text
stringlengths
0
1k
ෂයද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්)දෙමළ එක්සත් විමුක්ති පෙරමුණඑක්සත් සමාජවාදී පක්ෂයSocialist Partyඅතීත දේශපාලන පක්ෂසමස්ථ ලංකා ඉස්ලාමීය සමගි පෙරමුණසමස්ථ ලංකා මැලේ දේශපාලන සන්ධානයඅසීස් ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයBolshevik Samasamaja Partyබෞද්ධ ජනරජ පක්ෂයලංකා ජාතික කොංග්‍රසයලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයලංකා මහජන සභාලංකා සම සමාජ පක්ෂය (විප්ලවවාදී)සිංහල මහ සභාශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයශ්‍රී ලංකා සම සමාජ පක්ෂයඑක්සත් ලංකා කොංග්‍රසයවිප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂයඅතීත දේශපාලන සන්ධානප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයමහජන එක්සත් පෙරමුණජනතා සන්ධානයදෙමළ ජාතික විමුක්ති සන්ධානයද්වාරය:දේශපාලනයදේශපාලන පක්ෂ ලැයිස්තුවශ්‍රී ලංකාවේ දේශපාලනයරංගන හේරත්පුද්ගලික තොරතුරුසම්පූර්ණ නමහේරත් මුදියන්සේලාගේ රංගනාත කීර්ති බණ්ඩාර හේරත්උපත19 මාර්තු 1978 (1978-03-19) (වයස 45)කුරුණෑගල, ශ්‍රී ලංකාවඅපනාමයරංගේඋස5 ft 5 in (1.65 m)පිතිකරන විලාසයවමතින්පන්දුයැවීම් විලාසයවමතින් ඕතඩොක්ස්භූමිකාවපන්දු යවන්නා, නායකයාදේශීය කණ්ඩායම් තොරතුරුවසරකණ්ඩායම1996–1998කුරුණෑගල තරුණ
ක්‍රිකට් සමාජය1998–2010මුවර්ස් ක්‍රීඩා සමාජය2008–2011වයඹ ක්‍රිකට් කණ්ඩායම2009සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජය2010හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය2011– මේ දක්වාටැමිල් යුනියන් ක්‍රිකට් සහ මළල ක්‍රීඩා සමාජය2012බස්නාහිර ක්‍රිකට් කණ්ඩායමවෘත්තියමය සංඛ්‍යානකරගාවලිටෙස්ට්එදිජාවි20ජාඒ කාණ්ඩයතරග877117190රැස් කල ලකුණු1,61314081,043ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය15.079.332.6616.55100ඒවා/50ඒවා0/30/00/00/1වැඩිම ලකුණු80*17*388*යැවුනු පන්දු24,3893,2423658,256කඩුළු4067418226පන්දු යැවීමේ සාමාන්‍යය28.0331.9120.7225.36 ඉනිමකදී කඩුළු පහක්33010තරගයකදී කඩුළු 10 ක්9n/an/an/aහොඳම පන්දු යැවීම9/1274/205/34/19පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම්22/-14/--/-44/-මූලාශ්‍රය: ESPNCricinfo, 2017 27 නොවැම්බර්1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගනාත කීර්ති බණ්ඩාර හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ සැප්තැම්බර් මස 22 දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවය. ඔහු එක්දින වරම් දි
නාගත්තේ 2004 වසරේ අප්‍රේල් මස 25 දින හරාරේ හීදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.නව ගිනියාව(පැපුවා දිවයින)භූගෝල විද්‍යාවපිහිටීමමෙලනීසියාවඛණ්ඩාංක5°30′S 141°00′E / 5.500°S 141.000°E / -5.500; 141.000ඛණ්ඩාංක: 5°30′S 141°00′E / 5.500°S 141.000°E / -5.500; 141.000දූපත් සමූහයමැලේ කෙදෙව් රැසභූමි ප්‍රමාණය786,000 km2 (303,000 sq mi)භූමි ප්‍රමාණය අනුව ස්ථානය2ndඉහළම උන්නතාංශය4,884 මී (16,024 අඩි)පරිපාලනයඉන්දුනීසියාවජනවිකාසනයජනගහනය~ 7.5 මිලියනජන ඝනත්වය8 /කිමී2 (21 /වර්ග සැත)නව ගිනියාව ( ටොක් පිසින්: නිවුගිනි, ඕලන්ද: නිවු ගිනියා, සහ ඉන්දුනීසියානු: [අයිරියන්] Error: {{Lang}}: text has italic markup (help); ඓතිහාසික වශයෙන්: පැපුවා) යනු, ග්‍රීන්ලන්තයට පසුව, ලෝකයේ දෙවන විශාලතම දිවයින වන අතර, 786,000 කිමී2 ක භූමි ප්‍රමාණයක් සහිත වෙයි.සන්චාරකයින් පිරිසක් නයගරා ෆොල්ස්හීසංචාරක ව්‍යාපාරය කර්මාන්තයකි. කර්මාන්තයක් ලෙස එහි සිදුවන මනුෂ්‍ය ක්‍රියාකාරකම් හා විශේෂයෙන් ස්ථාන හෝ ප්‍රදේශයන්ගෙන් ලැබෙන අත්දැකීම් හා ගමනාගමනය හා සංචාරය පිළිබඳවත් ඊට අදාළව කෙරෙන අධ්‍යයනයක් වශයෙන් සංචාරක භූගෝල විද්‍යාව හැ
ඳින්විය හැකිය. භූගෝලියව සලකා බැලු විට සංචාරක කර්මාන්තයේ කොටස් වන්නේ සංචාරයේ මුලාරම්භය (සංචාරය ආරම්භ වන ප්‍රදේශය), සංචාරයේ අවසානය (සංචාරක සේවා සපයන ආයතන) හා ආරම්භය හා අවසානය අතර සම්බන්ධය ඇති කරවන ප්‍රවාහන මාර්ග, ව්‍යාපාරික සම්බන්ධතා හා උපදේශනයට ඇති කැමැත්ත යන කරුණුය. සංචාරක කර්මාන්තය පිළිබඳ අධ්‍යයනයේදී භූගෝලිය සාධකය වැදගත් වීමට හේතුව නම් සංචාරක කර්මාන්තය භූගෝලිය ස්වභාවයක් පෙන්වීමයි. සංචාරක කර්මාන්තය ඇති වන්නේ යම් ප්‍රදේශයකයි. එහි භූගෝලිය අවකාශ (ප්‍රදේශ) හරහා සිදුවන චලනයක් හෝ ක්‍රියාකාරකම් අඩංගු වේ. මෙම ක්‍රියාකාරකම් මගින් පුද්ගල පෞරුෂය, ප්‍රාදේශීය ලක්ෂණ,ප්‍රදේශය, භූමී දර්ශනය හා පුද්ගලයන් අතර සම්බන්ධතා හටගනී. භෞතික භූගෝලිය ලක්ෂණ මගින් සංචාරක ප්‍රදේශ ඇතිවීම සඳහා අත්‍යවශ්‍ය වන වටපිටාවක් සකස් කරයි. මෙම ප්‍රදේශ වල සංවර්ධනය කළමනාකරණයේදී පාරිසරික බලපෑම් විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුවේ. මානව භූගෝලිය විද්‍යාව සංචාරක ව්‍යාපාරය සඳහා සහය වන සමාජීය හා ආර්ථික සම්බන්ධතා වටහා ගැනීමට උපකාරි වේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික උද්‍යාන සේවය මඟින් ස්වභාව ධර්මය හා බැඳුනු විනෝගේදාත්මක අවස්ථාවන් හා ක්‍රියාකාරකම්
මෙන්ම එම ප්‍රදේශ හා බැදුණු විශේෂ මතකයන් පුද්ගලයන්ට ලබාදේ. සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට ප්‍රදේශයක සංචාරයකින් පසු සංචාරකයා තුළ ගමනාත්තයෙන් පසු ඇතිවන හැඟීම වැදගත් වේ. අවසානයේ ප්‍රදේශවල ඇති විවිධත්වය හා අද්විතීයභාවය හේතු නොවන්නට සංචාරයන්ගේ පැමිණීම සිදු නොවනු ඇත.කම්මල්කරුවෙකු නිර්මාණය කරන ලද උණුසුම් ලෝහ උපාංග ඒවායේ කහ තැඹිලි දිලිසුමට හේතුව අධික උෂ්ණත්වය නිසා ඒවා මඟින් විමෝචනය වන තාප විකිරණ වේ. රූපයේ ඇති අනෙක් වස්තූන් ද තාප විකිරණය පිට වීම නිසා දිලිසෙන නමුත් ඒවායේ දීප්තිය වඩාත් අඩු අතර ඒවා නිකුත් කරන විකිරණවල තරංග ආයාමයට මිනිස් ඇසට සංවේදී නොවේ. අධෝරක්ත කැමරාවක් භාවිතයෙන් මෙම විකිරණය හඳුනාගත හැක. (“උෂ්ණත්ව රේඛනය” බලන්න)තාප විකිරණ යනු වස්තුවක උෂ්ණත්වය නිසා එහි පෘෂ්ටයෙන් විමෝචනය වන විද්‍යුත් චුම්භක විකිරණ වේ. ගෘහස්ත විකිරකයක් හෝ විද්‍යුත් තාපකයක් මඟින් විමෝචනය කරන අධෝරක්ත විකිරණ මෙන්ම තාපදීප්ත විදුලි බුබුලක් මඟින් නිකුත් කරන ආලෝකය ද තාප විකිරණ සඳහා උදාහරණ වේ. පරමාණු තුළ ඇති ආරෝපිත අංශු චලිතය නිසා හටගන්නා ශක්තිය විද්‍යුත් චුම්භක තරංග ලෙස විමෝචනය වීමෙන් තාප විකිරණ හටගනී. තාප විකිරණ විමෝචනය ව
න සංඛ්‍යාතය උෂ්ණත්වය මත පමණක් රඳා පවතින සම්භාවිතා ව්‍යාප්තියක් වන අතර , කෘෂ්ණ වස්තුවක් සඳහා මෙය ප්ලාන්ක් විකිරණ නියමය මඟින් දෙනු ලැබේ. වීන් නියමය මඟින් විමෝචිත විකිරණවලට තිබීමට වඩාත් ඉඩ ඇති සංඛ්‍යාතය ලබා දෙන අතර ස්ටෙෆාන් බෝල්ට්ස්මාන් නියමයෙන් තාප අගයය ලබා ‍ෙද්.ගුණාංග[සංස්කරණය]තාප විකිරණයට ලාක්ෂණික වන මූලික ගුණාංග තුනකි.This makes no sense.ශක්ති හුවමාරුව[සංස්කරණය]කැන‍ඩාවේ ඔන්ටෝරියෝ හි ඔටාවා ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ජාතික පර්යේෂන කවුන්සිලය ම් ආයතනයේ පිහිටි නිශ්චිතව ප්‍රමාණීකරණ්‍ය කළ ශක්ති අනාවරණ සඳහා යොදා ගැනෙන විකිරණ තාප පුවරුව මෙහි දැක්වේ.උණුසුම් වස්තූන් සිසිල් වස්තූන්ට සාපේක්ෂව වැඩි තාප ප්‍රමාණයක් විකිරණය කරයි. මෙය වස්තූන් අතර තාප හුවමාරුව සිදුවන එක් ක්‍රමවේදයක් බැවින් තාපගති විද්‍යාවේ දී තාප විකිරණය ඉතා වැදගත් සංකල්පයක් වේ. (අනෙක් ක්‍රමවේද වනුයේ සන්නයනය සහ සංවහනය වේ) ශක්ති හුවමාරුව පහත සමීකරණය මත රඳා පවතී.α+ρ+τ=1.{\displaystyle \alpha +\rho +\tau =1.\,}මෙහි α{\displaystyle \alpha \,} මඟින් වර්ණාවලි අවශෝෂක සාධකයක්, ρ{\displaystyle \rho \,
} මඟින් වර්ණාවලි පරාවර්තක සාධකයක් τ{\displaystyle \tau \,} මඟින් වර්ණාවලි සම්ප්‍රේෂක සාධකයක් දැක්වේ. මෙම සියළු සාධක λ{\displaystyle \lambda \,} හෙවත් තරංග ආයාමය මත ද රඳ‍ා පවතී. වර්ණාවලි අව‍‍ශෝෂණ සාධකය විමෝචකතාව ϵ{\displaystyle \epsilon \,} ට සමාන වේ. මෙම සම්බන්ධතාවය තාප විකිරණයේ කර්චොෆ් නියමය ලෙස හැඳින්වේ. පහත සමීකරණය සියළු සංඛ්‍යාත සඳහා වලංගු වන වස්තූන් කෘෂ්ණ වස්තූන් ලෙස හැඳින්වේ.α=ϵ=1.{\displaystyle \alpha =\epsilon =1.\,}ප්‍රායෝගික තත්ව යටතේ කාමර උෂ්ණත්වයේ ඇති වස්තුවලින් තාප විකිරණ ලෙස විශාල ශක්ති ප්‍රමාණයක් හානි වේ. කෙසේ නමුත් අධෝරක්ත විකිරණ ලෙස හානිවන ශක්තිය නැවත අවට ඇති වස්තූන්ගේ තාපය අවශෝෂණයෙන් ලැබේ. උදාහරණයක් ලෙස වර්ගමීටර දෙකක පමණ ක්ෂේත්‍රඵලයක් ඇති උෂ්ණත්වය 307K වන මානව දේහයකින් නිරන්තරයෙන්ම වොට් 1000ක පමණ ශක්තියක් විමෝචනය වේ. නමුත් මිනිසා 296 K ක උෂ්ණත්වයේ පවතින කාමරයක් තුළ සිටී නම් බිත්ති, සිවිලිම සහ අනෙකුත් අවට වස්තූන්ගෙන් ඔහුට වොට් 900ක පමණ ශක්තියක් ආපසු ලැබෙන බැවින් ශුද්ධ ශක්ති හානිය වොට් 100ක් පමණ වේ. ඇඳුම් මඟින් මෙම තාප
හානිය තවදුරටත් අ‍වම කරයි. (ඇඳුම් සදා ඇති ද්‍රව්‍යවල තාප සන්නායකතාව මිනිස් සමට වඩා අඩුය. එබැවින් සිරුරේ සිට පරිසරයට තාප හානි වන සීඝ්‍රතාව අඩු වේ)වස්තුවක පැහැය සුදු වූ පමණින්ම එය එලෙසම තාප අධෝරක්ත කිරණ සඳහා ද පරාවර්තක (සහ එනයින් විමෝචක නොවන ඒවා) නොවේ. විකිරක අතරින් බහුතරයක් සුදු පැහැයෙන් වර්ණ ගන්වා තිබීම මේ සඳහා නිදසුනකි. තවද ඇක්‍රීලික් සහ යුරිතේන් පදනම් කරගෙන නිපදවන සුදු පැහැ තීන්ත වර්ග සඳහා කාමර උෂ්ණත්වයේ දී විකිරණය සඳහා කෘෂ්ණ වස්තු විකිරණය මෙන් 93% කාර්යක්ෂමතාවය ඇත.( ඒ අනුව කෘෂ්ණ වස්තු ගුණ හැමවිටම කළු පැහැයක් සමඟ බද්ධ වී නොමැත)කුහරයක් හෝ අවකාශයක් සමඟ වස්තු සමූහයක විකිරක තාප හුවමාරුව ගණනය කිරීම සඳහා විකිරක (Radiosity) ක්‍රමය ඇසුරින් එකිනෙකට සමාන්තර සමීකරණ කිහිපයක විසඳුම් ලබාගත යුතු වේ. මෙම ගණනය කිරීම්වල දී ගැටළුවෙහි ජ්‍යාමිතික ස්වභාවය දර්ශක සාධක ලෙස හැඳින්වෙන සංඛ්‍යා සමූහයකට ඌනනය කරගනු ලැබෙන අතර මෙම දර්ශක සාධක මඟින් එක් පෘෂ්ටයකින් විමෝචනය වන විකිරණ ප්‍රමාණයෙන් තවත් නිශ්චිත පෘෂ්ටයකම උරාගන්නා ප්‍රමාණය නිරූපනය වේ. මෙම ගණනය කිරීම් සූර්ය තාප ශක්තිය , බොයිලේරු හා ඌෂ්මක සැලසුම්කරණය සහ කිරණ
අනුරේඛ පරිහණ රූ නිර්මාණකරන යනාදී ක්ෂේත්‍රවලදී වැදගත් වේ. සමීකරණය[සංස්කරණය]කෘෂ්ණ වස්තුවක ඒකක ඝන කෝණීය, ඒකක ක්ෂේත්‍රඵලයක් සඳහා ν ඒකීය සංඛ්‍යාතයකට අනුරූප විකිරක ජවය පහත සමීකරණයෙන් දෙනු ලැබේ.u(ν,T)=2hν3c2⋅1ehνkBT−1{\displaystyle u(\nu ,T)={\frac {2h\nu ^{3}}{c^{2}}}\cdot {\frac {1}{e^{\frac {h\nu }{k_{B}T}}-1}}}විකිරක වස්තුවක් සමඟ පූර්ණ තාපජ සමතුලිතතාවයේ පවතින ක්වොන්ටිනීකෘත විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක වර්ණාවලීය ශක්ති ව්‍යාප්තිය ගණනය ඇසුරින් මෙම සමීකරණයේ ගණිතමය ගොඩනැඟීම සිදු ‍වේ.ඉහත සමීකරණ ν මතින් අනුකලනය කළ විට ස්ටෙෆාන් බෝල්ට්ස්මාන් නියමයෙන් ලැබෙන නිදහස් වන විට අගය පහත පරිදි ලැබේ.W=σ⋅A⋅T4{\displaystyle W=\sigma \cdot A\cdot T^{4}}තවද විමෝචක ප්‍රභලතාව උපරිම වන තරංග ආයාමය λ{\displaystyle \lambda \,}, වීන් නියමය මඟින් දෙනු ලැබේ.λmax=bT{\displaystyle \lambda _{max}={\frac {b}{T}}}කෘෂ්ණ නොවන පෘෂ්ට සඳහා (මෙය සාමාන්‍යයෙන් සංඛ්‍යාතය අනුව නිර්ණය කළ යුතුය) විමෝචකතා සාධ
කය භාවිතා කළ යුතු‍ වේ. අනුකලනයට පෙර මෙම සාධකය විකිරක වර්ණාවලි සමීකරණය සමඟ ගුණ කළ යුතු වේ. මෙසේ නිදහස් වන ජවය සඳහා ලැබෙන සමීකරණය උෂ්ණත්වය මත විචලනය වන සාධකය ද ඇතුළත් වන පරිදි පහත ලෙස ලිවිය හැක. උෂ්ණත්වය මත විචලනය වන සාධකය බොහෝ විට ε ලෙස හැඳින්වෙන අතර එය තරමක් පැටලිලි සහගත වේW=ϵ(T)⋅σ⋅A⋅T4{\displaystyle W=\epsilon (T)\cdot \sigma \cdot A\cdot T^{4}}නියතයන්[සංස්කරණය]ඉහත සමීකරණවල භාවිතා වූ නියතයන්ගේ අර්ථ දැක්වීම්h{\displaystyle h\,}ප්ලාන්ක් නියතය6.626 0693(11)×10-34 J·s = 4.135 667 43(35)×10-15 eV·sb{\displaystyle b\,}වීන් විස්ථාපන නියතය2.897 7685(51)×10–3 m·KkB{\displaystyle k_{B}\,}බෝල්ට්ස්මාන් නියතය1.380 6505(24)×10−23 J·K-1 = 8.617 343(15)×10−5 eV·K-1σ{\displaystyle \sigma \,}ස්ටෙෆාන් - බොල්ට්ස්මාන් නියතය5.670 400(40)×10−8 W·m-2·K-4c{\displaystyle c\,}ආලෝකයේ වේගය299,792,458 m·s-1Variables[සංස්කරණය]Definitions of variables, with example values:T{\displa
ystyle T\,}උෂ්ණත්වයAverage surface temperature on Earth = 288 KA{\displaystyle A\,}පෘෂ්ට ක්ෂේත්‍රඵලයAcuboid = 2ab + 2bc + 2ac; Acylinder = 2π·r(h + r); Asphere = 4π·r2චලන රූප, චලන මාර්ග‍ හෝ මෝකප් (mocap) යනු, විනෝදත්මක ක්‍රීඩා හා රසායනාගාර අවශ්‍යතා සඳහා සංඛ්‍යාත්මක (Digitally) සටහන් කරගන්නා ලද සෙලවීම් සහිත ශිල්ප ක්‍රමයකි. චිත්‍රපට නිර්මාණයේදී (සමහර අවස්ථාවල ඉදිරිපත් කිරීමේ රූප ලෙස හඳුන්වන) මෙය, මිනිස් නළුවන්ගේ හැසිරීම සටහන් කිරීම හා එම‍තොරතුරු මඟින් සංඛ්‍යාංකමය අනුරුවක් ත්‍රිමාන (3D) සජීවිනය මඟින් සජීවිකරණය කිරීමේ ශිල්පය ලෙස දක්වයි.වාසි[සංස්කරණය]සාම්ප්‍රදායික ක්‍රමයෙන් ත්‍රිමාන අනුරුවක් සජීවි කරණයට සාපේක්ෂව චලන ප්‍රතිග්‍රහණය භාවිතයෙන් ලැබිය හැකි වාසි කිහිපයකි. වඩාත් සීඝ්‍ර, ඇතැම් විට තත්කාලීන ප්‍රතිඵල පවා ලබාගත හැක.රඟ දැක්වීමෙහි සංකිරණත්වය හෝ දිග අනුව සිදු කල යුතු කාර්යය ප්‍රමාණය සාම්ප්‍රදායික ක්‍රමවේදයන් හිදි තරම් විචලනය නොවේ.ද්විතීක සජිවිකරණය, බර සහ බල හුවමාරුව වැනි සංකිර්ණ චලන සහ තාත්වික භෞතික අන්තර් ක්‍රියා වඩාත් නිව‍ැරදි ආකාරයෙන් සහ වඩාත් පහසුව
ෙන් ප්‍රතිනිර්මාණය කල හැක.තනි චිත්‍ර පටයක් තුල එකම නළුවෙකුට චරිතයන් කිහිපයක් රඟ දැක්වීමේ හැකියාව මෙම තාක්ෂණය මගින් ලැබේ.සත්‍ය රඟ දැක්වීම් වලට සාපේක්ෂව ඇති වාසිපරිගණක මගින් සජීවි කරණය කල ලොවකට ගැලපෙන පරිදි නළුවන්ට නිල් තිරයක් ඉදිරි පස අදෘෂ්‍යමාන පරිගණක මගින් සජිවි කරණය කල චරිත (මේවා පසුව දර්ශනයට ඇතුල් කෙ‍රේ) සමග අන්තර් ක්‍රියා කිරීමට සිදුවන මට්ටමට පරිගණක මගින් ජනනය කල කොටස් අඩංගු චිත්‍ර පට සදහා ඇතැම් විට නළුවන් ඇතුලු සියලු දේ පරිගණකමය වශයෙන් නිර්මාණය කිරීම වඩාත් පහසු වේ. මෙම ක්‍රමය භාවිත කල විට සියළු අංග ස්වභාවිකව එකට සම්බන්ධ වන අතර එකම දෘෂ්‍ය පෙනුමක් සහිත වේ. කිසියම් දර්ශනයක් ඕනෑම කැමරා කෝණයකින් ලබා ගැනීමට අධ්‍යක්ෂක වරයාට හැකියාව ලැබෙන අරත සත්‍ය රඟ දැක්වීම් අවස්ථා වලදී ලබා ගැනීමට අපහසු හෝ කිසිසේත්ම ලබාගත නොහැකි කෝණයන් ඔස්සේ පවා අධ්‍යක්ෂක වරයාට කැමරා කෝණ ලබාගත හැකිවේ.භ්‍රමණ ආචරණය සදහා සීමා රහිත හැකියාවන් පවතියි.ඇදුම් පැලදුම්, වෙස්ගැන්වුම්, ශරීර ප්‍රමාණය සහ වයස යනාදිය අභිමත පරිදි වෙනස් කර ගත හැක.පරිගණක මගින් නිර්මිත පරිසරයන් සමග චරිත පරිපුර්ණ ලෙස එක්වනු ඇත.චලනයන් පටිගත කිරීමේදී
ආලෝකය, වර්ණ සහ පෙරහන් පිළිබද කරදර වීම අවශ්‍ය නොවන අතර ඒවා පසුව පරිගණක ආශ්‍රයෙන් යොදනු ලැබේ.පටිගත කිරීමට පලමුව කළ හැකි පරීක්ෂා කිරීම් සදහා ඇති ඉඩ කඩ සීමා රහිත වන අතර පටිගත කල යුතු ස්ථානය හෝ සම්පුර්ණ සහයක කණ්ඩායම් අනවශ්‍ය වේ. කැමරා පිහිටුම සහ චලනය , ආලෝක කරණය සහ අනෙකුත් පාරිසරික තත්ත්ව, ඇදුම් පැලදුම් සහ අනෙකුත් අතිරේඛ අවශ්‍යතා මේ සදහා උදාහරණ වේ.අවාසි[සංස්කරණය]දත්ත ග්‍රහණය කර ගැනීමට සහ සකස් කිරීමට විශේෂිත මෘදුකාංග සහ දෘඩාංග අවශ්‍ය ‍වේ.කුඩා නිෂ්පාදන සඳහා සලකන කල මෘදුකාංග, උපාංග සහ පුද්ගලයින් සඳහා වැය කල යුතු මුදල දැරිය නොහැකි තරම් වේ.ක්‍රියාත්මක වන අවකාශය අනුව ප්‍රතිග්‍රහණ පද්ධතියට නොයෙක් විශේෂිත අවශ්‍යතා පැන නැගිය හැක.ගැටළුවක් මතු වු විට අදාල දර්ශනය නැවත පටිගත කිරීම මුලින් ලබාගත් දත්ත වෙනස් කිරීමට වඩා පහසු වේ. නමුත් ලබාගන්නා දත්ත එවෙලෙහිම නිරීක්ෂණය කිරීමට පහසුකම් පවතින්නේ පද්ධතීන් ස්වල්ප ප්‍රමාණයක බැවින් නැවත පටිගත කිරීම අවශ්‍ය දැයි තීරණය කිරීමේදී ගැටළු මතු වේ.සිව්පා චරිත සඳහා චලනයන් යෙදීම අපහසු විය හැක.වසර කිහිපයටකට වරක් වඩාත් හොඳින් ක්‍රියා කරන නව මෘදුකාංග සහ තාක්ෂණ ක්‍රම නිර්ම
