text
stringlengths
5.78k
8k
ාවක් ගෑවිලාවත් නෑනේ.අපේ එක්කෙනා එක්කවත් හරියකට කතා කරනවද දන්නෑ. "ලොකු දුවේ මට නං නංගි ගැන බයයි"කොච්චර කාලයක් තනියම ඉන්නද?" "මොකුත් කියන්න යන්න එපා. එයාට හරියට ඩෝන් යනවනේ" "අර සුමනසිරිට බලන්නකෝ මං විතරක් නෙවෙයි ඒකිවත් බරක් වුනානේ අන්තිමට" "එයා එහෙම හිතන්නේ නෑ අම්මේ" තාත්ත නැතිවෙලා හරියටම අවුරුද්දකට විතර පස්සේ නිදි ඇඳේම අපේ අම්මා නැති වෙලා තිබ්බා.පොඩ්ඩක්වත් දුක් විඳින්නැතුව අපේ අම්මා එහෙම නැති වෙච්ච එක ගැන මටනම් තිබ්බෙ හරි සතුටක්.හැබැයි අම්ම නම් මැරුණේ නංගි ගැන මහා බරක් හිතේ තියාගෙන.මැරිලවස්මයි අම්මට සැනසිල්ලේ ඉන්න පුළුවන් වුනොත් ............................................... ." නංගි තනිවම ඉන්න හින්දා අපේ ගෙදරට වත් එක්කන් එන්න වෙයිද" " මැණිකෙට ඔච්චර කෙනෙහිලි කම්කරපු කෙනෙක් මේ ගෙදරට ගෙන්නන්න එපා.එහෙම කිව්වා කියලා මාත් එක්ක අහිතක් නෑ නේද මැණිකේ. කොහෙවත් ඉන්න නයි රෙද්දේ අස්සෙ දාගත්තහම කන වෝ කන වෝ කියලා කෑ ගහන්න වෙයි නැත්නම් මැණිකෙට." සුමනසිරි ත් එහෙම කියපු නිසා මාත් නංගිට තනියම ඉන්න දුන්න. මාස දෙක තුනක් යද්දී මං එකපාරටම දැක්කා නංගි ඔක්කාර දානවා., දෙයි හාමුදුරුවනේ මේකි ළමයෙකුත් හදාගත්තා එහෙනම්.දැන් නං ඉතිං ගමේ වසලා ඉන්න හම්බෙන්නෑ.අප්පෙක් නැති දරුවෙක් එක්ක.සුමනසිරිට මේවා කොහොම කියන්නද මන්දා.ඒ වුනාට එදා නංගිව එක්කන් ආවා නම් ගෙදර මේ කිසි කරදරයක් නෑ. මොකාද මේ ගෙට රිංගන්නේ කියලා හිමිහිට හොයාගන්න ඕන.හොයා ගෙන සුමනසිරිට ඉක්මනටම කියලා ඉක්මනටම කසාද බන්දනව. ඇත්තමයි මේකි නම් මට කොහේවත් සැනසිල්ලේ ජීවත් වෙන්න දෙන්නේ නෑනේ. ටික දවසකට පස්සේ සුමන සිරිත් එක්ක මං නංගි හම්බවෙන්න ගියේ මේක ඉවරයක් කරගන්න. "උඹ ඔය ඉන්න තත්ත්වයෙන් තනියම මෙහෙ තියන්න බෑ.දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන්නේ සෙල්ලමක් නෙවේ. මං දරුවෝ වදලා නැති උනාට ඒ කැක්කුම මට හොඳට තේරෙනවා .මොන දේ කළත් උඹ මගේ නංගි.තවටත් මට අක්කා කියලා කතා නොකලට මගේ හිතේ අහිතක් නෑ.උඹ මෙහෙම තනියෙන් තියන්න බැ.ඒ විතරක් නෙවෙයි අපේ එක්කෙනාටත් රෑට රෑට මෙහෙට එන්න බෑ හැමදාම.ඔය කිසි දේකට මගේ අහිතක් නෑ.මට හිත හදාගන්න පුළුවන්.ඔය දරුවා අපේ.ඒ හින්ද යමු ගෙදර" මං එහෙම කියලා අපේ එක්කෙනා දිහා හොරෙන් බැලුවා .එයත් හොර පූසෙක් වගේ බිම බලන් ඉන්නවා මං දැක්කා.රෑ ට රෑට ගෙට රිංගපු අයට ඔලුව කෙලින් තියන් ඉන්න අමාරුයි . සමාප්තයිතාත්තට .. කමිසවල ඉතිරිව තිබූ දහදිය සුවඳත් සුලඟම ගෙනගියා විඩෙන් විඩ ඇවිත් දෝංකාරව තිබූ ගැඹුරු හඬත් කන් අඩියෙම නැවතිලා බොහෝ කලක් ගෙවුනත් ගිහින් බොහෝ කාලයක් ඒත් ලියුම් එනවා මසකට වාරයක් තාත්තව හොයාගෙන තාමත් අහනවා වගේ කොහොමද සැපදුක් පංසලේ මහ සභා රැස්වීමටත් හීල් දානය දවල් දානය සිහි කෙරුමටත් මල් පූජා බණ දේශණා භාවනා වැඩසටහනත් අමතක නොකරම හස්නක් තියේ තාත්තටත් පුරුද්දට මිසක් තැපෑලට දැම්මත් කවුරුත් දනී තාත්තා අද නැති වගක් ඇර බලනවා ලියුම් පෙට්ටිය හැමදාමත් හරියට ඉන්නවා වගේ තාත්තා අදටත් ඉන්නා තැනක තියෙනවද පටුමගක් අංකයක් හොයාගෙන එන්න දුර වැඩිද ඒ නගරයත් ලිපිනය වෙනස් කර හරවන්නද එන එන හැම හසුන් පාරක් තොටක් කියනවද ඇහෙන්න උඩ ඉඳන් ©️ Manohari Weerasingheදුංහිඳ හීන - (දාහතර) "මයෙ දෑහට වැරදුනාවත්ද කියල හිතුවා.. මේ මාපුතා සඳුන්සිරි නෙව.. එන්ට..එන්ට.. මොකට කඩුල්ල අහට වෙලා ඉන්නේ..? " යසා නැන්දා කුල්ලත් බිමින් තියලා කඩුල්ල දිහාවට දුවං ගියේ හරියට මහ රජ්ජුරුවො වැඩියම වාගෙ. හඳුනයිය මූණෙ පිරුනු හිනාවෙන්ම යසා නැන්දට වැඳල.. මා දිහා බැලුවා. කාසි කියන්නේ දෙයියන්නාන්සෙගෙ මලය කිව්වට ඊටත් එහා වාගෙ. හඳුනයිය නංගං මාරු කරා කිව්වට මේ ගංතුලානෙ එකාල සඳුන්සිරි කියල කියනව මං මේ ඇහුවමයි. දැන් දැන් ..දියෝනිස් අයිය උනත් කියන්නෙ අපේ මුදලාලි කියල විනක්කා හඳුන කියල කතා කරනව මයෙ කණට ඇහිල නෑ. මොකවුනත් මට නං එයා ඉස්සර වාගෙ හඳුනයියම තමයි. "මං මාමණ්ඩි බලන්ටත් ගිහින් ආවෙ. උන්දැ හොඳටම ලෙඩින් වැටිල විත්තිය දියෝනිස් කිව්වෙ. මට පහුන් ටිකේ සුමක්කරේට වැඩ. කොහෙ... කිරා මයෙ දකුණු අත වාගෙ..ඌට බලගොල්ලෙ යන්ට බෑ කියන්නෙ...අම්ම අංසබාගෙන් එක්තැන් විලා වෙද හාංදුරුවන්ගෙ වෙදකමේ බලෙන්ලු ඔහොම වත් ඉන්නෙ..." යසා නැන්ද තේ වතුර වක්කරන්ට උයන ගෙට වැදුනගෙන් පස්සෙ හඳුනයිය උන් තැනින් නැගිටල මයෙ ගාවට ආව. මට මූණ දෙන්ට බැරුං යසා නැන්ද පස්සෙ ගෙයි ඇතුලට යන්ට තනද්දිම හඳුනයිය මයෙ නම අඬගෑවේ කෝපවිලා වගේ. හඳුනයිය උන්නට වඩා පාට වැටිලා. තරපාරු ගැහිල. පොලිස් ඇත්තෙක් වාගෙ උඩු රැවුල් වවලා. සුදු කමිසෙයි සුදු සරමයි ඉණ බැන්ද කළු හං පටියයි එක්කල මහ පෝසතෙක් වාගෙ. මට හඳුනයිය ගව් ගානක් දුර ඈත වග දැනුනේ ඒ හන්ද වෙන්ටැති. "උඹ මහ අම්මණ්ඩි කෙනෙක් වාගෙ වෙලා නඟා. ඉස්සර උන්නු හීං එකී නෙවෙයි නෙව. මං අද ආවෙත් අවසානෙට උඹෙන් වචනයක් ගන්ඩ බලාගෙන. උඹ මට පල නොකිය පලා බෙදන තැනට ආවම මං උඹට කල් දුන්නා මා පැත්තට උඹෙ හිත කොයියම් වෙලාවක හරි නැමෙයි කියල . ඒත් උඹ අර සුද්දගෙ ගෙයි අගුපිල් ගානෙ රිංගුවහම මට මහ සිරිප්පානියක්..හිරිකිතයක් දැනුනේ. කී කාලයක් මං උඹෙන් බහ ගන්ඩ ඔය අහ ගාටන්ඩ ඇද්ද ?උඹේ කොටහළු දා ලිලී නැන්ද මට කේලි කරා මයෙ දූ උඹට තමා මා පුතේ කියල.. කාරි නෑ නඟා...." "අපේ මුදලාලි පුතාට සළක්කාරං කරන්ට හරිහමං දෙයක් ගෙයි හරියෙ නෑ නෙව... වේළාසනින් දන්නවනං මනාප දෙයක් හදන්ට තිව්වා.. කාගෙත් දුකේදී පිහිටවෙන බෝදිසත්ත ගුණේම මදෑ ඔයාකාර දියුණු වෙන්ට.. හෙනං මේ තියෙන දේකින් සප්පායං උනානම්..." නැන්දා අපි දෙන්නට කතා බස් කරන්ට ඉඩ දීල වෙන්ටැති අහකට ගෑටුවේ. හඳුනයියට මං හැරෙන හැටියට කියන්ට පුළුවන් මයෙ හිත අස්සෙ තියෙන දේ... "හඳුනයියට මං පෑහෙන්නෙ නැති වග එදා හිටං මයෙ හිත කීවා. අයියට ...." "මේ....මේ....නවත්තාගනිං නගා. උඹ එව්ව කියාදෙන්ඩ ඕනන්නෙ නෑ මට. මෙදා පාර අම්ම,අක්කණ්ඩි දෙන්නට ඕන හැටියට මගුල් තුලා බලන්නේ. මේ සංගදෝරු මං කියල නෙව තියෙන්නේ. ඒත් උඹේ මනාපෙ නැතුං මං කොහොම ඒ විත්තියක් කටෑරලා කියන්නෙ අපේ ඈයින්ට..? " මං කටපියාන උන්නේ මොනා කියන්ටවත් හිතට එන්නෙ නැතුං ..හඳුනයිය එක්කල එකටෙක කියා යන්ට මං තාමත් බයයි..තේ වතුර කෝප්පෙන් උගුරක් බීල හඳුනයිය මට පෑවම මං ඉස දෙපැත්තට කරල එපා කීව.. එවෙලෙ එයා මා දිහා බැලුවෙ නෝක්කඩු බැල්මකින් විත්තිය මට තේරුනා. "හ්ම්..කාරි නෑ..උඹට එකක් කියා යන්ඩ ඕන. අර කිරා එකත් එක්ක තියෙන ආරෝව අහක් කරගනිං නඟා. තිස්සෙම පාච්චලේට ගන්න හදන්ඩ එපා. ඒ කාලෙ උඹ මටත් එක්කල නෙව පලිච්චි කතා කීවෙ..." "ඌ ඕනවට වැඩී.. මට ඒක මහා වදයක් අයියා .." "අවුස්සගන්ඩ එපා ජිනා මාව. උඹට ඌ වදයක් විත්තිය මං දන්නවා. ඒ උඹට අර පර සුද්දත් එක්ක ඇල්ලෙයි, ඕවිටෙයි, බැද්දෙයි හාටෙන් ගාන්ට බැරි හන්ද නෙව..? මා හිතා උන්නෙ උඹ දැන් ඒව හිතින් අහක් කොරන් ඇති කියල. මං උඹට ආලවන්තකං පෑවේ පිරිසිඳු හිතින්. ඒත් ඔය සුද්දො කාපු පිඟානේ ඉඳුල් කන්ඩනං මේ හඳුන ලෑස්ති නෑ..." හඳුනයිය කර පොවා බලල ..ගෙනා මල්ලත් ඇතුල් ගෙයි උන්නු යසා නැන්ද අතට දීල පිටමං උනේ මා දිහා ඇස් කොණහින්වත් බලල නෙවෙයි. කිරා ගැන මට කියන්ට දිව අග්ගිස්සට ආවත් එව්ව කියාගන්ට තරං හයියක් මට නැතුවා..කඩුල්ල පැනල යාන්තං ඉස හෙලෙව්ව වග නං මට පෙනුනා. මයෙ දෑහෙ පිරිච්ච කඳුළු හන්ද මට හඳුනයිය පෙනුනෙ මීදුමක් ගානට. මං විගහින් යසා නැන්දලයි ගෙන් පිටමං වෙලා එහෙමම පතන දිහාට ගෑටුවා. කිසි දෙයක් කටට ගන්ට හිත් දෙන්නෙ නැති උනාට ඔය ඇඹුලට තියෙන දෙයක් ලුණු බින්දක් එක්ක කන්ටම තමා හිත. අනේ දෙයියනේ..මට අපුලම මිනිහෙකුට දාව නෙව මයෙ කුසට මේ එකෙක් ඇවිත් ඉන්නේ. දරු හැවිකරේ වෙනුවට මට දැනුනේ කියන්ට බැරි තරං අකම්පාල විච්ච හැඟීමක්. මං පිස්සියක් වාගෙ පතනෙ ඉන්දල තියෙන අන්නාසිවල ගැට ගෙඩියක් කඩාගෙන ගලේ තියල තලාගත්තා. සියඹලා ගස් පාමුල වැටිච්චි කරල් හෙමත් අහුලාගත්තා. හිස්බඩ කන්ට උනත් පිරියක් තියෙන්නේ මෙව්ව විතරයි. වෙන දෙයක් විච්චාවෙ. අන්නාසි ගැට අගුණ උනත් මොනාට මං මේ හැටි පත්තියං වෙන්නේ...? "උඹට හඳුනා මුලිච්චි උනාද..? ඌ අද ආවේ දෙකින් එකක් තීන්දු කරගන්ට. උඹ මොනා කිව්වෙ... ජිනා ? " අප්පුච්චා පිළට ගොඩවෙද්දිම ඇහුවේ ඒක. මං මොකුත් නොකිය ගෙට වැදිල ලුණු ඇබින්දක් ගත්තේ ගැට අන්නාසි කන්ට. අප්පුච්ච අහන ඒවට හූමිටි තියන්‍ට ගියොත් මයෙ ඔළුව විකාර වෙනව විනක්කා ඇති සෙතක් තියේ..ය.. ? "උඹ මට හැනහිල්ලෙ මැරෙන්ටවත් දෙන්නෙ නැති වග මං දන්නව . අර යස අපූරුවට කෙරෙන්ට තිවුන කටයුත්ත නැති වෙන්නේ උඹේ පණ්ඩිතකං හින්දා ..දැන් උඹව කැන්දන් යන්ට රාජ කුමාරයෙක් වඩිනකල්.. ..බලං හිටපන් ..." අප්පුච්ච කොයි වෙලේ බැලුවත් කියවන්නේ මට පරහටමයි. මං තිබ්බ හාල් ඩිංග ලිප තියලා මඤ්ඤොක්කා කොළ ටික වංගෙඩියට දාල කොටන්න ගත්තා. මටත් ඕන උනේ ඇඟ ගැස්සෙන වැඩපල කරන්ට. මට මතකයි අමරාවතීට දරුව ලැබෙන්න ඉන්න කාළෙදි හාමිනේ ඔය ගැස්සෙන විදියෙ මහ බර වැඩ කරන්ට දුන්නෙ නෑ. දවසක් රෙදි අපුල්ලන තැන ලෙස්සල වැටිල ඉස්පිරිතාලෙත් ඇන්න ගියා දරුගැබට හදිවෙලා ඇති කියල බයට. ගෑනියෙකුට ජීවිතේ තියෙන ලස්සනම හීනෙ නෙව අම්ම කෙනෙක් වෙන එක..? ඒ හීනෙ මටත් තිවුනා.ඒත් දෙයියනේ මං කොහොම කටක් ඇරල මයෙ අප්පුච්චට කියන්නේ.. අප්පෙක් නැති දරුවෙක් විදිහට මයෙ දරුව ලෝකයාට මූණ දෙන්නේ..? මට ඕන නවනිග්ගිරහවක් විඳින්ට ඇහැකි.. ඒත් මයෙ අප්පුච්ච පපුව පැළිල මැරෙයි මේ වගක් දැනගත්තොත් එහෙම. මං කාටත් හොරා අඬන හැටියට..මයෙ දෑහෙන් ගලන කඳුළු වලට මේ දුංහිඳත් පරාදයි. මට තිස්සෙම මැවිල පේන්නෙ සුදු මහත්තය එදා මහ අනෝරාව අස්සෙ මයෙන් වචනයක් ගන්ට හදාපු හැටි. අප්පුච්චට
හොදි ඩිංගකුත් හදල බත් බෙදල දීල මං කිරි පැපොල් ගැටයක් තම්බං කෑවා. මේව මහ පව්කාර වැඩ කියල මයෙ හිත මොර දුන්නත් එතනිං එහාට දෙයක් මයෙ හිතට එන්නෙ නැතුවා...චින්ත බේබි ගෙන් පිහිටක් ලැබෙයි කියල හිතුවත් ආයි මට ඒ ඉසව්වට පය ගහන්ට හිත් දෙන් නෑ.. * * * කන්ද දිහායින් මහා දුමක් නැග්ගෙනව. ඉඩෝරෙ කාළෙ.. දුංහිඳේ වතුරත් අඩු හින්ද ඇල්ලෙ ලස්සනත් නැතිවෙලා. පාණ්ඩු ගැහිච්ච ගහකොළ කාස්ට හුළඟට බිමට හැලෙන්ට ගත්තම බැද්දෙ තියෙන ගස් පේන්නෙ හරියට ඇටසැකිලි වාගෙ. පීල්ලෙන් වතුර එන්නෙත් නූල වාගෙ. මං කළ ගෙඩිය පිරෙන්ට තියල ගල් පොත්ත උඩින් වාඩිවුනේ ඈත පුස්සැල්ලා කන්ද පුරා ඇවිලෙන ගිනි කඳ හාස්කමකින්වත් නිවෙනවනං කියල . වතුර පොදක්, කන්ට දෙයක් හොයාගෙන හක්කොලන් කරන අහිංසක සත්තු කී දාහක් නං දාල පිච්චිල යනව ඇද්ද? උංව දඩයං කරන්ටත් එක්කල ඔය මස් වැද්දො කරන අපරාධ නෙව.. මෙව්වට හෙණයක්වත් මුන්ට පාත් වෙන්නෙ නැති එක නෙව පුදුමෙ..හෙණ කඩාපාත් වෙන්නෙත් අපටම වෙච්චි කොට... "ආං උඹට බංගලාවෙන් පයිණ්ඩයක් ආව.. හනික එන්ට කියල. හීං අප්පුවා ආවෙ. මොනාට කියන්ට නං දන්නෙ නෑ. සුනංගු නොවී පලයං අර චින්ත බේබි හන්ද පිටුපාල බෑ නෙව...? " මියුරි අක්කා එහෙම කිව්වේ අප්පුච්ච මට යන්ට නොදෙයි කියල වෙන්ට ඇති. කවුරු මොනාට කියල වගක් නොදැන ඒ අහ යන්ට හිතක් නැතුවා. ඒත් චින්ත බේබිගෙ හිත නොරොක් වෙන්ට දෙන්ට හොඳ නෑ.පව්...!මං හීං සීරුවෙ ලේස්ති වෙලා පාරට බැස්සා. රාමනායක මහත්තයා ගෙදෙට්ට එන ලෙඩ්ඩු එළවගන්නෙ නැතුව ඇති නෙව .ඒත් අපි දැක්කම නං මරං කන්ට වාගෙ ඔරවන්නේ. චින්ත බේබි ඉන්තේරුවෙන්ම බංගලාවෙ ඇති මයෙ හිතේ. පයිණ්ඩෙ එවන්ට ඇත්තෙ මට බේත් සාලාවෙ අත් උදව් දෙන්ට එන්ට කියල වෙන්ටැති. ඔය අතුපතු ගාල, බේත් බෝතල් පිළිවෙලකට අහුරල, බේත් ගන්ට එන ඇත්තන්ට කතා බහ කරල ඉන්ට විනක්කා ආයි දොස්තර නෝන වාගෙ වෙදකං කරන්ටයැ. මේ වෙලාවෙ බංගලාවෙ එළිය අහ මොකෙක් වත් නෑ වගේ.බේත් සාලාවත් වහල දාලා. ඒත් වෑර්ලස් එකේ සද්දෙනං ඕසෙට ඇහෙනවා. මං ඔය වෑර්ලස් එකක් දැක්කෙම රාමනායක බංගලාවෙ විතරයි. ඒක දිහා කොච්චරක් බලං හිටියත් මදි. තැටිය කැරකෙන ගානෙ යස අපූරුවට සිංදු යනවා. ඒකනං මහ අරුමයක්. මං එදා සුදු මහත්තයට කෑම ඇන්න බංගලාවට ආ වෙලාවෙත් හොරෙන් හොරෙන් බලා උන්නෙ මේකෙ සිංදු කියන ඇත්තො කොයි දේස දීපංකරේ ඉඳන් මෙව්ව කියනවද කියල ..? මෙව්වට වැඩිය පුදුම හිතෙන දේවල් ඉස්සරහට ඒවි කියල දවසක් සුදු මහත්තය කිව්වෙ.. ඒත් දැන් ඉතින් මයෙ හිතට ආසාවල් කියන ඒව පහල වෙන්නෙ නෑ. දේකට ආස හිතුනොත් එක්කො ඒ දේ නොලැබී යනවා.. නැත්තන් නොලැබෙන තැනට වැඩ සිද්ද වෙනවා . ඒ හැම ආසාවක් කෙළවරකම තියෙන්නෙ දුකක්.. ඒ දේ නැති වෙයි කියල බය සංකාවක්... සුදු මහත්තය බංගලාවෙ උන්නොත් මං මොනා කරන්ට...? ඇයි මගාරින්නෙ කියල ඇහුවොත් ..? මයෙ කුසට දරුවෙක් ඇවිත් කියල සුදු මහත්තයට කියන්නෙ කොහොම? ඒත් සුදු මහත්තය අසත්පුරුසයෙක් හෙම නෙවෙයි කියල මං දන්නව මයෙන් පළි ගන්ට තරං.. මට බය අප්පුච්ච ගැන දෙයියනේ ! මං උන්දැට මක් කියන්ට.. පොළොවෙ හැපිල මැරෙයි මයෙ අප්පුච්චා . චින්තා බේබි කා එක්කද ලොකු කතාවක්.. හිනා සද්දෙ එළියටත් ඇහෙනව.එහෙම තමා පිං කරපු ඇත්තෝ.චින්තා බේබිගෙ රූපෙටම හරියන කරුණාවන්තකම. ඔය බේත් සාලාව දැම්ම කියන්නෙත් ගමේ උන්ට සේවයක් කරන්ට ඕන නිසාලුනේ.. වීදුරු ජනේලෙ අස්සෙන් මං එබුනේ චින්ත බේබි යාන්තමට හරි මාව දැක්කනං කියල. රාමනායක මහත්තය දැක්කොතින් නං මාව එළවගනියි. උන්දැ කොහොමත් මනාප නෑ මං බංගලාවට එනවට.මං සුදු මහත්තයගෙ ඇඟේ බලෙන් එල්ලෙන්ට හදනව කියල හිතනවද දන්නෙත් නෑ නෙව . දෙයියනේ .. සුදු මහත්තයා ...? මයෙ දෑහ මේ දකින්නෙ හැබෑවක් ද? නැත්තන් හීනයක් වත්ද..?සුදු මහත්තයා සැටියක වාඩි වෙලා.. චින්ත බේබි සැටි ඇන්දට හේත්තු වෙලා.. අතකිනුත් අල්ලන්..? මයෙ ඇඟම ගිනිරත් උනා. දෙන්නගෙ ආස්සරේ හුඟක් දුරදිග ගිහින් වෙන්ටැති..කිසි ගානක් නැතුං යස අපූරුවට ළංවෙලා ඉන්නෙ..?මයෙ දෑහට කඳුළු කොහෙන් ආවද මේ ඩිංගට..? මං කොහොම ආපහු ගෙදර දුවං ආවද කියල මටම නිනව්වක් නෑ.. සුදු මහත්තයට හෙනං මං නැතුවට වගක් නෑ .මා එක්ක පුන පුනාම කීවෙ චින්ටට කැමති නෑ කියල නෙව..පිරිමි පරාණ වෙනස් වෙන්නෙ හුස්මක් ඉහළ ගිහින් පහළ දාන්ටත් කලියෙන් ..හරියට ආකහේ වගේ. අපි වාගෙ එවුන්ට දරාගන්ට අමාරුයි.. සල්ලි තියෙන ඇත්තන්ට නං ඔව්ව මහ දේවල් නෙවෙයි . පිරිමි හැමෝම එහෙමද...? මයෙ අප්පුච්චා.. හඳුනයිය .. සුදු මහත්තයා .. ගුණසිරියා ..ඒ විතරක් යැ..කිරා. මයෙ ජීවිතේ මට මුණ ගැහිච්ච පිරිමින්ගෙන් සහසුද්දෙන්ම දන්න හතර පස් දෙනා.. ඒත් අතේ ඇඟිලි පහම එකවාගෙ නැහැ නෙව .. මේ පස්දෙනාගෙන් එකාට එකා කොච්චර වෙනස්ද...? මයෙ අප්පුච්චා නිස්සද්දෙං හිටිය උනාට මටයි අම්මටයි කොච්චර ආරස්සාවක් උනාද..? හඳුනයියා .. ඒත් ඒ වගේ.. සුදු මහත්තයා බෝදිසත්තයෙක් වගෙයි මං හිතාන උන්නේ.. මට වාවන් නැත්තෙත් ඒකයි.අනික් උන්ගෙන් මට පලක් නැතුවා. ඒත් සුදු මහත්තයා ..? ආයිත් මට මොනා වෙන්ට.. ? රෙදි පෙට්ටිය අස්සෙ ගහල තිවුන ලියවිල්ලෙන් පවරාපු වීදුරු ජනේල තියෙන ගේ පොඩ්ඩ දැන් මට මොකට...? ඒකෙ අයිතිය හරි නං චින්ත බේබිට නෙව..? මොන තරං මුසාවක්ද සුදු මහත්තය මට කරේ...? මං හෙට පාන්කළුවෙන්ම ඒක ගෙනිහින් සුදු මහත්තයට බාරදෙනවා.. බාරගත්තෙ නැත්තන් කීතු කීතු වලට ඉරල දානවා.චින්ත බේබි උදෙන්ම ඉස්පිරිතාලෙ යන්නෙ නැතෑ.. ඒත් සුදු මහත්තය නාරංගල වත්තට යාවිද කවුද්දා.. මයෙ නරක දසාව මං මැරෙනකල් ගෙවෙන් නැතුවා වාගෙ.. රාත්තිරිය පුරාවටම ඇහුනේ බෝදිලිමයෙ අඬෝඇඬියාව..ඉස්සර කිරි අම්ම මං හීංඑකී කාලෙ කියල තියෙන කතාවක් මතක් වුනා. මහ මූකලානෙං රාත්තිරියට ඌ ගං පියස්සට එන්නේ උගෙ වේදනාව කියන්ටලු.කිරි අම්මා සිරිතක් විදිහට පානක් පත්තු කරල පිළේ ගල්තල්ලක් උඩ තියා තිබ්බම ටිකෙන් ටික උගෙ කෙඳිරිල්ල නැතිවෙලා යනවලු.. කුසේ වේදනාව තුනී වෙන්ට පහනෙ රස්නෙන් තවා ගන්නවා කියල තමයි කිරි අම්ම කීවේ. ඔය බෝදිලිමා පිරිමි එක්ක වයිරෙන් මැරිල මෙහෙව් ආත්මයක ඉපදිලා තියෙන්නේ. ඒකි බැරිණි කාලෙ ඇති වෙන්ට දුක් උහුලන්ට ඇති. පිරිමි පරාණ එක්ක වයිර කරන්ට ඒකිටත් සාදාරණ හේතු තියෙන්ට ඇති නෙව. මං පහණක් පත්තු කරල එළිමහනෙං තිව්වට පස්සෙ මයෙ හිතට හොඳා.. උඹ වාගෙ තමයි මාත්.ඒ හන්ද උඹෙ අසරණකම මට දැනෙනවා. නින්දත් නොනින්දත් අතරේ මට ඈතින් කිරාගෙ බටලී වාදනෙත් ඇහිල නෑහිල යනව.උඹ මට ඇයි මේ වාගෙ සංගදියක් කළේ..?හඳුනයියත් එක්ක හෙනං මේ වතාවෙත් කිරා බලගොල්ලෙ යන්ට නෑ..! පහුන්දාට පහන් වෙද්දී අප්පුච්චයෙ ආවතේව ටික කරල අහකලා මං උයා පිහන්ට ගත්තා. අප්පුච්චට බේත් වඩිය දෙන්ට කළියෙන් බතක් මාලුපිං පිහින්ට වෙනව විනක්කා මට එව්වයෙ සුවඳ පවා අපුලට දැනෙන්නේ. හඳුනයිය අප්පුච්චට පිටි ටින් එකක් ගෙනත් දීල. තව මයිසූර් කියල ඇට ජාතියක්. ඉන්දියාවෙන්ද කොහෙන්ද ගේන ජාතියක් කිව්වලු. එව්ව වේළහන පිහින්ට ඕන. බත් වාගෙ විජහට බෙරි වෙනවා. කිරට පිස්සම ඒව එක්ක බත් කන්ට අප්පුච්ච මනාපයි. කොහොමත් උන්දැට හඳුනයිය ගේන කොයික වුනත් අගේ නෙව. අප්පුච්චට බත් බෙදා දීල මං පීල්ල අහට ගියේ නැවුම් වතුර බොන්ට පුරෝ ගන්ට. මට මොන දුක් සංකා තිවුනත් ඇළදොළ , ගස් කොළං, සතා සීපාව එක්ක ගතවෙද්දි ඒ සංකා තුනී වෙලා යනවා. කන්ද කපාගෙන ඉර පායල එනකොට ආකාසෙ ලස්සන..? "ජිනා..!! " "බේබි..? " "කෝ පණිවිඩ එවලත් ජිනා ආවෙ නැති පාර මම ආවේ..ගෙදර ගියාම ඔයාගෙ අප්පච්චි කීව ඔයා මෙතන කියල. අප්පච්චිගෙ ලෙඩ ගැනත් බලලමයි මං මෙහෙට ආවෙ.. " "අනේ බේබි .. පයිණ්ඩෙ ලැබුන හැටියෙ මං බංගලාවට ගියා..මේ...ඒත් ...!! " "ඇයි ජිනා මම ඊයෙ බංගලාවෙ හිටියනේ..? " "කට්ටිය උන්නු හන්ද මං ආපහු ආවෙ.." "අයියෝ..ජිනාට නුහුරු තැනක් නෙවෙයිනේ. ඔන්න අදනම් කවුරුවත් නෑ.ඩැඩා, ඇලෙක්ස් කට්ටියම නාරංගල වත්තට ගියා... " චින්ත බේබි එහෙමම ගල උඩින් ඈඳි ගත්තා . මයෙ හිතට දැනුනේ කියන්ට බැරි තරමේ කළකිරීමක් .හෙනං සුදු මහත්තයා ආයිත් නාරංගල වත්තට ගිහින් ..? "මම ආවෙනං ජිනාව මයෙ අත් උදව්වට බංගලාවට ගෙන්න ගන්න අහන්න. ඒත් දැන් මට අහන්න වෙන්නෙ වෙන දෙයක්. මට ඇත්ත කියන්න ජිනා .. " චින්ත බේබි මයෙ දෑහ දිහා එකඑල්ලේම බලා උන්නා. ඒ බැල්ම දිහා මට බලා ඉන්ට බැරුවා වගේ..මං එහෙමම බිම් බලාගත්තා. මතු සම්බන්ධයි . (සේයාරුව අන්තර්ජාලයෙනි )ගිහින් එන්න ! මුහුදකින් එහා, මම නොදුටු විල්ලුවල, නටන මාලුන් ගැන අහන්නට. පාන්දර ටීම් මීටිමට,කෝච්චියෙ යන ගමන්, හීතලට ලගින් ඉන්නට. රෑ නමය පහු වෙලත්, ඉර තාම තියෙන හැටි, නංගිට එවපු පින්තූරවල බලන්නට. යූ ටියුබ් බල බලා, හදාගත් චිකන් කරියක, පාටෙන් රස කියන්නට. වෝකින් පාත් වල, දවස ගෙවුනු හැටි කිය කිය, පැය ගනන් ඇවිද යන්නට. දුර තියෙන පන්සලේ, කිරි ඝරුඩ බුදු පිලිම, එකින් එක වඳින්නට. ඇමසන් බඩු ගෙනා, ලොකු පෙට්ටි කප කපා, රීසයික්ලින් බින් එකට දාන්නට. දවල් බත් කන ගමන්, ඔහෙ දවස අහවරට, ගුඩ් නයිට් පුතේ කියන්නට. හරියටම, රෑ දෙකයි පහලොවට, ඉස්සරහ මිදුලේ, අරලිය ගහ ගාව අහසේ, පාට එලි විහිදගෙන, වලාකුලු අතර හැංගෙන. ඔබ දිහා බලන් ඉන්නම්. ගයාන් ගරුසිංහවීදුරු ඇස් (අවසාන කොටස) පැති කන්නාඩියෙන් ඒ රුව දිහා මම බලාගෙන හිටියේ මට වැරදීමක් වෙන්න ඇති කියලා හිතලා. හෙමින් හෙමින් අමාරුවෙන් ඇවිදගෙන එන ඒ රුව කොයි තරමක් වෙනස් වෙලා තිබුණත් අඳුරගන්න බැරි තරමට වෙනස් වෙලා තිබුණෙත් නැහැ. "ඔව්... ඒ බත් අම්ම තමයි..." ඒත් මට දැනුණේ මගේ ඇස් දෙක අදහගන්න බැරි තරම් පුදුමයක්. "ඇයි කවිෂ්ක..." නෙළුම් ඇහුවමයි නෙළුම් එතන ඉන්න බව මට මතක් වුණේ. "නෙළුම්... ඔය එන කෙනා මම හොඳට දන්න කෙනෙක්..." "කවුද...?" නෙළුම් ඇහුවේ පැති කන්නාඩියෙන් බලන ගමන්. "ඒ එන්නේ සොනාලිගෙ අම්මා..." "ඇත්තටම... හරි පුදුමයි..." නෙළුම් කිව්වෙ විශ්වාස නොකරන හඬින්. "ඒක තමයි... මටත් මේක අදහගන්න බෑ... මේ තරම් අසරණ වි
දියට මං කවදාවත් ඒ අම්මව දැකලා නැහැ..." මම කිව්වේ ඇත්තටම හිතේ ඇතිවුණ අනුකම්පාවෙන්. "අපි ගිහින් කතා කරමුද කවිෂ්ක..." නෙළුම් කිව්වම මම පොඩ්ඩක් කල්පනා කළා. බත් අම්මා කවදාවත් මට වරදක් කළේ නැහැ. මම බෝඩිමේ ඉන්න කාලේ පවා මට සැලකුවේ තමන්ගේම දරුවෙකුට වගෙයි. මට විතරක් නෙවෙයි අපේ කාමරේ හිටපු කොල්ලො ඔක්කොටම බත් අම්ම වැඩිපුර මාළු කෑල්ලක් හරි බෙදාගෙන ආවේ ඉගෙන ගන්න දරුවෝ හොඳට කන්න ඕනි කියලයි. ඇගේ ඒ ලෙන්ගතුකම අපි කාටවත් කවදාවත් අමතක කරන්න බැහැ. මම හිතන්නේ මගෙන් සොනාලිට වරදක් වෙච්ච වෙලාවෙ සොනාලි ගැනටත් වැඩිය මම බත් අම්ම ගැන හිතුව කියලයි. බත් අම්ම මං ගැන තියපු විශ්වාසෙ කඩ කරන්න මට ඕන වුණේ නෑ. "අපි යමු..." කියපු මම වාහනෙන් බැහැල පදික වේදිකාවට ගොඩ වුණා. අපිළිවෙලට පටලව ගත්තු සාරියත් අවුල් වුණ හිසකෙසුත් බොහොම වෙහෙසට පත්වෙච්ච පෙනුමෙන් කුදු වෙලා වගේ ඇවිදගෙන ආපු බත් අම්මව දැකපු මගේ හිත පිච්චිලා යනවා වගෙයි මට දැනුණේ. සොනාලි මාව අතෑරියා වගේ තමන්ව වදපු, දුක් විඳල උස්මහත් කරපු අම්මවත් අතෑරලා දාලා... මට සොනාලි ගැන ඇතිවුණේ පුදුම කේන්තියක්. "අම්මේ..." මගේ හඬින් බත් අම්මා තිගැස්සිලා ගියා. වියපත් ඇස් දෙක විවර කරල බලපු ඇය මා දිහා බලාගෙන හිටියේ තමන්ගේ ඇස් අදහගන්න බැරුව වගේ. ඇගේ ඇස් බලාගෙන ඉද්දී කඳුලෙන් පිරිලා ඉතිරිලා යන හැටි දැකපු මට දැනුණේ උහුලගන්න බැරි තරම් වේදනාවක්. "දො... දොස්තර මහත්තයෝ..." "අම්ම මේ කොහෙද යන්නේ..." මම ඇහුවේ මගේ හැඟීම් යටපත් කරගනිමින්. "මං ගෙදර යනව මහත්තයෝ..." "ගෙදර...? මෙහෙ...?" මං ඇහුවෙ පුදුමයෙන්. "මං දැං ඉන්නේ මෙහේ මහත්තයො..." ඒ පුංචි පිළිතුර ඇතුළේ ලොකු කතාවක් හැංගිලා තියනවා කියල මට තේරුණා. ඒත් මෙතන ඒ කතාව අහන්න තරං සුදුසු තැනක් නෙවෙයිනෙ. මගේ හිත කිව්වෙම සොනාලි මාව විතරක් නෙවෙයි එයාගේම අම්මවත් අතෑරල කියලයි. "යමු... මම අම්මව ගිහින් ඇරලවන්නං..." මම කීවේ බත් අම්මගෙ අතකින් අල්ල ගන්න ගමන්. "එපා මහත්තයෝ... තව වැඩිදුරක් නැහැ... මට තනියම යන්න පුළුවං..." ඇය කිව්වෙ නෙළුම් දිහාවෙත් අහිංසක විදියට බලමින්. ඒ බැල්මෙ කුතුහලයකුත් තියෙන බව මට වැටහුනා. "මේ මගේ යාලුවෙක්..." මම කිව්වම ඇය හිස වැනුවා. "යමු.. යමු... එන්නකෝ නගින්න..." කියමින් මම ඇයව වාහනයට නැග්ගුවේ බලෙන් වගේ. මාව මග ඇරලා යන්න බත් අම්මට තදබල අවශ්‍යතාවයක් තියන බව මට තේරුණත් ඇය ගැන මගේ හිතේ තිබුණේ ලොකු අනුකම්පාවක්. මේ තරම් කල් මම බත් අම්මව අමතක කරල හිටියේ කොහොමද කියල මටම පුදුම හිතුණා. මට මා ගැනම ඇති වුණේ තරහක්. බත් අම්ම කියපු මං සලකුණු වලට වාහනය ගෙනිච්ච මම දැක්කේ පුංචි ඇනෙක්සියක්. නිවසක පැත්තකට වෙන්න හදල තිබිච්ච පිළිවෙලක් නැති කාමර කෑලි දෙකක් තමයි එතන තිබුණේ. මට බත් අම්මයි සොනාලියි හිටපු පුංචි ගෙදර මතක් වුණා. පුංචි වුණත් හරිම පිළිවෙලට පිරිසිදුවට මල් වවල තියාගෙන හිටපු ඒ ගෙදර හරිම සීදේවී කියලයි අපි හැමදාමත් කතා වුණේ. තමන්ගේ ගෙදර අතෑරලා තමන්ගේ දුවගේ ගෙදරටවත් යන්න අකමැති වුණු බත් අම්ම ඒතරං ලස්සන පුංචි ගෙයක් අත ඇරල මේ වගේ තැනකට එන්න නම් ඒක සුලු පටු හේතුවක් වෙන්න බෑ කියල මට තේරුණා. බත් අම්මා වාහනෙන් බැහැල නිවස දිහාට ඇවිදගෙන ගියේ පැකිලෙමින් වගේ. මමත් නෙළුමුත් ඇගේ පස්සෙන් ඇවිදගෙන ගියා. පුංචි වැරැන්ඩාවක් වගේ කොටසෙ තියල තිබුණ පුටු දෙකක් පෙන්නපු ඇය "ඉඳගන්න මහත්තයෝ..." කියල කිව්වා. "අම්මේ... ඇයි අම්ම මෙහෙ ඉන්නෙ... කෝ සොනාලි... එයා අම්ම ගැන බලන්නැද්ද...?" මගේ හඬට කෝපයක් මුසු වෙලා තියෙන්නෙත් ඇති. ඒ කේන්තිය සොනාලි වෙනුවෙන්. ඒ ගිලිල ගිහිපු මහළු ඇස් දෙකෙන් කඳුලු වැගිරුණා. හැමදේම අහිමි වෙලා අන්ත අසරණ වෙච්ච මිනිස්සු මම ඕනි තරම් දැකල තිබුණා. ඒත් මේ තරම් අසරණ වෙච්ච මූණක් මම හිතන්නේ මම මීට කලින් දැකල තිබුණේ නෑ. "අම්මෙ...?" "ඇත්ත මහත්තයො... මගේ කෙල්ල මාව අතෑරල දැම්මා... ... " ඇගේ ඒ වචනවල මට දැනුණේ අමුත්තක්. ඒ වචනවල තරහක්වත් කේන්තියක්වත් ගැබ්වෙලා තිබුණෙ නැහැ. තිබුණෙ හිත පාරවන වේදනාවක් විතරයි කියල මට තේරුණා. මම ඇය දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්. "එන්න මහත්තයෝ..." ඇය අපිව ඇතුල් කාමරයට එක්කගෙන ගියා. මමත් නෙළුමුත් ඇගේ පස්සෙන් ගියේ කුතුහලයෙන්. මාව මුලින්ම පිළිගත්තේ නහය හාරගෙන ගිහිපු බෙහෙත් ගඳක්. කුටියේ ජනේලෙ ළඟ තිබුණ පුංචි ඇඳක වැතිරිලා හිටියේ ඇට සැකිල්ලක් තරමට කෘෂ වෙලා ගියපු ගැහැණියකගෙ කියන්න පුළුවන් සිරුරක්. ඇත්තටම බත් අම්ම කිව්වේ නැත්තම් ඒ ඉන්නේ සොනාලි කියලා අඳුරගන්න බැරි වෙන බව මම හොඳටම දන්නවා. මට මගේ ඇස් දෙක අදහගන්න බැරි වුණා. මං ආදරේ කරපු වීදුරු වගේ නිල් ඇස් දෙක තවදුරටත් කිසිම ප්‍රාණයක් නැතුව කළු ගැහිච්ච ඇස් කෙවෙනි ඇතුළෙ ගිළිලා තිබුණෙ කිසිම හැඟීමක් සංවේදනයක් නැති විදිහට. ඇටගැහිච්ච අත්පා ඇඳ මත ඔහේ වැතිරිලා තිබුණා. එක කාලයක් මම ආසාවෙන් අත ගාපු වරලසේ එකම එක කෙස් ගහක්වත් තිබුණෙ නැහැ. "නින්ද යන්න බෙහෙත් දීල වෙන්නැති මහත්තයො.... නිතරම නිදි... නැගිටල ඉන්නකොට විඳින වේදනාවෙ හැටියට ඔහොම නින්ද යන එකත් හොඳයි..." මට දැනුණා මගේ දරා ගැනීමේ සීමාව ඉක්මවා යන බව. මම කවුද...? ඉන්නෙ කොතනද...? හැමදේම එක මොහොතකට මට අමතක වුණා. මගේ ඇස් දෙකෙන් ගලාගෙන ආපු කඳුලක් කම්මුල් දිගේ බේරිලා යන හැටි මට තේරුණා. ආපහු හැරුණ මම ගිහිං වැරැන්ඩාවෙ තිබුණ පුටුවෙන් ඉඳගත්තේ මගේ දෙපා අප්‍රාණික බවක් දැනුණ නිසා. රෝගීන් දහස් ගණනකට කිසිම පැකිලීමක් නැතුව ප්‍රතිකාර කරපු මම රෝගියෙක් නිසා කවදාවත් මේ තරං කම්පනයකට මුහුණ දීල නැති බවනං මට විශ්වාසයි. නෙළුම් ඇවිත් මගේ අත අල්ල ගත්තම පුරුදු විදිහටම මට දැනුණෙ ලොකු හයියක්. ටික වෙලාවකින් මට පුළුවන් වුණා හිත සංසුන් කර ගන්න. "කොහොමද මේ දේවල් වුණේ..." මම වෙව්ලන කටහඬින් ඇහුවෙ අපි දිහා බලාගෙන හිටපු බත් අම්මගෙන්. "මහත්තයයි කෙල්ලයි අතරේ මොන වගේ ප්‍රශ්න තිබුනද කියල මම දන්නෙ නෑ මහත්තයෝ... කෙල්ල කවදාවත් මට ඒ ගැන කියල නැහැ... මට කවදාවත් මහත්තයගෙ වැරැද්දක් කියලත් නැහැ... හෝටලේ පටන් අරගෙන අවුරුද්දක් විතර යනකං කෙල්ල මාව බලන්න හැම මාසෙකම ආව... ඇවිල්ල මට වියදමට සල්ලිත් දීලයි ගියේ.... ඊට පස්සේ එක පාරටම කෙල්ල වෙනස් වෙන්න ගත්තා... මමත් ඒ ගැන ඒ තරං හිතුවේ නෑ... දවසක් ඇවිල්ල මට කිව්වම මහත්තයගෙන් දික්කසාද වුණා කියල මට අදහගන්න බැරි වුණා... මං කොච්චර ඇහුවත් කෙල්ල මට හරියට උත්තරයක් දුන්නේ නෑ... හරියට කෑමක් බීමක්වත් නැතුව දවස් ගානක් ගෙදරට වෙලා හිටිය... හෝටලේට ගියෙත් නෑ... " කඳුළින් පිරිල තිබුණ බත් අම්මගෙ වියපත් මූණ බලන්න දැනුණ අපහසුතාවය නිසාම මම හිටියෙ පුටු ඇන්ද උඩ අතරමං වෙලා වගේ ඒ මේ අත යන කූඹියෙක් දිහා බලාගෙන. "මං කිව්ව කරදරයක් නං අපි දොස්තර මහත්තයට කියමු කියල... ඒක කිව්වම කෙල්ල අඬල කිව්ව කවදාවත් ඒකනං කරන්න එපා කියල... ' එයා මම වෙනුවෙන් එයාගෙ අම්ම තාත්ත පවා අතෑරියා... මේක දැන ගත්තොත් එයාගෙ හැම දේම අතෑරල මං වෙනුවෙන් කැප වෙනවා... මට එයාගෙ ලස්සන ජීවිතේ විනාස කරන්න ඕන නෑ... මං එයාගෙන් දික්කසාද වුණේ ඒකයි... එයා මට වෛර කරල හරි හිත හදාගනීවි...' කෙල්ල කිව්වෙ එහෙමයි මහත්තයො...." බත් අම්ම ඉකි බින්දා. නෙළුම්ගේ පවා ඇස් කඳුළින් පිරිල තියෙන හැටි මම දැක්කා. හෝටලේට මොනවා වුණාද කියලා මම දන්නෑ මහත්තයෝ... කෙල්ලගේ කාර් එක නම් කෙල්ල විකුණුවා... ඒ සල්ලි වලින් කොටසක් දොස්තර මහත්තයට දෙන්න තියෙන සල්ලි වගයක් කියල පොතක දාල පසු අයිතිය දොස්තර මහත්තයාගේ නමට ලිව්වා... ඉතුරු වෙච්ච සල්ලි ඔක්කොම මට දුන්නා... ඒ සල්ලි වලින් තමයි කෙල්ලගෙ බේත් හේත් කරන්නෙ... අන්තිමට හිටපු ගේත් විකුණල මේ ගේ කුලියට අරන් ආවේ ඉස්පිරිතාල යන්න ලේසියට... මාස ගානක් හිටියෙ ඉස්පිරිතාලෙ... ගිය සතියෙ ඉස්පිරිතාලෙන් කිව්වා ගෙදර එක්කගෙන ගිහින් කැමති දෙයක් කන්න බොන්න දෙන්න කියලා...." හැන්දෑ අඳුර තවත් ගන වෙලා. කාටවත් ඒ ගැන හැඟීමක් තිබුණේ නෑ. ඈතින් ඇහුන ගිගිරුම් හඬකින් හාත්පස පැතිරිලා තිබුණ නිහඬතාවය බිඳිල ගියා. "පොඩ්ඩක් ඉන්න මහත්තයො..." කියපු බත් අම්ම ආයිත් ඇතුලට ගියා. ඇය ආපහු ආවෙ ගනකම ලිපි කවරයක් අරගෙන. "කෙල්ල මේක මට දුන්නෙ කෙල්ල නැති කාලෙක මහත්තයට දෙන්න කියල... ඒත් ඉතිං මහත්තය දැං හැමදේම දැක්ක නිසා මේක දුන්න කියල වරදක් වෙන එකක් නෑ... කොහොමත් දැං ඉතිං කෙල්ල..." ඇගෙන් වචන වෙනුවට පිටවුණේ කඳුළු. මම ගැහෙන අතින් ලිපි කවරය ගලවන්න උත්සාහ කළා. කවරෙ ඉරල දාපු මම ඇතුලෙ තිබුණ දේවල් අතට ගත්තා. මගේ නම ලියපු ලිපියකුත් එක්ක බැංකු පොතක් තමයි ඒකෙ තිබුණෙ. සොනාලිගෙ ලස්සන රවුම් අත් අකුරෙන් මගේ නම ලියල තිබුණ ලිපිය මම දිග ඇරියෙ ගැහෙන හදවතින්. එක මොහොතකට අවටින් ඇහුණ සියලුම හඩවල් මගේ සවන්වලින් මැකිලා ගියා. අවට තියෙන හැම දෙයක්ම මගේ දෑස් වලින් බොඳ වෙලා ගියා. මම දැකපු එකම දේ සොනාලිගෙ ලිපිය විතරයි. ආදරණීය කවි.... ඔයාට ආදරණීය කවී කියල කියන්න මට අයිතියක් නැති වුණත් මම තාමත් ආසයි ඔයාට එහෙම කතා කරන්න. එතකොට මට මතක් වෙනවා අපි එක කාලෙක සතුටෙන් හිටපු හැටි. මම කරපු දේවල් වලට සමාව ඉල්ලන්නවත් සුදුසු නැති උනාට මම දන්නවා ඔයා මට සමාව දෙන බව. අපිට වැරදුණේ කොතනද කවී... ඔයා ඔයාගේ හීන පස්සෙ දුවනකොට මටත් ඕන වුණා මගේම හීනයක් පස්සෙ දුවන්න... ඒ වෙනුවෙන් ඔයා මට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරා... මම දන්නව මං ඒකට කලගුණ සැලකුවේ හරිම වැරදි විදියට කියලා... ඒත් මං කවදාවත් ඒ දේවල් එහෙම කරන්න හිතාගෙන හිටියේ නෑ... මට ඕන වුණේ ඔයා වගේම ජීවිතේ සාර්ථක කෙනෙක් වෙන්න... හෝටලේ ටිකෙන් ටික දියුණු වේගන එනකොට මම හිටියේ පුදුම සතුටකින්. මට ඕන වුණා ඒ සතුට ඔයා එක්ක බෙදාගන්න. ඒත් හැමදාකම ඔයා ගොඩක් බිසී වෙලා හිටියා... මට දැනුණේ හිස් බවක්... මගේ හදවතේ ඒ හිස් තැනට හරිම ලේසියෙන් නිශ්ශංක ඇතුල් වුණා. එයා හොඳ යාළුවෙ
ක් විදිහට මගේ හැම දේකටම ගොඩක් උදව් කළා... ඒ තරං ඉක්මනට ඒ ෆීල්ඩ් එකේ නමක් හදාගන්න මට පුළුවන් වුණේ එයා නිසා. මං කියවන දේවල් අහගෙන ඉන්න එයාට ඕනෙ තරම් වෙලාව තිබුණා... මගේ සතුට බෙදාගන්න... ප්‍රශ්න එනකොට මට හයියක් වෙන්න.... හැම දේකටම එයා දෙපාරක් හිතුවේ නෑ... මට වැරදුනේ එතනද කවී.... මම ඔයාව එයා එක්ක සංසන්දනය කළා... මට ඔයා ගැන දැනුණෙ කලකිරීමක්... ඒත් මං ඔයාට ආදරේ කලා... ඔයා මං වෙනුවෙන් කරපු කිසි දෙයක් අමතක කරන්න මට පුළුවන්කමක් තිබුණෙ නැහැ... ඔය අතරේ එක දවසක නිශ්ශංකගේ හෝටලේ ලොකු පාටියක් තිබුණා. ඔයාට මතකද...? මං ඔයාව ඒ පාටි එකට එක්කගෙන යන්න මොන තරං මහන්සි වුණාද කියල... ඒත් ඔයාට එදා කොහොමටවත් එන්න විදිහක් නෑ කියල ඔයා වැඩට ගියා... ඒත් තනියම වුණත් ඒ පාටියට මම ගියේ හරිම ආසාවෙන්. නිශ්ශංක එතන මාව ලොකු චරිතයක් බවට පත් කරලයි තිබුණේ... ප්‍රසිද්ධම නළු නිළියො පවා ඇවිත් හිටපු ඒ පාටි එකට ආපු හැම කෙනෙක්වම එයා මට හඳුන්වල දුන්නා... එදා මම හිටිය පුදුමාකාර සතුටකින්... හැම දේකටම නිශ්ශංකට ණයගැතියි කියලයි මට හිතුණෙ... ඔය අතරේ එයා මට සැර බීම එකක් බොන්න දුන්නා. මං හිතන්නෙ ඒකට මොනවා හරි මත් වෙන දෙයක් කලවම් කරලා තියෙන්න ඇති... පස්සේ මම හැසිරුණ විදිය මට පොඩ්ඩක්වත් මතක තිබුණේ නැහැ. මම ආයිත් නැගිටිනකොට හිටියේ නිශ්ශංකගේ කාමරේ එයාගෙ ඇඳ උඩ නිරුවතින්... එයා හිටියෙ මගේ පැත්තකින් වැතිරිලා... එයාගේ මූණේ ලස්සන හිනාවක් ඇදිලා තිබුණා. මම තේරුම් ගත්තා මම මගේ සීමාව ඉක්මවලා ගිහින් කියල. ඒත් ඒ වෙද්දි ආපහු හැරෙන්න බැරි තරමට හැමදේම වැරදිලා තිබුණා... ඒ ගැන මට ලොකු පසු තැවීමක් නොතිබුණේ ඒ වෙද්දි නිශ්ශංක මගේ ජීවිතේට ගොඩක් ළං වෙලා හිටිය නිසා වෙන්න ඇති. එත් ටික කාලෙකින්ම මට තේරුණා මම කරගත්ත වැරැද්දෙ බරපතල කම... එදා රෑ සිද්ධ වෙච්ච හැම දෙයක්ම නිශ්ශංක වීඩියෝ කරලා... එයා කියන දේකට විරුද්ධ උනොත් එයා ඒවා ප්‍රසිද්ධ කරනවා කියලා මාව බය කළා... ඊට පස්සෙ මට සිද්ධ වුණා නිශ්ශංක කියන කියන දේ කරන්න. ඇත්තටම මට බයක් දැනුණෙ මං ගැන නෙවෙයි කවි... ගෞරවනීය වෛද්‍යවරයෙක් විදියට රටේ නමක් දිනාගෙන හිටපු ඔයාගේ නමට වෙන කැළල ගැන මම ගොඩක් බය වුණා... මම එයා කියන කියන හැමදේම කළා... අන්තිමට මට සිද්ධ වුණා මගේ හීනෙ... මගේ හෝටලේත් එයාගේ නමට ලියලා දෙන්න... මම නිසා ඔයාට වෙන හානිය නැති කරන්න මට වෙන කිසිම දෙයක් තිබුණෙ නැහැ... මම දැනගෙන හිටියෙ නිශ්ශංක කවදාවත් මාව භාරගන්නෙ නැති බව.. මම නිසා ඔයාගේ ජීවිතේට වෙන විනාසෙ නැති කරන්න එකම ක්‍රමය විදිහට මම දැක්කේ ඔයාගෙන් ඩිවෝස් වෙන එක... එදා ඔයාගේ හිත රිදෙන දෙයක් මම කිව්වනම් මට සමාවෙන්න... ඔයාගේ පිට වරද පටවලා ඩිවෝස් එක ඉල්ලුවේ එතකොට ඔයාට මා ගැන තරහට හරි හිත හදාගන්න ලේසි වෙන නිසා... ඒත් ඩිවෝස් එකෙන් පස්සෙ හැමදේම තවත් නරක අතට හැරුණා... තව දුරටත් මට ඔයාගෙ රැකවරණය නෑ කියල දන්න නිසාම එයා කිසිම බයක් සැකක් නැතුව මාව පාලනය කරා... නිශ්ශංක හෝටල් දෙකේම පාලනය එයාගේ අතට ගත්තා... මම එතන සේවිකාවක් විතරක් බවට පත් වුණා. අවාසනාවන්තම දේ ඒක නෙවෙයි... මට සිද්ධ වුණා නිශ්ශංකගේ ගනුදෙනුකාරයන්ව සතුටු කරන්න... විශේෂයෙන් එයාගෙ විදේශීය ගනුදෙනු කාරයො.. කොටින්ම මම නිශ්ශංකගේ හෝටලේ වැදගත් ගණිකාවක් බවට පත්වුණා. අන්තිමට මම අසනීප වෙන්න ගත්තම කුණු මාළු කෑල්ලක් වගේ මාව විසි කරලා දැම්මා... ආදරණීය කවී... මට වැරදුණේ කොතනද..? පාළුව තනිකම විඳ දරාගෙන ගෙදරට වෙලා හිටියනං මට මේ වගේ දෙයක් වෙන එකක් නෑ නේද කියල මම සිය දහස් වාරයක් හිතුවා... නිශ්ශංක මාව පාලනය කරන්න හදපු දවසෙම ඔයාට මේ හැමදේම කියන්න මට ඕන වුණා... මේ නරුම මිනිහගෙන් මාව බේරගන්න කියල ඔයා ළඟ වැඳ වැටෙන්න මට ඕන වුණා කවී... ඒ වුණාට ඔයාට ළං වෙන්න බලන හැම මොහොතකම ඔයා ඔයාගේ ලෙඩ්ඩුත් එක්ක කාර්යබහුල වෙලා හිටිය... මට දැනුණෙ අසීමිත තනිකමක්... අසරණකමක්... අපි දෙන්න මීට වැඩිය තව ළංවුනා නං.... අපි දෙන්න මීට වැඩිය අපි දෙන්න ගැන දැනගෙන හිටියනං.... අපේ හැම දෙයක් ගැනම ඉස්සර වගේ අපි කතා කරානං.... මේ දේවල් මේ විදියට නොවෙන්න තිබ්බ නේද කවී... අපිට උනා වගේ දෙයක් කවදාවත් කාටවත් වෙන්න හොඳ නෑ කවී... මම ගියාට ඔයා ඉන්නව.... දවසක ඔයාගේ ජීවිතේට ඇත්තටම ආදරය කරන... ඔයාව තේරුම් ගත්ත... ඔයාට ගැලපෙනම කෙනෙක් ලැබේවි....ඔයාගේ ජීවිතේට ළංවෙන ඒ කෙනාට කවදාවත් තනිකමක් දැනෙන්න දෙන්න එපා... එයා එක්ක කතා කරන්න, එයාට ඇහුම්කන් දෙන්න කොහෙන් හරි වෙලාව හොයා ගන්න... ඔයා මේ ලියුම කියවනකොට ඔයා පණ වගේ ආදරේ කරපු ඒ වීදුරු ඇස් සදහටම පියවිලා ඉවරයි... ලෝකෙ තියෙන දරුණුම සමාජ රෝගෙ තමයි මට හැදිල තියෙන්නේ... මම කරපු පව් වලට දෙයියෝ දීපු දඬුවම තමයි මේක... මම දන්නවා ඔයා මොනතරං හොඳ කෙනෙක්ද කියලා... ඔයාට ගැලපෙන කෙනෙක් වෙන්න බැරි වෙච්ච එක මගේ අවාසනාව.... දැන් ඒ හැමදේම ඉවරයි... ඔයාගේ ජීවිතේට මම ආයි කවදාවත් එන්නේ නැහැ... මම සොනාලි මම හිටියෙ වෙව්ලමින්... මගේ ඇස් දෙකෙන් කඳුලු වැල් ගලාගෙන එන හැටි මට දැනුණා. ජීවිතේ කවමදාවත් දැනිල නැති විදියෙ වේදනාවකින් මගේ සිරුර ඇදුම් කන හැටි මට දැනුණා. මොකක්ද ගුලියක් උගුරෙ හිරවෙලා පුපුරු ගහන හැටි මට දැනුණා. මට ඕන වුණා වමනය කරන්න. "කවිෂ්ක... " නෙළුම්ගෙ හඬ මට ඇහුණෙ වෙනත් ලෝකයකින් ඇහෙන හඬක් වගේ. මම නිහඬවම මගේ අතේ ගුලි වෙලා තිබුණ ලියුම නෙළුම්ට දුන්නා. නිහඬවම මොහොතක් ගෙවිල ගියා. මේ හැමදේම මේ විදිහට සිද්ධ වුණේ කොහොමද...? මගේ බිරිඳ මේ තරම් දුක් කන්දක් උහුලද්දිත් මම කිසිම දෙයක් නොදැක හිටිය කියන එක අදහන්නත් පුළුවන්ද...? මට මේ හැමදේම වෙනස් කරන්න ඕන වුනා. ඒ වුණත් දැන් පරක්කු වැඩියි. නමුත් මට තවමත් සොනාලිගෙ ජීවිතේ අන්තිම කාලේ හරි සැනසීමෙන් තියන්න පුළුවන් නේද කියල මට හිතුණා. "ඔව්... මම සොනාලිව ගෙදර අරගෙන යනවා..." ඒ සිතුවිල්ලත් එක්කම මගෙ හිතට දැනුණෙ පුංචි සැනසීමක්. ලියුම කියවල ඉවර කරපු නෙළුම් මගෙ දිහා බැලුවෙ අනුකම්පාවෙන්. "මේ කෙල්ල මේ තරං මෝඩියෙක් වුණේ කොහොමද නෙළුම්... ඔය දේවල් මට කිව්වනං මම මෙහෙම වෙන්න ඉඩ දෙනවද...? "ඒ කෙල්ලට දොස් කියන්න එපා කවිෂ්ක... තනි වෙලා අසරණ වෙච්ච කෙල්ලෙකුට පුංචි දෙයක්වත් දරාගන්න අමාරුයි... එයා ඔය තරං ලොකු දෙයක් ඉවසගෙන මේ තරං කල් ජීවත් වෙච්ච එකත් ලොකු දෙයක්... අඩු තරමෙ එයාට හැම දෙයක්ම කියන්න පුළුවන් හොඳ යාළුවෙක්වත් හිටියනං සමහර විට මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුණා..." "නෙළුම්... මට සොනාලිව ගෙදර ගෙනියන්න ඕන... " මම කිව්වම නෙළුම් මගෙ දිහා බලාගෙන හිටියෙ හරියට පුංචි දරුවෙක් දිහා බලන්න වගේ. "මං වැරදිද නෙළුම්..." මගේ හඬ දුකින් බර වෙලා කියල මටම තේරුණා. "නෑ... කවිෂ්ක... ඔයා එහෙම කිව්වෙ නැත්තං තමයි මම පුදුම වෙන්නේ... අපි බලමු අපිට පුළුවන් හැම දෙයක්ම කරන්න..." එයා කිව්වේ ලෙන්ගතු හඬින්. එක පාරම ඇතුල් කාමරයෙන් ඇහුන බත් අම්මගේ හඬින් අපි දෙන්නම තිගැස්සිලා ගියා. එක පිම්මෙන්ම අපි දෙන්න කාමරය ඇතුළට දුවගෙන ගියා. බත් අම්ම හිටියෙ සොනාලිව බදාගෙන වැලපෙන ගමන්. එක බැල්මෙන්ම මම හැමදේම තේරුම් ගත්තා. මම මේ වයසට මිය යන ගෑනු මිනිස්සු ඕන තරං දැකල ඇති... ඒත්... මම කාලයක් අසීමිතව ආදරය කරපු වීදුරු ඇස් දෙක කිසිම හැඟීමක් නැතිව විවර වෙලා තියෙන හැටි මම බලාගෙන හිටියේ උමතුවෙන් වගේ... මම කවදාවත් හිතුවේ නෑ ඒ අප්‍රාණික ඇස් දෙක මගේ අතින්ම පියවන්න සිද්ධ වෙයි කියලා... ඇත්තටම සොනාලි මැරිලද..? එහෙම නැත්තං සොනාලිව මරලද...? එතකොට සොනාලිගේ මිනීමරුව කවුද...? ඒ නිශ්ශංක ද...? නැහැ... ඒ නිශ්ශංක නෙවෙයි... එහෙනං...??? -නිමි- ශ්‍යාමලී පතිරණ ඔයාලගෙ අදහස් වලට ගොඩක් ස්තුතියි.... හැම කමෙන්ට් එකක්ම මට සතුටක්... කතාව ෂෙයා කරන හැමෝටමත් ගොඩක් ස්තුතියි...දෙවතාවකට වඩා ඇගෙන් මග හැරුණු දුරකථන ඇමතුම් ඇත්නම් එය යම් හදිසි තත්වයක සලකුණකි.ඉතා කලබලකාරි මවක් ගෘහණියක් වූ ඇය රාජකාරී කටයුතු වලදී ඊට වඩා යන්තමින් සන්සුන් වූ කාන්තාවකි. එය දන්නා මා ,ඇයට ඇමතුමක් ලබා දෙන්නට උත්සුක වූයේ මෙය ඇගේ රැකියාවට අදාල ප්‍රශ්නයක් නොවන වග ඉවෙන් වගේ දැනුනු නිසාවෙනි. නැතත් ඇය කිසි ලෙසක රැකියාවේ ප්‍රශ්න මං තරම් වත් නිවසට නොගෙනා අයෙකි.සමහර ප්‍රශ්න ඇය මා සමග නොකියන අතර ඒවා ඇගේම ක්‍රමයකට විසඳයි.ඒවායේ අවසන් ප්‍රතිඵලය ගැන ඇය වද වෙන්නේ ද නැත. ගත් දුරකථන ඇමතුමට මට වචනයක්වත් කියන්නට නොහැකි විය. "මේ අනේ හෙටත් දරුවගේ ඩේකෙයා එක නැතිලු.එපා වෙනවනේ." "ඒ කියන්නේ හෙටත් ඔයාට නිවාඩු දාන්න වෙනවද" මං ඇසුවේ ඇය අදත් දරුවා බලාගැනීම වෙනුවෙන් නිවාඩු දැමීම නිසාවෙනි. "මේ ....ඒ අස්සේ ඔයත් විකාර කියවන්න එපා...එක දවසක් නම් නමක් නැහැ.දැන් දවස් දෙකක්නේ.එක්කෝ එයාලා කලින් කියන්න ඕන.කලින් කිව්වා කියලා වැඩකුත් නැහැනේ.කොහොම කලත් අන්තිමට අපිටමනේ නිවාඩුවක් දාන්න වෙන්නේ."ඇය පැවසුවේ තරහ පිට කරමිනි. "ඉන්නකෝ..ගෙදර ඇවිත් කතා කරමු මොකද කරන්නේ කියලා"මා ඇගේ ඇමතුමට තිත තැබුවේ කල හැකි දෙයක් එක්වරම හිතට නොආ නිසාවෙනි. අද දිනයේ පොඩි මෑන් වෙනුවෙන් නිවාඩුවක් ගත් ඇය හෙම්බත් වී සිටියාය.මගේ සිනහව ඇතැම් විටක ඇගේ මහන්සිය , තරහක් කරන්නට හොඳටම ප්‍රමාණවත්ය.ඒ අස්සේ ඇතැම් විටක මගේ වචන ඒ තරහ දෙගුණ තෙගුණ කරවයි. "ඔයාට බැරිද හෙට නිවාඩුවක් ගන්න." පිස්සුද..? ඇයි අපේ ඔෆිස් අම්බලම් කියලා හිතුවද...අවුරුද්ද මුලදිම කොහොමද මං තවත් නිවාඩු ගන්නේ.තේරෙන්නේ නැද්ද..මාත් රස්සාවක් කරන්නේ." ඇය පවසයි. "මෙහෙම දෙයක් කරමුද.ඔයාට බැරිද හෙටට විතරක් මෙයාව ඔයාලගේ ඔෆිස් එකට එක්කගෙන යන්න." ඇය යෝජනාවක් කරයි.තොණ්ඩුව බෙල්ලටම වැටුණු සැටියක් ය. "මං කොහොමද වැඩක්වත් කරගන්නේ මෙයා එක්ක ගිහිං.දවස තිස්සෙම ඇහැ ගහගෙන ඉන්න වෙනවනේ." "එහෙම තමයි අනේ.ටිකක් හෙටට විතරක් මහන්සි වෙන්න.අනික එතනට ගියාම ගෙදර වගේ දඟ කරන්නේ නැතිව ඉඳී." "එතකොට මං ගෙද
ර තනියමද හෙට ඉන්නේ අම්මේ?" අපේ කතාවට සවන් දී සිටිය පොඩි මෑන්ගෙන් වචන පිටවෙන්නේ නිරායාසයෙනි. "නෑ පුතේ... අප්පච්චි පුතාව එක්කගෙන යයි ඔෆිස් එකට.ඔයා ආසයිනේ යන්න."ඇය සිනාසෙමින් දරුවාගේ සිතේ අලංකාර වර්ණවත් චිත්‍රයක් මවයි. "හැබැයි දඟ කරන්න බැහැ.හොඳද .." ඒ අතරතුර ඇය දරුවා මෙල්ල කිරීමටත් වචනයක් දෙකක් පවසන්නේ දඟකාරකමෙන් සායම් මැකී යාවිදැයි සිතමින් විය හැක. අවසානයේ වෙනත් විකල්පයක් නැති තැන ඇගේ ඉල්ලීමට මං එකඟ විය.පසුදා උදෑසන දරුවා කැටුව ඔෆිස් එකට ගියේ ඔහුට වෙනස් අත්දැකීමක් ලැබේ යැයි අනුමාන කරමිනි. පොඩිමෑන්ද අම්මා සූදානම් කර දුන් කෑම හා චිත්‍ර පොත් , පාට පැන්සල් පෙට්ටිය ඔහුගේ බෑගයේ දමාගෙන මා සමග පැමිණියේ, දවස මං සමග ගෙවීමේ අරමුණ ඇතිවය. කාර්යාලයේ විදුලි සෝපානයට නැගුණු ඔහුට මුලින්ම අවශ්‍ය වූයේ අංක සටහන් කල බොත්තම් ටික එබීමටයි. මා පෙන්වූ අංකය එබූ ඔහු ගමනාන්තය එනතුරු එහෙන් මෙහෙන් වචන දමා සැරසූ ගීතයක් මිමිණීමට පටන් ගත්තේය.ඒ අතරතුර සෝපානය නවත්වන තැන්වලදී ඔහුට ඉවසීමක් නැතිවෙයි. "මේක හැමතැනම නවත්තනවනේ අප්පච්චි." ඔහු කියන්නේ වටපිට සිටින අයට හොඳට ඇසෙන්නටය.මා ඔහුව නිශ්ශබ්ද කිරීමට ක්‍රියා කලද ඔහුගේ වචන පිටවීම මට වඩා වේගවත් විය. තව වචන පිටවෙන්නට කලින් සෝපානය අපේ මහළ වෙත පැමිණ අතර පොඩි මෑන් සමග එයින් පිටවී මගේ සේවා ස්ථානය වෙත පැමිණියෙමු.මට යාබද හිස් පුටුවක හිඳවූ ඔහු, මා පැමිණීම සටහන් කර නැවත එනතුරු මාගේ පසුපසින් පැමිණියේ මා කොහෙට හෝ අතුරුදහන් වී නොදන්නා තැනක අතරමං වේවියැයි දෙගිඩියාවෙනි. නැවත පුටුව වෙත ආ ඔහු බඩගින්නක සේයාවක් මට ඇස් වලින් පෙන්වීය.අම්මා සාදා දුන් උදෑසන කෑම වේල සහිත පෙට්ටිය විවෘත කල ඔහු එයින් කටක් දෙකක් කෑමෙන් පසු එය නැවතත් වසා බෑගයට දමා ගෙන වතුර බොන්නට පටන් ගත්තේය. "ඔය කාලා ඉවරද? බඩගින්න ඉවරද ?"මං ඇසුවේය. "ඔව්......හ්ම් ...අප්පච්චි දැන් මං මොකද කරන්නේ..?" "ඔයාට කම්මැලිද?" කට කොනින් සිනහ වූ ඔහු ඔළුව කැසුවේ එය සනාථ කිරීමට මෙනි. "එහෙනම් චිත්‍රයක් අඳිමුද?" එයට එකඟ වූ ඔහු පාට කූරු හා පැන්සල් ළඟට ගෙන චිත්‍ර ඇඳීමට පටන් ගත්තේය. "ආ..චූටි බබා..අද තාත්තගේ ඔෆිස් එකට ආවද?..." අද මොන්ටිසෝරි නිවාඩුද? මෙහෙ හොඳද ?යනාදි මගේ සහෝදර මිතුරු මිතුරියන්ගේ විවිධාකාර වූ ප්‍රශ්න වලට බොහෝ විට හිනාවෙන් හා තනි වචනයෙන් පිළිතුරු ලබා දුන් ඔහු නැවතත් තම කාර්යයෙහි නිරත වන්නට විය.පැය භාගයකට පසු මා ළඟට හෙමින් පැමිණියේය. "අප්පච්චි....මට චූ බරයි......එක්කන් යන්නකෝ මාව ටොයිලට් එකට...." ගෙදරදී ඇඳවල් උඩින් පුටු උඩින් පැන නානකාමරයට දුවන පොඩි මෑන් අද මා වටා ඇඹරෙන්නේ ඔහුගේ එකම පිහිට මං බව පසක් කරමිනි. කාර්යාලයේ ඇතුලේ මා පේන මානයේ සිට එහෙට මෙහෙට දුවමින් සෙල්ලම් පටන් ගන්නේ පොඩි උන්ගේ එක තැනක හිඳීමේ නොහැකියාව පෙන්වමිනි.විටක ඉහල මහලේ සිට පහල සිරි නරඹයි.වරායේ නවතා නැව් දෙස බලා හිඳී.කූඹින් මෙන් දුරින් ඇදෙන වාහන දැක සිනාසෙයි.තෙරක් නොපෙනෙන මහ සයුර හා වෙරළ දෙස බලා හිඳී.ඒ සියල්ල ඇති වූ පසුව මගේ ජංගම දුරකතනය ඩැහැගෙන ආසම කාටූනයක් නරඹයි. "අපි අම්මට කෝල් එකක් ගමුද" මං අසන්නේ ඒකාකාරී රටාව ඔහුට වදයක් නොවීමටය. "හා ...අරන් දෙන්නකෝ ..." ඔහුට අම්මට කතා කරන තෙක් ඉවසුමක් නැත.අම්මා අසන දේට ඔහු පිළිතුරු දෙයි... "ඔව් කෑවා..... දැන් ෆෝන් එකේ කාටුන් බලනවා..." "අම්මේ ඔයාගේ ඔෆිස් එකෙත් ස්විමින්ග් පූල් එකකුයි බීච් එකකුයි හදන්නකෝ..." පොඩි මෑන් අම්මාගෙන් ඉල්ලයි. අහල පහල තරු පන්තියේ හෝටල් වල පිහිනුම් තටාක හා ඈතින් පෙනෙන වෙරළ ගැන ඔහු සිතන්නේ එලෙසය.අම්මා සමග කතාව නැවතූ ඔහු නැවතත් යොමු වූයේ තමන්ගේ ප්‍රධාන කාර්යය වූ කාටූන් නැරඹීමටයි. දිවා ආහාරයද කඩචෝරු කීපයකින් සපුරා ගත් ඔහු කම්මැලි කම දැනුනු විට එහෙ මෙහෙ දුව යයි.චිත්‍රයක් කුරුටු ගායි.විටෙක සුසුමක් හෙලමින් පුටුවේ හිඳගනී.ඒ සියල්ල එපා වූ විටකය. ඒ අතරතුර ඇන්ටිලා අංකල්ලාගෙන් ලැබෙන කඩචෝරු වලින් පොඩි මෑන්ගේ හිත පිරී යයි.ඒ සියල්ල තම කුඩා බෑගයට රිංගවන්නේ ගෙදර ගිය විගස අම්මාට පෙන්වීමටය. "මේ අප්පච්චි, ඔයාගේ වැඩ ඉවර නැද්ද.....?කම්මැලිනේ....යමුද ගෙදර දැන්..." සවස දෙක පසුවන විට කොල්ලාගේ දරා ගැනීමේ හැකියාව ඉක්මවා යයි. "නැහැ පුතේ තව ටිකක් තියනවා..ඒ ටික ඉවර කරලා ඉක්මනට යමුකෝ..හොඳද". මං ඔහුගේ ඔළුව අතගාමින් සනසවන්නට උත්සහ කල අතර එයට අවනත වූ පුංචි හිත නිහඬ වී මා අසලට වී සිටියේය. සවස තුන පසු වීමෙන් පසු ෂෝට් ලීව් එකක් දැමූ මා දරුවා සමග කාර්යාලයෙන් පිටවූයේ ඔහුගේ නැවත පැමිණීමේ පොරොන්දු මල්ලක් මගේ හිතමිතුරන්ට ලබාදෙමිනි. "අප්පච්චි... අම්මත් එනවද අපි එක්ක ගෙදර යන්න.අනේ එයාවත් එක්කන් යමු.... " ඔහුගේ පෙරැත්තයෙන් ඇයටද අප හා එක්වීමට සිදුවිය.අම්මා පැමිණි විගස ඇගේ තුරුලට ගිය ඔහු සිටියේ ඔහුට සියලු දේ ලැබුනු ලෙසටය. ඔහුට කිසිවක් මතක නැත.ඊටත වඩා දැන් නම් කිසි දෙයක් අවැසි නැත.ඔහුට අම්මාට තුරළු වීම තරම් සැපයක් නැතැයි මා විශ්වාස කරමි.ඒ නිසා ඇගේ ජීවිතයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ දෙවැනි තැන මං පිළිගන්නේ නිහතමානිවය.ඒ ගැන මගේ අබ මල් රේණුවක තරම්වත් දුකක් නැත. "කොහොමද අද අප්පච්චිගේ ඔෆිස් එක හොඳද?අළුත් යාළුවොත් හම්බවෙන්න ඇති නේද?" " ඔව්....."ඔහු ඇස් දෙක පොඩි කරමින් පවසයි. "අම්මගෙ ඔෆිස් එකද හොඳ අප්පච්චිගෙ ඔෆිස් එකද?" ඇය ඇසුවාය. "දෙකම...." ඔහු කෙටි පිළිතුරක් දී අම්මගේ තුරුලේ සනීපම නින්දට වැටුනේ ඔහුටත් නොදැනීමය. ඔහු නැවත අවදිවූයේ ඊළඟ දින උදෑසනය. ---------------------------------------------------------------------- සේයාරුව අන්තර්ජාලයෙනිවිමංසා 2################ "මම නරක හීනයක් දැක්ක විමා" "ඇහුවට කමක් නැද්ද " මූන පුරා විසිරිල තිබුණ පුංචි පුංචි දාඩිය බිංදු පිටි අත්ලෙන් පිහින ගමන් කසුන් හිනා උණා.ඔහු අසුනෙන් ඉදිරියට නැවිල විමංසා ගෙ මූණට පුන්චි තට්ටුවක් දැම්ම , "කොෆී එකක් බොමුද? මං වොශ් එකක් දාන් එන්නම්" විමංසා ගේ මූණට ආපු හිනාව පැත්තෙන් තිබුණ නල දත නිසා තව එලිය උණා. "හරි ,රසම රස කොෆී එකක් රෙඩ් කරල තියන්නම් " නාන කාමරේ ට ආපු කසුන් හිටියෙ අනියත බියකින් ,විරූපි උණු නලින් ගෙ මූණ තවමත් ඇස් පියාගත්තොත් තමන් ගෙ ඉස්සරහ මැවෙන නිසා කසුන් හිටියෙ පුදුම තරම් කම්පනේකින් .හැබැයි මේ කිසිම දෙයක් විමංසා ට නොකියන්න කසුන් පරිස්සන් උණා. * * * * * * * * * * * * * * * * * * * වහල දාල තිබුණ නලින් ගෙ අපාර්ට්මන්ට් එකට කව්රු හරි කෙනෙක් අනවසරයෙන් ඇතුල් වෙලා නිසා එතන තිබුණ පොලිස් ආරක්ෂාව තව වැඩි කරල තියෙන හැටි තමන් ගෙ car එක drive කරන් කැම්පස් එකට යමින් හිටිය කසුන් දැක්ක.ඒ අපාර්ට්ම්න්ට් එක දැක්ක ගමන්ම තමන්ගෙ කොදු ඇට පෙළ දිගේ ගියපු හිරිවැටීම මොළෙත් හිර කරපු නිසා කසුන් අපාර්ට්මට් එක දිහා නොබලන්න පරිස්සම් උණා.නලින් ගෙ විරූපී මූණත් එක්ක ආපු සැර වස ගන්දය කසුන්ට ආයෙ ආයෙ දැනුන.නලින් මරල දාපු ඒකි ඉතින් ටීශා නෙ වෙන කවුද ?කසුන් නොරිස්සුමෙන් හිතුව.එක්කො හිතේ සැකේට පේන හීන වෙන්නැති ,අනික ඒ මිනිහ history එකේ ලෙක්චරර් කෙනෙක් ,මං දැක්කෙත් අහම්බෙන් දෙතුන් පාරක් කැම්පස් එක ඇතුලෙදි උනත් .කසුන් තව දුරටත් හිතුව. ලොකු කල්පනාවක ආපු කසුන් කාර් එක පාර්ක් කරල කැම්පස් එකෙන් ඇතුලට ඇවිදන් ගියේ තනියෙන් ,අද විමංසා අපාර්ට්මන්ට් එකේ නැවතුනා.ඇයට ලෙච්චර්ස් තිබ්බෙ දවල් වරුවෙ,ඇයටත් මෝටර් රතයක් තෑගි දුන්නෙ කසුන්ගෙ තාත්තා එදිරිසිංහ මහත්තය .ලේලි ගැන එදිරිසිංහ මහත්තය ට තිබ්බෙ පැහැදීමක් .වෙලාවකට කසුන්ට පුදුමයි තමන් කරන කිසි දේකට පැහැදීමක් නැති තාත්ත විමංසා ට කැමති උණ එකට .ටීශා ගැන උනත් එදිරිසිංහ මහත්තය දැක්වූයේ නොපහන් හැගීමක්,එක අතකට තාත්ත හරි කියල කසුන්ට හිතුන.මොකද ටීශා එක්ක තව ටික කාලයක් හිටිය නම් නලින් වගෙ තමන් වත් වහ පොවල මරල දාන්න ටීශා දෙපාරක් හිතන එකක් නෑ කියල කසුන්ට හිතුන,එහෙනන් මිනිස්සු න් ව බය කර කර ඒ මිනිස්සුන්ගෙ හීන ඇතුලෙ උන් ව බය කරන්නෙ තමන් නේද කියල කසුන්ට හිතෙද්දි කසුන්ගෙ ඇග කිලි පොලා ගියා. *********************************-** මිසිස් වික්‍රමසිංහ හිටියෙ ,ග්‍රැනියන් විලා පාර්ක් එකේ,ඈ මේ නිවාස සංකීර්ණය ට පදිංචියට ඇවිත් දැනට අවුරුදු 10 ක් .මෙතන තිබුණ නිවාස වල හිටියෙ වත් පොහොසත් උදවිය.මිසිස් වික්‍රමසිංහ නුවර වලව් කාරියක් ,වලව් මාන්නෙ ඉතින් චුට්ටක් විතර ඔලුවෙ මුල් බැහැල තුබුණත් මිසිස් වික්‍රමසිංහ ඇත්තටම හොද ගැහැණියක් ,ඈ කසාද බැන්දෙ ඩොනල්ඩ් වික්‍රමසිංහ මහත්තය ,ඇයට වඩා ඇත්තටම අවුරුදු 3 /4 ක් වැඩිමල් ඩොනල්ඩ් මහත්තය නරක මනුස්සයෙක් නම් නෙවෙයි.මේ ග්‍රැනියන් විලා නිවාස සංකීර්ණය නිර්මාණය කරල තුබුනෙ ඔහුගෙ පියා විල්බට් මහත්තය ,ඔහු පුරාවිද්‍යා අධිකාරියේ ඉහළ නිලයක් දරපු කෙනෙක් ලු .මිසිස් වික්‍රමසිංහ ට හිතාගන්න බැරි මීට මාස ගානකට කලින් තමන්ගෙ මහත්තය ගෙ නමට තමන්ම ලියපු තේ ඉඩ කඩම් වල ගිණුම් බලන්න ආපු තරුණිය එක්ක තමන්ගෙ පුතා පටන් ගත්ත සම්බන්දෙ නවත්තල දාන්නෙ කොහොම ද කියල.ඈ අඩු කුලේ,දුප්පත් තරුණියක් තරමක් ලස්සනක් තුබුණ ත් ඇයට වඩා දහස් ගුනේකින් හොද කෙල්ලක් හොයාගන්න තමන්ගෙ පුතා නිර්මාල් ට පුළුවන් කියල වික්‍රමසිංහ මහත්මිය හිතුව.පේන තෙක් මානෙ පැතිරිලා තියෙන තණකොළ වැස්ම ඇගේ දෙනෙත් වල විඩාව නිව්ව.රෑස්ස ගස් දෙක තුනක් විතරක් ඉතුරු වෙලා තිබුණ ත් මේ උද්‍යානය හරිත පැහැයෙන් නිමවන්න වගේම රැක බලා ගන්නත් වික්‍රමසිංහ පරම්පරාව දක්ෂ වෙලා තිබුණ . වික්‍රමසිංහ මහත්මියගේ ඇස් මානෙට ආවෙ සුරූපී තරුණියක් ,පුදුමෙ කියන්නෙ ඈ ඇදන් හිටියෙ අමුතු කහ පැහැයට හුරු ඇදුමක්,ඒ කහ පැහැය මීට කලින් වික්‍රමසිංහ මහත්මිය කොහෙදිවත් දැකල තුබුනෙ නෑ,ඒ වගේම ඒ ඇදුම මොකක් ද කියල ඇත්තටම වික්‍රමසිංහ මහත්මියට තේරුණේ නෑ.නැත්නම් ඇයට මේ නූතන ඇදුම් ගැන දැනුමක් තුබුනෙ නෑ.ඇගේ බදින් හරි අඩක්
නිරාවරණය වෙලා තිබුණ .ඈ පැහැපත් හුගක්ම පැහැපත් ඒ නිසාමද කොහෙද ඇගේ සිරුරේ නිරාවරණය වෙලා තුබුණ තැන් තුබුනෙ දිලිසෙමින් ,රතුපාට තිලකයක් තියල තිබුණ ඇගෙ නළල අඩ සදක් වගෙයි ,කවදාවත් දැකල නැති රත්ත්‍රන් වලින් ඇගේ ආභරණ හදල තියෙනව කියල වික්‍රමසිංහ මහත්මියට හොදටම තහවුරුයි,මොකද ඈ තරම් රන් ආභරණ පාවිච්චි කරල නැතුව ඇති රැජිනක් වත්,ඈට තුබුනෙ රත් පැහැ දෙතොල් ,එක සමානව ,එක මහතින් තුබුණ ඒ දෙතොල් භාගෙට විවර වෙලා තුබුණ .ඒ අස්සෙන් යන්තම් පෙනුනු දසන් සුදුපාටින් හරියාකාරව පිහිටල තුබුණ කියල වික්‍රමසිංහ මහත්මිය දැක්කෙ ඒ තරුණිය ,වික්‍රමසිංහ මහත්මිය ඉලක්ක කරල හිනා උනාම ,ඒ හිනාව මී පැණි බදුනක් වගේ හරිම මිහිරියි කියල වික්‍රමසිංහ මහත්මියට හිතුනා .වික්‍රමසිංහ මහත්මිය වට පිට බැලුව .තමන්ට ටිකක් ඈතින් ලමයින් තුන් හතර දෙනෙක් එක්ක හිටිය මවක් ,හැරුණ ම ටිකක් ඈතට වෙන්න පෙම්වතුන් යුවලක් දෙකක් පමණයි හිටියෙ.රූමතිය කෙලින්ම වික්‍රමසිංහ මහත්මිය දිහාවට එමින් හිටිය.ඈ උස් තරුණියක් ,ඇගේ උසට ඇගේ මහත මනාව පිහිටල තුබුණ .ඇගේ පියයුරු කලු පැහැ රෙද්දක් වැනි යමකින් ආවරණය කර තිබුණ.කලින් සදහන් කල කහ පැහැ රෙදිකඩ ඇගේ දෙපතුල් දක්කවාම දිවගිහින් තුබුණ .ඈ පාද තියද්දි කලව හරියෙන් ඒ ඇදුම නිරාවරණය වනව වගේම ඇගේ පැහැපත් රූමත් කලව ඈ තබන අඩියක් පාසාම නිරාවරණය උණා.ඉතිරි සියල්ල නිරාවරණය වෙලා තුබුණ .ඈ ගෙලට කිසිවක් පැලද හිටියෙ නෑ .දෙකන් වල රත්‍රන් තෝඩු දෙකක් තුබුණ ත් එහි තුබුණ වැඩ සේරම ඇගෙ රූපයෙන් වැහිල තුබුනෙ ,නලලෙ තුබුනෙ තිලකයක් විතරයි ඇගේ කේශ කලාපය ඉතා දිගු එකක් ඈ ඇවිදින ලතාවට ඇගෙ වටොර දෙපසින් ඇගේ වරලස දෙපසට වැනෙනව වික්‍රමසිංහ මහත්මිය දැක්ක.වික්‍රමසිංහ මහත්මියට ලගට ආපු ඈ ,වික්‍රමසිංහ මහත්මිය ලගින්ම ගල් බංකුවෙන් වාඩි උණා. "කොහොමද අම්මා" ඈ ඇහුවෙ මදුර හඩකින් ,ඇගේ නිරවරිත පාදය කලව දක්වාම නිරුවත් උනේ ඈ හිදගත් ආකාරයට .ඇගේ දෙපතුල් වල රෝස පැහැය නිසාම ඈ සැප පහසු ජීවිතයක් ගෙවන බව වික්‍රමසිංහ මහත්මියට හිතුන. "හොදයි දරුවො "මේ දරුවට කොහොමද" **************** "නලින් කාරයගෙ ගෙ අපාර්ට්මන්ට් එකෙන් උස්සල තියෙන්නෙ අර රත්‍රන් මංජුසාවලු .මිනිහත් ගිය සැරේ අනුරාධපුර රිසර්ච් එකට ගියපු වෙලේ එතනින් උස්සල තියෙන්නෙ ,කාරියවසම් සර් එක්ක ගියානෙ පුරාවිද්‍යා එකේ පත ටීම් එකක් බන් මතකද ඒ සීන් එක ඕක හම්බෙලා තිබ්බෙ අතුකෝරලය එක්ක ගියපු කෙල්ලෙක්ට ,ඒකි ඕක කාරියවසම් කාරයට දීල ,ඒක රතරන් නෙවෙයි මඩ තට්ටු පිටින් ඇලිල තිබිල හම්බඋණා කියන්නෙ,ඒකි දැනන් ඉදල නෑ රත්තරන් කියල බන් ,පස්සෙ හට් වලට ඇවිත් සුද්ද කරද්දී තමයි රතරන් කියල දැනන් තියෙන්නෙ .කොහොම හරි මීඩිය ගෙන්නල ඕක රටටම කියන්න යද්දී නෙ ඕක අන්තරස්දාන වෙලා තිබුනෙ .කට්ටිය හිතල තියෙන්නෙ ගමේම මොකෙක් හරි වැඩේ දීල කියල ,මොකද උදව්වට හිටියලු තලත්තෑනි මිනිස්සු අටක් දහයක් ,පොලීසියට වැඩේ කියල මතකද උබට මාර සීන් එකක් ගියේ අතුකෝරල සර්ගෙ වැඩත් තහනම් උනේ." කසුන් ඇතුලු යාලුවො ටික හිටියෙ ජූස් එකක් බොන ගමන් ,නලින් මතක් කලා විතරයි බිබී හිටපු අලි ගැට පේර පිට උගුරෙ ගියපු කසුන් කහින්න පටන් ගත්ත.හොට් හොට් නිවුස් එක නිසා කසුන් ලග හිටපු ජනිත හුස්ම ගන්න බැරුව කහින කසුන්ට පිටට ගැහුවෙ එකම එක පාරයි හැබැයි පිට උගුරෙ ගියපුව ගානට ආහාර මාර්ගෙට ස්තාන ගත උනත් විනාඩි 10 ක් විතර යනකන් කොන්ද කෙලින් කර ගන්න කසුන්ට අමාරු උනා.හැබැයි කටට පන තිබ්බ නිසා අහින්සක ජනිත් අලුත් සිංහල වචන රාශියක් ඉගෙන ගත්ත.පස්සෙ ඇවරියන් එක්ක කියල තුබුණ විදියට ඌ ඒ වචන ඇහුවෙත් ඒ වෙලාවෙලු. "තරිදු කියපු විදියට එහෙම මංජුසාවක් තුබුන කියල ටීශා දැනන් හිටියලු.ඒක මිලට ගන්න ලොකු සල්ලි කාර මිනිහෙක් ආවලු .කව්ද කියල මතක නෑ කිව්වලු.හැබැයි මාර සල්ලි කාරයෙක්ලු .ඒකිව අපාර්ට්මන්ට් එකට ගෙනිහින් ඇහුවලු මොනවද අඩු කියල පොලීසියෙන් ,අරක විතරලු " විහග කිව්වෙ සිගරැට් එක ගිහාන් ට දෙන ගමන් . "මේ ඕනි මගලක් මම් යනව ගෑණි ආවද බලන්න "කසුන් කිව්වෙ බංකුවෙන් පනින ගමන් .විමංසා කියල නවීනතම ජංගම දුරකථන යෙ තිරයෙ සටහන් උනේ පුන්චි කම්පනයක් එක්කම.කසුන් ඒක යාලුවොන්ට පෙන්නල පපුව අල්ල ගත්තෙ හිනා වෙමින්. " "හෙලෝ ,විමා" අපි කතා කරන්නෙ කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසියෙන් මහත්මය,විමංසා සූරියආරච්චි කියල කෙනෙක් රෝහල් ගත කරල ඉන්නව,මෝටර් රත අනතුරක් ,එයා අවසානයට කතා කරල තියෙන්නෙ මහත්තයට " ***************** මතුසම්බන්දයි 😘වීදුරු ඇස් - 02 කොටස "මට ඩිවෝස් එක ඕන..." එයාගෙ වචන වෙඩි උණ්ඩ වගේ මගේ සවන් පසාරු කරගෙන ඇතුල් වුණා. ඒ වෙලාවෙ මට දැනුණ හැඟීම.... හරියට මගේ ඔලුව ඇතුළෙ භූමි කම්පාවක් ඇති වෙලා වගෙයි දැනුණෙ. ඒ භූමි කම්පාවෙන් මගෙ ඔලු ගෙඩිය කැඩිල බිඳිල කුඩුපට්ටම් වෙලා යනවා වගේ. මං හිතන්නෙ මට ඇහුණෙ වැරදියට වෙන්න ඇති. "මොකද්ද...?" මං එයාගෙන් ආයෙත් ඇහුවෙ ඒකයි. "මට... ඩිවෝස් එක ඕන..." එයා ආයෙමත් කිව්වේ කිසිම පසුතැවිල්ලක්, කිසිම තෙතමනයක්, අඩු ගානේ කිසිම හැඟීමක්වත් නැති ගානට. "වට්... ආ යූ ක්‍රේසි... ඔයා මේ මොනවද කියවන්නේ...? ඔයාට පිස්සුද...? ඩිවෝස් වෙන්න තරං මොනවද අපි අතර තියෙන ප්‍රශ්න...?" "මිනිස්සු ප්‍රශ්න ඇති කරගන්නෙත් බැඳීම් රැක ගන්නනේ කවිෂ්ක... අපි අතරෙ කිසිම ප්‍රශ්නයක් නැත්තෙ රැකගන්න බැඳීමකුත් නැති නිසා කියලා ඔයාට හිතෙන්නැද්ද...? මට ඒක හිතිල ගොඩක් කල්... " එයාගෙ ඒ දාර්ශනික පිළිතුර එක මොහොතකට මාව නිරුත්තර කළා. එයා කවද්ද මේ තරං දාර්ශනිකයෙක් වුණේ. "ඔයාට ඔයාගෙ රස්සාවෙන් තොර ලෝකයක් තියෙනවද කවිෂ්ක..." ඒ අසාධාරණ කතාවටනං මගේ සීමාව පැන්නා. "මම ඩොක්ට කෙනෙක් සොනාලි... ඔයා මාව දන්නෙ මම ඩොක්ට කෙනෙක් වෙන්නත් කලින්.... මගේ රස්සාව මොනතරම් වගකීමක් තියෙන එකක්ද කියල හොඳටම දැනගෙනයි ඔයා මාව කසාද බැන්දෙ... නේද...? ඔයාට හිතෙන්නෙ නැද්ද ඔයා ඔය කියන කතාව අසාධාරණයි කියලා..." "ඇත්ත... ඒ දේවල්වලට මූණ දෙනකං ඒක මොන තරං අමාරු දෙයක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ... මමත් ගෑනියෙක්... මටත් ආසාවල් තියෙනවා.... ජීවිතේ විඳින්න මමත් කැමතියි... ඒත් ඔයාට කවදාවත් මං වෙනුවෙන් වෙලාවක් තිබුනද කවිෂ්ක... මට දැන් මේ ජීවිතේ එපා වෙලා... හොඳටම ඇති... මට මගේ ජීවිතේ ඉතුරු ටික හරි විඳින්න ඕනේ... මේ පළකට නැති බැඳීමක හිරවෙලා ඉන්න මට ඕන කමක් නෑ..." එයා කිව්වේ හිතක් පපුවක් නැති විදිහට. "මට ඇත්ත කියනවා... හේතුව නිශ්ශංකයා නේද...?" එයා මං දිහා බලාන හිටියේ හරියට ජීවිතේ පළවෙනි වතාවට මාව දැක්කා වගේ. එයාගේ ඇස් දෙකෙන් පිටවුණේ ගින්දර. "තමුන් හිතාගෙන හිටියේ තමුන්ගෙ නාඩගම් මට ආරංචි නෑ කියලද...? ඒත් මං තමුසෙව විශ්වාස කළා...." "අපි තවත් කතා කරල වැඩක් නෑ කවිෂ්ක... මව නිදහස් කරන්න..." එයා කිව්වෙ ඇහෙන නෑහෙන හඬකින්. ඒ හඬට කලකිරීමක් වගේම උපහාසයකුත් එකතු වෙලා තියෙන හැටි දැක්කම මගේ කෝපය තවත් උත්සන්න වුණා. මේස උඩ තිබුන වතුර ජෝගුව ගත්තු මම වෙර යොදල පොලොවෙ ගැහුවේ මගේ හිතේ තිබුන ආවේගයට. ඇයි මම කේන්ති ගත්තෙ කියල මට තේරුමක් තිබුණෙ නෑ. පහුගිය කාලෙ පුරාවටම, එයා ටිකෙන් ටික මගෙන් ඈත් වෙද්දි නිහඬව බලා ගෙන හිටපු මම ඇයි දැන් කේන්ති ගන්නෙ. ප්‍රතික්ෂේප වීම... ඒක මේ තරං වේදනාකාරීද...? එයා හරියටම පහර ගැහුවෙ මගේ පිරිමි කමට. මට මතක් වුණේ මම ඒකි වෙනුවෙන් කරපු කැප කිරීම්. ඒකි වෙනුවෙන් ඒ තරං දේවල් කරලත්.... "කෙලෙහිගුණයක් නැති බැ#ල්@ලි..." වීදුරු බඳුන කුඩු පට්ටම් වෙලා ගියා වගේම අපේ බැඳීමත් කුඩු පට්ටම් වෙලා ගියා. අම්මටයි අප්පච්චිටයි හිතුවක්කාර වෙලා ඒ දෙන්නගෙ හිත රිදවල හදාගත්ත කූඩුව කැඩිල බිඳිල අසරණ වෙද්දි මට පිහිටට ආවෙත් අම්මයි අප්පච්චියි. ඒ දෙන්න ඇවිත් මා එක්ක නැවතුණා. "උඹ ඩිවෝස් එක දෙන්න එපා... ඒකිට පාඩමක් උගන්නන්න ඕන එහෙම තමයි..." සමහර යාළුවො උපදෙස් දුන්න. "මොන එහෙකටද බං යන්න හදන එකියෙක් බලෙන් තියාගෙන ඉන්නේ... ඒකිට එපා නම් උඹ මොකටද ඕක මත්තෙම නැහෙන්නේ... ඔන්න ඔහේ යන්න ඇරපං... උඹට බැරියැ ඒකිට වැඩිය සිය දහස්වාරයක් හොඳ කෙල්ලෙක් හොයාගන්න..." තවත් සමහරු උපදෙස් දුන්න. දුකට සැපට හැමදේටම හිටපු සගයන් අතර මට සැබෑම මිතුරියක් වුණ නෙළුම් මගේ හිතට ලොකු ශක්තියක් වුණා. "ඔය දෙන්නා අතරේ තිබුණ බැඳීමෙ ඇත්ත තත්ත්වෙ දන්නේ ඔයා... ඒ නිසා කවුරුත් කියන දේ නෙවෙයි... ඔයා ඔයාගේ හිතට එකඟව හරි තීරණයක් ගන්න කවිෂ්ක..." ඇය කිව්වේ එහෙමයි. මට සොනාලි නැති ජීවිතේ ලොකු හිස්කමක් දැනුනත් අන්තිමේදි මං තීරණය කරා එයාට එයාගේ නිදහස දෙන්න. කිසිම බැඳීමක් බලෙන් හිර කරලා තද කරලා තියාගෙන ඉන්න බැහැනේ. එහෙම වුණොත් වෙහෙස දැනෙන්නේ මටමයි. මට දැනුණෙ ලොකු පරාජිත බවක්. මගේ මුළු ජීවිතේම විනාශ වෙලා ගියා වගේ දැනුණ හැඟීම මාව ටිකෙන් ටික මරලා දාන්න හැදුවත් මගේ අම්ම අප්පච්චි වගේම නෙළුමුත් මාත් එක්ක හිටපු නිසාදෝ මගේ හිත හිතුවටත් වඩා ඉක්මනින් සුවපත් වුනා. දික්කසාදයෙන් පස්සෙම මට කවදාවත් සොනාලිවත් නිශ්ශංකවත් හමුවුණේ නෑ. මේ වෙද්දි මගේ හිතේ ඔවුන් දෙන්නා ගැනම තිබුනේ සාමාන්‍ය ආගන්තුක හැඟීමක් විතරයි. කෝපයක්වත් වෛරයක්වත් මගේ හිතේ තිබුණේ නැහැ. එදා මම සොනාලිට දරුණු විධියට නිශ්ශංක ගැන කියල චෝදනා කළා වුණත් ඒ දෙන්නා අතරේ එහෙම සම්බන්ධයක් තියනව කියල ඔප්පු කරන්න තරම් ප්‍රභල සාක්ෂි මගේ ළඟ තිබුණෙත් නෑ. සොනාලි මගෙන් ටික ටික ඈත් වෙද්දි ඒ දෙන්නගේ සමීප යාළුකමට මම යටි හිතෙන් ඊර්ෂ්‍යා කරපු බව මට තේරුණේ පස්සෙ. කොහොම වුණත් කවදාවත් මට ඒ මූණු ආයෙත් දකින්න කිසිම ආසාවක් තිබුණේ නෑ. අවුරුදු දෙකක් ගෙවිලා ගියේ අදුරු මතක ටිකෙන් ටික බොඳ කර දාමින්. මං තීරණය කළා මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශ ගත වෙන්න. විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට මීට වඩා සේවයක් මගේ රට වෙනුවෙන් කරන්න මට ඕන වුණා. මේ වෙද්දි මටත් නොදැනිම නෙළුම් මගේ ජීවිතේ වැදගත් කොටසක් බවට පත්වෙලා තිබුණා. ඇත
්තටම අපේ සම්බන්දෙට දෙන්න නමක් මම දැනගෙන හිටියේ නෑ. යාළුකමට එහා ගිහිපු ආදරයකට මෙහා තැනක නැවතුණු අපි දෙන්නගෙ මේ බැඳීමට නමක් මම දැනගෙන හිටියේ නෑ. කොහොම වුණත් අපේ අම්මයි නෙළුමුයි හරියට ජාඩියට මූඩිය වගේ පෑහුනා. මං හිතන්නෙ මගේ අඳුරු අතීතය මගේ හිතෙන් මකල දාන්න ඒ දෙන්න සන්දාන ගත වෙලා වෙන්න ඕන. ඒ දෙන්න එකතුවෙලා ගහන සමහර සැලසුම් වලට හිතින් හිනා ගියත් ඒ බොළඳ වැඩ නිසා මට උණුසුම් හැඟීමක් දැනුණා. මම තනි වෙලා නෑ කියල මගේ හිතට දැනුණා. ඒත් මොකක්දෝ හේතුවකට මම පරිස්සං වුණා අපි අතරෙ සීමාවක් තියා ගන්න. ඕනෙවට වැඩිය දුර දිග යන්න ගිහිං මට නෙළුම්ගෙ යාලු කමත් නැති වෙයි කියල බය හිතුණා. රූමත් කරුණාවන්ත හිතක් තිබුණ ප්‍රියමනාප තරුණියක් වෙච්ච ඇයගේ ජීවිතේ මම වගේ කෙනෙක් නිසා නාස්ති වෙනව දකින්න මට ඕන වුණේ නෑ. ඒ වුණත් හරිම ආත්මාර්ථකාමී විදියට එයාගෙන් ඈත් වෙන්නත් මට තිබුණෙ ලෝබ කමක්. "උඹ සොනාලිගෙ අඩුව මකා ගන්න නෙලුම්ව පාවිච්චි කරනව නේද...? උඹනං මහ නරුමයෙක්..." සමහර වෙලාවට මගෙ හිත මටම දොස් කිව්ව. මට සමහර වෙලාවට හිතුණ මම විදේශගත වෙන්න ගත්ත තීරණේට එයත් එක හේතුවක් කියල. එයාගෙ ජීවිතෙන් ඈත් වෙන එක මේ රටේ ඉඳලනං කරන්න බැරි බව මං දැනගෙන හිටියා. විදේශගතවෙන්න දහසක් වැඩ කටයුතු එක්ක මම කාර්යබහුල වුණත් මම තවමත් හිටියේ දෙගිඩියාවෙන්. මම ගත්ත තීරණේ හරිම තීරණේද කියලා විශ්වාසයක් මට තිබුණෙ නැහැ. සොනාලිව මගේ හිතින් ඈත් කරල දාන්න කොයි තරම් උත්සහ කරත් වතුරට ඔබපු රබර් බෝලයක් වගේ එයා සැරින් සැරේ මගේ හිත උඩටම ආවා. ඒත් ඒ ඉස්සර තිබුණ ආදරණීය හැඟීමෙන් නං නෙවෙයි. එයාව මතක් වෙන කොට මට දැනුණෙ කලකිරීමක්. ඒ එක්කම නෙළුම් ගැනත් මගේ හිත වද වුණා. මේ අවුරුදු දෙකම නෙළුම් මගේ ළඟට වෙලා මගේ හැම දුකක්ම බෙදා ගත්තේ පුදුමාකාර ඉවසීමකින්. එයාව දාල යන එක ලේසි නැති බව මේ වෙද්දි මට තේරුම් ගිහිල්ලයි තිබුණේ. ළං කර ගන්නත් බැරි ඈත් කරන්නත් බැරි මේ මහ පුදුම බැඳීම තේරුං ගන්න බැරි කමින් මම හිටියෙ වෙහෙසට පත් වෙලා. ඒත් අසීමිතව ආදරය කරල අසීමිතව කැපකිරීම් කරලා ළං කර ගත්ත සෝනාලිටත් පුළුවන් වුණා නං ඒ තරං ලේසියෙන් මාව පැත්තකට විසි කරලා දාන්න... පාළුව තනිකම කොයි තරං තදින් මගේ හිත පීඩාවට පත් කරා වුණත් ඒ දරුණු වේදනාවට වැඩිය ඒ පාළුව තනිකම මට හොඳයි කියල මගේ හිත නිතරම මට අනතුරු ඇඟෙව්වා. මගේ ගමනට තව පුංචි කාලයක් විතරයි ඉතුරු වෙලා තිබුණේ. අවශ්‍ය කරපු භාණ්ඩ කීපයක් ගන්න මට ඕනෙකම තිබුණා. සැහැල්ල ඇඳුමකින් සැරසුණු මම ගෙදරින් එළියට බැස්සේ මේ හවස් වරුවේ කරන්න තරං විශේෂ වැඩක් තිබුනෙත් නැති නිසා. මම වාහනේ ළඟට යනකොටම ගේට්ටුවෙන් ඇතුල් වුණ නෙළුම්ගේ පුංචි කාරෙක දැකපු මම බලාගෙන හිටියේ හිනාවෙවී. මොනතරං හිත ඇතුලෙන් ප්‍රතික්ෂේප කරන්න හැදුවත් මට නෙළුම්ව දැක්කම හිතට දැනුණෙ පුදුමාකාර උණුසුම් හැඟීමක්. රථයෙන් බැස්ස නෙළුම් හිනා වෙවී මගේ දිහාට ආවෙ ඇත්තටම උදේ පිපුණ නෙළුමක් තරම් පිවිතුරුව. "දොස්තර මහත්තය... ඇවිදින්න යන්න වගේ..." එයා ඇහුවෙ විහිලු ස්වරයෙන්. "නලුම් කුමාරි මොකෝ අද මේ අවේලාවේ පිපිලා..." මං ඇහුවේ ඇගේ ප්‍රශ්නෙ මග හරිමින්. "අපි ඉතිං යාළුවො බලන්න තමයි ආවෙ... ඒත් ඉතින් අපි ආවම එයාලට හරියට වැඩනෙ..." එයා කිව්වේ නෝක්කාඩුවක හඬින්. "මට පොඩි බඩු වගයක් ගන්න තියෙනවා නෙළුම්... ඒකට යන්න කියලා මේ ලෑස්ති වුණේ..." "එහෙමද...?" ඇගේ මූණ අඳුරු වෙන හැටි දැක්කම මට දුක හිතුණා. "ඔයා නිකන්ද ආවෙ..." "ඔව්... අද මගේ ඕෆ් එකනේ... කම්මැලි හිතුණා... ඒකයි පොඩ්ඩක් මේ පැත්තට ආවේ... කමක් නෑ... ඔයා ගිහිල්ලා එන්නකෝ... අම්ම ඉන්නවනෙ... මං අම්මත් එක්ක කයියක් දාගෙන ඉන්නං..." "එහෙනං යමුද මාත් එක්ක..." මම කිව්වම නෙළුම්ගේ මූණ එළිය වැටෙන හැටි මම බලාගෙන හිටියේ හිනාවෙවී. "හරි එහෙනං යමු..." එයා කිසිම පැකිළීමක් නැතිව ඇවිත් මගේ වාහනෙන් වාඩිවුණා. තොර තෝංචියක් නැතුව කියවන නෙළුම් ළඟ ඉන්නකොට කොහොමත් හිතට පාළුවක් නං දැනුණෙම නැති තරං. කියන්නම දෙයක් නැත්තං කොහේ හරි හිටපු බලු පැටියෙක් ගැන හරි කියන්න එයාට කතා තිබුණා. මට තිබුණේ එයා කියවන දේවල් අහගෙන ඉන්න විතරයි. හොඳටම හවස් වෙලා තිබුණෙ. හැන්දෑ අඳුරට වැහි බීරමකුත් එකතු වෙලා තවත් අඳුරු වෙලා තිබුණා. නෙළුම්ගේ තොර තෝංචියක් නැති කියවිල්ලට ඇහුම්කන් දෙමින් හූමිටිතියමින් ගිහිපු මගේ ඇස් දෙකට එකපාරම හුරු පුරුදු රුවක් අහු වුණා. මම ගිහිපු දිහාවටම පධික වේදිකාව දිගේ අපහසුවෙන් වගේ ඇවිදගෙන ගිහිපු ඒ රුව දැකපු මගේ හිත තිගැස්සුනා. තිරිංග තද වුණේ ඉබේමයි. ඒ රුව පහුකරගෙන ටික දුරක් ගිහිපු මම පදික වේදිකාව අයිනට වෙන්න රිය නතර කළා. පැති කන්නාඩියෙන් ඒ රුව දිහා මම බලාගෙන හිටියේ මට වැරදීමක් වෙන්න ඇති කියලා හිතලා. හෙමින් හෙමින් අමාරුවෙන් ඇවිදගෙන එන ඒ රුව කොයි තරමක් වෙනස් වෙලා තිබුණත් අඳුරගන්න බැරි තරමට වෙනස් වෙලා තිබුණෙත් නැහැ. -ශ්‍යාමලී පතිරණ - (අවසාන කොටසින් හමුවෙමු)වීදුරු ඇස් (කෙටි කතාව) - 01 කොටස "සොනාලි... අද මෙඩිකල් චෙකප් එකට ඉන්න ඕන උදේ අටට... ඔයා මාත් එක්කම එනවද..? එහෙම නැත්තං..." "ඔහ්... ෂිට්... මට ඒක අමතකම වෙලා ගියා..." සොනාලිගෙ මූණ බලාගෙන ඉද්දිම අඳුරු වුණා. කොහොමත් එයා ඉස්සර ඉඳලම වෛද්‍ය පරීක්‍ෂණ කරන්න කැමැත්තක් තිබුණෙ නෑ. "ඇයි... ඔයාට මොනාහරි වැඩක් තියෙනවද...?" මම ඇහුවෙ ඇගේ පසුබෑම නොතේරුණු විදියට. "නෑ... කමක් නෑ... මම එන්නං... ඒක ඉවර වෙලා මට හොටෙල් එකට යන්න ඕන... ඒ නිසා මං මගේ වාහනෙං එන්නං..." සොනාලි කියද්දි මට දැනුණෙ කෝපයක්. අද අපේ තුන්වෙනි විවාහ සැමරුම කියලත් එයාට අමතක වෙලාද... එහෙම නැත්තං එයා ඒක හිතා මතාම අමතක කරලද කියල මට හිතාගන්න බැරිවුණා. මේ වෙද්දි එයාගෙ ලෝකෙ වැදගත්ම තැන හිමිවෙලා තිබුණෙ එයාගෙ හෝටලේට කියල හිතෙන කොට මට දැනුණෙ වේදනාවක්. මේ වගේ වෙලාවට තමයි ආත්මාර්ථකාමී විදියට මට හිතුණ අපරාදෙ මං එයාට ඔය හෝටල් කෙරුවාවට උදව් කළේ කියල. ඒ දේවල් කොහොම වුණත් මේ වෙද්දි එයාගෙ හිතේ මා ගැන තිබූණෙ සීතලෙන් ගල් වෙලා ගිහිපු කිසිම හැඟීමක් නැති සම්බන්ධයක් විතරයිද කියලත් මම සෑහෙන්න හිතුවා. ඒ වුණත් මොකක්දෝ කියන්න දන්නේ නැති හේතුවකට මම එයාට තාමත් එදා වගේම පිස්සුවෙන් වගේ ආදරය කළා. පිච්චෙනව කියල දැන දැනම ගිනි දැල්ලට ඇදෙන පළඟැටියෙක් වගේ මගේ හිත සොනාලි මත්තෙම නැහුනා. ඇත්තටම අදටත් මම දන්නෙ නැහැ ඇයි මම සොනාලිට මේ තරම් බැඳිල තියෙන්නෙ කියල. සොනාලි ලස්සනයි තමයි. ඒ වුණත් මම එයාට වැඩිය රූමතියො ඕන තරං දැකල තිබුණා. ලස්සනට එහා ගිහපු ආකර්ෂණයක් එයාගෙ තිබුණ කියලයි මට හිතෙන්නේ. සමහර විට මාව හිර කරල තද කරල බැඳල තියා ගත්ත ඒ ආකර්ෂණය තියෙන්න ඇත්තෙ වීදුරු වගේ දිලිසෙන එයාගේ නිල් ඇස් දෙකේ වෙන්න ඇති. ඒ ඇස් දෙක නං හරියට මායාවක් වගේ. එහෙමත් නැත්තං පපුව හිරි වට්ටන ඒ හිනාවෙද..? අනේ මංද.... "හරි... එහෙනං ඔයා එන්න... මම යනවා..." හිතේ තිබුණ නොරිස්සුම් ගතිය කටහඬටත් ටිකක් මුසු කරල කියපු මම සටෙතස්කෝප් එකත් අරගෙන මගේ වාහනේට ගොඩ වුණා. අදට අපි විවාහ වෙලා අවුරුදු තුනක්. විවාහ වෙච්ච දවසෙ ඉඳලා හැම අවුරුද්දකට පාරක් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කරන එක මේ තාක් අපි නොකඩවා සිදු කළා. අපි දෙන්නම හොඳ නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව හිටියත් වෛද්‍යවරයෙක් විදියට පරීක්ෂාකාරී වීම හොඳ දෙයක් කියලයි මම හිතුවේ. සොනාලි නං හැමදාම මේක ගැන හිතුවෙ මහ වදයක් කියලයි. "ඔව්ව කරන්න ඕන වයසට ගියාමනෙ කවී... මොන කරදරයක්ද...? මැරෙන වෙලාව ආවම කොහොමත් මැරෙන්න එපැයි..." එයා නෝක්කාඩු කිව්වා. "ම්හු... ඔය කතා හරියන්නෑ... අවදානමට පෙර සූදානම... " මම තදින් හිටියා. සොනාලි මගේ පෙම්වතිය වුණේ මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ. සොනාලි කියන්නෙ අපේ බෝඩිමේ නැවතිලා හිටපු පිරිමි ළමයින්ට කෑම සපයපු බත් අම්මගෙ දුව. කොල්ලන්ගේ හිත් පිස්සු වට්ටන මොකද්දෝ ආකර්ෂනයක් තිබුණ සොනාලිව යාළු කර ගන්න අපේ බෝඩිමේ කොල්ලො හැමෝම දත කෑවා. ඒත් සොනාලි කැමති වුණේ මට. එයාගෙ කැමැත්ත දැන ගත්තට පස්සේ මගේ අති ජාතයො ටික බොහොම විනීත විදියට තරඟයෙන් ඉවත් වුණා. හැබැයි මගේ ඉල්ලීම නිසා අපි හැමෝම මගේ පවුල් පසුබිම සොනාලිගෙන් හැංගුවා. ඒක දැන ගත්තොත් සොනාලි මට අකමැති වෙයි කියල මම බය වුණා. සොනාලි කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක උසස් පෙළ වෙනකං ඉගෙනගෙන තිබුණා. ඒත් එතනින් එහාට ඉගෙන ගන්න ඇයට ඕන කමක් තිබුණෙ නැහැ. පාසල නිම කරපු ඇය හෝටල් පාඨමාලාවකුත් අවසන් කරල ඒ වෙද්දී හිටියේ ගෙදරටම වෙලා අම්මගෙ ව්‍යාපාරයට උදව් කරමින්. ඉහළ මධ්‍යම පාන්තික තරුණයෙක් විදියට ඉපදුන මට ඇයව මගේ බිරිඳ කරගන්න නොලැබෙන බව මම ඉන්තේරුවෙන්ම දැනගෙන හිටියා. දොස්තර පට්ටමකුත් හම්බුණාට පස්සෙ තත්වය තවත් දරුණු වෙන බව ආයෙ ඉතිං කියන්න දෙයක් යැ. වෛද්‍යවරයෙක් විදියට පත්වීම ලැබෙනකම්ම අපේ සම්බන්දෙ ගෙදරට රහසක් කරගන්න මට සිද්ධවුණේ ඒකයි . හිතුව වගේම සොනාලි ගැන දැනගත්ත වෙලාවෙ ඉඳලම අපේ ගෙදරින් අපේ සම්බන්දෙට යුධ ප්‍රකාශ කළා. ඒත් ඒ වෙද්දි මට කොහොමටවත් සොනාලිව අතාරින්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ තරම්ම අපේ බැඳීම දුරදිග ගිහින් තිබුණා. මං එහෙම කරානම් ඒක සොනාලිගෙ මුලු ජීවිතේටම බලපාන බව මම දැනගෙන හිටියා. මට ඒ තරම් නරුමයෙක් වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. බොහොම අමාරුවෙන් අකමැත්තෙන් වුණත් අම්මගේ අප්පච්චිගේ හිත් රිද්දල මට සොනාලිව තෝරගන්න සිද්ධ වුණා. ඒක ලේසි දෙයක් වුණේ නැහැ. නමුත් මං ඒ දේ කළා. ඒ ගැන මට පසු තැවීමක් තිබුණෙත් නැහැ. මොකද මං නිසා ගෑනියෙක් වෙච්ච අහිංසක කෙල්ලව කුණු මාළු කෑල්ලක් වගේ අතෑරල දැම්මනං මුලු ජීවිතේටම මට විඳවන්න වෙන බව මං දන්න නිසා. මම පුංචි කාලෙ ඉඳලම හීන දැක්කේ වෛද්‍යවරයෙක් වෙන්න. ඒකත් සාම්ප්‍රදායික සල්ලි පස්සම යන කෙනෙක් වෙන්න නෙවෙයි. අසරණ ලෙඩ්ඩුන්ට හැබෑවටම පිහිටක් වෙන්නයි මට ඕන වුණේ. අසරණ ලෙඩ්ඩු වෙනුවෙන්
කැප වෙද්දී මට දවස් ගෙවෙනව දැනුණෙවත් නැති තරං. පුහුණු වෙන කාලසීමාවෙදි සමහර දවස් තිබුණ දවල් රෑ දෙකම එක දිගට දවස් දෙක තුන වැඩ කරපු. විවාහයෙන් පස්සෙ ඒ රටාව වෙනස් කරන්න වුණේ සොනාලි වෙනුවෙන්. එයාට ඕන වුණේ හැම මොහොතක්ම මම එයා ළඟටම වෙලා ඉන්නව දකින්න. ඒත් එහෙම ළඟින්ම ඉන්න නිතරම මට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඇත්තටම එයාට තනිකම දැනෙන්න ඇති. මගේ ගෙදරින් කවදාවත් එයාව ලේලි විදියට පිළිගත්තෙත් නෑනෙ. එයාටත් හිටියේ අම්ම විතරයි. බත් අම්මත් දුප්පත් වුණාට ආත්මාභිමානය තියෙන ආඩම්බරකාර කෙනෙක්. කොයි තරං ඇවිටිලි කරත් අපේ ගෙදර නතර වෙන්න කැමති වුණේම නැහැ. එක අතකට ගොඩක් ගෑනු මිනිස්සු වයසට යනකොට තමන්ට හුරුපුරුදු ජීවිතේ අත ඇරලා අලුත් ජීවිතේකට හුරු වෙන්න බයයි. ඒක ඉතින් පුදුම වෙන්න දේකුත් නෙවෙයිනෙ. බත් අම්මට වුණත් අපේ සුවපහසු විශාල ගෙදරට වැඩිය එයාගෙ පුංචි ගෙදර සැප පහසුවක් දැනෙනවා ඇති. "සොනාලි... ඔයා මාත් එක්ක තරහද...?" අපේ පළවෙනි විවාහ සංවත්සරය දවසේ මං එයාගෙන් ඇහුවේ හිතේ වරදකාරී හැඟීමක් තිබුණ නිසා. උදේම රෝහලට ගිහින් වෛද්‍ය පරීක්ෂණයට මුහුණ දීපු අපි දෙන්න ආවේ සීතල නුවරඑළියට. මම හිටියෙ දවස් පහක්ම නිවාඩු දාල. නුවර එළියේ හෝටල් කාමරයක් ඇතුළේ හීතලේට ගුලිවෙලා ඉන්න අතරේ තමයි මං එයාගෙන් එහෙම ඇහුවේ. "ඔයාට පිස්සු... මං මොකටද ඔයා එක්ක තරහා වෙන්නෙ..." "මං දන්නව... නොකිව්වට ඔයා ඉන්නෙ ගොඩක් පාළුවෙන් කියල..." "ආ.... ඒකද...?" "ඔයා කැමති නැද්ද කෙල්ලෙ දරුවෙක් හදන්න... දැන් අපි අවුරුද්දක්ම හිටියනෙ ඒ ගැන නොහිත... දරුවෙක් හිටියනං ඔයාගේ පාළුවත් ගොඩක් අඩු වෙනවනෙ..." මං කිව්වේ ඇත්තටම මං දරුවෙකුට ආස කරපු නිසා. ඒ විතරක් නෙවෙයි දරුවෙක් හිටියනං අපේ අම්මල උනත් පහුගිය දේවල් අමතක කරාවි කියලයි මට හිතුණේ. අපිට දරුවෙකුත් ලැබිල අම්මල අප්පච්චිලත් අපිත් එක්ක ජීවත් වුණානං මගේ ජීවිතේ මොනතරම් සර්ව සම්පූර්ණ වෙයිද කියල මට සිය දහස් වතාවක් හිතිල තියෙනව. කොච්චර හංගගෙන හිනාවෙලා හිටියත් අම්මයි අප්පච්චියි නැති අඩුව මට ගොඩක් තදින් දැනුණා. "කවී... මං දැන්ම දරුවෙක් හදන්න කැමති නෑ..." සොනාලි කිව්වම මට ඇත්තටම දැනුණේ ලොකු පුදුමයක්. කසාද බැඳපු ඕනම ගෑනියෙක් හීන මවන්නේ දරුවෙක් හදන්නනෙ. "කැමති නෑ....?" මම ඇහුවෙ පුදුමයෙන්. "මට දැන්ම දරුවෙක් හදන්න බයයි...." කිව්වමනං මට හිනා ගියා. "අයියෝ... ඔයා මහ පිස්සු කෙල්ලෙක්නෙ... ඔයාට අමතක වෙලාද ඔයාගේ මහත්තය දොස්තර මහත්තයෙක් කියල..." කිව්වේ ඇගේ නහය මිරිකන ගමන්. ඒකට නම් සොනාලිටත් හිනා ගියා. "මං දන්නව.... මං බය ඒ ගැන නෙවෙයි කවි.... අනේ මන්ද.... මට ඒක ඔයාට කියන්න තේරෙන්නෑ... මට තාම අවුරුදු විසි පහයින.... අපි තව ටික කාලයක් ඉඳිමු...." ඒක ඇහුවම මට දැනුණෙ මහ අමුත්තක්. විවාහ වුණාට පස්සෙ පළවෙනි වතාවට මට අපේ අනාගතේ ගැන අවිනිශ්චිත බයක් වගේ අමුතු හැඟීමක් දැනුණා. ඒත් මං ඒක හිතා මතාම අමතක කරල දාන්න උත්සාහ කළා. "ඔයාට දැන්ම දරුවෙක් හදන්න බැරි නං කමක් නෑ... අපි මේ විදියට තව ටික කාලයක් ඉඳිමුකො... ඒත් ඔයා මං නැතිවෙලාවට තනියම ගෙදරට වෙලා පාලුවෙන් ඉන්න එකට මං කැමති නෑ... ඔයා තව පාරක් අම්මට කතා කරල බලන්නකො...." "ඔයා දන්නවනෙ කවී අපේ අම්මගේ හැටි... මං කොහොම කිව්වත් එයා අපේ ගෙදර ඉන්න එන්නෙ නැහැ... එක අතකට අපි එයාට බල කරන එකත් හරි නෑ කියලයි මට හිතෙන්නෙ... ඒක ඉතින් එයා ජීවත් වෙන්න කැමති විදිය නෙ..." එයා කිව්වම මටත් හිතුණ ඒ කතාව ඇත්ත කියල. දරුවෝ දීග තල දුන්නට පස්සෙ පුළුවන් කාලෙ හරි ඒගොල්ලන්ට නිදහසේ ඉන්න තියෙන්න ඕන. "ඔයා දන්නවද කවී ඉස්සර ඉඳලම මගේ හිතේ ලොකු ආසාවක් තියෙනව... ඒත් කවදාවත් ඉටු කරගන්න බැරි වෙයි කියල මං කවදාවත් ඒ ගැන වැඩිය හිතුවේ නෑ..." "ඒ මොකක්ද...?" "මං හරි ආසයි මගේම කියල බිස්නස් එකක් පටන් ගන්න..." සොනාලි කිව්වම මට දැනුණෙ පුදුමයක්. "බිස්නස් එකක්...? මං කවදාවත් හිතුවෙ නෑනෙ ඔයා බිස්නස් වලට කැමතියි කියල..." "ඇත්තටම ඒක මෙච්චරකල් මටත් අමතක වෙලයි තිබුණේ... පහුගිය කාලේ තනියම කාලෙ ගත කරනකොට තමයි මට හිතුණෙත් එහෙම දෙයක්වත් තිබුණනං කියල..." "ඔයා කැමති මොන වගේ බිස්නස් එකකටද...?" "ඔයාට මතකද මං ඉස්කෝලෙන් අවුට් වුණ ගමන් හොටෙල් කෝස් එකක් කරා... මං ආසයි හොද හොටෙල් එකක් පටන් ගන්න..." "හොටෙල් එකක්..." "ඔවු... ඒත් මං දන්නව ඒක මහ පිස්සු අදහසක් කියල... ඇත්තටම නං මට බිස්නස් ගැන කිසිම අවබෝධයක් නෑ... විශේෂයෙන් ඒ වගේ ෆීල්ඩ් එකක් ගැන... අනික සල්ලි.... ඒ වගේ දෙයක් පටන් ගන්න මොනතරං ලොකු සල්ලියක් ඕනෙද...?" "ඔව්... ඔය ඔක්කොම ප්‍රශ්න නං තමයි... හැබැයි කරන්න බැරි දේවල් නෙවෙයි... අපි බලමුකො ඔයාගෙ හීනෙ හැබෑ කර ගන්න... මගේ යාළුවෙක් ඉන්නවා ටුවරිස්ට් හොටෙල් එකක් කරන... ඔයාට එයාව අඳුන්නල දෙන්නං... සල්ලි ගැන හිතන්න ඕන නෑ... අපි ළඟ තියෙන සල්ලි මදි වුණොත් අපිට බෑන්ක් ලෝන් එකක් දාන්න බැරියෑ..." මං කියද්දී සොනාලිගෙ මූණ සතුටෙන් බබළන හැටි මම බලාගෙන හිටියේ ආසාවෙන්. එදා නුවර එළියේ ඉඳලා එන ගමන්ම අපි ගියා මගේ යාළුවව මුණගැහෙන්න. ඇත්තටම මට ඕන වුණේ සොනාලිව සතුටු කරන්න. සමහර විට මගේ හිතේ කොණක පුංචි හරි පසුතැවිල්ලක් තියෙන්න ඇති සොනාලිගෙ ලස්සන ජීවිතේ එකම තැනකට කොටු කරල තියෙන එක ගැන. දරුවෙක් එක්ක ගෙවන ලස්සන ජීවිතයක් ගැන මට හීනයක් නොතිබුණා නෙවෙයි. ඒත් පුංචි කාලෙ ඉඳලම මම සිහින මවපු වෘත්තිය මට නොලැබුණා නම් මගේ ජීවිතේ වෙන මොනවා ලැබුණත් අතෘප්තිකර එකක් වෙන බව මං දන්නවා. එහෙව් එකේ එයාගේ හීන, මගෙ හීන වෙනුවෙන් කැප කරන්න කියල මම කොහොමද එයාට කියන්නේ. සංචාරක කලාපයක පිහිටලා තිබුණ නිශ්ශංකගේ සුපිරි හෝටලයට මම ගියේ සෑහෙන්න කාලෙකට පස්සේ. මම අන්තිමට මේ හෝටලේට එනවට වැඩිය සෑහෙන්න දියුණු තත්ත්වයක හෝටලේ තියෙන බව එක බැල්මෙන්ම මට තේරුණා. සිත් වසඟ කරවන සුළු පෙනුමක් තිබුණ රූමතියක් හරිම ආකර්ෂණීය විදියට අපිව පිළි ගත්තා. "හලෝ සර්... ගුඩ් මෝනිං... හව් කැනයි හෙල්ප් යූ..." "කැනයි මීට් මිස්ට නිශ්ශංක ප්ලීස්..." "වෙයිට් අ මිනිට් ප්ලීස්... ආ යූ මිස්ට...? " ළගන්නා සුළු සිනාවකින් අපට සංග්‍රහ කළ ඇය දුරකථනය අතට ගන්න ගමන් ඇහුවා. "අම් කවිෂ්ක සමරනායක..." තප්පර කීපයකට පස්සෙ ඇය පැවසූ මං සලකුණු වලට අනුව ගිහිපු අපි ඇතුළු වුණේ අධි සුඛෝපභෝගී කුටියකට. "මචං කවියා..." නිශ්ශංක මාව වැළඳ ගත්තේ ඉස්සර තිබුණ ළබැඳියාවේ දශමයකවත් අඩුවක් නැතුව. "මචං නිශා.. අඳුරගන්න... මේ මගේ වයිෆ් සොනාලි.... සොනා මේ තමයි නිශ්ශංක...." "අඩ්ඩේ... උඹ එහෙනං අපිටත් හොරෙන් වෙඩිම ගත්තද...?" "මොන වෙඩින්ද නිශා... අපේ ගෙදරින් සෑහෙන්න බර බරේ දැම්ම මේකට... උඹ ඉතින් දන්නවනේ අපේ අම්මලගෙ අප්පච්චිලගෙ ආකල්ප... ඒ නිසා ඉතින් ලොකුවට වෙඩිමක් ගන්න බැරි වුණා... හඳපානෙ තමයි ඉතිං..." මම කිව්වම නිශ්ශංක මහ හඬින් හිනාවුණා. "හරි... හරි... යමු... අපි මොනා හරි බොන ගමන් කතා කරමු... මෙහෙට ගෙන්නන්නද...? නැත්තං එළියට යමුද...?" නිශ්ශංක ඇහුවේ සොනාලි දිහාවෙ බලන ගමන්. "එළියට යමු..." සොනාලි කිව්වේ හරිම උද්යෝගයෙන්. ඇගේ මූණ මලක් වගේ පිපිල තිබුණා. හඳක් වගේ එළිය වෙලා තිබුණා. අවට තියෙන හැම දේම හොඳට නිරීක්ෂණය කරමින් ඇය නිදහසේ එහෙ මෙහෙ යන්න ගත්තෙ පුංචි කෙල්ලෙක් වගේ. මං හිතන්නේ පහුගිය අවුරුද්දටම මං දැක්කේ නෑ එයාගෙ මූණෙ ඒ තරං ලස්සන උද්යෝගිමත් පෙනුමක්. "මචං... ඇත්තටම අද අපි ආවේ උඹෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්..." සෑහෙන වෙලාවක් වල්පල් කතා කරාට පස්සේ තමයි මම මාතෘකාවට බැස්සෙ. මගේ ඉල්ලීම අහපු නිශ්ශංකගේ මූණේ ඇඳුනේ බැරෑරුම් පෙනුමක්. "මචං... ඇත්තටම නම් සොනාලිට මේ සම්බන්ධව ලොකු අවබෝධයක් නෑ... එයා හොටෙල් කෝස් එකක් කරල තියෙනවා... එච්චරයි... ඒකයි මට උඹෙන් මේකට උදව් ඕනේ..." "ඒකනං ගැටළුවක් නෑ කවිෂ්ක... ඕනිම දෙයක් කරලම එපැයි අත්දැකීම් ගන්න... ප්‍රශ්නෙ තියෙන්න මේ වගේ දෙයක් අලුතින්ම පටන් ගන්න සෑහෙන්න ලොකු වියදමක් යනවා... කැමතිනම් මං පොඩි යෝජනාවක් කරන්නද...?" නිශ්ශංක බැරෑරුම් විදියට ඇහුවම මං බලාගෙන හිටියේ කුතුහලයෙන්. "මේ කිට්ටුව මගේ යාළුවෙකුගේ හොඳ හොටෙල් එකක් තියෙනව... මිනිහා කැසිනෝ ගිහිල්ල නැත්තටම නැතිවෙලා ඉන්නෙ... රටටම ණයයි... දැන් මිනිහ හදන්නේ හොටෙල් එක විකුණල රට යන්න... මට කිව්ව ගන්න කියල... සෑහෙන අඩුවට දෙන්නෙ වැඩේ හදිසි නිසා... ඒත් මට මේ වෙලාවෙ ඒ තරම් ගාණක් ඒකට යට කරන්න අමාරුයි... පහුගිය කාලෙ මං මේ හොටෙල් එකට සෑහෙන්න ගාණක් වියදම් කරලා තියෙන්නේ... සොනාලිට පුලුවන්නම් ඒක අරගෙන දාගන්න.... ඔයාට තියෙන්නෙ කරගෙන යන්න විතරයි... හොටෙල් එකක් මුල ඉඳලම පටන් ගන්නවට වැඩිය ඒක සෑහෙන්න ලාබයි... එතන හොඳ පල පුරුදු ස්ටාෆ් එකක් ඉන්නෙ... ඔයාට ඉක්මනටම වැඩේ අල්ලගන්නත් පුළුවන්... මෙතනට ගොඩක් ළඟ නිසා මට වුණත් පුළුවන් උදව් කරන්න... අනිත් එක මේක සෑහෙන ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් හොටෙල් එකක්... එහෙම නැත්තං මං මේ යෝජනාව උඹට කීයටවත් දාන්නෙ නෑ...." අපි ආපහු ගෙදර ආවේ නිශ්ශංක ට හරි උත්තරයක් දෙන්නෙ නැතුව. ඒ කියපු මුදල අපිට දරාගන්න බැරි තරම් එකක් වුණා. ඒත් සොනාලිගෙ මුහුණෙ තිබුණ බලාපොරොත්තු සහගත පෙනුම දැක්කම මගේ හිත කිව්වෙම කොහොමහරි සොනාලිට මේක අරගෙන දෙන්න ඕනේ කියලා. ඒ තරං මුදලක් ලබා ගන්න මට තිබුණ එකම ක්‍රමය තමයි තාත්තා පුංචි කාලෙම මගේ නමට ලියල තිබුණු තේ වත්ත බැංකුවට තියලා ණයක් ගන්න එක. මං ප්‍රයිවට් ප්‍රැක්ටිස් නොකරපු නිසා මට මේ තරම් හොඳ ජීවිතයක් ගෙවන්න පුළුවන් වුණේ තේ වත්තේ ආදායමත් මට ලැබුණ නිසා. සොනාලිව බඳින්න කලින්, අපි ජීවත් වෙන දෙමහල් නිවසත්, ජීප් එකත් ගන්න පුළුවන් වුනෙත් එච්චර කල් එකතුවෙලා තිබුණ වත්තෙ ආදායමෙන්. ඒත් බැංකු ණයක් ගත්තට පස්සේ ඒ ආදායම සම්පූර්ණයෙන්ම වගේ ණයට කැපෙන බව දැන ගත්තම මං පත් වුණේ දෙගිඩියාවකට. ඒත් ගත්ත තීරණේ වෙනස් කරන්න
මගේ හිත ඉඩ දුන්නේ නෑ. "ඔයා බයවෙන්න එපා කවි... නිශ්ශංක කියන විදියට හොටෙල් එකෙන් හොඳ ඉන්කම් එකක් එනවා.... මට පුළුවන් වෙයි ලෝන් එක ගෙවාගෙන යන්න..." සොනාලිගෙන් සල්ලි ගන්න අකමැති වුණත් මම නිහඬව හිටියේ එක අතකට ඒක මගේ හිතට සහනයක් නිසා. මේ වෙද්දිත් මං අම්මගේ අප්පච්චිගෙ හිත් ඕනවටත් වඩා රිද්දලයි තිබුණේ. ඉතින් එයාල මට දීපු දේත් නැති කරගෙන තවත් ඒ මහලු හිත්වලට දුකක් දෙන්න මට ඕන කමක් තිබුණේ නෑ. කොහොම වුණත් සොනාලි හිතුවටත් වැඩිය හොඳට ව්‍යාපාරය දියුණු කළා. ව්‍යාපාරය දියුණු වුණාටත් වැඩිය මට සතුටක් දැනුණෙ සොනාලිගෙ තිබුණ ජීවී බව දැකලා. ඇත්තටම ඇය හිටියේ ජීවයෙන් උතුරමින් කාලය ගෙවිලා යද්දි ඇය අසාමාන්‍ය විදියට කාර්ය බහුල වුණා. කොයි තරම් කාර්ය බහුල උනාද කියනව සමහර දාට එයාට ගෙදර එන්නවත් වෙලාවක් නැතිවුණා. ඒ වගේ දවසට මම හිටියේ ගොඩක් පාළුවෙන්. පස්සෙ පස්සෙ මං පුරුදු වුනා එයා එන්නෙ නැති දවසට රෝහලේම ගතකරන්න. අපි දෙන්නම වැඩත් එක්ක ඒ විදියට කාර්ය බහුල වෙද්දි අපිටම තේරුන්නෑ අපි කොයි තරං අපෙන් ඈත් වෙනවද කියලා. හරියටම අවුරුද්දක් යනකම් සොනාලි කියපු විදියටම බැංකුවේ ණය මුදල වරද්දන්නැතුව හැම මාසෙම ගෙව්වා. ඒත් ඊට පස්සේ එයාට ඒක අතපසුවුණා. එයා හිතාමතා ඒක කරාද එහෙම නැත්නම් ඇත්තටම එයාට මොනවා හරි ප්‍රශ්න තිබුණද කියල මට තේරුමක් තිබුණෙ නැහැ. හැබැයි හෝටලේ අරන් අවුරුද්දක් යද්දි එයා එයාටම කියලා අති සුඛෝපභෝගී වාහනයකුත් ගත්තා. ඒ නිසා මගේ හිත කිව්වේ එයා හිතා මතාම ණය මුදල ගෙවන එක පැහැර හැරියා කියලයි. ඒ වෙද්දි කිසි දෙයක් සුහදව කතා කරල විසඳගන්න ගන්න බැරි තරමටම අපි ඈත් වෙලයි හිටියේ. සොනාලිගෙ නිශ්ශංක එක්ක තිබුන අසීමිත හිතවත්කමට මගේ හිත ඒ තරම් කැමැත්තක් තිබුණෙ නැහැ. නිශා මෙහෙම කිව්ව නිශා හරෙම කිව්වා කිය කිය සොනාලි මං ඉදිරියේ නිශ්ශංකව මහ ඉහළින් වර්ණනා කරන එක මට එපා වෙලයි තිබුණේ. ඒත් ඉතින් නූගත් මෝඩයෙක් වගේ තමන්ගේ බිරිඳගේ හැම දේටම තහංචි දාන්න තරම් මට කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ නිසා මම මගේ ඇත්ත හැඟීම් හංගගෙන හිත හැදෙන එකම දේ වෙච්ච මගේ රෝගීන් දිහාවට තව තවත් නැඹුරු වුණා. මගේ අසීමිත වෙහෙසත් කැප කිරීමත් නිසා සුවපත් වෙන, ජීවිතේ ලැබෙන රෝගියෙක් දැක්කම මට මගේ හැම පුද්ගලික ප්‍රශ්නයක්ම අමතක වෙලා ගියා. මගේ අත්දෙකෙන් ජීවිතයක් බේරුනාම දැනෙන සතුට ජීවිතේ පරම උත්කෘෂ්ඨ සුඛයටත් වඩා වැඩියි කියලයි මට හිතුණෙ. අදට අපි විවාහ වෙලා අවුරුදු තුනක්. සොනාලි හෝටලේ පටන් අරන් අවුරුදු දෙකක්. මේ වෙද්දි අපි දෙන්නා ආගන්තුකයන් තරමට දුරස් වෙලා වුණත් මම තාමත් එයාට ආදරය කළා. පොඩි කෙල්ලෙක් විදියට සොනාලිව දැකපු මුල්ම දවසෙ මගේ හිතේ ඇති වෙච්ච ඒ හැඟීම තවමත් නොමැරි මගේ හිතේ තැන්පත් වෙලා තිබුණා. කල්පනාව පිටම මම රෝහලට ඇවිත් තිබුණා. මගේ පස්සෙන්ම ඇවිත් තිබුණ සොනාලියි මමයි රෝහලට ඇතුල් වුණේ හරියට නාඳුනන දෙන්නෙක් වගේ. පැය කිහිපයකට පස්සෙ මම රෝහලින් පිටතට ඇවිත් සොනාලි එනකං බලාන හිටියා. විනාඩි කීපයකට පස්සේ සොනාලි ඇවිදගෙන එන දිහා මගේ වාහනේට හේත්තු වෙලා බලාගෙන හිටපු මට පුදුමත් හිතුණා. එයාව මම හරියටම දැක්කෙ සෑහෙන කාලෙකින් වගේ නුහුරු බවක් මට දැනුණෙ. එයා ගොඩක් කෙට්ටු වෙලා වගෙයි මට පෙනුණේ. ඇස් දෙකේ පවා පෙර තිබුණ දීප්තිය අඩුවෙලා වගෙයි. එයා දරා ගන්න පුළුවන් තරමටත් වැඩිය මහන්සි වෙනව ඇති කියලයි මට හිතුණෙ. මගේ හිතට දැනුණෙ දුකක්. ඇත්තටම මේ මම හීන දැකපු ජීවිතේද...? "කවි... අද ඔයාට ටිකක් කලින් එන්න පුළුවන්ද...?" සොනාලි ඇහුවම මට දැනුණෙ පුදුමයක්. ඒ කියන්නේ සොනාලිට අද දවස අමතක වෙලා නෑ. මගේ හිත සතුටින් පිනුමක් ගැහුවා. "මං හවස පහ වෙනකොට එන්න බලන්නං..." එයා මගේ දිහා බලාගෙන හිටියේ හැඟීම්බර අයුරින්. "හොඳයි... එහෙනං... මං දැං හොටෙල් එකට යනව... ගිහිං ඉක්මනට එනවා... ඔයා හවසට එන්න...." කියපු එයා ලැසි ගමනින් ඇවිදගෙන යන දිහාව මම බලාගෙන හිටියෙ සෙනෙහසින්. හවස මම වේලාසනින්ම රෝහලෙන් පිටවුණේ ලොකු උද්යෝගයකින්. පහුගිය කාලේ පුරාවටම මමයි සොනාලියි හිටියේ හිත් වලින් ගොඩක් දුරස් වෙලා. සොනාලි ගෙදර ඉන්න කාලෙ මොනව උනත් අපි අතරේ ලොකු බැඳීමක් තිබුණා. දැන් මම රටම පිළිගත් වෛද්‍යවරයෙක්. සොනාලි සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්. තවදුරටත් අපි මේ වගේ ඉන්න ඕන නෑ. අද ඉඳල අපට අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන්. මගේ හිත හීන මැව්වා. මම යන ගමන් ලස්සන ආභරණ කට්ටලයක් ගත්තේ එයාට තෑගි කරන්න. මම ගෙදරට යද්දී සොනාලි කෑම ලෑස්ති කරනවා. සාමාන්‍යයෙන් සොනාලිගෙ අතින් ගෙදර වැඩ කෙරුනෙම නැති තරං. ඒ හැම දෙයක්ම හොයල බලල කරේ ගෙදර වැඩට හිටපු කුසුමා. මට ලොකු පුදුමයක් දැනුණත් කිසිවක් නොකියම මම කුටියට ගියා. ඇඟ පත හෝදගෙන මුළුතැන්ගෙට ගිහිපු මම මගේ සුපුරුදු පුටුවෙන් වාඩිවුණා. "ඔයාට තේ හදන්නද...?" "හා... තේ එකක් බොමු... ඔයා කෑමත් හැදුවද...? අපරාදෙනෙ ඔයා මහන්සි වුණේ... අපිට එළියෙන් කන්න තිබුණා..." මම කිව්වට එයාගේ තිබුණෙ අසාමාන්‍ය නිහඬ බවක්. කිසිම හැඟීමක් නැති මුහුණක්. එයා දිහා බලපුවම මොකක්දෝ හිරියකින් මගේ සිරුර සලිත වෙන හැටි මට දැනුණා.. නිහඬවම තේ කෝප්පයක් මං ඉදිරියෙන් තියපු ඇය පුටුවක් ඇදගෙන වාඩිවුණා. රෝහලෙන් පිට වෙද්දී තිබුන උද්යෝගය වෙනුවට දැන් මගේ හිතේ තිබුණේ මොකක්දෝ නොසන්සුන් බවක්. "කෝ කුසුමා..." මම ඇහුවේ නිහඬ බව බිඳින්න ඕන නිසා. "ගෙදර ගියා... අද මං ඉන්න නිසා මං කිවුවා යන්න කියල... හෙට ඒවි..." උණුසුම් තේ කෝප්පයක් බොන්න හිතේ තිබුණ ආසාව නැතිවෙලා ගිහින් වගේ මට දැනුණේ. කුණාටුවකට ඉස්සෙල්ලා එන නිහඬතාවය වගේ නපුරු නිහඬතාවයක් හාත්පසම පැතිරිලා තිබුණා. කුණාටුව හමන්න පටන් ගත්තේ මම නිහඬතාවය දරා ගන්න බැරුව නැගිටල යන්න හදද්දි. "කවිෂ්ක..." මුල් වචනයෙන්ම මට තේරුණා මොකක් හරි වරදක් තියන බව. මොකද එයා හැමදාමත් මට කතා කළේ කවි කියලා. මම නැගිටින්න හදපු එක නවත්තලා ආයෙත් අසුන් ගත්තෙ බොහොම නරක දේකට මුහුණ දෙන්න සූදානමින්. "මට ඩිවෝස් එක ඕන..." එයාගෙ වචන වෙඩි උණ්ඩ වගේ මගේ සවන් පසාරු කරගෙන ඇතුල් වුණා. ඒ වෙලාවෙ මට දැනුණ හැඟීම.... හරියට මගේ ඔලුව ඇතුළෙ භූමි කම්පාවක් ඇති වෙලා වගෙයි දැනුණෙ. ඒ භූමි කම්පාවෙන් මගෙ ඔලු ගෙඩිය කැඩිල බිඳිල කුඩුපට්ටම් වෙලා යනවා වගේ. මං හිතන්නෙ මට ඇහුණෙ වැරදියට වෙන්න ඇති. (02 කොටසෙන් හමුවෙමු) - ශ්‍යාමලී පතිරණ -ගමේ විත්ති - 04 ...........ආචිරියෝ........... "ආචාරියා.........රවටා........ කැත්ත සෑදෙව්වා වාගෙයි.....//" ආචාරියෝ, ආචිරියෝ යනු නවන්දන කුල ඇත්තන්‍ ය.... පෙර රජ දවස රාජ්‍ය ආයුධාගාරයට ආයුධ තැනවීමෙන් ලෝකුරුකම් පෑ නවන්දන කුල ඇත්තන් රන්, රිදී පිත්තල කර්මාන්තයෙහි ද නියැලුනෝ වූහ...... එදා සිට මේ දක්වා පාරම්පරිකව ලෝකුරු කර්මාන්තය කරන්නවුන් අදටත් කම්මල් කරුවන් ලෙසින් අප ගම් තුලාන වල ජීවත් වෙති........ කැත්තක්, උදැල්ලක්, මන්නයක් පණ පෙවීමට... දෑකැත්තක්, පන් කැත්තක් සාදවා ගැනීමට අවැසි අයෙකුට නිතැතින්ම සිහිවන්නේ තමා දන්නා හදුනන කම්මල් කරුවාය....... පොල්කටු අගුරු එකලස් කොට අවුලුවා මයිනහම අදිමින් ගින්නට මැදි කරනා යකඩය ගිණියම් වීමෙන් පසු රට අඹ දල්ලේ බොර පාටට හැරෙන තුරු කිණිහිරයේ තබා ඒ මේ අත හරවමින් මිටියෙන් තලමින් යකඩය ආයුධයක් කොට තනා දෙන්නේ ආචිරියෝ ය........ ....................................................................... ඉලංගකෝන් මහත්තයාගෙන් පසුව ඉස්ක්කෝලෙ ලොකු පුටුව භාර ගත්තේ බස්නායක ලොකු මහත්තයා ය...... බස්නායක මහත්තයාට දරුවන් නැත.... හේ තම බිරිද වූ හේමලතා හාමිනේ සමග පැමිණ පදිංචි වූයේ ඉස්කෝල ඉඩම කෙලවර පිහිටි අබලන් ගුරු නිවාසයේ ය....... බස්නායක ලොකු මහත්තයා ඉලංගකෝන් මහත්තයා තරම් සැර නොවේ.... එනමුත් ඔහුගේ මුහුණේ සිනාවක් නම් මා කිසිදිනක දැක නැත....... බස්නායක මහත්තයා ඉගැන්නුවේ ඉතිහාස පාඩම්‍ ය.... සාමාන්‍ය කථාබහේදී ත්, උගන්නන අවස්ථාවේදී ත්, උච්ච ස්වරයෙන් කරන්නා වූ තරවටුවකදී ත් කතාවේ වචන දෙක තුනක් අතර තත්පර දෙක තුනක හිස්තැනක් රදවන්නා වූ නිසාවෙන් ඉස්කෝලෙ ලමුන් අතරේත්, අහල ගම්වල වැඩිහිටි උදවිය අතරේ ත් බස්නායක ලොකු ඉස්කෝලෙ මහත්‍තයා ප්‍රචලිත වූයේ "තත්පර බස්නායක" මහත්තයා යන අන්වර්ථ නාමයෙනි......... බස්නායක මහත්තයාගේ නිවසේ අළුත්වැඩියාවකට හෝ වත්තේ පිටියේ වැඩකට හේ ගුරු නිවාසයේ සිට බොහෝවිට අඩගසන්නේ ඉහල පන්තියේ සිටි අපට ය........ මාගේ නම විජේසිරි නොවූවද බස්නායක මහත්තයා මා අමතන්නේ "විජේසිරි" යනුවෙනි........ මා විජේසිරි නොවන වගත් මාගේ නම "විජේවර්ධන" වන බවත් කොතෙක් ඔහුට කියා සිටියද, ඊලග තත්පරයේදී ත් බස්නායක මහත්තයා මා අමතන්නේ "විජේසිරි" යනුවෙනි......... ඉදහිට දඹල හෝ මෑ වැලකට මැස්සක් අටවා ගැනීමට, ගෙඩි පිරුණු ඇඹරැල්ල ගහේ ගෙඩි ටික බා ගැනීමට, අඹ කඩවා ගැනීමට, පොල් පැල කොටු කර ගැනීමට අවැසි වූ විට තත්පර බස්නායක මහත්තයාගේ කටින් පිටවන්නේ විජේසිරි, සුමනදාස, නිමල් හා දයාවංශ යන නම් පමණකි.......... එසේ උදව්වට යන අප හට ඉදුනු කොහු අඹ ගෙඩි දෙක තුනක්, නෙල්ලි අච්චාරු පිගානක් හෝ එරවාගත් වැල මදුලු කීපයක් බුදින්නට දීම බස්නායක මහත්තයාගේ සිරිතකි....... හේමලතා හාමිනේ නම් ඇල්වතුර උගුරක්වත් දෙන්නේ නැත....... "විජේසිරීඊඊ....නිමල්ල්ල්...දයාවංස...ගේ ඇතුලට...මුවෙක් රිංගුවා......ඩිංගක්.... මෙහාට එනවලා...ඒකව.... එලවගන්ඩ....මට උදව්වෙන්ඩ....." ඒ අණ ලැබුණු පසු අප පන්තිකාමරයෙන් පැන ගුරු නිවාසය දෙසය දිව යන්නේ මුවා අල්ලා ගැනීමට ය..... ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ කතාව ඇසෙන මානයේ පංතිවල එවුන්ද, උගන්නන ගුරුන් දෙතුන් දෙනාද කම්බි වැට අසලට රොක්වී ගුරු නිවාසයේ ඉඩම දෙස මුව අයා බලා සිටින්නේ තව මොහොතකින් ඉස්සරහ දොර උලුඅස්සෙන් හෝ කුස්සි දොරකඩින් පැන දුවනා මුව පොව්වා දැක ගැනීම සදහා ය........ "කෝ ලොකු මහත්තයා මුවා..... කොහාටද රිංගුවේ.." දයාවංස හති අරිමින්
අසයි....... "අර..... ඉස්සරහ...ගබඩා කාමරේට....රිංගුවා.....යමව්...බලන්ඩ..." "නෑනෙ ලොකු මහත්තයා.......මේකෙ වෙන රිංගන්ඩ අතකුත් නෑ....." කාමරයේ අහුමුලු සිසාරා විපරම් බැල්මක් හෙලූ මා බස්නායක මහත්තයාට කීවෙමි..... "නැත්තෙ කොහෙද.....විජේසිරීඊ..... මේ..තමයි...මුවා.... මේකට....කියන්නෙ... දැවමුවා කියල..... මේ...දැවමුවා.. ඉස්තෝප්පු...කාමරයට....එලවලා දාන්ඩ.... මට...උදව් වෙනව...." තේක්ක ලීයෙන් සෑදූ විශාල ලී අල්මාරියක් පෙන්වා තත්පර බස්නායක මහත්තයා කියයි.......... ඉල ඇදෙන තරමට බරැති තේක්ක අල්මාරිය කෙසේ හෝ අපි ඉස්තෝප්පු කාමරයෙන් අඩුක් කර දෙන්නෙමු.... "අර....බලං හිටින....එව්වොන්ට.... කියාපල්ල...මුවා...පිටිපස්සෙ..ජනෙල් කවුලුවකින්...පැන්න කියල..... නලළේ ඇවිස්සුන දාඩිය බිදු පිටි අත්ලෙන් පිසදාමින් මිදුලට බැස යන අප අමතා ලොකු ඉස්කෝලෙ මහත්තයා කියයි........... ................................................................ අමරාත්, සුධර්මාත් අකුරු කෙරුවේ අපේ පංතියේ ය... සුධර්මා හැඩකාර කෙල්ලෙකි..ඈගේ ප්‍රිය උපදවන්නා වූ මනරම් සිනහවට නම් වශී නොවූවෙක් අප අතර නොවූහ..... මුතු දසන් පෙන්වා නගන හැඩකාර සිනහවට හකු දෙපැත්තේ ඉගිනි ඇටයක් තරම් ගැඹුරට වලවල් දෙකක් හෑරෙන්නී ය..... ඈ නිරහංකාර ය... නිහතමානී ය........... එනමුත් ඇයගේ අතිජාත යෙහෙලිය වූ අමරා තරම් උද්දච්ච අහංකාර එකියක් මා නම් දැක නැත..... අමරා ලස්සන මුත් අහංකාරය.... හෝඩියේ පටන් එක පංතියේ ශිල්ප ලැබූවත් වයසින් මෝරන මෝරන පාහේ අමරාගේ උද්දච්ච ගතියත් මෝරයි........ අමරා ගොයිගම කුලයේය...... කෙනෙකුන් පහත් කොට තලා පෙලා කතා කරන එකියක් පංතියේ සිටියේ නම් ඒ අමරා පමණි......... අමරා හා සුධර්මා එක ගමේ ය.... ඔවුන් ජීවත් වූයේ තම්මැන්නා වෙලෙන් දකුණේ පිහිටා තිබූ මහ බොරවැවේ ය....... මහ බොරවැවේ ජීවත් වූවන් බොහෝ දෙනා ගොයිගම කුලයේ ය.... මාත් ,සුමනදාසත්, දයාවංශත් තම්මැන්නා වෙලෙන් වමේ පිහිටි ගුරුන්නැහැගම ය..... අපි නවන්දන කුලයේ ය........ අමරා තමාගේ ගොයිගම කුලය ගැන නිතර පාහේ පුරසාරම් දොඩවයි... ඒ පුරසාරමේ එක් නිමේශයක දී ආචිරියන් පහත් කොට කියවමින් උසුලු හඩින් සිනාසෙයි......... මාගේත්, දයාවංසගේත්, සුමනයාගේ ත් ඇගේ මාලු නටන්නට ගන්නේ මේ මොහොතේදී ය........ සුමනයා අත මිටි මොලවා අමරාගේ හිස් මුදුනේ ගැට මතුවන්නට ටොක්කක් අනී......... හේ අඩාගෙන දුවන්නී ය........ අමරාගේ හැඩුම නතර වන්නේ මහ බොරවැව ගමේ ඉස්කෝලෙ මහත්තයා වූ කපුරු මහත්තයා ලගය...... මොහොතකින් අමරා ද කැටුව පංතියට සැපත් වන කපුරු මහත්තයාගේ වේවැල් පාරට සුමනයාගේ තට්ටම් හිරිවැටී යයි......... අමරාගේ උසුලුවේ නම් නිමක් නැත... කුමක් කීවද අසා දරා සිටිය යුතුව ඇත... අමරාට කෙරුංකාරකමක් පෑ විගස පංති කාමරයේ ලෙලදෙන්නේ කපුරු මහත්තයාගේ වේ වැලයි............ ................................................................... අමරාගේ සමච්චල් කතාවත්, උසුළුවත් නතර කල යුතුව ඇත..... ඉගෙනීමේ රාජකාරි නිමකොට වේල්ල දිගේ ගමට යන ගමනේදීත්, ගම ඇතුලේ ගඩා ගෙඩි සොයන්නට රොක්වන අවස්ථාවේදීත් අපගේ සයකන් මන්ත්‍රණය නිමවන්නේ අමරා හට පාඩමක් ඉගැන්වීමට යොදනා උප්පරවැට්ටියකිනි......... "යසයි බොලව්........ මට ආවා කදිම අදහසක්.... අපි ඕකිව හෙට අර මැඩුවං කංදෙ ඔබල ගිණි ගහමු...." ඉස්කෝලෙ නිමවී ආපසු එන ගමනේදී සුමනදාස බලාපොරොත්තු හැගීමකින් කීවේ කොල පාගවා ලියදි කනටියක ගොඩගසා තිබූ මැඩුවන් කන්දක් වෙන්වමිනි.......... දයාවංශයා නළල රැලි නංවා ප්‍රීතියෙන් ඔදවැඩුනු සුමනයාගේ මුහුණ දෙස බලා සිටී......... "ඕකි මැරුණොත් හෙම..." දයාවංශයා බැරෑරුම් ස්වරූපයෙන් අසයි..... "මරන්ඩ තමයි ඕනැන්නෙ..... ගොයිගම එකී.." සුමනදාස ගනනකට නොගෙන කියයි..... සුමනදාසයාගේ චේතනාවේ ඇති බිහිසුණු ස්වභාවය පිලිබදව මා හටනම් ඒ තරම් තැකීමක් නැත.... ඒ මා සුමනයාගේ අමනකම් පිලිබදවත් ඒකාගේ ඇති මැරෑටි ගති පිලිබදවත් මා හොදාකාරවම දන්නා නිසාය...... "විජේ.... උබ හෙට මොකක් හරි බේගලයක් ගොතල අරුන් දෙන්නා ඩිංගක් ඉස්කෝලෙ පරක්කු කොරෝපං...... ඉතුරු කාරිය මට බලාගත්තෑකි...." ඒ සුමනදාසයා ය..... .................................................................... පසුදා උදෑසනම අප වේල්ල දිගින් පැමිණ ගුරුපාරට වැටුනේ අමරා හට පාඩමක් ඉගැන්වීම සදහා අත හිත දීමට සැදී පැහැදී ඇති තඹවන් මැඩුවන් කන්ද දෙස බලමින් ය......... උදෑසනම පංසිල් සමාදන් වීමෙන් පසු ඇත්තේ ටිකිරිමැණිකේ ඉස්කෝල හාමිනේගේ ගණිත පාඩමයි...... බලාපොරොත්තු දල්වා සිටින අප හට පාඩම් පිලිබදව නම් හිතක් නැත..... ගල්කූරු ඉබාගාතේ දුවයි..... එපිට බංකුවේ සිටින සුමනදාසයා විටින් විට කමිස සාක්කුව අතගා බලන්නේ ගෙදර කුස්සියෙන් දමා ගෙන ආ ගිණිපෙට්ටිය පිලිබදව සිහිය පවත්වා ගැනීමටය....... ඉස්කෝලේ වැඩ අහවර වන්නේ කපුරු මහත්තයාගේ ඉංගිරීසි පාඩමෙනි...... ඒ අපභ්‍රංස නම් තේරුම් යන්නේ සුධර්මාට පමණි..... අප තිදෙනාට නම් කපුරු මහත්තයාත්, උන්නැහේගේ ඉංගිරීසි පාඩමත් නයාට අදුකොල වැනිය...................... කපුරු මහත්තයා පංති පඩියෙන් බැස යද්දීම ඔපිස් කාමරය ලගට දුවන්නේ නිමල් ය...... කටු කම්බි පොටවල් තුන හතරකින් ගැට ලා ඇති අඩි දෙකේ රේල්පීලි කාප්පයට කැඩුණු යකඩ පුටු කකුලකින් තඩිබාන නිමලා දවසේ නිමාව සටහන් කිරීමේ වගකීමනම් ඕනෑවටත් වඩා හොදින් ඉටු කරයි.......... "ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං......... නිමලාගේ බැල් එක වදිනවාත් සමගම ගල්කූරු ගල්ලෑලි අඩුක්කරගන්නා අතරේ සුමනදාසයා මා හට ඇසින් ඉගි කරයි................. "ආං තොපි දෙන්න දවාලෙ පිට්ටනියෙ රට අඹ ගහට කෙකි අදිනව ලොකු ඉස්කෝලෙ මහත්තයා දැකල......... ඒකෙ දඩුවමට ඔපිස් කාබරේ ලග මල් පැල තවානට වතුර දාන්ඩ කීවා......." සුධර්මා හා අමරා වෙත ලං වූ මම කීවෙමි........ "සුදර්මො මටනම් ඔය ආචිරියො කියන එව්ව තඹ දොයිත්තුවකට විස්වාස නෑ....." අමරා හුරු පුරුදු කතාවෙන්ම පිලිවදන් දුනි...... "බේගලයක් නෙවී බොලව්...... ඕං මං මට කියාපු පයින්ඩේ කීවා.... හැන්දෑවට වතුර දාලද බලන්ඩ ලොකු ඉස්කෝලෙ මහත්තයා ඇවිදිනව කීව....." මා එසේ කියමින්ම පාරට ඇදුනෙමි...... "අමරක්කෙ...... ඔන්නෝකට වතුර පනිට්ටු දෙක තුනක් දාලම යමං බං.... නැත්තං හෙට විසුමක් වෙන්නෑ......." සුධර්මා කියනවා ලාවට ඇසුණි.. ........................................................ ඉස්කෝල වැට මායිම පසු කොට වේගයෙන් ගුරුපාරේ දිවගිය මා වේල්ලට හැරී සුමනදාසයාට එක් වුනි...... "උන් දෙන්න මිනිත්තු විස්සක් විතර පමා කොරවලා පැන්නෙ..... දයා කොයි....." මම ඇසුවේ දයාවංශයා අප අතර නොවූ හෙයිනි...... "ඌ වෙල හිස් කරනවා අමරාට අත ගහන්ඩ....." මද සිනහවක් මුවට ආරූඩ කරගත් සුමන යා ඇගිල්ල දිගුකොට වේල්ලේ ඈතට කොලු රෑන් එලවන දයාවංශයා පෙන්වීය...... ඉස්කෝල නිමාවෙන් පසු තම්මැන්නා වෙලේ කෝං ගස් උඩටත්, මා දං ගස් අතුවලටත් ගොඩවන බාල පංතිවල ඇටිකිච්චනුත්, ඉමේ ඇති හිඹුටු, බෝවිටියා කැඩීමට ගාල් තුලට රිංගන එවුනුත් වෙල් මායිමෙන් ඈතට පන්නා දැමූ දයාවංශ ද මැඩුවන් කන්ද හාරමින් සිටි අප දෙදෙනාට එක්කාසු විය....... මැඩුවන් කන්ද මුදුනේ පිදුරු සීරුවට ඉවත්කොට එකෙකු බැස්සවීම්ට තරම් වලක් සෑදූ අප මැඩුවන් කන්ද පිටුපසින් ඇනකුටු ගහගත්තේ ගුරුපාරෙන් මතු වූ අමරාගේත් සුධර්මාගේත් ඡායාවන් නෙත ගැටුණු පසුය....... ගුරුපාරෙන් වේලි නියරට බට ඔවුන් දෙදෙනා නොයෙකුත් අල්ලාප සල්ලාප කියමින් එකා පසුපස එකා වැටී ඉදිරියට ඇදෙයි.... මූලිකයා අමරා ය... සුධර්මා පිටුපසින් ගමන් කරයි....... ක්ශණයකින් ඒ දෙසට දිව ගිය සුමනදාස අමරාගේ අතකින් අල්ලා ගති...... "මේ මොකද බොල මේ........" වැරෙන් අල්ලා සිට අත ගසා දැමීමට දගලමින් අමරා අසයි..... "ආචිරියො....ආචිරියො.... ආචිරියො.... තෝ දන්නෑ තව මේ ආචිරියොන්ගෙ රගේ.... අද තොට පෙන්නන්නංකො ආචිරියො කියන්නෙ කවුදැයි කියල....... මෙහෙ වර ගොයිගම පරට්ටි...." සුමනදාසයා අමරාගේ දෑතින්ම ඇද මැඩුවන් කන්ද අසලට රැගෙන එයි..... ඒකි දගලයි.... දයාවංශයාද හවුල් උන තැන දී කරකියාගත දෙයක් නොවූ අමරා හඩන්නටත් විලාප තියන්නටත් උනි...... "තෝ ගිහින් මේකිගෙ ගෙදර උන්දැලාට කියාපිය මේකි තම්මැන්නෑ වෙලේ මැඩුවං කන්දෙ ගින්නකට මැදි උනා කියල...." පරාණ භයෙන් වෙව්ලමින්, හඩමින් වේලි නියරේ වැටි වැටී දුවනා සුධර්මා අමතා මා කීවේ උච්ච ස්වරයෙනි...... මැඩුවං කන්ද උඩට ඇදගෙන ආ අමරා දෑතිනුත් දෙපයිනුත් අල්ලා මැද හාරා තිබූ වලට එබ්බවූ පසු උඩින් පිදුරු දමා වසා දැමූ සුමනයා ඒ මතට ගොඩවී සිටගත්තේ අමරාට පැන යාමට නොහැකි වන අයුරිනි........ මැඩුවං කන්ද ඇතුලත සිටින අමරා කෝපයෙනුත් භීතියෙනුත් එකසේ පදම් වී ඇත.... ඇයගේ ඉකිබිදුම ලාවට මෙගොඩට ඇසේ...... "හුලං එන දිසාව බලල ගිණි ගහපියව් මේකෙ හතර මුල්ලට......" මැඩුවන් කන්ද මුදුනේ සිට මෙතෙක් කමිස සාක්කුවේ සුරැකිව තබාගත් ගිණිපෙට්ටිය අප දෙසට විසිකල සුමනදාසයා විදාන ස්වරූපයෙන් කීය...... ඒ අවසරයෙන් ගිණිපෙට්ටිය අහුලා ගත් මා මැඩුවං කන්ද අවුලුවන්නට වීමි....... කුඹුක් ගස් ගොන්නෙන් හමා එන වෙල් හුලගින් පෝෂණය වූ හීං ගිනිදැල් අසුරු සැනින් මහා ගිනි ජාලාවක් වී බුර බුරා දැල්වෙන්නට පටන් ගත්තේය........ ගින්න ගජරාමෙට අවුලද්දී ගිණි රස්නය ඉවසාගත නොහී සුමනදාසයා මැඩුවන් කන්දෙන් බිමට පැන ගත්තේ ය..... ඒ අවසරයෙන්ම ලිහිල් වූ අමරාත් වෙර යොදා නැගිට විලාප තියමින්, දෙස් දෙවොල් තියමින් ගිණිදැල් අතරින්ම පැන නියර ඉස්සර දිගේ දිව යන්නීය..... ගවුමේ පොටකට ගිණි ඇවිලී ඇත.. කොන්ඩ කරල් දෙකෙන් එකක් භාගයකට වඩා පිලිස්සී ඇත....... ගවුමේ ඇවිලුණු ගිණිදැල් වේල්ලට පැන නිවාගත් අමරා උස් හඩින් හඩමින් එක පිම්මේ දිවයන අයුරු බලා සිටි අප වේලි නියරෙන් නොගොස් බෝවිටියා පදුරු අතරින් රිංගා ඉපිල් මණ්ඩියේ අඩිපාරට වැටී ගම්මැද්දට ලගා වුනෙමු......... .................
