉන්නවා...!! ඔය කොල්ලට ඉන්න දෙනවා . මං ඉතුරු ටික බලාගන්නම්... " කොල්ලා කූඩුවට වෙලා ඔළුව ගහගෙන ඉන්නවා. ඌට උදේ ඉඳන් වතුර උගුරක් වත් නැතුව ඇති. මං මෙස් එකෙන් කෑම එකකුයි වතුර බෝතලේකුයි ගෙන්නල දුන්නම බත් පාර්සලේ ගිලගෙන ගිලගෙන ගියේ පුදුම ගිජු කමකින් . බත් හිරවෙලා ඉක්කා ගහද්දී ගමගේ ආයිත් වතාවක් ගිගුරුවා .. "හිමීට කාපන්. උඹ ඕක හිරවෙලා මොනා හරි උනොත් ඒකටත් වග කියන්න වෙන්නේ අපිට.. කාපන්කෝ ... පස්සෙ දෙන්නම් අතුරු පස..." මං බලාගෙන ඉන්නව දැකල වෙන්නැති ගමගේ රාළහාමි හීං සීරුවෙ මාරුවෙලා ගියා. කොල්ලව ප්‍රශ්න කරන්න කියල ඇතුල් කාමරේකට යවන්න නියෝග කරල ...මම ටික වෙලාවකින් එතනට යනකොට කොළුව බිත්තියට හේත්තු වෙලා ඔළුව අල්ලගෙන ඉන්නව. නළලෙ දකුණු පැත්තෙන් ලේ ගලනව. "ආ... මේකෙන් පිහදගන්නවා... මොකක්ද තමුසෙගෙ නම කොල්ලෝ...? " "ආසිරි..." "වයස..? " " දහතුනයි..." කොල්ලගෙ කටින් වචනයක් ගන්න එක ගලෙන් පට්ටයක් ගන්නවටත් වඩා අමාරුයි. ආසිරිගෙ පාපොච්චාරණය , ප්‍රායෝගිකව තහවුරු කරගන්න ඕන හින්දමයි මම හෙට්ටියාවත්තේ මුඩුක්කුවට යන්න තීරණය කළේ. පේළි ගෙවල් මැද්දෙන් දිවෙන පටු පාර කෙළවර වෙන්නේ ගඳ ගහන කුණු ඇලකින්. හෙළුවෙන් ඒ මේ අත දුවන පුංචි ලමයි.. උන් පස්සෙ කෑ ගගහ දුවන ගැහැණු සහ ජිප් එක දුටු මතින් කුළප්පු වෙලා අතුරුදහන් වෙන පිරිමි අතරින් මට ඕන වුනේ ආසිරිගේ පවුලෙ උදවිය අඳුරගන්න. "මේ ආසිරිගෙ ගෙදර වෙන්න ඇති ..." මා එක්ක ගිය පොලිස් නිලධාරියෙක් අහන කොට බියෙන් හැකිලෙමින් කුඩා ගෑනු ලමයෙක් ඉස්සරහට ආවා. "මේ ආසිරිගෙ ...? " " මං එයාගෙ අක්කා... මාධවී..." ආසිරි කියපු හැම දෙයක්ම ඇත්ත. මේ මිනිස්සු ජීවත් වෙන පරිසරය දැක්කම මෙහෙම නූනොත් තමයි පුදුම ..මට ආසිරිගෙ වචන ඇහෙනව... ඇහෙනව වගෙයි . මීට අවුරුදු තුනකට කළින් පිං කැටයක් කඩාපු වරදට අත් අඩංගුවට ගත්ත ආසිරි කියන ළමා අපරාධකරුවා මුලින්ම මා ඉදිරියේ පාපෝච්චාරණය කරපු හැටි....? අද වගේ මතකයි . * * * "මහත්තයා..මං නැතුව මගෙ අම්මයි අක්කයි බඩගින්නෙ මැරෙයි... මට යන්න දෙන්න . මට ගැහුවත් කමක් නෑ. ඒත් මාව හිරේ දාන්න එපා .මං තමයි මහත්තයෝ පිං කැටේ කැඩුවේ.. මගෙ තාත්ත කවුද කියල කියන්න මං දන්නෙ නෑ. මතක ඇති කාලෙ ඉඳල අම්මව විතරයි අපි දැක්කේ. අම්මා ළඟ ගෙදරක අත් උදව්වට ගිහින් තමයි අපිව ජීවත් කරේ. "කෝ... මට බඩගිනියි. මොකුත් ගෙනාවෙ නැද්ද අප්පා...? " අක්කා
....අම්ම ගෙදර ආව ගමන්ම කන් කෙඳිරිල්ල පටන් ගන්නවා. ඇත්ත ... මටත් බඩගිනියි. ඒත් අම්මා, බියට්‍රිස් නෝනල ගෙදරින් ඔතාගෙන එන බත් එක අපි තුන්දෙනාටම මදි. විශේෂ දවසකට තමයි බඩ පිරෙන්න කන්න ලැබෙන්නේ. අක්කගෙ සුදුමැලි විච්ච ඇස්දෙකයි කහ ගැහුන මූණයි දැක්කම මට කියන්න බැරි තරම් දුකක් හිතට එන්නේ... ඒ වෙලාවට මම කන්ඩ බෑ කියල මගෑරලා දුවන්නේ මයිකල් මාමගෙ හෝටලේට. ඒක හෝටලයක් කිව්වට තේ කඩයක් ... ඒකට තේ බොන්ඩ එන මිනිස්සු ඔය සීනි බනිස් ගෙඩියක්, පොල් රොටියක් කෑවට ඒව ඉතුරු වෙන්නේ කළාතුරකින්. ඒත් හෝටලේ පරණ විච්ච පාන්, බනිස් මොනාහරි මටත් හම්බ වෙනවා. හෝටලේ කුස්සියට වටෙන් ගිහින් හිමීට රිංගගත්තම සේන අයියගෙන් මිරිස් මාළු හොදි ඩිංගක් , පරිප්පු හොද්දක් හම්බ වෙනව.ඉතුරු බිතුරු සිලි මල්ලකට ඔබාගෙන ගෙදර ගෙනාවම අක්කට බත් එක දීල අම්ම මං ගෙනාපු පාන් රොඩ්ඩක් කනවා. අක්කට මාන්දමද මොකක්ද කියල මිඩ් වයිෆ් නෝන බේත් පෙති වගයක් දුන්නා. ඒත් අක්කට හිටපු ගමන් කලන්තයක් හැදෙනව. ඒ හින්ද අම්මට කුළියක් මලියක් කරගන්ඩ වත් දුරක යන්ඩ බෑ. ඔය බියට්‍රිස් නෝනල දිහා ගිහින් වැඩක් පලක් කරල,දීල එන්නේ ඒකයි. අම්මටත් විටින් විට හතිය හැදෙන හින්ද වැඩිය මහන්සි වෙන්ඩ බෑ.බැරිම තැන තමයි අම්ම මාව පංසලකට බාරදුන්නේ . ටික කාලයක් ඇබිත්තෙක් වගේ ඉඳල සාසනේට බාර කරන්ඩ හිතාගෙන. පිරිවෙනේ ඉගෙන ගන්නත් පුළුවන් හින්ද මාත් ඒකට කැමති වුනා .මං හරි ආසයි මහත්තයා ..ඉස්කෝලෙ යන්න.ඉස්කෝලෙ යන ලමයි දිහා බලා ඉඳල හූල්ලන්න විතරයි මට පුළුවන් වුනේ. මං පුංචි කාලෙ ආසාවෙන් හිටියේ කාර් එකක යන ලොකු මහත්තයෙක් වෙන්න. "ලොකු මහත්තයෙක් වෙන්ඩ නිකං බෑ ආසිරියෝ... ඉහළ තානාන්තරේකට යන්ඩ ඔය ලොකු ලොකු විබාග පාස් කරන්ඩ ඕන. කොහෙද උඹට උප්පැන්නයක් නෑ කියල එක ඉස්කෝලෙකටවත් වද්ද ගත්තෙ නෑනෙ බං" අම්ම මාව ඉංගිරිය පැත්තෙ ප‍ංසලකට බාර දුන්නේ අඩුම ගානෙ හොඳට කාල ඇඳල හරි ඉඳියිනෙ කියලා. ඒත් අම්ම මාව ලොකු හාමුදුරුවන්ට බාරදීලා ආපහු යන වෙලාවෙ නං මට හිතුනේම අර ලෑලි අටවපු පුංචි මුඩුක්කු ගේ හිටියනං හොඳයි කියල . මට පුංචි කාලෙ ඉඳන්ම කණ් දෙකට හුරුවෙලා තිබ්බ සද්ද බද්ද වෙනුවට පංසලේ තිබ්බ නිස්කලංකකම දරාගන්න ගොඩක් අමාරු වුන නිසා. මට ලොකු හාමුදුරුවො හුඟක් කරුණාවෙන් අකුරු සාස්තරේ ඉගැන්නුවා.. ගාථා කට පාඩම් කෙරෙව්වා. දාන සාලාවෙ ඕන තරම් කෑම,බීම දකිද්දි මට මතක් වුනේම අක්කව. ඒත් ගෑනු ළමයි මෙහෙ නතර කරගන්නෙ නෑ කියල අම්ම කිව්වෙ නැත්තන් මං අක්කව මෙහෙ නතර කර ගන්නවා. හොඳට කන්න බොන්න ලැබුනම අක්කගෙ ඇස් වල සුදුමැලි ගතිය ,මූණෙ කහපාට මළානික කම හෙම නැතිවෙයි කියල හිතුනා. මගේ කරුමෙට , ලොකු හාමුදුරුවන්ගෙ ඥාති පුතෙකුත් ඒ පංසලේම.මහණ වෙලා උන්නා. පොඩි හාමුදුරුවෝ මට වඩා ටිකක් වැඩිමල්. දවසක් ලොකු හාමුදුරුවො බණකට වැඩිය වෙලාවෙ එයා මට හරියට හිරිහැර කරා මහත්තයා ...මට ඒ දේවල් කියන්ඩ බෑ. ඒව ලොකු හාමුදුරුවන්ට හරි,වෙන කාට හරි කියල තිබුනොත් මාව හොරකමකට පටල වලා පොලිසියට අල්ලල දෙනව කිව්වා. පොඩි හාමුදුරුවෝ මේ විදිහට නිතර නිතර මට කරදර කරන්න ගත්‍තම බැරිම තැනයි මට ගෙදර යන්න ඕන කියල ලොකු හාමුදුරුවන්ට ඇවිටිලි කරේ. මාව අම්ම ආපහු ගෙදර එක්ක ගියත් ලොකු හාමුදුරුවන්ගෙ නෑයෙක් හින්ද වෙන්ඩ ඇති අර පොඩි හාමුදුරුවන්ට දඬුවමක් දුන්නෙ නැත්තේ. අන්තිමේදී මං ඇත්තටම හොරෙක් වුනේ මගෙ අම්මට හතිය වැඩිවෙලා එක්තැන් වුනාට පස්සේ ...එයාට කාස රෝගෙ කියල බියට්‍රිස් නෝන අම්මට තියා අපි කාටවත් පැත්ත පළාතෙ එන්න,දුන්නෙ නෑ. අම්මට බේත් ගන්න තියා අපිට කන්න බොන්නවත් සල්ලි හොයාගන්න බැරිවුනා. අක්කට වැඩක් පලක් කරන්ඩ බෑ එයත් ලෙඩෙක් නිසා. එදා අම්මට හොඳටම හතිය වැඩිවෙලා මට හරියට බය හිතුනා. මට හිතුනෙම අම්ම මැරෙයි කියල. අපේ ගේ කිට්ටුව ඉන්න පොකට් අනිල් කියන කෙනා තමයි බෙහෙත් ටික ගන්න මට එදා සල්ලි දුන්නේ. "උඹට ඔය විදිහට ඇබිත්තකං කරල සල්ලි හොයන්ඩ,වෙන්නෙ නෑ ආසියෝ... ඉන්න කල් කාල,බීල , අම්මටත් සළකල,සැපෙන් ඉන්ඩ ඕනේ... උඹට වගේ තමයි බං මටත්. උප්පැන්නයක් නෑ..අයිඩින්ටියක් නෑ.. මම්මත් නෑ.. පප්පත් නෑ...ඒත් තුට්ටු තියෙනවා..මේං" මං ඉස්සර පොලිසියට හරිම බයයි මහත්තයෝ....මං දැකල,තියෙනවා,අපේ වත්තෙ උං පොලීසියට අහුවෙලා චාටර් වෙන හැටි. ඒත් ...ඒත් මටත් ආස හිතුනා අක්කට ලස්සන ගවුමක් අරන් දෙන්ඩ.අම්මට බේත් ටික වෙලාවට අරන් දුන්නොත් අම්ම තව කාලයක් සනීපෙන් ජීවත් වෙයි කියල මට හිතුනා. මේ හඩු ගැහිච්ච කොට කළිසම ගලවලා,දිග ඩෙනිමක් ටී ෂර්ට් එකක් අඳින්ඩ මටත් ආස හිතුනා . එදා වැස්ස දවසක් .අම්මටයි අක්කටයි මයිකල් මාමගෙ තේ කඩෙන් පරණ පාන්, බනිස් මල්ලත් අරන් එද්දි මහ වැස්සෙන් බේරෙන්ඩ මං දුවගෙන ගියේ බෝධිය යටට. එතනදි මං දැක්කා සල්ලි පිරෙන්න තියෙන පිං කැටේ. පංසලේ ඉන්දැද්දිවත් මට ඒ පව්කාර හිතිවිල්ල ඇවිල්ල නෑ...මට එවෙලෙ අනිල් කියාපු කතාවමයි මතක් වුනේ . බුදු හාමුදුරුවො අසරණයින්ට අනන්ත අප්‍රමාණ පිහිටවුනා කියල පංසලේ ලොකු හාමුදුරුවො දේශනා කරපුව මට මතක් වුනා . මං රෑ ජාමෙ හීංසීරුවේ බුදු මැදුරෙ වහළෙන් ඇතුලට රිංග ගත්තා .බුද්ධ රූපෙ මට පෙනුනෙම මං දිහා අනුකම්පාවෙන් බලන් ඉන්නව වගේ. මං අත් දෙක එකතු කරල වැන්දා. "බුදු සාදු මට සමාවෙන්න ඕන ..අම්මට බේත් අරන් දෙන්න සල්ලි නෑ.මාව පොලිසියෙන් විතරක් බේරල දෙන්ඩ. මැරුන කාලෙක මං අපායෙ ගියත් කමක් නෑ..." මට එවෙලෙත් මතක් වුනේ ලෙඩ ඇඳේ ඉන්න මගෙ අම්මවයි සුදුමැලි ඇස් වලින් මා දිහා බලා ඉන්න මගෙ අක්කවයි. මං පිං කැටේ කැඩුව තමයි මහත්තයෝ. එවෙලෙ මං කොහොම ඒ දේ කරාද කියල මට තාමත් හිතාගන්ඩ බෑ. මම ඒ සල්ලි ටික හංගගෙන හිටියා . "මට බේත් තුණ්ඩුව දෙන්ඩ අම්මා. මාව හොයාගෙන කවුරුහරි ආවොත් ගිය තැනක් දන්නෑ කියන්ඩ..." "උඹට බේත් ගන්ඩ සල්ලි කොයින්ද? හම්මේ මට හුස්ම ගන්ඩත් බෑ වගේ.... බේත් නැතුව සුමාන දෙකක් ගියා නෙව.ඒත් උඹ කොහෙන් කියල සල්ලි හොයන්ඩද..? " අම්මට වෙනදට වැඩිය අමාරුයි කියල මටත් හිතුනා . මම පිම්මෙ ගියේ කිට්ටුව තියෙන ෆාමසියකට. අපි තුන් දෙනාට හොඳ තැනකින් රස බත් පාර්සල් තුනකුයි, අම්මට කිටිපිටි එකකුයි අක්කට ගවුමකුයි ගත්තම අතේ පොඩි ගානයි ඉතුරු වුනේ....ඒකෙ ගොඩක්ම තිබුනෙ සිල්ලර කාසියි රුපියල් දහයෙ කොළයි. බයටම මම බෝගස් හන්දිය පැත්තටවත් ආයෙ ගියෙ නෑ. "මොකෝ උඹ පිං කැටයක් වත් කැඩුවද..? " කිරිපිටි ගත්ත කඩේ මුදළාලි ඇහුවම මං ගැස්සුනා. මං කරපු හොරකම හැමෝම දැනගෙන වත්ද කියල. ඒත් අම්මට බේත් ටික පොවා ගත්තට පස්සෙ මට මැරුනත් කමක් නෑ කියල හිතුන මහත්තයා . පහුවදා අක්ක කඩේට ගියාම,මං පිං කැටේ කඩපු එක පොලිසියට කියනව කියල මගෙ අක්කව බය ගන්නල මුදලාලි අක්කට අඩත්තෙට්ට්ම් කරන්ඩ හදල තියෙනව මහත්තයා. අක්ක ගෙදර ආවෙ අඬාගෙන. එවෙලෙ මට මොනා උනාද දන්නෙ නෑ. මට ඕන දෙයක් උනාවෙ කියල හිතාගෙන තමයි මං කඩේ කෙහෙල් කැන් කපන්න තියාපු පිහිය අතට ගත්තේ. පිහි පාර වැදුනේ මුදලාලිගෙ අතට. ඒත් මං වැරදිකාරයෙක් උනේ හොරකම විතරක් නෙවෙයි මිනී මරන්නත් තැත් කරා කියල. මුදලාලි කට උත්තර දුන්නේ මම පිං කැටේ කඩාපු වග කියයි කියල බයට මං ඌව මරන්ඩ හැදුව කියල. මං කියන්නෙ ඇත්ත උනත් කවුරුවත් ඒව විශ්වාස කලේ නෑ... මාව පොලිසියෙන් අල්ලං යනකොට මගෙ අම්ම විළාප තියපු හැටි මතක් වෙනකොට ඉවසන්න බෑ මහත්තයා " * * * ඒ තමයි ආසිරි නොහොත් ආසිය...ගේ පාපොච්චාරණය. මට ආව හදිසි ඇමතුම් දෙක නිසා ...ආසිරි මාව අරන් ගිය මතක ලෝකෙන් ආපහු පියවි ලෝකෙට එන්න වුනා. එක කෝල් එකක් අපේ නිලධාරියෙකු ගෙන්....අනික වයිෆ් ගෙන්....සිවිල් පිටම මං ආපහු මූලස්ථානෙට ගියේ ලැබුනු පණිවිඩ දෙක... එක තරමටම වැදගත් නීසා. "කොල්ල අහුවුනා සර් බඩුත් එක්කම. හහ්.. සර් කිව්වනේ කොල්ලට සීරීමක්වත් වෙන්ඩ බැ කියල ... ඒත් ...ඒත් සර් මේ වගේ උන් පුනරුත්ථාපනය නෙවෙයි කරන්ඩ ඕන..." රසිකා මං ආවට පස්සෙ තමයි වාහනෙන් බැස්සේ. කොල්ල වෙව්ලන්න ගත්තේ රසිකා මගෙ වයිෆ් කියල දැනගත්තට පස්සේ. "බිම්සර..මේ කොල්ල තමයි මගෙ චේන් එක කඩාගෙන පැන්නෙ . මම හොඳටම දැක්කා.. " "මූ චේන් එක ඒ ටිකට කාණුවට විසි කරලා. මැඩම්ගෙ චේන් එක අපි හොයාගත්ත සර්. මෙන්න... " සාජන්ට් වීරසිංහ චේන් එක මගෙ මේසෙ උඩින් තිබ්බා. රසිකගෙ මූණ රතුවෙලා. මම චේන් එක රසිකා අතට දීල ක්වාටස් එකට යන්න කිව්වම එයා මං දිහා බැලුවෙ පුදුම වෙලා වගේ. "කිව්වම අහල ගෙදර යන්න .මට වැඩ තියෙනවා ..." මම කිව්වේ ඇත්තටම කේන්තියෙන්. "මේකව හෙට උසාවියට දාල මේකෙ දෙකෙන් එකක් ඉවර කරගන්ඩ ඕන...හ්ම්..දැන් කූඩුවට දානවා..ගමගේ..රිපෝට් එක ලියන්න කලින් මට කියනවා. " "හොඳමයි සර්.. " මම පෞද්ගලිකව දන්නවා ආසිරි කියපු ඔය කළු කඩකාරය කරන හොර මගඩි ගැන. මේ පළාතෙ දේශපාලන රූකඩ නටවන නූල තියෙන්නෙත් උන් කීපදෙනෙක් අතේ... උන් මුන්ව නටවනව....මුන් උන්ව නටවනවා. මේ ළඟදි අඩු ආදායම්ලාභින්ට දුන්න වියළි ආහාර තොග පිටින් ආවෙ ඔය මුදලාලියගෙ තොග කඩේට. පුදුම වැඩේ කියන්නෙ සංගණන කරලා හොයාගත්තු අඩු ආදායම් ලාභී ලැයිස්තුවේ උඩින්ම ඉන්නෙත් උන් . ආසිරිගෙ අම්ම අඬ අඬා මා එක්ක කිව්වේ කිසිම ආධාරයක්, සහනයක් ඒ මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ කියල. ග්‍රාම නිලධාරි හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හදන ලිස්ට් අන්තිමේදී වෙනස්වෙන්නෙ මැති ඇමතිලගෙ හිතවත්කම්වල අනුපිළිවෙලට.... එහෙව් මුදලාලි තමා ආසිරිව අපරාධකාරයෙක් කියල කොටු කරන්න වළි කෑවේ. ඔක්කොම හොරා කන්නේ ලයිසන් ඇතුව.. ඒවට අපේ ආයතනවල සමහර උනුත් සම්බන්ධයි. ලයිසන් නැත්තේ ආසිරිල වගේ අන්ත අසරණ උන්ට. "සර්...මැඩම්ගෙ මාලෙ කඩාගත්ත කේස් එක දාමු නේද ? නීතිය තවත් හිරවෙනවා එහෙම වුනොත් . මුන්ට වෙන්ඩත් ඕන ඕකම තමයි සර්... නැත්තන් හොරකම,වංචාව කවදාවත් අතුගාන්න ලැබෙන්නෙ නෑ..." "නෑ..නෑ..මාලෙ කේස් එක ක්ලෝස්.තමුසෙල හිතයි මාත් හොරකමට අනුබල දෙනව කියලා. කොහෙත්ම නෑ...මෙතන ලොකු වරදක් වෙලා තියෙනව
ා. ඒ වරද වෙලා තියෙන්නේ අපෙන්... තෝරු මෝරු බේරලා හාල්මැස්සො අල්ලන එක. මටම ලැජ්ජයි අයිසේ... ඒ කොල්ල හොරකමේ යන්නෙ ඌට රස්සාවක් කරන්න බැරි නිසා .රස්සාවක් කරන්න බැරි අධ්‍යාපනයක් නැති නිසා. අධ්‍යාපනයක් නැත්තෙ ඉගෙනගන්න වත්කමක් නැති නිසා. අප්පෙක් නැතුව උප්පැන්නයක් හදාගන්න බැරිවුන නිසා. කොතනද වැරැද්ද සාජන් ... ? " ආසිරි නැවතත් රැඳවුම් භාරයට යවන ලෙස උසාවියෙන් නියෝග කෙරුනා. හෙට්ටියවත්තේ සෙදෝනා... ඒ කියන්නේ ආසිරිගෙ අම්ම අර ලෑලි ගේ අස්සෙ අවසන් හුස්ම හෙලුවෙත් ඒ හිත් වේදනාවෙන් වෙන්න ඇති. මළගමට ආසිරිව රැගෙන ආපු වෙලාවේ ...ඔහු එක එල්ලේ බැලුවේ මා දිහා විතරයි . "මගෙ අක්කට අර මුදලාලියා ආයිත් කරදර කරොත් ...? මං මොනාද කරන්ඩ ඕන මහත්තයා ...? " ඒ ප්‍රශ්නෙදි ඇත්තටම මං නිරුත්තර වුනා. "අක්කට හොඳ ආරක්ෂිත ළමා නිවාසයක් අපි කතා කරල තියෙන්නේ . මේ ටික කාලෙ හොඳින් ගත කරොත් ආසිරිටත් ඉක්මනින්ම එළියට එන්න පුළුවන්.මාව විශ්වාසයි නේද" ආසිරි " ඔව්" කියන්න වගේ හිස වැනුවම ඒකත් මගෙ හිතට පුංචි අස්වැසිල්ලක් වුනා. වැඩිහිටියන් විදිහට අපිට සමාව ඉල්ලන්න වෙනවා ආසිරි උඹලගෙන්... උඹලට නිදහසේ හුස්ම ගන්න තියෙන හැම ඉඩක්ම ඇහිරුවේ අපි...!! මේ වැඩිහිටි සමාජය...!! උඹ වගේ සෝපාක...ලා තව කොච්චර ඇද්ද මේ රටේ..? වැඩිහියෙක් විදිහට විතරක් නෙවෙයි වගකිවයුතු නිලධාරියෙක් විදිහටත් මගෙ හිතට මහ බරක් දැනුනා. ඇසට කඳුළක් ඉනුවේ මටත් නොදැනීම. ආසිරි රැගත් ජිප් රිය හෙට්ටියාවත්තේ කුණු ඇල මායිමෙන් දූවිලි විසිරුනු පටු මාවතේ ඈතට නොපෙනී ගියා . නිමි (සේයාරුව අන්තර්ජාලයෙනි)ලතින් ඇමෙරිකාවෙ රටවල්වලින් මම කැමතිම රටක් ගයනාව. එහේ මිනිස්සු වැඩි හරියක් ලංකාවෙ වගේමයි. නැව ගිලුනත් බෑන් චූන්. අපිටත් වඩා කෑමට බීමට ජොලියට බර සැහැල්ලු මිනිස්සු එහෙ ඉන්නෙ. ගයනාවෙ ජනගහනයෙන් වැඩි හරියක් ඉන්නේ ඉන්දියානු සම්භවයක් සහිත අය. ගයනාව කියන්නෙ West Indies රටක්. කොදෙව් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රධානම රටක්. පළමු ලෝක කුසලානය දිනපු ක්ලයිව් ලොයිඩ් ගයනානුවෙක්. ඒ වගේම ශිවනරින් චන්ද්‍රපෝල්, ලාන්ස් ගිබ්ස්, කාල් හූපර්, රොජර් හාපර්, දේවේන්ද්‍ර බිෂෝ.කොලින් ක්‍රොෆ්ට් දැවැන්තයො ගොඩක් ඉන්නවා. කැනඩාවෙ ඉන්නවා ලොකු ගයනා ඩයස්පෝරාවක්. 2017 කැනඩාවෙ ගිය වෙලාවක ටොරොන්ටෝ නගරයේ ලාංකික මිතුරෙකුගෙ ගෙදරදි ගයනා යාලුවො සෙට් උනා. හැන්දෑවෙ උන් එක්ක අඩියක් ගහල කෑම කෑව. ගෑණු ළමයෙක් එක්ක ඩාන්ස් එකක් දැම්මා. බොබ් කෑම ඉව්වා. නම මතක නැති අරවින්ද සිල්වා වගේ පෙනුම තියෙන ගයනානුවෙක් සුප් හැදුවා. බොබ්ගෙ ප්‍රියතම ගායකයා ජෝතිපාල. කැනඩාවෙදිනම් ලාංකිකයොයි ගයනානුවොයි අඳුර ගන්න බැරි තරම්. එච්චර හොඳට නිස්කලංකව තිබ්බ ගයනාවටත් දැන් පෙරේත බැල්ම වැටිලා. පෙරේතයා වෙනින් කවුරුවත් නෙවෙයි අල්ලපු රටේ නිකලස් මදූරෝ මහත්තයා. මදූරෝ වෙනිසියුලාවෙ ජනාධිපති වෙන්න කලින් බස් ඩ්‍රයිවර් කෙනෙක්. බස් රියදුරන්ගෙ Union එකක සභාපති වෙලා පස්සෙ හියුගෝ චාවෙස්ට කිට්ටු වුණා. පස්සෙ චාවෙස්ගෙ දකුණු අත වුණා. චාවෙස්ගෙන් පස්සෙ මදූරෝට නිකම්ම බලය ලැබුණා. ලෝකයේ අති සංවේදී දේශසීමා කලාප කිහිපයක්ම තියෙනවා. දිගටම පත්‍තු වුණොත් ග්‍රහලෝකයත් සුන්. දකුණු ආසියාවෙ කාෂ්මීරය, නැගෙනහිර ආසියාවෙ තායිවානය, යුරෝපයේ යුක්‍රේනය, මැදපෙරදිග පලස්තීනය. ලෝකයේ අනික් කලාපවලට සාපේක්ෂව දකුණු ඇමෙරිකාවේ රටවල් ඒ තරම් වැට මායිම්වලට රංඩු වුණේ නැහැ. ඒ නිසාම මෑත කාලයේ ඒ රටවල් අතර යුද්ධ ඇතිවෙලා ලේ හලා ගත්තෙ නැහැ. ඒත් දැන් අලුත්ම එක ගයනා වෙනිසියුලා දේශසීමා අර්බුදය. මේ ගැටළුව අළු යට ගිනි පුපුරු වගේ කාලාන්තරයක් තිස්සේ තියෙනවා. ගයනාවට අයිති එස්සිකියුබෝ ප්‍රාන්තයට වෙනිසියුලාව අයිතිවාසිකම් කියන්න ගිහින් දැන් ලතින් ඇමෙරිකාවත් ගිනියම් වෙලා තියෙන්නෙ. එස්සිකියුබෝ කියන්නෙ තෙල් සම්පතින් අනූන සශ්‍රීක ප්‍රදේශයක්. ඒකෙ වපසරිය සමස්ත ගයනා භුමියෙන් තුනෙන් දෙකක්. එස්සිකියුබෝ මදුරෝට දුන්නොත් ගයනාවට ඉතිරි වෙන්න තරම් දෙයක් නැහැ. වෙනිසියුලාව කොහොමත් එස්සිකියුබෝ ගැන අදහස අතහැරල තිබ්බෙ නෑ.කාලාන්තරයක් තිස්සේ කුරුමානම් අල්ලනවා. ඒත් ගයනාව පැත්‍තට ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර බලවතුන් ඉන්න නිසා වෙනිසියුලාව හොරගල් අහුලමින් තමයි ඉන්නෙ. වෙනිසියුලාව කියන්නෙ බ්‍රිතාන්‍යය විසින් තමන්ට අයිති එස්සිකියුබෝ පළාත තමන්ගෙන් කොල්ල කාල ගයනාවට ලියල දුන්න බව. ගයනාව කළින් බ්‍රිතාන්‍ය කොලනියක්. දකුණු ඇමෙරිකාවෙ තියෙන එකම ඉංග්‍රීසි කතාකරන රට. 55% ක් ක්‍රිස්තියානුවන්. ඒ වගේම 31%ක් හින්දු ආගමිකයන්. ජාතිකත්වය ගත්තොත් 40%ක්ම ඉන්දියානු සම්භවයක් සහිත අපේ පෙනුම තියෙන මිනිස්සු. ඊයෙ වෙනිසියුලාවෙ ජනමත විචාරණයක් පැවතුණා. ඒකෙ අරමුණ වුණේ එස්සිකියුබෝ ඈඳාගන්නවද නැද්ද කියල මිනිස්සුන්ගෙන් අහන්න. හොම්බෙන් ගිහින් ඉන්න වෙනිසියුලානුවන්ට එස්සිකියුබෝ කියන්නෙ හිතූ පැතූ සැප සම්පත් ලබා දෙන කේතුමතියක්. එස්සිකියුබෝ ලතින් ඇමෙරිකාවේ කීර්තිය. වැසි වනාන්තර පිරුණු පාරාදීසයක්. ඒ විතරක් නෙවෙයි. 2015 දි එස්සිකියුබෝ වෙරළෙන් තෙල් සම්පත් සොයා ගත්තා. ඊට පස්සෙ මදුරෝට ඒ කලාපය ගැන කෑදර කමක් ඇති වුණා. එස්සිකියුබෝ මනමාලිය නිසා දැන් ගයනාව කියන්නෙ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ආර්ථිකයක් සහිත රටක්. ගිය අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය (GDP growth) 62% යි. ලෝකයේ අංක එකේ වර්ධන වේගය. ඉතින් කවුද අකමැති පැනසලෙන් කතිරයක් ගහලා ඒ කෑල්ල ගන්න පුළුවන්නම්. හැබැයි මදූරෝගෙ ගැටවලට වෙනිසියුලාව මිනිස්සු දැන් ඒ තරම් අහුවෙලා නැහැ. ඡන්දෙ දුන්නෙ මුළු ජනගහනයෙන් 10%යි. ඒ අය හැබැයි මදුරෝ අප්පච්චිගෙම පුතාලා තමා.එයින් 95%ක්ම වැඩේට මනාපය දීල තිබ්බා. දැන් වෙනිසියුලාව තියෙන්නෙත් 2022 අප්‍රේල්,මැයි වෙද්දි අපි හිටපු තැන. තෙල් පොලිම්,ගෑස් පෝලිම්, හිටු කියල ලයිට් කපනවා. හැබැයි ඉතින් Maduro go home කිව්වට උන්නැහේ යන්නෙ නැහැ. අරගල තිබ්බත් මදුරෝව යවන්න තරම් ඒවට ශක්තියක් නැහැ. ගයනාව වේගයෙන් ඉස්සරහට යද්දි එහි අසල්වැසි මදුරෝගෙ වෙනිසියුලාව යන්නෙ ආපස්සට. වෙනිසියුලාවත් තෙල් ආකරවලින් පොහොසත් රටක්. නමුත් ඇමෙරිකානු සම්බාධක නිසා එයින් වැඩක් ගන්න බැහැ. ඒ වගේම අකාර්යක්ෂම කළමනාකරණයත් ඊට බලපා තිබෙනවා. බංකොලොත් වෙලා ඉන්න මදූරෝගෙ ආණ්ඩුව දන් හදන්නෙ එස්සිකියුබෝ ඉස්සරහට දාන්න. ඊනියා ජනමත විචාරකයෙන් පස්සෙ මදූරෝ ආන්දෝලානාත්මක ප්‍රකාශයක් කළා. වෙනිසියුලාවෙ රාජ්‍ය ඛණිජ තෙල් සමාගම්වලට එස්සිකියුබෝ ගිහින් වැඩ පටන් ගන්න කියල උන්නැහේ කිව්වා. ඒ වගේම එස්සිකියුබෝ පළාතෙ දැන් ව්‍යාපාර කරන බලශක්ති සමාගම්වලට මාස තුනක් ඇතුළත අකුලගෙන යන්න කිව්වා. එස්සිකියුබෝ වෙනිසියුලාවෙ කොටසක් ලෙස නීතියක් සම්මත කිරීමටත් මදූරෝ සුදානම් වෙනවා. එස්සිකියුබෝ කලාපයේ මිනිස්සුන්ට වෙනිසියුලාවෙ පුරවැසිභාවය දෙනව කියලත් ඔහු කියනවා. ගයනා ජනාධිපතිවරයා කියන්නේ මදුරෝගෙ ප්‍රකාශය තම රටට එල්ල කරපු බරපතළ තර්ජනයක් බව. තමන්ගෙ දේශසීමාව ආරක්ෂා කරන්න අවශ්‍ය ක්‍රියාවන් සිදුකරන බව ඔහු ජාතිය හමුවේ කියා සිටියා. මේ සඳහා මැදිහත් වන ලෙස ගයනා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. නිකලස් මදූරෝ කියන්නෙ පුටීන් නෙවෙයි. ඊශ්‍රායල හමාස් යුද්ධයෙන් පස්සෙ රුසියාවවට හිතකර භූ දේශපාලනික වටපිටාවක් ලෝකය පුරා නිර්මාණය වෙමින් තිබෙනවා. පුටීන්ට දැන් ඕනැ තරම් මිතුරන් ඉන්නවා. ඒ නිසා මදූරෝ වගේ වැඩ වවා ගත්තු නායකයො ඕනෑවට වඩා ඇඟට ගන්න පුටීන්ට උවමනා නැහැ. මදූරෝ කියන්නෙ හියුගෝ චාවෙසුත් නෙවෙයි. කොහොමත් ඇමෙරිකාව ගයනාව වෙනුවෙන් සෘජුවම මැදිහත් වෙන ලකුණු පේනවා. එස්සිකියුබෝ පළාතේ තෙල් කැනීම් කරන්න ඇමෙරිකානු සමාගම් මැදිහත් වෙලා ඉන්නවා. ඇමෙරිකාව කොහොමත් ලෝක පොලිස් කාරය වගේ ඉන්නෙ. තමන්ගෙ එලිපත්තෙ ඉන්න පොඩි නංගිලා කෙහෙවලු පටලව ගත්තොත් ලොකු අයියට අවමානයක්. ඇමෙරිකාවට එස්සිකියුබෝ ප්‍රශ්නය විසඳන එක යුක්‍රේනය හෝ ගාසා තීරය වගේ අමාරු නැහැ. ඒක ලෙහෙසි තුරුම්පුවක්. දැනටම ඇමෙරිකානු යුද ගුවන් යානා ගයනාව වටේ කැරකෙනවා. ඊට අමතරව ලතින් ඇමෙරිකාවෙ දැවැන්තයා වූ බ්‍රසීලයත් දැන් කලබල වෙලා ඉන්නෙ. මදූරෝ බස් ඩ්‍රයිවර් කෙනෙක් වුණාට දැන් දේශපාලනඥයෙක්. එස්සිකියුබෝ එහෙම ආවට ගියාට අල්ල ගන්න තමන්ට බැහැ කියල ඔහු නොදන්නවා නොවේ. මේක මදුරෝගෙ දේශපාලන උප්පරවැට්ටියක්. ලබන අවුරුද්දේ වෙනිසියුලාවෙ ජනාධිපතිවරණය පැවත්වෙනවා. මේ සෙල්ලම පිරිහිලා තියෙන තමන්ගෙ ජනප්‍රියත්වය ගොඩ නගා ගන්න කරන දහම් ගැටයක් බව පේනවා. ඒ නිසා ලතින් ඇමෙරිකාවෙ අද හෙට යුද්ධයක් ඇතිවෙන්නෙ නැහැ.අව නඩුව "අම්මා කාලද?" උසාවි භූමියේ හෙවණ අඹ ගහ යට උන්නු හීන්දෑරි වයසක අම්මා කෙනෙක්ගෙ උරහිසට මං අත තිබ්බා, පාංකඩ වෙච්චි මාස්ක් එක පහලට කරපු ඒ අම්මා මං දිහා බලාගෙන හීල්ලුවා. " ඔවු අප්පා, මං කෑවා" ඒ ඇස් වල මං හිගන්නෙක් නෙවෙයි පුතේ කියල ලියවිලා තිබුනා, " එහෙනම් මොකද දෙතුන් පාරක් ඈනුම් ගියේ එතකොට? " වේලිච්ච අඹ කොල දෙක තුනක් අතින් පිහදාල මාත් ඒ බංකුවටම බර දුන්නා, එයාට අවුරුදු හැත්තෑවක් වත් ඇති, එයාට වඩා වයස භාගයක් වගේ මං එතනින් වාඩි වෙද්දි ටිකක් එහාට වෙලා එයා ඈත් උනේ වයස කෙසේ වෙතත් පිරිමියෙක් ලග ඉද්දි එයා පුරපු සංවර කම හින්දා වෙන්න ඇති, " නඩුවකට ආවද දරුවො" වෙවුලන කටහඩින් මාව අපරාද කාරයෙක් කරලා එයා " නෑ අම්මා මං ඔෆිස් එකේ නඩු වගයකට ආවෙ" " එහෙමද? හැමදාම එනවද?" " ඔවු ගොඩක් වෙලාවට" "අම්මා කාල නැත්තම් මොනා හරි කමු, මාත් තවම කාලා නෑ උදෙට" " මං කෑවා මගෙ දෙයියො, පුතා කාලා එන්න, මට දෙතුන් දොහක් නින්ද ගියේ නෑ, මෙතන හෙවනට මට නිදිමත ආවා, මයෙ කොල්ලා දැන් එයි, ආපුවම මං කන්නම්" තවත් එතන ඉන්න එකේ තෙරුමක් නැති හන්දා මං ඇගෙන් සමු අරන් උසාවි ආපන ශාලවට ගියා, ලොකු බඩගින්නක් ඒ වෙලාවෙ තිබුනෙත් නැති හන්දා කෙටි කෑම එකක් ඇනවුම් කරන්න නියම
කරපු මම ශාලාවෙ අසුනකට බර උනා, එතනට අර අම්මව හොදහැටි පෙනුනා, ඇය කවුරුන් හෝ එනකල් ඉන්නෙ, වැරහැලි වෙච්ච බෙල්ල දික් කරගෙන පාර බැලුවා, උසාවි ගේට්ටුව අසල කුලී රියක් නැවැත්තපු කිහිප වතාවකම ඇය අසුනෙන් නැගිට්ටා, ඇය බලාපොරොත්තු වූ කෙනා නොවන බව තහවුරු කරගෙන හිස් හිතින් ආයෙත් වාඩි උනා, තේ බී අවසන් වෙන්න මට විනාඩි විස්සක්වත් යන්න ඇති, බිල ගෙවා අවසන් කර නැවත උසාවි ශාලාවට මං පිටත් උනා, අනේ ඇය තාමත් උන් තැනම, ඒ බලාපොරොත්තුව ඒ නොඉවසිල්ල තාමත් එහෙම්මම, මගේ නඩුවෙ මීලග කැදවීම ගන්න තව පැය දෙකක් වත් යයි, ආයෙත් මං අඹ ගහ යටට ගියේ වැඩිපුරම අර අම්මා ගැන හොයන්න නෙවෙයි, වෙලාව යවා ගන්න, " අම්මා නඩුවකටද ආවෙ" මගේ හිතේ නඩු වර්ග කිහිපයක් තිබුනා, එක්කො පරණ ඉඩම් නඩුවක් වෙන්න ඇති, එහෙම නැත්තම් පැන්ශන් එකක් නොදීපු කේස් එකක් " ඔවු" ඒක යකාගෙ කෙටි පිලිතුරක් " මොකක්ද" මං අත ඇරියෙ නෑ ඇය පාර දිහා බලාගෙන හිනා උනා, " මේ වයසට මොන නඩුද අම්මා" මං ආයෙත් ප්‍රශ්නයක් හොයා ගත්තා " නඩු නම් බල්ලට ගියාවෙ මහත්තයෝ, මට මයෙ කොල්ලව බලන්ට ලැබෙනවනෙ මෙහෙට ආවම" මොන හතරබීරි කතාවක්ද යකෝ ඒ? ශුවර් එකටම කොල්ලා ලෝයර් කෙනෙක්, ඌ මෙයාට සලකන්නෙ නැතුව ඇති, "ඒ කිව්වෙ අම්මා?" එයා මගේ දිහා කෙලින් බැලුවා, මට මගේ චීත්ත හිත ගැන දුක හිතුනා, ආයෙ ප්‍රශ්නයක් අහන්නත් මොකක්දෝ වගේ, " දැන් කාගෙත් එක්කද නඩු කියන්නෙ?" මට මේක විසද ගන්නම ඕන " මයෙ කොල්ලත් එක්ක පුතේ" ඇය පිලිතුරු දුන්නෙ මාව පිස්සෙක් කරලා ආපු වචන ගිලගෙන මං කල්පනා කරා, කිසි දෙයක් මට තෙරෙන්නෙ නෑ, " මායි මගෙ මහත්තයටයි හිටියෙ එක කොල්ලයි මහත්තයෝ, වෙන එකෙක් හදන්න මහත්තට ආසාව තිබුනට මන් ඒකට අකමැති උනේ මයෙ එකා හම්බෙන්න ගිහින් මට අමාරු වෙච්ච් බයට, ඒකා හම්බුනාම මට උපන් ගෙයි සන්නිය හැදුනා, ඒකා හොදට ඉගෙන ගත්තා, ඌට උගෙ තාත්තා නැති වෙනකොට ඌට වයස දහයක් විතර ඇති, මහත්තයා නැති උනේ වහලෙට නැගලා ඉද්දි උලු කැටේකට ලිස්සලා, ඒක මහ කරුම කාලයක්, මං කුලී වැඩට ගියා, මගෙ කොල්ලත් ආවා උදවුවට, ඒකට පුන්චි කාලෙ ඉදලා හරියට තරහ යනවා මහත්තයො, උගෙ නම නිපුන සමන් උනාට උගෙ යාලුවො උට කිව්වෙ කිපුන සමන් කියලා, හැබැයි ඒකගෙ හිතේ මොකවත් නෑ මහත්තයෝ, මේ තරහ යනවා මේ අමතකයි, උගෙත් එක්ක යාලු වෙච්චි කෙල්ලො හිටියෙ දවසයි දෙකයි, ඉන්න බැරුව ඇති, කොහොමින් කොහොම හරි ඒකා ලොකුයි දැන්" ඒ වචන ටිකේ හරි ආඩම්බරයක් තිබුනා "ඉතිං?" ඒකට තරහ ගියාම උන් හිටි තැන් අම්මා අප්පා අමතකයි, කීම විටක් මටත් ගැහුවා, මේ" පහරදීමකින් ලේ ගල්වෙලා නිල් පාට වෙච්චි සටහනක් ඈ මට පෙන්නුවා වලලුකර ගාවින් දවසක් බීගෙන ඇවිල්ලා මොකක්දෝ එකකට. ආ.... ගෙයි දොර අරින්න ප්‍රමාද උනා කියලා, මට දොර පොල්ලෙන්ම ගහන්න පටන් ගත්තා, තිබ්බ වේදනාවට මට කෑ ගැහෙන්න ඇති, වටේ පිටේ උන් ඒකට පොලීසියට කෝල් කරලා, උන්ටත් ඕන නැති වැඩනෙ මහත්තයා, පොලීසියෙන් ඇවිල්ලා මේකව කුදලගෙන ගියා, ඒකා තාම හිතාගෙන ඉන්නෙ මං ඒක කරා කියලා" එදා පොලීසියෙන් දාපු නඩුව තවම යනවා, ඒකා මගේ මූණවත් බලන්නෙ නෑ, කොහේ ඉන්නවද දන්නෙත් නෑ, උසාවියට එනවා, මට සල්ලි දෙනවා යනවා," පරණ රෝස පාට නූල් ඇදිච්ච තුවායෙන් ඈ කදුලු පිහිද ගත්තා, " ආ අර එන්නෙ මයෙ එකා" එයා පාර දිහා බලාගෙන ඉපිලුනා, උනේ මොනවද කියල හිතා ගන්න බැරුව හිටපු මමත් ඒ දිහා බැලුවා, අම්මගෙ මූන එහෙම්ම්ම, ඈතින්ම උසාවි බිම පීරපු ඔහුගෙ ඇස් දෙක තමන්ගෙ අම්මව හොයා ගත්තා, එතන ඉදන් බිම බලා ගත්තු ඔහු කුලී රියේ ගාස්තුව ගෙවලා ආයෙ ඔලුව ඉස්සුවෙ උසාවි ශාලාව ලගින්, භූමියේ මුල ඉදලම ඔහු දිහා බලාගෙන හිටපු අම්මා තමන්ගෙ දරුවගෙ ඉව පස්සෙ ඇදුනෙ අදුරගෙන උන්නු මාවත් අමතක කරගෙන, දමියා #karamalaya**විදුලි හී සැර** (පින්තූරය අන්තර්ජාලයෙනි ) සුවිමාලි චිමිනි ලාම්පුව පත්තුකරගෙන සුලං කපොල්ල පසු කිරීමට තැත් කරන්නේ මේ දස වන වතාවටය. මිහිලුත් , මනුලිත්, මනුජත් මඳ අඳුරේ ඇයගේ ප්‍රයත්නය දෙස දුකින් බලා සිටිති . මේ කුඩා දරුවන්ට ඇයට කිසිඳු උදව්වක් කල නොහැක්කේ , ගින්දර සමග වන කිසිඳු කටයුත්තකට ඇය ඔවුන්ට ඉඩ නොදෙන බැවිනි. සුලං කපොල්ල වනාහී කුස්සියෙන් මැද සාලයට වන දොරයි. එයට නම් තැබුවේ සුවිමාලිමය. මුලු ගෙයි දොරවල් වසා ලාම්පු පත්තු කිරීමේ කර්තව්‍යට අත ගැසුවද සිවිලිං නොගැසූ ඉතා උස උලු හෙවිල්ලූ වහලත් අඩි දෙකක පමන පලලින් යුතු කබොකින් බැඳ කපරාරු කල බිත්ති අතර වූ හිඩැසින් " හෝ හෝ හෝ" හඬින් වේගයෙන් සුලං ගෙට ඇති පදං කඩාවැදේ. මේ ගෙය ඉතාම පැරනි එකකි. ඉදිරියෙන් රේල් පාරටද පිටිපසින් මහ මුහුදටද මැදිව ගොඩ නැගුන විසාල එකකි. පොල් ගස් , කෙසෙල් ගස් පිටුපස වත්ත පුරාය. ඉදිරි පස මිදුලේ අරලිය, සමන්, කනෙරු,සේපාලිකා.වතුසුද්ද ආදී නෙක මලින්ද පලතුරු ගසෙන්ද පිරී ඇත. ලිඳේ වතුර මඳක් කිවුල් රසැති මුත් මේ ලිඳ කිසිදා නොසිඳේ. කාමර පහකි ,ගබඩා කාමරයකි , සොල්දරයකි, ඉස්සරහ සහ මැද සාලයකි , කෑම කාමරයකි , කුස්සියකි .ගෙයි ප්‍රමානයේ තරමට ජනේල්, දොරවල් ඉතා කුඩා නිසා ගෙය දවල්ටත් මදක් අඳුරුය. අවුරුදු එකසිය පනහක් පමන වූ, නිසි නඩත්තුවක් නොලබා අව්වට වැස්සට බොහෝ කාලයක් මුලුල්ලේ නිරාවරනය වී ඇති නිසා එය ඊටත් වඩා පැරනි බවක් දිස්වේ. සේනානී නම්වූ මේ ගෙය සුනෙත්ට පිය උරුමයෙන් ලැබුනකි.මේ ගෙය ඔහුගේ මහගෙය නොවේ. නමුත් ඒ පරම්පරාවට අයිති ,අවුරුදු ගනනක් කුලියට දී තිබූ එකකි. එහි අවුරුදු විසි පහක් පමන අඛන්ඩව විසූ ලංසි පවුල ඉන් යවාගෙන ඇත්තේ ඉතා අමාරුවෙනි. ඉන් ටික කලකට පසුව සුනෙත්ලා එහි පදිංචියට ආහ. මල් වට්ටියක් අතින් ගෙන මනුලිත් , හාල් මල්ලක් අතින් ගෙන මිහිලුත්, ප්ලාස්ටික් බෝතලයක දැමූ පොල් තෙල් අතින් ගත් කුඩා මනුජත් , දරු තිදෙන මැදි කරගත් සුනෙතුත් සුවිමාලිත් රේල් පාර පැන , සිංහ කුලුනු දෙකක් යෙදූ ගේට්ටුව ඇරගෙන මේ වත්තට පලමු පා තැබුවේ වැඩි ඈතක නොවේ . මනුලිට වයස අවුරු පහකි , මිහිලුත් , මනුලිත් , මනුජත් අතර වයස පරතරය අවුරුද්ද බැගින්ය. "අයියෝ .. ආයෙත් නිවුනා.. මට නම් දැන් මේ කරුමේ තිත්ත වෙලා... සුවිමාලි නැවතත් මැසවිලි නගයි. "අම්මා ඇයි අපි ලයිට් තිබුන ලස්සන ගෙදරකින් මේ වගේ කබල් ගෙදරකට ආවේ."? ඒ මනුජය. මනුජ පමනක් නොවේ මනුලිත් ,මිහිලුත් මේ පාලු ගෙදරට කැමති නැත. ගුනවීර මාමලාත් , රේනු අක්කලාත් , චොකෝ ඇන්ටිලාත්, ටොප් අන්කල්ලාත් මේ අහලක නැත. ඔවුන්ට තවම මෙහි යාලුවොත් නැත. " මේක පුතේ ඔයාගේ තාත්තාට සීයාගෙන් ලැබුන ගෙදරනේ. ඉතින් තාත්තා දැන් රට ඉඳන් සල්ලි එව්වම අපි මේක හොඳ ලස්සනට හදා ගමු ,ලයිටුත් ගමු , ටෙලිෆොනුත් ගමු හොඳේ , මේක ඉතින් කවදහරි ඔයාටනේ, ඔයා පව්ලේ පොඩි පුතානේ".. ඒ මනුජ සනසන සුවිමාලිය. " අන්න හරි අම්මා මේක මල්ලිටම දෙන්න , මටනම් මේ පරන ගේ එපා" මිහිල් තම ස්ථාවරය පැහැදිලි කරයි. සුවිමාලි එකලොස්වන වතාවටත් චිමිනි ලාම්පුව දැල්වීමට උත්සාහ කලාය. "හුරේ ඒ පාර හරි ගියා" ඉපැරනි 'සේනානිය' දරුවන්ගේ ප්‍රීති ගෝෂාවෙන් පිරුනි. මේ මවත් දරු තිදෙනත් දිනපතා මාස ගනනාවක් මේ අත්දැකීමට මුහුන දුන්හ. ගෙයි කලුවර මැකීමට දුබල චිමිනි ලාම්පු එලියට නොහැකි වූ ලෙසින්ම එ සිඟිති මූනු වල අඳුර මැකුනේද නැත. සුවිමාලි හැමදාමත් හුලං කපොල්ල තරණය කර ලාම්පු දැල්වූවාය, අඳුර වැටෙන , ලාම්පු පත්තු කල යුතු වේලාවට සුපුරුදු ලෙසටම දරුවන්ගේ මැසිවිලි , කංකෙදිරි එලෙසම සේනානී යෙන් ඇසුනි. සුනෙත් පිටරට රැකියාවට ගොස් වසරක් පමන ගෙවෙද්දී , සුවිමාලි කියූ පරිදිම සුනෙත් රට ඉඳන් එවන සල්ලි වලින් ගෙයි වැඩ හෙමි හෙමින් පටන් ගැනුනි. එ ඉපැරනි ගෙය තම පැරනි මූනුවරින් මිදී ,බිඳෙන් බිඳ කල එලි වෙමින් සිටියාය. වහලත් සිවිලිමුත් අලුතින් ගසන ලදි. ඉන් ගෙට අපූරු නව පෙනුමක් ලැබුනි. කබොක් ගලට කල මැටි කපරාරුව කඩා සිමෙන්තියෙන් කපරාරුව කෙරුනි. බිම තිබූ කොල පැහැති ඉරිතැලුනු සිමෙන්තිය වෙනුවට මනාව ඔප දැමූ රතු සිමෙන්තිත්, කුඩා දොර ජනෙල් වෙනුවට අලංකාර දිගු ප්‍රංශ මෝස්තරයේ දොර ජනෙල් සවිකල අලුතින් තීන්ත සාත්තුව ලැබූ බිත්තිත් ගෙට ගෙනාවේ අමුතුම පෙනුමකි. සුවිමාලි මේ ගෙය වෙනුවෙන් වුනු මහන්සිය දන්නී ඈ ම පමනි. පිරිමියෙකුටවත් ලේසියෙන් කල නොහැකිවූ කවදටත් අතිශය අමාරු කාරියක් වූ හොඳ බාස් උන්නැහේලා සොයා ගැනීම , ඔවුන් සමග ගනුදෙනු කතා කර ගැනීම , ඔවුන්ට කෑම බීම සැපයීම ,පඩි නඩි බේරීම මේ සියල්ල ඇය අකුරට කලාය. මුලින්ම මේ නෝනාව ඇන්දීමට සිතූ සමහරක් බාස් උන්නැහේලා ඇය එසේ ලේසියෙන් ඇන්දෙන නෝන කෙනෙක් නොවන බව ප්‍රත්‍යක්ශයෙන් අවබෝධ කරගත්හ . ඇයට ඉතා ගෞරවයෙන් සැලකීමටත් වගබලා ගත්හ. මේ සියලු වියදම් ඉතා සකරුවමින්, අරපරිස්සමින් කල නිසා සිතුවාටත් වඩ ඉක්මනින් , හිතුවාටත් වඩා අඩු වියදමින් ගෙයි වැඩ සම්පූර්න කර ගැනීමට තරම් සුවිමාලි දක්ෂ උනාය. ඒ පැරනි ගෙය දැන් කල එලිවූ , පෙනුමැති ගෙයකි. ගෙඇතුල තැනූ නාන කාමරය සහ වැසිකිලි පහසුකම් නිසා ගෙය තවදුරටත් වාසයට සුදුසු විය. සුවිමාලි විසින් මැසූ අලංකාර දොර ජනේල රෙදි , පුටු කවර, එම්බ්‍රොයිඩර් කල කුෂන් කවර සමග ඔපවත් කල වටිනා ලී බඩු වලින් යුතු නිවස ඇතුලතද පිටත මෙන් ඉතා සුන්දර විය. සේනානිය දිවාකල එසේ ඔපවත් වූවත් , තවමත් රාත්‍රියට අඳුරේය, තවම ගෙට විදුලි ආලෝකය නැත. දැන් සුවිමාලී වෙහෙසෙන්නී ගෙට විදුලි බලය ලබා ගැනීමටය. මෙය නම් හිතුවාටත් වඩා අමාරු කාරියකි. තරුන කාන්තාවකට තනිවම කරගැනීමට නොහැකි තරම් වූ කාරියකි. හැමතැනම කාක්කෝය, නගර සභාවෙන් කිසිම කාර්‍යයක් නොමිලේ කරගත නොහැක. ඇස්තමේන්තුවක් ගැනීමේ සිට විදුලිය සම්බන්ධ කිරීම දක්වා වන ක්‍රියාවලියේ පසු කල යුතු අල්ලස් කඳවුරු බොහොමයකි. " මිස් මේක කරන්න නම් අර සර් ට මෙච්චරක් දෙන්න ඕන, නැත්තම් ඕක කරගන්න බෑ වැනි වදන් ඇය ඇසුවේ වරක් දෙවරක් නොවේ. ඒ “සර්ලා” කීප වරක් ඇයට , පිරිමි කෙනෙක් එවන්න මේ වැඩේ කරගන්න ඕනනම් කියා තිබුනි. ඒ පිරිමියෙකු සමග කෙලින්ම තම ගතමනාව කතා කර ගත හැකි බැවිනි. නමුත් ස
ුවිමාලි දිනපතා රාජකාරියට යන්නාක් මෙන් නගර සභාවට ගියාය, දිනපතා ඒ ” සර්ලා”ට ඇසේ ඇනෙන කටුවක් මෙන් ඇය දිස් වූ නමුත් අන්තිමේ ඒ “සර්ලා” මේ අපූරු ගැහැනියගේ පසු නොබහිනා දහිරිය ඉදිරියේ පසුබැස ඇස්තමේන්තුවක් දීමට යාමට දිනයක් දුන්හ. " කෝ මිස් වාහනේ ,"? "අනේ සර් මට වාහන නැහැනේ , බස් එකේ යං" කියමින් ඔවුන් නගර සභාවේ සිට බසයන් දෙකක මාරු වෙමින් ගෙදරට ගෙනාවාය. ඒ මහත්වරුන් ලැබූ එකම සංග්‍රහය තේ කෝප්පයක් පමනක් නමුත්, විදුලි බලය ලබා ගැනීම තව දුරටත් අමාරු වැඩක් මෙන් වූයේ පාර දිගට කණු පහක් දැමීමට සිදු වන නිසාය . එය ඉතා වියදම් යන වැඩකි . මේ ප්‍රශ්නයට එවේලෙහි පහසු ලාභ දායක ලෙස පෙනුණු ක්‍රමයක් ඉදිරිපත් කලේ සුවිමාලිලාගේ අසල්වැසි කත විසිනි. කුමාරි නම් වූ ඇය සුනෙත් ගේ වයසේය , කුඩාකල පටන් ඔවුන් දැන හඳුනන්නො වෙති . අවිවාහක කුමාරී ඇගේ අවිවාහක නැගනියත් සමග සේනානියට අල්ලපු වැටේ විසුවාය. "මිසිස් සුනෙත් , කියමින් සුවිමාලි සමග කතාවට වැටෙනා මිසිස් සුබසිංහ ට අනුව නම් , "ඔය කසාදයක් හරි නොයන්නේ කුමාරිගෙයි නගාගෙයි තියෙන කුඩුකේඩු කමට" මිසිස් සුබසිංහ විසුවේ සේනානියේ පොල් ගස් වැටියට මායිම්වූ අනිත් පස වැටේය. මිසිස් සුබසිංහගේ ඇසින්, කනින් රිංගා ඒ පටුමගේ කිසිම කෙනෙකුට හුස්මවත් ගැනීමට නොහැකි බව සුනෙත් සුවිමාලිට අඟවා අනතුරු තිබුනේ මෙහි පදිංචියට පැමිනි පලමු දවසේමය. "ආශ්‍රය පරිස්සමින් හොඳේ" ඔහුගේ අවවාදය ඈ ඉත සිතින් පිලිපැද්දාය , මිසිස් සුබසිංහ ගෙනා ආරංචි හූ මිටි නොතබාම අසා සිටියාය. මේ සියලු දෙනා සමග සුවිමාලිගේ පමනට වැඩි ඇයි හොඳැයියක් නොතිබුනත් , කුමාරි අක්කා ගෙනා යෝජනාව නම් සිතා බලන්නට තරම් වටින එකකි. "අනේ මොකට ඔය කණු පහකට වියදම් කරනවද සුවිමාලි ,අපේ කණුවෙන් කරන්ට් එක ගන්නකෝ “ .. මොකද අපි ඉතින් සුනෙත්ව දන්නේ පොඩි කාලේ ඉඳන්ම නේ , එකටනෙ අපි කෝච්චියේ ඉස්කෝලෙ ගියේ" .. කුමාරී හදවත අතට ගෙන මෙන් කතාකරයි. දුරකතනයෙන් ඇමතීම් සුලබ නොවූ එකල ,ලිපියකින් අසා යවා සුනෙත්ගෙනුත් ලැබුන අනුමැතිය ඇතිව සුවිමාලී කුමාරි අක්කාට ඔවුන්ගේ කණුවෙන් විදුලිය ගැනීමට තම එකඟතාවය පල කලාය. " සුවිමාලී ... මේ , මම කියන්නේ ... කුමාරී ලොකු කතාවකට මුලපුරයි . "අපේ කණුවෙන් කරන්ට් එක නිකංම ගන්නවාට වඩා ඉතිං හොඳයිනේ මටත් කීයක් හරි දෙන එක නේද?" "දැන් සුවිමාලීට ඔය කණු පහට වියදම රුපියල් පන්දාහයි නේ , මට දෙන්නකෝ දෙදහස් පන්සීයක් , මටත් ලාබයි , ඔයාටත් ලාබනේ වැඩේ" අර "සර්ලා" ඉදිරියේ පසු නොබෑ සුවිමාලී, මේ කතාවෙන් පුදුමයට පත් වුනත් , අතේත් මුදලක් ඉතිරිව තිබූ නිසාත් , පසුකලෙක " අපි කරන්ට් දුන්නේ සත පහක් නොගෙන" වැනි පුරාජේරු කතාවක් ඇසීමට අකමැති නිසාත් , " හා කුමාරි අක්කෙ එහෙනම් මෙන්න සල්ලි , අපි ලියවිල්ලක අත්සං කරලම මේක කරමුද ?" " අනේ මොන ලියවිලිද සුවිමාලි , මේ එහා වැටේ ඉන්න මා එක්ක , අපිට කතාබහ කරලා ඕන එකක් විසඳ ගන්න බැරිද? " ඉතින් එහි ගිවිසුමක්, ලියවිල්ලක් නොවීය. "ඔව්නේ , ඉතින් මේ සුනෙත් පොඩි කාලේ ඉඳන් දන්න කියන උදවියනේ" සුවිමාලී සිතුවාය. සති කීපයක් ඇතුලත සියලු කටයුතු කෙරිනි. ගෙයි විදුලි පරිපථ කලින්ම සකසා තිබූ නිසා , අවශ්‍ය වූයේ විදුලිය කණුවෙන් සම්පාදනය කර , විදුලි මීටරයක් සවි කිරීම පමනි. සුනෙත් විසින් එවා තිබූ රූපවාහිනියද , ශීතකරනයද , අනෙකුත් විදුලි උපකරනද නියමිත තැන්වල තැබුනි. නෙක විසිතුරු පොකුරු පහන්, විදිලු බුබුලු ගෙයි තැන් තැන් වල එල්ලුනි. එදින උදයේ සිටම එහි පැමිනි සුනිල් අයියා ඒ කාර්‍යයන් නිසිලෙස කලේය. ඔහු ඒ පටුමගේ විසූ නමගිය විදුලි කාර්මිකයෙකි. සුවිමාලිගෙත් දරුවන්ගෙත් සිහින එලිකරමින් ගෙට විදුලිය ලැබුනි. ගර් , ගර් හඬක් නගමින් ශීතකරනය වැඩ පටන් ගත්තාය. මෙතුවක් කල් අයිස් කැට කෑමට රාජිත ගේ ගෙදරට ගිය දරුවන්ට දැන් ගෙදරම අයිස් කැට.. රූපවාහිනි සේවය පටන් ගන්නේ හවස පහටය. එතෙක් දරුවන්ට ඉවසිල්ලක් නොවීය .. හරියටම හවස පහට ජාතික ගීයෙන් සේවාව ඇරඹුනි. වෙනදා කුමාරී ගෙ ගෙදරින් රූපවාහිනිය නැරඹූ දරුවන්ට දැන් ගෙදර සිටම එය නැරඹිය හැකිය. ඇයි සුවිමාලිට , ඇය රූපවාහිනිය නැරඹීමට කිසි පිට ගෙදරකට නොගියාය. ඉඳහිට දිනෙක දරුවන්ගේ බලවත් ඉල්ලීම පිට සුනෙත් ගේ නැන්දගේ ගෙදරට ගියේ ඔවුන් විසුවේ පයින් ඇවිද යා හැකි තරම් දුරකින් බැවිනි. සුවිමාලි දරුවන්ට ගෙදර සිට බලන පලමු රූපවාහිනි අත්දැකීම සැමරීමට මෙන් උනු උනු වඩේ බැද්දාය. වඩේ කමින් , සිනාසෙමින් රූපවාහිනිය නරඹන දරුවන් දෙස බලන සුවිමාලි සතුටින් මද සිනා පායි , ඇස් තුටු කඳුලෙන් තෙත් වේ. " මම හැමදාම සුදු මාමලාගෙ ගෙදර ගියාම හිතනව, අපි කවදද ෆ්‍රිජ් එකක් ගන්නේ කියලා ,, එගොල්ලන්ගෙ එක උඩ ලස්සනට ටෙඩී බෙයා කෙනෙක් තියලා , කොලපාට එකක් , ජාතිය සිසිල් නේ , අපේ එක ටොෂීබා, “ ඒකත් හොඳ ජාතියක් නේද අම්මා" මනුලි අසයි "ඔව් දුව , ටොෂීබා ජපන් එකක්නේ" "මට හුඟක් දවස් වලට රජිත කියනව අද අයිස් දැම්මේ නෑ කියල ,එක කැටයක් වත් දෙන්නෙ නෑ , අපි නම් ඕනම් කෙනෙකුට ඉල්ලුවොත් අයිස් කැට දෙමු නේද අම්මේ , ඇයි ගෙදරට එන අයට අයිස් දාපු බීමත් දෙන්න පුලුවන්නෙ" "ඔව් පොඩි පුතේ , එහෙම නැති කෙනෙක් ඉල්ලුවොත් දෙන්න ඕනනෙ. දැන් ඔයා දන්නවනේ දෙන්න බෑ කියල කිව්වම ඉල්ලපු කෙනාට දුක හිතෙනව කියලා නේද ? " අම්මා දැන් නම් එලියේ කලුවරයි , අපි ලයිට් දාමු ? " මමයි ඉස්සෙල්ලාම දාන්නේ , මමනෙ ගෙදර ලොකු පුතා , තාත්තා ගාවට ඉන්නෙ මමයි " කියමින් මිහිල් විදුලි ස්විච ක්‍රියාත්මක කරයි. මුලුගෙදරම එකවර විදුලි ආලෝකයෙන් නෑවුනි. එය ඉතා සුන්දර දසුනකි , දරු තිදෙන එහි සුන්දරත්වයෙන් මත් වී මෙන් උඩට ගත් හුස්මෙන් සිටිති. සාලය මැද එල්වූ පොකුරු පහනෙ අසිරිය මනරම්ය. නිවස ඉදිරිපස පහන්ද දැල්වුනි . ලමයි දැන් එලියට ගොස් දැන් ඒ සුන්දරත්වය විඳිති. සුවිමාලිද නිවස ඉදිරිපසට ආවාය. එකවරම ඇසුනේ කවුරුන් හෝ මහා හඬින් බැන අඬගසන ශබ්දයකි. "මොකක්ද අම්මා ඒ ? " කවුද ඒ කෑගහන්නේ?" " ඔය ලයිට් ගත්තේ රට සල්ලි වලින් , හුහ් !! කණුවෙ වටිනා කමින් බාගෙටයි මට සල්ලි දුන්නෙත් , දැනගන්නවා අපි ලයිට් ගත්තේ ලංකාවෙ සල්ලි වලින් , මීට අවුරුදු ගානකට කලින් හොඳද ,. හුහ් !! ටීවී , ෆ්‍රිජ් ඕවා ගන්න බැරිද රට ඉඳන් සල්ලි එවනකොට , දැන් යයි අම්මයි , පැටව් ටිකයි උඩ , හුහ් !! උඩ ... මගේ ඉතුරු දෙදාස් පන්සීය දීපියව් , පන්දාහට ගාන් කියල මට දුන්නේ දෙදාස් පන්සීයයි .. අතරින් පතර තරමක නොසරුප් වදන්ද ඇසේ. සේනානීයේ සිංහ ගේට්ටුව අසල සිට කුමාරී මහ හඬින් කෑ ගසයි . ඇගේ නැගනිය භද්‍රා ඇයට උල්පන්දම් දෙමින් ඒ අසලට වී හිඳියි. "අපිට ලොකු නෑ රට සල්ලි , අපි බයත් නෑ ඔය ලඟදි ආපු අයට , බලමුකො ලයිට් දාගෙන ලකේට ඉන්න හැටි? " සුවිමාලී , මේ අපහාස , අවලාද සියල්ල නෑසූ කන්ව දරුවන් සමග ගෙට වැදුනාය. ඉදිරි දොර වසා ඉදිරිපස පහන්ද නිව්වාය. මොහොතකට පෙර සතුටින් සිනාවෙන් ඔපවත්ව තිබූ ඒ මුහුනු දැන් දුකින් ලැජ්ජාවෙන් බරවී ඇත. මිසිස් සුනෙත් , මිසිස් සුනෙත් " පිටිපස ගේට්ටුව පැත්තෙන් නැගෙන හඬකි .ඒ මිසිස් සුබසිංහය . සුවිමාලී අකමැත්තෙන් නමුත් පිටිපස ගේට්ටුවෙන් ඈ ගෙවත්තට ගත්තාය. "අනේ මිසිස් සුනෙත් , හරිම ලැජ්ජාව නේද ? බලන්නකො දැන් සල්ලි දුන්නෙත් නෑ කියනවනේ , මිසිස් සුනෙත්ට කියන්න හරි හරි ජාති තමයි කිව්වෙ , මම ඔක්කොම අහගෙන ඉඳල , කුමාරීයි භද්‍රයි ගෙදරට යනකන්ම ඉඳලයි ආවෙ මේ. අපෝයි ලැජ්ජාව " "අනේ මගෙ මොකද මිසිස් සුබසිංහ , මම දන්නවනේ මම සල්ලි දුන්නා කියල" ඉතින් ඔහේ ඕන දෙයක් කියපු දෙන් " සුවිමාලී එසේ කීවත් මේ බැන ඇඬගැසීම සෑමදාකම සේනානියේ විදුලි පහන් දැල්වූ විගස තේවාවක් මෙන් නොකඩවා කෙරුනි. ඉන් නොනැවතී සුවිමාලී හෝ දරුවන් ගෙන් පිටට පැමිනි සැමවිටම මේ බැන වැදීම සිදු විය , දරුවන් පාසල් යන්නෙත් , ගොස් පැමිනෙන්නෙත් මේ ඇනුම් බැනුම් වර්ෂාවට මැදිවය. සුවිමාලී කඩයට , පංසලට ගියත් මේ බැනුම් නොනැවතුනි. බැනුම් වලින් නොනැවතී ඒවා ශාප කිරීම් වලටද හැරුනි. " මුන්ට ශාපවෙනවා මේ මගේ කණුවෙන් ලයිට් අරං මට සතපහක් නොදුන්නට, මගේ හොඳ කමට මම හා. කීවේ, දැන් මුන්ගෙ තියෙන උජාරුව, බලමු බලමු ඔය උජාරුව බහින දවස ලඟයි .." මේ ආඩපාලි කුමාරී අක්කා කියන්නේ ඔවුන්ගේ ඉස්තොප්පුවෙ සිටය , ඔවුන්ගේ ඉස්තොප්පුවත් , සේනානී යේ සිංහ ගේට්ටුවත් එක පෙලට තිබුනි. ඉතින් සේනානීයෙන් පිට වෙන්නෙකුට ඔවුන්ගේ ඇස ගැටීම වැලැක්විය නොහැක.ඉතින් ඇනුම් බැනුම් වලටද ලක් වීමට නිසැකයෙන් සිදුවේ. " මිසිස් සුනෙත් , ඔයත් කට පියාගෙන ඉන්න එපා , හොඳ දෙකක් කියන්න" මිසිස් සුබසිංහ එසේ උපදෙස් දුන්නත් , සුවිමාලී දිගටම නිහඬ පිලිවෙතම අනුගමනය කලාය. " අනේ ඇයි අම්මා කුමාරි නැන්දා අපිට බනින්නේ , අපි මුකුත් වැරැද්දක් කරාද එයාට "? " නෑ පුතේ , අපි එයාට මුකුත් වැරැද්දක් කරල නෑ , සද්ද නැතුව අපි ඉමු පුතේ , නිවැරදි කරුවන්ට කවදාවත් වරදින්නේ නෑ, එයාටම එපා වුන දවසක ඕවා නවත්තන්නෙ නැතැයි" සුවිමාලී කිවූ “එදවස” පැමිනෙන්නට වැඩි කලක් ගියේ නැත. එදා දරුවන් සුපුරුදු ලෙසටම පාසැල් ගොසිනි. සුවිමාලී මුලුතැන්ගෙයි කටයුත්තකය. ඇයට ඒ විලාපය නොඇසෙන්නට බොහෝ දුරට ඉඩ තිබුනි , එය යටි උගුරෙන් අමාරුවෙන් මෙන් නැගෙන හඬකි, එය සුවිමාලීට ඇසුනි. , ඒ හඬ එන්නේ කුමාරී ගෙ ගෙයි පිටිපසිනි. " අම්මේහ් , අම්මෙහ් , අනේ දෙවියනී .. මම ඉවරායි.. බල බලා ඉන්න නොහැක , එය ඉතා වේදනාකාරී හඬකි . තරහ මරහ දැන් සුවිමාලීට අමතකය. මේ උදව් කලයුතු අවස්ථාවක් බව ඈට දැනුනි. වහා ගේ පිටිපසට දුව ගිය ඈ වැට පැන්නාය. හඬ ආ දෙසට දිව ගියාය. වටපිට බැලූවත් බලු කපුටෙකුවත් පෙනෙන්නට නැත. හඬ තවමත් ඇසුන මුත් ඒ ඉතාම දුර්වලය ලෙසින්ය. " අහ්! අර පැත්තෙන් වගේ කියමින් සුවිමාලී කුමාරී අලුතින් බැඳී වැසිකිලි වල දෙසට දිව්වාය. මෙම වැසිකිලි වල කුමාරී විසින් බඳවනු ලැබුවේ ඉතාම මෑතකදීය. කලින් වැසිකිලි වල තිබුනේ කුමාරීගේ ගෙයි පිටිපසටම වන්නය , නමුත් සුවි
මාලී ලාට පාඩමක් උගන්වන්නට සිතූ කුමාරී , අලුත් වලක් හරියටම සුවිමාලී ලාගේ මැද සාලයේ දිගු ප්‍රංශ ජනෙල් පෙලට සමාන්තරව තම ඉඩමේ බැන්දෙව්වාය. ඉඳහිට දිනෙක මේ වලින් තරමක දුර්ඝන්ධයක් හමායයි.එවැනි දිනෙක සුවිමාලීලාගේ ගෙදරට අමුත්තකු ආවිට හෝ ඔවුන් මැද සාලයේ කෑම කනවිට කුමාරීට රිස්සුම් නොදූ ඒ අලංකාර දිගු ජනේල් සුවිමාලී විසින් වසනු දැක කුමාරීගේ ඉර්ෂ්‍යා වෙන් බරවුනු හිත කුරිරු සතුටකින් ඉපිලයයි. හිතේ තරහට පටන් ගත් නමුත් අලුතෙන් දරන්නට වූ වියදම ගැන පසුතැවුනු කුමාරී , වල උඩින් ඉතාම තුනී , පස් වැඩියෙන් සිමෙන්ති අඩුවෙන් යුතු කොන්ක්‍රීට් තට්ටුවක් දැම්වූවාය. බාස් උන්නැහේ මේ ගැන කුමාරීට කීපවරක් අනතුරු ඇඟෙව්වේ " මේක නිකනුත් කඩා වැටෙන්න පුලුවන් නෝනා" කියමිනි. කිව්වා නාහන ගුරු උඩ ගියොත් උඩ , බිම ගියොත් බිම යන කියමන සනාථ කරමින් ,දැන් කුමාරී එහි ප්‍රතිඵල අත්විදින්නී ,වල කඩාවැටී එහි පතුලේ පත බෑවීය. උදෑසන අවදිව , වත්තේ ගස්වල පොල් වැටී ඇද්දැයි බලමින් ගිය කුමාරී නොදැනුවත්වම තුනී කොන්ක්‍රීට් ලෑල්ල මත පය තබා.. "දහ්බොක්" යන හඬින් වල කඩාගෙන පතුලට වැටුනාය. වල තුල පිරි අපවිත්‍ර මුත්‍ර , මළ මත වැද හොත්තීය. කොපමන කෑ ගැසූ නමුත්, කිසිවෙක් උදව්වට ආවේ නැත. නැගනිය භද්‍රා අද උදෙන්ම කුමාරී හා බහින්බස් වී ගෙදරින් පිටව ගොස් තිබුනි. "අනේ මම මේක ඇතුලේ මැරිලා ගියත් මට කවුරුත් නෑනේ " සිතමින් ඇය හඬා වැලපුනි. ඒ "කුමාරී අක්කා , කුමාරී අක්කා" කියමින් ඈට හඬ ගසන හඬක් ඇසෙන තෙක් පමනි . "මම මෙහේ, මම මෙහේ ...මේ වලේ , කුමාරී තමන්ට හැකි උපරිම ශක්තියෙන් කෑ ගැසුවාය.. කුමාරී හීනෙන්වත් නොසිතූ නොපැතූ ලෙස වල උඩින් එබුනේ... සුවිමාලී ය. හත් දෙයියනේ කුමාරී අක්කේ , මොකද මේ උනේ .." "ඉන්න ඉන්න, බය වෙන්න එපා, මම ඔයාව උඩට ඇදලා ගන්නවා" කියමින් වල උඩින් බිම දනගසාගත් සුවිමාලී , නහය හකුලා , ඇස් පියා, කුමාරිගේ අත් අල්ලාගනිමින් ඈ උඩට අදින්න වුනාය. . මදක් කුමාරී උඩට ඇදගත් පසු ඇගේ කිහිලි යටින් අත් දමා වැරෙන් එකවර උඩටම ඇද ඈ ගොඩ ගත්තාය. සුවිමාලීවත් පෙරලං කුමාරී නැවතුනේ සුවිමාලීගේ ඇඟ උඩිනි. සුවිමාලිත් කුමාරී මෙන්ම හිසේ සිට පාදාන්තය තෙක්ම අපවිත්‍ර වී ඇත. නමුත් ඒ නොතැකූ ඇය ඉතා අසීරුවෙන් කුමාරිව නැගිටුවා ගෙන ලිඳ තෙක් ඔසවාගෙන මෙන් ගෙන ගියාය. එහි පඩියක කුමාරීව වාඩි කරවූ සුවිමාලී , වතුර ඇද ඈ නෑව්වාය, සබං දමා පිරිසිදු කලාය. තමනුත් හැකි පමන පිරිසිදු වී , කුමාරීව ඇගේ ගෙට ගෙන ගොස් , පිහිදා , අලුත් ඇඳුමක් ඇන්දුවාය. ඇඳෙන් ඈ හිඳුවා වහා තම ගෙට දුවවිත් තේ කොප්පයක් සාදා ගෙනවිත් පෙව්වාය. "කුමාරී අක්කෙ , ඔහොම ඉන්න මම වාහනයක් හොයන් ඇවිත් ඉක්මනට ඔයාව ඩොක්ටර් කෙනෙක් ලඟට ගෙනියන්නම්" වහා නැවත තම නිවසට පැමින , වෙනත් ඇඳුමකට මාරුවී , වෛද්‍ය‍යවරයාටත් ,වාහන ගාස්තුවටත් ඇති පමනට මුදලුත් ගෙන වහා නිවසින් පිටවුනාය. නැවත පැමිනියේ හංදියෙන් වෑන් රථයක්ද සමගිනි. වෑන් රථයේ රියදුරුද සමගින් කුමාරී අක්කාව රථයට දමාගත් සුවිමාලී වෛද්‍යවරයකු ලවා ඈ පරික්ශා කෙරෙව්වාය. කුමාරී අක්කාගේ සිරුරේ කැඩුම් බිඳුම් කිසිත් නැති නමුත් දනහිස පහලින් පටන් ගෙන විලුඹ තෙක් දිවෙන ගැඹුරු තුවාලයකි. වෛද්‍යවරයා කනස්සල්ලෙනි, " මෙයාට දියවැඩියාවත් තියෙන නිසා, මේ තුවාලේ ලේසි වෙන්නෙ නම් නෑ" , හොඳට සාත්තුවත් , බෙහෙතුත් , පරිස්සම් කෑම බීමත් ලැබුනොත් විතරක් යාන්තම් ගොඩ දාගන්න පුලුවන් වෙයි" ආපසු ගෙදර පැමිනි සුවිමාලී , කුමාරී අක්කාව ඇගේ ගෙදර පහසුවෙන් තබා, නැවත ගෙදරටවිත් වහ වහා කෑම ඉව්වාය. එවිටම ගෙට කඩා වැටුන මිසිස් සුබසිංහ , "අනේ !!මිසිස් සුනෙත් , හරි වැඩේ නේද , මොකටද අනේ ඔයා කරදර වෙන්නෙ , අර භද්‍රාට පනිවිඩයක් යවල ඔන්න ඔය නිකං ඉන්න" "කොහොමද මිසිස් සුබසිංහ එහෙම කරන්නේ , භද්‍රට පනිවිඩ යැව්ව්වත් කනකට ගත්තෙ නැතිලු , ඉතින් කවුද මේ අසරන මනුස්සයාට කෑම බීම ටිකවත් දෙන්නෙ" අනිත් එක හොඳටම සීනිලු ඇඟේ, ඉතින් කෑමෙන් බීමෙන් පරිස්සම් කරවන්නත් එපැයි." සුවිමාලි පමනක් නොව සුවිමාලිගේ දරුවන්ද කුමාරී ගෙ සේවයට කැප වූහ. දරුවන් පාසැල් ගොස් ආපසු ඔවුන් මාරුවෙන් මාරුවට කුමාරීට තනි රැක්කාහ. තේද , වතුරද , බත් ද සැපයූහ . ඇයට ඇසෙන්නට කවි , සින්දු කීහ, බෙහෙත් නියමිත වේලාවට දුන්හ. සති කීපයක් මෙසේ ගෙවුනත්, භද්‍රාගෙන්වත් , තරමක දුරකින් වෙසෙන කුමාරීගේ ලොකු අක්කාගෙන්වත් යැවූ පනිවිඩ වලට කිසිම උත්තරයක් නොලැබුනි. ඒ අතර කීප වාරයක් සුවිමාලී විසින් කුමාරී අක්කාව වෛද්‍යවරයා වෙත ගෙනයනු ලැබුනි. "දැන් නම් ටිකක් තුවාලේ අඩු පාටයි , මේ විදිහය තව සති කීපයක් ගියොත් නම් තුවාලේ හොඳටම හොඳවෙයි" කුමාරී දැන් සුවිමාලීට ඉතා කීකරුය, තමා කල කී දේ ගැන ඇත්තටම කනගාටු වන බව ඇගෙන් පෙනුනි. එක සවසක , කුමාරීගේ ලොකු අක්කා තම කාරයෙන පැමිනියාය. සුවිමාලී එවෙලේ කුමාරීට බෙහෙත් දෙමින් සිටියාය. අක්කා දුටු කුමාරීගේ මුහුන තරහින් රතුවිය . කට ඇදවිය. තොල බෙරිවිය. "හා හා , යමු යමු එහෙනම් , මට නම් පුදුම කරදරයක් කුමාරී ඔයාගෙන් නම්" " අනේ මට බෑ අක්කෙ , දැන් තුවාලෙත් අඩුයි" .. හහ් !! මෙච්චර කල් නැතුව දැන් මොකටද මට ඔයාව .මේ සුවිමාලී නංගි තමයි මාව සනීප කලේ , එයා නැත්තම් මම එදා ඒ වලේම මැරිල " ‘’ආහ්! , එන්නෙ නැත්තම් මම මොනවා කරන්නද , ඕන එකක් කරගන්නවා.. මම යනවා යන්න..” කියමින් කුමාරිගේ ලොකු අක්කා කුමාරීට බැනවදිමින් යන්නට ගියාය. මුවින් නොබැන මෙතෙක් සිටි සුවිමාලි , "ඔයා නොගිය එක හොඳයි කුමාරි අක්කේ , තව ටිකනේ , අපි ඔය ටිකත් හොඳ කර ගමු නේ? " ඉන්නකෝ මම ඔයාට වතුර එකක් ගේන්නම්කො , ඔය බෙහෙත් ටික බොන්න" කියමින් ආපසු හැරුනාය. "සුවිමාලී නංගී" එහඬට වහා හැරුනු සුවිමාලී දුටුවේ , පුටු පත්ත මිරිකාගනිමින් , ගැහෙමින් , වෙව්ලමින් හඬා වැටෙනා කුමාරී ය. "අනේ ඇයි කුමාරී අක්කේ මේ"? කුමාරී තම අත් සුවිමාලී දෙසට ඔසොවා වැඳ වැටෙමින් හැඬුවාය .. "මගේ නංගි , මට සමාවෙන්න , මට සමාවෙන්න , මම ඔයාට කල නපුරු කම් , දුශ්ඨ කම් තමයි මට මේ ඵල දුන්නේ. අනේ ඒත් ඔයා , !! ඔයා මට තාමත් කරුනාවයි, ලමයිනුත් එහෙමයි , අනේ !! මට සමාවෙන්න ... කියමින් ඉකිගසයි. "අනේ අක්කේ අපි හැමෝම මැරෙන මිනිස්සුනේ , තරහා , වෛරය ,ක්‍රෝධ මොකට හිතේ තියන් ඉන්නවද මේ මැරිල යන ටිකට. ඉන්නකො මම වතුර ගේනකම් ඔය බෙහෙත් ටික බොන්න " කියමින් සුවිමාලී තම ඇස නැගි කඳුල පිසදා ගත්තාය . නිලූ සේනාධීර 09.12.23 ----------------------------------------------------------------------------------------------------------------------------❄️☃️❄️☃️❄️☃️❄️☃️ නත්තල් තෑග්ග🎄🎄🎄🎄🎄🎄🎄🎄 මේ කතාව ගොඩාක් ඉස්සර කාලෙක වෙච්ච දෙයක්.ඒ කාලෙ මම ඈත හිම දේශයක සරසවියක ඉගෙන ගත්තා. උඳු වප් මාසෙ වෙනකොට මොස්කව් නගරය හිම වලින් වැහිලා සුදුම සුදු පාටයි. හරියට නත්තල් සුබ පැතුම් පත් වල දැකලා තිබුනු පින්තූරයක් වගේ. ඒත් සුලග හරියට දඩබ්බරයි.එහාට මෙහාට කැරකි කැරකි හෝ ගාගෙන හමන සීතල සුලං ඇදගෙන ඉන්න උඩු කබා ,කමිස, යට ඇදුම් ඔක්කොම පසාරු කරගෙන ඇවිත් මදුරුවො විදිනවා වගේ නපුරු කම් කරනවා. ජනේරුව ළං වෙනකොට මොස්කව් නුවර අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙනවා.කඩවල් වල රාක්ක අලුත් අවුරුදු සුබ පැතුම් පත්,බලුප් වැල්, අවුරුදු ගස් වල එල්ලන පුංචි විසිතුරු ආයිත්තම් වලින් පිරෙනවා. වෙළෙන්දො ,ලොම් තොප්පි, ලොම් කබා දාගෙන වලස්සු වගේ හිමේ පෙරලෙමින්, අලුතින් කැපුව නත්තල් ගස් විකුණනවා .නත්තල් ගස් වල කූරු කොල උඩ සුදු සීනි ඉහලා වගේ හිම දැවටිලා,පොඩි වෙච්ච නැවුම් පත්‍ර වලින් පැඟිරි වගේ පුසුඹක් හමන්නෙ. අලුත් අවුරුද්දට සරසන නත්තල් ගස් වලට රුස්සො කිව්වෙ ඉයෝල්කා කියලා. මොස්කව් වල පොඩිත්තන්ට තෑගි බෙදන්න නත්තල් සීයා ආවේ නෑ. එහෙට ආවෙ දෙද් මරෝස්, කියන හිම සීයා, අලුත් අවුරුද්දට තෑගි බෝග අරගෙන . රතුපාට කබායක් ඇඳලා,සුදට සුදේ දිගු රැවුල අත ගගා, සුදු අස්සයො තුන් දෙනෙක් ඇදගෙන ආපු අස්ස කරත්තෙක නැගලා එයා ආවේ තනියම නෙවෙයි,නිල් පාට දිග ගවුමක් ඇදගෙන දිග රත්තරන් කොන්ඩෙ එක කරලකට ගොතපු සුරූපි ස්නේගූරච්කා-හිම දැරිය එක්ක.ඒ තමා හිම සීයගෙ මිනිපිරී.තෑගි බෙදන්න සීයට උදව් කලේ එයා. ඒ සන්දියේ රුසියාවෙ කෑම හිඟයක් තිබුනා.මිනිස්සුන්ට සල්ලි තිබුනත් එදිනෙදාට අවශ්‍ය කෑම බීමවත් තිබුනේ නෑ.සීනි,මස් ,හාල්,ගන්න හැමෝටම සලාක බෙදුවා.මාසෙකට අපිට සලාකෙට සීනි කැට 30 ක පෙට්ටියක් ලැබෙනවා.ඉතින් දවසට තේ එකක් බිව්වත් සුමාන දෙකෙන් සීනි ඉවරයි.අපි ඒ කාලේ සීනි හැඳි දෙකක් දානවානෙ තේ එකට. හුස්ම පවා හිමෙන් මිදිච්ච සීතලේ කෑම හොයන්න කඩ ගානේ යන එක,පැය ගනන් පෝලිම් වල ඉන්න එක ලේසි නෑ.ඒ කාලේ හාල් හරිම හිඟයි. තිබුනත් තිබුනෙ කැඩිච්ච හාල් අර අපේ හුනුසහල් වගේ. මේ කියන සිද්ධිය වෙනකොට මම ඉගෙන ගත්තෙ තුන් වන වසරෙ මගෙ හිතේ. එදා දෙසැම්බර් 25ස් වෙනිදා. ඔව් නත්තල් දවස තමා.ඒ කාලෙ නත්තලට රුසියාවේ නිවාඩු නෑ.අනික රුසියානු නත්තල කොහොමත් එන්නෙ ජනවාරි හත් වෙනිදාට.පරන කැලැන්ඩරේ විදියටලු. අපේ සීත ඉර්තුවේ විභාග ජනවාරි මුල.විභාගෙට වාඩි වෙන්නනම් සචොත් පොතේ(student log book) අත්සන ගන්න ඕන අදාල විශය භාර කථිකාචාර්ය තුමාගෙන්,අවශ්‍ය ඒකක වල ක්‍රියා කාරකම් අනම් මනම්,සේරම ඉවර කරලා, කියලා. අපේ පංතියේ උන්නා ලෙබනන් කොල්ලො දෙන්නෙක්.මේ එක්කෙනෙකුට අමුතු ලෙඩක් තිබුනා.ඔය හාදයා වැඩට හරි හපනා හැබැයි හැම වෙලේම අතේ ඇඟිලි පුරුක් කඩනවා.ඕක අහන් ඉන්න බැරි සද්දයක් නේ.හරියට අර සුදු හුනු කූරෙන් කලු ලෑල්ලෙ ලියන කොට ,වැලි කැටයක් අහුවුනාම එන දත් හිරිවට්ටන සද්දෙ වගේ .ඒ ව්‍යාධි විද්‍යා ව (pathology) ඉගෙන ගන්න කාලේ.අපේ ගුරුතුමී තත්‍යානා ඉවානව්නා හරිම හොඳ ගුරුතුමියක් ඒත් ටිකක් කුකුල් කේන්ති කාරයි. එදා විද්‍යා ගාරයේදි ප්‍රායෝගික ක්‍රියා කාරකම අවසන් වුනාම අපේ සචොත් පොත් අත්සන් කරන්න තමයි තීරණය වෙලා තිබ
ුනේ. ඔන්න අපේ අබු යාලුවා අන්වීක්ශෙට එබීගෙන මොනවදෝ හොයනවා.ඒ කාලෙ ලෙඩ පටක තියා සාමන්‍ය පටකවත් ඕකෙන් අපට හරියකට පෙනුන එකක්ය. ඉතින් ඔය යෝදයාට මොකක් හරි ඒක ඇතුලෙ පෙනුන ගමන් අන්වික්ශෙට විරිත්තගෙන අතේ ඇගිලි පුරුක් කඩනවා,නොපෙනුනත් චික් චික් ගගා ඇඟිලි පුරුක් කඩනවා. තත්‍යනා ඉවානව්නාට තරහා ගියාම දෙවියෝ සිහි කරන එක පුරුද්දක්." දෙවියන්ට ඔප්පු වෙච්චාවෙ" කියලා. මේ කිරිස් සද්දෙ අහන් ඉන්න බැරිව ඉවසීම ඉවරවෙච්ච තත්‍යානා ඉවානව්නා එයාගෙ රතු කැරලි කොන්ඩෙට හරියන්න මූනත් පාට කරගෙන, " දෙවියන්ට ඔප්පු වෙච්චාවෙ නාසර් ඔය සද්දේ දෙය්යන්ගෙ නාමෙට නතර කරන්න" කියලා කියද්දි කියද්දි අපේ අබ්බා ටකස් පටස් ගගා ඇගිලි ඇට කැඩුවා. ඔය සෙල්ලම ඉවර වුනේ අපේ සචොත් පොත් අත්සන් නොකර, තත්‍යානා ඉනානොව්නා පංතියෙන් යන්න ගිහින්. එදා මහම මූසල දවසක් වුනා . විභාගෙ අත ලඟ.තාම සචොත් නෑ.පංතියෙ සේරම මූනු එල්ලගෙන නාසර්ගෙ සනහුරේම මතක් කරනවා.නාසර් සමා වෙයල්ලා කිය කිය ඇඟිලි පුරුක් කඩනවා.සති අන්තෙ නත්තල් උත්සවයක් තියෙනවා එන්න කියලා අර්තේමියෝ ඔක්කොටම ආරාධනා කලා.ලැට්ටන්ට නැව ගිලුනත් බෑං චූන් නේ.ඒත් කාටවත් ඒ ගැන උනන්දුවක් නෑ. පහ මාරට පංති ඇරිලා එනකොට,අහස නිදාගන්න කලු පොරෝනා පොරොව ගෙන ඉවරයි.ඒත් හිම කුනාටුවක් නම් ගන සැරේට තිබුනා.කැරකි කැරකි උඩු බුරලමින් අපිව එහාට මෙහාට පැද්දුවා. මම නේවාසිකාගාරෙට එනකොට හෙම්බත් වෙලා,ඒ වගේම බඩගිනියි.ඒත් ගෙදර කන්න දෙයක් තිබුනෙ නෑ හරියකට. කාමරේ තිබුනෙ අඩ අඳුරෙ.මගේ රූමියො දෙන්න ඒ වෙන කොටත් ගෙදර ඇවිත්.සෝෆා ඇඳන් උඩ ,පොරෝනා අස්සෙ ගුලි වෙලා මේස ලාම්පු එලියෙන් පාඩම් කරනවා එක්කෙනෙක් සීනි නැති තේ එකක් බොන ගමන් ,අනිත් කෙනා කලු පාන් වාටියක් උලා කකා. "ඔන්න ඔයාට පාර්සලයක්" එක්කෙනෙක් මට කිව්වා ."මට?" "පාර්සලයක්??" ඇත්තමයි නේන්නම්,මගේ ඇඳ උඩ දුඹුරු පාට පොඩි කඩදාසි උරයක්.ඒකේ ලොකු අත් අකුරු වලින් පුංචි සටහනක්....... "සුබ නත්තලක් ....මම හිතනවා ඔයා මේ තෑග්ගට 🎁 කැමති වේවි කියලා-නීනා පෙත්‍රොව්නා- නීනා පෙත්‍රොව්නා????නීනා පෙත්‍රොව්නා ??. මට හරියට මතකයට ගන්න බෑ ඒ නම. "කව්ද දුන්නෙ??" මම ඇහුවා. "අර අපේ කුස්සිය අතු ගාන ආච්චි "රූමි කිව්වෙ ඕනවට එපාවට. එතකොටයි මට මතක් වුනේ.අපේ නේවාසිකාගාරෙ මුලුතැන්ගේ පිරිසිදු කරන, රැලි වැටිච්ච මූනේ සිරියා වන්ත කම වැක්කිරිච්ච වයසක ආච්චි. අලු පාට වෙච්ච කොන්ඩෙ සාලුවකින් බැඳගෙන,රබර් සපත්තු දෙකක් දාගෙන,කලු පාට කබායක් ඇදගෙන තමයි උන්දෑ වැඩට ආවෙ.යුද්ධ කාලෙ වැඩ කරපුවට ලැබිච්ච පදක්කම් දෙක තුනක් ඔය කබායෙ අමුනලා තිබ්බා.ඒ කබාය ගලවලා,සුදු කෝට් එකක් දාගෙන, කුදු වෙච්ච පිට නවාගෙන ඔය ආච්චි කුස්සිය පිරිසිදු කලා.අතු ගාන්න ඉස්සර වෙලා ලී කුඩු මිටක් බිමට ඉස්සා,ඊට පස්සෙ ඒ ලීකුඩු ටික ඔක්කොම අතු ගාගෙන ගියා. ඊට ඉස්සර සතියෙ දවසක හවස මම දේශනයක් කට් කරලා ගෙදර ඇවිත් පස්තා එකක් තම්බ තම්බ හිටියා කුස්සියේ.ඔය රබර් මාලුව කාලා මට ඇතිවෙලා තිබ්බෙ,කොච්චර තැම්බුවත් හයියයි.මෙලෝ රහකුත් නෑ. කුස්සිය අතු ගගා උන්න නීනා පෙත්‍රොව්නාට" ද්‍රස්වීත්‍ය"-ආයුබෝවන් කිව්වම එයා මාත් එක්ක කතාවට එකතු වුනා. අපි ලංකාව ගැන ,ලංකාවෙ තේ ගැන කතා කලා.සිරිමාවො බන්ඩාරනායක මැතිනියව ඇය නමින් දැනගෙන හිටියා. ඇගේ දියනිය ඉන්නෙ යුක්‍රයිනයේ.පෙන්ශන් ගිය අයට දෙන තට්ටු නිවාසයක ඇය ජීවත් වුනේ තනියම.විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්න අමාරුයිනේ. බඩු ගිනි ගනන්.ඉස්සර සෝවියට් දේශෙ කාලෙ වගේ කොපෙක් දහයට බඩු ගන්න කොහොමද මේ කාලෙ.ඒකයි මේ රස්සාව කලේ. නත්තල් නම් සමරන්නෙ නෑ, ඒත් ජනේරු අලුත් අවුරුද්දට දූ බලන්න ගමට යන්න,මුනුපුරාලට තෑගි බෝග ගෙනියන්න,සල්ලි කොච්චරක් නම් ඕනද?. "මේ රබර් පස්ටා කාලා මට එපා වෙලා .බත් ටිකක් කන්නත් ආසයි" හට්ටියත් උස්සන් කාමරේට එන ගමන් මම ඇයට කිව්වා. මගේ පාර්සලයේ දුඹුරු පාට කවරයේ අනිත් පැත්තෙ මුද්‍රණය කරලා තිබ්බා ලස්සන අකුරු තුනක්- රීස් - කියලා.අපේ විදියට නම් "හාල්".ඒ පැකට්ටුව ඇතුලෙ තිබුනේ සුදු පාට කැඩිච්ච නැති හාල් කිලෝ එකක්. ඊලඟ පැය අපේ කාමරේ එකම ජංජාලයයි.පාඩම පැත්තක තියපු රූමියො දෙන්නා මාත් එක්ක කෑම උයන්න එකතු වුනා.හාල් ලිපේ තියලා,පරිප්පු හොද්දක් එළ කිරෙන් ඒදලා තෙල් දැම්මා.පොල් කිරි කොහෙද රුසියාවෙ ඒ කාලෙ.එකියක් බිත්තර තැම්බුවා,අනිත් එකී ගෙදරින් ගෙනාපු අඹ අච්චාරු බෝතලයක් ඇරියා. බත ලස්සනට ඉදිලා, දිගටි කිරිපාට පබලු ගොඩක් වගේ හිනා වෙවී පුසුඹ දෙනවා. එලියෙ හිම කුනාටුව නතර වෙලා. බිරියෝසා ගස් අතු උඩ ගුලි වෙලා නිදි කිරන හිම කැටිති නත්තල් තරු කිරනින් දේවිලා දිස්නය දුන්නා. කවදටත් වැඩි පාඩම් වැඩක් නැති ඉන්ජිනේරු පීථයේ පිරිමි ලමයින්ගෙ නේවාසිකාගාරයෙන් නික්මුන, නත්තල් කැරොල් ගීතිකාවක සිහින් රාවයක් වා තලයේ හෙමිහිට සැරි සැරුවා. අපි තුන්දෙනා ඇඳන් උඩ වාඩි වෙලා නීනා පෙත්‍රොව්නාව ආදරයෙන් සිහිකලා.මේ හාල් පැකට්ටුව ගන්න ඇට කටු මිරිකන මහ සීතලේ පැය ගනනක් ඇය පෝලිමේ ඉන්න ඇති.එදා ඒ නිශාවෙදි ,කාත් කවුරුවත් නැති පුංචි තට්ටු නිවාසයට වෙලා කෝපි කෝප්පයක් තොල ගාමින් දවස තිස්සෙ හිටගෙන වැඩකරලා රුදා දෙන කකුල් දෙක අතගා ගන්නවා ඇති. ඒ සුන්දර නත්තල් රාත්‍රියේදි,නත්තල් සමරන්නෙ නැති දේශයකදී අපි ඇයට සුබ නත්තලක් හිතෙන් පැතුවා. පකිස්තානු ජාතික ආත්‍යා, අල්ලාහ් දෙවියන්ට ඇය වෙනුවෙන් යඣ්‍යා කලා.ඉන්දියානු ගීතා, ඇයට තිස්තුන් කෝටියක් හින්දු දෙවියන්ගෙ රැකවරනය ඉල්ලුවා. තෙරුවන් සරණින් මෙලොව වගේම එලොවත් කිසිදු දුකක් නැතිවෙන්නයි මම ඇයට ප්‍රාර්තනා කලේ. ඊට පස්සෙ සුදු බත්,පරිප්පු ,තම්බපු බිත්තර ,අඹ අච්චාරු එක්ක අපි අපේ නත්තල් භෝජනය අනුභව කලා. ඒ තමා මට ඉස්ඉස්සෙල්ලම හම්බ වෙච්ච නත්තල් තෑග්ග. ඒ වගේම මෙතෙක් කාලෙකට කාපු රසම රස නත්තල් කෑම වේල.❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ ©️කාංචනා සිරිසූරියමිල්ක් රයිස් ඇත්තටම ලංකාවේ අපි කොච්චර බත් වර්ග රස බලලා තියනවද​? කහ බත්, දුන්තෙල් බත්, ලම්ප් රයිස්, ෆ්‍රයිඩ් රයිස්, බුරියානි...... නිතරම කෑවෙ නැතත්, නොයෙකුත් අවස්ථාවල මේ බත් වර්ග රස බලන්න අපට ලැබිලා තියනවා නේද​? ඇමරිකාවට ආවට පස්සේ තවත් බත් වර්ග කීපයක් මගේ මේ ලැයිස්තුවට එකතු වුනා. කොස්ටාරිකාවේදී රස බලපු ගැලෝ පින්ටෝ ගැන නං මම මීට පෙර ලියුවා. මේ සැරේ කොලොම්බියානු සංචාරයේදී මම අලුත්ම බත් වර්ගයක රස බැලුවා. අලුත්ම බත් වර්ගයක්? ඒ මොනවද​? මිල්ක් රයිස්! එහෙම තමා මෙනු එකේ තිබ්බේ! මිල්ක් රයිස්? මිල්ක් රයිස් කියන්නේ කිරි බත්නේ! ඉතිං කවුද නෑ කිවුවේ!මිල්ක් රයිස් කියන්නේ කිරි බත් තමයි. එහෙනං අලුත්ම බත් වර්ගයක් කිව්වේ? කිරි බත් නේ! ඔව්! අලුත්ම බත් වර්ගයක් තමා! දැං කිව්වෙ නං නා නා ප්‍රකාර බත් වර්ග කාලා තියනවා කියලා!ලංකාවේ හදන කිරි බත් කාලා නෑ! ඉස්සරලම කිරිබත් කෑවෙ කොලොම්බියාවෙදිලු! අනේ කාලේ වනේ වාසේ! හරි හරි කලබල වෙන්න එපා. අපි ඇමරිකාවෙදිත් හැම සෙනසුරාදාටම කන්නේ කිරිබත්! මොකක්ද මේ දෙපැත්තටම නැති කතාව​? ඉස්සරලා කියුවා කොලොම්බියානු සංචාරයේදී මිල්ක් රයිස් කියලා අලුත්ම බත් වර්ගයක රස බැලුවා කියලා. ඊලඟට කියනවා ඇමරිකාවෙදිත් හැම සෙනසුරාදාටම කන්නේ කිරිබත්ලු! හරි හරි කලබල නොවී දැන් ඉතිං කතාව කියවමුකෝ. අපේ කොලොම්බියානු සංචාරයේදී මුලින්ම කොලොම්බියාවේ අගනුවර බොගෝටාවල දින දෙකක් ගත කරලා අපි ඊලඟට ගියේ කොලොම්බියාවේ කැරිබියන් වෙරළ තීරයේ පිහිටි නගරයක් වන කාටගෙනා(Cartagena) වලට​. මුහුද අද්දර පිහිටා ඇති කාටගෙනා 16 වන ශතවර්‍ෂයේ බිහිවූ පැරණි නගරයක්! හතරැස් ගල් කැට වලින් නිමවූ වීදි හා වර්ණවත් ගොඩනැගිලි වලින් යුතුවූ මේ නගරය නිවර්තන දේශගුණයක් සහිත, සුදු වැලි වෙරළ හා පොල් ගස් වලින් සමන්විත ජනප්‍රිය ගමනාන්තයක්! අප ගිය පලවන අවන්හලේදි අපි ඇනවුම් කලේ බත් හා මාලු! ඒ බත් එකේ තිබුනේ බත්, බැදපු මාලු කූරියෙක්, ඝන පපඩමක් වැනි දෙයක් (පස්සෙ දැනගත්තා ඒ කෙසෙල් වලින් හදන පැටකොන් නැමති කෑම වර්ගය බව​), හා සලාදයක්! බත ලා දුඹුරු පාටයි. හරියට බතට සෝයා සෝස් එකතු කරලා වගේ. වියලියි, හොඳට ඇට වෙන්වෙලා. එතකොට රස​? රස තනිකරම පොලුයි, බතුයි වගේ. ලාවට පැණි රසකුත් තිබුනා. පොලුයි, බතුයි, සීනියි කාල තියනවද​? කොහෙදිද මතක නෑ. මම නං කොහෙදි හරි කාලා තියනවා! අන්න ඒ වගේ! ඒත් වැඩේ කියන්නේ මේ බත් එකට පොල් එකතු කරපු පාටක්වත් නෑ. එහෙනං පොල් කිරි දාලද​? පොල් කිරි! ඒත් මේ බතේ කිසිම බෙරි ගතියක් නෑ.හොඳට වියලියි! අනික හාල් ඇටයේ නැති දුඹුරු පාටක් බතට​. පස්සේ තමයි ඒ ගැන දැන ගත්තේ. කොලොම්බියානු මිල්ක් රයිස් හදන්නේ අපේ මිල්ක් රයිස් වලට වඩා හාත් පසින්ම වෙනස් විදිහකට​! මේ බතට ඔවුන් කියන්නේ අරොස් කොන් කොකෝ( Arroz con coco)! මේ බත කොලොම්බියාවේ කැරිබියන් වෙරළ තීරයේ වඩාත් ප්‍රසිද්ධ කෑම වර්ග වලින් එකක්. මේ බත උයනවිට පළමුවෙන්ම ඉතා උකු පොල් කිරි කුඩා උක් හකුරු කෑල්ලක් එකතු කොට මද ගින්නේ උනු කරන්න ඕනේ(පැනි රස එපා නං හකුරු දාන්නෙ නැතිලු). සහල් එකතු කරන්නේ අර පොල් කිරි දුඹුරු පැහැවී, තෙල් උනන්න ගත්තටත් පස්සේ.හාල් යන්තමට බැදෙනකොට ලුනු සහ දියකිරි එකතු කොට බත උයා ගන්න ඕනෙ. මිල්ක් රයිස්! අලුත්ම බත් වර්ගයක්! මේ බත සාමාන්‍යයෙන් පිලිගන්වන්නේ බැදපු මාළු, පැටකොන්(patacon) හා සලාදයක් එක්ක. හාල්, ලුනු, පොල්කිරි......එකම දේ! නමත් එකයි!මිල්ක් රයිස්! ඒත් හදන විදිහ ඒ ඒ රටේ ඒ ඒ අයට ආවේණික විදිහට! හරිම සුන්දරයි. -ශ්‍රීපාලි ඔය පින්තූරත් මම ගත්තුවා! ප.ලි. කෝකටත් අර කෙසෙල් වලින් හදන පැටකොන් ගැනත් මේ එක්කම කියන්නම්!පැටකොන් හදන්නේ උයන කෙසෙල් වර්ගයකින්! මේ කෙසෙල් වර්ගය අපේ ආනමාලු වලටත් වඩා ටිකක් ලොකුයි!මුලින්ම කෙසෙල් ගෙඩි සුද්ද කර ලොකු පෙති කපා ගන්න ඕනේ. ඊලඟට ඒවා ලා දුඹුරු පාට වන තෙක් ගැඹුරු තෙලේ බැද ගන්නවා. ඊට පස්සේ ඒ එක් එක් රවුම සමතලා කර,
