text
stringlengths
0
1k
ුවත්පතක්‌ මගින් රජයේ සියලුම ආඥවන් හා දැන්වීම් ද පළ කළහොත් මහජනතාවට විශාල පහසුකමක්‌ වනු ඇතැයි ආණ්‌ඩුකාරතුමන්ට වැටහී ගොස්‌ ඇත. එනිසා පහත සඳහන් පරිදි පත්‍රයක්‌ සකසා ප්‍රසිද්ධ කළ යුතුය.ලංකා ආණ්‌ඩුවේ ගැසට්‌ පත්‍රය යන නමින් සතිපතා පුවත්පතක්‌ සැකසීම.ආණ්‌ඩුවේ ආඥ නියමයන්, දැන්වීම් අධිකරණයට අදාළ හා මහජනයාටද අදාළ නිවේදන යනාදිය මේ පත්‍රයේ පළවනු ඇත. ප්‍රසිද්ධ වෙන්දේසි හෝ පෞද්ගලික වෙන්දේසි, නැතිවූ භාණ්‌ඩ පිළිබඳ දැන්වීම් නැව් ගමනා ගමනය උපත් විවාහයන් හා මරණ යනාදී සිද්ධීන්ද ප්‍රසිද්ධ දැන්වීම් යටතේ පළ කෙරේ...........ජනාධිපතිවරයක්‌ හෝ පර්ලිමේන්තු මහ මැතිවරණයක්‌ හෝ පළාත් සභා මැතිවරණයක්‌ හෝ පළාත් පාලන මැතිවරණයක්‌ හෝ පිළිබඳ නිල දැන්වීම පවා කරනු ලබන්නේ ගැසට්‌ පත්‍රයේය. පත් වූවන්ගේ නම් පළ කෙරෙන්නේද එහිය.රජයේ පමණක්‌ නොව සංස්‌ථා ව්‍යවස්‌ථාපිත මණ්‌ඩල, පළාත් සභා, මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආදියට අදාළ දැන්වීම් ද එහි පළ කෙරේ. රජයේ මෙන්ම ඊට අනුබද්ධිත සියලුම ආයතන, කාර්යංශ යනාදියට අදාළ සියලුම ආඥ, නියෝග, නිවේදන, දැන්වීම් ආදිය පළ කෙරෙන නිල ප්‍රකාශනය ගැසට්‌ පත්‍රය වන නිසා එයින් රටටත් ජනතාවටත් අත්වන ඵල ප්‍රයේ
ජන ඉමහත්ය.ගැසට්‌ යන වචනයේ තේරුම, පුවත්පතක්‌ හෝ නිල ප්‍රකාශනයක්‌ හෝ නිල ප්‍රකාශනයක්‌ මගින් කෙරෙන නිවේදනයක්‌ යන්නය.මීට වසර 176 කට පෙරාතුව 1834 දී පළ කෙරෙණු "කළම්බු ඔබ්සවර්" පත්‍රය ලංකාවේ ප්‍රථම පුවත්පත හැටියට සැලකෙන නමුත්, ගැසට්‌ එකද පුවත්පතක්‌ වශයෙන් පිළිගැනෙන නිසා ඊට වසර 32 කට පෙර 1802 ආරම්භ කෙරුණු ගැසට්‌ පත්‍රය, ලංකාවේ ප්‍රථම පුවත්පත යෑයි කියන්න බැරිකමක්‌ නැත.ව්‍යවස්‌ථාදායකය වෙත ඉදිරිපත් කෙරෙන හා එයින් සම්මත ද කෙරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා, නීති කෙටුම්පත් යනාදිය මහජනයාගේ අවධානයට යොමු කිරීම සඳහා පළ කිරීම, ගැසට්‌ පත්‍රයෙන් සිදුවන සුවිශේෂී කාර්යයක්‌ හැටියට සැලකිය හැකිය.පහත සඳහන් වන්නේ ඊට හොඳ උදාහරණයකි.බ්‍රිතාන්‍ය සෝල්බරි ආණ්‌ඩුක්‍රමය යටතේ වසර 24 ක පමණ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වූ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කොට ලංකාවේ නම ශ්‍රී ලංකාව වශයෙන් යොදා ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවීම සඳහා කෙටුම්පත් කෙරුණු ජනරජ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව, ගැසට්‌ පත්‍රයේ කල්තබාම ප්‍රසිද්ධ කොට තිබුණේ මහජනතාවගේ අවධානය ඊට යොමු කිරීම සඳහාය.අයවැයකදී බඩු මිල අඩු වැඩි කෙරෙන විටක හෝ භා
ණ්‌ඩ සඳහා මිල පාලනයක්‌ සිදු කෙරෙන විටක හෝ ඒ පිළිබඳව ගැසට්‌ පත්‍රයේ නිවාර්යයෙන්ම පළ කිරීම සිරිතය.ලංකාවේ ප්‍රථම පුවත්පත[සංස්කරණය]මීට වසර 176 කට පෙරාතුව 1834 දී පළ කෙරෙණු "කළම්බු ජර්නල්" පත්‍රය ලංකාවේ ප්‍රථම පුවත්පත හැටියට සැලකෙන නමුත්, ගැසට්‌ එකද පුවත්පතක්‌ වශයෙන් පිළිගැනෙන නිසා ඊට වසර 32 කට පෙර 1802 ආරම්භ කෙරුණු ගැසට්‌ පත්‍රය, ලංකාවේ ප්‍රථම පුවත්පත යෑයි කියන්න බැරිකමක්‌ නැත.කළම්බු ජර්නල් පුවත්පතේ අරම්භය[සංස්කරණය]ක්‍රි.ව 1832 ජනවාරි 07 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වූ කළම්බු ජර්නල් පුවත්පත අරම්භය විය.මෙහි ප්‍රථම කතුවරයා වූයේ ජෝර්ජ් ලී නම් සිවිල් සේවක මහාතාය.පසුව මෙය ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය ලෙස නම් කරන ලදී.1972 මැයි මස 22 දින සිට මෙහි නාමය ශ්‍රී ලංකා ප්‍රජාත්‍රානිත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය ලෙස නම් කරන ලදී.ශ්‍රී ලංකා‍‍‍වේ මුද්‍රණ ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෝ[සංස්කරණය]ප්‍රථම සිංහල පුවත්පත වූ ලංකාලෝකය පුවත්පත නිර්මාණය කළ මුද්‍රණ යන්ත්‍රය ගාල්ලේ ගිනිවැල්ලේ විහාරයේ ඇත.මෙය 1840 දී ප්‍රකාශයට පත්ව ඇත.වර්ෂ 1801 දි එංගලන්තයේ කාස්ලන් සමාගම විසින් මෙම යන්ත්‍රය නිපදවා ඇත.ලංකාවේ ප
්‍රථම සිංහල බෞද්ධ පුවත්පතලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත පළකරන බුලත්ගම ධම්මාලංකාර හිමියන් එබඳු භික්‍ෂූන් වහන්සේ නමක්. ගම්පලින් ගාල්ලට පැමිණ වැඩිදුර අධ්‍යාපනයට තායිලන්තයට ගොස් එහි රජු සමඟ ද හිතවත්කම් ගොඩනඟාගෙන ලංකෝපකර මුද්‍රණාලය ඇති කිරීමේ අරමුදලක් ඇති කරන්නේ උන්වහන්සේයි. මිෂනාරි ආගමික ප්‍රචාරණයට විරුද්ධ ව සිංහල බෞද්ධ ජනමතය වෙනුවෙන් ලංකාලෝකය ආරම්භක පුවත්පතක් ලෙස කටයුතු කරඇත.එම්. ඩී . ගුණසේන මහතා[සංස්කරණය]ගොනුව:M.d.JPGමොහු අප රටේ මුද්‍රණ කර්මාන්තය තුළ බිහිවු දැවැන්තයෙකි.1917 දී වික්ටර් නම් මුද්‍රණාලය ආරම්භ කරන ලදි.කඩදාසි මිලට ගත්තේ එන්ෂා නම් ජපන් ජාතිකයෙක්ගෙනි.1925 දී වික්ටර් නම් මුද්‍රණාලය එම්. ඩී ගුණසේන මුද්‍රණාලය ලෙස නම් කරන ලදි.926 වර්ෂයේ පටන් පොත් මුද්‍රණය ආරම්භ කරන ලදී.නවීන තාක්ෂණය[සංස්කරණය]වර්තමානය වන විට පරිගනක භාවිතයත් සමග මුද්‍රණ ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක් දැකිය හැකිය.පරිගනක භාවිතයෙන් විශාල වශයෙන් මුද්‍රණ ක්‍ෂේත්‍රයේ දියුණුවක් දැකිය හැකිය.ගොනුව:Kestrel Press invests in new printing machine 1.jpgසාරාංශය[සංස්කරණය]ආරම්භයේ පටන් මුද්‍රණ ශිල්පය සන්නිවේදනයේ බ
ලගතු අවියක් විය. අප සමාජ ආකෘති ප‍්‍රගති සැලසුම්වලදී අගනා සන්නිවේදනය සහ දැනුම බෙදාගැනීම අත්‍යවශ්‍ය වන අතර මෙහිදී මුද්‍රණ කර්මාන්තයට වැදගත් මෙහෙයක් හිමිය.මෙම කර්මාන්තය ඉතිහාසය සම්බන්ධ තොරතුරෑ මූලික වශායන් මෙහි අන්තර්ගතය.සබැදි පිටු[සංස්කරණය]මුද්‍රණ ක්‍රමකාර්මික විප්ලවය (නව සොයාගැනීම් සමග කැපීපෙණුනු කර්මාන්ත)අන්තර්ජාල රෙදිපිළි මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]රජයේ මුද්‍රණාලය, පිළිසදර සගරාව.රජයේ මුද්‍රණාලය,ශ්‍රි ලාංකීය මුද්‍රණ ඉතිහාසය.මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල බල ප්‍රදේශයට අයත් සුන්දර ගම්මානයකි. ඓතිහාසික වැදගත්කමක්ද ඇත. සීතාවක රජ දහන සමයේද මෙම ප්‍රදේශය මෙනමින්ම හඳින්වූ බවට සාධක තිබේ.අගයයක් ( Value) යනු ගණනය කළ හැකි දෙයකි. යම්කිසි සංඛ්‍යාවකින්, + හෝ - ලකුණකින් එසේත් නැත්නම් දශම තිතකින් ඇරඹී, අතරමැද කිසිදු අකුරක් හෝ වෙනත් අදාල නොවන කිසිම සළකුණක් නොමැති, සම්මත අගයයක් නිරූපණය කළ හැකි සේ දක්වා ඇති දෙයක් අගයයක් ලෙස හැඳින්විය හැකිය.පහත දැක්වෙන්නේ අගයයන් සඳහා උදාහරණ
කිහිපයකි.12, -5.2, 0, 1.25, -19, + 200දත්ත ගොනු සඳහා වන මෘදුකාංගයක දී නම් අගයයක් සඳහා වෙනම Field Type එකක් ඇත. එ නමුත් පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවලදී බොහෝ විට පිළිගත හැකි සංඛ්‍යාවක් අගයයක් ලෙස සැලකේ.අලංකාර ලෙස නිමවා ඇති බදුනක්1906 දී අප්‍රකට කලාකරුවෙකු විසින් Madonna Moderna නිර්මාණය කර ඇත. පිඟන් භාණ්ඩ කලාව හුදෙක් නිර්මාණය වන්නේ අත්කම් භාණ්ඩ ලෙසිනි. බොහෝවිට මෙයින් ප්‍රයෝජනයක් නොමැතිමුත් සිත් ඇදගන්නා සුළු සහ විචිත්‍රවත් පෙනුමකින් යුක්තය.මෙම කලාවේ නව සිද්ධාන්ත අනුව සාමාන්‍යයෙන් මෙහි ප්‍රයෝජනවත් බවට වඩා ප්‍රමුඛතාවයක් හිමිවන්නේ එහි සෞන්දර්යාත්මක ගුණාංගයන්ටය. එමෙන්ම ආචාරධර්මවලට ඇතුලත්ව අඩුම වශයෙන් 1940 සිට මෙම පිඟන් භාණ්ඩ කලාවේ මතධාරීන් විසින් මෝස්තර සහ අනෙකුත් සුදුසුකම් මේ සඳහා ඇතුලත් කර ඇත.මෙම සියුම් කලාවේ සංකල්පය ඇරඹීමට හා එහි ව්‍යාප්තියට මූලික වූයේ විලියම් ස්ටේට් මුරේ වුවද පසුව ලුසී රී සහ හෑන්ස් කොපර් විසින් මෙහි උන්නතිය සඳහා කටයුතු කරනු ලැබීය. මීට අමතරව මෙම කලාවේ ශිල්පයන් හා ආචාරධර්ම ගවේෂණාත්මකව සෙවීමට බර්නාර්ඩ් ලීච් සහ ඔහුගේ අනුගාමිකයින් උනන්දු විය.එමෙන්ම මෙම කලාවේ
ගලායෑම ස්වභාවධර්මයේ පරීක්ෂණාත්මක සිද්ධින් හා එළඹ සිටී. එමෙන්ම මෙම සියුම් කලාව සහ ඊට අදාල නොයෙක් මෝස්තර නිර්මාණ ශිල්පීන් වැඩි වශයෙන් නැඹුරුතාවක් දක්වන්නට වූයේ කලාව කාර්මීකරණය වීම සහ නොයෙකුත් ක්‍රමවේදයන්ගෙන් යුත් නිෂ්පාදන බිහිවීමත් සමගය.මූලික ලිපිය: ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයපළමුවන ඊළාම් යුද්ධයශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ හි කොටසකි දිනයජූලි 23, 1983 – ජූලි 29, 1987පිහිටුමශ්‍රී ලංකාවප්‍රතිඵලයඉන්දියාව විසින් කතිකා කර ගත් සාම ගිවිසුම සහ , ඉන්දියානු සාම සාධක හමුදාව පැමිණීමයුද්ධාවතීරයන් ශ්‍රී ලංකාවේ හමුදාවදෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයආඥාපතියන් සහ නායකයන්ජේ.ආර්. ජයවර්ධනලුතිනන් ජනරාල් ටී. අයි. වීරතුංගලුතිනන් ජනරාල් නලින් සෙනෙවිරත්නවේළුපිල්ලේ ප‍්‍රභාකරන්vteශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයපළමුවනඉසාසාහ මැදිහත්වීමදෙවනතෙවනසතරවනBattles and operationsBombings and terrorist attacksOther military attacksසමූහ මීනීවලChemmaniDuraiappaMirusuvilසූරියකන්දසමූහඝාතනකළු ජූලිය1985 ValvettituraiKumudiniAkkaraipattuPrawn farmEastern University1990 Batticaloa1991 KokkadichcholaiJaffna l
agoonNavalyNagerkovil-AllaipiddyVankalaiMutturකෙන්ට් සහ ඩොලර් ෆාම්අනුරාධපුරඅරන්තලාවකාත්තන්කුඩිපල්ලියගොඩැල්ලකල්ලරාවOctober 1995ගෝනගලකැබිතිගොල්ලෑවJaffna Hospital1989 Valvettituraiශ්‍රී ලාංකික ගැටුම1976 - 2009පසුබිමශ්‍රී ලංකාව · ශ්‍රී ලංකාවේ ඉතිහාසයසිවිල් යුද්ධයේ මූලෝපත්තීන්සිවිල් යුද්ධයේ මූලෝපත්තීන් · ශ්‍රී ලාංකික දෙමල ජාතිකවාදය · සිංහල බෞද්ධ ජාතිකවාදය · කෝලාහල · කළු ජූලියප්‍රධාන වාක්‍ය ඛණ්ඩපළමුවන ඊළාම් යුද්ධය  · ඉන්දියානු මැදිහත්වීම · ඊලාම් යුද්ධය II · ඊලාම් යුද්ධය III · ඊලාම් යුද්ධය IVදෙඊවිකොදෙඊවිකො · කළු කොටීන් · ප්‍රහාර · මුස්ලිම්වරුන් පලවා හැරීමශ්‍රී ලංකාවේ හමුදාවශ්‍රී ලංකාවේ හමුදාව · පහරදීම්ප්‍රධාන නායකයන්එම්. රාජපක්ෂ · වී. ප්‍රභාකරන් · කරුණා · එස්. චන්ද්‍රකාන්තන් · ජී. රාජපක්ෂ · සරත් ෆොන්සේකාඉන්දියානු ඇලලීමපූමාලෙයි ක්‍රියාන්විතය · ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම · ඉන්දියානු සාම සාධක හමුදාව · පවන් ක්‍රියාන්විතය · රජීව් ගාන්ධි · RAWමෙයද බලන්නසටන් · ආබාධිතයන් · මානව අයිතිවාසිකම් · ලමා සොල්දාදුවෝ · රාජ්‍ය භීෂණය පිළිබඳ චෝදනා ·
සංගණ්‍ය ඝාතනයන් · අතුරුදහන්කිරීම් · දෙමළ අවිගත් කණ්ඩායම් (ලැයිස්තුව) · TMVP · 2009 දෙමළ විසිරිතයේ විරෝධතාමෙම කොටුව: නරඹන්නසාකච්ඡාවසංස්කරණයපළමුවන ඊළාම් යුද්ධය ඊලාම්වාදී ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් සහ ඊට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් හමුදාමය ක්‍රියාමාර්ගවල ආරම්භක අවධියයි. 1970 ගණන් වල සිට දෙමල සන්නද්ධ කණ්ඩායම් හා රජය අතර ගැටුම් තිබුනද 1983 ජුලි 23 වන දින හමුදා මුර සංචාරයකට යාපනයේදී පහරදීම තෙක් පුර්ණ යුද්ධයක් හට නොගත්තේය. මෙම ප්‍රහාරයෙන් සෙබළුන් 13 දෙනෙක් මියගිය අතර , දකුණේ කැරලි තත්වයක් (කළු ජුලිය නමින් හැදින්වුන) හට ගන්තේය. මෙම ගැටුම් 1985 තෙක් දිව ගිය අතර, 1985 දී සාකච්චාමය විසදුමක් වෙනුවෙන් වූ තිම්පු සාකච්චා දක්වා දිවගියේය. තිම්පු සාකච්චා අසාර්ථක වූ අතර ගැටුම් නැවතත් ආරම්භ විය.1987 වන විට ශ්‍රී ලංකා හමුදා එල්.ටී.ටී.ඊ සංවිධානය යාපනයට කොටු කර තිබුන අතර , ගැටුමට අවසානයක් ගැන විශ්වාසයෙන් සිටියහ. කෙසේ වුවත් , ඉන්දියාවේ සිටින මිලියන 50 ක් වූ ද්‍රවිඩ ජනතාව ගේ පිඩනයට ලක්වූ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි යුද මෙහෙයුම නතර කරන මෙන් ලංකාවෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වීම සමග
ඉන්දියාව එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර පිණිස නැවු කණ්ඩායමක් එවූ අතර එම නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව නැවැත්වීමත් සමග ඉන්දියාව ගුවනින් ගැටුමට ලක්වූ නගරයට ආධාර හෙලන ලදී. මෙය පුමලයි මෙහෙයුම ලෙස හදුන්වන ලදී.මෙම මෙහෙයුම හා ඉන්දීය පාබල හමුදා ශ්‍රී ලංකාවේ මෙහෙයුමකට සුදානම් වීමේ අවධානමත් සමග එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මෙම ගැටළු කාරී තත්වය මග හරවා ගැනීමට ඉන්දියාව සමග සාකච්චා පැවැත්විය. මෙම සාකච්චා වල එකගතාවයක් ලෙස යාපනය කොටුකරමින් කරන ලද මෙහෙයුම නවතන ලද අතර 1987 ජුලි 29 වන දින ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරන ලදී. ඉන්පසු ශ්‍රී ලංකා ගමුදව උතුරින් ඉවත් වූ අතර එම ප්‍රදේශයේ පුර්ණ පාලනය ඉන්දියානු සාම සාධක හමුදාවට පවරන ලදී. මේ සමග ඊළාම් යුද්ධයේ පළමු අදියර අවසන් විය.සිවිල් වැසියන් ඝාතනය වීමකළු ජූලියප්‍රධාන ලිපිය: කළු ජූලිය1983 වර්ෂයේ ජුලි 23 දින ශ්‍රි ලංකාවේ ඇතිවුණු වර්ගවාදි කැරැල්ල හැඳින්විමට පොදුවේ යොදන නාමය "කළු ජූලිය" යන්නයි. ගණන් බලා ඇති අන්දමට එම සිද්ධියේදී දෙමළ වැසියන් 1000 ක් පමණ ඝාතනය කරන ලදහ. ගෙවල් දහස් ගණනක් ගිනිබත් කරන ලද අතර ශ්‍රි ලාංකික දෙමළ වැසියන් විශාල ප්‍රමාණයක්
වෙනත් රටවලට සංක්‍රමණය වූ බවත් ඇස්තමේන්තු කර තිබේ. දෙමළ ආයුධ සන්නද්ධ සංවිධානයක් වූ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සැඟවී සිට කරන ලද පහර දිමකින් ශ්‍රි ලංකා හමුදාවේ සෙබළු 13 දෙනෙකු ජිවිතක්ෂයට පත් වීම මෙම අරගලයට බලපෑ මුලික හේතුව විය. සිංහල වැඩි බලයක් හිමි ශ්‍රි ලංකා රජයත් දෙමළ බෙදුම්වාදීනුත් අතර මහා පරිමාණ යුද්ධයකට ප්‍රවේශයක් ලෙසද මෙම කළු ජූලිය සාමාන්‍යයෙන් පිළිගැනේ.කෙන්ට් සහ ඩොලර් ෆාම් ඝාතනයප්‍රධාන ලිපිය: කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූලඝාතනයකෙන්ට් සහ ඩොලර් ෆාම් ඝාතනයන් යනු L.T.T.E ය විසින් ශ්‍රී ලංකා යුද්ධයේදී සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීමේ මුල් අවස්ථාවලින් එකකි. 1984 නොවැම්බර් 30 දින ඊසාන දිග ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයේ කුඩා ගොවිපල ගම්මාන දෙකක මෙම මිනිස් සංහාරය සිදු විය. ඊසාන දිග ලංකාව දමිළ නිජබිම බවත්. එහෙයින් 1980 දී ඔවුන් ජන වර්ග ශුද්ධ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළ බවත් L.T.T.E ය ප්‍රකාශ කර සිටියහ. ලංකාවේ උතුරු නැනෙහිර පළාත් ජන වාර්ගික වශයෙන් පිරිසිදු කිරීම අරඹයා L.T.T.E ය විසින් කරන ලද අප්‍රමාණ ජනතා සංහාරයන්හි ප්‍රතිඵලයක් ලෙස එම පළාත් වල ජීවත් වූ සිංහල හා මුස්ලිම් ජනයාගේ ජීව
ිත හා දේපළ විනාශ වීමෙන් එම ජනතාව මහත් සේ පීඩා වින්දහ.අනුරාධපුරයේ මිනිස් සංහාරයප්‍රධාන ලිපිය: ශ්‍රී මහා බෝධි සමූලඝාතනය1985 දී L.T.T.E ය විසින් අනුරාධපුරයේ දී කළ මිනිස් සංහාරයේදී ගැහැණු ළමයින් ඇතුළු 146 දෙනෙක් ඝාතනයට ලක්වූහ. L.T.T.E ය අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පලට ඇතුළු වී ස්වයංක්‍රීය ආයුධ වලින් ඉවක් බවක් නැතිව සිදු කළ වෙඩි තැබීම්වලින් බස් රථ එන තෙක් බලාසිටී මහජනයා මැරුම් කෑහ. සමහරෙක් තුවාල ලැබූහ. මෙම සිදුවීම් සැලසුම් කිරීමේ අරමුණ වූයේ දෙමළ ජනතාවගෙන් දරුණු ලෙස පළිගැනීමට සිංහල මහ ජාතිය පෙළඹවීමටයි. ඒ තුළින් දෙමළ ජනතාව අතරේ L.T.T.E යේ තත්ත්වය වඩාත් ශක්තිමත් කිරීමේ අදහස ඇතිවයි. L.T.T.E ය ආපසු යෑමට පළමු ඔව්හු විල්පත්තු ජාතික වනොද්‍යානයට කඩා වැදී එහි සේවය කළ සිංහලයින් 18 දෙනෙක්ද මරා දැමුහ.ත්‍රිකෝණමිතියඉතිහාසය භාවිතා ශ්‍රිතසාමාන්යීත ප්‍රතිලෝම ශ්‍රිත වැඩිදුර කියවීම්ආශ්‍රිතඅනන්‍යනකා සුනියත නියත ත්‍රිකෝණමිතික වගුනියම හා ප්‍රමේයයන්සයින නියමය කොසයින නියමය ටැංජන නියමය කොටැංජන නියමය පයිතගරස් ප්‍රමේයයකලනයත්‍රිකෝණමිතික ආදේශය ශ්‍රිතයන්හී අනුකල ශ්‍රිතයන්හී අවකලයන් ප්‍රතිලෝම ශ්‍රිතයන්
