Text
stringlengths 37
1.96k
|
---|
සුදුසු නැහැ. දත් බුරුසුවකින් දත් මැදීමට ආදේශකයක් විදියට මුඛ සේදුම් |
දියර භාවිතා නොකළ යුතුයි. මුඛ සේදුම් දියරයෙන් දත් වල් බැඳී |
ඇති මැලියම් ඉවත් වන්නේ නැහැ. ඒ නිසා දත් බුරුසුවකින් දත් |
මැදීම අත්යවශ්ය වෙනවා. විදුරුමස් රෝග වළක්වා ගැනීම සඳහා පහත දක්වා |
ඇති උපදෙස් අනුගමනය කරන්න පුළුවන්. සිනිඳු කෙඳි ඇති (soft) බුරුසුවකින් |
දවසට දෙවරක් දත් මැදීම. මේ සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප වර්ගයක් |
පාවිච්චි කරන්න. සෑම මාස 6කට වරක්වත් දන්ත වෛද්යවරයෙක් හමුවෙලා ඔබේ |
දත් පරීක්ෂා කරගෙනීම. දුම් පානයෙන් වැළකීම. දියවැඩියා තත්වය පාලනය කර |
ගැනීම. විදුරුමස් රෝග වළක්වා ගැනීම මගින් දිගු කාලයක් පවතින් සුන්දර |
දන්ත සංවේදීතාවය, සාමාන්ය වචනයෙන් කියනවානම් "දත් හිරිවැටීම" අද ගොඩක් දෙනෙක්ට |
තියෙන ප්රශ්නයක්. දත් හිරිවැටීම ප්රධාන වශයෙන් ගත්තාම අවස්ථා 5කදී ඇති |
වෙන්න පුළුවන්. අධික සීතල ආහාර හෝ පාන ගන්න අවස්ථා වලදී |
අධික උණුසුම් ආහාර හෝ පාන ගන්න අවස්ථා වලදී ඇඹුල් රසැති |
ආහාර හෝ පාන ගන්නා අවස්ථා වලදී පැණි රසැති ආහාර හෝ |
පාන ගන්නා අවස්ථා වලදී දත් එකිනෙක ගැටෙන විටදී හෝ දිව |
දත් හා ගැටෙන විටදී මේ හැරුණුකොට ඉහත කිසිම හේතුවක් නැතුව |
වුණත් දත් හිරිවැටෙන්න පුළුවන්. දත් හිරිවැටෙන්නේ ඇයි කියන ප්රශ්නෙට හේතු |
හොයද්දි නම් දතේ ව්යුහය ගැන සලකලා බලන්න වෙනවා. දතක් හැදිලා |
තියෙන්නේ ජීවී සහ අජීවී කියන පටක දෙකම එකතු වෙලා. දතක |
පිටතින්ම තියන පටකය තමයි එනමලය (enamel) කියන්නේ. එනමලය අජීවී පටකයක්. |
ඊට ඇතුලතින් තියෙන්නේ දන්තිනය (dentine). එය නම් ජීවී පටකයක්. දන්තිනය |
ජීවී පටකයක් නිසා එය ආරක්ෂා කරගන්න එනමලයෙනුත්, දතේ මුල කොටස |
cementum යනුවෙන් හැඳින්වෙන පටකයෙනුත් ආවරණය වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට දන්ත |
සවේදීතාවයට හේතු වෙන්නේ ආරක්ෂිත පටක විනාශ වී යාම නිසා දන්තිනය |
නිරාවරණය වීම. දන්තිනය නිරාවරණය වීමට හේතු රාශියක් තියෙනවා. ඉතාම තදින් |
දත් මැදීම නිසා එනමලය විනාශ වී යාම. අයහපත් මුඛ සෞඛ්ය |
නිසා දත් වල මැලියම් බැඳීම. දත් නිතර එකිනෙක ගැටීම වැනි |
හේතු නිසා එනමලය විනාශ වීම. ප්රතිකාර නොකරන ලද දත් කුහර |
පැවතීම දෝෂ සහිත පිරවුම්. විදුරුමස් රෝග (මෙය සාමන්ය ව්යවහාරයේ නම් |
හැඳුන්වන්නේ දත් මුල් දියවීම නමින්.) දත් වඩා සුදු පැහැයට පත් |
කර ගැනීම සඳහා සිදු කරන ප්රතිකාර ක්රම ( Whitening and |
Polishing) නිතරම බොහෝ ආම්ලික ආහාර පාන ගැනීම, මෙන්න මේ හේතු |