රන්වන් පාට වනතුරු නැවත බැද ගන්න ඕනේ. එච්චරයි!අපේ ගෙදර ඉස්සර තිබුණෙ බැටරි කෑලිදාන ඇළුමිණියම් පාට රේඩියෝ එකක්. ඒක වහල තිබ්බ දවසක් මගෙ මතකෙ නෑ.වෙළඳ සේවයයි ස්වදේශීය සේවයයි තමා ගියේ.ඒකෙත් මම ස්වදේශීය සේවය අහනවට වඩා වෙළඳ සේවය අහන්න තමා කැමති .මට මතක විදිහට රෑට අහන්න ආස කතා ටික ගියේ වෙළඳසේවයේද කොහෙද .සඳුදාට තමයි මුවන්පැලැස්ස ගියේ.බ්‍රහස්පතින්දට ගියේ හොල්මන් කතාවක්.ඒකෙත් ගොපලු කන්දේ විලාපය තමා හොඳටම මතක.සෙනසුරාදා ට ගියා සිපෙට්කෝ මහත්තයා.බදාදාට ගියා පද්‍යාවලී කියල වැඩසටහනක්.ටිකක් ලොකු වෙද්දි මම ඒකට කවි ලියල යැව්වා. රේඩියෝ එකේ බැට්‍රි බැස්සම සෝ සෝ ගහනවා.පැහැදිලි නෑ .අලුතින් බැට්‍රි දාපු දවසට මාර සංතෝසයක් තියෙන්නේ. එදාට සද්දෙත් වැඩි.හරි පැහැදිලියි.රේඩියෝ එක සාලෙ මේසෙ උඩ තියාගෙන ලාම්පුවක් පත්තු කරලා අපේ ගෙදර ඔක්කොම වාඩිවෙලා රේඩියෝ එක දිහා බලාගෙන ඉන්නව. මුවන්පැලැස්සේ පිනා.එහෙම මොකක් හරි කියද්දි අපේ ආච්චි..හහහ්..නැත්තං අන්න හරි කියලා ඒ කියන ඩයලොග් වලට එයාගෙ කැමැත්ත එකතු කරනවා. රෑ නමයට වගේ මට ඇත්තටම වෙලාවල් මතක නෑ ගුරුගේ මැණික් වාසනාව වගේ ප්‍රශ්න උත්තර තරග එහෙමත් තිබ්බා.ඊටපස්සෙ චිත්‍රපටි සිංදුත් ගියා.ආ භාරත ගී වින්දනත් ගියා.ඒකෙ තමා පරණ හින්දි සිංදු ඔක්කොම ගියේ.අපේ තාත්‍තා චිත්‍රපටි වල නම් නළු නිළියො සිංදු ඔක්කොම දන්නවා.සමහර දාට වැඩසටහන කරන නිවේදකයා චිත්‍රපටිය ගැන කියද්දි යන සිංදුව මොකක්ද කියලා තාත්තා කියනවා.තවත් සමහර දවසට මේ යකා කියන බොරු ඔය චිත්‍රපටියෙ හිටියෙ නර්ගීස් නෙවෙයි වෛජන්ති මාලා කියලා තාත්තා කියනවා. සිංහල චිත්‍රපටි සිංදුත් ගියා .ගොඩක් වෙලාවට ලතා වල්පොල ඇන්ජලින් ගුණතිලක ජෝතිපාල මහත්තයගෙ සිංදු තමා ඇහුණෙ. ළමා කාලේ ගෙවිලා මගෙ යොවුන් කාලේ එද්දි තමා අතුල ශ්‍රී ගමගේ චාමර වීරසිංහ අජිත් මුතුකුමාරණ විජය බණ්ඩාර වැලිතුඩුව වගේ අයගෙ සිංදු ආවේ.ඊටත් කලින් අපි ළමයි විදිහට ඉස්කෝලෙ ට්‍රිප් යද්දි කියපු සිංදු සෙට් එකක් තිබුණා.අපි හැමෝටම සිංදු පොතුත් තිබුණා.බිංදු බිංදු තාරකා,පිංවන්තිය මාගේ, සුසුමවී මගේ, ආත්මයෙන් ආත්මයේ, නිල් නුවන් පියවිලා, බිංදුබිංදු මල් වැස්සෙ තෙමෙන්නට එපා, දෙව්මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ, වගේ සිංදුවලින් තමා පොත පිරිල තිබුණෙ. ඕලෙවල් ඒ ලෙවල් වෙද්දි කොල්ලන්ගේ අනඟ බැලුම් වලට පපුව ගැහෙන කාලේ අජිත් මුතුකුමාරණ චාමර වීරසිංහ අපේ ජීවිත ආක්‍රමණය කලා.චාමරගේ සිතින් විතරක් සිංදුව රේඩියෝ එකේ යද්දි ලියාගෙන ඉස්කෝලෙ ඇවිත් මායි යාළුවොයි හිස් පීරියඩ්වල මේසවලට ගගහා කියනවා.චාමර කියන්නෙ කොච්චර පිස්සුවක්ද කියලා කිව්වොත් මගෙ යාළුවෙක් මල් ශාලාවක වැඩ කරපු චාමර කියලා කොල්ලෙක් එක්කත් යාලු උනා.චාමර කියන නමම පිස්සුවක් වගේ.හිස් කැසට් පීස් වල චාමරගේ සිංදු රෙකෝඩ් කරලා ඔක්කොම එකට අහගෙන දෙසිය ගානක් එකතු කරලා කැසට් පීස් අරගෙන දවස ගානෙ එක එක යාළුවො ඒ කැසට් ඇහුවා . ඊටපස්සෙ ආවෙ දමිත් අසංක.දමිත් අසංක, ඇතිලිවැව,වැල්ලවාය ,මේ එඩ්‍රස් එක අදටත් මතකයි.මම දමිත් අසංකට ලියුමකුත් එක්ක සිංදු දෙකකුත් ලියල යැව්වා .දමිත්ගේ මේ අනන්ත රාත්‍රියේ සිංදුව අදටත් ඇහෙනකොට ඒ කාලේ මට ආදරේ දැනුණ පිරිමි ළමයෙක්ව මතක් වෙනවා. අජිත් මුතුකුමාරණගෙ හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ සිංදුව ඇහෙනකොට මගෙ කවි දැකලා ඉස්කෝලෙ එඩ්‍රස් එකට ලියුම් එවපු පිරිමි ළමයෙක් මතක් වෙනවා.වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම් සිංදුව ඇහෙනකොට 2003 ආපු විශාල ගංවතුර මතක්වෙනවා. ජීවිතේ හරි ලස්සන මතක ඒවා.වික්ටර් රත්නායකගෙ අමරදේවගේ සිංදු වගේම අජිත්ගෙ චාමරගෙත් දැන් සංජීව ලෝලියන්ස්ගෙ සිංදුවල පවා මට මහා රසයක් දැනෙනවා.What if humans coexisted with dinosaurs ? ඩයිනෝසර්ල මුලින්ම බිහිවෙන්නෙ අවුරුදු මිලියන 250කට කලින් ට්‍රයැසික් යුගයෙදි. ඊට පස්සෙ අදින් අවුරුදු මිලියන 65කට ඉහතදී ඒ කියන්නෙ ක්‍රිටේශීය යුගයෙදි එයාල මිහිමතින් සම්පූර්ණයෙන් ම වඳවෙලා යනවා. මෙක්සිකෝවේ යුකටාන් අර්ධද්වීපයට පතිතවුණ දැවැන්ත ග්‍රාහකයක් ඒ වඳවීමට , නෂ්ඨවීමට හේතුවුණා කියල කියනවා. ඒ ග්‍රාහකයේ පතිතවීමත් එක්කම අහසට නැඟුණු දැවැන්ත ධූවිලි වළාවන් මාස ගාණක් පුරාවටම පෘථිවිය පුරා පැතිරිලා ගිහින් මහපොළොවට සූර්‍යාලෝකය පතිතවීම වළක්වා පෘථිවිය මත ජීවයේ පැවැත්ම නිර්ණය කරන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට දැඩි සේ බාධා පමුණුවල තියෙනවා , ඒ වගෙම ඒ කාලයෙම ඒ හා සමගාමීව විශාල ජලගැල්මක් වෙලා පහත්බිම් ප්‍රදේශයන් යටවීම, පෘථිවිය පුරාම සිද්ධවුණ සුවිශාල දේශගුණික විපර්‍යාසයන් මේ නෂ්ඨවීමට හේතුකාරකයක් වුණා කියල විශ්වාස කරනවා. කොහොමින් කොහොමහරි මිනිස්සු පෘථිවිය මත බිහිවෙන්නෙ ඩයිනෝසර්ල මිහිමතින් වඳවෙලා අවුරුදු මිලියන 65කට පස්සෙ. මෙහෙම දෙයක් ඇත්තටම පෘථිවිය මත සිද්ධවෙලා නැතත් මිනිස්සුන්ගෙ පූර්වජ සත්වයින් වුණ ක්ෂීරපායීන් ඩයිනෝසර්ල මිහිමත වාසය කළ යුගයේ වාසය කරල තියෙනවා, ඒක ඔප්පුවුණ කාරණයක්. අපි නිකමට හිතුවොත් ඩයිනෝසර්ල මිහිමත වාසය කළ කාලයේ ටී රෙක්ස්ලගෙ ඝර්ජනා හඬින් අවකාශය නින්නාද දුන්නු , දැවැන්ත ශාක භක්ෂකයින් වුණ බ්‍රැචියොසෝරස් විශේෂයන් රංචු පිටින් මහපොළොවෙ ඇවිද ගිය , ප්ටෙරොඩැක්ටිල් රංචු ආකාශයේ අණසක පතුරුවාගෙන උන්නු යුගයේ මේ අද ඉන්න හෝමෝ සේපියන් හෙවත් නූතන මිනිස් විශේෂය එහෙම නැත්තං ඊට කලින් උන්නු ආසන්න මානව විශේෂයක් ඩයිනෝසර්ල සමඟ එකට වාසය කළා කියල , coexist වුණා කියල ? ඒක කොහොම මොන විදිහට තියේවිද ? අපේ විශ්වයේ නැතත් සමාන්තර විශ්වයක හරි එහෙම තිබ්බා නම් ඒක කොහොම මොන විදිහට තියේවිද ? . ~~~~~~~~~~~~~✍️ විකුම්... . . . 📷 - Bing AI . . . . . ❤✍️🌸(අ)සීමාන්තික යාලුවො හැමෝටම ඉන්නවා. ඒ යාලුවො අතරින් හොදම යාලුවො බොහොම සුළු පිරිසක්, අතේ ඇගිලිවලටත් අඩුවෙන් කිව්වොත් හරි. හොද යාලුවෙක් ඇතිවෙනවා කියන්නේ ක්ෂණික නූඩ්ල්ස් වගේ නෙවී. ඒකට කාලයක් යනවා. ඉවසීමක් ඕනේ. කැපවීමක් ඕනේ. ඒ හැමෙදේටම වඩා අවංකකම ඕනේ ඉතින් මගේ විදිහට අනුව මට යන යන තැන යාලුවො එක්කෙනෙක් දෙන්නෙක් සෙට් වෙනවා. බහුතරය මට අකමැතියි. ඒක මගෙ චරිත ස්වභාවය. කොයි වෙලාවෙත් මල අතේ තියන් ඉන්න චරිතයක්. හරිම සංකිර්ණයි. ලේසි නෑ. හැබැයි ඒ සංකිර්ණකම ඇතුලට ගියහම මගෙ යාලුවන්ට හම්බවෙන්නේ සරල කෙනෙක්. පිස්සු කෙලින එකෙක්. එහෙම මගේ ඇතුලට ආපු උන්ටික මාව තේරුම්ගන්න හින්දා කවදාවත් මාව දාල යන්නේ නෑ. වටෙන් බලලා තීරණ ගන්න උන්ට මාව දරවන්නේ ම නෑ. මගේ කට හොද නෑ කියන එක හැමෝම කියන එකක්. ඒ උනාට හිත දකින උන් සෙට් එක මන් එක්ක තියෙන්නෙ පුදුමාකාර බැදීමක්. ඒ හින්දා මන් යන යන තැන බොක්කෙන් සෙට් වෙන එක කරුමක්කාරයෙක් හරි ඉන්නවා ඉතින් ඔන්න ඔහොම ජිවිතේ ගලාගෙන ගියා. අපේ ඔෆිස් එකට ට්‍රාන්සර් එකකින් නවෝදා කියලා අලුත් කෙනෙක් ආවා. හෙන පණ්ඩිතයි. මට ඉතින් හරි ගියේ නෑ. නවෝදා එක්ක අවුරුද්ද විතර වැඩි කතා බහක් නැතිව ගියා. මං ආයතන අංශයේ වැඩ. නවෝදා ගිණුම් අංශයේ වැඩ. ආයතනයේ අංශයේ අවුරුදු හතරක් එක දිගට වැඩ. නවෝදා එක්ක කතාව බහ කරන්න සෙට් උනේ ගිණුම් අංශයට අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලැබුණට පස්සේ. බක පණ්ඩිතයෙක් එක්ක වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මොනා කරන්නද නවෝදා එක්ක වැඩ කරන්න සෙට් උනා. තව කීප දෙනෙක් හිටපු හින්දා වැඩි අවුලක් උනෙත් නෑ. මනුස්සයෙක් හැරෙනකොට තේරෙනවානේ ඉතින්. නවෝදාටත් මාව දිරවන්නේ නෑ කියන එක පැහැදිලිව පෙනෙන්න තිබ්බා. ඉතින් කිසිම හේතුවක් නැතිව දෙන්නට දෙන්නා පෙන්නන්න බැරිව වැඩ ටික කරන් ගියා. නවෝදා හෙන බක පණ්ඩිතයි. නවෝදා මන් ගැනත් එහෙම්මමයි හිතන්නේ කියලා මට තේරුණා. ටික කාලයක් ඔහොම වැඩ කරන් ගියා. හැබැයි එහෙම වැඩ කරන් යද්දි අපි දෙන්නා ටික ටික සෙට් වෙන්න ගත්තා. දෙන්නගේ ගති ගුණ එක වගේ කියන එක තේරුනා. එතකොට තමයි යාලුකම කියන එක පටන්ගත්තේ. නවෝදා බය නැතිව එයාගේ ගෙදර විස්තර කියන්න ගත්තා. හැබැයි මන් නවෝදාට වඩා ගොඩක් වෙනස්. මන් එක සැරෙන් හැමදේම කියන්නේ නෑ. කාලයක් බලනවා. එහෙම බලලා තමයි මං හැමදේ ගැනම කතා කරන්නේ. වැඩිය පෙන්නන්න බැරි දෙන්නෙක් එකට සෙට් උන එකට ඔෆිස් එකේ සමහර අයට පුදුමයි. සමහර අයට ඉරිසියායි. මන් එක්ක සෙට් වෙන්න කලින් නවෝදා එක්ක හිටපු අය, නවෝදා එක්ක ෆිට් වෙන්න කලින් මන් එක්ක හිටිය අය මේ අයට ටිකක් දරා ගන්න බැරි උනා. කොච්චර කල් කතා බහ කලත් තමන්ට ගැලපෙන යාලුවො කියන්නේ අමුතුම ලයින් එකක්.දෙන්නගේ වැඩ දෙන්න කවර් කලා. අපි දෙන්නගේ යාලුකමට සමහර අය ඉරිසියා කලා. ඔය අස්සේ අපි ෆිට් එකේ වැඩ කලා. " ඔව් ඉතින් නවෝදාට විරුද්ධව ඔයා මුකුත් කියන්නේ නෑ නේ. " අන්න එහෙම ගොඩක් අය මට කිව්වා. මන් නැති තැන නවෝදාටත් එහෙම කිව්වහ ම " එයා හරි දේ කියන්නේ. කෙලින් කතා කරන එක තමයි වෙන්න ඕනේ " නවෝදාත් එහෙමයි කියන්නේ නවෝදාගේ හස්බනඩ් නිලන්ත, එයත් මගේ හොද යාලුවෙක් උනා. නවෝදගේ ෆෝන් එකට ගන්න බැරි උනොත් මගේ ෆෝන් එකට ගන්නේ. " ඉතින් කොහොමද චාමි. " මගෙන් අහන්නේ. අපි වචන දෙක තුනක් කතා කරලා " අනේ චාමි නවෝදාට ෆෝන් එක දෙන්නකො " එහෙම කියද්දි මන් නවෝදා ලග. " මෙන්න නිලන්තගෙන් කෝල් එකක් "මන් එහෙම කියලා නවෝදාට ෆෝන් එක දෙනවා " යකෝ ගෑනිගෙ ෆෝන් එක තියෙද්දි හොර ගෑණිට තමයි කෝල් එක ගන්නේ " කියලා නවෝදා හිනා වෙවි කියන ගමන් ෆෝන් එක ආන්සර් කරනවා. නිලන්තටත් එහෙම්ම කියනවා. අපි දෙන්න අතර ඒ වගේ තේරුම්ගත්ත බැදීමක් ගොඩ නැගුනා. නිලන්තගේ රස්සාව නැති උනා රටේ ආර්ථික තත්වයත් එක්ක. මට පුළුවන් උපරිමයෙන් මන් උදව් කලා. වෙන විකල්පයක් නැති තැන නිලන්ත රට යන්න ට්‍රයි කලා. එයාගෙ යාලුවෙක්ට කතා කරලා එයාගෙ උදව්වෙන් ඩුබායි යන්න සෙට් උනා. නිලන්ත රට යන එක හින්දා නවෝදා හිටියේ පුදුම මානසික පීඩනයකින්. " නිලන්ත නැතිව මේ ළමයාගේ වැඩ කරන්නේ කොහොමද බන්. මන් තනියෙම. නිලන්තගේ අම්මටත් ඇවිත් මෙහෙ නවතින එක ලේසී නැ. " නවෝදා එයාගෙ ප්‍රශ්න කියන්න ගත්තා " ඉතින් බන් මේ සොච්චන් පඩියෙන් උඹලා තුන් දෙනෙක් ජීවත් වෙන්
නේ කොහොමද. " මන් කිව්වා " සම්බෝලයි බතුයි කාලා හරි එකට ඉන්නවනේ හැමෝම. එයා නැතිව මන් කොහොමද බන් " නවෝදා ඇඩුවා " එහෙම කොහොමද බන් පොඩි එකී එක්ක. ළමයි ලොකු වෙනවා. එතකොට සල්ලි ටිකක් තියෙන එක හොදයි. ඉක්මනට දවස් ගෙවෙයි. දැන් කට්ට කෑවොත් කෙල්ල ලොකු වෙද්දි තාත්තා ලග ඉදියි. එහෙම නැති උනොත් තාත්තා කෙල්ල ලග ඉන්න ඕනේ කාලෙට තාත්තට රට යන්න වෙයි. එහෙම හිතලා හිත හදා ගනින්. අනික ගිහින් සෙට්ල් උනහම අවුරුදු දෙකෙන් මෙහෙ එන්න පුළුවන් නේ. " මන් කිව්වා. නවෝදා කොහොමින් හරි හිත හදාගත්තා. නිලන්ත රට යන දවසේ මන් එහෙ හිටියා. මට පුළුවන් විදිහට මන් උපරිමෙන් උදව් කලා. නිලන්ත රට ගියහම නවෝදාගේ ලොකුම ප්‍රශ්නය උනේ පොඩි එකීව ඉස්කෝලෙන් ගේන එකයි. ත්‍රීවීල්වලට හරි ස්කූල් වෑන් එකටයි දෙන්න සල්ලි නවෝදා ලග තිබ්බේ නෑ. නිලන්ත රට ගිහින් සෙට්ල් වෙනකන් අමතර වියදම් දරන්න එයාට වත්කමකුත් නෑ කියල මන් හොදට ම දැනගෙන හිටියා. මන් ඒකට ක්‍රමයක් කල්පනා කලා. උදේට වැඩට එද්දි නවෝදා දූව ඉස්කෝලෙට දාගෙන එනවා. මන් දවල්ට වාහනෙන් ගිහින් ගන්නවා. ඒක ලේසී. මොකද ඔෆිස් එකේ ඉදලා ඉස්කෝලෙට කිලෝ මීටර් පහක් වගේ තියෙන්නේ. මට පැය කාලෙන් යන්න පුළුවන්. මන් මේ ගැන නවෝදට කිව්වා. නිලන්තටත් කිව්වා. " ඔයාට කරදරයිනේ. අනික පෙට්‍රල්. දැන් පෙට්‍රල් කීයද " නවෝදා එහෙම කිව්වා " මට කරදරයක් නෑනේ. මන් කොහොමත් ඔෆිස් යන්නේ වාහනේ නේ. මට එහෙම ප්‍රශ්නයක් නෑ. නිලන්තට ජොබ් එක සේට් උනහාම ප්‍රෙට්‍රල්වල සල්ලි ගෙවහන්. පොඩ්ඩක් උඹ ස.ලේ. මැඩම්ටයි එකවුන්ටන්ට් සර්ටයි කියලා පොඩි එකා ඉස්කෝලෙ ඇරෙන වෙලාවට මට යන්න පර්මිෂන් ගනින්කො. මන් එයාව ගේන්නම් " මන් කිව්වා. උදේට නවෝදා දරුවව ඉස්කෝලෙට දානවා. දවල්ට මං ගිහින් පොඩ්ඩව එකකන් එනවා. ඔහොම සුමාන දෙක තුනක් ගියා. ගිය අලුත නිලන්තට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් වෙලා තිබ්බා. ඊට පස්සේ එයාගෙ යාලුවා වැඩ කරන සුපර්මාකට් එකේ කැෂියර් ජොබ් එක සෙට් උනා. " ආ මෙන්න උඹට තෑග්ගක් " නවෝදා මගේ අතට රුපියල් දහදාහක් දුන්නහම මන් ෆුල් හොල්මන් උනා " මෙච්චර මොකට ද මට. ඇයි දැන් උඹට සල්ලි උතුරනව ද " මං ඇහුවා " නෑ නිලන්ත ඊයේ ලක්ෂ දෙකහාමාරක් එවලා තිබ්බා. ඔයාට තෑග්ගක් අරන් දෙන්න කිව්වා. මන් කිව්වා ඔයා කැමති දෙයක් ගන්න සල්ලි දෙමු කියලා. ලබන සතියේ උඹවයි පොඩි එකාවයි එක්කන් ගිහින් හොද තැනකින් කන්න කියලත් කිව්වා. " නවෝදා හරි සතුටින් එහෙම කිව්වා " මෙච්චර එපා බන් " මන් කිව්වා " උඹට මේක ගන්න එක මදි කමක් ද. යාලු ෆිට් එකට. උඹ මෙච්චර දේවල් කරනවා අපි එපා කිව්ව ද. " නවෝදා සැර කලා පන්දාහක් විතරක් ගන්න හැදුවත් නවෝදා ඒකට කැමති උනේ නෑ. අන්තිමට මන් සල්ලි ගත්තා. දරුවගේ අසනීපවලදී, මුට තනියෙම දේවල් කරගන්න බැරි හින්දා මන් සමහර දවස්වලට එහෙ ගියා. මළ ගෙවල්, දානෙ ගෙවල්, මගුල් ගෙවල් හැම දේකට ම අපි දෙන්න එකට ගියෙ. අපි දෙන්නා අතර හොද සහෝදරත්වයක් ගොඩ නැගිලා තිබ්බා. ගෙදර විශේෂ මොනා හරි හැදුවහම නවෝදා මගේ කොටස ගෙනාවා. නිලන්ත එක්කත් මන් සතියකට එක පාරක් දෙපාරක් කතා කලා. ඉස්සර වගේ ම තමයි. නවෝදාගේ ෆෝන් එක ආන්සර් නොකරපු ගමන් මට කතා කරන්නේ. ඔහොම දවස් ගෙවිලා ගියා. එක දවසක් ඔෆිස් එකේදී, " චාමි අක්කේ පොඩි දෙයක් ඔයාට කියන්න තියෙනවා. පොඩ්ඩක් කැන්ටින් එකට එනවාද. " දිලිනි එහෙම කියද්දි මන් හිතුවේ එයාගෙ මොකක් හරි ප්‍රශ්නයක් කියලා. " විනාඩියක් හිටහන්. මන් එන්නම් " එහෙම කියලා මන් දිලිනි එක්ක කැන්ටින් එකට ගියා. " මං මේ කියන එක අහලා ඔයා කලබල වෙන්න එපා. " දිලිනි එහෙම කියද්දි හිත පොඩ්ඩක් ගැස්සුනා. " ඇයි මොකක්ද කියන්නකො. " මන් ඇහුවා " ඔයා දැනට ම කලබල වෙලානේ " දිලිනි කිව්වා " නෑ නෑ මන් කලබල වෙන්නේ නෑ. ඔයා කියන්නකො " මං කිව්වා " නෑ අක්කේ ඔයයි නවෝදායි ගැන කතාවක් හදලා මේ ඔෆිස් එකේ උන්. ඔයා නිවාඩු දවසටත් එහෙ යනවලු. අන්න ඒ වගේ විකාර කතාවක්. ඔයා පොඩි දෙන්නා ගේන්න යන එක ගැන සලේ මැඩම්ගෙන් අහන්න නවෝදා ගිහිල්ලා තියෙනවනේ " " ඔව් ඉතින් " " ඒ වෙලාවෙ එතන ප්‍රියන්ත ඉදලා තියෙනවා. එහෙම අහලා නවෝදා එලියට ආවහම මැඩම් ප්‍රියන්ත එක්ක නිකන් අමුතු කතාවක් කියලා හිනා උනාලු. එකවුන්ටන්ට් සර් එක්කත් කිය කිය හිනා උනාලු. " දිලිනි එහෙම කිව්වහම පුදුම තරහක් ආවේ. " මුන් මහ ජරා සත්තු ජාතියක්නේ දිලිනි. යාලුවාට කරදර කාලයක දී උදව් කලහම කතන්දර හදන්නේ. මුන් මිනිස්සු නෙවී. සත්තු. " මන් කේන්තියෙන් කිව්වා " ඒක තමයි අක්කේ. ප්‍රියන්ත ඔයා එක්ක තරහයි. ඌ අනික් ඩ්‍රයවර්ල එක්කයි අනික් පියන් ගෑනි කුසුමා එක්කයි එකතු වෙලා මේ කතාව පතුරවලා තියෙන්නේ. ඔයා එක්ක තරහා කීප දෙනෙක් ඉන්නවනේ අපේ සෙක්ෂන් එකෙත්. උන්ටික එකතුවෙලා උන් දැක්කා වගේ කියනවා. හැබැයි ඉතින් මේ ගැන නවෝදාට කියන්න එපා. එයා අවුල් යයි. " දිලිනි කිව්වා " මේක දැනගෙන ඔයා ගොඩක් කල් ද " මන් ඇහුවා " දැන් මාසයක් විතර වෙනව. තව ටික කාලයක් යද්දි ඕක අමතක වෙලා යයි. අනික ඔය කතා හදන එකෙක්වත් පත්තින අම්මල නෙවීනේ. ඔයා හරියට වැඩ කරන හින්දා ඔයා එක්ක තරහයි. අරුන්ට හොර ඕටී ගන්න දෙන්නේ නෑ නේ ඔයා. උන්ගේ වව්චර්වලින් සල්ලි කැපුවනේ. ඒ තරහා ඇත්තේ. ඔයා මේවා නවෝදාට කියන්න එපා. ඔයා දැනගෙන ඉන්න " දිලිනි කිව්වා " නවෝදාට නොකියා බෑ. කවදාහරි එයාට ආරංචි උනොත් මං දැනගෙන හැංගුවා කියලා කියයි. " මන් කිව්වා " නවෝදා පොඩි දේටත් කලබල වෙනවා. එයා තේරුම් ගන්න එකක් නෑ. මට හිතෙන්නේ ඔයා එයාට නොකියා ඉන්න එක හොදයි කියලා. ඔයා හිතලා තීරණයක් ගන්න " දිලිනි කිව්වා. මගේ ඔලුව යකාගේ කම්මල වගේ උනා. කෙල්ලෙක්, කෙල්ලකේව ආශ්‍රය කළත් ප්‍රශ්න, කෙල්ලෙක් කොල්ලෙක්ව ආශ්‍රය කළත් ප්‍රශ්න. මේ විදහට කතන්දර හදන්නේ ඇයි කියල මට තේරුම්ගන්න බැරි උනා. මුන් මෙච්චර සක්කිලි මිනිස්සු ද. මන් එක්ක තියෙන තරහා මට තේරුම්ගන්න බැ. මන් රටේ සල්ලි හොරකන් කරන්නෙත් නෑ, මගෙ අත්සනින් හොරකම් කරන්න දුන්නෙත් නෑ. ඒක තමයි මන් එක්ක තියෙන තරහා. හැබැයි ඒ තරහා මෙච්චර පහත් විදිහට පිටකරයි කියලා මං හිතුවෙ නෑ. මන් අවුලෙන් කියලා නවෝදට තේරුණා. " මොකක් ද බන් උඹට වෙලා තියෙන්නේ උඹ අවුලෙන් වගේ " නවෝදා අහද්දි මන් පියවි ලෝකෙට ආවා. " නෑ බන් මුකුත් නෑ. " මන් හිනාවෙලා කිව්වා " මුකුත් නැති වෙන්නනම් බෑ. කියන්න අකමැතිනම් නොකියා ඉදහන් " එහෙම කිව්වා. " එහෙම මුකුත් නෑ බන් " මන් කිව්වා " ට්‍රයි කරපු කොල්ලා බෑ කිව්ව ද උඹට " නවෝදා අහද්දි මන් හිනා උනා. මන් මොනා හරි හංගනවා කියලා නවෝදට තේරුණා. සතියක් විතර මන් අවුලෙන් ඉදලා හිත හදා ගත්තා. මං මේ ගැන නවෝදාට කියනවා කියල හිතුවා. එහෙම හිතලා නිවාඩු දවසක මං එහෙ ගියා " උඹට දෙයක් කියන්න ඕනේ. හැබැයි කලබල වෙන්න එපා. " මං නවෝදට කිව්වා. එහෙම කියලා සමස්ථ කතාවම නවෝදාට කිව්වා. නවෝදා කල්පනා කලා. " ඔයා මේක දැනගෙන කොච්චර කල් ද අක්කේ " නවෝදා ඇහුවා " සතියක් විතර එනවා. මාත් මුලදි අවුල් උනා. උන් මොනා කිව්වත් අපි දෙන්නා දන්නවනම් අපි කව්ද කියලා ඊට වඩා දෙයක් නෑ කියලා මන් හිත හදා ගත්තා " මන් කිව්වා " නිලන්තත් නෑ. කතාවක් හදාගන්න මං කැමති නෑ . මමත් දැන් මේක හිතන්න එපැයි. " නවෝදා එහෙම කිව්වේ අවුලෙන්. නවෝදාට මේ දේ කියලා කලේ මෝඩ කමක් ද කියලත් හිතුණා. ඒත් හිතින් එයාට හංගන්න මං වැරැද්දක් කලේ නෑ නේ. දවස් දෙක තුනයි ගවිලා ගියේ. " අක්කෙ පොඩි එක්කෙනාව ස්කූල් වෑන් එකකට දැම්මා. හෙට මේ මාසෙ පළවෙනිදානේ. ඊයේ නිලන්තගේ අම්මා ආව ගෙදර. ඒක නිසා පොඩි එක්කෙනා කෙලින්ම වෑන් එකෙන් ගෙදර යයි. " කියලා කියද්දි මන් ඔලුව වැනුවා. නවෝදා මන් එක්ක කතා කරන එක අඩු වෙලා කියලා මට දැනුණා. ඉස්සර වගේ නෙවී. මට හිතට දුකයි. මන් නවෝදා එක්ක කතා කලා. " ඔයා මන් එක්ක අවුලෙන් ද ඉන්නේ නවෝදා " මං ඇහුවා " නෑ ඇයි " " ඉස්සර වගේ කතාවක් නෑ. මට අමුත්තක් දැනෙනවා. ඉස්සර ගෙදර ගියහම අපි කොච්චර ෆෝන් එකෙන් කතා කරනවාද. නිලන්තත් විහිලු කරනවා. මතක ද. දැන් ටික දවසක ඉදලා කතා කලේ ම නෑ. මොකක් ද උනේ " මං ඇහුවා " ඔයා වගේ නෙවී. මන් බැදලා. මට ළමයෙක් ඉන්නවා. අනික නිලන්තත් රට. මට කතන්දර අහගන්න බෑ. ඒක නිසා ඔෆීෂියල් කතා විතරක් අපි අතර තියාගමු. යාලුකන් ඕනේ නෑ " නවෝදා එහෙම කියද්දි මට ඇඩෙන්න ආවා. " මේකෙ ඉන්න සත්තු කතා හැදුවට මං වැරදි ද. මං ඔයාට වරදක් කරලා නෑ. අනික මෙච්චර කල් මාව ආශ්‍රය කරල මං කවුද කියන එක ඔයා තේරුම් ගත්තේ නැද්ද " මං ඇහුවා " මේ කතාව මේ ඔෆිස් එකේ තව මිස් කෙනෙක් මට කිව්වා. එයා කිව්වා ඔයාගෙ ටිකක් එහෙම ගතියක් පේනවා කියලා. මට කතන්දර හදාගන්න මං ආස නෑ " නවෝදා කියද්දි මට යකා වැහුණා " ඒ කියපු එකා මොකාද කියන්නකෝ. එහෙම ඒ කියපු එකාට පේනවනම් ඉතින් මට කරන්න දෙයක් නෑ. එයා කිව්වහම ඔයාට පේන්න ගත්ත ද. ඔයාට ඕක කියපු එකී මට හිතා ගන්න පුළුවන්. බැදපු මිනිහා ඉන්දැද්දි හතර වටේ ගිය ගෑණියෙක් නේ ඕක කිව්ව්වෙ. ඒවගේ ගෑනු කියන එක ඔයා විශ්වාස කරන්නකො "මං කිව්වා " මට ඒවා වැඩක් නෑ. මට වටින්නේ මගේ ආත්ම ගරුත්වය. මට අනික්වා වැඩක් නෑ. ඔයාට නම් ගානක් නෑ. මන් ආස නැ කතන්දර අහගන්න. ඒක නිසා මං මගේ පාඩුවේ ඉන්නවා. " " මට අනික් උන් කියපු කතා ගැන හිත කැඩුනේ නෑ. හැබැයි මගේ හිත කැඩුනේ මේ දැන් ඔයා කියපු කතාව නිසා. ඔයා වගේ යාලුවො මටත් එපා. මීට පස්සේ අපේ ආශ්‍රය රාජකාරියට විතරයි " මගේ ඇස් දෙකෙන් මටත් හොරෙන් කදුලක් වැටුනා. අපිට කතන්දර හදපු උන් එක්ක නවෝදා හොදට හිනාවෙලා කතා කරනවා. දැන් නවෝදා එක්ක හැමෝම යාලුයි. එයාට අඩුවක් නෑ දැන්. යාලුවො ගොඩයි. නිලන්තත් මන් එක්ක කතා කරන්නෙත් නැ. ඒක මට අව්ලක් ම නෑ. මං නවෝදා එක්ක කතා කරන්නේ රාජකාරියට විතරයි. " මන් කිව්වානේ අක්කේ ඔයාට නවෝදාට ඕක කියන්න එපා කියලා. දැන් පේනවනේ " දිලිනි මං එක්ක කිව්වා " කමක් නෑ ද
ිලිනි. " මං කිව්වා " ඒ අයට ඕනේ ඔය දෙන්නගේ යාලුකම කඩන්න. මෙහෙම කතා නොකර ඉදලා උන්ට ඕනේ දේ වෙනවා. කරන්න ඕනේ තව ෆිට් එකේ ඉන්න එක. මන් ඕක නවෝදාටත් කිව්වා. ඒත් වැඩක් නෑ " දිලිනි කිව්වා " කමක් නෑ දිලිනි. මිනිස්සු කව්ද කියල අදුනගත්තා. ආයිත් මේ වගේ ගොන් කන් කරන්නේ නෑ මං. " හැමෝම තම තමන්ගේ සීමා ඇතුලේ කොටු වෙලා ඉන්නේ. ඒත් මං මගේ සීමාවෙන් එලියට පැනලා අනික් අය වෙනුවෙන් පෙනී හිටලා අන්තිමට මං තනිවෙලා. මං තමයි වැරදි කියලා මට තේරුණා. මගේ සීමාවෙන් පිට පැනීම. සීමා ඉරෙන් පිට පැනලා වැඩ කලහම එන ප්‍රතිවිපාක තමන් විතරක් භාර ගන්න ඕනේ. තින්ක් අවුට් සයිඩ් ද බොක්ස් කිව්වට එහෙම හිතලා දුකක් එන වෙලාවට අත අල්ලගන්න කවුරුත් නෑ. තමන්ට තමන් පාලනය කරගන්න වෙනවා. බැදීම්, යාලුකම් මේ ඔක්කොම එක සීමාවක් වෙනකන් විතරයි. කොච්චර ෆිට් එකේ හිටියත් එක මොහොතින් ඔක්කොම ඉවරයි. තමන්ගෙ වාසියට හැමදේම. මං ඉගෙන ගත්ත පාඩම. ධනය,බලය, තත්වය, ලස්සන, සතුට මේ හැමදේම තියෙනකොට වටේ ඉන්න යාලුවො දුකේ දි නෑ කියන තරමට තේරුම් ගන්න තරමට අපි පරිනත වෙන්න ඕනේ. මේ එකක්වත් නැති කාලෙ අපි එක්ක හැමදේම බෙදාගත්ත මිනිස්සු අපේ ජීවිතවල තියාගන්න ඕනෙ කියන තේරුම්යන තරමට අපි ගොඩනැගෙන්න ඕනේ. මේ හැමදේම නැති කාලේ හිටපු මිනිස්සු , මේ දේවල් තියෙද්දි අපිට ආශ්‍රයට නොගැලපේවිද කියන වර්ණ අන්ධතාවයෙන් මිදෙන්න ඕනෙ. අවුරුදු අටක් එකම ඔෆිස් එකේ. කොහොමත් මේ ඔෆිස් එක තිත්ත වෙලා තිබ්බේ. ඉතින් ට්‍රාන්සර් ඉල්ලලා වෙන තැනකට ගියා. ආයිත් යාලුකම් ඇති කර ගත්තොත් ඒ පැය අටේ යාලුවො විතරයි කියන ඒකායන අරමුණින් තමයි ඒ ඔෆිස් එකට පය තිබ්බේ. ගිහින් සතියයි. පුරුදු ගතියක් තියෙන් නම්බර් එකක්. ඒත් ඉතින් සේව් කරලා නැති නිසා ආන්සර් කලා. " හෙලෝ " මං කතා කලා " හෙලෝ අක්කේ " එහෙම කියද්දි මං කටහඩ අදුර ගත්තත් " කවුද මේ " මං ඇහුවා " අක්කේ මං නවෝදා. කොහොමද ඔයාට " එහෙම අහද්දි මං ලයින් එක කට් කලා. ආයත් ඒ නම්බර් එකෙන්ම කෝල් එන්න ගත්තා. දෙපාරක් නොහිතම නම්බර් එක බ්ලොක් කලා. අවැසි තැන නොමැති කල යාලුකම් කවරකට කියල හිතුවා. සැපේ දි නැතත් දුකේ දි අත් නොහරින යාලුකම් ජීවිතේ අපට තියෙන වටිනාම සම්පතයි. ඒක අපේ ජීවිතේ හොදම ආයෝජනයක්. සමහර විට නවෝදාගේ පැත්තෙන් නවෝදා හරි ඇති. හැබැයි මගේ පැත්තෙන් මං වැරදි නෑ කියලා මං දන්නවා. මට ඒ ඇති.රැකියා අත්දැකීම් 3 ඔන්න ඉතින් ඔය විදියට මිත්‍රවරුනි මම පත්වීමේ ලියුමත් අරගෙන පහුවෙලා හරි ආයතනයේ නීත්‍යානුකූල සේවකයෙක් බවට පත් උනා. දැන් ඉතින් "මම ඉංජිනේරුවෙක් වෙන්නම උපන්නෙමි" කියල හිතාගෙන බරටම වැඩ. වැඩ කිව්වෙ වැඩ ඉගෙනගන්නව තනියම. ලස්සන වැඩේ කියන්නෙ HR එකෙන් දීපු Training Plan එක හදල තිබ්බ විදියට ඒ ආයතනයෙ තාක්ෂණික අංශයෙ විශේෂඥයෙක් වෙන්න ඕන පලවෙනි මාස 6 පහු උනාම. මේක ඇත්තටම හොඳ දෙයක්. ඒකෙන් ආයතනය මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල මට දැනගන්න ලැබෙනව. ඒත් අවාසනාවක මහත ඒක ප්‍රායෝගිකව ක්‍රියාවෙ යොදවන ක්‍රමයක් මේ ආයතනයෙ නම් තිබුනෙ නෑ යාලුවනේ. ඒ මොකද මගේ Training එක කිසිම කෙනෙකුගෙ වගකීමක් නෙවෙයි. ඉතින් ඒක නිසා මංම තනියෙන් දත කාල තිනියෙන්ම Train උනා මිසක් ඒකට කාගෙවත් සහයෝගයක් ලැබුනෙ නෑ. මමත් ඉතින් හින්ඳි Film එකක් බලල ශාරුක් කියල හිතාගෙන ඒ වගේ හැසිරෙනව වගේ ඔන්න පොත් කියවගෙන, මැශින් අතගාගෙන, එක එක්කෙනාට වාතවෙවී බාරයක් ඔප්පු කරන්න වගේ දැනුම එකතුකරගන්නව. මෙහෙම යනකොට දවසක් මිත්‍රවරුනි ඔන්න මගේ බිරිඳගෙ ඉල්ලීමට අපි දෙන්න සංගීත ප්‍රසංගයකට යන්න ටිකට් ගත්ත. සිකුරාදාවක හවස 5.00ට තමයි මේක තිබ්බෙ. මගේ වැඩ ඉවර වෙන්නෙ සාමාන්‍යයෙන් නම් 5.00ට. දැන් ඉතින් මේක කලින්ම මගේ, වෙන්න ඉහල නිලධාරියාට (දැනට අඳුරන්නෙ නෑ වගේ ඉන්න) කියල අවසර ගන්න ඕන නේද කියල හිතල බැලුවම මට මතක් උනේ අර මම කලින් කොටසෙ කිව්ව මානව සම්පත් අංශයෙ සම්මන්ත්‍රනයෙදි ඒ නෝන කිව්ව කතාවක්. මම ඉංග්‍රීසියෙන්ම කියන්නම් එයා කියපු දේ. "If you belong to executive staff. You are eligible to work flexible hours unless you haven't got any prior commitments. ඒකෙන් කියන්නෙ විශේෂ වැඩක් යොදාගෙන නැත්නම් අවශ්‍යනම් පැයක් දෙකක් කලින් පටන් අරං එහෙම නැත්තං පැයක් දෙකක් පරක්කු වෙලා පටන් අරං පැය අට සම්පූර්ණ වෙන විදියට වැඩ කරන්න අපිට අයිතිය තියෙනව කියල. මෙන්න යාළුවනේ මට මේක මතක් උනාම මං හිතුව හරි මට එහෙම විශේෂ දාගත්තු වැඩක් නැති නිසා මම ඒ කියපු විදියට පැයක් කලින් පටන් අරං පැයක් පහුවෙලා වැඩ ඉවර කරනව කියල. ඔන්න මම මේ කියන දවසෙ කලින් වැඩ පටන් අරගෙන හරියට 4.00ට වැඩ ඉවර කරල කාර්‍යාලයේ දොරෙන් පිට වෙනව. අර මගේ වෙන්න බොස් මෙන්න එලියෙ ඉඳන් මගෙ ඉස්සරහට එනව. "ගිහාන්, කොහෙද යන්නෙ?" "මිස්ට "මෙයා" මම අද ටිකක් කලින් පටන් අරං කලින් off උනා මට අද පොඩි වැඩක් තියෙනව" "ගිහාන්, ඔයාට ඕන ඕන විදියට කලින් පටන් අරං කලින් ඉවර කරන්න බෑ" "සර් මේකයි, ඒක මට HR එකෙන් කිව්වෙ. දැන් මට ඕක ගැන කතා කර කර ඉන්න වෙලාවක් නෑ මට යන්න ඕන. අපි Monday කතා කරමු" කියාගෙන මම දොරෙන් පිට වෙලා මගේ ගමන ගියා මිත්‍ර වරුනි. ඒ අවස්ථාවෙ හැටියට මම සාධාරනයි කියල හොඳටම දැනගෙන හිටියත් අළුතින් බැඳුනු සේවකයෙක් විදියට හිතේ පොඩි චකිතයක් නොතිබුනාම නෙවෙයි. ඒත් ඉතින් මොනව කරන්නද. බුදු හාමුදුරුවෝත් කියල තියෙනවනෙ ගිහි ගෙයි ඉඳගෙන හිතේ සතුටින් මානසික නිදහසෙන් ඉන්න බෑ කියල. ඕන එකක් කියල මං ඉතින් මම යන්න හිටපු ගමන ගියා. මෙන්න ඊලඟ සඳුද වැඩට ඇවිල්ල පැයකින් විතර කෝල් එකක් එනව. "ගිහාන් ඔයා ගැන ඔයාගෙ මැනේජර් complain එකක් කරල තියෙනව. ඒක ගැන කතා කරන්න පොඩ්ඩක් HR Department එකට එන්න" මං කල්පනා කරනව අනේ මං මොකටද HR එකට යන්නෙ මං ඒගොල්ලොන්ගෙ උපදෙස්නෙ පිලිපැද්දෙ කියල. ඒත් ඉතින් මොනව කරන්නද ඔන්න පුරුශ දහිරිය අරං මමත් ගියා HR එකට. "ආ ගිහාන් වාඩි වෙන්න. ඔයාගෙ මැනේජර් අපිට කියල තියෙනව ඔයා එයාගෙ උපදෙස් වලට පිටින් වැඩ කලා කියල මේක ඇත්තද?" මමත් ඉතින් පුළුවං තරම් පැහැදිලිව කතාව කිව්ව. ඒ HR නංගිට "මෙහෙම් මෙහෙමයි, මෙහෙම් මෙහෙමයි, මෙහෙම් මෙහෙමයි" කියල. මගේ කතාව අහන් ඉඳපු ඒ නංගි කියපි "ගිහාන් ඔයාගෙ කතාව මට තේරෙනව. ඒ උනාට ඔයා මෙතන Technical Executive කෙනෙක් අපි ඔය Department Head ලට දීල තියෙන්නෙ Limited Resources ඒක නිසා ඒගොල්ලොන්ගෙ Decisions අපිට වෙනස් කරන්න අමාරුයි ඔයා පුලුවන් තරම් Department Head එක්ක සුහදව වැඩ කරන එක ඔයාට හොඳයි. මොකද මේ වගේ Complain නිතර එන එක ඔයාගෙ Personal File එකට එච්චර හොඳ නෑ" කියල. අනේ එතකොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නේද කියල "Ok, that's fine" කියල මං පල්ලං බැස්ස. පස්සෙ ඒක ගැන කල්පනා කරල බලද්දි තමයි මට තේරුනේ ඒ නංගි කිව්වෙ අපි ඕගොල්ලොන්ගෙ අයිතිවාසිකම් ගැන පොර ටෝක් දුන්නට ප්‍රශ්නයක් ආවොත් ඔගොල්ලොන්ම කොහොමහරි විසඳ ගන්න. "අපි ඕවට නෑ" කියල නේද කියල. ඒ ගැන හිතේ ලොකු කලකිරීමක් ඇති උනත් මොනව කරන්නද හම්බ කරං කන රස්සාවනෙ කියල හිත හදා ගත්ත. ඔන්න මිත්‍රවරුනි ඔහොම ටික දවසක් යනකොට හිත හොඳ කොල්ලො එකෙක් දෙන්නෙක් සෙට් උනා. උන්ගෙං කොම්පැනිය සහ ඒකෙ වෙන සිද්ධි ගැන සෑහෙන තොරතුරු ටිකක් හම්බ උනා මිත්‍ර වරුනි. මේව මේ ඕන කොම්පැනියක අයිතිකායෙක් විසින් ගහන්න පුළුවං බොහොම ප්‍රසිද්ධ ගේම්. මං කිව්වනෙ මිත්‍ර වරුනි. මම මේ කියන්නෙ Technology සම්භන්දයෙන් ප්‍රසිද්ධ කොම්පැනියක් ගැන කියල. ඔන්න කොටින්ම කියනවනම් වැඩ මෙහෙම උනාට මේක ISO තත්ව සහතිකයත් තියෙන කොම්පැනියක්. එතකොට ඕගොල්ලො අහයි එතකොට ISO සහතිකයත් බල්ලට ගිහිල්ලද? කියල එහෙම නෑ මිත්‍රවරුනි. මේ ගොල්ලො උඩින් ISO දාගෙන යටින් දෙන්නෙ පට්ට ගේමක්. මේගොල්ලොන්ගේ ගොඩක් තියෙන්නෙ රජයෙ කොන්ත්‍රාත්, ඒවගේම ගේන බඩු ගොඩක් ඒව ගෙන්වන්නෙ පිටරට කොම්පැනි වලින්. ඉතින් ISO සහතිකය කියන්නෙ මේගොල්ලොන්ට ඉතාමත් වාසිදායක දෙයක්. ඒක ගන්න නම් කොම්පැනිය ඒ තත්ව වලට ගැලපෙන Documentation, Plan, Audits වගේ දේවල් හදන්න ඕන. ඕක කරන්නෙ හොඳ Qualified QA officer කෙනෙක් හොඳ පඩියකට අරං අර තතව සහතිකයට ගැලපෙන Procedures, Methods, Processes හදල ඒව කරනව කියල උඩින් ලියකියවිලි මට්ටමින් පෙන්නල. එහෙම පෙන්නුවට යටින් යන්නෙ ඔය මං ඔයාලට කියපු කතාව. අර ලස්සන QA නෝනයි අංශ ප්‍රධානීන් ටිකයි සෙට් වෙලා තත්ව සහතිකේ රැක ගන්න ලොකු ප්‍රෝඩාවක් ගෙනියන්නෙ. මොකද මේගොල්ලො කරන ගොඩක් වැඩ වලදි තත්ව සහතිකේ මේගොල්ලොන්ට වැදගත් නිසා. ඔය එකක්. අනික තමයි මේක අයිතිකාර නෝන, මහත්තය හිටියට නෝන තමයි ගේම ගහන්නෙ. ආන්ඩුවට Tax ගෙවන්න කැමතිම නෑ. එක නමකින් කොම්පැනිය ගියාට ඒකෙ Toilet සුද්ද කරන්නත් වෙනමම කොම්පැනියක් දාල. Tax Accounting කරන අය දන්නව ඇති එතකොට කොම්පැනියෙ සමස්ත ලාබෙ කොටස් වලට කඩල Tax Threshold (බදු සීමා) වලට අඩු කරල අඩු ගානක් තමයි රජයට ගෙවන්නෙ. හරි එතකොට කෙනෙක් කියයි ඔය හොර රජයට මොකටද Tax ගෙවන්නෙ කියල. ගොඩක් ආයතන මෙහෙම ඉතුරු කරගන්න සල්ලි කොටසක් සේවකයන්ට ගෙවනව Bonus විදියට. එතකොට සේවකයොත් ඒ ගැන සතුටුයි. පොඩි Robin Hood Scene එකක් තමයි එතන වෙන්නෙ. ඒත් මම මේ කියන තැන රජයට දෙන ජිල්මාර්ට් එකම තමයි සේවකයන්ටත් දෙන්නෙ. ඔන්න සේවකයන්ට කියනව අවුරුද්දට දවස් 5 කට අඩුවෙන් නිවාඩු ගත්ත අයට මාසෙක පඩිය bonus දෙනව කියල. දවස් 5-10 අතර නිවාඩු ගත්ත නම් පඩියෙන් බාගයයි 10 ට අඩුවෙන් නිවාඩු ගත්ත නම් පඩියෙන් කාලයි. ඔය විදියට බලාගෙන ගියාම වෙලා තියෙන්නෙ මේගොල්ලො සේවකයන්ගෙ පඩි සහිත නිවාඩු ටික සල්ලි දීල අරගෙන. අනික ළමයි ඉන්න කසාද බැඳපු කෙනෙකුට පූර්න කාලීන රැකියාවක නිවාඩු ගන්න අවස්ථා ඕන තරම් යෙදෙනව. ඒක නිසා මේක බොරුවට සේවකයො රවට්ටන ප්‍රෝඩාවක්. ලොකුවට මාස 12 ට මාස 13 ක වැටුප් දෙනව කිව්වට එහෙම හම්බවෙච්ච කෙනෙක් නෑ. ඔන්න ඕකයි මිත්‍රවරුනි තත්වෙ. මම මේතනටම තව කතාවක් කියන්නම්. ඔයගොල්ලො හිතනව
ඇති මේ මනුස්සයට මේ තරම් කැපිල්ල දාන්න හෙතුව මොකද්ද? මෙයාගෙ මේ තරම් තියෙන විශේෂත්වය කුමක්ද? කියල. මේක තාක්ෂණය හා සම්භන්ද ආයතනයක් කියල මම මුලදිම කිව්වනේ. ඔන්න ඉතින් බැලූ බැල්මට අහවල් අංශයෙ ඉංජිනේරුවො සෑහෙන්න පිරිසක් මේකට රැකියාව සඳහා බඳව ගන්න ඕන. ඒත් මෙතන ඇත්ත තත්වෙ මොකක්ද? හොඳයි මොනා උනත් මමත් ඉංජිනේරුවෙක්නෙ. මම මේක ගානකින්ම පැහැදිලි කරන්නම්. ඔන්න ආයතනයේ තාක්ෂණික අංශයට වැඩට ඉංජිනේරුවො 30 දෙනෙකුයි කාර්මික ශිල්පියො 50 දෙනෙකුයි ඕන කියල හිතමු. ලංකාව් පඩි අනුව බැලුවොත් ඉංජිනේරුවෙක්ට ලක්ශයක විතර පඩි දෙනව. කාර්මික ශිල්පියකුට හැට දාහක් දෙනව කියමු. මේකෙ සාධාරන අසාධාරණ කම ගැන මෙතනදි කතා කරන්නෙ නෑ. මොකද මේක දැනට ලංකාවෙ ක්‍රියාත්මක වෙන ක්‍රමය. ඔන්න දැන් මේ ආයතනයෙ ලොකු පුටුවෙ ඉන්න නෝන එයාගෙ ඇඟ පුරාම තියෙන මොලේ පාවිච්චි කරල මෙහෙම කරනව. බඳව ගන්න ඉංජිනේරුවො සංඛ්‍යාව 30 ඉඳන් 10ට අඩු කරනව. දැන් ඉතුරු ටිකට ගන්නෙ කාර්මික ශිල්පියො. මට කලා වගේ මේගොල්ලොන්වත් බඳව ගන්නෙ සියුම් සම්මුඛ පරීක්ෂණ හා බඳවා ගැනීමේ ක්‍රියාවලියක් යටතෙ. මේකෙන් ඒ අයට හම්බවෙන කුසලතාවයෙන් වැඩි දක්ශ රැකියා අපේක්ශකයො ටික දෙනෙක්ට, තමන් කාර්මික ශිල්පියො ඉනාට උප ඉංජිනේරු, එහෙම නැත්නම් තාක්ෂණික විධායක වගේ තනතුරක් දෙනව මානසික අල්ලසක් විදියට. හැබැයි යාළුවනේ මේගොල්ලොන්ට පඩිය නම් දෙන්නෙ පනස්දහසක් විතර තමයි. ඒත් තනතුරු නාමය උසස්නෙ. ඉතින් අනාගතය ගැන හිතල සමහර අය මේ ආයතනයට බැඳෙනව අඩු පඩියට. දැන් ඉතින් මං කියපු වැටුප් අගයන් සහ සේවක සංඛ්‍යාව අරගෙන ගාන හදල බලන්න. එතකොට ඔයාලටම වැටහේවි ආයතනයට කොයි තරම් මුදල් ඉතුරුද කියල. අර බඳවගන්න ඉංජිනේරුවො ගත්තොත් ඒගොල්ලොත් මේ ලොකු නෝනගෙ හෙංචයියොම තමා. ඒගොල්ලො යොදාගෙන මේ අනිත් සේවකයො පුහුණු කරල තමන්ට ඕන විදියට ඒ අයව යොදාගන්නව. ඉංජිනේරුවෙක් විදියට තමන්ට සාමාන්‍යයෙන් නොලැබෙන අනිත් සේවකයන්ව පාලනය කරන්න සහ තමන්ට වැඩි බලතල ලැබෙන ක්‍රමයක් මේ ආයතනය තුල අපේ නෝන ඇති කරල තියෙනව. මේ අයටත් මේ නෝන දෙන්නෙ මානසික අල්ලසක් "උඹ තමා පොර" කියන අදහස මේ අයගෙ ඔලුවලට දාල ඒගොල්ලොන්ගෙන් තමන්ට ඕන ප්‍රයෝජනය ගන්නව. ඒ වගේම තමයි මේ කියන විදියට වැඩ කාරන්න කැමති පෞර්ශ ගතිලක්ෂණ තියෙන අයව විතරක් මේ ආයතනයෙ ඔය කියන තනතුරු වලට බඳවගන්න මේ අය සූක්ෂම වෙනව. දැන් තේරෙනව නේද? යකා කොච්චර කළු උනත් මෝඩ නෑ මිත්‍ර වරුනි. මේකෙ බැලූ බැල්මට ඇති වැරැද්ද මොකක්ද? කියල කෙනෙක් අහන්න පුලුවන්. හොඳයි මට තේරෙන විදියට මම ඒකත් කියන්නම්. එතකොට පොදුවෙ සුදුසුකම් තියෙන අය අඩු මේ ආයතනයෙ මානව සම්පත ලාබ වගේම බාලයි. එතකොට මේගොල්ලො වැඩි වශෙයෙන් ගනුදෙනු කරන රජයේ සේවයෙ තියෙන අකාර්යක්ෂමතාවයට මේගොල්ලො ඒ අය එක්ක වැඩ කරන්න යවන අය ජාඩියට මූඩිය වගේ සෙට් වෙනව. රටක් වශෙයෙන් අද ලංකාව පත් වෙලා තියෙන තැන ගැන සහ ඊට හේතු ගැන මම තව දේවල් කියන්න ඕන නෑනෙ. මේකත් මේ ඉරනමට රට පත් වෙන්න පොදුවෙ දායක උනා කියල හිතා ගන්නකො. දැන් ඔයාල හිතනව ඇති පිටරට විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාදියක් තියෙන, ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුළුවං, මිනිස්සු එක්ක ටිකක් හොඳට කතාබහ කරල ඉන්න කැමති, මම වගේ අහිංසකයෙක් මෙතනට වැටුනෙ කොහොමද කියල. ඒ කතාව මෙහෙමයි. මම මේ ආයතනයට සම්භන්ධ උනේ රෝහල් ශල්‍යාගාර වල තියෙන අධි තාක්ෂණික මෙවලම් සම්භන්ද වගීමක් ඇති තනතුරකට. මෙතනදි මිත්‍රවරුනි යන්ත්‍ර සවි කිරීම, නඩත්තුව සහ අළුත්වැඩියාවට අමතරව මේ යන්ත්‍ර යෝදාගන්න විදිය ගැන සේවකයො පුහුනුවත් මේ තනතුරට ඇතුලත්. ඒවගේම මම ගොඩක් වෙලාවට ගනුදෙනු කරන්න ඕන මේ තැන්වල ඉන්න උපදේශක තනතුරේ වෛද්‍යවරු සමග ඒ අය ගොඩක් වෙලාවට විශේෂඥ වෛද්‍යවරු. ඉතින් මේ ආයතනයෙ පාලන අධිකාරිය හිතන්න ඇති මගේ අහිංසක චරිත ලක්ශන හා සුදුසුකම් මේ තනතුරට ගැලපෙනව කියල. මට මේ තරම් බලපෑමක් ආයතනය ඇතුලින් ආවෙ ඇයි දන්නවද? මේගොල්ලොන්ට ඕන උනා මට වඩා වඩා වෙනස් පෞරුෂ ලක්ශන තියෙන තාක්ෂණික අංශයෙ අනිත් අය තුලින් මට විරුද්ධව නිරායාසයෙන් එල්ල වෙන්න පුළුවන් ප්‍රතිරෝධය පාලනය කරන අතර ඒ ප්‍රතිරෝධයත් මාව පාලනය කරන්න යොදා ගන්න. ඉතින් අවසානයෙදි කියනව නම් කියන්න තියෙන්නෙ මේ නෝනල මහත්තුරු හරිම දක්ශ, බුද්ධිමත්, උපායශීලී අය තමයි. ඒකෙ ආයෙ දෙකක් නෑ. ඒත් ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි කෙනෙක් තමන්ට ලැබිල තියෙන බුද්ධියෙන්, හැකියාවෙන් තමන්ට දෙයක් කර ගන්න අතරෙ ලෝකෙටත් අපට පුළුවන් විදියට යමක් දෙන්න ඕන. ඒක මගේ පෞද්ගලික අදහස. මෙතන ඒ දේ කොයි තරම් වෙනවද කියන දේ මට නම් ප්‍රශ්නයක්. මොනව උනත් අපි හැමෝම කවද හරි මැරෙන මිනිස්සුනෙ මිත්‍රවරුනි මොකටද මේ ටික කාලෙට කපටි වෙලා අවස්ථාවාදී වෙලා එක එක්කෙනා කොටවල හැම දෙයක්ම අපට ඕන විදියට පාලනය කරන්න හදන්නෙ නේද? ගිහාන් සමරසිංහනිසල නිම්නයේ කතාවක් . "ත්‍රීවීල් රස්සාවේ දී හවස් වෙනකොට හයර් එකක් ලැබුණා කියන්නේ ප්ලේන්ටියේ ගාණ ලැබුණා වගේ තමයි එදත් අහස රත් පැහැ ගැන්විලා තිබුණේ සතියේ මැද දවසක් නිසා මහ මළුවට එන යන උන් හයර් එකට වීල් එකකටවත් අත දාන්නේ නෑ බැරිම තැන මහ මළුවෙන් පිටත් වෙලා ගෙදරට එන්න වටරවුමෙන් කරකනකොට රෙද්ද හැට්ටේ ඇදපු ආච්චී කෙනෙක් අත දැම්මා ගෙදරටත් කිට්ටුව උනත් ආච්චී ඇදලා හිටපු පැටන් එකට අනුවනම් ආයේ කිලෝමීටරේට හාරසීයක විතර හයර් එකක් කපන්න පුලුවන් වගේ නිසා ආපහු වටරවුම කරකලා ආච්චී ගාවීන් නතර කරා කොහාටද නෝනා " රත්නායක ඉස්කෝලේ ගාවට පුතා හම්මා දවසම කවර් කරගන්න හැකිනේ කියලා ආච්චිවත් දාගෙන එහෙන් මෙහෙන් දාලා ඉස්කෝලේ කිට්ටුවට වෙනකොට කියාපි පුතේ ඉස්කෝලේ පහු කරලා ටිකක් ඉස්සරහින් නතර කරන්න ගෙදර උන් මාව දාලානේ ආවේ ඉස්කෝලේ පහු කරාම තියෙන්නේ කනත්තනේ ඔව් පුතේ ගෙදර මළගම උස්සලා මුන් මාව දාලානේ ඇවිල්ලා තියෙන්නේ වයසක උන්දලා කොහොමත් වාතනේ වාහනේ කනත්ත ගේට්ටුව ගාවින් නතර කරලා ආච්චීව බස්සලා ගාණ කිව්වා සෑහෙන දුර නෝනා හයර් එක නවසීයයි . ටිකක් ඉදහන් පුතා දූගෙන් ඉල්ලගෙන එනකම් ආච්චී ගේට්ටුවෙන් ඇතුලට යනකම් ඉදලා මාත් එබුණා අම්මද බොල කිව්වල ඉහල පැලැන්තියේ මල ගමක් පුච්චන්න ලෑස්ති කරලා කට්ටිය කූල් බොනවා ගෙදර ගියත් කහට එකක් ගහන වෙලාවේ මාත් ඇතුලට ගිහින් දුක් මූඩ් එකේ බීම දෙකක් ගහලා වේපස් තුන හතරක් සාක්කුවටත් දාගෙන දෙක තුනක් කන ගමන් හයර් එකට ආපු ආච්චී පේන්න නැති නිසා විපරම් කරලා බැලුවා, ඒ වෙලාවේ පුච්චන්න ඇතුලට දාන්න කලියෙන් නෑදෑයින්ට හිතවතුන්ට පෙන්නන්න ආපහු පෙට්ටිය ඇරියා එතකොට මම හිටියේ පෙට්ටිය කකුල් පැත්තේ මැරිලා තියෙන්නේ වයසක ගෑණු කෙනෙක් හුටා !. කාපු බී පුවා එක හුස්මට පිච්චිලා ගියා වගේ දැනෙනකොට මටම කෑ ගැහුනා " බුදු ආච්චියේ ....... මයේ හයර් එක " මට සිහිය එනකොට හිටියේ කනත්තේ මිනී පුච්චන එකා විතරයි ළඟ බංකුවක හාන්සිවෙලා හිටපු මම කෙඳිරි ගාගෙන නැගිට්ටා තමුසෙට පිස්සුනේ ඕයි තමුසේ මොකද අර පෙට්ටිය ඇරපු වෙලාවේ කෑ ගැහැව්වේ ? මගුලක් කියවනවා මම ලේන් එක ගාවින් හයර් එකක් දාගෙන ආවේ ඕයි බැලින්නම් ඒ මැරිච්ච ආච්චී ඕයි ! තමුසෙට හොල්මන්ද ඕයි ! හොල්මන් දාගෙන වීල් එකේ හයර් යන්න හිතේ බය යන්නත් එක්ක මිනිහා එක්ක පොඩි කතාවක් දැම්මා බලනවා ඒකෙත් හැටි කනත්තේ රාජකාරි කරණ තමුසෙටත් සුදු කමිසෙයි සුදු කලිසමයි යුනිෆෝම් තියෙනවා වීල් රස්සාවේ අපිට තමා එහෙම එකක්වත් නැත්තේ . අපොයි ..! මොකද ඒ පාර තමුසේ බය වෙලා හොල්මනක්වත් දැක්කද මම මිනිහගෙන් කින්ඩියට වගේ ඇහැව්වා මගුලක් කියෝවනවා ආන්න අර වස වර්තියා එනවා ඕකාගේ කටේ තියෙන්නේ කුණු හර්ප වසවර්තියා මොකාද කියලා බෙල්ල හරවලා බැලින්නම් ටිකක් වයසක මිනිහෙක් දුර අඩි තියමින් මොනවාද දොඩවමින් මගේ ලගට ආවා තමුසෙගේ නේද අර රෝද තුන අරන් චුත වෙලා යනවා මෙතන තනියම කියව කියව ඉන්නේ නැතුව අයිසේ මිනී බලන්න බැරිනම් මොන මගුලකටද කනත්ත ඇතුලට ආවේ තනියම නෙමෙයි ඕයි මේ මිනීපුච්චන අයි‍යා එක්ක කතා කරේ කියලා ආපහු බෙල්ල හරවලා බැලින්නම් මොන බල්ලෙක්වත් නෑ හාහ් හාහ්: මිනී පුච්චන ඕයි දැන් අවුරුදු දහයක් තිස්සේ මේ මගුල් කනත්තේ වැඩ බලන්නේ මම තමුසේ පිස්සෙක්නේ හොල්මන් එක්ක කතාකරන්න තවත් වද දෙන්නේ නැතුව යනවා නලලට දාපුහීන් දාඩියත් අතින්ම පිහදාගෙන එලියට යන්න බැලින්නම් ගේට්ටුව වහලා ඒකත් එළියෙන් ඉබ්බා දාලා වහලා තියෙන්නේ දැන්නම් මට හොදටම විස්වාසයි අරූ තමයි මේකේ අවුරුදු දහයක්ම මුර කරේ කියලා ගේට්ටුවට හයියෙන් අතින් ගහන ගමන් කනත්ත මැදට වෙන්න හිටපු එකාට කතාකරා ඕයි මේක අරිනවා ඕයි කෑගහලා ගේට්ටුවට ගහපු පාර පුද්ගලික ආරක්ෂක නිල ඇදුමක් ඇදපු කෙනෙක් එළියෙන් ඇවිල්ලා ගේට්ටුව ඇරියා තමුසේ මොන මගුලක් කරනවද කනත්ත ඇතුලට වෙලා මේක හය හමාරට වහනවා ආයේ බල්ලෙක්වත් ඇතුලට යන්නේ උදේ අටට ඇරියාම තමයි . ආරක්ෂකයා එලෙස පවසනකොට ආපහු නිකමට වගේ කනත්ත ඇතුළ බැලුණා දෙයියනේ මොකෙක්වත් නෑ තමයි ආපහු ආරක්ෂක නිලධාරියා දෙසත් අයිනට වෙන්න තිබ්බ විල් එකත් දිහා බලලා ඉතිපීසෝ භගවා යැයි හඩනගමින් වීල් එකත් එතනම හරවගෙන කණ්නාඩියෙන්වත් පස්ස නොබලා ගෙදර ආවා . නිමි.💎💎මැණික💎💎❤️ "සර්, සර් ඇත්තටම මට ආදරේද" මගේ පපුව උඩ දකුණු කම්මුල තියන් සනීපෙට නිදාගෙන ඉන්න ඈ දෙස මම තවත් උවමනාවෙන් බැලුවා. අවදියෙන් ඉන්න කොට ඉන්න ඇයට වඩා නිදාගෙන සිටින ඇය හරිම ආදරනීයයි. වම් ඇහි බැම කෙලවරේ තියෙන උපන් ලපේ වගේම බෙල්ලේ උරහිසේ තියෙන ආදර සලකුනු දිහාත් මම ආයේ ආයේ බැලුවා. වම් අතින් හෙමීට ඇගේ උරහිසත් අතගෑවා. ඒ හම පුදුම තරම් සිනිදුයි එයාගේ හදවත වගේම. මම සිදත් මඩුගල්ල. රටේ ප්‍රසිද්ධ ආයතනයක විධායක නිලධාරියෙක්. ධරණි මට හම්බ උනේ එයා වැඩ කරන ආයතනයේ වැඩසටහනකට ගිය දවසක. වෙනදා ඉන්න පිලිගැනීමේ නිලධාරිනිය නිවාඩු නිසා ධරණි එතන වැඩ බලන්න හිටියේ. අදාල වැඩසටහන තියෙන ස්ථානය පෙර පුරුද්දෙන් මම දැනගෙන හිටියත් ධරණිගෙන් ඒ ගැන අහන්න මගෙ හිත කි
විවා. හරිම සියුමැලි කට හඩක්. ඒ වගේම ආදරනීය කටහඩක්, ඇස් දෙකෙන් හිනාවෙලා "උඩම තට්ටුවට යන්න සර්" කිවුවම ඇත්තටම ඒක මගේ ඔලුවේ රොකෝඩ් උනාද මන්දා. පුහුණු වැඩසටහනේ සම්පත දායකයා වුණු මට ඇගේ සම්පත් දායකයා වෙන්න තරම බොලද ආසාවක් ඇති උනා. වැඩසටහන ඉවර උනත් ඇයව අමතක කරන්න මට බැරි උනා. ඔව්ව්. අවුරුදු දෙකක් මම ඇයව හදවතේ කෙලවරක තියන් හිටියා. විටින් විට කාර්‍යාලීය වැඩ වලට ඇය කතා කලත් මගේ හිත විවෘත කරන්න මට බැරි උනා. ඊටත් වඩා මම බය උනා. ඇගේ කටහඩවත් මට අහන්න බැරිවෙයි මගේ හිත ඇය දැනගත්තොත් කියලා. ඒත් අන්තිමට ඇගේ ප්‍රතිචාරය කුමක් උනත් කමක් නෑ කියලා හිතලා ඇයව මට අනෙක් අයට වඩා දැනෙන බවත්, මගේ හිත අය සොරකම් කර ඇති බවත්,නිතරම සිනාවෙන්ම සිටින ඇය මට අවශ්‍ය බවත් සදහන් කරමින් දුරකතනයට මැසේජ් එකක් දැම්මා. ඒකට ඇගේ ප්‍රතිචාරය කුමක් වේදැයි සිතන්නත් පෙර ඇගෙන් පිලිතුරක් ආවා. "ඒ හිනාව යට තියෙන දුක සර්ට පේන්නේ නෑ. බාහිර ලස්සනට රැවටෙන්න එපා සර්" ඉතින් මට ඇගේ කතාව අහන්නම ඕන උනා එක පැයකට මැසේජ් සීයකට වඩා එදා මම යවන්න ඇති. කාටවත් නොකියපු,කවුරුත් නොදැකපු ධරණිගේ කතාව ඇහුවම මට පුදුම හිතුනා. හැමවෙලේම හිනාවෙලා ඉන්න කෙල්ල මෙච්චර දුක් විදිනවද කියලා. ඇත්තටම කෙල්ල කියන්න බෑ මගේ වයසට එහෙම පෙනුනට, එහෙම දැනුනත් ධරණි දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. වයස අවුරුදු 27ක්. මහත්තයා දාලා ගිහින්. දරුවෝ දෙන්නා අම්මා ගාව තියලා තමයි රස්සාවට එන්නේ. පිරිමි සoහතියටම වෛර කරන ධරණි මo ගාව නිවුනා. හැමවෙලේම අහපු එකම දේ තමයි "සර් ඇත්තටම මට ආදරේද" කියන එක. ඒක ආදරේද නැද්ද මම දන්නේ නෑ. ඒත් ඇයව අල්ලන්න, තුරුල් කරගන්න. නලල් සිඹින්න, දෙතොල් සොරාගන්න, අතින් අල්ලන් ඇවිදින්න, ඇයව විදින්න මගේ හිත් පුදුම තරම් ආසා කලා. "අපෝ බෑ සර්, සර් නාකියිනේ..." ඇයව මට අවශ්‍ය බව කියන හැමවෙලාවෙම සිනාහවෙන්ම ඇය පිලිතුරු දෙනවා. "නාකි කියන්නේ නොහැකි. ඒ උනාට මට තාම හැකී" මමත් ආපසු පිලිතුරු යවනවා. මම ඇගේ කාර්යාලයට යන හැමදවසකම දම්මි සුගත්ට ගෙනාව වගේ පුන්චිම කෑමක් හරි ඇය මන් වෙනුවෙන් තියාගෙන හිටියා. ඒක තියාගෙන ඇය මම එනකම් බලාගෙන හිටියා. රාජකාරි බහුල රැකියාවක් කරපු නිසා සමහර දවස් වල මට ඇයට ගුඩ් මෝර්නින් මැසේජ් එක දාන්න බැරි වෙන්වා. පුන්චි එකෙක් වගේ දවසටම ඒකට මාත් එක්ක එල්ලෙනවා. මාව බ්ලොක් කරනවා. එයාටම හිතුනම ආයේ මැසේජ් එකක් එවනවා. ඇත්තටම නව යොවුන් තරුනයෙක් වගේ මමත් ඇයට ඇබ්බැහි උනා. ඇගෙන් මැසේජ් එකක් එනකම් බලන් හිටියා. ඒ ඇබ්බැහියේ උච්චතම දවස අද. ලෝකෙටම හොරෙන් අද මම මගේ ලගට ධරණිව ගත්තා. මගේ ජීවිතේ පස් වෙනි දශකය වගේම විවාහ ජීවිතයේ රිදී ජුබිලිය සමරපු මට ධරණි ගාව අවුරුදු විස්සක කොලු ගැටයෙක්ගේ තරමටම හැගීම් තිබුනා.ශක්තියත් තිබුනා. උසස් අධ්‍යාපනය හදාරන දරුවෝ තුන් දෙනාවත්, උදේම නැගිටලා මට බත් එක ඔතලා දෙන පද්මිවත් මට මතක් උනේ නෑ අද. අඩුම දරුවන්ට ලැජ්ජාවක්, බිරිදට දුකක් කියන එකවත් මට සිහියට ආවේ නෑ. "සර්, සර්ගේ ලමයින්ට ලැජ්ජා හිතෙයි" "සර්ගේ නෝනට දුක හිතෙයි" ධරණි කියනකොට දෙන්න උත්තරයක් මට තිබුනේ නෑ. "එයාලා දැන ගන්නේ නෑනේ මේක. ඒ ගැන හිතන්න එපා. මේ මොහොත අපේ. අපි ඒක විදිමු" ඇයට හිතන්න එපා කිවුවත් මම හිතන්න ඕන නේද කියන එක මට අමතක උනා. විශ්ව විද්‍යාලයේදි මුන ගැසුණු පද්මි ඇත්තටම හොද බිරිදක්. ආදරනීය බිරිදක්. සරාගී බිරිදක්. හැබැයි ඒ ඉස්සර. ලමයි ටික ටික ලොකු වෙනකොට එයාලගේ වැඩ වලට කැප වෙනකොට මමයි පද්මියි ඇදන් දෙකකට වෙන් උනා. පද්මි ලමයි ලගත් මම තනියමත් නිදාගන්න පුරුදු උනා. මාසෙකට සැරයක් හැගීම බෙදාගන්න වදෙන් පොරෙන් වගේ ඇයව මගේ කාමරේට ගෙන්න ගත්තා. ඇයත් දරුවෝ මත්තේ දාලා මාව මග ඇරියද කියලත් හිතෙනවා. එහෙම දවස් ගෙවපු මට ධරණිව දැනුනේ අධි මාත්‍රා බෙහෙත් පෙත්තක් වගේ. පද්මිගේ ඇල් මැරුන හැගීම් බෙදා ගැනිල්ල වගේ නෙවෙයි ගිනි සිලුවක් වගේ ඇවිලෙන ධරණි ගාව අන් කවරදාටත් වඩ මාව ඇවිලුනා. ඇය මාව ඇවිලුවා. "සර් බැන්දේ සල්ලි වලටද" "නෑ..." "කුරුලු කූඩු කඩන එක පවු වැඩක් නේද සර්" "හ්ම්ම්" "ඊලග ආත්මෙත් මට තනියම ඉන්න වෙයි නේද සර්" කුටු කුටු ගාමින් ධරණි කියන දේවල් මම උවමනාවෙන් අහන් හිටියේ නෑ. මට ඕන උනේ චුට්ටක් නිදාගන්න. "සර්, සර් අහගෙනද ඉන්නේ..." "ඔව්,, කියන්න" "සර් බයවෙලාව ඉන්නේ" "මොකටද" "මටයි මගේ දරුවෝ දෙන්නටයි සර්ට වියදම් කරන්න වෙයි කියලා" "මොකක්?" "නෑ මට එහෙම හිතුනා. ගෙදර වියදම් එක්ක. ලමයිගේ වියදම් එක්ක මටයි දරුවෝ දෙන්නටයි වියදම් කරන්න වෙයි කියලා බයද දන්නේ නෑ කියලා" "එහෙම බය වෙන්න එපා සර්, මටයි ලමයි දෙන්නටයි කාගෙනවත් සතයක්වත් එපා. අපි පුලුවන් විදියට ජිවත් වෙනවා. නැත්නම් නිකම් ඉන්නවා. කාගෙන්වත් ඉල්ලන්නේ නෑ" මගේ තුන් හිතකවත් තිබුනද නැද්ද දන්නේ නෑ එහෙම අදහසක්. ඒත් ඒ කතාවට මම ගැස්සුනා. ඇත්ත තමයි.පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ලොකු දුවලා දෙන්නටත් මේ සැරේ උසස් පෙල කරන පුතාටත් මාසෙකට සෑහෙන ගානක් වෙන් කරන්න ඕන. ඒ ඇරුනම ලයිට් බිල්, වතුර බිල්, ඉන්ටනෙට් බිල්, කෑම බීම, වලට වෙන කලාම ඉලක්කම් හයක පඩියක් ගත්තත් ඒක මදි නේද කියලා මට හිතුනා.ඒ අස්සේ ධරණි ඒක ඇහුවේ මොකද කියලත් හිතුනා. "සාමාන්‍යයෙන් මම වගේ දරුවෝ ඉන්න ගෑනියෙක් කවුරුත් ලගට ගන්නේ ආදරේට නෙවෙයි සර්, ආසාවට, එක දවසක් හරි නිදාගන්න, එහෙම එකේ ඔච්චර ලස්සන පවුලක් තියෙන සර්ට බය ඇතිනේ මම සල්ලිවත් ඉල්ලයි කියලා." "එහෙම නැද්ද සර්". ඇත්තටම මම ඒ ගැන හිතලා තිබුනේ නෑ. ඒත් මෙච්චර කාලෙකට සල්ලි වලටවත් වෙන ගෑනියෙක් ලගට නොගියපු මට ධරණි ලග නවතින්න හේතුවක් තිබුනා. එන අවුරුද්දේ විශ්‍රාම යන්න ඉන්නේ මම, මට වඩා වයසින් බාගයක්ම බාල ධරණිට මට වඩා සිය දහස් ගුණයක් හොද මනුස්සයෙක් හොයාගන්න බැරිකමක් නෑ කියල ඒ වෙලාවේ මට හිතුනා. "මට සල්ලි ඕන නෑ සර්, මට ඕන ඔලුව තියාගන්න උරහිසක්.තුරුල් වෙන්න පපුවක්. අඩනකොට කදුලු පිහින කෙනෙක් විතරයි සර්. ඒකට වයස ප්‍රශ්නයක් නෑ, සර් මාව තුරුල් කරගන්නකොට මට දැනෙනවා එක පැයකට හරි මට අඩන්න, තුරුල් වෙන්න කෙනෙක් ඉන්නවා කියලා" "සර් බය වෙන්න එපා, මම කවදාවත් සර් ගේ කුරුල් කූඩුවට ගල් ගහන්නේ නෑ, ඒත් අද මේ දවසත් මම කරන්නේ ලොකු වැරද්දක්.සර් ගෙදර එනකම් බලන් ඉන්න ආදරනීය වයිෆ් කෙනෙක් ඉද්දී මෙහෙම නතර කරගත්තට සමාවෙන්න" "මේ අහන්න මැණික" "මැණික කියලද කිවුවේ.." "ඔව් ඇයි??" "මෝහිනීටත් මැණික කිවුවම ලමය බිම තියලා හරි රෙද්ද මම ඇදගන්නම් කියනවලු. ගෑනු ඒ වගේ සර්. මැණික, පන, රත්තරන් කිවුවම රෙද්ද ඇදගන්න වගේම ලෙහන්නත් දෙපාරක් හිතන්නේ නෑ සර්" මට වඩා වයසින් බාල උනාට ඇය හරි අපූරු කතා පෙට්ටියක්.ඒ කට තමයි කට.හපලම දාන්න හිතෙනවා. "මට නින්ද යනකම් ලගට වෙලා ඉන්න සර්, ආයේ මෙහෙම එන්න සර්ට හිතෙන එකක් නැති උනොත්, මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න" මගේ බෙල්ලත් පපුවත් අතරේ ඔලුව තියාගන්න ගමන් ධරණි කිවුවා. ඔව් අද උදේ මම මේ ගමන ආවේ ආයේ කවදාවත් මෙහෙම ගමනක් එන්නේ නෑ කියලා හිතාගෙන. දරුවෝ තුන් දෙනා එක්ක පද්මිව අත අරින්නවත්, දරුවෝ දෙන්නෙක් එක්ක ධරණිව භාරගන්නවත් මට බලාපොරොත්තුවක් තියා අදහසක්වත් තිබ්බේ නෑ උදේ එනකොට. ඒත් මේ විසේකාරි වගේම හිතුවක්කාරි ගාව මාව මොහොතකට අතරමo වෙලා. දාලා යන්නත් බැරිව අරන් යන්නත් බැරිව මම නැවතිලා. නිදාගන්න තප්පරේකට කලිනුත් ඇහුවේ "සර් ඇත්තටම මට ආදාරේද " කියලා. ඉතින් එක පාරක් මම මගේ හිතින් ඇහුවා පද්මිට වගේම ධරණිටත් ආදරේද කියලා. පද්මී මගේ දරුවන්ගේ අම්මා කියන සීමවෙන එහාට දැන් දැන්නේ නැද්ද මන්දා. ඒත් ධරණිව මට ඕන කලා. හැමවෙලේම මතක් උනා. කෑවද බිවුවද අහන්න ඕන උනා.ලමයි දෙන්නට කොහොමද අහන්න හිතුනා.සමහරවිට ඒක ආදරේ වෙන්න ඇති. ඒක එහෙමනම් ඇත්තටම මම මේ හිතුවක්කාරිට, මැණිකට හරි ආදරෙයි. ඒත් ඒක මට කට ඇරලා කියන්න බැරි තැනක මම නැවතිලා. මගේ අම්මා,මගේ බිරිද,මගේ දරුවෝ තුන් දෙනා, මගේ රස්සාව වගේම සමාජය කියන ඒවා අස්සේ මම හිරවෙලා.දකුණු අතේ මුදු ඇගිල්ලේ තියෙන කසාදේ කියන බැම්ම අස්සේ මම හිරවෙලා. "නෑ මම ආදරේ නෑ මැණික, ආසවක් විතරයි තිබ්බේ" කියල නැගිට්ටම කියනවා කියලා හිතාගෙන ඒ නළල මම තව පාරක් ඉම්ඹා. E.M.C.K.එදිරිසූරිය 2023.12.06යුනිෆෝම් —---------- ‘ට්‍රාන්ස්ෆර් ලිස්ට් එක අවුට් වෙලා’ ‘අපිත් ලර්නර් අහුවෙලාද’ ‘ඔව් මම ඉල්ලුවේ ඉඳුරුව …දාලා තියෙන්නේ බලපිටියට’ ‘බලපිටියට’ ‘ඔව්’ ‘ඉතින් යනවද …කොස්ගොඩ බලපිටිය වාගෙ තැන්වල ටිකක් වැඩ කරන්න අමාරුලු’ ‘ඔව් ඒත් ඉතින් යන්න වෙනවනේ’ ‘ඉතිං ලිස්ට් එකේ මුලටම වාගෙ නේද හිටියේ’ ‘ඔව් මං හිටියේ හතරවෙනියාට..ඒ වුනාට ඕපීඑස් ට හිතවත් කෙනෙක් එතනට දාගෙන …. එයා ඉන්නේ විසිඅටට…ඔහොම තමයි හැමදාම ට්‍රාන්සර්වලට වෙන්නේ….නිලධාරීන්ටයි යූනියන් එකටයි ඕනි විදිහට හැමදේම වෙන්නෙ’ ‘ඔව් ඒක ඇත්ත …සමහරු අවුරුදු ගණන් එකම තැන’ ‘බලපිටිය ..කොස්ගොඩ කිව්වම ගොඩාක් අය යන්නෙ නෑ…ඒ වුනත් මම යනවා….කොහොමත් ලර්නර් පීරියඩ් එකට යන්නම ඕනනේ…අවුරුදු තුනයිනෙ..නරකනං අවුරුද්දක් ඉඳලා වෙන තැනකට හදා ගන්නවා’ රෝහිත් බලපිටියට ගියේ ඒ විදිහට.දෙවන පෙළ දුම්රිය ස්ථානාධිපති කෙනෙක් විදිහට දුම්රිය දෙපාර්තමේන්තුවට බැඳුනාම මුලින්ම වැඩ කරන්න වෙන්නෙ ප්‍රවේශ පත්‍ර කවුළුවල.එහෙම නැත්නම් පාර්සල් කාර්යාලවල,බඩු ගබඩාවල ඉන්වොයිස් කරන්න .සමහර අය තව දුරටත් ඉගන ගන්න කියලා ස්ටේෂන් වලට නොගොස් ඔෆිස් වලම හිටියා.ඒ කොතන වැඩ කළත් අවුරුදු තුනක් හතරක් ගියාම අනිවාර්යෙන්ම යන්න වෙනවා පොඩි ස්ටේෂන් එකකට මෙහෙයුම් පුහුණුවට.ඒක තමයි ලර්නර් පීරියඩ් එක කියන්නේ.ඒ කාලය අවුරුදු තුනක්.අභියෝගයක් වුනත් කවුරුත් ආශාවෙන් බලාගෙන ඉන්නේ මේ කාලය එන තුරු.ඇත්තටම මේ තමයි තනතුරේ වැඩිවියට පත්වීම.එහෙම නැත්නම් නිල වශයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වශයෙන් බෞතීස්ම ලැබීමයි ලර්නර් පීරියඩ් එක.දුම්රිය ස්ථානයකට අදාළ සියළුමදේ තනිවම තමන්ගේ අධීක්ෂණය යටතේ සිදු ක
ිරීමට විතරක් නෙවෙයි විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට පුරුදු පුහුණු වෙන්නේ මේ කාලයේ.දුම්රිය මගේදී හෝ දුම්රිය ස්ථානයකදී වැටීමෙන් ගැටීමෙන් තුවාළ වීමක් සිදුවුණහොත් එහෙම නැත්නම් එවන් අනතුරකින් මිය ගියහොත් භාර දෙන්නේ දුම්රිය ස්ථානයට.එහෙම නැත්නම් දුම්රිය ප්‍රමාවීම් අවලංගු වීම් ආදිය නිසා ඇතිවෙන ගැටලුවලට සෘජුවම මුහුණ දෙන්න වෙන්නෙ දුම්රිය ස්ථානාධිපතිට.ඒ මොනවා වුනත් දුම්රිය ස්ථානාධිපති කෙනෙක් විදිහට සුදු පාට යුනිෆෝම් එකක් ඇඳලා, කැප් එකක් දාලා, ටැබ්ලට් ඉන්ස්ට්රුමන්ට් එකෙන් ටැබ්ලටයක් අරගෙන, කෝච්චියට ඒක දීලා, විස්ල් එක ගහලා දුම්රියක් පිටත් කරවන්න මුලින්ම ලැබෙන්නේ මේ ලර්නර් පීරියඩ් එකේ.ඒ වුනත් මේ කාලෙදි තියෙන ලොකුම ප්‍රශ්නය නියමිත දවස්වලට යුනිෆෝම් නොලැබීම.නිලැඳුම් නිසි වෙලාවට ලබා දීම දෙපාර්තමේන්තුවේ කාර්යයක් වුනත් ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ.ඒ නිසා ඒවා ලැබෙන තුරු අතින් සල්ලි දීලා කළිසම් කෝට් මහගත්තත් යුනිෆෝම් එක සම්පුර්ණ වෙන්නේ නැහැ.කෝට් එකට බොත්තම් කැප් එක,කැප් එකේ දුම්රිය ස්ථානාධිපති බැජ් එක විස්ල් එක එය රඳවන චේන් එක දෙපාර්තමේන්තුවෙන් දෙන්න ඕනි. ‘ලර්නර් යන්න ඉස්සර වෙලා යුනිෆෝම් ඉල්ලලා ලියුමක් යවන්න ඕනි’ රෝහිත් කිව්වා. ‘අපි කොළඹම ඉන්න නිසා ස්ටේෂන් එකෙන් ලියුමක් අරගෙන ජී බ්‍රාන්ච් එකෙන් ඉල්ලා ගනිමු’ ජී බ්‍රාන්ච් එක කියන්නේ ගබඩා ශාඛාව.එතනින් තමයි මේවා ලබා දෙන්නේ.ඒ විදිහට ලියුමක් අරගෙන ගිහින් ජී බ්‍රාන්ච් එකේ නෝනාට දුන්නා. ‘තාම මේවා මොනවත්ම නැහැ…ඕඩර් කරලා තියෙන්නෙ ..ලැබුනාම එවන්නං ‘ ‘එතකොට බොත්තන් කැප් බැජ් විස්ල් එහෙමවත් නැද්ද’ ‘පෙන්ෂන් යන කෙනෙක් බාර දුන්නොත් තමයි ….නැත්නං ඕඩරේ එනකම්ම ඉන්න වෙනවා’ කොහොම හරි අන්තිමට යුනිෆෝම් ආම්පන්න නැතිවයි රෝහිත්ටත් බලපිටියට යන්න වුනේ.එතන එස් එම් හිටියේ ගුණරත්න මහත්මයා.පළපුරුදු දක්ෂ එස්එම් කෙනෙක්.නැත්නම් බලපිටිය වාගේ තැනකට එන්නෙත් නැහැනෙ. ‘බලපිටිය වාගේ තැනකට කවුරුත් එන්න අකමැතියි…ඒ වුනාට ඒක ඔලුවට ගන්න එපා ..මෙහෙ මිනිස්සු නරක නැහැ…අපි ආවේ ජොබ් එක කරන්නනෙ …මිනිස්සුන්ගේ හොඳ නරක බලන්න නෙවෙයිනේ..ඒ මට්ටමින් හිටපුවාම ලංකාවේ ඕන තැනක වැඩ කරන්න පුළුවන්….අපි ඒ අය එක්ක ගැටෙන්න ඕනිත් නැහැ…ඒ ගොල්ලෝ ඉස්සරහා වැටෙන්න ඕනිත් නෑ ‘ ඔහු මුලින්ම කිව්වේ ඒ ටික. ‘ඔව් එස් එම් මමත් ඇපීල් කරන්න ගියේ නෑ ..ආවා’ ‘ඒක හොඳයි…දැන් යුනිෆෝම් එහෙම තියනවද’ ඔහු ඇසූ ඊළඟ ප්‍රශ්නය. ‘නෑ එස් එම් ….ඉල්ලුවා ලැබුනේ නෑ …සුදු කලිසම් ෂර්ට් නං මහ ගත්තා’ ‘ඒක තමයි …වේලාසනින් ඕඩර් කරලා නියමිත දවසට දෙන්න ඒ ගොල්ලෝ දැන ගන්න ඕනි …අපේ කාලෙ නං ඕවා නියම වෙලාවට ලැබුනා..ඒ වගේම අඳින්නත් ඕනි…නැත්නං ලෙඩ තමයි…දන්නවද දුම්රිය දෙපාර්තමේන්තුව ඉස්සර වෙලාම යුනිෆෝම් දුන්නේ එස් එම්ලාට ඒ 1885 ජනවාරි පළවෙනිදා … ඒ ගෞරවය අපි රැකගන්න ඕනි...රේල්වේ පටන් අරන් අවුරුදු විස්සක් විතර යනකොට අපිට යුනිෆෝම් ලැබුණා ..ඊළඟට අනික් ඔපරේටින් ස්ටාෆ් එකට යුනිෆෝම් හම්බ වුනේ ඊට පස්සෙ …1929 විතර වෙද්දි ’ රෝහිතට හිතට ඇති වුනේ අභිමානයක්.ආයෙත් කතා කළේ ගුණරත්න මහත්මයා. ‘’ඒ වුනාට දැන්…ගිය අවුරුද්දේ අපිට යුනිෆෝම් හම්බ වුනේ ඊට අවුරුදු දෙකකට ඉස්සර ඒවා….මේ යන විදිහට ඔයාලට යුනිෆෝම් හම්බ වෙන්නෙ ලර්නර් පීරියඩ් එකේ අන්තිමේදී වෙන්නත් පුළුවන්’ ‘කලිසම් ෂර්ට් නම් මහගන්න පුළුවන් උනත් අනෙක් දේවල් තමයි නැත්තෙ’ ‘ගියේ නැද්ද ජී බ්‍රාන්ච් එක පැත්තේ…කොළඹම හිටි එකේ ලේසියිනෙ’ ‘ගියා එස් එම් ..ඕඩර් කරලා තියෙනවලු…ආයෙත් ලියුමක් යවන්න ඕනි’ රෝහිත් කීවේ සිනාසෙමින්. ‘ඔව් ඒක හොඳයි’ ගුණරත්න මහත්මයා ඊළඟට කතා කළේ රාජකාරි කටයුතු ගැන. ‘මුලින්ම ටැබ්ලට් ඉන්ස්ට්රුමන්ට් එක පුරුදු වෙන්න ඕනි…දැන් දන්නවත් ඇතිනෙ ටිකක් ට්‍රේනිං ස්කූල් එකේදී ඉගෙනගනත් තියෙනවනෙ’ ‘ඔව් එස් එම් නුවරදී ටිකක් පුරුදු වෙලා තියෙනවා’ ‘ඒක හොඳයි..ඒ වුනාට නුවරට වඩා මෙහෙ ලොකු වෙනසක් තියෙනවා…මෙහෙදී ටැබ්ලට් එක දෙන්න වෙන්නේ රනින් ට්‍රේන් එකට…ස්ලෝ ට්‍රේන් වලට නං ගැටළුවක් නෑ …ඒ වුනාට රුහුණ ගාලු කුමාරි එහෙම ෆාස්ට් එන්නෙ …සමහර ඩ්‍රයිවර්ලා අලුත් අය ඉන්නවා දැක්කම ඔය ලෙවල් ක්‍රොසිම හරියේ එනකොට ස්පීඩ් කරනවා…ලෙවල් ක්‍රොසිමේ දූවිල්ලට එන්ජිම පේන්නෙත් නෑ …ගානට ටැබ්ලට් පවුච් එක අල්ලාගෙන ඉන්න ඕනි…ඔව්වා ලොකු දේවල් නෙවෙයි පුරුදු වුනාම සිම්පල්’ රෝහිත්ට ඒවා නම් කිසිම ගැටළුවක් වුනේ නැහැ.ඔහුට ගැටළුවක් වුනේ යුනිෆෝමයට අදාළ කැප් එකක් විස්ල් එකක් ආදිය නොමැති වීම.යුනිෆෝම් කෝට් එකක් මහ ගත්තත් ඒකට රේල්වේ බොත්තම් නැති නිසා අඳින්න විදිහක් නැහැ.ඇවිත් පළමු සතියේම නැවතත් ලිපියක් යැව්වා ජී බ්‍රාන්ච් එකට යුනිෆෝම් ඉල්ලලා.හිස්වැස්ම ඉල්ලන විට තමාගේ හිසේ වට ප්‍රමාණය අනුව හිස්වැස්මේ ප්‍රමාණයද දන්වා යැවිය යුතුයි.ඒ අනුව හිස්වැස්මේ ප්‍රමාණය ලෙස රෝහිත් සටහන් කළේ හයයි කාල. රෝහිත් විතරක් නෙවෙයි ඔහුට පෙර එහි සේවය කරන අනෙක් ලර්නර් එස් එම් ටත් මේ වනවිටත් හිස්වැස්ම බැජ් එක ලැබිලා නැහැ.එයා එඩ්වින්.ඔහුත් මේ සමඟම ලියුමක් ලිව්වා.ලිපි දෙක ගුණරත්න එස් එම්ට බාර දුන්නාම ඔහු දෙදෙනාටම කතා කළේ හඬ නගා සිනාසෙමින්. ‘ඇයි එස් එම් මොකද’ ‘නෑ මේ එඩ්වින්ගේ ලියුම.. මෙයා කැප් එකේ සයිස් එකට දාලා තියෙන්නේ තොප්පියේ ප්‍රමාණය 6’ කියලනෙ’ ‘නියමයි….එඩ්වින් මාර තොප්පිකාරයෙක්නේ’ රෝහිත් උත්තර දුන්නේද සිනාවෙමින්. රෝහිත් ලර්නර් ගිහින් දෙවන සතියේ දුම්රිය ස්ථාන පරීක්ෂාව සඳහා පැමිණියේ ගමනාගමන අධිකාරිත්(ඕපීඑස්) දිස්ත්‍රික් ප්‍රවාහණ පරීක්ෂක වරයෙකුත්.ඔහුන් සිටින වෙලාවටම පැමිණි ස්ලෝ ට්‍රේන් එකට ටැබ්ලට් එක දී විසිල් එක නැති නිසා හස්ත සංඥාවෙන් එය පිටත්කර ඔෆීස් එකට ඇතුල් වෙනකොටම ඔහු ළඟට ආවා දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක (ඩීටීඅයි). ‘ඕපී එස් මහත්තය අහනවා කෝ යුනිෆෝම් කියලා’ ‘යුනිෆෝම්… ඇයි මේ ඇඳලා තියෙන්නෙ’ ‘කෝ කැප් එක…කෝ කෝට් එක..කෝ විසිල් එක’ ‘ඩීටීඅයි මහත්තයා මට මේ වෙනකම්ම යුනිෆෝම් කියලා කිසිම දෙයක් හම්බ වුනේ නෑ…මේ කලිසම් ෂර්ට් මහගත්තේ මගෙ සල්ලිවලින්..කෝට් එකත් මහ ගත්තා..ඒත් බොත්තන් නෑ ..කැප් එක නෑ බැජ් එක නෑ විසිල් එක නෑ මීට වඩා යුනිෆෝම් අඳින්න විදිහක් නෑ ‘ රෝහිත් උත්තර දුන්නා. ‘ඇයි මේ බිත්තියේ එල්ලලා තියෙන්නෙ කැප් කෝට් ඔක්කොම…මේවාට ඕපීඑස් මහත්තයට උත්තර දෙන්න වෙයි’ ඔහු කීවේ අමනාපයෙන් මෙන්. ‘ඒවා මගෙ නෙවෙයි….එස්එම්ගෙ …ඒක ක්ලාස් වන් …අනිත් එක ඔළුවල සයිස් එකත් එක වාගෙ නෙවෙයිනෙ…හැම කෙනාටම එක විසිල් එකක් කටේ ගහන්නත් බෑනෙ’ නිලධාරීන් දෙදෙනා ආපසු ගියේ කේන්තියෙන්.හේතුව නිවැරදිව උත්තර දෙනකොට ඒ අයගේ අඩුපාඩු පෙනෙන විට ඔහුන්ට ඒක මදිකමක්.ඒ වුනාට දවස් දෙකකින් ආවා ලියුමක් ගමනාගමන අධිකාරීගේ අත්සනින්. ‘මෙන්න රෝහිතගෙන් නිදහසට කරුණු විමසලා ලියුමක් ඇවිත්’ ඔහු දවල් දෙකට වැඩට ආ මොහොතෙම ගුණරත්න මහත්මයා කිව්වා. ‘ඇයි එස් එම් මම මොන වරදක් කළාටද’ රෝහිත්ට හිතා ගන්නත් බැහැ .ඔහු ලියුම අතට ගත්තාම තේරුණේ මේ එදා සිද්ධිය බව. මාතෘකාව තිබුණේ ‘නිළඳුම් නොමැතිව රාජකාරියේ යෙදීම’ ‘එස් එම් මම මේ ලියුම ඉරලා දාන්නද එහෙම නැත්නං උත්තරයක් ලියන්නද’ රෝහිත් ඇහුවේ ගුණරත්න මහතාගෙන්.ඔහු වැඩිය ගැටුම් ඇති කර ගන්න කැමති නැති අයෙක්. ‘ඇත්ත කතාව එදා කිව්වයි කිව්වනෙ …ඒකම ලියල දෙන්න…ඒ ගොල්ලො එහෙම තමයි…තමන්ගේ වැරදි අනුන්ට පටවන්න හරිම දක්ෂයි….මොකටද අපි ගැටුම් ඇති කර ගන්නේ…අපි වාගේ නෙවෙයි ඔයා තව කාලයක් මේ රේල්වේ ඉන්න ඕනනෙ’ ඒ නිසාමයි ඔහු උත්තරයක් ලිව්වේ. යුනිෆෝම් ඉල්ලලා යැවූ ලිපි දෙකේ කොපිත් ඒකට ඇමුණුවා.උත්තරයක්වත් දඬුවමකුත් නැහැ.මාස දෙකකට විතර වතාවක් නැවත නැවත යුනිෆෝම් ඉල්ලලා ලියුම් යැව්වත් ඒ අවුරුද්ද අවසාන වන විට ලැබුණෙත් යුනිෆෝම් රෙදි විතරයි. ‘කැප් එකයි විස්ල් එකයි ලැබෙනකොට ලර්නර් පීරියඩ් එක ඉවර වේවි’ රෝහිත් සිනාසෙමින් කිව්වේ එස් එම්ට. ‘ඔහොම තමයි…ඒ ගොල්ලන්ගේ බැරිකම වහගන්න අපිව පාවිච්චි කරන එක තමයි හැමදාම කරන්නෙ…එකක් තියෙනවා එදායින් පස්සෙ ආපු කවුරුවත් යුනිෆෝම් ඇහුවේ නෑනෙ’ මේ අතරේ රෝහිත් ගාල්ලෙ එස් එම් කෙනෙක් විශ්‍රාම යාමේදී දෙපාර්තමේන්තුවෙන් දෙන භාණ්ඩ ආපසු බාර දෙන දිනයකදී කොළඹ ගොස් ඔහුගේ විස්ල් එකත් බැජ් එකත් ගත්තා .ඒත් බැජ් එක සවි කරන්න කැප් එකක් නැහැ.මේ වෙනකොට කැප් එක හිතෙන අත්හැරලයි තිබුණේ .හරියටම ලර්නර් පීරියඩ් එක ඉවර වෙන්න මාස දෙකයි තිබුණේ. ‘ඔන්න රෝහිත් එස් ආර් එස් එකේ ලොරිය හෙට එනවලු’ එස් එම් කිව්වා.එස් ආර් එස් කියන්නේ රේල්වේ ගබඩා දෙපාර්තමේන්තුවට. ‘ඒ මොනවටද එස් එම්’ ‘ඔයාලගෙ තොප්පි තමයි ගේන්න තියෙන්නෙ’ එස් එම් කිව්වේ සිනාසෙමින්. ‘ඇයි එස් එම් ට්‍රේන් එකේ එවන්න තිබුණනේ ….මොනවටද ලොරියක්’ ‘රේල්වේ එහෙම තමයි…මොනතරම් වටිනා බඩු ට්‍රේන් එකේ එව්වත්….එහෙම නැත්නං ලස්ස ගණන් වටිනා ටිකට් ට්‍රේන් එකේ එව්වත් ..එස් ආර් එස් එකේ බඩු එවන්නෙ ඒ විදිහට…ඔයා දන්නවද…මම අවිස්සාවේල්ලේ වැඩ කරනකොට මගෙ සපත්තු දෙක අරගෙන එක දවසක් ලොරියක් ආවාඅවිස්සාවේල්ලට …එහෙම තමයි ගුණරත්න මහතා කීවේ හඬ නගා සිනාසෙමින්. ‘එහෙනං ලර්නර් පීරියඩ් එක ඉවර වෙන්න කලින් කැප් එක දාලා ටැබ්ලට් එක දෙන්න පුළුවන් ‘ රෝහිත් කිව්වේ සතුටින්. රෝහිත්ටත් එඩ්වින්ටත් කැප් ලැබුණත් දෙකේම ප්‍රමාණය වෙනස්. රෝහිත් ඉල්ලුවේ හයයි තුන්කාල.ලැබුණේ හතයි කාල.ඒක ඔලුවට හොඳටම ලොකු වැඩියි.නැවෙනකොටත් වැටෙනවා.එඩ්වින්ට ලැබුණේ පහයි තුන් කාල.ඒක ඔලුවට මදියි.කොහොම වුනත් රෝහිත් කැප් එක දාලා ඉස්සරවෙලාම ටැබ්ලට් එක දුන්නේ ගාල්ලට යන ස්ලෝ ට්‍රේන් එකට.ඊළඟට තියෙන්නේ රුහුණු කුමාරි. ‘රුහුණ අද වෙලාවටම එනවා’ දුම්රිය කාර්ය සහායක ප්‍රේමචන්ද්‍ර කිව්වේ රුහුණු කුමාරියෙන් එන ටැබ්ලටය ගැනීමට ප්ලැට්ෆෝම් එකට එන ගමන්.ඒත් එක්කම රුහුණු කුමාරි ආවේ ලෙවල් ක්‍රොසිමේ දූවිලි අවුස්සමින් වෙනදාට වඩා වේගයෙන්.රෝහිත් ඇහැ පියාගෙන ටැබ්ලට් එක දුන්නා පුරුද්දට.ඒත් එක්කම හිසේ බර
