Text
stringlengths
37
1.96k
මුඛ ආස්තරණයේ ඇදෙනසුලු බවට බලපාන තන්තු පටක වර්ග ඇදෙනසුලු බව
අඩු පටක වලට පත් වීම මෙහිදී සිදුවේ. මෙහි ප්රධාන ලක්ෂණ
කීපයක් ඇත. එවා නම් i. යටි හා උඩු තොලේ මුඛ
ආස්තරණයේ සුදුමැලිභාවය. ii. අසාමාන්ය ලෙස දැවිල්ල ආහාර ගැනීමට අපහසුව. iii.
දිව දිලිසෙන ස්වභාවයක් ගැනීම. iv. කම්මුල් දෙපස තන්තු පටි (fibrous
bands) මතු වීම. v. දිව රෝල් කිරීමට අපහසුවීම . බහුලව
හමුවන පූර්ව පිළිකා ලක්ෂණයක් වන මෙයට 30% පමණ පිළිකාවට පරිවර්තනය
වීමේ හැකියාවක් ඇත. මා හම්බන්තොට දිස්ත්රික් ජංගම දන්ත සායන බස්
රථයේ දන්ත වෛද්යවරයා ලෙස පත්වීම ලද අලුත ලුනුගම්වෙහෙර ප්රදේශයේ සිදුකළ
ජංගම දන්ත සායනයකදි මා හට ස්වාමින්වහන්සේ නමක් හමුවිය. ` සිරිගල
හාමුදුරුවෝ ´ ලෙස හඳුන්වන උන්වහන්සේ මෙම රෝගී තත්වයෙන් දරුණු ලෙස
පීඩා විඳීමට සිදුවිය. දානය සඳහා වැළඳිය හැක්කේ කීරි හොදි හා
ඉඳිආප්ප බව පැවසීය. උන්වහන්සේට මුඛය විවර කර හැක්කේ 4cm ටත්
වඩා අඩු ප්රමාණයකි. පූර්ව පිළිකා ලක්ෂණ හා මුඛ පිළිකාව ඇති
වීමට බලපාන අවදානම් සාධක ( Risk factor) වර්ග දෙකකි. ඒවා
වෙනස් කල හැකි සාධක (modifiable risk factors) හා වෙනස් කල
නොහැකි සාධක ( non modifiable risk factors) ලෙස හැඳින්වෙයි .
වෙනස් කල හැකි සාධක පිළිබඳව දැනගෙන ඒවා වෙනස් කරගැනීම මුඛ
පිළිකා අවදානමෙන් මිදීමට උපකාර වේ. එවැනි අවදානම් සාධක ලෙස බුලත්
විට සැපිම, පුවක් සැපිම , දුම්කොළ සැපිම , පුවක් දුම්කොළ
ආශ්රිත නිෂ්පාදනය( බාබල් , බිඩා, මාවා, පම්පරා) සැපීම , දුම්පානය
, මද්යසාරය භාවිතය හඳුන්වාදිය හැක . ඔබ පූර්ව පිළිකා ලක්ෂණ
ඇති අයෙකු නම් ඔබගේ අරමුණ වියයුත්තේ එය මුඛ පිළිකාවට පරිවර්තනය
වීම වළක්වා ගැනීමයි. එයට අවශ්ය වන්නේ අවදානම් සාධක වලින් මිදීම
හා නිසි වෛද්ය ප්රතිකාර ලබාගැනීමයි. ( වැඩිදුර විස්තර ඊළඟ ලිපියෙන්
බලාපොරොත්තු වන්න) ඔබ ඉහත අවදානම් සාධක වල නිරත වන්නේ නම්
හැකිතාක් ඒවායින් මිදීමට උත්සාහ ගන්න. එමෙන්ම ළඟම ඇති රජයේ රෝහලේ
දන්ත වෛද්යවරයා හමුවි මුඛ පරීක්ෂාවක් කරගන්න. මුඛ පිළිකාව සම්බන්ධයෙන් ඊළඟ
ලිපියෙන් බලාපොරොත්තු වන්න. මෙම ලිපියට අදාළ ඡායාරූප ලබාදීම සම්බන්ධයෙන් හම්බන්තොට
කෘත්රිම දත් ඇන්දක් හදන විදිහ දත් ගැලෙව්වහම ඒකට කෘත්රිම දත්
ලබා දෙන ක්රම කීපයක් තියෙනවා. නමුත් ලංකාවේ වැඩිපුරම භාවිතා වන
ඒ වගේම ලාභදායකම ක්රමය තමයි ගලවා නැවත සවිකරන්න පුළුවන් කෘත්රිම
