Text
stringlengths
37
1.96k
ඇති සම්බන්දය ගිලිහීම නිසා දත් සෙලවී වැටීම සිදුවන්න පුළුවන් .
අහිතකර බැක්ටීරියා ක්රියාකාරකම් නිසා විදුරුමස් ආසාදනයට ලක්වීම,විදුරුමස් වලින් දිගින් දිගටම
ලේ ගැලීම,විදුරුමස් ඉදිමීම ,දත් මැලියම් වලට නිසි ප්රතිකාර නොගැනීම නිසා
දත් මුල් දියවීමෙ දීර්ගකාලීන ප්රතිඵලයක් ලෙස දත හකු ඇටය සමග
ඇති සම්බන්දයට හානි වෙන්න පුළුවන් . නිවැරදි ලෙස දත් මැදීමත්
අවශ්ය අවස්ථාවන්හිදී දන්ත ⁣වෛද්යවරුන්ගේ ප්රතිකාර හා උපදෙස් ලබා ගැනීම තුලින්
පළමු චාර්වක දතෙහි අභාග්යසම්පන්න ඉරණම අපේ කටේ කිරි දත් වැටෙන්නත්
කලින් අවුරුදු 6වෙද්දි හක්කෙ එන පළමු දත තමයි මේක. ⁣ළමුන්
මෙන්ම දෙමාපියන් පවා හිතන්නෙ මේක කිරි දතක් කියලා .ඉතිං මේ
දත කෙරෙහිත් දෙමාපියන් දක්වන්නේ කිරි දත් වලට දක්වන අඩු සැලකිල්ල
.කිරිදත් ගොඩක් නරක්වුන දරුවෙකුගෙ මේ දතත් ඉක්මනින් නරකවෙන්න පටං ගන්නවා.
දන්ත සායන වලට ඉදිරිපත් වෙද්දි මේ දතේ භාගයක් විතර විනාසවෙලා
.දෙමාපියන් ළමයා රැගෙන එනනෙ මේ දත ගලවන්න.ඉතිං ගොඩක් වෙලාවට මේක
ගලවන්න වෙනවා ⁣බොහෝ දෙමාපියන් පිළගන්න කැමතිම නෑ මේක ස්ථිර දතක්
කියන එක.අවුරුදු 12වෙනකොට දෙවන චාර්වක දත එනකොට ගොඩක් දෙනා හිතන්නෙ
ගලවපු දත වෙනුවට අපු අළුත් දත කියලා. ඉතිං හොදට මතක
තබාගන්න මේ දත ජීවිත කාලයටම අාරක්ෂා කරගන්න ඕන නම් අවබෝදයෙන්
සහ අවදානයෙන් ඉන්න ඔබේ දරුවාගේ කිරිදත් ,ස්ථිර දත් සියල්ලම නරක්
වූ විට සුදුසුකම් ලත් දන්ත ශල්ය වෛද්යවරයෙකු ලවා නිසි ප්රතිකාරයක්
සුන්දර සිනහවක් කියන්නෙ පුද්ගලයෙකුගෙ පෞරෂත්වයට අත්යවශය දෙයක්.ළමා කාලේ කිරි දත්
නරක්වෙලා,කළු වෙලා,කැඩිල ගියහොත්... ඔබ මේ ගැන දක්වන සැලකිල්ල අඩුයි නේද
එතකොට ඔබෙි දරුවා හිනාවෙන්න බය වෙනවා,අකමැති වෙනවා. එතකොට එයාගෙ මානසික
සෞඛ්ය බිදවැටෙනවා. පෞරෂත්වය හීන වෙනවා,ළමයා මුළුගැන්නිලයි ඉන්න බලන්නෙ.අනිත් යාළුවන් ඇනුම්
පද කියනවා.කට ගදයි කියලා කොන් කරනවා.ඉතිං මේක ළමයාගේ ඉදිරි අනාගතයට
කළු පැල්ලමක් වෙන්න පුළුවන්. මින් පසුව ඔබ මේ ගැන මීට
අපේ කටේ කිරි දත් 20 ක් තියෙනවා.මාස 6 සිට අවුරුදු
2 1/2 -3 ක් වෙනකල් කිරි දත් එනවා.අවුරුදු 6දි තමයි
සාමාන්යයෙන් කිරි දත් හැලෙන්නට පටං ගන්නෙ .අවුරුදු 12 වෙනකල් කිරිදත්
හැලෙනවා. බොහෝ දෙමාපියන් මේවා හැලෙන නිසා ඒවා ගැන අඩු සැලකිල්ලක්
දක්වන්න පුරුදු වෙලා තියෙන්නෙ. කිරිදත් තමයි ලමයට අවුරුදු ගානක් හපන්න
තියෙන දත්.ඒවාට හානී උනොත් ළමයින්ට හපන්න දත් නැති වෙනවා.අද සෑම
ළමයෙකුගේම පාහේ කිරිදත් නරක් වෙලා . බොහෝ දෙමාපියන් වේදනාව එනකල්