ක් අඩු වුනා වගේ රෝහිතට දැනුණා.රුහුණු කුමාරි පාස් වුනා වේගයෙන්. ‘මහත්තයා තොප්පිය’ ඒ පේමචන්ද්‍රගේ කටහඬ. රෝහිත් ඔලුව අත ගෑවා .කැප් එක නැහැ.හුළඟට ගිහින්. ‘මහත්තයා තොප්පිය හුළඟට ගිහිං ….අර තියෙන්නෙ’ කැප් එක ඔලුවට හිර නැති නිසා හුළඟට ගිහින් කෝච්චියට අහු වෙලා දෙකට කැපිලා කෑලි දෙක තිබුණේ ප්ලැට්ෆෝම් එන්ඩ් එකේ. ‘පුදනකොටම කාපි යකා…ඉඳලා ඉඳලා දුන්නෙත් ඔලුවට වැඩි කැප් එකක්නේ’. රෝහිත් හෙමිහිට කීවේ ලොකු සිත් වේදනාවකින්.ඉන්දියාවේ මධුවිත පානය අපි පොඩි බිලක් බලන්න යන්නේ.. පහල පින්තුරය බලන්නකෝ.. බිල නිකුත්වෙන්නේ කේරළේ කෝචි නගරයේදී.. එහි සඳහන් මිලෙන් සියයට 251 ක් tax එකත් තවත් සෙස් බද්දකුත් බැදී ඇති අයුරු ඔබට පෙනේවි .කේරළයේදී ඔබට යම් අවශ්‍යතාවයක් වුවහොත් දරන්නට සිදුවන වියදම . ඔබ ගෝවට ගියහොත් රුපියල් 156 කින් කරගත හැකි ඒකට ගෝව ට පලයංකෝ .. අපි සිද්ධි කීපයක් කතා කරමු .. මීට වසර 15 කට පමණ පෙර ේ 2008 දී ගිය සංචාරයකදී ඉන්දියාවේ බැංගලෝරයේ මිතුරන් කිහිප දෙනෙක් හමු වූ විට අපට භාවිතයට ගත හැකි ඉන්දීය මත්පැන් වර්ගයක් ගැන ඇසූයේමු. දිනවල ඉංග්‍රීසි අද මෙන් ම බොහෝ සේ ජනප්‍රිය නොවූවද අපට ආපාන ශාලාවේ දී හමුවූ මිත්‍රයා හතරැස් බෝතලයක් පෙන්නා එය ගන්නා ලෙස කීය .ඒ දිනවල බෝතලයට ම වූයේ රුපියල් 200ක් පමණය. ඉතා ආසාවෙන් එයත් සැන්ඩි ලෙස cola වර්ගයකුත් රැගෙන ගියා තිදෙනා කරදරයක් නැතුව ඉන්දියන් මුරුක්කු වර්ග කිහිපයක් සමඟ රාත්‍රිය ගෙවා දමන්නට අඩුවියදම් වියදමකින් ලැබුණු දායාදය ගැන සතුටින් කතා කළෙමු .එදා ලැබුණු දායාදය නම් old monk; ඉන්දියාවේ සංචාරය කරන පිරිමින්ට මෙය අලුත් දෙයක් නොවේ. මන්දයත් එය ලොකු පොඩි දුප්පත් පොහොසත් 18 ට වැඩි හැමගේ රසවත්ම පානයක් වන නිසාය .අඩු මුදලකින් ජාමෙ බේරගෙන හොඳින් සන්තර්පණය වන්නට මෙය සොයාගෙන ඉන්දියාවට යාමේ ආසාවක් අවුරුදු හතරක් සංචාරය නොකර සිටි පහුගිය කාලයේ මට නොතිබුණාම නොවේ. එය මම මෙවර ගොස් දවස් තුනකට පසු සන්තර්පණය කර ගතිමි. මේ කතා සමහරු අසන්නට කැමති වන්නට පුළුවන. එහෙත් කිය යුතුය. මන්දයත් මේ දේවල් සංචාරයක තවත් කොටසක් වන බැවිනි . තවත් මොහොතක මම ඉන්දියාවේ සුන්දර ඉතා සුප්‍රකට ජෝද්පුර් හි Mehrangarh fort ඉදිරිපිට හොස්ටල් එකක සඳළුතලයේ ඉන්දියානු මිතුරෙකුත් එංගලන්ත මිතුරියක් සහ canada මිතුරියක් සමග වසර 5 කට පමණ පෙර කොළ පාටින් යුත් ඉතා රසවත් බියර් පානය බාගත හැකිවිය .නම ටුබෝර්ග් (tuborg )ය . ඉතාමත්ම හොඳ කොලිටිය කින් සහ රසකින් යුතු වූ මේ තව විස්තර සොයද්දී ඩෙන්මාර්කයේ උපත ලද ඉන්දියාවේ පරිහරණය වන තවත් ඉතා ජනප්‍රිය බීර වර්ගයක් බව දැනගත හැකිවිය . එහෙත් ලංකාවේ ලයන් මෙන් ඉන්දියාවට ගොස් ඉන්දියන් බීර සොයන්නේ නම් ඒ kingfisher වේ .මන්ද යත් එය රතුපාට සෑම මත්පැන් හල කම කොනක දකින්නට තිබෙන නිසාමය . එහෙත් මෙවර කතාවේදී වෙනස් යමක් කිව යුතුව ඇත .මෙවර මම ගොඩබස්ස පළවෙනි දින මහන්සිය යන්නට ආහාරයක් ගෙන ඉන්පසුව මද වැස්සේ ඇවිදගෙන ගියේ එක න්දියානු sim පතක් ගන්නට තැනක් බලන්නටය .මන්දයත් සිම් පත ගන්නට සූදානම් කරන එක සිටි සොයුරා ප්‍රමාද වන නිසාය .ඒත් එතැන තව දුරය .යන ගමන් දෙපැත්තේ කොල පාට බෝඩ් සෙවීම්; අපි දන්නා කොළපාට බෝඩ් ඇත.. එකක් පාමසිය.. අනෙක මේවා ය ..එහෙම යන විට මාර්ගයක් අයිනේ සිටි ඉංග්‍රීසි තේරෙයි හිතෙන තරුණයෙක් ගෙන් හිමින් සීරුවෙ airtel කාර්යාලයේ කොහේද ඇහුවෙ කිලෝමීටර් දෙකක් පමණ ඈතින් බව කීය. දැන් ප්‍රත්‍යක්ෂය. එක්කෝ ඒ සොයා යා යුතුය.. ඒ මද වැස්සේය.. එමෙන්ම තව පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද.. ඔහු සිනාසී කියන්න යැයි කීය.. ලඟ වයින් ෂොප් එකක් නැද්ද.. මේ හරියේ නම් අඩුයි.. මේ පලවක්කම් .. ඔබට විනාඩි දහයක් පමණ ඉදිරියට ගමන් කළ විට එය හමුවේවී.. දකුණු පස තියෙන්නේ ECR මාර්ගය නැතහොත් east coastal rood වෙත පැමිණි මට වැස්සේ වුවත් අවශ්‍යතාවය සඳහා යන්නට සිතේ.. එමනිසා පාගමනින් දෙපස බලමින් මඩ වළවල් මගහරිමින් ඇඟට එන බයික් කාරයෙක් ්‍්‍රීරෝද රථ කරුවන් සමහරවිට පාපැදිකරුවන් මගහරිමින් ගමන් කලෙමි. මන්දයත් ඉන්දියාවේ පදික වේදිකාවේත් මෝටර් බයිසිකල් බයිසිකල් සමහරවිට වැටක් නැතිනම් ත්‍රීවිල් ද අදාළ නැත.. අපි බලාගෙන ගියේ නැත්තං හප්පාගෙන ගොසින් පැත්තක දමා යනු විනා බලන කෙනෙක් නැති වෙන්නට ද පුළුවන.. හවසට තත්ත්වය එසේමය ..මම දෙපැත්ත බලමින් ඇස ගසාගෙන ඉදිරියට ගමන් කළෙමි.. ඒ යන අතරමග තැන මිස් උනාදැයි දෙතුන් වර බැලීමි.. තවත් කෙනෙක්ගෙන් හිමින් සීරුවෙ ඇසීමෙන් ඔහු තව විනාඩි පහක දුර යැයි කීය ..කෙමෙන් යනවිට පිරිමින් පිරිසක් ඉදිරියේ එකතුවී ඇති පොඩි දෙබෝක්කාවක් කැඩී තැනක් දකින්නට ලැබුණි.. කිසිම හාවක් හූවක් නැත.. ඉදිරියේ මෝටර් බයිසිකල් පහළොවක් විස්සක් පාක් කර ඇත ..බයිසිකල් තව කිහිපයක් ඇත. ඒ පැරණි බයිසිකල්ය .. මෙතන යම් ඉඟියක් ඇත .දැන් හිමින් සීරුවෙ ඇතුලට ඔලුව දැමීමි. එක පැත්තක විශාල ශාලාවකි..පුටු නැත. අනිත් පස උඩට වෙන්න ඇතුලෙන් සෑදූ මත්පැන් හලයි, ඔවුන්ගෙන් ඇසූ විට මට ඕනෑ කළ දේවල නැත. එසේ නම් බියර් ..ඔවුන් කීවේ kingfisher ද නැති බවය. එහෙනම් මොනවද තියෙන්නේ.. පහත දෙවැනි රූපයේ පෙනෙන ඉංග්‍රීසි ඔටුන්න ඇති බීර වර්ගය නරකම නැත . කෑන් එකක් 175කි.. අරගෙන කලිසම් සාක්කුවේ දාගත්තට නොපෙනෙන තරමට සාක්කුව ගැඹුරු බව මම දනිමි හිමින් සීරුවෙ එළියට ආමි .තාම වැස්සය ..එතන ඉදිරිපිට එහෙම දෙයක් තියෙන බව සලකුණක් හෝ බාර කියා නමක් ගසා නැත.. තුන්වෙනි සිද්ධිය නම් වසර කිහිපයකට පෙර ගෝවා නගරයට ගොස් සිදු වූ සිදු වීමකි.. එහිදී අපි වස්කෝදගාම දුම්රියපළ ඉදිරිපිට ය මත්පැන් ශාලාවකට ගියෙමු ..එය ඇත්තෙන්ම ම ත්පැන් විදියකි ..ඔබ වස්කෝදගාමා ප්‍රධාන දුම්රිය පලෙන් මීටර් සීයක් පමණ දකුණු පසට ගිය විට එක් පැත්තක වෙළෙඳපොළ නැත්තං මාකට් එක අනිත් පස වස මත්පැන් වීදියයි ..එහි ප්‍රධාන වීදි දෙකක් තනිකරම ශාලා විස්සක් පමණ ප්‍රසිද්ධියේ තොග ලෙස විකුණන ස්ථාන වෙයි ..මුලින් සඳහන් කර පිලේ සඳහන්වූ tax එක නොමැතිව රුපියල් එකසිය පනස් පහට ඒ බෝතලය ඔබට ගත හැක .එහිදී ඇති හොදම දෙය නැතිනම් කජු ුපුහුලන් ආශ්‍රිතව නිෂ්පාදනය කරන feni නිෂ්පාදනය ඒ වගේම මැක්ඩොවෙල් තව ඉතා ප්‍රසිද්ධ ්‍ර බබ්‍රෑන්ඩ් එකකි. ගෙන යන්නට පහසු ලෙස ප්ලාස්ටික් බෝතල් වල සෑම දෙය ම වාගේ සූදානම් කර ඇත ..එහෙත් අද වෙද්දි අදාල ප්‍රාන්තයෙන් එළියට ගෙන යන්නට පහසු නැත..ඔවුන් මාහට ප්‍රාන්තයෙන් පිටට ප්‍රවාහන බලපත්‍රයක් 2016 දී ලබා දුන්හ. අද ගෝව තාවය දන්නා කෙනෙකු update කරන්න. අප පොන්ඩිචෙරි සිට එළියට එන විට නැවත තමිල්නාඩුවට පැමිණි මන්දයත් පොන්ඩිචෙරි යනු ඉන්දීයunion territory ( එය ගැන වෙනම කට කරමු ) ප්‍රදේශයේ කොටස් ප්‍රංශ උප ගාමක ප්‍රදේශයේ කොටස් හතරකි . මේ ්‍රදේශ හතර ප්‍රංශය යටත් විජිත ලෙස තිබූ බවට ඇති එකම සැලකුන ඔවුන් ලබාදෙන මත්පැන් පහසු මිලට මත්පැන් ලබාදීමයි.. එනම් ාගේ මිත්‍රයන් පැවසූ පරිදි පොන්ඩිචෙරි යනවනං හොඳට බීල වරෙන් ..එහෙම තත්ත්වයක් පවතී ..එහෙත් අද වෙද්දි එහෙම දකින අයත් නැත ..හැබැයි බොහෝම ගෞරවයෙන් තමිල්නාඩුවේ දී වසා සිටි බාර් pondicheri wine shop near me ගැසූවිට කිලෝ මීටරයක් ඇතුළත මට හතක් හමුවිය ..ළඟට ගියවිට අර 155 ඒක රුපියල් දෙසීයකට පමණ එතැනින් මිල ද ගත හැක ..goa තරම් ඔවුන්ට tax නිදහසක් නොලැබේ.. එනම් එහි ලැබෙන නිදහස ්‍රාමාණිකය.. එසේම රත්තරන් බඩු සාප්පු ඇඳුම් සාප්පු මෙන් ඉතා විවෘතව ලස්සනට වීදුරු කබඩ්වල සූදානම් කර බලන්නට මත්පැන් ශාලා දකින්නට ඇත ..මන්ද යත් සංචාරකයින් ඒ ප්‍රදේශ සොයා එන්නේ මේ කාර්යයට නිසාය ..හැබැයි පොන්ඩිචෙරි යෙදී මාගේ දොළදුක සංසිඳුවා ගන්නට හැකි විය.. හාරසිය යට ඕල්ඩ් monk බෝතලයක් හමුවිය.. එහි ලබාගත් බෝතලේ ඉතිරිය කෝචී දක්වාම මා සමග සංචාරය කළේය .රාත්‍රියේ දී මාගේ නින්දෙයි සහකරුවා විය ..අර කතාවේ ඉතිරිය නම් අප ොන්ඩිචෙරි ඉන් පිටවන විට බසය නවතා පොලිස් රාළහාමිලා දෙදෙනෙක් ප්‍රශ්නකර කොන්දොස්තර පැමිණ මමත් තවත් අයෙක් පෙන්නා යමක් කීය මම හොඳින් බලා සිටියෙමි. අප දෙදෙනාම පොන්දිචෙරියෙන් නැගුනු අයයි . පරීක්ෂාකිරීම අවසාන විය ..තව පැය කිහිපයකින් අප කරක්කල් වෙත පිවිසීමු,එයත් පොනඩිචෙරි කොටසකි. එයත් විනාඩි 30 කින් පමණ පසු කළ හැකි ප්‍රදේශයකි.. ඉන්පසු එහි මායිම් ඒ නැවත තමිල්නාඩුවට පිවිසේ. අප මේ යන්නේ වේලක්කන්නි බලාය .ඒ මොහොතේ බස්රථය විනාඩි 45 ක් පමණ නවතාගන පොලිසියෙන් හොඳින් පරික්ෂා කළේය .පරික්ෂා නොකළේ බෑග් පමණය .පසුව දැනගත්තේ ඔබට පොන්ඩිචෙරි කොටස් හතරට හෝ ගෝවට ගොස් බොන්නට පුළුවන ..හැබැයි රැගෙන යන්නට බැරිය.. ගෙන යා ගත හැකි ප්‍රමාණයට වඩා ගෙන ගොස් අසු වුවහොත් එක්කෝ දී යා යුතුය.. නැත්තං හොඳ දඩයක් ගෙවිය යුතුය.. එයත් දැනගෙන ඉන්දියාවේ යන්න .. මේ සමගම එකතු කළ යුතු තව වැදගත්ම කාරණයක් නම් නගර අනුව ිත ගන්නා ආකාරයද වෙනස් විය හැකි බවය.. මම මාගේ පළමු ගමනේ දී dindigul බිරියානි කන්නට ගොස් (එයත් පසුවට) එනවිට සර් හවසට මොනාහරි කරමුදැයි සෙල්වා ඇසීය.(my bike rider ) වියදම ඩබල් වන බව දනිමි ..ඒත් ඒ අත්දැකීම අවැසිය.. එම නිසා හවස එන ගමන් කුඩා වැස්සක එල්ලි ඔ ඔහුගේ ප්‍රියතම ශාලාව වෙත මඩ පිරුණු පාරවල් ඔස්සේ අස්සෙන් අස්සෙන් ගොස් ප්‍රධාන පාරකට පිවිස ුුන් ඇතුලකට ගියෙමු ..එයත් එක්තරා විශාල තැනකි.. ඔහුගේම වේටර්වරයා පැමිණ අපිට ඕනෑ මොනාද ඇසීය. බියර් හොද බව කීය. ඔහු kingfisher බෝතල් දෙකක් රැගෙන පැමිණියේය. බෝතලේ 170 කි. එතැන මිල දෙසිය තිහකි .මේ 230 ට අපිට බයිට් සඳහා පහල පින්තූරයේ ඇති මුරුක්කු කඩල සම්පූර්ණ තම්බපු බිත්තරයක් ලුණු දෙහි ස්වල්පයක් කෑලි පහකින් යුතු වූ ප්ලේට් එකක් ලැබිණි .මෙය ඉතාමත්ම එක් අයෙක් සඳහා සෑහේ. අදට මෙහෙම නවතින්නම් .. මෙහෙම දේවල් ලීවහම සමහරුන්ගේ විරෝධතා එන්නට පුළුවන .. විරෝධතාද මෙහි ඇති වැදගත්කම ද ගැන ඔබේ කමෙන්ටු ආදරයෙන් බාර ගනිමි...# **ස්වර්ණමාලියේ......** තව ටික දිනයි වැව් ක
ණ්ඩිය බැඳීමට රජයේ අණ ලැබී ඇත ඉටු කිරීමට දින නියමව තිබේ ඔබෙ ගස කැපීමට පමා නොවී බඩු අස් කර ගණින් හෙට රජයේ වන්දිය ද දැනටත් ගෙවා තියේ අවතැන් වියදමට මුදලක් දෙන්න තියේ කොලනියෙ කැන්ද ගසකුත් තව වවා තියේ කරදර නොකර බැස පලයන් කුමාරියේ රන් තෙළඹුවක් කෙලෙසකදෝ හොයන්නේ දුන් දේ සුවඳ බව සිහි කර ගනින්නේ කල්ප ගණන් පවසයි මින් නිවන්නේ රජුගේ නමයි ගල් පුවරුවෙ කොටන්නේ චමිරා වික්‍රමාරච්චිනිල් පාට බිත්තරයක් .. හරි අපූරුයි නේද.. මමත් මේ බිත්තරයක් දැක්කේ අපේ ගෙදර මිදූලෙ විසිතුරු ගහක් යට තිබිලා .(බිත්තරයක් කිව්වට දැක්කෙ බිත්තර කට්ටක්.ආ...,.) මට හිතා ගන්න බැරිවුනා ඇත්තටම.. ලස්සන පාට...බිත්තර අයිතිකාරි කොයි කුරුළු හාමිනේ ද කියලා .. හිතන්නටවත් පුළුවන් ද අනේ මේ බිත්තරේ එයාගේ කියලා. ලස්සන නිල් පාට..(අනේ ඉතින් මම හිතුවේ හැම බිත්තරයක් ම සුදු පාටට එහෙම නැතිනම් අළු පාටට හුරුයි කියලානේ .. කිකිලි බිත්තර ලා රෝසයි සුදුයි නෙ .....). කොහොමටත් මේ බිත්තර කට්ට දැක්කා ම මම ටිකක් විමසිලිමත් වුනා ඒ ගැන .. හරිනේ....ඔය ආවේ ගහේ තියෙන කූඩුවට..එයාව දැක්කම මට හිතාගන්නවත් බැරි වුනා මේ නිල් පාට බිත්තරේ අයිතිකාරි එයාමද කියලා . ඉතින් අම්මෝ...ඕනි තරම් ඉන්නවා එයාලා අපේ මිදූලෙ රංචු පිටින් .පුදූම කචෝ බිචෝ වක් තියෙන්නේ .. රණ්ඩුත් කරගන්න වෙලාවලුත් තියෙනවා ඒ මදිවට .. බිම පැන පැන යනකොට තමයි අපූරු.හරියට ස්ප්‍රිං එකක් කකුල් වල හයි වෙලා වගේ ..මට එතකොට හිතෙන්නේ මොකක්ද දන්නවාද .."ටොයිං....ටොයිං..."( අනේ හිනා වෙන්න එපා ඉතින් . ඒ පනින අපූරුව . හා... නැද්ද එහෙම හිතෙන්නේ නැතිද ..) ඉතින් කවුද මේ නිල් පාට බිත්තරේ අයිතිකාරි.... එයා තමයි ... අපේ අත්තම්මා එයාට කිව්වේ..කුන්දික්කාලි ... ඒ වුණාට අපි එයාට කියන්නේ .. දෙමලිච්චා ... ඔව්... එයා දෙමලිච්චා .... අපේ ගෙදර මිදූලෙ නිතරම වාගේ මෙයාවත් දකින්න ලැබෙනවා ..මට හිතුනා අපේගෙදර මිදුල නිදහස් තැනක් වෙන්න ඇති කියලා එයාට .. මොකද එයාව එලවන්න අපේ ගෙදර කවුරුවත්ම නෑ .. ඉතින් එයා නිදහසේ... ඒ විතරක්ද .. එයාගේ සුමියුරු ගී ගැයුම .. හරියට එයා අපිට ස්තූතියි කියන්න වගේ ඒ නාදයන්. . එයා ගොඩක් වෙලාවට ඉන්නේ තනිවම .. මට හිතුනා එයා තනියම හිටියත් ඉන්නෙ ගොඩක් සතුටින් කියලා ..ඒ තරමටම එයා සතුටින් ගී ගයනවා ... ඇයිද දන්නේ නෑ මම අහලා තියෙනවා..එයා දැකීම අසුබයි කියලා. ඇත්ත නැත්ත මම දන්නේ නැහැ.. අනේ මන්දා.. අපිට නම් එයා කිසිම විදියකින් වත් අසුබ වෙලා නෑ .. එයා හරි ලස්සන අහිංසක කුරුළු පැංචෙක් නෙ . එයා පොල්කිච්චා .. ඔන්න ඉතින් තවත් කුරූළු කතාවක් අරගෙන ආවා ..මෙයාව නම් ඉතින් හොඳටම දන්නවා .. අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි නෑ .. ඕනි ම නෑ ... ඒත් ඉතින් මට කියන්න තියෙනවා නේ පුංචි රසබර කතාවක් .. එයයි මායි ගැන ..(අපිට මොකෝ එයයි ඔයයි ගැන කතා ... හිතුවා නේද එහෙම ..නෑ නෑ.. ඔයාලා හිතපු කෙනා නෙමෙයි අනේ ... ) ඉතින් මේකනේ කතාව .. අනේ මන්දා අනේ ...වෙලාවකට මටත් මහ අමුතු විදියේ ආසාවන් හිතට එනවා ..(පිස්සුද ළමයෝ... මුකුත් හිතන්න එපා ..) මොකක්ද දන්නවාද ..ඒ තමයි අපේ මිදුලට එන කුරුල්ලෝ එක්ක කතා කරන්න හිතෙන එක .. (එයාලා කතා නොකරන එක වෙනම කතාවක් ..මට කතා කරන්න හිතෙනවා නෙ..(පිස්සු ද හැටිද මන්දා අනේ ) හැම වෙලාවෙම නෙමෙයි ...ඔය සමහර වෙලාවට...මම දන්නෙත් නෑ ..මම කතාව .. නිකනුත් නෙමෙයි හිනා වෙවීනෙ..සමහර වෙලාවට මම දන්නෙම නැතිව වොලියුම් වැඩි වෙලා ..(සමහර වෙලාවට ගෙදර උන්දැත් ඇවිත් බය වෙලා කට ඇරගෙන බලා ඉන්නවා..ඒ මදිවට පිස්සුත් හැදෙයි වගේ කියලා මහ නෝන්ඩි හිනාවක් දානවා කියන්නකෝ .) ඉතින්. අහන්නකෝ... දවසක් මම ගෙදර ඉස්තෝප්පුවට වෙලා ඉඳගෙන ඉන්නවා..ආ...ඊට කලිං කියන්න එපැයි..අමතක වුණානේ කියන්න ..අපේ ගෙදර මිදූල පුංචි වුනත් පලතුරු ගස් තියෙනවා කියලා.. .ඒ නිසාමදෝ මන්දා අපේ මිදුල පුංචි කුරුළු ගමක් වගේ වෙලාවකට . (ආ.. ඉතින්.. කොතනද මං නැවැත්තුවේ ..ම්.. හරි ) ඔන්න ආවා එයා ..ආවේ කාමරංගා ගහට. මම ඉතින් ටික වෙලාවක් බලන් හිටයා. මෙන්න එකපාරටම අර කුරුල්ලන් එක්ක කතා කිරීමේ ආසාව ආවයි කියන්නකෝ .( කුරුල්ලෝම විතරක් නෙමෙයි .. බලු රාළලා ..පූස් හාමිලා.. කුකුල් හාමිලා ..එළු රාළලා ..හරක් ගොයියලා..කොටින්ම කියනවනම් ඌරු රාළලා එක්කත් කතා කරනවා දැක්කම... මොකද ඔය සත්තු අපි පුංචි කාලෙ අපේ ගෙදර හිටියා ..) ඔන්න ආයෙමත් කතාවෙන් පිට නේ .. මම දැන් ගහේ ඉන්න යාළුවා එක්ක කතාවට වැටුණා .." පෙත්තෝ...බත් කෑවද..." ඔන්න ඔය විදියට කීප සැරයක්ම ඇහැව්වා මම..මෙන්න බොලේ වැඩක් . කාමරංගා ගහේ හිටපු එයත් .."පෙත්තා බත් කෑවා... පෙත්තා බත් කෑවා.". කියලා උත්තරේ දීලා "පෙත්ත බත් කෑවා ද.." කියලා මගෙනුත් අහපි. ඇත්තමයි මේ කියන්නේ ..මට හිතා ගන්න බැරිවුනා එවෙලේ කිසිම දෙයක්...ඇයි දෙයියනේ හිතන්න පුළුවන් දෙයක් ද ඒක. මමත් ඉතින් කට තියං ඉන්න බැරි කමට අහපු දේට උන්දැත් උත්තරේ දුන්නා ම පුදුම නොවී පුළුවන්යෑ. කොහොමින් කොහොමහරි දිගටම ගිය සාකච්ඡා වටය අවසන් වුනේ එයා මා ලඟටම ඇවිත් මං ඉඳගෙන හිටිය පුටු පත්ත උඩට ඇවිල්ලා .. අනේ ඒ වෙලාවෙ මගේ හිතට දැනුන සතුට . ඊට පස්සේ එයා මා එක්කමයි. කුස්සියේ මම ඉන්න කොට එයත් කුස්සියේ .. සාලේ රූපවාහිනීය බලන කොට එයත් සාලේ.. එයාට හොඳට කතා කරන්න පුළුවන් ..(මේ අපි වගේ නෙමෙයි ඉතින් .. එයාගේ විදියට එයා කතා කරනවා ..,)එයා අපේ ගෙදර හැමතැනම පියාඹනවා .. පුදුම විදිහට නිදහස අත්වින්දා එයා . එලියට පියාඹලා ගියාම මම හරි බයෙන් හිටියේ එයාගේ නිදහස නැති කරන්න කවුරුහරි ම අල්ලගනී කියලා . ටික දවසක් ඔහොම ගියාම එන එක අඩු වුවත් මාව බලන්න ආවා ..ඒත් එක දවසකට පස්සේ එයා එන්නෙම නැති ව ගියා ..මම කොච්චර බලාගෙන හිටියත් එයා ආපහු ආවේ නෑ . සමහරවිට එයාට යාලුවෙක් හම්බ වෙන්නත් ඇති එයාගේම වර්ගයේ ..මම දන්නේ නැහැ එහෙම ද කියලා .මම හුඟක් දුක් වුනා එයා ආපහු ආවේ නැති නිසා. අදටත් එයාලගේ කට්ටිය අපේ ගෙදර පලතුරු ගස් වලට එනවා.දන්නවද...මම තවමත් එයාලව දැක්කම "චූටි පෙත්තෝ.." කියලා කතා කරනවා. එයා ආයෙමත් සැරයක් ඇවිත් "චූටි පෙත්තා බත් කෑවා" කියයි කියලා ඇහේවියි හිතාන .ඒක අමතක නොවන මතකයක්. ඉතින් ඔයාලත් ගෙදරට එන කූරුළු යාළුවෝ එක්ක කතා කරලා බලන්න නිදහස් වෙලාවක .. ඒක හිතට දැනෙන ගොඩක් ලොකු සහනයක් .. සොබාදහම එක්ක ජීවිතේ ගෙවන්න ටික වෙලාවක් . කතා කරලා බලන්නකෝ..සමහර විට ඔයාටත් මට වගේ ලස්සන ආදරවන්තයෙක් හමුවේවි.. ඉතින් ඔන්න ඔහොමයි එයාගෙයි මගෙයි කතාව. චූටි පෙත්තෝ..මම තාමත් ඔයාට ආදරෙයි... මගේ හිතේ එහෙම ලියවිලා තියෙනවා . නිමාලි ප්‍රනාන්දු ..මාඡී හා ජෙරි 3 ඒ වන විට ඡෙරී සිය කැබ් රථයේ අලුත්වැඩියක් සිදූකරමින් සිටි අතර “ඡෙරී ඕක විසි කරලා අලුත් වාහනයක බස්සමු” යැයි කිවුවිට ඔහු “ මගේ මේ පරණ යාළුවා මට ඇති.. ඒ සල්ලී වලින් තව පොඩි එකෙක් ඉස්කෝලේ යයි” යන්නයි. ඔවුනට අවශ්‍යනම් මුහුදු හතම තරනය කර සුඛෝපභෝගී නිවාඩු ගත කිරීමට වත්කම් තිබුනත් එකිනෙකා සමග සෙනෙහසින් හිතමිතුරන් පේන මානයේ කාලය ගත කිරීමට ප්‍රිය කර තිබුනී. මේ කතාන්දරය පැරාමවුන්ට මගින් "Jerry & Marge Go Large"ලෙස දිගහැරෙන විට බ්‍රයන් ක්‍රැන්ස්ටන් සහ ඇනට් බෙනින් ම ඡෙරී හා මාඡී ගෙ චරිත වලට මහත් සාධරණත්වයක් ඉෂ්ට කලහ. එහිදි බ්‍රයන් පවසන්නේ මේ යුවල කිසි විටෙකත් නීතියක් කඩ නොකර , ලොතරැයියක ඇති හිඩැසක් තුලින් සොදුරැ සමාඡ සුබ සාධනයක් සිදුකර ඇති බවයි. අවසාන වශයෙන් ඡෙරී මෙලෙස සිනමා පටයේ දොඩමළු වෙයි. “The Winfall එතරම්ම සුවිශේෂී ක්‍රීඩාවක් විය. ශුද්ධ ගණිතමය සහ සංඛ්‍යානමය සම්භාවිතාවන් මත පදනම්ව, වාසනාවකින් තොරව ඔබට ජයග්‍රහණය කළ හැකි එකම ලොතරැයිය එයයි.” මේ දිනවල ඔහු ඉඳහිට ලොතරැයි ටිකට් පතක් ලබා ගනී. නමුත් දැන් එය විනෝදාස්වාදය සඳහා පමණි. "ඉඳහිට මම ජැක්පොට් ඩොලර් මිලියන 300 ඉක්මවූ පසු මෙගා මිලියන් ටිකට් පතක් මිලදී ගන්නෙමි, ජැක්පොට් ඩොලර් 250,000 ඉක්මවූ පසු මම ෆැන්ටසි 5 ටිකට් පතක් ඉඳහිට මිලදී ගන්නෙමි," ඔහු පවසයි. “නමුත් මම ඩොලර් 10 කට වඩා වියදම් කරන්නේ නැහැ. මම ලොතරැයිය දිනන්න යන්නේ මිචිගන් වල පොඩි එකෙකුට හිනාවක් අරන්දෙන්න විතරමයි” ඔහුගෙ කතාව නිර්ව්‍යඡ හිනාවකින් මාඡීද අනුමත කරන්නීය. කිසිවිටෙකවත් ප්‍රසිද්ධ වීමට හෝ පොහොසත් වීමත් අවශ්‍ය නොවු මේ යුවල තවමත් අතර සිය සරල ඡීවිතය සතුටින් මිචිගන්වල ගත කරමින් සිටිති. අපේ රටේ හොරැ??ඊයෙ උදේ ඇහුන මෙහේ පුංචි කුරුලු නාදයක් ආවෙ බලා යන්න කියා නැද්ද ගෙදර කවුරුවත් .... බන්ඩි පුරෝ ගන්න අරන් ආව මෙන්න බත් මිටක් අම්ම වගේ වෙන්න බබෝ කන්න ඕන බත් ගොඩක්.... පාර කොනේ තට්ටු දෙකේ ඇත්තෙ ලොකුම ලොකු ගෙයක් නැන්ද එහේ ඉන්නෙ බබෝ එන්න උනොත් හදිසියක්..... මගේ හිතේ නැතේ පුතේ නරක නපුරු අදහසක් ඇත්තයි මං තුන් වේලම Cat food කන පූසියක්...... Sudarshani~~~ Photo from webඅපේ ගමෙන් අතුරුදන් වුන කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා. අදටත් කවුරුත්ම දන්නෙ නැහැ මේ දෙන්නා කොහෙද ගියේ මොකද වුනේ කියලා. කතාව පටන් ගන්නෙ දෙන්නගෙ ආදර හුටපටය නිසා. ඉස්කෝලේ කාලේ නමය වසරදි වගේ පටන් ගත්ත ඒ ආදර කතාව දෙන්නා අතුරුදන් වෙනකම් පැවතුනා. ඔය ආදර කතාවට ගෙවල් වලින් දැනගත්තේ දෙන්නම ඉස්කෝලේ ගිහින් ඉවර වුන කාලේ. ඒ වෙනකොට ගෙවල් වලින් හැර ගමේ ගස් කොලන් පවා ඔය ආදර කතාව දැනගෙන හිටියේ. ගෙවල් වලින් විරුද්ධ වෙන්න පුළුවන් උපරිම තත්වය වුනේ දෙන්නා එකතු වුනොත් ගෙදර මිනිස්සු වහ බීලා මැරෙනවා කියන තැනටම ගෙවල් දෙකේ මිනිස්සු ඔය ආදර කතාවට විරුද්ධ වුනා. ඒත් මුං දෙන්නා හොර රහසේ ආදර කතාව පවත්වගෙන ගියා. හොර රහසේ පවත්වගෙන ගිය ආදර කතාවේ අවසානය වුනේ දෙන්නම ගෙවල් වලට ලියුමක් ලියලා ගෙවල් වලට හොරෙන් පැනලා ගිය එක. ඒ ගියේ කොහෙද දැං ඉන්නෙ කොහෙද මේ කිසිම දෙයක් අදටත් ඒ ගෙවල්වල මිනිස්සුවත් දන්නෙ නැහ
ැ. පොලීසියේ ඇන්ට්‍රි පවා දැම්මට වැඩක් වුනේ නැහැ හොයාගන්න බැරි වුනා. උං දෙන්නා පැනලා ගිය කතාව ගමේ මිනිස්සුන්ට අමතක වුනේ නැහැ. අපේ ගමේ එහෙම පැනලා යන උං හිටියත් මේ සිදුවීම හැමෝගෙම මතකයේ රැඳුන සිදුවීමක් වුනා. ඒක වුනේ උං දෙන්නා ඒ පැනලා ගිය දවසේ ඒ වෙනකොටත් අපේ ගමේ පාර කොන්ක්‍රීට් කරන්න වැඩ පටන් අරගෙන තිබුණු නිසා. ඔය අපේ ගමේ පාර කොන්ක්‍රීට් කරන කොන්ත්‍රාත්තුව අරගෙන තිබුණේ අපේ ගමට එහා ගමේ වසන්ත මුදලාලි. වසන්ත මුදලාලි ළඟ වැඩ කරපු එකෙක්වත් අපේ පළාතේ උං නෙවෙයි. ඔක්කොම හිටියේ පිට පළාත් වලින් ආපු වැඩ කරන කට්ටියක්. ඔන්න ඔය පාර කොන්ක්‍රීට් කරන දවස්වල දවසක මුං දෙන්නා පැනලා ගිය නිසා මිනිස්සුන්ට අදටත් හොඳට මතකයක් තියෙනවා. අදටත් කවුරු හරි "පාර හදලා මෙච්චර කාලයක් වෙනවා" කියලා කියද්දි ඒකටම එකතු වෙනවා "අරුන් දෙන්නා පැනලා ගියෙත් මේ පාර හදන දවස්වලනේ" කියලා. ඔය සිදුවීම වෙලා දැනට අවුරුදු දාහතක් විතර වෙනවා. ගෙවුන අවුරුදු දාහත ඇතුලේ උං දෙන්නා ගැන කිසිම ආරංචියක් අද වෙනතුරු නැහැ. පොලීසියට පවා කිසිම හෝඩුවාවක් ලැබිලා තිබුණේ නැහැ. ඔය ආදර කතාව නිසාම හිත් අමනාපයක් ඇති කරගෙන හිටිය උං දෙන්නගෙ පවුල් දෙක උංව හොයන්න ඕන නිසාම එකතු වෙලා හිතවත් වුනා. කොල්ලගෙ අම්මයි කෙල්ලගෙ අම්මයි එකට පංසල් දේවාල වලට ගිහින් අදටත් බෝධි පූජා තියෙනවා බාරහාර වෙනවා කවදා හරි දෙන්නා ගෙදර එයි කියලා හිතාගෙන. ******************************** අපි කොන්ක්‍රීට් දාපු පාරක් ළඟින් මට ආයෙත් අහම්බෙන් යන්න වුනා. ඒ වසන්ත අයියගෙ මළ ගෙදර. හරියටම අවුරුදු දාහතකට පස්සෙ. මං වසන්ත අයියා එක්ක වැඩ අතහැරලා අවුරුදු පහළවක් විතර වුනත් වසන්ත අයියා එක්ක තිබුණ හිතවත් කම නැවැත්තුවේ නැහැ. මම වසන්ත අයියා එක්ක ඉඳලා හිටලා ෆෝන් එකෙන් කතා කරා. වසන්ත අයියා ළඟ වැඩ කරන එක නවත්තන්න හේතුව වුනේ වසන්ත අයියා නෙවෙයි, එයත් එක්ක වැඩ කරන අනිත් උං. උං නිසා තමයි මං වසන්ත අයියා ළඟ රස්සාවෙන් අයින් වුනේ. උං එක්ක තව කල් හිටියනම් මේ වෙනකොට මං හිරේ. වසන්ත අයියා ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ මං අයියට කිව්වේ දුර ප්‍රශ්නය නිසා මං නවතිනවා කියලා. වසන්ත අයියා නම් අපේ ගම පැත්තේ ආවහම අනිවාර්යයෙන් මාව බලලා යන්න එන දවස් ඉස්සර තිබුණා. දැං ඉතින් ඒකත් නැහැ වසන්ත අයියා ජිවතුන් අතර නැති නිසා. සමහර මතකවල වේදනාව කොච්චර රිදෙනවද කියලා මේ ගෙවුන අවුරුදු ගානෙදි මට හොඳටම දැනිලා තියෙනවා. ඒ මතක වලක් හාරලා වලට දාලා වල උඩින් කොන්ක්‍රීට් කරත් වැඩක් නෑ හිතෙන් අයින් වෙන්නෙ නැහැ. පොලොන්නරුවේ අපේ ගමේ කරපු සයිට් එකකදි තමයි මට මුලින්ම වසන්ත මුදලාලිව හම්බුනේ. ඒ සයිට් එක ඉවර වුනහම වසන්ත අයියා මට කතා කරා එයත් එක්ක අනිත් වැඩ වලටත් එන්න කියලා. වසන්ත අයියා සාධාරණ මනුස්සයෙක් කියලා මට අපේ ගමේ කරපු සයිට් එකේදිම පැහැදීමක් ඇති වුන නිසා මං වසන්ත අයියා එක්ක එයාගේ අනිත් කොන්ත්‍රාත්තු වැඩ වලට එකතු වුනා. අපි ලංකාව වටේම එක එක පැතිවල ගෙවල් හැදුවා පාරවල් කොන්ක්‍රීට් කරා වසන්ත අයියා ඒ කාලේ බාරගෙන තිබුණු හැම වැඩකටම මාත් ගියා. මං විතරක් නෙවෙයි අපි හත් අට දෙනෙක් හිටියා අනිවාර්යයෙන් යන. ඔය හිටිය හත් අට දෙනා එක එක පැතිවල උං. ඔය අතරේ හිටියා මාතලේ කොල්ලෙක් මට වඩා ටිකක් වයසින් වැඩිමල් පෙනුමක් තියෙන අවුරුදු තිස්පහක් හතළිහක් විතරක එකෙක්. ඌ නාලක. නාලක කියන්නෙ චණ්ඩි පාට් එකට ඉන්න එකෙක් වුනත් වැඩ කරන්න කඩියා වගේ සමහර වෙලාවට වසන්ත අයියා වුනත් නාලකට වචනයක් කියන්නෙ නැහැ. ඔහම එක එක තැන්වල වැඩ කරන අතරතුර තමයි වසන්ත අයියා කිව්වේ අපේ ගමේ වැඩක් බාරගත්තා ඒකට යමල්ලා කියලා. අපිටත් ඒ කාලේ ඕන වුනේ සල්ලි. සල්ලි අපිට ලැබෙන්න නම් වැඩ තියෙන්න ඕන. ඉතින් වැඩ හම්බෙනවා කියන්නෙ අපිට සතුටක්. ඒ බාරගෙන තිබුණු පාර සති දෙකකින් විතර ඉවර කරන්න පුළුවන් පාරක් නිසා ඒ පාර අයිනෙම ගෙයක් වසන්ත අයියා අපිට නවතින්න අරගෙන තිබුණේ. අපි පාරේ වැඩ පටන් අරගෙන ඉන්න අතරතුර දවසක් රෑක අඩියක් එහෙම ගහලා සූර් වෙලා ඉන්නකොට එකොළහට විතර කෙල්ලෙක්ව උස්සගෙන ආවා චමින්ද‍යි, අනුරයයි. එතකොටත් අත් කකුල් කට ගැට ගහලා තිබුණේ. ඒ කෙල්ල කවුද කියලා අපි කවුරුත් දන්නෙ නෑ. අජිත් අයියා හැර අපි හිටිය ඔක්කොම එදා ඒ කෙල්ල එක්ක හැ.මිනුනා. අජිත් අයියා කෙක්ල එක්ක හැ.මිනෙන්න ගියෙ නැත්තේ ඌ හොඳ මනුස්සයෙක් නිසා නෙවෙයි අජියා කැමති කොල්ලන්ට නිසා. ඒ කෙල්ගෙ කට ගැට ගහලා තිබුණත් අමාරුවෙන් කෙඳිරි ගාන සද්දේ තිබුණා. ඒ කෙඳිරි ගාන සද්දෙට ටික වෙලාවකින් මටත් මොකක්දෝ දුකක් දැනුනට ඒ වෙනකොට අපි පරක්කු වැඩියි. ඒ කෙඳිරි ගාන සද්දේ ඇහෙද්දි මට මහ අමුත්තක් දැනෙන නිසා අනිත් උං කෙල්ල එක්ක හැ.මිනෙද්දි මං සිගරැට් එකකුත් පත්තු කරගෙන සාලේට ඇවික්ලා වාඩිගෙන හිටියා. මං සිගරැට් එකත් බිබී කල්පනාවක ඉන්න අතරතුර කොල්ලෙක් ඇවිල්ලා දොරට තට්ටු කරලා ඇහුවා අයියේ මේ පාරෙන් ගෑනු ළමයෙක් යනවා දැක්කද කියලා. ඒ කොල්ල කවුද කියලවත් දන්නෙ නෑ එතකොට. අපි දැක්කෙ නෑ කියලා කිව්වහම කොල්ලා හැරිලා යන්න හදද්දිම ආයෙත් ගේ ඇතුලට එඹුනේ සාලේ තිබුණු අර කෙල්ලගෙ ගවුම දැකලා. "අයියේ අර ගවුම කොහෙන්ද මෙහෙට" කියලා ඒ කොල්ලා අහද්දිම අජියා ඇවිත් "අහ් එන්න මල්ලි" කියලා කොල්ලව ගෙට ඇදලා අරගෙන ඌ ඒ කොල්ලව කාමරේට ඇදගෙන ගියා. අජියා අර කොල්ලව කාමරේට අරගෙන ගිහින් මහ වෙලාවක් ගියෙ නෑ ලේ පෙරාගෙන ආවා. මං කාමරේට ඔළුව දැම්මහම දැක්කා මූ කොල්ලව මරලා. "ඇයි බල්ලො අරූව මැරුවේ" කියලා මං අජියගෙන් ඇහුවම අජියා කිව්වේ "පොඩි කැ.රියා බි.ජ්ජ හැපුවා, ඉවර කරලා දැම්මා ප.කයව" කියලා. නාලකයට ඕක ඇහිලා දැං කොහමත් වලක් කපන්න ඕනනේ කියලා ඌ අර කෙල්ල හිටිය කාමරේට ගියේ අජියගේ අතේ තිබුණු පිහියත් අරගෙන. ඒ ගිහින් "එකම වලේ දෙන්නව දාමු" කියාගෙන නාලක ඒ කාමරෙන් එලියට ආවා. පාන්දර එකට දෙකට විතර ඒ පාරවල් වල මනුස්ස පුලුටක් තියා සතෙක්වත් යන්නෙ නැති නිසා නාලක කිව්වා "හෙට කොන්ක්‍රීට් එක දාන්න තියෙන්නෙ මේ ඉස්සරහ ටිකනේ ඕතනම වල කපපු කොහමත් පාර අලුතින් කපපු නිසා අලුත් පස් තියෙන එක කාටවත් සැකයක් එන්නෙ නැහැ" කියලා. නාලකගේ අණට කවුරුත් යටත් නිසා ඌ කියපු තැන වල කපලා ඒ කොල්ලවයි කෙල්ලවයි දාලා වැහුවා. පහුවදා ඒ උඩින් කොන්ක්‍රීට් එකත් දැම්මා. එදා උදේ වැඩ කරන අතරතුර තමයි අපිටත් දැනගන්න ලැබුණේ ගමේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි පැනලා ගිහින් කියලා. ගමේ මිනිස්සු හැඩරුව කියද්දි තමයි අපි දැන ගත්ත්තෙ කොන්ක්‍රීට් එකට යට වුනේ උං දෙන්නා කියලා. ඔය සිදුවීමෙන් පස්සෙ මට වසන්ත අයියා ළඟ වැඩ කරන්න හිත දුන්නෙ නැහැ. මං අවුරුදු දෙකක් විතර අමාරුවෙන් ඉඳලා වසන්ත අයියා ගාවින් අයින් වුනා. __________________ වසන්ත අයියලගෙ මළ ගෙදර මං ගියාට ඒ කාවවත් මං අඳුරන්නෙත් නැහැ ඒ හිටපු මිනිස්සු මාව අඳුරන්නෙත් නැහැ. මං වසන්ත අයියගෙ මළ ගෙදර වුනත් ගියේ වසන්ත කියන්නෙ ඇත්තටම හොඳ මනුස්සයෙක් නිසා. මළ ගෙදරදි එක පිස්සු මනුස්සයෙක් එහා මෙහා කැරකි කැරකි හිටිය නිසා ඒ මනුස්සයව කාටත් කැපිලා පෙනුනා. ඒ මනුස්සයා කවුද කියලා හොයලා බැලුවහම දැනගන්න ලැබුණා අවුරුදු දාහතකට කලින් පැනලා කිය කෙල්ල්ගෙ තාත්තා කියලා. ඒක දැනගත්තට පස්සෙ මට ඕන වුනා කාලයක් පුරාවටම මම හිතින් දුක් විඳින වරදකාරි හැඟීමෙන් මිදෙන්න. ඒකට ඒ වෙලාවේ එකම එක දෙයක් මතක් වුනා. අපෙන් මැරුම් කාපු කෙල්ලවයි කොල්ලවයි වලලපු තැන කොලේක ලියලා හරි කාට හරි පේන තැනකින් තියන්න. මට හිරේ යන්නත් නොවෙන, කාටවත්ව ප්‍රශ්නයක් නොවෙන විදියට. ප්‍රශ්නයක් වුනත් අපිව හොයාගන්න බෑ අපි හැමෝම වෙන වෙනම ඉන්න නිසා සහ අපි ගැන දන්න එකම මනුස්සයා වසන්ත අයියත් මේ වෙනකොට ජිවතුන් අතර නැති නිසා. අවුරුදු දාහතකට කලින් පැනලා ගිය කෙල්ලවයි කොල්ලවයි මෙච්චර මීටර් ගාණක් දුරින් පාරේ වළලා ඇති. සමාවෙන්න ! කියලා කොලේක කියලා ඒ පාරේ තියෙන බුදු මැදුරේ පිං පෙට්ටියට දාලා මං ආවා. Pubudu Udatiyawala 2023/11/05මාඡී හා ජෙරී 2 ජෙරී ඔහුගේ න්‍යාය පරීක්ෂා කිරීමෙන් පසු පලමු අවස්ථාවේදීම ඩොලර් 16,000කට ආසන්න මුදලක් දිනාගෙන සැමදා ඔහු ගැන අමිල විශ්වාසයෙන් පසු මාර්ඡීගේ සිතගේ යම් කකුසක් තිබුනනං එයත් පහර කර හැරියේය. ඔහු සහ මාර්ජ් වින්ෆෝල් ක්‍රීඩාවේ ප්‍රවේශපත්‍ර දහස් ගණනක් මිලදී සහ අදාල ගණිත සිදුරු තුලින් රිංගා යාමට පැය ගණන් එකත්පස්ව හිදගත්හ. ඒ අතර තුර තවත් එවැනීම ගණිත ව්‍යකරනයක් ඇති මිචිගන්හී ලොතරැයියක් සිය ග්‍රහනයට හසු කරගැනීමට ඡෙරී සමත් විය. මහළු යුවලගේ එකමුතු සහනශීලි ආදරණීය බන්ධනය ඒ සඳහා මහත් පිටිවහලක් වු අතර ඒ සඳහා කල් මැරීම අපහසුවකින් තොරවම සිදු කරන ලදී. වැය කරන ඒ සෑම තත්පරයකටම ඡෙරී සැබෑවටිනාකමක් ලබාදෙමින් ජයග්‍රහණයන් එකින් එන දොරට තට්ටු කිරීමට පටන්ගත්තේය. ඉතිං ඔවුන් කෙලෙස ජය පැන් බොන්නට ඇතිද? ජෙරී හා මාර්ඡී මානව දයාව හිස ඔසවන්නේ එවිටය. අපේ රටේ මෙන් අල්ලපු ගෙදර කමලා පැරදීමට අගල් සීයේ දෙසීයේ කර්ව් ටීවී ගැනීමට මාඡීට අවශ්‍ය නොවීය. අනිත් අතට ජෙරී පෙට්ට ගම් වල පොට්ට කාසි හංගන කුලයේ අදින්න පුබ්බකයෙක් නොවුනේය. ඔවුන් ඡීස් ඉන්වෙස්මන්ට් ස්ට්‍රෙටජීස් නමින් සංවිධානයක් පිහිටුවා එවර්ට් හි අසල්වැසි මිතුරැ මිතුරියන් සිය ගනනකගේ ජීවිත වලට අස්වැසිල්ලක් සිනාවක් ලබාදුන්නෙය. කුළි ගෙවීමට අසරණ වුවන් .. ප්‍රසිද්ධ උසස් පාසල් වල අකුරැ කීරීමට සසුම් හෙලු දරැවන් එකල එවට් වල නොවීය. 2012 දී අදාල ලොතරැයි දෙකම වසා දැමූ අවස්ථාව වන විට, සෙල්බීස් සහ ඔවුන්ගේ හවුල්කරුවන් ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 26 කට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට සමත්වී ඇත. ඉන් පසු සෙල්බී යුවල නැවතත් ඔවුන් කැමති නැවතත් නිහඬ ඡීවිතයකට ආවතීර්න විය. දහසක් හදවත් වල ආශිර්වාදය මැස ඔවුන් හුදකලාව ඔවුන්ගේ ලෝකයේ තනීයුහ . ඒ හොලිවුඩය පැමිණෙන තුරු. ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත බ්‍රයන් ක්‍රැන්ස්ටන් සහ ඇනට් බෙනින් ගේ කනට මේ කතාව ගැන ඉව වැටී තිබු අතර කොවිඩ් වසංගතය හමුවේ ඉරිත
ලා ගිය සිත් ඇති මිනිසුන් හට මෙය මහගු අස්වැසිල්ලක් වන සිනමාපටයක් වන බවට ඔහු තරයේ විශ්වාස කෙලේය.වැඩි විස්තර ලබා ගැනීමට මාර්ඡී හා ඡෙරී හා දොඩමළු වීමට ගිය ඔවුන්ට ඔවුන් බලාපොරොත්තු වු අලංකාර ස්පෝර්ට්ස් කාර්, නව උණුසුම් තටාක, සහිත විවාහන වෙනුවට සරල ගෙදරක ඡීවත් වන නිර්ව්‍යාඡ යුවලක් ඔවුන් ඉදිරියට පිවිසියහ. මතුසබැදිමාජී හා ජෙරී 1 මහ බැංකු හොරැ , සීනී හොරැ , සුදුළුෑණු හොරැ හා එකී නොකී හොරැ ගැන අකුරැ ඇමීණීම මේ මොහොතේ අවදානම් සහගතය .. ඒ අන් යමක් නිසා නොව සමහරක් හූදී පාඨක ප්‍රඡාව පෙර සුපස්ටා කතාංගය හමුවේ සිය සිරැරේ ලේ ධාතුව බොයිල්කර තවමත් රශ්මිය පහවගොස් නැති නිසාය.. ඒ නිසා .. මෙවර, සිනමාවටද නැගුනු වෙනත් රටක සුන්දර හොරකමක් ගැන ඔබ හමුවේ තබන අතර තුර බැංකු හොරා කරෙන් දැනේ හෝ සිනී හොරැ තමයි හොදටම කලේ වැනි සිනමාත්මක අද්දැකීමක් අපේ රටේ එලි දකින දවස ගැන දවල් හීන දකිමි. අපේ රටේ බහුතරය ලොතරැයියක් දිනීම ගැන සිහින මවමින් මුළු ජීවිතයම ගත කරති. මේ කාලයේ ලොතරැයියක් නොඇදී තුන් වේල පිරිමහ ගත නොහැකි බව වෙනම කතාවකි. ජෙරී සෙල්බී කෝපි කෝප්පයක් සෑදීමට ගතවන කාලයට වඩා අඩු කාලයකින් ලොතරැයියක් දිනන්නේ කෙසේදැයි සොයා ගත්තේය. 2003 දී, සෙල්බී සිය විශ්‍රාම සුවය නිදහසේ විදිමට සිය බිරිඳ මාර්ජී සමඟ තරමක් සංසුන් වටපිටාවක් ඇති මිචිගන් හී එවර්ට් නගරයේ තෝරාගත්තේය. පෙනුමින් සංසුන් ප්‍රසන්න පෙනුමැති මේ අඹු සැමි යුවල ප්‍රදේශයේ අසල්වැසියන් ගේ සිත් සොරකරම් කිරිමට වැඩි දිනක් නොගත්තේය. නිතරම සිනා මුසු ඡෙරි හා මාඡී යුවල අලුත බැදපු කපල් එකකටත් වඩා ආදරයෙන් ලෙංගතුව සිය ඡිවිතයේ සැදෑසමය ගතකරමින් ඉතා සතුටින් සිටියහ . දිනක් උදෑසන ඔහුට වින්ෆෝල් නම් රාජ්‍ය ලොතරැයි ක්‍රීඩාවේ දිනුම් සටහන් සඳහන් අත් පත්‍රිකාවක් අහම්බෙන් නෙත ගැටින. සුපිරි වෙළෙඳ සල්වල රාක්කවල ඇති කේලෝග් ධාන්‍ය ආහාර පෙට්ටි ඔබ දැක ඇතිවාට සැකයක් නැත. ඡෙරී සෙල්බි මෙම කෙලෝග් කම්හලක ද්‍රව්‍ය විශ්ලේෂකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් සංඛ්‍යා රටා සමග ගෙවා දැමූ ගණිත විශාරදයෙකු විය. සෙල්බී සියුම් ගණිතමය මනස අදාල පත්‍රිකාව කියවන විටම , ලොතරැයියේ යම් ගණිතමය සිදුරක් ඇති බව ඉක්මනින් අවබෝධ විය. එනම් ගණිතමය රටා අනුගමනය කර ප්‍රමාණවත් ටිකට් පත්‍ ප්‍රමානයක් මිල දී ගන්නේ නම් මේ සිදුරෙන් රිංගා විශාල ලොතරැයි ජයග්‍රහණයක් සිදුකල හැකි බව ශරීරයෙන් වියපත් වුවත් ගණිතයෙන් මුහත්වු මනසට ප්‍රත්‍යයක්ෂ විය . ඒ පිළිබඳව දැන් 80 ගණන්වල පසුවන සරලව සෙමෙන් කතා කරන, ප්‍රායෝගික සෙල්බී, ඔහුගේ මතක අවදී කලේ “මම අවාසි දෙස බැලුවෙමි, විපාකය කුමක්දැයි මම බැලුවෙමි, මම අවදානම් විපාක විශ්ලේෂණයක් කළෙමි.එම ක්‍රීඩාව ලාභදායී විය හැකි බව තේරුම් ගැනීමට මට විනාඩි දෙකකටත් වඩා අඩු කාලයක් ගත විය” යන්නයි.මහපාර අයිනේ ආදරය( පැරණි මංගල චාරිත්‍ර). ආදරය ලැබෙන්නත් පුලුවන්; කරන්නත් පුලුවන්; ඒ වුණාට ආදරයක් මහපාරෙ අයිනෙ තියන්න පුලුවන්ද? එහෙම කරන්නෙ කොහොමද කියල අද හිතන්න බැරිවුණාට, මහපාරෙ අයිනෙ තිබ්බ ආදර, මම නම් පුංචි කාලෙ දැකල තියෙනව. ඔය මඟුල් කෑම්වල තියෙනව, ආදර බත, ලෝදර බත , කෑදර බත වගේ, බත් රාශියක්. ඒව ගැන වෙන දවසක ලියන්නම්! මේක නම් බතක්ම නෙවෙයි; සංග්‍රහයක්. අපේ පැරැන්නන් මඟුල් ගෙවල්වලට ආවේ ගියේ, එක්කො පයින්, නැත්නම් කරත්තවලින්. ටිකක් දුර ගම් දෙකක් අතරෙ විවාහයක් සිදුවුණාම, මනමාල ජෝඩුව ගියෙත් එහෙම තමයි! මේ විදියට ගමන් යාම හරිම වෙහෙසකර කටයුත්තක්. ගමන් විඩාව බොහොමයි! මේ වගේ ජෝඩුවක් තමන්ගෙ නිවස ඉදිරිපසින් ගමන් කරනව කියල දැනගන්න, අතරමග ඉන්නා ගම්වැසියන් එකතුවෙලා, ඔවුන් දෙදෙනාට සුබපතන ගමන්ම , ආහාරපානවලින් සංග්‍රහයකුත් කළා. මේක තමයි ආදරය තැබීම කියන්නෙ. මෙතන නතරවෙලා ගිමන් හරින කණ්ඩායම, සංග්‍රහය කරපු ඇත්තන්ට පින් දීල, තමන්ගෙ ගම් රටවල් බලා ගියා. මෙහෙම විශාල කණ්ඩායමකට, කෑමබීම දෙන්න පුලුවන්ද කියල හිතෙනව ඇති නේද? මේ මංගල ගමන්වලට යාමට විශාල පිරිසක් එන්නෙ නෑ. යන ගණන සීමාවක් ඒ සිරිත් විරිත්වලම තියෙනව. ඊළඟ ලිපිය ලියන්නෙ ඒ ගැන. ඔහොම කලක් ගතවෙලා, කරත්තවලින්, පයින්, ගිය යුගය නිමාවෙලා, මෝටර් රථවලින් මංගල ගමන් යන්න පටන් ගත්තම, මේ අතරමග කෙරුණු ආදරය, ටිකෙන් ටික අභාවයට ගියා. පාරවල් ආසන්නයේ ජනාකීර්ණ වෙලා, අතරමග යම් කෑමක් බීමක් ගන්න පුලුවන්, කඩපිල් බිහිවෙලා කල එළියක් ආවනෙ . එහෙම වුණා කියල, අපි පුංචි කාලෙත් මේක නැත්තටම නැතුව ගියේ නෑ. ඒ කාලෙ, මංගල යුවලගෙ හිතවත් නිවසක් ඉදිරිපසින් ඒ ජෝඩුව යනව නම්, ඒ නිවසේ මිදුලේ පාර අයිනෙ,මේ ආදරය සූදානම් කරල තිබ්බ. එහෙම කරල, ඒ බව කල් ඇතුව මනමාල ජෝඩුව දැනුවත් කළා. මෙතෙන්දි කළේ, එන යුවල පිළිගැනීමක්. ලොකුවට ආහාරපාන තැබීමක් නෑ. ටීපෝවක් උඩ, කාලෙ හැටියට ඉස්තරම් සංග්‍රහයක් වන ඔරෙන්ජං බාර්ලි බෝතලයක් ( ඒ කාලෙ වැඩිහිටියන් කිව්වෙ එහෙම) , එහෙම නැත්නම්, කුරුම්බ, තැඹිලි වතුර ටිකක් දෙන්න පුලුවන් විදියට, ඒවයින් ගෙඩි ටිකක් සූදානම් කළා. ආහාරයත් බටහිරට හුරුවෙලා, බිස්කට් කේක් වගේ දේකට සීමා වුණා. මනාල යුවල වාහනෙන් බැහැල, පැමිණි අයට ආචාර කරල, මිදුලේම තියෙන පුටුවල ඉඳගෙන, එහෙම නැත්නම් හිටගෙනම, ඒ ආදරය භුක්ති විඳිනව මිසක්, ගෙට ගොඩවීමක් නෑ. මේ වගේ ආදරයක් තියෙන තැනකට එකතුවෙන අයට , තමන්ගෙ හිතවතා කැන්දන් එන මනමාලිගෙ හැඩරුව බලාගන්නත්, මේක හොඳ අවස්ථාවක්. ( ඡායාරූපය අන්තර්ජාලයෙන්, හිමිකරුවන්ට ස්තුතිය) Channa Withana 2023.11.26" ගොඩක් අය දන්නෙ අපි ලබන ආත්මෙ හොඳ තැනක ඉපදෙන විදියයි, ඒ ආත්මෙ සැප විඳින විදිය කියලා දෙන්නයි විතරයි. අපි මැරෙන්න කලින් මේ ජීවිතයෙ සතුටින් ඉන්න ඕන කියලා එයාලා හිතන්නෑ. එක අතකින් ඔය කවුරුවත් හරියකට දන්නවද ආයෙ ජීවිතයක් ලැබෙයිද කියලා. නොදන්නා ආත්මයක් වෙනුවෙන් අපේ මේ දකින ජීවිතය කැප කරන්න ඕනද? අපි නොදැක්ක ආත්මයක් වෙනුවෙන්ද අපි අද ජීවත් වෙන්න ඕන ? ඇයි උඹලා අපිට මේ ජීවිතය සතුටින් ඉන්න දෙන්නැත්තෙ? උඹලා හැමෝගෙම තියෙන්නෙ බොරු සත්ත කරුණාව. බොරු ආදරය. උඹලා මට ඇත්තටම ආදරේනම් මං කැමති කෙනෙක් එක්ක මට ඉන්න දෙන්න ඕන. මේ ජීවිතය මට විඳින්න දෙන්න ඕන. දැක්කෙ නැති ආත්මෙකට පිං කරන්න කියලා මට බල කරන උඹලා ඔක්කොම කුහකයො " කාගෙවත් හිතක් නොරිද්දපු, හැමෝටම ආදරෙන් සලකපු, ලෝකයට ඕන විදියට ජීවත් උනු, තමන්ගෙ ජීවිතය අනුන්ට ඕන විදියට ගෙවපු අහිංසකම අහිංසක පබා අක්කා උණ විකාරෙන් වගේ කියපු මේ වචන ටික අපේ ගෙදර අයව එක මොහොතකට නිෂ්ශබ්ද කලා. පබා අක්කව කසාද බැන්දෙ අපේ ලොකු අයියා. එයාට තිබුනෙ නිතරම හිනාවෙලා ඉන්නවා වගේ ඇස් දෙකක්. ගොඩක් සුදු කෙනෙක් නෙමේ. ඒත් එයා ඉන්න තැන කිසිම තනිකමක් දැනෙන්න නෑ. එයා අපේ ගෙදර ඇවිත් අවුරුදු තුනක් යන්නත් කලින් අපේ ලොකු අයියා රිය අනතුරකින් මිය ගියා. දරුවෙක්වත් නැතුව එයා තනි උනාම අපි හිතුවෙ එයා අපිව දාලා එයාගෙ ගමට යාවි කියලා. ඒත් එයා එහෙම කලේ නෑ. අපේ ගෙදර හිටියෙ අම්මයි තාත්තයි මායි චූටි අයියයි විතරයි. පබා අක්කා අපි හැමෝගෙම දුක සැප බලාකියාගෙන අපේ ගෙදරම නතර උනා. එයා ඒ අතරෙම ෆාමසියක වැඩට ගියා, එයා ඉගෙනීම් කටයුතු කරල තිබ්බෙ ඒ පැත්තෙන් නිසා. අවුරුදු දෙකක් විතර ගියාට පස්සෙ එයා ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තා ලොකු අයියගෙ යාලුවෙක් එක්ක. චමිල අයියා කෙලින්ම අපේ තාත්තගෙන් අහල තිබ්බා පබා අක්කා ගැන. එදා ඉඳලම පබා අක්කට අපේ අම්මගෙන් නිතරම උපදෙස් ලැබුනෙ ලබන ආත්මෙවත් තමන්ගෙ මහත්තයගෙ අකල් මරණයක් දකින්න නොලැබේවා කියලා පිං දහම් කරගෙන ඉන්න කියලා. ආයෙමත් කසාදයක් ගැන හිතන්නෙපා කියලා. මුල් කාලෙනම් අක්කා ඒකට හිස නමාගෙන කීකරු උනා. ඒත් නිතර දෙවෙලෙම ගිය ආත්මෙ කරපු පව් ගැනයි, ලබන ආත්මෙට පිං කරගන්නයි කියවන්න ගත්තමනම් අක්කා වේදනාවෙන් කාලය ගෙව්වෙ. අම්මගෙ කටේ තිබ්බෙම අක්කා කල අකුසල කර්ම ගැන. මෙහෙම තනිවෙන්න හේතු උනු කාරණා ගැන. ඒත් අම්මා හිතුවෙ නෑ අක්කට මේ ජීවිතයෙ තව දුර යන්න තියෙනවා නේද කියලා. අම්මා ආදරය කරුණාව වගේ පෙන්නල කලේ අපේ ගෙදර තිබුණු තනිකම පාලුව අක්කගෙන් නැති කරගන්න උත්සහ කරපු එක. කාලයක් ඔහොම අක්කා හැමදේම ඉවසගෙන හිටියා. වැඩටත් ගියා. අපේ ගෙදර අයගෙ දේවල් ගැනත් හෙව්වා, අපිට සැලකුවා. ඔය නිෂ්ශබ්දතාවය බිඳිලා ගියේ චමිල අයියා ඇවිත් ආයෙමත් අක්කා ගැන ගෙදරින් අහපු දවසෙ. එදා අපේ අම්මා චමිල අයියට කිව්වා " මේකිගෙ කරුමෙට අපේ එකාට වගේම අන්තිමට උඹටත් වෙන්නෙ ඒ ටිකම තමයි " කියලා එදා තමයි ඇත්තටම පබා කියන්නෙ කව්ද කියලා අපිට තේරුනෙ. අපේ අම්මට එදා තේරෙන්න ඇති අම්මගෙ ආත්මාර්ථකාමී සිතුවිලි ගැන. ඇත්තටම අපි ගොඩක් අය කෙනෙක්ගෙ මේ ගෙවන ජීවිතයෙ සතුට ගැන හිතනවට වඩා, නොපෙනෙන ඊළඟ ආත්මයක් ගැන වද වෙනවා. මේ ජීවිතයෙ නොලබන සැප ඊලග භවයෙන් ප්‍රාර්ථනා කරනවා. මේ පෙනෙන ජීවිතය අමතක කරනවා. අපි දකින මේ ජීවිතය ගෙවනවා ඊළඟ ආත්මෙ වෙනුවෙන්. පබා අක්කා කියපු දේවල් ඇත්තටම වැරදිද ? මොනවා උනත් " ඊළඟ ආත්මෙ " කියන වචනෙ මට ඇහෙනකංම මං දන්නවා මට කවදාවත් පබා අක්කව අමතක වෙන්නෙ නෑ. © Manohari Weerasingheඅවසන් කැමැත්ත ! (කෙටි කතාව ) =================================== ඉදින් අප වෙන්ව නාදුනන් සේ ගත කරන සොලොස් වසද පැමිණියෙමු. මේ සොලොස් වස පුරාම ඇය මා ජීවත්ව සිටීද වත් නොදනී. වෙනසකුද නොකර ඇගේ රුව එදා මෙන් මා ඉදිරියේ මැවෙන්න පටන් ගත්තේ ඒ උන්මතක සිහිනයේ මා නැවත් අතරමන් කරමිනි. මම නැවත අතීතයට පියමන් කරමි, ප්‍රේමය නොවඩුව තිබූ ඒ දවස් සිහිකරමින් මම දවස ගතකලෙමි.. අවසන ඒ දවස උදාවුනි.. ඇය මා අතහැර ගිය දවස.. හේතුවක් නොදන්වාම ඇය මා මග හරිමින් තිබිනි.. අවසානයේ එක් පණිවිඩක් පමණක් එවා තිබුනි. එනම් ඇයව නැවත "මුණ නොගැසෙන" බව දන්වමිනි... මාස දෙකක් පමන මා මග හරිමින් සිටි ඈ අවසන මා දමා ගොසිනි... අපි සය වසරක් ප්‍රේමයෙන් උන්මන්තකව සිටියෙමු.. අවසන් මාස කිහිපය මම පමණක
් ප්‍රේමයෙන් පරිපූර්ණ උනෙමි.. ඇය එසේ නොවුණි.. ඉදින් ප්‍රේමය ගලායෑමටනම් පරිපූර්ණත්වය ඇවැසිය. ඇගේ දුරස්බව මට පෙනුනි නමුදු නොදැක්කා සේ සිටියෙමි.. අවසන අසමතුලිත වූ ප්‍රේමය ඇය අලුයම ලූ කෙල පිඩක් මෙන් මා සමගම ඉවතට විසිකලෙමි. මට තවදුරටත් ලෝකය හා ගැටීමට ශක්තියක් නොවුනි .වෛද්ය රැකියාවෙන් ඉවත් වූ මා ඇසට ඇසුවන හෑම මාවතකම ඉබාගාතේ ඇවිද්දෙමි ... රෑට අගුපිල්වල නිදා ගතිමි... තවදුරටත් මා ගැන සොයන්නට කිසිවෙකු මෙලොව නොවුනි. අවසන මට බඩගිනි දැනූනි.. විකටයෙකුගේ චරිතයට පණ පෙවුවෙමි. සුපිරි වෙලදසැලක් අසල ඒ "විකටයාට" නටන්නට ලැබුනි.. මිනිසුන් සතුටු උනි.. ඉන් විකටයාගේ බඩ පිරුනි.. විකට නැටුම් අතර දවසක් විකටයා සුපුරුදු මුහුණක් දුටුවෙමි.. "ඇය" තරුණයෙකු හා අත්පටලා විකට නැටුම් බැලීමට පැමිණ තිබුනි... ඉතින් හිතවතුනි විකටයාට තවත් හඩන්නට කදුලු ඉතුරුව නොතිබුණි .. ඉතින් ඌ සෙනග අස්සෙන් පලාගියෙමි... කකුල් පණ නැතුව බිම ඇද වැටෙනකන් විකටයා දිව්වෙමි.. අවසන මා ඒ බොරුවට හිනාවෙන "විකට" මුහුන ගලවා විසිකලෙමි... එවිට මා සැබෑ මුහුන දුටිමි.. ඒ දිගට වැවුන රැවුලත් ඉරිතැලුන මුහුනත් මා මහලු මිනිසෙකු කර තිබුනි.. ඒ මුහුණට මා පෙම් කලෙමි ... ඒ එය මා සමාජයෙන් ඈත් කල නිසාවෙනි... ඉන්පසු දොලොස් වසක්ම මම අතහැර දැමූ අම්බලමක විසූවෙමි. "භූත මිනිසා" යැයි නමක් පටබැදුනි.. භූතයාට බය උන් කිසිවෙක් එහි නාවෙමි ... මම සුපුරුදු පරිදි තනි උනෙමි.. ඒ තනිකමට මම ප්‍රේම කලෙමි.. "භූතයා" ඇයව සිහිකරමින් ලිවුම් ලිව්වෙමි නමුදු තැපැල් නොකරවුවමි...අම්බලම ලිවුම් වලින් පිරෙව්වෙමි... බඩගින්න දැන් ඉස්සර මෙන් "භූතයාට" නොදැනුනි.. එනමුදු කවුරුන් හෝ භූතයාට කන්න හැමදාම කෑම ගෙනවිත් අම්බලම අයිනේ තබා යති.. භූතයා ඒ කවුද යැයි නොදනිමි හැබැයි ස්තූති වන්ත වෙමි. අවසන සොලොස් වසක් ගෙවුන තැන අම්බලම භූතයාගේ ලිවුම් වලින්ම පිරුණි. ඇය තවදුරටත් නොදක සිටීමට බැරි තැනකට පැමිණ තිබින.. භූතයා අසරණ විණි... ඌ රැව්ල කොන්ඩෙ කැපුවෙමි.. "මා" අම්බලමෙන් ඈ සොයා යාමට එලියට බැස්සෙමි... ප්‍රේමය නම් උමුතුවක් මැයි .. මා ඇය සොයා ගියෙමි... ඇගේ ගෙට ගොඩවුනෙමි... නමුත් ඒ සුපුරුදු මුහුණ එහි නොවුනි..... ඇගේ මව විත් මා අතට ලිපියක් දුන්නෙමි.. එහි මෙසේ සටහනක් වුනෙමි..... යලි හමුනොවෙනා ඔබ වෙතට, මා ප්‍රේමයෙන් පූර්ණ වූවෙක්ට පෙම් කලෙමි.. ඔහු සැබැවින්ම සාන්තුවරයෙක් විය.. ඒ ඔබය , ඔබ පමණක්මය. එනමුදු පසුව මට "සාතන්" කෙනකු හමුවිය.. මම "ඔබෙන්" දුරස් වී සාතන් හා බැදුනි.. එහි පාපය මා වෙත ඇදී එන්න වැඩි කලක් ගත නොවුනි.. මා ලෙඩ වුණි... සාතන් මා දමා පලා ගියමි.. මා දැන් අවසන් අදියරේ සිටිමි, ඔබ දැක ගැනීමට කැමැත්තෙමි.. එනමුදු යලි ඔබ හමු නොවෙන බව පමණක්ම දනිමි... ......................................................... මගේ ප්‍ර්‍මය මිය ගොසිනි ... ඒ මීට සිව් මසකට පෙරය... යලි ඇරඹුම එළෙසින්ම අවසන් වන මොහොතේ මම නිවසින් එලියට එනවිට ඇගේ මව ඇගේ අවසන් කැමැත්ත මා අත තැබීය... එය මා වෙත ලියන ලද්දක් විය.. "වසර ගනනකට පෙර අම්බලමක තනිවුනු මිනිසෙක් දුටුවෙමි ... ඔහු එක තැනක සිද මොනවදෝ ලියයි...ඒ කියවයි ඉන්පසු හඩයි.. මිනිසුන් ඔහු දුටු විට දුවයි... ඉදින් ඒ අසරනයා ගැන මට දුකයි.. ඔහුට එසේ කල වුන්ට සාප කරමින් මන් ඔහුට කෑම දෙයි... හැමදාම ඔහුට නොදැනෙන් අම්බලමට කෑම ගෙනගොස් තබයි... දැන් මට මහන්සියි, තව වැඩි දවසක් නැතිබව හැගෙයි... ඔහු ගැන දුකයි, ඔහු තනිවී කන්න නැති වේයැයි බයයි.. ඉදින් ඔහුට සාන්තුවරයෙකුගේ උදව් අවැසි බව දනියි.." ලිපියේ ඉතිරිය කියවීමට මත්තෙන් විසිකර දැමූ මා ආයෙත් පාරට වැටුනේ ඇය සොයා යාමටයි... ඒ ලස්සන "රෝස" මල පාලු සුසානේ අද්දරක තනිවෙලා තිබ්බෙ පැරදුනු ප්‍රේමයෙ සලකුනු එක්ක... සදාකල් විකටයෙක්වත් , භූතයෙක්වත් වෙන්න බැරිවුනු මිනිහෙක්ව එදා ඉදන් සදාකල් සොහොන් පල්ලෙක් වුණා !තාරකාවක් යනු එහි ගුරුත්වය විසින් බැඳ තබා ගන්නාවු දීප්තිමත් ප්ලාස්මා ගෝලයකි. තරුවකට දිලා තියෙන නිර්වචනය තමයි ඒ වෙන විදිහකට කියනවා නම් තාරකා විද්‍යාවට අනුව තරුවක් කියන්නේ සූර්යයෙක්. ඔයාලා කවදා හරි නිකමට හරි තරුවක් දිහා බලනකොට හිතිලා තියනවාද මේකත් අර දවල්ට පෙනෙන ඉර තරම් රස්නෙ ඇති කියලා. ඉතින් හම්බ වෙලා තියනවාද තරු වගේ මිනිස්සු. හිත ඇතුලෙ හැඟීම් ඔක්කොම හංග ගත්තු මිනිස්සු. එකම හැඟීමක්වත් පිටට නොපෙන්වන මහා රළු ඇවතුම් පැවතුම් තියන මිනිස්සු ,කවදා හරි දවසක එයාලගෙ ජීවිතේ එක මොහොතක් හරි තේරුම් ගන්න උත්සාහ කරලා තියනවද , මහා ගොඩක් බලාපොරොත්තු නැති, ජීවිතේ අනිත් අය වෙනුවෙන් නතර වෙලා යුතුකම් ඉටු කරන, ඒ මිනිස්සුන්ගෙ හිත් වල තියන සමහර හැඟීම් පුදුමාකාරයි. තමන්ගෙන් වෙන්නෝනේ යුතුකම් ඉටු කරන අඩුපාඩු නැතුව අනිත් අය සතුටු කරන, එයලා තමන්ගේ සතුට වෙනුවෙන් මුකුත් කරගන්නෙ නෑ...ඇත්තම කියනවා නම් ගොඩක් අය දන්නෙ නෑ එයාලත් සතුටින් ඉන්න ආසයි කියලා. ගින්දර වගේ රස්නෙ ගහාන එයාලගෙ ඇතුළ වෙඬරු වගේ, මොකක්දෝ හේතුවකට එයාලා ඒක පෙන්නන්නෙ නෑ . පුංචි මල් පෙත්තක්, හීන් හුළගක් , වැහි බීරූමක් එක්ක පවා සතුට විඳින්න පුළුවන් සරල හැඟීම් ගොන්න හංගගෙන එයලා තරු වගෙ රඟපානවා .ඇත්තම කියනවා නම් එයලා තමන්ව අමතක කරලා දාලා අනිත් අය වෙනුවෙන් ජීවත් වෙනවා.ඇතුලතින් දැවි දැවි ලෝකෙට එලිය දෙනවා .දවසක කඩා වැටෙද්දිත් තව කෙනෙකුගේ ප්‍රාර්ථනා ඉටු කරන තරුවක් වගේ එයලා තමන්ගේ සියලු රිදුම් දරාගෙන අනිත් අය එක්ක හිනාවෙනවා. ඉතින් එයලා තරු තමයි චුට්ට ඇත්නම් කේන්ති ගන්න, මගේය කියලා මුලු හිතින්ම බදාගෙන එපා වගෙ අතඇරල දාලා ඉන්න හීනෙන් පවා ප්‍රර්ථනා කරන දෙවල් අහිමි වෙද්දි හා කමක් නෑ කියන, කඳුළු වැටෙන්න නොදී තද කරගෙන ගණන් නොගෙන ඉන්න, අමාරුම තැන් වලදි පවා වචනයක් නොකියා හිත හදාගෙන ඉන්න, තරු වගේ මිනිස්සුන්ගෙ හිත් ඇතුලට පුළුවන් නම් එබිලා බලන්න. ඒ දරාගැනීම දකින කොට හිතට ලැජ්ජා හිතෙයි. රසිකා නවරත්න .සමන්මලී අදත් අහස වර්ණවත්, කාලෙකට පස්සේ. අපි සමුගත්ත දවස වගේ. මාලී සුසුමක් හෙලා බැසයන ඉර දෙස බලාගෙන හිටියේ අතීතයත් එක්ක. අතීතේ සුන්දරත්වය තාමත් විදින ගමන්. ඒත් ඒ අතීතය මතකයක් විතරමයි. රබර් ගස් වලට මුවා වේවි ඉර නොපනී ගියා. කතා කරන්න බැරිවුනත් මේ ස්වභාදහම වැලලිලා ගිය ආදර කතා කීයක සාක්ෂිකාරයෝද? සුනිමල්ව මුනගැහෙන්න මලී මේ රබර් වත්තේ ඉද්ද මල් ගස් යාය ළඟට කොච්චර නම් ගිහින් ඇද්ද? “ මලී ඔයාලගේ ගෙදරින් මට කවදාකවත් කෑමති වෙන්නේ නෑ. ඒ නිසා ඔයා එන්න මා එක්ක. අන්තිමට මුන ගැහුණු දවසේ අන්තිම වතාවට සුනිමල් ඉල්ලුවේ එච්චරයි.” කම්බුල දිගේ දෝරේ ගලන කඳුළුත් එක්ක මලී හැරිලා ආවේ, සුනිමල්ගේ බලාපොරොත්තු සේරම දියකරලා දාලා ඒ ආදරේටත් නැවතුම දෙන ගමන්. “අප්පච්චිගේ පපුව පැලිලා මැරේවි. අම්මා, ඒ දෙන්නා කොහොමද ගමට මූණ දෙන්නේ. අයියලා දෙන්නා. දරුවෝ. ඒ හැමෝටම මිනිස්සු හිනාවේවි.” මලී හිතුවේ එහෙම. ඒ නිසාම පපුව පිරෙන්න තරම් තිබුන ආදරේට නැවතීම තියන්න මලී හිත හදාගත්තා. සුනිමල් වැඩකරේ පාන් බේකරියේ, සුනිමල්ගේ රස්සාව කඩ වලට පාන් දාන එක. මලීගේ අප්පච්චිගේ සිල්ලර කඩේටත් පාන් දැම්මේ සුනිමල්. ඉස්කෝලේ ගමන අතෑරලා අප්පච්චිගේ කඩේ වැඩ බැලුවේ මලී. ඒ ආදරේ පටන් ගත්තේ ඒ විදිහට. ලියුම් කරදහියකින් ආදරේ ලියන්න තරම්වත් අකුරු සාස්තරයක් සුනිමල් දැනැන් හිටියේ නෑ. මලීගෙයි සුනිමල්ගෙයි ආදරේ පටන් ගත්තේ ඇස් වලින්. දෙන්නා ඇස් වලින් කතා කරේ කාටත් නොදැනෙන්න. ඊට පස්සේ දවසක සල්ලි ගන්න ගමන් හීනියට මලීගේ අත අත ගෑවා. සුවද පිරුණු ලේන්සු, කොට්ට උර එහෙම හුවමාරු වුනේ ඊට පස්සේ. ඒ ආදරේ හරිම අහිංසකයි පිවිතුරුයි. සතියට සැරයක් දෙසරයක් රබර් වත්තේ ඉද්දමල් ගාල ලඟ දී මුන ගැහිලා උඩහට වෙන්න තියන කලු ගල් පොත්ත ලඟ දෙන්න ආදරේ කරපු හැටි ගමේ මිනිස්සු නොදැක්කම නොමේ. අම්මේ... මේකි අර පාන් බක්කරයා එක්ක රබර් වත්තේ, ඇත්තමයි අම්මේ මට අහුවුනොත් මුන් දෙන්නම මරනවා මම. ප##ටි. තෝ අපේ මුනේ දැලි ගානවා. කඩේට ගොඩ වෙන්න බෑ මෙකිගේ හපන් කම් කියාගෙන මිනිස්සු එන්නේ. දැනගනින් .... මේ අයියා හොදට හොදයි නරකටත් ඒ වගේ. මොකෙද්ද බං ඌ.... පාන් බක්කරයා. තොට වෙනෙ එකෙක් හිටියෙම නැද්ද මේ ගමේ. එදා තමා ගෙදෙට්ට ගිණි ඇවුලුනේ. ඒ ගින්න වැඩිවුනා මිසක් නිමිලා ගියේ නැහැ. සුනිමල්ට ගමේ රස්සාව නැතිවුන නිසා ගමෙන් යන්න වුනා. සුනිමල් ගමෙන් යන දවසේ තමා මලීට කතා කෙරේ යමු කියලා. ඒත්...., අන්න, අරූව මුදළාලි ගමෙනුත් එලවලා. ඌ දන්නේ නෑ අපේ තරම. කාලකන්නියා. ආවා මෙතන අපේ පවුලට පෑහෙන්න. අයියලා දෙන්නයි, අප්පච්චියි කාලෙකට පස්සේ සතුටු වුන දවසක් තමා එදා, අහන් ඉන්න බැරි තරමට පුරාජේරු කතා. ආදරේ දැනෙන්නේ පපුවට, කුල මල, උස් මහත් කම් , රස්සාවල් ඕවා ගැන හිතෙන්නේ නෑ එවෙලෙට. මලී කදුලු බිවුව තරම් දන්නේ හිස තියා ගත්ත කොට්ටේ විතරයි... අර ඕදිරිස් කපුවට කියලා මලීටත් කටයුත්තක් ලෑස්ති කරොත් නරකද නෝනේ. අප්පච්චිගේ යෝජනාවට ගෙදර හැමෝම කැමති වුනා. මලීට මඟුල් යෝජනා ආවා. පොල් අක්කර කාලක් දෑවැද්දදට. ඊට අමතරව කුබුරු කැල්ලක් මලීගේ නමට වෙන්වුනා. ගෙදර අයගේ බලකිරීමට බුලත් තට්ටුවක් අරගෙන මලී, කඳුළු හංගගෙන හිනාවෙවී, මනමාලයේ හත් අට ගොල්ලක් ඉදිරියට ගියත්, කවුරුවත්ම කැමති නොවුනේ. ගමේ මිනිස්සු නැති චරිත සහතික මලීගේ නමට ලියලා මනමාල පාර්ශවයට දීපු නිසා. අන්තිමට කපු මහත්තයත් වැඩේ අත් ඇරලා දැම්මා. “කොහෙද මේ ගමේ එකාලා, එන එන මිනිස්සුන්ගේ කනේ තියෙනවනේ අර කාලකන්නියා එක්ක නටපු නාඩගම්. ගමේ වසලා හමාරයි. මේකිටත් වහ ටිකක් දීලා අපිත් වහ ටිකක් කාලා මැරෙමු” අයියගෙයි අප්පොච්චිගෙයි ගෝරනාඩු රවුම් ගෙරවුම් කන පිරෙන්න. මලීට නියඟලා අලයක් කාලා මැරෙන්න හිතුන වාර අනන්තයි. ඒත් ... එතකොට නැති කතා හැදෙයි මිනියටත්. ජීවිතේ නැතිකරගන්න එක පවක්. ලොකු හාමුදුරුවෝ දේශනා කරනවා. දහම් පාසලෙදී ඉගෙන ගෙනත් තියෙනවා. මලී කල්පනා කලේ ඒ විද
