Text
stringlengths
37
1.96k
ප්රතිකාර මගින් දත ගැලවීමකින් තොරව පවත්වාගත හැක.මෙය දතේ මුලට යොදන
ඉදිරිපස දත් දුර්වර්ණ වී කැඩීගොස් ඇති අවස්ථාවක් නිවැරැදි කිරීම සදහා
ඔබගේ කටේ දත්වල අඩුවක් පවතින්නේ නම් එම අඩුව කෘතිමව දත්
දැමීමෙන් පියවාගත හැකිය.එමගින් ඔබට වැඩි වාසියක් අත්වේ. අපේ කටේ හක්කේ
දත් අඩුපාඩු පැවතීම හැපීම සදහා ලොකු බාදවක් වන අතර ඉදිරිපස
දත් වඩිපුර ගෙව්යාමේ අවදානමක් ඇත .ඉදිරිපස දත් අඩුපාඩු පෙනුමට,පෞරුෂය ට
බාදා ඇති කරයි දත් දැමීමේදී ස්තිරව දත් සවිකිරීම හෝ කෘතිමව
තල්ල සහිත දත් ඇදි දැමීමෙන් අඩුපාඩු මගහරවා ගත හැක තල්ල
සහිත දත් දැමීමේදී අතරින් පතර හිඩැස් ඇති ස්තාන වලට පවා
දත් දැමීම කල හැකිය.බොහෝ අය සිතනුයේ දත් ඇදි දැමීම කල
හැක්කේ දත් සියල්ලම ගලවා ඇති කටවල් සදහා පමනක් බවයි.තල්ල සහිතව
දත් දැමීම දත් බැදීම ලෙස ව්යවහාරයේ භාවිතා කෙරේ. ස්තිරව දත්
අපි වේදනාව නිසා පමනක් ඇයි දන්ත ශල්යාගාරයකට යන්න පුරුදු වෙලා
තියෙන්නෙ අපිට අපේ කටේ දත් දිරාපත් වෙන්න පටන් ගත් මුල්
අවදියේදීම එය පුරවා ගන්නේ නම් එම දත බොහෝ කාලයක් කටේ
ප්රශ්නයක් ඇති නොවන ලෙස තබා ගන්න පුලුවන් නමුත් බොහෝ දෙනාට
දත් පුරවන්න හෝ ගලවන්න මතක් වෙන්නේ වේදනාව කිහිප සැරයක් ඇවිත්
ඉවසාගත නොහැකි උනාම තමයි .බොහෝ විට එම අවස්ථාව වනවිට දත
තබා ගන්න නම් ස්නායු පිරවීම සිදුකරන්න වේවි. ඉතිං අපට පුලුවන්
අපේ කටේ ඇති දත් වල වෙනසක් තියෙනවා නම් දන්ත වෛද්යවරුන්
හමුවෙලා ඒව පෙන්න ගන්න.එතකොට පොඩි පොඩි ප්රශ්න ලොකු වෙන්න නොදී
විසදාගැනීමට පුලුවන් . දත් නරක්වෙන්න පටන් ගත්තම බොහො දුරට අපිට
ඒක පේනවා.නොපෙනෙන තැනක දත් අතර නරක්වෙලා නම් නිතර කෑම සිරවීම
,හිරිවැටීම වැනි ලක්ශන පෙන්නුම් කරනවා ඔබේ සැලකිලිමත් බව ඔබේ යහපතට
ස්නායු පිරවීම හෙවත් දන්ත මූල ප්රතිකාරය ස්නායු පිරවීම ලෙස ව්යවහාරයේ
භාවිතා උවත් නිවැරැදි ලෙස පවසන්නේ නම් එය දන්ත මූල ප්රතිකාරයකි
දත නරක්වීම ආරම්භක අවදියේදී එයට ප්රතිකාර නොකර සිටීම නිසා එය
කල්ක කුහරය දක්වා පැතිර යාම නිසා එම ආසාදන තත්වය දන්ත
මූලය දක්වා පැතිර ගොස් අදික වේදනාවක් පැවතීම,දත ඇල්ලීමට නොහැකි තරමට
වේදනාකාරී වීම,දත ආශ්රිත විදුරුමස් ඉදිමීම වැනි හේතු නිසා දත තවදුරටත්
තබා ගැනීමට අවශ්ය නම් දන්ත මූල ප්රතිකාරය කල යුතු වේ
හදිසි අනතුරු නිසා දතෙහි කල්ක කුහරය දක්වා දත හානි වූ
විටත් ස්නායු පිරවීම් හෙවත් දන්ත මූල ප්රතිකාරය කල යුතු වේ
අදික ලෙස දත් ගෙවීම නිසා උවද දතෙහි කල්ක කුහරය දක්වා