...................................................... "හෙට උදේ... හරියටම... නමයට.... මුන්නැහේ හරි...ගෙදර... බවලත් ඇත්ති හරි....ඔපිස්... කාමරේට ඇවිත්.... මාව මුණගැහෙන්ඩෝනෙ......" එසේ කියමින්ම පුට් බයිසිකලය හරවාගත් ලොකු ඉස්කෝලෙ මහත්තයා කඩුල්ලෙන් හැරී දයාවංශලාගේ ඉඩම දෙසට පාගන්නට විය..... "කියාපිය..... තෝ මොකක්ද කරපු අළුගුත්තේරු වැඩේ.... මොකක් හරි නොසන්ඩාලකමක් කොරල තිබුනොතින් හෙම හෙට තෝ කෝටුමස් කොරනව ඕං......." කණ් කෙටියෙන් අල්ලා අදිමින් අම්මා තර්ජනාත්මක ස්වරයෙන් කීවා ය.... "ඌයී.....අම්මෙහ්....... මං මොකුත් කොරව්වෙ නෑ......" රිදුම් දෙන කණ අතගාමින් අම්මාට කියූ පිලිවදන් දුන් මාගේ චිත්තරූපන් හෙට උදෑසන ඔපිස් කාමරයේ සිදුවන නීරස සිදුවීම් වලින් මැවෙන්නට විය......... රාත්‍රියේ මා හට නින්ද ලගා වූ වේලාවක් මා දන්නේ නැත....... උදෑසන වන විට බඩේ රුදාවක් හෝ සහලෝන උණක් වැලදීමට තරම් සසර භවයේ කල පිනක් ඇත්නම් හේතු වාසනා වේවා යි යටිසිතින් සිතමින් මා පන් පැදුරේ ඒ මේ අත කැරකෙන්නට වූයේ දහවලේ සිදුවීමත් හෙට උදෑසන වීමට නියමිත සිදුවීමත් සිතින් අතුගා දැමීමට ආයාස ප්‍රයත්නයක් දරමිනි....... ...................................................................... ලොකු ඉස්කෝල මහත්තයා වේ වැල් පුටුවේ වාඩිවී ලියන මේසයට බර දී නඩු ඇසීමට සූදානමින් ඇත....... මේසයේ වම් පසින් අමරාත් ඈගේ මෑනියන්දෑ වූ ගුණවතීත් ය..... අමරාගේ දකුණු කකුලේ බත්කෙණ්ඩ මල් චීත්ත පොටකින් ඔතා දමා ඇත.....කොණ්ඩය ඇත්තේ බෙල්ලටත් උඩිනි... සාක්සියට සුධර්මාත් අමරා අසලින් වෙති... මේසයට වම් පසින් පිලිවෙලින් දයාවංශත්, මාත් සුමදාසත් රිටි ඇන්නාක් මෙන් කෙලින් සිටගෙන සිටී...... අපට පිටුපසින් අපගේ මව් දෙමව්පියන් ය..... "අනේ ලොකු ඉස්කෝලෙ මහත්තයා....... බලන්ඩකො මෙවුන් තුන්දෙනා මගෙ කෙල්ලට කොරාපු වින්නැහිය...... අපූරුවට නමා වැටිච්චි කොණ්ඩෙ මගෙ එකීගෙ....." අමරාගේ හිස අතගාමින් ගුණවතී නැන්දා කදුළු සලන්නීය.... මට පිටුපසින් සිටින අම්මා දත්මිටි සපනු මට ඇසේ........ "තොපි තුන්දෙනා...මේ... නොසන්ඩාල... වැඩේ ගැන.... නිදහසටකාරණා.... කියාපියව්...බලන්ඩ...." ලොකු ඉස්කෝලෙ මහත්තය උපැස් යුවල යටින් දෑස් පොවා අප දෙස බලා කීය.... "ල්ල්ල්ල්ලොකු මහත්තයා..... මේකි අපිට හැමදාකම ආචිරියො කිය කිය කොලොප්පන් කරනව.... ඉවසල ඉවසලා බැරිම තැන ත්ත්තමයි අපි ඔය දේ ක්කෙරුවෙ......" දයාවංශයා වෙවුලමින් ගොත ගසා කීවේය.... සුමනදාසත් මමත් හිස සලා එය අනුමත කලෙමු..... "මේකි..... එහෙම කියනව..... උඹටත්... ඇහිල තියනවද...." බස්නායක මහත්තයා ඇසුවේ සුධර්මා ගෙනි....... "ඔඕව් ලොකු මහත්තයා...." සුධර්මා පිලිතුරු දුන්නේ එපමණකි...... "උඹ...එහෙම.... සමච්චල කම්.... මේකුන්ට.... කරල තියනවද...." අමරා දෙස බලා බැරෑරුම් සහගත බැල්මක් හෙලූ ලොකු මහත්තයා ඇසී ය...... "දෙතුන් ගමනක් කියල තියනව ලොකු මහත්තයා......" අමරා මහපටැගිල්ලෙන් බිම කණිමින් කීවා ය..... "ඈ බොල...... බොණ්ඩියෙ.... තොගෙ.... අවලං කථාවට.... මෙවුන්... තුන්දෙනා... දීල තියන.... දඩුවම.... බාල වැඩියි..... පුච්ච්න්ඩ තිබ්බෙ.... තොගෙ කට....." අමරාට උච්ච ස්වරයෙන් බැණ වැදුනු ලොකු ඉස්කෝලෙ මහත්තයා ඔපිස් කමරයේ ජනෙල් කවුලුවෙන් ගුරු නිවාසය දෙස විපරමින් බලන්නට විය............. .................................................................... අපගේ සන්තෝසයේ නම් නිමක් නැත.... දෙමාපියන්ගෙන් තැලුම් නොකා තරවටුවකින් කෙලවර වීමම පිනා යන ප්‍රීතියට හේතු විය...... කෙසේ හෝ අමරාගේ කුල වාදය මැඩුවන් කන්දේ දී එදා ගිණිබත් වී ඇත... ඉන් පසු කිසිම දිනයක ඈ ආචිරියන්ට විරුද්ධව වචනයක් හෝ කියන්නට උත්සුක නොවූව ය......... ඈගේ අහංකාර ගති පැවතුම්ද එසේම ටිකෙන් ටික අඩු වීමද අප තිදෙනා තම්මැන්නෑ වෙලේ දී ලද ජයග්‍රහණයේ ප්‍රතිපලයන් ය...... දෙතුන් මාසයකට පසුව අමරාත් අප සමගින් බොහෝ කුලුපග වී කතා බහ කරන්නට විය...... අවසානයේ දී ඉස්කෝලෙ නිමවී වේලි නියර දෙගේ යනවිට ඔවුන්ද කැටුව යාම අපගේ සිරිතක් කොට ගත්තේය....... "මයෙ අම්මේ.... තව ඩිංගෙන් මගෙ හුස්ම යන්නෙ ආං අතන...." එසේ යන ගමනකදී අමරා එදා ගිණිබත් වූ මැඩුවන් කන්ද තිබූ ලියදි කණටිය පෙන්වා සිනා සෙන්නීය........ .................................................................... "තත්පර බස්නායක" මහත්තයා නවන්දන කුලයේ බවත්, ඔහුගේ බිරිද වූ හේමලතා හාමිනේ ගොයිගම කුලයේ බවත්, ගම්මුන්ගේ කටකතා අතරින් අප දැනගත්තේ එම සිදුවීමෙන් මාස අටකට නවයකට පසුවය........ (සැ යු:- මෙය මාගේ පියාගේ අත්දැකීමකි. ටික කලකට ඉහතදී මියගිය "තත්පර බස්නායක" මහත්තයාගේ මළගමට සහභාගී වූ මාගේ පියා එදා රාත්‍රියේ අවදි කල ඒ සොදුරු මතකය මාගේ අත්දැකීමක් කොට මෙසේ ලියා තැබූවෙමි) ..............ජනිදු............දුංහිඳ හීන - ( දහතුන) "උඹ කොයි අහ උන්නේ මේ හැටි වෙලා..? මං තාම පරලෝ ගියෙ නෑ දුවේ. මට හොඳ හැටියට සිහියපත තියෙනවා තාම. මට පේන හැටියට උඹ අමුතු නෙයියාඩගමක් නටන්ට වාගෙ තනන්නේ.. එදා අර මියුරියයි කිරයි පොඩිහේනයයි නොහිටින්ට මං කැළේ ගහල හත්දොහකුත් ගිහිල්ල..." මං , අප්පුච්ච පළි සෝළි තිව්වට නෑහුන ගානට ඉන්නෙ අප්පුච්චා කියන හැමදේම සත්ත හින්දා. කීකළු බාසෙට නැතුං මං වනේ හැම අහකම හක්කොලන් ගහපු එකෙන් මයෙ කෙළි කමත් හෑල්ලුවට ගියා . මොක වුනත් අප්පුච්චට හොඳ ඉතින් ඔය කිරයි , හඳුනයියයි තමයි.කොයියං වෙලාවක බැලුවත් කටේ තියෙන්නෙම හඳුනයි කිරයි නෙව ..? "මොකැ අර සුද්දා මේ අහ හොරගල් අහුලන්නැහේ කරක් ගහව්වේ..? පැල දිහාව බලාන ඇල්ල පහළට ගෑටුවේ.? නිස්කාරණේ වෙන්ට බෑ.. " "ඒ වගක් මට කියන්නේ මොනාට අප්පුච්චා ? ඒ ඇත්තන්ට මනාප තැනක ගාටන්ට තහංචි දාන්ට අපි කවුරු? සුදු මහත්තය මොකක්දෝ අට්ටාලයක් ඇන්න ඔය පින්තූර ගන්නවා කියල එකක් කරනවා නෙව..." "ඒකයෙ අතේ මොන අට්ටාලයක්වත් තිවුනෙ නැතුවා ..." අප්පුච්ච කීවම මයෙ හිත මහා දුක් කන්දරාවකින් අඬා වැටෙන්ට උනා. මොන දේ කීවත් අපි මේ කීප දොහේම බඩවියත රැක ගත්තේ සුදු මහත්තය දුන්නු නෝට්ටුවෙන්. අප්පුච්චයෙ දිවි රැකුණෙත් සුදු මහත්තය විගහින් ඉස්පිරිතාලෙට ගෙනිච්ච හන්ද නෙව..? උන්දැට කහට කෝප්පයක් හදා දීල මං කළගෙඩියත් ඇන්න පීල්ල අහට ගියේ සුදු මහත්තය ඇල්ලට ගොහිං ආපහු එන්ට ඕන තරං වෙලා ගතවිච්චි හන්ද. මං මහ අංගතුලාවට නැති එකියක් කියල සුදු ඇත්තොත් හිතනව ඇති. අද ආකාසෙත් බීරුම බාලා.. සාක්කුලේ අහවරවෙලා වගේ වැහිඇල්ල පටන්ගත්තේ. පීල්ලෙන් කළගෙඩියට වතුර පිරෙන දිහාවේ බලං උන්නට මයෙ හිත නං ගොහිං තිවුනේ මහා දුරක .. හ‍ඳුනයිය මේ අහින් ඇණ තියාන මා එක්ක මොන තරම් නං දේවල් දොඩන්ට ඇද්ද..? මා එක්කලා කෝළ බස් දොඩනවා ඇරෙන්ට හඳුනයියට වෙන කාරියක් තිවුනෙම නැති ගානයි පහුනු කාලෙ... මහදඹ වරුසාවට ගංදෑල හේදිලා දියකඳත් එක්ක ඈතට ගලාගෙන ගිහින් වාගෙ හැම මතකයක්ම ටිකෙන් ටික මයෙ ජීවිතෙන් මහ දුරක් ඈතට යන්ට ගොහින්. "ජිනා..! " මයෙ කරක් උඩින් අත තියාන සුදු මහත්තය මාව එයාගෙ පැත්තට හරව ගත්තා. මං හිතුවෙම සුදු මහත්තය ආපහු බංගලාවට යන්ට ඇති කියාල.. මයෙ සරුවාංගෙම ගැහෙන්ට ගත්තේ මහා වරදක් කරපු එකියක් ගානට ...මාව කොයියම් වෙලාවක හරි සුදු මහත්තයගෙ හිත ගනිච්චියක් ගනීවි කියල සැක සංකාවෙන් .මයෙ සරීරෙ ගල්වෙලා වාගෙ. "ඔයාගෙ අප්පච්චිට දැන් කොහොමද ? " "දැන් ගුණයි.." "මං අද හවස වත්තට යනවා. හැම දෙයක්ම ලෑස්ති කරලයි මම ආවෙ. මොකද කියන්නෙ ඔයා කැමතියි නේද ? " මට කියන්ට දෙයක් හිතට ආවෙ නැතුවා... මයෙ ඇත්තට සුදුසු එකියක් නෙවෙයි මම . "මම චින්ටා..ට කැමති නෑ ජිනා " මං සුදු මහත්තය දිහාව බලන් උන්නේ මොනා කියන්ටද කියලා හිතාගන්ට බැරුව. "බ්ලූ..අයිස් ..!! " මොකක්දෝ හරුපයක් කියල සුදු මහත්තය ලස්සනට හිනාවුනා.මයෙ බය බිරාන්ත විච්ච මූණ දැකල ඒ ඇත්තට හිනායන්ට ඇති..එක පාරටම අර ආකාසෙ අවුරල තිවුන වැහි වළාකුල් දෙකඩ කරගෙන වාගෙ මහ හෙණගෙඩියක් පාත් වුනේ....දෙහිටියාන පිහගෙන ආපු කුණාටුවාගෙ හුළං රැල් මහ ගස් අඹරාන ඈත කන්ද දිහාට පාවෙලා ගියා. දොඹගෙඩි වාගෙ වැහිකැට බිමට කඩාපාත් වෙනකොට සුදු මහත්තය මාවත් ඇදගෙන වදුලක් අස්සට දිව්වා. "මා එක්ක වත්තට යන්න එනව නේද ජිනා?" සුදු මහත්තයගෙ උණුහුමේ බළල් පැටියෙක් වාගෙ ගුලිගැහෙන්ට මයෙ අලාමක හිත තිස්සෙම නතුවුනාට මං කෝම හිත හදාන ඒ ඇත්තයෙ ජීවිතේට කිට්ටු වෙන්නේ..? වටිනාම දේ හප කරල රොඩ්ඩ විතරක් ඉතුරු විච්ච.. උරුම කරුමකම් විදිහට කරුමෙ විතරක් ඉතිරි වෙච්ච මං වාගෙ එකියක් සුදු ඇත්තො රවට්ටලා තවත් අකුසල් පුරවගන්ට...? අර ඈත පේන නමුණුකුල මහ කන්ද වාගෙ ආදරයක් එකපාට්ටම දූවිල්ලක් වාගෙ අහක් කරන්නෙ කෝම..? ඒ දෑහ දිහා බලාගෙන මුසා ඇදබාන්ට හිත් දෙන් නැතුවා..ගල් ගෙඩියක් වාගෙ බලාගත්තු අත බලා උන්නට..වනේ පීරගෙන දහ අතේ දුවන කරකොළයෙක් වාගෙ පෙරළි කරන්ට උනා මයෙ හිත නං.. ඕසෙට තෙමිච්ච සරුවාංගෙම බත්වෙලා හරියට පතලියො දෙන්නෙක් වාගෙ. සුදු මහත්තය මයෙ නිකටෙන් අල්ලාන දෑහට එබිල බැලුවේ හිතේ උපන් මහා කළකිරීමකින් කියල මට හිතුන . මයෙ දෑහෙ වත් ඒ ඇත්තො ගැන දයාවක්, සෙනෙහසක් තියේද කියල හොයා බලන්ට වාගෙ. මං මැරිච්ච එකියක් ගානයි.. එදා වාගෙ ආලවන්තකම් පාන්ට මයෙ හිත හදාගන්ට බැරුං ...ඒ සෙනෙහස දාල යන්ට මසුරු කමින්... මං වැළපෙන තරං ඒ ඇත්තට දැනෙනව නං..? මං හෙමින් මයෙ හිස දෙපැත්තට වැනුවේ වත්තට යන්ට බෑ කියන්ට වගේ. එයාගෙ දෑහ ලොකු වුනා.ඒ මොනාට.. කියල අහන්ට වාගෙ...මේ කුළන්තරේ මොකාවත් වටා පිටාවෙ පේන්ට නැතුවා. මං අවසාන වතාවට මයෙ රත්තරන්ගෙ මූණට මයෙ මුණ තිව්වා. දෑහෙන් වැටෙන කඳුළු වැල් අර දුංහිඳ ඇල්ලෙන් වැටෙන දියකඳ වාගෙ.. මං එකපාට්ටම ඒ ඇත්තගෙ තුරුල්ලෙන් මිදිල වගලෙන් පහළට රූටං පැල දිහාවට දිව්වා. ආයිත් නං මයෙ ජීවිතේ හීන නැතුවා. හීන කියන්නේ අවදිවුනාම පෙළක් වෙලාවට මතකෙනුත් මැකිල කළංචිවෙලාම යන දෙයක් ..පෙළක් වෙලාවට
මැරෙන තුරාවටම අකාමකා දාන්ට බැරි දෙයක් .. මොක උනත් මයෙ හීන මංම විඳගෙන මියැදිච්චාවේ.. අප්පුච්චා මහ වැස්සෙම මා හොයන්ට එන්ට සූජානං වෙලා.. මං කීවේ දොඹ වැස්සේ මහ නුගේට මුවාවෙලා උන්න.. ඒ හන්ද කළ ගෙඩියත් පීල්ල අහ .. මොකුත් කරගන්ට සිහිපරාද නැතුව ගියා කියල. ඒත් මයෙ අප්පුච්චා සෝලි තියාන තියාන ගියා මහ වෙලාවක් යනකල් . මං ලිප ගිනි අවුලවලා කේතලේ ලිප තිබ්බේ අප්පුච්චට රස්නෙං වතුර ඩිංගක් එක්කල බේත් පොවන්ට ඕන හන්ද . මයෙ ඇඟේ තාමත් සුදු මහත්තයගෙ රස්නෙ තීනව වාගෙ. තෙත වස්තර උණා දමද්දිත් මයෙ හිත අඬා වැළපෙන්ට ගත්තේ ආයෙ කවදාවත් ඒ උණුහුම මට උරුම නැති වග සිහිපත් වෙලා. අප්පුච්චයෙ මානෙං වහං වෙලා මං අඬා වැළපුණේ හරියට වැළහින්නක් වාගෙ. * * * දෙමහක් කිට්ටුවෙන්ට හාල් ,පහේ ටික සෑහුනත් ගෙයි අඩුපාඩු අහස උසට. අප්පුච්චයෙ සරීරෙ හේබෑවිලා ඇඟේ ලේ හිඟයි කියල චින්ත බේබි නං කිව්වේ. මට ඩිස්පෙන්සරියෙ අත් උදව් දෙන්ට යන්ට තරං හිත එකලාසයක් කරගන්ට බැරි සුදු මහත්තය හින්දා . මට හිමි නැති හැමදේම ආයිත් සුදු මහත්තය අතට දෙන්ට හැටියක් නැතුං මයෙ හිතට මහමෙරක් තරං බරක් දැනෙනවා. අර ගේ පොඩ්ඩෙ ලියවිල්ල හිටං මට හිමි නෑ නෙව..? අප්පුච්ච මළත් ඔය පැල දාල ආයි කොහෙවත් ලගින්ට යන් නෑ කීයටවත් .. වතාවක් දෙකක් කිරා මෙහෙ ආ වෙලේ මං හොඳවායින් දෙකක් කියල මුස්නෙ අතට ගත්තයිං මත්තට මේ මුළු වාසෙටම ඇහැ ගැහුන් නෑ මට. හඳුනයිය මෙහෙ ගාටන්නෙ නැතුං යන වග ඉන්තේරුවෙන්ම දැන ගත්තයිං පහු ඌ මේ අහ හක්කොලන් කරන්ට ගත්ත වැඩී.. වෙනද වාගෙ නෙවෙයි .. බත් හැළිය ඉදීගන එද්දි කැකුළු බතේ නැවුම් පුසුඹ මට දැනුනෙ ගවරයින්ගෙ අඩුක්කු වාගෙ. ඉරිමාවෙන්ම උයා පිහා අහවරක් කරගන්ට හිතුවාට මයෙ උගුරුදණ්ඩ පලාගෙන වාගෙ ඔක්කාරෙට එන්ට තනන්නේ.. විගහින් බොල්පින්නෙම වෙරළු දල්ලෙන් මිටක් කඩාන විට වාගෙ කටේ තියන් හැපුවාම අපුල ඩිංගිත්තක් අඩුවුනා . මයෙ ඇඟම පණ නෑ හෝමාරි වෙලා වාගෙ.. ඔළුව පුපුරු ගහන්නැහේ ඇදුං කනවා. මං අප්පුච්චව මගෑරලා කුස්සියට ගෙහුං වෙනිවැල්ගැට,කොත්තමල්ලි ඩිංගක් ලිප තිවුවා. අද ලිප ගින්දර මෙලෙව්වෙත් බැරි බැරියාවෙන්. මං ඉනි වැට අද්දරට ගෙහුං මියුරි අක්කට අඬ ගැහුවේ බැරිම තැන . "මියුරි අක්කා ..මේ මඤ්ඤොක්කා අල ටිකක් තියේ... තම්බ දීපංකො . උඹලටත් ගනිං. මට කන්ට බැරුවා.අප්පුච්චට ඩිංගිත්තක් තිවුනොත් ඇති ..බතත් උයල තීන්නේ.. " "දීපං..මං පොල් ඩිංගක් දාල කූරුගාල ගන්නං මෙහෙ උයාපු බත් හැළියත් තියේ .මං බෙදා දෙන්නං.අද අපේ දියෝනිසුත් බලගොල්ලෙ ගියා නෙව .ඇයි හඳුනා අළුතින් ඇරපු කඩ කෑල්ල විවුර්ත කරන එකට.අපේ එක්කෙනා උදව්වට ගියා .. ඌට හරියනව කියන්නෙ ඉතින් අපෙ නඟාට හරියනවා කියන එක නෙව..." "තව කඩ කෑල්ලක් ..? බලගොල්ලේ..? හෙනං හඳුනයියට සරු නෙව. අනේ හොඳයි අක්කා.. හඳුනයිය දහිරියවන්තයි.. මේ අහ ඉඳහිට හරි ආවගියානං හොඳා මයෙ අප්පුච්ච හන්දා.. උන්දැ තිස්සෙම කියෝනවා. කඩුල්ල අහ ඔහෙ බලාන ඉන්නවා.. ඒත් ඉතින් ඔය සමේසුමේ කොහෙ මේ අහ එන්නේ...? "මොන!කන්ටවත් වෙලාවක් කලාවක් නැතුං. අපේ මිනිහ තව අත් උදව් කාරයෙක් හොය හොයා උන්නෙ.ඔය කිරා එකා හඳුනගෙ සට්ටං රාළ වෙච්චි. ඒත් ඒකා මනාප නෑ බලගොල්ලෙ යන්ට. අම්මව බලා කියාගන්ට එකෙක් නෑ කියන්නෙ.." මයෙ දෑහ නටන්ට තියාගත්තේ උගෙ නම ඇහෙනකොට.මයෙ ජීවිතේ එක මොහොතින් විනාසෙට ඇද දෑව එකා..මං උන්නේ කොයිතරං හෑල්ලුවකින්ද හරියට වරා මලක් වාගේ.. මියුරි අක්කා දාගලේ තලාපු සම්බෝලයක් එක්ක දුංදාන බත් පිඟානක් බෙදල ගෙනත් දුන්නා. අප්පුච්චා අතට වතුර කෝප්පෙත් කිට්ටු කරල මං පීල්ලට යන්ට සූදානං වුනා . "උඹෙ මූණත් එක්කල හේබෑවිලා ගිහින්. බොට පිස්සුද දැන් නාන්ට තනන්නේ..? " "ඇඟ දැවිල්ලයි වාගෙ අක්කා..ඉසත් එක්ක ගිනිරත් විලා...උඹේ කොච්චි සම්බෝලෙත් එක්කල මඤ්ඤොක්ක කෑල්ලක් කන්ට පිරියයි වාගෙ..." "උඹ කවදාවත් නැතුං හේම කතා කියන්නේ?" මං මියුරි අක්කව මගෑරලා පීල්ලට නැතුං දිය කඳුර පැත්තට ගියා. පීල්ලට ගියොත් උන්දැ කළගෙඩියත් ඇන්න මා පස්සෙන් ගාටනවා. මයෙ ඇඟේ හෝමාරිකමත්, සිරිමතීට දරු කුසක් වග යසා නැන්ද මා එක්කල කියාපු විස්තරේ එක්ක පෑහෙන ගානයි. මයෙ ඉහ මොලේ ගිනියං උනා වගේ. මොන සංතෑසිය උනත් උහුලගන්ට ඇහැකී..පැදුරෙන් ආයි කොයි අහට වැටෙන්ට.?ඒත් මයෙ අප්පුච්චා? අප්පුච්චට මං මොනා කියන්ට..? මට මගේය කියල රකින්ට දෙයක් ආයිත් නං නැතුවා.. මං නැති වුනොත් මයෙ අප්පුච්චා කුස ගින්දරේ මිය ඇදේවි. හැම දේම වහං කරන් ජීවත් වෙන්ට සිද්ද වෙලා තියෙන්නෙ මයෙ අප්පුච්ච නිසා. ඉර,හඳ ඔහෙ පායපු දෙන්.. අර බකුසුහාමිට වගේ මටත් ආලෝකයක් ඕන් නෑ.අඳුර මට හොඳා..මේ දුංහිඳ අද්දර කොයි කාටත් උරුම දේ ඔයික තමා.ගොයිතැන් බත් කරන එකාට උනත් අඳේට කුඹුරු අස්වද්දන එකාට උනත් අත්තමට යන එකාට උනත් කෝඩෙ වදින්ට ගන්නේ මහවැහි කාළෙට ඇලවේලි බිඳගෙන දෙගොඩ තලා යන වතුර කඳ නිසා. වපුරාපු සේරම හේදිල විනාස වෙන්ට මහ වෙලාවක් ගත වෙන්නෙ නෑ නෙව. සුදු ඇත්තො මුලිච්චි නොවිත් මහ පෝය දෙකක් වාගෙ ගතවුනා.. මං බංගලාව පළාතක නොගියේ හිතට දුක් ගින්දර දැනෙනව වැඩි හන්දා යසා නැන්දලෑ අහ ගිහින් මේ හැම විළම්බෑසියක්ම උන්දැ එක්කල කියනව කියල හිතුවේ මයෙ හිත පුදුම තරං අසරණ වෙලා උන්නු හන්ද.මොක උනත් තව ටික දොහක් ගතවුනයින් පහු වහං කරන් ඉන්ට බැහැ නෙව.. නැන්දා වනේ කොටාපු වී , කුළු පත්තට දමද්දි මං හීං සැරේ ගොහිං පිල් කණ්ඩියට ගොඩ වුනා .යසා නැන්දත් ලෙඩින් වැටිල උන්නු හන්ද වෙන්ටැති හිටියයිං පංගුවයි. සිරිමතී මියැදුනාට පස්සෙන් පහු යසා නැන්දා වැඩියෙ ගම්මැද්දෙ කා එක්කවත් ඒ හැටි පයුරු පාසානමක් නෑ. "උඹ කාළෙකින්. කොහොම අප්පුච්චට..? " "නැන්ද කෙංචි වීලා.. මේ ටික දොහට.." "මගේ වගක් මොනාට..? මලක් වාගෙ උන්නු උඹට මේ මොනා වෙලා..? මූණත් එක්කල හේබෑවිලා ගොහිං . ජිනා ..මොකෑ දුවේ..." මට ළඟක් ඉඳන් මහ අපුලක් දැනෙනව නැන්දා.. පතනෙ ඉන්දල තියෙන අන්නාසි ගැට දැක්කම මයෙ කටට කෙළ උනනවා... මයෙ කුසට දරුවෙක් ඇවිත් විත්තියක් මට දැනෙනවා නැන්දා ..." "මක් කියන්නේ උඹ ...? " "නැන්දා..." මයෙ හිතේ තියෙන දුක් සංකා සේරම මං යසා නැන්දයේ ඔක්කෙ ඉහ ඔබාගෙන කියා දැම්මේ වැළහින්නි වාගේ අඬා වැටෙමින්. පහුන් ටිකේ හිත ඔද්දල් කරාපු හැම කරුණු කාරණාවක්ම යසා නැන්ද එක්කල මං කියල අහවරක් කරා. මියුරි අක්ක වාගෙ නෙවෙයි යසා නැන්ද අප්පුච්ච එක්කලවත් ඔය විත්ති කතා කරන්ට තනන්නෙ නෑ. "ඉතින්..ඕක විස්වාස කරන්ට පුළුවන් කාට..? බොට හදිකල එකා ගැන යන්තමටවත් දැන අඳුනාගන්ට සිහියක් පතක් තිවුනෙ නෑ කියල..? " "නෑ නැන්දා මං කියන්නේ සත්ත..! කෑළි කපන අන්දකාරෙ මදිවාට ඌ මයෙ ඉහට ගහපු පාරට මං විසික්ක උනා විතරයි මට මතක.. හැබැයි උගෙ ඉසකඩ මඩුගෙයි වැටිල තිබ්බා ඉන්තේරුවෙන්ම ඒක කිරාගෙ..ඔව් කිරාගෙ නැන්දා.." "ඒ වගක් මං ගනිච්චි කරගයි කියල උඹ හිතනව ජිනා...? වෙන්ට බෑ.. උඹට පහුන් කාලෙ පද හැදිල තිවුනෙ අර නොසංඩාලයා ගුණසිරිය ඈඳල නෙව. හැබැයි ඌ දැන් මේ අහ නෑ. බිබිලෙ පතලක වැඩට ගෙහුං කළක් වෙනව කියල සුබරත්න ගෑනි නං කියන්නේ. ඌ නං මකබෑවෙන එකමයි කාරිය.. " "ඒක නෙවද මං කියන්නේ.. ඌ කිරාම තමයි කියාලා..." "විච්ච දේ උනා.උඹ බැරිණියක් වග දැන්ම කාටවත් අඟවන්ට ඕන නෑ. හීංසීරුවේ ඔය හදිය කල එකා අල්ලලා පැල් ගැහෙන්ට නෙව තියෙන්නේ ..අප්ප නැති එකෙක් බිහි කරල ජීවිත කාලෙටම නව නිංගිරහ විඳින්ට තියාගන්නෙ නැතුං.. මයෙ එකීට විච්ච දේ පේන්නෑ..." "මං හිත හදාගෙනයි ඉන්නෙ නැන්දා. මයෙ අප්පුච්ච ගැන තමයි බය මට. ඒ විනක්කා මා ගැන මට බලාගන්ට ඇහැකියි.. " "ජිනා... !! අර බලාපන්කො.. අර දෙවැට දිහා" යසා නැන්ද පිල් කණ්ඩියෙන් නැගිට්ටේ දෙවැට දිහාට දෑහ විසාල කරගෙන බලන ගමන්. දුටු දෙයින් මට දෑහ අදහගන්ට බැරුං ගියා. මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි )සංගීත චාරිකාව 09 මම පහේ පංතියේ ශිෂ්‍යත්වෙ පාස් උනාම තාත්තා ගිටාර් එකක් අරන් දුන්නා. ඒක මම ඉල්ලන්නෙත් නැතුවම ලැබුන තෑග්ගක්. එවකට කළුතර ටවුමෙ තිබුනු ස්වර්ණමාලි කර්මාන්ත ආයතනයේ ශෝරූම් එකෙන් තමා ගිටාර් එක අරන් තිබුනෙ. ඒකාලෙ පලාතොට පැත්තෙ තිබුන විශාල කර්මාන්ත ශාලාවක ඔවුන් ගිටාර්, මැන්ඩලින්, තබ්ලා, දේශීය බෙර වර්ග, බටහිර සහ පෙරදිග පාසල් තූර්යවාදන කණ්ඩායම් සඳහා අවශ්‍ය සංගීත භාණ්ඩ වැනි විශාල සංගීත භාණ්ඩ වර්ග ප්‍රමාණයක් නිශ්පාදනය කරා. භාවිතා ක‍ළ සංගීත භාණඩ නැවත පිලිසකර කර විකිනීමද ඔවුන් කරා. නිදහස් ආර්ථික සුලි කුනාටුවට හසුවූ මෙම ආයතනය අනූව දශකයේ මැද භාගය වනතුරු පණ අදිමින් තිබී වැසී ගියා. ඊට පස්සෙ ක‍ළුතර ටවුමෙන් ගිටාර් කම්බියක්වත් හොයාගන්න තැනක් නැති උනා. ගිටාර් එක ගෙනාවට ගෙදර කිසි කෙනෙක් මේක ටියුන් කරන්නවත් දන්නෙ නැහැ. පස්සෙ තාත්තා මාව ගිටාර් ගහන්න ඉගෙන ගන්න කුඩා පයියාගල පදිංචි වෙල හිටපු තාත්තගෙ පැත්තෙන් ඥාති සම්බන්ධයක් තිබුන හර්මන් මාස්ටර් නමැති විශිෂ්ට කලා කරුවාණන්ට බාර දුන්නා. හර්මන් මාස්ටර් ගේ දරු මුනුපුරන් මේ වනවිට හතරවෙනි ගායක පරපුරත් බිහිකර අවසන්. ඔහුගේ පුතා මර්වින් පෙරේරා, මුනුපුරන් වන අමල් සහ සොහාන්, මී මුනුපුරා නදීමාල් විශිෂ්ට ගායන තරු ලෙස ශ්‍රී ලාංකික කලා කෙතේ සලකුනු තබා තිබෙනවා. හර්මන් මාස්ටර්ගේ පලවෙනි පාඩම උනේ ගිටාර් එක ටියුන් කිරීම. දැන් ගිටාර් ටියුනර්, මොබයිල් ටියුනිං ඇප් වගෙ දේවල් වලින් ඉතා පහසුවෙන් ගිටාරයක් ටියුන් කරගන්න පුලුවන් උනාට ඒකාලෙ තිබ්බෙ ටියුනිං විසිල් එකක් විතරයි. ඒ විසිල් එක පිම්බම එන ශබ්දයට අනුකූලව ගිටාරයේ පලවෙනි E කම්බිය ටියුන් කර ගැනීම නවකයකුට විශාල අභියෝගයක්. අනතුරුව අනෙක් කම්බි පලවෙනි කම්බිය පාවිච්චි කරල ටියුන් කරනවා. මට මතක හැටියට ටියුනිං පාඩම මාසයක් විතර දහසක් බැනුම් මැද ඇදුනා. මූලික කෝඩ් ටික ඉගෙන ගන්නත් තවත් මාස දෙකක් විතර ගත උනා. හර්මන් මාස්ටර් ගොඩක්ම ප්‍රසිද්ධ උනේ ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ ලාසරස් නම්වු පාස්කු නාට්‍යය නිසා. පාරම්පර
ිකව දීර්ඝ කාලයක් පුරා පාස්කු නාට්‍ය සංදර්ශන පවත්වන ගම්මාන ලොව පුරා හඳුන්වන්නෙ පාස්කු ගම්මාන (Passion Village) යන නමින්. අපේ ගම වන පයියාගල ලංකාවේ පවතින පාස්කු ගම්මාන පහ අතරින් එකක්. අපේ ගමේ ජුසේවාස් පියතුමාගේ කාලයේ පටන් පාස්කු නාට්‍යය රඟ දක්වා ඇති බව ලේඛනගතයි. එම යුගයේ පාස්කු නාට්‍ය රඟදක්වා ඇත්තේ රූකඩ අනුසාරයෙන්. අපේ ගමේ, බොහෝ කාලයකට ඉහත සිට පාස්කු නාට්‍ය සඳහා භාවිතා කරනා ලද රූකඩ වල හිස කොටස් රැසක් පලාතොට සෙමනේරියේ ස‍ංරක්ෂණය කර තිබෙනවා. 1962 වර්ෂයේ දී එවකට මීසම පාලනාධිපති ප්‍රංශ ජාතක එච්. පෙරිනල් පියනමගේ අනුශාසකත්වයෙන් පාඨශාලාචාර්ය ජේ. ප්‍රැන්සිස් ප්‍රනාන්දු සූරීන් විසින් රචනා කර ඇති ලාසරස් නාට්‍යය සංගීතය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කර ඇත්තේ හර්මන් මාස්ටර් හෙවත් සංගීතාචාර්ය හර්මන් පෙරේරා සූරින් විසිනි. පාස්කු ගම්මානයක ඉපිද හැදී වැඩුනු තරුණ සිනමාකරුවකු වන මගේ ලොකු පුතා, තවත් නවක සිනමාවේදිනියක වන ඔහුගේ පෙම්වතිය ද එක්ව සීදූව මීසම් සේවක ගරු සිසිර සමරකෝන් පියතුමාගේ ආදරණීය ආරාධනයෙන් 2023 වසරේදී සීදූව සාන්ත මරියා දේවස්ථානයේදී පාස්කු සංදර්ශනයක් අධ්‍යක්ෂණය කර වේදිකා ගත් කිරීම් අපගේ සංගීත චාරිකාවේ තවත් සුවිශේෂී සළකුනක් වනවා.වෙලාව පාන්දර 3යි අජිත් නිදිමතේම ෆෝන් එක අතට අරන් බැලුවේ මේ පාන්දර කෝල් කරන්නෙ කවුද කියලා. දුරකතනයේ සටහන්වුනේ කොස්තාපල් රත්නායකගේ නම්බර් එක "හෙලෝ " " ගුඩ් මෝනින් සර්" "ගුඩ් මෝනින් " " සර් මම රත්නායක " " ඔව් රත්නායක " " සර් මර්ඩර් කේස් එකක් " " ඒ කොහෙද ? " " මහරගම වත්තේගෙදර හංදියෙන් ටිකක් ඇතුලේ පාරක , ඩෙඩ් බොඩි එකක් තියෙනවා කියල කවුද 119 එකට කෝල් කරලා" " එතෙනට කවුරුත් යැව්වද" " මේ යන්න හදන්නේ, ඉන්ෆොමේශන් එක ආව ගමන් තමයි සර්ට ගත්තේ" "හරි ඔහෙන් ටීම් එකක් එවනවා මම ප්ලේස් එකට එන්නම්" "හරි සර්" හිසට ප්‍රහාරයක් එල්ල කොට මිනීමැරුම සිදුකල තිබූ අතර මීනීමරුවා කිසිදු සාක්ෂියක් ඉතුරු නොවන ආකාරයට අපරාධය සිදුකිරීමට තරම් සූක්ෂම වී තිබුනි. මහේත්‍රාත් වරයා පැමින පරික්ෂණ කටයුතු හමාරවන සිට උදේ දහයත් පසුවී තිබුන බැවින් අජිත් ඔහුගේ මෝටර් රතය වෙත ගියේ පොලිසියට යන්න හිතාගෙන. වාහනය නවතා තිබුන තැන පාර අයිනේ වැටී තිබූ විසිටින් කාඩ් එකක් දැක නිකමට කියවා බැලූ අජිත් පිට වුනේ එය එම ස්තානයටම නැවත විසිකරමින්. "ගුඩ් මෝනින් සර්" "ගුඩ් මෝනින්" "සර් ආව ගමන් ලොකු සර්ව හම්බෙන්න කිව්වා" අපරාද අංශය බාර SI අජිත් පොලිසිය තුලට පැමිනි විගස කොස්තාපල් හේරත් ගෙ පනිවිඩය අනුව කෙලින්ම ගියේ OIC ප්‍රසන්නගේ කාමරය වෙතයි. " ගුඩ්මෝනින් සර්" "ගුඩ් මෝනින් අජිත් , මොකද්ද කේස් එකේ තත්වේ දැන්" " බොඩි එක පෝස්ට්මෝටම් එකට යැව්වා සර්" " මොකුත් හෝඩුවාවක් හම්බුනාද" "නෑ සර් එතන මොකුත් හම්බුනේ නෑ, මට නම් හිතෙන්නේ වෙන තැනක මරලා එතෙන්ට ගෙනත් දාලා කියල" " ඉක්මනට මේක හොයාගන්න ඕනේ අයිසේ, නැත්නම් මීඩියා කාරයෙන්ගෙන් බේරෙන්න බැ. උන් බලාගෙන ඉන්නේ අපිටම ඇගිල්ල දික්කරන්න” “ ඒක ඇත්ත සර්" " මේ සති දෙකට ඒරියා එකේ උන පස්වෙනි මර්ඩර් කේස් එක. උඩින් අහන දේවල් වලට උත්තර දීලා එපවෙලා තියෙන්නේ. එහෙන් මීඩියා, මෙහෙන් ලොක්කෝ ඒ මදිවට මිනිස්ටර්ත් අහලා තිබ්බා මේ ගැන" " මේක නම් කොහොමහරි හොයාගන්නවා සර්, මටත් නින්ද යන්නේ නෑ මේ මිනීමරුවො අල්ලගන්නකල්” “මේ එකම සෙට් එකක් වෙන්න බැරිද" " එහෙම කියන්න බෑ සර්, කේස් එකින් එකට වෙනස්" " මොකක්හරි කල්ලි දෙකක් අතර ප්‍රශ්නයක් වත්ද" " කියන්නත් බෑ සර් , ඉස්සරලා මැරුන කෙනා කව්ද කියල හොයලා එහෙම සම්බන්ධයක් තියෙනවද කියල හොයලා බලන්නම්" " හරි කරන දෙයක් ඉක්මනට " අජිත් OIC ගේ කාමරෙන් එලියට ආවේ කොහොමහරි මිනීමරුවව අල්ලනවායැයි තමන්ටම කියා ගනිමින්. රත්නායක ඇතුලු පිරිසකට පරීක්ෂණ කටයුතු සිදු කිරීමට උපදෙස් දුන් අජිත් පොලිසියෙන් පිටවූනේ කලින් සිදුවූ අපරාධයකට අදාල පරීක්ෂණ වගයකට. එහෙම පිටවුන ඔහු නැවත පැමිනියේ හවස 3ට විතර. " රත්නායක මොකද තත්වේ" " සර් මැරිලා තියෙන්නේ ටියුශන් සර් කෙනෙක්" "ටියුශන් සර් කෙනෙක් " " ඔව් සර් , ගාල්ල පැත්තේ පදිංචිකාරයෙක්" "ඒ පැත්තේ පදිංචි කාරයෙක් මොකද කොලඹදි මරලා තියෙන්නේ" " ගාල්ලේ උනාට සර් මනුස්සයා ටියුශන් කරලා තියෙන්නේ කොලඹ අවට සර්. කොලඹ කැම්පස් එකේ උපාදියක් කරලා පස්සේ ටියුෂන් කරලා. අවුරුදු 35ක කොල්ලෙක්" " වෙන මොනවද තොරතුරු" " බොරලැස්ගමුව පැත්තේ ඇනෙක්ස් එකක බෝඩ් වෙලා ඉදලා තියෙන්නේ. තාම මැරිකරලත් නෑ, ගෙදරත් අම්මයි තාත්තයි තව අක්කා කෙනෙකුයිලු ඉන්නේ" " ගෙදරට පනිවිඩයක් යැව්වද දැන්" " ඔව් පොලිස් මැසේජ් එකක් යැව්වා සර්" "ටියුශන් කාරයෙක් මරන්නේ ඇයි, ෆීල්ඩ් එකේ කාගෙන් හරි ත්‍රෙට් එකක් වත් තිබ්බවත්ද " " ටියුශන් සර් කෙනෙක් මැරුනනම් තියෙන්න පුළුවන් ප්‍රදාන හේතු දෙකයි එක්කෝ සල්ලි ප්‍රශ්නයක් නැත්තං මොකක්හරි ගෑනු සම්බන්ධ ප්‍රශ්නයක් " " අපිට පිටින් බලලා එහෙම කියන්න බෑ රත්නායක" " නෑ සර් මම මේකිවේ පහුගිය කාලේ වෙච්චි සිද්දිත් එක්ක" " කීවත් වගේ මේකත් එහෙම සල්ලි ප්‍රශ්නයක් වත්ද" " වෙන්නත් පුළුවන් සර්" " ඒක නෙමෙයි රත්නායක , සීසීටීවී චෙක් කලාද" " වැඩක් නෑ සර් ඒ හරියේ සීසීටීවි නෑ" "එහෙනන් ඒවා ඔක්කොම බලලා වැඩේකරලා තියෙන්නේ" අජිත් හවස හොස්පිටල් ගියේ මරන පරීක්ෂනේ ගැන විස්තර අහගන්න. මරන පරීක්ෂණය බාරවෙලා තිබ්බේ වයිද්‍ය කපිල ගුනවර්දනට. " ආ SI මහත්තායා මොකද මේ පැත්තේ" "ආවා ඉතින් මනෝජ්ලව බලල යන්න" " සර්ලා එයි අපිව බලන්න, ආවොත් ඉතිං මිනියක් බලන්න තමයි " “මනෝජ් කොයි දොස්තර මහත්තයා" " සර් නම් නෑ සර් " " අද කලින්ම ඕෆ් වෙලාද" " ඔව් අද ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යනවා කිව්වේ" " මොකක් ඩොක්ටර් , ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා" " ඔව් සර්" " ඇයි මොකුත් අසනීපයක් වත්ද" " නෑ නෑ පේන්නනම් එහෙම දෙයක් තිබ්බේ නෑ, සර් ඩොක්ටර්ගෙන් අහන්න යන්නෙපා මට කීවේ නෑ එහෙම ගමනක් යනබවක්. කෝල් එකක ඉද්දි කියනවා ඇහුනා මගේ හිතේ කෝල් එක මැඩම්ගෙන් වෙන්න ඇති" " ඒකත් එහෙමද , මනෝජ් අර උදේ ගෙනාව බොඩි එක රිලීස් කරන්න පුළුවන්ද" "ඔව් සර් පුළුවන් " දවස් දෙකක් ගිහිල්ලත් කිසිම හෝඩුවාවක් හොයාගැමට බැරිවීම ගැන කනගාටුවෙන් හිටපු අජිත් හිටියේ බර කල්පනාවක. "එක්ස්කියුස් මී සර්" " එන්න රත්නායක " " සර් පෝස්ට් මෝටම් එකේ රිපොට් එක ඇවිත්" " ආ එහෙමද , ඒක නෙමෙයි රත්නායක අර කලාස් එකේ අනිත් සර්ලාගෙන් ස්ටේට්මන්ට්ස් ගත්තද" " ඔව් සර් එයාලගෙනුයි, අර ඇනෙක්ස් එකේ අයිතිකාරයාගෙනුයි ඔක්කොගෙන්ම ගත්තා. ඒ සර්ගේ කාත් එක්කවත් කිසි ප්‍රශ්නයක් තිබිලත් නෑ. ඒ අය කියපු විදියට හොද මනුස්සයෙක්" " ෆෝන් එක තිබ්බානම් නම් සමහර විට මොනවහරි හොයාගන්න තිබ්බා, ඒකත් හොයාගන්න බැරිවුනානේ තාම" " ඒ සර්ගේ නම්බර් එකට ආව කෝල්ස් වල නම්බර්ස් ටික නම් ගන්න පුළුවන් අද හෙටම. කෝට් ඕඩර් එක කම්පැනියට යවලා තියෙන්නේ" සිද්දිය වෙලා දින කීපයක් ගත වුනත් මිනීමරුවා සොයා ගැනිවීමට නොහැකිවීම නිසා ඉහල නිලදාරින්ගෙන් OIC ට පැමිනි පීඩනය ඔහු මුදා හැරියේ අපරාධ අංශය බාර අජිත් වෙතට. පහුගිය සති දෙක තුන තුල සිදුවූ සියලු මිනීමැරුම් ගැන පරීක්ෂණ කටයුතුවල ඔහු නිරතවුනේ කිසි විවේකයක් නොගෙන. අජිත් මහරගම නගරයේදී මනෝජ්ව දැක්කේ ඔහුගේ කලු පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රතයෙන් ගමනක් යන අතර තුරයි " ආ මනෝජ් කොහෙද යන්නේ" "මේ අපේ සර්නේ, මම නුගේගොඩ ගිහින් එන්න කියල" " නගිනවා මාත් ඒ පැත්තට තමයි යන්නේ" " සර් අර කේස් එක ගැන තාම මොකුත් නැද්ද" " නෑනේ අයිසේ, මාර ප්‍රශර් එකක් තියෙන්නේ ඉහලින්" " වැඩේ හොඳට ප්ලෑන් කරලා කරපු එකක් සර්, පලිගන්න කරා වගේ. මොනවාහරි විසක් දීලා තව යටි බඩටත් පාරවල් කීපයක්ම එල්ල කරලා තිබ්බා " අජිත්ට කාර් එකෙ බ්‍රේක් එක පෑගුනේ ඉබේටම. වෙලාවට පිටිපස්සේන් වාහනයක් නොආවේ, ආවනම් කාර් එකේ පිටිපස්ස ඇබෙනවා නොඅනුමානයි " ඇයි සර් මොකද වුනේ එක පාරටම" " මනොජ්ට හොඳටම සුවර්ද විසක් ශරීරගත වෙලා තිබ්බා කියල" "ඔව් සර්, මම මිනී කීයක් නම් කපලා තියෙනවද. ඇයි සර් රිපෝට් එකේ ඒ ගැන සටහනක් නැද්ද" " ඒකනේ අයිසෙ, ඩොක්ටර්ට කොහොමද ඒක මිස් වුනේ" මනොජ්ගේ ඇස් උඩ ගියේ රිපෝට් එකේ ඒබව නැතිවීම නිසා නමෙයි , තමන්ගේ කටින් පිටවුන දෙයින් ඔහුට ප්‍රශ්න වලට මූනදෙන්නට සිද්‍දවෙන බව සිහිවෙලා. "අනේ සර් මම කිව්වා කියන්නනම් එපා , මටනම් බෑ ඕවට මැදිහත් වෙන්න. මට රස්සාවත් නැතිවෙයි" "තමුසෙ බය නැතුව ඉන්නවා මම තමුසෙට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියන්නේ නැ" මනෝජ්ව නුගේගොඩින් බස්සපු අජිත් කොලඹ දෙසට මෝටර් රතය දාවනය කලේ කල්පනා කරමින් . දවස් කීපයක් රහසේම ඩොක්ටර්ව නිරීක්ෂණය කලත් සැකසහිත යමක් සොයා ගැනීමට නොහැකිවූ තැන අජිත් කලේ ඔහුගේ යාලුවෙක් මාර්ගයෙන් මරන පරීක්ෂණය සිදුකල දින ඩොක්ටර්ට පැමිනි ඇමතුම්වලට අදාල නම්බර්ස් ටික ලබාගැනීමයි. ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකලත් එහිදීද සැකකටයුතු යමක් සොයාගැනීමට නොහැකිවුන අතර OIC ත් ඩොක්ටරත් අතර යම් හිතවත්කමක් පැවතුන නිසාත් මනෝජ්ට ප්‍රශ්නයක් ඇතිවිය හැකි නිසාත් මේ සියල්ල කරන්නට සිදුවුනේ අනෙක් අයට දැනගත නොහැකි ආකාරයට ඉතා සූක්ෂමව. දවසක් අජිත් ඩොක්ටර් කපිලව දැක්කේ පුද්ගලික වයිද්‍ය මද්‍යස්තානයක් තුලට යමින් සිටිද්දී. ඩොක්ටර්ව දුටු අජිත් ඔහුගේ මෝටර් රතය නවතා ඔහුව නිරීක්ෂණය කලේ මෝටර් රතය තුලම සිටයි. මද්‍යස්තානයේ නමේ හුරු ගතියක් දැනුන නිසා ඒ ගැන ටික වෙලාවක් කල්පනා කරද්දියි අජිත්ට මතක් වුනේ එදා මරනය සිදුවූ ස්තානයේ තිබූ කාඩ් එකේ සදහන්ව තිබුනේ මේ නමම බව. පැයකට පමන පසු ඩොක්ටර් කපිල මද්‍යස්තානෙන් එලියට පැමිනියේ ඔහුගේ බිරිඳ හා දියනිය සමග. පහුවදාම වයිද්‍ය මද්‍යස්තානයට ගිහින් පෙරදා රෝගින්ගේ ලියාපදිංචි ලැයිස්තුව පරික්ශාකරපු අජිත්ට ඕනේ වුනේ කපිල ප්‍රතිකාර ලබාගත් වයිද්‍යවරයා කව්රුන්දැයි දැනගැනීමට. ඒත් ඩොක්ටර් කපිලගේ නම්න් එහි චැනල් එකක් නොවීම න
ිසා නැවත පොලිසියට ආව අජිත් ඩොක්ටර්ගේ බිරිදගේ හා දරුවාගේ නම සොයාගෙන නැවත වයිද්‍ය මද්‍යස්තානෙට ගොස් වාර්තා පරීක්ෂා කල අතර ඔහුට දැකගත හැකිවුනේ ,ඩොක්ටර් චැනල් එක ඔහුගේ බිරිදගේ නමට දමා මනෝ වයිද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුනු බවයි. "ගුඩ් ආෆ්ටනූන් ඩොක්ටර් මම SI අජිත්" " ඔව් ඔෆිසර් කියන්න, ඇයි මාව හම්බෙන්න ඕනේ කිව්වේ" " මට ඩොක්ටර්ගෙන් මර්ඩර් කේස් එකක පරික්ෂණ වලට උදව් ඕනෙ වෙලා තියෙනවා" " මර්ඩර් කේස් එකක් ? මගෙන් මොනවද වෙන්න ඕනේ" " මට ඩොක්ටර්ගේ පේශන්ට් කෙනෙක් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ" " ඕ සොරි ඔෆිසර් ඒක කරන්න බෑ, පේශන්ට් කෙනෙක්ගේ පර්සනල් ඩීටේල්ස් කාත් එක්කවත් ශෙයා කරන එක එතිකල් නෑ. ඔෆිසර්ට පුළුවන් ඒකට පර්මිශන් අරන් එන්න" " ඩොක්ටර් මේක ඩොක්ටර් කෙනෙක්ගේ ප්‍රශ්නයක්. අපේ ක්‍රමේට කරන්න ගියොත් මීඩීයා දැනගන්න පුළුවන්. සමහර විට ඒ ඩොක්ටර්ගේ මේකට සම්බන්ධයක් නැතිවෙන්නත් පුළුවන්. අපේ රටේ මීඩියා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ වැරදි කාරයෙක් උනත් නොවුනත් වරදකාරයෙක් කරලා දායි" "ඩොක්ටර් කෙනෙක් මගෙ ලගට ආවෙ නැනේ" " සමහර විට එයා ඩොක්ටර් කෙනෙක් කියල කියන්න නැතුව ඇති, වයිෆ්ගේ නමින් තමයි චැනල් එක දාලා තිබුනෙත්" මනෝ වයිද්‍යවරයාත් සමග කල දීර්ග සාකච්චාවෙන් පසුව අජිත්ට දැනගැනීමට හැකිවුනේ වයිද්‍ කපිල ගුනවර්දනගේ දියනියට පුද්ගලයෙකු අතින් අපයෝජනයක් සිදුව ඇති බවත් ඒ නිසා ඇතිවූ බය නිසා ඇය මානසික රෝගයකට ගොදුරුව ඇති බවයි. ඒ හෝඩුවාව ඔස්සේ පරීක්ෂණ කරපු අජිත්ට දැනගන්නට හැකිවුනේ මියගිය පුද්ගලයාගේ පන්තියකට එම දියනිය සහභාගි වී ඇති බවත් ඔහු අතින් එම අපරාධය සිදුව ඇති බවටයි. සියල්ල සැකහැර දැනගැනීමෙන් පසුව රහසිගතව වයිද්‍යවරයා ගෙන් ප්‍රශ්න ඇසිම සිදුකලේ OIC ගේ උපදෙස් මත රහසිගත ස්තානයකදීය. "අජිත් මොකද වුනේ" "සර් ඩොක්ටර් මොකක්ද ඉන්ජෙක්ශන් එකක් දීලා තමයි අරූව මෙල්ල කරලා තියෙන්නේ.පස්සෙ තරහ ඉවරවෙනකල් ඌට ගහලා මග දාලා ගිහින්. හැබැයි ඩොක්ටර් කියන විදියට නම් ඔලුවට ගහලා නෑ අනික මිනිය තිබ්බ තැනට මීටර් කීපයක් මෙහායින් තමයි දාලා තියෙන්නේ " " බයට එහෙම කියනවා ඇති අයිසේ. ඩොක්ටර් අරූට ගහලාදාලා එන්න ඇති, ඩොක්ටර් ගියාට පස්සෙ අරූ ඉස්සරහට ඇවිදන් ඇවිත් මැරිලා වැටෙන්න ඇති " "මොකද කරන්නේ සර් ඩොක්ටර්ව ඇරෙස්ට් කරන්නද" මද කල්පනාවකට වැටුනු OIC විනාඩි කීපයකට පසු හඬ අවදි කලේය "අජිත් මේක දන්නේ අපි දෙන්නා විතරනේ , ඩොක්ටර්ව රිලීස් කරනවා" "ඒත් සර්" "අයිසේ මාත් දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්, ඩොක්ටර් ඉන්න තත්වෙ මම හිටියනන් මම කරන්නෙත් ඔය ටික තමයි. ඒවගේ අපරාධ කාරයෝ මැරිලා යන එකයි හොඳ. අපි උන්ව අල්ලලා උසාවි දැම්මත් අවුරුදු කිපයක් ඇතුලේ ඉදලා එලියට ඇවිත් සැපට ජීවත් වෙනවා අර අපරාදෙට ලක්වෙන කෙල්ල ජීවිත කාලෙම මැරි මැරි ජීවත් වෙනවා" "එතකොට සර් පරීක්ෂණ වලට මොකද වෙන්නේ" " පෞද්ගලික ආරවුලක් හින්ද මරලා දාන්න ඇති කියල සැකකරනවා කියනවා ඉන්ක්වයරි නවත්වන්න එපා ටික දවසක් ඇදගෙන යන්න වෙයි කේස් එක යට යනකල්" කේස් එක ඉවර වුනත් ඩොක්ටර් කපිල මිනීමරුවයැයි පිලිගන්න අජිත්ගේ හිත අකමැති වුනේ,ඩොක්ටර්ගේ පාපොච්චාරනයට අනුව ඔහු හිසට පොලු පහරක් එල්ල නොකල බව තරයේ පැවසීමත් ඔහු මරනකරු දමා ගොස් තිබුනේ මිනිය හමුවූ තැනට මෙහායින් බවත් නිසා. පහුවදා උදේන්ම ඩොක්ටර් කපිල මරනකරුව දමා ගියා කියූ තැනට අජිත් ගියේ කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමට. සිද්දිය සිදුව සති දෙකටත් වඩා කල් ගොස් තිබූ නිසා පැහැදිලි නිගමනයකට පැමිනීමට හෝ සාක්ෂියක් සොයා ගැනීමට අජිත්ට නොහැකි වුන අතර ආපසු යන්නට හැරුනේ බලාපොරොත්තු සුන්වයි. යන්නට ගිය අජිත් නැවතුනේ දිලිසෙන යමක් දැකීමෙන්. එය මුද්දක් වුන අතර අජිත්ට දැනෙන්නට වුනේ කලින් දැක ඇති බවක් ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුම් වලට සම්බන්ධ පුද්ගලයන් අල්ලා ගැනීමට අපොහොසත් වීම නිසා අපරාධ අංශයබාර අජිත්ට ස්තානමාරුවක් ලබා දී තිබූ අතර නව නිලදාරියෙක් ඔහු වෙනුවට පත්කර තිබුනේ පොලිස් මූලස්ථානය විසිනි. අවසාන වතාවට OIC ව හමුවීමට ඔහුගේ නිවසට පැමිනි අජිත් නිවසින් පිට වූනේ ප්‍රසන්න අතේ එන්ලොප් එකක් තබමින් . එන්ලොප් එක ඇතුලේ වූ මුද්ද දැකීමෙන් ඔහු පුදුම වූනු අතර මාසයකට විතර පස්සේ මගුල් මුද්ද ලැබීමේ සතුට විඳිමට පුළුවන් වුනේ එහි වූ ලියුම කියවන තුරු පමනි. එහි සටහන්ව පැවතුනේ මෙම ටියුෂන් ගුරාගේ මරනයට වයිද්‍ය කපිල ගුනවර්දනගේ සම්බන්ධය දන්නේ ඔවුන් දෙදෙනා පමනක් බවත් එය හැමදාටම රහසක්ව පැවතිය යුතු බවත්ය. එමෙන්ම "සහන" වයිද්‍ය මද්‍යස්තානයෙන් OIC ගේ දුවට ප්‍රතිකාර ලබාගන්නා බව හා ඇය මියගිය ටියුෂන් සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වුනු බව දන්නේ තමන් පමනක් බවත් එය රහසක්ව පවත්වා ගැනීමට ඔහු පොරොන්දු වෙන බවත් තව දුරටත් එහි සටහන් කර තිබුනි" කියවා අවසානයේ ලියුම පුලුස්සා දැමූ OIC පොලිස් ස්තානය බලා පිටව ගියේ පාඩම් කර කර හිටපු දියනියගේ හිස සිඹිමින්...විමංසා ,,, 01 කසුන් විමංසා කියන්නෙ ආදරවන්තයො ,කැළනි කැම්පස් එකට ආපු මුල් කාලෙම තමයි කසුන් විමංසා ව දැක්කෙ ඇත්තටම විමංසා හරිම ලස්සන කෙල්ලක් ,සුදුත් නැති කලුත් නැති පැහැපත් හම,අක්ඹබරු කේෂ කලාපෙ ඉන හරියෙන නැවතිලා තිබුන.ඈ තරමක් උසයි ,තද කොළ පාට කෙටි ගව්මක් ඇදල හිමීට හිමීට අඩිය තිය තිය ඇවිදන් යන ඇයට සමහර කොල්ලො ඉග සුග ගත හැක මිටින කියල ඈ පහු වෙද්දී ම ඇයට ඇහෙන්න මිමිනුවෙ බොරුවට නම් නෙවෙයි ,ලෙක්චර් එකකට එන්න උනත් හෝල් එකෙන් ඇතුලට එද්දිම ලෙක්චර් ගෙ ඉදන්ම ගෑණු පිරිමි භේදයකින් තොරව හැමෝගෙම ඇස් ඈ දිහා බලනව.ඇගෙ හිනාව වෙනම රහක් කියල ඉස්සරහ පේලියෙ "ඇවරියන්" ලග ඉන්න කොල්ලට කියනව කසුන්ට ඇහුන කියල හොදටම විශ්වාසයි.අනුරාධපුරයේ ඈත ගමකින් ආපු ඇවරියන් ගෙ ඇත්ත නම කපිල ,උගෙ කාර්ඩ් එක එහෙම උනේ ඇම්ඹුන් ඇවරියක් වගෙ දත් සෙට් එක හින්ද කියල බැච් එකේ ඔක්කොම දන්නව. මොකක් උනත් කසුන්ට තිබුනෙ ආඩම්බරයක් තමන්ගෙ කෙල්ල ගැන ,කාගෙ දිහාවත් ඔලුව උස්සල බැලුවෙ නැති විමංස chemistry වලට මාර කැමතියි.එයා special කලෙත් ඒකෙන්.විමංසා කසුන් තනි උනු වෙලාවට කසුන්ගෙ අත කොනිති ගහ ගහ කට උල් කර කර විමංසා කියවන විදියට කසුන් ආස කලා.කසුන් කියන්නෙ බැච් ටොප් ,මිනිහ හැන්ඩිය ,ටීශා කියන්නෙ කසුන්ගෙ ex ,ටීශ කියන්නෙත් අමුතු ලස්සනක් තිබුණු සරාගී යුවතියක් .ඈ කැම්පස් එකේ වෙනම section එකක හිටියෙ ,ආට් එකේ ,ඉතිහාසය special කලේ.කසුන් ටීශා වෙන් වෙන්න හේතුව හුගක් අයට රහසක් උනත් ටීෂ ගෙ අධික කෝපය ,පරපීඩිත ලිංගික ආශාවන් ,සැකය වගේ දේවල් එක්ක කසුන්ට ටීශා ව එපාම උනා.ටීශා එක්ක කසුන් හිටියෙ ලිවින් ටුගෙදර් ,ඇයත් එක්ක සම්බන්දෙ නවත්තල දාල කසුන් තනියම අපාර්ට්මන්‍ට් එකකට ගියා.ප්‍රසිද්ධ ව්‍යාපාරික පියෙක් හිටපු කසුන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ට සම්බන්ධ වෙන එක ගැන කසුන්ගෙ පියා එදිරිසිංහ මහත්තය හිටියෙ නොසතුටෙන් උනත් කසුන් කියන්නෙ පවිලෙ එකම දරුව නිසා වගේම කසුන්ට තුබුනු අධික ආදරය නිසත් එදිරිසිංහ මහත්තය කට පියා ගත්ත.ටීශා කියන්නෙත් දුප්පත් තරුණියක් නෙවෙයි කසුන්ල තරම් නැතැත් ඇයත් වත්පොහොසත් පව්ලක බාලම දියණිය.නමුත් විමංසා කියන්නෙ මද්‍යම ප්‍රාන්තික පව්ලක් එකම දියණිය. ටීශා කසුන් ඇයව හැර ගියපු මුල් කාලෙ සියදිවි නසාගන්න හැදුව .නිදිපෙති අහුරක්ම බීල ඇය ඒකට උත්සාහ කලත් ටීශා ගෙ යාලුවො ඇයව රෝහල් ගත කල නිසා ඇය බේරුණා.කසුන් විමංසා එක්ක සම්බන්දෙ පටන්ගත්තු මුල් කාලේ ටීශා විමංසා ව බිම දාගෙන පහර දීල තිබුණ .රුධිරය වහනය වෙමින් රෝහල් ගත කරපු විමංසා දවස් දෙකක් රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත්තත් ඇය ටීශා ගැන කිසිම දෙයක් රෝහල් පොලීසියට කියල තිබුනෙ නෑ ,ඊට පස්සෙ දින ගණනාවක් ටීශා විමංසා ට අපහාස කිරීම්,ඇනුම්පද කීම් කරගෙන ගියත් විමංසා ඒවට ප්‍රතිචාර දක්වන්න ගියේ නෑ.මේව නිසා කෝපයට පත් උණු කසුන් ටීශා ට කොච්චර තර්ජනය කලත් ටීශා ඒව ගණන් ගත්තෙ නෑ.කොහොම කොහොම හරි අවුරුද්දක් ඉවර වෙද්දී ටීශා ලෙක්චර් කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකර ගත්ත.ටීශා ගෙන් කසුන් විමංසා යුවලට එල්ල උණු කරදර නම් අඩු උණා.හැබැයි ටීශා ඒ සම්බන්දෙ ඇති කර ගත්ත දේශකය විවාහකයෙක් නිසා ටීශා ට ඔහුගෙ බිරිද ගෙන ගුටි කන්නත් උනාලු ප්‍රසිද්ධ රෙදි අලෙවිසැලක් ඇතුලෙදි.ඒක කසුන්ට කිව්වෙ නම් ඇවරියන් ,කසුන් නම් හිතන්නෙ මුලු බැච් එකම ඒක දැන් දන්නව කියල,ටීශා සහ ඒ ලෙක්චර් ,අපි ඔහුට නලින් කියමුකෝ ,ඔවුන් දෙන්නගෙ අසභ්‍ය හැසිරීම් දැන් කැම්පස් එක ඇතුලෙ විහිළුවක් වෙලා,මේ තත්වෙ මත කසුන්ට විමංසා ගැන දැනුනෙ පුදුම ආදරයක් හරිම සන්සුන් ආදරණීය ලස්සන මේ කෙල්ල තමන්ගෙ පතිනියම තමයි.කියල කසුන් හිතුවෙ ඇයව මෘදුව සිප ගන්න ගමන්. ඔන්න ඔහොම කතාව ගලාගෙන යන අතරෙ තමයි නලින් ඝාතන
ය වෙන්නෙ.නලින්ගෙ දෙමහල් නිවස ඇතුලෙ ඔහු මියගිහින් හිටියෙ හරිම අභිරහස් විදියට ඔහුට විශක් ශරීර ගත වෙලා තුබුණ.වයින් ඇර වෙන කිසිවක් ඔහුගෙ කුස තුල තිබුනෙ නැහැ ,ඒ විශ මොනවාද කියන්න කව්රුත් දැනන් හිටියෙ නෑ.ඒක ගැන තවම පරීක්ෂණ යනව.කොහොම උනත් ඒ මරණෙට සැක පිට අත්තඩංගුවට පත් උණේ ටීශා ,හැබැයි ටීශා ඒක පිලිගත්තෙම නැහැ ,ඇය දිව්රමින් කිව්වෙ ඇය නලින්ට පණ වගේ ආදරය කල බව විතරයි .නමුත් ඒ හදුනා නොගත් විෂ සහිත වයින් බෝතලයෙ ටීශා ගෙ ඇගිලි සළකුණු තිබුණ නිසා ටීශා ද මේක කලේ නැද්ද කියන එකට උත්තරේ හැමෝටම ලැබුන.ටීශා ට අවුරුදු ගාණක් හිරේ ඉන්න නියම උණා. කොහොම උනත් කසුන් නැතැත් විමංසා නම් මේ දේට හුගක් දුක් උණා.ඇය හිත හොද තරුණියක් කියල හැමෝම කියද්දි,ඒව විමංසා දැනන් හිටියෙ නැහැ ,ඇය හිටියෙ ටීශා ව බේර ගන්න උත්සාහ කරමින්.මොකක් උනත් ඇය මේ තත්වෙට වැටුනෙ තමන් නිසාද කියන වේදනාවෙන් ඇය පීඩා වින්ද කියල කසුන්ට හිතුන. මේ අතරෙ නලින් ගෙ ආත්ම ය කැම්පස් එකේ සැරිසරන කතාවක් පැතිරෙන්න ගත්ත.ඔහු කාන්තා නේවාසිකාගාරයේ සැරිසරන බවත් මහ හඩින් විලාප තබමින් කිසිවෙක් සොයනබවත් කියමින් තරුණියක් හඩා වැලපෙමින් නේවාසිකාගාරය හැර යන්න පටන් ගනිද්දී කසුන් විමංසා ව තමන්ගෙ සුඛෝපභෝගි මහල් නිවාසයට ගෙන්ව ගන්නව.ටික දවසක් යද්දී අවතාර කතාව නතර වීම නිසා තරුණියන් නැවත නේවාසිකාගාර වලට ගියත් විමංසා නිසා ආදරයෙන් මත් වී සිටි කසුන් ඇයට ඉඩ දෙන්නෙ නැහැ. එක්තරා රාත්‍රියක තම මහල් නිවසේ සදලුතලයේ කසුන් මත්පැන් වීදුරුවක් බොමින් හිටියෙ විමංසා ගේ ආදරයෙන් මන්මත් උණු හොරාවකට පස්සෙ .ඔහුට සීතල හුලගත් මන්මෝහණීය සද කිරණත් අතර දැනුනෙ ලොකූ සැහැල්ලුවක් ඔහු හිටිය සෝපාවෙ අනික් පැත්ත හිමීට බර උණා.ඉමිහිරි සමන් මල් සුවද ක් එක්ක ඇහුනෙ මෘදු කටහඩක් ,"කසුන් ඒකි මාව මැරුව ,ඒකි මාව මැරුව ,හැබැයි ඒ කට හඩ කන් බිහිරි කරවන විලාපයක් වෙන්න ගතඋනේ තප්පරයක් වගේ,"ගැස්සුනු කසුන් ඒ පැත්ත බලද්දී කසුන් දැක්කෙ නිල් පැහැ වෙලා විරූපි වෙලා හිටිය නලීන් ,ඔහු ලගින් හැමුවෙ අමුතු සැර වස වගේ ගන්දයක් .වෙව්ලමින් හිටිය නලින් ගෙ රූපය යම් කිසිවක් දෙසට අත දික් කරද්දී ම කසුන් ට දැනුනෙ සීතල ස්පර්ශ යක් ,ඒකත් බෙල්ලට ගැස්සුනු කසුන් ඇහැරුනේ කෑ ගහගෙන. "කසුන් මොකද ලමයො" ඇගේ නිල් පැහැ ඇස් ලොකු කරන් කසුන් ගේ මුහුණ පිරිමදිම්න් හිටියෙ විමංසා ,ගැහෙමින් හිටි කසුන් ඇයව තුරුල් කර ගත්තා. මතුසම්බන්දයි ==========~ තීරණ ~ (අනුප්‍රාප්තිකයා 2) ගාමණී අභය මහරජු ඓතිහාසික ජයග්‍රහණයක් මෙන්ම ඓතිහාසික වරදක් ද සිදුකර තිබිණ ! එහි තිබුණේ සරල නිගාමී තර්කයකි. බලය,සියලු මිනිසුන් මත් කරයි ගාමණි අභය ද මිනිසෙකි එමනිසා ගාමණි අභය ද මත් වෙයි. යමක් සිදුවී තිබිණ.නමුත් කිසිවෙකු කටක් සෙලවූයේ නැත ! අනාගතය පවා මුණිවත රකිනු ලැබිණි. නමුත් විශ්වයට යමක් මුදාහළ විට සංස්ථිති මූලධර්මය නියතවම ක්‍රියාත්මක වන්නේය. ඇවැසි වන්නේ නිසි කාලයේ උදාවීම පමණකි.මෙහිදී එම කාලය උදාවීමට සෑහෙන කාලයක් ගෙවිය යුතුව තිබිණ ... කෙතරම් ධන කුවේරයන් වුව ද නාගයන්ට ද මේ කාලාවකාශ සොබාදහමට අවනත වන්නට සිදුවිය. කිසිවක් සමහන් වන්නට ඉඩ නොතබා ගාමණී අභය මහ රජු යළිත් දෙබරයට ගල් ගැසීය ! ධාතූන් වහන්සේලා.. ! ද්‍රෝණයක් ද්‍රෝණයක් !! **************** බොහෝ දුර දක්නා නුවණැති අභිශවෙර දේවීන් අරණ්‍යගත වන්නට ප්‍රථම සියලු විකල්පයන් සිය හිතුවක්කාර පුත්‍ර රත්නයට පැහැදිලි කොට තිබුණාය.මහා සංග්‍රාමයේ දී මෙන්ම ගාමණි අභයට තිබුණේ අදාළ බොත්තම එබීම පමණකි.නමුත් එය එදා මෙන්ම මෙදා ද කිසිලෙසකින්වත් පහසු කටයුත්තක් නොවිණි ! නාග ප්‍රශ්නය අනාගතයේ බරපතල දේශපාලනික ඛණ්ඩනයකට රට ගෙන යා හැකි බව මහා දේවියට වැටහී තිබිණ.මහ බල සම්පන්න සිය පුත්‍රයාගේ පාලන කාලය තුළ කිසිවක් සිදු නොවන බව ඈ නිශ්චිතවම දැන සිටි මුත් ඉන් පසු එළඹෙන යුගය නියත වශයෙන්ම විසල් දේශපාලනික අර්බුදයක් බව ඈට නිශ්චිතවම කිව හැකි විය. මහත් වෙර වෑයමෙන් සිය කාක වණ්ණ ආදරණීයයාගේ කාලයේ පටන් අඩිතාලම දමා ඒකඡත්‍ර කළ භූමිය අඩසියවසකින් අඩක් පසුවද්දී ම කැබලි වී යනු දකින්නට ඈට අවැසි නොවීය. මෙවර ප්‍රශ්නය මතුවනු ඇත්තේ අභ්‍යන්තරයෙනි.මින් පෙර ද මින් මතු ද ඇතුළ ගිනිගත් සෑම විටෙකම දක්ෂිණ පථය මේ ඉසුරුමත් භූමිය දෙසට සිය අඬු බඬු දිග හැරීම නොවැළැක්විය හැකි කාරණයක් ම විය. බොහෝ කලකට පෙර කාලවාදී කාකවණ්ණ තිස්ස ද සිය පියා වූ කල්‍යාණ තිස්ස ද එක්ව නාග සමූහයා මාගම සමග ඥාතිත්වයකින් එක්කාසු කරන ලද'යුරු ඈට සිහිපත් විය.එදා කිරින්දෙන් ඈ පා තැබුවේ හුදෙක් ආදරණීය බිරිඳක් වන්නට නියමිත කුමරියක ලෙසින් පමණක් ම නොවිණි. නමුත් මේ සිදුවන්නට යන්නේ කුමක්ද ? මේ හිද්දළයා නම් ...! ඈ එසේ කීවේ නැත... නමුත් දැන් කීපවිටක් ම ඈට එසේ සිතී තිබිණ. ************* සාලියගේ ප්‍රේමය ගැන පිටතින් මද නොරිස්සුමක් පෙන්නුවද ගාමණී අභය රජ්ජුරුවෝ යටි සිතෙන් කිසිදු විරුද්ධත්වයක් එය කෙරෙහි නොදැක්වූවා සේම ඒ ගැන " අප්පගෙම පුතා නොවැ" වැනි දඟකාර මන්දස්මිතයකින් ද යුක්ත විය. ඌරුපැලැස්සේ ගැමි යුවතියක් අගමෙහෙසිය කරගත් ඔහු එහිදී පුරාණ සම්ප්‍රදාය උස්සා පොළොවේ ගැසීය.එහෙව් තමන් හට සිය රාජ්‍යයේ ප්‍රමුඛතම වාණිජ කම්මාරයාගේ දියණිය ව සිය පුත්‍රයා විසින් විවාහ කරගැනීම එතරම් කලබල විය යුතු දෙයක් වූයේ නැත. ප්‍රශ්නය එය නොවීය ! භූ දේශපාලනය විසින් ආක්‍රමණිකයා පන්නා දමා රට ඒකඡත්‍ර කිරීම පමණක් ම සිය නායකයාගෙන් ඉල්ලා සිටි යුගයක තමන්ට එලෙස සම්ප්‍රදාය වෙනස් කිරීමට කිසිදු බාධාවක් නොවුණ ද දැන් සාමකාමී මෙන්ම බලසම්පන්න රටක ජනතාව මෙන්ම පාලන අධිකාරිය ද ඒ සියල්ල මහත් වැදගත්කොට සළකනු ලැබීය .තමන් ද මහා දේවිය ද නැති කලෙක සාලියට කිසි ලෙසකින්වත් තනිව එවන් අභියෝගයකට මුහුණ දිය නොහැකි බව ගාමණී අභය රජු ට වැටහී තිබිණි.සිය මෑණියන් ද මේ කාරණය මෙලෙසම තමන්ට කිහිප විටකදීම පැවසූ අයුරු ඔහුට සිහිපත් විය. අනික් අතට සිය මෑණියන් වරින් වර තදබල ලෙස කියූ තවත් කාරණයක් විසින් ගාමණී අභය රජුව යම් තැති ගැන්මකට ලක් කර තිබිණි.කල්‍යාණියේ ජයසේන නා රජු කෙදිනක හෝ තමන්ට වූ අවමානය නැති නම් අසාධාරණය වෙනුවෙන් පළි ගත හැකි බවත්, ප්‍රබල තමන්ට එදිරිව එළිපිට කිසිවක් සිදුනොකළත් නියත ලෙසම සාලිය රජ වූ කලෙක එය මේ එක්සත් රාජ්‍ය කැබලි විය හැකිතරම් ප්‍රබල ලෙස මතුවිය හැකි බවත් මෑණියන් පුන පුනා අවධාරණය කළ අයුරු රජුට මැවි මැවී පෙනුණේ ය. තවද මේ මතු විපතෙන් රට බේරාගැනීමට නම් අනිවාර්යයෙන් ම යළිත් නාගයන්ට ඍජු ඥාතිත්වයක් ඇති අයෙක් අනුප්‍රාප්තිකයා විය යුතු බව මෑණියන් ගේ අදහස විය. එනමුත් ස්වභාවයෙන්ම හිතුවක්කාරයෙකු වූ තමන් ඒ සියල්ල අසා සිටිය ද මින් වසර ගණනාවකට ප්‍රථම සාලියට සිය ඇවෑමෙන් රාජ්‍ය භාරගන්නා ලෙස ප්‍රකාශ කර සිටියේ ය.ඒ වන විට සාලිය හා අශෝකමාලා පිළිබඳ එතරම් කසුකුසුවක් පැවතියේ ද නැත.රජු සාලියට නාග කුමරියක් සොයාදීමේ යම් උත්සාහයක් ගැනීමට සිතමින් සිටි කාලයකි එය. නමුත් වත්මන් සන්ධර්භය තුළ ඒ සියල්ල සිහිනයක් පමණක් ම බැව් ගාමණී අභය රජ්ජුරුවන්ට වැටහී තිබිණි.ඉතිරිව තිබුණේ එක ම විසඳුමකි.... හේ අර්ධ නාගයෙකි.මහා සංඝරත්නයේ සිත දිනාගත් සැදැහැවත් බෞද්ධයෙකි.ඉතිරිව සිටි සෙන්පතිවරුන්ගේ සම සොහොයුරෙක් වැන්නෙකි. මහා වාලුකා නදියෙන් රට දෙකඩ වී තිබුණු කාලයේ පටන් සියලු සිදුවීම් හා නොසිදුවීම් වල ද සාක්ෂ්‍යය කරුවෙකි.දිගාමඩුළු බිම නිල්වන් කෙත් යායෙන් පිරවූයෙකි.....තිස්ස මළණ්ඩි ! සැදැහැවත් තිස්ස මහරජ ! නිමි ! ©| සුඛිත ශ්‍රීමාල් බුලත්සිංහල__🖊️වාසල අයියා "මේක හොඳයි නේද මල්ලිට​!" "නෑ මේක හොඳයි!" "උඹට මේ සාරිය හොඳයි නේද​?" "හ්ම්!" "එතකොට මට​!" "උඹ යාලුවෙකුගේ මගුලට කියලා ගිය සුමානෙත් සාරියක් ගත්ත නේද​?ඒක ඇඳපං!" "අනේ අම්මේ!" "තාත්තට නං අලුත් කමිසයක් ගන්න වෙයි!" "ඉතිං ඒ ගමන්ම අම්මටත් සාරියක් ගන්නකෝ!" "අනේ මට මේ හොඳයි!" කාමරේ පැත්තෙන් එක කාලගෝට්ටියයි. මම බාගෙට ඇරිලා තිබුන දොරෙන් ඔලුව ඇතුලට දැම්මෙ මොකක්ද කලබලේ බලන්න​.අල්මාරියේ තිබ්බ සබ්බ සකලමනාවම ඇඳ උඩට දාගෙන අම්මයි අක්කලා දෙන්නයි තෝරනවා, තෝරනවා, තෝරනවා........මං හිතන්නෙ වාසල අයියගෙ මගුල් ගෙදරට ඇඳුම් තෝරනවා වෙන්න ඕනෙ. වාසල අයියගෙ මගුල් ගෙදර කියලා අම්මලා කීවට වාසල අයියා නං කීවෙ සන්තෝසෙට ගමේ අයට දෙන 'පොඩි පාටි එකක්' විතරයි කියලා. ඒත් වාසල වලව්වෙ වැඩ කරන රංසොයි, අප්පුයි ගමේ කිය කිය ඇවිදින විදිහට ඒක රජ මගුලක්ම වෙන්න ඕනෙ කියලයි අම්මයි තාත්තයි කතාවුනේ. "වාසලටත් ඉතිං ගමේ එවුන්ට වඩා පිට ගෑණියෙක් ලොකු වුනා."ලොකු අක්ක නං කිව්වෙ නුහුරට වගේ. "වාසල අයියා ගමේ එකියක් නේන්නං තෝර ගත්තෙ. ගමේ එවුන්ම කේලං කියලනේ ඒක නොකෙරුනේ!" පොඩි අක්කා කතාව මැද්දට පැන්නේ කැත්තට පොල්ල වගේ. "වාසලට ගැලපෙනවයැ ඒ මලහෝන්තුව." ඒ සැරේ ලොකු අක්කා පොඩි අක්කාගේ ඇඟට කඩා පැන්නෙ නැද්ද​! "ඒක අපිට අදාල නෑනෙ!"පොඩි අක්කත් ඇරියෙ නෑ. "උඹ කට වහං හිටපං පොඩි එකී ඕනෙ එකටයි එපා එකටයි හොස්ස ඔබන්නෙ නැතුව​!" අම්මා මැද්දට පැන්නෙ නැත්තං අක්කලා දෙන්න කෙස්වලු පටලගෙන තමා නවතින්නෙ. පොඩි අක්කා කී කතාවෙත් ඇත්තක් තියනවා. වාසල අයියා යාලුවෙලා හිටියේ නාමලී අක්කා එක්ක​. නාමලී අක්කා හිටියේ අපේ ලොකු අක්කගේ පන්තියේ.නාමලී අක්කා හරිම ලස්සනයි. හරිම හොඳයි. ඉගෙන ගන්නත් හරිම දස්සයි. ඉස්කෝලෙ වැඩවලට උදව් ගන්නකොට රත්තරන් වුනාට වාසල අයියත් එක්ක යාලු වුනත් හරි ලොකු අක්කටයි, ලොකු අක්කගෙ යාලුවන්ටයි නාමලී අක්කාව පේන්න බැරුව ගියා.හැරෙන හැරෙන පැත්තට කටු කුටු ගගා නාමලී අක්කාට දොස් කීවා. "දන්න මායං ඔක්කොම දාලා වාසලව අල්ල ගත්තා!" "ආතක් පාතක් නැති මිනිස්සු!" "පිට ගං කා
රයෝ නොවුනට වැදගත් පවුලක් නෙවේලු!" "අඩු කුලේ කියලයි කියන්නේ!" "ඉස්සර නාමලීගේ අම්මා යසවතී වාසල වලව්වෙ රංසොගෙ අත් උදව්වටත් ගියාලු. ගුනේරිස් නැති වුනාම ලැබුන ලොකු වන් දිය හන් දලු දැං ඔය ඔලුව උස්සගෙන ඉන්නෙ." ලොකු අක්කයි යාලුවොයි එකතු වුනොත් කලේ නාමලී අක්කාගේ ඇදයක් හොයන එක​. "ඔය කට්ටිය නාමලී අක්කා එක්ක ඊරිසියයි. මොකද වාසල අයියා එයාලට මනාප නෑනෙ."පොඩි අක්කා කීවෙ මට විතරක් ඇහෙන්න​. ඒ කාලෙ වාසල අයියා හිටියෙ විස්ස විද්‍යාලෙ. නිවාඩුවට තමයි ගෙදර ආවෙ. වාසල අයියා නිවාඩුවට ගෙදර ආවම ලොකු අක්කා හිටියෙ පුදුම සතුටකින්. මටත් තේරෙන පාඩං අහගන්න වාසල අයියා හොයාගෙන යනවා. ඉඳලා හිටලා හරි වාසල අයියා අපේ ගෙදර ආවම අපිට වචනයක් කතා කරන්න ලැබෙන්නෙ නෑ. මොකද ලොකු අක්කා වාසල අයියාව බදු අරගෙන වගේ. ඔන්න ඔය කාලෙ තමා වාසල අයියා නාමලී අක්කා එක්ක සම්බන්දෙ පටන් ගත්තේ. ඒ ගැන අපි දැනගෙන හිටියට වැඩිහිටි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ මගෙ හිතේ. කොහොම වුනත් සම්බන්දෙ මාස හය හතක් හීනියට ඇදීගෙන ගියා. ඒත් හිතුවේ නැති වෙලාවක වෙඩිල්ල පත්තු වුනා.වාසල නැන් දා ආවේස වුනා. 'ඔය මගුල කරන්න වෙන්නේ මගේ මිනිය උඩින්!' කියලා වාසල නැන් දා කීවයි කියලයි ආරංචි වුනේ. කොහොම හරි පොඩි අක්කා කීව විදිහට වෙඩිල්ල පත්තු කරලා තියෙන්නේ අපේ ලොකු අක්කා.ලොකු අක්කා එහෙ ගිය වෙලාවක ඔය ගැන වාසල නැන් දගේ කණේ තියලලු. ඊට පස්සෙ ගම පුරාම ඒ ආරංචිය පැතිරිලා ගියා. ගමේ හැමෝම ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. සමහරු කතාව එක දෙක කරලා කීවා.නාමලී අක්කට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා කට කතාවකුත් ඒ එක්කම පැතිරිලා ගියා. "දඩාවතේ ගිහින් ලමයෙක් හදාගෙන වාසලගෙ පිට දාන්න හිතනවා ඇති!" ලොකු අක්කා කීවා. "නල්ලමලේ බඩුව​!" කොහොමහරි ඊටපස්සෙ එක පාරටම වගේ නාමලී අක්කයි, නාමලී අක්කගේ අම්මා යසවතී නැන්දයි ගමෙන් අතුරුදහන් වුනා. "වාසල හාමිනේ එලවලා!" සමහරු කීවා. "ලජ්ජාවට ගමෙන් පැනලා යන්න ඇති!"තවත් සමහරු කීවා. වැඩි කාලයක් නොගිහින්ම වාසල අයියා විස්ස විද්‍යාලෙන් පිට වුනා. ලොකු රස්සාවකුත් හොයා ගත්තා.ලස්සන කාර් එකකින් උදේ හවස වැඩට ගියා. ලොකු අක්කත් පාඩම් මවාගෙන නිතරෝම ඒ පැත්තේ කරක් ගැහුවා. කපු නෝනා කෙනෙකුත් සැරින් සැරේට වාසල වලව්ව පැත්තෙ ආවා ගියා. කපු නෝනා ගෙනා එක යෝජනාවකටවත් වාසල අයියා කැමති වුනේ නෑ කියලා රංසො අම්මත් එක්ක කියලා තිබුනා.'මට ඕනෙ මගුලක් නෑ!' කියලා වාසල අයියා වාසල නැන් දාට කීවලු! හදිසි පපුවේ අමාරුවක් ඇවිදින් මියැදෙනකල් ඔය විදිහට අවුරුදු පහක් තිස්සේම නැන් දා අයියාට මගුල් හෙව්වා. උසස් පෙල දෙසැරයක්ම කරලා රස්සාවක ගියායින් ලොකු අක්කටත් අහගන්න පාඩම් නැතිවුනා. පොඩි අක්කා නං විස්ස විද්‍යාලෙට තේරුනා. වාසල නැන් දාගේ අවුරුද්දේ දානෙ දීලා සති දෙහෙකට විතර පස්සේ වාසල අයියා ගමේ හැමෝටම ගෙදරට ආරාදනා කලා! "නෝනා කෙනෙක් ගෙදරට කැන් දන් එනවා!"එහෙමයි කීවෙ. "වැඩි දෙයක් නෑ. සුලු සංග්‍රහයක්! තෑගි බෝග ඕනෙ නෑ. එදාට එන්න!" වාසල අයියා ගමේ කාගෙත් හිත දිනාගෙන හිටි නිසා කවුරුත් ආරාධනාව පිලිගත්තා. "වාසල හාමිනේ අන්තරාවෙලා අවුරුදක් ගෙවුනා විතරයි! " කියපු අයත් හිටියා. "හොයන හොයන එකට බෑ බෑ කිය කිය ඉඳලා අම්මා නැති වුනත් හරි ගෑණියෙක් හොයා ගත්තා! අනේ කාලේ වනේ වාසේ!" මොනවා වුනත් ගමේ වැඩි දෙනෙක් මගුල් ගෙදර වැඩට උදව් වුනා. අපේ තාත්තයි මායි දෙන්නත් දවස් කීපයක්ම උදව්වට ගියා. "අපිට වඩා සරු වුනාට කොහොමටත් වාසලලා අපේ නෑයො නොවැ! කර අරින්න බෑ." තාත්තා එහෙමයි කීවේ. ඒත් ඉතිං එහෙමට කියලා කරන්න වැඩක් තිබුනේ නෑ. වාසල අයියා හැමදේම කොලඹ තැනකට බාරදීලා තිබුනේ. කොහොමහරි වාසල අයියා නං හිටියේ බොහෝම සතුටෙන්! මගුල් ගෙදර දා වත්ත පිරෙන්න සෙනඟ හිටියා. ගමේ හැමෝටම ආරාධනා කරලා තිබුනා නොවැ. වාසල අයියාගේ නෝනා දැක බලා ගන්න අපි කවුරුත් සැදී පැහැදී හිටියා. වාසල අයියාගේ වාහනේ ගේට්ටුවෙන් ඇතුල්වෙලා මිදුලේ නතර කලා. ලොකු අක්කා අපිවත් තල්ලු කරගෙන ඉස්සරහට පැන්නා. "බලමුකෝ ගමේ අයටත් වඩා ඉහල වෙච්ච රූප සුන්දරී!" රියදුරු අසුන පැත්තෙන් අයියා බැස්සා. අනිත් පැත්තෙන් බැස්සේ අවුරුදු හය හතක පොඩි කොලුවෙක්. වාසල අයියා කාර් එකේ පිටිපස්සේ දොර ඇරියා. මුලින් බැස්සේ තලතුනා බවලතෙක්! බලා හිටි අයගේ කටවල් ඇරුනා. "යසවතී!" ඊලඟට බැස්සේ වාසල වලව්වේ අලුත් හිමිකාරි! ලා කහ පාට චාම් ඔසරියක් ඇඳලා... ගෙඩි මාලයක් දාලා! කවුද​? නාමලී! ඔව්! ලස්සන, හොඳ, ඉගෙන ගන්න දස්ස නාමලී! -ශ්‍රීපාලි පින්තූරය අන්තර්ජාලයෙනි!සර්පයාගේ මන්දමිස්තය. සරෝජගෙයි මන්දස්මිගෙයි යාලුකමට අවුරුදු දහයක් විතර.මන්දස්මි තමයි සරෝජව නගරෙට ගෙනාවෙ.සරෝජා ඒ කාලෙ හරිම මෝඩ පාටයි.ඇත්තටම සරෝජගෙ ගොඩේ ගතිය ඇරියෙ මන්දස්මි. එතකොට සරෝජට තිබ්බෙ හැකියාවක් විතරයි.හැකියාව කිව්වෙ සරෝජට ලස්සනට ලියන්න පුලුවන් .සරෝජා ලියන්න පටන් ගන්නකොට මන්දස්මි හිටියෙ එයාගේ උපාධිය සම්පූර්ණ කරන අතරෙ රැකියාවකුත් කරමින්. සරෝජා උසස් අධ්‍යාපනයක් ලබලා නෑ.ඇයට එහෙම ඕනකමක් තිබ්බෙත් නෑ.අම්මා තාත්තා දෙන්නම නැති වෙලා අක්කලා දෙන්නම විවාහ වෙලා සරෝජට මහ ගෙදරින් එලියට බහින්න සිද්ධ වෙනකොටත් සරෝජා අවිවාහකයි.ඒ කාලෙ තමයි මන්දස්මි සරෝජට කිව්වෙ මෙහෙට වරෙන් මං උඹව බලාගන්නං කියලා.ඇත්තටම නගරෙට ආව එකෙන් සරෝජගෙ ජීවිතේ වෙනස් වුණා.මන්දස්මි සරෝජගෙ සෝමාරි ගති ඇරලා සරෝජව මොඩිෆයි කරලා ගත්තා. එතකොට සරෝජා ලියපු හෑලි පිළිවෙලක් කරන්න කියලා කෑ ගහලම ඒවා පිළිවෙලක් කළා.ඊට පස්සෙ සරෝජවයි ඒ ලියපු ඒවයි උස්සන් ප්‍රකාශන ආයතන වලට ගිහින් කතා කරලා සරෝජව ලේඛ්කාවක් කළෙත් මන්දස්මි. මන්දස්මිගෙ තාත්තයි මල්ලියි දෙන්නත් සරෝජට තමන්ගෙම ගෙදර කෙනෙක්ට වගේ සැලකුවා.එයාලා එක පවුලක්.ලස්සන පවුලක්.මන්දස්මිගේ කාමරේ වගේම සරෝජගෙ කාමරෙත් එයාලා හතර දෙනාගෙ ලොකු පොටෝ එකක් තිබ්බා. කාලයත් එක්ක මල්ලි ප්‍රංශෙට සේන්දු වුණා.තාත්තා එහා ලෝකෙට යන්න ගියේ නින්දෙමයි.සරෝජයි මන්දස්මියි ගෙදර තනි වුණා. සරෝජටට නැතුවට මන්දස්මිට පෙම්වතෙක් හිටියා.මන්දස්මිගෙ පෙම්වතා විරාන්.තාත්තගෙ මරණෙන් පස්සෙ විරාන් සරෝජයි මන්දස්මියි දිහා බැලුවෙ පෙර පුරුදු ඇහින් නෙවෙයි. "මිනිස්සු එක එක කතා කියනව.ඒව අපෙ අම්මලට ආරංචි වෙන්න ඉස්සර මම මේ කියන්නෙ.සරෝජට දැන් තැනක් හොයාගන්න කියන්න" මන්දස්මි හිනාවෙලා දුන්නෙ කෙටි උත්තරයක්. "ගෙදරින් ගිහින් කුලියට ඉන්න එයා පිට කෙනෙක් නෙවෙයි විරාන්.ඒ මේ ගෙදර අනිත් ළමයා.ලෝකෙ උන් යකාට ගියාවෙ මගෙ එකකුස උපන් සහෝදරී හැටියට එයාව දකින්න ඔයාට බැරි නං අපිට මීට වඩා දුර යන්නත් බෑ" එච්චරයි .ටිකෙන් ටික මන්දස්මි විරාන්ව අත හැරියා.මන්දස්මි සහ සරෝජා අතරෙ සමලිංගික සම්බන්ධයක් තියෙනව කියලා ඇතමුන් කිව්ව කතාව නං විරාන් විශ්වාස කළේ නෑ.හැබැයි විරාන් ඒක කියලා රණ්ඩු කළේ එතකොට මන්දස්මි ඒ කතාවට බය වෙලා සරෝජව ගෙදරින් එළවයි කියලා හිතාගෙන .කොහෙද මන්දස්මිට මේ ලෝකෙ හැම බැඳීමකටම වඩා සරෝජව වැදගත් වුණා. සරෝජට තමන් නැත්තං කවුරුත්ම නෑ කියන එක මන්දස්මිට මහා වේදනාවක්.සරෝජට මන්දස්මි නැතුව ගමනක් යාගන්න වත් තාක්ෂණික උපකරණයක් හසුරුවගන්නවත් බෑ.සරෝජට රහට උයන්නත් බෑ,දුවන්න බෑ දුර්වලයි,පීනන්න බෑ වතුරට බයයි,බයිසිකලයක් වත් පැදගන්න බැරි කෙල්ලෙක් සරෝජා. සරෝජට පුලුවන් එකයි,ඒ ලස්සනට ලියන එක.ඉතිං මේ අසරණ ලස්සන පුංචි කෙල්ලට කවුරු හරි උදව්වට ඉන්නම ඕන. කාලෙ ගෙවෙන්නෙ මහා වේගෙකින්.කාලෙ ගෙවිලා ගෙවිලා යනකොට සරෝජා පොත් හතළිහක් විතර ලියලා.සම්මාන දෙකකුත් හම්බවෙලා.සරෝජගෙ වාසනාවන්ත කාලෙ උදාවෙලයි තිබුනෙ.සරෝජා ටෙලිනාට්‍ය තිර පිටපත් ලියන්න පටන් ගත්තා.ඒ වැඩ අතරෙ නොහිතූ වෙලාවකට සරෝජට රඟපාන්න අවස්ථාවක් හම්බුණා.ඒකත් ,රූපගත කරලා මාසෙන් රූපවාහිනියෙ පෙන්නුවා. එක රැයකින් සරෝජගෙ ජීවිතේ වෙනස් වුණා. මුල්ම කාලෙ සරෝජව හැම දේටම එක්ක යන්නෙ මන්දස්මි..හැබැයි දැන් සරෝජට හැම දේම තනියම කරගන්න පුලුවන් . එතකොට සරෝජා හිටියෙ විවාහය ප්‍රමාද වීම ගැන දුකෙන්.හැබැයි මන්දස්මිට එහෙම දුකක් තිබුනෙ නෑ. සරෝජට ඒක පාර්ශවීය ප්‍රේමයක් තිබුණා.ඒ අනූප්..අනූප් කියන්නෙ මන්දස්මිගෙ ඥාතී සහෝදරයෙක්.ඒ කිටුවමයි ගෙවල් තිබ්බෙ.පිය උරුමයෙන් ආ ව්‍යාපාරයක් කරගෙන ගිය අනූප් ඒ කාලෙ සජෝජට කැමති නොවුනෙ සරෝජගෙ තිබ්බ ගොඩේ ගතිය හින්දා. හැබැයි සරෝජා ගෙන්දගම් පොළවට අඩිය තියලා අවුරුදුම දොලහකට පස්සෙ ,පළවෙනි විවාහයෙනුත් වෙන්වෙලා හිටිය අනූප් දැනගත්තා සරෝජ එයාට කැමැත්තක් තියෙනව කියලා.ටික ටික ඒ ගිනි පුපුර අලු අස්සෙන් දිලිසෙන්න පටන් ගත්තා. එතකොට සරෝජා හිටියෙ ජනප්‍රිය ටෙලිනාට්‍යක රඟපාන ගමන්,අලුත් පොතක් එලිදක්වන්නත් ලෑස්ති වෙන ගමන්. මන්දස්මි උපාධිය සම්පූර්ණ කරපු ගමන් ජොබ් එකෙන් අයින් වුනේ වෙන ජොබ් එකක් ඇය වෙනුවෙන් සූදානම්ව තිබුණ හින්දා.ඒත් ඒක මානසීට හොඳ කාලයක් නෙවෙයි.අතේම වගේ තිබුණ ජොබ් එක ගිලිහිලා ගියා. මන්දස්මි මාස හතරක්ම හිටියෙ ගෙදර.සමහර දාට සරෝජා එක්ක පුංචි පුංචි පාටි වලට ,උත්සව වලට ගියත් මන්දස්මිට ඒව වදයක් වුණා.සරෝජයි සරෝජා එක්ක පොටෝ ගහන්න එන එක,එකාගෙයි පොටෝ ගහලා දෙන එක මන්දස්මිට බාර වුණේ ඉබේටම. අනූප්ගෙ අම්මා නැති වෙලා ටික කාලයක්.අනූප් හිටියෙ තාත්තා එක්ක තනියම.ඉතිං සමහර දාට අනූප් එනවා රෑ කෑමට මන්දස්මිගෙ ගෙදරට.මන්දස්මි බලන්න කිව්වට ඒ එන්නෙ සරෝජව බලන්න කියන එක මන්දස්මිට තේරුණා. කෙටියෙන්ම කිව්වොත් වාසනාවෙ හුළඟ මාරු වෙලා තිබුණා.නගරෙ උපන්න උගත් බුද්ධිමත් මන්දස්මි ජොබ් එකක් නැතුව අවිවාහකව ජීවිතේ තුන් වෙනි දශකය ගත කරමින් ඉද්දි වන්නියේ උපන්න උගත් කමක් නැති සරෝජට සැමරුම් සහිත ජීවිතයක් ලැබිලා තිබුණා. සරෝජා හැම තැනකදිම මේ හැම දේටම මන්දස්මිට ස්තූති කරන්න අමතක කළේ නෑ. ඒ සරෝජගෙ පොත එළි දක්වන උත්සවය දවස.උදේ දහයට ඒ උත්සවේ.එතකොට හවස දෙකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය.සරෝජගෙ පොතක් ඒකට නිර්දේශ වෙලා තිබුණ.ඒ විතරක් නෙවෙයි ,එදා හවස හතට තවත් සම්මා
න උත්සවයකදී සරෝජා නිළියක් හැටියටත් සම්මානයක් ලබන්න නියමිතව තිබුණා. මන්දස්මි තමයි උත්සව හැම එකකට සරෝජා අඳින්න ඕන ඇඳුම ලෑස්ති කළේ.ඒ හැම උත්සවේකටම මන්දස්මිත් යනවා.ඒක හැමදාමත් සිද්ධ වුණා නෙ.හැබැයි මේ පාර කෙල්ලො දෙන්නව එක්ක යන්නෙ අනූප්. අනූප් සූදානමින් හිට්යෙ එදා රෑට ආපහු එන ගමන් සරෝජව අනූප්ගෙ ගෙදරටම එක්කගෙන ගිහිල්ල ප්‍රපෝස් කරන්න.මන්දස්මි ඒකටත් ඕන කරන රෝස මල් ටිකත් ලෑස්ති කරලා අනූප්ට දුන්නා. උදේ නමයට ගෙදරින් පිටවෙන්න විතරයි සරෝජට තිබුණෙ.එතකොට උදේ හයට පුරුදු විදියට නැගිටපු සරෝජා කෙලින්ම කුස්සියට ගියා.මන්දස්මි ඒ වෙනකොටත් සරෝජගෙ ඇඳුමක් හදනවා.සරෝජා මන්දස්මිටත් එක්ක කිරි තේ එකක් හැදුවා. සාමාන්‍යෙන් සරෝජා කිරි තේ එකට වැනිලා ටිකක් දාගන්නව.සමහර වෙලාවට මන්දස්මි ඒකට කැමති .සමහර වෙලාවට නෑ. "මානී...උඹට වැනිලා දාන්නද ? එපාද?" සරෝජා මන්දස්මිට කතා කරන්නෙ මානි කියලා. "දාපං" ඊට පස්සෙ සරෝජා එයාගෙ මග් එකත් අරන් උඩ තට්ටුවට නැග්ගා.මන්දස්මි මහන මැෂින් එක උඩ තියාගනම තේ එක බොන්න ගත්තා. "වරෙංකො පොඩ්ඩක් උඩට.හුඟක් දවසකින් එතන ඉඳන් කතා කර,කර හිට්යෙ නෑනෙ බං අපි" සරෝජා උඩ තට්ටුවට නගින පඩිපෙළ මැද ඉඳන් හයියෙන් කිව්වා. "පිස්සුද .. වැඩි වෙලා නෑ" මන්දස්මි කවදත් එහෙමයි.සරෝජගෙ වැඩ වලට සරෝජට කොහෙත්ම බරක් නෑ.හැම බරක්ම ගන්නෙ මන්දස්මි. "උඹ ගිය ආත්මෙ මගෙ අම්මද කොහෙද බං" සරෝජ එහෙම කියාගෙන පඩිපෙල නැග්ගා. විනාඩි කීපෙකට පස්සෙ සරෝජා හිට්යෙ තේ එක බොන ගමං පාරෙ යන මිනිස්සු දිහා බලාගෙන.සරෝජා බලන් හිට්යෙ ඈත අනූප්ගෙ ගේ තියන දිහා.සරෝජට දැනුණා මන්දස්මි ආවා කියලා. "දැන් නං ජීවිතේ සම්පූර්ණයි වගෙ දැනෙනව මානි" එච්චරයි . මන්දස්මි එක පාරටම පිටිපස්සෙන් සරෝජව තල්ලු කළා.ඒක මහ උසක් නෙවෙයි .ඒත් සරෝජා ටිකක් දුර්වල කෙනෙක්. සරෝජගෙ මරණෙ වෙලාවෙ වැඩියෙම ඇඬුවෙත්,ඇත්තටම දුක් වුණෙත් මන්දස්මි විතරමයි.මන්දස්මි ගැන සැකයක් ආවෙ නෑ.සරෝජා ඇයගේ වැඩ පිළිබඳව පීඩනය නිසා ක්ෂණික සිතුවිල්ලකින් දිවිනසා ගන්න ඇති කියලා නිගමනයක් හැර වෙනත් කිසිම දෙයක් නෑ. ඇත්තටම මන්දස්මි තාමත් වැලපෙනව.අඬනවා.බොරුවට නෙවෙයි ඇත්තටම .එයාට හිටිය හොඳම අවංකම සහෝදරිය විතරද මේ ලෝකෙ හිටිය හොඳම මනුස්ස දුවක් සරෝජා ඇත්තටම මන්දස්මි තාම හිතනවා ඒ වෙලාවෙ ඇයි මම සරෝජව තල්ලු කළේ කියලා.තාමත් මන්දස්මිට සරෝජාගේ කටහඬ ඇහෙනවා. "උඹ ගිය ආත්මේ මගේ අම්මා වෙන්න ඇති බන්" සරෝජගෙ අවසාන පොතේ එක තැනක තියෙනව ජීවිත කාලයක යහපත් ක්‍රියාවන් වල ඇති යහපත ක්ෂණයක එක් ඉරිසියාකාර සිතුවිල්ලකට නිශ්ප්‍රභා කළ හැකිය කියලා. සමහර විට ඒ කියල තියෙන්නෙ මේ දේ ගැන නෙමෙයි වෙන්න ඇති. ඇත්තටම අපි තුළ යටපත් වෙලා ඉන්න සර්පයෝ අවදි වෙන්නේ හැමදේම හොඳට සිද්ධ වෙන කාලෙ නෙමෙයි.අපේ ජීවිතවල යම් යම් දේවල් හරියට සිද්ධ වෙන්නෙ නැති කාලයන් ආවම හිත ඇතුලේ නිදාගෙන ඉන්න සර්පයෝ ඔලුව උස්සන්න පටන් ගන්නවා. ඒක අපි කවුරුත් මතක තියාගන්න ඕන. ===== සුජාතා මැණිකේ ඉහළගෙදරඇඳිවතෙන් වහුපැටියා බැන්ද කාන්තාව ( ජනකතා) අපේ රටේ තිබ්බ පැරණි ගම්මානයක් තමයි පුපුලේ. මේ ගමේ තිබුණු සරුසාර වෙල් යායටත් කිව්වේ පුපුලේ වෙල කියලයි. ගමේ හිටිය ගමරාලගෙ එකම දුව බොහොම හැඩකාරියක්. ඒ වගේම ගෙදර දොරේ වැඩට, වත්තෙ පිටියෙ වැඩටත් හපනියක්. ගෙදර එකම දරුවා නිසා, කුඹුරු වැඩට, හරක් බැඳීමට පවා ඇය සිය පියාට උදව් කළා. කල වයස ආවට පස්සෙ, අහල ගමක හැඩකාර ඉලන්දාරියෙක්, දෙමව්පියන් එක්ක ඇවිත්, මේ දැරිවිව කරකාර බඳින්න ගමරාලගෙනුත් අවසර අරන්, ඒ ගෙදරට යන්න එන්න ගත්ත. ගමරාලත් කැමතිවුණේ ඒ ඉලන්දාරියව බින්න බස්සගන්න. ආයෙ තව දරුවො ඉන්න එකක්යැ! මේ දැරිවි දවසක් ගෙදර හිටිය හරක් ටික වෙලට දක්කගෙන ගියා. අස්වැන්න නෙළාගත්තට පස්සෙ, කුඹුරුවල තියෙන තණකොළ කන්න හරක් දිගේලි කිරීම, ගැමියන්ගේ පුරුද්දක්. ඒකෙන් හරක්ට ආහාර ලැබෙනවා වගේම, කුඹුරුවලට පෝරත් ලැබෙනව. කුඹුරේ හිටවපු කණුවල,මහ හරක් ටික බැඳල දැම්මට, පුංචි වහුපැටව් එහෙම බඳින සිරිතක් නෑ. උන් නිදැල්ලේ දුව පැන ඇවිදිනව. මේ දැරිවි ආදරේ කරපු වහුපැටියෙක් අල්ලගෙන හුරතල් කරන්න හැදුවට, ඌ එහාට මෙහාට පැන්න මිසක්, අල්ලගන්න ලේසි වුණේ නෑ. පොඩි වහුපැටවුන්ගෙ බෙල්ලට කඹයක් දාන්නෙ නැති නිසා, අල්ලගන්න ක්‍රමයක් ඇත්තෙත් නෑ. වහුපැටව් ටිකක් ලොකුවුණාම තමයි, කඹේට පුරුදු කරන්න කියල උන්ගේ බෙල්ලෙ, යාන්තම් බිම දිගේ ඇදෙන ගානට කඹ කෑල්ලක් එල්ලන්නෙ. ඒකෙනුත් උන් කණුවකට තියල ගැට ගහන්නෙ නෑ. පැටව් දුවනකොට, අර කඹ කෑල්ල උන්ගෙම පයට පෑගිල, දිවිල්ල ඉබේටම නතර වෙනව. ඔහොම කඹයට ටිකක් කල් පුරුදු වුණාම, දිග කඹයක් අරන් ගැට ගහනව. මෙයා කල්පනා කළා, ඇඳන් හිටිය රෙදිපොටෙන් කෑල්ලක් දිගෑරල අරන්, ඒක වහුපැටියගෙ බෙල්ල වටේ ඔතල අල්ලගන්න. රෙදිපොට එතුව විතරයි මේ අමුතු වැඩේට කලබල වුණ වස්ස, රෙදිපොටත් ඇදන් දුවන්න ගත්ත. රෙදිපොට කොනකින් අල්ලගත්ත නිසා, මේ දැරිවිවත් ඇදන් දුවන්න තරම් හයියක් වහුපැටියට නැතිවුණාට , උගේ දැඟලිල්ලට දැරිවිගෙ ඇඟේ තිබ්බ රෙදිපොටත් ගැලවිල, ඈත් කුඹුරේ පතබෑවුණා. ඒ උනාට රෙදිපොට ඇදල අරන්, ආයෙම ඉන වටේ දවටගන්න, ඈට මහ වෙලාවක් ගියේ නෑ. මේ කාලෙට කුඹුරුවල මඩත් වේලිලානෙ! මේ අල්ලපනල්ලෙ, මැය විවාහ කරගන්න බලාපොරොත්තුවෙන් ආගිය ඉලන්දාරියත් , ඇයව හොයන් ගෙදරට ගිහින්, එහෙන් කිව්ව විදියට වෙල ළඟට එනකොට , මේ සිද්දිය ඈත තියාම දැක්ක. ඒ කාලෙ ගම්මානයක් කිව්වම, අද වගේ මහා ලොකු පිරිසක් නෑ. පාරෙ තොටේ උනත්, කෙනෙක් දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. ඒක නිසා වෙනත් පිටස්තරයෙක් මේක දැක්කෙ නෑ. මේක දැක්ක ඉලන්දාරියත් හොඳ රසවතෙක්. ඔහුට හිතුණා, වෙච්ච දේ තමන් දුටු බව ඇයට කියන්න. එහෙම හිතල, වෙලේ අයිනට ඇවිත් මෙහෙම කිව්ව. නමින් සොඳ නමයි පුපුලේ වෙලේ නමා රෑනට රෙදිපොටක් ගොනුගේ කරේ දමා මෙහෙමත් මෝඩකම් නොකරති ලොවේ සැමා කතක් අදින්නා පුපුලේ වෙලේ දමා තමන්ට වෙච්ච අකරතැබ්බය , තමන් විවාහවෙන්න ඉන්න ඉලන්දාරිය වුණත් දැක්ක එකට, ඇයට දැන් ලැජ්ජාවෙ බෑ. ඒ උනාට වෙච්ච දේ හරියටම ඔහු දැක්කෙ නැතුව ඇති කියල හිතපු ඇය,සිද්ද වුණේ වහුපැටියා නිසා තමන්ගෙ රෙදි පොටෙන් කෑල්ලක් ඉරීගියා පමණක් බව, දිවුරා කිව්වෙ මෙහෙමයි. ඇත කොතනත් ළඳු පදිනා උන්චිල්ලා අත වැරදුම් කට වැරදුම් නොගනිල්ලා වෙනින් දෙයක් වුණි නම් විමසාපල්ලා වත ඉරුණා පමණයි අම්මාපල්ලා Channa Withana 2024.01.18 ( ඡායාරූපය අන්තර්ජාලයෙන්)දුර පාර ඔහුත් එක්ක දිග ගමනක් යන්න මන් ලට්ට ලොට්ට නැති උනාට සන්තෙටම තිබුණ පපුවයි මගේ හීනයි පොදී බැදගත්තා.. අඩියෙන් අඩිය යද්දී මගේ හීන නැතත් ඔහුගේ හීන හැබෑවෙන ලකුණු තිබ්බ.. මගේ උනාම මොකෝ උගේ උනාම මොකෝ මාත් බර කරේ තියන් ඇවිද්දා.. ටිකෙන් ටික දුර අවා මගදී තව පොඩි අත් දෙක තුනකුත් පැටලුනා ඌ ටිකක් ඇතින් ගියා මාත් හය්යෙන් හය්යෙන් ඇවිද්දා.. අල්ලන්න බැරි තරම් වේගෙන් යද්දී දැන් නම් හොදටම හති අපහු හැරෙන්නත් බැහැ පාර හොදටම වෙනස් වෙලා තව දුර යන්නත් බැහැ ඔහුත් දැන් නොපෙනී ගිහින් සන්තකේ අත ගාල බලුවම හීනයි පපුවයි දෙකම මග හැලිලා ... ඔන්න ඔහේ නතර වෙනවා පොඩි අත් වල බරට මගේ හුස්මත් නැවතුනා ...සංගීත චාරිකාව 08 අපි පොඩි කාලෙ අපේ ගෙදර ඇතුලෙ , අවට සමාජයට සාපේක්ෂව පොඩි ලිබරල් ගතියක් තිබුනා. ලිබරල් කිව්වට එහෙමට ලොකුවට නෙවෙයි පුංචිම පුංචියට. එවකට බහුතරයක් කතෝලිකයන් තුල තිබූ අන්ධ භක්තිය අපේ ගෙදර තිබුනේ නැහැ. සුරුවම් වන්දනාව, මංගල්ලය වලට සහ නුවාන වලට පල්ලි ගානෙ යාම වැනි දේවල් තිබුනෙම නැහැ. හැබැයි ගමේ පල්ලියේ ඉරිදා පූජාවට නම් පවුලම අනිවාර්‍යයෙන් සහභාගී උනා. මේ විදියට අපි ආගම අබිං කියන තත්ත්වයෙන් මිදිල තිබුනා. ඇදහිල්ලට වඩා ධර්මය පිලිපැදීම අපිට අම්මා සහ තාත්තා හුරු කරා. ඒ වගෙම අනෙකුත් ආගම් වලට ගරු කිරීම සහ විශේෂයෙන් බුදු දහමේ සංකල්ප ටිකක් සර‍ලව අපි දැනගෙන හිටියා. කතෝලික සභාව තුල චින්තන විප්ලවයක් සිදු ක‍ල ගරු තිස්ස බාලසූරිය පියතුමා ගේ ශිෂ්‍යාවක වූ අම්මාගේත්, වෘත්තිය සමීති ක්‍රියාකරීයකු මෙන්ම කළුතර බෝධි භාරකාර මණ්ඩලය සමග කිට්ටු සම්බන්ධයක් තිබූ තාත්තාගේත්, සෝවියට් රටකින් ඉංජිනේරු උපාධිය ලබාගත් මාමාගේත් නිදහස් චින්තන රටාව එයට හේතු වන්නට ඇත. මම කළුතර කොලෙජ් එකේ කන්තාරු කණ්ඩායමේත් නංගි කළුතර කොන්වන්ට් එකේ කන්තාරු කණ්ඩායමේත් සාමාජිකයන් උනා. අපේ අම්ම මැරෙනකොට නංගිට වයස දා හතයි. නමුත් ඒ වෙනකොටත් අම්මා නංගිව ලන්ඩන් ට්‍රිනිටි කොලෙජ් සංගීත විභාග පස්වෙනි අදියරට වෙනකල් කරවල තිබ්බා. නංගි පියානෝ වාදනයේ සිද්ධාන්ත පැත්ත ප්‍රගුණ කරාට ඒකෙන් ලොකු දෙයක් කරේ නැහැ. ඒකට හේතුව අපිට අම්මගෙ මරණය ලොකු ශොක් එකක් වීම වෙන්න පුලුවන්. නංගී තමන් අධ්‍යනය කරපු සංගීතය තුල ඉදිරියට ගියේ නැති උනාට එයාගෙ දරුවො දෙන්නව සමස්ථ ලංකා පාසල් සංගීත තරඟ ජය ගන්නා මට්ටමට උගන්වල පුහුනු කෙරෙව්වා. ගැහැනු දරුවන් අතර ජනප්‍රිය නොවන ඩ්‍රම්ස් වාදනය පවා දුවට පුහුනු කරා. අමතරව පියානෝ මෙන්ම ක්ලැරිනට් වැනි වින්ඩ් ඉන්ස්ටෘමන්ට් වල පවා දක්ශයකු කරන්නට නංගී තම දුව මෙහෙයවූවා. නංගිගේ පුතා අති දක්ෂ පියානෝ වාදකයෙක්. පෙරදිග සංගීතයට වඩා රොක්, ජෑස්, රෙගේ සංගීත ආර මෙන්ම මෙටල් සංගීතයටත් පුතා දස්කම් දක්වනවා. අම්මාගෙ අඩිපාරේ ගිය නංගී, ජයවර්ධනපුර සරසවියෙ ගණිත උපාධිය අවසන් කළ පසුව අති දක්ශ ගණිත ගුරුවරියක් උනා. ඇය ඉගැන්වීම පිලිබඳව විශෙෂඥවරියක් කියන එක තමා මගේ නම් මතය. මොකද, ඇගේ දියනිය සාමාන්‍ය පෙ‍ල විභාගයේ ලංකාවේ පළමුවැනියා වෙල දැන් කටුබැද්ද සරසවියේ ඉංජිනේරු උපාධිය හදාරනවා. පුතාද කටුබැද්ද සරසවියේ ඉංජිනේරු උපාධිය සඳහා තේරී සිටිනවා. නංගිගේ ඉගැන්වීමේ දක්ශතාව මගේ පොඩි පුතාගෙන් තවදුරටත් සනාථ කරා. පලමු වර උසස් පෙළ ඉතා අවම සාමාර්ථයක් සහිතව සමත්වූ ඔහු දෙවන වර A තුනක සාමාර්ථයක් කරා මෙහෙයවූයේ ඇයයි. තමන්ගේ දරුවනට සි
මා නොවී තවත් බොහෝ ආර්ථික අපහසුතා වලින් පෙලෙන දරුවනට මුල්‍යමය වශයෙනුත් ආධාර කරමින් දරුවන් රැසක් අධ්‍යාපනය තුල ජයග්‍රහනය සඳහා ඇය මෙහෙයවනවා..පැරණි පාතාලය පිළිබඳ ගවේෂණාත්මක සත්‍ය තොරතුරු සොයා යන ගමනේදී සිංහපුර හොල්ලාගෙන සිටි කළු අජිත්ගේ හොදම රියදුරන් හතර දෙනාගෙන් එක් අයකු හමුවීම පිලිබදව මාගේ අත්දැකීම. 2003 වසරේ සිට ලංකාවේ පැරණි පාතාලය පිලිබදව මා විසින් සිදුකල ගවේශනාත්මක තොරතුරු සොයා යෑමේදී වසර 18ක පමන දීර්ඝ කාල පරිච්ඡේදයක් තුල මා හට මුන ගැසුනු පැරණි පාතාල කල්ලි සාමාජිකයන් ප්‍රමානය මෙතෙකැයි පැවසිමට නොහැක. එවකට කොළඹ නගරය හොල්ලාගෙන සිටි බොහොමයක් මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇත. එනම් ප්‍රථිවාදි පාතාල කන්ඩායම් විසින් සිදුකල පහරදීම් වලින් සහා 2004 කාලයේ සිට ලංකාවේ ඇතිවි තිබු සුදුවැන් සංස්කෘතිය තුලින් අතුරුදන් විය. නැතහොත් ආයුධ පෙන්නන්න රැගෙන ගොස් සැගවූ ආයුධයකින් පහරදීමට යෑමේදී පොලීසිය විසින් සිදුකල ප්‍රථි ප්‍රහාරයකින් මිය ගියේය. නැතහොත් මාංචු පිටින් ගංගා ඇළ දොල තරනය කිරීමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය . සුලු පිරිසක් පමනක් වෙනත් රටවල් වලට පලා ගොස් දැහැමින් සෙමින් ජීවත් වේ 😏😏😏( 2016න් පසු ලංකාවේ නවීන පාතාලය පිලිබදව මා සොයා ගියේ නැත. සොයා යන්නේද නැත. එහි ලිවීමට තරම් කතාවක් හෝ දෙයක් නැත. ඇත්තේ ජරා ජීර්ණ මත්ද්‍රව්‍ය සහා අදුරු දේශපාලනයත් නූගත් කමත් පමනකි) එදින ඉරිදා දිනයකි. උදෑසනම අවදිවී මුව කට සෝදාගත් මා ලෑස්ති බෑස්ති වී සටහන් පොත බෑගයට දමාගෙන කඩි මුඩියේම නිවසින් පිටත්විය. මාගේ රහස් නියෝජිතයා උදෑසන 10.00ට මාව කොටුව බෝගස අසලින් රැගෙන යාමට පැමිනෙනු ඇත. එසේ පිටත්වූ මා ගාල්ල කොළඹ A/C බස් රථයකට ගොඩ විය. හරියටම 9.20ට පමන මාගේ රහස් නියෝජිතයාගෙන් දුරකතන ඇමතුමක් මා හට ලැබුනේය. Good morning . කොටියා දැන් කොහෙද ඉන්නෙ උබ.? Good morning මචන්. මම දැන් දෙහිවල පහු කලා. හරි එහෙනම් උබ බෝගහ ලගට ඇවිත් මට කෝල් එකක් ගහපන්. මම උබව ගන්නම්. මම දැන් පිටත් වෙනවා මෙතනින්. හරි මචන් . එහෙනම් ජය. මා කොළඹ කොටුව බෝගහ අසලින් බසින විට වේලාව 9.40 වී තිබුනි. බෝගස අසල ගැවසෙන විවිධ තලයේ දහස් සංඛ්‍යාත ජනතාවක් ඔවුනට වෙන්වූ වෙනම ලෝකවල් වල ජීවත් වෙමින් කඩි මුඩියේ එහෙ මෙහේ දිව යයි. අසල ඇති පොලිස් මුර පොලේ නිලධාරින්ගේ තියුනු ඇස් අවට පරිසරයේ ගැවසෙන නොයෙකුත් චරිත අතර වේගයෙන් දිව යයි. නමුත් ඔවුනටද හදුනාගත නොහැකි ආකාරයේ වෙනස්ම පාතාලයක් ලංකාවේ ඇති බව ඔවුන්ද දන්නේ නැත. ✌🤫 එය එදා සිට අද දක්වා සියල්ල දන්නා ප්‍රසිද්ධ රහසකි 😏😏😏 මා සිටියේ පිටිපස්සෙන් තාප්පෙට හේත්තුවී ඉදිරිය දෙස බලාගෙනය. මාගේ පිටුපසින් මා හට අනතුරක් නැති බව මා හොදාකාරවම දනිමි. ඉදිරිය මාහට පැහැදිලිව පෙනෙන කවර් වුනු ස්ථානයක මා සූදානම් වී සිටියේය. හරියටම 9.59ට මාව රැගෙන යාමට පැමිනෙන පුධ්ගලයා මා හට ඇමතුමක් ලබා ගත්‍තේය. කොතනද මචන් ඉන්නෙ. මම බෝගහ ලග ඉන්නෙ මචන්. මම ඇවිත් ඉන්නෙ. උබ කොතනද ඉන්නෙ කොටියා. උබද ඔය ###### නම්බරේ තියෙන ඉස්කූටරේ ඉන්නෙ. කළු ජැකට් එකක් දාලා. ඔව් ඔව් ඒ මම තමයි . උබ කොතනද.? පිටිපස්ස හැරෙන්න ඔහු දුරකතනය කනේ තබාගෙනම පිටුපස හැරුනි. මා ඔහුගේ පිටුපසට වී ඔහුදෙස බලාගෙනම සිටගෙන සිටී. මා දෙස බලා සිනාසුනු ඔහු ඉතා සුහද ලෙස මා සමග මොහොතක් කතා කලේය. එහෙනම් අපි යමු. මෑන් ඉන්නවා ප්ලේස් එකේ. මෙන්ම මේ ඔලුව දාගන්න. ඔහු මාවෙතට හෙල්මට් එකක් දික් කරමින් පැවසුවේය. හෙල්මටය පැලද යතුරු පැදියට මා ගොඩවූ විගස ඉතා වේගයෙන් එය කොළඹ නගරයේ අතුරු මාවත් හරහා ඔහු පදවාගෙන ගියේය. පැය බාගයක පමන ගමනකින් අනතුරුව කොළඹට තරමක් දුරින් පිහිටි මුඩුක්කු වලින් පිරි පරිසරයකට අප ඇතුලු විය. එහි වංගු සහිත දූවිලි පිරුනු කෙටි මාර්ග හරහා මද දුරක් ගමන් කොට ඇළක් අසල පිහිටි එක්තරා නිවසක් අසල අප නතර විය. යතුරු පැදියෙන් බැසගත් උස මහත තරුණයා මා හට මොහොතක් යතුරු පැදිය අසල රැදී සිටින ලෙස පවසා නිවස තුලට ගියේය. මොහොතක් පරිසරය දැඩි නිහඩ තාවයක ගිලී ගියේය. එය විනාඩි තුනක පමන කාලයකි. එම නිහඩතාවය බිද දමමින් මා සමග පැමිනි යතුරු පැදි කරු පිටුපසින් මාගේ නෙත නොඉවසිල්ලෙන් සොයමින් සිටි ඒ රුව මා අසලට පැමිනෙමින් සිටියේය. කොන්ඩය කොටට කපා සිටි ඔහුගේ දැස ඉතා තියුනූය. බුලත් කහටින් පිරුනු ඔහුගේ දත් සහා රතුපැහැ ගැන්වූ දෙතොලත් වටකුරු හකු බැහැපු මුහුනත් කාලයක් බොහෝ දුක් ගැහැට විදි බවට සලකුනු කියා පෑවේය. අඩි 5.4 පමන උසකින් යුතු ඔහු මුවපුරා විහිදු සිනහවකින් මා පිලිගත්තේය. අපි ඇළ අයිනට ගිහින් කතා කරමු . මෙතනට වා එතන හොදයි. අතීතය වෙන කවුරුවත් දැනගන්න අවශ්‍ය නැ. මහත්තයා දැනගත්තාම ඇති. පුටු තුනක් රැගෙන පැමිනි ඔහු කළු පැහැති ජරා වතුර පොරුනු ඇළ අයිනේ ගසක් යට හෙවනේ පුටු තුන තබා එහි වාඩිගන්නා ලෙස අපට දැනුම් දුන්නේය. හරි. දැන් මගෙන් මොනවාද දැනගන්න ඔනා මහත්තයාට.? මට ඔනා සියලු සත්‍ය. ඔහු එක්වරම මාව කැදවාගෙන පැමිනි පුද්ගලයා දෙස ප්‍රස්නාර්ථයක් සහිත බැල්මක් හෙලුවේය. එම බැල්මෙන් කියවී තිබුනේ මූට උඩින් පල්ලෙන් කියන්නද.? ඇත්තම කියන්නද යන ප්‍රශ්නාර්ථයයි. වහා එම බැල්මේ ප්‍රශ්නය තේරුම් ගත් මාගේ යතුරු පැදි කරු. දන ඔක්කොම සත්‍ය පවසන ලෙස ඔහු හට පවසන ලදි. ( ඔහුව සම්බන්ධ කරගැනීමට ප්‍රථමයෙන් එම පුද්ගලයා සමග කතා කල අවස්ථාවේදී පවා මෙම ප්‍රශ්‍නයම තෙවරක් ඇසු බව පසු කලකදී මා සමග යතුරු පැදි කරු පැවසීය) කළු අජිත් සමග ගත කල ජීවිතයේ බොහෝ රහස් ගොන්නක් ඔහු මා හමුවේ පාපොච්චාරණය කලේය. කළු අජිත් සහා ඔහුගේ ගෝල බාලයින් විසින් සිදුකල අපරාධ බොහෝමයක් සියසින් දුටු පුද්ගලය්න් කිහිපය අතර ඉදිරි පෙල සිටිනා කෙනෙකු වූයේ මෙම පුද්ගලයාය. ත්‍රාසය බීතිය කුතුහලය පිරි එම සත්‍ය කතා සියල්ල මාගේ සටහන් පොතේ පිටු අතර ලියවී ඇත. එක දවසක් අජිත් අයියා එක්ක අපි එනවා ගේමක් ගහලා. ඒ එන ගමන් අංගොඩ ඉදලා කොලොන්නාව හන්දියට වෙනකන් ධම්ම්කලා වෙඩි තිය තිය අපිව එලෙව්වා. අජිත් අයියා වැන් එකේ පිටිපස්සේ වීදුරුව කුඩු වෙන්න පිටිපස්සට වෙඩි තිය තිය කවර් කලා. මම තනි අතින් එලවන ගමන් සයිඩ් කන්නාඩියෙන් බල බල මගේ 9mm එකෙන් පිටිපස්සට වෙඩි තිබා. වෙන කරන්න දෙයක් නෑ ඒ වෙලාවේ. වාහනේ බ්‍රේක් පැගුවේ අජිත් අයියාගේ ගේ ලගදි. වෑන් එක පොරි ඉහලා වගේ පිටිපස්සෙ. ( මෙම සිදුවීම පිලිබදව ධම්මික පිලේ ඉතිරිව සිටින කිහිප දෙනෙකුද මා සමග ප්‍රකාශ කලේය. එයින් මෙම කරුන තහවරු විය) ලිවීමට කරුනු බොහෝමයක් ඇති නමුත් සියල්ල මෙහි සදහන් කල නොහැක. කළු අජිත්ගේ ඝාතනයෙන් පසුව ඔහු පාතාලයට සමුදී ඇත. ඔහු හොද ධාවකයෙකි. ධාවනය කරන ගමන් ඉලක්කයට වෙඩි තැබිය හැකි හොද වෙඩික් කරුවෙකි. හොද සටන් කාමියෙකි. ඔහු මෙලොව කොහේ හෝ පාඩුවේ රැකියාවක් කරගෙන ජීවත් වනු ඇත. එදායින් පසු කිසිම දිනෙක යලිත් ඔහු මා හට මුන ගැසුනේ නැත. නමුත් ඔවුන් යම්කිසි පවක් සිදුකලානම් එම කල පවු කවරදාකදී හෝ පරිස්සන් දෙනු ඇත. අවසානයේදී ඔහු මෙලෙස මා සමග පැවසුවේය. ඒ කාලේ කරපු මෝඩකම් වල බරපතල කම තේරෙන්නෙ දැන් තමයි . ආයුධ . පාතාලය නිසා අපේ ජීවිත වලින් දුරස්වුන දේවල් කොච්චරක්ද.? ඒවා ආපහු අපිට ලබාගන්න බෑ. කාලය හැමදේකටම හරස් වෙලා ඉවරයි. ඒවා තේරෙන කොට කල් ගිහින් වැඩියි. සටහන Tharindu fernando (කොටියා) National wildlife artist 🇱🇰"''""" සිතීගේ ලෝකය """"" (01) මට මතකයි උදෙන්ම නැගිටින අම්මා බෝතල් දෙකක් මල්ලකට දාල දීල කියනවා " පොඩී මගෙ හොඳ පුතා වගේ ගිහින් ගුණේ මාමගෙන් කිරි බෝතල් දෙකක් අරන් එන්න මගේ පුතේ " මටත් ඉතිං ඊට වැඩිය දෙයක් නෑ බෝතල් දෙක දාපු මල්ල කරේ එල්ලගෙන ස්ටාර්ට් කරනවා මගෙ මෝටර් බයිසිකලේ. බෲම්ම්ම්.... බෲම්ම්... පීක්ක්....පීක්ක්.. ගාගෙන දුවන්නෙ මෙහෙක් කරල අත් දෙක ඉස්සරහට දාගෙන මෝටර් බයිසිකලේ හැඩල් එක අල්ලන් ඉන්නව වගේ. මෝටර් බයිසිකලේ නවතින්නෙ වෙල ළඟදි. ගුණේ මාමගෙ ගේ තිබ්බෙ වෙලෙන් එගොඩ. නියර දිගේ තමා යන්න ලේසිම පාර. පින්න වැටුන තණකොළ පාගගෙන සීත හුළං වැදි වැදි වෙල මැද්දෙන් යද්දි බලන්න ලස්සනයි නිල්ල වැදුණ ගොයම. වක්කඩේ ඉන්න දණ්ඩි,කොරලි පැටව්, තිත්ත පැටව් දිහා බල බල ගුණේ මාමගෙ ගෙදරට යද්දි ගුණේ මාම ඈත ඉදන්ම බලා ඉන්නෙ මං එනකම්. " ආ... කොලුවො උ.ඹ ආවද... හනික දි.යන් බෝතල් දෙක " කලබලෙන් එහෙට මෙහෙට දුවන ගුණේ මාම ආයෙ එන්නෙ කිරි බෝතල් දෙක අතේ අරන්. කිරි බෝතල් දෙක පරිස්සමට මල්ලට දාල දෙන ගුණේ මාමා... " මේන් කො.ලුවො කිරි.. සුනංගු නොවී ප.ලයන් ඉක්මනට ලොකු ඉස්කෝලෙ මහත්තයා බලාගෙන ඇති උ.ඹ එනකම් " එහෙම කියල ඔලුව අත ගාන ගුණේ මාමා ගහෙන් වැටුන ඉදිච්ච බෙලි ගෙඩි දෙක තුනක් දෙන්න අමතක කරන්නෙ නම් නෑ. " මේන් මේක ගෙදර ගිහින් කා.පන්.. හා හා ඉක්මනට ප.ලයන් ඉතිං " කියල මාව පිටත් කරල වෙලෙන් එගොඩ වෙනකම්ම බලා ඉන්නෙ බුලත් විටේ හප හපා. වෙලෙන් එගොඩ වෙලා මං ගුණේ මාමට අත වනද්දි ගුණේ මාමත් මට අත වනලා අත දික් කර කර කියනව ඉක්මනට ප.ලයන් ඉක්මනට ප.ලයන් කියල. හඩ ඇහුනෙ නැතත් ගුණේ මාම අතින් කියපු දේ හොඳට තේරුණා මට. වක්කඩ ළඟ නැවතිලා දන්ඩි කොරලි පීනනව බලන්න පොඩ්ඩක් නැවතුනත් ගුණේ මාම කෑ ගහනවා. " කො.ලුවො ඉක්මනට ප.ලයන් සුනංගු වෙනවා ඉක්මනට ප.ලයන් " සෙනසුරාදා ඉරිදට නම් ගුණේ මාමා බෙරිහන් දුන්නත් මං නෙමේ වක්කඩ ළඟින් හෙල්ලෙන්නෙ. කොලේක ඔතාගෙන ආපු බත් ගුලි මාලුන්ට කන්න දීල හැඩ බල බල ඉදල තමා මං ගෙදර දුවන්නෙ. " සිතී.... පොඩි කො.ලුවො ඉක්මනට ව.රෙන්කො සුනංගු වෙනවා " මම සුනංගු මොකද කියල බලන්න ආපු ආච්චි වෙලෙන් මෙගොඩ ඉදන් කෑ ගහන්නෙ අත් දෙකෙනුත් වරෙන් වරෙන් කිය කියා. වෙලෙන් එගොඩ වෙන මම ආයේ ගෙදරට යන්නෙ මගෙ මෝටර් බයිසිකලේම තමා. " බ්‍රාස්ස්ස්ස්" ගාල බ්‍රේක් එකක් ගහල මෝටර් බයිසිකලෙන් බහින ම
ාව දැකපු අම්මා හනිකට ඇවිත්. " ඉක්මනට දෙන්න පොඩී හොදටම පරක්කු වෙලා. ඉක්මනට ලෑස්ති වෙන්න ඉස්කෝලෙ යන්න " කියල කලබලෙන් ගෙට දුවන්නෙ කිරි බෝතල් දෙක දාපු මල්ලත් උස්සන්. අම්ම නම් කියයි ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න කලින් මට තව කොච්චර නම් රාජකාරිද. මං කෙලින්ම දුවන්නෙ පරෙයි කූඩුව ළගට. කූඩුව ඇරපු ගමන් " සුදප්පු " ඇවිත් මගේ කරේ වහන්නෙ. එයාගෙ හුරතල් බලල තමා අනිත් පරෙයි යාලුවො එලියට ගන්නෙ. කුඩුව යට තියෙන හාල් දාපු පෙට්ටියෙන් හාල් දාපු ගමන් පරෙයි රෑනම බිමට පැනල හාල් කන්නෙ තරගෙට වගේ. ඊට පස්සෙ දුවන්නෙ හා කූඩුව ළගට. ඔන්න ඉන්නව " සුදු පැංචයි " " කලු පැංචයි " එයාලගෙ දරුවො ටිකයි. ඊයෙ හවස කපාගෙන ආපු ගැට කොල, කංකුං කොල දීලා ඒ අයටත් කන්න දීල ඊළඟට දුවන්නෙ මාළු ටැංකි ලගට. මාළු කෑම බෝතලෙන් කෑම අහුරක් අරන් පොඩ්ඩ පොඩ්ඩ ටැංකි ටිකට දාද්දි මාළු යාලුවන්ගෙ දගේ බලන්න ලස්සනයි. එහෙට මෙහෙට පීන පීන දඟ කර කර කෑම කන්නෙ තරගෙට වගේ. පෙත්තප්පුයි, බංඩප්පුයි දෙන්නටත් කෙසෙල් ගෙඩියක් දීල පොඩ්ඩක් කතා කරල ඊලගට දුවන්නෙ ඉබි අප්පුල ළගට. එයාලට නම් කතා කරන්න බෑනේ. එයාලටත් කෑම දීල තමා ලිඳ ගාවට මම දුවන්නෙ. " පොඩී කෝ මේ ළමයා තාම මොකද කරන්නෙ.....?? තාම සත්තු එක්ක හුරතලේද....?? ඉක්මන් කරන්න ළමයෝ හයයි පනහෑ කෝච්චියත් ගියා. " කුස්සියෙන් එබෙන අම්මා කෑගහනවා. මූණ කට හෝදගෙන ලෑස්ති වෙද්දී අයියලයි නංගියි පාරට බැහැලත් ඉවරයි. " පොඩී එ.නවකො ඉක්මනට මොන මගුලක් කරනවද " දෙවෙනි තමා ගොඩාක් වෙලාවට සැර දාන්නෙ. ලොකූ නම් එහෙම නෑ හරී හොඳයි. උපාසක ( පොඩි අයියා ) එයත් හිටපු ගමන් පට්ට සැරයි. මේ සේරටම වඩා හපන් බටු ඇටේ වගේ ඉන්න නංගි න.පුරි. හම්මෝ මා එක්ක නිතරම වලි. " එ.නවකෝ පොඩී පරක්කු වෙනවා. දෙවෙනි යමු අනේ යන්න ඒයාට එන්න කියල " අම්මට තාත්තට සීයට ආච්චිට දණ ගහල වැඳලා කලිසම් කොටෙත් උස්ස උස්ස පොත් බෑග් එකයි වතුර බෝතලෙයි ගන්න මං තමා මුලින්ම කඩුල්ලෙන් එලියට පනින්නෙ. " එ.නවකෝ අනේ පරක්කු වෙනවා " දැන් දී.පල්ලකො උත්තර. මං දුවනව සේරමල මඟ දාල. " හි.ටපන් මෝ.ඩයෝ අපිත් එනවා " නංගියි දෙවනියි කෑ ගහද්දි මං නම් නෙමේ නතර වෙන්නෙ. පොඩි උනාට ඒ.කිගෙ කටේ සැර...?? එයාටම හරි යන කෙනා තමා දෙවෙනි. " පොඩීඊඊඊඊ ඉන්න නේද කිව්වෙ " හම්මෝ ලොකූට එච්චරයි කියන්න දෙන්නෙ මං. බයට නෙමේ පව්නෙ වැඩිමලා කියන දේ ඇහුවෙ නැත්තම්. ඒ හින්දා නවතිනවා මූණ බෙරි කරන්. මීටර් දෙසීයක් තුන්සීයක් වගේ ගියාම රේල් පාර. සිල්පර කොටෙන් කොටේට පැන පැන යන ගමන නවතින්නෙ තරගෙන් දිනලා. එහෙම ගිහින් තාර පාරට වැටුනම උපාසකයි දෙවෙනියි මහ ඉස්කෝලෙට හැරෙනවා. මං යන්නෑනෙ ඔය මැ.ට්ටො යන ඉස්කෝලෙට මං යන්නෙ මගෙ ඉස්කෝලෙට එතන ඉදන් තනියෙන්. ලොකූ නංගිව ඉස්කෝලෙට දාල එන්න යනවා එයත් එක්ක. ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙලා පංති කාමරේට යද්දි සේරමල්ලා බයේ ගැහෙනවා මාව දැකලා. මංනෙ ඉතිං පන්ති නායකතුමා. පංති භාර ගුරුතුමී ආරයවතී ටීචර්ට දණ ගහල වැඳලා තමා මං මගෙ රාජකාරි පටන් ගන්නෙ. ඔෆීස් එකට දුවන්නෙ රෙජිස්ටරේ ගේන්න, හුනු කූරු ගේන්න. හුනු කූරු දෙකයි දුන්නෙ පංතියකට. මං නම් තුනක්ම ගත්තා. රෙජිස්ටරේ ගද්දි එකක් අරන් සාක්කුවේ දා ගත්තා. අනික් දෙක නම් අනිවාර්යයෙන්ම දෙන්න එපැයි පංතියකට. උදේම පීරියඩ් දෙකින් එකක් ගණන් තමා තිබ්බෙ. මහින්ද සර් තමා ඉගැන්නුවේ. පොඩ්ඩක් එහෙට මෙහෙට උනොත් බුරිය කරකවල තමා කියල දුන්නෙ. අන්න ඒ වෙලාවට පයිතගරස්ටත් ගණන් උගන්නන්න පුළුවන් මොලයක් පෑදුනා. ඒත් පීරියඩ් එක ඉවර උන ගමන් ආයෙත් පරණ සිතීගෙ මොළේම ආපු එකනෙ පුදුමෙ. ඉංග්‍රීසි පීරියඩ් එක තමා මං ආසම. මොකද සර් අපිට පාඩම් කරන්න කියල පුටුවෙම නිදා ගන්නව ටිකක්. ඒ වෙලාවට තමා මං විපුලයට පෑනෙන් ඉණට අනින්නෙ. ඌ.ට සහලෝල කිති තියෙනවා. පෑනෙන් ඇන්න ගමන් ඌ. කෑ ගහන්නෙ අහල පන්ති සේරටම ඇහෙන්න. ඉංග්‍රීසි සර් බය වෙලා උඩ ගිහින් ඇහැරෙන්නෙ ඒ වෙලාවට. හරි ජොලි ඉතිං මට. විපුලය සමහර වෙලාවට කෑ ගහන්නෙ කුනුහරපයක් කියල. ඒ වෙලාවට නම් ඉංග්‍රීසි සර් ආදරෙන් කිව්වෙ දණ ග.හපිය කියල. පංති කාමරේ විතරක් නෙමේ මිදුලෙත් දණ ගැස්සුවා. ඒක නම් හරිම වැරදි වැඩක්. ඒ කාලේ මානව හිමිකම් තිබ්බෙ නෑනෙ. එහෙම උනා නම් ඉංග්‍රීසි සර්ට පාඩමක් උගන්නන්නත් එක්ක මට අද බෝගම්බර යන්න තිබ්බා. ඉස්කෝලෙට වෙලාවට ගියාට ගෙදර එන්න නම් එච්චර හදිස්සියක් තිබ්බෙ නෑ. බඩ වැටි ලඳු කැලෑ වල රිංගලා එරමිණියා,මා දං, හිඹුටු, දං, බෝවිටියා ගස් හූරල තමා එන්නෙ. කහට පැල්ලම් කමිසෙ පුරාම. සුදට සුදේ ගිය මං එන්නෙ ගුරු පාට වෙලා. පොත් බෑග් එකයි වතුර බෝතලෙයි දඩෝස්ස් ගාල මේසෙ උඩට දාල කෙලින්ම දුවන්නෙ කුස්සියෙ හට්ටි මුට්ටි අවුස්සන්න. " පොඩී..... මොනවද ඔය අවුස්සනෙ..?? අනේ මෙහෙමත් පෙරේත ළමයෙක් ඇඳුම් මාරු කරලද ඔය කන්න හදන්නෙ...?? යන්න කිව්වෙ ගිහින් ඇඳුම් මාරු කරල මූණ අත පය හෝදන් ඉන්න ඉස්සර වෙලා " " අනේ අම්මේ මට බඩගිනීඊඊඊඊඊයී " " යන්න නේද කිව්වෙ.....??? මගෙන් කොසු පාර නොකා " ඔන්න ඉතිං මූණ බෙරි කරන් යනවා ලිඳ ළගට. ගිහින් මූණ අත පය හෝදන් ඇවිල්ලා අම්මා හදල තියෙන පොල් සම්බෝලෙයි, කිරි කොස් මාලුවයි, කැලෑ කොල පලා මැල්ලුමත් එක්ක කොත ගහල බත් පිඟන් දෙකක්ම කන්නෙ. ඒ කෑවත් මදි වගේ අම්මා හදන කෑම ජාති ඒ තරම්ම රහයි. පොල් සම්බෝලෙත් ඇති බත් මුට්ටියක් හරි දෙසා බාන්න. කොස් වාරෙදි කොස්, දෙල් වාරෙදි දෙල් වත්තෙ ගස් පිරෙන්න හැදුණෙ සමහර වෙලාවට තුන් වේලටම කොස් හරි දෙල් හරි වරදින්නෙ නැතුව. සමහර දවස් වල ලොකූ කොස් හට්ටියක් හැදුවා. එදාට බත් නෑ. හුරුල්ලො හොද්දයි කිරි හොද්දයි එක්ක කොස් කාල ඇති කලදේරම් ගනන් ඒ කාලෙදි. වැල වරක වල රස තාමත් දැනෙනවා එදා වගේම. දෙසාබාල ඉවර වෙලා කෙලින්ම දුවන්නෙ පිට්ටනියට. ආයේ ඉතිං රංඩු වෙවී හොර කර කර කළුවර වෙනකම් බෝල ගැහිල්ල තමා වැඩේ. ඒ අස්සෙ කුරුම්බයක් දෙකක් බාන්නත් කෙසෙල් කැනක් කපන්නත් අමතක කරන් නෑ. ලොකු අයියලට සපෝර්ට් දුන්නෙ ඉතිං.. ඒ අඩි පාරෙ ගිය පුංචි අපිත් ලොකු අයියලගෙ අඩුව නම් මැකුව ලොකු අයියලට ය.කෝ මු.න් එක්ක බලද්දී අපි මොනවද කරල තියෙන්නෙ කියල හිතෙන්නම. අම්මගෙ රුව අඩ අඳුරේම දැක්කම තමා දෙවියන් සිහි වෙන්නෙ. ළගට එද්දි අතේ තියෙන ඇට්ටේරියා කෝට්ට දැක්කම පස්ස පැත්ත ටීන් ටීන් ගාන්න ගද්දි ඉතිං කඟවේනා පරාදයි අපේ දිවිල්ලට. අම්මත් අතාරින් නෑ පස්සෙම්ම එනව එලෝගෙන. " මෙහෙ එන්න කිව්වෙ දිව්වොත් ගහනවා.. නැත්තම් එලියට දාල දොර වහනවා එලියෙම ඉන්න එකයි ඇත්තෙ ගන්නෙ නෑ ගෙට " කියද්දි හොල්මන් සිහි වෙනවා. අනේ ඉතිං දිවිල්ල නවතිනවා. චටාස්ස් පටාස්ස් ගාල පස්ස රත් වෙන්න දෙකක් දීලා.... " යන්න ගිහින් නාගෙන එන්න කොයි වෙලේ බැලුවත් නැටිල්ල නැටිල්ල පාඩම් වැඩ ගානක් නෑ ලොකු වෙලා පොල් කඩන්න තමා වෙන්නෙ. කොහෙද ඉතිං ලොකු ඉස්කෝලේ මහත්තයෙක් හිටියට ඒව ගානක් නෑනේ " කියද්දී නම් තාත්ත හොරැහින් බලලා හිමීට මාරු වෙන්නෙ " කාලි දේවාලෙ පූජාව ඕං පටන් ගත්තා " කියල කියාගෙන තමා ඉතිං. තාත්තගෙ ඒ මංතරේට නම් කාලි අම්මත් ශේප් වෙනවා. අත් දුටු මංතරයක් ඒක. ගුටි කාපු මට ඔච්චම් කර කර අර නංගි මෝ.ඩි හිනා වෙන එක නම් ඉවසන්නම බෑ. අම්මයි තාත්තයි අහක බලනකම් ඉදලා ඒ.කිව කොනිත්තන්නෙ මි හ.රකි කියල රහසින් කියන ගමන්. " අම්මේ මෙන්න මේ මෝ.ඩ වසු පැටියා මට ගහනෝ මාව බේර ගන්නෝ " නැති වැරදිත් කියල අම්මගෙන් ආයේත් ගුටි ඉල්ලල දීල " ඇද්ද උ.ඹට කියල " හිනා වෙන්න නම් නංගි න.පුරි හරිම දස්සි. ඔය වෙලාවට තාත්තත් හවුල් උනොත් ගුටි පූජාවට මගෙ සාම දූතයො දෙන්න වෙච්ච ආච්චියි සීයයි මැදිහත් වෙලා මාව බේර ගන්නවා. ඊට පස්සෙ පාඩම් වැඩ කරල ඉවර වෙලා තමා සේරමල්ලා එක්ක කෑම කෑවේ. සීයයි ආච්චියි ලස්සන ලස්සන කතන්දර නම් කියල දුන්න ගොඩාරියක්. ඒ වෙලාවට නම් නංගි තමා මගෙ හොදම මිතුරි. පව් හින්දයි මම යාළු උනේ. යාළු උනාම නම් ඇහුවා. " ඒ.... පොඩී රිදුනද අම්ම ගහද්දි.. මගෙ ඔලුවත් අත ගෑව " යනෝ යන්න කියල බොරු කේන්තියක් අරන් මාත් ගනන් ඉස්සුව නංගිට. මොකටද මං සෙකන්ඩ් වෙන්නෙ ගුටි කාලත් කියල හිතලා. සෙනසුරාදා ඉරිදට නම් උදේම යනව ගුණේ මාමගෙ ගෙදර කිරි ගේන්න. තිත්ත් පැටව් දෙන්නෙක් තුන්දෙනෙකුත් අල්ලන් තමා ගෙදර එන්නෙ. මඩ නාගෙන ගෙදර ආවම අම්මා උදේම එලවනවා. " යන්න කිව්වෙ ගුටි නොකා ගිහින් නාල එන්න " කියල . සමහරදාට මඩ තලි තලි අතින් අරන් ඇඟ පුරාම ගා ගන්නෙ අම්ම මාව නාන්න එලෝන බව ටක්කෙටම දන්න හින්දා. එදාට නම් කෙලින්ම ගිහින් නවතින්නෙ කුඹුක් ගහ යට දොළේ. පීන පීන ඇස් රතු වෙනකම් ඇති වෙන්න නාල තමා ගෙදර එන්නෙ. ඒ එද්දි ආරොන් සීයගෙ කොරටුවෙ තිබ්බ නස් නාරං ගෙඩි විස්සක් තිහක් ගේන්නත් අමතක කරන්නෙ නම් නෑ. ඒ ගෙනත් නංගියි මායි කාටත් හොරෙන් කන්නෙ අම්ම දැක්කොත් එහෙම " කොහෙන්ද නස් නාරං...?? කවුද දුන්නෙ..?? දාහක් ප්‍රශ්න අහනවා. හොරෙන් කැඩුව කියල දැන ගත්තොත් අයිතිකාරයගෙ ගෙදරට එක්කන් ගිහින් විස්තරේ කියල එයැයිට දණ ගහල වන්ඳනවා. සමහරු නම්.... " පොඩි එ.වුන්නෙ ඉස්කෝලෙ හාමිනේ ආසාවට කඩන්න ඇති " කියල මාව බේරනවා. සමහරු නම් රවල බලන්නෙ බැංකුවක් මංකොල්ල කාපු එ.කෙක් දිහා බලන්න වගේ. ඒ වෙලාවට නම් මං හො.ර පූසා වගේ ඉන්නවා. එහෙනම් අදට නවතින්නම් මං හෙට අනිද්දට කියන්නම්කෝ පුංචි කාලේ තවත් විස්තර........ සිතිජ ආමන්ත ජය හා සතුටඅන්තිම කැමැත්ත වරින් වර මුණගැසුනු මිනිසුනේ කන් දෙන්න අවසාන කැමැත්තයි මේක ඉටු කරදෙන්න නැවත මුණ ගැහෙන තුරු දිවි ඔරුව පැදයන්න බාල පෙට්ටියක් ඇති ඔය ඩිංග නිදියන්න පණ ගියපු ඉක්මනින් ඇස් දෙකම ගලවන්න නොපෙනෙනා කෙනෙකුගේ මුහුණතේ ඉන්ඳන්න දුක් දරපු හදවතකි;හිමින් වෙන් කරගන්න දුප්පත්ම මිනිහෙක්ගෙ වම් පැත්තෙ රඳවන්න වැඩගන්න හැකි සෑම අවයවය දන් දෙන්න දිරා යන්නට ප්‍රථම හරි ටිකක් සැනසෙන්න කාලෙකින් මුණ ගැහෙන මිතුරන්ට පැමිණෙන්න සිරුර විතරක් ගෙනත් පැත්තකින් සතපන්න අඬාගෙන දොඩාගෙන එපා කවුරුත් ඉන්න ප
රණ ජවුසන් කියා කොක් හඬින් හිනැහෙන්න මම මැරුණු දුක පිටින් හීනියට සෙට් වෙන්න හත් දවස ලබන දා සාදයක් අරගන්න ගුණ කථන අවැසි නෑමුළු ගමම රවටන්න නිවන් සුව පතාගෙන එපා කොළ අලවන්න හිතුනොතින් මගෙ නමට පින් ටිකක් අහුලන්න බැඳලා නැති ලොකු අක්ක හැමදාම රැකගන්න දැන් ගොඩක් මහන්සියි මේක සිහියට ගන්න සොහොන් කොත් යටට වී බෑ ඉඩම් අල්ලන්න වළ කපන පස් ටිකෙන් තලා එය පාගන්න එතැන හැක පසු කලෙක තව'කෙකුට නිදියන්න |සමන් කුමාර අමන්දකෝන්එසේ වීය! "දුවේ, සවී , දැන් උදේ11 ත් වුණා නෙව." "තාම උදේට කාලත් නෑනේ." "එන්න දරුවෝ කාමරෙන් එලියට ,අපි මොනවා හරි බඩට දාගමු." "ඊගාවට කරන කියන දෙයක් මල්ලි ගෙනුත් අහලා කල්පනාවෙන් කරමු . " කාමරේ දොර ලඟ ඉඳන් කථා කරන පුංචි අම්මගේ අනුකම්පා සහගත කටහඬ සවිත්‍රිව කල්පනා ලෝකෙන් පියවි ලෝකෙට ගෙනාවා. අද සෙනසුරාදා වෙනදාට නම් දූලා දෙන්නා ගං සභා හන්දියේ එලකිව්ශන් ක්ලාස් එකට ගෙනියලා, එතැන දී හම්බවෙන මැංගෝ ප්‍රෙන්ඩ් වෙච්චි මදූ එක්ක දෙල්කඳ පොලටයි, ග්‍රෝසරි ශොපින් ත් ගිහින්, දරුවන් ට එලියෙන් කන්නත් අරන් දීලා තමා ගෙදර එන්නේ. තමන්ගේ ම වැරදි තීරණ නිසා ජීවිතේ මෙහෙම අවුල් සහගත තත්ත්වයකට වැටිච්ච එක ගැන සවිත්‍රිට දැනුණේ ලොකු ආත්මානුකම්පාවක්. මේ වෙද්දී අම්ම අප්පච්චි ජීවතුන් අතර නැති , එකම සහෝදරයා වෙච්චි පවිත්‍ර මල්ලි රටේ නැති වෙලාවක වටේම නෑයෝ හිටියත් තමන්ට කියලා හිතවත් නෑයෙක් ට ඉන්නේ පුංචි අම්මා විතරයි “යං පුංචි අම්මේ, මං මූණ කට හෝදං එනකං තේකක් හදන්න කෝ" "දූ එන්න කුස්සියට මම පිට්ටු ටිකකුත් හැදුවා" "දරුවෝ දෙන්නා නම් කෑවා" එහෙම කියද්දි තමා සවිත්‍රි ට මතක් වුණේ තමන් ඊයේ හවස බීපු තේ කෝප්පෙන් පස්සේ නිරාහාරව නේද ඉන්නේ කියලා. සාලේ දිහායින් දූලා දෙන්නා මොකක් හරි දේකට හිනාවෙන සද්දේ සවිත්‍රි ට ඇහුණා. ඒ ගොල්ලන්ට තාම මේ බරපතළ කාරණා තේරෙන්නේ නෑ. හිරූ යි තරූ යි තාම වයස අවුරුදු නමය පහුවුණ නිවුන්නු. දොලොස් අවුරුදු කසාදේ සන්තෝස වෙන්න තියෙන එකම කාරණාව තමා ඒ. බාතෲම් එකට ගිහින් වතුර ටිකක් මූණෙ ගාගෙන පව්ඩර් ටිකක් මූණේ තවර ගත්තේ අඬලා ඉදිමිච්ච මූණ හංගන්න. ඒත් ඉතින් අදින් පස්සේ මොනවා කියලා ලෝකයාගෙන් හංගන්න ද කියලා හිත හිත සවිත්‍රි කුස්සිය ට ආවා. මෙච්චර කාලයක් රසික ගේ රැවුම් ගෙරවුම් එක්ක ගතවුණු කසාද ජීවිතේ ඊයෙන් අවසන් වුණා කියලමයි සවිත්‍රිට හිතුණේ. "පුතේ මේ අහන්න , ඒ ලමයා හොඳයි . ඒත් ඒ පවුල් විස්තර බලද්දී හරියට ගඳ ගහන පල් මඩ වලක් වගේ. ඒකේ පිපෙන නෙළුම් ලස්සන වුණාට. ඒවා නෙලන්න අපිට ඔයාව මඩ වලට තල්ලු කරන්න බෑ" ඒ කාලේ මේ කසාදෙට විරුද්ධව ඔහොම අම්මයි අප්පච්චියි කීව කතාවල දිග පළල තේරුං යන්නේ දැන් . නමුත් මේ වෙද්දී හොඳටම ප්‍රමාදයි. අප්පච්චි ඒ කාලේ ප්‍රින්සිපල් වෙලා හිටියේ කැස්බෑවේ ප්‍රාථමිකේ. අම්මා ඉගැන්නුවේ බන්ඩාරගම ඉස්කෝලෙ . අප්පච්චි රජයේ සේවකයෙක් වුණාට පරම්පරාවෙන් උරුමවෙච්චි වතු පිටි, කුඹුරු ඉඩකඩම් ගෙවල් ලොකු දනස්කන්දයක් උරුම වෙලා තිබුණ ගෙදරක බොහොම සාමකාමී ජීවිතයක් සවිත්‍රි ටත් මල්ලි වෙච්චි පවිත්‍ර ටත් තිබුණේ . මල්ලි ආනන්දෙට යද්දී සවිත්‍රි ගියේ සමුද්‍ර දේවිට. දෙමාපියෝ ගුරුවරු විදිහට ගෙදර යම් යම් නීති රීති තිබුණාට සවිත්‍රි ට නාමලී,මෙලනි වගේ බාලිකාවේ ඉගෙන ගන්න හොඳ යාළුවෝ සෙට් එකක් ආශ්‍රය කරන්න ඉඩ ලැබුණා. හොඳටම ඉගෙන ගන්න පුළුවන් තුන්දෙනා ට ඒ ගෙවල් තුනේ කිසිම වෙනසක් තිබුණේ නෑ. ඒත් පස්සෙ පස්සෙ අම්මා කියන්න ගත්ත ඒ යාළු කම් තමා හෙනේට හිටියේ කියලා . ඒ ලෙවල් ප්‍රථිපල විදිහට සවිත්‍රි මෙලනි යි දෙන්නා තේරිලා හිටියේ ජපුර ට. නාමලී පේරා,යන්න ලැහැස්ති වුණ කාලයක් ඒ. "මේ අපේ නැන්දා ගේ පුතා රසික" කියලා දවසක් මෙලනි ගේ ගෙදර දී අඳුන්වලා දීපු කොල්ලා මාරම හැන්ඩියෙක් . මිනිහා ඒ වෙද්දී ඒ ලෙවල් කරලා "අපෝ මම නම් කැම්පස් යන්න ආස" නෑ කියලා ජොබ් එකකට යන්න හිටි කාලේ. පස්සේ දැනගත්තු විදිහට මෑන් එහෙමකට ඉගෙනගන්න බැරි , බාල නංගි ලා දෙන්නෙක් ඉන්න , තාත්තා කන්තෝරුවක සුළු සේවකයෙක් වෙලා හිටි පවුලක වැඩිමලා තමා රසික. හොඳ ස්මාර්ට් වුණාට ටිකක් සෝබන කාරයෙක් කියලා සාවිත්‍රී ට මුලින්ම හිතුණ හේතුව දවසක් " ආහ් අපෝ!! මේ ගොල්ලන්ට තියෙන්නේ කැම්පස් මූණු නේ". කිව්ව නිසා. ඒ කියන විදිහට කැම්පස් යන්නේ කැත මූණු තියෙන අය කියලා තමා කීවේ. කීප වතාවක් මෙලනි ගේ ගෙදරදී රසික හම්බවෙද්දී තමන් එක්ක එල්ලි එල්ලී කථාවට එන හැඩක් සවිත්‍රි ට තේරිලා තිබුණා. "ඉතිං කොහොමද සවිත්‍රි , අපි මේ ලඟකට ආ ගමන් මෙලනි නංගි ට නැන්දා දීපු පාර්සලයක් දෙන්න ආවෙ. " මුලින්ම ඔහොම කියාගෙන මෙලනි බලන්න ජපුරේ ධර්මපාල හොස්ටල් එකට ආ මෙලනි ගේ ඥාති සහෝදරයා වෙච්චි රසික වැඩිකල් නොගිහින් තමන්ගේ පෙම්වතා වෙලා සතිපතා කැම්පස් එන්න පටන් ගත් හැටි කොහොම වුණා ද කියලා අදටත් සවිත්‍රිට. හිතාගන්නට බෑ. ඒ වෙද්දී මිනිහා ෆ්‍රොස්ට් එයාර් කියලා වායුසමීකරණ කොම්පැණීයක වැඩ කලා. කීවේ නම් මැනේජර් කෙනෙක් කියලා වුණා ට මෑන් රෙප් කෙනෙක් කියලා මදූලා හොයාගෙන තිබුණා. ඒ විතරක් නෙවේ ඔය ඔෆිස් සම්බන්ධතා වලින් මිනිහා ටිකක් ස්ත්‍රී ලෝලියෙක් බවත් සොයාගෙන තිබුණා. ඔය හේතු නිසා කැම්පස් එකේ සවිත්‍රි ගේ හොඳම යාළුවෝ වෙච්චි මදූට වත්, නිලන්ති ට වත් රසිකව දිරෙව්වේම නෑ. එච්චර කල් සවිත්‍රි ගේ ගෙදරට රහසක් වෙච්චි මේ හුටපටේ ගෙදරට කියලා බෝම්බෙ පත්තු කලේ මල්ලි, ඒ වෙද්දී මල්ලී කටුබැද්දේ යුනිවර්සිටි එකේ එන්ජිනියරිං ෆයිනල් ඉයර් හිටියේ . මල්ලි අක්කගේ මේ ප්‍රේම පටලැවිල්ලට මුල ඉඳන්ම විරුද්ධ වුණේ හේතු ඇතිව. ඒ වෙද්දී රසික ගැන යම් යම් අභව්‍ය තොරතුරු පවිත්‍ර ටත් ලැබිලා තිබුණා. කොටින්ම මිනිහට සෑහෙන්න ගෑනු සම්බන්ධතා තියෙන වග දැන ගත්ත නිසා එයා තරයේම විස්වාස කරා මේ තමන්ගේ සාමාන්‍ය පෙනුමැති අක්කා පස්සේ මේ මිනිහා දුවන්නේ දේපොල , අක්කගේ තත්ත්වය නිසා මිසක් හැබෑ ආදරේ නිසා නෙවේ කියලා . එයාගේ යාළුවෙක් රසික කෙල්ලෙක් එක්ක නුවරඑළියේ ඉන්නවා දැකලා තිබුණු දවසේ මල්ලි ගෙදර ඇවිත් අම්මා අප්පොච්චි ටත් කියලා යකා නැටුවා. මේ වෙද්දී සවිත්‍රී ෆයිනල් ලියලා යුනි එකේම ටෙම්පරි ලෙක්චරර් විදිහට ඉන්න ගමන් අධ්‍යාපන පරිපාලන සේවා විභාගයට ලියලා තිබුණේ . ටිකක් කල් යද්දී අම්මලාත් රසික ගේ ගෙවල් වල පැටිගිරිය හොයාගෙන ඒවා මඩ වලවල් කියලා තහවුරු කර ගෙන තරයේම මේ සම්බන්ධයට විරුද්ධ වුණා. අධ්‍යාපන පරිපාලන සේවා විභාග පාස් වෙලා, දෙහිවල ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයේ උඩම පුටුවක හිටි සවිත්‍රි ,ට රසික ගේ ඒ මඩ වලවල් ස්වර්ග රාජ්ජේ වගේ පෙනිච්චි නිසා කොහොමින් හරි කටින් ගහලා අම්මා අප්පොච්චි කැමති කරන් වෙඩින් එකකුත් අරං රසික ගේ පතිනිය වුණා. මල්ලි පවිත්‍ර ඒ වෙද්දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණ වෙච්චිම අළුත. ඒ පිට දාලා මගුලට නාවේ රසික ගැන තිබුණු නොපැහැදීමට මයි. පිනා එක්ක වනා එපා කියනව නේ. කසාදෙන් පස්සේ රසික නිකං රොකට් වේගෙන් දියුණු වුණේ කාටත් හිතාගන්නට බැරි විදිහට . හැමෝම කිව්වේ ඒ සවිත්‍රි ගේ පින කියලා . නිකං ම වායුසමීකරණ විකුණන කොම්පැණීයක වැඩ කල රසික ට මුතුමාල නියෝජ්‍ය ඇමති වරයා සෙට් වෙන්නේ ඒ අමාත්‍යාංශයේ වායුසමීකරණ ගැටළුවකට කොම්පැණීයෙන් යවපු වෙලාවක. ඒ ඇමති ටත් බිස්නස් එකක් කරන්න තිබිච්ච ලොකු ආසාව නිසා රසික ත් දාගෙන ඒ සම්බන්ධ කොම්පැණීයක් රෙජිස්ටර් කරද්දි සවිත්‍රි සෑහෙන්න විරුද්ධ වුණාට වැඩක් වුණේ නෑ. තරූ යි හිරූයි නිමුන්නු දෙන්නා ලැබෙද්දී රසික බොහොම බිසී පුද්ගලයෙක් වෙලා හිටියා .ගෙදර නෙවේ රටේ ඉන්න ප්‍රමාණයත් අවම වෙලා ගෙදරින් පිට ඉන්න වෙලාවල් වැඩිවෙලා තිබුණා. නිතර නිතර චීනේ, ඉන්දියාවේ ගියේ බිස්නස් වැඩ කිය කියා. ආර්ථික තත්ත්වය ඉහලට ඉහලට ගියා ට අන්තිමට නිවුන්නුන්ට අවුරුදු හය හත වෙද්දී එකම ගෙදර පවුල් දෙකක් වගේ හිටියේ කසාදෙක මූලික වගකීම් වත් දරන්න බැරි වීම නිසා. ඒත් සවිත්‍රි නෙවේ හ්ම් කිව්වේ . රජයේ ඉහල තනතුරක් දරපු සවිත්‍රි ට රටේ ලෝකයා ගෙන් හැංගිලා ඉන්න ලැබුණේ නෑ. රසික කොහේ මොනව කලත් හැම දේම ආරංචි වුණා. මදූ ලා වගේ යාළුවෝ කී හැටියට සවිත්‍රි ත් පුළුවන් තරම් ඉවසීමෙන් ඒ හැම තොරතුරක් ම එකතු කලේ කවදාක හරි ඒවා තුරුම්පු විදිහට ඕනෑ නිසා. මේ ඊයේ පුපුරලා ගියේ මේ ඔක්කොම අතුරින් බයංකාර ම සිද්ධිය . රසික සවිත්‍රි ට ටීනා ව මුලින්ම අඳුන්වලා දුන්නේ කොම්පැණී පාටිය කදී. කොම්පැණීයේ සෙකට්‍රි කෙනෙක් වෙච්චි සුදු උස මහත හැබෑ රූපිකාවක් වෙච්චි ටීනා මුතුමාල ඇමතිගේත් සුරතලියක් බවට කථා පැතිරිලා තිබුණා. මේ කාලේ රසික ටත් ටීනා නැතිව මොකුත්ම කරගන්න බැරි වගේ පෙණුන නිසා සවිත්‍රි සෑහෙන්න කල්පනාවෙන් හිටියේ. ඒ අනුව සවිත්‍රිට රසික ගැන ආ තොරතුරු නිසා හොරෙන් හොරෙන් රසික ගේ කල්කිරියාව ගැන ඔත්තු බැලුවා. රසික ගේ ඊ මේල් එක බලන්න පටන් අරන් තිබුණේත් එහෙම . කොම්පියුටරේ පාස් වර්ඩ් එක හොයාගත්තේ ඒක රෙපෙයාර් කරන්න ආ ළමය ගෙන්. මේ වෙද්දී සෑහෙන්න රසික ගේ කුණු දැකලා තිබුණාට මෙදා පාර තමා හොඳම එක දැක්කේ. ඒක කසාද ඉල්ලීමක් හා පොරොන්දුවක් . නිකං නෙවේ . ඉන්දියාවේ තිරුපති දේවාලෙට ගිහින් කරන එකක්. ඉල්ලීම ටීනා ගෙන්. එකම මිනිහෙක් ට පවුල් දෙකක් කන්න බැරි නිසා නිවුන්නු ත් , බිරිඳත් අමතක කරලා තමන් කසාද බඳින බවට තිරුපති කෝවිලේ දී දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙන්න කියලා ටීනා ඉල්ලා හිටලා. රසික පිලිතුරු ඊ මේල් එක යවලා තිබුණේ "අනිවාර්යයෙන්ම" කියලා . මොන තරම් ප්‍රශ්න නොගැලපීම් තිබුණත් සවිත්‍රි බිරිඳක් විදිහට එයාගේ යුතුකම් ඉශ්ඨ කලා. ඊයේ ත් හවස බිස්නස් වැඩකට ඉන්දියාවේ යනවා කියලා කීවා ම බෑග් පැක් කරලා ඔක්කොම කලේ මේ තමන්ගේ ස්වාමි පුරුශයා යන්නේ විවාහ ලිහන පොරොන්දුවක් වෙන්න කියලා දැනගෙන. ලගේජ් එකත් අරන් පහල තට්ටුවට බහින්න ඔන්න මෙන්න කියලා උඩ පඩියට පා තියද්දී ම සවිත්‍රි බොහොම පැහැදි
ලි හඬින් මෙහෙම කීවා. "රසික, මෙන්න තමුන්ගේ මල්ල, අදින් පස්සේ ආයේ මෙහේ ගමන් බෑ. අන්න ගේට්ටුව ඇරලා තියෙන්නේ කරුණා කරලා දොට්ට බැහැලා ඔය ලගින තැනකටම යන්න පුළුවන් . මගේත් දරුවන් ගේත් ප්‍රශ්න මම විසඳාගන්නම් .ඊට අමතර ඒවාට නීති මාර්ග යෙන් එමු. ඒ හැම එකකටම තුරුම්පු මගේ අතේ තියෙනවා. තිරුපති දෙයියෝ පාර කියයි තමුන් ට" මොන ප්‍රශ්නෙ ආවත් මෙහෙමයි කියලා මූණක් බලලා හරියට කථා නොකරන සවිත්‍රි මේ මොකක්ද කීවේ කියලා රසික කන් ගස්සලා බැළුවා විතරක් නෙවේ උතුර දකුණ මාරුවෙලා පඩිපෙල බහිද්දී පය ලිස්සලා වැටුණා. ඒත් සවිත්‍රි නෙවේ ඇහැක් ඇරලා බැළුවේ. පුංචි අම්මගෙන් වතුර වීදුරුවක් ඉල්ලන් බීලා හොඳම යාළුවෙක් වෙච්චි මදුර ට එන්න කියලා ඒ කාර් එකේ නැගලා ගිහින් තිබුණා. " දුවේ, මොනවා වුණත් තව ටිකක් ඉවසන්න තිබුණා මේ ගෑනු ලමයි දෙන්නා වෙනුවෙන්" පුංචි අම්මා කියද්දි ම සාවිත්‍රී " පාඩුවේ ඉන්න පුංචි අම්මේ, ලමයි නෙවේ , මොන යම්ම දෙයක් වුණත් ඉවසීමේ සීමාවක් තියෙනවා" "මට පුළුවන් " කියලා පුංචි අම්මගේ කට වැස්සුවා. -අන්තිමට තිරුපති ගිය රසික දෙයියෝ ඉස්සරහා ටීනා පොරොන්දු වෙන්න කීවාම බෑම කියලා විතරක් නෙවේ , කෑ ගහලා හොඳටම ඇඬුවා කියලා ආරංචි වුණා. "සවිත්‍රි වගේ දේවතාවීයක් වගේ ගෑනියෙක්ට, මගේ දරුවන් ට එහෙම අපරාධයක් කරලා ටීනා වගේ සක්කරවට්ටමක් බැඳ ගන්නේ කොහොමද” කියලා පස්සේ මිනිහා යාළුවෝ එක්ක කියලා තියෙනවා. අර ගෙදරින් පිටවෙද්දී කකුල ලිස්සලා පඩිපෙලේ වැටුණම ඒක බාධාවක් කියලා හිතපු නිසා ඒ කසාදේ නූලෙන් බේරුණා. අදටත් කට්ට්ය යහතින් ඉන්නවා. "දෙයියෝ නූලෙන් බේරුවා" කියන්නේ ඕවගේ ඒවට වෙන්ඩෝනෑ. නිමි.__කවියෙකුගේ පෙමක්…….. "ඔයා හෙට කීයට ද එන්නේ?" කෙටි පණිවිඩයකින් මෝක්ෂා අහල එවල තිබුණා. "නමය වෙද්දි ගුඩ්ශෙඩ් එකට එන්නම්.." ඇසලත් පණිවිඩයක් යැවුවා. මෝක්ෂා නුවර ආවෙ මාස හයකින් විතර. පහුගිය අවුරුදු දෙකක කාලය තුළ මෝක්ෂාත් ඇසලත් දුරස්වෙලා හිටපු වැඩිම කාලය මේ මාස හය. එකම අවුරුද්දේ උසස්පෙළ ලියූ දෙදෙනා දැන හඳුනාගත්තේ උපකාරක පංතියකදී. "ඇසලයා, ටොප් කෑල්ලක් ඉන්නවා බංකු දෙකකට පිටිපස්සේ සේප් එකේ බලපං…" සහන් කනට කර කීවේ හොරෙන් වුවත් උගේ උනන්දුව වැඩිකමට ද කොහෙද ටිකක් සද්දෙට ඇසී ඒ අවට සිටි කොල්ලන් ඔක්කොම එකවරම හැරී බැලුවා.. "නානා හරක් දිහා බලනවා වගේ ඔහොම බලන්ට එපා @@%%පුතාලා.. නෙදකින් තොපි වගේ අහේනිකාරයෝ ටිකක්" සහනා කීවේ කේන්තියෙන්. "ඒක වැඩක් නෑ බං… දිගට ඇඳල පාඩුවේ ඉන්න කෑල්ලක් වගේ. අර එහා පැත්තේ කොට සාය නං හොඳයි." නාලක කීවේ පෑන බිම දමා බිමට නැමීගෙන ය.. "ඇයි? කොට සාය තොට අඳින්ට ද ? ඒකිව දාගෙන ඉන්නේ වීල් එකක් දුවන එකෙක් ඈ.. තෝ ඒක ටෝක් කරල අපිටත් කන්ට වෙන්නේ. නාලකය ඔය බලන එකක් බලාගෙන පාඩුවේ ඉඳහන්. නිකං අපිටත් එක්ක පෝරියල් එකක් සෙට් නොකර…" "අඩෝ සිරා ද බං.. අපරාදේ ඒකිත් පොඩ්ඩක් ඇහැ දෙනවා වාගේ…" "දෙනවා රෙද්දක්.. තෝ දැං කී සැරයක් පෑන බිම දැම්ම ද? හරකා හැරෙන්නේ කොහෙටද කියල ඒකිට තේරිල ඉන්නනෙ. ඒකයි බලන්නේ.." "අනේ මේ.. උංට පෙන්නගෙන ඉන්ට හොඳයි අපි බැලුවම නරකයි.. නිකා හිටාං…" "ඒ නාලකය, මේ බලහං.. ඇසලයා ඇඹලයා වෙලා…" මිතුරන් ගේ වාද විවාද ඇසලට නොඇසින.. ඇසල බලා සිට්යේ දෙවඟනක බඳු මෝක්ෂා දෙස. මෝක්ෂාත් ඇසලට මඳ සිනාවක් පෑ බව සහන්ට නිරීක්ෂණය වුණා . "නාලකයා වැඩේ හරි… ඇඹලයට පැණිමුලත් සිනාසුන සේක…" “ටීක් ටීක්” කෙටි පණිවුඩය පැමිණි හඬින් ඇසල අතීතයෙන් වර්තමානයට ආවා… "අපි කොහෙ හරි යමු.." මෝක්ෂා එවල තිබුනෙ එහෙම.. "මාළිගාවට යමු? " ඇසල පිළිතුරු යැවිවා.. "නෑ, අපි වේල්ස් පාක් යමු.. " මෝක්ෂා ගේ පිළිතුරෙන් ඇසල පොඩ්ඩක් පුදුම වුනා.. මෝක්ෂා කැමතිම ඇසල එක්ක දළදා මාළිගාවට ගිහින් මල් පූජා කරල දළදා වැඳල උඩමලුවේ ලී පොළොවේ ඉඳගෙන ඉන්ට.. ඒ මල් සුවඳට , තේවා හඬට, තේවා හඬ නොඇසෙන වෙලාවට තියෙන නිස්කලංක බවට මෝක්ෂා විතරක් නෙවෙයි ඇසලත් ප්‍රිය කළා… "මෝක්ෂා ආසම තැනට යං කීවම බෑ කීවේ ඇයි?" ඇසලගේ හිතට හරි නෑ.. එහෙත් මාස දෙකක සිට දෙදෙනා නිතර ගැටෙමින් රණ්ඩුවෙමින් දෙතැනක සිටි නිසා මෝක්ෂා ගේ දෑත අල්ලාගෙන නිදහසේ කතා කර සියලු ගැටළු නිරාකරණය කර ගත හැකිය යන සිතුවිල්ලෙන් සිත සනසවාගත් ඇසල හෙට ගැන සිහින දකිමින් නිදාගත්තේ සැහැල්ලුවෙන්. ******** ඇසල ගුඩ්ශෙඩ් බස් නැවතුමේ බලා සිටියේ නොඉවසිල්ලෙන් .. මොක්ෂා බසයෙන් බසිනු දුටු ඇසල සෙමින් ඈ දෙසට ගියා.. මෝක්ෂාගේ මුවේ වෙනදා තිබෙන සිනහව නොවූයෙන් ඇසලගේ සිත චංචල වුණා .. "ඔයා මා එක්ක තරහෙන්ද ඉන්නේ?" මෝක්ෂාගේ අත සෙමින් අල්ලාගනිමින් අැසල ඇසුවා. "න්නැහ්…" මෝක්ෂා කීවා.. "හ්ම්ම්ම්ම් … අපි යමු.. " දෙදෙනා වැඩි කතාවක් බහකින් තොරව බෝගම්බර පිට්ටනියත් බන්ධනාගාරයත් මැදින් වැටී ඇති පාර දිගේ උඩට පියමනින්නට වුණා .… වැව රවුමට සේන්දුවුන ඔවුන්ට දළදා තේවාව ඇසුණා. දෙදෙනාටම දළදා මාලිගාව දෙස බැලුනේ නිරායාසයෙන්. වැව රවුමෙ පොඩි පඩිපෙළ දිගේ දෙදෙනා උඩට නැංගේ හෙමීට. ඇසලගේ හිත බරව ඇති බව ඇසලට දැනුණා . මෝක්ෂා හිටියේ ලොකු කල්පනාවක. උද්‍යාන දොරටුවෙන් ටිකට් දෙකක් අරන් හෙමින් හෙමින් උද්‍යානය ඇතුලට ගිය දෙදෙනා වැව සහ මාළිඟාව ගස් අතරින් පෙනෙන තැනක වාඩි වුණා. ඒ හරිය සාමාන්‍යයෙන් පෙම්වතුන් වාඩිවෙන තැනක් නෙවෙයි.. එලිමහන් තැනක්…. ඇසල මෝක්ෂා ගේ අත උඩින් අත තිබ්බා… "අපි මේක නවත්තමු ඇසල… මෝක්ෂා හෙමීට අත ගත්තා… "මොකක්?" ඇසලගේ දෙසවනට ඒ වචන ඇසුනත් ඒවා ඇසලගේ මනස පිළිගන්න සූදානම් නෑ… තව මොන මොනවදෝ දේවල් මෝක්ෂා කීවා . නමුත් බොඳ වෙච්ච දෑසින් සහ බොඳ වෙච්ච හිතෙන් වැව දිහා බලා හිටිය ඇසලට ඒවා ඇහුනෙවත් නෑ… ඇසල එහෙමම ඉඳගෙන ඉද්දි මෝක්ෂා නැගිට්ටා… "අපි යංද?" ඇය අැහුවේ ඔහුගෙ උරහිසක් සොලවමින්… ඇසලත් නැගිටල ඈ සමඟම දොරටුව දෙසට ඇදුනා… විවිධ වයස්වල පෙම්වතුන් සිනාසෙමින් එකිනෙකා අත් පටලාගෙන, බිය මුසු චකිතයෙන් ඇතුලට එනවා… ඇසලලා දිහා නොබලාම ඔවුන් උනුන්ගේ ලෝකවල සතුටු වෙනවා.. ඒ අතරේ බරම බර හිත් දෙකක් එක්ක බොඳ වෙච්ච ඇස් දෙකකින් යුතුව ඇසලලා වෙල්ස්පාක් එකෙන් පිට වුණා …. "මම යන්නම් ඇසල…" මෝක්ෂා අවසන් වශයෙන් සමු ගත්තා.. ඇසල වැව රවුමේ බංකුවක තවත් ගොඩක් වෙලා ඔහේ ඉඳගෙන හිටියා…. ඇසල ලොකු හුස්මක් හෙලල බංකුවෙන් නැගිට්ටා… නොගැලපෙන මිනිස්සු අමාරුවෙන් ගලපගෙන උනුන් සිත් රවටගෙන ⁣පැලැස්තර ගහගත්තු ජීවිත ගෙවන හැටි ඇසල දැකල තියනවා.. මෝක්ෂාත් එක්ක රණ්ඩු කරකර හිත් රිදෝගෙන, දරුමල්ලො නමින් තව තව බැඳිම් හදාගෙන පැලැස්තර ජීවිතයක් ගෙවනවට වඩා මේ වෙච්ච දේ හොඳයි…දළදා වීදිය දිගේ ඔරලෝසු කණුව පැත්තට යන ගමන් ඇසල හිතු⁣වා… ************* ගෙදර ආපු ඇසල දුරකථනය ගෙන මොක්ෂා එවූ සියලු පනිවුඩ මකා දැමුවා… මෝක්ෂා නමින් දුරකථනයේ සේවි කර තිබූ අංක තුනම මකා දැමුවා…. දිනපොත අතට ගත් ඇසල 2004/12/01 දිනයට අයත් පිටුවේ මෙහෙම ලියුවා.. මතක සුසුම් -------------- මිනිස්සු තම මතක රැක ගන්නේ අගුළුලා.. අගුළු ලූ මතකයන් වෙන වෙනම අසුරලා.. පිලිවෙලට ඒ මතක පෙට්ටි තුනකට දමා.. එයින් එක පෙට්ටියක් ගෙන නිතර තම අතට අගුළු හැර බලනවා මිහිරි අමිහිරි මතක සමරමින් සිනාසී හැරී බලමින් සුසුම් හෙලනවා… තවත් එක පෙට්ටියක තියෙනා වූ මතකයන් හුදෙකලාවේ අගුළු හරිනවා.. තනිකමෙන් තැවෙමින්ම කඳුළු බිඳු පිසිමින්ම ඒ මතක හිතම බර කරනවා… කලින්ටත් වඩා වැඩි ගැඹුරකින් අහස දෙසටම සුසුම් හෙලනවා… අවසාන පෙට්ටියේ ඇති මතක ඉඳ හිටල සිත් කොනේ යාන්තම් බොඳවෙලා හිතට ඉදිකටු තුඩින් අනිනවා… ඒ වුනත් කිසිදාක මියෙන දා වෙනතෙක්ම ඒ මතක පෙට්ටියේ අගුල නෑරම ඉන්න හිතනවා අන්තිමේ ඒ මතක ඔහු සමඟ අගුළු නෑරම නොදැන කිසිවෙකු මියෙනවා…. අවසාන සුසුම යනු අගළු ලූ මතකයේ වේදනාවද විටෙක සිතෙනවා…… නිමි නැත……~ අනුප්‍රාප්තිකයා ~ කුමරුවා තද කල්පනාවක ය. මේ ද්වීපය එක්සේසත් ව ‍යාන්තම් හුස්මක් ගත්තා පමණකි.මෙහි බොහෝ වැසියන්ගේ සවන්පත් වලින් ඇතුළු වූ කඩු ගැටෙන හඬ තවමත් හිස්කබලේ ඇතුළු පැත්තේ දෝංකාර දෙන බව ඔහු දත්තේ ය. පියා ද තිස්ස බාප්පා ද ශූර වීර ශෙණපතියන් ද ඒ සා වූ මහා සංග්‍රාමික තෙහෙට්ටුවෙන් තවමත් පෙළෙන බව ද ඔහුට නොරහසකි. දැන් අලුත් ප්‍රශ්නයක් !!! දෙවන පිය ගාමණි අභය මහ රජු හෙවත්, කලකට පෙර කොටගේපිටිය, ඌරු පැළැස්සේ මහ ගොවිරාළ වූ සිය ආදරණීය පියා, තමන්ට ඔහුගේ ඇවෑමෙන් රාජ්‍ය බාර ගන්නා ලෙස පවසා සිටියි ! අහෝ දේශපාලනය.. නුඹට කඩා පාත්වන්නට මගේ ඔලුව හැර වෙනත් ඔළුවක් තිබුණේ ම නැති ද??? සාලිය එසේ කීවේ නැත ! නමුත් මේ වන විට සිය දහස්වරක් ඔහු එසේ සිතී තිබිණ ! පියරජු පිළිතුරක් අපේක්ෂාවෙන් තමා දෙස බලා සිටිනයු'රු ඔහුට භූත ඡායාවක් මෙන් පෙනේ.පිය රජුට පසෙකින් සිටින මෑණියන් දෙස බැලීමට ඔහුට වුවමනා වුව ද පියරජුගේ බැල්මෙන් ගැලවී එය කිරීමට ද නොහැකිය. මෑණියන් දෙස බැලුවා කියා ඔහුට උත්තර දීමට තිබූ ප්‍රශ්නයට ඒ අහිංසක මව් මුහුණේ පිළිතුරක් නොමැති බව ඔහු දත්තේ ය. මෙවන් මොහොතක පිළිතුරක් තිබුණා නම් ඒ මිත්තණිය ගේ මුහුණේ ම පමණකි.නමුත් ඈ සසර හා සටනට නික්ම ගොසිණි. එනමුත් කුඩා කල අසීරුම තැන් වල ඔහුට තිබුණ ආරක්ෂා කුටිය මෑණියන්ගේ තුරුල විය. මව ලඟ පිළිතුරු නැතත් සැනසීම ඇති බව ඔහු දනියි. සත් හැවිරිදි තමන් ට මාගමට පැමිණ ගෙවුණු මුල් සාවුරුද්දකට වැඩි කාලය ම ඔහු ලඟින් සිටි එකම ඥාතියා වූයේ අම්මා පමණ කි ! අන් සියල්ලෝ ම ඈත කොත්තුමලයේ මතක බවට පත් වී තිබිණ ! එක් වරම සාලියට කලකට පෙර පියා කළාක් මෙන් කොත්තුමලයට පැන යන්ට සිතිණි ! සැබෑවට ම පියාට නොතිබූ යමක් ඔහුට එහි තිබිණි. නෑයෝ ! ඌරුපැලැස්සේ හෙල්මළු ලියැදි පවා ඔහුගේ නෑයෝ වූහ ...නැවුම් කුඹුරක මිහිරි මඩ සුවඳකින් සාලියගේ නැහැය කිති කැවී ගියේ ය. මට මාලා එක්ක කුඹුරක් කරන් ඉන්ට බැරි නෑ... ඔහුට විකාරයක් සිතිණි ! සාලිය… ! ගාමිණි අභය රජුගේ ආමන්ත්‍රණය ඔහුව පියෙවි ලොවට ගෙන ආවේ ය. මට හිතන්න
ඕනෑ ....මම පිය රජතුමාට පිළිතුරක් දෙන්නම්.. මට කෙටි කාලයක් දෙන්න ! සාලිය තමන් සතු සියළු ශක්තිය එලෙස මුදා හළේ ය... "හ්ම්" ! හඬ නගමින් ගාමණි අභය රජ්ජුරුවෝ නැගී සිටිය හ. ඒ තෙදවන් මුහුණේ කෝපය ට ද ශෝකය ට ද අයත් නොවන අර්බුදයක් ලියැවී තිබෙනු සාලිය පැහැදිලිව ම දක්නා ලද්දේ ය. ************************************ සිය පියාට අයත් විසල් නිවසෙහි තමන්ට නියමිතව තිබූ කුදු මහත් කටයුතු අහවර කළ මාලා දැනෙමින් තිබූ මද වෙහෙස නිවනු වස් සුවපහසු පුටුවකට බර වූවා ය. ගෙවුණු සතියක දෙකක කාලය තුළ සාලියගේ මුහුණේ ඈ දුටු බැරෑරුම් ස්වභාවය ඇයව ද පීඩාවට පත් කර තිබිණ.දැන් දින තුනක් තිස්සේ තමන් උවමනාවෙන්ම ගාමිණී අභය මාලිගා පරිශ්‍රයට නොගිය බව මාලා සිහිකළාය. දස හැවිරිදි වියේ පමණ සිට සිය පියා සමග වරින් වර මාලිගයට යාමට පුරුදු වූ ආකාරය ද,ක්‍රමයෙන් සිය පියා ට රාජ්‍ය තන්ත්‍රය සමග ගණුදෙනු ඉහළ යාමත් " මාලිගා ගමන් " ඉහළ ගිය සැටි ද එක්තරා දිනෙක මාලිගයේ දානමය පුණ්‍යකර්මයක් අවස්ථාවක ඉවුම් පිහුම් කටයුත්තකදී අභිශවෙර දේවීන් (විහාර මහා දේවිය) සම්මුඛ වූ තීරණාත්මක දිනය ද ඈට සිහිවිය. එම හමුව අවසන් වූයේ කෙටි කලකින්ම මාලා, ගාමිණි අභය මාලිගයේ රාජකීයයන්ට රසවත් බොජුන් සකස් කිරීමෙහිලා ප්‍රසිද්ධ "මධුර හස්ත රසා" යුවතිය බවට පත්වීමෙනි. ************* මේ අව් අස්සේ මාලිගයේ සිටි සාලිය නම් මාළුවෙක් කට හින්දා නැසී තිබිණි ! ************* තවත් සියවස් 6කින් පමණ මහානාම නම් ස්ථවිරයන් කෙනෙකුන් අතින් තමන් ඉතිහාසයෙන් අතුගෑවී යන බව නොදත් සාලිය කුමරු ද, එවුන්නාන්සේ අතින් ම, අනුරාධපුර මාලිගයට අවි ආයුධ මෙන්ම වෙනත් යකඩ මෙවලම් නිෂ්පාදනය කළ එල්ලෝලි ග්‍රාමයේ ආශ්චර්‍යමත් වාණිජ කම්මල්කරු ගේ වැඩිමල් දියණිය වූ තමා වැදගැම්මක් නොමැති චණ්ඩාල කෙල්ලක වී යන බව නොදත් අශෝක මාලා ද සිය ප්‍රේමය මාලිගයේ ප්‍රසිද්ධ රහසක් බවට පත් කරමින් සිටියෝ ය. තිස වැව් පාමුළ ඉපැරණි රාජකීය උද්‍යානයේ හෝපලු ගස් තවත් වසර දෙදහසකට පසුවත් කවි ගී ලියැවෙන්නට නියමිත මේ ප්‍රේමාලිංගනය දෙස බොහෝ ආශාවෙන් ද මදක් විළියෙන් ද සෑහෙන තරමක ශෝකයකින් ද බලා සිටින්නට පටන් ගෙන දැන් දෑවුරුද්දකට ආසන්නය. මේ අතර කැළණි ගං මිටියාවත මූලික කරගෙන කදම්භ නදී තෙර දක්වාම සතර කන් මන්ත්‍රණ,අට කන් මන්ත්‍රණ නිරන්තරයෙන් ඇතිවන්නට පටන් ගෙන තිබිණි... නාගයෝ ! ගාමිණී අභය මහරජු ඓතිහාසික ජයග්‍රහණයක් මෙන්ම ඓතිහාසික වරදක්ද සිදුකර තිබිණ ! ============== මතු සම්බන්ධයි ©| සුඛිත ශ්‍රීමාල් බුලත්සිංහල__🖊️# **--- කලේවරය ---** තූර්ය වාදක නඩය, ගෙරි හැවෙන් තැණුනු සිංගාරමට තැළු හඬ, ගම්මණ්ඩියේ වාටිය කෙළවරින් සෞම්‍යව ගලා ගිය සීතාවක ආරුවේ කුමරි ජලයත් දිය රැළි ජාතක කරනා තරම්, ජවාධික හඬකි. ගෙපිළෙන් මෙපිට පය නොතැබූ ගමේ පත්තිනි අම්මලා, ආංගලීය වස්කුලල් හඬට වහ වැටී, හවරි පොට කෙහෙ වල්ලේ බැඳ, හවඩි පොට බැරල් වූ සිඟුවේ බැඳ, සනික පිටත් විය. හංදියේ කලිසම් මහන ටේලර් සාප්පුවේ කදාමිණ පසුපස සැඟව, පර අඹුවන්ගේ ගුධමාර්ගයට කථාවස්තු අටවමින් හුන් ගමේ කාපාලු තරුණ නාම්බන්, තම්බෝරු නාදයෙන් තක්බීර් වී, ලහි ලහියේ නික්මුණෝ ය. සැක්සපෝතය හඬින් කැළඹුණු; බත්ගෙයත්, වතුර ලිඳත්, නාන තොටපළත්, යන තුම්මුලේ කපෝති වූ ගමේ කුල කුමාරිහාමිලා, ලිප්බොක්කේ දැවුණු ගිනි පුළිඟු නිවා, සහස නික්මුණෝ ය. මංචක මත ව්‍යාදියෙන් කුදගහගෙන උන්, ගමේ හංකඩ නාකි රැළ, සින්නම් ස්වරයෙන් වල් වී, හැරමිටියෙන් සන්නද්ධව, නොණ්ඩි ගාත් ඇද ඇද, හණික නික්මුණෝය. වංගෙඩියේ බුලත් කොටමින් හුන්, නාරි දේහ පරඬැල් වී, දත් හැළුණු ගමේ මහළු වමියන්, වට්ටලෝහ තැටි ගැටෙනා හඬින් කුලප්පු වී, බාගෙට කෙටුණු මඩ පුවක් ලොඹු ගැහුණු හණුවේ ඔබාගෙන, ගිනි සැරේට පිටත් වූවෝ ය. කෝනෙට්ටුවේ ධ්වනියට ඇල්මෙන් දිවගිය, ජම්බු ගහෙන් නොබෝදා වැටුණු කෝඩු ගැටිස්සියණුත්, මෑතක නූල කැඩුණු දහර කොළු ගැටවුණුත් ඇතුළු, සකල ගම් වාසීන් සනික දුවගෙන ඇවිත්, තාර පාර දෙපස පොදිකමින් පෙළ ගැසුණෝය. වම් අතේ ඉහළ බාහුවේ ශෝකී කළු පටිය පැළඳි, අණ දෙන නිධාරීන්, රෙජමේන්තු සැරයන් මේජර්, පරිවාරක හමුදා භට පිරිස්, තූර්යවාදක ණඩය, ත්‍රම්පෝත වාදකයින් ඇතළු වෙඩිමුර කණ්ඩායම පෙරටු කොටගත්, කාලතුවක්කු ගැල මත පටවා සිංහ ධජය පෙරවූ ශව පෝලාවේ, ඝන නීලවණ්න නිල ඇඳුම පැළඳ සැතපී හුන්, කපිතන් සාලිය කොඩිතුවක්කුගේ සත්කාය දේහය, උත්තමාචාර අවි ඉරියව්වෙන් වීදි පෙළ සැදී සිටි භට පිරිස් පසුකර, කැරකෝප්පුව කරා ගෙන යන ශව පෙරහැර, රජමහා විහාරයක කරල් පෙරහැරට දෙවැණි වුයේ, දළ පූට්ටු හස්ති රාජයෙකුගේ අඩුව නිසා පමණි. මෘත දේහයේ පැළඳි නිළ ඇඳුමේ ඇලුණු පිත්තල බොත්තම්, පදක්කම්, තැලිසම් පටි, ඇතුළු වෛවාරන්‍ය ආයිත්තම්, මගේ සිත අමුතුම ආශාවකින් උමතු කළා.පන්ති නායක පදක්කම්, ශිෂ්‍ය නායක පදක්කම් වලටත් ඈලියාවෙන් ඇඹරෙන මගේ හිත, මිලිටරි පදක්කම් වලට වහ වැටෙන එක, අහන්ඩත් දෙයක් ද. අපේ ගම්මණ්ඩියේ අප්පුහාමිලා, ගිනිමරේට තාර පාරට දුවගෙන ආවේ, සංග්‍රාම භූමියේ සතුරු මූණිස්සමකට සන්තානය සිදුරු වූ, බළාම් වීරයෙකුගේ අනුත්තර බොඩියට අවසන් ගෞරව දක්වන්නටම නොවෙයි, එහෙව් ගරුගම්භීර මළ ගමක් උපන්තේකට දැකලා නොතිබුණු නිසයි. 1995 වර්ශයේ, රිවිරැස මෙහෙයුම වෙණුවෙන් ප්‍රානත්‍යාග කළ වික්‍රමාන්විත විරුවෙකුගේ මෘත දේහය, ශෝකී හදවත් කම්පණයෙන් සලිත කළ අභිවාදනීය සුළු අවි අචාර වෙඩි මුර තිස් නවයක් මැද, අපේ ගමේ කැරකෝප්පුවේ බැඳුණු සොහොන් කොතක් යට, බහුමානයෙන් තැන්පත් කළා. -------------------------- සාලිය අයියා අපේ ගමේ කෙනෙක් නොවෙයි, විද්‍යාල පාරේ කාන්ති අක්කව කසාද බැඳලා, ගමට අළුතින් බින්න බැහැපු කෙනෙක්. එතකොට අපේ ගම්මණ්ඩියේ වීරයෝ හිටියේම නැද්ද? ඇත්තෙන්ම නැහැ. කට මැද පුරාජේරුව දොඩවන, හංදිය පසුකර යන කුලස්ත්‍රීන්ට අජූව හරුපෙන් අරියාදු කරන, ඇල්කොහොලය, හූදුව, සල්ලාලය, ආලිංගනය කරගත්, කිරිපල්ල කරාඹපු නාම්බො රොත්තක්, හයේ හතරේ පඹයෝ වාගේ ගම් පාළුවට හිටගෙන වුණ්නත්, උන්ගේ වීරත්වයේ නාරටිය පෙකණි වැලත් එක්කම කප්පාදු වුණු ගානයි. රම්බෝ පිහියෙන් රට පුවක් තැරිගහන, බයිනේත්තුව කිව්වත් බඩ යන, අපේ ගම්මණ්ඩියේ සුකුමාලයින්ට මොන යුද්ධ ද. අපි ක්‍රිකට් කෙළියේ, ධලදා මාළිගාවට තෝම්බුව යවාපු, අක්කර ගණනාවක් විශාල පොල් කොරටුවක. ගමේ මිනී කන්නතට ඉඩ වෙන් වෙලා තිබුනෙත්, පොල් කොරටුවේම කෙළවරක. සාලිය අයියගේ මළ ගමේ සුදු කොඩි, ගොක්කොළ ආරුක්කු, වළහම් දැන්වීම්, සොහොනේ තැනින් තැන එල්ලෙනවා. සීතාවක ආරුවේ ඉවුරකට මායිම් වුණු කැරකෝප්පුවේ, තෙත පසත්, මළ මිනී සාරය වුණු පෙහොරත් නිසාවෙන්, මහා රූස්ස ගස් අහස උසට සරුව වැඩිලා, උඩුවියන් බැඳිලා, පොළවට පාතය වන සූර්යාලෝකයට වැට බැඳිනවා. අසම්මත අඳුරයි, මීයට පිම්බා වගේ මුනිවතයි මැද, මද සුලඟට වැණෙනා තීරු තීරු ඉරාපු සුදු ඉටි කොළ පතුරුත්, මහ දවාලේ සැරි සරණා හොල්මන් සිරි මවනවා. වැරේන් තළාපු පහරකට පන්දුව රෝල් වෙලා කනත්ත පැත්තට රූටනකොට, ඒක ඇහිඳින්නට හිමිහිට දුවනා ළපටි ගැටවුණ් ගේ කැහැටු ගාත්, වෙවුලනවා. උන් ගේ සන්තාන කුහරත්, ඝණ්ටාර සද්දෙන් ගැහෙන්නට පටන් ගන්නවා. **පහුවදා උදේ පාන්දරම; **සොහාන් කොත හාරලා, මිණී පෙට්ටිය ඇරලා, සාලිය අයියගේ මළ කඳ එළියට ඇදලා කියන ආරන්චියට තටු ලැබිලා, ගමේ දෙකොණ ඉගිළෙන්න ගෙවුණේ විණාඩි කිහිපයයි. කාන්ති අක්කත් හඬා වැලපීගෙන, මළ කඳකට වත් නිදහසේ සැතපෙන්නට නොදෙනා ගම්මුන්ගේ නොගුණ පතුරු ඇර ඇර, හණි හණික සොහොන පැත්තට වක්කලම් වෙනවා දැක්කා. **යළිත් වතාවක්;** සුදු කොඩි නැති, ශව පෙරහැරක් නැති, මිණී බෑන්ඩ් නැති, වෙඩි මුර නැති, විලාප නැති, පිත්තල බොත්තම් සහ පදක්කම් ද අතුරුදහන් වූ, බලඇණි වීරයෙකුගේ සත්කාය දේහය වටා ගම්මු සනික එක් රැස් වූණේ, අවසන් ගෞරවය දක්වන්නට නොව, මළ කුණක් දැකගන්ට තිබෙනා කෑදර කමටය. කෘතහස්ත වීරයෙකුගේ කලේවරය දේහයට සිදු වූ අවඥාව දාරගත නොහී, කාන්ති අක්කගේ දෑසේ අමුණු බැඳි කඳුළු තෝය, පොලිස් පොතේ කනපින්දමක් වී ලියැවුණත්, චූදිතයින්ව කොටු කරගන්නට වික්‍රාන්ත පොලීසියටත් බැරි වුණා. අද්භූත සිද්ධිය සම්බන්ධව අදටත්, ගම්මුන්ගේ විල්ලෝඩි හිත්වල අරටු බැසගත් සැකයේ, හිස්තැනකි. අහෝ දුකක් උඩු දුවනා කාන්ති අක්කාගේ සන්තානයේ, ප්‍රහේළිකාවකි. **A shorty story by: Epic Writer Duo**ගමේ විත්ති - 03 ..........ජහුටා......... "ජහුටා" යනු සැණකෙලියකි..... ඉන්දියාවට හෝලි නම් අපේ ගමට "ජහුටා" ය..... කරල් කපා මැඩුවන් සුවදින් ඉපනැලි වැටුණු කුඹුරේ එක් මණ්ඩියක හෝ සිදී ගිය පහල වැවේ ඉහත්තාවේ මැදක මේ සැණකෙලි භූමිය තැනේ....... බොහෝවිට සේනාසනයේ කිසියම් වැඩ කටයුත්තකට ආධාර පිණිස ද, නැතහොත් ප්‍රජා ශාලා ගොඩනැගිල්ලේ අළුත්වැඩියාවකට මුදල් සපයාගැණීම වස් මෙම "ජහුටාව" ගමට ගෙන එනු ලබයි........ හැන්දෑ ගොම්මන් අදුර වැටුණු මොහොතේ පටන් පසුදා කොස් නැටි පෙනෙන නොපෙනන තරම් පාන්දර ජාමය වන තුරුම දින තුනක් හෝ් හතරක් එක දිගට මෙම සැණකෙලිය ඇදී යයි........ සුභසාධක සමිතියේ සභා වාරයකින් යෝජනා ස්ථිර කොට දින වකවානු යොදාගත් තැන පටන් ගමේ සියලුදෙනාම නොඉවසිල්ලෙන් ඇගිලි ගනින්නේ "ජහුටා" රාත්‍රීන් වල ඇති සුන්දරත්වයෙන් හා මිහිරියාවෙන් සිත් සතන් පිනවා ගැනීමට ඇති නොනිත් ආශාවෙනි............... "ජහුටා" සැණකෙලියට සතියකට දෙසතියකට පෙරාතුවම ගම් ඇත්තන්ට වැඩ අධික ය...... දිවා කාලයේදීත් රාත්‍රී කාලයේදීත් "ජහුටාව" තම තමන් හට පැවරුණු රාජකාරී කොටස නොපිරිහෙලා ඉටු කිරීමට ගම්මුන් උත්සුක වේ............. නාට්ටි කණ්ඩායමයට ආරාධනා කරන්නට සුසිලගමට යන්නේ ලේකම් මහත්තයා හා ලොකු ඉස්කෝලෙ මහත්තයාය..... නියම කරගත් දින වකවානු කියා අත්තිකාරම් මුදලක් ලබා දී ඔවුන් දෙදෙනා නැවත ගම බලා පැමිණේ........ දානපතියන් වෙනුවෙන් ලියූ ආරාධනාපත් බෙදා දීමට යන්නේ අප්පච්චී හා චුට්ටෙ මාමාය... ටවුමේ ඇම් බී මුදලාලි හා පවුසි මුදලාලිටද, පේර කොරටුවේ මහත්තයාටද, එපිට ගමේ නොතාරිස් උන්නැහේ
ටද, පට්ටියෙ ගෙදර මුදියන්සේ රාලටද, ගල්ලෑල්ලේ වඩු බාසුන්නැහේටද, දොංගා වෙද හාමිනේටද එම ආරාධනා පත් බෙදී යයි........ "ජහුටා"වට දින තුනක් හතරක් මෙපිටදී ටවුමේ පොල්කටු පාලම් බිත්තියේත්, ගමේ තුම්මං හන්දියේත්, කනත්ත පාරේ ඇති රූස්ස නුගේ ත් පෝස්‍ටර් ලියා අලවන්නේ ගමේ ඉලංදාරි වයසේ ගැටවරයන් විසිනි....... මෙම පෝස්ටර මුතු අකුරින් පින්තාරු කරන්නේ ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ දෝණියැන්දා වූ රමණි අක්කාය....... පෝස්ටර් ඇලවීමෙන් දිනකට පසු ටවුමෙන් ගෙන්වාගත් කුලී ත්‍රීරෝද රියක ලවුඩ්ස්පීකර් බැද අහල ගම්වලට "ජහුටා"වේ අසිරිය හැඩ වැඩ කොට නිවේදනය කරමින් යන්නේ යන්නේ කච්චේරියේ වැඩ කරන උපාලි මාමණ්ඩී ය....... "ඕ...බෙ..රා....ගීඊඊඊඊඊඊ........මන කෙලඹේදෝ............" "මේ ඔබ අමතන්නේ ගුරුන්නැහැගම සුභසාධක සමිතියේ ප්‍රචාරක අංශයයි..... අයිතිහාසික පොකුණුගල සේනාසනයේ ඉදිකිරීමට යෝජිත බුද්ධ මන්දිරය සදහා ආධාර පිණිස..... ගුරුන්නැහැගම සුභසාධක සමිතියේ ආරාධනයෙන්....... පොල්පිතිගම සුසිලගම නවරංගන කලායතනය විසින් පවත්වනු ලබන දෙබස් කථන මුද්‍රා ගීත නාටක සංදර්ශණ මාලාව හා සල්පිල් වෙන්දේසිය....... මෙම මස හය, හත හා අට යන දිනයන්හිදී පුරා දින තුනක්....... ගුරුන්නැහැගම වෙල් යායේදී පැවැත්වේ....... නොමසුරු ඔබට කෙරෙන... හර්දයාංගම ආරාධනයයි මේ..." ඒ ගුවන්තලයට මුසුවන්නේ ත්‍රී රෝද රථයේ බැදි ලවිඩ්ස්පීකරයෙන් පිටවන උපාලි මාමණ්ඩිගේ මිහිරි ස්වරයි.......... ...................................................................... සුවදායක වෙල් සුලං හමා ඇදෙන මිහිරිතම සන්ද්‍යාකාලයකි...... වේල්ලට මෙපිටින් ඇති නියර තුනත්තක සිට බඹ හතරක් පහක් දිගට අර්ධ කවාකාරව තැනූ වේදිකාවකි...... වේදිකාව මද්‍යයේ තිබූ ඉපනැලි කොටස් උදලුවලින් හූරා මී ඔයේ සුදු වැලි අතුරා හැඩකොට ඇත..... අඩකවය වටකොට අගල් නමයක් පමණ උසට ඉනි සිටුවා ඉණි බැම්මට පිටින් රතු පාටින් ඉටිකොල ඇද වේදිකාවේ සීමාව සටහන් කොට ඇත........ වේදිකා කවයේ අනික් පැත්තේ අට්ටාල දෙකකි..... එකක් දික් අතට නිමවා අමු පොල් අතු වියා බැද තැබූ සම්පූර්ණයෙන් ආවරණය කල එකකි...... එකෙකුට ඇතුලුවීමට පහසුවන ආකාරයෙන් පියස්සක් ඉතුරු කර ඇත.... ඇතුලතින් කාමර දෙකකට වෙන් වෙන්ව බෙදා ඇත්තේ නාට්ටි කණ්ඩායමේ ගැහැණුන් හා පිරිමින්ගේ ඇදුම් ආයිත්තම් මාරු කර ගැනීමටත් විවේක ගැනීමටත් සදහාය.......... හරස් අතට නිමවූ අනික් අට්ටාලය තුන් පැත්තක් අමු පොල් අතු වලින් ආවරණය කොට වේදිකාව පෙනෙන කොටස නිරාවරණය කොට තබා ඇත්තේ සංගීත ශිල්පීන්, දෙබස් දෙන්නවූන් හා නිවේදන ශිල්පීන් වෙනුවෙන් ය..... රටා වියූ පන් පැදුරු එලා ඒ මත ඩොලැක්කිය හා සර්පිනාව තබා ඇත............ වේදිකාවට දකුණු පැත්තෙන් මදක් දුරස් වන්නට තවත් අට්ටාලයකි........ එය ආරාධනා කුටියයි..... දික් අතට තැබූ මේසයක කැවුම් කොකිස් කිරිබත් හා ආස්මිද අතුල්පත්වල දමා නෙළුම් කොලවලින් වසා ඇත....... අට්ටාලයේ එක් යටලීයක එල්ලූ සරුවට ඉදුණු ඇඹුල්කෙසෙල් කැනකි...... මේසය වටකොට දිග ලී බංකු දෙකක් නිමවා ඇත...... මේසයේ කෙලවරක තුටු පඩුරු දැමීමට ලියුම් කවර කිහිපයක් හා සුදු රෙදි කැබැල්ලක් උඩට එලූ ඉලත්තට්ටුවකි.......... වේදිකා මණ්ඩපයේ වම් පසින් වැව් බැම්මේ පහලට වන්නට සිරියා නැන්දම්මාගේ තේ කඩය අටවා ඇත.... සෑම "ජහුටා" සැණකෙලියකම තේ කඩය හිමිකරගන්නේ සිරියා නැන්දම්මාය.... දින තුනෙන් ඈ තුම්මාසයක ලාභයක් ලබා ගන්නීය..... කබලේ පිච්චෙන පොල් රොටීද, තෙල් සුවදින් බැදෙන කවුපි වඩේද කහට කෝප්පයක් සමග හෝ තේ කෝප්පයක් සමග විකුණනු ලබන ඈ මුලු රාත්‍රිය පුරා නිදිවර්ජිතව හීං බඩගිනිවලට ප්‍රණීත ප්‍රතිකාර කරන්නීය....... ................................................................. වේල්ලට එපිටින් හඩදෙන ජෙනරේටරයකින් වෙල් මණ්ඩියේ තැනින් තැන ආලෝකමත් වී ඇත...... මැඩුවන් සුවදවත් සීතල සුලං රැලි ඒ මේ අත හමා ඇදෙද්දී ඒ මනරම් රාත්‍රියේ සුන්දරත්වය ගම පුරා විහිදී යයි....... ඈත පිට වාන දෙසින්ද, වැව් බැම්මේ කෙලවරින්ද, වෙල් නියර පොලු දිගේද රසකාමී ගැමියන් හා, එපිටහ ගම්වල එකා දෙන්නා මතුවී "ජහුටා" පොල වෙත ඇදී එයි....... වේදිකා මණ්ඩපයේ කොණක ගොක් කොල හා කෙසෙල් කදන් වලින් නිමවා ඇති අලංකාර පොල්තෙල් පහණකි........ කවදත් ගමේ වැඩක නිවේදන ශිල්පියා වන උපාලි මාමණ්ඩිගේ ආරාධනයෙන් වේදිකාවට සැපත්වන ආරාධිතයින්ගේ දෑතින් පොල්තෙල් පහන්සිලු දැල්වීමෙන් අනතුරුව නාට්ටි කණ්ඩායමේ රූමතියන් විසින් නැටුමට ගැයුමට අධිපති දෙවියන් උදෙසා සිදුකරනු ලබන සිත් වසග කරන්නාවූ පූජා නර්ථනයයි.......... ඩොලැක්කියේ හා සර්පිනාවේ තාලයන් හා මුසුවන නැටුම ඒ රැයේ සොදුරුතම ඉසව්වකි......... සියල්ලන්ට ස්තූති කොට උපාලි මාමණ්ඩී පැමිණ ඉන්නවුන් ගෙන යන්නේ සල්පිල් ලෝකයට ය........ ගමේ ගැටවර ඉලන්දාරියෙක් විසින් රැගෙන විත් අත තැබූ පාර්සලයට ලංසු ඉල්ලන්නේ උපාලි මාමණ්ඩී ය...... "බුදියගත්තොත් දාගෙන කොට්ටෙ...... හීනෙටත් එනවලු අම්මප රෑ මැද්දෙ....." "මෙන්න බඩු...... කාන්ති නංගිගෙ කොට්ටා උරේ...... තියමු බලන්ඩ ලංසුවක්..." එයින් පසුව ඇතිවන්නේ එකිනෙකා පරයන ලංසු තරගයකි.... එහා ගමේ තරුණයෙක් ලංසුව උස්සයි...... "රුපියල් හැටයි...." "හැත්තෑවයි...." කාන්ති අක්කාගේ ඇවැස්ස මස්සිනා වූ නිමල් අයියාද කොට්ට උරයට පොර බදයි..... "හැත්තෑ පහයි........" තවත් එකෙක් කලුවරේ සිට ඉල්ලයි...... මෙලෙස ඇදී යන ලංසුව අවසානයේ එකෙකුගෙන් කෙලවර වේ...... "එකසිය තිහයි ඈවරයි...... එකසිය තිහයි දෑවරයි දෑවරයි දෑවරයි...... එකසිය තිහයි..... එකසිය තිහයි.... තුන්.....ඈ..වරයි........" "කෑවොත් වතාවක් ශ්‍රියාණිගෙ අග්ගලා..... හොයාගෙන එනවලු රසේටම මත්වෙලා.." උපාලි මාමණ්ඩී ගේ ලංසු ඇවිස්සිල්ල නම් මනස්කාන්තය..... වචනයක් වචනයක් ගානේ සතුටම බෙදන්නට ඔහු උත්සුක වන්නේ "ජහුටා" මණ්ඩියේ මිහිරියාව දෙගුණ තෙගුණ කරමිනි.... රෑ දොලහමාර එක වෙද්දී ඉපනැල්ලේ පිණි නගින ජාමයට සල්පිල් වෙන්දේසියේ අවසානය සටහන් වේ....... ..................................................................... තවත් නොබෝ වේලාවකින් ආරම්භ වන්නේ සියල්ලන් පුල පුලා බලා සිටි නාට්ටි සංදර්ශනයයි....... බොහෝ විට සල්පිල් වෙන්දේසියට නොපැමින හිච්චි උන් පැයක් දෙකක් නිදිකරවාගත් අම්මණ්ඩිලාද, තලත්තෑනි ගෑණුන්ද "ජහුටා"මණ්ඩියට ඇදෙන්නේ මේ ජාමයටය........ පින්නට එරෙහිව හිසේ සිට පපු ලමැද දක්වාම චීත්ත පොටක් දවටාගත් ගෑණුන් මේ අතර සුලභ වෙති..... දැන් වේදිකාව ඉදිරිපස එකම හිස් ගොඩකි...... චීත්ත පොටවල් දෙක තුනකින් බිලිදුන්ව උනුහුම්ව ඔතාගෙන කිරි පොවන අම්මණ්ඩිලාද, පන් පැදුරුවල හා ඇතිරිලිවල වාඩි ලා ගත් බවලත් උදවිය ද, ඉපනැල්ලේ ඇනකුටු ගහගත් පිරිමින්ද වේදිකාව දෙස දෑස් අයා බලා සිටින්නේ පලමු දිනයේ පෙන්වන "වෙස්සන්තර නාඩගමේ" අසිරිය විදගැනීමේ රිසියෙනි...... ඩොලැක්කි පාරට වේගයෙන් වේදිකාවට පනින නාට්ටි කණ්ඩායමේ කෙරුමෙක් උඩ කරණම් වැලක් ගසා අතුරුදහන් වේ....... එහෙනෙහිම තවත් එකෙක් ඊට නොදෙවෙනි බිම් කරණම් කීපයක් ගසයි..... සර්පිනා... ඩොලැක්කි හඩ මැද වේදිකාවේ කොනකින් කවටයා වේදිකාවට බසී..... බලා ඉන්නවුන්ගේ සිනා හඩින් වෙල් යායම පිරී ගොසිනි......... ..................................................................... හාවක් හූවක් නොමැතිව බලා සිටි නාඩගමේ අවසන් ජවනිකාවේ පෙන්වන්නේ ජාලිය හා ක්‍රිශ්ණජිනා අතිනත බැද ගෙන යනු ලබන ජූජකයාය....... මෙතෙක් නාඩගම බලා සිටි ගෑනුන්ද, තරුණ ලමිස්සියන්ද චීත්ත පොටින් හොටු හූරමින් කදුලු පිසදාන්නේ මන්ද්‍රී දේවියගේ විලාපයටයි....... "වෙශ්ශන්තර මනුශ්ශය දරුවො දන්දුන්න... ශරි.. මංද්‍රී ගෑණි ඒ දුකට යෙඩනවා... ශරී... මේ ගං තුලානෙ පර වේශියෝ මොකට යෙඩනවද අප්පා.." ගෑනුන්ගේ ඇඩියාවේ කන්දොස්කිරියාව ඉවසාගත නොහී තැන නැරඹුම් නඩය මැද සිටි පවුසි මුදලාලි කීවේ සියල්ලන්ම සිනා සාගරයේ ගිල්වමිනි....... .................ජනිදු.............**නඩු භාණ්ඩය- ලිප්ස්ටික් එක** නර්මදා දැන් මාස හය හතක ඉඳන්ම රොහාන් ගැන ඉන්නේ විමසිල්ලෙන්. ඇත්තටම රහස් පොලිසියට බැඳුන නම් නර්මදා හොඳ නිලයක් මේ වෙනකොටත් අරගෙන නේද කියලා නර්මදාටම හිතුනා. කොච්චර උපායවිධි යෙදුවත් රොහාන්ට අනියම් සම්බන්ධයක් තියෙන බවට මේවන තුරුම තහවුරු කර ගන්න බැරි වුණා. ඒත් නර්මදාගේ ගැහැණු ඉව කිව්වෙම තව හොයපං තව හොයපං කියලා. නර්මදා රොහාන් විවාහය සිද්ධ වුණේ ප්‍රේම සම්බන්ධයකින්. අවුරුදු 16, පුතෙකුයි අවුරුදු 15 දුවෙකුයි හිටියට දෙන්නම තාම පැණි බේරෙන වරකා මදුලු දෙක වගේ හැඩයි. රොහාන් 52 වෙනි උපන් දිනය සැමරුවෙත් ගිය මාසේමයි. ළමා නිවාසෙට දානයක් වගේ පවුලේ අයට සාදයක් තියන්න කටයුතු සුදානම් කළෙත් නර්මදාමයි. රොහාන් කේක් කන්න පෙරේතයෙක් වුණාට දැන් අවුරුදු දෙක තුනක ඉඳලා පැණි රස කෑම අත්ඇරියේ දියවැඩියාව නිසා. ඒත් ඉතින් එහෙම කියලා නර්මදා නිකන් හිටියේ නැහැ සීනී අඩු රසම රස උපන්දින කේක් එකක් හැදුවෙත් රොහාන් ගෙ හොරයක් තියෙනවා කියලා හිත හිතමයි. තමන් වෙනුවෙන් බිරිඳ කරන දේවල් ගැන රොහාන් හිටියේ හරිම සතුටින්. ඇත්තටම මේ වගේ ගෑනියෙක් ලැබුණේ වාසනාවට කියලයි රොහාන් හිතුවේ. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබුණේ තමන්ගේ බිරිඳ නිසා නේද කියලා හිතද්දි රොහාන්ගෙ හිත නර්මදා ගැන ආදරෙන් පිරිලා ඉතිරිලා ගියා. රොහාන් සහ දරුවන් දෙදෙනා පිටත් කර හැර තාමත් නිදන ඇඳුමින්ම සෙටියට වැටුණේ ජංගම දුරකථනයෙන් යූ ටියුබයේ සැරිසරන්නටය. නිවසේ සීනුව නාද වෙද්දි නර්මදා යූ ටියුබයෙන් ඇස් ගත්තෙ නැහැ. ඒ පාර ජංගම දුරකථනය නාද වෙන්න පටන් ගත්තා. අනුත්තරා එහි තිරයේ සටහන් වෙලා තිබ්බා. “හෙලෝ අනූ” “මොකද්ද බං කරන්නෙ ගෙදර නැද්ද?” “ඉන්නවා” “එහෙනම් මේ ගේට්ටුව ඇරපං” නර්මදා හනි හනිකට ගේට්ටුව වෙත ගොස් සිය යෙහෙළිය පිළිගත්තා.මිදුලේ අඹ ගහ යට බංකුවෙන් වාඩි වෙලා දෙන්නත් එක්ක කතාවකට මුල පිරුවා. රටේ නැති වල්පල් ද