ිහට. “ආදරේ කරන එක වැරැද්දක්ද? අනේ මට සුනිමල් එක්ක යන්න තිබුනේ ගෙදර නම්බුවට බම්බු ගහලා. මම නොගියේ එගොල්ලෝ ගැන හිතලා.” මලීට කසාද හෙවිල්ල එතනින්ම නතර වුනා. රැවුම් ගෙරවිලි ඇනුම් බැනුම් කාලයත් එක්කම යට ගැහුනා. ගමේ මිනිස්සුන්ට වගේම ගෙදර අයටත් සුනිමල්ගෙයි මලීගෙයි ආදර කතාව අමතක වුනා. ඒ වෙනුවට අලුත් කතාවක් ගම පුරාම හුළඟ වගේ පැතිරුනා. “කඩේ මුදළාලිගේ ලොකු පුතා සිරිමෙවන්ගේ ගෑණි යශෝ වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහින්. දරුවෝ දෙන්නත් සිරිමෙවන්ට බාර දීලා. අනේ මෙහෙමත් ගෑණු.” අම්මපා මුන්ට තියෙන දැඟලිල්ලක්. කඩමණ්ඩියට ආපු මිනිස්සු කතාවුනේ කම්බුලේ අත තියාගෙන. අර කිරි සප්පයෝ දෙන්නවා දැන් කවුරු බලා ගන්නද? දවසක් දෙකක් යද්දි සිරි මෙවන්ගේ ලමයි දෙන්නා හිටියේ මහ ගෙදර. ගෑණි ගියා කියලා දරුවෝ බඩ ගින්නේ තියන්නද? සිරිමෙවනුත් කීයක් හරි භොයා ගන්න ඕන. මේ දරුවෝ එක්ක රස්සාවක් කරන්න පුලුවන්ද ඒකාට. සිරි මෙවන්ගේ දැරුවෝ මහ ගෙදර හැදුනට දැන් ඒ දරුවන්ට අම්මා ඕන නැති ගානයි. මලී අම්මෙක් වගේ. කෙල්ලෝ දෙන්නගේ මත්තෙම. නාවනවා කවනවා පොවනවා ඉස්කෝලේ ගෙනියනවා. මලීට අලුත් ජීවිතයක්. “අන්න සිරි මෙවනුත් කසාදයක් බැදගෙනලු...” ගම පුරාම තවත් කතාවක් පැතිරුනා. කතාව බොරුවක් නෙමේ ඇත්තම ඇත්ත. ගෑණියෙක් විතරක් නෙමේ ලමයි දෙන්නෙකුත් එක්ක ගැනියෙක් කරකාර බැදගෙන. පොඩි උන්ට නම් අම්මා අප්පා නෑ කියලා ගානක් නෑ. නැන්දයි,සීයයි ආච්චියි ඉන්නවනේ. ඒ විදිහට මලීගෙ ජීවිතේ තිස් පස්වෙනි අවුරුද්දත් ගෙවිලා ගියා. එදා අහසත් වර්ණවත්, හරිම ලස්සනයි. මලී හිටියේ කඩේ කැසියර් කූඩුවේ. කඩේ ඉස්සරහින් මයිනර් කාර් එකක් නැවතුනා. ඒකේ අංක තහඩුවේ ඊ.එල් කියන අකුරු දෙක තිබුනා. මලීට හොදට මතකයි කොටු සරමක් සුදු කමිසයක් ඇදගත්ත මී කිරි හට්ටියක් අතට අරගෙන කඩේට ගොඩවුනේ සුපුරුදු මූනක්. මලීගේ මුලු සිරුර පුරාම හීන් විදුලි සැරයක් වගේ හැඟීමක් දුවලා නතර වුනා. ඇස් දෙකට කදුලු පිරෙද්දි සුනිමල් හිනාවෙලා මලී දිහා බැලුවා. ඒ ආදරේ එදා වගේමයි. මලීට හිතුනේ එහෙම. පුට් බයිසිකලේක පාන් පෙට්ටියක් බැදගෙන ගමේ කඩයක් ගානේ ගිය සුනිමල් මුදළාලි කෙනෙක්. සතුටට ඇස්වල කඳුළු පිරුණා. මහත්තයට මොනවැයි ඕන, කියාගෙන මලීගේ අප්පොච්චි ඉස්සරහට ආවත් කර බාගෙන ලැජ්ජාවෙන් ආපහු ගෙට ගියේ, සුනිමල්ට කියපුවා කරපුවා හිතේ තියාගෙන මූන බලන්න බැරි කම නිසාමයි. මලී.... අපි කසාද බදිමු. මම ආවේ ඔයාව එක්ක යන්න. දෙවනි වතාවටත් යෝජනාවක් සුනිමල්ගෙන්. අයියාගේ පොඩිවුන් දෙන්නා මලීගේ ඇගේ එල්ලිලා. මම කොහොමද සුනිමල් එන්නේ මේ පොඩි වුන් දාලා...., ඇස්වල කඳුළු පුරෝගෙන දෙවෙනි වතාවටත් මලී කීවේ පවුල ගැන හිතලා. මලීව හොයාහෙන ආපු වාසනාවට මලී පයින් ගැහුවේ දරුවෝ නිසා. එදා රෑ පුරාමත් මලී හොඳටම ඇඬුවා කාටත් රහසින. ඒ අඬන ගමන් මලීගේ හිත කීවෙම, මොනවා නැතත් මට මේ දරුවෝ බලයි කියන සිතුවිල්ලමයි. හැමදේටම වඩා ලොකුයි දරු දුක. කුසින් නොවැදුවට මලී දරුවන්ගේ අම්මා. -------------- මලීගේ අප්පච්චි මැරුනේ, වේදනාවෙන් මලී ගැන හිතලම. අප්පච්චි මැරිච්ච් ගමන් අම්මා මහ ඉඩම දරුවන්ට බෙදලා දුන්නා. කලින් පිලිවෙල කරපු විදිහටම දරුවෝ තුන් දෙනාට ඉඩම බෙදුනා. ගේයි කඩෙයි ලොකු අයියට. අම්මත් දරුවෝ දෙන්නත් ජීවත් වෙන නිසා අම්මාට ප්‍රාණ බුක්තිය තියාගෙන. පොල් අක්කර කාලයි කුඹුරයි අරුනහම අනිත් සේරම පොඩි අයියට. පොඩි අයියට ඉඩම ලියුවා විතරයි එයා කලේ ඒක විකුණන එක. දැන් මහ ගේයි කඩෙයි කොටස ඇරුනහම අනිත් කොටසේ ඉන්නේ පිට මිනිස්සු. අම්මා ජීවත්ව ඉදිද්දි පොඩි අයියා ඉඩම් විකුණපු එක ගැන ලොකු හිත් වේදනාවක් අම්මාට තිබුණා. මලීගේ ඉඩම මහ පාරට මුනදාලා යන්තමට ඉතිරි වුනා. කවදා හරි පැලක් අටෝගෙන වැටිලා ඉන්න මහ පොලවේ ඉඩක් තියෙනවානේ කියලා යාන්තම් සැනසීමක් මලීට ඒ නිසා තිබුණා. මහ ඉඩම පිට අයට අයිති වුන නිසා, ඒ ගැන හිතලම මලීගේ අම්මා ලෙඩ ඇදට වැටුනා. කරදර එක පිට එක පිට එන්නේ. ඒත් මොනවා කරන්නද ලබා උපන් විදිහට හැමදේම සිද්ද වෙන්නේ. දරුවෝ දෙන්නා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකන් බලාගෙන හිටපු මලී පොඩි දුව විතරක් එනවා දැකලා කලබල වුනා. කෝ අක්කා..., අක්කා නෑ නැන්දේ, මාත් එයාව හොයලා පරක්කුත් වුනා. ගමේ මිනිස්සු ඔක්කොම කෙල්ලව හෙවුවා. මලී හිටියේ ගිණි පත්තුවෙලා. ගෑණු දරුවෙක්නෙ. “අනේ පත්තිනි අම්මේ මගේ කෙල්ලට කරදරයක් නම් වෙන්න එපා.” කී වතාවක් නම් දෙවියන් යැද්දද? පස්සේ ආරංචි වුනා, සිරිමෙවන්ගේ ලොකු කෙල්ල පියංවදා ගමේ හිටපු කොල්ලෙක් එක්ක පැනලා ගිහින් කාටත් කොලේ වහලා. ඒ හැම දේකටම වැරදි කාරය මලී, උඔ ලඟනේ නංගියේ හැදුනේ. “ ආයි ඉතින් උබත් ඒ කාලේ නටපු නාඩගම් අපි නොදන්නවයැ. මගේ කෙල්ලටත් ඒවා පුරුදු කරන්න ඇති.” සිරිමොවන්ට නැති දරු කැක්කුමක් ඇවිත් මලීට කෑ මොර දෙද්දී, ගමේ මිනිස්සු වටවෙලා සිරිමෙවන්ට මතක් කරේ සිරිමෙවන්ට අමතක වෙලා තිබුන අතීතේ. “අනේ..උබේ දරු කැක්කුම. මලීයි මුදලාලියි නැත්තන් උබේ දරුවෝ පොලවට පස් වෙලා තාත්තෙක් විදිහට උන්ට උබ මොනවද සිරිමෙවන් කරේ.” එදා නම් ගමේ මිනිස්සු ගැන පුදුමාකාර ආදරයක් මලීගේ හිතේ ඇති වුනේ. තමන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවනේ කියන හැගීම හරිම පුදුමයි. අම්මාගේ මළගමත් එක්ක ඒ හැගීම තවත් වැඩි වුනා මිස අඩු වුනේ නැහැ. පුංචි එකිත් එක්ක මලී ගෙදර තනි වුනා. පොඩි එකී ඉගෙන ගන්න දක්ෂ නිසා උසස් පෙළ කරලා ටවුමේ කම්පැණියක වැඩට ගියා. ඒ කම්පැණියෙම මහත්තයෙක් කසාද බදින්න ඕන කීවහම පොඩියට මඟුලක් ගන්න මලීගේ පොල් ඉඩම විකුනන්න වුනා. පොඩ්ඩිත් කසාද බැදලා ගියාට පස්සේ මලී ගෙදර තනි වුනා. දරුවෝ දෙන්නා ගියා ගියා මයි. නිකමටවත් මලී ගැන හොයලා බලන්න ආවෙ වත් නෑ. සිරිමෙවන්ට මහගේ බාර දෙන්න වෙනවා. සිරි මෙවන් ඒ බව මතක් කරේ පොඩ්ඩිගේ කසාදේ දවසේ. මට ගේ ඕන නංගියේ. මටත් ලමයි දෙන්නෙක් ඉන්නවනේ. වුන්ටත් මම යුතුකම් කරන්න එපායැ. උබ පලයන් නංගියේ දරුවෝ දෙන්නගෙන් කාලගට හරි. මාස තුනකටත් වඩා වැඩි කාලයක් කවුරුහරි මලීට කතාකරාවි කියලා බලා ගෙන හිටියා. ගමේ මිනිස්සු අතේ පණිවිඩ යැවුවා. දරුවෝ දෙන්නගෙන් කවුරුවත් මලී කෑවද කියලවත් හොයලා බැලුවේ නෑ. දරාගැනීම් උපරිමයට දරාගත්ත මලීට මේදේත් තවත් සිද්දියක් විතරයි. මලී තමන්ගේ පවුල වෙනුවෙන් යුතුකම් ඉටුකලා ඒත්..., අදත් අහස වර්ණවත්, අහස හරිම ලස්සනයි. සමන් මල් ගාලෙන් මල් වට්ටියක් පිරෙන්න සමන් මල් කඩාගත්ත මලී හිමි හිට පියමැන්නා අරාමෙට. හඳුන්කූරු සුවද හැම තැනම. පහන් දැල් වෙනවා. බුදු පිළිමේ ලඟ හරිම සෙවනයි සිසිලයි හිතට. ලොකු සිල්මතාව මලී දිහා බලද්දි මලී දිගා වෙලා වැඳ වැටුනා. " සුවපත් වේවා! " “ මට මේ සංසාර ගමන කෙටි කරගන්න ඕන මෑණියනි” මලී කීවේ එච්චරයි. --------- ලිමන්ති මාධවී සේනාරත්න.නුරා ඒ කෝල් එක ආවෙ මම වොෂ් එකක් දාගෙන ඇවිත් ජානුට තුරුල් වෙනකොටම​. "කවුද​?" ජානු ඇහුවේ මට තව ටිකක් තුරුලු වෙන ගමන්. "ධනුකයා!"මම ඇගේ හිස සිප ගත්තෙ ලෝබ කමින්. "මොනවද කියන්නෙ? මම කට්ටියට අපි මෙහෙ එනවා කීවා." මම ෆෝන් එකේ සද්දෙ වැඩි කලේ අපි දෙන්නටම ඇහෙන විදිහට​. ඇත්තටම මම ධනුක අඳුන ගත්තෙ ජානුගෙන්. ධනුක විතරක් නෙමේ තව කීප දෙනෙක්ම ජානු හන් දා මගේ මිතුරු ලැයිස්තුවට එකතු වුනා. ජානු! නෝනද​? නෑ! නෝනා නිමන්ති. එතකොට ජානු? ජානු! හා හා.... දන්නැද්ද ඉතිං! ජානු මට මුණ ගැහුනේ බස් හෝල්ට් එකේදි. අනිත් හැමෝගෙම ඇස් මග ඇරලා ජානු මගෙත් එක්ක හිනා වුනා.පිට මැදට වන්නට තිබූ කෙටි කොන්ඩය රතුවට හුරු දුඹුරු පාටට කලර් කරලා. පමණට වඩා ලොකු ඇස් දෙක, උල් නහය, සිහින් දෙතොල්.....මේ හැමදේම එකතුවෙලා ඈට දුන්නේ අමුතුම ලස්සනක්! ඈ ගියේ වෑන් එකේ. වෑන් එක නතර කලාම ඇය දුවලා ගිහින් වෑන් එකට නැග්ගා. ඒ හැම සැරේම දුවන ගමන් මා එක්ක හිනාවුනා. මේ කවුද​? මොනවද කරන්නේ? කොහෙන් ද ආවේ? හැමදාම බස් නැවතුමේ ඉන්නවා. මා දිහා බලලා හිනා වෙනවා!මා දිහා හැරි හැරි බල බල වෑන් එකට දුවලා වෑන් එකේ නැගලා යනවා. දවසක් මම බස් හෝල්ට් එකට යනකොට මෙන්න මේ ගෑණි ටිෂූ එකකින් මූණ පිහ පිහා අඬනවා. අහක බලං යන්නත් මොකක්ද වගේ. "කරදරයක්ද​?"මම ලඟට ගිහිං ඇහුවා. "මගේ වෑන් එක කැඩිලා! අද එන්න බැරිලු!" "ඉතිං බස් එකේ යන්න පුලුවන්නේ." "මම මේ පැත්තට අලුත්! බස් එකේ යන්න දන්නෙ නෑ." "කොගෙඳ බහින්නේ?" "කලගෙඩි හංදිය​!" "ආ මම කලගෙඩි හංදිය පහු කරලා යන්නේ. එතනින් බස්සන්නං." ඔන්න ඔහොමයි අපි අඳුන ගත්තේ. එදා තමා නම දැනගත්තෙ. නම ජානු! එදායින් එදා ජානුගේ වෑන් එක ආවේ නෑ. ඒකට මොකද බස් තියෙන්නේ! ජානු දකිනකොට මගේ හිත අමුතුම සුන් දර හැඟීමකින් වෙලා ගත්තා.ඇත්තම කීවොත් මට නිමන්ති ගැන කවදාවත් මේ වගේ හැඟීමක් ඇතිවෙලා නෑ. නිමන්තිත් ලස්සන නැතුවා නෙමේ. එයාව යාලු කර ගන්න මාස ගානක් කට්ට කෑවා. ඒත් නිමන්ති ලඟ නැති මොකක්දෝ ජානු ලඟ තිබුණා. ඕනෑ තරං ගෑනු එක්ක කිසි චකිතයක් නැතුව කතා කල මට ජානු එක්ක කතා කරන්න වචන එකතු කර ගන්න එකත් ලේසි වුනේ නෑ. මං කතා නොකලට ඈ කතා කලා. "ඔයාට ලාස්සන කාර් එකක් තියනවා නේද​?"ඈ අහන්නේ ඇදලා පැදලා! "කොහොමද ඔයා දන්නෙ?" "මං දැකලා තියනවා. ඔයත් එක්ක යන ලස්සන ගර්ල් ඔයාගේ නෝනද​?" "ඔව්!" "අම්මෝ ඔයාගෙ චේන් එකේ ලොකු! දම්වැලක් වගේ!" අපි හැමදාම මුණ ගැහුනා. එකට බස් එකේ ගියා. ඈ කලගෙඩි හංදියෙන් බැස්සා. තවත් කාලෙකට පස්සෙ ඈ බෝඩිම මාරු කරලා තිබ්බා. මම බහින තැනට බස් හෝල්ට් දෙකකට පස්සෙ ඈ බස් එකට ගොඩවුනා.එකට බස් එකේ ගියා. ඈ කලගෙඩි හංදියෙන් බැස්සා. " ඇයි කාර් එකේ වැඩට නොයන්නේ?"ඈ දවසක් ඇහුවා. "එකක්! අෆෝර්ඩ් කරන්න අමාරුයි. අනික ට්‍රැෆික්!"මම කිව්වා. "ඒ හින් දා නෙමේ ලෝබ කමට​!"ඈ කිකිනි හඬින් සිනාසුනා. මම ආපහු කාර් එකට බැස්සා.බස් හෝල්ට් එකෙන් ජානුව අරගත්තා.ඈ කලගෙඩි හංදියෙන් බැස්සා. "ඇයි ආයෙමත් කාර් එක පටන් ගත්තේ. "නිමන්ති ඇහුවා. "මේ දවස් වල වැඩ වැඩියි. කාර් එකේ ගියාම ලේසියි. කාලයක් යනකොට කලගෙඩි හංදියට ඉස්සරහ සමහර පාලු පාරවල් වල කාර් එක වරින් වර නතර වුනා. මටත් හොරෙන් ඇය මා දිනාගෙන තිබුනා.ඇගේ දෑ
ත්, ගෙල​, කන් රත්තරනෙන් පිරුනා. මම නිමන්තිටවත් එහෙම රත්තරන් බඩු අරන් දීලා තිබුනේ නෑ. පිරිමියෙකු තමාට බිරිඳක් සිටියදී තවත් ගැහැණියක වෙත ඇදෙන්නේ වෙනස් කායික හා ලිංගික අත්දැකීමක් ලැබීමට විතරයි කියල කියුවට මම ජානුගෙන් අමුතුම ආකාරයක සැනසීමක් ලැබුවා. සමහර පිරිමින් තමන්ගේ හිතේ ඇති සමහර ආශාවන් බිරිඳ හෝ පෙම්වතිය දැන ගන්නවාට අකමැති හින් දා වෙනත් ගැහැණුන් ගේ ඇසුර සොයා යනවලු!ඒත් මට එහෙමට කියලා ප්‍රශ්නයක් තිබුනෙත් නෑ. ඇත්තටම නිමන්ති රත්තරං බිරිඳක්! ඒත් මිනිහෙක් අනියම් සම්බන්ධයක් පටන් ගන්නේ ගිනිදැල්වලට ඇබ්බැහි වෙනව කියලා නොදැන නෙමේනෙ. මෙහෙම වෙන්නෙ සංකීර්ණ ස්නායු, රසායනික හා හෝමෝන වෙනස්කම් මාලාවක් හින් දයි කියලා කියන අයත් ඉන්නවා. කවුරු මොනවා කීවත් ඔහොම සම්බන්දකම් ඉතිං ගින් දරම තමයි. "හෙට මට එන්න වෙන්නෙ නෑ!"මම දවසක් කීවා. "ඇයි?" "මට බිස්නස් වැඩකට සල්ලි වගයක් ගෙනියන්න තියනවා." "ඉතිං බැංකුවට දාන්න බෑද​?" "නෑ! කෑෂ් දෙන්න ඕනෙ!" "කොහෙද යන්නෙ?" "ඇල්ලට​!" "ධනුකගේ මල්ලි ඇල්ලේ!" "රියලි?මං හෙට පාන්දරින් යන්න ඕනෙ!" ඉතිං මාත් එන්නං!"ඈ කීවෙ හුරතල් හඬින්. මට හිතා ගන්නවත් බෑ. "ඇත්තටම ඔයාට එන්න පුලුවන් ද​​? "නැතුව​! ඔයා වෙනුවෙන් මට මොනවද කරන්න බැරි?" අපි රෑ පාන්දරින් පිටත් වුනා. ඇල්ලට යනකොට එකොලහට විතර ඇති.මුලින් එකට කීව අපොයින්ට්මන්ට් එක හතරට කල් ගියා​. ඕනෑවටත් වඩා වෙලා තිබ්බා. හොඳ වෙලාවට දෙයියොත් පන්න පන්න දෙනවලු! "හලෝ මචං!"ධනුකගේ හඬ එහා පැත්තෙන් ආවා! "ආ කියපං!" "මචං අපේ මල්ලි උඹලට මොනවදෝ අරන් එනකොට බයික් එක නතර වෙලා. මිනිහ හංදියේ. උඹට බැරිද ඇල්ල හංදියට ගිහින් ඒක ගන්න​!" ""මොනවද​?" "කෑමක් බං. ජානු ආසයි මල්ලිගෙ නෝනා හදන කැවිලි කන්න​!" "අලුවා වෙන්න ඇති!"ජානු කෑ ගැහුවේ පුංචි දැරියක් වගේ. "එයාගෙ අලුවා පුදුම රහක්! කටේ දිය වෙනවා!" "හවසට යන්නද​?"මම ඇහුවේ ගිණියං වෙන සිරුර ගැන හිතලා.ජානුට මෙහෙම සමීප වෙලා ඉන්න එක මීට පෙර කිසිදා අත්විඳ නැති දෙයක් නොවුවත්, වෙනදාට වඩා සැහැල්ලුවෙන් ඇගේ උනුසුම විඳීමට මට ඕනෙ වුනා. "අනේ බෑ මචං. හවසට මල්ලිට වෙන වැඩක් තියනවලු!" "අනේ ගිහින් ගේන්න සුදූ!"ජානු කෙඳිරුවා. "ඔයත් එනවද​?" "මම තාම වොෂ් එකක් දා ගත්තෙ නෑනෙ. ඔයා ගිගින් අරං එන්න​!" මට ඇල්ල හංදියට​ යන්න වැඩිම වුනොත් පැය කාලක් යන්න ඇති.හංදියේ ධනුක කී තැන නං හොයා ගන්න බැරිවුනා.දෙතුන් පාරක් කෝල් ගත්තට මිනිහා ෆෝන් එකට ආන්සර් කලේ නෑ. ජානුටත් ගත්තා. ජානු ආන්සර් කලෙත් නෑ. එයානං වොෂ් ගන්නවා ඇති. ගෑනුන්ට ඉතිං වොෂ් එකක් ගන්නත් වරුවක් යනවනේ. පාර්සල් එක ගැනිල්ල අමතක කරලා මම ආපහු හෝටලේට ගියා. කාමරේ ජානු නෑ. පහලට ඇවිදින්න ගියාද​? එතකොටයි මම දැක්කෙ කාමරේ එයාගෙ බෑග් එක නෑ කියලා. වොෂ් එක දාන්න ගලවපු මගේ චේන් එකති බ්‍රේස්ලටෙකයි සයිඩ් ටේබල් එක උඩ තිබුනෙත් නෑ. ඒ වෙලාවෙ තමයි මගෙ පපුව ගැහෙන්න ගත්තේ. 8769..... මම හැමදේටම පාවිච්චි කරන මගේ රහස් නොම්බරේ. නිමන්තිවත් ඒක දන්නෙ නෑ.සල්ලි ටික ජානුගෙ අතට දීලා නොම්බරේත් කීවා. ජානු තමා ලොකර් එකට සල්ලි දාලා ලොකර් එක ලොක් කලේ. මම 8769 ගැහුවේ වෙව්ලන ඇඟිලි වලින්. දෙසැරයක්ම නොම්බරේ වැරදුනා. තුන්වෙනි සැරේ යාන්තං ඇරගත්තා. ලොකර් එක හිස්! මොහොතකට ඉස්සරලා ලක්‍ෂ ගානක් තිබ්බ ලොකර් එක හිස්! ඒ එක්කම කෝල් එකක් ආවා! කවුද​? ජානු! "හලෝ සමීන්! සොරි!"ඒ පැත්තෙන් ඇගේ හඬ ගලා ආවා. "තමුසෙ කොහෙද​?"මම බෙරිහන් දුන්නා. "කොහෙ වුනාම මොකද​? නේද​?" ඇය බොහෝම නැලවිල්ලෙන් කතා කලා. මාව තරහට වෙව්ලනවා. "කෝ මගෙ සල්ලි?"මම බෙරිහන් දුන්නා. "මගෙ ලඟ!" මට ඒ වෙලාවෙ තමයි ගණ දෙවි නුවන පහල වුනේ. ජානුගෙ අයිඩිය මා ලඟ! හොටෙල් එකේ චෙකින් වෙද්දි අයිඩිය ඉල්ලුවා. නෑ! නිමන්ති දැනගන්න එකක් නෑ!මම පර්ස් එක ඇද්දා. "කමක් නෑ මගෙ එක දෙන්න​. ඔයාගෙ අයිඩිය දුන්නොත් ප්‍රශ්නයක් වෙයිනේ. "ජානු මගේ අතේ ඇගේ අයිඩිය තිබ්බා. මේ ගෑණි මට කොච්චර ආදරේද​? හැම තැනදිම මං ගැන හිතනවා.මට ඈ ගැන ඇතිවුනේ පුදුමාකාර ආදරයක්. "නෑ ඔයා ලඟම තියාගන්න​. ආය මොනාට හරි ඕනෙ වුනොත්!"වැඩේ ඉවර වෙලා අයිඩිය දික් කරනකොට ඈ ආයෙමත් කීවා. අන්න ඒ වෙලාවේ තමයි මං ගෑණිගෙ අයිඩිය මගේ පර්ස් එකට දාගත්තෙ. උන් දැට අයිඩිය ගැන හොඳටෝම අමතක වෙලා. ඒකයි ඔය පොර ටෝක් දාගෙන එන්නේ. "හිතාගෙන ඇති බේරෙන්න​. මතක නැතුව ඇති අයිඩිය මගෙ ගාව කියලා​. මේක පොලිසියට දුන්නම ඔය නරි වාදං ඉවරයි!"මම දිනුම් පදේ ගැහුවා. වැඩේ ටක්කෙටම හරි වගේ. එහා පැත්තෙන් නිහඬ තාවයක්. "අයිඩිය?"තප්පර කීපයක නිහැඬියාවකට පස්සෙ ඈ නැවත කතා කලා. "ඔහේගෙ අයිඩිය​! මතකද උදේ මට දුන්නා?"මම මතක් කලා. ජානුගේ හිනා හඬ දුරකථනය දිගේ ගලා ආවා. "ආ! ඒකද​? ඒක ඔයා තියා ගන්න​! ඒක බොරු එකක්!" -ශ්‍රීපාලි පින්තූරය අන්තර්ජාලයෙන්!“මාත්තයා පොල් කඩනවා, පොල් කඩනවා…” උදේ පාන්දරම ගස් බඩ ගාන්න මූට පිස්සුද...මීට කලින් දැකලත් නැහැ. මේ ගමේ එකෙක් නෙමෙයි වගේ. “පොල් කඩනවා, පොල් කඩනවා..” ආයෙත් ගේ ගාවම, කන ගාවටම ඇවිත් මේ යෝධයා කෑ ගසයි. උදේ පාන්දරම කසිප්පු ගහන්න සල්ලි නැතුව වත්ද..? “ඊයෙ රෑ වැස්සා නේද…ගස් හොඳටම තෙතයි. උඹට නගින්න පුලුවන්ද..?” ගස් කීවට කුලී නිවසෙ තිබෙන්නේද එකම එක පොල් ගසකි. එහි කැඩීමට එහෙමකටෙයි කියා පොලුත් නැත. ඒත් කඩන්නා ගැන දුකක්, අනුකම්පාවක් හිතේ මෝදු වෙමින් තිබේ. “ගස් වල දිය සෙවෙල් නැත්තම් නගිනවා මාත්තයා..” ඔහු කැඩුණු සිංහලෙන් පවසයි. “බලපන් මේ ගහට නගින්න පුලුවන්ද කියලා…” “නගින්න පුලුවන් මාතියා…” “කඩන්න පොල් තියනවද..” “ඔව්..” “උඹ දෙමළද..” “ඔව්..” විසිකර දමා තිබූ පරණ රෙදි කැබැල්ලකින්ම වලල්ලක් ගැසූ ඔහු ගහට නැග පොල් කැඩුවේය. පෙල් ගෙඩි දොලහකි. තමන්ගේ ටි ෂර්ටය කොයිතරම් පරිස්සම් කරගන්නට උත්සාහ කළත් ගසින් බසින විට ඇඳ සිටි ටී ෂර්ටයේ ගසේ තිබූ දියබරිත සෙවෙල් තැවරී තෙතබරිත වී අවපැහැ ගැන්වී තිබුණි. ගස යට වැටී තිබුණු පොල්ද එක ස්ථානයක ගොඩ ගැසූ ඔහු, මා දුන් රුපියල් දෙසීය දෙකට නැමී පිළිගෙන කොට කලිසම් සාක්කුවට ඔබා ගත්තේය. “මාතියා මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද..” “මොකද්ද කෙරෙන්න ඔින..” “පරණ ෂර්ට් එකක් තියනවනම් ඇඳගෙන යන්න දෙන්න පලුවන්ද..මේක ඇඳගෙන බස් එකේ යන්න බෑ…” වයස අවුරුදු විස්සක පමණ කොලු ගැටයෙකුට ඇදගෙන යාමට දෙන්නට තරම් කමීසයක් මා ළග නැත. තිබෙන දෙයක් දුන්ද එය ඔහුට එය බාජුවක්ම වනු ඇත. බිරිඳට කියා පුතාගේ ටී ෂර්ට් අතරින් තවමත් ඇදිය හැකි එකක් තෝරා ඔහුට දුනිමි. “ඔයා කොහේද.. “එසේ උදවුවක් කළ විට ජීවදත්ත පත්‍රිකාවක් ගැනීම අපගේ ආවේණික පුරුද්දකි. “වඳුරඹ…” “මම ඇත්තම කියන්නම් මාත්තයා, මම කරාපිටිය ආවෙ ඊයෙ හැන්දෑවෙ..ඒ පාර රේස් බයි රේස් ගියා. රුපියල් හාරසියයක් දාල රුපියල් හැටහත් දාස් පන්සීයක් ලැබුණා. බස් එකේ තලගහට ඇවිත් බැහැලා ටිකක් බිවුවා. මට පොඩ්ඩක් වැඩි උනා. හන්දියෙ පේමන්ට් එකේ වැටිල ඉන්දැද්දි සල්ලි ඔක්කොම අරගෙන…දැන් බස් එකේ යන්න සල්ලි නැති නිසා තමා උදේ පාන්දරම පොල් කඩන්න හෙවුවේ…” “හන්දියෙ කට්ටිය ගෙන් ඇහුවෙ නැද්ද..” “ඇහුවා..ඒත් ඒ අය මොනවත් කියන්නෙ නෑ මාතියා.. ගමේ අයන‌ේ…මට යන්තම් මතකයි තුන් දෙනෙක් මගේ වටේ කැරකෙනවා..” “ඉතින් ගෙදර යන්න දැන් ඔය සල්ලි ඇත්ද..” “ඇති..” “පර්ස් එක තියනවද..?” “නෑ පර්ස් එකත් එක්කම තමා සල්ලි අරගෙන තියෙන්නෙ..” “අයිඩෙන්ටි හෙමත් තියෙන්න ඇති..” “ඔවු අද පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න ඔින…” ඔහු බුලත් කෙළ රැඳුණු මුවින් කිසිවක්ම සිදු නොවූ ලෙස හිනැහෙයි. අතේ සතේ නැති මෙකළ රු හැට හත්දාස් පන්සීයක් යනු මට නම් මහ මෙරකි. මූ එවන් මුදලකටද කෙළවගෙන ඒත් සිනාසෙයි. මා සිටින කුලී නිවසේ සිට තලගහ හන්දියට ඇත්තේ ඇවිදගෙන යන දුරකි. පන්සලේ පීකර ගොර ගොර ගායි. හරියට අලියෙකුගේ බඩ ගොරවනවා වාගේය. තව මොහොතකින් පීකර බණ මුළු ගම්මානයම පන්චසීලයේ පිහිටුවිම අරඹනු ඇත. (2023.11.30)**ඇද වූ හෙවනැලි ** කවුන්ටරය ඉදිරිපස හත් දෙනෙකු පමණ පෝලිමේ සිටිති. රුපියල් ලක්ෂ දහතුනක් තැන්පත් කිරීමට පැමිණි තැනැත්තා මා මුදල් ගණන් කරන යන්ත්‍රයට සෙමෙන් නෝට්ටු ඇතුල් කරන දෙස බලා සිටින්නේ තරමක් නොඉවසිල්ලකිනි. නමුත් මා සිටිනා මානසික තත්වය මත ඉක්මණින් වැඩ කිරීමට ගොස් මුදල් අඩුවක් වුවහොත් තවත් කරදරයකි. ඉවරයක් නැතිව මුදල් තැන්පත් කිරීමටත්, තැන්පත් කළ මුදල් ආපසු ගැනීමටත් පැමිණෙන පාරිභෝගිකයන් මේ වෙලාවේ මට පෙනෙන්නේ මහා වදකාරයන් කණ්ඩායමක් විදියටය. දිග සුසුමක් හෙලා පරිඝනක තීරයෙනුත්, නොඉවසිලිවන්ත පාරිභෝගිකයන්ගේ ඇස්වලිනුත් උඩින් බැලූ විට මා දුටුවේ ඉහල මාලයේ සිට පහලට පඩි පෙල බසිමින් මා දෙසම නෙත් යොමාගෙන සිටින නිමේෂ් ය. මා සිත අවුලෙන් වැඩ කරන බව ඔහු දනී. ඔහු මා වෙත ඇවිත් මාගේ පරිඝනකයේ යමක් සිදුකරන බව අඟවමින් මට සෙමෙන් කතා කරයි. “සශී ඔයාට වැඩ කරන්න අවුල් නම් බොස්ට කියල නිවාඩු දාලා ගෙදර යන්න. මාත් එන්නම් ඔයාව ඩ්‍රොප් කරන්න”. ඔහුගේ උණුසුම් හුස්ම මගේ කන යටින් විත් බෙල්ලේ පැත්තක වැදේ. ඔහු වමත මගේ පුටු ඇන්දේත් මගේ පිටේත් ගෑවෙන ලෙස තබාගෙන හෙමින් මගේ පිට පිරිමදී. “කලබල වෙන්නෙ නැතිව වැඩ කරන්න සශී, අපි හවසට නිදහසේ කතා කරමු. මෙතන හරියට කල්පනාව නැතිව වැඩ කරල කෑශ්වල අවුලක් වුනොත් ඔයාට හොඳ නැහැ. ඒකයි මම කිව්වෙ නිවාඩු දාල යන්න කියල”. නෑ මම හෙමින් කල්පනාවෙන් වැඩ කරන්නම්, ඔයා ඔයාගෙ වැඩ ඉවර කරන්නකො. දැන් ගිහින් හරියට එකට එන්න ලන්ච් රූම් එකට කියා මම දිගටම වැඩ කරගෙන යන්නට හිතා ගත්තෙමි. ඔහු නැවතත් මගේ පිට සෙමෙන් අත ගා එහා කවුන්ටරයේ සිටින සඳලිට නෑසෙන සේ හෙමින් “පරෙස්සමින් සශී, ලව් යූ” කියා ඉහල මාලයට යන්නට ගියේය. නිමේෂ්ගේ මේ උණුසුම් ආදරය, ඇට මිදුලු, නහර, සම්, මස් විදගෙන සිරුර තුලට කා වැදෙන්නාක් මෙන් දැනෙන ආදරය කෙලෙසකවත් අත්හැරීමට නොහැකි බව මට තදින්ම සිතට දැනේ. නමුත් වමත පැළඳි රන් මුදුව නෙත ගැටුනු වහාම මා ලෝබ කරන්නේ හිමි නැති සෙනෙහසකට බවත් සිහිවිය. එක වෙද්දීම කෑම පෙට්ට
ියත් රැගෙන ලන්ච් රූම් එකට යන විටම නිමේෂ් ද එහි ආවේය. අප දෙදෙනා දැන් වසර එක හමාරක පමණ කාලයක සිට කෑම කන්නේ එකම තැන වාඩි වෙලා බැවින් බැංකුවේ අප සමග සේවය කරන අනික් යහලු යෙහෙලියන් එම පුටු දෙක අපටම වෙන් කෙරූ ඒවා ලෙස සලකා අප දිවා ආහාරය ගන්නා තුරු එය නිදහස්ව තබති. කෑම පෙට්ටිය දිග හරින ගමන් නිමේෂ් ඇසුවේ “මොකක්ද හරියටම උනේ කියන්න සශී, උදේ ඔයා කලබලෙන් නෙ කියාගෙන ගියේ, මාර අප්සෙට් ගයාන් දැනගෙන කියලා, ඔයාගෙ මූණෙනුත් පෙනුනා මොනව හරි ලොකු දෙයක් වෙලා කියලත්”. හෙමින් කතා කරමු නිමේෂ්, අනිත් අයට ඇහෙයි. ගයාන්ට කොහොම හරි ආරංචි වෙලා එදා අපි කුරුණෑගල හොටෙල් එකකට ගිය එක. මගෙන් ඊයෙ රෑ කෝල් කර වෙලාවෙ ඇහුවෙ. ඔයා එක්ක විතරද කුරුණෑගල ගියේ, බිනර හොටෙල් එකටත් ගියාද කියල. ඉතින් මම කිව්ව ඇයි මම ඔයාට කලින්ම කිව්වනේ සංජීව යූ.කේ. යන නිසා අපට පාටි එකක් දුන්නා එයාගෙ ගෙදර, අනිත් අයත් කීප දෙනෙක් ගියා, මම ගියේ ඔයාගෙ වාහනේ, තේ එකක් බොන්න තැනක නැවැත්තුවා. එතන නම නම් මතක නැහැ කියලා. “ඊට පස්සෙ මොකක්ද කිව්වෙ” නිමේෂ් අසන්නේ බියපත් හඬකිනි. “කල්පනාවෙන් වැඩ කරන්න සශී, දූල දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්නෙ ඔයා. මට ඔයාව විශ්වාසයි ඒත් මම කැමති නැහැ පිට අය ඇවිත් මට ඔයා ගැන විස්තර කියනවට” කියල කිව්වා. එච්චරයි, වෙන මොනවත් කීවෙ නැහැ. “මට සමාවෙන්න සශී ඔයාව ස්ට්‍රෙස් වෙන වැඩක් වුනේ මම නිසානෙ, මමනෙ කතා කරේ ඔයාට කොහේ හරි යමු කියලා” නිමේෂ් දැඩි ලෙස කම්පා වී සිටී. නැහැ නිමේෂ් ඔයා මට කතා කරල කැමැත්තෙන් එක්ක ගෙන ගියා මිසක් මාව බලෙන් ගෙනිච්චෙ නෑනෙ. මමත් කැමැත්තෙන් නෙ ආවෙ. එහෙම හිතන්න එපා. මට තියෙන ප්‍රශ්නය හෙට ෆ්‍රයිඩේ නෙ, හෙට රෑට ගයාන් ගෙදර එන දවස. තව මොනවා අහවිද දන්නෙ නැහැ. “දැන් අපි මොකද කරන්නෙ?”. නිමේෂ් කෑම එක කන බවක් නොපෙනේ. එය අනමින් කල්පනා කරයි. නිමේෂ් අපි කාලා යමු දැන්. හවසට බැඩ්මින්ටන් ප්ලේ කරන්න යමු, ගිහින් නිදහසේ කතා කරමු. “මොනව වුනත් සශී මට දැන් ඔයා නැතුව බෑ. ඒක මේ අඟහරුවාදා කුරුණෑගල ගමනෙන් පස්සෙ වුන දෙයක් නෙවෙයි. ඊට කලින් ඉඳලම. ඇයි සශී අපට ඒ කාලෙම හිතුනෙ නැත්තෙ අපේම වෙන්න?” නිමේෂ් මේ ප්‍රශ්නය මගෙන් අසන්නේ සිය වන වතාවට විය යුතුය. දැන් ඒ ගැන කතා කරල මොනව කරන්නද නිම්. අපේ වෙලාව තමයි. නැත්නම් එකම පන්තිවල අවුරුදු ගානක් එකට ඉගෙන ගෙනත් අපට එහෙම හිතුනෙ නැහැනෙ. හයේ ඉඳන් ඒ.ලෙවල් කරන තුරුම එක පන්තියෙ දෙපැත්තෙ වාඩි වෙලා හිටියට වැඩිය කරේ රණ්ඩු උන එකනෙ. බ්‍රහස්පතින්දා දිනයක් නිසාදෝ කෑම වේලාවෙන් පසු එන පාරිභෝගිකයන් ප්‍රමාණය අඩු වී ඇත. පසුගිය අවුරුදු දෙකක කාලයේ නිමේෂ් මෙම ශාඛාවට මාරුවීමක් ලබා පැමිණි පසු, පාසල් කාලයේ එකට ඉගෙන ගත් මිතුරකු හමු වීම නිසා හිතට දැනුනු සතුටත් ක්‍රම ක්‍රමයෙන් ඔහුට ළංවී මාස 5ක් 6ක් විතර ගත වන විට දෙදෙනාම විවාහ වී සිටියත් නොදැනීම ප්‍රේම සම්බන්ධයක් දක්වා ඒ මිතුරු කම දුර දිග ගිය අයුරුත් චිත්‍රපටියක දර්ශන ලෙස මැවී පෙනේ. මා ගයාන් සමග විවාහ වූයේද ප්‍රේම සම්බන්ධයකින්. නමුත්, නිමේෂ් තරම් සුන්දරව ආදරය කරන්නට ගයාන්ට තේරෙන්නේ නැත. ඒ වුනත් ගයාන් මට කොයි තරම් ආදරේද. දූලා දෙන්නා ලැබෙන්න සිටි කාලයේ ඔහු මා පරෙස්සම් කලේ මැණිකක් ලෙසිනි. ගයාන් ගේ නිවුනු ගති ස්වභාවය නිසාම අපගේ ජීවිත ඒකාකාරී වුනා දැයි මට සිතේ. ඒ ඒකකාරීව ගෙවී ගිය නීරස ජීවිතයට ආලෝකයක් ලැබුනේ, අලුත් ප්‍රාණයක් එක් වුනේ නිමේෂ් නිසාය. ඔහු ගේ ප්‍රියමනාප කඩවසම් පෙනුමත්, ඕනෑම කෙනෙකුන් වශී කර ගත හැකි කතා බහත්, බැංකුවේ රාජකාරි කටයුතුවලදී ඔහු පෙන්වන දක්ෂතාවයනුත් නිසා මා ඔහුට වසඟ වුනේ මගේම හිතටත් හොරා නොවේද? රාජ්‍ය බැංකුවක සේවය කරන ගයාන්ට මීට අවුරුදු දෙක හමාරකට පමණ පෙර ලැබුනු උසස්වීමත් සමගම පුත්තලමට මාරුවීමක් ලැබීමත් සති අන්තයට පමණක් ගෙදර එන ගයාන්ගෙන් අහිමිවුන උණුසුම සහ ගයාන් සමග එකට සිටීමේ කාලය අඩුවීමත් මේ සම්බන්ධතාවය මෙසේ දුර දිග යාමට හේතුවුනාද කියා මගෙන්ම ප්‍රශ්න කරන්නෙමි. නිමේෂ් ද විවාහ වී සිටින නමුත් ඉංග්‍රීසි ගුරුවරියක් වන ඔහුගේ බිරිඳ රනාලිට තවම දරුවකු පිළිසිඳ නොගැනීමත්, ඇයගේ සැර පරුෂ චරිත ස්වභාවයත්, පවුල් ජීවිතයට රනාලිගේ මවගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් නිසාත් නිමේෂ් තම පදිංචි පලාත වන කලුතර සිට මීගමුවට මාරුවීමක් ඉල්ලා ගෙනම ආ බව මුල් කාලයේම කීවේය. ඔහුද මීගමුවේ ඇනෙක්සියක් කුලියට ගෙන රැකියාවට එන අතර සති අන්තයේ කලුතර නිවසට යයි. මුලදී අප එකිනෙකාට ළං වුනේ ගෙවල් දෙකේ ඇති ප්‍රශ්න කතා කිරීමට ගිය නිසාද නැතිනම් ඒ කාලයේ අම්බලන්ගොඩ එකම ගමේ ජීවත් වී එකම පාසලේ ඉගෙන ගත් නිසා කතා කිරීමට බොහෝ පොදු මාතෘකා තිබුණු නිසා ද කියා මට අදටත් තෝරා බේරා ගත නොහැකි වී ඇත. ගයාන් ගේ ඇල් මැරුණු ශාන්ත ජීවිතය තුල මා කැමති මගේ හිතට සතුටක් ගෙනෙන කිසිදු දෙයක් කිරීමට නොහැකි වූයේ මගේ අවාසනාවක් නිසාද? අඩුම තරමින් අවුරුද්දකට එක් වතාවක් හෝ පිට පළාතක විනෝද ගමනක් යාමටත්, චිත්‍රපටියක් බැලීමට යාමටත්, මුහුණු පොතේ එක ඡායාරූපයක් හෝ පල කරනවාටත් ඔහු කැමති නැත. අඟහරුවාදා නිමේෂ් සමග ඔහුගේ කාරයෙන් කුරුණෑගල ගිය ගමන මට ජීවිතයේ කිසිදාක අමතක නොවනු ඇත. අප දෙදෙනාම ආශා කරන බටහිර ගීත කාරයේ වාදනය වුනේ අඩු ශබ්දයකිනි. මගදී කෑමට බිස්කට්, චොක්ලට්, බීම සහ වතුර ඔහු ගෙනැවිත් තිබුණි. ඒ සියල්ලම මා ආශා කරන දේවල්ය. වාහන තදබදය නොමැතිව පාර නිදහස් වූ හැම වෙලාවකම ඔහු ස්ටියරිං වීල් එක එක් අතකින් පමණක් අල්ලාගෙන වමතින් මගේ දකුණත මෘදුව අල්ලාගෙන සිටියේය. දැඩි වාහන තදබදයක් ඇති විට මගේ මුහුණට එබී නෙත් දෙසම බලා සිටින්නේ ආදරය උතුරන දෑසිනි. ගයාන් සමග විවාහ වීමට පෙර පෙම් සබඳතාවය පැවති වසර තුනක පමණ කාලයේදීවත් කවදාවත් ඔහු මේ ලෙස මගේ නෙත්වලට එබී බලා නැත. නිමේෂ් ගේ ඒ ආදරණීය බැල්මට ඇස් පමණක් නොව හිතද විනිවිද යයි. කාර්යාලයේදී ද නිමේෂ් වරින් වර මා දෙස ඒ බැල්මෙන් බලන බවත් ඒ වෙලාවේ ඔහුගේ ඇස් දිලිසෙන වගත් මට දැන් මතක් වේ. කෙසේ හෝ කුරුණෑගල ගමන නිසා මා දවසකට හෝ ඔහුගේ වීම පිළිබඳව මට ඇත්තේ අප්‍රමාණ සතුටකි. ඒ හා බැඳුනු බියක්ද දැන් නැතුවා නොවේ. හෙට ගයාන් ගෙදර ආ පසු ඔහුට කියන්නේ මොනවාද? මා කියනා දේ ඔහු පිළි ගනීවිද? හවස බැඩ්මින්ටන් ගැසීමට ගියත් අපට එයටද මානසික නිදහසක් නැත. “ඔයා හෙට මොනවද කියන්නෙ සශී” නිමේෂ් යළි යළිත් අසයි. මම දන්නෙ නෑ නිම්. මට පිස්සු වගේ. මට ඔයාව නැති වෙයි කියලා හරිම භයයි. මට ඔයා නැතුව දවසක්වත් ඉන්න බෑ දැන්. මට කෑ ගසා හැඬීමට සිතේ. නමුත් අනික් අය දකින නිසා කඳුලු නවතා ගත යුතුය. “සශී ඔයා කැමති නැද්ද ඩිවෝස් වෙන්න? අපි දෙන්නා ඩිවෝස් වෙලා බඳිමු. මම කලිනුත් කිව්වනේ මං හරිම ආසයි බබාලට. රනාලි කැමති නැහැ, කල් දදා හිටියා මුලදි, දැන් ට්‍රයි කළත් නැති නිසා ට්‍රීට්මන්ට්ස් ගන්න යමු කිව්වට එන්නෙ නැහැ. ඉස්කෝලෙ වැඩයි, ඒ ළමයි ටිකයි බදා ගෙන ඉන්නවා. ඔයා ඩිවෝස් එක ගන්නවනම් මම පොරොන්දු වෙනවා දූලා දෙන්නා මගේ දරුවො වගේම බලා ගන්න. අපටත් තව එක්කෙනෙක් හරි ලැබෙයි නේ. අපට පුතෙක් ලැබුනොත් හරි”. නිමේෂ් සිහින මාලිගාවක් මවයි. ඒත් ගයාන්ගෙන් දූ පැටව් දෙන්නා වෙන් කරන්නේ කොහොමද? ගයාන්ගෙ පණත් හරි කෙල්ලො දෙන්නත් හරි. අනේ නිමේෂ් ඒක නම් කරන්න බෑ. අනිත් එක නඩුවක් ගියොත් මම නේ මෙතන වැරැද්ද කරන්නේ, එතකොට මට දූල දෙන්නා ලැබෙන්නෙ නැති වෙයි. මම ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි නිමේෂ්. ඒත් මට දූ පැටවු දෙන්නා අත අරින්න බෑ. නිමේෂ් මා කී දෙයින් කෝප වුනේ නැත. ඔහු දුක්මුසු මුහුණක් මවාගෙන “ඔව් සශී මට තේරෙනවා ඔයා කියන දේ. ඒ කියන්නෙ අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බැරි වෙයි කියන එක නේද” කියා මගෙන් අසන්නේ ඔහුගේ දෙනෙත්වල දිලිසෙන කඳුලු මට සැඟවීමට මෙන් ඉවත බලාගෙනය. බැඩ්මින්ටන් කෝට් එකේ මේ වෙලාවේ වෙනත් කිසිවෙක් නැත. මම නිමේෂ්ට ළං වී ඔහුගේ පපුවට මුහුණ තද කර ගත්තෙමි. මට හැඬුම නවත්වා ගත නොහැක. ඔහු මගේ හිස අත ගාමින් “අඬන්න එපා සශී අපි තව විසඳුමක් තියෙද කියල හිතල බලමු” කියා කියයි. වරින් වර මගේ හිසත් නලලත් සිඹියි. අනේ නිම් මට ඔයා ඕන, මට ඔයා ඕන නිම්, මට ඔයාගෙන් ඈත් වෙන්න බෑ කියමින් මම දිගටම හැඬුවෙමි. සිකුරාදා දිනය ගෙවී ගියේ අවසිහියෙන් වාගේය. නිමේෂ් වරින් වර ඇවිත් මා හොඳින්ද කියා විමසා බලා ගියේය. වැඩ අවසන් වී ගෙදර ගොසින් ගයාන් එනතුරු බලා සිටියේ ගැහෙන හදින්ය. අප සමග ජීවත් වන ගයාන්ගේ අම්මාටත් තාත්තාටත් ගෙදර වැඩවලට උදව්වට සිටින රංජනීටත් කිසිදු වෙනසක් නොපෙන්වා සිටියෙමි. වයස අවුරුදු හතක් සහ හතරක් වන දූලා දෙදෙනා තාත්තා එනතුරු වෙනදා වාගේම මග බලාගෙන සිටිති. ගයාන් වෙනදා වෙලාවටම පැමිණියේය. ඔහුගේ මුහුණේවත් කතා බහේවත් කිසිදු වෙනසක් නැත. සුපුරුදු දින චරියාවෙන්ම සති අන්තය ගෙවී ගොස් සඳුදා උදා විය. මම ගයාන්ගේ ඇඳුම් බෑගය අසුරා කෑමත් පෙට්ටිවලට දමා ඔහු අතට දුන් විට ඒවා දෑතට ගෙන මට ළංවී මගේ නළල සිපගෙන සෙමින් කීවේ “සශී පරෙස්සමින් වැඩ කරන්න. අපි හිතුවෙ නැති උනාට අපි දිහා ඇස් දාහක් බලාගෙන ඉන්නවා” කියාය. මට එයට කුමන පිළිතුරක් දෙන්නදැයි හිතා ගන්නට බැරි විය. හා හොඳයි කියා සෙමින් කීවේ යන්ත්‍රානුසාරයෙන් මෙනි. ගයාන් පිළිබඳව මට දැඩි ශෝකයක් දැනේ. ඔහුගේ ආදරය එක් විදියකි. නිමේෂ්ගේ ආදරය තවත් විදියකි. නමුත් දැන් මේ දෙකෙන් මගේ යටි හිත වඩා කැමති නිමේෂ් ගේ ආදරය විඳින්නටය. මේ අවුලෙන් ගොඩ එන්නේ කොහොමද කියා රෑ නිදි වරාගෙන දවස් ගණන් හිතුවත් මට තේරෙන්නේ නැත. පාසල් කාලයේ මගේ හොඳම යෙහෙලියන් තිදෙනාගෙන් දෙදෙනෙකුම මේ වන විට විදේශ ගත වී ඇත. ලංකාවේ සිටින්නේ නිරාශාත් මමත් පමණි. නිරාශා කොළඹ උසාවියේ නඩුවලට පෙනී සිටින නීතීඥවරියකි. ඇයට මා නිතර කතා කළත් නිමේෂ් ගැනත් කියා තිබුණත් මේ දක්වා අපේ සම්බන්ධය ගැන කියා නැත. ඇයට විස්තර කියා උපදෙසක් පැතීමට මට සිතේ. දික්කසාදයක් ගැනත් නිමේෂ් කතා කළ බැවින් හැකි ඉක්මණින් නිරාශා මුණ ගැසී කතා කළ යුතුය. දිවා ආහාරය සඳහා මමත් නිරාශාත් මීගමුවේ ප්‍රසිද්ධ එහෙත් න
ිස්කලංක අවන්හලක් වෙත ගියෙමු. "මොකද කෙල්ලේ මහා හදිස්සියක් වගේ මාව මුණ ගැහෙන්න ඕන කිව්වෙ? ප්‍රශ්නයක්ද ඔයාට?” නිරාශා වටින් ගොඩින් නැතිව කෙලින්ම ප්‍රශ්නයට ආවාය. මම එතැන් සිට පසු ගිය කාලයේ සිදුවූ සියලු විස්තර ඇයට වයින් කල බෝනික්කෙකු මෙන් නොනැවතීම කියා දැම්මාය. නිරාශා මා දෙසටම නැමී නිකටේ අතක් තබාගෙන මා දෙස පුදුමයෙන් බලයි. නිමේෂ් යනු මගේ වගේම ඇයගේද පාසල් මිතුරෙකි. අප සියලු දෙනාම සිටියේ එකම පන්තිවලයි. “මම දන්නවා නිමේෂ්, එයා බොරු කාරයෙක් නෙවෙයි. මේ ඔයාගෙ බ්‍රාන්ච් එකේ වෙන කොල්ලෙක් වුනා නම් මම ඉස්සෙල්ලම අහන්නෙ ඌ කරන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියලා” නිරාශා කියන්නේ ස්තිර හඬකිනි. ඔවු නිරාශා මට කවමදාකවත් මොහොතකටවත් හිතිලා නැහැ නිමේෂ් කරන්නෙ බොරුවක් කියලා, මම කීවේ ඇත්තටම කිසි දිනක එසේ දැනී නැති හන්දාය. “හරි කෙල්ලේ මම දන්නවා උඹලගේ හිත්වල ඇතිවෙලා තියෙන්නෙ ඇත්තම ආදරයක්, ඒක වැරැද්දක් කියල මම කියන්නෙ නැහැ, නමුත් අපි මේ ඉන්නෙ ඇමෙරිකාවෙවත් එංගලන්තෙවත් නෙවෙයිනෙ. අනිත් එක පුංචි කෙලි පැටව් දෙන්නෙක්ගෙ අනාගතේ එක්ක සෙල්ලම් කරන්නත් බෑනෙ. මම මේ අහන ප්‍රශ්නවලට අවංකව උත්තර දෙන්නකො මට මේක හරියට තේරුම් ගන්න” නිරාශා කෑම ඇණවුම් කිරීමෙන් පසු උසාවියේ දී මෙන් මගෙන් ප්‍රශ්න ඇසීමට සැරසෙන බව මට දැනුනි. ඔව් අහන්න ඕන ප්‍රශ්නයක්. මම ඇත්තම උත්තර දෙන්නම්. “උඹට කොයි කාලෙද ගයාන් මුණ ගැහුනෙ? කොහේදිද? ඇයි එයාට කැමති වෙන්න හිතුනෙ?” මීට අවුරුදු එකොලහකට විතර කලින්, අපි බෑන්කින්ග් එග්සෑම්ස්වලට ක්ලාස් ගියා එකට. එයා මට වඩා අවුරුදු හතරක් වැඩිමල්. එයාගෙ නිවුනු තැන්පත් ගතිවලට තමයි මම කැමති උනේ. “මට තව ටිකක් කියපන්කො මොන වගේ නිවුනු ගති ගුණද කියලා?” නිරාශා බැරෑරුම් මුහුණක් මවාගෙන අසයි. නෑ ඉතින් ගොඩක් ඒ වයසෙ අය ඩ්‍රින්ක්ස් ගන්නවා, රෑ එළි වෙනතුරු පාර්ටීස් වලට යනවා, ගෑණු ළමයින්ට ඕනෑවට වඩා විහිලු කරනවා. නමුත් ගයාන් එහෙම නෑ හරිම ඩීසන්ට්. මට හරිම ආරක්ෂාවක් දැනුනා එයා ළඟ ඉඳිද්දි. “එතකොට ඒ කාලෙ ආසා හිතුන, ආදරේ හිතුන ඒ ගතිගුණම දැන් උඹට බෝරින්ග් වගේ දැනෙනවා, එහෙමද?” නිරාශා ඇසූ තියුණු ප්‍රශ්නයෙන් මම නිරුත්තර වීමි. “ඒ කියන්නේ කාලයත් එක්ක උඹ හිතන විදිය වෙනස් වෙලා හැබැයි ගයාන්ගෙ කිසිම වෙනසක් වෙලා නෑ. හරි කමක් නෑ උත්තර දෙන්න අමාරු නම් පස්සෙ හොඳට හිතලා මට කියපන්. ඊළඟ ප්‍රශ්නය උඹ කැමති මොන වගේ දේවල්වලටද දැන් ගයාන් කැමති නැත්තෙ? ” මම කැමතියි පොප්, රොක් මියුසික් වලට. කන්ට්‍රි මියුසික්වලටත් ටිකක් කැමතියි. සිංහල සින්දුවලටත් මම කැමතියි, හැබැයි ටිකක් ෆාස්ට් ඒවට, හොඳට ඩාන්ස් කරන්න පුලුවන් ඒවට. ඒත් ගයාන් කැමති ශාස්ත්‍රීය වගේ සින්දුවලට. මම ආසයි ඉන්ග්ලිෂ් හරි සිංහල හරි හින්දි හරි කමක් නෑ ෆිල්ම්ස් බලන්න. එයා පොඩ්ඩක්වත් ආස නැහැ ඒකට. හෝල් එකකට යන්න නෙවෙයි, ගෙදර ඉඳන් ටී.වී. එකේ වත් බලන්න කැමති නැහැ. තව මම ආසයි ටිකක් ඈත පළාත්වල ට්‍රිප් යන්න. එයා ඒකටත් කැමති නැහැ. ඇවිදින්න යනව නම් යන්න එන්නෙ බීච් එකට විතරයි. එයා පොඩ්ඩක්වත් උත්සාහයක් ගන්නෙ නැහැ මම ආස දෙයක් මාත් එක්ක කරල විනෝද වෙන්න. අඩුම ගණනෙ බබාලගෙ බර්ත්ඩේ ෆොටෝස් එෆ්.බී. දානවටවත් කැමති නැහැ. “හරි මට තේරෙනවා සශී. දැන් කියන්නකො බලන්න ගයාන් කැමති මොන වගේ දේවල්වලටද?” එයා වැඩියෙන්ම කැමති පොත්, පත්තර කියවන්න. ටි.වී. එකෙත් බලන්නෙ ඇනිමල් ප්ලැනට් වගේ ප්‍රෝග්‍රෑම්ස්. තව කැමතියි මූදු වෙරළට ගිහින් පැය ගානක් වැඩිය කතා නොකර මූද දිහා බලාගෙන ඉන්න. පන්සල් වලට යන්නත් කැමතියි. සමාජ සේවා වැඩ කරන්න හරිම කැමතියි. කැඩුනු ඉලෙක්ට්‍රිකල් බඩු රෙපෙයාර් කරන්නත් හරිම කැමතියි. ඔය යාලුවන්ගෙ ඒවත් ගෙනැත් තියාගෙන හදනවා. මම මතක ඇති විදියට නිරාශාට කීවෙමි. “දැන් ඔයා ඔය කියපු දේවල්වලින් මොනවද එයත් එක්ක එකතු වෙලා කරන්න ට්‍රයි කලේ? ඔයා උත්සාහයක් ගත්තද එයින් එකක් හරි ගයාන් එක්ක එකතු වෙලා කරන්න?” පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුනා සේ මට දැනුනි. නෑ මම කවදාවත් ඒවා කරන්න උත්සාහ ගත්තෙ නෑ මොකද මම ඒවට ආස නැති නිසා. “හරි ඒත් උඹ බලාපොරොත්තු වුනා ගයාන් එයා ආස නැති වුනත් උඹත් එක්ක ෆිල්ම් බලන්න යන්න එයි, ට්‍රිප් යන්න එයි කියල. එහෙම නේද?” ඔව් “දැන් ගයානුත් එයාගෙ ඔෆිස් එකේ, අපි හිතමු ඩිවෝස් වෙච්ච, එයාගෙ වයසෙ පොත් කියවන්න කැමති, සමාජ සේවයට කැමති ලේඩි කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත්, එයත් එක්ක උඹේ අඩුපාඩු කියන්න ගත්තොත් උඹ ඒකට කැමතිද?” අම්මෝ නෑ. භය හිතෙන කතා කියන්න එපා බං. “ඇයි භය? මේ වගේ කතාවක් ඒ පැත්තෙනුත් වෙන්න බැරි නෑනෙ.” බෑ බෑ ගයාන් මගේ. එයාව වෙන කාටවත් අයිති වෙන්න දෙන්න බෑ. “ඒ කියන්නෙ උඹට පුලුවන් වෙන කාගෙ හරි වෙන්න. හැබැයි ගයාන්ට බෑ. එහෙමද?” මට තේරෙනවා නිරාශා. මට ගයාන් අත අරින්න බෑ. නිමේෂ් ඇහුවට ඩිවෝස් එකක් ගැන දැන් මට තේරෙනවා දූලා දෙන්නා විතරක් නෙවෙයි මට ගයාන්වත් අත අරින්න බෑ කියලා. “සශී උඹ හොඳටම දන්නවනෙ ඇයි මම ඩිවෝස් උනේ කියලා. රසික මුලදි හොඳට හිටියට පස්සෙ බොන්න ඇබ්බැහි උනා. ගෑනු දෙන්නෙක් හිටියා, උන්ට සල්ලි වියදම් කළා. මට පස්සෙ පස්සෙ බීල ඇවිත් ගහන්නත් පටන් ගත්තා. මේ බලපන් ගුටිකාලා මැහුම් දාපු තැන්, නිරාශා මට ඇගේ නලලේත් දකුණු අත් ගොබයේත් ඇති මැහුම් පාරවල් පෙන්නන්නීය. ඒ කාලෙ මම අනන්තවත් හිතුවා ඇයි මට ගයාන් වගේ මනුස්සයෙක් ලැබුනෙ නැත්තෙ කියල. කොහොමත් අපි අපට ලැබෙන දේට වඩා තණ්හාව ඇති කරගන්නෙ නොලැබෙන දේවල් වලට නේ.” නිරාශා මට මතකයි ඒ කාලෙ උඹ රසිකගෙ විස්තර කියපුවා. මම පුදුම තරහකින් හිටියෙ රසික ගැන. ඔවු එහෙම බලන කොට ගයාන් කියන්නෙ දෙවි කෙනෙක්. “සශී මම කියන්නෙ නෑ නිමේෂ් නරක කෙනෙක් කියලා, ඌත් හරිම හොඳ කොල්ලෙක්. මට හිතා ගන්න පුලුවන් උඹ කියපු විස්තරවලින් ඌත් උඹට ගොඩක් ආදරේ බව. ඒත් මේක ප්‍රැක්ටිකල් නෑනෙ කෙල්ලෙ. ඔන්න දූල දෙන්නා හිටියෙ නැත්නම් කමක් නෑ. එහෙම නම් මම දෙන්නෙ වෙන උපදේශයක්. ආ තව එකක් මෙන්න මේ ප්‍රශ්නවලටත් දීපංකො උත්තර. එදා කුරුණෑගල ගිහින් කරන්න තියෙන ඔක්කොම කර ගත්ත නේද? එතනදි ප්‍රවේසම් වෙලාද කරේ? මොකද මම ඉස්කෝලෙ යන කාලෙ දන්න නිමේෂ්මද දැන් ඉන්නෙ කියල මම දන්නෙ නෑනෙ. උඹ දන්නෙත් නෑ. එතකොට මීගමු බ්‍රාන්ච් එකට එන්න කලින් වැඩ කරපු තැන මොනව හරි එෆෙයාර්ස් තිබුනද? රනාලි එක්ක වැඩිය ක්ලෝස් නැති නිසා තරහට ප්‍රොස්ටිටියුට්ස්ල ළඟටත් ගියාද? කවුද දන්නෙ? එහෙම ඒවා වෙලා නෑ කියල උඹට ෂුවර්ද?” මට උගුර කට වේලී කතා කරගන්නටද බැරි වුනා සේ දැනේ. ඒ තරම් භයක් මෙයට පෙර කවදාවත් දැනී නැත. නිරාශා කියනවා වාගේ හිතේ විශ්වාසය හැර, ඒ සම්බන්ධව සහතික වීමට මට හැකියාවක් නැත. එදා කුරුණෑගල ගමනේදී මට මේ වගක් නිකමටවත් මතක් නොවුනේ ඇයි? “එස්.ටී.ඩී. ගැන අහල තියෙනව නේද? ඒඩ්ස්ම වෙන්න ඕන නෑ. තව ඔය ඕන තරම් ලෙඩ තියෙන්නෙ. උඹ සෙල්ලම් කරල අර අහිංසකයත් අමාරුවෙ දාන්න එපා”. එවර නිරාශා කීවේ තරමක් දැඩි ස්වරයකිනි. අනේ දෙවියනේ එහෙම දෙයක් නම් වෙන්න එපා, මම හිත යටින් මටම කියා ගත්තෙමි. “තවත් දෙයක් අපි හිතමු ඩිවෝස් වෙලා උඹට දරුවො දෙන්නත් දීල ගයාන් රට හරි ගියා කියල. මේ දැන් ඉන්න හොඳ නිමේෂ් තව අවුරුදු 12කින් 13කින් ඒ වගේම හොඳට ඉඳීවිද? ඒ වෙනකොට උඹේ කෙල්ලො දෙන්නා ගෙ හොඳ තරුණ කාලෙ. අද කාලෙ අපට උසාවි වල ඇහෙන කතාවලින් කියන්න තියෙන්නෙ තමන්ගෙම තාත්තත් විශ්වාස නැති කාලයක් මේක. හොඳට මතක තියා ගනින් මම මේ කියන්නෙ නිමේෂ් ඒ වගේ කෙනෙක් කියල නෙවෙයි. හැබැයි එහෙම වෙන්නත් ඉඩක් තියෙනව කියන එකයි. මොකද මිනිස්සු වෙනස් වෙනවා. හැමදාම සුදුවට ඉන්නෙත් නෑ හැමදාම කලුවට ඉන්නෙත් නෑ. සුදු අය කලු වෙනවා, කලු අය සුදු වෙනවා. ඒක තමයි යථාර්තය. හිතනවද ගයාන් වගේම ආරක්ෂාවක් ආදරයක් දූලට නිමේෂ් දේවි කියල? තව උඹල දෙන්නටත් ආයෙත් දුවෙක් ලැබුනොත් නිමේෂ් වෙනසක් නැතිව දූලා තුන් දෙනාටම එක වගේ ආදරය කරයිද?” නිරාශා මට පිළිතුරක් දීමට ඉඩක් නොතබාම දිගටම කියා ගෙන ගියාය. නිමේෂ් ගේ ආදරයෙන් අන්ධ වූවා මිස මේ දේවල් කිසිවක් මගේ ඔලුවට මීට කලින් කල්පනාවට ඇවිත් නැත. නිරාශා සෙමෙන් සෙමෙන් මගේ දෙනෙත් පාදමින් සිටින්නීය. දැන් මම මොකද කරන්නෙ නිරූ. මට හැඬීමට සිතේ. නමුත් මෙම ආපන ශාලාවට යන එන අය අතර අප සමග ගනුදෙනු කරන අයත් සිටිය හැක. එනිසා අමාරුවෙන් නොහඬා සිටිමි. නිමේෂ් දැන් මට උපරිමයෙන් අවංකවම ආදරය කරයි. නමුත් ඔහුගේ අතීතය මට තවම හරියට පැහැදිලි නැති චිත්‍රයකි. අනාගතයද ස්තිරවම කිව නොහැක. ඒත් ඒ මොනවා උනත් මට ඔහු අමතක කරන්නටම බැරි බවක් තදින්ම සිතට දැනේ. අනේ නිරූ මට නිමේෂ්ව අමතක කරන්නම බෑ. ඒත් දූලා දෙන්නා වෙනුවෙන් මට ඒ දේ කරන්න වෙනවා නේද? “ඔවු කෙල්ලෙ මටත් හරිම දුකයි. ඒත් හැම සුන්දර කතාවකම අනිත් පැත්තෙ අපි දැකල තියෙනවා අසුන්දර කතාවකුත්. ඒ තමයි ලෝක ස්වභාවය. මට කියන්න බෑ උඹට ගයාන්ට දූල දෙන්න දීල නිමේෂ් එක්ක යන්න කියල. මොකද දූලට අම්මා නැතිව වැඩකුත් නෑ. අම්මාගෙ ආදරේ නැතිව ඒ දරුවො දෙන්නගෙ අනාගතේ සම්පූර්ණ වෙනස් වෙයි. ඇත්තටම උඹලට බැරිද ආපහු අර ඉස්කෝලෙ කාලෙ හිටිය යාලුවො දෙන්න වෙන්න. මේ අලුත් කතා අමතක කරල දමලා?” මට තව ටිකක් හිතන්න ඕන නිරූ. උඹට පින් මට මේ කතාව තව පැති දෙක තුනකින් බලන්න කියල දුන්නට. මට කියනවද නිරූ උඹට හිතෙන විදියට මොකක්ද අපට කරන්න තියෙන හොඳම දේ කියල. “හොඳම දේ නම්, දෙන්නම අමාරුවෙන් හරි හිත් හදාගෙන තම තමන්ගෙ කූඩුවලට සීමා වෙන එක තමයි. උඹ බලපන්කො පොතක් දෙකක් කියවල ඒවයෙ තියෙන දේවල් ගැන ගයාන් එක්ක කතා කරන්න. අර මේ දවස්වල ෆිල්ම් එකකුත් ඇවිත් තියෙන්නෙ, හිමෙන් වැසුණු ගිනි කඳු කියල. ඒ පොත ගෙදර ඇති නේද? ඒක කියවල, තියෙන කතාව ගැන ගයාන් එක්ක ටිකක් කතා කරල කැමති කරව ගනින් ෆිල්ම් එකත් බලන්න යන්න. තව බීච් ගිහින් ගයාන්ගෙ අතින් අල්ලගෙන මූද දිහා නිශ්ශබ්දව බලාගෙන ඉන්න වෙලාවක් වෙන් කර ගනින්. ඔහොම කරන කොට නිකම්ම දෙන්නට දෙන්නා කැමති දේවල් වලට පුරුදු වෙන්න පුලුවන් වේවි. නිමේෂ්ටත් කියපන් බබාල න
ැති එකට ට්‍රීට්මන්ට්ස් ගන්න රනාලිව එක්ක යන්න කියල. තව ඊට කලින් ඒ දෙන්නට කවුන්සලින් වලටත් යන්න කියන්න ඕන. ඔක්කොටම කලින් නිමේෂ්ට මේ කතාවලින් කියන්න පුලුවන් ඒව විතරක් කියල, දූල ගැනම කියල ආයෙත් යාලුවො වගේ විතරක් ඉමු කියන්න. පුලුවන් නම් එයාට ට්‍රාන්ස්ෆර් එකක් අරගෙන කොළඹට යන්න කියන්න.” හිත පපුව ඇතුලෙන් කෑලි වලට කැඩී විසිරෙන්නාක් මෙන් මට දැනේ. නමුත් යථාර්තයට මුහුණ දිය යුතුය. දරුවන්ගේ අනාගතය අවුල් වී යාමට ඉඩ දිය නොහැක. නිරාශා කියනවා මෙන් නොගැලපීම් ගලපාගෙන තරමකට හෝ හිත් සතුටින් ජීවත් විය යුතුය. හෙට කාර්යාලයට ගිය පසු වරුවක් නිවාඩු ගෙන නිමේෂ් සමග කොහේ හෝ ගොස් කතා කර මෙය විසඳා ගත යුතුය. දිවා ආහාරය ගත් පසු ඇය මගේ කාර්යාලය අසලට කාරයෙන් ගෙනවිත් මා ඇරලුව අතර ඒ එන මග දී මා නෙතින් ගැලූ කඳුලු සියල්ල පිසදා ගත්තෙමි. නිරාශා ආපසු පිටත්ව ගියේ මා බදා වැළඳ ගෙන යළි මා හමු වීමට හැකි ඉක්මණින් එන බව කියමිනි. සතියක්, මාසයක්, අවුරුද්දක් හෝ ජීවිත කාලයම හඬා මගේ දුක මකා ගත යුතුව ඇත. දියණියන් දෙදෙනා වෙනුවෙන් නිමේෂ්ගෙන් ඈත්වීමටත් අහිමි වන ඔහුගේ සෙනෙහස වෙනුවෙන් උනන මගේ කඳුලු කෙසේ හෝ නවතා ගත යුතු බවත් දැඩිව සිතා ගත්තෙමි. යමුනා සරෝජනී ගුණවර්ධනනොකී කතාව(කෙටි කතාව) "පද්මිනියෝ........ පද්මිනියෝ......." එහා ගෙදර මංගලී අක්කා කතා කරන සද්දේ මට ඇහුනත් මං එහෙම්මම වාඩි වෙලා හිටියේ එයා තව ටිකකින් පිළිකන්න පැත්තෙන් එනවා කියලා දන්න නිසා.නින්දක් නැතුව කල්පනා කර කර ඉද්දිම එලි වෙලා තිබුනේ පිළිකන්නේ දොරකඩ පඩිපෙලේ කියලා මතක් වුනෙත් දැන් ටිකකට කලින්. "පද්මිනියෝ....." මම මොකුත් නොකියා මගේ ඉස්සරහට ආපු මංගලී අක්කා දිහා බලාගෙන හිටියා. "කෝ පොඩි එකී" මල්ලිකා අක්කා ආයෙත් ඇහුවා. "නිදි" "මෙන්න...මන් උදේ කොස් තැම්බුවා.පොඩි එකීටත් දීලා උබත් කාලා ඉඳහන්" කෙසෙල් කොලේකින් ඔතපු තම්බපු කොස් ටික මගේ පැත්තට දික් කරාම මං ගත්තේ මට නැතත් පොඩි එකීට කන්න දෙන්න. "කෝ..." මංගලී අක්කා හිමීට ආපහු ඇහුවේ නලින්ද ගැන. "උදේම ගියා" මාත් හිමීට කිව්වේ යනවා දැකලා නෙවෙයි.දඩාස් ගාලා ඉස්සරහා දොර වහගෙන යන සද්දේ මට ඇහුන නිසා. "ඕක කාලා ඉදපන්කෝ...මං තව ටිකකින් එන්නම්" කොස් පාර්සලෙත් අතේ තියාගෙන මං මංගලි අක්කා යන දිහා බලාගෙන හිටියා.අල්ලපු වත්තේ හිටිය මංගලී අක්කට හංඟන්න දෙයක් තිබුනේ නෑ.හැමදාම නලින්ද රෑට බීගෙන ඇවිල්ලා අල්ලන අඩව්ව එයාට ඇහෙන නිසාමද කොහෙද උදේට මං ගැන බලනවා.මංගලී අක්කා ජීවත් වුනේ තනියෙන් නිසා මට සැලකුවෙත් එයාගෙම නංගිට වගේ. "හැමදාම ගුටි කාගෙන ඉන්නැතුව අතට අහු වෙන එකකින් ගහපං නංගියේ.මොන කරුමයක්ද..." මංගලී අක්කා නිතරම ඕක කිව්වා. "එක්කො කෙල්ල හිටියට කමක් නෑ කියලා දික්කසාද වියන්.මං එන්නම් සාක්කියට" තවත් වෙලාවක එහෙමත් කිව්වා.ඒත් මං කැමති වුනේ නැත්තේ මගේ කෙල්ලට තාත්තෙක් නැති කරලා අසරණ කරන්න බැරි නිසා.මංගලි අක්කා නලින්ද එක්ක වචනයක්වත් කතා කරනවා මං දැකලවත් නෑ.එයා නලින්ද එක්ක පුදුම තරහකින් කතා කලේ. "එකාතකින් ඔහොම අප්පලා මොකටද" කියලා මටම හිතුන වෙලාවල් නැතුවම නෙවෙයි. කෙල්ලව නැගිට්ටලා කන්න දීලා මං කහට එකක් බිව්වේ උයන්න ගේ හරියේ දෙයක් නැති නිසා.ඒ ගැන කියන්න ගිහින් තමයි ඊයෙත් ගුටි කෑවේ. "පද්මිනී......." මංගලී අක්කා කුස්සියටම ඇවිල්ලා. "උබ කෑවද" මං ඔලුව වැනුවේ බොරුවට. "මාත් එක්ක රෙදි මහන්න වරෙන් උබ.හැමදාම කියනවනේ." මංගලී අක්කා කලේ රෙදි මහපු එක.ගොඩක් අය රෙදි මහගන්න ආවේ එයා ළඟට නිසා එයාට අඟහිඟ කමක් තිබුනේ නෑ. "මට රෙදී කෑලි ටික කපාගන්න හරි උදව්වක් කරපන්.මං උබට ගානකුත් දෙනවනේ" කෙල්ලත් ලබන අවුරුද්දේ ඉඳලා ඉස්කෝලේ අරින්න ඕනි නිසා මමත් හිතුවා මංගලි අක්කා එක්ක රෙදි මහන්න යන්න. "නලින්ද මොනා...." නලින්ද දැනගත්තම ඉන්න වෙන්නේ නෑ කියලා මං දැනගෙන හිටියා. "ඌ මොනා කියන්නද.එහෙනම් ඌ මේ ගෙදර ගැන බලන්න එපැයි.උබ හෙටම වරෙන්.මං ආවේ ආපහු කියලා යන්න" මංගලි අක්කා යන්න ගියේ එහෙම කියාගෙන. නලින්ද ගෙදරින් කෑවෙත් නැති නිසා එයා මේ ගෙදර අඩුපාඩු දන්නේ නෑ.ගොඩක් වෙලාවට මමයි දුවයි කන්නේ මංගලි අක්කා දෙන දෙයක්.මංගලි අක්කනම් කියන්නේ නලින්දට වෙන ගෑනියෙක් ඇති කියලා.ඔව් ඉතින් නැත්තං මෙහෙම කරන්නේ නෑනේ. *********************** මං පහුවදා ඉඳලම වැඩට ගියා.දවස ගානේ කීයක් හරි දෙන්න මංගලී අක්කා අමතක කලේ නෑ.මුලින් මුලින් රෙදි කපන එක විතරක් කලාට දැන් මහන්නත් පටන් ගත්තා. "උබ ඉන්න එකෙන් මට ලොකු උදව්වක් වුනේ නංගියේ...මගේ බිස්නසුත් වැඩි වුනානේ" මංගලී අක්කා කිව්වේ දෙන්නටම මහන්න පුලුවන් වෙන්න අලුත් මහන මැශිමකුත් ගත්ත දවසේ. "කඩවල් වලටත් රෙදි දාන්න පටන් ගමු" මම මොකුත් නොකියා හිනා වෙලා හිටියා.මංගලිකා අක්කා නිසා මටයි කෙල්ලටයි තුන්වේල කාලා ඉන්න පුලුවන් උනා. මං කෙල්ල වෙනුවෙන් ගානක් ඉතුරු කරන්නත් අමතක කලේ නෑ. *********************** "තෝ ඒ පාර එක එකාගේ වැඩ කරන්නත් යනවද.." නලින්දට කවුරු හරි කියලා මං රෙදි මහන්න යන කතාව. "ගෙදර වියදමුත් වැඩියිනේ නලින්ද මං ඒකයි" මට කියන්න හම්බ වුනේ නෑ.කම්මුලට වැදුන පාර නිසා මාව විසි වෙලා ගියා. "උබට වියදම් වැඩී නම් උබ යන මඟුලක පලයන්.මට පුලුවන් විදිහට මම කරන්නේ" නලින්ද කලේ ටවුමේ බේකරියේ අත් උදව් දෙන එක.ඒකෙන් හම්බවෙන සොච්චමෙන් රෑට බීලා ආවම ඉතුරු වෙන්න දෙයක් තිබුනේ නෑ. "උබ ආයේ ගිහින් තිබුනොත් අඬු කඩනවා.දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්" නලින්ද කිව්වම මං බය වුනේ කෙල්ලගේ අනාගතේ ගැන විතරයි. *************************** "උබ ගෙදරට වෙලා මෙන්න මේ ටිකේ බොත්තම් අල්ලා දීපන්.ටික දවසකට ආවේ නැති වුනාට කමක් නෑ.රස්නේ ඇරුනම ආයේ වරෙන්" මංගලි අක්කා මට බ්ලව්ස් වගයක් ගෙනත් දුන්නේ ගෙදර ඉඳලම කරන්න. "ආහ්හ් උබ ඒ පාර ගෙදර ඉඳලත් හොර වැඩ කරන්න ගත්තද" නලින්ද රෑ ගෙදර ආවාම රෙදි ටික දැකලා කෑ ගැහුවා. "ඉදපන් හොඳ වැඩක් කරන්න" නලින්ද රෙදි ටික ඔක්කොම එලියට ගිහින් දැම්මා.ලිප උඩ තිබුන භූමි තෙල් බෝතලෙත් අරන් එළියට යනකොට මං දැනගත්තා මොකක්ද කරන්න යන්නේ කියලා. "ඕක නම් කරන්න එපා නලින්ද...අනේ දුව වෙනුවෙන් මං කලේ...." මං පොළවේ හැපී හැපී ඇඬුවත් නලින්ද ඇහුවේ නෑ. මගේ අතට අහු වුනේ කුස්සියේ දොරට දාන පොල්ල.නලින්ද ගිනි කූර ගහන්න යනකොටම මම මගේ පුලුවන් උපරිම ශක්තිය දාලා නලින්දගේ ඔලුවට ගැහුවා.එහෙම්ම නලින්ද බිම ඇඳගෙන වැටුනම මං පියවි සිහියට ආවා. පිළිකන්න පැත්තේ බිම ඉඳගෙන හයියෙන් කෑ ගහලා ඇඬුවේ මං මේ මොකක්ද කලේ කියලා.ඒ සද්දෙට මංගලී අක්කා දුවගෙන ආවා. "පද්මිනි නංගියේ..... මොකද මේ..මොකක්ද ඒ පාර වුනේ" මගේ ඇගෙන් හොල්ලලා මංගලි අක්කා ඇහුවම මං නලින්දව පෙන්නුවා. "දෙයියනේ...මොකද වුනේ" අක්කා නලින්දට ළංවෙලා බලලා මං දිහා බැලවේ බය වෙලා වගේ. "මේකෙන්ද ගැහුවේ" පොල්ල අතට අරන් මංගලී අක්කා ආයේ ඇහුවා.මං ඔව් කියන්න ඔලුව වැනුවා. ඒක හොඳට අල්ල අල්ලා වටේම බැලුවා. මංගලි අක්කා භූමි තෙල් එක අරන් මගේ ඇඟටත් හැලුවා.මං මොකුත් හිතාගන්න බැරුව එයා දිහා බැලුවා. "වරෙන් යන්න අපේ ගෙදරින් පොලිසියට කෝල් කරමු.උබ කට අරින්න එපා.මං කියන ඒවා හොඳට අහගෙන ඉඳපන්.ඒ විදිහටම උබත් කියපන්.හරිද" මං ඒකටත් ඔලුව වැනුවා.මංගලි අක්කගේ මූනේ බයක් ගෑවිලාවත් තිබුනේ නෑ. "උබ දැන් හිතන්න ඕනි දරුවා ගැන විතරයි නංගියේ.වෙන කිසිම දෙයක් නෙවෙයි.වෙන කිසිම දෙයක් නෙවෙයි." මංගලි අක්කා පුන පුනා කිව්වා. ටික වෙලාවකින් පොලීසිය ආවා. මොකද වුනේ කියලා එයාලා ඇහුවම මංගලි අක්කා නලින්ද වැටිලා හිටිය තැනට එයාලව එක්කරගෙන ගියා. "මේ නංගි කෑ ගහන සද්දෙට මං ආවේ සර්.බලනකොට මෙයාටයි රෙදි ගොඩටයි භූමි තෙල් දාලා ගිනි තියන්න යනවා.මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.මේ පොල්ල විතරයි පේන්න තිබුනේ.නංගිව බේරාගන්න මං ඒකෙන් නලින්දට ගැහුවේ" මංගලි අක්කා කියාගෙන යද්දි මං පුදුමයෙන් බැලුවා. පොලිස් නිළදාරිනියක් ඇවිත් මංගලි අක්කාව අල්ලා ගත්තා. "ඇත්තද මේ කියන්නේ" පොලිස් නිලදාරියෙක් මගේ දිහා බලලා ඇහුවා.මං මංගලි අක්කා දිහා බලනකොට එයා ඔලුවෙන් ඔව් ඔව් කියන්න කිව්වා. "දුව ගැන විතරක්ම හිතන්න කිව්වේ මේක තමයි.අපි ගැන එච්චර හිතනවද මංගලි අක්කා" මගේ හිතට දුකක් දැනුනා.මං හිමිට ඔව් කිව්වේ බිම බලාගෙන. "තමාට මෙයා එක්ක පෞද්ගලික තරහක් තිබුනද" ආයෙත් මංගලි අක්කගෙන් පොලීසියේ අය ඇහුවා. "ඔව් සර්....." මංගලි අක්කා කිව්වම මං ආයෙත් පුදුමයෙන් බැලුවා. "සර් මට කසාඳයක් කරගන්න බැරි වුනේ ඔය මිනිහා නිසා.මාව බඳින්න පොරොන්දු වෙලා හිටියේ.මාව රවට්ටලා හැමදේම කරගෙන ටික කාලෙකින් මේ නංගිව කසාඳ බැන්දා.මේ නංගි අහිංසක නිසා මං පාඩුවේ හිටියේ සර්.නැත්තං මං ඕකට හොඳ වැඩක් කරනවා" මගේ ඇස් කන් අඳහාගන්න බැරි වුනා.ඒක තමයි කවදාවත් එයාලා අතර කතාවක් නොතිබුනේ.හැමවෙලේම තරහෙන් කතා කලේ. "මේ නංගිටත් සෑහෙන වද දුන්නා" "මෙයාව දාගන්න.ඔයා හෙට උදේම ඇවිල්ලා කට උත්තරයක් දෙන්න" මංගලි අක්කා කිව්ව ඒවා හිතාගන්න බැරුව මම බලාගෙන හිටියේ කොච්චර වේදනාවක් හංඟාගෙනද මට තමන්ගෙම කෙනෙක්ට වගේ සැලකුවේ කියලා. ************************* අවුරුදු දහයකට පස්සේ මං දුවත් එක්කරගෙන අද යන්නේ මංගලි අක්කව ගෙදර එක්කරගෙන එන්න.අවුරුදු 25කට හිරේ ගියාට ජනාදිපති සමාව ලැබිලා මංගලි අක්කා නිදහස් වෙන්නේ අද.එයා වැරැද්ද පිලිගත්ත නිසා නඬුව උනත් දුර දිග ඇඳුනේ නෑ.මං කොච්චර කිව්වත් එයා කිව්වේ "දුවව බලාගෙන රෙදි මහන වැඩ ටිකත් බලාගන්න නංගියේ.දුවෙක්ට අම්මෙක් ළඟ ඉන්නම ඕනි. කියලා.මං මේ වෙනකල් හැම සති අන්තයේම මංගලි අක්කා බලන්න ගියා.නලින්ද නැති වුන එක ගැන මගේ කිසිම දුකක් තිබුනෙත් නෑ.මං දුවවත් බලාගෙන රෙදි මහන වැඩ ටිකත් කරගත්තා.මංගලි අක්කලාගෙ ගෙදර දැන් පුංචි ගාර්මන්ට් එකක් දාගන්නත් පුලුවන් වුනා.ගෑනු ලමයි දෙතුන් දෙනෙක් වැඩට අරන් මං බිස්නස් එක දියුණු කලා. "දැන් ගෙදර මට ඉඩක් නැතුව ඇති නේද" එන ගමන් මංගලි අක්කා හිනා වෙලා ඇහුවා. "ඒකටනේ මගේ ගෙදර තියෙන්නේ.දැන් එකේ ඕනිවටත් වඩා ඉඩ තියෙනවා" මං කිව්වේ මං ගෙ
දරත් ටිකක් ලොකු කරලා අලුතින් කාමර දෙකකුත් හදපු නිසා. "මං මැරෙනකල් අක්කට යන්න තැනක් නැති වෙන්නේ නෑ.මං අක්කව බලාගන්නවා අක්කේ" මංගලී අක්කගේ අත් දෙකෙන් අල්ලගෙන මං කිව්වම එයාගෙ ඇස් දෙකේ කඳුලු දිලිසෙනවා මං බලාගෙන. ✍️Rashmi Nimeshaඅපේ ඉස්කෝලේ හිටපු ලොකු සර් විශ්‍රාම ගියාට පස්සෙ මාස කීපයක්ම ඉස්කෝලේ පාලනය ගෙවුනේ ප්‍රසන්න සර්ගෙ පාලනය යටතේ. ප්‍රසන්න සර් කියන්නෙ ඇත්තටම ප්‍රසන්න චරිතයක්. ඉස්කෝලේ හිටිය හැම ළමයෙක්ම වගේ ප්‍රසන්න සර් එක්ක හරි එකමුතු කමක් තිබුණා අනිත් ගුරුවරුන් එක්ක තියෙන එකමුතු කමට වඩා. ඒ ගුරුගෝල සම්බන්ධය ඇතුලේ ප්‍රසන්න සර් කවදාවත් ළමයෙක්ට වේවැල් පාරක් ගහනවා දැකලා තිබුණේ නෑ අපි ඉස්කෝලේ ඉන්න තාක් කල්. ප්‍රසන්න සර් නිවුන චරිතයක් නිසාම වෙන්න ඇති ඒ වෙනකොට විනය භාරව හිටියේ මංජුල සර්. මංජුල සර් විනය හැදුවා හැබැයි ඒ ළමයින්ව බය කරලා නෙවෙයි සමහර අවස්ථා වලදි මංජුල සර් වේවැල් පාරවල් ගැහුවා ඒත් ඒ වේවැල් පාරවල් වලට වඩා මංජුල සර් ළමයිට ගැහුවා සර්ගෙ වචන වලින්. වචන කිව්වේ කුණුහර්ප නෙවෙයි ළමයෙක්ගෙ හදවතට දැනෙන වචන වලින්. මංජුල සර් කතා කරනවා අහගෙන ඉන්න ආස හිතෙන විදියට සර් ළමයින්ට කතා කරා. ඒ කතා ඇතුලේ අපිට අපේ අනාගත ලෝකයක් මවාගන්න ඉඩ දීලා තිබුණේ. ගොඩක් වෙලාවට සර් ගියපු කැම්පස් එක වටා ඒ කාලයේ සිදුවුන සිදුවීම් සර් අපිට කිව්වේ, විශ්වවිද්‍යාල ජීවිතය අනිවාර්යයෙන් අපි ගත කරන්න ඕන කියන හැඟීම අපිට දීලා. අපි විභාග පාස් වෙලා කැම්පස් ආවට පස්සෙ සර් කියපු දේවල් වලින් අපි මවාගත්ත සමහර දේවල් බොරු කියලා හිතුනට සර් අපිට ඒ කාලෙදි කැම්පස් ජිවිතය ගැන කියපු දේවල් නිසා සමහරවිට අපි අද කැම්පස් ඉන්නවා වෙන්න පුළුවන්. මොකද අපිට යම් තැනකට යන්න නම් ඒ තැන ගැන ආසාවක් තියෙන්න ඕන ඒ ආසාව තියෙනව නම් අපි ඒ වෙනුවෙන් වැඩ කරයි අනිවාර්යයෙන්ම. මංජුල සර් වුනත් ඒ ආසාව අපේ හිත්වල පැල කරා වෙන්න ඇති. ________________________ ප්‍රසන්න සර් ලොකු සර් විදියට ඉස්කෝලේ වැඩකටයුතු කරගෙන මාස කීපයක් ගෙවිගන යන අතරතුර අලුත් ලොකු සර් කෙනෙක් අපේ ඉස්කෝලේට ආවා. ඒ ලොකු සර්ගෙ නම "දයන්ත". උස මහත කැපිලා පේන සර් කෙනෙක් දයන්ත සර් කියන්නෙ. අපේ ගමට ඈතින් තියෙන ඉස්කෝලේක ඉඳලා මාරුවීමක් අරගෙන සර් ඇවිත් තිබුණේ. දයන්ත සර් ඉස්කෝලේට එනකොට මම හිටියේ දහයේ පංතියේ. අපේ පංතියෙ ඉඳලා කෙලින් බැලුවහම තියෙන්නෙ ලොකු සර්ගේ විදුහල්පති කාමරේ. අපේ පංති ඒ වෙනකොට තිබුණේ බිත්තියෙන් බාගයක් බැඳලා විතරයි. සර් ආපු මුල්ම දවසේ අපි ඔය බාගෙට බැඳලා තියෙන බිත්තිය ලඟට වෙලා අලුත් ලොකු සර්ගෙ කාමරේ පැත්ත බලාගෙන හිටියා ඇතුලේ මොනවද වෙන්නෙ කියලා. ඔහම ඉන්නකොට ඉස්කෝලේ හිටිය අනිත් ගුරුවරුත් එක්කෙනා දෙන්නා ඇතුලට යනවා එනවා ඔය අතරතුර ලොකු සර්, සර්ගෙ කාමරේ උලුඅස්ස උඩට ඇවිත් අපේ පංතිය දිහා බලාගෙන ඉඳලා අත වනලා කතා කරා. ඒ අත වනලා කතා කරේ අපේ පංතියේ කැපිලා පේන කොල්ලා උන කසුන්ට. කසුන් කියන්නෙ පංතියෙ උස මහතට හිටිය එකම එකා. ඌයි අපියි එකට ඉන්නකොට අපි නිකං හතේ අටේ පොඩි උං වගේ. කසුන්ගෙ පෙනුමයි අලුත් ලොකු සර්ගෙ පෙනුමයි ටිකක් සමානයි දෙන්නම උස මහතට ඉන්න නිසා. කසුන් විදුහල්පති කාමරේ ඇතුලට ගිහින් ටික වෙලාවකින් එලියට ආවා. ඌ එනකම් අපිට ඉවසිල්ලක් නැතුව හිටියේ මොනවද කිව්වේ කියලා දැනගන්න ඕන නිසා. කසුන් පන්තියට ඇවිත් කිව්වේ "ලබන සතියේ බ්‍රහස්පතින්දා දෙමව්පියන්ගෙ රැස්වීමක් තියෙනවා ඒක දහයේ පන්තියෙයි එකොළහ පන්තියෙයි ළමයින්ගෙ අම්මලට එන්න කියන්න" කියලා. එහෙම කියපු කසුන් කොල්ලො ටික වට කරගෙන රහසක් කියන්න තියෙනවා කියලා රහසක් කිව්වා. ඒ රහස වුනේ "දයන්ත සර් කියන්නෙ කසුන්ලගෙ දුරින් නෑදෑයෝ වෙන බව ඉස්කෝලේ කාටවත් දැනගන්න තියන්න එපා" කියලා. අපි ඒක ඉහටත් උඩින් පිළිගත්තා මොකද පෙනුමත් ටිකක් සමානයි ඊටත් ඉස්කෝලේට ආපු පළවෙනි දවසෙම කසුන්ටම කතා කරපු එකත් හේතුවක් නිසා. කසුන් කියපු ඒ රහස අපි ඒ විදියටම අපි රැක්කා. කොච්චර හොඳට රැක්කද කියනවනම් ගුරුවරු හැර ඉස්කෝලේ තියෙන ගස්කොලන් පවා දවසක් දෙකක් ඇතුලත ලොකු සර් කසුන්ලගේ ලඟම නෑයො කියන තැනට රහස රැකුනා. අපි ඒ කාලේ කසුන්ට සැලකුවේ දෙයියෙක්ට වගේ මොකද නෑකම රහසක් විදියට හරි නෑකම තියෙන නිසා මොකක් හරි දඩබ්බර වැඩ වලට අහු වුනොත් කසුන්ගෙ පංතියේ ළමයෙක් නිසා හරි සමාව දෙයි කියන බලාපොරොත්තුවෙන්. ඔය හැමෝම දන්න රහස එක්ක මාසයක් විතර ගෙවිලා යද්දි කසුන්වයි අපේ පංතියේ හිටිය කිසිම දෙයක් කණකට අහන්නෙ නැති නුවන්වයි අහු වුනා ඉස්කෝලේ ඉන්ටවල් එකේ බීඩී බීලා මංජුල සර්ට. සර් දෙන්නව අරගෙන ගියා ලොකු සර් ගාවට. ලොකු සර් එදා දෙන්නට දුන්නා දීමනාවක් ආයෙත් බීඩි දුමක්වත් තියෙන තැනක නොහිටින්න. එදා තමයි අපි වුනත් ලොකු සර්ගෙ සැර පැත්ත දැක්කේ. ඔන්න එදාම තමයි කසුන් අපිට කිව්වෙත් මං බොරුවක් කිව්වේ "ලොකු සර් අපේ නෑදෑයෝ" කියලා. ලොකු සර්ගෙන් කාලා ආපුවට අමතරව කසුන්ට එදා අපෙනුත් ලැබුණා බොරු කියලා අපිව ගොනා කරගෙන හිටිය එකට. ___________________ ලොකු සර් ඉස්කෝලේට මුලින්ම සඳුදා ආවට අපේ පංතියට ආවේ බදාදා. එදා ගණන් පීරියඩ් එකේ මිස් ඇවිත් හිටියෙ නැති නිසා අපිට ගණන් උගන්නන්න සර් ආවට එදා අපිට ගණන් ඉගැන්නුවේ නැහැ. ළමයින්ව නම අහලා අඳුර ගත්තා අනාගතේ කවුරු වෙන්නද කියලා ඇහුවා. ගෙවල්වල විස්තර ඇහුවා ඔය වගේ දේවල් කතා කරා. සර් අන්තිමට ඇහුවා ඔයාලට ඉස්කෝලේ එන්න එපා වෙනවා වගේ හිතෙන මොකක් හරි ප්‍රශ්නයක් අපහසුතාවයක් තියෙනවද කියලා. ඒ ප්‍රශ්නයට මං ඇතුළුව පංතියම නිහඬ වුනා. ඒ වෙනකොට ඇත්තටම මටත් ඉස්කෝලේ එන එක එපා වෙන දෙයක් ඉස්කෝලේ ඇතුලෙම තිබුණා. ඒ මට "හීරලු පැටියා" කියලා ළමයි කතා කරන එක. අපේ තාත්තා කලින් මහන වෙලා හිටපු කෙනෙක් නිසා මට ඒ නමින් විහිළු කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණත් ඒක මට ලොකු අපහසු තාවයක් වෙලා තිබුණේ. මට හීරලු පැටියා කියලා කතා කරන්නෙ මගෙම යාලුවො උං ඒ වචනෙ රිදෙන පැත්ත නොතේරෙන කමට කියනවා ඇති ඒත් ඒ වචනෙ මට අපහසුතාවයක් කියලා දන්නෙ මම ම විතරයි. හැමෝම නිහඬ නිසා ලොකු සර් කිව්වා ඔයාලට තියෙන ප්‍රශ්නය, අපහසුතාවය කොලේක ලියලා මට දෙන්න කියලා. පංතියේ හිටිය විසි තුන්දෙනාම කොලෙක මොනවද ලියලා දුන්නා. මාත් කොලේක මට තියෙන අපහසුතාවය ලියලා දුන්නා. සර් ඒ කොල කෑලි ටික අරගෙන "හෙට හිස් පීරියඩ් එකකදි මං කතා කරන්නම් එතකොට එකකෙනා එක්කෙනා මගේ කාමරේට එන්න" කියලා සර් ගියා. පහුවදා අපිට තිබුණු හිස් පීරියඩ් එකේදි සර් අපිට එක්කෙනා එක්කෙනා එන්න කියලා කිව්වා. ළමයි එකා එකා සර්ගෙ කාමරේට ගියා. මුලින් ගිහින් ආපු ළමයි හතර දෙනාගෙනම ඇස්වලින් අඬපු බවක් පෙනුනා. ඒ ඇවිල්ලා සද්දයක් නැතුව ඩෙස් එකේ ඔළුව ගහගෙන හිටියා. මට තිබුණේ පස් වෙනියට යන්න මම ඇතුලට ගියා. සර් අපේ පංතියේ ළමයි දුන්න කොල කෑලි විසි තුනම කියෙව්වා. ඒ කියවද්දි මටත් ඇඬුනා. මොකද ඒ කොල කෑලිවල ලියලා තිබුණ ප්‍රශ්න වලට මාත් හේතුවක් වෙලා තිබුණු කොල කෑලි තිබුණා. තුන් දෙනෙක් එකම දේ කොල කෑලි තුනක ලියලා තිබුණා. ඒ "අජා" කියලා අපි කෙටි කරලා කියන "අව ජාතක" කියලා විහිළු කරන කොල්ලො තුන්දෙනෙක්. ඒ තුන් දෙනාගෙන තාත්තලා නෑ. තව ගමේ කසිප්පු විකුණන මහතුන් මාමගේ දුව එයාගෙ නම කසුනි ඒ වුණාට අපි කිව්වේ "කසි කසුනි" කියලා. ඔය වගේ අනිත් කොල කෑලි වලත් එක එක දේවල් තිබුණා අපි නොදැනුවත්ව අපේ වටපිටාවේ ඉන්න උංට ඉස්කෝලේත් එන එක එපා වෙන විදියට අපි විහිළු කරලා. හරියට මට "හීරලු පැටියා" කියනවා වගේ. ලොකු සර් මට ඒ වචන වල බරපතල කම කියලා දුන්නා. මට රිදෙන තරමටම අනිත් අයටත් රිදෙන බව මට එදා තේරුනා. එදැයින් පස්සෙ අපේ පංතියේ කවුරුත් කාටවත් අපහසුතාවයක් දැනෙන විදියට කතා කරේ නැහැ. දෙමව්පිය රැස්වීමෙන් පස්සෙ වුනත් වෙනදා නොදැනුන යමක් මට අපේ ගෙදරින් දැනුනා. සමහරවිට ලොකු සර් අපේ අම්මලවත් ඇඬෙව්වා ඇති. Pubudu Udatiyawala 2023/11/04ආයෙත් දවසක හමුවෙමු මගෙ උපන්ගම පැලැන්පිටිය. වැඩියෙන් කියවන්න දෙයක් නෑ. හරිම ලස්සන ගමක්. ඒ කාලේ බුලත්කොහුපිටියෙන් පැලැන්පිටියට ගිය ඉසුසු වෑන් බස් එක තමයි ටවුමට එහෙම යන්න තිබ්බ එකම ප්‍රවාහන පහසුකම.එහෙමත් නැත්නම් අපි ගමන් ගියේ පයින්ම තමයි. මගෙ තාත්ත වැඩකලෙ නේස්මියර් තේ වත්තෙ ෆැක්ට්‍රියෙ. අම්ම කලේ දළු කඩන රස්සාව. මම දුප්පත් පවුලක එකෙක් උනත්,මට ඉගෙන ගන්න සහජයෙන්ම අරන් ආව දක්ෂ කමක් තිබ්බ. අරුන්තැපොල ඉස්කෝලෙට මමයි අක්කයි ආව ගියේ පයින්ම තමයි. උදේන්ම අම්ම හදන රොටියක් කාල ඉස්කොලෙට ගිහින් ගෙදර ඇවිත් බත් ටිකක් ගිලල කොල්ලො කුරුට්ටොත් එක්ක දිය ඇලි වලයි ඔයෙයි ලගින එක තමයි මගෙ පුරුද්ද උනේ. ඒත් නාබර කාලෙට එනවත් එක්කම මටත් ඒ පිස්සුව ගහුව. හිමාලි කියන්නෙ විල්සන් මහත්තයගෙ පොඩි දුව.ඒකි මට වැඩිය ඉස්කෝලෙ වසරක් බාලයි. රතු පාට හමක් තිබුන හිමාලිගේ ඇස් දෙකත් නිල් තරු කැට දෙකක් වගේ ලස්සනයි. මූණෙ තිබ්බේ පුදුම අහිංසක බවක්. සෑහෙන කට්ටක් කාල පටන් ගත්ත මේ ආදර කථාව සුන්දර සිහින ගොන්නක් මැදින් ගලාගෙන යද්දි. එක පාරට ගිනි කන්දක් වගේ පුපුරල යයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. මේක ආරන්ච් වෙච්ච දවසෙ විල්සන් මහත්තය, හිමලිගෙ තාත්ත අපේ ගෙදරට ඇවිත් අහසට වෙඩි තියල නටන හැම නාඩගමක්ම නැටුව. පහුව දා වෙද්දි අම්මට විල්සන් මහත්තයෙගේ වත්තේ දලු කඩන රස්සාවත් නැති උනා. හිමාලි කියන්නෙ හරි අහිංසක එකියක්. එකීගේ මහ එවුන්ගෙ ගතිගුන එකිගෙ ගෑවිලවත් නෑ. එකිගෙ නම මම වීදුරු කටුවකින් අතේ කොටාගත්තෙ විල්සන් ඇවිත් දාපු සද්දෙට පස්සේ දවසෙ. ඒකි මගෙ කරගන්න තිබ්බ ආසාව ඒ වගේ එකක්. කොහොම උනත් ටික දවසකට පස්සේ අම්මයි තාත්තයි මාව නාවලපිටිය පොඩි මාමගෙ ගෙදර ගිහින් නැවැත්තුව.එහෙ ස්කොලෙට මාව දැම්ම. අම්ම දැනන් හිටිය මාව මේකෙන් ඈත් කරනව බොරු කියල. ඒත් අම්ම ආපහු එන්න කලින් කිව්ව වචන ටික මගෙ පපුව අස්සටම කිඳා බැස්ස. "පුතේ උබ ඉගෙන ගනින් ලොකු මහත්තයෙක් වෙයන්. අක්කට උදව් කරපන්. උබ තමයි මගෙ වස්තුව රත්තරනේ". මට
