Text
stringlengths
37
1.96k
මගින් ඉවත් කිරීම දන්ත විරංජන යයි . මෙම ක්රමය තවත්
කොටස් දෙකකට බෙදිය හැක. I. සජීවී දන්ත විරංජනය - මෙම
ක්රමයේදී සජීවී දත් විරංජනය කෙරේ. වයසත් සමග ඇතිවන දත් කහ
පැහැවීම වැනි තත්ත්වවලදී මෙම ක්රමය භාවිත වේ. II. අජීවී දන්ත
විරංජනය - ස්නායු පිරවීම සිදුකර අජීවී තත්ත්වයට පත් කළ දත්
වල ඇති කහ පැහැය ඉවත් කිරීමට මෙම ක්රමය භාවිතා වේ
දන්ත විරංජන ක්රමය එක වරක් පමණක් සිදුකර සතුටුදායක ප්රතිඵල අත්කර
ගැනීම අපහසුය. එබැවින් මෙම ප්රතිකාරය නැවත නැවත සිදු කළ යුතු
වේ . මෙම ක්රමයේ ඇති අවාසි ලෙස විදුරුමස් වලට සිදුවන
අපහසුතා හා දන්ත සංවේදීතාවය පෙන්වා දිය හැක . Micro Abrasion
ප්රතිකාරය - දත් වල එනමලයේ පෘෂ්ඨය ඉතා සියුම් ලෙස සූරා
දැමීම මඟින් එහි ඇති අවපැහැ ගැනීම ඉවත් කරනු ලබයි. මෙම
ක්රමය මගින් එනමලයේ ඇති සුදු ලප (enamel hypomineralization ), සුළු
ප්රමාණයේ දන්ත ෆ්ලෝරෝසියාව , අක්රිය දත් දිරුම් නිසා වන අවපැහැ
ගැනීම වැනි අවස්ථා වල භාවිතා කෙරේ. මෙම ක්රමයේ ඇති අවාසියක්
නම් දන්ත පටකවලට ඉතා සුළු වශයෙන් හානි සිදුවීමයි Resin Infiltration
ප්රතිකාරය - මෙම ප්රතිකාරයේ දී සිදු වන්නේ දත් වල අවපැහැ
ගැන්වූ ස්ථානයේ පමණක් එනැමලය අම්ලයක් ආධාරයෙන් දියකර එම කොටසට අලුතින්
Resin බදාමයක් එක් කර නැවත සැකසීමයි . මෙම ක්රමය දන්ත
ෆ්ලෝරෝසියාව , සුළු කැල්සියම් තැන්පත් වීමේ ගැටලු(Enamel opacity) එවැනි තත්ත්ව
වලදී භාවිත කරනු ලැබේ. Veneering ප්රතිකාරය- දතේ ව්යුහයේ වෙනස්කම් සමගින්
සිදුවන අවපැහැ ගැනීම් වලට මෙම ක්රමය වඩා යෝග්ය වේ. මීට
අමතරව ටෙට්රාසයික්ලින් ලප මගින් සිදුවන අවපැහැ ගැනිම් සඳහා ද යෝග්ය
වේ. මෙම ප්රතිකාර ක්රමය කොටස් දෙකකට බෙදිය හැක I. Direct
veneering - මෙම ක්රමයේ දී අවපැහැ ගත් ස්ථාන වල එනමලයේ
කොටස් කපා ඉවත්කර ඉවත් කර එම ස්ථානවලට composit නම් වූ
පිරවුම් ද්රව්යයක් දමා දත් සකස් කරනු ලබයි. 2.Indirect Veneering -
මෙම ක්රමයේදී කපා ඉවත් කරන ලද එනමල් කොටස් වලට පෝසිලේන්
වලින් සාදාගන්නා ලද කොටස් අලවනු ලබයි. Veneering ප්රතිකාරය භාවිතයට ගනු
ලබන අවස්ථාවලට උදාහරණ ලෙස උග්ර දන්ත ෆ්ලෝරෝසියාව , ටෙට්රාසයික්ලින් ලප
, ස්නායු පිරවීම නිසා අවපැහැ ගැන්වූ දත් දැක්විය හැක. මෙම
ක්රමයේ අවාසි ලෙස දන්ත පටකවලට සිදුවන හානිය වැඩි වීම, ඇලවීමෙදී
සිදුවිය හැකි ගැටලු හා කාලයක් යන විට නැවත සිදු කිරීමට
සිදු වීම පෙන්වා දිය හැක . දන්ත කිරුළු ප්රතිකාරය (