ොඩවමින සිනාසුනා. “යමං ගෙට නර්මදා හදිසියේ දෙයක් මතක් වෙලා වගේ කිව්වා . “මේ ඒක නෙමේ මොකද උබ හදිසියෙම එන්න කිව්වේ? ” “පොඩ්ඩක් ඉන්නකො මම වොෂ් එකක් දාගෙන එන්නම්” නර්මදා ලහි ලහියේ නාන කාමරයට ගියා. බොහෝමයක් ගැහැණුන්ට ඕනෑ දොඩමලු වන්නටය, ඕපදූපයක් ගැන කියමින් අතොරක් නැතිව සිනා සෙන්නටය, ගමනක් බිමනක් යන්නටය, කිසිම දෙයක් මිලට නොගත්තත් සාප්පුසවාරියක් යන්නට ය . එහෙම නැති වන විට පාලුව තනිකම විසින් ඇයට ඇයව ම එපා කරවන තැනට තල්ලු කර දමයි. විශේෂයෙන් නිවසේ සිටින ගැහැණුන් රැකියාවක් කරන ගැහැණුන්ට වඩා ඉක්මණින් මනසින් කඩා වැටේ. ඇගේ ලෝකය ඉතා පටුය. නිවසෙන් එහා ගිය සමාජ සම්බන්ධතා අල්ප නිසා ඇය එකම රාමුවක් තුල තම ජීවිතය ගෙවා දමයි. කෙතරම් කාර්යය බහුල වුවත් රැකියාවක් කරන කාන්තාවකගේ සමාජ සම්බන්ධතා පුලුල් නිසාවෙන් ඇයට තනිකමක් දැනෙන්නේ ඉඳහිට වන්නට ඇතැයි නර්මදා සිතුවාය. “මට රොහාන්ව සැකයි අනූ” නර්මදා රොහාන්ගේ නැගණියට දුම් දමන තේ කෝප්පය දෙන ගමන් කිව්වා.නෑනලා දෙන්නා පාසල් කාලේ ඉඳලම අඹ කියන්නෙ මී අඹ වගේ යාලුවෝ. යාලුකම නෑ කමක් කරගන්න ඕනී නිසාමයි අනුත්තරා නර්මදාව අයියගේ කරේ එල්ලන්න දර දිය ඇද්දෙ. කොහොමින් කොහොම හරි අඹු සැමි බැඳීමට වඩා මී අඹ යාලූ බැඳීම ශක්තිමත් වුණා. “හරි දැන් අර අහිංසකයා සැක කරන්න හේතුව? ” “හේතුව !!!යකෝ ඉස්සර වගේ නෑ, ඌ දැං කිසිම හැඟීමක් දැනීමක් නෑ වගේ” “ඒ කිව්වේ” “එක ඇඳේ නිදා ගත්තට දැන් උබලැයි අයියා බ්‍රහ්මචාරීයෙක් වගෙයි හැසිරෙන්නේ. ” “යකෝ වෙන ගෑනූ බ්‍රහ්මචාරීයි කියලා මිනිහා කියන්නේ මේක අපප්බ්‍රන්සයක්නේ. මට හිතෙන්නෙ මේකා පිට ගිහින් වගේ, දවල්ට කරන්න තියෙන නාඩගම් නටලා ගෙදර එනවා ඇති. ” “උඹ දැන් ඇහුව්වද? ” “අහන්න කෝ සාක්ෂි , වෙනදා වගේම ඊටත් වඩා ආදරෙන් ඉන්න මං කොහොමද එකපාර අහන්නේ” “එතකොට නිස්කාරනේ උබ හිතෙන් පිච්චෙන එක හරිද? දුවයි පුතයි කිව්වා උබට හරියට කේන්ති යනවලු. උන්දෙන්නට හේතුවක් නැතිවත් බනිනවලු. කෑම මෙලෝ රහක් නැහැලු, ඉස්සර වගේ උබ සැලුන් යන්නෙත් නෑලූ හරියට දෙබරෙකට ගල් ගහලා එතනම ඉඳලා වගේ මූණ තඩිස්සි කරන් ඉන්නවලු. දැනුත් එහෙමනේ හිටියේ” නර්මදා ට දිග හුස්මක් අරන් හිත නිදහස් කරගන්න නිරර්ථක උත්සායක යෙදුනා. “මේ අහපං නර්මදා සැකය විනාසයකට පාර කපනවා.අනික මහ උන්ගේ ප්‍රශ්න නිසා දරුවෝ මානසිකව වැටෙනවා. අනික සෙනුරයි සෙනුරියි පොඩි උන් නෙමෙයි. ඔය මනස්ගාත අතඇරලා අයියත් එක්ක කතා කරලා විසඳ ගන්න. අපි අපේ ප්‍රශ්න කතා නොකරන තාක් කල් ඒවා විසඳෙන්නෙ නැහැ. මමත් ටිකක් හොයලා බලන්නම්. සේරටම කලින් උඹ උඹට ආදරේ කරන්න පටන් ගනින්. ඉස්සර වගේ කේක් බිස්නස් එක හරි ජුවලරි බිස්නස් එක හරි පටන් ගනින්. අපේ ජීවිතේ වටින්නේ අපිටමයි. ” අනුත්තරාගේ පැමිණීම නර්මදාගෙ හිතට අස්වැසිල්ලක් වුණා. ඒත් සැකය කියන්නේ ලේසියෙන් විසි කරන්න පුලුවන් දෙයක් නෙමේ. සිවුරුහන්බාමින් කොල්ලා වගේ රොහාන් කාර් එක හෝදන දිහා නර්මදා උඩුමහලේ ඉඳන් බලා හිටියේ නොරිස්සුම්ව. වෙනදට නම් නර්මදා රොහාන්ගේ හැම වැඩකම අත්උදව් කාරිය. ඒත් දැන් දැන් නර්මදා රොහාන්ගෙ වැඩ වලින් ඈත් වෙලා නේද කියලා නර්මදාටම හිතුනා. උඩ බලපු රොහාන් දැක්කේ පිපිච්ච මලක් වගේ හිටපු නර්මදාගේ මැලවිලා ගිය මුහුණ. රොහාන්ගේ හිත පුරාම වේදනාත්මක අකුණක් වැදුනා. ඒත් ඒ බවක් නොපෙන්වා රොහාන් නර්මදා දිහා බලාගෙන, “මැණිකේ ඔබේ සිනාවේ ........” කියලාගෙනම උඩු මහළට වතුර බටෙන් විද්දා. “නාකී කෝලං, හැටපැන්නත් වඳුරෝ බිමින් යන්නේ නැහැල්ලු” “පිරිමි තිරිහන් වෙන්නේ 50 පැන්නම සුදූ” “ඔව් මටත් පේනවා තිරිහන් වේගෙන එන බවක් නම්” “ඒකනේ එන්නකෝ ඉතින් සඳලු තලෙන් බැහැලා මගේ අග බිසෝ” “ආ ඔය බළලා මල්ලෙන් එළියට පැන්නේ. අන්තප්පුරේ කීයක් ඉන්නවද දන්නෙ නැහැ නර්මදාගේ හිත තරහින් කෑ ගැහුව්වා. ඒත් එක්කම නර්මදාගේ ටිකිරි මොළේ කාරණාවක් මතු කළා. “කාර් එක චෙක් කරන්න නර්මදා ”නර්මදාගේ යටි හිත කෑ ගැහුව්වා. නර්මදා සාලෙට ආවේ හොර පූසියෙක් වගේ “හෝදලා ඉවරයි සුදූ” රොහාන් නර්මදාගේ මූණට තට්ටුව ක් දාන ගමන් කිව්වා. “ඉතින්” “මං වොෂ් එකක් දාගෙන එන්නම්කෝ” “හ්ම්” රොහාන් නාන කාමරයට ගිය ඇසිල්ලේ නර්මදා කාර් එකට ගියා. කැබින් එක බැලුවා ඩිකිය බැලුවා ඉස්රහා ,පිටිපස්සෙ සීට් අස්සේ බැලුවා හ්ම්හු...හිස්.. දෙයියනේ.......හිස්...මොනවත්ම නෑ. ඉස්සරහා සීට් එකේ ඉඳගත්ත නර්මදා කල්පනා කළා. අපේක්ෂා භංගත්වයත් එක්කම රොහාන් ගැන තිබ්බ තරහත් දිය වේගෙන යනවා වගේ ඇයට දැනුනා. කාරයෙන් බහින්න හදද්දිම ඩෑෂ් බෝඩ් එක උඩ තිබ්බ ටිෂූබොක්ස් එක ලිස්සලා වැටුණා. නර්මදා පෙට්ටිය අතට ගත්තා. හත්දෙයියනේ ලිප්ස්ටික් එකක්!!! නර්මදාගේ හුස්ම වැටීම මොහොතකට නතර වුණා. ආයේ හුස්ම වේගවත් වුණා. ඊළඟ තත්පරේ නර්මදා වියරු වැටුණා. දනි පනිගාලා ගෙට දිව්වා. “ඈ මිනිහෝ කවදා ඉඳලද තමුසේ ලිප්ස්ටික් උලන්නේ? ” “මොන ලිප්ස්ටික් ද ? ” “මේ තියෙන්නේ, තමුසෙගේ වාහනේ තිබ්බේ” “ඉතින් මං දන්නවයැ ඕක ඔයාගේ එකක් වෙන්න ඇති” “මගේ වෙන්නේ කොහොම ද ? මම අඳුරන්නේ නැද්ද මගේ බඩු.තමුසෙ බබා, ඇත්ත කියනවා කාගෙද මේක? ” “මං දන්නෙ නෑ” “හරි තමුසෙ දන්නේ නෑ, මම දැන ගන්නම්කො එහෙනම්” ගැහැණියක් විවාහයෙන් පස්සේ මුලු ලෝකෙම ගොඩ නගන්නේ තමන්ගේ සැමියා, දරුවො ළඟ. ඒ වෙනුවෙන් ඕන දෙයක් අත්අරින්න දෙපාරක් හිතන්නේ නැහැ. ගොඩක් ගැහැණු තමන්වත් තමන්ට අහිමි කරගෙන පවුල වෙනුවෙන් පේවෙනවා. එහෙම වෙච්ච ගෑණියෙක්ට වංචාවක් කළාම අර ගොඩ නගපු ලෝකම කඩා වැටෙද්දි ඒ ගෑනී වියරු වැටෙනවා. ඔව් වියරුවෙන් කුස්සියේ පිටිපස්සට දුවපු නර්මදා තඩි පොල්ලක් අරං ආවා. “ඇත්ත කියපං මිනිහෝ අඩුම තරමේ ඇත්තවත් කියපං” නර්මදා සහමුලින්ම ආවේෂ වුණු යකින්නක් වගේ රොහාන් ඉස්සරහට ආවා. “ඇයි තමුසෙ මට ගහන්නද? යකෝ සද්ද නැතිව හිටියම මුං එනවා ඔලුවට අත හෝදන්න. ” “මට ඇත්ත කියන්න රොහාන් දැන් මාසගානක ඉඳලා තමුසෙ නටන නාඩගම මට කියනවා. තමුසෙට හොර ගෑනියෙක් ඉන්නවා නේද? ” “ඔව් ඇයි තමුසේ මොනවා කරන්න ද ? ” නර්මදාගේ හිස කරකවලා අත ඇරපු බඹරයක් වගේ කරකැවෙන්න පටන් ගත්තා. හිත පුරා අකුණු දාස්ගානක් පුපුරලා ගියා වගේ මහා වේදනාවකින් බර වුණා. ගැබ්බර වෙච්ච අහසක් කඩා හැලෙනාවා වගේ ඇස් වලින් කඳුලු කඩා හැලුණා. “ඇත්තටම !!! ” ඇය සිහින් හඬින් ඇහුව්වේ හීනයකින් අවදි වුණා වගේ. “ඔව් ඔව් මට හොර ගෑණියෙක් ඉන්නවා. එහෙමයි කියලා මම තමුසෙට අඩුවක් කළේ නැහැනේ. ” “තමුසේ මට කරන්න පුලුවන් ලොකුම අඩුව කළා. ” එකවරම අතේ තිබුණු තඩි පොල්ල රොහාන්ගේ ඔලුවෙ වැදුනේ රොහාන්ට මොනවත්ම හිතන්න ඉඩ නොතියමයි. රොහාන්ට පොල්ලෙන් ගහපු නර්මදා සාලේ මැද වැටිලා පැයකටත් වඩා කාලයක් කෑ කහමින් ඇඬුවා. නිවසට ආවා සෙනුර නොහිටින්න රොහාන් මේ ලෝකෙන් සමු අරගෙන. අවසානේ දෙන්නට නතර වෙන්න වුණේ පොලීසියේ. නර්මදාට ඕනී වුණේ රොහාන්ගෙන් වෙන් වෙන්න. ඒත් රොහාන්ට නර්මදාව අත්හරින්න බැරි බව කිව්වා. “මම මූට මොනවද නොකළේ, අඩු ගානේ මේ මිනිහා ළමයි ගැනවත් හිතුවද? නෑ නේ...මට මේකා එපා ...අම්මපා එපා” නර්මදා එකහෙලාම කිව්වා. “අනියම් ඇසුරක් තිබ්බා කියන්න ඔයාට මොනවද තියෙන සාක්ෂි?” පැමිණිල්ල ලියන රාලහාමී ඇහුව්වා. “මෙන්න මේක... ලිප්ස්ටික් එක..” මේක තමයි නඩු භාණ්ඩේ කරන්නම දෙයක් නැති තැන දෙන්නාව මනෝ උපදේශකවරයෙක් ළඟට යවන්න තීරණය කළා. නර්මදා හැඬූ කඳුලින් තමන්ගෙ අව නඩුව උපදේශකතුමාට කිව්වා. “මගේ ජීවිත කාලෙම මං කැප කලේ පවුල වෙනුවෙන්. අනේ දෙයියනේ ... අම්මපා ඕකීව හම්බුණොත් ගහනවා ඇසිඩ්...” මනෝ උපදේශකතුමාට දැනුනෙත් සංවේගයක්. ඒත් දැන් මේවා එතුමටත් බොහොම සාමාන්‍ය දේවල්. එතුමා සැමියත් එක්ක තනියම කතා කරන්න ඕනී බව කිව්වම නර්මදා කාමරයෙන් පිටතට ගියා. “හොඳයි දැන් මට ඇත්තම කියන්න ඔය අනියම් ඇසුරට කොච්චර කාලයක් වෙනවද?” මොහොතක් නිහඬව සිටි රොහාන් උපදේශක් තුමාගේ ඇස් දිහා එක එල්ලෙ බැලුවා. “එකක් නෙමේ සර් දෙකක්, ඔව් මම ගෑණු ළමයි දෙන්නෙක්ම ආශ්‍රය කළා. දැන් අවුරුද්දක් විතර වෙනවා. මගේ හිතටත් මේක මහා බරක වෙලා තිබ්බෙ. සර් මට...” “ඔව් කියන්න” “මම ලිංගික අප්‍රාණිනත්වයෙන් පෙලෙන්නෙ. මම ඒ ගැහැණු ළමයි එක්ක ලිංගිකව එකතු වෙලා නැහැ. මම නර්මදාට ආදරෙයි, ඒත් මම දුර්වලයෙක් වුණා. මට එයාට මේ ගැන කියන්න හයියක් තිබ්බෙ නැහැ. ” “වෛද්‍ය ප්‍රතිකාර ගත්තද ?” “නැහැ, මුලින් මුලින් පාමසියෙන් උත්තේජක අරන් බිව්වා, ඒත පහුවෙන කොට ඒකත් පලක් නැති වුණා” “රොහාන් උත්තර උඩ ඉඳගෙන ප්‍රශ්නෙ ගැන හිත හිත ඉඳලා තියෙන්නේ. මෙන්න මේ ඩොක්ටර් මුණ ගැහිලා ඔය රෝගයට ප්‍රතිකාර ගන්න. මම හිතන්නේ රොහාන්ගෙ එක ගැටලුවකට විසඳුම එතන තියෙනවා කියලා. තමන්ට පණ වගේ ආදරේ කරන බිරිඳක් දරුවො දෙන්නෙක් ඉන්නකොට ඔය වගේ දේවල් කරන්න කලින් රොහාන්ට හිතන්න තිබුණා ඉදිරියට වෙන්න පුලුවන් ගැටලුකාරී තත්ත්වයන් ගැනත්” “සර් මට නර්මදාගෙන් වෙන් වෙන්න බෑ. ” “අපි කතා කරමු” “නර්මදා මහත්මියත් එක අතකින් වැරැද්දක් කරලා තියෙනවා. සැකයක් ඇති වුණු ගමන්ම ඒ ගැන තමන්ගේ සැමියත් එක්ක කතා කරන්න තිබුණා. අපේ සමාජයේ ගොඩක් පවුල් ප්‍රශ්න වලට මූලික හේතුව සන්නිවේදන දුර්වලතා. ඔබතුමියට තීරණ දෙකක් තියෙනවා. එකක් මේ සිද්ධියෙ සාධාරණ හේතු සැලකිල්ලට අරගෙන රොහාන්ට සමාව දීලා දරුවොත් එක්ක ජීවිතේ අලුතින් පටන් ගැනීම, එහෙම නැත්නම් රොහාන්ගෙන් වෙන් වෙලා දරුවොත් දෙපැත්තකට කරලා ජීවිතේ අලුතින් පටන් ගන්න එක. මම හිතනවා හොඳම තීරණය ඔබතුමිය ගනියි කියලා.” මනෝ උපදේශකතුමා නර්මදාට ඒ විදිහට කාරණා පැහැදිලි කරලා දුන්නා. බොහෝ වෙලාවක් කල්පනා කරපු ඇය අවසානේ කැමැත්ත පල කළා රොහාන්ට සමාව දීලා දරුවොත් එක්ක ආයෙමත් එකට ජීවිතේ පටන් ගන්න. “කැඩිච්ච වීදුරුවක් තිබුණු විදිහටම හදන්න බැහැනේ සර්, මම උත්සහා කරන්නම්.” ඇය අවසානේ රොහාන්ගේ මුහුණ දිහා බලාගෙන උපදේශක තුමාට කිව්වා. දිශාන්ති වෙදගේදහවල් කාලයේ ගිණියම මකා දමමින් සිහින් සුලන් රැලි පොල් ගස් වල බැද ඇති අතුරුවල ගැටී වැටකෙයියා පදුරු
හරහා ගොඩ බිම දෙසට හමා ආවේය. එම සිහිල් සුලගත් සමග මුසුවී දසත විසිරි ගියේ පැසුනු රා කල වලින් නිකුත්වූ කෙනෙක්ට අමිහිරි වූත් තවෙකුට ඉතාමත් මිහිරි වූත් රා සුවදයි. නමුත් සවස් කාලය වන විට නැවතත් සුපුරුදු පරිදි ගොඩ බිමින් මුහුද සිසිල් කිරීමට සුලන් ගලා ගියේය. නමුත් දහවල තිස්සේ ගිණියම්වී තිබූ මහා සාගරය සිසිල් කිරීමට එම සුලග ප්‍රමානවත් වූයේ නැත. සවස් කාලය එලැබෙන විට දකුණු ලකේ හික්කඩුව ප්‍රදේශයේ බලවත් උදවිය සෙට් වෙන එක්තරා ස්ථානයක් තිබුනේය. එහි පැමිනෙන බොහෝ දෙනෙකුගේ පාලුව මකා දැමීම වෙනුවෙන් තනි රැක්කේ ඩෙනිම් අතර සැගවී සිටිනා කළු පැහැති සහා රිදී පැහැයෙන් දිලිසෙන 9MM වර්ගයේ ගිණි අවි කිහිපයකි. 2000 වසර යනු දකුණේ අලු යට තිබූ ගිණි බුර බුරා ඇවිලී ගිය කාල වකවානුවකි. අදුර වැටෙත්ම පාතාල ලෝකයේ යකඩ සගවාගෙන සිටි බොහෝමයක් දෙනා හික්කඩුව වෙරලේ මෙම ස්ථානයේ බෝතල් කිහිපයක් හිස් කිරීමට එකතු වීම සහා සතුටු වීමට කටයුතු කිරීම එවකට සුලබ දසුනකි. මෙලෙස ඔවුන් සප්පායම් වන අතර තුර එක්තරා තරුණයකු හති දමමින් මෙම ස්ථානයට පැමිනෙමින් සිටියේය.. හික්කා යනු රුහුණු විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිශ්‍ය සංගමයේ මුල්පෙළ ප්‍රභල ක්‍රියා කරුවෙකි. ඔවුන් මෙම විශ්ව විද්‍යාල තුල පැවති නවක වදයට දැඩි ලෙස විරුද්ධව කටයුතු කල පිරිස මෙහෙයවමින් සිටියේය. නමුත් එම කටයුත්තට දැඩිලෙස විරුද්ධ වූ එවකට JVP ශිශ්‍ය සංගමය නවක වදයට විරුද්ධව ක්‍රියා කරන හික්කා ඇතුලු කන්ඩායමට පහර දීමට සැලසුම් කරමින් සිටියේය. දෙපිරිස අතර ගැටුම් හට ගෙන තිබුනේ එහි ප්‍රථිපලයක් ලෙසිනි. ආ හික්කා... මොකෝ බන් හති දාගෙන...? නෑ මචන් මට මරාලයක් සෙට් වෙලා තියෙන්නෙ... මොකෝ කේස් එක..? කවුද උබට මරාලේ දාපු එකා...? විශ්ව විද්‍යාලයේ ජෙප්පො ටික මචන්. මට කැම්පස් එකට පලාතේ එන්න දෙන්නේ නැලු . අපේ සෙට් එකටම ගහන සෙට් කරලා තියෙන්නෙ හෙට. ගේට්ටුවට ඊයේ ඉදලා පොලීසිය දාලා තියෙන්නෙ. දැන් මොකක්ද ඔය සීන් එක..? පැහැදිලිව කියහන් බලන්න. එම ස්තානයේ මෙතෙක් නිහඩව තියුනු දෑසින් සිදුවන සියල දෙස බලා සිටි පිරිපුන් ශරීරයක් තිබූ වැඩි කතා බහක් නැති තලේලු පුද්ගලයා හඩ අවදි කලේය... මේකයි මචන්. අපි එදා ඉදලා රැග් එකට විරුද්ධව කටයුතු කරපු අයනේ. අර අනිත් සෙට් එක ඒකට විරුද්ධව අපිට ගහන්න ලෑස්ති වෙලා ඉන්න්නෙ. ඒ කියන්නෙ දැන් උන්ට රැග් එක ඕන කියලාද කියනෙ...? ඔව් බන්.... මට තේරෙන්නැ මම මොකක්ද කරන්නෙ කියලා.. ..? මට කැම්පස් එකේ පලාතේ එන්න එපා ගහලා එලවනවා කියලා සෙට් එක දැනුම් දීලා තියෙන්නෙ .. හ්ම්ම්ම්ම් එහෙමද...? හරි.... හෙට උදේ ඕක විසදලා දෙන්නම් මම...... ආ ....වරෙන් ශොට් එකක් දාපන්.. එදින රාත්‍රිය පහන් වනතුරු එම කන්ඩායම බෝතල් කිහිපයක් හිස් කලේය..... පසුදා උදෑසන අවුඅවදිවූ පිරිස ඇග පත සෝදගෙන කඩිනමින් සූදානම් විය. මෙම ගමනට හත් දෙනෙකු සහබාගී විය. ඔවුන්ගේ තනියට 3.8 අවි 2කකුත් 9mm අවි පහකුත් ඉනවල් අතර සැගවී සිටියේය. රුහුණු විශ්ව විද්‍යාලය අසලට ලංවූ එම කන්ඩායම කම්බි වැටෙන් පැන විශ්ව විද්‍යාල භූමියට ඇතුලු විය. එලෙස කම්බි වැටෙන් පැන ඇතුලු වූයේ විශ්ව විද්‍යාල ගේට්ටුවේ ආරක්ශාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා තිබු නිසාවෙනි.. උන් ගේමට ආවොත් ආයි බලන්න එපා ඔලු වලටම ගහලා දාපන්. උපරිම බලමු කතා කරලා විසද ගන්න. අපේ එකෙක්ට හරි අතක් තිබ්නොත් ආයි හිතන්න එපා ගහලා දාන එකයි තියෙන්නෙ. එකෙක්ට වැදුන ගමන් අනිත් ඔක්කොම දුවනවා... එහෙම්ම වැටෙන්ම විඩ්‍රෝ වෙමු.. මෙලෙස පැමිනි හත් දෙනාගේ කන්ඩායම විශ්ව විද්‍යාලයේ කැන්ටිමට ඇතුලු විය. එලෙස ඇතුලු වෙනවාත් සමගම මෙම කන්ඩායම සමග සිටි හික්කාව හදුනා ගත් අනිත් කන්ඩායමේ ශිශ්‍ය පිරිස ඔහුට පහරදීමට වටකර ගත්තේය.. නමුත් සිදුවූයේ වෙනස්ම දෙයකි.. මෙම JVP ශිශ්‍ය කන්ඩායමේ ඉදිරි පෙළ නියෝජනය කල නිබුල්ලු දෙදෙනෙකු සිටියේය.. මෙම දෙදෙනා වහා ඉදිරියට පැන පිරිස නැවත්වීමට කටයුතු කලේ තව මිනිත්තු කිහිපයකින් සිදුවීමට ගිය විශාල ඛේදවාචකයක් නවත්වා ලමිනි. මෙම දෙදෙනා විසින් පැමින තිබූ පාතාල කල්ලියේ නායකයාව හදුනා ගත්තේය.. එවකට දකුනේ සිටි ප්‍රබල පාතාල කල්ලි නායකයකු වූ එම පුද්ගලයාගේ ක්‍රියාවන් පිළිබඳ හොදාකාරයෙන් දන්නා එම දෙදෙනා පැමින ඔවුන් සමග සාකජ්ජා කලේය... ආයි මේ කැමපස් ඇතුලේ රැග් තියෙන්න බෑ... ඒ වගේම හික්කා කියන්නෙ අපේ සහෝදරයා ඌට අතක තියලා අහුවෙන්න බෑ... සියල්ල සාමදානයෙන් විසදී ගියේය.. එතැන් පටන් රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වදයට තිත තැබුනි. පසුව සියලු දෙනාම සමග පාතාලයන් සත් දෙනාද එකතුව එලියකන්ද සිසු නේවාසිකාගාරයට ගිහින් සාමකාමිලෙස සිසුන් සමගම දහවල් ආහාරය ගෙන සියලු දෙනා සමගම සුහදත්වයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා පිටත්වී ගොස් ඇත. එතැන් පටන් රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වදයට තිත තබා තිබුනි. නමුත් 2004 පමන නැවතත් යලි එය ආරම්භ වී ඇත. සටහන Tharindu fernando කොටියා National wildlife artist 🇱🇰දුංහිඳ හීන - (දොළහ) "දොරන් පළු වහගෙන...මොකෝ ජිනා උඹ ..?" මියුරි අක්කා ඇවිත්..? මං අගුවේ මුල්ලකට වෙලා වකුටු ගැහිලා උන්නෙ.මල්වර විච්ච වෙලේ මේ අහ කිරිකඩ සේලයක් පිරුවට ඇදල මයෙ අම්ම මාව නාවව්වේ..මයෙ ජීවිතේ ආයි ඒ පිරුවට වාගෙ වෙන්නෙ නැති වග මතක් වෙද්දි හිත වාවන්නෙ නැතුවා.. මයෙ දෑහ වැළපිලාම තඩිස්සි වෙලා...මියුරි අක්කා පිළිකණ්නෙන් ගෙට ගොඩවෙලා මං ඉන්න අහට එනකොටත් මං උන්නේ අතපය වකුටු කරගෙන.. "බොට මොනා වෙලා ..? දිස්ටියක් වැහිච්ච ගානට වෙව්ලන්නේ.. ඔහොම අකම්පාල වෙලා කොහොම උඹ අප්පුච්චට සාත්තු සප්පායම් ටික කරන්නේ..? අඬා වැළපෙන්ට දෙයක් වෙලා නෑ ජිනෝ. මට සුදු ඇත්තො හදි ගැහුනා කඩමණ්ඩිය අහදී.. " "මයෙ අප්පුච්චට කොහොම... අක්කා ? " "ඒ ඇත්තානං කීවෙ චින්ත බේබි කරන්ට ඕන හැමදෙයක්ම කරා කියල.බේතක් විද්දම නින්ද ගියාලු..මං එන්ට සුනංගු උනෙත් ඔය විස්තරේ බලාගෙන එන්ට බංගලාවට ගිය හින්ද . ‍ඒකයැ...බලාපන්කො කිරා එකාගෙ උජාරුව විතරක් . ඌ බදුලු ඉඳන් එද්දි සුදු ඇත්තගෙ වාහනේට නැග්ගෙ නෑ කියන්නෙ. ඌ පයින්ම ගාටන් එනව වෙන්ටැ මයෙ හිතේ.." කිරා...? මයෙ හිත කීරිගැහිල ගියා උගෙ නම ඇහුනහම.මියුරි අක්කා ලිප් ගිනි මෙළෙව්වා. මයෙ හිතේ ගින්දර ඇවිලෙන හැටි කොයි කවුරු දන්නේ..? මින් මත්තට මයෙ ජීවිතේ ඔහෙ යන අතකට පාවෙලා යයි.. අප්පුච්චට මේ සංගදි දැනගන්ට තියන්න නාකයි. මේ රහස් මා එක්කම වැළලිලා ගියාවේ.. "ආ..මේ කහට කෝප්පෙ බීහං..නොකා නොබී උඹ හෙට බදුලු යන්නෙ කොහොම ? හඳුනට මං අපේ දියෝනිස් අත පයිණ්ඩයක් යවන්නං උඹ නාඩා ඉඳින් ජිනෝ..හෙට පාන්දොඩෙන්ම අපේ මිනිහ ගම ඒවි.ඔය පැදුරු කඩමාල්ලක් එලල ගනිං මාත් මෙහෙම ඇලවෙන්නං.උඹ මෙහෙ තනිපංගලමෙ දාල මට යන්ට ඇහැකියැ.." හෙන්දිරික්ක මල් පුසුඹ මුළු වාසක් පුරාම පැතිරිලා..හූල්ල හූල්ලා උන්නා මිස මයෙ අහළකටවත් නින්ද ආවෙ නැතුවා. මයෙ මුළු ජීවිතේම එක මොහොතින් වෙනස් වුනා.. ඒ වගක් මං කාටවත් කියන්ට යන්නෙ නෑ ..ඒ මයෙ අප්පුච්ච හින්දා.. ඒත් මයෙ ජීවිතේ මින් මත්තට හුඟ වෙනසක් වෙයි. මං කොහොම හරි උගෙන් පළිගන්නවා.ඒකට සුදුසු දොහක් එයි.අන්න එදාට... "මං දැන් නෙව දැක්කේ. මොකෑ උඹේ මූණෙ හීරිච්ච පාරවල්..හරියට කොටි හපුවෙකුට අහුවෙලා වාගෙ.." පහුන්දා මියුරි අක්ක අවදිවිච්ච ගමං ඇහුවෙ මයෙ මූණ දිහා බිරාන්ත වෙලා වාගෙ බලලා මං මොකුත් නොකිය එහෙම්ම කුස්සිය අහට ගියේ අප්පුච්චට ගෙනියන්ට මොකුත් රත් කරන්ට හිතාන. මයෙ මුළු සරුවාංගෙම මුගුරකින් තලා දාල වගේ...අතලෙකට වෙනිවැල් කෑල්ලක් දාල ලිපේ අහකින් තියා තිබ්බේ ඒ තරමට මයෙ ඇඟ කකියන හන්දා. ඊයෙ රාත්තිරියෙ බසමන්ද අන්දකාරේ මයෙ මුළු ජීවිතේම අන්දකාර උනා. මං කෝම දෙයියනේ මයෙ අප්පුච්චට මූණ දෙන්නේ..? "දියෝනිස් අත හඳුන මලය කුරක්කන් පිටි මල්ලක් එවා තියෙන්නෙ. තව පෝය දෙකක් වත් යනකල් එන්ට විදිහක් නෑය කියන්නේ. කොළදිංකරන කාලෙ හන්ද ඕසෙට වැඩලු. ඒ එක්ක සිල්ලර කඩෙත් ජයට කරගෙන යනව කියල අපේ වාහෙ තිස්සෙම දොඩන්නේ.උඹට කොහේ පිනක්..? පවට පින් දෙන්ට බෑ කියල කියනවනෙ ජිනෝ.." සේරමත් හරි මියුරි අක්කයෙ ඇනුම්පද නෙව අහං ඉන්ට බැරි..කුරක්කන් කැඳ ඩිංගක් හදල , බෙරි ගැහිච්ච බත් ඩිංගක් තැම්බුං හොද්දත් එක්ක අප්පුච්චට ගෙනියන්ට මල්ලට දමද්දි කිරා කඩුල්ල පැනල අඩි දෙක තුනක් ගෙයි දිහාට ආව... "මාමණ්ඩිට සරොමක්, තුවාදියක් හෙම ගනිං නඟා..හෙට හවස් වෙද්දී ගෙදර එක්කං එන්ට ඇහැකි වෙයි බාගවෙලාවට. ඔය මල්ල මට දීල උඹ ගෙදර ඉඳහන්.." කිරා එහෙම කියාගෙන ආවත් ඌ මයෙ දිහා බලන්නෙ මහ සැක සාංකාවෙන් වාගෙ. මට කිරා දැක්කහම දැනෙන්නේ අපුලක්මයි.. ඒත් මයෙ හිතට සැනසිල්ලක් දැනුනෙ අප්පුච්චට යං තරමක් සුවයි කියල ඇහුවම... චින්ත බේබිට පින් සිද්ද වෙන්ට ඕන මයෙ අප්පුච්චට සාත්තු සප්පායම් බේත් හේත් ටික අඩුපාඩුවක් නැතුං කරල දෙනවට. මං ඔය කිරා එකත් එක්ක පයිරුපාසානමක් නැති එකේ මියුරි අක්ක දුන්නු අඩුම කුඩුම ටික ඇන්න කිරා බදුලු පිටත් උනා.ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට විගහින් එක්ක ගියායින් හොඳට ගියා කියල මියුරි අක්ක තිස්සෙම කියන්නේ. අප්පුච්ච එක්කාන එන්ට කළියෙන් මං අතුකැටියෙන් වටා පිටාවෙ වැටිල තියෙන කොළරොඩු සේරම එක්කාසු කරා. කළින්දා රාත්තිරියෙ ඉරිච්චි මයෙ රෙදි කඩමාළු ටික ඒ ගිනිමැලේටම දාල අළුවෙලා යනකල් මං බලා උන්නේ ..මයෙ හිතෙනුත් හැම මතකයක්ම ඒ විදිහට සුන්නද්දූලි වෙලා යන්ට කියල හිතාන. මං පීල්ලට ගොහින් පීල්ලෙන් වැටෙන දිය කඳ ට දෑහ පියාගෙන හිස අල්ලං හිටියා . කොච්චර හේදුවත් මේ වෙච්ච කිළිට හෝදල අහවරක් කරන්ට පුළුවන් ය.?මයෙ ජීවිතේට විච්ච කැළල අහක් කරගන්ට බැරිකොට ජීවිතෙන් ඇති වැඩක් තියේ ය..? ඒ කියල මට පණ නහගන්ටවත් නිදහසක් තියේ ය? මයෙ අප්පුච්චා රකින්ට ඉන්නෙ මං විතරයි. සිරිමතී දිවි නහගත්තු එක ගැන කතා කරන හැම එකාම කිව්වෙ ඒකි අවලමේ ගිහින් බඩ කර ගත්තු එක විතරයි . ඒකිව බඩ
කරපු එකා අදත් නිදැල්ලේ ..සල්ලිය බාගෙන් හැම කුණු කන්දලයක්ම වහගන්ට පුළුවන් වග ඇත්තම තමා... "කොයි... උඹ දියවෙයි ඔයහැටි වතුර අස්සෙ ඉඳල.. පොඩියක් එහාට වෙයං මට මේ කළේ ඩිංගිත්තක් පුරවගන්ඩ .." ගමේ එවුන් බලනව ඇති මට පිස්සුද කියල. මං අහකට වුනේ දෙතුන් දෙනෙක් පිරිල උන්නු නිසා . මයෙ ඇඟ සන්නිය හැදිල වගේ වෙව්ලනව. මං එහෙමම ගෙදර ඇවිත් වෙනිවැල්ගැට ටිකක් පෙරාගෙන බීල ඇඳට වැටුනා . දෙතුන් දොහක් යනකල් මට ගෙයින් එළියට වත් බහින්ට හිත් දුන්නෙ නෑ. ගෙදර ලුණු කැටේ පවා ඉවරයි කියල දැනුනම මොන බැරිකම තියාන හරි බෙලිමල් ඔසු විකුණන් කීයක් හරි හොයාගන්ට යන්න මං තීරණේ කළා. තිත්ත වුනත් ඇත්තට මූණ දෙන්ටම වෙනවා. උරුම ජීවිතේ කොහොම හරි ගෙවා දමන්ට ඕන . දුංහිඳ ඇල්ලෙ පවා,ජල කඳ එක හැල්මෙට ගලන්නෙ නෑ නෙව. ගල්පර වල හැප්පි හැප්පී එහෙන් මෙහෙන් හැරි හැරී නෙව ගලාගෙන යන්නේ. එතකොටනෙ ඒකෙ ලස්සන වුනත් පේන්නෙ..? ඒකාකාරි ජීවිතේ වුනත් පෙළක් වෙලාවට තිත්ත වෙන්නෙ ඒකයි. ඒත් ඉතින් අපට කොයින්ද මේ බැද්දට කොටුවුන ජීවිතෙන් එහාට ජීවිතයක් .?තිත්ත වුනත් ඉවසං ඉන්ට සිද්ද වෙනවා . මයෙ අප්පුච්චා දැනගත්තොත් උන්දැ පපුව පැලිල මැරෙයි. උපන් දා ඉඳන් ගැහැට විඳපු ජීවිතේ ආයිත් දරාගන්ට හයියක් නෑ උන්දැට. ඒත් මොන දේ කරන්ටත් මයෙ අප්පුච්චා සුවපත් කරගෙන ඉන්ට ඕනේ. අප්පුච්චා තුන්දොහකට පස්සෙයි ගෙදර එක්කාන ආවෙ. දිය කඳුරු කිට්ටුව පිනිබාන හුළං වල හීතල අප්පුච්චගෙ ඇස්මට අගුණ විත්තිය චින්ත බේබි කිව්වට ඒ කියල අපි කොහෙ යන්ට..? සුදු මහත්තය කියාපු ගේ පොඩ්ඩ මට කැප නැතුවා..එව්ව ඉතින් හීන විතරයි නෙව.. මයෙ අප්පුච්චග මූණ අහ කෙළින් බලන්ට තරං හයියක් මට තිවුනෙ නෑ.. මං සාත්තු සප්පායම් ටික අඩු නැතුං කරල දාල ඔහෙ පිල් කණ්ඩියෙ ඇණතියාන ඉන්නව. උන්දැට හිත් අමාරුව ඇත්තේ හඳුනයිය නාව එකට. දියෝනිස් අයිය මයියංගන යන්ට පිටත් වෙන වෙලේ මයෙන් ඇහුව හඳුනයියට කියන්ට පයිණ්ඩ හෙම තියේද කියල. ඒත් මං මක් කියන්ට... මං දැන් අවලංගු විච්ච කාසියක් ගානයි. * * * "හඳුන මලය සඳුන්සිරි ඉස්ටෝර්ස් එක දාල දෙපෝයයි ගියේ...ඕං සමාගං කඩේ වැහිලම ගිහින්ලු. අපේ දියෝනිස් කිව්වෙ.. ඌට දැන් හරි ජයයිලු. අළුත් ආණ්ඩුවෙන් ඕසෙට රටබඩු ගෙන්නනව කියන්නේ..ඒරොප්පෙන් බඩු ගෙනාවට මිනිස්සුන්ට කාසි නෙව නැත්තේ. පොල් බෑවක් සතපාලොහක් කිව්වෙ. දැන් මිනිස්සු පොල් බෑයවල් ගෙනියන්ට පුරුදු වෙලාලු බං. කොහෙ තියෙන සල්ලි මිනිස්සුන්ට..? මලයගෙ කඩේ බඩු ගණං අඩු කියල තමයි කියන්නේ.." මියුරි අක්ක කියවන්නේ මට ඇනුංපදේටත් එක්ක වෙන්ටැති. ඕන එකක්. දැන් මයෙ හිතත් ගලක් වෙලා තියෙන එකේ ඔය මොකුත් දැන් හිත අස්සට ගන්නෙ නෑ. එහෙමම මේ කණෙං අහල මේ කණෙං පිට කරනව මිසක් . හ‍ඳුනයිය අළුත් කඩ කෑල්ලක් ඒ පළාතෙන්ම දැම්මෙ... මෙහෙ බින්න බහින්ට අදහසක් නැතුව වග ටික දොහක ඉඳන් මට ඇඟවෙලා තිවුනෙ .. ඔව් ඉතින් හඳුනයියට මං කරපු දේට ආයිත් දුංහිඳ ඉන්ට හිත දෙයියැ.. මං අප්පුච්චට බත් පත තියල හීං සීරුවෙ පතන පැත්තට ගියේ පං මල්ලට මොන මොනා හරි එකතු කරන් එන්ටත් එක්ක. උන්දැ බෙහෙත් වේල බීල නින්දට වැටිල.. . නැත්තන් මට කොහාටවත් යන්ට දෙන්නෙ නෑ . ගියත් මට විගහින් එන්ට වෙනවා. අප්පුච්චගෙ සාත්තු සප්පායමත් එක්ක මයෙ අතට කීයක් හරි හොයාගන්ට හැටියක් නැතුං මං සුදු මහත්තය දුන්නු පහේ නෝට්ටුව රෙදි පෙට්ටියෙන් ඇන්න චින්ත බේබි හදිගැහෙන්ට ගියා. "මට මේ නෝට්ටුව කාසිවලට මාරුකරගන්ට ඕන බේබි. මෙච්චර සල්ලියක් මේ අහළ කඩපලවල හුවමාරු කරගන්ට බැරුවා ..." "ඕ..ජිනා සල්ලිකාරියක් වෙලානෙ.. ම්..ඉන්න චුට්ටක් " "ජිනා.. ඔයාල ජීවත් වෙන්නෙ කොහොමද මේ දවස්වල ? " "කාසි හොයාගන්ට මට ගෙන් පිට යන්ට හැටියක් නැතුවා. මේ සල්ලි නෝට්ටුව මේ.." "හා ..හා.. ඒක මට කියන්න ඕන නෑ.. ජිනාට පුළුවන්නම් මට ඩිස්පෙන්සරියේ වැඩ වලට උදව් වෙන්න එන්න. මං ඔයාට පඩියක් දෙන්නම් . කැමති නං කියන්න .." මං ඔළුව වැනුවා මිස මොකුත් කියන්ට ගියෙ නෑ. මොනා උනත් චින්ත බේබිගෙ හිතේ තියෙන කරුණාවන්තකම බංගලාවෙ අනිත් ඇත්තන්නෙ හිත්වල නැතුවා. මට සුදු මහත්තය දැකගන්ට තියෙන ආසාව ටිකෙන් ටික හිතින් අහක් කරගන්ට කියල යටිහිත බල කරන්නෙ ඇයි කියල මටම තේරුංගන්ට බෑ. කඩපළෙන් අඩුමකුඩුම ටික ඇන්න මං පය ඉක්මන් කරේ අප්පුච්චා ගෙයි තනියෙන් හින්ද . හෙට මයෙ අම්ම අන්තරාවෙලා පුරා අවුරුද්දක් ගතවෙනව. මං හඳුනයිය එක්කල ටීටර් බලන්ට ගියේ..? මයෙ දෑහෙ කඳුළු රෙදි පටින් පිහගෙන මං යසා නැන්දල අහ ගියේ හෙට හීල් දානෙ ආරණ්නෙට පූජ කරන්ට යසා නැන්දවත් එක්කරගන්ට හිතාගෙන. දුංහිඳ ඇල්ල තාමත් ඒ සංදියෙ වාගෙමයි.. වෙනස් වෙලා තීන්නෙ අපි නෙව..?ඉසලූ අත දුවන හිත එක්තැන් කරගන්ට ආරණ්නෙ අහ යන එකත් හොඳයි කියල මට හිතුන. බොල්පිණ්න මැද්දෙම අපි දන් පූජ කරල ආපහු ගම එන වෙලේ කිරා හීංසීරුවේ අරම දිහාට ගාටනව මං දැක්ක. මෙතෙක් මං කාටවත් නොකීවට මයෙ ජීවිතේ විනාස කල එකා ගොළුවෙක් වාගෙ නෙව හැසිරුනේ ..? මං ඌත් එක්ක පොර බැද්දේ කෑළි කපන්ට ඇහැක් තරං කට්ට කළුවරේ. මයෙ අතට අහුවුනේ උගෙ දිග කොණ්ඩෙ.. මට සිහි කල්පනාව නැති වුනේ මයෙ ඔළුගෙඩියට වැදිච්චි මුගුරකින් වාගෙ පාරකින්..මට සිහිය එද්දිං ඌ චීත්ත කඩේ මයෙ ඇඟට දාල පෑල දොරින් ලැහැබට පැනගත්ත වග මට අසිහියෙන් වාගෙ මතකයි. හඳේ මළානික විච්ච එළියෙන් විනක්කා ගෙයි පහන් එළියක්වත් තිවුනෙ නෑ මයෙ කරුමෙට.. එදා කිරා අප්පුච්චව බදුලු ඉස්පිරිතාලෙ නතර කරල එවෙලෙම ආවනං ඌ මොනාට සුදු මහත්තය එක්ක නාවෙ.?දිගට කොණ්ඩ වවාපු එකෙක් ආයි මේ තුලානෙ කොයි අහ ඉන්නෙ..? මඩුගෙයි වැටිල තිවුන ඉසකඩ කිරාගෙම වග මට ඉස්තිරයි. වෙන මොකා.. ඔය වැදි රැහේ එකෙකුට වාගෙ දික්ගැහිච්චි ඉසකේ අල්ලල ඉසකඩ බඳින්ට ඉන්නෙ..? මයෙ ආවේගෙ ඉහිලුම් නැතත් අප්පුච්ච හින්ද මට උහුලාන ඉන්ට වෙනව. මං යසා,නැන්දයි මියුරි අක්කයි යනකල් උන්නේ.. මට කිරා කොයියම් වෙලාවක හරි තනිපංගලමෙ මුලිච්චි වෙන්නැතෑ.. මූ මං යන යන මග පස්සෙන් ගෑටුවෙ මට මේ හැටි විනාසයක් කරන්ටයි හෙනං... මං කඳු ගැටිය නැගල ඈත පේන මහපාර අහ බලාන උන්නා. දෙගම්බඩ දෙමායිමෙන් ගලාගෙන යන බදුලු ඔයයි අඹ ගහ ඔයයි ඈතට පේන්නේ සරුපයො දෙන්නෙක් වාගෙ. රාමනායක බංගලාව දිහායින් සුදු මහත්තය වාහනේ පාරට ගන්නව මං දැක්ක .හෙනං සුදු මහත්තය වත්තෙ ඉඳන් ඇවිල්ල..? මාව වත්තට එක්කං යන්ට කියල සුදු මහත්තය එදා කීවට ඉන් මත්තටම මුලිච්චි උන් නෑ නෙව.මොක කිව්වත් ආයි මට ඒ ඇත්තගෙ මූණ බලන්ට බැරුවා.සුදු මහත්තය වාහනේ හීංසීරුවේ පැත්තකට වෙන්ට නවත්තලා දිය ඇල්ලට බහින්ට තියෙන අතුහේන අහට හැරෙනව මං දැක්කෙ අහම්බයක් වාගෙ.මට මයෙ සුදු ඇත්තට සත්ත කතාව කියන්ට තරං හිතට හයියක් නැති හන්දම මං හීං සැරේ දිය අගල පන්නල ගල් තලාවට වහංගු වුනා . මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි )ඉන්දුෆීජියානු ආහාර ගැන යමක්....... අද කතාව ප්‍රශ්ණයකින්ම පටන්ගන්නම්. ඔයාල ජීවිතේ කවදහරිම දවසක එකම එක වතාවක් හරි වට්ටක්ක මාලුවක් එක්ක රොටී කාලතියෙනවද? එහෙමත් නැත්නම් කරවිල මාළුවක්, පැපොල් මාළුවක් එක්ක.... වැටකොළු හොද්දක් එක්ක රොටී.....බණ්ඩක්ක බැදුමක් හෝ කූර තම්පලා තෙම්පරාදුවක් එක්ක රොටී.......මෙහෙම කෑම කන්ඩ පුලුවන්ද කියල මේ ලියවිල්ල කියවන ඔයාලට ප්‍රශ්ණයක් ඇතිවුනත් මම නම් මේ විදිහෙ කෑම ඕනෑතරම් කාල තියෙනව. යහමින් සූදුරු, අබ, සුදුලූණු, ලූණු සහ හීන්කොච්චි අහුරක් එක්ක තෙල් දාපු වට්ටක්ක මාලුවක් එක්ක එහෙමත් නැත්නම් හීනියට කපාගත්තු බණ්ඩක්ක තෙම්පරාදුවක්, වැඩිපුර " හල්දි" මිශ්‍රකරපු කරවිළ ව්‍යාන්ජනයක් එක්ක රොටියක් කෑවොත් එහි රසයට ඔබ පුදුමවනු පමණක්නොව පෙම් කරනුද නොඅනුමානය්. මා මේ රසකරකර කියන්නේ ආපනශාලාවල විකිණීමට ඇති කෑම ගැන නොව සාම්ප්‍රදායික ඉන්දුෆීජියානුවන්ගේ නිවෙස්වල පිසෙන ආහාර වේල ගැනය. ඉන්දුෆීජියානුවන් කියන්නේ ෆීජි දූපත් හි වාසය කරන ඉන්දීය සම්භවයක් සහිත ජන කොට්ඨාශයක්. ෆීජි දූපත් හි උක් වගාව ගැන ලියපු පෙර ලිපියකින් ඉන්දුෆීජියානුවන් ගැන කෙටි විස්තරයක් ලීවා මතකය. අද ඔවුන්ගේ ආහාර ගැනය් ලියන්නෙ. බහුතරයක් හින්දු භක්තික ඉන්දුෆීජියානුවන් අවම තරමින් සතියකට දින තුනක් හෝ හතරක් නිර්මාන්ශීය ආහාර වේලක් ගැනීමට හුරුවී සිටිත්. එ ඔවුන්ගේ ආගමික ඇදහිලි හා බැදී ඇත. ළදරුවාගේ සිට මහල්ලා දක්වාවූ සෑම තරාතිරමකම උදවිය මේ නිර්මාන්ශීය වෘතය සමාදන්වන්නේ බොහෝ කැමැත්තෙනි. විශේශයෙන්ම නවරාත්‍රී, රාම්නෝමි, දීවාලි ඇතුලු එකී මෙකී නොකී හින්දු ආගමික උත්සව කාලවලදී ඔවුහු සති ගණන් නිර්මාන්ශ ආහාරම ගනිති. බොහෝ ඉන්දුෆීජියානුවන්ගේ හීල සහ දිවා ආහාරය සමන්විත වන්නේ රොටී සමගින් පිළියෙල කරගන්නා එක් ව්‍යන්ජනයකිනි. රාත්‍රී ආහාරය පමනක් බොහෝවිට බත් වන අතර ඒ සදහාද පිළියෙල වන්නේ ව්‍යන්ජනයක් හෝ කලාතුරකින් දෙකකි. ඔවුහු කිසිවිටකත් පොල් කිරි භාවිතාකරමින් ව්‍යන්ජන පිසීම නොකරති. ඉතාමත් කලාතුරකින් ඉස්සන් හෝ කකුළුවන් පිසගැනීමට පොල් කිරි භාවිතා කරය්. අනෙක් සැමවිටම ඔවුන් භාවිතාකරන්නේ තෙල් ය. ෆීජි දූපත් හි පොල් සුලබව ඇතත් පිරිසිදු පොල්තෙල් නම් මිලෙන් වැඩිය. නිවෙස් වල හිදිනු ලබන පොල් තෙල් පවා සුලබ මුත් ඔවුන් වැඩිපුරම පාවිච්චි කරන්නේ එළවලු තෙල් හෝ පාම් තෙල් ය. ගස් නැග පොල් කැඩීම නොකරන අතර හොදින් පැසී ලෙල්ලටම කරුකුට්ටන්වී ගහෙන් වැටුණු පොල් අහුලා විකිනීමට ගෙනඑන නිසා වැඩිහරික්ම පොල් පැලවී පැලමදයත් එක්කම ගෙදරට ගෙන ආ හැකිය. ලන්කාවේ අපිට නම් කිරට, මිරිසට, තෙලට සහ මැල්ලුමට උයන එළවළු සහ මාලුපිණි වෙනවෙනම ඇතත් ඉන්දුෆීජියානුවන් හැමදේම පිසගන්නේ තෙලෙනි. මුරුන්ගා කොළ ඉතා ජනප්‍රිය ආහාරයක් වන අතර ඒවා පමණක් පොල් මිශ්‍රකර පිසගනිය්. නමුත් මුලින්ම කරන්නේ මුරුන්ගා කොළටික තෙලෙන් තම්බාගැනීමය්. ඉන් අනතුරුව ගාගත් පොල් කළවම් කරගනී. කොහෙන් බැලුවත් අන්තිමට උයා ඇත්තේ තෙලෙන්මය. රොටී හදද්දී අපි මෙන් ගාගත්තු පොල් මිශ්‍රකර නොගනී. පාන්පිටි මද රස්නිය වතුරෙන් අනා තුන
ී වූත් අපූරුවට රවුම්වූත් රොටී සෑදීමට ඉන්දුෆීජියානු කාන්තාවන්හට ඇත්තේ අපූරු හැකියාවකි. එයින් රොටී දෙකක් උපරිමෙන්ම සෑහේ. එහෙත් මගේ බඩජහරිකම අවසන්වීමට නම් අවමයෙන් එවන් රොටී පහක් වත් උවමනාය. විශේශ අවස්තාවකදී නම් පූරි වලට ලැබෙන්නේ වැඩි සැලකිළිය. පරිප්පු වලට ප්‍රිය මුත් පිළියෙල කරන්නෙ " පරිප්පු සුප්" ය. එය කෑමට නොව කෑම කන අතරතුර පානයකිරීමටය. සෑම ව්‍යන්ජනයක්ම පිස අවසන කොත්තමල්ලි කොළ අහුරක් නොවරදවාම එක්කරය්. ඇතැම් කාලවලදී කොත්තමල්ලි කොළ මිළෙන් වැඩිය. එනිසා මාළුපිණි වලට යෙදීමට නොහැකිවූවිට ගෘහණියන්ගේ අනේක විදිහේ මැසිවිළිය. මාගේ සමහර වෘත්තීය සගයන් කිසිවිටකත් කොත්තමල්ලි කොළ එක්කල ආහාර ගැනීමෙන් වැලකී සිටි අතර මාගේ පුත්‍රයාටද කොත්තමල්ලි කොළ අරහන් ය. ඉන්දුෆීජියානු ගෘහණියන් කෑම පිසීමට හීන්කොච්චි බහුලව යොදාගනී. වියළි මිරිස් භාවිතය අඩුය. නමුත් ඔවුනටම ආවේණික " හල්දි" ( තුනපහ) බහුලව ආහාර පිසීමට යොදාගනී. ඉතා විශාල ලෙස තිබ්බටු ව්‍යාප්තවී තිබුණත් කිසිවිටකත් තිබ්බටු ආහාරයට නොගනී. ඔවුන්ට අනුව නම් ඒව විශ සහිතය්. දිනක් මාගේ රියදුරු මහතාට තිබ්බටු පදුරක් අසලින් වාහනය නවත්වා තිබ්බටු ටිකක් කඩාගැනීමට මට උදව්කරන ලෙස ඉල්ලාසිටි අවස්තාවේ ඔහු වාහනයෙන් බැසීම පවා ප්‍රතික්ශේප කල අයුරු සිනහ උපදවන සුළුය. එහෙත් පසුදින මාගේ බලවත් පෙරැත්තනිසා ඔහු තිබ්බටු මැල්ලුම් සමග රොටි කෑ අයුරු මට මතකය. මා හිතන හැටියට ඒ ඉන්දුෆීජියානුවෙක් තිබ්බටු කෑ පළමු සහ අවසාන අවස්තාවය්. ඔවුන් කෙසෙල් මුහ ගැන දක්වන්නේද එවැනිම ආකල්පයකි. අළුකෙසෙල් ව්‍යන්ජනයක් ලෙස පිළියෙල නොකලද ඉදුනු අළුකෙසෙල් කෑමට ප්‍රියකරය්. ලාන්කීය අපේ ඉල්ලිමට පොළේ වෙළෙන්දියන් තිබ්බටු, කෙසෙළ්මුහ සහ ගොටුකොළ ගෙනඑය්. එය දෙගොල්ලොන්ටම වාසිදායකය. කීයගියත් ගොටුකොළ මිටියක්, තිබ්බටු ටිකක් මිළදීගැනීම අපේ සිරිතය. මුරුන්ගා කොළ මැල්ලුම අතිශය ජනප්‍රිය කෑමකි. ඊට අමතරව කූරතම්පලා ද නැතුවම බැරිය. හොදින් නැටිකඩා කොළ වෙන්කල මුරුන්ගා කොල සහ කූරතම්පලා විකිණෙන්නේ උණුකැවුම් මෙනි. ලන්කාවෙ අපි නාඹිරිත්ත කියන එහෙමත් නැතිනම් සමහරු ඇඹුල් පලා කියන කොළ තෙම්පරාදුවද ඔවුන්ගේ රොටියට උපරිම සාදාරණයක් කරය්. ලන්කාවේ සෑම පළාතකම පාහේ වැවෙන බොහෝ එළවලු ෆීජි දූපත් හි සුළබය. දැන්දැන් කැරට් වගාව කලත් ලික්ස්, බීට් සහ අර්තාපල් නම් තවමත් ගෙන්වන්නේ පිටරටිනි. ලීක්ස් සහ බීට් නම් අතිශය මිළ අදිකය. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ඉන්දුෆීජියානු මන්ගල උත්සවවලට පවා පිසින කොස් වලට නම් හිමිවන්නේ සුවිශේශීය ස්තානයකි. ඔවුහු අපි මෙන් පැසුණු කහපැහැති කොස් මදුළු ව්‍යන්ජනයක් ලෙස සකසන්නේ නැත. නමුත් අපේ උවමනාවට දැන් නම් පැසුණු කොස් මදුලුද ගලවා විකුනති.හොදින් පැසුණු කොස් ඇත්තෙන්ම වෙළදපලේ හිගය. එයට හේතුව නම් ලපටි අවස්තාවේදීම (පොළොස්) ගහෙන් කඩා වෙළදපොලට ගෙන ඒමය. හිමිදිරියේම දුරබැහැරින් පොළට ගෙනඑන පොළොස් මිළදීගැනීමට වෙළෙන්දන් අතර ඇත්තේ තරගයකි. උදෑසන සිටම ඔවුන්ගේ රාජකාරිය වන්නේ නොමේරූ කොස් වල ඇති " ඉරි" එකින් එක ගැලවීමය්. අපිට නම් එය කොපමන හිසරදයක් වූවත් ඉන්දුෆීජියානු කාන්තාවන්ට නම් එය හරිම ලේසි පහසු වැඩකි. එසේ ගලවනලද " කොස් ඉරි" පිගානක් ඇතැම්විටක ෆීජියානු ඩොලර් පහක පමණ මුදළකට වුව පහසුවෙන් විකිණිය හැකිය. අබ, සූදුරු, සුදුලූණු, හීන්කොච්චි එක්ක තෙල්දාපු " කොස් ඉරි" ව්‍යන්ජනයක් තියෙය් නම් මට නම් රොටී හයහතකට වුව වගකිවහැකිය. අඹ සහ මසන් වාරෙට ගෘහණියන්ගේ ලොකුම වගකීම වන්නේ අවුරුද්දකටම හරියන්ඩ අච්චාරු සාදාගැනීමය. මදක් පැසුණු අඹ හතරට පහට පලා මදක් අවුවේ වේලා ලුණු, හල්දි සහ අබතෙල් සමග මිශ්‍රකර බෝතල්වල අසුරා ඉදිරි වසර පුරාවටම ආහාරයට ගැනීමට සකසාගනී. කිසිම විටක අප මෙන් අඹ ව්‍යන්ජනයක් ලෙස සකසාඇති අවස්තාවක් දැක නැත. කුකුළුමස් සක එළුමස් ජනප්‍රිය වූවත් ඔවුන් වඩාත්ම ප්‍රියකරන්නේ බැටළුමස් ආහාරයට ගැනීමටය. බොහෝ දකුණුඉන්දීය සම්භවයක් ඇත්තන් සාම්ප්‍රදායික රසයටම තාරමස් කරිය සකසති. බැදපු තුනපහ සහ සියඹලායහමින් එක්කර හොද්ද හින්දා හදපු තාරමස් කරියකට අලගු තියන්නට වෙනත් කිසිම මස්කරියකට බැරිය. බතට මෙන්ම රොටියටද මට නම් ගැළපෙන්නේම දකුණු ඉන්දීය උරුවට හදපු තාරමස් කරියමය. ඔවුන් කිසිවිටකත් ගවමස් හෝ සූකර මාන්ශ අනුභව නොකරය්. ඔවුහු කිසිවිටකත් අප මෙන් ආහාර පිසීමට අතිවිශාල කාලයක් හෝ ශ්‍රමයක් වැය නොකරති. ඔවුන්ගේ ආහාර රටාව බොහෝ සරළය. හැම ඉවිල්ලකටම යොදාගන්නේ එකම අඩුමකුඩුම ටිකමය. නමුත් එක් එක් ආහාරයේ රස නොවෙනස්ව පවත්වාගැනීමට ඔවුහු හපණුන් ය....( ඇතැම් චායාරූපවල හිමිකම මුල් අය්තිකරුවන් සතුය) තව කොටසකින් හමුවෙමු.අධ්‍යාපනය... ගොඩක් අය ලංකාවේ දැන් තත්වෙත් එක්ක විවධ සංවර්ධිත රටවලට යන්න උත්සහා කරනවා. සමහරු ලංකාවේ ඉන්නවා කොහොමහරි ගේමක් ගහලා, සමහරු මේ රටටමයි මම යන්නේ, අනිත් රටවල් වැඩක් නැ කියන මතේ ඉන්නවා. සමහරු ලේසියෙන් යන්න පුළුවන් කියලා ඒජන්සි වලින් කියන රටවල් වලට යන්න උත්සහා කරනවා. උදාහරණයක් විදියට මේක ඇවිල්ලා අපි ඉගෙන ගෙන විභාග පාස් කරලා හොද ජොබ් එකක් කරලා ලොකු පඩියක් ගන්න පොඩි කාලේ අපේ දෙමව්පියන් හිතන් ඉන්නවා වගේ එකක් තමයි. ඔයා ඉගෙන ගන්නේ පොඩි ඉස්කෝලෙක නම් ඔයාට ශිෂ්යත්වය පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන්න ඕන. ලොකු ඉස්කෝලෙකට යන්න ලකුණු මදි උනොත් වෙන ඉස්කෝලෙකට ලකුණු අනුව යන්න වෙනවා. ඔයාට ඕලෙවෙල් , ඒලෙවෙල් විභාග වලදීත් හොඳ ලකුණු ගන්න ඕන. ඒක ඔයා කොච්චර පාඩම් කරනවද මහන්සි වෙනවද කියන එක මත විතරක් තීරණය වෙන්නේ නෑ. විශේෂයෙන් ඔයා ඉගෙන ගන්නේ ගණිත, විද්‍යාව විෂය ධාරා වලින් නම්. මම ඒ විෂයන් හයිලයිට් කරන්නේ දැනට තියෙන ක්‍රමය අනුව තරගය වැඩිම විෂයන් නිසා. ඔයාලා කියයි ලොකු ඉස්කෝල වලට යන්නේ නැතුව කැම්පස් යන අය ඕනා තරම් ඉන්නවා කියලා. ඔව් ,එත් එයාලට අමතර පන්ති යන්න වෙනවා. නැතිනම් විෂයානුබද්ධ අප්ඩේට් වෙන්න වෙනවා. මොකද , ඒලෙවෙල් වල විශේෂයෙන් සමහර ප්‍රශ්ණ පත්‍ර හදන්නේ හදන කෙනාගේ බුද්ධි මට්ටම පෙන්නන්න මිසක් දැණුම මනින්න ම නෙමෙයි. කැම්පස් එන බහුතරය ඒ නගරයේ ප්‍රධාන පෙලේ පාසල් වලින් වෙන්න හේතුවක් තියෙනවා. අපි ඒක පිළිගන්න කැමැති නැ .එහෙම නැත්නම් ඇයි දෙමව්පියන් ළමයිව ලොකු ඉස්කෝලෙකට දාන්න මහන්සි වෙන්නේ. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ පාලකයන්ට වාසි වෙන විදියට. ඕනම පාලකයෙක් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කරන්නේ නැත්තේ ඒ නිසයි. ලොකු ඉස්කෝලෙකට ගියොත් ඇදුනුම්කම් හදා ගන්න පුළුවන්, ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්. ඕබී එකට ජොයින් උනොත් තව වාසි තියෙනවා. ඒ ක්‍රමය හදලා තියෙන්නේ ඔයාටවත් මටවත් ඒක කඩාගෙන යන්න අමාරු විදියට. පුරවැසියා මෝඩයෙකු වූ විට පාලනය පහසු වෙනවා. මේක බලපාන්නේ 1948 පස්සේ විතරක් නෙමෙයි. බොහෝ කලක් තිස්සේ එහෙම තමයි වුනේ. ආච්චිලා සීයලා කියනවා අහලා නැද්ද මුගේ තාත්තා ඉස්සර අපේ වත්තේ පොල් කැඩුවේ, දැන් බලපන්කො මුන්. තවත් එකෙකු ඉගෙන ගන්නවාට අකමැති අපි, පොඩි කාලේ ඉදන් කියල දෙන්නේ තව කෙනෙකුට කියලා දෙන්න එපා, පෙන්නන්න එපා කියන ආකල්පය තමයි. ලංකාවේ ඕන තරම් බුද්ධිමතුන් හිටියා දැනුත් ඉන්නවා. එත් ආකල්ප අතින් බුද්ධිමත් පිරිස් ගොඩාක් අඩුයි. ඉපදෙන කොට අපි ඊරිසියාව අරන් එන්නේ නෑ. ටික ටික ගෙදර, පවුල් පරිසරය, සමාජය, යහළුවන්, නෑදැයින් එක්ක අපිට ඇති වෙනවා අපේ ආකල්ප පිරිහීම. අපිට තේරෙන්නේ නෑ ඒක. අධ්‍යාපනය කියන්නේ පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි. තාප්පයක් බදින්න දන්නවා නම් ඒකත් තමන් ලබපු අධ්‍යාපනයක්. යම් කිසි දෙයක් ප්‍රගුණ කල නිසා ඔළුව ඉදිමෙනවා නම් ඒකත් අධ්‍යාපනය අඩු කමක්.ලංකාවේ ඕලෙවල් විෂයන් වලට අනිවාර්යයෙන් එන්න ඕන දේවල් තමයි ප්‍රථමාධාර පුහුණව,සිවිල් නීති රීති,ලංකාවේ ව්‍යවස්ථාව හා සංයුතිය, ලිංගික අධ්‍යාපනය, ලංකාවේ දේශපාලනය. දෙයක් පරාද කරන්න නම් ඒ දේ ඉගෙනගෙන හා දැනැගෙන ඉන්න ඕන. අධ්‍යාපනය ලබන්නේ රජයේ හෝ පෞද්ගලික වේවා, සැබෑ අධ්‍යාපනයක් ලබපු පුද්ගලයා තවකෙකු ගේ අධ්‍යාපනයට බාධා කරන්නේ ද ඊරිසියා කරන්නේ ද නැත. මන්ද යත් ඔහුටත් එයින් අධ්‍යාපනයක් ලැබිය හැක. ප්‍රමිතියක් නොමැති අධ්‍යාපනයක් යනු ගඟට ඉනි කැපුවා වැනිය.එවරස්ට් බේස් කෑම්ප් තරණය - දෙවන කොටස ගුවන් ගමනක මුල්ම අද්දැකීම එයයි. ඉහල සිට බලන විට හරිත පැහැයෙන් දිස් වෙන අපේ රට කොයිතරම් ලස්සනද කියල හිතුණ. පැය තුනක පමණ ගමණකින් පස්සෙ අපි කල්කටාවට ලගා වුණා. ගුවනේදීම දැකපු විදිහට ගොඩක් ජනාකීර්ණ නගරයක්. ඒ වෙනකොට මීදුමකින් වගේ වැහිල තිබුණ. ඒ වායු දූෂණයේ ප්‍රතිඵලයක් කියල පසුව දැනගන්නට ලැබුණ. සෝනම් කියන්නෙ භූතානයේ ඉදල පේරාදෙණියෙ ඉගෙන ගන්න ආපු වෛද්‍ය ශිෂ්‍යයෙක්. ගමණ පුරාම ඔහුගේ සහයෝගය ගමනේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් උනා. ගුවන් තොටුපලේදී අප සතුව තිබූ ඩොලර් කීපයක් ඉන්දියන් රුපියල් වලට මාරු කරගත්තේ නැවත ඉංදියාවට පැමිණීමට අවශ්‍ය වියදමට ගැලපෙන විදිහට අද දවසේ අපගේ නවාතැන උනේ සෝනම්ගේ මිතුරකුගේ නිවසක්. සංජය සාවා ඔහුගේ නම. අපි ටැක්සි රථයක ඔහුගේ නවාතැන කරා ගියා. ඔහු අපි උණුසුම් අයුරින් පිළිගත්තා. දිවා ආහාරය ඔහු අප වෙනුවෙන් පිළියෙල කර තිබුණා. ඔවුන්ගේ ආගන්තුක සත්කාරය පිළිබදව කෘතවේදීව සටහන් කර තබනවා. මීළග දවසේ අප ගමන ආරම්භ කල යුතුයි. කල්කටාවේ සිට බස් රථයක අප දේශසීමාවේ සිලිගුරි නගරට කරා ගමන් කල යුතුයි. ඒ සදහා බස් රථයේ අසුන් අපි මිතුරන්ගේ උදව්වෙන් වෙන් කර ගත්තා. බස් රථයක ගියපු දිගම ගමන. දූවිලි පිරුණු නගර අතරින් අපි ගමන් කරමින් සිටියා. අපි යන්නේ කොහෙද කියන අදහස තිබුණේ සෝනම්ට විතරයි. මා හැම විටම සිටියේ කණ්ඩායමේ ආරක්ෂාව ගැන අවධියෙන්. නොදන්නා රටක අපි ගමන් කරමින් ඉන්නවා. කණ්ඩායමේ බහුතරයක් දෙනා ආධුනික සාමාජිකයන් එය මගේ හිසේ තිබූ විශාල වගකීමක්. මම සෝනම් ගැන විශ්වාසය තබා මින් පෙර දැක නොතිබූ නගර සහ ඉතා විශාල වගාවන් දිහා ආශාවෙන් බලාගෙන හිටියා. ඉතා විශාල වේල්ලක් පසු කරනවා මතකයේ තිබුණ
ා.දින දෙකක වෙහෙසකර ගමනක් අවසානයේ අපි සිලිගුරි නගරය වෙත ගමන් කරා. එතැන් සිට කිලෝමීරට 4ක් පමණ අපට යාමට සිදු උනේ ටැක්සි රථයක. දේශසීමාවේ නේපාලය පැත්තේ නගරය කාකර්වීතා. ඒ වන විට දේශසීමාවේ බොහො ලොරි රථ නවතා තිබුනා. ඒ ලොරි රථ නවතා තිබුණේ ඉතා දිගු පාලමක් මත. ඒ ඉංදියාවේ සිට පැමෙනෙන ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන බව පසුව දැනගන්නට ලැබුණා. අපි අපේ ඉතා විශාල ගමන් මළු කරපින්නාගෙන පාළම තරණය කරමින් පාගමනින් දේශ සීමාව කරා ගමන් කරා අප නේපාලයට පැමිණීමට මාස 4 කට පමණ පෙර නේපාලය මෑත ඉතිහාසයේ දරුණුම භූමිකම්පාවට මුහුණ දී තිබුණා. ඒ වන විට ඉන්දියාව සමග ඇතිවූ යම් දේශපාලනික මත ගැටුනක් නිසා නේපාලයට එන සැපයුම් ඉංදියාව විසින් අවහිර කර තිබුණා. නේපාලයේ ඉංධන අර්බුදයක් ඒ වන විට ආරම්භ වෙලා තිබුණා. නේපාලයට පැමිණීමේදී වීසා ලබාගැනීම ගැන ඇත්තටම මා සිටියේ චකිතයකින්. දේශසීමාවේ තිබූ ආගමන විගමන කාර්‍යාලය ඒ වෙනුවෙන් යම් මුදලක් අයකරන බව ප්‍රකාශ කලා. බොහෝ විට එය ඔවුන් දේශසීමාවේදී අය කරගන්නා කොමිස් මුදලක් බවත් නීත්යානුකූල අය කිරීමක් නොවන බවත් මා විශ්වාස කලා. අපි ශිෂ්‍යයන් බව සදහන් කරමින් අපි ඉල්ලීමක් සිදු කල විට ඔවුන් වැඩි වෙලාවක් නොයවා අපිට වීසා ලබා දීමට කටයුතු කලා. මගේ හිතට විශාල සහනයක් ලැබුණා නේපාල වීසා අනුමත වීම හේතුවෙන්. අපි ඔවුන්ට ස්තූති වන්ත වෙමින් කාකර්වීතා නගරය වෙත පාගමනින් ගමන් කරා. එය තරමක් ජනාකීර්ණ නගරයක්. දේශසීමාව තරණය කර නේපාලයට පිවිසෙන අය වෙනුවෙන් අවශ්‍ය සේවාවන් සැපයීමට එම නගර වැසියන් යුහුසුළු උනා. මීළග සටහනේදී නේපාලයේ කාකර්වීතා සිට කත්මන්දු දක්වා ගමන, එහිදී හමුවුණු හරිම හොද හදවත් ඇති මිතුරන් ගැන කත්මදුවලදී උන අකරතැබ්බයන් ගැන සටහන් කරන්නම් සදරුවන් 13/ 01/ 2024මේ වෙද්දි සිතුමි හිටියේ දෙක වසරෙදි හරි එක වසරේ මැදදි. අපේ ගෙදරට ආපු මුල් දවස්වල. කෑ ගහන එකේ ඉවරයක් නෑ. පොතක් පතක් අල්ලන්නෙත් නෑ. ගණන් ටිකක් කියලා දෙන්න හිතාගෙන තත්ත්වය දැනගන්න මම ප්‍රශ්නයක් ඇහුවා. බාප්පා- හරි මේක අහගන්නවා. සිතුමි - මොකක්ද? බාප්පා - ඉතිං කියනකම් ඉන්නවාකෝ. සිතුමි - ආ...හරි බාප්පා - ඔයාගේ මාමා රුපියල් 50ක් අරගෙන කඩේට යනවා. සිතුමි - අපේ මාමා ද බාප්පේ. බාප්පා - ඔව් ඔයාගේ මාමා සිතුමි - ඒ කියන්නෙ අපේ අම්මාගේ සහෝදරයෝනෙ. ඉතිං කවුද? බාප්පා - කවුද අහන්නෙ මම දැන් මාමා කියලා කිව්වේ. සිතුමි - ඉතිං...ලොකු මාමාද පොඩි මාමාද? බාප්පා - අ....හරි කවුරුහරි. සිතුමි - හරි එහෙනම් පොඩි මාමා. බාප්පා - එයා රුපියල් 50ක් අරගෙන කඩේට ගිහින් රුපියල් 20ක හඳුන්කූරු පැකට් එකක් ගන්නවා. මාමා කීයක් ඉතුරු කරගෙනද ගෙදර එන්නෙ. සිතුමි - ම්...කීයක්වත් නෑ. බාප්පා- හරි....5න් දෙකක් අඩු වුනාම කීයද? සිතුමි - 3යි.. බාප්පා- 0න් 0න් අඩු වුනාම කීයද? සිතුමි - 0යි.. බාප්පා- අඟට බින්දු තිබ්බාම අඩුකරද්දිත් බින්දුවම තමයි එන්නෙ. එහෙනම් කියන්න 50ක් අරන් ගිහින් 20ක හඳුන්කූරු පැකට් එකක් අරන් ආවාම මාමා අතේ කීයක් ඉතුරුද? සිතුමි - කීයක්වත් නෑ බාප්පේ.. බාප්පා- එහෙම වෙන්නෙ කොහොමද? සිතුමි - ඔයා දන්නෙ නෑනෙ බාප්පේ අපේ පොඩි මාමා ගැන. එයා කඩේ ගියොත් කීයක්වත් ඉතුරු කරගෙන එන්නෙත් නෑ. සල්ලි තිබ්බොත් හවසට බීලා තමයි ගෙදර එන්නෙ. ඒ උත්තරෙන් පස්සේ මම ගණන් දින නියමයක් නැතුව කල් දැම්මා. ........................................... සිතුමිලා ආවාට පස්සේ මම ටිකක් කේන්තියෙන් හිටියේ. මොකද කෑ ගැහිල්ලයි අක්කාගේ නංගිගේ ඉවරයක් නැති රංඩු හින්දා. ගේ අස්සේ ගාන්ඨාර දෙකක් තියනවා වගේ තමයි ඉතිං. වයිෆ්ගේ අම්මා තමයි ගොඩක් දවස්වලට තේ එක අරන් ආවේ. හැබැයි සිතුමි ආපු දෙවනි දවසේ දොරට තට්ටුවක් දැම්මා. සිතුමි - බාප්පේ බාප්පේ... බාප්පා- මොකද? සිතුමි - ආ....මේ තේ එක මම දොර ඇරලා හිනාවෙන්නෙ නැතුවම තේ එක ගත්තා. සිතුමි බොරු හිනාවකින් මූණ පුරවාගෙන මං දිහා බලාගෙන ඉන්නවා. බාප්පා- තෑන්ක්ස්. සිතුමි - බාප්පේ මට ප්‍රශ්නයක් තියනවා. බාප්පා- මොකක්ද? සිතුමි - ඔයා එකපාර ලොකු වුන කෙනෙක්ද? බාප්පා- ක...කවුද එහෙම කියන්නෙ. සිතුමි - පොඩි පුංචි තමයි එහෙම කියන්නෙ. බාප්පා - කවුද පොඩි පුංචි. මෙහේ ඉන්න කෙනාද? සිතුමි - නෑ නෑ එයා චූටි පුංචිනෙ. පානදුරේ ඉන්න කෙනා තමයි පොඩි පුංචි. බාප්පා - චූටි, පොඩි මොකක්ද ඒ දෙකේ වෙනස සිතුමි - චූටි කියන්නෙ චූටිම කියන එක. පොඩි කියන්නෙ ටිකක් ලොකුයි කියන එක. බාප්පා - මොකාද ඔය නම් දාන්නෙ. සිතුමි - මම තමයි...හි හි හි බාප්පා - ආ...ඒක පේනවා. දැන් මොකක්ද ඔය චූටි හරි පොඩි හරි පුංචි කියන්නෙ. සිතුමි - බාප්පා එකපාර ලොකු වුන කෙනෙක්ලු. ඒකලු බාප්පා පොඩි ළමයින්ට කැමති නැත්තේ. බාප්පා- ආ....එහෙනම් එයා හරි ඇති. සිතුමි - හෑ....ඒ කියන්නෙ බාප්පා ඉපදුනෙ අම්මා කෙනෙක්ගෙ බඩෙන් නෙමෙයිද? බාප්පා- මොකක්..! සිතුමි - නෑ ඉතිං ඔච්චර ලොකු කෙනෙක්ට අම්මා කෙනෙක්ගෙ බඩේ ඉන්න ඉඩ නෑනෙ. ආයෙත් මුහුණට බොරු හිනාවක් අරගෙන සිතුමි මගේ දිහා බලාගෙන හිටියා. එයාට පෙන්න හිනා නොවුනත් දොර වහලා දැම්මාට පස්සේ මගේ මූණෙත් තිබ්බේ හිනාවක්. ........................................................ දවසක් වයිෆුයි මායි ගමනක් ගිහින් ඇවිත් පුටු සැටියේ ඉඳගෙන ගිහින් ආපු වැඩේ ගැන කතා කර කර හිටියා. වයිෆ්ගේ අම්මා තැඹිලි ගෙඩියක් කපලා දෙන්නාටම වීදුරු දෙකකට දාලා දුන්නා. සිතුමි ඇවිත් වයිෆ් ළඟින් ඉඳගත්තා. ඊට පස්සේ කියවන්න පටන් ගත්තා. සිතුමි - ලොකු පුංචි, ඊයේ මගේ හොඳම යාළුවා නරක හීනයක් දැකලා ලොකු පුංචි- ඒ මොකක්ද? සිතුමි - අතන ඉඳන් අතෙන්ට විතර දිග ලොකු....දිග මහත නයෙක්ව. ලොකු පුංචි- එච්චර ලොකුද නයෙක්ද ඇනඩොන්ඩෙක්ද? සිතුමි - නයෙක් නයෙක් අනේ..කොච්චර ලොකු වුනත් ප යන්න තිබ්බොත් නයෙක්නෙ ලොකු පුංචි- ආ....හරි හරි ඉතිං මොකක්ද එයා දැකලා තියෙන්නෙ සිතුමි - එයාගේ කකුල නයා කාලා. ලොකූ..... තුවාලයක් හැදිලා. ලොකු පුංචි- ආ....මම හීන ගැන දන්නවා. ඒවාගෙන් කියවෙන දේවල් තියනවා සිතුමි - ඇත්තටමද? ලොකු පුංචි- ඔව්, හීනවලින් කියවෙන දෑ කියලා පොතක් මම කියවලා තියනවා සිතුමි - ආ....කියන්න එහෙනම් මොකක්ද ඒ හීනෙ තේරුම ලොකු පුංචි- ඒ හීනෙ දැකපු කෙනාට නම් කරදරයක් නෑ. හැබැයි එයාගේ හොඳම යාළුවාට නම් ඒ වගේම තුවාලයක් වෙනවා. සිතුමි - අපෝ....එහෙනම් මම හෙටම එයත් එක්ක තරහා වෙනවා. මම අන්තිම තැඹිලි උගුරු කිහිපය එකපාර බොන ගමන් හිටියේ ඒවා කටෙන් වගේම නහයෙන් එළියට ආවා. ඒ වගේම ඒ හින්දා ආපු කැස්සත් ටික වෙලාවක් යනකම් නැවතුණේ නෑ. ................................ ආයෙත් හමුවෙමු."මහත්තයා ..බෝට්ටුවේ රවුමක් යන්න පුළුවන්.උදේම නිසා වැඩි අව්ව සැරකුත් නැති නිසා මහන්සියත් අඩුයි.මේ වෙලාවේ තමයි යන්න හොඳම." ඒ මොහොතේ එතැන සිමෙන්ති පඩියක් මත හිඳගෙන සිටි අයෙක් පැවසීය.සරමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු මැදි වයසේ අයෙකි. උදෑසන වැව් හුළඟ විඳීමට පැමිණි අපට බෝට්ටු සවාරියක් යාමට කිසිදු අදහසක් නොතිබුණත් ඔහුගේ වචන ඒ ගැන කැමැත්තක් හිතේ ඇතිකිරීමට සමත් විය. බෝට්ටු සවාරියක් යන්න හම්බවෙන්නේ කලාතුරකින්.වැඩිම උනොත් හතර පස් වතාවක් ජීවිතේටම ගිහින් ඇති.නුවරළියේ ග්‍රෙගරි වැවේ, ත්‍රිකුණාමලය මුහුදේ, මාදුගඟේ වගේ විවිධ ජලාශ්‍රිත පද්ධති වල යන්න ලැබිලා තියනවා.ඔය කොහේ ගියත් අවුරුදු ගානක් පදිංචි වෙලා හිටියත් නුවර බෝගම්බර වැවේ රවුමක් නම් යන්න තවම බැරිවුනා.ඒවා හරිම අපූරු චාරිකා.වතුරට තියන බය නිසා ඔය ගියපු ගමන් ටික ගියෙත් කාගේ හරි පෙරැත්ත කිරීමකට. මුලින්ම බෝට්ටුවක චාරිකාවක් ගියේ තිස්ස වැවේ.මතක විදිහට ඒ වයස අවුරුදු දහයක් වගේ වුනු වයසෙදි.ඒ කතරගම ගියපු වාරෙකදි.ඒ ඉතින් පොඩි කාලේ දේවල්.ලොකු මතකයකුත් නැහැ.එක බෝට්ටුවක දහදෙනෙක් විතර පටවගෙන ගියා.එක්කෙනෙක්ට රුපියල් සීයයි. ඔන්න ආපහු වතාවක් කාලය මාව එතැන නතර කරලා.අවුරුදු විසි පහකට විතර කලින් පස් ගොඩැලි තිබුණු වැව් කණ්ඩිය දැන් පහසුවෙන් පයින් ගමන් කරන්න පුළුවන් පදික වේදිකා බවට පත් වෙලා. උදේ අටට විතර වැව් කණ්ඩිය දිගේ ඇවිදින්න ලැබෙන එකත් වාසනාවක්.අව්ව වැටෙන්නත් කලින්.මිරිසුයි ලුණුයි දාපු අඹ මල්ලක රස විඳින අතරතුර ඒ මැදිවියේ පුද්ගලයාගෙන් ලැබුණු යෝජනාව එතරම්ම රසවත් වේ යැයි මා එවලේ සිතුවේ නැත. "කීයක් ගන්නවද වටයක් යන්න."මම ඇසුවෙමි. "රුපියල් තුන්දාහයි මහත්තයා." "දෙදාස් පන්සීයට වගේ බැරිද වටයක් යන්න."අප ඇසුවේ තව කීයක් හෝ ගණන අඩුකරගැනීමේ අරමුණෙනි. මුලදී එයට ඔහු අකමැත්ත පළ කළත් පසුව ඊට එකඟ වූයේ දිනයේ පළමු බිස්නස් එක නැති කරගැනීමට අකමැති වූ නිසාවෙන් විය හැක. පසෙක තිබූ බූලියෙන් මෝටර් බෝට්ටුවට භූමිතෙල් දමාගත් ඔහු ආරක්ෂිත ජැකට්ටු පළඳින ලෙස අපට උපදෙස් දෙමින් අපව බෝට්ටුවට නංවා ගෙන ගමන් ඇරඹීය. "වේගෙන් යන්නද හෙමින් යන්නද" ඔහු ඇසුවේය. "හෙමින් යමු ." අපි උපදෙස් දුන්නේ නොදන්නා ජලය මත වැඩි සෙල්ලම් කිරීම නුවණට හුරු නොවන නිසාය. සෙමින් ගමන් ඇරඹූ ඔහු වැව මැද පිහිටි පත්‍ර ගහණය අඩු විශාල ගස් කීහිපයක පද්ධතියක් වෙත අපව රැගෙන ආවේය.ඔහු එතැන විනාඩි කිහිපයක් බෝට්ටුව නතර කලේ අවශ්‍ය නම් ජායාරූපයක් දෙකක් ගැනීමට ඉඩ සලසමිනි. කොකුන් හා විවිධ කුරුල්ලන්ගේ ගහණයකින් එම ශාක පද්ධතිය සැරසී තිබිණි.කුරුල්ලන්ටත් වඩා විවිධ වර්ගයේ කුරුළු කූඩු වලින් පිරුණු ගස් කුරුළු වසුරු වලින් නැහැවී තිබිණි.කුරුල්ලන් පිළිබඳ අධ්‍යයනය කරන අයෙකුට මෙය පර්යේෂණ පාරාදීසයකි. වැව් ඉවුරේ ඇති සංචාරක හෝටල් වලට මනරම් දර්ශනයකි. "අර පේන්නේ කිරි වෙහෙරද?" මං ඇසුවේ කතරගමින් කිලෝමීටර් විස්සකටත් එහා ඇති තැනකට මෙතරම් ආසන්නව එය පැහැදිලිව පෙනීමට නොහැකි බව දැන දැනය. "නැහැ.ඒ තිස්සමහාරාම දාගැබ....අර පැත්තෙන් පේන්නේ යටාල වෙහෙර.දෙබරවැව පැත්තට වෙන්න තියෙන්නේ." ඔහු පැවසුවේ විරුද්ධ දිශාවෙන් වූ තවත් වෙහෙරක කොතක් පෙන්වමිනි. ඉදිරියෙන් පෙනුණු ගොඩබිම් කොටසක් වැනි ඉතා සුන්දර මල් වලින් පිරුණු ජපන් ජබර කලාපයක් ඔස්සේ බෝට්ටුව ඇදුනේ එහි මෝ
ටරය ක්‍රියා විරහිත කරමිනි. "මේ ජරාව වඳ කරන්න බැහැ.හැබැයි හරි ලස්සනයි.බෝට්ටුවේ දැති කැඩිලා යනවා මේවට.ඒකයි මෙහෙම යන්නේ. ලෝක යුද්ධ කාලේ සුද්දෝ තමයි මේවා මෙහෙට ගෙනැල්ලා බෝ කරලා තියෙන්නේ." ඔහු පැවසුවේ මානෙල් මලකින් හා ජපන්ජබර මල් කීපයකින් එවලේ සාදාගත් මල් පොකුරක් සුන්දර හිනාවකින් අපට ලබා දෙමිනි. "මේ ගස් මැරිලද..නැත්නම් හැටිද " මං ඇසුවේ කලින් දුටු පරිදි තැනින් තැන ජපන්ජබර සහිත කොටසට එපිටින් වූ පත්‍ර රහිත ගස් කීපයක් පෙන්වමිනි. "ඔය ගස් මැරිලා කඩන් වැටිලා තියෙන්නේ.හොඳට බලන්නකෝ ඔය ගොඩක් තැන්වල ගහේ අතු වගේ අපිට පේන්නේ ගහේ මුල්." ඔහු පැවසූ දෙය සත්‍යයකි. වසර ගණනක් ගස් දරා සිටි දැවැන්ත මුල් දැන් පොලවෙන් ඉහලට මතු වී අහසට හිස් යොමා හිඳී. සමහර කඩා වැටීමට ආසන්න ගස් වල අතු රෑට රස්තියාදුවේ ගොස් පැමිණෙන වවුලන්ගෙන් පිරී ඇත. "දැන් අපි මේ වැවේ කොච්චර විතර දුරක් යනවද?" "කිලෝමීටර් තුන හමාරක විතර දුරක් යනවා.කිලෝමීටර තුනේ ඉඳන් හතක් විතර වෙනකම් වැව වටේ රවුමක් යන්න පුළුවන්.ගෙවන්න පුළුවන් ගානට පාඩු නොවෙන්න අපි පුළුවන් තරම් දුරක් එක්කගෙන යනවා." ඔහු කීවේ සිනහවක් මුහුණේ රඳවාගනිමිනි. "භූමිතෙල් ලීටර් දෙක හමාරක් තුනක් විතර යනවා පොඩි ගමනකටත්.අනික මේ බෝට්ටු නඩත්තු කරන්නත් දැන් වියදම් ගොඩක් වැඩියි." ඔහු පැවසුවේ ඌණ පූර්ණයක් සපයමිනි. "මේ බෝට්ටුව ඔයාගෙද?". "ඔව්.ඒ කාලේ නම් සමහර අය කුලියටත් මේවා අරං රස්සාව කරා.දැන්නම් හැමෝටම වගේ අයිති බෝට්ටු තියනවා." ඔහු පැවසුවේ ගමනාන්තයට පැමිණි විගස ඒ අසල තිබූ තවත් බෝට්ටු කිහිපයක් පෙන්වමිනි. "ඔයාගේ නම මොකක්ද?" "සනත්.මගේ ගෙවල් තියෙන්නේ වැවේ එහා පැත්තේ." ඔහු පැවසුවේ සම්ප්‍රදායික ඊළඟ ප්‍රශ්නයටත් පිළිතුරු දෙමිනි. "මං ඔයාගේ ෆොටෝ එකක් ගත්තට කමක් නැද්ද.?" මං ඇසුවේ ඇතැම්විට ඔහු අකමැති වේදැයි සිතමිනි. "අපෝ කමක් නැහැ ගන්න." ඔහු පැවසුවේ ඔහුගේ පුරුදු සිනහව සිනහව මුවගට නගමිනි. අපට දුන් මල් පොකුර ඔහුගේ අතට දෙමින් ජායාරූපයක් ගත්තේ මේ විනාඩි කිහිපය ගැන සටහනක් තබන්නට සිතමිනි. ගෙවුනු විනාඩි කිහිපය තුල එක් දෙයක් පැහැදිලිය.ඔවුන්ට යහමින් මුදල් ඇතිදැයි නැතිදයි නොදනිමි.ප්‍රශ්න වැඩිදැයි අඩුදැයි නොදනිමි.නමුත් ඔහු අපට වඩා සැහැල්ලුවෙන් ජීවත් වන්නේ යැයි සිතමි.එය එසේම වේවායි පතමි. නිසි තක්සේරුවක් නොලද තැන්වලට නියම තක්සේරුවක් ලබා දෙන මිනිසුන් නැතුවාම නොවේ.ගමේ විත්ති - 02 ........සියඹලා ගුලිය....... ලොකු ආච්චිගේ සුන්දර මැටි ගේ පිහිටා තිබුණේ අක්කර එක හමාරක් පමණ විශාල පොල් වත්තක් මැදය..... මිදුලේ මැද අතු විහිදාගත් රූස්ස පැණි සියඹලා ගසකි...... මසකට දෙකකට වතාවක් ඉඩමේ පොල් ටික කඩවා විකිණීමෙන්ද, සියඹලා වාරයට වැටෙන සියඹලා එකතු කර විකිණීමෙන්ද, හැඩ තියපු ගල්ලැහැ පැදුරු, වට්ටි වියා විකිණීමෙන්ද උන්දෑ ජීවිතේ සැදෑ කාලය දරු මුනුපුරණ්ට බරක් නොවී තනිව ජීවත් වූවාය......... ලොකු සීයා මළ දා සිට හතර පෝයට සේනාසනයේ සිල් සමාදන් වන ලොකු ආච්චි ගමේ කාගේත් සිත් දිනාගත් ප්‍රියමනාප තැනැත්තියක් වූවාය...... ගමේ සිදුවන මගුල් ගෙයක, මලගමක හත් දොහේ දානයක රස බොජුන් තනන්නට ඈ තරම් දක්ශ කෝකිවරියක් අහල ගම් හතක නොවීය...... ලොකු ආච්චිගේ පොල් ඉඩම අපේ කෙත්තාරාමය විය... ඉස්කෝලෙ නිවාඩුවට මේ කෙත්තාරාමයේ තරග බහුලය..... හැන්දෑවට මැටි පිලේ කොලොම්බු කැටයක වාඩිවී පදම් කල ගල්ලැහැ හෝ තුන්හිරියා පන් එකිනෙක අමුණා වට්ටියකට මුල පුරනා ලොකු ආච්චි පොල් වත්තට එකතුවන කොලු කුරුට්ටන්ට කහට කෝප්පයක්, රණවරා හෝ බෙලිමල් උගුරක් තොලගෑමට දීමට තරම් සානුකම්පිත වූවාය....... "කොල්ලනේ........ ඕක නවත්තලා වරෙව් මෙහෙ බෙලිමල් උගුරක් බීල යන්ට..." පොල් වතු ක්‍රිකට් පිටියේ පන්දු කෙලියේ යෙදී සිටින අප අමතා උන්දෑ ඉදහිට පිල්කඩට වී එසේ කියයි...... උන්දැගේ පොල් වත්තේ රබර් බෝලයක් නොරැදි පොල් කරටියක් නොවීය.... උස අඩු පොල් ගසක් නම් එකෙක් කරටියට නැග බෝලය ගනී..... ගොඩවීමට අපහසු පොල් කරටියක් නම් රබර් බෝලය පොල් ගසටම සින්න වේ........ ................................................................... ක්‍රීඩා පිටියේ කඩුල්ලට සිටුවන්නේ රංජි මාමාගේ වඩුමඩුවෙන් උස්සාගත් කැටකෑල පිටපළුවකි.... ඇලයට සිටුවා මුක්කුවක් තබන එම කඩුල්ල රබර් බෝලයකට පෙරලෙන්නේ කලාතුරකිණි.... එකිනෙකාටම ආවේණික වූ උස මහත වෙනස් වු පොල් පිති බැට් තුන හතරක්ද අප අතර වූහ...... හීං අයියා තරම් පන්දු කාරයෙක් මා මිහිපිට දැක නැත... හේ වැට මායිමේ සිට දිවවිත් විසිකරන රබර් බෝලය පොල් පිත්තේ නොවැදී ඇගේ දැවටීම තරම් අප්‍රසන්න දෙයක් තවත් නැත..... එම පන්දුව බොහෝ විට යටි බඩේ හෝ කකුල් ගාතයේ වැදීමෙන් එන රිදුමට "ඌයි" නොකියූ එකෙක් අප අතර නොවූහ.... හීං අයියාගේ පන්දුවක් ඇග දැවටුන තැන කොස් කොලයක් තරම් ප්‍රදේශයක් රතු වී ඉදිමී යයි..... එය ඒතරම් සැර පන්දුවකි... ........................................................... නිවාඩුවේ එක් ඉරිදා උදෑසනම සුපුරුදු පරිදි පොල් වතු මණ්ඩියේ තරගයකි.... මා ගම්මැද්දේ සිරිල්ගේ පිලට නොවැටී හීං අයියාගේ පිලට වැටීමට තරම් භාග්‍යසම්පන්න විය.... අල්ලාප සල්ලාපයෙනුත් එකිනෙකාගේ ඇනුම් බැනුම් පදවලිනුත් තරගය ඇදී යයි..... පන්දුව අතට ගත් හීං අයියා දිවැවිත් විසිකල පන්දුවට පියාගත් දෑසින්ම පිත්ත වැනෙව්වේ සිරිලාය.... සිරිලාගේ පොල් පිත්තේ ගැටුනු රබර් බෝලය ගුවනට මුසුවී විසිවී ගොස් හැංගුනේ උසම පොල් ගසේ කරටියේ ය.......... ඒ සෙල්ලමේ අවසානයයි........ ගමේම පොල් ගස් අත ගා ඇති පාල මාමාට උවද එම ගසට ගොඩවීමට නම් මිනිත්තු දහයක් පහලොවක් යන බැව් මට සිතුණි.......... ...................................................................... බොහෝ උන් සිරිලාට බැණ වදී...... සිරිලා ඔලුව කසමින් උන්ගේ කතා ඉවසයි.. හැන්දෑ වෙනතුරු සෙල්ලම් කිරීමට තිබූ එකම බෝලය දැන් පොල් කරටියේ සැගව ඇත........... බෝලයක් ගැනීමට තරම් මුදලක් අප අතර නැත..... හැකි උපරිමය සොයා සපයා එකතු කරගත්තත් එය බෝලයක් තියා මකන කෑල්ලක් ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ......... බාග වෙලාවට වත්තේ පොල් අතු එකතු කරනවිට ලොකු ආච්චිට හමුවන ගසකින් වැටුණු බෝලයක් වෙතත් අපට දෙන්නීය........ වැටුණු බෝලයක අයුරක් ගැන ඇසීමට ලොකු ආච්චිත් ගෙදර නැත..... උන්දෑ අමාවක දවසේ සේනාසනයේ සිල් සමාදන් වී ඇත........... බෝලයක් ගැනීමට වත්කමක් ගැන සිතක් පහල වූ මා හීං අයියා ඇමතීය...... "හීං අයියෙ....... අද අමාවක දවස, ලොකු ආච්චිත් නැති එකේ අපි සියඹලා ගහ හොලවලා පලු ටික හංදියේ කඩේට දෙමු....." බලාපොරොත්තු සහගතව මා කියූ පසු හීං අයියා සියඹලා ගස දෙස බලා සිනාසුනි...... "මේකෙ කොහෙද බං බෝලයක් ගන්ඩ තරං සියඹල තියෙන්නෙ.... ඕන්නං ගහටම පලු හැට හැත්තෑවක් ඇති...." හීං අයියා කියයි........ මාගේ පෙරැත්තයටම එම යෝජනාවට කැමති වූ හීං අයියා තව එකෙකු සමග රූස්ස සියඹලා ගසට නැග සොලවන්නට විය...... "සට සට" හඩින් බිම පතිත වන සියඹලා එකතු කිරීමට කණ්ඩායමකුත් ඒවායේ පොතු පලා රොහු ඉවත් කිරීමට කණ්ඩායමකුත් ඉබේටම පත් විය...... මිනිත්තු පහ හයක් අතු සෙලවු හීං අයියා "තවත් නම් බැරුවා බොලව්..." කියමින් යට අත්තේ සිට බිමට පැන පොතු පැලීමට එකතු විය... පොතු පලා රොහු ඉවත් කර සාදාගත් සියඹලා ගුලිය ගඩා දොඩම් ගෙඩියක් තරම් වීම කාගේත් බලාපොරොත්තු සුන්වීමට හේතු විය...... "මං බොට කීවෙ...... මේ සියඹල ගුලිය දීල රුපියල් දහයක් හම්බුනොත් තමා පුදුමෙ...." බලාපොරොත්තු සුන් වූ හීං අයියා මට නෝක්කාඩුවට මෙන් කියයි...... "හිටපියව්කො...... මම මේ ගුලිය තර කරල ගන්නකං..." නඩය දෙස බලා එසේ කියූ මා ලොකු ආච්චිගේ පිලිකණ්නේ තිබූ මෝඩ ගඩොල් බාගයක් ගෙනැවිත් ඒ වටා සියබලා බික් අලවන්නට පටන් ගත්තෙමි...... ගඩා දොඩම් ගෙඩියක් තරමට තිබූ සියඹලා ගුලිය මහ පුහුල් ගෙඩියක් තරමට පිලිවෙලට සැදූ මා කොලු රෑන දෙස බලා උපහාසාත්මක සිනහවක් පෑවෙමි........ "දැං බෝල දෙකක් ගන්න සල්ලි හොයාගත්තෑකි....." ....................................................................... ටවුමේ පවුසි මුදලාලි යනු හිත හොද අයෙකි..... තාත්තාගේ කුලුපග මිතුරෙක් වූ පවුසි මුදලාලි රතු පාට තැපැල් නයින්ටියේ නැගී ගම වටා ඇති මුං ඇට, තල, කුරක්කන්, සෝගම් සාධාරණ මුදලකට මිලට ගැනීමට පුරුදු වී අයෙකි...... කොප්පරා, සියඹලා, මී ඇට, කොහොඹ ඇට, ඉරටු පවා කිරුවේ පවුසි මුදලාලිය.... තාත්තාද හේනේ වවන සියල්ලම මිලට දුන්නේ පවුසි මුදලාලිටය..... කොතරම් කාර්‍යබහුල ගමනක් උවත් ගම මැදින් යන්නේ නම් ගෙට ගොඩවී කහට කෝප්පයක් බීමට තරම් තාත්තා හා පවුසි මුදලාලි අතර තිබූ මිතුරුදම ප්‍රභල විය......... "අඩේ..... ඉච්චි...... ශෑහෙන කාලෙකින් දැක්කෙ අප්පා.... අපෙ රත්නෙ බාශුන්නැ හෙම ශනීපෙන්ද...." මා දුටු වනම පවුසි මුදලාලි ඇසීය..... "ඔව් පවුසි මාමෙ.... අප්පච්චි හේනෙ වැඩ... .අම්ම එකතු කරපු සියඹලා වගයක් අරං ආව කිරාගන්න කියල...." පන් මල්ලෙන් එලියට හලාගත් සියඹලා ගුලිය බිම් තරාදිය උඩින් තැබූ මා පවුසි මුදලාලිගේ කිරුම් මැනුම් දෙස බලා සිටින්නට වීමි..... සියඹලා ගුලිය තරාදිය උඩම තබා මේසය වෙතට පියනැගූ හේ ඇක්සයිස් කොල කෑල්ලක බිලක් ලියා රුපියල් හැත්තෑවක් මා අත තැබීය........ "...ඉච්චි.... ගාන ඇට අටයි.... ශී ශි.. යේක කැඩිච්ච් ගානක් ශුවර්ණා නෝනට දෙන්න බැරිකමට රුපියල් දෙකක් අතෙන් දාල දුන්න කියල අම්මට කියාං ඉච්චී..." විජේපුර බලකොටුවෙහි ද්වාරය බිද දැමූ නන්දිමිත්‍ර යෝධයා වැනි ජයග්‍රාහී හැගීමකින් ඉහවහා ගිය මා ටවුමේ ඇවිද පාට තුනක රබර් බෝල තුනක්ද ඉතිරි සොච්චමට දෝසි කැටද මිලදීගෙන ලහි ලහියේ නිවසට දුවන්නට විය...... ...................................................................... "හිච්චියෝ.... උබ තමා දවසකටහරි මිනිහා..." රබර් බෝල තුනේ නැවුම් සුවද විදිමින් කොලු රෑනේ එකෙක් කියයි..... අතරමග නැවතූ තරගය නැවත පටන් ග
ති.... පාට පාට දෝසි කැටවලින් එකිනෙකාගේ කටවල් පාට වී ඇත..... මහත් වූ අභිමානයක් සිතට නංවාගත් මා සැමගේ ගෞරවයට ආදරයට පාත්‍ර වීමම එදින මා ලැබූ සුවිශාලම ජයග්‍රහණය විය...... හැන්දෑ කලුවර වැටෙනකම් නොකා නොබී පන්දු කෙලියේ නොයෙක් දස්කම් විස්කම් පෑ අප හෙට දිනයට තවත් සෙල්ලමේ බලාපොරොත්තු දිගු කොට ඒ මනරම් දිනය නිමා කරන්නට විය.... හිගුරු පදුරු අතරින් වැටුණ අඩිපාර දිගේ රිංගා ගොස් ලොකු ආච්චිගේ වැට මායිම පැන නිවස දෙසට පියනගන්නට වීමි....... "යසයි..... ගෙදර එන වෙලාව..... සෙල්ලමට වැටුනාම කෑමට බීමටවත් නිච්චියක් නෑ මේකට...." "ආං කොරහෙන් වහල කුරහං තලප.... කනවනම් කාල නාගං ගිහිං..." කුස්සි පිල්කඩේ සිට රෑ බතට කුල්ලේ වී ඇට අහුලමින් සිටි අම්මා මට සැර විය..... ...................................................................... හුරු පුරුදු මොටෝ සයිකල් සද්දයට කාමරයේ සිටි මා ගල් ගැසී ගියෙමි... ඒ පවුසි මාමාය..... "හප්පොච්චියේ......... පවුසි නානා.... කොහෙද මේ ගොම්මනේ... බෑරක් යන ගමන් මයෙ හිතේ...." පිලේ කවිච්චි පුටුවේ හිදගෙනම අප්පච්චි අසයි.... "බෑරක්........ බෑරක් නෙමෙයි.... මේ ආනව රත්නෙ බාශුන්නෑ... තමුශෙ මගෙ ගැජ යාලුවා..... තමුශෙගෙ නෝන මාත්තයට යේක කියල ඉන්නව...." පවුසි මුදලාලිගේ ගෝරණාඩුව ඇසී කුස්සියේ සිටි අම්මා දිවවිත් සාලයේ උලුඅස්සට බර වුනි..... "දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ..... මේ මොකද මුදලාලි මේ..." ඉටි කවරයක ඔතා තිබූ සියඹලා ගුලියේ මද ඈත් මෑත් කොට යටින් තිබූ ගල්ගෙඩිය අම්මාට හා අප්පච්චීට පෙන්නූ පවුසි මුදලාලි බැරූරුම් සහගත ලෙස අප්පච්චි දෙස බැලුවේය..... "හත්තිලව්වේ....... මං සියඹලා එව්වෙ නෑනෙ මුදලාලි අද..." ඒ අම්මාය...... "නැත්තෙ කොයෙද අප්පා.... නැත්තෙ කොයෙද..... යේක ඉචිචි කොලුව දවාලෙ කිරන්ට ආවෙ.... මං වැඩියෙනුත් සල්ලි දුන්න අප්පා...." පවුසි මුදලාලි නෝක්කාඩුවෙන් කියවද්දීම මිදුලට බට අම්මා කරද ගහේ අත්තක් බිදිනවා මට ඇසුණි..... "හිච්චී........ හිච්චී........ මෙහෙ වරෙන්........" ................................................................ අම්මාගේ තැලුම් පාරට හීං අයියාගේ පන්දු පරාදය.... රෑ මැදියමේ තැලුම් පාරවල ඇති වයිරම් පළු දිගේ මී තෙල් අතුල්ලන අම්මාගේ ස්නේහය පන් පැදුරේ හිදි මා හට අඩ නින්දෙන් දැනුණි......... .....ජනිදු.......නිදහස් සිතුවිලි ලෝහකරුවාණනේ...... මුදනු මා යදමින් ඉගිල යන්නට අවැසියි නිදහසේ නුබ සිසාරා..... බැඳුණු අත්තටු විහිදා මිදී කටු කැදැල්ලෙන් සොයා පෙම්බර කැදැල්ලක් යන්න අවැසියි ඉගිලී.. නුඹට පමණයි හැක්කේ මුදන්නට යදමින් කියන්නෙමි ගීයක් මිදුණු පසු නිදහසේ සරමින්..... ❤️ ✍️ අමන්දා හර්ෂණී ජයසුන්දරවැලපෙන කත විනීතා කැඩපතට එබෙන්නී මේ දසවන වරටය. සිහින් උස් පිරිපූන් සිරුරැති ඇය පාටින් තලෙලු පැහැයට වඩා මදක් අඳුරු පාටය. උරහිස තෙක් කෙටිවන සේ කැපු කෙස් වැටිය ඔසරියේ පාටට කැපෙන පාටක කටුවකින් ලිහිලට සිරකර ඇත. ඇය රුවැති කතකයැයි කීමට නොහැකි මුත් නිසැකයෙන්ම “පෙනුමැති “ යන්නෙන් හැඳින්විය හැකිය. කොතෙක් හැරුනත්, කැරකුනත්, ලංවුනත්, දුරස් වුනත් කැඩපතෙහි ඇඳි ඇගේම රුව කෙරෙහි විනීතාගේ සිතේ නොපහන් බවක් දනවයි. කැඩපතට ලංව බලන කල අවපැහැ ගැන්ව පෙරට වඩා මදක් දිගට ඇදි දසන් පෙනෙයි. එයිනුත් එකක් බොහෝ සෙයින් දුර්වර්ණය. දසන් විදා හිනැහෙන කල එය ඉතා හොඳින් පෙනේ. සතිපතා කලු පැහැ ගැන්වු මුත් කෙස් වැටියේ අතරින් පතර රිදී පැහැ කෙස් ගසක් දෙකක් පෙනෙනු වැලකිය නොහැක. "කොන්ඩෙ දවසට දෙකට ඉදෙනවද මන්දා"යි නොරිස්සුමින් සිතූ ඕ කැඩපතට එබීගෙනම ඉන් එකක් අල්ලා ඇද්දාය. ලා පාටින් වර්ණ ගැන්වු සිහින් දෙතොල් එහි පෙර වු පිරුනු බව දැන් නොපෙන්වයි. දෙතොලෙහි දැන් ඇති වියැලි ඉරිතැලුන ගතිය වර්ණ ගන්වා ඔප්නැගුවත් සැඟවිය හැකි නොවේ. "හ්ම් . . මම වයසටත් වඩා වයස පාටයි" ඇය සිතුවේ අසතුටිනි. සෑම සතියකම තම රූපය ඔප්නැංවීමට කරන්නාවු නෙක සත්කාර , ආලේපන , විලවුන් වලට දරන්නාවූ වියදම ඇයගේ පඩිපතට දැරිය නොහැකි තරම් එකක් වුවත් ඉන් ලැබී ඇති ප්‍රතිලාභය අල්ප බව ඇය දැන් දැන් සෑම දිනකම මෙසේ දුක්මුසුව ප්‍රත්‍යක්ෂ කරගනිමින් සිටීන්නී, එසේ කරනු හැර වෙනත් විකල්පයක්ද නොදක්නීය. හතලිස් දෙවැරිදි විනීතා තවමත් තනිකඩය. දරුවන් පස් දෙනෙකු ගෙන්‍ යුතු පවුලේ තෙවැන්නියය. ඇය හැර සියල්ලන් විවාහකය. සබරගමු පලාතේ වැදගත් පවුලක ඉපදී හැදී වැඩුන විනිතා ගේ නමට පෙර පසු පෙලපත් නාමයන් රැසකි. තම පවුලට තම රැකියාවට රෑපයට සහ උගත්කමට කැපෙන කෙනෙකු සමග මිස අවශේෂ කෙනෙකු සමග විවාහයක් ඈ නොපතයි. ඇගේම නැගනිය සහ අක්කන්ඩිය විවාහ වි සතුටින් වෙසෙන්නේ කුලයෙන් ඔවුන්ට නෙපෑහෙන්නෙන් සමග බව ඇගේ මතයයි. ඇයට අනුව කුලය සාර්ථක විවාහයකට අත්‍යාවශ්‍ය සාධකයක. "කරා/වන්, හකු/රන් මොන තරම් පොහොසත්, උගත් වුනත් මට නම් එපා" යි තම මවගේත් සොහොයුරියන්ගේත් මූණටම ඇය කියා දැම්මේ ගිය සතියේ කපු හාමිනේ සම්මුඛ වුන වෙලාවේය. ඉන් තම දෙසොයුරියන් මුහුණු කලුව ඇදව යනු දැක විනිතාගේ දෑස් සතුටිනි දිලිසිනි. "මේ සුමානෙ අග එන එක හරියයි. . විදුලි ඉංජිනේරුවෙක් නෙ" ඇය සතුටින් සිහි කලාය. අද විනිතාට විශේෂ දවසකි. ඇත්තටම ඇයට නොවේ ඇයගේ රැකියාස්ථානයට විශේෂ දවසකි. නව කලමණාකරණය යටතේ නවක කාර්යාල සේවකයන් තේරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ අදය. විනිතා සේවය කරනුයේ දිවයිනේ ප්‍රකට ඇඟලුම් නිෂ්පාදන ආයතනයක කාර්යාලයේ ගිණුම් අංශයේය. ඇයට ගිණුම් කටයුතු පිලිබඳ ත්‍රිතියික අධ්‍යාපනයක් නැතත් අවුරුදු ගනනක පලපුරුද්ද ඇය ඒ අංශයේ වෘත්තිකයකු කර තිබේ. ඇය සිතනා පරිදි ඇය ඒ කාර්යාලයේ ඉතා වැදගත් සේවකයෙකි. ඈ නොමැතිව එම කාර්යාලය පවත්වා යනු හැකි නොවේ. ඈ නේවාසිකව උන් කාමරයේ දොර වසා එලියට බට විනිතා උදක් ඈ පැමිනෙන තෙක් විනාඩි පහලවක් තිස්සේ නවතා උන් කාර්යාල රථයට නැගුනාය. . සම්මුඛ පරික්ෂන පටන් ගැනුනි. නෙක වයස්‍වල ස්ත්‍රි පුරුෂයන් ගෙන් කාර්යාලය පිරුනි. ඒ අතර විනිතා තම දෙපාර්තමේන්තුවට සුදුස්සන් දෑසින් විමසුවාය. එතරම් පෙනුම නොමැති , තරුන විය ඉක්මවූ, නොසැලකිලිමත් ලෙස ඇඳ පැලඳ සිටියන් ඇගේ පලමු තේරීම විය. "අපිට කන්ට්‍රෝල් කරගන්න පුලුවන් තාලෙ අය ගත්තොත් හොඳයි නේද ? බොස්ට තේරනවනෙ අපිට වඩා” කැරකෙන පුටුවෙන් අනික් පස හැරුනු විනිතා ඇගේ කලමනාකාරිනිය වු රමනිට පැවසුවාය. ඒ සමඟම අලුතින් කාර්යාලයට ඇතුල් වු තරුනිය දුටු රමනිත් විනිතාත් නිසඟයෙන් එකිනෙකා දෙස බැලූහ. මෙතෙක් සම්මුඛ පරික්ෂණයට පැමිනි සියල්ලන්ටම වඩා වෙනස් පෙනුමෙන් යුතු වු මෙ තරුනිය දෙස කාර්‍යාලයේ සිටි සියල්ලන්ම විමසිලිමත් වෙනු දක්නට ලැබුනි. කෙටියට කැපු "නොයෙලින් හොන්ටර් " විලාසිතාවේ කොන්ඩයද, සිහින් සිරුර සැරසු නවීන පන්නයේ අලු පැහැකෙටි සායට ලා රෝස මුද්‍රිත අත් දිගු බ්ලව්සයද, කෙටි සායෙන් කැපී පෙනෙන දිලිසෙන දිගු දෙපාද, අවස්ථානුකූල ලෙස ඔප්නැංවූ මුහුනද, ලා රෝස පාටින් වර්ණ ගැන්වු දෙතොලද , වටිනාකම මැනවින් පෙන්වන ඇඳුමටද ගැලපෙන පාටින් යුතු උස් අඩි පාවහන්ද අත් බෑගයද , රන්කමින් කල සිහින් ගෙල පලඳනා අත් පලඳනාවෙන්ද ඇය ඇත්තටම සාරියෙන් ඔසරියෙන් සැරසුනු අනිකුත් අයදුම්කාරියන් අතර නිසර්ගයෙන්ම කැපී පෙනුනාය. තමා වෙත හැරී ඇති විමසුම් සහගත නෙතින් පීඩාවට පත් නොවුන සේ ඇය එක එල්ලේ නොපැකිලව රමණී වෙත ගමන් කලාය. ඉතා පැහැදිලි ව්‍යක්ත ඉංග්‍රීසි බසින් රමණී ඇමතු ඇය , ඈ පැමිනියේ සම්මුඛ පරික්ෂනය සඳහා බවත් ඇගේ හමුව තව ටික වෙලාවකට පසුව යෙදෙන බවත් ආචාරශීලීව පැවසුවාය. රමණීද ඇයට අසුනක් පනවා වෙනත් අයට නොකල ලෙසින් ඇගේ ආගිය තොරතුරු විමසුවාය . ඒ අනුව ඇගේ නම නිරාෂා පෙරේරා බවත් , දහ නව හැවිරිදි බවත්, පදිංචිය රත්මලාන අවට බවත් , උසස් පෙල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අතර ගිණුම් අංශයේ පාඨමාලාවක් හදාරා ඇති මුත් රැකියාවක් කර නොමැති බවත් විනීතාත් රමණීත් දැනගත්හ. නිරාෂා දුටු පමනින් ඈ ගැන විනිතාගේ සිතේ ඇතිවුනේ තදබල අප්‍රසාදයකි. ඒ මන්දැයි ඈ තම සිතෙන් නොවිමසූ මුත් ඇගේ තරුණ පෙනුම , ශෝභනත්වය , පෞරුෂය සහ භාෂා ප්‍රාගුනත්වය ඒ අප්‍රසාදයට හේතු කාරක වු බව ඇගේ සිත ඈට ඇඟවූයේ; " ඒ මොන කෝලමක්ද , අපි ට ගැලපෙන්නේ නෑ ඒ වගේ විසුරු කොඩියක් රමණී, මෙතනට හොඳ පිලිවෙලට ඇඳ පැලඳපු මැදි වයසේ කෙනෙක් . . නේද ? " යනුවෙන් රමණීට කල රහස් කෙඳිරීමෙනි. රමණී පිටරට කාර්යලයන්හී වැඩ කර පලපුරුදු ඇත්තී ඉංගිරිසිය හොඳින් හැසිරුවාය. එනිසාම නිරාෂාගේ පෙනුමත් කතාවත් ප්‍රියකලාය. නමුත් විනිතාගේ ගති සොබාවන් හොඳින් දන්නී වචනෙන් නොව මද සිනාවකින් පමනක් ප්‍රතිචාර දැක්වුවාය. සම්මුඛ පරික්ෂණය අවසන් වන තෙක් විනිතා සිටියේ තදබල නොඉවසිල්ලකිනි. "ඒ කෙල්ල නැතිව ඕනම එකෙක් කමක් නෑ" ඇය සිතුවේ වරක් දෙවරක් නොවේ. ඇගේ පැතුම ඉටු කරමින් ගනකාධිකාරවරයා සම්මුඛ පරික්ෂණය කෙරුනු කාමරයේ දොරින් මෙදෙසට පැමිනියේ සාරියෙන් සැරසුනු තරුනියන් දෙදෙනෙකු සමඟිනි. "රමණි මෙන්න මේ දෙන්න ඔයාගෙ ටීම් එකට අපි තේරුවා. පලපුරුද්ද ඇති අය . මේ ප්‍රසාදි යනුවෙන් පෙනුමැති තරුනියකුත් මේ වත්සලා යනුවෙන් තව තරුනියකුත් දැක්වුයේය. " මේ දෙන්නා හෙට ඉඳන් වැඩ පටන් ගනී. අවශ්‍ය ලියකියවිලි සුදානම් කරල මගේ අනුමැතියට එවන්න යැයි ඉංග්‍රීසියෙන් කියමින් ප්‍රසාදිගෙත් වත්සලාගෙත් ජීව දත්ත සහ එකඟවු වැටුප් සහ කොන්දේසි රමණී අතට පත් කලේය. විනිතාගේ සතුට නිම් නැත. "හොඳ වැඩේ , කොටට ඇන්දට චීස් බීස් ගගා ඉංග්‍රීසි කතා කරාට මේ අපි කරන වැඩ හැමෝටම බෑ . සෝබනේ නෙමෙයි අපේ බොස් බලන්නෙ වැඩ වැඩ " මෙම ඇඟලුම් කම්හල රත්මලානේ පිහිටියකි. බෙලි සහ අඹ ගසින් සමන්විත අති විශාල බිමක වු විශාල කර්මාන්තශාලාවකි. කාර්යාලයද එහිම පිහිටියේය. සේවකයන් දහස් ගනනක් සේවය කරන මෙහි අයිතිකරුවන් පිටරැටියන්ය. ලොව නන්දෙසින් ගලා ආ ඇනවුම් නිසා කලමනාකාරීත්වය එහි විවිධ අංශ අලුතින් ඇරඹීමටත් දැනටමත් ක්‍රියාකාරී අංශ වලට අලුතින් සේවකයන් බඳවා ගැනීමටත් කටයුතු කරමි
න් සිටියි. විනීතා නැවතත් සම්මුඛ් පරීක්ශනය පැවැත්වෙන කාමරයේ දොර දෙස බැලුවාය.. මම හිතන්නෙ අර කෙල්ලව එතැනින්ම එලියට යවන්නැති , ඉංග්‍රිසි ටිකක් පුලුවන් උනාට මොනම පලපුරුද්දක් වත් නෑනෙ. විනීතා හිත යටින් සැනසුම් සුසුමන් හෙලුවාය. " මේ කෙල්ලට මක් වුනාද ? විනිතා රමණී ගෙන් විමසුවෙත් , සුදු ජාතික ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුමා නිරාෂා හා සිනාමුසුව කතා කරමින් සම්මුඛ පරික්ෂණය පැවැත්වූ කාමරයෙන් පිටතට පැමිනියෙත් එකවරමය. වහා අසුනින් නැගිට අධ්‍යක්ෂවරයාට ආචාර කල රමණී ඇමතූ එතුමා, “රමණී මේ නිරාෂා අපි අපේ අලුතින් අරඹන වෙළඳ සම්බන්ධීකරණ අංශයට බඳවාගන්නව. ඇය අපේ විදෙස් ගැණුම් කරුවන් සහ සැපයුම් කරුවන් සමඟ කෙලින්ම වැඩ කරමින් අවශ්‍ය නියෝග සහ තොරතුරු සරෝජා ට දේවි. නිරාෂාව ඒ තනතුරට පුහුණු කිරීම ඇගේ කලමනාකරු හැටියට රාජේශ් කරාවි. රමණී ආචාරශීලීව අධ්‍යක්ෂවරයා කියන්න අසා සිටියත් විනිතා එය අසා සිටියේ සිහිනෙන් මෙනි. . ඉංග්‍රීසියෙන් කෙරුන කතාබහ ඇයට යම් තාක් දුරට තේරුනත් ඇගේ හදවතට දැනුනේ රොඩ්ඩක් සේ විසි කර දැමීමට තැත් කල යමක් හදිසියේ තම ඇසේ වැද තැවුල් දෙන විටක මෙනි. වහා රමණී අත වු ජීව දත්ත පත ඩැහැගත් විනිතා තම අවධානය යොමු කලේ රතු පාටින් එහි සඳහන් කල නිරාෂාට ගෙවීමට එකඟවු වැටුප දෙසයි. " හත් දෙයියනේ රමණී මගෙ පඩිය වගේ දෙගුනකටත් වැඩියි , ඔයාගෙ පඩියටත් වඩා වැඩි " විනීතාට ජීවිතය ඉන් පසු වඩාත් අසීරු එකක් විය. නිරාෂා කෙරෙහි ඈ සිත තුල ඉපැදුනු තරහව,වෛරය ඈටම තේරුම් ගත නොහැකි එකක් විය. නිරාෂා සියල්ලන් සමග සැහැල්ලුවෙන් විනෝදෙන් කරන කතාව , හඬ නගා හිනැහෙන විට ඇගේ දිගු දෑස් සතුටින් පිරී හීන් වෙන් හැටි , කන පැලැඳි තෝඩු ඒ අනුව හෙලවෙන හැටි , දවසේ කොයි වෙලේත් ඈ කෙරෙන් හැමූ මන බඳවන විලවුන් සුවඳ , නිරාෂා කරන කියන සියල්ල විනීතාගේ ඉමහත් තරහවට අප්‍රසාදයට හේතු විය. සරෝජා එනම් කර්මාන්තශාලා පාලිකාව නිරාෂා අතිශයින් ප්‍රියකිරීම විනීතාගෙ තරහව තවත් වර්ධනය කරන්නක් විය. රාජේශ් හා නිතරම සිලි බිලි හඬින් ඉංග්‍රිසියෙන් කරන කතාව ඈ ද්වේෂයෙන් බලා සිටියාය. නිතර මෙහි පැමිනෙන වෙලඳ නියෝජිතයන් , විශේෂයෙන්ම තරුනයන් දැන් දැන් නිතරම පැමිනීමත් විනීතාට රිස්සුම් නොදීය. ඔවුන් නිතරම නිරාෂාට හා රාජේශ් ට තෑගි බෝග දීම කලේ වෙලඳ ප්‍රවර්ධන කාරියට පමනක් වුනත් සහ නිරාෂා සහ රාජේෂ් හැමවිටම ඒවා කාර්යාලීය සගයන් සමග බෙදා හදා ගත්තත් ,විනීතා එය දුටුවේ සම්පූර්නයෙන්ම වෙනස් ආකාරයකිනි. " අපිටත් පුලුවන් ඉතින් සිරික්කිය දාල , මායම් පෙන්නලා තෑගි බෝග ගන්න " රාජේශ් අහලක පහලක නැති හැමවිටම විනීතා නිරාෂාට පහර ගැසුවාය. වෙනෙකක් තබා කර්මාන්තශාලවේ සේවිකාවන් " අනේ අපේ චූටි මිස්, මෙන්න මිස්ටමයි ගෙනාවේ" කියමින් නිරාෂා අත කඩචෝරු , වෙරලු, අඹ වැනි දෙයක් ගුලිකොට කරන කතාවත් විනීතාගෙ ඇස් අග ඇනුන කටුවක් වැනි විය. "අපි මේ කන්තෝරුවෙ තියාගෙන හිටපු තැනත් ඉවරයි රමනි ,දැන් හැම එකාම චූටි මිස් , චූටි මිස් ගාගෙන මේක ඇතුලේ" නමුත් නිරාෂාට ලැබුන කඩචෝරුවක් රසවිඳින රමනිටවත් , රාජේශ්ටවත් ඒ වචන,ඇනුම්පද වලට උත්තර දීමට තරම් උවමනාවක් නොවූයේ ඔවුන්ද නිරාෂා ප්‍රිය කල වූවන් නිසාය. " මේ කෙල්ල හැමෝටම වශියක් කවලද කොහෙද" සිතමින් තමන් වෙත නිරාෂා දිගු කරන පලතුරක් විනීතා පිලිකෙව් කරන්නේ " මට එපා ඔය මල ජරාව" කියමිනි. විනීතා නිරතුරුවම හිත කරදරයෙන් උන්නාය , තමා අවලස්සන බවත් , අවාසනාවන්ත බවත් නිතරම ශෝකයෙන් සිහි කලාය. " මට කවුරුත් නෑ , ඇයි මට කිසිම හොඳ දෙයක් වෙන්නෙ නැත්තෙ?" විනීතා එ සති අග ගමට ගියේ තිස් දෙවන යෝජිත මනමාලයා වෙනුවෙනි. " ඔන්න පොඩි දූ මේකවත් හරි ගියොත් හොඳයි , නැත්තම් ඉතින් උඹ හැමදාම තනිකඩව හිටපන් , මටත් මේ සුමේ කරලා ඇති වෙලා හැම මාසෙම, එන බාගෙකට උඹ කැමති නෑ , ඉතිරි බාගෙ උඹට කැමති නෑ. ඔච්චර තෝරත්තම් වෙන්න එපා බං , දැන් උඹට හතලිහත් පැනලනේ , ඔය මාන්නේ දැන්වත් තියපං පැත්තකින්" අම්මා මද නොරිස්සුමෙන් කියයි. පැමිනි විදුලි ඉංජිනේරුවා ,භානුකට විනීතා බොහෝ සේ කැමති වුනාය. ඔහුගේ පෙනුම , හැඩරුව , කතාබහ, ඒ සියලටම වැඩියෙන් කුලය හා රැකියාව ඈ බලාපොරොත්තු වූ සේම විය. "මම නම් එයාට කැමති අම්මා , එයා මොකක්ද කීවෙ" " ඒ දරුවා නම් හොඳ පාටයි තමා , කපු හාමිනේ කීවෙ ලබන සුමානෙ දන්නලා එවාවිය කියලා" සති අග අවසානයේ විනීතා නැවත රැකියාවට ගියේ මහත් වූ උද්දාමයෙනි. පෙනෙන නොපෙනන තරමින් වූ මද සිනා රැල්ලක් ඇගේ මුහුනේ නිරතුරුව විය. නිරාෂා ඇගේ පෙම්වතා හා කාරයේ නැගී යනු ඈ දැක තිබේ. විනීතා නිරාෂාගේ පෙම්වතා හා තම යෝජිත මනාලයා හිතින් සන්සංදනය කලාය. " අපෝ , ඒ කොල්ල භානුකගෙ පැත්තකින්වත් තියන්න බෑ. ඕනම නම් භානුකට වඩා ටිකාක් වයසෙන් අඩු ඇති , නමුත් භානුක මොනතරම් හැඩද , උගත්ද, එ කොල්ලගේ කාරෙකට වඩා භානුකගෙ කාරෙකත් වටිනව , අලුත්ම තාලේ එකක් නේ" විනීතා දැන් දැන් පෙම් සිහින දකින්නී , කාර්‍යාලයේ සියල්ලන්ටම භානුක ගැන තොර තෝංචියක් නැතිව වර්ණනා කලාය. "දැන් විනීතා , කවදද මගුල් ගෙදර ?" සරෝජා ඇසුවේ මේ කතාව කරච්චලයක් වන පමනටම වැඩි වූ කල්හිය. " ආහ්, එයා මට කැමති කියපු ගමන්ම අපි බඳිනවා." විනීතා කිව්වේ මහත් උජාරුවෙන් උනත් , සරෝජා හා රමනි එකිනෙකා වෙත් ඇස් ඉඟිමරමින් සිනාවෙනු ඈ දුටුවේ නැත. භානුක ගෙන් පනිවිඩයක් නොමැතිව දින දින ගෙවෙද්දී විනීතා මහත් නොසුන්සුන්තාවයකට පත් වන්නට වූවාය. දිනපතා මවට කතා කරමින් " අම්මා තාම මුකුත් ආරංචියක් නැද්ද ? හත් අට වර විමසුවාය. "අනේ මේ ලමයෝ , ඔච්චර නැහෙන්න එපා , කැමතිනම් කපු හාමිනේ අපිට දැනුම් දෙයි නෙ" මව නිස්කාංසුවේ කිව් නමුත් " මේක හරි නොගියොත් නම් මෙයා මොන ගිනි විජ්ජුම්බරයක් නටයිද දන්නෙ නෑ" කියමින් ලතැවුනාය. ඒ අවාසනාවන්ත පනිවිඩය විනීතා ට ලැබුනේ සිකුරාදා හැන්දෑවේය.. " අනේ පුතේ , ඒ ලමයා කැමති නෑ කිව්වලු " මව කනගාටුවෙන් කියනු විනීතා අසා සිටියේ සිහිනෙන් මෙනි. දුරකතනය බිම දැමූ විනීතා මහ හඬින් හඩා වැටුනාය. රමනී වහා පැමින ඈ වැලඳගත්තාය. ඇගේ හැඬුම නවතනු නොහැකි තැන විනීතාව ඇගේ නවාතැනට හැරලනු හැර රමනීට කල හැකි වෙන කිසිවක් නොවීය. විනීතා ඉන් පසු එලඹුන සතියම රැකියාවට නොපැමිනියාය. තම නවාතැනට වී දිවා රෑ නොමැතිව හඬා වැටුනාය. "ඇයි මටම මෙහෙම උනේ .. ඇයි මටම මෙහෙම උනේ ? කියමින් නොනවත්වා හැඬුවාය. ඉන් පසු සඳුදා රැකියාවට පැමිනි විනීතා , වඩ වඩාත් නිරාෂා කෙරෙහි නොපහන් වූයේ , තමාට සිදුවන සියලු අයහපතට ඇය වගකිවයුතු වූ සේය. භානුක මට අකමැති උනේ මම වයස නිසා වෙන්න ඕන. එයා වගේ මිනිහෙකුට හුඟාක් අඩු වයසේ කෙල්ලෙක් උනත් කැමති වෙයි සිතන විනීතා ගේ හිතේ එක්ෂණයෙන් ඇඳෙන්නේ නිරාෂා ගෙ රුවයි . භානුක හා නිරාෂා අත් පටලාගෙන සිනාසෙමින් විනීතා දෙස ඔච්චමට මෙන් බලමින් ගමන් කරනු ඇගේ මනසේ මැවේ. මෙසේ සිතෙන වාර ගණන දිනෙන් දින වැඩිවුන තරමටම විනීතා ගේ මුහුන වඩාත් දුර්වර්ණ පෙනුමක් ගත් අතර නිරාෂා දෙස බලන හැම විටකම , හඬ ඇසෙන හැම විටකම ඇගේ දෑස් ක්‍රෝධයෙන් දිලිසුනි, නලල දෙපස නහර ඉලුප්පිනි. මෙම ආයතනයේ සුදු ජාතික අයිතිකරු නිරාෂා ව නිතර ඇගයීම කලේය. විදෙස් ගැනුම්කරුවන් එහි පැමිනෙන හැමවිටම ඔවුන් පිලි අරන් සංග්‍රහ කටයුතු කිරීමට භාර දුන්නෙද නිරාෂාටය. නිරාෂා නිසැකයෙන්ම විනීතාට සිහිනෙන්වත් ලඟා විය නොහෙන තරමට ආයතන ප්‍රධානීන්ගේ මතු නොව , සේවකාදීන්ගේ පවා සිත් දිනා ගනිමින් , ඔවුන්ගේ ආදරයද , ගෞරවයද ලැබුවාය. විනීතා මේ සියල්ල ඉතා තරහින් බලා සිට රාජේශ් කන්තෝරුවේ නොමැති හැම විටම නිරාෂාට පමනක් ඇසෙන්නට ඇනුම් පද , සමහර විට ඉතා ද්වේෂ සහගත චෝදනා පවා කලාය. "කර ලොකුවට , සාය හිරට කොටට ඇන්දම ඉතින් ඕවා කරගන්න පුලුවන්" නිරාෂා මේ සියල්ල දරා ගෙන බැල්මකින්වත් ප්‍රතිචාර නොදැක්වීම විනීතාගේ තරහව තවත් වැඩි කරවන්නට හේතු විය. මෙම කාර්‍‍යාලයේ පිලිගැනීමේ කටයුතු සහ දුරකතනයට පිලිතුරු දීම කලේ මෙතෙක් කල් රමනී විසින් වූ අතර , ඇය ආසනයේ නොමැති විටකදී රාජේශ් ඒ කාරිය භාර ගෙන තිබුනි. මේ කතා බහ සියල්ල සිදු වූයේ ඉංග්‍රිසියෙන් වූ නිසා විනීතාට දුරකතනයට පිලිතුරු නොදෙන්නැයි ආයතන ප්‍රධානීන් දන්වා තිබුනේ , දිනක් ඇය එයට පිලිතුරු දුන් ආකාරය ගැන නොපැහැදුන විදෙස් ගැනුම් කරුවෙක් ආයතන ප්‍රධානියාට ඒ ගැන කල චෝදනාවෙන් පසුවය. එම කතාව කෙසේ හෝ කර්මාන්තශාලාවේ සේවකයන් අතර පැතිර තිබුනේ " විනීත මිස් ට ඉංග්‍රිසි බැහැ " යනුවෙනි. මෙම කතාව පැතුරුවායැයි සිතා විනීතා ටික කලක් සරෝජා සමගද කතා නොකර සිටියාය. රමනී මෙන් ලස්සනට ඉංග්‍රිසියෙන් කතා කිරීම විනීතාගේ සිහිනයක් ව පැවති අතර , නිරාෂා රමනීටත් වඩා හොඳින් ඉංග්‍රිසි කතා කරනු දැකීම විනීතා ගේ හිත තව තවත් හකුලවන්නක් විය. විනීතා ගේ ඉවසීමේ සීමා පනින දවසක් ඊලඟට උදාවිය. විනීතා එදා උදේ කාර්‍යාලයට ඇතුල් වන විට , නිරාෂාගේ මේසය උඩ බැබලෙන අලුත්ම අලුත් දුරකතනය දුටුවාය. ඒ සමගම පැමිනි ඇමතුමට ,නිරාෂා ඉතා පැහැදිලිව ලස්සනට පිලිතුරු දෙනු අසා සිටියාය.. විනීතාට දැනුනේ එදා භානුක කැමති නැහැ කියා කිව් දා දැනුන හැඟීමමය. තරහවෙන් , වේදනාවෙන් , වෛරයෙන් ඇගේ සිත පිරුනි , ඒ තරහව කඳුලක් වී දෑසින් ගලනු දැනුන විනීතා , දෑස් පිසලමින් ; "මේකි මගේ ජීවිතේ විනාස කරන්න ආපු හැතිරියක් , මම මේකිව මෙතනින් චුත කරවනවා" සිතමින් දත් කූරු කෑවාය. එද කර්මාන්තශාලාවේ පඩි දවසයි. සේවකයන් දහස් ගනනකට පඩි ගෙවන මෙදා කන්තෝරුවේ සැමට වැඩ අධික දවසකි.පඩි ගෙව්වේ බැංකු ගිනුමකට නොවේ. මුදල් නෝට්ටු සහ කාසි කවරයකට දමා එක් එක් සේවකයාට වශයෙනි. සේවකයන් සේවක අංක පිලිවෙලට කතා කිරීමට , අදාල පඩි මුදල පඩි වාර්තාවෙන් බැලීමට, එ මුදල් ගනන් කිරීමට , නැවත ගනන් කොට කවරයට දැමීමට ආදී වෂයෙන් කාර්‍යාලයේ සියලු දෙනා මේ කටයුත්තට දායක වූහ. තම සිතේ උපන් පලිගැනීමේ අදහස එදාම ක්‍රියාත්මක කිරීමට සිතූ විනීතා හිස ඔසවා බැලුවාය , සියල්ලෝම කඩිසරව මුදල් ගනන් කිරීමේ , නැවත් ගනන් කිරීමේ
යෙදෙති . තමා එතැන නොමැති බව නොදැනෙන්නට වගබලාගෙන විනීතා සර්පයෙකු සේ එතැනින් හිමිහිට ඇදුනාය. කෙලින්ම ඇය ගියේ සාම්පල් කාමරයටයි , එතැනින් ඉතා අනර්ඝ ඇඟලුමක් ඔසරි පොට අස්සේ ගසා ගත්තාය , හොරෙකු සේ වට පිට බලමින් නිරාෂා ගේ මේසය තෙක් පැමිනි විනීතා සාම්පලය නිරාෂාගේ බෑගයට රිංගවූවාය. තමන් කල වීර වික්‍රමය ගැන සතුටෙන් උඩ පනින හිත තරමකට හීලෑ කරගෙන දුරකතනයෙන් ආයතනයේ ආරක්ෂක කුටිය ඇමතූ විනීතා, " ආ , ඕ අයි සී විජේසේන, අද හැමෝගෙම බෑග් චෙක් කරන්න වැඩ ඇරිලා යනකොට , මේ ඔෆිස් එකේ මිස්ලගෙත් චෙක් කරන්න විශේෂයෙන් " කීවාය. ඕ.අයි .සී විජේසේන යනු අකලට මහලු වූ මිනිහෙක් නොවේ , යුද්ධ හමුදාවේ අවුරුදු ගනණක් ඉහල නිලයක් හෙබවූ, ඉන් විශ්‍රාම ගෙන ඉක්බිති පෞද්ගලික ආරක්ෂක අංශයේ රැකියාව කල අයෙකි. මිනිසුන් නොමිනිසුන් හඳුනාගැනීමේ කලාව හොඳින් ප්‍රගුන කලැත්තෙකි. මේ ඇමතුම පැමිනියේ , විශේෂයෙන් එය විනීතාගෙන් පැමිනියේ කා ඉලක්ක කොට ගෙනද යන්න එකවිටම තේරුම් ගැනීමට තරම් පුරුදු පුහුනු කල විචාර බුද්ධියක් සතු මිනිසෙකි විජේසේන. තම දියනියක වැනිවූ හුරතල් ගති සිරිතෙන් යුතු , " විජේසේන අංකල්" යනුවෙන් තමා අමතන නිරාෂා ඉලක්ක කොට ගෙන යම් කුමන්ත්‍රන කාරී ක්‍රියාවක් සිදුවෙනු බව වටහාගත් විජේසේන වහා කාර්‍යාලයට අමතා " අහ් රමනී මැඩම් , මේ නිරාෂා මිස් හමුවෙන්න මෙන්න අර නූල් කොම්පැනියෙන් මහත්තයෙක් ඇවිත් , හදිසි කාරනාවකට " කීවේ ඈ කෙසේ හෝ මේ කරදරයෙන් ගලවා ගැනීමටය. රමනීගේ ඇනවුම මත ආරක්ෂක කුටිය වෙත පැමිනි නිරාෂාට සිදුවීම විස්තර කල විජේසේන; " මිස් වහාම බලන්න මිස් ගෙ බෑග් එක , මොනව හරි වටින දෙයක් දාල තියෙන්න පුලුවන්" කීවේය. "අනේ විජේසේන අංකල් විනීතා ටිකක් නපුරු උනාට එහෙම කරන එකක් නෑ' කීවත් විජේසේනට ස්තුති කොට ලහි ලහියේ කාර්‍යාලයට ගොස් තම බෑගය පරික්ෂා කොට විජේසේනගේ සැකය නිවැරදි බව දැන ගත්තී , නැවත එම සාම්පලය සාම්පල් කාමරයට දමා නැවතත් පඩි ගෙවන කාමරයේ මුදල් ගනන් කිරීමේ යෙදුනේ , විනීතා තමන් දෙසට හෙලන විමසුම් සහගත බැලුම් නොතකාය. විනීතා එදින හවස මහා සතුටකින් විජේසේන නිරාෂා ගේ බෑගය පරික්ෂා කරනු බලා සිටියත් , මොහතකින් ඇගේ මුහුන හුලං ගිය බැලුමක් මෙන් වූයේ එහි කිසිවක් නොමැති බව දැන ගත් මොහොතේය. වරින් වර විජේසේන දෙසත් නිරාෂා දෙසත් බැලුවත් ඔවුනොවුන් අතර සැක සහිත එක් බැල්මක්වත් හුවමාරු නොවූයෙන් දුර්මුඛ වූ විනීතා " මේ සාම්පලයට මොකද උනේ, මේකි කොහොමද මේකෙන් බේරුනේ" සිතූ නමුත් , වචනයක් වත් විජේසේනගෙන් ඒ පිලිබඳව විමසීමට මැලිවූයේ තම හොර හිත නිසාමය. නිරාෂා මේ පිලිබඳ නොදන්නා බවට විනීතාට කිසිඳු සැකයක් නොතිබුනත් , ආරක්ෂක කුටියේ සිට කෙලින්ම තමන් දෙසට එන නිරාෂා දුටු විට විනීතා ගේ හිත මදක් සලිත වුන බව නම් ඇත්තකි. විනීතා අසල නැවතී එක එල්ලේ ඇගේ දෑස් දෙස අරුත්බර බැල්මකින් බැලූ නිරාෂා , වචනයක් හෝ නොදොඩා වෑන් රථයට නැගුනාය. එතැකින්ම නිරාෂා තමන්ගේ කූඨ උපක්‍රමය පිලිබඳව දන්නා බව විනීතා වටහාගත්තාය. එම සිද්දියෙන් පසුව ගතවුන මාසයක කාලයකදී , නිරාෂා ආයතනයෙන් සමුගත්තේ වඩාත් උසස් ආයතනයක වඩාත් ඉහල තනතුරක් වෙනුවෙනි. නමුත් ඈ නොමැති අඩුව නම් ආයතනයේ සෑම මට්ටමක්ම නියෝජනය කරන සේවක සේවකාදීන්ටද දැනුනි. විනීතාට මේ අඩුව කාටත් වඩා දැනුන අතර රැකියාව ඇයට තව දුරටත් ප්‍රියජනක එකක් නොවීය .නිරාෂා ගැන කෙරෙන කතාබහකදී මග හැර යන්නට විනීතා පුරුදු වුනේ සිතට දැනෙන මහා වරදකාරී හැඟීම කඳුලක්ව දෑස් තෙත් කල නිසාය. කාලය ගතවුනේ පියාඹන වේගයෙනි . විනීතා රැකියාව කල ආයතනය අවුරුදු ගනනකට පසු වසා දමා අයිතිකරුවන් තම රටට ගියහ. එතෙක් අවිවාහකව , තවත් පෙනුමෙන් වයසටත් වඩා වයස පෙනුමකින් යුතුවූ විනීතා රැකියා බොහෝ ගනනකට ඇයදුම් කලත්, සම්මුඛ පරීක්ෂන බොහෝ ගනනකට මුහුන දුන්නත් රැකියාවක් නම් නොලද්දීය. දෙමාපියන් මිය ගිය පසුව , බාල සහෝදරයා විනීතාගෙ මහ ගෙය විකුනා පිට රට පදිංචියට ගියේ " පොඩි අක්කව අපි නැති දවසක බලාගනින්" යන දෙමාපිය ඉල්ලීමටද පිටුපාය. විවාහ යෝජනාවකදී ඇතිවුන බහින් බස් වීමක් නිසා දෙසොහොයුරින්ද විනීතා නොසලකා හැර ඇත. වැඩුමල් සහෝදරයා ඉඳහිට දුරකතන ඇමතුමක් දුන්නත් , එයද යුතුකමට මිස විනීතා කෙරෙහි වූ ආදරයකින්, අනුකම්පාවකින් නොවේ. අතේ රැඳුනු වැඩි මුදලකුදු නොමැතිව,යන්නට මහ ගෙදරකුදු නොමැතිව , නවාතැනට ගෙවන මුදලත් මහමෙරක් සේ දැනුන, සිත්තැවුල් , දොම්නස් පිරි , තමා තව දුරටත් ජීවත් විය යුතුද යන්න තමන්ගෙන්ම ප්‍රශ්ණ කරගනිමින් ගතකල මහා අසුභ කාලයක විනීතා ලද එකම සුභ පනිවිඩය වූයේ එක් ආයතනයකින් පැමිනි කැඳවුමකි. විනීතා මෙම ආයතනයේ පලමු හා දෙවන සම්මුඛ පරීක්ෂනයන්ට මුහුන දී ඇති නිසා ඇය මෙම හමුවීමට ගියේ මහත් බලාපොරොත්තු සහගතවය. ගිණුම් අංශ ප්‍රධානියා විසින් මෙහෙයවූ හමුව සාර්ථක එකක් විය. කතාබහ අවසානයේ ආයතන ප්‍රධානියා විනීතා අමතා; " මම හිතන්නේ මම විනීතාව මෙම රැකියාවට බදවා ගන්නට පෙර විශේෂයෙන් කියන්න දෙයක් තියෙනව , අපේ ආයතනයේ නීති ප්‍රතිපත්තියක් ලෙස අපි කිසිවෙක් බඳවා ගැනීමට පෙර පසුබිම් විපරුමක් කරනවා , නමුත් කනගාටුයි කියන්න අපිට විනීතා ගැන අසන්නට ලැබුනෙම අයහපත් තොරතුරු , කිසිවෙක් අපිට ඔබ ගැන කිසිම සුභදායී ගුනයක් කීවේ නෑ' විනීතා භීතියෙන් මුසපත් වුනාය " දෙවියනේ මට මේ රස්සාවත් නැති වෙයිද , අනේ එහෙම වෙන්න නම් එපා" යයි ඈ දෙවියන් යැද්දාය. විනීතා දෙස මද සිනාවකින් බැලූ අංශ ප්‍රධානියා , " කලබල වෙන්න එපා විනීතා , නමුත් කෙනෙක් ඔයාට මේ අවස්ථාව ලබල දුන්නා" එඇසූ විනීතා එතෙක් පහල නොදමා අල්ලා උන් හුස්ම හිමීන් පහල හෙලා ආසනයේ මදක් පහසුවෙන් වාඩි වුනාය. " දන්නවද නිරාෂා පෙරේරා මැඩම්ව, ඇය තමයි මෙම ආයතනයේ වෙලඳ අධ්‍යක්ශක , ඈ දුන්නා විනීතා ගැන ඉතාමත් වටිනා සහතිකයක් , ඈ කීවා විනීතා ඉතාමත් දක්ෂ, කාර්යක්ෂම ,පලපුරුදු ගිණුම් නිලධාරිණියක් බව, එවගේම ඔබව මේ රැකියාවට අනිවාර්යෙන්ම බඳවා ගත යුතු බවට නිර්දේෂ කලෙත් ඇයයි”. ඒ වචනවල බර වාවාගත නොහුනු විනීතා වහා බිම බලා ගත්තේ, රූරා වැටෙන කඳුල අංශ ප්‍රධානියා නොදකින්නටය. ----------------------------------------- නිලූ සේනාධීර. 13.01.24 (මහා චිත්‍ර ශිල්පී , පබ්ලො පිකාසෝ ගේ " වැලපෙන කත" චිත්‍රයෙනි)ප්‍රේමය හැඩ කරන කඳුළු ප්‍රේමය මේ තරම් සොඳුරු වූයේ ත් ලෝක පූජිත වූයේ ත් ප්‍ර්‍රේමයෙන් හසරැළ්ල මතුවූ නිසාම නොවේ. උතුම් ප්‍රේමය නිසා උපන් කඳුළ ඊට නිමිත්ත වූ හෙයිනි. සුඛාන්තයකින් කෙලවර වූ ප්‍රේමණීය කතාවලට වඩා දුඛාන්තයකින් කෙලවර වූ ප්‍රේම කතා ඕනෑතරම් විශ්ව සාහිත්‍ය යේ ඇත . හැටේ දශකයේ අග කරුණාසේන ජයලත් ශූරීන් ගේ ගොළු හදවත සුඛාන්තයකින් කෙළවර වී නම් කිසිසේත්ම එම කෘතිය මේ සා ජනප්‍රිය වන්නේ නැත . රෝමියෝ ජුලියට් ලාද එසේය . මෙහිදී බොහෝ නවකතා කරුවන් උනන්දු වී ඇත්තේ ප්‍රේමයේ කඳුළ පරාජිත පෙම්වතා ගේ දෑසේ තැවරීමටය. බොහෝ ගේය පද රවකයන්ද එසේය . කවියන්ද එසේය . එහෙත් යථාර්ථය කුමක්දැයි කිසිවෙකු නොදනී. ගැහැණුන් පවසන්නේ පිරිමින් චපල බවය. පිරිමින් පවසන්නේ ගැහැණුන් චපල බවය . එහෙත් මේ කොයි කවරුත් සැබෑවටම එකිනෙකාට ආදරය කලේ නම් ප්‍රේමය කිසිදාක පරාජය කල නොහැකි ය. ඇතැම් විට කිසිම කායික සබඳතා වක් පවා නැති ව දෙදෙනාම වෙන්වී ගියද ඔවුන් දෙදෙනා තුළම ප්‍රේමය ජීවිත කාලයක් පුරාවට ඇවිලෙමින් තිබීම සැබෑ ප්‍රේමයේ ස්වභාවය යි. "කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී." යැයි සුනිල් ආරියරත්න යන්ට ලියැවෙන්නේ ඒනිසාය. නොනිවී දැළ්වුන ප්‍රේමය එසේය . ප්‍රේමය නිසා උපදින කඳු ළ ප්‍රේමණීයවේ. කඳුළ දුක දියකර හරී. ඒ නිසා සැබෑ වූ ප්‍රේම වන්තයා හෝ ප්‍රේම වන්තිය තුල වෛර යට ඉඩක් නැත . ගැලනිගමදී මෙන් බෙල්ල කපන්නේ නැත . ප්‍රේමය නිසා කඳුළු උපදින්නේ පෙර දා ප්‍රේමය මැවූ සතුට විරහ වේදනාවට පෙරලීම නිසාය . සැබෑ ආදරය හෝ ප්‍රේමය නිසා උපදින විරහව අසීමිත ව ලෝකය ලස්සන කොට තිබේ . මේ විරහවේදනාව සංවේදී හදවත් කලාගාර බවට පත්කෙරේ. ඉන් උපදින කලා නිර්මාණ අතීශයින්ම විරල ගණයේ සතුටක් අවශේෂ ජන සමූහයා තුල ඇතිකරනු පෙනේ. විරහ ගීත සාහිත්‍යය මිනිසා තුල ඇති කල කම්පනය සුළුපටු නොවේ . මා ඉතා කුඩා කාලයේ, තුනේ පංති යේදී වූ සිද්ධියක් මට තාම මතකය . සාමාන්‍ය යෙන් පාසැල ඇරී ගෙදර එනවිට අල්ලපු ගෙදර නැන්දලාගේ ගෙදර ට මා ඉදහිට ගොඩවීම සිරිතකි. මේ කියූ දා එසේ ගොඩවූ විට එහි සිටි අපේ අක්කා කෙනෙක් ගෘන්ඩික් වර්ගයේ වූ රේඩියෝ ව දෑතින්ම බදාගෙන ඒ මත හිසද තබා ගෙන මහ හඩින් ඉකිගසමින් හඩනු දුටුවෙමි. මට කිසිවක් තේරුණේ නැත . ඒ මොහොතේ ගුවන් විදුලියෙන් සද්දෙට ඇසුනු ගීතය මට හොඳ ට මතකය . ඒ "ගැටවරයෝ" චිත්‍ර පටියේ නන්දා මාලනිය ගැයූ "සීන හතක් මැද විමනක් තිබුනැයි " යන ශෝකී විරහ ගීතය යි. පසු කලෙක මා " ගැටවරයෝ"චිත්‍රපටිය නැරැඹීමට ගියදාක එහි අතීශයින්මැ අහිංසක චරිතය ක් රගපෑ සෝබනී අමරසිංහ නිළිය හඩමින් ඒ ගීතය ට පණ පොවද්දී මටද හැඩුනා මතකය . එදා අපේ නැදෑ අක්කා ඉකි ගසමින් අඩපු කාරණා ව මට හරියටම තේරුම් ගිය දවසය. අති විශිෂ්ඨ ගේය පද රචකයෙකු වූ ආචාර්ය අජන්තා රණසිංහ ශූරීන් ගේ දියණිය වරෙක සිය පියාණන්ගේ මේ ප්‍රතිභාව ගැන සදහන් කරමින් ඇගේ කෘතවේදිත්වය පළකලේ සිය පියාණන්ට අප්‍රමාණ වූ විරහ වේදනාව ක් උරුම කොට දුන් ඔහුගේ ප්‍රථම ප්‍රේමය ටය. ඒ විරහව අජන්තා රණසිංහ යන්ගේ නොසිදුනු ගී උල්පතයි. කුරාකූඹි මිනිසා ට ද අවසාන යට කීමට ඇත්තේ ද එබදු සුන්දර කතාවක් ය. විරහව මැවුම්ක
රුවෙකු වැනිය . නැවුම් සිතිවිලි සුන්බුන් අතරින් මතුකොට විවිධාකාර රූරටා මවන්නේද ඒ විරහවමැයි. එලෙස මා ලියූ කවියක් නිසා මා ලද අමිල තිළිණ ය මගේ සුධර්මාය.😃😃 කුරාකූඹි මිනිසා . .මගේ අප්පච්චී හැත්තෑවේ දශකයේ වැඩ කරේ මහනුවර දිස්ත්‍රික් ඉන්ජිනේරුවා විදියට ගොඩනැලි සන්ස්ථාවේ. එතුමාගේ අසනීප තත්වේ හින්ඳා කලින්ම රිටයර් වුනා. ඒ රිටායර් වෙලා ගොඩනැගිලි, පාරවල් වගේ කොන්ත්‍රාත් කරන්න ගත්තා. 'ලාබෙට වඩා මගේ නම වටිනවා' කියන අදහස් තිබ්බ මිනිස්සු. අප්පච්චි ඔය තඹුත්තේගම පැත්තෙ කැලයක් එලි කරන කොන්ත්‍රාත් එකක් ගත්තා. අම්මා වලි දැම්මා ඒ මොකද එච්චර ඈත පැත්තක මෙන්න මෙහෙ මෙච්චර වැඩ එද්දි කියලා. අප්පච්චිත් ඉතින් කැලෑවට ආස මනුස්සයනේ. ඒකම තමා ඒ වගේ දුෂ්කර දෙයක් ගත්තෙ කියලා මගෙ අයිය කියනවා. ඉතින් ඔය කාලේ, ඒ කියන්නේ හැත්තෑවේ අග, අසූවෙ මුල වගේ කාලේ මම පොඩි එකා. වයස දොලහ දහතුනේ ගැටයා. තඹුත්තේගම කැලෑවට අද්දර ලොකු වාඩියක් ගැහුවා. හොඳට වැඩ කරතෑකි මිනිස්සු දහයක් විතර නුවරින් ගිහින් දැන් ඒ වාඩියේ. අප්පච්චි ගියාම නිදා ගන්න වාඩියේ වෙනම කාමරයක් තිබ්බා. මුලු වාඩියෙම ඇතුල් සහ පිටත බිත්ති පොල් අතු වලින්. රීප්ප හරහට දිගට ගහපු ස්ට්‍රක්චර් එකේ වියපු පොල් අතු වලින් ශක්තිමත්ව හදල තිබ්බේ. 'එක්සකටිවු' කාමරෙත් ඉතින් පොල් අතු වලින්ම තමා වෙන් කරල තිබ්බේ. ඒකෙ පොඩි මේසයක්, පොතක් එහෙමත් තිබ්බා. ඒ කාමරේට ඉදිරියෙන් තිබ්බේ වාඩිය ඇතුලෙම තිබ්බ ලිප් දෙක. කුස්සියයි, කාමරෙයි ඇරුනම අනිත් මුලු කෑල්ලම සාලාව වගේ. ඒ සාලාවේ ලොකු මැස්සක් තිබ්බ මිනිස්සු පහලොවකට වුනත් නිදා ගන්න ඉඩ තියන. ඒ මැස්ස පොලොවෙ ඉඳන් අඩි දෙකක් විතර උසයි. ඒ මැස්සට උඩින් වහෙල කිට්ටුවම තව පොඩි මැසි දෙකක් තිබ්බා දෙන්නෙකුට නිදා ගන්න පුලුවන්. මමයි, අයියයි නිදා ගත්තේ ඔය දෙකේ. අප්පච්චි කාමරේ. ලොකු මහත්තයා වුනාට හෝටල් වල හිටපු කාලයක් නෙවෙයි ඒ. ඒ මැසි පුවක් රීප්ප වලින් හදල තිබ්බේ. ඒවට උඩින් පැදුරු දාලා. ඒ පැදුරු මට හිතෙන විදියට අවුරුදු දෙකකින්ම පහලට ඇරන් නෑ! නොකඩවාම සේවයේ යෙදුනු පැදුරු! පොරව ගන්න තිබ්බ ෂීට් සහ ඔලුව තියන්න තිබ්බ කොට්ටත් ඒ වගේම නොකඩවාම දීර්ඝ සේවයේ යෙදුනු ඒවා. මේක කියවන බවලතුන්ගෙ මූන මට දැන් පේනවා. කැලෑවට ගියාම මට ඔය කිසි දේක ගානක් නෑ. නිකන් මහ පොලොවෙත් නිදල තියනවා මම. සමහර වීක් එන්ඩ්ස් වල විතරයි අප්පච්චියි අයියයි ගියේ. මමත් මුලු රෑම හරි ඇහැරිලා ඉඳලා කාරෙකට බලෙන්ම නැගලා ඉන්නවා ඒ යන දවසට. අම්මගේ බලවත් විරෝධය මැද අප්පච්චි මාවත් එක්ක යනවා. ඔන්න පුකෙන් යන වැඩක් වෙලා දවසක් අපි නැති අතරේ. ඔය වාඩිය තිබ්බේ කැලෑව අද්දරනේ. ඒ වාඩිය ලඟම පොඩි ගෙයක් දෙකක් තිබ්බා. වාඩිය ලඟම ගෙදර හරක් පැටියව කොටියෙක් ඇදන් ගිහිල්ලා දවසක්! ඒ කියන්නේ කොටියා කැලෑවේ එලි කරපු මීටර් සීයක් විතර එලි මහනේ ඇවිත්, වාඩිය ලඟින්ම ගිහින් හරකව අල්ලලා තියෙන්නේ. උනු උනු කොටි අඩි වාඩිය ඉස්සරහම. දැන් මේ වාඩියේ ඉන්නේ අලි කොටි ඉන්න කැලෑ දැකපු උන් නෙවෙයිනේ. නුවර උන්නේ. ඉතින් ඒ මිනිස්සු අම්බානෙක බය වෙලා. උඹල දන්නවනේ ඉතින් ලන්කාවේ සිරිත්. පොඩි දෙයක් වුනත් ආයෙ කතා හැට හුට හමාරක් හදනවනේ. දැන් ගමේම කතාව මේකා මිනී කන කොටියෙක් කියලා!! කාපු මිනියකුත් නෑ නමුත් අපිට එහෙම දේවල් පුලුවන්නේ. දැන් ඔය බුදු වුනා කියලා එකෙක් වැඩියෙ ලිමොසින් එකක. ඒවත් විශ්වාස කරන මිනිස්සු ඉන්න එකේ හරකව මැරුව කොටිය මිනී කන්නෙක් කරන එක කජ්ජක් නෙවෙයිනෙ ආයුබෝවන්ඩ. ඔන්න දැන් වාඩියේ කස්ටිය රෑට දොට්ට පිලටවත් යන් නැල්ලු. හය හත වෙනකොට වාඩියේ දොර වහන් ගෙට වෙච්ච ගෑනු ලමයි වගේ ඉන්නවලු. තමන්ගෙ කැත්තත් ලඟ තියාගෙන නිදන්නෙ. අම්මප කොටිය ආවනන් දෙතුන් දෙනෙක් මැරුම් කන්නේ කැති පාරවල් වැදිලා ෂුවර්! ඕන් ඔහොම බයෙන් ඉන්න දවසක දැන් රෑ තුනට විතර ඇති. කස්ටිය හොඳටම නිදි. අර උඩු මැස්සෙ ඉන්න සුනිල්ට පොඩි බර බරස් සද්දයක් ඇහිල ඇහැරිලා. උගෙ මූනට අඩි තුනක් විතර උඩින් තමා පොල් අතු වහලේ. යාන්තන් එලිය විහිදෙන ලන්තෑරුම් එලියෙන් මූ දැක්කෙ මොකක්ද?? කොටියා? නෑ බන්. පොඩි සර්පයෙක් අර වහලෙ රීප්පෙ දිගේ ඇදෙන එක. හරියටම උගෙ මූන උඩින්! එදා මෙදා තුර ලෝක ඉතිහාසේ හයියෙන්ම කියපු හූවක් එක්ක සුනිලයා පැන්නා පහල මැස්සට. ඒ යටිගිරි හූවෙන් කොටි හීන මවමින් හිටපු හැමෝම ඉද්ද ගැහුව වගේ ඇහැරුනා. සුනිලයා පැන්නේ වීරෙගෙ ඇඟට. 'කොටියා..හ්' ගාගෙන වීරෙ පැන්නා මැස්සෙන් පහලට. කොටියගෙ නම කිව්ව ගමන් එකෙක් දුවලා කාමරේට. කාමරේ එකා දුවන් ඇවිත් එලියට. දෙන්න එකාට එකා හැප්පිලා දෙන්නම ලිපේ! තරබාරුම එකා මැස්ස යටට බඩ ගාන්න ගිහින් උගෙ කෙන්ඩ පෙරලිලා. ඌ 'කෙන්ඩා..හ්' ගාගෙනම රින්ගලා අස්සට. මොලේ තිබ්බ එකෙක් ලාම්පු පත්තු කරලා. ආපු කොටියෙක් නෑ. සුනිලයා ගොත ගහමින් කියලා 'ය.. යකෝ ස.. සර්පයෙක් ආවෙ' කියලා. ලිපට වැටුනු එකෙක් මූනෙ අලු ගාගෙන අර හිනා වෙන සෙට් එක ඉස්සරහට ඇවිත්. විකට ඇඳුම් තරෙඟෙක නත්තල් සීය වගේ. උන් දැන් බඩ අල්ලන් හිනා වෙලා. ඔය අතරේ එකෙක් නෝටිස් කරලා වාතා කියන එකා නෑ කියලා. වාතා නිදන් හිටියේ මැස්ස අද්දරම. 'අඩේ..හ් කෝ වාතා' කිය කිය දැන් උන් හොයලා. ලාම්පු එලියෙන් එකෙක් දැකලා පොල් අතු බිත්තියේ අඩි හතරෙ තුනේ විතර හිලක්!! ඒ හිල ලඟම වාතගෙ දීර්ඝ සේවා සරමත් තිබිලා!! අම්මා සාන්ත වාතා බිත්තියේ හිලක් හදන්ම දුවල යකෝ අර කාටූන්වල බිත්ති කඩාන දුවන එකෙක් වගේ! දැන් කස්ටිය ටෝච්, කැති, මන්න ඇරන් එලියට දුවලා වාත හොයාගෙන. ඇයි ඉතින් මේ යෝදයා කැලේට දිව්වොත් මේ මහ රෑ අලි කොටින්ට බයිට් වෙනවනේ. 'වාතා වාතා' ගගා මුන් කෑ ගහලා. 'ඒයි.. මේ..හ්' ගාලා පොඩි සද්දයක් ඇහෙනවලු වාඩියට මීටර් විස්සක් විතර ඈතින් තිබ්බ ටොයිලට් එකෙන්. 'හේතුපාල මල්ලියෝ, මගේ සරම ගෙනෙන්' කියනවලු වාතා ටොයිලට් එක අස්සෙ ඉඳන්!!.. ඔවැනි රස කතා එමටයි ඒ වාඩියේ...✡️✡️✡️✡️ නිමේෂයක අතරමංව ✡️✡️✡️✡️ වෙහෙසකර රාජකාරි දිනයක අවසානයේ බර සුසුමක් හෙලූ මා ආයතනයෙන් බැහැරට ගියේ මටම නොතේරෙන ගැබුරු කල්පනාවක නිග්මන්වයි. කාර්‍යාල බෑගය කිහිල්ලේ ගසාගත් මා තැබෑරුම වෙත් පිය නැගුවේ හෙට දිනය නිවාඩු දිනයක් බැවින් මත්පැන් කාලක් බෑගය තුලට දමාගැනීමටයි. වෙනදාටනම් සති අන්තය සදහා බාගයක් මිලදීගත්තද මිල ඉහල යෑම නිසා කාලකින් සිත සනසාගැනීමට සිදූවී ඇත. කාලේ කුප්පියක් බෑගයට ඔබාගත් මා රුපියල් පනහක කඩලද රැගෙන එයද බෑගයට ඔබා ගතිමි. ඉන් පසු බිරිද විසින් ලබා දී තිබූ ලැයිස්තුවේ භාන්ඩද සියල්ල මිලදීගත් මා බස් නැවතුම වෙතට පැමිනියේ දහදියෙන් පෙගී ගොසිනි. මිනිත්තු පහලොවක් පමන බස් නැවතුමේ රැදී සිටි මා අත් ඔරලෝසුව වෙත දෑස යොමන විට එහි 05:45 ලෙස සටහන්ව තිබුනු අතර මා හට සැනසුම් සුසුමක් හෙලුනේ ඈතින් පැමිනෙන බස් රථය දුටු විටයි. වෙනදා මෙන්ම බස් රථය මගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. පාපුවරුවේද පයක් තබාගැනීමට ඉඩක් නොමැති තරමට පිරීගොස් තිබුනද මා දිවගොස් පාපුවරුවේ එල්ලී ගත්තේ නැවත පැමිනෙන බස් රථයද මෙයට නොදෙවෙනි නොවන බව දන්නා නිසාය. බොහොම අමාරුවෙන් එක පයක් තබා අත සෙනග අතරින් රිංගවා අහුවුනු යමක් අල්ලා මට පැමිනීමට හැකිවූයේ මිනිත්තු කිහිපයක් පමනි. මගේ පය ලිස්සා මා බස්‍ රථයෙන් විසිවීයනු මට දැනිනි. එහෙත් එක වරම ඇතුලත සිටි අයෙක් මා අල්ලාගත් නිසා මගේ ජීවිතය බේරුනු බව මට හැගී ගියෙන් මා නැවතත් සුසුමක් හෙලුවෙමි. වෙනදාට වඩා ඉක්මනින් ගමනාන්තය වෙත පැමිනි බවක් හැගුනෙන් බසයෙන් බට මා ඔරලෝසුව දෙස බැලුවද එහි කටු 05:50 න් නතරව ඇති බව මට දැක ගැනීමට හැකිවීය. පසුගිය මාස තුනට දෙවතාවක් බැටරි මාරු කල ඔරලෝසුව නැවතත් නතරව ඇති නිසා මගේ සිතේ යම් කෝපයක්ද හට ගැනුනද එය අමතක කොට මා ගුරු පාර දිගේ ඇදුනේ සිරුරට මහත් වෙහෙසක් දැනුනු නිසාවෙනි. ගේට්ටුව ඇර තිබූ අතර නිවසේ පහන් දැල්වී තිබුනි. ඉස්තෝප්පුව වෙත ඇදුනු මා බෑග දෙක කනප්පුව මත තබා පැරනි හාන්සිපුටුවේ මදක් ඇලවුනේ ඇදුම් දෙන කොන්ද සහ දෙපා වලට සහනයක් දීමේ අරමුනිනි. " කාන්තී...... අනේ මට වතුර එකක් ගෙනත් දෙන්න...." යැයි නිවස තුලට හිස යොමා හඩගා සිටි මා නැවත හාන්සිවී දෑස් මදක් පියා ගතිමි. ටික මොහොතකට පසු මා දෑස් විවර කොට බැලුවේ ඉතා කලබලයෙන් නිවසින් පිටව යන කාන්තී සහ දරු දෙදෙනාගේ හඩටයි. වතුර වීදුරුවක් රැගෙන නොආ ඔවුන් මා දෙස නොබලාම පිටව ගියෝය. ඔවුන් යන්නේ කොහිදැයි මා විමසුවද එයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඔවුන් ඉතා ඉක්මනින් ගේට්ටුවෙන් ද ඉවතට ගොස් තිබුනු. මා නැවතත් දෑස් පියාගත්තේ දැනුනු අධික වෙහෙස නිසාවෙන්මයි. මා කෙතරම් වේලාවක් හාන්සි පුටුවේ සිටියේදැයි නොදනිමි. මා දෑස් හැර බලන විට පසුදින දහවලද උදාවී ඇතිබව මට හැගුනේ මුහුනට වැටුනු දැඩි හිරු රශ්මිය නිසාවෙනි. දෑස් අවට සිසාරා බලනවිට නිවස හා ගෙමිදුල පුරා පිරිසක් රැස්වී සිටිනු දුටු මාද කලබලවීමි. කාන්තී.... කාන්තී යැයි බිරිදට හඩගසමිනි මා නිවස තුලට ඉක්මනින් රිංගාගත්තේ සිදුවන්නෙ කුමක්දැයි සිතා ගැනීමට තරම් මගේ මනස නිරවුල්ව නොතිබූ නිසාවෙනි. නිවස තුල බඩු භාන්ඩ සියල්ල තැන් තැන් වලට අහුරා තිබූ අතර සාලය මැද ඉඩක් ඉතුරු කොට තිබුනි. අසල්වාසීන් හා ඥාතීන් කීප දෙනෙක්ම මා අසලින් ඔබ මොබ ඇවිද ගියද ඔවුන් කිසිවෙකු මා ගනනකට නොගත් අතර මාගේ ප්‍රශ්න කිසිවකට ඔවුන් පිලිතුරක් දීමට නොනැවතී ඔවුන්ගේ කාර්‍යයන්හීම නිරතව සිටියෝය. නිවස තුල සිටි සියල්ලන්ම වාගේ එකවරම නිවසින් එලියට ඇදෙන බවක් හැගුනෙන් මාද ඔවුන් පසුපස පියමැන්නේ අනිච්චානුගවමයි. මිදුල මැද අවමංගල රථයක් නතරව තිබුනු අතර ගමේ තරුනයි කීප දෙනෙකු විසින් එයින් ඉවතට ගත් මිනී පෙට්ටියක් සාලය මැද සකසා තිබූ ඉඩෙහි සීරුවෙන් තබන ලදී. උඩුවියන් ඇත්දල යුගලය හා පහන් ද එකිනෙක ඒ වටා පිලියෙල කෙරුනු අතර වටා රැස්ව සිටි කිහිපදෙනා අතරට මාද එක්වීමි. අවමංගල ආයතනයෙන් පැමිනුනු පුද්ගලයායැයි හැගුනු පුද්ගලයෙකු විසින් සීරුවට අවමංගල දෙන විවර කරන්නට යෙදුනු අතර මා පිරිස අතරින් හිස ඒ
දෙසට යොමු කලේ කුතුහලයෙනි. මාගේ සිරුර එක්වරම සිහින් හිරියකින් වෙලී ගියේ දෙනෙහි නිදාසිටින පුද්ගලයාගේ රුව දැකීමෙනි. සුදු කමිසයකින් හා කලු කලිසමකින් සරසා අත් හා පා මේස් දමා දෙපාගැලි ගැට ගසා වැතිරී සිටි ඔහුගේ හිස පෙදෙස පුලුන් ආවරනයක් යොදා සකසා තුබුනි. මුහුනෙහිද තුවාල සලකුනු සහිතව සුදුමැලිව ගොස් තිබුනද ඒ සිටින්නේ මා බැව් හදුනා ගැනීමට මට අපහසු නොවුනි. බිරිද හා දරු දෙදෙනා එක වරම මහා හඩින් විලාප දෙමින් අවමංගල දෙන වෙත ඇදෙනු දුටු මාගේ සිත කීරී ගැසෙන තරමේ වේදනාවකින් වෙලී ගියෙන් මා සෙමින් එතැනින් ඉවත්ව නැවතත් ඉස්තෝප්පුවේ හාන්සි පුටුව වෙත පැමිනි ඇලවී දෑස් පියාගතිමි. දැස් පියාගත් මා හට කාර්‍යාලයෙන් බැහැර වූ තැන් සිට සිදුවූ සියල්ල එකිනෙක චිත්‍රපටයක මෙන් දෑස් ඉදිරියේ මැවෙන්නටවිනි. බස් රථයෙන් විසිව ගිය මාගේ හිස තාර පොලොව මත වැදෙනු මට දැනුනේ කුලුගෙඩි පහරක් මෙන් ආවේගයකිනි. එකෙනෙහිම මා සිරුර සැහැල්ලුව ගිය අතර බස් රථයෙන් බට සෙනග මා වටකරගන්න්නා අයුරු බොදව යමින් තිබූ දෙනෙතට යන්තමින් මතකය. ගෙවීගිය කාලය පිලිබද නිශ්චිත හැගීමක් නොවූ මා හාන්සි පුටුවෙන් නැගිට ගත්තේ යමෙකු මා සොලවන බවක් දැනුනු නිසාවෙනි. මාගේ දස හැවිරිදි සුරතල් දියනිය මාව සොලවමින් අවදි කිරීමට උත්සහ ගෙන තිබුනි. " තාත්තිට මහන්සියට හාන්සි පුටුවෙම නින්ද ගිහින් නේද .... මේ අම්මි ගෙනාපු තේ එකත් නිවිල...... දැන් හතත් පහුවෙලා තාත්තා ඇග සෝදන් එන්න අම්මි අද රොටී හදන්නෙ තාත්ති ආසයිනෙ රොටී කන්න....." ඇගේ සුරතල් මිහිරි හඩ මාගේ දෙසවන් පුරාවා හදවතටම ගලාගොස් නැවතුනේ මාගේ දෑස් තෙත් කරමිනි. ඇයව ලගට ගත් මා ඇගේ හිස දැඩිව පපුවට තද කරගත් මා ඇගේ හිසට උනුසුම් හාදුවක් දුන්නෙ උනුසුම් කදුලු කැට කිහිපයකින්ද ඇගේ සියුමැලි හිස තෙමාදමමිනි.බැනරයක මරණ පොඩ්ඩේ සීයා නැති උනේ හරියටම අවුරුදු අසූ පහකින් මට අද වගේ මතකයි ඒ වෙලාවේ ලග හිටියේ මම නිසා මැරිලා මල් ශාලාවටත් දාලා තමයි මම ගෙදරට පණිවුඩය දුන්නේ මාත් දවස් කිහිපයක්ම රෝහලේ හිටපු නිසා මල් ශාලාවට පස්සේ යනවා කියලා ගෙදර ඇවිත් නා ගන්නකොටම චුට්ටේ සීයා ආවා පොඩ්ඩේ සීයායි චුට්ටේ සීයායි කියන්නේ නිවුන්නු මොනා උනත් චුට්ටේ සීයා හෙනම අවුලෙන් හිටියේ ඒක මට හොදටම තේරුණා 'සිරිලෝ මගේ වැඩේ ඉවර කරලාද බන්' චුට්ටේ සීයා හැම වෙලාවෙම එහෙම තමයි කතා කරන්නේ එයා කාගේ වැඩක් උනත් ඕනම දේකදී මගේ කියන වචනේ දාලා කතා කරන්නේ අනික් උන්ටනම් බයිලා වගේ ඒත් ඉතින් පවුලේ අයටනම් තේරෙනවා සීයා අහන්නේ මොකක්ද කියලා . දැන් උනත් සීයා "මගේ වැඩේ ඉවර කරලාද බන් " කියලා ඇහැව්වේ පොඩ්ඩේ සීයාගේ මිනිය ගේන්න පුලුවන්ද කියලා දැනගන්න ඒ දවස් වල තමයි ඔය කලර් ප්‍රින්ට් බැනර් ආපු මුල් කාලේ මල්ශාලාව ළඟ එකක් තිබ්බ නිසාම මම ගෙදර ආවෙත් පොඩ්ඩේ සීයාගේ පොටෝ එකක් අරන් යන්න ප්‍රින්ට් එකක් ගන්න තනියම යන්නම් කියලා කිව්වට මොකො චුට්ටේ සීයා මල් ශාලාවට යන්නම ඕන කියලා කියපු නිසා වීල් එකක දාගෙන එක්ක ගියා මොනා උනත් එක බඩවැල කඩාගෙන ආපු තමන්ගේම නිවුන් සහෝදරයානේ පට්ටම දුකක් ඇති මල් ශාලාවෙත් එම්බාම් කරණ මහතුන් මාමාව මම කාලයක් තිස්සේ දන්න නිසාම වැඩිය අවුලක් උනේ නෑ ඒ වැඩ ටික කරගන්න ඒත් එක දිගට දවස් ගාණක් නිදි මරපු නිසාම පහල තේ කඩේට යන්නම් කියලා චුට්ටේ සීයා මිනිය පටවන වෑන් එක ගාව තියලා " චුට්ටේ සීයා මම පොඩ්ඩේ සීයාගේ පොටෝ එක එහා පැත්තේ කඩේට දීලා එන්නම් බැනර් එක ගහන්න මම තේ එකකුත් බීලම එන්නම් ඔයත් එනවද නැත්තම් " කමක් නෑ සිරිලෝ මගේ වැඩේ ඉවර කරගෙන එන්නම් චුට්ටේ සීයා දන්නවා මම සිගරට් එකක් බොන්න යන බව ඒක නිසාම එන්න බෑ කියන්න ඇති මල් ශාලාවෙන් එලියට ඇවිල්ලා එහා පැත්තේ උඩ තට්ටුවේ බැනර් ගහන තැනට ගිහින් චුට්ටේ සීයාගේ පොටෝ එකකුත් දීලා පහලට ආවා තේ කඩේ තිබුණේ බැනර් ගහන තැනට කඩ තුනක විතර දුර තේ කඩේට ගිහින් දුමක් අරගෙන කඩේ පිටිපස්සට ගිහින් පාරවල් දෙකක් විතර අදිනකොට බැනර් ගහන තැන එකා බුදු අම්මෝ කියාගෙන උඩ තට්ටුවේ ජනේලයේ වීදුරුවත් කඩාගෙන බිමට පැනපු පාර දුමක් දාගෙන හිටපු දෙතුන්දෙනාම ඒ පැත්තට දිව්වා බැනර් ගහන තැන කොල්ලා පැනපු පාර කකුල ඇමෙට් වෙලා වෙලාවට කැඩිලා නෑ අපි දෙතුන් දෙනාම ඌට කිට්ටු කරලා උස්සලා ගත්තා විතරයි මූ එතකොටත් දාඩියෙන් පෙගිලා වගේ හිටියේ මොකද යකෝ හොල්මනක් දැක්කා වගේ බයවෙලා තෝ මම එහෙම අහනකොටත් මේකා තොල්පොටවල් වලින් මතුරනවා වගේ ත.. තමුසේ බැනර් එක ගහන්න ගෙනල්ලා දිපු පොටෝ එකේ හිටපු වයසක මිනිහගේ හොල්මන එක පාරම මයේ ඉස්සරහින් මතු ..... කියනකොටම චුට්ටේ සීයාත් එතැනට ආවා බැනර් ගහපු එකා ආපහු චුට්ටේ සීයා දකිනකොටම සිහිනැතිව ගියා උනේ මොකක්ද කියලා මට තේරුණා හිටපු දෙන්නා තුන්දෙනා බැනර් ගහන එකාව උස්සන් ගිහින් තේ කඩේ බංකුවක හාන්සිකරලා මම චුට්ටේ සීයා එක්ක මල් ශාලාව පැත්තට එන ගමන් වැඩි හොදටත් එක්ක මොකද උනේ ඇහැව්වා " චුට්ටේ සීයා මොකෝ උනේ ඔයාට මම වෑන් එක ගාවනේ ඉන්න කිව්වේ කියලා " හිටියා බන් බැරිම තැන එම්බාම් කොරණ තැනට ගිහින් උගෙන් ඇහැව්වා "මයේ වැඩේ ඉවරද කියලා" ඒක මයේ දිහා කන්න වගේ බලන් ඉදලා බිම පත බෑවුනා කියපන්කෝ දෙපාරක් විතර කතා කොරා හා හූවක් නැති නිසා උබ බැනර් ගහන තැන ඇති කියලා එතැනට ගියා බැනර් එක සෝක් එකට තිබුණා මයේ එකා පණ පිටින් වගේ මම ඉතින් උගෙන් ඇහැව්වා පුතේ "මයේ වැඩේ ඉවර කරාද කියලා" ඒකා උත්තර දෙන්නේ නැතිව අම්මව මතක් කොරාන බැනර් එකත් බිම දලා අර වීදුරු ජනේලයත් කඩාගෙන බිමට පැන්නා කියපන්කෝ හිනා වෙවී අහගෙන හිටියට පස්සෙනේ මතක් උනේ මහතුන් මාමා තකහනියම එම්බාම් කාමරේට ගිහින් බැලින්නම් මහතුන් මාමට තාමත් සිහිය නෑ වතුර ටිකක් මූණට ඉහලා සිහිය අරගෙන සැබෑවටම පොඩ්ඩේ සීයා සහ චුට්ටේ සීයා ගැන විස්තරේ කියලා පොඩ්ඩේ සීයාගේ බොඩියේ වැඩ ටික පිළිවෙළක් කරාන ගෙදර ගෙනාවා හැම දේම හොදට උනත් පොඩ්ඩේ සියා භූමිදානේ කරලා හත් දවස යන්න කලියෙන් චුට්ටේ සීයත් නැති උනා බැනර් එකේ මරණ දිනේ විතරක් වෙනස් කරලා එහෙම්ම තිබ්බා සමහර විට නිවුන්නු ඉපදෙන්නෙම එකට යන්නම වෙන්න ඇති. අයිති නැති අකුරු.බටහිර නිදහස හා දොර පාට තේ එක මෙවර නත්තල් අලුත් අවුරුදු නිවාඩුව ගිය වසරට වඩා දිගය . එමෙන්ම ගියේ අවුරුදට වඩා හිතට ටිකක් හොඳය . නමුත් මේවා නිවාඩු කිව්වට නිවාඩු නෙමේය . අපායේ ඉන්ටවල් එකක් මෙන්ය . නිවාඩුව වැටෙන්නේ සෙමෙස්ටර් එකේ අග බාගයේය . විබාග , නිබන්ධන සියල්ල එක ගොඩේය. නමුත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ඉතා ත්‍යාගශිලිව පවසන්නේ හිතේ හැටියට සතුටු වීමට , පවුල් සමග කාලය ගත කිරීමට නිවාඩුව යොදා ගන්න ලෙසත් , ඉගෙනීමට වද නොවන ලෙසත්ය . නමුත් එක නිබන්ධනයක් 31 රාත්‍රී 11.59 වනවිට අවසන් කල යුතු අතර අවසාන විබාගය 3 වෙනිදා සවස 5 වනවිට අවසන් කල යුතුය . ඒ අතර අවසාන නිබන්ධයනේ ( තිසිස් එකේ ) යෝජනාව ඉදිරිපත් කල යුතුය . ඉතින් මේ දින වකවානු තීරණය කල ආචාර්ය වරුන්ගේ දෙමාපියන් සිහි කරමින් සිටින විට කොරේ පිටට මරේ කියා පුතාද අසනීප විය . ඉතින් නත්තලට කලින් සතියම මේ කුඩා කරදරකාරයා ගෙදරය . පෙර පාසලේ එළියේ සෙල්ලම් කර , ක්‍රියශේලිව සිට පුරුදු නිසා ඔහු එක විදිහකට ඉන්නේ නැත . පාඩම් කරනවා තබා ගෙදර දෙයක් කරන්නටද බැරිය. උදේ මම කොපි බොද්දි ඔහුට දොර පාට තේ එකක් ඕනය . මුණ සෝදා , දත් මද ගන්න නමුත් අවශ්‍ය දේ අතට දිය යුතුය . අප්පොච්චෝ ලැප්ටොප් එක දාන්න , පපා පිග් එපා වෙන එකක් , අප්පච්චෝ මේකේ බැටරි බැස්සෝ , අප්පොච්චෝ චොකොලට් කිරි එකක් හදල දෙන්න , පිට කසනාවෝ ! අම්මිට කෝල් එකක් අරන් දෙන්න එක යුද්දයකි . මේ අවතෙවයට ගොස් අවධානය කැඩුන පසු හෝ සිතුවිලි ධාරාව වෙනතක ගිය පසු පාඩම් කරන්නට බැරිය . එවිට අසර්බය්ජනයේ වයසක යුවලක් කන්දක් උඩට ගොස් බැටළු මස් සමග බත් හදන හැටිද, අරවින්දගේ ශතක ටික හා හුක් / පුල් පහරවල් ටිකද , පෙපමින්ට් දමා මාළු අල්ලනුද යු ටියුබ් හරහා බලවෙය් !! බලන්නේ නැත !! සමහරවිට අපි දෙදෙනාම එකම පොරෝනය යටට වී මිනිසුන් ලෙස්ස වැටෙන හැටි, වැඩ කරන විට වරදින දේවල් යුටියුබ් එකේ බලමින් සිනා සෙමු . නොදනිම හවස 3 වෙලාය. අපි දෙන්න එක කොපි එකේ පොන්ගොගෙන බිස්කට් කනවා . උදේම ඇපල් ගෙඩියකුත් , චීස් පෙත්තකුත් සමග පාන් පමණක් රැගෙන වැඩට ගිය බිරිඳ මහන්සියෙන් ගෙදර එන වෙලවය්. අනේ මොනවා හෝ දෙයක් උය තැබිය යුතුය . හවස 5 ය ! දවස ගෙවිලය . වැඩ එහෙමමය ඉතින් නත්තලට හා අවුරුද්දට බිරිඳටද නිවාඩු ලැබුන නිසා අපි තුන්දෙනා සතුටින් එකට සිටියෙමු. පෙර පාසල නැවත පටන් ගැන්මට තිබුනේ 9 වෙනිදාය . 7 වන සෙනසුරාදා අපි දෙදෙනාටම මහත් කම්මැලිකමක් , දුකක් දනෙනෙන්නට විය . දැන් ආපසු සියලු දේ අලුතින් පටන් ගත යුතුය . ගිම්හාන නිවාඩුව එනකන් බලා සිටිය යුතුය . නමුත් පුරා දින දෙකක් මහන්සි වී පාඩම් කල නිසා වැඩ බොහෝ දුරට අවසන්ය ( අඩු ගනනේ එසේ දැනුනේය ) ඉතින් අපි දෙදෙනා චිත්‍රපටියක් බැලුවෙමු . වෙලාව පාන්දර 2ය . පොඩි බඩගින්නක්ද ආපු නිසා කොපි දෙකකුත් හදාගෙන අපි කතාවට වටුනෙමු . කොහෙන් හෝ බටහිර දරුවන්ගේ ජිවන රටාව හා නිදහස මාතෘකාවට බැස්සෙමු. ඔවුන් අඩු වයසින් පෙම්වතුන් වන හැටි , විවාහ නොවී එකට ජීවත්වීම ගැන අපි කතා කළෙමු. පුතා සුව නින්දේය . ඉතා අහිංසක , සුකුමල බවක් ඔහු කෙරෙන් දිස් වේ . දරුවා සපුමල් කැකුලක් සේ නිදය් කියා තිබුනේ සුප්‍රකට පතර් පංචාලි කතා මාලාවේ අපුගේ ලෝකය පොතේ විය යුතුය බිරිඳ එකවරම පැවසුවේ අනේ අපිත් දිගටම මෙහෙ හිටියොත් මේකත් තව අවුරුදු 10ක් යද්දී කෙල්ලෙක් ගෙදර ගෙනෙය් කියාය. ඇය එසේ පැවසුවේ විහිලුවට උවත් ඇත්තටම එසේ විය හැකි බවත් , මේ රටේ නිදහස අනුව කෙල්ලෙක් නොව කොල්ලෙක් ගෙනාවත් එය අපේ දෙයක් නොවන බවත් , අපිට වටින්නේ දරුවාගේ සතුට පමණක් බවත් , ඔහුට අඩු වයසෙන් නිවසින් පිට වීමට අවශ්‍ය නම් අපි එයට ඉඩ දිය යුතු බවත් මම නම් ඒ සඳහා සුදානම් බවත් මම ඇයට පැවසුවෙමි . එසේම දරුවන් එසේ දෙමාපියන්ගෙන්
වෙන් වී කුඩා කල සිටම තනිව ජීවත්වීමේ වැසි ගැනද මම දේශනයක් පවත්විමි. සුජීවගේ පොත්වල එන අහිංසක පෙම්වතිය සිය පෙම්වතාගේ කතා වලට සවන් දෙන්නේ සුදු බුදු රැස් සියසින් දැකගත් උවසියක සේ වශී වී බව ඔහු පවසය් . දැන් බිරිඳද මදෙස බලා සිටිය්. ඇය අතවූ කොපි කෝප්පය සීතලව ගොසිනි . මේවා තේරුම් Kara දීමට මා වැනි සැමියකු ලැබීම ඇය ලැබූ බාග්‍යක් නොවෙදය් සිතමින් මම නින්දට ගියෙමි . 9 වන සඳුදා උදැසන. බිරිඳ උදේම රැකියාවට ගියා. පුතා අද පෙර පාසල් යනවා !! බුදු අම්මේ අද අතපසු උන සියලු වැඩ කර ගත හැක . මේ කුඩා දඟකරයට අද මගේ වැඩ පාඩු කල නොහැක ! අද හවස් වනතුරුම ඔහු පෙර පාසලේ තැබිය යුතුය ! පලදායක දිනයක් වනු ඇත. උදේ 9 ට අපි දෙදෙනා ගෙදරින් පිටත් වීමු . මගේ අතේ එල්ලී ඔහු කන්ද බසිය් . මොහොතකට අපේ නෙත් එකට යාවෙය්. ඔහුටම අවේනික ලෙස හිස වනා සිනසෙය් . කම්මුලක් මිරුකු කල ඔහු මගේ බඳට ඇඟිල්ලෙන් අනිය්. පෙර පාසලට පැමිණි වහාම ඔහුගේ කුඩා මිතුර හුගෝ පැමිණ ඔහු වැළඳ ගනිය් . දෙදෙනා මොනොවදෝ ස්වීඩන් බසින් පවසමින් සිනා සෙය් ( මට ස්වීඩන් මළපොතේ අකුරක් බැරිය ) මා ගැන වගක් නැත . දෙදෙනාට සමුදී මම තනියම කන්ද නගිමි . ස්වීඩන් සීත කාලෙයේ තවත් අඳුරු දිනකි. ගෙදර පැමිණි වහාම කේතලය රත් කරමි . මහා පාළුවක් , තනිකමක් දැනේ . ලංකා තේ සුවඳින් කාමරය පිරි ගත මදක් රත් වෙය් . එත් අනේ , දොර පාට තේ එක ?? කුරුළු කටින් එය ඇසුවත් ඔහු ඉල්ලීම කරන්නේ බෝල ඇස් දෙකෙනි . මට ඒ රවුම් මුණ සිහි වෙය්. ගෙදරින් මීටර් 200 ක දුරක් ඇතුලත ඔහු සිටිය්. පැය කීපයකින් ගෙදර එනු ඇත. නමුත් හිතට හරි නැත . බැරිම තැන බිරිඳට වීඩියෝ කෝල් එකක් ගතිමි. ඇයටද ඉතා කම්මැලි බවද ගෙදර එන්නට සිතෙන බවද පවසය්. ඔයා අද අපි නැති එකේ අතපසු උන පාඩම් වැඩ කර ගන්න යැය් ඇය පවසය්. මට පාසලට බොරුවක් හෝ කියා පුතාව ගෙදර ගෙන ඒමට සිතෙන බව ඇයට කීවෙමි . හවස එනකන් ඉන්න යැය් කියන විට අයගේ මුහුණේ අමුතු හිනාවක් විය. ඒ ඇයි? ඇය කාටවත් හිනාවෙන කෙනෙක් නෙමෙය්, මොකක්ද ඒ හිනාවේ තේරුම ? විනාසය්! මට සෙනසුරාදා රාත්‍රියේ මා ඇයට දෙසු හරබර දෙසුම සිහියට එය්!! දරුවන් ඔවුන්ගේ සිහින සොයා පියඹිය යුතුය ! අපි ඔවුන්ගේ තටු නොකපිය යුතුය ! සිහින සොයා යාම කෙසේ වෙතත් පොඩි එකා පාසලේ සිටිය යුතු වෙලාව වත් දුරින් තැබීමට හිතට දුකය ! වෙන ගැහැනියක නම් මට උඩ පැන පැන සිනා සෙනු ඇත ! දිසෙන්ගේ තාත්ත , ඇයි හදීසියේම ? හදිසියක් නැ පීටර් , දිසෙන් හොඳින්ද ? ඔහු ඉතාම හොඳින් , ඔයා දැන් ගෙනත් ඇරලුව විතරනේ . ඔව් , මට එයට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ? අනිවාර්යෙන් අප්පොච්චෝ , ඔක්කොම හොන්දය්ද? ඔව් පුතේ . අද හවස කොත්තු හදමු . ඔහු කාටුන් චරිත රසවත් බව පෙන්වීමට කරන ශබ්දය මුවින් පිට කරය්. ඒ එක්කම ඔලුවද වනනවා විය යුතුය . එත් එක්කම මගෙත් ඇහැට මොකක්දෝ ගියාමිනී හොරැ෴ උසසි උඩින් තියෙන රෑපය ගැන මොකද හිතෙන්නේ. මිනී වලටත් සේප්පුවක ආරක්ෂාව දාල වානේ පට්ටං ගහලා මොන ක්‍රැක් මිනිස්සූ ඉන්න රටක්ද කියාලා ඔයාලා කියාවී. ඔය තියෙන්නේ මීනී සේප්පුවක් හෙවත් mortsafe එකක්. මෙහෙම දෙයක් මුලින්ම නිර්මාණය වුනේ 1752 එංගලන්තයේ. අධ්‍යන පුනුරැදයක් තිබුනු ඒ කාලේ ශරීර ව්‍යවච්චේදකයන් හෙවත් anatomist ලාට හා ශල්‍ය වෛද්‍ය පුහුනවන විද්‍යාර්ථයින්ට විවච්චේනයට ( තේරෙන භාෂාවෙන් කිව්වොත් මිනී කපන්න) අවස්ථාව හම්බවුනේ එල්ලා මරපු මිනීමරැවන්ගේ සිරැරැ පමනයි. අවුරැද්දටම සිරැරැ තිහක් හතලිහක් පමනයි ලැබුනේ. ඒ අතරේ හිටපු ස්කොට්ලන්ත ජාතික රොබට් ක්නොක්ස් (Robert Knox, නෑ. ඒ ලංකාවේ අපි දන්න කෙනා නෙමෙයි) , ඇනටොමිස්ට්කෙනෙක් ( දිව උලුක් වෙන හින්දා සිංහල වචනේ හිතලම මගහැරියා) ඉගෙන ගන්න තියෙන අධික උණ නිසාම ඔහු හමුවට අරං එන ඕනෑම බොඩියකට මරණයට හේතු නොසොයාම හොද ගානක් ගෙව්වා. ඉතිං අනිත් ඇනටොමිස්ට්ලා වේලෙද්දී රොබට්ට බොඩීස් වැහි වැස්සා. ඒ කලේ සුද්දොත් දැන් ලංකාවේ කලු සුද්දො වගේ සුද්දේ දුන්නා නියමට. මිනියක් වලලා මළගෙදර පාංශුකූලේ දුන්නගමන් බොඩිය ගල්කරලා රොබට් ගාවට උස්සං ආවා. ( සුද්දොන්ට මොන පාංශූකූළඳ කියලා දැං රෙදි උස්සං එන්න එපා). ඊට පස්සේ වැඩේ මාට්ටු වුනාට පස්සේ නෑයෝ සබ්බසකලමානාවම වියදං කරලා මම කලින් කියපු මිනී සේප්පූ හයිකරන්න ගත්තා, මිනි කනත්තේ ආරක්ෂාව තර කලා. කවුද කැමති දිව්‍යලෝකේ යද්දී කෑලී කපපු ඇගක් එක්ක එහේ යන්න. රොබට්ට අරං එන මීනී ගාන අඩුවුනා ටික ටික. රොබට්ටුත් අතහැරියේ නෑ බොඩියකට දෙන ගාන ටික ටික වැඩිකලා. කතාව ඊටපස්සේ වෙන පැත්තකට හැරැනා. මේ ලොකු ලංසුව අහපු අයිරිශ් ජාතික විලියම් බර්ක් සහ විලියම් හෙයා වෙනම වැඩකට අතගැහුවා. රෑට මුකලං වල හැංගිලා ඔත්තු බැලුව විලියම් කුට්ටම, පාරේ තොටේ හුදකලාවුනු අහිංසක වගේ පේන මිනිස්සුන්ට එලොව පොල් පෙන්නුවා. කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මාස දහයක් ඇතුලත එඩිම්බරෝවේ 16 දෙනෙකුට.රොබට්ගේ දහසි බැදි පියලි විලියම්ලගේ මනුස්සකම් දියකර හැරියා. නපුරට හැමදාම ජයගන්න බෑනේ, ඉතිං විලියම්ලා වැඩිකල් නොගොස් නීතියේ රැහැනට හසුවුනා. හෙයාට ජීවිතකාලෙම මහඋළුගෙදර කම්බි ගනන්කරන්න වූනා. බර්ක් බෙල්ලට තොණ්ඩුව වැටුනා. කලකම් පලදෙනවා කියන්නේ අන්තිමේදී බර්ක් ගේ සිරැරත් විවච්චේදනය කරන්න ඇනටොමිස්ට්ලට ලැබුනා.මේ හැම දේට වගකින්න ඕනා රොබට් ක්නොක්ස්, ලංකාවේ තෝරැ මෝරැ වගේම හෙහෙන් වැජබුනා.චාජ් ෂීට් —----------- සමහරුන්ට පදවි තානාන්තර,උසස්වීම් ලැබුණාම හිටපු තැන මතක නැහැ.එකටම හිටපු යාලුවොත් අමතකයි.ඊටත් වඩා තමන් ලොක්කෙකු බව පෙන්නන්නත් හරිම ආසයි.මගුලකදී මරණයකදී හම්බවුනත් වචන පාවිච්චි කරන්නේ හිනා වෙන්නේ හරිම ලෝභකමින් .මේක හැම ආයතනයකටම පොදුයි.මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කතාවක්.මේ කියන නිලධාරියා ඉහල තනතුරකට (ප්‍රවාහන අධිකාරි)ගියේ ලිපිකරු සේවයේ ඉඳලා.පත්වීම ලැබුනේ දෙපාර්තමේන්තු තරඟ විභාගයකින්.ඒ වුනත් ඊට වඩා දක්ෂ අය ඕන තරම් හිටියත් ඔවුන්ට ලකුණු අඩුයි.මේ නිසාම ඔහුට ඕන වුනා තනතුර ලැබුණාට පස්සේ ඒ අයට සිය නිල බලයෙන් කැපිලි කෙටිලි කිරීමට.ඉස්සර වෙලා හොඳට හිනාවෙලා කතාබහ කරන මොහුටත් දැන් හිනා වෙන්නත් අමතක වෙලා වගේ.ලැබෙන හැම අවස්ථාවකදීම මොනවා හරි අඩුපාඩුවක් හොයාගෙන කාට හරි හිරිහැර කිරීමයි ඔහුගේ සිරිත.මොහු දකුණ පැත්තේ අයෙක්.ඒ දවස්වල මාතර ඉඳලා හවසට එන අන්තිම දුම්රිය අංක 51 ත්‍රිකුණාමලයටම ගියා.අපේ නිලධාරීතුමා එදා බිරිඳ සහ දරුවනුත් සමඟ මේ කෝච්චියට අම්බලන්ගොඩින් නැග්ගේ රාජකාරි ගමනකට නෙවෙයි පෞද්ගලික සංචාරයකට.ඒ ත්‍රිකුණාමලයේ ගිහින් එන්න.කෝච්චිය දකුණු කළුතරට එනකොට ටිකක් ප්‍රමාද වෙලා හත හමාරට විතර ඇති.දකුණු කළුතර එදා හිටියේ මොහුගේ පැරණි හිතවතෙක්.ඔහු නමින් දයාවංශ.ඒත් පරණ තිබුණ ආශ්‍රය මේ දෙන්නා අතර දැන් නැහැ.තනතුරින් උසස් වුනාට පසුව ඔහුට අවශ්‍ය වෙන්න ඇති තමාගේ දැන් තත්ත්වය පෙන්වන්න.මීට සති දෙකකට ඉස්සරවෙලත් රෑ දෙකට දුම්රිය ස්ථාන හදිසි පරීක්ෂාවකට ආවත් වැරැද්දක් හොයා ගන්න බැරිව ආපහු ගියා. අංක 51 දුම්රිය කළුතර නැවැත්තුවා.දුම්රිය ස්ථානවල නිවේදන කටයුතු කරන්නේ දුම්රිය ස්ථානාධිපතිගේ අධීක්ෂණය යටතේ දුම්රිය කාර්ය සහායකයෙක් .ඔහු පුරුදු විදිහට නවත්වන ස්ථාන නිවේදනය කළා. කෝච්චියේ හිටපු නිලධාරී තුමා කඩිමුඩියේ කෝච්චියෙන් බැහැලා කෙලින්ම ගියේ දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට.ඒ වෙලාවේ මෙහෙයුම් දුම්රිය ස්ථානාධිපති හිටියේ ප්ලැට්ෆෝම් එකේ. ඒ කෝච්චිය පිටත් කරවන්න ගිහින්.යාබද කාමරයෙයි ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ.ඔහු ගියා එතනට. ‘කෝ කවුරුවත් නෑ …කෝ එස් එම් ඕ .. ඇයි මෙහෙම වැරදි විදිහට එනවුන්ස් කරන්නෙ’ ප්‍රවේශ පත්‍ර කවුළුවේ සේවය කළේ ළඟදී පත්වීම ලැබූ අයෙක්.ඔහු කුමාර.මේ මුහුණ ඔහුට මතක තිබුනට හරියටම නිච්චියක් නැහැ. ‘ඇයි මොකද වෙලා තියෙන්නෙ..එස් එම් ඕ මහත්තයා ප්ලැට්ෆෝම් එකේ’ ‘මොකද වෙලා තියෙන්නේ …කෝ ට්‍රින්කෝ ගනේවත්ත නවත්තනවා කියල කිව්වෙ නෑනේ’ එතකොටම එනවුන්ස් කළ දුම්රිය කාර්ය සහායක පෙරේරාත් එතනට ආවා. ‘’ඇයි සර් මම කිව්වා’ ‘බොරු කියන්න එපා අයිසේ…තමුසේ ගනේවත්ත කිව්වේ නෑ ‘ ‘නෑ සර් මම කිව්වා’ ඒත් එක්කම ප්ලැට්ෆෝම් එකෙන් ඇසුණේ දුම්රිය පිටත් කරවීමේ නලා හඬ. ‘සර් ඔන්න කෝච්චිය යන්න හදන්නේ …විසිල් එක ගැහුවා’ දුම්රිය කාර්ය සහායක සේවකයා කියනවිටම දුම්රිය පිටත් වුණා.නිලධාරීතුමා දුවගෙන ගිහින් කෝච්චියට නගින්න උත්සාහ ගත්තත් වැඩේ හරිගියේ නැහැ..ඔහු අත් දෙකම ඔසවා හස්ත සංඥාවක් දුන්නත් කෝච්චිය නැවතුනේ නැහැ.මේ කිසිම දෙයක් මෙහෙයුම් දුම්රිය ස්ථානාධිපති දයාවංශ දැක්කෙත් නැහැ,දන්නෙත් නැහැ.ඔහු කෝච්චිය පිටත් කර ආපසු ඔෆිස් එකට එනකොට ඔහුගේ පිටුපසින් ආවේ අපේ නිලධාරීතුමා.ඔහු දැකපු ගමන් දයාවංශ හිනාවෙලා කතා කළා. ‘ආ ඔබතුමා පනස් එකේද ආවේ’ ‘පනස් එක නෙවෙයි මම ට්‍රින්කෝ යන්න ආවේ කෝච්චිය ඇද්දා ..බලනවා ඔහොමද එනවුන්ස් කරන්නෙ ‘ ඔහු කතා කළේ කේන්තියෙන්. ‘ඇයි වැරදීමක් වුනාද’ ‘වැරදීමක් තමයි ගනේවත්ත කිව්වෙ නෑ’ ‘ආ ගෝලයාට පොඩ්ඩක් වරදින්න ඇති…එහෙම නැත්නං ඔබතුමාට ඇහුන්නැතිවෙන්න ඇති’ දයාවංශ කිව්වේ සුපුරුදු සිනාවෙන්. ‘ මට හොඳට ඇහෙනවා…බලනවා මං කොහොමද දැන් ට්‍රින්කෝ යන්නෙ …නෝනයි ළමයි දෙන්නයි කෝච්චියේ’ ‘එතකොට ඔබතුමා මේ යන්නෙ ප්‍රයිවෙට් ගමනක්ද …එහෙමනං කෝකටත් දැන්මම ඒසී බස් එකකවත් නැගලා ගියා නං හොඳයි…කෝච්චියත් අද ටිකක් පරක්කු වෙලා යන්නේ…නැත්නං කොටුවෙනුත් අල්ලගන්න බැරිවෙයි..කෝච්චිය පැයකින් කොළඹ ගියාට බස් එකට පැය දෙකට කිට්ටුව යනවා’ ‘දන්නවද කෝච්චි එනවුන්ස් කරනකොට එස්එම්ඕත් අහගෙන ඉන්න ඕනි’ ‘ඔව් මම අහගෙන තමයි ඉන්නේ …ඒ වුනාට මම කෝච්චියට ප්ලැට්ෆෝම් යන්න ඕන ..ඔය හැමදේටම තියෙන්නේ විනාඩියක් බව ඔබතුමා දන්නවානේ..ලේට් වුනොත් ඩිලේ එකට අපිට චාජ් ෂීට් ඊළඟ දවසෙම’ ඔහු කේන්තියෙන්ම පිටත් වුන පසුයි දයාවංශ සම්පූර්ණ සිද්ධිය දැනගත්තේ. ‘හොඳ වැඩේ වුනේ …හැමෝටම ලෙඩ දාන්න යනවට..ඉන්න මම කොටුවටත් කියන්නං…මිනිහගේ පරම
