text
stringlengths
0
1k
these two countries together with South Africa formed the Imperial Cricket Conference (predecessor to today's International Cricket Council) on 15 June 1909. England and Australia also played the first One Day International (ODI) on 5 January 1971. England's first Twenty20 International (T20I) was played on 13 June 2005, once more against Australia.2017 සැප්තැම්බර් 19 වන විට එංගලන්තය ටෙස්ට් තරග 990කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 356ක් ජයග්‍රහණය කර 291ක් පරාජයට පත්වී ඇත (සමසමව තරග 343ක්). The team has won The Ashes on 32 occasions, the same number as their opponents Australia.[1] එංගලන්තය එක්දින තරග 693කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 340ක් ජයග්‍රහණය කර ඇති අතර,[2] and its record in major ODI tournaments includes finishing as runners-up in three Cricket World Cups (1979, 1987 සහ 1992), and also in two ICC Champions Trophys (2004 and 2013). England has also played 96 T20Is, winning 46.[3] They won the ICC World Twenty20 in 2010, and were runners-up in 2016.24 සැප්තැම්බර් 2017 වන විට[update
], එංගලන්තය ICC විසින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයටත්, එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයටත්, T20I ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයටත් පත්ව ඇත.[4] Though the team and coaching staff faced heavy criticism after their Group Stage exit in the 2015 Cricket World Cup, it has since adopted a more aggressive and modern playing style in One Day International cricket, under the leadership of captain Eoin Morgan and head coach Trevor Bayliss.මුලාශ්‍ර[සංස්කරණය]↑ "Records / England / Test matches / Result summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2015.↑ "Records / England / One-Day Internationals / Result summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2015.↑ "Records / England / Twenty20 Internationals / Result summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 1 අප්‍රේල් 2015.↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;ICC Rankings නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණිටයුන්ඥ (1531 – 1752)15 වන ශතවර්ෂයේ අගභාගයේ දී නිතරම ෂාන් ගේ බලවත් ක්ෂණික පහරදීම් වලට ලක්ව ති
බූ අවා රාජධානියෙන් ටයුන් ගු සහ ප්‍රෝම් යන කොටස් 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී බිදී ගියේය. 1527 දී මොන්හයින් ෂාන් විසින් අවා හි රාජ්‍ය බලය තමා නතු කර ගැනීමෙන් පසුව බොහෝ බුරැම ජාතිකයින්ගේ ලේ හැලීම් වලින් පසු නිරිත දිග රජු වූ බොහෝ මින්ගින්යොෝගේ මයුන්ගු නගරය බුරැම පාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.මයින්ගු රාජධානියේ අලුතින් පාලකයා බවට පත් වූ ටැබින්ෂ්වෙට්ටි රජු 1539 වර්ෂයේ දී බොහෝ බලවත් පැවති පෙගු රාජධානියක් 1546 දී අරකන් හා 1548 දී සියම් යන රාජධානි ඔහුගේ පාලනය යටතට ගැනීමට ඔහු අපොහොසත් විය. යුරෝපීය වෙළදුන් ගේ පැමිණිමත් සමග බුරැමය නැවතත් ඉතා වැදගත් වෙළද මධ්‍යස්ථානයක් බවට පත්වූ අතර මැබින්ෂ්වෙට්ටි ඔහුගේ අගනගරය ආර්ථිකමය වශයෙන් ඉහල වටිනාකමක් ඇති පෙගු වෙත ගෙන ගිය ලදි.බයින්නවුන්ගෙේරජු බුරැම ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යයා වීමට කටයුතු කරන ලදි. එහි දී ඔහු ආවා 1555 දීත්, ෂාන් ජනපදය 1557 දීත්, ලාන් නා (මියැව්ග් මායි) 1558 දී ත්, මනිපූර් 1559 දී ත්, අවුත්තය (සියම්) 1564, 1569) දීත්, ලාන් ෂ්‍යාන්ග් (ලාඕඩ්) (1574 ) දී ත් තමාගේ පාලනයට නතු කරගත් අතරම එහි ප්‍රතිඵලයක් වශයෙන් ගිණිකොන දිග ආසියාවේ බටහිර හා මධ්‍
යම ප්‍රදේශ වලින් වැඩි ප්‍රමාණයක් ඔහුගේ පාලනයට යටත් විය. 1581 දී බයින්නවුන්ග් මියයාමත් සමග ඔහුගේ අතිවිශාල අධිරාජය බිදී ගියේ ය. 1584 දී සියම, නිදහස ප්‍රකාශයට පත් කල අතර 1605 දක්වා බුරැමය සමග යුධ වදින ලදි. සියම, ලාන්, ෂ්‍යාන්ග් සහ මනිපුර් තුල 1593 සිට මයුන්ගු හි ආධිපත්‍යය නැති වී ගියේ ය. බුරැමට, සියම සමග තිබෙන එදිරිවාදිකම් ප්‍රයෝජනය ට ගෙන අරකනීස් බලකායන් පෘතුගීසි කුලී හේවායන්‍ගේ උදව් ලබාගෙන 1599 දී පෙගු නතුකරගන්නා ලදි. ප්‍රධාන කුලී හේවායා වූ ෆිලිස් දි බ්‍රිටෝ ඉ නිකෝට් 1603 දී කාන්ලයින් හි පෘතුගීසි ආධිපත්‍ය යටතේ ගෝවා නැවතත් පිහිටුවන ලදි. එයින් රට අවුල් වියවුල් විය.බයින්නවුන්ගේ වැඩිමහල් පුත් වූ අනව්ක්පෙට්ලුන් ‍රජු 1613 දී පෘතුගීසි පරාජය කොට මනා කලමණාකාරීත්වයකින් යුතු කුඩා රාජධානියක් නැවත පිහිටවූ අතර එය ආවා කේන්ද්‍ර කොටගත් උත්තර බුරැමය පහත බුරැමය, ශාන් ජනපදය, හා ලාන් නා ප්‍රදේශය වට කොට ගත් එකක් විය. ඔහුගේ සහෝදරයා වූ කලුන් රජු යුද්ධයෙන් හෙම්බත් වූ රටක් ගොඩනගන ලදි. 1665 දී බර්මා විසින් ලාන් හා නහි රාජ්‍ය බලය ලබාගැනීමට සියම විසින් ගත් උත්සාහය පරාජය කරන ලදි. 17 ත් වන සියවස ආරම්භයේ දී රාජධා
නිය ක්‍රමානූකූලව බිදවැටුනි. 1730 න් පසු ඉහල චයින්ඕවින් මිටියාවත මැනිපියුරින් කොට්ඨාශයේ වරාර්ෂික ක්ෂණික බලවත් පහරදීම් වලට ලක්ව පැවැතුනි. ඩරාවැඩ්ඩි මිටියා‍වතේ පහත ප්‍රදේශයේ වාසය කල මොන්ස් කොට්‍ඨාශය විසින් 1740 දී පාලන බලය ට විරැද්ධව විවෘත ප්‍රතිරෝධයක් දියත් කරන ලදි. 1747 දී නව හත්තාවඩ්ඩි රාජධානිය පෙග්‍ර මුලිකකරගෙන පිහිටුවන ලදි. මයුන්ගු රාජධානිය අවසානයට පත්කර 1752 දී හන්තාවඩ්ඩි විසින් ආවා යටත් කර ගන්නා ලදි.ආරමිභය 2003ස්ථානය මංහියගන රජමහා විහාරයමහියංගනය හෙවත් මයියංගනේ ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රදේශයකි. මෙම ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිණි. මහවැලි ගඟ සමීපයේ පිහිටි මහියංඟණය යන්න බිමිතැන්න යන සිංහල පදයෙන් බිඳී ආවකි. ක්‍රිස්තුපූර්ව හයවන සියවසේ බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවෙනි මස මහියංගනයට වැඩමවා මහානාග වනෝද්‍යානයේදී යක්ෂයන් දමනය කල බව මහා වංශයේ සඳහන්වේ. එහිදී ධර්මය ඇසූ සුමන සමන් දෙවියන් සෝවාන් බව ලබා බුදුරදුන්ගෙන් කේෂදාතු ලබාගෙන රන්කරඩුවක බහා සත්රියන් උසට මැණික් දාගැබක් කළ බව තවදුරටත් එහි සඳහන්වේ. පසුව බුදුරදුන් ආදාහනය කල තැනින් ග
්‍රිකවා ධාතුව වැඩමවා විත් එය නිදන් කොට දොළොස් රියන් දා ගැබක් ඉදි කරවා ඇත. එම දා ගැබ දේවාන්පියතිස්ස රජුගේ සොහොයුරු උද්ද චූලාභය කුමරු තිස් රියන් කොට විශාල කරවා ඇත. එම දාගැබ දුටුගැමුණු රජු අසූ රියන් උසටද විශාල කරවා ඇත. මෙම දා ගැබ මහ විජයබා, කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරු පුතිසංස්කරණය කරවා ඇත. සොළොස්මස්ථාන අතර එක් ස්ථානයක්වන මහියංඟනය රුහුණේ සිට රජරට දක්වා වැටී තිබූ ඓතිහාසික මාර්ගයේ පිහිටා තිබූ නිසා මෙම ස්ථානය ආගමික වශයෙන් මෙන්ම දේශපාලණික වශයෙන් ද වැදගත්කමක් උසුලා ඇත. මෙම ප්‍රදේශයේ ඈත අතීතයේ සිටම ආර්ථික වශයෙන්ද වැදගත් කමක් උසුලා ඇත. දෙවන අක්බො රජු විසින් ඉදිකළ මිණිපේ අමුණ මෙම ප්‍රදේශයේ කාෂිකාර්මික කටයුතු වලදී ඉතා වැදගත් නිර්මාණයක් විය.නිල ලාංඡනය[සංස්කරණය]A model of a සැල්යුට් 7 අභ්‍යවකාශ මධ්‍යස්ථානය, with a Soyuz spacecraft and a Progress resupply spacecraft docked at each end. The display is in front of one of the pavilions of the Exhibition of Soviet National Economic Achievementසැල්යුට් වැඩසටහන යනු සෝවියට් සමූහාණ්ඩුව විසින් ගෙන ගිය ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථාන වැඩසටහනයි. 1971 සිට
1982 දක්වා වසර එකොලහක් තිස්සේ අභ්‍යවකාශ ගත කෙරුණු තනි ඒකකයකින් සමන්විත වූ අභ්‍යවකාශ මධ්‍යස්ථාන 9 කින් මෙය සමන්විතවේ. ජෛව විද්‍යාත්මක, භූ සම්පත් පර්යේෂණ, තාරකා විද්‍යා‍ත්මක යන අභ්‍යවකාශයේ ජීවත් වීමේ දී පැන නගින ගැටළු පිළිබදව දිගු කාලීන පර්යේෂණ සිදු කිරීමේ අරමුණින් මෙම ව්‍යාප්තිය ආරම්භ විය. මෙ‍ම වැඩසටහන ඉංජිනේරු විද්‍යාවේ වර්ධන අවධිය වන දිගු කාලීන අභ්‍යවකාශ නැවතුම්පොළවල් පිළිබද පර්යේෂණ කිරීම තෙක් වර්ධනය වීමට ඉඩ සැලසිහ. අවසාන වශයෙන් ගත්කළ සැල්යුට් මධ්‍යස්ථානයෙන් ලබාගත් අත්දැකීම් බහු පද්ධති අභ්‍යවකාශ මධ්‍යස්ථාන වන “මීර්” සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සෑදීමට අඩිතාලම දැමීමට ඉවහල් විය. එම මධ්‍යස්ථාන දෙකෙහිම හදවත ක්‍රියාත්මක වන්නේ සැල්යුට් වැඩසටහනෙන් ව්‍යුත්පන්න වූ මධ්‍ය පද්ධතියෙනි.මෙම වැඩසටහන විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථාන (DOS මාදිලියේ) 6කින් සහ හමුදාමය පිරික්සුම් මධ්‍යස්ථාන (OPS මාදිලියේ) 3 කින් සමන්විත වේ. මෙම හමුදාමය පිරික්සුම් මධ්‍යස්ථාන අල්මාස් (Almaz) වැඩසටහන වැනි අතිශය රහස් 3 වැඩසටහන්වල කොටස් ලෙස ද ක්‍රියාත්මක විය. මෙය වැඩි දියුණු වීමේ දී සැලකිය යුතු ප්‍රමාණයක් වූ අභ්‍යවකාශ ගම
න් වාර්තා බිද ‍වැටුණු අතර සමහර අභ්‍යවකාශ මෙහෙයුම් කාල වාර්තා ද ඇතුළත් වේ. පළමු වරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් එක් පිරිසකගෙන් තවත් පිරිසකට කක්ෂයකදී භාරදීම සහ අභ්‍යවකාශයේ ඇවිදීමේ විවිධ වාර්තා ද මීට ඇතුළත්ය. 1991 දී මෙම වැඩසටහන අවසාන වන විට එමගින් අභ්‍යවකාශ මධ්‍යස්ථාන තාක්ෂණය සරල තනි තටාකගත කිරීමේ දොරටු මධ්‍යස්ථානවල (Single – docking port Stations) සිට චමත්කාර ජනක විද්‍යාත්මක හැකියාවන්ගෙන් යුතු සංකීර්ණ බහු දොරටු කක්ෂීය වාසස්ථාන තෙක් ප්‍රගමනය වීම දක්නට ලැබුණු අතර එම තාක්ෂණික උරුමය අද වනවිට නොකඩවා ඉදිරියට පැමිණ ඇත.vteසැල්යුට් වැඩසටහනSalyut stations (DOS)Salyut 1 (DOS-1)DOS-2Kosmos 557 (DOS-3)Salyut 4 (DOS-4)Salyut 6 (DOS-5)Salyut 7 (DOS-6)Almaz stations (OPS)Salyut 2 (OPS-1)Salyut 3 (OPS-2)Salyut 5 (OPS-3)OPS-4 (not flown)SuccessorsMir (DOS-7)Zvezda (DOS-8)TKS spacecraftKosmos 1267 (TKS-2)Kosmos 1443 (TKS-3)Kosmos 1686 (TKS-4)Support craftSoyuzProgressTKSVAFGBListsExpeditionsSpaceflightscreweduncrewedVisitorsSpacewalks Portalමෙම ලිපිය ශ්‍රී ලංකාවේ නිවාඩ
ු දිනය පිලිබඳ වේ. සිංහල සංස්කෘතික උත්සවය සඳහා, සිංහල අලුත් අවුරුද්ද බලන්න. දෙමළ සංස්කෘතික උත්සවය සඳහා, පුත්තාණ්ඩු බලන්න.සිංහල අලුත් අවුරුද්ද සහ දෙමල අලුත් අවුරුද්ද වෙනස් චාරිත්‍ර ඉටුකරණ උත්සව වන අතර, නව වසර, බෙංගාලි නව වසර වැනි දකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්ද සමරයි.මෙයට අදාල නිවා‍ඩු දිනය නිල වශයෙන් ශ්‍රී ලංකාවේ දින දසුනේ සටහන් කරන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නමිනි.මෙම නව වසර සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි.විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී.කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර වේ. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබීය.රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති.අනෙක් අතට හින්දු ආගම ගැන සලකා බලන කල එය පුරාතණයේ සිටම බුදු දහම හා සමාන්තරව
පැවතුනු ආගමක් ලෙස හඳුනා ගත හැක.එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු විය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතිනි. එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයන් අතර අවුරුදු චාරිත්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක.මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ වලට අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයට නියත වශයෙන්ම බැඳී පවතී.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන 'ඉන්ද්‍රදේව'පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී.වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි.එම නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැක.උත්සවග්‍රෙගරි දින දර්ශණයට අනු
ව (අටවන ග්‍රෙගරි පාප්තුමා 1582 දී හන්දුන්වා දුන් දින දර්ශණය ) අප්‍රේල් මාසයේ, එනම් බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය ශ්‍රී ලාංකිකයන් නව වසර උදාවන දිනය ලෙස සමරති. සෑම වසරකම අප්‍රේල් මස 13 හෝ 14 දිනට අලුත් අවුරුද්ද යෙදේ. සිංහල භාෂාවෙන් මෙය 'අලුත් අවුරුද්ද' වන අතර දෙමළ භාෂාවෙන් මෙය 'පුත්තාන්ඩු' ලෙස හඳුන්වයි.එසේම මෙම මාසය කෘෂි කාර්මික අස්වනු නෙලා අවසාන වන කාලය වන අතරම සූර්යයා ශ්‍රී ලංකාවට සමපාත වන එනම් ඍජුව ඉහලින් පිහිටන කාලය ලෙසත් හඳුනාගත හැක.කෙසේ වුවත් විශේෂයෙන් බටහිර රටවල (ග්‍රෙගරි දින දර්ශනය භාවිත කරන රටවල ) දෙසැම්බර් මස 31 මධ්‍යම රාත්‍රියේදී නව වසර උදාව සමරනු ලැබුවද ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නව වසර උදවනු ලබන්නේ නක්ෂත්‍රකරුවන් විසින් නිශ්චය කරනු ලබන දිනයටයි. දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී සැමරුම් උත්සවයට අනුව ගෙවුනු වසර මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී නව වසරක් එවෙලේම උදාවෙයි. නමුත් සිංහල හින්දු අලුත් අවුරුද්දට අනුව පරණ අවුරුද්ද අවසාන වීමත් නව වසරේ උදා වීමත් අතර පැය කිහිපයක වෙන්ව පැවතීමක් ඇත. (මෙම කාල සීමාවද නක්ෂත්‍රකරුවන් විසින
් තීරණය කරනු ලබයි ) මෙම කාල සීමාව නොනගත කාලය හෙවත් උදාසීන කාලය ලෙස හඳුන්වයි. මෙම කාලය තුල සිංහල ජනයා සාම්ප්‍රදයිකව සියලු ව්‍යාපාර, වැඩ කටයුතු නවතා ආගමික වතාවත් වල හා සාම්ප්‍රදායික ක්‍රීඩාවල යෙදීම සිදුකරති.සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ වීම සිදු වන්නේ අලුත් අවුරුද්ද උදාවීමෙන් පසුව නිවස පිරිසිදු කර පොල්තෙල් පහනක් දැල්වීමෙනි.සමහර ගැමි සමාජ වල කාන්තාවන් එක් රැස් වී රබන් වැයීමෙන් නව වසරක් ආරම්භ වූ බව නිවේදනය කරති.නිවෙස්වල පවුලේ සියලු දෙනා එකතු වී අවුරුදු චාරිත්‍ර ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නැකැත් වේලාවන්හිදී සිදු කරනු ලබයි. මෙම කටයුතු වලදී නිවසේ ගෘහණියට ප්‍රමුඛත්වය හිමි වන අතර ඇය නව වසරේ පළමු කටයුත්ත ලෙස නිවසේ මුලුතැන්ගෙට ගොස් නැකතට ලිප ගිනි මොළවා කිරි උතුරවා කිරිබතක් පිලියෙල කරයි. මෙම කටයුතු වලදී නිවසේ සියලු දෙනාගේම දායකත්වය ලැබේ.ඇතැම් විට සමහර ප්‍රදේශ වල මෙම චාරිත්‍ර ක්‍රම ඉතා ස්වල්ප වශයෙන් වෙනස් විය හැකි වුවත් සෑම දෙනාම එකලෙස මෙම සංස්කෘතික මංගල්‍යය සමරති. අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය
. එක් එක් චාරිත්‍රය ඉටු කිරීම සඳහා සුභ මොහොත උදාවූ බව සංඥා කරනු ලබන්නේ රතිඤ්ඤා හඬ මඟිනි. විශේෂයෙන්ම කුඩා ළමයි රතිඤ්ඤා දැල්වීමට මහත් අභිරුචියක් දක්වති. ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික උත්සව වලදී රතිඤ්ඤා දල්වීම සෑම ප්‍රදේශයකම පාහේ සිදුවේ.ගෘහණිය නිවසේ අවුරුදු කෑම මේසයට කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් අනිවාර්යයෙන්ම පිළියෙල කර ගනියි. නැකතට ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා හිස තෙල් ගෑම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර වේ. මෙම වැදගත් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව සියලු දෙනා මාර්ගයේ, නිවෙස්වල හෝ එකට එකතු වී අවුරුදු ක්‍රීඩා වල යෙදෙති. පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම ඉන් කිහිපයකි. ඊට අමතරව එළිමහනේ අවුරුදු ක්‍රීඩා උත්සව පැවත්වීම සඳහා ගම්වැසියන් සියලු දෙනා දායක වෙති.කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැඟීම,කඹ ඇඳීම, අවුරුදු කුමරිය තේරීම වැනි තරඟ ඉසව් වලට මෙහිදී මුල් තැන හිමි වේ. බොහෝ විට නාගරික ජන ජීවිතය තුලට වඩා ගැමි සමාජය තුල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමත් අවුරුදු උත්සව පැවත්වීමත් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් දැකිය හැකිය
.අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට හා දෙමළ හින්දු ආගමිකයින්ට ඉතා වැදගත් ජාතික නිවාඩු දිනයකි. අලුත් අවුරුද්ද සැමරීම ආවරණය සඳහා රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යද එකසේ දායකත්වය ලබා දෙති. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමාජ සම්බන්ධතා වැඩි දියුණු වීමටත් පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වාගැනීමටත් එකිනෙකා අතර අනෞන්‍ය විශ්වාසය වැඩි දියුණු වීමටත් ඉවහල් වේ.අස්වනු මංගල්‍යයශ්‍රී ලංකාවේ නව වසර උදාවත් සමඟ ජ්‍යොතිෂ විද්‍යානුකූලව වී අස්වනු නෙලීමේ කාලයද එලඹේ.එම නිසා ශ්‍රී ලාංකික ගොවි ජනතාව සඳහා අලුත් අවුරුද්ද,සාම්ප්‍රදායික නව වසර මෙන්ම අස්වනු මංගල්‍යයද වේ.කෝකිලයාආසියානු කොවුලා (කොහා, කෝකිලයා) සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුල දැකිය හැකි සුවිශේෂී පක්ෂියෙකි. අලුත් අවුරුද්ද හා කොහා අතර ශක්තිමත් සම්බන්ධතාවයක් පවතියි. අප්‍රේල් මාසය ආරම්භයේ පටන්ම කොහාගේ කෝකිල නාදය ඇසිය හැකිය. කොවුලා ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙකු නොවන අතර සංක්‍රමණික කුරුල්ලෙකි. ඔවුන් සංවාස කාලය සඳහා මාර්තු,අප්‍රේල් කාලයේදී ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට පැමිණෙති. කොහාගේ 'කුහු කුහූ' නාදය අලුත් අවුරුද්ද ළඟ බවට ප
වසන පණිවිඩයක් වැනිය.සුවිශේෂී මල්මාර්තු ,අප්‍රේල් මාස වන විට වසන්ත සමය නිසා සියලු ගස් වැල් මලින් ඵලින් බර වේ. සිංහල අවුරුදු කාලයට පිපෙන සුවිශේෂී මල් වර්ගයක් ලෙස එරබදු මල් හැඳින්විය හැක. අප්‍රේල් මාසයේදී එරබදු ගස් රතු පාට මලින් වැසී යන්නේ අලුත් අවුරුද්ද උදාවන බවට ඉඟි කරමිනි.සබැඳි යොමුශ්‍රී ලාංකීය සංස්කෘතියශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වයවෙසක්ශිව ආගමකොකා-කෝලාTypeසිසිල් බීම (කොලා රසැති)Manufacturerකොකාකෝලා සමාගමCountry of originඇ.එ.ජIntroduced1886ColorCaramel E-150dFlavorකොලා, කොල්ලා රසැති ග්‍රින් ටී, කොල්ලා රසැති ලෙමන් යුෂ, සහ වෙනත්.The Las Vegas Strip World of Coca-Cola museum in 2003Cකොකා කෝලා, 1941, Montreal, කැනඩාව.කොකා කොලා යනු කාබනිකෘත සිසිල් බීම වර්ගයකි. මෙය ලොව පුරා රටවල් 200 ක වෙළදපලවල් සහ ආපන ශාලා වල අලෙවි වේ.[1] එය ජෝජියා , ඇට්ලන්ට හි පිහිටි කොකා කොලා සමාගම විසින් නිපදවන අතර නිතර "කෝක්" නමින් හැදින්වේ. (1944 මාර්තු 27 දින පටන් ඇමරිකා එක්සත් ජනපදයේ කොකා කොලා සමාගමේ ලියාපදිංචි වෙළද ලකුණකි.LLl↑ "Brand Fact Sheet". Coca-Cola official website. 2008-12-01.කැරොලි
නා කොටුවේ පැරණි ආකෘතියක්"කැරොලිනා කොටුව" යනු ප්‍රංශ පළමු ජනපදයයි වර්තමානයේ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ ජැක්සන් විල්හි දක්නට ඇත. මුලින් පිහිටුවන ලද්දේ 1564 දීය. ස්පාඤ්ඤවරුන් විසින් එය විනාශ කිරීමට පෙර තිබුණේ එක් අවුරුදු කාලයක් පමණි. ඉතිහාසය[සංස්කරණය]ප්‍රොතෙස්තන්ත නායක අද්මිරාල් ගැස්ටාර් ද කොලිග්නි විසින් සංවිධානය කරන ලද නොර්මන්ඩ් ජාතික ජින් රිබොල්ට්ගේ නායකත්වයෙන් යුතුව ප්‍රංශ ගවේශක කණ්ඩායමක් මේ (May) ගඟ ආශ්‍රිත පෙදෙසකට (දැනට ශාන්ත ජෝන් නදිය) ගොඩබැස්සාහ. 1562 පෙබරවාරි මස එසේ එම ස්ථානයට ඔවුන් ගොඩ බැස්සේ උතුරේ පිහිටි පොර්ට් රෝයල් සවුන්ඩ් වෙත පසුව යාමේ අදහසිනි. වර්තමානයේ පැරිස් අයිලන්ඩ් නමින් හැඳින්වෙන එහි 'චාර්ල්ස් පොර්ට්' නමින් හැඳින්වෙන ජනාවාසයක් ගොඩනැංවීම පිණිස තම පිරිසෙන් විසි අට දෙනෙකු නවත්වා රිබොල්ට් අලුත් ජනපදයට අවශ්‍ය දෑ ගෙන ඒම පිණිස නැවතත් යුරෝපයට ගියේය. එහෙත් එවකට පැවති ප්‍රංශ ආගමික යුද්ධ හේතුවෙන් ඇතිවූ අවුල් සහගත තත්වය මත රිබෝල්ට් එංගලන්තයේදි අත්අඩංගුවට පත් වීම නිසා ඔහුගේ ආපසු ගමන වැළකුනි.නායකත්වය සහ අවශ්‍ය බඩු බාහිරාදිය පහසුකම් නොමැති වීමත් ස්වදේශික ජනයාගේ තනතුරු වෛරයට පාත්
‍ර වීමත් යනාදී හේතු නිසා අවුරුද්දකට පසු එම පිරිසෙන් එකෙකු හැර අන් සියලු දෙනාම යුරෝපය බලා ආපසු යාත්‍රා කළහ. ඔවුන් විවෘත යාත්‍රාවකින් එසේ ආපසු යන අවස්ථාවේදී ඉංග්‍රිසි මුහුදු සීමාවේදී ඒ වන විට දිවි රැක ගෙන සිටි අය බේරා ගන්නා විට අනෙකුත් අය මිනී මස් කන්නන්ට ගොදුරු වී තිබුණි. මේ අතර වාරයේ 1562 දී, කලින් චාරිකාව සංවිධානය කළ රිබෝල්ට්ගේ දෙවැනියා ලෙස සිටි රෙනෙ ගුලෙන් ඩි ලෞඩොනියර් නැමැත්තා 200 ක නව පදිංචිකාර බල ඇණියක් සමග ෆ්ලොරිඩාව බලා පැමිණියේය. එහි ශාන්ත ජෝන් නම් කන්ද මත 1564 ජුනි 22 වෙනි දින කැරොලිනා නම් බලකොටුව තැනූහ. එවකට රජකම් කරමින් සිටි 9 වෙනි චාර්ල්ස් රජු වෙනුවෙන් කොටුව නම් කරන ලදී. අවුරුද්දක කාලයක් මුලුල්ලේ මෙම ජනපදය ඉන්දියානු පහර දීම්වලට වෙනත් කැරලිවලට හා ආහාර හිඟයට ගොදුරු විය. පසුව ස්පාඤ්ඤ බලධාරින්ගේ ද අවධානයට යොමු විය. ස්පාඤ්ඤ ජාතිකයින් කල්පනා කළේ මොවුන් එම පෙදෙ‍ස ඔවුන්ගේ පාලනයට තර්ජනයක් වෙතැයි යනුවෙනි. 1565 ජුනි මාසයේදී රිබොල්ට් එංගලන්තයෙන් නිදහස් කරන ලදී. කොලිග්නි විසින් ඔහු නැවත වරක් ෆ්ලොරිඩාවට පිටත් කර හරිනු ලැබීය. අගෝස්තු අවසානයේ විශාල නැව් සමූහයක් ද සෙබලු සිය ගණනක් ද පදිංචිය
සඳහා යන පිරිසක් ද කැටුව රිබොල්ට් කැරොලිනා කොටුව වෙත පැමිණ එම ජනාවාසයේ පාලනය සියතට ගත්තේය. කෙසේ වුවද එම දිනවලම ෆ්ලොරිඩාවේ ස්පාඤ්ඤ ආණ්ඩුකාරයා ලෙස පත් කරනු ලැබූ දොන් පෙද්රෝ මෙනෙන්ඩෙස් ඩි අවිලෙස් ෆ්ලොරිඩාවට පිටත් කර යවා තිබුණේය. ඔහුට නියම කර තිබුනේ ප්‍රංශ මුර පොළ ඉවත් කිරීමයි. ඔහුද රිබොල්ට් පැමිණි දිනවලම එම පෙදෙසට පැමිණියේය. රිබොල්ට් ගේ සහ මෙනෙන්ඩෙස්ගේ නෞකා අතර සිදු වූ කෙටි සටනකින් පසු මෙනෙන්ඩස් සැතපුම් 35 ක් පමණ දකුණු දෙසට පසු බැස්සේය. එම ප්‍රදේශයේ ඔහු සෙන්ට් ඔගස්ටන් නම් ජනාවාසයක් පිහිටෙව්වේය. නැව් කිහිපයක් සහ ඔහුගේ භට කණ්ඩායමේ වැඩි පිරිසක් ද ගෙන රිබොල්ට් ස්පාඤ්ඤවරුන් ලුහු බැන්දේය. එහෙත් හදිසියේම ඔහුට දරුණු කුණාටුවකට මුහුණ දීමට සිදු විය. එය දින කිහිපයක් තිස්සේ පැවතුණි. මෙන්ඩෙනෙස් ඔහුගේ භටයින් ගොඩබිමින් ඉදිරියට යවමින් කැරොලින් කොටුවට පහර දුන්නේය. එම අවස්ථාවේ එහි සිටියේ 200 ත් 250 ටත් අතර පිරිසකි. එයින් ස්ත්‍රීන් හා ළමුන් 50 ක පමණ සංඛ්‍යාවක් ඉතිරි වූ අතර ඔවුන් සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා ලදී. ලෞඩනියර් ඇතුලු කීප දෙනෙක් පලා ගියහ. ඉතිරි අය මරා දැමූනි. රීබෝල්ට්ගේ නැව් හමුදාවේ සියලුම නැව් ක
ුණාටුව හේතුවෙන් එක්කො මුහුදේ ගිලි ගියේය. නැතහොත් ශාන්ත ඔගස්ටින් හි දකුණේ ගොඩබිමෙහි කා වැදුණි. යාත්‍රාවල සිටි බොහෝ ප්‍රංශ ජාතිකයින් මුහුදට බිලි වුණි. නන්නත්තාරව සිටි රිබොල්ට් සහ ඔහුගේ පිරිස මෙනෙන්ඩෙස් සහ ඔහුගේ හමුදාව විසින් දකින ලදුව යටත් වන ලෙස දන්වා සිටින ලදී. තමනට හොඳින් සළකනු ලැබේ යයි විශ්වාස කළ රිබොල්ට් සහ පිරිස යටත් වූහ. එවිට මෙනෙන්ඩෙස් කළෙ රිබොල්ට් සහ ඔහුගේ පිරිස රෙපරමාදු මිථ්‍යා දෘෂ්ඨිකයින් යැයි සලකා මැටන්සාස් (Matansasa) නම් ස්ථානයේදි මරා දැමීමයි. මෙම කෲර ක්‍රියාව ආගමික ආරවුල් පැවති අභාග්‍ය සම්පන්න කාලයේදී පවා යුරෝපීයයන් කම්පාවට පත් කළ කරුණක් විය. පසු කලෙක ඉදි කළ "මැටන්සාස්" නම් බල කොටුවෙන් අද කාලයේ එම ප්‍රදේශය හඳුනාගත හැක. මෙම සමූල ඝාතන නිසා උතුරු ඇමෙරිකාවේ ගිණිකොන පෙදෙසෙහි ජනාවාස ඇති කිරීම ගැන තිබුණු ප්‍රංශ ජාතිකයින්ගේ අදහසට නැවතීමේ තිත තැබුණේය.ස්පාඤ්ඤවරු කැරොලින් බලකොටුව විනාශ කොට එම ස්ථානයේ ඔවුන්ගේම බලකොටුවක් තැනූහ. 1568 අප්‍රේල් මාසයේදි ඩොමිනික් ඩි ගුර්ගුස් (Dominique de Gourgues) ප්‍රංශ හමුදාවක් ද කැටිව පැමිණ බලකොටුවට පහර දී අල්ලා ගෙන එයට ගිණි තැබූහ. ඉන්පසුව ඔහු කළේ ස්පා
ඤ්ඤ සිරකරුවන් සියලු දෙනා මරා දැමීමයි. එය 1565 දි සිදු වූ සමූල ඝාතනයට පළිගැනීමක් විය. ස්පාඤ්ඤයින් නැවත බල කොටුව ගොඩ නැංවු නමුත් ඊළඟ අවුරුද්දේ ස්ථිර වශයෙන්ම එය අතහැර දමනු ලැබිනි. පෙර කී ජනාවාස තිබුණු ස්ථානය අප්‍රකටය.නිසග අර්ධ සන්නායකයක් යනු, මාත්‍රණය-නොකල අර්ධ සන්නායකයක් හෝ i-වර්ගයේ අර්ධ සන්නායකයක් ලෙසද හැඳින්වේ, සැලකිය යුතු තරම් මාත්‍රක වර්ගයන් අන්තර්ගත නොවන්නාවූ සංශුද්ධ අර්ධ සන්නායකයකි. මේ නිසා ආරෝපණ වාහකයන් සංඛ්‍යාව තීරණය වන්නේ ද්‍රව්‍යයෙහි ගුණාංග අනුව මිස අපද්‍රව්‍ය ප්‍රමාණය අනුව නොවේ. නිසග අර්ධ සන්නායකයන් තුල සැකැබුණු ඉලෙක්ට්‍රෝන සහ කුහර සංඛ්‍යාව සමානය: n = p.නිසග අර්ධ සන්නායකයක විද්‍යුත් සන්නායකතාවය ඇති වන්නේ ස්ඵටික විකලතාවයන් නිසාවෙන් හෝ තාපජ සැකැබුම නිසාවෙන් හෝ විය හැක. නිසග අර්ධ සන්නායකයක සන්නායක කලාපයෙහි ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, සංයුජතා කලාපයෙහි ඇති කුහර සංඛ‍්‍යාවට සමානය. නිදසුනක් ලෙසින්, කාමර උෂ්නත්වයෙහිදී Hg0.8Cd0.2Te දැක්විය හැක.අන්සෘජු කලාප අන්තර නිසග අර්ධ සන්නායකයක් වනාහී සංයුජතා කලාපයෙහි උපරිම ශක්තියද සන්නායක කලාපයෙහි අවම ශක්තියද වෙනස් k (k-අවකාශ තරංග ද
ෛශිකය) අගයන්හිදී ඇති වන අර්ධ සන්නායකයකි. නිදසුන් ලෙස සිලිකන් සහ ජර්මේනියම් දැක්විය හැක.සෘජු කලාප අන්තර නිසග අර්ධ සන්නායකයක සංයුජතා කලාපයෙහි උපරිම ශක්තියද සන්නායක කලාපයෙහි අවම ශක්තියද එකම k අගයෙහිදී ඇති වෙයි. නිදසුනක් ලෙසින් ගැල්ලියම් ආසනයිඩ් දැක්විය හැක.සිලිකන් ස්ඵටිකයක් පරිවාරකයකින් වෙනස් වනුයේ, නිරපේක්ෂ ශුන්‍ය උෂ්ණත්වයට ඉහළ ඕනෑම උෂ්ණත්වයකදී, දැලිසෙහි ඇති ඉලෙක්ට්‍රෝනයක් එහි ස්ථානයෙන් මිදී නික්මීම නිසා "කුහරය" ලෙසින් හැඳින්වෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති වීමට පරිමිත සම්භාව්‍යතාවයක් ඇති බැවිනි.වෝලටීයතාවයක් යෙදුවහොත්, ඉලෙක්ට්‍රෝනය හා කුහරය යන ද්වයම කුඩා ධාරා ගැලුමකට දායක විය හැක.අර්ධ සන්නායකයක සන්නායකතාවය, ඝන ද්‍රව්‍යයන්හී කලාප වාදය අනුසාරයෙන් ආකෘතිකරනය කල හැක. අර්ධ සන්නායකයක කලාප ආකෘතිය යෝජනා කරනුයේ, සාමාන්‍ය උෂ්ණත්වයන්හිදී, සන්නායක කලාපය වෙත ඉලෙන්ට්‍රෝන වලට ලඟාවී විද්‍යුත් සන්නායනය සඳහා දායක වීමට පරිමිත සම්භාව්‍යතාවයක් ඇති බවය.නිසග යන පදය මෙහි ව්‍යවහාර වන්නේ, සංශුද්ධ "නිසග" සිලිකන් වල ගුණාංග සහ ඊට බොහෝ සෙයින් වෙනස් මාත්‍රණය කල n-වර්ගයෙහි හෝ p-වර්ගයෙහි අර්ධ සන්නායක වල ගුණාංග අතර
පරස්පරය හුවා දැක්වීම සඳහාය.මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)අධ්‍යයනයේ සහ විස්තරකිරීමේ පහසුව තකා ලෝකයේ අතීය යුගවලට බෙදා ඇත.ඉතිහාසයට පෙර (ප්‍රාග් ඓතිහාසික) යුගය[සංස්කරණය]පූර්ව මානව ප්‍රාග් ඓතිහාසික යුගයමානව ප්‍රාග් ඓතිහාසික යුගයඉතිහාස (ඓතිහාසික) යුගය[සංස්කරණය]පෞරාණික යුගය (ක්‍රි.පූ. 3500 - ක්‍රි.ව. 500 පමණ)මධ්‍යකාලීන යුගය (ක්‍රි.ව. 500 - ක්‍රි.ව. 1500 පමණ)මුල් නූතන යුගය (ක්‍රි.ව. 1500 - ක්‍රි.ව. 1900 පමණ)නූතන යුගය (ක්‍රි.ව. 1900න් පසු)පූර්ව නූතන යුගයනූතන යුගයපශ්චාත් නූතන යුගය111121133114641{\displaystyle {\begin{matrix}&&&&&1\\&&&&1&&1\\&&&1&&2&&1\\&&1&&3&&3&&1\\&1&&4&&6&&4&&1\end{matrix}}}පැස්කල් ත්‍රිකෝණය යනු ගණිතයේ යෙදෙන ද්විපද සංගුණක ත්‍රිකෝණයක් ආශ්‍රිතව සිදු කරන ජ්‍යාමිතික පෙල ගැස්මකි. එය බටහිර යුරෝපයේ බ්ලේයිස් පැස්කල් ආ
ශ්‍රිතව ගොඩනැඟුණු නමක් වුවද මොහුට පෙර ඉන්දිය‍ාව පර්සියාව චීනය හා ඉතාලිය යන රටවල ගණිතඥයින් මෙම සංකල්පය ඊට ශත වර්ෂ ගණනකට පෙර භාවිතා කර තිබුණි. පැස්කල් ත්‍රිකෝණයේ සම්ප්‍රදායික ලෙස ගණන් කිරීම ආරම්භ වනුයේ බිංදුව වෙනි පේළියෙනි. ඔත්තේ පේළිවල සංඛළ්‍යා ඉරට්ටේ පේළිවල සංඛ්‍යා සමඟ විශේෂ සබඳතාවක් පවත්වයි. පහත ආකාරයට ඉතා සරල ගොඩනැඟීමක් මඟින් ත්‍රිකෝණය ගලා යයි. 0 වෙනි පේළියේ ඇති එකම අංකය 1 පමණි. ඊළඟ පේළියේදී කෙලින්ම ඉහළින් ඇති සංඛ්‍යාව හා වමට ඇති සංඛ්‍යාව එකතු කර නව අගය සොයා ගත හැකිය.වම හෝ දකු‍ෙණහි සංඛ්‍යාවක් නොපවතීනම් අගය 0 ලෙස ගනී. පළමු පේළියේ පළමු සංඛ්‍යාව 0 + 1 = 1 ලෙස ලබා ගත හැකිය. 3 වන පේළියේ 1 හා 3 එකතු කර 4 වන පේළියේ 4 ලබා ගත හැකිය. ත්‍රිකෝණයේ ඕනෑම සංඛ්‍යාවක් ඊට ඉහළින් ඇති සංඛ්‍යා දෙකෙහි එකතුවට සමාන වේ. මෙම ගොඩනැඟීම පැස්කල් නියමය සම්බන්ධ ද්වීමය සංගුණකය සමඟ සම්බන්ධතාවක් පවත්වයි.(nk)=n!k!(n−k)!{\displaystyle {n \choose k}={\frac {n!}{k!(n-k)!}}} යනු(x + y)n ද්විපද ප්‍රසාරණයේ, k වැනි ද්විපද සංගුණකය නම්, මෙහි n! යනු n හි ක්‍රමාරෝපිත n ය. එවිට,
(nk)=(n−1k−1)+(n−1k){\displaystyle {n \choose k}={n-1 \choose k-1}+{n-1 \choose k}}ඕනෑම ධන නිඛිලයක් වූ n මෙන්ම k අගය 0 හා n අතර ද වේ. පැස්කල් ත්‍රිකෝණය ඉහළ පරිමාණයෙන් සාමාන්‍යකරණය වී පවතී. ත්‍රිමාණ අවකාශීය අවස්ථා සඳහා පැස්කල් පිරමීඩය යොදා ගනී.ගොනුව:Frigate Class Ships.jpgනූතන ආරක්ෂක නැව්පොළවේ සිට ගුවනේ ඉලක්කවලට ප්‍රහාර එල්ලකරන මිසයිල II වන ලෝක යුද්ධයෙන් පසුව හඳුන්වා දුන් අතර පසුව ඒවා කුඩා නැව්වල ගුවන් ආරක්ෂක පද්ධති සඳහා ද යොදා ගන්නා ලදී. මෙම මිසයිල සහිත ආරක්ෂක නැව්වලට අයත්වන යාත්‍රා එක්සත් ජනපද නාවික බලගණයේ ඇති අතර එම නැව් 1975 වන තෙක් හඳුන්වනු ලැබුවේ “ඕෂන් එස්කොට්” [සාගර ආරක්ෂක නැව්] යන නම්න් වන අතර අනෙක් නාවික හමුදාවන් භාවිතා කළේ “ආරක්ෂක නැව” [Frigate] යන යෙදුම වේ. 1950 සිට 1970 දක්වා එක්සත් ජනපද නාවික හමුදාව සතු වූ මිසයිල සහිත ආරක්ෂක නැව් ගුවන් ආරක්ෂක පද්ධතිය ලෙස බොහෝවිට කටයුතු කළ අතර එම නැව් “ඩෙස්ට්‍රොයර්” නැවේ කඳට සමාන ලෙස නිමවන ලදී. මේ අතරින් “බේන් බ්‍රිජ්, ටෲක්ස්ටන්, කැලිෆෝනියා සහ වර්ජිනියා” නැව් න්‍යෂ්ටික බලයෙන
්ද යුක්ත විය. මෙම නැව් පෙර භාවිත කළ ඒවාට වඩා ප්‍රමාණයෙන් විශාලවන අතර ඒවා හඳුන්වනුයේ ආරක්ෂක නැව් යන යෙදුමෙනි. ඉහත නැව් නැවත වර්ගීකරණය කොට CG/CGN යන කාණ්ඩවලට වෙන් කෙරිණ.මෑත කාලීන නූතන ආරක්ෂක නැව්ද විවිධ මිසයිල මගින් බල ගන්වා ඇති අතර ඒවා FFG කාණ්ඩයට වර්ග කර ඇත. මෙම නැව්වල වර්ධනයන් ඉතා වේගවත් වූ අතර නූතන මිසයිලවලින් බලාත්මක මෙම නැව් ගුවන් ආරක්ෂක පද්ධති කෙරෙහි විශේෂීකරණය වී ඇත.http://en.wikipedia.org/wiki/Frigate#Guided_missile_frigatesටයිපොයිඩ් උණ හෙවත් උණ සන්නිපාතය ඇති වනුයේ Salmonella enterica serovar Typhi නම් බැක්ටීරියාව මගිනි. මෙය ලොව පුරා බහුලව ඇති අතර රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියෙකුගේ මළද්‍රව්‍ය මගින් අපවිත්‍රවු ආහාර හෝ ජලය පරිභෝජනයට ගැනීමෙනි. මෙලෙස ශරීර ගත වන බැක්ටීරියාවන් රුධිරය තුල ගුණනය වී ආහාර ජීරණ පද්ධතිය තුලට අවශෝෂණය වීමෙන් පසුව මළ පහ සමග පිටතට බැහැර කෙරේ. මෙම ජීවි විශේෂය ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ නොගැන්වෙන කුඩා දන්ඩක හැඩ ඇති බැක්ටිරීයාවක් වන අතර එහි ඇති කෂිකාව මගින් චලනය සිදු කර ගනී. මේ බැක්ටිරීයාව 370 C වු උෂ්ණත්වයෙහි හොදින් වර්ධනය වේ. (සාමාන්‍ය මිනිස් දේහ උෂ්ණත්වය
