Text
stringlengths 37
1.96k
|
---|
එක. සර්-: පේෂන්ට් කැමති නැත්තම් අපිට දත ගලවන්න බැහැනේ.. ෆයිල් |
එකේ පේෂන්ට් කැමති නැහැ කියලා ලියලා පේෂන්ට් යවන්න... වෙන කරන්නම |
දෙයක් නැති තැන ෆයිල් එකේ එහෙම ලියලා පේෂන්ට්ව යැව්වා. පුළුවන් |
තරම් ඉක්මනට දත ගලවගන්න කියලා උපදෙස් දුන්නත් ඔහු කිව්වෙ කැක්කුම |
ආවොත් ගලවන්නම් කියන එක... ඔහුට මොකක් වුණාද දන්නේ නැහැ... කෙනෙක්ට |
වේදනාවක් දැනෙන්න කියලා කිසිම වෙලාවක ප්රාර්ථනා නොකරන මට මෙයාට නම් |
ඉක්මනට වේදනාව දැනෙන්න කියලා ප්රාර්ථනා නොකර ඉන්න බැරි වුණා... වේදනාව |
කියන්නේ හැම රෝගෙකම රෝග ලක්ෂණයක් නෙවෙයි. මුඛ පිළිකා වලට හැදෙන |
තුවාල වල නම් වේදනාවක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා වේදනාවක් |
නැති වුණත් කටේ තුවාලයක්, ගෙඩියක්, වර්ණ වෙනස් වීමක් තියෙනවානම් ඉතා |
මෙම ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශල්යකර්මයෙන් පසු කළ |
යුතු දේවල් සහ ඇති විය හැකි සංකූලතා පිළිබඳවයි. සාමන්යයෙන් මෙම |
ශල්යකර්මයෙන් සුවය ලබන්න දින 5-5-7 දක්වා කාලයක් ගත වෙනවා. විදුරුමස් |
වල ඇති තුවාලය සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න සති 3-4 දක්වා කාලයක් |
ගත වෙනවා. සංකූලතා ඇති වීම වළක්වා ගෙන තුවාලය හොඳින් සුව |
කර ගැනීමට පහත උපදෙස් ඉතා වැදගත් වෙනවා. ශල්යකර්මයෙන් පසුව පළමුපැය |
24 ඇතුළත ලේ ගැලීම සාමන්ය දෙයක්. මෙය නතර කිරීමට පිරිසිදු |
ගෝස් කැබැල්ලක් තබා විනාඩි 45ක් පමණ හපාගෙන සිටිය යුතුයි. එමගින් |
ලේ ගැලීම නතර වෙනවා. නිතර කෙළ ගැසීමෙන් වැළකී සිටීම වැදගත්. |
තුවාලය සුව වීමට එතැන ලේ කැටියක් සෑදීම අවශ්ය වෙනවා. නිතර |
කෙළ ගැසීමෙන් ඒ ලේ කැටිය ගැලවී ඉවතට ය හැකියි. එමගින් |
තුවාලය සුව වීමට බාධා ඇති වෙනවා. නතර නොවන ලේ ගැලීමක් |
සිදුවේ නම් වහාම වෛද්ය උපදෙස් පැතිය යුතුයි. දත ගැලවූ පැත්තේ |
කම්මුල ඉදිමීම සිදුවිය හැකියි. ඉදිමීම අඩු කිරීමට අයිස් රෙදි කැබැල්ලක |
ඔතා එම ස්ථානයේ තබන්න. විනාඩි 10ක් අයිස් තැබීමෙන් පසුව විනාඩි |
20ක් එය ඉවත් කර තබන්න. පළමු පැය 24 තුල මෙය |
නැවත නැවත කිරීමෙන් ඉදිමුම යම් තරමකට අඩු කර ගත හැකියි. |
හිරි වැට්ටීමෙන් පසුව පැය තුනක් පමණ කාලයක් එම හිරි ගතිය |
හිබෙනවා. එම කාලය ඇතුලත දිව හා කම්මුලේ ඇතුල් පැත්ත ඔබට |
නොදැනීම හැපීම නිසා තුවාල සිදුවෙන්න පුළුවන්, එය වළක්වා ගත යුතුයි, |
ඒ වගේම උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළෛය යුතුයි. එහි නියම |