Crown ) මෙම ප්රතිකාර ක්රමය වඩාත් යෝග්ය වන්නේ ජානමය හේතූන්
මත දතක් ව්යුහය හා පැහැය වෙනස් වූ අවස්ථා සඳහා ප්රතිකාර
කිරීමටයි . මීට අමතරව ස්නායු පිරුණු මගින් අජීවී තත්ත්වයට පත්කරන
ලද ගත් සඳහා ද යොදා ගැනේ. මෙම ප්රතිකාර ක්රමයේදී මුළු
දතේම එනමලය යම් ඝකමකට ඉවත්කර එයට පෝසිලේන් හා ලෝහ /
zirconia වලින් සෑදූ කොපුවක් කරනු ලබයි. මෙවැනි ක්රම මඟින් අවපැහැ
ගැනීමට ලක් වූ දත් නැවතත් ස්වභාවික පැහැයට ලබාගත හැක. සැම
ක්රමයම සැම අවස්ථාවකට ගැලපෙන්නේ නැත. ඔබගේ තත්වයට ගැලපෙන ප්රතිකාරය දන්ත
වෛද්යවරයා විසින් තීරණය කරනු ඇත. මෙම ලිපිය සම්පාදනය කිරීමේ දී
නවතම කරුණු සැපයූ දන්ත සංරක්ෂණය පිළිබඳ ලේඛකාධිකාරී වෛද්ය රිශිකානි ගොඩේවිතාන
මොනවද මේ කටේ උෂ්ණ බිබිලි තුවාල ? උෂ්ණ බිබිලි තුවාල
ලෙස සාමාන්ය ව්යවහාරයේ භාවිතා වන මුඛ පටක වල එනම් තොල්
,විදුරුමස්,කම්මුල් ඇතුල වැනි ස්ථානවල හටගන්නා කුඩා තුවාල ඔබ බොහෝ දෙනෙක්
අත් විද ඇතුවාට සැක නැත. මේවා ඉතා වේදනාකාරී වන අතර
එදිනෙදා දිවියට බාධා ඇතිකරයි .මේවා වෛද්ය විද්යාත්මකව හදුන්වන්නේ Apthous ulcerations
කියා ය.Major ,Minor හා Herpertiform ලෙස ප්රධාන වර්ග තුනක් හදුනාගත
හැකි අතර මේවා තනි විශාල තුවාල හෝ කුඩා තුවාල කිහිපයක්
හෝ රාශියක් ලෙස දැකිය හැක. මේවා හට ගැනීමට හේතුව නිශ්චිත
ලෙසම දැක්වීම දුෂ්කර වූවත් මානසික ආතතිය ,කට තුවාල වීම,ඇතැම් ආහාර
,බෙහෙත් වර්ග ,හෝර්මෝන වෙනස්වීම් හා වෙනත් නිධන්ගත රෝගාබාධ නිසා මේවා
හට ගැනීමට හැක.මානසික ආතතියෙන් පෙළෙන තරුණ තරුණියන් අතර සුලභව දැක
ඇත. උෂ්ණ බිබිලි මෙන් දිස්වන වෙනත් රෝග ද ඇත .උදා.වෛරස
ආසාධන,දිලීර ආසාධන ,කල්පවතී නම් මුඛ පිලිකා මුල් අවස්ථා ආදිය මේවා
නිතර නිතරම හට ගැනිම පීඩාකාරී වන අතර එයා ඔබට වෙනත්
රෝගයක රෝග ලක්ෂ්ණයක් විය හැක .උදා.ආන්ත්රික රෝග ,HIV.පෝෂණ ඌනතා එලෙස
නිතර හට ගැනීම Recurrent apthous stomatitis ලෙස හදුන්වන අතර ප්රතිකාර
සදහා යොමු වීම වැදගත් වේ. සරල උෂ්ණ බිබිලි සති 1-2
අතර සුවවන අතර පීඩාකාරී තත්ව වලදී ඔබගේ වෛද්යවරයා විසින් ඖෂධ
ලබා දෙනු ඇත. ඔබට ගෙදරදී කල හැකි ප්රතිකාර ලෙස ලුණු
වතුරෙන් සේදීම ,vitamin C බහුල ආහාර ගැනීම,tea bag එකක් ඒ
මත ටික වේලාවක් තබා ගෙන සිටීම .මී පැණි ගැල්වීම ආදිය
නිර්දේශ කල හැකි නමුත් කිසිදු ඖෂධයක් වෛද්ය නිර්දේශ වලින් තොරව
ලබා නොගන්න.! ඔබට ආහාර ගැනීම ,නිදාගැනීම ,කථාකිරීම,ගිලීම දුෂ්කර නම් ඒ