තියන එකම අවිය වාසිටි යන එක කියල මට තේරුනා. විල්සන් ඉස්සරහ මට කෙලින් හිටගන්න පුලුවන් කියල හිතුනා. අන්තිමට මම නතර උනේ වෛද්‍ය විද්‍යාලයේ. ඔය කාලෙදි වගේ තමයි අසූ අට භීෂණේ පටන් ගත්තේ. දවසක් දොර ඇරපන් කියල රෑ දොරට ගහද්දි මන් දැනගත්ත මාව තමයි හොයන්නෙ කියල. ගෙදර එවුන් ඉස්සරහ දොර ගාව ඉද්දි, මන් පිලි කන්නෙන් කන්දට පැනගත්තෙ එකෙක්ට කැත්තෙන් කොටාගෙන. කන්දෙ අකුල් අස්සේ හැංගුන මන් දැක්ක විල්සන්ගේ ජිප් එක වංගුවෙ නවත්තල තියනව.මෙහෙ දේශපාලන හයිය ඒ කාලේ තිබුනෙ විල්සන්ට.එත් ඊට එහා ගිය වෛරයක් විල්සන්ට මන් ගැන තිබුණා. මුන් ගියාට පස්සේ ආපහු ගෙදරට සේන්දු උන මම ඇදුම් ටිකක් උරයකට දාගෙන කන්ද නැගල දොලොස්බාගේ යාලුවෙක්ගෙ ගෙදරට යන්න හිතාගෙන පිටත් උනේ මහ රෑ දෙගොඩ හරියේ නාකපන වැස්සක. ගෙදර උන් දැනන් හිටිය මන් ගෙදර හිටියොත් මැරුම් කන බව. ඒ නිසා උන් මට එපා කිව්වෙ නෑ. ඒත් එන්න කලින් අම්ම මාව බදාගෙන ඇඩුව. මටත් හිතුන පවුලෙ එවුන් අයෙ දකින්න බැරිවෙයි කියල. කොහොම හරි දොලොස්භාගේ යාලුවගෙ ගෙදර ටික කලක් හිටිය මම පොලොන්නරුවෙ වාසිටි යාලුවෙක්ගේ ගෙදරට ගිහින් භීෂණ ගින්න නිවෙනකම්ම එහෙට වෙලා හිටිය. කාලය ගෙවිල ගියත් හිමාලි ගැන කිසිම තොරතුරක් ලැබුනේ නෑ. කොහොම උනත් ටික කාලෙකට පස්සේ ආයෙත් වෛද්‍ය විද්යාලයේ කටයුතු පටන් ගත්ත. එක දවසක් මගෙ නමට ලියුමක් ඇවිත් තිබුණා බැලූ බැල්මටම හිමාලිගේ අකුරු. රෙබරොසියා ගහක් යට වාඩි උන මම පේලියෙන් පේලිය ලියුම කියවන්න පටන් ගත්ත. හිමාලිගෙ විවාහය ලබන මාසයේ බවත්, එය ඇයට දරාගැනීමට අසීරු බවත්, නමුත් එයට විරුද්ධ විය හැකි තත්ත්වයක් ඇයට නැති බවත්,ඇය මා හට සුබ පතන බවත්,කවද හරි වෛද්‍ය වරයෙක් ලෙස මා දැක ගැනීම ඇයගේ අවසන් පැතුම බවත් ඒ ලියුමෙ සඳහන් උනා. කාලය ගෙවිල ගියා. මන් පරාද උන බව කියන හැගීමත් එක්ක ජීවිතය ගලාගෙන ගියා. ඔය අතරෙදි තාත්තත් පපුවෙ අමාරුවකින් නැති උනා. ඒ අස්සේ ඉහල සාමර්ථයක් සහිතව වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරගන්න මට පුළුවන් උනා. ඒකට හේතුව මගෙ සහජ ඉගෙනීමේ දක්ෂ කම වෙන්නත් පුලුවන්. මගෙ පළවෙනි පත්වීම ලැබුනේ අනුරාධපුර රෝහලට. ඒත් එක්කම මම අම්මවයි අක්කවයි කරවනැල්ලෙ අලුතින් ගත්ත නිවසකට එක්කගෙන ආවා. ඊට පස්සේ අක්කගෙ විවාහයත් කරල දීල ඒ ගෙදරම පදිංචි කලා. අක්කගේ මනුස්සය තේ දළු ලොරියක් එලවනව. අක්කත් එක්ක යාලු වෙල තිබ්බේ කාලෙකට උඩදි. උත්සහ වන්ත මනුස්සයෙක් මට විරුද්ධ වෙන්න හේතුවක් තිබුණේ නෑ. ඊට අවුරුදු කිහිපයකට පස්සේ මගේ පශ්චාත් උපාධියට මට ඉතාලියට යන්න අවසථාවක් උදා උනා. හැම දේම නිදහසේ ගලාගෙන ගියත් හිමාලි ගැන මතකය වරින් වර උඩ ආවේ වතුරෙ දැම්ම බෝලයක් වගේ. තරමක සල්ලාල ජීවිතයකටත් පුරුදු වුනු මට විවාහය කියන කාරණය දුරස්ථ සාධකයක් බවට පත් වුනා. ලංකාවට ආවට පස්සෙ නොයෙක් පළාත් වල රෝහල් වල සේවය කරන්න අවස්ථාව උදා උනා.ඔය අතරෙ තමයි කළුබෝවිල රෝහලට සේවා මාරුවක් ලැබුනේ. මේ වන විට මැදිවියට ආසන්න අයෙක් වූ මා විවේකයක් ලැබුන අවස්ථාවක කලාකකරුවන් සහභාගී වෙන සංගීත ප්‍රසංග නැරඹිමට යාම පුරුද්දක් කරගෙන තිබුණා. විමල් මාගේ රෝහලේදී හමු වූ මිතුරෙකු වූ අතර දිනක් සවස් යාමයේ ඔහුත් සමග ප්‍රසංගයක් නැරඹීමට මා නැවතී සිටි නුගේගොඩ කුලී නිවසේ සිට ඔහුගේ රථයෙන්ම පිටත්ව ආවා. ඔහු එදින උදෑසන දුරකථනයෙන් දන්වා සිටි පරිදි ප්‍රසංගය බැලීමට යන අතර තුර ඔහු දන්නා හඳුනන අයෙකුගේ අවමංගල්‍යකට බොරැල්ල රිචඩ් මල් ශාලාවට මදකට ගොඩවීමට ඔහුට අවශ්‍ය උනා. කාරය රිච්ඩ් මල් ශාලාව ඉදිරිපිට නතර කළා. මමත් ඔහු සමග දේහය තැම්පත් කර ඇති ශාලාව තුලට ඇතුල් වුනා . දේහය තැම්පත් කර ඇති ස්ථානයේ මගේ අතීත ආදර කථාවේ අහිංසකාවියගේ රූපය මගේ නෙත ගටුනෙ එවිටයි. 'හිමාලි'. හරියටම අවුරුදු විසි හයකට පස්සේ ඒ රුව මේ විදිහට දැකගන්න වෙයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ. මගේ පපුව ඒ වෙලාවෙ කැක්කුමකින් වෙලිල ගියා. මන් ලග තිබුන පුටවක වාඩි වෙලා දේහය දිහා බලාගෙන හිමාලිත් එක්ක ගමේ ඉන්න කාලේ ගෙවුන ජීවිතය ආයෙත් එකින් එක මවා ගත්ත. එත් හිමාලි මට අවසානෙට එව්ව ලියුමෙ තිබුන විදිහට හිමාලිට මාව වෛද්‍ය වරයෙක් විදිහට කවදාවත් දැකගන්න ලැබුනෙ නෑ. ඒත් දෛවය අපිව අවසානෙදි අපිව මේ විදිහට ඒක් කළා. හිමාලිගෙ දේහයට සමුදුන් මම විමල් සමග ශාලාවෙන් එළියට ආව. වෙලාව හවස හයට විතර ඇති. මගේ ඇගට වෙහෙසක් දැනෙන බව පැවසූ මා විමල්ට ප්‍රසංගය නැරඹීමට යන ලෙස දන්වා.ටැක්සි රථයකින් නැවතත් නිවසට පැමිණීමට පිටත්වුනා. විමල් ගේ දරුවන් හා හිමාලිගෙ දරුවන් ළග මිත්‍රයන් ඔවුන් දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. ඒ හැන්දුනුම් කමට තමයි විමල් මේ අවමංගල්‍යට ගොඩ වැදුනේ. මන් දන්නා හන්දුනන කෙනෙක් මළ ගෙදර හිට්යෙ නෑ. සමහර විට හිමාලිගේ අක්කත් ජීවතුන් අතර නැතුව ඇති. හිමාලි නැති වෙලා තිබුණේ හදිසි පපුවෙ අමාරුවකින්. හිමාලිගේ අහිංසක මූණ තාමත් ඒ දේහයයෙන් මට පෙනුනා. කඳුළු මට නොදැනුවත්වම මගේ ද ඇසින් කඩා වැටුනා. දැන් රෑ බෝ වෙලා කියල මට දැනුනෙ නෑ. නුගේගොඩ පාස් කර නිවසට යන පාරේ පිහිටල තියන පන්සල ගාවින් මම ටැක්සියෙන් බැස්ස. මට හිතුන ගෙදරට යනවට වැඩිය පන්සලේ බෝධිය ළග ටිකක් වාඩිවෙලා ඉන්න. අපි මේ ලෝකේට ආව වගේම අපී හැමෝටම යන්න වෙනව කියල මම වෛද්‍ය වරයෙක් විදිහට හොදට දන්නව. ඒත් අපේ ජීවිත කාලය තුළදි අපිට හම්බවෙන සමහර අය අපෙන් ඈත් වෙලා යන්න ගියත් ඒ මතකයන් එක්ක අපි ජීවත් වෙන්න හුරුවෙනව. අපි මේ ලෝකේ දාල යන අවසාන මොහොත වෙනකම් ඒ මතකයන් අපේ හිත් අස්සේ හැංගිල තියනව. ඊට පස්සේ ඒවා අපිත් එක්කම නැතිවෙල යනව. ඒත් මට තාමත් හිතෙන එක දෙයක් හිතෙනව. ඒ තමයි හිමාලිව මට සසරෙ කොහේදි හරි ආයෙත් හම්බවෙයි කියල. නිමි. ✍️තිළිණ රත්නායකගස් ගෝනා ගෙදර තිබ්බ පිහි එකක්වත් හරියට කැපෙන්නෙ නෑ ඒව මොට්ට වෙලා කියල කීප දවසක ඉඳන් කරදරේ. ඒත් ඉතින් සති අන්ත වෙන වැඩ දාගත්තෙ නැති නිවාඩුවක් ලැබෙනකන් ඉන්න ඕන ඒ ටික කම්මලට ගෙනියන්න. ගෙදර අයගෙත් මැසිවිල්ල සාධාරණයි කියල නොදන්නව නෙවෙයි.මොකද මං වුනත් දන්නව ලූණු ගෙඩියක් හීනියට ලස්සනට කපා ගන්නත් අල ගෙඩියක් කුරුටු ගා ගන්නත් කැපෙන පිහියක් නැති උනාම මට උනත් තරහ යන තරම්. කොහොමින් හරි මේ පිහිය පන පොවන වැඩේට ප්‍රමුඛතාවය දෙන්න ඕන කියල මං තීරණේ කලේ සිකුරාද හවස ලොක්කි පාං රාත්තල කපන් නැතුව කෑලි හතරකට අතින් කඩල තේ බොන්න ගත්ත වෙලාවෙ.ඇයි අතින් කැඩුවෙ කියල මං ඇහුවෙ නෑ.හේතුව පිහිය කැපෙන් නැති එක කියල අපි හතර දෙනාම දැනන් හිටිය. ඉතින් පහුවදාම අනිත් සේරම වැඩ පැත්තක තියල කම්මලට යන්න ඕන කියල මං තීරණේ කලේ ඒ වෙලාවෙමයි. වැඩක් හරියට කරගන්න නම් ගම් දෙකකට එහා තියන කම්මලට යන්න ඕන. එහා හන්දියෙත් කම්මලක් තිබ්බත් ඒකෙ වැඩ හරියට අදින්න පුබ්බකගෙ වගේ තමයි.කිසි මටසිලුටු බවක් නෑ.මිනිහ කොහොමත් හදන්නෙම මොට්ට පිහි.ඒවයින් වැඩක් ගන්න නම් තව කම්මලකට ගෙනියන්න ඕන.කොහොමින් හරි ඒ කල්පනාවෙන් මං කම්මලට ආවෙ හවස් වෙනතුරුම ගෙදර යන්න නම් නොලැබෙන බව දැනගෙනමයි. හැබැයි එහෙම කියල ඉස්පිරිතාලෙ වගේ එතන පෝලිමේ ඉන්න ඕන නෑ.පොඩි උන් දොලේ නාන්න ගියාම වගේ තමයි.කම්මලට ගියාම ඕන තරම් අමතර වැඩ තියනව. ඒ මොන වැඩේ නැතත් එතනම මෙහා පැත්තෙ තියන රොටී කඩෙයි කඩේ මුදලාලිගෙ රස කතා ටිකයි ඇති දවසම කම්මැලිකමක් නැතිව ගෙවා දමන්න.මමත් කම්මලට වැඩේ බාර දීපු ගමන් රොටී කඩේට ගියේ ප්ලේන්ටියක් බොන ගමන්ම දවස ගෙවන විදිය ගැන ප්ලෑන් කර කරන්න. ගල් දෙබුක්කාව අස්සෙන් එන වතුර අගල පොඩ්ඩක් වැස්සත් පොඩි දිය ඇල්ලක සිරි ගන්න නිසා කඩේට ඒකෙන් සොබාව සෞන්දර්යත් එක්ක එකතු උනු අමුතු සෞම්‍ය සීතල ගතියක් එකතු වෙලා තිබුනා. ඒත් එක්ක බෙලෙක් පිඟානට දාල දෙන උණු උණු රොටී හරි අපූරුවට ගැලපුනා.මම නම් වැඩිපුර කැමති උනේ කෑවයින් පස්සෙත් විනාඩි ගානක් සූස් සූස් ගාල අදින්නත් පැය ගානක් යනකන් දිවේ අමුතු ගතියක් ඇති කරන්නත්, පිරියෙන් බඩ පිරෙනකම් රොටී කන්නත් උදව් වෙන අමුතු ලුණු මිරිසටයි. ඒක අමුතු ලුණු මිරිසක් කියල කීවෙ ඒකෙ රසයි පෙනුමයි දෙකම සලකල.මේකෙ තිබ්බෙ දුඹුරු පැහැයට හුරු රතු පාටක්ද රතු පාටට හුරු දුඹුරු පාටක්ද කියල මං කීප වතවක්ම හිතල තිබ්බෙ මට උත්තරයක් ඕනවටම නෙවෙයි. එදත් වෙනද වගේම මං කඩේ ඉස්සරහ ලෑලි පිටපලු ගහල හදල තිබ්බ බංකුව උඩ වාඩි උනා.පොල් රොටියක් කමු එහෙනම් කියල මුදලාලි කියනවත් එක්කම මගෙ ඇස් ඉස්සරහ මැවුනෙ දෙහි යහමින් දාපු රතු දුඹුරු කට්ට සම්බෝලෙ. වේලපු ගස් ගෝන මස් හොද්දෙනුත් ටිකක් දෙන්නද? මුදලාලි ඇහුව. ගෝන මස්.. අම්මෝ ඒක අහද්දිම මගෙ කටට කෙලත් ඉනුව. ගෝන මස්.. තියනවද? මං ආයෙ ඇහුව. කිසි දෙයක් නොකියපු මුදලාලි ටිකක් ලොකු මස් පීරිසියක් ඉස්සරහ මේසෙ උඩින් තිබ්බ. දඩ මස් කෑල්ලක් කාපු කාලයක් මත්ක නෑ.එහෙම ඉද්දි ගෝන මස් හම්බුනාම ඉතින් මොකද වෙන්නෙ කියල අහන්නත් දෙයක් යැ. මස් පීරිසිය රොටී හයක් එක්ක ඉවර කරල තමයි මං නතර උනේ.අම්මෝ රෑට කනකන් ආයෙ නම් මොකුත් ඕන නෑ.මට හිතුන. මාව පුදුම උනේ අච්චර ලොකු ගෝන මස් පීරිසියක් එක්ක රොටී හයක් කාපු මට මුදලාලි "රුපියල් හාරසිය පනහක් දෙන්නකො" කියල බිල කීවම තමයි. සෝමාලියාවට පාන් දැම්ම වගේ මං මස් කනව දැකල මේ මනුස්සයට දුක හිතුනවත්ද. හිතෙන් හිතන ගමන් මං මුදලාලිගෙ ඇස් දිහා පරීක්ෂාවෙන් බැලුව.යකෝ රුපියල් හාරසිය පනහට රොටී හයකුයි ගෝන මස් පීරිසියකුයි.? ගෝන මස් තියා කුකුල් මස් පීරිසියක් වත් ඒ ගානට ගන්න පුලුවන් කාලයක්ද මේ. ඒ තත්පර ටිකට මට දාහක් දේවල් හිතුන. මගෙ සිතුවිලි කියෙව්ව වගේ ඊළඟට මුදලාලි අහපු දේ මට අදහ ගන්නත් බැරි උනා. "වේලපුව තියනව.ටිකක් දෙන්නද. කිලෝ එක පන්සීයයි" මගෙ ඇස් උඩ ගියා.කිලෝ එක පන්සීයට.. වේලපු ගෝන මස්.. යකෝ කුකුල් මස් කිලෝ එකකුත් එද්දාස් දෙසීයයි. එදා හවස දෙකට විතර මං ආපහු ගෙදර ගියේ කම්මලෙන් පන පොවා ගත්තු පිහියා තුනයි වේලපු ගෝන මස් කිලෝ දෙකකුයි කොල පාට කාගීල්ස් බෑග් එකේ දාගෙන. මිනිහ හිතුවද දන්නෑ මස් ටික දැක්ක ගමන් මං ලෝබ කමට බදා ගත්ත කියල.ගෙදර යද්දිත් මට විටින් වි
ට හිතුනා.ඔන්නොහේ හිතන දෙයක් හිතා ගත්දෙන්.ආයෙ මේවයෙ චාන්ස් හම්බෙනවයැ ලේසියකට. මං අන්තිමට එහෙම හිතල මගේ හිත සනස ගත්තා. මනෝරි මොනව කියයිද දන්නෑ. ආයෙමත් මට හිතුනා. මං ගෙදර යද්දි මනෝරිගෙ මාමල ඇවිත් ඉන්නව දැක්ක මට දැනුනෙ ලොකු සතුටක්.මාමල කොහොමත් මාසෙන් දෙකෙන් අපේ ගෙවල් අහ ඇවිත් යන්න එන්නෙ පොඩිම පුතාල දෙන්නගෙ ඉල්ලීම ඉස්සර කරගෙන කියන එක ප්‍රසිද්ද කතාවක්.මාම කීවට එයා මනෝරිට වඩා අවුරුදු අටයි වැඩිමල්.මට වඩා හතරයි.ඒ හින්ද අපි නෑදෑයොන්ට වඩා යාලුවො වගේ තමයි ආශ්‍රය කලේ. පුතාල ඉස්සර කරන් ආවට මොකද හවසට සප්පායන් වෙන්න හොඳ දෙයක් අරන් එන්නත් මාම කවදාවත් අමතක කලේ නෑ. මාමනෙ හැමදාම ගේන්නෙ.ඔන්න අද සුපිරි බයිට් එකක් මගෙන්. එහෙම හිතන් මං හිත සන්තෝසෙන් පුරවන් ගේ ඇතුලට ගියා. පන්සීයක් විතර බැදල ගන්න ඕන බයිට් එකට. රෑට කොල්ලන්ට කන්න උයන්න බැරියැ ඉතුරු ටික. වෙනදට බීම ටික බයිට් එකට කලින් ඉතුරු උනාට අද බයිට් එක ඉවර උනේ බෝතලෙන් බාගයක්ම ඉතුරුව තියෙද්දි. දඩ මස් කියන්නෙ ඉතින් හැමදාම හම්බෙන දේවල් නෙවෙයිනෙ.ආයෙ වසක් විසක් ගහල කියලද.හෝමෝන ඉන්ජෙක්සන් කරල කියලද.වෙන බේතක් හේතක් දීල කියලද.. මුං මේ කැලෑවෙ ගස් කොලන් කාල නිදහසේ හැදෙන එවුන්නෙ. මාමත් රෑ කෑම වෙලාවෙන් පස්සෙත් දඩ මස් ගැන වර්ණනා කලා. ඊට පස්සෙත් පිහිය මුවත් තියන්න වුවමනාවක් ආවෙ නැති උනාට වේලපු දඩ මස් ගේන්න මං කම්මල පැත්තෙ ගියෙ වතාවක් දෙකක් නෙවෙයි. ඒ තරමට මාමලටත් අපේ ගෙදර අයටත් දඩ මස් වල රහ දැනිල තිබුන. වෙනදට සතියකට දෙකකට වතාවක්වත් ගේන කුකුල් මස් දැන් මාස දෙකකින්වත් ගෙදර පැත්ත පලාතෙ ගෙනාවෙ නෑ. අන්තිමට මං කම්මලට ගියේ පෙරේද. එදාත් තුන් හතර දෙනෙක්ම පුරුදු විදියට කඩේ හිටිය. ආ මහත්තය එන්න එන්න.අද කොච්චරක් ගනන්වද? මුදලාලි විට කාල කහට බැඳිච්චි දත් ටික යන්තමින් පෙන්නන ගමන් මගෙන් ඇහුව. සමහර වෙලාවට ඔෆිස් එකේ යාලුවන්ගෙ අවශ්‍යතාවයන් නිසා මං ටිකක් වැඩිපුර දඩ මස් ගත්තු වෙලාවලුත් තිබුන නිසා මුදලාලි එහෙම අහන්න ඇති කියල මට නිකමට හිතුනා. හැබෑටම මේ යකාට කොහෙන්ද මෙච්චර වේලපු දඩමස්. මේව විකුණන්න තහනම් නැද්ද.. එකපාරම මට හිතුනා. ඇත්තටම මට ඒක මෙච්චර දවසක් මතක් වුනේ නැත්තෙ ඇයි? මට එක පාර හිතුනා. පොලිසියෙන් වත් පැන්නොත් මාවත් කුදලගෙන යන්නෙ. එහෙම හිතෙනවත් එක්කම මගෙ ඇඟේ හීනියට වගේ හිරිගඩු පිපෙනව මට දැනුනා. ඇත්තටම මට මේ ගැන හාන්කවිස්සියක් මීට කලින් මතක් නූන හැටි. මං ගන්න දඩ මස් කිලෝ ගාන දැන ගන්න ඇස් නලලෙ ඉන්දන් මුදලාලි මං දිහාවෙ බලන් හිටියා. කිලෝ තුනක් දෙන්නකො මුදලාලි. මං වැඩි වැල්වටාරම් නැතුව කියල දැම්මා.මුදලාලි නැවිල අලුත් පෝර කවරයක් ලිහනව මං බලාගෙන. මගෙ හිතේ මෙච්චර වෙලා කැකෑරුනු ප්‍රශ්නෙ අහන්න හොඳම වෙලාව මේක තමයි කියල මට හිතුනා. "දඩමස් වෙලඳාම නරකම නෑ වගේ නේද මුදලාලි." මං ප්‍රශ්නෙ අහන්න මුල පිරුවා. "වරදක් නෑ මහත්තයො රොටී වලට වඩා ලාබෙ තියනවා.මං ගන්නෙ හාරසීයට.පන්සීයට විකුණනව.වැඩි ලාබ ඕන් නෑ. මට මේ ඇතිනෙ ඉතින්." මුදලාලි මං දිහා බලන ගමන් කීවා. "ඒ උනාට පොලිසියටවත් ඔත්තුවක් ගියොත් තමයි වැඩේ.ලේසි වෙන්නෑනෙ." මං නිකන් කියල දැම්මා. "මුං ඒ මරන්න තහනම් ලිස්ට් එකෙන් අයින් කරලනෙ මහත්තයො දැන් ඉන්නෙ.ඒ හින්ද එහෙම බයක් නෑ.මුදලාලි හිනා වෙලා කීව." අපොයි මගේ සාමාන්‍ය දැනීම අඩු වෙලා තියන තරමක්.මං දැනන් හිටියෙ නෑනෙ ඒ වගක්. මුදලාලිටත් ඒක තේරිලාද දන්නෑ අන්තිමට ඇයි මහත්තය දන්නැද්ද කියලත් ඇහුව.වස නෝන්ඩිය. ඒත් ඉතින් මේ තරම් අඩුවට මුදලාලිට කොහෙන්ද මස් හම්බෙන්නෙ? මං ඇහුවෙ කුතුහලේ පොඩ්ඩක්වත් නැතුව ගෙදර යන බලාපොරොත්තුවෙන් වගේම මගේ නොදැනුවත්කමත් වහගන්න බලාපොරොත්තුවෙන්.. ඇයි මහත්තයො අර වෙලේ ගෙදර සුද්දා දවසකට වේලපුවයින් මල්ල ගානෙ ගෙනත් දානවනෙ මගෙ කඩේට. ඔයිට වඩා ගනන් වලට විකුණන්න ඉතින් මොකෝ ඕකා ඔය ගස් ගෝන්නුන්ට කන්න දීල බලා හදාගන්නවයැ. උන් ගස් වල කොල ගෙඩි කාල හැදෙන උන්නෙ. මුදලාලි එක දිගට කියවන් ගියේ සාදාරණ ගාන මේක තමයි කියන්න වගේ. මොකක් ගෝන්නු ගස් වල ගෙඩිත් කනවද.අනික මොකද්ද ඒ ගස් ගෝන් කතාවක් කීවෙ? ආයෙ අහන්නත් බෑ. "ගෙඩි කනවය කීවෙ මුදලාලි?" මං වෙනස නොවැටහෙන විදියට ඇහුවා. "ඇයි මහත්තයො මහතේලයෙ පැත්තෙ නැද්ද ඔය රිලා හැතිකරේ.ගහක මලක් ගෙඩියක් තියා අත්තක් කොලයක් තියනවද ඕකුන්.මගෙ පැල පොල් කෑල්ල අක්කර තුන් කාලයි. ගෙඩියක් කුරුම්බැට්ටියක් තියා එක අත්තක් ඉතුරු වෙලා තියේද බලන්නකො.සේරම කඩා දාල ඉස්මත් බීල.උන්ගෙන් වෙන විනාසෙ කියල වැඩක් නෑ මහත්තයො ගෙදරක බත් හැලියත් උස්සන් යනවනෙ පොඩ්ඩ ඇත්නම්.හැබැයි ඔය සුද්දල එහෙමම තමයි මේ මස් වේලන වැඩේ හොයා ගත්තෙ.වේලල නැතුවත් හොඳයි. ඕකා කලින් සීනි වලට බේත් ගත්තලුනෙ.දැන් මාස හතරකට කලින් ඉස්පිරිතාලෙ දොස්තර මහත්තය කීව කියන්නෙ දැන් බේත් බොන්න ඕනෙත් නැහැයි කියල. සුද්ද නම් කියන්නෙ මේ ගස් ගෝන් මස් වල ගුණේ කියල.ඇයි ඉතින් කුකුල්ලුන්ට වගේ තෙල් බේත් දීල හදෝන එවුන් නෙවේනෙ." මුදලාලි අන්තිමට එහෙම කියන ගමන් මගෙ අතේ හොඳින් පාර්සල් කරපු වේලපු මස් පාර්සලේ තිබ්බ. ඒ කියන්නෙ මෙච්චර දවස් ගෝනමස් කියල හිතන් මං කාල තියෙන්නෙ රිලා මස් ද? මං අනිච්ඡානුකව වගේ මුදලාලිගෙ අතේ එද්දාස් පන්සීය තියල හෙමින් ආපහු හැරුනා. මං විතරක් කෑව නම් මදෑ.මනෝරිටත් දුන්නා.පොඩි උන්ටත් දුන්නා.මාමලට ඔෆිස් එකේ දේසප්‍රියටයි අසෝකටයිත් ගෙනිහින් දුන්නා. කොහොමද දෙයියනේ කටක් ඇරල ඒ අයට මේ කතාව කියන්නෙ. මං ගෙදර ආවෙ හිතේ ඇති වෙච්චි විසාල වරදකාරී හැඟීමකුත් එක්කයි. මනෝරිට කියනවද නැද්ද.ගෑනි කීව ගමන් වමනෙ දාන්න ගනීද දන්නෙ නෑ.මට එක පාරම මතක් උනේ ඔෆිස් එකේ ලොකු මහත්තය චීනෙ ගිහින් එද්දි ගෙනාව කෑම ටින් එකක ගෙඹි මස් තිබ්බය කියල ඒව කෑව අයට කවුදෝ බොරුවට රවට්ටල හැමෝම අප්පිරියාවට වමනෙ දාපු සිද්දිය. කමක් නෑ.ඔන්නොහෙ කියල දානව.ගෙදර ඇවිත් තනියෙන් රහස හන්ගගෙන දුක් විඳින එක අමාරුයි කියල තේරුන අන්තිම පැයේදි මං තීරණේ කලා.එක අතකට මේක කීවෙ නැත්නම් ලබන සතියෙත් මට මස් ගේන්න යන්න කියයි.මට හිතුනා. රෑට ඩෙවල් දාන්න මස් පාර්සලේ ලෙහන්න හැදුවත් මං මනෝරිට කීවෙ ඒ ටික ඔෆිස් එකේ අයට ගෙනියන්න තියෙන්නෙ ඒ නිසා ආයෙ වෙලාවක මං ගෙනාපුවාම උයමුකො කියල. කොහොමින් හරි රෑට උයල ඉවර වෙනකන් මං මිදුලෙ අඹ ගහ යටට වෙලා පාර දිහාවෙ බලන් කල්පනා කලේ මේක මනෝරිට කියනවද නැද්ද කියල. වෙනදටත් ප්‍රශ්නයක් ආවම මං මෙතන කල්පනා කරන බව මනෝරි දන්නව. එයා මගේ කෝප්පෙත් අරන් මං දිහාවට ආවෙ ඒ ගැන අහන්නද නැත්නම් රෑට කන්න කලින් බොන බෙහෙත් පෙත්ත අරගෙනද කියල මං මොහොතක් කල්පනා කලා. මගෙ අතට කෝප්පෙ දෙද්දි මට පුදුම හිතුනෙ ඒකෙ තිබ්බ තේ එක දැකල. හරි තමයි.ඕන් දැන් නම් බේරිල්ලක් නෑ.ප්‍රශ්නෙ මුල ඉඳන් අගටම කියන්න වෙනවා.මං මටම කියා ගත්තෙ දැනටමත් මනෝරි එයාගෙ ගැහැනු ඉවෙන් මගෙ හිතේ තියන ප්‍රශ්නෙන් තුන් කාලක් විතර දන්නව කියල අත්දැකීමෙන් දන්න නිසයි. මොකෝ කියල මනෝරි අහන්න කලින්ම මං කතාව පටන් ගත්තා. "එක අතකට දඩ මස් කියල මොකෝ උන් ඉත්තෑවො තලගොයි මරන්නයැ.අනික ඉතින් මරනවනම් කුකුල්ලුද ඌරොද රිලව්ද කියල නෑ.කෝකා මැරුවත් පව් තමයි.වෙනදට චිකන් උයද්දි අපි ඕව හිතුවෙ නෑනෙ.අනික බොයිලර් හදන්නෙ හෝමෝන බේත් විදල.ඒව කෑවට කන්න හොඳ නැතිලු. මං පුදුමෙන් හැරිල බැලුවෙ ඒ කතා කරන්නෙ මනෝරිමද කියල අදහගන්නත් බැරුව. කතාව කියන්න පටන් ගද්දි මං බලාපොරොත්තු උනේ එයා එතනම බඩ දඟලලා අඬල දොඩල ඉස්පිරිතාලෙ එක්ක යන්න වෙයි කියල. යකෝ ගෑනු ගැන තේරුම් ගන්න නම් අවුරුදු සීයක් දෙසීයක් එකට හිටියත් මදි වෙයි. ආ මේ ආන් පුතා ඔයාගෙ සීනි රිපෝට් ටික දවල් අරන් ඇවිත් තිබ්බ.ඩොක්ටට පෙන්නුවාම කීවලු මේ සතියෙ බෙහෙත් නොබී ඉඳල අලුත් රිපෝට් එකක් අරන් එන්න කියල.යාලුවන්ට ලබන සතියෙ ගෙනිහින් දෙන්න බැරියැ.හෙට දවල්ට මේකෙන් ටිකක් ඩෙවල් දාමු. ඔයාට තමයි ඕව ගුණ." මනෝරි එහෙම කියාගෙන ගේ ඇතුලට ගියා මතකයි.එය අහම්බයක් විය නොහැකි යැයි මගේ සිත අදටත් හේතු දක්වයි.. ඔව්, අහේතුවකට මේ තරම් ආදරයක් දිය නොහැකි බව මම විශ්වාස කරමි..., සදාකාලිය නොවූවත් ඒ සුවය මා නිවා දැමූ බව ස්ථිරය..එබැවින් ඒ මතකය හැමවිටම සුන්දරය.. සුසුමකින් පවා මා වටහා ගත් ඇය..., ඉන්දූ.. කොහෙද ඉන්නෙ? සතියේ දිනයක කාර්‍යාල වේලාවෙන් පසු නුගේගොඩ සිට මහරගම දෙසට ධාවනය වූ වාහන දහස් ගණනක් එකා පසු පස එකා වන්ව යද්දී මම ඇමතුමක් ගත්තෙමි.. ඉතාම සෙමින් ධාවනය වූ වාහන පෙල විසින් ඒ වෙද්දීත් බිඳී විසිරී ගිය මගේ ඉවසීමට අලගු තබන්නට විය.. මලින්ද.... මොකක්ද ප්‍රශ්නෙ?? මෝටර් රථයේ ස්ටීරියෝ නාද රටා හරහා ඇය මගේ සමීපයේය.. වැඩකද ඉන්නෙ? මගෙ හිතට ටිකක් අප්සට් වගේ..., නිකමට කෝල් එකක් ගත්තෙ ඒකයි.. බෝඩිමේ ඉන්නෙ.. ගේට් එක ලඟට එනවා.මං වොශ් එකක් දාගෙන එන්නම්.. වාහන පොකුරෙන් මිදුනු මම විජේරාම හන්දියෙන් දකුණට හරවා ඇගේ නවාතැන අසල රථය නවතා ගතිමි. වැඩි වේලවක්‍ යන්නට මත්තෙන් සැහැල්ලු ඇඳුමකින් සැරසුන ඇය රථයේ ඉදිරි අසුනට බර විය.. මොකෝ මලින්ද.. ආයෙ ත් ලෙඩක් දාගත්තද? මොනවා වෙලාද අනේ... එයාට එපා නම් එක පාර කෙලින් කියන්න කියනවකෝ.. මේ.. ඒක නෙවෙයි.මේකෙ ඒසී එක දානවකො.රස්නෙයි නෙ.., තොරතෝංචියක් නැතිව ඇය දොඩමළු වන්නීය..මම රථය පණ ගන්වා වායු සමණය ක්‍රියාත්මක කලෙමි.., ඇය මොන වෙලේත් ජීවිතය දෙස සැහැල්ලුවෙන් බැලුවාය.හැම විටම උද්‍යෝගීමත්‍ ය.එවැන්නවුන් ලද පෙම්වතුන් වාසනාවන්ත වන්නේ එනිසාය. මගෙ මැසේජ් බර ගානකට පස්සෙ නිශානි රිප්ලයි එකක් දාල තිබ්බා කැමති තීරණයක් ගන්න කියලා.. මං හිතන්නෙ අපි අවසානයට ඇවිත් තියෙන්නෙ ඉන්දු.. හම්මෝ.. ඇති යන්තම්.. වෙන මොකක් හරි අවුලක් කියලා මට හිතුනෙ. නිශා මගෙ යාලුවා තමයි.. ඒත් ඒකිගෙ වැඩ නිසා ඔයා විඳවපු හැටි මම දන්නවා මලින්ද.., දැන්වත් ඕක නතර වෙන එකට මම කැමතියි. හ්ම්ම්... සුසුමකින් මම ඇගේ කතාව ස්ථිර කලෙමි.. මේ මොනවා හරි බොන්න යන්ද? දැන්?? නැතුව හෙටයැ.. ෆ්‍රී නම් යමං.මගෙ ගානෙ රෑට
කාලම එමු පොඩ්ඩක් ඉන්නවා එහෙනම්.. මං යාලුවට කියලා ෆෝන් එක අරන් එන්නම් ඇය ආපසු නවාතැන වෙත ගොස් පැමිණ රථයට නගිද්දී මම එය හරවාගෙන අවසන් විය.. මේ මගේ ප්ලේ ලිස්ට් එක දාන්න ඕන.. ඔයාගෙ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරගන්න.. ඇගේ විධානයට අවනත වී මම රථය ධාවනය කලෙමි.. Cause you're a sky, 'cause you're a sky full of stars I wanna die in your arms, 'Cause you get lighter the more it gets dark I'm gonna give you my heart.. අප දෙදෙනාම ආසා කල කීයකින් ඇරඹී වැයුණු ගී එකින් එක උස් හඬින් අපි ගැයූවෙමු.. ඇය අසල දී මට නඩත්තු කරන්නට මවා ගත් චරිතයක් නැත.. මේ මම ම ය. අවසානයේ අප දෙදෙනාද රැගෙන රථය දියත උයන අසල රථ ගාලේ ( වර්ථමාන ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පිහිටි ඉඩමේ) නතර විය. අප ආහාර අලෙවිසැල් වෙත ඇවිද ගියෙමු.. පැනගෙන ආවට වැඩක් නෑ.. කන්න අරන් දෙන්න මගෙ අතේ සල්ලි නෑ අපෝ .. ඔයා නම් මහ නරකයි මලින්ද..ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ගෙවනවා හරිද මට බෑ.., ගොන්ටෝ.. මට බඩගිනියි.. හා හා .., ඉන්නවා මම පීසා අරන් දෙන්නම්... ඒ ඇගේ ප්‍රියතම ආහාරයයි.. ඇය ප්‍රීතියෙනි. මම පීසාවක් ඇනවුම් කලෙමි.ඇය හොට් චොකලට් ගෙනාවාය.. අවසාන පීසා කොටස බෙදා ගන්නට කාසියේ වාසිය විමසන්නට අපට සිදු විය.. ජයග්‍රහණය ඇයටය.. මම කොටසක් ගෙන ඉවතට දිව ගියෙමි... ඉනික්බිතිව විදුලි පහන් එලියෙන් නොයෙක් රටා මැවුනු සුන්දර දියත උයනේ හිඳ චායාරූප ගැනීමට ඇයට අවැසි විය.., මේ.. ඔය ශර්ට් එකේ අත් දෙක නවාගෙන අර අයිනට යන්න.ෆොටෝ එකක් ගන්න එතන නියමයි.. ඒ සැහැල්ලු ජීවිතය සමග කල් ගත කරද්දී ප්‍රශ්න සියල්ල අමතක වී යන්නේ නිරායාසයෙනි..නිශානි ට පිරවිය නොහැකි වූයේ ඒ හිස්තැනයි.ඇය දිගින් දිගටම කලේ මගේ ජීවිතයේ හිස් තැන් නිර්මාණය කිරීමයි. යං.., දියවන්නාවෙන් නැගුනු සීතල සුලං රැලි අතරින් දියත උයන වටා අපි ඇවිදින්නට වීමු.. විසල් අහස්කුස යට මැවුනු අඩවන් ආලෝකය විසින් නිර්මාණය කලේ සාමකාමී ...., නැත. එය ශෘංගාරය විය යුතුය... .. අඩ සඳ ද තාරකාවෝ ද දීප්තිමත් ය.අපි තරඟයට තරු ගැන්නෙමු.. ආගිය තොරතුරු ද අතීතයේ අපේ දඟකාරකම් ද බොහෝ මාතෘකා අපට සපයා දුනි. කොයි මොහොතේ අපේ දෑඟිලි පටලැව්නාදැයි අපට නිනව්වක් නොවිනි.., මේ .., අතීතයේ දිනයක බමන මතින් මා ආදරය කරනා බව පැවසූ විට හොඳම යහලුවාට වරදක් කල නොහැකි නිසාවෙන් එය ප්‍රතික්ශේප කල කෙල්ලමය.. සැහැල්ලු සිතින් අප නැවත මෝටර් රථය වෙත පැමිණෙද්දී රාත්‍රී දහයට ආසන්න වී තිබෙන්නට ඇත.. රියදුරු අසුන වෙත නැගුනු මම රථය පණ ගැන්වීමි.ඇයට ආසන පටිය සකසා ගන්නට නොහැකිය.. ඒ රාත්‍රියේ ආසන පටි පැලඳ නැතැයි මාර්ගයේ සිටින පොලිස් නිලධාරීන්ට නොපෙනෙන බව මට කල්පනා නොවුණු බව සහතික වශයෙන්ම කියමි. සීරුවට ගත් ආසන පටිය මම අදාල ඇටවුමේ රැඳවීමි.ඇගේ පපුව හරහා නොපිට පෙරලී තිබූ ආසන පටිය නිවැරදි පිට පෙරලද්දී , සැහැල්ලු බ්ලව්සයට යට එතෙක් ගිනියම් වෙමින් තිබූ තිසරු පහස ව්දුලියක් කොටන්නාක් මෙන් මගේ සිරුර පුරා විහිදී යන්නට විය.. ආසන පටිය නිදහස් වන්නටත් ඒ නෑඹුල් නොවූ නා දළු යුගලේ පහස ලැබෙන්නටත් නිමේශයක් ගත වන්නට ඇත.සීමා වැට කඩුළු මවා වසර ගණනක් ආයාසයෙන් නතර කල පීඩනය පුපුරා හැලුනේ අප පියවි ලොවෙන් තව දුරටත් ඈතට ගෙන යමිනි.. හැඟුම් දෝරෙ ගලා ගිය මිනිත්තු කිහිපයකින් පසු රථය අප රැගෙන නාවල දෙසට ධාවනය වෙමින් තිබිණි..බොහෝ වේලාවක් කිරිල්ලියක මෙන් දොඩමළු වූ ඇය එය නවතා දමා වීදුරුවෙන් ඉවත බලා සිටියාය..කැසට් යන්ත්‍රයෙන් නැගුනු සිහින් හ‍ඬ අප අතර නැගුනු නිහඬ බව බිඳින්නට ප්‍රමාණවත් නොවිණි.. නවාතැන්පල අසලින් බැස යද්දීත් වියැකී ගිය ඇගේ සැහැල්ලු බව යලි දකින්නට නොතිබුණි.. මලින්ද..., මම යනවා.. පරිසමට යන්න යි කියා ඇය නවාතැනට ගියාය.. මහරගමට යා යුතු මම හයිලෙවල් මග දිගේ රථය පැදවීමි... මොහොතකින් දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයකට අදාල නොටිෆිකේශනයක Good night Au ලෙස සටහන්ව තිබුණි.. Au යනු මූල ද්‍රව්‍යයක් මැ!-විචිත්‍රවත් තලවිල මංගල්ලෙ අපි උදෙන්ම කඳානෙන් පිටත් උනේ තලවිල මංගල්ලෙ බලන්න යන්න. දන්න අය දන්නවානෙ ඒකෙ තියෙන විනෝදෙ. අපි කියන්නෙ අපෙ යාළුවො සෙට් එක. සති ගාණක ඉදන් සැලසුම් කරපු ගමනක්,කීප දෙනෙක්ගෙ ආච්චිලා සීයලා අසනීප උනත් තවත් කෙනෙක්ගෙ වයිෆ්ගෙ පුංචි අම්මගෙ උගුරෙ මාළුකට්ටක් හිරවෙච්ච නිසා එන්න බැරි උනත්, බොහෝමයක් අය ගමනට එකතු උනා. ශ්‍රද්ධාවෙන් යන්න ඕන වන්දනා ගමනක් නිසා අපි අරක්කු නොබී බියර් විතරක් බොන්නයි කතාවුනේ කලින්ම, වාහනේ යන ගමන් ලේසිත් එක්කනෙ, සැන්ඩි දාගන්න අරක්කු ටික ටික දාගන්න බෝතලේ පාස් කරගන්න දේකුත් නෑනෙ. ඔන්න කට්ටිය ඔක්කොම අහුලගෙන සුබ මොහොතින් ගමන පටන්ගත්තට මොකෝ හිත නිදහසෙන් යන්න හම්බුනේ විනාඩි තිස් පහයි. මං මොකාක් හරි ගමනක් ආසාවෙන් ගියොත් බඩේ ඉන්න යක්සයට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ. ඌට පැලියාව. හිත නිදහසෙන් ගමනක් යන්න දෙන්නෙම නෑ. "මූලික දැනුම් දීම් විදියට බඩ බුරු බුරු ගාන එක විතරනෙ ආවෙ. පැය තුනකින් තලවිල නෙ. අවුලක් වෙන එකක් නෑ" මං හිතුවා. අනෙක් උන් සිංදු කියන්න සෙට් උනා, මට මොන සිංදු ද මොන මගුලක් වත් කරන්න හිතෙන් නෑ. "අනෙ අම්මපා ලංකාවෙ වාහනවලට පැයට කිලෝමීටර් 200න් වගේ යන්න බැරි හැටි, තලවිලට හයිවේ එකක් හදපු නැති හැටි..මොකක්ද මේ රට" මං ලෝකෙ එක්කම තරහ වෙන ගමන් හිටියේ. ඊයෙ රෑ කාපු නූඩ්ල්ස් එකද එහෙම නැත්තම් උදෙන්ම කාපු එළවලු රොටියද අවුල් ගියේ. ඒත් නූඩ්ල්ස් එකේ අවුලක් තිබ්බෙම නෑ...කඩෙත් ෂුවර්...අනික ඒක අවුල් නම් උදේ වෙද්දි තේරෙනවනෙ. එළවලු රොටිත් මෙතන ඉන්න අනිත් උනුත් කෑවනෙ. මේ ඉන්නෙ උන් කිසි හෙණයක් නැතුව. ඇයි මේ මට ම? සීට්ටෙකේ ඔළුව තියාගත්තා කකුල් දෙකත් ලං කරගෙනම, කකුල් ඈත් කරොත් පස්ස රැවටෙන්න පුළුවන් පිටවෙන වෙලාව හරි ය කියලා.... "ඇයි බං ඇන්ටා මොකෝ සීන්නෙක" ජගා ඇහුවා. "නෑ බං ඔළුව රිදෙනවා....හෙල්ලෙන නිසා වෙන්නැති...ටිකකින් හරියයි" මං දාර පචයක් ඇරියා, මොකෝ නැත්තම් තව ටිකකින් වාත කේස් ආවම එකෙන්ම මාට්ටු වෙන්නෙ මං නෙ...මං දන්නවනෙ ඊළගට වෙන්න තියෙන වැඩේ. ඔළුව තියාගත්තම මේ ලෝකෙ සියල්ල සාමකාමී වෙලා නින්ද ගිහින් , ආයෙ ඔළුව කෙලින් කලාම තියෙන ප්‍රශ්න ඔක්කොම එනවා නම් කොච්චර දෙයක්ද? එහෙම වෙන් නෑ. අපට ඕන දේවල් කිසි එකක් වෙන්නෙ නෑ. ඔළුව තියාගත්තට මොකුත්ම වෙන්නෙ නෑ. මාරවිල පහු උනා විතරයි. පළවෙනි මිසයිලෙ පිටත් උනා...හෙන රස්නෙට.. මාත් සිංදුවට සෙට් වෙලා බොරුවට අත්පුඩි ගහන්න ගත්තා. ටිකකින් සිංදුව නැවතුනා, "අඩෝ අඩෝ පඩ අරින්නෙපා යකෝ...සික් ඒකෙ ගඳ...අයියේ A/C ඕෆ් කරන්න..ජනෙල් අරින්ඩෝන..ඉන්න බෑ." සිල්වා කෑ ගැහුවා. මටත් ඉන්ඩ බෑ..පට්ටම ගඳයි. එක එකා ගඳ ආව පැත්ත අනුව එක එකාව අල්ලනවා..මාත් ඒ සෙල්ලම ම කලා ඉතින්..නෝන්ඩි වෙන්න බෑනෙ. පොඩි සහනයක් ආවා... පාරෙ වාහන නෑ..වේගෙන් ආවා.. හලාවත පහුවුනා. ආයෙම ඔන්න, ඈනුම් යනවා..ඇඟ රත්වෙනවා... කණ මොකදෝ වෙලා..දාඩියත් දානවා... "මොන රෙද්දට මේ තලවිල රෙද්දවල් බලන්න යනවද ෂික්...ගෙදරට වෙලා පාඩුවෙ හිටියනම් ඉවරනෙ..ආවා රෙද්දක් බලන්න..." තරහටද අමාරුවටද මන්දා ඇඩෙන්නත් වගේ දැන්... දැන් ඉතින් ෆුල් ඩම් එක දාලා හිරකරන් ඉන්නවා..යටට යන ගෑස් ආයෙම උඩට හැරවෙලා එනවා.... "ඕයි චූ බරයි බං...මඟ බැහැ බැහැ හිටියොත් ඒත් පරක්කුයි...ඉක්මනට යමන්කො බං " සීන්නෙක චූ බරකට හරවලා පීඩනේ ඩ්‍රයිවර්ට මාරුකරන්න මගෙ ට්‍රයි එක තිබ්බෙ. දෙයියො දැක්කා වගේ තලවිල පල්ලියට ආව..අපි විතරක් නෙමේනෙ..හෙන සෙනඟ..ටොයිලට් වල පෝලිම් ද දන් නෑ...හිත හිත හිටියෙ නෑ..සින් ගාල ගියා ටොයිලට් එකට.. වෙලාවට කෙළවරේම එක මං පිළිගන්න බලන් හිටියා...දෙයියො මං දුහ බලන් ඉදල තියෙන්නෙ.. කලිසම ගැලෙව්ව විතරයි. ගාසා තීරෙ වගේ. මට පට්ටම සතුටුයි..මිනිහෙක් ඒ වගේ සතුටකුත් ජීවිතේට විදින්නම ඕන. දැන් ඉතින් ටොයිලට් එකෙන් එලියට යන්නෙ. ලෝකයේම නිදහස්ම මනුස්සයනෙ කියලා මතක් වෙද්දි මට මාරම ආතල්. ටික වෙලාවකින් එහා පැත්තෙ ටොයිලට් එකේ ඉන්න එකා.." මේ දකුණු පැත්තෙ කොල්ලා, උඹ කොහෙ ඉදන්ද ඕයි ආවෙ...හැක් හැක්..හික් හික්..." ගෑවා. සීන්නෙක තේරුණේ දැන්...ඇයි ඉතින් ගාසා තීරෙ වගේනෙ සද්ද බද්ද...මං කට වහන් හිටියා..මං උපතින්ම ගොළු දරුවෙක් සීන්නෙකේ ඉන්න හිතාගත්තා. එතකොටම මට දකුණු පැත්තෙන් ගෑණු කෙනෙකුත් හිකි හිකි ගානවා අරූගෙ කතාවට. හරිනෙ වැඩේ මං ඉන්නෙ කෙලවරේ එකේනෙ. එහාපැත්තෙ ගෑණු වැසිකිලි..විලි ලැජ්ජාවයි. වැඩ ඔක්කොම ඉවරවෙලා...විනාඩි පහළවක්..හරියට විනාඩි පහළවක් හිටියා. එළියට යන්න තියෙන ලැජ්ජාවට..අනිත් දොරවල් ඇරෙනවා වැහෙනවා මට ඇහෙනවා...මං නෙමෙයි හදිසි වෙන්න ගියේ..අපේ උන් තරගෙට කෝල් ගන්නවා. "වැඩක ඉන්නෙ..මං එන්නම්" කියල මැසේජ් දැම්මා කෝල් කට් කරලා. ඊට පස්සෙ තමා කිසි දෙයක් නොවුන ගාණට එළියට ආවෙ සිංහයා වගේ. ඔක්කොම ප්‍රශ්න තලවිල පොළොවට දීලානෙ මං ආවෙ..දැන් මොකට ඇඹරෙන්නද? අපේ උන් මාව හොයනවා,වෑන් එක ළගට යද්දි. "අඩෝ පට්ට කෑල්ලක් හිටියනෙ..මං ඉතින් ඒකිව ටෝක් කලා...අඩෝ සෙට් බං ඒකි...නම්බරෙත් දුන්නා. ඒකයි වෙලා ගියෙ. " ආයෙමත් දාර පචයක් ඇරියා... ඕන් ඔහොමයි තලවිල ගියෙ..මට වෙච්ච දේ එක්ක තලවිල මංගල්ලෙ හරි පොඩි දෙයක්. ඒ ගැන ඒ නිසා මොකුත් කියන්න දෙයක් නෑ. #බොකෑන්ටානිදි බේත් (කෙටි කතාවකි) ========== ⁣"මෙන්න මේක ගලෝලා දාන්ඩ කියලා කියපංකො අර මිනිහට. මට මේ බේත් වතුර හරියන්නෑ බත් කටක් තරං .මේවා පටලෝගෙන බත් ටිකක්වත් කන්ඩ පුළුහන්ද මං අහන්නෙ." සෝමපාල කෑ ගැහැව්වෙ මුළු වාට්ටුවටම ඇහෙන්න. මං දැක්කා ඒ සද්දෙට මේසෙ ළඟ වාඩි වෙලා මොනවදෝ බේත් තුණ්ඩු වගයක් ලිය ලිය උන්නු තරුණ දොස්තර මහත්තයත් ඔළුව උස්සලා බලනවා. පිස්සා කලබල උනාට දොස්තර කලබල වෙන්නෑ කියනවනෙ. මං දැක්කා දොස්තර මහත්තයා කට කොණෙං හිනා වෙලා බිම බලාගන්නවා. සෝමපාලගෙ කෑ ගැහිල්ලට මිනිහගෙ පුතා කියන මනුස්සයගෙ මූණ කළු වුණා. "කෑ නොගහ හිටපංකො
තාත්තෙ. ඕක ගලවන්ඩ ඕනෙ වෙලාවට දොස්තර මහත්තයා කියයි. අපිට පුළුහන්ද දොස්තරලට උපදෙස් දෙන්ඩ." "කියයි කියයි. මං මේ තාප්පෙං පනින්ඩ බැරිකමට ඉවසාන ඉන්නවා මිසක්ක අම්මපල්ලයි අත පය හයිය තිවුණ නම් මෙලහකට ඔලුව හැරිච්චි අතේ ගිහිං. නින්ද යන්නැති එකට එක නිදි පෙති කෑල්ලක් දෙන්ඩ කිව්වට කණකට ගන්නවද මේ පුතයලා" සෝමපාලගෙ හෙමින් කතාවක් නෑ. මං බලාන ඇඳන් දෙකකට එහා ඇඳේ උන්නු කොල්ලව බලන්න ගෙදරින් ඇවිත් උන්නු කෙල්ලො දෙන්නත් අතින් කට තද කරගෙන සෝමපාල දිහා බල බල හිනා වෙනවා. "කෑ නොගහ හිටියෙ නැත්තං හැබැයි මං හෙට උදේට එන්නෑ බලන්ඩ. යකෝ ඉස්පිරිතාලෙ ඉන්න ටිකේවත් ටිකක් වෑවිලා ඉන්ඩ එපැයි. මේ මහත්තුරුන්ට තද වෙලා ටිකට් කපාන අරං යන්ඩ කිව්වොත් මං එපැයි කර තියාන යන්ඩ. ඒ ගිහිං මං ගොඩ බේත් කරන්ඩද?" සෝමපාලගෙ පුතා කියන මිනිහත් සරමක් කමිසයක් ඇඳපු මැදි වයස පහු කරපු මිනිහෙක්. මහ ලොකු සරු පාටක් නෑ . දාගෙන හිටපු රබර් සෙරෙප්පු දෙකේම විළුඹ ළඟින් හිල් හැදිලා. ඇඳන් උන්නු කමිසෙත් කහ ගැහිලා. කටත් පඩික්කම වාගෙ. "අනේ තොපි මං සනීපෙන් උන්නා කියලා බැලුවනෙ මට. හොඳ වෙලාවට ඔප්පු ලියන්ඩ කලිං මට මේක උනේ. නැත්තං අද මේ බත් ගෙඩියවත් විස්සාස නෑ. " මහ මනුස්සයගෙ කියවිල්ලට පුතා කියන හාදයට කට උත්තර නෑ. මං දිහාත් දෙතුන් සැරයක් බැලුවා. මං කියලා ඉතිං මොනව කරන්නද? මට පුළුවනෑ උන්දැගෙ කට වහන්න. කොහොමත් මිනිහට කියවන්න ගියාම කවුද කින්ද මන්ද අදාළ නෑ. සක්කරයට උනත් කියන්න තියෙන දේ හෙණ ගහනව වගේ කියලා දානවා.ඒ කට වහන්න මොනව හරි කියන්න ගිහින් ඔය මිනිහා මටත් මොනව හරි කිව්වොත් කට කන්නයැ ඉතිං. ⁣"මොකෑ මේ සද්දෙ? මේක ගෙදර කියලා හිතුවද? ⁣අපිට කණක් ඇහිලා ඉන්නත් නෑනෙ. පාඩුවෙ ඉඳලා බේත් ටික බීලා සනීප වෙලා යන්න බැරි නම් කරුණාකරලා කියන්න ටිකට් කපලා දෙන්නම්. " අර දොස්තර මහත්තය ළඟ ඉඳගෙන හිටපු සුදු මහත මිසී යක්සාවේස වෙලා සෝමපාලගෙ ඇඳ ළඟට ආවා. "මිසී මේ තාත්තා කියන්නෙ සේලයිං කටුව ගලවන්ඩ කියලා. පැටලෙනවලු" පුතා කියන මනුස්සයා බොහොම බයාදු තාලෙට බුලක් කහට බැඳිච්චි දත් ටික පාලා හිනා වෙලා කිව්වා. ''ඕනෙ වෙලාවට ගහන්ඩයි ගලවන්ඩයි මේක මොකක් කියලද හිතුවෙ. එහෙම තමුන්ට ඕනෙ ඕනෙ වෙලාවට කටු ගහන්නයි ගලවන්නයි ඕනෙ නං ගෙවලා බේත් කරන තැනකට යන්ඩ වෙයි." "ආ.. ආ.. මේවටත් අපි ගෙවලා තියෙන්නෙ හරිද.. ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලත් තියෙන්නෙ අපේ සල්ලි තමයි. මොකෑ ආණ්ඩුවට අහසිං සල්ලි කඩාපාත් වෙනවයැ" සෝමපාලත් අතාරින පාටක් නෑ. "අනේ මන්දා.. මට තේරෙන්නෑ තමුන්ටද පිස්සු මටද පිස්සු කියලා" අර මිසී සෝමපාලගෙ සේලයින් බටේ ගලවන ගමන් කුටු කුටු ගගා කියවනවා. "මිසීට වෙන්ඩ ඇති. මං නං ඉන්නෙ හොඳ කල්පනාවෙං" මිසීගෙ මූණට සෝමපාලගෙ පුතාගෙ මූණ පරාදයි. ඒ කතාවට එහා ඇඳ ළඟ උන්නු කෙල්ලො දෙන්නගෙ හිනාව බකස් ගාලා එළියට පැන්නා. එයිං එක කෙල්ලෙක් අතින් කට තද කරගෙන අඩියට දෙකට වාට්ටුවෙන් එළියට දිව්වා මං දැක්කා. කොහොමින් කොහොම හරි සේලයින් බටේ ගලවපු හින්දා සෝමපාලත් කට පියාගත්තා. හැබැයි ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙනකල්ම බත් ගෙඩිය දිග ඇ⁣රගෙන කන ගමන් අර පුතාට නම් සෑහෙන්න දෙහි කැපුවා. ආයෙත් සැරයක් මිනිහගෙ කට ඇරුනෙ රෑ නමයත් පැන්නට පස්සෙ. එතකොට නම් වාට්ටුව හොඳටම නිස්සද්දයි. දවල් වගේ කලබලයක් නෑ. මමයි සෝමපාලයි වගේ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් සේරම ලෙඩ්ඩු මර නින්දෙ . වාට්ටුවෙ රෑ වැඩ මුරේට ආපු දොස්තර මහත්තයා කැරකෙන පුටුවෙ දිගා වෙලා බිත්තියෙ එල්ලලා තියෙන ටී වී එකේ යන ක්‍රිකට් මැච් එකක් බලනවා. ඒ බලන ගමන් ළඟ ඉන්න සුදු හීන්දෑරි මිසී එක්කත් මොන මොනවද කතා කරනවා. "ශික්! බලනවකො.. මුන්ට කිව්වට මට නිදි පෙත්තක් දෙන්නෑනෙ. " සෝමපාල ඇඳේ මේ පැත්තට කකුල් දාලා මගෙ මූණ දිහා බලාගෙන ඇඳ උඩින් ඉඳගත්තා. "ඇයි නින්ද යන්නැද්ද?" "නින්ද යනවනම් නිදි පෙති ඉල්ලනවයැ අයිසෙ! බීඩි මිටියක්වත් තිවුණනං එළි වෙනකල් ඇහැරිලා ඉන්ඩ තිවුණා. එක්කො නිදි පෙත්තක් දෙන්ඩ ඕනෙ. එහෙම නැත්තං බීඩි මිටියක් ගෙනත් දෙන්ඩ ඕනෙ.පුදුම කරුමයක්නෙ යකෝ මේක" සෝමපාල කියවන්නෙ ඈත හිටපු දොස්තර මහත්තයටයි මිසීටයි ඇහෙන නෑහෙන ගානට. "කෑ ගහන්ඩ එපා මනුස්සයො. ඉස්පිරිතාලෙ කියන්නෙ බීඩි බොන තැනක්යැ" "මට නං ඔය කොහෙත් එකයි!" "කට පරිස්සමින්! දොස්තර මහත්තයට ඇහුණොත් එළියට ඇදලා දායි" මං කිව්වෙ අපේ සද්දෙට ඒ මහත්තයා දෙතුන් සැරයක්ම හැරිලා බලනවා දැකපු හින්දා. "අනේ පුළුහන් නං ලොකු දෙයක්! ගෙදර ගිහිං බූරු ඇඳට වැටුණනං මට මේ එක ලෙඩක්වත් නෑ. කොහෙද මුන්ට ටිකට් කපන්ඩ වගේ විත්තියක් නෑනෙ. හෙට නං මං බෙල්ල ගහලා යන්ඩ හරි ලොකු දොස්තර ආවම කියනවා." "මොකද ඔය ඔතන දෙන්නට නින්ද යන්නැද්ද?" දොස්තර මහත්තයා ළඟ හිටපු මිසී එතන ඉඳන්ම සද්දෙට කෑ ගැහැව්වා. "නෑ නේන්නං. මං නිදි පෙත්තක් ඉල්ලන්නෙ ඊයෙ ඉඳං ." සෝමපාලත් මිසීගෙ සද්දෙට දෙවෙනි වෙන්නැති සද්දෙකිං කිව්වා. "මොකද්ද ඔය ලෙඩාගෙ නම?" " සෝමපාල!'' සෝමපාල මේ කොණේ ඉඳන් උත්තර දෙනවා. එතකොට මිසී මේසෙ උඩ තිබුණු පයිල් ටික ඇදලා ඇදලා එක පයිල් එකක් අතට අරං පෙරලුවා. ඒක සෝමපාලගෙ පයිල් එක වෙන්ඩ ඇති. ටික වෙලාවක් ඒක දිහා බලන් හිටපු මිසී ඒකත් අරගෙන අපි හිටපු තැනට ආවා. "මොකක්ද දැන් තියෙන ප්‍රශ්ණෙ?" "නින්ද යන්නෑ මිසී" සෝමපාලගෙ කතාවෙ කිසි ගරුසරුවක් නෑ. "නින්ද යන්න නිදාගන්න එපැයි. මං නං දැක්කෙ නෑ ඔයා නිකමටවත් ඇඳේ ඇල වෙලා ඉන්නවා. මිනිස්සුන්ට ඉඳගෙන නින්ද යන්නෑනෙ. ටිකක් කට පියාන ඇල වෙලා ඉන්න. නින්ද යයි." "නින්ද යනවනං ඇළ වෙලා ඉන්ඩ බැරියැ!" සෝමපාල කුටු කුටු ගගා එහෙම එහෙම කියලා ඇඳේ දිගා උනා. මිසී ආයෙත් සැරයක් පයිල් එක පෙරළ පෙරළා බැලුවා. "සෝමපාල නේද නම?" "තුප්පහි රාළලාගේ සෝමපාල!" ⁣"ඒ බව පේනවා! ටිකක් කට පියාන ඇළ වෙලා ඉන්ඩ" මිසී එහෙම කියලා යන්ඩ ගියා. සෝමපාල කට තද කරලා පියාගෙන මූණත් පුළුටු කරගෙන ආපහු හැරිලා යන මිසී දිහා බලන් ඉන්නවා . හැබැයි මිනිහා එහෙම හිටියෙ බොහොම ටික වෙලාවයි. ආයෙත් සැරයක් නැගිටලා ඇඳ උඩින් ඉඳගත්තා. "නින්ද යන්නෑ.. නින්ද යන්නෑ.. නිදි පෙත්තක් නැතුව නං මට නින්ද යන්නෑ.." ඒ සැරේ මිනිහා ඔලුවත් දෙපැත්තට හොල්ල හොල්ල සීතලේ හැදිලා වෙව්ලනවා වගේ කියවන්න පටන් ගත්තා. "මොකෑ සෝමපාල අපිට මෙහෙම වද දෙන්නෙ..? දැන් කී සැරයක් කිව්වද ලොකු ඩොක්ට ලියපු ⁣බේත්වලට අමතරව පෙනඩෝල් පෙත්තක්වත් අපිට දෙන්ඩ බෑ කියලා!" මම බලනකොට දොස්තර මහත්තයා බලබල හිටපු මැච්චෙක පැත්තකින් තියලා නැගිටලා එනවා. මට නං දුකත් හිතුණ ඒ මහත්තයා ගැන. කවුරු හරි බොහොම නිමිච්චි අම්මෙක් තාත්තෙක්ගෙ දරුවෙක් වෙන්ඩ ඇති. එහෙම නැත්තං ඉතිං මේ මිනිහා වද දෙන දීමනාවෙ හැටියට වෙන මහත්තයෙක් උනා නං ලෙඩා කියලා ඉවසන්නෑ කණෙං ඇදලා දොට්ට දාලා. ඊයෙ රෑත් මේ ජල්ලියම ඇල්ලුවනෙ. ඒ උනාට සෝමපාලට නං ඒකෙ වගේ විත්තියක් නෑ. "මහත්තයා කිව්වට කොහොමද?මට දැන් තුන් දවසකිං නින්ද ගියෙ නෑ.. ඕං මං දන්නෑ හෙට අනිද්දා වෙනකොට මගෙ ඔලුවෙ අමාරුවටත් මහත්තයලට බෙහෙත් කරන්ඩ වෙයි" සෝමපාල කියවන්නෙ අත් දෙකෙම්ම ඔලුව බදාගෙන. දොස්තර මහත්තයා සෝමපා⁣ලගෙ ඇඳ ළඟ නතර වෙලා අත් දෙකත් පපුවට බැඳගෙන මිනිහා දිහා බලන් හිටියෙ කේන්තියෙන් නම් නෙමෙයි කියලා මට තේරුණා. මහත්තයගෙ මූණෙ තිබුණෙ එළියට පනින්න නොදී දරාගත්තු හිනාවක්. "ආ බය වෙන්ඩ එපා.. සෝමපාල ඉන්නෙ ඉස්පිරිතාලෙනෙ. ඔය කියන ඕනෑම ලෙඩකට බේත් තියෙනව මෙහෙ. දැන් මේ වාට්ටුවෙ ඉන්න අනිත් ලෙඩ්ඩුන්ටවත් දෙයියනේ කියලා නිදියගන්ඩ දීලා සෝමපාල කෑ නොගහ ඉන්ඩකො." ''කෑ නොගහ ඉන්ඩ තිබුණා නින්ද ගියා නං. තුවාලෙ තියෙන මිනිහා මිසක්ක වෙන මිනිහෙක් දනීයැ ඒකෙ රුදාව" සෝමපාල කුටු කුටු ගෑවිල්ලෙ කියෝනවා. වාට්ටුවෙ මහත්තුරු නෝනලා හොඳ හින්දා හොඳයි. ඒත් ඉතිං දැන් රෑ එකොළහත් පහු වෙච්චි එකේ මහත්තුරුන්ගෙ නෝනලාගෙ ඉවසීම උනත් තව කොච්චර දිගද කියලා කවුද දන්නෙ? "ආයෙ නිදි බේත් දෙන්ඩ දොස්තර ලොකු වෙන්ඩ ඕනෙයැ. පොඩි හරි ඔයාත් දොස්තරනෙ. දෙන්ඩකො අප්පා නිදි පෙත්තක්" ඒ පාර සෝමපාල යාප්පුවෙන් කතාව. මං බලාන දොස්තර මහත්තයා හිනාව උහුලගෙන කට තද කරන් ඉන්නවා. "හ්ම් පොඩ්ඩක් ඉන්නකො. මං මිසී අතේ නිදි පෙත්තක් එවන්නං. හැබැයි ලොකු දොස්තර මහත්තයට එහෙම කියන්නෑ හරිද?" දොස්තර මහත්තයා ආපහු යන්න හැරිලා කිව්වා. "ආයෙ කට කෑවත් කියන්නෑ මහත්තයා. මේ සෝමපාල එහෙමයි. මහත්තයා බය නැතුව පෙත්ත දෙන්ඩ. මහත්තයලත් සැපේ . මාත් සැපේ" මිනිහගෙ සන්තෝසෙ දෝරෙ ගලනවා. ටික වෙලාවකින් අර මිසී බේත් පෙත්තකුත් අරගෙන සෝමපාලගෙ ඇඳ ළඟට ආවා. "වයසට යනකොටවත් ටිකක් සංවර වෙන්ඩ බලන්ඩ තාත්තෙ. වද දෙන්ඩ එපා මෙහෙම. අපිටත් ඉවසන්ඩ පුළුහං සීමාවක් තියෙනවනෙ" මිසී බේත් පෙත්ත සෝමපාල අතට දුන්නෙ එහෙම කියලා. "අර රත්තරං මහත්තයා හොඳ හින්දා හොඳට ගියා. නැත්තං තව ඩිංගෙං මගෙ සීමාවත් පයිනවා මිසී." මිනිහා එහෙම කියලා ඇඳ පිටිපස්සෙ බැම්ම උඩ තිවුණු වතුර බෝතලෙන් ටිකක් කටට හළාගෙන බෙත් පෙත්ත ගිල්ලා. "හ්ම් .. එහෙනං ඕං මං බුදියගත්තා. හෙට උදේ නං ලොකු මහත්තයා ආවම කොහොම හරි කියලා ටිකට් කපවගන්ඩ ඕනෑ" සෝමපාල එහෙම කියලා ඇඳේ ඇළ උනා. හැබැයි කිව්වත් වගේ මිනිහා එතනින් එහාට හාවක් හූවක් නෑ . නිදි පෙත්තෙ සැරට වෙන්න ඇති. මිනිහගෙ සද්දයක් නැති හින්දා වෙන්නැති ටිකකින් දොස්තර මහත්තයා ආයෙ සැරයක් සෝමපාලගෙ ඇඳ ළඟට කිට්ටු කෙරුවා. "නින්ද ගියා වගේ නේද?" මහත්තයා ඇහැව්වෙ මගෙන්. ඒ වෙනකොට සෝමපාල ගොර අදිනවත් එක්ක. " පැරසිටමෝල් බීලා මෙහෙම ගොර අදිනව නං නිදි පෙත්තක් දුන්නනං කොහොම තියෙයිද?" මහත්තයා එහෙම කියලා හිනා වෙවී ආපහු හැරිලා යන්න ගියා. 🖊️ කල්පනී කවිරාජඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වී සිසුන් කොටසක් හා ඔවුන්ගේ දෙමාපියන් සතුටින් ෆේස්බුක් සටහන් තබා තියෙනවා . තවත් කොටසක් ප්‍රමාණවත් ප්‍රතිඵල නොලැබීම නිසා සන්තාපයට පත්වෙලා බව පේනවා. ඒ ගැන
මං කලින් පෝස්ට් එකක් දැම්මා. ඔබට නැවත උත්සාහ කරන්න පුළුවන් බව මං එහිදී කිව්වා. මේ සටහන ලියන්නේ තවත් කාරණයක් මතක් කර දෙන්න. සාමාන්‍ය පෙළ දිය බිඳක් නම් උසස් පෙළ සාගරයක් හා සමානයි කියලා කවුරු හෝ කියා තිබුණා. ඔව්, ඒ දෙක අතර ලොකු පරතරයක් තියෙන බව ඇත්ත. ඒ වගේම සාමාන්‍ය පෙළ A සාමාර්ථ ගත්තා වුණත් ඒ ලකුණු ලැබීමේ යම් යාන්ත්‍රික බවක් තියෙනවා. ඉලක්ක ගත ප්‍රශ්න වලටයි උත්තර ලියන්නේ. ඉතින් අර A සාමාර්ථ ගත්ත සිසුන් අතර දක්ෂයොත්, මධ්‍යස්ථ හා ඊට පහළ මට්ටමේ සිසුනුත් ඉන්නවා. මොකද පිරිසක් අතර බුද්ධිය ප්‍රමිතව ව්‍යාප්තවන ජානමය සාධකයක්. ඒ අනුව දරුවන් අතර ඉහළ බුද්ධි මට්ටම් ඇති සුභග ( Gifted children ) සිසුන් සුළුතරයක් ඉන්නවා. ඔවුන්ට පහසුවෙන් උසස් පෙළ විෂයයන් වුවත් වැටහෙනවා. මධස්ථ අයට ටිකක් මහන්සි වුණහම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊටත් පහළ අයට සුදුසු ක්‍රම වේද අනුව ටිකක් වැඩියෙන් උත්සාහ කරන්න වෙනවා. සාමාන්‍ය පෙළ ලිව්වත් එක්කම සිසුන් උසස් පෙළ සඳහා ටියුෂන් යන බව රහාසක් නෙවේ. ඉස්සර ටියුෂන් කිව්වේ පාසලේ දී වැටහෙන්නේ නැති යමක් වඩාත් හොඳින් වටහා ගැනීම සඳහා ඇති අමතර උපකාරක පන්ති ලෙසයි සැළකුවේ. අප නම් එහෙමවත් ටියුෂන් ගියේ නැහැ. දැන් සේරටම කලින් ටියුෂන් යනවා. ඒ වගේම ඒ පන්තිවල කරන්නෙත් මුළු විෂය නිර්දේශය ආවරණය කරන්න හදන එක. ඒ විතරක් නෙවේ සමහර ළමයි ගුරුවරු කීප දෙනෙකු ළඟට යනවා. ළමයට සටහන් කන්දක් එකතු වෙනවා. පාසල අවසානයේ වගේම සති අන්තයේ ද ටියුෂන් පන්ති කීපයකට යන සිසුන්ට තමන්ට කියලා හිතන්න හෝ ස්වයං අධ්‍යනයේ යෙදෙන්න වෙලාවක් නැහැ. ස්වයං අධ්‍යනය යනු කුමක් ද කියාවත් ඒ සිසුන් දන්නේ නැහැ. කෙටි සටහන් පවා පන්තිවලින් දෙනවා. මේ නොනවතින සටන ඔරොත්තු නොදෙන දරුවන් රෝගීන් වෙනවා. ඒකට තව හේතුවක් තමයි මේ ළමයින්ට කිසිම ව්‍යායාමයක් නැති වීම වගේම සමබර ආහාර වේලක් නොලැබීම. ආහාර ගන්න වත් හරියට වෙලාවක් නැහැ. ටියුෂන් ගාස්තු අධික නිසා පවුල්වල ආහාර සඳහා වෙන්වන මුදල පවා අඩු වෙනවා. දෙමාපියන් මේ ගැන කල්පනා කරාවී කියලා මම හිතනවා. ඊළඟට තියෙන තව රෝගයක් නම් සුදුසු වෙලාවට ප්‍රථම මේ විභාග වලට පුද්ගලිකව අයදුම් කර පෙනී සිටීමේ උමතුව. ලංකාවේ දැනට තියෙන ක්‍රමය අනුව ළමයින්ගේ කාලය අපතේ යන බව ඇත්ත. 7,8,9, ශ්‍රේණිවල කාලය අනවශ්‍ය ලෙස ගත වෙනවා. ඒකට පිළියම තම තමන්ගේ ළමයින් කලින් සාමන්‍ය පෙළ හා උසස් පෙළට ඉන්දවිම නොවන බව තේරුම් ගන්න. ප්‍රතිපත්තිමය වශයෙන් සාමාන්‍ය පෙළ වසරක් කලින් තියන්න පුළුවන්. ඒක රාජ්‍ය මට්ටමෙන් ගන්න ඕන තීරණයක්. අනික හැකි ඉක්මනින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රම වේදයක් සකස් වෙන්න ඕන. ඒවා තනි තනිව කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ වෙනස් කම් වුණොත් ඔබේ දරුවන්ට කලින් උසස් අධ්‍යාපනයට යොමු වෙන්න පුළුවන්. රටේ සුදුසු පාලනයක් ඇතිකරගන්න එකේ වගකීම තියෙන්නේ පුරවැසියන්ට. ඔය ඇතැම් පන්තිවල ගුරුවරුන් ලෙස කටයුතු කරන අය ඒ ඒ විෂයයේ සරල සුදුසු තැනින් නෙවේ ආරම්භ කරන්නේ. මෙන්න මේ නිසා ඇතැම් සිසුන්ට හිතෙනවා ඒ විෂයය තමන්ට කරගෙන යන්න බැහැ කියලා. එතැනින්ම විෂයය ධාරාව වෙනස් කරනවා. හරි විදියට නම් පාසලේ අධ්‍යාපනයට යම් උදව්වක් විදියට උපකාරක පන්තියක් තිබීම සාධාරණයි. දැන් මේකට හුඟක් අය කියාවි පාසලේ උගන්වන්නේ නැහැ කියලා. හරි පාසලේ උගන්වන්නෙම නැද්ද? එහෙන්ම ඒක ගැන සොයා බලන්න දෙමාපියන්ට වගකීමක් තියෙනවා. උගන්වනවා කියා එකකුත් ඇත්තටම නැහැ. මග පෙන්වීමක් තමයි ගුරුවරුන්ට කරන්න පුළුවන්. ඒ මගේ යන්න සිසුවාට වෙලාවක් වෙන්කරගෙන ඉගෙන ගත දේ විමසන්න අවස්ථාව තියෙන්න ඕන. විෂයයේ තමාට ඇති ගැටළු සටහන් කරගෙන තම ගුරුවරයාගෙන් හෝ වෙනත් අයෙකුගෙන් ඒවා විසඳා ගන්න ඕන. නැතුව කළයක් මුනින් නවා වක් කරනවා වගේ මුළු විෂය නිර්දේශය හැම පන්තියෙන්ම වැටෙන්න ඕන නැහැ. සුදුසු විෂය සංකලන තෝරාගෙන ඔබේ දරුවාට ඒ ගමන යන්න උදවු කරන්න. ඔබට ජය. Photo credit to Tri Vo on Unsplashඅසා ඇති කතාවක් ඇසුරින් පබැඳුවෙමි. හැසී රස පමණක් ම ලැබගන්න සකියනි. දෙගොඩ හරි වියේ යුවලකි,සමගිය ඔවුනගෙ සැපයයි වත්තෙ පිටියෙ ගෙදර දොරේ හැම විට හිටියේ එකටයි අදහස් හොඳහැටි පෑහෙයි තිබුණේ එකමෙක වෙනසයි ස්වාමියා කෙළිලොල්ලෙකි,බිරිඳගෙ සිත ළඟ දහමයි... මරණින් මතු සුරලෝකයෙ ඉපැදුම බිරිඳගෙ පැතුමයි යාග හෝම පුද පූජා පිදීම ඇයගේ සතුටයි සහය වුවත් හැම දේටම සැමිය ට ඒවා විහිලුයි විනෝදය යි සැහැල්ලුවයි ,දෙවියන් බව ඔහු අදහයි..... සැමදා සුව සතුට ගෙනා දිවියේ හැටි හරි පුදුමයි කවදා හෝ යායුතු බව නොසිතු වෙලාවක පවසයි සළකුණකු දු නොපා දිනෙක සැමිය ගෙ හදවත නවතියි ඉවසුම් නැති සොවකින් වුව ඇය ඔහු හිස සිඹ සමුදෙයි.... තනිවම නිවසේ පසුවන ඇය නිරතුරු දෙවි නමදියි සග සැප ලද සමුණා ගේ ආත්මය ට සුව අයදියි සිහිනෙන් වත් පෙනේවිදැ යි සැම රැයකම නිදි එළැඹෙයි සුන් වූ පැතුමන් සමගින් සිව් වසරක කල ගතවෙයි....... නිසංසල වු නිද්‍රාවක ගැලුනු රැයක සිත පිබිදෙයි කල් ගත වී වුවත් එදින ස්වාමියා ඇය අමතයි මෙතෙක් කලක් සිහි නුවුනට නෝක්කාඩු බස් පවසයි කඳුලු සුසුම් මැදින් වුවද ඔහු ගේ නව තතු විමසයි..... ""බැලු බැලු අත නිල්ල දිලෙයි,මේ හැම තැන මල් සුවඳයි වරල් සළා මින් දඟලන සිහිල් දියෙන් පිරි පොකුණුයි පලවැල ළඹ දෙන තුරු මත විහඟ ගීත සිත සනසයි විසල් දෙනෙත් අයා බලන සුන්දරියන් මගෙ ළඟමයි"'....... ඉරිසියාව පිරුන සිතේ,,ඇය ගේ කට හඬ වෙවුලයි "'දෙව්ලියො එතරම් සොඳුරු ද? මා අමතක වුනෙ එහෙමයි"',, ""කොහේ තියෙන සුර ලොවක් ද?"' ඔහු පවසන්නේ මෙලෙසයි, ""යුරෝපයේ තණ පිටියක නාඹර ගවයෙක් මම""යැයි........................ .ධනුෂ්කොඩි ලංකාවට 22km අපි දැන් දකින්නට යන්නේ ලංකාවට 22 km දුරකින් වූ ධනුෂ්කොඩියයි.. තවත් ලෙසකින් කීවොත් ලංකාවට ප්‍රධාන ගොඩබිම කින් ළඟාවිය හැකි මාර්ගයක් තනන්නේ නම් ආසන්නතම ස්ථානයයි .මේ මට ඉතා වටින්නේය .මන්දයත් මේ කිලෝමිටර් 22ක් පාලම මගේ ජීවිතයේ සිහිනයකි. මන්දයත් ලංකාව ලෝකයට සම්බන්ධ වන්නේ නම් එය ඉදිරියට කල යුතුමය. එය පසුව කතා කරමු . මේ ධනුෂ්කොඩි යට ගිය කතාවයි.. රාමේෂ්වරන් ප්‍රධාන දූපත් පම්බන් වලින් ඇතුල්වී කිලෝ මීටර් 33 ගමන් කළ පසු ඔබට ධනුෂ්කොඩි ය හමුවේ .එය ඉන්දියාවේ බටහිරින් අන්තම කොටසයි .ඒ සඳහා යාමට රාමේෂ්වරම නගරයෙන් අංක තුන බස්රථය ාමාන්‍යයෙන් පැයකට වරක් ධාවනය වේ. ධාවන කාලය මිනිත්තු තිහක් පමණ වේ. වියදම ඉ .රුපියල් 15කි. දෙපසින් යනවිට ප්‍රධාන තලෙයි මන්නාරම් දූපත ඇතිවූවක් වැනි ම ය කුඩා කුඩා ගෙවල් ද කලපුව දෙපසින් ඉදිවී ඇත මාළු වාඩිය. විශේෂත්වය අපේ මෙන්ම බූරුවන් බොහෝ මෙහි ගැවසීම යි. කෙමෙන් කෙමෙන් ජීවන සුවඳ දැනේ. සුළග ඉතාමත්ම හොඳින් දැනේ. බස්රථයේ වීදුරුව මම තවත් ඇර ගතිමි. මගේ අනිත් පස කිසිවෙක් වාඩි වී නැත .එම නිසා මට බාධාවක් නැත .යන විට තවත් කැලිකට් සිට පැමිණි සොයුරන් දෙදෙනෙක් හමුවිය .හමුවීමට මූලික හේතු ඔවුන් ඉංගිරිසි දැන සිටීම ය. මට විස්තර සහ ගන්නට හොඳම මාර්ගය ඔවුන්ම වීමය . සංවාදයකින් පසු අපි බසයෙන් බැස යන්නට හදන විට මිනිත්තු 15කින් ඔවුන් පිටත් වෙන බව කීය. ඉර දකින අන්තයේ සිට මීටර් 500ක් පමණ දුරට වන්නටය ආවා ගියා අපි හොඳින් වින්දනය ලබන්නට අතපය වනාගෙන පින්තූර ගසාගෙන ධනුෂ්කොඩි කුඩා බෝඩරේ ඇවිදගෙන ගියෙමු ,හරි සුන්දර අත්දැකීමකි.. මුහුදු සුළං හොඳින් දැවටිණි . කොනටම පැමිණි විට ඔබ දකින්නේ හදා ඇති වටරවුම කි. එහි වටා මුහුදු බෙල්ලන් සිප්පිකටු mala ඉන්දියන් වර්ගයේ වේට්ටි නොයෙකුත් සැරසිලි විකුණන වෙළෙන්දන්ය එක් වෙළෙන්දෙක් සිප්පිකටු ඇගේ ගසන්නට හදයි ලංකාවෙන් ආපු මට මොන සිප්පිකටු ද විකුණයි . තවත් කොණක terascope එකකින් ලංකාව පෙන්නයි. මමත් එතෙන්ට රුපියල් විස්සකින් ලංකාවේ ගොඩනැගිල්ලක් පෙනෙන බව ඔහු කියයි. මම හොඳින් බැලීමි. නැත ඇත්තටම ගොඩනැගිල්ලක් වෙනි දන්නා කියන පරණ ප්‍රදීපාගාරය පෙනෙන්නේ නැති දැයි ඔහු අසලින් ඇති මම හොඳින් හුස්ම ගනිමි . වසර ගණනක් තිස්සේ දුටු හීන මේ මොහොතේ මම භුක්ති විදිමින් එසේම පින්තූර මට ඕනෑ ලෙස අරන් දෙන්නට මට වඩා අවුරුදු පහළොවක් පමණ බාල වූ තරුණයන් දෙදෙනා පැකිලෙන්නේ නැත එලෙසින්ම ආපසු එන විට බස් රථය ගොස්ය. ඉන්දියාවේ ප්‍රචලිත shared රෝද තුනක් ඒ වෙන්නේ අප පසුකර ගෙන ගියේය .දෙමළ බසින් මගේ මිතුරන් ඔහු හා කතා කළේය .එක් අයෙකුට රුපියල් පනහ බැගින් ආපසු යන්නට කතිකා කර ගත්හ. එය හොඳ අගයකි. යනගමන් මාගේ තවත් දොළදුකක් සංසිඳවා ගත හැකි විය. ලංකාවෙන් එදා ධනුෂ්කොඩි දුම්රිය රැගෙන පැමිණි පියරය අසලටම ගියෙමි .එය හොඳින් නැරඹීම. මලකඩ කා ඔහේ අතහැර දමා ඇත. ඒ ගැන කාටවත් වගක්වත් නැත. .මම පින්තූර ගන්නා විට රථයේ රියදුරුද මේ මොකක් දැයි අසන තරමට කට ඇරගෙන බලා සිටියේය .මට වටින්නේ නැත්තේ මාළු වාඩිය. තව ටික දුරක් එන විට මහා සුළි සුළඟට අසු වූ පල්ලිය ද අතහැර දැමුණු නගරය ද දකින්නට ඇත .එහෙත් මිනිස්සු නගරය අතහර ගොස් නැත .මන්ද ධීවර වාඩි හැමතැනම ඇත . මිනිසුන් හුස්ම ගණන දැනේ. ධනුෂ්කොඩි ය ලංකාවට ඉන්දියාව ලෝකයේ ප්රධාන ගොඩබිම යකරන අන්තයයි . ඒ සඳහා දිනෙක ඔබත් මාත් ගොඩබිම හරහා යන දිනය ලංකාවේ දියුණුවේ සලකුණක් වෙන දිනක් බව කියා අදට නවතිමි.දිවුල්ගනේ මහත්මයා දුවෙක් වෙනුවෙන් කියපු "මගේ දුවේ නුඹ අවදියෙන් නම්" සිංදුව අපේ තාත්තා මට කීව නම්.... සුදු පුතේ උඹ ඇහැරුනා නම් දැන් නවය පහු වී පහලොවයි... දොර ඇරන් එලියට නාවොතින් අද කෑම නෑ බොට සත්තමයි.... කොට්ටම්ඹා කොල බිමට බැහැලා බිම හැඩි වෙලා ඇති වෙලාවයි උඹේ බල්ලො ටික බෑ කියාගෙන ස්නානයට පෙම් බැදි වෙලාවයි මේ දවස කොච්චර සුන්දරද මගෙ පුතා තාමත් හිරි අරියි... නින්දටම කොයි හැටි පෙම් කලත් උඹෙ තාත්තට උඹ ණයගැතියි... තොට කරපු දේවල් වලට මම ගෙයි වැඩක් හරි කර දිය යුතුයි... උඹ උඹටවත් ආදරේ නම් මේ දැන්ම ඇහැරී ආ යුතුයි.... -සචිත් පවින්ද නාකන්දල-ඉතාලි කථාවක්-සුන්දර වැනීසිය "වැනීසියේ දී ඔබේ වෙලාව එක් මොහොතක් වත් අපතේ හ
රින්නට නම් එපා. හැකි උදෑසනින් දවස ආරම්භ කලොත් වටිනවා" "ඒ වගේම සංචාරකයින් බහුලව ගැවසෙන නිසා නානාප්‍රකාර සංචාරක උගුල් තිබෙනවා . ඒවා කොයි ලෝක නගරවලටත් පොදු දේවල් නොවැ. ඒවායින් ඔබලා පරිස්සමින් කටයුතු කරන්න . " කියා අප හා පැවසූවේ හෝටල් පිලිගැනීම් නිලධාරි කවුන්ටරයේ සිටි කදිම පෙනුමැති තරුණයා ය. ජර්මානු ජාතිකයෙකු වූ ඔහු ඉංගිරිසි බස හොඳින් හසුරුවන්නෙකි . ඊයේ අප හෝටලයට ලඟා වූ මොහොතේ පටන් ඉතාමත් අනර්ඝ සත්කාරයක් ලබා දුන් එම හෝටලය පිහිටා තිබුණේ වැනීසියේ දී සුලබව දකින ඇල මාර්ගයක කලපුවට ආසන්නව හතරවටින්ම පාහේ ජලයෙන් වටවූ තැනෙක ය. මේ ගතවෙමින් තිබුණේ උදෑසන ආහාර පිලිගන්වන වේලාවයි. ඊයේ හෝටලයේදී ශ්‍රී ලාංකික පෙනුමැති සේවක තරුණයෙක් දුටුවද ටික් ගා අතුරුදන් වූ ඔහු මේ වෙද්දීත් පේන්නට හිටියේ නැත. පසුව දැනගත් පරිදි අමුත්තන් ගේ නාම ලේඛනයේ අපගේ නම් දුටු වහාම ඔහු මග හරින්නට තීරණය කර තිබුණි. සාමාන්‍යයෙන් වැනීසියේ හෝටලයක උදෑසන ආහාර මේසයේ croissants ද, jelly torts, ද cornetti, brioche ආදී පේස්ට්‍රි වර්ගද, සේවරි වර්ග වන frittata and panini ද නානාප්‍රකාර කේක් වර්ගද හා කුකීස් වර්ග ද අඩංගු වේ. බීමට හොඳම රසැති තේ හා espresso වගේම විවිධාකාර පලතුරු යුශ ඇතුලත් ය. කාමර මිලටම මේ උදෑසන ආහාර වේල අඩංගු වන නිසා සාමාන්‍යයෙන් අමුත්තන් කරන්නේ පාතරාසය බඩකට පුරා සන්තර්පණය වීමයි. ඒ රසවත් භෝජන සංග්‍රහය එලෙසට වින්ඳ අප අත්‍යාවශ්‍ය ආන්නපාන්න මලු ද කරේ එල්වා ගෙන අප හෝටල් පරිශ්‍රයෙන් පිටතට පැන ගත්තේ මේ ලෝක පූජිත නගරයේ සිරි මහිම විඳින්නටය. තුනී මීදුම් පටලයකින් වැසී ඇති ඈත සිතිජ ඉම ද, මෑතින් වූ නීලවර්ණ වැනීසියානු කලපු ජල තලයද, මේ අසලින් මියුරු නාදයක් නංවමින් ගලා යන්නාවූ කුඩා ජල පහරද මේ හිමිදිරි උදෑසන මවන්නේ අපූරු දසුනකි. කලපු ජලකඳ පිස හමා එන්නාවූ වසන්තයේ ( Spring) සුලං කැරළි සිරුරේ වෙලී හිරිගඩු නංවයි. යුරෝපීය රටවලට පෙබරවාරිය කොහොමත් සීතලය. මේ ජලාශ තුල එහා මෙහා පීනා යන්නාවූ නානාවිධ තාරාවුන් ද, බෑඟිරි හඬක් නංවමින් එහා මෙහා පියා සලන්නා වූ seagulls ද රෑන් රෑන් දැකිය හැක. මේ වෙද්දී හිරු පිබිදෙන ඝන නැගෙනහිර නිල්වන් අහස් කුස දීප්තිමත් කහ , තැඹිලි රතු වර්ණ සංයෝජනකින් රටා අඳින්නට පටන්ගෙන ඇත. හෝටල් කාමරයක බ්ලැන්කේට්ටුවක් තුල සැපට ගුලිවී නිදනවාට වඩා මෙවන් හිමිදිරියක අසිරිය විඳීම සැපතකි. දැන් අපගේ දෑස් අභියස දිස්වන්නේ සුන්දර වැනීසිය හෙවත් ඉතාලි බාසාවෙන් Venezia යැයි හඳුන්වන උතුරු ඉතාලියානු Veneto Region හි අගනුවර ලෙස සැලකෙන ලෝක පූජිත නගරයයි. මේ නගරය ගොඩ නගා ඇත්තේ අද්‍රියාතික් මුහුදේ Po හා Paive යන ගංගාවන් මුහුදේ එක්වන නොගඹුරු එක ලඟින් පිහිටා ඇති පිහිටා ඇති 126 ක් කුඩා දූපත් සමූහයක් ඒකරාශී කිරීමෙනි. වැනීසිය යනු ලොවටම එකකි. එනම් ලොව අන් කිසි වෙන කිසිතෙනක නැති අමුතු නගරයක් හෙවත් සම්පූර්ණයෙන්ම ජලය මත ඉදි කරන නගරයකි. වැනීසියේ සියලුම ගමනාගමනය කටයුතු සිද්ද වන්නේ බෝට්ටු වලින් ඇ‌ල මාර්ග දිගේය. මුළු ලෝකයේම මිනිසුන් ගෙවලින් මං මාවත්වලට එලියට බසිද්දී වැනීසියේ ජනයාට ගමනා ගමනය උදෙසා නානාප්‍රකාර වර්ගයේ ඇල මාර්ග තනා තිබේ. ඒ ඇල මාර්ග වල අපේ පුද්ගලික බස් දුවන්නාක් මෙන් බෝට්ටු බස් රථ ධාවනය කෙරේ. ඒ ඇල මාර්ග අවසානයේ වැනීසියානු කලපුවටද ඉන් ඔබ්බට අද්‍රියාතික් මූහුද හා ද සම්බන්ධ වේ. ඇත්තෙන්ම බැලූ බැලූ අත නිල් ජල තලාම පෙනෙන්නාවූ මේ නගරය සොඳුරු මැජික් එකකි. එහි පදිංචි වැසියන්ගෙන් ඇතැමෙකු පාපැදි භාවිතා කරන නමුදු බොහෝ දෙනෙකු සියළු කටයුතු පාගමනකින් ගොස් ඉටුකර ගනී. අනෙක් සාමාන්‍ය නගරයක මෙන්ම වැනීසියේ ද පාසල්, රෝහල්, පොලිසි, විශ්ව විද්‍යාල මෙන්ම සියළු අංග වලින් සමන්විත වූවත් මෙහි විශේෂය වන්නේ ඒ සියළු ස්‍ථාන කරා යාමට සිදුවන්නේ බස් බෝට්ටු සේවය මගින් වීමය. පොලිසිය, ගිණි නිවන හමුදාව, රෝහල, වෙලඳ සැල් සියල්ලම ඇත්තේ මේ දූපත් තුලය. පොලිස් රථ, ගිනි නිවන රථ මෙන්ම ඇම්බියුලන්ස් සේවා සියල්ලම නානාප්‍රකාර වර්ග වල බෝට්ටු තුල ස්ථාන ගත කර ඇත. පාසැල් සමයේ අන්තර් පාඨශාලා නාට්‍ය තරඟයකට පාසැලේ ලොකු අක්කලා රඟපෑ ඉංගිරිසි නාට්‍යයක් වූවේ මහා ගත්කරු ෂෙක්ස්පියර් විලියම් ෂෙක්ස්පියර් විසින් රචිත ‘වැනිසියේ වෙලෙන්දා’ නාට්‍යයයි. ඒ දවස්වල හැමෝම පාහේ ලයිබ්‍රරි පොත් සොයාගෙන Merchant Of Venice කියෙව්වේ රැල්ලටය. ඒ දිනවල අපේ ඉංගිරිසි පීරියඩ් එකේදී ඉංග්‍රීසි ටීච කියාදුන්නේ නව වන කුරුස යුද්ධය මෙහෙයවූ පළමුවන එඩ්වඩ් රජු 1290 දී එංගලන්තයෙන් යුදෙව්වන් නෙරපා හැරි අතර ඉතිරි වූ අතලොස්සකට ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්නට තර්ජන එල්ල වුණ බවය. ඒ අතරේ මේ යුදෙව් විරෝධය තුල සාහිත්‍ය කරුවන් වැඩ ඇල්ලූ බවත් 1596 දී මහා ගත්කරු ෂෙක්ස්පියර් විලියම් ෂෙක්ස්පියර් විසින් ‘වැනිසියේ වෙලෙන්දා’ නාටකය ලිව්වේ එවන් පසුබිමක බවය. අපි ටීච කියන නිසා අහන් හිටියාට මට ඕනෑ වූවේ වැනීසිය ලෝක ගෝලයේ කොතැනදැයි දැන ගැනීමටය. කොටින්ම අපි මුලින්ම වැනීසිය හා වැනීසියේ සිටි බෙසනියෝ, පෝර්ශියා, ඇන්ටෝනියෝ හා ශයිලොක් ලා ගැන දැනගත්තේ ඒ වැනීසියේ නම ලොවට ගෙනගිය පොත නිසාය. මේ ගමන තුලදී පෙර ගෙවුම් කර VENEZIA UNICA _ CITY PASS හෙවත් අවසර පත්‍ර මිලදී ගෙන තිබීම නිසා පෝලිම් වල නොඉඳ කෞතුකාගාර , මහා පල්ලි, සිනිමාශාලා, ගොන්ඩෝලා බෝට්ටු සවාරි මෙන්ම මාර්ගෝපදේශක වරයෙක් හා නගර සිරි නැරඹුමක් කිරීමට අවසර ලැබේ. ඒ අනුව පෙර දිනය මෙන්ම මෙදිනද සම්පූර්ණයෙන් ගෙවුණේ මාර්ගෝපදේශකවරයෙක් හා වැනීසියේ සම්පූර්ණයෙන් ම පාහේ හක්කොලං කිරීමෙනි. ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන්ගෙන් වැනිසියේ විදී වසර පුරාම අතුරු සිදුරු නැතිව පිරී පවතින්නේ එහි ඇති සුන්දරත්වය සේම ඉතා සුන්දර කලා නිර්මාන රාශිසයකට වැනීසිය උරුමකම් කියන නිසාවෙනි වැනීසියේ සංචාරය කරද්දී සාමාන්‍ය නගර වල මෙන් පලල් විදී දක්නට නොමැත. ඉතා පටු මාවත් සහ ඒ පටු මාවත් දෙපස ආදිකාලීන පෙනුමැති අමුතුම ගෘහ නිර්මන ශිල්පයකට අයත් ගොඩනැගිලි නිවාස දක්නට ලැබේ. ඒ සමහර පටු මගක් දෙදෙනෙකුට මාරු වීමට නොහැකි තරම් පටු ය. මෙසේ ඇවිද යන විට හමුවන ගොඩනැගිලි සමහරක් වසර සිය ගණන් පැරණි සහ එහි ගෘහනිර්මාන ශිල්පයන් දෑස් විශ්මයෙන් පුරවාලයි. එසේම බොහෝ ගොඩනැගිලි ඉතා වටිනා චිත්‍ර වල අලංකාර වී ඇති අතර ඒවා සඳහා භාවිතා කර ඇති ස්වාභාවික වර්ණයන් ඉතාමත් අලංකාරය. පුරාණ වැනීසියානු වැසියෝ මේ විශ්මිත ගොඩනැගිලි නිමවා ඇත්තේ ඔවුන් සතුව තිබූ උසස් කලා නිර්මාණ පිලිබඳ දැනුම උපරිමයෙන් ම භාවිතා කරමිනි. එම බොහෝ නිර්මාණ කිසිදු විනාශවීමකින් තොරව අනර්ඝ තත්ත්වයෙන් අදටත් පවතින්නේ එම නිර්මාණකරුවන්ගේ උසස් ප්‍රමිතිය නිසා බැව් අවිවාදයෙන් පිලිගන්නට සිදුවේ. වැනීසිය ඇතුලේ ඇත්තේ සියවස් ගනනක් පැරණි ගොඩනැගිලිය. ඒවාගේ පිටත පෙනුම තබා වර්ණ ගැන්වීමකින් හෝ වෙනස් කිරීමට අවසර නැත. එම නිවාස අසලින් ඇල මාර්ග දිගේ ඇදී යන බෝට්ටු සහ කුඩා ඔරුද අපූරු අත්දැකීමකි. පාලම් මතින් ගමන් කරමින් දූපතෙන් දූපතට මාරුවෙමින් යන්නාවූ සංචාරයේදී ආදී ගෘහ නිර්මාණ වලින් අලංකෘත කෞතුකාගාරය, මහා පුස්තකාල, ඉපැරැණි මන්දිර මෙන්ම අති නවීන කඩ සාප්පුද හමුවේ. හොඳම කතාව වන්නේ මේ වැනීසියේ බොහෝ ගොඩනැගිලි දේපල වල හිමිකරුවන් වන්නේ ස්වදේශිකයන් නොවේ. ඒවා මේ වෙද්දී ඉහල මිලට අලෙවි වන අතර ඒවා මිලදී ගන්නේ ලොව වටා සිටින සුපිරිම ධනවතුන්‍ ය. ඒ අතර ලෝප්‍රකට ව්‍යාපාරිකයෝ , සුපිරි ක්‍රීඩකයින්, ගායක ගායිකාවන් මෙන්ම හොලිවුඩ් නලු නිලියන්, ලෝක ප්‍රකට ගායකයන්, ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන් ඒවායේ හිමිකරුවන් ය. එය ධනවතුන් ගේ විනෝදාංශයක් බවට පත්වී ඇත. මේ ගමනේදී නැරඹූ St mark square මේ චතුරශ්‍රය වැනිසියේ හදවත ලෙසට හැඳින්වේ. ඒ වගේම Rialto bridge යනු වැනිසියේ ප්‍රධාන ඇල මාර්ගය වන Grand Canal. ඉහලින් ඇති පාලමයි. මෙහි සිට පින්තුරු ගැනීමට සංචාරකයින් අමතක නොකරයි. Doge s palace පැරණි වැනීසියේ පාලකයාගේ නිල නිවස වන මෙය ගොතික් සම්ප්‍රදායට අයත් ක්‍රි ව 697 තරම් ඈතට දිවයන අතීතයකට හිමිකම් කියන තැනකි. ගමනේ තවත් වැදගත් තැනක් වූ Saint mark basilica ඉතිහාසය ක්‍රි ව 1117 තරම් දුරක් යයි. එහි ඇතුලත සහ පිටත ඇති අගනා කැටයම් යනු විශාල මොසෙයික් චිත්‍ර එකතුවකි. "ඇවිද්ද පය දහස් වටී" කීවාට මෙතරම් දේ නරඹා ගොම්මන් වැටීගෙන එන ජාමය වෙද්දී අපි හිටියේ බොහොම හති වැටිලාය. එනිසා හෝටලය වෙත ගොස් වෙහෙස මදක් නිවාගෙන රාත්‍රී වැනීසියේ සංචාරයක් සමග ලෝකප්‍රකට "ගොන්ඩෝලා" බෝට්ටු සවාරියක් යන්නට නියමිත නිසා හෝටලය බලා පසු ගමන් කරද්දී අඳුරත් වැටිලාය. ඊගාව ලියවිල්ලෙන් මා හා ඒ ගමන යන්නත් ඔබටයි මේ ආරාධනා . ස්තූතියි ! Bhadhra Piyadigama Koswatteපොල් අතු වහල දිරලා යන්නට මත්තෙන් ගිගුරුම් තලා මහ වැසි එන්නට මත්තෙන් අටුවේ සහල් අවසන් වෙන්නට මත්තෙන් මාවත් රැගෙන යනු මැන ඔබ පසුපස්සෙන් ලෙඩ දුක් ඇවිත් සරදම් කරනා තරමක් බෙහෙත් තුණ්ඩුවේ මිල වැඩි වෙන තරමක් සතුට කියා අහලකවත් නැති තරමක් කාට කියන්නද මා තනි වුණු තරමක් බෙදාගන්න දුක මට ආයෙත් දවසක් පිහිටක් නැති ලෝකෙන් චුත වෙන දවසක් සතුටු වෙන්න නුඹ යලි හමු වෙන දවසක් හෙට වත් උදාවනු පරලොව එන දවසක්පොල් අතු වහල දිරලා යන්නට මත්තෙන් ගිගුරුම් තලා මහ වැසි එන්නට මත්තෙන් අටුවේ සහල් අවසන් වෙන්නට මත්තෙන් මාවත් රැගෙන යනු මැන ඔබ පසුපස්සෙන් ලෙඩ දුක් ඇවිත් සරදම් කරනා තරමක් බෙහෙත් තුණ්ඩුවේ මිල වැඩි වෙන තරමක් සතුට කියා අහලකවත් නැති තරමක් කාට කියන්නද මා තනි වුණු තරමක් බෙදාගන්න දුක මට ආයෙත් දවසක් පිහිටක් නැති ලෝකෙන් චුත වෙන දවසක් සතුටු වෙන්න නුඹ යලි හමු වෙන දවසක් හෙට වත් උදාවනු පරලොව එන දවසක්මොකද උනේ... අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් පෙරළී යාමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් තරුණ ජෝඩුවක් දරුණු ලෙස තුවාල ලබා තිබුණි. පොලිස් පරීක්ෂණ
සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි විට ඔවුන් දුටුවේ රිලවෙකු වාහනය වටේ ඇවිදමින් රථය තුළට වරින්වර එබෙන බවයි. රිය අනතුර සිදු වූ මොහොතේ සිටම එම රිළවා එහි රැඳී සිටින බව ප්‍රදේශවාසීන් පොලීසියට පැවසීය. මෝටර් රථය අසලට පොලිස් නිලධාරීන් ගිය විටද රිලවා එහිම රැඳී සිටිනු දුටු පොලිස් නිලධාරියෙක් විහිළුවට මෙන් රිළවා ගෙන් මෙතන මොකද උනේ රිලවෝ යැයි විමසීය. පුදුමයෙකි. රිළවා වාහනය කරණම් ගසමින් පෙරළී ගිය ආකාරය ඉරියව් මගින් පොලිස් නිලධාරියාට පෙන්වීය. තමන් පැවසූ දෙය රිළවා තේරුම් ගත් ආකාරය පොලිස් නිලධාරියාට පුදුමයකි. මාර රිලවෙක්. මේකාට අපි කියන දේ හොඳට තේරෙනවා නේ.. තව විස්තර අහන්න.. ඉහළ නිලධාරියෙක් උපදෙස් දුන්නේය. වාහනයේ ආව දෙන්නා මොකක්ද කළේ.. පොලිස් නිලධාරියා නැවත ප්‍රශ්නයක් රිළවා ට යොමු කළේය. අතින් බෝතලයක් කෝප්පයට වක් කරන ආකාරයක් සහ එය පානය කරන ආකාරයක් රිලවා පෙන්වීය. ඔවුන් මත්පැන් බීවාද පොලිස් නිලධාරියා විමසුවේය. රිලවා හිස සෙලවීය. ආ ඔය තියෙන්නේ අනතුර සිද්ධ වෙච්ච විදිහ. තම සටහන් පොතේ පොලිස් නිලධාරියා මත්පැන් භාවිත කරමින් පැමිණි නිසා රිය අනතුරු වූ බවට සටහන් යෙ දීය. වෙන මොනාද කලේ.. රිලවා මත්කුඩු පානය කරන ආකාරයක් ද අභිනය කර පෙන්වීය. ඔවුන් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කළාද.. රිලවා හිස වැනීය. වෙන මොනාද ඔවුන් කලේ.. කෙනෙකු තුරුළු කර ගන්නා ආකාරය රිලවා අභින කර පෙන්වීය. ආ ඔවුන් ප්‍රේම කර කරද ආවේ.. රිලවා ලැජ්ජාවෙන් හිස වැනුවේය. බලන්න කොයිතරම් වැරදි ගොඩක් ද.. මත් පැන් පානය කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කිරීම, වාහනය ධාවනය වන අතරතුර ප්‍රේමාලිංගනයේ යෙදීම... නඩු ගොඩයි . නිලධාරියා මාධ්‍යවේදියාගේ කැමරාවට පැවසීය. පැත්තක සිටි රිලවෙකු මේ සියල්ල දුටුවේ කෙසේදැයි මාධ්‍යවේදියෙක් පොලිස් නිලධාරියා ගෙන් විමසීය. ඔව් නේන්නම්.. පොලිස් නිලධාරියාට ඒ ගැන සිහි වූයේ එවිටය. උඹ මෙච්චර මේ ගැන දන්නේ කොහොමද.. මුන් මෙච්චර දේවල් කරනවා උඹ දැක්කේ කොහොමද... නිලධාරියා නැවත රිළවා ගෙන් විමසීය.. මම තමයි දිගටම වාහනය එලෙව්වේ.. රිලවා අභිනයෙන් පෙන්වීය.කාලෙකින් මොකුත්ම ලිව්වේ නැතිවුනත් අහම්බෙන් දුටුව “cool kids Toronto” ආටිකල් එක දැක්කම හිතට ආපු හැගීම් වචන වලට පෙරලන්නම හිතුනා. අපි දැන් ගෙවන ජීවිත වලට ඉතිහාසය කොයිතරම් ගෙවීමක් කරලා තියෙනවද? ඒ වගේම.. මනුෂ්‍යත්වය වෙනුවෙන් සිය පෞද්ගලික ධන ලාභ තුට්ටුවකට මායිම් නොකරපු ඒ බෝසත් මිනිස්සු නොහිටින්න අපේ ශිෂ්ටාචාරය පොලොවට පස් වෙලා බොහො කල් .. අතහැරීම ප්‍රගුණ කල ඒ උතුම් මිනිසුන් අතර, අත්‍යවශ්‍ය ඖෂධ එක්ක කරන ටැක්ස් ..ප්‍රොකුමන්ට් .. සෙල්ලම් නිසා මේ ඖෂධ දුප්පත් මිනිසුන්ගේ පේන මානයෙනුත් එලියට ඇදී යන හැටි ෆෙඩ්රික් බැන්ටිං, ජෝන් මැක්ලොයිඩ් දුටුව නම් .. ඒ දුක ..ආටිකල් එක කියවද්දී හිතේ මැවුනු මැරෙන්න වැටිලා හිටිය පොඩිවුන් ගැන ආපු දුකට වැඩියි. මනාසික් කිව්වා වගේ “අපට වඩා මේ ක්‍රමය බලවත්”. උපුටා පරිවර්තනයක්. 1922 දී, විද්‍යාඥයින් පිරිසක් ටොරොන්ටෝ මහ රෝහලට ගිය අතර එහිදී දියවැඩියා ළමුන් 50ක පමනක් උඩුකුරැව කෝමා තත්ත්වයෙන් වාටිටුවල මරැවා සමග පරදින සටනක සිටින යුරැ නීරීක්පෂණ විය.ඔවුන් දියවැඩියා කීටෝ-ඇසිඩෝසිස් රෝගයෙන් මිය යමින් සිටියහ. වෙන ප්‍රතිකාර ක්‍රමයන් නොදැන නිරාහාර ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔවුන් දැඩි කුසගින්නේ නියත මරණයක් බලාපොරොත්තුවෙන් සිටියහ. විද්‍යාඥයන් වේගයෙන් ඉදිරියට ගොස් නව පිරිසිදු කළ ඉන්සියුලින් සාරය දරුවන්ට එන්නත් කිරීමට පටන් ගත්හ. අවසන් කෝමාවේ සිටි දරුවන් එන්නත් කිරීමත් සමග එකින් එකා මර නින්දෙන් අවදී වූහ. මරණයෙන් හා අඳුරෙන් පිරී තිබූ කාමරයක් හදිසියේම ප්‍රීතියේ සහ බලාපොරොත්තුවේ ස්ථානයක් බවට පත්විය. 1920 ගණන්වල මුල් භාගයේදී ෆෙඩ්රික් බැන්ටිං සහ චාල්ස් බෙස්ට් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ජෝන් මැක්ලියෝඩ් යටතේ ඉන්සියුලින් සොයා ගන්නා ලදී. ජේම්ස් කොලිප්ගේ උපකාරයෙන් ඉන්සියුලින් පිරිසිදු කරන ලද අතර, එය දියවැඩියාවට සාර්ථකව ප්රතිකාර කිරීමට හැකි විය. බැන්ටිං සහ මැක්ලොයිඩ් යන දෙදෙනාම 1923 දී ඔවුන්ගේ වැඩ සඳහා නොබෙල් ත්‍යාග ලබා ගත්හ.එම වසරේම, බැන්ටිං, කොලිප් සහ බෙස්ට් ඉන්සියුලින් පේටන්ට් බලපත්‍රය ඩොලරයට ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයට විකිණීමට තීරණය කළහ. බැන්ටිං ප්‍රසිද්ධියේ කියා සිටියේ "ඉන්සියුලින් මට අයිති නැත, එය ලෝකයට අයිති" බවයි. මිනිස්කමට ජය වේවා!එකක් ගැහුවොත් දෙකක් ගහපන් තාත්තෙ මට ආයෙ ඉස්කෝලේ යන්න බෑ. පාසල නිමවී මූණ බුම්මාගෙන පැමිණි පුතා තාත්තට දැඩි ස්වරූපයෙන් කීය. පාසලේදී කුමක් හෝ ගිනි විජ්ජුම්බරයක් සිදුවී ඇති බව තාත්තට ඉවෙන් වැටහුනි. ඇයි රත්තරනේ... ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙන්ඩ එපැයි.. ඇයි මම තාත්ත ට කිව්වේ. එහා පන්තියේ ඉන්න නසරානි කොල්ලෙක් මට හැමදාම ගහනවා කියලා... මට දැන් ගුටි කාලා එපා වෙලායි තියෙන්නේ.... මීට පෙරද දරුවා මේ පිළිබඳව දිගින් දිගටම පැවසූ බව තාත්තට සිහිපත් විය. තමාගේ පාසල් දිවියට මනසින් ගිය තාත්තා පන්තියේදී තමන්ට ගැසූ ළමයින්ට තමන් ප්‍රති උත්තර දුන්නු ආකාරය සිහිපත් විය. තම දරුවාටද එය හොඳ පිළිතුරක් බව සිතා මගේ පුතේ උඹට ගැහුවොත් අනිත් පැත්තට ගහපං. එකක් ගැහුවොත් ඌට දෙකක් ගහපන්... තාත්තා දුන් මේ උපදෙස් නිවැරදි වූ බව හැඟුනේ ඉන්පසු කවදාවත් දරුවා මේ සම්බන්ධයෙන් තාත්තාට පැමිණිලි නොකල බැවිනි. මසක් පමණ ගතවූ පසු තාත්තා නිකමට වගේ දරුවාගෙන් දරුවෝ දැන් උඹට අර කොල්ල ගහන්නේ නැද්ද.... ඇසීය. දැන්ඌට මට ගහන්න බෑ.... තාත්තට සිතුනේ මීට පෙර මේ උපදෙස් ලබා දුන්නා නම් කෙතරම් මැනවි ද යන්නයි. කෙසේ නමුත් තම උපදෙසින් දරුවා ගැලවීම නිසා පියාට සතුටක් දැනුනි. ඒක තමයි මම කිව්වේ. දෙකක් දුන්නනම් ඕක හරියයි කියලා. එහෙම නෙවෙයි තාත්තෙ, දැන් මං ඒ කොල්ලා ගහන්න එනකොට ගෑණු ළමයින්ගේ ඩෙස් ටික ඇතුලට රිංගා ගන්නවා. එතකොට ඌට මාව අල්ලගන්න බෑ...පොඩිඑකාගේ රචනාව… සීනි සීනි යනු මහා භයානක දෙයකි.. අපේ සීයා මියගියේ සීනි හැදිලාය… අපේ අම්මා ජිම් ගිහින් නොකා නොබී සුම්බා නටලා යාන්තං කිලෝ දෙකක් අඩුකරගත්තේය.. ඊට පස්සේ දකින දකින එකා සීනිදැයි අහන්නට වුයෙන් අම්මා හිටියේ ෆුල් අප්සෙට් එකේය.. අම්මා කටකමසෙයියාවක් නැතිව කන කෑම ගැන දන්න එවුන් එහෙම අහන්ට ඇතැයි තාත්තා කීවාය… සීනි වලට බදුගහල එකෙන් හොරා කාලා කියල ඉරිද පත්තරේ සෙනසුරාදා දවසක කියවමින් සිටි තාත්තා කීවෝය…අම්මා කීවේ සීනිවලින් හොරා කෑව එවුන්ට හෙනහතක් වැදියයුතු බවය..ඒත් සීනිහොරු ඒ සීනි ඔක්කොම කෑවම සීයා වගේ මැරිල යන නිසා උන්ට අමුතු දඩුවම ඕනෑ නැතැයි මට සිතේ.. අපේ ආච්චි නම් කීවේ “ තේ කහට ඩිංගක් බොන්ට තියන සීනිටිකෙනුත් හොරාකන උද්දික පුතාලට සීනිදාල වෙ/ඩි/ති/යන්න ඕනැ කූඹි කාලා මැ/රෙ/න්/න “ යනුවෙනි.. සීනි වලින් විවිධ කෑම වර්ග බීම වර්ග සාදයි.. සීනි කූරූ, සීනි බනිස්, සීනි පොල්කොහු එ් අකරන් කීපයකි.. මා රචනාවට කරුණු එකතු කරද්දි අයියාගෙන් සීනිවලින් හදන කෑම බීම ගැන ඇසූවිට අයියා කීවේ සීනිකරිංඥං කියා ලියන ලෙසය..එවා මෙිනවාදැයි මං නං නොදනී.. මොනවා වුනත් රස ඇතැයි මට සිතේ.. සීනි හදන්නේ උක්ගස් වලිනි..ලංකාවේ සීනි කර්මාන්තශාලා තුන හතරක් තිබේ.. තාත්තා කියන්නේ සීනි කිලෝව දාහට ගියත් ඒ කර්මාන්තශාලා පාඩු ලබන බවය..එවායෙන් හදාපු සීනිවලට වඩා ඒවායේ පරණ යකඩ විකුනා ආදායම් ලබා ඇති බව දවසක් තාත්තා කියනවා මට ඇසුනෝය… දැං සීනි ගිනිගනංලු… කිලෝවකට වඩා දෙන්නේත් නැතිලු… හන්දියේ මුදලාලි සීනි විකුනන්නේ හොර බඩු වගේ හංගාගෙනය…ලඟදි දවසක තාත්තා සීනි ගේන්ට ගිහින් ආවේ “සතොසි”න් නොව කේන්තියෙනි… ඇවිත් අම්මා සමග කීවේ මෙහෙම ගියොත් සීනි කිලෝවක් ගන්ට අයිඩින්ටි කොපියකයි ග්‍රාම සේවක සහතිකයකයි එක්ක ටැක්ස් ෆයිල් අංකයකුත් ඕනෑ වනු ඇති බවකි.. සීයා මැරූ සීනි එක්ක මට නම් මාර කේන්තිය.. ඔය සීනි ඔක්කොම අර විල මැද කුණුහරුප කියාගන්නා සීයලාටම දුන්නානම් හරිය….විමන් නොපතන ගමන්.... දෙසැම්බර හීගතුව එළඹෙමින් පවතී..ගිනි ගහන කොළඹට පවා තුහින වර්ෂා එබිකම් කරන සැදෑවන්‍ ය. පළවෙනි හරස් වීදියේ ලාබෙට නත්තල් සැරසිලි විකිනෙණ ඝෝෂාව ය.මධුවිතක් මැද මුනිවතක් හමුවෙන රාත්‍රීන් ය.ඉනික්බිති.. ආපසු කලබල හිරු නැගෙන උදයය..කාසි රේස් හඹා යන කුරු කුහුඹු මිනිස් සේයා ය.එහෙත් අදිසියෙන් පැමිණ හදිසියෙන් නික්මුනු වසත් සුළං කැරලි නම් නැවත පැමිණෙන්නේ නැත. මේ පූර්විකාව ඔබ වෙනුවෙන් නොවුනත් ඔබ ගැන ලියවෙන්නක් බව දැන් ඔබ දනී. Comment එකක් like එකක් දැමීමට වුව මං අවුරා ඇති එක්ටැම්ගෙයක ඔබ සිරගතව සිටිද්දී මිනිස් පොදි ගැවසෙන ගනුදෙනුකාර වීදි වලද, විටෙක මනු කදුළක් නොපෙනෙන බඩවැටි-කනතු වලද,අසරණ සිඳු වෙරළවල් වලද ,කඩපිල් වලද රස්තියාදුකාර හදවතක් ජීවිතය සොයමින් ඇවිද යන වග ඔබ නොදන්නවා වන්නට පුලුවන. බම්බලපිටිය MC පිවිසුම අසල මගහැරුනු පසුම්බියක් වී ඔබ මා කරා ආ අයුරුද ඉනික්බිති ඇරඹුනු හිතවත්කම ප්‍රේමයක් තරම් දරුණු වූ අයුරුද ,එහෙත් ඒ දරුණු ඇරීනාව තුල අපි උනුන් වෙනුවෙන් අනුන් හා ද්වන්ධව සටන් වැදුනු අයුරුද සිනමා පටයක් මෙන් දෙනෙත් අභිමුව ඡේදනය වේ. ජීවිතයේ හමුවන ඇතැම් කෙම්බිම් මා උපන් කහටගස්දිගිලිය තරම් අඳුරුද ,සොඳුරුද නොවන වග මට පසක් කලේ ඔබ විසිනි. උදේ -සහ - රාත්‍රිය "නානගේ කඩෙන්" විසඳා ගැනීමටත් ඉතිරිය මග කොහේ හෝ හමුවන පෙට්ටි කඩ ප්ලේන්ටියකින් සපුරා ගැනීමටත් හුරුව සිටි මා KFC වෙතද Mc Donalds වෙතද කැන්දාගෙන ගියේ නුඹය.පමුණුවේ, කොටුවේ ලාභ කමිසයකින් සෑහීමකට පත් වූ මට ඔබ විසින් තෑගි කලේ Odel හා cool planet ආයිත්තම්ය.. ජීවිතයේ සුඛය පක්ශය තිබෙන්නේ කඩ සාප්පු තුල අගුලු ලා බවද මුදල් දී එය ලබා ගත හැකි බවද ඔබ විශ්වාස කරන ලදී. එහෙත් ඇදුම රෝගයෙන් හුස්ම අදින අම්මාද, පෝරුව අභියස හිඳ සහය අයදින නංගීද ,ගරා වැටෙන ගෙපැලද මගේ Sales Re
p ආත්මයට නිතර වද දෙද්දී නියොන් එළි මැද ඔබ හා රඟන්නට, නටන්නට මට නොහැකි වග ඔබ වටහාගෙන නොතිබුනි..ඉදින්, අපේ වෙන්වීම රීතියක් ලෙස සිදුවද්දී ඔබේ විවාහය නීතිගතව සිදු වුන අයුරු මට අද වගේ මතකය.. දැන් ඔබ සිව් මහල් මැදුරක කිරුළු පලන් මෙහෙසියකි. අතපාන මානයේ peo TV ය. Apple දුරකථනය viberය. whats app ය.එහෙත් කතා කරන්නට කෙනෙක් නැත. ඔබේ සයනය නිමවා ඇත්තේ තේක්ක වලිනි..එහෙත් ඔබ හා නිදිවදින්නට ඔහු එන්නෙ නැත. පාලුව, කාන්සිය හා සැකය එහි පිරී ඉතිරී ගොසිනි. ශීතකරණය රස මසවුලින් පිරී යද්දී ඔබේ දෙතොලග උණ විකාර සහගත අපුල රසකින් තෙත් වනු ඇත. රූපවාහිනී බහුරූකෝලම් කොක් හඬලන සිනා විකුණද්දී ඔබ හදවතින් ඉකි ගසා අඩන බව මා දනිමි..අඩුම තරමින් ඔබේ කදුළෙහි ආවස්ථික පිරිවැය ගැන වියෝවන්නට ඔබට ඇති අයිතියද උදුරාගෙන අවසන් වූ කල?.. තදින් අල්වා ගත් දේවල් වලට සාපේක්ශව හදින් අල්වා ගත් දේවල් අතහැරීම පහසු නොවේ.. එහෙත් කළ යුතුම දේවල් අපහසුවෙන් හෝ කළ යුතු වේ..ගමනක් අවසානය යනු නව ගමනක ඇරඹුමක් නොවේද.. ඔබ ඔබේ ජීවිතය එක්ටැම්ගෙයක සිට සිත්තම් කරද්දී මම කඳුහෙල් මිටියාවත් තැනිතලා හරහා ජීවිතය සොයා රස්තියාදු ගමනක් යමි.. හැකි නම් මට සුභ පතන්න..මට ඔබට හාදුවක් තැපැල් කර එවිය හැකිය.. - ප්‍රභාත් කුමාර දේශප්‍රියඑක්තරා වැහිබර රාත්‍රියක, වෙනත් නගරයක විශ්වවිද්‍යාලයක දේශනයකට සම්බන්ධ වුණු මහාචාර්යවරියක් ආපසු ගෙදර යමින් සිටියා. සෙනග අඩු පාලු පාරකදි එකපාරටම ඇගේ වාහන නතර වුණා. දුරකථන ඇමතුමකින් කාව හරි සම්බන්ධ කරගන්න උත්සාහ කළත් වැඩක් වුණේ නැහැ. මේ පැත්ත, මේ පාරවල් ඇයට අලුත්. දන්න කියන කෙනෙකුත් නැහැ. ඒ නිසා ඇය බොහොම කලබලයට පත් වුණා. මේ වෙලාවේ මේ පාරෙන් වැඩ ඉවර වෙලා ගෙදර යන තරුණයෙක් ආවා . ඔහු දැක්කා තරුණ කාන්තාවක් තමන්ගේ වාහනය හදන්න උත්සාහ කරමින් ඉන්නවා. "මම ඔබට උදව් කරන්න ද?" මේ තරුණයා ඇහුවා මහාචාර්යවරිය එකපාරටම මේ තරුණයගේ උදව් ගන්න බය වුණා. තරුණයා ඒක තේරුම් ගත්තා. "බයවෙන්න එපා. කලබල වෙන්න එපා. මම මෝටර් රථ කාර්මිකයෙක්. මට පුළුවන් ඔබට උදව් කරන්න". තරුණයා කිව්වා. මහාචාර්යවරිය එම තරුණයා ට ඉඩ දුන්නා. විනාඩි කිහිපයකට පස්සේ මේ තරුණයා ආපහු කතා කළා. "මේ වාහනේ ප්‍රශ්නයක් තියෙනවා. මං ගාව මේ වෙලාවේ ඕන කරන උපකරණ ටික නැති නිසා, මට මේක සම්පූර්ණයෙන්ම හදන්න බැහැ. හැබැයි මං මට පුළුවන් විදිහට මේක හැදුවා . නෝනට පුළුවන්, මේ විදිහට මේකෙන් තව කිලෝමීටර් පහක් විතර ඉස්සරහට යන්න. ඉස්සරහෙන් හම්බවෙන්න නගරේ තියන ගැරේජ් එකෙන් වාහන හරියටම හදාගන්න." "බොහොම ස්තූතියි. ඔයාගේ ගාන කීයද?" මහාචාර්යවරිය ඇහුවා. "මට සල්ලි එපා . ස්තුති කරන්න අවශ්‍යත් නැහැ. මම මේ වෙලාවේ ඔයාට කළේ උදව්වක්. අපි හැම කෙනෙක්ගෙම තරාතිරම මොකක් උනත් අපි හැමෝටම තව කෙනෙක්ට උදව් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඔයාට මට ස්තුති කරන්න ඇත්තටම ඕන නම්, ඔයා කරන්න ඕනේ, තවත් උදව් අවශ්‍ය වෙන කෙනෙක් දැක්කහම, ඒ කෙනාට උදව් කරන එක." තරුණයා කිව්වා. හරිම පුදුමයි වෙනස් විදිහට හිතන, වෙනස් මනුස්සයෙක් මහාචාර්යවරිය හිතුවා. දින කීපයකට පසු, දවසෙම සම්මන්ත්‍රණවලට සහභාගී වුන මේ මහාචාර්යවරිය, තමන්ගෙ මහන්සිය නිවා ගෙන, රස කෑම ටිකක් කන්න හිතාගෙන අවන්හලකට ගියා. එතන දි මැයට සේවය සැපයුවේ දරුවෙක් ලැබෙන්න ඉන්න සේවිකාවක්. දවස පුරාම වැඩ කරපු මහන්සිය එම සේවිකාවගේ මුහුණේ තිබුනත්, ඇය උත්සහ කළේ තම සේවාලාභියා ට ඉතා ප්‍රසන්න විදිහට සේවය සපයන්න. ඇය හැම විටම සිනහමුසු මුහුණින් කතා කළා. සේවිකාවගේ සිනහව සහ ප්‍රසන්න බව හින්ද මහාචාර්යවරියගේ මහන්සි අඩු වුනා. හිතට සතුටක් දැණුනා. "අද උදේ ඉඳන්ම වැඩද?" මහාචාර්යවරිය ඇහුවා. "ඔව්. රෑ දහයට අවන්හල වහනකල් මම වැඩ කරන්න ඕනේ". ඇය හිනාවෙලා කිව්වා. "මහන්සි නැද්ද? මට හිතෙනවා ඔය වගේ තත්වෙක ඉන්න ගමන් දවස පුරාම හිටගෙන ඉන්න එක කොච්චර මහන්සියක් ඇතිද කියලා" මහාචාර්යවරිය නැවත ඇහුවා "මේක මගේ රස්සාව. මහන්සි දැනුනට මං මගේ රස්සාව හරියට කරන්න ඕනේ . මගේ මහන්සියත් එක්ක තියෙන විඩාව, මගෙ ලගට එන අනිත් මිනිස්සුන්ට පෙන්නන්න හොඳ නැහැ. ඒක නිසා ඒ අයව පීඩාවට පත් වෙන්න දෙන්න හොඳ නැහැ. එතකොට මට සතුටු වෙන්න පුළුවන්, මම මගෙන් වෙන්න ඕන දේ අද දවසෙ හරියට ම කළා කියලා." තරුණිය කිව්වා . මහාචාර්යවරිය හිස සලමින් ඇයව අනුමත කළා. මේ කතාවෙන් මහාචාර්යවරිය ට එයාගේ වාහනේ හදලා දුන්න තරුණයාවත් මතක් වුණා. ඔහු කිව්ව දේවලුත් මතක් උනා. මේ සතියෙම මට හම්බ වෙන්නේ වෙනස් විදියට හිතන වෙනස්ම අය . ඇය සතුටින් හිතුවා. සේවිකාව බිල ගෙනාවට පස්සෙ මහාචාර්යවරිය බිල ගෙවන්න ඕන කරන සල්ලී තරුණියට දුන්නා . තරුණිය ඉතුරු සල්ලි අරගෙන ආපහු එනකොට මහාචාර්යවරිය හිටියේ නෑ. ඒ වගේම තමයි, තරුණියව පුදුමයට පත් කරමින්, ඇය මේසය අස් කරද්දි, පිගාන යට තවත් නෝට්ටු කිහිපයක් එක්ක පොඩි ලියුමක් තියලා තිබුණා. "මට බොහොම හිතවත් විදිහට සංග්‍රහ කලාට ස්තූතියි. මේ සල්ලි වලින් ඔයාට ඕන කරන දෙයක් ගන්න. මට ස්තුති කරන්න ඕනේ නෑ. ඒ වෙනුවට තවත් උදව් ඕන කරන කෙනෙක්ට උදව් කරන්න." ලිපියේ ලියලා තිබුනා. තරුණිය සල්ලිත් අරගෙන මහාචාර්යවරිය ට හිතෙන් ස්තුති කළා. "ඔබට බොහොම ස්තුතියි! ස්තූතියි! ඔබ දන්නෙ නැහැ මට මේ සල්ලි මේ වෙලාවේ කොච්චර වටිනවද කියලා". තරුණිය බොහොම සතුටින් ගෙදර ගියා. මේ තරුණිය ගෙදර ආපු ගමන්ම ඇගේ සැමියා ඇය ගාවට ආවා. "මට සමාවෙන්න, ඔයාගේ වෛද්‍ය පරීක්ෂණයට ඕන කරන සල්ලි මට අද හොයාගන්න බැරි වුණා. අද අපේ ගැරේජ් එකට ගොඩක් වාහන ආවෙ නැහැ. ඒ නිසා මට ඕන කරන සල්ලි ටික හොයාගන්න බැරි උනා. " මේ තරුණයා කිව්වා. "දුක් වෙන්න එපා. මට සල්ලි හම්බ උනා. ඔයා හැම වෙලාවෙම කියනවා වගේ, අපි හොඳ හිතින් කෙනෙක්ට කරන උදව්, ඒ වගේම අවංකව කරන අපේ රස්සාව අපිට ආශිර්වාදයක්. අපි ලෝකෙට දෙන දේ, මොන විදියෙන් හරි අපිට ආපහු ලැබෙනවා. ඔයා නිසා තමයි මමත් ඒ දේවල් ඉගෙන ගත්තේ. ඔයාට ස්තූතියි මට ජීවිතේ කියල දෙනවට". තරුණිය කිව්වා "මට ස්තුති කරන්න ඕනේ නැහැ. ඔයා ඔය දේ තව කෙනෙක්ට කියලා දෙන්න. අපි යහපත් ලෝකයක් බලාපොරොත්තු වෙනවා නම්, ඒ යහපත් ලෝකේ ගොඩනගන එක අපේම වගකීමක් කරගන්න ඕන." තරුණයා කිව්වා. හිතන්න ඔයාගේ තත්ත්වය, තරාතිරම මොකක් උනත් , අපි ඔබ හැම කෙනෙක්ටම තව කෙනෙකුගේ උදව් ඕන වෙන වෙලාවල් එනවා. කෙනෙක් තමන්ට තියෙන නිලතල වලින්, යාන වාහන වලින්, උගත්කමින් තමන් මහා ලොකු මනුස්සයෙක් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. තමන් මොනවා හරි දෙයක් දන්නවා නම්, ඒක මහ ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම වටිනාකමක් තියෙන්නේ, ඒ තමන් උගත්, වටිනවා කියලා හිතන කෙනාව දන්න, එයාගේ උගත්කමට නිලතල වලට ගැලපෙන මිනිස්සු ඉස්සරහ විතරයි. අර කාන්තාව මහාචාර්යවරියක් කියන එක වැදගත් වෙන්නේ එයාගේ විශ්වවිද්‍යාල ළමයින්ට සහ එයාගෙ අනිත් ගුරුවරුන්ට විතරයි. වාහන හදන මනුස්සයාට මහාචාර්යවරියත් සාමාන්‍ය මනුස්සයෙක්. ඒ මනුස්සයා උදව් කළේ අර සාමාන්‍ය මනුස්සයට මිසක් මහාචාර්යවරිය ට නෙමෙයි. ලෝකෙ ගොඩක් මිනිස්සු තේරුම් නොගන්නේත් මේ දේම තමයි. ඒ වගේම තමයි, අපිට අපි ගාව තියෙන දේවල් වලින් තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් වෙලාවලුත් එනවා. එතකොට අපි අනිත් මිනිස්සුන්ට ඒ දේ යොදාගෙන උදව් කරන්න ඕන, ඒකත් මහ ලොකුකමක් කියලා හිතන්න යන්නත් හොඳ නෑ. වාහන හදන තරුණයාට එයා ගාව තියෙන දැනුමෙන් මහාචාර්යවරිය ට උදව් කරන්න පුළුවන් වුණා. සේවිකාවට එයාගේ සුන්දර හිනාවෙන් මහාචාර්යවරිය ගෙ මහන්සිය නැති කරන්න පුළුවන් වුණා . මහාචාර්යවරිය ට එයාගෙ සල්ලි වලින් සේවිකාවට උදව් කරන්න පුළුවන් වුණා. මේක චක්‍රයක්. මිනිස්සු තමන් ගාව තියන දේවල් හුවමාරු කරගෙන, අනිත් කෙනාට යහපත් දෙයක් දීලා, ජීවිතේ ඉදිරියට යන්න ඕන. තමන්ට ආපහු ලැබෙන්නේ, තමන් ලෝකයට ඒ දෙන දේම තමයි. බාලිකා හේවගේ"පුංචා මහණ වෙන්න යනවා පුතේ..." ගෙදරට කෝල් කරපු වෙලාවක අම්මා එහෙම කිව්වම මට හිනා ගියා.එදා අඟහරුවාදා හවසක්.කලින්ම ලෙක්චර්ස් ඉවර වෙලා හොස්ටල් එකට ඇවිදින් නාලා කොන්ඩෙත් වනාගෙන මම එළියෙ බැල්කනියෙ පඩියක් උඩට වෙලා මහවැලි ගඟ දිහා බලාගෙන උන්න විත්තිය මට හොඳට මතකයි. " මේ අපේ පුංචා?අර මට ලෝබකං කරන පුංචා?"මං තවත් හයියෙන් හිනා වෙද්දි මගේ රූමි දොරෙන් එළියට එබුනේ මේකිට මොන යකෙක් වැහිලද කියලා බලන්න.ෆෝන් එක එහා පැත්තෙන් අම්මා තද හුස්මක් හෙමිහිට බිමින් තියනවා ඇහුණම මම හිනාව නවත්තගත්තා. මම සරළා ප්‍රබෝදිනී අත්තනායක.පුංචා කියන්නෙ අපේ අම්මගෙ එක කුස උපන් සහෝදරී.හරියටම කියනවනම් අම්මගෙ නිවුන් බාල සහෝදරී.භෞතික දේවල්වලට පුංචාවගේ ඇලිච්ච මනුස්සයෙක් මං දැකලා නෑ.ඒකට හොඳම උදාහරණයක් කවදාවත් අමතක නොවෙන්න මගේ ඔලුවෙ හැමදාම තියෙනවා. පුංචා ඉගැන්නුවේ සංගීතය.අපේ අම්මා නැටුම් ඉගැන්නුවාට කසාද බැන්දට පස්සෙ ඉතින් අත්තනායක වලව්වෙ ලේලි රාජකාරිය බාර අරගෙන රස්සාවට සමු දුන්නලු.අපේ අප්පච්චි තමා ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් වෙලා ඉඳලා තිබුනේ ඒ කාලේ.මං උපදින කාලෙ වෙනකන්ම පුංචත් ඒ ඉස්කෝලෙ උගන්නපු නිසා අපේ ගෙදරම තමා ඉඳලා තිබුනේ.ඒත් හදිසියෙම මාරුවීමක් ලැබිලා පුංචා කළමැටියට යනකොට මට වයස සතියක් ලු. මහ ගෙදර තනියෙන් උන්න අම්මගෙ අම්මා අපේ කිරි අත්තම්මාගෙ හිතට තිබ්බ ලොකුම බරක් තමා ඉතින් පුංචා තනිකඩව හිටිය එක.අරනෝලිස් කපු මහත්තයා ඒ කාලේ ගෙදර බින්න බැහැලා වගේ හිටියලු පුංචට මගුල් තුලා කතා කරන්න.ඒත් පුංචට කසාදයක උවමනාවක් තිබුනේ නෑ කියලා තමා අම්මා එක්ක කිරි අත්තම්මා නිතරම කිව්වෙ.කිරි අත්තම්මලා ගෙ දිහාවෙ අපි ගියෙත් අවුරුදු නිවාඩුවටයි දෙසැම්බර් නිවාඩුවටයි උනාට පුංචා හුඟක් වෙලාවට නිවාඩුවෙත් ගෙදර උන්නෙ නැති තරම්. මහිලා සමිති, උපකාරක පංති දමාගෙන පුංචා ගෙදරින් පනින්නෙම කිරි අත්තම්මගෙ මගුල් තුලාවලින් බේරෙන්න කියලා අම්මා අප්පච්ච් එක්ක කියනවා ඒ දවස්වල මට මතකයි. ගෙදර ඉඳලා කලාතුරකින් මුන ගැහුණු දාටත් පුංචාටනම් ම
ාව පෙන්නන්න බැරි ගතියක් තමා තිබුනේ.මං හම්බෙන්න කලින් ඉතින් අපේ අම්මයි පුංචයි නූලයි ඉඳිකට්ටයි වගේලු.මං හම්බුනාට පස්සෙ අම්මගෙ අවධානෙ මට වෙන් වෙනකොට පුංචව මගෑරෙන්න ඇති කියලා දැන්නං මටත් හිතෙනවා.ඒත් දෙයියනේ ඉතින් ඒකට පොඩි මං මක් කරන්නද? ඉඳලා හිටලා ගෙදර හිටි දවසකත් කොයි වෙලෙත් කන්න වගේ මගේ දිහා බලාගෙන ඉන්න පුංචා ගෙදර නොඉන්න තරමට තමයි මම නං කැමති උනේ. කිරි අත්තම්මා නැති වෙනකොට මම තුනේ පන්තියෙ.මරණෙ ගෙදරට අප්පච්ච්ත් නිවාඩු දමලා අපි ඔක්කොම හදිසියේම ගමේ දිව්වෙ.පුංචත් නිවාඩු දාලා එන්න ඇති ඉතින් .ඉස්කෝලවල එහෙමනේ. මරණෙ ගෙදර වැඩ අතරෙ හැමෝම කඩිමුඩියෙ එහේ මෙහේ දුවද්දි මගෙත් එක්ක ඉන්න හරියන වයසෙ යාළුවෙක් නැතිව මං හිටියෙ වසම කම්මැලි කමෙන්.සාමාන්‍යයෙන් මං අඩිය තියන්න හිතන්නෙවත් නැති පුංචගෙ කාමරේට මං එදා යන්න ඇත්තෙත් ඒ කම්මැලි කම නිසාම තමයි. සැවැන්දරා සුවඳ වගේ සුවඳක් එන වියන් ඇඳයි අල්මාරියයි ඇරුණම ඒ කාමරේ තිබුනෙ පොඩි කන්නාඩි මේස පොඩ්ඩක් විතරයි.අපේ අම්මගෙ කණ්ණාඩි මේසෙ උඩ නං අරුමෝසම් විලාසිතා මාල වළළු, පනා තිබුනට පුංචගෙ කණ්ණාඩි මේසෙත් මළ ගෙදර වගේ පාළුයි.නිල්ම නිල් පාට එකම එක සෙන්ට් කුප්පියක් විතරක් ඒකෙ මැද මගෙ දිහා බලාගෙන උන්නා.සාමාන්‍යයෙන් මං සෙන්ට් පවුඩර් ඕඩිකොලොන්වලට ආස කරන ළමයෙක් නෙවෙයි උනාට මොකක්ද මන්දා හේතුවකට මට ඒ සෙන්ට් කුප්පියේ සුවඳ බලන්නම හිතුනා. සෙන්ට් කුප්පියෙන් පොඩ්ඩක් ඇඟට හලාගනිද්දිම පිටිපස්සෙන් කඩාපාත්වෙලා ඒක උදුරගත්තෙ යක්ශාවේශ වෙච්ච පුංචා .ජීවිතේට අප්පච්චිගෙන්වත් පාරක් කාපු නැති මට තරු විසි වෙන්න පිට මැදට පාරකුත් එක්ක. හරියටම වෙච්ච දේවල් මතක නැති උනත් අම්මයි පුංචයි සද්දෙට කතා කරගත්ත බවත් කිරි අත්තම්මගෙ මරණ ගෙදරින් පස්සෙ අම්මයි පුංචයි කලින් හිටිය තරමේ හිත හොඳක නොහිටිය බවත් මගෙ ඔලුවෙ තියෙනවා. අවුරුදු අටක නවයක ළමයෙක්ට මනුස්සයෙක් එක්ක වයිර බැඳගන්න සෙන්ට් කුප්පියකුයි පිට මැදට පාරකුයි හොඳටෝම ඇති.එදායින් පස්සෙ ආයෙමත් මං පුංචගෙ මූණ බලන්නෙ ආයෙම අවුරුදු දහයකටත් පස්සෙ අප්පච්චිගෙ මළ ගෙදර දවසෙ. අම්මව බදාගෙන අඬපු පුංචා මගේ දිහා බැලුවෙ අර ඉස්සර බලාපු කන්න වගේ ගතියෙන්මද නැද්ද කියන එක මට හරියටම හිතාගන්න බැරි උනා.ඒත් ඒ කොහොම උනත් ඒ බලපු බැල්මට බොහොම උදාසීන පිළිතුරු බැල්මක් දෙනවා ඇරුණම මම තවමත් පුංචට සමාව දෙන්න ලෑස්ති නෑ. ඒ ගිය අවුරුද්දේ .කැම්පස් ආවට පස්සෙත් නුවර ටවුමෙ කඩේකට මොනවා හරි වෙන වැඩකට ගියත් මගේ ඇස් සෙන්ට් බෝතල් තියෙන රාක්ක දිගේ දිව්වා.ඒත් නිල්ම නිල් පාට සෙන්ට් බෝතල් කීප වතාවක් හම්බුනත් ඒ එකකවත් අර සුවඳ තිබුනෙ නෑ.ඉතින් මම සෙන්ට් පාවිච්චි කලෙත් නෑ.ඒ සෙන්ට් බෝතලේම හොයන්න මම මුරණ්ඩු වෙන්නෙ ඇයි කියන එක ඇත්තටම මම දන්නෙ නෑ. කුරුනෑගල පැත්තෙ ආරණ්‍යයක පුංචා මහණ වෙන එකට අම්මා යනවා කියලා කිව්වෙ තව සතියකට විතර පස්සෙ කතා කරන වෙලාවක.අම්මට ඕනෙ උනේ මම එනවද කියන එක අහන්න බව දන්නවා උනත් මම හිතලම උත්තරේ මග ඇරියා.සිවුරක් පොරවගත්තත් ඒ ඉන්නෙ පුංචාමනේ. ඊටත් සති දෙකකට පස්සෙ සෙමෙස්ටර් එක්සෑම් එක ඉවර වෙලා මං ගෙදර ගියාම මගේ නමට රෙජිස්ටර් තැපෑලෙන් පාර්සලයක් එනවා.ඒ අඟහරුවාදා දවසක්. බදාදා උදේ දහයට විතර මම කුරුණෑගල ටවුමෙන් සෑහෙන දුරක් ඈතට වෙන්න තියෙන ආරණ්‍යයක අමුත්තන්ට වෙන් කරපු ආසනෙක වාඩි වෙලා ඉන්නවා. "ඇයි මේක මට දෙන්නෙ?" සිවුරක් පෙරවගත්ත පුංචාට වගේම අවුරුදු ගානක් ආමන්ත්‍රණය නොකරපු පුංචාට ආමන්ත්‍රණය කරන විදිහක් මට ඔලුවට එන්නෙ නෑ . "ඔයායි මායි දෙන්නම නිවෙන්න." සිවුරක් පෙරවගත්ත පුංචා ජනේලෙන් එහා ජම්බු ගහක කුරුලු කලබලයක් දිහා බලං ඉන්නවා. "ඔයා මගේ එක්ක තරහෙන් ඉන්නෙ සරළා.මං ඒක දන්නවා.ඒක සාධාරණයි.එදා මං හැසිරුණ හැටි වැරදියි .සමාව ඉල්ලන්න මං මෙච්චර කාලයක් ගත්ත එකත් වැරදියි." ඒක සමාව ඉල්ලීමක් ද නැද්ද කියලා හිතාගන්න බැරුව මම පුංචා දිහා බලාගෙනම ඉන්නවා. "ඒ සෙන්ට් කුප්පිය මට දෙන්නෙ මම පණටත් වඩා ආදරේ කරපු මනුස්සයෙක්.ඒත් ඒ මනුස්සයා එක්ක කසාදයක් බැඳලා දරුමල්ලො හදන්න මට පුළුවන් කමක් තිබුනෙ නෑ සරළා.ඉතින් මම හිත හදාගෙන ඒ මනුස්සයාව මගේ ජීවිතෙන් අයින් කලා.එයාව මතක් වෙන්න මගේ ළඟ තිබුනේ ඔය නිල්පාට විතරයි." පුංචා කසාදයක් නොබඳින්න හේතුව එහෙනං ඒකයි.මම හිතනවා.කිරි අත්තම්මට ඕක කලින්ම කිව්වනං ඉතින් ඒ මනුස්සයා මහන්සි වෙන්නෙ නෑනේ අච්චර.තියෙන මුරණ්ඩු කමම තමා. "ඒ සෙන්ට් බෝතලේ ළඟ තියාගෙන හිටියට මං අන්තිමට එයාගෙන් වෙන් වෙලා ආවට පස්සෙ ඒක පාවිච්චි කළේම නෑ.එක අතකට ඒක මට මහ වදයක් උනා.ඒක එයා මට දුන්නෙ එයා ආසම සුවඳ කියලා.ඒක පාවිච්චි නොකරන එක එයාට කරන අරියාදුවක්.ඒත් ඒක පාවිච්චි කරලා එයාගෙ මතකෙ ආයෙ ආයෙ පාරගන්නවා කියන්නෙ මට කරගන්න අරියාදුවක්.ඉතින් ඒ සෙන්ට් බෝතලේ මේසෙ උඩ ඔහේ තියෙන කොට ඔයා ඇවිත් ඒ සුවඳ ආයෙ හැමතැනම පතුරවපු එකට මට හොඳටම තරහා ගියා සරළා.මට සමාවෙන්න දරුවෝ." "සෙන්ට් බෝතලේ කතාව පැත්තකින් තියන්නකො.ඔයා ඒ නැතත් මං එක්ක හිටියෙ පුදුමාකාර තරහකින් නේ.මං වගේ පොඩි ළමයෙක් මොනවා කලාටද මට එහෙම සැලකුවෙ?" අවුරුදු ගානක් පරණ තුවාල ආයෙ පෑරෙනවත් එක්ක මගේ සද්දෙත් ටිකක් උස් වෙලා ඇහෙන්න ගන්නවා. "මම තරහෙන් උන්නා?" සිවුර පොරවගත්ත පුංචා පුදුමෙන් ජනේලෙන් ආපහු හැරෙනවා. "අනේ මම ඔයා එක්ක තරහෙන් උන්නෙ නෑ දරුවො." "නැත්තෙ මොකද ? කලාතුරකින් ගෙදර හිටිය දවසක උනත් හැමතිස්සෙම කන්න වගේ ඔරවගෙන මගෙ දිහා බලාගෙන හිටියෙ.ඒවා අමතක වෙන්න මම මැරිලා ඉපදිලා නෑනේ."මං හිතේ වේගෙත් එක්කම ආපහු එන්න නැගිටිනවා.මේ මනුස්සයා එක්ක කතා කරන්න ආපු මට තමා පිස්සු. " මං බැලුවෙ තරහෙන් නෙවෙයි දරුවො.මං ඒ හැමදාම පුදුමෙන් බැලුවෙ මං වෙනස් තීරණයක් ගත්තානම් සමහරවිට මගේ ජීවිතේට අයිති වෙන්න තිබුන දේවල් දිහා.මං ආදරේ කරපු මනුස්සයගෙ ඇස් තියෙන පොඩි එකෙක් දිහා බලපු පුදුමෙ තමයි දරුවො ඔයා තරහක් කියලා වරද්ද ගන්නෙ .". අම්මගෙ කපාපු පලුව කියන මං අප්පච්චි වගේ වෙන්නෙ ඇස් දෙකෙන් විතරයි කියලා දන්න හැමෝම කිව්වෙ. ආපහු එන ගමන් මම කොහේ හරි පාළු මණ්ඩියකදි පුංචගෙ සෙන්ට් කුප්පිය සදහටම අත ඇරලා දානවා. ඉගිලෙන ලියමන් 2023.12.02.නිළියකට පෙම් බැඳ.... ඔබ බොහෝ දේ දන්නවා විය හැක. නමුත් මා කියමි. ඔබ දන්නා කෙහෙල්මලක් නැත. -------------------------------------------------------------------------- "මංගල විවාහ නොවී ඉන්න ගත්ත තීරණය ස්ථිරයි ද? ඒක හරි කියලා තාමත් හිතනවද?" රණබාහු මහතා ඇසීය. මම සිනාසුනෙමි. මේ ගෙවෙන්නේ ජීවිතයේ තිස් නම වන අවුරුද්දයි. ගත් තීරණ ගැන පසුතැවිලි වීමක් මගේ ජීවිතයේ නොවේ. පුරාවිද්‍යාව පිලිබඳ මහාචාර්‍යවරයෙකු වූ රණබාහු ඩයස් මහතා, මා ප්‍රථම වරට මුණ ගැසුණේ මීට වසර විසි හතරකට පෙර හොරොව්පතානේදීය. කටුකැලේ පුරාවිද්‍යා වැඩබිමක පර්යේෂණ කටයුතු වල නිරත වූ ඔහු තම පින්ලන්ත ජාතික බිරිඳ සමග ගමේ තාවකාලිකව පදිංචි වී සිටියේය. දිනපතා වැඩ බිමට යන දෙදෙනාට අම්මාගේ බෙලිමල් වතුර රහවැටී තිබුනායින් මගේ පෙර පින් පලදුනි. ගමේ කණිෂ්ටයෙන් අනුරාධපුර මාධ්‍ය විද්‍යාලයටත් එතැනින් රජරට විශ්වවිද්‍යාලයටත් පසු කලෙක රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයටත් හොරොව්පතානේ කොල්ලා පාතැබුවේ මහාචාර්‍යවරයාගේ කරුණාවෙනි. එවැනිම බිමකදී සිදුවූ සර්පදෂ්ටනයකින් මහාචාර්‍යවරිය මිය නොයන්නට තවමත් ඔහු ඉපැරණි ගල්කණු අතර ඇවිද යන්නට ඉඩ තිබිණි. එනයින් තම ජීවිතය පර්යේෂණ කෘති වලටම ලඝු කල ඔහු කොළඹින් පිටවූයේ කලාතුරකිනි. "මංගල සර්වසම්පුර්ණ කසාද ජීවිතයක් බලාපොරොත්තු නොවන බව දන්නා නිසාම තමයි මම කතා කරන්නේ ..මංගලට පුළුවන්ද මගේ දුවව මැරි කරන්න?" රණබාහු මහතා ඇසූයේ මා දෙස එක එල්ලේ බලමිනි. කොතරම් පරිණත මිනිසෙකු උව, ඒ මොහොතේ මා තුළවූ කැළඹීම සගවා ගැනීමට සමත් වන්නට ඇතැයි ඔබ සිතනවාද? සෞන්දර්යා ඩයස්... ඔව් ඒ ඔබ දන්නා සෞන්දර්යාම වේ. ලන්ඩන් ඕලෙවෙල් වලින් පසු තමා ඉගෙනගත් ජාත්‍යන්තර පාසලට සමුදුන්, පසු කලෙක මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළදූ මේ කළවන් ජාන ඇත්තිය ඔබ දැක ඇතුවාට සැක නැත. වසර ගණනක රටේ ජනප්‍රියම නිළිය කැඩිච්ච සිංහලෙන් මෙහෙයවන ගීත ඉල්ලීම් වැඩසටහන් ඔබ රසවිඳ ඇතුවාට සැක නැත. මේ මා දන්නා දේවල් නොවේ. එවැනි ක්ෂේත්‍රයන් ගැන මගේ දැනුම අල්පය. නමුත් සෞන්දර්යා, රණබාහු දියණිය වූ බැවින් මා ඇය ගැන පමණක් දැන උන්නෙමි. ඔහු හමුවන්නට හොරොව්පතාන නිවසට ගිය දිනවල ඔන්චිල්ලවක සිට "මංගල අයියා" යැයි ඇමතු කුඩා සුරංගනාව මට මතක තිබිණ. "මම දන්නවා මංගල කල්පනා කරන දේ.. මිනිස්සු හත අටක් එක්ක ලෝකේ වටේ රවුම් ගහපු එකියක් අන්තිමේදී මංගලගේ කරේ ගහන්න හදනවා කියලනේ" රණබාහු මහතා සිනාසුණේ වේදනාවෙනි. කිසිත් නොකියුවද මා සැබැවින්ම සිතූයේ එයම බව හෘදශාක්ෂිය දැන උන්නේය. පතළ ව්‍යාපාරිකයෙකු හා ඇගේ තිබූ සම්බන්ධය එකළ පුවත් මවන්නක් විය. රණබාහු මහතාගෙන් වෙන්ව ඔහු හා දිවි ගෙවූ ඇය ඔහුගේම ගැහැට වලින් බේරාගන්නට රණබාහු මහතාට පොලිසියේ සහය පවා පතන්නට සිදුවිය. ඉන්පසුවද කලින් කලට ඇය ඇසුරු කල නළුවන්, නිවේදකයන් මෙන්ම ගායකයන් මාධ්‍යයට රහසක් නොවිණි. එවන් පුවත් අන්තර්ජාලයෙන් කියවූ මා තුළ රණබාහු මහතා ගැනද ඇතිවූයේ පැහැදීමක් නොවේ. "දුවව හදාගන්න බැරි මිනිහා" මම එසේ සිතා තිබිණි. "සෞන්දර්යාට වැරදුන තමයි. එත් එයා නරක ළමයෙක් නෙමේ. කොහොම උනත් දැන් ඒවා කල්පනා කරන්න වෙලාවක් මට ඉතුරු වෙලා නෑ පුතා" මේ ඔහු මට පුතා කියූ ප්‍රථම වතාවයි. "මම දැන් ලාස්ට් ස්ටේජ් එකේ ඉන්න කැන්සර් පේෂන්ට් කෙනෙක් මංගල.. ට්‍රීට්ස්මන්ට්ස් නොගෙන හිටිය නෙමේ, එත් දැන් අවසානෙට ලංවෙලා කියලා මට හිතෙනවා. සිංගප්පූර් වල මගේ යාලුවෙක් ට්‍රීට්ස්මන්ට්ස් සේරම ලෑස්ති කරලා කතා කරනවා, යනවනම් ඊට කලින් මම සෞන්දර්යාව පිළිවෙලක් කරනන ඕන, එයාට මං ඇරෙන්න කවුරුත් නෑ." "එයාට මට මනමාලයෙක් නම් හොයල දෙන්න පුළුවන්. ඒත් මෙච්චර දේවල් උනාට පස්සේ මිනිහෙක් එයාට කැමති වෙන්නේ ආදරේට නෙමෙයි කිය
ල මම දන්නවා" "මට ඕනත් එයාට ආදරේ කරන මනුස්සයෙක් නෙමේ. එයාව බලාගන් පුළුවන් මනුස්සයෙක්.. හරියට මම කළා වගේ.. " "මේ වෙලාවේ මට විශ්වාශ කරන්න පුළුවන් ඔයාව විතරයි මංගල... ඔබ සිතන්නේ කුමක්ද? ඔබට ජීවිතය දුන් මිනිසාට, බැහැ කියන්නට ඔබට නුපුළුවන. ඒ වෙනුවට මම වෙනත් දෙයක් සිහි කලෙමි. "සෞන්දර්යා මෙහෙම දේකට කැමති වෙන්නේ නෑ සර්..." "නෑ මංගල.. එයා වෙනස් වෙලා ඉන්නේ.. එයාගෙන් වෙන්න ඕන යුතුකම් ගැන මට වග කියන්න බැරි උනත් එයා ඔයාගේ මූණේ දැලි ගාන්නේ නැතිව ජීවත් වෙයි" ඇය දේදුන්නක් වූ අතර මම සාමාන්‍ය පෙනුමෙන් යුතු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වීමි. එලෙසම මා තවමත් සැම'තින්ම හොරොව්පතානේ මිනිහෙකු වීමි. ඈ මට වඩා අඟල් කීපයක්ම උස වූ යුතු අතර වසර දොළහකින් ලාබාල වූවාය. "මංගල අද එන බව සෞන්දර්යා දන්නවා. යන්න කලින් කතාකරන්න උඩට ගිහින්.." මා යන විට සෞන්දර්යා කවුළුවක් අද්දර පොතක් අතැතිව සිටියාය. හඬ ඇසුණු ඈ පොත වසා හිස ඔසවා සිනාසුනු අතර මෙතරම් සුන්දර ගැහැණියක් මා මීට පෙර දැක නොතිබූ බව මවිතයෙන් සිහි කලෙමි. "මංගල අයියා වාඩිවෙන්න" ඈ නැගී සිටියාය. "සෞන්දර්යා මට ටිකක් කතා කරන්න ඕන" අසීරු විනාඩි කීපයකට පසු මම සුදුසු වචන සොයාගෙන තිබිණ. "සෞන්දර්යාට අප්පච්චි බල කලාද මේ විවාහයට කැමති වෙන්න කියල... " "නෑ" ඈ සිනාසුණාය. "එහෙනම් ඇයි කැමති උනේ? සෞන්දර්යා දන්නවා මම වගේ මිනිහෙක් ගැලපෙන්නේ නෑ කියල..." "අයියාට කවදාවත් මාව රවට්ටන්න ඕන වෙන එකක් නෑ කියලා විතරයි මම හිතුවේ... " අහෝ සහෘදය... දැන් ඔබද ඇයට බැඳෙන බව මම දනිමි. නමුත් වරෙක ඇය නැගී එන හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මාන දිනූ බව අමතක නොකරන්න. "ජීවිතය" යනු පෙරදිනක රණබාහු මහතාගෙන් ඉල්ලාගත් එකක් වූ බැවින් මම මගේ ආත්මගෞරවය අනතුරේ හෙලීමි. "ලියාපදිංචිය" පැමිණි සති අන්තයේදීම සිදුවූයේ රණබාහු මහතා සතුව කල් නොතීබූ බැවිනි. සුදු පැහැ පසුබිමේ කහ පැහැයෙන් වැඩ දැමූ බතික් සාරියකින්ද කහ අරලිය මල් කළඹකින්ද සෞන්දර්යා සැරසී සිටියාය. ජායාරුපශිල්පියා බුද්ධිමතෙකු වූ අතර ඈ වාඩිවී සිටියදී මා සිටගත් මනරම් මගුල් පින්තුරයක් ගෙන තිබුණි. හවස් වරුවේ මම නැවත මගේ නවාතැන්පලට ගියෙමි. රාත්‍රියේ මා ගූගල්හි ඇගේ නම සෙවූවෙමි. අඩනිරුවත් ජායාරූප දහස් ගණනක් තිරයේ දිස්වේ. මේවා මෙතනින් ඉවත් කිරීම ඔබට කල නොහැක්කකි. මා මගේ ආත්ම ගෞරවය අනතුරේ හෙලා සිටියෙමි. ඔබට ඇය විශ්වාශද? ඇය මේ නාටකය රඟ දක්වන්නේ රණබාහු මහතා වේදිකාවෙන් බැස යන තුරු පමණක් බව මම දැන සිටියෙමි. මුළු දහඅටපාලියම වැරදියට නැටූ සෞන්දර්යාට අවශ්‍යව ඇත්තේ අප්පච්චිට අවසානයේදීවත් අවනත වන්නට පමණක් බව මගේ ආචාර්‍ය මොළයට නොවැටහෙනවා නොවේ. මම මගේ ආත්ම ගෞරවය අනතුරේ හෙලා සිටියෙමි. "මධුසමය" යන වචනය කිසිවෙකුගේ කටින් පිටනොවූවද පසුවදාට යොදාගෙන තිබූ හොරොව්පතාන ගමන අතරතුරදී නවතින්නට රණබාහු මහතා විසින් කණ්ඩලම හෝටලය වෙන්කර තිබුණි. උදේ එකොළහට පමණ එහි ලඟා වූ අප රිසෙප්ෂන් එකේදී ඇස් දහසකින් පමණ වටකරනු ලැබීමු. "මංගල අයියා බුෆේ එන්ජෝයි කරනවා නම් යන්න, මම තරහා නෑ. ඔතන මං වටේ මිනිස්සු වටවුනාම අපි මෙහෙම ආපු එකේ තේරුමකුත් නෑ" ඈ දෙදෙනාටම කෑම, කාමරයට ගෙන්වා ගත්තාය. දහවල අහාරයෙන් පසු මට අනිවාර්‍ය දේශනයක් සඳහා සූම් ඔස්සේ සිසුන් හා සම්බන්ද වීමට තිබිණ. කාමරයේ කොණක මා ඒ සඳහා සූදානම් වෙද්දී එළියේ මහවැසි ඇදවැටිණ . පැය දෙකක් තිස්සේ ඇය වැස්සට එපිටින් වූ කණ්ඩලමේ තටාකය දෙසත් ඊටත් එපිටින් වූ කන්දලම වැව දෙසත් බලා සිටියාය. "සෞන්දර්යා මොනවද කල්පනා කරන්නේ?" ඈ මද සිනා පා මාවෙත හැරුණාය. "කල්පනා නෙමයි, වැස්සේ ලස්සන බලාගෙන හිටියා. මංගල අයියා මට දිගටම සෞන්දර්යා කියලද කතා කරන්නේ?" "සෞන්දර්යා නම ලස්සනයි" එවර නම් මම කියුවේ ඇත්තකි. "ඒ උනාට එක දිග වැඩි නේ.. දිවත් පැටලෙනවා" ඈ පොඩි එකියක සේ සිනාසෙයි." "ඒ සෞන්දර්යා සිංහල දන්නේ නැති හින්දනේ" වායුසමීකරණය නිවාදැමූ මම අලුත් වාතයට එන්නට කවුළුවක් හැර දැමීමි. රාත්‍රියේදී, පතුළ දක්වා දිගු ඉතා අලංකාර රාත්‍රී ඇඳුමකින් සැරසුණු සෞන්දර්යා සුවපහසු විසල් යහනේ කොනක වාඩිවී සිටියාය. සෙමෙන් ඇය අසළට ගිය මා වාඩිවී ඇගේ දෑත් අල්ලා ගතිමි. පෙරදින මා පැළදු මංගල මුදුව ඇගේ ඇඟිල්ලක දිලිසෙන්නට විය. මොහොතකට මම ඇගේ වසර ගණනක් පැරණි ව්‍යාපාරික පෙම්වතා අමතක කෙරූවෙමි. කාලෙන් කාලෙට ඇය ඇසුරු කල නොයෙක් මිනිසුන්ට පැනයාහැකි සේ හදවතේ කවුළු හැර දැමුයෙමි. ආත්මාර්ථය මිනිසාට පොදු දෙයකි. මට පරදින්නට නොහැකිය. බලාපොරොතු වූ ප්‍රතික්ෂේප කිරීම ඈ නොපෑ අතර තිස් නම වසරක බඹසරය එදායින් අවසන් විය. සැබවින්ම රාත්‍රිය මනරම් විය. පසුදා පළමුව අවදි වූ මා තවමත් නිදන සෞන්දර්යා දෙස බලාසිටියෙමි. ඈ කොතරම් සුන්දරද? ඒ මොහොතේ ඔබ ඈ දුටුවෙහිනම් ඇහිපිල්ලමක් වත් නොගසනු ඇත. සාමාන්‍යයෙන් මෙවැනි සොඳුරු මොහොතවල් වඩා දිගු වන්නේ නැත. ඇය සෙමෙන් දෑස ඇර ආදරණිය ලෙස සිනාවී, නැවතත් මාගේ දකුණු ඇලයේ හිස තබා දෑස් පියා ගත්තාය. දෙවියනේ ගැහැනුන්ට මායම් හැට හතරක් පමණක් ඇති බව කියූ මිනිසා මට සොයා දෙන්න. මේ ඇගේ හාරසිය හැට හතර වන මායාව නොවේ යැයි කාට නම් කිවහැකිද? "මංගල අයියා.. මට කලින් බාත්රූම් යන්න දෙන්න. අද මට ඩ්‍රෙස් කරන්න ගොඩක් වෙලා ඕන.. ඒකයි." ඇගේ ඉල්ලීමට ඉඩදුන් මා ඇයට පසු නාන කාමරයට වැදීමි. මගේ හදවත තෘප්තියකින් පිරී ඇත. පැමිණි දඟ පන්දුවකට හයේ පාරක් ගැසූ ක්‍රීඩකයෙකුට ඇත්තේ මෙවන් සතුටක් විය යුතුය. ඔව් මම හොඳින් ක්‍රීඩා කරමින් සිටියෙමි. පිටතට පැමිණි මා දුටුවේ ඇය රෝස පැහැ හෑන්ඩ්ලූම් සාරියකින් සැරසී සිටිනා'යුරුය. ඩෙනිමකින් හා සුදු ටී ෂර්ට් එකකින් කොළඹින් පිටත් වූ ඈ ජවනිකාවට සුදුසු අයුරෙන් වෙස්ගැන්වී ඇති බව පෙනේ. හොරොව්පතානට යන විට මුළු නෑදෑ සනහුරම පිරී සිටියේ ජනප්‍රිය නිළි සෞන්දර්යා දැක බලා ගැනීමටයි. සියල්ලන්ටම සුහදව වෙමින් ඈ නාටකය හොඳින් රඟදක්වනු මම නිරීක්ෂණය කලෙමි. ක්ලයිමැක්ස් එක උදාවන්නේ නැවත කොළඹ ගිය පසු බව මම දැන සිටියෙමි. පිරුණු තුරු ගොමු අතර වාස්තු විද්‍යානුකූලව තැනූ රණබාහු නිවසේ දිවිගෙවූ මා අසලින් සෞන්දර්යා නිතරම ස්වභාවිකව සිනහවෙමින් සිටියාය. උදෑසන මා අවදි වෙද්දීත් කාමල් පිසූ ආහාර මේසයේ තබා පිලිගන්වදිත් මා නිවසින් පිටවන මොහොතේදීත් ඒ සිනහව එකලෙස පැවතිණ. මැදියම් රැය තෙක් මා නිබන්ධන වල සිරවී සිටි දිනවල ඈ සැටලයිට් රූපවාහිණි නාලිකා වල සැරිසැරුවා විනා මට පෙර නින්දට නොගියාය. මකර වින්සතිය කවදාදැයි මම නොදැන සිටියෙමි. ගැඹුරු නිසල දිය සැමවිටම මා නොසන්සුන් කෙරූ අතර මාස දෙකක් ගතවූ පසු ඇයට පහසු කරන්නට මට අවැසි විය. "සෞන්දර්යා ඔහොම ගෙදරට වෙලා ඉන්න අවශ්‍ය නෑනේ.. ඔයා වැඩ කරන්නේ නැත්තේ ඇයි" ඈ පුදුමයෙන් හිස ඔසවා බැලුවාය. "ඕන නෑ මංගල අයියා මට දැන් කම්මැලියි.." "කම්මැලි මෙහෙම ගෙදරට වෙලා ඉන්නනෙ.. අලුත් වැඩක් පටන්ගන්න.. මම කැමතියි ඔයා වැඩ කරනවට.." දින ගණනකට පසු ඇය නිවේදන වෘතියක් භාරගෙන තිබිණ. "ඔන්න මටනම් පස්සෙන් එන්න බෑ.. දන්නවනේ මගේ රාජකාරි.." මම අශ්වයා හැර ඉස්තාලයද වසා දැමුවෙමි. සෞන්දර්යා තනිවම රිය පැදවූවාය. ඔබ දැන් ඇයට අනුකම්පා කරන්නේද? එසේනම් ඔබ ඒ ගැහැණුන් ගැන දන්නා තරමය. "මංගල අය්යා බලන්නකෝ අපේ ප්‍රඩක්ෂන් ටීම් එක බෙල්ජියම් වල ප්‍රෝග්‍රෑම් එකක් ප්ලෑන් කරලා.. මගෙන් ඇහුවෙත් නෑ. ප්ලයිට්ස් ඉඳන් බුක් කරලා, ප්‍රෝග්‍රෑම් ෂෙඩියුල් එකත් එව්වා. කාලෙකට පස්සේ හදිස්සියේම ජොයින් වෙලා, මට දැන් බෑ කියන්නත් බෑ.." කොයි මොහොතක හෝ එවැනි හදිසි ගමනක් යෙදෙන බව මා දැන උන්නෙමි. "මේ දෙකයි පණහෙ චැනල් බෙල්ජියමෙම කරයි ප්‍රෝග්‍රම්.." මගේ යටි සිත ඇයට සිනාවිය. "ඉතිං මොකක්ද ප්‍රශ්නේ? ඔයා නැතුව කවුද ඒක ප්රෙසන්ට් කරන්නේ.. යන්න.. මගේ අවුලක් නෑ" මා ඕනෑවට වඩා සාන්තුවරයෙක් වී සිටියෙමි. පසුදින ඈ සයනයේ සිට මා දෙස කෙළින් බලා සිටියාය. "මංගල අයියා අයිම් වෙරි සොරි මේක කියන්න මෙච්චර කල් ගත්තට.. මාව ඔයාට ගැලපෙන්නේ නෑ කියලා ඔයාටම තේරෙනවා ඇතිනේ. බෙල්ජියම් වල කෙනෙක් ඉන්නවා මං එනකල්... මම හෙට යන්නේ එයා ගාවට... ඊට පස්සේ ඔයා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න ඕන.." නැත, ඇය එසේ කීවේ නැත. කීවානම් ඒ කුරිරු සත්‍යය පිළිගන්නටද ඇයට සමාව දෙන්නටද ඉඩ තිබිණි. නමුත් ඇයට අවශ්‍යව තිබුනේ සර්ව සම්පූර්ණ රැවටීමකි. "මංගල අයියා ඔයා එන්න ඕන නෑ එයාර්පෝට්.. ලෙක්චර්ස් කට් කරගෙන නිකන් රස්තියාදු වෙන එක අපරාදෙනේ.. තමාලිට කිව්වා මාව පික් කරන්න කියලා... එද්දිත් එයා එක්කම එන්නම්.." ඇය සියල්ලම සැලසුම් කරඇත්තේ මා සිතූ පරිදිමය. දරුණු රැවටීමකට පසු මෙවැනි පහසු පළායාමක් ගැන ඔබ‍ට සිතා ගත හැකිද? පසුවදා මා විශ්වවිද්‍යාලයට යෑමට සැරසෙද්දී ඈ සුපුරුදු සොඳුරු සිනා පෑවාය. මේ ඇය දකින අවසාන වර බව මම සක්සුදක් සේ දනිමි. එය ඉඟියකින් හෝ හඟවන්නට ඇයට ඉඩහැර මම තවත් මොහොතක් ඇය දෙස බලා සිටියෙමි. නැත, ඇයට අවශ්‍යව ඇත්තේ ඉතා විශිෂ්ට ගණයේ රැවටීමකි. ශේක්ස්ජ්පියර් නුබ එකල එතරම් ගැහැණු ගැන දැන සිටියේ කෙසේද? මම එදා කිසිදු දේශනයක් නොපැවත්විමි. ඇය නිවසින් නික්ම ගිය බව කාමල්ට අමතා දැනගත් මා අපසු ගෙදර ආවෙමි. කාමල් නැගූ ප්‍රශ්න වලට නෑසුකන්ව, මා සතු සියළු වස්තුව කාරයේ පටවා පිටවිමී. පැරණි නවාතැන්පල පැරණි වී නොතිබිණි. ඊළගට යායුතු තැන මා නිසැකවම දැන සිටියෙමි. වසර දහස් ගණනක් තිස්සේ එය බිඳුණු හිත් ඇති කලාකරුවෝ අපිට උගන්වමින් උන්හ. ගැහැණියකගේ රැවටීමකට හසුවූ පිරිමියා සොයා යායුත්තේ කුමක්දැයි ඔබ නොදන්නවා විය නොහැක. මා ඉතිරි දින කීපය අවසිහියෙන් ගත කලෙමි. දින ගෙවී ගියේ ඉඟියක්වත් නොතබමිනි. නැවත මා අවදි වූ කල දුරකථනයේ තිබූ මගහැරුණු ඇමතුම් ගණන, නැවතත් මා මහපොළවට ඇද දැමීය. මා රණබාහු නිවසේ පෙනී සිටියෙමි. කාමල් දිව ආවේ මහත් විස්සෝපයෙනි. "චූටි නෝනා මහත්තයව හොයනවා" සෞන්දර්යා කවුළුවෙන් පිටත බලා සිටියාය. සුනාමියට පෙර සයුර නිසල වන්නට ඇත්තේත් මෙලෙසටමය.
"මංගල අයියා කොහෙද ගියේ?" ඇගේ කටහඬ බිඳී ඇත. "විශ්වාශ කරන්නත් බෑ මංගල අයියාට මාව එපා උන එක.." "එහෙම දෙයක් නෑ, සෞන්දර්යා නැතිව මම මෙහෙ ඉන්න එක තේරුමක් නෑනේ" ඈ හැරී බැලුවාය. එදා මා දමාගිය මුදුව අගේ එක අත්ලක රැදුනි. ඇය එය සොයාගෙන තිබිණි. "මම ඇබ්රෝඩ් යනකල් හිටියේ මාව දාල යන්නද? මංගල අයියාට තිබුණා එහෙමනම් මට කියන්න" නිහඬ විනාඩි ගෙවී ගියේය. ඒ මුළු කාලය තුළ ඈ නෙත් නොහෙලා මා දෙස බලා සිටියාය. අහෝ! ඔබට හැකිනම් ඇයට පහදන්න. කිවයුත්ත නොදත් මා අවසානනයේ තවදුරටත් තත්වය අවුල් කරගතිමි. "සෞන්දර්යා ආපහු එයි කියලා මම බලාපොරොත්තු වුනේ නෑ" මම එසේ නොකිව යුතුව තිබිණි. එයින් මා ඇයව සම්පුර්යයෙන් විනාශ කර දැමිණ. සෞන්දර්යාගේ ඇස් කදුළින් පිරී ගිය අතර දෙතොල් වෙව්ලන්නට විය. කිසිම ගැහැණියක් ඒ තරම් ද්වේශයෙන් මා දෙස බලා නැත. "මම කොච්චර රැවටිලද? කොච්චර මෝඩද? අතීතය මට වෙනස් කරන්න බැරි උනත් මම මංගල අයියාට වරදක් කලේ නෑ. ඒත් ඔයා කවදාවත් මාව විශ්වාශ කරලා නෑ.. මම ජීවත් වෙලා තියෙන්නෙ කොයි තරම් ලොකු බොරුවක් උඩද? ඒත් දැන් මම දන්නවා කෙල්ලෙකුට ජීවිතේ වැරදුනාම කවුරුත් දෙවැනි අවස්ථාවක් දෙන්නේ නෑ කියලා.. අප්පච්චිට මම පොරොන්දු උනා ආයේ ජීවිතේ අවුල් කරගන්නේ නෑ කියලා.. ඒ නිසා ඔයාට යන්න කියන්න බෑ.. ඒත් මට තවත් ඔයාගේ රඟපෑම එපා. අදින් පස්සේ කලින් හිටිය සෞන්දර්යා මගෙන් බලාපොරොත්තු වෙන්න එපා." ඉංග්‍රීසියෙන් බිණූ ඈ කාමරයෙන් පිටවී ගියාය. මා පරාද වී සිටියෙමි. ජිවිතයේ කිසිඳු බැරෑරුම් යමක් නොතේරෙනු ඇතැයි සිතූ නූගත් කෙල්ලක ඉදිරියේ කථිකාචාර්යවරයෙකු පරාද වී සිටියේය. කන්පෙති රත්වී සියොළග නැගුණු දහඩියෙන් නැහැවී සිටියෙමි. මොහොතකට මා, කන්දක් පාමුල වැඩුණු තණ පඳුරක් සේ පෙනිණ. ඒ මහා කන්ද ඇය බව මම ලජ්ජාවෙන් යුතුව ලියා තබමි. අහෝ සහෘදය.. ඔබ මට සිනාවෙන්නේද? අහෝ කවියනි, මේ ඔබගේ අපරාධයකි. බමුණෙකු සිය බිරිඳ රැකුමට ඇය ගිල දැමූ පසු කුසයේ සිටි භූතයෙකු හා ඇය හාද වූ බව ලියා තැබුවේ කවුද? ගැහැණුන් එසේ ලඝු කරගත නොහේ. ඔවුන් කෙතරම් සංකීරණදයත් එය වටහාගැනීමට පිරිමියෙකුගේ මුළු ජීවිත කාලය උවද නොසෑහේ. "ආදරණිය සෞන්දර්යා.. දිනක හැකිනම් මට සමාදෙන්න... එදා නුඹ මට හිමිවූයේ ඒ වෙනුවෙන් කිසිදෙයක් මා සිදුකර නොවේ. එහෙත් අද... නුඹේ එකම සිනාවක් වෙනුවෙන් මගේ මුළු ජීවිතය උවද පුදකරන්නට බලාගෙන සිටිමි. නුදුරු දිනෙක මම නුඹ නැවත දිනාගන්නෙමි. නුඹේ සොඳුරු සිනාවක් උපයන්නට මම මගේ මුළු ජීවිතයම වියදම් කරමි" මා හදවත ගැහෙන්නේ නව යොවුන් තරුණයෙකු මෙනි. ජීවිතේ ප්‍රථම වතාවට මම ආදරය කරමින් සිටිමි.# **මාකයිය ඇඩ්ඩිං වැඩේට AI බොටෙක්ව දානව හාද ඇහුවා , අපි හා කියුවා. මතක් කරලා ගුණ දොස් කියහල්ලා මා අම්මල අප්පලා.**පසලොස්වක , පුරසඳ 🌕,,,,අටවක,අඩසඳ 🌛 වියත් යතිවරුන් දෙදෙනෙකු ඒ කාලේ විසුව යි දකුණු රට,කවිය ට බැඳ ආලේ සාහිත රසය නිරතුරු වෑහුනි දෑලේ පොතපත තරම් කිසිවකටත් හිත නෑලේ. මිතුරු කමින් අගතැන්පත් මේ දෙදෙනා නිතර හමු නොවේ එනමුදු ඇත කරුණා දූතයෙක් මගින් පණිවිඩ නිති යැවුනා තෑගි බෝග හුවමාරුවකුත් කෙරුනා. දවසක් දූත තෙම උදයෙම මග බැස්සේ මිතුරු නමක් දුන් තිලිණය පිරිවැස්සේ තල්පත ලියූ හසුනක් ඇත ඒ අස්සේ හෙවනක විඩා හැර ගියෙ ලෙස තම රිස්සේ. හමු වී මිතුරු නම වැඳ තිළිණය පිදුවා බැම්මෙන් ලිහා ඒ මොනවාදැයි බැලුවා පිලිතුරු ලීවෙ ගෙනගිය හසුනෙම,කියවා සමු දුනි දූතයට හසරැලි මුව රඳවා. හසුන ත් රැගෙන දූතය පංසලට ගියා මිතුරු සඟරුවන කුහුලින් කියවු නියා වැටහුණි කුමක්දැයි ඇත්තේ එතුල ලියා හසරැල්ල ක් නගා වැඩි,ඒ පසෙක තියා. තොරතුරු හිසට ගැන්මේ කුහුලින් යුතුව සිටියෙන් හසුන කරගත්තෙමි මා සතුව රහසක් නැත ලියා සැකමුසු ලෙස පැතුව අණ්ඩර දෙමළයකි එය තේරෙන්නේ නැතුව . "' පසළොස්වක''' සමග "'පුරසඳ"' එවමි මම ලද බව ලියනු මැන හසුනෙහි ඇමිණු මෙම,, "'අටවක"' සුවඳ දුනි,"'අඩසඳ"' වගෙයි හිම පින් දී භාර ගමි සිහිකර මිතුරු පෙම. බේරා ගන්න මේ පැටලුම මට ඕනේ සාමිනි නැතොත් අද රෑ නින්දක් නෑනේ සන්සුන් ලෙසින් හිමිනම වැඩහිඳ යානේ පාදා උගුර කී දේ මෙලෙසට වීනේ. තිලිණය ලෙසින් දූතය අත තැබූයේ ඇවරිය, කෙසෙල් පසලොසකින් සැදීයේ මුට්ටිය,මිදුණු මී කිරියෙන් පිරූයේ අරුමය ""අඩ"" බැගින් මිතුරා ලැබූයේ........ පැරණි කතාවක් ඇසුරින් පබැඳූවෙමි...======= සා/සේ කිරි ගුණේ ===== මං පොඩි කාලේ ඉදලා හමුදාවට බැදෙන්ට හරිම ආසාවෙන් උන්නේ.. .එදා පාන් රාත්තල ඔතල දුන්න පත්තර කොලේ තිබුනු හමුදාවේ පින්තුරෙ දැකලා මට ඒ ආසාව ආයේ වැඩි උනා..මම ඕක අපේ කිරි අත්තට කිවුවා. කිරි අත්තේ...මට හමුදාවට යන්ට ආසයි...මං හමුදාවට බැදෙන්ටද..?? හ්ම්ම්.... උබේ වයසත් දැන් හරි හන්දා උබට බැරි වෙන එකක් නෑ..උබ දැන් කොයි හමුදාවටද බැදෙන්ට යන්නේ.... හ්ම්ම්...ඒකත් ඇත්තනේ කිරි අත්තේ...හමුදා නං කීයක් තියනවද..? එහෙම කියපු මම උදේ වරුවෙන්ම නාගන්ට පීල්ලට ගියා..පීල්ලට යන පාරේ කෙලවර තමයි ඉබි ගල තියෙන්නේ.. ඉබි ගල උඩ ඉදගත්තාම වෙල්යායයි පුවක් මංඩියයි එක යායට ලස්සනට පේනවා..ඒක උඩින් ගමට එන පාර වැටිලා තිබුනා..සැරින් සැරේ වාහනයක් දෙකක් මිනිහෙක් ඒ පාරේන් ගමට එනවා මම ඉබිගල උඩ ඉදන් බලාගෙන ඉන්නවා..ඔහොම වාඩි වෙලා ඉන්ටැද්දි ඒක එක දේවල් හිතනවා..ඔතන ඉදන් කිරි අත්තගෙන් හොරාට ඉනේ ගහ ගත්තු බීඩියක් උරනවා...ගෑනූ උදවිය බාගෙට ඇදුම් ඇදගෙන ඉන්න පත්තර කොළ ගෙනත් බලනවා.....ඔය වගේ ගොඩක් වැඩ මට ඉබි ගල උඩ තිබුනා...එදා මං ඉබි ගලේ වාඩි වෙලා කල්පනා කරේම හමුදාව ගැන. ගුවන් හමුදාව අහසින් යන හමුදාවනේ..ඔය අහස් යාත්‍රා වල නැගිලා මට කොහොමටත් යන්ට බෑ...හදිසියක් ආන්තරාවක් උනොතින් බිමට පැන ගන්ටේ කොහොමද..?අනික උස් තැන් වලට නැග්ගාම මය කකුල් දෙක සට සට ගාලා ගැහෙන්ට ගන්නවා..විඩක් මම මුදුන් උළු කැටේ හදන්න වහලෙට නැග්ගා..වහලේ අයිනට ඇවිත් බිම බලාල කිරි අත්තට කතා කොරන්ට හදනකොටම මගේ කකුල් දෙක සට සට ගාලා ගැහෙන්ට උනා..හෝස් ගාලා ඇග පුරා දාඩියක් දැම්මා විතරයි මතකේ...ගමේ උන් එකතු වෙලා මාව වහලෙන් බිමට බාලා තියෙන්ටේ මහ කඹේ දාලලු.. ඉතින් එහෙව් මං කොහොමද අහස්යාත්‍රා වල නැගිලා ගිහින් වෙඩි තියන්ටේ...අහස්යාත්‍රා එලවන්න දුන්නොත් නම් බැරි වෙන එකක් නෑ එක අතකට....එක්කෝ ඒ උලව්ව ඕනී නෑ... නාවික හමුදාවට මට කොහොමත් බැදෙන්ට බෑ..දියේ පීනනවා තියා දිය ජබුමක් ගහන්ට වත් මං දන්නෑ..අනික වතුර පීල්ලට එක දිගට ඔලුව අල්ලනකොටත් මගේ හුසුඹ හිර වෙන්ට ගන්ටවා..දිය ජබුමක් ගහන්ට දන්නේ නැති මාව කොහොමත් ඒකට ගන්ට එකක් නෑ...ඇරත් ඔය මහ මුහුදේ නැව් නැගිලා යනකොට මොකක් හරි අතුරු ආන්තරාවක් උනොතින් එහෙම දියෙ ගිලිලා මැරෙන්ට තමයි වෙන්නේ... මට කියාපුම එක තමයි පාබල හමුදාව..ගමේ කැලේ,පිලේ,වෙලේ ඉන්ට මට කියාපුම එක...බය වෙන්ට දේකුත් නෑ නෙව..මහ පොලොවෙමනේ හටන්...අහසින් වැටෙන්නෙත් මුහුදේ ගිලෙන්නෙත් නෑ නෙව... එදා හමුදාවේ මහත්තයැන් කියපු විදිහටම මං දියතලාවේ කෑම්ප් හමුදා කදුවුරට ආවා... බුදු සන්තේ... මේකේ ලොකු...තණ පිට්ටනි ගොඩ..එක නිල්ලට තණකොළ.... අපේ වැස්සි ආවා නම් මේකේ පෙල්ලි පෙල්ලී තණකොළ කනවා..බාගෙට මම වැරදිලා අඹේවෙල කිරි පැට්ටේරියට වත් ද ගෙහුන් තියෙන්නේ මේ...හීතලත් ඒ වගේමයි... නෑ... නෑ.... අර ඉන්ටෙ හමුදාවේ මහත්තයැන් ලා...මේකේ සුවර් පිටම කිරි හරක් පට්ටියකුත් ඇති..නැත්තම් අච්චර මොකට මේ තණ පිට්ටනි...ලිපි කඩදාසිය පෙන්නලා අහලා බලමු... මේ..මේ.. මහත්තයැන්...එදා සම්මුක පරීක්සනෙන් මං පාස් කියලා මේ ලිපිය අරන් දියතලාවේ හමුදා කෑම්ප් කදුවුරට එන්ට කිවුවා එතන හිටපු ලොකු මහත්තයැන් කෙනෙක්..ඒකයි මං ආවේ...මං කොහාටද යන්ට ඕනී මහත්තයැන්... ආහ්...එන්නකො...ආන්න අර ගේට්ටුවෙන් අහන්න...එතනින් ඔයාට කියයි මොනාද කරන්න ඕනී කියලා...ඔහොම යන්න.. අනේ...බොහොම ස්තුතියි...ඒ මහත්තයැන් නොහිටින්ට මං මේකේ අතරමං වෙනවා සුවර් පිටම... කිරි අත්තා කිවුවේ හැමෝටම ගරු සරු ව දෙන්ට කියලා...ඒක හින්දා මං සැලොට්ටුවක් ගහලම ගේට්ටුවේ ඉන්ට මහත්තයැන්ලට කතා කරා.. මගේ මූණ දිහා බලපු රතු තොප්පි කාර මහත්තුරු ගේට්ටුවෙන් මගේ බෑග් මල්ලයි මායි හොදටම පරික්සා කරා...ඒ මහත්තුරු කියපු විදිහටම මං බංකුවේ වාඩිගෙන උන්නා.. එක එක උදවිය හමුදා ඇදුම ඇදන් එහා මෙහා යනවා..හරිම ලස්සනයි... බලන්ට එපැයි... ඉනෙ බදින බෙල්ට් පටිය කර අරහට දාගෙන කෝටු කෑල්ලක් කිහිල්ලේ ගහන් යන උදවිය... මැණික් කටුව හරියෙන් වලල්ලක් දාගෙන කෝටු කෑල්ලක් අරන් යන උදවිය... නිකම්ම අත්දෙක වන වනා යන උදවිය.. තුවක්කු අරන් බෑග් මලු එල්ලගත්ත උදවිය.. ඔය හමුදාව කිවුවට හැමෝගෙම අතේ තුවක්කුත් නෑ ඉතින්...‍රතු තොප්පිය දාගෙන සුදු බෙල්ට් පටිය කර හරහට දාගෙන හිටපු මහතුරු තමයි උසම.. ඔය කෝටු කෑලී අතෙන් අරන් යන මහත්තයැන්ලා මේ කෑම්ප් කදවුරේ උගන්නන අය වෙන්ට....මොකද අපේ ඉස්කෝලේ පියදාස මහත්තයත් ඔයිට වඩා දිග කෝටුවක් අතේ දරාගෙන ඉස්කොලේ පුරා එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියේ ඔය ආකාරමයි...හැබැයි ඒ කෝට්ටේ මේ වගේ පොලිස් ගාලා නෑ... එතැන් හිටපු කොල්ලෙක්ට හමුදාව ගැන අප්‍රමාණ දැනුමක් තිබුනා..ඌ අනික් කොල්ලන්ට කියාපු දේවල් මං හොරෙන් අහන් හිටියා.... අතේ බෙල්ට් පටියක් බැදන් කෝටුවක් අරන් යන්නේ බවලත් නිළධාරීන්ලු..අනික් උන් සේරම සාමන්‍යයෙන් සෙබලුලු..අපිත් එහෙමලු..අපිට කියන්නේ රෙට් කුට්ටො කියලලු..දස්කම් පෑවොත් ඉදිරියටම යන්ට පුලුවන්ලු.. උරේ තරු එකක් ගහන් කෝට්ට අරන් යන්නේ ලුතිතන්ලු...උරේ තරු දෙකක් ගහන්නේ දෙක ලුතිතන්ලු..... ඌ එහෙම කියපු ගමන් උරේ තරු තුනක් ගහපු තුන ලුතිතන් මහත්තයැන් කෙනෙක් ඇවිත් ඔක්කොටම කතා කලා.. මං වගේම කොල්ලො කුරුට්ටො ගොඩාක් ඇවිදින් උන්නා..අපි සේරම එක්කන් ගිහින් බිලට් කියලා ගෙදරකට දැම්මා..බුදු සන්තේ ඒකේ තට්ටු දෙකේ ඇදවල් තිබුනේ එක පේලියට...මට උස් තැන් වල ඉන්ට බැරි හන්දා මම පහල ඇදක් තෝර ගත්තා...ඇද උඩ හිටියේ
හරිම විසාල එකෙක්..ඌ අපේ ගමේ බේබී අක්කටත් වැඩිය විසාලයි..මට බයත් හිතුනා ඇද කඩන් මූ වැටුනොත් කියලා... අපිට ටික දවසක් බිලට් ගෙදෙට්ට වෙලා ඉන්ට කිවුවා..ඒ අතරේ ඒක එක දිහාවෙන් කොල්ලො කුරුට්ටො ආවා..උන් ඇදන් උඩ යට වෙන්කරගත්තා... කෝස් පටන් ගත්ත දිනේ ඉදන් උදේ පාන්දරම අපිට කූද්දින්ට සිද්ද උනා... පාන්දරම අපි කෝපල් කියන එව්වා හයියෙන් කියව කියවා කෑම්ප් කදවුරේ හතරමායිමේ දුව ඇවිදින්ට ගියා...දුව ඇවිදින එකට වඩා,මේ මගුල් හයියෙන් කියවන්ට ගියාම මට හුසුඹ ගන්න බැරිවීගෙන වගේ යනවා..ඊට පස්සේ වියායාම කරන්ට ගන්නවා.. බිම බුදියන්..වාඩි වෙලා..ඒ ඇලේට මේ ඇලේට...පිටි පස්සට ඉස්සරහට...නා නා විධ වියායාම කරන්ට ගන්නවා.. උදේට කාලා ඉවර උනාම කොල්ලො සේරටෝම වම, දකුන යන්ට උගන්නනවා.. .. කෝපල් මහත්තයැන් වම දකුණ කියන තාලෙටම අපි කකුල තියලා ඇවිදින්ට ඕනී.....මට ඕක තමයි අල්ල ගන්ට බැරිම උනේ..අපේ කිරි අත්තත් නොසෑහෙන බැනුම් ඇහුවා මං හින්දා.. ඉතින් වම දකුණ ඔට්ටු කරලා කරලා දවල් කිට්ටු වෙනකොටම දනිස් දෙක කට කට ගාලා ගැහිලා ඇග පත වෙවුලලා ගිහින් දාඩියක් දාලා මගේ ඇස් පෙන්නේ නැතිවෙන්ට යනවා..බිම වැටිච්ච මාව ඉස්පිරිතාලෙට අරන් යනවා.. දොස්තර මහත්තැයැන් කිවුවෙත් කිසි ලෙඩක් නෑ කියලා..කිරි අත්තා සෙනසුරු ඒරාස්ටකේට දාපු යන්තරේ ගලවපු දා ඉදලා තමයි මෙ සේරටෝම මුල කියලා මම කිවුවා.. එදා අපි සේරම එක්ක ගියා වෙඩි තියන්ට...කියාපු විදිහටම මම බිම පතබෑවිලා වැලි කොට්ටෙට මුවා උනා..තුවක්කුවේ කුරුමාණන් හිලෙන් බලනවා බලනවා මට ඉලක්කේ පෙන්නේම නෑ...මේ උලව්වෙන් මොකක් වත් පෙන්නේ නෑ නෙව.... චැක් ඉස්කොලේ විද්‍යාව මහත්තයැන්ගේ අත් කාචේ ගෙනැල්ලා මේකේ ඉස්සරහින් ගැහුවනම් අගේට පෙනෙයි...මෙච්චර මානා ගෙන ඉන්ට ඕනී නෑ...පොඩි එව්වා ලොකු වෙලා පේනවා ඕකෙන් අගේට.. " ඩීං" ඩීං "එහා එකාගේ වෙඩි සද්දේ නේද... ඒ සද්දෙට බයවෙලා ගැස්සිච්ච මගේ අතින් කොකා මිරිකුනා..තුවක්කු බටේ ගැස්සි ගැස්සි" පට" පට "පට "පට"ගාලා වෙඩි පිට වෙඩි යන්ට පටන් ගත්තා..තුවක්කු බටේ ඉස්සරහින් නට නටා වෙඩියනවා...හැමෝම කෑ ගැහුවා..කුනු හබ්බයක් කියාගෙනම මගේ ඇගට පැන්න සායම් මහත්තයැන් කෙනෙක් මගේ අත ඇදලා ගත්තා.. තෝ අහවල් මගුලකටද මේක ඇද්දේ..වේ..###..පුතො...තොට වෙන එකක් තිබ්බේම නැද්ද අදින්න... මං නිකන් ඇදලා බැලුවේ මහත්තයැන්...වෙඩි පිට වෙඩි යයි කියලා මං හීනෙකින් වත් හිතුවේ නෑ සායම් මහත්තයැන්.. .. කවුද යකෝ සායම් මහත්තයා...තොගේ අම්ම්ට...#### මට හැමදාමත් කියනවා කෝපල්,, "මහත්තයැන්" කියලා කියන්න එපා කියලා...ඒක ඉතින් එක පාරෝම කියවෙනව මට.. පහුවදා වැලි පුරවපු මල්ලක් අරන් දුව ඇවිදින්ට ගියා.. සන්තේ....මේකේ බර...ඒ මදිවට තුවක්කුව එල්ලන් යනවා යනවා ඉවරයක් නෑ..පෙරහැර බලන්ට ගිහින් පයින් ගෙදර ආවාට වඩා දුර මය හිතේ...එක්කො අපරාදේ මට ගුවන් හමුදාවට බැදෙන්ට තිබ්බේ...ඒකේ මේ දුව ඇවිදින එව්වා නැතිව ඇති...ප්ලෙන් එකෙනේ යන තැනකට යන්නේ..... දැන් නම් මට බැරුවා..තුනටියෙමුත් වේදනාවක් එනෝ... කෝපලෝ...මය කකුල් පන නැති උනෝ..හයියො... එදා තිබ්බේ අපට බෝම්බ විසිකොරන්ට...කියලා දීපු ආකාරයටම මම ලැහැත්ති උනා...වෙඩි තිබ්බට පස්සේ ඉදන්ම මෙහෙව් දෙයක් කරන්ට යනකොට මගේ වටේ කීප දෙනෙක්ම ඉන්ටව දැන්...ඒ හින්දා බය වෙන්න දේකුත් නෑ නෙවෙ... මං කියපු ආකාරයටම පිං කෑල්ල ඇද්දා...ගහපන් ගහපන් කියලා තව මොනවදෝ කියනවා ඇහුනේ මගේ පිටිපස්සෙන්...හරියටම ඇහිච්ච නැති හන්දා මං ඒ පැත්තට හැරුනා... ගහපිය යකෝ...බුරුවා..බලාඉන්නේ... විසිකරපිය... ඉකමනට..විසිකරපන් හු###... මං විසික්කරා ඈතට..මගේ වටේ හිටිඋන් සේරෝම දිව්වා..මං කන්දෙක වහගත්තා.. "ඩීං....." ලොකු සද්දයක් එක්ක මුලු ඇගම හෙල්ලිලා ගියා වගේ උනා..මං බලද්දි සෙරොම බිම බුදියගෙන... මැරිල වැටිලද කොහෙද...සමහර උන්ට නම් යසයි යසයි.... හෑ...මේ එකා දෙන්නා නැගිටින්නේ.....තෝ ගොන් ###...###...###. තව පොඩ්ඩෙදි අපි ඔක්කොම ඉවරයි...මොඩ හු..######.. .###..##..##..තෝ වගේ අමු මෝඩ ගොං තකතීරුවෙක් මොකට ආවද මේකට...තොට කියලා දෙනකොට තෝ මොනාද අහන් හිටියේ ගොන් ලබ්බො... උබේ කිරි අප්පට....####..#####. එදා මගේ කිරි ආතට බනින කොට මට ඇඩුං ආවා... පහුවදා සෙරෝම කට්ටි කට්ටි බෙදලා ජංගල් දානවා කියලා මහ කැලේකට එක්කන් ගියා...අපේ පිලේ හිටපු සේරෝම හොදඋන්..උන් මට ජංගල් කැලේ යන්ට කලියෙන් කතා කලා.... අඩේහ්....ගුණයා මෙහෙ වර...තෝ...අපි කියන විදිහටම ඉන්න ඕනී....තෝ කැලේ ඉදන් ඕන්නැති වැඩක් කරොත් එහෙම තුවක්කු බදෙන් ගහලා තොගේ ඔලුව කුඩු කරනවා දැනගං බල්ලා..තොගේ මීනිය කබරගොයින්ට කන්න දානවා...තොගේ කිරි අප්පට වත් තොගේ මිනීය බලන්න බැරි වෙයි හරිද ගං කබරයා...... ඌ ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් කරන් මගේ මූනටම එබිලා එහෙම කියද්දි මට මුත්තරා බරකුත් දැනුනා... මයෙ කිරි අත්තා පල්... මං උබලා කියන දේට පිටින් කිසිදෙයක් කරන්නේ නෑ මලයො.....මං උබලා සේරටෝම පොරොන්දු වෙනවා...වනේ වන දෙයියො...අයියනායක උන්නාසේ පල්ලා...මං පොරොන්දු වෙනවා... අපි කැලේ මැද්දට ඇවිදන් ගියා...සිතියම බල බලා කැලේ මැදින් යනකොටම...මෙන්න බොලේ වල් අලියා... බුදු සන්තේ... නැට්ටයි හොඩෙයි උස්සන් කෑ ගහගෙන අපි ඉස්සරට එනවා..දුවපියෝ....කොල්ලෝ සී සී කඩ දුවන්න ගත්තා..මම පුලුවන් වැර දාලා දුවගෙන ගියා....මේ අලි කොටියා මගේ පස්සෙමයි එලවන්නෙ... මං දුවන් ගිහින් තුවක්කුව බිම දාලා ගහකට නැග්ගා... මය අප්පේ... යන්තම් බෙරුනා...පන බේර ගත්තා...කියපු විදිහට නම් මට මේ වීර ක්‍රීයාවට පදක්කමක් ලැබෙන්ටම ඕනී...වීර ක්‍රීයා කරන සෙබලුන්ට පදක්කම් සම්මාන දෙනවා කිව්වනේ...මේකට නම් මට කොහොමත් ලැබෙන්ට ඕනී..එසේ මෙසේ වැඩක්ද මං මේ කොලේ...අලියා එක්ක ඔට්ටු වෙලා ජීවිතේ බෙරගත්තු එක...කොහොමත් මට පදක්කම ලැබෙයි.... මං ගහ උඩ ඉදන් අනික් උන්ට ඇහෙන්න "හූ" තිබ්බා..උන් හොයා ගන්ට එපැයි...උන් බයට හැංගිලා ඇති තාමත්... හූ....හූ...අලියා ගියා වරෙව්....හූ...හු... මං ගහේ ඉන්නේ....හූ..මං ගුණේ...හූ... අඩේ..හ්....බැහැපන් ගොන් හු..#### බිමට....බැහැපිය ගොන් තඩියා... තෝ ගහ උඩ හූ කිය කියා මොකද කරන්නේ යකෝව්.... කෝ තොගේ වෙපන් එක...මෙහෙ වර.. මං ඒක මෙතන තියලා ගහට නැග්ගේ කෝපල්...තෝ එව්වේ" හූ " කිය කියා ගස් බඩ ගාන්නද ගොන් බල්ලො..තො ඔහොමද යුද්ධ කරන්න යන්නේ..මෙහෙ වර...කෝපල් මාව එක්කන් ගියා...සම්මානේ කෙසේ වෙතත් එදයින් එදා මාව තිබ්බේ කුස්සියේ... මං දිගටම හිටියේ කුස්සියේ...උදේ නැගිටලා දුව ඇවිදින එව්වා,වියායාම කරන එව්වා අයෙ කරේ නෑ...මට තිබුනේ වෙනමම කාරියක්..කල් දේරම් හෝදන්න,එළවලු හොදන්න,අතු ගාන්න වගේ එව්වා...පස්සේ පස්සේ මට උයන්න හොදට හුරු උනා...ලොකු මහත්තුරුන්ගේ සාද වලට කටගැස්ම වැඩි පුර හැදුවේ මා ලව්වා...සමහරු මට කිව්වේ කිරි ගුණයා කියලා...තව සමහරු කිව්වේ ටයනු ගුණේ කියලා... මට මාස ගණනාවකට පස්සේ ලොකු සර් එන්ට කියලා ඉක්මනට ගමේ යන්ට කියලා නිවාඩු දුන්නා.... පොකට් එක පිරෙන්න සල්ලිත් අරන් මං ගමේ එන්ට ආවා...කොළඹට ආපු මං කිරි අත්තට සරං,කමීස,බැනියං කීපයක් අරන් බස් එක එනකං කියලා වාඩි වෙලා බලා උන්නා... ලස්සන කෙල්ලෙක් විඩෙන් විඩ මගේ දිහා බලනවා...අපෙ ගමේ එකියක් වත්ද මේ.....හ්ම්ම්ම්..මාව දැකලා අදුර ගෙන වත්ද...??පොඩ්ඩක් හිනා වෙලා බලන්ට ඕනී..බුදු සන්තේ මෙන්න මේකී හිනා උනා..මට ද වෙන කාටහරි වත්ද.....නෑ නෑ මට තමයි....මං හමුදාවෙ කොල්ලෙක් කියලා පේනවා ඇති...පපුව ඉස්සරහට දාලා හුස්ම ටිකක් අල්ලන් ඉන්ට ඕනී...තව පාරක් හිනා වෙලා බලනවා....අම්මේ...ඔව් මයි...මට තමයි හිනා වෙන්නේ... අහිසක පොඩි කෙල්ල...ලස්සනත් ටිකක් තියනවා..පෙර ආත්මෙක මාවම පතාගෙන ආවද දන්නෑ..නැත්තම් මෙච්චර මගේ දිහා බල බල අහින්සක විදිහට හිනා වෙන්නේ.. ලගට ගෙහුන් කතා කරන්ට ඕනී..මගේ ඇගත් පන නෑ වගේනේ...කමක් නෑ..මං යනවා..මාවම හොයාගෙන පතාගෙන ආපූ ජීවන සහකාරිද දන්නෑ නෙව...පෙර ආත්ම භවයක පුරුදු බවකුත් තියනවා. හ්ම්ම්....නගා මොකෝ මේ තනියම..මට දැකලා පුරුදු බවක් දැනුනා...එකයි මේ කතා කොලේ..නගා කොයි පැත්තේද... අනේ අයියන්ඩි මටත් හොදට දැකලා පුරුදු හන්දා තමා මං හිනා උනේ...අයියා කොහාටද යන්නේ..මං නාගහවෙල..අනේ මං ඊට ඩිංගිත්තක් මෙහා...සේරකොටවෙල හරියේ... එතන අපි ටික වෙලාවක් කතා කර කර උන්නා...කතා කරන්න කරන්න නගා මගේ ලගට ලං වෙනවා..හරි ලස්සන පුසුඹක් එන්නේ නගා ලගින්..මගේ මූන දිහා මයි බලාගෙන කතා කරන්නේ...මං කිරි අත්තට කියන්ට ඕනී නගා ගැන ගිය ගමන්ම... අනේ අයියේ.. අපි වෙන කොහාට හරි ගිහින් කතා කරමුද..ඔව් ඔව් ඒක හොදා ගමේ එකෙක් වත් දැක්කොත් නගාට හොද නෑ..කයි කතන්දර හදයි...ඊරිසියා කාරයෝ පිරිලා... නගා මට වැඩිය ටවුම පලාත දන්න හැඩ හන්දා නගා කියන තැනකට යමු...අපි කඩල ගොට්ටක් කකා පාරේ දිගේ ගියා..අයියන්ඩි මේ ගෙට්ටුවෙන් එහාට යමු..මේ ගෙදර මං අදුරන අය ඉන්නේ..දැන් ඒයාලා නෑ..අපි යමු.. නගා කිව්වත් වගේ පාළු ගෙදරක්..අපි ගේ පිටි පස්සට ගියා...ගියපු ගමන් නගා මගේ බෙල්ලේ එල්ලුනා...පෙර භවයක මුන ගැහීමක් මේ නම්....සසර පුරුද්දම තමයි....නගා කිටි කිටියේ මාව තද කරගත්තා...ආදරේට වෙන්ටෑ....පව් කෙල්ල...ආත්ම ගානක ඉදන් පතාගෙන එන ආදරෙද කොහෙද මේ... මගේ ඇගත් මොනවදෝ වෙනව වෙනව වගේ...දනිස් දෙක වෙවුලනවා...අත පයත් වෙව්ලනවා...ඇග ගිනියම් වෙලා...හරියට කල්දේරම් බත කූරු ගානකොට වගේ රත් වෙලා..පපුවත් ඩික් ඩික් ගානවා..ඒ සද්දේ මට හොදටෝම ඇහෙනවා...මං නගාව තව ටිකක් ඇගට තද කරගත්තා...දැන් මගේ ඇගේ විදුලි කොටන්නා වාගේ.... ඒත් එක්කම කවුදො එකෙක් ලගට ආවා..තෝ මොනාද මේ කරන්නේ මගේ නංගිට යකෝ...වර මෙහෙට වල් පරයා...තෝ කෙල්ලො රවට්ටන්න වේ..#####...#####.....###### #####.......#####.....####### අනේ අයියන්ඩි ගහන්ට එපා...මේ මය නංගි වගේ....මං තුන් හිතකින් වත් වරදක් කරන්න හිතුවේ නෑ...මං කිරි අත්තගෙන් අහලා ගෙදර එක්කන් යන්ට කියලා උන්නේ....ගහන්ට එපා අයියන්ඩි...ගහන්න්ට එපා...අම්ම