නිසා තමයි බොහෝ වෙලාවට දන්ත සංවේදීතාවය ඇති වෙන්නේ. ඉතාම තදින් |
දත් මැදීම නිසා එනමලය විනාශ වී යාම. ගොඩක් අය අතරෙ |
තියන වැරදි මතයක් තමයි දත් හොඳින් පිරිසිදු වෙන්නේ තදින් දත් |
මැද්ද තරමටයි කියලා. ඒත් එහෙම වෙන්නේ නම් නැහැ. ආහාර ගත්තට |
පස්සෙ දත් වල රැඳෙන් මැලියම් ඉවත් කරන්න සිනිඳු කෙඳි සහිත |
(soft) දත් බුරුසුවක් භාවිත කිරීම හොඳටම ප්රමාණවත්. ඒ වගේම මුළු |
ඇඟේම බර යොදලා දත් මදින්න අවශ්ය නැහැ. අනවශ්ය බලයක් යොදලා |
දත් මැද්දම එනමලය විනාශ වෙන නිසා දන්තිනය නිරාවරණය වීමෙන් දන්ත |
සංවේදීතාවය ඇති වෙන්න පුළුවන්. අයහපත් මුඛ සෞඛ්ය නිසා දත් වල |
මැලියම් බැඳීම. දත් වල මැලියම් බැඳිලා ඒවා දීර්ඝ කාලයක් තිස්සේ |
ඉවත් කරන්නේ නැතුව තියනකොට ඒ මැලියම් ඝන වෙලා දත් වලට |
තදින් බැඳෙනවා. එතකොට දත් බුරුසුවකින් ඒ මැලියම් ඉවත් කරන්න අමාරුයි. |
මේ ඝන වෙච්ච මැලියම් හෙවත් calculi තමයි විදුරුමස් රෝග වලට |
මූලික හේතුව වෙන්නේ. මේ තත්වය ඇති වුණාම අපි දන්ත වෛද්යවරයෙක් |
ළඟට ගිහින් දත් පිරිසිදු කරගන්න එක වැදගත් වෙනවා. එහෙම නැත්තම් |
විදුරුමස් රෝග ඇති වෙලා විදුරුමස් දිය වුණාම දත් මුල් නිරාවරණය |
වෙනවා. දත මුල ආවරණය වෙලා තියෙන cementum කියන පටකය හරිම |
තුනී පටකයක්. එම නිසා එය ඉතාම පහසුවෙන් විනාශ වෙන්න පුළුවන්. |
ඒ නිසා විදුරුමස් ආරක්ෂා කර ගැනීමත් වැදගත් වෙනවා. දත් නිතර |
එකිනෙක ගැටීම වැනි හේතු නිසා එනමලය විනාශ වීම. මෙයට නම් |
ප්රධාන හේතුවක් දත් මිටි කෑම. තරහ ගියාම කෙරෙන දත් මිටි |
කෑම විතරක් නෙවෙයි. නින්දේදී අපි නොදැනුවත්වම දත් මිටි කෑම සිදු |
කෙරෙනවා. මේ වගේ තත්වයක් තියෙනවා නම් වෛද්ය ප්රතිකාර ලබා ගැමීම |
වැදගත්. එවනි අයගේ දත් පහත ආකාරයට තමයි දිස් වෙන්නේ. ඒ |
වගේම මෙහි දක්වා තියෙන අනෙකුත් හේතු නිසාත් වෙන්නේ එනමලය විනාශ |
වීම නිසා දන්තිනය නිරාවරණය වීමෙන් සංවේදීතාවය හට ගැනීමයි. නිතරම බොහෝ |
ආම්ලික ආහාර පාන ගැනීම නිසා දන්තිනය නිරාවරණය වෙන්න පුළුවන්. මෙතනදී |
අධික ආම්ලික ආහාර පාන වලට උදාහරණ වශයෙන් පලතුරු යුෂ (දෙහි |
යුෂ, දොඩම් යුෂ, ඇපල් යුෂ) කාබනීකෘත බීම වර්ග (උදා: කෝලා |
වර්ගයට අයත් පාන) වයින්, බියර් ආදිය හඳුන්වන්න පුළුවන්. ප්රතිකාර මේ |
සඳහා කළ හැකි ප්රතිකාර නම් රාශියක් තියෙනවා. ඒත් ඉතාම වැදගත් |
වන්නේ මේ ප්රතිකාර ක්රම අත්හදා බලන්න කලින් වෛද්ය උපදෙස් පැතීමයි. |
ඔබේ දන්ත සංවේදීතාවයට බලපාන හේතුව ගැන දන්නේ නැතුව පහත දක්වා |
ඇති ප්රතිකාර ක්රම මොන තරම් අත්හදා බැලුවත් වැඩක් වෙන්නේ නෑ. |
දත් පිරිසිදු කර ගැනීම මේ සඳහා ඇති එක් ප්රතිකාර ක්රමයක්. |