මේවාට ප්රතිකාර කරන්න දරුවන් ඉදිරිපත් ⁣කරන්නෙ නෑ. දරුවන් තිබෙන බය
නිසා දෙමාපියන්ගෙන් සගවාගෙන දත් ප්රශ්න බොහෝකල් ඉන්නවා.වේදනාව එනකොට තමයි දරුවන්
ඒ ගැන කියන්නෙ.ඉතිං කලින් පරික්ෂා කරල පොඩි පොඩි කුහර තියෙද්දි
දත් පුරවා ගත්තොත් ළමයින්ට වේදනාවක් දැනෙන්නෙ නැතිව ප්රතිකාර කරන්න පුළුවන්
. දෙමාපියන්ට පුළුවන් නිතර තම දරුවන්ගෙ දත් පරික්ෂා කරලා බලන්න.මාස
3කට සැරයක්වත් දත් ටික සුදුසුකම් ලත් දන්ත ශල්ය වෛද්යවරයෙකු ලවා
පරික්ෂා කර ගත්තොත් ඔය ප්රශ්න කලින්ම විසදන්න පුළුවන් . බොහොමයක්
දරුවන් දන්ත ශල්යාගාරයට ඉදිරිපත් වෙන්නෙ දත් කෑලී කැඩිලා පැසවලා කැක්කුම්
එද්දි.එතකොට පරක්කු වැඩි .නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න වෙනකල්
ඉන්න එපා අ⁣පේ කිරිදත් තමයි ස්ථිර දත් වලට එන්න පාර
කියන්නෙ.කිරි දත් හොදට තිබුනොත් ස්ථිර දත් හොදට තියේවි. මතුසම්බන්දයි .....
අපි දත් මදින ආකාරය නිවැරදි නොවන විට අප විසින්ම දත්
වලට හානිකරගන්නා ආවස්ථාවක් පහත රූපයේ දැක ගත හැකිය. සමහර දත්
බෙහෙත් වල අන්තර්ගත පිරිසිදු කාරක සංඝටක වලින් එනමලයට හානිකරන්නට පුළුවන්.
එවන් දත් බෙහෙත් නිතර භාවිතා කිරීම නිසා ත්.ඒ වගේම අපි
අක්රමවත් ලෙස අනවශ්ය බලයක් යොදලා තදින් දත් මදින විට සමහර
ස්ථාන වැඩිපුර මැදෙන්න පුළුවන්. එම නිසා පහත ආකාරයට දත් වල
එනමලය යාන්තිකව ඉවත් වීම සිදු වෙන්න පුළුවන්. මෙම අවස්ථාව ආරම්භයේදී
සමහර කෑම ගැනීමේදී දත්වල හිරිවැටිම් තිබෙන්න පුළුවන්.දිගින් දිගටම මෙම අවස්ථාව
නොසලකා හැරියොත් දතේ එනමලය දිගටම හෑරීමට ලක් වෙලා දන්ත මස්ථකය
සහ දන්ත මූලය අතර කානුවක් වගේ ඇතිවෙන්න පුළුවන් .දතේ එනමලය
ඉක්මවා මේ විදියට දත ගෙවි ගිය විට දනතින⁣යට ලගා වෙන්න
පුළුවන්.දන්තීනය එනමලය තරම් ශක්තිමත් නැති නිසා ඉක්මනින් එය කල්ක කුහරය
දක්වා ගමන් කර දත ගලවන්න තරම් වේදනාව ගෙන දෙන්න පුළුවන්.දත
නරක්වීමකින් තොරව දත විනාශය කරා ලගා වෙන්න පුළුවන්. එවැනි දත්
ඇත්නම් ඔබ ඉක්මනින් දන්ත වෛද්යවරයෙකු හමුවන්න.ඔබේ පරමාදය පසුතැවිල්ලට හේතු විය
අපි අපේ අගිල්ලක් තුවාල වුනොත් බෙහෙත් දාගන්නව නේද තව ඇගිලි
තියනව කියල ඇගිල්ල කපල අයින් කරගන්නෙ නෑ නේද ඒ වගේ
තමයි අපේ දත්.ඒවයේ පොඩි පොඩි කුහර,කෑම හිරවීම්,හිරිවැටීම් තියෙනවා නම් දන්ත
වෛද්යවරුන්ගේ උපදෙස් පතන්න ඕන.නැත්නම් වේදනාව ආපු ගමන් ගිහින් දත ගලවන
එක නෙවෙයි කරන්න ඕන . හැම දතකම එකිනෙකට වෙනස් කෘත්යක්
තියෙනවා හරියට ඇගිලි 5 කරන දේවල් වෙනස් වගෙ.ඉතිං එක දතක්
අඩු වෙන එකත් අපිට ලොකු බලපෑම් ඇති කරනවා දත් අපිට
කෑම කඩන්න,ඉරන්න,හපන්න උදව් වෙනවා .ඒ වගේම වචන උච්චාරණයට උදව් වෙනවා.ලස්සන