සතුට කාට හරි චාජ්ෂීට් දීලා සතුටු වෙන එක’ දයාවංශ මහතා සිනාසෙමින්ම කතා කළා කොටුව දුම්රිය ස්ථානයට.කොටුවේ මෙහෙයුම් දුම්රිය ස්ථානාධිපති විදිහට එදා වැඩ කළේ සුගත් මහතා . ‘ සුගත් නේද දන්නවද වැඩක්. අර ……මහත්තයා මට ලෙඩක් දාන්න පනස් එකෙන් බැහැලා එනකොට ට්‍රේන් එකට නගින්න බැරි වෙලා .. ඔන්න බස් එකෙන් ආවා…නෝනයි ළමයිනුයි එක්ක ට්‍රින්කෝ යන්න ඇවිත් තියෙන්නේ .. සමහර වෙලාවට නෝනා එහෙම ඔතනට එයි…මෙයා ආවෙ නැතත් ට්‍රේන් එක වෙලාවට පිටත් කරන්න’ ඒ හිතපු විදිහටම කෝච්චිය කොටුවට ගිය පසු බිරිඳත් දරුවනුත් ගිහින් කොටුවේ මෙහෙයුම් දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට. ‘මම …………මහත්තයාගේ නෝනා..මහත්තයා කළුතරින් බැස්සා මොකක්ද එනවුන්ස් කරන එකක් වැරදි කියල බලන්න…ආපහු ආවේ නෑ’ ඇය තමන් කවුරුන්ද යැයි හඳුන්වා දෙමින්. ‘ඉතිං දැන් මොකද කරන්නේ’ සුගත් මහතා කීවේ කිසිවක් නොදන්නා විදිහට. ‘අපි ට්‍රින්කෝ යන්න ආවේ ….එයා නාවොත් අපිට යන්න වෙන්නැහැ’ ‘මොන එහෙකටද දුර ගමනක් යනකොට ඔය විදිහට මගින් බැස්සෙ …අද වෙලාවට කෝච්චිය පිටත් වෙයි…පාර්සල් පටවන්න තියෙන්නෙත් ටිකයි’ ‘බැරිවෙයිද කෝච්චිය ටිකක් නවත්තගන්න මහත්තය එනකං’ ‘එහෙම කොහොමද නෝනා කෝච්චි නවත්තන්නේ..එහෙම බලයක් අපිට නෑ ..ඒක මහත්තයගෙන් අහගන්න පුළුවන්…එතකන් මෙහෙන් වාඩිවෙලා ඉන්න’ නිලධාරීතුමා ආවේ ත්‍රිකුණාමලය දුම්රිය පිටත්වී හරියටම විනාඩි පහකින්.නෝනා හිටියේ කේන්තියෙන් පුපුරමින්.ඔහු කාර්යාලය ඇතුළට එනවිටම ඇය නැගිට්ටා. ‘ඔහේ මොන මගුලක් කළාද කළුතරින් බැහැලා …කොහෙද මනුස්සයෝ ගියේ’ ඇයට සිටි තැනත් අමතක වෙලා. ‘ආපු බස් එක වෙන බස් එකක් ඉස්සර කරන්න ගිහින් කණ්නාඩිය ගැලවුනා ..එතන විනාඩි දහයක් පහළොවක් පරක්කු වුනා …බස් එකේ එන්න පැය දෙකක් විතර ගියා ..දැන් මොකද කරන්නේ කෝච්චිය ගියාද’ ‘කෝච්චිය තියේද ඔහේ එනකං..දැන් ඉතින් ආපහු ගෙදර යන්න තමයි තියෙන්නේ’ ඇය ගස්සාගෙන බෑග් එකත් රැගෙන කාර්යාලයෙන් එලියට බැස්සා.ප්‍රවාහන අධිකාරි තුමාත් ඉතිරි බෑග් එකත් ඇදගෙන එලියට බැස්සේ තවත් වචනයක්වත් කතා නොකරමින්. ‘ඔහෙ පලයන්…නෝනට අමතක වෙලා ස්ටේෂන් එක බව..මොනව වුනත් එයා ට්‍රාන්ස් රේල්වෙටනේ …ගෙදරට සුවච කීකරු ස්වාමිපුරුෂයෙක් වෙන්න ඇති’ ඔවුන් පිටත් වුන පසු සුගත් හඬ නගා සිනාසෙමින් කීවේ සිද්ධිය නරඹමින් සිටි අනෙකුත් අයට. ‘ඔව් ගෙදරට බය අය තමයි ඔෆිස් වලට ආවාම වැඩ්ඩෝ වෙන්න හදන්නේ..අද ගෙදර ගියාම තව හම්බු වෙයි’ සහායක මෙහෙයුම් දුම්රිය ස්ථානාධිපති සෙනරත්ද කීවේ සිනාසෙමින්. ඊළඟ අඟහරුවාදා දයාවංශට ඔෆිස් එකෙන් ආවා ලියුමක් නිදහසට කරුණු දක්වන ලෙසට.එහි මාතෘකාව… ‘අංක 8051 දුම්රියට වැරදි ලෙස නිවේදනය කිරීම’ —---------------------------- [නම් ගම් සත්‍ය නොවේ]හිසේ කැකුමට බෙහෙත් ගන්නට ගියා දවසක් රෝහලට මම, විස්ස පන්නපු තරුණියක් මම ගමන් තාමත් අම්ම එක්කම හුරුබුහුටි පොඩි ඩොක්ට නෝනෙක් දුන්න කොළයක් බෙහෙත් ලියලම, කොළෙත් අරගෙන ආවා එළියට ෆාමසිය කොයි අතද බැලුමට. ලෙඩ්ඩු පුරවපු වෝඩ් මැද්දෙන් ස්ටුඩන්ට් ඩොක්ටලා යන කොට, හීන් රිදුමක් මගේ හද පත්ලෙන්ම ඇතිවුණි මටත් නොදැනිම, ඒ සැනින් මම එබී බැලුවා අපේ අම්මගෙ මුහුණ දැකුමට, වැටෙන්නට යන කඳුලු බිඳුවක් තිබුණ ඈගේ දෙනෙත් කොන්වල. කියාගනු බැරි දුකක් ඇති වුණි මමයි ඈගේ දුකට හේතුව, මගේ කම්මැලි කමේ ප්‍රතිඵල තමයි මේ මතුවෙන්නෙ හෙමිහිට, ගතේ රිදුමට බෙහෙත් ගන්නට රෝහලට එන හැම වෙලාවෙම, වගේ එදිනත් ගෙදර ආවේ හදේ රිදුමන් දරාගෙන මම. තෙවනවරත් වෛද්‍ය විද්‍යාල වරම් අහිමි වූ උසස් පෙළ සිසුවියක්..... 🍒 Cherry 🍒අතර මල් පෙති සුවඳ තවරා ... මේ රැයේ ගී ගයන්න... නිතර එහෙ මෙහෙ දුවන තොල් මත හෙටට අවසර තියන්න... ඉඩක් දෙනවද සිහින අහසේ අතරමං වී හොයන්න... ඉතිං මොහොතක් හුස්ම අරගෙන ආදරේ යැයි කියන්න... මහන්සියි අද ඒත් බැරිවෙයි දුකයි ආපසු හැරෙන්න ... හිරු දකින්නට කලින් සැරයක් මටත් ආසයි දිනන්න ... තුසිතයකි ජීවිතය සඟවූ කාටවත් බැරි දකින්න... මතින් මත් වී දෙනෙත් පියවා හිතයි මත්තේ මැරෙන්න ... ... ශ්‍රීමතී වල්පොල ...ගමේ විත්ති - 01 .......තක්කාලි හොද්ද........ අප්පච්චි හේනක් කුඹුරක් වැපිරුවාට ජීවිතේ වැඩි කාලයක් ගතකලේ මැටි ගඩොල් කැපීමටය.... ගඩොල් පෝරණුවට ගිණි දාන රාත්‍රිය යනු අපේ නිවසේ එක් මංගල්‍යක් ලෙස එකල මා හට සිතුණි.... ඒ දවස එතරම්ම ආනන්දනීය‍ දිනයක් විය.. අහල පහල ඉලංදාරි වයසේ කොල්ලෝ අප්පච්චිගේ උදව්වට පෝරණුවේ දර දැමීමට එකතු වේ..... නැන්දම්මලාගේ, පුංචම්මලාගේ ගැටිස්සියන් අම්මාගේ කුස්සියේ වැඩවලට උදව් වෙති..... අක්කාගේ මල්වර උත්සවය දිනයේවත් නොදැනුනු අමුතුම සිරියාවක් ඒ රාත්‍රීන් වල මා හට දැනේ...... අටේ කොලුගැටයෙක් වූ මාගේ ඇගේ දැවටෙන සුලං රැල්ලත් ඒ රාත්‍රියේ ආශ්වාදයකි......... මේ එවන් සුන්දර දිනයකි.... හවස් වෙනකොට ටකරං වහපු උස වහලයක් තිබුනු ගඩොල් ගේ ලග එකම වැඩ බිමකි...... ගිණි රස්නෙ වදින මායිමේ සුහුඹුල් පොල්පැල වල හතර පැත්තට නමා වැටෙන අතු ගොබුඩු එක්කාසු කොට පුවක් කොලපත් කිහිපයක් උස අතට අන්දවන අප්පච්චි, කොහු ලණු පොටවල් දෙකකින් උඩ පහල බැද දමන්නේ රාත්‍රියක් පහන් වන තුරු ඇවිලෙන ගින්නෙන පොල් පැල රැක ගැනීමටය....... වත්ත පහල ඉපිල් හෝ කෝන් ගොබුඩු වල කෙලින් හිටගත්ත උසම ඉනි දෙක තුනක් කපාගන්නා අප්පච්චි කරමත තබා ගෙනැවිත් පෝරණුව අසල ගාල් කරන්නේ අඩි පහලොවක් විතර දිග පෝරණු කටේ කෙලවරටම අගුරු තල්ලු කිරීමටය......... රාස්සිගෙ අව්ව බැහැගෙන යන්න කලියෙන් වත්ත වටේ ඇවිදින මා වේලිලා වැටුණු පොල් හනසු, බූමටළු එකතු කර පෝරණුව අසලින් ගෙනත් තබන්නට උත්සුක වූයේ අප්පච්චිට පහසුවක් වෙමිනි..... ගෙදර මැටි කුස්සියත් එකම වැඩ බිමකි....... අම්මා ඉදිආප්ප තම්බයි..... අක්කණ්ඩි මිරිස් ගලේ අඹරන උම්බලකඩ සම්බෝලේ සුවදින් කුස්සිය පිරී ගොසිනි.... පුංචම්මාගේ ගැටිස්සියක් උලුප්පාගත් පොල් කැබලි හපමින් වට්ටියකට පොල් ගායි........ ........................................................ කළුවර මෝරනකොට අප්පච්චි පෝරණු කටවල් හතර ඇවිලීය..... පැදුරු ආනෙන් පන් පැදුරු දෙකක් බා ගත් මා එය රැගෙන ගොස් ගිණි සැර වදින නොවදින ඈතින් එලා ගත්තෙමි..... "හිච්චි..... ඔය අහුමුලු අස්සෙ යන්ටෙපා... සත්තු සර්පයෝ ඇති...." අම්මා කුස්සි දොරකඩේ ඉදන් මට සැර විය....... මහප්ප බාප්පා ඇතුලුව ගිණි නඩේ සරුකරවන අහල පහල ඉලංදාරින්ද එකා දෙන්නා දැන් ගඩොල් ගේ අසලට ඇදේ........ ඇතැම්විට කළුවරේ ගුරුපාරෙන් ඇදෙන පන්දම් එලියක් කඩුල්ලෙන් වත්තට හැරෙන්නේ දසත සිසාරා පෙනෙන රතු ගිණි එලිය විපරම් කරන්නටය....... එසේ එන අය පවා පැයක් දෙකක් හෝ නඩේට එකතු වී ගින්න සරුකරන්නට උත්සුක වෙති...... "මාමණ්ඩි.... මේ කාණු කට මං බලන්නම්..." අහල ඉලංදාරියෙකු අප්පච්චිට කියයි.... හේ තනිවම ගින්න බාල වෙන්නට නොදී සරුකරවයි...... ගින්න බාලවනවා යැයි ඔහුට හිතෙන ඕනෑම වෙලාවක පොල්පිති කීපයක් හෝ පොඩි දර කෑලි කීපයක් කාණු කටේ ඔබයි......... දැන් ගිණි තරගයකි.... එක එකා බෙදාගත් කාණු අනෙකක් පරයන්න ගිණි කෙලින්නට වගකීම ඔවුන් භාරගෙන ඇත........ ගිණි රස්නෙට වියැලුනු උගුරට ඇල්වතුර ජෝගුවෙන් භාගයක් එක හුස්මට හලාගත් අප්පච්චි පසෙක ඇති සියඹලා කොටයක් උඩ ඈදිගෙන කොල්ලන්ගේ ගිණි තරගයට දැනමුතුකම් දෙන්නට විය...... මහප්පා බුලත් විටක් හපමින් ඔවුන් තරගයට උත්සුක කරයි...... බාප්පාද මා අසලම පැදුරෙන් වාඩිගෙන කියන, ඇහෙන කතාවලට සිනහවෙන් පිලිවදන් දෙයි...... "රත්නේ......... කෑම ටික හරි.... කාල හිටියනම් හරිනේ....... ඔය කොල්ලොන්ට බඩගිනිත් ඇති දැන්....." අම්මා කුස්සියේ ඉදන් කියයි....... තාත්තා කිසිත් නොකියා සිටීමෙන් අදහස් කරන්නේ අම්මාගේ කතාවට එකග වූ බව අම්මා දනී.............. .......................................................... ගිණි කෙලිය ගජරාමෙට සරු වී ඇත... අප්පච්චී පෝරණු කටමුල වෑහෙන ගිණියම් අගුරු කාණු කටවල් කෙලවරට තල්ලු කරයි..... අහල වත්තකින් කඩා ගත් බඩ ඉරිගු කරල් කීපයකින්, හොරාට බා ගත් තැඹිලි වල්ලකින් ගිණි නඩය විටෙන් විට ප්‍රබෝදමත් වේ.... මා හැර අන් සියල්ලෝම ගිණි රස්නයට වෑහෙන දහදියෙන් පෙගී ඇත.... දැන් රාත්‍රී දහයේ කණිසම පසුවී ඇත... ඈත ගුරුපාරෙන් අප්‍රසන්න රිද්මයකින් ඇසෙන සිංදුවකි.... ඉබාගාතේ වැනෙන පන්දම් එලියක් කඩුල්ලෙන් වත්තට හැරී ගඩොල් ගේ දෙසට ඇදෙනු පෙනේ..... කරච්චල සින්දුව නැවතුණි.... පදමට කසිප්පු බී ගත් ලොකු බාප්පා මද සිනහවකින් මුව සරසාගෙන අත රැදි බූමිතෙල් පන්දම බිම ඇණ නිවා දැමීය.... "අයියණ්ඩි ගිණි කෙලිය සරුවටම පත්තියං වෙලා වගේනෙ.... දැං ඔය මහ කොට දෙක තුනක් කැව්වනං අගුරු බහී සුටුස් ගානකොට..." දෙපැත්තට විසිවෙමින් විත් මා අසලින් ඇනකුටු ගහගත් බාප්පා කටහඩ අවිදි කලේය "මේ ඉලංදාරි දෙතුන් දෙනා වත් නොහිටින්ඩ මේකට ගිණි ගහනව බොරු මලේ.. තව ඩිංගකින් මහ කොට දෙක තුනක් අතාරිමු...." අප්පච්චි කියයි.... "හිච්චි........ කන්ඩ මොකවත් නැද්ද.... යකෙක් කන්ඩ බඩගිනියි බං..." මා අසලට නැවී අනික් උන්ට ඇහෙන නෑහෙන ගානට බාප්පා කොදුරයි.. "ඉදිආප්ප තිවුනා... තක්කලි හොදියි සම්බෝලයි එක්ක..... මං බෙදාගෙන එන්නම් බාප්පෙ..." "එපා උඹ ඉදිං..... මං ගිහින් බෙදාගන්නං...." ලොකු බාප්පා කවදත් එහෙමය... හැම රෑකම කසිප්පුවෙන් සරු උවද අසීමිත ලෙංගතුකමක් ඇත... මහප්පා බොහෝ විට වාසියට ඇගෑලුම් පෑවත් ලොකු බාප්පා පෙරැත්තයකින් තොරවම උදව්වට ලගින් සිටි පුද්ගලයාය.... මා හටත් අක්කා හටත් දක්වන අසීමිත සෙනෙහසට මාත් අක්කාත් බොහෝ සේ ඇලුම් කලෙමි....... මැටි මඩක්කුවකට ඉදිආප්ප හා උම්බලකඩ සම්බෝල බෙදාගත් ලොකු බාප්පා වැනි වැනීම කුස්සි දොරින් එලියට බැස මා අසල පැමිණ එරමිනිය ගොතාගෙන වාඩි උනි.... "ඇයි බාප්පෙ තක්කලි හොදි ඉතුරුවෙලා තිබුනෙ නැද්ද..." "මඩක්කුවෙ ඩිංගක් තිබුනා... ඒකටම ඉදිආප්ප බෙදාගත්ත බං..." කටක් දෙකටක් අනා එක හුස්මට කෑ ලොකු බාප්පා ගිණි අගුරු තල්ලු කරන
තාත්තා දෙස බැලීය... "අයියණ්ඩි..... අද තක්කලි හොද්ද නම් සුද්දි හදල තියෙන්නෙ.... නෝනක්ක හැදුවනම් මෙච්චර ඇඹුලට හදන්නෑ බං...... උබල කනකොට ඇඹුල වැඩි කියල නොතේරුණ එකනෙ පුදුමෙ බං......' "උබ දැං ඔය ලුණු ඇබුල් බලන සිහියක නෙවෙයිනෙ බං ඉන්නෙ...... අපිටනං එහෙමකට ඇබුලක් දැනුනෙ නෑ..... තක්කාලි කොහොමත් ඇඹුල්නෙ ඉතිං..." "හා හා...... හදපු එවුන්ට ආඩපාලි නොකිය ඕක කාල අත හෝදගං.... හිච්චියෝ.. මේකට වතුර ඩිංගං ලං කරපං..." මෙතෙක් වෙලා නිහඩව සිටි මහප්පා බාප්පාට සැර විය...... එතැන් සිට නිහඩවම ඉදි අප්ප පිගාන හිස් කල ලොකු බාප්පා මඩක්කුව සෝදා පැත්තකින් තබා වතුර ජොග්ගුවේ අඩකින් බඩේ ඉතිරිය පුරවාගනු ලැබීය......... කාණු කටවල් දිගේ මැටි ගඩොල් නා දලු පැහැයෙන් රතු වී දිලිසේ.... අමු මැට්ටෙන් බැදි චිමිණියේ තැන තැන පුපුරා ගොස් එතුලින් පෙනෙන පෝරණු තට්ටු වලට වදින ගිණිදලු විටෙක සුලගට හසුවී පෝරනුවෙන් එලියට පනී..... පිලිස්සෙන මැටි වලින් නැගෙන නැවුම් දුවදින් වත්තේ හතර කොණම සුවදවත් වී ඇත..... ඉලන්දාරින් එකා දෙන්නා පන් පැදුරේ ඇලවී ඇත..... ලොකු බාප්පාද මා අසලින් වැතිර තද නින්දේ ගොරවනු ඇසේ.... උඩහ ගෙදර හීං අයියානම් තවමත් තාත්තාගේ සවියට පෝරණුවේ අගුරු තල්ලු කරයි.... මහප්පාද නොයෙකුත් දැනමුතුකම් දෙමින් බුලත් මල්ල හිස් කරයි....... ඈනුම් දෙක තුනක් ගිය පසු තද නිදිමතෙහි ඇල්ම බැල්ම වැටුනු මාද පන් පැදුරේ එක් කොණකින් ඇල වුනි..... ................................................................... "ලොක්කී......... ලොක්කී......." "උබ මේ උදුන උඩ තිබිච්ච තක්කාලි ඇට මඩක්කුව විසි කෙරුවද...." අම්මා උදෑසනම කුස්සිය අතුගාමින් අක්කාට කෑ ගසයි.. "අනේ නෑ අම්මෙ.... ඔයා තියපු තැනක ඇති..." අක්කාද මිදුල අතුගාමින් කියයි..... "බලාපංකො..... ඊයෙ තක්කාලි හොද්දට හේනෙන් කඩාගෙන ආපු තක්කාලි වල ඇට..... මං අමාරුවෙන් හූරලා තියාගත්තෙ තවානක දාන්ඩ....." "අනේ අම්මෙ මං කොහෙවත් විසි කෙරුවෙ නෑ....... දෙහි කපන්නැතුව ඉන්ඩකො...." "උබ තමයි ඇහුම් බැලුම් නැතුව කුස්සියේ තියන මොන මොනව හරි කමක් නෑ කුණු ගොඩට දාන්නෙ...... අපරාදෙ, මඩක්කු බාගයක් විතර තිබිච්ච ඇට ටික....." අම්මාගේත් අක්කාගේත් වාග් සංග්‍රාමයකි.... සංග්‍රාමයේ උච්චතම අවස්තාවේදී කුස්සි දොරකඩින් එබුණේ සුදු පුංචීය.... "කාටද අපුච්චියේ උදේ පාන්දර දෙහි කපන්නෙ අක්කෙ..." පුරුදු සිනහවින්ම මුව සරසාගත් සුදු පුංචි අම්මාගෙන් ඇසීය.... "ආං අර මහ නෑම්බිට....... බලාපංකො නංගියේ... මං ඊයෙ රෑ ඉදිආප්ප කන්ඩ හොද්දට කපාපු තක්කාලිවල ඇට ටික අරං තිබ්බා.... තවානට දාන්ඩ... මේකි ඒක කොහෙ හරි විසිකොරන්ඩ ඇති..." "නෝනක්කෙ... ආං අපේ මිනිහ පෝරණුව ලග ඉදං ගිය වෙලාවෙ ඉදං බඩ අල්ලං කෑ ගහනව බඩේ රුදාවක් කියල...... දැන් දෙතුන් ගමනකට වැඩිය බඩ එලියෙ ගියා.... මට තියෙනවනම් කෝපි කුඩු ටිකක් දියංකො.... කෝපි එකක්වත් හදල දීල බලන්ට......... ඔය මිනිහට කොච්චර කීවත් අහන්නෑ කසිප්පු බොන්ට එපා කියල... ඊයෙත් මොකක් හරි මල ජරාවක් බොන්ට ඇති....." සුදු පුංචි හුස්මට කියාගෙන ගියාය.... මෙතෙක් වේලා පිල උඩට වී කහට කෝප්පයක් තොල ගාමින් සිටි අප්පච්චීට "බකස්" ගා සිනහ පහල විය.... "හිච්චී......... හිච්චී....... මයෙ පුතේ අර පෝරණුව ලග සියඹලා කොටේ උඩ ඇති ඊයෙ රෑ යකා අරං ගියපු තක්කාලි ඇට මඩක්කුව....... ඒක අරං ඇවිත් අම්මට දීපං......" තාත්තාගේ කතාවෙන් මටද සිනා පහල විය... අම්මාත් අක්කාත් සුදු පුංචිත් මුව අයා බලා සිටී..... "තක්කාලි ඇට මඩක්කුවට වග කියන්ඩෝන "සුරා යකා".... ඒ යකා තමා ඊයෙ රෑ තක්කාලි ඇට මකක්කුවට ඉදි ආප්ප අනාගෙන කෑවෙ....... ඕකට කෝපි ටිකක් බොන්ඩ දුන්නට කමක් නෑ..... තව දෙතුන් ගමනක් බඩ එලිය ගිහින් නිට්ටාවටම සනීප වෙයි.." අප්පච්චි එසේ කියමින්ම පෝරණු ගේ අසලට පිය නගන්නට විය...... අප්පච්චිගේ කතාවෙන් පසු තක්කාලි ඇට මඩක්කුවට සිදු වූ සන්තෑසිය සියල්ලන්ටම වැටහිණි.. කුස්සි පිලකඩ සිනහ හඩින් පිරී ඉතිරෙන්නට විය...... ........ජනිදු......මීකිරි " සෙනසුරාදාට මාතර මාමා එනවා කියලා ටෙලිග්‍රෑම් එකක් එවලා!" අප්පච්චි ගෙට ගොඩවුනේ අලුත් ආරංචියකුත් එක්ක​. "එහෙනං ඉතිං අපිට ඉස්තරං මුදවපු කිරි කන්න පුලුවන් වෙයි!" එහෙම කීවෙ අම්මා! කතාවට සම්භන්ධ නොවුනට මගේ මූණට හිනාවක් ආවෙ මටත් හොරෙන්. මට මුදවපු කිරි කියන නම ඇහුනත් ඇති. එච්චරට ආසයි මුදවපු කිරි වලට! මුදවපු කිරි පැණි එක්ක විතරක් නෙමේ සීනි එක්කත් රසයි. සීනි දැම්මත්, පැණි දැම්මත් අපි ඒකට කීවෙ කිරි පැණි කියලා! අපේ අම්මා අපේ ප්ලාස්ටික් කෝප්ප වලට මුදවපු කිරි බෙදලා, ඊට උඩින් පැණි වක්කරලා දුන්නම අපි ඒක කාලා කෝප්පෙත් ලෙව කනවා. 'හා හා කෝප්පෙ කන්න එපා.'අප්පච්චි විහිලු කරනවා. අප්පච්චි කිරි පැණි කෑවෙ බතුත් එක්ක​. "මෙහෙම තමා දකුණේ අය කිරි පැණි කන්නේ." අප්පච්චි කන ගමන් කියනවා. "සමහරු කිරි පැණි කන්නේ කුරක්කන් පිට්ටු එක්ක​!" "ඉතිං අප්පච්චි දකුණේ නෙවේනේ!"අපි කියනවා. "ආච්චි අම්මාගේ නෑයෝ දකුණේ ඉන්නවා!"අප්පච්චි අපිට තේරුම් කරනවා. "කිරි පැණි රස බතුත් එක්ක!"නැන්දත් කියනවා. එක අතකට එහෙම වෙන්න පුලුවන්! අර හඳමාමා රන් තැටියට ගේන්නෙත් කිරියි ,පැණියි, බතුයි නොවැ! ඒ වුනාට අපි කැමති නෑ කිරි පැණි බත් එක්ක කන්න​. අපි කිරි පැණි වලට ආස වුනාට අපිට නිතරම කිරි පැණි ලැබුනේ නෑ. එහෙමත් දවසක තමා අප්පච්චි කිරි පැණි හට්ටියක් අරන් ආවේ! යෝගට් නං නිතරම ලැබුනා. ඒත් යෝගට් කියන්නේ කිරි පැණි නෙවේ නොවැ. කොහොම කොහොම හරි අප්පච්චිගේ මාතර මාමා එනකල් වැඩිපුරම මග බලා හිටියේ මම​. මොකද අම්මා කීවනේ මාතර මාමා ගේන්නෙ ඉස්තරං මුදවපු කිරි කියලා. නිකං මුදවපු කිරි ඔච්චර රස නං ඉස්තරං මුදවපු කිරි කොච්චර රස ඇද්ද? කිව්වත් වගේ අප්පච්චිගේ මාතර මාමා ඒ සෙනසුරාදා අපේ ගෙදර ආවා. මගේ ඇස් දෙක ඉස්සරලම දුවලා ගියේ මාතර මාමා පොල්කොල වලින් අතේ එල්ලගෙන ආව හට්ටි දෙක දිහාට​! "මේ ඉන්නේ ඕගොල්ලඞේ මාතර සීයා!"අප්පච්චි කියලා දුන්නා. 'මාතර සීයා' අපේ ඔලු අතගෑවා.මම ඇසිපිය නොහෙලා හට්ටි දෙක දිහා බලං හිටියා. 'මාතර සීයා' හට්ටි දෙක මේසේ උඩින් තිබ්බා.මම කුස්සියට දිව්වා. අම්මලා කුස්සියේ ගජරාමෙට වැඩ​. ඇසිලින් ආච්චි පරිප්පු හෝදනවා. තිලකා පොල් ගානවා. මැණිකා ලූනු සුද්ද කරනවා. අම්මා කට්ටියට උපදෙස් දෙනවා. "අම්මේ කිරි පැණි!" මම මතක් කලා. "කිරි පැණි කන්නේ බත් කෑවට පස්සෙනේ!" අම්මා කීවා. එහෙනං ඉතිං මෙයාලා ඉක්මණට උයන්න එපායැ! මම ආපහු සාලෙ පැත්තට දිව්වා. හට්ටි දෙක තිබ්බ විදිහටම මේසෙ උඩ​! මම එතන කැරකෙනවා 'මාතර සීයා' දැක්කා. "ඔහේලා මී කිරි කන්න ආසයි නේද​?"උන් දෑ හිනාවෙලා ඇහුවා. මම ඉද්ද ගැහුවා වගේ නතර වුනා. "මී කිරි?" "ඔව් මී කිරි! මම ඔහේලට ගෙදර හදපු මීකිරි ගෙනාවේ!"'මාතර සීයා' විස්තර කලා! මට ඔක්කාරෙට ආවා. ගබඩා කාමරේ ලාච්චුවක රෝසපාට පැටව් වට කරගෙන හිටි මී අම්මා මට මතක්වුනා! අප්පච්චී ලාච්චුව අරිනකොට මී අම්මා පැනලා දිව්වා. රෝසපාට පැටව් එහාට මෙහාට පෙරලුනා. අප්පච්චී ලාච්චුව එහෙමම තියෙන්න ඇරියා. ආය දවසක මම ගබඩා කාමරේට යනකොට රෝසපාට පැටව් අම්මාගෙන් කිරි බොනවා දැක්කා. ඒ කිරි වලින් ද මේ මීකිරි හදන්නේ? අපි මෙච්චරකල් කිරිපැණි කිය කියා රස කර කර කාලා තියෙන්නේ මී අම්මාගෙන් ගන්න කිරි නොවැ! කට්ටිය බත් කෑවා. අම්මා කෝප්ප වලට මීකිරි බෙදලා උඩින් පැණි වැක්කෙරුවා. "මේ ඔයාට​!"මටත් කෝප්පයක් දික්කලා. "මට එපා." මම කීවා. අම්මා අටවෙනි පුදුමය දැක්කා වගේ මා දිහා බැලුවා. "ඇයි?" "මගෙ බඩ රිදෙනවා!" කට්ටිය දෙවෙනි හට්ටිය කෑවේ රාත්‍රී අතුරුපසට​! මමනං ඒ කෑවෙත් නෑ. ඊට හුඟාක් කාලෙකට පස්සෙ තමයි මම දොවලා, උණුකරලා, මුහුන් දාලා, නැවුම් ඇතිලිවල මුදවලා වෙළඳපලට එන මීකිරි ගැන ඉගෙන ගත්තේ. 'ටූ ලේට්!' -ශ්‍රීපාලි පින්තූරය අන්තර්ජාලයෙනි! ප.ලි. ඔන්න මම දකුණේ මීකිරි ගැන මගේ කතාව ඇහැක් විදිහට ලීවා. මේක කියවන දකුණේ කට්ටිය මට පුංචි උදව්වක් කරනවද​? මට දීකිරි පොල් ගෙඩියක් හොයාගන්න විදිහක් කියන්නකෝ!💗💗ආදරනීය පද්මී💗💗 කලුවර ලීයෙන් හදපු කැබිනට් එක උඩ තියෙන මගුල් ෆොටෝ එක දිහා බලාගෙන මම කලුවර ලීයෙන්ම හදපු දිග කවිච්චියේ වාඩි උනා. වේල් එකක් දාපු පහතරට මනාලියක් ලග ටයි කෝට් දාලා හිටගෙන ඉන්න ඒ අපූරු දේහධාරියා මගේ කදුලු වලටම බොද වෙලා ගියා. සිදත් මඩුගල්ල. අපේ ඉස්කෝලේ හිටපු ලස්සනම කොල්ලා එයා. ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍යය නායකයා. බටහිර තූර්‍ය වාදන කණඩායමේ නායකයා. ඉස්කෝලේ විවාද කණ්ඩායමේ ගිය අවුරුද්දේ හොදම කථිකයා. ඉස්කෝලේ හැම කෙල්ලෙක්ගෙම හීන කුමාරයා. මගෙත් එහෙමයි. ඒත් එයාගේ හීනේ හිටියේ මගේ හොදම යාලුවා සේපාලි. සේපාලි උසයි. කොන්ඩේ කැරලි කැරලි. එයාව දකින හැම වෙලාවෙම සිදත් කියන්නේ ගග අද්දර චිත්‍රපටියේ වසන්ති චතුරානි වගේ කියලා. ඇත්තටම ඒ වගේම තමයි. හරි ලස්සන අහිoසක චරිතයක්. සේපාලි ගැන ඉස් ඉස්සෙල්ලාම සිදත් ඇහුවෙත් මගෙන්. ඒ සේපාලිට කොල්ලෙක් ඉන්නවාද කියලා. ඉන්නවා කියලා බොරු කියන්නත් තිබ්බා. ඒත් මොකටද. එහෙම කෙනෙක් නෑ කියලා මම ඇත්තම කිවිවා. මම පද්මි. පද්මි බාලසූරිය. සිදත්, සේපාලි වගේම එකම ඉස්කොල්ලෙ, එකම පන්තියේ එක වසරේ ඉදන් යාලුවෝ. එච්චර උස නැති, එච්චර මහත නැති, එච්චර සුදු නැති, එච්චර කොන්ඩෙත් නැති ඔහේ ඉන්න කෙල්ලෙක්. සිදත් සේපාලි ආදර කතාවේ පණිවිඩ එහා මෙහා අරන් ගියේ මන්. හිතින් කොච්චර සිදත්ට ආදරේ කලත් එයාලගේ ආදරේට වෙනස්කමක් කලේ නෑ. අපි තුන් දෙනාම උසස් පෙලට පන්ති ගියේ එකට. කෑවේ බිව්වේ එකට. සිදත් විශ්ව විද්‍යාලෙට යන්න තේරුනා. මමයි සේපාලියි මගින් නතර උනා. ඒත් ඒ දෙන්නගේ ආදර කතාව දාහක් ප්‍රශ්න මැද්දේ ගලාගෙන ගියා. වරින් වර ආපු මොනාදෝ කතා නිසා සේපාලි සිදත් වෙන් උනා. හිත ඇතුලේ කොහෙන්දෝ ආව සතුටක් පිනුම් ගහද්දී සිදත්ගේ දුක අහන් ඉන්න උනෙත් මට. අහන් ඉන්නවා ඇරෙන්න දෙන්න උත්තරයක් මන් ගාව තිබුනේ නෑ. සාම්ප්‍රදායික වෙච්ච් ගෙදරක එකම ලමයා උන
මට ආදර සම්බන්ධයක් කැඩුනම දෙන්න උත්තර කොයින්ද. අපේ අම්මා තාත්තත් බැදලා තිබ්බේ යෝජනාවකින්. මටත් එහෙම එකක් එනකම් මන් බලන් හිටියා. සිදත් සේපාලි සම්බන්ධේ නැති උනාම මම හීන දැක්කා සිදත්ගෙන් පද්මිට යෝජනාවක්... ඒත් සිදත් කවදාවත් එහෙම යෝජනාවක් කලේ නෑ. හොදට ඉගෙන ගන්න, ලස්සන ඒ වගේ කොල්ලෙක්ගෙන් එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ. සමහරවිට සිදත් කැම්පස් එකෙන් ලස්සන ගෑනු ලමයෙක් හොයාගනියි. මම හිත හදාගත්තේ එහෙම. සති අන්තේ ගෙදර ආව දවසක මටත් බාහිර උපාධිය කරන්න අයදුම්පතක් ගෙනාවේ සිදත්. මම හැම සතියෙම සිදත් එක්ක කොළඹ යන්න එන්න පටන් ගත්තා. සේපාලි ගැන මතක අමතක වෙලාම ගියා. හරි ඉක්මනටම ඉස්කෝලෙ හිටපු ලස්සනම කොල්ලා මගේ අතින් අල්ලගත්තා. අතින් විතරක් නෙවෙයි හිතිනුත් අල්ලගත්තා. අපේ අම්මා ගෘහණියක්. බොහෝම සම්ප්‍රදායික කාන්තාවක්. තාත්තා තමයි මට හැමදේටම කතා කරන්න හිටියේ. සිදත් සේපාලි ගැන කියන්න අපේ ගෙදර ආව දවස් වල උනත් අපේ අම්මාගෙ මූණ ඒ හැටි හොද නෑ. "කෙල්ලෙක් ඉන්න ගෙවල් වලට ඇවිත් ඔහොම පැය ගනන් කියවනවද" "අන්තිමට මේ කෙල්ලට කසාදයක්වත් කරගන්න වෙන එකක් නෑ" කියලා මන් අහගෙන නිතරෝම තාත්තා එක්ක කියනවා. සිදත්ගෙයි මගෙයි සම්බන්ධේ කනින් කොනින් අම්මා දැන ගත්ත ගමන්ම කිවුවේ ඉක්මනට කසාද බදින්න කියලා. මම කෙසේ වෙතත් සිදත් ඒකට ලෑස්ති නෑ කියලා මන් දැනන් හිටියා. මොකද ඒ වෙනකොටත් එයා විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න ගමන් හිටියේ. ඉගෙන ගන්න වැඩ, විභාග අස්සේ කසාදයක් එයාට බර වැඩිවෙයි කියලා මට හිතුනා. ඒත් ඒක අපේ අම්මට කියන්න ගියේ නෑ මන්. කොහොමින් කොහොම හරි සිදත් කසාදෙට කැමති උනා. අපි කසාද බැන්දේ සිදත් විශ්ව විද්‍යාලේ අන්තිම අවුරුද්දේ ඉන්නකොට. වාසනාවට වගේ ඒ වෙනකොටත් එයාට රටේ ප්‍රසිද්ධ ආයතනයක රස්සාවක් හම්බ වෙලා තිබුනා. සිදත් මඩුගල්ල වචනයේ පරිසමාප්තියෙන්ම හොද ස්වාමි පුරුෂයෙක්. ආදරණීය සැමියෙක්. සරාගි පිරිමියෙක්. සමහර දවස් වලට මම යටි හිතෙන් සතුටු උනා සේපාලිට නැතුව ඒ පිරිමියා මටම හම්බ උන එකට. පද්මි බාලසූරියට දාහකින්වත් හොයාගන්න බැරි කෙනෙක්. ලොකු දුව හම්බ උන දවසේ සිදත් ඇඩුවා. සතුටට. එයා ආසාවෙන් හිටියේ දූ කුමාරියෙක්ට. දුවගේ නැප්කින් එක සෝදන එකේ ඉදන් මහ රෑ අඩද්දී කිරි පොවන්න මගේ අතට දුවව දෙන එක වෙනකම් හැමදේම කලේ සිදත්. අපේ අම්මා තාත්තාගෙන්වත් එයාගේ අම්මා තාත්තාගෙවත් උදව්වුවක් හම්බ වෙනකම් බලන් හිටියේ නෑ. පුදුම ආදරණීය චරිතයක්. ලොකු දුවට අවුරුදු එක හමාර වෙනකොට තවත් පුන්චි කුමාරියෙක් ආවා අපි ගාවට. ඊට අවුරුදු තුනකට පස්සේ පුතෙක්. සිදත් දරුවන්ට පුදුම ආදරෙයි. මම අපේ ගෙදර එකම ලමයා නිසා සිදත් අපේ ගෙදරම පදිoචි උනා. දරුවෝ තුන් දෙනාගේ වැඩත් එක්ක බාහිර උපාධිය කරගත්තට මට රස්සාවක් කරන්න බැරි උනා. සිදත්ට උසස්වීමක් ලැබුනේ ඔය කාලේ. කොළඹම එයා නැවතුනා. සති අන්තේ දරු පැටවු තුන් දෙනා බලන්න දුවගෙන එනවා. වෙලාවකට මට ඒකත් මහා වදයක් උනා. සතියේ දවස් පහක් එයාල එක්ක ඔට්ටු වෙලා සිදත් එනකොට මුලුගේම අස් කරන්න ඕන. පුටුවක් උඩ එක රෙදි කෑල්ලක්වත් තියෙන්න බෑ. එයා ඒ තරම් පිලිවෙලයි. ඉතින් ඒ සේරම කරලා එයා ආව ගමන් මන් මගේ නිදහස හොයනවා. අපේ අම්මා කෑම හදනවා. සිදත්ගේ ඇදුම් අදටත් එයා සෝදගන්නේ. අතෙන්. ඉතින් ලෙඩක් දුකක් හැදුනොත් මිසක සිදත්ගේ ඇදුමක් සෝදලා දුන්නේ නෑ මන්. එයා කැමතිත් නෑ කවුරුත් එයාගේ ඇදුම් සෝදනවට. පොඩි තුන් දෙනා ටික ටික ලොකු උනා. සිදත් එයාල වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කලා. සති අන්තේ ලමයි වගේම මාවත් හොයන සිදත්ව ලමයින්ගේ වැඩත් එක්ක මට මැග ඇරුනා. එයා නිදාගන්න කතා කලාම සමහර දවස් වලට ලොකු දුවගේ කාමරේම මට නින්ද ගිහින්. සමහර දවස් වලට පොඩි දුවගේ කාමරේ. පුතාගේ කාමරේ. ඉතින් අපේ කාමරේ අපේ උනේ මාසෙට දවසක් දෙකක් වගේ. සිදත් වයසත් එක්ක තවත් ලස්සන උනා. පරිණත පිරිමියෙක්. ඕනම ගෑනියෙක් ආස හිතෙන ජාතියේ පිරිමියෙක්. මගේ යාලුවෝ උනත් සිදත් ගැන කියනකොට ආඩම්බරකමක් වෙනුවට මට ආවේ තරහක්. ඉරිසියාවක්. මන් දරුවෝ මත්තේ නැහෙනවා එයා කොල්ලා වගේ ඇදලා කරලා වැඩට යනවා. සිදත් කෙස් ගස් එක දෙක සුදු වෙනකොටම පාට කරන්න ගත්තා. ඒ වෙනකොටත් මගේ කෙස් ගස් තිහ හතලික්ම සුදු වෙලා තිබ්බේ. සිදත් කොණ්ඩේ පාට කරාම ඒකත් මට පෙනුනේ නුහුරට. "ඔෆිස් එකේ නැට්ටිච්චියන්ට පේන්න" මගේ හිත කිවුවේ එහෙම. "පද්මී ඔයත් මේක ගාලා බලන්න.." කියලා එයා කියනකොට "මන් දිහා කවුරු බලන්නද. ඔයා ගාගන්නකෝ. ඔයා දිහානේ කට්ටිය බලන්නේ" කියලා මම ගස්සගෙන ගියා. ගිය සතියේ පුතාගේ පන්තියේ අම්මලා වගයක් සිදත් ගැන කියවනවා ඉවරයක් නෑ. එයාගේ වැඩකට උදව්වක් කලා කියලා. "තාමත් කොල්ලා වගේ පද්මි, පුතත් එයා වගේද මන්දා. හරි ලස්සනයි" කිවිවා. එදා මම පුතාටත් බැන බැන ගෙදර ආවේ තාත්තා වගේම මනමාලකම කියලා. පුතා ඒකේ තේරුමවත් දන්නවද දන්නේ නෑ. පවු. කාලේ ඔහොම ගෙවිලා ගියා. සිකුරාදා රෑ ඇවිත් සදුදා පාන්දර වැඩට ගිය සිදත් ඔෆිස් එකෙන් හම්බ උන වාහනේ නිසා දවස ගානෙම ගෙදර එන්න පටන් ගත්තා. පාන්දර නැගිටලා සිදත්ගේ කෑම එක හැදුවේ අපේ අම්මා. සතියටම ඕන එලවලු මාලු ටික ලමයි එක්ක ගිහින් අරන් එන්නේ සිදත්. සතියටම හරි යන්න පොල් ගෙඩි දහයක් විතර ලෙලි ගහලා දෙන්නේ සිදත්. ඉරිදා දවසට සතියටම අදින ඇදුම් ටික ලස්සනට අයන් කරලා අල්මාරියේ එල්ලනවා. දුවලා දෙන්නයි පුතයි එක්ක යාලුවෙක් තරමටම හිනා වෙලා ඉන්න සිදත් දිහා මන් ඔහේ බලාගෙන ඉන්නවා. උදේම නැගිටලා, නාලා කරලා ලස්සනට ඇදලා, එක රැල්ලක්වත් නැති වෙන්න මැදපු ශර්ට් එක කලිසමට යට කරන දිහා මන් ඔහේ බලන් ඉන්නවා. කොන්ඩේ පීරන ගමන්, සෙන්ට් ගාන ගමන් විසිල් එකක් ගහන, සින්දුවක් මුමුණන සිදත් දිහා නයිටියත් ඇදන් මන් ඔහේ බලන් ඉන්නවා. "පද්මී, මම සල්ලි දැම්මා ඔයාට. ලස්සන සාරියක් ගන්න, සැලුන් එකටත් යන්න,කොන්ඩේ පාට කරගන්න" කියලා මගේ නලල ඉඹ්ලා යන සිදත් දිහා මම ඔහේ බලන් හිටියා. පොඩි තුන් දෙනා ඉස්කෝලේ ගියාට පස්සේ මම සිදත් දාපු සල්ලිත් අරන් සාරි කඩේකට ගියා. සිදත්ගේ යාලුවෙක්ගේ වෙඩින් එකක් ලබන සතියේ. සාරියකුත් අරන් එලියට බහින්න හදද්දී අපේ අම්මා ගෙදරට අදින ජාතියේ බතික් ගවුම් වගයක් එල්ලලා තියෙනවා දැක්කා. අම්මට එකක් ගන්න ගමන් මටත් දෙකක් ගත්තා. කොන්ඩෙත් කලු කරගෙන, ඇහි බැමි දෙකත් හදාගෙම මම ගෙදර එනකොට පොඩි තුන් දෙනා ඉස්කෝලේ ගිහින් ඇවිත් බත් කනවා. ගෙනාපු ගවුම් තුනත් සෝදලා දාලා නාලා ඉවර වෙලා තමයි මම කන්න ගත්තේ. එදා සිදත් එනකොට ටිකක් රෑ උනා. අම්මයි මමයි දෙන්නම අලුතින් ගත්ත බතික් ගවුම් පාට දෙකකින් ඇදන් හිටියේ. අපිව දැක්ක ගමන් සිදත්ට හිනා ගියා. "බලන්නකෝ පුතේ අපිට ආචිචිලා දෙන්නෙක් ඉන්නවා දැන්" "ඒකනේ තාත්තේ, කුස්සියේ ඉන්නකොට මටත් හිතා ගන්න බැරි උනා, හොද වෙලාවට අද අම්මා කොන්ඩේ කලු කරලනේ, ඒකෙන් තමයි අදුන ගත්තේ" දුවලා දෙන්නයි පුතයි එක්කන් සිදත් හිනා වෙනකොට මම ගස්සගෙන කුස්සියට ගියා. මේ ගවුමේ තියෙම වැරැද්ද මොකක්ද. හොදට උසට දිගට සනීපෙට තියෙනවනේ. මන් මටම හේතු කිවුවා. දැන් මාස දෙකකට කලින් සිදත් ඔෆිස් එකෙන් රට ගියා. ගිහින් එනකොට පොඩි අයට වගේම මටත් තෑගි මල්ලක් ගෙනත් තිබ්බා. ඒකේ තිබ්බ වයින් රතු පාට ඇදුම දැක්කම මට සිදත් එක්ක පුදුම කේන්තියක් ආවේ. " මේ වෙන ගෑනියෙක්ට ගෙනාව එකක්ද කොහෙද, මේව අදින්න පුලුවන්ද මට. දැන් අවුරුදු පනහක්. ලමයි ඉස්සරහා අදින්න පුලුවන් එකක් ගේන්න ඕන, නැත්තන් ගේන්නේ නැතුව ඉන්න ඕන, විකාර" ඇදුම එහෙම්ම ගෙනාපු මල්ලට ඔබලා යන්න හදනකොට සිදත් මගේ අතින් අල්ලගත්තා. "ලමයි ඉස්සරහ අදින්න නෙවෙයි ඕක ගෙනාවේ. මගේ ඉස්සරහා අදින්න" එයා කට කොනෙන් හිනා වෙන ගමන් කිවුවා. "ඔයාට පිස්සුද. මේවා ඇදන් ඉන්න. පනහත් පැනලා දැන්, මේවා හොදයි අවුරුදු තිහේ තිස්පහේ අයට" "ඔයා පනහා පැනලා කිවුවට මගේ හිතෙන් ඔයාව දකින්නේ ඒ වයසට තමයි පද්මී" කියාගෙන සිදත් නාන කාමරේට ගියා. හෙමින් හෙමින් මල්ලේ තිබ්බ අනෙක් ඒවා බලනකොට මට හීල්ලුනා. ලස්සන ලස්සන ලේස් වලින් මහපු යට ඇදුම්, කොට කලිසම්, ස්කිනි, මේවා මොකටද මට. අපේ අම්මා සාම්ප්‍රදායික ගැහැනියක්. අත් කොටට අදින්න දුන්නේ නෑ මට. දණිස්සට පහලට අදින්න ඕන. කලු පාට රතු පාට තහනම්. කොන්ඩේ කපන්න බෑ. ඇති කොන්ඩෙකුත් නැ. පොල් මුඩ්ඩ වගේ. සිදත් කොච්චරවත් කිවුවට කපමු කියලා අම්මා කැමති නෑ කියන එක නොකියා මන් . "සාරියක් ඇන්දම කොන්ඩයක් බදින්න බෑනේ " කියලා ඒකත් මග ඇරියා. දුවලා දෙන්නට උනත් එක එක මෝස්තරේ ඇදුම් සිදත් ගෙනත් දුන්නා ඇරෙන්න මම හරි අම්මා හරි මහපු ගවුම් තමයි ලොකු වෙනකම්ම් ඇන්දේ. සිදත් ලොකු දුවට ඩෙනිම් කලිසමක් අරන් දීපු දවසේ මට වඩා පරල උනේ අපේ අම්මා. "කකුල් දෙකට කලිසම් අදින්න මේ ගෙදර දෙන්නෙක්ම ඉන්නවා මදි වෙලාද? ලොකූ, ඔයා කලිසමක් ගත්තේ පොල් කඩන්න යන්නද," එදානම් සිදත් අම්මා උයපු බත්වත් කෑවෙව් නෑ. "පද්මී ඔයා අම්මට කියන්න. මේ මගේ ලමයි. ඔයා එයාගෙ ලමයා උනා කියලා ඔයාට දාපු නීති මගේ ලමයින්ටත් දාන්න එන්න එපා කියන්න. ඒ ලමයින්ට වැරදි දෙයක් මම කරන්නේ නෑ. දිග ගවුම් සාය වලට වඩා කලිසම ලේසියි. බස් එකේ යන්න එන්න උනත්" සිදත් කියන්නේ ඇත්ත තමයි. මම උනත් පොඩි කාලේ ඉදන්ම කලිසමක් අදින්න කොච්චර ආසවෙන්ද හිටියේ. අපේ අම්මා කවදාවත් ඇදලා බලන්න තියා කලිසමක් අල්ලලා බලන්නවත් අවස්තාවක් මට දුන්නේ නෑ. එයා මහලා දෙන ගවුම් සායවල් තමයි මම ඇන්දේ. කී සැරයක් ඒ බච්චු සාය, ගවුම් පැටලැවිලා වැටිලා තියෙනවද, අම්මා මහන දිහා බලන් ඉදලා මටත් ලස්සනට මහන්න ගොතන්න පුලුවන්. දුවලා දෙන්නට ඇන්දුවෙත් අම්මා හරි මම හරි මහපුවම තමයි. ඉතින් එහෙව් එකේ මේ කොට කලිසම් බැනියම් ඇදන් කාමරෙන් එලියට බැස්සොත් අපේ අම්මට පිස්සු හැදෙයි. මන් උනත් කොහොමද මේවා අදින්නේ. මම සේරම ටික මල්ලට ඔබලා අල්මාරියේ යටම තට්ටුවට දැම්මා. සිදත් නාගෙන එන වෙලාවට කාමරෙන් එලියට ආවා. එදා ඉදන් සිදත් අද වෙනකම් ඇහුවේ නෑ ඒ ඇදුම් වලට මොකද කලේ කියලා. අද එයා මට හිනා වෙන්න ඇත්තෙත්
ඒකයි. ඒ ඇදුම් වලට වඩා මේවා කොච්චර සනීපද. ඒවා සැටින්. මේව කොට්න්. මගේ හිත කිවුවා. සිදත් රැකියාවෙන් ඉහලට ගියා. දවසින් දවස ලස්සන උනා. කඩවසම් උනා. එයා ලස්සනට ඇදලා කරලා සුවද නාගෙන යන දිහා මම ඔහේ බලාගෙන හිටියා. අම්මා උයන බත් එක මම ඉවුවා වගේ අතට ගෙනත් දුන්නා. ඒක අරගෙන මගේ නලලට දෙන උණුම උණු හාදුව මම මග ඇරියා. සිදත් ගියාම කම්මුලේ අතත් තියන් මන් ඔහේ ඉන්නවා. "ඔෆිස් එකේ ඇති ලස්සන කෙල්ලෝ, ඒකනේ මෙච්චර ලස්සනට ඇදල කරලා යන්නේ" "උන් අදිනව ඇත්තේ එහෙම, ඒකනේ මටත් ඒවා අන්දන්න හදන්නේ". "උන් සැලෝන් යනවා ඇති ඒකනේ මාවත් යවන්න හදන්නේ. ලැජ්ජ ඇති මාව වයිෆ් කියලා පෙන්නන්න." "රට ගියෙත් උන් එක්ක වෙන්න ඇති" "ඔය ඇදුම් තෝරන්න ඇත්තෙත් ඔය ගිය එකියක් වෙන්න ඇති" මගේ හිත දාහක් දේවල් කිවුවා. ඒවා හිතේ තියාගෙන සිදත් ආව වෙලේ ඉදන් මන් එයත් එක්ක එල්ලෙන්නමයි හැදුවේ. "මේ ගෑනියේ, මන් ඔෆිස් එකේ මැරිල මැරිලා එන්නේ ගෙදර එන්නේ, පින් සිද්ද වෙයි ඔය කට පොඩ්ඩක් වහන් ඉන්නවද" ජීවිතේ පලවෙනි පාරට බැදලා අවුරුදු විස්සකට පස්සේ මමයි සිදතුයි රන්ඩු උනා. රස්සාවක් නොකර ගෙදර ඉන්න එක මටම ප්‍රශ්නයක් උනා. මාත් එයා වගේ රස්සවකට ගියානම් මේ කතා මුකුත් අහන්න ඕන නෑ කියලා හිතුවා. සිදත් අපේ කාමරේ තනියෙන් නිදාගත්තා. ඒක එයාගෙම කාමරේ විතරක් උනා. ලමයි උනත් ඒකට කිවිවේ "තාත්තගේ කාමරේ" කියලා. මම දුවලගේ කාමර වලට සින්න උනා. බලාගෙන ඉද්දී මගේ කොන්ඩේ සුදු උනා. සිදත් එයාගෙ කොන්ඩේ පාට කලා. මගේ ඇස් යට කලු උනා. සිදත් අලුත් මෝස්තරේ කන්නාඩි දෙකක් ගත්තා. මගේ මූණ කලු වෙලා රැලි වැටුනා, සිදත් රැලි වැටෙන මූණ වැහෙන්න ලස්සන රැවුලක් වැවුවා. මම මමම මහපු බාච්චු ගවුම් සාය ඇන්දා. සිදත් ඉහළ සන්නාම තියෙන ලස්සන ඇදුම් ඇන්දා. දරුවෝ තුන් දෙනාගේ අම්මා කියලා මාව පෙනුණා. සිදත් එයාලගේ ලොකු අය්යා වගේ පෙනුණා. මම ගෙදර ඔහේ හිටියා. සිදත් යාලුවෝ එක්ක ට්‍රිප් ගියා. මට යන්න කතා කලාම මම දාහක් ඒවා කියලා මග ඇරියා. මාව එතනට සුදුසු නෑ කියලා මගේ යටි හිත කිවුවා. මාසෙට දවසක් සිදත් ගෙදර ඉදන්ම පොඩ්ඩක් බොන එකම මට වගේම අපේ අම්මටත් මහ විශාල පවක් උනා. "අපේ තාත්තවත් කවදාවත් ගෙදරට ගෙනත් බිවිවේ නෑ" එහෙම දවසට මම කියවනවා. "අනේ දරුවෝ ඉස්සරහා තාත්තෙක් කරන වැඩද මේ" එහෙම දවසට අපේ අම්මා කියවනවා. බැදපු මුල් දවස්වල හිටපු අතිශය රොමෑන්තික පිරිමියා එහෙම දවසට මට අපේ කාමරේට කතා කරනවා. ඒත් ලමයි ලොකුයි, දැන් වයසයි කියන මගේ හිත ඒකට බෑ කියනවා. හරි අහම්බෙන් සිදත්ගේ කාමරේ එයාගේ මේසේ උඩ තිබ්බ මුතු අකුරින් ලියලු ලිවුමක් දැක්කේ අද උදේ. "ආදරණීය සර්, "ජීවිතේ සතුට මොකක්ද කියලා කියලා දීපු සර්ට ගොඩාක් ස්තූතියි. අවුරුදු ගානකින් මම හරි සනීපෙට නිදාගත්තේ ඔය පපුව උඩ. ආයේ කවදාවත් එහෙම සුව නින්දක් මට ලැබෙන එකක් නෑ. එහෙමයි කියලා එකම වැරැද්ද මට දෙපාරක් කරන්න බෑ. සර් වයිෆ් දරුවෝ එක්ක සතුටින් ඉන්න, මම පොරොන්දු වෙනවා ඒ තරම්ම සතුටින් මමත් ජීවත් වෙනවා කියලා." මේ ආදරණීය මැණික ධරණී💗 එක අකුණක් නෙවෙයි, අකුණු දහයක් නෙවෙයි න්‍යෂ්ටික බෝම්බ දසදාහක් මගේ ඔලුවේ පුපුරන්න ඇති. සිදත්, සේපාලිගේ සිදත්, නෑ මගේ සිදත්, නෑ ධරණීගේ සිදත්. කොච්චර මන් ඈත් උනත් ඒ මගේ සිදත්. මම ඇද බෙදාගත්ත සිදත්, ආදරේ කියපු සිදත්, දරුවන්ගේ තාත්තා උන සිදත්, මැරෙනකම් මාව බලාගන්නවා කියපු සිදත්, නෑ එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නම බෑ. එයා මගේ. මට කොහොමද එහෙම කරන්න හිත හදාගත්තේ. මන් පිස්සියෙක් වගේ කෑගැහුවා, කොන්ඩෙන් ඇදගත්තා,කන්නාඩියෙන් පේන මගේම මූන දිහා බැලුවා. සුදු කොන්ඩේ අවුල් උන, කදුලු බේරෙන විකාර රූපි පද්මිට වඩා සිදත්ගේ පපුව උඩ නිදාගෙන ඉන්න ලස්සන ධරණී කෙනෙක් මම කණ්නාඩියෙන් හෙව්වා. නෑ එහෙම වෙන්න බෑ.....පිස්සියෙක් වගේ මම කියෙව්වා. සිදත්ට එහෙම කරන්න බෑ.... මගේ හිත කිවුවා. එහෙම්ම සිදත්ට කෝල් එකක් ගත්තේ අවුරුදු ගානකින්. ඉස්සර උදේට ඔෆිස් ගියාද කෑවද අහන්න කෝල් කලාට දැන් අවුරුදු ගානකින් මම එහෙම අහලා නෑ. අහන්න තරම් දෙයක් තිබුනේ නෑ. එයා යන විත්තියත් දන්නවා. ගිහින් කන විත්තියත් දන්නවා. ඒත් අද..දෙපාරක් නාද වෙනකොටම සිදත් කතා කලා. "පද්මී ,ඇයි හදිසියක්ද, මම ඩ්‍රියිව් කරන ගමන් ඉන්නේ...කියන්න" "කවුද ධරණී කියන්නේ" මහා බර හුස්මක් එහා පැත්තෙන් වැටෙනවා ඇහුනා. "ඔයා ඔය ගැන අහන්නේ එයා ගැන දන්න නිසානේ. මගේ අතින් එහෙම වරදක් උනා. ඒත් මම පොරොන්දු වෙනවා ආයේ ඒ වරද වෙන්නෙ නෑ කියලා" "හ්ම්ම්ම් එහෙමද, හවස එන්න. මට කතා කරන්න ඕන" ෆෝන් එකත් අරන් කාමරෙන් සාලෙට ආවා අපේ වෙඩින් ෆොටෝ එක ලග තියෙන අපි පස් දෙනාගේ ෆොටෝ එක දිහා බැලුවා. මේක ගත්තේ අපි පුතාට අකුරු කියවපු දවසේ කන්දේ විහාරේ ගිය වෙලේ. දුවලා දෙන්න අත් දෙකට තුරුල් කරන් ඉන්න මාව, එක අතකින් පුතාව වඩාගෙන අනෙක් අනෙක් අතෙන් තුරුල් කරන් ඉන්න සිදත් දිහා මම හොදට බැලුවා. කොච්චර ආදරණීය පිරිමියෙක්ද, මගේ හිත ආයෙත් කිවුවා. කවිච්චියේ හෙමීට හාන්සි උන මම ආපස්සට හිතුවා. සිදතුයි මායී ඈත් උනේ මගේම වරදින් කියලා මගේ යටි හිත මොර ගානවා. ඒත් ඒක එහෙම නෙවෙයි කියලා මගේ උඩු හිත දබර කරනවා. "මම එහෙම වැරැද්දක් කරලා ආවෝතින් සිදත් මාව බාර ගනියිද" මම මගෙන්ම ඇහුවා. නෑ එයා කීයටවත් මාව ගෙටවත් ගන්නේ නෑ. එයාගේ හිත මම කියෙව්වා. "දික්කසාද" වෙනවා. ඔව්ව් මගේ හිත උතතරයක් දුන්නා. ඒත් ලොකු දුව මතක් උනා. එයා ඉගෙන ගන්න පෞද්ගලික විශ්ව විද්‍යාලෙම ලමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කිවුවනේ. ලබන මාසේ ඒ කට්ටිය අපේ ගෙදර එනවත් කිවුවා. ලොකු දුව බදින්න ඉද්දී එයාගේ අම්මා තාත්තා දික්කසාද වෙන්න ගියොත් .... යටි හිත මතක කලා. "ඔව්.. දුවට ලැජ්ජා හිතෙයි. ඒ ලමයගේ ගෙදරින් මොනා කියයිද. බදින වයසේ දරුවෝ ඉන්න තාත්තෙක් ....නෑ නෑ ඒක හරි යන්නේ නෑ"උඩු හිත කිවුවා. "දරුවෝ තුන් දෙනාට කියනවා..." මගේ යටි හිත ආයෙත් මතක් කලා. "නෑ නෑ දරුවෝ දැනගන්න ඕන නෑ. පුතා මේ සැරේ විභාගේ ලියනවනේ.. කොල්ලගේ හිත කඩන්න එපා" උඩු හිත අවවාද කලා. "අපේ අම්මට කියමුද.."යටි හිත් ඇහුවා. "බෑ බෑ. ඒක නම් කොහොමත් බෑ. සිදත්ට ගෙදරිනුත් යන්න කියයි. තාමත් සමහර වෙලාවට මේ එයාගේ ගෙදර කියන එක මට මතක් කරනවා. පරණ ගෙදර තට්ටු දෙකට ලස්සනට හැදුවේ සිදත් උනාට අපේ අම්මාට තාම මේක එයාගේ ගෙදර. එයාගේ ගෙදර මගුල් නැටුවා කියලා සිදත්ව එලවයි. දරුවෝ තුන්දෙනා ලෝකෙට මූන දෙන්නේ කොහොමද." උඩු හිත අවධාරණය කලා. හරි, අන්තිම උත්තරේ. "සිදත් මඩුගල්ල, මම මැරෙනකම්ම ඔයා මගේ ස්වාමි පුරුෂයා විදියටම ඉදියි. හැබැයි ඒ ලෝකෙට පේන්න. අපි අපේම උන අපේ කාමරේ අද ඉදන් ඔයාගේ කාමරේම වෙයි. අපේ ඇද ඔයාගේම ඇද වෙයි. මැරෙනකම් දරුවෝ විතරක් අපේ වෙලා ඉදියි. එයාලගේ වගකීම් යුතුකම් විතරක්ම අපේ වෙයි. ගතින් විතරක් නෙවෙයි අද ඉදන් ඒ පද්මී හදවතිනුත් ඔයාගෙන් ඈතට යනවා. මම ඔයාට සමාව දෙන්නම්. ඒත් ආයේ එහෙම වෙන්නේ නෑ කියලා පොරොන්දුවක්නම් මට ඔයාගෙන් එපා. මේ ආදරනීය පද්මී නෑ පද්මී. ටයිප් කරපු පණිවිඩය සිදත්ගේ ෆෝන් එකට යවලා මම කවිච්චියෙන් නැගිට්ටා. අත් දෙකෙන්ම කදුලු පිහගෙන කාමරේට ගිහින් අල්මාරියේ යටම තට්ටුවෙන් ඒ මල්ල එලියට ගත්තා. රෝස පාට දණහිස ගාවට වෙන්න තිබ්බ කොට කලිසමකුයි, සුදු පාට අත් නැති බැනියමකුයි, ලස්සන ලේස් යට ඇදුම් දෙකකුයි අරගෙන නාන කාමරේට ගියා. කණනාඩියෙන් පේන අඩලා අඩලා මූන රතු උන පද්මී දිහාවට හැරිලා "අද ඉදන් මම හරි ආදරෙයි පද්මි ඔයාට" කියලා හිනාවෙලාම කිවුවා. ඒ කතාව එහෙමලු උනේ🌸🌸🌸 E.M.C.K.එදිරිසූරිය 2024.01.15 ප.ලි. .කතාව ලියන්න ටිකක් කල් ගියා. පද්මී මහන ගොතන හැකියාවෙන් ලස්සන වැඩ කරනවා. එයාට ඔන්ලයින් පේජ් එකක් තියෙනවා, ඒකේ තියෙන හැමදේම hand embroidery විදියට කරපුවා. ඒක හොද බිස්නස් එකක්. ගෑනු උනත් පිරිමි උනත් හැමෝටම කියන්න කතාවක් තියෙනවා. ඒත් ඒ ඒ කතාව එයාලගේ පැත්තෙන් ගත්තම හරිම සාධාරණයි ඉතින්🌸🌸සීල් සඳුදා උදේ කියන්නෙ කාලෙකට කලින් දිනිති ගෙ ගෙදර පොඩි පහේ යුද්ධයක් වගේ.සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ ආහාර රුචිකත්ව තියෙන සැමියාටත් දුවටත් පුතාටත් ගැලපෙන විදියට උයලා තුන් පැත්තකට පිටත් වෙන තුන් දෙනා ව පිටත් කරලායි ඇය නිවසේ කොටසක ම තියෙන මැහුම් සාප්පුව අරින්න යන්නෙ.සඳුදා උදේක නම් මේ යුද්ධය තවත් දරුණුයි.සතියෙ දවස් පහ ම කාලසටහනකට වැඩ කරන තුන්දෙනාට සති අන්තයේ ඇති වෙනකල් මහන්සි අරින්න දිනිති ඉඩ දෙන්නෙ එළඹෙන සතිය මොන තරම් අභියෝග වලින් පිරී තිබුනත් ඒවාට සතුටින් මුහුණ දෙන්න ඕන කරන නැවුම් බව ඉන් සකස් වෙන බව විශ්වාස කල නිසා. සති අන්තයේ හිතූ හිතූ දේවල් කරන තුන් දෙනා සඳුදා උදේට හැසිරෙන්නෙ අම්මා විතරක් ඉන්න ගේකට මුලින් ම ඇවිත් ජීවිතේ මුල් වතාවට රැකියාවට ඉස්කෝලෙට යන ගානට."අම්මේ මේස් දෙක කෝ?.ටයි එක කොහෙද? මගෙ බෑග් එක දැක්ක ද? අද අපිට මැල්ලුම් හදන් එන්න කිව්වා..."මේ නිසා ඇය ඉරිදා රෑට මේ සියල්ල ලෑස්ති කර තබයි.දැන් ටික ටික වගකීම් දරන්නට පුරුදු වන පුතාත් ඇයට උදව් කරයි.ඉතා වගකීම් සහිත කාර්යබහුල රැකියාවක යෙදෙන සැමියාට ඒ තරම් උදව්වක් කරන්නට නොහැකි වුවත් දරු දෙදෙනාගේ ඇඳුම් මැද දී උදේට ඔවුන් ලෑස්ති කරන්නට බාර ගැනීම ම ලොකු සහනයකි. අද එළඹ ඇත්තේ අතීතයට අයත් වූ සඳුදාවකි. සිකුරාදා කඩිමුඩියේ සැමියා නිවස ආවේ අම්මාට අසනීප නිසා මේ දැන් බදුල්ලේ යා යුතු බව කියා ගෙන ය.එක ම පුත්‍ර රත්නය කාලෙකින් නොදැකීමෙන් නැන්දම්මාට ඇති වන රෝගාබාධ ගැන හොඳ අත්දැකීම් ඇතත් දිනිති දරු දෙදෙනාගේ පොත් බෑග ද වාහනයට පැටෙව්වාය.ගමේ යාම ඔවුන් දෙදෙනාට ඉස්කෝල නැති ලෝකයකට ඇතුල් වීමකි.එහෙත් වදෙන් පොරෙන් දිනිති දෙදෙනාගේ ගෙදර වැඩ ටික කෙරෙව්වාය. ඊයේ මහ රෑ නැවත ආ නිසා වෙන කිසි ලෑස්තියකට ඉඩක් නැති විය.මහන්සිය නිසා එලාම් දෙක ම නොඇසී ගොස් ය.ඇය තත්පර කීපයක් ඇස් පියාගෙන කල යුතු දේ කල්පනා කළාය.ගිය සතියේ එක් දිනක් පාසල් නොගිය නිසා නොඇඳ ඉතිරි වූ නිල ඇඳුම් කට්ටලයක් ඇත.පැය ගානක් එක දිගට වා
හනය එල‍වූ සැමියා නොඇහැරවා ඇය පුතා ඇහැරෙව්වාය. "පුතා ... .මැණික අම්මට උදව් වෙනවා නේද? නංගි බබා එක්ක ලෑස්ති වෙන්නකො. යාළුවන් ට විස්තර ගොඩක් කියන්න තියෙනවා නෙ" මහා කඩිසරෙන් වැඩ කරන අතර දී සැමියා ඇහැරී එනු ඇය ඇස් කොනින් දුටුවාය.දරු දෙදෙනා පිටත් කර යවා ඇය මෙතෙක් සද්දයක් නැති සැමියා සෙව්වාය.ඔහු ඔෆිස් කාමරයේ ලොකු වැඩක් පාටය.මේසය උඩ ඇති සියලු දේ ඇද දමා බිමට පෙරලා ඇති බව දුටු ඇය විස්මයට පත් වූවාය. "මොනවද හොයන්නෙ" "සීල් එක." "මොන සීල් එක ද?" "මගෙ සීල් එක අනේ.සෙනසුරාදා අවුට් ස්ටේෂන් යන්න දාගෙන තිබුන නිසා ඒක මම කලින්ම බෑග් එකට දා ගත්තා" "බෑග් එකේ ම ඇති එහෙනම්.එලියට ගන්න වෙලාවක් ආවෙ නෑනෙ" ඔහු නිර්දය ලෙස ලාච්චු දෙක ම බිමට ඇද දමනු දුටු ඈ කෑ ගැසුවාය. බෑග් එකේ නෑ." "එහෙනම් කාර් එකේ වැටුනා ද දන්නෙ නෑ"ඇය ට කට වැරදුන බව වැටහුනාය.ඔහු වාහනයේ සීට් පවා ගැලවීමට ඉඩ ඇත. "ඔයාට හොඳටම මතක ද බෑග් එකෙන් ආයෙ ගත්තෙ නෑ කියල.තාම ඔෆිස් එකේ ලාච්චුවේ ද දන්නෙත් නෑ......මම තව ටිකක් ගෙදර හොයල බලන්නම්කෝ.ඔයාට පරක්කු වෙලා නේද දැන්" ටික වේලාවක් බලා සිටි සැමියා කඩිනමින් ලෑස්ති වී වැඩට ගියේය. ඔෆිස් කාමරය අස් කිරීම පසෙක තබා දිනිති මැහුම් සාප්පුවට ගියාය.සති අන්තයේ අවසන් කරන්නට සිටි වැඩ සියල්ල ගොඩ ගැසී ඇත. මැෂිමට ඉඳ ගත් ඇයට අන් සියල්ල අමතක විය. දිනිති නැවත හිස එසෙව්වේ ෆෝන් එකේ නාදයට ය. "අරක හම්බ වුනා ද ?"සැමියා අසයි. "මොකක්ද? ....ආ....මේ ඔෆිස් එකේ නැද්ද" "ෂික්....කිසි වැඩක් කර ගන්න විදියක් නෑනේ.මම නිවාඩුවක් දාලා ගිහින් අළුත් එකක් කපන්න දෙන්න ඕන." "ඉතින් ඕකට ඔයා ම යන්න ඕන ද?" "වෙන කෙනෙක්ට කියන්නෙ කොහොමද? සීල් එකවත් පරිස්සම් කර ගන්න බැරි සහකාර අධ්‍යක්ෂ කෙනෙක් යටතේ මිනිස්සු වැඩ කරයි ද?" හිනාවක් නැගෙන්නට ආවත් ඇය කට තද කර ගත්තාය. "ඕක කවුරු හරි ගත්තොත් හරි ප්‍රශ්නයක්. මගෙ ජොබ් එකටත් හොඳ නෑ."ඔහු අවධාරණය කළේය.වාහන ශබ්දයක් ඇසුනෙන් ඇය නැගී සිටියාය. "දුව ඇවිත්.මම තියන්නම්" පාසල් වෑන් ර‍ථයෙන් බැස ගත් දුව බඹරයක වේගයෙන් දුව එයි. "අම්මේ.....මං අද ලස්සන චිත්‍රයක් ඇන්දා.... මේ" දිනිති ඇස් ලොකු කර චිත්‍ර පොත දෙස බැලුවාය.තද කොළ පාට මල් පෙති රැසක් ලෙස සහකාර අධ්‍යක්ෂ මුද්‍රාව සටහන් වී ඇත. " අද චිත්‍ර අඳින්න අච්චුවකුයි තින්තයි ගේන්න කිව්වා.අයියා තමා ඕක හොයල දුන්නෙ. චනුකි දුන්නා තින්ත"දුව කීවාය. ------------Shanika Tennakoon------------දුංහිඳ හීන - (එකොළහ) කන්ද කපාගෙන එන හඳපානේ එළියට ඔයේ දියකඳ රිදීපාටින් දිළිහෙනවා. ඇල්ලේ "හෝ" ගාන වතුර සද්දෙත් එක්කල දෙහිටියානෙන් පාවෙලා එන හුළං සද්දෙත් එක්කාසු උනාම මහ තෝන්තුවාවයි වගේ..මං කර උස්ස පොවල ඈත කඳු පෙත දිහාව බැලුවහම අන්දබීරියාව විනක්කා පහන් එළියක්වත් පේන්ට නෑ ...එහෙට මෙහෙට පෙල්ලි පෙල්ලි උන්නාට නින්ද අහළකටවත් නේන හැටි..? දෑහ පියා ගත්තම මයෙ සුදු මහත්තය හිනාවෙවී මං අහට එනහැටි පේන්ට ගන්නව.ඒ ඇත්ත නං සැපට නිදි ඇති ..දැන් රෑ දෙගොඩහරිය වෙන්ටැ. හඳ කඳු ගැට්ටෙන් හුඟක් මුදුනට ගිහින් නෙව. ඈතින් ඇහෙන බටලී නලා සද්දෙ.. එකත් එකටම කිරා පැල්මැස්සට වෙලා හේං රකිනව වෙන්ටැ. ඌ දවාලෙ මා එක්ක කතා බහට ආවෙ බලෙන්ම වාගෙ.කැති පිහියකුත් උරේ එල්ලාන බූටෑවෙන් මතුවෙච්චි විලාසෙට මයෙත් එක්ක දොඩන්ටම කියල තමයි මට හිතුනෙ.. "වරදමන ඉසව්වේ මුං කව්පි ටිකක් වපුරන්ට කියල නගා. මෙදා වරුසාව හිඟයි නෙව. උඩු කරන්ට කළ හොඳා කියල හඳුනයිය නං කීවෙ මොක වෙන්ට හරි වවන්ට පටන් ගන්ට එපැයි ..." කිරා ගම්මැද්දට එන්නේ අත්තමට හවුල් කරගන්ට කවුරුහරි කීවොත් විතරයි. පහුන් ටිකේ ගම් වැදිල උන්නට ඌ වැඩිකාලයක් ගත කරන්නෙ ගුහාලයට වැදිල. කරදඬු හයිය උනත් උගෙ හිත හීං එකෙකුටත් අන්තයි...මං මගාරිද්දිත් ,පළිච්චි කතා කියද්දිත් මේ හැටි පිංසේණ්ඩු වෙන්නේ අහවල් කාරියකට ..? බටනලාව මහා දුක් කතාවක් කියන්නැ හේ.. සුදු මහත්තය මයෙ ඇස් මානෙ නැතුං හිත අඬාවැටෙන්නෙත් ඒ වගේ . සුදු මහත්තය නොදැක ගෙවුනේ හත් අට දොහක් උනාට මහ කල්පයක් ගානයි මට. හෙට උදැහැනැක්කෙන්ම ගොඩගැට්ට නැගල පහළ ගම්මැද්ද දිහා බලන්ට හිතයි. එතනට රාමනායක බංගලාව අපූරුවට පේනවා. ඊට එහායින් මයියංගනේට යන මහපාර. ඉඳහිට යන ගොං කරත්තෙකින් ඇහෙන ගෙජ්ජියක හඬ විනා ඔය,සුදු මහත්තයගෙ වගේ යන එන වාහන හිඟයි නෙව. ඉන්තේරුවෙන්ම වාහනේක සද්දෙ ඇහුනොත් ඒ මයෙ සුදු මහත්තය තමයි . ' * * * "අප්පුච්චා...බතල තම්බල ඇති . කොච්චි සම්බෝල එක්ක. බෙදං කන්ට..." "ඇයි උඹ කොහෙ යන්ට...මේ පාන්කළුවෙම මඟට බැස්සේ..? " "කඩමණ්ඩියට.!මං විගහින් ගෙහුං එන්නං.." අප්පුච්චා තව මොකුත් කියන්ට කළියෙන් මං මල්ලත් ඇන්න කඩුල්ල පැන්නා. ලාවට ඉර අව්ව වැටෙනවා. මං හෙළ ඩිංගක් නැගල හෝදිසි කරේ බංගලාවෙ මිදුලේ , වාහනේ අග්ගිස්සක්වත් පේන්ට ඇද්ද කියල. කවුදෝ දෙන්නෙක් ඒ අහ.. ඉන්නවා. උස බැම්මට වහංවෙලා හන්ද මට බලන්ට අමාරුයි. කොහොමෙන් හරි මයෙ දෙයිය ඇවිත්. මං ලන්ද දිගේ දුවගෙන ගිහින් මහපාරට සේන්දු උනා. "ජිනා..!! " සුදු පාට තොප්පියක් ඉහේ දාගෙන සුදුපාට කළිසං කොටයක් ඇඳගත්තු සුද්දියෙක් වාගෙ ගැටිස්සියක්.. හරියට දේවතාවියක් වාගෙ හැඩවැඩ . මයෙ නම කිව්වේ..? මට නිනව් නැතුං ගියා. දෙයියනේ මේ අපෙ චින්ත බේබි ...? ගම ආව කිව්වට අද නෙව දැක්කෙ. චින්ත බේබි කෙළිහැලේ පුරුද්දෙන්ම මයෙ ළඟට ඇවිත් අතකින් අල්ලාගත්තා. මට චින්ත බේබි එක්ක මොනා දොඩන්ටද කියල හිතාගන්ට බෑ.. සුදු මහත්තය එක්කල ඔය හැටි ඇඟෑළුම්කං පාන්නෙ මොකට කියල ඇහැව්වොත්..? මං චින්ත බේබි එක්කල බංගලාවෙ මිදුල අහට එනකොටම සුදු මහත්තයත් එළියට ආවා. ඒ ඇත්තන්ගෙ මූණ රතුපාට වුනේ හරියට වදමලක් ගානට.. "ඇලෙක්ස්.. දිසී..ස් මයි චයිල්ඩ් හුඩ් ෆ්‍රෙන්ඩ්.. ජිනා.." චින්ත බේබි මොකක්දෝ ඉළව්වක් කියල සුදු මහත්තය දිහා බැලුවම ඒ ඇත්තො මාව මුලින් දැක්ක දා වාගෙ නෙව අත දික් කරේ..? "හෙලෝ...ජිනා..!!" මං මයෙ අතේ තියෙන පං මල්ල තව ඩිංගක් හතර පහට නවාගෙන ඔහෙ බලං හිටියා. මට ඕන දැන් මෙතනින් විගහට තොලොංජි වෙන්ට. සුදු මහත්තය චින්ත බේබිට මොන මොනාදෝ කියල මා දිහත් බලල ජිප් එකට නැංගා. මං රෑ කීයක් සුදු මහත්තය දකින්ට පෙරුම් පුරාගෙන නිදිවරං කල්පනා කරාද.. ? ගංදෑල වාගෙ කියල මං තිස්සෙම හිතුවත් මට ඒ ඇත්තො අමතක කරන්ට හතුරු වෙන්නෙ මයෙ හිතම නෙව...ද? "ජිනා... මම දැන් හොස්පිට්ල් යනවා. අපි පස්සෙ හම්බවෙමු... බා...යී..!! " මං ආපහු එන්ට හැරුනා. එක දොහක් හිනා වෙලා උන්නොත් හත් දොහක් අඬන්ට නෙව අපිට උරුම වෙලා තියෙන්නේ ? ඔය ජෝඩු දාගෙන යන හැටියට හිතන්ට තියෙන්නේ සුදු මහත්තය අයිති මට නෙවේය කියල. ඒත් ... ඒත් මං ඉන්නේ ඒ ඇත්තො අමතක කරන්ට තියා ඒ ගැන හිතන්ටවත් බැරි අහක නෙව. හවහින් උයා පිහා තියල මං ඇල්ල පේන මානෙ ගල් පොත්තක් උඩට වෙලා ඔහෙ ගංදිය දිහා බලං උන්නා. ඇල්ලට වගේ වගක් නැතුව වාගෙ මහ විසාල ගල් පරුවතේ කපාගෙන ජල කඳ ඇද වැටෙන්නේ. ගොම්මන කිට්ටු වෙනකොට ඇල්ලට මොකෙක්වත් සේන්දු වෙන්නෙ නෑ. ගස්ගෝනෙක්, දඬුලේනෙක් ඇරෙන්ට... සිව්පාවො දිය බොන්ට යන්නෙත් පහළ ඔයට විනක්කා ඇල්ල කිට්ටුවට සේන්දු වෙන්නෑ. මං ඔහෙ බලන් ඉද්දී මයෙ උරිසකින් අතක් තියාපු එකා කවුද බලන්ට මං දනිපනියේ නැඟිට්ටේ. මයෙ දෑහ පුදුම කරන්.. සුදු ඇත්තෝ ඇවිදින්....? මට දැනිච්ච දුක කියන්ට වෙන්නෙත් එයාටම වෙච්චි..මං එහෙමම සුදු මහත්තයගෙ පපුව මැද්දට මයෙ මූණ හංගගත්තේ ඇස්දෙකෙන් වැටෙන කඳුළු වහංගු කරගන්ට තවත් නං බැරි හන්ද . සුදු මහත්තය මොකුත් නොකියා මයෙ ඉස අත ගෑවා. ඒ පුරුදු සුවඳට මං තව තවත් ඒ ඇත්තන්ට කිට්ටු වුනා විනක්කා මොහොතකටවත් ඈත් වෙන්ට මට හිත් දුන්නෙ නෑ.කොයිතරම් දේවල් දොඩන්ට හිතං උන්නත් ඒ මූණ දැක්ක හැටියෙ හැමදේම සිහිපරාද වෙනවා... "මං කැමති නෑ ඔයා අඬනවට.. " "හෙනං... චින්ත බේබි එක්කල ඔය හැටි පයුරු පාසානම මොනා..? මට උහුලගන්ට බැරිවේවි සුදු මහත්තය මයෙ ලෝකෙන් මගෑරුනොත්..!? " මං මෙච්චර කාලයක් හිතේ වදදිදී උන්නු කාරණාව කියා දැම්මේ..වෙන දෙයක් විච්චාවෙ කියල. සුදු මහත්තයයෙ මූණෙ හිනාවක් ඇඳුන විනක්කා වෙනසක් මයෙ දැහැට පෙනුන් නෑ. "චින්..ටා.. ඒ මගේ සිස්ටරින්ලෝ...ඔයාට කියන්න මට තේරෙන්නෙ නෑ ජිනා " මට ඔය කියන හත්තිළව් තේරුංගන්ට බෑ.. ඒත් සුදු ඇත්තගෙ හිතේ මනාපෙ තියෙන්නෙ මට වග ඉන්තේරුවෙන්ම කියන්ට ඇහැක් වෙන තරමට ඒ බැල්මෙ සෙනේවන්තකම පිරිල තිබුනා. හීං හුළං රැළි ..ඇල්ලෙ මීදුම ඇන්න එද්දිං හීගඩු පිපෙන තරමට සීතලයි. ඒත් මයෙ ගත වාරුවෙලා උන්නෙ සුදු මහත්තයගෙ උණුහුමට. ගොම්මනේ ඇල්ල අහ හක්කොලන් කරන්ට ඉන්නෙ කිරා විතරයි..ඒත් මෙවෙලෙ කිරා හේං අට්ටාලෙ ලැග ඇත්තෙ..ඒ අහින් දුං නගිනව පේන්නෙ. මයෙ හිතට සැක සාංකා නැත්තෙ අප්පුච්චට බින්න කියල නෙව ඇල්ල අහට ආවෙ. සුදු මහත්තය මයෙ දෑහෙ කඳුළු හෙමිහිට පිහ දැම්මා. මං ඒ උණුහුමට තව තවත් තුරුල් උනා. මයෙ ජීවිතේට මං මේ වාගෙ සෙනේවන්තකමක් විඳල නෑ.. මයෙ ජීවිතේ වෙනස් කරේ සුදු මහත්තයා.. "ජිනා... මං චින්ට..ට කැමැත්තක් නෑ. ඒක විශ්වාස කරන්න. ඔයා කැමතිද නාරංගල වත්තට යන්න මා එක්ක ...? " මං , මහත්තය දිහා බැලුවෙ මේ කියන්නෙ සත්තද අහන්ට වගේ. මං කැමතිදත් අහනවා... මාව කැන්දන් යන්ටද..හෙමත් නැත්තන් මාව අඹුකමට තියන් ඉන්ට තනනව වෙන්ට බැරිද...? මයෙ අප්පුච්චා පැලිල මැරෙයි හෙනං. "කියන්න...පුළුවන් ද..? පුළුවන් නේද ? " සුදු මහත්තයගෙ හාදු වැස්සෙන් මිදිල මං ඩිංගක් අහකට උනා. මට වචනෙ ස්තිරේටම නොදී වත්තට යන්ට හිත හදාගන්ට බැරුවා. මහත්තයගෙ මූණ යාන්තමට හඳ එළියෙන් මට පේනවා..ඒ ඇස් දිහා මට බලන්ට බෑ.. ඒත් මයෙ හිත සැක සංකාවෙන් ලතවෙද්දී මහත්තය මාව ආයිත් එයා ගාවට ඇදල ගත්තා. "ජිනා.. ඔහොම බයවෙලා කොහොමද ආදරේ කරන්නේ.?ඔයා වචනයක් කියන්න. මං එහෙ සේරම ලෑස්ති කරන්නම්..මම සන්ඩේ මෙහෙ එනවා. කියන්න ජිනා..." "මයෙ ඇත්තො කියන අහකට මං එන්න මනාපයි.. ඒත් ...ඒත් ..මයෙ
අප්පුච්චට කාත් කවුරුවත් නැතුවා... මං කෝමද ...." මට ඒ වචන ටික කියල අහවරක් කරන්ට නොදී සුදු මහත්තය එයාගෙ අතකින් මයෙ කට වැහුවා.මට අප්පුච්චව තනිකරල මොන සැප සම්පත් ලැබුනත් පලක් නැතුවා.. සුදු මහත්තය මාව පෙළවහට ගන්ට තනනව නං අප්පුච්චගෙන් අහන්ට ඕන නෙව..? අහ තෝරන්ට , නැයිං බලන්ට ඔය කොයි දේත් නැකත් සාත්තරේ අනුව සාරසුබාවට කරන්ට ඕන වග සුදු මහත්තය දන්නැතුං වෙද .. ඒත් මට බය මේ වගක් කියල ඒ ඇත්තො මට නැතිවෙයිවත්දෝ... කියල ..? "මං විගහින් ගෙදර දුවන්ට ඕන මයෙ ඇත්තෝ.. නැත්තන් අප්පුච්චා සෝළි තියයි.. අර කිරා එන්ට පුළුවන් මෙවෙලෙ ..ඌ ගස්ගෝන වගේ කොහෙන් මතුවෙයි කියල කියන්ට බෑ.. " සුදු මහත්තයගෙ මූණ නොරොක් වුනා. මං ඒ උණුහුමෙන් මිදුනෙ ගොම්මනේ ගෙට ගොඩ වෙනවට අප්පුච්ච මනාප නැති හින්ද විනා සුදු ඇත්තව දාල යන්නෙ හිතකින් නෙවෙයි.. "ජිනෝ...ජිනෝ...!! ...කෙල්ලේ .." ඈතින් කවුදෝ මට අඬගහන් මේ අහට එනව ඇහිල මං සුදු මහත්තයගෙන් මෑත් උනේ.. විළක්කුවක් ඒ මේ අත හෙලවෙන දිහාට මං පය ඉක්මන් කරල ගියේ අදනං මට විසුමක් වෙන්නැති වෙයි කියල හිතාන. එකත් එකටම අප්පුච්චා කලබල වෙලා වෙන්ටැ.. ඇහෙන්නෙනං මියුරි අක්කගෙ කට සද්දෙ. සුදු මහත්තයත් මා පස්සෙන් ආවොත් මහ සංගදෝරුවක් වෙන්නේ.. මට මහ ගල් පර්වතේ කලබගෑනියේ නැගගන්ටත් බෑ.සුදු මහත්තය මයෙ අතින් අල්ලල බෑවුමෙන් උඩට ඇදල ගත්තා. "දැන් ඔයා පරිස්සමෙන් ඒ පැත්තට යන්න. මං මෙහෙන් හිමීට යන්නම් ජිනා . " මං එහෙම්ම ගුරුපාර දිගේ ඉස්සරහට දිව්වා මියුරි අක්ක එකසැරේම මයෙ ඇඟට කඩං පැන්නේ කාළිය වාගෙ. "උඹ මේ හැටි වෙලා කොහෙ මකබෑ උනේ..? ගොම්මනේ අබිමානවල ගැන්නිලා ඉන්නේ අහවල් එහෙකට..කියාපන් ජිනා .." "මේ හැටි ඇඳිරි වැටිච්චි වග නිනව් නැතුං ගියා අක්කා. මං මේ...මේ.." "වරෙන් හනිකට.. ආං උඹලෑ අප්පුච්ච ඇස්ම වාගෙ හැදිල උඩ පාරට ඇන්න ගියා. කිරයි තව එකෙකුයි පයිණ්ඩ යවල විගහින් ගෙන්නා ගත්තේ. බදුලු ගෙනියන්ට හැටියක් හොයනවා උන් මයෙ හිතේ. බංගලාවෙ වාහනේ තීනවා..ඒත් ඇලෙක්ස් මහත්තය නෑ.." මං උඩ පාරට කොහොමෙන් දුවං ගියාද කියල මටම නිච්චි නැතුවා. ඇලෙක්ස් මහත්තය තාම මග යනව වෙන්ටැ. ම‍ං ගුරු පාරෙන් එවල එයා අතුහේන මැද්දෙන් යනව වෙන්ටැ. මං උඩපාරට එනකොටම සුදු මහත්තයත් අනිත් අහින් පාරට ගොඩවුනා. "සුදු මහත්තයා ..අනේ මයෙ අප්පුච්චට අමාරුයි. විගහින් බදුලු ගෙනියන්ට වෙයි.." ඊයක වේගෙන් සුදු මහත්තය වාහනේ පාරට ගත්තේ. කිරා අප්පුච්චව උස්සාන වාහනේට නැංගා. චින්ත බේබි ඉස්පිරිතාලෙ වැඩ හින්ද මයෙ හිතට සැනසීමයි. මං වාහනේට ගොඩ වෙන්ට තනද්දිම කිරා මාව වැළැක්කුවා. "උඹ එන්ට කාරි නෑ නගා. මියුරිල අහ ඉන්ට ඇහැකි නෙව. මාමණ්ඩිව බලාගන්ට ඇහැකි මට..." මයෙ ඇඟ ගැහෙන්ට ගත්තේ දියෙන් ගොඩ දෑව මාළුවෙක් වාගෙ. අනේ මයෙ අප්පුච්චා.. මයෙ වැරැද්දෙන් නෙව අප්පුච්චට මෙහෙම උනේ.. හෝරා දෙහෙකට වඩා මං ගෙන් පිට ඉන්ට ඇති. සුදු මහත්තය එන්ටත් හෝරාවකට විතර කළියෙන් නෙව මං ඇල්ල අහට ගියේ. අනේ මයෙ අප්පුච්චව ආරස්සා කරල දෙන්ට ඉන්ද්‍රක දෙයි හාමුදුරුවනේ.. මං ආපහු පැලට ආවේ අවසිහියෙන් වාගේ. පාන් පැළත් අඳුරේ.. හවහ දල්වපු පහන හුළං නිසා නිවී ගිහින්. මං ආයිත් පහන දල්වලා අගුවෙ දොරන් වහල දැම්මා. "නඟා... උඹ දොරන් වහදාලා අපේ දිහා වරෙන් යසා උන්දැත් ලෙඩින් කොට උඹ එහෙ යන්ට එපා. දියෝනිසුත් මයියංගනේ ඉඳන් හෙට නොවැ එන්නේ. මාත් ඉන්නෙ තනියෙන් නෙව හෙනං මං සියාතු මාමට හෙට කැඳ ඩිංගක් හදන්ටත් එක්ක කළමනා ඇන්න එන්නං.. දැනටමත් මහතුව කඩේ වහලද කවුද්දා.. උඹ පරිස්සමට හිටින් මං විජහට එන්නං.." මියුරි අක්කා හුළු එළියක් දල්වාන පාරට බැස්සා. අද මහ හෝමාරි දවසක්. දිස්නෙ දිදී පායල තිවුනු හඳේ ලකුණක්වත් පේන්නැති වෙන්ට වැහි වළාකුල් අවුරගෙන. සුදු මහත්තය හින්ද හිතේ ඉපැද්දුන සන්තෝසෙ හොරු අරන් ගියා වගේ. අප්පුච්චට කෝමද කියල දැනගන්ට ඇත්තන්..? සුදු මහත්තයට බදුලු ගොහිං එන්ට වෙලා ඇති. අපරාදෙ මට මියුරි අක්ක එක්කල කඩමණ්ඩිය දිහා යන්ට තිවුනේ. හෙනං බංගලාවට ගොහිං ඒ ගැන බලාන එන්ට තිවුනා. මං දෙවංගියක් නොහිතාම පාරට බැස්සා. මියුරි අක්ක පේන්ටවත් නෑ. මා අත හුළු අත්තක්වත් නැති එකේ.. අන්දබීරිය විනා මොන එකක්වත් පේන්නෙ නැතුවා. මියුරි අක්කා මුලිච්චි වෙනකල් මං තිත්ත කළුවරේ ඒ අහට දිව්වා. බකුසු හාමිගෙ හුම් සද්දෙට එහායින් ගම්පාළුවෙක් අඬා වැටෙන මහ මූසල සද්දෙ විතරයි ඇහෙන්නේ. වැහි ගෙඩි එක දෙකක් බිමට කඩා වැටෙද්දී මං එහෙමම නුගේ කඳට පිටදීල උන්නේ ආයිත් හැරිල ගෙයි දිහාට යන්‍ට කියල හිතාන. ඒ ඩිංගට මියුරි අක්කව මට මගෑරිලා. ආ...මේ දැන් නෙව මියුරි අක්ක හෙළ නගින්නේ. හුළු අත්ත ඈත ඉඳන් ටික ටික ලඟට එද්දී මං මියුරි අක්කට අඬ ගෑවා. ඒත් එන එකාගෙ සද්දයත් නැති එකේ මට එක පාරටම සිහියට ආවේ සිරිමතීව.මං එහෙමම මූකලාන අහ නොබලා ගෙයි දිහාට දුවන්ට ගත්තා.. හුළු එළිය එහෙම්ම මං යන අතට හැරෙනව කියල දැක්කම මට කෑ ගැහුනේ ඉබේටම. විගහින් මඩුගෙට වැදිල දොර පළුව වහගන්ට තනද්දී.. මං පමා වැඩී වග මට තේරුනා . මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි )චෙන්නායි ඩයරීස් -1 මඟුලේ යාම චෙන්නයි වල මොහොමඩ් මහත්තයගෙන් මඟුල් ඇරයුමක් ලැබිල තිබ්බේ බොහොම දවසකට කලින්. නමුත් පහුගිය දවස් වල මුහුණ දුන්න අනපේක්ෂිත කරදර නිසා චෙන්නයි වල මඟුල් ගේ අමතක කරලා තිබ්බේ. "පුළුවන් නම් ගිහිල්ල එන්න. අන්තිමට හම්බුවුනු වෙලාවෙත් කිව්වනේ " මගේ බිරින්දෑ දෙවතාවක්ම මට සිහි කරදුන්නාය. " යන්න පුළුවන් නම් ඒක හොඳයි. නමුත් කොහොමද යන්නේ ?" මම කීවේ කණගාටුවෙනි. " ඔයගොල්ල තමයි ලංකාවේ මට ඉන්න නෑදෑයෝ " අන්‍තිම වතාවට මොහොමඩ් මහත්මයා හමුවූ දින ඔහු එසේ කීවා මට හොඳින් මතකය. ඔහු වැඩි කතාවක් බහක් නැතත් වැදගත් මහත්මයෙකි. කතා කරන්නේ වචන කිහිපයකි. ඒ වචන කිහිපයේ කියන්න තියන සිලල්ලක්ම අඩංගුය. සති කිහිපයක් ගතවන විට මට මේ මඟුල් උත්සවය සහමුලින්ම අමතකව තිබිණ. මගේ තවත් මිත්‍රයෙක්ට මේ මඟුලට ආරාධනා ලැබී තිබුණ අතර උත්සවය ට දවස් දෙකතුනකට කලින් ඔහු චෙන්නයි බලා යන්නට නියමිත විය. නැවතත් මඟුල් උත්සවය ගැන මතකය අවධි වූයේ මගේ මිත්‍රයා ලොහාන්ගේ ඇමතුම් නිසාය. සුපුරුදු පරිදි මා එදිනෙදා වැඩකටයුතු වල යෙදී සිටි අතර හදිසියේ චෙන්නයි යන්නට කිසිදු කල්පනාවක් නොවීය. ගුවන් තොටුපොළවල් වල නිදිමරමින් ගමන් යෑම මට නීරස එකක් ව තිබිණ. ඒ වන විටත් මට ඉන්දියාවට තුන් වතාවක් සංචාරකයෙක් වශයෙන් ඇතුල් වීමට වීසා වැදී තිබිණි. අඩුම තරමින් ඉන් එකක් වත් පාවිච්චි කල යුතු යැයි හැඟීමක් මගේ සිතේ තැන්පත් ව තිබිණි. සෙනසුරාදා උදෑසන උදා විය. මා සුපුරුදු පරිදි සිටියේ මගේ රැකියා ස්ථානයේ ය. " චෙන්නයි මඟුල් ගෙදරට ගිහිල්ලා ආවනම් හොඳයි වගේ " අදහසක් පහල විය. මා ඊළඟ ඇමතුම ගත්තේ සචින් මලයාටයි. " මල්ලි අද රෑට චෙන්නයි යන්න ටිකට් එකක් තියේ දැයි බලන්න " " බලමු විනාඩි 10 දෙන්න " හරියටම විනාඩි 10 ක් යන්නටත් කලියෙන් මා බලාපොරොත්තුවෙන් සිටි ඇමතුම සචින් ගෙන් ලැබිණි. " අයියේ..ශ්‍රීලංකන් එකේ නම් නෑ. ඉන්දියන් එයාර්ලයින් බුකිං එකක් නම් දාන්න පුළුවන් ඉරිදා පාන්දර 3.00 ට ඒක චෙන්නයි වලට යනවා උදේ 4.20 ට. " " හ්ම් ...ඊට කලින් ෆ්ලයිට් එකක් නෑනේ. හරි ඒකේ ගියොත් මම 5.00ට එයාර්පෝර්ට් එකෙන් එලියට යන්න පුළුවන් . උදේ 5.00 නැත්නම් 5.30 ට මෙට්‍රෝ එක පටන් ගන්නවා. 6.00 වෙද්දි හෝටලේට ගියොත් පැය හතරක නින්දකුත් දාලා මට හෙමිහිට වෙඩින් හෝල් එකට ගියෑකි. " " මොකද කරන්නේ ?" " බුකිං එකක් දාන්න " " බුකින් එකක් දැම්මා . හැබැයි විනාඩි 10 න් විතර ටිකට් එක කැපිල යයි. " මම ඊළඟ ඇමතුම ගත්තේ මගේ ප්‍රිය බිරින්දෑටය. ඒ වන විට ඇය සිටියේ නුවරය. "' මඟුල් ගෙදර යන්නයි කල්පනාව. ටිකට් එකකුත් බැලුවා " " ඈ...මොකක් ද?" " චෙන්නයි යන්න ටිකට් එකක් බැලුවා කීවා. මඟුලට නොගියොත් හරි නෑ වගේ නේද ? " " ඔයා දැන් ටිකට් ඔක්කොම දාලා බොරුවට මගෙන් ඔපීනියන් එකක් නේ ගන්නේ . තීරණය කරලා ඉවරයිනේ. මම මේ අම්මත් එක්ක හොස්පිටල් එකේ ඉන්නේ. ඔයාට ඕනෑ දෙයක් කරන්න. මම ටිකකින් ගන්නම්. "' ඇගෙන් ආවේ තැඹිළි එළියකි. " හරි ටිකට් එක දාන්න " මම හැරෙන තැපෑලෙන් සචින්ව ඇමතුවෙමි. "' හරි ඉරිදා පාන්දර ගියා අඟහරුවාදා පාන්දර 12.35 ට එහෙන් ලංකාවට එන්න තියෙන්නේ. " " හරි මඟුල් ගෙදරටත් ගිහින් තව දෙතුන් පොලකටම යන්න තියනවා. ඊට පස්සේ තව මොන මොනවා හරි ටිකක් ෂොපින්ග් කරලා ගානකුත් වියදම් කරගෙන එන්න තියෙන්නේ " " හරි ඔන්න එහෙනම් ටිකට් එක දානවා . පාස්පෝට් එක අතට අරන් බලන්න වීසා තියේද කියලා " "හරි " " ඔන්න වට්සප් කලා " එ අතරතුර මගේ බිරිඳගෙන් ඇමතුමකි. "' දැන් යන්න සල්ලි තියනවද ? කලින් වතාවේ ෂිම්ලා ගිහින් ඉතුරු වුන ඩොලර් ටිකක් මා ගාව ඇති. " හරි බලමු. " " හරි බලමු තමා. හිතුවක්කාර විදිහට ගමන් දාගන්නවා. කවිද දැන් බෑග් එක ලෑස්ති කරන්නේ. " " ඒක අමාරු වැඩක් නෙවි. දන්නැති ගමකට යනව නෙමෙයිනේ. අනික දවස් දෙකකට " " හරි හරි මම මේ කඩුගන්නාවත් බැහැගෙන එන ගමන් " " අපොයි!! ඔය වගක් දන්නව නම් මම ගමන යන්න යොදා ගන්නේ නෑ " මගේ හදිසි තීරණ නිසා බිරින්දෑට වැඩ සියල්ලම දමා කොළඹ එන්නට සිදුවී ඇත. මා ඊළඟට ඇමතුම ගත්තේ ඒ වන විටත් චෙන්නයි බලා ගොස් සිටි මගේ මිත්‍රයා ලොහාන් ටය. " මටත් ඔහොම්ම කාමරයක් බුක් කරල දෙන්න " " ඔහොම්ම ඉන්න මම රෙසෙප්ෂන් එක ගාව ඉන්නේ " කියමින් මාවත් ඇමතුමේම තබාගෙන මගේ නමට කාමරයක් බුක් කලේය. " හරි. ඔයාගේ නමින් සින්ගල් කාමරයක් බුක් කලා. නම මතකනේ . ජෝජ් ටවුමේ තම්බුචෙට්ටි වීදියේ ඊස්ටන් පැලස් හෝටලේ.": ඉන් අනතුරුව බොරැල්ලේ බාබර් සාප්පුවට ගොඩ වැදුනු මම. එහි දෙමළ බාබර් කොලුවා මූර්තිට කීවේ මඟුල් ගෙදරක යන්න තියන නිසා හොඳට කොණ්ඩය කපන ලෙසටයි. " සර් කොහෙද මඟුල් ගේ කොළඹ හෝටලේක ද? " " නැහැ චෙන්නයි වල " ඔහු එක්වනම කොණ්ඩය කැපීම නවත්වා මා දිහා විමතියෙන් බලා " ස
ර් ට එහෙනම් තලපති විජේ හෙම හම්බු වෙයි " " මොන " "'සර්ට නළුවෝ නිළියෝ හම්බු වෙලාම නැද්ද. ?" "' අපොයි නෑ කෝටියක් සෙනඟ ඉන්න නගරයක් නේ. ඉතින් කොහොමද නළුවෝ නිළියෝ හම්බු වෙන්නේ " " එහෙමද සර්. මෙදා පාර දෙමළ හඬ කවාපු හොඳ තෙළිඟු චිත්‍රපටියක් ඇවිත් තියනවා. එහෙන්ම බලල එන්න "' මාත් ඉඳහිට දෙමළ චිත්‍රපට බලන බව දන්නා බාබර් කොලුවා කියන්නේ ප්‍රීතියෙනි. " සර් චෙන්නයි යන්න පැයක් විතර යාවි නේ " " පැයයි විනාඩි 20 " " ඉන්දියාවේ ගිහින් නැද්ද ? " " ඉන්දියාවේ තියා යාපනේ වත් ගිහින් නෑ සර්. තලවකැලේ -කොළඹ විතරයි " " බීම ටිකක් අඩු කරලා කීයක් හරි ඉතුරු කරගන්න. ඒ සල්ලි වලින් ඉන්දියාවේ ගිහින් එන්න පුළුවන් " " ඕ..ඕ..." යැයි බාබර් කොළුවා කියන්නේ මා කිව් දෙය හිතට ගත්තා මෙන් මට අඟවමිනි. " සර් ට ඉන්දියාවේ නෑයෝ ඉන්නවද " " අපොයි නෑ .නෑදෑයෝ නම් නෑ. නෑදෑයෝ වගේ යාළුවො නම් ඉන්නවා " " හරි ..හරි.... " මූර්ති කීවේ මඟේ ඔළුවට හෙයාර් ටොනික් එකක් වත්කරන ගමන් ය. කොණ්ඩයත් කපාගෙන පිටකොටුව බසාරයට ගොහින් එහි වැඩකටයුතු ත් අහවර කරගෙන බංගසාල වීදියේ බෑන්ක්ෂෝල් හෝටලයෙන් කෑමත් කා රතු පල්ලිය ඉදිරිපිට නානාගේ තට්ටුවෙන් පැපොල් පලුවකුත් කා අවසන් කරන විට මට මා ගෙදර යා යුතු වේලාව එළෑඹී ඇති බවට හැඟවෙන ඇමතුම ලැබිණි. කොළඹදී ඔවැනි කඩචෝරු කෑමට ඉඩ ලැබෙන්නේ බිරින්දෑ කොළඹ නැති දිනවලදී පමණි. මාස කිහිපයකට පසුව ගුවන් තොටුපොළට යනවිට ගුවන් තොටුපොළ සහමුලින්ම වෙනස් ව තිබිණි. වම් කෙලවරේ කාර්ගිල්ස් මිනිසුපර්මාරකැට්ටුව පමණක් එතැනම තිබිණි. එතැනට එපිටින් අයිනේ තිබූ දෙවුම් කාමර පේළිය අතුරුදහන්ව තිබිණි. ඒවා දැන් වෙනමම කලාපයක ස්ථාපනය කර ඇත. ඒවාට යන්නට නම් ගුවන්තොටේ බැංකු සහ මුදල් මාරුකරන තැන් පසුකොට ශාලාවට ඇතුළු වී වම් අතට U වංගුවක් ගත යුතුවේ. ඊළඟට හමුවන්නේ ටී ලවුන්ජයකි. ඊට දකුණු පසින් දර්ශනීය වතුර මල් කිහිපයකි. ටී ලවුන්ජයත් පසු කොට ඉදිරියට ගිය විට දෙවුම් කාමර හමුවේ. හෙමි හෙමිහිට වුවත් ගුවන් තොටුපොළ සංවර්ධනය වෙනවා නම් එය සතුටකි. ගමන් මළුද ස්කෑන් පරීක්ෂා කොට එයාර් ඉන්ඩියා ගුවන් යානයකින් චෙන්නයි බලායන්නට නියමිත අයවළුන්ගේ පෝලිමට එකතු වීමි. එය පැය භාගයක් ගියද සෙලවෙන්නේ නැති සෙයකි. ": ෆ්ලයිට් එක ඩිලේ " පෝලිමේ සමහරු කියයි. " පැය එකහමාරක් ඩිලේ " තවත් වේලාවකින් තවත් අයෙක් කියයි. " ශ්‍රී ලංකන් එකේ ලෙඩේ මෙයාලටත් බෝ වෙලා වද්ද ?" මම කල්පනා කරන්නට වීමි. " මම චෙන්නයි වලින් තවත් ෆ්ලයිට් එකක් අරන් මුම්බායි යන්න ඕනෑ." පෝලිමේ මට ඉදිරිපසින් සිටි කාන්‍තාවක් කියයි. " මම මුම්බායි වලින් රාජ්කොට් වලට යන්න ඕනෑ " තවත් කෙනෙක් කියයි. " වෙලාව ඇති. අනික එයාර්ලයින් එකෙන් ඔයාලව අතරමං කරල යන එකක් නෑ ගොඩක්ම පරක්කු වුනෝතින් කනෙක්ෂන් ෆ්ලයිට් එකක් දේවි " මම කීමි. පාන්දර 3.30 ට යන්නට නියමිතව තිබූ යානය දැන් ගමන් අරඹන්නට නියමියව ඇත්තේ පාන්දර 4.50 ටය. පැය 1 1/2 ක නින්දක් මට අහිමිව ගොසිනි. කඩිසර ගුවන් තොටුපොළ සේවිකාවෝ ලහි ලහියේ මගීන්ට බෝඩින් පාස නිකුත් කරති ( සභාවේ සිනා ) . " සමාවෙන්න සර් ෆ්ලයිට් එක පැය 1 1/2 පරක්කුයි. මේ වවුචරේ අරන් පාම්ස්ට්‍රිප් ලවුන්ජ් එකට යන්න " මා නිතරම ගුවන් ගමන් වල නියැලුන කාලයේ මේ පාම්ස්ට්‍රිප් ලවුන්ජය මගේ හුරුපුරුදු තැනකි. ගුවන් යානයට අඬ ගසන තුරු මේ ලවුන්ජයේ සුවපහසු අසුන් වල දිගෑදී ඇති තරම් කමින් බොමින් කාලය ගතකල හැකිය. ( ඇති තරම් කන්නට දුන්නත් ඇති තරම් බොන්නට දෙන්නේ නැත.බොන්නට දෙන්නේ මිලි 50 ෂොට් 4 ක් පමණි. ) ගුවන් යානය ප්‍රමාද වීම නිසා ඉන්දියානු ගුවන් සේවය ගානේ අපට ලැබෙන්නට නියමිත වූයේ සැන්ඩ්විච් ජෝඩු දෙකක්, බැදපු අලපෙති, කට්ලටයක් සමග බීම ටින් එකකි. ගුවන් යානයට ගොඩවෙන හැම මගියාවම " නමස්තේ ":කියා පිළිගන්නට නම් මේ රූමත් ගුවන් සේවිකාවන් පසුබට වන්නේ නැත. ගුවන් යානය ගුවන් ගතවී මදවේලාවක් යද්දීම මා කෙටි නින්දකට සූදානම් වුවත් කෑම කරත්තය තල්ලු කරන් ආ ගුවන් සේවිකාවන් මගේ නින්දට බාධා කරන්නට වීය. ":සර් වෙජ් ...නන් වෙජ් ? " " නන් වෙජ් " කෑම භාජනය උණුසුම් ය. එහි එක් පසෙක මසාල කුකුළු මස් දමා රෝල් කොට මැදින් දෙකට පලන ලද චපාතියක් විය. කුඩා ප්ලාස්ටික් කෝප්පයක කඩල සලාදයක් සහ තවත් කුඩා කෝප්පයක ගැටෝ කැබැල්ලක් විය. බීමට මිලි 100ක පමණ කුඩා වතුර බෝතලයකි. " සර් අපි මුම්බයි වලට යන්නේ. අපිට පොඩ්ඩක් මුම්බයි ෆ්ලයිට් එක ගන්න විදිහ කියන්න පුළුවන් ද ? " මට යාබද ආසනයේ සිටි තරුණයා මා චෙන්නයි වලට පුරුදු කාරයෙක් යැයි සිතා ඇත. " කාමරාජ් ගුවන් තොටුපොළට මම ගිහින් තියෙන්නේ එකම එක පාරයි. ඒකත් එයාර්පෝර්ට් එකෙන් එළියට ඇවිත් බෑග් තල්ලු කරන් ගිය ගමනක්. එහෙම යන්න ඕනෑ නෑ මේ එයාපෝට් එක ඇතුලෙන්ම ඩොමෙස්ටික් එකට යන්න පුළුවන් " " හරි සර් " " හරි ඔයාලා බෑග් අරන් මාව ෆලෝ කරන් එන්න " එයාපෝට් වලදී නාදුනන මිනිස්සුන්ට උදව්කොට පරිප්පු කෑමේ පුරුද්ද තවමත් මගෙන් බැහැරව ගොස් නොමැත. චෙන්නයි ගුවන් තොටුපොළද මා කලින් දුටුවාට වඩා තරමක් නවීකොට ඇත. ඒවායෙ දෙවුම් කාමර වලට අන්තර්ජාතික පෙනුමක් ලබා දී ඇත. ඒ මදිවාට මුම්බායි හි මෙන් දෙවුම් කාමර වලින් පිටතට එන මගියා අතට ටිෂූ කරදාසියක් ලබා දෙන්නට සේවකයෙකුද පත් කොට ඇත. පුරුදු පරිදි ආගමන විගමන නිළධාරීන් සිටියේ නිදිමතේය. සමහරුන් ඈනුම් ද අරියි. ආගමන නිළධාරියා අතට මා ගමන් බලපත්‍රයත් ගුවන් ප්‍රවේශපත්‍රය සහ විවාහ ඇරයුම්පතේ වර්ණ පිටපතක් ද සහිත ෆයිල් කවරය පත් කලෙමි. " මේ මොකක් ද ? " විවාහ ඇරයුම්පත පිටතට ගත් ආගමන නිළධාරියා ඇසීය . " වෙඩිං ඉන්විටේෂන් " එය ආපසු කවරය තුලට දැමූ ඔහු මගේ අත්දෙකේ ඇඟිළි දහයම ස්කෑන් කරවාගෙන මට ඉන්දියාවට ඇතුළුවීමට අවශ්‍ය මුද්‍රාව තැබීය. ගමන් මලු ලබා ගන්නා බෙල්ට සහිත ශාලාවත් , රේගු දොරටුත් වෙනස් කර නව පෙනුමක් ලබා දී තිබිණි. මාත් සමගම බෙල්ටයෙන් ගමන් මළු ලබාගත් තරුණයින් දෙදෙනාද මා පස්සෙන්ම එන්නට විය. කිසිවක් ප්‍රකාශ කිරීමට නැති කොල පැහැ රේගු දොරටුවෙන් අපි පිටතට ආවෙමු. එතැනින් සෝපානයකින් තවත් තට්ටුවක් නැග ගත් අප දීර්ඝ කොරිඩෝවකට පිවිසුනෙමු. ඒ කොරිඩෝව දිගේ ඩොමෙස්ටික් ටර්මිනලය අප යා යුතුය. ගමන පහසු සහ වේගවත් කරවන්නට දුවන මාර්ගත් එහි ඉදිකොට තිබිණි. ඒවා දිගේ විනාඩි 5- 10 ගිය විට ඩොමෙස්ටික් ටර්මිනලය හමුවේ. විදේශ රටක සිට චෙන්නයි වලට පැමිණි විට මගියා අනිවාර්යයෙන්ම ආගමන විගමන කටයුතු පළමුවන ගුවන් තොටුපොළේදී අහවර කරගෙන ගමන් මලු ගෙන ඩොමෙස්ටික් ටර්මිනලයට යා යුතුය. ස්වයංක්‍රීයව ගමන් මලු අනෙක් ගුවන් තොටුපොළට නොයැවේ. නමුත් මා පහුගිය වතාවක මුම්බයි හරහා බැංකොක් ගිය විටක සහ ආපසු එනවිටදී නම් ස්වයංක්‍රීයව ගමන් මලු අනෙක් ගුවන් යානයට යැවූ බව සිහිවේ. තරුණයින් දෙදෙනාව ඩොමෙස්ටික් ටර්මිනලයයට ඇරලවූ මම කොරිඩෝව දිගේම ආපසු විත් මෙට්‍රෝ ඉස්ටේසම ට ගොඩ වීමි. මා කලින් දෙවතාවක්ම මෙට්‍රෝ ඉස්ටේසමෙන් නගරය දෙසට ගොස් ඇතත් කිසිම විටෙක එක දිගට මා සාමාන්‍යයෙන් චෙන්නයි ආ විට නවතින මන්නඩි වෙතට ගොස් නොතිබුණි. වසර කිහිපයකට පෙර මෙට්‍රො මාර්ගය තනා තිබුණේ නන්නදනම් ඉස්ටේසම දක්වා පමණි. එවර මෙට්‍රෝ දුම්රියෙන් ආසාවට නන්දනම් වෙත ගිය මා එතැනින් ටුක් ටුක් රථයකින් මන්නාඩිවලට ගියෙමි. 2022 දෙසැම්බරයේදී මා නාග්පූර් සිට චෙන්නායි එන අතරතුර ගුවන්තොටුපොළේ මෙට්‍රෝ දුම්රිය අල්ලා ගත්තේ රෑ 11.00 ට අන්‍තිම මොහොතේ දීය. එවර එය පැමිණියේ චෙන්නයි සෙන්ට්‍රල් දුම්රිය පොළට පමණි. මෙදා පාර රුපියල් 40ට( 40 X4 =160 ) මට සැප පහසුවට වායුසමීකරණය සහිත දුම්රියක මන්නාඩි වලටම යා හැකිය. මා මේ දුර ටැක්සියකින් යන්නේනම් අඩුම ඉන්දියානු රුපියල් 800 ( 800X4 =3200 ) වත් වියදම් වේ. මේ මන්නාඩි මෙට්‍රෝ නැවතුම පිහිටා ඇත්තේ බ්‍රෝඩ් වේ පාරෙන් මන්නාඩියට යන පාර පටන් ගන්නා මුවදොරේය. එතැන් සිට මා නවතින්නට යන හෝටලය පිහිටි තම්බුචෙට්ටි වීදියට පයින් යා හැකිය. ඕනෑනම් රුපියල් 50 (50 X 4 = 200) ගෙවා ටුක් ටුක් එකකින් යා හැකිය. හෝටලයට ගොඩ වුනු මම " මගේ නමට කාමරයක් වෙන් කරලා ඇති " යි කීමි " ඔයාගේ විස්තර මේකේ ලියලා අත්සන් කරන්න " පිළිගැනීමේ නිළධාරියා විසින් මා අතට ලොග් පොතක් පත් කලේය. " දෙවැනි තට්ටුවට යන්න. ඔයාගේ නොම්බරේ 204. ඔයාගේ යාළුවා ඉන්නේ 201 .මම ටිකකින් කෙනෙක් ව එවන්නම් " මඟුලේ විස්තර ඊළඟට සංජය දොළමුල්ලකෙටි කතා අංක 04 ලොක්කි 🩷 අවසාන කොටස ❤️ "දෙයියනේ..... මගෙ රත්තරන් මල්ලියි නංගියි... මං මේ දකින්නෙ හීනයක්ද...." ක්ලාන්ත වීමට ආසන්න වූ ලෙසට ඇය පුටුවක් මතට ඇද වැටුණාය. "අක්කෙ...." පුටුවෙන් නැගී සිටි අනිලුත් ශානිකාත්, එකවරම ලොක්කිව වැළඳ ගත්හ. බොහෝ කලකට පසු තිදෙනාම එක්ව හඬා වැටුණහ. "අක්කා හිතුවද අපි අක්කාව අමතක කරා කියලා...?" "අනේ නෑ මයෙ රත්තරනේ..." පපුවට අත තබාගත් ලොක්කි බිඳුණු හඬින් කීවාය. "මට ශිෂ්‍යත්වයක් හම්බවෙලා රට යන්න වුණා.. නංගි කොළඹ එනවා කියලා අක්ක එවපු ලියුම මට හම්බුනත් ඒකට උත්තරයක් ලියාගන්න මට බැරි වුණා... මං හුඟක් මහන්සි වුණා අක්කෙ අක්කගෙ හීනෙ හැබෑ කරන්න... හැබැයි මං ගියාට පස්සේ මගෙ යාලුවො ලවා නංගි ගැන හොයල බැලුවා...." "මම ආපහු ඇවිත් ලෝයර් කෙනෙක් විදියට දිවුරුම් දෙනකොට, නංගි සැලෝන් එකක් පටන් අරගෙන ඉවරයි...." අනිල්ගේ කතාවට ශානිකා එවිට අලගු තැබුවාය. "අක්ක ගේයි ඉඩමයි මුදලාලිට උකස් කරපු බව දැනගත්තහම ඒක ඉක්මනටම බේරගන්න ඕන කියලා මම හිතුවා... ඒත් කොළඹ ගිය ඉක්මනට මට සැලොන් එකක් පටන් ගන්න ලේසි වුනේ නෑ.... පාඩම් වැඩත් එක්ක මම පොඩි පොඩි ජොබ් කරා, ලියුමක්වත් ලියාගන්න තරම් ඉස්පාසුවක් මට තිබුණෙ නෑ අක්කේ... මට සමාවෙන්න.." ශානිකා බිම බලාගෙන පැවසුවාය. "අනේ මං උඹලත් එක්ක තරහ නෑ මයෙ පොඩ්ඩියෙ....උඹලා මාව බලන්න ආවනෙ දැන්.." ලොක්කි ඉකි ගසමින්ම පැවසුවාය. "මටත් සමාවෙන්න
අක්කෙ ලියුමක් එවන්න බැරි වුණාට.." අනිල් කණගාටුවෙන් පැවසුවේය. "ලංකාවට ඇවිත් නංගිව හම්බවුණාට පස්සෙ අපි කතා කරගත්තා මේ හැමදෙයක්ම පිළිවෙලක් කරගෙන අක්කව බලන්න එන්න කියලා...." "අක්ක දන්නවද මම කොට්ටාවෙ තියෙන ලොකුම සැලොන් එක ඕපන් කරන්නයි යන්නේ... මං ළඟ ගොඩක් අය වැඩ කරනවා..." "අනේ... කොච්චර එකක් ද පොඩ්ඩියෙ...." "ඇයි ඒ විතරක් නෙවෙයි... අයියා ලබන මාසෙ ජජ් කෙනෙක් විදිහට දිවුරුම් දෙනවා.. එයා දැන් ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක්.. " ශානිකා සිනාසෙමින් පැවසුවාය. "ඒකට අක්කා ඉන්නම ඕන.." "මට වෙන සතුටක් කොයිද දෙයියනේ උඹලට හරි යනවා තරම්... උඹලට රත්නත්තතරේම පිහිටයි" ලොක්කි කඳුළු අතරින් සිනාසෙන්නට වෙර දරමින් කීවාය. "අපිට පහුගිය කාලේ වෙච්ච හැම දෙයක්ම කමල නැන්දයි මාමයි කිව්වා.... අක්කා ජීවිතෙන් බාගයක් විඳපු දුක් වල ප්‍රතිඵල පෙන්නන්න අපි දෙන්නා මේ අවුරුදු ගානම මහන්සි වුණා. අක්කා අපිත් එක්ක කොළඹ යමු. නැන්දයි මාමයි බලලා යන්න එන්න බැරියැ. ඊළඟ පාර අපි එද්දි අක්කා අපිත් එක්ක යන්න ලෑස්ති වෙලා ඉන්න.." "අනේ මල්ලියෙ...." "ඔව් ඔව් ඊට පස්සෙ අක්කා පිළිවෙලක් වෙන්නත් ඕන... අක්කා අපි හින්ද මුළු ජීවිතේම කැප කරා. අක්කගේ ආසාවන් මේ හැම දෙයක්ම. ඉතින් ඒවට කලගුණ සලකන්න අපිට දැන් කාලෙ ඇවිල්ලා.." "නැතුව...." "අනේ... මට දැන් ඉතින් මොන පිළිවෙලක්ද නංගියේ... මට මෙහෙම හොඳයි.... ඔය දෙන්න පිළිවෙලක් වුණොත් මට ඒ ඇති..." "අපි දෙන්නත් පිළිවෙලක් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ... මං හොයාගත්තේ ලෝයර් නෝනා කෙනෙක්ම තමයි. එයා හරිම හොඳයි. ඉතින් මට ඒකට අක්කගේ කැමැත්තයි ආශිර්වාදයයි ඕන..." "අනේ අමුතුවෙන් මගේ ආශිර්වාද මොකටද මල්ලියේ..? මගේ ආශිර්වාදය හැමදාමත් ඔය දෙන්නත් එක්ක තියෙනවා, ඔයාට හොඳයි නම් මට එච්චරයි.." "මං නම් දැන්ම බඳින් නෑ අක්කෙ තව ටික කාලයක් ඉන්න ඕන. හැබැයි ඉතින්.... එක්කෙනෙක් නම් ඉන්නවා.. එයා ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක්.. ඒකටත් අක්කගෙ ආශිර්වාදය ඕන. " සොයුරන් දෙදෙනා ට මැදිවී වාඩි වී සිටි ලොක්කි ශානිකාගේ හිස අත ගෑවාය. තේ පානය අතරතුර පසුගිය කාලයක සිදු වූ බොහෝ දේ පිළිබඳ කතා බහ කෙරුණි. සතුටු සිනා ද බොහෝ ඇසුණි. "ඔය දරුවො දැන් ඉන්න තැන ගැන අපිට හරි සතුටුයි පුතේ.. උඹේ කඳුළු වල වටිනාකම තමයි මේ ලොක්කියෙ..." කමලා සැනසුම් සුසුමක් හෙළුවාය. අනිලුත් ශානිකාත් ආදරයෙන් අක්කා දෙස බැලූහ. "අක්කේ මගේ ගෑණු ළමයා බලන්න යන්නත් ඕන. එයාලගෙ අම්මලා කියලා තියෙන්නේ. මට අක්කගේ ආශිර්වාදයක් ඕනේ..." "අනේ මල්ලියේ මං වගේ කෙනෙක් ගියහම ඒ මිනිස්සු කැමති වෙයිද..?" "ඒගොල්ලෝ හැම දෙයක්ම දන්නවා අක්කේ.. ඒගොල්ලන්ට ඒවා ප්‍රශ්න නෙවෙයි. දර්ශි කොහොමත් හොඳ ගෑනු ළමයෙක්. එයා අක්කට ආදරේ වෙයි. කොහොමත් අක්කට අකමැති නම් ඒ කසාදෙ කෙරෙන්නේ නෑ.." "නංගිගේ මනමාලයාගේ ගෙදර යන්නත් ඕනේ. මේ හැම දේකටම අක්කා අපිත් එක්ක කොළඹ යන්න ඕන.." "මාත් එහෙම තමයි අක්කේ. අයේෂ් හැම විස්තරයක්ම දන්නවා. කීයටවත් අක්කා ගැන අහිතක් හිතන්නේ නෑ.." ----------------------------------------------------- දූලි අවුස්සාගෙන වෙල්යාය මැදින් වැටුණු ගුරු පාර දිගේ පැමිණි සුඛෝපභෝගී රථය කඩය ඉදිරිපිට නැවතිණි. මෙතරම් වටිනා මෝටර් රථයක් මීට පෙර තම කඩේ ඉදිරිපිට නතර කර නැති නිසා බඩා මුදලාලි එළියට බැස්සේ කැහැපට ගැසූ සරම පහත දමමිනි. රියදුරු අසුනෙන් බිමට පිනූ තරුණයා අව් කණ්ණාඩිය ගලවා ටී ෂර්ට් කොලරයේ රඳවා ගත්තේය. "මහත්තයෝ...." මෙතරම් වටිනා රථයකින් පැමිණි, උසස් සමාජයක මිනිසෙක් තම කඩය ඉදිරිපිට වාහනය නැවැත්වීමේ ගර්වයෙන් යුක්ත වූ මුදලාලි, බුලත් කහට බැඳුනු දසන් කන් දක්වා විහිදාගෙන දෙකට නැවී කතා කළේය. "මේ අර ප්‍රසිද්ධ නඩුවට කතා කරපු ලෝයර් උත්තමයා නේද...?" කඩේ හුන් කිසිවෙක් කියනු ඇසුණි. "මුදලාලිට මාව අඳුරගන්න බෑ වගේ..." "අ..නේ.. මගේ ඇස් පෙනීමත් දැන් අඩුයි නෙව. හරිහැටි නිච්චියක් නෑ මහත්තයෝ.." පසුපස දොරටුව හැර බැසගත් සුන්දර යුවතිය දෙස කාගේත් නෙත් යොමු විය. "අඩේ.. බං... මේ අර ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනිය නේද...?" කඩේ හුන් තරුණයෙකු කියනු ඇසුණි. මුදලාලි මෙන්ම කඩේ සිටි සියල්ලෝම ද තෘෂ්ණිම්භූත වී සිටියහ. හිටිවනම රියදුරු අසුනට යාබද අසුනේ හුන් කාන්තාව වාහනයෙන් බැස ඉදිරියට ආවාය. මුදලාලිගේ ඇස් දෙක දොඹගෙඩි තරම් විශාල විය. "ඔය ඇත්තො අහවල් එහෙකටද මේ ගෑනිව දාගත්තේ වාහනේට....? වාහනයටත් වගතුවක් නෑ මහත්තයෝ...." අනිල්ට සිනාවක් නැගුනි. "මං හිතන්නේ මුදලාලි මාව අඳුනගෙන නෑ. මං තමයි කුසුමගෙ පොඩි පුතා. ලොක්කිගෙ මල්ලි. මේ ඉන්නෙ අපේ නංගි.." මුදලාලිට කතා කිරීමට වචන අහුලා ගත නොහැකි විය. "ම්....මො..මොනවා...?" "මුදලාලිට මතකද ඉස්සර අපේ ගෙදර ආවහම නංගිටයි මටයි සත්තුන්ට වගේ සැර කරන හැටි.. මුදලාලි ගේ ඇතුලෙ ඉන්න වෙලාවට අම්මා පාරක් දෙකක් ගහලා අපි එලියට දාපු හැටි...?" මුදලාලි බිම බලාගත්වනම හුන්නේය. "මුදලාලි අක්කට කරපු අඩන්තේට්ටම් අපි ඔක්කොම දන්නවා. අක්කව කොටු කරගන්න මුදලාලි පුළුවන් තරම් දත කෑවනෙ. අක්කට ඉන්න හිටින්න තැනක් වත් නැති කරන්න මුදලාලි හරියට මහන්සි වුණේ අම්මා කරපු දේම අක්කත් නොකරපු හින්දනෙ. මීට පස්සේ ඒ දේවල් කරන්න අපි මුදලාලිට ඉඩ තියන්නේ නෑ.." "සින්න කරගත්ත ගේ මුදලාලි ම තියාගන්න. මුදලාලිට කොහොමත් වුවමනා වෙලා තිබුණෙ අක්කට පාඩමක් උගන්නන්න නෙ. අක්කා කෙසේ වෙතත් මුදලාලි දැන්වත් පාඩමක් ඉගෙන ගන්න. දැන් මුදලාලි ගේ තියාගෙන ඉන්න. අපි අක්කව කොළඹ එක්ක යනවා..." එපමණක් කියූ අනිල් වාහනයට නැග වාහනය පණ ගන්වා ගත්තේය. දූවිලි වලාවක් අවුස්සමින් වේගයෙන් ඉදිරියට ඇදී නොපෙනී යන රථය දෙස, නයා මළ අහිගුන්ඨිකයෙකු සේ මුදලාලි බලා සිටියේය. ඔහුට කරකියා ගත හැකි කිසිවක් නොවීය. කඩේ රැස්වී උන් පිරිස ඉදිරියේ තමා නිරු.වත් වූවාක් වැනි හැඟීමක් ඔහුට ඇති විය. දැන් ඉතින් හෙට වන විට තමා ලැජ්ජාවට පත්වූ සිද්ධිය ගම පුරාම පැතිරී යනු ඇත. ජනෙල් වීදුරුවෙන් පිටත වේගයෙන් පසුපසට ඇදෙන ගස්කොලන්, කුඹුරු යායවල් දෙස ලොක්කි බලා සිටියාය. ඇයට මේ සියල්ල තවමත් සිහිනයක් වැනිය. ඈ ජීවිතේටම කොළඹ ගොස් තිබුණේ එක් වතාවක් පමණි. ඒ කුඩා අවධියේ තම පියා සමඟය. "අක්කේ... කමල නැන්ද මට සුසිල් අයිය ගැන හැම විස්තරයක්ම එදා කිව්වා.. මම හොයලා බැලුවා.. අක්කා දන්නවද, සුසිල් අයියා බැඳපු අක්ක මීට අවුරුදු දෙකකට කලින් හදිස්සියේ අන්ත්‍රාවෙලා. මම එදා ගමේ ඇවිත් ගියාට පස්සෙ සුසිල් අයියව හම්බවෙන්න ගියා... අක්ක කැමතිනම් සුසිල් අයියා තවමත් කැමතියි, අක්කව කසාද බඳින්න එයා තවමත් ඔයා ගැන හිතනවා. ලොක්කි පුදුමයෙන් හිස හරවා මල්ලි දෙස බැලූවාය. ඇයට මේ ඇසෙන සියල්ල විශ්වාස කළ නොහැකිය. "ඇයි අක්කට විශ්වාස නැද්ද...?" පසුපස අසුනේ සිටි ශානිකා සිනාසෙමින් ඇසුවාය. --------------------------------------------------------------- ශානිකාගේ අලුත් සැලොන් එක විවෘත කිරීමේ උත්සවයට ලොක්කි ඉතා වටිනා සාරියකින් සැරසුණාය. ඇය එම වටිනා සාරිය සියවෙනි වතාවටත් අතගා බැලුවාය. ජීවිතයටවත් මෙතරම් වටිනා සාරියක් අඳින්නට ලැබේ යැයි ඇය සිහිනෙකිනුදු නොසිතන්නට ඇති. උත්සවයට ප්‍රධාන පෙළේ නිරූපණ ශිල්පීන් සහ ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙක්ද පැමිණ සිටියහ. නැකත එළඹුණි. "එළඹුණු සුභ මොහොතින්, නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා චාන්දනී උඩුගමගේ මැතිනියට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා...." නිවේදකයාගේ කටින් පිට වූයේ තම නමමදැයි සැක හැර දැනගැනීමට නොහැකි වූ කල ලොක්කි ඒ වෙන කෙනෙක් වන්නට ඇතැයි සිතා නිහඬව සිටියාය. නැවතත් නිවේදකයා චාන්දනී උඩුගමගේ මැතිණියට ආරාධනා කළේය. "ඔව් මගෙ අක්කෙ, ඒ ඔයා තමයි... මගෙ ජීවිතේ එළිය කරපු පහන් කණුව ඔයා.. ඔයා තමයි මගෙ ජීවිතේ සුවිශේෂම කෙනා. ඔයා තමයි මගෙ හීනෙ විවෘත කරන්න ඕන...." නිවේදකයාගෙන් මයික් එක ඉල්ලාගත් ශානිකා තමා දෙසට හැරී ආරාධනා කරනු ඇසුණ ලොක්කිට අවට පිළිබඳව මොහොතකට මතකයෙන් ගිලිහී, හද ගැහෙන රාවය පමණක් ඇසුණි. මොහොතකින් සිහි එළඹ ගත් ඈ කතුර අතර ගත්තේ කඳුළු පිස ලමිනි. විශේෂ ආරාධනා ලැබ පැමිණ සිටියවුන් අතරින් කමලා ඔසරි පොටින් කඳුළු පිසලා ගත්තාය. ---------------------------------------------------------------------- තෙමහල් සුඛෝපභෝගී නිවසේ සඳළුතලයේ රැඳී සිටි ලොක්කිට මහත් සැහැල්ලුවක් දැනුණි. දැන් ඉතින් තමා ම.ළත් කමක් නැතැයි ඈ සිතා සිටියාය. දුක් කම්කටොලු මැදින් ගෙවුණු තම ජීවිතය මෙතරම් සැපවත් එකක් වේවියැයි ඈ සිහිනෙකිනුදු නොසිතුවාය. මෙය සිහිනයක් නම් අවදිවන්නට එපා යැයි ඈ ප්‍රාර්ථනා කළාය. නැගණියගේ අලුත් විවෘත කිරීම නිමිත්තෙන් පැවැත්වෙන සාදය පහළ ජයටම කෙරීගෙන යයි. තැනින් තැන දැල්වෙන අලංකාර විදුලි බුබුළු, ඉමිහිරි සංගීත රාවය, සහ වටිනා ඇඳුම් ඇඳ පැළඳගත් කාන්තාවන් සහ පිරිමින්, දිව්‍යලෝකයක සිරි මවනු සඳළුතලයේ සිට ලොක්කි බලා සිටියාය. පිරිස අතරින් මිදුණු ලොක්කි තනිවම උඩුමහලට පැමිණියේ මේ සියලු දේ ගැන යළිත් කල්පනා කිරීමටය. එක්වරම පිටුපසින් ඇසුණු හඬකින් දැහැනින් මිදුණු ඇය මහා හැරී බැලුවාය. "චන්දි නංගි..." හුරුපුරුදු ආදරණීය හඬක් ඇසුණි. මඳ අඳුර මැදින් ඉදිරියට පැමිණි පුද්ගලයා බොහෝ කලකට පසුවද ඇය හඳුනා ගත්තාය. "සු..සිල් අයියා...." "දැන් නංගිගෙයි මල්ලිගෙයි ප්‍රශ්න ඉවරයි නේද....? දැන්වත් මාව කසාද බඳින්න කැමතිද...." ඈත ලොවකින් පැමිණෙන හඬක් මෙන්, සුසිල් ගේ හඬ ඇයට ඇසුණි. "ම..ම..මං කැමතියි සුසිල් අයියෙ..." සුසිල් ට තුරුළු වූ ලොක්කි ට, පසුපසට වී සිනාසෙමින් සිටින, නංගිගේත්, මල්ලිගේත් ඡායාවන් බොඳවූ දෑසින් පෙනුණි. අවසානයි.. 🥰 ✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර කතෘ අයිතිය සුරකින්න ගොඩක් අය කතාව ගෙස් කරලා තිබ්බා එක එක විදිහට. ඉතින් ඔන්න ඔයාලගෙ බලාපොරොත්තුව ඉෂ්ට කළා. ලොක්කිට එයාට සුදුසුම තැන ලබාදුන්නා. ❤️ ඔයාලගෙ ඒ ආදරේට ගොඩාක් ස්තූතියි ❤️ සමූහයේ ඉඩ ලබාදෙන ආදරණීය ඇඩ්මින් මඩුල්ලටත් ❤️ඒක මට ලොකු
ශක්තියක්. ඉතින් ආයෙමත් ඔයාලා වෙනුවෙන් ලස්සන කතාවක් අරගෙන එන්නම්. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤️🥰 ලොක්කි මගේ පන්හිඳෙන් ඉපදුණු ෆැන්ටසියක් වුණාට, මේ වගේ ලොක්කිලා ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ ගොඩක් අයගෙ අවසානය නම් බොහෝ වෙලාවට සුන්දර වෙන්නෙ නෑ. හැබැයි මම උත්සාහ කළේ එහෙම අසාධාරණයට ලක්වෙන ලොක්කිලාට මගේ පෑනෙන් මෙහෙම හරි සාධාරණයක් ඉටු කරන්න. ඉතින් ඇත්තටම ඒ අයගේ ජීවිත මේ වගේ ම සුන්දර අවසානයක් හිමිකර ගන්නවා නම් කොච්චර සුන්දරද..? ඉතින් ශ්‍රී ලාංකික ඈත දුෂ්කර ගම්මාන හෝ ජනාකීර්ණ නගරවල ඉන්න සුවහසක් ලොක්කි ලා, ලොක්කා ලා ට මේ වචන ටික උපහාරයක් ම වේවා 🙏 ස්තුතියි ❤️අ(සම්මත) රේඩියෝවෙන් ඇහෙන ලයාන්විත ගීතයට ඇහුම්කන් දීගෙන පුංචි මන්දස්මිතයක් මූනේ තියාගත්ත කුසුමලතා පියසිරිට බත් බෙදනව..ලොකු බොකුටු සුදු පිඟානට කැකුළු බතුත්,පරිප්පුත්,හාල්මැස්සෝ බැදුමකුත්,ගොටුකොල සම්බෝලත් යහමින් බෙදල ගම්මිරිස් කුඩු ඉහපු බිත්තර පලු දෙකකුත් පිඟානේ පැත්තකින් සීරුවට තියනව.. හැමදාම වගේ වැඩ ඇරිලා ඇවිත් වත්ත පහල ලිඳට නාන්න යන පියසිරි ගෙට ගොඩඋන බව නැවුම් ඩෙටෝල් සබන් සුවදින් කුසුමලතා දැනගන්නව..තෙත තුවාය වැලට දාල ක්‍රේල් කොන්ඩේ වතුර බේරී බේරී පියසිරි කෑම කාමරේට එනකොට දුං දාන බත් එකත් මද රස්නේ වතුර වීදුරුවත් හිනා වීගෙන ඉන්නව..පිරිසිදු අත්පිස්නාවක් පිළිවෙලට නමල පියසිරි ළඟින් තියන කුසුමලතා පුරුදු විදියට මේසේ කොනට හේත්තු වෙලා පියසිරි කෑම කනකන් බලා ඉන්නව.. අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා.. සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා.. වරදක් නොකරම වරදෙහි බැඳුනී.. සිත සනසාගෙන දුර හිද විඳිමී.. "ලස්සන සින්දුව නේද".. කුසුමලතා පියසිරිට කියනව. "ඔයත් ආසද.. බලාගෙන ගියාම ඔක්කොම ගෑණු ආස හොර මගුල් වලටනේ..අපේ ඔෆිස් එකේ ගෑණුන්ට ඔය සින්දුවෙන් තොර ලෝකයක් නෑ මේ දවස්වල..කොයි වෙලාවෙත් පල් හෑලි කිය කිය කිය ඕකමයි කතාව..අද සමාජේ වෙන ඒවා තමා ඔය තියෙන්නේ.". පියසිරිගේ කතාව අහගෙන කුසුමලතා "අපරාදේ ඕව කියන්න ගියේ" කියල හිත හිත කරබාගෙන ඉන්නව.. "මේ හාල්මැස්සෝ බැදුමට කොච්චි කරලකුත් දැම්ම නම් පංකාදුයි කුසුමේ" කියන පියසිරිට හැමදාම එකට කෝච්චියේ යන කුමාරිගේ කොච්චි දාපු හාල්මස්සෝ බැදුම මතක් වෙනව.. ඒ එක්කම කුමාරිගේ කතා කරන ඇස් දෙකත් මතක් වෙලා කන්න ගත්ත බත් කට උගුරේ හිරවෙනව.. ලෙක්චර්ස් ඉවර වෙලා සාලියත් මේනකාත් එකම බංකුවේ ඈතින් ඉඳගෙන කතා කර කර ඉන්නව.. සාලිය හේමන්ති එනකනුත් මේනකා ප්‍රසාද් එනකනුත් ඉන්න බව කව්රුත් දන්නව.."ඔයා සතුටින් නෙමේ නේද ඉන්නේ"..සාලිය හෙමිහිට මේනකාගෙන් අහන්නේ පොඩ්ඩක් වටපිට බලල.. මේනකා උත්තරයක් නොදී බෑග් එකෙන් එලියට ගත්ත ක්‍රැකර් විස්කෝතු පැකට්ටුව ඇරලා "බිස්කට් එකක් කන්න" කියල සාලියට කියනව..ඒ එක්කම මොහොතක් ඇස් පටලාගෙන ඉන්න දෙන්න අයෙමත් පාර දිහා බලාගෙන ඉන්නව. "මම සෙනසුරාදා ගමේ යනවා.. තනියම.." මේනකා බංකුව දිගේ හෝ ගාල පේලියට කතා කර කර යන කළු කූබි රංචුවට කියනව.. වලව්වේ විසාල ඉස්තෝප්පුවේ කළුවර හාන්සි පුටුවේ පහසුවට ඉඳගෙන සමරකෝන් හාමු හිස් බැල්මකින් පාර දිහා බලාන ඉන්නව.. සුදර්මා මිය ගිහින් අවුරුදු දෙකකුත් උනා නේද කියල ඒ එක්කම ඔහුට මතක් වෙනව..ජීවත් වෙලා ඉන්න කාලේ එක දවසක් වත් සතුටින් හිටියේ නැති උනත් ඇය නැති පාළුව වලව්ව පුරාම තියනවා කියල ඔහුට දැනෙනව.."හාමු මහත්තය".. ඒ ලීලගේ කටහඩ.. කොහේදී ඇහුනත් අඳුර ගන්න පුළුවන් ඒ හඬ.. "මේ දවස් ටිකේම හාමු මහත්තයට කැස්ස තිබ්බ හින්ද මම පස් පංගුව ඩිංගක් තම්බුව තිප්පිලි ටිකකුත් දාල..උණු වතුර ටිකකුත් හදල තියෙන්නේ ඇඟපත හෝද ගන්න" දෝතින්ම කොත්තමල්ලි කෝප්පේ දෙන ගමන් ලීල කියනව..ලීලගේ කලින් තිබ්බ පැහැපත් බවත් සිරුරේ ලාලිත්‍යත් හොරු අරන් ගිහින් වගේ වෙනස් වෙලා තියනව සමරකෝන් හාමු දකිනව..කෙල්ල කාලේ ඉඳලම වලව්වේ බැලමෙහෙවර කරපු, තමන්ගේ ඕන එපාකම් ඕනෑවටත් වැඩ ඉෂ්ට කරපු ලීල ගැන වෙනදට වඩා මහා දුකක් ඔහුට දැනෙන්න ගන්නව.."මට කරන්ට බැරිඋන ගොඩක් දේවල් ලීල ඔයාට කල බව මම දන්නවා..එක්කෝ මට නොදැනුන දේවල් ඒකිට දැනෙන්ට ඇති..මට තරහක් නෑ..අපි කවදාවත් අපිව තේරුම් ගත්තේ නෑ..ඒකිට යන කලදවසක් බලන්ට.." ලෙඩ ඇඳේ ඉඳන් සුදර්මා හාමිනේ අන්තිම වතාවට කියපු හැටි සමරකෝන් හාමුට මතක් වෙනව.. ප්‍රසිද්ද නාලිකාවේ ඉන්ටර්විව් එක ඉවර වෙලා එඩ්මන් පෙරේරා සිය දැවැන්ත සිරුර සීරුවෙන් හසුරවාගෙන කන්තෝරුවට ඇතුල් වෙනව.."මගේ ජීවිතේ හැම ජයග්‍රහණයක් පස්සෙම ඉන්නේ මගේ ආදරණීය බිරිඳ සිල්වියා..එයා නැත්නම් අද මම මෙතන නෑ . උතුම් කාන්තාවක් ලෙස එතුමිය කල කී දේවල් මට මෙතන කියන්න වෙලා මදි..ඒ තරම් කැපවීමක් ඇය මා වෙනුවෙන් කරලා තියනව.." ජාත්‍යන්තර කාන්තා දිනය හා සමගාමීව තිබ්බ වැඩසටහන මෙහෙයවපු සුන්දර නිවේදිකාව තොදොල් වේවි ප්‍රශ්න අහපු හැටියට එඩ්මන්ට හිනත් යනව..ඒ එක්කම ඇගේ ලස්සන හීනි ඇඟිලිත් කර පළල ගව්මෙන් යන්තම් පෙනුන තුරුණු අගපසගත් මතක් වෙලා "ඒ ළමයට හොඳ ගිෆ්ට් එකක් යවන්න ඕන" කියල තකහනියෙම නෝට් කරගන්නව.. මොන දේ කිව්වත් අවරුදු ගානකට කලින් සිල්වියත් තමන්ගේ ව්‍යාපාර සගය උන කාශ්‍යපත් අතර තිබ්බ සම්බන්දෙ එඩ්මන්ට මතක් වෙනව..කාලෙත් එක්ක දේවල් වෙනස් උනත් බිඳුණ බඳුන් වලට පැලැස්තර දාන්න තමාටත් සිල්වියටත් කවදාවත් බැරි බව එඩ්මන් දන්නව.. මහා වැස්සේ ගේට්ටුව ඇරගෙන ගෙදරට එන අමුත්තා කව්ද කියල බලන්න සකුන්තලා දොර අරිනව..අවුල් උන හිසකෙසුත් , දිරාපු සිරුරත්, අපිළිවෙල ඇඳුමත් එක්ක එක පාරටම ඔහුව හඳුනා ගන්න බැරි උනත් එකවරම ඇය ගල් ගැහෙනව...අවුරුදු ගානකට කලින් තමාත් දරුවත් දාල වෙනත් ගැහැනියක් සමග ජීවත් වෙන්න පටන් ගත්ත ජයන්ත මහා දුක් ගොඩක් හිතේ ගුලි කරගෙන ආයෙමත් ඇවිත් ඉන්නව..කියා ගන්න බැරි කේන්තියක් වෛරයයක් සකුන්තලගේ හිතට ආවත් තවත් මොකක්දෝ කියාගන්න බැරි සතුටක් ඒ එක්කම ඇයට දැනෙනව.. "පුතේ මෙන්න අප්පච්චි ඇවිත්".. සකුන්තලා හීන් ඉකියකුත් එක්ක කාමරේ පාඩම් කරන සුදාරකට කියනව ජයන්තට ඇහෙනව.. රොෂානිසද ප.ලි. මේක මගේ පරණ ලියවිල්ලක්..කියවපු නැති ඔබ කියවන්න..හම්බෙමු.ඔෆිස් කාමරේට ආව නිවේදනා බලාගෙන හිටියෙ විවාහ චාරිත්‍ර වලට සැරසෙන ගාඩ්න් එක දිහා. රිසෙප්ශන් එකත් එක්කම තියෙන ඔෆිස් කාමරේ හදල තියෙන්නෙ සම්පූර්ණ හොටෙල් ගාඩ්න් එකම පේන විදිහට. අංග සම්පූර්ණ උත්සව ශාලාවක් තිබුනත් මනමාලිට ඕන උනේ ගාඩ්න් එකේම සම්පූර්ණ උත්සවේ ඇරේන්ජ් කර ගන්න. වෙනදාට නම් හොටෙල් එකේ විශේෂ ඉවෙන්ට් එකක් තිබුනම වැඩ කරන අයත් එක්ක එකතුවෙලා හරි හරියට වැඩ කලාට අද නිවේදනාට ඒකට හිත එකග කරගන්න බැරි උනා. කොච්චර හොදට හිනාවෙලා හිටියත්, පිටින් වේලිලා තිබුන තුවාලයක් හයියෙන් තද කරාම දැනෙනව වගේ වේදනාවක් මේ වෙඩින් එක භාර ගත්ත දා ඉදලම නිවේදනාට දැනෙමින් තිබුන. වෙඩින් එක කාගෙද කියල දැන ගත්ත ගමන් බොරුවට පැකේජ් එකක් ගැන කියල කේටරින් එකයි ඩෙකරේශන් එකයි ෆ්‍රී දෙනව කිව්ව වෙලේ ඉදල කපල් එකට නිවේදනාව හම්බ වෙන්න කොච්චර උවමනා උනත් නිවේදනා ඒ හැම අවස්තාවක්ම මග ඇරියෙ මේ මොහොත වෙනුවෙන්......................... " Coffee & juice with donut " ගිහිල්ලම බලමු ඉතිං නේද " " සමහර විට ඩෝනට් ෆ්‍රී ද දන්නෙ නෑ, යමන්කො බලන්න " නිවේදනා ඒ වෙලාවෙ උන්නෙ ගාඩ්න් එකේ මල් පාත්තියකට සාත්තු කරන ගමන්. කාර්‍යාල ඇදුමෙන් සැරසුන දෙන්නෙක් නිවේදනාගෙ ශොප් එක පැත්තට ආවෙ හිනා වෙවී. පාරෙ නතර කරල තිබුන වාහනේ ළඟ කීප දෙනෙක් ඉද්දි ශොප් එකට ආපු දෙන්න ගාඩ්න් එකේ තිබුන ටේබල් එකක් ගාව නතර උනා. " නංගි හොදටම තිබහයි, රස්නෙයි, රාජකාරි ගමනක් යන්නෙ ඒ හින්ද සැර බීම තහනම් . මොනවද තියෙන්නෙ " ආපු දෙන්නගෙන් කෙනෙක් එක දිගට කියාගෙන යද්දි නිවේදනා ටේබල් එක උඩ තිබුන චූටි හෑන්ඩ් බිල් එක කස්ටමර් ලගින් තිබ්බෙ පුංචි හිනාවක් එක්ක. " ඕකෙ තියෙන ඕන දෙයක් තියෙනව සර් " නිවේදනා කිව්වෙ දෙන්නම හෑන්ඩ් බිල් එක කියවන අතරෙ... ලොකුම බිස්නස් එකක් නොවුනත් ඒ වෙද්දි නිවේදනාගෙ පුංචි ශොප් එක සැලකිය යුතු ආදායමක් ලබන ව්‍යාපාරයක් වෙලා තිබුනෙ නිතර නිතර තියන උපන්දින සාද ඇනිවසරි සාද වගේ පුංචි පුංචි ප්‍රියසාද නිසා. ඒක හින්ද ටී , කොෆී , නෙස්කැෆේ වගේම ප්‍රෙශ් ජූස් වලට පලතුරු වර්ග පහ හයක් නිතරම නිවේදනාගෙ ශොප් එකේ තිබුන ... " ඒයි වරෙල්ල, ලන්ච් එක වෙනකං ශේප් කර ගන්න පුලුවන් " එක කස්ටමර් කෙනෙක් කෑ ගහන කොටත් වාහනේ ගාව හිටිය අයත් එක්කෙනා දෙන්න ශොප් එක ඇතුලට ඇවිදින් හිටියෙ . "නංගි අපිට ඔයාගෙ ක් කොෆී ව්ව්ත් ඩෝඕඕනට් නම් එපා . අපිට දෙන්න අලිපේරත් එක්ක අර උඩින් අයිසින් දාල තියෙන ඉස්පංචි " විනාඩි කීපයකට පස්සෙ කස්ටමර් කෙනෙක් එහෙම කියද්දි අනික් හැමෝම හයියෙන් හිනා උනා. එයාලගෙ හිනාවට එකතු වෙන ගමන් නිවේදනා ආපහු හැරුනෙත් යාලුවො හිනා වෙන සද්දෙට ශොප් එකට පිටුපාල උන්න එක සගයෙක් යාලුවො දිහා බැලුවෙත් එකම වෙලාවෙ. තමන් ඉස්සරහ ඉන්න කෙනා දකිද්දි නිවේදනාගෙ පපුවෙන් පටන් ගත්ත සීතලකට යටිපතුලත් හිස්මුදුනත් සීතල කරන්න ගියෙ ඇසිල්ලක්. තිබුන ඔක්කොම සම්බන්ධකම් නතර කරල දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ගෙවිල තිබුනත් චාමර ව දකින කොට අදත් නිවේදනාට එදා තරම්ම භය හිතුන. වෙනසක් නොපෙන්වා නිවේදනා ඇවිදින් හිටපු අයගෙ අවශ්‍යතාව සපුරල දුන්නත් ඇගේ හිතේ තිබුනෙ බයක්ද අප්‍රසාදයක්ද කියල පැහැදිලිව කියන්න බැරි විකාර හැගීමක්. චාමර ඇතුලු පිරිස ශොප් එකේ හිටපු වෙලාව නිවේදනාට දැනුනෙ කල්පයක් වගේ . කාල බීල ඉවර වෙලා කට්ටියම එලියට ගියාට පස්සෙ ආපහු හැරුන චාමරව දකින කොට නිවේදනාව ආයෙත් සීතල වෙලා ගියා. චාමර ලගට එද්දි කැෂියර් ටේබල් එක උඩ තිබුන කැල් එක නිවේදනාගෙ අතේ හිර උනේ නිවේදනාටත් නොදැනි. " ඉතිං කොහොමද , කාල බීල ඉන්නවද , කොහෙද ඉතිං තමු$%සෙට පින නෑනෙ .මටත් පිස්සුනෙ මඩේ ඉන්න කූඩැල්ලි
යො අල්ලල මෙට්ටෙ තියාගන්න හැදුව.තමු%සෙ වගේ අයට මෙතන තමා ගැලපෙන්නේ.අනුන්ගෙ තැනක එක එකාට තේ හද හද ඉන්න. කමක් නෑ මේක ටිප් එකට තියාගන්නව. වේලක් කන්න පුලුවන්නෙ. " එක දිගටම කියවගෙන ගිය චාමර රුපියල් පනහක් එක්ක රුපියල් දාහක් මේසෙ උඩට විසිකරල මේසෙ උඩ තිබුන වතුර බෝතලේකුත් අරගෙන ආපහු හැරුනෙ සමච්චල් හිනාවකුත් එක්ක.. .................. ඒ හිනාව ආයෙ පාරක් නිවේදනාගෙ ඇස් ඉස්සරහ ඇදිල මැකිල යද්දි නිවේදනා බැලුවෙ රිසෙප්ශන් එකේ ටේබල් එකට උඩින් බිත්තියේ එල්ලල තියෙන පින්තූරෙ දිහා. පිටතින් අදුරු කරපු වීදුරු කාමරේට වෙලා නිවේදනා එලිය දිහා බලාගෙන හිටිය. කවාකාරව දැල්වලින් ආවරණය කරපු හොටෙල් එකේ දෙපැත්තක්ම වටකරගෙන හිටියෙ වෙල් යායක්. තද කොල පාට ගොයම් පඳුරු වලින් උඩට ඉස්සිලා කිරි වදින්න පොර කන වී කරල් වලට ඉර එලිය වැටුනම තියෙන්නෙ කොල පාටට වඩා දිලිසෙන කහ පාටක්.වෙල් යාය කෙලවරේ හොටෙල් එකට පෙනෙන නොපෙනෙන මානෙ තියෙන වැව දවල් වෙනකොට පේන්නෙ මිරිගුවක් වගේ. සීතල වතුර පොදක් වගේ පේන තැන් වල රැවටිලි කාර මිරිගු වගේම ඇවිලෙන මිරුගු වගේ පේන තැන්වල සීතල පොකුණු තියෙන බව නිවේදනාට ඉගැන්නුවෙ චාමර. ඇති හැකි මිනිස්සු නොවුණු නිවේදනාට එදා චාමරව පෙනුනෙත් ඒ වගේ. වේලිලා කරවෙලා ගිය පාලු මිටියාවතකට පස්සෙ හම්බ වෙන සීතල පොකුනක් වගේ. ග්‍රීස්ම කාලෙ සුන්දර හීන දැකපු සීතල රැයක් ගෙවෙන තරම් ඉක්මනින් ඒක පොකුණක් නෙවෙයි ඇත්තටම මිරිගුවක් කියල නිවේදනාට කියල දුන්නෙ චාමර... ගිම්හානෙ ගිනි ගන්න දවාලක ඇස් රවට්ටන මිරිගුවක් වගේ ඇස් ඉස්සරහ එක පාරම මැවිල , ගිනි ඇවිලෙන කාන්තාරෙත් දිය උල්පත් මතුවෙන බව නිවේදනාට කියල දුන්නෙත් චාමර .... නීවේදනා කල්පනාවෙන් මිදුනෙ එලියෙන් ඇහෙන රතිඤ්ඤා පුපුරන සද්දෙට . උඩරට නැට්ටුවො පිරිවරාගෙන රතු පලස දිගේ එන චාමරගෙ හිනාව එදාටත් වඩා ලස්සනට අද නිවේදනාට පෙනුන. ඇත්ත අද තියෙන්නෙ එදා තිබුන මවාගත්ත හිනාව නෙවෙයි. ඉතිං ඒ හිනාව ලස්සනයි. එතකොට මගෙ හිනාව.. එලියෙන් පේන චාමරගෙ රූපෙ අතරින් පේන නිවේදනාගෙ චායාව දිහා නිවේදනා අමාරුවෙන් බලාගෙන හිටිය .මගෙ හිනාවත් ලස්සනයි. ඒකත් මවාගත්ත හිනාවක් නෙවෙයි. ඉතිං ඒ හිනාවත් ලස්සනයි. හැබැයි වෙනස් විදිහට. චාමරට තියෙන්නෙ හැමදේම ලබාගත්ත සතුට... මට තියෙන්නෙ හැමදේම අත් ඇරපු සතුට...හරිනම් මම චාමරට ස්තූති කරන්නයි ඕන. මාව මෙච්චර උඩකින් තිබ්බෙ චාමර. ඒත් මම ඔයාට උත්තර දෙන්න ඕන. බෝ මළුවක් වගේ තිබුන මගෙ ජීවිතෙ හැඩිකරපු ඔයා දැන ගන්න ඕන මම ඒ ජීවිතේ පන්සලක් කර ගත්ත විදිහ..' " නිවි මිස්. කට්ටිය ලන්ච් අරන් ඉවරයි .තව පැය බාගෙකින් අපි කොෆි දෙන්න ඉන්නෙ . මිස් මතක් කරන්න කිව්වනෙ " " හරි සදරු..." නිවේදනා බලාගෙන උන්නෙ මේ පණිවිඩේ එනකල්.හෑන් බෑග් එකෙන් තමන් ආසාම රෝස පාට තොල් ආලේපන එලියට ගත්ත නිවේදනා වෙනදට වඩා ටිකක් තදින් අද දෙතොල් පාට කලා.උදේ දාගෙන ආව මේකප් එක පොඩ්ඩක් අලුත් කලා. අත්‍යාවශ්‍යම නම් ඇරෙන්න පාවිච්චි කරන්නෙම නැති සන්ග්ලාස් දෙක දා ගත්ත නිවේදනා වැඩ කරන ලමයෙක්ට කියල ගෙන්න ගත්ත මල් බොකේ එකත් අරගෙන එලියට ආව. හිත චුට්ටක් හෙළ උනත් ආපහු පාරක් තමන්ගෙ ඉස්සරහට බිත්තියේ තියෙන පින්තූරෙ දිහා බලපු නිවේදනා හොටෙල් එකෙන් එලියට බැස්සෙ දවස් ගානක ඉදල තමන්ව හම්බ වෙන්න ඉන්න මනාල යුවළට සුභ පතන්න. චාමරල ලගට කිට්ටු වෙද්දිම සන්ග්ලාස් දෙක ගලවපු නිවේදනාව අදුර ගන්න චාමරට අමාරු උනේ නෑ. මේ වෙලාවෙ මෙහෙම නිවේදනා හම්බ වෙන බලාපොරොත්තුවක් චාමරගෙ හිතේ නොතිබුණු හින්ද චාමර මොහොතකට නිරුත්තර උනා... " කන්‍රැග්ලේශන් මිස්ටර් ඇන්ඩ් මිසිස් චාමර. " චාමරගෙ මනමාලි අතට මල් එක දීල හග් කරපු නිවේදානා චාමරට අත දිග් කලා. කලින් මුන ගැහිල නැති තරුණිය දිහාත් ඈ දිහා කේන්තියෙන් බලාගෙන ඉන්න සිය සැමිය දිහත් බලපු චාමරගෙ මනමාලිගෙ හිතේ ඇතිවුනේ කුතුහලයක්. " තමු%සෙ . තමු%සෙට කොහෙන් ආපු හයියක්ද මෙතනට එන්න . ඒයි වේටර් මෙහෙ එනව. තමුන්ගෙ හොටෙල් එකේ ගේට් එක ගාවට එන හැම එකාවම ඇතුලට ගන්නවද. මේ වගේ වැදගත් දවස් වලටත්" චාමර තමන්ගෙ ආවේගය පිට කලේ හොටෙල් එකේ වැඩ කරන ලමයෙක්ගෙ පිටින්. චාමරගෙ සද්දෙට වටේ හිටපු කීප දෙනෙකුත් බලාගෙන හිටියෙ මේ සිද්ද වෙන්නෙ මොකක්ද කියල . " සොරි සර්, මේ නිවී මිස් .මම කිව්වෙ මිස් නිවේදනා වික්‍රමසිංහ .. අපේ හොටෙල් ඩෝනට් එකේ ඕනර්.එයා තමා ඇනීවසරි ලකී කපල් එක විදිහට ඔයාලව සිලෙක්ට් කලේ...." " මොකක් .........." " ඔව් සර්. " " මිස් නිවේදනා , හොටෙල් එක දකිද්දි මම හිතුව තරම් ඔයා ලොකු කෙනෙක් නෙවෙයිනේ . අනික චාමර ඔයාල කලින් අදුනනවද " " ඔව් මිසිස් චාමර , මම ඔයාට කියන්නම්. එයා ඒක ගැන කතා කරන්න කැමති වෙන එකක් නෑ.ඇත්තටම ඔයා කිව්ව හරි මම ලොකු කෙනෙක් නෙවෙයි වයසෙන් වගේම වැඩ වලින්.එතකොට මමයි චාමරයි ඇත්තටම අපි අතරෙ සම්බන්ධකමක් තිබුන. ඔයා එච්චර හිතන්න එපා ඒක මේ මාස තුනක විතර පොඩි කාලයක් . ඇත්තටම මම තමා එයාව අත ඇරල ගියෙ ඒකත් ද්වේශසහගතව නේද චාමර . ඉතිං එයාට කේන්ති යන එක සාධාරණයිනෙ.... මම තරහ නෑ චාමර. එච්චර දේවල් උනාට පස්සෙත් එදා මට වේලක් කන්න කියල රුපියල් දාහක ටිප් එකක් දිල ගිය ඔයා එක්ක කොහොම තරහ වෙන්න ද..... " ඔයා දන්නවද මිසිස් චාමර බැහැ කියල කියන්නෙ හරි බලගතු වචනයක් .ඔයා හිතනව නම් මට බෑ කියල ඒක තමා ඔයාට තියෙන තියෙන ලොකුම වීක්නස් එක.. ඒ වගේම කවුරු හරි ඔයාට කියනව නම් ඔයාට බෑ කියල ඒක තමා ඔයාට තියෙන හොදම මෝටිවේශන් එක එච්චරයි මගෙ රහස " නිවේදනා කිව්වෙ හොටෙල් එක වටේම බලන ගමන් " ඉතිං කොහොමද අපේ සර්විස් එක . ඔයා තෘප්තිමත් ද , " "අනිවාර්‍යෙන් මිස් නිවේදනා. බලාපොරොත්තු උනාටත් වඩා ගොඩාක් වැඩියෙන්. හැමදේකටම බොහෝම ස්තූතියි.... තව දෙයක් අර ඔයාට බෑ කිව්ව කෙනා හම්බ උනොත් කියන්න අපිට එයා ගැන බොහොම කනගාටුයි කිව්ව කියල , නේද චාමර ..." "ආහ් ..ඔ ඔව් නේ ඒක ඇත්ත .." " ඉතිං චාමර සුභ පැතුම් " චාමරගෙ අත අල්ලල බලෙන් වගේ තව පාරක් කිව්ව නිවේදනා කෙලින්ම ආවෙ කාර්යාලයට... රිසෙප්ශන් එක ගාව නැවතිලා ලස්සන ප්‍රේම් එකක බිත්තියේ එල්ලල තියෙන රුපියල දාහ දිහා තව පාරක් බලපු නිවේදනා කෙලින්ම ආවෙ කාර්‍යාලයට... " ඒ කියන්නෙ ඒ පොටෝ එකට කතාවක් තියෙනව.. චාමරල ගාවදි නිවේදනාව හදුන්නල දුන්න සදරු නිවේදනා එක්කම ඇවිදින් බව නිවේදනා දැක්කෙ ඒ වෙලාවෙ. "ඉතිං ඒක අපිටත් කිව්ව නම් අපිත් සතුටින් , මිසුත් සතුටින් , මේක ගැන අහන කස්ටර්මලත් සතුටින්. කියනවද මිස්. සතුටට රෑට පාටියක් දුන්නොත් තවත් සතුටින්"" " හරි දැන් මොනා පාටියක්ද සදරුලට ඕන..." " ඩෝන්ට් පාටියක් මිස් . අර මිස්ගෙ අතින්ම හදපු හොට් චොක්ලට් ඩෝනට් එක්ක රුපියල් දාහෙ කතන්දරේ... " " හරි එහෙම නම් සදරු නිහාල් අංකල්ට කියන්නකො ඕන කරන ඒව ලෑස්ති කරන්න කියල "'''::: නිවේදනා කිව්වෙ උදේ ඉරක් වගේ ලස්සනට පෙවුන චාමරගෙ මූන කලුවෙලා තියෙන දිහා බලාගෙන.. නිමි!...කොටස් දෙකක කෙටි කතාවකි උසාවි බිමෙන් එළියට ආපු නිවේදනා දිගු සුසුමක් හෙළුවෙ හිතේ තිබුන බර ගතිය අඩු කරගන්න. විනිසුරුවරයාගේ තීන්දුව සැනසිලිදායක උනත් ඇගේ හිතේ ඇතිවෙලා තිබුන අසහනකාරී හැගීම නම් ඒ විදිහටම තිබුන. මහ පිරිසක් ඇය වටකරගෙන නොදන්නා භාෂාවලින් ඇයට දොස් පවරනව වගෙයි ඇයට දැනුනෙ. උසාවි බිමෙන් එළියට ආවත් ඔළුවට දැනෙන ඒ ඝොෂාකාරී හැගීමත් එක්ක ඈ පෞද්ගලික බස් රතයකට ගොඩ උනේ ඉක්මනින් ගෙදර යාමේ උවමනාව නිසා. අසුන් ගැනීමේ අවශ්‍යතාව තදින් දැනුනත් සීට් ගානටත් වඩා මගීන් සිටි බස් එකේ නිවේදනාට වාඩිවීමට අවස්ථාවක් ලැබුනෙ නෑ.උසාවිය තුලදී ඇතිවූ සිදුවීම් ඇයට දැනුනෙ තුන් මසක් පුරාවට සිය සැමියා ඉදිරියේ ඇය මුහුණ දුන් කටුක අත්දැකීම නාදුනන මිනිස්සු පිරිසක් ඉදිරිපිට සිදුවුනා වගේ අමිහිරි අත්දැකීමක් විදිහට . ඒ අතරෙ බස් රථය තුල වාදනය වෙමින් තිබුන වේගරිද්ම ගීතයත් , එහි තිබුන උණුසුමත් ඈ තවත් අපහසුතාවට පත්කළා. අසාමාන්‍ය කායික පීඩා නිසා සිය සැමියාගෙන් දික්කසාදය ඉල්ලා නිවේදනා ගොනු කල නඩුවේ අවසාන දිනය අද. විත්තිය වෙනුවෙන් පෙනී සිටි කාන්තා නීතිඥවරිය දිගින් දිගටම සිදුකල ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව විත්තියට වාසිදායක ලෙස විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කලේ නිවේදනා පත් වූ අපහසුතාවට සැලකිල්ලට අරගෙන . නිවේදනා විවාහ වෙන්නෙ යෝජනාවකින්. පෞද්ගලික ආයතනයක පරිපාලකයෙක් ලෙස සේවය කළ නිවේදනාගෙ සැමියා මධ්‍යම පාන්තික පවුලක එකම පිරිමි දරුව.නිවේදනා ඇඟලුම් ආයතනයක වැඩ සුපරීක්ෂකවරියක් ලෙස රැකියාව කළා.මහා ලොකු ලස්සනක් නොවුනත් සුදුත් නැති කලුත් නැති කාගෙ උනත් හිතක් දිනාගන්න පුලුවන් විදියෙ සුන්දර පෙනුමක් ඇයට තිබුන. කාගෙත් ආශිර්වාද මැද පුංචි වෙඩින් එකක ලස්සන මනමාලියක් වෙලා දීග ගිය නිවේදනාගෙ පතිනි හීන වලට ගිනි ඇවිළුනේ ඇගේ මංගල යහනෙදිමයි. අසාමාන්‍ය ලිංගික ආශාවන් තිබුන නිවේදනාගෙ සැමියා අතින් මංගල යහනෙදිම හිංසනය ලක්වෙන නිවේදනා අඛණ්ඩව තුන් මාසයක් පුරාම ඒ අමිහිරි අත්දැකීමට මුහුණ දෙනව. විවාහ වී තුන් මසකට පසු විවාහ දිවියට සමුදී නිවේදනා ආපසු සිය නිවසට එන්නෙ තමන්ගෙ පවුලෙ වගේම තම සමීපතමයන්ගෙත් විවේචන මැද්දේ . නැති විට තමාවත් , සිටින විට තමාගෙ කැඩිච්ච විවාහයත් විතරක් මාතෘකාව වෙච්ච රැකියා ස්ථානයේදි ඇතිවුන පීඩාව නිසාම නිවේදනා සිය රැකියාවට ආයුබෝවන් කියන්නෙ විවාහය කටුගාපු පළමු සතියෙදිමයි. සහෝදර සහෝදරියන්ගෙ පටන් හිතමිතුරු නෑදෑයන්ගෙ අපවාදයටත් උපහාසයටත් ලක්ව උපන් ගම හැරදා කොළඹ ප්‍රධාන පෙලේ සුපිරි වෙළදසැලක සේවයට බැදෙන නිවේදනා දික්කසාදය ඉල්ලා නඩු ගොනු කර අදට තෙමසක් අවසන්. උසාවියෙදි ඇතිවූ පීඩාව මෙන්ම තාම අනන්ත කැපකිරීම් කළ සිය සමීපතමයන්ගේ තාඩන පීඩන ඇය ඉදිරිපිට සිතුවමක් වගේ මැවෙද්දි ඇගේ දෙනෙත් න
ැවතත් කදුලින් පිරුණ. උදෑසන උසාවියෙදි ක්‍රියාවිරහිත කළ දුරකථනය සක්‍රිය කිරීමට අමතක උන බව නිවේදනාට මතක් උනේ ඈ එනකල් හැමදාම පෙරමග බලන් හිටපු අම්මගෙ නෝක්කඩුවෙන්. උසාවියෙදි සිද්ද උන දේවල් කෙටියෙන් අම්මට පැහැදිලි කරපු නිවේදනා කාමරයට ආවෙ තනිව සිටීමටත් වඩා අම්මගෙ දයාබර වචන ඉස්සරහ ආයෙත් ඇඩෙයි කියල බය හිතුන නිසා. අසනීපයෙන් ඉන්න අම්ම ඉස්සරහ දුක හංගගෙන හිනාවෙලා ඉන්න නිවේදනා ලොකු වෙහෙසක් ගත්ත. ඈ වැඩිපුරම ඉන්න ආස ඇගේ කාමරයේ ජනේලය අසල තියෙන පුංචි පුටුවෙන් ඉදගත්ත නිවේදනා ජංගම තිරය පරික්ෂා කලා . වැඩිපුරම මග හැරුණ ඇමතුම් තිබුනෙ ඈත් එක්ක කොළඹ එකට වැඩ කරන මිතුරියන්ගෙන් නිසා ඈ ඉන් එක අංකයකට ඇමතුමක් ගත්ත. " හෙලෝ නිවී අක්ක , ඇයි අක්ක පරක්කු උනේ.අක්ක ඉතිං වැඩේ ඉවරද. " "දැන් ගෙදර ආවෙ සදූ. ඔව් අද තීන්දුව දුන්න." " අනේ හොදයි. අක්ක දුක් වෙන්න එපා. කවුරු නැතත් අක්ක එක්ක අපි හැමදාම ඉන්නව .." ඒක නෙවෙයි . උදේ ඉදල අක්කට ගත්තෙ රෑට අක්කටත් එක්ක කෑම හදන්න.අක්ක දැන් එනවනෙ." " නෑ සදූ . මම උදේට එන්නම්. හැමෝටම දවල් කෑම මම හදාගෙන එන්නම් " " එහෙනම් අර අක්කගෙ රස චිකන් බිරියානි එක හරිනෙ " " හරි හරි , " නිවේදනා ඇමතුම විසන්ධි කලේ සිනාවෙන ගමන්මයි. ඇයට වඩා වයස අවුරුදු කීපයකින් බාල ගැහැනු ළමුන් හත් දෙනෙක් ඇයත් සමග එකම බෝඩිං කාමරයක ඉන්නව. සීමීත පහසුකම් එක්ක උනත් කවුරුත් තියෙන දේවල් බෙදාගෙන හරි සතුටින් රස්සාව කරගෙන ඉන්නෙ. නිවේදනාට උනත් මේ තරම් ඉක්මනින් හිත හදාගන්න පුලුවන් උනේ මේ පොඩි කෙල්ලන්ගෙන් ලැබුන ලෙංගතුකම ආදරේ හිනද... රස්සාව කොච්චර අමාරු උනත් විවේකයක් හම්බ වෙන හැම වෙලාවෙම තියෙන දෙයක් කාලා සිංදුවක් කියල ව්නෝදෙන් ඉන්න හැමෝම පුරුදු වෙලා හිටිය. නිවේදනා වැඩ කලේ බේකරි අංශයේ කැෂියර් විදිහට. ප්‍රධාන කවුන්ටර් එකට කැෂියර්ල සෑහෙන පිරිසක් උන්නට බේකරි එක භාරව උන්නෙ නිවේදනා එක්ක තව පිරිමි ළමයෙක් විතරයි. ඒකත් ශිෆ්ට් එකක් විදිහට. තරමක් කාර්‍යබහුල උනත් විවේකයක් තියෙන හැම වෙලාවකම ඇය බේකරිය ඇතුලෙ වෙන වැඩවලට උදව් උනා. නිවේදනාගෙ ‍රෑ ශිෆ්ට් එකේදි හුගක් වෙලාවට බේකරියෙ පිරිසිදු කිරීම් උනේ නිවේදනා අතින්. ඒ නිසා බේකරියෙ ඇතුලෙ වැඩ කරපු කවුරුත් නිවේදනාට ආදරෙයි. එක එක විදිහට හදපු කේක් , ඩෝනට් වගේ ස්වීට්ස් වගේම රෝල්ස් බර්ගර් සැන්විච් වගේ කෑම වර්ගත් බේකරියෙ අලෙවි උනා. නිවාඩු දවසට බේකරි එකේ හදන පොඩි පොඩි කෑම ජාති අත් හදා බලන එක නිවේදනාගෙ පුරුද්දක්.අඩුපාඩු කියල දීල මග පෙන්නන්න වගේම අත දෙන්නත් ඇය එක්ක හැමදාම බේකරි කාර්‍ය මන්ඩලේ ඇය එක්ක හිටිය . කා එක්කත් හිනා වෙලා කතා කරල හැමෝටම උදව් කරගෙන ඉන්න නිවේදනාට බේකරියෙ ප්‍රධාන සූපවේදිය උන නිහාල් අංකල් ගෙනාවෙ අපූරු අදහසක්. " ඇයි නිවේදනා තමන්ගෙම කියල වැඩක් පටන් ගන්නෙ නැත්තෙ .නිවේදනාගෙ අදහස තනියම ජීවත් වෙන්න නම් ඒකට නිවේදනා ස්වාධීන වෙන්න ඕන . නිවේදනාට පුලුවන් මේකෙන්ම පටන් ගන්න " ඔහු කිව්වෙ අයිසින් කරමින් හිටපු කප් කේක් තැටිය පෙන්නන ගමන් .සැරින් සැරේ මාස ගානක් තිස්සෙ කරපු ඇවටිලි කිරීම් හින්දම අවසානෙ නිවේදනා චූටිවට කූල්ස්පොට් එකක් පටන් ගත්තෙ බැංකු ලෝන් එකක් අරන්. ශොප් එකට ඩෝනාට් කියන නම යෝජනා කලෙත් බේකරියෙ නිහාල් අංකල්. නිකන් ඉන්න හැම වෙලාවෙම ශොප් එක වටේ එක එක ජාතියෙ මල් වවල සාත්තු කරපු නිවේදනාට දැන් ලස්සන ගාඩ්න් එකක් තියෙනවා. මහා ලොකු වෙලදාමක් නැතත් නිවේදනා ගාඩ්න් එකෙත් ටේබල් දෙක තුනක් තිබ්බෙ ඉද හිට එන කපල්ස් වලට යාලුවන්ට ටිකක් වෙලා ඉදල යන්න පුලුවන් වෙන්න. දවසක් හවස කැෂියර් එකට වෙලා හිටපු නිවේදනා බලාගෙන හිටියෙ ශොප් එක ඉස්සරහට නවත්තපු කාර් එක දිහා. ඒක අමුතු දෙයක් නොවුනත් කාර් එකේ ආපු තරුණයා එලියෙ නැවතිලා ශොප් එක වටේම බලල නිවේදනාට ගෙනාවෙ අමුතු යෝජනාවක් . "මිස් මට හෙට ඔයාගෙ ශොප් එක පැය දෙක්කට රෙන්ට් එකට ගන්න පුලුවන්ද..." මොකුත් නොතේරුන නිවේදනා ඔහු දිහා බලාගෙන ඉද්දි ඔහු ආයෙමත් කතා කලා. " මිස්, හෙට මම ආදරේ කරන කෙනාගෙ බර්ත්ඩේ එක. එයා දන්නෙ නෑ මම එයාට ආදරෙයි කියල . ඉතිං මම එයාට හෙට ප්‍රෆෝස් කරන්න ඉන්නෙ . මේක තමා ඒකට නියම තැන ..." දිග කතාවකට පස්සෙ නිවේදනා තීරණයට එකග උනේ කේක් ඕඩර් එකත් භාර අරගෙන.වෙලාව හතර කියල පොරොන්දු උනාට පහුවදා තුන වෙද්දිම නිවේදනා ශොප් එකේ ගේට් එක වහල දැම්මෙ ශොප් එකේ ඉන්න අයට යන්න කියන්න බැරි නිසා.. හදිසියේම නිවේදනාට ආපු සිතුවිල්ලක් හින්ද නිවේදනා ළඟ කඩේකින් ගෙනා ගත්ත බැලුන් බෝලයි ගාඩ්න් එකෙන්ම කපා ගත්ත මල් ටිකකුයි එක්ක ශොප් එක පොඩ්ඩක් ඩෙකරේට් කලේ කස්ටමවත් ස්ප්‍රයිස් කරමින්. ඒ සිද්ධියට පස්සෙ උපන්දින සැමරුම් මිතුරු හමු ඇනිවසරි වෙනුවෙන් විටින් විට වෙන් වෙච්ච නිවේදනාගෙ ශොප් එක පලවෙනි පාරට සාද නිකේතනයක් උනෙත් ඒ ආපු ලකී කස්ටර්මගෙ වෙඩින් එකට. මේ නිවේදනාගෙ සාද නිකේතනයේ කෙරෙන හය වෙනි වෙඩින් එක. හොටෙල් එකට ආපු නිවේදනා කෙලින්ම ආවෙ කිචන් එකට. ඒක මේ අවුරුද්ද පුරාම නිවේදනා නොකඩවාම කලා. එතකොටත් නිහාල් අංකල් සෑහෙන්න කාර්‍යබහුලයි.නිහාල් අංකල් මොන වැඩක හිටියත් නිවේදනාට මොන වැඩේ තිබුනත් නිවේදනා හැමදාම තමන්ගෙ වැඩ පටන් ගත්තෙ නිහාල් අංකල්ට කතා කරල. තේරෙන කාලෙ ඉදල තාත්තගෙ ආදරේ නොලබපු නිවේදනා මෙච්චර දුර එද්දි නිවේදනාගෙ පිටිපස්සෙන් කන්දක් වගේ හිටියෙ නිහාල් අංකල් . අවිවාහකයෙක් උන නිහාල් අංකල්ට පුංචි ගෙයක් වගේම අත් උදව්වට පිරිමි කෙනෙකුත් දීල නිවේදනාගෙ හොටෙල් එකේ කිචන් එක භාර දුන්නෙ නිවේදනා හොටෙල් එක පටන් ගන්න ප්ලෑන් කරද්දිමයි. "ගුඩ් මෝර්නින් නිහාල් අංකල්" නිවේදනා කිව්වෙ නිහාල් අංකල්ගෙ කකුල් අල්ලන ගමන් " ගුඩ් මෝර්නින් නිවේදනා , ඔයා මේ කරන මෝඩ වැඩේ නම් මම අනුමත කරන්නෙම නෑ. කොච්චර හිතවත් කස්ටමර් කෙනෙක් උනත් නිකන් කේටරින් එක දෙන්න .ඒකත් හොදම ප්ලේට් එකෙන්....මෝඩ වෙන්න නම් එපා දරුවො. ඕන් මම කිව්ව " " මම මෝඩ නෑ අංකල්. මේක පාඩුයි තමා .ඒත් මේ මගෙ යුතුකම.මම මේ ගෙවන්නෙ ණයක් " " ණයක් , ඒ මොන හතර බීරි කතාවද." " අංකල් මේ කස්ටර්ම හින්ද තමා මම ගම දාල කොළඹ ගියෙ. ඔයාව මේ හැමදේම හම්බ උනේ . ඒ තමා මගෙ තුන් මාසෙ හස්බන්ඩ් . මේ එයාගෙ දෙවනි කසාදෙ. එයා මාව අදුනගන්නෙ නැතුවයි හොටෙල් එක බුක් කලේ. අද ලන්ච් එකෙන් පස්සෙ අපි ආයෙත් හම්බ වෙන්නයි යන්නෙ අංකල්. එයා මාව මොකුත් කරගන්න බැරි මෝඩියෙක් විදිහට බැලුවෙ... " නිවේදනා උපහාසයෙන් හිනාවෙමින් කිව්වෙ රෝස පාට ඩෝනට් එකක් එක්ක හොටෙල් ඩෝනට් කියල ටයිප් කරපු පේපර් සර්වියට් එකක් අතට ගන්න ගමන් .... නිසා ....අඹ පෙට්ටිය​ සෞන්දරී නෝනා ඇමරිකාවේ ඉන්න කාලේ පාර්ට් ටයිං ජොබ් එකක් කලා. ලැබෙන වැඩ අනුව තමා ඔපීසියේ ඉන්න ඕනෙ කාලෙ තීරණේ වුනේ. සමහරදාට පැය දෙක තුනෙන් වැඩ ඉවරයි. ඒත් ඉතිං වැඩ වැඩිදාට පැය පහක් හයක් ඔපීසියේ ඉන්න ඕනෙ. ඔන්න ඔහොම වැඩ වැඩි දාක ජයලක්‍ෂ්මී ආන්ටිගෙන් කෝල් එකක් ලැබුනා. ජයලක්‍ෂ්මී ආන්ටි සෞන්දරී නෝනාගේ අම්මාගේ යාලුවෙක්. බොහෝම කාලෙක ඉඳං ඇමරිකාවේ තමා පදිංචිය​. මහත්තයා නං කියන්නේ ජයලක්‍ෂ්මී ආන්ටි කොලොම්බස් එක්කම ඇමරිකාවට ආවා කියලා. නෑ නෑ ඉතිං ජයලක්‍ෂ්මී ආන්ටිගේ මූණට එහෙම කියන්නේ නෑ. මූණට කීවත් විහිලුවලට ජයලක්‍ෂ්මී ආන්ටි තරහ ගන්නේ නෑ! හිනාවෙලා නිකං ඉඳී! කොහොම වුනත් ජයලක්‍ෂ්මී ආන්ටි සෞන්දරී නෝනා ඇමරිකාවට ආ කාලේ බොහෝම උදව් කලා!අදටත් එහෙමයි. අළුත් කෑමක් බීමක් හැදුවත් පැය දෙක තුනක දුරක් ඩ්‍රයිව් කරගෙන ඇවිල්ලා සෞන්දරී නෝනාට කොටහක් දීලා යනවා. "සවුන් දි පුතේ ඔයා ගෙදරද​?"ජයලක්‍ෂ්මී ආන්ටි ඇහුවා. "අනේ නෑ ආන්ටි, තාම ඔෆිස් එකේනෙ!" "චං චං චා!"එහා කොණෙන් ජයලක්‍ෂ්මී ආන්ටිගේ හඬ ගලාගෙන ආවා! "ඇයි ආන්ටි?"සෞන්දරී නෝනා කලබල වුනා. "නෑ පුතේ ඊයේ නාරායන් අන්කල් මාලු මාකට් ගියා. පුතාටත් හොඳ කෙලවල්ලො කෑල්ලක් ගෙනත් තිබුනා. අද ඔයාලගේ ගෙවල් පැත්තේ වැඩකට ආව හින් දා ඒක අරන් ආවා!"ජයලක්‍ෂ්මී ආන්ටි හේතුව කීවා! "අනේ ඇත්තද ආන්ටි, අපි වීක්කෙඬ් එකට එන්නං!"සෞන්දරී නෝනා කීවා. "බෑනෙ පුතේ! අපි හෙට සති දෙකකට ඇරිසෝනා යනවා. මාළු ගන්න ගියෙත් එහෙ ගෙනියන්න මීන් කුලම්බු එකක් හදන්න​."ජයලක්‍ෂ්මී ආන්ටි විස්තර කලා. මහත්තයා අද ගෙදරනේ! සෞන්දරී නෝනාට මතක් වුනා.අද පුතාව ඉස්කෝලෙන් ගන්නේත් මහත්තයානේ! තාමත් ජයලක්‍ෂ්මී ආන්ටි දිගටම කතා කරනවා. "අපේ ගහේ අඹ වගේකුත්......" සෞන්දරී නෝනාට ස්ස්ස්ස්ස්ස් කියවුනා.ජයලක්‍ෂ්මී ආන්ටිගේ අඹ ගහේ අඹ තරං රස අඹ සෞන්දරී නෝනා ලංකාවේදිවත් කාලා නෑ. ඇමරිකාවේ සෞන්දරී නෝනා ඉන්න වැයික්කිය එහෙමට අඹ හදන්න පුලුවන් පලාතක් නෙවෙයි. සෞන්දරී නෝනාත් කොච්චර උත්සාහ කලාද අඹ පැලයක් හිටවගන්න​! එහෙමත් වත්තක තමා අඹ ගහක් තියෙන්නේ. ඒවත් කනාටු ගස්. ඒත් ජයලක්‍ෂ්මී ආන්ටිලාගේ අඹ ගහනං බොහෝම සරුයි. නාරායන් අන්කල්ට යාපනේ අඹ වත්තක්ම තිබුනලු. ඒ දැනුම හිංදා වෙන්න ඇති ඔහොම සරුවට ගහ හදාගන්න පුලුවන් වුනේ. මොනවා කීවත් ඕවට අත් ගුනෙත් ඕනේ! " ආන්ටි ආන්ටි!"සෞන්දරී නෝනා ජයලක්‍ෂ්මී ආන්ටිගේ කියවිල්ලට බාදා කලා. "අද අපේ මහත්තයා ගෙදර​!පුතත් ගෙදර ඇති!" "අනේ ඇත්තද?"ජයලක්‍ෂ්මී ආන්ටි සතුටින් කෑ ගැහුවා. "එහෙනං මං මාළුයි, අඹයි ගෙදරට දෙන්නං!"ජයලක්‍ෂ්මී ආන්ටි ෆෝන් එක තිබ්බා. සෞන්දරී නෝනාට ඔෆිස් එකේදි සැරින් සැරේට අඹ මතක් වුනා. ගහේම ඉදුණු අඹ වෙන්න ඇති! ඉදිලා මදිනම් හාල් එකේ තිබ්බම ඉක්මණට ඉදෙනවා. ගෙඩියක් දෙකක් හරි ඉදිලා නැතැයි! බාගෙට ඉදුණු අඹ අච්චාරුවත් රසයි! වැඩ කරන අතරේත් සෞන්දරී නෝනා කල්පනා කලා. අඹ අඹ අඹ අඹ...... වැඩ ඉවරවුන හැටියේ සෞන්දරී නෝනා එළියට පැන්නා. අම්මෝ! එළිය නිකං අවන් එකක් වගේ! පුදුමාකාර රස්නයක්. මැඞෝ ලැසී එකකුත් හදන්න ඕනෑ! රස්නෙ වෙලාවට කි
යාපු බීම!සෞන්දරී නෝනා තමාටම කියා ගත්තා. සෞන්දරී නෝනා ගෙදර යනකොට පුතා හෝම්වර්ක් එහෙම ඉවර කරලා ටීවී බලනවා. මහත්තයා නං පේන්න හිටියේ නෑ! "කෝ තාත්ති?" "ඔෆිස් රූම් එකේ! හදිසි ප්‍රොජෙක්ට් එකක් කීවා!"පුතා උත්තර දුන්නා. "ඉමර්ජන්සි නෙවේනං කතා කරන්නත් එපා කීවා!" "ආ ඒකට කමක් නෑ. තාත්තිට කතා කරන්න ඕනෙ නෑ!"සෞන්දරී නෝනා පුතාගේ ඔලුව අතගෑවා. "ජයලක්‍ෂ්මී ආච්චි ආවද?" "ඔව් ඔව් ඇවිත් මාලු පාර්සලේකුයි, අඹ පෙට්ටියකුයි දුන්නා."පුතා ටීවී එක දිහා බලාගෙනම උත්තර දුන්නා. "ඔයා මාලු ෆ්‍රීසර් එකට දැම්මනේ?" "ඔව් ඔව් ආච්චි මාලු ෆ්‍රීසර් එකට දාන්න කීවා." ටිකක් නුහුරට වුනත් පුතා සිංහලෙන්ම කතා කරනවා. ඒ කාලේ පුතාට වැඩිම වුනොත් අවුරුදු හතක් ඇති! සෞන්දරී නෝනාට හරි සතුටුයි. ඇමරිකාවේ වුනත් ගෙදරදීවත් සිංහල කතා කරන්න එපායැ! "හොඳ පුතා!" සෞන්දරී නෝනා වටපිට බැලුවා! එතකොට කෝ අඹ? "පුතේ!" "හුම්?" "ඔයා අඹත් ෆ්‍රීසර් එකට දැම්මද​?" "නෑ නෑ ආච්චි කීවෙ අඹ එලියෙන් තියන්න කියලනේ!"පුතා කීවා. සෞන්දරී නෝනා කුස්සි කවුන්ටරේ පුරාවට ඇස් යැව්වා. කෝ මේ අඹ?සෞන්දරී නෝනා වටපිටත් විපරම් කලා. "පුතේ කෝ අඹ?"බැරිම තැන පුතාගෙන්ම ඇහුවා. "එලියෙ!" "එලියෙ?" "ඔව්! ආච්චි අඹ එලියෙන් තියන්න කී නිසා මම අඹ එලියෙන් තිබ්බා!සිංගලෙන් එලිය කියන්නේ අවුට් සයිඩ් නේද​?"කොල්ලා දොර ඇරගෙන පෝටිකෝව පැත්තට ගියා. සෞන්දරී නෝනා ඒ පස්සෙන් දිව්වා. ඔය තියෙන්නෙ අඹ ටික ගිණි අව්වේ මිදුල මැද්දේ! -ශ්‍රීපාලි පින්තූරය අන්තර්ජාලයෙනි.මුඛරි ගොළු ලොවම අඳුරුයි දසත සිසිලයි නින්ද නෑ දෙනුවන පිලිගන්නේ.... නෙතේ නිදිබර ගතිය තිබුනද මසිත අවදිව වද දෙන්නේ.... ඔබේ සඳවත දකින විට මම අනේ කෙලෙසද ගොළුවන්නේ.... මිතුරු කැළ තුල මමත් ගිරවෙකි සැවොම සොමියෙන් පුරවන්නේ.... දුටුව නෙක නෙක පුෂ්ප අතරේ මමත් එක බඹරෙකු නොවේ.... කොතෙක් තරුකැට වුනත් අහසෙහි සඳක් වන්නටනම් නොහේ... හිතේ ඊයම් බරුවකී මගේ ඇනී පතුලට බර දෙතේ.... නමුත් කිතියකි විටෙක සනසන පදිංචිව ඇති මා සිතේ.... කියාගන්නට තවම නොහැකිව සොඳුරු රහසක් මා හදේ.... තිබේ සුරැකිව එයත් හරියට මවට තම එක පුතු වගේ... නුවන් බණ්ඩාර 2021.01.13 (අවුරුදු 2කට කලින් මගේ වෝලයේ පල කෙරූ මගේ කවියක්)කුලයෙන් හීන සුජාත දියණිය..."සුජාතා" කාලෙකට පසුව පැරණි බොලිවුඩ් මතකයක් නැවත අලුත් වුණා...වසර 64ක් පැරණි මේ සිත්තම පිලිබඳ තොරතුරු ඔබත් සමඟ බෙදා ගන්නට සිතුනේ එහි තිබෙන සුභාවිත, කලාත්මක සහ මානව හිතවාදී ගුණාංග නිසාමයි! මම බොහෝ විට පැරණි බොලිවුඩ් සිනමාව ගැනම ලියන්නේ මන්දැයි ඔබට හිතෙනවා ඇති...මා ප්‍රිය කරන බොහෝ චිත්‍රපට මා ඉපදීමට දශක ගණනාවකට පෙර භාරතයේ නිර්මාණය වූ ඒවා වීමත් විශේෂයි. බොලිවුඩයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 50, 60 දශක වල බිහිවූ නිර්මාණ බොහොමයක් ඉන්දීය ස්වදේශිකත්වය මුල් කර ගෙන බිහිවූ නිර්මාණයි..ඔවුන් චිත්‍රපට නිර්මාණය කලේ විදේශීය වෙළඳපොල ඉලක්ක කරගෙ නොවේ, ඒවායේ හින්දි භාෂාව, දෙබස්, සංගීතය, නර්තනයන්, ඇඳුම් පැලඳුම් යන කලාත්මක අංග සියල්ලම ඉන්දියානු සංස්කෘතිය ඉහළින්ම ඔසවා තැබුවා...බොහෝ කලාත්මක චිත්‍රපට සඳහා වස්තු බීජ සපයා ගත්තේ උසස් සාහිත්‍ය කෘති ඇසුරින් වීමත් විශේෂයි...ඒ නිසා එය ප්‍රේක්ෂකයාට ඉහළ රසාස්වාදයක් සපයනවා.. 1959 වසරේ භාරතයේ තිරගත වූ සුජාතා හින්දි චිත්‍රපටයත් එවැන්නකි. "සුබෝද් ඝෝෂ්" විසින් රචිත බෙංගාලි කෙටි කතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙය අධ්‍යක්ෂණය කරනුයේ ප්‍රවීන අධ්‍යක්ෂවරයකු වූ "බිමල් රෝයි" විසිනි. ඔහුත් බෙංගාල සම්භවයක් සහිත සම්මානනීය අධ්‍යක්ෂවරයෙකි. තිර රචනය "නිබෙන්ධු ඝෝෂ්" ගෙනි...මෙහි සුජාතා ලෙස ප්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන්නේ ප්‍රවීන රංගන ශිල්පිනියක වූ "නූතාන්" විසින් වන අතර සෙසු චරිත සුනිල් දත්, ශෂිකලා, තරුන් බෝස් සහ ලලිතා පවර් විසින් නිරූපණය කරනු ලබයි...ඉතාම අර්ථවත් ගීත රාශියක් ඇතුලත් මෙහි සංගීතය "එස්. ඩී බර්මන්" විසින් සපයා ඇති අතර පද රචනා බොහොමයක් "මජ්රූ සුල්තාන්පූරි" ගෙනි..කලාත්මක චිත්‍රපටයක් වූ සුජාතා 1960 වසරේ ප්‍රංශයේ කෑන්ස් සිනමා උලෙළේ ඉන්දීය නියෝජනයයි.. භාරතීය සමාජය තුළ දැඩිව පවතින කුල භේදය මුක්ත තේමාව කර ගත් "සුජාතා" එකල දැඩිසේ කතාබහට ලක් වුනා..සුජාතා "අචූත්" කුලයට අයිති වූ කුලහීන දැරිවියක්, එම කුලය පහත් ම කුලයත් ලෙස සැලකෙන අතර ඔවුන් විසින් අතතැබූ ද්‍රව්‍යයන් පවා අතිශය අපවිත්‍ර වස්තු ලෙස සැලකෙනවා..උසස් හදවතක් හිමි දයාබර මිනිසෙකු වූ උපේන්ද්‍ර බාබූ විසින් සිය බිරිඳ ගේද දැඩි අකමැත්ත මත වුනත් කුඩා සුජාතා ව තමාගේම දියණියක් ලෙස තම කුටුම්භය තුළම හදාවඩා ගන්නවා..සමාජයෙන් ඔවුන්ට එල්ලවන පීඩා සමනය කර ගැනීමට උපේන්ද්‍ර බාබූ සිය පදිංචිය පවා වෙනස් කරනවා..එහෙත් ඔහු සුජාතාට තම දියණියට සේම ආදරය ලබා දෙනවා..සුන්දර හදවත් හිමි මිනිසුන් කවදත් සිටි බවට ඔහු කදිම නිදසුනක්...වැඩිවියට පත් සුජාතා තම කුල්හීනත්වය නිසාම මුහුණ දෙන අනුවේදනීය චිත්ත පීඩා ඉතාම සියුම් ලෙස ප්‍රේක්ෂක හදවත ස්පර්ශ කරනවා..ඒ වගේමයි එහි අරුත්බර කාව්‍යමය ගීත!! මොරා ගෝරා අංග ලේලෙ... මොහෙ ෂ්‍යාම් රංග දේදෙ.... චුප් ජාඌඟි රාත් හී මෛ... මොහෙ පී කා සංග දේදෙ... ( "මගේ ශ්වේත පැහැය අරගන්න!..මට සැන්දෑවේ අඳුරු පැහැය ලබා දෙන්න...මම රාත්‍රියේදි නිහඬවම ගමන් කරන්නම්...මට මගේ පෙම්වතා හමුවෙන්න ඉඩදෙන්න...!! ) සංවේදී මතක රැසක් සමඟ හදවත ස්පර්ශ කරන සොඳුරු ස්පර්ශය "සුජාතා" මානූෂීය හැඟීම් උද්දීපනය කරවන අර්ථාන්විත සිනමා ගෙත්තමකි... ........උදාරි රත්නපාල ....සීට්ටුව (කෙටිකතාවක් ) "හත්දෙයියනේ කෝ සල්ලි ටික?" මගේ ඉහමොළ රත්වී ගිය අතර ඒ රස්නය විදුලියක්සේ සිරුර පුරා දුවගොස් දෑත් හා දෙපයෙහි වෙවිලුමක් හට ගත්තේය. වෙවුලන දෑතින් අත්බෑගය, මේස ලාච්චු, මේසය මතවූ සියලු පොත්පත් රැස ගිණිය නොහැකි වාර ප්‍රමාණයක් අවුස්සා සෙවූවද එය නැත. වියළී ගිය දෙතොලින් මම ගොත ගැසෙමින් කෑ ගැසීමි. "අනේ දෙයියනේ! ක්ක්... කෝ මගෙ සල්ලි? කෝ මගෙ සල්ලි ටික යකෝ?" තවදුරටත් සෙවීමට හැකි තැනක් මට මතක් වන්නේද නැත. කඳුළින් දෑස් බොඳවී යද්දී බලාපොරොත්තු සිඳී බිඳී යෑමේ වේදනාවෙන් මඬිනු ලදුව මා කාර්යාල පුටුව මත ඇද වැටුනෙමි. "මිස්... අනේ මිස්, අපි තව ටිකක් හොයමු.." මා යටතේ පුහුණුව ලබන ආධුනික ලිපිකාරිනිය මා සනසන්නට තැත් කරයි. මාසිකව උපයන සොච්චම් වැටුපෙන් පසුගිය මාස විස්සක්වූ දිගු කාලයක් පුරා රුපියල් දස දහස බැගින් සීට්ටුවකට ගෙවූවේ එසේ කිරීමට මට තිබූ පිළිවන් කමකට නොව, සෑහෙන තරමේ මුදලක් සොයා ගැනීමට වෙන අන් මඟක් නොමැති නිසා බැව් දන්නේ මා පමණකි. නිසි වේලාවට සීට්ටු මුදල පියවීම සඳහා මෙතුවක් මා ඉහිලූ දුක් ගින්න සුළුපටු නැත. බේබදු, නාස්තිකාර සැමියෙකුගෙන් එය වසං කොටගෙන, දරුවන්ට හෝ ඔහුට අඩුවක් නොවන අයුරින් සීට්ටු මුදල ගෙවනු වස් මා තව දුරටත් අඩුකොට ගත්තේ මගේ වියහියදම්ය. අතර මඟින් බසයෙන් බැස පාගමනින් යන එන කල සහ කැඩුණු පාවහන්, බෑග්, කුඩ පිළිසකර කරමින් පාවිච්චි කරන විට 'කුම්මැහි ගෑනි' යන විරුදාවලිය පවා පටබැඳුණු බව මම දනිමි. එසේ දුක් වළඳා සරි කරගත් රුපියල් ලක්ෂ දෙක අතට ගත් සැණෙන් අතුරුදන්වී ඇත. "මේ නාලිකා, උඹ අර වැඩේ ගැන මොකද කියන්නෙ? බලපං මෙහෙම ජීවත් වෙන්ඩ පුළුවන්ද? අතේ මිටේ යහමින් සල්ලියක් නැතුව ඉඳල වැඩක් තියනවද? කාලා බීලා, ජොලියක් දාන්ඩවත් කීයක්වත් නෑ..." "ඔය නොදන්න රට රාජ්ජවල ගිහින් ඉඳුල් වළං හෝදනවට වඩා මේ රස්සාව මට හොඳයි. අඩු ගාණෙ පොඩි උං දෙන්නට මං හැම වෙලේම ළඟ හරි ඉන්නව. අනික ලබන අවුරුද්දෙ මට තව සෑහෙන ගාණක් වැඩි වෙයි. ඔයාටත් ඔය කොන්දොස්තර කම හරියන්නැත්තන් අර සේන මාම එක්ක දඹුලු යන්ඩ පුළුවන්නෙ ඒයි..." වැඩ නිමවී නිවසට ගිය පසුද සීට්ටු සල්ලි පිළිබඳව තනිව තැවෙමින් සිටි මා ඉදිරියේ සිය සුපුරුදු යෝජනා සහ චෝදනාවලිය සමඟ සැමියා පෙනී සිටියේ ගංජා මතින් බමමිනි. "ඔව් ඔව්... මං දන්නව, මං දන්නව අර හේමසිරි කාරයගෙ හුණ්ඩුවක් වාගෙ ඔෆීසියෙ පුටුවක බෑවිලා දවස පුරාම උගෙ මූණ බල බල ඉඳලා ගන්න සොච්චමත් උඹට මහා ලොකු දෙයක් බව... අනේ පලයං ගෑනියෙ යන්ඩ. මටත් ඔව්වයෙ හොඳ හරිය කොහෙන් කොහෙන් හරි ආරංචි වෙයිනෙ දවසක. මාව දඹුලු යවන්ඩ දඟලන්නෙත් නිකන්ම නෙවේනෙ..." "මොනවද ඒයි ඔයා මේ කියවන්නෙ? හේමසිරි සර් දිහා බලා ඉන්ඩ මං එතනට යනව නෙවෙයි. එතන රස්සාව ක්ලාක්කමක්. වළං හෝදනවට වඩා දෙයක් මං ඉගෙන ගෙන තියනව... ඒකයි මං ඒ රස්සාවට යන්නෙ" "ඔව් ඔව්, මහ ලොකු ක්ලාක් පට්ටම කරලා මාසෙ පුරා ලෙවකන්ඩ තරංවත් නැති සොච්චමක් ගුලි කරගෙන හැමදාම වරෙන්, ඊට පස්සෙ නැතිවාදම කිය කියා මාසෙම මගෙ ඔළුව කන්ඩ දඟලපං! මහ ලොකු බම්බුවෙ නම්බුවනං බේරෙනව රෙද්ද පල්ලෙ... ළමයිවත් මහ ඒජන්තල කරන්ඩ හිත... හැබැයි මාසෙකට රුපියල් දහදාහක් හොයාගන්ඩ බෑ. අනේ අම්මපා මට බැරි වුණානෙ තව ඩිංගක් ඔය මොන මොනව හරි ඉගෙන ගන්ඩ... එහෙම වුණානං මං මෙහෙම උඹේ පස්සට වැඳ වැඳ ඉන්නෙ නෑ. මෙලහටත් කොහෙ හරි රටකට වෙලා ශපාන් එකේ ලස්ස ගණන් හම්බු කරල මෙතන තට්ටු දෙකතුනකුත් ගහලා... ඔව්, තට්ටු ගෙයක්..." මගේ වෑයම වූවේද දරු පැටවුන් වෙනුවෙන් මේ ලෑලි මඩුවට වඩා රැකවරණ ඇති ගෙපැලක් සාදා ගැනීමම නොවේද? එහෙත් නැතිවූ සීට්ටු සල්ලි පිළිබඳව ඔහු හා වචනයක් හෝ නොපැවසීමට මම ප්‍රවේශම් වූවෙමි. එය ඔහුගේ කන වැකීම තවත් ගැටුමක ආරම්භයක් පමණක් විය හැකිය. "ගෙයක් හදාගන්ඩ ඔයාට උවමනාවක් තියේනම් මෙලහටත් පටන් ගන්ඩ තිබුණ තමා. තාත්තා මගෙ නමට ලියපු ඉඩම තාම තියනව..." "ඉඩම? අනේ පලයං ගෑනියෙ යන්ඩ... ඔය හද්ද ගං අස්සෙ තියන ඉඩං, ගෙවල් මට කන්ඩද බං? උඹට මං කවද ඉඳන්ද කියන්නෙ ඔය මඟුලෙ ඉඩම විකුණලා මට සල්ලි අරං දියං කියල පේමන්ටෙකේ බිස්නස් එකක් පටන් ගන්ඩ... මදැයි ගෑනියෙක් ගත්තා දියුණු වෙන්ඩ කියල
හිතාගෙන. ඒකිගෙ මහ උනුත් බලන් ඉඳල තියෙන්නෙ පුළුවන් තරං ඉක්මනට මේ වහංගතේ මොකෙකුගෙ හරි ඇඟේ ගහන්ඩ වෙන්ඩැති. නැත්නං මේකිව මයෙ කරේ ගහලා මෙහෙම අතෑරල දාල උන් එහෙ ශපාන් එකේ සැප විඳියියැ... මං මෙහෙම පීචං වුණේ උඹට කර ගැහුවට පස්සෙ ගෑනියේ. මං ඉස්සර සුද්ද වගේ බජාර් එකට බැස්ස කොල්ලෙක්... සුද්ද වගේ හරිද... නොදෝකින් උඹ හින්දා මං වැටිච්චි වළක් " කුස්සියේ වළං මැස්සට පා පහරක් දී, ඉඳුල් වතුර කොරහද බිම පෙරළා වෙනදා මෙන්ම බෝල කූඩුවේ එල්ලා තිබූ කමිසය එහෙන් මෙහෙන් ඇඟට දමාගත් මගේ සැමියා මටත්, මේ විවාහය කෙරෙහි අබමල් රේණුවක මනාපයක් නොතිබූ මගේ මවුපියන්ටත් නොනවත්වා දෙස් දෙවොල් තබමින් යළිත් නිවසින් පිටව ගියේ කසිප්පු පොළට හෝ රූපක්කාගේ ගුබ්බෑයමට බව මම දනිමි. යන්නට පෙර මගේ අත්බෑගය අවුස්සා කීයක් හෝ ඩැහැගත් බවද මම දනිමි. පෙරදී කළ පුද්ගලික බස් කොන්දොස්තර රැකියාවට අමතරව ඔහු දත් එකම සහ ඉහළම වෘත්තිය වනුයේ කසිප්පු පෙරීමය. ගංජා සහ කසිප්පු දෛනික ආහාරයටත් වඩා ඔහුගේ අවශ්‍යතාවයන් බවට පත්ව ඇත. සුරාව, මත, සල්ලාලකම, සොරකම හා අවකල් ක්‍රියා ඔහුගේ සහ අසල්වාසීන්ගේ ජීවන චක්‍රයම වෙද්දී මේ කරුමය නිමා කිරීමට මා රහසේ ගත් පළමු උත්සහය මගේ සීට්ටුවය. "තොගෙ මහලොකු නම්බුව හන්දා මට පට් පට් ගාල සල්ලි එන බිස්නස් එක කරගන්ඩත් හැටියක් නෑ දැන්. කොල්ලො එකෙක්වත් උදව්වට එන්නෑ තොගෙ කටේ සවුදම බලන්ඩ බැරුව. තෝ මට බිස්නස් එක කරගන්ඩ දෙන්නැත්තං පල ඩුබායි, ගිහින් මට සල්ලි එවපිය! මට අතට සල්ලි ඕන කාල බීලා මුන් දෙන්නටත් කන්ඩ අඳින්ඩ දෙන්ඩ නං..." "මට බෑ..." "තොට බෑ? හා! බැයිනං මේ හිඟන පැටවු දෙන්නත් අරං බැහැපිය දොට්ට... මට තෝ නැතුවට මේ ලේන් එකේ ඕන ගෙදරකින් ඕන විදිහේ එකියක් මේ අද උනත් ගන්ඩ පුළුවන්. අනික උන් තෝ වගේ මී දෙන්නු නෙවෙයි, ඕනම බිස්නස් එකකට ඕනම සප් එකක් දෙන ගින්දර වගේ කෙල්ලො..." දෛනික දිවියේ කොටසක් බඳු දහසකුත් එකක් නින්දා අපහාස මධ්‍යයේ තවත් ටික කලක් නොසැලෙන්නට මම අදිටන් කොට උන්නෙමි. රැකවරණයක් ඇති ස්ථානයක දරුවන්ගේ හිසට සෙවණක් තනාගෙන මේ නරාවළෙන් මිදී ඔවුන් දෙදෙන සමඟ පිටව යෑමට ගත් තීරණය ක්‍රියාත්මක කරන පළමු පියවර වූවේ මේ සීට්ටුවය. මගේ ඉඩමෙහි අපි තිදෙනා වෙනුවෙන් කුඩාවට නිවසක් ගොඩනඟා ගැනීමේ මූලික අඩිතාලම ඇරඹීම මා සීට්ටුවට හවුල්වීමේ හේතුව වූවේය. මගේ වරදින් ගිලී ගිය කළල් දියෙන් දරු පැටවුන් දෙදෙනා එගොඩ කිරීමට මට ඇවැසිය. සීට්ටුවෙන් මට හිමිවූ ඒ රුපියල් ලක්ෂ දෙක තුළ වූවේ ඒ සිහිනයයි. "නාලිකා සීට්ටු සල්ලි ගෙදර ගෙනියන්නැති. ඔයාගෙ ගෙදර සල්ලි නැතිවෙන එක ඉතිං අරුමයක් නෙවේනෙ..." "අනේ නෑ නෑ සර්, මම ඒක නොදන්නව නෙවේනෙ... ඒ නිසාම තමා පෙරේදාම මම සල්ලි ටික මෙහෙ තියල ගියේ. මගෙ මේසෙ උඩ ලාච්චුව ඇතුළෙ එළලා තියන කොළේ යටයි දාල තිබුණෙ" මුදල් අතුරුදහන් වීම පිළිබඳව මා හේමසිරි මහතාට පැමිණිලි කලේ සිය වතාවකට වඩා ලාච්චුව, මේසය මත සහ මගේ අත්බෑගය යළි යළිත් පිරික්සීමෙන් පසුය. "හොඳයි, එහෙනම් ඔයා මතක් කරන්න පෙරේදා ඉඳල ඔයාගෙ මේසෙ ළඟට ආව ගිය අයව. මතක් කරලා මට කියන්න..." "අනේ නාලිකා මිස්... මං මිස්ලත් එක්ක වැඩ කරන්ඩ වෙලා දැන් අවුරුදු දෙකකට වැඩියි. මං කවදාහරි එක සතේක දෙයක් මිස්ලගෙන් අරං තියනවද? මේ ඔෆිස් එකෙන්, ඉස්ටෝර්ස් එකෙන් මං කවදහරි මොනවා හරි හොරකං කරා කියල අහල තියනවද? ඇයි මිස් මෙහෙම චෝදනා කරන්නෙ? මයෙ ඇස්දෙක පල්ලා ඔය කියන සල්ලියක් මිස් ළඟ තියනවවත් මං දැක්කෙ නෑ..." මගේ පළමු සැකකරු වූ කාර්යාල කාර්ය සහායක කොලුවා මා ඉදිරිපිට හඬා වැටුණි. ඉතා අඩු වැටුපකින් මුළු පවුලක් ජීවත් කරන ඔහු මටත් වඩා ආර්ථික අහේනියෙන් බැට කන වග නොදන්නා කිසිවෙකු මෙහි නැත. ණය බරින් හා පවුල් බරින් මිරිකෙන එවැන්නෙකුට රුපියල් දෙලක්ෂයක් මේසයක් මත හෝ විවෘත කරනලද මේස ලාච්චුවක් තුළ නිදැල්ලේ ඇති බව දැකීම නිරායාසයෙන්ම පොළඹවන සුළු දසුනක් නොවන්නේද? එහෙත් ප්‍රධානියාගේ සියලු මුදල් කටයුතු ඉටුකරන ඔහු මගේ සීට්ටු මුදලට වඩා විශාල මුදල් ප්‍රමාණයන් දෛනිකව අත නොගාන්නේද? "අනේ මිස්... මං ගත්තා තියා එදා මිස් කිව්වට මං ඒ සල්ලි දැක්කෙවත් නෑ. අනේ මං ඇත්තමයි කියන්නෙ... මං මිස්ගෙ සල්ලි ගත්තෙ නෑ" නිතර සිය ජංගම දුරකථනයට දෑස් ඔබාගෙන සිටින, එය සඳහාත් විලාසිතා වෙනුවෙනුත් අධික ලෙස වියපැහැදම් කරන, පෙම්වතුන් කිහිප දෙනෙකු ඇසුරු කරන බව කනින් කොනෙන් ඇසෙන පුහුණුවන ලිපිකාරිනිය වෙත මගේ සැකය එල්ල වූවේ අහම්බයෙනි. ඇගේ මේසය ඇත්තේත් මා අසලම වන අතර, මම සීට්ටු සල්ලි වෙනුවෙන් පසුතැවෙද්දී ඇය වැඩිමනත් යමක් නොපැවසූ බවද මට සිහි විණි. සොරකම පිළිබඳව මතක් කරන විට ඈ සිය යටැසින් මා වෙත හෙළන හොර බැල්ම කිහිපවරක්ම මගේ නෙතට හසුවූවේ ඈ පිළිබඳව සැකය මා තුළ උපද්දවමිනි. ඒ අනුව මා වක්‍ර ලෙසින් කළ චෝදනාව වහාම තමන් වෙත ඈඳාගත් තරුණිය එය එකහෙළාම ප්‍රතික්ශේපද කළාය. "මට බොස් කිව්වෙ එදායින් පස්සෙ මෙතනට ආව අය ගැන හෝදිසි කරන්න කියලා. මං සීට්ටුව ගෙනාවට පස්සෙ මෙතනට ආවෙ අමල් විතරයි. හැබැයි අමලුත් දිවුරලාම කියනව ඌ ගත්තෙම නෑ කියලා. අනික අවුරුදු දෙකකටත් වඩා අමල් අපි එක්ක වැඩ කරල තියන නිසා ඌ ගැන අපි දන්නව. ඔයා තමයි මම හැරෙන්න මෙතන ඉන්න කෙනා. ඔයා එක්ක තමයි මං සීට්ටුව ගත්ත කියලත් ඉස්සෙල්ලම කිව්වෙ. මම ඒක දාල තිබණ මේ ලාච්චුව අරින්න අවසරය දීලා තියෙන්නෙත් ඔයාට විතරයි. එතකොට ඒකෙ තිබුණු මොනවාහරි නැති වෙලානම් ඒකෙ වගකීම කෙලින්ම එන්නේ ඔයාටයි මටයි විතරයි. ඉතිං... තව මොනවද හිතන්ඩ තියෙන්නෙ? දැන් ඇත්තම කියල මේක ගොඩින් බේරගෙන මට සල්ලි ටික දුන්නොත් හොඳයි..." "මම ඒ සල්ලි ගත්තෙ නෑ මිස්, මම හොරෙක් නෙවෙයි. මට ලොකුවට සල්ලිබාගෙ නෑ තමයි. හැබැයි ඒ කියලා, මං හම්බ කරගන්න කීයහරි මිස හොරකම් කරන්න තරමට මං සල්ලිවලට පෙරේත නෑ" දිගින් දිගටම ඇය මගේ චෝදනාව ප්‍රතික්ෂේප කළද, ඊළඟ සති අන්තය ගෙවා පැමිණෙන විට ඈ මිල අධික අත්බෑගයක්, වටිනා අත් ඔරලෝසුවක් සහ සුන්දර පාවහන් යුවළක් අලුතෙන්ම මිලට ගෙන තිබිණි. ඉන් මගේ සිත කැළඹිණ. තවම හරිහමන් වැටුපක් පවා නොලබන ඇය මෙවන් වියදමක් දරන්නට ඇත්තේ කෙසේද? ඇ‍ය මගේ මුදල් සොරාගත් බවට මේ හොඳම සාක්ෂි නොවේද? "මේ... කරුණාකරල මගෙ සල්ලි ටික දෙනවා. ඒවා මං හම්බ කළේ, සීට්ටුවට ගෙව්වේ ගොඩක් දුක් විඳලා. අනික ඒ සල්ලිවල තිබුණෙ ඔය වගේ සිල්ලර බොළඳ හීන නෙවෙයි. ඒ සල්ලිවල තියෙන්නෙ මගෙයි මගෙ දරුවන්ගෙයි කඳුළු. උන් දෙන්න වෙනුවෙන් හෙටක් හදන්ඩ මං දකින හීන ඒ සල්ලිවල තියෙන්නෙ... තමුසෙ මගෙ සල්ලි අරං, ගත්තෙව්නෑත් කියල, මටම ඒවගෙ ආඩම්බරකම පෙන්නනව නේද? හෙට වෙද්දි ආපහු මගෙ ලක්ෂ දෙක හම්බුණේ නැත්නම් මම ඔෆිස් එකේ ඔක්කොටම කියල, බොස්ටත් කියල තමුසෙව පොලිසි ගෙනියනවා හරිද..." මගේ තර්ජනයෙන් නවක ලිපිකාරිනිය බෙහෙවින් තැති ගත් බවක් පෙනිණි. ඇගේ දෙතොල් වෙවුලන්නට පටන් ගත් අතර, දෑසින් කඳුළැලි කඩා වැටෙන්නට විය. එහෙත් ඇගේ කඳුළු දැක ළතෙත් වන්නට මට නොහැකිය. මගේ සිහින ඈ බොඳ කොට අවසන්ය. "මිස්... මං පොඩ්ඩකට මැනේජර් සර් ළඟට යනවා.." ඊළඟ දිනයේ උදෑසනින්ම මා වෙත ආ ආධුනික ලිපිකාරිනිය පැවසුවේ මගේ දෑස් මඟ හරිමිනි. ඈ කෙරෙහි පෙර දිනයේ උපන් කෝපය තවමත් මගේ බැල්මේ එසේම සටහන් වූවාට සැක නැත. සීට්ටු සල්ලි මා අත වූයේනම් ගෙයි මුල්ගල තබා පාදම ආරම්භ කිරීමට නැකැත් තිබුණේ අදට බැව් මා දත්මිටි කමින් සිහි කළේ පිටුපා ගමන් කරන ඇගේ ලලිත ගමන් ලතාවෙන් පවා තවදුරටත් කිපෙමිනි. "මොකද මෙයා උදෙන්ම මැනේ‍ර් ගාවට ගියේ... මගෙ සල්ලි ටිකටත් වැඩේ දීලා අස්වෙලා යන්නවද්ද? මේකි එහෙමට කපටි අම්මන්ඩි" කාර්යාලයට එන අතරමඟ මිතුරියන් කිහිප දෙනෙකු සමඟ සීට්ටු සල්ලි සොරකම පිළිබඳ පුවත මා පැවසුවේ ආධුනික ලිපිකාරිනිය කාර්‍යාල සගයින් අතර අපහසුතාවයට පත් කිරීමේ අරමුණ පෙරදැරිවය. ඇයට සුදුසු පාඩමක් උගැන්වීමට මම අදහස් කොටගෙන සිටියෙමි. "නාලිකා, ඔය කෙල්ල කෙල්ල අපේ ගමේ. ඕකුන්ගෙ පවුලෙ ගෑනු ඔක්කොම මහ උප්පරවැට්ටි කාරියො. අම්මට කසාද දෙකයි... අක්කයි ඕකියි කොල්ලො දැලේ දාගෙන සල්ලි ගරනවා. අප්පත් එහෙමයි. ජරා ගොඩක රුපියලක් තියනව දැක්කත් අහුලන ජාතියෙ උන්... ඉතිං උඹේ ලක්ෂ දෙක ගැන අහන්නත් දෙයක්ද..." මිතුරියකගෙන් අසන්නට ලැබුණු පුවත මගේ සිතේ තවමත් රැවු දෙමින් තිබුණේය. "අහ්... මේ... මේක...!!" කෝපයෙන් දැවෙමින්ම රාජකාරියකට ඇවැසි රහසිගත ලිපිගොනුවක් පිටතට ගැනීමට සඳහා මගේ මේසයේ නිතර යතුරුලා තිබූ වෙනත් ලාච්චුවක් විවෘත කළ විගසම මා විශ්මයෙන් තිගැස්සී ගියෙමි. මගේ රුපියල් දෙලක්ෂයේ සීට්ටු මුදල සුරක්ෂිතව එතුළ විය. එකද නෝට්ටුවකුදු අඩු නැත. එය මාවෙත ලැබුණු ලියුම් කවරය තුළ, අවසන් වරට දුටු පරිදිම තිබේ. මා පමණක්ම භාවිතා කරන, මා ළඟ පමණක්ම යතුරු ඇති ඒ ලාච්චුව තුළ ඒ මුදල තැන්පත් කළේ කුමන වේලාවකදැයි මතකයක් මට නොවීය. විශ්මය, මනස්තාපය හා තවත් එකිනෙකට මුසුවූ හැඟීම් ගොන්නක් මැද, සුරතින් මුවද වසාගත් මා සීට්ටු මුදල දෙස බලා සිටියෙමි. "නාලිකා... අන්න මැනේජර් සර් කතා කරනවා" ඒ පණිවුඩය මට ඇසුණේ වෙනත් ලොවකිනි. කළමනාකරුගේ නිල කාමරයට මා යන්නට ඇත්තේ දෙපා අද්දවමින් විය යුතුය. "මොනවද නාලිකා මේ ළමයා මේ කියන්නෙ? ඔයා කොහොමද කිසිම සාක්ෂියක්වත් මගෙ අනුදැනුමක්වත් නැතිව මගෙ ඔෆිස් එකේ වැඩ කරන තවත් ළමයෙකුට හොරකමක් ගැන චෝදනා කරන්නෙ?" "ස්ස්... සර්, සර්... මේ..." "මේ නාලිකා, මම ඔයාට කිව්වෙ ඒ වෙලාවෙ ඔයාගෙ මේසෙ ළඟට ආව අය ගැන මතක් කරල මට කියන්න කියලයි. නැතිව කාවවත් මේකට අහු කරලා චෝදනා කරලා මේ මිනිසුන්ගෙ ආත්ම ගෞරවේ නැති කරන්න මම අනුබලයක් දුන්නෙ නෑ ඔයාට. බලනවා තමුන් මේ ළමය තමුන්ගෙ සල්ලි හොරකම් කරල කියල මේ මුළු ඔෆිස් එකටම කියලා. ගාඩ්රූම් එකේ ඉඳල මේ ආයතනය ඇතුළෙ ඉන්න ඔක්කොම මේ ළමයට චෝදනා කරනවා කිසිම පදනමක් හෝ සාක්ෂියක් නැතිව. දැන් මට මුලින්ම ඇක්ෂන් එකක් ගන්න වෙන්නෙ ඔය හොරකම ගැන නෙවෙයි තමුන්ගෙ මේ හැසිරීම ගැනයි" "සර්... මේකයි.