)රෝග වලක්වා ගැනීම[සංස්කරණය]නිවැරදි සනිපාරක්ෂක ක්‍රම සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම මගින් ටයිපොයිඩ් උණ වලක්වාගත හැකිය. ටයිපොයිඩ් උණ සතුන්ට ඇති නොවන අතර එමනිසා රෝගය ව්‍යාප්ත වනුයේ එක් මිනිසකු‍ෙගන් තවත් මිනිසකුට පමණි. මිනිසුන්ගේ මල පහ සහ මුත්‍රා පරිභෝජනය කරනු ලබන ආහාර සහ පානීය ජලය සමග ස්පර්ශ වීමට හැකියාව ඇති වටපිටාවක් පමණක් ටයපොයිඩ් උණ ව්‍යාප්ත වේ. එම නිසා සුපරික්ෂාකාරීව ආහාර පිලියෙල කිරීම සහ එයට පෙර දෑත් හොදින් සොදා ගැනීම ඉතා වැදගත් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ටයිපොයිඩ් උණ වළක්වා ගැනීම සදහා එන්නත් වර්ග දෙකක් මේවන විට සොයා ගෙන ඇත. මේවා නම් ජීවි මුඛ එන්නතක් වන Ty21a සහ එන්නත් ගත කරනු ලබන VI පොලිසැකරැයිඩ එන්නතක්ය. මෙම වර්ග දෙකෙන්ම 50% සිට 80% දක්වා ආරක්ෂාවක් ලබාදෙන අතර ටයිපොයිඩ් උණ බහුලවම ඇති ප්‍රදේශ වලට යන සංචාරකයින්ට එය ලබාදෙනු ලැබේ. අජීවි සම්පුර්ණ බැක්ටීරියා සෛලය මගින් නිෂ්පාදනය කරන ලද පැරණි එන්නතක්ද ඇති අතර එය ඉහතින් සදහන් කරන ලද අළුත් එන්නත් වර්ග දෙක නොමැති රටවල් සදහා ලබාදේ. නමුත් මෙම එන්නතින් ඇති අතුරු විපාක ඉතා ඉහල බැවින් (එන්නත් ගතකරනු ලබන ස්ථානයෙහි වේදනාව සහ ආසාදනය වීම)
මෙම එන්නත තවදුරටත් නිර්දේෂ නොකෙරේ. ‍රෝග ව්‍යාප්තිය[සංස්කරණය]1906–1960 දක්වා ඇ‍මරිකාවේ ටයිපොයිඩ් උණ මරණ අනුපාතමළපහ ද්‍රව්‍ය මත ලැගුම් ගන්නා පියාඹන කෘමීන් මගින් දුර්වල සනීපාරක්ෂක සහ සෞඛ්‍ය ක්‍රමයක් ඇති වටපිටාවක අදාල බැක්ටීරියාව ව්‍යාප්ත විය හැකිය. වැසිකිලි ගිය පසු හොදින් අත්සේදීම සහ ආහාර ද්‍රව්‍ය ඇල්ලීමට ප්‍රථමයෙන් ද අත් සොදා ගැනීම පිලිබදව පොදු ජනතාව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම මගින් රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කල හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය මගින් හෙලි කර ඇති දත්ත වලට අනුව පානීය ජලය ක්ලෝරීන් කරණය කිරීම මගින් ඇමරිකා එක්සත් ජනපදය තුල ටයිපොයිඩ් උණ පැතිරීම කැපීපෙනෙන ලෙස අඩුවී ඇත. ආසාදිත පුද්ගලයෙක් රෝග ලක්ෂණ නොපෙන්වා අදාල බැක්ටිරීයාව සිරුර තුල රැගෙන යන පුද්ගලයෙකු විය හැකිය. නමුත් ඔහුට අනෙකුත් පුද්ගලයින් ආසාදනය කිරීමේ හැකියාව ඇත. රෝග පාලන මධ්‍යස්ථානයට අනුව ටයිපොයිඩ් උණ ඇති රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 5% ප්‍රමාණයක් රෝගය සුවවීමෙන් පසුව වුවද රෝග කාරක බැක්ටිරීයාව සිරුර තුල රැගෙන යයි. ලෝක ප්‍රසිද්ධව ඇති මෙලෙස රෝග ලක්ෂණ නොමැතිව අදාල බැක්ටීරීයාව රැගෙන යන පුද්ගලයකුවන්නේ ට
යිපොයිඩ් මේරීය. ඇය ඇයගේ ජීවිත කාලය තුල පුද්ගලයින් 47 දෙනෙකුට රෝගය ඇති කල අතර ආසාදිත රෝගීන් තිදෙනෙකුට මරු කැදවු තරුණ කෝකියෙකි. සම්පුර්ණ වශයෙන් හොද සෞඛ්‍ය තත්ත්වයක් ඇති පුද්ගලයෙක් මගින් වසංගත රෝග තත්ත්වයක් ඇති කල මුල්ම අවස්ථාව ලෙස මෙය හැදින්වේ.මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත.ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි නාමකරන සම්මතයන්ට පටහනි බැවින් හෝඅක්‍ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා ඒකාබද්ධකරන්න.මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න.පොප් රැප් සංගීතය මේ වන විට සරළ වශයෙන් පොප් සංගීතමය ආභාෂය සහිත රැප් සංගීතය ලෙස හදුනාගත හැක. මෙහිදි ස
ාමාන්‍යයෙන් වඩාත් රළු ස්වභාවයක් ගන්නා හිපොප් සංගීත අංගයන් වඩාත් මට සිලුටු තත්වයට පත්කර ඇත. මෙමගින් වෙනත් සංගීත ආකාර වල සිට මෙම සංගීතය වෙත යොමු වන්නන්ට වඩාත් මිත්‍රශීලි ස්වභාවයක් නිර්මාණය කර ඇත. 2000 වසර ආරම්භයේ පටන් බොහෝ රැප් ශිල්පීන් (උදා - Cash Money Records සහ Hot Boys) රථ වාහන, ඇදුම් පැළදුම්, මුදල්, ආභරණ වැනි ද්‍රව්‍යමය දෑ සහ රාගික ජයග්‍රහණ පිළිබද සිය පදමාලා තුළට ඇතුළත් කිරීම ආරම්භ කළේය. මෙය වර්ථමානයේදී පොප් රැප් සංගීතයේ වඩාත් ප්‍රචලිත ආකාරයක් ලෙස සැල‍කෙන අතර මේ දක්වා ද භාවිතයේ පවතියි.(චින්ගිගේ Dem Jeans, හියුස්ගේ Pop Lock & Drop It, නෙලීගේ Hot in Here, නිටීගේ Nasty Girl) රික් රොස්, ලිල් වේන් සහ යන්ග් ජීසි වැනි ශිල්පීන් Hardcore, Gangsta සහ Pop Rep සංගීතාකාර අතර ඇති සීමාවන් බිදහෙලීම ආරම්භ කොට ඇත. මොවුන්ගේ නිර්මාණ සදහා විකාශනයන් තුළ විශාල කාලයක් හිමි වන අතර ඔවුන්ට විශාල රසිකයන් සංඛ්‍යාවක් ද ඇත. නමුත් ඔවුන් නුසුදුසු ආකාර දිවුරීම් සහ මත්ද්‍රව්‍ය සහ ප්‍රචණ්ඩත්වය පිළිබද ‍රැප් කොටස් සිය නිර්මාණ තුළ භාවිතා කරති. මේ සම්බන්ධයෙන් ඔවුන් වඩාත් සාම්ප්‍රදායික Hardcore රැප් ශිල්පීන් වන N.W.A සහ
Wu – Tang Clan වැනි ශිල්පීන් සමාන වේ.quadratic formulaරාශි සම්බන්ධතා හා ව්‍යුහ පිළිබද අධ්‍යයනය කරන ගණිත ක්ෂේත්‍ර වීජ ගණිතය නම් වේ. වීජ ගණිතය හදුන්වන ඉංග්‍රීසි පදය “ඇල්ජිබ්රා” නම් වන අතර මොහොමඩ් බින් මුසා අල් ක්වරිස්මි නම් පර්සියානු ජාතිකයා විසින් රචිත කිටාබ් අල්ජබර් වල් මූ යන ග්‍රන්ථයේ නාමයෙන් එම වදන උපුටාගෙන ඇත. අල් - ක්වරිසම් ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු , නක්ෂත්‍රඥයෙකු සහ භූගෝල විද්‍යාඥයෙකු විය. ඔහුගේ ඉහත ග්‍රන්ථයේ නාමය “සංතුලනය පූරණය හා ගණනය පිළිබද සංක්ෂිප්ත ග්‍රන්ථය” යන අරුත ලබා දේ. ඔහු සිය ග්‍රන්ථය මගින් ඒකජ හා වර්ගජ සමීකරණ ක්‍රමානුකූලව විසදීම සදහා සංකේතමය කර්ම හදුන්වාදෙන ලදී.වීජ ගණිතය ද , සංඛ්‍යා වාදය , ජ්‍යාමිතිය විශ්ලේෂණ විද්‍යාව හා සමායෝජන විද්‍යාව මෙන්ම ගණිතයට අදාල ප්‍රධාන විෂය පථයකි. මූලික වීජ ගණිතය බොහෝ ද්විතීයික අධ්‍යාපන විෂය මාලාවන්හි කොටසක් වේ. එමගින් සිසුන්ට වීජ ගණිතයේ මූලික සංකල්ප හදුන්වාදෙනු ලැබේ. ඒවා අතරට සංඛ්‍යා එකතු කිරීම හා ගුණ කිරීමේ ප්‍රතිඵල , විචල්‍යයන් පිළිබද සංකල්ප, බහුපද අර්ථ දැක්වීම් , සාධක සෙවීම සහ මූල නිර්ණය වැනි සංකල්ප අයත්ය.මූලික වීජ ගණිතය හා
සැසදීමේ දී වීජ ගණිතය ඉතා පුළුල් විෂය පථයකි. සෘජුව සංඛ්‍යා සමග වැඩ කිරීම හැරුණු විට සංකේත, විචල්‍ය සහ කුලක අවයව සමග ගණිත කර්ම කිරීම ද වීජ ගණිතයට අයත්ය. එකතු කිරීම හා ගුණ කිරීම සාමාන්‍යය ගණිත කර්ම සේ සැලකෙන අතර ඒවායේ යථාතථ්‍යය අර්ථ දැක්වීම් ඔස්සේ සමූහ, වලයන් සහ ක්ෂේත්‍ර යනාදී ව්‍යුහ දක්වා ප්‍රචාරණය සිදු වේ.බහුපද ශ්‍රිත[සංස්කරණය]ශේෂ ප්‍රමේයයසාධක ප්‍රමේයයපරිමේය ශ්‍රිත[සංස්කරණය]පරි‍මේය ශ්‍රිත වියෝජනය(භින්න භාග)වර්ගජ සමීකරණ හා වර්ගජ ප්‍රකාශන[සංස්කරණය]වර්ගජ සමීකරණවල මූලවල ස්වභාවයඝාතීය හා ලඝුගණක ශ්‍රිත[සංස්කරණය]ඝාතීය ශ්‍රිතයලඝුගණක ශ්‍රිතයගණිත අභ්‍යුහනය[සංස්කරණය]ද්විපද ප්‍රසාරණය[සංස්කරණය]ශ්‍රේණි[සංස්කරණය]සංකීර්ණ සංඛ්‍යා[සංස්කරණය]අර්ථ දැක්වීමආගන්ඩ් සටහන්ජ්‍යාමිතික නිර්මාණමෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteලිනෙන් තැන්සෝන නාමකරණයයලිනෙයස් තකයෝගකරකරණයේ වැදගත්කම නම් එමගින් විෂමකාර සජිවි සංගම් සරල සහ ප්‍රායෝගික ලෙස සංවිධානය කර ගැනිමට හැකිවීමයි මෙහිදි සෑම විමෂයකටහ එයට ම අනන්‍ය සහ ස්ථිර නමක්ද ඇත. වෙනත් නම් අනන්‍ය හෝ නියත තැන ඒව
ා තැනිතැට භාෂාවෙන් භාෂාවට වෙනස්ය මෙම අනන්‍යය හා ස්ථාවර බව නියැමලිනෙයන් තක්සෝනකරණය වර්ගිකරණයන්ගෙ පිලිගැනිමට ලක් වි ඇත. එය හුදෙක් ද්විපද නාමකරඛයක් පමණක් නොව ඊටත් වඩා සංකීර්ණ නීති සහ ක්‍රියාපටිපාටිවන් සුහයක එකතුවකි. මෙ නීති පාලනය කරන්නේ ජීව විද්‍යාත්මක නාමකරණයේ සම්මත නීති සංග්‍රහමය මගිනි. දිලීර හා ශාක වර්ගීකරණය නාහ කරණය නීති අඩංගුවන්නේ ශාක තක්සෝග කරණය පිළිබද ජාත්‍යන්තර සංවිධාන මගින් පාලනය කරන උද්බිද විද්‍යාත්මක ශාක නාමකරණයේ ජාත්‍යන්තර නීති සංග්‍රහයෙහි වර්තමානයේ භවිතා කරන නීති හෙවත් Sain - Lo- code මුල් වරට හදුන්වාදුන්නේ 1999 දිය මේ නිසා මුලින් භාවිතා කල "Tokyo coodes" නම් නීති මාලාව අභාවයට යන ලදි. මීට සමාන සත්ව නාමකරණය පිළිබද නීති මාලාවක් සන්ධ විද්‍යාත්මක නාමකරණය පිළිබද ජාත්‍යන්තර නීති සංග්‍රහය හෙවත් lczn ලෙස හදුන්වයි මේවාද 1999 බිහි වු අතර සත්ව විද්‍යාව පිළිබද ජාත්‍යන්තර කොමිසම මගින් පාලනය වේ. බැක්ටීරියා නාමකරණය පිළිබද ජාත්‍යන්තර නීති ICNB ලෙස හදුන්වන අතර එය 1990 දි බිහි වු අතර ප්‍රාග්නයන්ධික වර්ගිකරණය පිළිබද ජාත්‍යන්තර කොමිසම හෙවත් (ICSP) මගින් පාලනය වේ. මීට අමරව වෛරස සදහා නාමකරණයක
් ඇති අතර එය වෛරද තක්යෝගකරනය පිළිබද ජාත්‍යන්තර කොමිසමේ සාර්වත්‍ර වෛරස ලිපිගොනුව හෙවත් (ICTVDB) වේ. ‍ෙමය තරමක් වෙනස් මුලධර්මයක් මත පදනම් වු වක් වන අතර මෙයට ‍මුලික හේතුව වෛරසවල පරිනාමික ඉතිහාසය පිළිබද නිවැරදි අව‍බෝධයක් නැති කමය.මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "පිලිප් ගුණවර්ධන" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2010 දෙසැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)දොන් පිලිප් ගුණවර්ධනශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකු වන දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධන (11 ජනවාර 1901 – 26 මාර්තු 1972) විසින් ශ්‍රී ලංකාවට ට්‍රොට්ස්කිවාදය හඳුන්වා දුන් අතර, 'සමාජවාදයේ පියා' ලෙසින් සහ 'බොරළුගොඩ සිංහයා' ලෙසින් හැඳින්වෙයි.ලංකා සමසමාජ පක්ශයේ නයකයෙකි.ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වන ඔහු 1956 සිට 1959 දක්වා S.W.R.D. බණ්ඩාරනායක යටතේ කෘෂිකර්ම හා ආහාර අමාත්‍යවරයා ලෙසද, ඩ
ඩ්ලි සේනානායක මහතා යටතේ 1965 සිට 1970 දක්වා ජාතික ආණ්ඩුවේ කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.වෘත්තීමය ක්‍රීඩාවන්ට ආධුනික ක්‍රීඩා තුළින් බාධා පැමිණීම හේතුවෙන් වෘත්තීය මලල ක්‍රීඩකයින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් යම්කිසි ගාස්තුවක් ලබාගනිති. නූතන ඉතිහාසයේ මිනිසුන් වෘත්තීය මලල ක්‍රීඩාවක් සමඟ බොහෝ සෙයින් තරඟවැද තිබේ. මෑතක පටන් වෘත්තීය මලල ක්‍රීඩාව සඳහා කාන්තාවන් හටද අවස්ථාව ලැබී තිබේ. වෘත්තීය මලල ක්‍රීඩාව වැඩි දියුණුවීම් සමූහයක් ඔස්සේ ඉදිරියට පැමිණ තිබේ. ජන මාධ්‍යය තුළින් හා වැඩි වෙන ඉඩකඩ තුළින් විශාල ප්‍රේක්ෂක පිරිසක් ගෙන එනු ලැබ තිබේ. එමනිසා මේ තුළින් ඒ ක්‍රීඩා සංවිධානවලට හා කණ්ඩායම්වලට විශාල ආදායමක් ද බලපවත්වා ගැනීමට පුළුවන්කම ලැබී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි මලල ක්‍රීඩක පිරිසකට ඔවුන්ගේ මලල ක්‍රීඩාවේ මූලික ගමන් මගට ඉඩ සලසා ගැනීමටත් පුහුණු කාලය තුළ ඔවුන්ගේ හැකියාවන් වැඩි කර ගැනීම සඳහා කැපවීමටත්, ශාරීරික අවශ්‍යතා හා නූතන මට්ටමේ ජයග්‍රහණ සඳහා පළපුරුද්ද ලබා ගැනීමටත් පුළුවන්කම ලැබී ඇත. මෙම ප්‍රවීණතාවයට ක්‍රීඩාවේ ජනප්‍රියතාවය වැඩි කිරීම සඳහා උදවුවක් වනු ලැබේ. වෘත්තීය මට්ටමි
න් ක්‍රීඩා කෙරෙන බොහෝ ක්‍රීඩාවන් ඇසුරෙහි වෘත්තීය මට්ටමෙන් එම ක්‍රීඩාවෙහි නියැලෙන්නන් මෙන්ම ආධුනික මට්ටමට අයත් ක්‍රීඩකයන් ද රැසක් ද සිටින අතර ආධුනික මට්ටමේ ක්‍රීඩකයින් සංඛ්‍යාව වෘත්තීය ක්‍රීඩකයන් සංඛ්‍යාව අභිබවා යයි. වෘත්තීය මලල ක්‍රීඩාව පිළිබඳ මධ්‍යස්ථ මතවාදීන් සමහර අවස්ථාවල ප්‍රතිවාදීව දකිනු ලැබේ. ඒවා නම්, වෘත්තීය ක්‍රීඩකයින් ඔවුන්ගේ ස්වකීය ප්‍රයෝජනයට හා තම අශ්වාදය ලබාගැනීම සඳහා තරගවලට සහභාගී වීමත්, ජීවත්වීම සඳහා වැඩි වශයෙන් මුදල් ඉපයීමත්ය. ඒවා ප්‍රතිඵලයක් ලෙස විවිධ සංවිධානවලට හා වාර්ථාකරුවන්ට දියුණුවන වෘත්තීය මලල ක්‍රීඩාවන්ට බ‍ධා කිරීමට හැකි වී තිබේ. උදාහරණයක් ලෙස රග්බි සංගමයට වසර ගණනාවක් තිස්සේම අයත් වුයේ වෘත්තීය නොවන මට්ටමින් ක්‍රීඩාවේ යෙදුණු ආධුනිකයින් වේ. තවද වෘත්තීමය නොවන පිවිසුම හේතුවෙන් බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමිතිය ද යම්තාක් දුරට දුර්වලවී ඇති බව පැවසේ.කළ ගෙඩියක්ජලය ගබඩාකර තබාගැනීමට යොදා ගන්නා භාජනයකි. මැටි වලින් සාදන ලද කළයට අමතරව ඇලුමිනියම් වලින් සහ ප්ලාස්ටික් වලින් සාදන ලද කළය ද දැකිය හැකිය.බිහිවීම[සංස්කරණය]මැටි කර්මාන්තයේ ආරම්භයත් සමග ජලය ගබඩා කිරීමට මැ
ටි බඳුන් යොදා ගෙන අැති බැව්, ලෝකයේ පැරණිම මානව ශිෂ්ටාචාර වන මොහන්දජාරෝ, හරප්පා වැනි ශිෂ්ටාචාරයන්ගේ මැටි මෙවලම් භාවිතය ගැන හෙළිවන සාධක මගින් නිගමනය කල හැකිවේ. ශ්‍රී ලංකාවේද කැණීම් මගින් හමුවී අැති තොරතුරු අනූව විජය කුමරුගේ ලංකාගමනයට පෙර සිටම ජලය ගබඩා කිරීමට මැටි බඳුන් භාවිතා කොට තිබේ.[1] මෙසේ ජලය ගබඩා කිරීම පිණිස යොදා ගත් මැටි බඳුන පසුකාලීනව විවිධ හැඩතල කෙරේ පෙරලී යාමෙන් කළය බිහිවන්නට අැතැයි විශ්වාස කෙරේ.ඉතිහාසමය සාධක[සංස්කරණය]මෙරට කළ භාවිතය පිළිබඳ ඉතිහාසමය සාධක විවිධ ස්ථානයන්ගෙන් හමුවේ.සීගිරිය මැටි කළය[සංස්කරණය]2013 වසරේ නොවැම්බර් 1 වන දින සීගිරියේ උතුරු ඇතුල් දිය අගලෙහි කරන ලද කැණීම් කටයුතු වලදී සෙ.මී. 30ක් පමණ උස සම්පූර්ණ මැටි කළයක් සොයා ගන්නා ලදී.[2] මෙම සීගිරි මැටි කළය කාශ්‍යප රජු කාලයේ (ක්‍රි.ව. 4 - 5 සියවස) දිය නෑමට හෝ ගෘහස්තව ජලය ගබඩා කර තබන්නට භාවිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.සංස්කෘතිය[සංස්කරණය]කාන්තාවන් විසින් අැකය මත දිය කළ රැගෙන යාමත්, කළ ගෙඩි නර්ථන අාදිය හේතුවෙනුත් කළය බොහෝ විටදී කාන්තාව සම්බන්ධ මාතෘකා හා සබැඳේ. මෙරට දැකගත හැකි, ජලය සහිත කළයක් කොහොඹා අතුවලින් සරසා හ
ිස මත සමබර කරමින් සිදු කරන කොහොඹා කළය නර්තන අංගයද කළය අාශ්‍රිතව ගොඩ නැගුණකි.[3]භාරතීය සංස්කෘතියෙහිද කළගෙඩි හිසේ තබා ගනිමින් කරනු ලබන කරගම් හෙවත් කරගආට්ටම් නර්ථන දැකගත හැකි වේ.ආශ්‍රිත[සංස්කරණය]↑ "සැණකෙළි නිමිති සැදූ මැටි කළය". දිවයින. 2014-01-19. සම්ප්‍රවේශය 2015-01-20.↑ "එකල කළ හමු වූ කල". දිණමිණ. 2014-01-31. සම්ප්‍රවේශය 2015-01-20.↑ "කරගම්, කොහොඹ කළය සහ මල් කළ නර්තනය". සිළුමිණ. 2014-11-23. සම්ප්‍රවේශය 2015-01-20.Divisional Secretariats of Sri Lankaයාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 14කි එනම්.ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයදුපත උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයදුපත දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයනල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයතේන්මාරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවඩමාරච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවඩමාරච්චි නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලිකාමම් දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලිකාමම
් නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයආශ්‍රිත ලිපි[සංස්කරණය]ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභාශ්‍රී ලංකාවේ පළාත් සභාබාහිර සබැදි[සංස්කරණය]Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback MachineStatoids: Divisions of Sri Lankaව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (2011 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)සැකිල්ල:Lead rewriteරාමායනයේ චන්ද්රගුප්ත විවාහ ගිවිස ගත්තේ ග්රීක මැසිඩෝනියන් රැජිනගේ ඩිලොකම්ගේ දුවවයි. නැවතත් එම දෙස බලානවානම් චන්ද්රගුප්ත 302 ක්රි.පූ. දී පැවති යුද්ධයට යුධමය අලි 500 ක් ද වත්කම් ද ලබා දී ඇත. මීට අමතරව සිලෙකස් රාජදූතයන් ලෙද චන්ද්රගුප්තයට හා පෙර බින්දු සාරයට පිටුවහල් කරලා තියෙන බව පාටලීපුත්ත හි පවතින මයුරන් උසාවිය පවසයි. පසුව ටොලම් 1
