Text
stringlengths
37
1.96k
ඉන්න කාලෙදිමයි. කිරි දත් එන්න පටන් ගන්නෙ බබාට වයස මාස
6ක් විතර කාලෙදි. වයස අවුරුදු දෙක හමාරක් වෙද්දි කිරි දත්
ඔක්කොම එවිත් ඉවරයි. මේ කිරි දත් වැටිලා ස්ථිර දත් එන්න
පටන් ගන්නෙ අවුරුදු 6ක් වගේ කාලෙදි. කිරිදත් වල ප්රධානම කාර්යය
තමයි පසු කාලීනව ස්ථිර දත් වලට එන්න ඉඩ කඩ පවත්වගෙන
යන එක. ඊට අමතරව පොඩි කාලෙදි හපන්න, කතා කරන්න, පෙනුමට
වගේ දේවල් වලටත් වැදගත් වෙනවා. ඉතින් පොඩි කාලෙදිම කිරිදත් නරක්
වෙලා ගලවන්න වුණොත් එහෙම ඒක පසුකාලීන ස්ථිර දත් සැකැස්මට ලොකු
බලපෑමක් ඇති කරනවා. ස්ථිර දත් වලට එන්න ඉඩ මදි වීම
නිසා විවිධ දන්ත විකලාංග අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම
කිරිදත් නරක් වුණාම ඒ විෂබීජ, හැදෙන ස්ථිර දතට බලපෑම නිසා
ස්ථිර දතේ හැඩයේ, වර්ණයේ විවිධ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. එතකොට
මේ රූපයේ වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කිරිදත්
පරිස්සම් කරගන්න එක ගොඩක් වැදගත්. ඒ නිසා කිරිදත් නරක් වෙන
එක අපි වළක්වගන්න ඕනෙ. කිරිදත් නරක් වෙන්න හේතු මොනවද? රෑට
නින්දෙන් කිරි බොන එක තමයි ප්රධානම හේතුව වෙන්නෙ කිරි දත්
නරක් වෙන්න. නින්දට ගියාම කටට කෙළ එන එක ගොඩක් අඩුයි.
ඒ නිසා කිරි උදේ වෙනකම්ම කටේ රැඳෙනවා. එතකොට ඇසිඩ් හදන
බැක්ටීරියා වලට පුළුවන් කිරි වල තියෙන සීනි වලින් ඇසිඩ් හදලා
දත් දිරායාම වේගවත් කරන්න. පොඩි අය පැණිරසට ගොඩක් කැමතියි. එයාලා
හැම වෙලාවෙම පැණිරස දේවල් කන එක තමයි කරන්නෙ, ටොෆි, චොකලට්
ජාති ගොඩක් ඇලෙන සුළුයි. මේවා දත් වල ඇලිලා ගොඩක් වෙලා
දත් වල රැඳිලා තියෙනවා. ඒ නිසත් දත් දිරායාම වේගවත් වෙනවා.
පොඩි බබාලා නිතරම කන්න කැමති දේවල් වලින් බිස්කට් කියන්නෙ ගොඩක්
සීනී අඩංගු වෙන ආහාරයක්. චොකලට් බිස්කට් වල විතරක් නෙවෙයි, මාරි
වලත් ගොඩක් සීනි තියෙනවා. ප්රධාන ආහාර වේල් වලට අමතරව නිතර
නිතර පැණි රස දේවල් ආහාරයට ගැනීම නිසා දත් දිරායාම වේගවත්
කරනවා. ඉතින් දත් දිරායාමෙන් කොහොම්ද කිරිදත් ආරක්ෂා කරගන්නෙ කියලා අපි
පළවෙනි ලිපියෙන් අපි කතා කළේ කිරි දත් වල වැදගත්කම සහ
කිරිදත් දිරායාමට හේතු පිළිබඳව. ඉතින් අද කියන්න බලාපොරොත්තු වෙන්නෙ කිරිදත්
දිරායාම කොහොමද වළක්ව ගන්නෙ කියලා. මුල්ම කිරිදත එන්නෙ වයස මාස
6ක් පමණ කාලෙදි. ගොඩක් වෙලාවට බබාට මේ වෙද්දි මව්කිරි වලට
අමතරව ඝන ආහාර දෙන්න පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ නිසා එක
දතක් ආවට පස්සෙ ඉඳන්ම දත් පිරිසිදු කිරීම කරන්න පටන් ගන්න
ඕනෙ. පුංචිම බබාලාගෙ නම් පිරිසිදු රෙදි කෑල්ලක් එහෙම නැත්තම් ගෝස්
කෑල්ලකින් දත් ටික පිස දමලා පිරිසිදු කරන්න පුළුවන්. දත් දෙකකට
වඩා වැඩියෙන් තියෙනවනම් කුඩා දරුවන් සදහා'ම නිෂ්පාදනය කරපු දත් බුරුසුවක්
යොදාගන්න පුළුවන්. දන්තාලේපය සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප වර්ගයක් පාවිච්චි කරන්න
පුළුවන්. ඒත් ඒ දන්තාලේප ප්රමාණය පහත රූපයේ දක්වා ඇති පරිදි
විය යුතුයි. අවුරුදු දෙකට වඩා අඩු දරුවන් සඳහා පළවන රූපයේ
පරිදි තුනී ස්තරයක් (smear layer) පාවිච්චි කළ යුතුයි. අවුරුදු දෙකට
වඩා වැඩි දරුවන් සඳහා දෙවන රූපයේ පරිදි මුං ඇටයක ප්රමාණයක්
පාවිච්චි කළ යුතුයි. පොඩි අය හරිම කැමතියි දත් බෙහෙත් ගිලින්න.
