Text
stringlengths
37
1.96k
තියෙන stains යවන්න පුලුවන් නම් අන්න ඒක මරු ක්රමයක්. ඉතින්
කෝකටත් මේ බෙහෙතෙන් එහෙම දතට හානියක් වෙනවද නැද්ද කියලා බලන්න
මම තීරණය කරා. මමත් ඔන්ලයින් ඒ බෙහෙත ගෙන්නගෙන, මම රෝගීන්ගෙන්
ගලවලා ඉවත් කරපු දත් දෙකක් යොදාගෙන මගේ පරීක්ශනේ කරලා බැලුවා.
මේ පහළ තියෙන ෆොටෝස් එච්චර ක්ලියර් නැති වුනත් හොඳට බැලුවොත්
පෙනේවි බෙහෙත ආලේප කරාට පස්සෙ ඒ දත්වල shine එක අඩු
වෙලා තියෙනව කියලා. බෙහෙත ගෑවට පස්සෙ දතට එන්නෙ රළු පෙනුමක්.
කාචයකින් බැලුවමත්, ස්පර්ශ කරලා බැලුවමත් බෙහෙත ගාපු පෘශ්ඨයේ සහ නොගාපු
පෘශ්ඨයේ පැහැදිලි වෙනසක් තියෙනව. pH අගය ගැන සඳහනක් නැතත් පොඩ්ඩක්
දිවේ ගෑවම මට හිතුනෙ මේ බෙහෙත acid එකක් කියලා. (ඒත්
ingradients අනුව නං මේක base එකක් ) මගෙ නිරීක්ශණය අනුව
මට පෙනුනෙ මේකෙන් දතේ මතුපිට ලේයර් එක ඉවත්වීමක් සිද්ද වෙනවා
කියන එක. ඒක සාමාන්යයෙන් දත් සුදු කරන්න ඩෙන්ටල් ක්ලිනික් එකක
භාවිතා කරන සරළ තියරි එකක්. පාලනයක් ඇතුව යම් මට්ටමකට එහෙම
bleach කරන්න පුළුවන් පුහුණුවක් තියෙන දන්ත වෛද්යවරයෙක්ට. (රෝගියාගේ තත්ත්වය සළකා
බලලා.) ඉතින් මට ආපු ප්රශ්නෙ තමයි මේවගෙ බෙහෙත් කිසිම පාලනයක්
නැතුව විකුණන එකෙන් වෙන්න පුළුවන් අනිසි ප්රතිඵල මොනවගේ වෙන්න පුළුවන්ද
කියන එක. මම ඕන තරං දැකලා තියෙනව බුලත් කහට යවන්න
හිතාගෙන, අත තද කරලා දත් මැදලා දත්වල brush cuts හදාගෙන
එන ලෙඩ්ඩුන්ව. ඉතින් එහෙම කෙනෙක් මේවගෙ බෙහෙතක් වැරදියට පාවිච්චි නොකරයි
කියලා හිතන්න බැරිකමක් නෑ. පාලනයක් නැතුව මේවගෙ බෙහෙත් දත්වල උලන්න
ගියොත් දතට හානි වෙන්න පුළුවන් කියන එක තමයි මගෙ අදහස.
ගොඩක් වෙලාවට දතේ එනැමල් එක හානිවෙලා දන්ත සංවේදිතාව එන්න පුළුවන්.