1 සිලඩිපස් නැමති ටෝලම් මහලන්ට අගයත් ඊජිප්තු පාලකයා සහ අශෝක රාජ්යය ද මයුරන් උසාවිය මගින් එයෆොසිට් ලෙස නම් කර තිබෙනවා. චන්ද්රගුප්ත ලබාගත් ශෂ්යත්ව වත්කමද ඇෆ්ගනිස්ථානය , බැලොකින්තානය නැමැති රටවල් වලට ලබා දුන්නා. කලාත්මක ලෙස ගත් විට මයුර ගාහි නීතියේ නොසැලෙන අශෝකයේ නියෝග පෙන්වා දීම විද ඇෆගනිස්ථානයයේ කන්දාර ලෙස හදුනාගත්තා.ඔහු (සිලෙකස්) මවුර්යා සමග යුධමය මුදල් කපා දැමුවා ඉංදියාවේ රජතුමා, කවුද කියනවානම් ඉන්දියාවේ ගං ඉවුරැවල ජිවත් වුනු ඔවුන් තුල විවාහ ගිවිස ගත් බැදීමත් පවතින තුරැ එසේ සිදු විය යුතුබවයි.ගිවිසුම ගහ ගත්තායින් පසුව සිලකස් අන්ටිගෝඨස්ට එරෙහිද යුද්ධයට ගියා.එපිගැමියා ලෙස පැවති ඉන්දියානු හා ග්රීක ජාතිකයින් අතර නීතිමට බැදිම ඇති ගිවිසුම හොද තතත්්වයක පවතින බව හදුනාගත්තා එහි රාජවංශ යේ හෝ පොදු ජනතාවගේ නීති හරියාටම පැහැදිලි නොවුවද එය හොද යැයි ඔවුන් හදුනාගත්තා.මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2011 සැප්තැම්බර්)ඔක්තෝබර් 4 යනු ග්‍රෙගරි දින
දසුන අනුව මෙය මෙම වසරේ 277 වන දිනය යි. වසර අවසන්වීමට තව දින 88ක් ඇත. සම්පූර්ණ නම මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස් වෙනත් නම් ද බැල්ටිමෝර් බුලට් ජාතිය අමෙරිකන් එක්සත් ජනපද ක්‍රීඩා සමාජය ක්ලබ් වොල්වරින්, මිචිගන් විශ්ව විද්‍යාලය උපන් දිනය 1985 ජූනි 30 උපන් ස්ථානය බැල්ටිමෝර්, මේරිලන්ඩ්,එක්සත් ජනපදය උස අඩි 6 අඟල් 4 (මී. 1.93) බර රාත්තල් 195 (කි.ග්‍රෑ. 88) පදක්කම් වාර්තා[සංස්කරණය]ඔලිම්පික් තරඟ[සංස්කරණය]රන් 2004 ඇතන්ස් මිටර් 100 - සමනල ආරරන් 2004 ඇතන්ස් මීටර් 200 - සමනල ආරරන් 2004 ඇතන්ස් මීටර් 200 Individual Medleyරන් 2004 ඇතන්ස් මීටර් 200 Individual Medleyරන් 2004 ඇතන්ස් 4 x 200 මීටර් නිදහස් ආර - රිලේරන් 2004 ඇතන්ස් 4 x 100 මීටර් Medley - රිලේලෝකඩ 2004 ඇතන්ස් මීටර් 200 නිදහස් ආරලෝකඩ 2004 ඇතන්ස් 4 x 100 මීටර් නිදහස් ආර - රිලේලෝක ශූරතා - Long course[සංස්කරණය]රන් 2001 ‍ෆුකුඕකා මීටර් 200 සමනල ආරරන් 2003 බාර්සිලෝනා මීටර් 200 සමනල ආරරන් 2003 බාර්සිලෝනා මීටර් 200 Individual medleyරන් 2003 බාර්සිලෝනා මීටර් 400 Individua
l medleyරන් 2003 බාර්සිලෝනා 4 x 100 මීටර් රිලේරන් 2005 මොන්ට්‍රියල් මීටර් 200 නිදහස් ආරරන් 2005 මොන්ට්‍රියල් මීටර් 200 Individual medleyරන් 2005 මොන්ට්‍රියල් 4 x 100 මීටර් නිදහස් ආර - රිලේරන් 2005 මොන්ට්‍රියල් 4 x 200 මීටර් නිදහස් ආර - රිලේරන් 2005 මොන්ට්‍රියල් 4 x 100 මීටර් නිදහස් ආරරන් 2007 මෙල්බර්න් මීටර් 200 නිදහස් ආරරන් 2007 මෙල්බර්න් මීටර් 100 සමනල ආරරන් 2007 මෙල්බර්න් මීටර් 200 සමනල ආරරන් 2007 මෙල්බර්න් මිටර් 200 Individual medleyරන් 2007 මෙල්බර්න් මිටර් 400 Individual medleyරන් 2007 මෙල්බර්න් මීටර් 4 x 100 නිදහස් ආරරන් 2007 මෙල්බර්න් මීටර් 4 x 200 නිදහස් ආරරිදී 2003 බාර්සිලෝනා මීටර් 100 සමනල ආරරිදී 2003 බාර්සිලෝනා මීටර් 4 x 100 නිදහස් ආර - රිලේරිදී 2005 මොන්ට්‍රියල් මීටර් 100 සමනල ආරලෝක ශූරතාව - Short course[සංස්කරණය]රන් 2004 ඉන්ඩියානා පොලිස් මීටර් 200 නිදහස් ආර.පැන් පැසිෆික් ශූරතාවලිය[සංස්කරණය]රන් 2002 යොකොහාමා මීටර් 200 Individual medleyරන් 2002 යොකොහාමා මීටර් 400 Individual medleyරන් 2002 යොකොහාමා 4 x 100 med
ley relayරන් 2006 වික්ටෝරියා මීටර් 200 සමනල ආරරන් 2006 වික්ටෝරියා මීටර් 200 Individual medleyරන් 2006 වික්ටෝරියා මීටර් 400 Individual medleyරන් 2006 වික්ටෝරියා මීටර් 4 x 100 නිදහස් ආර - රිලේරන් 2006 වික්ටෝරියා මීටර් 4 x 200 නිදහස් ආර - රිලේරිදී 2002 යොකොහාමා මීටර් 200 පසු පස ආරරිදී 2002 යොකොහාම මීටර් 4 x 200 නිදහස් ආර - රිලේරිදී 2006 වික්ටෝරියා මීටර් 200 පසු පස ආර.මයිකල් ෆෙල්ප්ස් යනු පිහිනුම් ශූරයෙකි. 2004 ඇතැන්ස් හි ගිම්හාන ඔලිම්පික් උළෙලේ පදක්කම් අටක් දිනා ගැනීමේ වාර්තාවක් ඔහුගේ ජයග්‍රහණ වලට අඩංගු වේ. මෙයින් හයක් රත්‍රන් ය. මෙය 1980 සිට ඇලෙක්සැන්ඩර් සිට්යාකින් විසින් ඉසිලූ එක් තරඟයකදී ලබා ගත් පදක්කම් ප්‍රමාණය හා සමානය. ඔහුගේ කිප ආකාරයක අන්තර් ජාතික ලෝක වාර්තා සමග ෆෙල්ප්ගේ අන්තර් ජාතික ශූරතාවන්වෙනුවෙන් ඔහුට 2003, 2004, 2006 සහ 2007 යනාදී වශයෙන් සිව් වසරක “වසරේ පිහිනුම් ශූරයා” යන විරුදාවලිය ලැබුනේය.References[සංස්කරණය]බිදුණු තල්රුක කෘතිය 1988-89 වකවානුවේදී පල කරන ලද්දකි. ඒ වනවිට ඔඩුදුවමින් තිබුණු ජනවාර්ගික ගැටළුව හා ලාංකික සමාජ අර්බුධය කෙරෙහි ගැඹුර
ු විවරණයක් කල මෙම කෘතිය රචනා කරනු ලැබූවේ මානව හිමිකම් සඳහා වූ විශ්වවිද්‍යාලීය ආචාර්්‍යයවරුන්ගේ සන්ධානයෙහි (යාපනය) සමාජිකයන් සිව් දෙනෙකු(ආචාර්්‍යය රාජන් හූල්, දයා සෝමසුන්දරම්, කේ. ශීධරන්, රාජනී තීරණාගම) විසිනි. {br}tiny globe             ජාතික කොඩිය ආදර්ශ පාඨය "ක්‍රියාව, නිදහස, වාසභූමිය" ජාතික ගීය Salut à toi, pays de nos aïeux (ප්‍රංශ)              සිතියම ගොනුව:250px-LocationTogo.svg.png අගනුවර සහ විශාලම නගරය ලොමි රාජ්‍ය භාෂාව ප්‍රංශ භාෂාව රාජ්‍ය ජනරජය ජනාධිපති ෆ්වුරි ග්නාස්සින්ග්බෙ අගමැති ජිල්බර්ට් හොන්ග්බො නිදහස ප්‍රංශයේ සිට අප්‍රේල් 27, 1960        වර්ග ප්‍රමාණය එකතුව වර්ග කිලෝමීටර 56,785 වර්ග සැතපුම් 21,925 ජලය (%) 4.2             ජනගහනය 2009 තක්සේරුව 6,619,000 ඝනත්වය වර්ග කිලෝමීටර 116.6 වර්ග සැතපුම් 301.9 දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව එකතුව ඩොලර් 5.612 (බිලියන) සාමාන්‍ය ඩොලර් 826 දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව එකතුව ඩොලර් 2.865 (බිලියන) සාමාන්‍ය ඩොලර් 422 මානව සංවර්ධන දර්ශකය HDI (2007)
0.499 1(අඩු) මුදල් ෆෑන්ක් (XOF) අන්තර්ජාල "' .tg දුරකථන සංකේත +228 ටෝ‍ගෝ ජනරජය යනුවෙන් නිල වශයෙන් හදුන්වන ටෝගෝ රාජ්‍යය, බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. බටහිරින් ඝානාවද, නැගෙනහිරින් බෙහින් ද, උතුරින් බුර්කිනා ෆ්සෝද මෙ‍රටෙහි දේශ සීමාවන් වේ. එයට දකුණු දෙසින්, ලෝමේ (Lome) නම් වූ අගනගරය පිහිටා ඇති අතර මෙම නගරය ගිණියා බොක්ක දක්වා විහිදෙයි. ටෝගෝ රාජ්‍යය,දළ වශයෙන් වර්‍ග කිලෝමීටර් 57000 (වර්‍ග සැතපුම් 22,000) ප්‍රමාණයක් භූගෝලීය වශයෙන් ආවරණය කෙරේ. මෙහි ජනගහනය දළ වශයෙන් මිලියන 6.7 කි.ටෝගෝ රාජ්‍යය, ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය මත යැපෙන ඝර්ම කලාපීය රටක් වන අතර වගාවනට සුදුසු යහපත් දේශගුණයක් මෙහි තිබේ .ටෝගෝහි රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කෙසේ වෙතත්, ටෝගෝ හි භාවිතා කෙරෙන වෙනත් භාෂාවන් ද රැසක් වෙයි.එහෙත් දළ වශයෙන් ජනගහනයෙන් හරි අඩක් පමණ ජාත්‍යන්තර වශයෙන් නිර්ණය කෙරුණු දෛනික පහල ආදායම් මට්ටම වන අමෙරිකන් ඩොලර් 1.25 ට වඩා අඩු ආදායම් ලබමින් ජිවත් වන්නෝය.ටෝගෝ, ප්‍රංශය වෙතින් නිදහස ලබා ගත්තේ වර්ෂ 1960 දී ය. වර්ෂ 1967 දී 'ඥසිංබෙ අයඩෙමා' (Ganassingbe Eyadema) ගේ නායකත්වයෙන් සාර්ථක හමුදා ක
ුමන්ත්‍රණයක් දියත් වූ අතර අනතුරුව ඔහු ටෝගෝ හි ජනාධිපතිවරයා බවට පත්විය. ඔහුගේ මරණය සිදුවු 2005 වන විටදි අයඩෙමා (Eyadema), නූතන අප්‍රිකා ඉතිහාසයෙහි දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වයක් දැරූ පුද්ගලයා බවට පත්ව සිටියේ ය. ඔහු ජනාධිපති ධූරය හෙබවූ කාලය අඛණ්ඩව වසර 38 ක් විය. අනතුරුව වර්ෂ 2005 දී ඔහුගේ පුත් 'ෆාරේ ඥාසිංබේ' (Faure Gnassinbe) නව ජනාධිපතිවරයා ලෙස මැතිවරණයෙන් තෝරා පත් කර ගන්නා ලදි.අප්‍රිකාවේ ස්වෛරී රාජ්‍ය සහ යැපෙන භූමි ප්‍රදේශ ලැයිස්තුවපිළිගත් ස්වෛරී රාජ්‍යයන්ඇල්ජීරියාව * ඇන්ගෝලාව * බෙනින් * බොට්ස්වානාව * බුර්කිනා ෆාසෝ * බුරුන්ඩි * කැමරූන් * කේප් වර්ඩ් * මධ්‍යම අප්‍රිකාව * චෑඩ් * කොමරොස් * කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය * කොංගෝ ජනරජය * ජිබුටි * ඊජිප්තුව * සමක ගිනියාව * එරිත්‍රියාව * එස්වාටිනි * ඉතියෝපියාව * ගැබොන් * ගැම්බියාව * ඝානාව * ගිනියාව * ගිනි බිසවු * අයිවරි කෝස්ට් * කෙන්යාව * ලෙසොතෝව * ලයිබීරියාව * ලිබියාව * මැඩගස්කරය * මලාවි * මාලි * මොරිටේනියාව * මොරිෂස් * මොරොක්කෝව * මොසැම්බික් * නැමීබියාව * නයිජර් * නයිජීරියාව * රුවන්ඩා * සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ * සෙනෙගල් * සීෂෙල්ස් * සියෙ
රා ලියොන් * සෝමාලියාව * දකුණු අප්‍රිකාව * දකුණු සුඩානය * සුඩානය * ටැන්සානියාව * ටෝගෝ * ටියුනීසියාව * උගන්ඩාව * සැම්බියාව * සිම්බාබ්වේසීමිත හෝ පිළිගැනීමක් නොමැති රාජ්‍යයන්සහරාවි අරාබි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය * සෝමාලිලන්තයඅප්‍රිකානු නොවන රාජ්‍යවල සංඝටක කොටස්අසෝර්ස් * කැනරි දූපත් * සියුටා * ප්‍රංශ දකුණු සහ ඇන්ටාක්ටික් ඉඩම් * මැඩෙයිරා * මයෝට්ටේ * මෙලිලා * පෙලගී දූපත් * ප්ලාසාස් ඩි සොබෙරානියා * රීයූනියන් * සොකොත්‍රා දූපත් සමූහයස්වෛරී රාජ්‍යයක යැපෙන භූමිශාන්ත හෙලේනා, ඇසෙන්ෂන් සහ ට්‍රිස්ටන් ඩා කුන්හාමධ්‍යතන වේල්ස සාහිත්‍යය යනු මධ්‍යතන යුගයන්හිදී වේල්ස භාෂාවෙන් ලියැවුනු සාහිත්‍යය වෙයි. වේල්ස භාෂාව බ්‍රිතාන්‍ය භාෂාවෙන් ප්‍රභින්න වීමේ ක්‍රියාවලිය ඇරඹුනු පස්වන සියවසෙහි ලිපි ද්‍රව්‍ය සිට 16වන සියවසෙහි කෘතීන් දක්වා මෙයට අයත් වෙති.මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. මෙහි ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය කාරණය දක්වා නොමැත. ඔබට හැකි නම් මෙම වැඩි දියුණු කිරීමට ලිපිය කාරුණික වන්න. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ලක්ෂ්මන්
කදිරගාමර්ශ්‍රී ලංකාභිමාන්‍ය ලක්ෂ්මන් කදිරගාමර් (දෙමළ: லக்ஷமன் கதிர்காமர்; 1932 අප්‍රේල් 12 - 12 අගෝස්තු 2005) යනු ශ්‍රී ලාංකික දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයකු හා නීතිඥයෙකු විය. ඔහු 1994 සිට 2001 දක්වා සහ නැවත වරක් 2004 අප්‍රේල් සිට 2005 අගෝස්තු මස ඔහු ඝාතනය දක්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ලදී.ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට පිවිසීම[සංස්කරණය]ගොනුව:පාර්ලිමේන්තුවට පිවිසීම.jpgසැබෑ දක්‍ෂයෙක් ලෙස රටට සේවය කිරිමෙන් දේශපාලන ක්‍ෂෙත්‍රය තුළ විවිධ භූ තළ නිර්මාණය කළ දේශපාලනඥයෙක් ලෙස ලක්‍ෂමන් කදිර්ගාමර් හඳුනාගත හැකිය. දේශපාලනඥයෙකුට තිබිය යුතු සෑම අංශයකම දක්‍ෂතා ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව තිබිණි. එසේ කීමට හේතුව වන්නේ ඔහු ඉතා ඉහළ අධ්‍යාපනයක් ලද අයෙක් වීමයි. එමෙන්ම ඔහු අන්තර් ජාතික, රාජ්‍යය තානත්‍රික සබඳතා, ලෝක සාමය, ලෝක දේශපාලනය, ආර්ථිකය, අන්තර්ජාතික සංවිධාන ගැටුම් සහ ගැටුම් නිරාකරණය ආදී මේ සියල්ල පිළබඳ ඔහුට ප්‍රථුල අවබෝධයක් තිබිණි. ලක්‍ෂමන් කදිර්ගාමර් විදේශ අමාත්‍යය ධුරය ඔස්සේ දේශපාලන කාර්්‍යය ඉටු කිරිමේ දී දැවැන්ත දේශපාලන චරිතයක් ලෙස ගෙඩනැඟෙන්නේ ශ්‍රී ලංකාවට සාමය උදාක
ර ගැනීම සඳහා යා යුතු මඟ පිළිබඳව ඔහු සතුව තිබු නිවැරදි දැක්මත් ඒ උදෙසා ඔහු ගෙන ගිය නොපසුබස්නා අරගලයත් හේතුවෙනි. ඔහුගේ මුලික අරමුණ වුයේ ජනවාර්ගික අර්බුදයට තිරසාර විසදුමක් යුද්ධය වෙනුවට සාමය ඇරඹීම සහ සංවර්ධනය සඳහා මෙරටට හිතකර ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමයි. මෙය ඉටුකිරිම සඳහා වෙනස් ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත. නුතනවාදී රාජ්‍යයක් නිර්මාණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ නව ප්‍රායෝගික දැනුමක් නිර්මාණය කර ගැනීමට උත්සහ කළ බැවින් ඔහු ලංකාවට සුවිශේෂී පුද්ගලයෙක් විය. මේ නිසා මෙහු දේශපාලනයට පිවිසීම සඳහා වැදගත් වු සාධක සොයා බැලීමත් දේශපාලනයට ප්‍රවේශ විමෙන් පසු ඔහු විසින් සිදු කරන ලද සමාජ මෙහෙවර සොයා බැලීමත් වැදගත් වේ.ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ළමා කාලය යාපනයේ ගත කිරීම, ප්‍රභූ පවුල් පසුබිමක්, විවිධත්වයකින් යුත් පවුල් පසුබිමක් තිබීමත් විශේෂයෙන් ඔහුගේ මවුපිය පාර්ශ්ව දෙක ඉතාමත් ධනවත් වට පිටාවක සිටින අය වීමත් නිසා ලක්‍ෂමන් කදිර්ගාමර් ලබා ගෙන ඇති අත්දැකීම් ඔහු දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා හේතු වූ බව කිව හැකිය. එමේන්ම තරුණ කාලය තුලදී ඔහුගේ දැනුම, නායකත්ව තුසලතා, සමාජ සම්බන්ධතා, ආදිය වර්ධනය වීම මඟින් ඔහුගේ දේශපාලන
මාවතට අවතීර්ණ වීම පහසු වී ඇත. මේ නිසා ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට මැදිහත් වීම සඳහා ඉහත කරුණු වැදගත් බලපෑමක් කර ඇත. දේශපාලනය තුළ ව්‍යවස්ථාදායක‍යට පිවිසීම සඳහා වැදගත් වූ බාහිර හා අභ්‍යන්තර සාධක මෙහිදී සාකච්ඡා කරයි. එම සාධක තුළින් ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනය තුළ ප්‍රභල භූමිකාවක් ගෙන යාම දක්නට ලැබේ. ලක්‍ෂමන් කදිර්ගාමර් සිය අධ්‍යාපනය හමාර කිරීමත් සමඟ වෘත්තීය වශයෙන් ලඟාවූයේ ඔහුගේ පවුලටම සුපුරුදු වූ නීති වෘත්තිය වෙතටය. එම වෘත්තිය ඔස්සේද ඔහු ජාතික මෙන්ම ජාත්‍යන්තර නීති පිළිබඳව හසල දැනුමක් තිබූ බව ඔහුගේ වෘත්තීය සේවා සපයන ස්ථාන තුළින් පැහැදිලි වේ. ඔහු ළමා අවධිය හා තරුණ අවධිය හමාර කිරීමත් සමඟ ඔහුගේ දැනුම් සම්භාරයත් සමඟ ලංකාවට ඔහු සුවිශේෂී පුද්ගලයෙකු වී ඇත. මෙහිදී ඔහු ලක්‍ෂමන් කදිර්ගාමර් තමන්ගේ ළමා කාලය තුළ මෙන්ම තරුණ කාලය තුළ ද තමන්ගේ පෞරුෂය, කීර්තිය රඳවාගත් ආකාරය වැදගත් වේ. එම නිසා ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ දේශපාලන භූමිකාව ගොඩ නැගීම උදෙසා බලපෑ අභ්‍යන්තර හා බාහිර සාධක මොනවාදැයි සොයා බැලීම වැදගත් වේ.ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට මැදිහත් වීම සඳහා බලපෑ අභ්‍යන්තර සාධක[සංස්කරණය]ආගම[සංස්කරණය]කිතු
නුවකුව උපත ලැබූ ඔහු බුදු දහමින් හා හින්දු දහමින් තවදුරටත් පෝෂණය වී සෑම ආගමකම උගන්වන ඉවසීම හා මානව දයාව පදනම්කරගත නූතනත්වයට ගැලපෙන සර්ව ආගමික නියෝජනයේ සංකේතයකි. ලක්‍ෂමන් කදිර්ගාමර් පිළිබඳව දකින ඇතැමුන් ඔහුගේ ආගමික මනෝභාවය පිළිබඳව විස්තර කර ඇත්තේ එසේය. යාපනයේ සිට කොළඹට පැමිණි පසුව මහනුවර වැනි පරිසරයක අධ්‍යාපනය ලබමින් සංස්කෘතික විවිධත්වයක් සහිත රටේ ප්‍රධාන ස්ථාන කිහිපයක ආභාෂය ලැබීමට කදිර්ගාමර්ට හැකි විය. සිංහලකම තවමත් රුදී ඇතැයි පවසන මහනුවර වැනි ප්‍රදේශයක සිංහල-බෞද්ධ යන මානසිකත්වයක් ප්‍රජාව තුළ පවතින පරිසරයක තමන්ගේ අධ්‍යාපනය ලැබීම අභ්‍යන්තරික වශයෙන් කදිර්ගාමර්ට බලපෑම් කළ සාධකයක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම හින්දු මතවාද, චාරිත්‍ර සම්ප්‍රධායක් දැඩි ලෙස පවතින ප්‍රදේශයක් වූ යාපනයේ මහිපායි ප්‍රදේශයේ තම නෑ පරම්පරාව වාසය කිරීමත් තමන්ගේ නෑදෑයන්ගෙන් ඒ ලැඛෙන ආභාසයත් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ මනෝ භාවයන් තීරණය වීමට බලපෑම් ඇති කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. නමුත් ඔහු උපතින් බැතිමතකු වුවද ඔහු බුද්ධාගම සහ හින්දු ආගමික සංකල්පයන් තමන්ගේ ජීව්තය සඳහා යොදවාගත් බව ලක්‍ෂමන් කදිර්ගාමර් මහතා ජීවත්ව සිටියදී නිතර යන