ආසාදනය විම නිසා ද මේ ප්රතිකාරය සිදු කල යුතු වේ
මෙය සාර්තක ප්රතිකරයකි.පලපුරුද්දක් ඇති දන්ත වෛද්යවරුන් මගින් සිදුකරගතහොත් හොද ප්රතිපල
ලබාගත හැක ස්නයු පිරවීමකදි ආසාදිත කල්ක කුහරය දන්ත මූලය දක්වාම
ඉවත්කරනු ලබන අතර එය තරමක් සංකීර්ණ ක්රියාවලියකි.දත අනුව එහි සංකීර්ණ
බව වෙනස් වේ.ඉදිරිපස දත් වලට වඩා හක්කේ දත්වල ක්රියාවලිය සංකීර්ණ
වේ. මෙහිදී දතට සංවේදනය ගෙන එන ස්නායුව සමග සන්නිවේදන කරන
කල්ක කුහරය ආසාදිත පටක කොටස් සමග ඉවත් කරන නිසා දතෙහි
ඇති වේදනාව ඉවත් වී වේදනාවෙන් තොරව දත කාලයක් තබා ගත
හැක. ස්නායු පිරවූ දත් , කාලයක් ගියවිට කැඩීයාම බහුලව ඇති
ගැටලුවකි.එයට බහුල හේතු ඇත.ස්නායු පිරවීමෙන් දතට වැඩිපුර ශක්තියක් නොලැබේ.කාලයත් සමග
එහි ශක්තිය අඩු විය හැක.එයට බහුලම හේතුව ස්නායු පිරවීම ආරම්භක
අවස්ථාව වනවිට දතෙහි 50%කට වඩා විනාශ වී පැවතීම .දන්ත මූල
ප්රතිකාරයෙන් අනතුරුව දතෙහි උඩ කොටසට(දන්ත මස්තකයට )දමා ඇති ස්තිර පිරවීම
පලුදුවීම් වලදී ඒවා පිලිබදව සැලකිල්ලට නොගෙන සිටීම.එවැනි දත් වැඩිපුර ශක්තිමත්
ලෙස සිතා අනවශ්ය දෑ සැපීම ස්නයු පිරවූ දත් වල දතෙහි
උඩ කොටස වැඩිපුර හානි වී ඇත්නම් එවැනි දත් සදහා crown
ප්රතිකාරය සිදු කිරීමෙන් දත ශක්තිමත් ලෙස කැඩීයාමකින් තොරව දිගුකාලයක් තබා
ගත හැකිය. තවද ස්නායු පිරවූ දතක කාලයක් ගතවු පසුව උඩ
කොටසේ පිරවුම පලුදු වීම්,ගැලවීම් සිදුවුවහොත් ඒ සදහා නැවත ස්නායු ප්රතිකාරය
සිදු කල යුතු නැති අතර හැකි ඉක්මනට දත සාමාන්ය පරිදි
පුරවාගැනීමෙන් දත දිගුකාලයක් පවත්වාගත හැක කලාතුරකින් බොහෝකාලයක් පැරනි ස්නායු පිරවූ
දතක වේදනාව ඇතිවුවහොත් X කිරණ මගින් නැවත ස්නයු පිරවීමේ අවශ්යතාව
පෙන්නුම් කරන්නේ නම් එලෙස නැවත පිරවීමේ හැකියාව පවතී එකම පුද්ගලයාගේ
කටෙහි ඇති දත් කිහිපයක ස්නායු පිරවීම කල හැකි අතර එමගින්
අහිතකර බලපෑමක් සිදු නොවේ සීමිත සම්පතක් වන දත් ගලවා ඉවත්කිරීමෙන්
අද වනවිට ළමයින්ගේ දත් දිරායාම වැඩි වී ඇත්තේ ඇයි? ළදරුවන්ගේ
පලවැනි දත මතු වූ දවසේ සිට දෙමාපියන් ඔවුන්ගේ දත් ආරක්ශා
කිරීමට උනන්දුවක් දැක්විය යුතුයි ක්රමානුකූලව කෙදි සහිත දත් බුරුසුවක් සහ
ෆ්ලොරයිඩ් අඩංගු දන්තාලේපයකින් ඉතා කුඩා කොටසක් ගෙන දත් මැදීම පුරුදු
කල යුතුයි රාත්රි කාලය පුරවට මව් කිරි උරා බීම නිසා
දත් දිරායාම ආරම්භ වන අතර අවුරුදු 2-3එසේ කිරීමෙන් දත් වැඩිපුර
නරක් වීමට ඉඩ ඇත දිනපතා දෙමාපියන් තම දරුවන්ගෙ මුඛය පරික්ෂ
කිරීම වැදගත් ළමයාට වේදනාව එනතුරු දන්ත වෛද්යවරුන් හමුවීම පමා කරන