ගේ අනුකලvteජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම් පොළෙහි වූ කැනටම් 2 (canatarm2) රොබෝ සංචාලකය ක්‍රියා කරනු ලබන්නේ එහි සන්ධි වල කෝණ පාලනය කිරීමෙනි. බාහුව කෙළවරේදී ගඟනගාමීන්ගේ අවසන් පිහිටීම ගණනය කිරීමේදී මෙම කෝණවල ත්‍රිකෝණමිතික ශ්‍රිතයන් නැවත නැවත භාවිතා කිරීම අවශ්‍යවේ.Q කෝණය සඳහා වූ සියලු ත්‍රිකෝණ මිතික ශ්‍රිත O හිදී කේන්ද්‍රගත වූ ඒකක වෘත්තයක් මගින් ජ්‍යාමිතිකව ගොඩනැගිය හැක.ත්‍රිකෝණමිතිය යනු (ග්‍රීක භාෂාවෙන් trigonon “ත්‍රිකෝණය” + metron “මිණුම”) ත්‍රිකෝණ විශේෂයෙන් එක් කෝණයක් 90∘{\displaystyle 90^{\circ }} (සෘජුකෝණී ත්‍රිකෝණ) වූ තල ත්‍රිකෝණයන් සමග සම්බන්ධ වූ ගණිතයෙහි කොටසකි. ත්‍රිකෝණමිතිය කටයුතු කරන්නේ ත්‍රිකෝණයක පාද සහ කෝණ අතර සම්බන්ධතාවයන් හා මෙම සම්බන්ධතා විස්තර කරන ත්‍රිකෝණමිතික ශ්‍රිත සමගයි. ත්‍රිකෝණමිතියට ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය යන කොටස් දෙකේම යෙදීම් ඇත. ඒ එය විද්‍යාවේ හා තාක්ෂණයේ අත්‍යවශ්‍ය අංගයක්වන බැවිනි. එය සාමාන්‍යයෙන් ද්විතීයික පාසලේ දී වෙනම පාඨමාලාවක් ලෙස හෝ පෙර කලනය පාඨමාලා කොටසක් ලෙස හෝ උගන්වනු ලැබේ. සාමාන්‍යය භාවිතයේදී ත්‍රිකෝණමිතිය “ ට්‍රිග් ” (trig) ලෙ
ස ද හඳුන්වනු ලැබේ.ගෝලීය ත්‍රිකෝණමිතිය ලෙස හඳුන්වන ත්‍රිකෝණමිතියේ අංශය ගෝල මත වූ ත්‍රිකෝණ පිළිබඳ අධ්‍යයනය කරන අතර එය නක්ෂත්‍රයේදී හා යාත්‍රා කිරීමේදී වැදගත් වේ.මෙහිදී භාවිතාවන සූත්‍ර තුනකි.sin{\displaystyle sin}cos{\displaystyle cos}tan{\displaystyle tan}දළ විශ්ලේෂණය[සංස්කරණය]මෙම සෘජුකෝණී ත්‍රිකෝණයේ : sin A = a/c; cos A = b/c; tan A = a/b.සෘජුකෝණී ත්‍රිකෝණයක එක් කෝණයක් 90∘{\displaystyle 90^{\circ }} වන නිසා වෙනත් කෝණයක් දන්නේ නම් එමගින් ඉතිරි කෝණය සෙවිය හැක. මන්දයත් ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍යය 180∘{\displaystyle 180^{\circ }} වන බැවිනි. එමනිසා සුළු කෝණ දෙකෙහි ඓක්‍යය 90∘{\displaystyle 90^{\circ }} වන අතර ඒවා අනුපුරක කෝණ ලෙස හැදින්වේ. සෘජුකෝණී ත්‍රිකෝණයේ හැඩය සම්පුර්ණයෙන් නිර්ණය කරනු ලබන්නේ සමරූප්‍යතාවය තෙක්ම කෝණවලට අනුවයි. මින් අදහස් වන්නේ අනෙක් කෝණයන්ගෙන් එකක් දන්නා විට ත්‍රිකෝණයේ විවිධ පාදවල අනුපාතය ත්‍රිකෝණයේ ප්‍රමාණය මත පදනම් නොවී එකම අගයක් ගන්නා බවයි.මෙම අනුපාතයන් දන්නා A කෝණයක් සද
හා වු පහත සඳහන් ත්‍රිකෝණමිතික අනුපාතයන් මගින් ලබාදේ. මෙහි a,b හා c යනු ඉහත පෙන්නුම් කරන රූපයේ පාද සදහා දී ඇති දිග යන් වේ.සයින් (sin) ශ්‍රීතය අර්ථ දක්වනුයේ, කෝණයට සම්මුඛ පාදයේ දිග එහි කර්ණයේ දිගට දක්වන අනුපාතය ලෙසයි.sin⁡A=oppositehypotenuse=ac{\displaystyle \sin A={\frac {\textrm {opposite}}{\textrm {hypotenuse}}}={\frac {a}{\,c\,}}\,}කොසයින ශ්‍රීතය (cos) අර්ථ දක්වනුයේ, බද්ධ පාදයේ දිග කර්ණයේ දිගට දක්වන අනුපාතය ලෙසයි.cos⁡A=adjacenthypotenuse=bc{\displaystyle \cos A={\frac {\textrm {adjacent}}{\textrm {hypotenuse}}}={\frac {b}{\,c\,}}\,}ටැංජන ශ්‍රීතය (tan) අර්ථ දක්වනුයේ සම්මුඛ පාදයේ දිග බද්ධ පාදයේ දිගට දක්වන අනුපාතය ලෙසයි.tan⁡A=oppositeadjacent=ab=sin⁡Acos⁡A{\displaystyle \tan A={\frac {\textrm {opposite}}{\textrm {adjacent}}}={\frac {a}{\,b\,}}={\frac {\sin A}{\cos A}}\,}කර්ණය යනු සෘජුකෝණි ත්‍රිකෝණයක සෘජුකෝණයට සම්මුඛ පාදයයි. එය ත්‍රිකෝණයේ දිගම පාදය වන අතර A කෝණය
ට බද්ධ පැතිදෙකෙන් එකකි. බද්ධ පාදය යනු A කෝණයට බද්ධ වන අනෙක් පාදයයි. සම්මුඛ පාදය යනු A කෝණයට ඉදිරියෙන් ඇති පාදයයි. සමහර අවස්ථා වලදී සම්මුඛ පාදය හා බද්ධ පාදය පිලිවෙලින් අබිලම්භය හා ආධාරකය ලෙසද හදුන්වනු ලැබේ. සෘජු කෝණි ත්‍රිකෝණයේ කුමන පාද අතර අනුපාත සයිනය, කෝසයිනය හා ටැංජනයට සමානද යන්න පහසුවෙන් මතකයට ගැනීම සදහා බොහෝ පුද්ගලයින් ස.ක-බ.ක-ස.බ යන වචන පෙළ මතකයේ තබාගනී. ((Mnemonics) යටතේ පහත බලන්න) sin A හි පරස්පරය A හි කොසීකනය(csc හෝ cosec)ලෙස ද, cos A හි පරස්පරය A හි සීකනය(sec) ලෙස ද, tan A හි පරස්පරය A හි කොටැංජනය(cot) ලෙස ද අර්ථ දක්වයි. මෙම ශ්‍රිත වල ප්‍රතිලෝම ශ්‍රිතයන්ට පිලිවෙලින් චාප සයිනය, චාපකෝසයිනය හා චාප ටැංජනය ලෙස හදුන්වනු ලැ‍බේ. මේවා අතර ත්‍රිකෝණමිතික සර්වසාමයන් ලෙස හැදින්වෙන අංක ගණිත සම්බන්ධතාවයන් පවතී. යම් කෙනෙකුට අභිමත ත්‍රිකෝණයක් සම්බන්ධව අසනු ලබන සියලු ගැටළු වලට මෙම ශ්‍රිත සමගින් සයින් නියමය හා කෝසයින නියමය භාවිතයෙන් සැබවින්ම පිළිතුරු දිය හැක. මෙම නියමයන් භාවිතයෙන් ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක් හා එක් කෝණයක් දී ඇති විට,හෝ කෝණ දෙකක් හා එක් පාදයක් දී ඇති විට හෝ ඉතිරි කෝණ හා පාද ගණ
නය කළ හැක. ජ්‍යාමිතියේදී සියලු බහුඅස්‍ර පරිමිත ත්‍රිකෝණ සංඛ්‍යාවක එකතුවක් ලෙස විස්තර කල හැකි බැවින් මෙම නියම ජ්‍යාමිතියේ සියලු කොටස් වලදී ප්‍රයෝජනවත් වේ.පයිතගරස් සම්මත සර්ව සාම්‍යයෝ[සංස්කරණය]මෙම සම්මත සර්ව සාම්‍යයෝ සෑම අගයකටම සත්‍ය වේ.sin2A+cos2A=1{\displaystyle sin^{2}A+cos^{2}A=1}sec2A−tan2A=1{\displaystyle sec^{2}A-tan^{2}A=1}cosec2A−cot2A=1{\displaystyle cosec^{2}A-cot^{2}A=1}කෝණ දෙකක ඓක්‍යයේ සහ අන්තරයේ සූත්‍ර[සංස්කරණය]A{\displaystyle A} සහ B{\displaystyle B} යනු ඕනෑම කෝණ දෙකක් නම්,sin⁡(A±B)=sin⁡Acos⁡B±cos⁡Asin⁡B{\textstyle \quad \sin(A\pm B)=\sin A\cos B\pm \cos A\sin B}cos⁡(A±B)=cos⁡Acos⁡B∓sin⁡Asin⁡B{\textstyle \quad \cos(A\pm B)=\cos A\cos B\mp \sin A\sin B}tan⁡(A±B)=tan⁡A±tan⁡B1∓tan⁡Atan⁡B{\displaystyle \quad \tan(A\pm B)={\frac {\tan A\pm \tan B}{1\mp \tan A\ta
n B}}}cot⁡(A±B)=cot⁡Acot⁡B∓1cot⁡B±cot⁡A{\displaystyle \quad \cot(A\pm B)={\frac {\cot A\cot B\mp 1}{\cot B\pm \cot A}}}පරිමාණගත කෝණ වලට‍ අදාළ සම්මත සූත්‍ර (A B සූත්‍ර)[සංස්කරණය]A{\displaystyle A} සහ B{\displaystyle B} යනු ඕනෑම කෝණ දෙකක් නම්,2sin⁡Acos⁡B=sin⁡(A+B)+sin⁡(A−B){\displaystyle \quad 2\sin A\cos B=\sin(A+B)+\sin(A-B)}2cos⁡Asin⁡B=sin⁡(A+B)−sin⁡(A−B){\displaystyle \quad 2\cos A\sin B=\sin(A+B)-\sin(A-B)}2cos⁡Acos⁡B=cos⁡(A+B)+cos⁡(A−B){\displaystyle \quad 2\cos A\cos B=\cos(A+B)+\cos(A-B)}2sin⁡Asin⁡B=−[cos⁡(A+B)−cos⁡(A−B)]{\displaystyle \quad 2\sin A\sin B=-{\bigr [}\cos(A+B)-\cos(A-B){\bigr ]}}පරිමාණගත කෝණ වලට‍ අදාළ සම්මත සූත්‍ර (C D සූත්‍ර)[සංස්කරණය]C=A+B{\displaystyle C=A+B} සහ D=A−B{\displaystyle D=A-B} යැයි ගත් විට,sin⁡C+sin⁡D=2
sin⁡(C+D2)cos⁡(C−D2){\displaystyle \quad \sin C+\sin D=2\sin \left({\frac {C+D}{2}}\right)\cos \left({\frac {C-D}{2}}\right)}sin⁡C−sin⁡D=2cos⁡(C+D2)sin⁡(C−D2){\displaystyle \quad \sin C-\sin D=2\cos \left({\frac {C+D}{2}}\right)\sin \left({\frac {C-D}{2}}\right)}cos⁡C+cos⁡D=2cos⁡(C+D2)cos⁡(C−D2){\displaystyle \quad \cos C+\cos D=2\cos \left({\frac {C+D}{2}}\right)\cos \left({\frac {C-D}{2}}\right)}cos⁡C−cos⁡D=−2sin⁡(C+D2)sin⁡(C−D2){\displaystyle \quad \cos C-\cos D=-2\sin \left({\frac {C+D}{2}}\right)\sin \left({\frac {C-D}{2}}\right)}මේවාත් බලන්න[සංස්කරණය]ත්‍රිකෝණමිතික ශ්‍රිතගලගණ්ඩයවර්ගීකරණය සහ බාහිර මූලාශ්‍රIII ගණයෙහි ගලගණ්ඩය සහිත කාන්තාවක්.ICD-10 කේතයE01.-E05.ICD-9 කේතය240.9DiseasesDB5332MedlinePlus001178MeSHD006042ගලගණ්ඩයක් හෝ කණ්ඨමාලයක් හෝ වායු ගෙඩියක් (ඉංග්‍රීසි පදය Goitre යන්න බිඳී ඇ
ත්තේ ලතින් gutteria, struma වෙතිනි), යනු තයිරොයිඩ ග්‍රන්ථියෙහි ඉදිමුමක් වන අතර,[1] එය නිසා ගෙල හෝ ස්වරාලය ඉදිමුමකට ලක් විය හැක. ගලගණ්ඩය සාමාන්‍යයෙන් ඇතිවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය නිවැරදි අයුරින් ක්‍රියානොකරන විටකදීය.වර්ගීකරණය[සංස්කරණය]ඒවා විවිධ ආකාරයට වර්ගීකරණය කෙරෙති: "විසිරි ගලගණ්ඩය"ක් යනු සමස්ත තයිරොයිඩය පුරා පැති ඇති ගලගණ්ඩයකි (මෙය "සරල ගලගණ්ඩය"ක් හෝ, "බහුසන්ධීය ගලගණ්ඩය"ක් විය හැකිය)."ධූලක ගලගණ්ඩය" යනු අධි තයිරොයිඩතාව සහිත ගලගණ්ඩයයි. මෙය බහුල ලෙසින් ග්‍රේව්ස් රෝගය නිසා ඇති වන නමුත්, බහුසන්ධීයයක ප්‍රදාහය නිසා ඇති විය හැක."ධූලක නොවන ගලගණ්ඩය" (සාමාන්‍ය හෝ අඩු තයිරොයිඩ් මට්ටම් ආශ්‍රිතව පවතින) යනු අන් සියළු වර්ග වෙති ( ලිතියම් නිසාවෙන් හෝ වෙන යම් ස්වයංප්‍රතිශක්ති රෝගයන් නිසාවෙන් ඇතිවන්නාවූ).අනෙකුත් වර්ගීකරණ විධි:I ගණය - ස්පර්ශ පිරික්සුම් ගලගණ්ඩය - හිසෙහි සාමාන්‍ය ස්ථාපනයෙහිදී එය දැකිය නොහැකිය; ස්පර්ශ පිරික්සුමෙන් පමණක් සොයා ගත හැක.II ගණය - ගලගණ්ඩය පරික්සුමෙන් සොයා ගත හැකි අතර පහසුවෙන් දැකිය හැක.III ගණය - ගලගණ්ඩය ඉතා විශාල හා අපරක්‍රෝඩක වෙයි; තෙරපීම යෙදූ විට එම සලකුණු පවතිය
ි.ආශ්‍රිත[සංස්කරණය]↑ ඩෝලන්ඩ්ස් වෛද්‍ය ශබ්දකෝෂ‍යෙහි goiter කාශ්මීරයභූ දේශපාලනික වශයෙන් දකුණු ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වූ ගැටුමක් ලෙස කාශ්මීර අර්බුදය හැඳින්විය හැකි ය. මෙම ගැටුමට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකාර රාජ්‍ය දෙක වන්නේ ඉන්දියාව සහ පකිස්ථානය යි. ජම්මු කාශ්මීර් නැමැති ප්‍රදේශය සම්බන්ධයෙන් මෙම රාජ්‍ය දෙකම සමාන හිමිකම් ප්‍රකාශ කිරීම අර්බුදයට මුල් විය. කාශ්මීර අර්බුදයට හේතු වු ජම්මු කාශ්මීර් ප්‍රදේශය බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව යටත්කරගනු ලබන අවධියේදී "කුමාර රාජ්‍යක්" ලෙස පැවතුනි. මෙම ප්‍රදේශය බ්‍රිතාන්‍යයන් යටතට පත් වුයේ එහි සිටි සික් ජාතික පාලකයා පරාජය කිරීමෙනි. ඉන්දයානු නිදහස් අරගලයේ දී මුස්ලිම් ලීගයේ නායකත්වය ගත්මොහමඩ් අලි ජින්නා විසින් පකිස්ථානය යනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1947 ඉදිරිපත් කල ස්වාධීනතා පනත යටතේ ඉන්දියාව දෙකඩ කරමින් පකිස්ථානය හා ඉන්දියාව යනුවෙන් නිදහස් රාජ්‍ය දෙකක් බිහි විය. ඉන්දියාවට නිදහස ලැබීමට පෙර පකිස්ථාන් ප්‍රදේශ ඉන්දියානු ප්‍රදේශ වලට අයත් විය. මෙම ප්‍රදේශ තුල "කුමාර රාජ්‍ය" නැමැති ස්වාධීන රාජ්‍ය ගනනාවක් දක්න
ට ලැබුණි. බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවට නිදහස ප්‍රදානය කිරීමේදී මෙම කුමාර රාජ්‍යයන්ට තමන් කුමන රාජ්‍ය සමග සම්බන්ධ වනවාද? යන්න තීරණය කිරීමේ අවස්ථාව ලබාදී තිබුණි. බොහෝ කුමාර රාජ්‍ය ඉන්දියාව සමග ද ඇතැම් කුමාර රාජ්‍ය පකිස්ථානය සමග ද එක් විය. නමුත් කාශ්මීරය තවදුරටත් ස්වාධීනව සිටියේය. මෙයට ප්‍රධාන හේතුව වූයේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් වීමත් එහි පාලනය හරිසින් නැමැති හින්දු මහාරාජා වරයෙකු විසින් සිදු කිරීමයි. මෙම පාලකයා ඉන්දියානු රජය සමග සබඳතා පැවැත්වූ නමුත් මුස්ලිම් බහුතරයකගේ ඉල්ලීම වූ පකිස්ථානය සමග එකතුවීම පිළිබඳ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. මෙම අර්බුදය නිසා කාශ්මීරය පිළිබඳ ස්වාධීන අදහසක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. හින්දු මහාරාජාවරයාගේ පාලන කාලය තුළ මුස්ලිම් ජනතාවට කළ අසාධාරණකම් නිසාත්, මුස්ලිම් බහුතරය ජීවත් වූ "පූනැක්" ප්‍රදේශයේ මුස්ලිම් වරු පකිස්ථානයට එක්වීමට සහාය පලකරමින් මහාරාජාට විරුද්ධව කැරළි ගැසීමත් නිසා ජම්මු කාශ්මීර් ප්‍රදේශය තුළ නොසන්සුන්තා ක්‍රමයෙන් උත්සන්න වෙමින්අර්බුදකාරී තත්වයක් උද්ගතවිය. මෙම අර්බුදකාරී තත්වය තුළ මධ්‍ය කාශ්මීර ප්‍රදේශයේ සිටි ඉන්දියානු හමුදාව අත්හැ
ර ගිය මුස්ලිම් වරු "අසාඩ් කාශ්මීර හමුදාව"නමින් හමුදාවක් පිහිටුවා කාශ්මීරය සඳහා වෙනම රාජ්‍යක් ඉල්ලා සිටියහ. මෙම අවස්ථාව වනවිට පකිස්ථානයේ දේශසීමා අසල සිටි "පතාන්"නම් ගෝත්‍රිකයන් විශාල වශයෙන් "පූනැක්"ප්‍රදේශයට වන්නට වූහ. ඉන්දියාව සහ පකිස්ථානය අතර කාශ්මීරය මුල් කර ගනිමින් ඇතිවන ගැටුම "පතාන්"ගෝත්‍රිකයන් සමඟ ඇතිවන ගැටුමෙන් ආරම්භ වේ. එයට හේතු වූයේ පකිස්ථානයේ සහාය මත "පතාන්"ගෝත්‍රිකයන් සංක්‍රමණය වූ බවට ඉන්දියාව චෝදනා කිරීමත් පකිස්ථානය ඵම චෝදනා ප්‍රතික්ෂේප කිරීමත්ය. පතාන් ගෝත්‍රිකයන්ගේ සංක්‍රමණ හා එයින් ඇතිවන්නා වූ ගැටුම්කාරී තත්වයන් සමථයකට පත්කිරීමට හින්දු මහාරාජාට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු ඉන්දියානු රජයෙන් සහාය ඉල්ලා සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1947 ඔක්තෝබර් 27 වන දින කාශ්මීරය රැකගැනීම සඳහා ඉන්දීය හමුදා එවීමට කැමැත්ත පලකරනු ලබයි. ඉන්දියාව සහ පකිස්ථානය බිහිවිමේදී, කාශ්මීර ප්‍රදේශය ආක්‍රමණය නොකරන බවට එකඟතාවක් ඇතිවිය. නමුත් ඉන්දියාව විසින් හමුදාව එවීම පකිස්ථානය දුටුවේ එම එකඟක්වය උල්ලංඝණ‍ය කිරීමක් ලෙසය. මෙම විරෝධතාවයන් හේතුවෙන් කාශ්මීරය මුල්කර ගනිමින් ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති ව
ූ ප්‍රථම යුද්ධය 1947 දී ඇති විය. කාශ්මීර ප්‍රදේශයේ අයිතිය මුල් කර ගනිමින් 1947 සිට ඉන්දියාව සහ පකිස්ථානය අතර වරින් ගැටුම් කිහිපයක් ඇති විය. මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම දෙරට අත‍ර ගිවිසුම් හා සම්මුතීන් ඇති කර ගනු ලැබිණ. ඒවා නම්,1) කරච්චි ගිවිසුම -1949 ජූලි 182) ටෂ්කන් සම්මුතිය -1966 ජනවාරි 103) සිම්ලා ගිවිසුම -1972 ජූලි 034) ලාහෝර් ගිවිසුම -1999 පෙබර‍වාරි 21 විවිධ ගිවිසුම් හා සම්මුතීන් ඇති වුව ද දෙපාර්ශවය විසින්ම ඒවා වරින් වර උල්ලංඝණය කිරීමත්, ජම්මු කාශ්මීර ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ‍වන මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන වල ක්‍රියාකලාපයත්, හේතුවෙන් 1947 දී ආරම්භ වූ කාශ්මීර අර්බුදය තව දුරටත් නොවිසඳුණු ගැටුමක් බවට පත් ව ඇත.ආශ්‍රිත ග්‍රන්ථ1.ජාත්‍යන්තර අර්බුද : මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාසඅඩවියෙන් බැහැර පිටුඅර්බුදයේ ප්‍රභවය[permanent dead link]යුක්රේනයේ එක්සත් වීමේ දිනයDate22 ජනවාරිFrequencyවාර්ෂිකකියව් හී ශාන්ත සොෆියා චතුරස්‍රයෙහිදී ස්ලූකි පණතට අත්සන් තැබීම.එක්සත්වීමේ පණත (යුක්‍රේනියානු: Акт Злуки, ස්ලූකි පණත) යනු, 1919 ජනවාරි 22 දිනදී යුක්රේන
ියානු මහජන ජනරජය සහ බටහිර යුක්රේනියානු මහජන ජනරජය අතර, කියව් හී ශාන්ත සොෆියා චතුරස්‍රයෙහිදී අත්සන් තැබුණු සම්මුතියකි. මෙම සම්මුතිය අත්සන්කිරීම සිහිකරමින් සෑම වසරකම ජනවාරි 22 දින සැමරෙන යුක්රේනයේ එක්සත් වීමේ දිනය, 1999 සිට, රාජ්‍ය නිවාඩු දිනයකි;[1][2] එය රජයේ නිවාඩු දිනයක් නොවේ.[3]1919, ජනවාරි 22 දිනදී අත්සන් තැබුනු ස්ලූකි පණතෙහි පිටපතක්.ඉතිහාසය[සංස්කරණය]දෙපාර්ශ්වයේම බුද්ධිමත් ගණයෙහි බොහෝ කල් සිට පැතූ අභිප්‍රායක්වූ එක්සත් යුක්රේනියානු රාජ්‍යයක් බිහිකිරීම මෙම සම්මුත්යෙහි ඉලක්කය විය. [4] කෙසේවෙතත්, ස්ලූකි පණත හුදු සංකේතාත්මක සම්මුතියක් බවට සැලකුනේ, රජයන් දෙකම ඉන් පසුව වුවද වෙනස් හා ඔවුන්ගේම යුද්ධ හමුදාවන්, පරිපාලනයන් සහ රජයේ ව්‍යුහයන් පවත්වාගෙන ගිය බැවිනි.[4]යුක්රේන ජනතා ජනරජයේ නියාමක සභාව විසින් තැනුනු සාර්වත්‍රයෙහි පෙළ:සියවස් ගණනාවක් පුරා බෙදී පැවතුණු, ගලීසියාව, බුකවයිනා, කාර්පේතියානු රුතේනියාව, සහ නියේපර් යුක්රේනය අඩංගු යුක්රේනයේ බලප්‍රදේශය, දැන් මහා එක්සත් යුක්රේනය බවට පත් වෙයි. යුක්රේනයේ ශ්‍රේෂ්ඨ පුතුන් යුද්ධ කොට හා දිවි පුදා මැවූ සිහින දැන් සත්‍ය බවට පත් වී ඇත.[5]සම