ාණය වීමත් සමග මුලින් භාවිතා කල තාක්ෂණික ක්‍රම බැහැර ලීමට සිදු වේ.දත්ත අමතර සංස්කරණය නොකරන විට මෙම ක්‍රමයෙහි ප්‍රතිඵල ප්‍රතිග්‍රහණ ප්‍රදේශයේ රඟදැක්විය හැකි චලනයන්ට සීමා වේ.භෞතික විද්‍යා නියම වලට අනුකූල නොවන චලනයන් බොහෝ විට නිරූපණය කළ නොහැකි වේ.සාම්ප්‍රදායික සජීවි කරණ තාක්ෂණ ක්‍රමවේද වල භාවිත‍ා වන පුර්වාපේක්ෂණයන් හා ගලායාම වැඩිදුර මතුකර දැක්වීමට මූලික චලිතයට අමතරව සිදු කරන චලිත නිරූපණය, ද්වීතික චලිත නිරූපණය හෝ තැලීම් හෝ ඇදීම් සම්බන්ධව චරිතයක හැඩය වෙනස් කිරීම ආදි තාක්ෂණික ක්‍රම සාමාන්‍ය යෙන් භාවිතා කල නොහැකි වේ.පරිගණක ආකෘතිය ප්‍රතිග්‍රහණ වස්තුවට හෝ පුද්ගලයාට වඩා පරිමාණයෙන් වෙනස් වන විට අපහසුතා මතු විය හැක. උදාහරණයක් ලෙස කිසියම් කාටුන් චරිතයකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල දෑත් පිහිටයි නම් එම චරිතයට චලනයන් ලබාදෙන මිනිස් නළුවා සිය දෑත් ශරීරයට පමණට වඩා ලංකල විට කාටුන් චරිතයේ දෙඅත් එහි අනෙකුත් ශරීර අංග සමග අසාමාන්‍ය ලෙස ජේදනය වනු ඇත.සජීවි රඟපෑම් අපේක්ෂිත ආකාරයෙන් පරිගණක ආකෘතිය හැසිර වීමට අසමත් විය හැක.යෙදීම්[සංස්කරණය]සමහර වීඩියෝ ක්‍රීඩාවලදී ක්‍රීඩක‍යන්, සටන්කරුවන් හා ක්‍රීඩාවේ ඇති
වෙනත් චරිත (characters) සජීවකරණය (animate) කිරීමට චලන ග්‍රහණය භාවිතා කරනු ලැබේ.සමහර චිත්‍රපටවල පරිගණක චිත්‍රක එල (CG effects) උදෙසා චලන ග්‍රහණය යොදා ගන්නා අතර සමහර අවස්ථාවල චලන ග්‍රහණය විසින් සම්ප්‍රදායික කෝෂ සජීවකරණය සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාපනය කරයි. එසේම එය සමහර අවස්ථාවලදී පරිගණක ආශ්‍රෙයන්ම නිර්මාණය කළ (CG) Gollum, The ,Mummy, King Kong වැනි මැවුම් (creatures) සඳහා යොදා ගනී. චලන ග්‍රහණ යොදා ගනිමින් සෑදු පළමු චිත්‍රපටය Simbad : Beyond the veil of Mists නම් වේ.පරිගණක සජීවකරණය මඟින් සම්පූර්ණ චිත්‍රපටයම නිපදවීමේ දී සිනමා කර්මාන්තය, චලන ග්‍රහණය භාවිතා කරන චිත්‍රාගාර හා චලන ග්‍රහණය භාවිතා නොකරන චිත්‍රාගාර අතර බෙදී පවතී. ඡායාතාත්වික (Photo realistic) තත්ත්වයට ඉතා ළංවූ අංකිත චරිත ආකෘති (Models) වලින් යුත් සජීවි ක්‍රියාදාම චිත්‍රපට නිපදවීම උදෙසාම චලන ග්‍රහණ පුළුල් ව භාවිතා කිරීම මේවන විටද ආරම්භ වී ඇත. අතථ්‍යරූපි යථාර්ථය (Virtual reality) සහ වර්ධනය කරන ලද යථාර්ථය (arrangemented reality) භාවිතා කරන්නන්ට අංකිත අන්තර්ගතය (content) සමඟ නම්‍යකාලයේ දී සබඳතා (interact) පැවැත්විය හැකිය. මෙ
ය පුහුණු විඩම්භන, දෘශ්‍ය අවබෝධ (visual perception) පරීක්ෂා හෝ ත්‍රිමාසා පරිසරයක් තුළ ඇවිදීම වැනි දේ සඳහා ප්‍රයෝජනවත් වේ. චාලක ග්‍රහණ තාක්ෂණය, පරිගණක ජනිත චරිත වල සත්‍ය කාල (real time) ක්‍රියාකාරීත්වයට උදව් ලෙස අංකිත රූකඩ පද්ධති භාවිතා වේ.ගේයිට් (Gait) විශ්ලේෂණය යනු චලන ග්‍රහණ සායනික වෛද්‍යකර්මයේ දී භාවිතයකට ගැනෙන්නකි. සලකුණු රහිත චලන ග්‍රහණ සාදන්නා වන organic Motion සමාගම විසින් රොගීන් හට අපහසු ඇඳුම් හෝ හඹායාමේ උපකරණ වලින් තොරව මනුෂ්‍ය චලන ඇඟයිය හැකි ක්‍රමයක් සාදන ලදි.මෙම හැකියාව තුළින් රෝගීන්හට නිදහසේ අදාළ ප්‍රදේශයේ චලනය විය හැකි අතර, කැමරා මඟින් (සලකුණු මඟින් නොවේ) චලන පරාසය, ගමන් විලාසය හා අනිත් ජෛවමිතික (biometric) සාධක හඹායයි. එම තොරතුරු,විශ්ලේෂණ මෘදුකාංග වලට එවෙලෙහි ම ප්‍රවාහනය කරනු ලැබේ. මෙම පද්ධතියට සලකුණු අවශ්‍ය නොවන නිසා රෝගීන්, චිකිත්සකයන් හා විශ්ලේෂකයන් හට පරිච්ඡේද කළ හැකි (quantifiable) තොරතුරු සත්‍ය කාලය තුළදී රෝගියාටද අපහසුවකින් තොරව එකතු කරගැනීමට හැකි වේ.යාන්ත්‍රික චලිත ග්‍රහණ පද්ධති[සංස්කරණය]යාන්ත්‍රික චලිත ග්‍රහණ පද්ධති ඍජුවම සිරුරේ සම්බන්දක කෝණ මනින අතර බොහෝවිට
එය එහි සංවේදක සීරුරට ඈඳා ඇති ආකාරය අනුව exo - සැකිලි චලිත ග්‍රහණ පද්ධතියක් ලෙස හඳුන්වනු ලැබේ. කාර්යය සිදු කරන්නන් විසින් ඔවුන්ගේ සිරුරට සැකිලි පද්ධතිය වැනි ව්‍යුහයක් ඈඳා ගන්නා අතර ඔවුන් චලනය වන විට සවිකර ඇති යාන්ත්‍රික කොටස් ද ක්‍රියාත්මක වන්නාගේ සාපේක්ෂ චලිතය මනිමින් ක්‍රියාත්මක වේ. යාන්ත්‍රික චලිත ග්‍රහණ පද්ධති තාත්වික කාල , සාපේක්ෂව අඩු වියදම් , නිරෝදනයෙන් තොර සීමිත ග්‍රහණ ධාරිතාවක් ඇති රැහැන් රහිත පද්ධති වේ. සාමාන්‍යයෙන් ඒවා සම්බන්ධ කරන ලද ඍජු ලෝහ හෝ ප්ලාස්ටික් දඬුවලින් යුත් ශරීරයේ සම්බන්ධකවලදී සන්ධි වන විභව මාන සමග සබැඳී ඇති දෘඩ ව්‍යුහ වේ. මෙම පද්ධති බාහිර නියම ස්ථානගත කිරිමේ පද්ධතියක් සමග $ 25000 - $75000 පරාසයේ පවතී.ක්‍රියාමාර්ගය[සංස්කරණය]චලන රූප කාලයේදී නළුවන් ගේ හැසිරීම් තත්පරයට කිප වතාවක්ව ආදරශයට ගැනේ .ශරීරයේ මුහුණේ හා ඇඟිලි වල චලන එකම වේලාවක ආදර්ශනයට ගැනීම අධි ‍විභේදන දෘෂ්ඨි චලන රූප ක්‍රමය යොදා ගත හැකිය. (High resolution optical motion capture system).චලන රූප කාලයකදී නළුවකුගේ හැසීරීම් පමණක් සටහන් කර ගනියි. අනුරුව එකම අතකට සෙලවීම සඳහා පරිගණක ශිල්පියෙක් විසින් නිර්මාණය කරන
ලද 3D අනුරුවක් අන්තර්ගත කල සෙලවීම් සජීවන දත්ත ලෙස සටහන්කර ගැනේ. පැරණි ‍ක්‍රමය රොටොස්කෝප් (Rotoscpoe) හා සසඳන කල රොටොස්කෝප්ප දර්ශණය, රූපගත කිරීමෙන් පසුව අතින් අඳින ලද සජීවනය කල චරිතයක් සැකිලි චලනයකට මුලික වේ.නළුවා වේදිකාව මත රඟ දක්වන විට අවශ්‍ය නම් කැමරාව එහා මෙහා ගෙන යා හැක. එවිට චලන රූප ක්‍රමය මඟින් සියල්ල රූගත කළ හැකිය. මෙය පරිගණකයෙක් ජනිත කල චරිත, රූප හා තල කැමරාවෙන් ගත් වීඩියෝ රූප ලෙසම ලබා ගැනීමට ඉඩ සලස්වයි. පරිගණකය මඟින් දත්ත හසුරුවා නළුවාගේ සෙලවීම 3 D පිහිටුමෙන් ඉදිරිපත් කරයි. අවශ්‍ය නම් කැමති කැමරා පිහිටුම් තලය මත ලබා ගැනීමට සත්‍ය කැමරාවක් භාවිතා කළ හැකිය.ඡායාරේඛමතිය (Photogrammerty) භාවිතයෙන් තොරව ත්‍රිමාණ කැමරාවක චලනය කර එක් ද්විමාන රූප අනුපිළිවෙලක් Match moving තාක්ෂණය මඟින් ලබා ගත හැකිය. සම්පූර්ණ සැකිලි රූප විවිධ කැමරා කෝණ වලින් නියමිත පිහිටිමෙන් ලබා ගැනීමේ ක්‍රම අනාගත තාක්ෂණයට අතුලත් වීම මඟින් අනාගතයේ දී අදට වඩා අධි විභේදනයක් ලබා ගත හැකි වේ යැයි සිතිය හැකිය. ඉන්පසු පරිගණක සජීවිකරණය කරන්නට 3 D අනුරූ භාවිතා කර දෙවනුව සාමාන්‍යය පරිගණක සජීවන මෘදුකාංග භාවිතා කර සජීවන දත්ත ම
ෘදුකාංග මඟින් පිටත‍ට ලබා දිය හැකිය. නළුවාගේ ඉදිරිපත් කිරිම හොද හා මෘදුකාංග ක්‍රියාව නිවැරදි නම් මෙය වැ‍ඩෙහි යෙදවීම, සජීවිකරණය කරන්නා විසින් නිර්මාණය කළ හා ත්‍රිමාණ අනුරුව හා අනෙකුත් වස්තු අතර අන්තර්ක්‍රියා පාලනය අනුව නළුවා දර්ශනයේ ස්ථානගත කිරීමට සිමා වේ.ක්‍රමවේද සහ පද්ධති[සංස්කරණය]චලන ප්‍රතිග්‍රහණ තාක්ෂණය 1970 සහ 80 දශක වල ජෛව යාන්ත්‍ර විද්‍යාත්මක පරියේෂන වල ඡායාරේඛන මිතික විශ්ලේෂණ උපාංගයක් ලෙස භාවිත වු අතර පසුව තාක්ෂණය වැඩි දියුණුවීමත් සමග අධ්‍යාපනය, පුහුණු කිරීම්, ක්‍රිඩා සහ වඩාත් නූතනව චිත්‍රපට සහ පරිඝනක ක්‍රිඩා සදහා පරිගණක සජීවි කරණය යන ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්ත විය. මෙහිදි රඟපාන පු ද්ගලයා සිය ශරීරයේ එක් එක් සන්ධිමත සලකුණු කරන උපාංග පලදින අතර එම උපාංග අතර කෝණය හෝ පිහිටුම මගින් චලනයන් හදුනා‍ගැනේ. ධ්වනි විද්‍යාත්මක, අවස්ථිතික, ආලෝක විමෝචක ඩයෝඩමය, චුම්භක හෝ පරාවර්ථක යන ඕනෑම වර්ගයක සලකුණු කරන උපාංග හෝ මේ ඕනෑම වර්ග කිහිපයක මිශ්‍රණයක් මගින් අභිමත චලිතයේ සීඝ්‍රතාව මෙන් දෙගුණයක අවම සීඝ්‍රතාවක් ඔස්සේ උප මිලිමීටර් පරිමාණයට පිහිටුම් ප්‍රතිග්‍රහණය කෙරේ. චලන ප්‍රතිග්‍රාහක පරිගණක මෘදුකාංග පිහි
ටුම්, කෝණ, ප්‍රවේග, ත්වරණ සහ ආවේග පටිගත කර ගනු ලබන අතර එමගින් අදාල චලිතයෙහි නිවැරදි පරිගණකමය අනුරුවක් ලැබේ. විනෝදාත්මක යෙදුම් වලදී මෙමගින් සජීවි කරණය සදහා වැය කළ යුතු වියදම අවම කරගත හැකි වෙයි.මෙම ක්‍රමය භා‍විතා නොකළේ නම් එවිට සජීවි කරණ නිර්මාපකයෙකු විසින් සියළු රූපරාමු ඇදීම සිදු කල යුතු අතර එසේ නැති නම් වඩාත් සංකිර්ණ මෘදු කාංග මගින් අන්තර් නිවේෂණය කල හැකි පරිදි විශේෂ රූපරාමු ගණනාවක් නිර්මාණය කල යුතු වේ. චලන ප්‍රතිග්‍රහණය මගින් කාලය ඉතුරු කර ගත හැකි අතර අතින් ඇද සිදු කරන සජීවි කරණයට වඩා ‍ස්වභාවික ආකාරයට චලනයන් නිර්මාණය කල හැකි වේ. නමුත් මෙම ක්‍රමය කායික විද්‍යාත්මකව සිදු කල හැකි චලිතයන්ට සීමා වේ. නමුත් ඇතැම් යෙදුම් වලදී මෙම සීමාවන් ඉක්මවා යන චලිතයන් සිදුකිරීම අවශ්‍ය වී ඇත. සජීවි කරණය කල සුපිරි වීරයෙකු, සටන් ක්‍රම හෝ තාත්වික නවවන්ට සිදු කල නොහැකි ඇදීම් සහ තැලීම් මේ සදහා උදාහරණ වේ. ජෛව යාන්ත්‍ර විද්‍යාවේදී, ක්‍රිඩාවන්හිදී සහ පුහුණු වීම් කටයුතු වලදී ගුටළු හදුනා ගැනීමට හෝ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට සුදුසු ක්‍රම නිර්ණය කිරීම සදහා එවලේම ලබාගන්නා දත්ත මගින් අවශය තොරතුරු ලබාගත හැක. මෙවැනි ඇ
තැම් අවස්ථා වලදී (උදා - ගොල්ෆ් පිත්තකින් පහර දීම වැනි) චලන ප්‍රතිග්‍රහණ තාක්ෂණය මගින් 140 mp/h තරම් සීඝ්‍රචලන ප්‍රතිග්‍රහණය කල යුතු වේ. ප්‍රකාශ පද්ධති[සංස්කරණය]ප්‍රකාශ පද්ධති රූප සංවේදක මගින් ග්‍රහණය කරගත් දත්ත, අතිච්ඡාදනය වූ ප්‍රක්ෂේපණ සැපයීම සඳහා වූ කැමරා එකක් හෝ කිහිපයක් අතර වූ විෂයක් 3D පිහිටුම ත්‍රිකෝණ ආධාරය මැනීම සඳහා යොදා ගනී. දත්ත ලබා ගැනීම සාම්ප්‍රධායිකව සිදුකරනු ලබන්නේ රංග ශිල්පියාට ආඳන ලද විශේෂ සලකුණු කිරීමේ උපාංග මගිනි. කෙසේ නමුත් වඩා නූතන පද්ධතිවලට එක් එක් විශේෂිත විෂයන් සඳහා ගතිකව හඳුනාගත් මතුපිට අංග විශ්ලේෂණයෙන් නිවැරදි දත්ත නිපදවීමට හැකිය.රංග ශිල්පීන් විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය හෝ ග්‍රහණ ප්‍රදේශය පුළුල් කරනු ලබන්නේ තව දුරටත් කැමරා එකතු කිරීමෙනි. මෙම පද්ධති එක් එක් සලකුනු කිරීමේ උපාංග සඳහා නිදහස් අංශක 3 ක් සමග දත්ත නිපදවන අතර භ්‍රමණ තොරතුරු සලකුණු කිරීමේ උපාංග 3 ක හෝ කිහිපයක සාපේක්ෂ දිශානතිය මගින් අධ්‍යාභාර කළ යුතුය. උදාහරණයක් ලෙසින් උරහිස් හා මැනික් කටු සලකුණු කිරීමේ උපාංග උරහිසේ කෝණය සපයයි. ප්‍රකාශ - සක්‍රීය සළකුණුක‍රනය[සංස්කරණය]සක්‍රීය ප්‍රකාශ පද්ධතිවල ස්ථාන සොය
ාගැනීමට එක LED බුබුලක් වේගයෙන් සන්දීපනය කිරීම හෝ ආකාශ යාන්ත්‍රණයට සමානවූ ක්‍රමයකට මෘදුකාංග සමඟ LED බුබුලක් භාවිතා කෙරේ. පරිබාහිරව ජනිත වන ආලෝකය පරාවර්තනය කරනවාට වඩා සලකුණු කරන්නන් තමන්ගේම ආලෝකය නිකුත් කිරීමට කටයුතු සකස්කර ඇත. ප්‍රතිලෝම වර්ග නියාමයට අනුව ශක්තියෙන් 1/4 දුර මෙන් දෙගුණයකදී ප්‍රතිඵල ලබාදෙන නිසා මෙමඟින් ග්‍රහණය කරගැනීමේ ධාරිතාව හා දුර වැඩිකර ගත හැකිය. ILM සලකුණු කරනයන්ට අවශ්‍ය ශක්තිය අනුගාමිකව ග්‍රාහක පද්ධතියට සමඟාමීව ලබාදිය හැකිය. තවද සෑම සලකුණු කරනයකටම සම්ප්‍රයුක්ත රාමු සීඝ්‍රතාවයක් යටතේ අනන්‍යයතාවයක් ලබාදීමද සිදුවේ. මෙම අනන්‍යයතාව ලබාදීම පවතින භාවිතයේදී ප්‍රයෝජනවත් වේ. මීට පරිබාහිර ක්‍රමයක් වන්නේ ඇල්ගොරිතම ආකාරයට අමතර දත්ත පිරික්සුමක් මඟින් අනන්‍යතාවය ලබා දීමයි.දෘෂ්‍ය - සලකුණු කරන තැති[සංස්කරණය]නවතම තාක්ෂණ භාවිතයත්,ඒ ආශ්‍රය කොට සිදුවන පරීක්ෂණ නිසාත් පරිගණක දර්ශනවල සීඝ්‍ර දියුණුවක් ඇති වී තිබේ. චලන ග්‍රහණය උදෙසා දියුණු කර ඇති සලකුණු කරන තැති පද්ධති වලදී ,එම වස්තුවලට විශේෂිත උපකරණ අවශ්‍යනොවේ. විශේෂිත පරිගණක ඇලේගොරිතම මඟින් දෘෂ්‍ය ආදාන වල බහු ප්‍රවාහයන් වි‍ශ්ලේෂණය කිරීම ම
ෙහිදී සිදුවේ. මෙමඟින් විවිධ මනුෂ්‍යය ආකාරයන් කොටස් වලට බෙදා අධ්‍යයනය කෙරේ.ඉන්ටෙල් හි ප්‍රධානී පෝල් ඔටෙලිනි විසින් නිර්මාණය කරන ලද වාණිජමය වශයෙන් වැදගත් වන සලකුණු කරන තැති පද්ධතියක් වර්ෂ 2008 දී පවත්වන්නට යෙදුණු පාරිභෝගික ඉලෙක්ට්‍රොනික දැක්මේදී ප්‍රදර්ශනය කරන ලදී. එහිදි ගායක ස්ටිවන් හාර්ටෙල් විසින් රඟදක්වන ලද අතර ඔහුගේ රංගනය සජීවිව ග්‍රහණය කරගනිමින් පෙන්වීමට එම පද්ධතියට හැකිවිය. මෙවැනි පද්ධති විශාල චලන ග්‍රහණය කරගැනීමට වැඩියෙන් සමත්වේ.එනමුත් ඇඟිලි, මුහුණේ හා මැණික් කටුවේ චලන හා සුළු චලන ග්‍රහණය කරගැනීමට එයට අසීරු වේ. සමහර පද්ධතිවලට විශේෂිත කට්ටල අවශ්‍යය නොවන අතර අනිකුත් ඒවාට ගාත්‍රා අඳුනගැනීමට විශේෂිත වර්ණ අවශ්‍ය වේ.ප්‍රකාශ - අර්ධ අකර්මක අදෘශ්‍යමාන සලකුණකරනයක්[සංස්කරණය]කෙනෙකුට අධිවේගී කැමරා මත පදනම් වූ සාම්ප්‍රදායී ප්‍රවේශ නැවත හැරවීමක් සිදුකළ හැකිය. පාර්කාෂ් වැනි පද්ධති ලාභ බහු LED බුබුල අධිවේගී ප්‍රොජෙක්ටර භාවිතා කරයි. විශේෂිතව නිපැයු බහු LED-IR ප්‍රොජෙක්ටර ප්‍රකාශිතව අවකාශය කේතාංකනය කරයි. ආපසු-‍පරාවර්තිත කරනු වෙනුවට පද්ධතියේ ඇති ආලෝකය ප්‍රතිචාරී සලකුණු කරනය මගින් ප්‍රකාශ සංඥා
විකේතනය කරයි. මෙම සලකුණු කරන පතුරු රූප සංවේදක සමඟ සම්බන්ධ කිරීමෙන් තමන් සිටින ස්ථානය, තමන්ගේ පිහිටීම, ප්‍රදීපනය හා පරාවර්තනය ගණනය කළ හැකිය.මෙම මඟ සොයාදෙන පතුරු අදෘශ්‍යමාන ලෙස අනිකුත් ද්‍රව්‍යය තුළ එබ්බවිය හැකිය. මෙම පද්ධතිය දර්ශනයකට සීමා රහිත පතුරු ගණනක් ලබාදීමට උදව් වේ. මෙම පද්ධතිවලට අඩු දත්ත කලාප පතුලක් අවශ්‍ය වේ. මෙම පතුරු ප්‍රදීපන දත්ත සපයන අතර එම දත්ත, කෘත්‍රිම අංග ඇතුල්කිරීමේදී දර්ශන වල ආලෝකය සමාන කිරීමට යොදාගත හැකිය. එනිසා මෙම ක්‍රමවේදය චලිත ග්‍රහණය කරගැනීමට හෝ දෘෂ්‍ය කට්ටල ප්‍රචාරණයට වඩා උචිත වේ. ප්‍රකාශ - කාල සීරුමාරු සක්‍රීය සලකුණුකරනය[සංස්කරණය]කාල සීරුම සීරුමාරුව සැකසූ සක්‍රීය සලකුණුකරනයස්ට්‍රෙබින්ග් සලකුණුකරණයක් එක්වරක් භාවිතයෙන්ද, එම සලකුණුකරණයක් දිගටම විස්තාරය කිරීමෙන් හෝ ස්පන්දනය උස්පහත් කිරීම මගින්ද සක්‍රීය සලකුණු කරන්නන් තව දුරටත් ශෝධනය කළ හැකිය. මෙගා පික්සල් 12 ක අවකාශ විභේදනයක් ඇති පද්ධති මෙගා පික්සල් හතරේ ඒවාට වඩා සියුම් චලනයන් ග්‍රහණය කර ගැනීමට සමත්ය. අධ්‍යක්ෂකවරුන්ට තම නළුවන්ගේ රංගනය එම මොහොතේම මොකැප් වලින් දුවන CG අනුලකුණක් මඟින් බලා ගතහැකිය. එම සලකුණුකරණය
අනිකුත් තාක්ෂණයන්ට වඩා හොඳින් දත්ත පිරිසිදු කරයි. LED සමඟ ඇති රෙඩියෝ සමමුහුර්තකරණ හා පරිපථය මත ඇති පිරික්සුම්කරණවලින් එළිමහන් චලිත සූර්යා ලෝකය යටතේ ග්‍රහණය කරගැනීමට ඉඩදෙයි. පරිගණක ආශ්‍රිත ID පිරික්සුම්කරණ සාපේක්ෂව අඩු දත්ත පිරිසිදු කරන ඉතා අඩු මුදලකට ලබාගත හැකිය. අමතර පිරික්සුම්කරණ කාර්යය කැමරාවේදීම සිදුකරන අතර එමඟින් විභේදනයද වර්ධනය කරයි. මෙම විභේදන වර්ධනය කිරීමට උප පික්සල හෝ කේන්ද්‍රක පිරික්සුම්කරණයන් භාවිතා කරන අතර එමඟින් වේගය වැඩිකරවයි. මෙවන් චලිත ග්‍රාහක පද්ධති සාමාන්‍යයෙන් ඩොලර් 50,000 ට වඩා අඩුවන අතර එයට මෙගා පික්සල 12 විභේදනයක් හා හර්ට්ස් 480 වේගයක් සහිත පද්ධතියක් අඩංගු වේ. චලන ග්‍රහණය ප්‍රකාශ : අක්‍රීය සලකුණු[සංස්කරණය]නර්තන ශිල්පියෙක් ප්‍රකාශ චලන ග්‍රහණ පද්ධතියක භාවිතා කරන ඇදුමක් ඇද සිටීමුහුනේ ප්‍රකාශ චලන ග්‍රහණයකදී රංගන ශිල්පීයාගේ මුහුණේ අවශ්‍ය ස්ථානවල සලකුණු කිහිපයක් තබා ඇත.අක්‍රීය ප්‍රකාශ පද්ධති භාවිතා කරන සලකුණු වල ප්‍රකීරණය වීමෙන් ‍තොරව (retrore flective) ආලෝකය පරාවර්තනය කරන ද්‍රව්‍යයක් ආලේප කර ඇති අතර ඉන් කැමරා කාචය අසලින් ජනිත ආලෝකය නැවත පරාවර්තනය කෙරේ. එවිට කැ