.. මේ.." "අනේ නාලිකා මිස් මට සමාවෙන්න. ඒත් මට නිස්කාරණේ කරන මේ හොරකමක් ගැන චෝදනාව උහුලගන්න අමාරුයි. මම කවදාවත් සතේක දෙයක් හොරකම් කරල නෑ. අනික මිස් අදම ඒ සල්ලි දෙන්නත් කියලා මට කිව්වා. එහෙම ලොකු සල්ලියක් මිස්ට දෙන්න තරම් මට පුළුවන්කමකුත් නෑ. වෙන කියන්නම කෙනෙක් නැති හින්දයි මැනේජර් සර්ට කියන්න වුණේ. මිස් මම කියපු කිසි දෙයක් පිළිගත්තෙ නෑනේ..." "ස්ස්... සර්, සර්... මේකයි, මට... මට සල්ලි ටික... සල්ලි ටික හම්බුණා..." "මොකක්? සල්ලි ටික හම්බුණා? කවද්ද? කොයි වෙලාවෙද?" "මේ දැන්. මෙයා සර් ළඟ ආවටත් පස්සෙ... ඒ සල්ලි ටික මම දාල තියෙන්නෙ මගෙ ලොක් කරන්න පුළුවන් ලාච්චුවට. ඒක... ඒක ගැන මට අමතක වෙලා. ස්... සමාවෙන්න..." "මොනවද අයිසෙ මේ කියන්නෙ? එච්චර සිහි කල්පනාවක් නැතුව හැසිරිලාද මේ අහක ඉන්න ළමයෙකුට අපහාස කළේ හරියට ඇහෙන් දැක්කා වගේ? බලනව තව ටිකෙන් මේ ළමය අස්වෙලත් යනවා. මෙතන ඉන්න හැමෝම එයාව හොරෙක් ගාණටත් දාලා. තමුන් නිකමටවත් කල්පනා කළේ නැද්ද අභූත චෝදනාවක් එල්ල කරද්දි අනිත් කෙනාට ඒකෙන් අත්වෙන නරක ප්‍රතිවිපාක ගැන?" "ස්... සමාවෙන්න සර්, ගොඩක් කල් දුක් විඳල එකතු කරගත්ත සල්ලි ටික ගැන හිතුවා මිසක්, මට වෙන සිහි කල්පනාවක් තියෙන්න නැතිව ඇති ඔය ටික ලාච්චුවට දාද්දි. සර් දන්නව මගෙ ප්‍රශ්ණ ගැන. මට ඒව නිසා..." "තමුන්ගෙ පුද්ගලික ප්‍රශ්න අනුන්ට බොරු චෝදනා කරන්නයි, තරහ ගන්නයි නිදහසට කාරණා කරගන්ඩ එපා නාලිකා. කල්පනා කරල බලන්ඩ මේ ළමය කොච්චර ඒකෙන් අපහසුවට ලක්වුණාද කියලා... ගෙදර අයටත් නොකියා තමන්ගෙ කනකර උගස් තියල හරි සල්ලි ටික ගෙනත් දීලා තමුන්ගෙ බැනුම්වලින් ගැලවෙන්ඩයි මේ ළමයා හිතන් ඉඳල තියෙන්නෙ අද උදේ වෙනකල්ම. කිසිම වරදක් නොකර ඒකත් කළානම් නිකම්ම හොරෙක් වෙනවා කියන එක මං මේ පැහැදිලි කරලා දුන්නේ. පොඩ්ඩක් හිතලා බලන්ඩ නාලිකා තමුන්ට මේ චෝදනාව ඇවිල්ලා මේ තත්ත්වෙට පත් වුණානම් මොනවගේ දැනෙයිද ඒක?" බොහෝ වාරයක් ඔහුගෙන් සමාව ඉල්ලීමෙන් පසු නවක ලිපිකාරිනිය සමඟම පිටතට පැමිණි මම ඇගෙන්ද සමාව අයදීමි. එහෙත් ඇය මා වෙත සුහද බවක් පෑවේ නැත. එසේම සිදුවූවේ කුමක්දැයි දැනගත් කාර්යාලයේ සෙස්සෝද එදින උදයේ මා වෙත පෑ ළෙන්ගතුකම අමතක වූවාසේ මගෙන් ඈත් වූවෝය. "ඔය මිනිහගෙයි ගෑනිගෙයි ප්ලෑන්. සල්ලි ටික නැතිවුණා කියල බොරු රඟපෑමක් දාල අලුත් ළමයව බය කරලා ඒ කෙල්ලගෙනුත් තව ගාණක් කඩාගන්ඩයි බලන්ඩ ඇත්තෙ. මිනිහට දවසකට ගංජා ගහන්ඩම යනවලු අනේ ලොකු සල්ලියක්... ගෑනි මිනිහට එපා කියන්නෙත් නෑලුනෙ එව්වට උල්පන්දම් දෙනවා මිසක්..." ආධුනික ලිපිකාරිනිය පිළිබඳව උදයේ මට පැවසූ මිතුරියම දැන් මා ගැන එසේ පවසන අයුරු මාගේ දෙසවනින්ම ඇසීමි. දරා ගනු හැර අන් කිසිවක් කරන්නට මට හැකියාවක් නැත. සීට්ටුවෙන් මා ලද රුපියල් ලක්ෂ දෙකේ මුදල හිස්ව තිබූ බැංකු ගිණුමට බැර කළ මම යළිත් ජීවන ගැටුමට මුහුණ දීමට සූදානම් වීමි. ජීවිතය පෙළූ අනේක ප්‍රශ්න කන්දරාව තවත් ටික දොහක් එසේම විඳ ගැනීමට සිදුවනු ඇත. වරක් කැමැත්තෙන්ම ජීවිතය වරද්දා ගත් විට යළි නිවැරදි මඟ පාදා ගැනීම බොහෝ උගහටය. එහෙත්, අද නොහැකිවුවද වුවද හෙට හෝ මා ඇරඹි ගමනේ ඉදිරි පියවර තැබිය යුතුය. අපහාස, මඟ වැරදීම් මැද මම කෙසේ හෝ දරු දෙදෙනා සමඟ නිවැරදි මඟ සොයාගත යුතුමය. උන් නිවැරදි මඟ යැවිය යුතුමය. නිමි Ashvini Jayawardana# **සිංහල අළුත් අවුරුද්ද ** පළවෙනි පාසැල් වාරයේ අවසාන දවසෙ අවසාන බෙල් එකට පස්සෙ 'මෙතුන් සරණින් ජයම වේවා' කියල ඉවර වෙන්නත් කලින්, කළු පාට බෑග් එක කරේ දාගෙන, ලා නිල් පාට වතුර බෝතලේත් බෙල්ලෙ එල්ලගෙන, මිට මොළවපු අතින් කකුල් හිර කරගෙන ඉඳල එක පාරටම අත ඇරිය පරෙවියෙක් නිල් අහස දිහාවට තටු ගගහ වේගෙන් පියාඹගෙන යනව වගේ, ජගත් හා විජිත එක්ක මමත් ඇවිදිනවට වඩා දුවගෙන වගේ, දුවනවට වැඩිය පියාඹගෙන වගේ, ගිණි අව්වෙ දූවිලි අවුස්සගෙන ගුරු පාර දිගේ ගේ ගාවට ඇවිදින්, කෝපි ගස් පේළියයි නවසි ගහයි අතරින්, තණකොළ වැවුණු වතුර නැති ලොකු අගලට උඩින්, පාරෙ ඉඳන් ගෙම්බෙක් වගේ ගෙදර වත්තට පනිනව. ඇත්තටම ඒ කාලෙ ඉස්කෝලෙ නිවාඩු දෙන දවස තමයි, මම ඉස්කොලෙ ඉඳන් සතුටෙන්ම ගෙදර එන දෙවස. අවුරුද්දෙ හොඳම නිවාඩුව වුණේ මට නම් අප්‍රේල් නිවාඩුව. අළුත් අවුරුද්ද වැටෙන 13 වෙනිදට හරි 14 වෙනිදට හරි දවස් හතරකට පහකට කලින් අපේ ගෙදර වැඩිහිටියො - අම්මයි, අප්පච්චියි, කිරිඅම්මයි, අත්තයි අළුත් අවුරුද්ද සමරන්න ලෑස්ති වෙනව. ඔය කාලෙට, අල්ලපු වැටේ ඉන්න නලින්දයි මමයි මල්ලියි අපේ ගේ ඉස්සරහ තිබුණු මහගෙදරට යන බොරළු පාරෙ පොල් පිති ඔළුවක් හරි කලාතුරකින් වැටමාර ගහකින් කපා ගත්ත කණු තුනක් හරි විකට් එකට තියාගෙන කළුපාට රබර් බෝලෙකිනුයි වේලිච්චි පොල්පිති වලින් හදාගත්ත බැට් එකකිනුයි එක් දින සීමිත ඕවර් මැච් වගේම ටෙස්ට් මැචුත් ගහනව. සමහර දවස්වලට රණ්ඩු වෙලා අපි ගහගන්නව. අපි ගහන බෝල වැදිල වහලේ පොල් අතු කැඩෙනව කියල, අපිව එතනින් දෙතුන් පාරක් එලවපුවාම, පොල්පිති බැට්, වැටමාර විකට් කණු, බෝල එහෙමත් අරගෙන, ගොයම් කපල තියෙන වෙලට යනව. මම වෙලේ ක්‍රිකට් ගහන්න අකමැති අව්ව සැර හින්දයි, ඉඳල හිටල ඉපනැල්ල අස්සෙ ගොදුරු හොයන් යන ගැරඬි ඉන්න හින්දයි. මට දෙතුන් වතාවක්ම උන්ව පෑගෙන්නත් ගිහින් තියෙනව. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසෙ වැස්ස පටන් ගන්න හින්ද, ගෙදර වහලෙ පොල් අතු දිරල නම්, සාධාරණ ගාණකට අවශ්‍ය තරම් පොල් අතු හොයාගන්න පුළුවන් වුණොත්, අළුත් අවුරුදු වලට කලින් අනිවාර්යයෙන්ම පොල් අතු බඳිනව. අවුරුදු කාලෙ කිට්ටු වෙනකොට දැන් හැමෝම විහිළුවට අරන් ඉන්න කොහා කොහෝ කොහෝ කියල කෑගහන්න පටන්ගන්නව. අප්‍රේල් මාසෙ අවුරුදු වලට කලින් හැමදාම වගේ උදේට කොහා උගේ ඒක පුද්ගල කුරුළු සංගීත ප්‍රසංගය පටන් ගන්නව. අතරින් පතර දවල්ටත් හවසටත් උගේ සංගීතය ඇහෙනව. කොහාගෙ සද්දෙ ඇහුණට ඌව හැබෑවටම දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. හැබැයි කොහා කාක් කූඩුවල බිත්තර දාන හින්ද, සමහර වෙලාවට කාක්කො රංචුව පන්න පන්න කොටන කොහෝ පැටවුන්ව බේරගන්න ඉඳල හිටල අපිත් සාම සාධක හමුදාව වගේ බොහොම උපක්‍රමශීලීව මැදිහත් වෙනව. ඒ වගේම අවුරුදු කාලෙට ගේ ඉස්සරහ තිබුණු ලොකු රට අඹ ගහේ ගෙඩි ඉදෙන්න ගන්නව. ඔය කාලෙට මාත් ලේනෙක් වගේ හැම පැය භාගෙකට සැරයක්ම අඹ ගහ ළඟට ඇවිත් ලේන්නු කාපු හරි වැටුණු අඹ හරි තියෙනවද බලනව. ඒ වගේම අපේ ළිඳ ඉස්සරහ නලින්දලගේ ඉඩමේ ලොකු රතු පුහුලන් එක්ක ලොකු කජු හැදෙන මහ කජු ගහෙයි, අපි බලාගත්තු පන්සල් වත්තේ කහපාට පුහුලන් එක්ක පොඩි කජු හැදෙන මහ කජු ගහෙයි, තැඹිලි කෑල්ලෙ කහපාට පුහුලන් එක්ක ලොකු කජු හැදෙන පොඩි කජු ගහෙයි මල් පිපිල නාඹර හැදෙන්න ගන්නව. සමහර දවස්වලට උණ ලීයකට කෙකි බලුට්ටක් බැඳගෙන තැඹිලි කෑල්ලෙ පොඩි කජු ගහෙන් පැහුණු කජු නාඹර කඩන්න මාත් අම්ම එක්ක යනව. මට දැනිල තියෙන විදිහට කජු පුහුළන් වල රහත් ගහෙන් ගහට ටික ටික වෙනස් වෙනව. හොඳට පැහුණු අමු කජු නාඹර කපල තම්බල ගලවගන්න කජු මද, අම්ම අවුරුදු දවසෙ දවල්ටත්, ඉතිරි වුණොත් තව වේලකට හරි දෙවේලකටත් උයනව. කජු ඇති තරම් තිබුණෙ නැත්නම් කොස් ඇට ටිකකුත් දානව. දාන ගෙවල් වලදි වෙඩිං වලදි කොච්චර කජු කන්න හම්බුණත්, ඒව කොච්චර රස වුණත් අළුත් කජු නාඹරවල තියෙන කිරි රස නම් මට තාමත් ඒ කොහෙදිවත් හම්බෙලා නෑ. කජුමද කොච්චර රස වුණත් කජු කිරි ගෑවුණොත් හම කසල වණ වෙනව. ඒ වගේම කජු කිරි, ඇඟිළි වල තල එළලු හමේ පාටට කිට්ටු පාටකින්, ගම් ගෑවුණාම වගේ, කුණු අතුල්ලන්නෙ නැතුව උඩින් උඩින් යන්තම් හෝදපු කකුල් වල මඩ පිපෙනව වගේ, ඇඟිළි වල දෙපැත්තෙම බැඳිල හිටිනව. ඇඳුම්වල කජු පුහුළන් කහට වැදුණොත් ඒක මකන්න බැරි සන්නාමයක් වෙනව. කොච්චර පරිස්සම් වුණත් හැම කජු වාරෙම වගේ කජු කිරි ගෑවිලා පොඩි පොඩි තුවාල වෙනව. කජු පුහුළන් කහටත් ඇඳුම් වල වදිනව. තැඹිලි කෑල්ලෙ ඇළට උඩින් තියෙන එරබුදු ගහෙත්, පොඩි කජු ගහ ළඟ තියෙන එරබුදු ගහෙත් හැම අත්තෙම වගේ රතුම රතු පාට එරබුදු මල් ඉති ඉති මහ ගොඩක් පිපෙනව. අත්ත ලොකු උදැල්ලත් අරගෙන කළු කොටු වැටුණු නිල් පාට සරම සරම කැහැපට ගහගෙන මිදුල උදළුගාන්න ගන්නව. මාත් ඒ පස්සෙන් වැටිල මගෙ පොඩි උදැල්ලෙන් අතන මෙතන බිම රහිනව. මම උදළුගානවට වැඩිය පස් තට්ටු තට්ටු කපනව. සිංහල බේත් වලට එහෙම ගන්න කළාඳුරු ගස් අලත් එක්ක අනිත් වල් පැල වලට වඩා යටට තදට මුල් ඇදල තියෙනව. අම්ම දිග රිටකට වේලුණු පොල් අග්ගිස්සක් බැඳල ගේ ඇතුලෙත් පිටත් මකුළු දැල් කඩනව. මකුළු දැල් බඳින ලොකු කොට්ට මකුළුවො දිවි මකුළුවො කියල හිතාගෙන උං දැක්කම ඒ කාලේ මම බයෙන් අහකට පනිනව. මම බොරුවට බයවුණාට උන්ගේ බඩට යටින් පොඩි පුළුන් කොට්ටයක් වගේ තියෙන ඒ මකුළුවො අපිව හපන්නෙවත් සූරන්නෙවත් නෑ. ලොකු තැඹිලිපාට මලුයි පොහොට්ටුයි එක්ක තද කොල පාට කොළ වැටුණු පරණ චීත්තයක් ඇඳගෙන කිරිඅම්ම හැළි වලං තියෙන මේසෙ එහෙම අයින් කරපු මැටි ගහපු කුස්සියේ උයන කොටසේ ගොම ගානව. හුඹස් මැටි වලට ගොම එකතු කරල හදාගත්තු කුරක්කන් තලපයක් වගේ මිශ්‍රණය ළිඳෙන් අයින් කරපු තැලිච්චි පරණ මලකඩ කාපු බාල්දියකට දාලා බිම ඇණකුටු ගහගෙන ඉන්න කිරිඅම්මට අතපොවන්න පුළුවන් සීමාවෙන් තියල තියෙනව. මුළු කුස්සියෙම ගොම ගාලා ඉවරවෙලා ඉලපතෙන් රටාවට ගොම උඩ ඉරි අඳිනව. අළුත් අවුරුදු සතියෙ හරි අළුත් අවුරුද්දට කලින් හරි එන අන්තිම බ්‍රහස්පතින්දා (අළුත් අවුරුද්ද බ්‍රහස්පතින්ද දවසට වැටුණොත් සතිපොළ බදාදා හරි අඟහරුවාදා තියනව ) කුලියාපිටිය ටවුන් එකේ සතිපොළෙන් අප්පච්චි වෙනදට වඩා එළවළු, මාළු කරවල අරන් එනව. ඔය බඩු මල්ලෙ හැම බ්‍රහස්පතින්දම පොළෙන් අරන් එන විස්කිරිඤ්ඤ, බනිස්, සූකිරි බනිස්, උළුඳු වඩේ, පකඩ, දරමිටි වගේ රසකැවිලි වලට අමතරව, තලකැරලි, රූලං අළුව, තලගුලි, විස්කෝතු වගේ දේවල් තියෙනව. අපිට අළුත් කමිස කලිසම්, අත්තට සරමක් බැනියමක්, කිරිඅම්මටයි අම්මටයි චීත්ත දෙකක් අප්පච්චිට සරමක් එහෙම තියෙනව. රතිඤ්ඤ පෙට්ටි දෙක තුනක්, අහස්කූරු 10ක් 12 ක්, නිලාකූරු පෙට්ටියක්, චීනපටස් හතරක් පහක්, බඹර චක්‍ර 4ක් 5ක් එහෙ
මත් තියෙනව. අපි ඉතින් ගෙනාපු වෙලාවෙ ඉඳන් ඕව එක දෙක පත්තු කරන්න බලනව. අපේ ගෙදර කවුරුත් නව සඳබැලීම, පරණ අවුරුද්දට ස්නානය කිරීම වගේ චාරිත්‍ර නම් පිළිපැද්දෙ නෑ. අපිට එහෙම පිළිපදින්න කිව්වෙත් නෑ. මම දන්න තරමින් අපේ අසල්වැසියෝ කවුරුවත් ඒ චාරිත්‍ර පිළිපැද්දෙත් නෑ. නොනගතය උදාවෙද්දි ලිපේ ගින්දර නිවල අළු අයින්කරන එකයි නැකතට ලිප ගිනි මෙළවීමයි, නැකතට වැඩ ඇල්ලීමයි සහ ආහාර අනුභවයයි විතරක් අපේ ගෙදර අකුරට තිතට කලා. නොනගතයෙදි කුස්සියෙ ලිපේ ගිණි නිව්වට, එලියෙ ගඩොල් තුනක් තියල ලිපක් අටවල, ඒකෙ තේ වක්කරන්ඩ වතුර පස්සනව. නැකතට ආහාර අනුභවයට පැය කීපයක් පරක්කු වෙනවනම් ඒ ලිපේම ගෙදර කට්ටියට කන්න බත් මාළුපිනි එහෙමත් උයනව. අපේ රටේ සමහර නමගිය දේශපානඥයො නීතිය කණේ වැලිගෑවෙන්න නවනව වගේ අපේ අම්මත් සමහර චාරිත්‍ර වාරිත්‍ර අපි හැමෝටම ලේසිවෙන්න එහෙන් මෙහෙන් ටිකක් නැව්ව. අවුරුදු දවසට දවස් එක හමාරකට හෝ දෙකකට කලින් ඉඳන් අම්මයි කිරිඅම්මයි පිටිකොටන්න කැකුළු හාල් ගරල දියේ දානව. ඊට පස්සෙ ඒ දියෙන් ගොඩගත්ත කැකුළු හාල් පන්වලින් වියපු ලා කහ පාට කිරිගොට්ටකට දාලා ඒක තේ වක්කරන්න ගන්න ලොකු පිත්තල ජෝගුවෙ කට උඩින් තියල වතුර බහින්න ටික වෙලාවක් තියල තියෙනව. වැස්ස පෑව්වට පස්සෙත් වැහි වතුර බිංදුව දෙක වහලෙ පීලිවලින් සැරෙන් සැරේ වැටෙනව වගේ හාල් වල තියෙන වතුර බිංදුව බිංදුව හාල් ඇට අස්සෙන් රිංග රිංග පහළට රූටගෙන ගිහින් කිරිගොට්ටෙ අග්ගිස්සෙන් පිත්තල ජෝගුව ඇතුළට වෑස්සෙනව. එහෙම වතුර බේරුණාට පස්සෙ ඒ හාල් මට මතක මුල්ම කාලෙ අම්ම වංගෙඩියෙ දාල කොටනව. අම්ම එහෙම සැරෙන් සැරේ කොටල දෙන හාල් කිරිඅම්ම මිරිස්ගල උඩ වට්ටියක් තියල ඒක උඩින් පිරිසිදු පිටු දෙකේ පත්තර කොළයක් එළල ලා කොළපාට ඩිසයින් එකක් තියෙන අළුත් බෙලෙක් පෙනේරෙකින් ඒ පත්තර කොළේ මැදට වෙන්න හලනව. එහෙම සැරෙන් සැරේ හලන පිටි, හාල් කොටල පිටි හලල ඉවර වෙනකොට පත්තර පිටුදෙක මැද්දෙ කන්දක් වගේ හිටිනව. පෙනේරෙ ඉතුරුවෙන බාගෙට කෙටිච්චි හාල් ආපහු වංගෙඩියට දාල කොටනව. පරණ වැඩිහිටියො අදටත් ළමයින්ට පෙනේරයක් වගේ නොවී කුල්ලක් වගේ වෙන්න කියල උපදෙස් දෙනව. මම උගන්වන ගමේ දහම්පාසැලේ නමය වසරෙ ළමයින්ගෙ මොළත් පෙනේර වගේ කියල මම ඒ අයට විහිළු කරනව. මේ උගන්නනව. මේ අමතකවෙනව. කුස්සියෙ දොරකඩට කිට්ටුවෙන් ගඩොල් තුනක් උඩ පොඩි තෙල් තාච්චියක් තියල, කිරි අම්ම ඒක ඉස්සරහ කොට ලී බංකුවක් උඩ ඉඳගෙන, අඟල් බාගයක් වගේ පළලට හිටින්න ඉරපු පටු හනසු තීරුයි, වේලිච්චි පොල් කොළයි ඒ ළඟම තියෙන මිටි දෙකකින් අරන් ලිපට දානව. එක හනසු තීරුවක් අරගෙන, එතන තියාගෙන ඉන්න මැහි තෙල් කුප්පියකින් හදාගත්තු භුමිතෙල් ලාම්පුවෙන් භුමිතෙල් ටිකක් ඒක උඩට හළල, ගිනිකූරක් ගහල ඒක අවුළුවගෙන ලිපට ඇතුළට ඔබනව. කොණ්ඩ කැවුම් හදන්න ගන්න කැකුළු හාල් පිටියි, පැණියි එකතු කරල හරි පදම එනකන් අනල අනල හදාගත්තු ලා කහපාට උකු මිශ්‍රණය මැරූන් පාට ප්ලාස්ටික් බේසමකට දාල ඒක පත්තර කොළේකින් වහල ඊට උඩින් ගල්ලැහැ පන් වලින් වියපු වට්ටියක් ඇතුල් පැත්ත පහළට හිටින්න තියල කිරිඅම්මගේ දකුණු අත පැත්තෙන් තියාගෙන ඉන්නව. කිරි අම්මයි අම්මයි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකල් ඉඳල, හිමින් සීරුවෙ තේ හැන්දකින් මම ඕකෙන් ටිකක් අල්ලට දාගෙන කනව. ඒක පැණි රහයි. ඒක උඩ හොඳට හෝදපු පතොක් කොළ පාට ප්ලාස්ටික් කෝප්පයකුයි, තෙල් හැන්දකුයි, ලොකු පිත්තල හැන්දකුයි තියෙනව. එතනම දිග අළුත් ඉරටුවකුත් තියෙනව. ඊට ටිකක් එහායින් ඇණතියාගෙන මම කිරි අම්ම කොණ්ඩ කැවුම් උයන හැටි බලන් ඉන්නව. කැවුම් මිශ්‍රණෙන් කෝප්ප භාගයක් විතර පිත්තල හැන්දෙන් අරන් කෝප්පෙට පුරවල ඒක තාච්චියෙ මැදට වෙන්න බුබුළු දදා නටන පොල්තෙල් උඩට එකම තැනට රවුමක් වගේ හිටින්න පරිස්සමින් වක්කරනව. අර මිශ්‍රණය උඩට හැන්දෙන් තෙල් දදා කැවුමෙ හැඩය හදාගන්න අතරෙ, පොල් ඉරටුව ඒක මැද්දෙන් ඔබල ඒක වටේට තෙල් ඉහල කැවුමේ කොණ්ඩෙ හදාගන්නව. ඊට පස්සෙ කැවුම හරි ගාණට බැදුනට පස්සෙ තාච්චියෙන් අරන් තෙල් බහින්න ලොකු මුට්ටියක කට උඩ තියල තියෙන පත්තර කොළයක් අතුරපු කිරිගොට්ටකට දානව. ඔහොම එක කැවුමක් බැදගන්න විනාඩි තුනක් විතර යනව. සමහර වෙලාවට අච්චු කැවුම් එහෙමත් හදනව. එතනදි තාච්චියෙ මැද්දෙ තියෙන අච්චුවට කැවුම් මිශ්‍රණය කෝප්පෙන් අරන් පරිස්සමට පුරවනව. ඊට පස්සෙ ඒකෙ මැද්දෙන් ඉරටෙ තියල තෙල් ඉහ ඉහ කැවුමෙ කොණ්ඩේ හදාගන්නව. කොණ්ඩ කැවුම් උයන්න වැඩිය හුරු නැති කෙනෙකුට, අච්චුවෙන් උයන එක ලේසියි. හැබැයි මෙහෙම ගෙදර හදන කොණ්ඩ කැවුම්වල පාටත් ප්‍රමාණයත් රසකැවිලි කඩවල තියෙන ඒව වගේ එකම පාටට එකම ප්‍රමාණයට නම් නෑ. අපේ එක එක කැවුම් එක එක සයිස්. එක එක පාට. එක එක ගාණට බැදිලි තියෙනව. සමහර ඒවගේ මැද්ද අමුයි.එහෙම කැවුම් උයල අන්තිමට ඉතුරුවෙන ටිකෙන් තෙල් කැවුම කියල ආප්පෙක මැද වගේ හැඩයක් තියෙන අමුතුම කැවුමක් හදනව. මම අනිත් කැවුම් වලට වඩා තෙල් කැවුම් කන්න ආසයි. ඒකෙ වෙනස්ම රහක් මට දැනෙනව. නොනගතේ වෙලාවට පන්සලට අරන් යන කොටස වෙන්කරල අයින් කරාට පස්සෙ අපිටත් කැවුම් කන්න පුළුවන්. ඒත් හරියට තෙල් බැහැපු නැති උණු කැවුම් දෙකක් තුනක් කෑවම මට නම් ආයෙ ඒ අවුරුද්දෙ ආයෙ කැවුම් කෑම අප්පිරිය වෙනව. ඔය වගේම අම්මයි කිරිඅම්මයි එකතු වෙලා, කොකිස්, මුං කැවුම්, අතිරහ බදිනව. ඉඳල හිටල නාරං කැවුම් එහෙමත් බදිනව. අළුව වැලිතලප එක්ක අග්ගලත් හදනව. සමහර අවුරුදු වලට රූලං අළුවත් හදනව. මුංකැවුම් හදන්න පිටිවලට මුං ඇට අඹරගන්න අම්මත් එක්ක මාත් අල්ලපු වැටේ සුසන්ත අක්කලගේ ගෙදරට යනව. එහෙ ගිහින් කුස්සියෙ මිටි බංකුවක් උඩ ඉඳගෙන කුස්සියෙ දොරකඩට වෙන්න තියාගත්තු කුරක්කන් ගලෙන් අම්ම බැදපු මුංඇට අඹරගන්නව. මම ඇණකුටු ගහගෙන මිදුලෙ ඉඳගෙන ඒ දිහා බලාගෙන ඉන්නව. සිංහල අළුත් අවුරුදු වලට නැතුව වෙන නෑදෑ ගමනක් යන්න වගේ වගේ මුං කැවුම් හදන්න එහෙම අඹරල මුංඇට වල පිටි අයින් කරගත්තට පස්සෙ ඉතුරුවෙන පොතුයි කෑලියි පොලුයි සීනියි හාමුකරගෙන කනව. පොල්වල කිරි රහත් එක්ක හාමුවෙච්චි තද අමුතු පැණි රහක් ඒවගෙ තියෙනව. වැඩිය කෑවොත් වමනෙ යයි කියල කිරිඅම්ම මේව කන හැමවෙලාවෙම මට කියනව. අවුරුදු දවසට කලින් දවසේ හරි අළුත් අවුරුද්ද ලබන්න කලින් හරි, අත්ත හරි අප්පච්චි හරි ගොක් අත්තක් කපාගෙන ඇවිත් ඒක අතු දෙකකට පළල මල් පැලක් හදාගන්න එක අත්තක් ලස්සනට වියනව. එහෙම වියපු ගොක් අත්ත තුනට නැමෙන විදිහට රෝල් කරල එක අග්ගිස්සක් නාරටියට හරියටම පහළින් තියෙන ගොක් කොළ ඉරාගෙන අස්සෙන් ගිහින් හිරවෙලා හිටින විදිහට අමුණනව. ගොක් කොළ වල වියපු නැති අග්ගිසි ටික පෝනිය බැන්ද කොණ්ඩයක් වගේ හිටින්න ගොක් කොළේකින්ම බඳිනව. ගොක් කොළ කපාගන්න පැළ පොල් ගහක් නැති කවුරුහරි අනිත් ගොක් අත්ත ඉල්ලගෙන යනව. කෙම්මුර දවස්වල රෑට දෙවියන්ට පානක් පත්තු කරන ලී මල් පැල රඳවල තියෙන ලොකු පේර ගහට මෙහා පැත්තෙන් වැටමාර ලී තුනක් නාරස්සනෙන් හාරපු වලවල් තුනේ හිටවල හිර කරල, කොහු ලණු කෑල්ලකින් හරි ගොක් කොළ වලින්ම හරි මල්පැල ඒ කණු තුනේ බැඳල රඳවනව. මම පොඩිම කාලෙ, අළුත් අවුරුදු කිට්ටුව ගේ ඉස්සරහ තියෙන රට අඹ ගහේ පහළට වෙන්න තියෙන අත්තක පරණ කඹයකින් ඔංචිල්ලාවක් බැඳල ඉඳගන්න ලෑලි කෑල්ලක් තියල දෙනව. හයියෙන් පදින්න ගිහින් සමහර වෙලාවට කැරකිලා උඩින් විසිවෙලා ගිහින් ගෙම්බ පොළොවෙ ගැහුව වගේ බිමට වැටෙනව. සමහර වෙලාවට ළණු දෙක හොඳටම දඟර වැටෙන්න කරකවල ඒකෙ ඉඳන් ඉන්න මාව අනිත් පැත්තට කැරකෙන විදිහට දඟරේ අත අරිනව. එතකොට මාව හයියෙන් අනිත් පැත්තට කැරකෙනව. මේ සෙල්ලම ඕනෑවට වඩා කලාම නැවතුනාට පස්සෙ සමහර වෙලාවට අඩි දෙක තුනක්වත් ඇවිදගන්න බැරි හ විදිහට කැරකිල්ල හැදෙනව. හැබැයි විනාඩි 10 කට 15 කට පස්සෙ කැරකිල්ල නැතුව යනව. ඔහොම කැරකෙන්න ගිහින් මම ඔංචිල්ලාවෙන් වැටිලත් තියෙනව. අළුත් අවුරුදු නැකත් වෙලාවල් හරියටම අහගන්න රේඩියෝ එකට අළුතෙන් බැටරි කෑලි දාලා ඒක දිගටම දාල තියෙනව. මම පොඩි කාලෙ ඔය අවුරුදු විස්තර අහන්න හරිම ආසයි. ඒ කියන නැකත් වෙලාවලටම අපි රතිඤ්ඤ පත්තු කරනව, අම්මයි කිරිඅම්මයි ලිප ගිණි මොළවනව, ඊට පස්සෙ අප්පච්චි හරි අත්ත හරි උදැල්ලක් අරන් මල් පැල යට වැඩ අල්ලන්න ලාවට උදළු ගානව. ඊට පස්සෙ අපි සාලෙ මේසෙ උඩ දීසි වලට දාපු රසකැවිලි දෙක තුන අරගෙන අත්තා හරි අප්පච්චි හරි කියන දිහාවට හැරිල කන්න පටන් ගන්නව. මේ වෙලාවට අපි අළුත් ඇඳුම් ඇඳගෙන හරිම සතුටින් ඉන්නෙ. ආහාර අනුභවය උදේ වරුවක වැටුණොත්, අපි මුලින්ම මහගෙදරට යනව. එහෙ ගිහින් එද්දි කවුරු හරි අපේ ගෙදරටත් ඇවිත් ඉන්නව. ඊට පස්සෙ අපිත් රසකැවිලි පිඟානක් හරි පාර්සලයක් හරි අරගෙන ඒ ගෙවල් වලට යනව. ගොඩක් දවස්වලට හවසට කට්ටිමහන මාමයි නැන්දයි අක්කයි නංගියි දෙන්නත් එක්ක අපේ ගෙදර එනව. හිස තෙල් ගාන දවසට අපි සඳලංකාවෙ මහගෙදරට යනව. ගමේඅප්පච්චියි ගමේඅම්මයි පුංචියි අපි එනකල් බලන් ඉන්නව. ගමේඅප්පච්චි අපි හැමෝටම හිසතෙල් ගානව. ඊට පස්සෙ දවසක් දෙකක් එහෙ ඉඳල අපි ආපහු ගෙදර එනව. එතකොට ඉතින් අවුරුදු දවස් ඉවරයි. ඊට පස්සෙ මම නම් තව අවුරුද්දක් ගතවෙලා ඊළඟ අවුරුද්දෙ සිංහල අළුත් අවුරුද්ද උදාවෙනකල් බලන් ඉන්නව. පින්තූර ඔක්කොම අන්තර්ජාලයෙන්කෙටි කතා අංක 04 #ලොක්කී 🩷 03 කොටස කාලය හී සරයක වේගය ගෙන නික්ම ගියේය. අනිල් නීති විද්‍යාලයට තේරී පත්වූ ආරංචිය ලොක්කිට දරාගත නොහැකි තරම් සතුටක් ගෙන දුන් බව නොරහසකි. ඇය මල්ලී සහ නංගී බදාගෙන ඉකි ගසා වැලපුණාය. අනිල් නීති විද්‍යාලයට ඇතුලත් වීම සඳහා කොළඹට පිටත්ව ගියේය. ඔහුට ඉගැන්වීම සඳහා ලොක්කි අතිකාල සේවය කරමින් තව තවත් වෙහෙසුණාය. වියැකෙමින් පැවති තුරුණු විය මැෂිමට පෑගී යටවී ගියේය. ලොක්කි ඒ ගැන සත පහක තැකීමක් කළේ නැත. යොවුන් වියේ එලිපත්තේ සිටි ශානිකා ගේ හැඩ වැඩ වීම්, සුකුරුත්තම් ඕනාවට වඩා වැඩි බව සිතුවත් ඈ නැඟණියට එතරම් තරවටු කළේ නැත. අයියා තරම් දක්ෂ නොවූවත් ශානිකා උසස් පෙළ යන්තමින් සමත් කරගත්තාය. මසකට පමණ වරක් නිවෙසට පැමිණි අනිල්ගේ එම ගමන් අඩු වූයේ විභාග ආදියෙන් කාර්යබහුල වීම නි
සාය. "අක්කෙ, මට ආයෙ සල්ලි එවන්න ඕන නෑ.., මම මෙහෙ ළමයින්ට පන්ති කරනවා.. අක්කා, ඔයා ගැනයි නංගි ගැනයි බලන්න.." දිනෙක අනිල් ලියා එව්වේය. මේ අතර ශානිකාට වෙනස් අදහසක් පහළ වී තිබුණි. "අක්කෙ.... ඔයාට ඔය තරම් හැමදාම දුක් විඳින්න බෑනෙ...මමත් දැන් මොනවාහරි කරන්න ඕන.." "ඔයා තව ඉගෙනගන්න නංගි. මට පුළුවන් වියදම් කරන්න.." ලොක්කි මැෂිමට ගෙවුණු අතැඟිලි දිගහරිමින් කීවාය. "අක්කෙ.... මේ අද මම අර නිලූකා බණ්ඩාර ගෙ වැඩමුළුව බලන්න ගියානෙ ටවුන් ගිය වෙලාවෙ.." "ඒ කවුද...?" "අර ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිලපිනියක් ඉන්නෙ අනේ...." "මං දන්නෑ... ඉතින්....?" "එයාගෙ බියුටීෂියන් ඩිප්ලෝමා එකක් තියෙනවලු.. මම කරන්නද ඒක....?" ශානිකා පාදයෙන් බිම කොනහමින් ඇසුවාය. "හොඳයි කියලා හිතෙනවා නම් කරන්න. ගෙදර කම්මැලි කමේ ඉන්න එකේ. මම සල්ලි දෙන්නම්...." කිසි දිනෙක තමන්ට හොඳ ඇඳුමක් හෝ ගැනීමට මුදල් වැය කිරීමට මසුරු වූ ලොක්කි දෙසොහොයුරන් ට නොමසුරුව විය පැහැදම් කළාය. නමුත් එතෙකින් නොනැවතුණු ශානිකාට සැලුන් එකක් පටන් ගැනීමටත්, වැඩිදුර ඉගෙනීමටත් අවැසි විය. "ඔය කියන තරම් සල්ලියක් මං ළඟ නෑ නංගී... මං කොහෙන් කියලා හොයන්නද..?" "අක්ක මෙච්චර කල් රස්සාවක් කරලා ඉතුරු කරපු සල්ලියක් නැද්ද....?" ලොක්කිට ඒ වදන් ඇසුණේ සිහිනයෙන් මෙනි. බඩට නොකා ඉපැයූ මුදල් ඔවුන් දෙදෙනාටම වියදම් කළා විනා සත පහක් ඉතිරි කරන්නට හෝ ඒ සොච්චම් මුදල ප්‍රමාණවත් නොවූ බව දන්නේ ලොක්කිම පමණි. ඇගේ දෑසට කඳුළක් ඉනුවේ නිතැතිනි. "මොකද්ද අක්කෙ මේ කරුමෙ....? හැමදාම මෙහෙම ඉන්න ද..? ඇයි ඔයාට මං ගැනත් හිතන්න බැරි...?" "...මට මොනවාහරි කරලා සල්ලි ටිකක් හොයලා ඕන.. එච්චරයි.." ශානිකා ගස්සාගෙන ගෙතුළට ගියාය. මව වැදූ පමණින්, සිය ජීවිතයම දිය කරමින් ඇසට කඳුළක් හෝ එන්නට ඉඩ නොදී, තමාට හැකි සියලු සැප සම්පත් දෙමින්, අනන්ත අප්‍රමාණ දුකක් විඳ හදා ලොකු කරගත් සොයුරිය මෙසේ කතා කිරීම ඇගේ හිත වේදනාවෙන් පුරවා දැමීමට සමත් විය. ශානිකාගේ සුකුරුත්තම්වලටම තමාගේ මුළු පඩියම වියදම් වූ අවස්ථා අනන්ත බව ලොක්කි මෙනෙහි කළාය. රැකියාවක් නොකළ ශානිකා ඉල්ලන පමාවට බෑ නොකියා කෙසේ හෝ මුදල් සොයාදීම ලොක්කි කවදත් සිදු කළ වරදකි. දැන් කළ හැක්කක් නොමැත. රුපියල් ලක්ෂ දෙකක් සොයා දීම ට උනන්දු නොවීම හේතුගෙන් නැඟණිය තමා සමඟ අමනාප වී ඇත. ඇය දස අතේ කල්පනා කළාය. ආයතනයෙන් එතරම් මුදලක් ණයක් ලෙස ලබාගැනීම කළ නොහැක්කකි. එතරම් මුදලක් ණයක් ලෙස දීමට කිසිවෙක් කැමති නැත. කළ යුත්තක් නොවීය. ශානිකා නොකා නොබී අමනාපව සිටීම තවත් ඉවසිය නොහැක. ඇය තීරණයක් ගත්තාය. පසුදා වැඩ නිමවී ඇය මුදලාලි බිරිඳ කාන්ති හමුවීමට ගියාය. කාන්ති ලොක්කි ට අනුකම්පා කළාය. ලක්ෂ දෙකකට උගසට තැබුණ නිවස සහ ඉඩමේ ඔප්පුව කාන්ති අත තබා ඇය පිටවුණේ තෙවසරක් ඇතුළත එය බේරාගන්නා පොරොන්දුවටයි. "ඔන්න ඉඩමෙ ඔප්පුව උගස් කරලා මම සල්ලි අරගෙන ආවා...." ශානිකාගේ මුහුණ ප්‍රීතියෙන් ඔප වැටුණි. "අනේ මගෙ හොඳ අක්කා...." ඇය වටයක් කැරකී අක්කා බදා ගත්තාය. "අවුරුදු තුනක් ඇතුළත මේක බේරන්න ඕනි නංගියේ.. නැත්තං අපිට පාරට බහින්න තමයි වෙන්නේ...." "හරි හරි ඔයා බය නැතුව ඉන්නකෝ අපි මේක බේරමු...." දින කිහිපයකට පසු ඇඳුම් බෑගයක් ලෑස්ති කරගත් ශානිකා නිවසින් පිටවූයේ, මිතුරියකගේ නිවසේ සිට පාඨමාලාව හැදෑරීමට කොළඹ යන බව පවසමිනි. ඉන්පසුව ගමට විත් සැලොන් එකක් දාගන්නා බව ඈ කියා සිටියාය. ලොක්කි ඈ සමග පැමිණීමට සූදානම් වුවත්, ශානිකා කීවේ තමාට තමා ගැන බලාගත හැකි වගත්, ඇයට කරදර නොවන ලෙසත්ය. ශානිකා කොළඹට ගොස්, තමා පැමිණි බවටත්, නිරපද්‍රිතව සිටින බවටත්, තමා පිළිබඳව කරදර නොවන ලෙසත්, පවසා එවූ ලියුමක් විනා ඇය සිටින්නේ කොහේද කා සමගද යන්න පිළිබඳව කිසිවක් ලොක්කි නොදත්තාය. සෙවීමට ක්‍රමයක් ද නොවීය. ලොක්කි කොළඹ යෑමටද නොදත්තාය. කවදත් හිතුවක්කාරියක වූ නැඟණිය පිළිබඳව ලොක්කි විස්සෝප වූයේ වරක් දෙවරක් නොවේ. මේ වන විට අනිල් ගේ ගම පැමිණීමද සම්පූර්ණයෙන්ම නතරවී තිබුණි. ලියුම් එව්වේද ඉඳහිට ය. ශානිකා කොළඹ යෑමට සූදානම් වන බව පවසා ඇයට අවවාද කරන ලෙස පවසා යැවූ ලිපියට තවමත් පිළිතුරක් නොවීය. හැකිනම් නංගී පිළිබඳව සොයාබලන ලෙස පවසා ඇය නැවත ලිපියක් යැව්වාය. එයටද පිළිතුරක් නොලද තැන, පිළිතුරු එවන ලෙස පවසා නැවත යැවූ ලිපියට පිළිතුරු වෙනුවට එම ලිපිය ආපසු ලැබී තිබිණ. අදාළ ලිපිනයේ කිසිවෙක් නොසිටින්නට ඇති බව පියුම් මහතා ලිපිය ලොක්කිගේ අතට දෙමින් කීවේය. ඇගේ දෙනෙතින් නොනවත්වා කඳුළු කැට රූරා වැටුණි. කවදත් නොවෙනස් වී සිටි කමලා සහ රත්නෙ තමාට හැකි අයුරින් ලොක්කිගේ හිත හදන්නට වෙර දැරූහ. තමා තනිවූ බවක් ලොක්කිට නොදැනෙන්නට කමලා ත් රත්නෙ ත් හැකි තරම් ක්‍රියා කළහ. නමුත් ලොක්කිට තනිකම තදින්ම දැනුණි. සුසිල් වත් සිටියා නම් කියා ඇයට සිතුනේ වරක් දෙවරක් නොවේ. බොහෝ නිදිවර්ජිත රාත්‍රීන් පහන් වන තුරු ඇය කඳුළු සැලුවාය. නමුත් නැගණියගෙන් හෝ මලණුවන්ගෙන් පිළිතුරක් ඇය නොලද්දාය. තනිව නොසිට සිය නිවසට ඇවිත් සිටින ලෙස කමලා බොහෝවර පැවසුවත් ඔවුනට තවත් කරදරයක් වීමට ලොක්කිගේ සිත ඉඩ දුන්නේ නැත. ඇයට සියල්ල එපා වී ඇත. උදෑසන රැකියාවට යාමත් සවසට ආපසු ඒමත් පමණක් ම තිබූ ඒකාකාරී ජීවිතයකට ඇය හුරුවී සිටියාය. ලැබුණු වේතනය කමලාගේ රත්නගේත් අවශ්‍යතාවයන් සඳහා සහ ඔවුන්ගේ දෛනික කටයුතු සඳහා වියදම් කිරීමට ඇය නොපැකිලුනාය. මේ නිසාම කමලා, ගේ නිවසේ ලොක්කිටත් එක්කම බොජුන් ඉදුනේය. මව ගැන කිසිදු ආරංචියක් නැත. ඈ ඒ ගැන සෙවීමට වෙහෙසුනේද නැත. කාලය වේගයෙන් ඉගිලී ගියේය. ------------------------------------------------------------ "ලොක්කියේ, අද අර මුදලාලි ආවනෙ උඹව හොයාගෙන, ණය මතක් කරන්න කිව්වා.." "ණය....?" "ඔව් දැන් උකස කල් පිරිලලු.." "ඉතින් මං වෙලාවට පොලිය ගෙව්වනේ නැන්දේ.." "දන්නවනේ දුවේ ඕකගෙ හැටි කාන්ති එක්කවත් පොඩ්ඩක් කතා කරලා බල.පන්..." පසුදා ලොක්කි නිවසට පැමිණෙන විට මුදලාලි නිවස ඉදිරිපිට සිටගෙන සිටියේය. "මුදලාලි...මේ වෙලාවේ..?" "උඹලව දකින්නත් ආසයි බං.... " "අර අහවල් එහෙකටද..?ආපු කාරණාව කිව්වනම්.." "යකෝ මේකිගේ සැර... උඹලගෙ ගෙයි උකස බේරගන්න තිබිච්ච කාලෙ දැන් ඉවරයි. මං මේ ඒක මතක් කරලා යන්න ආවේ.." "මම වෙලාවට පොලිය ගෙව්වනේ මුදලාලි... තව ටික කාලයක් දෙන්න මම පොලිය ගෙවන්නම්..." "ගණුදෙනුව නම් ගණුදෙනුව විදිහට තියෙන්න ඕනෙ.... වෙලාවට සල්ලි ගෙවාගන්න බැරි වුණත් උඹට ගේත් නෑ.... කොහෙද... උඹලා අපිත් එක්ක ටිකක් කතා කරන්නවත් කැමති නෑ නේ...." "මං මොකක් හරි කරන්නම්.. මුදලාලි දැන් යන්නකෝ...." කෝපයෙන් කී ලොක්කි ගෙට වැද දොර වසා ගත්තාය. පසුදා ඇය ගියේ කාන්ති හමුවීමටය. "මං ඔප්පුව උගස් තිබ්බේ හාමිනේට නේ.. මුදලාලිට නෙවෙයිනේ..." "මං සල්ලි දුන්නට ළමයෝ ඔය ඔප්පුවල වැඩ බලන්නේ කොහොමත් මුදලාලි නේ... මගෙන් ඔප්පුව ඉල්ල ගත්තා...." "මං වෙලාවට පොලිය ගෙව්වනේ හාමිනේ..." "මං දන්නවා කෙල්ලේ... මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ කාලේ ඉවර එකනේ...." "ඒ උනාට හාමිනේ මේ වෙලාවේ මගේ අතේ ඒ ලොකු සල්ලියක් නෑ...." "මට තේරෙනවා ලොක්කියේ උඹ හිට.පංකෝ මම මුදලාලිත් එක්ක මේ ගැන කතා කරන්නම්...." අසරණ වී සිටි ලොක්කිගේ මුහුණ කාන්තිගේ සිත සොවින් පුරවන්නට හේතු විය. "ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ. ඔය මිනිහා සල්ලි ඉල්ලන්න උඹලගේ ගෙදරට ගිය වග.... එහෙම දැනගෙන හිටියනම් මම ඔය ගමන යන්න දෙන්නෙ නෑ...." --------------------------------------------------------------- දිනක් සවස වැඩ ඇරී එන විට මුදලාලි ස්තෝප්පුවේ පුටුවක වාඩිවී සිටියේය. ලොක්කි මුදලාලි දැක අහක බලා ගත්තාය. "මොකද... උඹ ණය ගෙවලා මේක බේරගන් නැද්ද...?" "මං කිව්වනේ මුදලාලි මං ටික ටික ගෙවන්නම් කියලා පොඩි කාලයක් දෙන්න..." "හහ් එහෙම අනුකම්පා කරන්න ගියොත් යසට තියෙයි...." "මං පොලියම කී දාහක් ගෙවල ඇද්ද මුදලාලි....පොඩ්ඩක් ඒ ගැනවත් හිතන්න...." "පොලියෙන් දැන් වැඩක් නෑ බං, උඹ ට ගේ බේරගන්න තිබිච්ච කාලසීමාව ඉවරයි....." කෙසේ හෝ මෙම ඉඩමත් නිවසත් අයිති කර ගැනීමේ තණ්.හාවෙන් පෙළුණු මුදලාලි පැවසුවේය. ඔහුට ලොක්කිට පාඩමක් ඉගැන්වීමට ද දැඩි ලෙස අවැසිව තිබිණ. ලොක්කි සුසුමක් හෙළුවාය. "හොඳයි මුදලාලි දැන් මොකක්ද කියන්නේ...?" "තව සතියක් ඇතුළත උඹ සල්ලි ගෙවලා ඉවර කරන්න ඕනේ... එහෙම නැත්නම් බඩු ටිකත් අරගෙන එළියට බැහැ.පං..." ලොක්කිට හීල්ලිණ. ඇගේ දෙනෙතට කඳුළක් මෝදු විය. අසරණ වූවන් උඩ පැන පැන තලන සමාජයක ලොක්කිත් ගොදුරක් වී සිටියාය. එදා වේල කන්නට පමණක් සෑහෙන පඩියෙන් සතියක් ඇතුළත ණය ගෙවන්නේ කෙලෙසකදැයි ඈ කල්පනා කළාය. "කෙල්ලෙ, මේ අහපන්... මට තේරෙනවා උඹේ දුක... අපි මේක ගොඩින් බේරගමු..." හුස්ම ඇඟේ වදින තරමට ලොක්කිට ලංවූ මුදලාලි කීවේය. "උඹ සල්ලි ගෙවන්න ඕනෙ නෑ මං උඹට ආපහු ඔප්පුව ගෙනැත් දෙන්නම්.... උඹ ට මං මනාපයි නෙව...." මුදලාලි ලොක්කිගේ අතකින් අල්ලා තමා වෙතට ඇද ගත්තේය. ශෝකය කෝපයක් බවට හැරවුන ලොක්කි, අත දිගහැර වේගවත් කම්මුල් පහරක් මුදලාලිට එල්ල කළාය. සිද්ධිය දුටු රත්නෙ එතැනට දිව ආවේය. "මගෙ බල්ලටවත් එපා මුදලාලි.. ගේ නැතිවෙලා පාරෙ නිදාගන්නවා නම්බුයි... මුදලාලිලා හිතන් ඉන්නේ අපි සෙල්ලම් බඩු කියලද...?" ඇය කෝපයෙන් දැවෙමින් කෑ ගැසුවාය. අනපේක්ෂිත කම්මුල් පහරින් කලබල වූ මුදලාලි කම්මුල අල්ලාගෙන දවා හළු කරන බැල්මක් ලොක්කිට එල්ල කළේය. "උඹ කාටද ය.කෝ අත ඉස්සුවේ...? උඹ දැනග.නින් මං කවුද කියලා.." නැවත ලොක්කිට ගහන්න පැන්න මුදලාලිව රත්නෙ තරයේ අල්ලා ගත්තේය. "මුදලාලි... මුදලාලි... ඔන්න ඕක අල්ලලා දාන්න.. ඕක නවත්තන්න දැන්..." "උඹ හෙටම බහින්න ඕනේ මේ ගෙදරින් එළියට.. උඹ හිතාගනින්.. උඹ නයාට ගහ.ලා පොල්ල වරද්ද ගත්තා කියලා...." මුදලාලි ගිගුරුවේය. නෑ කමක්, දරුවෙක් නාඳුනන නරු.ම හිව.ලුන් බලන්නේ කොහෙන් හෝ ගො.දුරක් ඩැහැ ගැනීමටය. එය අසරණියකගෙන් පිරිමසා ගැනී
මට තැතනීම ලජ්ජා සහගත වුවත්, ඒ නොදියුණු සමාජයේ හැටිය. ඉතින් එයට යටවී අඳුරු වී යන ලොක්කිලාගේ ජීවිත තව කොතරම් ඇතිද..? "හැමදාම මේ මිනිස්සුන්ට තැලිලා පොඩිවෙලා තවත් ඉවසන්න පුළුවන්ද නැද්දේ...?" ලොක්කි කඳුළු සඟවා නොගෙනම කමලාගෙන් ඇසුවාය. "උඹ ගහ.පු එක නම් යසයි ඕකට.... මීට පස්සේ ගෑණියෙකුට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතයි.." "ඒ වුනාට මුදලාලිය නයා වගේ මිනිහා.. කොයි වෙලාවක හරි පලි.ගන්න බැරි නෑ.." "දැන් උඹ මොකද කරන්නේ දුවේ...?" "මොනව කරන්නද නැන්දෙ... හෙට වෙද්දි ගෙදර හිස් නොකරොත් අරූ ඇවිත් මගෙ බඩු ටික එළියට ඇදලා දාලා ගිනිතියයි." "උඹ බඩු ටික මෙහාට ඇදගනින්.. උඹට හැමදාම උඇනත් මෙහෙ ඉන්න බැරුවයැ.." "කවදා වෙනකන් කියලා ඉන්නද මාමෙ..? හැමදාම උඹලට කරදර කරන්න බෑනේ මෙහේ ඉඳන්.." "උඹ මෙහේ හිටියා කියලා අපිට කරදරයක් නෑ.." "ඒ උනාට තව ටික දොහක් ගියහම ලොකු මල්ලි නංගිව කැන්දාන එයි.. එතකොට මාත් මෙහේ ඉන්න එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනෙ නැන්දෙ... ඒ ළමයා උනත් මොනවා හිතයිද...?" "අනික.. නැන්දල මං වෙනුවෙන් මෙච්චර කල් කොරාපු හරිය මදිද..?" "මං ටික දොහක් මෙහේ ඉන්නම්... උඹලට කරදරයක් නැත්නම් විතරක්, මං ආං අර කෙලවරෙන් පැල් කොටයක් අටවගන්නද...?" "හැමදාම එහෙම ඉන්න පුළුවනෑ දුවේ.." "බැරි වෙච්ච දාක ඔය ආරන්ණෙකටවත් යනවා නැද්දේ..." "උඹලට ජාති ජාතිත් පින් නැන්දෙ මට මේ කොරන උදව් වලට..." ලොක්කි දෑස් පිසිමින් නැගී සිටියාය. ------------------------------------------------------------ නැවතත් කාලය වේගයෙන් ඉගිලී ගියේය. සිදාදියට ගිය නංගිගෙන් හෝ මල්ලිගෙන් කිසිදු ආරංචියක් නොලැබී කලක් ගෙවී ගොසිණි. කුඩා සොහොයුරන් සමග තමා අතරමං කර පළාගිය මවගෙන්ද කිසිදු ආරංචියක් නොමැත. මුදලාලි සින්න කරගත් නිවස පාළුවට ගොස් ඔහේ වසා දමා තිබේ. ලොක්කි තනි වූ කිරිල්ලියක් ලෙස ජීවත් වූවාය. තමාව අත්හැර දැමූ සොයුරන් දෙදෙනා ට දොස් නැඟීමට ඈ කිසිවෙකුට ඉඩ නොතැබුවාය. "උන් දෙන්න උන් දෙන්නගෙ ලෝක හොයාගෙන ගියා.. මං මට පුළුවන් විදියට උන්ට ඉගැන්නුවා.. උන් දෙන කොහේ හරි හොඳින් ඇති... ඒකම මදෑ මට සතුටු වෙන්න මට නොසැලකුවා කියල මගේ හිතේ අබමල් රේණුවකවත් කහටක් නෑ...." ඈ අසන සියල්ලන්ටම එසේ පැවසුවාය. --------------------------------------------------------------- සුදු පැහැ නවීන මෝටර් රථයක්, ලා අඳුර අතරින් මිදුලෙහි නතර කර තිබෙන දුටු ලොක්කි පය ඉක්මන් කළාය. කමල නැන්දලාගේ ඉස්තෝප්පුවේ රත්නෙ මාමත් කමල නැද්දත් සමග කතාබහ කරමින් වාඩිවී සිටින යුවලක් ඇගේ නෙත ගැටුණි. රත්නෙ මාමලාගේ හිතවතෙකු වෙන්නට ඇතැයි සිතූ ලොක්කි ඉස්තෝපුවට ගොඩ වූවාය. ඇගේ හදවත මොහොතකට නතර විය. මතුවට 🩷 ආවෙ කවුරු වෙන්න පුළුවන් ද..? අවසානය කොහොම වෙයිද....? එහෙනම් ගෙස් කරමුද බලන්න....? 🤗 මාත් එක්ක රැඳිලා ඉන්න ආදරණීය ඔයාලගෙ අදහස් හරිම වටිනවා. ඒවා තමයි ආයෙමත් ලියන්න ලැබෙන මෝටිවේෂන් එක. ඒ වගේම ආදරණීය අඩයාලමටත්, ඇඩ්මින් මඩුල්ලටත් ස්තුතියි නෙවෙයි ආදරෙයි ❤️ ඒ වචනෙ හරි ලස්සනයි. හෙට රෑට අවසාන කොටසත් අරන් මං එනවා. ❤️ ✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර කතෘ අයිතිය සුරකින්න ස්තුතියි 🩷දුංහිඳ හීන - (දහය ) මයෙ දෑහ මටම අදහගන්ට බැරුව ගියා. දවස් ගානකින් මයෙ මූණෙ හිනාවක් ඇඳුනේ මා ඉස්සරහ හිනාවෙවී බලා උන්න සුදු රූපෙ දැක්කහම....අතේ තිවුන ගුරු පාට මල්ල මා දිහාට පෑව සුදු මහත්තය පුරුදු හිනාවෙන්ම මා දිහා බැලුවා. "ජිනාදරී... මම ක..ළ..ම්..බෝ.. ඉඳල,එන ගමන්. මොනාද මේ ...? " "මේ...මේ..බිංහතු ඩිංගක් කඩාගන්ට කියල . සුදු ම..හ..ත්..ත..ය... මේ මොනා...? මට ...? " "ඔව් ඔයාට තමයි ... ගෙදර ගිහින් බලන්න .." සුදු මහත්තය එහෙම කියල ආපහු ගොහින් ජිප් එකට නැග්ගා. මට ඒ පස්සෙන් වාහනේ ගාවට දිවුනේ ඉබේටම වාගෙ. වටේ පිටේ අපි දිහාව බලං ඉන්නෙ මොකා කියලවත් මට සිහිපරාද නැතුං ගියා...සුදු මහත්තය ජිප් එකේ වීදුරු කෑල්ල තල්ලු කරල මට කතා කරා. "ජිනා මං හෙට බංගලාවෙ ඉන්නෙ තනියම . හීං අප්පු කොළඹ නතර වුනා රාමනායක අංකල් එක්ක. මට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ හීං අප්පු එනකල් ..." මට මොකුත් කියාගන්ට බැරිවුනා. අනේ මං උයන පිහින ඒව සුදු මහත්තයට දෙන්ට පුළුවනෑ.. ",ම්...මේකෙන් ඕනකරන දේවල් අරගන්න. මට මිරිස් ගොඩක් දාන්නෙ නැතුව කරි එකක් එක්ක හරි කමක් නෑ ජිනා . ඕ..කේ ... ! " මයෙ හිත කියන්නා වගේ මහත්තය එහෙම කියල අතේ නෝට්ටු කොළයක් තිබ්බේ මං එපා කියද්දීම.. ඒ ඇත්තො නෝට්ටු කොළේ මයෙ අතේ තියල ඇඟිලි ටිකෙන් උණ්ඩි කරව්වේ මං ආයිත් වතාවක් එපා කියයි කියල වෙන්ට ඇති . කලබලෙන් වාගෙ එහෙමම යන්ට ගියාම මයෙ හිත මහ අමුතු නොසංසුන්කමකින් පෙරළි කරන්ට උනා. නෝට්ටු කොළේ මං දිගෑරල බැලුවම සීවරං දෙයියනේ රුපියල් පහක්...? මහ රැජිණ ඔටුනු පළන්දාන ඉන්න අපූරුව... මයෙ ඇස් ගෙඩි දෙක මොරගෙඩි වාගෙ උනේ නැතෑ. ජීවිතේට මෙච්චර කොළයක් අතින් අල්ලල නෑ මං ... එක වංගියක් හඳුනයිය කොළඹ රටේ සුද්දෙක් ගාව රියදුරුකමට යනව කිය කියා උන්නේ මාසෙකට රුපියල් තුනක කුළියකට. ඉන් එහාට කෑම බීම ඉඳුම් හිටුම් සේරම නිකං දෙනව කියලනෙ පාරම්බෑවෙ.? එහෙම බලාපුවාම සුළුපටු සල්ලියක්යැ සුදු මහත්තය එක කෑම වේළකට මයෙ අතේ තිව්වේ..? ඒකත් එකටම සුදු මහත්තය අපේ අඟහිඟකම් දන්න හින්ද ඒ පිටින් දාල මයෙ අතට ඔය සල්ලි කොළේ දෙන්ට ඇති . සුදු මහත්තය කොයිතරම් කරුණාවන්ත ද කියල මට හිතුන.මයෙ හිතේ සන්තෝසෙ දෙගොඩ තලා යන වතුර කඳක් වගේ. වෙල් ඉපනැල්ලෙන් ගුරු පාරට ඇවිල්ල මං දුවං ගියේ පහළ මංඩියේ සිල්ලර බඩු කඩේට . ඒත් මං නෝට්ටු කොළේ පාන්ට ගියෙ නෑ. එච්චර සල්ලියක් කඩේ උන්ට හිතාගන්ටත් බැරිවෙයි.ඊගාවට කටකැඩිච්චි කතා අහන්ට වෙන්නෙත් මට. මං ඉණ ගැටේ තිවුන කාසි ටික අල්ලට අරන් බැලුවේ මදි පාඩු උනොත් ඔය මං ගේන කෙහෙල් කැණකින් ,පළා මිටි වලින් හිළව් කරගන්ට කියනව කියල හිතාගෙන . කට්ටා කරෝල කෑල්ලකුයි ගම්මිරිස් ඇට ටිකකුයි තුනපහයි ඇන්න මං දෙනිය මැද්දෙන් ගෙදර දිව්වේ කිරිල්ලියක් වාගෙ හෑල්ලුවකින්. වඩු කුරුළු කූඩු මහ ගොඩක් මී ගස් පාමුලට වෙන්ට බැඳලා.....එකත් එකටම වරුසාව තුනී වෙලාම යයි හෙට අනිද්ද වෙද්දි ඊළඟට ගස් වල මල් පීදිල එනකොට යායම අපූරුවට හැඩවැඩ වෙයි. අප්පුච්ච දිය නාල ආවම මං දුං දාන රණවරා කෝප්පයක් බොන්ට දුන්නා. පොල්, හාල් ඩිංගක් බැදල ඉඳලෝළු හතු වැංජනේ උයද්දි අප්පුච්ච කිව්වේ අම්මව මතක් වෙනව කියල . මා එක්ක දැන් වැඩි කතා බහක් නැතත් අප්පුච්චා ඉන්නෙ මා ගැන හොඳ හෝදිසියෙන් විත්තිය මං දන්නවා. මේ සල්ලි කොළේ දැක්කනං හෙම මං කම්මුතුයි. පපුව අස්සෙ උංඩි කරන් උන්නු කොළේ මං හීං සීරුවෙ මයෙ රෙදි පෙට්ටිය අස්සෙ ගැන්නුවේ අප්පුච්ච කීයටවත් මයෙ රෙදි පෙට්ටිය අවුස්සන්නෙ නැති හින්ද . සැවැන්දරා සුවඳින් මුළු පළාතම සුවඳ වෙද්දී මං විගහට රෙදි පෙට්ටිය වහල ඇඳ අස්සෙන් තිබ්බා. මයෙ අම්ම ,රාමනායක බංගලාවෙ අත් උදව් දෙන්ට යන කාලෙ අනන්තවත් කියනව මට ඇහිල තියෙනව බංගලාවෙ ඇත්තො..ඔය සුදු මහත්තය හෙම පැහිපෙති ,හෙරළි වලට ඒ හැටි මනාප නෑ කියල .මිරිස් සැරට කන්ට මනාපයක් නෑ නෙව අපි වාගෙ. මෙහෙ වෙල් මාළු කූරියෙක් වත් ගන්ට කියල තැනක් තියේ යැ. හෙට කොයි එකටත් ඉතුරු හතු ඩිංග දාල සුප් ඩිංගක් හදනවා. මං සුදු මහත්තය දුන්නු මල්ලෙ තියෙන එව්ව ඇදල බැලුවෙ අප්පුච්චට ඩිංගක් නින්ද ගියයින් පස්සේ. අප්පොච්චියේ... ? ලස්සන ගවුම් රෙද්දක්. ඒක ඇල්ලුවම ලිස්සල යනව වාගෙ සිලික් එකක්.ඒක ඇඟට තියාගත්තම පුදුම සනීපයක්. ඇඟම හීතල වෙලා යනව වාගෙ. මේක මං කොහෙට්ට අඳින්ට කියලා.? ඇන්දොත් මනමාලියක් වාගෙ ඉඳියි මම .. දම්පාට ලස්සන මල් වැටිච්චි එකක්. සුදු මහත්තය කොහොම මෙච්චර ලස්සන එකක් තේරුවද මන්දා...? ලොකු පුයර ටින් එකකුත් ..? ආයි.. ලොකු ටින් එකක දිළිසෙන කොල වලින් ඔතාපු දුඹුරු පාට බෝල වගයක්. ඒව මැද්දෙ කජු මද හැපෙනව. මේ ජාතියෙ එව්වනං මට වතාවක් දෙකක් ඉස්සර චින්ත බේබි දීල තියෙනව. ආයි සබන් කැටයක් වාගෙ කුට්ටියක් ... මං ඩිංගිත්තක් දිව ගාල බැලුවෙ සබන් වත්ද කියල . ඒක ලුණු රහයි කිරි රහයි.. මහ අමුතු රහක්. මෙව්ව අප්පුච්චට කොහොම දෙන්නෙ... ? චින්ත බේබි දුන්න කියනවා. මුළු ගේම හරි පුසුඹයි...ඒත් මට මේ මොකුත් නැතුවට කාරි නෑ.. මයෙ හිතේ තියෙන හීනෙ සුදු මහත්තයා විතරයි . ඒ ඇත්තො මයෙ ජීවිතෙන් ඈත් කරන්න එපා දෙයියනේ ... මං පහන් පැළ දිහාට හැරිල පැතුවෙම ඒක . පහුන්දා අප්පුච්චට පාතරාසෙ බෙදල තියල සුදු මහත්තයට උයාපු කෑම ඩිංග පන් පෙට්ටි අස්සට ගංකොළ අතුරල රස්නෙංම බෙදා ගත්තා .අඩුවට සුප් ඩිංගකුත් හදාගත්තා. අප්පුච්චට කිව්වේ චින්ත බේබි කොළඹ යන්ට කලියෙන් විගහට කෑම ටික ගිහින් දෙන්ට ඕන කියල. මට හිත් දෙන්නෑ අප්පුච්චට බොරු කරන්ට. ඒත් මයෙ හිත කියන්නේම සුදු මහත්තයා මට බොරුවක් කරන්නෙ නැති වෙයි කියලා. සුදු මහත්තයා අද හවහට නාරංගල වත්තට යාවි. ඒ ගියාම සති ගානක් මට මහත්තයව දකින්ට වෙන්නෙ නෑ. හඳුනයිය මයියංගනේ ගිහින් දවස් ගණන් ගත වුනත් මට එහෙම සාංකාවක් හිතෙන් නැති හැටි ... ? මං ඇහැකි තරං කිට්ටු පාරවල් වලින් තමා බංගලාව දිහාට ගෑටුවේ. කුරුළු කූජනේ බූටෑව දිහයින් ඇහෙනවා තොර තෝංචියක් නැතුව. මං ඉතින් උන් එක්ක මයෙ හිතේ හිරවෙලා තියෙන ආලවංත කතා කිය කිය ආවේ උන්ට කියලවත් මයෙ හිත හෑල්ලු කරගන්ට හිතාගෙන. බංගලාව කිට්ටු වෙද්දි මයෙ පපුව වේගෙන් ගැහෙන්නා වගේ ...කෝළකමක් විනා බයක් හැකක් මයෙ හිත අහළකටවත් නාවෙ සුදු මහත්තයට මයෙ පණකෙන්දටත් වැඩිය සෙනේවන්ත හින්ද වෙන්ටැති. බංගලාවෙ ගේට්ටුව අරින්ටත් කළියෙන් ඉස්සරහ දොර ඇරල මහත්තය මාව ගෙයි අස්සට ගත්තා. "පව්... ජිනාට කරදරේ.. මට පස්සෙ හිතුන එහෙම කිව්වෙ අපරාදෙ කියල " මහත්තය හිංගල කතා කරන්නෙ අමුතු තාලෙකට උනාට එහෙම කතා කරද්දි අහං ඉන්ට ආසයි. පාරෙ යන කවුරුවත් දකී කියල මාත් විජහට ඇතුලට රිංගුවා..හඳුනයිය උනත් මයියංගනේ ඉඳන් එනවනං මේ වෙද්දී බස් එකෙන් බහින වෙලාව..බැරිවෙලාවත් දැක්කොත් ... ? හෙනං මං කම්මුතුයි
. බිත්ති පුරාම තියෙන්නේ සුදු මහත්තය අරගත්තු පොටෝ...අම්මේ..ඒවයෙ ලස්සන? "කැලේ පුරා ගොසින් නෙලා ඉද්ද ගෙනාවේ විලේ දණක් දියේ තෙමී ඕලු ගෙනාවේ ඕලු මලුයි ඉද්ද මලුයි එකට ගොතාලා සුදෝ ඔබේ ගෙලේ බඳිමි සුවඳ එ..මාලා ආදර නදියේ... පීනමු පිරියේ එනු සුදු සොඳුරී ...වන්..මගෙ මිහිරී " මහත්තයා දාගෙන හිටපු ඉංගිරීසි සිංදුව නවත්තල හිංගල සිංදුවක් දැම්මා. රොටියක් වාගේ එකක් කරකැවෙද්දි තමා සිංදු යන්නේ. ඒක නොවැ අරුමේ..? මං වෑර්ලස් එකේ හතර වටේ කැරකිල බැලුවේ මේකෙ සද්ද එන්නෙ මොන විස්ව කර්මෙකින්ද කියල . සුදු මහත්තයා කාමරේට ගිහින් රතු පාට හීං පෙට්ටියකින් මොකක්දෝ අරගෙන මං දිහාට ආවා. ඒක අත පිටිපස්සට කරන් හංගාන තමයි ආවෙ. "කෝ ඇස්දෙක පියාගන්න.." මහත්තයා මයෙ අතක් හෙමින් අරගෙන හිමිහිට වළළු වගයක් දානව මට දැනුනා. ටකස්.. ටකස්...ටං ගාල ලතාවකට ඇහුන වළළු එකටෙක ගැටෙන සද්දෙත් හරියට මයෙ හිත වගේ.සතුට වැඩිකමට මයෙ හිතත් ඒ තාලෙට රඟන්නහේ මට දැනෙනව. මං හෙමින් ඇස්ඇරල බැලුවම හැබෑවටම රත්තරන් පාටින් දිළිහෙන වළළු ජෝඩුවක්. ? මයෙ දෑත මේ වළළු කියල උපන්තේකට අතට දැම්මමයි ඔය... ආසාව තිවුනට වීදුරු වළල්ලක්වත් මයෙ දෑතට දාල නෑ කවදාවත් . ම‍ං සුදු මහත්තය දිහා බැලුවෙ පුදුමෙන් වාගෙ. මහත්තයා මයෙ කිට්ටුවටම ඇවිත් මගෙ නළලට හාද්දක් දුන්නා. එවෙලෙනම් මයෙ ඇඟ හිරිවැටිල ගියා. මොනා වුනත් එයයි මායි හරියට අහසයි පොළොවයි වගේනෙ කියලා..? ",මහත්තයා ...මේ හැටි තෑගිබෝග මට...? " මහත්තය හිනාවුනා විතරයි . මාව එයා ළඟට ළංකරගත්තම මම එහෙමම දෑහ පියාගත්තා . ඒත් එක හැටියෙන්ම මට මයෙ අප්පුච්ච මතක් වුනා .මං සුදු මහත්තයගෙ උණුහුමෙන් මිදුනෙ හිතකින් නෙවෙයි . "ටිකක් ඉන්න ජිනා ..." "අප්පුව්චා සෝලි තියයි සුදු මහත්තයා ." "එහෙනම් ඔයා යන්න ජිනා .හවසට මම වත්තට යනවා. පරිස්සමෙන් ඉන්න " මං මහත්තයගෙ කෑම ටික දීල අතුහේන හරහා විගහින් ගෙදර දුවං ගියේ... නැත්තන් අප්පුච්චට මොනා කියන්ට කියල හිත හිතා.. මයෙ හිත කවදාවත් නැතුව අමුතු සන්තෝසෙකින් පිරිලා. ගහ කොළ අස්සෙන් එන හුළං අතේ පවා මහ වෙනසක් මට දැනෙනවා .මයෙ ඇඟේ තාමත් ඒ ඇත්තගෙ සුවඳ දැවටිල තියෙන්න වගේ. ගෙජ්ජි හඬක් ඈතින් ඇහෙනවා. තවලං සද්දෙත් එක්කල මට හිතුනෙම හඳුනයියත් මග එනව ඇති කියල. මොක වුනත් දැන් නම් මැරුවත් මයෙ හිත කාටවත් බැඳෙන් නෑ..නෑ නෑ...මයි. වළළු ජෝඩුවෙන් මයෙ ඇ‍ඟම දිස්නෙ දෙන්නා වගේ.. මේව නං නැතුවට මොකෝ.. මයෙ රංකඳ හිටියොත් මදෑ.. * * * "උඹ කොහෙ ගියේ .. මේ හැටි වෙලා ? " "අප්පුච්ච කෑවා..?මං මේ වෙල දිහාටත් ගියා මුකුණුවැන්න,ගොටුකොළ ඩිංගක් කඩා ගන්ට කියල .කොහෙ.. ගොන්නු උලා කාලා." මං හන්දියෙන් සත දෙහෙක ගෙනාපු සුරුට්ටු මිටිය අප්පුච්චට දුන්නම උන්දැගෙ මූණෙ හීං හිනාවක් ඈදුනා. අප්පුච්චට දැන් වාරු නැති ගානයි. උන්දැගෙ අත් එහෙමත් වෙව්ලනවා. සරීරෙට අගුණ දේවල් තමයි . ඒත් ඒ වග දැන දැනම මං ඉතින් අතේ කාසි තිවුනොත් සුරුට්ටු, බුලත් පුවක් ඩිංගක් ගෙනත් දෙන්නේ උන්දැගෙ ඇ‍ඟට පත්තියං වෙලා තියෙන්නෙත් එව්ව නිසා . "උඹ අර පර සුද්දන්නෙ කුලිප්පාරං කරන්ට හෙම යන්නෑනේ..? මං උඹලයෙ අම්මටත් ඒ කාලෙ කිව්වා. කෝ..ඒකි ඇහුවෙත් නෑ නෙව. ඔය රාමනායකයා අපි නොදන්න එකෙක් යැ. ගමේ නැති බැරි උන්නෙ කුඹුරු , වතුපිටි තුට්ටුවට දෙකට උකසට ගත්තා. සුද්දියෙක් කසාද බැඳගත්තා. ඔය ඇලෙක්ස් කියන්නේ ඒ සුද්දිගෙ පරම්පරාවෙ එකෙක්. උං කෝපි වගා කරේ මුලින් .ඉන් පස්සෙ මෙහෙ තේ වතුවල බින්න බැස්සා. නාරංගල වත්තත් ඒ කාලෙ හිංගල මුහන්දිරම් කෙනෙකුට තමයි හිමිකං තිබුනේ. ඒ ඉඩං අක්කර ගානක් කොහොමෙන් හරි සුද්දො තේ වගා කරන්ට පවරගත්තා. අපේ හිංගලය උන්ට දැසිදස්සකං කරා.. " අප්පුච්චා කියාගෙන ගියා. උන්දැට මොකක් හරි ඉව වැටිලද? අප්පුච්චට සුද්දො කියන්නේ නයාට අඳුකොළ ගානයි. අප්පුච්චා තිස්සෙම කියන්නේ හිංගලයට දුන්නු වද හිංසා ඒ කාලෙ උන්දැල දෑහින්ම දැක්ක කියලයි. "ජිනාදරී... " මයෙ අම්මෝ.. හඳුනයිය අඩියට දෙකට කඩුල්ල පැනල ආවේ හරියට යකෙක් වාගෙ.. මූණත් එක්ක කළු ගැහිලා. ගෙනාපු මල්ල පිල උඩට විසික් කරපු වේගෙට ඒක අස්සෙ තිවුන දුංකොළ , පොල් ගෙඩි , අඩුම කුඩුම ටික සේරම ඉහිරිල ගියා. "උඹ මට මනාප නැතුවට කාරි නෑ.. ඒත් මොනාට අර සුද්ද ඉන්න අහ රිංගන්ඩ ගියේ? මාමණ්ඩි මීට වඩා ඇහැ ගහගෙන ඉන්ඩ වෙයි මෙහෙම ගියොත්. මයෙ දැහැටම දැක්ක නෙව රාමනායක බංගලාවෙන් එළියට බහිනවා..." අප්පුච්චට ලණු ඇඳෙන් නැගිටුනේ ඉබේටම. මං ඉවරයි අද. හෙනං හඳුනයිය මාව දැකලා. නැත්තන් මොකා හරි ගිණි දීලා. "තෝ හෙනං මට මුසා ඇදබාල හැමදාම රිංගන්නෙ ඔය සුද්ද ළඟට...? මං අද ඉතුරු කරන් නෑ. වේ...#වි.... " කේන්තියට කතා කරගන්ට වචන ආවෙත් නෑ අප්පුච්චට . අතට අහුවිච්චි උදළු මිටක් ඇන්න මා ළඟට පැන්නට හඳුනයිය මැද්දට පැනල මාව බේරගත්ත. අප්පුච්චා මෙච්චර කේන්ති අරන් ඉන්නව මං මේ දැක්කමයි . අහවල් එහෙකට ඔයහැටි කේන්ති ගන්නෙ? "මින් මත්තෙ උඹ පැලෙන් අහකට පයක් තියල තිබ්බොත් බලාගෙනයි . මං ආයිත් හුණු කොටුවෙ මුර වැඩකට යනවා. මයෙ මේ දෑහ හරියට පේන්නෙ නැතුවා මිසක් හඳුනා පුතේ . නැත්තන් මං මේකිව යවන්නෑ ඔය කුළිප්පාරම් කොරන්ඩ ... " "නෑ ...නෑ... මාමණ්ඩිට දැන් ඔට්ටු වෙන්ඩ බෑ ඉස්සර වාගෙ... අනික මාමණ්ඩි ගෙන් පිට ගිහින්...ඒත් නඟා තනිපංගලමෙනේ...? මට ඇහැක් විදිහට මං උඹලට කන්ඩ අඳින්ඩ දෙන්නං... මට උඹලව වැඩි නෑ..." මං ඇඳට වැටිල එහෙමම උන්නා. දෙන්නටම ඕන මාව මේ කූඩු කෑල්ලෙ හිර කරන්ට. අර බකමූණු රාළ වගේ බුකුවගෙන ඔහෙ බලා ඉන්ට...මං වගේ පව්කාරියක්.. සුදු මහත්තය ඉන්න අහකට මාව කැන්දගෙන ගියානං... ? සුදු මහත්තය ඔය අනිත් මහත්තුරු වගේ බොරු කාරයෙක් නෙවෙයි...ය. නිවිච්ච ගති පැවතුම් තියෙන දාහකින් හොයාගන්ට බැරි උත්තමයෙකුට නෙව මෙච්චර කල් පලිච්චි කතා කිව්වෙ කියල අප්පුච්චටම ඒත්තු යයි නෙව. හෝරාවක් විතර අප්පුච්චයි හඳුනයියයි කටු කුටු ගගා උන්නා. මට හිතුනේම මෙදා සැරේ සුදු මහත්තයා නාරංගල වත්තෙන් ආපු දාක මයෙ හිතේ තීන දුක කියා දාන්ට කියලා. ඔව්.. මං තීරණයක් ගන්නවා...දාසකං කරන්ට හරි සුදු මහත්තය කියන තැනකට යනවා. මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි)Ursidae පවුල ලෝකයේ විශාලම ගොඩබිම් විලොපිකයා නියෝජනය කරන පවුල කියලා හැදින්වුවත් වැරදි නෑ.අද වෙන කොට ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව ,ඇන්ටාක්ටිකාව හැරුනම අනෙක් සෑම මහද්විපයකම මේ Ursidae පවුලේ සමාජිකයෝ ජිවත් වෙනවා. ලංකාවේ Ursidae පවුලේ එකම සාමාජිකයා මන්ද වලහා .මන්ද වලහා ඉන්දියාව , නේපාලය , ලංකාව භූතානය වගේ රටවල් 4ක් විතරක් ව්‍යාප්තියක් පෙන්වන ශිශිරතණය නොකරන වලස් විශේශයක් වෙනවා..මන්ද වලස්සු ප්‍රමාණයෙන් ආසියාතික කලු වලසාට වඩා ප්‍රමාණයෙක් තරමක් කුඩා සත්වයෙක්.පිරිමි සත්තු ගෑනු සත්තුන්ට වඩා ප්‍රමාණයෙන් 30% වගේ විශාලත්වක් පෙන්වන සතෙක්. මෙයාලගේ හිසේ ඉදන් ශරිරය 1.16 - 1.57m ,උස 0.7 m බර 70Kg - 100Kg වෙන අළු මුඛයක් ,තෙත නාසයක් ,පපුවේ අඩසදක් සලකුණක් ,7cm දිග නිය , කළු ලෝම වලින් ආවරණය වුන දිවා කාලයෙත් රාත්‍රි කාලයෙක් දෙකෙම ක්‍රියාකාරි සත්වයෙක් ( cathameral ) මන්ද වලහගේ උප විශේෂ 2ක් මේ වෙනකොට දකින්න පුලුවන් ඉන්දියාව නේපාලය භූතනය - Melursus ursinus ursinus ලංකාව - Meluesus ursinus inornatus මන්ද වලහා ලංකාවේ වියලි කලාපයේ ලදු කැලැ තැනි බිම් වලට විතරක් සීමා වුන සතෙක් වුනත් ඓතිහාසිකව ලංකාවේ පතතරට වියලි කලාපය පුරාම ජිවත් වුන සතෙක්.කොහොම වුනත් මන්ද වලහා කදුකරය හා තෙත් කලාපය ආශ්‍රිතව ජිවත් වුන සතෙක් කියන්න තහවුරු කරපු වාර්තා ඇත්තෙම නැති තරම්. මන්ද වලස්සු කියන්නේ අවුරුද්ද පුරාම බෝවෙන සතෙක් වගේම සංසර්ගයේදි තරමක් ඝෝශාකාරි සත්වයෙක් .මෙයාලගේ සංසර්ගය සදහා පිරිමි සත්තුන්ගේ තරගයෙදි ප්‍රමාණයෙන් විශාල සත්වයෙක්ට තියන වාසිය තරමක් වැඩි. ගැහැනු සත්වයන්ගේ ආර්ථව චක්‍රය දින 2ක් හෝ කලාතුරකින් ඊට වැඩි වෙන අවස්තා තියනවා .මාස 4 - 7 ක් ගැබ් කාලයකින් පස්සේ ගැහැනු සත්වයා පැටව් 1හෝ 2 බිහිකරනවා .මෙයාලගේ තියන විශේෂම දෙයක් තමා පැටව් කර මත තියාගෙන සංචරණය කරන එකම වලස් විශේෂය මෙයාලා වෙන එක. පැටව් සාමාන්‍යෙන් අවුරුදු 1.5 හෝ 2.5 අතර කලයක් මව් සතා සමග ඉන්න පැටව් ඊට පස්සේ ස්වාධීන ජිවිතයකට හුරු වෙනවා. මන්ද වලස්සු අනෙක් මාංශ භක්ශකයෝ වගේම solitary සතෙක් මෙයාලගේ ගැහැනු සත්තුන්ට 2.2 sq Km පිරිමි සත්තුන්ට 3.8 sq Km හෝම් රේන්ජ් එකක් ආසන්නව තිබුනත් ආහාර සුලබතාවය එක්ක මේක වෙනස් වෙන්න පුලුවන් .මන්ද වලස්සු සර්වභක්ශකයෝ මෙයාලා වේයන් හෝ කුහුබුවන් හෝ මලකුනු ආහාරයට ගන්නකොට මෙයාලගේ නාස්පුඩු පටලයකින් වහන්න පුලුවන් . ,මන්ද වලස්සු කැලැවේ ඉන්න දාමරිකයෝ කිව්වොත් වැරදි නෑ .1990 - 2004 කාලයේ විතරක් වලස් ප්‍රහාර 162 විතර වාර්තා වීමක් වෙනවා 1990- 1994 - 27 1995- 1999 -44 2000- 2004- 91 මේ ප්‍රහාර වලින් කීපයක් හැර අනෙක් සියල්ලම පිරිමින් එල්ල කරමින් සිද්ද වුන ප්‍රහාර .ගොඩක් වෙලාවට දඩයම් කරන්න ,මී පැණි ,හේන් කෘෂිකාර්මික වැඩ වලට පිරිමින් විතරක් දායකත්වය දෙන එක හේතුවක් වෙන්න පුලුවන් . වලස් ප්‍රහාර වලින් වැඩි ප්‍රමාණයක් සිද්ද වෙන්නේ අනපේක්ෂිත හමුවීම් වලදි ගොඩක් වෙලාවට 10m අඩු හමු වීම් වලදි.මේ ප්‍රහාර වලිනුත් 78% විතර උදේ 9ත් හවස 4ත් අතර වුන සිද්දි වෙන අතරේ 17%ක් සන්ද්‍යා කාලයෙත් 5%ක් රාත්‍රි කාලයෙක් වුන සිදුවීම්. ආසන්නව 500ක් වගේ පිරිසක් ඉතුරු වෙලා ඉන්න මේ අප්‍රසිද්ධ දාමරිකයට තියෙන්නේ මාර්ග අනතුරු , වස කැවීම් ,වෙඩි තැබිම් එක්ක දූපතෙන් අතුරුදහන් වෙන අනාගතයක් වෙන්නත් පුලුවන් .වර්ෂ 1810 තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාර මන්දිරය ගල්කිස්ස වෙරළතීරය ‘හිරු නොබසින අධිරාජ්‍යය’ හෙවත් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ සිලෝන්හි මුහුදුබඩ පෙදෙස් වෙනුවෙන් තුන්වන ජෝර්ජ් මහාරාජෝත්තමයාණන් විසින් පත්කර සිටි ආණ්ඩුකාර තෝමස් මේට්
ලන්ඩ්ගේ නිල්පැහැගත් දෑස් යොමුවූයේ ස්වකීය දාරුමය ලියන මේසය මත වූ කුඩා ප්‍රමාණයේ යුනියන් ජැක් ධජය අසළ වූ ඒ කඩදාසිය වෙතටය. මුහුද අද්දර කුඩා ප්‍රමාණයේ කඳුගැටයක් මස්තකයේ ගොඩනංවා තිබූ ඔහුගේ ශ්වේතවර්ණ මහා මන්දිරයේ මුහුද දෙසට මුහුණලා තිබූ සුවිසල් කාර්‍යාල කාමරයේ ප්‍රංශ මෝස්තරයට නිර්මිත විවරකර තිබූ ජනේලය හරහා අනවසරයෙන් කාමරය තුළට හමා ආ සිහිල් මුහුදු සුළං ප්‍රවාහයන් විවිධ දිශාවන්ගෙන් ප්‍රහාර එල්ලකරමින් ඒ කඩදාසිය මාරුතය හා මුහුකරවා පාකර හරින්නට අසාර්ථක ගණනාවක් ප්‍රයත්නයන් දැරූවද ඒ මත තබා තිබූ කුඩා ප්‍රමාණයේ කඩදාසි බර නිසාවෙන් ඒ සකලවිධ වූ ප්‍රයත්නයන් සම්පූර්ණයෙන් ම අසාර්ථක විය. ඒ සාපලත් කඩදාසිය ! මීට දෙහෝරාවකටත් අඩු කාලයකට පෙරාතුව ඔහු අතට පත්වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පෙරදිග ඉන්දීය මූලස්ථානය වූ මදුරාසියේ යටත් විජිතභාර ලේකම්වරයා විසින් විශේෂ පණිවුඩකරුවකුගේ මාර්ගයෙන් එවන ලද ඒ ලිපිය හුදෙක් ලිපියක් නොවීය. එය ඔහුගේ හෘදාභ්‍යන්තරයටම කිඳා බසින්නට සමර්ථ වූ හලාහල විෂ පෙවූ හීයක් විය ! යටත් විජිතභාර ලේකම්වරයාගේ නිල ලාංඡනය සටහන් කළ එහි කවරයෙහි ලාකඩ මුද්‍රාව කඩා ලිපිය පිටතට ගෙන එය කියවා අවසන් වූ මොහොතෙහි මේට්ලන්ඩ්ගේ හදවත තුළ ඇතිවූ කම්පනයන් දැන් දැන් තවතවත් තීව්‍රවෙමින් ඔහුට දරාගත නොහැකි මට්ටමකට පැමිණෙමින් තිබුණි. හේ කඩිනමින් අසළ වූ විවරව තිබූ ජනේලය වෙතට පියමැන්නේය. ඉනික්බිති ගැඹුරු හුස්මක් ගත්තේය. දිගු ආශ්වාසයකින් ඉක්බිති පිටව ගිය ඒ සුසුමෙහි තම හෘදයෙහි මෙවේලෙහි ඇවිළෙමින් තිබූ ඒ අග්නියෙහි වේදනාත්මක උණුහුම ඔහුට හොඳාකාරවම දැනිණි. ඔහු ක්‍රමක්‍රමයෙන් නෙතඟට උණමින් තිබූ කඳුළුවලින් බොඳවෙමින් තිබූ ස්වකීය දර්ශනපථය පැහැදිලිකරගනු වස් පිටි අල්ලෙන් දෑස් පිසදැමීය. පැහැදිලි වූ දර්ශනපථය ඔස්සේ ඔහුට පෙනුණේ නිල්පැහැගත් සාගරයයි. සාගරයෙහි ඈතින්ම වූ ක්ෂිතිජ රේඛාවෙහිදී නිල්පැහැගත් සාගරයත් කුණාටුවකට සැරසෙමින් තිබූ කාලවර්ණ වැහිවළාකුළුවලින් ගහණ ආකාශයත් එකිනෙකා සම්මුඛ වී එකිනෙකාව ආදරයෙන් වැළඳගන්නා සේයාවක් පෙනුණද අත්දැකීම් බහුල , සත්සමුදුරු තරණය කර මහා සාගරය ගැන අතැඹුලක් සේ දැන ඒ පිළිබඳව මනා පරිචයක් ලබා සිටි පරිණත නාවිකයකුද වූ හෙතෙම සැබැවින්ම එලෙස සාගරයත් ආකාශයත් එක්නොවන බවටද ඒවා එක්වන්නාක් සේ පෙනෙණුයේ මිරිඟුවක් බවද ඒවා සදාකල්හිම එක්නොවී ඒ ආකාරයට එකිනෙකාට දුරින් රැඳීහිඳින බවටද දැනසිටියේය. ඒ කුරිරු යථාර්ථය මේට්ලන්ඩ්ගේ ජීවිත කාලය තුළ අන් කිසිදු දිනෙක ඔහු තුළ අංශුමාත්‍රික වූ වේදනාවක් හෝ එවැන්නක සේයාවක් හෝ ඇතිකර නොතිබුණද මෙවේලෙහි ඒ ගැන සිතුවිලි පහළ වීම සහ ඒ කුරිරු යථාර්ථය ස්වකීය ජීවිතය සමඟ බද්ධව ඇති බැව් ඔහුගේ යටිහිත තුළින් නැඟී ආ ඒ හඬ පැවසීම ඇවිළෙන ගින්නකට පිදුරු දැමීමක් මෙන් විය. මේට්ලන්ඩ් දෑස් පියාගත්තේය. අන්ධකාරය මැදින් මතුවූයේ ඡවි වර්ණයෙන් යුතු සමක් , දිගු කාලවර්ණ කේශකලාපයක් සහ දුඹුරුවන් දීප්තිමත් දෑසකට උරුමකම් කී කාන්තාවකි. මුවඟ සිනහවකින් සරසාගෙන මේට්ලන්ඩ් දෙස බලාසිටි ඇගේ ඒ සිනහව ඔහු බලාසිටියදීම එක්වරම ඇගේ මුහුණෙහි ඉරියව් විපර්යාසයට ලක්ව හැඬුම්බර එකක් බවට පරිවර්තනය විය. මේට්ලන්ඩ් තමන්ගේ දෑස් එක්වරම විවරකළේය. ඔහුට පිටත සාගරය රැළි නඟන හඬ ශ්‍රවණය විය , ඒ මැදින් ඔහුට ඇසුණේ සුපුරුදු හුරුපුරුදු හඬකි, ඒ පහත මාලයෙහි සිට ඔහුගේ කාර්‍යාල කාමරය වෙතට වූ දාරුමය පඩිපෙළ දිගේ යමෙකු පැමිණෙන හඬය, පයෙහි ලූ සළඹක් දැව පොළොවක් මත ගැටෙන ඒ හඬට උරුමකම් කියන්නියක් සිටිත් නම් ඒ මේ මිහිතලයටම එකම එක කාන්තාවක් පමණක් බැව් මේට්ලන්ඩ් ඉඳුරාම දැනසිටියේය. ඔහුගේ දෑස් තම කාර්‍යාල කාමර්‍යෙහි ද්වාරය වෙතට යොමුවුයේ ඔහුටවත් නොදැනීමය. මීට මොහොතකට පෙරාතුව දෑස් පියාගත් ඒ මොහොතෙහි මතුවූ ඡවි වර්ණයෙන් යුක්ත සමක් තිබූ ඒ කාන්තාව මේට්ලන්ඩ්ගේ කාර්‍යාල කාමරයේ ද්වාරය තුළින් කාමරය තුළට ප්‍රවිෂ්ඨ වූවාය. වෙරළාසන්න ජනාවාසයෙහි සිට කඳුගැටය මත වූ ආණ්ඩුකාර බංගලාව වෙතට නොනවත්වාම දිව ඒම නිසාවෙන් ඈ සිටියේ දහඩිය වගුරුවමින් හතිහලමිනි. “අපොන්සුවාගෙ මාර්ගයෙන් වාඩියට ඒ අසුබ ආරංචිය ආව ගමන්ම බිඳක්වත් සුනංගු නොවී මං ආවා මයෙ දෙයියො...ඒක හැබෑවක්ද ? “ වෙහෙස නිවාගන්නට මඳින් මඳ නවතිමින් , වෙව්ළමින් අපහසුවෙන් මෙන් වචන එක්කාසුකරමින් ඈ පැවසුවේ කඳුළු කැට එකිනෙක සටසට හඬින් පිටතට වැටෙමින් තිබූ ලොවි ගෙඩි දෙකක් මෙන් විශාලනයව තිබූ දෙනෙතින් මේට්ලන්ඩ් දෙස බලමින්ය. “මයෙ දෙයියො මාව අතෑරල මහා සාගරෙන් ඈත දීපංකරේකට යනව කියන කාරණේ හැබෑවක්ද ? මයෙ හඳුංපොත කීංගානවා මයෙ දෙයියො මගෙන් ඈත්වෙනව කියන කාරණේ මතක්වෙන හැම විඩේකදිම වගේ ,” ඇගේ ස්වරය හැඬුම්බර විය. මේට්ලන්ඩ්ගේ හදවත වෙඬරු පිඬක් මෙන් හුණුවන්න්ට ගියේ ඇසිල්ලකිනුත් ස්වල්ප මොහොතකි. ඉදිරියට පා නැඟූ හෙතෙම ලොවීනා නම් රොඩී රැහේ කෙල්ල අසළ නැවතුණේය , ඉනික්බිති ඈ දෙස කිසිවක් නොපවසා බලාසිටියේය. “මං කෝමද මයෙ දෙයියො නැතුව එක මොහොතක්වත් ඉන්නෙ ? “ ඈ ඔහුගේ නිල්පැහැගත් දෑස් දෙස එක එල්ලේම බලමින් විමසුවාය. මේට්ලන්ඩ් ලොවීනාගේ පිරිපුන් පියොවුරු මත ස්වකීය සුරත තැබූවේය. ඔහුට ඇගේ ඒ පියොවුරුවලින් ආවරණය වී තිබූ ඇගේ ගැහැණු හදවත සීස්‍රයෙන් ගැසෙන අයුරු දැනිණි. ඒ අධි සීස්‍ර වූ හදගැස්ම ඔහුගේ ස්නායූන් හරහා ඔහුගේ ආත්මයෙහි අභ්‍යන්තරයට ගමන්කළේය. හේ අනෙක් අතින් ඇගේ මුහුණ පිරිමදින්නට වූයේය, කඳුළු හා මුහුවූ දහදියෙහි තෙතමනය ඔහුගේ අතෙහි වූ අත්ආවරණයන් හරහා ගමන්කර ඔහුගේ අත්ලෙහි වූ සංවේදී ස්නායූන් කම්පනයට පත්කරන්නට සමර්ථ විය. ඔහු ඇගේ දෑස් දෙස හැඟීම් විරහිතව බලාසිටියේය , ඔහුට ඒ දෑස්වල ලියැවී තිබූ ප්‍රේමය , අනුකම්පාව , ආයාචනය කියවාගැන්මට නොහැකි වූයේ නැත. ඒ මැදින් ඔහුට පෙනුණේ ඇගේ දෑසෙහි සටහන්ව තිබූ තමන්ගේම ප්‍රතිබිම්භයයි. එක්වරම අනපේක්ෂිත ආකාරයට මේට්ලන්ඩ් අනෙක්පස හැරී කාමරය තුළ බුරබුරා ඇවිළෙමින් දැල්වෙමින් තිබූ ගිනිඋඳුන වෙතට පියමැන්නේය. නොනැවතී වැසි ඇදහැළෙමින් තිබූ කුණාටුවලින් ගහණ කාලයක් නිසාවෙන් මේට්ලන්ඩ් තම අතවැසියා වූ අපොන්සුවා හට නියෝගකර තිබුණේ කුටියෙහි ගිනිඋඳුන නිරන්තරයෙන්ම දල්වා තබන ලෙසය. “රාමායණයෙ රාමා කුමාරයා එයාගෙ දේවිය වුණ සීතා දේවීව රාවණා රජ්ජුරුවෝ ලංකාපුරේට පැහැරගෙන ආ වෙලේ වානර සේනාව එක්ක මහමූද හරහා පාලමක් හදල අවුරුදු ගාණක් තිස්සෙ හටන්කොරල රාවණා රජ්ජුරුවෝ පරද්දල සීතා දේවී බේරගත්ත කතන්දරේ මං ඉන්දියාවෙ උන්නු කාලෙ කියවල තියෙනව...සතවර්ෂ කීපයකට උඩදි එහේ උන්නු සාජහන් රජ්ජුරුවෝ තමන්ගෙ වියෝවුණ දේවිය වෙච්ච මුම්ටාස් දේවී සිහිවෙන්න හැදුව ටජ්මහල මම එහේ උන්නු කාලෙ මයෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනවා ලොවීනා , ඒ ලස්සන හිත්පුරාම විඳල තියෙනව...” ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්ගේ දෑස් යොමුව තිබුණේ ගිනිඋඳුනෙහි දැල්වෙමින් තිබූ අග්නිජාලාවන් වෙතටය. “අපේ දේසෙ උන්නු ශේක්ස්පියර් කියන නාට්‍යකාරයා ලීව වෙරෝනා නගරයෙ රෝමියෝ ජුලියට් දෙන්නාගෙ ආදරය , උන් ඒ ආදරය වෙනුවෙන් අවසානෙ උන්ගෙ ජීවිතය පූජාකරපු හැටි....වැඩිදුර නොයා ලොවීනගෙ රටේ ඈත අතීතෙ උන්නු සාලිය කුමාරයා තමන් ආදරය කරපු අශෝකමාලා වෙනුවෙන් රජකම අතෑරිය හැටි , සෙංකඩගල නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ දස්කොන් අධිකාරම් ප්‍රමිලා දේවී වෙනුවෙන් ජීවිතය දුන්නු හැටි මම අහල කියවල තියෙනවා ලොවීනා...” හේ ගැඹුරු හුස්මක් ගත්තේය. “ඒ හැම තැනකදිම මං කල්පනා කරේ ආදරය කියන දේ වෙනුවෙන් මිනිස්සු මෙච්චර දේවල් කරන්නෙ කොහොමද කියන විත්තිය , මෙච්චර දේවල් කරන්න තරම් ආදරය කියන්නෙ වටිනා කියන දෙයක්ද කියන විත්තිය...මට ඒක විටෙක උමතුවක් වුණා , විටෙක විකාරයක් මුග්ධකමක් වුණා...මට ඒ ගැන හාංකවිසියකවත් දෙයක් තේරුණේ නෑ ලොවීනා...” මේට්ලන්ඩ්ගේ කටහඬෙහි වූයේ වෙව්ලනසුළු ස්වරයකි. “පහුකාලීනව මට තේරුණා ඇයි ඒ ප්‍රශ්නෙ මම මගෙන් එහෙම ඇහුවෙ කියල...මගෙ ගතවෙච්ච ජීවිත කාලයම වැයවෙලා තිබ්බෙ ලේ වගුරුවන යුද්ධවලට , හටන්වලට ,අපේ මහරජ්ජුරුවන්ගෙ අධිරාජ්‍යය ලෝකෙ හතර දිග් බාගෙම ව්‍යාප්ත කරන්න...ඒ හැම එකක් නිසාම මට මාව නැතිවෙලා තිබ්බෙ...මට ආදරය මඟෑරිල තිබ්බෙ ලොවීනා…මට ජීවිතය මඟෑරිලා තිබ්බෙ ලොවීනා..” මෙතුවක් වේලාවක් ඇයට පිටුපා ගිනිඋඳුන දෙසට මුහුණලා සිටි මේට්ලන්ඩ් ඇය දෙසට හැරුණේය. “මීට සිව් අවුරුද්දකට කලියෙන් මේ මහා මන්දිරේ හදල විවෘත කරන වෙලේ තිබ්බ උත්සවේට නටන්න ආව රොඩී රැහේ එකියක් දැක්ක මුල්ම මොහොතේම මට මගෙ ජීවිත කාලය පුරාවටම නොදැනුණ අමුතුම හැඟීමක් දැනුණා ලොවීනා...ඒක මහ අමුතුම හැඟීමක්...මිනිහෙක්ට තමන්ගෙ ජීවිත කාලය ඇතුළෙ එකම එක වතාවක් විතරක් දැනෙන මහ අමුතුම හැඟීමක්...මම මේ ලෝකෙ හැම රටකම හැම ජාතියකම ගෑනු දැකල ආශ්‍රයකරල තියෙන මනුස්සයෙක් , හැබැයි ඒ හවස්‍ යාමයෙ දැක්ක ඒ කෙල්ල වෙනස්ම එකියක්...ඔව් , ඔයා වෙනස්ම කෙනෙක් ලොවීනා...මට ඔයාගෙන් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අමුතුම හැඟීමක් දැනුණා..ඒ හැඟීම එක්ක මගෙ ජීවිතය පිරෙන්න ගත්තා, වසන්ත කාලයට අපේ රටේ ලන්ඩන් නුවර රීජන්ට් උයනෙ මල් පිපෙනව වගේ මගෙ ජීවිතය ඇතුළෙ මල් පිපෙන්න ගත්තෙ විශ්මයජනක විදිහට. ඒ හැඟීම මාව හරියට පහන්දැල්ලක් දිහාවට ඇදිල යන පළඟැටියෙක් වගේ ඔයාගෙ දිහාවටම තල්ලුකරා...මං දැන් ඒ පහන්දැල්ලට පිච්චෙන්න ඔන්න මෙන්න ඉන්න පළඟැටියෙක් ලොවීනා...” කී හෙතෙම යාබද මේසය මත වූ ලිපිය සියතට ගත්තේය. “මීට හෝරා කීපෙකට කලින් ආව මේ සාපලත් ලිපිය තමයි ඒ පහන්දැල්ල...මේ පහන්දැල්ලට මේ වෙලාවෙ මගේ මුළු ආත්මයම දැවෙමින් ඇවිළෙමින් තියෙන්නෙ ලොවීනා...ඒ වේදනාව මට දරාගන්න අපහසුයි, ඒ වේදනාව එක්ක මගේ ඉතිරි ජීවිත කාලයම ගතකරන්න මට කොහෙත්ම බෑ...ඒත්...ඒත්...ඒ දැවෙන ගින්න අතරින් මට ඈත සිසිලසක් පේනව...ඒක දිව්‍යමය සිසිලසක්...ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔයා ! මගේ ලොවීනා ! ඒ ඔයා...! “ එසේ පැවසූ ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ් එක් අතකින් ලිපියද රැගෙන ලොවීනා දෙස පාෂාණිභූත වූවාක් මෙන් බලාසිටියේය. හාත්පසම එකම නිහඬතාව
යක ගිලී තිබූ අතර ඒ නිහඬතාවය ගිනිඋඳුනේ ගිනිපුපුරුවල හඬ ඒ නිහඬතාවය අතරින් පතර බිඳින්නට සමර්ථ විය. දිගු නිමේෂයක් ගෙවී ගියේය. ඈත ආකාශයේ කොහේ හෝ අකුණක් පුපුරාගියේය , ඒ අකුණු හඬට කාර්‍යාල කාමරයෙහි වූ ප්‍රංශ මෝස්තරයේ ජනෙල්වල වීදුරු දෙදරුම් කෑවේය. “රාමා - සීතා , රෝමියෝ - ජුලියට් , සාලිය - අශෝකමාලා , දස්කොන් - ප්‍රමිලා........මේට්ලන්ඩ් - ලොවීනා...” කී හෙතෙම එක්වරම තම අත වූ ලිපිය කීතුකීතුවලට ඉරාදැම්මේ කුරිරු සිනහවක් මුවෙහි රඳවාගෙනය. නැවතත් අකුණක් පුපුරාගියේය , එහි ආලෝකයෙන් ඔවුන් සිටි කාර්‍යාල කාමරයම ඒකාලෝක විය. “මට ඒ ගින්නෙ දැවෙන්න ඕන නෑ ලොවීනා...ඒ ගින්නෙ අවුරුදු ගාණක් දැවෙමින් මැරි මැරී ජීවත්වෙනවට වඩා ඒ සිහිලස එක මොහොතක් විඳලා ලබන මරණය සැපතක් !” තම අත වූ ලිපියෙහි කොටස් ගිනිඋඳුනට දැමූ හෙතෙම ඒ කොටස් අග්නිජාලාවන් මඟින් වෙළාගනු බලාසිටියේ අප්‍රමාණ සන්තෝෂයකිනි, ප්‍රහර්ෂයකිනි, සැහැල්ලුවකිනි . හේ මහ හඬින් සිනාසුණේ දශක ගණනාවක් පුරාවටම තම කර මත වූ මහා බරක් හෑල්ලු වූවෙක් පරිද්දෙනි. ඉනික්බිති හේ සීනුව හඬවා තම පෞද්ගලික ලේකම්වරයා වූ ඇඩම්ස් ගෙන්වූවේය, තම ස්වාමියාගේ කාර්‍යාල කාමරයෙහි සිටි ලොවීනා නම් රොඩී කෙල්ල දැකුමෙන් ඇඩම්ස් පුදුමයට පත්නොවීය , කාර්‍යාල කාමරයේ, පහළ වෙරළතීරයේ, ප්‍රධාන ශාලාවෙහි , සඳළුතලයන්හි ඔවුන් දෙපළගේ ප්‍රේමාලිංගනයන් ඇඩම්ස් අනේකවර සියැසින්ම දැක තිබුණි , ඒවා තවදුරටත් ඉවසාදරාගත නොහැකිව මදුරාසියේ යටත්විජිත භාර ලේකම්වරයා වෙතට සියල්ලම අන්තර්ගත කර නිර්නාමිකව ලිපියක් යොමුකර තිබුණේද ඔහුමය. “මට අභිනවයෙන් ලැබුණ මෝල්ටාවේ ආණ්ඩුකර ධූරයෙන් සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පරිපාලන සේවයෙන් ඉල්ලා අස්වන බව මහරජ්ජුරුවන්ට සහ මදුරාසියේ යටත් විජිත භාර ලේකම්තුමාට ලිපියක් ලියා මවෙත අත්සන් කිරීමට ගෙනඑන්න...ඒ වගෙම හැකි ඉක්මනින් මෙහේ එන්න කියල ඩොයිලිට වහාම පණිවුඩයක් යවන්න...” තම ස්වාමියා පැවසූ එවදන් ඇසූ ඇඩම්ස් තූෂ්ණිම්භූතව ඔහු දෙස අවතාරයක් දෙස බලාහිඳින්නාක් මෙන් බලාසිටියේය. “උතුමාණෙනි...ඔ...ඔබතුමා යහපත් සිහියෙන්ද ?” හේ අපහසුවෙන් මෙන් වචන ගලපගනිමින් විමසීය. “ඔව්, මා පැවසූ දේ කරන්න...! දැන් පිටවයන්න...! “ ඇඩම්ස් පිටවී ගිය ඉක්බිති මේට්ලන්ඩ් කාර්‍යාල කාමරයෙහි ද්වාරය අගුළුලෑවේය , ඉනික්බිති කිසිවක් වටහාගත නොහැකිව මෙතුවක් වේලාවක් තමන් දෙස බලාසිටි ලොවීනා වෙතට බැල්මක් හෙළීය. ඔහුගේ මුවඟට සිහින් මන්දහාසයක් නැඟුණේ නිතැනින්ය. “මයෙ දෙයියන්ට මේ කරන දේ ගැන විශ්වාසයිද ?” ඈ මුවැත්තියක මෙන් බලමින් සිහින් , වෙව්ළනසුළු ස්වරයෙන් ඇසුවාය. තෝමස් මේට්ලන්ඩ්ගේ නිල්පැහැගත් දෑස් යොමුවූයේ ගිනිඋඳුන ආසන්නයේ කුඩා මේසයක් මත දිගහැර තිබූ හම් බැම්මකින් බැඳ තිබූ කහපැහැගැන්වුණු පිටු සහිත ශුද්ධ වූ බයිබලය වෙතටය. විවරකර තිබූ ඒ මහාර්ඝ ග්‍රන්ථයේ නිරාවරණය ව තිබූ පිටුවෙහි වූ අවසන්වරට කියවමින් සිටි ඒ පාඨය ඔහු පහත් හඬින් එනමුදු හෘදයම පුරවාගත් ඉහවහා යන්නා වූ භක්ත්‍යාදරයෙන් යුතුව මිමිණුවේ සුරතින් කුරුසිය ලකුණු කරමින් ඊට ඉහළින් සිටි ප්‍රේමයේ පණිවුඩය රැගෙන ආ දෙවියන්වහන්සේගේ පුත්‍රයා දෙස බලමින්ය. ඉනික්බිති හේ හිස ඔසොවා ලොවීනා දෙස බැලීය , දෙවසරකට පෙරාතුව ඒ හවස් යාමයෙහි නර්තනය සඳහා මේ මහා මන්දිරයට සපැමිණි ඈ දුටු මුල්ම මොහොතෙහි දැනුණු ඒ සර්වාංගයම කිළිපොළා හිරිවැටී යන ආශ්වාදජනක හැඟුම මේට්ලන්ඩ් හට දැනිණි. හෘදයම පිරී ඉතිරී යන ප්‍රේමය මුහු වූ සන්තුෂ්ඨිය මුවඟින් පිටාර ගලන්නට වූ ඒ මොහොතේ ඔහු ස්වකීය දෑත් දෙපසට විහිදුවේය , ඒ ආශ්වාදනීය හැඟුම දරාගත නොහැකිව මෙන් ඔහුගේ දෑස් එක් නිමේෂයකට පියැවුණි. “මයෙ දෙයියො !” පාසළඹ ශෛලමය පොළොව මත ගැටෙන හඬ සහ ඇගේ මනමෝහනීය සුගන්ධය තමන්ව වෙළාගන්නා බවත් ආශ්වාදජනක සහ දිව්‍යමය උණුහුමකට තමන් නතුවන බවත් දෑස් පියාගෙන සිටි මේට්ලන්ඩ් හට දැනිණි. ඇගේ උණුහුමෙහි ගුලිව මැදිව එය සිත්සේ වින්දනය කරමින් සිටි ඒ නිමේෂයේදී මොහොතකට පෙරාතුව කියැවූ ඒ බයිබල් පාඨය තෝමස් මේට්ලන්ඩ්ගේ මනසෙහි නැවත නැවතත් නින්නාද දෙන්නට විය. “ප්‍රේමය, සියල්ල උසුලයි. ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත. ප්‍රේමය සදාතනික ය...”. ~~~~~~~~~~~ ✍️ - විකුම්… . . . 📷 - Bing AI . . . . . ❤✍️🌸කෙටි කතා අංක 04 #ලොක්කී 🩷 02 කොටස පසු දින අවදිවන විට කුසුමා නිවසේ නොවීය. ලොක්කිට ඒ එතරම් අමුත්තක් නොවූයේ වෙනදාටත් මව යන එන තැනක් තමන්ට නොකියන නිසාය. නමුත් මවගේ රෙදි ටික නිවසේ නැති බව දුටු ලොක්කිගේ සිතට අමුත්තක් ඇතුල් විය. බොහෝ සවස් වනතුරුත් බව නොපැමිණි හෙයින් ලොක්කි මේ බව කමලාට දැනුම් දුන්නාය. මේ පිළිබඳව සොයා බලන මෙන් කමලා රත්නෙට කීවාය. කුසුමා ජන්තුවා සමඟ රහසේ පලා ගොස් ඇති බව ආරංචි වන විට පසුදා සවස් වී තිබිණ. එය ලැව් ගින්නක් සේ ගම පුරා පැතිරුණි. ලොක්කි පිල් කණ්ඩිය මත වාඩි වී බලාගත් අත බලා සිටියාය. "හිත හදා ගනින් ලොක්කියේ.. සමහරවිට ඒකි උඹලට කරන්න ඇත්තේ හොඳක්.. තවත් හිටියනං උඹලගේ ජීවිතත් විනාශ වෙයි කියලා ඒකි හිතන්න ඇති...." "ඒ කොහොම වුණත්.. අපිට නමට හරි හිටපු අම්මා නැති උනානේ නැන්දෙ.." කමලා සුසුමක් හෙළුවාය. "මායි රත්නෙ මාමයි උඹලව කීයටවත් අතාරින්නෙ නෑ පුතේ.. අපිට පුළුවන් විදියට උඹලට බලන්නම් උඹ මේ පොඩි උන් දෙන්නව උස් මහත් කරගන්න බලපන්.." ශානිකා සහ අනිල් දෙදෙනාම ඒ වන විට පාසල් යයි. ඇයට නැගණිය ගැන බයක් නොවූයේ මල්ලි ඇයව රැක බලා ගන්නා බව දන්නා නිසාය. කමලාගෙන් උගත් පරිදි කඩයප්පන් සෑදූ ලොක්කි උදෑසනම ඒවා කඩවල් වලට දමා දිනය ඇරඹුවාය. "උඹත් අම්මා වගේම හරිම හැඩයි කෙල්ලෙ.. " ඇස් දෙකෙන් ම ලොක්කිගේ සාරය උරා බොමින් බඩා මුදලාලි දිනක් කීවේය. "උඹ දැලි කුණු පෙරාගෙන කඩයප්පන් හද හද ඔට්ටුවෙන්න ඕන නෑ කෙල්ලෙ.. උඹට මං සල්ලි දෙන්නම්...." කී බඩා මුදලාලි ලොක්කිගේ අතකින් හෙමිහිට ඇල්ලුවේය. "මේ මුදලාලි... අම්මත් එක්ක නටපු නාඩගම් මාත් එක්ක නටන්න එන්න එපා.." කියමින් අත ගසා දැමූ ලොක්කි පසු නොබලාම ගියාය. "යකෝ ගෙම්බෙක් ගිය උඩ කිව්වලු, හොඳයි බලමුකෝ අපිත් ඉන්නේ මේ ගමේනේ. ඔය කොයි පැණි වරකෙත් රහ බලන්න වෙන්නේ අපිටම තමයි.." මුදලාලි පිටුපා යන ඇයට ඇහෙන්නට කීවේය. ලොක්කිගේ කඩයප්පන් සෑදිල්ල එතකින් නැවතිණි. "අනේ මන්ද, මේ ඔක්කොම කරදර එන්නේ මේ අසරණයින්ටමයි." කමලා රත්නෙ සමග කියමින් හීල්ලුවාය. "උඹ ගෙදරට වෙලා ඉදින් ලොක්කියේ... උඹල තුන් දෙනාටත් බත් කටක් දෙන එක ඒ හැටි දෙයක්යැ." රත්නෙ කීවේය. "ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මාමේ.. උඹලත් අමාරුවෙන් ජීවත් වෙන්නේ. තවත් බඩවල් තුනක් තුනක් පුරවන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. මටත් හරියට ඉගෙන ගන්න බැරි උනා.. මුන් දෙන්නටවත් උගන්නන්න ඕනේ.." මිදුලේ සෙල්ලම් කරමින් සිටි බාල සොයුරන් දෙදෙනා දෙස බැලූ ලොක්කි සුසුමක් හෙලුවාය. "ඒක නෙවෙයි... මාමලාගේ ගල් වැඩපලේ මට වැඩ කරන්න බැරිද..?" රත්නෙත් කමලාත් මුහුණට මුහුණ බලා ගත්හ. "උඹට පුළුවනෑ ඔය බර වැඩ කරන්න." "නෑ.. මට පුළුවන්... මාම මුදලාලිගෙන් අහලා බලන්නකෝ. එහෙම පුළුවන් නම් මම හෙට ඉඳන් උනත් එන්නම්.." ඒ අනුව රත්නෙ වැඩ කළ ගල් වැඩ පොලේ කුඩා රැකියාවක් ලොක්කිට හිමි විය. ගත වූයේ ටික දිනකි. ගල් වැඩ පොළේ හිමිකරු තමා දෙස අමුතු විදිහකට බලන බව ඇයට ඉව වැටුණි. දිනක් සවස පඩි බේරන අවස්ථාවේ මුදලාලි ලොක්කිට කතා කළේය. "ඔය ළමයට ඔය බර වැඩ කරන්න අමාරුයි නේ.. මේ ඔෆිස් එකේ ඉඳගෙන එකවුන්ට් ටික හදලා දෙන්න පුලුවන්ද..? ඔය ළමයාගේ පඩියත් වැඩි කරන්නම්." ඇය ඊට එකඟ වූවාය. office එක තුළ සිටියේ ලොක්කිත් මුදලාලිත් ජයදේව නමැති තවත් එක් පුද්ගලයෙක් පමණි. මුදලාලි බොහෝවිට ඔෆිස් එක තුල ගැවසුනේ නැත. නමුත් එක් දිනක්, එදා ජයදේව වැඩට පැමිණියේ නැත. හදිසියේම මුදලාලි ඔෆිස් එක තුළට ආවේය. "මට ඔය ළමයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ." "මොකක්ද මුදලාලි...? " "ඔය ළමයා ඔය වයසට ඔහොම දුක් විඳින්න ඕන කෙනෙක් නෙවෙයි. බලන්න ඔච්චර හොඳ ඇඟ පතක් තියාගෙන, මේ ගල් වලවල් අස්සේ වේලි වේලි ඉන්නවා. ඔය ළමයා කැමතිනම් මට පුළුවන් උදව් කරන්න. හැබැයි ඔය ළමයත් මට උදව්වක් කරන්න ඕන." " ඒ... ඒ කිව්වේ මුදලාලි....?" "ඒ කිව්වෙ මෙන්න මෙහෙමයි.. " කී මුදලාලි නැගිට විත් බලෙන් ම ලොක්කිගේ තොල් සිප ගත්තේය. කලබල වූ ලොක්කි කෙසේ හෝ අත දිගු කොට අසල තිබූ කඩදාසි බරුවකින් මුදලාලිගේ හිසට දැඩි ප.හ.රක් එල්ල කළාය. " ආහ් අම්මෝ.... " හිස අල්ලාගත් මුදලාලි බිමට පාත් වුණේය. ලද ඇසිල්ලෙන් ඉවතට පැන ගත් ලොක්කි මුදලාලි නැවත නැඟිටින්නට පෙර පසු නොබලා නිවසටම දිව්වේ හඬමිනි. සිදුවූ දේ දැනගත් කමලා හා රත්නේ කම්පා වූහ. "මටත් තව ටිකක් ඇහැ ගහගෙන ඉන්න තිබුණේ." රත්නෙ විස්සෝපයෙන් කීවේය. "මාම මොනව කරන්නද මාමෙ...? එහෙම උනානම් මාමගේ රස්සාව වුණත් නැතිවෙන්න තිබුණා.." ශානිකා සහ අනිල් දෙදෙනාම දැන් තරමක් වැඩිවියට පත් වී සිටිති. කරන්නේ කුමක්දැයි කල්පනා කළ ලොක්කිට, දිනක් ඇගේ පරණ පාසල් මිතුරියක් හමුවිය. ආගිය තොරතුරු කතාබහ කළ මිතුරියට ලොක්කි තමා දැන් සිටින තත්ත්වය නොවලහා කීවාය. මිතුරිය ටවුමේ ගාමන්ට් එකක රැකියාව කළාය. "ම්ම්ම්... හැබැයි කෙල්ලෙ අපේ ගාමන්ට් එකේ වේකන්සි තියෙනවා. කැමති නම් මම ලොකු මිස් එක්ක කතා කරන්නම්." මඳක් කල්පනා කළ මිතුරිය කීවාය. ලොක්කිට එම වදන් ඉඩෝරයට දිය පොදක් වැටුනා හා සමානය. ඒ අනුව ලොක්කි සොයුරන් දෙදෙනා කමලාට බාර කර පසුදා පටන් ගාමන්ට් එකට යෑමට පටන් ගත්තාය. ගෙවෙන දින ඉතා වෙහෙසකර වුවද ලොක්කි ඊට හුරු වූවාය. පොඩි උන් දෙදෙනාගේ මුහුණ දැකීම ඇගේ වෙහෙස දුරු කිරීමට හේතුවක් විය. උදේ පටන් මැෂින් පාගන දෙපා සවස් වන විට අධික ලෙස රිදුම් වෙයි. හැන්දෑවට තෙල් ටිකක් ගා දෙපා අතගාගන්නා විට ඇගේ දෑස් කඳුලෙන් තෙමෙයි. ළමා වියේ අග්ගිස්සේ සිටි අනිල්ට අක්කාගේ කැපකිරීම ඉතා හොඳින් දැනේ. ඔහු දිනෙක අක්කාව රජ කරවන බවට ඉටා ගත්තේ ය.
නොයෙක් දුෂ්කරතාවයන් මැද අනිල් සහ ශානිකා හොඳින් ඉගෙන ගත් අතර, ලොක්කී වෙහෙසවී වැඩ කළාය. හැන්දෑවේ නිවසට එන ඇය රාත්‍රියට කුමක් හෝ රත්කර තබා උදෑසනට ත් කුමක් හෝ උයා රැකියාවට යන්නේ සොයුරන් දෙදෙනා ට නිදහසේ පාඩම් කිරීම ට ඉඩ හරිමිනි. ----------------------------------------------------------------- සුසිල්, ඔහු තරමක් කඩවසම් තරුණයෙකි. ඉතා ගුණයහපත් තැන්පත් චරිත ස්වභාවයකට හිමිකම් කී ඔහු ලොක්කිගේ ගාර්මන්ට් එකෙහි රියදුරකු ලෙස සේවය කළේය. සොඳුරු තරුණියක වූ ලොක්කි කෙරෙහි, කිසිදා ගැහැණියක් ආශ්‍රය කර නොතිබුණු ඔහුගේ සිත බැඳුණේ ඔහුටත් හොරාමය. සුසිල් තමා කෙරෙහි විශේෂත්වයක් දක්වන බව ලොක්කිට වැටහී තිබුණත් එය නොසලකා හැරියේ තමාට ඇති වගකීම් කන්ද සිහියට නගා ගනිමිනි. සුසිල් ඇය සමග කතා කිරීමට උත්සාහ කළත් ලොක්කි හිතාමතාම එය මඟහැරියාය. දිනක් සුසිල් ලොක්කිගේ මිතුරියක වූ අයේෂා අත පණිවිඩයක් එවා තිබුණේ චොකලට් එකක් ද සමඟිනි. "මේ බලපංකො... මම කවදාවත් කාලා නෑ බං මේ ජාතිය...රස පාටයි.." "ඕක උ.ඹ අරන් ප.ල.යන්.." අයේෂා විස්මයෙන් ලොක්කිගේ මුහුණ දෙස බැලුවාය. "ඈ... මේක එවලා තියෙන්නෙ මට නෙවෙයි උ.ඹට." "එ් වුණාට මට එපා බං.. මං ඕකට කැමති නෑ." "ඇයි මෝඩියෙ එච්චර හොඳ මනුස්සයෙක් ට අකමැති..? බලපං, ඌ අනිත් උන් වගේ නෙවෙයි. අව කැපෙන විහිළුවක් වත් කරන්නෑ.. පිං කරන්න ඕන එහෙව් මනුස්සයෙක් ලබන්න.." "මට කසාදෙකට වඩා අර පොඩි උන් දෙන්න ගැන හිතන්න තියෙනවා. මට ඕව ගැන හිතන්න වෙලාවක් නෑ...අනික අපේ ගෙදර තත්වෙ දැනගත්තාම ඔය මනුස්සයා කැමති වෙයියැ.." "උඹට පින නෑ. පින..." නැඟිට යන ලොක්කිට ඇසෙන්නට අයේෂා කිව්වාය. මෙලෙස සුසිල් ගෙන් ලද ඇරයුම් කිහිපයක්ම ඇය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, දිනක් සුසිල් ඇයට මුහුණටම මුණ ගැසුණේ මඟ හැරීමට නොහැකි විලසිනි. "ඇයි නංගි මට අකමැති... මොකක්ද මගේ අඩුපාඩුව...?" "එහෙම අඩුපාඩුවක් නෑ අයියේ. ඒත් මම කැමති නෑ දැන්ම කසාද බඳින්න..." "නංගිට බයයිද මම අතරමං කරලා දාලා යයි කියලා...?" "අපෝ එහෙම දෙයක් නෑ අයියේ...." "එහෙනම් කොහොම දෙයක්ද....? මම ඇවිත් ඔයාලගේ ගෙදරට කතාකරන්නද...?" "අපේ ගෙදර.....කතා කරන්න කෙනෙක් නෑ..." "ඒ කිව්වෙ....?" ලොක්කි තමාගේ ජීවිතයේ සත්‍ය තොරතුරු සියල්ල සුසිල්ට කීවාය. දෙසොහොයුරන් පොඩි නිසා දැන්ම විවාහ විය නොහැකි බවද කීවාය. විවාහ වී දෙදෙනාම එකතු වී නංගිවත් මල්ලිවත් බලාගනිමුයයි කීවත් ඇය ඊට එකඟ වූයේ නැත. "ඕවා කියන තරම් ලේසි නෑ අයියෙ කරන්න...මං යනවා.." සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත් ලොක්කි ඉක්මන් ගමනින් එතැනින් නික්මුණාය. ------------------------------------------------------------- "දුවේ...ලොක්කියේ..." වැට ළඟට ආ කමලා ලොක්කිට හඬ ගැසුවාය. "වරෙංකො ඩිංගකට මෙහෙට..." "උඹලගෙ ගාමන්ට් එකේ සුසිල් කියලා ළමයෙක් ඉන්නවද...?" ලොක්කි විමතියෙන් කමලා දෙස බැලුවාය. "නැන්දා කොහොමද දන්නේ...?" "අද මෙහෙ ආවනේ..." "ඒ මොකටද....?" "ඔයා ගැන කතා කරන්න තමයි..." "අනේ නැන්දේ මම එයාට කිව්වා දැම්ම කසාද බඳින්න බැරි බව..." "ඒ මොකද....?" "එතකොට මේ පොඩි උන් දෙන්නට යන කල මොකක්ද නැන්දේ...? මම කසාද බැන්දහම මට හරියට මේ දෙන්න ගැන බලන්න බැරි වෙනවා...." "එහෙමයි කියලා හැම උඹ හැමදාම ඔහොම ඉඳලා හරියන්නේ නෑනෙ.... අනිත් එක ඒ ළමයා මෙහෙ විස්තර සේරම දැනගෙන ඇවිත් තියෙන්නේ.... උඹලැ අම්මා ගැනත්.... ඉතින් ඒ ළමයා කියනවනේ බැඳලා දෙන්නම එකතුවෙලා නංගිවයි මල්ලිවයි බලාගමු කියලා....." "ඔය කිව්වට ඕව ඔය විදිහට වෙයිද කවුද දන්නේ නැද්දෙ....?" "අනේ මන්ද බන් උඹේ කල වයසත් යනවා, ඒ ළමයා නම් හරිම ගුණ යහපත් පාටයි. කැමතිනම් අම්මලාවත් එක්ක එන්න ඇහුවා...." "එයා ගුණයහපත් නම් තමයි නැන්දේ ඒත් ඉතින් මේ දෙන්නගෙ වැඩකටයුතු පිලිවෙලක් කරනකන් මට ඕවා ගැන හිතන්න බෑ...." "එතකොට උඹ නාකි වෙලා තියෙයිනෙ බං..'' "මට කසාදෙට වඩා මුන් දෙන්න වටිනවා නැන්දෙ.. මං කැමති නෑ කියන්න.." ලොක්කී පසු නොබලාම නිවසට යන දෙස කමලා විස්සෝපයෙන් බලා සිටියාය. -------------------------------------------------------------- "ලොක්කියේ.... අර කසාදෙට කැමති වෙයං බන්, මාම හොයලා බලලා, ඒ මිනිස්සු හරි හොඳ මිනිස්සුලු. කුලමල හොයන්නෑලු. සුසිල් ළමයා කැමති දේකට ඒ අයත් කැමතීලු.." "අනේ මට බෑ නැන්දේ..." "ඇයි බං මේ වාසනාවට පයින් ගහන්න හදන්නේ...?" නැවත කීප වතාවක් සුසිල් එහි ආවත් ලොක්කිව කැමති කරවා ගැනීමට කිසිවෙකුට නොහැකි විය. කාලයක් ඇවෑමෙන් සුසිල්ට ගෙදරින් ගෙන ආ යෝජනාවකට කැමති වන්නට සිදුවිය. ඔහුගේ සිත තිබුණේ ලොක්කි ලඟ නිසා ඔහු අවසන් වරටත් පැමිණි කැමැත්ත විමසුවේය. නමුත් ඈ පෙර පිළිතුර ම දුන්නාය. ඒ අනුව සුසිල් ට වෙනත් තරුණියක් කරකාර බඳින්නට සිදුවිය. සුසිල්ගේ මංගල රාත්‍රියේ පායා තිබූ හඳ, පිළිකන්නේ කොට බංකුවක වාඩිවී සිටි ලොක්කිගේ සිතට සුවයක් නම් ගෙනාවේ නැත. පිටිපස්සෙන් ඇසුණු සිහින් ඉකිබිඳුම් හඬ නිසා දොර පැලැල්ල ඈත් කර බැලූ අනිල්ට අහස දෙස බලාගෙන ඉකිබිඳින අක්කාව දැකගත හැකි විය. අනිල්ගේ මුහුණ වේදනාවෙන් බර විය. ඔහු අක්කා අසලට ගොස් කුඩා කල මෙන් ඇගේ ඇකයේ හිස තබාගෙන ඇගේ මුහුණ පිරිමැද්දේය. "අක්ක අඬන්න එපා. මම ඉක්මනට හොඳ ජොබ් එකක් කරලා අක්කවයි නංගිවයි බලාගන්නවා...." ඇය හඬන්නේ මහන්සියට යැයි සිතූ අනිල් කීවේය. ලොක්කිගේ කඳුළු අලුත් විය. "මගේ රත්තරන් පැටව් දෙන්නා හොඳට ඉගෙන ගත්තොත් මට ඒ ඇති. මට නොබැලුවත් කමක් නෑ.." මතුවට..🩷 ✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර ස්තුතියි 🩷 කතෘ අයිතිය සුරකින්නදමයන්ති . *********... සඳු දා ,අද බේබි අක්කගේ සුප මාකට් එක වහන දවස .සුපර් මාකට් කිව්වට විකුණන්නේ එකම අයිටම් එකයි .තව ඔය බුලත් විට තට්ටුවක් එළියේ තියෙනවා .කාලයක් තිස්සේ හුළං වැදුණු බයිට් පැකට් වැලක් ජනේලේ එල්ලෙනවා .ඉස්සරහ දොර ලෑල්ල වැහුවට බිස්නස් නොකෙරෙන්නේමත් නෑ .නොදී ම බැරි අයට පිටිපස්සෙ දොරෙන් බඩු දෙන්නෙ මැගිලින් .. හැම සඳුදාම නාල හෝදපු රෙදි හැට්ට ඇඳලා ,දිග බංකුව උඩ වාඩි වෙලා බේබිy අක්කා ඉන්නෙ හරිම සැහැල්ලුවෙන්.මැගිලිං පිටිපස්සෙන් හිට ගෙන බේබිගේ හිසේ උකුණ දඩයම් කරනවා .බොහොම භක්තියෙන් හිස පහුරු ගගා හිටියට කෙරෙන දඩයමක් නෑ .වැල්ලෙ ගෑනුන්ගේ ඔළුවල උකුණො නෑ කියල හැමෝම දන්නවා .ඒත් මේ ක්‍රියාව පුරුද්දට වගේ ඔහේ කරනවා . කරන සේවයට කුලිය වශයෙන් මැගිලින්ට උදේ හවස මල්වීදුරුවෙන් බාගේ බාගේ ලැබෙනවා .බේබි බංකුවෙන් නැගිටින්නෙ නැති බව දන්න නිසා මැගිලිං ලැබෙන අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජනත් ගන්නවා .. අද කකුල් දිග ඇර ගැන හිටියට සතිය දවස් හයේම බේබි අක්කගෙ කකුල් දෙකටඉ ස්පාසුවක් නෑ . * * බේබිගේ මනුස්සයා ජෝන් අයියා .බිත්තිය අයිනට වෙන්න හදල තියෙන යාලත්ත යට තියෙන තෙප්පම උඩ තමයි ජෝන් නිදා ගන්නේ . බේබිව පල්ලියෙන් බැඳල එක්ක ඇවිත් වැඩි කාලයක් යන්න කලින් ,ජෝන් අයියගෙ දනිස් පොල්කටුව කුඩු වුණේ,වාරක න් මුහුදේ තෙප්පම දියත් කරන්න ගිහින්, මාරියාවට උස්සලා ගහපු පාර කකුලේ වැඳිලා .දැන් නං ඇවිදගන්ට පුළුවන් වුණාට පුරුදු මුහුදු රස්සාව කරන්න බෑ . බැරිම තැනදි තමයි බේබි මේ රස්සාවට බැස්සේ .නුපුරුදු දෙයකුත් නෙමෙයි .පාරම් පරික සුවයං රැකියාවක්.බේබිගෙ අම්මා "විස්කි අක්කා" ගේ බඩු වල කොලිටිය නිසා මලු ඒ නම වැටුණේ .උන් දෑ දැන් විශ්‍රාම අරන් . * * කාක්කෝ කෑගහමින් අහස ඉඟිල්ලෙනව දැකපු බේබි ජෝන් අයියට කතා කළා .. "අන්න මා දැල ගොඩවෙන්න ළඟයි වගේ .ඒ පැත්තට ගියා නං ,ජෝසප්පුව මාළු හොදද නොදී ඉන්නෙ නෑ ".. මා දැලේ වැඩ කරන බොහෝ දෙනෙක් බේබි අක්කගේ කස්ටර්මර්ස්ලා .ජෝන් වැල්ල දිගේ ඇවිද ගෙන මා දැලලඟට ගියා .දකුණු කකුල අද්ද අද්ද යන නිසා ජෝන්ගේ අඩි පාර වැල්ලේ ඇඳෙන්නේ අමුතුම රටාවකට . ජෝන් අයියා හොඳ මනුස්සයා .හරිම ඉවසිලිවන්තයා .බේබි හිතුවා . . * ජෝන් ඉස්සර හවසට අඩියක් ගහන්න විස්කි අක් කාගේ පොට් එකට යන එන වෙලාව වලදී තමයි .අම්මාගේ ආශිර්වාදය සමග බේබි ජෝන් සන්ධානයේ පිහිටුව ගෙන තියෙන්නේ . සඳුදා දා හැර ඕනම දවසක ඉස්සරහ බංකුව උඩ ඉන්නේ ජෝන් අයියා.නිකන් ඉඳගෙන ඉන්නවා වගේ පෙනුනට එයා කරන්න විශේෂ රාජකාරියක් .පාරේ දෙපැත්තෙම ඈතට පෙනෙන නිසා ,අනතුරක සේයාවක් දකින කොටම බුලත් වංගෙඩිය අරගෙන හයියෙන් කොටාගෙන කොටාගෙන යනවා .සිග්නල් එක ලැබෙන කොටම baby වහාම අවශ්‍ය පියවර ගන්නවා .අහුවෙන්නේ නැතුව නූලෙන් බේරෙන හැම අවස්ථාවකම ලොකු වීදුරුවෙන් බාගයක් විතර දාගෙන baby ජෝන් අයියට සලකනවා . . රතු මහත්තයා ඒරියා එකේ හැම පොට් එකකටම යන්නේ බයිසිකලයෙන්.කාකි දිග කලිසමට සුදු කමිස ඇඳලා සපත්තු මේස් දාලා තමයි ඉන්නේ .සුමාන යකට සැරයක් බේබිලාගෙ පොට් එකට එන්නේ .පිනට ලැබෙන ෂොට් එක දාගන්ඩත් එක්ක .රතු මහත්තයා කියන්නේ මූණ හොඳටම ඉදි මිලා රතු වෙලා නිසයි . ඉරිදට නම් බේබිලාගේ කඩේ ඉතාමත් ජනාකීර්ණයි .මා දැල් ඔක්කොම ඉරිදට නිවාඩු .සමහර කස්ටමස්ලා අයින් වලට වෙලා ඇන බාගෙන ඉන්නේ හරියට බන්ධනයකට අහු වෙලා වගේ * ජෝන් උපරිම ඇලට් එකේ හිටියත් ,සුදු වෑන් වලින් ඇවිල්ලා පැනපු දාට අහු වෙනවා .ඒ වෙලාවට කතාවක් නැතිවම නැගිටන ජෝන් බිත්තියේ එල්ලලා තියෙන කමිසේ දාගෙන වෑන් එක ලඟට යන්නෙ එයාලත් එක්ක යන්ඩ බලාගෙනමයි .ඒක තම රාජකාරියේ කොටසක් වගකීමක් බව ඔහු හිතනවා .බේබිට ඒ ගමන යන්ඩ නොදෙන්නේ බිස්නස් අඩාල වෙන නිසා..
බේබී හැමදාම පාන්දර හතරට විතර නැගිටිනවා .කළුවරේ ම වැල්ලට ගිහින් ටික වෙලාවක් ගත කරලා හෝද ගෙන කරගෙන හොරෙන්ම ගෙට එනවා .උදේ පහේ ඉඳලා එකා දෙන්න එනවා . යාව ජීව ගනුදෙනුකාරයෝ කීප දෙනෙක් ඉන්නවා "බෙඩ් ටී" ගන්නෙ බේබිඅක්කගෙන්මයි .ඔය යාව ජීව කට්ටියට සමහරු අලුතෙන් ඇතුල් වෙනවා .සමහරු පිට වෙනවා .පිට වෙන අය යන්නෙ ඉතින් සදහටම ආයෙ නොඑන්ඩමයි .මළගෙයක් වූ දාට බේබිy කියනවා "උන් දැන ගන්ඩ ඕන ගානට ගන්න මොකද මම හරහට අරන් බලෙන් පොවනවද " . * * නඩු දිනවල උසාවි යන්නේ ජෝන් අයිය .විත්ති කූඩුවට නඟින්නේ ආබාධ කකුල වැඩිපුර අද ඈ ද ,දුක් මූනක් දාගෙන .ඒත් නඩුකාර නෝනා අඩු නැතිව දඩේ ගහනවා .. .අරක්කු වලට බනින්නත් ගෑණු විකුණන්නෙත් ගෑ නු දඩ ගහන්නෙත් ගෑනු බිත්තියේ ඇනේ කමිස එල්ලන ගමන් ජෝන් අයියා කියනවා බේබිට ඇහුණ "උඹ රස්සාව කළා නම් මම මේ ජරාවැඩේ කරයිද බං .නඩු කාර ගෑනි එන්න එන්නම දඩ වැඩි කරනවා .ණයට පොලියට අරන් අපි ගෙවනවා .ඒවා හොයන්නෙත් මේ බිස්නස් එකෙන්ම තමා .මොකෝ හිරේ යන්ඩ යැ.දඩ ගෙවන්න බැරුව බිස්නස් නවත්තපු එකෙක් හරි ඉන්නවද .ඒකෙනුත් ආණ්ඩුව හම්බ කරනවා .මතට තිතලු .රෙද්ද තමයි .සිල් අරක්කු බීපු වම මත් වෙන්නේ නැද්ද ." බේබි එක දිගට කියෝගෙන ගියේ දඩ ගහපු ගාන අහල ඉහළට ඉහළට ඇදපු හුස්ම පහලට දාන ගමන් . . බේබි කවදාවත් අරක්කු කටේ තියල වත් නෑ .පොඩි කාලේ දැකලා තියෙනවා අම්මා හංගපු ගෝඩා හැලියකට වැටුණු ගැරඩියෙක් මැරිලා හිටපු හැටි .අලුත් බඩු තොග ආවම ටෙස්ට් කරලා බලන්නේ ජෝන් .දැන් පෙරන්ඩ අමාරු නිසා පිටින් බඩු ගෙනල්ලයි විකුණන්නේ . * * ළඟදි දවසක වින්සන් බාස්ගේ මිනිය වල දාලා යන කට්ටිය එ ක්ක හිටපු වින්සන්ගෙ පවුල ,වපර මානෙලා බේබිටබැන්නේ තිත්ත කුණුහරුපෙන් .බේබි ට බැන්නට වපර මා නෙලාගේ ඇස් එල්ල වෙලා තිබුණේ බංකුව උඩ හිටපු ජෝන් අයියට .ඒ වපරේ හින්ද . තෝ තමයි මගේ මිනිහව මරා ගත්තේ .මේ අවුරුද්දට ගමේ මිනිස්සු කී දෙනෙක් නැති වුණාද .තෝ මායම් දාලා මිනිස්සු රවට්ටගෙන බොන්න දෙනවා.නොන්ඩි මිනිහා මොනවද දන්නෙ .පාන්දර කුස්සියේ ඇතුලේ වෙන දේවල් තුං ........මානෙලා මහ හයියෙන් බැණ බැණ ගියාට එතන හිටපු කට්ටිය අහක බලාගෙන ගියේ බේබිව තරහා කරගෙන අමාරු නිසා ඔක්කොම අහගෙන හිටියට වෙනදා වගේ ප්‍රහාර එල්ල කරන්න ගිය නෑ .වින්සන් අයියා ගැන එයාටත් දුක හිතෙන්නෙ නැතුව නෙමෙයි .ඒකයි එදා දවසම හැංගිලා වගේ ගෙට වෙලාම හිටියෙ . "බොන මිනිස්සු ඔක්කොම මැරෙනවා නම් ගමේ මිනිස්සු ඉතුරු වෙලා තියෙයිද .බලපන් ජෝන් අයියත් හැමදාම ගන්නවා .සන්තානම් මෑණියන්ගේ පිහිටෙන් ඔය ඉන්නේ .යකෝ මේක හරි කතාවක්නේ " කකුල් දෙක බංකුව උඩට ගන්න ගමන් බේබි මැගිලින්ට කිව්වා . "අන්න රතු මහත්තයා යනවා .පදින්න බැරුවද කොහෙද තල්ලු කරගෙන යන්නේ .අද නම් හොඳටම වැඩි වෙලා වගේ .පොඩ්ඩගෙ පොට් එකේ ජරාව බීල " මැගිලින් කිව්වේ බේබිගේ කොන්ඩෙ පැටලුම් ලිගන ගමන්. * * * විල්සන් ආපුවම බේබිගේ කඩිසර කමයි මුකුළුවයි වැඩි බව ජෝන් අයියා දන්නවා .හිනා වෙලා නිකන් ඉන්නේ බේබිගේ ඉතිහාසය දන්නා නිසා . කොහොමත් බේබි වින්සන්ට සැලකුවේ කලවං නැති හොඳ බඩු වලින් .බේබිy හිනා වෙලා දික් කරන උම්බල කඩ කෑල්ල වින්සන් ගන්නේ ඇඟිලි දෙක තුනකුත් අහුවෙන්න .එතකොට විදිලියක් වැදුනා වගේ අතඇදලා අරන් වටපිට බලනවා .ජෝන් අයියා කොහෙන් ඇල්ලුවත් පොඩ්ඩක්වත් විදුලි කොටන්නේ නැත්තෙ මොකද කියල බේබිට පුදුමයි . විල්සන් ගේ රැලි වැටුණු කොණ්ඩෙ හරියටම නළුවෙකුගේ වගේ .නොදකින් වපර මානෙලාට මේ මිනිහගේ අගය තේරෙන්න නෑ.ඒ රැලි කොන්ඩෙ අතගාල බලන්න ආසාව තිබුණත් අවස්ථාව ලැබුණත් බේබි කවදාවත් එහෙම කළේ නෑ. ළමිස්සි කාලේ විනිසන් එක්ක තිබුණු හාදකම සිහි වෙනවා .තරමකට හුළඟ තියෙන දවස් වල මුහුදේ ඇතිවෙන රැලි පේලි හරියටම වින්සන්ගෙ කොන්ඩෙ වගේ .. දවසක් දර මැස්ස පිටිපස්සේ වින්සන් බේබිව තුරුලු කරන් ඉන්න කොට ,හංගපු බූලියක් ගෙනියන්න ආපු විස්කි අක්කට අහු වෙලා දන්න පාලි සංස්කෘත ඔක්කොම දාලා බැන්න .කාලෙකට පස්සේ වින්සන් මානෙලාව බැඳපු වෙලාවේ බේබි හොඳටම ඇඬුවා .අම්මා තමුන්ට කළේ ලොකු අසාධාරණයක් කියලා බේබි තාමත් හිතනවා . "මැගිලිං අක්කේ උඹවත් කියපන් බලන්ඩ ,මේ රස්සාව නොකර මං මොනවා කරන්ඩද " "උඹ හිතන දේවල් මට තේරෙනවා බේබි.මානෙලා කියන ඒවා එච්චර ගණන් ගන්න එපා .කෝ මේ පැත්ත බලපන් .ඔලුවෙ අනිත් පැත්ත බලන්න ") බේබි ඔලුව හර වන කොට ඇස් කෙවෙනියෙ ළඟ මෝදු වෙවී තිබුණු කඳුළු ගුලිය පහළට රූට ලා තොල් අතර ට වැටෙද්දී ලුණු රහක් දැනුනා . "අන්න වැන්සස් මාමා තෙත සරම පිටින්ම එනවා .උඹ ගිහින් බලපන් " * * * බේබි ඉන්න තැනට මුහුද පේනවා .අදත් මුහුදෙ කුඩා රැලි පේළි .ආයෙත් කල්පනාවට වැටුනා .ලාච්චුවේ මුල්ලේ ඉදිකටු නූල් පෙට්ටියෙ තියෙන ඉමිටේෂන් කරාබු ජෝඩුව මතක් උනා ඒක දුන්නේ වින්ස න් පල්ලියේ මංගල්‍ය දවසේ . ඒක කවදාවත් කනට දැම්මේ නෑ .තව තියනවා පත්තරෙන් කපා ගත්තු නළුවෙකුගේ පින්තූරක් .කොණ්ඩෙ නහය කට ඔක්කොම වින්සන්ගෙ වගේමයි .මං තවත් මොනවටද මේවා ආරක්ෂා කරන්නෙ.තමුන් ගැනම තරහක් ඇති වුණා වින්සන් කවදාවත් බේබි කියල කතා කළේ නෑ.පොඩි කාලෙදි ඉස්කෝලෙදි කියපු නම දම යන්ති .වින්සන් විතරයි හැමදාම ඒ නම කියලා කතා කලේ . ජෝන් අයියා මාළුඋරයත් අරන් එනවා.මේ මිනිහා කොච්චර හොඳ මනුස්සයෙක් ද. දමයන්ති හිතුවා.ජෝන් අයියට තේ එකක් හදන්ඩ බංකුවෙන් නැගිට්ටා . එදා හවස නළු පින්තූරෙ ට තියලා ඔතා ගත්ත කරාබු ජෝඩුවත් අරන් දමයන්ති මූද අයිනට ගිහින් පුළුවන් තරම් ඈත දියඹට විසි කළා . *********ආ වරෙන් වරෙන් මහත්තයා උබ ඒරොප්පෙන් ආව එකෙක්ද..? උබට වෙනම බුලත් දෙන්න ඔනාද ආ....? තමා ඉදිරියේ පිරිසක් ඉන්නා බව දහම්ට බොදවී පෙනෙයි. කිහිප විටක් උත්සහා කර තම දෑස කුඩා කරමින් බෙහෙත් කන්නාඩිය අතින් හදන ගමන් දහම් මෙම පිරිස හදුනා ගැනීමට උත්සහා ගනිමින් සිටී. දහම්ට දුර පෙනීමේ දුර්වල තාවයක් උපතින්ම පිහිටා තිබුනි. එම නිසා ඔහුට ලොකු පොල් කාච දෙකක් සහිත් බෙහෙත් කන්නාඩි කූට්ටමක් කුඩා කල සිටම පැලදීමට සිදුවීය. තම පාසලේ කා අතරත් ඔහු ජනප්‍රිය වූයේ පොල් කන්නාඩියා යනුවෙනි. දහම්ගේ සිහිනය වූයේ අපොස උසස් පෙළ ඉහලින් සමත්වී සරසවි වරම් ලැබීමයි. එම කඩයිම දහසක් කම් කටලු මැද ඔහු ජය ගත්තා පමනකි. සරසවියට පැමිනි සිවු වැනි දිනයම ඔහුට කල කිරෙන සිදුවීමකට මුහුන පෑමට ලැබෙනු ඇතැයි ඔහු සිහිනෙන් වත් නොසිතන්නට ඇති. ආ හාමු මහත්තයා කොහෙන්ද වැඩියේ..? මම රත්න පුරේ. එහෙමද...? මෙන්න රත්නපුරෙන් මැනිකක් ඇවිත්. දැන් මෙන්න මේ මැනික අරගෙන ගිහින් අන්න අර කෙල්ලට දීලා ඒකිට ආදරෙයි කියලා කිස් එකක් දීලා වර.. බිම තිබුනු ගල් කැටයක් අහුලා ගත් තරුණයකු දහම්ට එය දිගුකර රූමත් තරුණියක් පෙන්වමින් පැවසීය. මෙය ඇසුනු වහාම දමිත් මට බෑ යනුවෙන් පවසා එතැනින් පිටවී යෑමට සැරසුනේය. අඩෝ අඩෝ මේ.... ඇයි උබ අලි වන්සෙන්ද..? දෙයක් කිව්වම කරන්න බැරි උබ ජනාධිපතිගෙ පුතාද...? අනේ මට යන්න දෙන්න ... මම කාටවත් කරදර කරන කෙනෙක් නෙවෙයි . මට ෆිට් එක තියෙනවා . මම ලෙඩෙක්.. ඒ මෙන්න මූට ෆිට් එක තියෙනවාලු. මූව අරන් යමන් මුගේ ෆිට් එක හොද කරලා දෙන්න.. එක්වරම කිහිප දෙනෙක් පැමින දහම්ගේ බෙල්ලෙන් අල්ලගෙන වසා දාපු පන්ති කාමරයකට රැගෙන ගියේය.. ඒ යන අතර තුර දහම් ඉතාමත් අහිංසක ලෙස තමාව මුදා හරින ලෙසට ආයාචනා කර සිටියේය. නමුත් ඔවුන්ගෙන් කිසිදු සමාවක් ලැබෙන ලකුනක් නොවිය. එලෙස රැගෙන ගිය නරුමයින් සිවු දෙනෙකු දහම්ව ඉතාමත් අමානුශික ආකාරයට නවක වදයට ලක්කිරීමට පටන්ගන්නා ලදි. ############################### 1997 වසරයි. දහම් නැවති සිටියේ කෝට්ටේ රජමහා විහාරය කිට්ටුව ඇති ත්ට්ටු දෙකේ නිවසක උඩ තට්ටුවේය. ඔහු තම පියා සමග පැමින පියාගේ මිතුරෙකුගේ නිවසක දහම්ව නතර කිරීමට කටයුතු සකසා තිබුනේය. සියලු වැඩ අවසන් වීමෙන් අනතුරුව රුදුරු රාක්ශයින් අරක් ගත් මේ අදුරු ගෙන්දගම් පොළවේ තමාව තනිකර දමා යන තම පියා දෙස දහම් කදුලු පිරි දෙනෙතින් බලා සිටියේය. විහාර මාවතේ අඩි විස්සක් වත් යන්න පෙර තම පියාගේ රුව බොදවී ගියේ තම දෑසේ ඇති දුර්වල තාවය නිසාවෙන් බව දහම්ට අවබෝධ විය. නමුත් තම පියා නොපෙනී යන තුරුම තම ආදරනීය පියාදෙස බලා සිටීමට දහම් උත්සහ කරමින් සිටියේය. තම පියා පන්සල අසලින් හැරී යෑමට පෙර දහම් පඩිපෙලින් බැස පඩිපෙළ අද්දර ඇති සුදු මල්ගස අසල පාරට පැමින තම පියා යන දෙස බලා සිටියේය. බොදවූ චිත්‍රයක් මෙන් තම ආදරනීය අප්පච්චිගේ දර්ශණය වංගුවත් සමග නොපෙනී ගියේය. තවත් මොහොතක් හිස් මාවත දෙස බලා සිටි දහම් තම බෝඩින් කාමරය වෙතට යෑම සදහා හැරුනේය.. නමුත් සිදුවූයේ සිහිනෙන් වත් නොසිතූ දෙයකි. තම පඩිපෙළ අසල ඇති සුදු මල් ගස අසල සිටි මිනිසෙකුගේ ඇගේ දහම්ව ගැටුනේය. එම සිදුවීම සමග එම පුද්ගලයා අතේ තිබු මල් වට්ටිය කඩා තිබු මල් සියල්ල සමග බිමට වැටි දසත විසිරි ගියේය. අනේ මාමේ සමාවෙන්න.... එසේ පැවසූ දහම් බිමට නැවී විසිරී ඇති මල් ඇහිදීමට පටන් ගත්තේය. කිසිවක් නොපැවසු එම මිනිසා තවමත් නිහඩව බලා සිටී. ඉක්මනින් බිම වැටී තිබූ මල්
ටික අහුලා වට්ටියට දැමූ දහම් එය දෑතින්ම ආගන්තුක මිනිසා දෙසට දිගු කලේය.. අනේ මාමේ මට සමාවෙන්න. මම මාමා ඉන්නවා දැක්කෙ නෑ. පුතා ඇයි අඩන්නෙ...? ඉතාමත් කරුණාවෙන් එම මිනිසා දහම්ගෙන් ඇසුවේය. තම බෙහෙත් කන්මාඩි දෙක අතරින් තමාටත් හොර රහසෙ ගලා ගොස් තිබූ කදුලු දෙස එම ආගන්තුක මිනිසා බලා සිට ඇත. මම අද මාමේ මෙහෙට ආවේ. මම රත්න පුරේ. කැම්පස් එකට මාව තේරුනා. ඉතින් අප්පච්චි මාව බෝඩිමට දාලා යන්න ගියේ දැන්. මට ඉන්නෙ මගේ රත්තරං අප්පච්චි විතරයි. තම ජීවිත කතාව ඉතා කෙටියෙන් එම මිනිසා හමුවේ දිග හැරි දහම් අවසානයේ දිගු සුසුමක් හෙලුවේය... මොහොතක් දහම් දෙස බලා සිටි එම මිනිසා ඉතාමත් සුන්දර සිනහවකින් සංග්‍රහා කරමින් ආපසු මල් ගස දෙසට පියනැගුවේය. තම උපැස් යුවල ගලවා තම කමිසයෙන් පිහිදා දැස කුඩා කර මෙම අමුතු මිනිසා දෙස දහම් ඉතා ඔනෑ කමින් බැලුවේය. කුරු කොන්ඩයක් සහා මුහුන පුරා වැවුනු ගණකම් රැවුලකින්‍ යුතු තරබාරු ශරීරයක් සහිත මිටි පුද්ගලයකු වූ ඔහු සතුව ඉතාමත් තියුනු නමුත් කරුණා බර දෑසක් සහා ශක්තිමත් ශරීරයක් විය. මම එහෙනම් ගිහින් එන්නම් මාමෙ.. සමාවෙන්න මගෙ අතින් නොදැන සිදුවූ වැරැද්දට.. මොහොතක් දමිත් දෙස බලා සිටි එම මිනිසා ඉතාමත් සෙමින් කතාකලේය. ආ පුතා. මේ මල් ටික ගන්න. මේ වැටුනු මල් නෙවෙයි . දැන් ගහෙන් කඩාගත්ත කිලුටු නැති මල් ටිකක්. මේක අරගෙන පන්සලට ගිහින් බුදුන් වැදලා හිත ටිකක් සැහැල්ලු කරගන්න පුතා. ඔහුට ස්තුති කොට දහම් ඔහුගෙන් සමුගත්තේය... ########################### ඉතාමත් දැඩි ලෙස පහර කෑමට වලට ලක්වූ දහම් ඉතා අපහසුවෙන් සවස තම බෝඩින් කාමරය වෙතට පියනැගුවේය. තම පියා විසින් එලියේ තම මිතුරකුගේ නිවසක කාමරයක් සොයා දුන්නෙත් තමාව නවක වදයෙන් බේරාගන්නට උවමනා නිසා බව ඔහුගේ මතකයට පැමිනියේය. ඔහුගේ මුහුන දම්පැහැ වී ඇත. එක් ඇසක් සහා කම්මුලක් ඉදිමී ඇත. ඔහු ඉතා අපහසුවෙන් විහාර මාවත දිගේ පැමිනෙමින් සිටී. පුතා මොකද වුනේ..? එක්වරම ඇසුනු ශබ්දයෙන් දහම් ඉතා අපහසුවෙන් හැරී බැලුවේය. මීට දින කිහිපයකට පෙර හමුවූ මිනිසා මල් වට්ටියක් අත තබාගෙන දැස ලොකු කරගෙන තමා පිටුපසින් හිද තමා දෙස බලා සිටිනා බව ඔහු දුටුවේය. කිසිවක් නොපවසා දහම් බිම බලාගත්තේය. මොකද වුනේ ළමයො...? මූන ඉදිමිලා නේද .? කවුරු හරි එක්ක ගහගත්තාද.? නැහැ ලෙස බිම බලාගෙනම දහම් දෙපසට හිස සැලුවේය. ඇත්ත කියන්න පුතා. කවුද මේ දේ කලේ..? මොකක්ද වුනේ...? මට හංගන්නෙ නැතුව වුන සියලුම සිදුවීම කියන්න....? ඔහු ඉතාමත් සෙමින් කලබලයක් නැතිව විමසීය. මට කැම්පස් එකේදී ඉතිරි වචන කිහිපය දහම්ගෙ මුවින් පිටවූයේ නැත. ඔහු කුඩා දරුවකු ලෙස ඉකි බිදීමට පටන්ගත්තේය... කවුද මේක කලේ....? කියන්න.. එම නාදුනන මිනිසා දහම්ගෙන් සියල්ල අසා දැනගත්තේය. ඔවුන් කතා කරමින් සිටින අතර එක් වරම විහාර මාවත දෙසින් මහා හඩක් නන්වමින් ට්‍රේල් වර්ගයේ යතුරු පැදියක් පැමිනියේය. ඉතාමත් වේගයෙන් පැමිනි එම යතුරු පැදිය මෙම දෙදෙනා අසලට ලං වන විටදී එක්වරම පිටුපස රෝදය ඉහලට එසවී පැත්තට යන ආකාරයට වේගයෙන් හරවා නතර කරන ලදි. මුලු මුහුනම වැහෙන ආකාරයේ හෙල්මටයක් පැලද සිටි කෙට්ටු ශක්තිමත් ශරීරයක් තිබූ පුද්ගලයෙක් එය පදවා පැමිනියේය. හවායි ආකාරයේ උඩ බොත්තම් කිහිපය ඇර දැමූ කමිසයක් සහා ඩබල් පොකට් කලිසමක් ඇද සිටි ඔහු ඉතා කඩවසම් තරුණයකු විය. ඔහු යතුරු පැදියේ ඇන්ජිම නතර නොකර තියුනු දෙනෙතින් මාරුවෙන් මාරුවට දහම් දෙසත් නාදුනන මිනිසා දෙසත් බලමින් සිටී. මොහොතකින් යතුරු පැදිය ක්‍රියා විරහිත කරන ලදි. පරිසරය තප්පර කිහිපයක් නිහඩ විය. නාදුනන මිනිසුන් දෙදෙනා දහම් දෙස බලා සිටී. නිහඩ තාවය බිද දමමින් තරබාරු මිනිසා හඩ අවදි කලේය.. පුතා. මේ මල් වට්ටිය ගන්න. මේ රුපියල් සීයත් අරන් තෙල් හදුන් කූරු අරගෙන පන්සලට ගිහින් හිතේ දුක තුනී වෙන්නත් එක්ක බුදුන් වැදලා එන්න. දහම් මොහොතක් නිහඩව මල් වට්ටිය දෙසත් ආගන්තුක මිනිසුන් දෙදෙනා දෙසත් බලමින් සිට මල් වට්ටියත් රුපියල් සීයත් අරගත්තේය. හෙට අලුත් දවසක්. අලුත් ආරම්භයක්. ඔයාට ආයි කවුරුවත් කරදර කරන එකක් නෑ පුතා. මේක මගේ පොරොන්දුවක් .. බොහොම පිං මාමේ. එහෙමනන් මම ගිහින් එන්නම් මාමේ.. බුදුසරණයි ! බුදුසරණයි පුතා... ############################## දින සති කිහිපයක් ගතවීය. එක්තරා උදෑසනක සරසවි භූමිය ඉදිරිපිට විශාල කලබලයකි. ඉතාමත් කුතුහලයෙන් යුතුව දහම් මෙම කලබලය කුමක්දැයි සොයා බැලුවේය.. මොකද නිශාදි වෙලා තියෙන්නෙ...? අන්න අපිට රැග් කරපු ලොකු සාරංගටයි නවීන්ටයි. ධනුකටයි තරංගටයි කවුද අද පාන්දර ඇවිත් යකඩ පොලුවලින් කකුල් අත් කැඩෙනකන් ගහලා නේවාසිකාරය ලග කානුවේ දාලා ගිහින් . මොනවා.... කවුද ඒ අපරාදේ කරලා තියෙන්නෙ..? දන්නෙ නෑ කවුරුවත් . මේ පැත්තෙ ඉන්න කවුද ලොකු පාතාලෙ කෙනෙක්ගෙ මල්ලි කෙනෙකුත් අපිත් එක්ක ඉන්නවාලු දහම්. ඒ කෙනාට මෙයාලා රැග් කරලාලු. ඒකට තමයි මේ දේ කරලා තියෙන්නෙ. එහෙමද..? ආ දහම්. දන්නවාද වැඩක්...? තමන් අසලට පැමිනි සුදේව කතාවට මුල පිරුවේය. අන්න අරුන් හතර දෙනා ඉවරයි . අවුරුදු ගානකට ආයි ඇවිදින්න වෙන එකක් නැ. දනහිස් කුඩු කරලා හතර දෙනාගෙ. කවුද ඒ අපරාදේ කරලා තියෙන්නෙ..? අපරාදේ...? අපරාදේ නෙවෙයි නියමම වැඩක් කරලා තියෙන්නෙ ඔය සත්තු ටිකකට. ඕකුන් මට අර කානුවෙ වතුරත් පෙව්වා. පොලීසියට කියල නැද්ද ..? පොලීසිය ඇවිත් තමයි අර හතර දෙනාව ඉස්පිරිතාලෙ අරන් ගිහින් තියෙන්නෙ.. කවුද මේක කරලා තියෙන්නෙ...? අර කඩේ අංකල් දැකලා සිද්දිය. ඒක අපේ කරුණාරත්න සර් එකක කියනවා මම අහගෙන.. මෑන් කිව්වෙ ඒ ආවේ මාදින්නාගොඩ සුගත් කියන කෙනයි පාමංකඩ අසෝක කියන කෙනයිලු. යකඩ පොලු වලින්මලු කකුල් වලට ගැහුවෙ. කවුරුවත් පොලීසියට මුකුත්ම කියලා නෑ. නිකන් වෙඩි කන්න ඔන්නෙ නැනේ. කවුද පාමංකඩ අසෝක කියන්නෙ..? මැන්ගෙ මල්ලි කෙනෙක්ට මුන් රැග් කරලාලු නරක විදිහට. ඒකලු මෙහෙම ගහලා තියෙන්නෙ. අර සුගත් කියන මෑන් තුවක්කුවක් ඇදලා අරන් හතර දෙනාටම වෙඩි තියන්න හදලා තියෙන්නෙ. අසෝක කියන කෙනා ඒකට ඉඩ දිලා නෑ. එහෙමද.... ############################# දින සති මාස ගනනක් ගෙවී ගියේය. කැම්පස් ජීවිතයේ යලි කිසිදාක දහම්ට නවක වදයට මුහුන දීමට සිදුවූයේ නැත. දිනක් ඔහු සවස ඔහුගේ බෝඩිම කරා එන විට ගොඩ දවසකට පසුව නාදුනන මිනිසා සුදු මල් ගසේ මල් කඩමින් සිටිනු දහම් දුටුවේය. ආ මාමේ. ගොඩක් දවසකින් නේද..? කොහොමද පුතා... හොදින් ඉන්නවා නේද ..? ඔව් මාමේ. වෙසක් නිවාඩුවට ගෙදරගිහින් එන්න යන්න ඔනා හෙට.. හොදයි පුතා. පරිස්සමෙන් එහෙමනම් ගිහින් එන්න.. හොදමයි මාමෙ.. මාම එක්ක කතා කලාට මම මාමගෙ නම වත් දන්නෙ නෑනේ.. නාදුනන මිනිසා දහම් දෙස බලා මුව පුරා සිනහා විය. පුතා මට පුරුදු ලෙසම මාමේ කියලා කතා කරන්නකො.. එසේ පැවසූ නාදුනන මිනිසා විහාරය දෙසට පියමන් කලේය. ආ දහම්. මෙහෙද ඉන්නෙ. තමා අසලට පැමිනි රුක්ශාන් දහම්ගේ පිටට තට්ටුවක් දමමින් කතාවට මුල පිරුවේය. හලෝ රුක්ශාන්. කොහොමද ...? මේ ලග පාතද ඉන්නෙ.? ඔව් මම ඉන්නෙ ඔය විහාරෙ පිටිපස්සෙ මචන්. ඒක නෙවෙයි උබ කොහොමද අසෝක මාමාව දන්නෙ..? කවුද අසෝක කියන්නෙ..? අර උබ එක්ක කතාකරකර ඉදලා දැන් ගියේ ආ. ඒ මාමා හැමදාම මෙතනින් මල් කඩන් පන්සල් යනවා. ඒ දැකලා හදුන ගත්තෙ. වැඩි විස්තරයක් දන්නෙ නැ. කතා කලාට කමක් නෑ රජෝ. ප්‍රවේසමින්.. ඒ මොකෝ.....? එයාට තමයි පාමංකඩ අසෝක කියන්නෙ.... සටහන Tharindu fernando (කොටියා) National wildlife artist 🇱🇰ශිෂ්නයේ ගීය. ************* මේ දූපතේ, කාන්තාවන්ගෙ ලොකු පස්ස -පොඩි පස්ස, ලොකු පපුව -පොඩි පපුව, ලොකු කකුල් - හීනි කකුල්, බොන ගැහැනු - නටන ගැහැනු, බිකිනි ගැහැනු -දියරෙදි ගැහැනු ලොකු හිල්- පොඩි හිල් පෙන්න පෙන්න සෘංගාරයට වසග වෙම්න්ද, මුවාවෙමින්ද, කාන්තා සංහතිය ටාගට් කරන සයිබර් බුලින් කරමින්ද, කාන්තා අග පසග වර්ණනා කරන ලද සාහිත්‍යධරයින්ටද ඇට්ටරයන්ටද ප්‍රේමවන්තයන්ටද නශ්ටකාම කාරයන්ටද සල්ලාලයන්ටද ලිංගිකකුහකයන්ටද ආගම්වාදීන්ටද යොහානිගෙ කොට ශිෂ්ණෙන් ඌයියා වෙන්නම එක වර තඩි බා ඇත. වෙන මොන අටමගලයක් නැති වුනත්, ලමයි තුන්දෙනා හතරදෙනා වදපු අම්මල ශිෂ්ණය කියා ගන්න බැරුව ඇඹරෙන දූපතක, ශුක්‍රානු කියා ගන්න බැරි වැඩිහිටියන් මැදක, රැප් එකකට ශිෂ්ණය දාලා අඹරපු එක නම් මරේ මරු. © අරවින්ද හබක්කලඅවුරුදු පනස් හතක පරණ කතාවක් ලොකු ලොරියේ හඬ පැහැදිලිවම ඇසේ. සැණෙකින් ක්‍රියාත්මක වී ආතලාගේ ගෙදර සිට පාරට දිව්වෙමි. ඇලෙන් එගොඩ වූයේ තත්පර ගානටයි. ලොරියේ දෙපැත්තේ ඇති කවුළු දෙකෙන් එළියට ආ දිග ලයිට් කනු දෙකක් , මහා විශාල නූල් රෝදයක් බඳු මැද සිහින් වන්නට දෙපැත්තට ලොකු රවුම් දෙකක් ඇති ලී රෝද දෙකක් , ආයුධ කඹ ආදියත් රැගෙන සිංහ සෙයියාවෙන් ලොරියේ පිටුපස කොටසේ ගමන් කරන දහ දෙනෙකු ද සමග ලොරිය වෙළ මැද එයි. මා මෙන්ම තවත් ලොරිය බලාපොරොත්තුවෙන් සිටි කොල්ලෝ ද පස්සෙන් දුවති. අඹ සයින් බාප්පලාගේ ගේ ළඟ කන්ද නිසා ලොරියේ වේගය අඩු වූ අතර මමද ඒ රෑනටම එක්වී දිව්වෙමි. ජයරත්න මල්ලී ද මඟදී එකතු වී ආපසු හැරී දුවයි. ගනේගල කන්ද මුදුනට ගිය ලොරිය නවතා සියලු දෙනා බැසගත් අතර කට්ටිය වැඩ ආරම්භ කරමින් කනු දෙක ලොරියෙන් බාගන්නට කටයුතු කෙරෙයි. සේන නමැති අය ඒ කාර්යය සඳහා උරදී සිටී. මේ කණු දෙක සිටවීම සඳහා පමණක් නොව පාර අයිනේ දිගටම වලවල් කපා ඇත්තේ තවත් කණු සිටුවීම සඳහාය. සමහර තැන්වලදී කණුව ඇඳ බැඳ තබා ගැනීමට කම්බියක් දැමීම සඳහා පාරට එපිටින්ද වලවල් කපා ඇත. මහා ඝෝෂාවක් නගමින් කණු කෙළින් කරන්නේ අර ලී රෝද මත තබාගෙනයි. තවත් පොඩි ලොරියක එක කණුවක් පමණක් රැගෙන එයි. එය ද සිටුවන්නේ ඒ අයුරින්මයි. තුන් මං හන්දියට මෙහායින් කණු දෙකක් එක ළඟ සිටුවා ඇති අතර අපගේ වෙලට උඩින් ඇති යකඩ කණු
සහිත විදුලි රැහැන් මග මෙතනින් පාර හරහා යයි. ඊට සම්බන්ධ කරන්නට මේ කණු ටික සිටුවනවා විය යුතුයි. සයින් බාප්පා ලංගම බසයක් එළවනවා වුවත් මාසයේ වැඩි දිනයක් මේ අයගේ පස්සෙන් දුවමින් ද ගෙවල්වලට ලයිට් ගන්නට කන්නලව් කරමින් ඒවාට අත්සන් කරන්නටද දඟලනවා මිස වැඩට යන බවක් නම් පෙනෙන්නේ නැත. පුංචි අම්මා හරි සැරය . බැනුම් ඉවරයක් නැත. වැඩට යන්නේ නැතිවුණාට ඔය නෝපේ යන්නේ කියා කියයි . එහෙත් එයාගේ වැඩ මෙතනින් ඉවර වන්නේ නැත . වැඩට ගියත් දුවගෙන එන්නේ කොතරම් වැඩ කරලා ඇද්ද කියා බලාගෙනමය. ගෙවල්වලට ගිහින් කොතරම් ආයාචනා කළත් ලයිට් වලට සල්ලි බඳින්නට බොහෝ අය අකමැති වූ බවක් පෙනේ. අපේ ආතාට ඒ ගැන උනන්දුවක් නැතත් එයාට සල්ලි නම් ඕනෑ තරම් ඇත. කුප්පි ලාම්පුව අත් හරින්නට අකමැති සේය. කෙසේ හෝ සයින් බාප්පා ගෙවල් 55 ක් පමණ මේ සඳහා දායක කරගන්නට සමත් වී ඇති බව පෙනේ. සමහර ගෙවල්වලට එයාගේ අතින්ම මුදල් යෙදූ බවද පෙනේ. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ දැන හැඳුනුම් කමට සහ ඕනෑකමට මේ විදුලිය යෝජනා ක්‍රමය අංගමුව ග්‍රාමයට ලැබුණත් අසල්වැසි ගම් වලට නම් මේ ගැන හිතා ගන්නටවත් බැරි තරම් කාලයක් ය. 1967 වසර යනු විදුලිය ගැන සිතා ගන්නටවත් බැරි කාලයකි. පොඩි කඩේ ලඟින් පන්සල පැත්තටත් මිල්ටන් රාලහාමිලාගේ ගේ ළඟට යන තුරුත් කණු සිටුවීම සඳහා වලවල් කපා ඇත. කකුල් දෙක පුරාම තුවාල කීපයක් හැදුනේ දූවිල්ල මඩ ආදිය තැවරීම නිසාය. තාත්තා මාව රැගෙන මහායාය වත්තේ පිරිමි වාට්ටුවේ නවත්වා ආවේ තුවාල වලට කොතරම් බෙහෙත් දැම්මත් , දමන්නට රැගෙන ගියත් හවස් වන විට ඒවා ගැලවී තිබීම නිසයි. රබර් කිරි වලින් ඇලෙව්වාට ඇලෙන්නේද නැත. පිරිමි වාට්ටුවේ නතරවීමත් නරක් නොවුනේ තුවාල වලට මාරුවෙන් මාරුවට බෙහෙත් දමන දෙදෙනා වාට්ටුවේ ලයිට් දමනා බෝල හැඩයෙන් යුතු සුවිච් මගින් නියම වෙලාවට ලයිට් දමන්නට සහ නියම වෙලාවට නිවා දමන්නට අවසර දුන් නිසාය. ඒ හැරෙන්නට කඳු මුදුනක් මත පිහිටා ඇති එම රෝහලට යකඩ බටයක් දිගේ වතුර එන අතර යකඩ ටැංකියට වතුර පිරී වරින් වර උතුරා යන්නටද හේතු වෙයි. ඇඟ හෝදාගන්න නාගන්න කාමරයක්ද තිබේ. දොරක් නම් නැත. සැම තැනම විදුලි බල්බ දැල්වෙමින් තිබෙනවා පෙනේ. මේවා අපට ඉතා ආශ්වාදජනක දේ වෙයි. කෑමෙන් ද අඩුපාඩුවක් නැත. උදේට ඇඹුල් කෙසෙල් ගෙඩි දෙකක් සමඟ පාන්ද, දවල්ට රාත්‍රියට රිදී පාට ඇලුමිනියම් පිඟන් වලට බත්ද දෙනු ලැබේ. සමහර දිනවලට උදේට මුං ඇට කඩල ආදී දේ ද ලැබේ. මොනවා කළත් කීවත් අපේ ලයිට් පාර කොතරම් දුරට කෙරීගෙන යනවාද කියා අසා බලන්නටත් අමතක නොකලෙමි. වත්ත පුරා කුඩා සුදු පාට ජීප් රථය යන අයුරු ද කිරිගෙන යන ට්‍රැක්ටරය රබර් වතුයායේ සෑම තැනම යන අයුරු ද කොතරම් බැලුවත් මදිසේය. වරින් වර මොලකන කඩේ ළඟින් රතු පාට කොට බස් රථයක්ද යනු පෙනේ. ඒ බසයට මිනිස්සු කියන්නේ කැලෑ බස් එක කියාය. ඒ සද්දේ හරි අමුතුයි. දින හයකට පමණ පසුව රෝහලින් පිටවී තනියම ගෙදර යන විටදී ( අපේ තාත්තාට මහවිල , අළුපත, මිරියගල්ල කුඹුරු වල වැඩ වැඩිවී ඇත. ආපසු යන්නට භාරකරුවකුද අවශ්‍ය නැත) මුලදී කී කණු දෙක අතර යකඩ බාර් දමා තිබූ අතර කණු සියල්ලම සිටුවා අවසන්කර කම්බි අදින්නට සූදානම් කර තිබුණි. සයින් බාප්පාට, කඩේ ආතාට බොහෝ වැඩ වැඩිවී ඇති සෙයකි. දින කිහිපයක් යන විට කම්බි ඇද හමාර විය. යකඩ බාර් දෙක උඩින් transformer එක නමින් හඳුන්වන ලොකු යකඩ පෙට්ටියක් ගෙනත් තැබූ අතර ලයිට් කණු හතරක් හැර එක කණුවක් සැකල් කණුවක් ලෙස ඒ අය සඳහන් කරන ලදී. අනික් ඒවා සිංගල් කණු විය. මුලින් සඳහන් කළ කණුවේ දෙපැත්තට ආධාරක කම්බි දෙක බැගින් දමා දෙපැත්තට ඇද ඇති අතර විදුලිය ගමන් කරන කම්බි ද හතරැස් කොටුවක් වෙන්නට එකිනෙකට සම්බද්ධ වන සේ ගැටගසා තිබුණි. අවශ්‍ය වූ විටෙක ගලවන්නට වෙන්නට පුළුවන. පොඩි කඩේ ළඟට යනකම් කම්බි පහක් ද එතැන සිට මිල්ටන් රාලහාමිලාගේ ගේ අසලට යනතුරු කම්බි තුනක්ද අදින ලදී. ගෙවල් වයරින් කිරීමේදී ජේන් නැන්දාගේ ලොකු බෑනා රාජපක්ෂ අය්යා, ටෙලිකොම් එකේ වැඩ කරන අරුක්වත්තේ කරුනාරත්න බාස් උන්නැහැ සහ ජයසේකර බාප්පා වීර වික්‍රමාංවිතව වැඩ කරනු පෙනුණි. අපට ඒ අය පෙනුනේ වීරයන් ලෙසයි. ආරම්භයේදීම පන්සලට විදුලිය සපයන ලදී. කුඩා ටෝච් බල්බ් දහස් ගණනක් ඊයම් මගින් අමුණා අලංකාර ලෙස අටවිසි බුද්ධ පූජා කුටි නිමවන ලද්දේ කවුරුන්දැයි දන්නේ නැත. රෑ එළිවෙනතුරු කොල්ලෝ කුරුට්ටෝ පන්සලේම නැවතී සිටිති. වයර් වලින් ඉතිරි වන කුඩා තඹ කැබලි ගෙන මුදු හදාගෙන ඇඟිලි පහටම දමාගෙන සිටිති. පන්සලේ මිදුලේ කණුවලද බුදු ගෙයි ද ධර්මශාලාව වටේ ද ඒකාලෝක කරමින් විදුලි පහන් දැල්වෙයි. සියලු දෙනාගේ සතුට උතුරා ගලා යයි. රටකජු, වඩේ, හැලප , බොම්බයිමොටයි ආදිය විකුණන තාවකාලික කඩද ඉදිවී ඇත. වඩේ වඩේ කියනා හඬ වැඩියෙන් ඇසෙන්නේ සෝමසිරිගෙන්ය. මල්වට්ටි වෙන්දේසිය, සල්පිල ආදිය සරුවට තිබේ. පුරා දින හතක් යනතුරුම පන්සල සහ ගම උත්සව ශ්‍රීයෙන් වෙලී ගොස්‍ තිබේ . සයින් බාප්පා, තෝමස් ආතා , සිමියොන් මාමා, පේමදාස මාමා , ලුවිස් මාමා, මිල්ටන් රාළහාමි, ජයසේකර බාප්පාගේ අයියා පොඩි බාප්පා, සයින්මාමා, මාටින් මාමා, චන්ද්‍රසේන මුදලාලි වැනි අය ඉහළම ආඩම්බරකාරයෝ වී සිටින්නේ ඒ අයගේ ගෙවල්වලටද විදුලිය ලැබී ඇති බැවිණි. අපේ ආතාට නම් වගේ වගක් නැත. එහෙත් ගාම්භීරකම අඩුවී නැත්තේ පැට්‍රල් ලාම්පුව පත්තු කරනවා නිසා විය යුතුයි. පේමදාස මාමාගේ ගෙදර අපේ ගෙදරට අල්ලපු ගෙදරයි. ගේ වටේ ගොස් මුලුතැන් ගෙට ගොඩවෙනවා මිස ගේ ඇතුලට ගන්නේ ඉතාම කලාතුරකින් කෙනෙකි . තෝමස් ආතාගේ අණ පරිදි බව පෙනේ. ලිඳ ළඟ එළියේ ඇති ලයිට් ස්විච් එක මමද කීප වරක් දමා බල්බය දැල්වෙනවා බලා ඇත්තෙමි. ගේ මැද කිරිපාට ලයිට් පොල්ලකි. එලියේ සිට බලනවිට පුදුමාකාර ලස්සනක් එහි ඇත. විදුලි පහන් දැල්වූ කල එළියට පුදුම ලස්සනට පෙනෙයි. බුදු මැදුර ටිකක් දුරින් ඇති අතර එයටද විදුලි වයර් සම්බන්ධ කර ඇත . නිතරම කහ පාට පොඩි බල්බ් එකක් දැල්වෙන බව පෙනේ. පේමදාස මාමාගේ පුතාලා දෙදෙනාගෙන් අනුර තරමක් අහංකාර වුවත් ගාමිණී එහෙම නැත. අපිට හිතවත්ය. එයා කා සමගත් යාළුය. ගමේ කොයි කවුරුත් මූලිකව අධ්‍යාපනය සඳහා යන්නේ අංගමුව කනිෂ්ඨ විද්‍යාලයටයි. මාගේ ළඟම මිතුරා ඇම් පී සෙනව්රත්නයි. නාලනී ධර්මරත්න සහ ඇම් පී සෙනව්රත්න දෙක තුන දිනාගන්නට තැන මාරු කරගන්නා අතර මා හැමදාම පන්තියේ පළවෙනියා වෙයි. සැමදාම මට ගණිතයට ලකුණු සීයයි. වාර විභාග ප්‍රතිඵල දැනගෙන ගෙදර එන විට සෑමදාම තාත්තා මා උඩ දමා නැවත අල්ලනවාමයි. මා පළවෙනියා බව තාත්තා නියතවම දන්නා නිසයි . පාසලේදී මා කවි ගීත කියනා විට මුලු පාසලම නිහඬව සිටගෙන අසන අතර පාදුක්ක ලොකු පාසලට තරග වලට රැගෙන යන්නේද මාවමයි. (නිතරම කියන ගීතයක් නම් ජන සතු මල් ගස කුසුමින් පිරිලා සුවඳ පිටාරය ගලයි ගලයි නවෝදයේ හිරු පෙරගින් පායා සතුටේ රිවිකැන් සලයි සලයි. ) නොයෙක් දෙනා නොයෙක් තැන්වලදී මා ලවා මේ ගීත කවි ගායනා කරවා ගන්නා අතර මිරියගල්ලේ ලුවිස් මාමලාගේ ගේ ඉදිරිපිට පොඩි සයින් මාමාගේ කඩේ දුම් කොළ පෙට්ටිය උඩ සිට කියනා විට එගොඩ ගොඩේ එමා නැන්දා හෝ වෙනත් කවුරුන් හෝ සීනි බනිස් ගෙඩියක් දෙනවාමයි. පාසලේදී ඇදීහැස බිස්කට් සමාගම රවුම් බිස්කට් හයක් එක් ළමයෙකුට දෙන අතර පාසල ඉදිරිපිට සිටිනා හේමලතා අක්කා සහ ඇස් වෙද මහත්මයලාගේ ඉඩමේ සිටින චන්ද්‍රලතා අක්කා බිස්කට් සියල්ලම මට දෙන අතර මම ගෙදර ගෙනවිත් අම්මාට දෙන්නෙමි. පොඩි සයින් මාමා සහ රූපසේන මාමා අපට කරදර කල අවස්ථාද ඇත. හේතුවක් දන්නේ නැත. ගනේගල කන්ද පුරාම තිබෙන ගොඩපර ගස්වල ගෙඩි ගෝනි ගණනක් කඩා ගෙන ආවත් සල්ලි දෙන බව කීවත් ජයරත්න මල්ලිත් අයියලා දෙදෙනාත් මමත් කොතරම් ගොඩපර ගෙඩි ගෙන ගොස් දුන්නත් සල්ලි දුන්නේම නැත. අපේ තාත්තා අතේ හවස ඩෙල්ටා ටොපි හතරක් එවා තිබුණි. අපේ ලොකු අයියා අපට වීරයෙකි. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව හංවැල්ල සෙන්ට්‍රල් එකේ බෝඩිං වී සිටී. නිවාඩුවට ගෙදර එයි. දුවන්නට ඉතාම හපනෙකි. පරදින්නේම නැත. ජයසුන්දර අයියා ද අපේ වීරයෙකි. සෑම දේටම දක්ෂයෙකි. ඉගෙන ගන්නේද හංවැල්ල සෙන්ට්‍රල් එකේය. දුවන්නටත් තුන් පිම්මටත් ඉතාම දක්ෂයි. අපේ පොඩි අයියා චණ්ඩියෙකි. අපේ ගෙදර බොහෝ දෙනා එයාට බයයි. අලියා කියා කියන්නේ සෑම දෙනාම පරදවන නිසා විය හැකියි. ජයසුන්දර අයියාගේ ගේ පාර අයිනේ නිසා බෝල ගසන්නට ඉඩ නැත. අපේ මිදුලේ ඕනෑ තරම් ඉඩ ඇත. මේ තුන්දෙනා නිවාඩුවට අපේ ගෙදර බෝල ගසන්නට එකතු වෙති. ජයරත්න මල්ලීටත් මටත් ඇත්තේ බෝල ඇහිලීම පමණයි. බෝලයට ලී පිත්තෙන් පහර දෙන්නේ ඒ තිදෙනා පමණි. කවුරුවත් ලෙහෙසියෙන් පරදින්නේද නැත. තිදෙනාම එක සමානව දක්ෂ නිසා විය යුතුයි. මීට වඩා මට හොඳටම වටින්නේ බෝපෙ ළමයා හෙවත් සුනිල් සමග එකතුවී කරනවා දේවල්ය. හිස් සැමන් ටින් දෙකක් ගෙන මැදින් හිල් කර දිග නයිලෝන් නූලක් රිංගවා ඇතුලෙන් යකඩ ඇනයක් ගැට ගසා ඈතට ඇද ටෙලිෆෝන් කිරීමේ කටයුත්ත ඉතා විනෝදජනක වෙයි. රබර්වත්ත හරහා නූල ඇදගත් විට ටින් දෙක තදින් අල්ලා ගත යුතුවෙයි. නූල ටින් ටින් ගානා තරමට ශබ්දය පැහැදිලි වෙයි. නූල ගහක ගෑවුනොත් ශබ්දය ඇසෙන්නේ නැත. ජයරත්න මල්ලි සහ සුමති මේවාට උපකාරී වෙයි. සුනිල් නිතර නිතර මුණ ගැසෙන්නේ නැති අතර නැවත එන විට නූල් ටික නැති වී තිබූ අවස්ථා එමටයි. අරුක්වතුපුර මිතුරු සමාජයේ සිසිර කුමාර අයියා එය මැනවින් පවත්වාගෙන යයි. අපේ ගමේ බොහෝ දෙනා එයට සාමාජික වී සිටිති. කවි සින්දු කියන්නට, පොත් බලන්නට ,පොත් ගේන්නට, අපද එකතු වී යන්නෙමු. අප රැගෙන එන පොත් අපේ අම්මාද අක්කලාද බලති. . සිරිකෙත ගෙදර පාර අයිනේ ම ගෙදරකි. හරි ලස්සන නිවසකි. එහි සිටිනා ආරිය පාල අයියා හරිම නිරහංකාර කෙනෙකි. අපට එන විට පිලිස්සී ගිය බල්බ් ඉල්ලුවොත් දෙයි. කුප්පි ලාම්පු හදන්නට අපේ තාත්තා ඒවා ප්‍රයෝජනයට ගනී. වෙලට කමතට ගෙනියන්නේ ද එම කුප්පිලාම්පුවයි. ගසක එල්ලා තබන්නට හැකි අයුරින් කම්බි වලින් ආවරණය කර ඇත. සයින් බාප්පා කලාවටද කැමති සේය. ඒ ගෙදර රේඩියෝ එ
කක් ඇති අතර දිග බැටරි කෑලි හයක් සහ තවත් පතුරු කෑලි ඇති බැටරි පෙට්ටියකින් එම රේඩියෝව ක්‍රියාත්මක වෙයි. බැටරිය බැස ගියාට පසුව එම බැටරිය පල්ලමට විසිකර දමයි. එය විසිකර දමා තිබුණත් කවුරුවත් රැගෙන යන්නේ නම් නැත. කාටවත් වැඩක්ද නැත. මම එය ගෙදර ගෙනැවිත් දිග බැටරි කෑලි දෙක බැගින් එකට තබා ඔටුපාලු වලින් ඔතා උඩ පැත්ත වෙනමත් යට පැත්ත වෙනමත් තඹ කම්බි වලින් සම්බන්ධ කර ගන්නෙමි. කුඩා බටලී කැබැල්ලක් කපා එක පැත්තකට ටෝච් බල්බයක් දමා ඒ වටේ වයර් කෑල්ලක් බැඳගෙන පිටිපසට වයර් කැබැල්ලක් ඇතුළු කර ලී මූඩියක් ගසාගන්නෙමි . පිච්චී ගිය බල්බ් එකේ කළුපාට පිටිපස කොටස ඇනයක් මිටියක් උපකාරී කරගෙන කඩා ඉවත් කර කරගන්නා අතර ඇතුළත ඇති සියලු දේ ඉවත් කර දමන්නෙමි. වයර් දෙක සහිත ටෝච් බල්බ් එක ඇතුල් කරන්නෙමි. එය උඩ එල්ලා වයර් දෙක දිගට ගන්නෙමි. බැටරිය සම්බන්ධ කරගත් විට හොඳ ආලෝකයක් ගේ පුරා විසිරී යයි. හිතට හරි සතුටුයි. අම්මාටද සතුටුයි . මේ කටයුත්ත දැන් ගොඩක් කලක සිට කරගෙන යන අතර එම බැටරි බැස ගිය පසු නැවත අපගේ ගෙදරට එළිය එන්නේ සයින් බාප්පා නැවත බැටරිය පහළට විසි කළ පසුවයි. සති දෙකක් පමණ අපට එම බැටරි ප්‍රයෝජනවත් වෙයි. දැන් ටික කලක සිට සයින් බාප්පා බැටරි විසි කරන්නේ නැත. වෙන කාටවත් මේවායින් වැඩක්ද නැත. සුමති එහෙම ඇහින්දා නම් මට කියනවාමයි. එයාට එයින් වැඩක්ද නැත . හිතාගන්නත් බැරිය. අම්මා දින කීපයක්ම මේ ගැන මගෙන් ඇසුවාය. දැන් කොහාටද බැටරි විසි කරන්නේ කියා පද්මසිරිගෙන් ඇසූ විට තාත්තා වෙනත් රේඩියෝ එකක් ගෙනා බව කීවේය. විදුලිය ලැබුණු පසුව transister රේඩියෝ එකක් ගෙනවිත් ඇත. ගමට විදුලිය ලැබුණ පසු මාසයකට දින කීපයක් දැල්වුන අපගේ ටෝර්ච් බැටරි ලාම්පුව නිවී ගියා සේ දැනේ.මම දවසක් කඩුවෙල ගිහින් එද්දි ටිකක් හවස් වුණා. ගෙදර ගේට්ටුව ළඟට ආවාම වයිෆ් කෑ ගහනවා ඇහුණා. සාමාන්‍යයෙන් එයා කෑ ගහන්නෙ නැති හින්දා මම ටිකක් පුදුම වුනා. කාටද කෑ ගහන්නෙ කියලා පැහැදිලි නැතිවුනාට දොර ළඟට එද්දි තමයි සිතුමිට බනින්නනෙ කියලා තේරුණේ. මම දොර ළඟට ආවාත් දෙන්නාගෙන් කවුරුත් මාව දැක්කේ නෑ. පුංචි - මොකටද ඔයා මගේ වයලීන් එක කඩලා දැම්මේ සිතුමි - අනේ පුංචි මම හිතුවේ ඒවා අයෙත් හදන්න පුළුවන් කියලා. පුංචි - ඔයා මොකටද මේක ගත්තේ. සිතුමි - නිකං මට හිතුන දේ හරිද බලන්න පුංචි - මොකක් හරිද බලන්නද? සිතුමි - කතාවක් පුංචි - මොන...මට වැඩක් නෑ ඒක. ඔයා වයලීන් ගහන්න කැමතිද? සිතුමි - නෑ. මම වයලීන් ගහන්න කැමති නෑ. පුංචි - වයලීන් ගහන්න අකමැති නම් මොකටද මේවා අල්ලන්නෙ. මේවා තියෙන්නෙ කැමති අයට පාවිච්චි කරන්න. අකමැති අයට නෙමෙයි. කැමති අය මේවා කඩන්නෙ නෑ පරිස්සම් කරනවා. බලන්න මේකේ තත් තුනක්ම කඩලා දාලානෙ. සිතුමි - මට සමාවෙන්න පුංචි, මම ආයෙත් ඕක අල්ලන්නෙ නෑ. වයිෆ් තරහින්ම වයලීන් එක අරගෙන කාමරේට ගියා. වයලීනය අවුරුදු පහළවක් විතර පරණයි කියලාත් එයා ඒකට ගොඩක් ආසයි කියලාත් මම දැනගෙන හිටියා. එයාට තරහා ගියපු වෙලාවට සද්ද නැතුව ඉන්න එක තමයි හොඳ කියලා දන්න හින්දා මම ඒ ගැන මොනවාත් අහන්න ගියේ නෑ. සිතුමිත් ටික වෙලාවක් අඬ අඬ හිටියා. පැයක් දෙකක් ගියාට පස්සේ වයිෆ්ගේ කේන්තිය නිමිලා එයාම ඇවිත් සිතුමිව නලවන්න පටන් ගත්තා. මම හිටියේ කාමරේට වෙලා කතාවක සිද්ධියක් ගලපන ගමන්. හැබැයි දෙන්නා කතා කරන දේවල් මට හොඳට ඇහුණා. පුංචි - හරි හරි දැන් ඒක ඉවරයි. ඔයාගේ දේවල් ඔයා කාටවත් අල්ලන්න දෙන්නෙ නෑ නේද? සිතුමි - නෑ පුංචි - අන්න ඒ වගේ අනිත් අයත් තමන්ගේ දේවල්වලට ආසයි. ඒක හින්දා වෙන කෙනෙක්ගේ දේවල් ගත්තාම පරිස්සම් කරලා තියන්න ඕන. තේරුණාද? සිතුමි - ඔව් මට තේරුණා. පුංචි - ඇත්තටම ඔයා මොකක් කරන්න ගිහිල්ලාද ඒක කැඩුණේ. සිතුමි - ආ...මේකනෙ පුංචි වුනේ. මේ ආච්චි මට බොරු කතාවක් කියලා දුන්නා. මම ඒක බොරුද කියලා බැලුවා. පුංචි - මොකක්ද බොරු කතාව සිතුමි - මට එයාලාගේ නම් මතක නෑ. හැබැයි ගුරුවරයෙකුයි ගෝලයෙකුයි ගැන කතාවක් හොඳද? පුංචි - හරි ඉතිං සිතුමි - ගුරුවරයාගෙන් වයලීන් ගහන්න ඉගෙන ගෙන ගෝලයා ගුරුවරයාටම තරඟෙකට එන්න කියනවා. පුංචි - ආ..ඒක වයලීනයක් නම් නෙමෙයි කමක් නෑ ඉතිං. සිතුමි - ඉතිං ගුරුවරයා වයස හින්දා ගෝලයාට බයේ කැලේට යනවා. හැබැයි දෙවියෙක් හම්බවෙලා එයාට ගුලි තුනක් දෙනවා. ඊට පස්සේ එයා තරඟෙට ඇවිත් ගුලියක් උඩ දානකොට වයලීන් එකේ කම්බිය ගානේ ගලවනවා. එහෙම කම්බි තුනක් ගලවනවා. ගුලි තුනට කම්බි තුනයි තේරුණාද පුංචිට. පුංචි - අ...කම්බි නම් නෙමෙයි කමක් නෑ කියන්නකෝ. සිතුමි - වයලීන් එකේ කම්බි තුකත් ගැලෙව්වාම ගොඩක් ලස්සනට සද්දේ ඇහෙනවාලු. ගෝලයා ඒක දිහා බලාගෙන ඉඳලා එයාත් කම්බි ගලවලා දාලා. ඊට පස්සේ එයාගේ වයලීන් එකෙන් කැත සද්දයක් ඇවිල්ලා තියෙන්නෙ. ගුරුවරයාගේ වයලීන් එකෙන් සද්දේ හොඳට ආව හින්දා සුරංගනාවියොත් ඇවිල්ලා නටලා තියනවාලු. පුංචි - හරි හරි මොකක්ද දැන් ඔයාගේ ප්‍රශ්නෙ. සිතුමි - කම්බිවලින් නම් සද්දේ එන්නෙ ඒවා කැඩුවාම සද්දේ ලස්සනට එන්න බෑනෙ පුංචි. එහෙනම් ඒවා අපි ගන්නකෝටම කඩලා දෙන්න එපැයි. මම ආච්චිට කිව්වා එහෙම වෙන්න බෑ කියලා. එයා කියනවා එහෙම වුනාලු. පුංචි - ඒක හින්දා මගේ වයලීන් එක කඩලා බැලුවා. සිතුමි - හි හි හි අන්න හරි. ඇත්තටම පුංචි ඇයි ආච්චි මට බොරු කතා උගන්නන්නෙ. නැත්තම් ඒක ඇත්තද? පුංචි - ඔය දෙවියෝ සුරංගනාවියෝ සම්බන්ධ දේවල් මට තේරෙන්නෙ නෑ ළමයෝ. බාප්පාගෙන් අහලා බලන්න සමහර විට එයා දන්නවා ඇති. වයිෆ් හැමදාම වගේ මාව හේත්තු කළා සිතුමිගේ ප්‍රශ්නෙට. මම ලියන ගමන් හිනාවෙවි කල්පනා කළේ සිතුමි කිව්ව දේ ගැන. දෙන්නා කතාව දිගට අරගෙන ගියා ටික වෙලාවකින් එකපාරටම සිතුමි කෑ ගැහුවා. සිතුමි - මම දන්නවා එදා මොකක්ද වුනෙ කියලා. මම දන්නවා. පුංචි - ඔයා දන්නවා මොකක්ද? සිතුමි - කැලේට ගියාට පස්සේ දෙවියෝ ගුරුවරයාට ගුලි තුනක් දුන්නෙ බොරුවට. පුංචි - මොකක්..!! සිතුමි - ඔව් ඔව්, දෙවියෝ ගුලි එක්ක රෙකෝඩර් එකක් දිලා තියනවා ගුරුවරයාට. පුංචි - ඒ කාලේ රෙකෝඩර් තිබ්බේ නෑනෙ. සිතුමි - එයා දෙවියෙක්නෙ පුංචි. දිව්‍යලෝකේ ඒවා ඒ කාලේ ඉඳන්ම තියෙන්න ඕන. නැත්තම් දිව්‍යලෝකයක් වෙන්නෙ කොහොමද? අපිට ඒවා පස්සෙනෙ එන්නෙ. පුංචි - හහ් හහ් එහෙමද? සිතුමි - හිනාවෙන්න එපා මම ඇත්ත කියන්නෙ. ගුරුවරයා ලස්සනට වයලීන් එක ගහලා රෙකෝඩ් කරගන්නවා. ඊට පස්සේ තරඟෙට ඇවිත් රෙකෝඩර් එක වයලීන් එක ළඟින්ම හංගාගන්නවා. ගුලි තුන බොරුවට උඩ දාලා කම්බි කඩනවා. මෝඩ ගෝලයා රැවටෙනවා. රෙකෝඩර් එකෙන් එන සද්දෙට තමයි සුරංගනාවියොත් එන්නෙ. දැන්නෙ මට මේක තේරුණේ. ආච්චි කාගෙන් හරි බාගෙට කතාව අහගෙන. මම හරි නේද පුංචි. පුංචි - අ....මේ....ඒක..ම්.. මේ කාලේ තියන ප්‍රශ්න හින්දා සාමාන්‍යයෙන් මට හිනායන්නෙ නෑ. හැබැයි ඒ වෙලාවේ මට හිනාව නවත්තාගන්නත් ටිකක් අමාරු වුණා. .................................................. ඉවරයි..ෂ්.. මේ ... හසරැළි, " කැලෙන්ඩර් " ලියන්නෙ කොහොම ද? මං රහසින් ඇහුවෙ ඉංග්‍රීසි පේපරේ මැද මට එහා පැත්තෙ ඩෙස්ක් එකේ හිටිය එයාගෙන්. එතකොට අපි 5 පන්තියෙ.මගෙ ඉංග්‍රීසි නිල්. මේ පළවෙනි වාර විභාගෙ.යන්තම් වන් ටූ ත්‍රී කියල ටෙන් වෙනකම් කියාගන්ඩ විතරයි මට පුලුවං. හසරැළි බයෙන් වගේ එයාගෙ බෝල ඇස් කරකවල වට පිට බලලා හිස් ෆුල්ස්කැප් කොලේක මට පේන්ඩ ලොකුවට අකුරෙන් අකුර ලියන්ඩ ගත්තා. C A L E N D A R වචනෙම ලියල මං දිහා බලල ඇස් වලින් ඒක පෙන්නල තත්පරයක් ආයෙ මං දිහා බලන් ඉඳල එයා ආයෙ යුහුසුළුව පේපර් එක කරන්න ගත්තා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා මාත් හසරැළිත් ඇතුළුව අපේ පන්‍තියෙ ගොඩක් ළමයි වෙන වෙන ඉස්කෝල වලට විතැන් වුණා.5 පන්තියෙ තුන්වෙනි වාරෙ අවසාන දවසෙ ලොකු ෆැන්ටා, ක්‍රීම් සෝඩා බෝතල් දෙක තුනක් ගෙනැල්ලා පාටියක් වගෙ එකක් තිබ්බා මතකයි.බටර් කේක් එකක් චූටි චූටි කෑලි කපලා කෙසෙල් ගෙඩියකුයි තල කැරැල්ලකුයි එක්ක සලාකෙ බෙදනවා වගේ පන්ති නායකයයි නායිකාවයි බෙදාගෙන ගියා.හසරැළි ට තල කැරළි අප්පිරියයි කියල කට ඇද කරල එයාගෙ එක මට දික් කරා.මං ගත්ත ගමන් මළ පෙරේතය වගේ එවෙලෙම ඒක කටේ ඔබා ගත්ත හැටි මතක් වෙද්දි මට දැනුත් හිනා යනවා. හසරැළිත් හයියෙන්ම හිනා වුණා ! ඒ හිනා හඬෙන් පස්සේ අවුරුදු 22ක් යනකම් එයාගෙ කිසිම හසරැල්ලක් මගෙ ඇහේවත් කනේවත් ගැටුණේ නෑ.මෙච්චර අවුරුදු ගානක් ෆේස් බුක් එකේ හක්කොලං ගහල නිකමටවත් සජෙශන් එකක්,ටැග්වෙච්චි ෆොටෝ එකක් අහුවුණේ නෑ.කොටින්ම අපි ලඟ පාත ගම්වල වුණත් අහම්බෙකින්වත් දැක්කෙවත් නෑ !!! ඒත් මට හොඳටම විශ්වාසයි අද උදේ රුවන්මැලි සෑයෙ වැලි මලුවෙන් සලපතල මළුවට ඇතුළු වෙන පඩිපෙළ පටන් ගන්න තැන මං දැක්ක බෝල ඇස් දෙක හසරැළිගෙම තමයි ! පඩි තුන හතරක් උඩට නගිනකම් දැකල පුරුදුයි කව්ද යකෝ ??? හිත හිත ගිය මට මළුවට අඩිය තියනකොටම UHF චැනල් එකක් ටියුන් උනා වගේ කෙනා පැහැදිලි උනා.ඒ මොහොතෙ ක්ෂණිකවම හැරිල සෙනග අතරෙන් මගෙ ඇස් එයාගෙ රූපෙ හොය හොය යද්දි දර්ශන පථයේ ඈතින් ස්වර්ණමාලි මාවතට හැරිලා උඩමළුවට පැත්තට ඇවිදගෙන යන සෙනග පොකුරක් මැද අවුරුදු 4ක 5ක දුවෙක්ගේ අතින් අල්ලගෙන හසරැළි සෞම්‍යා ඉද්දමල්ගොඩ ඇවිදන් යනවා මට දැකගන්න ලැබුණා ! ආදරය හෝ ලිංගික ආශාවන් ගැන හාංකවිසියක සංඥාවක් නැති ප්‍රාථමික පන්තිවලදි ත් හසරැළි, මම නැති සෙල්ලමක ඉන්නවා දකිද්දි මට ඉරිසියාවක් හරි දුකක් හරි දැනුණා.පන්තිය ඇතුළේ කණ්ඩායම් හදලා ඩෙස් පුටු තියන් වාඩි වෙද්දි එයාගෙ ලඟ පුටුවෙ වාඩිවෙන්න මං ආසා කළා.පන්ති භාර මැඩම් පොත් මාරු කරගෙන හරි වැරදි බලන්න කියනකොට මගෙ පොත එයාටම දෙන්න මට ඕනෙ උනා. මට දැන් තේරෙනවා ඒ මගෙ පළවෙනි ක්‍රෂ් එක ! අනුරාධපුරේ ඉඳන් ගෙදර ඇවිත් ලැප් එක දිගෑරගෙන ගතවුණ පැය එක හමාරෙන් විනාඩි 45කට වඩා මං ගතකළේ ඒ ෆේස්බුක් ප්‍රොෆයිල් එක හොයාගන්න.ඒ ලෙවල් මැත්ස් වල සංකරණ හා සංයෝජන පාඩමේ වගේ අකුරු ගළපන්න පුලුවං හැම විදියකටම ටයිප් කරලා කරලා,සමකාලීන ගමේ ඉස්කෝලෙ යාළුවන්ගෙ ප්‍රොෆයිල් වල ෆ්‍රෙන්ඩ් ලිස්ට් අස්සේ රිංගලා,ෆ්‍රෙන්ඩ් ලිස්ට් ඔන්ලි ම
ී දාන් හිටපු උන්ට හිතෙන් පදේ කිය කියා බැණලා අවසානෙ...ඔව් අවසානෙ වෙනස් ස'නේම් එකකින් කෙළවර වෙච්චි හසරැළි සෞම්‍යාව මං හොයාගත්තා. දුවව ඔඩොක්කේ තියන් සෝෆා එකක වාඩි වෙලා ඉන්න ප්‍රොෆයිල් පික් එකක්.කවර් ෆොටෝ එකේ බසවක්කුළමට පිටිපස්සෙන් ගස් දෙකක් අතරෙන් පේන රුවන්මැලි සෑයෙ ෆොටෝ එකක්. දැන් පැය බාගයක් තිස්සෙ මං මේ අකවුන්ට් එකේ ෆොටෝස් අතරේ අතරමං වෙලා.කොයි වෙලාවෙ හරි කවුරු හරි ගෙනත් තියල ගිය තේ එකක් මේසෙ අයිනෙ තියනව මං දැක්කෙ දැන්. හප්පට ඇල් වෙලා ඇති චැහ් ! එහෙම හිත හිතා කෝප්පෙ මූණට ළං කරද්දිම ටිංං ගාල මැසෙන්ජරේ රතු පාට උනා. ක්ලික් ! "ඔය බෝල ඇස්ගෙඩිකාරිගෙ ෆොටෝ බලල ඉවර නං කෝප්පෙ හෝදල ඇඳට එනව ද? " _____ ; සමාධි අත්තනායක මට හිනා ගියා.මං දන්නව දැන් එයත් කාමරේ ඇතුළෙ ෆෝන් එක දිහා බලං හිනාවෙවි ඉන්නව කියන එක.මං එහෙම්ම රිප්ලයි කරා ඇඳට ආවට අද පූර්වාපර සන්ධි ගළපනකම් නිදා ගන්න බැරි වෙයි මට ! (හිනා මූණක් ) සන්ධිය ගළපන්න ගිහින් පොඩි එකා ඇහැරෙව්වොත් නම් පුතෝ මං සන්ධිය ගලෝල අතට දෙනව හරි ද ! (කට ඇද කරන මූණයි තිත් පේළියයි හහා මූණයි) මං ඒකට හහාවක් දැම්ම. එවෙලෙ මවුස් පොයින්ටර් එක සමාධිගෙ චැට් වින්ඩෝ එකේ උඩ ප්‍රොෆයිල් පික් එක උඩ තිබුණ හින්ද මං එහෙම්ම ක්ලික් කරා.සෑහෙන කාලෙකින් මං එයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින් තිබ්බෙ නෑ කියල මට මතක් වුණේ එවෙලෙ. Samadhi Aththanayake updated her cover foto. බසවක්කුළමට පිටිපස්සෙන් ගස් දෙකක් අතරෙන් රුවන්මැලි සෑය ! නිමි. ©| සුඛිත ශ්‍රීමාල් බුලත්සිංහල__🖊️ඔබට මතක නම් කුඩාකල දැරියන් අහනලද බොහෝමයක් කතන්දරවල හිටියෙ කුමාරිකාවො, මේ හැමෝටම වගෙ පීඩා විඳින ගැටළුවක්, පීඩා කරන දුෂ්ටයෙක් හිටියා, නමුත් මේ අය තමන් ගලවාගැනීමට කුමාරයෙක් නැත්නම් වීරයෙක් එනතුරු කිසිවක්ම කරකියාගත නොහැකිව හිටි, ඉතාමත් මුලුගැන්වුනු, කුලෑටි, ලඳබොළඳ චරිත; නමුත් ඔබට මතක නම් මේ අතර හිටපු 'ද වොන්ඩෆුල් විසාර්ඩ් ඔෆ් ඕස් හි' ඩෝරති නම් පුංචි කෙලි පොඩිත්තිව, ඇය කුමාරිකාවක් නම් නොවේ, කොණ්ඩ කරල් දෙකක් ගොතා, සාමාන්‍ය ගවුමක් හැඳ, මව්පියන් අහිමි ගොවිපළක සිය නැන්දා-මාමා සමඟින් ජීවත්වුනු පුංචි කෙල්ලෙක්, කාත් කවුරුවත් නැති ඇයට කිසිම චිත්ත පීඩාවක් නොතිබුණාම කියලා කියන්න අපට බැහැ, නමුත් ඇගෙ තනි නොතනියට ටෝටෝ නමින් සුරතල් බලු පැටියෙක් විතරක් හිටියා. ටෝටෝ ගෙයි ඩෝරතිගෙයි ජීවිතය වෙනස් කරන්නෙ එක්තරා දිනෙක පැමිණෙන මහා කුණාටුවක්, 'ටෝනේඩෝවක්'. ආරක්ෂිත ස්ථානයකට යන්න කලින් ඩෝරති ත් බලුපැටවාත් සමඟ, මේ කුණාටුව විසින් නිවෙස ඈතකට ගසාගෙන ගෙන යනවා, නැවත සියල්ල නිමාවූ පසු ගෙයින් පිටතට පැමිණෙන ඩෝරති දකිනවා අමුතු පරිසරයක්, ටිකකින් ඇය ඉදිරියට පැමිණි කරුණාවන්ත සුරංගනාවකගෙන් ඇය දැනගන්නවා තමා 'ඕස්' නම් මායාකාරී දේශයට වැටී ඇති බව, ඩෝරති තමාට නැවත නිවෙසට යාමට අවශ්‍ය බව මේ සුරඟනට පැවසූ විට බිමට පතිත වී තිබූ ඩෝරති ගේ නිවෙසට යටවී දෙපා පමණක් එලියට පෙනෙමින් තිබූ තවත් සුරංගනාවකගේ සපත්තු දෙක ගෙන එය ඩෝරතිට පැළඳ ඈතින් දිස්වෙන රත්තරං පාර දිගේම ගොස් මැණික් මාළිගයේ සිටින මායාකරුවා හමුවී ඔහුගෙන් උදව් ඉල්ලන්න යැයි මේ සුරඟන උපදෙසක් දෙනවා ඩෝරතිට. නමුත් මේ උපදෙස් අනුව ඒ මායාකරුවා සොයායාමට ඇයට දිගු ගමනක් යන්න සිදුවෙනවා, ඉතින් ඩෝරති මේ ගමන යන්න හිතාගෙන ඉතාමත් ධෛර්යය සම්පන්නව සිය සුරතලා ද කැටුව ඉදිරියට ගමන්කරනවා, මේ අතරතුර අතරමඟදි ඇයට හමුවුණු අසරණ මිතුරන් කිහිප දෙනෙකුත් ඇගේ කරුණාවන්ත හදවත නිසාම, ඔවුන් සිටි අකරතැබ්බ වලින් මුදාගෙන; (කනුවක ගැටගසා හුන් මොළයක් නැති පඹයෙක්, තෙල් වියලීමෙන් අක්‍රීයව කැලයක අතහැර සිටි හදවතක් නැති යකඩ මිනිසෙක් සහ බියගුලුබව නිසා හැංගී බඩගින්නෙන් ජීවත්වන සිංහයෙක්) ඔවුන්ගේ අවශ්‍යතාද ද මායාකරුවා හමුවෙන් විසදිය හැකියි යන විශ්වාසයෙන් ඩෝරති ඔවුනුත් කැටුව මායාකරුවා සොයා ගමන පිටත්වුනා..! අවසන ඔවුන්ට මැණික් මාළිගාවේ මායාකරුවා හමුවුනත්, ඔහු ඩෝරතිට පවසා සිටියේ තමාට ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා අවශ්‍ය මායා යශ්ටිය නොමැති බැවින් ඒ යශ්ටිය බටහිර ජීවත්වන දුෂ්ඨ මායාකාරිය ගෙන් ඉල්ලාගෙන එන ලෙස ඔහු මේ කණ්ඩායමෙන් ඉල්ලාසිටියා. ඔව්, ඇත්තෙන්ම මේ ධෛර්යයමත් කෙලි පොඩිත්ත ඒ වෙනුවෙන් ඉදිරියට ගියා පමණක් නොවේ, නපුරු මායාකාරියත් විනාශ කොට මායාකාරිය විසින් සිරගතකල තම මිතුරන් තුන් දෙනාද මුදාගෙන, යශ්ටියත් සොයාගෙන නැවත ඕස් වෙත පැමිණියා, ඕස් හි මායාකරුවා වෙත නැවත පැමිණි ඩෝරතිට එහිදී තවත් අපූරු දෙයක් අනාවරණය වෙනවා, ඒ තමයි විශාල තිරයකින් එහා සැඟවී සිට වීදුරුවකින් මුහුණ විශාල කොට පෙන්වා හඬ දෝංකාර දෙන ලෙස උපකරණකින් කතා කරන ඒ ඕස් හි මායාකරුවාගෙ තිරය ඩෝරති ගෙ පුංචි බලු පැටවා 'ටෝටෝ' අතින් ගැලවිලා වැටෙනවත් සමඟ ඒ මායාකරුවා සැබැවින්ම මායාකරුවෙක් නොව ඔහු වායු බැලුමකින් අහම්බෙන් මාළිගයට වැටුණු ඉතා කුඩා මිනිසෙක් බව ඔහුම පිළිගන්නවා. ඔහු පඹයා ලඟට ගොස් යමක් ඔහුගේ හිස තුලට දමා එය ඔහුගේ මොළය ලෙසත්, හදවතක් නැති යකඩ මිනිසාට ඇතුලට යකඩින් සෑදූ හදවතකුත් දමා එය ඔහුට හදවත ලෙසත්, ධෛර්යය නැති සිංහයාට යම් දියර බිංදු කිහිපයක් පොවා එය ඔහුගේ ධෛර්යය ලෙසත් හඳුන්වා, අවසානයේ ඔහු ඩෝරතිට පැවසුවේ ඔබේ අපූරු සපත්තු දෙකෙන් යාමට අවශ්‍ය තැන සිතා තුන්වරක් උඩ පනින ලෙසයි. තමන්ට තමන්ගේ ස්ථාන වලට නැවත යාමට අවශ්‍ය බව පැවසු මිතුරන් තිදෙනාට ආදරයෙන් සමුදී ඩෝරති බලු පැටවා වඩාගෙන, කියූ පිලිවෙලට නැවත නිවෙස බලා යාමට ක්‍රියාකලා. කෙටියෙන් කියූ දිගු කතාවක අවසානයේ තේරුම් යනදේ නම් තමාව විතරක් නෙමේ මේ හැමෝමත්, තමන් බේරාගන්නට හැකි යැයි සිතූ බලවත් අයවත් බේරගත්තෙ ඩෝරති කියන මේ පුංචි කෙල්ල කියන එක. හරි සියුම්ව ග්‍රහණය කරන්න පුළුවන් ලස්සන පණිවිඩ ගොඩක් මේ කතාන්දරය ඇතුලෙ ඇමරිකානු රචක එල් ෆ්‍රෑන්ක් බවුම් ගොඩනගා තිබුණා. කුමාරියො අතර ඩෝරති අපූරු කෙලි පොඩිත්තක් වෙන්නෙ අන්න ඒ නිසා.. හාස්කම් වෙනතුරු ඉන්නෙ නැතුව, වීරයෙක් එනකම් මුලුගැන්වෙන්නෙ නැතුව, තමන්ගේම සතුට වෙනුවෙන් විතරක් නොවේ අසරණ වුණු මිතුරන්ද තනිනොකර, ඔවුනුත් එක්කම ඕනෑකම වෙනුවෙන් ඉදිරියට ගමන් කලා, 'අන්න එහෙම තමා වෙන්න ඕනි මහ පොළවෙ ජීවත්වෙන කෙල්ලො' කියන වාක්‍ය පැහැදිලිව ලියන්න මේ සුරංගනා කතාවට පුළුවන්කම ලැබෙනවා. අවසානය ඉතාමත් ලස්සන අරුතක් එක්වුනු මේ කතාවට රජ කුමරුන්, කුමාරියො විවාහ වීමෙන් කෙලවර වන කතාවලට වඩා මගෙ මතකයේ විශේෂ තැනක් තියෙන්නෙ ඒ වටිනා ආදරණීය බව නිසයි. නමුත් ස්පයිඩර් මෑන්, බැට් මෑන් ලා අතර, නිදිකුමාරියො, සින්ඩරෙල්ලලා අතර අදටත් ස්ටිකරයක් වත් මට දකින්න ලැබුණෙ නැති කෙනෙක් ඩෝරති. බහුතර ඇහුනු රජ මාළිඟා කතා නිසා කුමාරිකාවක් වගෙ වෙන්න, ගැලවුම්කරුවෙක් එතැයි සිතන්න පෙලඹෙනා බොහෝ දැරිවියන්ට නොතේරෙන මඟහැරෙන දේ තමයි, ඒ සුවපහසු, සුකුමාල, රැකවරණ අයදිනා කලාපය ඔබේ අභ්‍යන්තර ශක්තිය, හැකියාව මොට කරන හීනයක් කියන එක. ඩෝරතිට ත් වඩා උදාහරණය මේ මහපොළව මත ඕනෑතරම් තිබුණත් සුරංගනා කතා අහන වයසෙ දැරියකට ඩෝරති හරි අපූරු උත්තේජනයක්. නළුනිලි හීන, ජනප්‍රියවෙන හීන පමණක්ම පසුපස ඉන්න අද කාලෙ බොහෝ ගැහැණු ළමුන්ට තමුන්ගෙ අභ්‍යන්තර ශක්තිය, හැකියාව ඇත්තෙ මොනවාටද යන්න උරගා බලන්න ආසාවක් ඇත්තෙම නැද්ද යන්නත් හිතෙන අවස්ථා එමටයි. මුලුගැන්වීමෙන් මිදී ඉදිරියට යාම ඔබව කිසිසේත්ම දරදඬු බවට පත්කරන්නෙ නැහැ, එය ඔබට තවත් සංවේදීව අනෙකාව දැකීමට උපකාරී වේවි; එය ඔබගේ චරිතය වඩාත්ම හොදින් ගොඩනංවා ගැනීමට උපකාරී වේවි. අතීතයේ පටන්ම ලෝකයේ කාන්තාවන් මූලිකවම සොයාගත් දැනුම, සංකල්ප, නිර්මාණ මේ පහසු කලාපයෙන් ඔබ්බට අඩිය තියලා බලපු ගැහැණු හිතක ශක්තිය කියලා ඔබ දැනගනීවි. තමා වෙනුවෙන් හෝ පවුල වෙනුවෙන් හෝ ගමක්, රටක් සමාජයක් වෙනුවෙන් හෝ කාන්තාවක් ඉදිරි එක් පියවරක් තැබීම ඉතා අභීත සිතුවිල්ලක්. එදා පටන් අද වෙනතුරු අඩියක් හෝ ඉදිරියට බලාපොරොත්තුවක් වෙනුවෙන් තබපු හැම කෙල්ලෙක්ම කාලයක් ගතවීමෙන් හෝ අවශ්‍ය ගමනාන්තයට ලඟා වෙනවා.. අවශ්‍යම වෙන්නෙ අඩියක් ඉදිරියට තියන්න බැරිම නම් ආපසු ගැනීම නෙමේ, නැවත යලි තියන්න පුළුවන් වෙනතුරු අරමුණෙහි නොසෙල්වී සිටීම. ඒක තමා කාන්තාවකට උපතින්ම පිහිටනා ධෛර්යය.! ♥️ Monika Liyanjali පහතින් තියෙන්නේ 1900 දශකයේ රචනා වුණු The Wonderful Wizard of Oz පොතෙහි අඩංගු චිත්‍රයක්. ඩෝරති යකඩ මිනිසාට තෙල් දමන අවස්ථාව.සංඛාරා..! රාමන් මුදලාලි සමග එදින උදෑසන කෙරුණු සංවාදය කුප්පු ගේ මනස සහමුලින්ම අවුල් වියවුල් කර දැමීය. මසකට වරක් පමණ සද්දන්ත කන්ද රූටා ගෙන, ඝන කැළය මැදින් ගමේ කඩමණ්ඩියට යන මේ ගමන කොහොමටත් ඔහු වඩා ප්‍රියනොකරන, කල යුතු නිසාවෙන් පමණක් කෙරෙන ගමනකි. රාමන් සාමාන්‍යයෙන් වචනයකට දෙකකට වඩා කුප්පු සමග කථා නොකරයි. ඔහු තම විශාල බඩගෙඩිය සොලව සොලවා ඔබිනොබ යමින් බඩු තෝරා කිරා දෙනතෙක් පසෙකට වී සිටීම කුප්පුගේ සිරිතකි. නමුත් මෙවර කීහිප වරක් ම තමා දෙස හොරැහින් බලමින් ඔහු කුමක්දෝ කීමට කට හදන බව දුටු කුප්පු ඔහු දෙසට ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලීය. “ඈ කුප්පු” සිය කහට බැඳුණු දත් පෙන්වා සිනාසෙමින් රාමන් කුප්පු අසලට පැමිණියේය. “තාපසයා රාධාත් එක්ක යාලුයි කියන්නෙ ඇත්තද”? එක්වරම විශාල කුළු ගෙඩියකින් තම හිස කුඩු වී යන්නට පහරක් වදිනවා සේ කුප්පුට දැණිනි. අසල තිබූ ලී කණුවක්‌ අල්ලා ගත් හෙතෙම එහෙම්මම බිම වාඩි විය. “ආ…… හොඳයි, හොඳයි!” වහ වහා කුප්පු වෙත දිව ආ රාමන් ඔහුව දෑතින්ම අල්ලා ගත්තේය. “ඕක අමතක කරහං” පහත් හඬින් පැවසූ හෙතෙම වටපිට බැලීය. “ගමේ උන් ඕක ගැන කතා වෙන නිසයි මම ඇහුවේ. උඹ ඕක ඔළුවට ගන්න ඕනැන්නෙ නැ” බඩු පිරවූ ගෝනියක් ඔසවාගෙන පැමිණි ඔහු එය කුප්පු ඉදිරියෙන් තැබීය. පූර්ණ සංවාදයක් අරඹන්නට මහත් ගිජු කමින් සිටින බැව් ඔහුගේ දෑසින් පැවසිණි. නමුත් මැටි පොළොවට වාරු ගසා ගෙන සෙමෙන් නැගිට ගත් කුප්පු