එන පන්සලක් වූ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි පවසයි. එතුමා පෞද්ගලිකව සම්බෝධි විහාරයේදී හා සිය නිවසේදී ආගමික කටයුතු වල නිරත වෙද්දී දෙඅත් එක් කර ගෙන වැඳගෙන පන්සිල් සමාදන් වූ බව දක්වයි. ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව බුදුරජානන් වහන්සේ පිළිබඳව අසීමිත ගෞරවයක් තිබූ බව පෙන්වන අවස්ථාවක් වන්නේ බුදු රුවට අවමන් වන ආකාරයේ සිදුවීම් රටතුල සිදු වන විට ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ශව කරුවෙක් වෙමින් නඩු පැවරීමයි. කිතුනු බැතිමතකු වුවත් ඔහු බුදුදහම පිළිබඳ විශාරදයෙක් විය. ධම්ම පදය ගැනත්, භගවත් ගීතාව ගැනත්, බයිබලය ගැනත්, ශුද්ධ වූ කුරාණය ගැනත්, ලක්‍ෂමන් කදිර්ගාමර් මහතා තුළ තිබූ දැනුම විශිෂ්ඨය. ඔහු සේවය කළ කාර්යාල කාමරයේ බිත්ති හතරේ බුද්ධ ප්‍රතිමාවක්, හින්දු දේවරූපයක්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ඡායාරූපයක් හා මක්කම ශුද්ධ වූ දේවස්ථානයේ ඡායාරූපයක්ද එල්ලා තිබීම වැදගත් සිදුවීමකි. ඔහුගේ සර්ව ආගමික මනෝභාවය පිළිබිඹු වන තවත් අවස්ථාවක් වන්නේ 1963 වසරේ වියට්නාමයේ හටගත් බෞද්ධ-කතෝලික ආගමික අරගලයේ දී මෙම ප්‍රශ්නය ගැන විමර්ශණයට පත් කළ ජාත්‍යන්තර කොමිසමේ කොමසාරිස්වරයා වූයේ ලක්‍ෂමන් කදිර්ගාමර් වීමය. ම
ේ මඟින් පෙන්වන තවත් කරුණක් වන්නේ, සර්ව ආගමික නියෝජනය ඔහු තුළ තිබූ බව ජාත්‍යන්තර ප්‍රජාවද දැන සිටීමයි. මේ ආකාරයට ලක්‍ෂමන් කදිර්ගාමර් ලංකාව තුල තිබූ සියළු ආගම් වළින් ආභාසය ලබමින් ඔහුට ආවේණික වූ ආගමික දැක්මක් සහිතව ජීවත් වූ පුද්ගලයෙකු වශයෙන් හඳුනාගත හැකිය. වර්ෂ 1955 දී නීති වෘත්තියට එක්වූ දා පටන් ඔහු නෛතික වශයෙන් මැදිහත් විය හැකි සෑම ආයතනයකටම සහ ක්ෂේත්‍රයකටම සම්බන්ධ වී ඇත.වෘත්තීය අත්දැකීම්[සංස්කරණය]ජාත්‍යන්තර නීති ආයතන ගණනාවකට ඔහු සේවය කර ලබාගත් සමාජ පිලිගැනීම අභ්‍යන්තරික වශයෙන් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ චරිතය ගොඩනැගීම කෙරෙහි බලපෑ බව සඳහන් කළ හැකිය. තවද 1990 දී නීති ප්‍රතිසංස්කරණය පිළිබඳව උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද ඉදිකිරීම් කර්මාන්ත අංශයේ ඉහළ උපදේශන සේවා කමිටුවේ සභාපති ලෙසද විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද බුද්ධිමය දේපල පිළිබඳ උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1991 වසරේදී ජනාධිපති නීතිඥ පදවියට පත්වීම. ඔහුගේ නෛතික දැනුම වෘත්තීමය තත්වයට පත් වීම සඳහා සාක‍ෂි දරන්නකි.දේශපාලන ඥනය දේශපාලනයට වැදගත් වීම[සංස්කරණය]ලක්‍ෂමන් කදිර්ගාමර් ලබාගෙන තිබූ නීති
විශාරද බුද්ධිමත් ඥානය 1993-1994 වන විට දේශපාලන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී තිබූ බව පෙනේ. ඒ සඳහා ද හේතු ගණනාවක් පවතින අතර මෙහිදී ඔහු දේශපාලනයට මැදිහත් වීම සිදු වූයේ කෙසේ දැයි විමසා බැලීම වැදගත් ‍වේ. ලක්‍ෂමන් කදිර්ගාමර් ජීවිතයේ නව පිටුවක් ආරම්භ කරමින් වර්ෂ 1994 දී පාර්ලිමේන්තුවේ අමාත්‍යධූරයක් ලබා ගැනීමට හැකියාව ලැබුනේය. ජන්දයෙන් පත් නොවූ අතර ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ වන විට ලබා සිටි නීති විශාරද භාවය නිසා නාම යෝජනා මඟින් පාර්ලිමේන්තුවට පත්විය. නමුත් ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වීමට කිහිප අවස්ථාවකදීම උත්සහ කළ අතර ඒ සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොලැබු නිසා ඔහු එම අදහස අත්හැරගෙන ඇත.සමාජ සබඳතා[සංස්කරණය]1994 මේ ආකාරයට කදිර්ගාමර් දේශපාලනයට පත් වීම සඳහා පුරෝගාමී වූ කිහිපදෙනෙකි. ඉන් පලමු වැන්නා වන්නේ ලලිත් ඇතුලත් මුදලි ඇමතිවරයාය. ඔහු ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ සමීපතම හිතවතෙකු මෙන්ම කදිර්ගාමර්ට පසුව බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති හා ලේකම් තනතුර දරා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණේ සමහර නීති කටයුතු සඳහා ලක්‍ෂමන් කදිර්ගාමර් ලලිත්
ට උදව් කලේය. ලලිත් ඇතුලත් මුදලි බණ්ඩාරනායක මැතිනිය හා අනෙක් දේශපාලන පක‍ෂ සමඟ සමීපව ක්‍රියා කළේය. නමුත් ලක්‍ෂමන් කදිර්ගාමර්, මැතිනිය දැන සිටියත් දේශපාලනයට ප්‍රවිශ්ඨ නොවීම වැදගත් කරුණකි. 1994 දී පොදු ජන එක්සත් පෙරමුණ පක‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් නීති විශාරදයෙකු ඇතුලත් කිරීමට අවශ්‍ය විය.ගොනුව:ලලිත් ඇතුලත්මුදලි.jpgඒ සඳහා අගවිනිසුරු සුප්පයියා ශර්වාන්නද පක‍ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය තීරණය කළාය. නමුත් මෙම තීරණය පිළිබඳව මැතිනියගේ සොයුරු බී. එස්. සී. රත්වත්තේ මෙම පත් කිරීම පිළිබඳව ඇයට උපදෙස් ලබා දුන්නේය. ඔහුගේ උපදේශය වූයේ එලෙස පාර්ලිමේන්තුවට පත් කිරීමට සුදුසුම නීති විශාරදයා වන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් බවයි. රත්වත්තේ මෙසේ විශ්වාසවන්ත ලෙස රටේ භාර දූර කටයුත්තක් වෙනුවෙන් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ නම යෝජනා කිරීමට හේතුව වී ඇත්තේ රත්වත්තේ සහ ලක්‍ෂමන් කදිර්ගාමර් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුන් වූ නිසා ඔවුනොවුන් එකිනෙකා දැන සිටීමයි. ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ජාත්‍යන්තර කීර්තිය ගැනත් අවංකභාවය පිළිබඳවත් රත්වත්තේ විනිසුරුවරයා තුල මහත් ගෞරවයක් තිබී ඇත. මේ ආකාරයට ලක්‍ෂමන්
කදිර්ගාමර්ගේ වයස අවුරුදු 62 වැනි වියේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යටතේ පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවිය ලබා ගැනීමට හැකි විය. මෙම පත්වීමේ විශේෂත්වය එම පදවියට පත්වූ දා සිටම ඔහු ශ්‍රී ලංකාව් විදේශ අමාත්‍ය ධූරය දැරීමයි.ගොනුව:චන්ද්‍රිකා කුමාරතුංග.jpegමෙසේ විදේශ කටයුතු අමාත්‍ය ධූරයට පත්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නීති දැනුම හා ඔහු සතුව තිබූ දේශපාලන බුද්ධිමත් භාවයයි. දේශපාලනයෙහි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබිය යුතු අන්යෝන්‍ය සබඳතාව ඔහු හොඳින් අවබෝධකර සිටි අයෙකි. එසේම නිදහසින් පසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව ගෙන ගිය විදේශ සබඳතා කුමනාකාරයෙන්ද යන්න ඔහු අවබෝධයෙන් සිටියේය. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ දැවැන්ත චරිතයක් ලෙස මධ්‍ය දේශපාලනය තුල ගොඩනැගීමට ඔහු සතුව තිබූ දේශපාලන ඥානය වැදගත් වී ඇත. ඊට අමතරව සර්ව ආගමික නියෝජනය, විවිධත්වයකින් යුත් පරිසරයක ආභාෂය කදිර්ගාමර් චරිතය දේශපාලනය තුල ගොඩනැගීමට අභ්‍යන්තරික ලෙස බලපා ඇත.ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට මැදිහත් වීම සඳහා බලපෑ බාහිර සාධක[සංස්කරණය]අභ්‍යන්තර මෙන්ම බාහිර වශයෙන්ද ලක්‍ෂමන් කදිර්ගාමර් චරිතය මධ්‍ය දේශපාලනයට ප්‍රවේශ වීම සඳහා බල
පෑම් කළ සාධක ඇත. දේශපාලනයට ඔහු පැමිණෙන විට දේශපාලනය තුළ සකස් වෙමින් තිබූ වෙනස්කම් ලක්‍ෂමන් කදිර්ගාමර් වැනි දෙමළ නියෝජිතයින් මතුවීමට වැදගත් විය. විශේෂයෙන් දෙමළ නියෝජනය පිළිබඳ මතු වූ ගැටළු පිළිබඳ ලංකාවේ දේශපාලනය ඉතිහාසය දෙස බැලීමෙන් පෙනෙන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් වැනි නියෝජිතයන්ගේ නියෝජනය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වැදගත් අවස්ථාවක් වු බවයි.දෙමළ නියෝජනයේ ඉතිහාසය[සංස්කරණය]නිදහසට පෙර තත්ත්වය[සංස්කරණය]දෙමළ නියෝජනය ගැටළු සහගත තත්ත්වයක් ලෙස පළමු වරට ආරම්භ වන්නේ වර්ෂ 1908 දීය. ව්‍යවස්ථාදායකයට යායුතු උගත් ලාංකිකයා කවුද යන්න ප්‍රශ්නය මතු වූ අවස්ථාවක ජනතා ජන්දයෙන් පොන්ම්බලම් රාමනාදන් පත්කරගෙන ඇත. නමුත් මෙහිදී තවත් පිරිසක් එච්. ඇම්. ප්‍රනාන්දු ඒ සඳහා සුදුසු බව යෝජනා කලහ. වසර 1911 දෙසැම්බර් 13 උගත් ලාංකික නියෝජිතයා ලෙස පොන්නම්බලම් රාමනාදන් තේරී පත් විය. මෙම නියෝජනය පසු කාලීනව සිංහල, දෙමළ දෙපිරිස අතරින් වැඩිපිරිසක් තමන්ගේ කණ්ඩායමට ලබා ගැනීමට බි්‍රතාන්‍ය ආණ්ඩුවට යෝජනා කරමින් තරඟකාරිත්වයක් හා විරසක බවක්ද නිර්මාණය වන්නට හේතු වී ඇත. නිදහසින් පසු තත්ත්වය[සංස්කරණය]1948 නිදහස ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ
ප්‍රථම පාර්ලිමේන්තුව තුළ සුළු ජාතික නියෝජනය 24% කි. මෙහිදී ඇමති පදවිය ලද්දේ විදුලි සංදේශ පදවිය ලත් සී. සින්නම්පලම් හා වානිජ වෙළඳ ඇමති පදවිය ලත් සුන්දරලිංගම්ට පමණය. මීලඟට සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ රටේ 81% ක් පමණ සිටි බහුතරයකගේ භාෂාව වූ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමයි. දෙමළ භාෂාව ජාතික භාෂාවක් හැටියට එහි සඳහන් නොවීම හේතු කොටගෙන ප්‍රබල විරෝධතා මතු වන්නට විය. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් මෙහිදී ආරක‍ෂා නොවේ යයි මතයක් පළ වූ බැවින් එය ආරක‍ෂා කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග විය යුත්තේ කැබිනට් මණ්ඩලයට සුළු ජාතික නියෝජනයක් ලබා දීමයි. වර්ෂ 1956 දක්වා ප්‍රධාන සුළු ජාතිකයන් වූ ද්‍රවිඩයන්ගේ නියෝජිතයෝ ද කැබිනට් මණ්ඩලයට පත්වූ නමුත් 1956 න් පසු සිංහල රජයේ භාෂාව කිරීම මඟින් එකද ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් කැබිනට් මණ්ඩලයට ඇතුලත් නොවී ඇත. 1956 න් පසු බොහෝ අවස්ථා වලදී ආණ්ඩුපක‍ෂය පවා එකද ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් නොසිටියේය.1970 දශකයෙන් පසු තත්ත්වය[සංස්කරණය]සිංහල දෙමළ වාර්ගික ගැටළු මතුවූ තවත් අවස්ථාවක් වන්නේ 1970 දශකයයි. 1970 දී පැවැත්වූ මැතිවරණය ඒ සඳහා විශේෂ වේ. ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය, ලංකා සම සමාජ පක‍ෂය හ
ා ලංකා කොමියුනිස්ට් පක‍ෂය යන ආදී පක‍ෂයන්ගේ නායකත්වායන් යුත් සමගි පෙරමුණ ආසන 116 කින් යුත් 2රැ3 ක බහුතරයක් ලබාගනිමින් ජයග්‍රහණය කර ඇත. මෙයින් පසුව 1972 හඳුන්වා දෙන ලද නව ජනරජ ව්‍යවස්ථාව මඟින් ජාතික රාජ්‍ය සභාවේ සංයුතිය තුල සිටි මන්ත්‍රීවරු 157 දෙනාගෙන් 19 දෙනෙකු පමණක් දෙමළ මන්ත්‍රීවරු වූහ. දෙමළ නියෝජනය පිලිබඳ තවත් වැදගත් අවස්ථාවක් වන්නේ 1977 මැතිවරණයයි[permanent dead link]. මෙහිදී එක්සත් ජාතික පක‍ෂය 6/5ක බහුතරයක් ලබාගෙන විශාල ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ඡන්දයෙන් රටේ ජනාධිපති ලෙස ජේ. ආර්. ජයවර්ධන පත් වූ අතර පාර්ලිමේනතුවේ විපක‍ෂ නායක ධූරයට ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් පත්විය. ගොනුව:අමිර්තලිංගම්.gifමෙයින් පසුව සිදුවූ තවත් වැදගත් සිදුවීමකි වර්ෂ 1983 අගෝසතු මස 03 වන දින පාර්ලිිමේන්තුව මඟින් සම්මත කරනු ලැබූ හත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එහිදී උද්ගත වූ ගැටළුව වූයේ උතුරු නැගෙනහිර ජනතාවට තමන් නියෝජනය කරන්නට මහජන නියෝජිතයින් නොමැති වීමයි. ඊට හේතුව වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උපලේඛය තුළ සඳහන් වූ දිවුරුම වූ රටේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අදාළව කෙරෙන සියළුම කටයුතු වල
ින් ඉවත් වන බවට වූ ප්‍රතිඥාවයි. මෙම දිව්රුම් දීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට සහභාගි නොවී සිටීම නිසා සියල්ලන්ගේම මන්ත්‍රීධූර අහෝසි විය.ලංකාවේ මානව අයිතිවාසිකම් කඩ වීම[සංස්කරණය]වර්ෂ 1983 ජූලි 23 හමුදා භටයන් දහතුන් දෙනෙකු මරා දැමීමත් සෙබළු 13 දෙනාම සිංහල අය විමත් නිසා ජාතිවාදී දෙපිරිස අතර ගැටුම තව දුරටත් වර්ධනය විය. මේ සමඟ ආරම්භ වූ 1983 කළු ජූලිය[permanent dead link] ඉතාමත් බරපතල ආකාරයට මානව අයිතිවාසිකම් කඩවීම, සහ ස්ත්‍රී දූෂණ සිදුවී ඇත. අමානුෂික ලෙස සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ටිකෙන් ටික වර්ධනය විය. එම කලබල කාරී සීමාව තුළ මිනීමැරීම් 471 ක්ද, තුවාල සිදුකිරීම් 3769 ක්ද, ගිනි තැබීම් 8077 ක්ද, මංකොල්ලකෑම් 3835 ක්ද නිල වශයෙන් වාර්ථා වී ඇත. මෙහිදී අනාථ කඳවුරු වල ගොනු වී සිටි ද්‍රවිඩයන් සංඛ්‍යාව 133,000 පමණ විය. ඉන්දියාවට පළාගිය ද්‍රවිඩ සරණාගතයන්ගේ සංඛ්‍යාව 100,000 පමණ විය. ඉන්දියා සංඛ්‍යාලේඛන වලට අනුව මෙය 200,000-250,000 පමණ වේ. 1983 සර්ව පාක‍ෂික සමුළුව මඟින් ජාතිවාදී ගැටළුවට පිළියම් ලෙස බලය විමධ්‍ය ගත කිරීම පිළිබඳව එකඟත්වයකට පැමිණියද ඒ පිළිබඳව යොදා ගනු ලබන ඒකකය
මතභේදයට තුඩු දෙන්නක් විය. 1985 ජූලි පැවති තිම්පු සාකච්ඡාවේද බලය විමධ්‍යගත කිරීම ප්‍රධාන ඉල්ලීම වී ඇත.වර්ෂ 1987 ඉන්දු-ලංකා ගිවිසුම, ජාතිවාදී අරගල සඳහා ඉන්දියාව සමඟ පවත්වන මිත්‍රත්වය ඔස්සේ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය විසඳීමට උත්සහ කරන ලදී. ගිවිසුමෙහි දෙවන වගන්තිය යටතේ නිර්දේශිත පළාත් සභා 1987 ආණ්ඩුක්‍රම වවස්ථාවට ගෙන එනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් 1987 අංක 42 දරණ පළාත්සභා පනත පිහිටුවන ලදී. මෙය එක අතකින් බණ්ඩාරණායක-චෙල්වනායගම් ගිවිසුම්, ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් වලට වඩා බලය විමධ්‍යගත කිරීම සම්බන්ධව ප්‍රායෝගික විය. මේ ක්‍රමය යටතේ පළාත් 09 ක් පිහිටුවා 1988 මුල්ම පළාත්සභා මැතිවරණය පවත්වන ලදී. එහිදී උතුරු නැගෙනහිර පළාත් තුළ දෙමළ විමුක්ති සංවිධානයේ පළාතේ මහ ඇමති ලෙස වර්ධරාජා පෙරුමාල් පත් වි ඇත. ඔහු ඊලාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටුවන බවට කළ ප්‍රකාශය සමඟ 1990 අංක 27 දරණ පනත මඟින් පළාත් සභාව අහෝසි කරන ලදී. 70 දශකයෙන් පසුව දෙමළ නියොජනය ව්‍යවස්ථාදායකයෙන් බැහැරවීමක් සිදුවන බව පෙනේ. එමෙන්ම 1976 පිහිටුවා ගනු ලබන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය මඟින් ලංකාවේ දේශපාලනයට ඔහුන්ගේ දෙමළ ජන
තාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බලපෑම් කිරීමට පටන්ගත්හ. වෙනම රාජ්‍ය සංකල්පය හඳුන්වාදීමට මහත් මෙහෙවරක් කළ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායකවූ අමිර්තලිංගම් 1989 ජූලි ඝාතනය කෙරින. මේ සඳහා වගකිවයුත්තා ලෙස දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සැක කරන ලදී. මේ ආකාරයට දෙමළ දේශපාලන නියෝජිතයන් ඝාතනය කිරීම මඟින් එම නියෝජිතයන්ගේ නැඟීසිටීම සඳහා බාධා මතු වේ. මේ මඟින් දෙමළ දේශපාලනයේ දියවී යාමක් මේ දශකයේ දී දක්නට ලැබේ. ජනාධිපති ජයවර්ධනගෙන් පසුව බලයට පත්වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ උතුරු-නැගෙනහිර ප්‍රශ්නය තව තවත් උත්සන්න තත්වයකට පත් වී ඇත. ඔහු මෙම ප්‍රශ්ණය හැසිරවූයේ ජේ. ආර්. ජයවර්ධනට වඩා වෙනස් ආකාරයකටය. ජනාධිපති ප්‍රේමදාස ඉන්දියාව සමඟ පසමිතුරුව මෙම ගැටළුව විසඳිය හැකි බවට විශ්වාස කර ඇත. නමුත් ජේ. ආර්. නිතරම ඉන්දියාව සමඟ මිතුරුව මෙම ගැටළුව විසඳීමට උත්සහ ගත් අයෙක් විය. කොටි සංවිධානය පාලනය කිරීම සඳහා ජේ. ආර්. ගෙන්වන ලද ඉන්දීය සාමසාධක හමුදාවට 1989 දී ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට ප්‍රේමදාස අණදුන් පසු ඔවුන් මෙරටින් පිටවීමත් සමඟ දෙවන ඊලාම් යුද්ධය 1990 ජුනි. මස නැගෙනහිර පළාතේ මඩකලපුව ප්‍රදේශයෙන් පටන් ගැනුනි.