මරාවේ සීමකය සකස් කිරීමෙන් දීප්තිමත් පරාවර්තනයක ලකුණු පමණක් සම හා රෙදි මගහරිමින් පරීක්ෂා කල හැකි වේ.එම ග්‍රහණය කල ද්විමාන රූපයේ සලකුණ කේන්ද්‍ර කරගත් ස්ථානයක් මෙහිදී නිශ්චිත කෙරේ. එක් එක් පික්සලයේ කළු - සුදු පරාසයේ අගය භාවිතා කර ගෑසියන් (Gaussium) හි කේන්ද්‍රක සොයා ගැනීමෙන් අනුපික්සල මට්ටමේ නිරවද්‍යතාව ලබා ගත හැකි වේ.විකිණුම්කරුවන් ලග තිබෙන සියළු ලකුණු සමාන බැවින් ලකුණු මාරු වීමෙන් වන ගැටළු අවම කිරීමට සංරෝධක මෘදුකාංග තිබේ. සක්‍රීය ලකුණු හෝ චුම්භක පද්ධති මෙන් නොව අක්‍රීය පද්ධති භාවිතයේ දී රංගන ශිල්පියාට තන්තු හෝ ‍ඉලෙක්ට්‍රොනික උපකරණ පැළදිය යුතු නැති අතර කලින් කලට ප්‍රතිස්ථාපනය කලයුතු පරාවර්තිත පටි සහිත රබර් බෝල සිය ගණනක් පැළදිය යුතුය. මෙම ලකුණු සෘජුව සම්මත (ජෛව යාන්ත්‍රික ලෙස) පැළදීම හෝ චලන ග්‍රහණය සදහා විශේෂයෙන් නිපදවූ මුළු ශරීරයම වැසෙන ඇදෙන/ lycra ඇදුමක් ඇද සිටින රංගන ශිල්පියාගේ ඇදුමට තබා බැදීම (Velcro) සිදු කරයි. මේ ආකාරයේ පද්ධතියකින් ග්‍රහණය කල හැකි වේ. ඕනෑම පද්ධතියක රාමු සීඝ්‍රතාවය යනු විභේදනය හා වේගය අතර දෝලනය වන්නක් බැවින් මෙගා පික්සල හතරක පද්ධතියක 370Ht සඛ්‍ය
ාතයකින් ධාවනය වන අතර එය 2000 Ht ධාවනය කරන විට විභේදනය මෙගා පික්සල 0.3 දක්වා අඩුවේ. සාමාන්‍යයෙන් මෙගා පික්සල හතරේ සර්විස් 360 පද්ධතියක් සදහා ඇ.ඩො. 100,000 ද මෙගා පික්සල 0.3 හා 120 Ht පද්ධතියක් සදහා ඇ.ඩො. 50.000 ද වැය වේ.ප්‍රකාශ නොවන පද්ධති - අවස්තිථික පද්ධති[සංස්කරණය]අවස්තිථි චලිත ග්‍රහණ තාක්ෂණය පදනම් වී ඇත්තේ කුඩා අවස්තිථික සංවේදක , ජෛව යාන්ත්‍රක ආකෘති හා සංවේදක විලයන ඇලිගොරිතම මතය . එය මුළු මිනිස් සිරුරේ චලිත ග්‍රහණය සඳහා භාවිතයට පහසු හා මුදල් අතින් කාර්යක්ෂම ක්‍රමයකි . අවස්තිථි සංවේදකවල චලන දත්ත ( අවස්තිථික මග පෙන්වීමේ පද්ධති ) PC හෝ ලැප්ටොප් එකකට රැහැන් රහිතව සම්ප්‍රේෂණය කෙරේ. එහිදී මුළු සිරුරු චලිතය නැරඹීම හෝ පටිගත කිරීම සිදුකරනු ලබයි. සාපේක්ෂ චලිත සඳහා වෙනත් කිසිදු කැමරා , විමෝචක හෝ සලකුණු අවශ්‍ය නොවේ. අවස්තිථික මොකැප් පද්ධති මිනිස් සිරුරට නිදහස් චලිතයේ මුළු අංශක 6 ම ග්‍රහණය කර ගනී. අවස්තිථික පද්ධතියක් භාවිතා කිරීමේ වාසි අතරට විසඳීමක් අවශ්‍ය නොවීම, බොහොමයක් පද්ධති චචලනය කළ හැකි නිසා චිත්‍රාගාර මගින් නිදහස් වීම හා විශාල ග්‍රහණ ප්‍රදේශ යනාදිය ඇතුළත් වේ. මෙම පද්ධති Wii පාලකවලට
සමානවන මුත් ඒවාට වඩා සංවේදී වන අතර ඒවාට වඩා වැඩි විභේදක බලයක් හා යාවත් කාලීන කිරීමේ සීග්‍රතාවයකින් යුතු වේ. ඒවාට පොළවට වූ දිශාව අංශකයක් තුළ ඉතා නිරවද්‍යව මැනිය හැක. මූලික පද්ධති $ 50000 පරාසයේ තිබීමට යත්න දරයි. ප්‍රකාශ නොවන පද්ධතිය - චුම්භක පද්ධතිය[සංස්කරණය]චුම්භක පද්ධති සම්ප්‍රේෂක‍යේ හා එක් එක් ආධාරකයේ වූ ප්‍රලම්භක දඟර 3 ක සාපේක්ෂ චුම්භක ස්‍රාවය මගින් පිහිටීම හා දිශානතිය ගණනය කරයි. මෙම දඟර දෙකෙහි වෝල්ටීයතා හෝ ධාරව සාපේක්ෂ තීව්‍රතාවය , ට්‍රැකින්ග් ශබ්ද ප්‍රමාණය ඉතා නිවැරදිව සිතියම් ගත කිරීමෙන් මෙම පද්ධතිවලට පරාසය හා දිශානතිය යන දෙකම ගණනය කිරීමට ඉඩ සලස්වයි. සංවේදක ආදානය 6 DOF නිසා ප්‍රකාශ පද්ධතියකදී අවශ්‍ය සලකුණු තුනෙන් දෙකක් සමග වැදගත් ප්‍රතිඵල ලබා ගත හැක ; වැලමිටෙහි ස්ථානය හා කෝණය සඳහා උඩුබාහුවේ එක් සංවේදකයක් හා යටි බාහුවේ එක් සංවේදකයක් ප්‍රමාණවත් වේ.සලකුණු කිරීම් අලෝහ වස්තු මගින් බාධා කිරීම්වලට ලක් නොවන නමුත් චුම්භක හා රේඛා හෝ රැහැන් වැනි වටපිටාවෙහි වූ ලෝහ වස්තු මගින්වන විද්‍යුත් බලපෑම් හා මොනිටර විදුලි බල්බය , රැහැන් හා පරිගණක වැනි විද්‍යුත් ප්‍රභවවලට යටත් වේ. සංවේදක ප්‍රතිචාර, ව
ිශේෂයෙන් ග්‍රහණ ප්‍රදේශයේ මුළුවලට වන්නට රේඛීය නොවේ.සංවේදකයේ සිට රැහැන් ඇදීම අතිශය ක්‍රියාකාරී චලන ඉවකත් කිරීමට යත්න දරයි. චුම්භක පද්ධති සඳහා ග්‍රහණ ධාරිතාව ප්‍රකාශ පද්ධතිවලට වඩා සැලකියුතු තරම් අඩුවේ. චුම්බක පද්ධති සමග AC හා DC පද්ධති අතර වෙනසක් තිබේ. එකක් හතරැස් පන්ද භාවිතා කරන අතර අනෙක සයින් තරංග ස්පන්ද භාවිතා කරයි.මෙම ලිපිය හෝ ලිපි කොටස ජේසුස් වහන්සේ සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)යේසුස් ගේ සමයෙහි ජුදියා සහ ගලීලයMain articles: Ministry of Jesus, Sermon on the Mount, Sermon on the Plain, Twelve Apostles, and Transfiguration of Jesusශුභාරංචි වලට අනුව යේසුස් වහන්සේ හෙවත් ගැලවුම්කරුවානෝ තම ජීවිතය වෙනත් බොහෝ දෙනා වෙනුවෙන් පරිත්‍යාග කිරීම සඳහාත් දෙව්ලොව ශුභාරංචිය දේශනයටත් පැමිණි බව සඳහන් වේ. සිය සභා වකවානුව තුල යේසුස් වහන්සේ විවිධාකාරයේ ප‍්‍රාතිහාර්යයන් පෑ බවත් ඒවා අතර සුව කිරීම්, යකුන් දමනය කිරීම්, ජලය මත ඇවිදීම්, ජලය වයින් බවට පත් කිරීම්, වයින් ජලය බවට පත් කිරීම් හා ලාසරුස් වැනි පුද්ගලයන් කිහිප දෙනෙකු මළවුන්ගෙන් නැගිටුවීම් ආදිය ඇතුලත් බවත් පැවසේ. (ජෝන් 11:44) මැතිවු 9:25 සහ ල
ූක් 7:15)"කන්ද උඩ දේශනාව", කාර්ල් හෙන්රික් බ්ලොක් 19 වන සියවස.ශාන්ත ජෝන් ගේ ශුභාරංචියේ යේසුස් වහන්සේ ගේ සභා වකවානුවේ පැවති විවිධ පාස්කු මංගල්‍යන් තුනක් ගැන සඳහන් වේ. ඒ අනුව යේසුස් වහන්සේ ගේ දේශනා කාලය දළ වශයෙන් වසර දෙකකු ත් මාසයක් හෝ දෙකක් ලෙස නිගමනය වේ. සාරාත්මක ශුභාරංචි වැනි ඇතැම් අර්ථ කථන එය වසරක කාලයකට සීමා කරනු ලබයි. එම සභාවේ ප‍්‍රධාන අවධානය අපෝස්තුලූවරු දොළොස් දෙනාට හිමිවිය. අපෝස්තුලූවරු දොළොස්දෙනා සහ අනෙකුත් යේසුස් වහන්සේගේ සමීපතමයෝ යුදෙව්වන් වූ බව යේසුස් වහන්සේ සිය ධර්මය ඊශ‍්‍රායෙල් ජාතිකයනට පමණක් සීමා කරන්නැයි පැවසීමෙන් ද (මැතිව් 15:24 මැතිව් 10:1-6) යේසුස් වහන්සේ ගේ මරණයෙන් පසුව අපෝස්තුලූවරු පාවුලූ සමග මෙම ඉගැන්වීම් හා ශුභාරංචි ඡර්ම ෙඡ්දනය නොකළ අන්‍ය ජාතිකයන්ට පැතිරවීමට එකඟ වීමෙන් ද (ක‍්‍රියා 15:1-31 ක‍්‍රියා 10:1-11:8) පැහැදිලි වේ . යේසුස් වහන්සේ විනාශකාරී අනාගතයක් දේශනා කළේය. වර්තමාන ලෝකයේ අවසානය බලාපොරොත්තු විරහිත ලෙස උදාවන බවත්, එතුමා ලොව විනිශ්චයකරුවා ලෙස නැවත පහලවන බවත් දේශනා කළේය. එතුමා තම අනුගාමිකයනට සෑම කල්හිම සූදානමින් හා භක්තියෙන් සිටින්නැයි දේශනා කළේය. එසේම එ
තුමා නිරයෙන් ගැලවීම සඳහා පසුතැවීම අත්‍යවශ්‍ය බව දේශනා කළ අතර තමුන්ව විශ්වාස කරන්නන් ට සදාතනික ජීවිතය (ජෝන් 3:16 -18) පොරොන්දු විය.තම සභාවේ උපරිම අවධියේ දී යේසුස් වහන්සේ දහස් ගණන් වන විශාල පිරිසක් එක් කර ගත්තේය මූලිකව ඔවුන් ගලීලය හා පෙරියා (වර්තමාන ඊශ‍්‍රායෙල හා ජෝර්දාන) ප‍්‍රදේශ වලින් විය. එතුමාගේ ඇතැම් ප‍්‍රකට ඉගැන්වීම් කන්ද උඩ දේශනාවේ සඳහන් විය. එතුමාගේ ඉගැන්වීම් බොහෝ විට උපමා වලින් සමන්විත වූ අතර නාස්තිකාර පුත‍්‍රයාගේ උපමාව හා වපුරන්නාගේ උපමාව ඒ අතර වෙයි. ඔහුගේ ඉගැන්වීම් දෙවියන් හා සියලූ මිනිසුන් අරභයා දෙවියන්ගේ වැනි ආදරයක් හා කොන්දේසි විරහිත ආත්ම පරිත්‍යාගයක් උනන්දු කළේ ය. එම ඉගැන්වීම් අතර සේවා සහ නිහතමානීත්වය, පව් ක්ෂමා කර ගැනීම, ඇදහිල්ල, අනෙක් කම්මුලත් පෑම, මිතුරාට මෙන්ම සතුරාට ද පේ‍්‍රම කිරීම සහ නීතියේ සාරය පසුපස ගමන් කිරීමේ අවශ්‍යතාව ආදිය වේ.යේසුස් වහන්සේ නිරන්තරයෙන් සමාජයෙන් බැහැර කළවුන් හමුවිය. ඔවුන් අතර අධිරාජ්‍යයේ නියෝගය පරිදි මුදල් බලයෙන් ලබාගැනීම නිසා සමාජයෙන් පිළිකුල් කරනු ලැබූ බදු එකතුකරන්නෝ ආදින් විය. ශාන්ත මැතිව් ද එවැන්නෙකි. ව්‍යාජ භක්තිකයෝ යේසුස් වහන්සේ දේවානුගාමි
යනට වඩා පවුකරන්නන් හමුවන්නේ යැයි චෝදනා කළ විට යේසුස් වහන්සේ වෙදැදුරෙක් අවශ්‍ය වන්නේ රෝගීන්ට විනා නීරෝගී පුද්ගලයනට නොවේ යැයි දේශනා කළ සේක (මැතිව් 9:9-13) . ලූක් ට හා ජෝන් ට අනුව යේසුස් වහන්සේ සිය සභාව ඊශ‍්‍රායෙල ආගමේ වෙනත් ප‍්‍රභේදයක් අනුගමනය කළ සමේරියානුවන්ට ව්‍යාප්ත කිරීමට උත්සාහ කළේය.සාරාත්මක ශුභාරංචි වලට අනුව යේසුස් වහන්සේ තමුන්ගේ අපෝස්තුලූවරු තිදෙනෙක් වන පීටර්, ජෝන් සහ ජේම්ස් යාඥා සඳහා කඳු මුදුනකට රැගෙන ගිය අතර එහිදී අන්‍යරූපවේෂණය විය. එතුමාගේ මුහුණ හිරු මෙන් බැබලූණු අතර වස්ත‍්‍ර දීප්තිමත් සුදු පැහැයක් ගත්තේය. එලිජා සහ මෝසස් උන්වහන්සේ අසල සිටියෝය. දීප්තිමත් වලාකුලක් උන්වහන්සේ මත පිහිටි අතර අහසේ සිට නැගුනු හඬක් මේ මාගේ ආදරණීය පුත‍්‍රයායැයි ප‍්‍රකාශ කළේය. ශුභාරංචි වලට අනුව සිය සභාවේ අවසාන භාගයේදී යේසුස් වහන්සෙ තම අනුගාමිකයන්ට සිය මරණය හා උත්ථානය පිළිබඳ අනාගත වාක්‍ය පැවසූ සේක (මැතිව් 16:21 - 28) .References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Jesus#Ministryමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි
එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)කොකු පණුවා යනු බල්ලෙකු, බළලෙකු, හෝ මිනිසෙකු වැනි ක්ෂීරපායී ධාරකයන්ගේ කුඩා බඩවැලෙහි ජීවත්වන පරපෝෂිත වට පණුවෙකි. Necator amaricanus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කොකු පණුවා Animalia රාජධානියේ නෙමටෝඩා වංශයට අයත් පරපෝෂිත සීලෝමික සත්ත්වයෙකි.ව්‍යුහය[සංස්කරණය]මෙම වංශයේ ජීවීන් තුළ පැහැදිලිව ලිංගික ද්‍විරූපීතාව දැකිය හැක. ගැහැණු සතා පිරිමි සතාට වඩා දිගින් වැඩිවන අතර සතුන් දෙදෙනාගේ ම පූර්ව කෙළවර විශාල මෞඛ ප්‍රාවරය වේ. එතුල ඝන මුවහත් කැපුම් ඵලක යුගලක් හා දතක් පිහිටයි.මෙම දත මගින් මිනිස් කුඩා අන්ත්‍ර ශ්ලේෂමලකය කපා රුධිරය මත පරපෝෂී වේ.රුධිර කැටිගැසීම වළක්වා ස්‍රාව නිකුත් කරන ග්‍රන්‍ථි යුගලයක් ද මෞඛ ප්‍රාවරයට විවෘත වේ.දිගටි සිලින්ඩරාකාර පණු ආකාර හැඩයක් ගනී. සුහුඹුල් පණුවාගේ දේහය අළු පැහැති ය.ගැහැණු සතා 10-13mm වන අතර විෂ්කම්භය 0.6mm ද පිරිමි සතා 08-11mm වන අතර විශ්කම්භය 0.4mm පමණ වේ.ප්‍රත්‍යාස්ථ රළු උච්චර්මයකින් දේහය ආවරණය වී ඇත. පූර්ව කෙළවර උල් ස්‍වභාවයක් ගනී. ගැහැණු සතාගේ උල් අපර කෙළවර ගුදය යි. ජායා ප්‍රජනක විවරය දේහ
යේ උදරීය මධ්‍ය ප්‍රදේශයේ ඇත. පිරිමි අපර කෙළවර වක්‍රවී ඇති අතර අපර කෙළවර උච්චර්මය දික්වී සෑදුණු පෞච්ඡ පියල වේ.ජීවන චක්‍රය[සංස්කරණය]බිත්තර[සංස්කරණය]සුහුඹුල් ගැහැණු හා පිරිමි සතුන් අභ්‍යන්තර සංසේචනයෙන් සුහුඹුල් ගැහැණු සතා වරකට බිත්තර රාශියක් දමයි. අණ්ඩාකාර ය. පාරදෘශ්‍ය කවචයක් සහිතයි. මේ තුළ සෛල 4 අවස්ථාවේ පවතින විකසන කළල වේ. ඒවා ධාරක මළ සමග බාහිරට පිවිසේ.L1 කීටයා[සංස්කරණය]සුදුසු පාරිසරික තත්‍ව යටතේ පැය24-48 අතර බිත්තර පුපුරා L1 කීටයා පිටවේ. දිග මයික්‍රොමීටර 300ක් පමණවන බල්බාකාර අන්නසෝත්‍රයක් ඇති අන්වීක්‍ෂීය කීටයෙකි. මළ මිශ්‍රිත ද්‍රව්‍ය ආහාරයට ගෙන වර්ධනය වී හැවහලා L2 කීටයා බවට පත් වේ.L2 කීටයා[සංස්කරණය]දිග මයික්‍රොමීටර 400ක් පමණ වන අන්වීක්‍ෂීය කීටයෙකි. මළවල කාබනික ද්‍රව්‍ය ආහාරයට ගෙන වර්ධනය වී හැවහලා L3 කීටයා බවට පත්වේ.L3 කීටයා[සංස්කරණය]මෙය කොකුපණුවාගේ අසාදිත අවස්ථාවයි. L2 කීටයාගේ හැව මොවුන් වටා අතිරේක ආවරණයක් ලෙස පවතී. මොවුන් ඍණ ගුරුත්‍වාවර්තී ය. තෙත පසේ මතුපිට සිටී. තාප සංවේදී ය. ආහාර නොගන්නා අතර මාස 1½ක් පමණ අක්‍රීයව සිටිය හැක.රෝග ලක්‍ෂණ[සංස්කරණය]ආසාදිත අවස්ථාව ඇඟිලිකරු
අතර සම සිදුරු කිරීමෙන් කැසීම ඇතිවීමත් ඉන් තුවාල වීමත් සිදු වේ.ආසාදිත කීටයන් ශ්වාසනාලය දිගේ ග්‍රසනිකාවට පිවිසෙනවිට වියළි කැස්ස ඇති වේ.සුහුඹුලන් කුඩාඅන්ත්‍ර ශ්ලේෂ්මලකය මත රුධිර පරපෝෂිතයන්වීම නිසා රක්තහීනතාව ඇති වේ.L3 කීටයන් ශ්වාසනාලය දිගේ ග්‍රසනිකාවට පැමිණීමේදී ඇතිවන කැස්සත් සමග අඟුරු, හාල් ආදිය සැපීමටත් මන්දෝත්සාහී භාවයත් ඇති වේ.පරපෝෂී සංසරණයෙන් පණුලප ඇති වේ.මර්දනය[සංස්කරණය]පරපෝෂිතයා මැරීමට ඖෂධ භාවිතය.එළිමහනේ ඇවිදිනවිට පාවහන් පැළඳීම.පස ආශ්‍රිත කටයුතුවලදී අත්ආවරණ භාවිතය.තැන්තැන්වල මළපහ නොකිරීම හා ක්‍රමවත් වැසිකිළි නිසිආකාරව භාවිතය.මිනිස් මළ පොහොර ලෙස යොදා නොගැනීම.රෝග ආසාදන ආකාර පිළිබඳ මහජනයා දැනුවත් කිරීම.අන්තිමකැමති පත්‍රයක් යනු[සංස්කරණය]ගොනුව:90.page1844 අංක 21 දරණ අන්තිම කැමති පත්‍ර ආඥා පන‍‍තේ 2වන වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් යනු කිසියම් තැනැත්තක්ගේ මරණයෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ ජීව්ත කාලය තුළ රැස් කරගත් බූදලයට ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම තැනැත්තා විසින් කරනු ලබන අවසාන ප්‍රකාශන පත්‍රය වේ.අන්තිම කැමති පත්‍රයක් සහිතව මියගිය තැනැත්තකුගේ බූදලය ඔහුගේ අන්ති
ම කැමැත්ත මත බෙදී යා යුතු අතර අන්තිම කැමති පත්‍රයක් නොමැති අවස්ථාවලදි අනුප්‍රාප්ති නීතිය යටතේ සකස් කරනු ලබන පෙළපත් සටහන අනුව එම තැනැත්තාගේ දේපල ‍බෙදී යා යුතුය.එහෙත් මෙහිදි අනුප්‍රාප්තිය ඉතාමත් ව්‍යාකූල වන අතර ලන්දේසි නීතියට යටත්වන තැනැත්තන් සදහා පොදු නීතිය ද අනෙකුත් එක් එක් පුද්ගලයාට විශේෂ නීති වන උඩරට නීතිය,මුස්ලිම් නීතිය සහ තේසවලාමේ නීතිය මතද දේපල බෙදී යන ආකාරය එකිනෙකට වෙනස් වේ.අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 3 වන වගන්තිය අනුව සහ 1993 අංක 5 දරණ සංශෝධන පනතට අනුව අවු.18 ට වැඩි අයෙකුට අන්තුම කැමති පත්‍රයක් ලියා සකස් කල හැකි ය.අන්තිමකැමති පත්‍රයක් සැකසීම[සංස්කරණය]     අන්තිම කැමති පත්‍රයක් තබා මිය ගිය විට අනෙකුත් සියලුම අනුප්‍රාපති නීති ඉදිරියේ අන්තිම කැමති පත්‍රය ප්‍රබලම ලියවිල්ල බවට පත් වේ.මෙම ලියවිල්ල සකස් කිරීම සමිපූර්ණයෙන් ම වංචා වැලැක්විමේ ආඥා පනතට අනුව සිදු විය යුතු ය.1840 අංක 7 දරණ වංචා වැලැක්වීමේ ආඥා පනතේ 4 වන වගන්තිය ට අනුව අන්තිම කැමති පත්‍ර සහ කොඩිසිල් පත්‍ර මඟින්නිශ්චල දේපල පැවරිමකදී එකී අන්තිම කැමති පත්‍ර හෝ කොඩිසිල් පත්‍ර ක්‍රම දෙකකට සකස් කළ හැක.1. නොතාරස්වරයකු
සිටීනමි එකී නොතාරස්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහතික කිරීමෙන් අන්තිම කැමති පත්‍රය සකස් කළහැකි ය.2. නොතාරිස්වරයෙකු අන්තිම කැමති පත්‍රය සහතික නොකරන අවස්ථාවලදී අඩු වශයෙන් සාක්ෂිකරුවන් 5 දෙනෙකු ඉදිරියේ අන්තිම කැමති පත්‍රය සහතික කර තිබිය යුතු ය.වැඩි දුරටත් කියවන්න[සංස්කරණය]more[permanent dead link]අන්තිම කැමති පත්‍රයක් නිත්‍යනුකූල වීම[සංස්කරණය]ගොනුව:56.jpgඑසේ වුව ද 4 වන වගන්තිය අනුව පහත සදහන් පොදු අවශ්‍යතා සපුරාලන්නේ නම් පමණක් අන්තිම කැමති පත්‍රයක් නීත්‍යානුකූල ලියවීල්ලක් බවට පත් වේ.1.අන්තිම කැමති පත්‍රයක් ලිඛිත විය යුතුයි.එසේ වුවද මෙම පනතේ 14 වන වගන්තිය අනුව යුධ සේවයේ නියුතු සොල්දාදුවෙකු සහ මුහුදේ සේවය කරන නැවියෙකුට ඉහත සදහන් විධිවිධාන අනුගමනය කිරීම අවශ්‍ය කනාවන අතර වාචිකව ද අන්තිම කැමති පත්‍රය සකස් කළ යුතු ය. 2.අන්තිම කැමති පත්‍රකරු විසින් හෝ ඹහු ඉදිරිපිට දී ඹහු විසින් බලය දෙන ලද තැනැත්තකු විසින් අත්සන් කර තිබිය යුතු ය.එහෙත් අර්ථනිරූපණ ආඥා පනතේ 2 වන වගන්තිය අනුව සළකුණකින් අත්සන් කළ හැකි බව දැක්‍‍වෙයි.නොතාරිස් ආඥා පනතේ 31(15) වගන්තිය ට අනුව වම් මාපට ඇගිලි සළකුණ යෙදීම ද න
ීත්‍යානුකූල වෙයි.එකී අත්සන අන්තිම කැමති පත්‍රයේ කෙළවර හෝ අග තබා තිබිය යුතු ය.පෙරේරා එ. පෙරේරා හිදි අන්තිම පත්‍රකරු කතිරයකින් අත්සන් කර තිබුණ ද එය පිළිගැණුනි.ඊබ්‍රහිමි යූසුෆ් එ. පකීර් බාවා හිදි අත්සන පැත්තකින් තබා තිබුණ ද එය වලංගු අත්සනක් ලෙස පිළිගැණුනි.3. අන්තිම කැමති පත්‍රකරු පහත සදහන් අවස්ථා දෙකෙන් එකකදී අත්සන් කර තිබිය යුතු ‍ය.(a) නොතාරිස්වරයකු සහ සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකු ඉදිරියේ අත්සන් කර තිබිය යුතු අකර ඒ බවට ඹවුන් විසින් සහතික කර තිබිය යුතු ය.(b) ඹවු‍නොවුන් ඉදිරිපිටදි එනක විට එක්ව සිටිය දි අත්සන් කර තිබිය යුතු ය.(c) එ‍සේ නොමැති නමි නොතාරිස්වරයෙකු නොමැති අවස්ථාවකදී සාක්ෂිකරුවන් 5 දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉදිරියේ අත්සන් කර තිබිය යුතු අතර එම සාක්ෂිකරුවන් විසින් එම අත්සන් සහතික කර තිබිය යුතු ය.නොතාරිස් ආඥා පන‍තේ 31(11)වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රකරු එම ලේඛනය අත්සන් කිරීමටඩ පෙර ඹහුට එය කියවා තේරුමි කර දිය යුතු අතර එම අවස්ථාව වන විට එකී ලේඛනය තේරුමි ගැනීමට තරමි මනා ස