ගෝනිය ද කරට ගෙන නිහඬවම පිටවී ගියේය. තමා තාපසයාගේ ඇසුරට පත් වී කොපමන කලක් දැයි කුප්පුට හරියටම නිච්චියක් නැත. දසවසක්, පාළොස් වසක් හෝ ඊටත් වැඩි වීමට පුළුවන. යන්තමින් දැළි රැවුළු වැවීගෙන ආ දුරාතීතයේ දිනෙක, උතුරු පෙදෙසෙහි රූස්ස වනාන්තරය මැද සිටින ගුරුතුමෙකු හමුවී සන්නාසියකු වීමට සිතා ගෙන තමා නිවසින් පලාගොස් කැලයට වැදුණු බවත්, උතුරට යන පාර වැරදී වල්මත් වූ බවත්, ඔහුට මතකය. ගඩාගෙඩි සූරා කමින්, වනසතුන්ගෙන් යන්තමින් දිවි බේරා ගනිමින්, කටු පඳුරු වලට සීරෙමින් දින ගණනාවක් ගමන් කළ ඔහු අවසානයේ ගං ඉවුරකට ළඟාවිය. දිදුලන නිල්වන් ජලයෙන් යුතු ගංගාව වන වදුල මැදින් ශෝභමානව ගලා යමින් තිබිණි. සා පිපාසාවෙන් ගංගාව ඉහත්තාවට ළඟා වුණු ඔහු සිහිසුන්ව ඇද වැටුණේ, සිය දෛනික උදෑසන ස්නානය නිමාකොට ගන් දියෙන් ගොඩ එමින් සිටි තාපසයාගේ දෙපා මුලය. කල්පයක් ලෙස දැනුණු කාලයක් අවසන සෙමෙන් දෑස් හරින විට ඔහුට තාපසයාගේ ඝන දළ රැවුලෙන් වැසුනු ශාන්ත, නිශ්චල මූහුණ දර්ශනය වීණි. දණ ගසාගෙන සිටි තාපසයාගේ උරහිසට පහලින් ඔහුගේ තවමත් තෙත දිලිසෙන කළු පැහැයෙන් යුතු කෙස්වැටිය විසිරී තිබිණි. තාපසයාගේ තියුණු, ගැඹුරු දෑස් කුප්පු ගේ ආත්මය පසාරු කරගෙන යමින් තිබිණි. එදින උදෑසන කුප්පු වනාන්තරය මැද පිහිටි තාපසයාගේ කුඩා මැටි පැලට ඔහු පසු පසින් ගමන් කළේ ය. එතැන් පටන් ඔහු තාපසයාගේ භක්තිමත් බැතිමතා සහ එකම ශිෂ්‍යයා බවට පත් විය. සන්නාසියකු වීමේ අදහස අත්හළ හේ තාපසයාට සියලු ආව තේව නොපිරිහෙලා ඉටු කිරීම තම ජීවිතයේ පරම අභිලාෂය බවට පත්කර ගත්තේය. ගම්මානයට නිතරම නොගියද, තාපසයාට ගම්මුන් සමඟ පැවතුණේ ශක්තිමත් සබඳතාවකි. අනේක විධ සියලු දුක් කම්කටොලු වලදී සරණක් පතාගෙන තාපස සොයා පැමිණීම ගම්මුන් ගේ සිරිතක් විය. ඔහු සතුව හැමදෙනාම සඳහාම පිළිතුරක් තිබිණි. රෝගියෙකුගේ හිස අත ගා ආශිර්වාද කරන හෙතෙම මතුරන ලද ජලය ස්වල්පයක් රෝගියා මත ඉසියි; රෝගියා තමා ඉදිරිපිට නොමැති නම් රෝගියාට පෙවීම සඳහා ආශීර්වාද කරන ලද ජලය අඩංගු කුඩා බෝතලයක් පවුලේ ඥාතියෙකුට ලබාදෙයි; මෝසම් වැස්ස වැසීමට ආශිර්වාද කරයි; නියං කාලයේ නිමා වීම සඳහා පහනක් දල්වා ප්‍රාර්ථනා කරයි. තාපසයාගේ ශුද්ධ වූ ආධ්‍යාත්මික බලය සම්බන්ධව ගැමියනට තිබුණේ අසීමිත විශ්වාසයකි. සෑම අස්වනු කාලයක් අවසානයේදීම ඔවුන් තාපසයාගේ කුඩා කුටිය ධාන්‍ය මළුවලින් පුරවනවා පමණක් නොව ගම් සභාව එකතුවී යම් නිශ්චිත මුදලක් මාසිකව රාමන් මුදලාලිට ගෙවීම ද සිදුකරයි. කුප්පුට මසකට වරක් කඩයට පැමිණ එම මුදලට සරිලන හාල්, පොල්, සීනි, ලුණු වැනි වියළි ආහාර රැගෙන යාමට සිදු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. තාපසයාගේ කුඩා කුටිය හැමවිටම දුකට හා පීඩාවට පත්ව අසරණ වූවන් සඳහා ලිංග භේදයක් නොමැතිව විවරවී තිබිණි. ඒ කිසිදු සංවාදයක් සිදු කරන කිසිම අවස්ථාවක ඒවා ඇසෙන මානයක කුප්පු සිටියේ නැත. පසුගිය පොහොය කීපය අතරතුර රාධා ගේ පැමිණීම නිරන්තරයෙන් සිදු වූ බව කුප්පු දැන් මතකයට නැගෙයි. ගමේ ගැහැනුන් සමඟ වැඩි ඇසුරක් කිසිදිනක නොපැවැත් වුවද ඔවුන් බොහෝමයක් වැඩිපුර හඳුනන්නේ නැති වුවද කුප්පුට මේ කියන රාධා හොඳින් මතකය. ඇය වටකුරු සිරුරක් හිමි දීප්තිමත් තලෙළු වර්ණයේ සමකින් යුතු ගැහැනියකි. වයසින් ඉතා තරුණ වියේ පසුවන යුවතියක විය යුතුයැයි කුප්පු අනුමාන කොට තිබිණි. කොණ්ඩය පිට මැදින් කඩා හැලෙන සේ උඩට උස් කර බැඳ සිටින ඇය කුප්පු සමග සිනාසී කතා කරන විට ඇගේ රවුම් මුහුණ මැද ඇති මහත දෙතොල් වේගයෙන් විවර වී වැසෙයි; ලා දුඹුරු පැහැති දෑස් නටයි; මනාව ඉදුණු ප්‍රණීත කොමඩු ගෙඩි දෙකක් වැනි ඇගේ පිරුණු ළැම උස් පහත් වෙමින් තදින් සෙලවෙයි. පිටුපා යන ඇයගේ ‍සෙමෙන් නැලවෙන නිතඹ අලංකාර නැටුමක නිරතවන නැවුම් කළගෙඩියක් වැනි යැයි තාපස කුටියේ, පිළිකන්නේ , ඉරුණු පැදුර මත තනිව වැතිර ගෙවන ඇතැම් සීතල රාත්‍රින් හිදී කුප්පුට සිතී තිබිණි. ඇගේ බේබදු සැමියාගෙන් බොහෝ කරදර, හිරිහැර සිදු වන බවත්, මේ අධික බීමත්කමින් ඔහු මුදවා ගැනීමට උපකාරයක් පතාගෙන තාපසයා වෙතට පැමිණෙන බවත් ඈ කුප්පුට පවසා තිබිණි. කන්ද නැගගෙන යළි කුටිය වෙත පැමිණෙන විට ඉර මුදුන් වී තිබූ අතර, තාපසයා ගසක් යට භාවනානුයෝගීව පසුවණු කුප්පුට දක්නට ලැබිණි. වෙනදා දැනෙන ප්‍රීතිමත්, සැනසිලිදායක හැඟීම වෙනුවට සිරුර හරහා කෙටුනු අකුණක් බඳු හැඟීමකින් හෙතෙම තිගැස්සී ගියේය. සිහින් වීමක් දෑත් දෙපාවල ඇති වී, මුළු ගතම දරදඬු වන වා සේ ඔහුට දැනිණි. කුටිය පිටුපස මැස්ස මත ගෝනියක තැබූ ඔහු පසෙකින් වැතිරුණේ ය. හදිසියේම ඇතිවූ අධික හිස රුදාවකින් හිස පුපුරු ගසද්දී බෙහෙවින් විඩාව ටත්, පීඩාව ටත්, පත්ව උන් ඔහු සෙමෙන් නින්දට වැටුණි. කුප්පු නැවත අවධි වුයේ අඳුර වැටුණාට පසුවය. නින්ද විසින් කිසිඳු සහනයක් ලබා දී නොතිබුණු අතර, අධික චකිතයෙන් නොඉවසිල්ලෙන් ඔහුගේ පපුවේ මස් ගෙබ පිරී ඉතිරී පුපුරා යන්නට ආසන්න සේ දැණුනි. තාපසයා යලි කුටියවෙත පැමිණියේ හෝරාවක් පමණ පසුවය සුපුරුදු පරිදි කුටියේ පහණ් දැල්ල දැල්වු කුප්පු පළතුරු කැබලි කිහිපයක් අඩංගු තැටිය කුටිය මැද එරමිනියා ‍ගොතා ගෙන ඉඳ සිටි තාපසයා ඉදිරියේ පිළිගැන්වීය. දෑස් පියාගෙනම සෙමෙන් ආහාර ගත් තාපසයා අවසන නැගී සිටියේ නින්ද සඳහා සූදානම් වීමට ය. කුටිය කෙළවර වූ තම පැදුර මත හිඳ ගත් ඔහු නොඉවසිල්ලෙන් හුස්ම ඉහළ පහළ හෙළමින්, වේගයෙන් දෙපා සොලවමින් සිටින කුප්පු දෙස විමසිල්ලෙන් බැලිය. “කුප්පු!” ගැඹුරු හඬින් කෙරෙනුයේ සාවධාන හා ආමන්ත්‍රණයෙන් කුප්පු තිගැස්සී භ්‍රාන්ත විණි. “එ........ එහෙමයි සුවාමි” කුප්පු එතැනම දණ ගැසීය. “කුමක් හෝ සොයනවාද?” “නෑ..... නෑ.. සුවාමි.....” කුප්පු බයාදු ස්වරයෙන් තොල් මැතිරීය. “හොඳමයි” තාපසයා පැවසීය. “යමක් සොයනවා නම් සොයන්න කුප්පු......... සොයන දෑ හමු වන තුරුම සොයන්න!” පැදුර මත ඇලවුණු තාපසයා පහන් දැල්ල නිවාලන ලෙස කුප්පු ට සංඥා කොට දෑස් පියා ගත්තේය. තුෂ්නිම්භූතව හුන් කුප්පු බොහෝ වේලාවක් නිසොල්මනේම දරා දණගසාගෙන හුන්නේය. දින කිහිපයක් නිශ්ශබ්ද ව ම ගලා ගියේය. දෙදෙනාම සිය සුපුරුදු දින චර්යාවන්හි නිරත වූහ. කිසිදු අමුත්තක් නොමැතිවම කාලය ගත වූ අතර, තම චිත්ත පීඩාවත්, අධික හිස රුදාවත් සෙමින් සමනය වී සියල්ල යළි පෙර තිබූ සාමාන්‍යය තත්ත්වයට පත්වන බැව් කුප්පුට දැනෙන්නට පටන් ගෙන තිබිණි. දිනක් දහවල් ආහාරයෙන් පසු කුටිය පෙනෙන නොපෙනෙන මානයේ වූ ගල්තලාවක් මත විවේක සුවයෙන් වැතිර සිටි ඔහුට හදිසියේම පෙනුණේ අඩිපාර දිගේ කුටිය වෙතට පැමිණෙමින් සිටින ගැහැනු රුවකි. සිරුර හරහා අකුණක් කොටා ගෙන යද්දී, ගස් අතුපතර අතරින් දිස්වුණු ඒ ගැහැණු රූපය ඔහු හඳුනාගත්තේ ය. වහා ගල් තලාවෙන් බිමට පැන ඈ වෙත දිව ගොස් ඇගේ ගමන නවත්තන්නට කුප්පුට අවශ්‍ය විය. ඇගේ නම කියා මහ හඬින් කෑ ගැසුවද අපැහැදිලි ගොර ගොර හඬක් විනා අන් කිසිවක් උගුරෙන් පිට වූයේ නැත. මොහොතක් ගත වන්නට මත්තෙන් රාධා තාපස කුටිය ඉදිරිපිට සිටගෙන සිටිනු ද, ඊළඟ මොහොතේ දී ඈ කුටිය තුළට නොපෙනී යනු ද, කුප්පු දිටීය. හෙතෙම ගල් තලාවෙන් පහළට රූ රා ඇද වැටිණි. ඔහුගේ දකුණු වළලූකර තදින් පොළොවේ ගැටී අනෙක් පසට ඇඹරී ගියේය. උළුක්කු වූ වළලූකර තද වේදනාවෙන් ඇදුම් දෙද්දී ඔහු කොර ගසමින් කුටියේ පිළිකන්න දෙසට ලඟාවිය. කුටියට ළං වත් ම ඔහුට ඇසුණේ ගැහැනියක ගේ කොමල සිනා හඬකි. වළලු කරෙහි දරාගත නොහැකි වේදනාව සමග බිම දිගා වුණ හෙතෙම ඉදිරියට බඩ ගාන්නට පටන් ගත්තේය. බඩගාමින් බිත්ති කණ්ඩියට ලඟා වුණුපසුව, මැටි බිත්තියේ වරිච්චියක් අල්ලා ගත් ඔහු සිය පපුවෙන් මදක් ඉස්සී බිත්තියේ කුඩා සිදුරකට ඇස තබා බැලීය. කුටිය තුළ පැවතියේ මඳ අඳුරකි. රාධා කුටිය මැද නිරුවතින් වැතිර, සෙමෙන් හුස්ම ලමින් ද , සිනාදෙමින් ද සිටියාය. තාපසයාගේ නිරුවත් , දැවැන්ත දේහය ඈ මත වැතිර තිබිණි. ගොම අතුරා සකස් කරන ලද මැටි පොළොවේ ඔවුහු එකට වෙළි පැටළි සිටියහ. රාධා මත වේගයෙන් උස් පහත් වන තාපසයාගේ සිරුර දහඩියෙන් පෙඟී තිබිණි. ඔහුගේ ගොරහැඬි හති ලෑම් සමග මුසු වුණු රාධාගේ කාමාශක්ත සිහින් කෙඳිරිම් කුටියේ බිත්ති මත වැදී රැව් පිළිරැව් දිණි. ඇගේ දිගු නියපොතුවලට සිරි ඔහුගේ පුළුල් පිටෙන් මතු වුණු ලේ බිඳු, රිදී පැහැ දහඩිය සමග එකතුවී සෙමෙන් පහලට ගලා යන අයුරු කුප්පු දිටීය. එකවරම කිංකිණි සිනා හඬ නැවතිණි. රාධා මත වඩා වේගයෙන් උස් පාත්වන තාපසයාගේ ගොරහැඬි හති ලෑම් තර විණි. අවසානයේ තාපසයාගේ සිරුර කිටි කිටියේ වැළඳගෙන දරාගත නොහැකි වේදනාවෙන්, රිදීමෙන් හා ආශ්වාදයෙන් රාධා මුදාහල අවසන් කෑ ගැස්ම අවසන දහඩියෙන් නැහැවී සිටි කුප්පු බිම ඇද වැටුණේය. ඔහුගේ සිරුරට යටව කෝටුවක් බිඳීගිය අතර බය බිරාන්ත වු කුප්පු යළි කැලය දෙසට බඩ ගාන්නට ගත්තේය. කුටිය නොපෙනෙන මානයේ කැලය තුළට බඩ ගා ගිය හෙතෙම, සිය ඉදිමුණු දකුණු වළලූකර ද එක් අතකින් අල්ලාගෙන, දැඩිව වෙව්ලන ගතින්, උන්මත්තක ව තොල් මතුරමින් උඩුබැල්ලෙන් වැතිර සිටියේය. **************************************************** දවසේ ඉතිරි භාගයෙහි කුප්පු දක්නට නොවීය. තාපසයා ද ඔහු පිළිබඳව කරදර වූ වගක් දක්නට නොලැබිණි. සුපුරුදු පරිදි සිය සන්ධ්‍යා භාවනා කටයුතුවල නිරත වූ ඔහු හිරු බැස යන විට පවත්වන සූර්ය වන්දනාවේ ද නිරත වී යළි කුටියට පැමිණෙන විට රෑ බෝ වී තිබුණි. එදින අමාවක රාත්‍රියක් වු නිසා වනය තුළ පැවතියේ දැඩි අඳුරකි කුටිය තුල පහන් දැල්ල ටික වෙලාවකට දැල්වුණු අතර ඉන් පසු සියල්ල අඳුරේ සහ නිශ්චලතාවෙහි ගිලී ගියේය. සෙමෙන් දොර විවර කල කුප්පු , නිදා සිටින තාපසයා අසලට පැමිණ සිටගත්තේය. තාපසයා ඉදිරියේ ඇණතබාගත් හෙතෙමපහනෙහි දුබල දැල්ලෙන් තාපසයාගේ සිරුර මනාව පිරික්සන්නට විය. එදින දහවල් උතුරා ගැලූ දහඩිය මේ වන විට සම්පූර්ණයෙන්ම වියලී තිබිණි. කුසගින්නේ පෙළෙන කොටියකු නැඟුවාක් වැනි වු රළු හති ලෑම් සියල්ල ඉතා ශාන්ත සුසුම් වැලක් බවට පත්වී තිබිණි. තවත් තත්පර කිහිපයක් තාපසයාගේ සිරුර පිරික්සූ හෙතෙම තම කිලිටි ධෝතියෙන් මන්නා පිහියක් ඇදගත්තේය. මන්නය හිසට ඉහළින් එස වූ ඔහ
ු තාපසයාගේ පපුව පසාරු කරගෙන යන්නට හරි මැදට ඇන්නේය. ඉහලට විද ගෙන ආ උණුසුම් උකු ලේ දහරාවකින් ඔහු නැහැ වී ගියේය. මන්නය ඉවතට ඇදගෙන ඉහළට ඔසවා ගත් ඔහු ඉලක්කය බලා යළිත් වැරෙන් ඇන්නේය. පපුවේ මස්ගොබ සියල්ල පසාරු කරගෙන තියුණු පිහි තලය එවරද ගැඹුරටම කිඳා බැස්සේය. නැවතත්........ නැවතත්......... නැවත නැවතත්........! එක්වරම කුඩා කුටිය සුවිශාල රිදී පෑහැ ආලෝක කදම්බයකින් ඒකාලෝක විය. කළු ඉංගිරියා උඩ දමා ගත් දෑසින් තාපසයාගේ මළකුණ ඉදිරිපිට උක්කුටියෙන් හිඳගෙන, මළකුණ කැබලිවලට කපමින් ඉන්නා කුප්පු ඉදිරියේ තාපසයා සිටගෙන සිටියේය. “කුප්පු......!” වෙව්ලන හිස කුප්පු තාපසයා දෙසට හැරවීය. “මොනවා හරි සොයනවාද?” කුමක්දෝ කියන්නට කුප්පු මුව විවර කළ ද, පෙණ දමමින් කෙළ සහ සෙම ඔසයක් වැගිරුණා විනා හඬක් පිට වූයේ නැත. “හොඳමයි” තාපසයා සුපුරුදු පරිදි පැවසීය. “කුප්පු යමක් සොයනවා නම්, ඒ දේ හමු වන තුරුම සොයන්න!” දෑස් උඩ දමාගෙන, කටින් පෙණ වත් කරමින් සිටි කුප්පු, මැටි පොළව මත කඩා වැටෙන්නට පෙර සිය මන්නා පිහිය ඔසවා තාපසයාට දමා ගැසීය.දුංහිඳ හීන - (නවය) මං,සුදු මහත්තය දුන්නු කරදහි කොළ දෙකේ තිවුන අකුරු පේළි කියවගන්ට බැලුවා . ඒත් එව්ව ලියල තිවුනෙ සුද්දගෙ බාසාවෙන් . මොන බාසාවෙන් ලියා තිවුනම මොකෝ.ඒ ඇත්තො කිව්ව නෙව ඒ ගෙයි අයිතිය ලියා තියෙන්නෙ මටය කියල. ඒ කරදහිය පොඩි වෙයි කියල බයට මං ඒක පරිස්සමට පන් උරේ අස්සට දමා ගත්තා . මං යනකොට අප්පුච්චා අවදි වෙලා. පිල් කණ්ඩියට ඇන තියාන දෙවැට දිහා බලාන ඉන්නවා.මට සෝලි තිව්වේ නොකිය කොයි අහ ගියේ කියල . මං කරබාගෙන තේ වතුර වක් කරල දීල අප්පුච්ච ගාවින් ඈඳි ගත්තා . අර ලියවිල්ල මං පෙට්ටගමේ අඩියෙන්ම තිව්වේ සුදු මහත්තය හත් දොහකින් එනකල් ආයි අල්ලන්නෙවත් නෑ කියල . "අප්පුච්චා...අපට මේ ගොඩහැරෙන් යන්ට ඇහැක් වෙන්නෙ කවදා.. ? වීදුරු දාපු ජනේල තියෙන...උළු හෙවිල්ලාපු ගේ පොඩ්ඩකට යන්ට ආසයි නෙව අප්පුච්චා ...? " "මොනා දවල් හීන පෙනිලයැ බොට..? එදා වේළ පිරිමහගන්ට උඹ දාන දහිරිය එක්ක කොහේ උළු හෙවිල්ලාපු ගේ දොරක් ගැන හිතන්නේ..?තියෙන හැටියකට ඉන්ට ඉගෙන ගනිං අර කදෝපැණියට විච්ච දේ වෙන්ට තියාගන්නෙ නැතුං...." "ඇයි අප්පුච්චා .. තිස්සෙම අව කැපෙන කතා කියන්නේ..? අපිට හේම වෙන්ට බැරුවයි.. ඉතින් මනාපයිද කියන්ටකෝ..." "උඹ තිස්සෙම අර කොලූගෙ හිත කඩා වට්ටනකොට කොහේ ආයි බලාපොරොත්තු හීනියටවත් තියාගන්නේ..? අනික හඳුන කොලුවට උනත් ඔය උඹ කියන තාලෙන් ගේ දොර හදන්ට වෙන්නෙ නෑ.. කොහේ එව්වට කියන තරං කාසි...? " අප්පුච්ච හිතන්නේ මං මේ හඳුනයිය පැල් අටවනකල් බලාන ඉන්නව කියල. මයෙ හිතේ පිරිල තියෙන දේවල් උන්දැ දන්නවනං හෙම විසුමක් වෙන් නෑ මට. මයෙ අතින් අද ඉවුනෙත් ඕනවට එපාවට වගේ . හොදි අප්පල්ලෙ එහෙමම ලිප් බොක්කට ඉහිරිල ගියා.පැහිපෙති වැංජනේට සරක්කු,පහේ වැඩිවෙලා. කටේ තියන්ට බෑ කියල අප්පුච්ච කිව්වේ...ගේ හරියෙ වෙන උයන්ට දෙයක් තිවුනෙත් නෑ. මියුරි අක්ක උන්නනම් වැංජනයක් හුවමාරු කරගන්ට තිවුනා. මං නයි මිරිස් කරළක් දාගලේ තලල ලුණු මිරිසක් හැදුවේ අප්පුච්චට කටට රහක් නැත්තන් උගුරෙන් පල්ලෙහට යන්නෙ නෑ . මට මයෙ හිතේ හිරවෙලා තියෙන දේවල් කියා දාන්ටවත් කෙනෙක් නැති හැටි...?වනේ ගහකට ගලකට නැත්තන් මයෙ බකුසු පැංචට කියනව විනා වෙන කාට කියන්ට..? පියඹලා එන තඹරැණියෙකුටවත් හිතේ දුක ලියලා සංදේශයක් මයෙ සුදු මහත්තයටම යවන්ට තමා වෙන්නේ. කොයි හැටි වෙතත් එක දෙයක් ඉස්තිරයි.. මහත්තය මට මනාප වග.නැත්තන් මේ තරං වියපැහැදං කරන්නෙ අහවල් එහෙකට..? මයෙ අම්මෝ...ඒකෙ උඩින් ඉලක්කම් තුනක ගානක් නෙව තිවුනෙ. ඒ කියන්නෙ රුපියල් තුන්සීයක්...? අපට හිතන්ටවත් ඇහැක් ගානක්ද...? සුදු මහත්තය ඉන්තේරුවෙන්ම මේ වතාවෙ අප්පුච්චව මුලිච්චි වෙන්ට එයි මයෙ හිතේ. ඔය ගුණසිරියල වාගෙ බාසෙට නැති වැඩ නෑ නෙව..දැක්කම කියන්ට බැරිය කොයි තරම් නිවිච්ච ගතිගුණ තියෙන ඇත්තෙක්ද කියල ..ඒත් ඉහට උඩින් බලාපොරොත්තු තියාන ඉන්ට බයයි දෙයියෝ .. එව්ව සුං වෙනකොට දරාගන්නට බෑ කොහොමටවත්. මං හඳුනයියට මනාප නැති වග කියල අහවරක් කරාපු එක හොඳයි . නැත්තන් මං මහ පව්කාරියක් වෙනව අන්තිමේදී . "උඹේ කොටහළු නැකතෙත් තිබිල තියෙන්නෙ දෑහ වගේ පරිස්සං කරන්ට ඕනය කියල ... ඒකයි මං බොට මේ හැටි කියන්නේ.. අවලංගු කාසියක් ගානටවත් වටින්නෙ නෑ ගෑනු දැරිවියකට කැළලක් වුන දාට.. මං මේ හැටි කියන්නෙ උඹේ හොඳට දුවේ.. උඹ හඳුනට මනාප වෙයන් ..." අප්පුච්චා කවදාවත් නැතුං බැගෑපත් උනා කියල මට හිතුනා .මයෙ අම්ම ජීවිතෙන් බැට කෑවේ දුප්පත් කම හින්ද වුනත් අප්පුච්චගෙ සෙනේවන්තකම මහ රූස්ස ගහක් වාගෙ තනි රකින්ට ඇති අම්මට. එහෙව් අප්පුච්චට හිත් වේදනාවක් දෙන්නෙ කොහොම කියල හිතන්ටත් බෑ මට. ගංදෑල වාගෙ එක්කාසු වෙන් නැති ලෝකෙ දෙහෙක නෙව අපි දෙන්නට ඉන්ට සිද්ද වෙලා තියෙන්නේ. ආයිත් එන්නෙ නැතෙයි කියල හිතුවට මේං හඳුනයිය බරට බරේ කදමළුත් එල්ලාන ආයිමත් ඇවිත් .ඒත් මයෙ හිත තෝන්තුවෙන් වාගෙ එයාට මූණ දෙන්ට හයියක් නැතුං... හඳුනයිය මොකුත් නොදොඩා අතේ තිව්ව මල්ල මා අතින් තිවුවා. "මුරුංග කරල් ටිකකුයි දුං කරවල ටිකකුයි. අප්පුච්ච මනාප නෙව. ඒකයි ඇන්න ආවේ. ආ... මිරිස් ,සරක්කු වගේකුත් ඇති ..." මට කියන්ට ආ දේ කියාගන්න බැරුව එහෙම්ම උගුර අස්සෙ හිරවුනා වගේ. මට හඳුනයිය දෙවි කෙනෙක්. ඒත් මයෙ මුරණ්ඩු හිත ඒ දෙයියව පිළිගන්ට මනාපයක් නෑ.. "මට අයිය මයේම සහෝදරයෙක් වාගෙ. ඉන් එහා දෙයක් හිතන්ට මට හිත් දෙන්නෙ නෑ අයියා ..." එදා එහෙම කිව්වම හඳුනයිය මා දිහා බලන්ට ඇති. පුදුම වෙන්ටත් ඇති. මං වාගෙ එකියකට මොනාට ආදරේ කරාද කියල හිතෙන්ට ඇති.. දැං දැං...මයෙ හිතට හෑල්ලුවක් වෙනුවට මහා දුකක් කළකිරීමක් දැනෙනවා .මට මයෙ දෑහෙන් එකක් නැතිවුනා වගේ.. හඳුනයිය මයෙ ජීවිතෙන් ඈත් වුනොත් ..? මයෙ එකම අයියා මට නැති වුනා වගේ ... ඒ අඩුව කොහේ.. කවුරු පුරවන්ටද..? මට සුදු මහත්තය ලියා දුන්න කිව්ව ගේ පොඩ්ඩ නැතිවුනා කියල දුකක් නැතිවෙයි. ලබන්ට තියෙන සැප සම්පත් වලට වඩා මේ ගෙවන ජීවිතේ සැපක් කියල හිතෙයි. ඒත් හඳුනයිය අමනාප වුනොත් හිත හදාගන්ට මට බැරිවෙයි... මං ගෙයින් එළියට ආවේ හුඟ වෙලාවකට පස්සේ. හඳුනයිය පිටවෙලා ගිහින් තිවුනා. අර වෙනදට හැන්දෑවෙ ඉරගල වැටෙන යාමෙට ආකහේ තියෙන ලස්සන අද නෑ වාගෙ. අවරට යන ඉර හරියට වැහිකෝඩෙට වහංගු වෙලා වාගෙයි.නමුණුකුල කඳුපෙළට උඩින් කුණාටුවක් එන්ට වගේ වැහි වළාකුල් පොදි ගැහෙනවා. හරියට මයෙ හිත වගේ. මං වගේ එකියක් නැතිවුනා කියල දිවි නහගන්ට තරං හඳුනයිය නෝන්ජලයෙක් නෙවෙන වග මං ඉන්තේරුවෙන්ම දන්නවා. හිතේ කළකිරිල්ලට ඔය වෙන උං වගේ රහමෙර මත්තෙ නැහිල විනාස වෙන කෙනෙක් නොවෙන වගත් මං දන්නවා. සුදු මහත්තය එන්ට හත් දොහක් විතර තියෙනවා නෙව ... ? ඒක මහ කල්ප කාලයක් වාගෙයි මට නං. තාමත් මං ඉන්නෙ හීනෙක. ඒ හීනෙං අවදිවිච්ච දාට මට මාවත් සිහිපරාද වෙයිද මන්දා. ගමේ උන් වේගෙන් ඇල්ල දිහාට දුවනවා. කාට හරි විපත්තියක් ? මහ විළාපෙකුත් ඇහෙනවා. අවුරුද්දකට වතාවක් තියෙන බිළි පූජාවට ඕං අද එකෙක් අරන් වාගේ . මං හීං සීරුවෙ වලකොළ අස්සෙන් ඇල්ල ගාවට සේංදු වුනා. සෙනඟ මහ ගොඩක් පිරිලා. පිටින් ආව නඩයක එකෙක් නං නෙවෙයි වගේ ..? අර අවුරුද්දකට වතාවක් දියෙන් උඩට මතුවෙනව කියන අරුංගලයක් දාපු මාළුව අද මතුවෙලා වාගෙයි . ඌ දුංහිඳ ඇල්ල යට තියෙන උමඟෙ නිධානයක් ආරස්සා කරනවලු.. ඒ මාළුවා දියෙන් උඩට මතුවෙන දාට නර බිල්ලක් ගන්නව කියල තමයි කියන්නේ. ඒත් ඒක දැකපු එකෙක් නැත්තෙ දකින එකා ඇල්ලට බිලිවෙන හින්දලු. හත් දෙයියනේ ..මේ විළාප දෙන්නෙ යසා නැන්දා ...??? "නැන්දේ...? " "ජිනෝ.. මයෙ කෙල්ල සිරිමතී..අනේ අප්පේ මයෙ එකී ඇල්ලට පැනලා.. අසරණී..මයෙ කෙලීට ඇයි මෙහෙම වුනේ...? " මං දෝතින්ම මූණ වසං කරගත්තේ ඒ දිහා බලන්ට බැරි කමට. මොනා වුනත් ඒකි අපෙ එකී. කෙළිහැලේ ඉඳන් අපි එකට හැදිල වැඩුනේ . මයෙ ඇඟටත් වාරු නැතුවා. මයෙ අම්ම,අප්පුච්ච නිතර දෙවේලෙ කියාපු කතා සත්ත.. හැමදේම දරාගන්ට වෙන්නේ ගෑනු අපිට. නින්දා අපහාසත් ගෑනු අපිට...? * * * ඉළව්ගෙයි කටයුතු අහවරක් වුන අතරවාරෙ කදිවත් හඳුනයිය වැඩියෙ මා එක්ක මූණ දීල කතාකරේ නෑ.මට එයාගෙ මූණ දිහා එක එල්ලෙ බලන්ට හයියක් තිවුනෙත් නෑ. කොරනෙල් විබාගෙදි සිරිමතීගෙ කුසේ හාරමාසෙක දරු ගැබක් තියෙන වග කියල තියෙනව. එවෙලෙ හඳුනයිය ඔව්ව ගෑණු කොයි කාටත් පාඩං කියල දෙපිට කැපෙන වචනයක් නං දමා ගැහුව මට . "සිරිමතී ගොම්මන් වෙලාවෙ ඔය පහල ගල් පොත්ත උඩ නෙව වැඩිහරියක්ම ඉන්නේ.. ඊයෙ හැන්දෑකරෙත් ඇල්ල දිහාට ගාටනවා මං බලාගෙන ..මට බය උඹ ගැන නඟා.. " කිරා එහෙම කිව්වම මං බැලුවෙ හඳුනයිය දිහා. "උඹ මොකට මං ගැන කරදර වෙනවද..? එව්ව ගැන මං බලාගන්නං... " මං එහෙම කිව්වම හඳුනයියගෙ මූණ කළුතලා වෙලා යන හැටි මං දැක්ක.කිරා අතේ තිවුනු දර ඉපල් ටිකත් බිම ගසා,දාල ගියේ ඌටත් තරහ යන්ට ඇති. මයෙ බලාපොරොත්තු හේදිල ගියේ හත් දොහකුත් ගෙවිල සුදු මහත්තය නාව එකට. මං හොර රහසේ රාමනායක බංගලාව පැත්තෙ විපරම් කලා. ඒත් ගේට්ටුව වහල දෑව විදිහටම තියෙනවා. රාමනායක මහත්තයත් කොළඹ යන්ටැති.ඒ අය යනකොට හීං අප්පුත් එක්කාසු කරන් නෙව යන්නේ. චින්ත බේබිට බදුලු ඉස්පිරිතාලෙට දොස්තර පත්වීමක් ලැබිලාලු .මිදුල් කෑල්ල පුරාම වේළිච්ච කොළ පිරිල .මයෙ හිතේ සාංකාව මෙච්චරක් කියන්ට බෑ. සුදු මහත්තය මට කීවෙ මුසාවක් වෙන්ට බැරිද..? ඉඳහිට දුංහිඳ කන්ද නඟින ගොං කරත්තයක්, තවලමක් විනා රෝද හතරෙ වාහනයක් මේ කන්ද පහුකරං යන්නෙ එහෙමත් කළාතුරකින්. ඒත් මට ඈතින් ජිප් එකේ සද්දෙ ඇහෙන්නා වගෙයි. ඇල්ල බලන්ට දුර පළාතකින් එන කට්ටියක් ඇරෙන්ට මේ ළඟ පාතින් එන ඈයො වැඩිපුර එන්නෙ ගොං කරත්තෙන් නැත්නං ලොරි තට්ටුවක . මං හිමීට බැද්ද පැත්තට ඇවිදං ගොහින් ආයි වතාවක් හැරිල බැලුවා. මට සාංකාවටද මන්ද සිරිමතීව උනත් වෙලාවකට මැවි මැවී පේනවා.අපි වාගෙ රෙද්ද හැට
්ටෙ අඳින්නෙ නෑ නෙව ඒකි. අර රතුපාට ගවුම් කොටේ ඇඳන් ලේංසුවත් කරකවකව පල්ලමේ දුවං එන හැටි... ඒකිට දරාගන්ට බැරි වෙන්ටැති. මේ සංගදියට වගකිවයුතු එකා සදාකාලික රහසක් උනා සිරිමතීගෙ මරණෙත් එක්ක. ඔව්ව ආයි හග්ගිස්සන්න යන්නෙ කවුද යසා නැන්දත් ඔප්පල වෙලා නෙව ඉන්නෙ.. * * * මෙදා මයියංගනේ පෙරහැර ජයටම තියේය කියන්නෙ. වරුසාවත් නැති එකේ මහ සෙනඟක් ඉඳීවි. හඳුනයිය යන වගක්වත් මා එක්ක කීවෙ නෑ...අළුතින් ගත්තු ලොරි තට්ටුවෙ නැ‍ඟල අපේ ගමේ කීපදෙනෙකුත් ගියයි කියන්නෙ.. අනේ හොඳයි . එයා දියුණු වෙන්න දන්න කෙනා. හොඳ තැනකින් කටයුත්තකුත් කෙරෙයි ඔහොම ගිහින්. මට පින් නැතුවට. මං සුදු මහත්තය ආපහු ගම එනකං බලා උන්නෙ මහ පුදුමාකාර කාංසියකින්. මේ තරං ලෙංගතු කමක් මං හිතන්නෑ ආයි කවදාවත් කාටවත් මේ හැටි ඇති වෙයි කියල.මේ ගමේ උන් දන්නවනං මට හිනාවෙයි.ඇයි දෙයියනේ අත පොවන්න පුළුවන් මානෙක තියෙන වස්තුවක්‍ යැ මයේ කියල හීන මවාගෙන ඉන්නෙ. මයේ දුප්පත් හිත ඒ හීනෙටම මේ හැටි ඇළුම් කරන්නෙ ඇයි කියල මටත් නොහිතෙනව නෙවෙයි. අප්පුච්චා දැන් මා එක්ක වැඩි කතාවක් බහක් නෑ. ඔය දෙන දේකින් සප්පායම් වෙනවා. මඩිස්සලේ ඇන්න ගල් පොත්තක් උඩට වෙලා විට හප හපා ඔහේ කල්පනා කර කර ඉන්නව.වෙලාවකට මොනවදෝ තනියම කුටු කුටු ගානව. මට බයත් හිතෙනව.අප්පුච්චගෙ සිහි කල්පනාව නැති වීගෙන එනව වත්ද කියල . උන්දැගෙ දැන් දෑහ පෙනීමත් දුර්වලයි. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට ගිහින් දෑහ පෙන්නගමු කිව්වට අහන්නෑ.. මා එක්ක කේන්ති ගන්නව. සුබරත්න හාමිනෙත් අමනාප එකේ දැන් ඔය පළා ටිකක් ,දර මිටි ටිකක් බැඳගෙන විකුණ ගන්න පහළ කඩේට ගාටන්ට වෙනව. හාමිනේ පුතණ්ඩියව සුද්ද කරනව විනා ඌට විරුද්දව ආයෙ වචනයක් වත් කතා කරන්ට තියන්නෙ නෑ. කුසගින්නෙ මලත් මං නම් ආයි යන්නෙත් නැ හතර මායිමේ පස් පාගන්ට. "දැන් ඉන්න ඇටකිති එකීලට දැනමුතුකමක් වත් දෙන්ට පුළුවනෑ.. ඔව් ඉතින් ගහේ කටු මොකට උල් කරනවාද... ? අපි නොදන්නවයැ මාත් මේ ගමට ඇවිල්ල අවුරුදු විසි තිස් ගානක් .. මේකෙ පඳුරක් ගානෙ වෙච්චි දේවල් කියන්ට බැරුවයැ... " හාමිනේගෙ ඇනුම්පදයක් නාහ එතනින් ගිය දවසක් නැති තරං. ඒව දරාගන්ට පුළුවන් එව්ව නෙවෙයි හින්ද මං අමාරුවෙන් උනත් මූකලානෙ පැත්තෙන් යන්ට පුරුදු වුනා. සතා සරුපය වුනත් හොඳයි මිනිස්සුන්ට වඩා. වරුසා කාලෙ තුනී වීගෙන එනකොට බැද්දට එන සකළයින්නෙ කිචිබිචිය හන්ද පාළුවක් කාංසියක් දැනෙන්නෙ නෑ. පිල්බරුන් නං එමට රංචු පිටින් ගං වදින්නේ... පහළ වෙල්‍ යායෙ ඉපනැල්ලට වෙලා නටන හැටි බලා ඉන්ට ආසයි. මං නියරෙන් බැහැල බිං හතු ටිකක් කඩා ගත්තේ අප්පුච්චට උයාදෙන්ට හිතල. අම්ම උන්න නං මොනාහරි කටට රහට හදා දෙනව නෙව ඉතින්.අප්පුච්චත් මුර වැඩේට ගොහින් කීයක් හරි ගෙනත් අම්ම අතේ තියන හන්ද ඒ හැටි අඟහිඟයක් දැනුන් නෑ. ඒත් දැන් දැන් බඩගින්දර කියන එක මටත් දැනෙන වාර අනන්තයි. හඳුනයිය උනත් එන්නෙ එහෙමත් දවසක..ඒ එන්නෙත් අප්පුච්චට විටක් සුරුට්ටු මිටියක් ඇන්න . කවුදෝ එකපාරටම මයෙ අතේ තිවුන පන් වට්ටියෙන් ඇද්ද වේගෙට කඩාපු බිම්මල් ටිකත් ඉහිරිලා ගියා. නුග ගහේ වහල උන්නු කෑදැත්තො ජෝඩුවක් මහ සද්දෙන් කෑ ගහගෙන ඈතට ඉගිල්ලුනේ මයෙ කෑ ගැහිල්ලට බයේ වෙන්ට ඇති . විගහින් නුග ඇටවුමකට බරදීල මං හැරිල බැලුවේ ඇත්තටම මේ පාළු ඉහත්තාවේ මයෙ පස්සෙන් ඇවිත් කෝළිත්තන් කරන්නෙ මොකා කියල විස්සෝපෙන් .. මතු සම්බන්ධයි . (සේයාරුව අන්තර්ජාලයෙනි)කෙටි කතා අංක 04 #ලොක්කී 💜 01 කොටස ගෙතුළින් නැගෙන කෙඳිරිලි හඬ වඩාත් තීව්‍රව ඇසෙද්දී ලොක්කි වේගයෙන් පිලෙන් නැගී සිටියාය. ඇය කුඩා නැගණිය කරපින්නාගෙන මලණුවන්ගේ ද අතින් ඇදගෙන මිදුලට බැස්සේ කේන්.තියෙන් පිපි..රෙමිනි. පොඩි උන් දෙදෙනා පේන මානයෙන් තබා සෙල්ලම් කරන්නැයි පැවසූ ඇය ගවුමට උඩින් චීත්තයක් පටලවාගෙන ළිඳ ළඟ වූ කොහිළ ගාලට බැස්සේ දවල්ට උයන්නට කොහිළ දළු මිටියක් කපා ගැනීමටය. "ලොක්කී.... ලොක්කියේ..... කෙල්ලේ.... කෝ මේකි.... ලොක්කී......" මවගේ කෑ ගැසීම් හඬ ඇසුණු ලොක්කි කොහිල වලෙන් ගොඩ වූයේ මිදුලට බැස්සාය. "සිරී මාමට කහට ටිකක් වත්කරපන්.." "ගෙයි හරියෙ සීනි ඇටයක් නැත්නම් අහවල් එකක් දාලා මං කහට වක්කරලා දෙන්නද....?" අත තිබූ පිහියෙන්ම අත කසමින් ඇය මිමිණුවාය. "මොනවද උඹ කුටු කුටු ගාන්නේ....?" "ගෙයි සීනි නෑ.." අම්මාගේ අවුල් වී තිබූ කෙහෙවැටියත්, රතු වී තිබූ මුහුණත් දුටු ලොක්කි අප්පි.රියාව මුසු කේන්.තියකින් කීවාය. ගෙතුළට ගිය මව නැවත එලියට පැමිණ මල්ලීට අඬගසා රුපියල් පන්සීයක් දිගු කළාය. "කොල්ලෝ මේකෙන් සීනි දෙසිය පනහකුයි කුකුල් මස් පන්සීයකුයි අරන් ව.රෙන්. උඹට ඕන නම් ලොසින්ජරේකුත් කා.පන්.." කොල්ලා මිටින් හල කුරුල්ලෙකු සේ දිව ගියේය. "ඔය.. වැටෙයි... හෙමින් පලයන්.." ලොක්කි හඬ ගෑවාය. ""ඔය තියෙන දෙයක් රත් කරල ගනිං.. සිරි මාමටත් බත් කටක් කාලා යන්න.. මල්ලි මස් ගෙනාවාම ඒකත් උයල ගනින්.. " කී ඇය නැවත ගෙතුළට ගියාය. අත වූ පිහිය බිම දැමූ ලොක්කි ගස්සා.ගෙන ගොස් කුස්සියට වැදුනාය. ලොක්කිට කෙසේවත් මෙය නුපුරුදු වූවක් නොවේ. සිරිමාමා පමණක් නොව, බඩා මුදලාලිත්, කසිප්පු පෙරන ජන්තුවාත් රැයක් දවාලක් නොමැතිව ගෙට රිංගන බව ලොක්කි පමණක් නොව අසල්වැසියෝ සියල්ලටම නොරහසකි. ඒ වනවිට සොළොස් වන වියෙහි පසු වූ ලොක්කි වයසට වඩා මුහුකුරා ගොස් ඇති නිසා සිදුවන සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගත්තාය. ව.ස පානය කර පියා මි.ය.ගොස් දෙවසරක් පමණ ගතවී තිබූ අතර මේ වනවිට ලොක්කීගේ පාසැල් ගමනද අතරමග නතර වී තිබුණි. ගමේ කොලු කුරුට්ටන් ලොක්කි දුටු තැන මව සම්බන්ධ කරමින් කරනා නොහො.බිනා විහිළු ගැන මවට පැමිණිලි කළද, ඈට එහි වගක්වත් නොවීය. පාසල් ගමන හැරදමා සත් හැවිරිදි සොයුරා ත් පස් හැවිරිදි බාල සොහොයුරියත් රැක බලාගෙන ලොක්කි නිවසට වී සිටියාය. ඉබේම නිවසේ සියලුම කටයුතු ඇය පිට පැටවිණ. මව සොයා පැමිණෙන මිනිස්සුන්ට සාත්තු සප්පායම් කිරීමටත් ඇයට සිදුවිය. මවට සිය දරුවන් ගැන වගක් නොවූ අතර ඇය ඇයට රිසිසේ ජීවත් වූවාය. නිතැතින්ම කුඩා දරු දෙදෙනාටද ලොක්කි මවක් වූවාය. සත් හැවිරිදි අනිල්ට සිදුවන දේවල් ගැන මනා වැටහීමක් නැතත් ඔහු සියල්ලම දුටුවේය. මෙහෙයින් ඔහු වඩාත් අක්කාට සමීප විය. පස් හැවිරිදි ශානිකා ද වඩාත් සමීප වූයේ සිය අක්කාටය. ඔවුන් කිසිවිටෙකත් මව ළඟ සුරතල් නොවූ අතර මව සිටියද නොසිටියද ඔවුන්ට එය ඒ හැටි ගානක් නොවීය. එළියට බැස්ස විට මිනිසුන් කියන නොහො.බිනා කතාවලට පුරුදු වී සිටි මින් ලොක්කිට ඒවා දැන් එතරම් ගණනක් නොවේ. ලොක්කිට සහ ඇගේ සොහොයුරන් දෙදෙනාට අනුකම්පා කළේ එහා ගෙදර කමලා සහ ඇගේ සැමියා රත්නෙ පමණි. කමලා ද කුඩා දරු දෙදෙනෙකුගේ මවක් වූ අතර වැඩිහිටියෙකුගේ හරිහමන් සරණක් නැති මේ දරුවන් තිදෙනාට අනුකම්පා කළාය. ඔවුන් සතුටින් ආදරයෙන් සිටිනු දකින ලොක්කිට ඇතැම් විටෙක ඉබේටම හීල්ලෙයි අනේ අපිටත් එහෙම ඉන්න තිබුනානම් කියා ඇයට සිතෙයි. ලොක්කිගේ මව හෙවත් කුසුමාගේ ක්‍රියා කලාපය කමලාගේ බලවත් අප්‍රසාදයට හේතු වී තිබූ හෙයින් ඇය එම දරුවන් තිදෙනාටද සිය දරුවන්ට මෙන් ආදරය කළාය. ගමේ බොහෝ වැඩිහිටි ගැහැණුන් සහ පිරිමින්ද මේ තිදෙනාට අනුකම්පා කළහ. --------------------------------------------------------------- ලොක්කි මිදුලට බැස්සේ වැට දෙසින් ඇසුණු ගෝරනාඩුවකිනි. බඩා මුදලාලිගේ බිරිඳ කාන්ති, කඩේ වැඩ කරන දාමරික පෙනුමැත්තෙක් වූ කුමාර සමග වැට අසලට පැමිණ සිටියාය. "කෝ තො.පේ මහ එකී....? එන්න කියාපිය ඕකිට මෙහෙට.... " කාන්ති ලොක්කි දැක ගිගුරුවාය. "මොකාද බොල... මගේ ගේ කඩුල්ලට ඇවිල්ලා මට කෑ ගහන්නේ....? " ඇදහුන් රෙද්ද උණ්ඩිකරගත් කුසුමා ලොක්කිවද පෙරළාගෙන මිදුලට බැස්සාය. "ආ.... මේ ඉන්නෙ පත්තිනි අම්මා.... ඈ වේ....sa.....වියේ , තෝ ඉලන්දාරි ගෑණු ළමිස්සියෙක් ඉන්න අම්මා කෙනෙක් නේද...? ලැජ්ජ නැද්ද අනුන්ගෙ මිනිස්සු අල්ලගෙන නටන්නේ....? " "තො.ගෙ මිනිහව තොණ්ඩු දාලා මම මෙහෙට ඇදගෙන ආවේ නෑ බො.ල.. තෝ වගේ කටු අත්තක් එක්ක ඉන්න බැරි හින්දා තමයි ඒක මං ළඟට එන්නේ.... මේ බො@න්ඩි යකෝ, මගෙ මිදුලටම ඇවිල්ලා මට සද්දේ දානවනේ... " කුසුමා ඊට නොදෙවෙනි හඬකින් කෑ ගැසුවාය. "තෝ මයෙ මිනිහා මෙහෙට වද්ද ගන්න එක නතර කරනවද නැද්ද....? මං මේ බොහෝම හොඳින් අහන්නේ.... " "නතර කරන් නෑ තො.ට පුළුවන් දෙයක් කොර.පිය.... ඇයි ය.කෝ මේක හරි මඟු..ලක් වුණානෙ." ගෝරනාඩුව ඇසීමෙන් අහල පහල වූවන් මිදුල් වලට බැස බලාගෙන සිටින බව දුටු ලොක්කි ලැජ්ජාවෙන් කෙඳිරුවාය. "අම්මේ.. මිනිස්සු බලාගෙන ඉන්නවා ලැජ්ජාවේ බෑ ඕක නතර කරන්නකෝ." "ඒ පාර තෝ එනවද මට උගන්වන්න....? බලන එකෙකුට බලන්න කියා..පිය තෝ පලගෙට." "එහෙනම් තෝ මේක නතර කරන්නේ නෑ....? " "නෑ... ඇයි තෝ චන්ඩි අරගෙන ආවේ මට ගහ..න්නද....?" "ගහ.න්නෑ තෝව මං මක..වනවා." "මක..වපිය මේක... " ඇඳිවත උස්.සා පෙන්නූ කුසුමා දෙස ලැජ්ජාවෙන් බැලූ කාන්ති කුමාරවද ඇදගෙන ආ පාර දිගේම යන්නට ගියාය. "මේක මෙතනින් ඉවර වෙන්නෙ නෑ... බලාගෙන හිටපන්.." යන ගමන් ඈ කුසුමාට තර්ජ.නය කළාය. ඉන් නොනැවතුණු කුසුමා බැන බැන යන කාන්තිට හූ කීවාය. පොඩි උන් දෙදෙනා බිරාන්තව ලොක්කිගේ ඇඟේ එල්ලී සිටි අතර ශානිකා මහ හඬින් හඬන්නට පටන් ගත්තාය. ගෙට වැදී දොර වසාගත් ලොක්කි පොඩි උන් දෙදෙනා තුරුළු කරගෙන හඬන්නට වූවාය. ඉන්පසු බඩා මුදලාලි නැවත පැමිණියේ නැත. -------------------------------------------------------- "මං කියන දේ අහපං.කො අක්කෙ... උඹ මේකට කැමති වුණා නම් අපි දෙන්නට හැමදාම මෙහෙම ඉන්න පුළුවන්නේ බං. ඒකයි මං මෙච්චර කියන්නේ..." යහමින් මත්පැන් පානය කර ඇතුල් කාමරයක සිටි මව සහ ජන්තුවාගේ දෙබසක් හදිසියේ ලොක්කිගේ කන වැටුණේ දර මිටියක් රැගෙන එමින් සිටියදීය. වුවමනාවක් නොවුවත්, යමක් ඉව වැටුණ හෙයින් ඇය ඊට කන් දුන්නාය. "උඹට පිස්සුද බං....? එතකොට පොඩි උන් දෙන්න බලාගන්නෙ කවුද....?" "ඉතිං ඒකිටම බලාගන්න බැරියැ
... කොහෙවත් යන්න ඕනයැ, මෙහෙම ඉන්න පුළුවන්නේ..." "ඒ උනාට ඒක හරියන්නෑ බං... උඹ ඒකිට තාත්තා ගානයි." "වයස නම් මොකක්ද බං... ඒ වගේ ද උඹට හැමදාම මාත් එක්ක මෙහෙම ඉන්න පුළුවන් නෙ.." "ඒකට අපි වෙන පිළියමක් යොදමු.. ඕක හරියන්නෑ. " "හරියන් නැත්තෙ මොකද...? බලපන් උඹ ගැන දන්න මේ අහල ගං හතකවත් පවුලක එකෙකුට ඕකි දීග දී ගන්න උඹට පුළුවන්ද...? ඉතින් හොඳ නැද්ද දන්න එකෙක් වෙච්ච මේ මට දුන්නනම්... උඹටයි මටයි හැමදාම මෙහෙම ෂපාන් එකේ ඉන්ඩ පුළුවන්නේ පොඩ්ඩක් හිතපන්කො.." "ඒ උනාට ලොක්කි තාම ඕවට පොඩි වැඩියි. ඒකි ඔහෙ හිටපු දෙන්." ලොක්කිගේ ඇඟ හිරිවැටී ගියේය. මව සහ ජන්තුවා මේ කතාකරන්නේ තමා ගැන බව නොවැටහෙන්නට තරම් ඇය පොඩි ළමයකු නොවේ. ජන්තුවා හදන්නේ තමාව කරකාර බැඳගෙන මෙහි බින්න බසින්නටය. ඌ කියනා පරිදි ඌට සහ මවට එවිට කිසිඳු බාධාවක් නොමැත. කාලයක සිට ජන්තුවා තමා යන එන මඟ හරස් කරමින් තමා දෙස මහත් ප්‍රේතකමකින් බලමින් ඉඟි බිඟි පාමින් යමකට අර අඳින බව ලොක්කිට වැටහුණේ අද ඊයේ එක නොවේ. අත වූ දරමිටිය දඩස් ගා බිම අත්හළ ඈ කමලා නැන්දා සොයා හඬමින් දිව ගියාය. කමලාගේ දරු දෙදෙනා සමග එම නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි ශානිකා සහ අනිල් ඇගේ මේ කලබලයෙන් ඉමහත් කලබලයට පත් වූහ. "මොකද මොකද ලොක්කියෙ මේ කලබලේ....?" කමලා වහා විමසුවාය. "අනේ නැන්දේ... " හඬමින් තමාට තුරුල් වූ ලොක්කිව ඇතුල් ගෙට රැගෙන ගිය කමලා ඇයව පුටුවක වාඩි කළාය. "අක්කගෙ කකුලෙ කටුවක් ඇනිලා.. උඹලා ගිහින් සෙල්ලම් කරප.ල්ලා. " කලබලයට පත්ව ගෙට එබී බැලූ පොඩිවුන් දුටු කමලා කීවාය. කමලාට තුරුළු වූ ලොක්කි සිදුවූ සියල්ල පැවසුවාය. කමලා කම්මුලේ අත ගසා ගත්තාය. "මේ කුසුමො, උඹ නටාගන්න ඕන නාඩගමක් නටා ගනින්.. මේ අහිංසක දරුවන්ව ඕවට ගාවගන්න එපා.." දිනක් කමලා මිදුලේ සිටි කුසුමාට කිව්වාය. "ඇයි මොකද ඒ පාර වෙලා තියෙන්නේ....?" "මේ කෙල්ල දැන් ළමිස්සි....ඒකිට ඒකිගෙ පාඩුවේ ඉන්න දීප.න්." "ඇයි... මං ඒකිට ඉන්න දෙන්නැතුව මක් කොරාද...? " "කොරාපු හරිය මං නොදන්නවට උඹ දන්නවා ඇතිනේ.." "අනේ පල.යං කමලො යන්න." "ඔය මෙහෙට රිංගන එකෙක්ගෙන් ඒකි අනා.ථ වෙලා බඩ ගැබ්.බර වුණොත් උඹේ ඔය අම්මා කමෙන් වැඩක් තියේද...? ඒකි දැන් ඇහැට කනට පේන එකී. උඹේ පොඩි උන් දෙන්නත් අම්මා වගේ රකින්නේ ඒකි. ඒකිගෙ වයසට නෙමෙයි ඒකි වැඩ, මහ ගෑනියෙක් වගේ මෝරලා. උඹ ඒකිට ඔය දෙන දුක්කන්ද.රාව මදිද..? අනේ අම්මපල්ල උ.ඹ අම්මෙක්ද..?" කුසුම හිස පාත් කරගෙන අසා සිටියාය. " ඒකි ගැන නොහිතුවත් කමක් නෑ, මේ පොඩි උන් දෙන්න ගැන හිත.පන්. ඒකිට මොනවා හරි උනොත් මුන් දෙන්නට යන කල මොකක්ද..? මුන් දෙන්නට මොනවා හරි තම්බල කන්න දීල කුස පුරවල උස්මහත් කරන්නේ ඒකි. ඒකිට මොනවා හරි උනොත් මුන් දෙන්නත් හාමතේම මැ.රි.ලා යයි. උඹේ ඔය කාල@කන්.නි ජීවිතෙන් ඒ කෙල්ලවත් මුදවපං...." කුසුමා සෑහෙන වෙලාවක් පිලට වී කල්පනා කරමින් සිටිනු ලොක්කි දුටුවාය. හවස් ජාමයේ කොහේ හෝ ගිය කුසුමා නැවත ආපසු පැමිණියේ බොහෝ හවස් වීය. ඇය පිලේ වාඩි වී ලොක්කිට ළඟට කතා කොට තමා අසලින් වාඩි කරවා ගත්තාය. " කොයි කෙල්ලේ පොඩි උන් දෙන්න...?" "කවල නිදි කෙරෙව්වා.." කුසුමා පළමු වතාවට සිය දියණිය දෙස සෙනෙහස හා ගෞරවය මුසු බැල්මකින් බැලුවාය. "උඹල මං හින්දා දුක් විඳිනවා.. මං නොදන්නවා නෙවෙයි කෙල්ලෙ.." ලොක්කි පුදුමයෙන් සිය මව දෙස බැලුවාය. "මට දැන් මේ ජීවිතෙන් මිදෙන්න බෑ බං.. උඹ මටත් අම්මෙක් වගේ. මේ පොඩි උන් දෙන්නවත් බලා කියාගෙන උඹ මේ කොරන කාරියට ම උඹට ජාති ජාතිත් පින් දුවේ. දවසක මං නැතත් උඹ උන් දෙන්නව හොඳට හදයි මට ඒක විශ්වාසයි." "අම්මා මොනවද මේ කියවන්නේ....? " "ඔව් දුවේ... මං වැටිච්ච වලටම උඹටත් වැටෙන්න මං ඉඩ තියන්නෑ. උඹ බය නැතුව ඉඳින්." කී ඇය නැඟිට ගෙට ගියාය. වෙනදාට රහමෙර පානය කර වේලාසනින් නින්දට යන මව අද තමා නින්දට යන තුරුත් පිලේ වාඩි වී කල්පනා කරමින් සිටිනු ලොක්කී දුටුවාය. කුමක් ද මේ වෙනස....? මතුවට..... ✍️✍️ අමන්දා හර්ෂණී ජයසුන්දර කතෘ අයිතිය සුරකින්න ස්තුතියි ❤️" හෝදපු පිගන් කෝප්ප පිලිවෙලට තියන්න බැරි නම්, කාමරේ පිරිසුදුව තියා ගන්න බැරි නම් ,තමන්ගෙ ඇදුම් ටික නවලා තියා ගන්න බැරි නම් කොච්චර පෝසතෙක්, උගතෙක් උනත් වැඩක් නෑ පුතේ ." " මම මගේ වැඩේ කලා. ඔය නංගිගෙ කොටස . එයා බොරුවට නිදාගෙන ඉන්නෙ " "පුතේ නංගි අද ටිකක් අසනීපෙන් " "අසනීපෙන් ...? එහෙනම් ස්විමිං ක්ලාස් ගියෙ" " ඔයා දැන් ලොකුයි . ඔයාට පෙම්වතියක් ඉන්න කාළෙක ඔයා දැනගන්න ඕනි ගෑණු ළමයින්ට මාසෙකට දවස් දෙකක් තුනක් පුංචි අසනීප තත්ත්වයක් පේන්න පුළුවන් බව " " ඒක අසනීපයක් නෙමෙයි නෙ අම්මෙ. මම දැකලා නෑ අම්මා කවදාවත් අසනීපෙන් ඉන්නවා." "ඒක ඇත්ත . ඔයා විතරක් නෙමෙයි ඔයාගෙ තාත්තා දැකලත් නෑ මම අසනීපෙන් ඉන්නවා . හැබැයි අම්මා වගේ පෙම්වතියක් බලාපොරොත්තු වෙන්නෙපා. අම්මා කියන්නේ ආදරේ දෙන කෙනෙක් . නංගි කියන්නේ ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක් ." " එතකොට මම " "අපි හැමෝටම ආදරේ ඕනි. 🎀මටත් . ඔයා දැන් ලොකුයි. අපි අපිව තේරුම් ගන්න ඕනි." " කොහොම වුණත් ශරීරයේ වෙනස් වීම් අසනීපයක් නෙමෙයි . අම්මමනෙ ලොකුවට කියන්නේ එයා පළවෙනි දවසේ ඉස්කෝලෙත් ගියා බ්ලා ...බ්ලා...බ්ලා..." " ඔව් ඉතින් ඒක මම බලාපොරොත්තු වුණේ නෑ." "අම්මට මැජික් උනාට නංගිට විතරක් නෙමෙයි එයාගෙ යෙහෙළියන්ටත් වැඩිවියට පත්වීම සාමාන්‍යයි . අපිට අපේ ශරීරය ගැන ගුරුවරු උගන්වලා තියෙන්නෙ නියම වෙලාවට " "හරි ඒ කොහොම වුණත් අද නංගිගෙ කොටසත් ඔයා කරන්න ඕනි. ඔයාගෙ වැඩත් නංගිට කියනවා මට ඇහිලා තියෙනවා ." " එයා කෙල්ලෙක්නෙ අම්මේ " " අන්න ,ඒක ඉගැන්නුවෙ කව්ද ? තාත්තා ද ? " " අනේ අනේ මේ....තාත්තා නම් මෙතනට ඇදලා ගන්න එපා . මම ඔය වැඩේ කරන්නම්. තාත්තා කියන්නා වගේ අපි හොඳක් කළොත් අම්මා වගේ...වරදක් කළොත් තාත්තා වගේ " " මට ඇ හු න් නෑ " 😍 ...ශ්‍රීමතී වල්පොල ...ප්‍රේමයට තියෙන්න පුළුවන්ද සම්මතයක් අසම්මතයක්...... කෙනෙක් නෑ කියද්දී ඔව් තව කෙනෙක් කියාවි ඔව් තියෙන්න පුළුවන් කියලා..... නොදනී ප්‍රේමයේ සම්මතය අසම්මතය අතර මායිමක් නිර්වචනය කල හැකිද... ප්‍රේමය තුලට රාගය වන් කණ්ඩනයන් අධි මාත්‍රාවෙන් මිශ්‍ර වූ කල මිනිසුන් සම්ප්‍රදායික හැසිරීම් වලට ප්‍රතිවිරුද්ද හැසිරීම් දැක්වීම සදාරණීය කරණය කල හැකිද..... එත් මිනිස්සු හැමදාම හැම මොහොතකම කැමති වුනේම දැනෙන තැනක දැනෙන පපුවක නතර වෙන්න.... සංස්කෘතිය මුල් කරගෙන ගොඩනැගෙනා සම්මතය අසම්මතය තුලට විචාරය කල නොහැකි ප්‍රේමය නම් මානුෂීය හැගීම ආ කල ජීව විද්‍යාත්මක රාගය හා ගැටීම.... සමපාත කරගත හැකිද හදවත් වලට... නොගැටෙනවා කිව හැකිද ජීව විද්‍යාත්මක හැගීම් විද ගැනීමට. අප ගොඩනැගු මානුෂිය බැදීම් මත.... ""විරාග රාගය අතරේ තනිවූ ආලය.... විරාම දෙයි ඒක හදකට පුදා පරාජය ...""" අසම්මතය ලස්සනයි සාහිත්‍යයේදී.... එත් යථාර්තයේදී එය සැබවින්ම වේදනාකාරී නොවේද......... Chamila kapuwella......වත් පිලිවෙත් සහ චාරිත්‍ර වාරිත්‍ර පිලිබඳ මගේ අදහස් ඔය වත් පිලිවෙත් සහ චාරිත්‍ර කියන දේවල් හැදිල තියෙන්නෙ දැන් වගේ විදිමත් අධ්‍යාපන ක්‍රමයක් නොතිබුනු කාලයක ඒ දැන් තරම් දියුනු සමාජ පසුබිම් වල නෙවෙයි. ඒ කාලෙ ඕව සමාජගත කරපු බමුණු කුල වල අයට ඕන උනා තමන්ටත් තමංව පෝශනය කරන ඉහල කුල වල අයටත් කරදරයක් නොවන ලෙස සමාජය පාලනය කරන අතරෙ පොදු සමාජය, සමාජ අසහනය, ජීවන ගැටළු, මානසික ව්‍යාධි වගේ දේවල් වලින් යම් තාක් දුරට ආරක්ශා කරල පාලනය පහසු කරන්න. දැන් ඉන්න මිනිස්සු කොච්චර දියුනු සමාජයක හිටියත් අදහස් අතින් දුප්පත්. ඒකයි සම්ප්‍රදාය හා චාරිත්‍ර පිලිබඳ මේ වගේ විසංවාදයක් ඇති වෙලා තියෙන්නෙ. බුදු දහමෙ එන වත් පිලිවෙත් නම් ගොඩක් දුරට ආර්‍ය අශ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න පුහුනුවක් වගේම ගැඹුරු ධර්ම කරුනු අවබෝධ කරගන්න අවශ්‍ය ප්‍රඥාව දියුනු කරගන්න උදවු වෙනව. අපි හැමෝම වයසින්, අත්දැකීම් වලින් වගේම දැනුමෙන් සහ බුද්ධියෙන් එකම මට්ටමේ ඉන්න අය නෙවෙයි. කෙනෙක් ක්‍රීඩාවක් කරනව කියමු. එහෙම කරනකොට Gym එකකට ගිහිල්ල ව්‍යායාම කරන එක ගොඩක් දෙනෙක් කරන දෙයක්. කෙනෙක් අහන්න පුලුවන් "Gym එකට ගිහින් බර උස්සන එකෙන් Cricket ගහන්න පුලුවන් වෙන්නෙ කොහොමද?" කියල. ආමිස පූජා කියන දේවල් මං දකින්නෙ මේ විදියට. බුදු දහමෙ හරය අවබෝධ කරගන්න මනස පුහුනු කරන මූලික ව්‍යායාම තමයි ආමිස පූජා කියන්නෙ. මම දන්න තරමින් බුද්ධ පූජාව කියන චාරිත්‍රය පටන්ගෙන තියෙන්නෙ මහනුවර යුගයෙ. එහෙම උනත් අදටත් ඒක ප්‍රධාන පූජා විධියක්. එතකොට කොටින්ම කිව්වොත් පංසලකට යන පොඩි දරුවෙක්ට බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාවක් ඇති වෙන්න බුද්ධ පූජාව බලපානව. ඒකෙන් තමං කැමති රස කෑමක් තව කෙනෙකුට දෙන්න තරම් හොඳ ගති ගුනයක් ළමා මනස තුල ඇති වෙනව වගේම බුදු හාමුදුරුවෝ කියන්නෙ ජීවමාන සංඛේතයක් විදියට ළමා මනස තුල රෝපනය වෙනව. එතකොට පංසලට යන්න බුදු දහම ගැන ඉගෙන ගන්න ඒ ශ්‍රද්ධාව හේතු වෙනව. ඒ දවස්වල මම ගියපු දහම් පාසලේ අධ්‍යක්ෂක විදියට හිටියෙ සෝම හාමුදුරුවෝ. අපිට ඒ දවස් වල හාමුදුරුවෝ කියපු දෙයක් තමයි බුද්ධ පූජාව අහාර අපතෙ දැමීමක් කියල හිතන්න එපා, පූජාව ඉවර උනාම ඒ ආහාර සතෙකුට හරි අසරන මනුස්සයෙකුට හරි දෙන්න කියල. ඒ උනාට අද කාලෙ අපේ හාමුදුරුවරු මේ වගේ ප්‍රායෝගික දෙයක් වත් තමංගෙ දායකයන්ට කියල දෙන්නෙ නෑ. පූජා විධි ලෙස වර්ධනය වෙලා තියෙන ගොඩක් දේවල් ඒහෙම වෙලා තියෙන්නෙ ප්‍රායෝගික හේතු ඇතුව. ඒත් ඒව නිර්මානය කරන අය බුද්ධිමත් වෙන්න ඕන ඒව සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත පීඩාවට පත් කරන යකඩ දම්වැල් බවට පත් කර නොගන්න. කොටින්ම බුද්ධ පූජාව වගේ දේවල් නිසා තමංගෙ ශ්‍රද්ධාව වර්ධනය කරගෙන ධර්මය ඉගෙන ගෙන ධර්ම මාර්ගයෙ ගිහිල්ල මනස දියුණු කර ගන්න කෙනෙක් පස්සෙ මේ දේවල් නිසා ආහාර අපතෙ දමන සංස්කෘතියක් බිහිවෙනව නේද අසරණ ම
ිනිස්සු සත්තු බඩගින්නෙ ඉන්නකොට මෙහෙම පිලිම වලට පූජා තියන්න අපි ඒ තරමු මුග්ධ හිතක් පපුවක් නැති දරුනු මිනිස්සු ද? කියල අහනකොට අපේ සෝම හාමුදුරුවෝ පිළිතුරු දුන්න වගේ ඒ දේවල් වල යටින් තියෙන නියම හේතුව පැහැදිලි කරන්න වගේම ඒ දේවල් සමාජයට හානියක් නොවන ලෙස කරන විදිය කියල දෙන්න ඔය පූජා ක්‍රම නිර්මානය කරන ගොඩක් හාමුදුරුවරු ප්‍රඥාවන්ත වෙන්න ඕන. මොකද හැම කෙනෙක්ටම මේ දේවල් තනියම අවබෝධ කරගන්න අමාරුයි. බුදු දහමෙ එන චාරිත්‍ර පූජා විදි විතරක් නෙවෙයි ඕනම චාරිත්‍රයක් ගොඩ නැගිල තිබෙන පසුබිම තේරුම් ගන්න තරම් වර්තමානයෙ අපි පරිනත වෙන්න ඕන වගේම ඒ මගින් මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු හා පවත්වා ගන්න බලාපොරොත්තු වෙන සමාජ ක්‍රියාවලිය හඳුනාගෙන ඒක වර්තමාන සමාජයට ගැලපෙනව නම් විතරක් ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරියට ගෙන යන්න අපි දැනුවත් වෙන්න ඕන. ගිහාන් සමරසිංහදුංහිඳ හීන - (අට) සාංකාවක් හිතට ආවහම මං කරන්නේ ඇල්ල පල්ළෙ තියෙන මහ ගල් පොත්තේ ඈඳිගෙන ඔයේ හීතල වතුරේ පතුල් ඔබා ගෙන ඉන්නෙක . කැළැත්තෙන දියේ ඇඳෙන රටාවල් දිහා මං ඔහේ බලන් ඉන්න වෙලේට මයෙ හිතත් ඒ දියසුළි වාගේ එක තැන කැරකි කැරකි ඉබාගාතේ ඈතට පාවෙලා යනවා. නිරුස්ස දිහාවට වේගෙන් හමාපු හුළං අතට ගොයං කරල් වැනෙන අපූරුව දිහා මං බලා උන්නේ හිතේ යම් සාංකාවක් තියේනං ඒ සේරෝම අමතක වෙන්ට හිතාන... "හප්පොච්චියේ.. හිතුවා විතරයි මේන් නඟා මෙතන ? හෙරළි ගෙඩියක් කඩන් එන්ට ඕං දෙහිටියානෙටම ගෑටුව.. මේ කොක්කනියේ මරද ටිකකුත් තියේ. මේ ටික ගෙනියතෑකිය උඹට ..? මං මේ අම්බරුවො ටික දක්කාගෙන යන්ට කියලා.." කිරා කරෙන් ගෙනා හෙරළි ගෙඩිය බිමින් තියල අත තිබ්බ මරද උරය මට පෑවා. ඒත් ඒක ගන්ට මයෙ හිත මනාපයක් නැතුවා . අම්බරුවෝ දක්කාන යන්ට ආපු එකා අහවල් කාරියකට මා පස්සෙන් හ‍ඹන්ට ගත්තේ? "මට මෙව්ව ඕනැන්නෙ නෑ..උඹ වෙන කාට හරි දීපන්. හෙරළි ගෙඩි නං ඔය තුලානේ කොයි අහත් ඕනපදම ඇති නෙව ..? " "අවාරේ..! කොහෙවත් නෑ හොයාගන්ට. මං මේ ටික උඹලෑ ගෙදර පිල් කඩේ තියල යන්නං .." කිරා, දාඩිය පෙරාගෙන හෙරළි ගෙඩියත් කරෙන් උස්සාන ,මරද උරෙත් කරගහන් දෙවැට දිහාට රූටන්ට උනාම මං හෙමිහිට පහු බැස්සා. වළස් ගෙරිය වාගෙ රැවුල් , කොණ්ඩා වවාගෙන තිස්සෙම මහ මූකලානෙ ගස් ගල් ...සතා සීපාව එක්ක ගැවසෙන එකා කොහෙ දන්නෙ ගෑනුන්ට ආළවන්තකම් පාන්ට..? මයෙ පස්සෙන් වැටෙන්ට ඌ මොකා.. ? මට නොරුස්නාව වැඩිකමට එහෙමම තව ටික වෙලාවක් වෙල් ඉපනැල්ලෙ ඈඳිගෙන උන්නා. සුදු මහත්තයයි චින්ත බේබියි තනි පංගලමේ එහා මෙහා ඇවිදින්ට යුතු නෑ නෙව...? විළිසගංයක් ඇති මහ එවුන් නං දැනගන්ට එපාය ගින්දරයි පුළුනුයි එකට තිව්වොත් ඇවිලෙන වග. මයෙ අම්මෝ.. අපෙ අම්ම, අප්පුච්ච නං මාව හම ගහල මෙලහටටත්. මට හැබෑවටම දැනගන්ට තියේනං මේවයෙ ඇත්ත නැත්ත.ඒත් මං මොකට මේ පලක් නැති දේවලට මේ හැටි නැහෙන්නේ..? හිතන්ට මතන්ට දේවල් මෙච්චර තියෙද්දි..? වේලක් පිරිමහගන්න එකත් මහ යුද්දයක් වෙච්චි එකේ මං මේ අහක යන දුකක් බලෙන් ඇන්න හිතෙන් විඳවනවා. "නඟා මෙතන මක් කරනවා තනිපංගලමේ ? මං හැම ඉසව්වෙම හෙව්වා.කිරා මලය කීවේ උඹ මේ අහ කියලා..." හඳුනයියා මං ගාවින්ම ඈඳිගන්නකොට මං දන්නවා ඊගාවට කියන්ට තතනන්නෙ මොක කියලා... මං අහන්ට මනාප නැත්තෙත් ඒකම තමා.. බලහත්කාරෙන් කොහොම හිත හදා ගන්ටද.. ? "මාමණ්ඩි කිව්වා කෝණ මාසෙ පහුකරල හොඳ නැකතක් බලවගන්ට කියලා. උඹේ වේළපත්කඩ ඇන්න එන්ට කිව්ව ඔන්න අපෙ අම්මා. මට දෙපොළක් බලා කියා ගන්ට අමාරුයි දැන් . අම්මත් නිතරෝම ලෙඩින්. එහෙන් හේං කුඹුරුත් ආලපාලු වෙලා.. " "හඳුනයියා... " මං ඒ වචනෙ කියාගත්තෙත් බොහොම අමාරුවෙන් . ඒ ලෙංගතු ඇස් දිහා බලාගෙන මොන හිතකින් මං මයෙ හිතේ තියෙන දේ කියන්නේ..?ඒත් කියන්ට වෙනවා .තව තවත් මා ගැන බලාපොරොත්තු තියාගන්ට ඉඩදීල ඉන්න එක ඊට වඩා පාපකර්මයක් නෙව ..? ඊටත් මට වඩා රූප ලස්සන තියෙන, හොඳට කාසි බාගෙ ඇති තැනකින් හඳුනයියට පෙළවහක් කරගන්ට බැරුවයැ.මයෙ හිත ඔන්නොහේ නොලැබෙන දේවල් මත්තෙම නැහි නැහී මේ මූකළානෙටම මහළු වෙච්චි දෙන්. මේ මං ලබා උපන් හැටි වෙන්ට ඇති . "මයෙ දැම්ම මනාපයක් නෑ හඳුනයියේ දීග තල ගැන හිනන්ට. මට තේරෙන්නෙ නෑ මට මක් වෙලාද කියලා. මට අයියා මගේම අයියෙක් ගානයි. මේ ගැන කියන්ට........" මට කතාව අහවරක් කරන්ට ලැබුන් නෑ. හඳුනයිය උන් තැනින් නැගිට්ටේ ඊයක් වගේ වේගෙන්.අතේ තිබ්බ ගල් කැටේ වේගෙන් වෙලට විසික් කරලා සරොමත් කැහැපට ගහගෙන එතනින් පිටවෙලා ගියේ මං දිහාවත් නොබලම.ගිය තාලෙන් මට හිතුනේ ආයි හඳුනයිය මං ඉන්න අහළක්වත් නොබලාවිය කියල . හඳුනයිය හිත් අමනාපෙන් ගිය වගක් කොහොම හරි අප්පුච්චට දැනිල තියෙනව.ඒ ගැන සෝලි තිවුවේ මටයි. ගිරේට අහුවුන පුවක වගේ හැම පැත්තෙන්ම තැලෙන්නෙ මං. අර ගුණසිරියගෙ පුරස්නෙදි උනත් නිස්කාරනේ මං නෙව වැරදිකාරි වුනේ...? "උඹ දන්නවැයි හඳුන හිත හොඳ එකා කියන්නෙ... උගෙ හත්මුතු පරම්පරාවම රාජ රාජ ගරුබුහුමන් ලබාපු උන් වෙලත් ඌ උඹ මත්තෙම නැහෙනවා .මයියංගනේ නින්දගම් හිට තියෙන්නේ උන්නෙ පරම්පරාවට ලැබුනු එව්වලු. හඳුනගෙ මී මුත්තෙක් බාරෙ රාජ අබරණ වගයක් ආයුද එහෙම තිබිල ඒ කාලෙ එහෙ ගමේ පංසලේ හාමුදුරුවන්ට බාරදුන්න කියන්නෙ සෑයට පූජ කරන්ටෙයි කියල . " "හ්ම්..." "මොකෝ උඹ හුම් හුම් ගාන්නෙ අර බකුස වගේ. හැබැයි උඹ ඔය ලොකු ලොකු එවුන් එක්ක ආස්සරේට ගිහින් අමාරුවක වැටුනොත් එදාට තමයි මයෙ මළගම බොට දකින්ඩ වෙන්නේ..ආයි මං කියන් නෑ ..... " අප්පුච්චා කවදාවත් මේ හැටි සෝලි තියල නෑ මට. ඇයි දෙයියනේ කවුරුවත් මාව තේරුම් ගන්නෙ නැත්තේ...? ඒකත් මහ කරුමයක්. මයේ දැහැට උනාපු කඳුළු හෙමින් පිහිදගෙන මං කැළේ ඉහත්තාවෙන් පේන පුස්සැල්ලා කන්ද දිහාවෙ බලං හිටියා . ඉස්සර ඌව වෙල්ලස්ස කියන්නේ මහා වීරයො උපදිච්ච ඉසව්වක්නේ...? මං පුංචි සන්දියේ අපෙ දිහා උන්නු ඉසා මුත්තා පුස්සැල්ලා කන්ද ගැන කියාපු පුරාණ කතාවක් මට තාම මතකයි . රජ කාලෙ ඔය කන්ද මහ පොළොවට සමතලා වෙන්ට ගියාලු. මොන විදිහටවත් ඒක වළක්කන්ට ජගතෙක් උන්නෙ නැති එකේ මේ කඳු වැටියෙන් මැදිවිච්ච ගම්වල ඉන්න හැම එකාම දරු මල්ලොත් එල්ලාන සී සී කඩ විසිරුනාලු. ඔය මහ කන්ද පාත් වෙනවය කියන්නේ ..ආයි ඉතින් මුලු බදුලු පුරේම යට වෙනව.වාපියේ වතුර කඳ වැඩිවෙලා ඇල්ලට වතුර එක්කාසු වෙලා පිටාර යන්ට තරං මුරුගසං වරුසාව එන්ට එන්ටම වැඩිවෙලා. අන්තිමේදි දඹානෙ ඉඳන් වැදි ගැටයෙක් ඉදිරිපත් වෙලා තියෙනව මේ වින්නැහිය නවත්තන්ට. මහ වතුර කඳ අස්සෙන් බදුලු ඔය පිටාර ගලන තැන මහ ගල්පර හිරකරල පුස් වැල් කියන හයිය සද්දන්ත වැල් පටවල් පටලෝලා වතුර කඳ මේච්චල් කරල තියෙනව. අදටත් ඔය කන්ද බේරල මුළු බදුලු පුරේම ආරස්සා කරන්නෙ ඒ වීරය කල හපන්කම හන්ද තමයි කියල ඉසා මුත්ත නං කීවෙ. දුංහිඳ ..මේ හැටි රූබර වෙලා තියෙන්නෙත් ඉන් පස්සෙ කඳු මුදුනතෙන් ගලාගෙන එන මහ වතුර කඳ එක තැනකට එක්කාසු වෙලා එන හින්දලු. ඒත් ඒ ගැටයට ගොඩට එන්ට බැරිවෙලා එහෙමම දිය යට ගැන්නිලා ගියාලු පුස්වැල්ලෑව කන්ද..පුස්සැල්ලා කන්ද උනේ ඕං ඔහොමයි කියල කට වහරෙ කියන්නෙ. එහෙව් වීරයො ගැන අපේ ඉසා මුත්තල දැනං උන්න දේ අපිට කියාදුන්නට ඒව අපෙන් එහා එවුන්ට දැනගන්ට හැටියක් නෑ නෙව. ඒත් දැන් එකාල තියෙන එව්වත් නැතිබංග කරන් යනව මිස ආරස්සා කරන්ට තනන් නෑ. උන්ට මෙව්වයෙ කැක්කුමක් නැති හන්දා... * * * මං යසා නැන්ද ලෙඩින් කිව්ව හන්ද උන්දැට ලුණු කැඳ ඩිංගිත්තක් හදල බතකුයි තැම්බුං හොද්දකුයි හදාගත්තා. මයෙ අම්ම මියැදුනාට පස්සෙන් පහු මං මේ ගංතුලානේ කවුරු ගිලන් වුනත් මනාප දෙයක් හදාගෙන යනවා. මට මයෙ අම්මට පිං අනුමෝදන් කරන්ට ඒකම සෑහෙනවා. යසා නැන්දලයෙ ගෙපිලට ගොඩවුනාට මහ පාළු මුස්පේන්තු පාටයි.වේළිච්ච කොළ රොඩු මිදුල පුරාම. පිලේ වකුටු වෙලා බුදියං උන්නු කුක්කා කෑට ගාගෙන එහෙම්ම පහු බැස්සේ ඌ මාව ඇඳිනගෙනද කොහෙදෝ.?දොර පියන් හෙමත් අවුරා දාලා..මේ ඇටබගව්වෙ මොකා දොරන් අවුරා දාගෙන ඉන්නෙ..? හෙනං යසා නැන්ද චින්ත බේබිලගෙ අහ ගියාවද්ද බේත් ගන්ට..?ඒත් චින්ත බේබි කොළඹ රටේ ගෙහුං නෙව . ගෙයි ඇතුලෙන් ඇහෙන සිරික්කිය හින්ද මං සිරිමතියගෙ නම කීවම දොර ඇරන් එළියට ආවෙ ගුණසිරියා. විළියෙන් රත් උනේ උංගෙ මූණු නෙවෙයි මයෙ මූණ. සිරිමතී මට මූණ නොදී මගෑරලා ඇතුලට ගියාම ගුණසිරියා හොරකුංච වගේ කඩුල්ල පැනල හීංසීරුවේ යන්ට ගියා . "ජිනා...උඹ ආවද කෙලී....අනේ කොච්චර දෙයක්ද ...? " යසා නැන්ද හොඳටෝම අබල දුබල වෙලා. මට මයෙ අම්ම ගැන වාගෙම කැක්කුමක් හිතට දැනුනා .ඒත් සිරිමතීට ඒකෙ වගේ වගක් නැතුවා වගේ. "නැන්දා... හෙට බේත් ඩිංගක් ගන්ට යං මාත් එක්ක.උදැහැනැක්කෙම ගියානං හිටිබීරුමට කළියෙන් එතෑකි... " කිව්වත් වගේම පහුන්දා ඉර මුදුන් වෙන්ට කලියෙන් යසා නැන්දට බේත් ඩිංගක් අරන් එන්ට පුළුවන් උනා. මයෙ අතේ තිවුනු කාසි වලින් නැන්දට මෝල්ටඩ් ටින් එකකුත් අරං දුන්නේ උන්දැ හොඳටෝම දුර්වල වෙලා උන්නු හන්දා. "උඹට කිරි උතුරන්ට ඕන ජිනෝ.. මයෙ පණ කෙන්ද රැකුණේ උඹ හින්ද නේ.. කෝ අරකි මයෙ පැත්ත බැලුවයැ.මියැදෙන්ට ඇරල බලා උන්න මිසක් ..." මං යසා නැන්දව ගෙදෙට්ට ඇරලවල ආපහු යන්ට හැරුනේ අප්පුච්චට බත් ඩිංග බෙදා දෙන්ටවත් අද මියුරි අක්ක නැති හන්දා . ඇඹිලිපිටි ගොහින්.මොනා වුනත් උන්දැ නැති කොට තමයි ඕපදූප දොඩව දොඩව හරි ඉන්න එකේ අගේ තේරෙන්නේ. "අප්පුච්චා... මං ගියා යසා නැන්දට බේත් ඩිංගක් අරන් දෙන්ට..." ම්හු..අප්පුච්ච හාවක් හූවක් නෑ. මා එක්ක හිත් අමනාපෙන් ඉන්නේ.ගිනිමැලේ ඉස්සරහ ඈඳිගෙන ඔහේ කුටු කුටු ගගා ඉන්නවා. මං බත් පිඟානයි වතුර කෝප්පෙයි බංකුව උඩින් තියාල බකුසුහාමි බලන්ට ගියා. යාන්තමට පෙඳ ඩිංගක් පේන්ට දොරහුව අස්සෙ රිංගන් ඉන්නවා උගෙ පෙන්දක් එදා තුවාලවෙලා හින්ද ඈතක නොයා ඉන්නෙ. ඈතට ගියානං වෙන අතුරු අන්තරාවක් වෙලා. "හඳුනා ඊයෙ හවහ ඇවිත් හරියට දොස් කීවා. උගෙ හිත හොඳ නෑ වගේ මා එක්ක දෙඩුවට මං ඒකනෙ බොට කට කැඩෙනකල් කියන්
නේ ඔය කටයුතු එකලාසයක් කරන්ඩ ඕන කියල. බොගෙ හිතුවක්කාරකම වැඩී.. ඌටවත් ඇහැක් වේද මන්ද උඹව ආණ්ඩු මට්ටු කරන්ඩ..." "අනේ අප්පුච්චා ... එක එක්කෙනාගෙ හිත් හොඳ කරන්ට ගිහින් මට බෑ දුක් වෙන්ට. ඒක එයා තේරුංගන්ට ඕන.මයෙ මනාපෙ ගැන හඳුනයිය මගෙන් කෙළින් ඇහැව්වෙ නෑනෙ?" මං කියල දැම්මේ ...මයෙ හිත දැන් දැන් කොහෙත්ම හඳුනයිය පැත්තට නතු වෙන්නෙ නැතුවා ..." අප්පුච්චා ඒ ගැන උන්නෙ මහා හිත් අමාරුවකින් විත්තිය මට තේරුනා. හඳුනයියට ළංවෙන්ට බැරි මයෙ හිත ආයිත් කවදාවත් කාටවත්ම ළං වෙන්නෙ නැති වග මං දන්නවා .මයෙ හිතේ තියෙන හීන කවදාවත් හැබෑ නොවෙන වගත් මං දන්නවා. උපතින් ගේන දෛවෙට පිටුපාන්ට බෑ නෙව? මේ මං ලබා උපන් හැටි වෙන්ටැ.. ! මං බිං කළුවර වැටෙන්ට මත්තෙන් පංසල් මල් ඩිංගක් කඩාගෙන පහන් පැළෙන් තිව්වා බුදු පහන පත්තු කරලා තෙල් ඩිංගක් ඉසේ ගාගන්න ගමන්.. පන්දං එළියක් යාන්තමට ගස් අස්සෙන් වැටෙනව දැකල මං ඩිංගක් පිළෙන් එපිට බැලුවේ හිතේ දෙගිඩියාවෙන්. මයෙ හිතට හරි නෑ ගුණසිරිය හන්ද . ඌ මේ අහ කැරකෙනව වැඩියි දැන් . "ජිනා.. මං මේ රාමනායක බංගලාවෙ හීං අප්පු. අපේ සුදු මහත්තයගෙ පයිණ්ඩෙකට ආවෙ. පොඩ්ඩක් මෙහාට වරෙන්කෝ...' කිව්වත් වගේම හීං අප්පු .. මේ අවෙලාවෙ..? මොකුත් හදිස්සියක්ද? මං කඩුල්ල ළඟට දුවං ගියේ මොකුත් හිතාගන්ට බැරුව. "සුදු මහත්තය බංගලාවට ඇවිත් ඉන්නේ. හෙට පාන්කළුවෙන්ම ආපහු කොළඹ යනවා කීවා වැඩ වගේකට..ඊට කලියෙන් උඹව හදි ගැහෙන්ට ඕනය කිව්වේ. උදැහැනැක්කෙන්ම රාමනායක බංගලාවට එන්ඩ කියන්නයි මං ආවෙ. මං මේ පයිණ්ඩ ගේන වගක් උඹ කාට වත් දැනගන්ට තියෙනවා හෙම නෙවෙයි.." හීං අප්පු එහෙම කියාගෙන ආපහු හැරුනේ නොරිස්සුමින් වගේ. මේ බසමංදාවෙ... සතා සීපාව හක්කොලන් කරන බැද්ද අස්සෙන් පයිණ්ඩ අරං එන්ට කැමති වෙන්නෙ මොන එකාද ..? ඒත් ඉතින් සුදු මහත්තය දෙයක් කිව්වම නොකර ඉන්ට යැ? මට හරියට හීනයක් වාගෙ...මේ තකහනියක් කියන්ට තියෙන්නෙ මොක කියල ...? හීනියට පොදක් වැටුනේ ඇල්ල දිහයින් ගලා ගෙන ආව හීතල හුළං රැල්ලකුත් එක්ක...මං ඒ පොද වෑස්සට මූණ අල්ලාන හිටියේ හිතේ සන්තෝසෙ කියාගන්ට..වචන නැති හන්ද. මං අත් දෙක දෙපැත්තට විදහලා හිරිපොද වැස්සේ ටික වෙලාවක් තනියෙන් උන්න වග දකින්ට ඇත්තේ හ‍ඳපාන විතරයි.මම ඒ දිහා බලාන ඉද්දි හිතුනෙම දුර උන්නු හඳ මට හුඟක් ළඟ නෙවද කියල . * * * ඉරිම පාන්දර වෙනකල්ම මට නින්දක් අහළකටවත් ආවෙ නෑ. උදේ රැයින්ම දුර යන හින්ද අත්දෙක වන වනා යන්ට හොඳ නෑ නෙව. මං උදැහැනැක්කෙම පිපිච්ච කැළෑමල් ඉති ටිකක් කඩා ගත්ත. මහත්තය ගමනක් යන්ට ඉන්න එකේ මල් පොකුරක් දෙන එක හොඳා... ඒත් ඉතින් කැළෑමල් ... කමක් නෑ මට හිස් අතින් යන්ට හිත් දෙන්නෙ නෑ. මහපාරට පය තියද්දිම අර මූසලයා ..කිරා..? අනේ හැබෑට ..සුබ ගමනක් වත් මේකට හොරෙන් යන්ට නැති හැටි.. මූ මේ වතාවෙ හඳුනයිය එක්ක මයියංගනේ යන්ට නැතුව ඇති . මං ඔරවද්දී කිරා පාරෙන් පල්ලමට හිමින් සීරුවෙ බැහැල මට යන්ට ඉඩ දුන්න. මයෙ පපුව ගැහෙන සද්දෙ පිටස්තරයින්ටත් ඇහෙන තරම් . මං රාමනායක බංගලාවට යද්දි ගලේ විහාරෙ වෙන්ටැති පීකර් එකක පිරිත් දාල තිවුන ඇහුනා . සුදු මහත්තය කිරි සුදු පාට ඇඳල හරියට හංසයෙක් වාගෙ. වාහනේ හෝද හෝද උන්නු ඩැයිවර ඇත්තෝ මට ඇහැක් ගැහුවට හොඳ වෙලාවට සුදු මහත්තය දැක්කෙ නෑ...නැත්තන් යස මට්ටුවක් කරාවි. "ඕ...බීයු..ටී ෆු..ල්...!! " මං දුන්නු මල් ටික මහත්තයා වාහනේට දැම්මා. සුදු මහත්තයගෙ හිනාවත් හරියටම ඒ සුදු මල් මිට වාගේ. "ජිනා.. මම ඊයෙ රෑ වෙලා පණිවිඩේ එව්වෙ දවල්ට මිනිස්සු ගැවසෙන හින්ද.ආයෙ ජිනාට කතාවක් හැදෙයි.. ඒකයි. " කතා හැදුනට මයෙ මොකෝ.. මයෙ හිත තියෙන්නෙ මහත්තය ගාව විතරයි ..කියල මට කියන්ට හිතුන. මහත්තයා මාව ඇතුලට එක්කං ගිහින් ලොකු පොතක් වගේ එකක් මයෙ අතේ තිබ්බා. "මේක කාටවත් දැනගන්න තියන්න ඕන නෑ. මේක මේ ඩීඩ් එකක්... මට මේකෙ සිංහල වචන දන්නෙ නෑ.. ජිනා ඔයාගෙ අප්පච්චිත් එක්ක ඔය කැළෑ අස්සෙ ජීවත් වෙන්න ඕන නෑ මින් පස්සෙ . " මට හිතාගන්ට බැරි මහත්තය මේ මොනා කියන්නෙ කියල ..? "මට තේරෙන් නෑ සුදු මහත්තය ...? " "අර ඈත පේනවද පුංචි ගෙයක් ...? " සුදු මහත්තය මට රාමනායක බංගලාවට ටිකක් ඈතට වෙන්ට තියෙන පුංචි ගේ පොඩ්ඩ පෙන්නල ඇහුවා. ඒ ගේ දැන් කාළාන්තරයක් තිස්සෙ වහල දාල තියෙන්නෙ. "ඒ ගෙදර මින් පස්සෙ ජිනාලගේ. .මං එන්න සතියක් විතර යයි.ආවම ඉතිරි දේවල් කතා කරමු" මහත්තයා වාහනේට ගොඩවුනු හැටියෙ ඊතලයක් වාගෙ ඩැයිවර් පිඹගෙන ගියෙ නැතෑ... ඈත කඳු ගැට්ට උඩින් විහිදෙන පාරදිගේ සුදු මහත්තයවත් අරගෙන ඈතට යන වාහනේ දිහා මං බලාන උන්නෙ මහා විස්සෝපෙකින් .. මට මයෙ කකුල් පවා පණ නැති උනා වගේ දැනුනා . මේ මොනා වෙන්ට යන්නේ? එතකොට චින්ත බේබි .? එදා හීං අප්පු කීවෙ බොරු වෙන්ටැ .. අනික බේබිගෙ නොතනියට ගියා කියල මක් වෙනවද..? සුදු මහත්තය සහෝදර කොමට ගියා වෙන්ට බැරුවයැ..?අනික චින්ත බේබි එක්කල පළහිලව්වක් තියේ නං මට මෙහාට එන්ට කියල පයිණ්ඩ එවල මෙහෙම ලියවිල්ලක් දේව් යැ.. මේ මං දකින්නේ හීනයක් ද? හරියට ඉර දෙයියො මහ රාත්තිරියෙ පායල වාගේ. ඇහැ මල් රෑන පොළොවට කඩා වැටිල වාගේ... වෙන්ට තියා හිතන්ටවත් බැරි දේවල් ..මං සුදු මහත්තය දුන්නු ලියවිල්ලත් ලය මැද්දට තුරුල් කරන් ගෙයි දිහාට දිව්වේ කියාගන්ට බැරි තරං සන්තෝසෙකින්. මතු සම්බන්ධයි . (සේයාරුව අන්තර්ජාලයෙනි )අපේ ප්‍රින්සිපල් "නැන්දම්මා නෙවේ ඔයාට අර ප්‍රින්සිපල් නෑනා එක්ක නම් ලේසි වෙන්නෙ නෑ ඔන්න" ජයමාල්ගේ පවුලේ අය අඳුනාගත් දා සිට නිර්මාලිට යහළුවන් නෑයන් සහෝදර සහෝදරියන් පවා කීවේ එයයි. "ඔයාලගෙ අක්කා සැර පාටයි නේද?" ඇය හෙමින් සැරේ ජයමාල්ගෙන් ඇසුවාය. "අක්කා බෝයිස්කූල් එකක ප්‍රින්සිපල් නිසා වෙලාවකට ඒ නීති ගෙදරටත් ගේනවා තමා.මම නං ඒවා ලොකුවට ගණන් ගන්නෙ නෑ" ජයමාල් සැහැල්ලුවෙන් කියා දැම්මත් නිර්මාලිගේ හිත තවත් බර වුණේය. විවාහයෙන් පසු ඉන්න වෙන්නේත් ජයමාල්ගේ මහ ගෙදරය.අක්කාගේ සැමියා විදෙස්ගත නිසා එහි සිටියේ ජයමාල්ගේ අම්මාත් අක්කාත් පමණි. අම්මා ලෙඩ ගානේ නිසා වැඩිපුර ගෙදර වැඩට මැදිහත් නොවී පැත්තකට වී සිටියි. "ගෙදරක ප්‍රශ්න පටන් ගන්නේ කුස්සියෙන්.කල්පනාවෙන් දෝණි" නිර්මාලිගේ අම්මා උපදෙස් දුන්නාය. "සතියෙ දවස් වල මං උදේ දවල් උයන්නම්.ඔයා අම්මගෙ කෑම ටිකයි රෑ කෑමයි හදන්න.සති අන්තෙ මං සෙනසුරාදා ඔයා ඉරිදා උයමු" අක්කා නිර්මාලි ගෙදරට ආ මුල් දවස් වල ම කිව්වේ එය දැනගෙන වගේය.ඒ යෝජනාවට නිර්මාලි ද ඉහළින් ම කැමති වූයේ පාන්දර නැගිටීම ඇයට මහා දඬුවමක් වූ නිසාය. අක්කා උදේ පාන්දර නැගිටියි.උදේටත් දවල්ටත් උයා බත් පාර්සල් දෙකක් බැඳගෙන හය වෙද්දී ගෙදරින් යයි. "ප්‍රින්සිපල් පරක්කු වෙලා ගිහින් ගුරුවරුන්ටයි ළමයින්ටයි උදෙන් එන්න අවවාද කරන්නෙ කොහොමද?" ඇය කියන්නේ එසේය. නිර්මාලි ඉන්පසු නැගිට තේ හදයි. ජයමාල් වෙනුවෙන් ඕනෑ නම් තවත් කිසිවක් උයා අම්මාට කිරි, ලුණු,මිරිස්, තෙල් අඩුවෙන් දමා උයයි.භාජන සෝදා තබා ඉන්පසු ගෙදර දොර වැඩපළ අවසන් ව නැවත ඈ කුස්සියට යන්නේ හවස් වී රෑට උයන්නය. උදේම වැඩට ගියාක් මෙන් ම අක්කා පාසලෙන් එන්නේත් තුනට හතරටය.ඒ ආවත් ඇය පාසලේ වැඩය.පවුලේ අය හා කතා කරන්නවත් වෙලාවක් නැති තරම්යඇගේ දුරකථනයටත් කිසි විවේකයක් නැත.විටෙක ඇය ඇමතුම් වලට උත්තර දෙන අයුරු ඇසෙද්දී නිර්මාලිත් තැති ගනියි. "මේ දවස් වල ඉස්කෝලෙ එක වසරට ළමයි ගන්න ඉන්ටවීව්. අක්කා මේ කාලෙට ඉන්නෙ දුම්මල වරම අතට අරන්.ඒවට තමා ඔච්චර කෝල් එන්නෙත්.....අපිත් ශේප් එකේ ඉන්නෙ මේ දවස් වලට" ඇමතුමකට ඇය සැරෙන් උත්තර දෙන හැටි ඇසී ජයමාල් කීවේය. "ඇයි අක්කට කේන්ති ඒවට?" "එක එකා කෝල් කරනවනෙ මේ ළමයා අපේ අහවලාගෙ,එයාව ගන්න.අර ළමයට ලකුණු තියෙනවා නම් ඇයි මගෙ ළමයාට නැත්තෙ.මං මෙච්චර ලොක්කෙක් මගෙ ළමයාට ලකුණු කපලා.....පගාව දෙන්නත් කතා කරනවා.අපේ අක්කාගෙන් හොඳට බැ.ණු.ම් අහගන්නවා ඒ වගේ මිනිස්සු.එයා කවදාවත් නීතියට පිටින් යන්නෙ නෑ" නි ර්මාලිට අක්කා ගැන පැහැදීමක් ඇති වුණේය.එහෙත් ඇය ගැන ඇති බි.ය.මුසු හැඟීම ඉවත් වූයේ නැත.විවාහයෙන් මාස හයක් ගත වුවත් අක්කාගෙන් කිසිම මදිපුංචිකමක් හිත් රිදීමක් නම් නිර්මාලිට වූයේ නැත.එහෙත් වැඩි ඇඟෑලුම්කමක් ඇති වූයේ ද නැත. "පුතේ හෙට දවල් කෑමට පුංචි අම්මලා එනවලු" සිකුරාදා දිනක රෑ කෑම මේසයේදී අම්මා කීවාය. "කොහොමද දන්නෙ?" "දැන් ටිකකට කලින් කෝල් කළා..... පුංචි අම්මයි, බාප්පයි නංගිලා දෙන්නයි" "මුකුත් විශේෂ කාරණයක්ද?"අක්කා ඇසුවාය. "සති අන්තෙ මේ පැත්තෙන් ට්‍රිප් එකක් යනවලු.පුංචි අම්මට ඇවිදින්න තියෙනවා නම් විශේෂ කාරණා ඕනයැ. .......හැබැයි හොඳට කෑම ටික දෙන්න වෙයි......දන්නවනෙ" "හරි වැඩේ........සඳුදා ඉස්කෝලෙ ප්‍රයිස් ගිවින් එක.හෙට අනිද්දා දෙකේම ඒකෙ රියසල් දා ගත්තා" අක්කා සිතුවිල්ලෙන් කීවාය. "මං උයන්නම් අක්කෙ" නිර්මාලි කීවාය. "මමත් උදව් කරන්නම්.හෙට උදේම වැඩ පටන් ගමු" සෙනසුරාදා උදේට සතියේම මහන්සි නිවන නින්දත් කැප කරන්න හිත හදාගෙන ජයමාල් කීය. "පුළුවන් දේවල් ටික අද ම කරල ෆ්‍රිජ් එකේ තියන්න. මම වරුවක් ඉස්කෝලෙ ඉඳලා එන්නම්" අක්කා මේසයෙන් නැගිටිමින් කීවාය. "දුවේ වටලප්පන් ටිකකුත් හදන්න ඕන. බාප්පා හරී ආසයි.මගෙ ම නංගි වුණත් කියන්න එපැයි.ඒ පවුලෙන් කෙනෙක්ගෙ වරදක් නොදකින්නෙ ඒ මල්ලි විතරයි." සෙනසුරාදා දවල් නෑදෑ පිරිස ආහ.ඒ වෙද්දී ජයමාලුත් නිර්මාලිත් උයා පිහා අවසන්ය.ආ වෙලාවේ සිට අක්කාටත් නංගීටත් කතා බොහෝය. "දැන් දූලා මොනවද නංගි කරන්නෙ?" "දෙන්නම ප්‍රසිද්ධම කුකරි ක්ලාස් එකකටයි බියුටි කල්චර් ක්ලාස් එකකටයි යනවා අක්කේ" පුංචි අම්මා සූප ශාස්ත්‍රයටත් රූප ලාවන්‍යයටත් රටේ ම ප්‍රසිද්ධ ප්‍රවීණයන් දෙදෙනෙකුගේ පන්ති ගැන සඳහන් කළාය.පොරොන්දු වූ පරිදි අක්කා වරුවෙන් ගෙදර ආවෙන් සියල්ලෝ කෑම මේසයට වාඩි වූහ. "මේ බත් ඇට අමුයි වගේ නේද අක්කේ?" කොතක් උසට බෙදා ගත් බත් පිඟාන අවසන් කරමින් පුංචි අම්මා කීවාය. නි
ර්මාලි තිගැස්සුණාය.ඇය ජයමාල් දෙස බැලුවේය. "ෆිශ් ඩෙවල් එක දැන් මෙහෙම හදන්නෙ නෑ. අපිට නම් ක්ලාස් එකේ දි අලුත්ම විදිය කියා දුන්නා නේද නංගි" ලොක්කීත් එයින් තවත් හැන්දක් පුරවා බෙදා ගනිමින් කීවාය. "කට්ලට් වලට ලුණු ටිකක් අඩු වෙලා ගම් මිරිස් තව පොඩ්ඩක් වැඩි වුණා නම් තමා රස"පොඩ්ඩී තුන් වෙනි කට්ලට් එකත් අතට ගනිමින් කියද්දී නිර්මාලිගේ ඇස් වලට කඳුළු උණා අවසන්ය. සියල්ලන් දෙස බැලූ අක්කා තමන්ගේ අත ආසන්නයේ තිබූ දීසියේ ව්‍යංජනය හැන්දෙන් එහා මෙහා කළාය. "මේ හොදි එක වතුර වගේ" ඇය එසේ කියද්දී ජයමාල් මේසයෙන් බාගෙට නැගිට සිටි නිර්මාලිගේ අත අල්ලා ගත්තේය. පුංචි අම්මා වහා අක්කා දෙස බැලුවාය. "ඒක නේන්නම් දුවේ" ඇගේ පැත්තට ගෙදර කෙනෙක්ගෙන් සහයෝගය ලැබීමේ සතුටත් නෑනලා දෙන්නා දැනටමත් විරසකයි යන්න අළුත් ආරංචිය ලැබීමේ සතුටත් ඇගේ මුහුණේ පැහැදිලිව පෙනුනි. "කොහෙන්ද මල්ලි මේ කෑම ඕඩර් කළේ......"එවර අක්කා හැරුණේ ජයමාල් දෙසටය. නොසිතූ විරූ ප්‍රශ්නයෙන් ජයමාල් අන්දුන් කුන්දුන් වූයේය. ".......මං කිව්වනෙ මෝ.ඩ.යො....... නංගිට ගෙදර වැඩත් එක්ක තනියෙන් ස්පෙෂල් ලන්ච් හදන්න බැරි නිසා පිටින් කෑම ගේන්නෙ නැතුව එයාලා එක්කම එකතු වෙලා බතක් මාළුවක් උයා ගමු කියල. මෙච්චර හෝටල් ගොඩක් පහු කරන් පුංචි අම්මලා අපි සති අන්තෙ ගෙදර ඉන්නවද විශේෂ වැඩක් යොදාගෙනද වත් අහන්නෙ නැතුව එක පාරම මෙහෙ එන්නෙ ගෙදරක උයපු කෑම කන්න...... දැන් බලනවකෝ අපරාදෙ සල්ලිත් වියදම් කරලා පුංචි අම්මලාත් බඩගින්නෙ" සම්පූර්ණයෙන් වාගේ හිස්ව ඇති කෑම මේසය දෙස බලාගෙන අක්කා කණගාටුවෙන් මෙන් කීවාය. "නෑ දුවේ කෑමවල කිසි වරදක් නෑ........ ලොකූ,පොඩ්ඩි කට පියා ගන්නවලා" අවසානයේ බාප්පා හඬ අවදි කළේ බිරිඳ දෙස රවා බලමිනි. "නංගිලා කාලා ඉවරයි නේද.ඉන්න මං ඩෙසට් ගේන්නම්" ජයමාල්ගේ අම්මා මේසයෙන් නැගිටීමට තැත් කළාය. " අර අලුතින් පටන් ගත්ත රෙස්ටුරන්ට් එකෙන් කෑම ගෙනාවෙ.මං බාප්පායි පොඩි නංගී නිසාම වටලප්පම් ඕඩර් කළා " එවර ජයමාල් ද අක්කාගේ කතාව තේරුම් ගෙන කීවේය.ඇස් කොණින් ඔහුට බාප්පාගේත් පොඩි නංගීගේත් ඇස් වල දිළිසීමක් පෙනුනේය. " ඩෙසට් එක දැන් කන්න ගන්න එපා අම්මෙ, කෑම හොඳ නැත්නම් ඩෙසට් එකත් එහෙම ඇති.මං හවසට ඒක ගිහින් දීලා හොඳ දෙකක් කියල එන්නම්.ගිය සතියෙ ගෙනාව කෙසෙල් ඇවරියවත් තියමු මේසෙට.ඉදිලා වැඩි වෙලා නැතුව ඇතිනෙ" ජයමාල් දිගටම කියාගෙන ගියේ බාප්පාගේත් පොඩ්ඩීගේත් මූණු වල කළු වළාකුළු මතුවන හැටි පෙනි පෙනීය. "මං මේ පුංචි අම්මලට කෝල් එකක් දෙන්නත් හිටියෙ......ලබන මාසෙ ඔයාලා විශේෂ වැඩ හෙම දාගෙනද?" ජයමාල් නැවතූ සැණෙකින් අක්කා ඇසුවාය. "ආ.........න්........නෑ දුව ඇයි?" වැදුන ඇණුම්පද හරියටම ඇණගෙන සැමියාගේ රැවුමට ගෙරවුමට ලක් වී අපහසුතාවයෙන් සිටි පුංචි අම්මා ඇසුවාය. "මට ලබන මාසෙ අන්තිම සතියෙ දවස් පහක වර්ක්ශොප් එකක් තියෙනවා කොළඹ........පුංචි අම්මලගෙ ගෙදර ඉඳන් ට්‍රේන් එකේ යන්න එන්න පුළුවන් නිසා මං නවාතැන් ඉල්ලුවෙ නෑ.මේ දෙන්නා කුකරි ක්ලාස් යන නිසා ඒ හපන්කමත් බලන්න පුළුවන් නෙ" ඇය කියද්දී ගෑණු කටවල් තුනකටම දෙන්න උත්තරයක් තිබුණේ නැත. --------Shanika Tennakoon ------------බල්ලො ............... බල්ලෝ කියන්නෙ කකුල් හතරක් සහිත අසාමාන්‍ය තරමේ විශාල හදවතක් හා තෙත හොම්බක් ඇති සත්තුකොට්ඨාශයක්..එච්චර විශාල හදවතක් ඇති බල්ලාව අමන වැඩ කරන මිනිසුන්ට ආමන්ත්‍රණ නාමයක් විදියට භාවිතා කරන එක අවභාවිතයක් කියන එක මාට හුගක් වෙලාවට හිතෙනවා. ලංකාවේ බල්ලන් වර්ග රාශියක් ඉන්නවා . ඒ අතරේ ආනයනික,සංක්‍රමණික වගේම දෙමුහහුන් කලවම්, ප්‍රවේනියෙන් පිරිසිදු බලු වර්ග අටෝරාසියක් ඉන්නවා ඒත් උන්ගේ පොදු ලක්ෂන වල .කොහෙත්ම වෙනසක් නෑ. මට අවුරුදු දෙකක් වෙනකොට මල්ලී හම්බ උන නිසා මන් කිරි අම්මලගේ ගෙදරට ට්‍රාන්සර් උනා. එහෙ මට මතක විදියට බල්ලෝ දෙන්නෙක් උන්නා. උන් දෙන්නම දේශීය වල් බල්ලො උන්ට බල් බල්ලෝ කියන්න අමාරුයි. මොකද උන් උන්ගේ ප්‍රජනනයට අදාල වැඩ කලා මිසක් අනිත් වල් වැඩ කලේ නැති නිසා. ඒත් ව්‍යවහාරඒ තියෙන්නෙ එහෙම හන්දා එහෙමම කියන්නම්. උන් දෙන්නත් එක්ක එහෙම.ලොකු ගනුදෙනුවක් තිබ්බෙ නෑ උන් දෙන්නගෙන් එකෙක්ගේ නම ටාසන් ඌ කලුම කලු පාටයි.අනිකගේ නම මතක.නෑ ඌ දුඹුරු පාටයි සහ උගේ පිටේ පැත්තක් පිච්චිලා තිබ්බෙ . ඌ හැම වෙලාවෙම සීයා යන එන තැන් වල සීයගේ තනියට ගියා. උන් මට විශේශ ආදරයක් පෑවේ නැති උනාට හැම වෙලේම මන් ගැන අවදානෙන් උන්නා. කිරි අම්මලගේ ගෙදරින් මන් ආපහු අපේ ගෙදරට ට්‍රාන්සර් වෙලා ටික කාලයක් යනකොට තාත්තට රෑ වැඩ කරන්න වෙනවා සහ අසල්වැසියෝ එක්ක ප්‍රශ්න වගයක් ඇති වෙනවා. ඒත් ඒක්ක තමා අපේ ගෙදරට බල්ලෙක් ගේමු කියන යෝජනාව එන්නෙ. ඒ වෙනකොට අපේ ගෙදර උන්නෙ කුකුලෙක් සහ උගේ අඹුව විතරයි. කුකුළා අපේ ගෙදරට ආවේ තාත්තා මුන්නේශ්වරමට වෙච්ච බාරෙකට කුකුළා පුදලා ඔප්පු කලාට පස්සෙ කුකුළා මරනවා කියලා දැනගත්තම ඌව මරන්න දෙන්න බැරිනිසා සල්ලී දීලා අරන් ඇවිත් තිබුනා. ඔය විදියට කුකුළත් අවුරුදු 8ක් විතර අපේ ගෙදර ජීවත් උනා. ඔය බල්ලා ගේමු කියන යෝජනාව තාත්තා පිළිගත්ත නිසා අපේ අම්මා බලු පැටියෙක්ව හොයලා ,මාත් එක්ක ගිහිල්ලා පාරෙන් එහා පැත්තේ ගෙදරක හම්බ වෙලා තිබ්බ බලු පැටවුන්ගෙන් එක්කෙනෙක්ව තෝර ගත්තා. මට මතකයි රෝවර් ඒ අපි එයාට දාපු නම. රෝවර් කියන්නෙ ඇවිදින්නා කියන එක නමේ හැටියට රෝවර් ඒ විදියටම උන්නා. රෝවර් සුදු පාට ඇගේ දුඹුරු පාට පැල්ලම් තිබ්බ බල්ලෙක් . තව එයාගේ බෙල්ලෙ යටින් හමේ කලුපාටට ලප තිබ්බා. එයා හරී දගයි. එයාව මායි අම්මයි අරන් ආපු වෙලාවෙම එයාට බිත්තරයක් දුන්නා හැමෝම වඩා ගත්තා. බන්ටී අක්කා එයාගේ හොම්බත් හැපුවා. එයා හැමෝටම ඒ වගේම ආදරේ කලා. ටිකෙන් ටික රෝවර් ලොකු වෙන්න ගත්තා හුගාක් වෙලාවට නැතත් තරමක් වෙලා එයාව ගේ ඉස්සරහ බැදලා තිබ්බෙ දම්වැලකින් . එයා ලොකු වෙන්න වෙන්න ඒ දම්වැල් කඩන්න තරම් ශක්තිමත් උනා. සමහර වෙලාවට දම්වැල් කොටේ එක්ක ඇවිදින්න ගියා. අපේ ගෙවල් තාප්ප වලින් වෙන් වෙලා තිබ්බෙ නෑ ඔය කාලේ ඒ වගේම කුකුළ්ලු කිකිළියෝ ඇති කලා . රෝවර්ගේ තිබ්බ නරක පුරුද්දක් තමා කුකුළන්ට පනින එක මුලින්ම ඒක සෙල්ලමක් උනාට පස්සෙ රෝවර් කුකුල්ලු මරන්න ගත්තා. ඒකෙන් රෝවර්ගේ නිදහස සීමා උනා. කොටින්ම අපෙ කුකුළගෙ අඹුවත් පරලෝකේ ගියේ රෝවර්ගේ කටින්. කුකුළත් රෝවර් නිසා මැරෙන්න නොගියමත් නෙවේ. ඉතින් ඔය හේතුව නිසාම රෝවර්ගේ නිදහස සීමා උනා ඒත් එක්ක රෝවර්ගේ නපුරු කම වගේම පක්ශපාතී කමත් වැඩිඋනා. රෝවර් වත්තේ හතර කොනට වෙන කාටවත් ඇතුල් වෙන්න නොදෙන ගානට දරුණු උනා.රෝවර් නිසා ජලභීතීකා ප්‍රතිරෝධී බෙහෙත් විද ගත්ත ගාන අතේ ඇගිලි ගාණ විතර වෙනවා. ඒත් රෝවර් හන්දා ඉස්පිරිතාලේ ලොකු සැපක් ගත්‍තේ මන් විතරයි. ඒ රෝවර්ගේ නින්ද කඩලා මගේ ඇහැ ගාව දත් පාරක් වැදුන නිසා . ඒකෙන් මට සති දෙකක් රාගම ළමා වාට්ටුවේ ඉන්ජෙක්ශන් කෝස් එකක් ගන්න උනා. මේ හේතුන් නිසා ඇත්තටම රෝවර්ගෙන් අපිට ලොකූ ආරක්ශාවක් ලැබුනා. 2005 වගෙ වෙනකොට රෝවර් පරිණත බල්ලෙක් උනා .ඉතින් එයාව බැදලා තියන්න තරම් උවමනාවක් තිබ්බෙ නෑ එයා ගේත් බලන් අපිවත් බලන් උන්නා. එයා ලොකු වෙන කොට තිබ්බ සෙල්ලම් ගතිය නැති උනාට පක්ශපාතීත්වය අඩු උනේ නෑ. අපි කඩේ යනකොට පස්සෙන් එන එක මගට ඇරලවන එක . මගදි දැක්කත් අපිත් එක්ක ගෙදරට එන එක එයා කලා. විශේශයෙන්ම ගෙදරට සත්තු සර්පයි එන එක එයා වැලකුවා, දවසක් අපේ ගේ ඇතුලේ නයෙක් ඉදලා අම්මට යන්න නොදී එයා නයාගෙන් අම්මව ආරක්ශා කරලා තිබ්බා. එයා පැණි රස කන්න මාරම අසාවක් දැක්වුවා. අපේ ගෙදර කිරි භාවිතයක් තිබ්බෙ නෑ ඉතින් එයා තේත් බියුවා. වරකා වැලත් කෑවා.ඒ වගේම ඕනම සතෙක්වගෙ රෝවරුත් රැළේ ගියා , ඒ කාලෙට තාත්තයි මායි යනවා ලොකු කඹයක් මස් කටු එහෙම අරන් රෝවර්ව අල්ලන් එන්න. එහෙම ගෙනාවත් නාල කලා කොල්ලා ආපහු රැළේ යනවා. ඔය විදියට රැලේ ගිහිල්ලා එයා දකුණුකණ , වල්ගෙන් කෑල්ලක් එහෙම නැති කරගත්තා. අන්තිමට 2011 දී ඇලපතේ ලොකූ හිලක් එහෙමත් හදන් ආවා. කණට බෙහෙත් කලෙ ගහක බැදලා එහෙම බෙහෙත් කරන්න ගිහින් අපිව හොදටම හැපුවත් අපි එයාට බෙහෙත් කලා. තුවාල වල පණුවෝ ඇද්දා. ඔය විදියට අපිවත් බලන් උන්න රෝවර් 2012 දී කොන්ද පණ නැතිව ගිහින් නැති වෙනවා. රෝවර් කියන්නෙ මගේ ළමා කාලෙන් කොටසක්, ඒ ළමා කාලේ හුගක් අත්දැකීම් වල රෝවර් උන්නා.ඉතින් ඒ වෙන්වීම අල්පෙනෙත්තකින් ඇන්නම වගේ ක්ශනික රිදිල්ලක් නොවුනට, හැම වෙලේම ඔලුවේ තියෙන බරක් වගෙ හිතට දැනුනා.ඒ නිසාම ආයේ ගෙදර සත්තු හදන්නෙ නෑ කියන තීරණයකට ආවා. ඒත් 2019 පස්සෙ ඔය තීරණේ වෙනස් වෙනවා ,අම්මා වැස්සට පැටව් වගයක් තෙමෙනවා කියලා කලුදුබුරු පාට බ්ලැකියාව ගේනවා. කලින් අත්දැකීම් හන්දා ලං කර ගන්නෙ නෑ කියලා හිතුවට බ්ලැකියා මාර ඉක්මනට ඒ කපොලු වලින් රිංගලා එනවා. අදටත් මන් ගියහම මුලින්ම එලියටඑන්නෙ පෙරගමන් පසු ගමන්‍ යන්නෙ බ්ලැකියා. ඊලගට මන් බැදලා ආයේ පදිංචිය වෙනස් කලයින් පස්සෙත් මන් අර තීරණේ ඉන්න උත්සහ කලා ,ඒත් මගේ බිරිද ගොඩාක් බල්ලන්ට ආදරේ කරන කෙනෙක් හන්ද අපේ පාරේඋන්න බල්ලන්ට කෑම දෙනවා. එයින් අපේ පාරේ පදිංචි වෙල උන්න බල්ලෙක් තමා ටොමී. එයා තද දුඹුරු පාට පොඩි බල්ලෙක් එයාට උන්නා ලා දුබුරු පාට සහකාරියක්. අපි ගෙවල් හදන කාලේ ඒ දෙන්නා තමා ගෙවල් මුර කලේ. ඒත් අපි පදිංචියට එන්න කලින් එයාට සතෙක් දෂ්ට කරලා එයා නැති වෙලා තිබ්බා. ඒ වියෝවත් එක්ක ටොමීට හුගාක් තිබ්බෙ දුක්බර පෙනුමක් , ටොමීට පාරේ අය කන්න බොන්න දුන්නට ටොමී එක්ක කවුරුත් කතා කලේ නෑ , සිහියෙන් ඉන්න මිනිස්සු සත්තු එක්ක කතා කරන්නේ නෑ කියලා කියුවට .අපි පුරුද්දක් විදියට සත්තු එක්ක කතා කරනවා.ඉතින් මාත් යමින් එමින් ගමන් ටොමී එක්ක කතා කරන්න උනා. ඒකෙන් උනේ ටොමීත් මන් යන වෙලාවට පසු ගමන් පෙර ගමන් එන්න ගත්ත එක. ටොමීට හැම තැනින්ම කෑම ලැබුනට එයා හුගාක් වෙලාවට කෑම කන්න අපේ ගෙදරට එන්න ගත්තා. මන් මාලු කපන කොට, වත්ත සුද්ද කරන කොට ලගින් ඉන්න එයා පුර
ුදු උනා. මන් මොනා හරී කියන කොට ඕඕ ගාන්න ත් එයා ගත්තා. එයත් පොඩි පොඩි සර්පයන්ගෙන් මොණරුන්ගෙන් අපිව වගේම වගා එහෙමත් පරිස්සම් කලා. අපි දෙන්නට කොරෝනා හැදිලා නිරෝධායනය වෙල එළියට එනකොට ටොමී උන්නෙ නෑ, විපරන් කරලා බලනකොට ටොමී හදිසියේම නැති වෙලා. ටොමීගෙයි මගෙයි ආස්‍රය ලොකූ කාලයක් තිබ්බෙ නෑ එත් මන් වැඩ කරන කොට මගේ සගයා වගේ උන්නෙ ටොමී . මන් හිතනවා ටොමී මාත් එක්ක සතුටින් ඉන්න ඇති කියලා.හුගක්ම තනියම එළියේ වැඩ කරන කොට උත්‍තරයක් නැතත් කතා කරන්න සහයකයෙක් නැති එක බරක් උනා. ඊටත් පස්සෙ ආවෙ ටශී එයා කුරු සුදුපාට බැල්ලක්. ටොමී ඉන්න කාලේ එයා අපිව ගණන් ගත්තේ නෑ . ඒත් ටොමී ගියාට පස්සෙ මෙයා දවසක් අපේ ගෙවල් පැත්තේ ඇවිත් මන් වැඩ කරන තැනට වෙලා උන්න. එයත් එක්ක කතා කලයින් පස්සෙ එයාත් පුරුදු උනා මන් වැඩ කරන තැන් වලට ඇවිත් ඉන්න වගේම පෙර ගමන් පසු ගමන් යන්න. එයා ලග ගෙදරක හැදුව බල්ලෙක් ඒ ගෙදර අයත් මෙයාට ගොඩාක් ආදරේ කලා වඩාගෙන ගෙදර අරන් යන්නෙ. ඒත් ටශී කියන්නෙ නිදහස් අදහස් තිබ්බ බල්ලෙක් එයාට එක තැනකට කොටු වෙන්න කිසිම අදහසක් තිබ්බ බල්ලෙක් නෙවේ. සමහර දවස් වලට දවස් දෙක තුන අපේ ගෙදර නැවතිලා ඉන්නවා සමහර දවස් වලට එන්නෙවත් නෑ. එයාට ඒ වෙන කොටත් අවුරුදු 13ක් උනා එයා සෑහෙන්න විනෝදෙන් සෙල්ලමෙන් උන්නෙ. එයා සෑහෙන්න අපි දෙන්නා එක්ක කතා කලා. දොර ඇරපු ගමන් ෆ්‍රිජ් එක ගාවට දුවලා ගිහින් කප්පන් ගන්නත් පුරුදු උනා. එයා සමහර වෙලාවට සති ගණන් අපේ පැත්තේ නොඑනෙ අපි හොයලා බැලුවම දැනගත්තේ එයා අල්ලපු ලේන් එකේ ළමයිදෙන්නෙක්ව මුර කරනවා කියලා. එයා ඒ ළමයින්ව රිලා ඇටෑක් එකකිනුත් බේරන් තියෙනවා. ඉතින් ටශී පාරේ දැක්කත් දුවන් ඇවිත් වාහනෙට නගිනවා කතා කරලා යනවා. එක පාරටම අතුරුදහන් වෙනවා. ඒක එයාගේ ජීවන ක්‍රමේ හැටී .මේ ලගකදී එයාව ව්‍යිෆ්ට හීනෙන් පෙනිලා අපි විපරම් කරන කොට දැනගත්තේ එයට සර්පයෙක් දෂ්ට කරලා යන්න ගිහින් කියලා. ටොමී ,ටශී කියන්නෙ මහා ලොකූ කාලයක් රෝවර් වගේ ලගින් නොහිටියට තනියට පාලුවට තමන්ගේ අය වගේ ලගින් උන්න සත්තු දෙන්නෙක්. කිරි ටිකක් බත් කටක් කන්නනේ මේ ඔක්කොම කියලා සමහර මිනිස්සු කීවට ඒක එහෙම නොවෙන්නෙ එයාලා අපි එක්ක හැගීම් බෙදාගෙන පවුල කියන හැගීම දෙන නිසා. මොනයම්ව තත්වෙකදීවත් දාලා යන්නෙ තනි කරන්නෙ නැති නිසා. එහෙම ලස්සන ආදරයක් දෙන්න පුලුවන් සතෙක්ට විතරයි. මන් හිතනවා රෝවර්,ටොමී ,ටශී වගේම අතර මැද කාල වල හම්බ උන ඔක්කොම බල්ලෝ හොද තැනක ඇති කියලා. ඒත් එයාලගේ ජීවිතේ අපිට වඩා අඩු නිසා එයාලා ලස්ස්න මතක ගොඩාක් එක්ක ලොකූ වේදනාත්මක බරක් තියා යන්නම යනවා. ඉතින් හැම දේකටම බරක් තියෙනවා. ..හැමිලගේ චාලි ...දැවෙන ගින්නක රස්නෙ දරුණු මුත් ඉහිලූ ... තුරුණු විය පමණක්ද හුස්ම හිඟ මහලු ... ගැසූ ලේබල් ඇතත් "අනංගයා" "සලෙලු" ... පළගැටියො එඩිතරයි දවන්නට කඳුළු ... වෙරළු මල් සුවඳකට සිරි යහන නුහුරු ... සම්මතේ ලොවක රඟ දෙයි සිනා අහුරු ... ජීවිතය තැනින් තැන බඳින විට පවුරු ... එතෙර කෙරුවේ නුඹයි මිල කලත් පහුරු ... හඳහනයි,ගොඩ මඩයි ගැලපෙච්ච දීගේ ... ජීවිතේ ප්‍රශ්න මිස පිළිතුරක් නෑගේ ... බැන්ද පසු පෙම්වතුන් හීනයක් වාගේ ... පිරිමින්ගෙ හිත දැක්කෙ නුඹයි පණ මාගේ ... ❤❤ ලියන් , සරු ලියන්, අභිසරු ලියන් වුනේ ... පිනෙන් අපට දන්දී විඳවන්න විනේ ... පාරමිතා සපිරී දේවතාවිනේ ... නිවන් දකින තුරු බෙදපං අපට සෙනේ ... නැති බැරි කමට උඹ මුදලට වික්කාට ... කඳුළක් අපි අපිම ඉඳහිට දැක්කාට ... නුඹ රහසක් නොවී අපිවම රැක්කා ට ... වඳිනව 'නංගිලට' 'ඇන්ටිට' 'අක්කාට'... .... අභිසරුලිය ...==== හීන === ඊයේ රෑ ජිනේ මුදලාලිට කවුද පොල්ලකින් ගහලා මරලා දාලාලු..අපේ අම්මා බයෙන් මට කිවුවා..පොලිසියෙන් තාත්තගෙන් කට උත්තර ගන්නවා...උබ ගෙට වෙලා ඉදපන් අම්මා කිවුවා.. පහුගිය දවසක ජිනේ මුදලාලී අපේ තාත්තා එක්ක රන්ඩු උනේ ගෙදරටම ඇවිත්..මට මතකයි මිනිහා අපේ තාත්තට හොදටම බැන්නා..මම මැද්දට පැනලා මිනිහට ගහන්න හදනකොටම අපේ අම්මා මාව කනෙන් අල්ලලා ගෙට දාලා දොර වැහුවා...තෝ පල ගෙට කියලා.... ජිනේ මුදලාලී කියපු කුනු හබ්බ ඔක්කොම අහන් ඉදපු අපේ තාත්තා කිවුවේ.." මුදලාලී කරුනු කාරණා හොදට හොයලා බලලා පිලිවලකට කතා කරන්න ඉගෙන ගන්න..මගේ නෝනයි ,දෝණියි පුතයි ගේ ඇතුලේ ඉන්නවා කියලා.." ඊට පස්සේ මුදලාලී බැන බැනම යන්න ගියා.. මම එදා ඉදලම ප්ලෑන් කලේ මුදලාලියට ගහන්න..කොහොම හරි පොල්ලෙන් ගහපු එකා මුදලාලිගේ ඇග හැමතැනටම ගහලා අන්තිමට මැරෙන්නම ඔලුවට ගැහුවනම් ඒ ඇති කියලා මම හිත හදා ගත්තා.. ඒත් එක්කම මට මතක් උනේ ඊයේ රෑ ජිනේ මුදලාලියා මම හීනෙන් දැක්කා නේද කියලා..මිනිහා කඩේ ඉස්සරහා පුටුවේ වාඩි වෙලා මං දිහා බලන් ඉන්නවා මම හීනෙන් දැක්කා..යසයි හොද වැඩේ ජිනෙයට කියලා මම තවත් හිතින් බැන්නා.. ඒ දවස් කීපයම ගෙවිලා ගියේ මළ ගෙදරයි,පොලීසියයි දාන මාන වැඩයි එක්ක..අන්තිමට ශ්‍රීයානි ඇන්ටිගේ හමුදාවේ හිටපු පුතා පොලීසියට භාර උනේ මිනී මැරීම බාරගෙන... ශ්‍රීයානි ඇන්ටිගේ පුතා අපේ අම්මට තිබුනු ලොකු ප්‍රශ්නයක් විසදලා දුන්නා..අපේ අම්මා නිතරම තාත්තගෙන් ඇහුවේ විමලේ ඔයාද ජිනේ මුදලාලිට පොල්ලෙන් ගැහුවෙ කියලා.... විමලේ ඔයා කොහොමද ගැහුවෙ..? ඔයා කොයි වෙලේද එහාට ගියේ...?ඔයාට බය හිතුනේ නැද්ද ඉතින්..? ඒ පොල්ල කොහෙටද විසි කෙරුවෙ විමලේ..?මං පොලිසියට කියන්නේ නෑ...මට වත් ඇත්ත විස්තරේ කියන්නකෝ විමලේ..කියලා අම්මා හැමදාම අඩනවා... ඔය ඔක්කොම තාත්තා හිනා වෙවී අහන් ඉන්නවා... මීනීත් මරලා තව හිනාත් වෙනවා...ඔයා ම්නීමරුවෙක් කියලා දන්නව නම් මම කීයටවත් කසාද බදින්නේ නෑ ඔයාව... කියලා අම්මා අඩන්න ගන්නවා...මටත් මුලදි සැකයක් තිබුනා අපේ තාත්තා ගැන...පස්සේ ඉතින් හරි ගියා.. එදා උදේ මං නැගිට්ටේ සිනෙත් ගේ කෝල් එකට..මචන් මේ.. අපේ ධනපාල සර් නැති වෙලා බන්..මාර වැඩේ... නෑ...පල..පල.....උදේ පාන්දරම.... ඔව් ඔව් බන් සිරාම...අද උදේ බෙල්ලේ වැල දාගනෙලු බන්... අම්මට සිරි... මාර සීන් එක නේ බන්... උබ ටවුමට ඇවිත් කෝල් එකක් ගහපන්.. සිනෙත් ගේ කෝල් එක කට් වෙනකොටම මට මතක් උනේ ධනපාල සර් ඊයේ මට හීනෙන් පෙනුනා නේද කියලා..සර් ඉස්කොලේ ගුරු පුටුවේ වාඩි වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා මම ඊයේ හීනෙන් දැක්කා..සර් පවු...සර්ට සල්ලී දේපොල වලින් අඩුවකුත් නෑ... අම්මේ මම මළ ගෙදර යනෝහ්.. ඒ දවස් ටිකම ගෙවුනේ එහෙ..හීනෙන් දැකපු ඒවයි, ඒ දැකපු මිනිස්සු මැරිච්ච එකයි අපේ එවුන්ට කියලා මම ඒ දවස් වල හොදටම නෝන්ඩි උනා...මම ආයේ එවා ගැන කතා කලේ නෑ.. ඔය ඉන්න අතරේදිම මට මතක් උනේ අපේ ජිමියා මැරෙන්න කලින් දවසේ මට හීනෙන් පෙනුන එක..ඒක ඊට කලින් මට මතක් උනේ නෑ... මළ විකාර...මේ මගුල් හින්දා ඔලුවත් විකාර වෙනවා...ඔවා හිතන්න නරකයි...මැරෙන මිනිස්සු වෙලාව ආවාම කොහේ හිටියත් මැරෙනවා කියලා පන්සලේ හාමුදුරුවෝත් කිවුවනේ... ඊට හරියට දවස් පහකට පස්සේ තමයි බස් එකේ පියදාස මාමා හීනෙන් දැක්කේ..පියදාස මාමා සෙනුලිගේ තාත්තා..මම උදේම මිදුලට ඇවිත් බලාගෙන හිටියේ, පියදාස මාමාගේ උදේ හතේ බස් එක යනවද කියලා.. ආ...ඔය එන්නේ හෝන් එකක් ගහගෙනම...මට නම් පිස්සු අප්පා...ඒත් මේක මං සෙනුලිට කියනවද..??සෙනුලි හිතයි මට පිස්සු කියලා...අනික ඒකී පොඩි දේටත් කලබල වෙනවා...අනික ඔය පියදාස මාමා යසට ඉන්නේ...මගේ මනස් ගාතනේ මේ ඔක්කොම... හවස තාත්තා වැඩ ඇරලා එනකොට ටිකක් පරක්කු උනා..තාත්තා ගෙට ආවේම අර බස් එකේ පියදාස ඩ්‍රයිවර් උන්නැහේ නැති වෙලානේ කියාගෙන.. මම තාත්තගෙන් හාර හාර විස්තර ඇහුවා.. දවල් ටර්න් එක එනකොට පපුවේ අමාරුවක් හැදිලා බස් එක මග නතර කරලා ඉස්පිරිතාලෙට ගෙනියලාලු..එහෙදි මැරිලලු..අපරාදේ මට සෙනුලිට උදේ කියන්න තිබ්බා..ඒත් මං කිවුවයි කියලා මොනවා කරන්නද...මේ දේවල් අතර සම්භන්දයක් නෑ...මල විකාර. එදා මළ ගෙදර ගිහින් ඇවිත් මම ගොඩාක් කල්පනා කරා...මේ සිද්දි සියල්ල එකට පෙළ ගැස්සුවා.. අපේ ජිමියා...ජිනේ මුදලාලියා..ධනපාල සර්,ඊලගට පියදාස මාමා.. සම්භන්දයක් ඇත්තෙත් නෑ..නැත්තෙත් නෑ...මට ඔය හීන ඔක්කොම පෙනුනෙත් පාන්දර තුනට විතර..මේ ඔක්කොම මල මගුල්..අමතක කරලා දානවා..උලවු ඔක්කොම... එදායින් පස්සේ මම නිදාගත්තේ ටිකක් බයෙන්...ඇදට ඇවිත් නින්දේ යනකම් එක එක දේවල් මතක් වෙනවා..එහෙමම නින්දේ යනවා.. ඔහොම යද්දි ආයේම මම හීනෙන් දැක්කා අපේ ආච්චි අම්මයි මාමයි දෙන්නා..එයාලා අපේ ගෙදර ඇවිත් ඉස්සරහ සැටියේ වාඩි වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා..මම බය වෙලා ඇහැරුනා.. දැන් මම මොකද කරන්නේ අම්මට කියනවද...?මම එයාලගේ කාමරේ ලගට ගියා..හැමෝම නිදි..කමක් නෑ උදේට කියනවා..අම්මා අවධි උන ගමන් මම කිවුවේ ආච්චිට කෝල් කරලා බලන්න කියලා.. අවුලක් නෑ...ආච්චියි මාමයි දෙන්නා අද අපේ ගෙදර එනවලු..හෙට පුංචිලා දිහා යන්නත් එක්ක....එයාලා කාලෙකින් එන්නේ.ඒක තමයි මම ඒ දෙන්නවම හීනෙන් දැක්කේ...අම්මෝ ඇති...මට පිස්සුද කොහෙද ඇත්තටම... මම එදා ටවුමේ ගිහින් එනකොට මාමයි ආච්චි අම්මයි ඇවිත් හිටියේ..හරියටම මම හීනෙන් දැක්කා වගේම පුටුවේ වාඩි වෙලා මං දිහා බැලුවා..මං එක පාරම ගැස්සිලා ගියා..මම දෙන්නටම වැදලා කතා කර කර ඉදලා කාමරේට ගියා...මට පිස්සු අප්පා හොදටම... මාමලා පහුවදා යන්න ගියේ පුංචිලා ගෙදර....මට එදා හීන පෙනුනෙත් නෑ..මට ගොඩාක් සතුටුයි..එදා ගෙදර අය හැමෝම සතුටින් හිටියේ..මාමලා දහයට විතර යන්න පිටත් උනා..මමත් ඒ එක්කම වීල් එකේ නැගලා ටවුමට ගියා..මම ටවුමෙන් බැහැලා සෙනුලි එනකම් හිටියා.. සෙනුලි එක්ක කයියක් ගහන් ඉදලා අපි යන්න හදනකොටම තාත්තගෙන් කෝල් එක..."පුතා කොහෙද ඔයා..ඉක්මනට හොස්පිට්ල් එක ලගට ඇවිත් මට කෝල් කරන්න.." මට සෙනුලිට යන්නම් කියලා දුවගෙනම හොස්පිට්ල් එක ලගට ගියා.. මාමාලාගේ වීල් එක ඇක්සිඩන
්ට් වෙලා..ආච්චී අම්මා ඒ වෙනකොටත් නැති වෙලා..මාමාව ICU එකට දැම්මා..මාමා ගෙනියනකොට මම ට්‍රොලිය පස්සෙන්ම ගියා..ඒත් ටික වෙලාවකට පස්සේ මාමාත් නැති උනා... මළ ගෙවල් දානේ ගෙවල් ඉවර වෙලා ගෙදර ආව ගමන් මේ හැමදේම මම අම්මට කිවුවා..එයාලා මට සුර දැම්මා..නූල් දැම්මා,පිරිත් කිවුවා..ගෙදර පූජාවක් කලා..බෝධිපූජා තිබ්බා..දෙවියොන්ට භාර කලා.. ඉන් පස්සේ මම බුදුන් වැදලා භාවනා කරලා නිදා ගන්න පුරුදු උනා...ඒත් මං රෑ වෙනවට බය උනා..නිදා ගන්න බය උනා..මම ඒක කාටවත් කිවුවේ නෑ...මොන මගුලකට හැමදාම රෑ වෙනවද මංදා..ගොඩාක් වෙලාවට මම රෑට අවධියෙන් හිටියේ.. දවසක් රෑ අපේ වත්ත උඩහැ කන්ද පැත්තේ නරි හූ කියන්න ගත්තා..හරිම මූසල හඩක්...ඒ අස්සේ ගමේ බල්ලෝ ඔක්කොම බුරනවා..හුලගත් වැඩී.....හරිම මූසල දවසක්...සෙනුලි එක්ක චැට් එකේ ඉද්දිම මට නින්දේ ගිහින්... එදා මම හීනෙන් දැක්කේ අපේ තාත්තා...තාත්තා මගේ දිහා බලාගෙන ඉන්නවා...එක පාරම මම ගැස්සිලා අවධි උනා..හත් දෙයියනේ තාත්තා..මගේ තාත්තා.. මම ඇදෙන් පැනලා කාමරේ ගාවට ඉක්මනට ගියා.. හැමෝම හොදට නිදි..මම බැලුවේ තාත්තා හුස්ම ගන්නවද කියලා..තාත්තගේ බඩ ඉහල පහල යනවා අම්මෝ ඇති.. ජීවිතේ දැනිච්ච ලොකුම බය මට දැනෙන්න ගත්තා..මගේ බඩ හීතල වෙලා ගියා..ඔලුව රිදෙන්න ගත්තා..මොන මගුලට මේ හීන කියලා ජාතියක් තියනවද මංදා..මගේ ඇග පන නැති වේගෙන ආවා...කකුල් වෙව්ලනවා...මගේ තාත්තට මොනව හරි උනොත්....දෙයියනේ...මට මැරෙන්න තිබ්බා..එතකොට මේ මගුල් ඔක්කොම ඉවරයි...ඒත් දැන් ඒක කරලා වැඩක් නෑ...තාත්තට කරදරයක් උනොත්...දෙයියනේ...එහෙම වෙන්න දෙන්නේ නෑ මම...නෑ එහෙම වෙන්නේ නෑ... මට ජිනෙයා,ධනපාල සර්,පියදාස මාමා,අපේ මාමායි ආච්ච්‍ යි මතක් උනා...මේ හැමෝම මැරෙන්න කලින් මම හීනෙන් දැක්කා..අපේ බල්ලා ජිමියා පවා.. දැන් මම මොකක්ද කරන්නේ... අද කොහොම හරි තාත්තව ගෙදර තියා ගන්න ඕනී..අද ගෙදර හිටියොත් පෝයත් එක්ක දවස් හතරක් ගෙදර..කරදරයක් වෙන්න තිබුනොත් මග හැරෙනවා...අම්මට මේක කිවුවොත් ඊට වඩා දෙයක් වෙනවා..මම කොහොම හරි තාත්තව බේර ගන්නවා... මම හෙමීට ඉස්සරහා දොර ඇරලා බයික් එකේ රෝද දෙකේම හුලං ඇරියා...තාත්තා අද ගෙදර ඉදියි...ඒත් උදේ එයා බස් එකේ යන්න ලෑස්ති උනා..බාත්‍ රූම් ගිහින් එනකම් මම දොර ලග හොරෙන් හිටියා...තාත්තේ අද නිවාඩුවක් දාන්නකෝ..අපි බයිසිකලේ හදා ගමු වින්කලෙන්..අද බෑ පුතේ..යන්නම ඕනී දවසක්...එයා ලෑස්ති උනා... මාත් යනවා එයා එක්ක අද...මාත් ලෑස්ති උනා..අම්මේ මාත් ටවුමේ ගිහින් එන්නම්....මාත් තාත්තා එක්කම පාරට ගියා..බස් එක ආවා..මං තාත්තගේ අතින් අල්ලගෙන බස් එකට නැග්ගේ පරිස්සමට...මම තාත්තා ලගම හිටියා..හැම පැත්තෙන්ම කවර් වෙන විදිහට..බස් ඩ්‍රැයිවර් හයියෙන් යනවා...මට පිස්සු වගේ.. මේකට මොන යකා වැහිලද...මෙච්චර හයියෙන් යන්නේ..මුන්ට කවුරු ලයිසන් දුන්නද මංද..වංගු ගන්න වේගේ..මම තාත්තව හයියෙන් අල්ල ගත්තා..තාත්තා එක්ක බස් එකෙන් බහින්න මට කීප වතාවක් හිතුනා..ඒත් ඒකට මට ලැජ්ජ හිතුනා.. තාත්තා කීප වතාවක් මගේ මූන දිහා බලලා උබ මොකද අද කවදාවත් නැතිව මගෙ ලගින්ම ඉන්නේ මේ කියලා ඇහුවා..වෙනද මං බස් එකට ඉස්සරහ දොරෙන් නගින කොට උබ පස්ස දොරෙන් බහින එකානේ බන්... බස් එක ටවුමට ආවම අපි දෙන්නා බැහැ ගත්තා..මං තාත්තා එක්කම කච්චේරිය ලගට යනකම් ගියා.. පුතේ උබට යාළුවෝ එක්ක ට්‍රිප් එකක් වත් යන්න ඕනී වෙලාද මේ...අයියෝ නෑ තාත්තේ..මං පාරෙන් එහා පැත්තේ කච්චේරි බිල්ඩිමට යනකම් තාත්තා එක්කන් ගියා..පරිස්සමට යන්න තාත්තේ...තාත්තා මට රුපියල් පන්සීයක් දුන්නා..උබ අද හරි වෙනස් කියලා තාත්තා යන්න ගියා... ලිෆ්ට් එක වත් කඩා වැටෙයිද..මට බය හිතුනා..නෑ එහම වෙන්නේ නැති වෙයි..ඕවා හොදට හදලා ඇති..වෙන අනතුරක් වෙන්න විදිහක් නෑ ඔෆිස් එකේ...මම ඉන්නවා අද හවස් වෙනකම්ම....මම බංකු පේලියේ වාඩි උනා... දවල් කෑම වෙලාවේ මම මොකටත් කියලා උඩ තාත්තගේ ඔෆිස් එක පැත්තට ගියා...ඇතුලට යනකොටම මම දැක්ක දෙයින් මගේ කකුල් දෙක පන නැතිව ගියා...තාත්තගේ මේසේ වටේ ගොඩාක් අය වට වෙලා..දෙයියනේ මගේ තාත්තා...මොකද උනේ මගේ තාත්තට..... තාත්තේ..ඒ.... තාත්තේ...ඒ... මගේ තාත්තේ...අයියෝ... මම හයියෙන් කෑ ගහගෙන ඇතුලට දිව්වා..හැමෝම බය වෙලා මගේ දිහා බැලුවා...තාත්තා පුටුවෙන් ඉක්මනට නැගිටලා මාව බදා ගත්තා... මොකද රවිදුවෝ උබට වෙලා තියේන්නේ...හා හා..යමු අපි එලියට තාත්තා මාව එක්කන් කැන්ටිමට ආවා.. එයාලා වට වෙලා වැලිතලප වාගයක් කකා ඉදලා තියෙන්නේ..මම සෑහෙන්න බය උනා...එදා මායි තාත්තයි කලින් ගෙදර ආවා..මම හැම වෙලේම එයා ගැන සෑහෙන්න අවධානෙන් ඉන්නේ...ටවුමෙ ඉදලත් අත අල්ලගෙනමයි ආවේ... හවස මට නින්දේ ගියා..ඒ අතරේ මට ලාවට වගේ ඇහෙනවා තාත්තා අපේ අම්මාගෙන් කඹේ කොයිද කියලා අහලා හොයනවා... මම දඩස් ගලා ඇදෙන් බැහැලා දුවලා ගියා...තාත්තා කඹයක් ගේන්න කඩේට ගිහින් ඒ ටිකට.. මම කඩේ පැත්තට දිව්වා..පාරේ කොහේවත් නෑ...දුවගෙන ගිහින් හාඩ්වෙයාර් මුදලාලිගෙන් ඇහුවා තාත්තා ආවද කියලා.. විමලේ මහත්තයා වීල් එකේ ඇවිත් කඹයක් අරන් වත්තට යනවා කියලා ගියානේ පුතේ.. දෙයියනේ...මගේ තාත්තා...මම දුවගෙන වත්ත පැත්තට ගියා..අපරාදේ මම හවස නිදා ගත්තේ...මම නම් මහා කාලකන්නි මිනිහෙක්...දැන් ඉතින් මහ විනාසයක් වෙයි..මගේ අම්මයි නංගියි දෙන්නා..මං අඩ අඩා වත්තට දුවගෙන ගියා.. තාත්තේ...ඒ...තාත්තේ....ඒ.... මම කෑ ගැහුවා.. මොකද රවිදුවෝ..මොකද බන්.....උබට මොන මාන්දමක් හැදිලද මේ... අනේ මං බය උනා තාත්තේ....ආ..ආ...හරි හරි...මම රාජා එක්ක පුවක් ටිකක් කඩන්න ආවා පුතේ.මේවා නිකන් වැටිලා යනවා අපරාදේ ...මොකෝ උබ ගෙදර හිටියට මේවා හොයලා බලනව ඇයි... අපි වත්ත දිගේ පාලට බහිනකොටම තාත්තා එක පාරම කෑ ගහගෙන වැටුනා...මායි රාජයි එතෙන්ට දිව්වා.. පොඩි මාතියා ලං වෙන්න එපා...පොඩ්ඩක් ඉන්න..රාජා වේලිච්ච ලීයක් අරන් වයර් එකකට ගහනවා මං දැක්කා... මම පැනලා තාත්තා ලගට ලං උනා..කෑ ගහලා කතා කලා...එයාට සිහිය නෑ වගේ..රාජයි මායි තාත්තව උස්සන් පාරට ආවේ පුලුවන් ඉක්මනින්...මම පාර මැද්දට පැනලා වාහනයක් නතර කර ගත්තා...ඉක්මනට හොස්පිට්ල් එකට ආවා..ETU එකට එයාව දැම්මා..මට බලා ඉන්න හයියක් නෑ...මම එලියට ඇවිත් දොර ගාව දෙවියන්ට කන්නලව් කරා මගේ තාත්තාව බේරලා දෙන්න කියලා..මට හයියෙන් ඇඩුනා...මම එතනම බිම වාඩි උනා... ටිකකින් රාජා එලියට ඇවිත් කිව්වේ පොඩි මහත්තයාට ඩොක්ටර් කතා කරනවා කියලා... මම ඇතුලට ගියාම දැක්කේ තාත්තව සුදු රෙද්දකින් වහලා තියනවා...මම තාත්තව බදාගෙන කෑ ගහලා ඇඩුවා...මේ ඔක්කොම මම නිසා තමයි.. තාත්තගේ අවසාන කටයුතු වලින් පස්සේ මට සෑහෙන්න වාරයක් මැරෙන්න හිතුනා..තාත්තගේ ඉතිරි ක්ලිනික් බෙහෙත් දවස් කියක් නම් අතට ගත්තද බොන්න..ඒත් අම්මයි නංගියි මතක් වෙනකොට ඒක කරන්න බැරිඋනා...කෝච්චියට පනින්න ගියාමත් මට එයාලා මතක් වෙලා ආපහු ආවා.. ඔහොම ඉන්දැද්දි මට හදිසියේම දවසක් රෑ ආයේම හීනයක් පෙනුනා.... ඒ හීනේ හිටියේ මම... මම ම මගේ දිහා බලාගෙන අපේ සෙටියේ වාඩි වෙලා ඉන්නවා... මම එක පාරම අවධි උනා... මට මරණ බය දැනෙන්න පටන් ගත්තා... මම හෙට මැරෙනවද...?? බෑ මට මැරෙන්න බෑ...දැන්ම මම මැරෙන්නේ නෑ.... මට බයයි....මම කෑ ගැහුවා.... ඇදේ මුල්ලට ගිහින් මම ආයේම හයියෙන් කෑ ගැහුවා... උදේම අම්මා මාව ඉස්පිරිතාලෙට එක්කන් යන්න වීල් එකට කතා කලා..මම යන්න බෑ කීවත් අම්මා ඇහුවේම නෑ..මාව බලෙන්ම වීල් එකට නග්ගව ගත්තා... පාරේ යන හැම වාහනයක්ම වගේ එන්නේ වීල් එකේ හැප්පෙන්නමයි...අම්මේ මට බයයි...අපි ගෙදර යමුකො...අනේ යමුකෝ... හරවපල්ලා වීල් එක ගෙදරට....මට බයයි..මට මැරෙන්න බෑ..මම මැරෙන්න බයයි...මම කලබල කලා...ඒ එක්කම මම වීල් එකෙන් පැන්නා එලියට..... ======= ටික වෙලාවකින් එකපාරම වගේ තාත්තගේ කට හඩ ඇහෙන්න ගත්තා... රවිදුවෝ.... රවිදුවෝ... ඉක්මනට පලන් ගෙදර..අම්මයි නංගියි බලාන ඉන්නව උබ එනකන්...තාත්තා ඈත ඉදන් හයියෙන් කිවුවා... ඊට පස්සේ කඩේ ජිනෙයා කතා කලා... රවිදු පුතේ කඩේට එන්න කියලා...ධනපාල සරුත් කඩේ හිටියා... ඒත් එක්කම මං ඇස් ඇරලා බැලුවා...මම දැක්කා ලස්සනට මාව අන්දලා පෙට්ටියක දාලා ඒකේ මම නිදාගෙන ඉන්නවා.... රැවුල කපලා.... කොන්ඩේ ජෙල් ගාලා හදලා... සුදු ශර්ට් එකයි ටයි එකයි කලු කලිසමයි මට අන්දලා.... අද තමයි මගේ ලස්සන මම හොදටම දැක්කේ... = ප්‍රසාද් ලංකා ජයසේකර.=මගේ ප්‍රථම යාල සවාරිය මට මුලින්ම යාල යන්න ලැබෙන්නේ 1975 වසරේ දී. එතකොට මගේ වයස අවුරුදු 8 කි. එවකට මගේ ලොකු අක්කා විවාහ වී තිස්සමහාරාමයේ පදිංචියට ගොස් සිටි අතර පාසල් නිවාඩුවකට තාත්තා මාවත් පොඩි අක්කාවත් තිස්සමහාරාමයට අරගෙන ගියේ ලොකු අක්කා බැලීමටයි . අපි දෙදෙනාටම ඒ ගමන සඳහා එක වගේම අලුත් ගවුම් දෙකක් මස්සවා ගත්තා මතකයි . එහෙත් ඒ රෙදි තෝරාගෙන ආවේ තාත්තාය. ඔහුගේ රුචිකත්වයට අනුව රෙදි තෝරා තිබුණි. කොළපාට හා කලුපාට ගස් වැල් මෝස්තරයක් එහි තිබුණා මතකයි . මම ඒ රෙද්දට අකමැති වූවත් අලුත් ගවුමක් ඇඳීමට ඇති ආසාව නිසා ඒ ගැන අකමැත්තක් පෙන්නුවේ නැත. ලොකු අක්කා ගෙ හස්බන්ඩ් ටෝනි ඒ දිනවල වැඩ කලේ මිස්ටර් D.D.N සෙල්වදොරේගෙ සෆාරි ජීප් මැනේජර් ලෙසටයි . එහි ලොකු ග්ලැඩියේටර් ජීප් දෙකක් සමඟ කුඩා ජීප් එකක් තිබුණා මතක් වේ. D.D.N. සෙල්වදොරේ ලංකාවේ හිටිය දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙක් වූ අතර ඔහු විවාහ වී සිටියේ බර්ගර් ජාතික දොස්තර නෝනා කෙනෙකු සමඟය . මිස්ටර් සෙල්වදොරේට අයත් සෆාරි ජීප් තිබුණු ආයතනයට අයත් නිවස පිහිටා තිබුණේ තිස්සමහාරාම රෙස්ට් හවුස්` එකට කිලෝමීටර් බාගයක් පමණ දුරින් පාරේ දකුණු පැත්තට වෙන්නට, මහපාර අයිනේය. තිස්සමහාරාමයේ රෙස්ට් හවුස්` එක පාරේ වම් පැත්තේ තිබුණි. රෙස්ට් හවුස් එකේ ඒ දිනවල ඇතිකරපු ගෝනෙක් නිතර පාරේ ඇවිද ගියේය . ඌ ගෙ බෙල්ලේ කුඩා සීනුවක් බැඳ තිබුණු අතර කිසිවෙක් ඌට කරදර කලේ නැත. ඒ දිනවල වනසත්ත්වයින් එලෙස ඇතිකර ගැනීමේ හැකියාවක් තිබුණා දැයි නොදනිමි . අපේ අක්කා පදිංචි වී සිටි
ඒ නිවස වටා තිබුණු වැටේ තුඹ කරවිල කැලේට හැදී තිබුණු අතර අපිට ඒ දවස්වල ඒවායේ අගයක් තිබුණේ ද නැත. වත්තේ මසං ද ,මුරුංගා ද තිබුණු බව මතක් වේ. එහෙත් ඒ කාලයේ මසං කෑමට දන්නේ නැත. දැන් ඒ ගැන මතක් වෙනකොට නම් මට දුක සිතේ . වහල ඇතුලෙන් ඉතා විශාල තලගොයි එබී බලයි . එම නිවසේ වැසිකිලියට යාමට ත්‍රීවීලර් එකකින් යායුතුව තිබුණි.😁 එහි තලගොයි සිටින නිසා සෑම විටකම පොල්ලක් අතැතිව යායුතුව තිබුණි. මම තලගොයි දැක්ක පළවෙනි අවස්ථාව ද එය වූ අතර තලගොයින්ට කැමති වූයේ ද නැත. එම නිසා වැසිකිලියට යාමට බිය වීමි. 🙈 එහෙත් ඒ මිදුලේ හැමතැනම ඇවිදලා යන පොඩි පොඩි තරු ඉබ්බන් රාශියක් සිටි අතර මම ඔවුන් සමඟ සෙල්ලම් කරනවා මට මතක් වේ . කුඩා ඉබ්බන් ගස් වල කොළ කනවා මම බලාගෙන ඉන්නේ ආසාවෙන් . උදුපියලිය වැනි කුඩා පැලෑටි මෙන්ම සාරණ පැල ඔවුන් ගෙ ආහාර වූ අතර විටෙක කපුටන් පැමිණ ඔවුන් රැගෙන යයි . එක දවසක් මට සුදු පැහැති ගෙඩියක් හමුවූ අතර එය කුමක්දැයි මම දැන සිටියේ නැත. ටික වේලාවකට පස්සේ බලනකොට ඒ ගෙඩිය ජීප් එකේ රෝදයට අසුවී දෙකට කැඩී තිබුණි. මම එයින් කෑල්ලක් කටේ දමා කෑවෙමි. ඇඹුල් මිශ්‍ර කහට රසක් දැනුනි . මට එක්වරම බියක් ඇතිවූයේ වස ගෙඩියක් ද දන්නේ නෑ කියා සිතුණු නිසයි . පසුව අක්කා ගෙන් ඒ ගැන ඇසූවිට ඇය කීවේ ඔය ගැට දිවුල් ගෙඩියක් නෙ කියලයි . මට මම ගැනම ලජ්ජාවක් ඇතිවූයේ මම මීට කලින් දිවුල් කිරි ,දිවුල් ජෑම් කාලා තිබුණත් ඇත්තටම ගෙඩියක් දැක්ක පළවෙනි වතාව එය වීම නිසාය . පසුව ඉදුණු දිවුල් ගෙනැත් දුන්නා මතක් වේ. එවැනිම සිදුවීමක් අම්මාටද වූ බව ඇය ද කීවා මතකයි . අම්මාට ද වරක් ගැට දිවුල් ගෙඩියක් කෑමට ලැබී ඇත්තේ තාත්තා වැඩ කරන සමයේදීය. ඇය ද එය කඩා කෑ පසු සිතා ඇත්තේ වස ගෙඩියක් කියාය .එයටද හේතු වී තිබුණේ ගැට දිවුල් වල ඇති කහට රසයයි. එහෙත් පසුව තාත්තා ගෙන් දැනගන්නට ලැබී තිබුණේ ඒ දිවුල් ගෙඩි කියායි . පසුව ඇයටද රසවත් ඉදුණු දිවුල් වල රස බැලීමට හැකියාව ලැබී තිබුණි. තිස්සමහාරාමයේ දී නාන්නට තිස්ස වැවට ගිය හැටි මතකයට නැඟේ . කොණ්ඩෙ දිග ගැහැණු ළමයෙක් පිහිනා යන අයුරු මම බලා සිටියේ ආසාවෙනි .එහෙත් පිහිනීමට නොහැකි අපි නෑවේ භාජනයකට වතුර අරගෙනයි . පාර අයිනේ සිටි අඹ වෙලෙන්දෙක්ගෙන් රසවත් අඹ ගත් හැටි මතක් වේ.ඉතාමත් රසවත් පෙට්ටි අඹ ඔහු විකුණූ අතර ඒවා සත පහක් වැනි සුළු මුදලක් විය . මම සිල්ලර කාසි එකතු කර අඹ අරගෙන ඇවිත් ඒ නිවස ඉදිරිපිට පිහිටි කොහොඹ ගහක් යට වාඩි වී ඇති තරම් කෑ හැටි දැන් මතක් වෙනවිටත් කටට කෙළ උනයි . තාත්තා ගෙ යෝජනාවකට අනුව අපි යාල යාමට දිනයක් වෙන්කරගත් අතර තාත්තාත් ,ලොකු අක්කා, අක්කා ගෙ හස්බන්ඩ් හා පොඩි අක්කාත් මමත් ජීප් එකෙන් යාලට ගියා මට හීනෙන් මෙන් මතකයි . එහිදී අපිට කොටියෙක් , නරියෙක් ,මුවෝ, ගෝන්නු අලි ,ඌරෝ සහ නොයෙකුත් වර්ගයේ කුරුල්ලන් රාශියක් දැක ගැනීමට ලැබුණු අතර ඒ ගැන විස්තර කරමින් තාත්තා උපරිම වින්දනයක් ගත් බව මට තාමත් මතකයි . අපිට ඉස්සරහින් ගිය ජීප් රථයේ ගමන් කල විදේශිකයන් පිරිසක් අතර සිටි මහත්මයෙක් ගෙ හිස ජීප් එකේ යකඩ පොල්ලක වැදී රතු පාටින් දිස්විය . සමහරවිට සතෙක් දැකබලා ගැනීමට යාමේදී ඔහුගේ ඔලුව එලෙස වදින්නට ඇත. ඒ දිනවල දැන් මෙන් යාල කාර්‍යයබහුල වූයේ නැත. විදෙස් සංචාරකයන් බොහෝ වූ අතර දේශීය සංචාරකයන් වූයේ අතලොස්සකි . ඇතුලට යාමට දැන් මෙන් පෝලිම් තිබුණේ ද නැත. හැමදෙයක්ම කාලයත් සමඟ වෙනස් වී ඇති අයුරු .... තිස්සමහාරාමයේ මිදුලේ සිටින විට සෑම උදයකම සුදු මහත්මයෙක් පුෂ් බයිසිකලයක් පැඳගෙන මහපාරේ ගමන් කරන අතර ,දිනක් මගේ තාත්තා පැවසුවේ ඉස්සර යාල කැළයේ බාරකාරත්වය පවරා තිබුණු මිස්ටර් ඉංග්ල්බ්‍රේක් ගෙ පුතා තමයි ඒ යන්නේ කියලා . 1979 වාගේ මගේ තාත්තාට, මිස්ටර් සෙල්වදොරේට අයත්ව තිබුණු වීරවිල "අයිබිස් ලොජ්" හී මැනේජර් තනතුරක් ලැබුණි . ඔහු ටික කලක් එහි සතුටින් සේවය කලේය . අයිබිස් ලොජ් පිහිටා තිබුණේ වීර විල ඉදිරිපිට පිහිටි මනරම් ස්ථානයකය. වටේටම තිබුණු කැලෑව නිසා නොයෙකුත් ලස්සන කුරුල්ලෝන්ට එය රජදහනක් විය . කුරුලු ලෝලීන් අයිබිස් ලොජ් වෙත පැමිණ ඒ මනරම් දරශන තම කැමරාවට නගන්නටද ඇත. එහෙත් 1983 පැවතී කලු ජූලිය කෝලාහලය කාලයේදී මිස්ටර් සෙල්වදොරේට අයත්ව තිබුණු එම ආයතන සියල්ල ගිනිබත් කර තිබූණේ ඔහු යාපනයේ කෙනෙකු වීම හේතුවෙනි . අපට පසුව ඒ ගැන ආරංචි වූ අතර ඒ ගැන බොහෝ කණගාටු වුනෙමු . ~මේරිඈන් මොරිට් ~ 09.01.2024සංගීත චාරිකාව 07 මම පලවෙනි වතාවට සංගීත කණ්ඩායමක සජීවී වාදනයක් දැක්කෙ ඔබරෝයි හෝටලයේ තිබ්බ මාමගෙ මගුල් ගෙදරදි. පස්සෙ බලනකොට අපේ ගෙදර තිබ්බ හෝම් කමිං එකෙත් මේ කට්ටියම බෑන්ඩ් ගහනවා. මාමගෙ යාලුවො ගේන ගිටාර් එකෝඩියන් වගෙ එව්ව අතපත ගාල තිබ්බට පලවෙනි වතාවට ඩ්‍රම් සෙට් එකකට තට්ටුවක් දාන්න ලැබුනෙ එදා. බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් වාදකයා මාම බැඳපු නැන්දගෙ මල්ලි. ඒ ක්‍රිස්ටො මාම. ඉතා කුඩා වයසෙදී හිස් නෙස්ප්‍රේ ටින් වලට අඩිරූල් වලින් ගසමින් ඩ්‍රම් වාදනය ඇර‍ඹුව ක්‍රිස්ටො දරුවාට වයස හතේදී, කළුතර ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්වූ ඔහුගේ පියා විසින් අංග සම්පූර්ණ ඩ්‍රම් සෙට් එකක් තෑගි කරනවා. පසුව එම කට්ටලය තමාගේ සහෝදරයාගේ පුතාට ලබාදී ක්‍රිස්ටෝ මාමාට අවුරුදු දහයක් වනවිට ඔහුගේ පියා විසින් අලුත්ම Olympic ඩ්‍රම් සෙට් එකක් ලබාදී විධිමත් පුහුනුවක් කරා යොමු කරනවා. ක්‍රිස්ටෝ මාමාගේ ගුරුවරයා වනුයේ එවකට ලංකාවේ දක්ශම ඩ්‍රම්ස් වාදකයා ලෙස සැලකුන සුප්‍රකට ජෙට් ලයිනර් සංගීත කණ්ඩායමේ හැරිස් ජුරම්පති ශිල්පියායි. පලමු වරට ක්‍රිස්ටෝ මාමා ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වන්නේ 1972 වසරේදී රොහාන් පීරිස් සහ ජෝ ලුවිස් සමග හැව්ලොක් පිටියේ පැවති Rock Festival හි ඩ්‍රම්ස් වාදනය කරමින්. පන්දහසකට වඩා සහභාගී වූ එම ප්‍රසංගයට ඔහු සම්බන්ධ වී තිබුනේ 18th Century Blues Band නමැති සංගීත කණ්ඩායම සමගයි. ක්‍රිස්ටෝ මාමා ඩ්‍රම්ස් පමණක් නොව ලීඩ් ගිටාර්, බේස් ගිටාර්, පියානෝ මෙන්ම සින්තසයිසර් වාදනයේ අති දක්ශයෙක්. පසුව වෛද්‍ය අධ්‍යාපනයවෙත යොමුවන ඔහු වෛද්‍යවරයෙක් වීමෙන් පසුව සිය පියාගේ සාත්තු නිවාසය අංගසම්පූර්ණ රෝහලක් බවට පත් කරනවා. ක්‍රිස්ටෝ මාමාගේ දියණියද සීයාගේ සහ පියාගේ අඩිපාරේ ගමන් කරමින් වෛද්‍යවරියක් බවට පත්වන්නේ අඛණ්ඩ තුන්වන වෛද්‍ය පරපුර බිහි කරමින්. මේ වනවිට ජයවර්ධනපුර සරසවියේ Creative Music Technology උපාධිය සඳහා තේරී පත්ව සිටින මගේ තුන්වන පුතාගේ සංගීත දිවියට නිසි අඩිතාලම දැමුවේ ක්‍රිස්ටෝ මාමා විසින්. ඩ්‍රම්ස් වාදනයේ නිසි අභ්‍යාස සහ තාක්ෂණික විධික්‍රම නොමසුරුව ලබාදීම ගැන ඔහුට ස්තූති කල යුතුයි. වෛද්‍යවරයෙක් වුවද ඔහුගේ හිත ඇත්තේ සංගීතය තුලයි. ඔහුගේ නිවසේ සාදා තියෙන අංග සම්පූර්ණ පෞද්ගලික ශබ්දාගාරය ලොව පවතින හොඳම බ්‍රෑන්ඩ් වල සංගීත භාණ්ඩ වලින් සමන්විතයි. එහි තවමත් සංගීත අභ්‍යාසයන් හි යෙදන ඔහු නිරතුරුව ප්‍රසිද්ධ සංගීතවේදීන් සමග වාදනයේ යෙදෙනවා.අරලියා මල ****** අද අරලියා මල පිපිලා .හරිම ලස්සන අංග සම්පූර්ණ සුදු මලක් ..එකම මල යි .තව ලොකු කුඩා පෝට්ටු තුන හතරකුත් තියෙනවා . මේ විශේෂ අරලියා පැළය පෝච්චියත් එක්කම ගෙනාවේ ගිය සති යෙ.පෝච්චිවල අරලියා හිටවල තියෙනව මම මීට කලින් දැකල තිබුනෙ නෑ .අරලියා මල් වලට මම ඉතා කැමතියි .මේ ගහේ කොල කුඩා උනාට මල නම් සාමාන්‍ය ප්‍රමාණයෙන් තියෙනවා .හොඳට ලංවෙලා බලපුවමයි දැක්කේ මැද තියෙන ලස්සන කහ පාට .යාන්තමට සුවඳකුත් තියෙනවා .මීට කලින් මෙච්චර උනන්දුවෙන් මලක හැඩ බලලා නෑ මම . අම්මයි නංගියි පන්සලට යන්න ලෑස්ති වෙනව .නංගි කුඩා මල්වට්ටියකුත් අරං මා ළඟට ආවා . "හරි ලස්සන මලක් නේ .වට්ටියේ එකම සුදු මලක්වත් නෑ .මැදින් තියන්න අනේ ඕක දෙන්නකෝ .ඔයාට ගොඩක් පින් " මම නංගි දිහා රවලා බැලුවා .අම්මා ස්තෝප්පුවට ඇවිත් ඔසරිය සකස් කරන ගමන් මෙහෙම කිව්වා . " ආ...ලොකු පුතේ පෝය දවස ව ත් පන්සලට යන්න ආවොත් ද නරකද .රස්සාව කරණ්ඩ විතරමද ඔයාලා ජීවත් වෙන්නෙ .පෝයට නිවාඩු දෙන්නෙ මොකටද කියලා වත් හිතලා බැලුවද .අනේ මන්ද අපි යං.පරක්කු වුණා " අම්මගෙයි නංගිගෙයි සුදු ඇඳුම් ගේට්ටුව ළඟ තාප්පෙට වැහුන .නංගිගේ හිස විතරක් තාප්පෙට උඩින් පේනවා .අම්මා කොච්චර මිටිද .අරලිය මලේ සුද නැවතත් මගේ නෙත ඇදලා ගත් තා. * * * කුසුම් ලගෙ ගෙදරට යන පාරේ ගේට්ටුව ළඟ ඉඳලා අරලිය ගස් පේලියක් තියෙනවා .මල් නැති දවසක් නෑ .කුසුම්ගේ අම්මා හැමදාම වැටුණ මල් අතු ගාලා කුණු ගොඩට දානවා .එතන එකතු වෙලා තියෙන මල්ගොඩ දුඹුරු පාටයි . කුසුම් කිව්වට එයාගේ නම ,කුසුමා වතී විජේසේකර .එයා නම ලියල තිබුණේ කුසුම් විජේසේකර කියලා .වතී කෑල්ල හලලම දාලා .නංගිත් එක්ක එක පන්තියෙ ඉගෙන ගත්තෙ .දෙන්න යාළුවො නිසා කුසුම් අපේ ගෙදරත් නංගි එයාලගේ ගෙදරත් නිතර නිතර යනවා එනවා .මාත් එක්ක කුසුම් ළඟ ඇසුරකට වැටුණේ ඒ නිසා . මම රැකියාවට ගොස් සිටින විට පැමිණියොත් ,එයා මගේ කාමරයට ගොස් කියවීමට පොත් අරගෙන යනවා . කුසුම් වයඹ පළාත් රූ රැජිණ තරගයෙන් ප්‍රථම ස්ථානය දින්න දවසේ අපි හැමෝම ගොඩක් සතුටු වුනා .එතැන් සිට එයාගේ ජීවිතය බලා ඉන්නකොට වෙනස් වුණා .එයාගේ අහිංසක ගම් ගැමි පෙනුම ලස්සනත් එක්ක එකතු වෙලා . පළමුවෙන්ම ආවේ වෙළඳ දැන්වීම් සඳහා ,ඊළඟට ටෙලි නාට්‍ය හදන අය .අරලිය ගස් යට නිතරම වාහන දෙක තුනක් තිබුණා . ඇගේ කාර්යබහුල ජීවිතය නිසා අපි නිතර මුණගැසුනේ නෑ . කුසුම් ලගෙ ඈතින් නෑයෝ වෙන කෙනෙක් එයාගේ ආරක්ෂාවයි ,කළමනාකරණ කටයුතු ,රියදුරු වැඩෙයි ඔක්කොම බලෙන්ම වගේ අයිති කරගෙන . ඔය මිනිස්සු මෙච්චර කල් කොහේ හිටියද කියල කවුරුවත් දැනගෙන හිටියෙ නෑ . එයා පොඩි කාලෙමයි එයාලග
ේ තාත්තා නැති වෙලා තිබුණේ .ආර්ථික තත්ත්වය ඉතා අපහසු වුණත් ඉඩකඩම් ටිකේ ආදායමෙන් පිරිමහගෙන ජීවත් වුණා .කෙසේ හෝ අවසානයේ දී රූරැජිණ ජයග්‍රහණය නිසා සෞභාග්‍යයත් කලඑළියත් ගෙන ආවා .රෑට පමණක් එන වවුලෝ දවල්ටත් පල ඇති රුක වටේ ඉගිල්ලුනා . කෙල්ල තවත් ලස්සන වුණා .ඇඩ් වලයි ටෙලි නාට්‍ය වලයි රෙදි හැට්ට අඳින ගැමි කෙල්ලගේ චරිතය ට එයාව නැතුවම බැරුව ගියා .සියල්ල සිදු වුනේ සීඝ්‍ර ගාමීව . සතියකට එක දවසක්වත් අපි මුණගැසුනේ නෑ .මගේ ජංගම දුරකථනයට ඉද හිට අමතන ඇය ,අනේ තරහ වෙන්ඩනං එපා වැඩ වැඩ කියනවා .කියලා ඉතින් හිනා වෙනවා .එයාගේ වැඩට බාධා වෙන නිසා මම ඇමතුම් ගත්තේ නෑ .කෙසේ වෙතත් ඇය ලබන දියුණුව ගැන මම අවංකවම සතුටු වුණා . නංගි නිතර කුසුම්ට දොස් කියනවා ඇහෙනවා . "එයා උඩ පනිනවා වැඩියි .හරි අහංකාරයි .පරණ යාළුවන්ම දැන් අමතකයි .මාව දැක්කේ නෑ වගේ කාර් එකේ මාව පහු කරගෙන ගියා .බොරුවට ෆයිල් එකක් දිග ඇර ගෙන මූණ වහගෙන " "ඇත්තටම ඔයාව දකින්න නැතුව ඇ ති .පිටපතක් කියව කියව යද්දි පාරේ යන අයව පේන්නේ නෑනේ " මම කිව්වා . නංගිට හොඳටම තරහ ගියා .එයා මගේ යාළුවා .ඔයාට කොහොමද එච්චර ලොකු උනේ . මම නිහඬ වුණා .කතාව ඉතින් ඇත්ත නෙ.ඊර්ෂ්‍යාව භයානක දෙයක් .මම හිතුවා විතරයි කියන්න ගියේ නෑ .එහෙම කිව්වනං නංගි අනිවාර්යෙන්ම අඬනවා .එයත් ඒ බව දන්න නිසා * * * ලහි ලහියේ ගොඩනගපු සියලු දේ බිඳවැටිලා කුඩු පට්ටම් උනේ එක පාරට මයි.ප්‍රීති දායක සිහිනයක් දකිමින් නිදා සිටින කෙනෙකුගේ මුහුණේ ඇති වන සොම්නස් දායක පෙනුම වගේ පෙනුමක් තමයි කුසුම්ගෙ මූනෙත් තිබුණේ .හරියටම පණ පිටින් ඉන්නවා වගේ .මිනී පෙට්ටියක් ඇතුලේ තියල තිබුණේ නැත්නම් කවුරුත් හිතන්නෙ ඇය නිදි කියලා . මට කුසුම්ව දැන් සිහිපත් කලේ මේ අරලියා මල .අරලිය මලේ තියෙන සරල ලස්සනම තමා එයා ළඟත් තිබුණේ .මලේපෙති මම හෙමීට ස්පර්ශ කරලා බැලුවා . හදිසි අනතුර සිදුවුණේ සඳුදා හවස .තිරගත කිරීම් අවසාන වෙලා ගෙදර එමින් සිටි අතර .කුසුම් සහ රියදුරු දෙන්නම අනතුර සිදු වූ ස්ථානයේ දීම මිය ගොස් .මරණය කටයුතු අහවර වන තුරුම අපි හිටියෙ කුසුම්ලාගේ ගෙදර මම නිතර නිතර සාලයට ගිහින් එයාගේ මුහුණ බැලුවා .ටිකෙන් ටික මූනේ පාට වෙනස් වුණා .ලා දුඹුරු පැහැයට හැරීගෙන එනවා හරියටම පරවෙන අරලිය මලක් වගේ . ඉහල අත්තේ පිපුනත් පහළ අත්‍ත පිපුනත් පරණ වෙන මල් බිමට වැටිලා අතුගෑවිලා ගිහින් වැදගම්මක් නැතුව කුණු ගොඩට එකතු වෙනවා . පොළොවෙන් හට ගත් දේ නැවත පොළොවටම මුසු වෙනවාමයි .කුසුම්ගෙ සුන්දර ශරීරයට වෙන්නෙත් මේකම නේද කියලා මට හිතුනා .නාසය ඉස්සිලා වගේ තිබුනට කම්මුල් නිකට ඇස් පහළට ඇදිලා .පොලවට ලොකු හදිසියක් තියෙනවා වගෙයි ඇදලම ගන්ඩ .ඇදලා අරගෙන හතරට කඩලා විසුරුවලා දාන්න . හරියට අර පොඩි ළමයි සෙල්ලම් කරන්ඩ ගන්න මැටි වගේ .එක එක මිනිස් රූප හදනවා .කඩනවා නැවතත් හදනවා .මැටි අංශු ඔහේ කලවම් වෙනවා .. ආදාහනයට ගෙනියන්න මොහොතකට කලින් බලපු වෙලාවේ මට ලොකු දුකක් ඇතිවුණා .කුසුම්ගෙ අම්මා දුක වාව ගන්ඩ බැරුව හඬා වැටෙන කොට මගෙත් බැමි බුරුල් වුණා . * * * මගේ මේ ලස්සන මලත් හෙට වෙන කොට නටුවෙන් ගැලවිලා බිම පතිත වේවි .අපරාදේ නංගි ඉල්ලපු වෙලාවේ දුන්න නම් ප්‍රයෝජනයක් වත් වෙනවා .ඊළඟට තියෙන පොහොට්ටුව හෙට දිග ඇරෙන්න පුළුවන් .ඒත් කුසුම්ගෙ තැන ගන්න පොහොට්ටුවක් කවදා ඒ විද . * * * ගේට්ටුව ඇරෙන සද්දෙට මම තිගැස්සුනා.අම්මයි නංගි ඉක්මනටම ඇවිත් . . "අන්න ඔයාට ලොකු හාමුදුරුවෝ ඇවිත් මුන ගැහෙන්න කියලා කිව්වා ." ඔව් ලොකු පුතේ අද හවසම ගිහින් මුන ගැහුනොත් හොඳයි ,අම්මා කිව්වා . "අම්මේ ,අක්කා පන්සල් නොගියට මෙතනට වෙලා දිග භාවනාවක් කරලා වගේ " **************කුලගෙයක කදුලු .. අනෝජා වහල තිබුණු මහගෙයි දොර දිහා විමසිල්ලෙන් බැලුවා.වට පිටාව දිහා බැලුවෙ අම්මා වත්තේ කොතනක හරි දර ඉපලකට හරි කොස් ගෙඩියකට හරි ඔට්ටු වෙනවාවත්දෝ හිතිල.ඇස් මුලු වත්ත පුරාම කරකවල හිස් ඇස් වලින් අනෝජා පඩියට ගොඩ වුණා. හීනියට කුස්සිය පැත්තෙන් පොල් බෑයක් හිරමනයේ ඇතිල්ලෙන හඩින් අම්මා කුස්සියේ කියලා අනෝජා හිතුව.කුස්සියේ උලුවස්සට හේත්තු වුණ ඇනෝජාට අම්මාගේ මූණ පෙනුනේ නෑ .කෙසග සිරුරට මහා ලොකු බරක් දීගෙන පොල් ගාන අම්මා දැක්ක අනෝජා ගේ මුවින් දිග හුස්මක් පිටවුණා.ඒ හඩට හෝ කුස්සියේ දොර වසාගත් හෙවනැල්ලෙ චායාවෙන් හරි රණසිංහ හාමිනේ දොර දිහා බැලුවෙ. "මද්දු මොකෝ මේ අවේලාවෙ..."ඇස් දෙකට නගා ගත් මවිතයෙන් රණසිංහ හාමිනේ ඇහුව. වචනයක් වත් නොකී අනෝජා සාරි පොටෙන් මූනේ ගෙලේ වැගිරෙන දාඩිය පිසිමින් මිටි බන්කුවේ වාඩි වුණා. "අම්මා මොකෝ මේ අවේලාවෙ උයන්නෙ ..."අනෝමා එහෙම ඇහුවෙ බිම තිබුනු තලපු කොස් ඇටයක පොත්ත නියපොත්තෙන් ඉවත් කරමින්. "අරය උයන ඒවා මට කන්න බෑ මද්දු.මං දවල් වෙලා මොනව හරි රත් කර ගන්නවා..." රණසිංහ හාමිනේ බිමටත් අතක් ගහල හිරමනෙන් නැගිට ගත්නව දැකපු අනෝජා ගේ පපුව හෝස් ගාලා ගියා.දියනියන් තිදෙනකු ගේ මවක වුවත් තමන් තිදෙනා ටම අම්මාට හව් හරණක් වීමට නොහැකිව ඇති හැටි.. "මොකද මද්දු මේ හදිසියේ ගෙදර ආවෙ" අම්මාගේ ප්‍රශ්නයට හරි කෙලින් උත්තර දීගන්න බැරිවූ අනෝජා කුස්සියේ දොර පඩියෙ වාඩ් වුනේ රණසිංහ හාමිනේ ට මූන නොපෙනෙන්න "අරය ඊයෙ රෑත් මරාගන්න හැදුවා අම්මේ.කොහොම හරි සල්ලි ටිකක් හොයල දෙන්න කියල.හැමතිස්සෙම කියන්නෙ ගෙදරින් දුන්නෙ මොනවද කියල.අක්කට නම් ඉඩං කෑල්ලක් දුන්න කිය කිය මට වද දෙනවා අම්මෙ.." රණසිංහ හාමිනේ ඉනට අත්දෙකම ගහ ගෙන අනෝජා දිහා රවාගෙන හිටියා. "අනේ මගෙ කට.ඇයි ඒ දවස් වල වැලපුණේ මුකුත් එපා උඹ විතරයි ඕන කියලා නේද..ඊටත් දරුවෝ හතර දෙනෙක් ට උගන්නලා රස්සාවක් ගන්නකල් දැඩි මේනි කරපු අප්පච්චිට උඹලට දෑවැදි දෙන්නත් තිබුණද .ඇයි බන් උබලගෙ ඇස් පාදල රස්සාවක් අරන් දුන්න එකම ඒකට මදිද.."රණසිංහ හාමිනේගේ අන්තිම වචන ටිකේ ස්වරය උස් වෙලා පපුවෙන් හතියකුත් පැන්න."මේවා උබැලගෙ කරුම නෙවේ මද්දු.අපේ කරුම"රණසිංහ හාමිනේ බංකුවේ වාඩි උනේ හිටන් ඉන්න පන නැතිව ගිය නිසාමයි. ගෙදර හිටිය හැඩකාරම ගුනයහපත්ම දියනිය මද්දු බව රණසිංහ හාමිනේ දන්නවා .හිතුවක්කාර කමකට කියලා කරේම ඔය කසාදේ තමයි .ලොකු උගත් කමක් නැතත් ව්‍යාපාර වලින් තරමක් ඉස්සරහින් හිටි හින්දම කසාදේට කැමති වුනත් දැන් දැන් බෑනා දියනියට සලකන ආකාරය ගැන ඇගේ පැහැදීමක් නෑ. "දැන් මොකටද සුරේන්ට සල්ලි....?අනෝජාට කෑගැසීම ගැන එක්වරම හදවත පාරාගෙන උපන් දුක නිසා රණසිංහ හාමිනේ එහෙම ඇහුව.. අනෝජාට රාත්‍රී සිදුවීම මතක් වුණා .ව්‍යාපාර කොපමන සරුවුනත් හැමදාම බීමට යහලුවන් සමග පාටි දැමීම විනාශය ට හේතුව බව කොපමණ කීවත් සුරේන් එය පිලිගත්තේ නැහැ .ව්‍යාපාර අඩාල වන හැම විටම ඔහු දෙමාපියන්ට දොස් කීවේ දෑවැද්දට යමක් නොදුන් නිසා දියුනුවක් දැකිය නොහැකි බව කියමින්.."හෙට මට සල්ලි හොයල නොදී උඹ ගෙදර එන්න එපා.ඉන්නේ මහ ලොකු නිල තල දරන අයියෙක් අක්කෙක්.කියපං මං කිව්ව කියල "සහෝදරයින්ට දෙමාපියන් ට දොස් කීම උහුලා ගත නොහැකිවූ අනෝජාට මහ හයියෙන් කෑ ගැහුණ.කම්මුල පුපුරන්න තරම් හයියෙන් වැදුනු අතුල් පහරෙනුත් බියවී අඩන්නට වූ දරු දෙදෙනා නිසාත් සුරේන් මහ හඩින් බැනවදිමින් නිවසින් පිට වුනා. "මං ආවේ සල්ලි ඉල්ලං යන්න නෙවේ අම්මා .මට මේ දුක කියන්න කෙනෙක් නෑ.ඉස්කෝලේ ගිහින් උගන්නන්න හිතක් නෑ.දරුවෝ හින්දා කරන්න දෙයක් නෑ."කම්මුල් වල පෙරෙන කදුලු පිස නොදාම අනෝජා කෙදිරුවා. "උඹ කරගත්තෙ උඹට ඕන නිසා.දැන් උඹට ඕනවට ලිහන්න බෑ.දරුවන්ට අප්පෙක් ඕන."හුස්මක් හෙලපු රණසිංහ හාමිනේ කිව්ව. "මං අයියගෙන් අහන්නම්.මගේ කෑල්ලෙ මැහෝගනී ගස් දෙක තුනවත් කපාගන්න කියාපං.මට උබ ගැන දුකයි .ඒ හින්දා .ඒ දේවදත්තයට දුකට නෙවේ... "එපා අම්මා.මං ක්ශනික ණයක් දාල ආවෙ .යන ගමං ඒක අරං යනවා.අම්මට තවත් බරක් දෙන්න මට බෑ."කදුලු පිහදාගත් අනෝජා පඩියෙන් නැගිට්ටා. "හිටිං බත් ටිකක් කාලා පලයන්.මං කොස් ඇට මැල්ලුම සුටුස් ගාලා හදලා ගන්නම්. මේ කුලගෙදර දුක ව්දින්නද අතීතයේ ආදරයක අන්ධ වුනේ ..අනෝජාට එහෙම හිතුනා."දහම් ගම හැඬ වු ඛේදවාචකය... සුරූපි එක්දරු මවගේ සිරුර ලඳු කැලෑවක තිබී සොයා ගනී. ඝා/ත/න/යට හේතුව අනියම් සබඳතාවයක්? සැමියා සැක පිට අ/ත්/අ/ඩං/ගු/වේ." ශ්‍රියානිගේ ම/ර/ණ/ය ගැන පත්තරවල තිබුනේ එහෙම… ශ්‍රියානිගෙයි සරත්ගෙයි සම්බන්දෙට දෙපැත්තෙන්ම කැමති වුනේ නෑ.. සරත්ට හරිහමන් රස්සාවක් නැති නිසා ශ්‍රියානිලාගෙ පැත්තෙන් විරුද්ධ වුණා. ශ්‍රියානිලා රෙදි හෝදන මිනිස්සු කියල සරත්ගේ අප්පච්චිත් හිටියෙ විරසකයෙන්. ඒ නිසාම හඳපානක පැනල ආපු දෙන්නා දහම්ගම අත්තනායක අයියලගෙ කුලීගෙදර නැවතුනා.. අත්තනායක අයියා පරණ චන්ඩියෙක්ලු.. දහංගම අත්තේ කීවහම නොදන්න කෙනෙක් නෑලු.. දැන්නම් හැටකටත් කිට්ටු වෙච්චි කරගාවට දරුවො ඉන්න තාත්තෙක් නිසාද කොහෙද තමන්ගේ පාඩුවෙ වෙළහෙලඳාමක් කරගෙන බ්‍රෝකර් වැඩක් කරගෙන ඉන්නවා. අත්තනායකගේ ගෙදර සරත්ට හොයල
දුන්නේ ගාමිණී.. ගාමිණී එක්ක තමයි සරත් වැඩ කරන්නේ.. ගාමිණී බාස්, සරත් ගෝලයා… ****** "ඇත්ත කි/ය/පං.. දැන් ආයේ බොරු කියල බේරෙන්න බෑ." සාජන් මහත්තය කෑ ගැහුවේ සරත් ගැස්සෙන තරම් හයියෙන්… "අනේ සර් අර පොඩි එකාට මොකද වෙන්නේ?" "පොඩි එකාට? උඹල ඒවා හිතන්නේ දැන් ද?" "බංඩාර" ඕඅයිසී මහත්තය කතා ක⁣රන සද්දෙට සාජන් මහත්තයයි සරතුයි දෙන්නම ඒ පැත්ත බැලුවා… සාජන් මහත්තය සීරුවෙන් හිටගෙන "සර්" කීවා… දෙන්න හෙමින් මොනවදෝ කතා කළා. ඒවා සරත්ට ඇහුනෙ නෑ… ආයෙම සීරවෙන් හිටගත්ත සාජන් මහත්තය ආචාර කරල යන්න ගියා.. සරත් ළඟ හිටගත්ත ඕඅයිසී මහත්තය සරත් දිහා හොඳට බැලුවා.. "තමුන්ට මොනවද කියන්න තියෙන්නේ? " මෘදු හඬකින් ඕඅයිසී මහත්තය ඇහුවෙ… "මං වරදක් කරේ නෑ සර්… ශ්‍රියානියි, පුංචි එකයි මගේ පණ.. උන් දෙන්න නැතිව මට ඉන්න බෑ සර්…" ආවේගය, කණගාටුව, බය කළකිරීම ඔක්කොම හැඟිම් කඳුලුවෙලා සරත්ගේ කම්මුල් දිගේ බිමට වැටුණා… "මං දවසේ කුලියට වැඩ කරන්නේ… මං වැඩ කරකර ඉද්දි අත්තනායක අයියා කෝල් කරල කීවේ මෙහෙම කරදරයක් වෙලා ඉක්මනට ගෙදර වරෙන් කියල…" "තමුන් කලනුත් හදිසියේ ගෙදර ඇවිත් ගියා නේද ඔය දවසේ?" "ඔව් සර්.. ගාමිණි අයියා එදා ආවේ නෑ.. මට පනිවිඩයක් එවල තිබ්බා සුනිල් අතේ.. වැඩපල බලාගන්න කියල… හවස සිමෙන්ති වාගයක් එයි, ඒ ටිකත් බාලම යන්න කියල. මං ෆෝන් එක ගෙදර අමතක වෙලා ඇවිත් තිබ්බේ.. රෑ වෙයි කියල ගෙදරට දුවල ගිහින් ශ්‍රියානිට පනිවිඩේ කියල පෝන් එකත් අරන් ආවේ සර්. මං වෙනදටත් එහෙම දවල් ගෙදර ගිහින් එනවා සර්" "ඒ කියන්නේ තමුන් සැකෙන් හිටියේ?" "අනේ නෑ සර්. ඒකි එහෙම නෑ සර්." සරත් මහ හයියෙන් ඇඬුවා… ***************** "සරත්ට උසාවියෙන් ඇප ලැබුණා. ඒ වුනාට සමාජයෙන් අැප ලැබුනෙ නෑ… කුලියක් කරගන්ට නෑ.. කවුරුත් වැඩක් දෙන්නෑ.. කඩපිලේදී නාන ලිඳේදි හැමඑකාම බලන්නේ වපරෙට…. දරුවා ඉන්නේ ශ්‍රියානිලාගේ ගෙදර.. අඩුම තරමේ තමන්ගේ බිරිඳගෙ අවසන් කටයුතු කරගන්නවත් බැරිවෙච්ච මිනිහෙක් තමන්ගේ දරුවා තමන් ළඟ තියාගන්ට බැරි තාත්තා කෙනෙක්ව උසාවියෙන් වරදකාරයෙක් ⁣කරන්ටත් කලින් රටේ ලෝකේ එවුන් වරදකාරය කරාම මොකද වෙන්නේ… ඒ මිනිහා යකෙක් වෙනවා… සරත් අ/ත්/අ/ඩං/ගු/ව/ට ගත්තාම රතුපාට පොල්ගෙඩි අකුරින් හෙඩිම දාලා ප්‍රවෘත්තිය දැම්මට අැප ලැබුන කතාව පත්තරේ ගියේ නෑ.. නිදොස් කරල නිදහස් කරත් ඒක පත්තරේ දාන්නේ ඇතුලේ පිටුවක කූඹි අකුරෙන් අයිනක පොඩි ඉඩක.. ඒකෙන් අර පොල් අකරෙන් ගහපු හංවඩුව මැකෙන්නෙ නෑ… ***** "ඇයි තමුසේ අද? ඉරිද අස්සන් කරානේ?" බණ්ඩාර සාජන් මහත්තය සරත්ව දුර තියා ඇදිනගෙන ඇහුවේ… "ලොකුමහත්තය හම්බුවෙන්න සර්." "ඔහොම ටිකක් ඉන්නව, ලොකු මහත්තයට වැඩ තියනවා." සරත් දිහාට නියවපු සාජන් මහත්තය කිව්වා… ********************** "දහංගම…. ආං තමුසෙට ලොකු මහත්තය එන්න කිව්වා" සාජන් බණ්ඩාර කීවේ සැරෙන් වගේ.. සරත් ඕඅයිසී මහත්තයගෙ කාමරයට එබුනේ බයෙන් බයෙන්.. "ඇයි තමුන්?" "ස…සර්… ශ්‍රියානි…ශ්‍රි..ශ්‍රි…" "වාඩිවෙනව ඔතැනින්." "දැං කියනවා." "ශ්‍රියානි වරදක් කරල නෑ සර්." "ඔව් ඒක අපිත් හොයාගෙන තියෙන්නේ… තමුසෙත් තවදුරටත් සැකකාරයෙක් නෙවෙයි.. ඒ සම්බන්ධ ලියවිලි අපි අනිද්ද උසාවියට ඉදිරිපත් කරනවා." "අපි නියම අ/ප/රා/ධ/කා/ර/යා/වත් බොහොම ඉක්මනින් අල්ලගන්නවා." "තමුන්ට සැක හිතෙන කෙනෙක් ඉන්නවනං එ් ගැනත් අපට තොරතුරු දෙන්න පුළුවන්" "මට සැක එකෙක් හිටියා සර්" මගේ අහිංසක ගෑනිට බලහත්කාරකම් කරන්ට හදල ඒකි ඒකට විරුද්ධ වුනාම ඒකව ම/රා දාලා…මගේ පොඩි එකාව අම්ම අප්ප දෙන්නවම නැති අනාතයෙක් කරල, මාව අපරාධකාරයෙක් කරල, සමාජයෙන් කොන් කරල නොමරා මැ/රු/ව එකා ගැන මට සැකයක් තිබ්බා සර්… මං ඒකා පස්සෙම තමයි පහුගිය ටිකේ හිටියේ. මං අද ඒ හැම දේටම සාධාරනයක් ඉටු කළා සර්" සරත් තම අත වූ මල්ලෙන් යමක් බිමට හැලුවා… ඕඅයිසී මහත්තය ඒ දිහා බැලුවා… "දෙයියනේ මේ කවුද?" ඕඅයිසී මහත්තය ඇහුවේ සරත් දෙසට එන ගමන් තම මේසයේ තිබුන බෙල් එක තදකරල… "මේ තමයි අත්තෙ අයියගේ පුතා සර්… මේකා තමයි මේ හැමදේටම වගකියන්ට ඕනා." "දැං මට එල්ලුංගස් ගියත් කමක් නෑ.. කොහොමත් ශ්‍රියානි ම/ළ දා ඉඳල මං හිටියේ ඇවිදින ම/ළ/මි/නි/ය/ක් වගේ." "සර්, අනේ මට සමාවෙලා එකම එක දෙයක් කරන්න.. මේ සිද්ධිය ලොකු අකුරෙන් පත්තරේට දාල දෙන්න… එතකොට අඩුම තරමේ අර මැරිච්ච අහිංසක ගෑනිට හැදුන නරක නාමේ නැතිවෙලා යයිනේ." සරත් සන්සුන්ව ඉඳගෙන කියාගෙන ගියා..... ඕඅයිසී මහත්තය සරත් දිහා බැලුවේ දුකකින් ද තරහකින් ද කියල සරත්ට හිතාගන්න බැරි වුණා. - නිමි-ශර්ලොක් හෝම්ස් සහ සිඩ්නි පැජෙට් ===================== ශර්ලොක් හෝම්ස් කියන්නේ මේතාක් කාලෙකට මනුශ්‍ය සංහතියේ වැඩියෙන්ම නිර්මාණවලට බදුන්වූ මනංකල්පිත චරිතය කිව්වොත් ඒකෙ වැරැද්දක් නෑ.ශර්ලොක් හෝම්ස් ඇසුරෙන් නිර්මාණය වුනු පොත් , චිත්‍රකතා , වේදිකා නාට්‍ය , ටෙලි නාට්‍ය ,චිත්‍රපටි විශාල සංඛ්‍යාවක් තියෙනවා සහ අදටත් අලුත් නිර්මාණ බිහිවෙනවා. 1887 අවුරුද්දේ "A study in Scarlet" පලමු ශර්ලොක් හෝම්ස් කතාව පලවුනාට පසුව දීර්ඝ නවකතා 4ක් සහ කෙටිකතා 56ක් ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අතින් නිර්මාණය වෙනවා.පොත් විදිහට පලවෙන්න කලින් මේ කතාවන් මුලින්ම පලවෙන්නේ එවකට තිබූ "The Strand" නම් සඟරාවේ. ශර්ලොක් හෝම්ස් කියන්නේ මනංකල්පිත චරිතයක් කියලා මම කිව්වනේ.ඒවගේම තමා ඔහුගේ යාළුවා වුනු දොස්තර ජෝන් එච්.වොට්සන් සහ තවත් ස්කොට්ලන්ඩ් යාඩ් එකේ සිටි ලෙස්ට්‍රේඩ් සහ ග්‍රෙග්සන් වැනි චරිතත් මනංකල්පිත චරිත.ඉතින් ඒ වුනාට ශර්ලොක් හෝම්ස් කිව්වම කාගෙ හිතෙත් මැවෙන රූපයක් තියනවා මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා.ඒ වගේම තමා වොට්සන් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා කවුරුත් එකවගේ හිතනවා.ඒක නිසාම ගොඩක් අය හිතනවා මේ ශර්ලොක් හෝම්ස් ඇත්තටම ජීවත්වුන කෙනෙක් කියලා. මෙන්න මේ විදිහට ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් වෑනි මන්ංකල්පිත චරිත සැබෑ රුවට නැගුවෙ මුලින්ම "The Strand” සඟරාවේ චිත්‍ර ශිල්පියා වුනු සිඩ්නි එඩ්වර්ඩ් පැජෙට් තමයි.ඔහු විසින් අදින ලද සෑම චිත්‍රයකම පාහේ ඔහුගේ නම කෙටියෙන් "S.P” ලෙස හෝ "S.Paget” හෝ " Sidney Paget” ලෙස සදහන් කරලා තියෙනවා දකින්නට පුලුවන්.1908 ඔහුගේ වියෝව වනවිට ඔහු ශර්ලොක් හෝම්ස් වෙනුවෙන් චිත්‍ර 300ක් පමණ The Strand සඟරාව වෙනුවෙන් නිර්මාණය කර තිබුනා.ඔහුගේ වියෝවෙන් පසු වෙනත් චිත්‍ර ශිල්පීන් විසින් ශර්ලොක් හෝම්ස් කතා වෙනුවෙන් චිත්‍ර නිර්මාණය කලා.කොහොමවුනත් අදටත් ශර්ලොක් හෝම්ස් කිව්වම කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ සිඩ්නි පැජෙට් විසින් අදිනලද ශර්ලොක් හෝම්ස්ම තමා.පසුව පැමිණි ශර්ලොක් හෝම්ස් චරිතය ඇසුරෙන් කරන ලද දෘශ්‍ය නිර්මාණවල සාර්ථක අසාර්ථකත්වය පවා එම චරිතය රගපෑ නලුවාගේ සහ පැජෙට්ගේ කල්පිත ශර්ලොක් හෝම්ස් අතර ඇති රූපයේ සමාන අසමානකම් බලපෑවා කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ. ඉතින් මම මේ දක්වලා තියෙන්නේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් ලියන ලද ශර්ලොක් හෝම්ස් කෙටිකතා 56 සහ එම කතා "The Strand"සඟරාවේ පලවන විට පලවුනු චිත්‍ර ඇතුලත්වන පොතක්. මේ පොත හොයාගෙන බලන්න පුලුවන්නම් බලන්න ගොඩක් ලස්සනයි.මේ පොතේ මේ තියන මුද්‍රණය 1989 දි මුද්‍රණය වෙලා තියෙන්නෙ.මම කියවන්න බලන්න ගත්තේ ගමේ පුස්තකාලේ (Finland) තිබිලා.පොතේ පිටු ගාන පිටු 992යි.චිත්‍ර සංඛ්‍යාව 250කට අධිකයි.සින්ඩි ඇන්ඩ් රෙඩ් සින්ඩි ට රෙඩ් හමු උනේ කාලෙකින්. රෙඩ් ලොකු ෂොපින් සවාරි යක් ඉවර කරන් උන්නෙ. මොනවද මේ.. සපත්තු. අයියෝ...සින්ඩි හිනා උනා. Cafe එකක මූනෙන් මූන බලන් දෙන්න හිනා වෙවී වාඩි උනා. ඉතින් princess එලා.. ඔව්, රෙඩ් රයිඩින් හුඩ්.. සින්ඩි...සින්ඩරෙල්ලා. බාල් නැටුමට පස්සේ They lived happily ever after කියා තිත තිබ්බට එහෙම ම නැහැ.. ඊට පස්සේ උනත් ගලා යන කතා තියෙනව. රෙඩ් ඇඳලා හිටියේ tank top එකක්. සින්ඩි කොට මල් ගවුම ක්. රෙඩ් ඇය දිහා බැලුවේ ආසාවෙන්. මෙහෙම දැක්ක නම් මෙයා ව Prince එදා නටන්නේ වෙන නැටුමක්.. අනේ , අනේ රෙඩ් ඔයා මේ මිනිස්සු හිතන අහිංසක ලමයා නෙවී දැන්. සින්ඩි හෙළුවේ අමනාප බැල්මක්. ඉතින් කුමරිය කියන්න.ඇයි මාව හමු උනේ ? Prince වෙනස් වෙලා. ඕ..ඒකයි මේ. මට හිතෙනව එයා වෙන කෙනෙක් ළඟට යනවා කියා. ඕ..මයි මයි.. මේ වගේ ඉටි රූපයක් තියා ගෙන. අනේ මේ රෙඩ්.. දන්නවානේ පිරිමි ගැන. දැන් මම කොහොමද help කරන්නේ ඔයා ට සින්ඩි. මට ඔත්තු කාරයෙක් විදියට අර පොරෝ කාරයා එවන්න බැරි ද? ම්ම් එයා.. මේ රෙඩ්., ඉස්සර මම හිතන් උන්නෙ එයා ,අර යහපත් දර කපන්නා ගෙ , මුණුබුරා කියලා. දෙන්නම හිනා වෙනවා. මට Prince ගැන ඔත්තු බලන්න එයා ඕන ලමයෝ. අපෝ ඒ මිනිහා ඒ තරම්ම හරි නැහැ අනේ.. මට වෘකයා ගැනවත් කීවේ නෑ සින්ඩි. මාව බේරා ගත්තා තමයි ඉතින්... ආ මේ රෙඩ්... කොහොමද granny එහෙම.. එයා මැරුණු බව දන්නේ නැහැ නේද..මම ෆෙයරි ෆේස් බුක් දැම්මා news එක. අනේ මට ffb යන්න කොහෙද වෙලාවක්.. මාලිගාවේ agenda එක හෙන තද එකක් මචෝ. එතකොට ගෙදර..granny ගේ..? ඒක ඒ දවස් වලම හොටෙල් එකක් කරා. ඒ කැලෑව දැන් නැහැ. හැබැයි වෘකයෝ නම් එමට..දැන් ඉන්නේ වෙන form එකකින්..ඒත් තවම ගෑනු ගිලින ව අනේ. ඔයා සින්ඩි ,ඩෙෆා සැප විඳින නිසා ,ඉස්සර අළු මුල්ල මතක නැහැ නේද..? අනේ රෙඩ් , කුමාර යෙක් ට වඩා වෘකයෝ හොඳයි අනේ. ග්ලැමර් පමණයි. මේ අර... සින්ඩි, රෙඩ් බැලූ දිහා බැලුවා.. Rapunzel.. නියමයි එයා දැන් ෂෝට් හෙයා කට් එකට නේද.. රෙඩ් ගෙ හිනාව වැඩි ද මන්දා, ළඟ ටේබල් එකක ,කොල්ලො දෙන්නෙක් බැලුවා. මම, වෘකය ගෙ කටටම ගිහින් ආවේ..උඹල මොක්කුද. වගේ බැල්මක් රෙඩ් හෙළුවේ. රෙඩ් දවසක් මට ඇහුන ලමයෙක් අහනවා අම්මා ගෙන්.. අර snow White අර තරම් සුදු උනේ අම්මි වගේ වයිට්නින් injection එකක් ගහලා ද කියා. ඔව් අනේ.. ඔයා දන්නවා ද සින්ඩි ඔයා ට කියන ඒවා.. කොහොමද අම්මි spell එක නැති වෙද්දි සින්ඩරෙල්ලා ගේ ෂ
ූස් වැනිෂ් නොවුනේ කියා. දැන් ලමයි හරි පණ්ඩිත පණ්ඩිත යි. එයාල ට හැබැයි Harry Potter ගෙ මැජික් නම් අවුලක් නැහැ. අර බියුටී ට උනු දේ දන්නවාද ඔයා.. නෑ රෙඩ්.. ෆෙයරි ගොසිප් වල තිබුනෙ.. බීස්ට්, බියුටි ව separate කරන්න හදන්නේ.. ආ. අනේ ඕවා දැන් අපි ගැන මොනවා කියාවි ද දන්නේ නැහැ.. මම දැන් යන්න ඕන රෙඩ්.. ගාඩ්ස් ල ට ගණනක් දීල පැන්නේ. අනික් නපුරු කුඩම්මා එනවා අද.. සින්ඩි කලබල උනා.. ඇය ගියේ සපත්තු දෙකම තියද්දී.. රෙඩ් ට හිනා ගියා. ඇය නැගිටින්න හදද්දි bag එක බිම වැටුණා.. චුටි මැණික ට නින්ද යන කම් කියෙව්ව සූරංගනා පොත අතින් වැටෙන කම් මම ත් නිදා ගෙන... හ්ම්..දුංහිඳ හීන - (හත ) "ආ... හඳුනෝ....? ම්... මට වැරදුනා . දැන් හ‍ඳුන නෙවෙයි ..සඳුන් සිරි නෙව... තුඃ නොදකින්...!! " ගුණසිරියා .. තව එකෙක් එක්ක.?. ඌ මෙහෙ මොනා කරන්නේ..?ඌ කොහොමත් හඳුනයිය එක්ක නොරොක් එකේ හරහටම තමයි කතාව .. මං ඩිංගිත්තක් ඉඩ දුන්නේ මුං දෙන්න පීල්ලට බහින පඩි ගැට්ටටම ආව හන්දා . "අර ... කණකොකා උගෙ සරීරෙ කිරිපාටට පෙන්නං උන්නට ඒකා ලැගල ඉන්නෙ මඩ ගොහොරෙම නෙව.. ඒවගෙ තමා මේකෙ ඉන්න උනුත් . මොකෝ.. නං ගං මාරු කරා කියල උපන් ජාතකේ වෙනස් වෙනවයැ බං.." "මොකක් ඒ හරුපෙ ..? " හඳුනයියා උන් තැනින් නැඟිට්ටේ සරං කොටෙත් කැහැපට ගහගෙන ...හොඳකට නෙවෙයි වග මට තේරුනා. මං හඳුනයියගෙ අතින් ඇද්දෙ විගහට එතනින් පිට වෙන්ට හිතාන. "උඹ නං ගං වෙනස් කොරගන්ඩ බදුලු ගිය විත්තිය ආරංචි උනා. ඒකයි මං කිව්වේ.. හඳුන ... හඳුනාමනෙ කියල .. මොකෝ උඹ සඳුන්සිරි වුනා කියල මේකෙ උන් උඹට මහත්තය කියල කතා කොරයියැ බං.. ? " හඳුනයිය පැනපු හැටියෙ ගුණසිරියගෙ බෙල්ලෙන් අල්ල ගත්තා. අනිත් එකා පහු නොබලා දුවන්ට ගත්තෙ ඌ ආයි හඳුනයිය ගැන නොදන්නවයැ..ගුණසිරියව පීල්ල අහ ගල් දෙබොක්කෙට හිර කරගත්තු හඳුනයියා උගෙ මූණටම දෙකතුනක් ඇන්නේ.. "මට උඹත් එක්ක බේරගන්ට දේකුත් තියෙනව" කියාන. ඉන්තේරුවෙන්ම ඔය මට හදාපු පද වලට වාඩුව ගන්ට තමා. "මේ අහිංසක එකීට ආයි හෙම අළුගුත්තේරු කතා කියල තිවුනොත් මං උඹ තියන් නෑ .. උඹේ මහ ගෑනිටත් කියාපන් මං ආයි තොපිලගෙ කක්කුස්සි හෝදන්ඩ මේකිව එවන්නෙ නැතිය කියල .." ගුණසිරියා තිත්ත කුණුහරුප දෙක තුනක් කියාන බඩවැටිය අහට පැනල දිව්වා. කටේ පැත්තකින් බුලත් කහට පෙරෙනව වගෙයි උගෙ කටෙන් ලේ වැක්කෙරුනේ.. මයෙ කකුල් ගැහෙන්ට ගත්තේ ඊගාවට උං ඕවට වයිර බැඳ ගත්තම විසඝෝර සරුපයො වග දන්න හින්දා . "නොසංඩාලයා...හොරාට පෙරන දහ ජරාව කටේ ගහං ආව මෙතන මාව ආංඩුමට්ටු කොරන්ඩ.." "අයියණ්ඩි... අර නමේ කතාව මොකක්..? " "ආ.. ඔව් නගා.. මයෙ හඳුනා කියන නම සඳුන්සිරි කියල වෙනස් කොරගන්ඩ හිතුවා. ඒකට බදුලු යන්ඩ වුනා කීප විඩක්.. " හඳුනයියා නම් ගම් මාරු කරාන ඊළඟට ගමේ මුදලාලි කෙනෙකුත් වෙයි මේ යන විදිහට. මොනා වුනත් හඳුනයියගෙ පිරිසිදු හිතට කිට්ටු වෙන්ට තාමත් මට බැරිවුනා නෙව. "හඳුනා... බත් ඩිංගක් කාලම ගියානං.. මේකි උයා ඇත්තෙ මයෙ හිතේ.." අප්පුච්චා කොහොමත් හ‍ඳුනයිය වේළසනින් ඇවිත් යනව්ට මනාප නැත්තේ කාංසිය හින්ද වෙන්ට ඇති . ඔහෙ බලාගත්තු අත බලාන ඉන්න පුරුද්ද යන්තං හරි නැතිවෙන්නේ හඳුනයිය ආවහම විතරයි .මං බත් මුට්ටිය ලිපෙන් බාල ආයිත් වතාවක් කූරු ගෑවේ දුං දාද්දි බෙදන්ට අමාරු හින්ද .ඉඳලොළු මාළුව එක්ක බත් මුට්ටියක් කෑ හැකියි කියල හඳුනයිය නිතරම කියන හින්දම මං වැංජනේ ටිකක් වැඩිපුර බෙදුවා . "ආයි මස් නොකෑවට මක්ක වෙන්නෙ.. මේ තියෙන්නෙ අපූරුවට මස් වාගෙම උයල.. නැන්දම්මගෙ අත් ගුනේම තමා නඟාටත් තියෙන්නෙ..." ඉන්නල කිරට උයල, පොල් සම්බෝලෙයි ඉඳලොළු මාළුවයි එක්ක හඳුනයිය හරි මනාපෙන් බත් ඩිංගක් කෑව. අප්පුච්චට සුරුට්ටුව වරදින්නෙ නෑ හඳුනයිය ගේන හින්ද. ඒත් එයා ඔය දුසිරිත් වලට කැමති නෑ අප්පුච්චගෙ කීමට ගෙනත් දුන්නට.. මස් මාංස වලට මනාපෙකුත් නෑ. දාහකින් හොයා ගන්ට බැරි ඉළංදාරියෙක් කියල හැම එකාම කියන්නෙ ඒ හින්ද නෙව . මං හඳුනයියට හෙට අනිද්ද ගම ගෙනියන්ට බෙලිමල් , පැණි හකුරු ඩිංගක් ලෑස්ති කරා. අප්පුච්චා නිතරෝම මේ කටයුතු අහවරක් වෙන්ට ඕන කියන එකෙන් මට හඳුනයිය ගැන තියෙන්නේ සහෝදර කැක්කුමක් විතරයි කියල කියාගන්ට බැරිවෙනවා. මං තිස්සෙම ලතවෙන්නේ ඒ ගැන.. මට හඳුනයිය මයියංගනේ ගියාම දැනෙන්නෙ ආරස්සාවක් නැති වගක් විනා වියෝග දුකක් නෙවෙයි . ගුණසිරියගෙන් බේරෙන්ට මං පුළුවන් තරං යසා නැන්දල එක්කම උන්නා. එකාතකට ඌට බයවෙලා කොහොම...? මේ කාලේ දුංහිඳ බලන්ට එන සෙනඟට මොන මොනාවත් විකුණලා කීයක් හරි හොයා ගන්ටත් එපැයි ..? අම්මයෙ අවුරුද්දේ දානෙ කටයුතු අහවරක් කරල මයෙ මංගල්ලෙ කටයුතු ගැන හිතමු කියල අප්පුච්චට මුසාවක් කිව්වේ.. හිත එකලාසයක් නැති හින්ද. මයෙ කරුමෙට හීනෙකින්වත් නොලැබෙන දේකට ඇලී ගැලිච්චි හිත බලහත්කාරෙන්වත් එතනින් අහක් කරගෙන හඳුනයිය ගාව එක්තැන් කරගන්ට මං උදේ හවහ වෑයං කරනව. ඒත් මට ඒකට පිං නැතුව වගේ තාමත් මයෙ හිත සුදු මහත්තය ගාවම ගිහින් නවතිනවා ... "හනේ අද මයෙ කොල්ලො දෙන්නත් උන්න නං අද යස ඉළන්දාරි.. උඹට උනත් හයියක් නෙව දුවේ... ? " අප්පුච්චා දෙදොහකට කළින් එළියෙ ගිනි මැලයක් ගහං ගිනි තපින ගමන් මට කිව්වේ කවදාවත් නැතුං.ඒත් මට හිතුනා ඇයි උන්දැ හේම කිව්වෙ කියල..? වයසට වඩා අකළට රැළි ගැහිච්ච,දුක්ගිනි උහුලලාම හීං ගැහිච්ච දෑහ දිගේ කඳුළු කැට දිළිහෙන්න වගේ දැක්කම .. මයෙ දෑහටත් ඉබේටම කඳුළු ඉනුවා. "උඹලෑ අම්ම මියැදිච්චි වෙලෙත් මට මතක් වුනේ අපිට පූරුවෙ කරුම වෙන්ඩැ හැමදේම අහිමි කොලා මිසක් හිමි විච්ච දෙයක් නෑ කියල මයෙ දුවේ.....? " පොරවං හිටපු සරොං කඩමාල්ලෙන් දෑහෙ කඳුළු පිහදගත්තු අප්පුච්චාගේ මැලවුනු මූණ තිස්සෙම මට මැවිල පේනවා. මොනා හිතිලද කවුද්දා අප්පුච්චා ඔය වාගෙ දේවල් දොඩන්නේ...? මට බාල එවුන් දෙන්නම කැළෑ උණෙන්ලු නෙව මියෑදිල තියෙන්නේ. හෙනං අපේ පවුල ලොකු පවුලක්....කොයි තරං කලඑළියට ඉන්ට තිබුනද.. ? ඒත් එව්ව අපි උපන්න කොට ගේන අවාසනාවල්. මං දියෝනිස්ලගෙ ගෙදර යන්නෙ අප්පුච්චට ඔය එළකිරි කෝප්පයක් ඇන්න එන්ට ඕන උනොත් විතරයි . එහෙම දවසක මියුරින් මට අඬ ගැහුවේ රහසක් කියන්නා වගේ හිමීට . "ඈ ජිනෝ...? මොකෑ මේ උඹට ගහෙන් ගෙඩි එන්නැහේ මේකෙ එකාල කියන කයි කතා..? එහෙන් අර අමරවතියත් දමා ගහල ගොහිං කියන්නෙ උඹ හින්දලු නෙව..? අර හඳුනව මිනීමරුවෙක් කරන්ටද ජිනා උඹ තනන්නෙ.? පෙළක් වෙලාවට හිතෙනව බැඳපු එකෙකුට වත් ඉන්ඩ දෙන්නෑ නෙවද මේකෙ ඉන්න එකීල කියල. මාත් ඉතින් ඇ‍ඹිලිපිටියෙ ඉඳන් මෙහාට ඇවිල්ල අවුරුදු දහ පාළොහක් වුනානෙ..? අපේ දියෝනිස් එක්ක මං ආවට මෙලෝ එකියක් එන් නෑ . මං උන්දැ එක්ක කඩපළේට ගියත් නොදන්න උං අහන්නෙ මයෙ අප්පුච්චද කියල . මොකෑ උන්ද කාස රෝගෙ හන්ද ඇවිදින දර හැවක් වාගෙ වුනා නෙව..? ඒත් එහෙම උනා කියල මං ඔය අනුන්නෙ මිනිහල දිහා ඇහැක් ඇරල බලල නෑ.. අම්මාපල්ලා.." "අනේ මියුරි අක්කෙ!ඔය මොන බොරු කතාද මේකෙ උන්ට කට පියාන ඉන්ට බැරුං කියන කතා .ගුණසිරියා මා පස්සෙන් එන්ට ගත්තට මං ඌව මගෑරලා උන්නෙ පුළුවන් තරං .... හඳුනයියත් ඒ වග දන්නව නෙව..." "හරි හරි.. උඹ පරිස්සං වෙයං කෝකටත්. නගා බොට පුළුවන් නං මේ එළකිරි බෝතල් දෙක තුනක්වත් විකුණල දීපංකො. උඹත් ඔය කීයක් හරි තියාගනිං මහන්සියට..." "මට කාසි ඕනන් නෑ .ඕක විකුණගන්ට නං ඇහැකි ..." මට මතක් වුනේ සුදු මහත්තයා.පහුනු ටිකේ මුණ නොගැහුනත් රාමනායක බංගලාවට එනව ඇති ඉන්තේරුවෙන්ම .. හීං සීරුවේ කිරි බෝතල් දෙහෙකුත් අරන් යන්ට ඕන. මට එදා දුරුතු පෝයදායින් පස්සෙම හදි ගැහුන් නැති එකේ දෑහත් කෙවෙනව වාගෙ ඒ රූපෙ දකින්ට නැතුව. මං පහුන්දා උදැහැනැක්කෙම අවදිවෙලා වතුර කළයක් ඇන්න එන්ට යන ගමන් පීල්ලෙන් හීතල වතුර ඩිංගකුත් නාගත්තා. හීගඩු පිපෙන හීතල...ඒත් මේ පාන්දර ජාමෙ මොකෙක්වත් ඇහැ ගැහෙන් නැති එක මයෙ හිතට හොඳයි. යාන්තං පුස්සැල්ලා කන්ද මත්තෙන් ඉර එළියක් වැටෙන්ට මාන බලනවා....ඒ පැත්තෙ කඳු යායටම මීදුම බෑවිලා. ආකහෙත් රිදී පාටට ...බලන්ට ලස්සනයි. මං කර වටෙත් තව චීත්තයක් ඔතා බොතා ගෙන කළ ගෙඩිය අරං පිල උඩින් තිබ්බා. මියුරි අක්ක ගැටගහල දුන්නු කිරි බෝතල් දෙකත් ඇන්න මං හීං සීරුවෙ බැද්ද මැද්දෙන් වැටිච්ච මංකඩෙන් රාමනායක මහත්තයල බංගලාව පැත්තට ගෑටුවෙ .. ඉර අව්ව වැටෙන්ට කළියෙන් යා ගන්ට ඇහැකි හින්ද. මේ පැත්තෙන් ගියොත් හාමිනේලගෙ කඩපළ මගෑරල යන්ටත් පුළුවන්. මං රාමනායක බංගලාවට සේංදු වෙනකොට වෑර්ලස් එකේ සින්දු යනව.. ඔය සිංදු දාගෙන ඉන්නෙ නං ඒකාන්තෙන්ම චින්ත බේබි වෙන්ට ඇති . ඒත් චින්ත බේබිල අහන්නෙ ඉංගිරීසි එව්ව නෙව . මේ යස අපූරු හිංගල සිංදු යන්නෙ...? "වරෙන් හීං සැරේ.. වරෙන් හීං සැරේ.. වරෙන් හීං සැරේ....රිදී වළාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ.. ඇයි සැලී සැලී සර සර ගා හඬන්නේ තුරුලියේ නිදන් තුරුහිමියා තුරුල්ලේ වරෙන් හීංසැරේ රිදී වළාවේ... " ඒ මිහිරි කොමට මං එහෙමම නතර වෙලා ඩිංගිත්තක් අහං උන්නා ..හරියට බාවනාවක් වගේ. මට මැවිල පේන්නෙම දුංහිඳ ඇල්ලෙන් වතුර කඳ බිම වැටෙන කොට හතර වටේ විහිදෙන පිනි කැට හරියට දුමාරයක් වගේ විහිදෙන තාලෙ.. ඉන් පස්සෙ හීංසැරේ ඔහෙ නිල් කැටේ වගේ ගලාගෙන යන අයුර ඒ සිංදුවෙ තාලෙට මයෙ හිතේ මැවෙනව. කුස්සිය පැත්තට යන්ට හැරෙන කොට ඉස්සරහ දොර හෙමීට ඇරෙන සද්දෙන් මං ආපහු හැරිල බැලුවම එළියට ආවෙ හීං අප්පු. "ම්...එළකිරි වගයක් ගෙනාව....හීං අප්පු අයියා ...කොයි රාමනායක මහත්තයා ...? " "ලොකු මහත්තයා වත්තට ගෙහුං . චින්ත බේබියි ඇලෙක්ස් මහත්තයයි කොළඹ. උඹ ඕක ඇන්න පලයන් . මෙහෙ ඔව්ව බොන්ට ඉන්නෙ කවුරු... ? බේබිල බොන්නෙ රටකිරි නෙව ...ටින් වල එන එව්වා.." "කොළඹ රටේ ..? ඒ අහ ගියෙ මොනාට?" "ඒ වගක් උඹට මොනාට...? ඒ ඇත්තන්ගෙ වංහුං හොයන්ට තරං කුළප්පුවක් නෑ බං මට. අපිට මොනාට එව්වයෙ විත්තියක් .. ? මං ආයිත් යන්ට හැරුනා . මයෙ හිත රිදුනේ හීං අප්පු කිරි බෝතල නොගත්තු එකට නෙවී.. සුදු මහත්තයයි චින්ත
බේබියි තනි පංගලමේ කොළඹ රටේ ගිය වග දැනගත්තු එකට. මයෙ හිත පුදුමාකාර විදිහට අකුණක් කෙටුව වගේ දාල පිච්චිල ගියා . මං හිමින් හිමින් බැද්ද මැද්දෙන් තියෙන මංකඩේ දිහාට හැරුනා. මයෙ හිත රිදෙන, ඇවිලෙන දේවල් මෙයිට වඩා අහන්ට සිද්ද වෙයි තව ඉස්සරහට. මොකද සුදු මහත්තය මට කිට්ටු වෙන්ටවත් පුළුවන් කෙනෙක් ද? හැමදාමත් මං උපමා කරන ඉරහඳ වාගෙ.. මට අත පොවන්ට පුළුවන් මානෙකද ඒ ඇත්තො ඉන්නේ..? මයෙ ඔළුව විළම්බීත වලින් පුරෝගත්තට ඒ ඇත්තො පළියැ එකාතකට..? චින්ත බේබි එක්ක හීං කාළෙ අපි එකට කෙළිහැලේ වැටිල උන්නේ . මං නේන දාට චින්ත බේබිව නළවගන්ට ලේසි නෑ කියල ඉස්සර මයෙ අම්ම කියනව.ඒ හන්ද අම්ම බංගලාවෙ අත් උදව්වට එනකොට මාව කොහොමෙන් හරි එක්ක එන්නෙ බේබිගෙ හිත සතුටු කරන්ට කියල. හීං සංදියෙත් බේබි කොයි කාටත් කරුණාවන්තයි . ඒත් දවසක් මා අතින් චින්ත බේබි ඕවිල්ලෙන් බිමට වැටුන කියල මයෙ අම්ම මට හොඳටම තැලුවා.දැන්නං ඉතින් බේබිට අපි අමතකත් ඇති . මතක ඇති කාළෙ ඉඳන් චින්ත බේබි උන්නෙ එයාගෙ අම්මගෙ රටේ ඒරොප්පේ.. නෙව ...? ආයිත් කවදාවත් රාමනායක බංගලාවෙ පය ගහන්නෑ කියල ඉස්තිරේටම හිතාගෙනයි මං ආපහු ආවෙ. කිරි බෝතල් දෙක දෙන්ට වත් මට හාමිනේලයෙ කඩේට ගොඩ වෙන්ට හිත්දුන්නෙ නෑ. උදේ පාන්දර මොකට ආඬපාලි අහනවද.. ? අද මහ මුස්පේන්තු දවසක් .හඳුනයිය දන්නවනං මට සෝලි තියයි. මට වෑර්ලස් එකේ සිංදුවක් අහන්ට ලැබිච්චි එක විතරයි සෙතකට උනේ. මං වෑර්ලස් එකේ සිංදු අහන්ට පුදුම තරං ආසයි කියල දොහක් හඳුනයියට කිව්වම එයා කිව්වෙ ඔව්ව මොනාද නඟා ඔයිට වඩා අරුම පුදුම දේවල් දැන් තියෙනව නෙව කියල .හඳුනයිය ගිය වංගියෙ කොළඹ රටේ ගිහින් දැකපු අමුතු කතා ටිකක් කිව්වෙ. එව්ව අහං ඉන්ට පුදුමයි . අපේ රටේ දැන් බයිස්කෝප් කියල පිංතූරු කතා හදනවලු. එව්ව පෙන්නන තැනකට ගොහිං හඳුනයිය කියනව හෝරා ගානක් ගතවෙනව දැනුනෙවත් නෑ කියල . මාවත් එක්ක යන්ට පොරොන්දු වුනේ . ඒත් ඉතින් හඳුනයිය එක්ක දීගතල යන්න මයෙ හිත හදාගන්ට නෙව බැරි . "උඹට කියන්ට නඟා.. එව්ව බලන්ට නැති දෑහ මොකට කියල හිතෙන තරං අපූරුයි.ඒ බයිස්කෝප් එක බලල අඬාපු නැති එකෙක් නෑ ඕං.. " "අනේ අයියා ඔය අඬා වැළපෙන එව්වට මයෙ මනාපයක් නෑ... දුක හිතන්ට මොකට කාසි දීල ඔව්ව බලනවද..? " හීං එකී කාලෙ හිට ලැබෙන දේකින් සතුටු වෙලා ඉන්ට හුරු විච්ච ජීවිතේ ආයි වෙනස් අහකට යන්නෙ කොහොම?දුක සෝක ඇති පදං විඳල තියෙන හින්ද වෙන්ට ඇති දුක හිතෙන දේවලට මේ තරං හිත බයවෙන්නේ අගහිඟකම කියන එක අපට ඇති පදං ඉවසීම හුරු කරල නෙව තියෙන්නේ. හයක් හතරක් නොතේරෙන කාලෙ චින්ත බේබිල රහ කර කර කන අරුමෝසං කෑම ජාති , බංගලාවෙ බිත්තිවලට වහං වෙලා හිතෙන් විතරක් රහ බලාපු කාලෙකුත් තිවුන නෙව. දැන් කියා ඒක වෙනසක් ඇතැයි ..? හිත අස්සෙ ගන්නාගෙන ඉන්නව මිසක ආස හිතෙන දේවල් කිට්ටු කරගන්ට ඇහැකිය .. බේබිට වගේ...මට...? මම ඔයෙන් එගොඩ මූකළානෙං දර ඉපල් ඩිංගක් කඩාගෙන ඉහ තියා ගත්තා . කොහොමත් ඊළඟට ගස් ගඳ ගහගෙන, දුං කාගෙන බෙලිමල් තම්බන යුද්දෙ නොවැ මට තියෙන්නේ . හවහට ආයෙත් වතුර ඩිංගක් ඇඟට දාගන්ටම වෙනවා. ඉර... ඈත නමුණුකුළින් මෝදු වෙන්න තැතනුවට කොහෙන්දෝ ආව වැහිබීරුමකට ආකාසෙම වහගත්තා. චින්ත බේබිත් මට ඒ වැහිබීරුම වාගෙ වෙයිද කියල හැකයි. ඒත් ඉතින් සුදු මහත්තය ගැන මයෙ හිතේ මෝදුවෙන ආලවන්තකමත් හරියට අර ඉර වාගේ... රූස්ස තුරු අස්සෙන් හෙවන් බෑ වෙද්දිත් කොහොමෙන් හරි කන්ද කපාගෙන ඉර ආකාසෙට මෝදුවෙන්ටම නෙව තනන්නේ ..? අකම්පාල වෙවී උන්නත් මයෙ හිතත් කිව්වෙම සුදු මහත්තය මනාප මටම විනක්කා වෙන කොයි කාටවත් නෙවේ..ය කියලා. මතු සම්බන්ධයි (සේයාරුව අන්තර්ජාලයෙනි)දෙයියෝ සාක්කි! මේ ඇබැද්දිය මට සිද්ධ වුණේ ඊයේ. අපේ පොල් වත්තක් තියෙනවා හලාවත කොක්කවිල. මෑතක ඉදල රිලවුන් ගෙන් මේ ප්‍රදේශයේ වතු වලට වෙන්නේ ලොකු විනාශයක්. වගකිවයුතු තැන්වලට දැන්වුවම කියන්නේ මේ හානිය පිළිබඳව එයාල තාම සාකච්ඡා කරනවලු. ඉතින් දැන් අපි හැමදාම උදේ ඉදල රිලව් එලෝනව. හිනා වෙන්න එපා බොලව්. මේක හරි එපා කරන වැඩක්. අනිත් එක මුං අපිට කිය කිය එන්නේ නෑනේ. ඇම්බූෂ් එකේ තමයි අපි ඉන්නේ. තාම මේ වැඩේට කෙනෙක් කුලියට හම්බ වුණේ නැති නිසා මමම තමයි වත්තේ හේවරාළත් එක්ක මේ වැඩේ කරන්නේ. අපේ උන්දා උදේම නැගිටලා හදල දෙන බත් මුලයි වතුර බෝතල් කීපයයි තේ ෆ්ලාස්ක් එකයි අරගෙන ඇවිත් හේවරාළට එක පැත්තක් බලන්න කියලා මම තව පැත්තකට යනවා. එහා වත්තේ තාරකත්, ඊටත් එහා වත්තේ ලහිරුත් ඇටෙන්ෂන් එකේ සෙට් වෙලා ඉන්නේ. අපේ වත්ත(මම එහෙම ලිව්වේ මේ වත්ත මටයි අපේ උන්දටයි දෙන්නටම අයිති නිසා. මම ගෙදර ඉන්නත් එපැයි) තියෙන්නේ සුන්දර තැනක. පිටි පස්සෙ මායිම විශාල කනත්තව වැව. වැවේ පිට වාන පැත්ත තමයි වත්තට මායිම් වෙන්නේ. වත්තේ එක පැත්තකට වැවට අයත් පොඩි රක්ෂිත වනාන්තර කෑල්ලක් තියෙනවා. වෑකන්ද උඩට නැගල බලපුවාම මේ දර්ශනය පුදුම ලස්සනක්. මේකේ උදේ 9, 10 වෙන කොට ලස්සන වයිවර්ණ කුරුල්ලෝ දහස් ගනනක් ඉන්නවා. දවසම කුරුලු නාද. මේ කැලයම තමයි හෙනේට හිටල තියෙන්නෙ. රිලව් ටික මේකෙන් තමයි එන්නේ. ආපහු රිංගන්නේත් මේකට. මිනිස් පාච්චියක් නැති නිසා වත්ත දිගටම තියෙන වෑකන්දෙත් අඩි 10 ක් විතර උසට කටු පදුරු. ඔන්න ඉතින් මම ඊයේත් මේ ආයුධ වලින් සන්නද්ධ වෙලා පුටුවකට බරදීල මුන් එනකං බලන් ඉන්නව. ඉන්නව කියුවට ඉන්නේ ෆේස්බුක් එකේ. අඩයාලමේ පලවෙන ඒවට වැඩි තැන. ඔහොම ඉන්නකොට පොඩි සද්දයක් එනව මුං එනව වගේ. දෑන් අහන්න එපා මෙච්චර කුරුලු සද්ද අස්සේ රිලව එන එක ඇහුනේ කොහොමද කියලා. ඒකත් කලාවක්. මේ රිලා රංචු වල නායකයෙක් ඉන්නවා. ඔත්තු බලන එකකුත් ඉන්නව. මුං දෙන්නා එන්නේ මාර්ගය සේෆ්ටිද කියල බල බල. ඒක ඌ අනිත් උන්ට දැනුම් දෙනව හිමීට ක්‍රියොක් ක්‍රියොක් කියලා ශබ්ද කරල.( කලබල උනාම මේක සද්දෙට කියනව)මට මේ කිරියොක් එකක් ඇහුනා. විශ්වාස කරන්න ආයුබොවන්ඩ එතකොටත් මම පේස් බුක් එකේ. වැඩේ නවත්තල හඩ ආපු දිහා බැලුවා. ටිකකින් චූටි දුඹුරු පාට දෙයක් පදුරක් අස්සෙන් මතුවෙලා ආයෙත් ඇතුලට ගියා. මම දැන් හෙලවෙන්නේ නෑ. පොඩි කුරුල්ලෙක් කියලයි මම හිතුවේ. ආයේත් මතු වුනා. අම්මද බොල රිලවා. මගේ ලගින්ම. ඌ මාව දැක්ක ගමන්ම පදුර ඇතුලට රිංගලා අනිත් උන්ට අනතුර දැනුම් දුන්නා. දැන් තියෙන එකම විකල්පය රතිඤ්ඤා දාන එක. තුන්වෙනි ඊලාම් යුද්ධය පටන් ගත්තා. එක දිගට රතිඤ්ඤා හඬ. සමහර ගොබ්බ රතිඤ්ඤා පුපුරන්නෙත් නෑ. " පොග් " ගානව විතරයි. දැන් මුං ටිකක් ඈතට යනව වගේ. මගේ තාත්තා ආරක්ෂක අංශක හිටපු නිලධාරියෙක්. එයා අපට කියල තියෙන්නෙ සතුරා පැන යන විට එලව එලව පහර දෙන්න උන් ආයේ සෑහෙන කාලයකට එන්නේ නෑ කියලා. මට මගේ තාත්තව මතක්වුනා. මම එලව එලවා රතිඤ්ඤා වලින් පහර දුන්නා. මුං පේන්න නෑනේ. ශබ්දය එන පැත්තට තමයි පහර දෙන්නේ. හුටා මෙන්න මුං ටික අර කැලේට රිංගුව. මමත් ඇරියේ නෑ. ඊලගට මල්ටි බැරල්. ඒ කිව්වේ අහස් කූරු. ඒක කොහොමද මල්ටි බැරල් වුනේ? මෙහෙමයි,මං ගාව අඩි 4 විතර උස අගලේ GI බටයක් තියෙනවා. ඒකට අහස් කූරු දෙක තුනක් එකපාර දාල ලයිටරේ දැල්ල වැඩි කරල සෙට් එකටම ගිනි තියපුවම ඒක මල්ටි බැරල් වෙනව. මම මේ මල්ටියත් අරගෙන අර වෑ කන්දේ පදුරුත් දෙබෑ කරගෙන සතුරාව හබාගෙන ගියා. අත පයත් හූරගෙන වෑකන්ද උඩට ආව කියමුකෝ... මල්ටිය පත්තු කරන්න බෑ. වැවෙන් එන තද සුලග. ගැහුවට ගැහුවට ලයිටරය ගිනි දැල්ල නිමෙනව. අරුං යන්න කලින් සංග්‍රහ කරගන්න බැරුව ඇග නලියනව. ඊලග විකල්පය. ලෝඩ් එක අයින් කරලා එක අහස්කූරක් දැම්මා. ටිකක් පහතට කරල පත්තු කරල රිලව් ටික සද්ද කරන දිහාට ඇල්ලුවා. ගුවන් ගත වෙච්ච අහස්කූර අඩි කිහිපයක් ඉස්සරහට ගිහින් වැටිලා "පොග්"ගෑව. නොදකිං, අහස්කූර හදපු එකාගේ අම්මව මතක් වුණා. තව එකක් ලෝඩ් කරා. අර විදිහටම පත්තුකරල ඇල්ලුවා. මෙන්න අහස්කූර යනව. ගියාට මොකද පිපිරුවේ නෑ. ෂූස් ගාල ගියේ ඉරට්ට විතරයි. ඒපාරනම් මට අහස්කූර ෆැක්ටරියේ ඉන්න සියලු දෙනාගෙම අම්මලව මතක් වුණා. අසාධාරණ ද කියන්නකෝ?මම ඒත් ඇරියේ නෑ. තුන්වෙනි එකත් ලෝඩ් කලා. ලයිටරය අතට අරං පත්තු කරන්න බලනකොට තමයි දැක්කේ, රතිඤ්ඤා දාල දාලා මගේ අත් දෙකේ තනිකරම වෙඩි බෙහෙත් ගෑවිලා. ලයිටරේ දැල්ලට අත්දෙක නිලා දෙකක් වගේ ඇවිලේවි කියල බය හිතුනා. ඕයාල දැකල තියෙනවද නිලා වගේ ගැජට් දෙකක් අත් දෙකේ තියාගෙන රාත්‍රී කාලයේ ධාවන පථයේ ගුවන් යානා හසුරවන අය. අන්න ඒ වගේ. සැලුන් නෑ. ඕන පු#@ක් ප්‍රිති වෙසක් කියලා පත්තු කලා. තාමත් මට කින්ඩියට ඇත ගස් අස්සේ හැංගිලා කෑගහන රිලා ගැන්එක ඒම් කරා. එතෙක් මෙතෙක් මම යවපු සුපිරිම අහස්කූර. ලොකු සද්දයක් දාගෙන ගිහින් වෑකන්දට පහලින් තියෙන අර රූස්ස ගස් අස්සට ස්ථාන ගතවුණා. පලාතම දෙගුම් දීල පිපිරුනා. හරියටම රිලා රංචුව අස්සේ. මට හරි සංතෝෂයි. රිලව් ටික නන්නත්තාර වුනා. සද්ද නෑ. පපුව පුරෝල හුස්මක් අරං අත් දෙක ඉනට අරං හුස්ම පිට කරල ජයග්‍රහීව බැලුවා. ආන්න එතකොට තමයි මිත්‍රවරුනි වැඩේ උනේ........ මට චූටියට අමුතු සුවදක් එනව. ටිකක් බැලුව. රෙද්දක් පිච්චෙනව වගේ. මම අහස්කූර ඇරිය තමයි. ඒක ගිහින් රිලා සෙට් එක මැද පිපුරුව. ඒකත් හරි. අවුලක් නෑ. පිපිරුමෙන් රෙද්දක් ගිනි ගන්න රිලව් ඇදුම් ඇදල හිටියෙත් නෑ........ඒත් එක්කම මගේ දකුණු කකුලේ දනහිසට ටිකක් උඩින් චුට්ටි රස්නයක් එනව. නැමිල බැලුව. "දෙයියෝ සාක්කි" . බුරුලට පහසුවට කියලා උදේ එනකොට ඇදගෙන ආපු මගේ අලුත්ම "adidas" ෂෝට් එක ගිනිගන්නව. අහස්කූරු හදපු එවුන්ගේ............. ________________________________________________අඩමට කතාවක් ලියන්න හිතිලා ගොඩක් කල්. මේකේ යන රස කතා වලින් වෙහෙස නිමෙනව. ජිවිතේ ලබපු අත්දැකීම් හා වෙච්ච අකරතැබ්බ මෙතෙකැයි කියන්න බෑ. ඒව ඔක්කොම මේකේ කොටන්න වෙලාවක් නෑ. ඇරත් ඒ පතරංග අකරතැබ්බ ලියුවත් ඒක ලොකුපොතක්. අද මේක දැම්මේ අදත් මම වත්තේ වාඩි වෙලා පල්ලෙහා තියෙන මගේ වෙපන්ස් ටිකත් එක්ක අදත් අර පර රිලව් ටික එනකං ඉන්න අතරෙයි.