මෙයින් පසු ඝාතන රුසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කිරීමට සමත් වූහ. ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි, හිටපු යුධ හමුදාපති ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ තවත් හමුදාවේ ප්‍රධාන නිලධාරීන් රැසක් මේ ඝාතන රැල්ලට හසු විය. 1993 හිටපු ජාතික ආරක‍ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි ද එම වසරේම මැයි 01 වන දින ප්‍රේමදාස ජනාධිපතිද මරාගෙන මරෙන බෝමබ කරුවකුගේ ප්‍රහාරයකින් මරණයට පත් වූහ. මෙම ඝාතන සංස්කෘතියත්[permanent dead link] සමඟ ලංකාවේ ජාතීන් අතර සාමය බොහෝ දුර බව ලාංකිකයින්ට පෙනුනි. ප්‍රේමදාස ඝාතනයෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපති වශයෙන් ඩී. බී. විජේතුංග පත් වූ අතර ඔහු සාම ප්‍රයත්නය පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වන ලදී. මේ වන විට එක්සත් ජාතික පක‍ෂයෙන් 17 වසරක පාලනයක් පැවතීම නිසා නව නායකත්වයක අවශ්‍යතාවය ජනතාව තුල මතුවෙමින් තිබුණ බව ඇතැමුන්ගේ අදහසයි.1994 වන විට ශ්‍රී ලංකාවේ පක්‍ෂ අතර දේශපාලනය[සංස්කරණය]1994 වර්ෂයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක‍ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල මූලික සංකල්පය වී ඇත්තේ යුද්ධය හමාර කර ගැනීම සඳහා ඔවුන්ගේ ඉදිරි දැක්මයි. ජනතා විමුක්ති පෙරමුණ 1994 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ජාතිය ගලවා ගැනීම
ේ පෙරමුණ හැටියටයි. මෙහිදී සුළු ජාතීන්ට ස්වයං පාලන බලතල ලබා දෙන බවට මැතිවරණ පොරොන්දු ලබා දෙමින් යුද්ධය හමාර කිරීමට දේශපාලන විසඳුම් සඳහා සිය නායකත්වය පෙනී සිටින බව ප්‍රකාශ කලහ. මේ ආකාරයට 1994 වන විට දේශපාලන වේදිකාව මත සාමය ඇතිකිරීම සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් තරඟවදින අපේක‍ෂකයන් දැක ගත හැකි විය. 1994 නොවැම්බර් පැවති ජනාධිපතිවරණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 62.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජනාධිපති ධූරයට පත් වූවාය. යුද්ධය සඳහා විසඳුම් දෙන බවට පොරොන්දු දුන් ඇයටද සාම මෙහෙවර සඳහා වෙහෙස වන්නට සිදුවිය. ඒ සඳහා ඇයට පාර්ලිමේන්තුව තුළ දේශපාලන සහ නෛතික බුද්ධිමත්භාවයක් ඇති නියෝජිතයෙක් අවශ්‍ය වීම සාධාරණ කාලීන අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දිය හැකිය. ඉහත දැක්වූ ආකාරයට ජාතික ලැයිස්තුවෙන් පත්වීමට මේ සඳහා සුදුස්සා වූයේ ලක්‍ෂමන් කදිර්ගාමර්ය.ඉහත දක්වන ලද දේශපාලන ඉතිහාසය තුළ දෙමළ නියෝජනය දේශපාලනයේ පරිවාරයට සීමා වීමක් සිදු වන මොහොතක ලක්‍ෂමන් කදිර්ගාමර් වැනි දෙමළ නියොජිතයෙක් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සඳහා සහභාගිකර ගැනීම වැදගත් අවස්ථාවකි. විශේෂයෙන් ජාතිවාදී වශයෙන් දෙමළ අයගේ අයිතිවාසිකම් රජය විසින් පැහැ
ර හැර ඇතැයි යන මතය දෙමළ ජනතාව අතර පවතින මොහොතක දෙමළ නියෝජිතයෙක් මේ ආකාරයට දේශපාලනයට සම්බන්ධ කර ගැනීම එම තර්කය බිඳ හෙලීමක් ලෙස දැකිය හැකිය. සාම ප්‍රයත්නය සඳහා මැතිවරණ පොරොන්දු දීම, ලක්‍ෂමන් කදිර්ගාමර් සිදු නොකල නිසා ඔහුට මෙම කාර්ය සඳහා නව ප්‍රවේශයකින් අවතීර්ණ වන්නට හැකි විය. ඒ සමඟ ඔහුට විදේශ කටයුතු අමාත්‍ය ධූරය ලබාදීමත්, ඒ වන විටත් ඔහු විසින් නිර්මාණය කරගෙන තිබූ ජාත්‍යන්තර සබඳතා ජාලයත් මෙම කර්තව්‍ය පහසු කිරීම සඳහා ඔහුට වැදගත් වන්නට ඇති බව පෙනේ. ලංකාවේ දෙමළ නියෝජනය දේශපාලනයේ පරිවාරයට යාම පිළිබඳව දෙමළ අයට තිබූ සවිඥානය වෙනස් කිරිම සඳහා කදිර්ගාමර්ගේ මෙම පත් කිරීම හේතුවන්නට ඇත. මේ අනුව පැහැදිලි වන්නේ, ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනඥයෙක් වශයෙන් ලංකාවේ දේශපාලනය තුළ වැදගත් වීම සඳහා දෙමළ නියෝජනය පිළිබඳ ඉතිහාසය බාහිර වශයෙන් බලපෑම් කළ බව කිව හැකිය. අනෙක් අතට ඔහුගේ දැනුවත් භාවය ජාතික හා ජාත්‍යන්තරව පැවති සබඳතා ජාලය නීතිය පිළිබඳව තිබූ විශේෂඥ ඥානය ව්‍යවස්ථාදායක කි්‍රයාවලිය තුළ ප්‍රබල භූමිකාවක් ගෙඩනඟා ගැනීමට බාහිර ලෙස ඔහුට බලපෑම් කර ඇත. ශ්‍රී ලංකාවේ ගැටලූ සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව තිබු ඉදිරි දැක්
ම සහ මැදිහත් ව්ම වසර 1994 දී දේශපාලනයට ප්‍රව්ශ්ඨ වු ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ වන ව්ට වඩා වැදගත් මාවතක් ලෙස පෙනී ගිය ව්දේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වී ඇත. මෙම අමාත්‍ය ධුරය විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තරය අතර සබඳතාවය පවත්වන එක් මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකිය. මේ නිසා මෙම අමාත්‍ය ධුරයට පැවරෙන කාර්යය භාර්ය සුළුපටු නොවන්නකි.ශ්‍රී ලංකාවේ ගැටලූ සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව තිබු ඉදිරි දැක්ම සහ මැදිහත් ව්ම[සංස්කරණය]ගොනුව:ඇමරිකා සබඳතා.jpgවසර 1994 දී දේශපාලනයට ප්‍රව්ශ්ඨ වු ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ වන ව්ට වඩා වැදගත් මාවතක් ලෙස පෙනී ගිය ව්දේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වී ඇත. මෙම අමාත්‍ය ධුරය විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තරය අතර සබඳතාවය පවත්වන එක් මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකිය. මේ නිසා මෙම අමාත්‍ය ධුරයට පැවරෙන කාර්යය භාර්ය සුළුපටු නොවන්නකි. 1994 වන ව්ට ලංකාවේ පැවති ප්‍රධානතම ගැටලූව වු ජනවාර්ගික ගැටලූව සම්බන්ධව ජාතික හා ජාත්‍යන්තර ප්‍රවේශයන් ගණනාවක් ගැනීමට මෙම අමාත්‍ය ධුරය ඔස්සේ කළ හැකි වු බව ලක්‍ෂමන් කදිර්ගාමර්ට වැටහුන නිසා මෙම මාවත තෝරා ගන්නට ඇත. ඔහු සතුව තිබු ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ව්ශේෂඥ දැනුම ඊට හේතු
වන්නට ඇත. ඒ වන ව්ට ලංකාවේ තිබු ගැටලූ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා, පිළියම් සහ ඉදිරි දැක්ම මොනවාදැයි යන්න මෙහිදි සොයා බැලීම වැදගත් වේ. වසර 1994 වන ව්ට ලංකාවේ තිබු ගැටලූ හා අභියෝග ඉහත සඳහන් විය. 1994 වන ව්ට ශ්‍රි ලංකාව අභියෝග රැසකට මුහුණපා සිටි බව පෙනුනි. ඒවා මුලික වශයෙන් දේශපාලන අභියෝග ලෙස යමෙකුට පෙනුන නමුත් ඇතැම් ව්ට ඒවා රටේ සංවර්ධනය සම්බන්ධව, ආර්ථිකය සම්බන්ධව හා රටේ ජනතාව සම්බන්ධව බලපාන ලද ඒවා වුහ. මේ නිසා මෙම අභියෝග දේශපාලන මෙන්ම සමාජ හා ආර්ථික වශයෙන් ද දැකිය හැකිය. ලක්‍ෂමන් කදිර්ගාමර් ලංකාවේ තිබු ව්ව්ධ ගැටලූ සම්බන්ධයෙන් මැදිහත් ව් ඇත. උදාහරණ වශයෙන් ජනවාර්ගික ගැටලූව උදෙසා සාම ක්‍රියාදාමය,සිවිල් යුද්ධය[permanent dead link] ලංකාවේ සාමය වෙනුවෙන් නෝර්වේ සාම නියෝජිතයන්ගේ මැදිහත් වීම, සටන් විරාම ගිවිසුම පිළිබඳව, සුනාමි සහන මණ්ඩලය, සුදු නෙළුම් ව්‍යාපාරය සහ ඉන්දියාව හා ලංකාව අතර පවතින සම්බනධතා පිළිබඳ සිය මැදිහත් ව්ම දැක්ව්ය හැකිය.ලංකාවේ ජනවාර්ගික ගැටලූව සම්බන්ධව ඔහු තුල තිබු ආකල්පය[සංස්කරණය]වසර 1994 අගෝස්තු 25 වන දින ලක්‍ෂමන් කදිර්ගාමර් පළමු වරට පාර්ලිමේන්තුවට සහභාගි වෙම්න් පවසා ඇත්තේ ර
ටේ පවතින ආරවුල් වලට සාමය ඇති කිරිමට උත්සහ කල යුතු බවයි. එහිදී මෙම වාර්ගික ගැටලූව[permanent dead link] ව්සඳීමට ව්ව්ධ ව්සඳුම් පවතින බවත්, ගැටුමකින් තොරව සාමකාම් ව්සඳුමක් ලබාගැනීමත් ඔහු අරමුණු කර ඇත. මේ අනුව පෙනෙන කරුණක් වන්නේ ඔහු දේශපාලනයට ප්‍රව්ශ්ට ව් ඇත්තේ පවතින ජනවාර්ගික ගැටලූවට සාමකාම් ව්සඳුමක් ලබා දීම සඳහා බවයි. ව්ශේෂයෙන් ඔහුගේ අදහස වුයේ ජනවාර්ගික යන වචනය පසු පසට දැම්ය යුතු බවයි. කළු ජුලිය වකවානුවේ ද සිංහල පවුල් බහුතරයක් දෙමළ පවුල් ආරක්‍ෂා කළ ආකාරයත්, නිදහස ලැබිම සඳහා කළ සටනේ දී දෙමළ සාමාජිකයන් ද එහි ප්‍රමුඛත්මයක් ගෙන තිබු නිසාත් වාර්ගිකත්වය ලංකාව තුළ දක්නට නොලැඛෙන බව ඔහුගේ අදහසයි. විශේෂයෙන් එවකට ජනාධ්පති චන්ද්‍රිකා කුමාරතුංගගේ අදහසට අනුව ද්‍රව්ඩ සුළු ජාතීයේ සාධාරණ දුක් ගැනව්ල්ලි සඳහාද දේශපාලන ව්සඳුමක් ලබා දීම පිළිබඳ ඉතාමත් පැහැදීමකින් සිටි බව පෙනේ. ම්ට හේතුවන්නට ඇත්තේ ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනයට ප්‍රවේශ ව්මට ප්‍රථම ද ඔහු මෙම අදහස් දැරීම විය හැකිය. හිටපු ජනාධ්පති චන්ද්‍රිකා කුමාරතුංග ගේ හැට වන උපන් දිනයට ප්‍රශංසාවක් ලෙස ලක්‍ෂමන් කදිර්ගාමර් කරන ලද කතාව "සාමය සඳහා නිර්භීත කම” මාතෘක
ා කර ගෙන ඇත. මෙම ජනාධ්පතිනියගේ යුගය සාමය සඳහා අලූත් ආරම්භයක් බව ඔහු එහිදී දක්වා ඇත. ලක්‍ෂමන් කදිර්ගාමර් දේශපාලනඥයන් අතර වෙනස් තැනැත්තෙක් ලෙස හඳුනාගත හැක්කේ ඔහු ජාතික ලැයිස්තුවෙන් පත් ව්ම නිසාය. මන්ද ඡන්දයෙන් පත් වන අනෙක් පාර්ලිමේන්තු සාමාජිකයන්ට මෙන් ඡන්ද පොරොන්දු ඉටු කිරිම වැනි දේවල් මොහුට කිරීමට නොතිබිමයි. මේ නිසා ඔහු ජනාධිපතිනියගේ අදහස තව තවත් වර්ධිත මටිටමකට ගෙන ඒම සඳහා තමන් සතු නීතිමය ඥානය සහ ව්දේශ සබඳතා පිළිබඳ දැනුම මඟින් ඊට සහය දක්වා ඇත. සාම ක්‍රියාදාමය පිළිබඳව නිතරම කතා කල ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස වුයේ දෙපාර්ශ්වයට එක හා සමානව රට ඛෙදිමකින තොරව දේශපාලන ව්සඳුමකින් සාමය ලඟා කරගත හැකි බවයි. ඒකීය ලංකාවක් තුළ සාම ක්‍රීයාදාමය සිදු ව්ය යුතු බව ලක්‍ෂමන් කදිර්ගාමර් ගේ අදහස ව් ඇත.සාම ක්‍රියාදාමය ඔස්සේ ඔහු කතාබහට ලක් කල තවත් කරුණක් වන්නේ ප්‍රජාතාන්ත්‍රවාදී මානව අයිතීන් පිළිබඳවයි. ඔහු ඍජුවම සහ පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ලංකාව තුළ සුළු ජාතීන්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත වන බවයි. ඔහු එසේ ප්‍රකාශ කිරිමට හේතුව ලෙස දක්වන්නේ ‘දෙමළ ජන වර්ගයට’ අයත්ව ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබා මධ්‍ය දේශපාලනය තුළ ව්දේශ අ
මාත්‍ය ධුරය දරණ බැව්නි. තවද ඔහු කුලය[permanent dead link], ජාතිය[permanent dead link], ජනවර්ගය පිළිබඳව සැලකීමක් නොදක්වන ලදි. ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ විශ්වාසය වුයේ ප්‍රශ්ණ පිළිබඳව කතා කිරිමේ දි එය සිංහල හෝ දෙමළ ප්‍රශ්ණ ලෙස නොව එය පොදුවේ කතා කළ යුතු බවයි. ‍රටේ තිඛෙන මතයක් වු උතුරු නැගෙනහිර පළාත් ඒ ප්‍රදේශ වල සිටින ජනතාවගේ බව ලක්‍ෂමන් කදිර්ගාමර් ප්‍රතික්‍ෂෙප කර ඇත. මේ පිළිබඳම ඔහුගේ අදහස ව් ඇත්තේ සියලූ ජන කොටස් වල අයිතීන් නිදහස හා ආරක්‍ෂාව රටේ සියලූ තැනකදීම රජය විසින් ආරක්‍ෂා කර දිය යුතු බවයි. ලක්‍ෂමන් කදිර්ගාමර් නීතිඥ වරයෙකු මෙන්ම රජයේ සාම නිලධාරයෙකු වශයෙන් සුව්ශේෂී ක්‍රමවේදයක් හඳුන්වාදී ඇත. එය ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත්තේ පහත පරද්දෙනි.රටේ ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර තලයේ අනුගමනය කල යුතු ඉදිරි උපාය මාර්ග ගවේශනය කිරීම.රටේ ජාතික ගැටලූව ව්සඳීම සඳහා තුළනාත්මක වු ද සාධාරණ වූද ප්‍රවේශයක් හඳුන්වා දීමයි.රටේ ජාතික අභිලාසයන් සාධනය කර ගැනීමටත් රටේ ප්‍රතිරූපය නංවා ලීමටත් අවශ්‍ය ශක්තිමත් ව්දේශ ප්‍රතිපත්තියක් ඇති කරලීමයි.මේ අනුව රටේ සාම ක්‍රියාදිමය සම්බන්ධව ඔහුගේ ක්‍රමවේදය ද්
ව්ත්වාකාර සහ ක්‍රමානුකූල වු බව පැහැදිලි වේ. සාම ක්‍රියාදාමය පිළිබඳ දේශපාලනික වශයෙන් පිළියම් සෙව්ම අතරවාරයේ යුද්ධය නිසා සාමාන්‍ය ජනතාවගේ ජන ජීව්තය අඩාල ව්ම මත අසරණ ඔවුන්ට සහන සැලැස්ව්මට පියවර ගැනීම ව්ශේෂත්වයකි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල වාසය කරන දෙමළ ජනයා යුද්ධයෙන් වැඩි වශයෙන් අසාධාරණයට පත් වන ජන කොටසක් ලෙස හඳුනාගත් ලක්‍ෂමන් කදිර්ගාමර් යුද්ධයේ කුරිරු බව, මරණය, දේපළ හානි සිදු ව්ම නිසා මානවහිම්කම් පිළබඳව ආරක්‍ෂක සේවයේ නියුක්ත වුවන් දැනුවත්කිරීමත්, අතුරුදහන් වුවන් පිළිබඳව සොයා බැලීමට කොම්සම් පත් කිරීමටත් මුලික ව් ක්‍රියකර ඇත. ජාතික හා මානව හිම්කම් කොම්සමක් පිහිටු ව්ම සඳහා පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම ඊට නිදසුනක් ලෙස ඉදිරිපත් කළ හැකිය.සාම ක්‍රියාදාමය සඳහා ජාත්‍යයන්තර වශයෙන් අවධානය දිනා ගැනීමට ලක්‍ෂමන් කදිර්ගාමර් ක්‍රියා කල අයෙකි. ඔහුගේ අදහස වුයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කොටි ත්‍රසිතවාදීන්ට ව්රුද්ධව ආඥාවක් නිතුත් කල යුතු බවයි. මෙම ක්‍රියාදාමය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ අදහස් හා සහයෝගය ඉතාම වැදගත් සාධකයක් බව ලක්‍ෂමන් කදිර්ගාමර් දැඩිසේ විශ්වාස කළ අයෙකි. පෙර සඳහන් කල පරිදි 1994
වන ව්ට ජාත්‍යන්තරය තුළ ලංකාවේ ප්‍රතිරූපය එතරම් යහපත් වුවක් නොවේ. තවද එල්. ටි. ටි. ඊ සංවිධානය ප්‍රකාශ කළ පරිදි ද්‍රව්ඩ ජනයාට ඇති එකම සහනය වෙනම රාජ්‍යයක් පිහිටුව්ම බව මේ වන ව්ට ජාත්‍යන්තර ප්‍රජාවගේ අදහස වී තිබුණි. එම නිසා මෙම මතයන් දුර්මතයන් බවට පත්කිරිම සඳහා ලක්‍ෂමන් කදිර්ගාමර් රටින් රට ගොස් ව්ව්ධ සංව්ධාන සමඟ සාකචිඡා කොට එල්. ටි. ටි. ඊ සංව්ධානය පවසන තරම් සාධාරණ අදහස් ඇති සංව්ධනයක් නොවන බව ඔප්පු කර ඇත.ලක්‍ෂමන් කදිර්ගාමර් සාමය උදාකර ගෑනිම සඳහා ඔහු සතු ජාත්‍යන්තර නීතිය පිළිබඳ දැනුම යොදා ගෙන ඇති අතර රටේ පරමාධිපත්‍ය බලයට සියලූ ජන කොටස් හවුල් කර ගනිම්න් නව නුතනවාදී රාජ්‍යයක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්න අලූත් ප්‍රායෝගික දැනුමක් නිර්මානය කර ඇත. මේ නිසා ශ්‍රී ලංකාමට සාමය උදාකර ගැනීම සඳහා යා යුතු මඟ පිළිබඳව ඔහු සතුව තිබු දැක්ම සහ ඒ සඳහා ඔහු ගෙනගිය නොපසුබස්නා අරගලය නිසා ඔහු දැවැන්ත දේශපාලනඥයක් ලෙස ගෙඩනැඟෙන්නට ඇත. නීලන් තිරුචිල්වම් ගේ අදහස් බොහෝ සෙයින් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ සාම ක්‍රියාදාමය සඳහා බලපාන ලද බැව් පෙනේ. තිරුචිල්වම් පිළිබඳව අදහස් දක්වන ලද අවස්ථාවක දී කදිර්ගාමර් ප්‍රකාශ කර ඇත්තේ රජයේ උසස
් තලයේ කාර්යාලයේ සහ අමාත්‍යංශයේ වැඩ කිරීමේ දී නිලන් ගේ අවවාද නිල නොවන මටිටම්න් ඔහුට වැදගත් වු බවයි. ව්ශේෂයෙන් තිරුව්ල්වම් ද ආරක්‍ෂාවක් ඇති දෙමළ ප්‍රජාවක් සිටින සුරක්‍ෂිත ඒකීය ලංකාවක් ව්ශ්වාස කර ඇත. ඛෙදුම්වාදයෙන් සාමය උදාකරගත නොහැකි බව ලක්‍ෂමන් කදිර්ගාමර් ද ව්ශ්වාස කර ඇත. එපමණක් නොව බලය ඛෙදීමේ ඒකකයක් වශයෙන් උතුරු නැගෙනහිර දෙමළ පළාත් දෙක සහමුලින් එක් ඒකකයකට ඒකරාශී කිරිම බරපතළ වරදක් බවද තිරුචිල්වම් මෙන්ම ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ද ව්ශ්වාසය ව් ඇත. මේ අනුව පැහැදිලි වන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස් වෙත තිරුචිල්වම් ගේ අදහස් ද බලපාන්නට ඇති බවයි. ලංකාවේ සාම ක්‍රියාදාමය සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් අදහස් මඟින් මධ්‍ය දේශපාලනය තුළ වැදගත් කාර්යය භාර්යක් කිරිමට හැකිව්ය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළබඳ ලක්‍ෂමන් කදිර්ගාමර් දැක්වු අදහස්[සංස්කරණය]ජනවාර්ගික අර්බුදය නිමා කිරිමට හෝ එල්. ටි. ටි. ඊ සංව්ධානය පරාජය කිරීම යුධ අවි බලයෙන් කළ නොහැක්කක් බව තරයේ ව්ශ්වාස කළ ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ සඳහා දේශපාලන ව්සඳුමක අවශ්‍යතාවය අවධාරණය කර ඇත. ඒ අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනයා සඳහා දේශපාලනමය හා පරිපාලනමය වශයෙන් ස්වධින
බවක් ලබා දිය යුතු බවට ඔහු යෝජනා කර ඇත. ජනවාර්ගික ප්‍රශ්නය ව්සඳීමේ අරමුණින් වසර 2000 දී පොදු පෙරමුණ රජය නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලදි. මේ පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස වුයේ මෙම ජනවාර්ගික ප්‍රශ්නය ව්සඳීමේ උත්සහය අසාර්ථක වුවද ඒ මඟින් එම පක්‍ෂයේ කැප ව්ම හා අරමුණ පැහැදිලි වු අතර ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන ව්සඳුමක් ලබා ගැනීමේ සංවාදය ද නව වටයකට ප්‍රවේශ වු බවයි. ඇතැම් අවස්ථාවන්හිදී පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් ඵලකරන ලදි. මේ වෑයම ත්‍රස්තවාදීන්ට හිතවාදී මාර්ගයක් බව ඔවුන්ගේ අදහස ව්ය. එහෙත් එම අදහස් පොදු පෙරමුණේ නිල ස්ථාවරය නොවන බව ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහසයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ ව්‍යුහයක් තුළ මෙවැනි අදහස් මතු ව්ම ස්වාභාවිකය. නමුත් ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස් වුයේ මෙවැනි වාතාවරණයක් තුළදී වඩාත් වැදගත් වන්නේ නායකත්වයක් සහ නිල ප්‍රකාශනයන් නිකුත් කරන සිය පක්‍ෂයේ නිල ස්ථාවරයයි. මේ අකාරයට ලක්‍ෂමන් කදිර්ගාමර් එවකට පොදු පෙරමුණු පක්‍ෂයේ ජනවාර්ගික අර්බුදය පිළිබර්ව ස්ථාවරය පැහැදිලි කිරීමට ඉදිරිපත් ව් ඇති අතර 2000 ඉ
දිරිපත් වු ව්‍යවස්ථාව සම්බන්ධව කටයුතු කළ ප්‍රබල පුද්ගලයෙක් බවට පත් ව ඇත. මේ මඟින් ද පැහැදිලි වන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් ලාංකීය දේශපාලන ධාරාව තුළ ප්‍රබල දේශපාලනඥයෙකු බවට පත් ව් ඇති බවයි.ලංකාවේ සටන් ව්රාම ගිව්සුම[සංස්කරණය]වසර 1995 ජනවාරි ඇතිකර ගන්නා ලද සටන් ව්රාම ගිව්සුම ආරම්භයේ දී ගත් වැදගත් පියවරක් ලෙස හඳුනාගත හැකිය. මෙහිදී නෛතික අතින් වැදගත් බුද්ධිමය මැදිහත් ව්මක් ලක්‍ෂමන් කදිර්ගාමර් සිදු කොට ඇත. ශ්‍රි ලංකා ආණ්ඩුව හා දෙමළ ඊළම් ව්මුක්ති කොටි සංව්ධානය ව්සින් නිශ්චිත කාල පරිචිඡේදයක් සඳහා එදිරිවාදිකම් අත්හිටු ව්ම පිණිස එකඟතාවයක් පළකර ඇත. ව්ශේෂයෙන් සටන් ව්රාම ගිව්සුම සකස් කිරීමේ දී රෙටි ස්වෛරී භාවයට අහිතකර ව්ය හැකි එහි බොහෝ වගන්ති පිළිබඳ පැහැදිලි කර ඇත්තේ ලක්‍ෂමන් කදිර්ගාමර් ය. මෙයින් පසු සාමය සඳහා ඇති වු තවත් ගිව්සුමක් වන්නේ වසර 1997 දී ඇති කරගත් ලියුම් පොක්ස් ගිව්සුමයි. ජනවාර්ගික ප්‍රශ්ණය ව්සඳීම පිළිබඳව මෙහිදී ඉදිරිපත් වු අදහසක් වන්නේ ශ්‍රි ලංකාවේ උදාව් රෙටි ජනතාවගේ සංවර්ධනයට දියුණුවක් හා සෞභාග්‍යයට මෙම ගිව්සුම හේතුවන බව ගිව්සුමේ දෙපාර්ශ්වය වු බ්‍රිතාන්‍ය සහකාර අමාත්‍යවරයෙක් වු ලියුම්