ිහිබුද්ධියෙන් සහ වටහා ගැනීමට ඇති හැකියාවෙන් යුක්තව සිටින බව ද තහවුරැ විය යුතු ය.සාක්සිකරුවන් 5 දෙදෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කරන්නේ නම් එවිට සියලු සාක්ෂිකරුවන් ඉදිරියේ සහ අන්තිම පත්‍රකරු ද ඉදිරියේ ඹවුනොනුන් එකවිට එක්ව සිටියදී අත්සන් කළ යුතු වේ.එවැනි අවස්ථාවක නොතාරිස්වරයකු අවශ්‍ය නොවන අතර නොතාරිස්වරයකු පැමිණ සිටිය ද ඹහු පැමිණියේ අන්තිම කැමති පත්‍රය සම්බන්ධයෙන් නොවේ නම් හෝ අහම්බෙන් පැමීණීමක් සිදු වී ඇත්නම් එවිට ද නොතාරිස්වරයා‍ගේ පැමිණීම අන්තිම කැමති පත්‍රයට අදාළ ‍නොවේ.වංචා වැළැක්වී‍මේ ආඥා පනතේ 4 වන වගන්තිය අනුව අන්තිම කැමති පත්‍රයක් සකස් කිරිමෙන් අනතුරුව ඊට අතිරේකයක් වශයෙන් කොඩිසිල් පත්‍රයක් සකස් කළ හැක.මෙම කොඩිසිල් පත්‍ර අන්තිම කැමති පත්‍රයට අතිරේකයක් වශයෙන් හෝ වෙනස් කිරීමක් සදහා සකස් කළ හැකි අතර අන්තිම කැමති පත්‍රවලට අදාළ සියලු විධිවිධාන කොඩිසිල් පත්‍ර වෙනුවෙන් ද අනුගමනය කළ යුතු ය.අන්තිම කැමති පත්‍ර අවලංගු කිරීම[සංස්කරණය]වංචා වැළැක්වීමේ ආඥා පකතේ 6 වන වගන්තියට අනුව අන්තිම කැමති පත්‍රයක් හෝ ‍කොඩිසිල් පත්‍රයක් අවලංගු කළ නොහැකි අතර පහත සඳහන් අවස්ථාවලදි අවලංගු වේ.1. තෙස්තමේන්
තුකරු හෝ තෙස්තමේන්තුකාරිය අන්තිම කැමති පත්‍රය සකස් කිරීමෙන් පසු විවාහ වුවහොත් .2. නැවත අන්තිම කැමති පත්‍රයක් ‍හෝ කොඩිසිල් පත්‍රයක් සකස් කර එම අවස්ථා‍වෙදි පළමු අන්තිම කැමති පත්‍රය ‍හෝ කොඩිසිල් පත්‍රය අවලංගු කරමින්අලුත් අන්තිම කැමති පත්‍රයක් ‍හෝ කොඩිසිල් පත්‍රයක් සකස් කළ විට.3.වංචා වැළැක්වී‍මේ ආඥා පනතේ 4 වන වගන්තිය අනුව අදාළ විධිවිධාන වලට අනුව නව අන්තිම කැමති පත්‍රයක් සකස් කළ විට.4.අන්තිම කැමති පත්‍රය අවලංගු කිරීමේ චේතනාවෙන් තෙස්තමේන්තුකරු විසින් හෝ ඹහුගේ ‍හෝ ඇයගේ නියෝගය මත තෙස්තමේන්තුකරු හෝ තෙස්තමේන්තුකාරිය ඉදිරියේ ‍‍වෙනත් තැනැත්තකු විසින් පිළිස්සීමෙන් හෝ ඉරාදැමීමෙන් හෝ වෙනත් ආකාරයකින් විනාශ කළ විට අන්තිම කැමති පත්‍රය අවලංගු වේ. මෙහිදි අන්තිම කැමති පත්‍රය අවලංගු කිරීමේ චේතනාව ද එසේ අවලංගු කිරීමේ ක්‍රියාව ද සම්පූර්ණ විය යුතු ය.ඊට අමතරව7 වන වගන්තියඅන්තිම කැමති පත්‍රය හෝ කොඩිසිල් පත්‍රය ‍වෙනස් කිරීම හෝ අතර ලිවිම් ඒය අත්සන් කළ පසු කළ ෙනාහැකි අතර එසේ වෙනස් කිරීම හෝ අතර ලිවිම් කර ඇත් නම් තෙස්තමේන්තුකරු සහ සාක්ෂිකරුවන් විසින් ඇත් නම් තෙස්තමේන්තුකරු සහ සාක්ෂිකරුවන් විසික් අත්සන් යෙදීමෙ
න් සහතික කළ යුතු අතර එසේ කළ බව අවසානයේ දී සහතික කළ යුතු ය.8 වන වගන්තියඅන්තිම කැමති පත්‍රයක් තවත් අන්තිම කැමති පත්‍රයකින් ප්‍රකාශිතවම අවලංගු කළ හැකි අතර එහි යම් වෙනසක් කරන්නේ නම් කොඩිසිල් පත්‍රයක් මඟින් වෙනස් කළ යුතු ය.සම්පූර්ණ වෙනස්කමක් කරන්නේ නම් පෙර අන්තිම කැමති පත්‍රය අවලංගු කර අලුත් අන්තිම කැමති පත්‍රයක් ලිවිය යුතු ය.9 වන වගන්තියඅන්තිම කැමති පත්‍රයක් ඇති වි‍ට එහි තෙස්තමේන්තුකරු මියගිය විට එය ඔහු මිය ගිය ප්‍රදේශයේ හෝ දේපළ පිහිටි ප්‍රදේශයේ අදාළ දිසා අධිකරණයට ඉදිරිපත් කර ඔප්පු කිරීම මඟින් ප්‍රො‍බෙට් බලපත්‍රය හෝ අද්මිනිස්ත්‍රාසි බලපත්‍රය ලබාගත හැක.10 වන වගන්තියඅන්තිම කැමති පත්‍රයක් ලියා සහතික කළ නොතාරිස්වරයා සහ සාක්ෂිකරුවන් විසින් තෙස්තමේන්තුකරු අත්සන් කළ බවත් ඔවුන් විසින් එසේ සහතික කළ බවත් තහවුරු කිරීමට සාක්ෂි දිය යුතු ය.11 වන වගන්තියඑකී අන්තිම කැමති පත්‍ර ප්‍රතිලාභ ලබන අයෙකුට හෝ එසේ ලබන තැනැත්තකුගේ බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට හෝ කිසියම් ත්‍යාගයක් ලබන අයෙකුට හෝ ඔහුගේ හෝ ඇයගේ බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට හෝ අන්තිම කැමති පත්‍රයක් සහතික කළ නොහැක.එසේ සහතික කර ඇත්නම් එය වලංගු
අන්තිම කැමති පත්‍රයක් නොවේ.16 වන වගන්තියසෑම ඔප්පුවකම මුල් පිටපතට අමතරව දෙවන පිටපතක් තිබි‍ය යුතු වුව ද අන්තිම කැමති පත්‍ර හෝ ‍කොඩිසිල් පත්‍ර සඳහා දෙවන පිටපතක් නොමැත.මේ අඩවිත් බලන්න[සංස්කරණය]නීතියසිවිල් නඩු සම්බන්ධ ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වයපොලිස් විමර්ශනඅත්අඩංගුවට ගැනීමපාරිභෝගික ආරක්ෂණයඅඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]LawNet-Sri Lanka's Legal Information Network සංරක්ෂණය කළ පිටපත 2001-05-01 at the Wayback Machinelast will-sri lanka සංරක්ෂණය කළ පිටපත 2011-02-06 at the Wayback MachineWill (law)Last willඋපුටා ගැනීම[සංස්කරණය]ඩබ්.ඩි.ගමගේ - ඔප්පු ලිවීම සහ නොතාරිස් ධූරය වර්තමාන කාලයෙහි නගරය සඳහා, රෝමය බලන්න. වෙනත් භාවිතා සඳහා, පුරාතන රෝමය (බහුරුත්හරණය) බලන්න.පුරාතන රෝමයරෝමාක්‍රිපූ 753–ක්‍රිව 476අගනුවරරෝමයපොදු භාෂාවන්ලතින්රජයරාජධානිය (ක්‍රිපූ 753 - ක්‍රිපූ 509)ජනරජය (ක්‍රිපූ 509 - ක්‍රිපූ 27)අධිරාජ්‍යය (ක්‍රිපූ 27 - ක්‍රිව 476)ඓතිහාසික යුගයපුරාතන ඉතිහාසය• රෝමය සොයාගැනුම ක්‍රිපූ 753• සාඩම්බර ටාක්වින් බලයෙන් පහකිරීම ක්‍රිපූ 509• අහෝසි කළේ ක්‍රිව 476රෝමානු
ශිෂ්ටාචාරයේ ක්‍රිපූ 510 සිට ක්‍රිව 480 දත්වා බල ප්‍රදේශ  :   රෝමානු ජනරජය   රෝමානු අධිරාජ්‍යය   බටහිර රෝමානු අධිරාජ්‍යය   බයිසැන්ටියානු අධිරාජ්‍යයපුරාතන රෝමය යනු ක්‍රිපූ 8වන සියවස තරම් ඈත කාලයේදී ඉතාලියානු අර්ධද්වීපයෙහි වර්ධනය වීම ඇරඹූ මහත් සඵල ශිෂ්ටාචාරයකි. රෝම නගරය කේන්ද්‍රගතව මධ්‍යධරණී මුහුද අසබඩ පිහිටි මෙය, පුරාතන ලෝකයේ විශාලතම අධිරාජ්‍යයන් අතුරින් එකක් බවට විකාශනය විය.[1]එය පැවැති සියවස් ගණනාව තුලදී, රෝමානු ශිෂ්ටාචාරය, රාජාණ්ඩුවක සිට කතිපයාධිපත්‍ය සමූහාණ්ඩුවක් දක්වාද, එයින් පසුව අත්‍යන්ත ලෙසින් ඒකාධිපති ස්වරූපයක් ගත් අධිරාජ්‍යයක් බවටද පරිවර්තනය විය. යටත් කර ගැනුම සහ සමාග්‍රහණය තුලින් නිරිත දිග යුරෝපය, අග්නි දිග යුරෝපය සහ බෝල්කනයද, මධ්‍යධරණී පෙදෙසද අභිභවනය කෙරුමට එය සමත් විය.ඉතිහාසය[සංස්කරණය]රෝමානු කාලානුක්‍රමය[සංස්කරණය]සොයාගැනුම පිළිබඳ පුරාණෝක්තිය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: රෝමය සොයාගැනුමජනප්‍රවාදය පරිදී, ක්‍රිපූ 753දී රෝමය සොයාගැනුනේ වෘක ධෙනුවක් විසින් ඇතිදැඩි කර ගත් රොමියුලස් සහ රීමස් විසිනි.රෝමය සොයාගැනුමේ පුරාණෝක්තිය පරිදී, ක්‍රිපූ 753 අප්‍රේල් 21 දිනදී නගරය ස
ොයාගැනුනේ, ට්‍රෝජානු කුමරු එනියස් ගෙන් පැවත එන[2] සහ, ඇල්බා ලොංගාහි නුමිතෝර් නම් ලතින් රජුගේ මුණුපුරන්වූ රොමියුලස් සහ රීමස් නම් නිවුන් සොහොයුරන් විසිනි. අමියුලියස් නම්වූ ඔහුගේ සොහොයුරා විසින් නුමිතෝර් රජු සිහසුනෙන් නෙරපන ලද අතර, නුමිතෝර්ගේ දූ කුමරිය, රියා සිල්වියා විසින් නිවුන්නු දෙදෙනට උපත ලබා දුනි. [3][4] අඟහරු නම්වූ , රෝමානු යුද්ධයට අධිපති දෙවියා විසින්, රියා සිල්වියා දූෂණය කොට නිශේචනය කරන ලද බැවින්, නිවුන්නු දෙදෙන අඩක්-දිව්‍ය යැයි සැලකෙයි. රොමියුලස් සහ රීමස් විසින් සිහසුන යළි පැහැර ගනියි යයි බියවූ නව රජ ඔවුන් ගිල්වා මරා දැමීමට අණ කළේය. [4] වෘක-ධේනුවක් (හෝ සමහරක් කතා පරිදී එඬේරෙකුගේ බිරිය) විසින් මොවුන් බේරා ගෙන ඇතිදැඩි කරනු ලදුව, ඔවුන් පමණට වියපත් වූ විට, ඔවුන් විසින් ඇල්බා ලොංගා සිහසුන නුමිතෝර් වෙත යලි හිමි කර දුනි. [5][6]ඉන්පසු නිවුන්නු විසින් ඔවුන්ගේම නගරය අරඹන ලද මුත්, රෝමානු රාජධානියේ පිහිටුම් ස්ථානය පිළිබඳ මත ගැටුමක් නිසා, රොමියුලස් විසින් රීමස් මරා දැමුනු බව කියවෙතත්, සමහරක් මූලාශ්‍ර විසින් පැවසෙන්නේ කවුරුන් විසින් නගරය පාලනය කරන්නේද හෝ කවුරුන් විසින් නගරයට නම් තබන්නේද
යන්න මත අරගලය ඇතිවූ බවයි.[7] රොමියුලස්, නගරයෙහි නමෙහි මූලාශ්‍රය විය.[8] නගරය වෙත ජනයා ආකර්ෂණය කර ගැනුම සඳහා, දිළිඳු, නෙරපා දැමුණු, සහ අනවශ්‍ය පුද්ගලයන් සඳහා රෝමය අභයභූමියක් විය. මෙය රෝමයට ප්‍රශ්නයක් වූයේ, එහි විශාල කම්කරු පිරිසක් සහිත වුවත් ගැහැණුන් විරහිත වීම නිසායි. අසල පිහිටි සුළු නගර හා ගෝත්‍ර වෙත ගිය රොමියුලස්, විවාහ බන්ධන ගිවිසුම් ඇති කර ගැනුමට උත්සාහ කළද, රෝමය අනිෂ්ටයන් ගෙන් පිරී පැවතුණ නිසා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. ජනප්‍රවාද පවසන්නේ, ලතින්වරුන් විසින්, උත්සවයක් සඳහා සබීනේවරුන් වෙත ආරාධනා කළ අතර, එහිදී ඔවුන්ගේ අවිවාහක තරුණියන් ඩැහැගැනීම නිසා, ලතින්වරුන් හා සබීනේවරුන් අතර සංකලනයක් ඇතිවූ බවයි. [9]ග්‍රීක ඉතිහාසඥ හෙලිකානෙසස්හී දියොනීසියුස් විසින් සටහන් කොට ඇති තවත් ජනප්‍රවාදයක් පරිදී, ට්‍රෝජානු යුද්ධයේදී මුල් නගරය විනාශයට පත් වීම නිසා, නව ට්‍රෝයි නගරයක් සඳහා ස්ථානයක් සොයමින් මුදුදු ගවේෂණයෙහි යෙදී සිටි ට්‍රෝජානුවන් කණ්ඩායමකට, එනියස් කුමරු නායකත්වය දුනි. රළු මුහුදේ බොහෝ කලක් ගත කළ මොහුන්, ටයිබර් ගංගාවේ ඉවුරෙහි ගොඩ බටහ. ඔවුන් ගොඩ බැස වැඩි කල් ගත වීමට පෙර, යළි මුහුදු ගමනෙහි යෙදීම
පුරුෂයන්ගේ අභිප්‍රාය වුවද, එම ස්ථානය හැර යාමට ඔවුන් සමග ගමනේ යෙදුනු ස්ත්‍රීන් හට අවශ්‍ය නොවේ. රෝමා යන නමැති එක් කාන්තාවක් යෝජනා කලේ, මුහුදු අසබඩ ඇති ඔවුන්ගේ නැව් ස්ත්‍රීන් විසින් ගිණිගත් කිරීමෙන් පිටවී යාම වැලැක්විය යුතු බවයි. පළමුවෙන්, රෝමා සමග පුරුෂයන් කිපුණ මුත්, ඔවුන් විගසින් තේරුම් ගත්තේ මෙම ස්ථානය පදිංචි වීමට යෝග්‍ය බවයි. නැව් ගිණිබත් කල කාන්තාවගේ නමින් ජනාවාසය නම් ලැබීය. [10]රෝමානු කිවි වර්ගිල් විසින්, ඔහුගේ වීර කාව්‍යය අනීඩ්හී මෙම ජනප්‍රවාදය යළි පවසයි. අනීඩ්හී, ට්‍රෝජානු කුමරු ඒනියස් විසින් නව ට්‍රෝයි නගරයක් සොයැ ගැනුම දේව කැමැත්ත විය. වීර කාව්‍යයෙහිද, යළි මුහුදට යෑම ප්‍රතික්ෂේප කලේ ස්ත්‍රීන් වුවද, ඔවුහූ ටයිබර් ඉවුරේ නොසිටියහ. ඉතාලියට ලඟාවූ ඒනියස් කුමරුන්ට, ලැවිනියා විවාහ කර ගැනීම රුචි වුවත්, ඇයගේ පළමු විවාහ යෝජක, ටර්නස් හා යුද වැදීමට සිදුවෙයි. කාව්‍යයට අනුව, ඇල්බානු රජවරු පැවත. එන්නේ, ඒනියස් ගෙන් වන බැවින්, රෝමයේ නිර්මාතෘ රොමියුලස් ඔහුගෙන් පැවතෙන්නෙක් වෙයි.රාජධානිය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: රෝමානු රාජධානිය ගමනාගමනයට හා වෙළෙඳාමට මධ්‍යස්ථානයක්වූ ටයිබර් ගංගාව අසබඩ නැව් තොටක
් අවට තැනුනු ජනාවාස මතින් රෝම නගරය නැගී ආවේය.[11] පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව, රෝම ග්‍රාමය, ක්‍රිපූ 8වන සියවසෙහි පමණ බිහිවුවත්, ඉතාලියේ ලතින් ගෝත්‍රය විසින් පැලන්ටීන් කන්ද මුදුනේ, ක්‍රිපූ 10වන සියවසෙහිදී පමණ ඈත අතීතයෙහිදී, මෙය බිහි කලා විය හැකිය.[12][13] එත්‍රෑරියාවට උතුරින් මින් පෙර ජනාවාස ඇති කර ගත්, එට්‍රස්කන්වරු, ක්‍රිපූ 7වන සියවසෙහි අග වන විට ප්‍රදේශයේ දේශපාලන පාලනය ඇති කර ගනිමින් ප්‍රභූකාන්ත්‍රික හා රාජකීය ප්‍රභූ ජන රාශි නිමවූ බවක් පෙනෙන්නට ඇත. 6වන සියවසෙහි අග වන විට එට්‍රස්කන්වරුහට ප්‍රදේශයේ බලය අහිමිවූ බවක් පෙනෙන අතර, මෙම අවස්ථාවෙහිදී, මුල් ලතින් සහ සබීනේ ගෝත්‍ර විසින්, ඔවුන්ගේ පාලකයන්ට බලය භාවිතා තිරීමේදි මහත්වූ ප්‍රතිබාධක සහිත ජනරජයක් පිහිටුවමින් ඔවුන්ගේ රජය යළි-නිමවා ඇත. [14]රෝමානු සම්ප්‍රදාය සහ පුරාවිද්‍යාත්මක සාධක විසින් දැක්වුනේ, ෆෝරම් රොමානුම් ඇතුලතවූ සංකීර්ණයක, රජුගේ බල ආසනය පැවතුනු බවත් ආගමික කේන්ද්‍රයක් ඇරඹෙමින් පැවති බවත්ය. නූමා පොම්පීලියස් යනු රොමියුලස්ගේ අනුප්‍රාප්තික ලෙසින් රෝමයේ දෙවන රජ බවට පත්වූ තැනැත්තේ විය. ඔහු විසින් රෝමයේ විශාල ගොඩනැගිලි ව්‍යාපෘති ඇ
රඹූ අතර, ඒවා අතර රීජා නම් ඔවුගේ රජ මාලිගයද පවිත්‍ර කන්‍යා සංකීර්ණයද විය.ජනරජය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: රෝමානු ජනරජය කැපිටොලින් කෞතුකාගාර වෙතින් වන මෙම උඩුකය, සාම්ප්‍රදායිකව සැලකෙන්නේ ලූකියුස් ජූනියුස් බෲටස්ෆග් ආලේඛ්‍යයක් බවයි.සම්ප්‍රදාය සහ ලිවී වැනි පසුකාලීන ලේඛකයන් ප්‍රකාර, රෝමානු ජනරජය පිහිටුවන ලද්දේ ක්‍රිපූ 509 පමණ වන අතර,[15] එය සිදුවූයේ, ලූකියුස් ජූනියුස් බෲටස් විසින්, රෝමයේ රජවරුන් සත් දෙනාගෙන් අවසානයාවූ, සාඩම්බර ටර්ක්වින් රජු, බලයෙන් නෙරපා හැර, වාර්ෂිකව තේරී පත් වන වරණිත නිලධාරින් සහ බොහෝ නියෝජිත සභා වලින් සැදි ක්‍රමයක් සංස්ථාපනය කළ විටය. [16]තාක්ෂණය[සංස්කරණය]මූලික ලිපිය: රෝමානු තාක්ෂණයබැබිලෝනියානු ගණක රාමුව පදනම් කොට ගොඩ නැඟූ රෝම ගණක රාමුව ප්‍රථම ජංගම ගණන ක්‍රමය වූ අතර එමඟින් රෝම වීජ ගණනය කිරීම් වේගවත් විය. පුරාණ රෝමය ඒ කාලයේ හැටියට දියුණු තාක්ෂණික ඥානයකින් යුක්ත වූවන් සිටින්නක් විය. 19 වන හා 20 වන ශත වර්ෂය දක්වා එය එලෙසම පැවතිණ. නමුත් වෙනත් සංස්කෘතීන් හි තාක්ෂණයන් පිළි ගැනීමේ හා සංකලනය කිරීම අතින් රෝම ශිෂ්ටාචාරය විශේෂ ප්‍රගතියක් හෝ උනන්දුවක් දැක්වූයේ නැත. බොහෝ
ප්‍රායෝගික රෝම චාරිත්‍ර පූර්ව ග්‍රීක ක්‍රමයට අයත් වූ ඒවා විය. නව අදහස් ඇති වූයේ කලාතුරකිනි. බහු සාමාජික පවුලක් ඥානවන්ත ලෙස පාලනය කළ හැකි රණ ශූරයකු විශිෂ්ටයකු ලෙස රෝම සමාජයේ සැලකුණි. රෝම නීතියන් බුද්ධිමත් භාවයට හෝ නව සොයා ගැනීම්වලට දීමනා කළේ නැත. විද්‍යාඥවරු හෝ ඉංජිනේරුවරු යන වචන එකල නොපැවතිණි. වැඩි දියුණු වීම් සිදු වූයේ නම් සිදු වූයේ කර්මාන්ත පාදක කොට ගත් ඒවායෙහිය. කම්කරුවන් / ශිල්පීන් නව තාක්ෂණ, වෙළඳ රහස් ලෙස ඊර්ෂ්‍යාවෙන් සැලකූහ. එහෙත් පසුව රෝම ආධිපත්‍යයට විශාල තත්වයක් ගෙන දෙමින් හා යුරෝපයට ම බල පවත්වමින් අත්‍යවශ්‍ය තාක්ෂණික විප්ලව විශාල සංඛ්‍යාවක් රෝමය පුරා පැතිරෙන්ට විය.ඉංජිනේරු කර්මාන්තය[සංස්කරණය]රෝම තාක්ෂණික උසස්භාවය සහ රෝම උරුමය ඉංජිනේරු කර්මාන්තය තුළින් වඩ වඩාත් ඉහල නැංගේය. තවද සිය ගණන් මහා මාර්ග, පාලම්, වාරි මාර්ග පද්ධති , නාන ස්ථාන, ශාලා සහ රඟ මඬල තැනීමට එය හේතු විය. කොලෝසියම, පොන්ට් ඩු ගාඩ් සහ පැන්තියම තවමත් රෝම ඉංජිනේරු කර්මාන්තයේ හා සංස්කෘතියේ සිහිවටන ලෙස පවතී.පින්තූරගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය]ග්‍රීක සම්ප්‍රදානුකූල රෝම සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ රෝමවරු විශේ
ෂ කීර්තියක් ලබා සිටියහ. රෝම සමූහාණ්ඩු කාලයේ එය ග්‍රීක ගෘහ නිර්මාණයට ඉතා සර්වසම ලෙස පැවතුණි. එහි ග්‍රීක ගෘහ නිර්මාණය සමඟ සසඳන කල්හි වෙනස්කම් කීපයක් ඇතත් ක්‍රමවත් ලෙස ‍ගොඩනැඟිලි ඉදිකිරීම රෝමවරු ග්‍රීසියෙන් ඉගෙන ගත්තක් විය. කම්පොසයිට් හා ටුස්කාන් සහ ශිඛර ගෝලාර්ධය (එට්‍රස්කානු ආරුක්කුව මුල් කර ගත්) හැරුණු විට සමූහාණ්ඩුවේ අවසානය දක්වා රෝමය සතුව තිබුණේ අඩු ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම ගණනකි.ක්‍රි. පූ. 3 වන ශත වර්ෂයේ දී මුලින්ම නිෂ්පාදනය කරනු ලැබූ කොන්ක්‍රීට්, රෝමවරු භාවිතයට ගන්නට පටන් ගත්තේ ක්‍රි.පූ. 1වන ශත වර්ෂයේ දීය. පොසොලානා හි මූලාරම්භය ලැබූ කොන්ක්‍රීට් ප්‍රබල සිමෙන්තියක් වූ නමුත් එය කෙටි කලක් තුළ ඉවත් වී ප්‍රධාන රෝම ගොඩනැඟිලි අමුද්‍රව්‍ය කිරිගරුඬ පත් විය. ක්‍රි.පූ. 1 වන සියවසේ දී විටුවියස් විසින් ලියන ලද ඩී ආචිටෙක්චූරා නම් ග්‍රන්ථය ඉතිහාසයේ ප්‍රථමවරට ගෘහ නිර්මාණ ශිල්පය පිළබඳ ලියවුණු සංග්‍රහය ලෙස සැලකේ. ක්‍රි.පූ. 50 දී පමණ සිරියාවේ නළයකින් පිඩ වීදුරු බඩු සෑදීමේ කලාව සොයා ගැණුනු පසු රෝමය ද ක්‍රි.පූ. 1 වන සියවසේ අග භාගය වන විට එය භාවිතයට පටන් ගත්හ. ලුසියස් කොර්නේලියස් සුල්ලාගේ යුද්ධ ව්‍යාපාර