හිනාවකට වැදගත් වෙනවා. දත් තමයි මූනේ හැඩේ තියන් ඉන්න උදව්
වෙන්නෙ,අපේ මූනේ තියන මාංශ පේශීන් නිසි ආකාරයට ක්රියාත්මක වෙන්න උඩ
ඇන්ද සහ යට ඇන්දෙ දත් වැදගත් වෙනවා. අපිට දත් අඩු
වෙනකොට අපේ පෙනුම වෙනස් වෙනවා. දතක් ගැලෙව්වාම එතන හනුවේ වලක්
ඉතිරිවෙනවා.තුවාලය හොද වෙනකොට හනුවේ අස්ති කොටස ක්ෂය වෙනවා.හනුව ගෙවෙනකොට පෙනුම
වෙනස්වෙනවා.දත් අඩු වෙනකොට වයසක පෙනුමක් එනවා.හකු බැහැලා යටි හනුව ඉස්සරහට
ඇවිත් පෙනුම අවලස්සන වෙන්වා. වයසට ගියාම අනිවාර්යයෙන් දත් හැලෙනවා කියලා
දෙයක් නෑ.අපි නිසි ආකාරයට දත් පරිස්සම් කලොත් මැරෙනකල් උනත් දත්
ශක්තියමත්ව තියාගන්න පුලුවන් . අපි කුඩා කාලේ ඉදලම දත් ආරක්ශා
පෙර ලිපිය හා සම්බන්ද වේ. දත් දිරාපත් වීමට හේතුවන අහිතකර
බැක්ටීරියාවන් මවගෙන් දරුවන්ට ,පව්ලේ සාමාජිකයන් අතර පවා බෝ වීමේ හැකියාවක්
ඇත.(මවක් තම දරුවාට ආහාර කැවීමේදී කටින් පිබ නිවා ආහාර කැවීමේදී
ඒ ආහර සමග අහිතකර බැක්ටීරියාවන් දරුවන්ට සම්ප්රෙශනය විය හැක) එම
නිසා නිවැරදි දන්ත සෞඛ්ය පිලිබදව අප දැනුවත් වීම වැදගත් වේ
නිවැරදි ව දත් මැදීමට පෙර නිවැරදි දත් බුරුසුවක් තෝරා ගත
යුතුය .සෑම දත් බුරුසුවකම කවරයේ සදහන් පරිදි (soft/medium /hard)medium දත්
බුරුසුවක් තෝරා ගැනීම වැදගත් වේ.දත් බුරුසුවේ හිස කුඩා විය යුතු
අතර කෙදි එකම මට්ටමේ පවතින්නේ නම් වඩා සුදුසු වේ. දත්
බෙහෙත් තෝරා ගැනීමේදී ෆ්ලෝරයිඩ් අඩංගු දත් බෙහෙත් තෝරා ගත යුතුය
.(අධිකව කිවුල් වතුර පවතින ප්රදේශ වල කුඩා ළමුන් සදහා ෆ්ලොරයිඩ්
රහිත දත් බෙහෙත් පාවිච්චිය සුදුසු වේ දත් මැදීමේදී දතක සෑම
පෘශ්ඨයක්ම නිවැරදිව මැදිය යුතුය (නිවැරදිව දත් මදින ආකාරය video අප
ඔබට නොමිලේ ලැබෙන ප්රතිකාර සමහර රෝගීන් මෙවැනි දත් යලි සකස්
කල හැකි බව නොදනී අද ලෝකයේ දන්ත ප්රතිකාර ඉතා දියුණු
මට්ටමේ පවතී ලංකාවේ ඇති සෑම රෝහලක පාහේ මෙවැනි දන්න ප්රතිකාර
පාසල් ලමුන් අතර දත් දිරාපත් වීම බහුල වීමට ප්රදනතම හේතුව
වන්නේ ළමයින් දන්ත සෞඛ්ය පිලිබදව නිවැරදි අවබෝදයක් නොමැතී වීමයි දත්
නිවැරදිව මැදිය යුතු ආකාරය , නිවැරදිව දත් බෙහෙතක් තෝරා ගැනීම
, නිවැරදිව දත් බුරුසුවක් තෝරා ගැනීම , ආදිය පිලිබදව මූලික
අවබෝදයක් ඔවුන් සතුව නොමැත මීට අමතරව ළමයින් අතර දක්නට ලැබෙන
අයහපත් ආහාර රටාවන් වන නිතර නිතරම කටේ ඇලෙනසුලු පැනි රස
ආහාර,ටොපි චොකලට් ,බිස්කට් ආදිය ආහාරයට ගැනීම නිසා දත් ඉක්මනට දිරාපත්
විය හැක කිරි දත් දිරාපත් වීමේදි දෙමාපියන් ඒ පිලිබදව දක්වන
අඩු සැලකිල්ල නිසා කිරි දත් මෙන්ම ස්තිර දත් පවා දිරාපත්