උණුසුම හිරි ගතිය නිසා නොදැනීමෙන් තුවාල සිදු වෙන්න පුළුවන්. වෙහෙස |
වී කරන කටයුතු වලින් මඳකට ඈත්ව විවෙකීව සිටීමෙන් ලේ ගැලීම |
අඩු කර ගත හැකියි. පළමු පැය 24 තුළ කට සේදීමෙන් |
වැළකී සිටින්න. එයින් ලේ කැටිය ගැලවී යා හැකියි. පසු දිනයේ |
මඳ රස්නය ඇති ලුණු වතුරෙන් කට සේදීම සිදු කරන්න. එයින් |
ඉදිමුම සහ වේදනාව අඩු වේ. හොඳින් ජලය පානය කරන්න. එහෙත් |
ඇල්කොහොල් අඩංගු පාන වර්ග, කැෆේන් අඩංගු පාන වර්ග, කෝලා පාන |
වර්ග සහ උණුසුම් පාන වර්ග ගැනීමෙන් වැළකී සිටින්න. බට වලින් |
බීම් වර්ග පානය කිරීමෙන් වැළකී සිටින්න. පළමු පැය 24 තුළ |
මෘදු ආහාර (යෝගට්, ජෙලි වැනි) ලබාගන්න. ඝන ආහාර සහ අධික |
මිරිස් යෙදූ ආහාර ගැනීමෙන් වැළකී සිටින්න. පළමු පැය 24 තුළ |
දත් මැදීමෙන් හෝ මුඛ සේදුම් දියර භාවිතයෙන් වැළකී සිටින්න. පසු |
දින සාමාන්ය පරිදි දත් මදින්න. එහෙත් තුවාලය අසල තදින් මැදීමෙන් |
වළකින්න. සෑම ආහාර වේලකටම පසුව මද උණුසුම් ලුණු වතුරෙන් කට |
සෝදන්න. ඔබ දුම් පානය කරන කෙනෙක් නම් ශල්යකර්මයෙන් දින 3ක් |
ගතවන තෙක් දුම්පානයෙන් වළකින්න. දුම්කොළ සැපීම සිදු කරනවා නම් සතියක් |
යනතෙක් එයින් වැළකී සිටින්න. වෛද්යවරයා විසින් ලබාදෙන වේදනා නාශක සහ |
ප්රතිජීවක ඖෂධ උපදෙස් පරිදි භාවිතා කරන්න. මෙම ශල්යකර්මයෙන් සංකූලතා කිහිපයක් |
ඇතිවිය හැකියි. නිසි පරිදි තුවාලය සුව නොවීම ඉන් එකක්. සතියක් |
පමණ ගත වුණත් නිසි පරිදි තුවාලය සුව නොවන්නේ නම් වෛද්ය |
උපදෙස් සඳහා යොමු වීම වැදගත්. ඒ වගේම මෙම දත ආසන්නයෙන් |
මුහුණේ පහළ කොටසේ සංවේදනය සඳහා වැදගත් වන ස්නායුවක් ගමන් කරනවා. |
එම නිසා ශල්යකර්මයට පෙර එම ස්නායුව පිහිටා ඇති ආකාරය නිවැරදිව |
සොයාගැනීම වැදගත්. ඒ වගේම ශල්යකර්මය අතරතුර මෙම ස්නායුවට හානි සිදුවෙන්න |
පුළුවන්. මෙම හානිය බොහෝවිට තාවකාලිකයි. එම නිසා ශල්යකර්මයට පෙර ඒ |
පිළිබඳව වෛද්යවරයාගෙන් විමසා දැනගැනීමත් වැදගත්. Posted by දත් වෙද සුමිතුරු |
at 12:11 AM 7 comments: Email This BlogThis! Share to |
Twitter Share to Facebook Share to Pinterest Labels: ඥාණ දත් |
(Wisdom Teeth) Sunday, May 24, 2015 ඥාණ දත්.... (Wisdom Teeth) |
-I ඥාණ දත් කියන්නෙ මොනවද? ඥාණ දත් කියන්නේ හනු වල |
කෙළවරේම එන දත් වලට. සාමාන්යයෙන් මේ දත් හතරක් තියෙනවා. උඩ |
හනුවේ හා යට හනුවේ 2 බැගින්. මේ දත් එන්නේ වයස |
18-24 අතර කාලයේ. ඉතින් මේ දත පසු කාලීනව එන නිසා |
විව්ධ ප්රශ්න ඇති වෙන්න පුළුවන්. මේ දත් අස්ථිය හෝ විදුරුමස් |
තුළ ගිලී පවතින්න පුළුවන්. අවුරුදු 24 ට පස්සෙ තාමත් මේ |