ඔය කිව්ව ස්ථාන මගේ වටේ මේ වේලාවේ තියෙනවා. ඒ ටිකත් දැම්මොත් හොදයි කියලා හිතුනේ මේක ලියන අතරේ. ඇඩ් කරන්න බලන්නම්. බැරි වුනොත් පල්ලෙහා කොමෙන්ට් එකට දාන්නං.ආ.... කලිසම පිච්චුනේ අහස්කූරේ බෑක් ෆයර් එකත් එක්ක ආපු ගිනි පුපුරකින්. මගේ කලිසම විනාශ කරාට අහස්කූරු ෆැක්ටරියට මොකද කරන්නේ කියල මම දැන් හිතන්නේ......#මගේ #මළගම විනාඩියක් අරන් කියවන්න මුඩුව ගිය පොල්තෙල් ගිනි දැල්ලට එක්වී නැවුම් පුසුඹක් සමග සුළං රැල්ලට එක් වී දින තුනක් මුළුල්ලේ දෙනෝ දාහක් අබිමුවේ නාස් පුඩු හා ඔබ මොබ සැරිසරා ගිනිකොණ දෙසට පාවී යයි. වෙනදා ඒ මේ අත සිනාසුණු බිත්තිමත ඇදි පුවරු නිසොල්මනේ සුදු රෙද්දට යටව ඔසප් වූ ගැටිසියන් මෙන් සැගව ඇත. නිසොල්මනේ දිවා කාලය කන්ද පාමුල පාසලේ සීනු නද හා යා කරන් කන් යොමා සිටි නමුදු වෙනදා මෙන් ඒ හඩ නො ඇසෙන තරමට බැලු බැලු අත කාණ්ඩ වශයෙන් කසු කුසුව නිමක් නැත. ජීවිතේ පළමු වතාවට ඒකාකාරී ලෝකයක නිහඩව නිසංසලව දීප්තිමත් ශ්වේත වර්ණිත උඩු වියන දෙස බලා දෑත් එකිනෙක පටලවා සිටින පළමු හා එකම අවස්ථාව දැන් විදිමින් සිටිමි. ගිණිකොණට ගලා යන සුළං රැල්ලට ඊසාන දෙසින් ආ මල් වඩමෙ මල් සුවද ඉවසාගත නොහී විටින් විට විටින් විට නොනවත්වා දැල්වෙන පිත්තල පහන් සිල නිවෙන්නට යන සෑම මොහොතකම එකම දෑතක් එකට එක් කොට වලක්වන අපූරුව අංශු මාත්‍රයක් වත් දකින්නට මට හිස එසවිය නොහැක. මා සිරවී ඇත. එක් නිමේෂයකට මා හිස ඉහළ ඇති ඒ පහන පසෙකට ගන්නෙ නම් එවිට මට පැහැදිලිව එය දැක ගත හැකි වනු නොවනුමානය. කෙළි කළ පටන් සැදුණු වැඩුණු මිතුරන් ඇවිත් ඒ ක්ෂණයකින් පිටව යනු පෙනේ. ආ සියල්ලෝම කා බී සතුටු වී ආචාර කර නික්මෙන අතර කොලු ගැටවුන්ට නම් මගේ මළගම රජ මගුලකි. ඇතැම්හූ ඈතින් කොක් හඩ පාමින් පැමිණ ආරූඪ කරගත් ඇඩියාවක් පාමින් කා බීම පිටව යති. මගේ දෙමාපියන් මා හැර මොලොව ගිය දින දවස් ගණනක් කුසගින්නේ බලාගත් අත බලාගෙන සිටි අයුරු මට සිහිවේ. එනමුත් මගේ පරපුර මෙයින් නිම්ය. ලෙයින් ජාතක කිසිදු දරුවෙකු මෙලොව උත්පත්තිය ලබා නොමැත. එහෙයින් දින ගණනක් බලාගත් අත බලා ඉන්නට වත්කමක් නොමැත. හැන්දෑ කාලයේ එදා ළගින් වත් යන්නට අකැමැති කන්ද පාමුල සොහොන් කොත සින්නකරවම ලියා දීමට සුදු කොඩියෙන් මග වටා උන් සරසයි. ලොව ඇති බිහිසුණුම හා වේදනාත්මක අත්දැකීම නම් තනිකමයි. එය ජීවිත කාලය පුරාවට අත් වින්දෙමි. දැන් මේ සයක් කර මත නැවත එකී වේදනාවම විදින්නට මා මල් වැසි මැදම නිසලවම යන්නෙමි. මා කළ නොකළ දෑ මටත් වඩා පන්සලේ ලොකු සාදු මොනවට ගමටම කියා අවසන් ය. මා ඒ කතාවට කන් නොදුන්නෙමි. දවස් පුරාවට නොනිදා නිවෙන්නට යන සෑම මොහොතකම පහන් තිර සැකසූ ඒ දෙඅත් කාගේදැයි, කව්රුන්ගේ දැයි මා ඒ මොහොතේ කල්පනා කළෙමි. මට දැන් මියෙන්නට ලෝබය. කෙසේ හෝ මා වෙනුවෙන් කැපවූ ඒ කාල වර්ණ දෑත මට මැවී පෙනේ. පුදුමයකි. මගේ පපු ළගට විසිකළ මුල්ම පස් පිඩ ඒ අසහාය දෑතිනි. මා හොදින් ඒ දෙඇස් මෙවර දැක ගතිමි. ඒ නම් මා දන්නා කළ පටන් ගමේ සෑම මළ ගෙදරකටම සහභාගි වී දින හත පුරාවට කල් හරින කාල වර්ණ කෙටිහාමි නම් ක්ෂුද්‍ර වංශිකයාය. මා එකළ ඉතා පිළිකුලෙන් යුක්තව දැන හැදින් වූ මහළු මිනිසාය. මා ජීවිතයේ කිසිම දවසක මෙවන් වේදනාත්මක පසුතැවීමකට ලක්ව නොමැත. මරණයද මා අපේක්ෂා කළෙමි. එනමුත් මට දැන් මියෙන්නට ලෝබ මේ අසහාය මිනිසාගෙන් ඈත් විය නොහැකි නිසාවෙනි. දන්නා දෙනෝ දාහක් උන් අතරේ නොදන්නා උඹ මට මගේ මළ ගේ පුරාවට සෙවන සළස්වා ඇත. හිරිකිතයකින් තොරවම මිනියට සුවය සලස්වා ඇත. මට යළි ඉපිද ඒ කාල වර්ණ රැලි ගැසුණු දෑතින් සමාව ගත යුතුය. මා මෙතෙක් ජීවිතය කිසි දාක කිසිම කෙනෙකුන් වෙනුවෙන් ජීවත්ව නොසිට ඇත. ආදරය සෙනෙහස ප්‍රේමය වනාහී මාගේ ද්වාරයේ ඉනිවැටිය. එනමුත් මා ඔහුට ආදරය කරන්නෙමි. මා ඔහුට සෙනෙහස දෙන්නෙමි. මා ඔහුට ප්‍රේමය දෙන්නෙමි. මට නැවත ඉපදිය හැකි නම් මා ඒ ශ්‍රේෂ්ඨ ක්ෂුද්‍ර වංශිකයාගෙන් සමාව ගන්නෙමි. දැන් මට මියෙන්නට සැබැවින්ම ලෝබය. මා මෙතෙක් ජීවිතය නොදැක්කෙමි. එනමුත් මා අවසන් වරට ඒ කාල වර්ණ දෑතට පිං සිදු වන්නට ජීවිතය දුටුවෙමි. අශ්~ අධිමාත්‍රා 💗#මල්වර_දෝලී💐🍂(එක් කොටසක කෙටිකතාව) 💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂 " අම්මා! ඔයාට පි/ස්/සුද? මේ හදිස්සියේ මං කසාද බඳින්න? ඒකත් මේ.... අවුරුදු දාහතරක පුංචි කෙ/ල්/ලක්ව?" ශ්වේත් සුවපහසු ධවල සෝපාවට කඩන් වැටුණේ වේගවත් වුණ හදගැස්ම නවත්වාගන්නට ක්‍රමයක් නොදත් තැන. කවම කවදාවත් නොවුණු ලෙස අද ඔහු අම්මාගේ කීමකට විරුද්ධ වෙලා! " ඔයාගේ කේන්දරේට ගැලපෙනම කෙනා එයා! එහෙම නැත්තම් මාත් කීයටවත් කැමතිවෙන්නෑ ඔය වගේ දුප්පත් තැනකින් මේ රාජේශ්වර බංගලාවට මඟුල් තුලා කතා කරන්න! ශ්වේත්!! ඔයා කැනඩාවට යැව්වේ ඉගෙන ගන්න. එහෙම නැතුව එහෙන් නා/ටිකං/ගනාවක් මෙහෙ කැන්දන් එන්න හිතන් ඉන්නවා නම්, ඒක නම් පුතේ හීනයක්ම විතරයි!" " ඕහ්....අම්මා එහෙම දෙයක් නෙවෙයි, මට විසි හයක් දැන්. ඒ දරුවා තාම අවුරුදු දාහතරක ස්කෝලේ යන වයසේ ළමයෙක්!, අවුරුදු දොළහක් ගැප් එකක්. මට බාලා/පරා/ධ කරන්න බෑ අම්මා! අඩු තරමේ.... එයා තාම බිග් ගර්ල් කෙනෙක් වෙලාවත් නැහැ!!" " ඒ දේවල් වෙන වෙලාවට වෙයි. ඒ ඒ චාරිත්‍රත් හරියාකාරව සිද්ධ වෙයි! මම දෝලාවෙන් ඇවිත් ඔයාගේ තාත්තාත් එක්ක මේ ගෙදරට අඩිය තියද්දි මට අවුරුදු දාසයයි, ලොකු ළමයෙක් වෙලා හරියටම සතියයි!...." කතාවට විරාමයක් තැබුව මහාලක්ෂ්මී, ශ්වේත්ගේ මුහුණට එබුණේ තියුණු බැල්මක් නෙතඟ රදවාගෙන. " ඒ නිසා ඔය විකාර නොහිතා, හෙට කසාදේ ස්ථීර කරගන්න එහෙ යන්න ලෑස්ති වෙන්න. කෙ/ල්/ලක් වුණාම මෝරන්න කලින් දීග දෙන එක තමයි සිරිත. නැතුව කෙ/ල්ලෝ ඉගෙන ගෙන රට රාජ්‍ය අල්ලන්නද? මේ ඔක්කොම ඔයාගේ අපලේ නිසා.... නැත්තම් මීට වඩා හොඳ තැනුයි මම බැලුවේ!" ශ්වේත්ගේ තාත්තා, මොහාන් රාජේශ්වරගේ මරණයෙන් පස්සේ මුළු බංගලාව වගේම, ඒ හා බැඳුණු මහා ධනස්කන්ධයේම හිමිකාරිනිය වුණ මහා ලක්ෂ්මී රාජේශ්වරගේ මිලාධික අඩි උස පාවහන් යුගලයේ ටොක් හඬ මැකී යන තුරුම, දෑස් වසාගෙන වුන් ශ්වේත් රාජේශ්වර, දෑඟිලි තුඬින් නළලත තදින් තෙරපා ගත්තේ මේ අහඹු විනාශයෙන් ගැලවෙන්නට මඟක් නොමැතිව. රාජේශ්වර පරම්පරාවේ එකම උරුමක්කාරයා විදිහට උපත ලබන්නට තරම් පින්කාර වුණ ශ්වේත් හැඳී වැඩුණේ රාජ කුමාරයෙක් තරම් සැප පහසුකම් මැද්දේ. නමටම ඔබින, පළල් උරපතුවලින් යුත් උස්, ධවල පැහැගත් කඩවසම් සිරුර, ඝන ඇහිබැමින් සැරසුණු රාජාලියෙකු සම තියුණු නෙත් සඟල,දුටුවන් වශියකින් යටත් කරගැනුමට සමත් අනන්‍ය පෞර්ෂයෙන්ද යුත් ඔහු සැබැවින්ම සිය රාජකීය පරපුරේ වත්මන් රන් සලකුණම වග බොහෝ දෙනා නිරන්තරයෙන්ම සපථ කළ කාරණාවක්. හැබැයි ඔහු හැමවිටම ප්‍රිය කළේ මහපොළොවේ පයගහලා සතුටින් සැනසීමෙන් ඉන්න ජීවිතයක්. ඉගෙනීමට උපතින්ම දක්ෂයෙක් වුණ ඔහුට ජීවිතයේ ඔහුගේම අරමුණු තිබුණා. පුංචි වයසෙදිම කැනඩාවේ අධ්‍යාපනය හදාරන්නත් වරම් හිමිකරගත්ත ශ්වේත්ට, දැන්.... දැන්.... ඉන්දියානු සංස්කෘතිය වෙලාවකට මහ වියවුලක්. කෙටි කාලීන ප්‍රේම සබඳතා කීපයක්ම තිබුනාත්,විවාහය වගේ දේවල් ගැන කල්පනා කරන්න තවමත් ඔහු සූදානම් නැති වග ශ්වේත්ට දැනුණා. ඒකත් මේ යාන්තම් ළමාවියේ අද්දරට විතරක් ඇවිදන් ආව පුංචි දැරිවියක් එක්ක? සිය නවීන මාදිලියේ ජංගම දුරකතනය අතට අරන්, ඔහු තව වරක් ඒ පුංචි මුහුණ දිහා බලන් හිටියා. ඒ, මේ කසාදය වෙනුවෙන් අම්මාට පූර්ණ සහයෝගය දෙන මෝඩ ඥාති සහෝදරයා ඔහුට එවූවක්. බොහොම උනන්දුවෙන් රැකියාව වගේම අධ්‍යාපනික කටයුතුත් සමබරව ඉදිරියට ගෙන යමින් හිටිය ශ්වේත්ව, අම්මාට හොඳටෝම අසනීප බව ඒත්තු ගන්වලා ආයෙමත් ඉන්දියාවට ගෙන්වාගැනීමේ මෙහෙයුමේ මහ මොළකරුත් ඔහුම තමයි. "වාහ්! මලක් නෙවෙයි, මල් පොහොට්ටුවක් සහෝ!! තාම හුළඟකින්වත් ඉ;දුල් නොවුණ මාර ලස්සන, වාත්තු කළා වගේ රූපයක් තියෙන පුංචි කෙ/ල්ලක්! මේවා නම් උ/ඹේ පූරුවේ පින්ම තමයි!" චායාරූපය සමඟ අමුණා තිබූ අකුරු නිසා, ශ්වේත් ඇ;විලුණේ නෑ. නෑඹුල් නිදිගත් මල් කැකුළක් බලහත්කාරයෙන් ඇහැරවලා, තලලා පොඩිකරන එක මහ ලොකු වීරකමක්, ඇඟ ර/ත්වෙන පි/රිමිකමක් කියලා දැනෙන ආසියාතික පුරුෂාධිපත්‍යයේ රැහැනින් ඔහු මිදී ගොස් තිබුණා. කැනඩාවේ ඔහු හා සම සමව අධ්‍යාපනය ලබන, වෘත්තීන්ට පිවිසෙන, හීන දිනවමින් ජීවිතේ දිනන අපූර්ව ගැහැනුන් දුටු ඔහුට මේ ළාබාල විවාහයට එකඟවීම ම දැනුණේ මි/නීමැ/රුමක් විදිහට. අවිහිංසක ගැහැනු ආත්මයක ඛේදනීය මි/නීමැ/රුමක්.... 💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂 " මේ තියෙන්නේ මගේ ලියන පොත්! මේවා අච්චු පොත්! මේ.... මං සීයෙන් සීයම ගත්තා ඉන්ග්ලිශ්වලට!" සීතල, තෙතැඟි ගොම පොළොවේ, පැදුරු කඩමාල්ලක් මත පරිස්සමට ඇසිරුව පොත් එකින් එක පෙරළමින් පුංචි කිරිල්ලියක් වගේ දොඩමළුවෙන සිඟිත්තියගේ කතා කරන වටකුරු බෝල ඇස් අඟ ශ්වේත් ගොළුවෙලා තිබුණා. සාරිතාගේ අප්පාට ඈ ගැන නොදැනුණු මහා දුකක, වේදනාවක ගින්නෙන් ඔහුගේ පපුකුහර ගිනි ඇවිලුණා. " ඒත්.... දැන් මං කසාද බදින නිසා, අම්මා කිව්වා මේ පොත් ඔක්කොම මල්ලිට දෙන්න කියලා. මං ලියපු කොළ ටික කඩලා අයින් කරලා එයා ලියන පොතුත් ගනීවිනේ. මං ඒ ලියපු කොළ ටික බංගලාවට ගෙනාවට කමක් නැද්ද?" පිරිමි ඇස්වල ගිනිගන්න කඳුළු වෑයමින් අතරමඟ නවතමින් ශ්වේත් මදහසකින් හිස වනද්දි, සාරිතාගේ පුංචි හිත පුරාම පාට පාට මල් පිපුණා. බංගලාවේ සුදු හාමු ඇත්තටම සුදුයි. ගොඩාරියක් උසයි. අප්පාගේ වගේ බුලත් විට කාලා දත් අවපාට වෙලාත් නෑ. හිත නිවන සුවඳක් මිසක් බය හිතෙන ම/ත්වතුර ගදකුත් ඔහු ළඟින් දැනෙන්නේ නෑ. ඈත තියෙන ලස්සන රටක ඉගෙනගන්න ඔහු ගාවින් හිටගන්න ලැබෙන එකත් සාරිතාගේ ලොකුම ලොකු වාසනාවක් කියලා අම්මා කිව්ව කතාව ඇත්තමයි කියලා ඇයටත් හිතුණා. " මට උයන්නත් පුළුවන්. රෙදි හෝදන්න, අතුගාන්න, මිදුලේ වැඩ කරන්න.... මේ ඕනේ එකක් පුලුවන්. ලොකු නෝනා හාමුත් එක්කන් එකතුවෙලා මං ඔයා කැමති ඕනිම දෙයක් ඉගෙනත් ගන්නම්. අනේ සුදු හාමු, ඔයා මාව බඳිනවා නේද?" ඔයා වගේ චූටි දරුවෙක් කසාදයක් මුවාවෙන් වහල් සේවයේ යොදවන්න මට බෑ කියන්න ඔහුට බැරිවුණා.... රෝස
පොහොට්ටුවක් වගේ පිවිතුරු පුංචි සියුමැලියක් රිද්දන්න හිතන්නවත් බැරි වග ඔහුට කියාගන්න බැරි වුණා.... ගැහැනියකගේ ජිවිතය විවාහයට එහා ලොකු පරාසයකට විහිදෙන බවත්, ඒ අවකාශය පුරා නු/ඹ යදම් නොමැතිව, නිදහසේ පියාසර කළ යුතු වගත් කියාගන්නට ඔහුට නොහැකි වුණා.... ඒ තරම් ඇගේ මොළකැටි ආයාචනය ශ්වේත්ගේ ළය මත මහ බරක් ඉතිරි කළා. "මාව කසාද බඳින්න කැමතියිද ඔයා? මේ තරම් පුංචි වයසින්?" " ඔව්ව්! ඔව්.... ඔව්ව්! නැත්තම් මාව අර නපුරු මුදලාලිට බන්දලා දේවි. එයා අප්පාගෙන් මාව ඉල්ලුවාලු මුලින්ම, ඒත් බංගලාවේ යෝජනාවට පිටුපාන්න බැරි නිසා අප්පා කැමති වෙලා නෑ. ඒ වුනාට එයා කොයි වෙලේත් ඇවිත් මගේ එහෙන් මෙහෙන් අ/ල්ලන්නමයි හදන්නේ!" දෙපිළට බෙදා ගොතා දමා දෙවරක් නැමූ දිගු කෙහෙරැළි නටවමින්, හුස්මක්වත් නොගෙන ඈ කියවගෙන යද්දි, සත්තමයි.... එක් තත්පරයකට ශ්වේත්ගේ හදගැස්ම නැවතුණා. සිය ප්‍රතික්ෂේප කිරීම අභිමුව ඈ කොයිතරම් ඝණ අඳුරු අගාධයකට ඇඳවැටේදැයි දැන දැනම.... නිවී සැනසිල්ලේ නික්මෙන්න බැරි තරම්, තද බැඳීමක් ඒ ළපටි මන්දහාසිනිය කෙරෙහි ඔහු ළයේ ඉපැදී තිබුණා. එය වර්ග කරන්නට ඔහු හදිසි වූයේ නෑ.... නමුත්, ආපිට නොහැරෙන්නට ඔහු ගිවිසගෙන අවසන්, ඈ වෙනුවෙන්. උත්කෘෂ්ඨ අයුරින් පැවැත්වුණ මංගලෝත්සවයකින් අනතුරුව, උසස්ම සළු පිළියෙන් සැරසී, සුදු අසු පිටින් රජෙකු සතු තේජාන්විත බවින් ඉදිරියට ඇඳෙන ඔහු හා සමාන්තරව, ඔහුගේ සිඟිති මනාලිය රැගත් දෝලාව මහා මන්දිරය තෙක් පෙරහැරින් ගමන් කළා. නිවසේ ප්‍රධාන දොරටුව අභියසින් සියලු චාරිත්‍ර ප්‍රකාරව නැන්දණිය විසින් පිළිගත් නවමු පතිනිය පළමු මංගල රැය වෙනුවෙන් ඔහුගේ ප්‍රධාන නිදන කාමරය වෙත රැගෙන යනු ලැබුවා. සුදු පිච්ච යාය මත අසුන් ගත්, මොළකැටි මුවැත්තිය, රත් පැහැයට රනින් වැඩ දැමූ බරැති මංගල ඇඳුමේ, වුවන ආවරණය කළාවූ සේද සළුව අතරින් විසල් කාමරය පුරාම දෙනෙත් ගෙන ගියේ දරාගන්නටත් බැරි තරම් ලොකු පුදුමයකින්.සාරිතාලාගේ මුළු ගෙදරම ගත්තාත් මේ තරම් ලොකු නැති බව තේරෙද්දී, කියාගන්න බැරි අමුතු චකිතයකින්, බයකින් ඈ සසැලුණා. සියුම් ඇඟිලිතුඬු වෙව්ලුවා. නොතේරෙන වේදනාවකින් සියොළඟම ඇදුම් කෑවා. 💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂 " මූ% බලහ/න්/කෝ! අමුවෙන්ම ග/හන්නනේ යන්නේ?ලේසි නෑ පුතෝ... මාර පියෝ මල් පොහොට්ටුවක් ඒක!" විවාහයේ සතුට සමරන්න පහළ උද්‍යානයේ සංවිධානය කරපු මීවිත සාදයෙන් එකඳු උඟුරක්වත් පරිභෝජනය නොකර කල්පනාවක නිමග්නව වුන් ශ්වේත්ගේ කර වටා අත යොමමින් එක මිතුරෙක් තෙපලුවේ, උසස්ම තත්ත්වයේ ආනනනිත මත් පැන් වීදුරුවක් එක හුස්මට නිමාකරමින්. නොකීවාට ඒ වචන අස්සේ පැසවන ඊර්ෂ්‍යාවේ ගිනි පුපුරු ශ්වේත්ට නොදැනුණා නොවෙයි. ඔව්! වරදක් නෑ ඒකේ....පි/රිමි හිතක් අව්ලන්න තරම් ඈ හුරුබුහුටිව හැදී වැඩී තිබුණා. ශ්වේත් මේ තරම්ම ප්‍රවේසම් වුණෙත් ඒ නිසාමයි, තමාගෙන්ම පවා ඒ පුංචිත්තිය රැකගත යුතු නිසාවෙන්මයි. තවත් හෝරාවක් පමණ ඔවුන් හා සතුටු සාමීචියේ නිරත වුණ ශ්වේත් සිය කුටිය බලා, ඉහළ මහළට නැඟුණේ මිතුරන්ගේ දහසකුත් එකක් නොසරුප් වදන්වලින් නැහැවෙමින්. ඒ වුණත් කාමරයේ වැසුණු දොර අභියසදි ඔහු යළිත් තමාවම සංසුන් කරගත්තා. ඇවිලුණු මනස නිවාගත්තා. සිය නවමු පතිනිය වුව.... ඈ යුවතියක නොව, පුංචි දැරියක පමණක්ම වග ළයට කාවද්දාගෙන ශ්වේත් කුටියෙහි දොරටුව විවර කළා. එනමුත්.... පිච්ච මල් යහනාව මත වකුටුවී වැතිර වුන් ඇය.... ඔහුව තිගැස්සුවා. " බඩ... රි....රිදෙනවානේ මගේ...." පුංචිත්තිය වචන ගැටගහන අසීරුවෙන්ම, ඈ සුවෙන් නොවන වග ශ්වේත්ට වැටහී අවසන්. වහා වහා ගත රැදි පළදනා පසෙකට වීසිකර දැමූ ඔහු, ඈ අසලට විත් ඇයවත් ඒ බරැති ආභරණ, ආයිත්තම්වලින් මිදෙව්වේ.... දරන්නට නොහැකි පතිනි සළුවලින් ඇය හෙම්බත්ව ඇතැයි සිතමින්. ඒත් අන්තිමේ.... ඇයව සෙමෙන් යහනෙන් නැඟිටුවා ගනිද්දි... ඒ ශ්වේත පිච්ච මත තැවරී තිබුණ රත් පැහැය, සිය අත්ල මත තැවරුණු තෙතැති රු/ධි/රය ඔහුට කියා දුන්නේ වෙනම ම කතාවක්. ඔහු තිගැස්සුණා නොකීවොත් ඒක බොරුවක්. ඈ දැන්.... මල්වර දෝලියක්! තත්පරයෙන් අංශුවක අඬකදී ඔහු ගිනිගත්තා. සියලු සැලසුම් දැන් ඉතින් අවසන්. ඒත්.... එවැනි දේ පවසා තව තවත් පීඩාවට පත්කළ හැකි මානසික මට්ටමක නොවූ පුංචිත්තිය ඔහුගේ බදවටා ඈතම යවා ඒ උණුසුමේ රැකවරණයක සැනසුමක් හෙව්වා. ඒ ළපටි දෑත්වල පහස.... සැමියෙකු පමණක්ම වූ ශ්වේත් රාජේශ්වර, අසීමිත ප්‍රේමයක් ළයෙහි දරාගත් පියෙකු බවට පරිවර්තනය කරන්නට සමත්ව තිබුණා. අන්තර්ජාලයට පින්සිදුවන්නට ඔ/සප්වීමකදී කළ යුතු මූලික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් පිළිබඳ විනාඩි කිහිපයකින් දළ අවබෝධයක් ලබාගත් ඔහු, මුලින්ම ස/නීපාරක්ෂක තුවා පැට්ටුවක් ඔන්ලයින් ඕඩර් කළේ, මෙහි ඇත්ත අන් අයගෙන් සඟවනු වස් කො/ණ්/ඩම් පැකට්ටු කීපයක්ද සමඟින්. ඉතා කෙටි කාලයකින් ඕඩරය නිවස අභියස වෙද්දි, වහ වහා පහළහට පැමිණි ශ්වේත් එය භාරගෙන ඉහළට නැඟුණේ කේලම් සෙවීමට ආ මිතුරු රැළෙන් ලද විජයග්‍රාහී හූ හඬක්ද සමඟින්. කාමරය අඟුළු ලූ ඔහු පුංචි පතිනියව හරස් අතට ඔසවාගත්තේ ඒ දෙකොපුල් පුරා ගලා යන වේදනාවෙන් ප්‍රකම්පිත බියෙහි කඳුළු බිඳු සීරුවට පිසදාලමින්. එකින් එක ඒ ගතෙහි රැදි ඇඟලුම් ඉවත් කරද්දී, ඇවිලෙනු වෙනුවට කියාගන්නට බැරි සෙනෙහසකින් ඔහුගේ ළය පිරී නිවුණා. මහා වගකීමක බරක් හිස මතට දැනුණා. පිළිකුළක් නොමැතිවම, වික්ශිප්තව වුන්, අවසඟව ගිය ළපටි පිච්ච මල් පොහොට්ටුව ළා උණු වතුරෙන් සෝදා පිරිසුදු කරගත් ශ්වේත් ඈ හොඳින් පිසලා පළමු වතාවට සනීපාරක්ෂක තුවායක් ඇඳගන්නා අයුරු පවා පියවරෙන් පියවර කියා දුන්නා. සැහැල්ලු කපු ඇඟලුමකින් ඈ සරසා, සේවිකාවක් ලවා කුටියටම ගෙන්වාගත් උණුසුමැති සුප් බඳුනකින් අඬකුත් වදෙන් පොරෙන් පොවාගෙන, උණු වතුර පිරවූ කුඩා බෝතලයකින් කුස තවමින්, සෙමෙන් හිස පිරිමදිමින් සිය ළදරු මල්වර දෝලියව නිදි දෙව් තුරුළට යැවූ ශ්වේත්, යහනෙන් නැඟී සිටියේ නොනවත්වා ඇමතුමකට සම්බන්ධවන්නට උත්සහ දරමින්. "මොනාද බ/න්? හ/නිමූ/න් ගිහිල්ලාවත් අපිට පාඩුවේ නිදාගන්න දීපන්කෝ! " " හෙට පාන්දර තියෙන ෆ්ලයිට් එක්කට ටිකට් බුක් කරප:න්. ෆෝන් එක අක්කාට දීප;න්...." අතට අසුවන මානයේ වූ අත්‍යාවශ්‍යය සියලු දෑ බෑගයකට අසුරමින් ඔහු සිහින් මුත් තියුණු හඬින් ඝර්ජනා කළා. ඒ මේ ඉන්දියානු සංස්කෘතික යදම්වලින් මිදී, ඔහුට උදව් කරාවියැයි විශ්වාසය තැබිය හැකි එකම ආදරණීය යුවළ. ශ්වේත් මේ සියල්ල සැලසුම් කර තිබුණේ බොහොම පෙරදියි. සැබැවින්ම ඇගේ අවිහිංසක දෑස්වලින් " ඔයා මාව බඳිනවා නේද?" කියලා ඇහුව, නවතාදමන්නට එක හිතින් අධිෂ්ඨාන කරගෙන තිබූ විවාහය තීන්දු කරගත් දිනයි ඔහු මේ වෙනුවෙන් පිඹුරුපත් සැකසුවේ. විවාහයක් වෙනුවෙන් කායිකව හෝ මානසිකව සූදානම් නොවී වියකදී සිදුවන ළමා විවාහයන් ඉන්දියාවේ බොහෝ සුලබ දෙයක් වුවත්, එය පිවිතුරු උරුමයක් ලෙස අදහන වැඩිහිටි කාන්තාවන් බහුතරයක් හා වීරත්වයේ සංකේතයක් විලසින් පිළිගන්නා පි/රිමින් අතර, ශ්වේත්.... ඔව්! ඔහු වෙනස් අයෙක්. ඉතින් ඔහුට අවැසි වූවා ඔහුගේ පිච්ච කැකුළට යහපත් අනාගතයක් උරුම කරන්නට. නිසි අධ්‍යාපනයක් නොලද, ආර්ථිකව අස්ථාවර යුවතියක් විලසින් දැලි කඩමාළු ඇඳගත් මුළුතැන්ගෙයි වහලියක්, දරුවන් බිහිකරන උපකරණයක් වනු වෙනුවට, ඔහුවත් අභිබවා සිය ළාබාළ පතිනිය ලෝකය දිනනු දක්නට අවැසි වූ නිසාවෙන්ම, ඈ වෙනුවෙන් අවැසි ගුවන් ගමන් බලපත්‍රය පෙරටු කරගත් ලේඛන සියල්ලම ඔහු කිසි වෙකුට, අඩු තරමින් ඇයට හෝ ඉඟියක් නොදී රහසිගත සූදානම් කරගත්තේ, මේ සැබෑම මිතුරන්ගේ උදව්වෙන්. සැලසුම් කර තිබුණේ තව සතියක් ඇවෑමෙන් ඔහු පිටත්ව යන විට, මවගේ දැඩි විරෝධය නොතකා රහසිගතව හෝ ඇයවත් කැටුව යාමට.... ශ්වේත් සාරිතා නිදන සයනය අසලම, බිම එලූ රන්වන් පැහැ කළාලල මතින් අසුන් අරන් හිස ඈ අසලින් තබාගෙන මොහොතකට නෙත් වසා ගත්තේ ගැඹුරු කල්පනාවකට මුල පුරමින්. ගෙවී ගිය තත්පරයේ විසන්ධි වූ ඇමතුම හරහා ඇඳී ආ ගෞරවී අක්කාගේ කටහඬ ඔහු නැවත වාරයක් සිහිපත් කළේ හදවත ඊයම් බරුවකින් පසාරුවෙද්දී. " ශ්වේත්.... මල්ලි ඔයා දන්නවානේ අපේ ගම්බද පළාත්වල චාරිත්‍ර වාරිත්‍ර. ගෑ/නු ළමයෙක්ට මෙ/න්සස් හැදුණාම ඒක අපිරිසිදුකමක්, කිළි කියලා සලකන්නේ. ඕක අනික හංගන් ඉන්න පුළුවන් දේකුත් නෙවෙයිනේ. හෙට උදේම ආන්ටි ඕක දැනගනී. ඔය පුංචි කෙ/ල්ලව කළුවර කාමරේක, නැත්තම් පාලු පැල්පතක හිරකරයි. ඒ අස්සේ තව කට්ටියක් ඕක ඔය දරුවාගේ අවාසනාව කියලා හන්වඩු ගහයි. ඔය නාඩගම් සතියකින් ඉවරවෙන්නේ නෑ, අන්තිමේ ඔයාත් නැතුව ඔය පුංචි කෙ/ල්ලටත් වෙන්නේ අනිත් පොඩි වයස්වලින් දීග දුන්නු අහිංසකියන්ට වෙච්ච දේමයි!" "නෑ! මං ඒකට ඉඩ තියන්නෑ!" මුවින් නොකීවත් ඔහු හිතින් තමන්ටම සපථ කරගත්තා. මේ දින කිහිපයේ පැවැත්වුණ විවාහයේ නේක පූර්ව උත්සවවලින් පරිපූර්ණ රාත්‍රීන්ගෙන් විඩාපත්ව, නින්ද අයදින දෑස් නොපියා නිදිවර්දිතව අවැසි දෑ එක් බෑගයකට අසුරාගත් ශ්වේත්, මව්තුමියේ වැසී ගිය දොරටුව අභියස, එයට හිස තබා මොහොතක් ඇගෙන් සමාව අයැදුවා නිහඬවම. මැදියමද ගෙවී මන්දිරයේ සුළු සේවකයින් පවා අධික වෙහෙස නිසාවෙන් දැඩි නින්දකට පිවිස තිබුණු නිශාවක.... තමා සන්තක කළ, පෙති තලා දමා රොන් උරාගත යුතු මල් පොහොට්ටුවක් දෝතට වඩාගත් බඹරෙක්, සිය උරුමය ම වූ මහා මන්දිරයේ කුඩාම ගේට්ටුවෙන් පැනගොස් තිබුණා.... 💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂 " මීළඟට අපගේ ආරාධනය කැනඩාවේ රෝයල් රෝඩ්ස් පෞරාණික විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රයේ ළාබාලතම මහාචාර්‍යවරිය, සාරිතා රාජේශ්වර මහත්මියට. වසර විසි පහක් වැනි කුඩා වයසකදී, විදෙස් භාෂාවකින් මේ තරම් දුරක් ආ ඇයට ඔබ හමුවේ පැවසිමට සුන්දර කතාවක් ඇති බව අපිට විශ්වාසයි!" එකොළොස් වසක් අවසානයේ, රන් පැහැයෙන් වැඩ දැමූ ළා අළු පැහැති මිලාධික සාරියෙන් සැරසුණ, හිසෙහි වූ පිරිපුන් කොණ්ඩ ගුලිය වටා පිච්චමල් ගැවසූ ඉන්දියානු සුරූපිනිය, ඇගේ වර්ණ තීරු අඩංගු උපාධි ලෝගුව දෙවුර මතින් රඳවාගෙන අසුනින් නැඟී, සිනාමුසු මුහුණින් ඉදිරියට පියවර තැබුවා. ඇගේ ගමන අභිමානවත්. නවක උපාධිධාරීන් සේම ඇඳුරු මඬ
ුල්ල පවා ඈ දෙස බැලුවේ ගෞරවය පෙරදැරි වූ විස්මයකින්. යුවතියක් කෙබඳු විය යුතුද, ඒ සියලු කලාවලින් සපිරුණු ඈ මයික්‍රෆෝනය සියතට ගත්තේ විසල් ශාලාව පුරා ගිගුරුම් දෙන අත්පොලසන් හඬ මධ්‍යයේ. නමුත් එක ම එක අයෙක් පමණක් ඒ සුවිශාල පිළිගැනීමට සහභාගී නොවූවා. ශ්වේත් රාජේශ්වර.... ඉතින් ඒ ඔහුයි! සිය සයමසැති කුඩා බිළින්දිය දෝතෙහි දරා වුන් ඔහු, ලෝකයක ගෞරවාදරයට පත් ඇගේ මව්තුමිය වේදිකාවට පිවිසෙනු කඳුළින් බොඳවුණු හැඟුම්බර දෙනෙතින් යුතුව බලා සිටියා. ඇයි ඔහු පමණක්ද.... ශ්වේත්ගේ අම්මා, මහාලක්ෂ්මීත් වසර ගණනාවකට පස්සේ සියලු ම මත ගැටුම්, වාද විවාද, හිත් අමනාපකම් දුරුකරමින් සිය පුංචි ලේලියගේ හපන්කම් සියැසින්ම අත්විදින්න පැමිණ සිටියා. චතුරව ඉංග්‍රීසි භාෂාවෙන් වදන් හසුරුවන්නට මොහොතකට පෙර, සාරිතා ආයෙමත් වතාවක් ඒ අතීතයට පිය මැන්නා.ශාලාවේ අසුන් අරන් තමා වෙතම නෙත් දල්වාගෙන බලා ඉන්න, දැන් මැදි වියට පිවිසෙමින් වුන් ඔහුගේ.... තවමත් එදා මෙන්ම ස්නේහයෙන් බිදකුඳු හිඟ නොවූ දෙනෙත් දිහා බලාගෙන, ඈ ඒ පුංචි දැරියම වූවා. ඒ ශක්තිමත් බාහු මැද ගුලිවී නොදන්නා ලොවකට පා තැබූ, ඔහුගේ පියවර පසුපස යමින් දිවියේ අරමුණු දිනා ගත්, ඒ සෙවනැල්ල ළඟ පමණක් ගිමන් නිවූ, ඝනැති රුහිරු දරන්නා වූ ස්ත්‍රීත්වය, සිය පුංචි කැදැල්ල වෙතින් විවරණ ලබා මියුරු වූ උස් ස්වරයෙන් වදන් ගැලපුම ඇරඹුවා. " සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට! ජීවිතයේ සුන්දරතම මෙන්ම, වටිනාම හීනය සැබෑවක් කරගත් මගේ ආදරණීය ශිෂ්‍යන්ට පළමුව මගේ සුබාශිංසන පිරිනමනවා. ඉතින් ඔව්! මට තියෙනවා ලස්සන කතාවක්. හැබැයි ඔබ විශ්වාස කරනවාද.... ඒ කතාවේ රචකයා මම නෙවෙයි!" මුළු ශාලාවම නිහඬතාවයේ ගිලී යද්දී.... ශ්වේත්ගේ මුවඟ ඇඳුණු සොදුරුතම හසරැල්ල, ඔහු වෙනුවෙන් සින්දූර් තැවරූ මීන දෙනයන කඳුළින් පොඟවන්නට සමත් වූවා. නැවතත් කතාව ඇරඹු ඇගේ හඬ වඩාත් හැඟීම්බරවෙලා.... " ඉන්දියාව කියන්නේ අදටත් ළමා විවාහයන් වැඩි වශයෙන් සිදුවන, එය සමාජ සම්මතයක් විදිහට පිකිගන්නා වැඩිහිටියන් බහුතරක් ජීවත් වෙන රටක්. බිරිඳක් වෙන්න තරම් නොමේරූ, හරි අධ්‍යාපනයක් නොලැබූ, ආර්ථික වශයෙන් ස්ථාවර නොවූ ඒ වගේ යුවතියන් බොහෝ දෙනෙක්ගේ හීන හීනම කරමින්, බොහොම ළාබාල වයසෙදි එයාලාව දෙවියන් ඉදිරියේ විවාහ කරලා දෙන්නේ.... දරුවන් වදන්න, ඔවුන් ඇති දැඩි කරන්න, නිවසේ වැඩපළ, සැමියාගේ හා ඔහුගේ පවුලේ වැඩිහිටියන්ගේ කටයුතු සිදුකර දෙන්න උපන් මෙහෙකාරියක් නිර්මාණය කරමින්. ඉන් බොහොමයක් දෙනෙක්.... මියයන තුරාවට එතනින් එහා ගැ/හැනියකට ලෝකයක් තියෙනවා කියලා දන්නෙවත්, හිතන්නෙවත් නැතුව ජීවත්වෙනවා. ඒක කොයිතරම් නරක හා ඛේදනීය වුනත් තාමත් නිසි පිළියමක් නොවූ ගැටලුවක්. ඉතින් මමත්.... අන්න ඒ වගේ ළමා මනාලියක් වුණේ මට අවුරුදු දාහතරේදි. එතකොට අඩු තරමේ මම වැඩිවිය පැමිණිලාවත් නැහැ! හැබැයි, ඒ වගේ ළාබාල යුවතියක් ගෘ/හස්ත හිං/සනයට ලක් කිරීම පවා පිරිමිකමක් විදිහට දකින සමාජයක, මට හිමිවුණේ.... මේ ලොකේ ඉන්න හොඳම ස්වාමි පුරුෂයා කියන එක මට ඕනෑ ම තැනක අවිවාදයෙන් දිවුරන්න පුලුවන්. කුඩා ගම්මානයක මිලින වී යන්නට නියමිතව තිබුණු මං වගේ පුංචි දැරියකගේ හීන දිනවන්න, තමන්ගේම පවුලෙන් පවා පිටමන් වුණ පි/රිමියෙක් මම වෙන දැකලා නෑ. ඒක කොහෙත්ම සාමාන්‍ය කැපකිරීමක් නෙවෙයි, ඉතින් මට ලබාදුන් අත්පිලසන් නාදයේ....ඒ ගෞරවයේ සැබෑම හිමිකරුවා ඔහුයි! ශ්වේත් රාජේශ්වර! පියවරෙන් පියවර මා මෙතෙක් දුර පරිස්සමින් රැගෙන ආ සෙනෙහෙබර පි/රිමි ආත්මය.... ඉතින් මේ දැනුත්, මා වෙනුවෙන් ඔහු අපේ සිඟිත්තියව දෝතෙහි දරාගෙන.... මා සීමා නොකළ අසීමිත ප්‍රේමය, මගේ ජයග්‍රාහී ජීවිත කතාවේ නිර්මාතෘවරයා ඔහුයි!" ශාලාව නැවත වාරයක් අත්පොලසන් නාදයෙන් ගිඟුම් දුන්නේ.... ඒ ඔහු වෙනුවෙන්. ඉතින් ඒ තමයි ශ්වේත් කළ කැපකිරීම් වෙනුවෙන් ඔහු ලද ගෞරවය! නොසලකා හරින්නට කොතෙකුත් ඉඩහසර තිබියදී, අත් නොහැරි ආදරිය.... කිසිදා ඔහුව අත් හැරියේත් නැහැ. මුදල්, සමාජ තත්ත්වය ඉස්සරහා ගැ/හැනුන් වෙනස් වන බව ප්‍රකට සමාජ මතයක් වූවාත්, සිය සීමාවන් හඳුනන අභිමානවත් කාන්තාවන් එසේ නොවන වගට හොඳම උදාහරණය, සිය අධ්‍යාපනය, වෘත්තිය වගේම පවුල් ජීවිතයත් එක හා සමානව ජයහ්‍රහණය කරගත් සාරිතා රාජේශ්වර. නමුත් ඊටත් එහා.... ඒ සියල්ලක්ම වෙනුවෙන් ඇයට නිදහස හිමිකර දුන්, අඩු තරමින් ඈ ඇගේ සිහින දිනා ගන්නා තුරු විවාහ ජීවිතයකට හෝ බලපෑම් නොකළ ඒ ඇදැහිය නොහැකි සහයෝගයෙන් සපිරුණු පිරිමි ආත්මය. ඒ විශ්වාසය, ආදරය, ගෞරවය හා අන්න්‍යෝනය අවබෝධය නිසාවෙන් අද ඔවුන් දෙදෙනාම දිවියේ සෑම අරමුණක්ම දිනාගෙන, මුළු ලොවටම ආදර්ශමත් යුවළක් ව අවසන්! " ඉතින් මගේ කතාවේ අවසානයට කලින්.... මං දිහා සජීවිව වගේම ඩීටල් තිර හරහා බලාගෙන ඉන්න ආදරණීය දෙමව්පියන්ගෙන්ගෙන් මං එක ඉල්ලීමක් කරනවා. ගොඩක්ම මේ අපේ ආසියාතික මව්වරුන්ගෙන්.... ඔබට ඉන්නවා නම් දුවක්, කිසිමදාක ඇය සීමා කරන්න එපා. ඇයට සමාජය පිළිබඳ කියාගෙන්න, හැඟීම්වලින් ජීවිතය වරද්දා නොගෙන ඉන්න උගන්වන්න. ඉන් එහා ඇයට ඈ ආස, ඈ දක්ෂ විෂයේ පරතෙරට යන්න, ලෝකයක ගෞරවය දිනාගන්න ඉඩ දෙන්න. ඒ වෙනුවෙන් සහය වෙන්න. ගැ/හැනු දරුවන් ගෘහාශ්‍රිත සි/රකරුවන් කරපු කාලය දැන් ඉතින් ඇති! තවදුරටත් ඇයට කියන්න එපා, ' උයන්න ඉගෙනගත්තේ නැත්තන් නැන්දම්මාගෙන් ඇනුම් පද අහන්න වේවි කියලා', කියන්න.... ' ඔයාටම රසට කෑම හදාගෙන කන්න, තනියෙම ජීවත්වෙන දවසක බඩගින්නේ නො ඉන්න ඔයා උයන්න ඉගෙන ගන්න ඕනේ කියලා'. ' බලන/වා මේ කාමරේ හැටි, යන තැනකින් ගුටිකන්න වෙයි කියලා නෙවෙයි, පිළිවෙළ හා පිරිසිදු බව ගැ/හැනියකගේ වටිනාකම වැඩිකරන ආභරණ කියලා ඇයට කියාදෙන්න. යැපුම් මානසිකත්වයෙන් මිදී, ස්වාධීන වන්නට ඇයට උගන්වන්න. ඒ ඇති.... කල් ඇතුව ඇයව විවාහ කරදී, නිස්කාන්සුවේ පසුතැවෙනවාට වඩා, ඔබට හැකි උපරිමයෙන් ඇයගේ වටිනාකම් ඔප් නංවන්න. එවිටයි, ඒ වටිනාකමට වගවිය හැකි සුදුස්සෙකු ඇයට හමුවෙන්නේ. කළු ගල්වලට නිරන්තරයෙන් මුණගැහෙන්නෙත් කළුගල්මයි, හැබැයි අමතක කරන්න එපා.... දියමන්තියකට යාබදව අසුන් ගන්නෙත් දියමන්තියක්මයි! ඉතින් ආදරණීය අම්මේ.... ඔබේ දුවණියට බිරිදක් වීමට උගන්වන්න හදිස්සි වෙන්න එපා, ඇයව අනන්‍ය අගයකින් යුත් උසස් සාරධර්මවලින් පිරි කාන්තාවක් කරන්න. ඉන් එහා තමා වෙනුවෙන් පමණක්ම කැපවුණ අභිමානවත් සැමියෙකු තෝරාගන්නටත්, ඔහු වෙනුවෙන් විය හැකි හොඳම බිරිඳ වීමටත් ඇය තනිවම ඉගෙන ගනු ඇතී! ස්තූතියි!" 💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂💐🍂මම ඉපදුනේ යමක් කමක් ඇති පවුලක ළමයෙක් විදියට. සර්ව සම්පූර්ණ විදියට නැතත් මේ රටේ ජීවත් වෙන හුඟක් ළමයින්ට වඩා සැපට මම පොඩි කාලේ හැදුනා. පොඩි උනත්,අඩුපාඩු මොකුත් නැති සර්ව සම්පූර්ණ ගෙදරක පවුලේ අපි හැමෝම සතුටින් ජීවත් උනා. ඒත් ඒ සතුට අපිට අත්විඳින්න සිද්ධ උනේ මම ඉපදිලා අවුරුදු පහ හයක් විතර යනකම් විතරයි. අපිට තිබුන පොඩි ගෙදර කඩලා ලොකු කරන්න අප්පච්චිට ඕන උනා. ලොකු ගෙදරක ඉන්න කවුරුත් අකමැති නැති නිසා අම්මත් කැමති වෙන්න ඇති. රජයේ රැකියාවක් නොකරපු නිසා ඒ විසාල ගේ හදන්න ඒ ඉඩම ම උගස් තියලා අප්පච්චිට ලොකු ණයක් ගන්නත් සිද්ධ උනා. අප්පච්චි ඒ ගත්ත ණය මුදල් වියදම් කරලා, පරණ ගේ කඩලා එතනම මහා විසාල අළුත් ගෙයක් හදාගෙන ගියා. ඒ උනත් ඉඩම උගස් කරලා ගත්ත සල්ලි වලින් බලාපොරොත්තු උන මට්ටමට ඒ ගේ හදලා ඉවර කරගන්න බැරි උනා. කලින් කිව්ව සර්ව සම්පූර්ණ ගෙදර වෙනුවට වහලේ උස; කපරාරු නොකරපු, බිමට සිමෙන්තිවත් නොදාපු මහ මූසල පෙනුමක් තියෙන ගෙයක් අපිට ඉතුරු උනා. කාලේ ටික ටික ගෙවිලා යනකොට අප්පච්චිගේ බිස්නස් හොඳටම වැටුනා. කන බොන එක පවා හරි අමාරුවෙන් කරගන්න තැනකට පත් වෙද්දී බැංකුවෙන් ගත්ත ණය මුදල ඇරියස් උනා. ඒකෙ ඇරියස් උන ණය ටික ගෙවන්න, ගෙදරට ටිකක් ඈතින් තිබුන අක්කර බාගෙක ඉඩම කසිප්පු විකුනලා පොහොසතෙක් උන “කසිප්පු රාළහාමි” ට විකිණුවා. එහෙම කරලත් ගෙදර තියෙන ඉඩම උගසෙන් බේරගන්න බැරි උනා. බැංකවෙන් සිහි කැඳවීම් ලියුම් එක, දෙක එන්න පටන්ගත්තා. එන එන ලියුම කියවලා හුස්මක් අල්ලලා කුණු කූඩෙට දාද්දී පොලී, වැල් පොලී වෙලා ණය බර අහස උසට නගින්න ගත්තා. එක දවසක ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී ගෙදර බිත්තියේ දැන්වීමක් ගහලා තිබුනා. “…….. ලිපිනයේ පිහිටි පර්චස් 30 ක ඉඩම සහ නිවස වෙද්දේසි කරනු ලැබේ” කියන එක ඒ දැන්වීමේ සඳහන් වෙලා තියෙනකොට ඒ ලිපිනය අපෙ ගෙදර ලිපිනය කියන එක මම තේරුම්ගත්තා. පහුවදා ඉස්කෝලෙට යද්දී ගෙදර බිත්තියේ ගහලා තිබුන දැන්වීම ටවුන් එකේ හැම තැනකමත් ගහලා තිබුනා. ගේ ඇතුලේ අම්මා අඬ අඬ ඉද්දී අහල පහළ ගෑණු අය කීපදෙනෙක් අම්මව අස්වසන්න ගෙදරට ඇවිත් තිබුනා. අප්පච්චි කරකියා ගන්න දෙයක් නැතිව අන්ත අසරණ වෙලා තිබුනා. අපි ගෙදර පදිංචි වෙලා ඉද්දීම පිට මිනිස්සු ඇවිත් අපේ ගේ බලලා ගියා. කරන්නම දෙයක් නැති තැන, පර්චස් 30 ක ඉඩමෙන් පර්චස් 15 ක් අපිට දෙන පොරොන්දුව පිට හිඟ වාරික ටික ගෙවලා අඳුරන පවුලක් අපේ ගේයි, ඉඩමයි බේරගත්තා. පර්චස් 15 ක හිස් ඉඩම් කෑල්ල අපිට අයිති වෙද්දී උපන් ගේත් එක්ක ඉතුරු ඉඩම අපිට ඒ විදියට නැති උනා. ඒ මිනිස්සු අපේ ගෙදර පදිංචියට එද්දී, ඊට පිටිපස්සෙන් ලෑලි ගහපු පොඩි ගේ කෑල්ලක අපි තනි උනා. උන්හිටි තැන් නැති වෙනවා කියලා කතාවට අහලා තිබුනට ඇත්තටම උන්හිටි තැන් අහිමි වෙනකොට දැනෙන හැඟීම මොන වගේද කියලා එදා මම දැනගත්තා. කිසිම ඥාතීත්වයක් නැති අසල්වැසියෝ හොයලා බලද්දී, පවුලේ නෑයෝ අපිව නොසලකා හැරියා. දවසක් අපේ ගෙදරට ගෙවල් දෙකකට එහායින් ගෙදර සාදයක් තිබුනා. මම ඒ ගෙදර ඉස්සරහින් යනකොට ඇතුලේ හිටපු ගෑණු පිරිමි කීප දෙකෙන් කසු, කුසු ගාලා මොනවදෝ කතා වෙනවා කියලා මට තේරුනා. එතන හිටපු එක ගෑනු කෙනෙක් “අනේ පව් බං..” කියලා කියනවා මට ඇහුනා. “එහෙනම් උඹ ගෙදර එක්කන් පළයං..” කියලා පිරිමි කෙනෙක් දීපු උත්තරේට එතන හිටපු හැමෝම හිනා උනා. කතාව මොකක්ද කියලා නෑහුනත් කතා උනේ මම ගැන කියන්න මට තේරුනා. මේ ප්‍රශ්ණත් එක්ක හැමදාම පන්තියේ පළවෙනියා උන අක්කාගේ අධ්‍යාපනය කඩා වැටුනා. පන්ති
යේ තුන් වෙනියත් විශ්වවිද්‍යාලයට තේරෙද්දී අක්කා උසස් පෙළ එක විෂයකුත් අසමත් උනා. එතනින් එහාට තවදුරටත් ඉගෙන ගන්න අක්කට ආත්ම ශක්තියකුත්, එයාට උගන්නන්න අප්පච්චිට ආර්ථික ශක්තියකුත් නැති නිසා එයාගේ ඉගෙනීම එතනින් ඉවර උනා. අවුරුදු විසි පහකටත් එහා අතීතයකට දිවෙන මේ කතාවේ තව බොහෝම කලකිරවන මතක තියෙනවා. සතුට හොඳටම තිබුන ගෙදරක, භෞතික සතුටක් හොයන්න ගිහින් ඕනවටත් වඩා තිබුන මානසික සතුටත් ඒ විදියට නැති කරගත්තා. ===================================== දැන් අපි ඉන්න ගෙදර ස්ලැබ් එක උඩට ගොඩ උනාම, තාප්පෙන් එහා පැත්තේ තියෙන කාලයක් අපේ වෙලා තිබුන, දැන් අනුන්⁣ගෙ උන ගෙදර මට පේනවා. කොට්ට ලීයෙන් කඩුවක් කපා ගෙන මාව රජෙක් කරන්න අප්පච්චි කොළ එකතු කරලා ඔටුන්නක් හදන්න කොළ ඇහිඳගත්තු කොස් ගහ තාමත් ඒ ගේ පිටිපස්සේ තියෙනවා. අල්ල රතු කරගන්න දළු කඩාගෙන පොඩි කරලා ගා ගත්ත කැන්ද ගහ දැන් මහ විසාල ගහක් වෙලා තියෙනවා. ඉස්කෝලේ නොගියපු දවසක උදේ ගෙදර පැත්තකින් මම පැළ කරපු ජමනාරං ගහ කොළ පාට බල්බ් දාලා වගේ පීදිලා තියෙනවා. අවුරුද්ද දවසක අප්පච්චි හිටවපු තැඹිලි ගහේ වල්ලක් අතු අතරින් බිමට බර වෙලා තියෙනවා. අපි ඒ ගෙදිරින් යන්න කලිනුත් මට බිම හාරද්දී පොඩිම කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු වල කෑලි, පාට පරණ උන ත්‍රී පෝෂ පැකට්, ප්ලාස්ටික් බෝතල්, කිරි පිටි පැකට් වල දිරලා ගියපු කොටස් හම්බෙනවා. කාලෙකට කලින් අපිම පාවිච්චි කරලා අහක දාපු දෙයක් ඊට අවුරුදු ගාණකට පස්සේ පොළව යට තිබිලා හම්බෙන කොට මට අමුතු සතුටක් දැනෙනවා. ඒ වගේ මතක කිසි දෙයක් අයිති කරගන්න බැරුව වලදැමුනු හැම දේම ඒ තැන් වලම වල දාලා අපිට යන්න සිද්ද උනා. ජීවිතේ කවමදාක හරි මම පොඩි කාලේ ඉඳපු ගේ මට අයිතිකරගන්න පුළුවන් උනොත් මම දැන් එතන තියෙන අළුත් ගේ බිමට සමතලා කරලා අපිට තිබුනු පරන ගෙදර එතනට ගේනවා. ඒ පුංචි ගේ ඇතුලේ අපිට ඕනවටත් වඩා සතුට තිබුනා. අවශ්‍යතාවන් සංකීර්ණ වෙද්දී සතුට නැති වෙලා ගිහින් තියෙන දේවලුත් අහිමි වෙනවා කියලා අත්දැකලා තියෙන නිසා මම ජීවිතේ මහ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේම මිනිස්සුත් එක්ක, මගේම දේවල් නටඹුන් වෙලා ගිය තැනක, අනාගතේ යම් දවසක මටත් නටඹුන් වෙලා යන්න තියෙනවා නම් ම⁣ට ඒ ඇති. අප්පච්චි කොස් කොළ වලින් ඔටුන්නක් හදලා දුන්නට මට කවදාවත් රජෙක් වෙන්න බැරි උනා. කඩු, ඔටුනු, සළුපිලි හැමදේම අතෑරලා අපිට දවසක යන්න උනත්, ඒ මොහො⁣ත එනකන් මාළිගාව හොරු ගත්ත රජෙකුට දැනෙන හැඟීමම, මාළිගාව අත ළඟ තියාගෙන මමත් විඳවනවා. Sherlock Holms1996 අවුරුද්දේ එකදවසක්.... මගේ තාත්තගෙ අම්මගෙ පවුලේ ඔක්කොම රජයේ සේවය කරන අය රජයේ සේවය කරන අය ඉගෙනගන්න අයට ඉගෙන ගන්න ඒවට ගොඩක් උදව් කරනවනෙ.... මම පේරාදෙණියේ කැම්පස් එකට තේරුණා. ඒකට වැඩියෙන්ම සතුටු වුනේ මගේ තාත්තයි අම්මයි... මගේ ලොකු තාත්තා ඒ කියන්නේ තාත්තගෙ අයියා එවක දකුණු පළාතේ ප්‍රසිද්ධ විදුහල්පති කෙනෙක් ....ලොකු තාත්තා මාව විශ්ව විද්‍යාල යන එකට පෙරමුණ ගත්තා.... තාත්තයි මමයි ලොකු තාත්තයි විශ්ව විද්‍යාලයට යන්න එනවා ....මට අදහසක්ම නෑ පේරාදෙනිය නුවර ගැන... හරිම ආගන්තුකයි .... උදේ පාන්දර කෝච්චියේ දැකල මමයි ,තාත්තයි, ලොකු තාත්තයි නුවර ඇවිත් නුවරින් සරසවි උයනට යන බස් එකේ නැග්ගා. රතු පාට CTB බස් එකක් ගලහ හන්දියේ බහිනකොටම මගේ කණ්ඩායමේ අලුත් අය ගොඩයි අයියලා අක්කලා අපිව ඒ බස් වලට නග්ගනවා ලොකු තාත්තයි න් තාත්තයි අපි තුන්දෙනාමේ බස් එකකට නැග ගත් තේ මට නිකන් අමුතුම ලෝකයක් වගේ පෙනුනේ කොහොමින් කොහොම හරි hostel එකටත් ආවා... අදාළ කටයුතු හමාර කරලා රාමනාදන් ශාලාවේ පහළොව කාමරය අරගෙන අපි කට්ටියම පිටතට ඇවිල්ලා වටපිටාව බැලුවම හිතා ගන්න බැරි තරම් සුන්දරත්වයක්..... එතකොට ලොකු තාත්තා කිව්වා එහෙනම් පොඩි දුව අපි යන්නම් ඔයා පරිස්සමෙන් ඉන්න... මට ඒ මොහොතේ දැනුනු හැඟීම තනිකම හුදෙකලාව පාළුව අදටත් හිතට දැනෙනවා ඒ කාලෙ අපි සාමාන්‍යයෙන් තාත්තල ලොකු තාත්තලා එක්ක තිබුනේ දුරස්ථ සම්බන්ධතාව යක්.... දැන් ඉන්න ළමයි වගේ තාත්තල එක්ක ගොඩක් සමීප වුනේ නෑ. ඒකෙ වාසි වගේම අවාසි ඇති හැබැයි මම නම් දකින්නේ ඒකෙ ලොකු ගැඹුරක් තියෙනවා කියලා. අපි ඒක වෙනම කතා කරමු. නමුත් ඒ දෙන්න යන්න හැරෙනකොට මම ඈත ඉඳන් ම බැගෑපත්ව බලාගෙන හිටියත් තාත්තයි ලොකු තාත්තයි නවතින්නෙ නැතුවම ගියා පස්සේ කාලෙක දැනගත්තේ දෙන්නත් යනකොට ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ගිහින් තියෙන්නෙ මම පැය හතරක් ම ඇඬුවා..... අවුරුදු හතරකට පස්සේ මම විශ්වවිද්‍යාලය දාලා ආවෙ අඬ අඬ.. ඉතින් මට මේ උදේ පාන්දර සිතුවිල්ල හිතට නැඟුනේ විශ්ව විද්‍යාලයේ යන්න බෑ කියලා දරුවො ඒකෙ ඇතුලෙ තියෙන සෞන්දර්ය දකින්නේ නැති නිසා වෙන්න ඇති... මම ජීවිතයේ අඩ සියවසක් සම්පූර්ණ කරලා මේ වෙනකොට...... හැම දෙයක් ගැනම තියෙන්නේ සතුටක් අද මගේ ලොකු තාත්තා ජීවතුන් අතර නෑ,.... තාත්තට අවුරුදු අසූ පහ ක්.... මාව මේ සා දුර ඔසවා තැබූ සැමට මම කෙසේ නම් තුති පුදන්නද....සංගීත චාරිකාව 06 මගේ වයස අවුරුදු හතක් වෙනකොට මාම කසාද බැන්ද. ඒ බැඳපු නැන්ද වෛද්‍යවරියක් . ඉතාමත් කරුනාවන්ත කාන්තාවක්. ඇය අති දක්ශ පියානෝ වාදිකාවක්. පියානෝ වාදනයේ සියලු තාක්ෂණික අංග මෙන්ම එහි සියලු අහු මුළු ඇය ප්‍රගුණ කර තිබුනා. ඕනෑම බටහිර සංගීත ප්‍රස්ථාරයක් දුටු මතින් වාදනය කිරීමේ හැකියාව ඇය සතු උනේ දැඩි විනයානුකූල අධ්‍යයනයේ සහ පුහුණුවේ ප්‍රථිපලයක් ලෙසයි. නමුත් ඇය සැඟවුණු මිණි කැටයක්. අප පවා ඇයගේ වාදනය රසවිඳ ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්. ඇගේ දරු දෙදෙනා උසස් අධ්‍යාපනය කෙරෙහි යොමු කරනා අතරතුර නැන්දා විසින් ශාස්ත්‍රානුකූල බටහිර සංගීතය අධ්‍යනය කෙරෙහි ඔවුන් යොමු කොට තිබුනා. නැන්දා ගේ පියාද කළුතර ඉතා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. ඔහු තමාගේම සාත්තු නිවාසයක් කළුතර නගර මධ්‍යයේ පවත්වාගෙන ගියා. එම නිවසේ නිතරම ප්‍රිය සම්භාෂණ සහ සාද පැවැත් වුනා. කළුතර පල්ලියේ ලූර්දු මංගල්‍යයට නැන්දාගේ පියා විසින් ගාලු පාර අද්දර තිබූ ඔවුන්ගේ නිවසේ පැය ගනනක මල් වෙඩි සංදර්ශනයක් පවත්වනවා අපට මතකයි. ලූර්දු මාතාව රැගත් පෙරහැර කළුතර නගර මධ්‍යයේ වීදි සංචාරය කර අවසන් වන තුරුම කිඹුලාපිටියෙන් රැගෙන එන මිනිසුන් විවිධ හැඩ තල සහිත මල් වෙඩි වලින් අහස සැරසුවා. නැන්දා සිය පියාගෙ රෝහලේ ප්‍රථිකාර කරේ උදය වරුවේ පමණයි. නමුත් සවස් වරුවේ ඇගේ නිවසේ දොර ඕනෑම රෝගියකුට විවෘතව පැවතියා. නිවසේ ප්‍රථිකාර සඳහා ඇය කිසි විටෙක කිසිදු මුදලක් අය කළේ නැහැ. ගමේ දුප්පතුනට බෙහෙත් පවා නොමිලේ ලබා දුන්නා. නැන්දා ගේ මවු පාර්ශවයේ මාමාවරුන් තිදෙනා පයියාගල ගමේ සාන්ත ජෝසප් දේවස්ථානයට සම්බන්ධ වු, ගමේ පැරැන්නන් ගේ ආදරට පාත්‍රවූ පත්වූ චරිත තුනක්. ඔවුන් අතරින් දෙදෙනෙකු තරුණ වියේදීම මියගොස් තිබුනත් තවමත් පල්ලියේ උත්සව අවස්ථාවල ඔවුන්ගේ නම් කියවෙනවා.තවම ලේ එනවා හාරපු තැන ඔයා එදා යද්දී පාන්දර දෙකහාමාරයි ලමැද මත්තේ හති අරින්න දහාක් දෙනා ආවාට පපුව අස්සෙ කුරුටු ගාලා යන්න පුළුවන් වුනෙ නෑ කාටවත් එදා ඉදන් එපා වුනා රස්සාවත් කන්න නැති කමට ගොඩකරගත්තාට එක එකා ඇඟට පපුවට බයිපාස් එකක් කරලා වගේමයි රිදුනෙ හැමදාම බඹරු ආවාට සුවඳට කොනිති ගැහුවාට හිමිහිට මං දන්නවා රොන් ගන්නෙ නෑ කියල ගෝඩා හැලිවල මලක මිස ආදරේ බල නහාර කපලා දලා තියෙද්දී ඇස් කරකවලා විද්දේ ඇයි පපුවේ හරි කොන හොයලා ඇත්තට රෝස මල් යායට ගිහින් මලක් මත්තේ වැහුවාට දුකක් නෑ මට පින් සිද්ද වෙයි උගුල්ලා දාලා යනවාද කටු ඇනි ඇනි රිදෙන පපුව ඇතුලේ ඉන්දපු රෝස අත්ත රසිකා නවරත්න ____හදිස්සියේම අපිට දෙමෝදර යන්න වුනේ සිතුමිගේ සුදු ආච්චිව බලන්න. එයාගේ අසනීප තත්ත්වය වැඩිවෙලා කියලා පණිවිඩයක් ඇවිත් තිබ්බා. අපි යද්දි පළතුරු වර්ග තමයි ගොඩක් අරන් ගියේ. සිතුමි ටිකක් දුකෙන් වගේ ආච්චි දිහා බලාගෙන හිටියා. ආච්චිත් පුළුවන් විදිහට එයා එක්ක කතා කළා. ආච්චි - මගේ සුදු මැණික මාව බලන්න ආවා නේද? සිතුමි - ම්...ඔයා මේ පළතුරුද හැමදාම කෑවේ. ආච්චි - ඔව් දෝණි. දැන් පළතුරක් දෙකක් තමයි කන්න පුළුවන්. මට මෙච්චර කන්න බෑ ඔයා මේවා අරන් කන්න. සිතුමි - නෑ එපා. ඉතිං ඇයි එහෙනම් ඔයාට හොඳ වෙන්නෙ නැත්තේ. ශක්තිය එන්නෙ නැත්තේ. ආච්චි - එහෙම තමයි වයසට ගියාම. සිතුමි - මට තේරෙන්නෙ නෑ. දැන් කොහොමද ඔයාට. ආච්චි - අනේ මන්දා දෝණි. කවුරුත් දන්නෙ නැතුව ඇති මට යන්න වෙන වෙලාව. සිතුමි - නෑ ඩෙවන් හාඩ් දන්නවා. සිතුමි එහෙම කිව්වාම කාමරේ හිටිය හැමෝම හිනාවුනා. සිතුමි තරහින් වගේ හැමෝම දිහා බලලා ඇයි හිනාවෙන්නෙ කියලා අහද්දි හැමෝම කළේ ආයෙත් එයාට හිනාවෙන එක. ඒක හින්දා සිතුමි තරහින් අත්දෙක බැඳගෙන හැමෝටම ගස්සලා කාමරෙන් එළියට ගියා. සුදු ආච්චිව බලන්න ගිහින් ගෙදර ඇවිල්ලා දවසක් දෙකක් ගියා. මම තේ එක අරන් කොරිඩෝ කෑල්ලට එද්දි සිතුමි රතුපාට ගවුමකුත් ඇඳගෙන කොටුවකින් යකඩ වැටට හිමින් තට්ටු දදා ඉන්නවා දැක්කා. දවස් දෙක තුනක්ම රතුපාට ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැක්ක හින්දා මම ටිකක් එයා දිහා බලාගෙන හිටියේ එයා එකම පාට දිගටම අඳින්නෙ නැති හින්දා. තේ එක අරන් උඩම පඩිපෙළේ ඉඳගත්ත මම එයාට කතා කළේ මොකක් හරි ප්‍රශ්නයක් තියනවා වගේ දැනුණ හින්දා. බාප්පා - මොකෝ කල්පනාව. සිතුමි - ආ...බාප්පේ මට ලොකු ප්‍රශ්නයක්. බාප්පා - කියමු බලන්න සිතුමි - දැන් මමයි අක්කායි කන්නෙත් සුදූට එදා අරන් ගිය පළතුරුමනෙ. බාප්පා - ම්...ඔව් සිතුමි - ඉතිං බාප්පේ ඒවා කද්දි අපි ලොකු වෙනවා. ශක්තිමත් වෙනවා නේද?” බාප්පා - ඔව්. සිතුමි - ඇයි එහෙනම් සුදූ ලොකු වෙන්නෙ නැත්තේ.ශක්තිමත් වෙද්දි ඒවා කද්දිම. බාප්පා -ආ...මිනිස්සු වර්ධනය වෙන ඒ කියන්නෙ ලොකු වෙන සීමාවක් තියනවා. පොඩි කාලේ කෑම ලොකු වෙන්න ප්‍රධාන හේතුවක් වුනාට ලොකු වුනාට පස්සේ එහෙම වෙන්නෙ නෑ. සුදු ආච්චි දැන් වයසයිනෙ. සිතුමි - හරි කීය වසරේ ඉඳන්ද එහෙම වෙන්නෙ. බාප්පා - එහෙම වසරකදි නෙමෙයි. සිතුමි - අ...එහෙනම් අවුරුදු 50 දිද 55 දිද? බාප්පා - අ...ඒක නම් මම දන්නෙ නෑ
. මම හොයලා බලන්නම්කෝ. සිතුමි - ඔයා පොත් ලියලාත් ඒවා දන්නෙ නැද්ද? බාප්පා - පොත් ලියනවා කියන එකේ තේරුම හැමදේම දන්නවා කියන එක නෙමෙයි. සමහරු නම් එහෙම හිතන් ඉන්නවා තමයි. සිතුමි - ඔයා දැන් දැනගන්න එහෙම වෙන්නෙ ඩෙවන් හාඩ් හින්දා. බාප්පා - එදාත් ඔයා ඔය කතාව කිව්වා. මොකාද ඩෙවන් හාඩ් කියන්නෙ. සිතුමි - ඔන්න අහගන්න. අපි කෑම කෑවාම ඒවා බඩට යනවානෙ. බාප්පා කියලා දුන්නෙ ඊට පස්සේ කෑම එන්.. එන්..මොකක්ද වෙන්නෙ බාප්පේ. බාප්පා - ආ..එන්සයිම වලින් ජීරණය වෙන ඒවා සෛල මඟින් උරාගන්නවා. සිතුමි - අන්න එහෙම වෙනවානෙ. ඩෙවන් හාඩ් කෑම අපේ බඩට එන එක නවතනවා. අපි හිතනවා බඩට යනවා කියලා ඒත් එයා ඒවා හොරකම් කරලා එයාගේ මාලිගාවට ගිහින් දානවා. බාප්පා - ඇත්තට..ඉතිං අපි හපලා කන ඒවානෙ ඩෙවන් මොනාද ගන්නෙ. ගොඩ ගහගද්දි කුණු වෙන්නෙ නැද්ද?" සිතුමි - නෑ නෑ එයා ඒවා ගොඩක් සීතල පෙට්ටිවල දානවා. එයාට ඒවාගෙන් තමයි ශක්තිය එන්නෙ. බාප්පා - ආ...හරි ශක්තියනෙ තේරුණා. සිතුමි - එතකොට අපි කන දේවල් හොරකම් කළාම බාප්පා කියපු එන්...මොකක්ද එක වෙන්නෙ නෑනෙ. අන්න එතකොටයි මිනිස්සු මැරෙන්නෙ. බාප්පා - මොන මඟුලක්ද කවුද ඔයාට ඕවා කිව්වේ මොකාද ඩෙවන් හාඩ් කියන්නෙ. සිතුමි - මම බලන කාටුන් එකේ දුශ්ඨයා තමයි එයා. එයා ඇත්තටම ඉන්න කෙනෙක්. බාප්පා - මෙච්චර වෙලා වැඩදාලා කාටුන් එකක් ගැනද කියෙව්වේ. හරි එතකොට ළමයි විදිහට කොටසක් මැරෙනවා, තරුණ අය මැරෙනවා, වයසට ගිහිල්ලාත් මැරෙනවා. එහෙම වෙන්නෙ ඇයි? සිතුමි - ආ...ඒ ඩෙවන් හාඩ්ට ඕන කෙනාව තමයි එයා අල්ලාගන්නෙ. එයා මහා නරක කෙනෙක්. එයා හිතුන හිතුන අයට එහෙම කරනවා. ඒකයි මිනිස්සු එක එක වයසේදි මැරෙන්නෙ. ඔයා දන්නවාද ඩෙවන් හාඩ්ට රතු පාට පෙන්නෙ නෑ. බාප්පා - ආ...දැන් මට තේරුණා රතු පාට මොකද කියලා. සිතුමි - ඔයත් රතු පාට අඳින්න බාප්පේ. හැබැයි කාටවත් කියන්න යන්න එපා තේරුණාද ඔයාට. බාප්පා - නෑ තේරුණේ නෑ ඇයි ඒ? සිතුමි - ඇයි අහන්නෙ. හැමෝම රතුපාට ඇන්දාම එයාට තේරෙනවානෙ මොකක් හරි ප්‍රශ්නයක් කියලා. ඊට පස්සේ එයාට රතු පාටත් පෙන්න ගත්තොත් එහෙම. බාප්පා - ආ... ඒකෙන් වැඩක් නෑ. ඇක්සිඩන්ට් වගේ දේවල්වලින් මිනිස්සු මැරෙන්නෙ කොහොමද එතකොට. කියන්න බලන්න. සිතුමි - ආ...ඒවා කරන්නෙ ඩෙවන් හාඩ්ගේ මල්ලිලා එයාට මල්ලිලා ගොඩක් ඉන්නවා. වෙන වෙන විදිවලට මැරනේනෙ ඒ අය හින්දා. හරි නරක අය ඩෙවින් හාඩ්ලා කියන්නෙ. සමහර වෙලාවට එයාලා දැනුත් බාප්පා දිහා බලාගෙන ඉන්නවා ඇති. මම කටත් ඇරගෙන සිතුමි දිහා බලාගෙන හිටියේ මොනවාද කියන්නෙ කියලා හිතාගන්න බැරුව. .............................................. ආයෙත් හමුවෙමු.*මවකගේ සමුගැන්ම* ලැබුවේ උතුම් මවු පදවිය ඔබ හින්දා... රැදුනේ හදවතේ උනුසුම නොම සින්දා... ගැලුවේ සෙනෙහසයි නැහැ නැවතී කිසිදා... සමුගෙන යන්නෙ කෙලසද ඔබ මෙහි හැරදා... අම්මා කියන නම ඇසෙනා වෙලාවට... නිම්මා නොමැත හද උපදින සෙනේකට... නිසිකල ඇවිත් ඇතිමුත් අද පුතේ මට... සිත සවිනොමැත යෑමට නොඑනා ගමට... හදවත නැගෙන සිතුවිලි නම් නිමක් නැත... ඔබ වැනි කෙනෙක් මට මේලොව තවත් නැත... නොඑනා ලෙසට හැරදා යන්නට ඈත... නොහැකි දෙයක් වෙනනම් හමුවෙලා නැත... මේ ලොව ගතිය නසනා කෙනෙකුන් ඇතිද? දිවිමග මගේ තව දිගුකල හැකිවෙද්ද? දිව ඔසුවක් හෙම කිසිවෙකු ලඟ නැතිද? නොමැරෙන කෙනෙක් කිසිවෙකු දැකලම නැතිද? නැහැ කිසිකෙනෙක් දිනුවේ යුද්ධය මාර... බැහැ පුත මටද එය කෙරුමට මෙවර... එනමුත් පුතේ උඹගේ සෙනෙහස සාර... ගෙනයමි මගේ හදවත තුල මගනෑර... උපනොත් ලොව් මැරෙනා බව සැකක් නැත... මැරුනොත් පුතේ යලි ඉපදීමක්ද ඇත... එබැවින් පුතේ යොදවා නිසි මගෙහි සිත... නොගියොත් පුතේ නිවනක් නම් කිසිත් නැත... රූසෙන්... 07/01/2024...## **මළගිය ඇත්තන් ගිය පාර දිගේ ඉනොකෂිරා උයනට** ජපානයේ කන්තෝරු බොහොමයක් නෙන්මත්සු යසුමි නැතහොත් අලුත් අවුරුදු නිවාඩුවට දින කිහිපයක් වසා දැමෙයි. මාස කිහිපයකට පෙර සංගෙන්ජයා සිට වකබයෂි දක්වා නොරිකො සොයා ගිය ගමනෙන් කිසිදු පලක් නොවූයෙන් මම අධෛර්යයට පත් වී සිටියෙමි. (ඒ ගමන ගැන කලින් දිනක ලියා ඇත.) යා යුතු තැන් තව බොහෝ තිබුනද සතියෙන් සතිය එය කල් දැමීමට විවිධ හේතු කාරණා සොයා ගත් නමුත් වසර අවසාන නිවාඩුව ලංවත්ම නැවතත් නොරිකො සොයා යාමට මගේ සිත මට බල කරයි. නොරිකො සොයා ගැනීමට නම් ඉනොකෂිරා උයන වෙත නොගොස් බැරිය. කබුකි සාලා අවටද පීරාබැලිය යුතුය. ඉනොකෂිරා වෙත යාමට පළමුව කබුකිසා වෙත යාමට මම තීරණය කළෙමි. > "මම කබුකි වලට හරී-ඊ කැමතියි," යි ඈ තම හිස කරකවා දෑස පියාගෙන කීවාය. ~ පිටුව 17, මළගිය ඇත්තෝ. අසකුසා මාර්ගයේ පොලොව යටින් දිවෙන අසකුසා විදුලි දුම්රියෙක නැගී හිගෂි ගින්සා වලින් බැස මතුපිටට පැමිණි තැනම කබුකිසා සාලාව හමුවෙයි. මා එහි යන විට එය වසා දමා තිබෙනු දක්නට ලැබුණි. අලුත් අවුරුදු උදාව නිසා විය යුතුය. ඉතා පුළුල් සහ දැකුම්කළු ලෙස සාදා තිබූ කබුකි සාලාවේ ප්‍රධාන දොරටුව ඉදිරිපස සිටගෙන ඡායාරූප ගන්නා දෙස් විදෙස් සංචාරකයන් බොහෝය. කිමෝනො හැඳ කබුකි සාලාව අසළ ගැවසෙමින් සිටි ජපන් යුවතියන් කීප දෙනෙකු දැකීමෙන් නොරිකො මුණ ගැසීමේ මගේ බලාපොරොත්තුව ද ඉහළ ගිය බව නොකිව මනාය. එහෙත් ඇය ඒ අතර නොවීය. බලාපොරොත්තු සුන් කරනොගත යුතුය. තව යාමට කබුකි සාලා කිහිපයක් ම ඇත. නැවතත් විදුලි දුම්රියෙක නැගී තකරාසුකා රංග සාලාව වෙත ගිය මට දක්නට ලැබුනේ එයද වසා දමා තිබූ බවය. > "තෝජුරෝ ගෙ ආලය කියන කතාව දැන් තකරාසුකා සාලාවෙ පෙන්වනවා. ඒකෙ තෝජුරෝ හැටියට එන්නෙ සෙංජකු. සෙංජකුට හරි කැමතියි කිමිකො." ~ පිටුව 61, මළගිය ඇත්තෝ. අලුත් අවුරුදු දා මෙහි ඒමට ගත් තීරණය ගැන මා පසුතැවුනා යයි කීමට නොහැකිය. මන්ද නොරිකො මෙහි එතොත් ඒ එන්නේද සෙනග වැඩිපුර නොගැවසෙන දිනයෙක විය යුතුයැයි මට හැඟුන බැවිනි. තකරාසුකා සාලාව අවටද බොහෝ වේලාවක් රැඳෙමින් එය ඉදිරියෙන් ගමන් ගන්නවුන් දෙස බලා සිටියද ඉන් පලක් නොවීය. මෙතැනින් පිටවී මෙයිජිසා වෙතද යා යුතුය. නැවත දවසක තෝජුරෝ ගෙ ආලය රඟ දක්වන වෙලාවක් බලා පැමිණිය යුතුයයි මා කල්පනා කරමි. එවිට කිමිකො වත් මුණ ගැසීමට ඉඩ ඇත. මෙයිජිසා වෙත පයින්ම ගමන් කිරීමට මා තීරණය කලේ එතැන් සිට වැඩි දුරක් නොවූ හෙයිනි. බලාපොරොත්තු වූ පරිදිම එයද වසා ඇති බව දුර තියාම දුටුවත් නිවාඩු දිනයේ රංග සාලාව වටා ඇවිදිමින් නැවතෙමින් ගමන් කරනා මිනිසුන් අතලොස්ස අතරේ නොරිකො යයි සිතිය හැකි රුවක් සෙවීමේ අසාර්ථක උත්සාහයක මම යෙදුනෙමි. මා අසලින් ගමන් ගත් වයස අවුරුදු සැත්තෑවකට වැඩි යැයි සිතිය හැකි යුවළක් එතැන මඳකට නැවතී දැන්වීම් පුවරු වල අලවා තිබූ කබුකි නාට්‍ය දර්ශන වාර පිළිබඳ දැන්වීම් පත්‍රිකා කියවන්නට විය. තව දුරටත් එහි රැඳීමෙන් පලක් නැත. අඳුරු වැටීමට ප්‍රථම ඉනොකෂිරා උයනටද ගොස් බැලිය යුතුය. දෙවෙන්දොරා සං සමග ඔරු පැදීමට ගිය ගමන ගැන මතකයන් සිහිකරමින් නොරිකො තවමත් ඉඳහිට එහි එන යනවා විය නොහැකිද? තෝකියෝ නගරයට මඳක් එපිටින් පිහිටි ඉනොකෂිරා උයන වෙත යාමට නම් විදුලි දුම්රියක නැගී කිචිජෝජි, මිතකා, නැතහොත් ඉනොකෂිරා දුම්රිය ස්ථාන වලින් එකකින් බැස ගත යුතුය. විදුලි දුම්රියෙන් බැස මඳ දුරක් ඇවිද ගිය පසු මට ඉනොකෂිරා උයනට පිවිසෙන තැන සොයා ගත හැකි විය. නොරිකො ඇවිද ගිය මං සලකුණු සොයා ඉනොකෂිරා උයන තුල හා ඒ අවට ඉබාගාතේ සැරිසරද්දී මට සම්බ වූ මිනිසුන්ට මම ඇය ගැන කීවෙමි. ඔවුන් මහත් වූ උනන්දුවකින් ඒ් ගැන අසා සිටි අතර සමහරෙක් ඔවුන් යාමට ආ ගමන් පසෙක ලා මග සළකුණු පෙන්වීමට මා කැටුව යාමට පවා කාරුණික විය. තමගව ජෝසුයි ඇල පෙන්වීමට බොහෝ දුරක් මා කැටුව ගිය මැදි වියේ ජෝඩුවක් ද, ඔසාමු දාසයි දිවි නසා ගත් තැන පෙන්වීමට ඉදිරිපත් වූ වියපත් කාන්තාවක්ද ඒ අතර විය. උයනට පිවිසෙන තැන පඩිපෙලක් මත වාඩි වී බීර තොල ගාමින් සිටි මැදි වියේ යුවලක් සහ වියපත් ජපන් ජාතිකයෙක් දුටු මම ඔවුන් වෙත ගියෙමි. "මෙතනට ඉඳ හිට ආගිය කෙනෙක් ගැන හෝඩුවාවක් හොයාගෙන යන ගමන්" "කොයි රටේ කෙනෙක්ද?" ඒ වෙලේ ඉර බැස ගොස් තිබූ නිසා අවට පරිසරය අඳුරු වී තිබුනද මා ජපන් බස උච්චාරණය කළ ආකාරයෙන් ඔවුන් නිසැකවම මා විදේශිකයෙකු බව හැඳිනගන්නට ඇත. "මම ලංකාවෙ. ඒත් මම සොයන කෙනා මේ රටේ කෙනෙක්. තමගව ජෝසුයි ඇළ තියෙන්නෙ කොහෙද කියල මට කියනවද?" > සංවාදය හුරු පුරුදු ප්‍රශ්නෝත්තර මාලාවකට පෙරලේ. ~ පිටුව 68, මළගිය ඇත්තෝ. "ආ සෙයිලෝන්? කෝචා තියෙන රට" (කෝචා යනු ජපන් බසින් දුඹුරු තේ වලට කියන නමයි. ජපන් ජාතිකයන් වැඩිපුර බොන කොළ පැහැති තේ වර්ග ඔවුන් ඕචා යනුවෙන් හඳුන්වති.) "ජපානයට ඇවිත් හුඟක් කල්ද?" "අවුරුදු පහක් විතර ඇති." "බොහොම හොඳට බාසාව පුළුවන්." "මට හොඳින් ජපන් කතා කරන්න බැහැ. ඒක හරි අමාරුයිනෙ. මම තවම ඉගෙන ගන්නවා." මා මෙහි පැමිණි කාරණය පිළිබඳව ඔවුන්ට විස්තර කර දීමෙන් පසු, "ඇළ පහු කරගෙනයි අපි ගෙදර යන්නෙ. අකමැත්තක් නැතිනම් එන්න අපි එක්ක." යැයි මැදිවියේ ජෝඩුව මා හට පැවසීය. තමගව ජෝසුයි වෙත ළඟා වන විට රාත්‍රි හත පමණ විය. වට පිටාව අඳුරුය. ශිත කාලයට සවස හතරයි තිහ පමණ වන විට තෝකියෝ වලට ඉර බැස යයි. අඳුරු වැටුනු පසු නොරිකො මෙහි ඒ යැයි සිතීම උගහටය. ඉනොකෂිරා උයනට නැවත යාමෙන්ද පළක් නැති බැවින් අදට මා නිවස බලා ගොස් නැවතත් පසුවදා මෙහි ආ යුතුය. ..... ..... ..... ..... ..... ..... ..... ..... ..... ..... ..... ..... පසුවදා දහවල් වනතුරු නිදාගත් මට ඇඳෙන් නැගිටීමටවත් සිත් නොදෙයි. ශීත කාලයේ, විශේෂයෙන් නිවාඩු දින වල උදෑසන ගෙදරින් එළියට බැසීම මට මහත් අමාරු කාරියකි. එහෙත් ඊයේ ගිය ගමනේ කෙළවරක් දැකීමට අද මා යා යුතුය. පැයක් පමණ විදුලි දුම්රියෙන් ගමන් කොට මිතකා වලින් බැසගත් මට දුම්රිය පළින් එළියට ආ වනම තමගව ජෝසුයි ඇළ හමු විය. ඊයේ සවස ආ මග ඔස්සේ මම ඉනොකෂිරා උයන පැත්තට ඇවිද ගියෙමි. ඇළේ නොගැඹුරු වතුර සෙමෙන් ගලා යයි. නමුත් වැසි කාලයට අඩි දහයකට වඩා උසින් වේගයෙන් වතුර ගලා යනවා විය යුතුය. ඇළ දෙපස කොළ හැලී ගිය යොෂිනො සකුරා ගස් වල මල් ප
ොහොට්ටු පිරී පැවතුනද ඒවා මාර්තු මාසයේ අග දක්වාත් පිපෙන්නේ නැත. ඇලට සමාන්තරව දිවෙන මාර්ගය අසළ තිබී දසයි ඔසාමුගේ මතක සටහන් සහිත පුවරුවක් මට හමු විය. ඔහු දිවි නසා ගත් තැන සොයා මම ඉදිරියටත් පසුපසටත් ඇළ දිගේ කීපවාරයක් ඇවිද යන අතරේ නොරිකො කිසි දිනෙක එවැනි තීරණයක් නොගන්නට ඇති බව මම මා හටම කියා ගනිමි. > "ඇයි සිය දිවි නසා ගන්න ඕනෙ නම් මීට වඩා ලස්සන තැනක් සොයා ගන්න බැරි උනේ? පූජි කන්ද මීට වඩා නරකය?" යි මම විහිළුවට කීවෙමි. ~ පිටුව 45, මළගිය ඇත්තෝ. පාර මාරු වීමට නැවතුන වියපත් සහ කරුණාවන්ත පෙනුමැති ජපන් කාන්තාවකගෙන් මම දසයි ඔසාමු ගැන ඇසීමි. "දසයි ඔසාමු දිවි නසා ගත්ත තැන කරුණාකර මට පෙන්වන්න පුළුවන්ද?" " ඔබ ඔහුගේ රසිකයෙක්ද?" ඇත්ත වශයෙන්ම මම ඔහුගේ පොත් කියවා නැති මුත් පුරුද්දට මෙන් "හයි" (ඔව්) යැයි කියවුන පසු ඇය මහත් උනන්දුවෙන් යා යුතු ගමන පසෙකලා මා කැටුව යාර සියයක් පමණ ආපසු ගොස්, මාර්ගය අසළ වූ පුවරුවක් පෙන්වා, "මෙතැන" යයි පැවසුවාය. ඇය නොරිකො විය නොහැකිද? "මම මෙහෙ ජීවත් වෙන්නෙ අවුරුදු පනස් පහක් තිස්සෙ" මම ඇගේ නම නොඇසීමි. එහෙත් ඇය නොරිකො නොවන බව මට දැනේ. ඇරත් නොරිකො වකබයෂි වලින් ඉවත්ව මිතකා වල වාසයට පැමිණීමට අදහස් කළ බවක්ද මට මතක නැත. වසර ගණනාවකට පෙර දිනයක නොරිකො අද මා සිටින තැනම සිටගෙන තමගව ජෝසුයි ඇළ දෙස බලා සිටින්නට ඇත. එහෙත් අද ඇය එතැන නැත. > "එදා මතකද අපි ඉනොකෂිරා උයනට ගිය වේලෙ. අපි හිටිය නේද අර තමගව ජෝසුයි කියන ඇළ කාණුව ගාව? දසයි ඔසාමු දිවි නසා ගත්ත තැන? ~ පිටුව 55, මළගිය ඇත්තෝ. මම අරමුණකින් තොරව ඉනොකෂිරා උයන තුලට ඇවිද ගියෙමි. එකිනෙකාට මුමුණමින්, සිනහ වෙමින් ඇවිද යන තරුණ ජෝඩු විටින් විට මට හමුවෙයි. ඒ අතරේ තනිවම බංකුවක වාඩිවී ඉනොකෂිරා විල දෙස බලා සිටින වියපත් කාන්තාවක් මට නොරිකො ගේ කෙළිලොල් වචන සිහිගන්වයි. > "අවුරුදු දහයක් වෙනකොට මම නාකි ගෑනියෙක් වේවි." ඇය නැවතත් සිනාසෙමින් කීවාය. ~ පිටුව 22, මළගිය ඇත්තෝ. ඒ් නොරිකො දැයි නිච්චියට ම දැන ගැනීමට ක්‍රමයක් නැත. මම නොරිකො ගේ වර්තමාන ස්වරූපය සිතින් මවා ගැනීමට තැත් කරමි. එහෙත් මට එය කළ නොහැක. මා සිතේ ඇඳී ඇත්තේ හැටපස් වසරකට පෙර සිටි නොරිකො පමණි. එය ගලේ කෙටුවාක් මෙන් නොසැලී පවතින්නකි. ඇය දැන් වියපත් ව ඇති බව සිතීමට පවා මා අසමත්ය. ඉනොකෂිරා විලේ ඔරු සියල්ල එක තැනකට ගාල් කර තිබෙනු මට පෙනේ. ඔරු පැදීමට අද කිසිවෙකුත් නැත. ඒ අසලින් ඇදී යන පාත්තයන් නගන හඬ සිතට දනවන්නේ කණස්සල්ල සහ තනිකම මුසු හැඟීමකි. උයන තුල සැරිසරන සිය ගණනක් මිනිසුන් අතරේ මා තනිව ඇත. මා සොයන රුව ඒ අතර නැති බැවිනි. > "අපි විදුලි කෝච්චියේ නැගී, ඉනොකෂිරා උයනට ගොස්, එහි දී ඔරු පැද්දෙමු. මා කිසි දිනෙක හබලක් අතට ගෙන නැත. එහෙත් ඈ මනා පළපුරුද්දකින් ඒ මේ අත යන වෙනත් ඔරු අතර අපේ ඔරුව දක්ෂ ලෙස පැදගෙන ගියාය." ~ පිටුව 44, මළගිය ඇත්තෝ. ඊයේ පඩිපෙල මත හිඳගෙන සිටි මහළු මිනිසා අදද එහි සිටී. මා සමග දොඩමළු වූ ඔහු තරුණ කාලයේ රටින් රට ඇවිදිමින් තමා ගෙවූ ජීවිතය පිළිබඳව මට පැවසීය. යුරෝපයේ හා ආසියාකරයේ ඇවිදිමින් සිටියදී බාසිලෝනා නුවරදී හමුවූ ස්පාඤ්ඤ ජාතික යුවතියක හා තමා විවාහ වූ බවත් ඔවුන්ට රටවල් හතරකදී දරුවන් හතර දෙනෙකු ලැබුන බවත් හෙතෙම පවසයි. බිරිඳ සහ දරුවන් දැන් ඔහුගෙන් වෙන්ව ජීවත් වන බවත්, වසර දහයක සිට ඔහු ඉනොකෂිරා උයන තම නිවස කොට ගෙන එහි ජීවත් වන බවත් හෙතෙම කියා සිටී. ඔහුට ඉතා හොඳින් ඉංග්‍රීසි බාසාව ද හැසිරවීමට හැකිය. අබලන්ව ගිය පරණ බහාලුමක් ඇර කුඩා ගිටාරයක් ඉවතට ගන්නා ඔහු එය වාදනය කරමින්, ඈත දුරු රටක ඇති මකරුන්ගෙන් පිරි දූපතක් ගැන ඉංග්‍රීසි ගීයක් ගයයි. ඉන්පසු ජපන් ගැමි ගීයක් ද ගයයි. එහි වචන බොහොමයක් මට නොතේරේ. එතැනින් යන එන අය ඔහු ඉදිරියේ ඇති බාජනයට කාසියක් හෝ දෙකක් දමා යති. ඔහුගේ මුහුණේ ඇත්තේ සිනහවකි. කටහඬ ප්‍රීතිමත් සහ සැහැල්ලු එකකි. එහෙත් මගේ හිතට නැගෙන්නේ දුක්මුසු බවකි. කොහේදෝ ඈතක සිට මට ඇසෙන්නේ හිදෙජි මන්ද්‍ර ස්වරයෙන් ගයන ඉත්සුකි නො කොමොරි උතා ගීතයේ දුක්මුසු පද වැලයි. මම දුප්පත් හිඟන කෙනෙක්, යන්තමින් දෙවේලෙ යැපෙන, ඒ අය හොඳ පෝසත් අය, පළඳින හොඳ සිනිඳු ඇඳුම්. මගේ හුස්ම ගිය දාකට පාර අයිනෙ වළ දමාවි, යන එන අය සොහොන උඩට මලක් වීසි කරල යාවි. > ~ පිටුව 100, මළගිය ඇත්තෝ. මම එතැනින් පිටත්ව සීතලේ වෙව්ලමින් දුම්රිය පළ දෙසට ඇවිද යමි. නොරිකො සොයා යන මේ ගමනේ අවසානය කෙසේ වේ දැයි මා නොදනිමි. එහෙත් ඒ ගමන මා කෙසේ හෝ යා යුතු බව පමණක් දනිමි. ## උපුටා ගැනීම් වල ගෞරවය සහ අයිතිය: මළගිය ඇත්තෝ, එදිරිවීර සරච්චන්ද්‍ර ..... ..... ..... ..... ..... ..... ..... ..... ..... ..... ..... ..... ## පැහැදිලි කිරීම: පොතේ 44 සහ 45 පිටු වල ඉනොකෂිරා උයනෙහි පිහිටි, අකුතගාවා පැන සිය දිවි නසා ගත් කාණුවක් ගැන සඳහන් වෙයි. එම පිටුවේ ම පහළ, රෂෝමාන් චිත්‍රපටයට පාදක වූ කතාව ලියූ රචකයා ලෙසද ඔහු හඳුන්වා දෙයි. පොතේ 55 පිටුවේ ද නැවත ඉනොකෂිරා උයන අසළ තමගව ජෝසුයි කියන ඇළ කාණුව දසයි ඔසාමු සිය දිවි නසා ගත් තැන ලෙසට සඳහන් වෙයි. අකිරා කුරොසාවා ගේ රෂෝමාන් චිත්‍රපටයට පාදක වූ කතාව අකුතගාවා ගේ (අකුතගව රියුනොසුකෙ) බව ඇත්තකි. නමුත් මා දන්නා සැටියට ඉනොකෂිරා උයන අසළ තමගව ජෝසුයි ඇළට පැන දිවි නසා ගත්තේ අකුතගාවා නොව දසයි ඔසාමු ය. ඉනොකෂිරා උයන අසළ මිතකා නගරයේ ජීවත් වූ දසයි ඔසාමු ගේ මතක සටහන් ඒ අවට විසිරී ඇත. අකුතගාවා මිය යන්නේ බාබිටල් නමැති නිද්‍රා ඖෂධයක් විෂ වීමෙන් බවයි සඳහන් වෙන්නේ. මේ පටලැවිල්ල වෙනම කාරණයක් බැවින් එය ලිහා ගැනීම පසුවට තබමි.සිතුමි දැන් තුන වසරේ. එයාගේ අම්මා රට ගිහින් දැන් අවුරුද්දකට කිට්ටුයි. සිතුමියි එයාගේ අක්කයි අපිත් එක්ක තමයි ඉන්නෙ. හොඳ මොළයක් එක්ක කටත් තියනවා. හැබැයි පාඩම් වැඩවලට නම් නෙමෙයි. මොනවා කරගයිද කියලා නම් දන්නෙ නෑ. ඊයේ මම පොතකට ඕන විස්තර ගන්න ඒවා බිම දාගෙන කොළ කියව කියව හිටියා. සිතුමි ඇවිත් ළඟින් ඉඳගත්තා. සමහර වෙලාවට එයා කියන කතා දිගට අරන් යන්න කැමති වුනත් ළඟට ආවොත් විනාශයක් කරලා යන හින්දා දැක්කේ නෑ වගේ ඉන්න එක තමයි ඇගට ගුණ. කතා නොකර ඉන්න හිතුවාත් එයා ගොඩක් වෙලාවට ක්‍රමයක් හදාගන්නවා. බාප්පා- තියන්න කිව්වේ ඔය කොළේ බිමින්. සිතුමි - ඇයි බාප්පේ මේ කොළ ඇල්ලුවාම දියවෙනවාද? බාප්පා - ඔව්, ඔයා වගේ අය ඇල්ලුවාම දිය වෙනවා. කරුණාකරලා පැත්තකින් තියන්න. සිතුමි - බාප්පේ... බාප්පා - මොකද? සිතුමි - අපේ රට මුහුදෙන් වටවෙලානෙ තියෙන්නෙ නේද? බාප්පා -ඔව්, සිතුමි - එතකොට පිටරටින් මොනවා හරි ගේනවා නම් එක්කෝ නැව්වලින් නැත්තම් ප්ලෙන්වලින් නේද ගේන්න ඕන.ආ...නැත්තම් උමඟකින්. බාප්පා - මොකක්..!! උමඟක්. සිතුමි - ඇයි බාප්පා ලියන්න යන කතාවක උමඟක් තියෙන්නෙ. ඒවගේ පිට රටක ඉදන් මේ රටට කවුරු හරි උමගක් හදලා තියෙන්න පුලුවන්නෙ. බාප්පා - ඔ...ඔයා කොහොමද මම ලියන කතාව ගැන දන්නෙ. සිතුමි - හි හි හි මම පුංචියි ඔයයි උමඟ ගැන කතා කරනවා අහගෙන හිටියා. බාප්පා - ලෙකු වුනාම මොකෙක් වුනෙ නැතත්. පැපරාසියෙක් නම් වෙයි වගේ සිතුමි - පැපරාසියා කියන්නෙ කාටද බාප්පේ.. බාප්පා - ඒක වැඩක් නෑ මොකක් ගැනද කතා කරන්න ආවේ කියන්න. සිතුමි - ආ...ඒ මගේ යාළුවෙක් කියපු මෝඩ කතාවක්. දැන් මම දන්නවා ඒක මෝඩ කතාවක් කියලා. බාප්පා - මොකක්ද මෝඩ කතාව.. සිතුමි - පිටරටින් අපේ රටට නරක ටොෆියක් ඇවිල්ලා කියලා එයාගේ තාත්තා කියලා තියෙනවා. ළමයි ඒක කන එක කවදාවත් නවත්තන්න බෑලු. ඒවා කන ළමයි අල්ලගෙන අම්මලා ගෙනල්ලා කියන්න වෙනවාලු. බාප්පා - ම්....ඉතිං සිතුමි - ඉතිං බාප්පේ ප්ලෙන්වලින්යි නැව්වලිනුයි අර උමඟෙනුයි ගේන නරක ටොෆී අල්ලාගත්තා නම් හරිනෙ. බාප්පා - අ.... එතකොට රටේ තියන ඒ නරක ටොෆීවලට මොකද කරන්නෙ. සිතුමි - ඉතිං අනේ ළමයි ඒවා කාලා කාලා ඉවර කරනවානෙ. එතකොට ආය කන්න හිතුණාත් ටොෆී නෑනෙ. නැතුව මගේ මෝඩ යාළුවයි එයාගේ මෝඩ තාත්තායි කියන විදිහට ළමයි අල්ලලා අම්මලාට කිව්වාට ටොෆී නැතිවෙනවාද? මම එකපාරම සිතුමිගේ මූණ දිහා බැලුවා. එයා ඇඟිල්ලෙන් බිම තියන ටයිල් එකේ එයාවත් දන්නෙ නැති මොකක්දෝ රටාවක් ඇඳ ඇඳ හිටියේ. හිනානොවී ඉන්න කොච්චර උත්සහ කළත් මට ඒක කරගන්න පුලුවන් වුනේ නෑ. සිතුමි- හි හි ඇයි බාප්පේ හිනාවෙන්නෙ.මම වැරදිද? බාප්පා- නෑ...නෑ...ඒ නරක ටොෆී මේ රටේ කවුරුහරි හැදුවොත් මොකද කරන්නෙ. සිතුමි- පිස්සුද බාප්පේ අපේ රටේ හදන්න පුලුවන් නම් ඒවා රට ටොෆී වෙන්නෙ කොහොමද? මම ඇස් එහෙ මෙහෙ යවන ගමන් හිනාවෙලා කල්පනා කලේ මේ තුන වසරේ කේස් එක ගැන. ........... ඉවරයි..ජංගම දුරකථනයයේ බැටරිය අඩියටම බැස ඇත.පසුගිය පැය දෙක පුරාවට මගේ ජංගම දුරකතනයට නිදහසක් නොලැබුනු කාලයක් මට මතක නැත.වෙනදා බසයකට නැගුණු විටපාර දිගේ නෙත් යොමාගෙන එන මා අද මෙතැනට ආවේ කෙසේදැයි හරිහැටි මතකයක් නැත. ඉස්පිරිතාලය අසලට බස් රථය ළඟා වෙන විට සවස හය පසු වී තිබිණි.හෙණ හඬ නංවමින් ගෙවී ගිය හෝරා දෙක තුනක මහා වැස්ස දැන් හීන් පොදක් බවට පත්වී තිබුණත් පාර පුරා කාණු උතුරා වැහි වතුර ගලා යාම නතර නොවී තිබිණි.වෙනදාටත් කලියෙන් අද අඳුර වැටී ඇත. "ඉස්පිරිතාලෙ හෝල්ට් එකෙන් බහින අය ඉස්සරහට එන්න.ආයේ නවත්තන්නේ මාර්කට් එක ළඟ." කොන්දොස්තරගේ කෑගැසිල්ල අවසන් වන්නටත් පෙර මම බස් රථයේ වේගය අඩුකල වහාම පාපුවරුවෙන් පැන පාර මාරු වූයේ රෝහල දෙසටය.රෝගීන් බැලීමට පැමිණි ඔවුන්ගේ හිතවතුන් නෑදෑයින් රෝහල් ගේට්ටුවෙන් වේගයෙන් එළියට ඇදෙන්නේ තුරල් වූ වැස්ස නැවත වැඩි වීමට පෙර තමන්ගේ නවාතැන් වෙතට යාමට විය හැක.හෙට උදෑසන තම හිතවතා බැලීමට ඔවුන්ට අවස්ථාව තිබුණත් මගේ හෙට දවසේ කාල සටහන් දැනටමත් සකස් වී ඇත. හැට පස්වන වාට්ටුවට රෝහලේ ගොඩනැගිලි අතරින් පියගැට පෙලවල් කීපයක් පසු කොට යා යුතුය.මේ පියගැට වලට මගේ දෙපා හොඳින් හුරුපුරුදුය.ඒ තරමට මේ ගොඩනැගිලි අස්සේ මා රස්තියාදු වී ඇත.කාලය කා දමා ඇත.කකුල් ගෙවෙන තුරු උඩට පහලට දිව ඇත.දුර සිට
රෝගීන් බැලීමට උදෑසන පැමිණ සවස් වනතුරු ඉස්පිරිතාල කැන්ටිමෙන් ප්ලේන්ටි වලින් බඩ පුරවා ගන්නා මිනිසුන් අනන්තවත් හෙටත් මේ ගොඩනැගිලි අස්සේ රස්තියාදු වනු ඇත.එකිනෙකා හෙටත් තම ජීවිත කතා බෙදා ගනු ඇත. වාට්ටුවට ඇතුල් වන තැන සිටියේ ලොකු මාමාය. "ආ...ඔයා කියපු විදිහට සරමකුයි සුදු බෙඩ් ශීට් එකකුයි ගෙනාවා මං.මේක ඇතුලට දෙන්න වෙයි නේද? බොඩි එක තාම තියෙන්නේ ස්පෙෂල් යුනිට් එක ඇතුලේ." ඔහු දැනටමත් නිසල සිරුරක් වී හමාරය.තව පැය කීපයකින් එයද ඉතුරු නොවෙනු ඇත. "මාමා ඇතුලට ගියේ නැද්ද?" "නැහැ.මං මෙතනට ඇවිත් එහෙමම ආපහු රෙජිස්ට්‍රාර් ළඟට ගිහින් දැන් තමයි ආවේ"මාමා කීවේ නලළේ තිබූ හීන් දාඩිය බිඳු කීපයක් ලේන්සුවක් ගෙන පිසදමමිනි. "මාමා ඔතන ඉන්න.මං ඇතුලට ගිහින් මේක දීලා එන්නම්." මාමා ගෙනා පාර්සලය අතට ගත් මා ,ඇතුල් වන තැන පාවහන් ගලවා හෙමිහිට දොර විවෘත කලේ කාගෙවත් අවධානයක් මා වෙත යොමු නොවන පරිදිය. විශේෂ ඒකකයට ඇතුලු වූ විට පෙනෙන්නට තිබුණේ හතර වටින්ම වයර් කෑලි ,සේලයින් බෝතල්, යන්ත්‍ර සමග ජීවත් වෙන රෝගීන්ය.මෙවැනි වාට්ටුවක සිටීමට නම් අනිවාර්යයෙන්ම සිහියක් නොමැති විය යුතුය.නැතිනම් දවසකට වඩා සිටින අයෙකුට දවස ගෙවෙන හැටි ගැනවත් අවබෝධයක් ඇතැයි සිතිය නොහැකිය. "මිස් මේ අර ගේන්න කියපු ඇඳුම් "යැයි කියමින් මාමා ගෙනා පාර්සලය හෙදියක් අත තබා තිර රෙදි කීපයකින් යන්තමින් අනෙක් රෝගීන්ට නොපෙනෙන සේ ආවරණය කර තිබූ ඇඳ දෙස මා හොරැහින් බලන්නට විය. ඒ නිසොල්මන් සිරුර සියලු යන්ත්‍ර වලින් නිදහස් කර ඇත.ජීවිතයේ දුටුව අතිශය වේදනාකාරී මතකයන් අභිබවා ගිය නව මතකයක් මගේ සිතේ තැන්පත් විය.රෙදි පටියකින් හිස කොටස හා නිකට යා කොට ගැට ගසා තිබූ ඒ මුහුණ,එලෙස දකින්නට තරම් මා අවාසනාවන්ත විය. අසල සිටි හෙදියන් වෙනත් රෝගීන්ට සත්කාර කරමින් සිටී.නමුත් මගේ ලෝකයෙන් කොටසක් කඩා වැටී ඇති බව ඔවුන්ට නොතේරෙයි.ඔවුන් මෙවැනි සිද්ධි අනන්ත අප්‍රමාණව දැක ඇතැයි මට සිතෙන්නට විය. "මේ ලෙඩා ළඟ තිබ්බ අනිත් ඇඳුමුයි එයා ගෙදරින් ගෙනාව බෙහෙත් ටිකයි."හෙදියක් මා අතට පාර්සලයක් භාර දෙමින් පැවසුවාය. "ඔයා දැන් ටිකක් එලියට වෙලා ඉන්න.මරණ සහතිකය ගෙනෙල්ලා අපිට දෙන්න පුලුවන්නම් ඉක්මනට බොඩි එක රිලීස් කරලා දෙන්න පුළුවන්."ඈ පැවසුවාය. "පුදුම බෙහෙත් තොගයක්නේ දුන්නේ.ඒවා දීලා අපිට මෙච්චර මහන්සි නම් ලෙඩා කොහොම ඒවා විඳ දරාගෙන හිටියද මන්දා.බෙහෙත් විදලා විදලම ඇඟේ නහරයක්වත් අන්තිමට හොයාගන්නවත් නැහැ.අපිත් දැන් මේ දේවල් දැකලා දැකලම පුරුදු වෙලා " ඈ පැවසූවේ පරණ මතකයන් හාරා අවුස්සමිනි. මොලයෙන් හදවතින් ඇසට දෙන සියලු සංවේදන ඉවසමින් මම එලියට ඇදුනෙමි. "පුතා අපි මෙන්න මරණ සහතිකෙත් ගෙනවා.මේක දීලා මල් ශාලාවට කිව්වොත් අද රෑ වෙද්දිම මිනිය ගෙනියන්න පුළුවන් වෙයි ගෙදරට.ගෙදර හැමදේම දැනටත් ලෑස්ති කරලා තියෙන්නේ.එතකොට හෙට හවස් වෙද්දි ආදාහනය කරන්නත් පුළුවන්.හෙට උදේම ආදාහනාගාරෙට සල්ලි ගෙවලා වෙලාවක් වෙන් කරගන්න විතරයි තියෙන්නේ." මාමා පැවසුවේය. "අම්මා කැමතිද එක දවසින් වැඩ ටික ඉවර කරනවට? " මං මාමාගෙන් ඇසුවේ කිසිම තීරණයකට එළඹීමට මට එවෙලේ ධෛර්යයක් නොතිබුනු නිසාවෙනි. "ඔව් අම්මම තමයි කිව්වේ එහෙම කරන්න කියලා." "එහෙනමි කැමති දෙයක් කරන්න."මම කීවෙමි. "මෙතන ඉඳලා තේරුමක් නැහැ.අපි දැන්ම මල්ශාලාවට යමු.එහෙම උනොත් වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වෙයි."එසේ පැවසූ මාමා මාත් සමග මල් ශාලාවට පිටත් විය. වසර කීපයක් අතිශය දුකක් සහිතව ගෙවූ ජීවිතයක් මෙලෙස අවසන් වීම ගැන කවුරුත් කීවේ තව දුක් විඳිනවට වඩා මෙහෙම වෙච්ච එක එයාට සැපයක් කියාය.කිසිම අයෙක් මැරෙන්නට ආසා නැත.කොතරම් දුකක් වින්දත් තවත් තත්පරයක් හෝ ජීවත් වීම කාගෙත් කැමැත්තයි. "තව දවස් දෙකයි එයා ඉන්නේ.අපේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම උපරිමයෙන් කරලා තියෙන්නේ.මේ ලෙඩේ අවසානෙ ඔහොම තමයි.කැමති නම් ගෙදර ගෙනියන්න පුළුවන්.ඒත් තවත් එයාව එහෙට මෙහෙට කරනවට වඩා එක තැනක තියන් හිටියොත් ඒකවත් එයාට පහසුවක් වෙයි.තවත් කරදර නොදෙන එක තමයි හොඳ.තව දවස් දෙකයි.ඊට පස්සේ එයාගේ චැප්ටර් ක්ලෝස්." වෛද්‍යවරයා දින දෙකකට කලින් පැවසූ අනාවැකිය දැන් සත්‍යයක් වී හමාරය. ඇත්තටම මේ ලෝකයේ ඇත්තේ යාම් ඊම් පමණකි.රැඳී ඉන්නට කාටත් ඉඩක් නැත.කොච්චර හිතුවත් වේදනාව දැනෙන්නේ ප්‍රශ්නයෙන් වේදනා විඳින්නාටය.ප්‍රශ්නය තමන්ගේ වෙනතුරු සියලු පිළිතුරු දාර්ශනික වන්නේය.නමුත් අපි සත්‍යයට මුහුණ දිය යුතුය. මල්ශාලාවට ගොස් මරණ සහතිකයේ පිටපතක් දී නැවතත් අපි ඉස්පිරිතාලෙට පැමිණෙන විට මල් ශාලාවේ වෑන් රථය ,රෝහලේ මෘත ශරීර නෑදෑයින්ට භාරදෙන ස්ථානයට ළඟා වී අවසන්ය. ඉස්පිරිතාලෙට භාරදෙන විට භාරකරු ලෙස තොරතුරු ලබාදුන් මට අවසානයේ නැවත භාර ගන්නට සිදුවූයේ නිසොල්මන් සිරුරකි. පිටුපස ආසන නොමැති යකඩ පටි කීපයක් තබා සවිකර ඇති බඳ කොටසක් මතට ඔහුගේ නිසල සිරුර මල් ශාලාවේ සේවකයින් දමාගත්තේ යමක් ඉවතලන ලෙසය.ජීවිතයේ මෙතෙක් දුටු අතිශය සංවේදීම දර්ශනය එයය. ඒ මුහුණ දෙස මා විනාඩි කිහිපයක් බලා සිටියේ හෙට දිනයේ නිවසට පැමිණෙන නෑ හිතමිතුරන් අතරේ ඔහුව අවසන් වතාවටත් මග හැරෙන බව දන්නා නිසාය.ඉපදුනු දා පටන් අවුරුදු ගණනක් මාගේ භාරකරු ලෙස සිටි ඔහුගේ භාරකරු ලෙස මා අත්සන් කල පළමු හා අවසන් අවස්ථාව එයය.ඒ නිසල දේහයක් භාර ගැනීමටය. මා භාරකරුවකු ලෙස සවිමත් නොවන වග ඔහුට දැනෙන්නට ඇත.නැතිනම් භාරකරුවකු ලෙස ඉදිරියට මට බරක් නොවීමට ඔහුට සිතෙන්නට ඇත.එනිසාම සෑම වේදනාවක්ම තමන්ම විඳගෙන නික්ම යන්නට ඔහු සිතන්නට ඇත. දෙමාපියන් එලෙසය. ----------------------------------------------------------------------- සේයාරුව අන්තර්ජාලයෙනි.අපේ තුන. ************ උපතේ සිට මිය යනතුරු හැම එකාම ජිව්තේ වැඩි හරියක් වෙන් කරන්නෙ අනුන්ව පිනවන එකට. ළමා කාලෙදි ඌ කන්න බොන්න ඕනෙ, නිදා ගන්න ඕනෙ,වැලි නාන්නෙ නැතුව ඉන්න ඕනෙ දෙමාපියන් සතුටු කරන්න. ඊට පස්සෙ ඉගෙන ගන්න ඕනෙ ගුරුවරුන්ගෙ හොදම සිසුවා වෙන්න. කසාද බැදල හොදම සැම්යා හෝ හොදම බිරිද වෙන්න ඕනෙ විවාහක පාර්ශවය සතුටු කරන්න. පන්සලේ පල්ලියේ කෝවිලේ දේවාලේ හොදම අනුගාමිකයා වෙලා පූජකයා සතුටු කරන්නත් ඕනෙ. දෙමාපියෙක් වෙලා දරුවන්ව සතුටු කරන්න ඕනෙ. මගුලෙදි මරණයෙදි පාටියෙදි යහලුවන්ව සතුටු කරන්න ඕනෙ. වයසට ගියාම කාටවත් කරදරයක් නැතුව ඉදල දරුවන්ව සතුටු කරන්න ඕනෙ. දේශපාලනය, සමාජ සේවය කරල රටේ උන් සතුටු කරන්න ඕනෙ. ඇහැරුන වෙලාවෙ ඉදන් නිදා ගන්න යනකං උඹ කොච්චර වැඩ කරනවද? කී දෙනෙක් උඹට කතා කරනවද? කී දෙනෙක් කෝල් කරනවද? හැමෝම ඒ කරන්නෙ උන්ගෙ වැඩේ උඹට කියල කර ගන්න එක. දරුවද, සැමියද, බිරිදද, අම්මා තාත්තාද, යාලුවද, පූජකවරයාද, අසල්වැසියාද, කාර්‍යාලයේ සගයාද හැමෝම කරන්නෙ උඹට කියල උන්ගෙ වැඩේ කර ගන්න එක. කොටින්ම කියනව නම් උපතේ සිට මිනි වල දක්වා අපි හැමෝම යූස් වෙනවා. මේ යූස් වීම අතරෙ අපි අපි වෙනුවෙන්ම කියල කරන්නෙ මොනවද? අපි වෙනුවෙන්ම අපි කරන්නෙ වැඩ තුනයි. 1.කෑම බීම. 2.සෙකස්. 3.ඇදුම්. හැබැයි අර රොත්තක් වැඩ කරන ගමන් උඹ උඹ වෙනුවෙන් විතරක්ම කරගන්න ඒ වැඩ තුන ගැනම තමා හැත්තක් කතා කියන්නෙත් හිටගෙනම. උන්ගෙ රාමුවෙන් පිට පැනල උඹ උඹේ ශරීරෙ වෙනුවෙන් ඒ එකක් හරි කර ගත්තොත් වටේම උන් ඩෙගා නටන්නෙ උන්ගෙ අහවල් එක උඹ මිරිකුව වගේ. නොකා හිටියොත් ඕකා පෙරේතයා. කෑවොත් බඩජාරියා. උඹේ හෝමෝන ක්‍රියාකාරිත්වය අනුව උපතින්ම එන සෙක්ස් ඩිසයර් එකට වටේම උන් උඹට පට්ටෙටම කතා කියනවා. හැබැයි ඒ එකෙක්වත් උඹ ස්වයං වින්දනයේ යෙදුමනම පිහින්නවත් එන්නෙ නෑ. ඇදුම් වෙනුවෙන් වියදම් නොකලොත් වැරහැලි ඇන්දා කියනවා. වියදම් කරල ඇන්දොත්, පච්චයක් ගැහුවොත් උඹේ ෆැශන් එකටත් කතා හදනවා. බීලා ලෙඩක් හැදුනොත් "ඕකනෙ අපි කිව්වෙ ලෙඩ වෙනකං බිව්වනෙ" කියනවා. නොබී ලෙඩක් හැදුනොත් "කොහෙද කෑවෙ බිව්වෙත් නෑ පූරුවෙ කරුමෙ" කියනවා. ඕන එකෙක් ඕන ලබ්බක් කියාපුදෙන් කියල තමන්ගෙ ශරීරය වෙනුවෙන්ම වෙන් වෙලා තියෙන උඩ කිව්ව කාරනා තුන භුක්ති විදින එකා සැපට ඉදල මැරිලා යනවා. මතක තියා ගනින් උඹ කොහොම ජීවත් උනත් මිනිස්සු කතා කියනවා. මිනිස්සුන්ව සතුටු කරනවද උඹ සතුටින් ඉන්නවද කියන එක උඹට භාරයි. මේ ලෝකෙට වඩා හොද වෙන ලෝකයක් තියෙනව කියල උගන්නපු එක තමා ආගම් වලින් මිනිසාට කල ලොකුම හානිය. හැම එකාටම තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් ටික ඔක්කොම ඉටු කලාට පස්සෙත් මනුස්සයෙක් තමන් වෙනුවෙන් කර ගන්න අර උඩින් කිව්ව දේවල් තුනටත් කතා කියන්න එන උන්ගෙ අංගජාතෙට, භගමනියට, මිරිස්කුඩු දාලා දොරට තියන්න ඕනෙ. පලල ලුණු දාන්න ඕනෙ. © අරවින්ද හබක්කලගෙදර හිටපු අන්තිම දරුවත් ගිය සුමානෙ කසාද බැඳල ගියා. මගුල් ගෙදරට ඇවිල්ල හිටපු, ලොකු දූල දෙන්නගෙ පවුල් වල අයත් ආපහු ගිහින් දැන් දවස් පහක් විතර වෙනවා. ලොකුම දුව ඉන්නෙ අයර්ලන්තෙ. කැම්පස් ගිහින් ඉවර වුනාට පස්සෙ හම්බ වුන පළවෙනි රස්සාවෙන්ම රට යන්න ලැබුන එක එයාගෙ වාසනාව. අවුරුදු දෙක තුනක් අයර්ලන්තෙ හිටපු ලොකු දූ එහෙන්ම එයාගෙ සහකාරයත් හොයාගත්ත. අපරාදෙ කියන්න බෑ සුදු බෑන රත්තරන් ටිකට වටිනව. කසාද බැන්දට පස්සෙ අවුරුදු දෙකකට සැරයක්වත් දුවයි බෑනයි ඇවිල්ල ගියා. පස්සෙ දෙන්න තුන්දෙනා වෙලා, තුන්දෙනා හතර දෙනා වෙලා, දැන් පස් දෙනෙක් වෙලා තියෙන්නෙ. පැටව් ටිකත් හරි හුරතලේ. ලොකු දූත් ඉතින් සුද්දියෙක් වගේ තමා දැන්. දෙවෙනි දුව බැඳල ගියෙ නුවරට. නුවරයි ගාල්ලයි කියන්නෙත් සුළුපටු දුරක් යැ. ඒ වුනාට ඉස්සර තරම් දැන් ගමන අමාරු නෑ. මොකෝ ඒගොල්ලො බස් වල යනව කියලයැ. ඇරත් හයිවේ එක හන්ද කොයි ගමනත් මහ වෙලාවක් රස්තියාදුවක් නැතුව යන්න එන්න පුළුවන්නෙ. ඒ වුනාට ඉතින් දැන් වාහනේකට තෙල් ටික ගහගන්නම කීයක් යනව කියලද. ඔය අදත් හතේ නිව්ස් වලට තෙල් මිල වැඩි වුන එකට බැන බැන මිනිස්සු කීප දෙනෙක් අදහස් දෙනව පෙන්නුවෙ. එහෙම එකේ ඒගොල්ලන්ට වුනත් නිතර යන්න එන්න බෑ තමයි. නුවර බෑනත් හොඳ දරුවා. නපුරුකම්, ලෝබකම් එහෙම ගැවිලවත් නෑ
. හොඳ ගතිගුණ ඇතිව හැදිච්ච දරුවෙක්. ඒ දරුවගේ පවුලෙ මිනිස්සු එක්ක වුනත් කතා බහ කරන්න ආසයි. ඒ තරම් ගුණ යහපත් මිනිස්සු. බැඳල අවුරුදු තුනක් වුනත් තාම ඒ දෙන්නට දරුවො නෑ හැබයි. දෙවෙනිගෙන් කෙලින් අහන්නත් බෑ. තමන්ගෙම දරුවන්ට වුනත් ඕනිවට වඩා බලපෑම් කරන්නයි ඒගොල්ලන්ගෙ ජීවිත වලට ඇඟිලි ගහන්නයි යන්න හොඳ නෑනෙ. දරුවන්ගෙ ඉගෙන ගන්න දේවල් කෙරුනෙ, රස්සාවල් පරස්තාවල් කොයිදේත් කෙරුනෙ එගොලන්ගෙ කැමැත්තට මුල් තැන දීල. ඒ වුනාට ඉතින් තවත් මුණුපුරෙක්ගෙ මූණ බලන්න තියෙන ආසාව නිසා දවස් දෙක තුනක් වහෙන් ඔරෝ ඇහුවම දෙවෙනි කිව්වෙ "අපි නම් දැන්ම බබාල හදන්නෙ නෑ අම්මෙ. මේ ඉගෙන ගන්න ඒව ඉවර වෙලාම බබෙක් හදන්න හිතන් ඉන්නෙ" කියල. ඒ දෙන්නගෙත් ඕස්ට්‍රේලියා යන අදහසක් තියෙනවලු නෙ. එක අතකට ළමා ළපටි හැදුනම දෙන්න දෙමාල්ලො තනියෙන් ඉන්නකොට වගේ නිදහසක් නෑනෙ. එතකොට ළමයි වෙනුවෙනුත් කැප වෙන්න ඕන. දෙවෙනි දුව බැන්ද පුතත් හැමදාම විභාග. කැම්පස් එකක ලෙක්චර' කෙනෙක් වෙලත් තාමත් විභාග කරනව ඉතින්. ඒ වුනාට කොච්චර ඉගෙන ගත්තත් ඉගෙන ගන්න දේවල් අහක යන්නෙ නෑ නෙ. ඔය කතාවම ලක්ෂ කෝටි වතාවක්වත් තමන්ගෙන් ඉගෙන ගත්ත ළමයින්ටත් කියල ඇති නේද කියල අතීතේ ගැන කල්පනා කර කර හිටපු නන්දිතාට එතකොට හිතුන. හිතෙන දේවල් හිතන එක පස්සට කල් දාල නන්දිතා පුටුවෙන් නැගිට්ටෙ ටෙලිෆෝන් එක රින් වෙන්න ගත්ත නිසා. "අම්මෙ මොකද කරන්නෙ" බාලම දුව කතා කරනව. කසාද බැඳල දෙන්න එක්ක ඩුබායි ගියානෙ සතියකට. බාල දුව බැන්ද දරුවත් හොඳයි. නරකක් කියන්න තරම් දෙයක් තාම නම් නන්දිතාට පෙනුනෙ නෑ. පෙනුනත් ඉතින් නන්දිතා ඕව කා එක්කවත් කියන්න යන්නෙත් නෑ. සෑහෙන යමක් අමක් තිබුන පවුලක තනි ළමයනෙ ඒ. කම්පැනි දෙක තුනක්ම තියෙන බවකුත් බාල දුව කිව්වා. ඉතින් ඩුබායි නෙමේ ලෝකෙ වටේම යන්න බැරිය සල්ලි තියෙනව නම්. ඒ වුනාට නන්දිතා නම් බාල දුවට කිව්වෙ ඕනිවට වඩා වියදම් නොකර අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න බලන්න කියල. තමන්ට කවදාවත් දඹදිවවත් යන්න බැරි වුනාට තමන්ගෙ ළමයි තුන්දෙනා හරි රටේ ලෝකෙ ඇවිදල දැක කියා ගන්නවනෙ. එක අතකට ඒකම මදැයි සතුටු වෙන්න කියල නන්දිතා හිතුව. "මොනවත් විශේෂයක් නෑ දරුවො. ටීවි එක පොඩ්ඩක් බැලුව" කියල නන්දිතා බාල දුවට උත්තර දුන්න. "අම්මට පාලුද.. මට මතක් වුනා ඉතින්" බාල දුව එහෙම කියන්නෙ තමන්ට තියෙන ආදරේ නිසා බව නන්දිතා දන්නව. ගෑණු දරුවො තුන් දෙනෙක් උස් මහත් කරල , උගන්නල, දීග දීල බර හෑල්ලු කරන් හිටියට නන්දිතාට පාලුවක් නැතුවමත් නෙමේ. පාලුවක් කිව්වට ඒක පාලුවක්මද නැත්නම් දරුවො තුන්දෙනා තමන්ට තවදුරටත් අයිති නැති නිසා දැනෙන හැඟීමක්ද කියල වෙන්කරගන්නත් නන්දිතාට බැරි වුනා. එක අතකට දරුවො හදන්නෙ තමන්ගෙ උවමනාවට වුනාට දරුවන්ගෙ ජීවිත තමන්ට අයිතියි කියල හිතන එකත් හොඳ දෙයක් නෙමේනෙ. නන්දිතා එහෙම දරුවන්ට වුනත් කරදරයක් වෙන ගානට අයිති කරගන්න , පාලනය කරන්න හදපු අම්මෙකුත් නෙමේ. බාල දුව වුනත් ගෙදර හිටියෙම නෑනෙ. ඉගෙන ගත්තෙත් කොළඹ. රස්සාව කලෙත් කොළඹ. ඒ හැම කාලෙම බෝඩින් වලනෙ ඒ දරුව හිටියෙ. සති අන්තෙක විතරයි ගෙදර ආවෙ. එහෙම එකේ ඉතින් මේ අමුතුවෙන් දැනෙන හුදෙකලාව මොකක් වෙන්න පුළුවන්ද කියල නන්දිතාට තාමත් තේරුම් බේරුම් කරගන්න බැරි වුනා. "මොන පාලුවක්ද දරුවො! මේ කරන්න ගෙදර දොරේ වත්තෙ පිටියෙ වැඩ ඕනි තරම් තියෙන්නෙ" කිව්ව නන්දිතා, කවිච්චියෙ ඉඳන් තමන්ගෙ දිහා බලන් ඉන්න සමරනායක දිහා බැලුවෙ "නේද" කියල අහන්න වගේ. සමරනායකගෙ මූණෙ කොයි වෙලෙත් වගේ තියෙන ලා හිනාව දැනුත් තියෙනව. එයා ඉතින් ඔය දරුවන්ට ලොකුවට පෙන්න පෙන්න ආදරේ කල තාත්තෙක් නෙමේනෙ. එයාගෙ ආදරේ නිශ්ශබ්දයි, ගැඹුරයි. තාත්තගේ ආදරේ පිටට නොපෙනුනාට දරුවො තුන්දෙනාත් සමරනායකට පණ ඇරල. නන්දිතා සමරනායකට ආදරේට කිව්වෙ සමරෙ කියල. සමරනායකව නන්දිතාට හම්බ වුනේ පළවෙනි පත්වීම අරන් බිබිල ඉස්කෝලෙ උගන්නන්න ගිය කාලෙ. සමරනායකගෙත් පළවෙනි පත්වීම ලැබිල තිබ්බෙ එහෙට. මුලදි සමරනායක සර්, නන්දිතා ටීච කියල කතා කරාට, පස්සෙ සමරනායකට නන්දිතාව - නන්දාත්, නන්දිතාට සමරනායකව - සමරෙත් වුනා. සමරෙ ඉතින් කවදාවත් දරුවෙක්ට අතක් උස්සපු කෙනෙක් නෙමේනෙ. තමන්ගෙ ලෙයින් උපන්න දරුවෙක්ට තියා තමන්ගෙන් ඉගෙනගත්ත දරුවෙක්ටවත් සමරෙ ගහල නැතුව ඇති. හැබැයි ඉතින් ළමයින්ව ආම්බාන් කරන්නෙ කොහොමද කියල සමරෙට හොඳට තේරෙනව. ළමයින්ට දඬුවමක් දුන්නත් දෙන්නෙ වචනෙකින් දෙකකින්. "සමරනායක සර් ඉතින් ගැහුවෙ නැතුවට ළමයින්ට උණගැනෙන්න කියන්න ඕනි එක කියනවනෙ" කියල කට්ටිය කිව්වෙ. ඔය කිව්වට සමරෙ එහෙම නපුරු විදියකට ළමයින්ට සැර වැර කරන කෙනෙක් නෙමේ. නන්දිතාත් එහෙම තමා. එක අතකට තමන්ගෙ දුවල තුන්දෙනාට මග වරදින්නෙ නැතුව ජීවිත වලට හොඳක්ම සිද්ධ වෙන්නෙ ඇත්තෙ තමන්ගෙන් ඉගෙන ගත්ත දරුවො කාටත් වෙනස්කමක් නොකර පුලුවන් හොඳම විදියට උගන්නපු නිසා වෙන්නැති කියල නන්දිතාට හිතිල තියෙනව. නන්දිතා සමරෙ දෙන්නම දරුවන්ට ගහන්නෙ බයින්නෙ නැති නිසා 'හරි ශෝක් ජෝඩුව - ළමයි කරේ නගින්නේ නැතුව පුදුමයි' කියල රස්සාව කරපු අන්තිම කාලෙත් ස්ටාෆ් එකේ කට්ටිය හිනා වුන හැටි නන්දිතාට මතකයි. පුළුවන් විදියට හොඳින් සලකනව මිසක තවත් දරුවෙක්ට හිංසා කරල තමන්ට ලැබෙන සතුට මොකක්ද ඉතින්... රෑ අටහමාරටත් කිට්ටුයි, සමරෙට බඩගිනිත් ඇති කියල හිතුන නිසා තවත් පරක්කු නොකර නන්දිතා කෑම ටික බෙදල දුන්න. සමරෙ ඉතින් කවදත් බෙදල දෙන එක හොද්දයි බතයි හරි කනව මිසක අඩුපාඩු හොය හොය කුණු කුණු ගාන මනුස්සයෙක් නෙමේනෙ. බතට ලුණු මදිද , සම්බෝලෙට ඇඹුල් වැඩිද, මාලුවට මිරිස් මදිද කියල සමරෙට ගාණක් වුනේ නෑ. බෙදල දෙන පිඟානෙ බත් ඇටයක්වත් ඉතුරු නොකර කාල "අද නම් කෑම ටික හොඳටම තිබ්බ" කියල තමා කවදත් සමරෙ කියන්නෙ. නන්දිතා රෝස කැකුලු බතුයි, හිඳෙන්න හදපු පරිප්පුයි, අඹ මාලුවයි, කට්ට කරෝල බැදුමයි එක්ක බෙදපු බත් පිඟාන ගෙනල්ල මුලින්ම සමරෙට දුන්න. ආයෙ කුස්සියට ගිහින් නන්දිතාගෙ බත් පිඟානත් අරන්, සමරෙට වතුර එකකුත් අරන් ඇවිත් සමරෙ ළඟින්ම වාඩි වුනා. ඉස්සර වගේ නෙමේ දැන් කෑම කනකොට සමහර වෙලාවට සමරෙට හිර වෙනව. ඒක දන්න නිසා නන්දිතා කලින්ම ඉතින් වතුර කෝප්පෙ ගෙනල්ල සමරෙ ගවින් තියනව. වයසට යනකොට එහෙම තමයි. සමරෙට දැන් හැට පහක්. නන්දිතාට හැට තුනක්. සමරෙත් එක්ක එක වහලක් යට ජීවත් වෙන්න අරන් දැන් අවුරුදු තිස් හතක්. ඒ මුළු කාලෙම දෙන්නට ලැබෙන ආදායම පිරිමහගෙන ගෙයක් දොරක් හදාගන්න, දරුවන්ට උගන්නගන්න කොයිතරම් නම් කැපකිරීම් සමරෙයි නන්දිතායි කලාද. හැබැයි ඉතින් ඒ කැපකිරීම් වල තරමටම ප්‍රතිඵලත් ලැබුන. දරුවො තුන්දෙනා පොඩිම කාලෙ එක කාමරයයි, සාලෙයි, කුස්සියයි, ටොයිලට් එකයි විතරයි තිබ්බෙ. ඒ තිබ්බ එකම කාමරේ තමා ඔක්කොම අය නිදාගත්තෙ. ගෙදර තිබ්බ සින්ගල් ඇඳන් දෙක එකට ළං කරලා දරුවො තුන්දෙනා නිදිකරවපු නන්දිතායි සමරෙයි නිදාගත්තෙ එතනම බිම පැදුරක් එලාගෙන. තද දම්පාටිනුයි තද කොළ පාටිනුයි රටා දාපු පන් පැදුර නන්දිතා සමරෙව බැඳල එනකොට අරන් අව පොඩි පොඩි බඩු මුට්ටු වලින් එකක්. පැදුරෙ පන් දිරලා, කෑලි හැලි හැලි තිබ්බත් නන්දිතා නෙමේ ඒක අයින් කලේ. පස්සෙ කාලෙක පොඩි දුව ගේ ෆයිව් එස් කරනව කියල ගෙයි තිබිච්ච පරණ ලට්ට ලොට්ට අයින් කරද්දි පන් පැදුරත් ඒ එක්කම කුණු ගොඩට ගියා. "ඕක විසි කරන්න එපා ළමයො, තාත්තයි මායි අවුරුදු ගානක් නිදාගත්ත පැදුරනෙ" කියල කියන්න හිතුනත් නන්දිතා ඒක කියන්න ගියෙ නෑ. නන්දිතගෙ කටින් ළමයො කියල කියවෙන්නෙ පොඩ්ඩක් අමනාපයක් හිතට ආවහම. නැත්නම් කොයි ළමයටත් කතා කලේ දරුවො කියල තමා. කාල බීල ඉවර වුනාට පස්සෙ නන්දිතා වළං පිඟන් ටික හෝදල කුස්සිය අස් කලා. ඊට පස්සෙ ඉතින් පුරුදු විදියටම සමරෙ තමා කුස්සිය අතු ගෑවෙ. එදා ඉඳන්ම දෙන්න බෙදාගෙන වැඩ කලා මිසක සමහරක් ගෑණු අයට වගේ කුස්සිය බදාගෙන ඉන්න සමරෙ නන්දිතාට ඉඩ තිබ්බෙ නෑ. සමරෙ කුස්සිය අතු ගාන අතරෙ නන්දිතා ගිහින් නිදියන ඇඳ හැදුව. දැන් නම් නන්දිතාලගෙ කාමරේ තියෙන්නෙ ක්වීන් සයිස් ඇඳක්. දුවල රස්සාවල් කරල හරි හම්බ කරන්න ගත්තට පස්සෙ ගෙදර අලුතෙන් සෑහෙන වෙනස්කම් වුනා. අලුත් කාමර එකතු වුනා, සාලෙ ලොකු වුනා, බාත්රූම්, ඩයිනින් රූම් කියල දරුවො එයාලට ඕනි විදියට ගේ වෙනස් කලා. ලොකු දුව ලංකාවට ආව වෙලාවක තමයි නන්දිතාලගෙ කාමරේ තියෙන ඇඳ ගෙන්නලා දුන්නෙ. "අම්මයි තාත්තයි දැන්වත් සැප විඳින්න ඕන" කියල ලොකු දුව කියද්දි තමන් ගැන එහෙම හිතන දරුවො ඉන්න එකත් කොයිතරම් වාසනාවක්ද කියල නන්දිතාට හිතුනෙ. ඇඳ හදල නෙට් එක එහෙමත් දාපු නන්දිතා ඇඟ පත පොඩ්ඩක් සෝදගන්න කියල බාත්රූම් එකට ගියා. සමරෙ නම් හවස හතරට පහට විතර ඇඟ අතපය හෝදගත්තට පස්සෙ ආයෙ රෑට වතුර අල්ලන්න යන්නෙ නෑ. අවුරුද්දකට විතර කලින් නිව්මෝනියාව හැදිල හොඳටම අමාරු වුනත් හරි සමරෙ කෑමෙන් බීමෙන් නෑමෙන් කොයිකෙනුත් සෑහෙන පරිස්සම්. ඒ වුනාට නන්දිතාට නම් නිදාගන්න කලින් ඇඟට වතුර පොඩ්ඩක් හරි නොවැටුනොත් රෑ එළි වෙනකම් හරියට නින්දක් නිදියනව බොරු. ඒක ඉස්සර ඉඳන්ම එහෙමයි. ඒ දවස්වල ගෙදර බාත්රූම් එහෙම නැති කාලෙ, ළිඳෙන් වතුර අරන් නාද්දි සමරෙ ටෝච් එකත් අරන් නන්දිතා එක්ක ළිඳ ගාවට එනව. ළිඳ ළඟට ලයිට් එකක් හයි කරල තිබ්බ නිසා මොකට කරදර වෙනවද කියල නන්දිතා කිව්වම සමරෙ කිව්වෙ හදිසියෙවත් කරන්ට් එක ගියොත් එහෙම ටෝච් අරන් ඔතෙන්ට එනකම් නන්දිතා කලුවරේනෙ කියල. එතකොට එහෙම වෙලාවක දරුවො බය වෙයිනෙ කියල නන්දිතා කිව්වත් සමරෙ කියන්නෙ ඒ තුන්දෙනා ඉන්නෙ ගෙයිනෙ, නන්ද එලියෙනෙ ඉන්නෙ, එලියෙ තමයි සත්තු සර්පයො ඉන්නෙ කියල. මේ තියෙන රස්නෙත් එක්ක ඇඟට වතුර ටිකක් වැටෙනකොට දැනෙන්නෙ පුදුම සනීපයක්. ඇඟ පත හෝදගෙන ආපු නන්දිතා දෙවෙනි දුව ගෙනත් දීපු නිල් පාට බතික් නයිටිය ඇඳගත්ත. ඊට පස්සෙ ඕඩිකොලොන් කුප්පියක් අරන් බින්දු දෙක තුනක් අල්ලට හලාගෙන ඉස්මුදුනෙ ගාගත්ත. කොණ්ඩෙ කරලට ගොතාගෙන අග්ගිස්සට වූල් බෑන්ඩ් එකක් දාගත්ත. මේ වූල් බෑන්ඩ් එක දුන්නෙ ලොකු දුවගේ දෙවෙනි දුව. ඒ දරුවන්ට සිංහල තේරෙන්නෙ නෑ. නන්දිතාටත් වතුර වගේ කත කරන්න බැර
ිවුනත් යම් ප්‍රමාණෙකට ඉංග්‍රීසි කතා කරගන්න පුලුවන් කමක් තිබ්බ. ඉතින් නන්දිතා පොඩි පොඩි කවි කතා කියා දෙනකොට ලොකු මිණිබිරියො දෙන්න හරි ආසයි. පොඩිම පුතාට අවුරුදු දෙකක් වුනාට එයත් නන්දිතා එක්ක හුරතල් වෙවී ඕනි තරම් වෙලා ඉඳී.. එහෙම කවි කියල දීල හුරතල් කරපු වෙලාවක තමයි මේ වූල් බෑන්ඩ් එක දෙවෙනි මිණිබිරී දුන්නෙ. පොඩි දරුවො ඒගොල්ලන්ගෙ ආදරේ පෙන්නන්නෙ එහෙමනෙ. සමහර වෙලාවට ගහක කොලයක්, ගල් කැටයක් වුනත් ගෙනත් දෙනව ආදරේ පෙන්නන්න. තමන්ගෙ තරුණ කාලෙ දරුවො වෙනුවෙන් වියපැහැදම් කලා මිසක නන්දිතා ඇඳුමට පැළඳුමට කියලවත් එහෙම නාස්ති කරපු කෙනෙක් නෙමේ. ඒව දන්න නිසාම වෙන්නත් ඇති බාල දුව එක එක ජාතියෙ සෙන්ට්, පවුඩර්, ඕඩිකොලොන්, කොණ්ඩ කටු, ඇඳුම් එහෙම වුනත් ගෙනත් දෙන්නෙ. "මේ වයසට මට මොකටද දරුවො මේව" කියල නන්දිතා කියන හැම වෙලාවෙම "වයසට ගියාට කමක් නෑ. අම්ම ලස්සනට ඉන්න ඕන" කියල තමා බාල දුව කිව්වෙ. ඒ වුනාට දරුවන්ගෙවත් සල්ලි නාස්ති කරන්න නන්දිතාට ඕනි වුනේ නෑ. "කොහෙද කිව්වට මේ ළමයි අහන එකක් යැ" කියල නන්දිතා ඉතින් සමරෙත් එක්ක ගතු කියනව. නන්දිතාගෙ අරපිරිමැස්ම වගෙම තමා පිළිවෙලත්. නිදාගන්න වුනත් ගියෙ පිළිවෙලට. නන්දිතා කොණ්ඩෙ පීරල පනාව එහෙම මේසෙ උඩින් තියල හෙමින් සීරුවෙන් ගිහින් ඇඳට නැග්ග. ඊට පස්සෙ ඇඳේ නන්දිතා ඉන්න පැත්තෙ නෙට් එකත් හදල කරල, ලයිට් නිවල එහෙම තමා සමරෙ ඇඳට යන්නෙ. සමරෙව කසාද බැන්ද දා ඉඳන් නන්දිතාගෙ ජීවිතේ ගෙවුනෙ සමරෙගෙ ඔය සෙනේවන්තකම් එක්ක. දරුවො වුනත් හොඳට හැදෙන්න ඇත්තෙ අපි දෙන්නත් එකා වගේ ඉන්න නිසා වෙන්නැති කියල නන්දිතාට සෑහෙන වතාවක් කල්පනා වෙලා තියෙනව. දැන් ඉතින් ඉස්සරහට ගත වෙන්නෙ දරුවො කවුරුත් නැතුව සමරෙයි තමනුයි විතරක් ඉන්න දවස් ගානක් නේද කියල හිතුනම නන්දිතාට හීල්ලුනේ ඉබේටම. නින්ද ආවෙ කොයිවෙලාවෙ කොහොමද කියලවත් මතකයක් නැතුව නන්දිතාට නින්ද ගිහින් තිබුන. පාන්දර නන්දිතා ඇහැරුනේ කවුද මන්ද ඉස්සරහ දොරට ගහන සද්දෙට. "ඉන්න එනකම්" කියල නන්දිතා කීපවතාවක් කියද්දිත් නවත්තන්නෙ නැතුව දොරට තඩිබාන කෙනා ගැන නන්දිතාට ආවෙ නොරිස්සුමක්. "ආව කෙනාට කොච්චර හදිසි වුනත් මෙහෙම නයිටිය පිටින් ඉස්සරහට යන්න පුලුවන් යැ" කියල හිතන ගමන් නන්දිතා හවුස් කෝට් එකක් අරන් ඇඳගත්ත. ඒත් එක්කම ඉස්සහර ජනේලයක් බිඳෙනව ඇහුනහම නම් නන්දිතාට බයත් හිතුන. කෝකටත් කියල ඉස්සරහට ගිහින් බලනකොට තමයි දැක්කෙ දෙවෙනි දුවයි, බෑනයි තව කවුද පිරිමි දෙන්නෙකුයි ඇවිල්ල ඉන්නව. "මොකෝ ළමයො මේ දොර ජනෙල් කඩන්නෙ?" කියල නන්දිතා ඇහුවට ඒකට උත්තර දෙන්නවත් දෙවෙනි දුව අම්ම දිහා බැලුවේ නෑ, කෙලින්ම දුවගෙන ගියේ නන්දිතාලගෙ කමරෙට. මේ ළමයට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියල හිත හිත නන්දිතාත් දුව පස්සෙන් අඩියට දෙකට කාමරේට ගියා. " අනේ අම්මේ... නැගිටින්නකෝ අම්මේ... " කියල දුව අත්දෙකෙන් මුණ වහන් ඉකි ගගහ අඬනව. කිසි දෙයක් හිතාගන්න බැරුව නන්දිතා වටපිට බැලුව. "ඊයෙ දවසෙම කෝල්ස් අරන්. අම්ම ආන්ස කරල තිබ්බෙ නෑනෙ. කවදාවත් අම්ම එහෙම කරන්නෙ නෑ කියල මේ කට්ටිය කලබල වුනා. ඒකයි අපි ඇවිත් බැලුවෙ." කියල නුවර බෑණා ෆෝන් එකෙන් කාටද කියනවත් නන්දිතාට ඇහුන. ඒත් එක්කම, සමරෙගෙ පින්තූරෙට එල්ලල තිබුන සුදු මල්මාලෙන් ගැලවිච්ච මලක් හෙමීට රවුම් දෙකතුනක් කැරකිලා බිමට වැටෙන හැටි නන්දිතා දැක්ක. _________________________________ 🖊️ • අමා • 📷 Pinterestසංගීත චාරිකාව 04 ඉංජිනේරුවෙක් වෙලා ලංකාවට ආවට පස්සෙ අපේ මාමා ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවයට ගියා. ඊට පස්සෙ එයා ගෙදර ආවෙ මාසෙකට විතර සැරයක්. ඒ ආවම මුලු ගෙදරම එකම සැනකෙලියක් වෙනවා. එයාගෙ යාලුවො සෙට් සෙට් කාර් වලින් බහිනවා.. කට්ටියම වැඩ අල්ලන්නෙ උදේම මුහුදට බැහැල පැය කීපයක්ම නාල. නාන්නෙ මූදු වතුර විතරක් නම් කමක් නැහැ. දෙස් විදෙස් මත්පැන් සම සමවට පයියගල ජාතික පානය "රා" දෝරෙ ගලන්න පටන් ගන්නවා.. කතෝලික ගම්මාන වල ජාතික ආහාරය වෙන ඌරු මස් රාත්තල් ගනනාවක්ම එක එක ක්‍රමයට කුස්සියේ දුම් දාන්න පටන් ගන්නවා.. පැය ගානක් නාල දෙකට විතර ගෙදරට ඇවිත් අලුත් මත්පැන් වටයකින් සංගීත සාජ්ජය පටන් ගන්නවා. ටික වේන්න නාලා කොන්ඩෙ කඩාගෙන පටන් ගන්න සාජ්ජය පීක් එකට යනකොට කට්ටියට මතක් වෙන්නෙ ගිතිකා.. පල්ලියෙ සංවරව ගැයෙන ගීතිකා බෙර හඬට කෑගසමින් ගැයෙනකොට අම්මාගේ සහ ආච්චිගේ වෝනිං එක ඒ දෙන්නගෙ පනිවිඩ කරුවා වන තාත්තගේ අතේ මාමා වෙත ලඟා වෙනවා. ඔන්න එතකොට හවස පහ මාරට, හයට විතර කට්ටිය දවල් කෑමට වාඩි වෙනවා. මේ පැවැත්ම ගැන අපේ ආච්චි හිටියෙ හරිම තරහකින්. ආච්චි අධ්‍යාපනය ලබල තියෙන්නේ දෙකේ පන්තියට විතරයි. නමුත් මගේ ජිවිතය පුරාවටම මා දැක ඇති ප්‍රඥාවන්තම කාන්තාව ඇයයි. ඇගේ දරු තිදෙනාගෙන් අම්මාටත් මාමටත් ගණිත අංශයෙන් විදෙස් උසස් අධ්‍යාපනය ලබා දෙන්නට ඇය සමත් උනා. ලොකු අම්මාද ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස විවාහය තෙක් සේවය කර තිබෙනවා. ලොකු අම්මගේ විවාහ මංගල්‍යයට පොලිස් බෑන්ඩ් කණ්ඩායම ගෙන්වා වාදනය කර තිබෙනවා. ආච්චි ආර්ථික දුශ්කරතා වලින් පෙලුනු සහෝදර සහෝදරියන් දහයක පවුලක දෙවන දරුවා. ඇගේ වැඩිමහල් සහෝදරයා ස්වෝත්සහයෙන් ඉගෙනෙ ගෙන නීතිඥයෙක් වී තිබෙනවා. ඔහු පසු කලෙක රේන්ද නැතිනම් අරක්කු ව්‍යාපාරයට සේන්දුවී මහා ධන කුවේරයකු බවට පත්වූවෙක්. කළුදිය දහර චිත්‍රපටයෙහි නිශ්පාදකයාද ඔහුය. ආච්ච් සතුව යුගයෙන් ඔබ්බට ගිය දැක්මක් තිබුනා. අඩු වයසින් සීයා මිය ගියත් තම දරුවන්හට ඉහලම ආධ්‍යාපනය ලබා දීමට ඇය උත්සුක උනා. භක්තිමත් කතෝලික කාන්තාවක් වූ ඇය නිතර පල්ලියේ මෙහෙයනට සහභාගි උනේ මාවත් එක් කරගෙන. මේ මෙහෙයන්හිදී නිතර නොඇසෙන පසන් ලතෝනි වැනි ගීතිකාංග මගේ කුඩා අවධියේම කනවැකීම ලොකු අත්දැකීමක්. ඇය නිවසේ පැවති ගීත ගායනයනට සහභාගී උනේ නැහැ. නමුත් ඇය සතුව ගොන්සාල්වේස් පියතුමා විසින් රචිත පසන් ලතෝනි ඇතුලු ගීතිකා පොත් රැසක්ම තිබුනා. කතෝලිකයන් වශයෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ සුභ මරණයක්. එනම් දුක් විඳීම් සහ විඳවීම් වලින් තොර මරණයක්. එම සුභ කාරනාව ඇය අත් වින්දා.. කිසිදු අසනීපයක් නොමැතිව සිටි ඇයගේ මරණය සිදුවූ දින ඇගේ බොහෝ දරු මුනුපුරන් සමග කතාබස් කර දහවල් කාලයේදී හෘදාබාධයක් හේතුවෙන් විනාඩි කිහිපයක කාලයක් තුල මරණය වැල‍ඳගත්තෙ සුභ මරණයක් ලබමින්. ඇය මිය ගියේ මගේ දෑත මතයි.ගුරු ගීතය සහ අපේ ගීතය... කතාවෙ පලවෙනි කොටස.. මේක පොතක කතාවක්.. කිර්ගීසියාවෙ 1920 විතර කාලෙ ඉස්කෝලයක් පටන්ගන්න ගමකට යන දුයිශෙන් ගුරුතුමාට පට්ට කට්ටක් කන්න වෙනව. ගමේ එකෙක් වත් ලමයින්ට උගන්නන්න කැමති නෑ. ගෙවල් ගානෙ ගිහින් බලෙන් ලමයි එක්ක එන්න වෙනවා. ලමයින්ව ඉස්කෝලෙට දෙන්නෙ ආන්ඩුවෙන් නියම කරල තියෙන නිසා. සෝවියට් ආන්ඩුවත් එක්ක හැප්පෙන්න බයයිනෙ කිර්ගීසියාවෙ ගොවියෙන් උනත්. ලමයව ගුරුවරයට දෙන්නෙ " උගන්නන්ඩ බැයිනම් මරාගෙන කාපන් " කියලා. දෙවෙනි කොටස හෙවත් අපේ කතාව.. මේක ඇත්තම කතාවක්. මගේ සහ බාලපුතගෙ කතාව.. පුතා මුලින්ම ඉස්කෝලෙට දැම්මෙ මාම්පෙ කනිශ්ටෙ කියල ඉස්කෝලෙකට. ඉස්කෝලෙ පටන් අරන් මාසෙකට විතර පස්සෙ පන්තියෙ ටීච එන්න කියල තිබ්බ නිසා මම ගියා ඉස්කෝලෙට. ටීච ලමයත් ඉන්න තැනම කතාව පටන් ගත්තෙ " මේ ලමය වැඩක් නෑ " කියලා. හේතුව ඉස්කෝලෙ වැඩ කරන්නෑ , පන්තිය වටේ ඇවිදිනව වගේ ඒව. මොනා උනත් මට අසූ හාරදාහට නැග්ග. මොනව කලත් ලමයෙක් වැඩක් නෑ කියනවද . මේ ගෑනුන්ට ගුරු විද්‍යාල වල උගන්නන්නෙ මොනවද. පොලේ ගිහින් බඩු තෝරනව වගේ ලමයි හොඳද නරකද කියල තෝරන්නද?..මම ඒත් මුවින් නොබැණ ටීච කියන ටික අහන් ඉඳල ආව. එදා සිට ලමය ඉස්කෝලෙ ගියෙත් මම යැව්වෙත් වෙන ඔප්ශන් නැති නිසා.. ටික දවසකට පස්සෙ ටවුමෙම වෙන ප්‍රයිමරියකින් ඇමතුමක් ආව ලමයව දාගන්න පුරප්පාඩු තියනව කියල..(ලමයි ඉස්කෝල දාපු අය දන්නව ඇති ඉස්කෝල කීපෙකට ඉන්ටව් යන්න ඕන පුරප්පාඩු අනුව තමා ලමයට අවස්තාව හම්බෙන්නෙ ලකුනු අනුව. එක වසර පුරාවට ඉස්කෝල වල ලමයි මාරුවෙන එක සුලබ දෙයක්.. ) ඉතාම කැමැත්තෙන් ලමයව අලුත් ඉස්කෝලෙට දැම්ම හැබැයි එතනත් හෙන කෙලියක්.. අවුරුද්දෙන් බාගයක් ගතවෙලා හින්දා ඒ ඉස්කෝලෙ ගොඩක් වැඩ කරලා අපේ එකාට මොකුත්ම කරල නෑ.. මූ රේස් එක පටන් ගත්තෙම පහුවෙලා නිසා ලමයටයි අපිටයි බහුලව රැවුම් ගැරහුම් කෙනෙහිලි වලට ලක්වෙන්න උනා. එක වෙලාවක අලුත් ටීචරුත් කිව්ව " මේ ලමය වැඩක් නෑ කියල" . මේ ප්‍රයිමරි ගුරුවරු ලමයින්ගෙ මොල කනවා. ලමයින්ට තඩි බානව. කම්ප්ලේන් කලත් වැඩක් නෑ. මං දැනගත් පරිදි මේ ගුරුවරු දෙන්න ගැනම කලාප කාර්‍යාලයට දෙමාපියො පැමිනිලි කරල තියෙනව හැබැයි සාමාන්‍ය විදිහ තමයි කිසි ඇක්ශන් එකක් නොගැනීම සහ ගුරුවරු තවත් කුපිත වීම . කම්ප්ලේන් කලේ කවුද කියලත් බොහෝ විට ගුරුවරය දැන ගන්නව ඇති. එතනින් එහාට ලමයට අබ සරණයි. බරැති හදක් ඇතුව ලමයව ඉස්කෝලෙ යවනව තාමත්. දැන් යවන්නෙ "උගන්නන්ඩ බැරිනම් මරාගෙන කාපන් " කියල.අලුත් ගුරුතුමී, ඉස්කෝලේ දැල් ජනේලෙ එල්ලිලා ඉන්න පුංචි පුංචි නා නා විද මූණු දිහා අරුණි හොරැහින් බැලුව.අලුත් ඉස්කෝලෙ, අලුත් පරිසරය එක මිටට ඇස් වලට හසු කරගත් අරුණිට ලොකු හුස්මක් හෙලුණ.විද්‍යාපීටෙ ඉත්දි උනක් වගේ දැනුනු දුශ්කර පාසල් හීනෙ හිතුවට වැඩිය හිතටයි ඇස් වලටයි බරයි කියල අරුණිට දනුණා. මැදවච්චියෙනුත් එහා අති දුශ්කර ඉස්කෝලයක් වුනු අලුත් ඉස්කෝලෙ නමවත් අරුණිට පාඩම් හිටියෙ නෑ.මේ පරිසරය තමන්ගෙ ජීවිතය මොන අතකට පෙරලාවිදැයි අරුණිට හිතා ගන්න බැරි උණා. බුලත් විටක් හක්කෙ ඔබා ගත්තු විදුහල්පති තුමා කතා කලේ පිටි අල්ලෙන් කට දෙපැත්තෙ රතු පාට කෙල බින්දු පිහ පිහ.හැබැයි කතා කරත්දි අරුණිට එතුමා ගැන ලොකු පැහැදීමක් ඇතිවූණා.තාත්තෙක් නන්නාදුන තැනක අසරන වුනු තමන්ගෙ දුවෙකුට කතා කරන තරමේ ගැමි ලෙන්ගතු කතා බහක් තමයි ඔහුට තිබුනේ "අලුත් ටීචර් නෝනට ටිකක් අමාරු වෙයි.මෙහේ ඉතින් කොච්චරවත් වෙඩි සද්ද..බෝම්බ සද්ද ඇහෙයි.නෝන බයවෙන්න එපා.කොටි මේ ළගට නම් ඇවිත් නෑ.අපි නවතින්න
හොද තැනක් හොයා ගමු" විදුහල්පති තුමා එහෙම කියත්දි අරුණිගේ තාත්තගෙ ඇස් නම් කිව්වෙම "මේ කෙහෙල් මල දාල යමං"කියන බැල්මමයි.එත්දි මග දෙපස දුටුව දසුන්,ගමේ අහින්සක මිනිස්සු,භාශාව අරුණිගේ තාත්තාගෙ හිත හොදටම රිදවලයි තිබුනෙ.නුවර උසස් බාලිකාවක ඉගෙන ගත්ත සැපපහසුවට හැදුනු අරුණි මේ තත්වය කොහොම විද දරා .ගනීවිද බයක් ඔහුට තිබුණ. අරුණිට ලැබුනෙ තුනේ පන්තිය.පන්තියක් කිව්වට දිග ශාලාවක තිබුනු පන්ති පහෙන් එකක්.පන්ති කාමර වෙන්වෙලා තිබුණෙ නෑ..අරුණි පන්තියේ දරුවො දිහා බැලුව.සපත්තු වලින් නොවැසුණු දරුවන්ගෙ දෙපා විවිධාකාර සෙරෙප්පු වලින් සැරසිලා.දරුවෝ ඇස් ලොකු කරගෙන අලුත් ටීචර් ව රසවිදිනවා.මුලු ශාලාවෙම දරුවොයි ගුරුවරියො කීප දෙනාගෙත් ඇස් තමන් වෙතම රැදී තිබීම අරුණිට මහත් අපහසුතාවයක් ගෙන දුන්නෙ..අරුණි හිත එක තැනකට අරන් දරුවන්ට උගන්නන්න පටන් ගත්ත. "ටීචර් හරී ලස්සනයි ." ටීචර්ගෙ කකුල් රෝස පාටයි". මේසෙ යටින් පෙනුනු පාවහන් වලින් මෑත් වුනු යටි පතුලක් දැකපු දරුවෙක් එහෙම කිව්ව..අරුණි අහිංසක දරුවො ගැන ලොකු දුකක් දැනුන. "ටිචත් ඉක්මනට යන්න යනවද..?දරුවෙක් එහෙම ඇහුව."මේකට එන කවුරුත් වැඩි කාලයක් ඉන්නෙ නෑ නෝනෙ.ඉක්මනට මාරුවක් අරන් යනව.ඒ මිනුස්සුත් එක අතකට වැරදි නෑ.කවුද මේ කොටි කටේ දුක් විදින්නෙ.මේවා වල ඉතුරු වෙන්නෙ මේ අහල පහල ගුරුවරු.එයාලටත් ඉතීන් මේ දරුවො ගොඩ ගන්ඩ ලොකු උවමනාවක් නෑ.."විදුහල්පති තුමා කියපු ඒ කතාව අරුණිට මතක් වුණා. "නෑ පුතේ ,මං යන්නෙ මේ අවුරුදු පහ ඉදල.ඔයාලව පුලුවන් තරන් ගොඩ අරන් " අරුණිට එහෙම කිව්වම ඒ මුහුණු වල ඇදුණු අපේක්ෂා සහගත අහිංසක හිනාවලට අරුණිගේ ඇස් වල කදුලු පිරුණ. අරුණි උණක් කියල හිතපු මායිම් ගමක දරුවන්ට ඉගැන්වීමේ සිහිනය යතාර්ත යක් වුනා.අරුණි එදා ඉදන් ඒ හීනය වෙනුවෙන් කැප වුනා.අලුත් ටීචර් ගේ විලාසිතා ගැන දොස් දකපු පරණ ගුරුවරියොන්ගෙ කටවල් ඉබේ වැහූන.අරුණි තමයි උදේම පාසලට ආවෙ .අරුණි දරුවන්ගෙ ඇදුම,කතා බහ පුලුවන් තරම් සංවර කරගන්න අරුණිට පුලුවන් වුණා.යලටමහට ඉස්කෝලේ ආව දරුවෝ හැමදාම ඉස්කෝලේ ආවා.ඉංග්‍රීසි විෂයට ගුරුවරයෙක් නොහිටියත් දරුවො ටිකට තමන් දන්න ඉංග්‍රීසි ටික කියල දුන්න.විෂය සමගාමීව සින්දුවක් කියන්න ,නැටුමක් නටන්න පුරුදු කලා.නිවාඩු ගන්න වුනේම නැති තරම්.එහෙම හේතු නොතිබ්බේ දුර ඈතක හිටි නිසාත් වාර.යේ දෙන නිවාඩුවට විතරක් ගෙදර ගිය නිසාත් අභියෝග ඕනෑතරම් ආවත් ,රෑට වෙඩි හඩ ඇහුනත් ආපහු හැරිල යන්න අරුණිට ඕන වුනේ නෑ..ඒ හයිය අරුනිට දුන්නේ ඒ අහිංසක දරුවන්ගේ අව්‍යාජ හිනාව. තුනේ පැටවු හතරට ගියා..හතරෙන් පහට.එතෙක් කවදාවත් ශිෂ්‍යයත්වය සමතෙක් බිහි නොවුනු පාසලේ දරුවො තුන්දෙනෙක් අනුරාධපුර මැදි විදුහලට ඇතුල් වෙන්න වරම් ලැබුව.අරුණිට දැනුන තමන් දිනුව බව .අතෑරල දාල දුවන්න තරම් හිතුනු අවස්තා වල තමන් වටේ හිටි ඒ පුන්චි එවුන්,තමන්ව දිනෙව්ව නේද කියල අරුණිට හිතුණා .කරන්න බැරි දේවල් ලෝකයේ නැති බවත් අවශ්‍ය යමක් කරන්න අවශ්‍ය කැපවීම සහ උත්සාහය බවත් අරුණි පාසලෙන් සමු අරන් එන දවසෙ හැමෝම අමතලා කරපු කතාවේදී කිව්ව.පිට යන්න බැරි නිසා ⁣ වචනයෙන් කිව් කඩුව දෙනවැති වැද්දෙකුට ගෙදරින් හෙව් "උඹ කිව්ව දේ තමයි ඔව්" මනමේ කුමාරිලත් වෙලාවකට පව් අව් වැසි නියං මැද ජීවිත කාලයම ගෙව් දාල යන්නට තරම් හේතු විතරක් තිව් "අදටත් එකට අන්න මචන් ලව් " ඇස් වහක් නැ ඉසුරු මුණි යුවලට පෙම් දුක කපතැහැකි ජීවිතෙන් කිලෝ ගනනින් ගැරෑම් තනිවුන එකෙකුගේ තරම් නෑ හිතක් චාම් පේරේමය දරාගන්නෙ අන්තිමට පොටෝ වල ෆෙරේම් "මල් සරාටත් වරදිනව සමහර වෙලාවට ඒම්" (රෝමි)දුංහිඳ හීන - (හය) "හෙනං උඹ දැන් ඔසුපැන් විකිණිල්ල නතර කොරලම දැම්මනේ ජිනෝ..? මොකෝ .. සුබරත්න හාමිනේ උඹට තුට්ටු දෙකක් දීල තියෙන තරමක් කුළිප්පාරම් ඔක්කොම කර ගන්නව ඇතිනේ... ? උඹත් ඉතින් ඒ ගෑනිගෙ සෙප්පඩ විජ්ජාවල් වලට රැවටිලා ..." මියුරින් එහෙම කියාගෙනම ගෙට ගොඩ වුනේ යසා නැන්දගෙ කීමට වද්දෝ කියල මට හිතුන. මං උන්නේ හඳුනයිය ගෙනත් දුන්නු කිතුල් පිටි උර දෙක ඉරිද පොළට බදුලු ගෙනියන්ට සූජානං කර කර.කිතුල් පිටි හනස් වලින් ඔතල ගෝනි නූලෙන් දෙකොන් ගැට ගහල පන් පෙට්ටිවලට අහුරන්ට ඕන . හඳුනයිය විකුණන කිතුල් පිටි, මී පැණි හෙම ගන්ට වෙනමම පුරුදු කාරයො ඉන්නවලු සිදාදියේ . එයා හොර බොරු කරන්නෙ නැති විත්තිය දන්න ඈයො උදැහැනැක්කෙම පොළට එන්නේ හඳුනයියව හොයාගෙන. මං ඉතින් මේ දේවල් සූදානං කරල දෙන්නෙ මයෙ මනාපෙන්මයි. "හඳුනටත් කාසි වලට කෑදරකම.. ඔය නැති බැරි එකෙක්ට කරන්ඩ තියෙන වෙළඳාම් නෙව ඔව්වා.. උන්නෙ බඩු ඉතුරු වෙනවලු. ඇයි ....හඳුනා හතර වටේ අල්ලගෙනනෙ ඉන්නේ . ඌ මහ කපටියා..අර අහිංසකය කිරා...ඌත් වාල් කං කරනවා ගවරය වගේ... " "අනේ ..තමුං හිතට අවංකව කොයිදේත් කරනවනං හොර බොරු නැතුව මිනිස්සු ඒවි බඩු ගන්ට. කිතුල් පිටි,මී පැණි, කිතුල් හකුරු ඔය කොයිදේත් කවලං කරල දුන්නම ඊ ගාව දවසට මිනිස්සු ඒවියැ. කවුරුත් කාසි දීල ගන්න ඒවනෙ ..මියුරි අක්කා..." "අනේ මට මොකෝ බං .. උඹලෑ අප්පුච්චා කහට කෝප්පයක් කාරිය බුන්නද? නැත්තන් මං පෙරාගෙන එන්ඩ බැලුවේ ..." "ඔව්..අප්පුච්චා කහට කෝප්පයක් බුන්නා.. වතුර පැහෙනවා . උඹටත් හදන්ට.....? " මං මියුරියටත් කහට කෝප්පයක් වක්කරල දීල හිමීට බකුසුහාමි ඉන්න අහට ගියේ මියුරියව මගාරින්ටම හිතාන . ඌත් පේන්ට නෑ. ඔය ළඟ පාතක ඇති...හෙට අනිද්දට කොහාගෙ සද්දෙත් ඇහෙන්ට ගනීවි . බක් මාසෙත් කිට්ටුයි නෙව. ඒත් ඉතින් මේවයෙ එවුන් යාන්තං ජීවිතේ ගැට ගහගන්ට පොර අල්ලනව මිසක්කා මොන අවුරුද්දක්ද? පැණි, හකුරු ටිකක් වැඩිපුර විකුණගෙන කීයක් හරි අතට ගන්ට හොඳා අපටනං ඔය අවුරුද්ද . කොයි එක උනත් බක් මහ උදාවත් එක්ක අමුතුම සිරියාවක් තියෙනව ..ගහකොළ සතා සීපාවගෙ පවා. ගිනීහීරියා ගස්වල මල් පිරිලා බලන්ට ආසයි. එරබදු විතරක් නං බැරිය... කැලෑ මල් පඳුරු ගනං පීදිලා. අප්පුච්චා නං කියන්නේ හිංගල අවුරුද්දත් එක්ක මයෙ කටයුතුත් අහවර කරන්ට ඕන කියල. හඳුනයියගෙ මහ ගෙවල් වලින් නැයිං බලන්න එන්ට දින තීන්දු කරන් ඉන්න වගක් උන්දැ මා එක්ක කිව්වම මයෙ ඉසත් එක්ක තෝන්තු වුනා වගේ. "ආයි ඕව පහුකොරන්නෙ මොනාට.? මොකෝ ඒකට දෙන්ට කියල ගොඩින් මඩින් කියල තියෙන එකක් වෙද..? උගේ මනාපෙ ඉහටත් උඩින් එකේ මේවයෙ ඉවරයක් තියෙන්ට ඕන නෙව ..." මං හාවක් හූවක් නැතුං උන්නට මයෙ හිත පුදුම විදිහට ඇදුං කන්න වගේ දැනුනා. මයෙ කියල ඉන්න අප්පුච්චටත් දැන් මොකුත් කර කියා ගන්ට බෑ කියල මං දන්නව. ඒත් හිත නැති තැනකට හිත නම්මගන්න එක ලේසි පාසු කාරියක් නෙවෙයිනේ ? "ඔන්න බලාපන් බුලතා කරපු බලේ යතුරු ලෑව ගල් දොර යට වතුර හැලේ එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ සොරබොර වැව නුදුටු ඇස් මොටද පින්කලේ...? " මං ගැස්සිල ගියේ හඳුනයියගෙ කටහඬට. ගේ ඉස්සරහ පිලයි, කුස්සි කෑල්ලයි ගොම මැටි පිරියං කර කර ඉන්දැද්දි හඳුනයිය ඔහොමම පිල් කණ්ඩිය උඩ ඈ‍ඳි ගත්තා . "අවුරුදු ජය පාටයි වගේ නගාලට... ? මයෙ එරබදු මලත් ඉතින් නෙලා ගන්ට ඕන මෙදා අවුරුද්ද උදාවත් එක්ක. ආයි ලොකු ලොකු අඩව්වල් ඕන් නෑ.සිරිත් විරිත් ටික කෙරුනම මදෑ... නේද මාමණ්ඩි ...? " "ඒක නෙවද..? ඕවට නහින්නෙ මොකා...? ඒත් කෙල්ලව කයි කතන්දරයක් නාහ ගමට කැන්දන් යන කාරිය උඹට බාරයි මයෙ පුතා" "ඒවට මොකට කරදර වෙන්නෙ..? ඒ වැඩ කටයුතු ටික මං අපූරුවට කරන්නං මාමණ්ඩි. මං නඟාව කැන්දන් යන්නෙ අළුතින් තනාගෙන යන පැලට. පැලට නෙවෙයි ඕං සිංහල උළු හෙවිල්ලපු... හුණු පිරියං කරපු අපූරු ගේ පොඩ්ඩකට.." මං ඒ කතා මගෑරලා කළෙත් අරං පීල්ලට ගියා. හඳුනයියට තේ වතුර ඩිංගක් රත් කරල දෙන්ටත් අමතක වුනා. මං මහා පව්කාර එකියක් නෙවෙද කියල පෙලක් වෙලාවට හිතෙනවා. සුදු මහත්තය...මං එදා ඇල්ලට වැටිච්ච දාට පස්සෙ මුලිච්චි වුනේ දෙගමනයි. ඒත් අර හාමිනේගෙ බත් කඩේදි.. එතන ඉතින් නිස්කාංසුවේ කතා කරන්ට පුළුවන් තැනක් ය ..? අර ගුණසිරියා පඟරය වාගෙ කොයියම් වෙලාවෙ බැලුවත් මයෙ පස්සෙං වැටිලා. ඌ ගෑනිට දරුව ලැබුනයිං පස්සෙ ගෑනුත් එක්ක හෙයියාවන් වැඩියිද මන්දා... උන්නෙ නාකි හුරතල් බලන්ට වෙලා අපිට අර පේමක්ක කියන්න වගේ. "එදා බත් එක මං බංගලාවට ගිහින්ම කෑව. හරිම රහයි. අපෙ හීං අප්පු උයන ඒවටත් වඩා. කොහෙද ඉතින් ඔයා එදා මාවත් නෑව්වනෙ..? තව ටිකකින් දෙන්නම ඉවරයි.. " සුදු මහත්තයා එදා කෑම කන ගමන් කියද්දි මං වටපිට බැලුවේ හාමිනේටවත් ඇහෙයි වත්ද කියල . මහත්තයගෙ ඇස් අමුතු එළියකින් දිළිසෙනව. ඒ ඇස් මොකක්දෝ රහසක් කියන්නා වගේ.. මතක් කරනකොටම හීං අප්පු දුවං ඇවිත් සුදු මහත්තයට කණට කරල මක්කදෝ කිව්ව. ඒ එක්කම ඉරියව් වෙනස් වෙලා සුදු මහත්තය කලබල උනා වගේ.තව මොන මොනාද ඉංගිරිසියෙන් චිරිස් බිරිස් ගාල කියෙව්වා. මට තේරුනේ "චින්ටා"කියනව විතරයි. හෙනං චින්ත බේබි ගැන පයිණ්ඩයක් වෙන්ටැති ..ඒ ඇත්තෝ යන්නං කියන්න වගේ මට ඔළුවෙන් කියල කලබලෙන් ජිප් එකට නැගල යන්ට ගියාම නං මට මහ දුකක් දැනුනා . චින්ත බේබි කොළඹ රටේ ඉඳන් දැන් ගම ඇවිල්ල කියල එදා කිරා නෙව මට කිව්වෙ...මොනා වුනත් මයෙ හිතට මහා සාංකාවක් දැනුනා . එහෙනං ඉතින් මාත් මේ බ‍ඳින්ට කතා කරල ඉන්නේ හඳුනයියව. මයෙ මනාපෙකින්‍ යැ. ඒ වගේද දන්නෑ සුදු මහත්තයගෙ මනාපයක් නැතුව මහ ඇත්තල චින්ත බේබිව තීන්දු කරල වත්ද? මට එදා රෑ නින්දක් නැතුවා.. අසෝකමාලා වගේ මාත් ආදරේ කරන්ට තෝරාගත්තු තැනක්..? හඳුනයියා නිතරෝම කියන දෙයක් තමා සාලිය කුමාරවරු දැන් කාලෙ නෑ නෙව කියලා. අපි දවසක් වන්දනාවෙ ගිහින් බලාපු ඉස
ුරුමුණි ජෝඩුව මයෙ අම්මෝ එකට ලංවෙලා ඉන්න අපූරුව ..හරියට පණපිටින් ඉන්නව වගේ.. එවෙලෙ තමයි හඳුනයියා කීවෙ ඒ ඉන්නෙ සාලිය , අසෝක මාලා ය... ඒත් දැන්නං සාලිය වගේ අවංක කුමාරවරු නෑ..ය කියල . "නගා.. මං මේ කොයිද බලන්ඩ ආව. කළෙත් ඉතිරිලා අහකට යනව. මොනා ඔයහැටි කල්පනා කරන්නෙ කියල බැලුවෙ ? ඒක නෙවෙයි ..මං උඹෙන් කාරණයක් අහන්ඩ.. මාත් එක්ක අමනාප වෙන්නෙ නෑනෙ ? " "නෑ අයියා ..මොකක්..? " මට හිතාගන්ට බැරිවුනා හඳුනයියා අහන්ට යන්නෙ මොකක් කියලා. එක එක ඒව මයෙ හිතට ඇවිත්...ආයිත් අන්තරස්දාන උනා.ඔය මොනා කිව්වත් හඳුනයියට මයෙ හිතේ තියෙන්නෙ අමුතුම බයක් . ගවුරවයක්..ඒක ඉතින් අයිය නඟා අතරෙ තියෙන්නා වගේ බැඳීමක් . "නගා ආයි ඔය සුබරත්න හාමිනේලයෙ ගෙවල් ගානෙ කුළිප්පාරං වලට යන්ට ඕන නෑ. ඊට වඩා එකක් උඹට නිකා ඉන්ට බැරි නං බෙලිමල් ඔසු විකුණන එක. වෙහෙස මහන්සිවෙලා එන උදවියට ඒක පිනක් වෙයි. අනික තව කී දොහද.. මං නගාව මේ දුක් කන්දෙ තියන්නෙ නෑ සත්තයි.." "අනේ අයියණ්ඩි .. හාමිනේ ඔය කියන තරං නරක කෙනෙක් නෙවී.. සාදාරණ කමක් නං නෑ තමයි . ඒත් ඉතින් මහන්සියට හරියන හැටියට කාසි පනං ගෙවනවා උන්දැ.." මට වැඩියක්ම බය හිතුනේ බත් කඩේ ගමන නතර උනොත් මොන දෙයියන්ට කියන්ට... කියල ..? මං ආසාවෙන් බත් කඩේ වැඩට යන්නෙ ඉඳල හිටල හරි සුදු මහත්තය දකින්ට.. කතාබහ කරන්ට.. ලැබෙන හන්දා... මට නාරංගල කන්ද දිහා බැලුනේ ඉබේටම. හරි උජාරුවට විරාජමාන වෙලා මේ පැත්ත බලාගෙන ඉන්නවා. එක පැත්තකින් මහ සද්දන්තෙට නමුණුකුල කන්ද. අනිත් අතින් ආකාසෙ උසට ඉන්න නාරංගල කන්ද... පතනට එහායින් දර කඩන්ට, ඔසු ජාති හොයන්ට ගියාම ඔය කඳු දෙකත් එක්ක එක පෙළට තියෙන කඳු වළල්ලම පේන අපූරුව බලන්ට ආසයි . "අනේ අයියා..හුනේ අයියා නෙවෙයි. හාමිනේ අන්න නගා ඒ පැත්තෙ එනකල් ඉන්නෙ.මං මනාප නෑ නඟා ඔය එක එකාගෙ පාච්චල් කතා වලට. ගුණසිරියා උඹ පස්සෙන් වැටිල කියල එකඑකා අමරාවතීගෙ කණේ තියලලු. ආං ඒකි දරු පැටියත් ඇන්න ඒකිගෙ ගමට ගිහිංලු.." "කොහේ... බත්මැඬිල්ලෙ..? " "ඒව මං දන්නෙ නෑ.. ගිහිං කියල විතරයි දන්නෙ. ඌට නං ඒකෙ වගක් නැතුව ඇති.ඌ පේමාටත් ලෑස්ති වෙලාලු. හාමිනේ පරල වෙලාලු ඉන්නෙ නඟා එක්ක...උඹ යන්නෙ කාසි හොයන්ට වග කියන්නෙ උඹයි මායි අප්පුච්චයි විතරයි නෙ.. අනිත් හැම එකාම කියන්නෙ ගුණසිරියගෙ පළහිලව්ව " සීවරං දෙයියනේ ... මේ මොන අපරාදයක්ද? මං නිසා අර අහිංසක ගෑනි කිරි කැටියත් ඇන්න යන්ට ගියා කියන්නෙ.. ? මේ ගමේ උන් බඩ පොත්ත ඇලුනත් අනුන්නෙ බොක්කෙ තියෙන දේ හොයන එකනෙව කරන්නේ..?ඌ මා පස්සෙන් වැටිල හිටියට අතකින්වත් අල්ලන්ට මං ඉඩක් තිබ්බ යැ.. හාමිනේ මා එක්ක පරල වෙන එක අහන්ටත් දෙයක් ය දෙයියනේ ..? මොන ලැජ්ජාවක්ද උනේ.. මං හඳුනයිය දිහා බැලුවෙ කිසි දෙයක් හිතා ගන්ට බැරුව. හඳුනයිය දන්නව මං කොහොමත් ගුණසිරියව රුස්සන්නෙ නැතිය කියල. ඒත් ....? "මං ඔව්ව මේ කණෙං අහල මේ කණෙං පිට කරනව ජිනා ... මේකෙ සමහර උන්ට බඩට බත් ඇටේ නැතත් අනුන්නෙ වංහුං නෙ ඕන? මෙව්ව තව ටික කාලයයි උඹට අහන්ට වෙන්නේ..." මම හඳුනයිය දිහා බැලුවේ මොනා කියන්ටද කියල හිතාගන්න බැරුව.හඳුනයිය ඉස්සරහ මට පුදුමාකාර ආරස්සාවක් දැනෙනව. ඒත් මයෙ හිත මටම මේච්චල් නැත්තෙ ඇයි? මට හිතෙනවා මයෙ ඇත්තම හැඟීම්...මේ වෙලාවෙ කියල දාන්ට... එයා හිත හදාගන්නෙ නැතෑ.. මොකෝ මට වඩා හොඳ එකියක් සහේට ගන්ට හඳුනයියට ආයෙ මොන අඩුවක්..පාඩුවක්ද..? "මටත් තියෙනවා අයියණ්ඩිට ලොකු කතාවක් කියන්ට.. මං ඒක කියන්න හුඟක් කල් ඉඳන් බලං උන්නෙ.. ඒත් අයියණ්ඩිගෙ මූණ දිහා බලාන ඒක කියන්ට මට හිත් දෙන් නැතුවා " "කියන්ට නඟා... මං කැමති කෙලින් කතා කරනවට.. " වතුර කළේ පැත්තකට කරල ගල් පොත්ත උඩින් මං ඈඳි ගනිද්දි හඳුනයියත් මා ගාවට කිට්ටු වුනා...එක පාරටම කවුදෝ මහ හයියෙන් ඔළොක්කුවට හිනාවෙනව ඇහිල මට උන් තැනින් නැගිටුනේ ඉබේටම. ඒත් හඳුනයිය අතින් ඇදල මාව ආයිමත් එයා ළඟින් වාඩි කරවා ගත්තා. මතු සම්බන්ධයි. (සේයාරුව අන්තර්ජාලයෙනි)දවල් හීන ඊයෙ උදෑනැක්කෙ බැලුවාම පැළ ගස් රාජයෙකුගෙ කඳේ එල්ලි එල්ලි තීනව ගෙස් කොඩියක් කාළෙකිං ඒම එකක් බණ්ඩියට තල්ලුකොරාගන්ට බැරි උනා නොවැ. ඉතීං වා කැත්ත බැඳපු හීං උණකෙක්කට සපෝට්ටෙකට තව ලීයක් බැඳලා වැඩේ දෙන්ටයි බැලුවේ. එක්කෙනෙක් කියාපි Athula Abeyrathna මාත්තිය එක දවසක් පෝස්ටුවකිං කියාදුන්නු පැස් කොහිලද කියාල බලන සෑත්තරේට අනුව පිහා කොළේ ඉදීලද කියල බලල ඉන්ට කියාල. මං දන්න ජාති දාල බැලුව . ම්හු...මොන දානයක්වත් පේන්නෙ නෑ . ගෙස්කොඩිය තීන්නෙ අකනිටාවට ටිකාක් ඉතර කිස්ටුවෙංනේ. බෝම අමාරුවෙන් පිහාකැත්ත නැට්ටට දාල ඇද්ද ඉතරයි මෙන්න බොලේ ඩෝස්ගාල ඒ නැට්ටෙම තිබුනු දූ ගෙඩියකුයි එයාගෙත් නංගියාවයි බිමට පතබෑවෙච්චි. බැලින්නං ඒ නැට්ටෙ ඒම දෙකකුත් තිබිල නේ. ආයි පුරුස දහිරියෙන් නැට්ටට පිහාකැතිතලේ දාල ඇද්ද බොක් ගාගෙන ගෙස්කොඩිය බිමටම දොක්ක වුනා. ඉටිකොල ගෝනිය යටට දාල මන්නාපිහි රාජයාගෙ මිටේ ඉඳං තලේ දෙපැත්තෙ හොඳහැටි තෑවරෙන්ට තෙල්පොල් ගාල කරදාසි දෙහෙකුයි වතුර බාජං එහෙකුයි ලෑස්තිකොරාගෙන දෑත බදල දූන්න එකක් . ගෙඩිය පළු ගහල වහළු වෙන්කොරාල කෝමිං කෝමිංහරි කොහොල්ලෑත් අඩුවෙන් ගාගෙන මදුළුත් පන්න ගත්තැයි කියමුකො. බංකු අරගෙන අපි දෙන්න එක්ක කොස් ඉරි ඇරගෙන ඇටවල හිවිඩි පන්නාගෙන වැඩේ යනකොට කොස්ටික ලියාලම බිං වලට දාගත්ත නිසි බලධරයා විසින් . කොසෙන් පංගු දෙකක් කොස් කන්න ආසතීන ගෙවල් දෙහෙකට පෝංකොල්ල ගෙනිහිල්ලාම දුන්න . ඒම තමා අපේ සංගිස්කුරුතිය අපේ අම්මල තාත්තල අපට පවරාල තීන්නෙ . ඔය කොස් එව්වත් ඩීප්පු පිරීසරේ බෝමකල් තියාගත්තැකි ඕනෙනම්. හැබැයි රජෝ එළියට ගත්තාම මදුළු මැලෑවෙන හන්ද කිරිකොස්නං ඒම තම්බනවනං ඒම තමුංට කැමති හැඩේට කපාලම තියාගන්න එක ලේසියි. ඒම සිජ් එකේ තියාල මැළෑවුනු කොසට වතුර තියන එකත් කිරියාවෙං අවභෝධය ලබාල කොරන්ට ඕනෙ වැඩනේ. ඉතීං ඊයෙ බත් උයාල තිබ්බ හන්ද පිරිජ්ජුවේ දාල තියාගත්තු බිං එහෙකින් සූට්ටක් උදේ තම්බාලනේ. මං කිව බත්තුයන්නත් එපා කීල .. ඒත් අපේ කුඹුර වපුරන ඇත්තො ගෙනැල්ල දීපු වී ගෝනියක් කොටාල ගත්තු කැකුළු හාල් පොජ්ජකුත් උයාල තිබ්බ. ඕකට ඊයෙ ගහෙංවැටිච්චි ගෙල් පොඩියකුත් ලෙලිගසාල ගාලත් දුන්නෙ මංතුමා මයි . ගෙදර ඉන්නකොට අම්මටයි බන්දනේට පස්සෙ නිසිබලධරයාටයි ගල්පෝල දෙනේක පිරිමි අපේ පරම අයිතියක් නේ. ඉතීං ගිණි බොංසාලෙට කිරිප්පු පරි හොද්දකුයි කහපාට දිරාපු ජාතියකුයිත් හදාල තිවුන . මිරිස් එව්ව බදින්නෙ කහපාට එව්ව බැදල යාන්තං තෙල් ඉතිරිවෙච්චි තාච්චුවේනෙ . ආං එතකොටයි මිරිස් ටික පිච්චිලා එන්නෙ . බැදපුමිරිස් වාගෙ නොවේ පුස්සාපු මීස් කියන්නේ ඒවයේ රහ ඉතිං දන්නෝ දනිති. මේව දැක්කාම ඔය ඩයිට් කිරිලි අනං මනං වාන කීවාලු. දුන්න බුරිය උල් වෙන්නම . හොරිප්පු පදි බොංසාල බැදපු මීක් එහෙම සැරිං සැරේ ගත්ත. පිළී රහක් එන්නත් ඕනෙලුනේ. දැං ලේසියෙං මාළු කන්‍ට අමාරුයි ඒගොල්ලො ඉන්නෙ අහසෙ වෙන්නෑති. උන්ට රිටෙං ලියුං දෙන්නත් බැරිගානට නැගල. මං අඩුවෙම්ම කන දෙයක් හින්ද හින්නිකිතර කෑලි කීපෙකට බැදපු පහේ, නැරාබු කැටි, කරදමුංගු , ඉඟුරු වාගෙ සෝරසේ සේරොක්කෝම දාල බොරේට බස්සල තිඋන . මොනා කොරාන්ටද මකුල් කුස් උනත් හොඳයි මේව දෙසාබාන්ට කියල ඔන්නෝහෙ ගිලල දැම්ම . කවදා මාළු බහීද බිමට. ලියාගන්ට පරක්කු උනානේ. ඒකයි හවස් උනේ. කට්ට කරෝල හොදි ඉස්සර අම්ම උයන්නෙ පැහුණු පොල් ගෙඩියක්ම ඒකට දාල ආයි මොනාද ඉතිං උඩ තෙල් තට්ටුවක්ම පෑදිලා හොද්ද ඉදෙනකොට ඒ සුවඳ සෑහෙන ඈතට ඇහෙනව කීවම ආච්චිගෙ කිරි හොද්දත් ඒ වාගෙ උකු හොදි කොස්වල යටට බහින්නෙ නෑ ලේසියෙන් සම්බෝල පුස්සාපු මීස් එක්ක ගත්තම බඩුම තමා ඉස්සර මීක් කාල් ඉරටුවක ගහල ගින්දරට අල්ලලත් ඕක කොන්නවනේ. ඒත් අඟුරු වුනොත් තිත්තෝම තිත්තයි දැන් කරෝල කන්නම බෑනෙ ලුණු ගුලි නේ ඒව අරින්න නටන වතුර දාල හේදුවාම කෑලිත් දියවෙනව දැං මං ගේන්න කැමති නෑ එච්චර කට්ට කටු මිරිස් ගලේ තියල අත් ගලෙන් තලල දාන්නෙ ආච්චිල අම්මල එක්කම ඒ අත්ගුනේත් යන්නම ගියානෙ ආයි කවම කවදාවත් ඒ සුවඳ ඒ රස නම්... ඒව හීන.. ඒත් හැම ගෙදරම තියෙන වළළු දාපු අතටම ආවේනිකවූ ඒ රහ ඒ ඒ ගෙදරටම සුවිශේෂීවූ ඒවා. අපි කතාවෙනව ඒ වාගෙම දන්නව ඒ රහ. වැඩි හොඳේට සලකන්ට කියාල ලඟ තීන ඉහල තැනකට එක්කයයි කියල බයේ සමාරු ටැලිපෝං එව්ව කරනව නැන්දගෙ අතිම්ම උයන්න කියාලත්. ඒ පැරණි අය ගියාට කමන්නෙ නෑ...ලෝකෙ හැටි එහෙමයි. කිසිවක් ඒ විදියටම තියෙන්නෙ නෑනෙ හැමදාමත් කෑම කියන සීනි තෑවරුමේ හංගාල තීන මට කියාගන්ට ඕනෙ වැදගත් කරුණු ඔබ තුමන්ලාට තුමියන්ලාට පෙරාගන්ට පුලුවන් උනොත් මං දිනුම් මේ නාකිය හැමදාම කීන ආං ඒ කොටසින් ගැලපෙන කොටසක් තියේනං ජීවිතේට ගංට. gamini ranasinghe 07/01/2024"සාම්ප්‍රදායික හොල්මන්ක් නොවූ පින්දොලා ගේ කතාව" මට කවදාවත්ම ඕනෙ වුණේ නෑ සාම්ප්‍රදායික හොල්මනක් වෙන්න. මහන්සි වෙලා රාජකාරි කොරල රෑට තියන අන්තිම බස් එකෙන් ඇවිත් හෙමින් හෙමින් ගෙදරට ගාටන අහිංසක මනුස්සයෙක් බය කොරල ගන්න දොලපිදේනි හොල්මනකට වුණත් යා නොදෙන වගයි මගෙ නම් අදහස වුණේ. ඉතින් මේ නිසාම මීට මාස දෙකකට කලින් මිනී වලෙන් නැගිටින මොහොතෙ, මා දිහාව බලාපොරොත්තු පිරුණු ඇස් වලින් බලාන උන්නු සොහොන වටකරගත් හොල්මන් සියල්ලොම දැන් මා දිහාව බලන්නෙ නිකමෙක් ගානට. දොලපිදේනියක් ගන්නට කිසිත් නොකර අනුන්ගේ දොලපිදේනි වලින් දිවි සරි කරගත් මා හට පින්දොලා යනුවෙන් නමක්ද පටබැඳුනේ මේ අතරයි. ඒ විතරක්‍ යැ. නාන තොටවල් ගානේ, තුන්මන් හන්දි ගානෙ වරු ගණන් රස්තියාදු වෙලා, දවස් ගණන් කොහෙවත් පරාණියෙක්ගෙ ඇඟක හිරවෙලා දුක් විඳල ගන්න දොලපිදේනි වලින් කොටහක් නිකමෙක් ට වෙන් කොරන්න වීම ගැන මගේ මුළු කනත්තෙම හොල්මන් වලට තිබ්බෙ පුදුමාකාර නුරුස්නාවක්. අන්තිමේදි මේ නුරුස්නාව කෙළවර වුණේ ඉහළ අධීක්ෂක හොල්මන් මහතැන්ලට පෙත්සම් යැවිල්ලකින්. එහෙම යවාප
ු පෙත්සම් වලට ප්‍රතිඋත්තර හැටියට අත්දැකීම් බහුල හොල්මන් මඬුල්ලක්ම අපේ කනත්තට නුදුරේදිම එවන වගට අධීක්ෂක මඩුල්ල ලියල එවල තිබුණ. මෙය දැනගත් කනත්තේම හොල්මන් එක්ව, "හොල්මන් මඬුල්ලට මහසෝනත් ඇතුලත් බවත්, පින්දොලා මේපාර නම් උබේ ප්‍රතිපත්ති මිනී වල අස්සෙ දාල වහගන්න වන බවත්" කියමින් වළ වටා නටන්ට වුණා. ඔහොම දවස් ගෙවිල ගොහින් උදා වුණු එක මූසල රාත්‍රියක ඒ හොල්මන් මඬුල්ලම මහ ගාම්භීරෙට අපේ කනත්තට ආව. මහසෝන් උත්තමයො මූලිකත්වය ගත්ත ඒ මඬුල්ලට මෝහිනිත්, කළු කුමාරයත් ඇතුළත් වුණා. බියෙන් ගත සලිත වෙලා හිටපු මාව මහසෝන් උත්තමයා ළඟට පමුණුවන්න කනත්තෙ හොල්මන් පොරකෑව. මේ අතර ඒ සියලු හොල්මන් පසෙකට කරමින් මහසෝන් උත්තමයම මන් ළඟට ආව. එහෙම ඇවිත් පිටට තට්ටුවක් දාල "එහෙනම් තමුනුයි මේ පින්දොලා කියන්නෙ, කදිම තරුණයෙක් වෙලත් මක්කැයි මේ අතපය වෙහෙසෝල වැඩක් කොරන්නැත්තෙ?" කිව්ව. හිසේ සිට පාදාන්තය දක්වාම රැඳි සියළු ශක්තිය එක්කාසු කරගත් මා මගේ ප්‍රශ්නය ඉඳිරිපත් කරන්ට වුණා. ඒ ඇසූ මහසෝනා වැරෙන් පිට මැදට පහරක් එල්ල කරනු ඇතැයි සිතුවද ඔහු නිහඬවම කල්පනා කරන්ට වුණා. මොහොතක් කල්පනා කළ මහසෝන් තෙමේ හෙට ගොම්මන් කළුවර වැටෙන යාමේ ඔහු හා ගමනක් යන්ට ලෑස්ති වන්නැයි පවසා රාජකාරී පිණිස තුන්මන් හන්දියට ගොස් සිටි හොල්මනකගේ මිනීවලක් අස්සට රිංගා ගත්තේ මඳක් විවේක ගත යුතුයැයි පවසමින්. මෙය අනුගමනය කළ කළුකුමාර තෙමේද මෙතෙක් මුව රුවා වුන් ගොක් කොළ සුරුට්ටුව විසි කොට දමා හිස් මිනී වලක් තුළට රිංගා ගත්තේ මා දෙසට හැරී උරුවම් බාමින්. පසු දින හැන්දෑ වන තුරුම මා දකින දකින විට උරුවම් බානා කළු කුමාරයාගෙන්ද, පිටට තට්ටු දමනා මහසෝන් තෙමේගෙන්ද, රත් පැහැ දෑසින් මදෙස බලනා මෝහිනියගෙන්ද මඟහැරී සිටීමට මා නොකළ දෙයක් නොමැති තරමයි. එසේ ගත වූ උදෑසන හා දහවල නිමා වී හැන්දෑ යාමය උදා වූයේ මසිත තව තවත් බිය කරමින්. මුලින්ම කළු කුමාර තෙමේ හා නානතොටක් වෙත යන්ටැයි ලැබූ මහසෝන් අණ පිළිකුලෙන් වුවද පිළිගත් මා කළුකුමාරයා සමඟින් පිටත් වුණා. එලෙස ගිය කළුකුමාර තෙමේ දුප්පත් පැලක් අසළින් නැවතී ඇතුල් වන්නැයි සන් කළා. එසේ ඇතුල්ව පැලෙහි කවුළුවක් අසළට ගිය කළුකුමාර තෙමේ සවන් දෙන්නැයි පවසන්ට වුණා. එසේ අසා සිටිනාතර මවකගේත් දියණියකගේත් සංවාදයක් ඇසෙන්ට වුණා. "අප්පොච්චත් නැතුව උඹව උස්මහත් කොරන්ට මන් මොන තරම් නම් දුක් ඉහිලුවද? මේ ගොම්මනේ නානතොටවල් ගානෙ ගොහින් කරදරයක් වුණු දාට මොන දෙයියන්ට කියන්ටද මයෙ අප්පේ...." මේ කිසිත් මායිම් නොකොට නානතොට බලා පිටත් වූ දියණිය පසුපස කළුකුමාර තෙමේ දුවන්ට වූයේ මා එහි වුන් බව පවා අමතක කරමින්. වෙන්ට යන විනාසය වහා හඳුනාගත් මාද කළුකුමාර තෙමේ පසුපස දීවේ කෙසේ නම් මෙය නවතන්නැදැයි සිතමින්. මෙසේ නානතොට දක්වාම ගිය මා හට දක්නට ලැබුණේ කළුකුමාරයා පමණක් නොව, කළුකුමාරයා හා අහස පොළොව තරම් වන තඹවන් සමක් ඇති ධනවත් පෙනුමැති නමුත් එය පරයා නැගෙන කුපාඩි පෙනුමක් ද සහිත තරුණයෙක් නානතොටෙහි රැක සිටිනා අයුරුයි. ඒ සැණින් තරුණිය අල්ලාගත් ඔහු "එහෙනම් උඹ ආව නේ" යි පවසන්ට වුණා. ඒ හැඩිදැඩි අත් අතරින් පැන යන්ට හැදූ තරුණිය තව තවත් තදින් අල්ලාගන්නට තරුණයා කටයුතු කරද්දී මොහොතක් හෝ ප්‍රමාද නොවූ කළුකුමාර තෙමේ මා ඇස් ඉඳිරිපිටදීම තරුණියගේ ඇඟට ආවේශ වී තරුණයාගේ හිස නානතොටෙහි බැම්මක ගසන්නට වුණේ හිස පැලී රුධිරය විසි වන අයුරින්. කිසිත් කරගත නොහැකි තැනට තරුණයා පත් වූ පසු තරුණියගේ ඇඟෙන් ඉවත් වූ කළුකුමාරයා මා වෙත පැමිණියේ ජයග්‍රාහී සිනාහවක්ද සමඟින්. ආවේශයෙන් මිදුණු තරුණිය රුධිරය ගලා යන හිසක් හා බිම වැටී වුන් තරුණයා දැක කෑ ගසමින් දුවන්ට වුණා. එලෙස ගොස් පැලට ගොඩව කිසිත් නොකියා හඩා වැළපෙන දියණිය දුටු මවද විලාප නඟන්ට වුණා. එම විලාපය අසා පැලට ගොඩ වූ ගම්මුන් මෙය කළුකුමාර දිස්ටියමැයි කියමින් පරසක්වල ගසා කට්ටඩියෙකු කැඳවන්ට වුණා. ගොක්කොළ සුරුට්ටුවක් දල්වා ගෙන පිල්කඩ මත ඈදිගත් කළුකුමාර තෙමේ දොලපිදේනිය රැගෙනම පැමිණෙන්නිමියි පවසා මා පිටත් කරන්ට වුණා. පැල් කොටය පසුවන තෙක්ම දැකගත හැකිවූ කළුකුමාර තෙමේගේ ගොක්කොළ සුරුට්ටුවේ එළිය මා හට දමිළ සිනමා වීරයින් සිහිපත් කරන්ට වුණා. මෙලෙසින්ම කනත්තේ සිට තුන්මන් හන්දියට ගිය මා හට, හොර අඹුවක් බැලීමට ගොස් වෙරි මතින් නිවෙස බලා යන පිරිමියෙකුගේ පිට නිල් වෙන්නම මහසෝන් තෙමේ දුන් පහර ද, රාජකාරි නිමවා සති අන්තයේ නිවස බලා රෑ බෝ වී එන තරුණියකට අතවර කරන්ට ගිය මිනිසෙකුගේ ගෙල සාරි පොටෙන් සිර කරමින් දිව ඉඟ තෙක්ම දිගු කර බිය කරනා මෝහිනියද දැක බලා ගන්ට ලැබුණා. මේ සියල්ල දැක බලා කනත්තට ගිය මා නින්දට ගියේ මෙවන් වීර වීරවරියන්ට කෙලෙසින් නම් මිනිස් ලොව අමනුස්ස කතා සෑදුනේදැයි සිතමින්. පසුදින පාන්දර ජාමයේ දොලපිදේනිද රැගෙන යළි කනත්තට පැමිණි මහසෝන් තෙමේත්, කළුකුමාර තෙමේත්, මෝහිනී උත්තමාවියත් දෙස මා බලා සිටියේ අප්‍රමාණ වූ ගෞරවයකින්. එසේ බලා හුන් මා දෙස බලා මඳ සිනා පෑ මහසෝන් තෙමේ "ඉතින් කොල්ලො තාමත් අදහස පින්දොලා විදිහටම ඉන්ටදැ" යි අසන්ට වුණා. ඒ ඇසූ මට මා පිළිබඳවම ලැජ්ජාවක් දැනෙන්ට වුණා. බිම බලා හුන් මා අසලට පැමිණි මහසෝන් තෙමේ "ලැජ්ජ වෙන්ට නෙමෙයි කොල්ලො, "මනුස්ස සමාජෙ මුල්බැහැගත්ත දරුණු අමනුස්ස වැඩ කොරන්න බැහැයි කිව්ව එක ගැන ආඩම්බර වෙන්ටයි ඕනෙ. තමුන් ගැන පෙත්සම් ගහන්ට හයිය තිබ්බ මේ කනත්තෙ එක හොල්මනකටවත් ඒ හයිය තිබ්බෙ නෑ ඔන්න." මහසෝන් තෙමේ මුළු කනත්තටම ඇහෙන්න කියන්ට වුණා. මට වෙන්ට යන නස්සැපැත්තිය ගැන පෙරනිමිති කියාපු හොල්මන් විලිලැජ්ජාවෙ බිම බලාගන්ට වුණා ඒ මොහොතෙ. ඒ අතරේ මගේ කරට අත දමාගත් මහසෝන් උත්තමයො මාවත් එක්කාන කනත්තෙ කවුරුවත් නේන කොනකට ගොස් මින් ඉඳිරියට මට කොරන්ට නියමිත රාජකාරිය විස්තර කොරන්ට වුණා. පෙරදා රාත්‍රියේ මා දුටු වීරයින් තිදෙනා මෙන් සියළු හොල්මන් කටයුතු නොකරනා බවත්, තමන් සතු බලය අයුතු ලෙස පාවිච්චි කරමින් අහිංසක මිනිසුන් භය කරනා හොල්මන් ද ඕනෑ තරම් බවත් මුලින්ම පැවසූ මහසෝන් තෙමේ, මුල පටන්ම සාම්ප්‍රදායික හොල්මනක් නොවීමට තීරණය කළ මා වන් හොල්මනකගේ නවීන අදහස් එම අකටයුතු නැවැත්වීම සඳහා වුවමනා බවත් පවසන්ට වුණා. එම නිසා හොල්මන් සඳහාම වෙන් වූ නීති පද්ධතියක් සෑදීමටත්, එම නීති අළුතින් අප හා එක්වන සියළු නවමු හොල්මන්ට කියා දීමට ද, පරණ හොල්මන් සැමගේ රාජකාරී අධීක්ෂණයට මෙන්ම නියාමනයටද අවශ්‍ය වැඩපිළිවෙළක් සෑදීමටත් මූලිකත්වය ගෙන කටයුතු කරන මෙන් මාගෙන් ඉල්ලා සිටින්ටද වුණා. කිසිඳු අදහසක් මා තුල නොවූවද එම රාජකාරිය භාරගත් මා සතියක් තුළ යෝජනා පත්‍රයක් මහසෝන් තෙමේ ප්‍රමුඛ හොල්මන් මහතැන්ලාට ඉඳිරිපත් කරන්ට වුණා. එකී යෝජනා සියල්ලටම පාහේ එකඟත්වය පල කළ ඔවුන් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා එක කනත්තකින් සුදුසුකම් සහිත එක් හොල්මන බැඟින් ගෙන කණ්ඩායමක් සාදගන්නට යැයි උපදෙස් දෙන්ට වුණා. එසේම නවමු හොල්මන් සඳහා මාස තුනක පාසල් කාලයක් ක්‍රියාත්මක කොට කනතු නීති හා හොල්මන් ප්‍රතිපත්ති උගන්වන්නට මාකළ ඉල්ලීමද සම්මත වුණා. එම පාසල් කාලය සඳහා සෑදීමට යෝජනා කළ පෙළපොතේ පළමු පාඩම "සාම්ප්‍රදායික හොල්මනක් නොවූ පින්දොලාගේ කතාව" වෙනුවෙන් වෙන් කරන්නට යැයි මහසෝන් උත්තමයන් පවසා තිබුණේ සිනහ මුසු මුහුණින් බවයි පසුව ආරංචි වුණේ.සංගීත චාරිකාව 05 ශ්‍රී ලාංකේය කලා කෙත අස්වද්දන්නට අපේ පවුලේ අය අතරින් ඉහලම දායකත්වය ලබාදී තිබෙන්නේ ලොකු සීයා නැතිනම් අපේ ආච්චිගේ වැඩිමහල් සහෝදරයා.. ඔහු කළුදිය දහර චිත්‍රපටයේ නිශ්පාදකයාය. ශ්‍රී ලාංකික සංගීතයේ නොමැකෙන සළකුනක් වන මාස්ටර් සර් ගීතය නිමල් මෙන්ඩිස් විසින් සංගීතවත් කර ඇත්තේ ක‍‍ළුදිය දහර චිත්‍රපටය සඳහායි. රවීන්ද්‍ර රන්දෙණිය ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ මෙම චිත්‍රපටයෙන් බව පැවසෙයි. කළුදිය දහරට අමතරව ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අධ්‍යක්ෂණයෙන්, සීගිරි කාශ්‍යප කතාව පදනම් කරගෙන God King නමින් තවත් චිත්‍රපටයක් ඔහු විසින් නිශ්පාදනය කරල තියෙනවා. එම නිශ්පාදනය බ්‍රිතාන්‍ය සිනමා සමාගමක් සමග හවුලේ කරනා ලද්දක්. මේ විස්තරය මට හොයාදුන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී උපාධිය හදාරන මගේ ලොකු පුතා විසිනුයි. ඔවුන්ගේ අධ්‍යන කටයුතු වලට යොදා ගන්නා ගාමිනී වේරගමගේ දේශීය සිනමා වංශය සහ ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය තුල මේ ගැන දීර්ඝ ලෙස විස්තර කෙරෙනවා. ලොකු සීයා දරුවන් දහ දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමල් සහෝදරයාය. මුත්තාගේ ව්‍යාපාර බිඳවැටීම් නිසා පැවති ආර්ථික වශයෙන් දුශ්කර කාලයක ඔහු ස්වෝත්සහයෙන් නීතිඥයෙකු බවට පත්වී තිබෙනවා. පසු කලෙක රේන්ද ව්‍යාපාරයට නැතහොත් අරක්කු ව්‍යාපාරය තුලින් මහා ධන කුවේරයකු බවට පත්වී ව්‍යාපාර රැසක හිමි කරුවකු වී තිබෙනවා. රේන්ද ව්‍යාපාරය කරනා කාලයේදී තොටලඟ සිට අම්බලන්ගොඩ දක්වා සියලුම තැබෑරුම් පාලනය කර ඇත්තේ ඔහු විසිනුයි. ව්‍යාපාර ජනසතු කිරීම යටතේ ලංකා ඉස්කාගාර සංස්ථාව පිහිටුවීමට මුලින්ම පවරාගෙන ඇත්තෙ ලොකු සීයාට වැඩි කොටස් ප්‍රමාණයක් පැවති ඇන්විල් ඉස්කාගාරයයි. අනතුරුව ඔහු කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රි වරයා බවට පත් වන්නේ එක්සත් ජාතික පක්ශයෙන් තරඟ කරමින්. ලොකු සීයාගේ එක් සහෝදරියක් කතෝලික කන්‍යා සොයුරියක් වූ අතර වෛද්‍ය වරයෙක් සහ නීතිඥයන් දෙදෙනකු බාල සහෝදරයන් අතර සිටිනවා.පහත දැක්වෙන ලිපිය මම ශිු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලන විද්‍යා අංශයේ 'Classic Magazine 2023' සඟරාවට ඉංග්‍රීසි බසින් ලියු ලිපියක සිංහල පරිවර්තනයකි. මෙම ලිපිය මේ FB කණ්ඩායමේ පලකරන්නේ ඔබේ likes හෝ comments ගැනීමට වඩා, ඔබව මානසික සෞඛ්‍ය, එහි වැදගත්කම සහ එය රැක ගන්නා නිවාරන ක්‍රම පිලිබඳව දැනුවත් කිරීමේ අදහසිනි. මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විතයි. පළ⁣වෙනි කොටස මිට මාස දෙකකට පෙර මම මෙම කණ්ඩායමේ පල කළ අතර එහිදී අපි යහපත් මානසික සෞඛ්‍ය පවත්වා ගැනිමේ වැදගත් කමත්, අද ලොකයේ පවතින අවිනිශ්චිත
භාවය නිසා එය තරමකට අපහසු දෙයක් බවත් කතා කළෙමු. නමුත් වාසනාවකට, අපේ මානසික සෞඛ්‍ය අපට ම යහපත් කර ගැනීමට පාවිච්චි කළ හැකි වියදම් අඩු, ඉතා පහසු සහ සරල නිවාරණ ක්‍රම/ශිල්ප ක්‍රම (preventive techniques/skills) කිහිපයක් ම තියනවා. මෙම ක්‍රම ඔිනැම කෙනෙකුට ලිංඟ බේදයකින් තොරව, ජාති, ආගම් බේදයකින් තොරව, සමාජ මට්ටම්, ආර්ථික, වෘත්තීය මට්ටම් බේදයකින් තොරව, දේශපාලන පක්ෂ බේදයකින් තොරව ඉතා පහසුවෙන් ඉගෙන ගෙන පිලිපැදිය හැකියි. මනෝවිද්‍යාඥයින් කියන්නෙ මෙම විවිධ ක්‍රම වලින් සමන්විත මෙවලම් කට්ටලයක් (toolbox) පුද්ගලයන්ට ලබා දිය හැකි නම් එමගින් ඔවුන්ට ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ස්වඋත්සහයෙන් ම යහපත් කර ගැනීමට හැකි බවයි. මෙම කොටසින් අපි මේ‍ මෙවලමි කටිටලයේ එන එක් වැදගත් නිවාරණ/ශිල්ප ක්‍රමයක් දෙස බලමු. සැලකිය යුතුයි: ඔබට මානසික රෝගි තත්ත්වයක් තිබේ නම්, වෛද්‍යවරයකු හමු වී සුදුසු සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්. මෙම ලිපියෙන් විස්තර කෙරන්නේ මුලික වශයෙන් මානසික සෞඛ්‍ය අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා කළ යුතු දේ. මෙම ක්‍රම දැන⁣ට රෝගි තත්වයකින් පෙලෙන කෙනෙකුට පවා කිරිමෙන් සැනසීමක් ලබා ගත හැකි නමුත් ඔබේ වෛද්‍යවරයාගේ අනු දැනුම ඇතිව මෙ⁣ම ක්‍රම කරන්න වග බලා ගන්න. දෙවැනි කොටස: යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනිමට උපකාරි වෙන එක් වැදගත් නිවාරණ ක්‍රමයක් තමයි තම ජිවිතයේ පවතින දේවල් වලට 'දිනපතා කෘතඥතාවය ප්‍රකාශ කිරීම' (expressing gratitude daily)! බැල්‍ර බැල්මට නමි පෙනෙන්නේ මෙය ඉතාමත් ම අඩු තාක්‍ෂණයක් භාවිතා කරන, වැදගත් කමින් අඩු, සරල ප්‍රවේශයක් ලෙස තමයි . නමුත් ස්නායු විද්‍යා සහ මනෝවිද්‍යා පර්යේෂණ සොයාගැනීම් රාශියකට අනුව නම්, කෘතඥතාවය ප්‍රකාශ කිරීම යනු යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත්, මානසික ආබාධවලින් මිදීමටත් අපට උපකාරි ⁣වෙන අතිමහත් බලයකි! අපි මෙසේ විමට හේතුව සවිස්තරව බලමු. කෘතවේදීත්වය/Gratitude යනු අපට දැනෙන හැඟිමකි (feeling). මෙම හැඟීම වෙනත් අයෙකු විසින් අපට කරුණාව දැක්වීම/උදවු කිරීම නිසා දැනිමට පුළුවන්. ඒවගේ ම අපේ ජිවිතයේ දැනට පවතින දේවල්/ සිටින පුද්ගලයන් ආදිය ගැන අරමුණු කර ඒවා අවංකයෙන්ම අගය කිරීම නිසා හෝ ඒවාට ස්තුතිවන්ත විම නිසා දැනිමටත් පුළුවන්. තව විදිහකට කිව්වොත්, කෘතඥතාවය ප්‍රකාෂ කිරීම යනු කෙනෙකුගේ ජීවිතයේ දැනටමත් පවතින යහපත් දේවල්/පුද්ගලයන්/සිදුවීම් හඳුනාගෙන ඒවා අවංකව අගය කිරීම සහ ඒවා තම ජීවිතයේ කොටසක් ලෙස තිබීම ගැන ස්තුතිවන්ත විමයි. නිදසුනක් වශයෙන් ගත හොත්, කෙනෙකුට සෑම විටම තමා කෙරෙහි විශ්වාසය තබා, තමාට සහයෝගය දැක්වන පවුලක් සිටිම ගැන කෘතවේදි විය හැකිය. ඒවගේ ම තමාට තම ජීවිතය පවත්වා ගෙන යාමට, වියදම් පියවිමට අවශ්‍ය මුදල් ලබා දෙන රැකියාවක් තිබිම ගැන කෘතඥ විය හැකිය. මෙලෙසින් අපට අපේ ජිවිතයේ දැනට පවතින භෞතික සමිපත් (ගෙවල් දොරවල්, මිළ මුදල්, කැම බිම යනාදිය), පුද්ගල සබදතා (පවුලේ අය, අසල්වැසියන්, යාළුවන් යනාදිය), අධ්‍යාත්මික දේවල් (තමා තුල ඇති හොඳ ගතිගුණ, දක්ෂතා, හැකියාවන් යනාදිය) සහ මිට අමතරව අ⁣පේ ජිවිතයේ පවතින ඔිනැම දෙයක් අරමුණු කරගෙන අපට ඒවා අපේ ජිවිතයේ තිබිම ගැන ස්තුති වන්ත වේන්න පුළුවන්. මෙහිදි අපි ප්‍රවේසම් විය යුතුයි, අනාගතයේ ආසාවෙන් බලාපොරොත්තු වෙන දේවල් හෝ ලබා ගැනීමට නොහැකි දේවල් හෝ අනෙක් අය සතු අපි කැමති දේවල් අරමුණ නොකර සිටිමටත්, අපි අරමුණු කරන දෙවල් අනෙක් අය සතු දේවල් සමඟ සංසන්දනය නොකිරීමටත්. මිට හේතුව එවිට අ⁣පට දැනෙනේ කෘතඥතාවය නොවේ, ආසාව, මාන්නය වැනි වෙනත් හැඟීම් නිසා. කෘතඥතාව දැක්වීමට නමි අපි දැනට අපේ ජිවිතය තුල තියන දේවල්/පුද්ගලයන් ගැන ඒ පවතින විදිහෙන් ම අරමුණු කර ස්තුතිවන්ත විය යුතුයි. ඒවගේ ම මෙසේ කෘතඥතාව දැක්වීම වරක් දෙවරකට සිමා නොකර, දිනපතාම කරන පුරැද්දක් ලෙස පවත්වා ගෙන යා යුතුයි. දිනපතා කෘතඥතාව ප්‍රකාශ කිරීම තුලින් අපේ සෞඛ්‍යයට සහ ජීවිතයට ඇති කළ හැකි ප්‍රබල ධනාත්මක බලපෑම් අනාවරණය කරන පර්යේෂණ රාශියක් දැනට පවතිනවා. ඒවායින් පෙන්නුම් කර දෙන්නේ මිනිසුන් කෘතඥතාව පළ කරන විට (සහ දිනපතා දිගින් දිගටම කෘතඥතාව පළ කරන්න ගත් විට), මෙම චිත්තවේගය තුලින් ඔවුන්ට එම අවස්ථාවේ දි ම 'feel good moments' මාලාවක් අත්විඳීමට හැකි වෙන බවයි. මක්නිසාද යත්, කෘතඥතාව ප්‍රකාශ කරන්න පටන් ගත් සැනින් ම, මොළයේ රසායනික ස්වභාවය වෙනස් වි, සෙරටොනින් සහ ඩොපමීන් යන හැඟීම්-හොඳ (feel-good) හෝමෝන දෙක වැඩි වෙන්න පටන් ගන්නවා. සෙරටොනින් යනු අපේ සතුට වැඩි කරන හෝමෝනය වන අතර එය ස්‍රාවය විමත් සමගම අපට සතුටින් පිරැන ආස්වාදයක් දැනෙන්න පටන් ගන්නවා. ඩොපමීන් යනු ජයග්‍රහණයක්/ තැග්ගක් ලැබුන විට එන හැඟිම් ලබා දෙන හෝමෝනයයි. එය ස්‍රාවය වුන විට අපට යමකින් ජයගත් බවට හැඟීමක් ඇති වෙනවා. සෙරටොනින් සහ ඩොපමීන් මොළයේ අඩු විම හෝ ස්‍රාවය නොවිම මානසික අවපීඩනයට (depression) හා මොළයේ සෛල අතර සන්නිවේදනය අඩු විමට හේතු වෙනවා. එබැවින් දිනපතා කෘතඥතාව පළ කිරීමෙන් අපට මෙම වැදගත් හෝමෝන දෙක නිරායාසයෙන් ම ස්‍රාවය කර ගැනීමට හැකි වෙනවා. ඒ මඟින් ක්ෂනික සතුටක් විඳිමට හැකි වන අතර, මෙම හෝමෝන දෙකේ පිහිටෙන් මානසික අවපීඩනයෙන් ආරක්ෂා විමට ද පුළුවන්. ඒවගේ ම සෙරොටොනින් සහ ඩොපමීන් මොළයේ සෛල අතර හොඳ පනිවුඩ හුවමාරුට ඉතාමත් ම වැදගත් නිසා දිනපතා කෘතඥතාව පළ කිරීමෙන්, මොළයේ විවිධ කලාප අතර සන්නිවේදනය වැඩි කිරිමටත් එමගින් වඩාත් නම්‍යශීලී සහ ශක්තිමත් මොළයක් ගොඩ නගා ගැනිමටත් හැකි වෙනවා. මිට අමතරව කෘතඥතාව ප්‍රකාශ කිරීම දෛනික ජිවිතයේ පුරුද්දක් බවට පත් කර ගැනීම තුලින් ඊර්ෂ්‍යාව, කලකිරීම, අසතුට වැනි ඍනාත්මක හැඟීම් නැති කර ගත හැකි බව ද පර්යේෂණවලින් පෙන්වා දි තියනවා. මක්නිසාද යත් කෘතඥතාව ධනාත්මක චිත්තවේගයක් වන අතර ධනාත්මක චිත්තවේගයන්ට ඍනාත්මක හැඟීම් ජය ගැනීමට සහ ඍනාත්මක හැඟීම්වල අහිතකර ශාරීරික, මානසික බලපෑම් ඉවත් කිරීමට හැකියාව ඇති නිසයි. අපේ මනසට එකවර ම ධනාත්මක සහ ඍනාත්මක හැඟීම් පැමිනිය නොහැක. එබැවින්, අපේ මනසේ එකවරම කෘතඥතාව (ප්‍රබල ධනාත්මක චිත්තවේගයක්) සහ කෝපය, ඊර්ෂ්යාව හෝ වෙනත් සෘණාත්මක හැඟීම් එක විට ඇති විය නොහැක. එසේම, දිගු කාලයක් තිස්සේ අපට ඍනාත්මක හැඟීම් දැනෙනවා නම්, අපගේ මොළය සහ ශරීරය නොර්එපිනෙෆ්‍රීන් සහ කෝටිසෝල් යන ආතති හෝමෝන වලින් (stress hormones) පිරී යනවා. මෙමගින් වන්නේ අපි සෑම විටම ඉහළ ආතතියකින් පෙලෙන්න පටන් ගන්න අතර, මේවා අයහපත් මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයටද (අධික රැධිර පිඩනය, දියවැඩියාව, ඉක්මනින් ම වයසට යැම යනාදි) හේතු වෙනවා. නමුත් කෘතඥතාව පළ කිරීම වැනි ධනාත්මක චිත්තවේගයක් මගින් අපේ ශරීරයෙන් / මොළයෙන් කෝටිසෝල් / නොර්එපිනෙෆ්‍රීන් ඉවත් කරන්න පුළුවන් වගේම එමඟින් මනසට/ශරීරයට සන්සුන් බලපෑමක් (calming effect) ලබා දෙනවා. මෙඟින් අපට වඩා හොඳ මානසික හා ශාරීරික සෞඛ්‍යයක් පවත්වා ගන්න පුළුවන්. දිනපතා කෘතඥතාව පල කිරීමෙන් අපට අපගේ ජීවිතයේ පවතින සියලු යහපත් දේවල් හඳුනා ගැනීමටත්, ඒවාට ස්තුතිවන්ත වීමටත් පුළුවන්. මෙහිදී ඇතමෙක්ට හිතෙන්න පුළුවන් ජිවිතය සාර්ථක අයට පමණයි මෙහෙම කෘතඥතාව පල කරන්න පුළුවන්, ජිවිතයේ දුක් ගැහැට විඳින කොට මොන කෘතඥතාවයක් ද කියලා. නමුත් මේක වැරදි මතයක්. ජීවිතය කොතරම් දුෂ්කර වුනත්, අපට අප සතු කෘතඥ විය හැකි සුළු හෝ දෙයක් සොයා ගන්න පුළුවන්. ⁣මිට උදාහරණ ලොකය පුරා ම පවතිනවා. එක උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාවේ The Resilience Project නිර්මාතෘ හියු වැන් කයිලෙන්බර්ග්ගේ අත්දැකීම්. ඔහුගේම වචන වලින් කියනවා නමි: " මගේ නංගි කුඩා කල සිටම මානසික රෝග වලින් පෙළුනා. මේ නිසා අපේ පවුලේ සියළු දෙනාම හිටියේ පිඩනයකින්. මෙසේ තියෙද්දි, 2008 අවුරුදේ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ මාස කිහිපයක් ජීවත් වීමටත්, ස්වේච්ඡා සේවයේ යෙදීමටත් මට අවස්ථාව ලැබුනා. මෙම ප්‍රදේශය හරිම දුශ්කර කාන්තාර ප්‍රදේශයක්. මෙහෙ නල ජලය, විදුලිය හෝ ඇඳන් තිබුනෙ නැහැ; හැමෝම නිදාගත්තේ තමන්ගේ පැල්පතේ බිම. මෙම පුද්ගලයින්ට ඔවුන්ගේම කියා පැවසීමට තිබුනෙ ඉතා ම සුළු දේවල් ටිකක්. නමුත්, ඔවුන් කෙතරම් සතුටින් ද සිටින්නෙ කියන එක ගැන මම දිගින් දිගටම පුදුම වුනා. එයාල තමන් සතු සුළු දෙය ගැනත්, තමන්ගේ ජිවිත ගැනත්, සඹදතා ගැනත්, නිතර ස්තුති වන්ත වෙනවා. මෙික තමයි මෙයාලගෙ සතුටේ රහස. මගේ රට වන ඕස්ට්‍රේලියාවේ මිට වඩා වෙනස්... ඉහළ ආර්ථික වර්ධනයක් තිබුනත් මිනිස්සු ඉන්නෙ කනස්සල්ලෙන්, නොසතුටින්, තව තව දේවල් ඔින කරමින්... ඉන්දියාවේ අත්දැකීම් වලින් මම ඉගෙන ගත්තෙ අපට සතුටින් සිටිමට ලොකු දේවල් අවශ්‍ය නැති බවයි. අවශ්‍ය වන්නේ අප සතු දේවල් හඳුනා ගෙන ඒවායෙන් තෘප්තිමත් විමයි. මම මෙි ලබා ගත් වටිනා අත්දැකීම් ඕස්ට්‍රේලියාවට ගෙනවිත් මෙහෙ පාසල් දරැවන්⁣ සහ වැඩිහිටියන් හට දිනපතා කෘතඥතාව පල කිරිම සහ අනෙකුත් ධනාත්මක සිතිවිලි පවත්වා ගෙන මානසික සෞඛ්‍ය රැක ගන්නා ආකාරය පිලිබඳව ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒක තමයි The Resilience Project." ඇත්ත වශයෙන්ම බැලුවොත් පරික්ෂණ වලින් හෙලි වි තියෙන්නෙ, වඩාත් ම සතුටින් හෝ සෞඛ්‍ය සමිපන්නව සිටින ජනගහන සිටින්නේ සමිපත් වලින් පිරැනු, ඉහළ වර්ධන වෙිගයක් ඇති, කාර්මිකකරනය වු රටවල් වල නොව, මිනිස් සබඳතා බහුල, මිනිසුන්-රජය අතර විශ්වාසය ප්‍රබල, පරිසරයත් සමඟ එකමුතුව ජිවත් වෙන, සරල ජිවිත පවත්නා ගන්න, inequality, discrimination අඩු, සහ අපරාධ අනුපාතය අඩු රටවල් වලයි. මිට හේතුව රටක් මුලික අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට හැකි වර්ධන වෙිගයක් ලබා ගත්තට පසු, එහි ජනතාව මුලික අවශ්‍යතාවන්ගෙන් ඔබිබට තියන ආසාවන් ඉටුකර ගැනිිමට පෙලබෙනවා. මෙයින් ලබන්නේ සතුටක් නොවේ, pleasure කිනක එක. මෙය ඉතා කෙටි කාලයක් පවතින අතර, එය ඇබිබැහි වෙන සුළුයි. එම නිසා මිනිස්සු තව තව භාණ්ඩ/ සේවා ලඟා කර ගැනිිමට පෙලබෙනවා. නමුත් ලැබෙන දෙයින් කිසි තෛප්තියක් නැහැ.