ෝ... මං අමාරුවෙන් එතනින් පැන ගත්තා..පස්ස නොබලා දුවන්න ගත්තා...බස් හෝල්ට එකට එනකොට හමුදාවට ගිහින් දුව ඇවිදපු ඉස්සල්ලාම දවස වගේ ඇග පත ඇදුන් දෙනවා..අනේ අම්මේ... මගේ පොකැට්ටුවත් නෑ..ඒක දැන් හොයගන්නේ කොහොම කියලද..මං වෙච්චි විජ්ජුම්බරේ එතන හිටපු රාළහාමි කෙනෙක්ට කිවුවා..රාළහාමි හිනා වෙලා මාව හමුදා බැරියල් එකට ගෙහුන් දැම්මා..උන් මට හොදටෝම බැන්නා..විස්තර අහලා සල්ලි දුන්නා ගමේ ගෙහුන් එන්ට කියලා...මං උන්ට පින් දීලා එන්ට ආවා.. මං නාගහවෙලට ඇවිත් ගෙදෙට්ට යනකොට උදේ උනා...මං යනකොට ගෙදෙට්ට හැරෙන වංගුවේ පියදාස මාමයි,කළුවයි කට්ටියම සුදු පාලං කොඩිය පාරේ එහා මෙහා අදිනවා...උන් මං එනවා දැකලා වැඩේ නතර කරලා මගේ දිහා බලං හිටියා...මට අමුත්තක් දැනිච්ච හන්දා මං වේගෙන් ගේ පැත්තට බැහැගෙන ගියා... මං දුර තියා දැක්කා සාලේ කළු මිනී පෙට්ටිය..පොල්තෙල් පහන....සුදු සරමයි කමිසෙයි ඇද ගත්තු මගේ කිරි අත්තා අත් දෙක එකතු කරන්.... අනේ මය කිරි අත්තේ...අයියෝ දෙයියනේ.... කිරි අත්තේ....මං හයියෙන් කෑ ගහලා ඇඩුවා...අම්මා අප්පා නැති මාව හදා ගත්ත කිරි අත්තා...අනේහ්...මය කිරි අත්තේ..... මගේ දනිස් ගැහිලා කකුල් දෙක ආයේම වෙව්ලන්න ගත්තා.... පන නැති උනා.....ඇස් නිලංකාර උනා..... -ප්‍රසාද් ලංකා ජයසේකර.-රැකියා අත්දැකීම් 2 මේ කතාව පටන් ගත්තෙ ඉංජිනේරුවෙක් විදියට ප්‍රධාන පෙලේ කියල හඳුන්වන ආයතනයක රැකියාවකට අයදුම් කරල. ඒ රැකියාව සම්භන්ධයෙන් සම්මුඛ පරීක්ෂණ කීපයකට පෙනී ඉඳල. රැකියාව ලබා ගත්ත පලමු දිනය වෙනකං මම ලබපු අත්දැකීම් විස්තර කරල. මේ අද මම ලියන්නෙ ඒකෙ දෙවෙනි කොටස. ඔන්න පලවෙනි දවස ඒ විදියට ගෙවිල ගියා. ඊට පස්සෙ පටන් ගත්තෙ මගේ පරිවාස කාලසීමාව. මේ කාලෙ මම සම්භන්ද වෙච්ච රැකියාව වගේ රැකියාවක පොදුවෙ ගත්තම අමාරුම කාලෙ. බොරු කියන්න ඕන නෑ. මම සම්භන්ද වෙච්ච ඉංජිනේරු අංශය එහෙම විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගත්ත දේවල් එහෙමපිටින්ම ප්‍රායෝගිකව භාවිතා කරන්න පුලුවන් එකක් නෙවෙයි. අපි ආයතනයකට සම්භන්ද උනාම එම ආයතනය මගින් ආනයනය කරල සවි කරල නඩත්තු කරන යන්ත්‍ර සූත්‍ර පිලිබඳ පුළුල් දැනුමක් අවබෝධයක් ලබා ගන්න ඕන. මේක ගොඩක් සංයමයෙන් ඉතා සැලකිලිමත්ව කැපවීමෙන් කල යුතු කලයුතු කාර්‍යයක්. ඔන්න ඉතින් මමත් ආයතනයෙ තාක්ෂණික අංශයෙ තිබෙන යන්ත්‍ර පිලිබඳ පොත් පත් අධ්‍යයනය කරන්න වැඩි කාලයක් කැප කලා. එහෙම කලේ මගේ කැමැත්තෙන් මිස කවුරුවත් මාව මෙහෙයවල නෙවෙයි. මෙහෙම ඉන්න කොට ආයතනයෙ මානව සම්පත් කලමනාකරන අංශයෙ සම්මන්ත්‍රණයකටත් සහභාගී වෙන්න ලැබුන. අපරාදෙ කියන්න බෑ ඒ අංශයෙ ප්‍රධානිය වශෙයෙන් පෙනී හිටපු නෝන තමංගෙ විශය පිලිබඳ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් කියල පෙනෙන විදියට මේ දවසෙ අපට කතා කලා. මෙච්චර දවසක් මට වෙච්ච අකරතැබ්බ සහ මගේ වටේ උන සිදුවීම් වලින් මට පෙනී ගියපු අවුල් සහගත බොරදියේ මාලු බාන ආකාරයෙ කලමනාකරන ජිල්මාට් එක ක්‍රියාත්මක උනේ වෙන ආයතනයකද කියලත් මට හිතුන. මම මේ සහභාගී වෙලා ඉන්නෙ මම වැඩ කරන ආයතනයේම සම්මන්ත්‍රණයකටද කියලත් සැක හැර ගන්න වට පිටාවෙ ඔලුව හරවල බැලුව. නෑ නෑ මං ඉන්නෙ හරි ගොඩනැගිල්ලෙම තමයි කියල මට තහවුරු උනාම මගේ කට කොනකට පොඩි හිනාවකුත් ආව. ඔන්න දැන් මේ නෝන කියපු. සේවකයන්ට තමංගෙ පාඩුවෙ රැකියාව කරගෙන යන්න පුළුවං, සේවක ප්‍රශ්න බොහොම විවෘතව සාකච්ඡා කරල විසඳගන්න පුළුවන් විදියට ආයතනය තුල මෙයාල ඇති කරල තියෙන වාතාවරනය සහ සේවක ප්‍රශ්න සඳහා තමංගෙ කාර්‍යාලයේ දොරටු විවෘත වෙලා තියෙන විදිය ගැන අහගෙන හිටපු මගේ හිතටත් ආවෙ පොඩි ගැම්මක්. හොඳයි එහෙනම් අපි එහෙම කරමුකො කියල හිතාගෙන මම එදා ඒ ශාලාවෙන් පිට උනේ. අනේ මේ විදියට සුමානයක් විතර ගත උනා මාව අළුත් ඉංජිනේරුවෙක් විදියට වැඩට ගත්තට කිසිම විදිමත් orientation process එකක් මේ ආයතනයෙ තිබ්බෙ නෑ. සාමාන්‍යයෙන් වගකීමක් සහිත රැකියාවකට කෙනෙක්ව අරගත්තම එයාට විධිමත් පුහුණුවක් දෙන්න ඕන. මොකද steve jobs වත් එක දවසින් apple computer එකක් හැදුවෙනෑ. මගේ අවශ්‍යතාවයට ආයතනයෙ තාක්ෂණික අංශයෙ ෆයිල් රැක් එකක කොනක තිබ්බ user and technical manuals ටික්ක හොයා ගෙන මම පුලුවන් විදියට ඒව කියවල දැනුම ගන්න උත්සාහ කලා. ආයතනය තුල දැනට තිබෙන දැනුම මා එක්ක බෙදා ගත්ත නම් මගේ අතින් වෙන්න පුලුවන් වැරදි අඩු වෙනව. ඒක ආයතනයටත් වාසියක් නේද කියල හිතුනත් එහෙම සහයෝගයක් මට ආයතනයෙන් නොලැබෙන්නෙ ඇයි කියල මට ඒ වෙනකං අවබෝධ වෙලා තිබුනෙ නෑ. මෙන්න මෙහෙම සුමානයක් විතර ගත උනා. එකපාරටම මට HR එකෙන් call එකක් ආපි "ගිහාන් ඔයාගෙ appointment letter එක එතකොට training schedule එක ලෑස්තියි එන්න ඒව බාර අරන් අත්සන් කරන්න" කියල. මිත්‍රවරුනි මගේ නොදැනුවත්කමට සමා වෙන්න. මම හිතාගෙන හිටියෙ කෙනෙක් රැකියාවට ආපු මුල්ම දවසෙ Appointment letter එක සහ අනෙකුත් වැදගත් ලියකියවිලි ටික දෙනව කියල. ඒත් එහෙම නෑ මිත්‍ර වරුනි ඒව ලැබෙන්න කල් යනව. ඔන්න ඉතින් දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියල හිතගෙන ලොකු අය්ය වගේ මාත් ඔන්න ගියා HR එකට. ඒකෙ හිටපු නංගි කට පුරා හිනා වෙලා ඉංග්‍රීසියෙම්ම මට talk එක දුන්න. "Gihan, come take a seat. These are your employement documents. Please read them and sign when you are ready." කියල. මමත් ඉතින් ඉංග්‍රීසි ෆිල්ම් වල ඉන්න අක්කල නංගිලට ආදරේට Hollywood film බලල තිබ්බ හින්ඳ ඇට්ටි නෙවෙයි කලටි උනත් හැලෙන size එකට කඩ්ඩෙන්ම game එක settle කලා. දැන් ඉතින් ඔන්න මම කන්නාඩි කුට්ටමත් දාගෙන ලියුම කියවනව. "වැඩ කරන ස්ථානය වගේම වැඩ කරන වෙලාවත් දවසක දැනුම් දීමකින් වෙනස් කරන අයිතිය කලමනාකාරීත්වය සතුයි කියල තියෙනව" බුදු අම්මෝ මාව හෙට යාපනේ ඇරල අනිද්ද උදේම කියයිද දන්නෙ නෑ හෙට උදේ 7.00 ට ගාල්ලෙ වැඩ පටන් ගන්න කියල. මගේ ඔලුවට ආවෙ මේ වගේ විකාර අදහස්. හැබැයි ඉතින් මේ දවස් ටිකට මට උන දේවල් වල හැටියට වෙන්නැති මට මේ වගේම මොංගල් අදහස් ඔලුවට ආවෙ කියල පස්සෙ නිවී සැනසිල්ලේ හිතද්දි කල්පනා උනා. ඔන්න මිත්‍ර වරුනි ඊලඟ කරුන. මේක නම් කරුනක් නෙවෙයි කරුනු රාජයෙක්. මගේ වැඩ කොටස scope of work and duties කියන එක පිටු 4-5 ක් පුරාවට කරුනු වශයෙන් පැහැදිලිව ලියල, අන්තිමට ලියල තිබ්බෙ මොකක්ද දන්නවද? කලමනාකාරීත්වයේ අභිමතය පරිදි ඕනෑම වෙලාවක මගේ scope of work එකයි duties ටිකයි වෙනස් කරන්න පුලුවන් කියල. අනේ දෙය්යනේ මේ කියන්නෙ ඒගොල්ලොන්ට කැමති වැඩක් කැමති විදියට මං ලව්ව කරව ගන්න පුලුවන් කියල නේද කියල මට කල්පනා උනාම හීන් දාඩියක් කන් දෙක පිටිපස්සට දැම්මෙ AC එකත් දාල තියෙද්දි මයි. පලවෙනි දවසෙ උන දේවල් වලට ඒ වගේ මුහුණ දුන්නෙ මගෙ වාසනාවටද නැත්නම් මේ මං මුහුණ දෙන්න යන්නෙ කේන්දරේ වත් නැති ඒරාශ්ටක අපලෙකටද කියල හිතා ගන්න බැරුව මම අසරන උනා. ඔන්න ඉතින් ඊට පස්සෙ තියෙනව සේවයෙන් ඉවත් වීමකදි වසර දෙකක් දක්වා කාලයක් අහවල් ක්ශේත්‍රයෙ රැකියාවක් නොකරන බවට මම ආයතනයත් එක්ක එකඟතාවයකට එන්න ඕන කියල. හත් දෙය්යනේ එතකොට මේගොල්ලො මොකක් හරි දෙයකට මාව රැකියාවෙන් අයින් කලොත් මම මොනවද කරන්නෙ කියල මං කල්පනා කලා. මම බොහොම ආචාරශීලීව අර නංගිගෙන් ඇහුව "මිස් මෙන්න මේ clause එකේ තියෙන විදියට මාව මෙතනින් අස් කලොත් මට මගේ ක්ශේත්‍රයෙ අවුරුදු දෙකක් යනකං වැඩ කරන්න බෑ නේද? ඒක ටිකක් ආසාදාරනයි නේද?" කියල. ඒ නංගි හීන් හිනාවක් දාල මට කියනව "නෑ ගිහාන් අපි ඔයාට training දෙනවනෙ ඒකයි ඔහොම clause එකක් දාල තියෙන්නෙ ඇරත් ඔයාව නම් එහෙම අස් කරන එකක් නෑ" කියල. මගේ බොක්කක් AL කරපු කාලෙ කාපු boot එකක් තමයි මට මතක් උනේ ඒක අහල. ඌගේ love letters ඔක්කොම මං කියවල තියෙනව. මිත්‍රවරුනි මගේ හැඟීම් ඕගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවං කියල මට හිතෙනව. මේක මට පස්සෙ තේරුම් ගිය දෙයක් උනත් මෙතනට අදාල නිසා මම දැන්ම කියන්නම්. මේගොල්ලො කියන්නෙ මෙයාල වියදම් කරල training දීල වැඩි පඩි වලට ඒ සේවකයො වෙන ආයතන වලට යන නිසා මෙහෙම කරනව කියල. ඉතින් මට කලා වගේ සොච්චං පඩියට සේවකයො ගත්තෙ නැත්තං ඒගොල්ලොන්ට වැඩි පඩි දීල ගන්න වෙන ආයතන වලට පුළුවන්ද? අනික මම මේ කථා කරන්නෙ අහවල් ක්ශේත්‍රයේ තියෙන ප්‍රධානම ආයතන කීපයෙන් එකක් ගැන. ඉතින් මේගොල්ලොන්ට සේවකයො තියා ගන්න බැරි නම් ඊට වඩා පොඩි ආයතන වලට කොහොමත් බෑ. ඔන්න ඕකයි මිත්‍ර වරුනි තත්වෙ. මේ කතාව මෙතනින් ඉවර වෙන්නෙ නෑ අන්න ඒකයි මේකෙ තියෙන ඛේදජනක තත්වය. කොහොමත් මගේ දුක උනත් ඕගොල්ලොන්ට එක දිගට කියවගෙන යන්න පුලුවන් සීමාවක් තියෙනව කියල මං දන්නව. ඒක නිසා ඉතුරුටික වෙන කොටසක ලියන්නම්. මොනව උනත් හම්බකරගෙන කන රස්සාවනෙ නේද? ගිහාන් සමරසිංහඅම්මා... ඇගෙ තුරුල්ලේ ඉපදීමටත් පෙර සිට ලැබූ ඒ උනුසුමයි ලොව සවිය දුන් මට පැතුවෙ නිරතුරු ඉතින් ඇගෙ සෙවන රැඳු මට නැහැ සිතුවෙ කිසිවිටෙක ඇය නැතුව විසුමට දුබල මගෙ ලමා කල මහා සෙවනක් වුනා නැහැ දුන්නෙ කිසිවිටෙක විඳින්නට වේදනා සියලු දුක් දරාගෙන මා නමින් කැප වුනා ඒ මහා සෙනෙහසට ලේ ද උනු කිරි වුනා නැන නුවන පාදන්න නිරතුරුව වෙහෙසුනා මගෙ ජයෙදි ඇගෙ නුවන් පහන් මෙන් දැල්වුනා මගේ සිත සැනැස්සූ ඒ මුවේ මද සිනා මතක් වෙනකොට පවා නැවත මා පිබිදුනා තනන්නට ලෝකයක් දිවිසැරිය කැපකරා ඒලොවේ දියුනුවයි පැතුවෙ දිව රෑ පුරා තනිව සිට ගැනුමකට රුකුල්දී දිවිතුරා ඇය සිනාසෙයි අදත් සියලුදේ විඳදරා සුවිසල් ගසක්සේ විහිදා අතු පතර වැඩුනේ නිදහසේ ලැබගෙන ඉඩ හසර නොදැනිම ගලාගියෙ කාලය නම් සසර වෙහෙසක් දැනෙයි දැන් දැන් ඇයටත් නිතර කොතරම් වෙහෙස දැනුනද සිතටද ගත ට බිඳකුද අඩුව නැත ඇගෙ සෙනෙහස මෙම ට දැකුමෙන් ඇගේ වියපත්බව විටින් වි ට දවනා සෙයකි මගෙ සිත ගත දෙක එක ට කාලය නවතන්න මට හැ
කිනම් කෙලෙස ඇගෙ ලඟ රැඳෙනු හැකි සැමදාමත් මෙලෙස නැහැ සිටිනුයේ එක මොහොතක් වී අලස මම එය කරමි එරෙහිව ආවත් සහස කාලය නම් සතෙකි අමුතුම ගතිය ඇතී නැහැ අරඹුමක් හෝ අවසානයක් නිතී ඇගෙ සෙනෙහසට උව පරතෙරක් නැතී කාලය හරස් වෙනු ඇත හදවතක් නැතී රූසෙන්... 01/12/2023තීන්දුව - කෙටි කතාව "අංජුලී... පුතේ දොර අරින්න ..." දෙයියනේ ... අප්පච්චි තේත් හදලා. මම ඇඳ උඩ ගුලිවෙලා එහෙමම හිටියා. අද ඉඳන් අප්පච්චිගෙ පුංචි කෙල්ල නෙවෙයි මම. ඒත් ඒත් මම කොහොමද අප්පච්චිට මේ ගැන කියන්නේ...?..... මං ලොකු ලමයෙක් වෙලා.. ? කිරි අම්මා මෙදාපාර ඇවිත් යනකොටත් මහා උපදෙස් ගොඩක් දීලයි ගියේ . ඒත් කෝ මට කියල කවුද ඉන්නේ ....? "මේ ළමය දැන් කල්පනාවෙන් ඉන්න ඕන .. ඔය වයසට අපේ කාලෙනං තනි පංගලමෙ ගමනක් බිමනක් වත් යන්නෙ නෑ. දැන් ඔය පිට්ටනි ගානෙ බෝල ගහන එකයි අර මැච් මේ මැච් නවත්තල දානව නං හොඳයි අංජුලී.. කොහෙද ඕව කියල දෙන්න අම්මෙක් ඉන්න එකක් යැ මේ ගෙදර ..? වැඩිවිය පැමිණිච්චි දැරිවියක් පිරිමි පුළුටක්වත් මුලිච්චි වෙන්න හොඳ නෑ.. තමන්නෙ අප්පච්චි වුනත් පිරිමියෙක් නේ..." කිරි අම්මගෙ වචන මට ඇහෙනව ඇහෙනව වගේ....ඇස් වලට කාච දානව කියලා ..ඒක ඉවරවුන ගමන්ම මෙහෙ එනව කියල අප්පච්චිට පොරොන්දු වෙලයි කිරි අම්ම මෙදාපාර පාදුක්කෙ ගියේ . මං කොයි වෙලේ ගෙට වෙයිද දන්නෑ කියල කියනව මං අහගෙනයි . ඒත් ඉතින් කිරි අම්ම එන්න කලින් මං ඉස්සර වුනානෙ... මං අප්පච්චිට එන්න දොරේ ලොක් එක ඇරපු ගමන් ආයිත් දඩස් ගාල ඇඳට පැනල ඉහේ ඉඳන් පොරව ගත්තා . ඇයි එයාටවත් මුලිච්චි වෙන්න හොඳ නෑ කියල කිරි අම්ම කිව්වනේ.. පිරිමි පුළුටක්වත් මුලිච්චි නොවෙන්න ගෑනු පුළුටක්වත් මේ ගෙදර ඉන්න එපැයි... අප්පච්චි මට ආදරේට කියන්නේ "පුතා" කියල.. "පුතේ මොකද ඔයාට ...? අංජු...? " "අනේ අ...ප්...ප..ච්..චී... කිරි අම්මට එන්න කියන්න " අප්පච්චි කලබල වෙන්න ඇති .මට මොකුත් පේන්නෙ නෑ. ඇයි... මං ඔළුවෙ ඉඳන් පොරවගෙනනෙ උන්නේ. කලබලෙන් දොරත් වහගෙන අප්පච්චි එළියට ගියා . කිරි එක මේසෙ උඩ... ඒත් මට බොන්න පිරියක් නෑ. මගෙ හිත හුඟක් කලබල වෙලා .. එක අතකට මේ මඟුල ඉවරයක් වෙන එකමයි හොඳ . කිරි අම්මගෙ කරච්චලේ සේරටම වැඩියි නේ.. මිදුලේ ගාඩිනියා, රෝස මල් ගස් වල තිබුනු පොහොට්ටු පීදිලත් ඇති . තව ටිකකින් ස්කූල් සර්විස් එකේ අංකල් පුරුදු විදිහට හෝන් කරාවි.... චතූ..ලා, මල්කි..ලා මං එනකල් මග බලන් ඉඳීවි ... මම හෙමින් ජනේලෙ ගාවට ගියා. ජනෙල් තිර අස්සෙන් ඉරු රැස් ගලාගෙන එනවා. අප්පච්චි කාට කාට හරි කෝල් ගන්නවා . කිරි අම්මා එන්නත් පැයකට වඩා යාවි. පොඩි නැන්දල එහෙමත් අද දවස ඇතුලත එයි මං හිතන්නේ ... ඒත් අපි කොයිතරම් අසරණ ද? මගෙ අප්පච්චි හොඳටම කලබල වෙලා ඇති . අනේ...අද මගෙ අම්මත් අපි එක්ක හිටියනම් කොයිතරම් සතුටු හිතෙයිද ...? "මේ අපේ ලොකු පුතාටත් කිසි දේක ගානක් නැති හැටි... ? මෙච්චර කට කැඩෙනකල් කියලත් මේ ලමයට තනිකං දෝස නැති වෙන්ඩ යකඩ කෑල්ලක්වත් ළඟ තියාගන්ට කියල නෑ.. හප්පොච්චියේ කෙල්ල කාටවත් මුලිච්චි වුනා වත්ද...? ඉක්මනට වේල පත් කඩේ අරන් කපුරු හාමි මාම ළඟට ගියානං..ලොකු පුතේ..වෙන කොහෙටවත් හෙම යන්ට එපා" කිරි අම්මා ආවේ අප්පච්චිට දහසක් විධාන දීගෙන. එක අතකට කිරි අම්මවත් මෙහෙම ඉන්න එක අප්පච්චිට කොයිතරම් ලොකු හයියක්ද ... ? "අනේ ඉතින් දැන් තමයි මේ කෙල්ලට අම්මගෙ උණුසුම ,රැකවරණය වැඩියෙන්ම ඕන කරන්නෙ.. කොහෙද ඉතින් .. ලොකු මහත් වෙච්ච දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට නෙවෙයිනෙ එයා වැඩ කටයුතු කලේ..." එහෙම කිව්වෙ පොඩි නැන්දා . ඒ හැමෝම දොස් කිව්වේ අම්මට. මගේ පුංචි කාළෙ ගෙවුනේම අජීවී වස්තු..ත් එක්ක . ටොමී... පින්කි... ඩිංකි..ඩොලී..කිය කිය ඉන්න තරමක් බෝනික්කන්ට ... ටෙඩි බෙයාලට නම් දාගෙන මං කාලෙ ගත කලේ ඒ ගොල්ලන් එක්ක. ඒත් අම්මයි අප්පච්චියි දෙන්නමත් එක්ක මං ගත කරපු ඒ ලස්සන කාලෙ සුරංගනා කතාවක මතකයක් වගෙයි මට . අපේ අම්මා සුප්‍රසිද්ධ රෙස්ටොරන්ට් එකක සූපවේදිනියක් හින්ද වෙන්න ඇති මට කන්න ලැබුනේ අනිත් ළමයින්ට වඩා වෙනස් අමුතු කෑම ජාති . එයා මට ඉස්කෝලෙ ගෙනියන්න හදල දෙන ලස්සන , කෙටි කෑම වර්ග කන්න මගේ යාළුවොත් පොරකනවා ඉස්සර. ඒ වගේම මගේ අම්ම හරිම ලස්සනයි. මට එයා ගැන තියෙන්නේ හරිම සුන්දර මතක ගොන්නක්. ඒ රස කෑම , ලස්සන ලස්සන ඇඳුම් පොඩි, මගේ දිගට වවාපු කොණ්ඩෙට දාපු නා නා ප්‍රකාර මෝස්තර, සේරම අතීතයට එකතු වෙච්ච සුන්දර හීන ටිකක් විතරයි. මගේ උපන්දිනේ එනකල් හැම අවුරුද්දකම මං උන්නේ මග බලාගෙන පුදුම ආසාවකින්. අම්ම කෑම ජාති හදන්නේ මැජික් කාරියක් වගේ. කුස්සියේ උදව්වට උන්නු පාර්වතීවත් ඒවට හවුල් කරගන්නෙ නෑ. වෙලාවකට අප්පච්චිත් වේලාසනින් ආවම පැන්ට්‍රියෙ හරි කුස්සියෙ හරි වාඩිවෙලා පොඩි පොඩි උදව් කරල දෙනවා. "කෝ බලන්න ලුණු ඇඹුල් ඇත්ද කියලා...? " එහෙම කියල අප්පච්චි මොනාහරි කෑමක් කටේ දා ගන්නවා.අපේ ගෙදර එන්න යාළුවො හරිම ආසයි.ඒ අපේ ගෙදර තියෙන නා නා ප්‍රකාර රස කෑම හින්දා. ඒත් එන්න එන්නම අම්ම ගෙදර එන එක අඩුවුනා .එයා ගොඩක් කාර්‍යබහුල වුනා. රස කෑම කෙසේවෙතත් පාර්වති හදල දෙන මොනා හරි දෙයක් කාල ඉන්න සිද්ද වුනා අපි දෙන්නට. මම ස්කෝලෙ යනකොටත් අම්ම නිදි. එයා ඇවිත් තියෙන්නෙ පාන්දර. මං දවල්ට ගෙදර එනකොට අම්ම ආපහු රෙස්ටොරන්ට් එකට ගිහින්. "මම දන්නවා ... හැම දෙයක්ම මට ආරංචි වෙනවා . අපේ කොන්ෆරන්ස් වැඩි හරියක් තියෙන්නෙත් සැනිස්ටා එකේනෙ.. මට තමුසෙ ගැන තියෙන්නේ කළකිරීමක් ... " දවසක් මට ඒ දෙන්නගේ දෙබසක් ඇහිල පුදුම හිතුනේ ... කවදාවත් ඒ දෙන්න රණ්ඩු කරනව මම දැකල නැති හින්දා . ඒත් ඊට පස්සෙ නිතර දෙවේලෙ මට ඇහුනේම එයාලගෙ රණ්ඩු සරුවල්,බැන ගැනීම් තමයි. දවසක් අම්ම මං නිදාගෙන ඉද්දි මාව කූද්දල බලෙන් වගේ ආච්චිලගෙ ගෙදර එක්කර ගෙන ගියා. "අංජුලී.. ඔයා මින් පස්සෙ ඉන්නෙ මෙහේ තේරුනාද...? අප්පච්චි ඔයාව ආයිත් ගෙදර එක්කරගෙන යන්න හැදුවොත් ඔයාට අම්ම දාල යන්න බෑ කියන්න. මම ඔයාව මෙහෙ ෂෝක් ඉස්කෝලෙකට දාන්නම්" අම්ම එහෙම කිව්වට මට නම් ආච්චිලගෙ ගෙදර ඉන්න ආස හිතුනෙම නෑ. පාදුක්කෙ කිරි අම්මල ගෙදර නම් නිවාඩුවට ගිහින් ඉඳල එන්න මං ගොඩක් ආස කළා. එහේ තියෙන ලොකු වත්තේ පේර, වෙරළු, ආලංගා පිරිලා. පොඩි බාප්පා මාව හැම දිහාකම එක්කං යනවා. කිරි අම්මයි පොඩි නැන්දයි , කන්න ආස කෑම ජාති හදල දෙනවා. වත්තෙ මුරට ඉන්න කරෝලිස් ආතා කතන්දර කියල දෙනවා.ඉතින් මගෙ නිවාඩු කාලෙ වැඩිපුරම ගතවුනේ පාදුක්කෙ කිරි අම්මලගෙ ගෙදර. ඒ කියන්නෙ අප්පච්චිලගෙ මහ ගෙදර . අම්මා මට එක එක විධානයන් දුන්නා. අරෙහෙම කියන්න ,මෙහෙම කියන්න කියල එක එක දේවල් වලින් මගෙ ඔළුව කුරුවල් කරද්දී මට ඒක මහ වදයක් වුනා. ඇත්තටම මං ආසකළේ ඉස්සර විදිහට නිදහසේ , සැහැල්ලුවෙන් මගේ ගෙදර පුරුදු සෙල්ලම් බඩු, පුරුදු ගහ කොළ එක්ක ජීවත් වෙන්න. පුරුදු ඉස්කෝලෙ මගේ යාළුවොත් එක්ක කාලෙ ගෙවන්න. අනික කවදාවත් රණ්ඩු වෙලා නැති අම්මයි අප්පච්චියි මොනාට හරි තරහ වෙන්න ඇති .ඒත් ආයිත් ඉක්මනටම යාළුවෙයි කියල හිත හදාගන්න මගේ පුංචි හිත හුඟක් උත්සාහ කළා. මං ගෙදර යන්න ඕන කියල අඬන්න ගත්තම අම්ම මාව ආපහු අපේ ගෙදර එක්ක ගියත් එයා මොහොතක්වත් ගෙදර රැඳුනෙ නෑ. අම්මත් එක්ක නිතර එහෙ මෙහෙ යන අංකල් තමයි සේරම කරන්නේ කියල පුංචි වුනත් මට තේරුම් ගන්න පුළුවන් වුනා . ඒ හින්දම මට ඔහු ගැන තිබුනේ පුදුමාකාර අකමැත්තක්.. තරහක් ... අප්පච්චිත් එක්ක ආදරෙන් විහිළුවෙන් ඉන්නව දකිනකොට මට දැනුනු සතුට ... අම්මා මෙරිල් අංකල් එක්ක කතා බහ කරනකොට දැනෙන් නැත්තෙ ඇයි ...? ඇත්තටම මට දැනෙන්නේ තරහක්.. "මගෙ චූටි දූ ආවද... මම ඔයාගෙ අම්මට එපා වෙනකල්ම කෝල් කරා... ඔයාව ගෙන්නගන්න ඕන හින්ද පුතේ.අප්පච්චිට ඔයා නැතුව ඉන්න බෑ කියල තේරුනේ ඔයා මේ ගෙදරින් ගිය දවසේ..." අම්ම ගෙදරින් ගියාට පස්සේ අප්පච්චි , පාර්වතිව ගෙදර යැව්වා. උදේට ඇහැරෙන වෙලාවට අම්ම මා ළඟ නෑ කියල දැනෙද්දි නම් මගෙ හිතට දැනෙන්නේ සියුම් දුකක්.. පාළුවක්... ! "හිම කුමාරි අම්ම නැතුව හිටියේ හුඟාක් දුකින්... එයා ගොඩක් ලස්සන හින්දා නපුරු කුඩම්මා හිම කුමාරිට හරියට වෙනස්කම් කලා. දවසක් ... මේ නපුරු කුඩම්මා හිම කුමාරිට විස කවපු ඇපල් කූඩයක් යැව්වේ හිම කුමාරිව මරන්න හිතාගෙන. ඉන් පස්සෙ මේ ලෝකෙ ලස්සනම කාන්තාව මමයි කියල කුඩම්මා මායාකාරී කැඩපත ඉස්සරහට ගිහින් හයියෙන් කියල... හිනාවුනා ...." කතන්දර පොත වහල දාල මම අප්පච්චි ගාවට දිව්වේ මගෙ අප්පච්චිත් නපුරු කුඩම්ම කෙනෙක් ගෙනාවොත් ...කියල බය හිතිච්ච නිසා. මොකද දවසක් අම්ම මට කිව්වා අප්පච්චි කුඩම්ම කෙනෙක් ගෙනේවි. ඒ ගෙනාවම මට වෙනස්කම් කරාවි... කියල. "අනේ අප්පච්චි ... මම කුඩම්මලට බයයි..." අප්පච්චි එවෙලෙ මගෙ හිස අත ගෑවේ අම්මට බැන බැන.. "අර අම්මණ්ඩි පොඩි දරුවගෙ ඔළුවට මහ මනස්ගාත දේවල් දාලා... අංජු හොඳටම බය වෙලා ඉන්නේ..." අප්පච්චි ,කිරි අම්මත් එක්ක කියනව මං අහගෙන..එහෙනම් කුඩම්ම කෙනෙක් ගේන කතාව බොරුවක් ... මගෙ හිතට පොඩි අස්වැසිල්ලක් දැනුනේ ඉන් පස්සෙයි. අප්පච්චි ඔෆිස් යන්න කලින් කෑම හදා තියල මාව ස්කෝලෙ යන්න ලෑස්ති කරනවා. දවල්ට වෑන් එකෙන් මාව අප්පච්චිගෙ ඔෆිස් එක ගාවට ගෙනත් බස්සනවා. අපි දෙන්නා හවස් වෙලා තමයි ගෙදර එන්නේ. අම්ම එක්ක ඉන්න කොට අප්පච්චිත් හිටියනම් කොයිතරම් හොඳද කියල හිතෙනවා. අප්පච්චිත් එක්ක ඉන්නකොට අම්මත් හිටිය නං කියල හිතෙනවා.. උදේට නැගිටිනකොට අම්ම නෑනෙ කියල හිතට දැනෙන්නේ අමුතු දුකක්. එයා හිටිය කාලෙත් ගොඩක් වෙලාවට මං නැගිටින වෙලාවට අම්ම ගෙදරින් ගිහින් .රෑටත් ඒ වගේ. ඒත් අම්මා අපි එක්ක ඉන්නවනෙ කියන හැඟීම තිබුනු නිසා වෙන්න ඇති . අප්පච්චිට පාර්වතිත් යැව්වට පස්සේ ගෙදර වැඩ තනියෙන් කරන්න වුනා. මුලදි තේ එක හරියට පාප්ප වගේ. කටෙත් ඇලෙනවා. පරිප
්පු හොද්ද උඩ මිරිස් කරල්, රතුළූණු ගෙඩි පාවෙනවා. හරියට සුප් එකක් වගෙයි. මට ඒව කන්න හරියට අමාරු වුනා. අල පොතුත් එක්ක චූටි චූටි රවුම් කපල අමුතු විදියට අප්පච්චි අල උයන්නේ... "කිරි අම්මේ... අප්පච්චිට උයන්න කියා දුන්නෙ නැත්තෙ ඇයි ? " "උයන්ඩ... ? යසයි කතාව . උගන්නලා ලොකු ඉංජිනේරුවෙක් කරලා කසාදෙකුත් කරල දීල මට ඌට උයන්ඩ විතරයි කියා දෙන්ට බැරිවුනේ.ඇයි ඉතින් උඹලෑ අම්ම මහලොකු සූපවේදිනියක් කිය කිය මැස්සෙකුටවත් වහන්ට දුන්න යැ කුස්සියේ. ඉඳල හිටල හරි මං කුස්සියට ඇවිත් දැනමුතුකමක් දුන්නම හොස්ස එල්ල ගන්නවා කොස්ස වගේ..." කවුරු මොනා කිව්වත් අම්ම ගෙදරින් ගියාට පස්සේ ගෙයි පුරාම මහ පාළු ගඳයි. බඩු මුට්ටුත් නිකං ගොළුවෙලා වගේ.මහා නිහඬ පාළු ගතියකින් පිරිලා. "අප්පච්චි.... අම්ම ආයි කවදාවත් එන්නෙ නැද්ද ? ඇයි අප්පච්චි ...අම්ම අපිත් එක්ක මේ තරං තරහා...? " "ඔයා ඕව හිතන්න ඕන නෑ පුතේ ... මට ක්ලාස් ටීචත් හම්බවුනා. මේ පාර ලකුණු අඩුවෙලා තියෙන්නෙ මොකද කියල ඇහුවා. කිරි අම්ම ආවට පස්සෙ ඔයාට ඔෆිස් එකේ ඉන්න ඕන වෙන්නෙ නෑ.. අපි බලමුකෝ..." දවසක් අපි සුදු ඇ‍ඳුම් ඇඳගෙන ගමනක් ගියා. එතන ඒ වගේ සුදු ඇඳගත්තු අය ගොඩක් හිටියා . සුදු සාරියක් ඇඳගත්තු ලස්සන ඇන්ටි කෙනෙක් ... අනේ... නෑ... ඒ මගේ අම්මා ... එයා තවත් ලස්සන වෙලා. ෆෝන් එකෙන් මගෙ දුක සැප ඇහුවට හුඟ දවසකින් එයා මාව බලන්න ආවෙ නැති හින්ද මට අඳුනගන්නත් අමාරු වුනා. මම එදා තමයි උසාවිය කියන තැනට ඉස් ඉස්සෙල්ලම ගියේ. එදානම් මට පුදුම තරම් තෙහෙට්ටුවක් දැනුනේ. හැමෝම මං දිහා බලනවා... ඒ හැම කෙනෙක්ගෙම ඇස් වල මං දැක්කේ අනුකම්පාවක් . ඔය විදිහට අපි කීප දවසක්ම උසාවි ගියා. අම්මයි අප්පච්චියි දෙපැත්තක තියල ඒකෙ අය ගොඩක් ප්‍රශ්න ඇහුවා . අම්ම විතරක් නෙවෙයි අප්පච්චිත් හිටියෙ බයවෙලා වගෙයි. මට බය හිතුනේ එතන තිබුන හිර කූඩුවට ඒ දෙන්නවත් දායි කියල . ඒ කූඩුව ඇතුලට එතන උන්නු අය කීප දෙනෙක්ම දැම්ම නිසයි මට එහෙම හිතුනේ. "දෙන දික්කසාදයක් දීල ඉවර කරන් නැතුව අහවල් එහෙකටද තවත් ඕක කල් අදින්නේ? ඔය ගෑනිට තව වන්දිත් ගෙවන්න වෙයිද ලොකු පුතේ ?මෙව්ව නං මහ කරුම. සංසාරෙ පතාගෙන ආපු හැතිරියක් ඕකි.. " කිරි අම්මා හැම නඩු වාරයක් අවසානයේදීම අප්පච්චිගෙන් අහනවා. එක දවසක් කිරි අම්ම කියපු දේකින් මගෙ ඇඟ හීතල වෙලා ගියා. එදා නම් මට හිතුනේ අනේ මං ඉක්මනටම ලොකු වෙන්න කියලා. ඉන් පස්සෙ මට රස්සාවකට යන්න පුළුවන්නෙ කියලා. "අර මහේෂි ළමය මොන කටයුත්තකටවත් කැමති නෑ කියල ලොකු මාම කිව්වෙ.. ඉස්සර ලොකු පුතා විස්ස විද්යාලෙ ඉන්න කාලෙත් ඔය කෙලී හරියට බලාපොරොත්තු තියාන උන්නෙ.. කොහෙද ඉතින් ලොකු පුතාටත් අර උරචක්‍රමාලෙ කරේ එල්ලගන්න කල් ඉස්පාසුවක් තිබුන යැ. දැන් ඉතින් මටත් එහාටයි මෙහාටයි හැමදාම ගාටන්ඩ බෑ. මේවයෙ මොනාහරි ඉවරයක් තියෙන්ඩ ඕන. ලොකු මාම කිව්ව දික්කසාදෙ ඉවරයක් විච්ච ගමන් අර කටයුත්ත කරල දාමු කියල. අංජුලීටත් ආදරෙන් ඉඳියි .මොකෝ ආයෙ පිට එකියක් යැ.. ඇවැස්ස නෑන නෙව ..." අප්පච්චි බැලුවෙ මං දිහා. මම ලෝක දෙකක අතරමං වෙලා වගේ. හරියට අර හිම කුමාරි කාත් කවුරුවත් නැතුව මහ කැළෑවෙ මැද්දෙ අතරමං වුනා වගේ . තවත් නඩු දවසක අපිට ගොඩක් වෙලා උසාවියෙ ඉන්න වුනා .එළියට ඇවිත් ගස් හෙවණක තිබුන සිමෙන්ති බංකුවෙ වාඩි වෙලා අප්පච්චි මගෙ ඔළුව අත ගෑවේ මගෙ මූණෙ තිබ්බ කෙඩෙත්තු ගතිය දැකල වෙන්න ඇති. මට බඩගිනියි තිබහයි දෙකම තිබුනා. ඒත් මං දන්නව අප්පච්චිට එළියට යන්න විදිහක් නෑ කියල . "අංජු... " අම්ම ඇවිත් බංකුවෙ කෙළවරක වාඩිවුනා. කාලෙකට පස්සෙ අපි තුන්දෙනා එක තැනක මං මැද .. අම්මයි අප්පච්චියි දෙපැත්තේ.. මගෙ හිතට ඒ පුංචි මොහොතට වුනත් පුදුම සැනසීමක් දැනුනා. "මම ඔයාට සැන්විච් හදාගෙන ආවා. ඔයා ආසයිනෙ බිත්තර සැන්විච් කන්න... " අම්ම හදන කොයිදේටත් මං ආසයි. අම්ම අප්පච්චිට දෙන්න හැදුවත් එයා කෑවෙ නෑ. බිම බලාගෙන හිටියා. ඒත් මං හිතුවෙම ඒ දෙන්න මෙහෙම ගිහින් ආපහු යාළුවෙයි කියලා. එහෙම නං මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න දරුවා මම වෙයි. * * * මගේ කල්පනා ලෝකෙ බිඳුනෙ , දවස් ගානක් හිරවෙලා උන්නු පාළු කාමරෙන් කිරි අම්ම මාව එළියට එක්ක යන්න සූදානම් වෙද්දි. ඉර එළියක් වැටෙන්නත් කළියෙන් කිරි අම්මා මාව කොස් අතු වලින් ආවරණය කරපු එළිමහන් තැනකට එක්ක ආවා. එළියෙ තැනක ටකරං ගහල මාව නාවන්නම අළුතින් තැනක් හදන්න ඇති. රෙදි නැන්ද කෙනෙක් මාව නෑව්වේ.. සමන් පිච්ච මල් දාපු සීතල වතුර ඇඟට වැටෙද්දී මං සීතලෙන් වෙව්ලන්න වුනා. කිරි අම්ම කියල දුන්නු විදිහට සිරිත් විරිත් ටික කරල මම අප්පච්චි ළඟින් වාඩිවුනා. මම අප්පච්චිව දැක්කෙ දවස් හතකට විතර පස්සෙ.. මහේෂි කියන නැන්දත් ඇවිත් අප්පච්චි ළඟින් වාඩිවුනා. මට හිතුනේම අම්මගෙයි අප්පච්චිගෙයි දික්කසාද නඩුව තව කල් ගියානං හොඳයි කියල. ඒක ඉවරවුනු ගමන් ඒ දෙන්න වෙන දෙන්නෙක්ව කසාද බඳියි... අම්ම ඇරෙන්න අම්මගෙ පවුලෙ අනිත් අය නම් ඇවිත් හිටියා.එයාලත් කිව්වෙ අම්ම ආවොත් එළව ගන්නව කියල. ඒත් මගෙ ඇස් දෙක හැම වෙලාවකම දිව්වෙ මිදුල දිහාට.. අම්ම ආවොත්..? මං ආයිත් අම්මට යන්න දෙන්නෙ නෑ. ඒත් අම්ම ආවෙ නෑ.මට දුක හිතුනේ ඇයි අම්මට මෙච්චර ඉක්මනින් මාව අමතක වුනේ කියල . මගෙ ජීවිතේ සුවිශේෂී දවසක් වෙලත් මං හොඳටම ඇඬුවා. කවුරුවත් දැක්කෙ නැතත් රහසින් වුනත් .. මං ඇති තරම් ඇඬුවේ මගෙ ජීවිතේ ගොඩක්ම දුක හිතුනු දවස අද නිසා. මං අම්මට කෝල් එකක් දුන්නු වෙලාවෙ අම්ම කිව්වේ අම්මට කවුරුවත් ගේට්ටුවෙන් ඇතුලට එන්න දුන්නෙ නෑ කියල. ඊළඟ නඩු දවස කිට්ටු වෙනකොට අප්පච්චි කිරි අම්මට කිව්වෙ තීන්දුව ලැබෙයි කියලා. මම තීරණයක් ගත්තා . මට ඕන මගෙ අම්මයි අප්පච්චියි එක්ක ඉන්න. ඒ දෙන්න පුංචි දේකට තරහ වෙන්න ඇත්තේ. ඒත් ඒක ගොඩක් දුර දිග ගියා. උසාවියෙත් අපේ ඉස්කෝලෙ වගේ.ලොකු සර් එනකොට හැමෝම නිශ්ශබ්ද වෙනවා. කළු පාට කෝට් දාපු කට්ටිය විතරයි කතා කරන්නේ. ඒත් ඒ අය කියන්න ඕන ටික කිව්ව නම් අද අම්මටයි අප්පච්චිටයි දික්කසාද වෙන්න දෙන එකක් නෑ අර උස පුටුවෙ ඉන්න එක්කෙනා. එක්කෙනෙක් හයියෙන් මොනාද කිව්වම අම්මයි අප්පච්චියි ගිහින් දෙපැත්තෙන් හිට ගත්තා. මම අප්පච්චිට ටිකක් මෙහයින් හිටියේ. ඉන්පස්සෙ අප්පච්චි ටිකක් උඩින් තියෙන කූඩුවක් වගේ එකකට නැග්ගා. කාටවත් තේරෙන්නෙ නෑ මගේ දුක ..පාළුව.. ඒ දෙන්නගෙ ආදරේ වෙන දෙන්නෙකුට ගියොත් මම තනිවෙනව කියල වෙන අයට තේරෙන්නෙ නෑ.. එහෙනම් අපිට මෙච්චර කාලයක් උසාවියෙ රස්තියාදු වෙන්න ඕන නෑ. මට ඉස්කෝලෙ විෂයන් වලට ලකුණු අඩු වුනේ අම්ම ගෙදරින් ගියාට පස්සේ. එයා නැති ගෙදර ගල් ගුහාවක් වගේ පාළුයි.. මිදුලෙ ලස්සනට පිපිල තියෙන ලස්සන ,පාට පාට රෝස මල් දැන් පිපෙන්නෙ නෑ.. අප්පච්චි හදල දෙන අර මං කියන්නෙ ලූණු ,මිරිස් කරල් පාවෙන පරිප්පු සුප් එකවත් නැතිවෙයි මහේෂි නැන්ද ආවොත්. මේ දේවල් කිරි අම්මටවත් තේරෙන්නෙ නැතිකොට අනිත් අයට තේරෙයිද? "අනේ ඉතින් දැන් තමයි මේ කෙල්ලට අම්මගෙ උණුසුම ,රැකවරණය වැඩියෙන්ම ඕන කරන්නේ..." පොඩි නැන්දත් එහෙම කිව්ව තමයි.ඒත් ඔය කවුරුවත් ඒ දේවල් මං වෙනුවෙන් මෙතනට ඇවිත් කතා කරයිද..? මම කී වතාවක් මෙහෙ ආවද..? කෝ ..? මෙතන ඉන්න කවුරුවත් මගෙන් ඇහුවද මට තියෙන ප්‍රශ්න ගැන..? ඒ දෙන්නගෙ රණ්ඩු සරුවල් වලින් වැඩියෙන්ම බැට කන්නෙ මම කියල ඒ දෙන්න හිතුවද.. ? එහෙව් එකේ වෙන අය මං ගැන හිතල හරි තීන්දුවක් දෙයිද...? මම මේ වෙලාවෙ මේ ටික නොකිව්වොත්... ආයිත් කවදාවත් කියන්න අවස්ථාවක් එන්නෙ නැති වෙන්න පුළුවන් . අම්මයි අප්පච්චියි එකතැනකදි ආයිත් කවදාවත් මට මුණ ගැහෙන එකක් නෑ. ඔව්..! මේ තමයි අන්තිම අවස්ථාව. මං ගැන කියන්න වෙන කිසි කෙනෙක් නෑ.. ර්‍අර උස පුටුවෙ ඉන්න කෙනාට හැමෝම කියන්නෙ " ස්වාමිනී " කියල . එයාගෙ නම ස්වාමිනී වෙන්න ඇති. තීන්දුව දෙන්න වෙන්න ඇති හදන්නේ... මම හයියෙන් කෑ ගැහුවේ එයා ඉන්නෙ ගොඩක් උඩින් නිසා. "ස්වාමිනී... ඒ දෙන්න තරහ වුනේ පුංචි දේකට . තීන්දුව දෙන්න එපා. මම ආසයි ඉස්සර කාළෙට ...ඒ දෙන්නත් එක්ක ආයිත් ඉස්සර වගේ ඉන්න. තීන්දුව දෙන්න එපා ස්වාමිනී ..." මුළු උසාවියම ගල් ගැහුන වගේ.හැමෝම බලාගෙන හිටියෙ මං දිහා . මම බලාගෙන හිටියෙ ස්වාමිනී දිහා. එයා මොකුත් නොකියා නැගිට්ටේ තීන්දුව කල් දාල හින්ද වෙන්න ඇති කියල මට හිතුනා. නිමි (සේයාරුව අන්තර්ජාලයෙනි)රාළහාමි ලියන්න... රාජ්‍ය සේවයේ හැමෝම ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි වලට වඩා බිය ඇති යන්ත්‍රණයක් තිබේ. මේ යන්ත්‍රය ඉදිරියේ ආයතනයේ ලොක්කා ද සොක්කෙකි. උදේ පාන්දර කෝච්චිය විනාඩි පහක් ප්‍රමාද වුවහොත්ඇතුළේ සිටින උන්ගේ හිත ඇතුලේ පොකුරු ගහන්නේ භීතියකි. අපිට මොනතරම් ප්‍රශ්න තිබ්බත් කොතරම් යුතුකම් ඉටුකිරීමට තිබුනත් ඒවා තඹේකට නොතකමින් අකාරුණිකව තත්පරේට තමන්ට අදාල අධිකාරිය ක්‍රියාත්මක කරන ඇඟිලි සලකුණු යන්ත්‍රය මේ බියජනක උපකරණ යයි. උදෑසන දරුවන් සහ බිරිඳ පාසලට ගෙනගොස් ඇරලවා පැමිණීමේදී සිදු වූ මාර්ග තදබදය නිසා ඇතිවූ ප්‍රමාදය මඟහරවා ගැනීමට සිතා සුමනරත්න මහතා තම රථයේ වේගය වැඩි කළේය. කෙලින් පාරේ බාධක කිසිත් නොදුටු ඔහු තමාට හැකි උපරිම වේගයෙන් රථය ධාවනය කලේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ අතවරයෙන් මිදීමේ අපේක්ෂාවෙනි. උදේ පාන්දරම රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාගේ වේග මාපකය ට සුමනරත්න මහතා අසුවූයේ ඒ වෙලාවේය. උදේ පාන්දරම නීතිය ක්‍රියාත්මක කිරීමට අකමැති වූ පොලිස් නිලධාරියා සුමනරත්න මහතා අසලට ගියේම අවවාද කර මුදා හරින අටියෙනි. මොකද මහත්තයා ඊයේ යන්න තිබ්බ ගමනක් ද යන්නේ. දන්නව නේද වැරැද්ද. පැයට හැතැප්ම අසූවයි වේගය . දඩය රුපියල් 25,000 යි.. සැරයන්වරයා චෝදනා මුඛයෙන් පැවසීය. ලියන්න.. ලියන්න. .. සුමන රත්න මහතා එක්වරම පැවසීය. පොලිස් නිලධාරියාට උඩබිම නැතිවිය. කමක් නෑ අදට යන්න.. නෑ ලියන්නකෝ රාලහාමි.. පොලිස් නිලධාරියා අසරණය.. කමක් න
ෑ ඔෆිස් එකට එකට යන මහත්තයෙක්නෙ. පරිස්සමෙන් යන්ඩකෝ.. මම ගිය වේගයත් දාලා රාලහාමි ඕක ලියන්ඩ... රාළහාමිට පුදුම හිතුනි.වෙනදා හමුවන්නේ අනේ ලියන්න එපා රාලහාමි කියා සම්තින් එකක් දෙන්න හදන මිනිස්සුය. අද මනුස්සයා දඩය ලියවා ගැනීමට උත්සාහ කරයි... මොකද මහත්තයා.. ඒ තරම් නීති ගරුකයිද..? නෑ රාලහාමි මේකයි. මම සාමාන්‍යයෙන් කාර් එකේ ගමනක් යනකොට ත්‍රීවිල් කාරයෝ පවා මාව ඉස්සර කරගෙන යනවා.ඒ වෙලාවට ළමයි පවා මට කෝචොක් කරනවා මොකක්ද අප්පච්චි හයියෙන් එළවන්ට බැරිද බයද කියලා... ඔය රාලහාමි දැන් දෙන්න හදන සහතිකය ගත්තම ඕක ලැමිනේට් කරලා තියලා ඒ වෙලාවට මට උන්ට පෙන්නන්න පුළුවන්..... 😂😂කරුණාකර නීති මාලාව කියවන්න. https://www.facebook.com/groups/atampahiya/permalink/430505533688905/යන්නං මචාං ………………………… කොන්ක්‍රීට් වනාන්තරයට අලුතින් එකතුවන්නට නියමිත සිව් මහල් සාමාජිකයාගේ තවමත් වැඩ අහවර වී නොමැත. සිමෙන්ති සහ පොටි කැපූ දුහුවිල්ලෙන් පිරියම් වුන වැඩ අවසන් නොවූ පියගැට පෙළ බිම් මහලේ සිට සිව්වන මහල දක්වා දිව ගියේ අත් වැටක් රහිතවය. වයර් රෝලක් උරහිසේ පටලවාගෙන, අතක ආවුද පෙට්ටියක් සහිතව පියගැට පෙළ බැස එන මැදි වියේ පිරිමියාගේ මුහුණේ කිසිදු තෘප්තිමත් බවක් හෝ සතුටක සේයාවක් නොවීය. එහි තිබුනේ ඊට ඉඳුරාම වෙනස් හැඟුමකි. එය වෙහෙසකි. එය පීඩාවකි. එය කම්පාවකි. දෙවන පිරිමි රුව මතුවූයේ පියගැට පෙළ පාමුලෙනි. බිමට බර වුන නෙතින් පියගැට පෙළ නැග එන එම පුද්ගලයා බැලූ බැල්මටම සල්ලිකාරයකු බව පෙනී ගියේ ඔහු ඇඳ සිටි ඇඳුම් ආයිත්තම් සහ අත තිබුණු මිළ අධික ජංගම දුරකථනය හේතුවෙනි. " මේ අනිත නේද?" පහළට බසිමින් සිටි විදුලි කාර්මිකයා තමා පසුකර යන පුද්ගලයා දෙස බලා විමසූවේ එතරම් උස් හඬකින් නොවේ. සමහරවිට ඔහුගේ සිතෙහි ඇතිවුන අඩමාන සිතුවිල්ල පිළිබඳව ඔහුට ඒ තරම් විශ්වාසයක් නොතිබෙන්නට ඇත. " ඔව්...මම අනිත තමයි. එතකොට......." පියගැට පෙළේ ඉහළට ඇදුන ජේත්තුකාර පිරිමි රුව නැවතී විදුලි කාර්මිකයා දෙස බලා නළල රැලි කරගත්තේය. " ඒසී රබ..ර් ගහට මූත්‍රා කරයි // " කලකට පෙර අතිශය ජනප්‍රිය කළු සුදු හින්දි චිත්‍රපට ගීතයක තනුවකට විදුලි කාර්මිකයා සිංහල වචන යොදා ගායනා කළේ මෙතෙක් වේලාවක් මුහුණේ තිබුණු මූසල පෙනුම මතින් සිහින් සිනාවක් ඇඳ ගනිමිනි. ඒ සමඟම එක් ඇහිබැමක් නළලේ ඉහළටම නංවාගත් අනිතගේ හිත වේගයෙන් අතීතයට දිව ගියේය. එය බොහොම හුරුපුරුදු වචන පෙළක් මෙන්ම එම තනුවද ඔහුගේ මතකයේ කොනක රැඳී තිබුණි. අනිත චානක ඩි කොස්තා නොහොත් ඒ.සී ඩි කොස්තා. එය ඔහුගේ සම්පූර්ණ නමය. පාසැල් කාලයේදී ඔහුගේ යහලුවන් ඔහුගේ නමේ මුල් අකුරු දෙක යොදාගෙන ඒසී ලෙස නමක් පටබැඳ තිබුනි. එය පාසල තුළ ඔහුගේ සැබෑ නමට වඩා බෙහෙවින්ම ජනප්‍රිය වී තිබිණ. එවකට ඒසී ප්‍රණාම ගී නමින් ගීත වැලක්ම නිර්මාණය කිරීමට අනිතගේ පන්තියේ සිටි යහලුවන් කල්ලිය කාරුණික වූයේ වචන අතරට කුණුහරුප ද යොදා හැඩවැඩ දමමිනි. විදුලි කාර්මිකයා ගැයුවේ එම ගී පෙළේ තරමක් හෝ සභ්‍යම හා ප්‍රමුඛතම ගීතයයි. ඒ මතක අවදිවීමත් සමඟම තමා ඉදිරියේ සිටින විදුලි කාර්මිකයා හඳුනා ගැනීමට අනිතට හැකි විය. " අඩෝ...ගොජ්ජා. උඹද මේකේ වයරින් එක කරන්නේ." අනිත තම පාසල් මිතුරාගේ අනුවර්ත නාමයෙන් ආමන්ත්‍රණය කළේ පඩියක් බැස විත් ඔහුගේ කරට අතත් දමමිනි. " ඔව් බං. ගෝලයෝ දාලා කරන්න ගියාම පාඩුයි. ඒ නිසා රැයක් දවාලක් නැතුව තනියම වැඩ කරනවා. අදට දවස් තුනයි. එක දිගටම වැඩ." " හම්මට...ඒමද? ඒක නෙවෙයි බං. කොහොමද විස්තර,උඹ දැන් බැඳලද? බබාල එහෙම ඉන්නවද? ඉස්කෝලේ කාලෙන් පස්සෙ අදනෙ දැක්කෙ." අනිත සිය මිතුරාගෙන් විමසන්ට වූයේ ඔහුගේ සිතෙහි වුන යමක් යටපත්කර දමමිනි. " බැඳලා, මට කෙල්ලොම තුනක් ඉන්නව බං. ඒකනෙ මේ රැයක් දවාලක් නැතුව නැහෙන්නේ." " ශහ්...මරු මරු. මට උඹව අඳුනගන්න බැරි වුනා බං. කොහෙද මේ රැවුලකුයි කොන්ඩෙකුයි වවලනෙ. ඒ නිසා උඹේ පෙනුම සෑහෙන්ඩ වෙනස් වෙලා." අනිත සිනාමුසු මුහුණින් කියාගෙන ගියේය. " වැවෙන ඒවනෙ බං.ඕවා කපන්න එච්චරම මම ඔට්ටු වෙන්නෙ නෑ. හැබැයි උඹ නම් ලොකුවට වෙනස් වෙලා නෑ.....ඉතිං කියපන්කො උඹ මොකද මේ පැත්තෙ?" අනිතගේ වදන් තුළ තරමක නොගැලපීමක් දැනුනද ඒ වග නොතකා සිය මිතුරා සමඟ දොඩමළු වීමට විදුලි කාර්මිකයා සිතුවේ ඒ තරමට වැවී නැති රැවුල හා මැදින් තට්ටය පෑදුනු හිස අතගාන අතරය. " හම්...." අනිතගේ මුවින් පිට වූයේ බර සුසුමකි. මුහුණෙ තිබුණු උද්යෝගය එහි ඇමිණුන ලෙසකින් සුසුම අවසානයේ ඔහුගේ මුහුණ ගැඹුරු දිය මතුපිටක් මෙන් නිසල හා අවර්නිත බවක් පෙන්වීය. එය හිස් බවක් ලෙස පෙනුණ ද හිස් බවට එහා ගිය මහා ගැඹුරක් තිබිණ. " මම තමයි මේ බිල්ඩිමේ අයිතිකාරයා.." අනිත සිය දෙනෙත ගොඩනැගිල්ලේ හාත්පස කරකවනා අතර පැවසූවේ මිමිනීමකට තරම් පහත් හඬකිනි. "..අහ්." නිරායාසයෙන් මුවෙන් පිටවුන හඬ සමඟම විදුලි කාර්මිකයාගේ සිතුවිලි දිව ගියේ අනිතගේ මුහුණේ ඉරියව් දෙසටය. ඔහුගෙ මුහුණේ ඇත්තේ නොරිස්සුමක් ද? නැති නම් ඔහු තම ආඩම්බරය පෙන්වන්නේ මේ අයුරින් ද? සල්ලි යහමින් අත ගැවසෙන මිනිසුන්ගේ ඌෂ්ණය විදහා පාන්නේ මේ විලසටද? හැඟුම් විරහිත මුහුණ දෙස බලා විදුලි කාර්මිකයා කල්පනා කරන්නට විය. ඒ සමඟම වේගවත් සිත ඔහුගේ පාසැල් මතක සමඟ තමා ඉදිරියේ සිටින අනිතව සසඳන්නට විය. අනිත බොහොම සල්ලිකාර පවුලක එකම පුත්‍රයා විය. පාසැල් කැන්ටිමේදී තම සගයන්ගේ කෑදර බඩවල් වෙනුවෙන් නිර්ලෝභීව මුදල් වියදම් කළ ත්‍යාගශීලී අයෙකි. පන්තියේ පළවෙනියා නොවුනද ඉගැන්වීම් කටයුතු ඉතා සතුටුදායක ලෙස අවසන් කළ අයෙකි. කිසිවෙකු පහත්කොට නොසැලකූ ඔහු මිතුරන් අතරේ මෙන්ම ගුරුවරු අතරේද හොඳ නමක් දිනා සිටි අයෙකි. ජේත්තුකාර ඇඳුම, මිළ අධික ජංගම දුරකතනය, දිලිසෙන සපත්තු කුට්ටම හා ඔහුගේ සිරුරෙන් විහිදෙන විලවුන් සුවඳ දැන් මවන්නේ පෙර දුටු අනිතට වඩා වෙනස් චිත්‍රයක් නොවේද? වසර දාහතක් තුළ එවන් පෙරලියක් සිදු වීමට ඕනෑවටත් වඩා ඉඩකඩ ඇත. " මචං...මම පොඩ්ඩක් උඩට ගිහින් එන්නම්." අනිත මුව අයාගෙන සිටි විදුලි කාර්මිකාගෙන් සමුගෙන පියගැට පෙළ නැග යන්නට විය. මොහොතක් තමාට පිටුපා යන පසල් මිතුරා දෙස බලා සිටි විදුලි කාර්මිකයා පුලුටුව ගිය මුහුණින් යුතුව පියගැට පෙළේ අවසන් පඩි කීපය බැස යන්නට විය. " අපරාදේ...මට ඌත් එක්ක කතාවට යන්නෙ නැතුව ඉන්න තිබ්බෙ. සල්ලි අතපත ගෑවෙද්දි මිනිස්සු වෙනස් වෙනවා." විදුලි කාර්මිකයා තමාටම සිතින් දොස් පවරා ගන්නා අතර ආම්පන්න ගබඩා කර තිබූ කාමරයට පිය නැගුවේය. ආවුද පෙට්ටිය සහ වයර් රෝල එහි දැමූ ඔහු එතැනින් පිටව ආවේ අලස ලීලාවකිනි. ඔහුගේ ගතට දැනෙන වෙහෙසට වඩා සිතට ඇතිව තිබූ අසරණ හා වරදකාරී බව ඊට හේතුවන්නට ඇත. පහත මාලයේ හෝස් බටයක් සවිකර තිබූ කරාමයෙන් මුහුණකට උඩින් පල්ලෙන් තෙමාගත් විදුලි කාර්මිකයා ඉනේ අත්දෙක රඳවාගෙන කල්පනාවට වැටින. තෙතබරිත රැවුල් ගස් අතරින් බේරි බිමට බිඳී යන දිය බිඳු දෙස බලමින් ඔහු සමාධියකට වැදුන ලෙසකින් ගතකළ කාලය කොපමණ දැයි ඔහු නොදත්තේය. " රූං.....රූං.....රූං......" නිහඬ කර තිබුණු ඔහුගේ ජංගම දුරකථනය ඇමතුමක් ලැබෙන බවට සංඥාව දෙන්නට වූයේ විදුලිකාර්මිකයා දැහැනෙන් ඇද දමමිනි. " හෙලෝ........හරි හරි මම මොනවා හරි කරන්නම්." කෙටියෙන් ඇමතුම අවසන් කල කාර්මිකයා හිත නැගි ආවේගය ජංගම දුරකථනයේ විසන්දි කිරීමේ බොත්තමට හරහා පිට කළේ එය තදින් ඔබා දමමිනි. " මේ ගෑනුන්ට අතේ සල්ලි නෑ කියල කියුවට කිසිම තේරුමක් නෑනෙ. අරක නෑ මේක නෑ කිය කියා කෝල් දි දී නැහෙන්ඩ හදනවා." අවට කවුරුත් නොවූයෙන් ඔහු තරමක හඬින් පවසා සිත නැගි ආවේගය දිය කර දැමීමට වෙහෙසුනි. නමුත් එ පමණකින් ඔහුගේ සිත සමනයට පත් නොවුන සෙයකි. පෙරට වඩා වේගයෙන් ඇවිද ගිය ඔහු ඇඳ සිටි කිළිටි ඇඳුම් ගලවා දමා ගෙවී ගිය ඩෙනිමක් හා පාට පිලිස්සී ගිය ටී ෂර්ට් එකක් ඇඟලාගෙන ගොඩනැගිල්ලෙන් පිටට ඇදුනේ කෑලි එල්ලෙන ස්කූටරයක් වෙතටය. ප්‍රධාන විදුලි ලාම්පුව සහ එන්ජිම හැරුනකොට එහි වෙනත් කිසිවක් කිසිම අයුරකින් වත් සතුටුදායක තත්වයක නොවින. විදුලි කාර්මික වෘත්තියෙන් හොයාගන්නා සොච්චම ස්කූටරයක් නඩත්තු කිරීමට තබා ඔහුගේ පවුලේ තුන් වේල පිරිමසා ගැනීමද අභියෝගාත්මක බවකට පත්ව ඇත. රැඳවීමේ පටියක් නොවුන අබලන් හෙල්මට්ටුවට හිස ඔබා ගන්නා අතරේ ඒ අසල නවතා තිබූ අති සුඛෝපභෝගි මෝටාර් රථය කාර්මිකයාගේ ඇස ගැටින. ලොව ප්‍රකට යුරෝපීය සමාගමක ලාංඡනය වූ තුන් කොන් තරුව මෝටර් රථය ඉදිරියේ රිදී පැහැයෙන් දිදුලමින් ඇත. " එකත් එකටම අනිත්ගෙ වාහනේ වෙන්ඩ ඇති. සල්ලි උඩ පිනුම් ගහන ඌ වගේ එකෙකුට බෙන්ස් එකක් කියන්නෙ මහ කජ්ජක්ද ඉතිං. එකම පංතියක ඉගෙන ගත්තට අපි ඇත්තටම පංති දෙකක මිනිස්සු. දුක් විඳින පංතිය. දුක කියන්නෙ මොකද්දවත් නොදන්න පංතිය." කාර්මිකයා සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගන්නට වෙහෙසෙන අතරේ සිතන්නට විය. " චැහ්..ඕවා ගැන හිතලා වැඩක් නෑ. උගෙ සල්ලි වලට මම ඉරිසියා කරන එකෙන් මොන සෙතක්ද. මේක තමයි මගෙ ලැබීම." කාර්මිකයා හිත හදාගෙන ස්කූරයට ගොඩ විය. ස්කූටරය පණගැන්විමට ප්‍රථම ඔහු මොහොතක් නැවතින. එය ඔහුගේ දිවියේ මූසලම මොහොත විය යුතුය. ඔව් එය සැබෑවකි. අහේතුකව විදුලි කාර්මිකයාගේ හිස හැරවුනේ සිව් මහල් ගොඩනැගිල්ලේ ඉහළම මලය දෙසටය. එහි කොන්ක්‍රීට් ස්ලැබ් එක මත සිටගෙන සිටින්නේ ඔහුගේ පාසැල් මිතුරා විය යුතුය. ඉරිදා දිනයක් නිසා ගොඩනැගිල්ලේ වැඩ කරන කිසිවෙකුත් අද පැමිණ නැත. ඔහු තමා දෙස බලා සිටින්නේද. නැති නම් උඩු ගුවනේ සිට කර්කෂ කොළඹ අසිරිය විඳින්නේද. එය සිතා ගැනීමට නොහැක. හිරු එළිය ඔහුට පිටුපසින් වැටී ඇති නිසා අනිතගේ රුව පෙනෙන්නේ කැළිසේයාවක් ලෙසිනි. එසේ හෙහින් ඔහුගේ මුහුණ පහළට නොපෙනෙන්නේය. " යන්නං මචාං." විදුලි කාර්මිකයා සුරතින් සැලියුට් එකක් ගැසුවේ පාසල් කාළයේ එය කෙරූ පරිද්දෙන්මය. නමුත් ඒ පෙරලා සැලියුට් එකක් බලාපොරොත්තුවෙන් නොවීය. නමුත් ඔහු බලාපොරොත්තු නොවුන යමක් සිදුවිය. ගොඩනැගිල්ලේ මුදුනේ සිටි මිනිසා ඔහුට ප්‍රථිචාර දක්වන ලෙසකින් ප
ෙරලා සැලියුට් කළේය. ඉන්පසු සිදුවුන දෙය විදුලි කාර්මිකයා කිසිම විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. ගොඩනැගිල්ල මුදුනේ සිටි රුව හෙමෙන් හෙමෙන් ඉදිරියට බරවී ගොඩනැගිල්ලෙන් පහළට ඇද වැටෙන්නට විය. එය ඇදවැටීමකට වඩා පහළට පැනීමකි. මුව අයාගෙන ගල් ගැසුන විදුලි කාර්මිකයා ගොඩනැගිල්ලෙන් පහළට වැටෙන සිරුර බිම වැදී වරක් පොලාපනින තුරුම එම ඉරියව්වේ සිරව සිටියේ කළයුත්තේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිවය. " ඒසියා....අඩෝ...." ඔහුගේ මුවෙන් මොනවා කියවුනේදැයි ඔහුට නොදැනින. ඔහුගේ ශරීරය ක්‍රියා කළේ කෙලෙසදැයි ඔහු නොදත්තේය. ස්කූටරයේ සිටි මොහොතේ සිට පියවි සිහියට එන විට ඔහු සිටියේ සිය මිතුරාගේ නිසල සිරුර අසල දණගසාගෙනය. හුස්ම නොවැටෙන සිරුරේ හිස අසලින් ගලා යන රුහිරු ඉන්ටලොක් ඇල්ලූ බිමේ වර්ධනය වන පැල්ලමක් ඇතිකර එයින් හටගත් කුඩා රුහිරු වැල් ඉන්ටලොක් ගල් අතරින් ඒඒ අත ඇදී යන්නට විය. ඔහු මියගොස් ඇත. සැබැවින්ම එය සියදිවි නසා ගැනීමකි. විදුලි කාර්මිකයාගේ සිත විශාල කැළඹීමකට තුඩු දෙන අතරේ නිසල දේහයෙන් ඇසූවේ පැනයකි. " අඩේ මෙච්චර සල්ලි තියෙන උඹලට ජීව්තේ වැඩියි කියල හිතෙනවද බං?" පිළිතුරු දිය යුත්තා දැනටමත් නිහඬය. ඒ සදාකාලයටමය. -----නිමි------ ✍️උදාර නිශ්ශංකකෙටි කථාව- ගොදුර මං කපිලත් එක්ක උදේම නුවර කෝච්චියේ නැග්ගේ අපේ ගෙදර අයට පචයක් ගහලා. අපේ පොඩි අක්කා නයනා විතරයි මං කපිල එක්ක නුවර යන බව දැනගෙන හිටියේ. එයා එදා ඉඳන්ම අපි දෙන්නට හිතවත්. ගෙදර හැමෝම එක පයින් ලසන්තව උඩ දාගෙන නටන කොට, එදත් කපිලගෙ පැත්තට හිටියේ නයනා අක්කයි, එයාගේ පෙම්වතා රෝහිත අයියයි විතරයි. සතියෙ දවසක් හින්දා කෝච්චියේ සෙනඟ අඩුයි. කපිල අපි දෙන්නට දෙවන පන්තියේ ටිකට් අරගෙන තිබුණු නිසා හිටගෙන යන මගීන්ගේ කරදරයක් තිබුණෙත් නැහැ. “මොනාද දම්මි ඔච්චර කල්පනා කරන්නේ? “කපිල විමසුවේ මගේ කරට උඩින් අතක් දාගන්න ගමන්. “මුකුත් නැහැ. මං කොහොමත් ආසයි කෝච්චියේ නුවර යන්න.” කපිලගේ උරතලයේ හිස හොවාගෙන මං මිමුණුවා. “වෙන මොනවට ද ආසා?” කපිල මගේ කණට කරලා කෙඳිරුවා. “තව ඉතින් බිම් ගෙවල් අස්සෙන් යන කොට හු කියන්නත් ආසයි.” මං කිව්වා. “හරි ඉතින් අදත් හුවක් කියමු කෝ.” කපිල මගේ අතින් අල්ලගෙන මගෙ අතේ දාලා තිබුණු හීනි වළලු දෙකත් එක්ක සෙල්ලම් කළා. අරන් දුන්නෙ කව්ද කියලා දන්නවා නම් අල්ලන එකක් වත් නැහැ. මගේ හිත අතීතයට පියාඹා ගියා. “හරි ලස්සනයි ලසන්ත අයියා.” “ලස්සනයි. ඒත් ඔයා විතර නැහැ දම්මී.” ලසන්ත වළලු දෙක මට පළඳවමින් කිව්වා. ඒ වෙන කොට අපි හිටියේ ලසාගෙ ඊලඟ චිත්‍රපටිය “ගොදුර” රූ ගත කිරීමට සුදුසු ස්ථාන බලන්න නුවර ඇවිත්. මහන්සි නිසා ටිකක් විවේක අරන් යමු කියලා ලසා කිව්ව නිසා අපි නුවර “ගිරිමුදුන” හෝටලයට ගියා. ලසාගෙ “ගොදුර” චිත්‍රපටියේ ප්‍රධාන නිළියව කථානායකයා මුල් වරට ගොදුරු කරගන්නා දර්ශනය රෑ ගත කරන්න ලසා තෝරාගෙන තිබුණෙ ඒ හෝටලය. එදා මගේ දහනවවන උපන්දිනයත් යෙදිලා තිබුණ නිසා ලසා මට පොඩි සාදයක් ලෑස්ති කරලා තිබුණා. අපි විවේක ගත්ත කාමරේට උපන් දින කේක් එක ගෙනාවෙ හෝටල් සේවකයෙක්. මට හරි සතුටු හිතුණා. කේක් එක කපලා ඉවරවුණා ම ලසා මට තෑගි කළේ මේ වළලු ජෝඩුවයි, දැනටත් මගේ කරේ තියෙන හීනි රත්තරන් දම්වැලයි. “ඕං පළමුවෙනි එක,” කෝච්චිය උමඟට ඇතුළු වෙද්දී කපිල කෑ ගැහුවා. කපිලගේ හඬින් මං නැවතත් වර්තමානයට ආවා. මගේ හිත අතීතයයි වර්තමානයයි අතර දෝලනය වීම මට ම නවත්වා ගන්න බැහැ. අපි දෙන්නාගේ හුව ඉවර වුණේ දුම්රිය උමගෙන් එළියට ආවට පස්සේ. මං හිටියේ ඇත්තට ම සන්තෝසෙන්. මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නැහැ. මං කොහොම හරි මේ වැටුණු වළෙන් ගොඩ එනවා කියලා මං හිතා ගත්තා. “ඉස්සෙල්ලාම මාළිගාවට යමු,” මගේ අතින් අල්ලා ගෙන කපිල කිව්වා. මං කපිලගේ අතේ එල්ලිලා මහනුවර දුම්රිය ස්ථානයෙන් එළියට ආවේ පුංචි කෙල්ලක් වගේ. අපි දෙන්නා පයින් ම, මාළිගාව පැත්තට ඇවිදගෙන ගිහින් තෙල් මල් අරගෙන මාළිගාව වැඳ පුදා ගත්තා. කපිලගේ මල්ටික ලඟින් ම, මගේ අතේ තිබුණ පිච්ච මල්ටික තැන්පත් කරලා මං පැතුමක් පැතුවා. මේ කරදර දුරිභූතවෙලා ආයෙ ම අපි දෙන්නාට සතුටෙන් එක් තැන්වෙන්න ලැබෙන්න කියලා. වැල් බෝධිය පැත්තෙන් එළියට එද්දී මම මගේ බෑග් එකේ දාගෙන ආපු පඬුර බෝ අත්තෙ ගැට ගැහුවේ කවදා හරි ගෙදර අයත් කැමති කර ගෙන කපිල එක්ක විවාහ වෙච්ච දවසක ඇවිත් බාරේ ඔප්පු කරනවා කියලා හිතාගෙන. මාළිගාවෙන් එළියට ආවට පස්සේ මොනවා කරන්න ද කියලා මටත් අදහසක් තිබුණෙ නැහැ. හවස කෝච්චියට තව හුඟාක් වෙලාව තිබුණා. “කෝච්චියට වෙලා තියෙනවා නේ? අපි කොහෙන් හරි හොඳට කමු” කපිල කිව්වෙ ටැක්සියකට අත පාන ගමන්. “කොහෙටද සර්?” ටැක්සි රියදුරා පිටුපස බලන කන්නාඩියට එබිලා කපිලගෙන් විමසුවා. “ගිරි මුදුන හෝටලයට” කපිලගේ හඬ මට ඇහුණෙ හීනෙන් වාගේ. අනේ ඇත්තට මේ මුළු මහනුවර ම, කපිලට යන්න වෙන හෝටලයක් තිබුණෙම නැද්ද මන්දා? දැන් ඉතින් මොනවා කරන්නද? කපිල “ගිරිමුදුන” සම්බන්දෙ දැනගෙනවත් ද? ඒත් එහෙම වෙන්නෙ කොහොමද? ලසාගේ “ගොදුර” තිරගත වෙලා දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම කැමරාකරණය ආදී එකී මෙකී නොකී සම්මාන අටක් දිනාගෙන “ගොදුර” වසරේ හොඳම චිත්‍රපටිය වෙද්දී ලසා දේදුන්නක් මැකෙන වේගෙන් මගේ ලෝකයෙන් මැකිලා ගිහිල්ලා තිබුණේ කිසිම පැහැදිලි කිරීමක්, කථා බහක් නැතිව ම. “බහින්න.” කපිල ටැක්සියෙන් බැහැලා රියදුරාට මුදල් ගෙව්වා. “අපි කාමරේට ගෙන්න ගෙන කමු. කව්රු හරි දැක්කොත් ඔයාට ඉන්න වෙන්නෙ නෑ” කපිල කිව්වේ පිළිගැනීමේ කවුන්ටරයට යන ගමන්. කපිල හෝටලයට ඇතුළුවීමට අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරන අතරෙ දී මං සේවකයෙක් ගෙනා සිසිල් බීම එක තොල ගෑවා. ජීවන ගමනේ අතීතයටත්, වර්තමානයටත් දෝලනය වන මගේ හිත මට ම මහා වදයක්. බොහොම ඉස්සර දවසක, ඒ කියන්නේ ලසා එක්ක සම්බන්ධ වෙන්නත් කලින් කපිලයි මායි ගෙදරට හොරෙන් චිත්‍රපටියක් බලලා ආපහු එනින් ගමන් උන්නේ බස් එකේ පිටිපස්සෙ ම ආසනේ වාඩි වෙලා. ඒ දවස්වල කපිල නැවතිලා හිටියේ ගල්කිස්සෙ එයාගේ මාමලගේ ගෙදර. “අද නැන්දයි මාමයි මාතර ගිහින්. ගෙදර කව්රුවත් ම නැහැ. එනව ද?” කපිල ඇහුවේ දඟ විදිහට හිනාවෙමින්. “ආසා ඇති?” මං කපිලට ඇද කළා. “ආසා නිසා නේන්නම් කිව්වේ.” “ඔන්නන් ඉතිං යං” ටික වෙලාවකට පස්සේ මං කිව්වා. ඇත්තටම මට කපිල ගැන එහෙම අවිශ්වාසයක් තිබ්බෙ නැහැ. “මගෙ කෙල්ලව මං එහෙම ආවට ගියාට කොහේවත් ගෙනියන්නෑ. යනව නම් රබන් ගහලා, රතිඤ්ඤා පත්තු කරලා, ගමට ම මඟුල් කියලා තමයි එක්ක යන්නෙ,” කපිල කිව්වෙ හිමීට මගේ කන සිඹිමින්. ඒ වෙලාවේ මගේ දෙනෙත් කඳුලින් බර වුණේ කපිල ගැන උපන් ආදරයෙන්. මේ ඔහු ම ද? මොනවා කරන්න ද, වැරැද්ද මගේ ම කොට? “අපි යං,” කපිල ඇවිත් මගේ අතින් අල්ල ගන්න කම්ම මං දන්නෑ. කපිලගේ අතින් අල්ලන් මං ඔහුත් සමඟ අපට වෙන්කරලා දුන්න කාමරයට පිය මැන්නේ අසිහියෙන් වගේ. ලසාගේ අතේ එල්ලිලා ඇතුළට ගිය කුමරිය ලසාගේ යකඩ දෝලියක් වෙලා එළියට ආ හැටි මට මතක් වුණා. කපිල නම් හිටියේ හරි සන්තෝසෙන්. එයා බියර් එකකුයි, බුරියානියි ඇණවුම් කළා. කොච්චර පෙරැත්ත කළත් මං කැමති වුණේ නෑ බියර් බොන්න. කපිල මට එයාගේ පංගුවෙන් අනලා බුරියානි කැව්වා. එදා ලසා කළා වගේ ම. ලසාට තිබුණ ගෝලීය අත්දැකීම් එක්ක මං එයාට අවනත වුණේ කැමැත්තෙන්. කේක් එක කපලා ඉවර වුණාට පස්සේ කේක් එකේ තිබුණ චොකලට් හා කෝපි මිශ්‍ර අයිසින් ඉස්සෙල්ලාම මගේ මුණේ ඇතුල්ලුවෙ ලසා. මටත් ඕන වුණේ නෑ දෙවැනි වෙන්න. මමත් අයිසින් තලිප්පෙ ලසාගේ මූණෙයි පපුවෙයි ගෑවා. ඉදිරියෙන් තියෙන කැඩපතෙන් පෙනුන විදිහට මගේ කොණ්ඩෙ හැර හැම තැනම අයිසින් තැවරිලා තිබුණෙ හරිම විකාරරූපීබවක් එක්කරමින්. අපි දෙන්නගේ සෙල්ලම ඉවර වෙන කොට එක අයිසින් බින්දුවක්වත් ඉතිරිවෙලා තිබුණේ නැහැ. ඒ විශාල යුගල ඇඳේ වැතිරිලා මං ලසා ගේ උරහිසේ ඔලුව තියාගෙන බබෙක් වගේ දොයියද්දී ලසා “ගොදුර” තිර රචනය ලිව්වා. කපිල ලසාට වඩා වෙනස්. එයාට තිබුණෙ පුදුම හදිස්සියක්. කපිලගේ ඇස්වල වෙනදා දැකල නැති අමුතු හැඟීමක් මං එදා දැක්කා. ඒක ආදරය ද, රාගය ද, වෛරය ද නැතිනම් පිළිකුල ද කියලා මට අදටත් හිත ගන්න බෑ. “අපි දැන් මොකද කරන්නේ? “මම කපිලගෙන් ඇහුවෙ ආපහු එන්න ලෑස්ති වෙලා කොණ්ඩෙ පීරන ගමන්. “මොනවා කරන්න ද? මේ විදිහටම ඉමු,” කමිසයේ බොත්තම් දාගන්න ගමන් කපිල නොසැලකිල්ලෙන් පැවසුවා. “ඒ මොන වනචර වැඩක් ද?” මට කියවුණේ ඉබේටම. “ඕක ඔයාට නුපුරුදු දෙයක් යැ? අපේ අම්මල දැන් නම් මේකට කීයටවත් කැමැති වෙන්නෑ දම්මි.” “ඔයාගෙ හිත රිදෙයි කියලා මං නොකිව්වට, එදා දානෙ දවසෙ මං ඔයා එක්ක කථා කරනව දැකල අම්ම මගෙන් පස්සෙ ඇහුවා එක එකා එක්ක බුදිය ගත්ත ගෑණියෙක් එක්ක උඹ කථාවට යන්නේ මොකටද කියලා,” කපිල පවසද්දී මගේ හිතේ ඇඳී තිබුණු ඒ දේදුන්නත් ඉබේම මැකිලා ගියා.ප්‍රේමයේ සුසුම. ***************** "ඇයි ඔයා එලියට වෙලා?" "මම කරුවල දිහා බලන් ඉන්නවා." "ඔයා කරුවලට ආසද?" "නෑ මම බයයි." "එහෙනම් බලං ඉන්නෙ?" "අර බලන්න ඈත." "ම්ම්." "ඒ කනාමැදිරි එලි. අර වෙලේ කෙලවර කුඹුක් ගහේ වටුකුරුලු කූඩු වලට ලයිට් වෙනුවට කනාමැදිරියන්ව හයි කරලා." "අනේ ඇත්‍තමයි." "ඔයාට නිදි මතද?" "නෑ." !මේ රෑ හරිම කෙටියි නේද?" "නෑ, මේ රෑ හරිම දිගයි." "ඔයා කවද්ද යන්නෙ?" "ඉක්මනින්ම." "එන්නෙ?" "ඉක්මනින්ම." "ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුලුවන්." තරු එලිය අපිව ගොදුරු කර ගනිමින් සිටී. ප්‍රේමයෙන් මෙන්ම විරහවින් හදවත් තෙමී ඇත. හිමි වීමේ හා අහිමි වීමේ වැල් පාලම මත අපි දෝලනය වෙමින් සිටිමු. ඈ පිටුපසින් පැමිණ මා වැලදගනී. මගේ නිරුවත් පිට දිගේ ඇගේ කදුලුකැට ගලායනු දැනේ. නිහඩබව අපව ගුලි කර ඇත. හදවත් ගැහෙන හඩ රැහැයි නාදයට මුසුව සෙනෙහස් වේදනාව ලේ සමග මුසුව නහර දිගේ ගලායනු දැනේ. "ඔයාට ඔය ගමන යන්නම ඕනෙද?" "නොයා කොහොමද රත්තරං." "අනේ අඩන්න එපා." "අපි අපේ නේද?" "ඔවු දෙයියනේ." "කොහෙද ඉතින් යන්නෙ?" "ඉන්න මම කෝපි එකක් හදන් එන්නම්, ඔයා ආසම රසට. කාලෙකට මට ඔයාට කෝපි හදන්න බැරි වේවි. කනාමැදිරියො නිදියනකං අපි ඇ
හැරිලා ඉමු." ඉන් පසු හෝරා ගනනක් ගත විය. සුසුමන් පමණක් සුලගට මුසු විය. කෙදුරුම් පමණක්ම හුවමාරු විය. ප්‍රේමය පමණක්ම ඉතිරි විය. "ඔයාට දාඩිය දාලා." "ඔයාටත්...." © අරවින්ද හබක්කලකෙටිකතාව 'මහා සාමාන්‍ය අපවර්තකය' වනාන්තරය ක ඇවිදයන විට අප නොදකින්නේ මිනිසුන් සහ ගැහැණු න්‍ ය. ඇළ ,දොළ ගංගා සහ දිය ඇළිද පසු කරමින් නානාවිධ සියොත් ගී නද අසමින් ද දළු, කොල , මල් ස්පර්ශ කරමින් ද ඝෝෂාකාරී මිනිස් කටහඩින් තොර නිසංසල පරිසරයක ඔහේ ඇවිදයන විටත් අපේ සිත පුරා ඉන්නේ මිනිසුන් සහ ගැහැණු න් ය. මිනිස් රුවක් සිතේ නෑදුන මොහොතක් සිතා ගැනීමට අපහසු වේ. අපි උපන්දා සිට අපේ සියළුම බැදීම් ඇත්තේ මිනිසුන් සමගය . ගැහැණු න් සමග ය. දිනෙන් දින මේවා එකතු වෙනවා මිස අඩුවන බවක් නැත . ශාරීරික ව මේ මිනිසුන් සහ ගැහැණු න් අපෙන් දුරස් වී ගියද ආත්මිකව උන් අප හා බැදී සිටීම නිසා විටෙක සතුටක් ද තවත් විටෙක වේදනාවක් ද සිත තුල ජනිත වේ. මිනිස් පුළුටක් නැති පලාතෙක සිටියත් අපේ සිත්තුල මිනිස් ජනපදයක්ම සිටී. විටෙක මතුවෙන දිය බුබුළු සේ සිත පතුලේ සිට උඩට මැ විත් ඒ රූ විටින් විට පිපිරීයයි. කල්පනා ද එලෙස එන , යලි පුපුරා යන රූප සොබාවයකි. ආදරය ගැන අපි දෙදෙනාම කිසිදාක කතා කර නැත . එහෙත් පුදුමය වන්නේ අපි එකිනෙකා ට ආදරය කිරීමයි. ආදරය ඇතිවුනේ කෙසේදැයි කියන්නට කව්රුවත් දන්නේ නැත . එහෙත් ආදරය ඇවිළී තිබෙන බව දැනේ. දෙවොංදොරංසං නොරිකෝට ආදරය කලේ නොරිකෝ අයිති කරගැනීමට නොවේයැයි මට සිතේ. ඒ ඇය කෙරේ ආදරය ක් පහලවීම නිසාය . ආදරය ක අවසාන ය අයිතිකරගැනීමකින් කෙලවරවීම ගෝත්‍රික සිතුවිල්ලකැයි මට සිතේ. මේ අවකාශ ය පුරා ඇත්තේ සැබෑ ආදරවන්තයින්ගේ සුසුම් ය. ඒ සියළ්ලෝම අයිතියක් නැති ආදර වන්තයෝය. ආදර වන්තියෝය. ආදරණීය සුසුම් පිරුනු ඒ අවකාශයේ ඇති හුස්ම මම උරා ගමි. එවිට මගේ සිත ද ආදරණීය සුසුමින් පිරීපවතී. ඒ එක් සුසුමක කල්පනා ද සිටී. කල්පනා මට කතා කරයි. "අයියෙ මට ඔයාව හම්බවෙන්න ඕනෑ "" කල්පනා මා ඉදිරියේ සිටී. "අයිය ගෙ ඇස් දෙකදිහෑ බලාගෙන කතා කර කර ඉන්න මට ආස හිතුන" "මොනව ගැනද?" "ජීවිතය ගැන" "කාගෙද?" "අපේ" "අපි කොහොමද කල්පනා අපේ වෙන්නෙ ?" "ඒක මට මතක නැති උනා අයියගෙ ඇස් දෙක දිහෑ බලං ඉන්නකොට " "මටත් එහෙම වෙනව" "එතකොට ඒ ක අපි දෙන්නටම පොදු සාධකයක් ද?" "මට තේරුම් ගන්න බැරි දෙයක් මෙතන තියෙනව" "මොකක්ද?" "මහා සාමාන්‍ය අපවර්තකය" "ඒක මට ඉස්කෝලේ යන කාලෙත් තේරුම් ගන්න බැරි උනා" "දෙවැනි පෑතිස් රජ දවසෙ ශිලා ලිපියක් වගේ" "මොකක්ද?" "ඔබේ ආදරේ" කල්පනා ගේ ඇස් දෙකම දීප්තිමත් වැ බැබලුණා . "න් නෑ! නෑ !මං කිව්වෙ ...මර්වින් පෙරේරා ගෙ සිංදුවෙ ඉතිරි කොටස" " අයියා හරි නරකයි" "හම් හ්." දිය බුබුල පුපුරා යයි. මං ඔහේ ඇවිදයමි. වත්සලා එක්වරම රිදී දිය ඇල්ලකින් මතුවී මා වෙතට දිව එයි. ආ සැනින්ම ඈ මගේ සුළැගිල්ළේ එල්ලේ . මම සතුටින් ඊට ඉඩ දෙන්නේ ඒකාලයේ සිටම වත්සලා මගේ සුළැගිල්ළ සමග ඔන්චිල්ලා පැදීම ට ආසා නිසාය. "ඔයා මාත් එක්ක තරහ නෑ නේද?" "ආදරය කරපු මිනිහෙකුට තරහ වෙන්නත් බෑ. තරහ යන්නෙන් නෑ " "ඔයාගෙ හිත මං දන්නව ඒකනෙ මං දුවගෙන ආවෙ." "ඉතිං ?" "ඔයා තාමත් අතීතයේ ජීවත් වෙනවද?" "නෑ! ඒත් අතීතය මාව ජීවත් කරවනව" "මං නං ඒ අතීතය එහෙම පිටින්ම අමතක කලා. " "කවදද?" "සේනකගෙ ප්‍රොපෝසල් එක තීන්දු උන දවසෙම" " ඔයා හොද භාර්‍යාවක්" "ඉතිං ඇයි ඔයා බැන්දෙ නැත්තෙ? මං හින්දද?" "අපෝ නෑ!" "එහෙනං?" "මට බදින්න අමතක උනා" ඇල්ල පාමුල ඈ නතර උනා. මං දිගටම ගියා. ආයෙමත් දිය බුබුළක් පිපුරුනා ඒ පිපිරුනු දිය බුබුළෙ ගෝතමී හිටියා . ඈ අත වැනුව. ' රෝල ඩෝ' එක උඩි පැත්තට කැරකිලා කාපට් එකක් වගේ එතුන. දොර බාගෙට වහල. ගෝතමී ගෙ හදවත බාගෙට ඇරල. මං කොස් ඇට මීයෙක් උනා.. මං ගියාම දොරවල් දෙකම වැහුනා. තිරේ පහලට දැම්ම වගේ 'රෝල ඩෝ 'එකත් දිග හැරුන. ගෝතමී මාව බදාගෙන ඉම්ඹා. හොඳ ටම ඉම්ඹා. ඊට පස්සේ ඈ ඇඩුවා. හොඳ ටම ඇඩුවා . "මාව අමතක කරල දාන්න" ගෝතමී බැගෑපත් උනා. මං "හා" කිව්වා . ගෝතමී ආයෙත් මාව ඉම්ඹා! ඇය ආයෙම ඉඹින්න හදනකොට දිය බුබුළ පිපිරුනා. කුරාකූඹි මිනිසාකෙටිකතාව 'මහා සාමාන්‍ය අපවර්තකය' වනාන්තරය ක ඇවිදයන විට අප නොදකින්නේ මිනිසුන් සහ ගැහැණු න්‍ ය. ඇළ ,දොළ ගංගා සහ දිය ඇළිද පසු කරමින් නානාවිධ සියොත් ගී නද අසමින් ද දළු, කොල , මල් ස්පර්ශ කරමින් ද ඝෝෂාකාරී මිනිස් කටහඩින් තොර නිසංසල පරිසරයක ඔහේ ඇවිදයන විටත් අපේ සිත පුරා ඉන්නේ මිනිසුන් සහ ගැහැණු න් ය. මිනිස් රුවක් සිතේ නෑදුන මොහොතක් සිතා ගැනීමට අපහසු වේ. අපි උපන්දා සිට අපේ සියළුම බැදීම් ඇත්තේ මිනිසුන් සමගය . ගැහැණු න් සමග ය. දිනෙන් දින මේවා එකතු වෙනවා මිස අඩුවන බවක් නැත . ශාරීරික ව මේ මිනිසුන් සහ ගැහැණු න් අපෙන් දුරස් වී ගියද ආත්මිකව උන් අප හා බැදී සිටීම නිසා විටෙක සතුටක් ද තවත් විටෙක වේදනාවක් ද සිත තුල ජනිත වේ. මිනිස් පුළුටක් නැති පලාතෙක සිටියත් අපේ සිත්තුල මිනිස් ජනපදයක්ම සිටී. විටෙක මතුවෙන දිය බුබුළු සේ සිත පතුලේ සිට උඩට මැ විත් ඒ රූ විටින් විට පිපිරීයයි. කල්පනා ද එලෙස එන , යලි පුපුරා යන රූප සොබාවයකි. ආදරය ගැන අපි දෙදෙනාම කිසිදාක කතා කර නැත . එහෙත් පුදුමය වන්නේ අපි එකිනෙකා ට ආදරය කිරීමයි. ආදරය ඇතිවුනේ කෙසේදැයි කියන්නට කව්රුවත් දන්නේ නැත . එහෙත් ආදරය ඇවිළී තිබෙන බව දැනේ. දෙවොංදොරංසං නොරිකෝට ආදරය කලේ නොරිකෝ අයිති කරගැනීමට නොවේයැයි මට සිතේ. ඒ ඇය කෙරේ ආදරය ක් පහලවීම නිසාය . ආදරය ක අවසාන ය අයිතිකරගැනීමකින් කෙලවරවීම ගෝත්‍රික සිතුවිල්ලකැයි මට සිතේ. මේ අවකාශ ය පුරා ඇත්තේ සැබෑ ආදරවන්තයින්ගේ සුසුම් ය. ඒ සියළ්ලෝම අයිතියක් නැති ආදර වන්තයෝය. ආදර වන්තියෝය. ආදරණීය සුසුම් පිරුනු ඒ අවකාශයේ ඇති හුස්ම මම උරා ගමි. එවිට මගේ සිත ද ආදරණීය සුසුමින් පිරීපවතී. ඒ එක් සුසුමක කල්පනා ද සිටී. කල්පනා මට කතා කරයි. "අයියෙ මට ඔයාව හම්බවෙන්න ඕනෑ "" කල්පනා මා ඉදිරියේ සිටී. "අයිය ගෙ ඇස් දෙකදිහෑ බලාගෙන කතා කර කර ඉන්න මට ආස හිතුන" "මොනව ගැනද?" "ජීවිතය ගැන" "කාගෙද?" "අපේ" "අපි කොහොමද කල්පනා අපේ වෙන්නෙ ?" "ඒක මට මතක නැති උනා අයියගෙ ඇස් දෙක දිහෑ බලං ඉන්නකොට " "මටත් එහෙම වෙනව" "එතකොට ඒ ක අපි දෙන්නටම පොදු සාධකයක් ද?" "මට තේරුම් ගන්න බැරි දෙයක් මෙතන තියෙනව" "මොකක්ද?" "මහා සාමාන්‍ය අපවර්තකය" "ඒක මට ඉස්කෝලේ යන කාලෙත් තේරුම් ගන්න බැරි උනා" "දෙවැනි පෑතිස් රජ දවසෙ ශිලා ලිපියක් වගේ" "මොකක්ද?" "ඔබේ ආදරේ" කල්පනා ගේ ඇස් දෙකම දීප්තිමත් වැ බැබලුණා . "න් නෑ! නෑ !මං කිව්වෙ ...මර්වින් පෙරේරා ගෙ සිංදුවෙ ඉතිරි කොටස" " අයියා හරි නරකයි" "හම් හ්." දිය බුබුල පුපුරා යයි. මං ඔහේ ඇවිදයමි. වත්සලා එක්වරම රිදී දිය ඇල්ලකින් මතුවී මා වෙතට දිව එයි. ආ සැනින්ම ඈ මගේ සුළැගිල්ළේ එල්ලේ . මම සතුටින් ඊට ඉඩ දෙන්නේ ඒකාලයේ සිටම වත්සලා මගේ සුළැගිල්ළ සමග ඔන්චිල්ලා පැදීම ට ආසා නිසාය. "ඔයා මාත් එක්ක තරහ නෑ නේද?" "ආදරය කරපු මිනිහෙකුට තරහ වෙන්නත් බෑ. තරහ යන්නෙන් නෑ " "ඔයාගෙ හිත මං දන්නව ඒකනෙ මං දුවගෙන ආවෙ." "ඉතිං ?" "ඔයා තාමත් අතීතයේ ජීවත් වෙනවද?" "නෑ! ඒත් අතීතය මාව ජීවත් කරවනව" "මං නං ඒ අතීතය එහෙම පිටින්ම අමතක කලා. " "කවදද?" "සේනකගෙ ප්‍රොපෝසල් එක තීන්දු උන දවසෙම" " ඔයා හොද භාර්‍යාවක්" "ඉතිං ඇයි ඔයා බැන්දෙ නැත්තෙ? මං හින්දද?" "අපෝ නෑ!" "එහෙනං?" "මට බදින්න අමතක උනා" ඇල්ල පාමුල ඈ නතර උනා. මං දිගටම ගියා. ආයෙමත් දිය බුබුළක් පිපුරුනා ඒ පිපිරුනු දිය බුබුළෙ ගෝතමී හිටියා . ඈ අත වැනුව. ' රෝල ඩෝ' එක උඩි පැත්තට කැරකිලා කාපට් එකක් වගේ එතුන. දොර බාගෙට වහල. ගෝතමී ගෙ හදවත බාගෙට ඇරල. මං කොස් ඇට මීයෙක් උනා.. මං ගියාම දොරවල් දෙකම වැහුනා. තිරේ පහලට දැම්ම වගේ 'රෝල ඩෝ 'එකත් දිග හැරුන. ගෝතමී මාව බදාගෙන ඉම්ඹා. හොඳ ටම ඉම්ඹා. ඊට පස්සේ ඈ ඇඩුවා. හොඳ ටම ඇඩුවා . "මාව අමතක කරල දාන්න" ගෝතමී බැගෑපත් උනා. මං "හා" කිව්වා . ගෝතමී ආයෙත් මාව ඉම්ඹා! ජයන්ත ව්ජේසිංහවනගත දිවියක මතක සටහන් .. කරන කලට පව් මිහිරිය මී සේ.. උඹ පව්කාරයා තමයි. ඒ වුනාට ඉතින් විලංගු දාලා ලොරියට පටෝලා ඉන්නකොට දුකයි. කොහොම තේජසින් මේකෙ කරක් ගහපු එකෙක්ද. රෑට හීනෙනුත් පොඩි උන් බය කළා.. උඹම මරාපු මගේ හීන් එකාගේ තුන්මාසෙ දානෙට ගන්න මං රැකගෙන හිටිය කෙහෙල් කැන. උඹට ගෙනාවෙ ඉඳා කාපන්.. මේකා නිසාම මැරිච්ච රතු බන්ඩයියා ගේ අම්මා ඇඹුල් කෙහෙල් කැනක් ම වනජීව් එකේ මහත්තයට කියලා අලියට දුන්නේ හිතේ කිසිම කහටක් නැතුව. අමාරුවෙන් නංගා ගත් ලොරියෙන් ආපහු බහින්න මේ අංගුලිමාල යා දඟලන්නේ මේ මිනිස්සුන්ගෙ මේ ගුණය නිසා කියන එක වනජීව් එකේ මහතුන්ට තේරුම් ගියේත් නෑ වගේ. සති අන්තයක සෙනසුරාදා දවසක බණ්ඩාරවෙල ගියෙත් නැති නිසා කරන්ඩ ලොකු දේකුත් නැතුව ඉන්නකොට පුත්තලමේ දැව සංස්ථාවේ හදිසි වැටලීම් අංශයේ වැඩබිම් නිලධාරියෙක් හැටියට හිටිය රණසිංහ මහත්තයා ජයසේකර මහත්තයා ඇතුළු කිහිපදෙනෙක් උදේම නිල නිවාසෙට ආවා. දාහතෙ කනුවේ මිනී මරපු අලියාව අල්ලලා. අපි ඌව බලන්න යනවා. යමුද.. යං අද වැඩකුත් නැතුව හිටියේ.. මම ඉක්මනින් ලෑස්ති වුණා. මේ අලියව මට මතකයි. මමයි තුසිත මහත්තයයි