පොක්ස් ගේ මැදිහත් ව්මෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා ව්පක්‍ෂනායක රනිල් ව්ක්‍රමසිංහ යන දෙදෙනාම තේරුම්ගත යුතු බවයි. මෙහිදී ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ අදහස වුයේ අප රටේ පවතින ජනවාර්ගික ගැටලූව ව්සඳීමට පොදු ද්ව්පාර්ශ්ව්ක ප්‍රවේශයක් හා පක්‍ෂ සම්ම්ශ්‍රණ ප්‍රවේශයක් ඇතිකර ගැනීමේ අදහසින් ජනාධිපතිනිය හා ව්රුද්ධ පක්‍ෂයේ නායකතුමා ව්සින් යොදාගන්නා ලද මෙම පිළිවෙත් යහපත් ක්‍රියාවක් බවයි. නමුත් මෙම ගිවිසුම සාර්ථක නොවු අතර ගිව්සුමට සමාන්තරව යුද්ධය ද පැවතීම ඊට හේතුයි. ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ලංකාව සම්බන්ධව ඉදිරි දැක්ම පිළිබඳව සොයා බැලීමේ දී මෙම ගිව්සුම් තුළින් පැහැදිලි වන්නේ ගිව්සුම් ඇතිකර ගැනීමේදී සහ ක්‍රියාත්මක ව්මේ දි අවශ්‍ය දේශපාලන හා නෛතික මැදිහත් වීම ලක්‍ෂමන් කදිර්ගාමර් විසින් සිදු කර ඇති බවයි.නොර්වේ සාම නියෝජිතයින්ගේ මැදිහත් ව්ම පිළබඳ ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ඉදිරි දැක්ම[සංස්කරණය]නෝර්වේ රාජ්‍යය ලංකාවේ සාම නියෝජිතයන් ලෙස සටන් විරාම ගිව්සුමට සම්බන්ධ ව්ම පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව අදහස් තිබුණි. නෝර්වේ රාජ්‍යයේ කාර්යය භාර්ය පිළිබඳ විවෘත ඇසකින් බලා ඒ පිළිබඳව විග්‍රහ කිරීමට ලක්‍ෂමන් කදිර්ගාමර් ඉදිරි
පත් ව් ඇත. මේ පිළිබඳ ඔහුගේ අදහස වුයේ සාම ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බවටත් එල් ටි ටි ඊ සංවිධානය සාකචිඡා අරබනු ඇති බවටත් මා සුබවාදී. තවමත් වෙන් වෙනම ක්‍රියාත්මක වන සටන් ව්රාමය නිල ගිව්සුමක් බවට පත්වනු ඇතැයි ද ව්දේශික නිරික්‍ෂකයන් ද ඊට ඇතුලත් වනු ඇතැයි ද මා උනන්දුවෙන් අපේක්‍ෂා කරනවා” ව්ශේෂයෙන් ඔහු මාස තුනක් පමණ නොර්වේ රාජ්‍යය සමඟ රහසිගතව සාකචිඡා පැවැත්ව්මේ ප්‍රතිඵලයක් ලෙස උතුරු නැගෙනහිර ප්‍රශ්ණය ව්සඳීමට ඉදිරිපත් ව් ඇත. එමෙන්ම නෝර්වේ සාම නියෝජිතයින්ගෙන් තමන් අපේක්‍ෂ කරන්නේ රජය හා එල් ටි ටි ඊ සංව්ධානය සාම සාකචිඡා මේසයට ගෙන ඒමට පහසුකම් සැලසීමක් පමණක් බව අවධාරණය කළ හෙතෙම එහි ක්‍රියාවන් සම්බන්ධයෙන් සෑම ව්ටම අවධානයෙන් සිට ඇත. මෙම වගකීම ව්පක්‍ෂයට යාමෙන් පසුව ද අත් නොහල හෙතෙම පසු කාලීනව ඔවුන් තම කාර්යය අභිබවා යන ව්ට ව්වෙචනය කිරීමට ද සිදු කර ඇත. නොර්වේ සාම නියෝජිතයන් අභිබවා ලංකාවට පැම්ණියේ සාම ක්‍රියාවලියට ආධාර කරන්නන් ලෙසිනි. ඊලඟට ඔවුන් මැදිහත් කරුවන්ගේ භූම්කාව දක්වා ඇත. දැන් ඔවුන් ඒ තත්ත්වය පසුකරමින් සාම ක්‍රියාවලිය තුළ බේරුම්කරුවන් බවට පත්ව තිඛෙනවා” ඒ අනුව පෙනෙන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් රෙටි දැවැ
න්ත ප්‍රශ්ණයක් ව්සඳීම සඳහා ජාත්‍යන්තර මැදිහත්ව්මකට ඉඩ ප්‍රස්ථා සලසා දුනන ද රටට අවැඩක් ඒ තුළින් සිදුවන්නේ ද හෝ නොවන්නේ ද යන්න ගැටලූව සම්බන්ධව ඔවුන් දක්වන අනුග්‍රහය පිළිබඳව අවධානයෙන් සිටි බවයි. නෝර්වේ සාම නියෝජිතයින්ගේ කාර්්‍යය භාර්ය පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර් දක්වා ඇත්තේ අයිතිවාසිකම් උසස් කිරීමට හා සාමය නිර්මාණය කිරීමට ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිසංස්කරණය කළ යුතු ක්‍රමයක් නිර්මාණය කළ යුතු බව ඔවුන්ගේන් අපේක්‍ෂිත අරමුණ වන බවයි. ඔහු වැදගත් දායකත්වයක් දරණ ලද කාර්යන් අතර මෙම සාම නියෝජිතයන්ගේ මැදිහත් ව්ම පිළබඳ මධ්‍ය දේශපාලනය තුළ නියෝජනය කරන්නන් දැනුවත් කිරිමේ කාර්ය ඔහු සතුව පැවැතී කාර්යන් අතර වැදගත් වේ. මේ නිසා ඔහු මධ්‍ය දේශපාලන තලය තුළ දැවැන්තයෙක් ලෙස නිර්මාණය වී ඇති බව කිව හැකිය.ගොනුව:ශ්‍රී ලංකා සබඳතා.jpgඅන්තර් පාලන යෝජනා පිළිබඳ ලක්‍ෂමන් කදිර්ගාමර් දැරූ අදහස්[සංස්කරණය]දේශපාලනය තළ ජනවාර්ගික අර්බුදය ව්සඳම සඳහා යෝජනා වු සෑම යෝජනාවක් සඳහාම ඔහු අමාත්‍ය ධුරය දරණ ලද කාලය තුළ මැදිහත් ව් ඇත. එල් ටි ටි ඊ සංව්ධානය 2003 සාම කතාබහෙන් ඉවත් ව්මත් සමඟ 2003 ජුලි අන්තර් පාලන යෝජනාවලියක් සකස් කර රජයට බ
ාර දෙන ලදි. නමුත් මේ යෝජනාවලිය පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමගේ දැක්ම වුයේ එල් ටි ටි ඊ යේ අන්තර්වාර ස්වයං පාලන අධිකාරිය පිළිබඳ යෝජනාව ඊළාම් රාජ්‍යය සඳහා පිඹුරු පතක් වන බවයි. එමෙන්ම ම්ට සමකාලීනව මේ පිළිබඳ ඇති වු මතයක් ව් ඇත්තේ මෙම අන්තර්පාලන ස්වයං පාලන අධිකාරිය රට ඛෙදීමක් හෝ පාවා දීමක් වශයෙනි. නිසැකයෙන්ම මෙම ඉල්ලීම වෙනම රාජ්‍යයකට අත්තිවාරම් දිම්මක් බව දක්වා ඇත. අන්තර් පාලන ස්වයං අධිකාරිය පිළබඳ මෙම සමස්ථ කරුණු ගෙන බැලීමේ දී පෙනෙන්නේ ලක්‍ෂමන් කදිර්ගාමර් ඒ පිළීබඳව ඉතා දැඩි අවධානයෙන් සිට එහි අවධානම් සහගත බව වටහා දීමට සමත් වුවෙක් බවයි. මේ නිසා ඔහු අන්තර්පාලන ස්වයං අධිකාරිය පිළිබඳ රජයට උපදෙස් දීම ඒ සම්බන්ධව කරුණු වටහා දීම මඟින් සාම ක්‍රියාදාමය සඳහා සක්‍රීයව දායක වී ඇති බව කිව හැකිය.සුනාම් සහන මණ්ඩලය පිළිබඳ ලක්‍ෂමන් කදිර්ගාමර් ගේ ආකල්පය[සංස්කරණය]වසර 2004 දෙසැම්බර් 26 වන දින හට ගත් සුනාම් ඛේදවාචකයේ තවත් ප්‍රතිඵලයක් වන්නේ අන්තර් පාලනය පිළිබඳ යෝජනාවයි. සුනාම්ය පැම්ණි පසුව ව්ව්ධ රටවල් උදව් උපකාර ලංකාවට කිරීමට ඉදිරිපත් වුහ. ඒ අතර ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංව්ධානය සහ ලෝක මහ බැංකුව එහි ප්‍රධාන තැනක් ග
නි. ලෝක බැංකුවේ හානි තක්සේරුවට අනුව සුනාම්යෙන් වැඩිම හානි සිදු ව් ඇත්තේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට බවයි. මේ නිසා ඇමෙරිකවේ ජනාධිපතිගේ අදහස වුයේ සුනාම් සහන ඒකාබද්ධ යාන්ත්‍රණයක් ලංකාවේ ස්ථාපිත කල යුතු බවයි. මෙයට ව්රුද්ධව ජනතා පෙළපාළි රාශියක් ඊට සමකාලීනව ලංකාවේ දැක ගත හැකි ව්ය. මෙහිදී ලක්‍ෂමන් කදිර්ගාමර් සුනාම් සහන මණ්ඩලයක අවශ්‍යතාවය පෙන්වා දෙන අතරම එහි වු ඇතැම් අඩුපාඩුකම් ද පෙන්වා දීමට සමත් ව් ඇත. එමෙන්ම මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය මඟින් ජනවාර්ගික ගැටලූවට සාමයක් උදාකරගැනීමට යාම පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර් නොසතුට පළ කර ඇත. දේශපාලලය තුළ මෙම සාමය ම්ත්‍යාවක් බව පවසම්න් ඒ පිළිබඳව අනාගත දිශානතීන් උදාකරගැනීමට යාම පිළිබඳව ලක්‍ෂමන් කදිර්ගාමර් නොසතුට පළ කර ඇත. දේශපාලනය තුළ මෙම සාමය ම්ත්‍යාවක් බව පවසම්න් ඒ පිළිබඳව අනාගත දිශානතීන් ගැන ඔහු සව්ඥානිකව සිට ඇත. ව්ශේෂයෙන් රජය තුළම කොන්දේසි ව්රහිතව පෙනී සිටින්නට පෞර්ෂයක් තිබු එකම දේශපාලනඥයා ව් ඇත්තේ ලක්‍ෂමන් කදිර්ගාමර්ය. ඊට හේතුව වන්නේ ජනාධිපතිනියගේ සිට පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් මෙම ඛෙදුම්බදයට උපක්‍රම සඳහා එකඟ ව් ඇති අතර ඒ සඳහා එකම බාධකය ලෙස ලක්‍ෂමන් ක
දිර්ගාමර් පමණක් පෙනී සිටිම නිසා ය. ව්ශේෂයෙන් සුනාම් සහන මණ්ඩලය පිළිබඳ කාරණාවේදී ඔහු වඩාත් තීව්‍ර ලෙස ව්රෝධය දක්වා ඇත. ඔහුගේ නීති හා දේශපාලන දැනුවත්භාවය මඟින් ක්‍ෂේත්‍රය තළ ඇතිවන ප්‍රශ්න සම්මන්ධව මැදිහත් ව්ම බාහිර පාර්ශව මැදිහත් ව්මේ දී ඇති වන ගැටලූ හා එම ගැටලූ සම්බන්ධව ලංකාවේ පාලන ක්ෂේත්‍රයේ අය පවා ගනු ලබන තීරණ සම්බන්ධව එහි හරි වැරදි පෙන්වාදීම සඳහා ප්‍රබල චින්තනයක් ලක්‍ෂමන් කදිර්ගාමර් සතුව තිබි ඇත. ව්ශේෂයෙන් සුනාම් සහන මණ්ඩලයේ අවශ්‍යතාවය පෙන්වා දෙන අතරම එහි වු ඇතැම් අඩුපාඩුකම් නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දීමට ඔහු ඉදිරිපත් ව්ම ඊට නිදසුන් ලෙස සඳහන් කළ හැකිය. මේ නිසා ඔහු ව්‍යවස්ථාදායකය තුළ සකි්‍රයව නියෝජනය වීම සඳහා මෙවැනි ව්රෝධය පෑම් හා අවවාද දීම් වැනි කරුණු හේතු වු බව පැහැදිලි වේ.ලක්‍ෂමන් කදිර්ගාමර් ඉන්දීය හිතවාදී පිළිවෙතක් අනුගමනය කිරිම[සංස්කරණය]ලංකාව හා ඉන්දියාව අතර හොඳ හිත පළුදු ව්මක් බොහෝ කළක සිට තිබු බවයි. නමුත් මේ සඳහා වෙනත් ප්‍රවේශයකින් ම්ත්‍රත්වය වර්ධනය කර ගැනීම සඳහා ලක්‍ෂමන් කදිර්ගාමර් ලංකාවේ ව්දේශ අමාත්‍යවරයා වශයෙන් වැදගත් කාර්්‍යයක් සිදු කර ඇත. සාම කි්‍රයා පද්ධතිය
මෙහෙය ව්ම හා ඉන්දියාව සමඟ ඇති සබඳතාව වර්ධනය කර ගැනීමේ කාර්යය පැවරී තිබුනේ ලක්‍ෂමන් කදිර්ගාමර්ටය20 එසේම අන්තර් ජාතික ක්‍ෂේත්‍රයේ ඔහු වඩාත්ම ඉන්දීය හිතවාදී පිළිවෙතක් අනුව කටයුතු කළ බවද රාජ්‍යය තානක අංශයද අවබෝධ කරගෙන සිට ඇත. ව්ශේෂයෙන් ඉන්දියාව සමඟ අනන්තයටම පිරිහි තිබු සම්බන්ධතා නැවත සුහද මටිටමකට වර්ධනය කර ගොඩනැඟීමට ලක්‍ෂමන් කදිර්ගාමර් සමත් ව් ඇත. මේ සඳහා ඉන්දියාව සම්ප බව පමණක් නොව ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ පවුලද ඉන්දියාව අතර සම්බන්ධතාවය ඉන්දියාව අතර සුහඳතාවය වර්ධනය කර ගැනීමට ලක්‍ෂමන් කදිර්ගාමර්ට බලපෑම් කරන්නට ඇති බව කිව හැකිය. තවද ඔහුගේ පියා වු ජේ. සී. කදිර්ගාමර් ඉන්දීය නිදහස් සටනේ පුරෝගාම්යෙකු වුු මහත්මා ගාන්ධි උතුම් කොට සැලකූවෙක් වු අතර ගාන්ධි දර්ශනයට ද ගෞවරව කළ අයෙකි. එමෙන්ම ලක්‍ෂමන් කදිර්ගාමර්ගේ ඥාති සොහායුරන් දෙදෙනෙක් ඉන්දියාවේ සබර්මනි හා ගාන්ධි නිකේතනය තුළ ශිෂයන් ව්මත් කුඩා කළ සිටම ඉන්දියාව පිළිබඳව ඉන්දියාවේ සංස්කෘතික වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි ව් ඇත.21 මේ නිසා නව අකාරයකට ඉන්දියාව පිළිබඳව ප්‍රවේශ ව්මට සබඳතා ගොඩනඟා ගැනීමට ඔහුට හැකිව් ඇත්තේ මෙවැනි පසුබිමක් ඔහු සතුව තිබු බැව
්න් බව පෙනේ. ඉන්දියාව ලංකාව සමඟ ව්රසක ව්මට හේතු රාශියක් තිබු බව තුන් වන පරිචිඡේදයේ සඳහන් කර ඇත. ඒ සියල්ල සමථයකට පත් කිරිමටත් ලංකාවේ ජනවාර්ගික ගැටලූව ව්සඳීම සඳහා ඉන්දීය සහයෝගය දිනාගැනීම සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් ප්‍රමුඛත්මයක් ගෙන කටයුතු කොට ඇත. ව්ශේෂයෙන් ලංකාවේ ජනවාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ඉන්දියාවේ වැදගත් කම දක්වා ඇත්තේ පහත පරද්දෙනි. "ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට අවසාන වශයෙන් ඇතිවන ව්සඳුම ඉන්දියාවට ප්‍රශ්ණයක් නොවන එකක් ව්ම වැදගත් ය. එසේ නොවුන හොත් එම ව්සඳුම කි්‍රයාත්මක කිරීමට නොහැකිය.”මේ ආකාරයට ඉන්දියාව සම්බන්ධව ලංකාවේ තිබු මතවාද වෙනස් මාවතක් ඔස්සේ ගෙන යම්න් ලංකාවේ ජනවාර්ගික ගැටලූවට නව ප්‍රවේශයක් ව්වෘත කිරීමට ලක්‍ෂමන් කදිර්ගාමර්ට හැකි ව් ඇත. ඒ සඳහා ඉන්දියාවේ සහයෝගය ලබා දීම වැදගත් කොට සලකන බවත් ඒ සඳහා ඔවුන්ට බලපෑමක් නොවන අන්දමටත් පැහැදිලි කරම්න් දේශපාලනයේ නව මාවතක් ගැටලූ සම්බන්ධව ව්වෘත කිරීමට සමත් ව්ම මඟින් ඔහු දේශපාලනය තුළ නව දේශපාලන දර්ශනයක් ගෙන යාමට සමත් වු බව පෙනේ. ලංකාවේ ගැටලූ සම්බන්ධව ඉන්දියාවේ මැදිහත් ව්ම පිළිබඳව ඇතැමුන් අදහස් දක්වා ඇත්තේ මෙසේ ය."ඉන්දියාවේ කාර්්‍යය භාර්යය තීරණ
ාත්මකයි. එයට ශි්‍ර ලංකාවේ සාමය ඇති කිරිමටත් නැති කිරිමටත් පුළුවන්. වන්නි වනාන්තරයේ දී ප්‍රභාකරන් හමුවු නෝර්වේජියානු නියෝජිතයා කියා සිටියා මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරක් සෙව් යුත්තේ ශි්‍ර ලංකාවේ භෞම්ක අඛණඩතාව තුළ බව. එය ඉන්දියාව ද ඇතුළත්ව දකුණු ආසියාවේ තවත් ස්වධින රාජ්‍යයකට ඉඩ නැතය කියන තීරණයයි. ඒ නිසයි ඉන්දියාව ඉතා වැදගත් වෙන්නේ (සමහර ව්ට පාකිස්ථානයේදී හැර) ඉන්දියාව දකුණු ආසියාවේ තවත් වෙන්වු රාජ්‍යයකට සහාය දක්වනු ඇතැයි මා සිතන්නේ නැහැ.”මෙවැනි මත ලංකාවේ ව්යතුන් අතරින් මතු වන ව්ට ඒ මතය ලක්‍ෂමන් කදිර්ගාමර් අනුගමනය කිරිම වැදගත් වන්නේ බොහෝ දෙනාගේ අදහස් නිරූපනය වන කැඩපතක් ආකාරයෙන් මොහු දේශපාලනය තුළ මතු ව්ම නිසාවෙනි. එපමණක් නොව ලක්‍ෂමන් කදිර්ගාමර් ව්දේශ අමාත්‍ය ධුරයට පත් ව් ඔහුගේ ප්‍රථම නිල සංචාරය ඉන්දියාවට ගොස් ඇති අතර එහිදි ලංකාවේ මෙම ජනවාර්ගික ගැටලූවට ඉන්දියාව සහයෝගය දක්වන ලෙස ඉන්දිය අග්‍රාමාත්‍ය රාඔී මුණගැසී පවසා ඇත. නමුත් ඉන්දීය සහයෝගය මුලදී ලබා ගැනීමට දුෂ්කර වු බවත් මෙය ලංකාවේ අභ්‍යන්තර ගැටලූවක් වන හෙයින් ජනතාව හා එක්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුකූලව රජය ව්සින් ව්සඳාගත යුත්තක් බවත් ල
ක්‍ෂමන් කදිර්ගාමර් අක්වා ඇත. ව්ශේෂයෙන් ලක්‍ෂමන් කදිර්ගාමර් ලංකාවේ ගැටලූ සම්බන්ධව නිරන්තරයෙන් දැනුවත් කිරීම මඟින් දෙරට අතර සබඳතාවය තව තවත් වර්ධනය කර ගැනීමට හැකි ව් ඇත. මේ ආකාරයට ලංකාවේ රජයට එතෙක් අපහසු ව් තිබු සේ පෙනුන ඉන්දීය සබඳතාවය වර්ධනය කර ගැනීම සඳහා නව කි්‍රයාමාර්ගයක් ලක්‍ෂමන් කදිර්ගාමර් යෝජනා කිරිමට සමත් ව් ඇත. ඒ මඟින් ව්‍යවස්ථාදායකය තුළ ලංකාවේ ඉන්දීය සබඳතාවය සම්බන්ධයෙන් ද නව දැක්මක් නව ප්‍රවේශයක් පෙන්වා දීමට ලක්‍ෂමන් කදිර්ගාමර් සමත් වු බව පෙනේ.මෙලෙස ලාංකීය දේශපාලනය තලයට සකි්‍රයව දායක වු සුවිශේෂී දේශපාලනඥයෙක් වු ලක්‍ෂමන් කදිර්ගාමර් සිය දේශපාලන සහ සාම මෙහෙවර කිසිදු බියකින් තොරව පක්‍ෂග්‍රාහීත්වයකින් තොරව සිදු කිරීමට සමත් වුවද දෙමළ නියෝජනය ලංකාවේ දේශපාලනයෙන් දිය කර හැරීම අරමුණූ කරගත් එල් ටී ටී ඊ සංවිධානය විසින් සිදු කරන ලද සාහසික ඝාතනය හමුෙවි 2005 අගෝසතු මස 12 වන දින දැයෙන් සමු ගැනීමට මාවත සලසන ලදි.සිහිකිරීම්[සංස්කරණය]ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා සිහිකිරීම පිණිස 2006 අගොස්තු 10 දිනදී ශ්‍රී ලංකා තැපැල් විසින් සමරු මුද්දරයක් නිකුත් කෙරිණි.සාරාංශය[සංස්කරණය]මේ අනුව පැහැදිලි වන්නේ
, ලක්‍ෂමන් කදිර්ගාමර් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තුළ ප්‍රබල භූමිකාවක් ගෙන යාම සඳහා විවිධ සාධක බලපෑ බවයි. විශෙෂයෙන් ලක‍ෂ්මන් කදිර්ගාමර් ආගමක් වශයෙන් එක් ආගමක් තෝරා නොගෙන සර්ව ආගමික සංකේතයක් වශයෙන් නියෝජනය කිරීම, ඔහුට ආභාසය ලැබුණු විවිධ සංස්කෘතික මතවාද සහිත සමාජ වටපිටාවක අභ්‍යන්තර වශයෙන් ඔහුගේ මනෝභාව තීරණය වීමට බලපෑ බව කිව හැකිය. මේ අනුව පෙනී යන්නේ ලක‍ෂ්මන් කදිර්ගාමර් දේශපාලනයට මැදිහත් වී ප්‍රභල භූමිකාවක් ගෙන යාමට ඔහුගේ අභ්‍යන්තර සාධක බලපෑ බවයි. එමෙන්ම බාහිර වශයෙන් ඔහුගේ සමාජ සබඳතා ජාලය, දෙමළ නියෝජනය පිළිබඳව ඒ වන විට ලංකාවේ තිබූ තත්වය, බලපෑම් කළ බව පෙනේ. මේ ආකාරයට මෙහිදී සාකචිඡා කරනු ලැබු ජනවාර්ගික ගැටලූව සම්බන්ධව, සාම කි්‍රයාදාමයකට එළඹීමේ වැඩපිළවෙළ, සටන් ව්රාම ගිව්සුම පිළිබඳ දරන ලද ආකල්ප, නෝර්වේ රාජ්‍යයේ සාම නියෝජිතයන්ගේ මැදිහත් ව්ම, සුනාම් සහන මණ්ඩලය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඔහු සතුව තිබු ආකල්ප මඟින් පෙනී යන්නේ වෙනත් දෙමළ දේශපාලන නියෝජිතයෙකුට වඩා ලංකාවේ ගැටලූ සම්බන්ධව ලක්‍ෂමන් කදිර්ගාමර් වැදගත් මැදිහත් ව්මක් සිදු කර ඇති බවයි. ම්ට අමතරව ලංකාවේ සංවර්ධනය, ආර්ථිකය හා ආගම්ක
වශයෙන් ද ව්ව්ධාකාරයේ දේශපාලන මැදිහත් ව්ම් සිදු කොට ඇත. මේ ආකාර ප්‍රමුඛ පෙළේ දේශපාලන මැදිහත් ව්ම් සිදු කිරිම මඟින් දේශපාලන ක්‍රියාකාරකම් රැසකට මැදිහත් වී ඇති බව අවසාන වශයෙන් කිව හැකිය.ආශ්‍රිත මුලාශ්‍ර[සංස්කරණය]Ganbewa, Lalith “Lakshman, kadiragamar,- a great son of Sri Lanka. srilankawatchJayasekara, Bandula. ‘lakshman kadiragamar- A true sri Lankan’2005,8(16). Intentblog සංරක්ෂණය කළ පිටපත 2021-01-27 at the Wayback MachineJeyaraj,D.B.S. ‘Lakshman kadiragamar-(1932-2005)’. Tamilweek සංරක්ෂණය කළ පිටපත 2006-06-13 at the Wayback MachineKonng, Lisa. “Writing a historical biography” writing about a figure from the past.2009,7(26).“Lakshman kadiragamar”(AFP), 2005,8(13). KhaleejtimeMarsh, James. “Is biography history” 2009,6(11).Ministry of Foreign affairs, “Profile: Lakshman Kadiragamar” 2005,06(3).Pieris, Hemal “Lakshman – a true Sri lankan”,2005,08(18).Sambandan,V.S. “LTTE worried only about India ‘says kadiragamar”2003,08(23)Sivanayagam, S “An open letter to Lakshman Kadiragama
r” 2002,03(5).Thennakoon, Thusitha. “First Lakshman Kadiragamar memorial lecture”.අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]Lakshman Kadirgamar(1932 - 2005)[permanent dead link]Lakshman Kadirgamar Part I[permanent dead link]Kadirgamar[permanent dead link]Lakshman Kadirgamar – Prince of peace, champion of democracyWhat a dirty politics in Sri Lanka ?[permanent dead link]වැඩි දුර කියවීම්[සංස්කරණය]පාර්ලිමේන්තු සැසි වාර්තා,1984 අගෝස්තු(කොළඹ: ශ්‍රි ලංකා රාජ්‍ය ප්‍රකාශන).අබේගුණවර්ධන, ඩී. එල් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තලවතුගොඩ: නව සමඟි මුද්‍රණාලය, 1994.අයිවන්, වික්ටර් දෙමළ අභියෝග. කොළඹ: රාවය ප්‍රකාශකයෝ, 1989.කුමාර, ආනන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ සහ පක්‍ෂ ක්‍රමයේ ව්‍යාපතිය. කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1999.ගුරුගේ, ලයනල් ශ්‍රී ලංකාවේ ජාතිකත්ව ගැටලූව සහ විසඳුම්. කොළඹ:විකල්ප ප්‍රත්පත්ති කේනද්‍රය,2004.චන්ද්‍රසේකර, තිලක් සහ සතිස්චන්ද්‍ර, බී. එචි ආර්ථීක හා දේශපාලන ප්‍රශ්ණ පිළිබඳ සංවාදය මාර්ග ආයතනය: 1998.ජයකොඩි, සිරිල් උතුරු නැගෙනහිර යුද්ධයේ මෙතෙක් කථාව. කොළඹ: හැමිල්ටන් මුද්‍රණ ආයතනය, 2002.