සදහා වේදනා නාශක හා සුවවීම වේගවත් කරන ඖෂධ වෛද්යවරයා නිර්දේශ
කරනු ඇත. නිතර හට ගන්නේ නම් වෛද්යවරයෙකු හමුවී එසේ හටගැනීමට
අනතුරකින් කැඩිච්ච දතක, දත් කෑල්ල අලවන්න බැරිද ? ගිය සිකුරාදා
දහවල් 11.45 ට විතර තංගල්ල මූලික රෝහලේ සේවය කරපු දන්ත
වෛද්යවරයා ගේ phone එක නාද වෙන්න ගත්තා . Call එක
හම්බන්තොට දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ සේවය කරන වෛද්යවරයාගේ හිතමිත්ර
ඖෂධවේදියා ගෙන්. දෙන්නම පේරාදෙණිය විශ්ව විද්යාලයේ සමකාලීනයන්. ඇමතුම ගත්තා වෛද්යවරයාට
අහන්න ලැබුන මෙහෙම කතාවක් Doctor වැඩක ද ඉන්නේ ? පොඩි
හදිස්සියකට ගත්තේ කියන්න දැනට නං වැඩක් නැහැ Doctor මගේ යාළුවෙක්
ඉන්නවා____ ඉස්කෝලේ ගුරුවරයෙක්. ඉස්කෝලෙ ළමයි දෙන්නෙක් රණ්ඩු වෙලා එක ළමයෙක්ගෙ
දත කැඩිලා. මේකට මොකක්ද කරන්න පුළුවන් ? පුළුවන් , හැබැයි
treatment එක ගැන කියන්න කලින් මට වැඩි විස්තර දැනගන්න ඕනේ
. මගේ number එක ගුරුවරයාට දීලා මට call එකක් ගන්න
කියන්න . ඔන්න ඔය විදියට දෙන්නගේ කතාව ඉවර වුනා .
ඊට විනාඩි 5කට විතර පස්සේ වෛද්යවරයාගේ phone එකට call එකක්
ආවා . Doctor මට මේ phone number එක දුන්නේ දුන්නේ
මගේ යාළුවෙක්. මම ___ඉස්කෝලේ ගුරුවරයෙක් . හරි මට වෙච්ච දේ
හරියටම කියන්න. කතාව මුල ඉඳන් අගක් වෙනකන් ගුරුවරයා කිව්වා .
පස්සේ වෛද්යවරයා ගුරුවරයාගෙන් ප්රශ්න ටිකක් අහන්න ගත්තා. දතේ මුල කොටස
කටේ තියෙනවද? දතේ කැඩිච්ච කෑල්ල හොයාගන්න පුලුවන්ද ?කැඩිච්ච දතෙන් ලේ
එනවද ? Doctor දතේ මුල් කෑල්ල කටේ තියනවා , කැඩිලා
වැටිච්ච කෑල්ලත් තියනවා. කටින් ලේ එන්නේ නැහැ. හරි ඔය කෑල්ල
පරිස්සමෙන් අරගෙන ගලායන වතුරෙන් හෝදන්න . ඊට පස්සේ දත් කෑල්ල
අරගෙන පිරිසිදු භාජනයකට දාන්න . දරුවාට කියන්න දත් කෑල්ල සෑහෙන්න
කෙල ගහන්න කියලා .දරුවාව ඉක්මනටම ඉස්පිරිතාලෙට අරගෙන එන්න . දන්ත
වෛද්යවරයා විසින් ගුරුවරයාට ඔය උපදෙස් ටික ලබා දුන්නා . ඊට
පැය එකහමාරකට විතර පස්සේ දරුවා තමන්ගේ දෙමව්පියොත් එක්ක තංගල්ල මූලික
රෝහලේ දන්ත සායනයට ආවා . දන්ත වෛද්ය පුටුවෙ වාඩි වෙච්ච
දරුවව දන්ත වෛද්යවරයා පරික්ෂා කරන්න පටන් ගත්තා . දරුවා වයස
අවුරුදු 8ක පුංචි පුතෙක් .වම් පැත්තේ උඩු ඇන්දේ පළවෙනි කෘන්තක
දත මැදින් වගේ කැඩිලා තිබ්බා .දතේ මොලේ කිසිම සෙලවීමක් නැහැ
.වෛද්යවරයා දත් මුල් කෑල්ලට තට්ටු කරලා බැලුවත් කිසිම වේදනාවක් දරුවාට
දැනුණේ නැහැ .දතේ ස්නායු කුහරයේ(Dental pulp chamber) පෙනෙන්න නිරාවරණය(pulp exposure