ඒත් පොඩි කාලෙදි මෙහෙම අධික ලෙස ෆ්ලෝරයිඩ් ශරීරගත වුණාම ෆ්ලෝරෝසිස්
වගේ රෝගී තත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම දන්තාලේප
ගිලින් එක අපි වළක්වගන්න ඕනෙ. දරුවාට අවුරුදු 10ක් පමණ වෙනකල්
දත් මැදීමට දෙමව්පියන්ගේ සහය ලැබෙනවා නම් ඉතාම හොඳයි. මොකද කුඩා
දරුවන්ට තමන්ගේ දත් නිසි පරිදි පිරිසිදු කරගන්න එක ටිකක් අමාරු
කටයුත්තක්. ඒ වගේම දන්ත විකලාංග ඉවැරදි කිරීම සඳහා කම්බි වගේ
දේවල් දාල තියෙනවා නම් මැලියම් බැඳීම ඉහළ මට්ටමක තියෙන්නෙ. ඒ
නිසා හොඳින් දත් මැදීම ඉතාම වැදගත්. දවසට දෙවරක්, උදේ සහ
රාත්රීයේදී ප්රධාන ආහාර වේල් වලට පස්සෙ දත් මැදීම ප්රමාණවත්. කිරි
දත් පරිස්සම් කරගන්න පැණි රස කෑම අඩු කරන්නෙ කොහොමද කියලා
අද කියනවා කිව්වෙ කිරිදත් කොහොමද පැණිරස වලින් පරිස්සම් කරගන්නෙ කියලා.
කිරිදත් තියෙන පොඩි බබාල විතරක් නෙවෙයි, අපි හැමෝම පැණිරස කන්න
කැමතියි. ඒ නිසා දත් ටික පරිස්සම් කරගන්න පැණිරස නොකා ඉන්න
කියනවනම් ඒක කොහෙත්ම වෙන්නෙ නැති වැඩක්. ඒ නිසා පැණිරස කන
ගමන්ම දත් ටික පරිස්සම් කරගන්න පුළුවන් විදියක් බලමු.. පැණිරස ජාති
ගොඩක් තියෙනවා. ටොෆි, චොකලට්, ලොලිපොප්, බූන්දි, බොම්බයි මොටයි, බුල්ටෝ, මාෂ්මෙලෝ
ඔය එකී මෙකී නොකී ජාති ඔක්කොම පැණිරස. ඒ වගේම බිස්කට්,
පැණිබීම, අයිස් පැකට්, අයිස් ක්රීම්, ජෙලි වගේ දේවලුත් මේ ගණයට
අයිති වෙනවා. කලින් ලිපියකත් මං කිව්වා දත් නරක් වෙන්නෙ කොහොමද
කියලා. අපේ කටේ හැම වෙලාවෙම බැක්ටීරියා කිසියම් සංඛ්යාවක් වාසය කරනවා.
ඉතින් පැණිරස කෑවම මේ බැක්ටීරියා, පැණිරස කෑම මත ප්රතික්රියාවක් සිදු
කරලා අම්ල නිපදවනවා. මෙහිදී සිදු වෙන්නෙත් පැසීම (Fermentation) කියන ක්රියාවලියමයි.
ඔබත් මමත් හොඳින් දන්න රා නිෂ්පාදනය සිදු කරන්නෙත් පැසීම මගින්.