්මුතිය ප්‍රකාර, ගලීසියාව, යුක්රේනය තුල ස්වතන්ත්‍ර කොටසක් බවට පත් විය.[6]කෙසේවෙතත් නිදහස දිනා ගැනීමට යුක්රේනය අසමත් වූ අතර, 1920 දෙසැම්බර් මසදී, යුක්රේනියානු මහජන ජනරජයේ බල ප්‍රදේශයෙන් බොහෝ කොටසකින් සමන්විතවූ, සෝවියට් සංගමයේ යුක්රේනියානු සෝසස පිහිටුවන ලදි .[7] බටහිර යුක්රේනියානු මහජන ජනරජයේ බල ප්‍රදේශ වලින් බොහෝමයක් පෝලන්තයේ කොටස් බවට පත්විය.[7] 1939 වසරෙහිදී දෙකෙහිම බල ප්‍රදේශ, යුක්රේනියානු සෝසස හි කොටස් බවට පත්විය.[7]1990, ජනවාරි 21 දිනදී යුක්රේනියානුවෝ 300,000 ‍ට වැඩියෙන් මිනිස් දම්වැලකට සහභාගිත්වය සැපයූහ.ආශ්‍රිත[සංස්කරණය]↑ යනුකොවිච් කන්ඩෙම්න්ස් අටෙම්ප්ට්ස් ටු අන්ඩර්මයින් යුනිටි, කියව් පෝස්ට් (21 ජනවාරි 2011)↑ ද ඩේ ඔෆ් යුනිටි[permanent dead link], opinion-times.com↑ ඇනා සෙෆ්චෙන්කෝ විසින් කල්චර් ස්මාර්ට්! යුක්රේන්, කුපරාර්ඩ්, 2006, ISBN 978-1-85733-327-5↑ 4.0 4.1 සබ්ටෙල්නි, ඔරෙස්ට් (2000). යුක්රේන්: අ හිස්ට්‍රි. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටු. 362. ISBN 0-8020-8390-0. ↑ “Віднині на всіх українських землях, розділених віками, Галичині, Буковині, Закарпатськ
ій Русі й Наддніпрянщині буде єдина велика Україна. Мрії, задля запровадження яких найкращі сини України боролися і вмирали, стали дійсністю.” "Акт Злуки". යුක්රේනියානු විකිපීඩියාව (යුක්රේනියානු බසින්). සම්ප්‍රවේශය 2007-08-20.↑ ද මෝල්ඩිංඔෆ් යුක්රේන්:ද කන්ස්ටිට්‍යුෂනල් පොලිටික්ස් ඔෆ් ස්ටට්ට් ෆෝර්මේෂන් කටරයිනා වොල්ක්සුක් විසින්, මධ්‍යම යුරෝපියානු විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2001, ISBN 978-963-9241-25-1 (පිටුව 44)↑ 7.0 7.1 7.2 යුරෝපා වර්ල්ඩ් ඉයර් බුක් 2-2004 ප්‍රකාශය, රූට්ලෙජ්, 2004, ISBN 978-1-85743-255-8 (page 4292)සලාත්නැමදුම යන පදය අරාබියෙන් සලාත් (صلاة) යනුවෙන් හැදින්වේ. එම පදයම අල්කුර්ආනයේ සදහන් වී ඇත්තේ මෙසේය (صلوة,). පැෂ්ටෝ භාෂාවෙන් එය “මුස්” ලෙස ද පර්සියානු , උර්දු හා තුර්කි භාෂාවලින් නටාස් ලෙස ද හැදින්වේ. මෙය සර්ව බලධාරී අල්ලාහ්තආලා වෙනුවෙන් මුස්ලිම්වරු ඉටු කරන දෛනික නැමදුම වන අතර නිසි වයසට පත් සිහි බුද්ධියෙන් යුතු මුස්ලිම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම විකල්පයක් නොමැති අනිවාර්ය වගකීමක් වේ. සලාතය ඉස්ලාමයේ ප්‍රධාන හා අත්‍යවශ්‍ය වගකීමක් වන අතර තමාගේ නොහැකියාව නිසා එයින් වැල
කී සිටීමට අනුමැතිය ඇත්තේ ඉතාමත් සුළු පිරිසකට පමණි. දෛනික පංචකාල් නැමදුම සුන්නි ඉස්ලාමයේ පස්ව හා කුළුන්ද්‍රවලින් දෙවන ස්ථානය හිමිකර ගන්නා අතර පියා මුස්ලිම්වරුන්ගේ දස පනතින් එකක් වේ.මධ්‍යම හා දකුණු ආසියාතික භාෂාවලින් වන පර්සියානු උර්දු , හින්දු , බෙංගාලි ඇල්බේනියානු භාෂාව හා දකුණු වහල් භාෂාවන් වන බොස්නියානු භාෂාව , නසින්ති , මැසිඩෝනියානු භාෂාව හා තුර්කි භාෂාවලින් “නමාස්” යනුවෙන් හදුන්වන වන්නේ මැවුම්කරු වන අල්ලාහ්ට බැගෑපත් වී අවනතභාවය පළ කිරීම උදෙසා සිරස තමා ආචාර කිරීමයි.මෙසේ අවනතාභාවය පළ කරමින් අල්ලාහ්ට වන්දනාමාන කරන පුද්ගලයා “මුසල්ලී” වශයෙන් හදුවන්වන අතර ඒ සදහා යොදාගන්නා ඵලය නොහොත් පාරම්පරික ඇතිරිල් “මුසල්ලා” යනුවෙන් හැඳින්වේ.References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Salahඉතාලියේ ප්‍රතිචක්‍රකරණය සඳහා රැස්කොට ඇති ඉවතලන කඩදාසිකඩදාසි ප්‍රතිචක්‍රකරණය යනු නව කඩදාසි නිෂ්පාදිතයන් බවට ඉවතලන කඩදාසි පෙරලන ක්‍රියාවලිය වෙයි.ප්‍රතිචක්‍රකෘත කඩදාසි නිපැයීම සඳහා පෝෂණ-මූල ලෙසින් භාවිතා කල හැකි කඩදාසි වර්ග තුනක් පවතියි: මෝල් අවශේෂය, පූර්ව-පාරිභෝගික අපතය, සහ අපර-පාරිභෝගික අපතය මේවා වෙත
ි. [1] මෝල් අවශේෂය යනු කඩදාසි නිෂ්පාදනයේදී ඇතිවන කඩදාසි අහුකොන් සහ අනෙකුත් කඩදාසි සුන්බුන් වන අතර ඒවා කඩදාසි මෝලක අභ්‍යන්තර ලෙසින් ප්‍රතිචක්‍රකරණය කෙරෙයි. පූර්ව-පාරිභෝගික අපතය යනු කඩදාසි මෝලෙන් ඉවතට නිකුත්කෙරුණු මුත් පාරිභෝගික භාවිතයට සූදානම් වීමට ප්‍රථම බැහැර ලන ලද ද්‍රව්‍යය වෙති.ආශ්‍රිත[සංස්කරණය]↑ "ඩිබන්කින් ද මිත්ස් ඔෆ් රිසයික්ල්ඩ් පේප". Recycling Point Dot Com. 6 ඔක්තොම්බර් 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2007.විද්‍යුත් ක්ෂේත්‍රයකට බඳුන් කොට නොමැති වායු කලාපයේ අංශු (පාරමාණු, අණු, හෝ අයන) නිදහසේ ඔබමොබ ගමන් කරති.මෙම ලිපියසන්තති යාන්ත්‍ර විද්‍යාවපිළිබඳ ලිපි මාලාවේ කොටසකිනියමසංස්ථිතිස්කන්ධගම්‍යතාශක්තිඅසමානතාඑන්ට්‍රොපිඝන යාන්ත්‍ර විද්‍යාවවිරූපණයප්‍රත්‍යාස්ථතාවරේඛීයසුවිකාර්යතාවහුක්ගේ නියමයStressFinite strainInfinitesimal strainCompatibilityBendingContact mechanicsfrictionalMaterial failure theoryFracture mechanicsතරල යාන්ත්‍ර විද්‍යාවතරලස්ථිතිකය • ගතිකයආකිමිඩීස් නියමය • Bernoulli's principleනේවියර්–ස්ටෝක්ස්
සමීකරණPoiseuille equation • Pascal's lawViscosity(නිවුටෝනියානු • නිවුටෝනියානු-නොවන)Buoyancy • Mixing • Pressureද්‍රවAdhesionCapillary actionChromatographyCohesion (chemistry)පෘෂ්ඨික ආතතියවායුවායුගෝලයබොයිල් නියමයචාල්‍ස් නියමයසංයුක්ත වායු නියමයFick's law‍ගේලුසැක් නියමයGraham's lawප්ලාස්මාස‍්‍රැති විද්‍යාවViscoelasticityRheometryRheometerSmart fluidsElectrorheologicalMagnetorheologicalFerrofluidsවිද්‍යාඥයෝබර්නෝලිබොයිල්කෝචිCharlesඔයිලර්Fickගේලුසැක්Grahamහුක්නිවුටන්නේවියර්Nollපැස්කල්ස්ටෝක්ස්Truesdellvteවායු යනු පදාර්ථයේ සම්භාව්‍ය අවස්ථා තුනෙන් (අනෙකුත් ඒවා නම් ඝන හා ද්‍රව වෙති) එකකි. උච්ච උෂ්ණත්වයකදී වායුවක් අධික ලෙස අයනීකෘතවී ප්ලාස්මා අවස්ථාවට පත්විය හැකි අතර එය පදාර්ථයෙහි සම්භාව්‍ය අවස්ථාවක් සැටියට නොගැනෙයි.ශබ්ද නිරුක්තිය[සංස්කරණය]භෞතික ගති ලක්ෂණ[සංස්කරණය]ගසාගෙන යන දුම් අංශු වලින් අවට වායුවෙහි චලනය පිළිබඳ ඉඟි ලබා දෙයි.මුලින් සඳහන් කරන ලද අංශුන්ගේ විද්‍යුත් ස්වභාවය නිසා ඒවා අවට අවකාශයේ බල ක්ෂේත්‍රයක් නිර්මාණය වෙයි. අංශු දෙකක
් අතර මෙම බල ක්ෂේත්‍රවල අන්තර් ක්‍රියාකාරිත්වය නිසා අන්තර් අනුක ආකර්ෂණ බල ඇතිවේ. අංශු දෙක අතර දුර මත රඳා පවතින මෙම අන්තර් අණුක ආකර්ෂණ බල මගින් ඒවායේ චලිතයට හා තාප ගතික ගුණවල‍ට බලපෑම් ඇති කරයි. සාමාන්‍යයෙන් මෙම අංශු උෂ්ණත්වය හා පීඩනය හමුවේදී විශාල ප්‍රමාණයකින් එකිනෙකින් ඈත් වෙයි. මෙය ඉතා කුඩා‍ආකර්ෂණ බලයක් සඳහා හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි යෙදීම් බොහෝමයක් සඳහා අන්තර්ගත අණුක ආකර්ෂණ බල නොසලකා හැරිය හැක. වායුවක් පහත සඳහන් ගති ගුණද පෙන්ණුම් කරයි. ඝන හා ද්‍රව සමග සැසඳීමේදී සාපේක්ෂව අඩු ගණත්ව හා දුස්ස්‍රාවීතාවඋෂ්ණත්වය හා පීඩනය හමුවේදී ඉතා විශාල ලෙස ප්‍රසාරණයට හා සංකෝචනයට භාජනය වෙයි. එම නිසා වායු සම්පීඩය යයි හඳුන්වයි.අඩංගු භාජනය තුළ ඉක්මණින් සමජාතීය මිශ්‍රණයක් ලැබෙන සේ ව්‍යාප්ත වෙයි.මහේක්ෂීය[සංස්කරණය]පද්ධතිය විශ්ලේෂණය කිරීමේදී දිග පිළිබඳ පරිමාණයක් තිබීම අපේක්ෂිතය. විශාල දිග පරිමාණය මහෙක්ෂ පද්ධතිය සදහා අදාල වන අතර වඩා කුඩා දිග පරිමාණ ක්ෂුද්‍ර මට්ටමේ පද්ධති සඳහා අදාල වේ. මහේක්ෂ පද්ධතිවල දී මනින සංරචක, වායුවක් පද්ධතියක් මත හෝ එහි වටපිටාව මත ඇති කරන ප්‍රවේගය, පීඩනය හෝ උෂ්ණත්වය මැන විශා
ල පරිමාණ බලපෑම් වැනි ඒවා වෙයි. ද්‍රව ගතික සමීකරණවල විවිධ ආකාර, Navier-Stokes සමීකරණය හා Euler සමීකරණය වැනි ගණිතමය සමීකරණ චලනය වන වායුවල පීඩනය, ඝනත්වය, උෂ්ණත්වය හා ප්‍ර‍ෙව්ගය අතර සම්බන්ධතා‍ ආදර්ශනය සඳහා ගොඩනගා ඇත. පීඩනය[සංස්කරණය]අඩංගු භාජනයේ බිත්තිමත අඩංගු වායුව මගින් ඇති කරන පීඩනය සරළ චාලක සිද්ධාන්ත මගින් පැහැදිලි කළ හැක. වායු අංශු ඒ මේ අත අහඹු චලිතයේ යෙදෙන අතර ඒවා භාජනයේ බිත්ති සමග මෙන්ම එකිනෙක සමග ද ගැටේ. මෙම අංශු සියල්ල ස්කන්ධය, ගම්‍යතාව හා ශක්තිය යන සංස්ථිතික විය යුතු භෞතික ලකෂණ පෙන්නුම් කරයි. (ආදී යන්ත්‍ර විද්‍යාවට අනුව ගම්‍යතාව යනු ස්කන්ධ හෝ අර්ධ ප්‍රවේගයේ වර්ගයේත් ගුණිතයෙන් ලැබෙන අගයයි). අංශු භාජනයේ බිත්තිවල ගැටීම නිසා ඇතිවන සියළු බලවල සියළු සංරචකවල එකතුව භාජන බිත්තියේ වර්ගඵලයෙන් බෙදූ විට පීඩනය ලැබේ. එමනිසා පීඩනය චලනයවන අංශුවල රේඛීය ගම්‍යතාවල සාමාන්‍ය ලෙස ද පැවසිය හැක. පොදු දුර්මනයක් වන්නේ වායු පීඩනය විස්තර කිරීමට අණු එකිනෙක හා ගැටීම අත්‍යවශ්‍ය වන බවයි. නමුත් මේ සඳහා ඒවායේ අහඹු ප්‍රවේගය ප්‍රමාණවත්ය. උෂ්ණත්වය[සංස්කරණය]ඕනෑම භෞතික පද්ධතියක උෂ්ණත්වය එය තැනී ඇති පරමාණු හා අණ
ුවල චලිතයේ ප්‍රතිඵලයකි. සංඛ්‍යානමය යාන්ත්‍ර විද්‍යාවේ දී උෂ්ණත්වය යනු අංශුවක අඩංගු මධ්‍යයන චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. මෙම ශක්ති ගබඩාවක ආකාරය අංශු වල ස්වතන්ත්‍රතා ප්‍රමාණය මගින් කියැවේ( ශක්ති තත්ව) අංශුවලට විවිධ ප්‍රවේග පවතින අතර එක් අංශුවක ප්‍රවේගය අනෙකුත් අංශු සමග ගැටුම් නිසා නිතර වෙනස් වේ. වේග පරාසය සාමාන්‍යයෙන් මැක්ස්වෙල් - බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය මගින් පැහැදිලි කෙරේ.විශිෂ්ට පරිමාව[සංස්කරණය]තාපගතික විශ්ලේෂණයක් සිදුකිරීමේ දී ඝටන විත්ති ගුණ පිළිබඳ කතා කිරීම අත්‍යවශ්‍යය. වායු ප්‍රමාණය මත රඳා පවතින ගුණ විත්ති ගුණ ලෙසද වායු ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ ඝටන ගුණ ලෙස හැඳින්වේ. විශිෂ්ට පරිමාව ඝටනා ගුණයකට උදාහරණයක් වේ. මන්ද යත් විශිෂ්ට පරිමාව යනු පදාර්ථ ඒකක ස්කන්ධයක් මගින් අයත් කරගන්නා පරිමාව වන හෙයිනි. පරිම‍ාව හා විශිෂ්ට පරිමාව අතර වෙනස වන්නේ විශිෂ්ට පරිමාව ස්කන්ධයෙන් ස්වායත්ත වීමයි. ඝනත්වය වායුවල අණුවලට නිදහසේ චලනය විය හැකි නිසා වායුවක ස්කන්ධය සාමාන්‍යයෙන් විදහා දක්වන්නේ එහි ඝනත්වයෙනි. ඝනත්වය යනු ඒකක පරිමාවක ස්කන්ධයයි. සරළව විශිෂ්ට පරිමාවේ විලෝමයයි. වායු සදහා ඝනත්වය විශාල පරාසයක් තුළ ව
ෙනස් විය හැක. එසේ වන්නේ වායු අණු අහඹු චලනයේ යෙදෙන බැවිනි. මහේක්ෂීය ලෙස ඝනත්වය යනු වායුවක තත්ව විචල්‍යයන් පිළිබඳව කිසියම් ක්‍රියාවලියක් තුළදී ඝනත්වයේ වෙනස්වීම තාප ගතික නියමවලට අනුකූලව සිදුවේ. අහඹු චලිතයේ යෙදෙන අංශු විශාල සංඛ්‍යාවක් ඇති බව දී තිබුණද ස්ථිතික වායුවක් සදහා මුළු භාජනය පුරාම ඇත්තේ සමාන ඝනත්වයකි. එම නිසා ඝනත්වය අදිශ රාශියකි. එනම් එය විශාලත්වයක් ඇති දිශාවක් නැති සරළ භෞතික රාශියකි. නිත්‍ය ස්කන්ධයක් ඇති භාජනයක පරිමාව වායුවේ ඝනත්වයට සමානුපාතික බව චාලක සිද්ධාන්ත මගින් පෙන්වා දිය හැක.අන්වීක්ෂීය[සංස්කරණය]අන්වීක්ෂීය පරිමාණයකදි මනිනු ලබන්නේ අණුක මට්ටමේ රාශීන්ය. අණුක හෝ අංශුමය චලිතය විස්තර කිරීම සදහා විවිධ සිද්ධාන්ත හා ගණිතමය ආදර්ශන බිහිවී ඇත. වායුන්ට අදාල ආදර්ශන කිහිපයක් පහත පෙළ ගස්වා ඇත.චාලක වාදය[සංස්කරණය]මූලික ලිපිය: චාලක වාදයචාලක වාදය (හෝ වායු පිළිබද චාලකවාදය) වායුවල අණුක සංයුතිය හා චලිතය සලකමින් පීඩනය , උෂ්ණත්වය හෝ පරිමාව වැනි මහේක්ෂීය ගුණ විස්තර කිරීමට යත්න දරයි. මෙම වාදය කියා සිටින්නේ පීඩනය ඇති වන්නේ සර් අයිසැක් නිව්ටන් අනුමාන කළ පරිදි අණු අතර ස්ථිතික විකර්ෂණයෙන් නොව විවි
ධ ප්‍රවේගවලින් චලනය වන අණු එකිනෙක ගැටීම නිසා කියාය. මෙය අණුක චාලනවාදය ලෙස ද ගැටුම් පිළිබදවාදය ලෙස ද හදුන්වයි.බ්‍රවුනීය චලිතය[සංස්කරණය]වායු අංශූන්ගේ අහුඹු චලනය නිසාවෙන් විසරණය සිදුවෙයි.මූලික ලිපිය: බ්‍රවුනීය චලිතයබ්‍රව්නීය චලිතය යනු තරලයක් තුළ ඇති අංශුවක අහඹු චලිතය විස්තර කිරීමට යොදා ගන්නා ගණිතමය අකෘතියකි. අංශු පිළිබදවාදය ලෙසද මෙය හදුන්වයි. තනි වායු (පරමාණු හෝ අණු) නිරීක්ෂණය සදහා වූ නූතන තාක්ෂණික සීමා තුළ දී සිදු කළ හැක්කේ සෛද්ධාන්තික ගණනය කිරීම් මගින් ඒවායේ චලිතය ගැන අදහස් ඉදිරිපත් කිරීමයි. නමුත් එම චලිතය බ්‍රව්නීය චලිතයෙන් වෙනස් වේ. එයට හේතුව බ්‍රව්නීය චලිතය ඇති වන්නේ අදාල අංශු සමග වායු අණු එකක් හෝ කිහිපයක් වේගයෙන් ගැටීමෙන්, විටින් විට වෙනස් වන වායු අණුවල ඝර්ෂණ බල නිසා ඇති වන සුමට ඇදීමක් හේතුවෙන් වන බැවිනි. මෙම අංශුව ( සාමාන්‍යයෙන් පරමාණු මිලියන් හෝ බිලියන ගණනක අඩංගු) අක්- වක් මාර්ගයක චලිත වුවද , තනි වායු පරමාණුවක් පරීක්ෂා කිරීමේදී බලාපොරොත්තු විය හැකි තරම් අක්වක් චලිතයක් නිරීක්ෂණය කළ නොහැක.අන්තර්අණුක බල[සංස්කරණය]When gases are compressed, intermolecular forces like those
shown here start to play a more active role.මූලික ලිපියන්: වැන්ඩර්වාල් බලය සහ අන්තර්අණුක බලයභෞතික විද්‍යාවේදී, රසායන විද්‍යාවේ දී හා ජීව විද්‍යාවේ දී අන්තර් අණුක ආකර්ෂණ බල යනු ස්ථායී අණු අතර හෝ මහාපරිමාණ අණුවල ක්‍රියාකාරී භාණ්ඩ අතර ඇති වන බලයි. අණු ද්වි පරමාණුක නිදහස් මූලද්‍රව්‍ය හා තනි පරමාණු අතර ඇතිවන ක්ෂණික ආකර්ශන අන්තර් අණුක ආකර්ෂණ බලවලට අයත් වේ. අස්ථායී නිසා අයනික හා සහ සංයුජ බන්ධනවලින් වෙනස් වන අතර මේවා ඇති වන්නේ අංශුවල ක්ෂණික ධ්‍රැවීකරණය නිසාය. අණුවක හෝ පරමාණුවක ව්‍යුහයෙහි ඉලෙක්ට්‍රෝන චලන නියමිත ස්ථානයක් නොමැති නිසා ඉලෙක්ට්‍රෝන හරියටම ව්‍යාප්ත වී නොතිබීමේ හැකියාවක් ඇත. එම නිසා විද්‍යුත් ආරෝපණ ද හරියටම ව්‍යාප්ත නොවී තිබිය හැක.සරල ආකෘතිය[සංස්කරණය]වායුවක් විස්තර අනාවරණය කිරීමට ගණිතමය ආකෘතියක් යටතේ නිර්මාණය කරන ලද සමීකරණයකි. අද වන විට එකදු තනි සමීකරණයකින් සියලු තත්ත්ව යටතේ වායූන්ගේ ගති ලක්ෂණ නිවැරදිව දක්වා නොමැත. නමුත් යම් යම් තත්ත්ව හා උපකල්පන යටතේ එකඟවන සමීකරණ කිහිපයක් ඇත. වායු ආකෘති ‘තාත්වික වායු’ ‘කල්පිත’ හා ‘පරිපූර්ණ’ වශයෙන් පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරේ. ඉහත එක් එක් ආකෘතිවල
ට අදාළ උපකල්පනද අන්තර්ගත වේ. එය තාප ගතික පද්ධතියක අධ්‍යයනය පහසු කරයි.තාත්වික වායු[සංස්කරණය]තාත්වික වායු ක්‍රියාවලි උපකල්පන මත පදනම වූවකි. පහත උපකල්පනසම්පීඩ්‍යතා ක්‍රියාවිචල්‍ය තාප ධාරිතාවැන්ඩවාල් බලඅසමතුලිත තාප ගතික ක්‍රියාඅණුක විඝටනය පිළිබඳව වාද හා විවිධ සංයුති යටතේ මූලික ප්‍රිතික්‍රියාබොහෝ යෙදීම් සදහා ඉහත කරුණු පිළිබඳ වැඩි දුර අධ්‍යයනයක් අවශ්‍යවේ. උදාහරණයක් ලෙස තාත්වික වායු ක්‍රියාකාරිත්වය වැදගත්වන අංශයක් වන අභ්‍යවකාශ පටලයක් නැවත පෘථිවි ගත වීමේදී ඇතිවන අධික පීඩනය හා තාපය ගැන අධ්‍යයනය කිරීම අද දින වන විට සිදුවේ.කල්පිත වායු[සංස්කරණය]පරිපූර්ණ වායු යනු තාත්වික වායු තව දුරටත් උපකල්පන යොදා සුළු කිරීමකි. එනම් සම්පීඩ්‍ය සාධකය මෙහිදී 1 වශයෙන් යොදා ගනී. එම නිසා විචල්‍ය තත්ත්ව යටතේ කල්පිත වායු නියමය පිළිපදී. ඉහත ආසන්න කිරීම් ඉංජිනේරු ශිල්පයේදී සුදුසුය. ආසන්න කිරීම් නිසා සත්‍ය සංයෝග අතර වෙනස යම් සැලකිය යුතු පරාසයක පවතියි. උදාහරණයක් ලෙස, පරිපූර්ණ වායුවේදී යොදා ගන්නා උපකල්පන මගින් මෙම විශ්මිත දහන කුටීරය තුළ සිදුවන දහනය පැහැදිලිව ඉදිරිපත් කිරීමට හා ගණනය සිදුකළ හැකිය.පරිපූර්ණ වායු[සං
ස්කරණය]අර්ථ දැක්වීම අනුව අන්තර් අණුක ආකර්ෂණ බල නොසලකා හැර ඇත. කල්පිත වායූන් හිදී කරන ලද උපකල්පන සියල්ල ද මෙහිදී උපකල්පනය කරනු ඇත. ඊට අමතරව පහත උපකල්පනද අන්තර්ගත කර ඇත.අන්තර් අණුක ආකර්ශන බල නොසලකා හැර ඇත.අන්තර් අණුක ආකර්ශන බල නොසලකා හැරීම නිසා පරිපූර්ණ වායුවක් පවතින අවස්ථාව චාලක වාදය හෝ ස්ථිත යාන්ත්‍රික විද්‍යාව මගින් පහසුවෙන් පැහැදිලි කළ හැකිය.පරිපූර්ණ වායුවේ අර්ථ දැක්වීම තව දුරටත් දෙආකාරයකට සරල කළ හැකි අතර සමහරක් ග්‍රන්ථ මෙය අතහැර හෝ සංයුක්ත කොට සරල කිරීම් ඉදිරිපත් කොට ඇත. පැහැදිලිව අවබෝධ කිරීමට මෙම සරල කිරීම් වෙන වෙනම ඉදිරිපත් කොට ඇත.තාපජ පරිපූර්ණ[සංස්කරණය]වායුව තාප ගතික සමතුලිතතාවේ සිටී · රසායනිකව ප්‍රතික්‍රියා නොකරයි. · අභ්‍යන්තර ශක්තිය, එන්තැල්පිය සහ විශිෂ්ට තාපය උෂ්ණත්වයේ පමණක් ශ්‍රිත වේ.e = e(T) h = h(T) de = CvdT dh = CpdT මෙවැනි උපකල්පනයක් ආදර්ශනය සදහා උපකාරීවේ. උදාහරණයක් ලෙස අක්ෂීය සම්පීඩකය ගත් විට එහි උෂ්ණත්වය තාපජ පරිපූර්ණ ආකෘතියෙන් පිට පැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. තාප ධාරිතාවට විචලනය වීමට ඉඩ ඇත, එනමුත් උෂ්ණත්වයට හා අණුවලට මැදිහත් වීමට අවසර නොමැත.කැලරික පරිපූර්ණ[