දත් ඇවිත් නැත්තම් ගොඩක් වෙලාවට මේ හේතුව නිසා වෙන්න පුළුවන්. |
දත් පැත්තකට ඇද වෙලා එන්න පුළුවන්. මේ නිසා ඒ දත |
අනෙක් දත් වලට තද වීමෙන් ඒ අනෙක් දත් වලට විවිධ |
ප්රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ දත් හනුවේ කෙළවර පිහිටා තිබීම |
නිසා පිරිසිදු කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දත් |
පහසුවෙන් නරක් වීමට පුළුවන්. එ වගේම පිරිසිදු කිරීම අපහසු නිසා |
ඒ අවට විදුරුමස් නිතර ආසාදනය වෙන්න පුළුවන්. මේ නිසා දැඩි |
වේදනාවක් හටගන්නවා. විදුරුමස් ආසාදිත තත්වයට පත්වුණ දතක් තමයි මේ රූපයෙන් |
දැක්වෙන්නෙ. මේ වගේ අපහසුතා ඇතිවීම නිසා මේ දත ගලවා ඉවත් |
කරන්න වෙනවා. අස්ථිය තුල ගිලී ඇති නිසා මෙය සාමාන්ය විදියට |
ගලවා ඉවත් කරන්න බැහැ. ඒ සඳහා සුළු ශල්යකර්මයක් කළ යුතුයි. |
එම දත ආසන්නයේ කුඩා කැපුමක් දමා දත වටේ ඇති අස්ථිය |
ඉවත් කිරීමෙන් ඒ දත ගලවා ඉවත් කරන්න පුළුවන්. එක් දතක් |
පමණක් මේ විදියට ඉවත් කරනවා නම් හිරි වට්ටල කරන්න පුළුවන්. |
ඒත් දත් 4ම මේ විදියට ගලවා ඉවත් කරනවා නම් බොහෝවිට |
සිහි නැති කරලා තමයි කරන්නෙ. මෙම ශල්යකර්මයට පෙර එක්ස් රේ |
පරීක්ෂණයක් කිරීම අනිවාර්යයි. යටි හනුවේ මෙම දතට ආසන්නයෙන් ස්නායුවක් ගමන් |
කරනවා. එම නිසා ඒ ස්නායුව දතට කොපමණ ළඟින් පිහිටා තිබෙනවාදැයි |
දැනගන්න එක්ස් රේ පරීක්ෂණය ඉතාම වැදගත්. ශල්යකර්මයට පෙර ඔබ ඔබේ |
වෛද්යවරයාට ඔබට ඇති රෝගි තත්ව, ඔබ ලබාගන්නා බෙහෙත්, ඔබට ඇති |
ආසාත්මිකතා (allergies) දන්වා සිටීම වැදගත් වෙනවා. මෙම ශල්යකර්මය සඳහා සාමාන්යයෙන් |
විනාඩි 30-45ක් තමයි ගත වෙන්නේ. මෙය ඉතා සුළු ශල්යකර්මයක් වුණාට |
සමහර සංකූලතා ඇති වෙන්න පුළුවන්. එම් සංකූලතා ගැන වගේම ශල්යකර්මයෙන් |
"ශලිනි, අනේ බබාගේ දත් ටික ඔක්කොම නරක් වෙලා නේද?' නිමන්ති |
එහෙම ඇහුවේ තම මිතුරියගේ අවුරුදු 5ක් වයස බබාගෙ දත් ටික |
ඔක්කොම කළු පාට වෙලා නරක් වෙලා තියෙනවා දැකලා.. "ඔව් නිමන්ති. |
කොහෙද මෙයාලා හැම වෙලාවෙම පැණිරස කන එකමයි නේ වැඩේ. බේරන්න |
බැහැ. ඒත් කමක් නෑ. ඕවා කිරිදත් නේ. වැටිලා ස්ථිර දත් |
එන නිසා ඕක එච්චර ප්රශ්නයක් නැහැ.." ඇත්තටම කිරිදත් නරක් වෙන |
එක ප්රශ්නයක් නැද්ද? ඒවා කොහොමත් වැටිලා ස්ථිර දත් එන නිසා |
කිරි දත් පරිස්සම් කරන්න ඕනෙ නැද්ද? මේ අද ගොඩක් අයට |
තියෙන ප්රශ්නයක්. ඒ නිසා අපි අද කිරි දත් ගැන කතා |
කරමු.. අපි හැමෝම පොඩි කාලෙ ඉගෙන ගෙන තියෙන විදියට කටේ |
කිරිදත් 20ක් තියෙනවා. මේවා හැදෙන්න පටන් ගන්නෙ බබා අම්මගෙ බඩේ |