අතරතුර මොසායික් අධිරාජ්‍යය ලබා ගත්තේය. රෝමයේ කොන්ක්‍රීට් භාවිතයේ ඉතිහාසය ගැන කියවෙන ලිපිය.මහාමාර්ග[සංස්කරණය]රෝම පුරවරය හා ඉතාලියේ දකුණු දිග ප්‍රදේශ යා කළ ඇපියන් මාර්ගය (වියා ඇපියා) අදටත් භාවිතයට ගත හැකි සේ පවතී. රෝම අධිරාජ්‍යයේ බිඳ වැටුමට අවුරුදු දහස් ගණනකට පසුව වුව ද භාවිතයට ගත හැකි සේ, බිම් ගඩොල් ඇල්ලූ රෝම මහා මාර්ග කොන්ක්‍රීට් මඟින් ශක්තිමත් වූයේය. අධිරාජ්‍යය පුරාවමට විහිදුණු යෝධ සහ කාර්යක්ෂම ප්‍රවාහන ජාලයක් සංස්ථාපනය වී තිබීම රෝමයේ බලය හා ප්‍රභූත්වය වැඩි කිරිමට හේතු විය. එය ඇත්තෙන්ම ඉදි වූයේ රෝම මහා හමුදාවට පෙළට ගමන් කිරීමට පහසු වීම සඳහාය. නමුත් මෙම මහා මාර්ගවල අති විශාල ආර්ථික වැදගත්කමක් තිබිණි. “සියළු මහා මාර්ග රෝමයට මඟ පෙන්වීය” යන කියමනේ උපත සඳහා එය බලපා තිබුණි. රෝම ආණ්ඩුව විසින්, මහා මාර්ගය අතරතුර තනා තිබූ නැවතුම්පළවල් නඩත්තු වූ අතර එම ස්ථානවලදී ගමන්කරුවන්ට ආහාර පාන සපයන ලදී. තවද අවශ්‍ය ස්ථානවල පාලම් තැනීම ද විසි හතර පැයේ කි.මී. 800ක් (සැතපුම් 500ක්) ගමන් කළ දූතයන් වෙනුවෙන් අශ්ව සේවා මුර පද්ධතියක් පිහිටුවීම ද රෝම ආණ්ඩුව මඟින් සිදු විය.වාරිමාර්ග පද්ධති[සංස්කරණය]ප්‍රංශයේ ප
ොන්ට් ඩූ ගාඩ් යනු ක්‍රි.පූ. 19 වන සියවසේ දී තැනුණු රෝම ඇළ මාර්ගයකි. එය ප්‍රංශයේ ප්‍රධාන පෙළේ සංචාරක තිප්පොලක් වන අතර ලෝක උරුමයක් ලෙස ද සැලකේ.රෝමවරු විශාල ඇළ මාර්ග සංඛ්‍යාවක් තැනූයේ කෘෂිකර්මාන්තයට උපකාරී වීම සඳහා සහ නඟරවලට හා කාර්මික ජනපදවලට අවශ්‍ය ජලය සැපයීම සඳහාය. රෝම පුරවරයේ කි.මී. 350 ක (සැතපුම් 220ක) සංයුක්ත දිගකින් යුත් ඇළ මාර්ග 11ක් තනා තිබිණි. බොහෝ ඇළ මාර්ග වූයේ පොළව යටය. බෝක්කු මඟින් ඒවා පිටතට විවෘත වන්නට සකස් කර තිබුණි.සමහර අවස්ථාවන් හි දී මීටර 50ට (අඩි 165ට ) වඩා ගැඹුරු පහත් බිම් හරස් කරන්නට සිදු වුණි. ඉහල වූ ජලයට බලය යෙදීමට නැමුණු නළ භාවිතා කෙරිණි.කාණු පද්ධති[සංස්කරණය]රෝමවරු සනීපාරක්ෂාවෙහි ද ප්‍රධාන දියුණු කිරීම් කළහ. සනීපාරක්ෂක හා වෙනත් සාමාන්‍ය කටයුතු යන ද්විත්වයම සඳහා ප්‍රයෝජනයට ගත් තර්මායි නම් වූ ප්‍රසිද්ධ නාන ස්ථාන ගැන රෝමවරු ප්‍රසිද්ධය. බොහෝ රෝම නිවෙස්වල ජලය යොදන වැසිකිලි, ගෘහාශ්‍රිත, ජල නළ, සංකීර්ණ කාණු පද්ධති තිබිණි. අපද්‍රව්‍ය ටයිබර් නදියට රැගෙන යාමට ක්ලෝකා මැක්සිමා කාණුව තිබිණි. රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමට හේතු වුණු ළඳරු මරණ අනුපාතිකයේ සහ ජනගහණයේ පිරිහීම සඳහා කා
ණු සෑදීමට යොදා ගත් ඊයම් ජල නළවල විෂ භාවය හේතු වුණු බව සමහර ඉතිසාඥයින් පවසයි. එම ඇළවල්වල ජලය රජයේ හා පෞද්ගලික බැහැර කිරීම් පද්ධති හරහා නොනවත්වාම ගලාගිය නිසා කරාම භාවිතා වූයේ සුළු වශයෙනි.සමාජය[සංස්කරණය]ජනරජය හා පසුව අධිරාජ්‍යය පැවති කාලයන්හිදී නගරයේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික, සහ ආගමික කේන්ද්‍රස්ථානය වූ රෝමානු සංවාද මණ්ඩපයරෝම අධිරාජ්‍ය නගරය එකල පැවැති විශාලතම නාගරික මධ්‍යස්ථානය වූ අතර, මිලියන 14 ක ඉහළ-අග ඇස්තමේන්තුවක් සහ 450,000 ක පහළ-අග ඇස්තමේන්තුවක්ද සහිතව, මිලියනයක පමණ ජනගහණයක් (19වන සියවසෙහි මුල් භාගයෙහි ලන්ඩනය ලොව විශාලතම නගරයව පැවැති කල එහි විශාලත්වය තරම්) සහිත විය. [17] [18][19] රෝමයේ පොදු ඉඩ කඩ තුල අස් කුර බිම ගැටෙන හඬ හා යකඩ අස් රිය රෝද ඇතිලෙන හඬ කෙතරම් ගිගුම්දුනිද යත් ජුලියස් සීසර් වරෙක යෝජනා කලේ දිවා කාලය තුල අස් රිය ගමනාගමනය තහනම් කල යුතු බවයි.ආශ්‍රිත[සංස්කරණය]පුරාණ රෝමයසටහන්[සංස්කරණය]↑ ක්‍රිස් ස්කාරේ, ද පෙන්ගුයින් හිස්ටොරිකල් ඇට්ලස් ඔෆ් ඒන්ෂන්ට් රෝම් (ලන්ඩනය: පෙන්ගුයින් පොත්, 1995).↑ ඇඩ්කිංස්, 1998. පිටුව 3.↑ ද ෆවුන්ඩිං ඔෆ් රෝම්. සම්ප්‍රවේශය 8 මාර්තු 2
007.↑ 4.0 4.1 ලිවී, 1998. පිටුව 8.↑ ඩුරාන්ට්, 1944. පිටු 12–14.↑ ලිවී, 1998. පිටු 9–10.↑ රොගන්, හෙසර්, හාස්ට්‍රප්, ඔම්නිබස් අයි, එච්. ඇස්චිහොග් සහ සමාගම 1996↑ ලිවී, 1998. පිටු 10–11.↑ මිත්ස් ඇන්ඩ් ලෙජන්ඩ්ස් - රෝම්, ද වුල්ෆ්, ඇන්ඩ් මාර්ස්. සම්ප්‍රවේශය 8 මාර්තු 2007.↑ මෙලර්, රොනල්ඩ් සහ මැක්ගී මාර්නි, දි ඒක්ෂන්ට් රෝමන් වර්ල්ඩ් පි. 15 (සම්ප්‍රෙව්ශය 15 මාර්තු 2009)↑ a↑ මටියිසාක්, 2003. පිටුව 19.↑ ඩුයිකර්, 2001. පිටුව 129.↑ ඒන්ෂන්ට් රෝම් ඇන්ඩ් ද රෝමන් එම්පයර් මයිකල් කෙරිගන් විසින්. ඩෝලිං කින්ඩර්ස්ලි, ලන්ඩනය: 2001. ISBN 0-7894-8153-7. පිටුව 12.↑ ලැංග්ලි, ඇන්ඩෲ සහ සූසා, ඩි ෆිලිප්, "ද රෝමන් ටයිම්ස්", කැන්ඩ්ල් වික් මුද්‍රණාලය, මැසචුසට්ස්↑ Matyszak, 2003. පිටු 43–44.↑ ඩයිකර්, 2001. පිටුව 149.↑ ඇබිස්ට්‍රැක්ට් ඔෆ් ද පොපියුලේෂන් ඔෆ් ඒන්ෂන්ට් රෝම්. ග්ලෙන් ආර්. ස්ටෝරි විසින්. හයිබීම් රිසර්ච්. ලියන ලද්දේ 1997-12-1. සම්ප්‍රවේශනය 22 අප්‍රේල් 2007.↑ The Population of Rome විට්නි ජේ. ඕට්ස් විසින්. මුල් ප්‍රකාශය ක්ලැසිකල් ෆිලොලොජි තුල.වෙළුම. 29, අංක. 2 (අප්‍රේල් 1934), pp10
1-116. සම්ප්‍රවේශනය 22 අප්‍රේල් 2007.ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනය වර්ධනය[සංස්කරණය]Dermaptera විශේෂය ආකර්ෂණය කර ගැනීම සඳහා පිදුරු වලින් පිරවු බඳුනක් මුනින් අතට සවිකර ඇත.මෙම ක්‍රමයේදී ස්වභාවික පළිබෝධක මාර්ගයෙන් සතුරන් මුදාහැරීම සිදුකරයි. සාපේක්ෂ ලෙස පළමුව ස්වභාවික සතුරන් කීපයක් පමණක් කන්නයේ සුදුසුම කා‍ලයේදී මුදාහැරීම සිදුකරයි. ඊට අමතරව ස්වභාවික සතුරන් වර්ධනය සඳහා බෝග පද්ධතියේ වෙනස් කිරීමක් සිදුකරනු ලබයි. කාලාවර්තව සිදුකරන පරපෝෂී එන්කාසියා ‍ෆෝමෝසා නම් ස්වභාවික සතුරා හරිතාගාර වයිට්ෆිලයි පාලනයට යොදා ගනී. එමෙන්ම කීඩෑවකු වන ෆයිටෝසීලස් පර්සිමිලිස් නම් ස්වභාවික සතුරා දිවි-ශබල මකුළු කීඩෑවා පාලනයටත් යොදාගනී.ලේඩි බීටල්ස්, ලේස්වින්ග්ස් හා ට්‍රිකෝගැමා නිරන්තරයෙන්ම විශාල ගණන් වලින් මුදාහැරීම සිදුකරයි. මෙසේ මුදාහරින ප්‍රමාණය වගාවේ පළිබෝධක මට්ටම මත රඳා පවතියි.තව උපක්‍රමයක් වන්නේ බෝග පද්ධතිය වෙනස්කිරීම තුළින් ස්වභාවික සතුරන්ගේ සඵලතාවය වෙනස් කිරීම හෝ වර්ධනය කිරීමයි. බොහෝ වැඩිහිටි පරපෝෂිතයන් හා විලෝපිතයන් මධු සහිත ප්‍රභව තුළින් හා බඩවැටි, ආරක්ෂණ වගා හා වල්පැලෑටි සීමාවන්ගේ යැපීම සිදුවේ. මේ සඳහ
ා මල් බඳුන්, දැව පෙට්ටි, හෙරඩු වැනි ස්වභාවික ආවරණ සැපයීමද සිදුකරයි.මිශ්‍ර බෝග වගාව හා මල් වගාවන්ගෙන් සීමා ඇතිකිරීම මඟින් ජෛව විවිධත්වය වර්ධනය කිරීම හා අතිරේක ආහාර ප්‍රභව නිර්මාණ කල හැක. මේවා පහසුවෙන් ගෘහස්ථ වතු වලට හා සුළු පරිමාණ වාණිජ වගාවන්ට ඈදා ගත හැකි අතර මහා පරිමාණ වගා නිෂ්පාදනයට යොදාගැනීමට දුෂ්කර වේ. තවත් ක්‍රමවේදයක් වන්නේ මල් පැල වගාවන් බෝග ආසන්නයේ යෙදීම තුළින් ස්වභාවික සතුරන් බෝග කරා ආකර්ෂණය කර තබා ගැනීමයි.ජෛව පාලක සංරක්ෂණය(පලිබෝධ මර්ධනය)[සංස්කරණය]ජෛව පාලකයෙක් වන cane toadජෛව උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවැසියන් හා වතු හිමියන් විසින් යොදාගනු ලබනජෛව පාලන ක්‍රම ජෛව පාලකයින් නම්වේ. ගෙවත්තේ සිට වාණිජ වගාව දක්වා සෑම අංශයකටම ස්වාභාවික උපද්‍රව සිදුවේ.මෙම ජෛව පාලන ක්‍රම අදාළ පරිසරයන්ට මෙන්ම ඉලක්ක කරගත් කෘමීන් මර්ධනයටද යොදාගනී. සාමාන්‍යයෙන් එම සංරක්ෂණ ක්‍රම යෙදීම පහසුවන අතරම පිරිවැයද ඵලදායිතාවයෙන් යුක්තවේ. රේන්ද මැස්සා, ගැහැනු කුරුමිණියා, කීටයා හා පරපෝෂිත කුඩිත්තා දැනට හමුවන එවැනි පරපෝෂිත විශේෂ වේ. දිලීර ආසාදන පතුරවන වැඩිහිටි මැස්සන් සාමාන්‍යයෙන් වැඩි තෙතමනයක් ඇති පෙදෙස්වල දක්
නට ලැබේ. මෙලෙස ස්වාභාවිකව ඇතිවන ජෛව පාලන ක්‍රම, ඉලක්ක කරගත් බෝග සඳහා පලිබෝධ නාශකයක් ලෙස යොදාගත හැකිය.සංරක්ෂණය යනු 'ස්වාභාවික සතුරන්ගෙන් සිදුවන උපද්‍රවයන් සහමුලින්ම වැළැක්වීමයි'.එය කෘමිනාශක දිලීර නාශක ආදිය යොදා පලිබෝධ මර්ධනයට වඩා පරිසර හිතකාමීය The invasive species Alternanthera philoxeroides (alligator weed) was controlled in Florida (U.S.) by the introduction of Agasicles hygrophila (alligator weed flea beetle)ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ජෛව පාලනය[සංස්කරණය]ක්ෂුද්‍ර ජීවීන්ගෙන් විවිධ රෝග ඇතිවුනද, ඒවා ජෛව-කෘමිනාශ ද්‍රව්‍යය ලෙසද භාවිත කල හැක. ස්වභාවිකව ඇතිවන කල මෙම පැතිරීම් ජෛව ඝනත්වය මත බලපාන අතර, සාමාන්‍යයෙන් ජෛව ඝනත්වය වැඩිවන විට ඇතිවේ.බැක්ටීරියා හා ජෛව පාලනයජෛව පාලනයට යොදාගන්නා බැක්ටීරියා ඔවුන්ගේ දිරවීමේ කාර්යය (tracts) ඔස්සේ කෘමීන්ට රෝග පැතිරවීම සිදුකරයි. එනිසා සිවි කෘමීයන් (scale insects) හා කූඩිත්තන් මෙම ක්‍රමයෙන් පාලනය කල නොහැක. බැසිලස් තුරින්ජියෙන්සිස්" යනු වැඩිපුරම ව්‍යවහාරයේ පවතින ජෛව ජාලන බැක්ටීරියා කුලයයි. එහි උප කුල 4 ක් පමණ ලෙයිඩොප්ටෙරාන්, කොලියොප් ටෙරාන් හා ඩයැප්ටෙරාන් නම
් කෘමි වසංගත පාලනයට භාවිතා කරයි.දිලීර හා ජෛව පාලනයකෘමීන්ගේ ලෙඩ රෝග දිලීර එන්ටොමො පැතොගනික් දිලීර ලෙස හඳුන්වන අතර අඩුමතරමින් එම දිලීරයේ වර්ග 4 ක් පමණ කූඩිත්තන්ට පහර දේ.ට්‍රිකොඩර්මා හා බැසිලස් සබ්ටිලිස් වර්ග රෝගකාරක බීජ පාලනයට භාවිතා කරයි.ශාස්ත්‍රිය ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනය[සංස්කරණය]මෙම ක්‍රමය තුළින් ස්වභාවික පළිබෝධක සතුරන් ඔවුන් ස්වභාවිකව හටගත් ස්ථාන වලින් බැහැරවූ ස්ථාන වලට හඳුන්වාදීම සිදුකරයි. මෙය සාමාන්‍යයෙන් සිදුකරන්නේ රාජ්‍යය අධිකාරි මඟිනි. බොහෝ අවස්ථාවන්හිදී කෘමි පළිබෝධක සමඟ සම්බන්ධ වූ ස්වභාවික සතුරන් ප්‍රමාණවත් නොවේ. මෙවන් හඳුන්වාදෙන කෘමීන් විදේශික කෘමීන් ලෙස හඳුන්වනු ලබයි. විදේශික කෘමියකුට උදාහරණයන් වන්නේ උතුරු ඇමරිකාවට හඳුන්වාදුන් යුරෝපානු ඉරිඟු ගුල්ලාය. ශාස්ත්‍රීය ජීව විද්‍යාත්මක පළිබෝධක පාලනයේදී, හඳුන්වා දුන් විදේශීය පළිබෝධක පාලනයට ස්වභාවික සතුරන් ආනයනය කිරීම, මුදාහැරීම හා ‍පවත්වාගැනීම සිදුකරයි.මෙම ක්‍රියාදාමයේ පළමු පියවර වන්නේ හඳුන්වාදුන් පළිබෝධකයේ මුල් ප්‍රභවය තීරණය කිරීමයි. අනතුරුව එම කෘමියා හා බැඳුනු හා ළගින් සම්බන්ධ වූ සුදුසු ස්වභාවික සතුරන් එක්රැස් කිරීම සිද
ුකරයි. නුවුමනා ජීවීන් එකතු වීම වැලැක්වීමට මෙම ස්වභාවික සතුරන් නිරෝධන ක්‍රියාදාමයකට භාජනය කරයි. ස්වභාවික සතුරන් මුදාහරින භූමි භාගයේ සාර්ථකව ස්ථාපිත වී ඇත්ද යන්න තීරණය කිරීමෙන් පසු අධ්‍යයනයන් සිදුකරනු ලබයි.මෙම ක්‍රමය දිගුකල් පවතින හා ලාභදායි ක්‍රමයකි. ස්වභාවික සතුරන් එකතු කිරීම, ආනයනය කිරීම හා බෝකිරීමේ මූලික වියදම් වලට අමතරව ඉතාමත් සුළු මුදලක් පමණක් මෙම ක්‍රමයට අවශ්‍ය වේ. සාර්ථකව ස්ථාපනය කිරීමෙන් අනතුරුව ඉතාමත් විරල වශයෙන් අතිරේක යෙදුම් මෙම ක්‍රමයට අවශ්‍ය වන අතර එය දිගින් දිගටම මිනිස් උදව් හා වියදම් රහිතව පළිබෝධක මර්ධනය සිදුකරයි. අවාසනාවන්ත ලෙස මෙම ක්‍රමය හැම අවස්ථාවකදීම ක්‍රියාකරන්නේ නැත. බොහෝවිට මෙම ක්‍රමය විදේශික පලිබෝධක පාලනයට වඩා ඵලදායී වන අතර, ස්වදේශීය කෘමි පලිබෝධකයන් මර්ධනයට එතරම් ඵලදායී නොවේ. ජෛව පාලක සංරක්ෂණය(පලිබෝධ මර්ධනය)[සංස්කරණය]ජෛව පාලකයෙක් වන cane toadජෛව උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවැසියන් හා වතු හිමියන් විසින් යොදාගනු ලබනජෛව පාලන ක්‍රම ජෛව පාලකයින් නම්වේ. ගෙවත්තේ සිට වාණිජ වගාව දක්වා සෑම අංශයකටම ස්වාභාවික උපද්‍රව සිදුවේ.මෙම ජෛව පාලන ක්‍රම අදාළ පරිසරයන්ට මෙන්ම ඉ
ලක්ක කරගත් කෘමීන් මර්ධනයටද යොදාගනී. සාමාන්‍යයෙන් එම සංරක්ෂණ ක්‍රම යෙදීම පහසුවන අතරම පිරිවැයද ඵලදායිතාවයෙන් යුක්තවේ. රේන්ද මැස්සා, ගැහැනු කුරුමිණියා, කීටයා හා පරපෝෂිත කුඩිත්තා දැනට හමුවන එවැනි පරපෝෂිත විශේෂ වේ. දිලීර ආසාදන පතුරවන වැඩිහිටි මැස්සන් සාමාන්‍යයෙන් වැඩි තෙතමනයක් ඇති පෙදෙස්වල දක්නට ලැබේ. මෙලෙස ස්වාභාවිකව ඇතිවන ජෛව පාලන ක්‍රම, ඉලක්ක කරගත් බෝග සඳහා පලිබෝධ නාශකයක් ලෙස යොදාගත හැකිය.සංරක්ෂණය යනු 'ස්වාභාවික සතුරන්ගෙන් සිදුවන උපද්‍රවයන් සහමුලින්ම වැළැක්වීමයි'.එය කෘමිනාශක දිලීර නාශක ආදිය යොදා පලිබෝධ මර්ධනයට වඩා පරිසර හිතකාමීය සටහන්[සංස්කරණය]Biological_control_with_micro-organisms මඩොල් දූව මඩොල් දූව නවකථාවේ මුල් කෘතියේ පිටකවරයකර්තෘමාර්ටින් වික්‍රමසිංහරටශ්‍රී ලhhf ufjrufurjfutjyiyiකාවභාෂාවසිංහලප්‍රභේදයළමා සාහිත්‍යයප්‍රකාශිත දිනය1947මාධ්‍ය වර්ගයමුද්‍රිතමඩොල් දූව සිංහල ළමා නවකථාව ශ්‍රී ලාංකික මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කොට ඇත. 1947 දී ප්‍රථමවරට ප්‍රකාශයට පත්කොට ඇත. 1890 ගණන්වල[තහවුරු කර නොමැත] ලංකාවේ දකුණු පලාතේ වෙරළබඩ ජීවත්වූ උපාලි ගිනිවැල්ලේ යන යොවුන් තරුණ
යා මෙහි ප්‍රධාන චරිතයයි. ඔහු හා ඔහුගේ මිතුරා වන ජින්නා නොහොත් ජිනපාළ සමඟ සිදු කල අපූරු ක්‍රියා මෙම කථාවට පාදක වී තිබේ. උපාලි සිය මිතුරා සමඟ පාළු දූපතක ජීවත් වීම සඳහා සිදුකරන ලද ඉමහත් කැපවීම මෙහි විස්තර කෙරේ. මෙම කෘතිය පසුව දෙමළ, ඉංග්‍රීසි, ලන්දේසි, රුසියන්, චීන, රුමේනියන්, බල්ගේරියන් ඇතුළු ලොව පුරා භාෂා රාශියකට පරිවර්තනය කර ඇත. 1976 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් මෙම කථාව එම නමින්ම චිත්‍රපටයකට ද නඟා ඇත.මෙම මඩොල් දූව කෘතියහි ඇති මඩොල් දුව කොග්ගල පිහිටා ඇත. මඩොල් දූව පොත ගැන විස්තරඋපාලි ගිනිවැල්ල කියන්නේ දකුණු ලංකාවේ ගමක ජීවත් වෙන කොල්ලෙක්. වයස අවුරුදු 7 ක් පමණ වන කුඩා කාලයේදීම මව අහිමි වූ ඔහු කුඩම්මාගේ රැකවරණය යටතේ සිටියි. ජින්නා ඔවුන්ගේ නිවසේ සේවක පිරිමි ළමයා වන අතර උපාලිගේ සමීපතම සහ විශ්වාසවන්ත මිතුරෙකි. කොල්ලො දෙන්නා එයාලගෙ කොල්ල කල්ලිය එක්ක ගමේ නොයෙකුත් විකාර වල පැටලෙනවා, ඒකෙ ප්‍රතිඵලයක් විදියට උපාලිගෙ තාත්තගෙන් දැඩි දඩුවම් ලබනවා. උපාලි අවසානයේ නව පාසලකට යවනු ලබන අතර, පාසල් ගුරුවරයෙකු සමඟ ජීවත් වීමට සිදුවේ. ඔහු නැවත නිවසට පැමිණෙන විට, පිරිමි ළමයින් දෙදෙනා පළතුරු වත්
තක් වැටලීමට උත්සාහ කරන විට මාට්ටු වේ. තමන්ව රැකියාවට යවනු ඇතැයි හෝ පොලිසියට භාර දෙනු ඇතැයි බියෙන් උපාලි සහ ජින්නා නිවසින් පැන ගොස් අවසානයේ පොඩිගමරාළ නම් ගොවියාගේ සේවයට පැමිණෙති.[1] වැඩ කරන අතරතුර, පිරිමි ළමයින් දෙදෙනා ඝන වනාන්තරයෙන් වැසී ඇති දූපතක් දැක, එහි ගොස් එහි වාසය කිරීමට තීරණය කරති. පාළු දූපතක් වන මඩොල් දූව හොල්මන් යැයි විශ්වාස කරන නමුත් පොඩිගමරාළගේ උපකාරයෙන් එහි ගොවිතැන් කිරීමට පටන් ගනී. අවතාරය හොල්මන් කරන බව කියන දූපතේ අද්භූත ආලෝකයක් දැකීමෙන් පසු, ඔවුන් එය අනුගමනය කරන අතර එය යථාර්ථයේ දී නීතියෙන් සැඟවී සිටින පලා යන්නෙකු බව සොයා ගනී. මේ අතර, පුංචි මහත්තයා නම් තවත් පුද්ගලයෙක් දිවයිනට පැමිණ පසුව ඔවුන්ගේ වැඩවලට උදව් කරයි. තම පියා අසනීප වී ඇති බව දැනගත් උපාලි නිවසට පැමිණ තම කුඩම්මාට සහ සුළු සහෝදරයාට උපකාර කරයි. රජයේ ඉඩමේ ගොවිතැන් කිරීම පිළිබඳ නීතිමය ගැටලුවක් විසඳා ගැනීමෙන් පසුව, අවසානයේ ඔහු ජින්නාගේ උපකාරයෙන් සශ්‍රීක ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබූ මඩොල් දූව වතුයායට ආපසු පැමිණේ.වැඩිදුර විස්තරකතාවේ නම, "මඩොල් දූව", සිංහල භාෂාවෙන් "කඩොලාන දූපත" යන්නයි.[3] කතාව 1890 ගණන්වල සිදු වන
අතර, එම යුගයේ ජීවන රටාව සහ සංස්කෘතිය නිරූපණය කරයි. උපාලි ගිනිවැල්ල විසින් ආඛ්‍යානයක් ලෙස ඉදිරිපත් කර ඇති අතර, වැඩිහිටියන් දරුවන්ට සලකන ආකාරය සහ ඔවුන් තේරුම් ගැනීමට ඇති නොහැකියාව උපහාසාත්මක හා හාස්‍යජනක ලෙස දක්‍වයි. මඩොල් දූවා සරල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත,[4] උපාලි සහ ජින්නා තමයි කතාවේ ප්‍රධාන චරිත දෙක. උපාලි යනු ස්වාධීන වීමට කැමති සහ ඔහුගේ ගමේ කොල්ල කල්ලියක නායකයාය. ඔහු වීරත්වයට හා වික්‍රමාන්විතයට කැමතියි. මුලදී දඟකාරයෙකු වුවද, පසුව ඔහු වගකීමෙන් කටයුතු කිරීමට ඉගෙන ගනී. උපාලිගේ කැපවූ මිතුරා සහ සහායකයා වන ජින්නා උද්යෝගිමත් සහ ධෛර්ය සම්පන්න පිරිමි ළමයෙකු වන අතර ජින්නා නොමැතිව තමාට කළමනාකරණය කළ නොහැකි බව උපාලි පිළිගනී.[4] අනෙක් චරිත අතර පිරිමි ළමයින්ට වැඩ කිරීමට ඉඩ දී ඔවුන්ට ගොවිතැන් සහ ගිනි අවි හැසිරවීම උගන්වා පසුව මඩොල් දූවට යන විට ඔවුන්ට උදව් කරන උදව්කාර ගොවියෙකු වන පොඩිගමරාළ සහ දූපතට පැමිණ ආරම්භ කරන කම්මැලි හා වැඩ නැති මිනිසෙකු වන පුංචි මහත්තයා ඇතුළත් වේ. උපාලි සහ ජින්නා සමඟ එහි වාසය කිරීමට. ජින්නා සිතන්නේ ඔහු වංචාකාරයෙකු බවයි, නමුත් ඔවුන්ගේ මග පෙන්වීම සහ දිරිගැන්වීම යටතේ ඔහු ක්‍රියාශීල