සංස්කරණය]සියළුම සීමා කිරීම් හා උපකල්පන කරන ලද වායු ආකෘතියට පහත උපකල්පනය ද ඇතුළත් කරනු ලැබේ.නියත විශිෂ්ට තාපය (Constant Specific Heats)e = CvT h = CpT කෙසේ වුවත් මෙය සීමා කිරීම් අධික වූ වායු ආකෘතියක් වුවද එයට සෑහෙන තරම් නිරවද්‍ය ගණනයක් කිරීමට අවකාශ තිබිය හැකිය. උදාහරණයක් වශයෙන් අක්ෂීය සම්පීඩකයේ සම්පීඩන ක්‍රියාවලිය , අප ඉහත සලකා බලන ලද උදාහරණයේදී (නියත පීඩනය තාප ධාරිතාව Cp සහ විචල්‍ය පීඩනයේ තාප ධාරිතාව Cp) සසඳන ලද සරල කිරීම් හා සිදුවන අපගමනය අනෙක් සාධක සම්පීඩක ක්‍රියාවලියට එකතු වන විට අවසාන ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් Cp නියතව පැවතුණත් හෝ නැතත් එල්ල කළ හැකිය. (සම්පීඩකයෙහි අවකාශය , මායිම් ස්ථරය , ඝර්ෂණ හානිය , නිෂ්පාදන අපද්‍රව්‍යය ආදිය වේ.)ඉතිහාසමය නිපදවීම්[සංස්කරණය]ඇතැම් විට බොයිල්ගේ නියමය, අවස්ථා සමීකරණයක ප්‍රථම ප්‍රකාශනය විය හැකිය.1662 දී අයර්ලන්ත ජාතිකයකු වන , රොබට් බොයිල් විසින් එක් කෙළවරක් සීල් කරන ලද J හැඩැති වීදුරු නලයක් යොදා ගෙන පර්යේෂණ ශ්‍රේණියක් ඉදිරිපත් කළේය. එම නලයේ කෙටි සීල් කරන ලද කෙළවරෙහි නියත වායු ප්‍රමාණයක් සිරවන පරිදි නලයට ‍රසදිය එකතු කළේය. අතිරේක රසදිය නලයට එ
කතු කර වායුවේ පරිමාව ප්‍රවේශමෙන් මැන ගත්තේය. නලයේ දිග විවෘත කෙළවර හා කෙටි කෙළවර අතර රසදිය මට්ටම් අන්තරය අනුව වායුවේ පීඩනය නිර්ණය කර ගත හැකි විය. මෙම ‍පර්යේෂණ තුළින් වායු පරිමාව , පීඩනය සමග ප්‍රතිලෝමව විචලනය වන බව බොයිල් සටහන් කර ගත්තේය. ගණිතමය ප්‍රකාශනයක් ලෙස එය pV = නියතයක් සේ දැක්විය හැක.pVn = නියතයක් ලෙස මෙම සමීකරණයක් පිළියෙල කර ගැනීම මගින් විවිධ තාප ගතික ක්‍රියාවලි පුළුල්ව විස්තර කිරීමට යොදා ගත හැකිය. එසේම විශිෂ්ට තාප අනුපාතය (γ) වැනි විවිධ අගයන් තුළින් n හි අගය වෙනස්වීම සිදුවේ.1787 දී ප්‍රංශ භෞතික විද්‍යාඥ ජැක් චාල්ස් ඔක්සිජන්, නයිට්‍රජන් , කාබන්ඩයොක්සයිඩ් හා වාතය, නියමිත 80 K ප්‍රාන්තර වලදී එකම ප්‍රමාණයකට ප්‍රසාරණය වන බව සොයා ගන්නා ලදී.1802 දී ජෝසෆ් ලුවිස්ගේ-ලුසැක් පරිමාව හා උෂ්ණත්වය අතර රේඛීය සම්බන්ධය පෙන්වා දෙන සමාන පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී.V1/T1 = V2/T2 1801 දී ජෝන් ඩෝල්ටන් ආංශික පීඩන නියමය ප්‍රකාශයට පත් කරන ලදී. වායු මිශ්‍රණයක පීඩනය , එහි අඩංගු වායු සියල්ල තනි තනිව ඇති කරන පීඩනයන්ගේ එකතුවට සමාන වේ. ගණිතමය වශයෙන් විශේෂ n සඳහා එය මෙසේ දැක්විය හැක.මුළු පී
ඩනය = පළමු වායුවේ + 2වන වායුවේ + n වැනි වායුවේ පීඩනය පීඩනය ...... වායුවේ පීඩනයවිශේෂ මාතෘකා[සංස්කරණය]සම්පීඩ්‍යතාවය[සංස්කරණය]සම්පීඩ්‍යතා සාධකය (Z) යොදාගනු ලබන්නේ සත්‍ය වායුවක පරිපූර්ණ වායු සමීකරණය වෙනස් කිරීමෙන් ගණනය කිරීම සදහා වේ. පරිපූර්ණ වායු සමීකරණය වඩා නිරවද්‍යව යොදා ගැනීමට මෙය භාවිතා කරනා අතර ඇතැම් විට එය (fudge –factor) නමින් ද හඳුන්වයි. සාමාන්‍යයෙන් 2හි අගය 1ට ඉතා ආසන්න වේ.රෙනෝල්ඩ්ස් අංකය (Reynolds Number)[සංස්කරණය]තරල ගති විද්‍යාවේදී රෙනෝල්ඩ්ස් අංකය තරලයේ අභ්‍යන්තර බල හා දුස්‍රාවී බල අතර අනුපාතයක් වන අතර එය තරල ගති විද්‍යාවේදී යොදාගන්නා වැදගත් මාන රහිත අංකයක් වේ. අනෙකුත් මාන රහිත අංකයන් මෙන්ම රෙ‍නෝල්ඩ්ස් අංකය ද ගති විද්‍යාවේ නිවැරදි බව පෙන්වන‍ හොඳ මිණුම් දණ්ඩක් ද වේ.දුස්ස්‍රාවීතාවය[සංස්කරණය]උදාහරණ - අප මුලින් දැනගත් පරිදිම පීඩනය බිත්තියක් මත ලම්භකව ක්‍රියා කිරීම. (සාමාන්‍යයෙන්)එම බලයේ අපසාරී සංරචකය වායුවේ දුස්ස්‍රාවීතාවය මත රඳා පවතී. වස්තුවක් වායුවක් හරහා ගමන් කිරීමේදී දුස්ස්‍රාවීතා බලපෑම වඩාත් වැදගත් වේ.ආකූලතාවය[සංස්කරණය]තරල ගති විද්‍යාවේදී ආකූතා
වය හෝ ආකූල ප්‍රවාහය යනු එහි ලාක්ෂණික ව්‍යාකූලවීම අනුමානිකව වෙනස්වීමයි. මෙහිදී අඩු ගම්‍යතා විසරණයක් හා විශාල ගම්‍යතා සංවහනයක් මෙන්ම කාලය හා අවකාශය හමුවේදී පීඩනය හා ප්‍රවේගය වෙනස්වීම් වේ.මායිම් ස්ථරය (Boundary Layer)[සංස්කරණය]අංශු ඒ හරහා ගමන්කරන වස්තුවක පෘෂ්ඨියට ඇලේ. මෙම අංශු ස්ථරය මායිම් ස්ථරය ලෙස හැඳින්වේ. වස්තුවේ පෘෂ්ඨය මතදී අංශුව පෘෂ්ඨයේ ඝර්ෂණය නිසා නිෂ්ඵල වී පැවතීම අනිවාර්යෙන්ම සිදුවන්නකි.මායිම් ස්ථරය සමග ඇති වස්තුවේ හැඩයට එම මායිම් ස්ථරය හරහා බලපෑමක් ඇති කිරීම මගින් එහි හැඩය වෙනස් කිරීමට හැක. තවද “මායිම් ස්ථරය” පෘෂ්ඨයෙන් වෙන් කිරීමට ද හැක. එලෙස වෙන් කිරීමේ දී අනිවාර්යෙන්ම එය නැවතත් තවත් පෘෂ්ඨයක් සාදා ගනිමින් ගලා යාමේ මාර්ගය වෙනස් කර ගනී. මේ සඳහා පැරණි උදාරණයක් නම් ව‍ායු පත්‍ර නිපදවීමයි. (stalling airfoil) උපරිම එන්ට්‍රොපිය පිළිබඳ මූලධර්මය[සංස්කරණය]මුළු නිදහස් ශක්ති ප්‍රමාණවල එකතුව අනන්තය කරා ළගා වන්නට එම පද්ධතියම එහි මහේක්ෂ අවස්ථාවට ළගාවීමට සමරූපීවම එය එහි උපරිම ගුණාකාරය බවට ද පත්වේ.තාපගති සමතුලිතතාවය[සංස්කරණය]තාපගති සමතුලිතතාවය යොදාගනු ලබන්නේ පද්ධතිය තුළ හටගන්නා ශක්ති ව
ෙනස ප්‍රමාණවත් තරම් අණු අතර ගැටීම ඇතිවීමට තරම් විශාල කාල පරිමාණයක සිදු වන විට පරමාණු එකිනෙක වේගයෙන් ගැටීමෙන් පිටවන ශක්තිය පරමාණු තමන් සතු ශක්තිය වශයෙනුත් ශක්තිය විවිධ ප්‍රභේද වශයෙන් ද පද්ධතියේ පවතිනා මුළු ශක්තිය සියළුම පරමාණු අතර සමතුලිතතාවය පවතින පරිදි බෙදී‍ යන්නේ නම් පමණි. (දර්ශීය පද්ධතියක වුවද මෙය සිදු වීමට ගතවන්නේ නැනෝ තත්පර කිහිපයක් පමණි)vteපදාර්ථයේ අවස්ථාඝණද්‍රවවායු / වාෂ්පප්ලැස්මාඅඩු ශක්තිBose–Einstein condensate · Fermionic condensate · Quantum Hall · Rydberg matter · Strange matter · සුපිරිද්‍රව · සුපිරිඝණඅධි ශක්තිDegenerate matter · QCD matter · Quark–gluon plasma  · Supercritical fluidOther statesColloid · Glass · Liquid crystal · Magnetically ordered (Antiferromagnet, Ferrimagnet, Ferromagnet) · String-net liquid · SuperglassTransitionsBoiling · Boiling point · Condensation · Critical line · Critical point · Crystallization · Deionization · Deposition · Evaporation · Flash evaporation · Freezing · Ionization · Lambda point · Melting · Melting point · Regelation · Saturat
ed fluid · Sublimation · Supercooling · Triple point · VaporizationQuantitiesEnthalpy of fusion · Enthalpy of sublimation · Enthalpy of vaporization · Latent heat · Latent internal energy · Trouton's ratio · Volatilityසංකල්පBinodal · Compressed fluid · Cooling curve · Equation of state · Leidenfrost effect · Mpemba effect · Order and disorder (physics) · Spinodal · Superconductivity · Superheated vapor · Superheating · Thermo-dielectric effectඅධිකාරී පාලනය ජාතික පුස්තකාලFrance (data)GermanyIsraelUnited StatesLatviaJapanCzech Republicවෙනත්NARAමෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "රුධිර පරීක්‍ෂණ" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (නොවැම්බර 2007) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)රුධිර පරික්ෂාවක් (ඉංග්‍රීසි:  Blood test) යනු, සාමාන්‍යයෙන්, කටුවක්, හෝ ඇඟිලිවිද
ිනයක් භාවිතයෙන්, අතෙහි ශිරාවකින් නිශ්කර්ශය කර ගන්නා රුධිර සාම්පලයක් පරික්ෂණාගාර විශ්ලේෂණයට ලක් කිරීමයි. රුධිඅර පරික්‍ෂාවන් භාවිතා කරනුයේ, රෝග, ඛනිජ අන්තර්ගතය, ඖෂධ සඵලත්වය, සහ ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරිත්වය වැනි කායික-විද්‍යාමය සහ ජෛවරසායනික තත්ත්වයන්, සමාපනය කිරීමටය. රුධිර පරික්‍ෂාව යන වදන භාවිත වුවද, බොහෝ චර්යානුගත පරික්‍ෂාවන්, ( රක්තවේදය සඳහා වුවන් හැර) සිදුකරනුයේ, රුධිර සෛල වෙනුවට, ප්ලාස්මා හෝ රුධිර ද්‍රවය කෙරෙහිය.නිශ්කර්ශනය[සංස්කරණය]ඉදිකටුවක් මගින් ශිරාවක් සිදුරුකොට විශ්ලේෂණය කිරීම සදහා රුධිරය ලබාගැනීම, ‍රුධිර සෛල සහ රුධිර ප්ලාස්මය ලබාගත හැකි සාපේක්ෂව එතරම් වේදනාකාරී නොවන ක්‍රමයකි. සිරුර පුරාම ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය කිරීමේ මාධ්‍යයක් ලෙස හා බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය අදාල අවයව වෙත පරිවහණය කිරීමේ මාධ්‍යක් ලෙස රුධිරය ක්‍රියාකරයි. රුධිරයෙහි සංයුතිය විවිධ රෝගි තත්ත්වයන් අනුව වෙනස් වේ. එම නිසා විවිධ රෝග අවස්ථාවන්හි දී රුධිරය පරීක්ෂාවට ගැනේ. රුධිර පරීක්ෂණ වර්ග[සංස්කරණය]ජෛව රසායනික විශ්ලේෂණය[සංස්කරණය]ප්‍රධාන වශයෙන් මනිනු ලබන රසායන ද්‍රව්‍ය වනුයේ සෝඩියම් , පොටෑසියම් ,
ක්ලෝරයිඩ්, බයිකාබනේට් , යූරියා , නයිට්‍රජන් . මැග්නීසියම් , ක්‍රියටිනීන් හා ග්ලූකෝස් ය. ඇතැම් අවස්ථාවලදී කැල්සියම් ද අන්තර්ගත වේ.ඇතැම් රුධිර පරීක්ෂණ උදා - රුධිර ග්‍ලූකෝස් , කොලෙස්ටරෝල් හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබද පරීක්ෂා කිරීම සදහා පරීක්ෂණයට පෙර පැය අටේ සිට දොළහ අතර කාලයක් නිරාහාරව සිටිය යුතුය.‍බොහෝමයක් රුධිර පරීක්ෂණ සදහා රුධිරය ලබාගනුයේ රෝගියාගේ ශිරාවෙනි. නමුත් ඇතැම් විශේෂ රුධිර පරීක්ෂණ උදා - ධමනිවල රුධිරයෙහි වායු සාන්ද්‍රණය මැනීම සදහා ධමනියකින් රුධිරය ලබාගත යුතුය. මෙහිදී ධමනිගත රුධිරයෙහි කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රමාණ මගින් පෙනහලුවල ක්‍රියාකාරිත්වය පිළිබද අවබෝධයක් ලබාගත හැකිය. ඇතැම් අවස්ථාවලදී මෙකී පරීක්ෂණය මගින් රුධිරයෙහි pH අගය සහ බයිකාබනේට් මට්ටම පිළිබද අ‍ව‍බෝධයක් ලබාගත හැකිය.ග්ලූකෝස් සීග්‍රම් පරීක්ෂණ‍යකදී (glucose tolerance test) වරින්වර රුධිරය ලබාගැනීම මගින් සිරුරෙන් ග්ලූකෝස් පරිභෝජනය කරන වේගය නිර්ණය කරගත හැකිය.වසර 2008 දී විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත්කළ ආකාරය අනුව ඛේට පරීක්ෂාවක් මගින් ද රුධිර පරීක්ෂාවක් වෙනුවට අදාල කර්තව්‍ය සිදු කරගත හැකිය. මෙමගින් ඒ සදහා වැයවන විය
දම අඩුවන අතර ඉදිකටු භාවිතා කිරීමේදී ඇතිවන අපහසුතාව ද මග හැරේ.සාමාන්‍ය පරාස[සංස්කරණය]සෝඩියම් (Na) 136 – 145 mmol /Lපොටෑසියම් (K) 3.5 – 4.5 mmol /Lයූරියා 2.5 – 6.4 mmol /L (රුධිර යූරියා නයිට්‍රජන්)යූරියා 7 – 18 mg/dLක්‍රියටිනීන් (පිරිමි) 62 – 115 mol /Lක්‍රියටිනීන් (ගැහැණු) 53 – 97 mol /Lක්‍රියටිනීන් (පිරිමි) 0.7 – 1.3 mg/dLක්‍රියටිනීන් (ගැහැණු) 0.6 – 1.1 mg/dLග්ලූකෝස් (නිරාහාර) 3.9 – 5.8 mmol /Lග්ලූකෝස් (නිරාහාර) 70 – 105 mg/dLඅණුක දත්ත[සංස්කරණය]ප්‍රෝටීන[සංස්කරණය]ප්‍රෝටීන විද්‍යුතාගමනය. (පොදුවේ භාවිතා කරන පරීක්ෂණයකි. නියත පරීක්ෂණයක් නොවේ)Western bolt (පොදුවේ භාවිතා කරන පරීක්ෂණයකි. නියත පරීක්ෂණයක් නොවේ)අක්මාවේ ක්‍රියාකාරීත්වය සොයා බැලීම සිදු කරන පරීක්ෂණ (Liver function tests)වෙනත්[සංස්කරණය]පොලි‍මරේස් දාම ප්‍රතික්‍රියා (DNA) . නූතනයේදී DNA පරීක්ෂණ ඉතා කුඩා රුධිර ප්‍රමාණයකින් වුවද සිදු කළ හැකිවේ. එය අධිකරණ වෛද්‍ය විද්‍යාව තුළ බහුලව භාවිතා කෙරුන ද රෝග නිර්ණය කිරීම සදහා පොදුවේ යොදා ගනී.Northern bolt (RNA)ලිංගාශ්‍ර
ිත රෝගසෛලීය නිර්ණය කිරීම්[සංස්කරණය]රුධිර සෛල පරීක්ෂාව (full blood count)MCV හෝ Hematocritරක්තානුවල අවසාදනය වීමේ සීඝ්‍රතාව.(Erythrocyte Sedimentation rate – ESR)රුධිර ගැලපීම්. රුධිර පාරවිලයනයක් සදහා හෝ අවයව බද්ධ කිරීමක් සදහා රුධිර වර්ගය නිර්ණය කිරීමට.රුධිරය වර්ධක මාධ්‍යයක වගා කිරීම. ආසාදනයක් ඇතැයි සැක ඇති වූ අවස්ථාවලදී බහුලව සිදු කෙරේ. ධනාත්මක ප්‍රතිඵල ‍ලබා දෙන සහ ප්‍රතිජීවක ඖෂධවල සංවේදී රටාවන් අනුව ප්‍රතිකාර ක්‍රම පිළිබදව නිර්ණයකට ඒම සදහා උපකාරී වේ.මූලාශ්‍ර[සංස්කරණය]the video game based on the film සඳහා, Toy Story 2: Buzz Lightyear to the Rescue බලන්න1999 චිත්‍රපටයසැකිල්ල:SHORTDESC:1999 චිත්‍රපටයToy Story 2ගොනුව:Movie poster toy story 2.jpgTheatrical release posterඅධ්‍යක්‍ෂණයJohn LasseterLee Unkrich (co-director)Ash Brannon (co-director)තිර රචනයAndrew StantonRita HsiaoDoug ChamberlainChris Webbකතාවස්තුවJohn LasseterPete DocterAsh BrannonAndrew Stantonනිශ්පාදනයHelene PlotkinKaren Robert Jacksonරංගන ශිල්පීන්Tom HanksTim AllenසිනෙමාරූපණයSharon Calahanසංස්කරණයEdie Bleiman
David Ian SalterLee UnkrichසංගීතයRandy NewmanProductioncompanyPixarබෙදාහැරීමWalt Disney Picturesනිකුත්වූ දිනනොවැම්බර් 24, 1999 (1999-11-24)ජුනි 2010 (2010-06) 3Dතිර කාලය92 minutesරටUnited StatesභාෂාවEnglishපිරිවැය$90 million[1]ආදායම$485,015,179[1]ටෝයි ස්ටෝරි 2 චිත්‍රපටිය ඇකඩමි සම්මාන සඳහා යොජනා වූ, CGI සජීවිකරණය කළ ටෝයි ස්ටෝරි පළමු චිත්‍රපටයට අනුබද්ධිත, ඩිස්නි/පීක්සර් සමාගමේ තෙවෙනි චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය මිනිසුන් නොදකින්නට, ජීවය ලබා හැසිරෙන සෙල්ලම් බඩු සමූහයක් පිළිබඳ කියවෙන වෘතාන්තයයකි. මුල් චිත්‍රපටය මෙන්ම ටෝයි ස්ටෝරි 2 ද, ෂික්සර් ඇනිමේෂන් ස්ටුඩියෝස් නිෂ්පාදනය කළ, ජොන් ලස්සෙස්ටර් විසින් අධ්‍යක්ෂණය කළ, වෝල්ට් ඩිස්නි සමාගම හා බුයනාවිස්ටා විසින් නිකුත් කරනු ලැබූ චිත්‍රපටියක් විය. මුල්වරට ඇමරිකාවේ දී, 1999 නොවැම්බර් 26 වනදා මෙය නිකුත් විය. ඕස්ට්‍රෙලියාවේ දී දෙසැම්බර් 2 දින ද, එංගලන්තයේ 2000 පෙබරවාරි 11 දිනද, නිකුත් විය. නැවතත් ත්‍රිමාණකරණය කළ මෙම චිත්‍රපටිය 2010 පෙබරවාරි 10 දින නිකුත් වුණි. තවද මෙහි තෙවන චිත්‍රපටය 2010 ජුනි 18 දින නිකුත් කර ඇත.මුල් චිත්‍රපටයේ තිබු චරිත එපරි
ද්දෙන්ම දෙවන චිත්‍රපටියේද දක්නට ලැබේ.හඬ කවන ශිල්පීන් වන ටොම් හැන්ක්ස්, ටිම් ඇලන්,‍දොන් රික්ල්ස් , ජිම් වාර්නි, වොලස් ෂෝන් හා ජෝන් රැට්සන්බර්ගර්ට අමතරව අලුතින් එක්වු චරිතවලට ජෝඈන් කුසැන්, කෙල්සි ග්රැමර්, වේන් නයිට්, එස්ටෙල් හැරිස් ද තම කටහඬින් දායකත්වය සපයයි.සටහන්[සංස්කරණය]Toy Story 2↑ 1.0 1.1 "Toy Story 2 (1999) – Box Office Mojo". Box Office Mojo. Internet Movie Database. සම්ප්‍රවේශය අප්‍රේල් 22, 2010.                 යුක්තියේ කාන්තාවඇරිස්ටෝටල් : "සාධාරණත්වය යනු ‍නෛතික යුක්තියේ වැරැදි නිවැරැදි කිරී‍මේ ක්‍රමයකි. නෛතික රීතීන් විශ්වීය රීතීන් වුවත් මානව හැසිරීම සඳහා සෑමවිටම සාමාන්‍යයෙන් බලපාන පොදු නීතිය ගොඩනගා තැබිය නොහැකිය. එබැවින් ඒ ඒ අවස්ථාවට අනුව නෛතික රීතීන් දෝෂ සහගත විය හැකි අතර එය වළක්වාලමින් දෙන සහනය සාධාරණත්වය ‍‍වේ."                සාධාරණත්වයේ රීති ඉතාම නම්‍යශීලී සංකල්පයක් ලෙස වර්ධනය වුවත් මෙමඟින් දුන් කිසිදු අධිකරණ තීරණයක් නීති ඉතිහාසය තුළ වාර්තාගත නොවීය. වර්තමානයේ අධිකරණ වල සාධාරණත්ව සංකල්පය යටතේ එන නඩු තීරණ වාර්තාගත වේ. මෙම වාර්තාකරණයේ දී සාධාරණත්ව රීති ත