මේ දිනවල දන්ත ප්රතිකාර සීමා කර ඇති නිසා ඔබේ දන්ත
සෞඛ්ය වඩා යහපත්ව පවත්වා ගැනීමට සැලකිලිමත් වන්න 1.දවසට දෙවරක් ෆ්ලොරයිඩ්
සහිත දන්තාලේපයකින් නිවැරදිව දත් මදින්න .විශේෂයෙන් ඔබේ දරුවන්ගේ දත් මැදීම
පිලිබදව සැලකිලිමත් වන්න 2.කුහර සහිත දත් ,කෑම හිරවන ස්තාන පවතී
නම් ඒවා හොදින් පිරිසිදු කරගන්න 3.කටේ ආසාදන පවතී නම් කට
නිතර පිරිසිදුව තබාගන්න 4.කටේ තුවාල පවතී නම් උෂ්ණාධික ආහාර ගැනීමේදී
දැනට පවතින කොවිඩ් -19 වෛරස හේතුවෙන් දන්ත සෞඛ්ය සේවා අත්යවශ්ය
සේවා වලට සීමා කර ඇත. මීට ප්රධාන හේතු වන්නේ සේවා
සැපයීමේදී මීටර් 1 ක අවම දුර පවත්වාගෙන ප්රතිකාර කිරීමේ අපහසුතාවය
දන්ත ප්රතිකාර කිරීමේදී සෞඛ්ය කාර්ය මණ්ඩලයට අවශ්ය personal protective equipment
(PPE) ලබා දීමේ අපහසුතාවය දන්ත ප්රතිකාර වලදී දන්ත සායනය පුරා
රෝගීන්ගේ කෙල විසිරි යාම සිදුවිය හැකි බැවින් ඒ තුලින් කොරෝනා
ආසාදනයට ලක් වූ රෝගියකු පැමිණිමෙන් අනෙකුත් පුද්ගලයන්ට එය පැතිර යාමේ
අවදානම වැඩි වීම ආදි හේතු වේ. අත්යවශය සේවා යනු මොනවාද
1.අධික වේදානාකාරී දත් කැක්කුම් 2.දත් හා දත් අශිතව ඇති වන
ඉදිමීම 3දන්ත අනතුරු(දත්,හනු ආශිත බිදීයාම්) 4.මුඛයේ රුධිරය වහනය වීම් මෙවැනි
තත්ව වලදී ප්රතිකාර ලබා ගැනීම සිදුකරන්න එසේ නොවන තත්ව වලදී
අවු.15 ක පිරිමි ළමයකුගේ ඉදීරිපස දත් නරක් වී කැඩ් යනතෙක්
ප්රතිකාර සඳහා යොමු නොවී සිටීමෙන් ඔහුගේ පෙනුමට සිදුවී ඇති හානිය
දෙමාපියන් කොතරම් නොසැලකිලිමත් ද? අපට කළ හැකි උපරිම ප්රතිකාරය ස්නායු
මිනිස්සු කැමති නෑ ඇත්ත පිළිගන්න ඔයා හරියට තමන්ගෙ කටේ තියන
දත් ටික මදින්නෙ නෑ කියල දන්ත වෛද්යවරයෙකු කිව්වොත් ඔබ ඔහු
සමග උරන වේවි.අනේ ඇත්තද ඩොක්ට කොහොමද හරියට මදින්නෙ කියල කවුරුවත්
අහන්නෙ නෑ අපි දත් මදින හැටි ඉගෙනගත්තේ කාගෙන්ද අපේ දෙමාපියන්⁣ගෙන්
නේද.දෙමාපියන් දන්න විදියට අපිට කියල දෙන්න ඇති.එ්ක නිවැරදි ක්රමයක් කියල
අපට සහතික කරන්න පුළුවන්ද පාසලේදි ඉගෙනගත් අය ඉන්නවද. ඉතිං අපි
කවදාවත් උත්සාහයක් අරන් තියෙනවාද නිවැරදි ක්රමයකට දත් මදින්න පුරුදු වෙන්න
හදිසි අනතුරකින් කැඩුනු දත නැවත තිබුන ආකාරයට සකස් කිරීම මෙහිදී
දතේ කල්ක කුහරයට හානි සිදු නොවන ආකාරයට දත කැඩීගොස් තිබුනි
අපි හිතන් ඉන්නෙ වයසට යද්දී අපේ දත් අනිවාර්යයෙන් හැලෙනවා කියලා
නේද අපේ දත් හැලෙන්නේ නැතිව මැරෙනකල් තියන් ඉන්න පුළුවන් අපේ
දත් හැලෙන්නේ අපේම තියන නොසැලකිලිමත් බව හා නොදැනුවත්කම නිසා අපේ
දත් අපේ හකු ඇටයට සවි වෙලා තියෙන්නෙ.දත හකු ඇටය සමග