ී සහ ජවසම්පන්න මිනිසෙකු බවට පත් වේ The end ✌️.[2]මෙම ලිපිය හෝ ලිපි කොටස රක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)අගය මැනිය හැකි ඕනෑම අවදානමක් රක්ෂණය කළ හැක. වන්දි ලැබීමට හිමිකම් කියන නිශ්චිත අවදානම් උවදුරු (Perils) යනුවෙන් හඳුන්වයි.රක්ෂන ගිවිසුමක් , එමගින් අ‍ාවරණය කරන හා නොකරන උවදුරු පිළිබඳ ‍ෙතාරතුරු විදහා දක්වයිපෙහත දැක්වෙන්නේ දැනට පවතින රක්ෂණ වර්ග කිහිපයකි. එක් රක්ෂණ ඔප්පුවක් වර්ග කිහිපයක් අවධානම් ආවරණය කිරීම, නිදසුන් වශයෙන් වාහන රක්ෂණයකදී දේපල හා වගකීම් යනු අවධානම් දෙකම ආවරණය කිරීම දැක්විය හැකිය.ඇමරික‍ාවේ පවතින නිවාස රක්ෂණ ඔප්පු මගින් නිවාසයට හා නිවාස හිමියාට අයිති දේපල වලට සිදුවන අලාභ , දේපල අවධානම යටතේ ආවරණය කරන අතර නිවාස හිමියාට ගෙවීමට සිදු වන නීති ගාස්තු වගකීම් රක්ෂණය යටතේ ආවරණය කරයි. මීට අමතරව නිව‍ාස හිමියාගේ නිවාස තුළ සිට අනතුරට භාජනය වන අමුත්තන්‍ට පවා කුඩා ‍ෙසෟඛ්‍ය රක්ෂණයක් හිමි වේ.ව්‍යාපාර වලට එල්ල වන ඕනෑම ආකාරයේ අවධානමක් ආවරණය කිරීම ව්‍යාපාර රක්ෂණය ලෙස හැඳින්වේ. මූලික ව්‍යාපාර රක්ෂණ වර්ග වන්නේ A විවිධ වර්ග වලට අයත් වෘත්තිමය වගකීම් රක්ෂණය (වෘත්තිමය වන්දි පූර්ණ රක්ෂ
ණය) B ව්‍යාපාර හිමිකරැවන්ගේ ඔප්පුව (Bop ) ,ව්‍යාපාර හිමිකරුවෙකුට අවශ්‍ය වන සියළුම ආකාරයේ ආවරණ මෙහි ඇතුළත් වේ. සෞඛ්‍ය රක්ෂණය හා දන්ත රක්ෂණය[සංස්කරණය]බොහෝ සංවර්ධිත රටවල රජය විසින් සෞඛ්‍ය සඳහා රක්ෂණ වර්ග හඳුන්වා දී ඇත.සෞඛ්‍ය රක්ෂණ ඔප්පු නිතරම පෞද්ගලික වෛද්‍ය ගාස්තු ගෙවනු ලබයි.එසේ ගෙවනු ලබන්නේ ජාතික සෞඛ්‍ය සේවය හෝ මහජන මුදලින් ක්‍රියාත්මක වන වෙනත් ආයතනයක් ඔවුන්ට මුදල් නොගෙවන්නේ නම් පමණි.දන්ත රක්ෂණය ‍ෙසෟඛ්‍ය රක්ෂණයට බෙහෙවින් සමාන වන අතර එමගින් පුද්ගලයින්ට ඔවුන්ගේ දන්ත වෛද්‍ය ගාස්තු ආවරණය කර දෙනු ලබයි.ඇමරිකා එක්සත් ජනපදයේ දන්ත රක්ෂණය සේවකයින්ට ඔවුන්ගේ ආයතනය විසින් ලබා දෙන පහසුකම් වලින් එකකි. මෙය සෞඛ්‍ය රක්ෂණය සමඟ ලබා දෙයි.යබාහෝ රටවල් මහජන මුදලින් මහජන සෞඛ්‍ය ආරක්ෂණය කළ හැකි බව විශ්වාස කරයි.Reference: http://en.wikipedia.org/wiki/Insurance#Types_of_insuranceඅළු දෙමලිච්චා (Ashy-headed Laughingthrush)In Sinharaja Rain Forest in the south-west of Sri Lankaසංරක්ෂණ තත්ත්වයඅවදානමට ලක් වූ (IUCN 3.1)විද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය:Animaliaවංශය:Chordataවර්
ගය:Avesගෝත්‍රය:Passeriformesකුලය:Timaliidaeගණය:' Garrulax 'විශේෂය:G. cinereifronsද්වීපද නාමයGarrulax cinereifrons(Blyth, 1847)පහත රට තෙත් කලාපයේ සහ ඒ අසල කඳුකරයේ හමුවන අළු දෙමලිච්චා ගෙවතුවල දක්නට ලැබෙන දෙමලිච්චාට වඩා මඳක් ලොකු දුලභ වනවාසී පක්‍ෂියෙකි. ලිංගික ද්විරූපතාවක් නැත.මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteතනි ප්‍රෝටෝනයක පවතින විද්‍යුත් ආරෝපණය, නැත හොත් තනි ඉලෙක්ට්‍රෝනයක පවතින විද්‍යුත් ආරෝපණයේ නිරපේක්ෂ අගය මූලික ආරෝපණය ලෙස හැඳින්වේ. මෙය මූලික භෞතීය නියතයකි. ඉලෙක්ට්‍රෝනයේ විද්‍යුත් ආරෝපණය සමඟ වරදවා වටහා ගැනීම වැලැක්වීමට මූලික ධන ආරෝපණය යනුවෙන් ද මෙය හඳුන්වනු ලැබේ. මෙම අගය ආසන්න වශයෙන් 1,602,176,565(35)×10−19 C වේ.[1]මූලාශ්‍ර[සංස්කරණය]↑ "CODATA value: elementary charge". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.නියපොතු කපනයන් වර්ග කිහිපයක්ඇන්සෝනියා, කනෙක්ටිකට් හි එච්. සී. කුක් සමාගම විසින් නිෂ්පාදිත කාටර් නියපොතු කපනය සඳහා
ගුඩ් හවුස්කීපිං හි පලවූ 1902 වෙළෙඳ දැන්වීමක්නියපොතු කපනය ("නියපොතු සිඳිනය" ලෙසද හැඳින්වෙන) යනු අතැඟිලිනියපොතු සහ පාඟිලිනියපොතු අගින් සිඳීම සඳහා භාවිතා කෙරෙන හස්තීය මෙවලමකි.නිර්මාණය[සංස්කරණය]මෙම ඡේදය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ඡේදය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "නියපොතු කපනය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2010 සැප්තැම්බර්) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)නියපොතු කපනයන් සාමාන්‍යයෙන් නිමැවෙන්නේ ලෝහයෙන් වුවද ඒවා ප්ලාස්ටික් වලින්ද නිමැවිය හැක.[1] අඬු වර්ගය සහ සංයුක්ත ලීවර වර්ගය සාමාන්‍යයෙන් භාවිත වන ප්‍රධාන වර්ග දෙකවෙති. මෑතදී,[කවදාද?] ඔබන-බොත්තම වර්ගයෙහි තුන්වන වර්ගයක්ද වෙළෙඳපොලට නිකුත් කෙරණි.[කවුරුන් විසින්ද?] සියල්ල සාමාන්‍ය ගෙදරදොර භාණ්ඩය. බොහෝ නියපොතු කපනයන්, නියපොතු වෙතින් කුණු ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා භාවිතා කල හැකි තවද මෙවලමක් සහිතව එළිදකිති. නිය සිඳිනයකට සමහරවිටෙක, නියපොතුවල රළු අග සීරුවෙන් කැප
ුමට උපකාරී වන සිඟිති පීරක් සවිකර තිබෙයි. කඩතොලු සහිත හෝ කැපීමේදී අත්හැරුනු හෝ අමතර නියපොතු ඉවත් කිරීමට නිය-පීර අවකාශ සලසයි. නියපොතු කපනයන් සමහරවිටෙක කුඩා (සාක්කු) පිහියක් හෝ නිය අල්වනයක් (කපන නියපොතු අලවා ගන්නා ආම්පන්නයක්) සහිත වෙයි. නිය සිඳිනයක් උත්තල හෝ අවතල හිසක් සහිත වෙයි. අවතල සිඳුම් අග සහිත විශේෂිත නිය සිඳිනයන් භාවිත වන්නේ පයැඟිලි නියපොතු සිඳලීම සඳහා වන අතර, උත්තල සිඳුම් අග සහිත ඒවා අතැඟිලි නියපොතු සඳහා වෙති. කපනයෙහි ප්‍රධාන අක්ෂයට සමාන්තර හෝ ලම්භක හෝ වන පරිදි එය පිහිටන අයුරින් කැපුම් හිස නිෂ්පාදනය කල හැක. පයඟිලි නියපොතු කැපීමේදී නිය වෙත ප්‍රවේශ්‍ය වීමේ දුෂ්කරතාවය පිළිබඳ ගැටළුව වෙත අවධානය යොමු කිරීමක් ලෙසින් ප්‍රධාන අක්ෂයට සමාන්තර ලෙසින් තැනුනු කැපුම් හිස් දැක්වීය හැකිය. ඉතිහාසය[සංස්කරණය]හැල්ස්ටැට් සංස්කෘතියෙහි (6-8වන සියවස් ක්‍රිපූ පමණ) සොහොනක් තුල තිබී හමුවූ දැළිපිහිය (ඉහළ) සහ අස්ථිමය මිටක් සහිත නියපොතු කපනය (පහළ)නියපොතු කපනයෙහි නිමැවුම්කරු හරියාකාරයෙන් නොදන්නා නමුත්, නියපොතු සිඳිනය වැඩිදියුණුව සඳහා එක්සත් ජනපද පේටන්ට් බලපත්‍රයක් 1875 දී වැලන්ටයින් ෆොජර්ටි විසින් ඉල්ලා
ඇති බවක් (එවන් උපකරණ එවිට පැවැති බවක් මෙනයින් ගම්‍ය වේ) පෙනේ.[2] නියපොතු කපනයන් වැඩිදියුණු කිරීමට ඉල්ලා තිබූ අනෙකුත් පේටන්ට් නම් 1876 දී, විලියම් සී. එඩ්ජ්,[3] සහ, 1878දී, ජෝන් එච්. හෝල්මන්.[4] සම්පූර්ණ නියපොතු කපනයන් සඳහා (වැඩිදියුණු කිරීම් පමණක් නොවේ) ඉල්ලුම්කිරීම අතර, 1881දී, ඉයුජින් හෙයිම් සහ සෙලෙස්ටින් මාට්ස්,[5] 1885දී, ජෝර්ජ් එච්. කෝට්ස් (නියපොතු කපනයක් සඳහා),[6] සහ, 1905දී, චැපල් එස්. කාටර් ( කනෙක්ටිකට් බැප්ටිස්ට් සභාවේදේවගැතිවරයාගේ පුත්‍රයා)[7] නියපොතු සිඳිනයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගති [8][9][10] පසුව 1922දී තවත් පේටන්ට් බලපත්‍රයක් සමගින්.[11] 1913දී, ඇන්සෝනියා, කනෙක්ටිකට් හි එච්. සී. කුක් සමාගමෙහි ලේකම් වශයෙන් කාටර් ක්‍රියා කල අතර [12] මෙම සමාගම 1903 දී හෙන්රි සී. කුක්, ලුවිස් අයි. කුක්, සහ චැපල් එස්. කාටර් විසින් එච්. ටී. කුක් යන්ත්‍ර සමාගම ලෙසින් සංස්ථාපනය කෙරිණි.[13] 1928 දී පමණ, සමාගමෙහි සභාපති ලෙසට කාටර් පත්වූ අතර, එවිට ඔහු හිමිකම් පෑවේ, 1896දී පමණ, "ජෙම්"-ලකුණ අතැඟිලි නියපොතු කපනය එළිදැකි බවයි.[14]1906දී, එල්.ටී. ස්නෝ සමාගම[15] නියපොතු කපනයන් නිෂ්පාදනය කලෝය
.[16] 1908දී පමණ[17] (හෝ 1911දී), නිව්යෝර්ක් හි කිං කිල්ප් සමාගම නියපොතු කපනයන් නිෂ්පාදනය කලහ.[18][19]ආශ්‍රිත[සංස්කරණය]↑ විශේෂයෙන් නියපොතු කපනයන්වෙතින් නියකැපීම වෙත බියක් දක්වන දරුවන්ට එයින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා, මේවා "දරුවන්-විසින්-භාවිතාය-වලකන" නියපොතු කපනයන් ලෙස එළිදකිති.↑ US 161112, ෆොජර්ටි, වැලන්ටයින්, "ඉම්ප්‍රෑව්මන්ට් ඉන් ෆින්ග-නේල් ට්‍රිමර්ස්", නිකුතුව පෙබරවාරි 24, 1875 ↑ US 183256, එජ්, විලියම් සී., "ඉම්ප්‍රෑව්මන්ට් ඉන් ෆින්ග-නේල් ට්‍රිමර්ස්", නිකුතුව ඔක්තෝම්බර් 17, 1876 ↑ US 205088, හෝල්මන්, ජෝන් එච්., "ඉම්ප්‍රෑව්මන්ට් ඉන් ෆින්ග-නේල් ට්‍රිමර්ස්", නිකුතුව අප්‍රේල් 17, 1878 ↑ US 244891, හෙයිම්, ඉයුජින් & මාට්ස්, සෙලෙස්ටින්, "ෆින්ග-නේල් ට්‍රිමර්", නිකුතුව ජූලි 26, 1881 ↑ US 342780, කෝට්ස්, ජෝර්ජ් එච්., "ෆින්ග-නේල් කටර්", නිකුතුව අගෝස්තු 24, 1885 ↑ "සෙල්ඩන් කාටර් දේවගැතිවරයා මිය යයි". ද ඩේ. මැයි 25, 1916.↑ නියපොතු කපනයෙහි කෙටි ඉතිහාසයක් ද සයිස් ඔෆ් තෝට්ස්: එසේස් ඇන්ඩ් අද නම්බර්, නිකල්සන් බේකර්, නිව්යෝක්: වින්ටේජ් 1997. ISBN 0-679-77624-9 හි මුද්‍
රිතව ඇත.↑ US 797937, කාටර්, චැපල් එස්., "ෆින්ග-නේල් ට්‍රිමර්", නිකුතුව අගෝස්තු, 1905 ↑ US 797938, කාටර්, චැපල් එස්., "ෆින්ග-නේල් ට්‍රිමර්", නිකුතුව අගෝස්තු 22, 1905 ↑ US 1436010, කාටර්, චැපල් එස්. & කාටර්, හෙඩ්ලි පී., "ෆින්ග-නේල් ට්‍රිමර්", නිකුතුව නොවැම්බර් 21, 1922 ↑ ඇන් එක්ස්පෝට් ෂිපිං ටුවර් ඔෆ් නිව්යෝක් සිටි, ඇමරිකන් ඉන්ඩස්ට්‍රීස්, 14 වෙළුම, අංකය 5, නැෂනල් එසෝසියේෂන් ඔෆ් මැනුෆැක්චරර්ස්, දෙසැම්බර් 1913, පි.43 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කරන ලදි)↑ නෝට්ස්, නිවුස් ඇන්ඩ් පර්සනල්ස්, මොඩර්න් මෙෂිනරි, වෙළුම් 13-14, මැයි 1903, පි. 167 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කරන ලදි)↑ [1], දි ඇමරිකන් එක්ස්පෝටර්, වෙළුම 102, ජෝන් සී. කොච්රන් සමාගම., 1928, පි.162 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කරන ලදි)↑ 1889දී, ලුවී ටී. ස්නෝ ස්ට්‍රෝං ෆය ආම්ස් කම්පනි හි අයිතිකරු වීමට ලුවී ටී. ස්නෝ සමත් විය (ඇරඹුම 1884 සහ පෙරදී ස්ට්‍රෝං කාට්‍රිජ් කම්පනි, ඇරඹුම 1881) -- බලන්න ස්ට්‍රෝං ෆය ආම්ස් කම්පනි සංරක්ෂණය කළ පිටපත 2010-09-18 at the Wayback Machi
ne↑ බීට්ස් දෙම් ඕල්: ද ස්නෝ නේල් ක්ලිපර්, හාඩ්වෙයා ඩීලර්ස් මැගසින් හි වෙළෙඳ දැන්වීම, වෙළුම 25, ජනවාරි 1906, පි.32 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කෙරිණි)↑ ඇන්ටික් නේල් ක්ලිපර්ස් ~ කිං ක්ලිප් සංරක්ෂණය කළ පිටපත 2011-07-14 at the Wayback Machine (30 අගෝස්තු 2010 Millscentral.com වෙතින් සම්ප්‍රවේෂණය කෙරිණි)↑ දි ඊරා ඩ්‍රගිස්ට්ස් ඩිරෙක්ටරි, වෙළුම 15, ඩී.ඕ. හේයින්ස් සහ සමාගම, 1911 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්‍ප්‍රවේෂණය කෙරිණි)↑ 1910-20's "කිංක්ලිප්" ස්ටීල් නේල් ක්ලිපර් (ජපන්; 30 අගෝස්තු 2010 funny-supply.com වෙතින් සම්ප්‍රවේෂණය කෙරිණි)Bihar train derailmentවිස්තරදිනය6 ජුනි 1981 (1981-06-06)පිහිටුමබිහාර්රටඉන්දියාවක්‍රියාකරුඉන්දියානු දුම්රිය සේවයඅනතුරු වර්ගයදුම්රිය පීලි පැනීමසංඛ්‍යානදුම්රිය1මරණ500-8001981 බිහාර් දුම්රිය අනතුර යනු එම වසරේ ජුනි 6 වන දින, පුද්ගලයින් 500 - 800 ත් අතර ප්‍රමාණයකට මරු කැඳවමින්, ඉන්දියාවේ බිහාර්හී මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකි.[1] මන්සි (Mansi) සහ සහර්සා (Saharsa) අතර, බග්මතී (Bagmati) ගංගාවට ඉහලින් වැටී තුබූ පා
ලමක් මතින් ගමන් කරමින් සිටියදී පීලි පැනි දුම්රිය, බග්මතී ගංගාවට කඩා වැටීමෙන් මෙම දරුණු අනතුර සිදුවිය.අනතුර සිදුවී දින පහක් ගත වන විට, මිය ගිය අයගේ මළ සිරුරු 200 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තුබූ අතර, අතුරුදන් වූ සිය ගණනක් පිරිසගේ සිරුරු, ගංගාවේ ඔස්සේ ගසාගෙන යන්නට ඇතැයි පැවසේ.[2][1] අනතුර නිසා දුම්රියේ ගමන් කල පුද්ගලයින් 500 ත් 800 ත් හෝ ඊටත් වඩා වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1]මෙම අනතුර සිද්ධවීමට බලපෑ හේතුව ස්ථිරව තහවුරු නොවූ අතර, පහත සඳහන් සිදුවීමක් ඊට සම්බන්ධවන්නට ඇතැයි සැක කෙරේ:සුළි සුළඟක් [3]හදිසි ගංවතුර තත්වයක් [4]මී හරකෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට යාමේදී යෙදවූ තිරිංග වල ඇතිවූ දෝශයක්[5]මේවාද බලන්න[සංස්කරණය]2011 අලව්ව දුම්රිය අනතුරආශ්‍රිත[සංස්කරණය]↑ 1.0 1.1 1.2 Spignesi, Stephen J. (2004). Catastrophe!: ද 100 ග්‍රේටස්ට් ඩිසාස්ටර් ඔෆ් ඕල් ටයිම්. Citadel Press. p. 182.↑ රොයිටර්ස් (ජුනි 9, 1981). "අරවුන්ඩ් ද වර්ල්ඩ්; ටෝල් ෆ්‍රොම් ට්‍රේන් ක්‍රෑෂ් රීචස් 215 ඉන් ඉන්ඩියා". New York Times. සම්ප්‍රවේශය 4 මැයි 2014.↑ BBC, Iran mourns train blast victims See sidebar
at bottom of page↑ CBS, http://www.cbsnews.com/elements/2004/04/22/in_depth_world/timeline613204_0_main.shtml, ප්‍රතිෂ්ඨාපනය 2004-04-26 ↑ එමර්ජන්සි ඩිසාස්ටර් මැනේජ්මන්ට්, ඉන්ක්., ට්‍රේන් ව්‍රෙක්ස් ඉන් ඉන්ඩියා, http://www.disaster-management.net/train_acc_india.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-05-04 ඛණ්ඩාංක: 25°34′20″N 86°35′25″E / 25.57222°N 86.59028°E / 25.57222; 86.59028පැලියොලිතික යුගය[සංස්කරණය]පැලියොලිතික යුගයේ භාවිතා කරන ලද ගල් ආයුධපැලියොලිතික යුගය ක්‍රි.පූ.100,000 සිට 30,000 අතර කාලයේ පැවතිණි.මේ කාලයේදී මුල්ම ගල් ආයුධ නිපදවුණු අතර මෙම යුගය ක්‍රි.පූ.12,000 පමණ එනම් අයිස් යුගය අවසානයේදී නිමාවිය.මින්පසු මෙතෝලිතික යුගය අරම්භ විය.මෙම යුගයේ ආරම්භය ලෙස ක්‍රි.පූ. 35,000 නිවැරදි යැයි පොදුවේ පිළිගනියි.ක්‍රි.පූ.11,000 දී පමණ අවසාන අයිස් යුගයෙන් පසු ජපන් දූපත් සමූහය මහද්වීපයෙන් වෙන්විය.ආධුනික ගවේෂකයකු කරන ලද වංචාව හෙළිදරව්වීමෙන් පසු බහුතරයක් පහත් හ මධ්‍යම පැලියෝලිතික භූමි දැඩි ලෙස නැවත පරීක්ෂා කරන ලදි.ජේ මොන් යුගය[සංස්කරණය]ජේ මොන් යුගයේ භාවිතා වුණු බඳුනකි.(ක්‍රි.පූ.3000–2000)ජ
ේ මොන් යුගය ක්‍රි.පූ. 14,000 සිට ක්‍රි.පූ.300 දක්වා පැවතුණි.පළමු ශිෂ්ටාචාරගත වීම හා ස්ථාවර ජීවන රටා දක්නට ලැබුනේ ක්‍රි.පූ.14,000 පමණය.ඒ මෙගලිතික හා නියෝලිතික අර්ධ ද්විතීක දඩයම් ජීවන රටාව මගින් පෝෂණය වූ ජේ මොන් යුගයත් සමගය.මේ කාලයේදී ලී මත තැනූ නිවාස හා පතල් නිවාස ( පොලව යට තැනූ නිවාස )භාවිතා විය.කෘෂිකර්මාන්තයේ ලක්ෂණද දක්නට ලැබුණි.රෙදි විවීම පිළිබඳව දැනුමක් මේ යුගයේදී නොපැවති අතර සත්ව හම්වලින් ඇඳුම් සකසා ගැනිණි.මොවුන් ගොතන ලද ලණු ඇතුලත් කර මැටි භාජන සෑදූහ.(ජේ මොන් ලණු ගෙතුම් රටාව ).විකිරණ කාබන් පරීක්ෂාවට අනුව ලොව පැරණිම මැටි වළං සමහරක් මෙම යුගයට අයත් යැයි සොයාගෙන ඇත.මේ සමග කිරිච්චි,ජේඩ්,සිප්පිකටුවලින් තැනූ පනා සහ ක්‍රි.පූ.11 වැනි සියවසට අයත් ගෘහ භාණ්ඩද හමුවී ඇත.කෙසේ වෙතත් මෙම කාල නිර්ණයන් සමග ගැටලු පවතී.මැටි ප්‍රතිමාද කැණීම්වලින් සොයාගෙන තිබේ.මෙම ගෘහ භාණ්ඩ නිසා යම් යම් ඔකිනාව වැනි ප්‍රදේශ වලත් වෙළෙඳ මාර්ග තිබූ බවට සාක්ෂි හමුවේ . EEA පරීක්ෂණවලට අනුව අයිනු ගෝත්‍රිකයන්, හොක්කයිව් හා හොන්ෂ් ප්‍රදේශවල විසූ ස්වදේශීය ජනතාව ජේ මොන්ගේ මිනිසුන්ගෙන් පැවත එන බවට සාක්ෂි සපයයි.එම නිසා ජේ මොන් මිනි