ුළ සාධාරණත්වය පිළිබඳ ආප්තයන් බිහි විය. එනම් මග පෙන්වන ආප්තෝපදේශයන් ය. සාධාරණත්වයේ තිබිය යුතු ආප්තයන් ගණන ප්‍රායෝගිකව දැක්විය නොහැකි නමුත් සාමාන්‍යයෙන් සාධාරණත්වයේ ආප්තයන් 12 ක් අධ්‍යයනය කරයි. මෙම ආප්තයන් අධ්‍යයනයේ වැදගත්කම නම් අනෙකුත් නීති පද්ධති සමඟ සංසන්දනය කිරීමෙන් එදිනෙදා ජීවිතයේදී පවා ප්‍රයෝජනයට ගතහැකි වීමය.1. සාධාරණත්වය යම් පුද්ගලයෙකුට එරෙහිව පමණක් ක්‍රියාත්මක වේ.  (Equity acts in persona)2. සිදුවන සෑම හානියකට ම සාධාරණත්වය යටතේ ප්‍රතිකර්මයක් ඇත.  (Equity does not suffer a wrong to be without a remedy) (ubi jus ibi remedium)3. සාධාරණත්වය නීතියට අනුව ක්‍රියාත්මක වන අතර පවතින නීතියට පටහැණිව ගොස් සාධාරණත්වය ඉෂ්ට කිරීමට නොහැකි වේ.  (Equity follows the law)4. සාධාරණත්වයේ ප්‍රතිකර්ම චාන්සලර්වරයාගේ අභිමතය/හෘද සාක්‍ෂියට එකඟ විය යුතුය.  (Equitable remedies are discretional)5. සාධාරණත්වය යටතේඅයිතීන් සමාන වන විට නීතිය ප්‍රමුඛතාව ගනී.  (Where the equities are equal the law prevails it)6. සමානත්වය යනු සාධාරණත්වයයි. පාර්ශවයන්ට සමානව සැලකිය යුතුය.  (Equality is equity)7. ප්‍රමාදය
සාධාරණත්වය පරාජය කරයි.  (Delay defeat equity)8. සාධාරණත්වයේ අවධානය යොමු වන්නේ චේතනාවට මිස විධිමත්භාවයට නොවේ.  (Equity looks to the intent and not to the force)9. සාධාරණත්වය අපේක්‍ෂා කරන පුද්ගලයා සාධාරණත්වය ඉෂ්ට කළ යුතුය.  (Person who sees equity must do equity)10. සාධාරණත්වයේ පිහිට පතා එන පුද්ගලයා පිරිසිදු දෑත් සහිතව පැමිණිය යුතුය.  (He who comes to the equity must come with clean hands)11. සාධාරණත්වය, ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දෙය ක්‍රියාත්මක වූ ලෙස සලකයි.  (Equity regards as done that which ought to be done)12. සාධාරණත්වය, යම් පුද්ගලයෙකු ඉටු කළ කාර්ය වෙනුවෙන් චේතනාව ආරෝපණය කරයි.  (Equity imputes an intention to fulfil an obligation)1. Equity acts in persona. (සාධාරණත්වය යම් පුද්ගලයෙකුට එරෙහිව පමණක් ක්‍රියාත්මක වේ.)[සංස්කරණය]සාධාරණත්වයේ පදනම වන්නේ පුද්ගලයන්ට එරෙහිව වන සෑම හානියකටම ප්‍රතිකර්මයක් ලබාදීමය. මෙම ආප්තය යටතේ දේපලක් සම්බන්ධව පූර්ණ අයිතිය එම දේපලෙහි හිමිකරුට හිමි වේ. එම දේපල වර්ධනය කිරීමේ අයිතිය මෙන්ම විනාශ කිරීමේ අයිතිය ද එම හිමිකරු සතු වේ.2. ubi jus ibi
remedium. (සාධාරණත්වය යම් පුද්ගලයෙකුට එරෙහිව පමණක් ක්‍රියාත්මක වේ.)[සංස්කරණය]කීට්න් :    "සාධාරණත්වය මඟින් සිදු කරන්නේ සදාචාරාත්මක යුතුකමක් නෛතික යුතුකමක් බවට පත්කිරීමයි."    යම්කිසි වරදක් සඳහා අධිකරණයකින් ප්‍රතිකර්මයක් යෙදීමට හැකි නම් ඒ සඳහා ප්‍රතිකර්මයක් නොකර හැරීමට සාධාරණත්වය ඉඩ නොහරින බව මෙම ආප්තයෙන් ප්‍රකාශ වේ. එමෙන්ම මේ යටතේ ලබාදෙන තවත් සහනයක් නම් යථා තත්වයට පත්කරලීමේ ප්‍රතිකර්මයයි. එනම් සමහර ගිවිසුම් කඩ කිරීමේ දී වන්දි ගෙවීමට අමතරව එම ගිවිසුම ඇති කරගැනීමට පෙර අදාළ පාර්ශවයන් මුලින් සිටි තත්වයට යළි පත්කරලීමයි.3. Equity follows the law.( සාධාරණත්වය නීතියට අනුව ක්‍රියාත්මක වන අතර පවතින නීතියට පටහැණිව ගොස් සාධාරණත්වය ඉෂ්ට කිරීමට නොහැකි වේ)[සංස්කරණය]පොදු නීතියට එරෙහිව නොව පොදු නීතියේ දැඩි බව හා පාර්ශවයන් අතර පවත්නා ආර්ථික හා සමාජ පරතරය හේතුවෙන් පීඩාවට පත්වන පාර්ශවකරුවන්ට සහන ලබාදීම සඳහා සාධාරණත්වය ක්‍රියාත්මක වන බව මෙම ආප්තයෙන් අදහස් වේ. චාන්සලර් යුගයේ දී පවා සාධාරණත්ව ප්‍රතිකර්ම මඟින් පොදු නීතිය අභිබවා යන තීරණ ලබානොදුන්නේය. එහිදී චාන්සලර්වරයා පොදු නීති අධිකරණ තීරණ අහෝසි නොකළ
අතර හෘදසාක්‍ෂියට පටහැනිව වාසි ලැබූ පුද්ගලයාට හෘද සාක්‍ෂියට අනුව කටයුතු කිරීමට බල කරන තීන්දුවක් පමණක් නිකුත් කරන ලදී. මේ අනුව මෙම ආප්තය මඟින් අදහස් වන්නේ යම් නඩුවක සිද්ධිමය සාධක වලට පොදු නීතියේ රීතියක් අදාළ වන විට සාධාරණත්වය එවැනි රීතියක් කිසිසේත් ම මගහැර නොයන බවය.4. Equitable remedies are discretional.(සාධාරණත්වයේ ප්‍රතිකර්ම චාන්සලර්වරයාගේ අභිමතය/හෘද සාක්‍ෂියට එකඟ විය යුතුය.)[සංස්කරණය]සාධාරණත්ව අධිකරණයක යුක්තිය පසිඳලීමේ දී විනිසුරන්ගේ හෘද සාක්‍ෂියට අනුව අභිමතානුසාරී බලයක් ක්‍රියාත්මක වන බව මින් අදහස් වේ.5. Where the equities are equal the law prevails it.(සාධාරණත්වය යටතේඅයිතීන් සමාන වන විට නීතිය ප්‍රමුඛතාව ගනී.)[සංස්කරණය]යම් ගිවිසුමක් තුළ පාර්ශවයන් දෙකකට සාධාරණත්වය ඉටුවිය යුතු නමුත් සාධාරණත්ව අධිකරණයකට එය කළ නොහැකි නම් එහිදී පොදු නීතිය අදාල කරගනී.6. Equality is equity.(සමානත්වය යනු සාධාරණත්වයයි.)[සංස්කරණය]මෙම ආප්තයෙන් අදහස්වන්නේ යම් භාරයක්, දේපලක්, ලාභයක් පාර්ශවකරුවන් අතර බෙදාදිය යුතු ආකාරය දක්වා නොමැති නම් එය සමාන ආකාරයට පාර්ශවකරුවන් අතර බෙදාදිය යුතු බවයි. 7. Delay defea
t equity.[සංස්කරණය]යම් පුද්ගලයෙකු සාධාරණත්ව අයිතිවාසිකම් යටතේ සහනයක් ලැබීමට නම් අප්‍රමාදව ඒ සඳහා පියවර ගත යුතු ය. කිසිදු සාධාරණ ‍හේතුවක් නොමැතිව ප්‍රමාද වී ප්‍රතිකර්ම ඉල්ලා සිටී නම් සත්‍ය වශයෙන් ම අයිතියක් කඩ වී තිබුණ ද සහනයක් නොලැබෙන බව මෙම ආප්තයෙන් අදහස් වේ. මෙම ආප්තය ලංකා නීතිය යටතේ මෙන් ම ඉංග්‍රීසි නීතිය යටතේ ද ව්‍යවස්ථාගතකොට ඇත. එය ඉංග්‍රීසි නීතියේ "Statute of limitation" යනුවෙන් හඳුන්වාදෙයි.8. Equity looks to the intent and not to the force.[සංස්කරණය]පාර්ශවකරුවන් දෙදෙනෙකු අතර යම් ගිවිසුමක් හෝ සිදුවීමක් සිදු වී ඇති විටෙක හෝ ඒ යටතේ යම් අසාධාරණයක් සිදු වූ විට එම පාර්ශවයන්ගේ විධිමත්භාවයට නොව චේතනාවට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව මෙම ආප්තයෙන් අදහස් වේ.9. Person who sees equity must do equity.[සංස්කරණය]මේ පිළිබඳ සිද්ධාන්ත 4 ක් ක්‍රියාත්මක වේ.යළි සැකසීම පිළිබඳ සිද්ධාන්තය - (Marhalling)ඒකාබද්ධ කිරීම - ( Consolidation)හිලව් කිරීම - ( Set-off)ප්‍රතිබන්ධනය - (Estopped)10. He who comes to the equity must come with clean hands.[සංස්කරණය]මෙයින් අදහස් වන්නේ තමන් අපේක්‍ෂා කරන සහනයට
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් තමන් විසින් කිසිදු සාවද්‍ය ක්‍රියාවක් සිදුනොකරන ලද බව පැමිණිලිකරු විසින් පෙන්වාදිය යුතු වීමය. එසේම සහනය ඉල්ලමින් කරන ආයාචනය මඟින් ගනුදෙනුවට අදාළ කිසිදු වැදගත් කරුණක් අධිකරණයෙන් සැඟවීම නොකළ යුතු බවය. එනම් ගනුදෙනුවට සම්බන්ධ සියලුම කරුණු සම්බන්ධයෙන් පැමිණිලිකරු පිරිසිදු වාර්තාවක් ඇතිව සිටිය යුතු බවයි. 11. Equity regards as done that which ought to be done.[සංස්කරණය]යම් ගිවිසුමක් දෙපාර්ශවයක් අතර ක්‍රියාත්මක වීමට පෙර හෝ ක්‍රියාත්මක වෙමින් තිබිය දී එක් පාර්ශවයක වැරදීමක් මත අනෙක් පාර්ශවයට හානියක් සිදුවන්නේ ද එවිට සාධාරණත්වයේ අධිකරණය මඟින් වැරැද්ද කළ පාර්ශවය මුළු ගිවිසුම ම සම්පූර්ණ කළා සේ සලකා ගිවිසුමේ අහිංසක , නිවැරදි පාර්ශවයට ලැබිය යුතු ප්‍රතිකර්මය ලබාදීමට කටයුතු කරයි.12. Equity imputes an intention to fulfil an obligation.[සංස්කරණය]මෙම ආප්තය සිද්ධාන්ත 3 ක් ආශ්‍රිතව ගොඩනැගී ඇත.ඉටු කිරීම (performances)ප්‍රමාණාත්මකව සහ යුක්තිසහගතව ඉටු කිරීම (Satisfactory Performances)යමක් තවත් දෙයකට පරිවර්තනය කිරීම (Convertion)මේ අඩවියත් බලන්න[සංස්කරණය]නීතියනිදහස් දින
යදිල්ලි නුවර රතු කොටුවේ ඉන්දීය ජාතික ධජය ඔසවා තිබූ අයුරු; මෙම ජාතික නිවාඩු දිනයේ පොදු සහ පෞද්ගලික ගොඩනැගිලි වල ජාතික ධජය සුලභ දසුනකි.Observed by ඉන්දියාවTypeජාතික නිවාඩු දිනCelebrationsධජය එසවීම, පෙළපාළි, දේශානුරාගී ගී සහ ජාතික ගීය ගැයීම , ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දියාවේ ජනාධිපතිවරයා විසින් කථා පැවැත්වීමDate15 අගෝස්තු1947 අගෝස්තු 15 වන දින බ්‍රිතාන්‍යය පාලනයෙන් ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම පිණිස සමරන, නිදහස් දිනය ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයකි. ඉන්දීය ජාතික කොන්ග්‍රසය මගින් ගෙන ගිය අවිහිංසාවාදී විරෝධතා සහ මහජන කෝලහාල ඉන්දියාව නිදහස දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් මූලික විය.නිදහසට සමගාමීව බ්‍රිතාන්‍යය - ඉන්දීය අධිරාජ්‍ය ආගමික විශමතා හේතුකොට ගෙන ඉන්දියාව සහ පාකිස්තානය වශයෙන් බෙදීමකට ලක්විය. මෙහිදී අති වු උග්‍ර කලකෝලහල හේතුකොට ගෙන විශාල පිරිසක් විපතට පත්විය.ජාතික කොඩිය එසවීමේ උත්සවය දිල්ලි නගරයේ රතු කොටුවේ සිදුවන අතර මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික කොඩිය ඔසවා ජාතිය ඇමතීම සිදු කරනු ලබයි. මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව දැකගත හැ
ක. ඉන්දියානු ජනතාව තම නිදහස සමරන්නේ සිය ඇඳුම් ආයිත්තම්, වාහන සහ නිවෙස් වල ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමෙන්, ජාත්‍යාලය දනවන චිත්‍රපට සහ ගීත ඇසීමෙන් සහ තම නෑදෑ හිතමිත්‍රාදීන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ආදී කටයුතු වල නිරත වීමෙනි. නිදහස් දිනය වර්ජනය කිරීමට සහ ඊට විරෝධය පෑමට බෙදුම්වාදීන් සහ යුධ කාමීන් විසින් නිරන්තරයෙන් අගෝස්තු 15 සහ ඒ ආශ්‍රිත දින වල ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනු ලබන අතර අනෙකුත් පිරිස් හර්තාල් සහ කළු කොඩි ව්‍යාපාර මගින් නිදහස් දින උත්සව සැමරීම් පිටු දැකීමට කටයුතු කර ඇත.සැකසුම - G.M.මදීශ සංකල්ප රන්තරුඉතිහාසය[සංස්කරණය]17 වන සියවස වන විට යුරෝපීය වෙළෙන්දන් විසින් ඉන්දීය අර්ධද්වීපයේ මුර පොලවල් පිහිටුවා ගෙන තිබුණි. නැගෙනහිර බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම විසින් සිය ප්‍රබල යුධ බලය යොදාගනිමින් 18 වන සියවස වන විට එවකට පැවති ඉන්දීය රාජ‍ය්‍යන් මැඩ පවත්වා සිය අණසක පතුවරන ලදී.ඉන්පසුව 1857 වර්ෂයේ දී ඇතිවූ කැරැල්ල නිසා, ඉන්දීය රාජය්‍ය පනත නම් වු බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු පනත යොදා ගනිමින් බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය, ඉන්දීය පාලනය සියතට ගන්නා ලදී.ඉන්පසු ගෙවී ගිය දශක කිහිපය ඇතුළත ඉන්දියාව තුළ
ප්‍රජා සමාජය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන්නට විය. මින් වඩාත්ම කැපී පෙනුනේ ඉන්දීය ජාතික කොන්ග්‍රසය 1885 වර්ෂයේ දී පිහිටු වීමයි.1 වන ලෝක යුද්ධයෙන් පසු කාලය තුළ සිදු වු වැදගත්ම සිදුවීම වුයේ මොන්ටාගූ කෙම්ස්ෆෝර්ඩ් නම් බ්‍රිතාන්‍ය ප්‍රතිසංස්කරණ ස්ථාපිත වීමයි.මෙයට අමතරව මෙම සමය තුළ රොව්ලට් පනත පිහිටු වීම සහ ඉන්දියානු වන් ස්වයං පාලනයක් ඉල්ලා කළ බලපෑම් ද වැදගත් තැනක් ගනී.මෙම කාල සීමාව තුල ජනතාව තුළ පැවති අතෘප්තිය විදහා දක්වමින් ඉන්දියාව පුරාම අවිහිංසාවාදී සහයෝගීතා වර්ජන සහ මහජනයා අයබදු ගෙවීමෙන් ද වැළකී සිටියහ. මෙම ව්‍යාපාරයේ නියමුවා වුයේ මොහාන්දාස් කර්ම්චන්ද් ගාන්ධි ය.ඉන්පසු දශකය 2වන ලෝක යුද්ධයට ඉන්දියාවේ සහභාගීත්වය, ඉන්දීය කොන්ග්‍රසයේ ස්වයංපාලනය ඉල්ලා කල අවසන් ප්‍රයත්නයන් සහ මුස්ලිම් ජනතාවගේ නැගීසිටීම යනාදී දේශපාලනික ආරවුල් වලින් පීඩිත එකක් විය.මෙසේ වර්ධනය වෙමින් ආ දේශපාලනික පීඩනය යටපත් වුයේ 1947 දී ඉන්දියාවට නිදහස ලැබීමත් සමඟ ය. නිදහස ලැබීමෙන් පසු උග්‍ර ගැටුම් හා කලකෝලහල මැද අර්ධද්වීපය ඉන්දියාව සහ පාකිස්ථානය වශයෙන් බෙදන ලදී.නිදහසට පෙර නිදහස් දිනය[සංස්කරණය]1929 වර්ෂයේ ලාහෝරයේ පැවති ඉන්දීය
ජාතික කොන්ග්‍රස් සැසියේදී ඉන්දියාව පූර්ණ ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර ජනවාරි 26 වන දින නිදහස් දිනය ලෙස නම් කරන ලදී. මෙහිදී කොන්ග්‍රසය විසින් ජනතාවගෙන් අයබදු නොගෙවීමටත් තම සංවිධානය විසින් වරින් වර නිකුත් කරන උපදෙස් පිළිපැදීමටත් ප්‍රතිඥා ගත්හ.1930 ත් 1947 ත් අතර කාල පරාසය තුලදී මෙලෙස කොන්ග්‍රසය විසින් ජනවාරි මස 26 වන දින නිදහස සමරන ලද අතර මෙම සැමරුම් වල කැපී පෙනෙන අංගයක් වූයේ සහභාගී වූවන් විසින් ලබා දුන් නිදහස පිළිබඳ ප්‍රතිඥාවන්ය. ජවහර්ලාල් නේරු විසින් රචිත ආත්මචරිතකථනයහි සඳහන් ආකාරයට මෙම රැස්වීම් සාමකාමී, සන්සුන් වූ අතර "කථන සහ අනුශාසන වලින් තොර විය".රැස්වීම්වලට අමතරව දිනය ගෙවුණු ආකාරය පිළිබඳ මහත්මා ගාන්ධි ගේ දැක්ම වූයේ "..බැමවීම හෝ කුලහීනයන් ට සේවය කීරීම වැනි ප්‍රයෝජනවත් කාර්යයන්හි නිරත වීම හෝ හින්දූන් සහ මුස්ලිම්වරුන් ගේ ප්‍රතිසංගමය හෝ වැඩ තහනම් කිරීම හෝ මේ සියල්ලගේම සංයෝජනයක්.." ලෙසිණි. 1947 දී තත්‍ය නිදහස ලැබීමෙන් පසු; 1950 ජනවාරි මස 26 වන දින සිට සහ ඉන් ඉදිරියට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලගැන්වූ අතර, එදින සිට ජනවාරි 26 ජනරජ දිනය ලෙස සමරනු ලබයි.පසුබිම[සංස්කරණය
]1946 වර්ෂය වන විට මෑතකදී නිමාවූ 2වන ලෝක යුද්ධය නිසා සිය භාණ්ඩාගාරය හිස් ව ඇති බව එවකට පාලනයේ සිටි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට වැටහිණි. ඉන්දියාවේ දිගින් දිගටම වර්ධනය වෙමින් පැවති කලහකාරී තත්වය තවදුරටත් මර්දනය කිරීමට අවශ්‍ය සිය ඡන්ද දායකයන්ගේ කැමැත්තවත්, ජාත්‍යන්තර සහයෝගයවත්, බ්‍රිතාන්‍යය-ඉන්දීය හමුදාවේ විශ්වසනීයත්වය වත් නොමැති බව තවදුරටත් ඔවුන් තේරුම් ගත්හ. එබැවින් 1947 පෙබරවාරි මාසයේදී එවකට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යව සිටි ක්ලිමෙන්ට් ඇට්ලී විසින් 1948 ජූනි 28 වන විට බ්‍රිතාන්‍යය-ඉන්දියාවට සම්පූර්ණ ස්වයං පාලනයක් ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරන ලදී.ඉන්දීය කොන්ග්‍රසය සහ මුස්ලිම් සංවිධානය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මධ්‍යම රජය බිඳවැටේ යැයි විශ්වාස කළ නව ප්‍රතිරාජයා වූ ලුවිස් මවුන්ට්බැට්න්ට බලය පැවරීමේ දිනය තව දුරටත් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේය. ඔහු විසින්, ජපානය 2වන ලෝක යුද්ධයෙන් සිය යටත් වීම ප්‍රකාශ කොට දෙවසරක් ගතවීමේ සංවත්සරය, එනම් අගොස්තු 15 මෙම බලය පැවරීම සඳහා තෝරා ගන්නා ලදී.ඉන්පසු 1947 ජූනි මස 3 වන දින බ්‍රිතාන්‍යය රජය විසින්, බ්‍රිතාන්‍යය-ඉන්දියාව කොටස් දෙකකට බෙදීමේ යෝජනාවට සිය එකඟත්
වය ප්‍රකාශ කළහ. මෙසේ වෙන් වන රාජ්‍ය දෙක හට ආධිපත්‍යභාවය හිමි වූ අතර බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වීමේ සම්පූර්ණ අයිතිය ද ලැබිණි.මේ අනුව එක්සත් රාජධානි පාර්ලිමේන්තුව,1947 ඉන්දීය නිදහස් පනත ට අනුව බ්‍රිතාන්‍යය-ඉන්දියාව, ඉන්දියාව සහ පාකිස්ථානය(වර්තමාන බංග්ලාදේශයද ඇතුළත්)ලෙස ස්වාධීන රජ්‍ය දෙකකට බෙදන ලද්දේ 1947 අගෝස්තු 15 වන දිනයි.මෙම පනතට බ්‍රිතාන්‍යය රාජ්‍ය අනුමැතිය ලැබුණේ 1946 ජුලි මස 18 වන දිනයි.නිදහස සහ බෙදීම[සංස්කරණය]පෙ.ව. 8.30 නිළ නිවසේදී අග්‍ර ආණ්ඩුකාරවරයා සහ ඇමතිවරුන්ගේ දිවුරුම් දීමපෙ.ව. 9.40 ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයට ඇමතිවරුන්ගේ පෙළගැස්මපෙ.ව. 9.50 ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයට රාජකීය ගමනපෙ.ව. 9.55 අග්‍ර ආණ්ඩුකාරවරයාට රාජකීය ආචාරයපෙ.ව. 10.30 ජාතික ධජය එසවීමපෙ.ව. 10.35 නිළ නිවසට රාජකීය ගමනප.ව. 6.00 ඉන්දියානු ද්වාරයේදී පවත්වන කොඩි එසවීමේ අවස්ථාවප.ව. 7.00 ප්‍රදීපාලෝකනයප.ව. 7.45 ගිනිකෙළි සංදර්ශනයප.ව. 8.45 නිළ නිවසේ රාත්‍රී භෝජනයප.ව. 10.15 පිළිගැනීමනිදහස් දින වැඩසටහන් පෙළගැස්ම,1947 අගෝස්තු 15මිලියන සංඛ්‍යාත හින්දූන්, මුස්ලිම්වරුන් සහ සික් ජාතික සරණාගතයින