දතේ එනමලය දිරාපත් කරන්න මේ අම්ල වලට පුළුවන්. ඉතින් එහෙම
තමයි දත් දිරාපත් වෙන්නෙ. කලින් සඳහන් කරපු පැණිරස කෑම වලින්
වඩාත්ම අහිතකර වෙන්නෙ මොන වගේ පැණිරස කෑම වර්ගද කියලා හිතන්න
පුළුවන්ද? ඇලෙන සුලු පැණිරස කෑම වර්ග තමයි වඩාත්ම අහිතකර. ඇලෙන
සුළු පැණිරස කෑම කියන්නෙ කාල ඉවර වුණාට පස්සෙ දත් වල
ඇලිල වගේ තියෙන පැණිරස කෑම වලට. එහෙම තියෙන්නෙ මොනවද කියලා
මතක් කරගන්න පුළුවන්ද? සමහර ටොෆි වර්ග, චොකලට්, බුල්ටෝ වගේම ගොඩක්
බිස්කට් වර්ගත් මෙහෙම දත් වල ඇලිලා තියෙනවා. ඉතින් මේ වගේ
පැණිරස කෑම කන එක අඩු කරන්න ඕනෙ. ඉතින් ඒකෙන් කියවෙන්නෙ
නැහැ අනිත් පැණිරස කෑම කන එක හොඳයි කියලා. ඒත් ඒවට
වඩා දත් දිරායාමට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඔය ඇලෙන සුළු
පැණිරස කෑම වලට. ඒ වගේම පැණිරස ආහාරයට ගන්නකොට පුළුවන් තරම්
ප්රධාන ආහාර වේල් එක්කම ගන්න. නිතර නිතර පැණිරස කන එක
දත් දිරායාමට ප්රධාන හේතුවක්. පැණි බීම ගැනත් යමක් කියන්නම්කෝ. පැණිබීම
වල සීනි wවිශාල අශයෙන් aඅඩංගු වෙනවා පමණක් නෙවෙයි, ඒවා ඉතාම
ආම්ලිකයි. ඒ අම්ල මගින් දත් වල එනමලය මෘදු කිරීම සිදු
කරනවා. ඒ ඉසා ඉතා පහසුවෙන් දත් දිරායන්න පුළුවන්. ඊළඟ පාර
ස්නායු පිරවීම් Nerve filling කල දත් ඉක්මනින් කැඩී යන්නේ ඇයි
? බොහෝ දෙනෙකු චෝදනා කරනවා ස්නායු පිරවීම් කල දත් ඉක්මනින්
කැඩී යන බව.මේකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන් . බොහේ විට
ස්නායු පිරවූ දත් සදහා යන වියදම් අදික නිසා බොහෝ දෙනකු
සිතනවා ඒ දතෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා.ඇත්තටම ස්නායු පිරවීම්
(දන්ත මූල ප්රතිකාර )කරන්න සිදුවන්නේ බොහෝ විට දතෙහි කල්ක කුහරයට
හානි සිදුවූ අවස්ථාවලදී.එවැනි අවස්ථාව දක්වා දත නරක් වන විට දතෙහි
හොද පටක වලින් 50%කට වඩා හානි සිදුවෙලා තියෙන්න පුළුවන් .වැදගත්ම
කරුන තමයි ස්නායු පිරවූ දතක සංවේදී බවක් නැතිකම නිසා සාමන්ය
දතකට බරක් යෙදූ විට එය දතට දරාගත හැකි ප්රමාණයේ බරක්ද
යන්න තේරුම් ගැනීමට ඇති හැකියාව ස්නායු පිරවූ දතකට නොමැති වීම.එම
නිසා අපි එවැනි දටකට යොදන අසාමාන්ය බලයක් නිසා එවැනි දත්
කැඩී යන්න පුළුවන් .දතක් ගැලවීමෙන් තොරව වේදනාවෙන් තොරව කටේ තියාගන්න
පුළුවන් ක්රමයක් තමයි ස්නායු පිරවීම කියන්නේ .ඒ නිසා ඒ පිලිබඳ
ස්නායු පිරවීම හෙවත් දන්ත මූල ප්රතිකාර දත් නරක්වීමේදී දතේ කල්ක
කුහරය ආසදනය වීම,හදිසි අනතුරු වලින් නිරාවරණය වීම,දන්ත මූලය පැසවීම ආදී
හේතු නිසා දත ගලවා ඉවත් කිරීමට සිදුවන අවස්ථාවලදී දන්ත මූල