දත් ඇන්දක් ලබාදීම. කෘත්රිම දත් ඇඳි වර්ග, ඒව සාදන පියවර
වල්, පාවිච්චි කරන විදිහ, පිරිසිදු කරන විදිහ,කැඩුනහම හදන විදිහ මේ
ලිපියෙන් විස්තර කරලා තියෙනවා. කෘත්රිම දත් ඇඳි වර්ග කෘත්රිම දත්
ඇඳි ප්රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. 1. සම්පූර්ණ දත් ඇන්ද
( Complete denture ) 2. අර්ධ දත් ඇන්ද ( Partial
denture ) සම්පූර්ණ දත් ඇන්ද උඩු හෝ යටි ඇඳේ එක්
දතක්වත් නැති අවස්ථාවල කෘත්රිම දත් ලබා දීමට භාවිතා කරන්නේ මේ
ක්රමයයි. අර්ධ දත් ඇන්ද උඩු හෝ යටි ඇන්දේ දත් කිහිපයක්
අඩු වූ විට කෘත්රිම දත් ලබා දීමට භාවිතා කරන්නේ මේ
ක්රමයයි. සම්පූර්ණ හෝ අර්ධ දත් ඇඳි ප්රධාන ආකාර දෙකකට ලබාගන්න
පුළුවන්.ඒවා තමයි නම්යශීලී නොවන දත් ඇඳි ( Rigid denture s)
හා නම්යශීලී දත් ඇඳි (Flexible dentures ) . නම්යශීලී නොවන
දත් ඇන්දි ලෝහ වලින් හා acralic වලින් හදන අතර නම්යශීලී
දත් ඇඳි Valplast වලින් සාදනු ලබයි. දත් ඇන්ද කොටස් කෘත්රිම
දත් ඇන්දක ප්රධාන කොටස් දෙකක් තියෙනවා. ඒව තමයි 1. පාදම
( Base ) 2. කෘත්රිම දත් මීට අමතරව අර්ධ දත්
ඇඳි වල Clasp කියලා හඳුන්වන කොකු තියනවා. අනිත් දත් වලට
සවි වෙලා දත් ඇන්ද රඳවන්න එම උදව් වෙනවා. කෘත්රිම දත්
ඇන්දක පෘෂ්ඨ තුනක් තියෙනවා. 1.සවිවන පෘෂ්ඨය( Fitting surface ) -
හණුක අස්ථිය හා ස්පර්ශ වන පෘෂ්ඨය. 2. සිනිදු පෘෂ්ඨය (
Smooth surface ) - දිව, කම්මුල හා ස්පර්ශ වන පෘෂ්ඨය.
3. හපන පෘෂ්ඨය ( Occlusal surface ) - අනිත් දත්
එක්ක ස්පර්ශ වන පෘෂ්ඨය. දත් ඇන්දක් සාදන පියවර කෘත්රිම දත්
ඇන්දක් එක පාර හදන්න බැහැ. ඒක පියවරවල් කිහිපයක් ගත වෙන
වැඩක්. 1. රෝගියාව තක්සේරු කිරීම මේ පියවරේදී රෝගියාට දත් ඇන්ඳක
තියන අවශ්යතාවය, රෝගියා දත් ඇන්දක් ලබාගන්න සුදුසු බව තක්සේරු කිරීම,
කටේ ඉතිරිව තියෙන දත් ප්රමාණය, ඒවායේ ගුණාත්මකභාවය, හණුක අස්ථි වල
ස්වභාවය, කලින් දත් ඇඳි පාවිච්චි කරලා තියෙනවා නං ඒවා ගැන
විස්තර ලබා ගන්නවා. දත් ඇන්දක් හදන්න කලින් කටේ ඉතුරුවෙලා තියෙන
දත්මුල් කෑලි ගලවලා, පුරවන්න තියෙන දත් පුරවලා, මැලියම් තියෙනවා නං
ඒ ටිකත් සුද්ද කරන්න වෙනවා. ඒ වගේම හණුක අස්ථි තියන
සමහර ආබාධ නිසා කෘත්රිම දත් ඇඳි පලදින එක අපහසු වෙන්න
පුළුවන් (eg -Knife edge ridge, Flabby ridge) . ඒවටත් නිසි
පියවර ගන්න වෙනවා. 2. ප්රාථමික අච්චුව( Primary impression ) හා
ප්රාථමික අනුරුව( primary cast) රෝගියාගේ හණුක අස්ථි වල හා කටේ