් නිදහස ප්‍රකාශයට පත් වූ කාල සීමාව තුල තම ගම් බිම් අත්හැර නව දේශසීමා හරහා ගමන් ගත්හ. පන්ජාබ් ප්‍රදේශය දෙකඩ වන ලෙස බෙදීම හේතුකොට ගෙන විශාල ලේ වැගිරීම් සිදුවිය. බිහාර් සහ බෙන්ගාලයේ මහත්මා ගාන්ධි ගේ බලපෑම හේතුකොට ගෙන ජාතිවාදි ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය යම් තාක් දුරකට මඳ විය. මෙකී ප්‍රචණ්ඩත්වය හේතුකොට ගෙන දෙපාර්ශවයේම 250,000 - 1,000,000 අතර පිරිසකට සිය ජීවිත අහිමි විය. මුළු දේශයම නිදහස සමරද්දී මහත්මා ගාන්ධී කල්කටාවේ රැඳුණේ සංහාරය වළක්වන අටියෙනි. 1947 අගෝස්තු 14 වන දින පාකිස්තානයේ නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් වූ අතර, එදින කරච්චි නුවර දී නව අග්‍රාණ්ඩුකාර තුමා ලෙස මුහම්ම්ද් අලි ජින්නා දිවුරුම් දුනි. එදිනම මධ්‍යම රාත්‍රියේදී ජවහර්ලාල් නේරු විසින් ඉන්දියාවේ නිදහස ප්‍රකාශිත කරමින්, "Tryst with destiny" නම් සිය ලෝකප්‍රකට කථාව පවත්වන ලදී.“ඈත අතීතයේ අපි අපගේ දෛවය සමඟ ගිවිසුමක් ඇති කර කරගත්තෙමු. දැන් අපගේ පොරොන්දු ඉටු කිරීමට කාලය එලඹ ඇත. සම්පූර්ණයෙන් නොවුනත්, ඉතා වැදගත්ව එය කල යුතුව ඇත. මුලු ලොවම නිදිගත් මෙම රාත්‍රියේ, 12 කණිසම වදින විට ඉන්දියාව සිය නිදහස සහ ජීවය ලබා අවධිවනු ඇත. අපි අතීතයෙන් අන
ාගතයට පියමන් කරන, සියවසක අවසානය ලකුණු කරන සහ දිගු කලක් නිහඬ කරන ලද දේශයක ආත්මය නැගීසිටන දිනයක් පැමිණෙනු ඇත. එමනිසා මෙම අවස්ථාවේ වඩාත් සුදුසු වන්නේ අප විසින් ඉන්දීය මාතාවට, රටවැසියනට සහ මනුෂ්‍යත්වයට කැපවීමෙන් සේවය කිරීමට අධිෂ්ඨාන කරගැනීමයි..”—Tryst with Destiny කථාව, ජවහර්ලාල් නේරු, 1947 අගෝස්තු 15නව දිල්ලි නුවර උත්සව පැවත්වෙද්දී ඉන්දියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. ජවහර්ලාල් නේරු හට නිදහස් ඉන්දියවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය හිමි වෙද්දී මවුන්ට්බැට්න් සාමිවරයා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්විණි. නිදහස සමරන ජනතාව මහත්මා ගාන්ධි ගේ නම සිහිපත් කළ නමුත් මහත්මා ගාන්ධි මෙම උත්සව සැමරුම් වලට සහභාගී නොවීය. එවෙනුවට ඔහු කළේ පැය 24 ක උපවාසයක් රැකීම සහ ඒ අතරතුර කල්කටා නගරයේ ජනතාව අමතා හින්දූන් සහ මුස්ලිම්වරුන් අතර සාමය සුරැකීමට ඔවුන්ව දිරිගැන්වීමයි.උත්සවාංග[සංස්කරණය]නිදහස් දිනයදා ඉන්දීය කොඩි බටහිර බෙන්ගාලයේ යතුරු පැදියක දිස් වූ අයුරුසියලුම ප්‍රාන්ත වල සමරන නිදහස් දිනය, ඉන්දියාවේ ජාතික නිවාඩු දින 3න් එකකි.( අනෙක් දෙක වන්නේ ජනවාරි 26 වන දින සමරන ජනරජ දිනයත් ඔක්තෝම්බර් මස 2 වන දින සමරන මහත්මා ග
ාන්ධී ගේ ජන්ම දිනයත්ය.) නිදහස් දිනයට පෙර දින සන්ධ්‍යාවේ ඉන්දියාවේ ජනාධිපති විසින් ජාතිය අමතා සිය කතාව සිදු කරනු ලබයි. අගෝස්තු 15 වන දින අග්‍රාමාත්‍යවරයා දිල්ලි නුවර රතුකොටුවේ ප්‍රාකාරය මත ජාතික ධජය එසවීම සිදු කරයි. මෙහිදී වෙඩි මුර 21 ක් පවත්වනුයේ මෙම උත්සවයේ ගාම්භීරත්වය සලකුණු කීරීම පිණියි. අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී ගෙවී ගිය වසර තුල ලද ජයග්‍රහණ, පවතින ගැටලු සහ ඉදිරි සංවර්ධන ඉලක්කයන් ඉස්මතු කරන අතර නිදහස් අරගලයේ නායකයින් හට සිය ගෞරවය පිරිනැමීම ද සිදු කරයි. " ජන ගන මන" ලෙසින් පටන් ගන්නා ඉන්දීය ජාතික ගීය මෙහිදී ගැයෙන අතර ඉන්පසු ඉන්දීය යුධ හමුදාවල සහ අනෙකුත් ඒ හා සමාන බළඇණිවල ආචාර පෙළපාළි ගමන් ගනී. විවිධ වූ සරඹ සංදර්ශන සහ පෙළපාළි මගීන් ඉන්දීය නිදහස් අරගලයේ විශේෂ සිදුවීම් සහ විවිධ සංස්කෘතික අංග ගෙනහැර පායි. මේ හා සමාන වූ උත්සව සියලුම ප්‍රාන්ත අගනගර වල සිදු වන අතර එම නගර වල මහ ඇමති ජාතික ධජය ඔසවන අතර ඉන්පසු විවිධ වූ සංදර්ශන සහ පෙළපාළි දැකගත හැක.රට පුරා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සහ පාසල්වල ජාතික ධජය එසවීමේ උත්සව සහ විවිධ සංස්කෘතික අංග නිරීක්ෂණය කළ හැක. ප්‍රධාන රාජ්‍ය ආයතන බොහොමයක් වි
දුලි බුබුළු වල අලෝකයෙන් හැඩගනී. දිල්ලි සහ තවත් නගර කිහිපයක පමණක් දැකිය හැකි සරුංගල් යැවීම මෙම උත්සවය තවත් හැඩ ගන්වයි. ඉන්දීය වැසියන් සිය ජාතික ධජයේ ප්‍රාධාන වර්ණ 3 නිරූපණය වන අයුරින් සිය නිවෙස්, වාහන සහ ඇඳුම් පැළඳුම් වර්ණවත් කරනු දැකිය හැක.ඉන්දීය ඩයස්පෝරාව, ඉන්දීය ජාතිකයන් වැඩි වශයෙන් වෙසෙන පෙදෙස් වල විවිධ සංදර්ශන සහ පෙළපාළි මගින් තම නිදහස් දිනය සමරනු ලෝකයේ නොයෙක් තැන්වල දැකගත හැක. නිව්යෝර්ක් නුවර සහ ඇමෙරිකාවේ අනෙකුත් සමහරක් නගරවල අගෝස්තු 15 "ඉන්දීය දිනය" වශයෙන් ඩයස්පෝරාව සහ එරට දේශිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත.ආරක්ෂක ක්‍රියාමාර්ග[සංස්කරණය]කුඩා ළමයෙක් ඉන්දීය ධජය අල්ලාගෙන සිටින අයුරුනිදහස ලබා අවුරුදු 3ක් වැනි කෙටිකාලයක් නික්ම යත්ම නාග ජාතික කවුන්සලය නිදහස් දිනය උතුරු නැගෙනහිර පළාතේ වර්ජනය කිරීමට පියවර ගන්නා ලදී. 1980 වන විට මෙම ප්‍රදේශයේ බෙදුම්වාදී විරෝධතා උත්සන්න විය. ඇසෑම් හි එක්සත් විමුක්ති පෙරමුණ, බෝදෝලන්තය හි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වැනි සංවිධාන මඟින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සහ වර්ජන ව්‍යාපාර නිදහස් දින සැමරුම් උත්සවවලට බාධා පමුණුවන්නට විය. 1980 අග භාගයේ ජම්මු හා කාශ්
මීර් ප්‍රදේශ වල කැරලි උත්සන්න විය. බෙදුම්වාදී කැරලිකරුවන් එම ප්‍රදේශවල උද්ඝෝෂණ, කළු කොඩි ව්‍යාපාර සහ කොඩි ගිනි තැබීම් ආදිය කරමින් නිදහස් දිනයට සිය විරෝධය පෑහ. ලෂ්කර් ඊ තයිබා, හිස්බුල් මුජාහිදීන් සහ ජයිශ් ඊ මොහොම්ඩ් වැනි ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන නිදහස් දිනය අශ්‍රිතව විවිධ තර්ජන සහ ප්‍රහාර එල්ල කර තිබේ. මීට අමතරව මාඕයිස්ට් කැරලිකාර සංවිධානය විසින්ද නිදහස් දිනය වර්ජනය කිරීමට උපදෙස් නිකුත් කර ඇත. ඉස්ලාම් යුද්ධකාමීන්ගෙන් ත්‍රස්ත ප්‍රහාරවලට පෙර සුදානම් පියවර ලෙස මුම්බාය සහ දිල්ලිය වැනි ප්‍රධාන නගරවලත් කලබල පවතින ජම්මු හා කාශ්මීර් වැනි ප්‍රදේශවලත් ආරක්ෂාව මෙම කාලයේදී තරකරනු දැකිය හැක. මීට අමතරව ගුවනින් සිදුවිය හැකි ප්‍රහාර වළක්වා ගැනීමට රතු කොටුව ආශ්‍රිත ගුවන් කාලාපය තහනම් පියාසැරි කලාපයක් ලෙස නම් කරන අතර අනෙකුත් නගරවල පොලිස් මුරකාවල් තරකරනු ලබයි.සංස්කෘතිය[සංස්කරණය]නිදහස් දිනයේදී, ගුවන් විදුලියේ සහ රූපවාහිනී නාලිකා වල දේශමාමක ගීත හින්දි භාෂාවෙන් සහ අනෙකුත් ප්‍රාදේශීය භාෂාවන්ගෙන් විකාශනය වනු ඇසිය හැක. මීට අමතරව මෙම ගීත ධජය එසවීමේ උත්සව අවස්ථාවලද වාදනය වේ. මේ අකාරයටම දේශමාමක චිත්‍රපටද
විකාශනය වූ නමුදු වර්තමානය වන විට එසේ විකාශනය වන චිත්‍රපට ගණන අඩු වී ඇතැයි ඉන්දියාවේ ටයිම්ස් පුවත්පත වාර්තාකරයි. මෙයට හේතුව ලෙස ඔවුන් ගෙනහැර දක්වන්නේ දේශමාමක චිත්‍රපට දිගින් දිගටම පෙන්වීමෙන් ප්‍රෙක්ෂකයින් ගේ රුචිය අඩු වී ඇති බවයි. Y පරම්පරාවට අයත් පිරිස් ජාතිමාමකත්වය නවීන සංස්කෘතියට එකාබද්ධ කරමින් සැමරීම් සිදුකරයි. මෙම සම්මිශ්‍රණයට උදාහරණ වන්නේ ඉන්දියාවේ විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් නිරූපණය කරන ඇඳුම්, ඉන්දීය ධජයේ වර්ණ 3න් පාටගැන්වූ ආහාර සහ සළුපිලියි. වෙළෙඳසැල්වල මෙම කාලය තුළ විවිධ වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සිදුකෙරෙන අතර පුවත් පත් වාර්තා කීපයක්ම මෙම වාණිජකරණය හෙළාදැක ඇත. ඉන්දියානු තැපැල් සේවය අගොස්තු 15 වන දිනට සමගාමීව නිදහස් සටනේ නායකයන්, දේශාභීමනී තේමාවන් සහ රාජ්‍ය ආරක්ෂාව තේමාකරගත් අනුස්මරණ මුද්දර නිකුත් කිරීම සිදු කරයි.නිදහස සහ ඉන්දීය පාකිස්තාන් බෙදීම, සාහිත්‍ය සහ වෙනත් කලාත්මක නිර්මාණ බිහිවීම දිරිගන්වන්නක් විය. එවැනි බොහොමයක් නිර්මාණ දේශයන්ගේ බෙදීම නිසා අහිමි වූ ජීවිත පිළිබඳව සටහන් කරයි. බුකර් සහ බුකර් ඔෆ් බුකර්ස් වැනි සම්මානවලින් පිදුම් ලද සල්මාන් රුෂ්දීගේ මිඩ්නයිට් චිල්ඩ්‍රන්(1980)
නම් කෘතිය 1947 අගෝස්තු 14-15 මධ්‍යම රාත්‍රීයේ උපන් ඉන්ද්‍රජාලික හැකියාවන් සහිත ළමුන් වටා ගෙතී ඇත. ලැරී කොලින්ස් සහ ඩොමින්ක් ලේපියර් විසින් රචිත ෆ්‍රීඩම් ඇට් මිඩ්නයිට්(1975)කෘතිය 1947 පළමු නිදහස් දිනය ආශ්‍රිතව සිදු වු සිදුවීම් වාර්තා කරන කෘතියකි. නිදහස පිළිබඳ ගොඩනැගී ඇති චිත්‍රපට වලින් කිහිපයක් පමණක් නිදහස ලබා ගැනීමේ මොහොත මධ්‍යස්ථ කරගත් ඒවා වන අතර බොහොමයක් නිරූපණය කරන්නේ ඉන්දියාවේ දෙකඩවීම සහ ඉන්පසු ඇතිවු විපාක පිළිබඳවයි.ගූගල් සමාගම විසින් එහි ඉන්දීය පිටුවේ, නිදහස අනුස්මරණය කිරීමට 2003 වර්ෂයේ සිට ඩූඩ්ල් එකක් යොදාගෙන ඇත.යොමුව[සංස්කරණය]ඉංග්‍රීසි ලිපියප්‍රංශ විප්ලවයබැස්ටීලය කඩා වැටීම, 14 ජුලි 1789 කතOther namesභීෂණ සමය; ප්‍රංශ විප්ලවයParticipantsප්‍රංශ සමාජයLocationප්‍රංශයDate1789–1799ResultAbolition ප්‍රංශ රාජාණ්ඩු ක්‍රමය ආලෝපනය වී රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටුවීම. බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් Enlightenment පෝෂිත වූ "අනන්‍යසන්තක අයිතීන්" හා පුරවැසිකම යනාදි සිද්ධාන්තයන් මත පදනම් වූ රැඩිකල් සමාජයීය වෙනස්කම් ඇතිවීම. citizenship and inalienable rights.Armed confl
icts අනෙකුත් යුරෝපීය දේශ සීමාවන් සමඟ වූ ප්‍රංශය යුද්ධNapoleon Bonaparte නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ එම්ප්‍රදෝරු රජු වශයෙන් බලයට පත්වීම.Paul Wranitzky: Symphony Op. 31 "The (French) Revolution" Or "La Paix". First part of the Introduction.Porticodoro / SmartCGArt Media Productions — Classical Orchestra.මෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? මාධ්‍ය උදව් වෙතට යොමු වන්න.ප්‍රංශ විප්ලවය (ප්‍රංශ: Révolution française;) 1789–1799 දී ප්‍රංශයේ පැවති රැඩිකල්වාදී සමාජයීය සහ දේශපාලන පෙරළියයි. සියවස් ගණනාවක් ප්‍රංශයේ වූ ආණ්ඩු සම්ප්‍රදාය වසර තුනක් ඇතුලත දී කඩා වැටුණි. ප්‍රංශ සමාජයේ වූ වැඩවසම් ක්‍රමය, රදළ පංතියේ ආධිපත්‍යය, ක්‍රිස්තියානි පල්ලියේ බල වරප්‍රසාදයන් යනාදී ශතක ගණනාවක් පුරා පැවති සම්ප්‍රදායන් බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් සහ වාමාංශික අදහස් ඇති දේශපාලන කණ්ඩායම් අතින් මහත් වෙනසකට භාජනය විය. බුද්ධි විචාරමය යුගයේ අදහස් වලින් පෝෂිත වූ රදළයන්, ධනයට හිමිකම් කිව්වත් රදළ පංතියට හිමිකම් නොකී බුර්ජුවාසී පංතිය සහ පල්ලියට හා ආණ්ඩුවට බදු ගෙවන බරෙන් පීඩිතව සිටි ගම්බද වැසියන් යනාදීන් විප්ලවයේ හවුල්කා
රයෝ වූහ. ඔවුන් සටන් වැදුනේ වැඩවසම් ක්‍රමයේ බදු එකතු කරන අයිතිය තිබි රදළ පංතිය, රාජාණ්ඩුවට හා පල්ලි සංස්ථාවට එරෙහිව ය. අනතුරුව පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වාමාංශික රැඩිකල්වාදී කණ්ඩායම් විසින් බෙදුම්වාදී අදහස් වලින් එකිනෙකා හා විරසක වූහ. ඒ කාලයේ දී එනම් 1793 සිට 1794 දක්වා ප්‍රංශයේ භීෂණ පාලන සමයක් (Reign of Terror) පැතිර ගියේය. එහි නායකත්වය දැරුවේ ප්‍රංශ විප්ලවයේ පුරෝගාමියෙක් වූ මැක්සිමිලියන් රොබෙස්පියෙර් නැමති ජැකෝබියන් සමාජයේ සාමාජිකයෙකි. 16,000 සිට 40,000 ක් අතර ජනතාවක් මේ සමයේ දී ජනතා විරෝධී යැයි මරණයට පමුණුවන ලදි. රාජාණ්ඩුව, රදළ පංතිය හා ආගමික සංස්ථාව පළවා හැර ඉතා ඉක්මණින් කැඳවා ගත් සමානාත්මතාවය, පුරවැසිකම හා අනන්‍යසන්තක අයිතීන් යන සංකල්ප වලින් රට පාලනයේ දී අවුල් වියවුල් පිරි සමයක් ප්‍රංශ අධිරාජ්‍යයේ දේශ සීමාවන් පුරා පැතිර ගියේය. ජැකෝබියන් සමාජයේ කඩා වැටීමත් හා මැක්සිමිලියන් රොබෙස්පියෙර්ගේ හිස ගසා දැමීමත් සමඟ විශේෂ පාලන කමිටුවක් මඟින් 1795 සිට 1799 දක්වා ප්‍රංශ දේශ සීමාවන් පාලනය විය.ප්‍රංශ යුද්ධ වලින් කැපී පෙනුනු හමුදා නායකයෙක් වූයේ නැපෝලියන් බොනපාට් ය. ප්‍රංශ දේශ සීමා
වන් තුල කැඩි බිඳී ගිය නීතිය නැවතත් ස්ථාපිතය සඳහා ජනතාව විසින් උරැමයෙන් රජකමක් නොහිමි නැපෝලියන් බොනපාට් එම්ප්රොර් රජ වශයෙන් පත් කර ගත්හ.විප්ලවයට පෙර ප්‍රංශ සමාජය[සංස්කරණය]1774 දී ප්‍රංශය යුරෝපයේ ජනගහණයෙන් වඩාත් ම අධික වූ (මිලියන 25 ක්) සහ වඩාත්ම සමෘද්ධිමත් වූ රට වූයේය. පැරිසිය යුරෝපයේ විශාලතම නගරය විය. එහි ජනගහණය 650,000 කි. මුළු ප්‍රංශයේ ජනතාව පංති 3 කට අයත් වූහ. පූජක පක්ෂය 130,000 ක් පමණ සහ රදළයන් 400,000 ක් පමණ වෙද්දී තෙවැනි තලයේ නොහොත් (Tier État) වූ පිරිසක් ආර්ථික අතින් නැඟ ආවත් ඊට සරිලන දේශපාලන බලයෙන් හා සමාජයීය වැදගත්කමෙන් යුතු වූයේ නැත.[1]බුර්ජුවාසී නොහොත් ආර්ථිකයෙන් ශක්තිමත් වූ උගත් සමූහයක් නියෝජනය කළ Marie-Jeanne Phlippon Roland නොහොත් මැඩාම් රෝලන්ඩ් [2] රැඩිකල් ගිරොන්ඩින් සමාජය නියෝජනය කරන්නියකි. ඇය රදළ කාන්තාවකගේ නිවසට ලැබි ආරාධනයෙන් ගිය විට එහි දී සේවකයන් හා කන්න සිද්ධ වූ කතන්දරය රදළයන්ට එරෙහිව සෙසු ජනතාව උසි ගන්වන්නට යොදවා ගැනුණි. 1764 දී මැඩාම් රෝලන්ඩ්, වැනි අය ගැවසුන සාහිත්‍ය කල්ලි මුණගැසෙන අවන්හල් නොහොත් Salon[3] නමින් හැඳින්වුන ස්ථාන පැරිසියේ ගහණ විය. ප්‍රංශයේ බ
ුර්ජුවාසීයන් දාර්ශනික හා සාහිත්‍ය හමුවන් පැවැත්වූයේ ඒවායේ දී ය. රදළ නොවූ එහෙත් ධනවත් හා උගත් වූ ජැකෝබියන් හා ගිරොන්ඩින් වැනි සමාජයන් හි සාමාජිකයන් වූ බුර්ජුවාසිය “නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය” ඉල්ලුවේ තමන්ට ඉහළින් වූ අය එක්ක සමාන වෙන්නට මිසක තමන්ට හා පහළින් වූ අයට තමන් හා සමාන වෙන්නට ඉඩකඩ සලසා දීමට නොවේ.රදළ වූ ධනවත් පංතියට කාඩිනල්, අග රාජගුරු ප්‍රසාදී, රාජගුරු ප්‍රසාදී, ආශ්‍රමාධිපති වැනි ඉහළ තනතුරු දරනා පූජ්‍ය පක්ෂය ද අයත් වූහ. ආගම් සංස්ථාවේ දුප්පතුන් වූයේ ඉහළ තනතුරු නැති බහුතර පූජකවරයන් හා පල්ලි බාරකරුවන් ය. විප්ලවයේ දී දුප්පත් පූජ්‍ය පක්ෂය සිය ආගමික නායකයන්ට එරෙහිව සමතැන් ඉල්ලා විප්ලවකාරීන් හා එකතු වූහ.1756 සිට 1763 දක්වා පැවති අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධ වලින් යුරෝපීයයන් බංකොළොත් වී සිටියහ. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යාගේ භාණ්ඩාගාරයේ මුදල් එක පැත්තකින් හිස් වෙද්දී ප්‍රංශ භාණ්ඩාගාරයේ මුදල් එහි රජ හා ප්‍රභූන් අතින් ද, ඇමෙරිකාවේ යුද ආධාර වලට ද වැය වී හිස් වෙන්නට පටන් ගති.ඒ වියදම් කළ ප්‍රංශ රදළයන් අතරින් නැඟී ආ විනිශ්චය පදවි හා මන්ත්‍රණ සභා තනතුරු මුදල් ගෙවා ලබාගත් අය රදළ වස්ත්‍ර හැඳි (noble
sse de robe) නමින් හැඳින්වුනු පවුල් හාරදහසක් පමණ විය. රජු සහ රජුට පාක්ෂික අමාත්‍යවරු හිස්වන භාණ්ඩාගාරය පුරවන්නට රදළයන්ට අධිකරණ සහ පරිපාලන තනතුරු මුදල් වලට විකිණුවේය. ඒ නිසා රටේ අල්ලස් හා දූෂණ ගහණ විය.රටේ සදාචාර වර්ධනයට පල්ලි වල සහාය නිතරම අපේක්ෂා කළ ඔටුනු පැළඳි ලෝකය පල්ලිය නඩත්තු කළේ ජනතාවගේ බදු වලිනි. එහෙත් පල්ලියේ ඉහළ තනතුරු හා ආර්ථික වාසි රදළයන්ටත්, පල්ලි නඩත්තු කරන බදු ගෙවීම ගම්බදවැසියන්ටත් පැවරෙද්දී සහ කතෝලික පල්ලියේ බැහීමත්, පොතෙස්ත්‍රන්ත්‍ර පල්ලියේ නැඟීමත් අතර ගැටුම් ඇති වෙද්දී, ප්‍රංශයේ හියුගනොට් (Huguenot) නම් ආගමික භක්තියන් 200,000 ක් රට අත්හැර ගිහින් තිබුණි. ඒ ප්‍රංශය හැරදමා ගිය මුල් සංක්‍රමණික රැල්ලකි. ජාතික පල්ලිය කුමක් දැයි වික්ශිප්තයෙන් විසූ ප්‍රංශ ජනතාව පල්ලි අත්හැර මිථ්‍යා විශ්වාස වන්දනාවන්ට නැවත බැස්හ.1789 ජූලි මාසයේ දී ප්‍රංශයේ ඇවිදින්නට යන ආතර් යන්ග් නම් ගත්කරුවාට ගම්බද කාන්තාවක් හමුවෙයි. වැඩවසම් ක්‍රමයේ බදු ගෙවීම් නිසා බංකොළොත්බවේ කට ළඟ සැමදාම සිටින්න වීම ගැන ඇය පැමිණිලි කරයි. මේ බදු ව්‍යසනයෙන් ගැලවෙන්නට කවුරු හරි දැනුමැති පිරිසක් විසින් කුමන හෝ යහපත් තීරණයක් ගනු