මැදගොඩ මහත්තයයි රාජකාරියකට ගිය වෙලාවක මේ අලියගෙ අඩි සලකුණක් උඩ මගේ කකූල් තියලා බැලුවා. ඒක ඇතුළෙ මම හිට ගත්තම වටේට තවත් ඉඩ තිබුණා. එතරම් දැවැන්තයෙක්. එදා ගම්මු කියපු විදිහට මේ මිනීමරු අලියා කිසිදු බව බෝගයකට හානි කරන එකෙක් නෙවෙයි. හැබැයි ඌ යන මඟ එන කිසිදු මිනිහෙකුට අනුකම්පාවක් දක්වන සතෙකුත් නෙවෙයි. කවදාහරි මිනිසුන්ගෙන් කරදරයක් වෙන්න ඇති. මේ තනි අලියා මිනිස් සුවඳට හැංගිලා ඉඳලා පස්සෙන් පන්න සතෙක්. හවස හය හත වෙනකොට උගේ ආධිපත්‍යය ප්‍රදේශයේම පැතිරිලා. හැබැයි ගින්දරට අසීමිතව බයයි. පන්දමක් අරන් ගිය මිනිහෙකුට කවදාවත් ලං උනේ නැහැ. වැරදිලා හරි මිනිහෙක් එළියක් නැතුව ගියොත් පස්සෙන් පන්නගෙන ගිහින් මරන නිසා තමයි මිනිස්සු ඌට අංගුලිමාල කියලා කිව්වේ. ඌට මිනිසුන්ට පහර දෙන්න රැයක් දවාලක් කියලා වෙනසක් තිබුණේ නෑ. වනජීවී නිලධාරීන් හිතවත් නිසාත් දැව සංස්ථාවේ ජීප් එකක් නිසාත් අලියා ගාවටම යන්න අපිට අවස්ථාව හම්බවුණා . හොඬවැල දිගේ ලස්සනට ගෝමර වැටිච්ච අලියෙක්. කකුල් හතරටම නැව් කඹ වලින් විලංගු දාලා. දැන් ඌ පොලිසියට අහුවෙච්ච පාතාල නායකයෙක් වගේ. ඉස්සර තිබ්බ රැස් ඉවරයි. දැන් හොඩවැලට අහුවෙන අහුවෙන දේ විසි කරල මිනිස්සුන්ට ගගහා ඉන්නවා. මිනිස්සුන්ට මෙතරම් හිරිහැර කරලත් කම්මුලට අත තියාගෙන අනේ පව් කියන මිනිස්සු එතන ඕනි තරම් හිටියා. පාරක් කපාගෙන එතෙන්ට ගෙනාව දැවැන්ත ලොරියෙ තට්ටුව පහත් කලා. කඹ ලොරියෙ පැටලුවා. නගින්න බෑ කියලයි කියන්නේ. ලස්සන මල් ගෝමර තියෙන හොඬවැල දිගු කරලා තමන් කරදර කළ මිනිස්සුන්ගෙන් ම පිළිසරණක් ඉල්ලනවා. මිනිස්සු කියලා මොනා කරන්නද. පස්සේ කකුල් දෙක යකඩ යන්තරෙන් අදිනකොට ඉස්සරහ කකුල් දෙක බෑ කිය කිය ලොරිය. ඇතුලට එනවා. මරන්න ගෙනියනවා වගේමයි ඌට හිතනවා ඇත්තේ.. බිත්ති බිඳලා වී ගත්ත ඒවා, හේනට යන්න ගිය තාත්තව මරළා දරු පවුලක් අනාථ කරපුව, රාත්තිරියේ වැසිකිලි යන්න එලියට ගිය දරුවෝ හොඬවැලෙන් විසි කරලා පාගල මරපු හැටි මෙකී නොකී තමන් කරපු සියලු පව් අංගුලිමාලට සිහිපත් වෙන්න ඇති. දැන් ඉතින් පරක්කු වැඩීයි යන්නම වෙනවා. අන්තිම මොහොතේදී යහපත සිහිවෙනවා වගේ ගොවියන්ගේ හේන් ගොවිතැනට කවදාවත් හානි කළේ නෑ කියලා හොඳ සිහිපත් වෙන්නැති. මැරිච්ච රතුඛන්ඩෙ අයියාගේ අම්මා මිනිස්කම තියෙන මේ සමාජයක සියලු දෙනා නියෝජනය කළා. ඒකයි ඇය තමන්ගෙ දරුවගේ දානෙට අමාරුවෙන් රැකගත්ත කෙහෙල්කැන අන්තිම මොහොතෙ අලියට දුන්නෙ. ඇය වෛර කළේ නෑ මේ අලියට. මේ සතා තිරිසනෙක් නේ...බෲස් දැඩි ආර්ථික පීඩනයක සිටියේය, ඔහුට හල්ක් ආවේසවූ දින සිට ඔහුගේ සියලු වත්කම් ඔහු කෙරෙන් ඈතට යන්නට විය, ඒ මන්ද තරහා ගිය හැම අවස්ථාවකම ඔහුගේ සපත්තු, අත් ඔරලෝසු සහ ඇඳුම් සියල්ල ඉරීයයි, එමනිසා ඔහු තරහා පාලනය කිරීමට පුරුදු වූයේය, බෝකුන්දර ඉන්ධන පිරවුම්පල අසන ඇනෙක්සයක් ගෙන්ස ජීවත් වූ බෲස් නිහඬ පුද්ගලයෙකි, එදින විධායක නිලදාරිණියට රට සවාරි යාම සඳහා බෑගයක් ගැනීමට 35,000ක පමණ මුදලක් ලබාදුන් ලංකා විදුලිබල මණ්ඩලය මඟින් විදුලිය විසන්ධි කර තිබිණි, කෙසේ හෝ විදුලි පංකාවව ක්‍රියා විරහිතව තිබුණ නිසා මදුරු ගහණය ඔහු නිදාසිටි කාමරයේ වැඩි විය, මදුරුවෝ එකෙක් දෙන්නෙක් කෑවත් ඉවසා සිටි බෲස් අවසානයේ වෙහෙසකර දිනයේ එකම සැනසීම වන නින්ද කරා යන්නට විය, "කූ....ං" හඬින් පැමිණි මදුරුවෙක් මුනින් අතට නිඳාසිටි බෲස්ගේ කොන්ද මැදට විද්දේය, විගසින් අත් විශාලවී පය විශාලවී මුළු ශරීරයම බෲස්ගේ කොලපාට විය, ඉන් පසු වේගයෙන් තම දෑත මිටි මොළවා ඇඳට ගැසූ බෲස් ඇනෙක්සයේ වහලයද ගලවාගෙන කෑගසාගෙන එළියට පැමිණියේ එහා නිවසේ සිටි නිවැසියන්ද භීතියට පත් කවරවමිනි, එදා නිවස හිමිකාරිය බෲස්ගෙන් එම අලාභ හානිය අය කර ගැනීමට කටයුතු කලාය, කෙසේ හෝ ඔහු සන්තකව තිබූ සියලු ධනය ඒ සඳහා වියදම් විය, ඔහු භාවිතා කල FB 15 කාර් රථයද ඔහු විකුණා දැමූවේ එම මුදල ගෙවීම සඳහාය, දිනක් රැකියා ස්ථානයේ රැකියාව කරමින් සිටි අවස්ථාවේදී පෙම්වතියගේ ගෙදර යාමට දිඅයක් දාගෙන එයට රැකියා ස්ථානයෙන් නිවාඩු අයදුම් කලේය, එහිදී ඔහුගේ මැනේජර්වරයා නිවාඩුව දීම ප්‍රතික්ශේප කිරීම නිසා ඇතිවූ කෝපයෙන් ඔහු අතට අසුවන සෑම බඩු භාණ්ඩයක්ම පොළොවේ ගසමින් ඩෙඟා නැටුවේය, එයින් ඔහුගේ රැකියාවද අහිමි විය, --=== පසුව ඇමතිවරයෙක්ගෙ මාර්ගයෙන් බෲස් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුමකට එලඹුනේ පරණ ගොඩනැඟිලි කඩා ඉවත්කිරීම ඔහු විසින් සිදු කර යම් මුදලක් හෙවීමටයි. එහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පළමු දින කලේ තමන්ට කැඩීමට අවශ්‍ය නිවස තුලට බෲස්ව එක්කන් යන අතර ඉන් පසු එක් නිලධාරියෙක් ගල් බෝතලයක 2019දී ගණන සහ දැන් ගනනේ වෙනස පෙන්වයි, ඉන් පසු හල්ක්ගේ සිදුවන වෙනස බලා සිටිනා ඔවුන් හැකි ඉක්මනින් එතනින් ඔවුන්ගේ මෝටර් රථවලින් පිටත්ව යයි, ඉන් පසු හල්ක් විසින් එම ගොඩනැඟිල්ල කඩා බිඳ දමා විනාශ කරනු ලබයි, දෙවනි දවසේ ඔවුන් කලේ ක්‍රිකට් ආයතයනේ ඉහළ නිලධාරීන් රටට ලැබිය යුතු මුදල් වලින් රට සවාරි ගොස් නිළියන් සමඟ ගත් ආතල් වල වීඩියෝවක් පෙන්වීමය, එදා ඔහු ලඟ තිබුණ හොඳ ගොඩනැඟිල්ලක්ද කඩා දැමුවේ, "මුන්ගේ අම්මගේ අප්පගේ බූදලේද යකෝ මේ නාස්ති කරන්නේ" කියමිනි, තවත් දිනයක ඔවුන් කලේ මොපිටෙල් සිම් පතක්දැමූ ජංගම දුරකථනයකින් බෲස් ආසාම වීවියෝවක් බැලීමට දීමය, එහිදී සිග්නල් නොමැතිව වීඩියෝව කඩින් කඩ ප්ලේ වීම නිසා බෲස් හල්ක්වී ගොඩණඟිල්ලා කඩා දමා පොළොවේ පස්ද කෑවේය, මෙසේ සිදු කර නැවත හල්ක් බෲස් වූ විට පැමිණ අදාල මුදල ලබා දීමට කටයුතු කරයි, නමුත් හල්ක්ට එම රැකියාවද අහිමිවූයේ එසේ ගොඩනැඟිල්ල කඩා අවසවූ පසු බෲස් හට එම ගොඩනැඟිල්ල සඳහා ලබා දීමට පොරොන්දු වූ රුපියල් ලක්ශයක මුදල ලබාදීමට ඒ අවස්ථාවේ ආයතනය සතුව ප්‍රතිපාදන නොමැති බව පැවසූ දිනෙකයි, නැවත ක්ශණිකව බෲස් හල්ක් වී එම නිලධාරියා ඔසවා පොළොවේ ගැසුවේය. ----- කතාව එතැන් සිට කතා කරන බසින් තාරුගේ සිද්ධි තුලින් ලියා තබමි, මේ කතාව අස්සේ මම මෙහෙම පේජ් එකේ නම දාන්නේ වෙන අය මේවා උස්සලා මගේ යටින් දාලා තියන නම අයින් කරලා කතෲ අනාතයි වගේ දාලා නරක සමනල්ලු වගේ හැසිරෙන හින්දා ගන්න හින්දා, අන්න ඒ වෙලාවට තමයි හල්ක් වැහෙන්නේ මටත්, ඒක නිසා මගේ දයාබර රසික රසිකාවියෝ මා එක්ක තරහා ගන්න එපා ඈ, දිගටම රැඳී ඉන්න මා සමඟ, පොඩ්ඩක් හිනා වෙන්න බලන්න... ආ... ලස්සනයි, අන්න ඔහොම හිනා වෙලා ඉන්නකෝ ඉතින්, බලන්න කොච්චර සිරියාවන්තද කියලා, බැට්‍රි 50%ට වඩා අඩුනම් චාජ් එකට ගහගෙන කියවන්න, ඔයාලාගේ වෙල්ෆෙයා පැත්තත් මම බලන්ටෙපෑ... ---- බෲස්ට මහා කලකන්නි හැඟීමක් ආවා, සමාජය හරිම දරුණුවට බෲස්ට සැලකුවේ, බෲස් බොහොම වේදනාවෙන් 120 පිළියන්දල කොළඹ පාර අයිනෙන් දකුණට හැරිලා කැස්බෑව පැත්තට යන්න පිටත් වුණා, බෲස් මේ යන්නේ ගොවිජනසේවා එකත් එක්ක කතා කරලා කුඹුරු මඩ කරන්න භාර ගන්න ගිවිසුමක් ගහන්න, බෲස් කෝකටත් තරහා ගියොත් රිස්ක් එකක් ගන්න බෑනේ කියලා අලුතෙන් ගත්ත ඇදෙනසුළු ශෝට ඇඳලා කලිසම ඇඳගෙන නිල්පාට අත් කොට ශර්ට් එක ඇඳගන යන්න පිටත් වුණා, ඔහොම පාර දිගේ බෲස් බස් එකක් ගන්න ඇවිදන් යද්දී දැක්කා පාර අයිනේ තියන ලොකු පේස්ට්‍රි ශොප් එකක්, ඒකේ එව්ලේ දාපු රෝල්ස් වීදුරුව අස්සෙන් දැකලා බෲස්ට බඩගින්නක් ආවා, "කීයද ගාන රෝල්ස් එකක?" බෲස් ඇහුවා, "බිත්තර රෝල්ස් එකක් ද?" "ඔව්" "150යි" කඩේ මුදලාලි රවාගෙන කිව්වා, "එකක් දෙන්න" බෲස් කිව්වා, රෝල්ස් එක කෑවා බෲස්, ගොඩාක් බඩගින්නේ හිටියේ බෲස්, බෲස්ට තරහා ගියාම ශරීරය විශාල වුණාට අනිත් වෙලාවට එයා හරි කෙසඟ මනුස්සයෙක්, හරිම හිත හොඳයි. බෲස් රෝල්ස් එකෙන් එක කටක් කෑවා, බිත්තර නෑ, කටවල් 2ක් කෑවා ඒත් නෑ, බෲස් රෝල්ස් එක දිහා බැලුවා හොඳට, තුන් වෙනි කට කද්දී දැක්කා නියපොත්තක් වගේ බිත්තර කෑල්ලක් තියනවා, "කෝ මේකේ බිත්තර නෑනේ" බෲස් විහිලුවෙන් ඇහුවා, "බිත්තර ගාන කීයද දන්නවද දැන්" මුදලාලි ඔරවාගෙන ඇහුවා, "හරි, අඩු ගානේ බිත්තර කාලක් වත්දාන්න එපායෑ" බෲස් කිව්වා, "මහත්තයෝ මේ කාලා කුල කියන්න එන්න එපා" මුදලාලි එක්ක හිටිය හෙන්චයියෙක් කිව්වා, බෲස්ගේ කන් දෙකෙන් දුන් දාන්න ගත්තා, බෲස්ට ලොකු ඔලුවේ කැක්කුමක් ආවා, ඇඟ කොලපාට වේගෙන ආවා, ඇස් කකියන්න ගත්තා, ටිකක් කක්කා බර වගේත් ආවා, බෲස්ට තේරුණා විශාල මිනිසා වෙන්න යනවගක්, බෲස්ට මතක්වුණා ඇඳලා ඉන්න කලිසම ඔඩෙල් එකෙන් ගත්ත අලුත් එකක් කියලා, බෲස් එක දවසක් මේ වගේ හක් දාන කලිසමක් ඇඳන් ගෝල්ෆේස් එකේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඉද්දී පොලිසියේ මනුස්සයෙක් බැනලා පන්නපු කේස් එකේදී කලිසම ඉරිලා අන්තිමට ගර්ල්ගේ බෑග් එකෙන් සුන්ඩා වහන් ගියේ, "ක්ලාම් ඩවුන් හල්ක් ක්ලාම් ඩවුන්" බෲස් තමන්ටම කියාගත්තා, "හරි මුදලාලි මහත්තයා, මේ ගානට සාධාරණයි" බෲස් බොහොම සිනාමුසු මුහුණින් කියලා එන්න අවා, බෲස් එහෙම ඇවිත් හෝල්ට් එකේ නතර වුණා, ------ බෲස් ඕනේ කොහුවලට යන්න, බෲස් අත දාලා 120 බස් එකක් නවත්තලා නැග්ගා ඒකට, බස් එකේ සෙනඟ, කොන්දොස්තර ඇවිත්, "කොහෙටද" "කොහුවලට" "60යි" කොන්දොස්තර කිව්වා, බෲස් 100ක් දුන්නා, කොන්දොස්තර ඒක අරන් ඉස්සරහට ගියා, "මල්ලි ඉතුරු" "දෙන්නම් ඉන්න හදිස්සි නැතුව මහත්තයා, මාරුනෑ" කියාගෙන කොන්දොස්තර ඉස්සරහට ගියා, බෲස්ගේ ඇඟේ ලා කොල පාටක් ආවා, කලිනුත් ඔහොම කරලා සල්ලි ඉල්ලන්න ඉස්සරහා දොර ගාවට යද්දී ඔය කොන්දා බස් එක අද්දලා ගියා ඉතුරු නොදී, ඒත් ආයේත් කලිසම ගැන හිතලා බෲස් රුපියල් 40ක් කියනේ මොකද්ද දැන් කාලේ කියලා ආයේ ක්ලාම් ඩවුන් වුණා, බස් එක බොහෝම හෙමින් යනවා, හෝල්ට් එකක් ලං වෙද්දී වේගෙන් ගිහින් ආයේ හෙමින් යනවා, බෲස්ට යන්න ඕනේ කොහුවල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට යන්නනේ, එතෙන්ට 12ට කලින් ආවේ නැත්නම් සබ්ජෙක්ට් එක කරන මිස් හාෆ් ඩේ යනවා හින්දා වැඩේ කරගන්න බෑ කිව්වා, බස් එකේ ඩ්‍රයිවර් පිල්ලෑවේ පන්සල හන්දියේ නවත්තලා ඉන්නවා සෑහෙන වෙලා, කොන්දොස්තර පන්සලෙන් එන සෙනඟ එනකම් බලා ඉන්නවා, බෲස්ට හොඳට පරක්කුයි, සෙනඟ දාගන්න තියා
හිතන්නවත් බැරි තරම් සෙනඟ, බෲස් ආයේ කොලපාට වේගෙන ආවා, ආයේ බෲස් හිත හදාගත්තා, කොන්දොස්තර නැග්ගා පිටිපස්සෙ දොරෙන්, "ඔය නිල් පාට ශර්ට් එක මහත්තයා යන්නකෝ ඉස්සරහට" කෑගැහුවා, බෲස් වටපිට බැලුවා, කාටද කියලා, බැලින්නම් තමන්ට කියලා තියෙන්නේ, බෲස් කොලපාට නොවීම ඉස්සරහට ගියා අමාරුවෙන්, සීට් ඔක්කෝගෙම පුරවලා ඉඳගෙන, සීට් අල්ලාගෙන ලයින් දෙකයි, සීට් තුනේ බස් එකේ මැද්දේ තියන පොඩි ඉඩේ මැද්දෙන් පේලියකුත් ගහලා, තව සෙනඟ පටවන්න කෑගහනවා කොන්දොස්තර, බෲස් ඒත් කමන්නෑ කියලා ඉවසගෙන ගියා ඉස්සරහට, "ඇඟ දිගේ යන්න එපා මනුස්සයෝ" කකුලක් පෑගුණ අන්කල් කෙනෙක් කෑගැහුවා බෲස්ට, "සමාවෙන්න" බෲස් කිව්වා, දැන් බෲස් ඩ්‍රයිවර් සීට් එකට සීට් 2ක් වගේ පස්සේ ඉන්නේ බෆල් එක ඉස්සරහා, බෲස් මැද්දේ ඇඟිලිවලින් ඉස්සිලා උඩ පොල්ලේ එල්ලිලා ඉන්නේ, කකුලක් තියන්න ඉඩ නෑ බිම, කොන්දොස්තර ඉස්සරහින් නැග්ගා ආයේ බස් එක නැවැත්තුවාම දුවලා ගිහින්, එක පාරට ඩෝං ගාලා සද්දයක් ආවා හල්ක්ට, කොන්දොස්තර දාලා බස් එකේ සෙට් එක හයියෙන්, දැන් බෲස්ගේ කන් බෙර දෙක පූට්ටුවෙන ගානට සද්දේ, බෲස් කොල පාට වේගෙන ආවා, මහත් වුණා ඇඟ, බෲස් කමක් නෑ කියලා ආයේ හිත හදාගත්තා, "ඔතන හිර කරන් ඉන්නේ යන්නකෝ මහත්තයො පස්සට පොඩ්ඩක්" කොන්දොස්තර කෑගැහුවා, මේ පාරනම් දෙන්නම හිතුණාකොන්දාට, එ තරම් කේන්තිය, ඒත් ඉවසන් හිටියා, බෲස් කල්පනා කලේ තව ඉවසන්න, කොහොම හරි බස් එක ගාට ගාට ගියා, බෲස්ට දැන් බහින තැන ලං වෙලා, බෲස්ට ඉස්සරහට යන්නත් බෑ පස්සට යන්නත් බෑ, එහෙ මෙහෙ වුණත් මිනිස්සු රවනවා, බස් එක කොහුවල ශෙඩ් එක ගාව හෝල්ට් එකේ නැවැත්තුවා, බෲස් දැන් බහින්ඩ දඟලනවා, "හරි යං..." කොන්දොස්තර කෑගහලා බෙල් එක ගැහුවා, ඩ්‍රයිවර් බස් එක අද්දනවා, "මල්ලි මම මෙතන බහිනවා" බෲස් බොහෝම අසරණ විදිහට කිව්වා, "මොකද්ද මහත්තයා එහෙනම් ඔය මැද්දට වෙලා කරන්නේ, බහින තැන ලං වෙද්දී දොර ගාවට එන්න එපායෑ, අපිට පරක්කු වෙනවා, ඊලඟ හෝල්ට් එකෙන් බැහැගන්න" කොන්දොස්තර හෙන හයියෙන් කෑගැහුවා.... A few moments later යටට ඇඳලා හිටිය ඇදෙනසුළු නිල්පාට සෝට පිටින් බෲස් කොහුවල ගොවිජන සේවා එකට ගියා, බස් කොන්දොස්තරව කලුබෝවිල හොස්පිටල් එක්කන් ගියා. thaaarustoriesදෙවියනි ඔබ මැව් ලොව පුදුමයි, කක්කි බරයි ලැට් එකට දුරයි. අදත් එදා වගේම දවසක්. අදත් එදා වගේ කීවට එදා මේම වැස්සක් නම් තිබ්බෙ නෑ. හොද පායපු දවස. හැබැයි එදත් අද වගේම උදෙන් ඇහැරුන ගමන් ඩ්‍රයිවින්ග් ජොබ් එක කරන්න තිබ්බා. අහ් මං කලින් දවසකත් කීවනේ බයික් එකේ කාර් එකේ යද්දි එද්දි වෙච්ච ආතල් සිද්දි තියේ කියන්නම් කියලා. ඉතිම් අදත් එදා වගේ නිසා කලින් වෙච්ච සිද්දියක් මතක් උනා. වාහනයක් ගන්නත් කලින් තාත්තම සල්ලි දීලා මට ලයිසන් අරන් දෙනකොට මම හීනෙකින් වත් හිතුවේ නෑ ඒක උගුලක් කියලා. ඒත් රථ ගාය නිසාම අහිංසක මම ඒ උගුලට අහු උනා. පාඩුවෙ බයික් එක පැද පැද ඉදිය මම වාහනේ ගත්ත දවසේ ඉදන් පව්ලේ විතරක් නෙවේ අහල පහල අයගෙයි නෑයන්ගෙයි රියදුරු වුනෙ මම වත් නොදැන. රියදුරු කියන්නෙ රැකියාවක් වුනාට මට කරන්න වුනේ ගරු සේවයක්. සමහර දවස් තිබ්බා අතින් තෙල් ගහන් මගෙ වැඩ පාඩු කරන් ඉහත කී මගීන්ව එහා මෙහා ගෙනියපු. මට ගමනක් යන්න වාහනේ ගන්න ඕන වුනාම යන්නෙ කොහෙද, කා එක්කද, එන්නෙ කීයටද, එකී මෙකී නොකී ප්‍රස්න සීයකට තාත්තට උත්තර බදින මම අම්මට, නංගිලට කොහෙ හරි යන්න ඕන වුනාම ප්‍රස්න අහන්නෙත් නැතුව රියදුරු අසුනෙ ඈදි ගන්නේ නැත්නම් තාත්තාගන් ප්‍රස්න සීය වෙනුවට වාහන අරන් දුන්නා ලයිසන් අරන් දුන්නා ගෙදර මිනිහෙක්ව හදිසියකට ගමනක් එක්ක යන්න බැරිද පිට එකෙක් කතා කරා නම් බලන්න තිබ්බා බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බැනුම් දාහක් අහන්න ලැබෙන හින්දා. කෝම හරි ඒ අමතර කතාවල් නෙහ්. ඔය විදියට රියදුරු රස්සාව පටන් ගත්තට පස්සේ නිවාඩු දාගෙන නංගිලාව කැම්පස්.කොලේජ් එක්ක ගිය මම දැන් උන්ව රස්සාවලට ගිහින් දානවා. ලොකු එකී බැදලා ගියාට පස්සෙ එක කරදරයක් අඩු වුනත් තාම පොඩි නංගි රස්සාවට යන එන ටිකට ගමන් පහසුව සලසන්න වෙලා තියෙන්නෙ මට. සදුදා උදේ ගියාම ආයේ එන්නෙ සෙනසුරාදා දවල්ට නිසා සතියට දවසක් අනිවාර්‍යෙන් ජොබ් එක කරන්න වෙන්නෙ යන එන පාර බස් එහෙම අඩු පාරක් නිසා. කලින් කීවා වගේ එදත් අද වගේම සදුදාවක්. පුරුදු විදියටම හැම රෑකම වගේ කලින් දවසේ රෑ තිස්සේ දහම් කරුණු සාකච්ඡා කරලා බණ දහම් ගැන වීඩියෝ ඒම බලලා රෑ මැදියමත් පහුවෙලා නින්දට ගියා. ඒම නින්දට ගියාම ඉතිම් ආයේ ඇහැරෙන්නෙ දෙයියනේ කියලා හතත් පහුවෙලා. හය පහුවෙන වෙලාව තමා නින්දේ හොදම හරියත්. පහුවදා රියදුරු රස්සාව කරන්න තියෙනවා කියලා උදේ ඇවිත් දොර ගාව ඉදන් නංගියි අම්මයි තරගෙට දොරට ගහනකම් මතක් වෙන්නෙ නෑ. ඒ සද්දෙට ඇහැරුනත් අනේ මගුල කියලා ආයේ අනික් පැත්තට හැරිලා ගුලි වුනාට ඊලගට තාත්තා දොර ලගම සුදු පුතා කියද්දි ස්ප්‍රින් මෙට්ටයක් නොවුනත් උඩ විසි වෙලා ඇහැරෙනවා. ඒ පිම්මට මූණට වතුර ටිකක් ඉහගෙන දත කටවත් මදින්නෙ නැතුව වාහනේ ගන්නෙ පරක්කු වෙච්ච දාට ශරීර කෘත්‍යවත් කරන්න වෙලාවක් නැති නිසා. ඒව කර ගන්න ගිය දවස් දෙක තුනකත් තටමන ගමන් ම නින්ද ගිහින් තිබිලා අප්පොච්චා ආයෙ බෙරිහන් දුන්නම හරියට හෝදන්නෙත් නැතුව එලියට එන්න වුන නිසා ගමන ගිහින් ඇවිත් නිදහසේම වැඩේ කරගන්න වාහනේට නගිනවා. වාහනේට ගොඩ වුන වෙලේ ඉදන් නින්ද නැති වුන කේන්තියයි දොට්ටපිලට යාගන්න බැරි උන තරහයි එක්ක මූණ පුප කරන් ඩ්‍රයිව් කරන්නේ නංගිට බැන්නට මදි නිසා හිතින් පරලෝ සැපත් වෙලා ඉන්න ආච්චිටත් එක්ක බනින ගමන් තාත්තා වගේ පුතෙක් හැදුවට. දවසකට 6ට ඉන්න ඕනා. තව දවසකට 7ට එක වෙලාවක් හරියට නැති මොන ජොබ්ද මේවා ඇත්තටම. අද 7.30 වෙද්දි ඉන්න ඕනා නංගි කියෝනවා. එතකොටත් 7.10යි. විනාඩි 20කින් නම් යන්න පුලුවන් නිසා කලබලයක් නැතුව තියෙන තරහටත් එක්ක හරියටම වෙලාව කිට්ටු වෙනකම් ගානකට යන්නෙ නිදිමත අඩුවෙලා කේන්තිය නිවෙන්නයි පලියක් ගන්න තියෙන කුරිරු ආසාවටයි එක්කම. කෝම කෝම හරි 7.28 වෙද්දි ඒකිව බස්සලා ආයෙම වාහනෙ හරවන් එද්දි අන්කල් කෙනෙක් බස් හෝල්ට් එකේ. හන්දියටද යන්නෙ නගින්න කියන් උන්දවත් දාගෙන හෝල්ට් දෙකක් යන්න උනේ නෑ හයිඩ්‍රාමනි ගාමන්ට් එකේ ටී ශර්ට් එකක් ඇදගත්ත කොල්ලෙක් ආයෙ පාර අයිනෙ ඉදියා. ඡ්න්මෙට වඩා පුරුද්ද ලොකු වෙච්ච මම ඌවත් දාගත්තේ හන්දියෙන් දාන්නම් යමන් කියලා. කොල්ලවයි අන්කල්වයි දාන් කිලෝ මීටරයක් එන්න උනෙ නෑ. මට කෝල් එකක් ආවා. නෑ යකෝ පෝන් එකට නෙවේ සොබාදහමෙන් එන කෝල් එකක්. බඩ නිකම් බුරු බුරු ගාගෙන එද්දි අව්ලක් නෑ විනාඩි 10ක් අල්ලන් ඉන්න බැරි නෑ නේ හිතන් කෝකටත් කියලා පාගලා එන අතරේ කොල්ලා කියෝනවා අංකල් එක්ක. අද බස් එක මිස් වුනා නේ මාමේ. 7.45 ඔන් එක අදත් ලේට් වෙනවා. අංකලුත් ඉතිම් ඒක තමා ලමයෝ වෙලාවට මේ දරුවා වත් මේම නතර කරේ නැත්නම් තාම පාරෙනෙ. මේම අය දැන් අඩුයි. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් කියොනවා මට ලාවට දාන් ඉදිය සිංදු මැද්දෙන් ඇහෙනව. සොබා දහමෙන් ආව කෝල් එක ආන්සර් නොකර සයිලන්‍ට් දාලා ඉදිය මම ආයේ කෝල් එකක් ආවත් දැනෙන්නෙ නැති වෙන එක හොද නිසා සින්දුවටයි කතාවටයි දෙකටම අවධානේ දෙන්නෙ ඉවසපන් පුප ඉවසපන් ගෙදරට යනකම් ඉවසපන් කියලා හිතින්ම කියෝ ගන්න ගමන්. ඒ අස්සෙ විනාඩි දෙක තුනට හන්දියට කිට්ටු කරද්දි අන්කල් කාරයා පුතා යන්නෙ බදුරලි පැත්තටද ඇහුවම නෑ අංකල් මම යන්නෙ මතුගම පැත්තට කීවේ ගෙවල් යටියන කියන ගමන්. හා ඒනම් මාව ඔය හන්දියන් දාන්න පුතේ කියපු අන්කල් යටියන නම් පරක්කුත් වෙච්ච එකේ මේ ලමයට ගාමන්ට් එක ගාවින්ම බහින්න පුලුවන් නෙහ් මේ අයියා එක්කම ගිහින් කීවමයි මට දෙලෝ රත් වුනෙ. මොකද ඒ වෙද්දි බඩේ බුරු බුරු වයිබ්‍රේට් එක නොනවත්වා රින් වෙන්න අරන් තිබ්බේ. ඒ මදිවට whokanawane dala ඊයේ රෑ කෑවේ කොත්තුවක් නේද කියන එකත් මතක් වෙලා යන්තම් හීන් දාඩියකුත් දාගෙන එන්න අරන් තිබ්බා. ඔව් ඔව් ගාමන්ට් එක ගාවින් දාන්නම් ඔයා ඉන්න කීව මම හන්දියට ආවා. දැන් මොනා කරන්නද එකම ගැලවීම උබේ කකුල් දෙක සතුයි කියල තීරනය කරපු මම අංකල් බැස්ස ගමන් වන් එකෙ ඉදන් ටොප් එකට වාහනේ ගියර් මාරු කරේ පාගමු තව පාගමු කියලා ඇක්ස්ලේටර්‍ එක පාරටම පාගන්න පුලුවන් නම් ඒත් පාගන්න බලාගෙන.. ඒ වෙද්දිත් 7.35ට ඇති. උපරිම උබට විනාඩි 5ක් දෙන්නම් බඩයි පුපයි තරගෙට ගේම කෝල් කරනවා. මේ යකා නැති උනා නම් නවත්තලා කැලේකට හරි පනින්න තිබ්බා. ඒ නැතත් ගියත් කාර් එකේ මොකෝ කවුරු දන්න එකක්ද ගිහින් හෝදලා දාන එකනේ හිත දැන් යකාගේ කම්මල වගේ.. මම ඉස්සරහින් යන ඒවා ඕවර්ටේක් කරන්නේ මයිකල් ශූමාකර් වගේ. අතක් ගියර් එකේ අනික ස්ටියරින් වීල් එකේ බ්‍රේක් එකයි ක්ලච් එකයි මාරු වෙනවා පේන්නෙ නෑ. අනික ඇක්ස්ලේටරේ එකෙන් ගන්නෙම නෑ. මූ මේ පිස්සු හැදිලා වගේ යන්නෙ මොකද එක පාර කියල බය වෙච්ච කොල්ලා සීට් බෙල්ට් එක දාලා ඉදියත් අතකින් ඩෑශ් බෝඩ් එකත් අල්ලන් ඉද්දි මල්ලි 7.45 කලින් යන්න ඕනා නේද කීවේ, මට කක්කා බරක් යකෝ ඒකයි පාගන්නේ කියන්න බැරි නිසා මම මේ උබව වෙලාවට ගිහින් දාන්න හදන්නෙ කියලා ඌට හිතා ගන්න දෙන්න. බෙල්ලන පහු වුනා බලන් ඉන්දැද්දි, දැන් නම් ඉවසගන්නම අමාරූයි. හෝන් එක උඩ නැගගෙන අමාරු ලෙඩෙක් අරන් යන්න වගේ පාර පුරා වාහන පහු කරගෙන මම ජීවිතයත් මගෙ නම්බුවත් අතර සටනක. හැපිලා මලත් නම්බුයි වාහනෙ යන ගමන් ඒකේ ගිය එකාට බොක ගියා කියලා කොල්ලෙක් ගිහින් යාලුවො එක්ක කියවද්දි කෝමද. හිත කියනවා. ඒ අස්සෙ ආයේ හිත කියනවා තොට හොද වැඩේ යන ගමන පාඩුවෙ යන්නෙ නැතුව එක එකා දාගෙන යනවට කියලා. මං කීවා ඔය හොද කරන්න ගිහින් වෙලාවක උබ හත් පොලේම ගාගන්නවා කියලා. අහන්නෙ නෑ නේ. දැන් හරිනේ...හිතත් ඉවරයක් නැතුව කියෝනවා.. මට දැන් මා එක්කයි මූ එක්කයි නන්ගි එක්කයි තාත්තා එක්කයි පාරේ ඉස්සරහින් යනවා පේන උන් එක්කයි හැම එකා එක්කම කේන්ති.. 7.40 වුනා අගලවත්ත පේන දුර, තව විනාඩි පහක් අල්ලන් ඉදපන් දෙයියෝ. අරූ ඒ අස්සේ කියනවා ලේට් උනාට කමක් නෑ අයියේ හෙමින් යන්. පරිස්සමින්
යන්ලු. අනේ උබෙ ආච්චිට හාල් ගරන්න දැන් හෙමින් ගිහින් මම රෙන්නෙ තෝ ඉස්සරහ කාර් එකේද බල්ලො අහන්න බැරි කමට කදුලු උනද්දි යන්තම් හිනාවක් ඌට දැම්ම මම ආයේ ගේමට එන්ටර් උනා. ලංකාව වටේ යන්න පුලුවන් අගලවත්තෙ ඉදන් මතුගමට යන ටිකනේ යන්න අමාරු. වතුර බටවලට පාර කඩලා ලේන් එකෙන් බාගයක් වලවල් විතරයි. මට වලවල් ගැටි පෙන්නේ නෑ. පෙනුනත් බල බල ඉන්නත් බෑ. කතා කරගන්න බෑ දත් මිටි කාගෙන ඉන්න නිසා. දැන් නම් බඩ කියන්නෙම තවනම් බෑමයි කියලා. ශීට් එක උඩ ඇබරි ඇබරි මම විදලා යන්නේ එක තත්පරේක ප්‍රමාදය ඇති ඇතුලෙම විදින්න ගනී හිතිලා. මං උබලට කියන්නෙ කොත්තු කියන්නෙ මහ ජරා කෑමක්... අම්මපා... නිකම් දුන්නත් ආයේ නම් එපා..දෙයියනේ දෙයියනේ වැස්සකටවත් පන්සලකට ගොඩ නොවෙන මට මතක් වෙන්නෙම දැන් දෙයියො බුදුන් විතරයි... කෝම හරි 7.44 වෙද්දි බඩු අන්තිම කට ගාවට එනකොට මම ගාමන්ට් එක ලග නැවත්තුවා... නැවත්තුවා නෙවෙ නවත්තන උනේ මූව ගෙදර අරන් යන්න බැරි හන්දා.. ඒ කරලත් බහින්නෙ නැතුව දොර යන්තම් ඇරන් මූ මගෙ ගුණ වර්ණනා කරනවා... අයියේ බෝම ස්තූතියි ... බලන් ඉදලා බස් වල එන්න ආවා නම් කීයට එන්නද.. ඔයා දෙයියෙක් වගෙ මේ වෙලාවෙ කියද්දි හරි මල්ලි ඒනම් කීවේ බැහැපන් බල්ලො මගුලක් කියවන්නෙ නැතිව දෙයියා පල් වෙන්න කලින් කියලා කියන්න බැරි නිසා ... දොරත් ගලවන් විසි වෙලා යන්න ගහන්න හිතිලා ඉන්න මොහොතෙ මූ බැහැලා ඒනම් අයියේ කියලා ආයේ මොකක්ද කියන්න යද්දි මමම දොර ඇදලා වහ ගෙන අන්තිම හෝන් එකක් ගහන ගමන් වාහනේ පාරට ගත්තේ අන්තිම විනාඩිය කෝම හරි අත්නොහැර සටන් කරමි කියන පරම චේතනාව තියන්... වාහනේ ගේ ඉස්සරහ නැවැත්තුව හැටිවත් ගේට්ටු දොරවල් ඇරන් ටොයිලට් එකට රින්ගුව හැටිවත් මට අදටත් මතක නෑ... මට මතක බට්න් සිපර් නැති ඉලාස්ටික් පටියක් තියෙන කලිසමක් ඇන්දෙ වෙලාවට කියන එක විතරයි.. එතනින් එහාට තිබ්බෙම සැනසුම් සුසුම් හෙලන්න විතරයි... මොකද තටමන්න තියා හිතන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.. කොත්තුවට දාන තෙල් නිසාද කොහෙද මහ වැසි නිසා ඇරිය උඩවලවේ ජලාශේ වගේ කඩා බිදගෙන හිර කරන් හිටිය පීඩනේ පිට වෙන්න ගත්තා... ආයේ නම් ඉරිදට කොත්තු නොකන්නත් කලින් නිදාගෙන ඉක්මනට ඇහැරිලා උදෑසන වැඩ කටයුතු නිදහසේ කරගෙන යන ගමනක් යන්නත් මම මටම එලියට එන්න කලින් දිව්රා පොරොන්දු උනා... මේක ලියන්න හිතලා කීප පාරක්ම නිකා ඉදලත් අද ආයේ ලියන්න හිතුනේ සජිත රොශාන් කියනෝ වගේ මොකට ලැජ්ජ වෙනවද මොකෝ මම බුකියෙන් ගෑණු ගන්න කියලැයි .... -සචිත් පවින්ද නාකන්දල-කෙටි කතාව "නඩු තීන්දුවෙන් පස්සේ මොකද කරන්න හිතුවේ?" "මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ . ඒත් මෙච්චර දරුණු චෝදනාවක් අභී කරන්නේ මොන හිතකින්ද කියලා මට හිතාගන්න බෑ" " මේක ගැන හොයන්නේ බලන්නෙවත් නැතුව ඔයා දික්කසාද දීලා ඉන්න ද හදන්නේ" "මට අභීගෙන් දික්කසාද වෙන්න වුවමනාවක් නෑ නදී. ඒත් මට බයයි දැන්" "අපි අභීට මෙහෙම වෙන්න හේතුව ඉක්මනින් හොයාගමු.සමහර වෙලාවට සැකය කියන්නේ අසනීපයක් වෙන්න පුළුවන්.අභී ඔයාට ඔය චෝදනාව කරන්නේ මොන පදනමක ඉදලද කියලා අපි හොයන්න ඕන .අපි ඉක්මනටම ඊලග නඩු වාරෙට කලින් මේක කතා කරන්න ඕනි.දැක්කනෙ අභි අද හැසිරුණු හැටි හරියට පිස්සෙක් වගේ.කොහොමත් ඔයා නැති උනොත් ඒක පිස්සෙක් වෙනවා.එහෙම මනුස්සයෙක්ව පිස්සෙක් වෙන්න දෙන එක පව් අපි මේක විසඳගමු." "මං ඉක්මනටම ඔයාව හම්බෙන්නම් නදී ඔෆිස් එකේදි" "පරිස්සමෙන් ඉන්න අපි ඉක්මනටම හම්බෙනවා හොඳද ,මොනවා හරි ප්‍රශ්නයක් නම් ඉක්මනට මට කෝල් කරන්න" "මං යනවා" ------------------------- අභිමන් දිසානායක හා මම චාරුණී සමන්තිකා .ඇත්තටම අභිමන් කියන්නේ ආදරණීය මනුස්සයෙක් තමා. හැමෝම කියන සුදු ලස්සන ,ඉටි රූපයක් වගේ එහෙම ගෑනු ළමයෙක් නෙවෙයි මම.තළෙලු හමක් තියෙන පිරිමියෙක් ආයෙත් නොබලන රූපකාය කට හිමිකම් කිව්වේ මම.එහෙව් මං දිහා අභිමන් වගේ ලස්සන කොල්ලෙක් උවමනාවෙන් බලනවා කියලා දැනෙද්දි ඒක කියාගන්න බැරි හැඟීමක්. මාව විහිලුවකට අරන් ද කියල මට හිතුනු වාර අනන්තයි.යාලුවෝ එකතු වෙලා එකතුවෙලා අභිමන් ගැන කියවද්දී මං ඒවා හරි ආසාවෙන් අහගෙන හිටියා. හිමි නොවන බව දැන දැනත් මාත් මොහොතකට හරි එයාට ආදරය කළා කියලා මට හිතුණා.අපි පන්තිය ඇරිලා එද්දි බස් හෝල්ට් එකට වෙලා අභිමන් අපි දිහා බලාගෙන ඉන්නවා.දවසක් මගේ යාළුවා නදීට අභිමන් ලියුමක් දීලා.නදිත් ඉතිං ඒකටම ලියුමක් ලියාගෙන මාත් එක්ක ඒක දෙන්න ගියා.මටනම් තේරිලා තිබුණේ අ භිමන් මං දිහා බලනවා කියලා. මට හිතෙන මනෝවිකාර ද දන්නෑ ඒක කියලා එදා මං හිතාගත්තා.නදි ඇඹරි ඇඹරි ගිහින් අභිමන් ට ලියුම දුන්නා. " මේක කියවන්න කලින් මං මේ අහන්නෙ මේක අසතුටුදායක දෙයක් නෙමේ නේද?එහෙම කියල මගේ මූණ බැලුවා.මන් නදී දිහා බැලුවා. "මං ඔයාට කැමතියි කියලයි මේකෙ ලියල තියෙන්නෙ" නදි එහෙම කිව්වා. "මේක මං ඔයාගෙ යාලුවට දෙන්න කියලා නේ ඔයාට දුන්නේ එදා ඒක ඇහුනෙ නැද්ද?" "නෑ...sorry ...ඕක දෙන්න"එහෙම කියලා ලියුම උදුරගෙන නදී දුවන්න ගත්තා.මාත් නදී පස්සෙන්ම දිව්වා.සෑහෙන දවසක් යනකන් නදී මා එක්ක කතා කළේ නෑ. "චාරු.. ඔයා අභිමන් ට ආදරෙයිද?" "දන්නෙ නෑ නදී" "ඔයා කැමතිනම් මාව ප්‍රශ්නයක් කරගන්න එපා." "සම්බන්දයකට මං හරි බයයි නදි.අනික අභිමන් වගේ ලස්සන කොල්ලෙක්" " එයා ඇත්තටම ඔයාට ආදරෙයි.සමහරවිට ඕගොල්ලන්ගේ ආදරේ සසර පුරුද්දකට ඇති වෙන දෙයක් වෙන්නත් පුළුවන්.ඔයා කැමති නම් සම්බන්ධයක් පටන් ගන්න" "කොහොමත් විභාගෙ ඉවර වෙනකන් මං කිසි දෙයක් කරන්නේ නැහැ" "එහෙනම් කාලෙට ඉඩ දීලා බලාගෙන ඉන්න" උසස් පෙළ ඉවර වෙනකම්ම අභිමන් මං වෙනුවෙන් බලාගෙන හිටියා.එතකොට මට හිතුනා ඇත්තටම එයා මට හුඟක් ආදරෙයි කියලා. අන්තිමට මං අභිමන්ට කැමතියි කියලා කිව්වා. එයා විශ්ව විද්‍යාලයට ගියා.මට ඒකට වාසනාවක් ලැබුණේ නෑ.අපි දෙන්න හුගක් ආදරයෙන් හිටියා .ඒත් මට තේරෙන් නැති මොකක්ද හිස් තැනක් අපේ ආදරයේ තියෙනවද කියලා මට හිතුණා. කැම්පස් ගියායින් පස්සෙ අභිමන් ටිකක් වෙනස් වෙලාද කියලත් මට හිතුන.මං එයාට කිව්වා අපි ගෙදරට මේ සම්බන්ධෙ කියමු කියලා.ඒත් ඒකට එයා දැක්වූයේ හරිම උදාසීන ප්‍රතිචාරයක්.වෙලාවකට මට මං ගැන බය හිතුන.ඒවෙද්දි මං මට දෙන්න ඕන හැම දෙයක්ම අභීට දීලා ඉවරයි.ඒක සමහරවිට මගේ මෝඩකම වෙන්නත් පුළුවන්.එත් අනේ මන්ද ආදරේදී අන්ධ වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.අන්තිමට අපේ හැම හමුවීමක් ම බහින් බස් වීමකින් කෙළවර වෙන්න සිදු වුණා. ආදරණීය හෝරාවක් ගෙවන්න හමුවෙන හැම මොහොතක්ම හිතට මහා පීඩාවක් වුණා. ඒත් එක දවසක අභී මට කතා කරනවා. "චාරු... ගෙදරින් අකමැති උනත් මං ඔයාව බඳිනවා. ඔයා නැතුව මම ඉන්නෙ නෑ දවසක ඔයා මාව අත ඇරියොත් එදාම තමා මං ඉන්න අන්තිම දවස.ඒ කියන්නෙ මනුස්සයෙක් විදිහට. ඔයා දන්නවද මං හුඟක් කියවන්නේ නෑ තමා හැබැයි මං ඔයා ගැන හිතනවා වද වෙනවා. ඔයා මගේ වුන දවසේ මම ඔයාට තවත් ආදරේ කළා.කෙල්ලෙක් තමන් ආදරේ කරන කෙනා එක්ක බැදෙන්නේ නිතිමය ලියවිල්ලක් වත් නැතුව හුඟක් ආදරේ හින්දා. සමහරවිට මෝඩකම හින්දා. හැබැයි මං දන්නවා ඔයා මාත් එක්ක එහෙම තනි උනේ මාව හුගක් විශ්වාස නිසා.ඒ හින්ද මං ඔයාගෙ විශ්වාස කවදාවත් කඩන්නෙ නෑ මම පොරොන්දු වෙනවා.හැබැයි ඒ විශ්වාසය ඔයා කැඩුවොත් මට කලින් අන්න එදාට අමනුස්සයෙක් තමයි ඔයාට ඉතිරි වෙන්නේ" " අම්මෝ කතා නොකර නොකර ඉඳලා ඔයා කතා කරපු ඒ වගේ බරපතලකම මගෙ ඇඟත් එක්ක හීතල වෙනවා" "බඳින්න කලින් මේ හැමදේම කියලා තියෙන එක හොඳයි කියලා මට හිතුණා.ඒකයි කිව්වේ චාරු...අපේ ගෙදරින් කැමැත්ත ගන්න එක ගැන ඔයා බයවෙන්න එපා ඔයා අම්මගෙන් අහන්න" "හරි මං අදම අම්මත් එක්ක මේක කතා කරන්නම්" "ඔයා බයවෙන්න එපා මැරෙනකම්ම මං ඔයා ළඟ ඉන්නවා. අනේ මන්ද මට ඔයා ඇර වෙන කෙනෙක් ගැන හැගීමක් කවදාවත් ඇතිවෙයි කියලා මං හිතන්නෙ නෑ ." "මාත් ඔයාට ආදරෙයි" ...................... "පුතේ ඒ ළමයා හුඟක් ඉගෙන ගෙන ගැන තියෙනවා, ලස්සනයි, මට නිකං බයයි වගේ පුතේ" "මාත් එහෙම හිතුව මුලදී ඒත් එයා මට ඇත්තටම ආදරෙයි" "එහෙම නම් අපි මේක ඉක්මනට ඉවර කරමු. මිනිස්සු විශ්වාස කරන්න බෑ." "එහෙම එකක් නං නෑ අම්මා දාලා යන එක කසාදෙට කලින් හරි කසාදෙන් පස්සේ හරි දාලා යනවා" "පණ්ඩිතකම් නවත්තලා කසාද වැඩවලට ලෑස්ති වෙයන්" "අම්මව දාලා ගිහාම අම්මා තනි වෙන එක ගැන මට හරි දුකයි අම්මා" " තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා මං හිතහයිය ගෑනියෙක් වුණා . උඹ හදාගන්න. උඹ මේ තත්වෙට ගේන්න මං නොවිඳිනා දුක් වින්දා .මටත් දැන් ටිකක් නිදහසේ ජීවත් වෙන්න ඕන පුතේ.උඹ සතුටින් ඉන්නව නං මේ තනිකම මට අරුමයක් නෙවෙයි" "මම අම්මාව සතුටෙන් තියෙනවා අම්මේ " ............... අභිමන් එක්ක මං අලුත් ලෝකයක් හැදුවා.ඒක අපි අපි හිතන් හිටිය වගේම ලස්සන ලෝකයක් වුණා.ඒත් අපි හැමෝම මනුස්සයෝ විදිහට පවුල් ජීවිතය ඇතුළෙත් ඕනි තරම් හැලහැප්පීම් සිද්ද වෙනවා.කසාද බඳින්න කලින් දැක්ක හීන එක එක බිඳ වැටෙනවා.එහෙමයි කියලා කසාද ජීවිතයක් ජීවිතේ එක පාර අතාරින්න කාටවත් බෑ..නොගැලපෙන තැන් අමාරුවෙන් හරි ගලපගෙන උත්සාහ කරන්න ඕන සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න. අභී ටිකක් තදයි. තීරණයක් ගත්තහම වෙනස් කරන්න ටිකක් අමාරුයි. කසාද බැන්දා කියලා එයා වෙනස් වුණේ නෑ.එයා කතා කරන්නේ හරි අඩුවෙන්.මං කියන ඕන දෙයක් අහගෙන ඉන්නවා කිසිම ප්‍රතිචාරයක් නොදක්වා.එයාට සමහරවිට සමහරවිට එයාගෙ ලෝකයේදි මාව අමතක වෙනවා ඇති. ඒ දුක වේදනාව සමහර දාට දරාගන්න හරි අමාරුයි.මං කාමරේට වෙලා කොට්ටෙ බදා ගෙන අඩනවා.එයාට ලියුමක ලියලා දුක කියනවා.ඒත් කවදාවත් එයා වෙනස් වෙන්නෙ නෑ .අන්තිමට මම තනියම හිත හදාගන්නන් පුරුදු වුණා . මං දරුවෙක් හදන්න ඉක්මන් වුනේ නෑ . මේ අවිනිශ්චිත ජීවිතය ගැන මට ඇත්තටම බයක් හිතුනා.කායික එක්වීම වලද් වලදීත් එයා මාව උපරිමයට සතුටු කරලා පැත්තකට වෙලා හිනා වෙනවා.වෙලාවකට මට හිතාගන්න බැරි මනුස්සයෙක් . අන්තෙටම එයාගෙ නිහඬ බව මාව රිදෙව්ව තරම්... ‍වෙලාවකට කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රශ්න නැති නිසා ප්‍
රශ්න හදා ගන්නවා ද කියලත්. ඒත් එක එක මිනිසුන්ට දැනෙන හැඟෙන විදිහ වෙනස්. මට අම්මට මගේ දුක කියන්න බෑ මට වෙන සහෝදර සහෝදරියෝ නෑ විශේෂ යාළුවෙක් නෑ ඉතින් හිතන්නකො මගේ හිතට දැනෙන වේදනාවක් මම මොන විදිහකට පිට කරන්න ඕනේ. මට හිතට දැනෙන හැම දෙයක්ම මම ලිව්වා. පුදුමාකාර හිතට නිදහසක් දැනුනා එතකොට .මට දැනෙන දේවල්, අභි නිසා මට හිත රිදෙන තැන්,එයා මෙහෙම උනානම් කොහොමද,ඒ වගේ හරිම නිදහසේ මං හුඟක් දේවල් ඒ පොතේ ලිව්වා.ඒකෙන් පස්සේ මගේ හිත හරිම සැහැල්ලුයි.ඒක මම පරිස්සම් කළේ මගෙ වටිනාම වස්තුවක් රකිනවා වගේ. යාලුවො එක්ක නිදහසේ එයා කතා කරද්දි මං ඈතට වෙලා බලාගෙන ඉන්නවා ඒ කතා කරන එක දෙයක් ඇයි මාත් එක්ක කතා කරන්න බැරි කියලා. එහෙම තමා සමහර පිරිමි තම තමන්ගේ හැඟීම් බෙදා ගන්න එක එක විදිහට මං එහෙම හිතුවා. ඕනවට වඩා ඒ දේවල් ගැන හිතන්නේ නැතුව හිතට දැනෙන දේ මෙහෙම ලිව්වා ම හිතට හොඳ යි. එතකොට අපි අතර ගැටුම් අඩුයි .සමහරවිට එයා ආදරේ කරන්නෙ මේ විදිහට වෙන්න ඇති. අපි සමහර වෙලාවට එළියට යනවා.එතකොට එයා ටිකක් ගත්තහම ඔන්න එයා වෙනස්.දේශපාලනය ගැන ප්‍රේමය ගැන සින්දු ගැන චිත්‍රපටි ගැන කතා නොකරන දෙයක් නෑ එතකොට . එතකොට මට හිතෙනවා එයත් හිත නිදහස් කරගන්න මෙහෙම වෙලාවට ද කියලා. අනේ ඉතින් අපි හරි හරිම සැහැල්ලුවෙන් ඒ දවස ගෙවිලා ගෙදර ආවහම ආයෙත් සුපුරුදු ලෙස බස්සා ක්‍රියාත්මක වෙනවා. "චාරු...."ඒ හඬින් නම් මාව ගැස්සිලා ගියා. "එක දෙයක් තියෙනවා ත/මු/සෙ/ත් එක්ක කතා කරන්න ඉක්මනටම එනවා මෙතනට"බස්සා නරක ලෙස ක්‍රියාත්මක වී ඇතැයි මට සිතේ. මට නැගුණු සිනාවෙන්ම මං අභීව හම්බෙන්න ගියා "නවත්ත ගන්නවා හිනාව. හිනා වෙලා මාව රවට්ටන්න හිතුවා ත/මු/සෙ හොඳටම මදි .ත/මු/සේ තැන තැන මගේ වැරදි කියන එක නවත්වනවා" "තැන තැන වැරදි කියනවා කියන්නේ මට තේරෙන්නෑ" "තේරෙන්නැති හැම එකක්ම මම හොඳට තේරුම් කරලා දෙන්නම් තමන්ට බලං ඉන්නවකෝ" මං මගේ කිසිම දෙයක් කාටවත් කියන්නෑ කාටවත් අඩුතරමේ අම්මා එක්කවත්.අභීට එක්කො පිස්සුවක් හැදිලද ඇයි දන්නෑ මෙහෙම හැසිරෙන්නේ.අභි යනු කොහොම පුද්ගලයෙක්ද කියලා මං හොඳටම දන්නවා නිසා මං කොහොමත් කිසිම දෙයක් කා එක්කවත් කියන්නේ නෑ.කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා ඇර මට වෙන කරන්න දේකුත් නෑ .මොකද මම වැරැද්දක් කරල නෑ. "කවුද ඌ කියපන් මාව ති/රි/ස/නෙ/ක් කරන්න එපා. මං බඳින්න කලිනුත් කිව්වා. මාව රැවැට්ටුවොත් උඹත් නෑ මාත් නෑ."එහෙම කියලා අභි මගෙ බෙල්ල තදින් මිරිකුවා. "මම මැරෙයි බෙල්ල අතාරින්න" "මැරියං උඹ මැරිල මාත් මැරෙනවා.මම උඹට ආදරේ තරම් උඹ ඒක දන්නෙ නෑ.උඹ මේ සම්බන්දෙ ඉක්මනටම නවත්තන්න ඕනේ .කියපං කවුද කියලා"මට මතක එපමණකි. සිහිය එන විට මා සිටියේ සෙටියමතය.අභි මා අසල අඬමින් සිටි.මම සිහිය ආ බව නොඅඟවා සිටියා. " මම කරපු වැරැද්ද මට ඒක හිතාගන්න බෑ.එච්චර ඉක්මනට මාව එපා උනාද?මෙච්චර කල් මං රැකගත්ත මැණිකක් මට නැති කරගන්න බෑ සුදු.ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙනවා මම නම් බලාගෙන ඉන්නෙ නෑ මරාගෙන මැරෙනවා ඇර මට වෙන කරන්න දෙයක් නෑ.මාව දාලා යන්න එපා මැණික මගේ පන ඔයා."ඔහු මා අසලම බිම වැටී හඬා වැලපේ. මට ඔහුව වැලදගෙන සැනසීමේ ආශාවක් සිතුණත් මෙය එයට සුදුසු වේලාව නොවන බව මට දැනේ .මං අභි ගැන හොඳටම දන්නවා. එයා හරිම සංවේදී මනුස්සයෙක්.හැබැයි ඒ වගේම එයාට තරහ ගියොත් එයාට කිසිම පාලනයක් නෑ.ඒත් මෙහෙම වුනේ ඇයි? ------------ "අරූ ආයෙත් කතා කළා. මොකා වුනත් මං අද ඕකා ිවර කරනවා .අද නම් දෙකෙන් එකක් බේර ගන්නවා. ඌත් එක්ක උඹේ මොන සම්බන්ධය තිබුණත් අද ඌ ඉවරයි .හොදට මතක තියාගන්න."අද ඔහු හැසිරෙන්නේ උමතු වූවෙක් ලෙසමය.ප්‍රශ්නය බරපතළ බව මට දැනේ.මෙයට ඉක්මනින්ම විසඳුමක් සෙවිය නොහැක.ඒ නිසා හොඳින් කල්පනා කර හොඳම තීරණයක් ගත යුතු බව මම තීරණය කළා .මගේ සහෝදරයෙක්ගේ උපදෙස් මත පොලීසියේ පැමිණිල්ලක් දැමීමට මම තීරණය කළා. අභී සමග කිසිම දෙයක් කතා කරන්න විදිහක් නෑ.අභීගේ හැසිරීම උන්මන්තකයෙකු හා සමානයි.මගේ ජීවිතේ ගැන ඇත්තටම මට ගොඩක් බය හිතෙනවා. එදා ඉදල මම ගෙදර හිටියේ හරි බයෙන්.ඒත් අභී ගේ හැසිරීම වෙනසක් නෑ.ඕන දෙයක් වෙන්න කියලා මං දික්කසාද නඩුවක් දැම්මා.ඇත්තටම මට අභීගෙන් වෙන් වෙන්න කිසිදු සාධාරණ හේතුවක් නෑ.ඒත් ඇත්තටම මෙහෙම අපි දෙන්නට එක ගෙදර එක වහලක් යට ජීවත් වෙන්න බෑ.මරණ බය කියන එක ඕන මනුස්සයෙක්ට දැනෙනවා.ඒ නිසා අමාරුවෙන් හරි මං මේ තීරණය ගත්තා. මේ නඩු තීන්දුවෙන් පස්සෙ මගෙ ජීවිතේ හුඟක් වෙනස් වෙන්න පුළුවන් . ඒ හැම දේකටම මුණ දෙන්න බලාගෙන දැන් ඉදන් ලෑස්ති වෙන්න වෙනවා.ඊට පස්සේ අභීට වෙන දේ මට හිතාගන්නවත් බෑ. කතා කරල ප්‍රශ්නයක් විසද ගන්න බැරි නිසාම අපි දෙන්නට වෙන් වෙන්න වෙනවා.මං එයාට හුඟක් ආදරෙයි ඒත් ආදරේ කියලා මට මගේ ජීවිතේ විනාශ වෙන්න දෙන්න බෑ. මට මං ගැන තීරණයක් ගන්න වෙනවා. "නදී......" "එන්න මං ඔයා එනකම්ම හිටියේ අපි කතා කරමු" "මට බෑ නදී .මට අභී නැතුව ඉන්න බෑ . ඒත් ඔයා එදා දැක්කානේ හැසුරුණු විදිහ. මං කොහොමද එයත් එක්ක ජීවත් වෙන්නේ එයාට කිසිම කෙනෙක්ට කිසිම දෙයක් තේරුම් කරලා දෙන්න බැහැනේ. " අපිට තව මාසයක් තියනවා. අපි ඉක්මනටම නඩුවට කලින් බලමු මොකක් හරි දෙයක් හොයාගන්න.අඩුතරමේ කවුද කතා කරන්න කියලා වත් ඔයාට කිව්වේ නැද්ද?" "මං දන්නෑ නදී මට කිසි දෙයක් කියන්නේ නෑ මොකෙක් හරි එයා ගැන දේවල් කියනවා කියලා කියනවා එච්චරයි" "එතකොට කවුද මේ අභීට තරහ කාරයෙක් වත් ඔයාට තරහ කාරයෙක් වත් හිතන්නකෝ ඔයා" "එහෙම කවුරුත් නෑ අනේ මට එහෙම සැක කරන්න කෙනෙක් ඇත්තටම නෑ" "එහෙනම් ඔයා කාටවත් අභී ගැන දෙයක් කිව්වෙත් නැත්නම් හිතමුකෝ ඉන්නකො පොඩ්ඩක්" .......... "ඔයා මොකක් හරි දේවල් ලියන්න diary එකක් වගේ දෙයක් පාවිච්චි කරනවද පෞද්ගලිකව?" "ඔව් මං ගාව එහෙම එකක් තියෙනවා. ඒක මගේ බෑග් එකේ දැනුත් තියෙනවා. මං ඒක යන යන තැන අරගෙන යනවා. මං ගෙදර තියෙන්නේ නෑ ඒක . ඒක අභී දකින්න විදිහක් නෑ නදී...මං ළඟ දි මුකුත් ලිව්වෙ නෑ . ලියන්න තරම් මගේ ඔලුව හොඳ නැති හින්ද. ඉන්නකො මං ඔයාට ඒක පෙන්නන්නම්" ...... "අනේ නදී ඒක බෑග් එකේ නෑනේ" "ඔයා හොදට මතක් කරන්න ඔයා ඇති ගෙදර තිබ්බද කොහේ හරි" "අනේ මං ඒක ගෙදර නම් තිබ්බෙ නෑ .ඉන්නකො චුට්ටක් මේ ප්‍රශ්න වලට කලින් මං එහෙම වැඩිය එළියට යන්නෙත් නෑ නේ. දවසක් මං එළියට ගියා coffee shop එකකට ගියා මට මතකයි එතනදි වත් මට බැරි වුනා වත්ද? අනේ දෙයියනේ නදී එහෙමද?" " ඔයාට ඒක බැරි වෙන්නැති කවුරුහරි අතකට ඒක යන්නැති. ඒ මනුස්සය මොන පරමාර්ථයකින් මේක කරනවද කියලා අපිට හිතා ගන්න බැහැ චාරු. අපිට ඒ මනුස්සය හමුවෙලා නෑ නේ. අනික අභී කියන්නෙත් නැහැනේ අපිට මොනවද කියන්නේ කියලා" "දැන් මොකද කරන්නේ නදී.." "අපිට අභීගේ ෆෝන් details වත් ගන්න තියෙනවා නම් ඒ නම්බර් එක හොයා ගන්න තිබ්බා.ඒත් කොහොමද අපිට මේ වෙලාවේ කවුරුත් විශ්වාස කරන්න බෑ.ඔයා ගෙදර යන්න මං නීතියේ මාර්ගයෙන් විස්තර ටිකක් හොයාගෙන නම්බර් එක ගන්නවා .ඔයා බයවෙන්න එපා දැන් ඔයා ගෙදර නෙවෙයිද ඉන්නෙ" "අභීගෙ ගෙදර කට්ටිය අභීව treatment වලට ගෙදර එක්කන් ගියා .එයා ටිකක් අවුල්වගේනේ. " "ඔයා පරිස්සමෙන් ඉන්න නොදන්න නම්බර් වලට ආන්සර් කරන්න එපා.අම්ම එක්කරගෙන යන්න .අම්මට හරියට විස්තරයක් කියන්න එපා. එයා කලබල වෙනවානෙ. මං හෙට වෙද්දි විස්තරයක් ඉක්මනට හොයාගන්න උත්සහ කරනවා.සමහරවිට අභී එන්නත් ඉඩ තියෙනවා. එහෙම වුනොත් මොකද කරන්නේ...ඉන්නකො ඔයා ගෙදර යන්න එපා. ඔයා අපේ ගෙදර යන් මාත් එක්ක ගිහින් ඉක්මනට ඇඳුම් දෙක තුනක් දාගෙන අද අපේ ගෙදර යමු. ප්‍රශ්න විසදෙන කම් ඔයා ගෙදර තනියම ඉන්න එපා.අරූ කොහොමත් අදත් කෝල් කරයි. එහෙම වුනොත් අභි ඔයාව හොයාගෙන එන්න ඉඩ තියෙනවා" "අනේ මන්ද නදී මට තේරෙන්නෑ මේ ප්‍රශ්නෙ කොහොම ඉවර වෙයිද කියලා. බලන්නකෝ මම ඔච්චර දෙයක් හිතුවේ නැහැ නේ.හීනෙකින් වත් හිතන්නෙ නැති දෙයක් අපි දෙන්නට කරපු විනාසේ බලන්නකෝ" "ඔහොම තමයි ජීවත් වෙද්දී ප්‍රශ්න එනවා. ප්‍රශ්න වලට නොසැලී මූණ දෙන්න ඕන.ප්‍රශ්න කියලා ඒවා නැත්නම් මේ ජීවිතේ ගලා යාමකුත් නැහැ" "අනේ මන්ද මට අභීව නැති වෙයිද කියල විතරයි මට හිතෙන්නේ" "බයවෙන්න එපා හොඳ විදිහට විසඳෙයි කියලා අපි හිතමු". මගේ පොත මගේ සැනසීම උදා කළ සේම මගේ විනාශයත් ගෙන ආ අපූරුව.අර පොත කියවලා මොනවා කියන්න ඇත්ද ,මම ලියපු හැම දෙයක්ම කියන්න ඇති .ඇත්ත ඉතින් අභී පිස්සෙක් වෙන එක අහන්න දෙයක්ද. මට මා ගැන වරදකාරී හැඟීමක් දැනේ.ඒත් මං කළේ වැරැද්දක් නෙවෙයි මං ඒක දන්නවා.අනේ මන්දා......අභී ගන්න කෝල් වලට ආන්සර් නොකර හිටියේ හිත පිච්චි පිච්ච්.මේ මං ජීවත කාලෙපුරාම ආදරය කරපු එකම පිරිමියා. මොන තරම් දේවල් අපි අපිට සිද්ධ වුණත් මට අභී ඕනි..... හවස නදී පැමිණියේ සිනාමුසු මුහුණකින්. "නදි...."මං දුවගෙන ගිහින් එයාගේ අතින් අල්ලගත්තා. "ඇති යන්තම් ඌව හොයා ගත්තා . පොලිසියට අරන් ආවා. අභීවත් එක්ක එයි දැන්. ඌ ඔක්කොම කියයි." නදී සමඟ මම පොලිසියට ගියේ ගැහෙන සිතින්. "වාඩිවෙන්න mrs දිසානායක අභිමන් වාඩිවෙන්න.අපි අභිමන් ට වෙච්චි දේ පැහැදිලි කළා .මේ තියෙන්නෙ ඒ පොත .අපි නම් බැලුවෙ නෑ. අර ඉන්න එකා නං ඔක්කොම කියවලා තමයි මේක කරලා තියෙන්නේ.පුද්ගලික දේවල් පිට මිනිස්සු අතට ගියාම සමහර වෙලාවට ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. අභිමන් ට අපි තේරුම් කරලා දුන්නා වෙච්ච සිද්ධිය.එයාට හිත හදාගන්න ටිකක් කල් යයි. මං හිතනවා ඕගොල්ලෝ අභිමන් ගෙ ගෙදර ගියා නම් හොඳයි කියලා.අභිමන් මේක ඉල්ලනවා මොකද කියන්නේ mrs දිසානායක" මං මොනව කියන්නද ..පිට මිනිහෙක් කියවූ පොතක් දැන් අභිමන් කියෙව්වා කියා වෙනසක් වන්නේ නැත.අභිමන් එය කියවා කැමති දෙයක් කරාවි. "දෙන්න සර්..." "එහෙනම් ඔය දෙන්නා මේ ප්‍රශ්න විසදගෙන සතුටින් ඳගෙන . ඉන්න ඔයාගේ නඩුවත් mrs dissanayake බලන්න ඒකත් ඉවර කරගන්න. නදී ගෙ යාලුවාලුනේ.නදී මට කීවා ඔයාල ගැන .හරි ඉතින් එහෙනම් ගිහින් එන්න" "thank you sir"
පොලිසියෙන් පිටවුනු මම නදී බදාගෙන ඇඬුවේ දුකටද සතුටටද කියලා මට තේරෙන්නෑ. "අනේ නදී ඔයා ආයි මට අභීව දුන්නා." "මං එදා දැනගත්තා අභී ඔයාට පණ ඇරලා ආදරේ කියලා. කොහොමත් අභී ඔයා ඇර වෙන කෙනෙක්ට ආදරේ කරන්නෑ කවදාවත්." "නදී...." " අභීට ටිකක් treatment කරන්න වෙයි .අභී පොඩ්ඩක් අවුල් වෙලා නේ ඉන්නේ.දැන් අඩන එක නවත්තලා ඉස්සරහට තියෙන දේවල් කල්පනාවෙන් කරන්න. ඕන වෙලාවක මං ඉන්නවා මතක තියාගන්න.අදවත් අභී මගේ මූණ දිහා බැලුවෙ නෑ.එදා වගේම " "මං යන්නම්. ආයෙත් මං එන්නම්" මං අභී එක්ක පිටත් වුනේ අවිනිශ්චිත හැගීමකින් වුනත් මේ පොත නිසා සමහර විට එයත් එක්ක ගෙවන ජීවිතය පහසු වේවි මට. ටික දවසක් යනකං එයා මා එක්ක කතා කලේ නෑ වැඩිය.හැබැයි එයත් treatment ගන්න කැමති වුණා.සමහරවිට මට ඉස්සර හිටි අභීවම මුණනොගැසෙන්නත් පුළුවන්. සමහර විට එයා හුඟක් වෙනස් වෙන්නත් පුළුවන් .මේ හැමදේම වෙන්නේ හොඳට කියලා ඉදිරි කාලේ මං සතුටින් ගෙවනවා. සමාප්තයි " ඔබගේ වචන වල ශක්තිය නිබද සවියකි.සියලු අදහස් වලට ගරු කරමි. "# දෙඇත් රජ්ජුරු අවසානයට පසු …………………………………………………………………………………… ඉන්පසු වසර ගණනක් ගෙවී ගොසිනි. දිගු කාලයක් දැසි ලෙස සිතට හා ගතට වූ පීඩාව හේතුවෙන් ඔත්පලවූ පොඩීගේ ශරීරය මෙන්ම මනස යථා තත්ත්වයට ගන්නට මටත් සුමනාටත් මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. වාසනාවට මෙන් අදටත් පොඩීගේ මතකයෙන් ඒ නරක කාලය මැකී ගොසිනි. කලෙකට ඉහත සංචාරකයන් ඇද බැඳ ගන්නට දාහක් ව්‍යායාම කෙරුනු මේ බිම අද මහලු මවුපියන් වෙනුවෙන් කැපවුනු පින් බිමකි. අපේ හාමුදුරුවෝ නිතරම මේ බිමට වඩින්නේ, බණ කතා කියමින්, ආ ගිය කතා අසමින් මහලු මවුපියන් සමග කාලය ගත කරන්නටය. ගේට්ටුවේ සිට දොළ දෙසට යන්නට තනා තිබූ අඩි පාර ඇරඹෙන තැනම සොහොනකි. එහි අත්තම්මා වෙනුවෙනුත්, මගේ අම්මා තාත්තා වෙනුවෙනුත්, සෙනේ වෙනුවෙනුත්, චින්තන පුතා වෙනුවනුත්, සිරිදාස වෙනුවෙනුත්, ලොකූ වෙනුවෙනුත් පහනක් දැල්වේ. ලොකූ මිය ගියේ පොලීසියට හසුවූ දාමය. අප හැමෝම කලබලව සිටි නිමේශයේ ලොකූ කෙසේ හෝ මාරාන්තික විශක් ශරීරගත් කරගෙන තිබුනෙන්, පොලීසියට යන්නට පෙර ජීප් රිය හරවන්නට වූයේ ඉස්පිරිතාලයකට. එහෙත් ඒ මාත්‍රාව පරදන්නට දොස්තර බෙහෙතට හකි වුනේ නැත. හසුවුවහොත් බේරෙන්නට උවමනාවක් ලොකූට නොතිබෙන්නට ඇත. මම බරාඳයට වී ඈත පෙනෙන සොහොන දෙස බලා සිටිමි. දැන් නිතර නිතර එහෙ මෙහෙ ඇවිදින්නට තරම් මගේ සිරුරේ සවියක් නැත. එබැවින් මෙතැනට වී මගේ ප්‍රියයන් නිදන තැන දෙස බලා හිඳීමට ප්‍රිය කරන්නෙමි. වයසට ගියත් තවමත් හිතේ මෙන්ම ගතේ සවි ඇති චින්තනගේ අම්මා තම පුතු මෙන්ම තම පුතුගේ මරුවාද නිදන සොහොන මත සුදු මල් අතුරනු මට පෙනේ. "ඇත් රජ්ජුරු දෙන්නා එක මට්ටම් ඉන්නකොට තමා හැඩ. බලන්ටකො යෝධයො දෙන්නෙක් වගේ කරඬුව දෙපැත්තෙ දෑලෙ වඩිනකොට ගාම්භීරෙ. අන්න එහෙමයි ඉන්න ඕනෙ. දෑලෙ එක ඇතෙක් ඉස්සර වුනත්, පැත්තට වුනත් බිඳිලා යන්නෙ හැඩහුරුව. මගේ ඇත් රජ්ජුරු හැමදාම එකාට එකා, එක විදිහට ඉන්න ඕනෙ" අත්තම්මා එකල කියනු මට ඇසී ඇත. එහෙත් මගේ එක් ඇත් රජෙකුට දෑලේ ගමන හැඩ නැති වූයේ අප කාගේත් අවාසනාවටය. "සුදු මැණිකෙ, ඔය මදැයි කල්පනා කර කර හිටියා. යමු ගිහින් නාගන්න. මම උණු වතුර ලෑස්ති කලා" සුමනාගේ කරුණාව හැමදාම එක වගේ. මට විතරක් නෙවේ. මෙතන ඉන්න අම්මලා තාත්තලා හැමෝටම. “දැන් ඔය සුදු මැණිකෙ කෑල්ල නවත්තලා දාලා අම්මා කියමු නේද පුතේ” මම කිව්වෙ දුවගෙ අතේ හිටපු පුංචි දඟකාරයව අතට ගන්න ගමන්. “අත්තම්මා” ඒක දැකපු අනිත් චන්ඩියත් දුවගෙන ඇවිත් කකුල් දෙකේ එල්ලුනේ වඩා ගන්න කියමින්. “අත්තම්මට බෑ පුතේ දෙන්නක් වඩා ගන්න. අත්තම්මා මාරුවෙන් මාරුවට වඩාගනීනෙ පුතාලව” මට නාන්න උණුවතුර හදන්න සුමනට උදවු වෙවී හිටපු පොඩී කිව්වෙ මගෙ කකුලෙ එල්ලුනු පැංචාට තට්ටුවක් දාමින්. “මගේ ඇත් රජ්ජුරු” මම මගෙ රත්තරන් පැංචො දෙන්නව තුරුලු කර ගත්තෙ අපරිමිත සෙනෙහසකින්. ………………………………………………………………………………….. දෙඇත් රජ්ජුරු පොදු සමාජ මාධ්‍යයකට ලියපු මගෙ පළමු කතාව. ඔයාලාගෙන් මේ නිර්මාණයට මේ වගේ ප්‍රතිචාරයක් ලැබේවි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ. දෙඇත් රජ්ජුරු කියවපු, රිඇක්ශන් දාපු, ප්‍රතිචාර දක්වපු, ඉක්මණට ඊළඟ කොටස ඉල්ලපු, රහස් පරීක්ශකයො වගේ කතාවෙ සැරි සරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි. දාහක් වැඩ අස්සෙ, පිට රටක ට්‍රේනිමක හිර වෙලා ඉන්න අස්සෙ ලැබෙන පුංචි විවේකයක හරි අකුර අකුර ගලපලා දෙඇත් රජ්ජුරු ඔයාලට ගේන්න මාව දිරිමත් කරපු ඔයාලට ගොඩාක් ආදරෙයි. පුලුවන් හැම වෙලාවෙම ඔයාලගෙ ප්‍රතිචාර වලට වචනයක් හරි ලියන්න, රිඇක්ශන් එකක් දාන්න උත්සාහ කලා. එහෙම දාන්න මග ඇරුණු කමෙන්ට් රිඇක්ශන් ඔක්කොටම මගෙන් 💐💐💐💐💐💐💐💐 අපි ආයෙත් හමුවෙමු.# දෙඇත් රජ්ජුරු (කොටස් කීපයක කෙටි කතාවක්) අවසාන කොටස "චින්තන මහත්තයා මේ ගමේ දරු පැටවුන්ගෙ ඇස් පාදන්න පුදුම විදිහට මහන්සි වුනු මහත්තයෙක්. ඉස්කෝලෙන් පස්සෙ තියාගෙන, සත පහක් නොගෙන පාඩම් ඉවර කලේ. දහම් පාසල ඉවර වුනාම එහෙන්ම ඉංග්‍රීසි පන්තියක් දාමු කියලා අපි කතා වෙලා හිටියෙ. පොඩි මහත්ත්යා අපිට පොරොන්දු වෙලා හිටියෙ දරුවන්ට දවල්ට කෑම දෙන්න. අනේ ඉතින් ඊට කලින් ඉරණම් ගමන ඉක්මන් වුනා" අපේ හාමුදුරුවන් මොහොතකට පෙර මා හා පැවසුවේ චින්තන පුතා සිහි කරමිනි. "එදා පන්සලට ආවනෙ අඳින්න ඕනෙ චිත්‍ර ගැන කතා කරන්න. එදා ඔය ලොකු මහත්තයගෙ ගල් ගෙම්බො යවන පුරුද්ද ගැන මගෙ අතින් කියවුනා මහිතෙ." "එහෙමයි අපේ හාමුදුරුවනේ. එදා චින්තන මහත්තයා මගෙන් ඒ ගැන ඇහුවා." "සුමනා මොනාද චින්තන මහත්ත්යා එක්ක කිව්වෙ?" මම ඇහුවෙ නොඉවසිල්ලෙන්. "මම දන්න ඔක්කොම කිව්වා මැණිකෙ. චින්තන මහත්තයා චිත්‍ර අඳින්න ආපු ගමන් මෙහෙ නතර වෙලා උන්නනෙ. මම ලොකු මහත්තයට හොරෙන් කොහොම හරි පොඩි මහත්තයව බේරගන්න විදිහක් හොය හොය හිටියෙ. පොඩි මහත්තයා කෙලින් හිටියා නම් මම කොහොම හරි මහත්තයව එතනින් පන්නනවා. ඒත් පොඩි මහත්තයා හිටියෙ අඩ නින්දෙ වගේ. ඒ මදිවට ලොකු මහත්තයා තිස්සෙම මම කොහෙද කියලා ඇහැ ගහගෙන තමයි හිටියෙ. ඒ මහත්තයා මට පොරොන්දු වුනා පොඩි මහත්තයව බේරගන්න උදවු වෙනවා කියලා. කොහොමත් චින්තන මහත්තයට තේරිලා තිබුනා වෙනසක්. ඒත් චින්තන මහත්තයා එහෙමට ලොකු මහත්තයව දැකලා නෑනෙ. ඒ හින්දා තේරිලා නෑ. මම චින්තන මහත්තයට පාර කිව්වා ලී ගෙදර හොයාගන්න. මහත්තයා රෑ වෙනකල් ඉඳලා ලී ගෙදර හොයාගෙන ගියා." "ඊට පස්සෙ?" "බලාන හිටියා මැණිකෙ. පැය ගානක් ගිහිල්ලත් ආවෙ නැති තැන මාත් කැලේ නගින්න ගත්තා ගස් ගේ දිහාට ගිහින් බලන්න. මම ගස් ගේ පැත්තට යනකොටම ඇහුනා චින්තන මහත්තයා මහ හයියෙන් කෑ ගහන සද්දෙ” "දුමල් මම හිතුවෙ නෑ උඹ ඔය තරම් ජරා මිනිහෙක් කියලා. මේ උඹේ සහෝදරයා නේද? යකෝ උඹ මොනවද මේ කරන්නෙ. උඹට පිස්සුද?" නිවස දෙසින් උස් හඬින් කතා කරන චින්තක මහත්තයාගේ කටහඬ ඇසුනි. පිළිතුරු ලෙස නැගෙන්නේ සිනා හඬකි. "පිස්සු තමයි. මට පිස්සු තමයි. මූ මගෙ බාගයක් වෙලා ඉපදිලා මාව කෑවා. මූ දක්ශයා, මම එතකොට මම, දක්ශයි ඉතින්, පොඩී තරම්ම නෑ ඉතින්. පොඩී අහිංසකයා, උත්සාහවන්තයා, අත ගැහුවොත් ඕනෙ වැඩක් හරි යනවා, කම්මැලිකම ගෑවිලාවත් නෑ. මම නම් නිකම්ම නිකම් නිකමා. පින් බතා. ආච්චත්තම්මා ඉඩමෙන් බාගයක් මට ලියපු හින්දා මම නිකම් කන පින් බතා.... එතකොට මූ. මූ මොකටද මගෙ ඉතිරි බාගෙ වෙලා ඉපදුනේ" "එතකොට සෙනේ මාමා...." "සෙනේ මාමා.... සෙනේ මාමගෙ පොඩි පුතා තමයි වීරයා. ලොකු පුතා පින් බතා. අපරාදෙලු ආච්චත්තම්මා ලොකූටත් ඉඩමෙන් බාගයක් ලිව්වෙ. පොඩීටමලු ලියන්න තිබ්බෙ. පොඩී නැත්නම් ඉඩම වල් වැදිලා ගිහින්ලු. දැන් ලොකු පුතා ඒ සල්ලි වලින් වීරයෙක් වගේ නිකම් ඉන්නවලු. මාව එපා නම් මටත් එපා. මට අම්මා හිටියම ඇති. අම්මා විතරයි මට ආදරේ. ඒකනෙ මම අම්මව මගෙ ගාවට අරන් ආවෙ" "උඹ අම්මට ආදරේ නම් ඔහොම අම්මට දුක් දෙනවද දුමල්. බලපන් මැණිකෙ නැන්දා තාම අඬා ගත්තු ගමන්. ඒ මනුස්සයට මොන දුකක්ද උඹ දුන්නෙ. උඹ තාම පරක්කු නෑ දුමල්. වරෙන් අපි යමු. අපි සුමල් එක්ක යමු පොලීසියට. වෙච්චි දේවල් කියලා පොලීසියට බාර වෙමු" "පොලීසියට බාර වෙන්නෙ මොකටද මම. මූව බාර දෙනවා තව ටික කාලයක් මෙහෙම තියාගෙන. දැනටම වැඩි සිහියක් නෑ මූට. ඒවට මම පියවර අරගෙන තියෙන්නෙ. තව ටික දවසක් තියාගෙන හිටියම මූම කියයි මුගෙ නම දුමල් කියලා පොලීසියට." ඊට පස්සෙ ඇහුනෙ ලොකු මහත්තයා මහ හයියෙන් හිනාවෙන සද්දෙ. "උඹ නම් තිරිසනෙක් දුමල්. උඹට හිතක් පපුවක් නැද්ද උඹේම සහෝදරයට ඔහොම කරන්න. උඹලා හරිම එකමුතුවෙන්නෙ හිටියෙ? " "එකමුතුවෙන් ඉන්න තිබ්බා ඌ මට වඩා දක්ශ නොවුනා නම්. දැන් ඉතින් මම ඌ වෙනවා. ඌව මම කරලා පොලීසියට බාර දෙනවා." "උඹට එහෙම කරන්න දෙන්නෙ නෑ මම. මම යනවා පොලීසියට. උඹ කියපු ඔක්කොම මේකෙ රෙකෝඩ් වෙලා තියෙන්නෙ. මම දෙනවා මේක පොලීසියට" චින්තන මහත්තයා ගස් ගෙදර කඩිමුඩියෙ ඉණිමග බැහැගෙන පහළට එන්න ගත්තෙ එහෙම කියාගෙන. මගක් ඉණිමග බැස්ස චින්තන මහත්තයා එක පාරම කෑ ගහගෙන ඉණිමගෙන් පහළට වැටුනෙ උඩ ගස් ගෙයි දොරකඩ ඉඳන් හැලිච්ච මොනවාද මන්දා දියරයකින් නෑවෙනවත් එක්ක." "වතුර වතුර" චින්තන මහත්තයා කෑ ගැහුවෙ වේදනාවෙන්. "පලයං පොලීසියට. උඹට වතුර දෙයි පොලීසියෙන්" ගස් ගෙදර උඩ හිටපු ලොකු මහත්තයා ඉණිමග දිගේ පහලට බහින්න ගත්තෙ එහෙම කියමින්. "ලොකු මහත්තයා පහළට එන බව තේරිලාද කොහෙද චින්තන මහත්තයා දුවන්න ගත්තා කන්ද පහළට. මහත්තයා දුවන විදිහට හරියට ඇස් පෙනෙන්නෙ නෑ වගේ පේන්න තිබ්බෙ. පොඩ්ඩ දුරක් දුවන්න ඇති. මහත්තයා වැටුනා මොකක හරි පැටලිලා. මම ලෑස්ති වුනේ මහත්තයා දිහාට දුවන්න. එතකොටම කවුද මන්දා මගෙ කට මිරිකලා අල්ල ගත්තෙ. දඬු අඩුවකට අහු වුනා වගේ. මම හිටියෙ හෙලවීගන්නවත් බැරිව." …………………………………………………………………………………… අඳුර වැටී ඇත්තේ යන්තමට වුනත් කැලෑ මණ්ඩියට යන මග හොඳටම අඳුරුය. ඒ මග ඔස්සේ දැඩි හෝදිසියෙන් කන්ද නගින්නී සුමනාය. ඇය පසුපස ඇයට නොපෙනී මුවා වෙමින් කවරෙකු හෝ පැමිණේ. ගසෙන් ගසට මුවා වෙමින් පැමිණෙන තැනැ
ත්තා ඇයට නොපෙනෙන්නට ඉතා පරීක්ශාකාරී වෙයි. ඇය කැලෑ මණ්ඩියේ කඳු ගැටය මගක් නැග ගස් අතරට හැරී නොපෙනී ගියාය. ඇය පසුපස යන්නාද ඇය අනුගමනය කලේ දෙදෙනාම ගස් අතුපතර අතර සැඟවී ගියෝය. එක් වරම මහා වර්ශාවක් ඇද හැලෙන්නට විය. වර්ශාව මැද්දෙන් පා පැකිලෙමින් කවුරුන්දෝ බෑවුම දෙසට දිව ආවේ, පා පැකිලී විසිවෙමින්, වටෙමින්, නැගිටිමිනි. අසරණයාගේ පය කුමක හෝ තදින් පැටලුනේ, පා පැකිලී වැටී බෑවුම දෙසට පෙරලුනි. ඒ පසු පසින් දිව ආවේ සුමනා විය යුතුය. ඇය කන්ද පහලට දිව විත් පහලට බෑවුම්වූ වැව දෙසට හැරුනාය. ඇය පසුපසින් ආවෙකු ඇය බෑවුමට දිවයද්දී ඇද පෙරලා ගත්තේ ඇයට සෙලවෙන්නට නොහැකි ලෙස අත් දඬු දෙකෙන් හිර කරමිනි. බෑවුම දෙසින් නැගුනේ විලාප හඬකි. "කට වහගෙන මම කියන දේ අහපන් සුමනා. උඹේ පොඩි මහත්තයව අපි පන්නගමු. ඊට කලින් අපිට පාදගන්න ඉල්ලමක් තියෙනවා. ඒක පාදගෙන ඉමු" "අනේ සිරිදාස අය්යෙ, පින් සිද්ධ වෙයි පොඩි මහත්තයව බේර ගන්න ඕනෙ ඉක්මනට. නැත්නම් අර තිරිසනා මහත්තයාට මොනවා කරාවිද දන්නෙ නෑ." සුමනා පවසන්නී දෑත් එක්කර වඳිමිනි. එක් වරම වැටුනේ මද එළියකි. එළියකි වැටුනේ කැලෑ කුට්ටිය ඈතිනි. "ලොකු මහත්තයා ආපහු එනවද කොහෙද? උඹ දුවපන් සුමනා. මම බලාගන්නම් ඔක්කොම" සිරිදාස පැවසුවේ ටෝච් එළිය දෙසට යමිනි. සුමනා පල්ලම් බැස්සාය. නැවත මග නතර වුනාය. ටික වේලාවක් කල්පනා කරන්නට වන්නී ආපසු හැරී ගහෙන් ගහට මුවා වෙමින් කන්ද නගින්නට වූවාය. ගස මුල පිරිමින් දෙන්නා බර කතාවකි. එක් පිරිමියෙකු අත විශාල ලී මුගුරකි. ඇතැම් වචන හරියට නෑසුනත් කතා කරන්නේ කුමක්දැයි ඈට වැටහේ. "මම ඔක්කොම බලාගෙන. හෙට අනිද්දම චින්තන මහත්තයා හොයාගෙන පොලීසියෙන් එයි. ඊට කලින් ඒ මහත්තුරුන්ට ගිහින් කියන්නත් පුලුවන් ඉතින්. මහත්තයා ඉතින් අපි ගැන බලාගත්තොත් ඉතින් රහස් රකින්නත් අපට බැරි නෑ" සිරිදාස කියයි. එයට පිලිතුරු දෙමින් ලොකු මහත්තයා සිරිදාසගේ කනට කර කුමක්දෝ කියයි. "අපෝ ඒ මදි මහත්තයා. ඒ වගේ තුන් ගුණයක්වත් ....." "තුන් ගුණයක්...." ලොකූ තරහින් කෑ ගසයි. "යකෝ අපෙන්ම කාලා, අපෙන්ම හැදිලා මුන්ට ගිය කල..." "මහත්තයට නිකම්ම මේවා අයිති වෙන එකේ ගැනත් බලා ගත්තොත් මායි සුමනායි පොඩි මහත්තයත් අරගෙන යනවා කොහේ හරි ඈත පලාතකට. මහත්තයට පුලුවනි මේකෙ රජ්ජුරුවො වගේ ඉන්න" "සුමනා. සුමනා එක්ක කොහෙ යන්නද?" "සුමනා මනාප පොඩි මහත්තයට කියලා ලොකු මහත්තයත් දන්නවනෙ. මහත්තයට පුලුවන්නෙ හොඳ කසාදයක් කරගන්න. මම ගමේ උන්ට කියන්නම් මම සුමනව දීග අරන් අපේ අම්මගෙ ගමට යනවා කියලා. අපි එන්නේ නෑ ආපහු මේ පලාතෙ.” "ඔය කිව්වට මම කොහොමද විශ්වාස කරන්නෙ උඹලා දෙන්නා මාව රවට්ටන්නෙ නැති වෙයි කියලා" "මහත්තයා අපි කෙල පොදක් හලන්නෙ නෑ. සහතිකයි" "බලමුකො එහෙනම්. හැබැයි පුතෝ වචනෙ නම් වචනෙ. සිරිදාසට ඕනෙ සල්ලිනෙ. සුමනට ඕනෙ පොඩි මහත්තයව බේර ගන්නනෙ. එහෙනම් සිරිදාස ගමේ කාටත් පේන්න සුමනා එක්ක දීග යන්න ලෑස්ති වෙන්න ඕනෙ හෙට අනිද්දම. සිරිදාසට මම සල්ලි දෙන්නෙ සුමනා එක්ක පිටමං වුනාම. අපේ පොඩීවත් මම ගෙනල්ලා බස්සන්නම්. හැබැයි මිහිහට දැන් තමන් කවුද කියලා මතකනම් නෑ. සුමනාවත් මතක නැතිව ඇති. පහුගිය අතීතෙ මතක් නොකර ගිය දිහාකට වෙලා උන්නොත් කාටත් ඇඟට ගුණයි" සුමනා මේ ඔක්කොම අහගෙන. "යමු එහෙනම් වැඩක් තියෙනවා ඉවර කරන්න" පිරිමින් දෙදෙනා ඇවිද ගියේ බෑවුම දෙසටය. …………………………………………………………………………………. "සිරිදාසට මම පොරොන්දු වුනා ලක්ශ 60ක් දෙන්න. ඒත් මිනිහට මදි වුනා ඒකත්. දවසක් යනකොටම පටන් ගත්තා ගාන වැඩි කරන්න. මිනිහා නැති වුනොත් සුමනව අවනත කරගන්න මට ලේසියි. මට මිනිහගෙ කතාව ඉවර කරන්න වුනා ඉතින්" "ලොකු පුතා ඇත්තටම හිතුවෙ පොඩීව පොලීසියට බාර දෙන්නද කවදා හරි." මම ඇහුවෙ පොලීසියෙන් මාංචු දාගෙන එක්ක යන ලොකූගෙන්. "ඒකනෙ මම කිව්වෙ. ඔක්කොම කැමති පොඩීට. අම්මගෙත් වෙනසක් නෑ. ඉස්සරහට ඉතින් මහ ලොකු පොඩී එක්කම ඉන්න පුලුවන්නෙ" මාව පහු කරගෙන යන ගමන් ලොකූ කිව්වෙ මට විතරක් ඇහෙන ගානට. නැවත හමුවෙමු.හොඳම කතාව (කෙටි කතාවකි) ඔබ පතළ කතුවරයන්ගේ විශිෂ්ඨ කතා කියවා ඇතුවාට සැක නැත. නමුත් ඔබ කිසිදිනෙක ඔවුන්ගේ “හොඳම කතාව” කියවා නැත. ඒ ඔවුන් තවම එය ලියා නැති බැවිනි. --------------------------------------------------------------------------------- රැයේ දුටු සිහිනය සමඟ කතුවරයා නැගී සිටියේය. මීට විසිවසරකට පෙර පාසලේදී හමුවූ ඇය නැවත ඔහුට සිහිනයේදී පෙනී සිටියාය. හදවත පුරා සිහින් රිදුමක් ඇදෙනු දැනිණ. මෙවර සිහිනයේ සිටියේ ඇය පමණක් නොවේ. කතුවරයාද ඔහුගේ හොඳම යහළුවාද ඈ සමඟ සිටියෝය. යහළුවා සිටියේ ඔවුන් දෙදෙනාට මැදිනි. ඔවුන් උඩු මහලක කණුවක් අසළ කතා බහේ යෙදී සිටියෝය. "මම මැරී කරන්න යන්නේ..." ඇය කීවාය. "මෙච්චර ඉක්මණට? .. තාම ඉස්කෝලෙන් අවුට් උනා විතරනේ .. කතුවරයා නොව එය කීවේ යහළුවාය. "ඒක නම් එහෙම තමා.. ඒත් අම්මලා දැනටම ලෑස්ති කරලා..." "ඕකට මොකටද හදිස්සි වෙන්නේ... ඉගෙනගෙන ඉවර උනාමත් පුලුවන්නේ කසාද බඳින්න නම්.." එවරද කතා කලේ යහළුවාය. සිහිනය පැවතියේ එතුවක් දුර පමණි. ඈ කී කරුණින් හිත රිදවා ගත් කතුවරයා නැඟී සිටියේය. කවුළුවෙන් පෙරී කුටියට එන ආලෝකය දුටු ඔහු එම එළිය කුමක් විය හැකි දැයි කල්පනා කළේය. මොහොතක් ගතවූ තැන ඒ හිරු එලිය බවත් පසුදිනට පහන් වී ඇති බවත් කතුවරයාට හැඟී ගියේය. “මොනවා උනත් ඒ ඇඳගෙන හිටිය ඇඳුම නම් හොඳයි.. මට පෙනුමයි කොහෙන්ද දන්නෑ ගත්තේ..” ඔහුට සිතුණි. ඒ සිටියේ තමා බවත් එබැවින් ඇඳුම කොහෙන්ද ගත්තේ යන්න තම දැන සිටියුතු බවත් හදිසියේ කතුවරයාට සිහිවිය. විසි වසරකට පසුත් ඒ වදන් තමන් රිදවන්නේ කෙලෙස දැයි කතුවරයා කල්පනා කළේය. ඇත්තෙන්ම ඔහුට දැන් ඒ පිලිබඳ දුකක් නැත. ඔහු දැන් සාර්ථක පවුලක සාඩම්බර අයිති කාරයෙකි. ඔහුගේ ආදරණීය බිරිඳ මෙන්ම එකම පුතුද ඔහුගේ ජිවිතයේ හිඩැස් තබා නැත. ජිවිතයේ සියල්ල හොඳින් සිදුවූ බව ඔහු දනී. වෙනකක් තබා සමහර අවස්ථා වලදී ඔහු තම බිරිඳ දෙස බලා කල්පනා කරන්නේ තමන්ගේ පෙර තිබූ සම්භන්ධතා නැති වී ගියේ හොඳ වෙලාවට බවය. ඒ වෙන කිසිවෙක් හා විවාහ වී සිටියේ නම් තමන් අද විඳින සතුට හා සැනසිල්ල අත්විඳීමට හැකි නොවන බව පරිණත මිනිසෙකු වී සිටින කතුවරයාට වැටහී ගොස් ඇත. "ඒ කියන්නේ තාමත් මගේ යටි හිත කැමති මම ඒ ගැන කල්පනා කරලා දුක් විඳිනවා නම්.. ඒකනේ ආයේ ආයේ පෙන්නන්නේ .." තමාව තේරුම් ගන්නට උත්සාහ කරමින් කතුවරයාට සිතුවේය. සැබැවින්ම ජිවිතයේ ඔහු පසු කර ආ අඳුරු තැන් ඔහුගේ බොහෝ පොත්පත් වලට අතැඹුල සැපයූයේය. රිදුණු තැන් වලින් නොනවත්වා වචන ගලා අතර ඒවා ඔහුගේ පොත් පුරා පිරී තිබුණේය. ඔහුගේ සියලු කතන්දර වල සැඟවී ඔහුගේ ජිවිතයේ කොටසක් විය. කොටින්ම කෙදිනක හෝ නොහැඟුණ හෝ නොදැනුන දෙයක් ගැන අකුරු කරන්නට ඔහු නොදැන සිටියේය. “කලාව හටගන්නේ වේදනාවෙනි” යන්න ඔහුද ඇදහූවක් විය. පාසල් සිසුවෙකුව සිටියදී ඔහු කියවූ සිරිල් සී පෙරේරා ගේ “නිර්මාණය හා ශෝකය” පොත, කලාව හා වේදනාව අතර ඇති නොබිඳෙන සම්බන්ධතාවය ඔහුට හැඟවූ මුල්ම අවස්ථාව විය. රුසියාවේ මහා ගත් කතුවරයන්ගේ මාහැඟි නිර්මාණ සහ ඔවුන්ගේ පෞද්ගලික ජිවිත වල සිදුවූ එවැනිම ශෝකාභරිත සත්‍ය සිදුවීම් අළලා එය ලියා තිබිණ. එහි වූ "පරිකල්පිත" යැයි කියවෙන නිර්මාණ සහ එයට පාදක වූවැයි සැළකෙන සැබෑ ශෝකය කෙනෙකු මවිත කරවන තරම් විය. පසු කලෙක ජයන්ත චන්ද්‍රසිරි ද එයම සපථ කරවන කතන්දරයක් සෙලෝලයිට් පටයකින් ගෙන හැර පෑවේය. ඒ අතර ලෝකයේ බොහෝ සුන්දර කලාකරුවන්ගේ ජීවිතය අසුන්දර බව කතුවරයා කණගාටුවෙන් යුතුව සිහිපත් කළේය. හැරත් රස කලාවකට හිමිකම් පාන තම සමකාලීන මිතුරන්ගේ නීරස ජිවිත ගැන ඔහු පෞද්ගලිකව දැන උන්නේය. කිසිවෙකුත් නැති නිවසේ මුළුතැන්ගෙට වැදී කතුරවයා නැවත ආලින්දයට පැමිණියේය. පසෙක වූ අඩු සීනි කිරි කෝප්පයේ බහාලූ තේ බෑගය තව දුරටත් එයට කහට එක් කරමින් තිබූ අතර කතුවරයා උපැස් යුවල ගලවා දෑස පිස කැබිනෙට්ටුව දෙස බැලුවේය. සිවිලිම දක්වා උස වූ එහි කතුවරයා සතු සියලු සේසත ගොඩගසා තිබිණ. දැවමුවා රාක්කයක් තනවා මේවා මෙහි පිළිවෙලට තැබීම කතුවරයාගේ බිරිඳ ගේ අදහසකි. රාජ්‍ය සම්මාන, විචාරක සම්මාන, ගොඩගේ සම්මාන, ස්වරණ පුස්තක සම්මාන මෙන්ම මෑතකදී පිට පිට දිනූ සිම් නෙල්සන් සම්මානද එහි විය. ලියා දිනූ දේ බොහෝය. මෙවරද ස්වරණ පුස්තක සඳහා තමාගේ පොතක් නිර්දේශ වී ඇති බව කතුවරයා දනී. එපමණක් නොව ඔහු ලංකාවේ බෙස්ට් සෙලින් නවකතාවේ අයිති කරුය. සති අග පුවත්පත් අතිරේක වල ඔහු පිලිබඳ හෑලි ලියැවී තිබේ. ගුවන් විදුලි නාලිකා වල ගීත තෝරන කතුවරුන්ගේ හෝරා වලට ඔහු සම්භන්ධ වූයේ වරක් දෙවක් නොවේ. ඔහුගේ බෙස්ට් සෙලින් නවකතාව ගැන කතුවරයා නැවත සිතා බැලූවේය. තමාගේ හදවතේ අදටත් අඟුලුලා ඇති ඈ පිළිබඳ ඒ අමුතු කතාන්දරය හා සසඳන කල බෙස්ට් සෙලින් කතාව මොකක්දැයි කතුවරයාට සිතුණේය. මීට වසර තුනකට පෙර ලියා පලකල "දෙසැම්බරයේ දිගු දවසක්" පොතට ඈ පිළිබඳ ඒ නොකියූ කතන්දරයෙන් බිඳක් එක් කල බව කතුවරයා දනී. ඒත් ඒ සියල්ල නොවේ. තමා සම්පූර්ණයෙන් එය ලියා තබන දා ඔහුගේම අනිත් කතන්දර මුල්ලකට විසිවෙන බව කතුවරයා හොඳින් දැන උන්නේය. ඔහුගේ ජීවිතයේ අඳුරුම සිදුවීම අහම්බ කාරණයකින් ඉපැදී තිබිණ. කිසිවෙකු විශ්වාශ නොකරන තරමට විය නොහැකි දේවල් කිහිපයක් සිදු වී තිබිණ. ඒ නිසාම එය කෙතරම් නාට්‍යානුරූපිද යන්න කතුවරයා දැන සිටියේය. නවනළු රසයම එක්කොට චිත්‍රපටයක් එයින් ගොඩනැගිය හැකිව තිබිණ. ශෝකය එහි තේමාව වනු ඇත. අළුපාට එහි පැහැය වනවා ඇත. එය තවම නොලියූයේ ඇයි? කතුවරයා බොහෝ වෙලාවට තමාගෙන් අසන එම පැණය නැවත වතාවක් අසා සිටියේය. ------------------------------------------------------------ කඳුලින් ලෙයින් ජීවිතයෙන් තමා විශ්වාශ කරන කලාවේ යෙදෙන තම සමකාලීනයෝ ගැන කතුවරයා දැන සිටියේය. අවසානයේදී ඔවුන් එයින් දිනූ දෙයක් නැති බවද ඔහු අත්දැක තිබුණේය. එතැනට වැටෙන්නට කතුවරයාට අවශ්‍ය නොවීය. ආකාස කුසුම් යනු මාලනියගේ ක