දකින දකින දෙය පසු පස හබා යනවා පමණි. මෙි තත්ත්වයට මනෝ විද්‍යාඥයන් කියන්නේ 'being on the hedonic treadmill' කියලයි. එනම් pleasure කියන හැඟිම සොයා ගෙන එක තැන කැරකෙන treadmill එකක් උඩ දුවනවා. එයින් බැසිමට හරිම අපහසුයි. මෙම තත්ත්වයට හුදෙක්ම පුද්ගලයන්ට දොස් කියන්න බැහැ. ඒකට හේතුව නුතන ප්‍රචාරන ක්‍රම, වෙළඳ අලෙවිකරණ ක්‍රම, ජන මාධ්‍යය ආදිය ඉතා සුක්ෂම විදිහට මිනිස් අවශ්‍යතාවන් බිහි කරිමත්, කලමණාකරනය කරිමත්. ඒවායින් නොකරන්නේ මෙම අවශ්‍යතාවයන් ඉටු කිරිමට යැමෙන් වන වාසි අවාසි, පාරිසරික බලපැම්, සෞඛ්‍යය බලපැම් ඉතා පැහැදිලිව පාරභෝගිකයාට සංනිවේදනය කර, ඔහුට/ඇයට දැනුවත් තිරණයක් ගැනිම⁣ට ඉඩ දිමයි. මෙය නුතන සමාජ වල පවතින ක්‍රමය මිසක් කාටවත් ඒ සම්බන්ධව දොස් කියන්න බැහැ. නමුත් පුද්ගලයන් හැටියට අපට පුළුවන් මෙම අහිතකර ජිවන ක්‍රම හඳුනා ගෙන ඉන් මිදිමට කටයුතු කරන්න. දිනපතා පුරැද්දක් ලෙස කෘතඥතාව පල කිරීම hedonic treadmill එකෙන් බැසිමට ඇති හොඳ ක්‍රමයකි. අප ළඟ තියන සුඑ දෙයක් හෝ හොදින් හඳුනාගෙන, ක්‍රියාශීලීව ඒවා අගය කිරන්න පුරැදු විමෙන් අපි pleasure සොයන ගමන අඩු කරගන්නවා. ඒ වෙනුවට තෛප්තිය ජිවිතයට එකතු කරගන්නවා. Pleasure තුලින් අපි මනස/ශරීරය තවත් උද්දීපනය කර ගන්නා අතර, තෛප්තිය මඟින් මේවා relax කරනවා. මිට අමතරව කෘතඥතාව ප්‍රකාශ කිරීම තුලින් අපි අපේ ජීවිතය පවතින ආකාරයට ම අගය කිරන්න පටන් ගන්නවා. අපිට වඩා හොඳ ජිවිත ගෙවනවා කියා අපට හැඟෙන අන් අය සමඟ අපව සංසන්දනය නොකිරීමටත් මෙය උපකාරී වෙනවා. මෙය අපි අප ගැන දක්වන වටිනාකම සහ ආත්ම අභිමානය පිළිබඳ හැඟීම් වැඩි දියුණු කරන්න හේතු වෙනවා. ඉහළ ආත්ම අභිමානයක් අවශ්‍යයි යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගන්න. ඒවගේම විපත්තිවලට මුහුණ දීමටත්, ඒවා සමග සටන් කිරීමටත් උපකාරි වෙන අප සතුව ඇති වටිනා සම්පත් හඳුනා ගැනීමට ද අපට උපකාරී වෙනවා. මෙමගින් අපට ජීවිතය අප වෙත එල්ල කරන බොහෝ දේවල් වලට හොඳින් මුහුණ දීමේ හැකියාව ගොඩ නඟා ගන්න පුළුවන්. ඉහත සඳහන් ප්‍රතිලාභ ලඟා කර ගැනීමට නම් ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේදී නිරතුරුවම කෘතවේදීත්වය පුරුදු පුහුණු කල යුතුයි. ඔබට ගෙදර දි 'කෘතඥතා සඟරාවක්' (gratitude journal) තබා ගත හැකිය. එම සඟරාවේ හැම දවසක ම අවම වශයෙන් තම ජීවිතයේ කෘතඥ විය හැකි කරුණු තුනක් ලියා, ඒවා තම ජිවිතයේ කොටසක් විම නිසා ඔබ සතුටු වෙන්නේ ඇයි කියා සවිස්තරව ලියන්න. ඉන් පසු ඒ ගැන ගැබුරින් මෙනෙහි කරන්න. පර්යේෂනවලින් පෙන්නුම් කරන්නේ මෙසේ දිනපතා කෘතඥතාවය පල කරන අය, එසේ නොකරන අයට වඩා කාංසාව සහ මානසික අවපීඩනය ඉතා අඩු මට්ටමකින් වාර්තා කිරන බවයි. මෙයින් අදහස් කරන්නේ ඔවුන් කිසි විටෙකත් ආතතියට පත් නොවන බව නොවේ, ඒ වෙනුවට ඔවුන්ට, මානසික රෝගියෙක් බවට පත් නොවි ආතතියට හොඳින් මුහුණ දීමේ හැකියාව ලැබි ඇති බවයි. මෙම සරල හා පහසු නිවාරණ ක්‍රමය පුහුණු කිරීමෙන් මානසික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගන්නවා වගේම, යහපත් මානසික සෞඛ්‍යයක් සාක්ෂාත් කර ගැනීමටත් අපට හැකි වෙනවා. එම නිසා ඔබත් තව බල බලා ඉන්න එපා .... අද සිටම ඔබේ ජිවිතයට කෘතවේදීත්වය ඇතුළත් කර ගන්න!= හොරා = නන්දාවතී ඉස්කෝලේ හාමිනේ ඔසරි පොට ඉනේ ගසාගෙන වම් කකුලෙන් වැවුණු වල් පැල මෑත් කර කර වියලී වැටුණු පොල් ගෙඩි සෙවුවාය. මාස දෙක තුනක කාලයක සිට ඉද හිට අහම්බෙන් හමුවන පොල්ගෙඩියක් මිස වෙනදාමෙන් පොල් වැටී නොතිබීම නම් ඇයට සැකයට හේතුවක්ම වුවාය.. “කොහෙද ඉතිං දැන් පොල් ගහකට නග්ග ගන්න කියලා එකෙක් ඉන්නවද? කුලියක් මලියකට මනුස්සයෙක් හොයාගන්න නෑ”.... ඈ ඇයටම පවසා ගේ දෙස බැලුවේ ඇසුනු ශබ්දය නිසාය. මහගේ මිදුලෙහි බොරලු කැට විසිකරමින් කුඩා වල් පැල පොඩිකරමින් දිව එළියට දමාගෙන දිව එන, කලු බලු තඩියා නන්දාවතී ඉස්කෝලේ හාමිනේට දිස්වුයේ මහසෝන් අවතාරය මෙනි. ඈ ඉදිරියෙන් නැවතුනු සීබා දිව එළියට දමාගෙන ගති අරින්නට විය. ඌගේ පෙනුමට නන්දාවතී ඉස්කෝලේ හාමිනේ ප්‍රිය නොවුවාය. “ හැබෑට පොඩි පුතේ මූව නොදන්න කෙනෙක් හවසක දැක්කොත් තොවිලයක් නටලා තමා පස්ස බලන්න වෙන්නේ.” ඈ තම මුනුබුරාදෙස බලා පවසන්නට වුයේ සිනා සෙමිනි. ඉදහිට දකින ආත්තම්මාගේ සිනාව දැකීමට ප්‍රියකරන දේශාන්, බල්ලෙක් වුනාම ඉන්න ඕනේ ඔහොම තමා අත්තම්මේ,... හොරෙකුට වුනත් බය හිතෙන්න. අනේ, මූ මහ මෝඩ බල්ලෙක්, වත්තේ වැටුනු පොල් එකක්වත් නෑ... මොකා ගෙනියනවද මන්දා.., මටනම සැකම ජයසිංහයගේ ළමයි ටික. තාත්තා වගේ නැතියැ ලමයිනුත්..., එහෙම කියන්න එපා අත්තම්මේ... අපි දැක්කෙත් නෑ... අනික පොල් ගෙඩියක්නේ, පොල් ගෙඩියක් හොද පොල් ගෙඩිය. මෙලහට මේ ගස්වෙල පොල් විකුණලම වුන් වෙනම අදායමක් ලබලා ඇති. මට කොයි වෙලාවක හරි අහුවෙන්නේ නැතෑ වුන්ගේ අම්මා කුසුමාව. හොයන්නේ බලන්නේ නැතිව කෑගහන්න එපා අත්තම්මේ..., තම මුණුබුරා ගැන කේන්තියක් දැනුනද එය පහවගොස් ඉස්කෝලේ හාමිනේගේ සිතෙහි නැගුනේ සිහින් වේදනාවකි. විශ්වවිද්‍යාල උපාධියක ලබා මාස හයක් ගතවී ඇති නමුත් තවමත් රැකියාවක් නොමැතිව සිටින දරුවා ගැන ඈ සැබෑවටම දුක්වුවාය. පාසලේ දක්ෂම ශිෂ්‍යා වු මුණුබුරා අද රැකියා අපේක්ෂිත උපාධිදාරියෙකි. ඔහුගේම පන්තියේම වුන් සමකාලීනයන් යාන වාහන ගෙවල් දෙරවල් සාදාගෙන හොද පවුල් ජීවිතද ගත කරන්නේය. තාම දාපු ඒවයින් උත්තර නැද්ද පුතේ. අනේ නෑ අත්තම්මේ, අපරාදේ මම කැම්පස් ගියේ. අක්කාවගේ බිස්නස් එකක් පටන් ගත්තානම් ඉවරයි. කොල්ලෝ කවද්ද ඇඳුම් මැහුවේ. ඒ ඉස්සර දැන් කොල්ලෝ උයනවත් එක්ක... ලොකු මිනිබිරීගැන ඉස්කෝලේ හාමිනේට තිබුනේ ආඩම්බරයකි. ඔන්ලයින් ඕඩර් අනුව ඇඳුම් මසා බෙදාහැරීම තුලින් ඇ බොහෝ සාර්ථකත්වයකට පත්ව තිබුණි. පරිගනකයෙන් සහ දුරකතනයෙන් තම මිනිබිරිය කෙසේ වෙලදාම් කරන්නේ කෙසේදැයි ඇයට අවබෝදයක් නොතිබුණි. එහෙත් පාට පාට වර්ණවත් රෙදි කපා නිර්මාණයවන ඇඳුම් ඉටි බෑග්වල දමා තැපැල්කන්තෝරුව හරහා වෙලදාමේ යන අයුරු ඇයට සතුටක්ම විය. අත්තම්මේ, දැන් පොල් ගහකට නගින්න කීයක් ගන්නවද? දෙසීයක් විතර. එක ගහකට. ඔව්..., ඔන්න අත්තම්මේ මට ගැලපෙන රස්සාවක්...රස්සාවක් හරියනකන් කරන්න පුලුවන්නම්. නන්දාවතී ඉස්කෝලේ හාමිනේගේ පපුව ඇවිලී ගියාමෙන් දැනෙන්නට විය. “දෙවියනේ අපේ රටේ උගත්තුනට ගිය කලක්” ඈ ඇයටම පවසා නිහඩ වුයේ තවත් මුනුබුරාගේ සිත් රිදවීමට නොහැකි නිසාය. අක්කා වගේ මාත් දානවා, පොල් ගස් නගිනු ලැබේ, අමතන්න කියලා..ඇඩ් එකක්. මුනුබුරාගේ වදන් අසා සිටීමට නන්දාවතී ඉස්කෝලේ හාමිනේ කැමැත්තක් නොදැක්වීය. ඒ නිසාම ඔහු මගහැර වියලී බිම වැටුණු හනසු සහ පොල් අතු එක්ගොඩකට ගැසීමට ඇ සරසුනාය. ඒ අතරම පාර කෙලෙවරෙන් මතුව ඈතින් එන ජයසිංහගේ දරුවන් සහ කුසුමාවතී දුටු ඇය, “ඒ කොල්ලෝ..., උබලා මේ වත්තේ පොල් අහුලනවා නේද”යි සැරෙන් විමසන්නට විය. පොඩි කාලේ ඉදන් හොරකමට පුරුදුවෙන එක ගැන දෙමාපියනුත් බලන්න ඕන. ඈ පවසුවේ කුසුමාවතී දෙස බලාය. අනේ.. නෑ නෝනා දරුවෝ හොරකන් කරන්නේ නෑ. කුසුමාවතී පවසනවාත් සමගම බලු තඩියා කොල්ලන් වෙත බුරා පැන්නේය. පසු පස නොබලා දිවයන දරුවන් සහ දැසේහි අසරණ බවත් කඳුලුත් පුරවාගත් කුසුමාවතී බිම බලා පිටව යන්නට විය. කොහෙද ඉතින් මේකත් එක්ක.. ඒ ළමයි හොරකන් කරන්නේ නෑ අත්තම්මේ, පුතා මොනවද දන්නේ තාත්තා වගේ නැතෑ දරුවොත්. දුප්පත්කම නිසාත් තාත්තා බේබද්දෙකු වීමත් දරුවන් හොරුන් ලෙස හන්වඩුගැසීම ගැන දේශාන්ට තිබුනේ වේදනාවකි. අත්තම්මලා හිතන්නෙම වැරදියට ඔහු සිතුවේය. “පව් ගත්තත් පොල් ගෙඩියක්නේ. අපි දුප්පත් වෙනවද අත්තම්මේ...” දේශාන් ඇසුවේ කලකිරීමෙනි. “පොඩි දේ තමා පස්සේ ලොකු දේ වෙන්නේ..., දැන් ඉදම්ම ඕවා නවත්තගත්තේ නැත්නම් ඉදිරියට ඔයාලටමයි කරදරේ වෙන්නේ.” ඉස්කෝලේ හාමිනේ පැවසුවේ අමනාපයෙනි. මූත් එක්ක මුකුත් කරන්න බෑනේ... හැම දේටම රිංගනවා. පුදුම කරදරයක් අප්පා. වෙලාවක පොඩි පුතේ මූ මාව වට්ටලා කොන්ද කඩලා තමා පස්ස බලන්නේ. නන්දාවතී ඉස්කෝලේ හාමිනේ පිටකලේ මුනුබුරා සමග වු කේන්තිය‍යි. මෙතරම් උගත් සෑම පොහොය දිනකටම සිල් සමාදන්වන අත්තම්මාගේ මානසිකත්වය ගැන දේශාන්ට වුයේ කලකිරීමකි. කුඩා කල මෙන් අත්තම්මා සමග එකට එක කියා යැමට දැන් ඔහුට සිත් නොදෙන්නේ, අත්තම්මා හැත්තෑ පස්වන වියත් පසුකර ඇති බැවිනි. “සීබා’ යමන්, ඔහු පැවසුවේ අත්තම්මා සමගවු කේන්තිය හිතේ හිරකර ගනිමිනි. පුතේ, මේ පොල් අතු ටිකත් මඩුවෙන් දාගෙන යන්නකෝ... අත්තම්මා පැවසු වදනට යන ගමන නවතා යලිත් හැරී පොල් අතු කිහිපය රැගෙන ආවේ සීබාගේ කටට හනස්සක් දෙමිනි. හනස්සත් රැගෙන දෙපසට හිස වනමින් උජාරුවෙන් යන සීබා දැක දේශාන්ගේ සිතෙහි වුයේ සතුටකි. ඇසිල්ලෙන් හනස්සත් රැගෙන පිම්මේ අතුරුදහන් වුනු සීබා සොයා ඔහු වටපිට බලන්නට විය. අතෙහි වු පොල් අතු කිහිපයත් බිමට දැමු ඔහු සීබා ඇමතීය. යායට වැවුණු හබරල ගාල යන්තමට එහාට මෙහේට සෙලවෙන අයුරු දුටු ඔහු දෑතින් ඈත්කර බිම බලා දුටු දෙයින් ඔහුට ඉබේටම කෑගැසින. අත්තම්මේ මේ..., දෙවියනේ, එහෙනම් මේකයි හොරා.., පොල්ගෙඩිවලට මැදිවෙමින් ගිමන් හරින සීබා දුටු අත්තම්මා කම්බුලට අත තබාගෙන පැවසුවාය. --------- ලිමන්ති මාධවී සේනාරත්න.දවස් දෙක තුනක් එෆ් බී එන්නෙ නැතුව ඉදලා ආවාම ඔය පහාල තියන පොටෝ එක එක්ක පෝස්ට් මේකෙ වෛරල් වෙලා තියනවා දැකලා හෑල්ලක් ලියන්න හිතුනා. දවස් දෙක තුනක් එෆ් බී එන්නෙ නැතුව ඉඳලා ආවාම ඔය පහළ තියන පොටෝ එක එක්ක පෝස්ට් මේකෙ වෛරල් වෙලා තියනවා දැකලා හෑල්ලක් ලියන්න හිතුනා. අපි හැමෝම සාමාන්‍යයෙන් සෙලිබිරෙසන්ස්ලා නෙමෙයි, හැබැයි අපිට ඉපදුන දවසෙ ඉඳන් ගත වෙන ජීවිත කාලේ තුළ මිනිසුන් මහා ගොඩක් මුණගැහෙනවා.ඒ අතර ඉන්න කවදාවත් අපිට මග ඇරගන්න බැරි, අපි ආස, අපි කැමති, අපිට ඕනේ කරන මිනිස්සු ටික ... ඒ අයව අපි,තමන් වටා ගොඩ නාගා ගත්තු පුංචිම පුංචි සර්කල් ඒකක් ඇතුලෙ රඳව ගන්නවා. ගොඩක් වෙලාවට ඒකෙ ඉන්නෙ අම්මා තාත්තා දරුවෝ හස්බන්ඩ් වයිෆ් ලගම ඥාතීන් මේ අය ... කාලයත් එකක් ඔය සකර්ල් එක වටා තව සර්කල් කීපයක් ගොඩ නැගෙනවාමයි. ඒකෙ පළවෙනිම එකේ ගොඩක් වෙලාවට ඉන්නෙ ජීවිත කා
ලේ පුරාවට අපේ ජීවිත වලට ඇවිත් යන අය. සමහර වෙලාවට මේ සර්කල් එකට ගොඩ වෙන අය දන්නෙම නැතුව අපේ ළඟම මිනිස්සු ඉන්න සර්කල් එකට ඇතුල් වෙන අවස්ථා තියනවා. ඒක වෙනම කතාවක්. ගොඩක් වෙලාවට වෙන්නෙ එයලා වැඩිපුර කාලයක් අපි එක්ක ඉඳලා යන එක. නැත්තම් ඉක්මනට ඇවිත් ඉක්මනට යනවා. හැබැයි ඒ කොහොම ගියත් එයලා අපිට අමතක නොවන මතකයක් දීලා යන්නෙ. ඒ මතකය සමහර වෙලාවට හරිම මිහිරි හැබැයි සමහර වෙලාවට ඒ මතක ජීවිත කාලය පුරාම රිදෙන තුවාල වගෙ හරිම වේදනාකාරීයි, අමිහිරියි. ඊළඟ සර්කල් එක තමයි අපි යන එන කොට, පාරෙදි; බස් එකෙදි, තේ එකක් බොන්න ගිය තැනකදි, සමිතියකදි, මල ගෙයකදි, වැඩ කරන තැනකදි, ඔය බැංකුවක නැත්තම් වෙන මොනවා හරි තැනක පෝළිමක ඉන්දැද්දි පාලු මකා ගන්න, මහන්සි නිවා ගන්න සෙට් වුන අය. එයලා ජීවිතේටම හම්බ වෙන්නෙ ඒ වෙලාවට විතරක් වෙන්න පුලුවන්. ඒ නැතත් ඒ අය අපේ ජීවිත වල කිට්ටුවටවත් එන්නෙ නෑ. ඕකෙ පළවෙනි සර්කල් එකෙ ඉන්න අය වෙනුවෙන් තමයි අපි ජීවිත කාලෙ වැඩිම කැප කිරීම් කරන්නේ. ඇත්තටම නම් අපි අපිට වඩා ඒ අයට ආදරෙයි. හැබැයි කවම කවදාවත් එයලා අපිට ආදරේද කියලා අපි අහලා නෑ, එහෙම අහන්නවත් බලාපොරොත්තුවක් නෑ, ඇත්තම නම් ආදරේ වෙන්න ඕනෙත් නෑ, සමහර වෙලාවට ඒ අය ඒක කියලත් නෑ, අපිත් එහෙමයි කියලා නෑ. ඒ බැඳීම් ඒ තරම් ස්ථාවරයි . දෙවනි සර්කල් එකේ ඉන්න ගොඩක් දෙනෙක් අපේ හිත් වලට දැනුන අය. අහඹු ලෙස ජීවිතයට ආපු අය. හැබැයි අපිට ආදරේද කියලා දන්නෙ නැති අය. ආදරය ඇති කියලා අපි බලාපොරොත්තු තියන් ඉන්න අය. තුන් වෙනි සර්කල් එක අපට අදාල නෑ. එයලා අපි ගැන කොහොම හිතුවත් ඒක ඒ හැටි වැඩක් නෑ. ඉතින් ඔය හැමෝම අතරින් අපි වැඩිපුරම රිද්ද ගන්නෙ දෙවනි සර්කල් එකේ මිනිස්සු නිසා. මොකද පලවෙනි සර්කල් එකේ ඉන්න අය අපිට කොහොම සැලකුවත් අපි ඒ අයට සැලකිය යුතුමයි. ඒ අපේ යුතුකම කියලා අපි හිතන නිසා. තුන් වෙනි සර්කල් එක අර කිව්වා වගෙ අපිට අදාළ නෑ. හැබැයි දෙවනි එකෙන් ලැබෙන දේවල් අපේ ජීවිතෙ බොහෝ තැන් වලට බලපානවා. ඇත්තම කතාව නම් ගොඩක් වෙලාවට අපේ ජීවිතේ කැළැල් ඇති කරන බැඳීම් ඇතිවෙන්නෙ එතනින්. සමහර අයට ජීවිතය නැති කරගන්න හිතෙන තරම් ඒ කැළැල් දරුණුයි. සමහර අය ජීවිතය දිනන්න හිත හදා ගන්නෙ ඒ සර්කල් එකේ සිදුවන හමුවීම් නිසා. හැබැයි කවදා හරි අපිටත් නොදැනීම ඒ සර්කල් එකෙන් සදහාටම අපිට අයින් වෙලා යන්න වෙන එක නියතයක් . ඉතින් ඒ යන්න කලින් එයලා වෙනුවෙන් එකම එක හරි ආදරණීය මතකයක් ඉතුරු කරලා යන්න පුලුවන් නම් ඒක හරි සුන්දර මතකයක් වෙයි. එයලා ගොඩක් වෙලාවට අපිට ළං වෙන්නෙ තුවාල වුණු හිතකින් වෙන්න පුලුවන්. එයලා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ එකම එක හිනාවක් වෙනුවෙන් වචන දෙක තුනක් වෙන්න පුලුවන්. ආපිට කිසි දෙයක් බලාපොරොත්තු නොවි එහෙම කෙනෙක් වෙනුවෙන් සැනසීම දෙන්න උත්සාහ කරන්න...බිමට වැටුනු කෙනෙකුට පුටුවෙ අගේ ගැන කියන්න යන්න එපා. බිම හොඳයි කියන්න, අඬා වැටෙන මනුස්සයෙකුට බණ වැඩක් නෑ. ඕනේ කරන්නෙ පුංචි අවදානයක්; හිනාවෙන ඇස් දෙකක් විතරමයි, ටික දවසක් යද්දි ඔයලාට ඇහෙන්න ගනි ඒ හිත් සුවපත් වෙන හඬ. ඒක හරි සැනසිලිසහගත හිත සුව පත් කරන දැනීමක්. ඇත්තටම නම් අපේ ජීවිත වල පළවෙනි සර්කල් එක ඇතුලෙ තියෙන්නේ නාමකරණය වුනු බැඳීම්, හැබැයි දෙවනි සර්කල් එක ඇතුලෙ තියෙන බොහෝ බැඳීම් නාමකරණ රහිතයි, කාලයක් යද්දී නාමකරණය වෙලා ඒ බැඳිම් පලවෙනි සර්කල් එක ඇතුලට නොගියොත්, අහාඹුව ජීවිත වලට ආපු අය නැවත යනවාමයි... ඉතින් මේ වෙනකොට අපි එක්ක ඉන්න එහෙම බැඳීම් කීයක් ලබන අවුරුද්දෙ නැතිවෙලා යයිද දන්නෙ නෑ . ඒක නිසා රිදුන මතකයක් නෙමෙයි සතුටුදායක මතකයක් ඒ අයට ඉතුරු කරලා යන්න. කවදාක හරි දවසක අපිව මතකයට එන දවසක තව කෙනෙකුගෙ මුහුණට හිනාවක් ගේන්න පුලුවන් හිතට සතුටක් දැනෙන්න පුලුවන් විදිහට. එපමණයි.... #ඉතින්_2024_මිනිස්සුගෙ_ජීවිත_සතුටින්_පිරේවා රසිකා නවරත්න" කාටද වැඩියෙන්ම ආදරේ? " ජීවිතේ අපිට හම්බෙන ප්‍රශ්ණ ගැන මට අවබෝදයක් හම්බුනේ පොඩි කාලෙදිමයි. සමහර ප්‍රශ්ණ වලට උත්තර නෑ කියලා කිව්වත්, උත්තර නැත්තන් තවදුරටත් ඒක ප්‍රශ්ණයක් නෙමෙයි කියලා මට හිතුනා. එත් තව සමහර ප්‍රශ්ණ තිබ්බා උත්තර කිහිපයක්ම තියෙන. එත් එක වෙලාවකට හරි වෙන්නෙ එක උත්තරයක් විතරයි. ඒ වගේ ප්‍රශ්ණ වලට " උභතෝකෝටික " කියලා නමක් තියෙනවා කියලා මම ඉගන ගත්තේ පස්සෙ කාලෙක. මේ මට හම්බුන පලවෙනි උභතෝකෝටිකය. " ඔයා කාටද වැඩියෙන්ම ආදරේ ? අම්මටද ? තාත්තටද ? " මම විශ්වාස කරනවා ඕන දරුවෙක්ට ඔන්න ඔය ප්‍රශ්ණය ඉස්සරහා අසරණ වෙන්න වුන වාර අනන්තයි. අම්ම ඉස්සර ඉද්දි මට ඕකට උත්තරයක් දෙන එක අමාරු වැඩක් නෙමෙයි. තාත්තා ඉස්සරහදි වුනත් ඕක මහා ලොකු අමාරු ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් දෙන්නා ඉස්සරහම කවුරු හරි මගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත්, අන්න එතකොට පොල් කෑල්ලටයි චීස් කෑල්ලටයි මැදි වුන මීයා වගේ මං දෙපැත්ත බලනවා. බොරු නොකියා ඇත්තම කිව්වොත් ඒ වයසෙදි මම වැඩියෙන්ම ආදරේ අම්මට වෙන්න පුලුවන්. මොකද ගැහැනු සිතකින් කයකින් ලැබෙන සෙනෙහස ඒ විදිහටම දක්වන්න පිරිමියෙක්ට බෑ. ඕක තේරෙන්නේ පහු කාලෙදිනේ. ඒ නිසා උත්තරේ ' අම්මට ' කියලා හිතුනත් තාත්තා බලන් ඉද්දි එහෙම කියන්න පුලුවන්කමක් කිසිම පොඩි එකෙක්ට නෑ. ඇරත් එහෙම කිව්වොත් තාත්තා මොනවා කියයිද? ඔන්න ඕකට විසදුමක් විදිහට මං හොයාගත්තා ලස්සන උත්තරයක්. " ඔයා වැඩියෙන්ම ආදරේ කාටද? අම්මටද ? තාත්තටද ? " " හර්මායිනීට " උත්තරේට සිල්ලෝම සතුටු වෙති. මිනිස්සු හිතන්නෙ ' අනේ මේ හුරතල් පොඩි එකාගෙ හුරතල් මොලෙන් හිතලා හුරතල් කටින් දීපු හුරතල් උත්තරයක් ' කියලා. ඒත් මම හොදාකාරවම දන්නවා ඒ තරම් සංකීර්ණ ප්‍රශ්නෙකට උත්තර දෙන්න මම කොච්චර කල්පනා කලාද කියලා. ඔන්න ඔය කාලෙදිමයි මට තේරුනේ සමහර ප්‍රශ්ණ වලට දෙන වැරදි උත්තර වලින් තමයි ඒ ප්‍රශ්නේ ඇත්තටම විසදෙන්නෙ කියලා. දවසක් මම ඔය ප්‍රශ්නෙම අම්මගෙන් ඇහුවා. ටිකක් එඩිට් කරලා. " අම්මා වැඩියෙන්ම ආදරේ කාටද? අක්කටද? මටද? " චොකලට් කෑල්ල අඩි රූලෙන් මැනලා දෙකට බෙදාගත්ත අපි දෙන්නට අම්මගෙ ආදරේ දශමෙකින් හරි අසමාන වෙන එක දරාගන්න පුලුවන් කමක් නෑ. ඒ නිසා ප්‍රශ්නේ ඇහුන ගමන් අක්කත් දුවන් ආවා එතනට. මට තේරෙනවා උත්තර දෙකම තමන් ඉස්සරහ පිට ඉද්දි දහය විස්ස ගැනලාවත් උත්තර දීගන්න බැරි වුනාම දැනෙන සනීපේ. සෑහෙන්න කල්පනා කරලා අම්මා දීපු උත්තරේ තමා " දෙන්නටම " ප්‍රශ්නෙන් පැනලා යන්න අම්මා පාවිච්චි කලේ කපටි උත්තරයක්. සමහර විට මං වගේ හුරතල් උත්තරයක් දෙන්න අම්මා ලොකු වෙලා වැඩි ඇති. කොහොම හරි ඉතුරු වෙච්ච මාරි බිස්කට් එකත් සමානව දෙකට බෙදාගත්ත එකියකු සේ අක්කා නක්කලේට හිනා වෙලා එතනින් ගියා. මාත් අසංතෘප්ත වේදනාවෙන් කාමරයට ගියා. ඒත් ටික වෙලාවකින් කාමරේ දොර රෙද්දෙන් මූන ඔබපු අම්මා මට ඇහැක් ගැහුවා. " ඔව්. ඒක තමා ඒ ප්‍රශ්නෙට උත්තරේ " කියලා මම හිතුවත් ඔය උත්තරේ ඔය විදිහටම අක්කටත් ලැබෙන බව මම දන්නවා. ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ මට ආයෙත් ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ද වුනා. මම උසස්පෙල කරන කාලෙ මගේ පාසල් පෙම්වතිය වුනේ *** . නෑ එයාගෙ නා තරු තුනක් නෙමේ . නම කියන්න බෑ අපි එයාට දෙව්මි කියමු. ඉතින් කුලුදුල් ප්‍රේමවන්තිය එක්ක සෑහෙන්න සතුටින් අපි කල් ගෙව්වා. ඒත් එක කෙල්ලෙක්ගෙන් පිරෙන්න තරම් මගේ හදවත චූටි එකක් නෙමෙයි. මොනවා කරන්නද ? ඉපදුනේම හදවත ටිකක් ලොකුවට. ඒ නිසා මට සිද්ද වුනා අමතර පංති යන කාලෙ *** එක්ක යාලු වෙන්න. එයාගෙ නමත් තරු තුනක් නෙමේ. අපි එයාට කිත්මි කියමු. ඉතින් සෑහෙන කාලයක් ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ආකාරයෙන් දෙන්නගෙන් කාටවත් අසාධාරණයක් නොවන පරිදි සමගියෙන් කල් ගෙවන්න අපිට පුලුවන් වුනා. ඒත් අවාසනාවක මහත කියන්නේ ඩයට් කරලාවත් හදාගන්න බැරි දෙයක්. කිත්මිටයි දෙව්මිටයි දෙන්නටම එකිනෙකා ගැන දැනගන්න ලැබුනා. ආදරණීය යාලුවෝ නිසා තමයි ඉතින්. කොහොම හරි දෙව්මි හිතුවේ කිත්මි කියන්නෙ මගෙ අනියම් පෙම්වතී කියලා. කිත්මි හිතුවේ දෙව්මි කියන්නේ මගෙ අනියම් පෙම්වතී කියලා. මම විතරයි දැනන් හිටියේ මේ දෙන්නම පර්මනන්ට් කියලා. ඒබව නොදත් මේ සුන්දර ලලනාවෝ එක් සෙනසුරාදා හවසක නුගේගොඩ බැදපු මස් කඩේ ලග මාව අල්ලගත්තා. මම ඇත්තටම හිතුවේ නෑ මගේ ලමා කාලෙ මතක් වෙන ප්‍රශ්නයක් එයාලා මගෙන් අහාවි කියලා. " ඇත්ත කියනවා. ඔයා වැඩියෙන් ආදරේ කිත්මිටද , දෙව්මිටද ? " " හර්මායිනීට ... " - මේඝ -රස රස අතිරස​ ඉස්සර අපේ ගෙදර නිතරෝම හදපු කැවිල්ලක් තමා අතිරස​. කවුරු හරි එනවා කීවත්, අපි නෑගම් ගියත් අපේ අම්මා අතිරස හදනවා. අතිරස වලට මගේ නං මනාපයක් නෑ. මම අතිරස කන්න ආසත් නෑ, හදන්න ආසත් නෑ. ඒත් ඉතින් අපි දන්න කියන හැමදෙනාම අපේ අම්මා හදන මේ අතිරස කන්න බොහෝම කැමතියි. අපේ අම්මා ඒ කාලෙ දෙවිදිහකට අතිරස හදනවා. එකක් සීනි වැඩි ක්‍රමය​, අනික පැණි වැඩි ක්‍රමය​. ඔය කොයි ක්‍රමයට හැදුවත් අම්මා බැදපු තල හා මාදුරු මේ රෙසිපියට එකතු කරනවා. ඔයාට ඒකත් මතකද​? නෑ! එහෙනං ලොකුවට කීවෙ? කීවා නේන්නං. ඉතිං අදටත් මම අතිරස හදන්නේ අම්මාගේ රෙසිපිය බලාගෙනනේ.ඒ රෙසිපිය කියවනකොට මට හීනෙන් වගේ ඒ දේවල් හිතට එනවා, මැවිලා පේනවා! අපේ අම්මගේ අතිරස හැදිල්ල එසේ මෙසේ වැඩක් නෙමේ. ඉස්සරලාම හාල් සේරු දෙකක් පෙගෙන්න දානවා. ඊලඟට වැඩට උදව්වෙන කවුරු හරි දෙන්නෙක් හාල් පිටි කරනවා. හාල් පිටි කරන්නේ වංගෙඩියේ. එක වංගෙඩියයි, මෝල් ගස් දෙකයි. මෝල් ගස් දෙකෙන් එක වංගෙඩියේ පිටි කොටන්නේ රටාවකට​. එක්කෙනෙක් මෝල් ගහ ගහනකොට අනිත් එක්කෙනා මෝල් ගහ උස්සන්න ඕනෙ. ඒක පුරුදු කෙනෙකුට නිරායාසයෙන් කරන්න පුලුවන්​. හරියට දෙන්නෙක් එකතුවෙලා 'ස්කිපින් රෝප්' එක කරකවන කොට තව කෙනෙක් ඊට උඩින් පනින්නා වගේ. සාමූහික වෑයමක ප්‍රතිඵලයක්! ඩිං ඩිං....ඩිං ඩිං....මෝල් ගස් සද්දෙ රටාවකට ඇහෙනවා. "දෝං දෝං පිටි කොටනවා දොංගෙ අම්මා පිටි හලනවා!"මෝල් ගස් සද්දෙ රටාවට අපිත් කියනවා. පිටි කොටලා හලලා ඉවරවුනාට පස්සෙ අම්මා අති
රස හදන්න පටන් ගන්නවා. සීනි, පැණි රත් කරලා ඒකට පිටි දාලා උයා ගන්නවා. බැදපු තල​, මාදුරු එකතු කරනවා. පොල්තෙල් ගෑව ලොකු ලෑල්ලට මිශ්‍රනේ දානවා. අපි ඒ ලෑල්ලටට කියන්නේ කිරිටොපි ලෑල්ල. අම්මා කිරිටොපි හදන්න ගත්තෙත් ඔය ලෑල්ලමයි.අපි ඒකට අතිරස ලෑල්ල නොකියා කිරිටොපි ලෑල්ල කීවේ ඇයි කියලා මම අදටත් කල්පනා කරනවා. සමහරවිට අපි අතිරස වලට වඩා කිරිටොපි කන්න කැමති නිසා වෙන්න ඇති! ඔන්න ඉතිං මිශ්‍රනේ ලෑල්ලට දැම්මට පස්සේ මිශ්‍රනේ ගල් වුනොත් ගන්න කියලා ඒ සාස්පානටම කැඳ ටිකකුත් හදා ගන්නවා. කැඳ හදනවා කිවුවට කරන්නේ අර සාස්පානට වතුර ටිකක් දාලා රත් කරන එක​. එතකොට අර සාස්පානේ ගැවිලා තියන මිශ්‍රනේ වතුරට එකතුවෙලා උකු වෙනවා. එතකොට කප්පි! කප්පි දාන්නෙ නැද්ද​? නෑ! අපේ අම්මා කප්පි දැම්මේ නෑ. මං දාන්නෙත් නෑ. ඔන්න ඊලඟට අපේ අම්මා අර මිශ්‍රනේට අත් ගහනවා. ඊට පස්සේ ඒක කෙහෙල් කොලේකින් වහලා අපිට රෑ කෑම බෙදනවා. රෑ කෑමෙන් පස්සෙ තමා මම අකමැතිම කොටස පටන් ගන්නේ. අම්මා අර මිශ්‍රනෙන් ලොවි ගෙඩි තරමේ බෝල හදනවා. අපි ඔක්කොම ඒ බෝල පොල්තෙල් ගෑව කෙහෙල් කොලවල පැතලි කරන්න ඕනෙ. ඒක බොහෝම සීරුවට කරන්න ඕනෙ වැඩක්. දබරගිල්ලයි මැදැගිල්ලයි උදව් කරගෙන අතිරස වඩන්න අම්මා කියලා දෙනවා. මගක් යනකොට මට ඇතිවෙලා. මම අතිරස බෝලේ කෙහෙල් කොලේ උඩ තියලා අල්ලෙන් තලනවා. ඔය අගේට පැතලි වෙන්නෙ! දෙවෙනි එක තලන්න යනකොට මට ඇස් කොණෙන් පේනවා අම්මා බෝල හදනඑක නවත්තලා මගේ දිහා බලන් ඉන්න හැටි! සත්තම ඕනෙ නෑ, ඒ බැල්ම ඇති! මම ආයෙත් අම්මා කියා දුන්න විදිහට ඇඟිලි දෙකෙන් අතිරස වඩන්න පටන් ගන්නවා. අම්මා අතිරස බදින්න පටන් ගන්නේ ඔක්කොම වැඩුවට පස්සේ. කෙහෙල් කොලවල අපි වඩපු අතිරස වට කරගෙන අම්මා අතිරස බදින්න පටන් ගන්නවා. තෙල් තාච්චියට දාන අතිරස චීරීස් හඬත් එක්ක පිම් බිලා තාච්චියේ උඩට එනහැටි බලා ඉන්න ලස්සනයි. අපේ අම්මට කවදාවත් අතිරස වැරදුනේ නෑ. ඒත් මට හුඟක් වෙලාවට වැරදුන කෑමක් තමා අතිරස​. වෙලාවකට හරි ගියා. ඒත් සමහර දවස් වලට ලස්සනට පිම් බිලා ආවේ නෑ. තවත් සමහර දවස්වලට ගල්කැට වගේ හයිවුනා. තවත් දවස්වල තෙලට දානකොට පිපිරුනා. හරි ගියා හෝ වැරදුනා හෝ මාත් හැම අවුරුද්දේම අතිරස හැදුවා. හරි යනකල්ම හැදුවා. අතිරස වැරදෙන්න හේතු කීපයක්ම බලපාන්න පුලුවන්! හාල් වර්ගය​, පැණි පදම​, මිශ්‍රනේ පදම, තෙල්.....ඔය මොකක් හරි හේතුවක් ඇති අතිරස වැරදෙන්න! දවසක් යාලුවෙක්ගේ අම්මා කෙනෙක් අපේ ගෙදරට ඇවිත් මට අතිරස හදන හැටි කියා දුන්නා. බොහෝම ලස්සනට අතිරස ආවා. ඒත් ඒ අම්මා එයාලගේ ගෙදර හදපු අතිරස හරි ගියේ නැතිලු! මම මේ සැරේ අතිරස ගැන ගොඩක් හැදෑරුවා. ලංකාවේ, ඉන්දියාවේ අති රස හදන වීඩියෝ බැලුවා! හෑ! ඉන්දියාවේත් අතිරස හදනවද​? ඔව්! අපිට අතිරස ආවේ ඉන්දියාවෙන්!අධිරාසම් කියන වචනය තමා අතිරස වුනේ! නේයප්පන් කියලත් කියනවාලු! ඒත් මට හිතෙන හැටියට නේයප්පන් කියන්නේ හැඳි කැවුම්! කොහොම හරි ඉන්දියාවේ 16 වන සියවසේ විජයනගර අධිරාජ්‍යයාගේ පාලන සමයේ සෙල්ලිපි වල පවා අතිරස ගැන සඳහන් වෙනවලු! අදටත් තමිල්නාඩුවේ, පංචවර්නේෂ්වර් කෝවිලේ වාර්‍ෂික උත්සවයේදී අධිරාසම් හයදාහක් හදනවා කියලයි කියන්නේ!ලංකාවේත් දීපවාලි හා පොඞල් උත්සවයේදී හින් දු ජනයා අතර ප්‍රචලිත කැවිල්ලක් තමා මේ අතිරස​! දැං මොනවද මම අලුතින් ඉගෙන ගත්තේ? එකක් අතිරසවලට නූල් ඇදෙන පදමට පැණි උනු කරන්න ඕනෙ නෑ. පැණි උතුරනකොට හාල් පිටි එකතු කරන්න පුලුවන්! අනික​, අපි සාමාන්‍යයෙන් පිටි එකතු කරන්නේ භාජනය ලිපේ තියෙද්දිමයි! ඒත් අපි එය ඉතා ඉක්මණින් නොකලොත් පදම වරදින්න පුලුවන්. ඒ නිසා පැණි උතුරනකොට ලිප නිවා එයට පිටි එකතුකොට​, හොඳින් මිශ්‍ර වුනාට පස්සේ ලිපේ තියලා උයා ගත්තම පදම හරියට ගන්න ලේසියි. ඉතිං මේ සැරේ අතිරස හරි ගියාද​? ආයෙත් අහලා! රසට, ලස්සනට ආවා. මේ අතිරස එක්කම හදන්න පුලුවන් තව කෑමක් තියනවා! ඒ මොනවද​? බකිණි කැවුම්! බකිණි මලේ පෙනුම තියන හන් දලු බකිණි කැවුම් කියන්නේ!මමනං දැකලාවත්, කාලාවත් තිබුණු කැවුම් වර්ගයක් නෙමේ!. බකිණි කැවුම්වල ඉතිහාසය ගැන මොකුත්ම දන්නේ නෑ! අලුත් කැවිල්ලක් වෙන්නත් පුලුවන්! ලංකාවට ගිය වෙලාවක විස්තර හොයා බලන්න ඕනේ! දන්න කෙනෙක් ඉන්නවා නම් මටත් කියා දෙන්න​. කොහොම හරි මේ බකිණි කැවුමේ පෙනුම බොහෝම ලස්සනයි! බකිණි මලේ පෙනුම ගන්නේ අතිරස වලට හදන ​ බෝලෙම ටිකක් පැතලි කරලා සව් තවරලා. මම ගිය අවුරුද්දෙත් හදලා බැලුවා. ඒත් වීඩියෝවල පේන තරම් ලස්සනට එන්නෙ නෑ. සව් තවරන වෙලාවේ බකිණි මල වගේම ලස්සනට පෙනුනට බදිනකොට සව් හැලෙනවා​. ඉතිං මම පොඩි අත් හදා බැලීමක් කලා. සව් වලට වතුර ටිකක් ඉස්සා! ඉතිං හරි ගියාද​? ම්හු. සව් ඇට හැලුනේ නෑ, ඒත් සව් බැදුනේ පැල්ලමක් විදිහට​. ඒක හරියන්නෙ නෑ. මම ඊලඟට තවත් අත් හදා බැලීමක් කලා. මුලින් සව් කබලේ දාලා බැද ගත්තා. ඊලඟට අතිරස වලට උතුරවපු පැණි ටිකක් බැදපු අතිරස බෝලෙ තවරලා ඒක සව් එකේ තැවරුවා. ඔය ආවෙ අපූරුවට​! අර තෙත සව් ගාලා හදපු බෝලෙම ඒකට ගත්තයින් මගෙ බකිණි කැවුම් එහෙමට ලස්සන වුනේ නෑ! ඒත් දැං ක්‍රමේ දන්න නිසා එන සැරේ ඒ විදිහට හදනවා. ආ!හුඟක් වීඩියෝවල පෙන්නන මිශ්‍රනය හදන්නේ පැණි වලට පිටි එකතු කරලා. පාන් පිටි ටිකකුත් දානවා. නමුත් උයන්නේ නෑ! මම නං කියන්නේ කෝකටත් අතිරස වලට වගේම පිටි උයලා ගන්න​. එතකොට මැද අමු වෙන අවදානම නෑ! ඔය පින්තූරවල තියෙන්නේ මම ජනවාරි පළවෙනිදා හදපු කැවිලි මේසයේ පින්තූරයක්!අනෙක් කැවිලි සමඟ වෙන ලිපියකින් හමු වෙන්නම්! -ශ්‍රීපාලිදුංහිඳ හීන - (පහ) යාන්තං වැහි ඇල්ලේ අඩුවක් උනේ හත් දුරුත්තත් ඉවර වුනාට පස්සේ. මහ පෝයට මාවරාගල ආරණ්න සේනාසනේට දානයක් ලෑස්ති කරං උන්නු හින්ද සුබරත්න හාමිනේ සිල් සමාදන් උනේ නෑ මෙදා පෝයට....දඹානෙ යන්ට ආසාවෙන් උන්නත් මට විදිහක් නැතුං ගියේ අප්පුච්ච තනියෙන් දාල මහ වෙලාවක් පිට ඉන්ට බැරිකම හින්ද,හාමිනේ මයියංගන සෑයට බාරහාරත් වෙලා තියෙන එකේ ඔය හැම දිහාකම ගෙහුං එයි පවුලෙ සේරමත් එක්ක . ගුණසිරිගෙ පවුල අමරාවතී කුළුඳුලේ කොළු පැටියෙක් වදාපු සංතෝසෙට , බාරෙ ඔප්පු කරන්ටත් එක්ක තමයි ආරණ්නෙ යන්ට තනන්නේ.. මං කළින් දා ගිහිං ඇති පදං උදව් පදව් කරල ආවා. පෝයදා මං ලොකු පිංකමක් කරගත්ත වගේ තමයි මයෙ අප්පුච්චව වෙනිවැල්ගැට ... පාවට්ටා තම්බපු වතුරින් නාවපු එක. ඇඟපත රිදෙනව කිව්වම මං අව් රැල්ලක් වැටෙන්නැහේ උන්දැ නාවල මිදුලෙන් අව්ව තපින්ට තිව්වා. දැන් දැන් දෑහෙ පෙනීමත් අඩුයි කිව්වට, අත පය වාරු නැති වීගෙන ආවට මයෙ අප්පුච්ච තමයි මට ඉන්න ලොකුම හයිය .උන්දැ නැති කාළෙක මයේ කියල මොකා ඉන්නෙ...? මං මේ පැල්කොටේ තනියෙන් ඉන්ට කියල යැ. හාමිනේගෙ දිහා ඉන්ට බෑ ගුණසිරියගෙ වදේ. යසා නැන්දල දිහා ඉන්ට හිතක් නෑ සිරිමතී හින්ද .ඒකිට මාව ඇහේ කටු ඇනෙන්නා වගේ..දියෝනිස් ගෙ පවුල මියුරිය ඊට එහා. එහෙන් කිරා..? ඌ තමයි සේරෝටම වැඩියෙ හෙනහුරා වෙලා තියෙන්නේ .. මට දිග හුස්මක් හෙලුනේ ඇත්තටම මයෙ අසරණකම මතක් වෙලා. කේන්ති ගිහින් කියෙව්වට අප්පුච්චා පිංදෙන්ට ගත්තේ... උන්දැට නාල ඇඟපතට සනීප දැනෙන හින්ද වෙන්ට ඇති. "උඹට යන කළ දසාවක් බලන්ට ඕන මයෙ හුස්ම ඩිංග යන්ට කළියෙන් දුවේ. ඊගාවට එක එකා කයි කතන්දර හදන්ට තියා ගනියි. හඳුනත් මෙහෙ එන යන එකේ උඹ ඒකට මනාප නං මේව එකලාසයක් කරල දැම්මනං නෙව ද....හොඳ ... ? " මං කරබාගෙන බකුසුහාමි ඉන්න අහ විපරං කරා. ඌ මහ දවාලට වල්දෙල් ගහේ දොරහුව අස්සෙ රිංගාන ඉන්නව. පෙළක් වෙලාවට පේන්ට නෑ. ඒත් වැඩිපුර මේ ඉසව්වට වෙලා ඉන්න එක ඌට පුරුද්දක් වෙලා. "කෝ...උඹ කොහෙ ගියාද ...? මං කියන දේට කං දීපන් ඩිංගිත්තක්. ඉඳින් මං හඳුන එක්ක කතා කරන්ට.. " "අනේ අප්පුච්චා ..ඕවට හදිස්සියක් නෑ මට. මං තාම හීං එකී. මට බැරුවා දැම්ම පවුල් පංසල් වෙන්ට. අනික මං හඳුනයියට මනාප මගේම අයියෙක් වාගෙ විනක්කා උන්දැ එක්ක සහේ යන්ට බෑ මට ..." "ඌ යස කොල්ලා.. ඌ එක්ක යන්ට බැරි ඌට මක් වෙලාද? ඔය මයියංගනේ ගොඩ මඩ ඉඩං තියෙනවා හඳුන ඔහොම.. මෙහෙට වැදිල හිටියට. අපිට මොනා තියෙනවට උඹේ ඔය හැටි පුරාජේරු ? මොකෑ උඹ කරකාර ඇන්න යන්ට රාජ කුමාරයෙක්වත් එනවද " අප්පුච්චා තරහට එහෙම කිව්වට... මයෙ හිතට ආවෙම සුදු මහත්තයව තමා. ආයෙ ඉතින් ඊට වඩා කුමාරයෙක් කොහේ මේ අහ ඉන්නේ. මට මතක් වෙද්දී හිතට හීනියට මෝදු වෙච්ච සංතෝසේ මේ වටේ පිටේ ගස් කොළං වලටත් දැනිල වගේ. ආකහෙත් කාළෙකින් ලස්සන නිල් පාටක් වෙලා. වැහි නිල්ලෙන් පස්සෙ පෙඟිච්ච පොළොවෙ අළුත් ගස් කොළං දළු දාල ඒවයෙ මල් කැකුළු පීදිගෙන එනව. අද මටත් ටිකක් නිදහස් . යසා නැන්දනං අද සෙනඟ එයි කියල තේ කඩේ දාන්ට ඇති. ඒත් අද මට අප්පුච්චා එක්කල දවස ගත කරන්ට ඕනකමම තිබ්බා. මං හෙරළි වැංජනේ ලිපෙන් බාල.. කරෝල හොද්දත් එක්ක අප්පුච්චට රස්නෙං බත් ඩිංග බෙදා දෙද්දි උන්දැගෙ දෑහෙන් කඳුළු සට සට ගාල බිමට වැටුන. එවෙලෙ මයෙ දෑහෙන් වැටෙන කඳුළු නං අප්පුච්චට දකින්ට තිබ්බෙ නෑ මම. "අප්පුච්චා..මං ඔයට යනවා....මදිපාඩු බෙදාගන්ට හෙනං.වගලෙ හෙම යන්ට එපා. තාම දියසෙවෙල්..අප්පුච්චයෙ දෑහ හරිහැටි නොපෙනෙන එකේ.. " මං හිතේ හැටියට දියබුං ගගහා දිය නෑවේ.. ඔයේ මේ අහ බඩගැට, කුඹුක් ,වැටකෙයියා පඳුරු වලින් වහං වෙලා තියෙන හින්දා. පිටින් එන ඇත්තන්ට මේ අහට සේන්දු වෙන්ට අමාරුයි. මං දිය රෙද්ද උනාදාල ,කම්බාය ඇඟේ ඔතා ගද්දිම එකපාරට කළ වැද්දෙක් පැන්න හේ ගල් පොත්ත උඩට මොකා හරි පැන්නා. මයෙ ඉවසිල්ල පැන්නෙ කිරා ගල් පොත්ත උඩ ලැගල ඉන්නව දැක්කම. මං විගහට ඇඳුම් ඇඟලාගෙන කළගෙඩිය අතට ගද්දි කිරා මට යන්ට ඉඩදීල අහකට උනා. "විළිසංගෙ නැද්ද බොලාට..? ගෑනු නාන අහ කරක් ගහන්නේ.. මං මෙදාපාර කියනව මයෙ අප්පුච්චට .හිටින් කෝ.. " "උඹල ඉන්න වගක් දැක්කෙ නෑ සත්තයි. නාක හිතකින් ආව හෙම නෙවෙයි නගා. මාමණ්ඩි නිරපරාදේ මා ගැන අහිතක් හිතයි. චින්ත බේබිට බඹරපැණි ඩිංගිත්තක් හොයා දෙන්ට කිව්ව හින්ද මං මූකලානෙට වැදුනේ. මේං ..මුසාවක් නං.." කිරා අත තිවුන ලබු කැටේ බිමින් තියන ගමන් කිව්වට මං ඒ දිහ
ාවත් නොබලම ගේ දිහාට යන්ට හැරුනා. මට හිතුනෙම පයෙන් ගහල ලබුකැටේ බිම වට්ටන්ට. ඒ තරමට මයෙ හිත ආවේස වෙලයි තිවුනේ. වෙළ පැත්තෙන් එනිං ගමන් බිංහතු ඩිංගකුත් කඩා ගත්තේ අප්පුච්චට පිහාදෙන්ට දෙයක් ගෙයි අහලක නැති හින්ද. මේ රත්තරන් පොළොවෙන් ආය මනුස්ස වරිගයාට නොදෙන දෙයක් තියේද..? ඒත් ඉතින් ඒ හැම,දේම විනාස කරගන්නෙත් මනුස්සයින්ගෙම නොපනත් වැඩ හින්ද නේ? මං ඉසකේ ටික වේලගන්ට ගල් තලාවක් උඩ වාඩිවුනා . දුංහිඳ ට ඉහත්තාවෙන් තියෙන රූස්ස කැලෑවෙන් තිස්සෙම හමාගෙන එන හීතල හුළං මයෙ කෙස් වැටිය උදුරං යන්ඩ තනනව වගෙයි . සනීපෙට මාත් ඇස් දෙක පියන් ඩිංගිත්තක් වෙලා හුළං පාරට මූණ දීගෙන උන්නේ කාලෙකින් උණුහුම් හුළං පොදක් ඇඟට වැදුන් නැති හන්දා. "ඕ..හ්...මං ෆොටෝ ගන්ඩ ආව වෙලාව බොහොම හොඳයි. සිලෝන් වල ඉන්නෙ පුදුම හිතෙන තරං ලස්සන දිය කිඳුරියෝ කියල එංගලන්තෙ ඉන්න මගෙ යාළුවන්ට පෙන්නන්න ඕන .ඔහොමම ඉන්න මං ඔයාගෙ ෆොටෝ එකක් ගන්ඩයි යන්නේ..." දෙයියෝ...සුදු මහත්තයා ..මෙහේ..? අද පෝයදා.. කොහොමත් ඒවිය කියල හිතුන් නෑ. හරියට මුදුන් වීගෙන එන ඉර.. ගල් තලාව උඩට වැඩල ගානයි. ඒ දෑහ දිහා කෙළින් බලන්ඩ තරම් හයියක් නෑ මට. කිරා හන්ද හිතට ආව කේන්තිය කොහෙන් දුරු උනාද කවුද්දා.. මට ගල් තලාව උඩ එහෙමම ඉන්ට කියල සුදු මහත්තයා මොකක්ද පෙට්ටියක් ගල උඩින් පට්ටලේට තිවුවා. ඒක කළුපාට රෙද්දකින් වහල මොනාදෝ කරල ඕ...කේ කියල කිව්ව...මට වටාපිටාවෙ කවුරු ඉන්නෙ කියලත් නිනව් නැතුව ගියා. මේක නං හීනයක් වගෙයි මට ... "අද බත් කඩේ වහල කියල හිතුනෙම නෑ .. කෝ කට්ටිය ..? මට අද පෝය ඩේ... කියල ගානක් වුනෙත් නෑ. ඒත් අද ටිකක් සෙනඟ නං ඇල්ලට ඇවිත් වගේ..." "ඔව් සුදු මහත්තයා!අද ටිකක් පායව්ව හින්ද සෙනඟ ටිකක් ඉන්නව.හාමිනේලත් දඹානෙ ගිහින් දානෙකට. හවස් වෙයි මයෙ හිතේ..." "එහෙනං අද මට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ..නාරංගලට යන්න හවස් වෙයිනෙ" මට අහන්ටත් හිතුන චින්ත බේබි කොළඹ රටේ ඉඳන් ඇවිත් නෙව ඉන්නේ. ඇයි උයා පිහා දෙන්නෙ නැතෙයි කියල . හීං අප්පුවත් දුක්ගන්නාරාළ වගේ එහාටයි මෙහාටයි කොයි යම් වෙලාවෙත් ගමනෙම නෙව. "ඔහොම ඉන්ට මහත්තයා .." මං අඩියෙන් දෙකෙන් ගෙයි දිහාට දිව්වා. අප්පුච්චට සනීපෙට හොඳටෝම නින්ද ගිහින් . මං විජහට හනස්සකට බත් බෙදලා වැංජනත් බෙදුවා. හෙරළි වැංජනේට සුදු මහත්තය ආස වෙයි. ඔය කිව්වට කයිද විසි කරයිද කවුද්දා . කටදන කෑම ජාති කන්ට ඒ හැටි මනාපයක් නෑ නෙව . ඔය යන එන මග කෑම කන්ට මහ ලොකු තැන් හම්බවෙන්නෙ නැතුව යැ. ඒත් මං බත් ඩිංග මල්ලකට දමාගෙන ගල් පොත්ත දිහාට දුවගෙන ගියා.ආයි අපේ පැල්කොටේට එක්ක යන්න ඇහැකියැ මහත්තයව.. ? ඉඳගන්න පුටු කෑල්ලක්වත් හරිහැටි නැති එකේ. මං දෝතින්ම බත් මුල මහත්තයට පෑවා. ඒ හිනාව .. මා ගැන පුදුම වෙලා වගේ මට පෙනුනේ.මං පණ්ඩිත වැඩක් කරා වත්ද.? මං ඉක්මන් වුනා වැඩියි වත්..ද? "ඔයා මට කෑම ගේන්නද දිව්වේ? මං නිකමට කිව්වෙ.. ඔයා කරදර වුනා නේ.. ? ආ...කමක් නෑ.. මං මේක බොහොම ආදරෙන් බාර ගන්නවා . ඒක නෙවෙයි .....මේ ළඟද ජිනා ඔයාගෙ ගෙදර ...? " "ඔව් මහත්තයා.අර පේන ගස් මණ්ඩිය ගාව. මහත්තයව ගෙදරට එක්කාසු කරාන ගිහින් සත්කාරයක් කරන්ට තරං සෑහෙන මිනිස්සු නෙවෙයි අපි..." "පිස්සු කතා කියන්න එපා ලමයෝ...මම මේක බංගලාවට ගිහින් කන්නම්.. ටැන්ක්.. යූ ඩියර්..." මහත්තයා ආයි එන්නෙ කවද කියල අහන්ට හිත කිව්වත් මං එහෙම්ම ආපු වචන ගිල ගත්තා .ඊගාවට මහත්තයා... මං මහ නරක එකියක් ගානට හිතුවොත් ..? "මං ගිහින් එන්නම් . .' මහත්තයා ගල් පොත්තෙන් උඩට පනින දිහා බලන් මං ඒ පස්සෙන් ඇදුනෙ හිතේ ඈඳුන මහ දුකක් එක්ක . එක පාරටම මයෙ කකුල ලිස්සල මං අර මහ ගල් පොත්තෙන් පහලට රූටං ගියේ මොකුත් හිතාගන්ටත් කළියෙන්. මහත්තය මොනවදෝ කියල කෑ ගහනව මට ඇහුන.ඉන් පස්සෙ තෙත බරිත විච්ච මාව එයා ඇදල ගොඩට ගන්න අතරෙ විච්ච දේවල් මොකුත් මට නිනව් නෑ. බයටම මයෙ ගතට වාරු නැතුං ගියා. මහත්තයගෙ ඇඟ පුරාමත් දිය බේරෙනව. මං මහත්තයගෙ ඇඟට වාරු දීල එහෙමම හිටියා. කොච්චර වෙලාවක් මං එහෙම උන්නද මන්ද..ඔයාට දැන් කොහොමද කියල අහනකල් මං ඔහොමම හිටියා . මං ගෙදර ඇවිදින් හීංසීරුවේ තෙත ඇඳුම් උණා දැම්මෙ.. මයෙ අම්මෝ ඔයින් ගියා මදෑ කියල හිතන ගමන්.අද සුදු මහත්තය නොහිටින්ට මං කම්මුතුයි. ඒත් අද දවස ඒ බයංකාරකම අස්සෙන් මොකක්දෝ හීං සන්තෝසයක් හිතට එනව. ඒක හරිම ලස්සන කියන්ට බැරි හැඟීමක් . මයෙ දුප්පත් හිතට ඒ සතුට විතරක් තිබ්බම ඇති වෙද.. ආයි මොකක්වත් ඕන් නෑ මට . රාත්තිරියෙ නින්ද අහළකටවත් ආවෙ නෑ මට. බකුසුහාමිත් හුම් හුම් ගෑවේ ඌටත් දැනෙන්ට ඇති මයෙ වෙනස. අද රාත්තිරියෙ ආකාසෙ පුරාවටම ඇහැමල් පායලා. ඒ අස්සෙන් මෝදුවෙච්චි හඳපානෙ දිස්නෙ කඳු මුදුන්වල හිටන් පැතිරිලා . ඒ වාගෙ හඳක් නෙව අද මයෙ අහලිනුත් පායල තිවුනේ... සුදු මහත්තයට තුරුල්වෙලා උන්නු ඒ ඩිංග වෙලාව මට තාමත් උණුහුම ගේනව වගෙයි දැනෙන්නේ. රෑට රෑට හුළං සද්දෙත් එක්ක...,රාජ කුමාරිකාවක් ගලෙන් පල්ලට වැටෙද්දී තිබ්බ විළාපෙ උන් හිටි ගමන් ඇහෙනව කියල ගම්මු කියන කතාව සත්ත . අද ඒ සද්දෙ මටත් ඇහෙනව ඇහෙනව වගේ.. ඒක මහ අමුතු සද්දයක්. ඇල්ලටත් එහා ඉඳන් ඒ සද්දෙ පාවෙලා එන්නෙ. මට මහ බයකුත් හිතට ආවා. ගම්පොළ රාජධානිය පැවතිච්ච කාළේ මැණික් බණ්ඩාර කියල කුමාරිකාවක් රාජ උදහසට බයේ එයාගෙ පේමවන්තයත් එක්ක දුංහිඳ ඇල්ලෙන් පහළට පැනල දිවි නහගත්තලු...අනේ අපි දෙන්නටනං එහෙම වෙන්ට එපා.. මං කැලේ බංඩාර දෙයියන්ටත් කන්නළව් කරා.. ආදරේ කියන්නෙ තමන්නෙ ජීවිතේටත් වඩා වටින අරුම පුදුම දෙයක් කියල තේරෙන්නෙ දැන් නෙව.. සුදු මහත්තයා මං දුන්නු බත් එක කන්ට නැතුවත් ඇති.තෙත බරිත වෙලා බංගලාවට ගෙහුං ලෙඩ වුනා වත්ද කවුද්දා... අනේ මයෙ පණ බේරගන්ට කියල එයා වතුර කඳට පැනපු හැටි.? එළිවෙනකල් මට පෙනුනේ මහ අමුතු අමුතු හීන..අර රාජ උදහසට ලක්විච්ච කුමාරිකාව මයෙ හිතෙන් ඈත් වුනේම නැතුව වගේ. ඒ ගානට මාත් හීනෙන් අඬා වැළපෙන්ට ඇති . කොහොමෙන් කොහොමෙන් හරි එළිවෙන ජාමෙදි මට සහලවලා උණ ඇවිත් තිබුනා . මං ඇඳෙන් නැගිටගත්තෙත් පුදුම තරං අමාරුවකින් . එකාතකට පෑහෙන්නැති දේවල් මත්තෙ මේ හැටි නැහෙන එකත් මහ කරුමයක්.පංසලේ හාමුදුරුවො බණට තිස්සෙම දේසනා කරන්නෙත් ඔය ටිකමනෙ. සන්තෝසෙන් බදාගන්න හැම දේකම තීන්නෙ දුකක් කියල . ඒත් ඉතින් ඔව්ව නොහිතෙන්ට අපි සෝවාන් පලේටවත් පත්වෙන්ට ඕන. කුළු හරකෙක් වගේ දුවන හිත කොහෙ කොහේ නවතිනවද කියල කවුරු දන්නෙ...? හඳුනයියා මේ දොහේ බලගොල්ලෙ ගිහින් . උන්දැ යල මහ දෙකන්නෙටම කුඹුරු අස්වද්දනව..මොනා වුනත් හඳුන කියන්නේ දාහකින් හොයාගන්ට බැරි ඉළංදාරියෙක්‍ ය කියල ඔය කොයි කවුරුත් කියන කතාව සත්ත . දහජරා ගිනිවතුර පාවිච්චියක් නෑ කියන එකම මදෑ...අද කාලෙ කොයින්ද ඔහොම පිරිමි ..? කවදක්ක හරි එයා මේ දුංහිඳ අහලින් මොකක් හරි ලොකු වියාපාරෙකුත් පටන් ගන්න එක ඉස්තිරයි. "උඹලෑ ඉතින් දැන් ලොකු ලොකු අතු අල්ලාගෙන නොවැ ජිනෝ... අනේ ඒ වුනාට උඹ අපේ එකී වෙච්චි ..අපිට දුක ඒකයි.. " යසා නැන්ද ආවේ උදේ පාන්දරින්ම ඇනුම් පදේකුත් කියාගෙන. ඔය මොකක් හරි කොණක් පටලවං වෙන්ට ඇති . මං අද සුනංගු වෙලා නැගිට්ටෙත් ඇඟට බැරි හින්ද. ආයෙ කැළෑ උණෙත් පැතිරෙන්ට අරං ලු. "ඕව මහ එවුන්නෙ වැරදි. ආරෙට එනව නෙව..." "මොකක් නැන්දා ඒ හරුපෙ තේරුම..? " යසා නැන්දා ඔහොමම මොකුත් නොකියා යන්ට ගියා. මං බැලුවේ අප්පුච්චා දිහා. උන්දැට ඇහිල නෑ හොඳ වෙලාවට. මේ බැරුං ඉන්න කාළේ ඔය කියන හරුප ඔරොත්තු දෙන් නෑ උන්දැට. හැමෝගෙම කිල්ලොටවල හුණු ඇබින්දක් හරි තියෙනවා. ඒත් ඉතින් පේන්නෙ අනුන්ගෙ හුණු විතරයි නේ..? මතු සම්බන්ධයි . (සේයාරුව අන්තර්ජාලයෙනි )මුහුදු ඌරෝ කියන්නේ නිවර්තන හා උපනිවර්තන වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ජිවත් වෙන මුහුහු තෘණ මත යැපෙන Dugongidae පවුල නියෝජනය කරන එකම විශේෂය කිව්වොත් වැරදි නෑ.මුහුදු ඌරෝ අයිති වෙන්නේ Sirenia ගෝත්‍රයට මේ Sirenia ගෝත්‍රය අද වෙන කොට එක මුහුදු ඌරන් හා මැනෑටිස්ලගෙන් සමන්විත ගෝත්‍රයක් වෙනවා. Dugong කියන වචනය නිර්මාණය වෙන්නේ මැලේ වචනයක් වුන 'duyung' කියන මුහුදේ කාන්තාව කියන අර්ථයෙන්. අවුරුදු සිය ගානකට කලින් නාවිකයන් දියකිදුරියන් විදිහට වරදවා වටහා ගත්තෙත් මේ Dugongs ලවම තමා. මුහුදු ඌරෝ නැගෙනහිර අප්‍රිකාවේ ඉදන් ඕස්ට්‍රේලියාවේ වෙනකම් රටවල් 37 ක ආසන්නව ජිවත් වෙන සතෙක්. ලංකාවේ නම් බටහිර හා නැගෙනහිර වෙරළ මේ සත්තුන්ට ඓතිහාසික වාසස්ථාන වුනත් අද වෙනකොට මේ සත්වයා වයඹ දිග වෙරළේ කල්පිටිය මන්නාරම පුත්තලම ප්‍රදේශ වලට සීමා වුන සතෙක් වෙනවා. මුහුදු ඌරෝ ශරීර ප්‍රමාණයෙන් හිසේ හා ශරීරය ආසන්නව 2.6 m වගේ දිගක් හා වලිගය 80 cm වගේ දිගක් වන බර ආසන්නව 500Kg විතර වන සතෙක්.ලංකාව ආශිතව ජිවත් වෙන ගැහැණු සතුන් පිරිමි සත්තුන්ට වඩා විශාලයි කියලා මතයක් තියනවා මේකට හේතුව 2010 මරපු පිරිමි හා ගැහැනු සතෙක් පිලිවලින් 480Kg හා 545 Kg බරින් වුන සත්තු වුන එක වෙන්න පුලුවන් . මුහුදු ඌරන්ගේ වාර්තා වුන විශාලා සත්වයා ඉන්දියාවේ වයඹ දිහ වෙරළෙන් හමුවුන 4.06 m දිහ 1016 Kg බරින් යුත් සත්වයෙක් වෙනවා. පැටවුන් සුදුමැලි ක්‍රීම් පැහැති හමකි සමන්විත අතර වැඩිහිටි සතුන් දුබුරු හා තද අළු පැහැති හමකින් සමන්විත සතුන් වෙනවා. මුහුදු ඌරෝ අවුරුදු 70 - 75 අතර ජිවත් වන සතෙක් වුනත් ඉතාම අඩු උපත් වේගයක් සහිත සතෙක් වෙනවා.සාමන්‍යෙන් ලිංගික පරිණයතියට අවුරුදු 17 කින් පමණ ලගාකරගන්න මේ සත්තු මාස 12 -14 ගැබ් කාලයකින් පසු එක් පැටියෙක් කාලතුරකින් පැටව් දෙන්නෙක් බිහි කරනවා. උපතෙදි පැටියෙන් 1m දිග 20Kg සත්වයෙක් වෙනවා. වාසස්ථාන විනාශය මුහුදු ඌරන්ට තියන විශාලම තර්ජන වලින් එකක් කිව්වොත් වැරදි නෑ.මුහුදු තෘන වලින් යැපෙන සතෙක්ට වාසස්ථාන විනාශය තදින්ම බලපාන කාරණාවක්. නිතිවිරෝදි දඩයම හා නෞකා වල ගැටිම් මසුන් මැරිමට ඩයිනමයිට් භාවිතය මේ සත්තුන්ගේ ගහණය අඩු කරන කාරණා වෙනවා.පිරිමි උස් කදු වගේ හිටියට සරු
ංගල් මෙන් කඩා වැටෙනවා... අහිමි කම් ඉවසනා මුණිවත ඒත් ඇතුලෙන් ගරා වැටෙනවා ... නොනිමි ගමනක එකම හීනෙක ආදරේ ලග දණින් වැටෙනවා ... දනිමි දවසක එවන් පපුවක තවත් කදුළක් හඩා වැටෙනවා ... අතින් අත් හල බොහෝ තැන් ඇත හේතු නැති හෙව්වත් හරස් වූ... සිතින් එක්ටැම් ගෙවල් තුල උන් හිස් කරයි ජීවිත හවස් වූ... ගතින් ලග ලග නැති එහෙව් පණ හුස්ම අමුණයි සිහිනයක් වූ... ඉතින් නික්මන් නොකල සිදුහත් දේවිගෙයි සංසාරයක් වූ... වරදෙ නොබැඳිම වැරදි ලගදිත් නිදොස් කර නිදහසේ ඉන්න... නොරැදෙ යහනක සිහින තොලගා උණුසුමට ගුලිවේවි දන්න... සැරදෙ දෙව්දත් වරදෙ බැදි බැදි ඒවි ගල් පෙරලා දිනන්න... පැරදෙ පතිවත ගතින් රැදුනත් සිතින් හැකි බොහො දුරක යන්න... ... ශ්‍රීමතී වල්පොල ....පොද වැස්සට මුළු කොළඹ අහසම මහා මූසල අදුරකින් වෙලී ගොස් ඇත. තවුතිසාවට අත වනනා නෙළුම් කුළුණත් රත්වූ ගෙන්දගම් පොළව සිපගන්නා වැහි බිදු වලින් ඉහල නගිනා දුහුවිලි මිශ්‍ර ජලවාශ්ප හේතුවෙන් යාන්තම් පෙනී නොපෙනි යන ලෙසට මාගේ දෘෂ්ටි මායාවෙන් ඔබ්බට පලා ගොස් ඇත. රාජගිරියෙ එකා මත එකා නැගි කොන්ක්‍රීට් වනාන්තරයේ ඉහල මහලකට වී කෝපි කෝප්පයක් තොල ගාමින් වැසි බිදු අතරේම හද අල්ලන්න උත්සහ කරමින් මා වයිවර්ණ ලොවක තනිවී කෙළවරක් නොදකින විශ්වයේ සැරිසරමින් සිටී. එක්වරම මාගේ දැහැන බිදිමින් මාගේ දුරකතනය නාද වීමට පටන් ගත්තේය. මොහොතක් දුරකථනය දෙස බලා සිටි මා නැගිට ගොස් එම ඇමතුම ලබාගත්තේය. ආයුබෝවන් . සුබ සන්ද්‍යාවක් වේවා ඔබට. ආයුබෝවන් . මේ තරිදු මහත්තයා නේද.? ඔව් මම තරිදු. ඔබ තුමන් කවුද.? මහත්තයා නේද අර youtube එකේ වැඩසටහන් කරන්නෙ.? ඔව් . ඒ මම තමයි . ඔබ තුමා කවුද.? මම ........ කතාකරන්නෙ . මට ඔබ තුමාට කියන්න ලොකු කතාවක් තියෙනවා . ඔව් ඔබට ඔනම දෙයක් මා සමග පැවසීමට පුලුවන් . ඉතින් කියන්න. මේක මගේ හිතට අවුරුදු 35ක් වද දුන්නා මහත්තයෝ. මට මේක කියලා හිත හදාගන්න ඔනා. මම ඔබ කියන දේ ලියාගන්නද.? ඔබ අවසර දෙනවානම් පමනක් මම මෙය සටහන් කරගන්නම්. මේක ලියාගන්න මහත්තයො. කවදා හරි මම නැති දාක මේක එලියටදාන්න. මේවා ලෝකයා දැනගන්න ඔනා. අඩියට දෙකට මාගේ ලියන මේසය අසලට ගිය මා මාගේ සටහන් පොත දිග හැරගෙන පැන්සලත් අතට අරගෙන ලිවීමට සූදානම් විය. ඔව්. ඔබට පැවසීමට අවස්ථාව තිබෙනවා. මම එවකට වැඩකලේ කොළඹ අච්චු කන්තෝරුවක් එක්ක තියෙන පොත් සාප්පුවක. ඉතින් 88. 89 භීෂණ කාලේ ආවම කොළඹ හැම තැනම කලබල ඇතිවුනා. දවසක් අපි වැඩ කරමින් ඉන්න වෙලාවක රැ 11.45ට විතර එකපාරටම පිරිසක් ආවා තුවක්කු එක්ක. ඇවිත් බලෙන්ම අපිට තුවක්කු දික් කරලා අපේ මැශින් වලින් තින්ත වලින් එයාලාගේ සන්නද්ධ ව්‍යාපාරය වෙනුවෙන් කියලා JVP පෝස්ටර් වගයක් ප්‍රින්ට් කරගත්තා. ඒගොල්ලොන්ගේ වෙනම කන්ඩායමක් ඇවිත් අපෙන් විස්තර අහගෙන මැශින් ක්‍රියා කරන විදිය අහගෙන පෝස්ටර් ගහගත්තේ. එයාලා එලිවෙන්න කලින් ඒ පෝස්ටර් ටිකත් අරන් ගියා. අපිට කිසි කරදරයක් කලේ නැ. අපේ ලොකු මහත්තයා මේක දැනගෙන මල්ලිමාරච්චි මහත්තයාට ටෙලිෆෝන් කරලා විස්තරේ කිව්වා. පහුවදා රෑ එකපාරටම ජීප් තුනක් ආවා අපේ වැඩපලට. තුවක්කු අතට අරගෙන හමුදා ඇදුම් එක්ක කළු ඇදගත්ත 25ක විතර ආවා. ඇවිත් අපෙන් ඊයේ වුන විස්තරය සම්පුර්ණයෙන් ඇහුවා. අපි වුන හැමදේම කිව්වා. ඊට පස්සෙ කොන්ඩෙ කුරු සුදු හාදයෙක් ඇවිත් යමු අපිත් එක්ක තමසෙට කරන්න රාජකාරියක් තියෙනවා . ආපු උන්ව හදුනගන්න පුලුවන් නේද දැක්කොත් කියලා ඇහුවා. මට බයටම පුලුවන් කියලා කියවුනා. එහෙනම් නගිනව ජිප් එකට කියලා කිව්වා. මාව දාගත්ත ජීප් එක අරන් ආවේ රොක් හවුස් කෑම්ප් එකට. ඒකට ආපු මාව ලොකු බිල්ඩිමකට අරන් ගියා. තමසේ කාලාද ඉන්නෙ කියලා මගෙන් ඇහුවා. මට බඩගින්නක් තිබ්බෙ නැ. මම බඩගිනි නැ කිව්වා. එතකොට මට සීනි වැඩියෙන් දාපු ප්ලේන්ටියකුයි බනිස් ගෙඩියකුයි ගෙනත් දුන්නා . විනාඩි පහලවකට විතර පස්සෙ කළු කලිසමකුයි සුදු කමිසෙකුයි ඇදපු හොද ප්‍රථාපවත් කෙනෙක් මම හිටපු කාමරේට ආවා. එයාගෙ අතේ කළු පාට වෝකි ටෝකි එකක් තිබ්බා. ඒ ආපු කෙනා මගේ දිහා බලලා හිනා වෙලා මාව එක්කන් ආපු කෙනාට කතා කරලා මෙයාද කෙනා කියලා ඇහුවා. මෑන් ඔව් කිව්වාම හිනා වෙලා මගේ ලගට ඇවිත් බොහොම කරුනාවෙන් මම එක්ක කතාකලා. මට කිව්වා බය වෙන්න එපා මෙ මහත්තය කියන විදිහට වැඩ කරන්න. ඔයාට අදුනගන්න පුලුවන් ඔක්කොම දැක්කම ඔලුව වන්නන විතරයි තියෙන්නෙ කියලා හිනාවෙලා යන්න ගියා. පස්සෙ තමයි මම දැනගත්තේ ඒ ආවෙ සොත්ති උපාලි කියලා. කොන්ඩෙ කුරු ලස්සන සුදු කෙනා තලංගම ලක්ශ්මන් ඩයස් කියලා පස්සෙ මම දැනගත්තෙ. ඒ එක්කම හිටපු කළු කෙට්ටු කෙනා හීනටිකුබුරේ සරත්. පැය බාගෙකට විතර පස්සෙ හමුදාවෙ කෙනෙක් ලනු ගෝනියක් ගෙනාවා. ඒකේ ඇස් දෙක විතරක් පේන්න කපලා තිබ්බෙ. ඒක මගේ ඔලුවට දාලා කාමරේ මම ඉන්න තැනට උඩින් එක ලයිට් එකක් විතරක් පත්තු කලා. ඒකත් කහ පාට එලිය අඩු බල්බ් එකක්. ඊට පස්සෙ ලක්ශ්මන් කියන කෙනා ඇවිත් මට කිව්වා බය වෙන්න එපා හදුනන ඕකොවම දැක්කම කරන්න තියෙන්නෙ ඔලුවෙන් ඔවු කියන්න විතරයි කියලා. එහෙම කියලා හමුදාවෙ තුවක්කු අතින් අරගත්ත කොල්ලො දෙන්නෙක් මගේ දෙපැත්තෙන් තිබ්බා. විනාඩ් කිහිපයක නිහඩියාවක් කාමරේ ඇතුලේ තිබුනා. ඒක බිදදමමින් තරුණයන් කිහිප දෙනෙක්ව කාමරේට ඇදන් ආවා. ඒ ඔක්කොගෙම කමිස ගලවලා ඒ කමිසෙන් එයාලගේ අත් පිටිපස්සට කරලා බැදලා තිබ්බෙ. කොල්ලො පහක් ගෙනාවා. ගෙනල්ලා එක එකාව මගේ ලගට අරන් ඇවිත් උන්ගේ මූනට ටෝච් එක ගැහුවා. එතනින් දෙවෙනියාටයි පස් වෙනියාටයි ආව කොල්ලො දෙන්නා එදා ඇවිත් හිටියා පෝස්ටර් ගහන දවසේ. මම ඔලුව වැනුවෙ නෑ. මෙතන නෑ. අනිත් පහක් අරන් එන්න කියලා අර පස් දෙනාව යැව්වා. තව පහක් ගෙනාවා. එතන හතර දෙනෙක් හිටියා එදා ආව. මම එතනත් සද්ද නැතුව හිටියා. ඊට පස්සෙ කළු මහත තඩි මනුස්සයෙක් ඇවිත් මගේ ඔලුවට පිස්තෝලයක් තියලා කිව්වා උබ මෙතන මුන්ව බේරලා ගෙදර යන්න නෙවෙයි . එකෙක්ව වත් පෙන්නුවෙ නැති වුනොත් උබව පනපිටින් ටයර් සෑයේ නිදිකරවනවා කියලා. මට මුත්‍රා පවා පහන්වුනා. මම සෑහෙන්න අසරණ වුනා. ටික වෙලාවකින් ආපහු අර කට්ටියව අරන් ආවා. මම හතර දෙනෙක්ට ඔලුව වැනුවා. දෙවෙනි කන්ඩායමේ. ඔය විදිහට මම 16කට ඔලුව වැනුවා. ඊට පස්සෙ පාන්දර 3.20ට විතර මාව ආපහු ගෙනත් කන්තෝරුවට බැස්සුවා ජීප් එකෙන්. පහුවදා අර කොල්ලො ඔක්කොවම එක ගොඩේ ඝාතනය කරලා පුච්චලා තිබ්බා බොරැල්ලෙ. මම මගේ ජීවිතේ කරගත්ත ලොකුම පව තරිදු මහත්තයෝ ඒක. අද වෙනකන් මම හිතින් දුක් වින්දා සෑහෙන්න ඒක කල්පනා කර කර. මම සෑහෙන්න බොන්න පුරුදු වුනා. මට දෙපාරක් ලේ වමනේ ගියා. මට දැන් වයස 68ක්. ඩොක්ට කිව්ව ජීවිතේට ආදරයක් තියෙනවානම් ආයි බීලා එන්න එපා කියලා. ඒත් මම කොහොමද මේ අහිංසක කොල්ලො 16ක් බිල්ලට දීලා හිත සතුටින් ඉන්නෙ.? නිහඩව මම ඔහු පවසන සියල්ල සටහන් කරගත්තේය. ඔහුගේ සිත සැහැල්ලු වන තෙක් ඔහු ගිරවකු මෙන් කියවාගෙන ගියේය. මෙය සිදුවූයේ 2023/06/25 වන අගහරුවාදා සවස 6.35 ලෙස මාගේ සටහන් පොතේ කුරුටු ගා ඇත. මම ඔහුගෙන් අවසානයේදී එකම පැනයක් ඇසුවේය. ඔබගේ සිතට සැහැල්ලුවක් දැනෙනවාද ? මම ලොකු බරකින් නිදහස් වුනා මහත්තයෝ. ඒත් මට ඒ කොල්ලො ටිකේ මූනූ හැමදාම මැවිලා පේනවා. මැරෙන මොහොතෙත් ඒ ඇස් මට මැවිලා පෙනේවී.... සටහන Tharindu fernando (කොටියා) National wildlife artist 🇱🇰මට දැන් වයස අවුරුදු 34යි. තාරුණ්‍යයේ අවසන් කෙළවර ඉන්න කොල්ලෙක්. 😁 මට ඉන්නවා ටිකක් වැඩිහිටි යහළුවෙක්. එයාට වයස අවුරුදු 56ක් විතර ඇති. දවසක් මෙයා මට රෑ කෑමකට එයාලගේ ගෙදරට එන්න කියලා ආරාධනා කරනවා. මමත් ඉතින් යනවා රෑ අට හමාරට විතර එහෙට... ටිකෙන් ටික යාලුවා එක එක කෑම ගෙනත් දෙනවා. මමත් ඒවා රස කර කර කනවා. ඔය අතරේ තවත් රසවත් යමක් එහා කාමරයේ සිදුවෙනවා මට පේනවා. දහය වසරේ ඉන්න යාලුවාගේ පුතා බලන්න එයාගෙ යාලුවෙකුත් ඇවිත්... ඒ දෙන්නා කොම්පීටරෙන් මොනවදෝ බලනවා. කොම්පීටරේ අපි ඉන්න පැත්තට පිටිපස්ස හරවලා තියන්නේ, ඉතින් බලන්නෙ මොනවද කියල පේන්නේ නැහැ. හැබැයි පුතණ්ඩියාගේ යාලුවා නම් හෙඩ් සෙට් එක ගහගෙන ඉන්නෙ... ජීවිතේ අමධාරා... උල්පතේ රස උතුරා... ඔය සිද්ධිය ඔහොම වෙන අතරේ මං කෑම ටික කාලා ඉවර කළා. මං ඉස්සරහ තිබ්බ ටීවී එකෙත් ගියේ හෙන බෝරිං කතාවක්. ඔය අතරේ තමයි මගේ යාලුවාට කෝල් එකක් ඇවිත් ටිකට එළියට ගියේ. මං , ආ මල්ලිලා කියාගෙන කාමරේ ඇතුළට කඩං පැන්නා... හෙඩ් සෙට් එක ගහං හිටපු එකා හොඳටම බයවෙලා. ඉහිං කනින් දාඩිය දාලා. කොල්ල හතිත් දානවා බයටම. මං බැලුවා කොම්පීටරේ මොනිටර් එක දිහා. මූ ඒ ඩිංගට ඒක ඕෆ් කරලා. අයියේ ඩිස්ප්ලේ එකට අකුණක් ගැහුවා ද දන්නෑ. එක පාරයම ඕෆ් උනානේ... පොර හෙන අවුල් ටෝන් එකකින් කියාපි... මලයා හෙඩ් සෙට් එක දාං බැලුවෙ මොනාද කියල තේරිච්ච හන්දම මං ඒකනෙ මල්ලි කියාගෙන තවත් එතැන නොරැඳ සිහින් සිනාවකින් මුව සරසාගෙන එළියට ආවා... දැන් ඉතින් මගේ මතකය මීට අවුරුදු ගාණකට කලිං ඒ ලෙවල් කලෙට ඇදිලා යනවා. එදා මං ගියා යාලුවෙක් ගේ ගෙදර. අලුත් ඒව ටිකක් හම්බවුණා කියලා ආරංචියක් ආපු හන්දා. දැන් ඉතින් මගේ පෙන් එක ගහලා හොඳ ඒවා ටික ඒකට කොපි කරන ගමන්. එක පාරට ම පොරගෙ තාත්තා කාමරේට ආපි. ඒ ගෙදරත් මේ ගෙදර වගේමයි කොම්පීටරේ ප්ලේස් කරලා තිබ්බ විදිය. එක පාරටම කාමරේට ආවාට මොනාද බලන්නේ කියලා පේන්නේ නෑ... අම්මට සිරි කියන්නෙ තාත්තා එනකොට සීන් එකේ උච්චම හරියේ හිටියේ. මගේ අත මැසිමෙ රීස්ටාට් බට්න් එක දිහාට ගියේ විදුලි වේගෙන්. අරූගේ තාත්තා මොනිටරේට ඔලුව දානකොටම බඩු රීස්ටාට් වෙන්න පටන් ගත්තා. තාත්තා ගියා. යාලුවා තාමත් හති අරිනවා. මට අදටත් හිතාගන්න බෑ මං එච්චර ඉක්මණට මැසිම රීස්ටාට් කරනවා කියන තීරණේ ගත්තේ කොහොමද කියලා. කොහොමහරි එදා අන්න එහෙම කොල්ල බේරුණා... තව දවසක් තව එකෙක්ගෙ ගෙදර... ඒත් මේ සීන් එකමයි. මේ
ක උඩ තට්ටුවේ කාමරයක්. අම්මටසිරි කියන්නෙ පොරගෙ collection එක මාර ලොකුයි. හෙන වෙලාවක් මං ඉතින් උගෙ කාමරේට වෙලා බඩු තෝර තෝර හිටියා . මේ කාමරේ වෙනස තියන්නෙ දොර පැත්තට හරවල තමා මොනිටරේ තියන්නෙ. ඒත් එදා එහේ කවුරුවත් නෑ. අම්මලා තාත්තලා කොහෙද දුර ගමනක් ගිහිල්ලා. ටික වෙලාවක් යද්දි මට නිකන් දැන් ඇති වගේ ෆීලිං එකක් ආවා. මං ඉතින් වෙන ෆෝල්ඩර් එකක තිබ්බ කපුගේ මාස්ටර්ගෙ සිංදුවක් දාගත්තා.. විනාඩි දෙකක් ගියෙ නෑ... ආ පුතා හරි ලස්සන සිංදුනෙ අහන්නෙ, කියාගෙන දුර ගමනක් ගියා කියපු තාත්තා එකපාරටම කාමරේට ආපි. තව විනාඩියක් එහෙ මෙහෙ වුණා නම් යකෝව්... ඒක තමා බේරුණ සුපිරිම බේරිල්ල... ඔන්න ඔහොමතමයි යාලු අපේ ගෙවල් වලට කොම්පීටර් ආපු මුල් කාලෙ ඉන්ටර්නෙට් එකක් ගැන දන්නෙවත් නැති කාලෙ, දවස් ගෙවිලා ගියේ... හරි සුන්දරයි හලෝ ඒ දවස්... 😁"ලසම්මේ..." "ඇයි බං කෙල්ලේ..." " මයේ අම්මට මේ ගමේ මිනිස්සු හැමවෙලේම ඇනුම් පද කියන්නේ ඇයි මොනා කලාටද ?" ". ඇහැට කණට පේන ශරීර කූඩුව හින්ද නොවැ මේ හැමදේම, නැතුව උඹලෑ අම්මා කූඹියෙක්ටවත් වරද්දක් කරපු ගෑනියෙක් නෙමේ" "අපේ අම්මා පව් නේද ලයිසම්මේ.." " ඉස්සර ඉඳලා ඕකි ඇහැට කණට පේන එකී. උපන්ගේම අම්මා මියදුන හින්දා ඔය තාත්තා කියන එකත් අහක බැලුවා නොවැ. සියදෝරිසත් මේකි ගැන බැලුවේ නැති හින්දා මං මේකිව අපේ ගෙදර අරන් ගියා. මයෙ කුසෙන් නොවැදුවාට මගේ පණ ඩිංගිත්ත තමා මේ .මං ඕකිව එක වේලක් වත් හමතේ තිබ්බේ නෑ.මං පුළුවන් විදිහට ඕකි බලා ගත්තා.ඇහැට කනට පේන එකක් දැක්කහම මිනිසුන්ගේ ඇහේ කටු අයිනවනෙ බං. ඒකිට මං සමන්ලතා කියලා කිව්වේ සමන් මලක් වගේම ලස්සන හින්දා.ඒකි සමන් මලක් වගේම සුවඳයි බං.උඹලෑ අම්මා හරි අහිංසකයි.කායවත් හිත රිද්දන්නවත් කැමති නැති එකියක්. ඒ හින්දම තමයි ඒකි වැඩි මනක් දුක්වින්දේ..ගමේ සිංහල අවුරුදු උත්සවේට අවුරුදු කුමාරිට එන්න කියලා ගමේ උන්ගෙන් බේරෙන්න බැරුව තිබ්බේ. ගමේ මුදලාලිත් ළඟටම ඇවිල්ලා කිව්වා අවුරුදු කුමාරිට ඉන්න කියලා.ඒ උනාට උඹලයි අම්මා කැමැති වුණේ නෑ. "බලාගමුකෝ උඹල මගේ වචනෙට පිටපාලායන හැටි. උඹල අපි මේ ගමේ නොව ඉන්නේ.බලාගමු ළමා තැනීට මොකද වෙන්නේ කියලා" එහෙම කියපු මුදලාලියා උඹලෑ අම්මාට ඇඟිල්ලත් උලුක් කරලා යන්න ගියා. අම්මා ගෙදර ඇවිත් හැපි හැපී ඇඬුවා.ලස්සන වෙලා ඉපදුනේ මොන පවකට කියා කියා මගෙන් ඇහුවා.මං හරි බයේ හිටියේ ඒකි මොනවා හරි කර ගනී කියලා. මගෙත් පපුව පිච්චෙන්න ගත්තා.මුදලාලි සර්පයා.කොයි වෙලේ දෂ්ට කරයිද කියලා කාටවත් හිතාගන්න බෑ.උඹලෑ අම්මා ගැන කියාගන්න බැරි තරම් බරක් මගේ හිතේ තිබ්බ බං. එදායින් පස්සේ මුදලාලි අපිට ණයට බඩු දුන්නෙත් නෑ.කන්ට නැතත් මං උඹලෑ අම්මාව ඒ කඩේට යැව්වේ නෑ. කොයියම් දවසක මුදලාලියා මේ කෙල්ලව විනාශ කරයිද කියලා මගේ හිත ගැහි ගැහී හිටියේ. සියදෝරිසා ටිකකාලෙකට පස්සෙ මුදලාලිගේ සල්ලි වලට යට වුණා.ඌ කෙල්ලව ඉල්ලගෙන ආව මං ගාවට.මං ඌට හොඳ වයින් දෙකක් කිව්වා.ඌ හැබැයි මගේ අතේ තිබ්බ මන්නෙට එදා හොඳට බය වුණා.එදායින් එදා ඌ ආවේ නෑ කෙල්ලව හොයන. ඔය කාලෙ ඉස්කෝලෙට ආවා හරිම සීදේවි නෝනෙ කෙනෙක්.ඒ නෝනා උඹලෑ අම්මට පණ ඇරලා ආදරේ.ඉගෙන ගන්නත් හුඟක් වියදම් කරේ ඒ නෝනා තමා. අනේ ඒ දේවතාවිය දැන් කොහේ ඉන්නවද දන්නෑ.උඹලෑ අම්මට ලියන්න කියවන්න හොඳට පුළුවන් වුනේ ඔය නෝනා හින්දා තමා. අම්මට නටන්නත් ඉගැන්නුවා. ඉස්කෝලේ උත්සවේකදි අම්මා නැටුවා.හැමෝම එදා ඇස් කන් ඇරගෙන බලන් හිටියේ. මුදලාලියත් පෙරේතයෙක් වගේ බලන් හිටියා මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා.හැබැයි කොහොම හරි මං උඹලෑ අම්මව ආරක්ෂා කර ගත්තා. ගමෙන් අනුරාධපුරේ ගිහින් හිටපු සිරිමලා ගම ආවේ ඔය කාලෙම තමා.ඌට ඒ කාලෙ වෙද්දි හුඟක් සරුසාරයි.ගමේ හිටිය හොඳම එකා ඌ තමා. එතකොටත් උඹලා අම්මට යන්තම් අවුරුදු 18ක් උනා විතරයි බං.සිරිමලයා උඹලෑ අම්මව දැකලා. මයෙන් ඇවිල්ලා කැන්දන් යන්නද කියලා ඇහුවේ නැතෑ. කෙල්ලෙ උඹ දන්නවද ඒ වචන ටික නම් මට මහා මෙර වගේ බං.ඒ කිව ආරක්ෂා කරන්න මං නොවිඳිනා දුක් වින්දා.මටත් හරි මහන්සි වෙලා හිටියේ බං එතකොට.කෙල්ල කැමතිනම් මං කැමතියි කියලා මං එදා සිරිමලාට කීවා. ඊළඟ පාර අනුරාධපුරේ ගිහිල්ල පිළියෙලයක් කරලා ඇවිල්ලා උඹලයෙ අම්මව එක්කන් යන්න මනාපයි කියලා සිරිමලා කීවා. මට නම් සන්තෝසෙ බැරුව හිටියේ බං. . ඒ කතා කරලා වැඩිදොහක් ගියේ නෑ සිරිමලා ඇවිත් උඹලෑ අම්මව එක්කන් ගියා. මඟුලක් ගන්න තරම් අපිට වත්කමක් තිබ්බේ නෑ බං. ඒහින්දා මං ඒකිව නිකම්ම දීලා දැම්මා. මයෙ හිතට දුක තමා.ඒත් මං කියලා වෙන මොනවා කරන්නද බන්.ඒකි මාව දාලා යන්න බෑ කියලා බදාගෙන ඇඬුවා.මං බොහොම අමාරුවෙන් හිත හදලා යැව්වේ." "ඉතුරු ටිකත් කියන්නකො ඉක්මනට ලයිසම්මේ" " ඊට පස්සේ ආව සිංහල අවුරුද්දට උඹේ අම්මා සිරිමලත් එක්ක මාව බලන්න ආවා. මල් වැටිච්ච ලස්සන සුදු ඔහොරියකුත් ඇඳලා කොණ්ඩෙ බෙල්ලටම කරලා බැඳගෙන ඇට මාලයකුත් දාගෙන වලව්වක ළමා තැනි කෙනෙක් වගේ ආවහම මට අඳුර ගන්නත් බැරි උනා බං.මට මාසෙකට කන්න බඩුත් උස්සගෙන. ඒකි සතුටින් ඉන්නවා දැක්කහම මගේ පපුවට දැනිච්ච සනීපෙ මෙතෙකැයි කියන්න බෑ බං.ගමේ එවුන්ගේ ඇස්වල කටු අනින්නා වගේ.අම්මලා දෙතුන් දොහක් ඉඳලා ආයෙ අනුරාධපුරේ ගියා. ඊට පස්සේ ගම එද්දී උඹවත් අතින් අරගෙනයි ආවේ. උඹත් අම්මවගේම හරිම සී දේවී බන් ඒකාලෙ ඉදන්ම. සිරිමල් කොලුවා ඊට පස්සේ ඇවිදින් මගේ ගේ පොඩ්ඩ හයිහත්තියට හදලා දුන්නා.මේ ගෙවල් දිහයින් තවත් ඉඩම් කෑල්ලක් ගත්තේ නැතෑ උඹට කියලා.ඌ ඉතුරු කරන්න දස්සයා. අපි දෙන්නටම හිතේ නිස්කාන්සුවේ ඉන්න හම්බුනේනෑ නොවැ. මොකාගේ ඇස්වහක් වැදුනද මන්ද බන් කෙල්ලෙ. ටික දොහක් ගියායින් පස්සේ අම්මා ආවෙ නැතැ උඹවත් උස්සගෙන.කොච්චර ඇහුවත් කිව්වේ නෑ හැපි හැපී ඇඬුව මිසක්ක.සිරිමලාට වෙන ගෑනියෙක් ඉන්නවා කියලා තමා කීවේ.මාත් වෙන මුකුත් අහන්න ගියේ නෑ බං මං කියලා මොනවා කරන්නද.එදා ඉදලා උඹව හදාගන්න ඒකිත් මං වගේම නොවිදිනා දුක් වින්ද බන්. ගමේ උන්ට නම් සැනසිල්ලේ නින්ද යන්නැති.ආයෙ උඹෙ අම්මා අනුරාධපුරයේ ගියේම නෑ .මං ඇහුවෙත් නෑ .උඹලෑ අම්මා හිත හයිය ගෑණි. මිනිහා නැති ගෑනියෙක්ට මේගමේ එවුන් ඉන්න දුන්නේ නෑ .කතාවක් හැදුවා මිසක්.මේකි ඇහට කනට පේන එකී හින්දා තමා මේ ඔක්කොම කරදර.ඒත් උඹලය අම්මව නම්මගන්න මේ ගම් හතේ එකෙක්ටවත් බැරි උනා.ඒ තරම් උඹලෑ අම්මා හොඳයි බං. ගෙදර ඉන්න බැරිම හින්දා තමයි උඹලා අම්මා ඔය කඩේ රස්සාවට ගියේ.ඒකෙන් හම්බෙන පඩියෙන් නොවැ අපි ජීවත් වුණේ ඊට පස්සේ.උඹලෑ තාත්තා ඉස්සරම නම් ඇවිල්ලා උඹව බලලා යනවා මාසෙකට බඩුත් ගෙනල්ල දාලා දැන් ඉතින් උඹ දන්නවනේ සෑහෙන කාලෙකින් ආවේ නෑනේ.ඒ හින්දම තමයි අම්මා කඩේ වැඩට ගියේ.කඩේට එන හැමෝමත් එක්ක අම්ම හිනා වෙලා කතා කරන හින්දා නොවැ මිනිස්සු කතා හදන්නේ.උඹලෑ අම්මා නං ඒ එක කතාවක්වත් අහන්නේ බං. එක අතකට බං උඹලෑ අම්මා කැමතිඑකෙක් ආයෙ පෙළ වහකට ගත්තා කියලා උඹ අක්මැතිද,,නෑ කියාපන් කියාපන්කෝ. ඒකි හැමදාම දුක් වින්දා. හොඳ මිනිහෙක් හම්බුනොත් ඒකි බැන්දහම මොකෝ.හා නැද්ද මං අහන්නේ" "අනේ මන්ද ලයිසම්මෙ" "ඒ කියන්නේ උඹ කැමති නෑ" "එහෙම කවුරුවත් නෑනේ ලයිසම්මේ" "හිටියනං උඹ කැමති නෑනේ ඒක නෙ ඔය කියන්නේ" "කොයි මිනිහත් විශ්වාස කරන්න අමාරුයි ලයිසම්මෙ ගෑනුන්ගේ තනියට කියලා තනිවෙලා ඉන්න වෙලාවේ එන පිරිමි කොහොම විශ්වාස කරන්නත් බෑ.මම නං හිතන්නේ අම්මා ඕක හොඳටම තේරුම් අරගෙන ඉන්නේ" "හරි හරි බං මං මේ නිකමට කීවේ" "ඇත්තටම අපේ තාත්තට මොකක්ද දන්නෑ නේද උනේ ලයිසම්මේ" "මතක් කරන්න එපා ඌව මට.මයෙ කෙල්ලගේ ජීවිතේ විනාශ කළා" "මං ටිකක් ඇලවෙන්න යනව ලයිසම්මේ" ."කෙල්ලෙ උඹ ලස්සන මනමාලියක් වෙලා යනවා බලන්න මං ආසයි බං මේ ඇස් පිය වෙන්න කලින්" " කසාදයක් ගැන නම් හිතන්න එපා ලයිසම්මේ" "එහෙම කියල කොහොමද උඹ ඔය හොඳට ඉගෙන ගත්තත් එකේ.අනිත් එක බං හොඳ පිරිමි ඕන තරම් ඉන්නවා.හැම පිරිමියම එක වගේ නෑ බං.උඹට හිත ගිය හොඳ එකෙක් බලල හොයාගනින්.අම්මටත් මේ බර ඇදලා මහන්සි ඇති බන් දැන්" "ඒවට තව කල් තියනව ලයිසම්මේ" ඒත් ඒ කතාවෙ මට නොකී දේවලුත් තියෙනවා කියලා මට හිතුනා .අන්තිමට මං තාත්තා බලන්න අනුරාධපුරයේ ම ගියා. තාත්තා හදපු ගෙදරට වෙලා තාත්තා තනියම මග බලන් ඉන්නවා කවුරු එනකල් ද කියලා මට හිතාගන්න බැරි වුණා . "මයෙ දුවේ..."තාත්තා මාව තුරුළු කර ගත්තා.අවුරුදු ගාණකින් තාත්තාගේ ඒ දැනුන උණුහුම.දෙයියනේ ඒක මොන තරම් සැනසීමක්ද? "පුතේ අම්මා ආවෙ නෑ " මං ඔලුව වැනුවා. "අම්මා දකින්න ආසයි පුතේ " මං බිම බලන් හිටියා . තාත්තා මට කන්න හදලා දුන්නා . "මං අම්මා ට හුගක් ආදරෙයි .ඒත් ...පුතේ ඔයා නොදන්න දේ ගොඩාක් තියෙනවා .ඇත්තටම අම්මාව මං එක්ක ආවෙ ආදරයක් තිබිලා නෙමේ " "මොකක්?" "එදා මං ගම ආවෙ හුගක් කාලෙකින්.අම්මව මං දැක්කා දෙතුන් දවසක් .හිනාවෙලා ගියාට කතා කලේ නෑ .මොක්ක්දෝ ලොකු හිතේ අමාරුවකින් ඉන්නවා කියලා හිතුනා මට .දවසක් පන්සලේ පින්කමට ගමම පන්සලේ.අම්මයි ලයිසම්මයි ටිකක් කලින් නැගිට්ටා.අම්මා අමාරුවෙන් හිටියෙ .එයාලා ගියාට පස්සෙ මාත් පස්සෙන් ගියා.ඒ ඇයි කියලා මං දන්නෙ නෑ.ටික දුරක් යද්දී මට ඇහුනා කෑ ගහන සද්දෙ.මං දිව්වා.මුද්ලාලි අම්මව ඇදගෙන කැලේ ට යනවා.හුලුඅතු අරන් දෙතුන් දෙනෙක් ආවත් මුද්ලාලි හින්දා බලාන හිටියා .ඒත් මට බැරිවුනා.මං මුදලාලියාව තල්ලු කරලා අම්මව මයෙ ලගට ගත්තා.අම්මා මයෙ පපුවට තුරුළු වුනා.මුව පැටියෙක් වගේ ගැහෙන අම්මගෙ පපුවෙ සද්දෙ මට ඇහුනා .අම්මා එක්ක මං ගෙදර ගියා.මට අම්මා ගැන බය හිතුනා .ලයිසම්මට කියලා මං අම්මව එක්ක ආවා අනුරාධපුරේ.ඔහොමයි අම්මා මයෙ වුනේ" "තාත්තා අම්මා ට ආදරේ කලේ නෑ " "කලින් ආදරේ දැනුනෙ නැති වුනාට පස්සෙ මං හුඟක් ආදරේ කලා" "එහෙනම් අම්මා ගියෙ" "පුතේ අම්මා මෙහෙ ගේද්දි මං බැදලා හිටියේ.මං කීවා නම් ඒක අම්මා එන්නෙ නෑ .එහෙම වුනානම් මුදලාලි අම්මා විනාස කරනවා .ඒක නිසා මං කීවේ නෑ .මෙහෙ ඇවිත් කීපවිඩක් කියන්න හැදුවා ඒත් දිව නැ
මුනේ නෑ පුතේ .මහ කාලයක් ගියේනෑනෙ උඹට අවුරුදු කීයද, මොකෙක්දෝ අම්මගෙ කනේ තියලා මං කසාද බැදලා කියලා ." "එතකොට තාත්තා අම්මව බැන්දේ නැද්ද ?" "නෑ මං බොරු ලියකියවිලි හැදුවා .මං වැරදි තමා පුතේ .ඒත් මං ඔයාලා දෙන්නට වැරැද්දක් කලේ නෑ " "අනේ මන්ද තාත්තේ අම්මා පව්.එයාට ඔයා කීවනම්..සමහර විට මේව වෙනස් වෙයි" "අම්මට මං කීවා යන්න එපා කියලා .ඇහුවෙ නෑ " "ඒ නැන්දා කෝ දැන් " "එයත් මේක දැනගෙන දරුවො අරන් ගෙදර ගියා .දරුවො දැන් බැදලා .එයාලා ගාව ඉන්නවා ." "අන්තිමේ තාත්තා තනිවුනා" "ඔව් පුතේ මං තට්ට තනිවුනා" "අම්මාට හිත හදාගන්න අමාරු වෙන්න ඇති තාත්තෙ.එයා දුක් වින්දා ගොඩක්" "මට අම්මා බලන්න ආසයි පුතේ " "මං ගෙදර ගිහින් අම්මා එක්ක මේක කතා කරන්නම් " "දූටත් මාව එපාද? "මට ඔය දෙන්නම ඕනා තාත්තේ.මං ලබන මාසෙ නීතිඥ වරියක් විදියට දිවුරුම් දෙනවා.අම්මා මට උගන්නන්න හුගක් දුක් වින්දා .එදාට තාත්තා එන්න .මං ආසයි දෙන්නම මගෙ දෙපැත්තේ ඉන්නවනම්." තාත්තා ඇස් පිහදානවා මං දැක්කා .තාත්තා පව්. තාතතාගෙන් සමුඅරගෙන මං ආවෙ හිතේ හරි බරකින්. "අම්මේ මට ටිකක් කතා කරන්න ඕන" "කියන්නකෝ" "මං තාත්තා බලන්න ගියා" "ඇයි ඔයා එහොම දෙයක් කලේ" "මං දිවුරුම් දෙන දවසේ අම්මා වගේම තාත්තත් මට ඕනා" "ඒක ඔයා ගෙ කැමැත්ත නම් මට කමක් නෑ පුතේ" "තාත්තා තනිවෙලා අම්ම දැන්" "මං දන්නවා" "අම්ම එයි කියල බලන් ඉන්නවා" "මගේ ජීවිතේ මං හුඟක් දුක් වින්ද පුතේ. මේ ලස්සන හින්දා මිනිසුන්ගෙන් කයි කතන්දර ඇහුවා. මං මේ ගමේ හිටියෙ හරිම අකමැත්තෙන් පුතේ. හැම පිරිමියම බැලුවේ මගෙන් ්‍රයෝජනය ගන්න. මගේ හිත කාටවත් නැමුනෙ නෑ පුතේ. මං තාත්තා එක්ක ගියේ හිතේ කිසිම හැඟීමක් නැතිව.ඒත් මං එයාට ආදරේ කළා .එයත් එක්ක ගිය දවසේ ඉඳලා මං එයාට දෙවියෙක්ට වගේ සැලකුවා.මං කවදාවත් කාටවත් වැරැද්දක් කරපු ගෑනියෙක් නෙවෙයි.අපි දෙන්නා හරි ආදරෙන් හිටියේ.සමහර දවස්වල රෑට ගෙදර ආවෙ නැති වුණාට උඹලෑ තාත්තව සැක කළේ නෑ. මොකද මම ජීවිතකාලෙම ආදරේ කරපු හින්ද ගෞරව කරපු හින්දා.එහෙව් ආදරය කරපු මනුස්සයාගේ හිත එයා බින්දා.එයා මාව බොරුවට කසාද බැඳලා තිබ්බේ.ආදරේ කරන මනුස්සයෙක්ට එච්චර ලොකු වංචාවක් කරන්න බෑ පුතේ. බොරු කසාද ලියවිල්ලකට අත්සන් කරලා අවුරුදු කීයක් නම් ඒ ගෙදර හිටියද, අන්තිමට තාත්තත් මගෙන් ප්‍රයෝජනය ගත්ත විතරයි කියලා මට හිතුනේ.පිරිමි කවුරුත් එකයි පුතේ. ලෝකෙ කොහේ හරි හොඳ පිරිමි ඇති ඒත් මට හම්බවුණේ නෑ.මට හම්බ උනේම අවස්ථාවාදී පිරිමි විතරයි.ඒ හින්දා තාත්තා දැන් තනිවෙලා හිටියා කියලා මට ආයි තාත්තා ගාවට යන්න බෑ පුතේ." "මට තේරෙනවා අම්ම" " ඔයා වෙනුවෙන් එයා යුතුකමි ඉෂ්ට කරා.එයා ඔයාගේ තාත්තා.මොනා වුනත් උප්පැන්නට ඔයාගේ තාත්තාගේ නම කියලා තියෙන්න එයා.ා ඔයාගේ හැම දෙයක්ම තාත්තට කියන්න .ඒකට මගේ තරහක් නෑ. තාත්තත් එක්ක මට ආයෙ සම්බන්ධයක් පවත්වන්න බෑ පුතේ.ඒ හින්දා එහෙම දෙයක් මගින් බලාපොරොත්තු වෙන්න එපා" "නෑ අම්මේ මට ඔයාව හොඳට තේරෙනවා.ඔයා ඉතිරි කාලෙ ඔයා කැමති විදිහකට ජීවත් වෙන්න. මං අම්ම බලා ගන්නවා." " පිරිමි හැමෝම නපුරු නැතුව ඇති පුතේ.මගේ පුතා හොඳ කෙනෙක් හොයලා කසාද බඳින්න.මං ආසයි ඔයා මනමාලියක් වෙලා යනවා බලන්න.ලයිසම්ම ගෙත් හීනේ ඒක තමා" "බලමු" පිරිමියෙක්ගේ හව් හරනක් නැතුව ගෑණියෙක්ට ජීවත් වෙන්න පුළුවන් .ඒක අපේ අම්මා කලා.මිනිසුන්ට අත්පාන්නෙ නැතුව ගෑනියෙක්ට ජීවත් වෙන්න පුළුවන් ඒකත් අම්මා කලා.මිනිස්සු තනිවුනාම ගෑණු මිනුස්සු ඉස්සරහ කොන්ද කෙලින් තියන් ඉන්න ඕනි .නැත්නම් ඔක්කොම ගේ අස්සෙ රිංගනවා.මට ත් පිරිමියෙක් ඕනි නෑ .ඒත් අම්මාගෙ ලයිසම්මගෙ හීන හැබෑ කරන්න ඕනි .එයාලා ජීවිතේ දුක්ම වින්දා .මට හොද කෙනෙක් මුණගැහුන දාක මාත් කසාද බදිනවා.හිත හයිය ගෑණු න්ට හැමදාම හරියන්න ඕන .මාත් මගෙ රැකියාවෙන් ඒකට උපරිම දේ කරනවා. සමාප්තයි මම ලිවීමට හුඟක් දක්ෂ නෑ .මම ලියන ව්දිහ විටින් විට වෙනස් කරනවා .ඒකෙ අඩුපාඩු විමසන්න වෙන්නෙ කතා කියවන ඔබෙන්මැඩ්‍රාස් කැෆේ ආපහු මැඩ්‍රාස් ආවේ මාස 13 ට පස්සේ. පාන්දර 3.00 ට ලංකාවෙන් පිටත් වෙන්න තිබ්බ එයාර් ඉන්ඩියා ගුවන් යානය පිටත් වෙද්දි 4.35 යි. ශ්‍රී ලංකන් එකේ ලෙඩේ එයාලටත් බෝ වෙලා. පරක්කු වුන එකට වන්දියක් විදිහට සැන්විච් ජෝඩුවක්, බැදපු අල පෙති කට්ලට් එකක් එක්ක පෙප්සි එකක් ලැබුණා. ෆ්ලයිට් එකේ ලැබුණේ නන් වෙජ් කෑම වේලක්. ඒකට තන්දූරී කුකුළුමස් දවටා රෝල් කරන ලද චපාතියක්, මුං ඇට බඳූනක්, චොකලට් කේක් කැබැල්ලක්. මැඩ්‍රාස් වලින් මුම්බායි වලට යන දෙන්නෙකුට ඩොමෙස්ටික් එයාපෝට් එකත් පෙන්වලා එන්න තිබ්බ නිසා තවත් පැය බාගයක් විතර පරක්කු වුනා. එයාපෝට් ඉඳන් මන්නාඩි වලට කෝච්චියෙන් යන්න රුපියල් 40යි. මම දික් කරේ 500 නෝට්ටුවක්. ටිකට් නිකුත් කරන කාන්‍තාව මගෙන් ඇහුවේ මාරු රුපියල් 10 හෝ 20 නැද්ද කියා. නැහැ කිව්වහම රුපියල් 10 වැඩියෙන් අරන් ඉතුරු විදිහට රුපියල් 450/- දුන්නා. තෙහෙට්ටුවට කෝච්චියේදී නින්ද ගියේ මටත් නොදැනීම. ලංකාවෙන් ආවේ යැයි සැකකරන්න පුළුවන් මුස්ලිම් ජාතික ජෝඩුවක් මන්නඩි වලදි මට කූද්දවපු නිසා යන්‍තම් කෝච්චියෙන් පැන ගන්න පුළුවන් වුනා. පුරුදු විදිහටම මගෙන් ඇමතුමක් නැති නිසා මෙදා පාරත් මගේ බිරින්දෑ කලබල වෙලා තිබුණා. මටත් දවස් කීපයක් කලින් මැඩ්‍රාස් වලට විත් මටත් කාමරයක් වෙන් කරන් හිටපු මගේ මිත්‍ර ලොහාන් එක්ක උදේ 9.00 වෙද්දි පාතරාසයට යමක් ගන්න පිටත් වුනා. ඒ ව විටත් අනෝරා වැස්සක් වැටෙමින් තිබ්බා. පහු ගිය දවස් කීපයම පායලා තිබ්බ මැඩ්‍රාස් වලට ආපහු වහින්ඩ ගත්තේ මම ආපු නිසා කියලයි මගේ මිත්‍රයා කියන්නේ. වැස්සේ තෙමෙමින් කෑම කඩේකට රිංගා ගත්තු අපි දෙන්නා ඉස්සෙල්ලාම කලේ කඩදාසි කිහිපයකින් ඔලුව පිහදාගත්තු එක. අපි එනවිටත් කඩේ ඉස්සරහ ලිප් හයක ආප්ප සහ බිත්තර ආප්ප බැදෙමින් තිබ්බා.අනික් පැත්තේ පූරි පිසමින් තිබ්බා. ඒ මදිවාට ඉඳි ආප්පත් පිට්ටුත් තිබ්බා. මේ කෑම ඔක්කොම මැඩ්‍රාස් වල එකම කඩේක තියෙන්නේ බොහොම කලාතුරකින්. ඒ මදිවාට රතු පොල් සම්බලත් විශේෂයි. පූරි වලට දුන්න මසාලා අල කරියනම් පංකාදුයි.ඊට උඩින් ඕනෑ තරම් සුදු සම්බෝල ඇතුළු සම්බෝල වර්ග හතරක් දාගෙන කන්න පුළුවන්. පූරි දෙක බැගින් කාපු අපි ඊළඟට කෑවේ බිත්තර ආප්ප. ඒ ආප්ප පිඟානකින් එකක් තරම් විශාලයි.කිරි තේ නම් නෑ කීවා. අපි දෙන්නාම කෑවේ පූරී 4 යි බිත්තර ආප්ප 4 යි ලීටරේ වතුර බෝතල් 1යි අලකරි , සම්බෝල රුපියල් 150/- ( 150 X 4 = 600/- ) ඔන්න මැඩ්‍රාස් වල උදේ වරුව. මාඩ්‍රාස් කියල ටවුමක් දැන් ඉන්දියාවේ නැහැ. මැඩ්‍රාස් කියන්නේ චෙන්නයි වලට. රොම්බ නන්ඩ්‍රි සංජය දොළමුල්ලබැංකොක් මතක අමතක අමතක වීම කියන්නේ රෝගයක් නම් ඒ රෝගේ මටත් ටිකක් තියනව. ඕකෙන් වෙන්න පුළුවන් නරකම දෙයක් තමයි පිට රටකට ගියහම පාස්පෝට් එක කොහෙ හරි අමතක කරල එන එක. එහෙමත් නැත්නම් දුරකථනය අමතක කරල එන එක. මුලින්ම මම බැකොක් ගියේ 2009 ජනවාරියේදී. ඒ ගමන ගියේ මගේ මුල්ම ගුවන් ගමන හිය 1994න් අවුරුදු 15 පස්සෙ. ඒක හරි අපූරු අත්දැකීමක්. බැංකොක් වල බැහැපු ගමන් දැකපු හැම දෙයක්ම අලුත්. මිනිස්සු වෙනස්, කඅ සුවඳ වෙනස්, පරිසරය වෙනස්. මෙලෝ හසරක් 00දන්නෙ නැතිව බැංකොක් හිය මම අන්ද මන්ද වුනා. ටුක් ටුක් කාරයෝ මාව නගරයට අලුත් එකෙක් කියලා කලින්ම අඳුනා ගත්තා. කීප දෙනෙක්ම උත්සාහ කලේ මාව ෂොපිං වලට රන් ගිහින් නොමිලේ එයාලගෙන් ලැබෙන ගෑස් වවුචරේ ගන්න. අපි කඩ වලින් බඩු ගත්තත් නැතත් එයාලට පොඩි ගානක ගෑස් වවුචරයක් ලැබුණා. මුලින්ම ගියේ රෙදි සාප්පුවකට. ඒකෙන් හොඳ ජූස් එකක් නොමිලේම ලැබුණා. ඊළඟට ජුවලරි සාප්පුවකට ඒකෙන් පෙප්සි එකක් ලැබුණා. ඊළඟට යමු කීවේ මැණික් සාප්පුවකට " දැන් ගෑස් ගැහුවා ඇති. යමු අමාරි ඇට්‍රියුම් හෝටලේට. ": ඒ වන විටත් ලෝක ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්‍තර්ජාතික් සමුළුවකට බැංකොක් ආ මගේ බිරිඳ නැවතිලා හිටියේ ඔය කියන තරු පහේ හෝටලයේ. මම ඒ හෝටලයට යන්නට නියමිත උනේ හවස් ජාමයේ උනත් ඒක තියන ඉසව්ව ගැන දැනගන්න මට උවමනා වෙලා තිබ්බා. ඒ හෝටලේම ගෙම්බට ඉන්න මට බැරිවුනොත් මට නවතින්න ලාබ හෝටල් කීපයක විස්තරත් මම අරන් ඇවිත් තිබ්බේ. " මගේ බබාව ඉස්කෝලෙන් ගන්න තියනවා. බොස් වෙන ටුක් එකක යන්න කියලා " ටුක් ටුක් කාරයා මාව ආපහු ප්‍රාටුනාම් වලට ගෙනවිත් දැම්මේ ඔය අතරතුරේ. " සල්ලිත් එපා "' මිනිහ මාව දාඅ ගියහම . මම වෙන ටුක් එකක නැග්ගා. ඔය කාලේ මගේ ගාව පොඩි කැනොන් ඩිජිටල් කැමරා එකක් තිබ්බා. ඒක පොඩි එකක් උනත් හොඳ පික්චර් කොලිටියක් තිබ්බ එකක්. බැංකොක් වල මුල්ම දර්ශන ටික මම ගත්තේ ඔය කැමරා එකෙන්. වට පිට දර්ශන, කාපු කෑම , කෑම කඩ, අරුමෝසම් බඩු කඩ ඒවායේ තිබ්බා. දෙවැනි ටුක් ටුක් එකේදී මම ටුක් ටුක් එකෙන් බැස්සේ ඔන්න ඔය කියන කැනොන් කැමරාවා ඒකේ අමතක කරලා. කැමරාව ගැන සිහි වෙද්දි. ටුක් ටුක් එක හිහින්. දුවලා ගිහින් බැලුවත් ඒ ටුක් එක නම් ආපහු දකින්ඩ ලැබුණේ නැහැ. දැන් ඉතින් මම නයා මැරුණු අහිගුණ්ටිකයා වගේ. කැමරාවක් ගන්න සල්ලි තිබ්බෙත් නෑ. අපරාදේ හොඳ සිහිවටන් ටික.හවස් වෙද්දි ක්‍රෙඩිට් කාඩ් එකේ පිහිටෙන් අළුත් සෝනි කැමරාවක් ගත්තා. ඔන්න ඔහොම තමයි වුනේ. බැංකොක් හොය පස්සෙන් පහු දවසක සාක්කුව අතගාල බලද්දි පාස්පෝට් එක තිබුණේ නෑ.දෙලොව රත් වුනා. හවස ආපහු ලංකාවට යන්නත් යොදාගෙන තිබුණා.තොලකට හිඳුන මම ඇවිදපු හැම තැනම ගියා. අන්‍තිමේදී ඒක තිබ්බේ සල්ලි මාරු කරපු තැනක. එදා පටන් පාස්පෝට් එකට වැඩි අවධානයක් දෙන්න පුරුදු වුනත් මොබයිල් පෝන් එක නම් තැන් තැන් වල දාල යන පුරුද්ද නතර වුනේ නෑ. සමහර විටෙක යන තැන් වල පුටු උඩ, කඩ සාප්පු වල ෂෝ කේස් උඩ අමතක වෙලා ඇවිත් තිබුණා. අපරාදේ කියන්න බෑ බැංකොක් වල කිසිම කෙනෙක් මගේ පෝන් එක හොරකම් කරලා තිබ්බේ නම් නෑ.මට බැංකොක් මිනිස්සු ගැන සෑහෙන විශ්වාසයක් ඇති වුනා. කිසිම කෙනෙක් මගේ පෝන් එක අරන් ගිහින් තිබුණේ නෑ. මේක හරි පුදුමයක්. මම කල්පනා කරන්න ගත්තා.
ටිකෙන් ටික මට තේරුම් ගියා. බැංකොක් වල හැමෝටම මට වඩා හොඳ පෝන් තිබිලා. ඔය තියෙන්නේ 2009 දී මගේ තිබ්බ පෝන් එක. ඔන්න ඕකයි කවුරුත් ඕක උස්සලා නැත්තේ. සංජය දොළමුල්ලසාමාන්‍ය ජනතාව තැපැල් මගින් නත්තල් සුබ පැතුම් පත් තමුන්ගෙ හිතමිතුරන්ට සහ නෑදෑයින්ට යැවීමේ ආරම්භය වාර්තා වෙන්නෙ වර්ෂ එක්දාස් අටසිය ගණන් වල මැද භාගයේ බ්‍රිතාන්‍යයෙන් කියල තමයි කියන්නෙ . ඒ කියන්නෙ නත්තල් සුබ පැතුම් පත්වල ඉතිහාසයට දැනට වසර එකසිය අසූවක් විතර වෙනව. බහුතර බෞද්ධයන් වාසය කරපු, එවකට ඉංග්‍රීසී පාලනයට යටත් වෙලා තිබ්බ අපේ රටේ අයත් ඒ හා සමගාමීව තැපැල් මගින් දුර ඉන්න තමුන්ගේ හිතමිතුරන්ට නත්තල් සුබ පැතුම් යවන්න පුරුදු උනා වෙන්න ඇති කියල අනුමාන කරන්න පුළුවන්. හැත්තෑව දශකයේ එවකට පාසැල් යන වයසේ හිටිය අපි බහුතරයක් ළමයි අතර නත්තල් සැමරුවේ නැති උනත් නත්තල් කාඩ් එකක් තව කෙනෙකුට යවපු නැති කෙනෙක් හිටිය නං ඒ බොහොම කලාතුරකින්. ඒත් පහු කාලීනව අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතය සාමාන්‍ය පොදු ජනතාව අතර ප්‍රචලිත උන නිසා තැපැල් මගින් නත්තල් සුබ පැතුම් පත් යවන එක කෙමෙන් කෙමෙන් අභාවයට ගියා කිව්වොත් ඒකෙ වැරැද්දක් නෑ කියල මම හිතනව. දැන් කාලෙ නත්තල් දවසෙ රෑ සහ ඊට පසු දිනවල නත්තල් සුබ පැතුම් සහිත පෝස්ට් වලින් ජංගම දුරකථනය පිරිල ඉතිරිලා යනව. මුහුණු පොත ගත්තත් වෙනසක් නෑ. ඒ එන ඩිජිටල් සුබපැතුම් බහුතරයක් හරිම ඒකාකාරීයි කියලයි මට දැනෙන්නෙ. කව්රුහරි හදල අන්තර්ජාලයට මුදාහැරපු එකම පෝස්ට් කිහිපය තමයි හැමතැනම සංසරණය වෙන්නෙ. ඒක නිසා ඒ සුභපැතුම් වල තියෙන්න ඕන අර අව්‍යාජ බව, ආදරණීය බව සහ හෘදයාංගම බව කියන දේවල් ඇත්තටම අපිට හදවතට දැනෙනවද කියල හිතල බලන්න. මේ අවුරුද්දෙ "සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා" කියල සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි අතින් ලියල ඔයාලගෙ නමට තැපැල් කරපු එහෙම සුභපැතුම් පත් කීයක් ආවද කියල ඇහුවොත් බහුතරයක් කියයි එහෙම එකක්වත් ආවෙ නෑ කියල. මටත් ඒක එහෙමයි. ඒත් හැම අවුරුද්දකම දෙසැම්බරයේ මට ලැබෙන ඩිජිටල් නත්තල් සුභපැතුම් සියගණනක් අතරෙ තැපැල් මගින් තාමත් මගේ මහගෙදර ලිපිනයට මගේ නමට එන එකම එක නත්තල් කාඩ් එකක් තියනව. අවුරුදු ගානක් පුරාවටම එන ඒ නත්තල් කාඩ් එක තමයි මට වර්තමානයේ තැපැල් මගින් ලැබෙන එකම එක නත්තල් සුභපැතුම් පත . ඒක එවන්නෙ මීට වසර තිස්පහකට විතර ඉස්සර මට හම්බ උන ඒ කාලයේ මගේ හොඳම මිතුරෙක් විසින්. අපි දෙන්නම දැන් ජීවිතයේ බොහෝ මඟ ගෙවා අවසන්. කසාද බැඳල, දරුවො හදල, රැකියාවත් එක්ක බොහෝ කාර්ය බහුල වෙලා ඉන්න අපි අතර දුරකතන සංවාදයක් උනානං ඒ අවුරුද්දකටම එක දවසක් වෙන්න පුළුවන්. වසර තිහකට වැඩි කාලයක් අපි මුණ ගැහිලම නෑ. ඒත් දැන් මගේ ගෙදර තියන තැනවත් ගෙදර ලිපිනයවත් නොදන්න ඔහු, එදා වගේම හැම අවුරුද්දකම ඒ නත්තල් කාඩ් එක අපේ මහගෙදර ලිපිනයට එවන්න අමතක කරන්නෙ නෑ. උපතින් බෞද්ධයෙක් උනත් පින්තූරෙ ජේසු බිළිදා සහ මරිය මව්තුමිය අනිවාර්යයෙන්ම වගේ සිතුවම් කරල තියන ඒ එන නත්තල් සුභපැතුම් පත අපේ ගෙදර සාලෙ කබඩ් එකක් උඩ ඊලඟ නත්තල වෙනකල් තියන් ඉදල ඒකට මම වටිනාකමක් දෙනව. පින්තූරෙ තියෙන්නෙ 2022 වසරෙ නත්තලට මට ලැබුණු එක. මේ අවුරුද්දෙ එක තාම ආවෙ නෑ. එනකං මේක මෙතනම තියෙයි. ආවෙ නැත්තං තව අවුරුදු ගානක් උනත් මේක මෙතනම තියෙයි. මොකද ඒක තමයි මට හැම නත්තලකටම ලැබෙන හොදම නත්තල් තෑග්ග. 🎁🎅 🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄 මොහාන් දිසානායක ✍️සාරා*********එක් කොටසක කෙටි කතාවකි මගෙ හිතේ තිබුනෙ මහ බයක්,ඒක මෙහෙමයි කියන්න මට තේරුණේ නෑ.මහ තිත්ත කලුවරක බාගෙට හිම දිය උනු දිය ඇල්ලක් වැටෙන ප්‍රපාතයක් ලග ,යන්නෙ එහෙද මෙහෙද නොදැන දැන් ප්‍රපාතයට වැටෙයි දැන් වැටෙයි කියන බය මගෙ හිතේ තිබුණ.හැබැයි මන් හිටියෙ මගෙ ඇනෙක්ස් එකේ ,එළියෙ මහ හිම කුණාටුවක් තිබුණත් මගෙ කාමරේ හොද උනුහුමට තිබුන.සීතලම සීතල වතුරකට වැටිල ,හැබැයි ඒ මහ රාත්‍රි යක්, වැටෙන්නෙ කොහෙද ,කියල නිනව්වක් නැතුව මැරෙන මොහොතෙ අවසාන වතාවට ඇස් දෙකට මොකක් හරි අහුකරගන්න වෙර දරණ මනුස්සයෙක් ගෙ මරණ බය හිටි ගමන් මට දැනෙනව ,ඒත් ඒක කොහොමද දැනෙන්නෙ කියල මට තේරුණේ නෑ,ඊලග තප්පරේ මන් ඉන්නෙ ඇනී ගෙ කෝපි ශොප් එකේ ,මගෙ ඉස්සරහ දුම් දමන උණුසුම් කෝපි කෝප්පයක් තියෙනව. මට ඒ හැගීම එන්න වෙලාවක් කලාවක් නෑ,එක්කො මන් වැඩ කරන සුපර් මාර්කට් එකේ මන් වැඩ කරද්දී ඒ හැගීම එනව එහෙම වෙලා දවසක් මන් මස් ගබඩා කරන කූලිං රූම් එකේ හිරවුනත් මාව බේර ගන්න කැලීට පුලුවන් උනාලු ,හැබැයි මට එදායින් පස්සෙ හුගක්ම අමාරු උනා.මම සෑම් මට දැනට වයස අවුරුදු 29 ක් ,ඉපදුනේ ටෙක්සාස් වලම තමයි අම්ම තාත්ත දෙන්නම ජීවතුන් අතර නෑ,මන් හිතන්නෙ ඒ දෙන්න නැති වෙද්දී මට වයස 14/15 ක් වගේ.කාර් ඇක්සිඩන්ට් එකක් මමත් ඒ කාර් එකේ හිටිය ,හරියට හීනයක් වගේ .අවසාන වතාවටවත් මම ඒ දෙන්නව දැක්කෙ නෑ ,මොකද මම ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මාස ගානක් හිටියෙ කොමා තත්වෙක.ඒ දෙන්නගෙන් මට මම ඉන්න මේ ලස්සන නමුත් පොඩි ගෙදර අයිති උණා.අවුරුදු 18 න් මම අනාථ නිවාසෙන් එලියට ආවෙ මේ ගෙදරට .මන් පොඩි කාලෙ ඉදන් හිටි මගෙ ගෙදරට .අම්මගෙ තාත්තා ගෙ මතක තුරුලු කරන් මගෙ නිදන කාමරේ මන් තවමත් අඩා වැටෙනව.තනිකම කියන්නෙ සාපයක් ,සාතන් වගේ,අනික් පැත්ත හැරවුනු කුරුසයක් වගේ,හරියට සීමාවක් නැතුව උඩු දුවන පිළිකාවක් වගේ. සාරා,,ඈ ලස්සනයි ලස්සනයි කියන්න මදිකමක් වගේ හිතෙන තරමට ලස්සනයි නිල් පාට ලොකු ඇස් එක්ක ,තඹ පාට කොන්ඩයක් ඇයට තිබුණ.නොඋස් නොමිටි ඈ වයින් බෝතලයක් වගේ ,රතු පාට තොල් සායම් තවර්පු ඈ හඩ නගල හිනා උනේ හරියට හීනයක් ඇතුලෙ ඇවිදින්න මට ආරාධනා කරනව වගේ,මට ඈ වගෙ ගැහැණියක් අරුමයක් උනේ නෑ මොකද මමත් අසීමාන්තිකව කඩවසම් මනුස්සයෙක් මගෙම සිරුර මම වර්ණනා කරන එක පිරිමියෙක් විදියට කරන්න මම හිතන්නෙ නෑ .නමුත් මියැදුනු මගේ පියා එකල ධනවත් නිරූපණ ශිල්පියෙක් නමුත් අසීමාන්තික සූදුව ඔහුගෙ ධනය විනාශ කරපු නිසා ඔහු මිය යද්දී 40 හැවිරිදී තරබාරු මිනිසෙක්ව හිටිය.ඔහුගෙන් උරුම උනු ග්‍රීක් ලක්ෂණ සහිත අතිශය කඩවසක් පෙනුමක් මට උරුම වෙලා තිබුණ .ඉතිං මට කරන්න තිබුනෙ සාරට මගේ ලිපිනය ලියපු පුන්චි කොල කෑල්ලක් එක්ක රෝසමලක් යවන එක විතරයි .ඊලග දවසෙ හරියටම රෑ 7 වෙද්දී ඈ මගේ දොරකඩ පෙනී හිටිය.ඒ කාලෙ මම බොහොම විශාල අවන්හල් ජාලයක ප්‍රධාන සූපවේදියෙක් ,අවුරුදු 25 ක් වෙන මධ්‍යම ප්‍රාන්තික වගේ පෙනුනු නමුත් මාසෙකට විශාල වැටුපක් ලබපු අතිශය කඩවසක් තරුණයෙක්ට තරුණ ගැහැණියක් ,රූමත් ගැහැණියක් කියන්නෙ මහා ලොකූ දෙයක් නෙවෙයි නමුත් තනිකම මාව අවංක සානුකම්පිත පිරිමියෙක් බවට පත් කරල තිබුණ .සාර ගැන මට තිබුනෙ උමතු ආදරයක් .එදා මං ඇයව වැලදගත්තෙ හරිම සියුම්ව ,ඈ සරාගී රතු පැහැති කෙටි ගව්මක් පැලද හිටිය.ඈ දේවදූතියක් තරම් ලස්සනයි කියල හරියටම මම දැක්කෙ එදා ,ඉතිං එදා ඉදන් ඈ මගේ මේ පුන්චි ලස්සන ගෙදරට ආව,ඈ නිසා මගෙ ගෙදර තව ලස්සන උනු බව මට දැනුන. ************************************** හැමදාම මම වැඩ කලේ වෙනදට වඩා සතුටින් ,මන් යටතෙ වැඩ කරපු මිනිස්සු ඒ නිසා සතුටින් හිටිය කියල මට දැනුන ,ඒ සාර ගැන තිබුන උමතු ආදරය නිසා කියල මම හිතුව. මම හැමදාම රෑට ගෙදර යද්දී ඈ ඇගේ රූමත්ම පෙනුමෙන් සැරසිලා හිටිය. සර් කෙවින් ඔහු අවන්හල් ජාලයේ අයිතිකරු ,අවුරුදු 50/60 ක් උනු තරබාරු ,සුදු මැලි කෙවින් මගෙ ගෙදර රෑ කෑමකට ගෙන්නගත්තෙ මම මයි ,පිසාචය ඔහු මතක් වෙද්දී මට දැනෙන්නෙ දරාගන්න බැරි තරම් ව්‍යිරයක්.එදා රෑ මට මතකයි එදා රෑ අලු පාට හරිම අජූව මීයෙක් වගෙ මගෙ ගෙදරට කඩා පාත් උණු ඌ මගෙ සාර දිහා බලන් උන්නු විදිය,ඈත් සරාගී විදියට හිනා උණා. එදා තමයි මන් දැනගත්තෙ මගෙ පුන්චි සාර වෙනස් වෙලා කියල .ඒ අලු පාට කැත මිනිහ දිහා බලන් ඈ අර සිහිනයක් වගේ හිනාවම පෑව.මන් හරිම අමාරුවෙන් ඌ එලියට යනකන් ඉවසන් ඉදල සාරගෙ කට මිරිකුව ඈ වේදනාවෙන් කෙදිරි ගාද්දි මන් ඇගෙ ඔලුව බිත්තියෙ හප්පල දැම්ම.පුදුමෙකට වගේ මට එදා රෑ හොදටම නින්ද ගියා.උදේ මගෙ සාර මට උදේ කෑම හදල දුන්න ,ඈ මාව බදාගෙන හොදටම ඇඩුව ,"සෑම් මගෙ සෑම් මේ අහන්න මම ඔබට පණ වගේ ආදරෙයි ඇයි මම ඔබට බොරු කරන්නෙ ,මේ බලන්න මේ මගෙ හැටි බලන්න මේ අත් නිල් වෙලා දුක නැතිද "මන් මගෙ පුන්චි සාර දිහා බැලුව ඈ දැක්කම මම මගෙ ඔලුව මේසයේ ගහගනිමින් හැඩුව ,එදා ඈ මට සමාව දුන්න.********** මන් මගෙ සාරට වෙනදාටත් වඩා ආදරේ කලා ,නමුත් දවසක් මම දැක්ක ඈ කෙවින් සමග කතාකර කර ඉන්නව ,ඔහු ඈව වැලදගනිමින් සමුගන්නවත් දැක්ක.ඒ ඔහුගෙ අවන්හල් ජාලයේ තිබුණ මම එදින වැඩ කරපු අවන්හලේමයි .මගෙ පුන්චි සාරව ඔහෙගෙ කැත අත් වලින් අල්ලනව මම දැක්ක හැබැයි එදා මගෙ හිත පුදුම සාමකාමී හැගීමකින් පිරිල තිබුණ .තව මාස ගණනකට පස්සෙ සාර ගැබිනි යක් බවත් ඇය එදින උදයේ එය දැනගත් බවත් මට පැවසුව.මට දැනුනෙ හිස් බවක් ,මම සාරට මගෙ උදේ කෑම අවශ්‍ය බව පැවසුවා.ඒ ඇයට සුභ පතන්නෙවත් නැතුව .ඇගේ මූනෙ තිබුන බලාපොරොත්තු කඩවීම මම දැක්ක .මට දැනුනෙ හිස් බවක් ,මම එහෙමම සති ගණනක් ගෙදර නෑවිත් හිටිය .මට හිතුනෙ ඒ දරුව මගෙ නෙවෙයි කියලමයි . එක දවසක් සාර මාව හොයන් ඇවිත් තිබුන,කලින් හිටි රූමත් සාර වෙනුවෙට එතන හිටියෙ මලානික,වැහැරී ගිය සාරා නම් වූ ගැහැණියක් ,ඇය තොර තෝන්චියක් නැතිව කියවද්දි මගෙ අතේ තිබුනු සිගරට්ටුව මම ඉවර කරල ඊලග එක පත්තු කලේ "සෑම් මම තව දුරටත් ඔබේ බිරිද නෙවෙයි ,මම ඔබව අතහරිනව "ඇගේ මුනුණෙ තිබුණ ද්වේශය මම දැක්ක ,ඇගේ මුනුණ සිගරට්ටුව දෙසත් මගෙ මුනුණ දෙසත් මරුවෙන් මරුවට යොමු උණා.ඉන්පසුව ඈ කුසට අත තියන් එතනින් පිටවී ගියා. ඒ සීත කාලය බව මට මතකයි මගෙ සිරුරේ සැගව සිටි සල්ලාල බේබද්ද ,නොයෙක් නොයෙක් ගැහැණුන් සාරගෙත් මගෙත් ගෙදරට ගෙනාව .ඔවුන් මගෙ මුදල් ගසා කෑව මගේ දියමන්ති සමහර ගැහැණුන්ට මම ම ලබා දුන්න.අවසන ම්ගේ රැකියාව ද නැති උණා.මම රැකියාවට ගියේම නැති තරම්,කෙවින් මාව සම්බ
න්ධ කර ගන්න උත්සාහ කරන හැමවිටම මම ඔහුව මග ඇරියත් දිනක් ඔහු තවත් අයෙක් සමග මගෙ ගෙදරට පැමිණියා."මිස්ටර් සෑම් ඔබෙ බිරිදත් මමත් අතර කිසිවක් තිබුනෙ නැහැ .ප්‍රසිද්ධ නැති උනත් මම සමලිංගිකයෙක් ,මාව සේවයෙන් පහ කරන බවට ලිපිය දෙන ගමන් ඔහු කිව්වෙ අසල සිටි කඩවසකම් චීන ජාතිකයා පෙන්වමින්.මම එදා ඉදන් පිස්සෙක් වගේ හඩමින් සාරා සෑම් ද පවෙල් සෙව්ව.පත්තර වල දැන්වීම්,ගුවන් විදිලි යට ඇගේ විස්තර දී සොයා බැලුව.අවසානයේ මට ඈ හමු උණා.පනපිටින් නම් නෙවෙයි .ඇගේ මාස තුනක ගැබත් සමග ඈ බාගෙට මිදුනු විලකට වැටී මියගොස් තිබුණ. ඉදින් මේ මගේ අවසන් ලිපිය -මට ඕනි මේ බයෙන් මිදෙන්න ...සාරට තුරුලු වෙන්න. *******************හිටපු නිරූපණ ශිල්පී ස්මිත් ද පවෙල් සහ ඉවානා පවෙල් යන දෙපලගේ පුත් සෑම්ද පවෙල් මහතා සිය දිවි නසාගෙන තිබෙනවා,කණගාටු දායක ලෙස කුඩා කල සිදු ඌ මවගේත් පියාගෙත් මරණ සහ මෑතකදී හදිසි අනතුරකින් මියගිය ඔහුගේ ගැබිණි බිරිදගේ මරණය නිසා සිදුවූ මානසික කම්පනයට මෙයට හේතු වන්නට ඇති බව ටෙක්සාස් පොලීසිය පැවසුවා. කරුණාකර කතෲ අයිතිය සුරකින්න. චායාරූපය අන්තර්ජාලයෙනි.ආකල්ප. දවසේ වැඩ අවසන් කර කාමරයට පැමිණි වාසනා ජංගම දුරකතනය අතට ගත්තාය. දවස පුරා ම කාර්ය බහුල වූ බැවින් ඇයට දුරකථනය බැලීමට වෙලාවක් වූයේ නැත. එහි මුහුණුපොතට පැමිණි නාදුනන මිතුරු ඇරයුමක් සමග මැසෙන්ජර් පණිවිඩයකි. "අනේ මිස් මට උදව් කරන්න පුලුවන්ද?" රූපිකා ලෙස නම සටහන් වෙද්දී ඇය විමසා තිබුණා ය. වාසනා ඇගේ විස්තර බැලුවේ ඇයව හදුනා ගැනීමේ අදහසිනි. තමා නාදුනන කෙනෙක් වුවද, ඇතුලත් කර ඇති විස්තර බොරු නොවන බව ඇයට පෙනී ගියා ය. "මොකක්ද ඕන උදවුව? ඔයා මාව දන්නවද?" වාසනා අසා යැව්වාය. "මම මිස්ව දන්නෙ නැහැ. එෆ් බී එකෙන් තමයි දැක්කෙ" තප්පර දහයක් යාමටත් ප්‍රථම පිළිතුරු ලැබුණේය. "ඔයාට මොකක්ද ඕන උදවුව?" "මගේ බබාට ඉස්කෝලේ යන්න පොත් ලැයිස්තුව ගන්න ඕන මිස්. පුළුවන්ද අරන් දෙන්න?" "ආහ්. මාව දන්නෙත් නැතුව ඇයි මගෙන් ඉල්ලන්න හිතුණේ?" "එෆ් බී පේජ් එකක අසනීප ළමයෙක්ට උදව් ඉල්ලලා දාල තිබුන පෝස්ට් එකකට මිස් ඒ ළමයගෙ විස්තර ඉල්ලලා කමෙන්ට් කරලා තිබුනා. එතනින් තමයි මම මිස්ව දැක්කෙ." "හ්ම්ම්. පොත්වලට කීයක් යනවද?" ඉතින් විනාඩියක් ගත වීමටත් පෙර ඇය පොත් ලැයිස්තුවේ ඡායාරූපයක් එවා තිබුණාය. එයට අනුව පොත්වලට රුපියල් 3845 ක් වැය වේ. "ඔයාගේ මහත්තයා මොකද කරන්නේ?" "මේෂන් වැඩ මිස්. මේ දවස් වල වැඩ නැහැ." "ඔයා රස්සාවක් කරනවද?" "නැහැ මිස්" "හ්ම්ම්. ඔයාට මොනවද කරන්න පුළුවන්?" "එහෙම මුකුත් කරලා නැහැ මිස්" "ඔයා කොච්චර දුරට ඉගෙනගෙන තියෙනවද?" "සාමාන්‍ය පෙළ වෙනකන් ඉස්කෝලේ ගියා. ඒත් ෆේල්" "හ්ම්ම්. කෑම බීම හදන්න, මහන්න ගොතන්න, මල් වවන්න මේ වගේ මොනවා හරි, එහෙම නැත්නම් වෙන මොනවාම හරි දෙයක් ඔයාට පුලුවන්ද?" "බැහැ මිස්. මිස්ට පොත් ටික අරන් දෙන්න පුලුවන්ද" ඉතින් නිරූපා නොරිස්සුමින් බව වාසනා වටහා ගත්තාය. "හ්ම්ම්. අරන් දෙන්නම්" "ස්තුතියි මිස්" නිරූපාට අනුව ඇයට කළ හැකි කිසිවක් නැත. එවැනි දෙයක් සොයාගැනීමටද ඇයට අවශ්‍යතාවයක් නැති ගානය. ඉතින් නිරූපාගේ ගිණුම් අංකය ලබා ගත් වාසනා ඇයට රුපියල් පන්දහසක් යවා නිහඬ වූවාය. ඉන් පසු පැමිණි ස්තූති කිරීමේ පණිවිඩ කිහිපයට ම, සිනහවකින් පමණක් පිළිතුරු යැවූ වාසනා ටික දිනකින් නිරූපා අමතක කර දැමුවා ය. මාසයක් පමණ ගත වන විට නිරූපා ගෙන් නැවත පණිවිඩයක් ලැබිණි. "කොහොමද මිස් හොදින් ඉන්නවද?" ඇය අසා තිබිණි. "හොඳින් ඉන්නවා." වාසනා පිළිතුරු යාවා තවත් දෙදිනක් ගත විය. "මිස් කරදරයක් නැත්නම් අනේ මට උදවුවක් කරන්න පුලුවන්ද?" ඇය නැවත ඇසුවාය. "මොකක්ද?" "දුවගේ බෑග් එකයි සපත්තු දෙකයි දෙකම කැඩිලා. මට අරන් දෙන්න පුලුවන්ද?" "ඔයා රස්සාවක් කරන්න කැමතිද?" "මම කරලා නැහැ මිස්" "මම ඇහුවේ කරන්න කැමතිද කියලා?" "දුවව දාල යන්නේ කොහොමද මිස්?" "ඒක ඉතින් ඔයාගේ ප්‍රශ්නයක්. හැම ප්‍රශ්නෙ ම මට විසඳන්න බැහැ නේ." "දුවව බලන්න ඕන මිස්" "එහෙනම් ඔයා මොනව හරි දෙයක් ගෙදර ඉඳගෙන කරන්න කැමතිද?" "බිස්නස් එකක් ද මිස්?" "ඔව්." "බලන්න ඕනේ මිස්. මිස් බෑග් එකයි සපත්තු දෙකයි?" "මම අරන් දෙන්නම්" ඉතින් නිරූපාගේ අංකයට නැවත මුදල් බැර විය. ස්තුති කිරීමේ පණිවිඩ කිහිපයක් ද ලැබිණි. තවත් ටික දිනක් ගතවිය. "මිස්. සල්ලි ටිකක් තිබුණා නම්, කෑම ටිකක් හදලා කඩේට දාන්න පුළුවන්" නිරූපා කියා එවා තිබුණාය. "කීයක් ඕනේද?" "විස්සක් විසි පහක් වත් ඕන මිස් බඩු ටික ගන්න." "මම එවන්නම්" ඉතින් තිස් දහසක් යැවූ වාසනා සතුටු වූවාය. පාඨක ඔබට, කිසිදු හැඳුනුම්කමක් නැති ගැහැනියකට සල්ලි දෙන වාසනා මෝඩයෙක් ලෙස සිතෙනු ඇත. නමුත් ඇයට අවශ්‍ය වූයේ හැමදාම අනුන්ගෙන් යැපෙන නිරූපා වෙනුවට, තම දෙපයින් නැගී සිටිය හැකි නිරූපා කෙනෙකු බිහි කිරීමය. සැමියාගේ මරණයෙන් පසුව අසරණ වූ ගීතා නන්දනී ද එවැනි හැහැණියකි. සැමියාගේ මරණයෙන් පසු ඇයට ඉතුරු වූයේ මාස හයක් වයසැති තමාගේ කුඩා දියණිය සහ මහ පාර පමණි. කිසිදා කර නොතිබුණ ද, ඇය තමාට ලැබෙන සියලු ම කුලී වැඩ කලාය. ඔෂින් කතාවේ ඔෂින්ව දැක තිබූ ඇය වරෙක ඔෂින් වූවාය. ඇයද තම දරුවා පිටේ ගැටගසාගෙන නිවෙස්වල වැඩ කළාය. අවුරුදු තුනක් ගතවන විට කිසියම් මුදලක් තමා සන්තක කර ගැනීමට ඇය දැරූ උත්සාහය සාර්ථක විය. තනි ගැහැණියක් ලෙස සමාජයේ රැදී සිටීම පහසු නොවුවද, ගීතා නන්දනී එම අභියෝගය ද ජය ගත්තා ය. තමා ඉතුරු කරගත් මුදලින් කෑම ව්‍යාපාරයක් ආරම්භ කළාය. අනේකවිධ දුක් කන්දරා මැද තවත් අවුරුදු තුනකින් කෑම කඩයක් දැමීමට ඇයට හැකි විය. දියණිය පාසල් යන වයස විට ගීතා කුලියට ගත් කඩයක මුදලාලි විය. ඇය ශිෂ්‍යත්වය ලියනවිට, ගීතා තමාගේම කඩයක් ආරම්භ කළාය. ඉතින් දැනුම් තේරුම් ඇති වයසේ සිටි දියණිය ද මවට හැකි සෑමවිටම උදවු වූවාය. දියණිය උසස් පෙළ හදාරා අවසන් වූ පසු කඩය කුඩා හෝටලයක් බවට වෙනස් විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දියණිය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගනිද්දී ගීතා නන්දනීට සෑහෙන තරම් විශාල හෝටලයක් අයිති විය. ඒ නිරූපාටත් වඩා අසරණව සිටි ගීතා නන්දනීගේ කතාවය. ඉතින් වාසනාට අවශ්‍ය වූ ලෙසම නිරූපා ව්‍යාපාරය පටන් ගත් බවත්, ටිකෙන් ටික ඇය ව්‍යාපාරය දියුණු කරගත් බවත්, දැන් ඇයට ම කියා කඩයක් ඇති බවත්, සැමියා සමග එකතු වී ඇය එම කඩය කරගෙන යන බවත් ලියා තැබීමට ලැබෙන්නේ නම් වාසනා තවත් බෙහෙවින් ම සතුටු වනු ඇත. "මම ඉගෙන ගත්ත ගෑනියෙක් නෙවෙයි. මම මහත්තයා එක්ක එනකොට වයස අවුරුදු දාසයයි. දුව ලැබුණේ අවුරුදු දහ අටෙන්. මහත්තයා නැතිවුණේ දුවට මාස හයෙන්. එදා ඉඳන් අවුරුදු විසි පහක් මම අනන්ත දුක් වින්දා, දුවත් හදාගෙන මේ මට්ටමට ජීවිතේ හදාගන්න. එදා මහත්තයා එක්ක එනකොට, දුවව බඩට ගන්නකොට, මට කවදාවත් හිතිලා තිබුනේ නැහැ මහත්තයා නැති වුනොත් මම කොහොමද ජීවත් වෙන්නේ කියලා. අපි කොහෙද වැටිලා ඉන්නේ කියලා. මම ඒ දවස්වල ම, අඩු තරමේ දරුවෝ හදා ගන්න කලින් හරි ඒවා හිතලා තිබුණා නම්, මට මෙච්චර දුක් විදින්න වෙන්නේ නැති වෙන්න තිබුණා. ඉතින් මම මගේ දුවට කියන්නෙත්, ගෑනියෙක් විදිහට හැඟීම්වලට තැන දීලා, කාගේ හරි ජීවිතේට එකතු වෙන්න කලින්, එකතු වුනත් දරුවෙක් හදන්න කලින්, රජෙක්ව බැන්දත්, හිඟන්නෙක්ව බැන්දත්, ගෑණියෙක් තමන් හදන ඒ දරුවන්ගේ ජීවිතේ වගකීම තමන්ට තනියම ගන්න පුලුවන්ද කියලා බලලා ඉන්න ඕනේ. දරුවෝ දහයක් හැදුවත් කමක් නැහැ. හැබැයි දවසක ඕනේ වුනොත්, කාගෙවත් උදව්වක් නැතුව ගෑනියෙක්ට තනියම ඒ දරුවෝ දහ දෙනා ම හදාගන්න පුළුවන් වෙන්න ඕන. ජීවත් වෙන්න තැනක්, දරුවන්ට උගන්නන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඉතින් තව කෙනෙක්ගෙ වගකීම අරන් ජීවිතේ ඉස්සරහට යන්න කලින්, දෙමව්පියන්ගෙන් දෙයක් ලැබුනත් නැතත්, තමන්ට ඕන මූලික දේවල් ටික තමන් හදාගෙන ඉන්න එක හොදයි." ගීතා දිනක් තම දියණියට කියා තිබුණා ය. වාසනා හදුනන මිනිසුන් කොටසක් සිතා සිටින්නේ අසල්වැසියෙක්, මිතුරෙක් හෝ සහෝදරයෙක් විදේශගත වන්නේ තමා වටේ සිටින සියල්ලන් වෙනුවෙන් කියාය. ඔවුන්ට අනුව වාසනා විදේශගතව ඇත්තේ ඇයගේ වාසනාවට. ඉතින් ඇය අනිත් අයට ද උදවු කළ යුතුමය. වාසනා කැනඩාවට පැමිණ ගතවූ කාලයට ඇයගෙන් උදව් ඉල්ලා ලැබුණු පණිවිඩ රාශියකි. ඇය දන්නා සාමාන්‍ය පුද්ගලයන්, විදේශ රැකියා සොයා දෙන ලෙස ඉල්ලද්දී, තවත් අය නොයෙක් බඩු භාණ්ඩ සහ මුදල් ඉල්ලුවේය. ඇත්තට ම මෙය අධ්‍යාපන මට්ටමේ නොව ආකල්පවල ප්‍රශ්නයක් බව වාසනා තේරුම් ගත්තාය. උගත් වූවද, නූගත් වුවද යැපෙන මිනිසුන් යැපෙනවාම ය. වාසනාගේ උගත් මිතුරු මිතුරියන් ඇයගෙන් තමන්ටද පී.එච්.ඩී එකක් සොයා දෙන ලෙස ඉල්ලා එවූ පණිවිඩ ද රාශියක් විය. ඔවුන් සිතන්නේ වාසනාගේ වාසනාවට ඇයට කැනඩාවේ පී එච් ඩී එක හදාරන්නට ලැබුණු බවය. නමුත් එම අවස්ථාව ලබා ගැනීමට වාසනා මහාචාර්යවරුන් දෙසීයකට අධික පිරිසකට වසර දෙකක් පමණ ලියු බව ඔවුන් විශ්වාස කරන්නේ නැත. ඔවුන්ට එවැනි කැප කිරීමක් කිරීමට අවශ්‍යද නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙයක් ලබා ඇති කෙනෙකුගෙන් ටිකක් ඉල්ලා ගැනීම ය. දින කිහිපයක් ගත වූවද මුදල් ලබා දීමෙන් පසු වෙනදාට භාණ්ඩ මිලදී ගත් පසු එවන පින්තූර කීපය මෙවර නිරූපා ඒවා තිබුනේ නැත. ඉතින් වාසනා ඇයට පණිවිඩයක් තැබුවාය. "බිස්නස් එක පටන් ගත්තාද?" "නැහැ මිස්" දින කිහිපයකට පසුව පිළිතුරු ලැබී තිබුණි. "ඇයි ඒ?" "මිස් දුන්න සල්ලි ණයක් බේරන්න වියදම් වුණා." ඉතින් එපමණය. වාසනා නැවත නිරූපාට මෙසේජ් යැව්වේවත්, නිරූපා නැවත වාසනාට මෙසේජ් කළේවත් නැත. තවත් දින කිහිපයක් ගතවන විට, වාසනා ගේ මිතුරිය ඇයව සොයා ආවා ය. "වාසනා, ගෑනු කෙනෙක් ළමයෙක්ට උගන්නන්න උදව් ඉල්ලලා පෝස්ට් එකක් දාලා. මේ බලන්න. ඔයත් මේ වගේ අයට උදව් කරන නිසා මම පෙන්නන්න ගෙනාවේ" ඉතින් වාසනා දුරකථනයට එබී බැලුවාය. නිරූපා ලෙස සඳහන් වී ඇති ගිණුමෙන් තම දරුවාට පොත්පත් ලබා ගැනීමට උදව් ඉල්ලා දමා තිබූ දැන්වීම දැක ගීතා නන්දනී නම් දිරිය කාන්තාවගේ දියණිය වූ ව
ාසනා උදයංගී පෙරේරා ඉවත බලාගෙන සිනාසුනාය. පසුවට යමක් .... හිඟන්නාට තුවාලය මෙන් බොහෝ මිනිසුන්ට තම දුප්පත්කම විකුණාගෙන කතහැකි ඉල්ලමකි. ඔවුන් සිතන්නේ සල්ලිකාර මිනිසුන් සිටින්නේ තමන් වෙනුවෙන් වියදම් කිරීමට කියාය. අවුරුදු දහ අට සම්පූර්ණ වන විට ම කිසිවෙකු සමග විවාහ වන, ජීවිතේ කිසිදු අරමුණක් නැති, ජීවත් වීමට රැකියාවක් පවා නොමැති තරුණ තරුණියන් සිතන්නේ, තමාගේ විවාහය අනිත් මිනිසුන් නඩත්තු කළ යුතු බවය. කිසිදු සූදානමක් නොමැතිව විවාහ වී, තමාගේ මගුල් ෆොටෝ එක පවා සහනාධාරයක් ලෙස ලබාගැනීමට පිරිසක් බලා සිටී. 'මේ ෆොටෝ එඩිට් කරලා, අපේ මඟුල් ෆොටෝ එක හදා දෙන්න කෝ. මගේ නෝනා හරි ආසයි' යැයි ඉල්ලා ඔවුන් ෆොටෝ කීපයක් මුහුණු පොතට එක් කරයි. ඉතින් අනුකම්පාව පිරුණු, යැපෙන්නන්ට ම රුකුල් දෙන මිනිසුන්, ඔවුන්ට සැබෑ ලෙස ම මඟුල් ඇඳුම් අන්දවා ෆොටෝ ද රැගෙන දෙමින් පනින රිලවුන්ට ඉනිමං තනයි. එම සිදුවීම් දකින බොහෝ මිනිසුන් සිතන්නේ මෙය තමාටද යමක් ඇති අයෙකුගෙන් ටිකක් ඉල්ලා ගැනීමට සුදුසු ක්‍රමයක් බවය. යැපෙන මානසිකත්වයක් නැති, දිනන මානසිකත්වයක් ඇති මිනිසුන්ට ජීවිතය දිනීමට එක් අවස්ථාවක් පමණක් ප්‍රමාණවත් වුවද, යැපෙන මානසිකත්වය ඇති මිනිසුන් තමාට අවස්ථා සියයක් ලැබුණද, යැපීම හැරෙන්න වෙනත් කිසිදු අවස්ථාවක් තෝරා ගන්නේ ම නැත. සමහර පුද්ගලයන් යැපුම් මානසිකත්වයක් සහිත පෞරුෂත්ව ආබාධයෙන් (Dependency Personality Disorder) පෙලේ. ඔවුන්ට දෙයක් පිළිබඳව තීරණ ගැනීම, තමාගේ කාර්යයක් තනියෙන් ඉටුකර ගැනීම, තනිව ගමනක් යාම වැනි බොහෝ දේ තනිව කරගැනීම අපහසු වන අතර, සියලු දේ සඳහා දෙමාපියන්ගේ, මිතුරෙකුගේ හෝ තව කෙනෙකුගේ සහාය පතයි. දරුවෙකුගේ යැපෙන මානසිකත්වය ඉවත්කල යුත්තේ කුඩා කාලයේ සිටමය. දරුවෙකුට කුඩා වයසේදීම ගැලපෙන පරිදි වගකීම් පවරා, ඔහු හෝ ඇය එම වගකීම් ඉටු කල පසු නියමිත අගය කිරීම ලබා දිය යුතුය. එවිට ක්‍රමයෙන්‍ යැපෙන මානසිකත්වයක් නැති, දිනන මානසිකත්වයක් ඇති අනාගත පරපුරක් බිහිවනු ඇත. බාලිකා හේවගේ National Diploma in Psychological Counsellingමම තමයි උඹෙ කනට මිමිණුවෙ අමාරුම තැන්වල චක්කරේ... හයිඩ්‍රජන් හීලියම් පැටලුණානෙ විභාගෙදි ප්‍රශ්න පත්තරේ... ඉස්කෝලෙ හැම උත්සවේදිම උඹ තමයි නැහිල නැහිලා රන් කරේ... නැතිව බැරි උඹ හදන පොල් තෙල් පහන දාල එහෙම දන්න වැඩ සූත්තරේ... හැම එකා ඇවිත් දැල්වුවා නෑනේ උඹ ගැන කතාවත් කරේ... කාරි නෑ දැන් එහෙම තමයි බං ජීවිතය කියනා මේ කතන්දරේ... පපුව ඇවිලුණා බං දැක්කම උඹ උහුලනා හැටි බර සේරම නගරයේ... ~ නිපුන් තාරක ~******ඒ ඔයා****** හැන්දෑවට මල ඉර ගාව තනි රකින්නට ලාභම කඳුළු වලින් බෝතලයක් අරගෙන අදත් වැව් ඉවුර ලඟ පලු ගහ මුදුනටම රිංගුවෙමි. හැමෝගෙම ඇස් වලින් හැංගිලා රිදෙන තැන් පිරිමදිමි එහෙත් අතීත මතක වලට ආදරේ නොකියමි.... වර්ණයක්,ආගමක්,ජාතියක් බලනොපා හට ගන්නා එකම හැඟීමක් ඇත්නම් එය "ප්‍රේමය" යැයි පළමුව මා අසා දැන ගත්තේ එක්තරා රාත්‍රී සාදයකදීය. පාළුවෙන් මිරිකිච්ච මධු සාදයට එක්ව නුඹේ රුව මතකයට නගනවා... හබල නැති ඔරු කඳක් ඉරුණු රුවලක් එක්ක දරුණු හුලඟකට අත වනනවා... සුවඳ ඉතිරිව නැතත් මේ තමයි ආදරේ රාත්‍රිය පිළුණු ගඳ ගහනවා.... නිහඬ බව ඕනෑවටත් වඩා වෙද්දී අතින් අත නොඅල්ලා හිතින් හිත අල්ල ගත්ත ඇස් වලින් ලොකු කතාවක් කරපු මා වවුලෙක් ගාවම ඉඳගෙන හිටපු බස්සියෙක්ගෙ ඇස් හරි ලස්සනට දිලිසුණා.හරියටම ඒ ඇස් ඔයාගෙ වගේ.කතාවක් නොකරම කතාවට මුල පිරුව. මුදු බව නුහුරු රළු ගති වල සියුම් තතූ අඳුරක දෙනෙතෙ අරුමැසි හදවතට නතූ පිදු තැන සිටන් ප්‍රේමය විරහවට ගෙතූ රැදුනෙම මිහිරි බව හින්දයි දෙතොල සතූ ජීවිතේ හරි අඩක සියුම්, රළු පරළු හැම අවස්ථාවක්ම කැමරා කාචයකටත් වඩා හොඳට නතු කර ගත්ත එකම කෙනා ඔයයි.එය එසේ නොවෙතැයි කිසිවකුට කිව නොහැකිය. ඉතින්.. සොඳුරු තැන් කියවන්න, රිදෙන තැන් වහ ගන්න, තව කෙනෙක් ඉඳීවිද ? නුඹ තරම් දරාගෙන වෙනස් වුණ පාටින් ,කතා කල භාෂාවෙන්, කොන් වෙච්ච ජාතියකින් ලෝකයට කොතනකින්වත් ගලපන්නට බැරි වෙච්ච අපි දෙන්නා උන්ගෙ තියරියට අනුව එය එසේ විය නොහැකි කාණ්ඩයේ "අනියම් ප්‍රේමය" නැමති ලේබලයේ හිර වුණ දෙන්නෙක්.ඒ අස්සේ "ලිවින්ග් ටුගෙදර්" වුණ තේරුම් ගැනීමයි හොයා බැලීමයි බයක් හැකක් නැතුව "සුජාත ප්‍රේමය" නමින් අවජාතක දරුවෙක් බිහිකලා.එහෙව් එකේ , එකම ගෙදරකට වෙලා බැල්මකින් ,වචනයකින් පවා ඔයයි මමයි මොකට පරිස්සම් වුණාද එච්චරට. උරුම උන් කැරකුණත් කෑ ගසා අවට හුරුම තැන් නොදැනේවි ඒ නුඹේ පවට තුරුම අවසානයේ එබෙන විට නෙතට කරුම අත්තටු බැඳලා ජීවිතේ අගට ඒත් අද... මදටිය ඇස් වලින් තොරතෝංචියක් නැතුව කාලයක් ලඟට වෙලා කියවපු එයා යන්න ගිහින්... විශ්වාසයේ බබල් රැප් එකෙන් ප්‍රේමය කවර් කරලා ඔයා ගිහින් නොකියම.ද්වි පාර්ශවීය ප්‍රේමයක ඒක පාර්ශවීය සංවේදනා යටපත් කරන්න දඟලලම මගේ කූඩුව අදටත් අවුල්. කපුටෙක්ගෙ විචක්ෂණ බුද්ධිය පරද්දන්න පුළුවන් එකම කෙනා අහලා නැත්නම් දැන ගන්න. "කෙවිලිය" ඒ ඔයා..... වැස්සට අකුණකට ඉඩ දෙන නිල් මැස්ස සද්දෙට බිය නොවන මුනිවත පැන් ඉස්ස මුද්දට හිර කලත් නොකලත් පසු බැස්ස ඇත්තට ගැහැණු මිස නොමරයි පපු අස්ස හැරගිය මතක shamikaඑවරස්ට් බේස් කෑම්ප් තරණය - පළමු කොටස අවුරුදු කීපයක් තිස්සෙ ලියන්න බලාගෙන හිටිය කතාවක්. මේ කතාව අනාගත කදු නගින්නන් හට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. කතාව ආරම්භ වෙන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගවේශකයන්ගේ සංගමය එක්ක. පේරාදෙණිට ආපු මුල් කාලෙ ඉදන්ම මම ගවේශකයන් එක්ක එකතු වෙලා ලංකාවෙ ලස්සනම කදු, දියඇලි බලන්න ගියා. හිමාලය තරණය කරන්න ඕනෙ කියල අදහස ඔළුවට එන්නෙ අපිට කලින් රොෂේන් අයියල එවරස් බේස්ට් කෑම්ප් ගියපු කතාව අහල. ඉතින් රොෂේන් අයියගෙනුයි සාලින්ද අයියගෙනුයි විස්තර අහගත්ත. කැම්පස් එකේ තුන්වෙනි වසර ගොඩක් කාර්‍යබහුල උනේ ගවේශකයන්ගේ සංගමය හින්දමයි. අවසන් වසරෙ තමයි අපි වැඩේට බහින්නෙ. ආරම්භක ටීම් එකේ 8 දෙනෙක් හිටිය. සංගමේ මීටින් වල කතා කරල තමයි ටීම් එක හොයා ගත්තෙ. ඊට පස්සෙ අයියලාගෙ මගපෙන්වීම යටතේ ගමනට අවශ්‍ය මුදල් හොයන්න පටන් ගත්ත. ජීවිතේ ලැබුණු අමුතුම සහ අමාරුම අද්දැකීමක් ඒක. ඒ දවස් වල මම කැම්පස් එකේ වියදම හොයාගත්තෙ උසස්පෙල පන්ති කරල. පන්ති කීපයකින් ලැබුන මුදල ඇති උනා ජීවත් වෙන්න. ගෙදරට බරක් වෙන්න ගියේ නෑ ඒ දවස් වල. ඉතින් ඒ ගමනට ඕනෙ මුදල් ගොයාගන්න ලොකු අභියෝගයක් උනා. එක්කෙනෙක්ට දල වශයෙන් ලක්ෂ 2ක් යනව සාමාන්‍ය විදිහට යන්න. ඉතින් අපි කලින් ගියපු අයියලගෙ ප්‍රොපෝසල් එකක් ඉල්ලගෙන ඒක අළුතෙන් හදල තවත් සීනියර් අයියලට කතා කරල එයාලගෙ සම්බන්දකම් එක්ක ගියා මුදල් හොයන වැඩේට. කණ්ඩායමට නමක් යෝජනා උනා සාමාජිකයෙක්ගෙන්ම. නම Dream Everest. ඒ නමේම තියෙනව අවසාන අරමුණ. තේමාව "Let's Fight against Global Warming" . පේරාදෙණියෙ ඉදින් කොළඹට ආව අපි දහපාරක් විතර. ටීම් එකේ හැමෝම වගේ ආව. අපි කොළඹ පාරවල් දන්නෙත් නෑ. කොච්චර ඇවිද්දත් අපිට Sponsership හම්බුනේ නෑ. අන්තිම මොහොතෙ මහාචර්‍ය අසේල සර් අපිට Sponsership එකක් හොයල දුන්න. අපි පස්සෙ තේරුම් ගත්ත එහෙම Sponsership එකක් දීල ඒ වෙනුවෙන් ඒ දෙන කෙනාට හම්බෙන ප්‍රතිලාභය හරිම අඩුයි කියන එක. ඒත් කැම්පස් යන දවස් වල අපිට තේරුනේ නෑ. ඉතින් අපි ගොඩක් මහන්සි උනා සල්ලි හොයන්න. කොහොමහරි Sponsership නැති වෙනකොට අපි අපේ Suvinior Book එකේ ඇඩ් එකක් හරි දාගත්ත. මට මතකයි අපි Himalaya Photo තියෙන Sticker ඇරගෙන ගිහින් නුවර සුදර්මාරාමෙ Hall කලාස් වල විකුණපු හැටි.මම එහෙම ස්ටේජ් එකකට නැගපු පළවෙනි වතාව. ආචාර්‍ය නිමල් සේනානායක, අජන්ත සර් අපිට ගොඩක් උදව් කරා. විශේශයෙන්ම කියන්න ඕනෙ අපි හිමාලය ගමන ගියේ ගවේශකයන්ගේ සංගමයේ සීනියර්ස්ල හින්ද. එයාල අපිට මුදලින් වගේම අද්දැකීම් වලින් ගොඩක් උදව් කරා. ඒක හැමෝටම අමාරු කාලයක්. මේ ගමනෙ සාර්ථක උනේ ඇත්තතම එයාල නිසා. කැම්පස් එකේ සර්ලත් අපිට ගොඩක් උදව් කලා. ඊට පස්සෙ කියන්න තියෙන්නෙ අපි පුහුණු උන හැටි. අපි මාස 3 කට කලින් පුහුණුව පටන් ගත්ත. හැමදාම උදේ 6 වෙද්දි අපි ග්‍රවුන්ඩ් එකට එන්න ඔනෙ. අපේ ඩප්පිය තමයි Streching session එක කරන්නෙ. වට 5 ක් අඩුම දුවන්න ඕනෙ. ඊට පස්සෙ කිරිහල ගාවින් හන්තාන පැත්තට. දවස් දෙකකට සැරයක් ජිම් එකේ. අනුජ මල්ලවාඅරච්චි, පාලිත සර්ල තමයි Schedule හදල ගොඩක් උදව් කරේ. පයිලට් හයික් කීපයක් ගියා හිමාලය ගමන වෙනුවෙන්ම. ජූනියර්ස්ල ටිකකුත් එකතු උනා ඒ ගමන් වලට Medical Test කරා වෛද්‍ය අසේල සර් එක්ක. එක එක අයට ගැපපෙන Diet Plan එකක් දුන්න. ලේ වල අන්තර්ගත සෙරටීන් ලෙවල් එක පරීක්ෂා කරල බැළුව. අපේ කෙනෙක්ට දවසට බිත්තර 5 කන්න කිව්ව. ගමන ටික ටික ලං උනා. සීසන් එකටනෙ යන්නෙ ඕනෙ. මගෙ නම් End Exam ඉවර වෙලා තිබුනෙ. Full time ගමනෙ වැඩ. වැඩිම ජූනුයර්ස්ල පිරිසක් එක්කෙගෙන යන්නයි අපිට ඕනෙ උනේ. කොහොම හරි අතේ තියෙන මුදල් එක්ක යන කණ්ඩායම සීමා කරගන්න උනා. මායි තව සීනියර් එක්කෙනයි, ජූනියර්ස්ලට 4 දෙනෙක් එක්කගෙන යන්න පුළුවන් උනා. මට මතක ඉතිහාසෙ ගවේශකයන්ගේ ලොකුම කන්ඩායම ඉන්දියාවෙ වීසා එක ගත්තා හැමෝම මාස 2කට. නේපාලෙ වීස ගන්න කාලය මදි උනා. අපිට දැනගන්න ලැබුන On arrival Visa ගන්න පුළුවන් කියල. පරණ Sag ටිකක් Jackets ටිකක් Club එකේ තිබුණ. කීපයක් හොද තත්වෙ තිබුණ. අනෙක් ඒව නම් අටවගෙන ගියේ. Air tickets book කරන විදිහවත් අපි දන්නෙ නෑ. මහාචාර්ය අසේල සර් තමයි එයාගෙ Credit කාඩ් එකෙන් ටිකට් බුක් කරල දුන්නෙ. අපි යන්න හිටිය රූට් හැම වෙලේම වෙනස් උනා. ඒ වියදම අඩු කරගන්න ඕනෙ හින්ද. හයදෙනෙක්ට යන වියදම ගොඩක් වැඩි. කත්මන්දු යන්න අපිට සල්ලි තිබුණෙ නෑ. ඉතින් අපි තීරණ
ය කලා කල්කටා ගිහින් එතනින් බස් එකේ යන්න. අපිට කැම්පස් එකෙන් වෑන් එකක් දුන්න Airport යන්න. ඒ වකවානුවෙ හිටිය කමිටු සාමාජිකයන්ගේ උදව්ව ඒ සදහා ලැබුණ. විශේශෙයෙන් මහාචාර්ය හේරත් සර්, මහාචාර්ය ජගත් ගුණතිලක, මහාචාර්‍ය ජගත් පිටවල, ආචර්‍ය නන්ද ගුණවර්ධන, ආචාර්‍ය ප්‍රියදර්ශණී මැඩම් අපෙන් වියෝවුන ගොඩමුන්න සර් විශේශයෙන් මතක් කරන්න ඕනෙ. අවුරුදු කීපයකට කලින් සිදුවීමක් නිසා කාට හරි ස්තූතිවන්ත වෙන්න බැරි උනා නම් සමා වෙන්න. කොහොම හරි අවසාන මොහොතෙ හැමදේම ලෑස්ති කරගෙන අපි කටුනායකින් පිටත් උනා ශීත කාලය ආරම්භ වෙන නොවැම්බර් මාසෙ. ගමන ගොඩක් දිගයි. ඒ වගේම හරිම අභියෝගාත්මක සහ ලස්සනම අද්දැකීම් ගොඩක් තියෙනව. ඊළග සටහනේදි ඒ ගැන සදහන් කරන්නම්. කල්කටාවේදී නැවත හමුවෙමු සදරුවන් 24/12/2023- දෙවෙනි කොටස නන්ගිගෙ කසාදෙන් පස්සෙ ප්‍රශ්න ඉවරයි කියල හිතුවට ඊට පස්සෙ තමයි ජිවිතේ හොඳම ප්‍රශ්න ටික පටන් ගත්තෙ. නන්ගි කසාද බැඳල ගිහිල්ලා මාස දෙක තුන යද්දිම නයාට අඳුකොළ වගේ නැන්දම්මයි ලේලියි පොර අල්ලන්න පටන් අරගෙන බව වතාවක් දෙවතාවක් පෝන් කෝල් කලාම අම්මට කියල තිබුනා. ඒත් නන්ගි කියපු විදිහට ඒ අම්මගෙ චූටි පුතා හැමදාම ගත්තේ තම මෑණියන්ගේ පැත්ත විතරයි. මිනිහට එහෙම නැතිනම් අපේ මස්සිනාට අනුව එයාගෙ අම්මට කවදාවත් වරදින්නැ.. වචනයක්වත් වරදින්න විදිහක් නැ.. අම්මා කිව්වොත් ඒක තමයි දේවධර්මේ... කියල තමයි හිතාන ඉන්නෙ කියලයි නන්ගි දවසක් මට කිව්වේ. සතිය දෙක ගෙවෙද්දි ඒක සාමාන්‍ය වෙලා. අම්මගෙ වචනෙ අහලා කසිප්පු ගහලා උදේ හවා ගැනිට තඩි බාලා, මහ ආඩම්බරයෙන් තමන්ගෙ ඒ පිරිමි පෞරුශය ගැන ගමටම ඇහෙන්න කුණුහරප කියන ගමන් ගෙදර ගෑනි කඳුළු හල හලා උයපු බත් හට්ටි හොදි මුට්ටි දවස ගානේ පොලොව ඉඹල තිබුනා. කුස්සියෙ පිලිකන්නේ දර ගොඩට වඩා කැඩුණු භාජන වලන් කෑලි එක්ක ඉඳුල් ගොඩගැහිලා. ඒ මැටි වලං කෑල්ලකටම නන්ගිගෙ කකුලත් කැපිලා තිබුනා. කාලය ඔහොම ඉබාගාතේ ගියා. නන්ගි අපිට හැමදාම නොකිවට දවස ගානෙ කොට්ටෙ තෙම්මල තිබ්බා. අඬපු කඳුලින්ම කාමරයට වෙලා ජීවත්වෙන්න වෙලා තිබුනා. මිනිහා අතැරලා මහ ගෙදර ආවොත් ගමේ උන්දලැගෙ කයි කතා අහන එක තමන්ට ගානක් නැති උනත් අම්මට ඇනුම් පද කියන එක ඉවසන්න බැරිකමටයි එහෙම ඉවසගෙන හිටිය කියලා, නන්ගි කඩේ ණය පොතේ කොලයක් ඉරලා සාලෙ මැද්දෙ මුදුන් පරාලේ හරහා දාපු ඔසරි පොටේ එල්ලෙන්න කලින් චිමිනි ලාම්පුව යටින් ලියලා ගිහින් තිබුනා. පපු අමාරුවේ ගැට්ටෙ උන්න අම්මා ඒක කොහොම දරාගත්තද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියො තමා. උදෙ හවා සිරසෙ බණ පිරිත් අහපු අම්මට ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන බුදු බණ හොඳට හුරු ඇති. සමහරවිට ඒ හුරුවෙන්න ඇත්තෙ තාත්තගේ වෙන්වීමත් එක්ක ගෙදර බර දරපු හින්දද කියලත් ඔය අස්සේ මට හිතුනා. නැන්දම්මලා මාමණ්ඩිලා එකතුවෙලා පවුල් විනාස කරනවා කියල අහල තිබ්බට හතුරටත් පාඩුවේ ඉන්න දෙන අපිට එහෙම වෙයි කියල හීනෙකින්වත් හිතුවනම් නන්ගිව කියටවත් ඌට පංගාත්තු කරන්නෙ නැ කියල අයියා තාමත් හීනෙන් කියවනවා. ඒ ගැන කියමින් ඉදල හිටලා රෑට කෙඳිරි ගාන සද්දෙ මට ඇහෙනවා. තාත්තා යන්නම ගිහින් අවුරුදු ගානක්. නන්ගිත් අමුහේනවත්තෙ කනත්තෙ වලදාල දැන් සති හතර පහක් වෙනවා. අයියත් දැන් ඉඩම් උදලු ගාල හම්බෙන අත්තමට අම්මගෙ බෙහෙත් ටිකත් අරගෙන ජිවත් වෙන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා. එහෙන් අම්මගෙ ජිවිතේ. අනෙක් පැත්තෙන් තමන්ගෙ අනාගතේ. ඒ හැඟීමෙ අසරණකම දන්නෙ අයියම තමයි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් තුන්ඩු ලියල දුන්නම ඒක ගන්නත් තිබ්බෙ සල්ලි වලට. නොමිලේ දෙන සෞඛ්‍යය සේවයක් මම අපෙ සීයගෙ කාලෙ ඉදලා අහල තිබ්බට දැකල තිබ්බෙ නැ. අදටත් එච්චරයි. තුන්ඩුවල ලියලා එලියෙන් ගන්න දෙන ලබ්බෙ නිදහස් සෞඛ්‍යය තමා. එ කොහොම උනත් දොස්තරලා ලියල දෙන හැම එකම අරන් දෙන්න වත්කමක් අයියට තිබ්බද කියල මම දන්නැ. ඒත් අයියට මේ බර තනියම කර ගහන්න අමාරු බව මට තේරෙනවා. ඒ හින්ද හෙටින් පස්සෙ මමත් නැ. දහයෙ විභාගෙ යන්තම් හයයි හතරක් දාගත්තු පිනට මාත් හමුදාවට ලියුමක් දැම්මා. තාත්තා මන් දිහා බලලා වෙන්නැති මාව තෝරගෙන කියල ලියුම ආපහු එවල තිබ්බා. දැන් හෙට උදේ අම්මයි අයියයි තනි කරල මාස හයකට හමුදා පුහුණුවට මන් ගෙදරින් යනවා. - සසිඳු සහන් තාරකසංගීත චාරිකාව 03 සිංහල කණ්ඩායම් සංගීතයටත් බටහිර සංගීතයටත් ඔබ්බෙන් වෙනත් මානයක සංගීතයක් කෙරෙහි අපව යොමු කළේ අපේ තාත්තා. ඔහු තරුණ කාලයේදී නාට්‍ය කරුවෙක්. එවකට රටේ ප්‍රසිද්ධ කලාකරුවන් රැසකගෙන් සමන්විත කතෝලික කලා සංගමයක් වූ රසාංජලියේ ලේකම් වශයෙන් තාත්තා ක්‍රියාකාරීව කලා කටයුතු වල නිරත වෙල තියෙනවා. ගෙදර සාදයන්හිදී නිරතුරුව තාත්තා ගායනා කලේ සීටී ප්‍රනාන්දුගේ ගීත. අනිත් වෙලාවට අපි එක්ක නාට්‍ය ගීත ගායනා කරා. මේ ගීත සන්ද්‍යාවන් පටන් ගන්නේ ප්‍රේමයෙන් මන රංජිතවේ ගීතයෙන්.. ඊට පස්සෙ ගලාගෙන යන පැයක විතර දිග නාට්‍ය ගීත සෙශන් එක හරිම රසවත්. තාත්තා වෘත්තියෙන් නීතීඥයෙක්. මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් වශයෙනුත් ඔහු සේවය ක‍ළා. තාත්තාගේ ජීවිත කතාව නව කතාවක් ලියන්න පුලුවන් තරමටම අභියෝගාත්මක වීර චාරිකාවක්. තාත්තා නීති විද්‍යාලයට ඇතුලු වෙලා තියෙන්නෙ 1972 බැංකු වැඩ වර්ජනය, වෘත්තිය සමීති නායකයකු වශයෙන් මෙහෙයවීමෙන් අනතුරුව රැකියාවෙන් නෙරපීමෙන් පසුවයි. ඒ වයස 37දී. නීති විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මුදල් සොයා ගැනීමට තාත්තා තවත් යහලුවකු සමග ලෙදර් බෑග් මසා විකිනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඒවා තොග අලෙවියේ යෙදී තියෙනවා. තාත්තාගේ පියා නැතිනම් මගේ සීයා සිංහල භාශා මුල් ගුරුවරයෙක් ලෙස දුශ්කර පෙදෙස් රැසක සේවය කර තිබෙනවා. තාත්තාගේ සීයා ධීවරයෙක්. ඔහු සවසට සප්පායම් වීමෙන් අනතුරුව නාඩගම් ගී ගායනයේ යෙදුන රසවතෙක්. තමාගේ ජීවිතයට පියාට වඩා සීයාගේ ආභාශය ලැබුන බව තාත්තා අප සමග පවසා තිබෙනවා. නීතීඥ වෘත්තියේ අතිශය සාර්ථකත්වයක් ලැබූ ඔහු තමාගේ සේවා දායකයනට උපරිම සාදාරනයක් ඉටු කිරීමට රෑ පුරා නීති පොත් පරිශීලනය කරමින් අධ්‍යයන කටයුතුවල යෙදීම නිසා බොහෝ නඩු ජයග්‍රහනය කලා වැඩ වර්ජනය නිසා රැකියාවෙන් නෙරපීමට එරෙහිව ගොනු කල නඩුව අවසානයට පෙර ඔහු නීතීඥයකු වශයෙන් දිවුරුම් දී අවසන්. එම නඩුවට කනිෂ්ඨ නීතීඤයෙක් වශයෙන් ඔහුම පෙනීසිට සැම දෙනාටම විශාල වන්දියක් සහිතව නැවත රැකියාවේ ප්‍රතිස්ථාපනය ඔහුගේ විශිෂ්ඨ ජයග්‍රහණයක් වූවා. තාත්තාගේ මිතුරු හවුල රටේ ප්‍රසිද්ධ ගායකයන්, වාදකයන්, නාට්‍ය කරුවන් ලේඛකයන් ගෙන් සමන්විත වීම නිසා අපට සම්භාව්‍ය කලාවෙ අහු කොන් ඔවුන්ගේ සුහද කතාබහ තුලින් හසු වූවා.. නාට්‍යයකරණයට අමතරව තාත්තා චායාරූපකරණයේද යෙදුනා. ඔහුගේ කැමරාව මගේ ලොකු පුතා සතු විසිපහකට වැඩි පැරණි කැමරා එකතුවේ ඇති වට්නාම කැමරාව වනවා.ඉස්කෝලේ ගෙදර "මුං මිනිස්සු ද අක්කේ, අර මනුස්සයගේ මිනියවත් වල දැම්මේ නෑ. දැම්ම ඉඩම් බෙදාගන්නයි කතාව" "ඒ ගැන නම් කතාකොරලා වැඩක් නෑ උගත්තු උනාට මනුස්සකමක් නම් ගෑවිලාවත් නෑ" " මොන මනුස්සකම්ද තමන්ගේ එක බඩවැල කඩාගෙන ආව සහෝදරයනේ මේ මැරිලා ඉන්නේ කියල වත් ගානක් නෑ" "අපේ ඉස්කෝලේ මහත්තයාගේ සහෝදරයොද කියල කියන්නවත් බෑ ඒ උත්තමයගේ ගතිගුන එක්ක බලද්දී " "හාමිනේ කීප සැරයක්ම කිව්වා ඕවා ඒ අයට ලියලා බේරුමක් කරන්න කියල , කොහෙද අපේ ඉස්කෝලේ මහත්තයා ගානක් ගත්තේ නෑනේ" " දැන් බය ඇති හාමිනේ මේවා නොදී ඉදියි කියල " " අපේ හාමිනේට ඕවයේ ආසාවක් නෑ බන්, එයාට දරුවා තුන්දෙනා සලකනවනේ" ඉස්කෝලේ මහත්තයාගේ සහෝදරයො දෙන්නෙක් ඔවුන්ගේ බිරින්දැවරු සමග ඉඩම් බෙදිල්ලක් ගැන කතාවෙනවා ඇහුනේ කමලයි සොපියි ඒ අයට තේ අල්ලන්න යද්දි. කොහොම තිබුන ගෙයක්ද නංගියේ මේක" "ඒකනම් ඇත්‍ත සොපි අක්කේ අය්යලා නංගිලාගේ හිනාවෙන් පිරිලා තිබ්බේ ඒ දවස්වල" " ඒ විතරක්ද මේ ගෙදර ඉස්සර හැමදාම ලමයි පිරිලා හිටියේ. අපේ ඉස්කෝලේ මහත්තයා ඉස්කෝලේ ලමයි කීදෙනෙක්ටනම් ඉගැන්නුවද ගෙදරට ගෙන්නගෙන" " ඔව් සතයක් වත් නොගෙන දරුවො කීදෙනෙක්ගේ නම් ඇස් පෑදුවද, ඒ පිනම ඇති ඒ උත්තමයට හොඳ ආත්මයක් ලබන්න" " ඒ වුනාට අද එහෙව් මනුස්සයගේ මිනිය බලන්නවත් ආවේ කීයෙන් කීයද" කමලයි සොපියි කුස්සියේ තේ හද හද ඉද්දියි ඔවුන් දෙන්නා දිහාවට ශීලා ආවේ. තමන් ආබව නිච්චි නොවුනු වග තේරුම් ගත් ශීල හොරෙන්ම දෙන්නගේ කතාවට කන් දුන්නේ කේලමකට මාතෘකාවක් හොයාගන්න. ශීලා කියන්නේ හතරපෝයට සිල් ගන්න කේලම් කියල ගම ගිනිතියන කෙනෙක්. " පිටවුන් තියා කමලෝ ස්කෝලේ මහත්තයා ඇහේ තියාගෙන හදපු දරුවො තුන්දෙනාවත් ආවද බන්. ඔය උත්තමයා ඔය දරුවො තුන්දෙනා හදන්න මොන තරම් නම් දුකක් වින්දද. අනේ අප්පේ විස්සවිද්‍යාල යවලා උන්ව රට යවන්න කුඹුරුත් වික්කනේ. කෝ ඉතිං අවසානෙට මැරෙන වෙලාවට වතුර උගුරක් දෙන්න කෙනෙක් නැති වුනානේ අපේ ස්කොලේ මහත්තයට" ස්කෝලේ ගෙදර ලමයින්ට කවදත් හිතවත් සොපීට ශීලගේ කතාවට තරහ ගියත් ඒ බව නොපෙන්නා උත්තර දුන්නේ ශීලා තරහකරගන්න එක ඒ තරම් ඇඟට ගුන නැතිහින්දා " එහෙම එන්න පුලුවන් දුරක වැයි ඒ දරුවො ඉන්නේ. එක්කෙනෙක් එංගලන්තලු තව කෙනෙක් ඇමරිකාවෙලු චුටි මැනිකේත් කැනඩාවෙද කොහෙද. ආයේ ලේසි දුරක් වැයි එන්න පුළුවන් නම් නෑවිදින් ඉන්නේ නෑ. ලග නැති වුනාට සල්ලි එවනවා මගෙ හිතේ" " අනේ උඹලා දන්න රටවල්, ලෝකේ කොහෙ හිටියත් ඕනෙකමක් තියෙනවා නම් එන්න පුළුවන් ආයේ සල්ලි නැති මිනිස්සු වැයි. අනික බන් සල්ලි එව්වා කියල ඒවා කන්නැයි ඕනෙ වෙලාවට ලඟ නැත්නම්" කමලත් සොපිත් ඒවට උත්තර නොදී කතාව වෙන පැත්තකට හැරෙව්වේ ලොකු හාමිනේ කුස්සියට ඇවිත් ඒ කතාවල් වලට ඇහුන්කම් දුන්නොත් ඔවුන් ගැනත් වැරදිවට හිතාවියැයි බයට. බිස්කට් කීපයකට වග කියල තේ එකක් බිව්ව ශීලා ඉස්තෝප්පුව පැත්තේ ගියේ ලොකු හාමිනේට මූන පෙන්නලා ලකුනු ටිකක් දාගන්න. සිය සැමියාගේ දේහය දිහා බලාගෙන කදුලු සලමින් සිටි ලොකු මැනිකෙට පේන්න ශීලා බොරු ඇඬිල්ලක් මවා ගත්තේ හාමිනේගෙ සෝකේ තවත් වැඩිකරමින්. ශීලගේ රඟපෑමට නිලියනුත් පරාදයි. "අනේ හාමිනේ තව කොච්චර කාලයක් ජීවත් වෙන්න තිබුන උත්තමයෙක්ද මේ...
. මේ ගමට කොයිතරම් සේවයක් කලාද.... රටක් වටින හොඳ ගුන ගරුක දරුවො තුන්දෙනෙක් හැදුවා.. තව ලමයි කීදෙනෙක්ගෙ නම් අනාගතේ හැදුවද අපේ මහත්තයා... " " මොනවා කරන්නද ශීලෝ අපි ගෙන්නාව ආයුශ ඉවර උනාම අපිටත් යන්න වෙනවා" " මේ ගම්වල උන් කියන කතා තමයි උහුලන්න බැරි හාමිනේ" " ඒ මොනාද බන් " " මේ දරුවො තුන්දෙනාට පද හදනවා මේ ගමේ උන් හාමිනේ. තාත්තගේ මිනිය බලන්න වත් ආවෙ නෑලූ.... බලන්න එපැයි කියන කතා, සල්ලි විතරයිලු ඒ අයට ඕනෙ... මෙච්චර කරපු තාත්තට සැලකුවෙ නෑලු.... මගෙ අම්මේ කියපු කතා උන්ගේ කටේ කුශ්ට දාන්න ඕනේ" ලොකු හාමිනේ ටික වේලාවකින් කල්පනා ලෝකේ අතරමං වුනේ ශීලා කියපුවා අහලා. වෙලාව රෑ 12 ත් පහුවෙලා " මොකද හාමිනේ දුක ද" "හ්ම්ම්" " දුක් වෙන්න එපා.... මේ ගමන කවදාහරි යන්න වෙනවනේ" "අපේ දරුවො ගැන මිනිස්සු කියන කතා වාවන්නේ නෑ මහත්තයා " "ඒවා හිතන්න එපා , ලෝකයට මොනවා කියන්න බැරිද. ඒ දරුවො කොච්චර ආදරේද කියල දන්නේ අපි දෙන්නනේ" "හ්ම්ම් මහත්තයාට දුක නැද්ද එයාලා ලඟ නැතුවට" "හාමිනේ ඒ දරුවො ඉන්නේ එහෙම එන්න පුළුවන් දුරක නෙමෙයි. කවුරුහරි රට ගියාම මිනිස්සු හිතන්නේ එයාලා රජ සැප විඳිනවා කියල ඒ වුනාට ඒ විඳි දුක් දන්නේ එයාල විතරයි. කටට රහට කෑමක් නෑ, ලෙඩක් දුකක් හැදුනම ඒක කියන්න නෑදෑයෙක් ලඟ නෑ. අනික ගිය ගමන් සැප පහසු ජොබ් හම්බෙනවා කියලැයි. මට මතකයි රට ගිය අලුත ලොකු පුතා දවසක් ඇඬුවා වැඩ කරන්න අමාරුයි කියල ඒ දවස්වල එහෙට සීතල කාලේ , කොල්ලා මුලින්ම කලෙත් බඩු උස්සන අදින රස්සාවක්. සල්ලි තිබ්බා කියල හැමදෙයක්ම කරන්න බෑ හාමිනේ. එන්න ඕනෙ උනාට ඒ කොරන රැකියාවලින් නිවාඩු ගන්න ඕනේ , ප්ලේන්වල එන්න ඒ අවස්‍ය කටයුතු කරගන්න ඕනෙ එකක් නෙමෙයි බස්වල යනවා වගේ නෙමෙයි නේ ඒවා කලින් වෙන් කරගන්න ඕනේ" " හ්ම්ම්" " අනික හාමිනේ කුරුලු කූඩුවක පැටව් කවදාහරි එයාලගේ ලෝකේ හොයාගෙන ඉගිලිලා යනවා. ඒකට දුක්වෙලා කම්පාවෙලා හරියන්නේ නෑ, ඒක තමයි ලෝක සොබාවේ. හැම දෙමව්පියෙකුටම ඒක උරුමයි" " අපේ මහත්තයා... අපේ මහත්තයා...අපෙ මහත්තයා.." ............................. " ඇයි හාමිනේ මොකද වුනේ" " සොපී අපේ මහත්තයා කතාකරකර ඉදලා එක පාරටම නොපෙනී ගියා සොපී" " අනේ හාමිනේ, හාමිනේ හීනයක් දැකලා. අපේ ඉස්කෝලේ මහත්තයා……… “ තමන් සිටින්නේ තම ස්වාමියයේ මිනිය ඉදිරියේ බවත් දැක ඇත්තේ හීනයක් බවත් තේරුම් ගත් හාමිනේ හුන් තැනින් නැගිට ඉස්කෝලේ මහත්තයා ගේ මිනිය ලගට කිට්ටු උනේ පත්තු වෙමින් තිබුන පහනට තෙල් දැමීමටයි. ඒ වෙද්දි මල ගෙදර පැමිනි ගොඩ දෙනෙක් නිවෙස් බලා පිටව ගොස් තිබූනු අතර කීපදෙනෙක් එලියේ හිටියේ සතුටු සාමිචියේ යෙදෙමින්.(ආරියසේන නැන්දා ) හිරු දවසේ මෙහෙවර නිමාකර සමුගෙන යන්න නොහැකිව හුන්නස්ගිරි කන්දට බොහෝ ශෝක ඇතිව හාදු දෙන්නට වීය . ඒ දුකින් බටහිර අහස ද පාණ්ඩු පැහයෙන් වර්ණ ගන්වා තිබෙන්නේ දිය සායම් සිතුවමක් පරිද්දෙන්වේ . හවස් ජාමයේ දඩයමෙන් මුසපත්වූ දිය කාවෝ රංචුවක් වෑකණ්ඩියේ ගස් උඩ තටු විදහා පියාපත් වේලා ගන්න දිග හැරී සිටින්නේ තෙමුන කලූ කුඩ දිග හැර තිබෙන පිරිද්දෙන්වේ. වෙල් ඉපැනලි උලා කකා උන් මී දෙනක් කටේ වල් දරාගෙන හිස ඉහළ ඔසවා කෑ මොර ගසන්නේ ඇගේ පැටවා ඇසිල්ලකින් මග හැරී ඇති නිසාවෙන්වේ . කාලෙකින් ගමට ගිය මං කුඩා කාලයේ ජීවිතයේ බොහෝ සතුට එකතු කල ගමේ වැවට දිය නාගන්න ගියේ ඒ උණුසුම් අතීතයේ මතකයේ සතුටු තැන්වලින් කොනිත්තාගෙන හිත අවුස්සා ගැනීමේ අහිංසක බලාපොරොත්තු ඇතිවවේ. දහවල් ගිනි මද්දහනේ කුඹුරේ සිටුවා ඇති මුං ඇට වගාවට පස් දමා ආරියසේන නැන්දා බොහෝ වෙහෙස ඇතිව දර මිටියක් ද හිසේ හොවාගෙන වෑ කන්ඩිය දිගේ නිවස බලා එන්නීය.කවදත් පුතේ කියා බොහෝ සෙනෙහසින් කතා කරන ගමේ කාගෙත් හිත දිනා සිටින ආරියසේන නැන්දා හදුනා ගෙන දුර සිටම මා සිනහවකින් සංග්‍රහ කරමින් ඇය පිලිගනිමින් සිටියෙමි.ඉදිරියට එන ගමන නතර කල ඇය ,වෙහෙස පිරුණු දෑස් ලොකු කර මුව අයාගෙන මොහොතක් මා බලා සිටියාය . " අනේ මගේ ලොකු පුතේ උබ නැතිව මං කොච්චර ඇඩුවද? කටවහගෙන ගෙදර ඇවිල්ල මගේ මැණික" හිසේ තිබුණ දරමිටිය වහා විසිකර දෑත් හොවාගෙන ඇය මාවෙත දිව එන්න විය.මා වැලදගෙන දාරක සෙනෙහෙන් ඈ අඩන්නට විය .මා කිසිවක් නොකියා මාතෘ සෙනෙහසින් ම ඇය වැළඳගෙන නිසොල්මනේ මොහොතක් සිටියෙමි .ඇය මගේ පපුවේ මුහුණ ඔවාගෙන ඉකිගසන්නට වීය .මම සිනිදුවට ඇගේ හිස පිරිමැද්දෙම් .මට මගේ අම්මාගේ සුසුම් හා ඇගේ උණුසුම් සුසුම් අතර වෙනසක් නොදැනුනි. "නැන්දේ" මං හෙමින් ඇය ආමන්ත්‍රණය කලෙමි .ඇය කරගැට පිරි රලු සුරතින් කදුලු පිසදා ගනිමින් ම මගේ දෙනෙත් දෙස ප්‍රශ්නාර්ථ සහිතව බලා සිටී. "නැන්දේ මාත් පුතෙක් තමයි .ඒත් නැන්දාගේ පුතා අමරෙ අයියා නෙවෙයි " ඇය මා වැළඳගෙන සිටි දෑත් සෙමින් සෙමින් බුරුල් කලේ වෙච්චි වරදට දෑසින් සමාව ඉල්ලා සිටිමින් ම වේ.. "අනේ මේ බණ්ඩාර පුතානේ දුර ඉදල මට පෙනුනෙම අපේ ලොකු පුතා කියල .බලන්න පුතේ අපේ ලොක්ක කොච්චර නරකයිද ?ඉන්න තැනකින් ලිවුම් කෑල්ලක් එවන්නෙ නෑ .මං පාර දිහාබලාගෙන හැමදාම ඉන්නෙ .කොළඹ දිහා ඉදල හම්බ උනොත් කියන්න අඩුම ගානේ අම්මට කෝල් එකක් හරි දෙන්න කියල පුතාවත් කියන්න ." ආරියසේන නැන්දා එසේ පවසන ගමන් වෑ කන්ඩියේ විසිකරන ලද දර මිටිය මගේද උපකාර ඇතිව හිස දරා ගත්තාය .ඇය ගොම්මනේ නොපෙනී යනතුරු බොහෝ වේලාවක් කණගාටුවෙන් බලා සිටියෙමි .මාතෘ සෙනෙහසින් ගිනිගෙන තිබුණ ඇගේ හදවතේ දුක්ගින්දර නිවන්නට ගමේ වැවේ දිය බිංදු මදිබව මට සිතුනි . අමරෙ අයියා අපි එක්කම කුඩා කාලයේ එකට හැදීවැඩී පාසල් අධ්‍යාපනය අවසන් කර පොලීසියට බැදුනේ වාර්ගික යුද්ධෙ නිසා රට බොහෝ ගිනිගෙන තිබුණ තීරණාත්මක කාලයේදී වේ. වසර විසිගණක අතීතයේ මහා අවාසනාවන්ත දවසක ගුවන් විදුලිය ජාතියේ මහාවිපතක් උදෑසනක ප්‍රවෘත්ති මගින් රටට කියන්නට වීය .ඒ අනුව නැගෙනහිර පලාතේ පොලිසි ගණනාවක් ත්‍රස්තවාදීන් අත්පත් කරගෙන තිබූ අතර අමරෙ අයියා රාජකාරි සිදුකල සමන්තුරේ පොලිසිය ද ඔවුන් යටත් කරගෙන තිබුණි .මේ ආරංචිය ලද මොහොතේ පටන් ආරියසේන නැන්දලා ගෙදර මහා විලාප ඇසෙන්නට වීය .මුලු ගමම ආරියසේන නැන්දලා ගෙදර පිරෙන්නට විය . ගමේ සියලු දෙනා බෝධී පූජා තියමින් අමරෙ අයියාට කරදරයක් නොවන්නට ප්‍රාර්ථනා කලෝය .ආරියසේන නැන්දා දේවාල ,පංසල් ගානේ යමින් අමරෙ අයියා නිරුපද්‍රිතව ගෙදර ගෙන්වා ගන්න බොහෝ වෙහෙස ගත්තාය .ටික දිනක් ඇතුලත ආරංච් වූයේ නැගෙනහිර පොලිසිවල එසේ අල්ලාගත් නිලධාරීන් අටසීයක් පමණ කොකඅඩිචෝලේ වනාන්තරයේදී සමූල ඝාතනය කල බවයි.නමුත් මේ අසුභදායක පුවත කිසිසේත් ආරියසේන නැන්දා පිලිගත්තෙ නැත .ඇයගේ එකම විශ්වාසය වූයේ කවදා හෝ කොයි මොහොතක හෝ අමරෙ අයියා ආපහු නිරුපද්‍රිතව ගෙදර පැමිණෙන බවවේ. හිරු හුන්නස්ගිරි කන්දෙ හවසට ගිලෙමින් නැවත පසුදින ගලේයාය කන්ද සරසමින් බොහෝ කාලයක් අතීතයට එකතු කර තිබේ .මේ මහාකාලය ආරියසේන නැන්දාගේ ගත මෙන්ම ගමේ පරිසරයේ බොහෝ දේ වෙනස් කර තිබේ .නමුත් තම ආදරණීය පුතා නිරුපද්‍රිතව අද හෝ හෙට ගෙදර ඒවි යැයි සිතන ආරියසේන නැන්දාගේ හිත පමණක් තාම වෙනස් කර නැත්තේය .ඒ නිසාම අදත් මහියංගණ සිට දහවලේ ගමට එන බස් රථය ගේ ළග නතර කරන විට ඈ දිව යන්නේ බසයෙන් බසින මගීන් දෙස බලා සිට තම පුතු එම බසයෙන් බැස ගෙදර එනතුරා බලා සිටින්නටවේ. (සුබසිංහ )දුංහිඳ හීන - (හතර) "ජිනා...!! " මං වේගෙ අඩුකරලා හැරිල බැලුවේ මේ ගොම්මනේ මට අඬගහන්නෙ කවුරු කියල හිතාගන්ට බැරුව. කොච්චර හුරු තැනක වුනත් රෑ බෝ වෙද්දී මොකක්දෝ තනිකමක් බයක් හිතට එනව. හතර වටේටම මහ මූකලාන. ඇල්ලෙ ගෝසාව අස්සෙන් ගම් පාළුවෙක්, බකමූණෙක් කෑ ගහනකොට මුළු යායම පාළු ගතියයි. "ජිනා...මේ මම කෙල්ලෙ.." ගුණසිරිය ... ? මේ වෙලාවෙ..? හෙනං මූ සුදු මහත්තයගෙ වැඩකට ගිහින් නෙවෙයි. මං හිතන්නෙ හැන්දෑ කොරේ ගිනි වතුර කටේ ගාගෙන වෙන්ටැති.. නැත්තන් ඔය ගුණසිරිය සිහියෙන් ඉන්න කොට කෙළින් මූණක් බලල කතා කරන එකෙක් නෙවෙයි . "අනේ අයියණ්ඩි ..අද හොඳටෝම සුනංගු වුනානෙ...? මයෙ අප්පුච්චත් ලෙඩිං වැටිච්චි එකේ රෑ බෝ වෙන්ට කලින් පල්ලම බැහැ ගත්තනං හොඳා ..." මේකගෙ දෑහෙ ගිනිරත් පාට මට අන්දකාරෙ අස්සෙම පෙනුන..දෙයියනේ අර රංකඳක් වාගෙ ගෑනියක් ඉන්දැද්දි මේකා අහවල් එහෙකට මා පස්සෙ එනවද..? ඒ ගෑනි දරුව බිහි කරන්න විළි රුදාවෙන් ඉන්න එකේ.. මෙහෙමත් පිරිමි පරාණ කියල මට හිතුනා. මොන තරං කාසි බාගෙ හම්බකරත් මොකට "ඔය හැටි අහංකාරකං මොකෝ..? මට උ‍ඹට කියන්ඩ දෙයක් තියෙනව මයෙ රත්තරන්..!!කී කාලයක් මේක කියන්ඩ මාන බැලුවද...? කොහෙ අපෙ අම්ම උඹෙ පස්සෙන්මනෙ..? " "අනේ අයියණ්ඩි ..වඳින්නං මට යන්ට ඕන දැන් ..!! හෙට උදැහැනැක්කෙ කතා කරන්ට බැරුව ය.." ගුණසිරිය මයෙ අතින් අල්ලගන්ට තනද්දිම ගස් මණ්ඩිය හරියෙන් සර සරස් ගාල සද්දයක් ඇහුනා. බූටෑව අස්සෙන් කරකොළ යෙක් හරි හොටබරියෙක් හරි දුවන්ට ඇති. මං ඒ ඇසිල්ලෙන් ඌව මගෑරලා ගොඩගැටේ බැහැගෙන ගෙදර ආවේ එක හුස්මට. මයෙ අම්මෝ..ආයි සුනංගු වෙන් නෑ.. මේකට මොන යකෙක් වැහිලද..? කණට ඇහෙන්න කතා කරන් නැතුව බුකුවගෙන ඉන්න එකා ගිනි වතුර ඩිංගක් කටේ ගාගත්තු හැටියෙ වෙනස් විච්ච හැටි ...? "උඹ කොහෙ මකබෑ වුනාද මෙච්චර වෙලා.. යසයි .අර දියෝනිස්ගෙ ගෑනි තමයි මට කහට ඩිංගක් රත් කරල දුන්නේ. උඹ දැන් හීං එකියක් නෙවෙයි.. දීගතල දෙන වයසේ.. උඹ ගොම්මනේ කරක් ගහනකොට ගමේ එකාල කයි කතන්දර හදන එක අහන්ටත් දෙයක් ය..? " "අනේ කෑ නුගහ හිටිං අප්පුච්චා .. මං ආයි කොහෙ යන්ට... ? හාමිනේ එන්ට දුන්නෙ නෑ එහෙ ඕසෙට වැඩ. පනං හතරක් හොයා ගන්ට මේකෙ අස්සෙ ඉඳල හරියනවය..? නිකං උන්නොත් අපි දෙන්නට කුස ගින්දරෙන් මැරෙන්ට තමා වෙන්නෙ..." රස්නෙන් කහට ඩිංගක් වක් කරල හකුරු කැටයක් එක්ක අතේ තිබ්බම උන්දැගෙ කියවිල්ල කොහෙන් ගියාද මන්ද. එක එකා ඇවිල්ල අවුස්සල යනව. ඔය මියුරියා කහට පෙරාගෙන එන්නෙ උන්දැට අනුකම්පාවෙන් නෙවෙයි .හදන තරමක් මේ අහළක පද හදන්ට ඉන්නෙ ඔය දියෝනිස්ගෙ පවුල මියුරි තමයි. කලබලේට