ඒවගේම නිවැරදිව ආලේප නොකරොත් acidity එක නිසා විදුරුමස් හානි වෙන්න
බැරිකමක් නෑ. (එහෙම වුන අයගෙ කමෙන්ට්ස් තිබුනා ) අඩුමගානෙ මේක
පාවිච්චි කරන හැටි සිංහලෙන්වත් සඳහන් වෙන්න ඕන. මට කියන්න ඕන
මෙච්චරයි. දත් සුදු කරන්න ක්රම තියෙනවා. කරන්න තියෙන්නෙ දන්ත වෛද්යවරයෙක්
හම්බෙලා උපදෙස් සහ ප්රතිකාර ගන්න එක මිසක් මේ වගෙ බෙහෙත්
අරගෙන තනියම දත්වල උලාගන්න එක නෙවෙයි. ප.ලි මේකෙ ingredientsවල හැටියට
මේකෙ අන්තර්ගත වෙන active substance එක borax . ඒ නිසා
රස බලලා මේක acidic කියලා මම ආපු නිගමනේ වැරදියි මම
හිතන්නෙ.. pH test එකක් කරන්න වෙනවා. කොහොම වුනත් මේ බෙහෙත
ඥාණය එක්ක මතුවෙන ඥාණ දත් මිනිසාගේ මුඛයේ ස්ථීර දත් 32
ඇති අතර ඒවායෙන් අවසානයට මෝදු වන්නේ තුන්වන චාර්වක දත හෙවත්
ඥාණ දතයි. වයස අවුරුදු 7ත් 9 ත් අතර කාලය හනුක
අස්ථිය තුළ වර්ධනය වීම ආරම්භ වන මෙම දත් වයස අවුරුදු
17 ත් 25 ත් අතර කාලය තුළ මුඛයට මෝදු වේ
. මුඛය තුළ මෙවැනි දත් හතරක් ඇත . ඥාණ දත්
ආශ්රිත ගැටලු ඥාණ දත් වල ඇති ප්රධානම ගැටලුව වන්නේ මුඛ
කුහරය තුළට මෝදු නොවීම(fully impacted wisdom tooth) හෝ අර්ධ වශයෙන්
මෝදු වීමයි (partially impacted wisdom tooth). මෙලෙස ඥාණ දත් සිරවීමට
බලපාන ප්රධාන හේතු වන්නේ දත සම්පූර්ණයෙන් මෝදු වීමට හනු අස්ථිය
තුළ ඉඩකඩ ප්රමාණවත් නොවීම හා වර්ධනය වන විට වැරදි අනතියකින්
වර්ධනය වීම යන කාරණා දෙකයි . සිර වූ ඥාන දත්
වර්ගීකරණය මේ සඳහා සංකීර්ණ වර්ගීකරණ රාශියක් පැවතුනද පාඨකයාගේ පහසුව සඳහා
සරල වර්ගීකරණයක් ඉදිරිපත් කරමි . මෙම වර්ගීකරණයේ දී භාවිතා වන්නේ
ඥාන දත පිහිටීමේ දිශානතියයි. 1.ඉදිරිපස දත දෙසට ආනත වු( mesioangulated)
2. ඉදිරිපස දතෙන් පිටතට ආනත වූ (distoangulated) 3.ඉදිරිපස දතට සමාන්තරව
සිරවූ( vertical ) 4. ඉදිරිපස දතට ලම්බකව සිරවූ(horisontal ) 5.
කම්මුල දෙසට ආනත වූ( buccally) 6. දිව දෙසට ආනත වූ
(lingually) සිර වූ ඥාණ දත් නිසා නිසා ඇතිවන ගැටලු සිර
වූ ඥාණ දත් නිසා ඇති වන ප්රධාන ගැටලු වන්නේ වේදනාව,
කෑම කැබලි සිරවීම, ඥාන දත අවට විදුරුමස් ආසාදන (pericoronitis), ඥාන
දත දිරුම, ආසන්න දතට හා හනු අස්ථියට හානි සිදුවීම ,
හණු අස්ථි තුළ ඇති වන ගෙඩි(dentigerous cyst) පෙන්වා දිය හැක.
ප්රතිකාර ක්රම සිර වූ ඥාන දත් සදහා ප්රතිකාර ක්රම තුනක්
ඇත. 1. අධීක්ෂණය කිරීම - රෝගියාට වේදනාවක් අපහසුතාවයක් නැත්නම් හා
යාබද දතට ගැටලුවක් නොමැති නම් කිසිදු ප්රතිකාරයක් කිරීම අනවශ්ය වේ.
2.සිරවූ ඥාන දත සම්පූර්ණයෙන් ගලවා ඉවත් කිරීම - වේදනාවක් අපහසුතාවයක්
හෝ යාබද දතට තර්ජනයක් ඇත්නම් මෙය සිදු කරයි. 3. සිර
වූ ඥාණ දත උඩ කොටස පමණක් ගලවා ඉවත් කිරීම.(පසුවට විස්තර
කෙරේ) සිර වූ ඥාණ දත් ගැලවීම මෙම ක්රියාවලිය හිරිවැට්ටීම මගින්
(local anasthesia ) හෝ සිහි නැති කිරීම මගින් (genera anasthesia
)සිදු කරනු ලැබේ . හිරිවට්ටා සිදු කරනු ලබන්නේ දත ගැලවීම
එතරම් අපහසු නැති විට, ස්නායු වලට ඇති හානිය අවම විට
හා එක ඥාන දතක් පමණක් ගලවා ඉවත් කරන විට දීය
. සිහි නැති කර සිදු කරනු ලබන්නේ ඥාන දත ගැලවීම
තරමක් අපහසු වූ විට, ස්නායුවට හානියක් වීමේ අවදානම වැඩි විට
හා එකවර ගහන හතරම ගලවා ඉවත් කරන විටදිය. බොහොමයක් අවස්ථාවලදී
වැට්ටවීම මගින් මෙම සුළු සුළු ශල්යකර්මය සිදු කරනු ලැබේ .