ඉතුරු වෙලා තියෙන දත්වල දළ පිහිටීම සටහන් කරන එක තමයි
මෙතනදි වෙන්නේ. මේකට ලෝහ වලින් හදපු අච්චු තැටියක් ( Impression
tray) භාවිතා කරනවා. අච්චු ගන්න බහුලව පාවිච්චි කරන්නේ ඇල්ජිනේට් කියන
ද්රව්ය. මීට අමතරව යටි ඇන්දේ එක දතක් වත් නැති වෙලාවට
impression compound භාවිතා කරනවා. අච්චු ගත්තට පස්සේ පැරිස් බදාමයෙන් අච්චුව
වක් කරලා කටේ අනුරුවක් හදාගන්නව. 3. විශේෂ ආච්චු තැටිය( Special
tray) හා ක්රියාකාරී අච්චුව (Working impression ) ප්රාථමික අනුරුව පාවිච්චි
කරලා අදාළ රෝගියාට ම විශේෂිත වූ තැටියක් හදනවා. ඒකට කියන්නේ
විශේෂ ආච්චු තැටිය කියලා. එමගින් ගොඩක් නිවැරදිව කටේ අච්චුවක් ගන්න
පුළුවන් වෙනවා. මේ වඩා නිවැරදි අච්චුව නැත්තං ක්රියාකාරී අච්චු හා
ක්රියාකාරී අනුරුවේ නිවැරදිතාවය මත කෘත්රිම දත් ඇන්ද කටට හොඳින් සවි
වෙන ප්රමාණය තීරණය වෙනවා. 4. හණු අතර සම්බන්ධය ලබා ගැනීම.(
Jaw relationship records) රෝගියාගේ කටේ එක දතක් වත් නැති උනහම,
එහෙම නැත්තං ගොඩක් දත් අඩු උනහම රෝගියාගේ උඩු ඇන්ද හා
යටි ඇන්ඳ එකට එකතු වෙන විදිය( occlusion ) වෙනස් වෙනවා.
මොකද තියෙන දත් වලින් පුළුවන් විදියට හපන්න රෝගියා යටිහනුව වෙනස්
කරනවා. නමුත් කෘත්රිම දත් ඇන්දක් දානකොට අර මුලින්ම තිබ්බ හනු
අතර සම්බන්ධය හදාගන්න ඕනේ. එහෙම නැත්තං දත් ඇන්ද දාගෙන හපන්න
බැරි වෙනවා. මේකට සරල භාෂාවෙන් කියන්නේ "බයිට් එක හදනවා" කියල.
උඩු හා යටි ඇඳට වෙන වෙනම ඉටි වලින් හදපු bite
block කියලා ඇඳි දෙකක් පාවිච්චි කරලා රෝගියා සාමාන්ය විදියට හනුක
අස්ථි තියාගෙන ඉන්න විදිහයි හපනකොට හනුක අස්ථි තියාගෙන ඉන්න විදිහයි
වාර්තා කර ගන්නවා. 5. පිරික්සුම් දත් ඇන්ද. (Trial denture )
මේ පියවරේදී සිද්ධ වෙන්නේ දත් එක්ක ඉටි වලින් හදපු දත
ඇන්ඳේ අනුරුවක් රෝගියාගේ කටට දාලා බලන එකයි.දත් ඇන්ද කටට සවි
වෙන විදිය , දත් ඇන්ද දාගෙන හපන්න පුළුවන්ද යන වග
වගේ දේවල් මෙතැනදි පරික්ෂා කරලා බලනවා. දත් ඇන්දක් හදන්න කලින්
වැරදි නිවැරදි කරන්න පුළුවන් අන්තිම අවස්ථාව තමයි මේක. 6.දත් ඇන්ද
ලබා දීම (Denture delivery ) හදල ඉවර කරපු දත් ඇන්ද
රෝගියාගේ කටට පරික්ෂා කරන එක තමයි මෙතැනදි කරන්නේ්. දත් ඇන්දේ
වැඩි තැන් අඩු කරල, හපන විදිහ හදලා,දත් ඇන්දට හුරු වෙන
විදිහ කියලා දීලා, පාවිච්චි කරන විදිහත් කියලා දීලා, දත් ඇන්ද
පිරිසිදු කරන විදිහත් කියලා දෙනවා. 7.පසු විපරම (Review ) රෝගියා