සුන් ජපානයේ ප්‍රථම ආදිවාසීන් නියෝජනය කරයි.ආශ්‍රිත[සංස්කරණය]History_of_Japan Japanese_pre-historyමෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "කැමරව" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ජූලි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)නූතන තනි කාච Reflex කැමරාවක්මෙහි වමේ සිට දකුණට පිළිවෙලින් Agfa පෙට්ටි කැමරාවක්. පොලොරොයිඩ් බිම් කැමරාවක් සහ Yashica 35mm SLR කැමරාවක් යනාදිය මෙහි දැක්වේ.කැමරාවක් යනු ප්‍රතිබිම්බ ප්‍රතිග්‍රහණය සඳහා භාවිත වන උපාංගයක් වන අතර, එමගින් නිශ්චල ඡායාරූප හෝ චලනයක් දැක්වෙන ඡායාරූප අනුක්‍රමයක් (චිත්‍රපටයක හෝ වීඩියෝ පටයක්) ප්‍රතිග්‍රහණය කළ හැක. කැමරාව සඳහා භාවිත වන ඉංග්‍රීසි වදන camera obscura නම් ලතින් පදයෙන් නිර්මාණය වූවක් වන අතර එහි අරුත 'අඳුරු කුටිය' යන්නයි. මෙය ප්‍රතිබිම්භ ප්‍රක්ෂේපණය සඳහා තත්කාලීන ප්‍රතිබිම්භක පද්ධතියක් ලෙස සම්පූර්ණ කාමරයක් භාවිත වූ මුල් කා
ලීන ක්‍රමවේදයක් හැඳින්වීම සඳහා භාවිත වූ පදයකි. නූතන කැමරාව මෙම camera obscura ඇසුරෙන් නිර්මාණය වී ඇත.කැමරාවක් විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයත් කොටසට අදාල ආලෝකය හෝ එහි වෙනත් කොටසකට අයත් ආලෝකය සමග ක්‍රියාත්මක වන එකක් විය හැක. සාමාන්‍යයෙන් කැමරාවක් සමන්විත වනුයේ එක් කෙළවරක ආලෝකය ඇතුල් වීම සඳහා කුඩා විවරයකින් යුත් ආවරණය වූ කුහරමය කොටසක් සහ විවරයෙන් ඇතුල් වන ආලෝකය පටිගත කිරීම හෝ නැරඹීම සඳහා සකස් කළ ප්‍රතිග්‍රාහක මතුපිටකිනි. බොහෝ කැමරාවල විවරයට ඉදිරියෙන් කාචයක් ස්ථානගත කොට තිබෙන අතර එමගින් ඇතුල් වන ආලෝකය එක් රැස් කර අදාල සම්පූර්ණ ප්‍රතිබිම්භය හෝ ඉන් කොටසක් පටිගත කෙරෙන පෘෂ්ඨය මතට නාභිගත කෙරේ. විවරයේ ප්‍රමාණය බොහෝ විට ප්‍රාචීර යාන්ත්‍රණයකින් පාලනය කෙරෙන නමුත් ඇතැම් කැමරාවල විවරයේ ප්‍රමාණය වෙනස් කළ නොහැක.ඉතිහාසය[සංස්කරණය]කැමරාවට පසුබිම් වූ පුරෝගාමී නිර්මාණය කැමරා ඔබ්ස්ක්‍යුරාවයි. කැමරා ඔබ්ස්ක්‍යුරාවේ ක්‍රියාකාරිත්වයවුයේ අඳුරු කුටියක් නැතිනම් පෙට්ටියක් තුලට උත්තල දර්පනයක් ඔස්සේ ආලෝකය ඇතුල්වීමට සැලැස්වීම තුලින් පිටත ඇති වස්තූන්හි ප‍්‍රතිබිම්භයක් කඩදාසි හෝ වීදුරු වැනි මතුපිටක් ම
තට ලබාගැනීමයි. කැමරා ඔබ්ස්ක්‍යුරා සංකල්පය ප‍්‍රථම වරට ඉරාක ජාතික විද්‍යාඥයකු වූ ඉබන් අල්- හයිතන් ඔහු විසින් නමින් රචිත Optics (1015-1021) නම් කෘතියක් මඟින් ඉදිරිපත් කර තිබින. 1660 දී ඉංග්‍රිසි ජාතික විද්‍යාඥයකුවූ රොබට් බොයෙල් සහ ඔහුගේ සහායක රොබට් හුක් විසින් අතේ ගෙනයා හැකි කැමරා ඔබ්ස්ක්‍යුරාවක් නිර්මාණය කිරීමට සමත්විය. පළවන ස්ථිර ඡායාරූපය 1826 දී ජෝසෆ් නිසෙෆෝර් නියේසේ විසින් චාල්ස් සහ වින්සන්ට් චාවලියර් යන අය විසින් නිර්මාණය කළ ලී පෙට්ටියක් යොදාගනිමින් නිර්මාණය කළ කැමරාවක් ආධාරයෙන් පැරීසියේදී ලබාගන්නා ලදී. නියේසේ යොදාගනු ලැබූයේ ජොහැන් ෂූල්ස්(1724) විසින් රිදී සහ හුණු මිශ‍්‍රණයක් ආලෝකයට නිරාවරනය වූ විට කලූ පැහැයට හැරෙන බවට කළ සොගැනීමයි. කෙසේවෙතත් එය ඡයාරූප ශිල්පයේ ආරම්භය වූ අතර කැමරාවේ ඉතිහාසය ඊටත් බොහෝ ඈතට දිවයන්නකි. ඡායාරූප ශිල්පය සොයාගැනීමට පෙර මෙම කැමරාවන් මඟින් ලබාගත් ප‍්‍රතිබිම්භයන් අතින් ඇඳීම හැරෙන්නට ස්ථිරව තබාගැනීමේ ක‍්‍රමයක් නොවීය.ෆෙඞ්රික් ස්කොට් ආකර් විසින් සොයාගනු ලැබූ රසායනික තෙත ඵලක ක‍්‍රමයේ වර්ධනය හේතුවෙන් 1850 වනවිට අනාවරනය කළයුතු කාළය විශාල වශයෙන් අඩු වූ නමුත් ජංගම අඳ
ුරු කාමරයක් යොදාගනිමින් අදාල ස්ථානයේදීම සිය වීදුරු ඵලක සාදාගැනීමට සහ නැංවීමද කිරීමට ඡායාරූප ශිල්පීන්ට සිදුවිය. ඒවායේ සකීර්ණභාවය තිබියදීම තෙත ඵලක ක‍්‍රමය 19 වන සියවසේ අවසන් භාගය වනවිට ඉතාමත් ජනපි‍්‍රය විය. තෙත ඵලක කැමරාවන් ඊට පෙර වූ කැමරාවන්ගෙන් එතරම් වෙනස් නොවූ නමුත් 1864 දී නිර්මාණය කළ ඩුබ්රෝනි කැමරාව වැනි නිර්මාණයන් වඩා සංවේදී සහ වෙනත් අඳුරු කාමරයක් වෙනුවට කැමරාව තුලම ඵලක නැංවීම සිදුකළහැකි විය. පළමු වර්ණ ඡායාරූපය ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් 1861 දී ලබාගනු ලැබිණි.යාන්ත්‍රණය[සංස්කරණය]රූපය ග්‍රහනය කරගැනීම[සංස්කරණය]19 වන සියවසේ චිත‍්‍රාගාර කැමරාවක් සාම්ප‍්‍රදායික කැමරා ආලෝකය, පටල පටය හෝ ඡායාරූප තහඩුව මතට මතට ලබාගනීම සිදුකරන ලදී. වීඩියෝ හෝ ඩිජිටල් කැමරාවන් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය උපයෝගී කරගනිමින් CCD හෝ CMOS සංවේදක යොදාගෙන ලබාගනු ලබන රූප පසු අවස්ථාවක නැවත ධාවනය කිරීම සඳහා හෝ මුද්‍රණය කිරීම සඳහා කැමරාව තුල ඇති ටේප් පටයක හෝ පරිගණක මතකයේ හෝ තැම්පත් කරනු ලබයි.රූප මාලාවක් එක දිගට ග‍්‍රහනය කරගැනීමේ හැකියාව ඇති කැමරා චිත‍්‍රපට කැමරා හෙවත් සිනේ කැමරා නමින් හැඳින්වේ. තනි රූපයක් ග‍්‍රහනය ක
රගැනීම සඳහා නිර්මාණය කළ කැමරාවන් තනි කැමරාවන් හෙවත් නිශ්චල කැමරාවන් ලෙසින් හැඳින්වේ. කෙසේ නමුත් මෙම දෙබෙදුම අතිපිහිත වන අවස්ථාවන්ද දැකගත හැක. විශේෂ ද්‍රෘෂ්‍ය ප‍්‍රයෝග සිදු කිරීම සඳහා චලනය වන රූප ග‍්‍රහනය කරගැනීමට නිශ්චල කැමරාවන් බොහෝවිට යොදාගනු ලබන අතර නවීන ඩිජිටල් කැමරා අවශ්‍ය විටෙක චලන රූප පටිගත කිරීමේ පහසුව සහ නිශ්චල ඡායාරූප ගැනීමේ පහසුකම යන දෙකම සහිතව නිපදවා ඇත. වීඩියෝ කැමරාව සිනමා කැමරා කාණ්ඩයට අයත්වන අතර එහිදී රූප ග‍්‍රහනය කරගනු ලබන්නේ ඉලෙක්ට්‍රොනිකවය (ප‍්‍රතිසම හෝ ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කරගනිමින්).ස්ටීරියෝ කැමරාව මගින් ‘ත්‍රිමාණ’ ස්වරූපයේ ඡායාරූප ලබාගත හැක. මෙහිදී ඡායාරූප දෙකක් ලබාගෙන රූපයේ මිත්‍යාමිතික ගැඹුරක් නිර්මාණය වන පරිද්දෙන් ඒ දෙක එක් කරනු ලැබේ. මෙම ත්‍රිමාණ මුද්‍රණ හෝ ස්ලයිඩ නිර්මාණය කිරීම සඳහා යොදාගනු ලබන ස්ටීරියෝ කැමරාවන්හි දෙපැත්තේ කාච දෙකක් ඇත. කවාකාර දර්ශන පථයක් අන්තර්ගත මුද්‍රණ සඳහා ඡායාරූප ගැනීමට යොදාගනු ලබන ස්ටීරියෝ කැමරාවල සමහරවිට කාච 3- 4- 5 ක් හෝ ඊට වඩා පවා පැවතිය හැක. සමහර චිත‍්‍රපට කැමරාවල දිනය මුද්‍රණය කිරීමේ පහසුකම් ඇති අතර එහිදී ඍණ පටය මත දිනය මුද්‍රණය
වේ.දල සේයා පටය[සංස්කරණය]දලසේයා පටයක් යනු ප්ලාස්ටික් පත්‍රයකි. (පොලියෙස්ටර්, නයිට්‍රෝසෙලුලෝස්, සෙලුයු‍ලෝස් ඇසිටේට්) විවිධ ප්‍රමාණයේ ආලෝක සංවේදී සිල්වර් හේලයිඩ්වල ලුණු (silver halide salt) ආලේපකොට තෛලෝදකරණයට ලක් කර ඇත. මෙම කුඩු මත ඡායාරූප සංවේදිබව, විලක්ෂණය හා තියුණු බව රඳා පවති. මෙම තෛලෝදය ආලෝකයට අනාවරණය වු විට (හෝ අනෙකුත් විද්‍යුත් චුම්බක කිරණ)එහි නෛසර්ගික රූපයක් ගොඩනගයි. රසායනික ක්‍රියාවලි මඟින් මෙම නෛසර්ගික රූප නැවත දෘශ්‍ය තත්ත්වයට පත් කළ හැකිය. මෙය සේයාපට නැංවුම (film developing) ලෙස හඳුන්වයි.කළු සුදු පටයක දී සිල්වර් හෙලයිඩ් තනි තට්ටුවක් පමණක් ආලේප කරයි. ආලෝකය අනාවෘත කණිකා පටලය නංවන විට සිල්වර් හේලයිඩ, සිල්වර් ලෝහක(metallic Silver) සංයෝග බවට හැරේ. මෙම ආලෝකය අනාවරණය කොට ආලෝකවත් වු කොටස් සේයා පටලයේ කලු පැහැයෙන් දක්වයි.වර්ණ සේයා පටලයක ඇති සිල්වර් හේලයිඩයේ අවම තරමින් ලුණු තට්ටු 3 ක් වත් ආලේප කරයි. සිල්වර් ලුණු මුහුණතට ඩයි උරාගත් විට එය විවිධ වර්ණයන්ට සංවේදි වේ. සාමාන්‍යයෙන් ඉහළින්ම වන්නේ නිල් පැහැයට සංවේදි තට්ටුවය. ඉන්පසු කොළ හා රතුය. මෙය නැංවීමේ දී සුපුරුදු ලෙස ආලෝකයට නිරාවරණය වූ
කොටස් සිල්වර් ලෝහක නිසා කලු පැහැයට හැරේ. නමුත් වර්ණ පටලයකට නැංවීමේ දී ඇතිවන අතුරු ප්‍රතිඵල නිසා වර්ණ ඈඳනය(Color couplers) නම් රසායනික සමඟ සංයෝග වීම ප්‍රතික්‍රියා කරයි. මෙම වර්ණ ඈඳන බොහෝ විට දළ සේයා පටලයේ හෝ නංවන්නා විසින් ද්‍රව වර්ණක ‍බවටද පත් කරයි. අතුරු ප්‍රතිඵල නිරාවරණය වූ ප්‍රමාණය හා නංවන ලද ප්‍රමාණයට සමානුපාත නිසා ඇතිවන වර්ණක (ඩයිද), නිරාවරණය වූ ප්‍රමාණය හා නංවන ලද ප්‍රමාණයට සමානුපාතික වේ. ඉහළ නැංවීමේදී සිල්වර් බවට පත්වු ලුණු නැවත විභජනයේ දී සිල්වර් ලුණු (silver salt) බවට පත්වේ. සැකසුම් පියවරේ දී මෙය සේයා පටයෙන් ඉවත් කෙරේ. එවිට ඇති වු වර්ණ පමණක් ඇතිවේ. ඉහත සියල්ල අවසානයේ දර්ශිත ඡායාරූපයක් මත ගොඩනැගේ. නවතම සේයා පට වන kodacolor II වැනි සේයා පට තෛලෝදකරණය කරන ලද ස්ථර 12 කින් ද, ඒ සෑම ස්ථරයක් තුලම රසායනික වර්ණ 20 කින්ද සමන්විත වේ.මෙම දල සේයා පට රූප හා චිත්‍රපට සඳහා ද බහුල ලෙස යොදාගන්නා නිසා ඒවා චිත්‍රපට ලෙසින් ද හඳුන්වයි.කාච විවරය[සංස්කරණය]ප්‍රකාශ විද්‍යාවේදී කාච විවරය ලෙසින් හැඳින්වෙන්නේ කාචය වෙත ආලෝකය ඇතුලූ කරගන්නා විවරය හෙවත් සිදුරයි. වඩාත් නිවැරදිව පවසන්නේනම් එය කැමරාව තුලට ඇ
තුලූවන අලෝක කිරණ කදම්බ කුමණ කෝණයකින් ඇතුලූවන්නේද යන්න තීරණය කෙරෙන ප‍්‍රකාශ පද්ධතියකි. එහිදී සිදුවන්නේ කැමරාවට ඇතුල්වන ආලෝක කිරණ කෙතරම් සමාන්තරද යන්න තීරණය කිරීමයි. කුඩා කාච විවරයකින් කැමරාව තුලට ඇතුලූවන කිරණ පටු කෝණයක් සහිත වන අතර ඒවා කාචය හරහා ගමන්කොට තියුණු ප‍්‍රතිබිම්භයක් නිර්මාණය කරයි. විශාල කාච විවරයකින් ඇතුලවන කිරණ පුළුල් කෝණයක් සහිත වන අතර ඒවා තියුණු ප‍්‍රතිබිම්භයක් නිර්මාණය කරන්නේ නිවැරදි නාභිදුරකදීය. එනම් නිවැරදි ලෙස නාභිගත නොවුවහොත් විශාල කාච විවරයකින් ලැබෙන ප්‍රතිබිම්භය බොඳවූ ස්වභාවයේ එකක් වනු ඇත. එමෙන්ම කැමරාව තුලට ඇතුලූ කරගන්නා ආලෝක ප්‍රමාණයද කාච විවරය විසින් පාලනය කරනු ලබයි (කාච විවරය පටු වන තරමට රූපය අඳුරු වනු ඇත). සාමාන්‍යයෙන් ප්‍රකාශ පද්ධතියකට විවෘතවීම් හෝ ආලෝක කිරණ කදම්බ පාලනය කිරීමේ ව්‍යුහයන් කිහිපයක්ම තිබේ. මෙම ව්‍යුහයන් කාචයක හො දර්පනයක හෝ මුදුවක දාරයේ පිහිටවනු ලබන අතර මෙහිදී පද්ධතිය තුලට ඇතුල්වන ආලෝකය ගමන්කරන මාර්ගයේ පිහිටවන එකී ආලෝකය සීමා කරන සීමා කරන ඩයප‍්‍රමයක් වැනි විශේෂ ප්‍රකාශමය විධික්‍රමයක් යොදාගනු ලැබේ. පොදුවේ මෙවැනි ව්‍යුහයන් නැවතුම් ලෙස හඳුන්වනු ලබන අතර
කාච විවර නැවතුම යනු ආලෝක කිරණවල කෝණය මෙන්ම එම ආලෝක කිරණ විසින් නිර්මාණය කරනු ලබන ප‍්‍රතිබිම්භයේ දීප්තියද නිර්ණය කරනු ලබන නැවතුම වෙයි.නාභිගත කිරීම[සංස්කරණය]ස්වයංක්‍රිය නාභිගත කිරීමේ පහසුකම සහිත කැමරාවන්ට විෂය වස්තුව විවිධාකාරයෙන් ග‍්‍රහනය කරගත හැක. මෙහිදී කැඩපතෙහි ඇති පුද්ගල රූපය වෙත නාභිගත වී ඇත.ඡායාරූප ගැනීම සඳහා යොදාගනු ලබන කාචයන්ගේ ප‍්‍රකාශ ගුණය අනුව කැමරාවේ සිට කිසියම් දුර පරාසයක් තුල පවත්නා වස්තූන් පමණක් පැහැදිලිව ප‍්‍රතිනිර්මාණය වෙයි. මෙම පරාසය සීරුමාරු කිරීමේ ක්‍රියාවලිය නාභිගත කිරීම ලෙසින් හැඳින්වේ. වඩාත් නිවැරදි ලෙස කැමරාවක් නාභිගත කළහැකි ආකාරයන් කිහිපයක්ම ඇත . සරළතම කැමරාවන් සතුව ඇත්තේ ස්ථිර ලෙස නාභිගත කළ පුළුල් කෝණ කාචයකි. කිසියම් දුර ප‍්‍රමාණයක් තුල (සාමාන්‍යයෙන් මීටර් 3 ක එනම් අඩි 10 ක පමණ සිට අනන්තය දක්වා) පවත්නා සියලූම වස්තූන් පැහැදිලිව මෙමඟින් සැලකිය යුතු මට්ටමකින් නාභිගත කරනු ලබයි. ස්ථිර නාභිගත කිරීමක් සහිත කැමරාවන් සාමාන්‍යයෙන් මිළ අඩු ඒවා වෙයි. එමෙන්ම සීමාසහිත පරාසයක තමන්ට අවශ්‍ය පරිදි නාභිගත කරගැනීමේ පහසුකම් සහිතවද කැමරා නිර්මාණය කරනු ලබයි. එකී පරාසය කැමරාවේ බඳ
ේ සටහන්ව ඇත. කැමරාව භාවිතා කරන්නා කැමරාවේ සිට වස්තුවට ඇති දුර අනුමාන කොට ඒ අනුව නාභිගත කිරීම සිදුකරනු ලබයි. සමහර කැමරාවන්හි මෙය රූප මඟින්ද දක්වා ඇත (හිස සහ උරහිස්, සිටගෙන සිටින දෙදෙනක්, ගසක්, කඳු).තවත් සමහර කැමරාවල වස්තුවට ඇති දුර කැමරාව මුදුනේ ඇති අසම්පාත මාපකයක් මඟින් මැන ඊට අනුව වඩාත් නිවැරදි ලෙස නාභිගත කිරීමේ පහසුකම පවතී. ඒක කාච ප‍්‍රතිඡායා කැමරාවන්හි චලනය කළහැකි දර්පනයක් මඟින් ලබාගන්නා රූපය ප්ලාස්ටික් ක්‍ෂුද්‍ර පි‍්‍රස්මයන්ගෙන් සමන්විත තිරයක් මතට ලබාගැනීමේ පහසුකම පවතින බැවින් ඡායාරූපය මෑනීම සහ ගැනීම යන දෙකම එකම කාචයක් තුලින් දැගත හැකිවීමෙන් ඡායාරූප ශිල්පියාට සිය ඡායාරූපයේ නාභිගත කිරීම සහ වස්තු සංවිධානය පිලිබඳව ඇසින් බලා අවශ්‍ය නිවැරදි කිරීමේ කිරීමට අවස්ථාව ලැබීමයි. අනාවරනය පාලනය කිරීම[සංස්කරණය]විවරයේ ප‍්‍රමාණය සහ පවත්නා ආලෝක තිව්‍රතාවය විසින් අදාල කාලය තුල කැමරාව තුලට ඇතුලූවන ආලෝක ප්‍රමාණය තීරණය කරනු ලබයි. ද්වාරය විසින් ආලෝකයට පටල පටය නිරාවරණය කර තබන කාලය තීරණය කරයි. වැඩි අනාවරනයක් සහ වේගවත් ද්වාර වේගයක් යෙදීමෙන් ලැබෙන ප‍්‍රතිඵලයට සමාන ප‍්‍රතිඵලයක් කුඩා අනාවරනයක් සහ අඩු ද්වාර
වේගයක් යෙදීමෙන් ලබාගත හැක.සැනෙලි පහන්[සංස්කරණය]සැනෙලි පහන් යනු දර්ශන දීප්තිමත් කිරීමට ඡායාරූපකරණයේ දී භාවිතා වන 5500 K පමණ වර්ණ උෂ්ණත්වයක දී කෘතිම ආලෝකයේ ක්ෂණික සැනෙලි (සාමාන‍්‍යයෙන් තත්පරයෙන් 1/1000 සිට 1/200 දක්වා) නිපදවන උපකරණයකි. බොහෝමයක් කාරණා (උදා - වේගයෙන් චලිත වන වස්තු ග්‍රහණය, විහිදුණු ආලෝකයට වඩා වෙනස් උෂ්ණත්ව ආලෝක නිර්මාණය කිරීම) සඳහා සැනෙලි පහන් යොදා ගත හැකි වුවත් ඒවා බහුලවම යොදා ගන්නේ ඡායාරූප සඳහා ආනාවරණය වීමට ප්‍රමාණවත් ආලෝක නොමැති දර්ශන දීප්තිමත් කිරීමටය. වර්තමානයේ ඇති බොහෝමයක් සැ‍නෙලි ඒකක ඉලෙක්ට්‍රොනික වන අතර ඒවා තනි භාවිත සැනෙලි බල්බ හා ගිනි ගන්නා සුළු කුඩුවලින් විකාශනය වූ දෑ වෙයි. tiny globeකැනොන් 430EXකැනොන් 430EXපහත් තත්වයේ භාවිත ඡායාරූපකරණයේ දී සැනෙලි ඒකක සෘජුවම කැමරාව තුළම නිපදවා ඇත. ඒ අතර උසස් තත්ත්වයේ කැමරා, හොට්ෂු ලෙස හඳුන්වන සම්මත උපාංග සවි කිරීමේ බ්‍රැකට්ටුවක් හරහා වෙන් වූ සැනෙලි ඒකක ස්ථාපනය කිරීමට ඉඩ ලබා දෙයි. වෘත්තීය චිත්‍රාගාර ඡායාරූපකරණයේ දී සැනෙලි ‍ඒකක විශාල තනිව ඇති ඒකක හෝ චිත්‍රාගාර පරිභ්‍රමණමාන ආකාර ගනී. මේවාට විශේෂ බැටරි මඟින් ජවය ලබා දෙන අතර සැ
නෙලි සමමුහුර්තීකරණ රැහැන් හෝ රේඩියෝ සම්ප්‍රේශක මඟින් කැමරා සමඟ සම්බන්ධ කර ඇත. කැමරා සමඟ සම්බන්ධ කිරීමට ආලෝකයෙන් ක්‍රියාත්මක වන ආකාරයක් ද යොදා ගනී. එහිදී කැමරාව සමඟ සම්බන්ධ කළ යුත්තේ එක් ඒකකයක් පමණි. එමඟින් අ‍නෙක් ඒකක ක්‍රියාත්මක කරවයි. සටහන්[සංස්කරණය]| Camera|}http://en.wikipedia.org/wiki/Camera1 මහත් ප්‍රමෝදය – සම්බෝධිත්වය වෙත පැමිණෙන මාර්ගයේ සියළුම සචේතන ජීවීන් එයින් ශුභසිද්ධිය ලබන බව වටහා ගැනීමේන් මහත් ප්‍රිතියක් ලබන බව සඳහන් වේ. මෙම භූමියේදි බෝධිසත්වයන් වහන්සේ සිය පාරමිතා ධර්මයන් පුරන සේක. විශේෂයෙන්ම දාන පාරමිතාව මුල් කොට ගන්නේය.2 අමල – මෙම භූමියේදී බෝධිසත්වයන් වහන්සේ සිය_ දුශ්වරිතයන්ගෙන් මිදී මනා සීලවන්ත භාවයකට පැමින ඇත්තේය . මෙයින් අවධාරණය කරන්නේ සුචරිත බවේ වැදගත් කමය.3 ආලෝකවත් බව – බෝධිසත්වයන් ධර්මයේ ආලෝකය විහිදුවාලන බව සඳහන් වේ. මෙම සංකල්පයෙන් අවධාරණය කෙරෙන්නේ ඉවසීමේ ගුණයයි.4 දීප්තිමත් බව – බෝධි සත්වයන් බුද්ධත්වයට පැමිණෙන්න ආසන්නයේදී එය වළැක්වීමට බොහෝ දෑ වලට මූණ පාන්නට සිදුවේ. එනමුත් වීර්‍යය නැමති සංකල්පය මත කෙසේ හෝ බුද්ධත්වය ලබන්නේය.5 පුහුණු කිරීමේ
දුෂ්කරතාවය – මෙම අවස්ථාවේදී බෝසතාණන් වහන්සේ සියළු ජීවීන් හට ඔවුන්ගේ අභිවුර්ඪිය සඳහා ජීවිතය පිළිබඳව පුහුණු කිරීම්වලට ලක් කරන සේක. එනමුත් එම ව්‍යායාමය ඉතා දුෂ්කර වන්නේය. මෙහිදී ධ්‍යාන නැමැති සංකල්පය පිළිබිඹු වේ.6 ප්‍රත්‍යක්ෂ ශ්‍රේෂ්ඨත්වය – මෙම අදියරේදී ප්‍රඥා ගුනය පුහුණු කරන සේක.7 එපිට ලෝකයා වෙත පිවිසීම – මෙම අදියරේදී කෙනෙකුට උදව් උපකාර කිරීම සඳහා දක්ෂ උපක්‍රම ගැන විශේෂ අවධාරණය යොමු වන්නේය. මෙහිදී උපාය කෞෂල්‍ය ප්‍රගුන කෙරේ.8 නිශ්චල භූමිය – මෙහිදී අවධාරණය කෙරෙන්නේ අපේක්ෂා ගුණාංගයයි. මෙම අවදියේදී තමන්ගේ ඉදිරි උත්පත්තිය විය යුත්තේ කොතැනද යන්න තීරණය කර ගත හැකි වේ.9 යහපත්, තේරුම් ගත හැකි ප්‍රඥාව – මෙම අදියරේදී අවධාරණය කෙරෙන්නේ පාලන ගුණාංගයයි.10 ධර්මය නැමැති මේඝය – මෙහිදී අවධාරණය කෙරෙන්නේ ප්‍රථමාරම්භ ප්‍රඥාවයි.මහායාන ධර්මයට අනූව ඉහත සඳහන් භූමි සම්බෝධයට පැමිණෙන මාර්ගය පැහැදිලි කෙරේ. යම් මහායාන චාරිත්‍රයනට අනුකූලව ඉහත සඳහන් භූමිවලට අමතරව තව බොහෝ අදියරයන් හඳුන්වාදී ඇත. බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව බෝධි සත්වයන් වෙන් වෙන්ව හඳුනා ගෙන ඇත. මෙම වෙන් කිරීම බොහෝ දුරට සිදු ව ඇත්තේ භාෂ