සුළු ශල්යකර්මයේ පියවර 1. රෝගී තක්සේරුව (patient assessment ) 2.
ඥාන දත හා ඒ අවට තක්සේරු කිරීම(tooth assessment 3. විදුරුමසෙහි
පැල්මක් යොදා හනු අස්තිය පෑදීම (raising mucoperiosteal flap) 4. ඥාන
දත වටේ අස්ථි කොටස් ඉවත් කිරීම (alveolar bone removal) 5.ඥාන
දත ගලවා ඉවත් කිරීම 6. මැහුම් දැමීම හා පසු ශල්ය
සත්කාර රෝගියා තක්සේරු කිරීම සුළු ශල්යකර්මය සඳහා රෝගියා ගේ සූදානම
ඇගයීමට ලක් කෙරේ . පෙර රෝගී තත්වයන්( medical history )
,ලබා ගන්නා ඖෂධ වර්ග(drug history ), පෙර මුහුණ දුන් ශල්යකර්ම
(past surgical history ) එවැනි දෑ සලකා බලා රෝගියා ශල්යකර්මයට
කොතරම් යෝග්ය දැයි සලකා බැලේ. ඥාන දත හා අවට පරිසරය
තක්සේරු කිරීම රෝගියාගේ මුඛය විවෘත වන ප්රමාණය ,ඥාන දතේ පිහිටීම
හා ආනතිය, ඥාන දත කොතරම් මතුවී ඇති ද යන්න, ඉදිරිපස
දත හා ඇති සම්බන්ධය, දතේ මුල ස්වභාවය , දන්ත ස්නායු
හා ඇති සම්බන්ධයෙන් මෙහිදී සලකා බැලේ. විදුරුමසෙහි පැල්මක් යොදා හනු
අස්ථිය පාදා ගැනීම හිරි වැට්ටිමෙන් අනතුරුව විදුරුමසේ පැල්මක් යොදා හනු
අස්ථිය මතු කර ගනු ලබයි . යොදන පැල්මේ හැඩය (
Flap design ) අදාල අවස්ථාවට අනුකූලව වෙනස් වේ . හනු
අස්ථි කොටස් ඉවත් කර ගැනීම විදුරුමසේ කැපුමක් යොදා හනු අස්ථිය
පාදා ගත් පසුව ඥාන දත ගැලවීමට බාධාවක් ලෙස දත වටේ
ඇති හනුව කොටස් ඉවත් කරගනු ලැබේ . මේ සඳහා සඳහා
විශේෂිත වූ උපකරණ ඇත . ඥාන දත ගලවා ඉවත් කිරිම
. විශේෂිත උපකරණ භාවිතා කර සිරවී ඇති ඥාන දත ගලවා
ඉවත් කරනු ලබයි. මැහුම් යෙදීම හා ආපසු ශල්ය සත්කාර දත
ගැලවූ පසු දත් තිබූ ස්ථානයේ ඇති කුහර (tooth socket )
ඉතිරි වී ඇති හනු අස්ථි කැබලි ඉවත්කර හනුක අස්ටි කුහරය
පිරිසිදු කර මැහුම් යොදනු ලැබේ.බොහෝ දුරට මේ සඳහා භාවිත කරනු
ලබන්නේ දියවෙන මැහුම්ය.පසුව එදින ප්රවේශම් විය යුතු ආකාරය පිළිබඳව රෝගියා
දැනුවත් කර අවශ්ය ඖෂධ නියම කිරීම සිදුවේ . එදින ප්රවේශම්
විය යුතු ආකාරය (post operative instructions ) තබා ඇති පුළුන්
කෑල්ල පැය භාගයක් සපාගෙන සිටින්න පැය භාගයකට පසු පුළුන් කෑල්ල