ඔබේ දන්ත වෛද්යවරයා හමු වීමෙන් ඔබට එය සිදු කරගන්න පුළුවන්. |
ඉන් පසුව වෛද්ය උපදෙස් මත ෆ්ලෝරයිඩ් අඩංගු මුඛ සේදුම් දියරයක් |
(mouthwash) භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සංවේදී දත් සඳහා සකස් |
කර ඇති විශේෂ දන්තාලේප වර්ග භාවිතා කිරීමෙනුත් යහපත් ප්රතිඵල අත් |
කර ගත හැකියි. මෙම ක්රමවේද මගින් සංවේදීතාවය සුව වුණේ නැත්තම් |
වෛද්ය උපදෙස් ලබා ගැනීම අත්යවශ්ය වෙනවා. මක් නිසාද යත් ඔබේ |
දන්ත සංවේදීතාවය වෙනත් කිසියම් රෝගී තත්වයක් (උදා: ආමාශගත රෝග) නිසා |
ඇති විය හැකි නිසා. යහපත් මුඛ සෞඛ්ය පවත්වා ගැනීම මගින් |
මේ ගොඩක් තත්ව වලට විසඳුම් ලබා ගන්න පුළුවන්. අනෙකුත් ප්රතිකාර |
ක්රම වලට වඩා දන්ත රෝග ඇතිවීම වළක්වා ගැනීමයි ඉතාම වැදගත් |
මම -: එන්න වාඩිවෙන්න. අද මොකක් නිසාද ආවේ? සමන්-: මගෙ |
කටේ ගෙඩියක් ඇවිත්. මම: දැන් දවස් කීයක් වෙනවද? රිදෙනවද එතන? |
සමන්-: නැහැ. පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ. මම-: කට අරින්න අමාරුද? සමන්-: |
නැහැ. එහෙම අමාරුවකුත් නැහැ. පරීක්ෂා කරලා බලනකොට එතන තිබුණේ හොඳටම |
නරක් වෙච්ච දතක්. දතෙන් විෂබීජ ගිහින් තමයි එතන් ගෙඩියක් ඇවිත් |
තිබුණේ. තව බෙල්ලේ කුද්දටි කිහිපයකුත් තිබුණා. ඒ කියන්නේ තත්වෙ ටිකක් |
බරපතලයි.. මම-: ඔයාගේ කටේ ගෙඩිය තියන තැන තියන දත හොඳටම |
නරක් වෙලා. ඒ නිසයි ගෙඩියක් ඇවිත් තියෙන්නේ. ඒ ගෙඩිය පළලා |
සැරව අයින් කරන්න වෙනවා. ඒ වගේම දත ගලවන්නත් වෙනවා. දත |
ගැලෙව්වෙ නැත්තම් නැවත නැවතත් ඒ ගෙඩිය එන්න පුළුවන්. සමන්-: ඒවුණාට |
මට රිදෙන්නෙ නෑනේ. ඇයි දත ගලවන්නෙ? මම-: රිදෙන්නෙ නැති වුණාට |
ඒ දත හොඳටම නරක් වෙලානේ. එතනින් හැම වෙලේම විෂබීජ යනවා. |
ඒ නිසා තමයි ගෙඩියකුත් ඇවිත් තියෙන්නේ. තව බෙල්ලේ කුද්දටිත් තියෙනවනේ. |
ඒ කියන්නේ දත ගලවන්නම වෙනවා. සමන්-: දත ගලවන්න ඕනෙ නැහැ. |
රිදෙන්නෙ නෑනේ.. රිදුනොත් මම ඇවිත් ගලවගන්නම්. මම-: නිතරම විෂබීජ යන |
එක එච්චර හොඳ නැහැ. ඔහොම දිගටම විෂබීජ ගියොත් බෙල්ල ඉදිමිලා |
හුස්ම ගන්නත් අමාරු වෙයි. සමන්-: ඒත් දැන් මට දත රිදෙන්නෙ |
නෑනේ.. මම රිදුනොත් ඇවිත් ගලවගන්නම්. කොච්චර පැහැදිලි කරලා දුන්නත් මෙයා |
දත ගලවන්න නම් කැමති වුණේ නැහැ.. අපි කිහිප දෙනෙක් ඇවිත් |
තේරුම් කළත් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඉතින් බැරිම තැන මම |
ගිහින් සර්ට කිව්වා. සර් ඇවිත් පරික්ෂා කළා. සර්ගේ අදහස වුණෙත් |
දත ගලවන්න ඕනේ කියන එක. සර් කොච්චර කිව්වත් ඔහු කැමති |
වුණේ නැහැ දත ගලවන්න. හේතුව වශයෙන් කිව්වෙ ඔහුට රිදෙන්නෙ නැති |