ඇතැයි අහිංසක ඇය විශ්වාසය ද පළ කරන බව ඔහු සටහන් කරයි.[4]දහසය වැනි ලුවී රජ රටක් පාලනය කරන්න අපේක්ෂාවෙන් සිටියේ නැත. ඔහුගේ පියාගේ 1765 දී සිද්ධ වූ ඉක්මන් අභාවයත්, ඔහුගේ සීයාගේ 1774 දී සිද්ධ වූ යල්පැන ගිය අභාවයත් නිසා වයස 20 දී ඔහුට ප්‍රංශයේ ඔටුන්න හිමි වෙයි. විප්ලවයෙන් ජනතාව හිමිතැන 'සියල්ලම' (tout) යැයි කියා ඉල්ලුවේ රටේ වැඩිපුර ඉන්නේ 'තෙවැනි තලය' (Tier État) නොහොත් රදළ/පූජක නොවන ඉතිරි සියල්ලම බැවින් රටේ සම්පත් සියල්ලම ඒ සියළු අයට ලැබිය යුතු බවයි. මැක්සිමිලියන් රොබෙස්පියෙර් ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. ජනෝඝ උන්මාදයෙන් පිරි ජැකෝබින් සමාජයේ සාමාජිකයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙනෙක් වූ පවුලක වැඩිමලා සහ අවජාතකයෙක් හැටියට ය. ඔහුගේ අනුග්‍රාහකයන් ඔහුව අදූෂ්‍ය (The Incorruptible) යැයි හඳුන්වද්දී විරෝධීන් ඔහුව ලේ පිපාසිත ආඥාදායකයෙක් (bloodthirsty dictator) සේ හඳුන්වති.“බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි” කියූ ඔහු කීය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන නාමයෙන් දියත් කරන ලද, එහෙත් ඒවා අඩංගු නොවූ, රදළ පංතියට ඇති වෛරයෙන් පමණක් පිරුණු ප්‍රංශ විප්ලවයේ වඩාත් ම බලගතු පුද්ගලයා වූයේ ඔ
හුයි.16 වැනි ලුවී රජු තමන්ටත් සිය රටවැසියන්ටත් හිමිතැන කුමක්දැයි විමසුවෙකි. වැඩවසම් මිනිසුන් අතර අසමාන වූ ලැබීම් ගැන පහදන්නට ජනතාවගේ අධ්‍යාපනය බාර වූයේ පල්ලියටයි. යහපත් අස්වැන්න වෙනුවෙන් දෙවියන්ගේ ආශීර්වාදය ඉල්ලන්නටත් බාරවූයේ පල්ලියටයි. 16 වැනි ලුවී එය තමන් ඇදහූ කතෝලික පල්ලියට සීමා නොකර පොතෙස්ත්‍රන්ත හා යුදෙව් ආගම් වලටත් අවසර දුන්නේ ය. ජනතාව විසින් තෝරාපත් කරගන්නා ප්‍රාදේශීය සභාවන් පිහිටුවා රජයත් ජනතාවත් අතර ගැටළු විසඳන්නට උත්සාහයක් ගත්තේ ය. තමන් යටතේ වූ වහලුන් නිදහස් කළේය. එහෙත් රදළයන්ට හා පූජ්‍ය පක්ෂයට වහල් සේවකයන් තබාගන්නට හැකි අයිතිය අහිමි නොකළේය. සාක්කිකරුවන්ට හා අපරාධකරුවන්ට වදහිංසා කිරීම තහනම් කළේය. දුප්පතුන්ට 3% පොලියට ණය ලබා ගැනීමේ ස්ථාන පටන් ගත්තේ ය. රදළයන්ට හිමිතැනක් නැතැයි කියා, තම හිමිතැන වෙනුවෙන් සටන් වැදි එහෙත් තමන්ට පහළ මට්ටමේ ඉන්නා පුරවැසියන්ගේ හිමිතැන කුමක්දැයි නොවිමසූ කෝපි කඩවල් වල එකතු වූ බුර්ජුවාසිය (ගිරොන්ඩන් කල්ලියේ මැඩාම් රෝලන්ඩ් සහ ජැකෝබින් කල්ලියේ රොබෙස්පියර් යනාදීන්) බුද්ධිය විචාරයෙන් වෝල්ටෙයාර් (Voltaire) වැන්නන් කියන්නේ කුමක් දැයි වටහා නොගෙන නිදහස ගැන දාර
්ශනික අදහස් අගයන රැල්ලට එක්වූහ. වෝල්ටෙයාර් ආගම හා රජය වෙන්කළ යුතු යැයි කීවෙකි. සියල්ලන්ගේ ම නිදහස් අයිතීන් රුකිය යුතු යැයි කීවෙකි. කැමති ආගමක් අදහන්නට ඉඩක් තිබිය යුතු යැයි කීවෙකි. අදහස් ප්‍රකාශයට අවසරය තිබිය යුතු යැයි කීවෙකි. එහෙත් රදළයන් හා සමතැන් රිසි බුර්ජුවාසියේ විකෘතියෙන් පෙළෙනවුන්ට ඒවා වැටහුනේ නැත. ඔව්හු සැමට නිදහස යන්න අවියක් කරගත්තේ රදළයන් හිස් සිඳ තමන්ට ඒ බලය හා සමාජ තත්වය ගන්නටය.1788 වසර දී නියං සමයක් පැමිණ ප්‍රංශය පුරා වගාබෝග අස්වැන්න විනාශ කළේය. අයිස් වැස්සක් කඩා වැටී නෝමන්ඩියේ සිට ෂැම්පෙන් දක්වා සැතපුම් 180 ක් සරු පස් විනාශ කරන ලදි. වසර 80 කට පසු දරුණු ම හේමන්තය පිවිසියේ 1788-89 දී යි. දහස් ගණනින් පළතුරු ගස් මිය යන ලදි. 1789 වසන්තයේ ගංවතුරින් හිරිහැර සිද්ධ වුණි. හාමතෙන් මිය ගියේ ස්වල්පයකි. එහෙත් බහුතරයට අගහිඟකම් දැනුණි. ජනතාව කුසගිනි දැනෙද්දී එකිනෙකා හා ඝට්ටන පටන් ගත්හ.1789 ගිම්හානයේ දී නීතියක් නැති භීෂණ සමයක් රටට උදාවිය. ආහාර මංකොල්ලකරුවන් නිසා අධික බියෙන් වූ සමයේ (Great Fear) පුරවැසියන් අවිගත්හ. මාස හයක දී තුවක්කු 400,000 ක් පුරවැසියන් සතු වේ. තුවක්කු, මිට දිග මුල්ලු,
හා දෑකැති අවි සේ අමෝරා ගත් පුරවැසියන් විසින් බදු එකතු කරන්නන්ව, වැඩවසම් රදළයන්ව, ඒකාධිකාරීන් යැයි තමන් සිතූ සියල්ලන්ටම පහර දුන්හ. කඩ හා ගෙවල් ගිනි තැබූහ. මසුරන්ගේ වයින් බැරල් හළා දැමූහ.විප්ලව සමය[සංස්කරණය]ප්‍රංශ විප්ලවයේ පළමු අදිරය සේ සැලකෙන්නේ රදළයන් විසින් දහසය වැනි ලුවී රජුට බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ය. එහි දෙවැනි අදියර සේ සැලකෙන්නේ රජුගේ බලතල සීමා කරන්නට පිහිටුවා ගත් ජාතික සම්මේලනය විසින් 1789 ජූනි 20 වැනිදා ටෙනිස් පිටියේ ගිවිසුම (ප්‍රංශ: Serment du jeu de paume) නොහොත් ප්‍රකාශයයි. එදින රැස් වූ තෙවැනි තලයේ සාමාජිකයන් 577 දෙනාගෙන් 576 ක් ඊට අත්සන් තැබූහ. අත්සන් නොතැබි එකම පුද්ගලයා වූයේ Joseph Martin-Dauch නැමැත්තා ය. එයට ටෙනිස් පිටියේ ගිවිසුම යැයි නම වැටෙන්නේ වාර්සෙයි මාලිගාව අසල සෙන්ට්-ලුවි දිස්ත්‍රික්කයේ වූ ටෙනිස් පිටියක ඔවුන් අටවා ගත් සම්මන්ත්‍රණ කාමරයක දී සම්මේලනය පැවැත්වුන නිසායි.බැස්ටීලය යනු පැරීසියේ රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිරගත වූ සිරකඳවුරකි. බැස්ටිලයේ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබෙන ජනතාව විසින් හදාගන්නා ජාතික ආරක්ෂක හමුදාවක් ඒවා අයිති කරගන්නට සැලසුම
් ගහති. ඇමරියා කැහිලා (Amaria Chaila) ප්‍රමුඛ තුන්වැනි තලයේ විරෝධතාවාදීන් කළින් Hôtel des Invalides ට කඩා පැන මස්කට් තුවක්කු 29,000 - 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටි අය වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබි කිලෝග්‍රෑම් 13,600 (රාත්තල් 30,000) ක වෙඩිබෙහෙත් පැහැර ගැනීමයි. 1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම 16 වැනි ලුවී රජු විසින් නිදහස් කර තිබිණ. බැස්ටිලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දිනය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදිරය සේ සැලකේ.මිනිසාගේ හා පුරවැසියන්ගේ අයිතීන් ප්‍රකාශනය 1789 අගෝස්තු 27 දා එළිබැස්සේ ය. චන්දය හිමිවූයේ සහ මහජන නිලතල වෙනුවෙන් පත්වෙන්නට අවසර ලැබුනේ කොටසකට පමණි. සිවිල් අයිතීන් නළුවන්ට, පොතෙස්තන්ත්‍ර හා යුදෙව් ආගමිකයන්ට අහිමි විය. නැවතත් පාන් හිඟයක් පැතිර ගියේය. ප්‍රංශ කාන්තාවන් පාරට බැස්සහ. උරණ වූ පැරිසියේ වැසියන් රජ මාලිගයේ මුර සෙබලුන්ගේ හිස් ගසා දමා ඒවා උල් වල ගසාගෙන ග
ියහ. 1790 දී ස්ථාපිත කරගත් විප්ලවීය ව්‍යවස්ථාවෙන් ඔවුන් රජුගේ බලය අවම කළත් උපතින් හිමිවන ඔටුන්න අහෝසි කළේ නැත. බංකොළොත් වූ භාණ්ඩාගාරය පුරවන්නට දැනට ධනවත් එකම කොටස වූ පල්ලිය වෙත හැරුනහ. ෆ්‍රෑන්ක් බිලියන තුනක් වටිනා පල්ලියේ බූදලය රජය සන්තක කළහ.1793 දී රටේ අභ්‍යන්තර පොලීසිය පාලනය වූයේ මහජන ආරක්ෂා කමිටුවක් විසිනි. මැක්සමිලියන් රොබෙස්පියෙර් එහි සාමාජිකයෙක් විය. ඔවුන්ගේ නීතික පිළිවෙත වූයේ භීෂණයයි. විප්ලවීය ආණ්ඩුවකට භීෂණය අත්‍යාවශ්‍ය වූවක් ද, ප්‍රශංසනීය වූවක් ද, මඟ හැරිය නොහැකි වූවක් යැයි ද කියා සිටි රොබෙස්පියර් සද්ගුණවත් ජනරජයක් සඳහා සියලු වැරදිකරුවන්ගේ හිස් ගසා දැමීම අනුමත කළේය.අවුරුදු විස්සේ දී ඔටුන්න පැළඳි හිස අවුරුදු 38 දී ගිලටිනයෙන් අහිමි වූ දහසය වැනි ලුවී රජුට පසු විප්ලවවාදීන් ටික දිනෙකින් මාරි ඇන්ටොනෙට් රැජිනවත් ගිලටිනයට යැවූහ. අනතුරුව ඔවුන් සියළු ප්‍රභූන් මරා දැමීමට පටන් ගත්හ. ඒ 1793 වසරයි.දහසය වැනි ලුවී රජු ආඥාදායකත්වයෙන් ඉවත් වෙන්නට උත්සාහයක් ගත්තෙකි. ප්‍රබුද්ධ වොල්ටෙයාර් කියන අදහස් වලට සවන් දෙන්නට පටන් ගත් උත්සාහයට ඉඩක් නොදී ඔහුගේ හිස ගිලටිනයට තැබූ ඒ වකවානුව පසු කරමින් නිදහස,
සමානාත්මතාවය හා සහෝදරත්වය සටන් පාඨය කරගත්තවුන් ගෙනාවේ “මට එරෙහි නම් ඔබ ද්‍රෝහියෙක්” යන සමයයි. එය භීෂණයෙන් රට පාලනය වූ සමයකි. සම්පූර්ණ හා සාධාරණ වූ නඩු අහන්නේ නැතිව මූණිච්ඡාවට පැවැත් වූ නඩු වලින් වහාම මරණය පැමිණවීමෙන් ප්‍රංශය පුරා මරණීය දඬුවම් 25,000 ක් සිද්ධ විය. සියළු චණ්ඩ ක්‍රියා වලින් එළියට ආවේ රදළයන් වෙත තිබූ අප්‍රසාදය සහ විරෝධයයි.විරුද්ධවාදී දේශපාලන පැති වූ ජැකොබින් කල්ලිය හා ගිරොන්ඩින් කල්ලිය අතර වූ ආරවුල් නිසා ඔවුනොවුන් ඇණ කොටා ගත්හ. මහජන ආරක්ෂා කමිටුවල බලය අවම කරමින් මැක්සිමිලියන් රොබෙස්පියර් ආඥාදායකයා විය. තම අදහස් පිළිනොගන්නා හැම කෙනෙකුගේ ම හිස් ගසා දැමුණි. බුර්ජවාසී මැඩාම් රෝලන්ඩ් දේශද්‍රෝහී යැයි හංවඩු ගැසී ඇයගේ හිස බුර්ජුවාසීන් අතින්ම ගිලටිනයට අසුවිය.1793 සැප්තැම්බර් 5 සිට 1794 ජූලි 28 දා දක්වා තිබුනේ ප්‍රංශයේ භීෂණ පාලනයයි. පැරිසියේ 2,639 ක් ඇතුළුව මුළු ප්‍රංශයේ 16,594 ක් මිනිස් ජීවිත ගිලටිනයෙන් මරා දමන ලදි.ප්‍රංශ නිදහස් අරගලය දියත් කරන්නට ඇමෙරිකන් නිදහස් අරගලයට සහාය දුන් ගිල්බට් ඩු මෝටියේර් නොහොත් ලාෆායෙට් වැනි රදළයන් ද දායක වූහ. පැරීසියේ සිය මන්දිරයේ දොරටුව අසලින් ඇමෙර
ිකන් නිදහස් ප්‍රකාශනයේ රාමු කරන ලද කොපියක් තැබූ ලෆායෙට් එය අසලින් ඉඩක් හැදුවේ ප්‍රංශ අයිතීන්ගේ ප්‍රකාශනය තබන්නට කියාය. ඇමෙරිකන් අරගලයේ සටන් වැදි, ප්‍රංශයට ඒකීය පුද්ගලයාගේ නිදහස් අයිතීන් ගෙන එන්නට වෙහෙසුන අයවත් ගිලටිනයට හා සිරබාරයට ගැනෙද්දී ලාෆායෙට් ඔස්ට්‍රියාවට පැන ගියේය.තමන් ආඥාදායකයෙක් බව නොදැකි මැක්සිමිලියන් රොබෙස්පියර් Cult of the Supreme Being යනුවෙන් ආගමක් ස්ථාපිත කරන්නට පටන් ගති. එය නව ප්‍රංශ ජනරජයේ රාජ්‍ය ආගම බවට පත් කිරීම ඔහුගේ අභිප්‍රාය විය. ඔහුගේ බහින කලාව පටන් ගන්නේ එතැන් පටන් ය. මහා සභා මහජන ආරක්ෂා කමිටුවට උඩින් යන ඔහු 22 Prairial නම් නීති පනතකින් මහජන ආරක්ෂා කමිටුව මඟින් ගෙන එයි. එම පනත යම් පුරවැසියෙක් විප්ලවයට විරෝධී යැයි සිතූ පමණින් වැඩි නඩු විභාගයකින් තොරව මරණයට පත් කරත හැකි වූවකි. ඒ නිසා ජනතා ආණ්ඩුවෙන් මරණයට පත් වූ අය දෙගුණයකින් වැඩිවිය. ඔහුව ද ජනරජයට එරෙහි වූ කුමන්ත්‍රණකරුවෙක් ලෙසින් නඩු විභාගයට ගැනෙයි. එහි දී සභාවේ ඉන්නා අය කුමන්ත්‍රණකරුවන් යැයි ඔහු චෝදනා එල්ල කරයි. 1794 ජූලි 28 වැනිදා නඩු විභාගයක් නොමැතිව රොබෙස්පියර්ව ගිලටිනයට නියම වෙයි. පැරිසියේ මෙට්‍රෝ නැවතුම්
පළක් හැරෙන්නට ඔහු වෙනුවෙන් ඉදි වු ස්මාරක කිසිවක් ප්‍රංශයේ නැත.ප්‍රංශ අධිරාජ්‍ය්‍යා වන නැපෝලියන් බොනපාට්[සංස්කරණය]1798 දී නැපෝලියන් ඊජිප්තුව ආක්‍රමණයට යවන ප්‍රංශ හමුදා අංශය බාරව සිටි ජනරාල්වරයෙකි. ඔහු මොල්ටාව බලා ගමනේ දී කුරානය කියවා තැන් තැන් කට පාඩම් කරගෙන තමනට හමුවන මුස්ලිම්වරුන්ගේ සිත් දිනා ගන්නට ද සමත් වෙයි. ඊජිප්තුවේ දී සටන් වලින් අනතුරුව ආපසු එන්නට නැව් මාර්ගයෙන් ඉඩක් නොතිබි නිසා ඔහු ගොඩබිමින් ආපසු ඒමට තීරණය කළේය. සිරියාව හා තුර්කිය මැදින් ආපසු ගමන් ඇරඹීය. Jaffa හි ආරක්ෂාව දෙන්නම් යැයි පොරොන්දු වී සිටි සෑම වයසකම ගැහැණු පිරිමි හා සිවිල් ජනතාව යුතු 2,441 සිරකරුවන් හා ගමන යාමට නොහැකි නිසා නැපෝලියන් ඔවුන් සියල්ලන් ම මරණයට නියම කළේය. වෙඩි උණ්ඩ මදි නිසා බයිනේත්තුවෙන් ඇණ මරන්නට නියම කළේය. මේ වාර්තාව කරන්නේ නැපෝලියන්ගේ ලේකම්වරයා විසිනි. [5] තව දුරටත් ඉදිරියට යා නොහැකිව ආපසු ඊජිප්තුවට යාමට නැපෝලියන්ට සිදුවිය. එය ජයග්‍රහණයක් සේ සමරද්දී තමන්ට වාර්තා ලියන්නට සිද්ධ වන බොරු ගැන ලේකම්වරයා වූ ලුවි විසින් නැපෝලියන්ට පැමිණිලි කරන ලදි. එහි දී නැපෝලියන් කියා ඇත්තේ ‘යාළුවා ඔයාට මේවා වැටහෙන්නේ නැහැ
’ කියාය. සිරියාවේ දී මිනිසුන් තුන් දහසකගේ ජීවිත ද, ඊජිපත්තුවේ දී හත් දහසකගේ ජීවිත ද අහිමි විය. ඔහු ඉතාලියේ ජයගත් පෙදෙස් ද ආපසු යටත් වී තිබිය දී ඔහු ආපසු ප්‍රංශයට ළඟා වෙද්දී ජනතාව දැන සිටියේ එවූ නිල වාර්තා තුලින් ඔහු ලොව දිනූ නායකයෙක් ලෙස ය. ඔහු නිවරද යැයි කියන්නෝ අල්ලා ගත් පෙදෙස් අහිමි වූයේ ඔහු සටනින් ජයගෙන ආරක්ෂාවට බාරදුන් අයගේ වැරැද්ද නිසා යැයි කියති.නැපෝලියන් කෝසිකා (Corsica) හි ඉපිද එහි ළමා කාලය ගෙවූ බැවින් ඉතාලි ජාතිකයෙක් යැයි සමහරු සැලකූහ. ඒ නිසා ඔහුට ප්‍රංශය වෙනුවෙන් ඉතාලිය පහසුවෙන් අල්ලා ගන්නට හැකිවිණ. 1779 දී නැපෝලියන් බ්‍රියෙන් (Brienne) හි මිලිටරි ඇකඩමියකින් සිය අධ්‍යාපනය පටන් ගනියි. රටේ මිලිටරි පාසැල් දොළහේ සිසුන් අතරින් තෝරාගන්නා අයගෙන් නියුතු පැරිසියේ මිලිටරි පාසැලේ (École Militaire) හි වැඩිදුර අධ්‍යාපනයට අවුරුදු 15 දී හේ වරම් ලබයි. නැපෝලියන් යුද්ධ වලින් සිවිල් වැසියන් මිලියනයක් ද, මිලිටරියේ මිලියන 2.5 ක් ද මිය ගිය හා අතුරුදහන් සංඛ්‍යාව ලෙස සැලකේ. වසර 10 ක් පුරා ප්‍රංශය නියැළි යුද්ධ සමාප්ත කිරීම ගැන 32 වියැති නැපෝලියන්ට ම ජනප්‍රසාදය හිමිවිය.කැරලි, විප්ලව, අපරාධ, දූෂණය ම
ර්ධනයට එකම විසඳුම ආඥාදායකයෙක් යැයි කියමින් රටේ ජනතාවගේ සිත් දිනාගන්නට නැපෝලියන් සූක්ෂමව සැලසුම් ගැසුවේ ය. කාන්තාවන් විසින් සිරබාරයට ගන්නට සමත් වූ උප්පත්තියෙන් ඔටුන්න හිමි වූ රජෙකුගේ ගෙල සිඳ දමන්නට යුහුසුළු වූ රටවැසියන් මෙවර කැමැත්ත දෙන්නේ උප්පත්තියෙන් ඔටුන්නකට උරුම කම් නැති ජනරාල්වරයෙකුට ය. ලතින් බසින් හමුදා නායකයෙක් යැයි හැඟෙන imperator වූ නැපෝලියන්ව ප්‍රංශ ජනතාව එම්ප්‍රද්‍යෝරු (emperor) රජෙකු ලෙසින් පත් කර ගත්හ. එපමණක් නොව ඔවුන් නැපෝලියන්ගේ උරුමක්කාරයන්ට පාලනය පැවරෙන ලෙසින් රටවැසියන් රටේ නීති ද වෙනස් කළහ.නැපෝලියන් තමන් හා විවාහ නොවී එකට කල් ගෙවූ, ඒ අතර තුර දී වෙනත් අය හා එකට කල් ගෙවූ, එසේම කළින් විවාහ වී සිටිය, තමනට වඩා වසර හයකින් වැඩි, කැරීබියන් මාටිනීක් දූපතේ උපන් ජොසෆින්ව ද අගරැජින කර ගනියි. ඔවුන්ගේ සිවිල් විවාහයෙන් පසු කාලයක නැපෝලියන් එම්ප්‍රද්‍යෝරු වෙද්දී ජනතාව ඔහුගේ උප්පත්තිය ගැන සැක මතු කළහ. පාප්තුමාගේ ආශීර්වාදයෙන් තත්වය තහවුරු කරගන්නට පාප්තුමාව කැඳවන ලදි. එවිට ජොසෆින් පාප්තුමා ලවා තමන්ගේ විවාහය පල්ලියේ අනුමත කරවා ගෙන ඇත. රදළයන් හිස් ගසා දමා, ආගම එපා කියා, පල්ලියේ වස්තුව රාජ
සන්තක කර නැවතත් එම්ප්‍රද්‍යෝරුවෙක් පත්කර ගන්නට ජනතාව පල්ලියේ ආශීර්වාදය සෙවූහ.රටවැසියන්ගේ බදු බර ඉහළ ගියා මිසක විප්ලවයෙන් පසු පහළ ගියේ නැත. දහසය වැනි ලුවී සමයේ මෙන් ම විදේශ යුද නිසාත්, ඒ සමයේ රදළයන් මෙන් ම නැපෝලියන්ට හේත්තු වෙන බුර්ජුවාසියේ නාස්තියෙන් ද, රටේ භාණ්ඩාගාරය නැපෝලියන් අතින් ද යළි හිස්වෙන්නට විය. ඔහු තම එම්ප්‍රද්‍යෝරු පදවිය තහවුරු කරනු පිණිස ආණ්ඩුවේ සියල්ලන්ට ම විච්චූර්ණ යුතු නිල ඇඳුම් නියම කළේය. ප්‍රංශයේ නිපැද වූ වෙල්වට් එකල ජනප්‍රිය රෙද්දයි. නැපෝලියන්ගේ සේවයට ජනරාල්වරුන් හතරක්, aides-de-camp අටක්, prefects හතරක් සහ ලේකම්වරු දෙදෙනෙක් තබා ගනියි. ජොසෆින් වෙනුවෙන් මුලික රදළ කාන්තාවක් ද, සහායක කාන්තාවන් හතරක් ද විය.නැපෝලියන් බොනපාට් යන නම නැපෝලියන් බවට කෙටි වෙයි. අනතුරුව එය N අකුර පමණක් ඇති සීල් එකක් විය.එම්ප්‍රද්‍යෝරු නැපෝලියන්ගේ අධිරාජ්‍ය්‍යේ තනතුරු ඔහුගේ සහෝදර සහෝදරියන්ට දීමට රදළයන්ගේ හිස් ගිලටිනයට ගෙන ගිය ජනතාවම එකඟ වූහ. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ජෝසෆ් දකුණු ඉතාලියේ නේප්ල්ස් හි රජු විය. සහෝදර ලුෂියන් ස්පාඤ්ඤයේ තානාපති විය. ඔහු ආපසු ප්‍රංශයට එන්නේ නැපෝලියන්ටත් වඩා ධනවතෙක් ව
ෙමිනි. සහෝදර ලුවි ඕලන්දයේ රජු වෙයි. ලුවිගේ තුන්වැනි පුත්‍රයා දෙවැනි ප්‍රංශ අධිරාජ්‍ය්‍යේ උප්පතියෙන් හිමිවන එම්ප්‍රද්‍යෝරුවා වූ තුන්වැනි නැපෝලියන් විය. බාල ම සහෝදරයා වූ ජෙරෝම් භාර්යාවන් හා වාසස්ථාන බොහොමයක් තිබියෙකි. ජෙරෝම් වයස 23 දී වෙස්ට්ෆේලියා (Westphalia) හි රජු වෙයි. ජොසෆින්ගේ පළමු කසාදයේ පුතා 24 හැවිරිදි ඉයුජින් ඉතාලියේ විසුරේ ප්‍රතිරාජ (viceroy) තනතුර ලබයි. මරියා ඇනා නම් නැපෝලියන්ගේ සහෝදරිය පියම්බිනෝ (Piombino) සහ ලූකා (Lucca) යන රාජ්‍යයන්හි ආණ්ඩුකාරිය වෙයි. පෝලීන් නම් සහෝදරිය ඉතාලියේ ගුවාස්ටල්ලා (Guastalla) පළාතේ ආදිපාදවරිය විය. කැරොලයින් නම් සහෝදරියගේ සැමියාට බර්ග් (Berg) හා ක්ලීව්ස් (Cleves) හි ඩ්‍යුක් පදවියක් දෙයි. ඔහු නිතර යුද මෙහෙයන්හි නිරත වූ නිසා පළාත ආණ්ඩු කරන්නේ කැරොලයින් විසිනි.සටහන්[සංස්කරණය]1. Will & Ariel Durant, The Story of Civilization, Simon and Schuster, New York, 19672. Lesley H. Walker, Eighteenth-Century Case Studies, Vol. 34, No. 3. French Revolutionary Culture, The Johns Hopkins University Press, 20013. S. G. Tallentyre, Women of the Salons, G.P. Putn