ාවන්හි ඇති සීමා හේතු කොට ගෙනය. මෑත යුගයේ නොයෙක් දෙනා පිළිගත් බෝධිසත්වයන් වහන්සේ දෙනම වන්නේ 14 වන දලයි ලාමා සහ කර්මාපා භික්ෂූ දෙනමය.බෞද්ධ චිත්‍ර කර්මයන්හි බෝධිසත්වයන් ගේ පිලිරූ බොහෝ ප්‍රචලිතය. බෝධිසත්වයන්ගේ සම්බුද්ධත්වය සඳහා උපයෝගි වෙන ස්ථානය හඳුන්වන්නේ බෝධි මණ්ඩ යනුවෙනි.ඒබ්‍රහම් ලින්කන්54 වියැති ඒබ්‍රහම් ලින්කන් 1863 දී16වන ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිතනතුර දරමින්1861 මාර්තු 4 – 1865 ‍අප්‍රේල් 15උප ජනාධිපතිවරයාහැනිබෙල් හැම්ලින් (1861–1865) ඇන්ඩෲ ‍ජොන්සන් (1865)පූර්වප්‍රාප්තිකයාජේම්ස් බ්‍රචානන්අනුප්‍රාප්තිකයාඇන්ඩෲ ජොන්සන්ඇමරිකාවේ මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජිකතනතුර දරමින්1847 මාර්තු 7 – 1849 මාර්තු 3පූර්වප්‍රාප්තිකයාජෝන් හෙන්රිඅනුප්‍රාප්තිකයාතෝමස් එම්. හැරිස්ඉලිනුවා නියෝජිත මණ්ඩලයේ සාමාජිකතනතුර දරමින්1834 දෙසැම්බර් 1 – 1842පුද්ගලික තොරතුරුඋපත1809 පෙබරවාරි 12හාර්ඩින් නුවර, කෙන්ටනි, ඇ.එ.ජ.විපත1865 අප්‍රියෙල් 15 (වයස 56)වොෂින්ටන්, ඇ.එ.ජ.ජාතියඇමරිකානුදේශපාලන පක්ෂයවිග් (1832-1854), රිපබ්ලිකන් (1854-1864), ජාතික සන්ධානය (1864-1865)කලත්‍රයාමේරි ටෝඩ් ලින්කන්දරුවන්රොබට් ටෝඩ් ලින්කන්ඒඩ්වඩ
් ලින්කන්විලී ලින්කන්ටැඩ් ලින්කන්වෘත්තියනීතිඥදේශපාලනඥඅත්සන1809 පෙබරවාරි මස 12 වන දින උපත ලැබූ ඒබ්‍රහම් ලින්කන් 1861 මාර්තු මස 04 වන දින සිට ඝාතනයට ලක්වන තෙක්ම ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඇමරිකාවේ වහල්භාවය ව්‍යාප්ත කිරීමට එරෙහිව සෘජුව කථා කරන විරුද්ධවාදියෙක් ලෙස ලින්කන් ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහු 1860 දී රිපබ්ලිකන් පක්ෂ නාම යෝජනාව ජයග්‍රහණය කළ අතරම එම වර්ෂයේම පසු කායේ ජනාධිපතිධූරයට තේරී පත් වුණි. ඔහුගේ පාලන කාලය අතරතුර පක්ෂයෙන් නොමනාප වී යන්නවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් හෙතෙම ඇමරිකානු එක්සත් ජනපදය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලදී. ලින්කන් විසින් වහල්භාවය අහෝසි කිරීමේ ප්‍රතිඵල දෙන මිනුම් දඬු කීපයක් ද හඳුන්වාදුන් අතර 1863 දී තම විමුක්තිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම 1865 දී ඔහු 13 වන වතාවටත් ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කරන ලදී. ලින්කන් විසින් ජයාග්‍රාහී යුධ උපක්‍රම සමීපව අධීක්ෂණය කළ අතර විශේෂයෙන්ම උසස් ජෙනරාල්වරු තෝරා ගැනීමේ දී උලිසෙස් එස්. ග්‍රාන්ට් ඇතුළුව ඔහු එය විශේෂයෙන් අධීක්ෂයට ලක් කරන ලදී. ඉතිහාසඥයින් විසින් තීරණය කොට ඇති අන්දමට ලින්කන්, හේද වූ රිපබ්ලිකන් පක්ෂය මන
ාව හැසිරීමට සමත් විය. එකී බෙදී ගිය පක්ෂවලින් නායකයන් තම කැබිනට් මණ්ඩලයට රැගෙන ඒමෙන් හා ඔවුනට සාමුහිකව කටයතු කිරීමේ බලය ලබාදීමෙන් හෙතෙම ස්වකීය පක්ෂය මනාව හසුරවන ලදී. 1861 බ්‍රිතාන්‍ය මඟින් ඇති වූ යුධ බිය පූර්ණ වශයෙන් නිශ්ක්‍රීය නායකත්වය යටතේ යුද්ධයේ ආරම්භ‍යත් සමඟම වහල් මායිම් ජනපදවල පාලනය වෘත්තීය සමිති විසින් පවරා ගන්නා ලදී. ඊට අමතරව ලින්කන් 1864 පැවැත්වූ ජනපතිවරණයේ නැවත ඡන්දය ඔහු මනාව කළමණාකරණය කරන ලදී. යුධ විරුද්ධවාදීන් ලින්කන් විවේචනයට භාජනය කළේ වහල්භාවය සම්බන්ධයෙන් සමඟි සම්මුතියකට ඒමට ලින්කන්ගේ තිබූ නොකැමැත්ත නිසාය. අනෙක් අතට රැඩිකල්වාදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයින් අතර පවතින භේදය අහෝසි කිරීමට ක්‍රියා කිරීම හේතුවෙන් ද ඔහු විවේචනයට බඳුන් වූයේ ඒ කරුණු හේතු කොට ගෙන වහල්භාවය අහෝසි කිරීමේ ක්‍රියාදාමය වෙත ළඟා වීම මන්දගාමී ස්වරූපයක් ඉසිලූ බැවිනි. මෙවැනි බාධා හමුවේ වුවද ලින්කන් ජයග්‍රාහී ලෙස ස්වකීය වාග් කෞශල්‍ය හා දේශනය මඟින් මහජන මතය දිනා ගත් අතර ඔහුගේ ගෙට්ස්බර්ග් ඇමතීම මීට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. යුද්ධයට සමීප වීමත් සමඟ ලින්කන් ප්‍රතිසංස්කරණය පිළිබඳ මැදහත් දර්ශනයක් අනුගමනය කළ අතර සමඟි
සන්ධානය වීම මඟින් ජාතිය යළි ඉක්මනින් එක් කිරීමේ ප්‍රතිපත්තියක් ඔහු විසින් සොයා බලන ලදී. 1865 දී ඔහුගේ ඝාතනය ඇමරිකානු ඉතිහාසයේ මුල්ම ජනාධිපති ඝාතනය විය. එමෙන්ම ජාතිය නැවත එක් කිරීමේ මාතෘ වීරවරයන් ලෙස ද ඒබ්‍රහම් ලින්කන්ව සලකන ලදී. මූලාශ්‍රස්වින්ග් නර්තනය,1939ස්වින්ග් ඩාන්ස්' යනු 1920, 30 හා 40 දශකවලදී ජෑස් සංගීතයට අනුව රිද්මයානුකූල පැද්දිම නර්තනයක් කොට ගත් ජන කණ්ඩායමක් විසින් ගොඩනගනු ලැබුවකි. නමුත් මෙම නර්තන ආකාරය ජෑස් සංගීතයේ රිද්මය දක්වා දිවයයි. වඩාත් ප්‍රචලිත නර්තන කණ්ඩායමක් වන්නේ ලින්ඩා බෝච් නැමැති කණ්ඩායමයි.මෙය එදා පටන් අද දක්වා පැවත එන සහකාර නර්තනයකි. මෙම නර්තන වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අප්‍රිකානු ඇමරිකන් ජන සමුහ, අප්‍රිකානු ඇමරිකන් නර්තන ශීල්පින්, (වැල්බෝ ආ ඇන්ජලෝ) මෙන්ම ඇමරිකානු හා අනෙකුත් ජන සමාජ තුළය. මෙම පැද්දෙන නර්තනයේ මුල් ආකාරයන් ලෙස 'බ්ලැක් බොටම්',"චාල්ස්ටන්", "ටැබ්ඩාන්ස්", ඩික්සිලන්ඩ් ජෑස් හැඳින්විය හැකිය. දකුණු ඇමරිකන් හි නව සර්ලියන්ස් හි මෙම නර්තන සම්ප්‍රදාය ගොඩ නැගි ඇත. මෙම නර්තන උතුරු දිශාවේ පිහිටි නිව්යෝර්ක්, කැන්සාසිටි, හා චිකාගෝ යන නගර කරා 1920 දී ව්‍
යාප්ත වුණි. ගම්බද කළු ජාතිකයන් ද පිඩාවලින් මිදිමට උතුරට සංක්‍රමණය වූහ. ජිම්ක්‍රෝලෝස්, ලින්චින් ප්‍රදේශවල හා පසුව දකුණේ පැවැති රැකියා වියුක්තිය එහි පැවැති අවනතිය ඊට හේතුවිය. ස්වින්ජෑස් බටහිර අප්‍රිකානු සහ ඇමරිකන් අප්‍රිකානු නර්තනය හා සංගීතයෙහි ස්වර සංයෝග විදහා පායි. මෙය 'ස්ව කාල' සහ 'අට වන ස්වර' නොහොත් තුන්පියවර වශයෙන්ද එහි නාද වන රිද්මයන්ගේ වෙනස් විම්ද කාලය අනුව පරතරයද වේ. වර්තමානයේ බොහෝ දියුණු රටවල මෙම ස්වින්ග් ඩාන්ස් ශෛලයන් දක්නට තිබේ. ලින්ට් හෝප් වඩාත් ප්‍රචලිත වුවත් ඒ ඒ රටවල නගරවල රග දැක්වෙන නර්තනයන් අනුව එකිනෙක වෙනස් වේ. සෑම ප්‍රාදේශිය ස්වින්ඩාන්ස් සමාජයක් තුළ ඊට ආවේණික සංස්කෘතියන් හා ස්වින්ග් ඩාන්ස් භාවිතා වන විවිධ ආකාරයන් ද වෙයි.සටහන්[සංස්කරණය].Swing danceකණ්ඩලම හෝටලයආරම්භයේ කන්ඩලම හෝටලය නම්වූ හෙරිටන්ස් කණ්ඩලම හෝටලය ශ්‍රී ලංකාවේ කන්ඩලම වැව් තාවුල්ලේ ඉදිකොට ඇති තරු 5 පංතියේ හෝටලයකි.[1].. එය එයිට්කන් ස්පෙන්ස් හෝටල් ජාලයට අයත් වෙයි.[2]පිහිටීම[සංස්කරණය]මෙම හෝටලය පෞරාණික දඹුලු නගරය ආසන්නයේ පවතී. අතීතය[සංස්කරණය]1994 වසරේ ඉදිකරන ලද කණ්ඩලම හෝටලය, 2005 දෙසැම්බර්
මසදී නැවත වරක් නවීකරණයට ලක්කොට තිබෙයි.[3]ගෘහ නිර්මාණය[සංස්කරණය]‍දේශමාන්‍ය ජෙෆ්රි බාවා මෙම ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පීයා වේ.මේවාද බලන්න[සංස්කරණය]කණ්ඩලම වැවවැවජෙෆ්රි බාවාආශ්‍රිත[සංස්කරණය]↑ ලක්‍ෂමන් පියසේන (1994). වැවේ බැන්ද හෝටලය. කර්තෘ ප්‍රකාශනයකි. ISBN 955-95645-0-1.↑ "කණ්ඩලමේ එන්න... Royal Suite එකේ ඉන්න..." මව්බිම. 2014 ජනවාරි 8. සම්ප්‍රවේශය 2014 මැයි 23. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)↑ "කන්ඩලම හෝටලය ගැන බිදක්". හර්ෂස් බ්ලොග්. 2011 ජුනි 5. සම්ප්‍රවේශය 2014 මැයි 23. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)බාහිර සබැඳි[සංස්කරණය]වෙබ් අඩවියමුද්‍රණ ඉතිහාසයේ මුල් කාලයේදී මුද්‍රණය ග්‍රන්ථ ප්‍රකාශනය ආදීය වෙනුවට බෙහෙවින්ම යොදා ගත්තේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික ලියවිලි ,චක්‍ර ‍ලේඛණ, ගැස‍‍ට් පත්‍ර ආදී සුවි‍ශේෂි අවශ්‍යතා ඉටුකිරීම උදෙසාය. ආරම්භයේ පටන් මුද්‍රණ ශිල්පය සන්නිවේදනයේ බලගතු අවියක් විය. අප සමාජ ආකෘති ප‍්‍රගති සැලසුම්වලදී අගනා සන්නිවේදනය සහ දැනුම බෙදාගැනීම අත්‍යවශ්‍ය වන අතර මෙහිදී මුද්‍රණ කර්මාන්තයට වැදගත් මෙ
හෙයක් හිමිය.මෙම කර්මාන්තය ඉතිහාසය සම්බන්ධ තොරතුරෑ මූලික වශායන් මෙහි අන්තර්ගතය.ඉතිහාසය පිළිබද සැළකුවහොත් පහත සදහන් කාලයන් වැදගත් වේ.ලන්දේසි පාලන සමය.ඉංග්‍රිසි පාලන සමය.රජයේ ගැසට් පත්‍රය ප්‍රකාශනය.කළම්බු ජර්නල් පුවත්පතේ අරම්භය.ශ්‍රි ලංකා‍‍‍වේ මුද්‍රණ ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෝලන්දේසි පාලන සමය[සංස්කරණය]ගොනුව:Ctc 04 img1019.jpgලංකාවේ ප්‍රථමවර‍ට මුද්‍රණය ආරම්භ වන්නේ ක්‍රි.ව 1737 ලන්දේසි සමයේදිය.මෙය ජේකොබ් ක්‍රිස්ටීන් පිලාත් ආණ්ඩුකාරවරයාගේ කාලයේදි මුද්‍රණ අකූරු සකස් කිරීමත් සමග ආරම්භ විය.ලන්දේසි විසින් මුද්‍රණ‍ය කරන ලද මුල්ම සිංහල කෘති‍ය වශයෙන් පිළිගන්නේ ලන්දේසි ‍යාඥා පොතය.මෙය ගාල්ලේ පිහිටුවන ලද ලන්දේසි මුද්‍රණාලයේ බිහිවුවකි.එහි මුද්‍රණ ශිල්පියාවුයේ ගාබ්රියල් ස්කාඩ් නැමැත්තෙකි.ඉංග්‍රිසි පාලන සමය[සංස්කරණය]ගොනුව:Guten1.jpgක්‍රි.ව 1802 දි ඉංග්‍රිසි විසින් ලංකාව ය‍ටත් විජිතයක් බවට පත්කර ගැනිමේදී ලන්දේසි සතූ මුද්‍රණාලද අත්පත් කර ගත්හ.ක්‍රි.ව 1802 දි ඉංග්‍රිසි විසින් ඉංග්‍රිසි නිල ප්‍රකාශනය වු ගැසට් පත්‍රය ප්‍රකාශනය කරන ලදි.රජයේ ගැසට් පත්‍රය ප්‍රකාශනය[සංස්කරණය]ගොනු
ව:Fd2-2.jpgක්‍රි.ව 1802 දි ශ්‍රි ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත වශයෙන් සැලකු රජයේ ගැසට් පත්‍රය ප්‍රකාශය‍ට පත්කරන ලදී.මෙහි ප්‍රකාශකයා වුයේ ප්‍රාන්ස් ඩී බෲයින් මහාතාය.ක්‍රි.ව 1814 ජනවාරී 12 වන දින ප්‍රථමවරට මුතු කිමිදීමේ දැන්වීමක් සිංහල බසින් පළ කරමින් ගැසට් පත්‍රයට එක් කිරීමෙන් පළමුවරට සිංහල භාෂාව ගැසට් පත්‍රයට සම්බන්ධ කරන ලදී.සතියකට දෙවරක් ප්‍රකාශය‍ට පත්කරන ලදී.ගැසට් පත්‍රය[සංස්කරණය]ගොනුව:Gazette IT.jpgගැසට්‌ යන වචනයේ තේරුම, පුවත්පතක්‌ හෝ නිල ප්‍රකාශනයක්‌ හෝ නිල ප්‍රකාශනයක්‌ මගින් කෙරෙන නිවේදනයක්‌ යන්නය.”ගැසට්‌ පත්‍රය මුද්‍රණය කොට බෙදා හරනු ලබන්නේ රජයේ මුද්‍රණාලය මගිනි. ආරම්භයේදී පිටු දෙකකට පමණ සීමිත වූ එය දැන් කොටස්‌ හයකින් පමණ සමන්විතය.රජයේ ආඥවන්, නියෝගයන්, නියමයන් ක්‍රියාත්මක වන්නේ, වලංගු වන්නේ ගැසට්‌ පත්‍රයේ ප්‍රසිද්ධ කළහොත් පමණය.විධායකයත් ව්‍යවස්‌ථාදායකය හා අධිකරණයත්, රටක පැවැත්මට හේතු භූත වන ප්‍රධාන මුල් තුනය. ලංකාව දැවැන්ත වෘක්‌ෂයකට සම කළහොත් එහි ප්‍රධාන මුල් තුන, විධායකය වන ජනාධිපති ධුරයත්, ව්‍යවස්‌ථාදායකය වන පාර්ලිමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රධාන අධිකරණයත්ය.ව
ර්ග සැතපුම් 25,000 ක්‌ විශාල ශ්‍රී ලංකාවත්, සමස්‌ත ජනගහනයත්, රාජ්‍ය අංශයට හා පෞද්ගලික අංශයටද සම්බන්ධ සියලුම ක්‍ෂේත්‍රයන්හි කාර්යයන් හා සේවාවනුත් මේ ප්‍රධාන මුල් තුනට අනුබද්ධය.ජනාධිපතිවරයාගේ පටන් සාමාන්‍ය පුරවැසියා දක්‌වා සියල්ලන්ටමත්, රට පුරා හැම ක්‍ෂේත්‍රයකටම හා හැම ස්‌ථානයකටමත් බලපාන කරුණු කාරණා පිළිබඳ රාජ්‍ය නිල ප්‍රකාශනය ගැසට්‌ පත්‍රය වන අතර සැබවින්ම එය රාජ්‍ය මුද්‍රාවක්‌ බඳුය. මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලින් දිනපතාම විවිධ කරුණු කාරණා හෙළිදරව් කෙරෙන නමුත් යට කී ක්‍ෂේත්‍රයන්ට අදාළ රාජ්‍ය නිල ප්‍රකාශනය වන්නේ ගැසට්‌ පත්‍රයයි.සියවස්‌ පහකට පමණ පෙර වැනිසියේ පළ කළ පුවත්පත්වල මිල, ඒ අවධියේ සංසරණය වූ, වටිනාකමින් අඩුම කාසිය හැටියට සැලකුණු ගැෂෙටාවක්‌ වූයෙන්, පත්‍ර හැඳින්වූයේද ගැෂෙට්‌ යන නමිනි. 18 වැනි සියවස අග භාගයේ ඉංගිරිසි ජාතිකයන් ලංකාවට පැමිණි මුහුදු බඩ ප්‍රදේශ අල්ලා ගැනීමෙන් අනතුරුව, Ceylon Goverment Gagetta ලංකා ආණ්‌ඩුවේ ගැසටය යන නමින් ආණ්‌ඩුවේ ප්‍රකාශන හැඳින්වීමට පටන් ගත් අතර මුල්ම ගැසට්‌ පත්‍රය නිකුත් වූයේ, ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ බවට පත් වන්නට වසර 12 කට කලින් 1802 මාර්තු
15 වැනි සඳුදාය. ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්‌ බවට පත් වූයේ, 1815 මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඬුවේදී අත්සන් කරන්නට යෙදුණු උඩරට ගිවිසුමත් සමගය.මේ අනුව, ගැසට්‌ පත්‍රය පිටව, මේ වන විට අවුරුදු 208 කිෘ ගැසට්‌ එකේද ප්‍රවෘත්ති ඇතුළත්ව ඇති නිසා පත්‍රයක්‌ වශයෙන් මුලදී සැලකුණු හෙයින් ලංකාවේ මුල්ම පත්‍රය ගැසට්‌ එකයෑයි කියන්න බැරිකමක්‌ද නැත.බ්‍රිතාන්‍ය සෝල්බරි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව යටතේ, 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස ලැබුණද සැබවින්ම එය, නිදහසක්‌ ලබාගැනීම සඳහා ලබාගත් නිදහස්‌ වූයෙන්, ගැසට්‌ එකේ නමද ඒ ආකාරයෙන්ම පැවතිණි. එහෙත් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සටන් පෙරමුණ රජයේ ජනරජ ව්‍යවස්‌ථාව යටතේ 1972 මැයි 22 වැනිදා ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත්වීමත් සමගම එහි නම "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට්‌ පත්‍රය" වශයෙන් වෙනස්‌ විය.ගැසට්‌ පත්‍රය, සෑම සඳු දිනකම නිකුත් කෙරෙන රජයේ නිල ප්‍රකාශනයයි. නොඑසේ නම් නිල ප්‍රවෘත්ති පත්‍රය වශයෙන්ද සැලකිය හැකිය. සැබවින්ම එය, විධායකය, ව්‍යවස්‌ථාදායකය හා අධිකරණය යන ප්‍රධාන ආධාරක මුල් තුන මත පිහිටා රට කරවන යාන්ත්‍රණය මෙහෙයවන
මෙවලම බඳුය.ගැසට්‌ පත්‍රය මුද්‍රණය කොට බෙදා හරනු ලබන්නේ රජයේ මුද්‍රණාලය මගිනි. ආරම්භයේදී පිටු දෙකකට පමණ සීමිත වූ එය දැන් කොටස්‌ හයකින් පමණ සමන්විතය.රජයේ ආඥවන්, නියෝගයන්, නියමයන් ක්‍රියාත්මක වන්නේ, වලංගු වන්නේ ගැසට්‌ පත්‍රයේ ප්‍රසිද්ධ කළහොත් පමණය.රජයේ නිල ප්‍රකාශනය වන ගැසට්‌ පත්‍රයේ මුල් කොටසේ ඡේද වශයෙන් නම් කෙරෙන අනු කොටස්‌ කීපයකි. ඒවා මෙසේය.විධායකයේ (ජනාධිපතිවරයාගේ) අනුදැනුම මත සිදු කෙරෙන පත් කිරීම්, අධිකරණයේ අනුදැනුම මත සිදු කෙරෙන පත් කිරීම් හා පාර්ලිමේන්තු අණපනත් ආදියේ ඇතුළත් නීති රෙගුලාසි. රජයේ රැකියා ඇබෑර්තු ටෙන්ඩර් ලබා ගැනීම සඳහා ලබාගත් නිදහසක්‌ වූයෙන් ගැසට්‌ එකේ නට ඒ ආකාරයෙන්ම පැවතිනි. එහෙත් සිරිවාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ රජයේ ජනරජ ව්‍යවස්‌ථාව යටතේ ලියාපදිංචි වන්නන්ගේ නම් ගම්, වෙළෙඳ ව්‍යාපාරවලට අදාළ වෙළෙඳ ලාංජන යනාදිය, වෙළෙඳ ව්‍යාපාරයක්‌ නීතිගත වන්නේ එහි පළ කළ හොතිනි.ගැසට්‌ එකේ සෙසු කොටස්‌ මේ ආකාරයෙනි[සංස්කරණය]අධිකරණයට අදාළ විස්‌තර තොරතුරු.ඉසව් අත්කර ගැනීමට අදාළ විස්‌තර තොරතුරු.පළාත් පාලන ආයතනවලට අදාළ විස්‌තර තොරතුරු.ජාතික ලේඛනාරක්‌ෂකවරයාගේ අභිමතය පරිදි ප්‍ර
කාශයට පත් කෙරෙන ග්‍රන්ථ නාමාවලිය.ජූරි සභිකයන්ගේ නාමාවලිය.ගැසට්‌ පත්‍රය යනු, රටේ පණ නල රැකදෙන හදවතයි. කියන්න බැරි කමක්‌ද නැත. එය පළ කිරීමට අපහසුවක්‌ සිදු වුවහොත් රටේ පැවැත්මට සිදු වන්නේද අපහසුතාවකි.මීට වසර 208 කට පෙරාතුව පළ කරන ලද මංගල ගැසට්‌ පත්‍රය මුද්‍රණය කොට ඇත්තේ ලන්දේසීන්ගෙන් ඉංගිරිසි ජාතිකයන් පවරා ගත් මුද්‍රණ යන්ත්‍රයක්‌ භාවිත කොට ගෙනය. ඒ සඳහා රජයේ මුද්‍රණාලයද ආරම්භ කොට ඇති අතර ගැසට්‌ පත්‍රයේ ආරම්භක ප්‍රකාශකයා µ්‍රdන්ස්‌ ඩී. බෲයින් නමැති ඉංගිරිසි ජාතිකයෙකි.ලංකාණ්‌ඩුවේ ගැසට්‌ පත්‍රය මුලදී ඉංගිරිසියෙන් පළ කෙරුණු අතර හා හා පුරා කියා මව් බස වන සිංහල ඊට එක්‌කර ඇත්තේ මීට වසර 196 කට පෙර 1814 ජනවාරි 12 වැනි දින සිංහල දැන්වීමක්‌ එහි පළ කරමිනි.එය මුතු කිමිදෙන්නන් පිළිබඳ දැන්වීමකි. ගැසට්‌ පත්‍රයේ මංගල කලාපයේ මුල් පිටවේ ඉහළින්ම "ලංකා ආණ්‌ඩුවේ ගැසට්‌ පත්‍රය යනුවෙන් එහි නම සඳහන් වූ අතර අංක 1, සඳුදා, මාර්තු 15, 1902" යනුවෙන් ඊළඟට එහි මුද්‍රණ අංකයත්, දවසත්, මාසයත් දිනය හා අවුරුද්දත් සඳහන් විය.තීරු හතරක එම පිටුවේ වම් පස තීරුවේ "රජයේ දැන්වීම" යන සිරස්‌තලය යටතේ පහත සඳහන් දැන්වීම පළව තිබිණි.ප