ජයවර්ධන, ඩබි. ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර සමාජය. කොළඹ:අභය මුද්‍රණ ශිල්පියෝ ,1998.ජයසිංහ, රංජිත් ආනන්ද ඛෙදුම්වාදයේ ගමන් මඟ. කර්තෘ ප්‍රකාශනයකි, 2006.ඩික්සිට්, ජේ. එන් කොළඹ භූමිකාව. කොළඹ: එස් ඇන් ජේ ප්‍රින්ටිර්ස්, 1998.තිරණාගම, රාජිණි බිදුණු තල්රුක. කොළඹ:කරුණාරත්න සහ පුත්‍රයෝපෙරේරා, බී. සී ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, 1965.ලියනගේ, සරත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ. කෙළඹ: සිකුරු ප්‍රකාශකයෝ, 1999.වෙල්ලගම, ජයන්ත ශ්‍රී ලංකෙවි මැතිවරණ. වැල්ලම්පිටිය: ලස්සන ප්‍රකා්‍රකයෝ, 1993.ශ්‍රී ලංකාෙවි ජනවාර්ගික ගැටලූව පිළිබඳ ඉතිහාසය 1833-1990. විළුදු හැකියා ප්‍රවර්ධන මධ්‍යස්ථානය, 2006.හර්ක්ස්, ජෝර්ජ් සහ ක්ලෙම්, බර්ට් (සංස) විවිධත්වයට ආමණ්ත්‍රණය. ක්ලිනජෙන්ඩාල් ජාත්‍යන්තර නෙදර්ලන්ත ආයතනය.In search of peace – selected speeches and Interviews by the late foreign minister Lakshman kadiragamar,ministry of foreign affairs democratic socialist Republic of Sri lanka,2006.Nissanka, H.S.S. Sri lanka foreign policy vikas pulishing (pvt)ltd,1984.Rupasinghe, kumar Negotiating peac
e in Sri Lanka (Efforts, failures and lessons) Colombo: Gunarathne offset limited,1998.Venkatachadan, M.S. Genocide in Sri Lanka”Glabal Protests”, Gain publishing House, 1987.Wilson,Aj. Politics in Sri lanka : 1974-1973, London:billing and sons ltd,1974.තුන්වන ජෝර්ජ් රජ ඇලන් රැම්සේ, 1762 විසින් ඔටුනු පැලැඳීමේ ආලේඛ්‍ය චිත්‍රයමහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයේ' රජ පසුව'එක්සත් රාජධානියේ සහ හැනොවර් හි රජ (more...)රාජ්‍ය සමය25 ඔක්තොම්බර් 1760 – 29 ජනවාරි 1820සිංහාසනාරූඪය22 සැප්තැම්බර් 1761පූර්වප්‍රාප්තිකයාII වන ජෝර්ජ් රජුඅනුප්‍රාප්තිකයාIV වන ජෝර්ජ් රජුඅනුරජජෝර්ජ්, වේල්සයේ කුමරු (පසුව IV වන ජෝර්ජ් රජු )(1811–1820)Prime Ministersසැකිල්ල:List collapsedභූමදානය16 පෙබරවාරි 1820ශාන්ත ජෝර්ජ් දේවස්ථානය, වින්ඩ්සර් මාලිගයවල්ලභයාමැක්ලන්බර්ග්-ස්ට්‍රෙලිස්z හි චාර්ලට් කුමරියදරුවන්එක්සත් රාජධානියේ IV වන ජෝර්ජ් රජු ෆ්‍රෙඩ්රික් කුමරු, යෝර්ක් හි ආදිපාද එක්සත් රාජධානියේ IV වන විලියම් රජුචාර්ලට්, Princess Royal,ව'ටම්බර්ග් හි රාජකීය බිසව එඩ්වර්ඩ් කුමරු, කෙන්ට් හි ආදිපාදඔගස්ටා සොෆියා කුමරිය එලිසබෙත් කුමරිය,
Landgravine of Hesse-Homburgහැනොවර් හි I වන අර්නස්ට් ඔගස්ටස් රජු ඔගස්ටස් ෆ්‍රෙඩ්රික් කුමරු, සසෙක්ස් හි ආදිපාද ඇඩෝල්පස් කුමරු, කේම්බ්‍රිජ් හි ආදිපාද මේරි කුමරිය, ග්ලොසෙස්ටර් හි සහ එඩින්බරෝ හි ආදිපාද දේවිය සොෆියා කුමරියඔක්ටාවිස් කුමරු ඇල්ෆ්‍රඩ් කුමරු ආමිලියා කුමරියසම්පූර්ණ නාමයජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික්වංශයහැනොවර් රාජ වංශය පියාෆ්‍රෙඩ්රික්, වේල්සයේ කුමරුමවසැකස-ගොතා හි ඔගස්ටා කුමරියආගමක්‍රිස්තියානි(එංගලන්ත සභාව)අත්සනතුන්වන ජෝර්ජ් රජ (ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික්; 4 ජූනි 1738[lower-alpha 1] – 29 ජනවාරි 1820) යනු, 1760 ඔක්තොම්බර 25 දින සිට 1801 ජනවාරි 1 දිනදී රටවල් දෙක එක්සත් වීම දක්වා මහා බ්‍රිතාන්‍යයෙහි සහ අයර්ලන්තයෙහි රජ සහ, එතැන් සිට ඔහුගේ මරණය දක්වා මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියෙහි රජද විය.සටහන්[සංස්කරණය]↑ 1752 වසර දක්වා මහා බ්‍රිතාන්‍යයෙහි භාවිතාවූ පැරණි ශෛලියෙහි ජූලියානු දිනදසුන ප්‍රකාර 24 මැයි.ආශ්‍රිත[සංස්කරණය]පුස්තක නාමාවලිය[සංස්කරණය]අයිලන්, ස්ටැන්ලි (1972). ජෝර්ජ් ද තර්ඩ්. ලන්ඩනය: කොලින්ස්. ISBN 0-00-211412-7.වැඩිදුරටත් කියවීම්[සංස්කරණය]බ්ලැක්, ජ
ෙරමි (1996 ශරත්). "කුඩ් ද බ්‍රිටිෂ් හෑව් වොන් දි ඇමරිකන් වෝ ඔෆ් ඉන්ඩිපෙන්ඩන්ස්?" ජර්නල් ඔෆ් ද සොසයිටි ෆො ආමි හිස්ටොරිකල් රිසර්ච්. 74 (299): 145–154. 2006 වසරෙහිදී ඔහයියෝ ප්‍රාන්තයෙහිදී සිදු කෙරුණු මාර්ගගත විනාඩි-90 විඩියෝ දේශනය; රියල් ප්ලේයර් අවශ්‍ය වෙයිඑක්සත් රාජධානියෙහි තුන්වන ජෝර්ජ් රජ හැනොවර් රාජ වංශයඋපත: 4 ජූනි 1738-29 ජනවාරි 1820 වෙල්ෆ් රාජ වංශය හි උප වංශයකි රාජ පදවි නාමයන්පූර්වප්‍රාප්තිකයාදෙවන ජෝර්ජ් රජඑක්සත් රාජධානියේ රජ25 ඔක්තෝබර් 1760 –29 ජනවාරි 1820අනුප්‍රාප්තිකයා හතරවන ජෝර්ජ් රජඅයර්ලන්තයේ රජ25 ඔක්තෝබර් 1760 –31 දෙසැම්බර් 1800අයර්ලන්තය එක්සත් රාජධානියේ කොටසක් බවට පත්විය1800 එක්සත් වීමේ පනතවියානා සභාවහැනෝවර් හි රජ12 ඔක්තෝබර් 1814 –29 ජනවාරි 1820අනුප්‍රාප්තිකයා හතරවන ජෝර්ජ් රජඑක්සත් රාජධානියේ වංශාධිපති තනතුරුපූර්වප්‍රාප්තිකයාෆ්‍රෙඩ්‍රික් කුමරුවේල්සයේ කුමරු20 අප්‍රේල් 1751 –25 ඔක්තෝබර් 1760අනුප්‍රාප්තිකයා ජොර්ජ් කුමරු පසුව හතර වන ජොර්ජ් රජඑඩින්බරෝ හි ආදිපාද31 මාර්තු 1751 –25 ඔක්තෝබර් 1760එක්සත් රාජධානියේ රාජ ප්‍රාප්ත විය1846 දෙස
ැම්බර් හෝ 1847 මුලදි මවුන්ට් හොලිඕක් හීදි (රසායන ආලේපිත තහඩුවක මුද්‍රණය කරන ලද) පින්තූරයකින් ගන්නා ලද්දකි. මෙය ඩිකින්සන්ගේ ළමා වියට වඩා පසු කාලයක යයි විශ්වාස කෙරෙන පින්තූරයකි.එමිලි ඩිකින්සන් (1830.12.10 - 1886.05.15) ඇමෙරිකානු කිවිඳියකි. මැසචුසෙට්හි, ඇම් හර්ට්ස් හි දැඩි සමාජ සම්බන්ධතා සහිත සාර්ථක පවුලක දැරියක වූ ඇය විරාගි හුදෙකලා ජීවිතයක් ගත කළාය. තරුණ කාලයේ අවුරුදු හතක් ඇම්හර්ස්ට් විද්‍යායතනයේ අධ්‍යාපන ලැබීමෙන් අනතුරුව මවුන්ට්හෝල් යෝක් සෙමනේරියේ සුලු කාලයක් ගත කළාය. අනතුරුව ඇයගේ පවුලේ නිවස වූ හෝම්ස්ටඩ් හි නතර වූවාය. ඇයගේ වැඩිහිටි ජීවිත කාලය පුරාම ඇය ඇම්හර්ට්ස් වලින් පිටතට ගියේ ඉතා කලාතුරකිනි. එසේම නිවසින් ඈතට ගමන් කළේ නැත. ඇයගේ අසල්වාසීන් සහ එම ප්‍රදේශයේ අය ඇය සාමාන්‍ය ලෝකයාගෙන් වෙනස් වූ ගති පැවතුම් ඇති තැනැත්තියක ලෙස සැලකූ අතර ඇය සුදු ඇඳුම් ඇඳීම රුචි කළාය. ඇය අමුත්තන් හමුවීමට කැමැත්තක් නොදැක්වූවාක් මෙන්ම පසු කාලයේ ඇගේ කාමරයෙන් පිටතට හෝ නොගියාය. එබැවින් ඇය මිතුරු සබඳතා පවත්වාගෙන ගියේ ලිපි හුවමාරු කිරීමෙනි. ඩිකින්සන් විශාල කෘතින් ප්‍රමාණයක් කළ කිවිඳියකි. ඇයගේ එක්දහස් අටසීයකට ආසන්න ප්
‍රමාණයකින් ඇය ප්‍රකාශයට පත් කළේ දුසිමකට අඩු ප්‍රමාණයකි. ඇය ජීවත්ව සිටියදි ප්‍රකාශයට පත් කළ ඇගේ කෘතින් ප්‍රකාශකයින් විසින් සැළකිය යුතු ප්‍රමාණයකට වෙනස් කරන ලද්දේ එම යුගයේ සම්ප්‍රදායික කවියේ නීති රීති ආරක්ෂා කිරිම සඳහාය. යුගයේ හැටියට ඇගේ කවි සුවිශේෂි විය. ඒවායේ අඩංගු වූයේ කෙටි පදයි. සාමාන්‍යයෙන් මාතෘකාවලින් තොරය එමෙන්ම බොහෝ විට ඇගේ කාව්‍ය රචනා මරණය සහ අමරණීයත්වය කේන්ද්‍ර කොට රචනා විය. ඇය විසින් මිතුරන්ට ලියු ලිපි වලින් මෙම කාරණා ඔවුනට කා වැද්දුවාය. ඇය දැන හඳුනාගෙන සිටි මිතුරන් ඥාතීන් බොහෝ දෙනෙකු ඇයගේ කෘතින් සහ ඇය විසින් කරන ලද රචනා ආදිය ගැන දැන ගෙන සිටින්නට ඇත. එසේ වුවත් 1886 දී ඇගේ මරණයෙන් පසු ඇයගේ සොයුරිය වු ලැවිනියා විසින් ඩිකින්සන්ගේ කෘතින් එකතුව සොයා ගන්නා තෙක් ඇයගේ කෘතින් වල ප්‍රමාණය පිළිබඳ කිසිවෙකු දැන සිටියේ නැත. ඇයගේ ප්‍රථම කවි එකතුව 1890 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇයගේ පෞද්ගලික හිතවතුන් දෙදෙනෙකු වූ තෝම්ස් වෙන්ට්වර්ත් හිගින්සන් සහ මේබල් ලුමිස් ටොඩ් විසිනි. ඔවුන් දෙදෙනාම ඒවා බොහෝ සෙයින් සංස්කරණය කළහ. 1955 වර්ෂයේ දි ප්‍රථම වරට සම්පූර්ණ වූත්, වෙනස් නොකරන ලද්දාවූත් ඇයගේ කවි එකතුවක්
පළ විය. එය ද පොයම්ස් ඔෆ් එමිලි ඩිකින්සන් නම් වූ අතර විද්වතෙකු වූ තෝමස් එච්.ජෝන්සන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. 19 සියවසේ අග සහ 20 සියවසේ මුල ඇයගේ කෘතින් අසතුටු දායක ලෙස විවේචනයට භාජනය වුවද දැනට ඩිකින්සන් සළකනු ලබන්නේ ප්‍රධාන පෙළේ ඇමෙරිකානු කිවිඳියක ලෙසිනි.ලුණුමිරිස් සහ කෙසෙල්ගෙඩි සමග කැට කැපූ කිරිබත්කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් (බොහෝවිට පොල් කිරෙන්) සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය සිංහල අලුත් අවුරුද්ද හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවට අනුභව කරනා මෙම ආහාරය ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. දුගී පැලේ සිට රජ මැඳුර දක්වා හැම නිවසක ම කැවුම්, කිරිබත්, අළුවා පිරි අලුත් අවුරුදු මේසයක් සැකසීමත් එම ආහාර බෙදා හදා ගෙන භුක්ති විඳීමත් සිංහල සිරිතයි. පොල් කිරි සමඟ පිස ගන්නා සහල් කෙසෙල් කොළයකට වඩා කැබලි කපා ගෙන මේසයට යවන මෙම ආහාරය සියළු සුබ කටයුතුවල දී පිස ගැනීමට සිංහලයා පුරුදු වී සිටී. ඉඹුල් කිරිබත්, මුං කිරිබත් මෙන්ම ලබු කිරිබත් ද මෙම ආහාරයේ ප්‍රභේද වේ.ඉතිහාසය
[සංස්කරණය]හෙළ ආහාරයක් වූ කිරිබත්(කිරිපිඬු) දානයක් එදා සිදුහත් බෝසතාණෝ ඇසතු බෝ රුක මුල බවුන් වඩද්දී බුද්ධත්වයට පත් වීමට පෙර සුජාතා සිටු දේවිය විසින් පූජා කරන ලදී. සිදුහත් තාපසතුමා එය පිඬු 49 කට කඩා වැළඳූ බවත් බුද්ධත්වයට පත් වූ පසු බුදුරජාණන් වහන්සේ දින 49 ක් එම ආහාරයෙන් දිවි ගෙවූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.ගැමුණු කුමරා මහළු මාතාවක් දුන් කිරිබතක් අනුභව කරද්දී දුන් අවවාදය අනුව යුද කර ජය ලැබූ බව ද ජන ප්‍රවාදයේ සඳහන් වේ.ඉඹුල් කිරිබත්[සංස්කරණය]මැදට පොල් පැණි දමා ගෙඩි ලෙස සකස් කර ගන්නා ආහාරයකි.itha මුං කිරිබත්[සංස්කරණය]මුං ඇට සමඟ හකුරු හෝ පැණි ද කජු හා වියළි මිදි ද දමා උයා ගන්නා මෙම ආහාරය රසයෙන් මෙන්ම ගුණයෙන් ද අග්‍ර වේ.ලබු කිරිබත්[සංස්කරණය]ලබු දමා සාදා ගන්නා මෙම ආහාරය "නරියා ලබු කිරිබත් කෑ හැටි" යන ජන කතාවේ ද සඳහන් ආහාරයකි.සාදාගන්නා ආකාරය:[සංස්කරණය]අඩංගු ද්‍රව්‍ය[සංස්කරණය]සහල්කිරි - ප්‍රධාන වශයෙන් පොල් කිරි යොදා ගැනේ. එළකිරි යොදන අවස්ථාවන්ද ඇත.ලුණු - ආහාරයේ රස වැඩි කිරීමට උපකාරී වේ.අතිරේක එකතු කිරීම් වශයෙන් පොල් පැණි - ඉඹුල් කිරිබත් සඳහා යොදාගනී. සමහර පුද්ගලයන් තෙල් දැමූ හ
ාල්මැස්සන්, උම්බලකඩ සම්බෝලය වැනි දෑ පොල් පැණි වෙනුවට යොදා ගනී.මුං ඇට - මුං කිරිබත් සඳහා යොදා ගනී. හකුරු හෝ පැණි, කජු හා වියළි මිදි රසය වැඩි කිරීම සඳහා උපයෝගී කර ගැනේ.ලබු - ලබු කිරිබත් සඳහා (සිහින්ව කැපූ දියලබු කිරිබතට එක් කිරීමෙන් ප්‍රණීත රසයක් ලැබේ.)මේවාද බලන්න[සංස්කරණය]බත්සිංහල බොජුන්ශ්‍රී ලංකාවේ බොජුන්ආශ්‍රිත[සංස්කරණය]බාහිර සඹැඳි[සංස්කරණය]Recipe for Kiribathශ්‍රී ලාංකික ආහාර මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteමෙම ලිපිය 4වන-සියවසෙහි ඕර්තඩොක්ස් සාන්තුවරයා පිලිබඳ වේ. එම නමම ඇති අනෙකුත් සාන්තුවරයා සඳහා, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩිමීට්‍රියස් තුමා බලන්න. තෙසලොනිකීහී කුරුස යුද්ධ රජතුමා සඳහා, මොංෆෙරාහී ඩිමීට්‍රියස් බලන්න.තෙසලොනිකීහී ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමාකියව්හී රන්-පියසැති තාපසාරාමයෙහි ඇති ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමා විදහා දක්වන 12-සියවසෙහි මොසයිකයක්උතුම්-ප්‍රාණපරිත්‍යාගවරයා, සුවඳ ලාටු-නික්මෙන්නාඋපත270 ක්‍රි.ව.මරණය306 (35–36 වයසැතිව) ක්‍රි.ව.ගරු කරනු ලබනුයේනැගෙනහිර ඕර්තඩොක්ස් සභාවරෝමානු කතෝලික ආගමපෙරදිග ඕර්තඩොක්ස් ආගමප්‍ර
ධාන සිද්ධස්ථානතෙසලොනිකී, ග්‍රීසියමංගල්‍යය දින26 ඔක්තොම්බර්ලාක්ෂනික ගුණාංගරෝමානු සොල්දාදුවෙකුගේ සන්නාහය පැළඳ සිටින ලෙසකින් පෙන්වා දෙන අතර, සාමාන්‍යයෙන් හෙල්ලයක් දරමින් හා සමහරවිට රතු අසකු පිට නැග සිටින අයුරක් දැක්වෙයි,අනුග්‍රාහකත්වයග්‍රීසියෙහි, තෙසලොනිකීහී අනුග්‍රාහක සාන්තුවරයා,සොල්දාදුවන්ගේ අනුග්‍රාහක සාන්තුවරයා කුරුස යුද්ධ කරුවන්ගේ අනුග්‍රාහක සාන්තුවරයා (රෝමානු කතෝලික සාම්ප්‍රදායයෙහි පමණි) තෙසලොනිකීහී ශුද්ධවූ ඩිමීට්‍රියස් තුමා (ග්‍රීක: [Άγιος Δημήτριος της Θεσσαλονίκης] Error: {{Lang}}: text has italic markup (help)) යනු 4වන සියවසෙහි මුල් අවධියෙහි ජීවත්වූ ක්‍රිස්තියානි ප්‍රාණපරිත්‍යාගවරයෙකි.මධ්‍යතන යුගයන්හී එතුමා ගරු බහුමුනට පාත්‍රවූයේ, ඉතා වැදගත් ඕර්තඩොක්ස් හමුදාමය සාන්තුවරයන් අතුරින් කෙනෙකු ලෙසින් වන අතර,බොහෝ විට ශුද්ධවූ ජෝර්ජ් තුමා හා සමග එක්ව එසේ සැලකිණි. ග්‍රෙගෝරියානු දින දසුන භාවිතා කරන ක්‍රිස්තියානිවරුන් සඳහා එතුමාගේ මංගල්‍යය දිනය ඔක්තොම්බර් 26 දිනට යෙදී ඇති අතර ජූලියානු දින දසුන භාවිතා කරන ක්‍රිස්තියානිකරුවන් සඳහා එය නොවැම්බර් 8 දිනට යෙදී ඇත.එක්සත් ජනතා නිදහස් සන්ධ
ානයඉංග්‍රීසි නමUnited People's Freedom Allianceදෙමළ නමஐக்கிய மக்கள் சுதந்திரக் கூட்டணிසභාපතිමෛත්‍රීපාල සිරිසේනමහ-ලේකම්මහින්ද අමරවීරආරම්භකචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගආරම්භය2004මූලස්ථානය301 ටී. බී. ජයා මාවත, කොළඹ 10තරුණ පාර්ශවයනිදහස් තරුණ පෙරමුණමතවාදයප්‍රජාතාන්ත්‍රික සමාජවාදීනිල වර්ණ     නිල්ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව95 / 225මැතිවරණ ලාංඡනයබුලත් කොළයවෙබ් අඩවියsandanaya.lkශ්‍රී ලංකාවේ දේශපාලනයදේශපාලන පක්ෂමැතිවරණඑක්සත් ජනතා නිදහස් සන්ධානය යනු ශ්‍රී ලංකාවේ දේශපාලනික සන්ධානයකි.සන්ධානය නිර්මානය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රි ලංකා මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය2004 මැතිවරණය ඉදිරියේ තිබිය දී කොමියුනිස්ට් ශ්‍රී ලංකා පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එමඟින් එම පක්ෂ දෙක යූ.පී.එ‍ෆ්.ඒ. සංධානයේ මැති‍වරණ ලකුණෙන් තරඟ කිරීමට එකඟ වුණි.2004 අප්‍රේල් 2 ව්‍යවස්ථාදායක මැතිවරණයේ දී ආසන 225න් ආසන 105ක් ලබා 45.6% ඡන්ද ප්‍රතිශ
තයක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුළුතර ආණුඩුවක් බවට පක්ෂය පත් කරමින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනි‍යගේ රජයෙන් එහි ප්‍රධාන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ 2005 අප්‍රේල්වලදී අස් විය.2005 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2005 දී එම පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සියයට ඡන්ද 50.29% ලබමින් පළවෙනි තැනට පත්විය.2010 දී ද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010 දී එම පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සියයට ඡන්ද 57.88% ලබමින් පළවෙනි තැනට පත්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015 දී තෙවන වතාවට තරඟ වැදුනු එම පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් විය.ආශ්‍රිත[සංස්කරණය]එක්සත් ජනතා නිදහස් සන්ධානයvteශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ප්‍රධාන පක්ෂශ්‍රී ලංකා පොදුජන පෙරමුණඑජාපෙ/එජායපෙඑක්සත් ජාතික පක්ෂයසමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයජාතික හෙළ උරුමයශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයTPAප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණජාතික කම්කරු සංගමයකඳුරට ජනතා පෙරමුණඑජනිසශ්‍රී ලංකා නිදහස් පක්ෂයලංකා කම්කරු කොංග්‍රසයශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණදේශ විමුක්ති ජනතා පක්ෂයඊළාම් ජනතා ප්‍ර
ජාතන්ත්‍රවාදී පක්ෂයඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානයලංකා සමසමාජ පක්ෂයමහජන එක්සත් පෙරමුණජාතික කොංග්‍රසයජාතික නිදහස් පෙරමුණශ්‍රී ලංකා මහජන පක්ෂයදෙමළ ජනතා විමුක්ති කොටිතුන්වැනි පක්ෂවිශාලදෙජසඉලංගෙයි තමිළ් අරසු කච්චිඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණදෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ)දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයජනතා විමුක්ති පෙරමුණකුඩාලිබරල් පක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටත පක්ෂබහුජන නිදහස් පෙරමුණබොදු ජන පෙරමුණලංකා කමියුනිස්ට් පක්ෂය (මාඕ)ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමගි සන්ධානයප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයප්‍රජාතාන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති පෙරමුණඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණවාමාංශික විමුක්ති පෙරමුණලංකා සම සමාජ පක්ෂයනව සම සමාජ පක්ෂයනව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයජනතා සේවක පක්ෂයමුස්ලිම් ජාතික සමගි සන්ධානයනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණනව සිංහල උරුමයමහජන දෙමළ කොංග්‍රසයවිප්ලවවාදී කම්කරු පක්ෂයසිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂයසමාජවාදී සමානතා පක්ෂයශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයශ්‍රී ලංකා කම්කරු පක්