am's Sons, New York, 19264. Louis-Antoine Bourrienne, Memoirs of Napoleon Bonaparte (1890)මූලාශ්‍ර[සංස්කරණය]↑ Will & Ariel Durant, The Story of Civilization, Simon and Schuster, New York↑ Lesley H. Walker, Eighteenth-Century Case Studies, Vol. 34, No. 3. French Revolutionary Culture, The Johns Hopkins University Press, 2001↑ S. G. Tallentyre, Women of the Salons, G.P. Putnam's Sons, New York, 1926↑ Will & Ariel Durant, The Story of Civilization, Simon and Schuster, New York↑ Louis-Antoine Bourrienne, Memoirs of Napoleon Bonaparte, 1890External links[සංස්කරණය]ප්‍රංශ විප්ලවය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.Open University course සංරක්ෂණය කළ පිටපත 2012-12-05 at archive.todayEntry on Encyclopedia.com from the Columbia EncyclopediaPrimary source documents සංරක්ෂණය කළ පිටපත 2008-04-10 at the Wayback Machine from The Internet Modern History SourcebookLiberty, Equality, Fraternity: Exploring the French Revolution, a collaborative site by the Center for Histo
ry and New Media (George Mason University) and the American Social History Project (City University of New York)The Origins of the French Revolution, The French Revolution: The Moderate Stage, 1789–1792, and The French Revolution: The Radical Stage, 1792–1794, three essays from The History Guide: Lectures on Modern European Intellectual HistoryVancea, S. The Cahiers de Doleances of 1789 සංරක්ෂණය කළ පිටපත 2015-02-21 at the Wayback Machine, Clio History Journal, 2008.english.republique.de A large collection of linksපූර්වප්‍රාප්තිකයාThe Old RegimeFrench Revolution1789–1792අනුප්‍රාප්තිකFirst French Republicඋබුන්ටුවිකාශකයාCanonical Ltd., Ubuntu communityOS පවුලLinuxWorking stateCurrentමූලාශ්‍ර ආකෘතියනිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග (with exceptions)Initial release20 ඔක්තෝබර් 2004; වසර 19 කට පෙර (2004-10-20)Latest releaseUbuntu 18.04 LTS Bionic BeaverRepositorycode.launchpad.net/ubuntu අලෙවිකරණ ඉලක්කයPersonal computers, Servers, Tablet computers (Ubuntu Touch), Smart TVs
(Ubuntu TV), Smartphonesලබා ගත හැක්කේMore than 55 languages by LoCosUpdate methodAPT (Software Updater, Ubuntu Software Center)Package managerdpkg, Click packagesPlatformsIA-32, x86-64,[1] ARMv7[1][2][3][4][5] ARM64, PowerKernel typeMonolithic (Linux)UserlandGNUDefault user interfaceUnity (since Ubuntu 11.04)GNOME (until Ubuntu 10.10)LicenseMainly the GNU GPL and various other free software licensesOfficial websiteubuntu.comඋබුන්ටු (උසුරුවනුයේ /ʊˈbʊntuː/) යනු ඩේබියන් ජී.එන්.යූ / ලිනක්ස් බෙදාහැරීම මත පදනම් වූ පරිගණක මෙහෙයුම් පද්ධතියකි. එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් ලෙස බෙදා හරිනු ලබන අතර ඒ සමඟ වානිජ මෘදුකාංග ද ඇත. දකුණු අප්‍රිකානු උබුන්ටු("ලෝකයාට දිගුවූ මනුෂ්‍යත්වයේ දෑත්") දර්ශන විද්‍යාවට අනුව මෙම නම ලැබී ඇත.[6] විශේෂයෙන්ම උබුන්ටු ඩෙස්ක්ටොප් පරිගණක සඳහා නිර්මාණය කර ඇති නමුත් නෙට්බුක් හා සේවාදායක පරිගණක සඳහාද සංස්කරණයන් පවතී.[7] අන්තර්ජාල දත්ත අනුව තම ඩෙස්ක්ටොප් පරිගණකය සඳහා ලිනක්ස් භාවිතා කරන්නන්ගෙන් සියයට 50ක්[8][9] පමණ උබුන්ටු භාවිතා කරන අතර උබුන්ටු වෙබ් සේවාදායක පරිගණ
ක [10]භාවිතා කරන්නන්ගේ සංබ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතී. උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ගොඩනැගීම සඳහා මෘදුකාංග පැකේජ බොහොමයක් භාවිතා කර ඇති අතර ඉන් බහුතරය නිදහස් මෘදුකාංග බලපත්‍රයක් ( නිදහස් මූලාශ්‍ර ලෙසද හඳුන්වයි)යට‍තේ බෙදාහැරි මෘදුකාංග වේ. එහිදී ප්‍රධාන වශයෙන්ම GNU General Public License (GNU GPL) බලපත්‍රය සමග GNU Lesser General Public License (GNU LGPL) භාවිතා කර ඇත. එම බලපත්‍ර මගින් පරිශීලකයන් හට මෙම මෙහෙයුම් පද්ධතිය පරිහරණය කිරීමේ, පිටපත් කිරීමේ, බෙදාහැරීමේ, ගවේශනයේ, වෙනස් කිරීමේ හා ගොඩනැගීමේ අයිතිය පැහැදිලිවම ලබා දී ඇත. උබුන්ටු සඳහා දකුණු අප්‍රිකානු ව්‍යාපාරිකයකු වන මාර්ක් ෂට්ල්වර්ත් ට අයත් කැනොනිකල් ලිමිටඩ් යන එංගලන්ත ආයතනය අනුග්‍රහය දක්වයි. එකී කැනොනිකල් ලිමිටඩ් ආයතනය උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සඳහා තාක්ෂණික අවශ්‍යතාවයන් සහ සේවා සැපයීම මගින් ආදායම් ලබයි.එසේම තවත් උබුන්ටු ව්‍යුත්පන්නයන් තුනක් සඳහා කැනොනිකල් ආයතනයේ අනුමැතිය හා සේවාවන් ලබාදේ: කුබුන්ටු, එඩියුබුන්ටු (උබුන්ටු අධ්‍යාපනික සංස්කරණය ලෙසද මෙය හඳුන්වයි) සහ උබුන්ටු සර්වර් සංස්කරණය. ඊට අමතරව ස්වභාෂිත සහ සමහර දෘ‍ඪාංග සඳහා සුවිශ
ේෂිත වූ මෙහෙයුම් පද්ධති ඇතුළු තවත් ව්‍යුත්පන්නයන් කිහිපයක්ම පවතී.[11]කැනොනිකල් ආයතනය සෑම මාස හයකට වරක් උබුන්ටු නව අනුවාදයක් නිකුත් කරනු ලබන අතර මාස දහඅටක් ගතවන තුරු ආරක්ෂක ප්‍රතිස්ථාපනයන්, ක්‍රමලේඛයක, පද්ධතියක හෝ වැඩසටහනක ඇතිවන අවදානම් සහගත දෝෂ නිවාරණයන් හෝ සුළු නවීකරණයන් ඇතුළු අළුත්වැඩියාවන් සපයමින් සේවා දායකත්වය ලබාදේ. ඊට අමතරව සෑම අවුරුදු දෙකකට වරක්[12] දිගුකාලීන සේවා (දි.කා.සේ.) අනුවාදයක් නිකුත් කරනු ලබන අතර එමගින් ඩෙස්ක්ටොප් සංස්කරණ සඳහා අවුරුදු තුනකටද සර්වර් සංස්කරණ සඳහා අවුරුදු පහකටද සේවාවන් සපයනු ලබයි.[13] උබුන්ටු 10.10 අනුවාදය (මැවෙරික් මීර්කට්), 2010 ඔක්තෝම්බර් මස 10වන දින නිකුත් කරන ලදී.උබුන්ටු නවතම අනුවාදය වන උබුන්ටු 11.10 (ඔනිරික් ඔසිලට්), 2011 ඔක්තෝම්බර් මස 13 වන දින නිකුත් කරන ලදී.ඉතිහාසය සහ සංවර්ධන ක්‍රියාපටිපාටිය[සංස්කරණය]ගොනුව:Sinhala in Edgy with apps.pngසිංහල සමග උබුන්ටු 6.10 Edgy Eftඋබුන්ටු ආරම්භ වුයේ ඩේබියන් පාදක කරගෙනයි. මෙහි ඉලක්කය වුයේ සැම මාස 6 කට වරක්ම නව බෙදාහැරිමක් ලබාදිමයි. මෙහි අරමුණ පරිශීලකයන් වෙත සෑමවිටම නවතම තාක්ෂණය ලඟා කර දීමයි. මෙහි ප්‍රථම බෙද
ාහැරීම 2004-10-20 වැනිදා නිකුත් විය.උබුන්ටු බෙදාහැරිම් සැමවිටම නවතම ජීනෝම් අතුරුමුහුණත සමඟ පැමිණේ. මෙය අනෙකුත් ඩේබියන් බෙදා හැරීම් වලට වඩා වෙනස් වන්නේ එබැවිනි. නාමිකව එම්පිස්, ක්ඇන්ඩ්රෝස්, ලින්ස්පියර්, පොගෙන්සි හා ලිබානෙට්. මෙවා බොහෝ විට සංවෘත කේත හා මුල්‍යපාදක බෙදාහැරීම් විය. නමුත් උබුන්ටු, ඩේබියන් හි සංකල්පයට වඩාත්ම ගැලපෙන පරිදි බොහෝ විට නිදහස් මෘදුකාංග පමණක් භාවිතා කරයි.බෙදාහැරීම පිළිබඳව[සංස්කරණය]උබුන්ටු ඩේබියන් ලිනක්ස් මත පදනම් වූ නිදහස් මෙහෙයුම් පද්ධතියකි. එහි නාමය 'සූලූ' වචනයක් මත තීරණය වි ඇත. මෙහි අර්ථය, අන් අයට මානුෂිකත්වය ලෙස සරලව දැක්විය හැක. උබුන්ටු සංකල්පය වන්නේ, මා, මා වන්නෙ මා අවට සිටින අන්‍යයන් නිසාය ලෙස සමාජය පිලිබදව යහපත් ආකල්පයක් ලබා දීමයි.උබුන්ටු වල මූලික අරමුණ නවතම ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් සාමාන්‍ය භාවිත කරන්නන් වෙත ලබා දීමයි. මෙහිදි, පද්ධතියේ භාවිත කිරීමෙ පහසුවත්, ස්ථාපනය කිරීමෙ පහසුවත් පිළිබදව වැඩි අවධානයක් යොමු කර ඇත. උබුන්ටු වඩාත්ම ප්‍රචලිත ලිනක්ස් බෙදාහැරීම ලෙස වාර්තාගත වී ඇත්තේ සියළුම මෙහෙයුම් පද්ධති භාවිත වලින් 30% පුමාණයකට හිමිකම් කීමෙනි.උබුන්ටු නිදහස
් හා ව්වෘත මෘදුකාංග එකතුවකි. එහි අර්ථය මෙය නිදහසේ බාගත කිරීමට, රිසි පරිදි භාවිතා කිරීමට, බෙදා හැරීමට හා නවීකරණයට ඔබට නීතිමය බාධාවක් නොමැති බවයි [14]. තවදුරටත් මෙහි කේත නොමිලේ ලබා ගැනීමට, දියුණු කර නැවත බෙදා හැරීමටද පුළුවන. උබුන්ටු සඳහා මූල්‍යමය ආධාර ලබා දෙනුයේ ඇමරිකානු කැනෝනිකල් ආයතනය මගිනි. මෙම ආයතනය දකුණු අප්‍රිකානු ව්‍යවසායකයකු වන මාක් ෂටල්වර්ත් මහතා සතු ආයතනයකි. කැනෝනිකල් ආයතනය උබුන්ටු මිලට දිමෙන් තොරව, මුදලට කාර්මික සහය ලබාදිමෙන් ලාභ අපේක්ෂා කරයි. මෙය නිදහස් මෘදුකාංගයක් නිසා ආයතනයට ලොව පුරා සිටින නිදහස් මෘදුකාංග පාර්ශ්වකරුවන්ගේ (ලිනක්ස්, ඩේබියන්, ජීඑන්යු) සහය ලබා ගත හැක. මෙ නිසා සම්පුර්ණ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරිමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැත.කැනෝනිකල් ආයතනය උබුන්ටු මත පදනම් වු බෙදාහැරීම් හතරකට කාර්මික සහය ලබා දේ.නාමිකව කුබුන්ටු, ක්සුබුන්ටු, එඩියුබුන්ටු, උබුන්ටු 'ජුස්'සැම මාස 6 වරක්ම කැනෝනිකල් ආයතනය නව උබුන්ටු නිකුත්කිරිමක් හදුන්වා දේ. මෙම නිකුතු සඳහා මාස 18 කාලයක් දක්වා කැනොනිකල් මගින් යවත්කල් සපයයි. මෙහිදි ආරක්ෂක යවත්කල්, සංකිර්ණ නිවැරදි කිරීම් ආදිය පාරිභෝගිකයාට නොමිලයේ ලබා
ගත හැක.දැනට භාවිතා වන නවතම බෙදා හැරීම 11.10 වේ. (2011 ඔක්තෝම්බර් මස 13 වැනි දා)ඉතිහාසය හා ගොඩනැගීම[සංස්කරණය]උබුන්ටු, ඩේබියන් ව්‍යාපෘතියේ කේත මූලධර්මයන්ගෙන් පැවත එන්නකි. [15] නිරන්තර නවීකරණයන්ගෙන් යාවත්කාලීන වූ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම, සෑම මාස හයකට වරක්ම උබුන්ටු නව අනුවාදයක් නිකුත් කි‍රීමේ මූලික අරමුණයි. 2004 ඔක්තෝම්බර් මස 20 වන දින උබුන්ටු මංගල අනුවාදය එළිදක්වන ලදී.[16]GNOME නව අනුවාදයක් නිකුත් කිරීමෙන් මසකට පමණ පසුව උබුන්ටු එළිදැක්වීමක් සිදුවේ.[17] සමහර වානිජ දෘඪාංග ධාවක හැරුණු විට, වානිජ සහ රහස්‍ කේත වැඩසටහන් භාවිතා කරනු ලබන, ඩේබියන් ව්‍යාපෘතියෙන් පැවත එන්නාවූ අනෙකුත් ව්‍යාපෘති / නිකුතුවලට සාපේක්ෂව උබුන්ටු සඳහා මූලික වශයෙන් නිදහස් මෘදුකාංග භාවිතා කරයි].[18]ඩේබියන්හිඅස්ථායි අංශයන්ගෙන් සමන්විත පැකේජ, උබුන්ටු පැකේජ සඳහා පදනම වී ඇති අතර මෙම බෙදාහැරීම් දෙකම ඩේබියන්හි deb පැකේජ ආකෘතිය සහ පැකේජ කළමනාකරණ මෙවලම් (APT සහ Synaptic) භාවිතයට ගනු ලබයි. ඩේබියන් හා උබුන්ටු පැකේජ එකිනෙක කෙරෙහි ද්වීමය අනුරූපතාවයක් දැක්විය යුතු නැති නමුත් උබුන්ටු සමග භාවිතා කිරීම සඳහා .deb පැකේජයන්හී කේ
ත නැවත ගොඩනැගිය යුතු අවස්ථාද පැන නගී.[19] උබුන්ටු ගොඩනගන්නන්ගෙන් බොහෝදෙනෙකු ඩේබියන්හි ප්‍රධාන පැකේජ නඩත්තුකරන්නන් වේ. උබුන්ටු සඳහා ඩේබියන් ‍අන්‍යේන්‍යව උපකාරීවන අතරම සිදුවන වෙනස්කම් මගින් ඩේබියන්ද වෙනස්කම්වලට භාජනය වේ.[20] එනමුත් එය එසේ සිදුනොවන බවටද විවේචනයන් පවතී. කලකට ඉහත ඩේබියන් නිර්මාතෘ ඉයන් මර්ඩොක් පවසා ඇත්තේ උබුන්ටුවල අනුරූපීයතාව පවත්වා ගැනීම සඳහා ඩේබියන් සර්ජ් වලට වඩා උබුන්ටු පැකේජ කෙරෙහි අවධානය යොමුකිරීම වෙනස් මගක් ගන්නා බවයි.[21]උබුන්ටු අනුවාදයක් නිකුත් කිරීමකට පෙර දිගින් දිගටම ලබාගන්නා ඩේබියන් අස්ථායි පැකේජ, උබුන්ටු සඳහා විශේෂිත වූ වෙනස්කම්වලට ලක්කරමින් එකිනෙක සම්බන්ධ කරනු ලබයි. සෑම නිකුතුවකටම මසකට පෙරාතුව පැකේජ නවත්වා ලබාගැනීම එසේ ලබාගත් පැකේජ ගැටළුවකින් තොරව එකිනෙක ක්‍රියාත්මක වනබවට තහවුරු කරගනී.දැනට උබුන්ටු සඳහා කැනොනිකල් ලිමිටඩ් ආයතනය මගින් ආධාර සපයනු ලබයි. 2005 ජූලි මස 8වන දින මාර්ක් ෂට්ල්වර්ත් සහ කැනොනිකල් සමාගම එක්ව උබුන්ටු පදනමේ ආරම්භය ප්‍රකාශයට පත් කළ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ආරම්භක ආධාරයක්ද කරන ලදී. මෙම පදනම ආරම්භ කිරීමේ මූලික අරමුණවනුයේ ඉදිරි උබුන්ටු අනුවා
දවල ගොඩනැගීම සහ සේවා සැපයීම තහවුරු කිරීමයි. මාර්ක් ෂට්ල්වර්ත් පවසන පරිදී මෙම පදනම "හදිසි අරමුදලකි"[කැනොනිකල් සමාගමේ දායකත්වය ඇනහිටි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට].[22]දැනට පවතින දිගුකාලීන සේවා(දි.කා.සේ.) නිකුතුව වනුයේ 2010 අප්‍රියල් මස 29 වන දින නිකුත් කරන ලද උබුන්ටු 10.04 අනුවාදයයි.[23][24][25] කැනොනිකල් සමාගම විසින් සෑම අවුරුදු දෙකකට වරක්ම දිගුකාලින සේවා අනුවාදයක් නිකුත් කරනු ලබන අතර 2012 අප්‍රියල් මස නිකුත් කිරීමට නියමිත දිගුකාලින සේවා අනුවාදය Ubuntu 12.04 LTS,Precise Pangolin යන නමින් නම් කර අැත. එය 2017 අප්‍රියල් දක්වා සේවා සැපයීමට නියමිතය. 2011 ඔක්තෝම්බර් මස 13 දින නිකුත් කළ උබුන්ටු 11.10 ඔනිරික් ඔසිලට් දැනට පවතින නවීනතම සාමාන්‍ය සංස්කරණයයි.[26]2009 මාර්තු මස 12වන දින උබුන්ටු ප්‍රකාශ කරන ලද්දේAmazon EC2හි භාවිතා වන පරිදී තුන්වන පාර්ශවීය ක්ලවුඩ් කළමනාකරණ වේදිකාවක් සඳහා වැඩසටහන්කරුවන්ගේ අවශ්‍යතාව මතුව ඇති බවයි.[27]විශේෂාංග[සංස්කරණය]උබුන්ටු usabilityපරිහරණය කළ හැකිබව, ආරක්ෂිත බව සහ ස්ථිරභාවය[28] කෙරෙහි මූලිකවම අවධානය යොමු කරනු ලබයි. සජී‍වී සංයුක්ත තැටියෙන් ක්‍රියාත්මකවන අවස්ථවක
සිට පරිගණකය නැවත පණ ගැන්වීමකින් තොරව පරිගණක ස්ථිර මතකයේ උබුන්ටු ස්ථාපනය කිරීම සඳහා උබික්විටි ස්ථාපිතකරණය මගින් ඉඩදෙනු ලැබේ. තවද උබුන්ටු හැකිතරම් මිනිසුන් අතරට ව්‍යාප්ත කිරීම සඳහා සුලභ කිරීම හා ජාත්‍යන්තරකරණය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. විවිධ රෝමානු නොවන අකුරු ලිවී‍මේ ක්‍රමයන්ට උපකාරීවන UTF-8, උබුන්ටු ආරම්භය වූ 5.04 සිට පැවත එන නිත්‍ය සංකේත කේතන [29] ක්‍රමය වේ. ආරක්ෂක විශේෂාංගයක් ලෙස සූඩෝ මෙවලම පාවිච්චි කරන ලද අතර එමගින් පරිපාලන ක්‍රියාවලි සිදුකි‍රීම සඳහා තාවකාලික වරප්‍රසාද ලබාදීම, පරිපාලක ගිනුම ආරක්ෂාකාරීව පවත්වාගෙනයාම සහ පළපුරුදු නොවන පරිහරණය කරන්නන් නොදැනුවත්ව සිදුකරන වෙනස්කම්වලින් ‍හෝ ආරක්ෂක අගුළුවිවර කිරීම් වලින් පද්ධතිය ආරක්ෂා කරගත හැකිය.[30] තවද පද්ධතිය පාලන කර ගැනීම සඳහා මඳ පරිපාලන මූලධර්මය යටතේ ඩෙස්ක්ටොප් සංස්කරණයන්හී පොලිසිකිට් මෙවලම ස්ථාපිත කර ඇත.උබුන්ටු පරිගණකයේ ස්ථාපනයවීමේදී මාදිලි රැසක මෘදුකාංග ලැබේ. OpenOffice.org, Firefox, Empathy (උබුන්ටු 9.10 වලට කලින් සංස්කරණයන් හිPidgin ), Transmission, GIMP (උබුන්ටු 10.04වලට කලින් නිකුත් වූ සංස්කරණයන් හි) සහ තවත් සරල පරිගණක ක්‍රී
ඩා (සුදොකු සහ චෙස් වැනි) ඒ අතර වේ. මෙම පෙරනිමි මෘදුකාංග හැරුනු විට තවත් අමතර නිත්‍යනොවූ මෘදුකාංග බාගතකර ස්ථාපිත කරගත හැකි අතර ඒ සඳහා උබුන්ටු මෘදුකාංග මධ්‍යස්ථානය[31] හෝ Synaptic පැකේජ කලමනාකරණය යොදාගත හැකිය. එම මෘදුකාංග දෙකම උබුන්ටු සමග ලැබෙන පෙරනිමි මෘදුකාංග වේ. උබුන්ටු සමග ලැබෙන firewall මගින් ජාලකරණ pots වැසීම සිදුකළ හැකිය. ඊට අමතරව පරිශීලකයාට රිසි පරිදී ports තෝරාගැනීමද සිදුකළ හැකිය. එසේම උබුන්ටු පරිශීලකයන් හට Gufw (සංකීර්ණ නොවූ Firewall සඳහා අතුරු මුහුණත්) මෘදුකාංගය ස්ථාපනය කරගත හැකිය.[32] GNOME (දැනට පවතින පෙරනිමි ඩෙස්ක්ටොප්) ව්‍යවහාරික භාෂා 46කටත් වඩා වැඩි ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයයි.[33] ‍මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සඳහා නිර්මාණය කරන ලද බොහොමයක් වැඩසටහන් (උදා මයික්‍රොසොෆ්ට් ඔෆිස්) ක්‍රියාත්මක කිරීම සඳහාද උබුන්ටු පහසුකම් සපයයි. එය Wine හරහා හෝ අතථ්‍ය යන්ත්‍රය භාවිතා කරමින්ද කළ හැකිය.(උදා VMware Workstation හෝ VirtualBox).ස්ථාපනය[සංස්කරණය]ගොනුව:Screenshot from 2018-01-11 22-03-08.pngUbuntu 16.04 LTS Desktopඋබුන්ටු ස්ථාපනය සාමාන්‍යයෙන් සජීවී සංයුක්ත තැටි උපයෝගී කරගනිමින් සිදුකරන