Text
stringlengths 37
1.96k
|
---|
බලපාන ලබයි.දියවැඩියාව පාලනය නොවන රෝගීන්ගේ විදුරුමස් රෝග ද පාලනය නොවන |
අතර විදුරුමස් රෝග ඇති අයගේ දියවැඩියා පාලනය ද සතුටුදායක නොවේ. |
4. දුම්කොළ- දුම් සහිත දුම්කොළ(smoking tobacco / සිගරට්) සහ දුම් |
රහිත දුම්කොළ(smokeless tobacco /බුලත් විට,බාබුල්) යන කුමන ආකාරය දුම්කොළයක් වුවද |
විදුරුමස් රෝග සඳහා අවදානම ඉහළ නංවයි. දුම්කොළ වල ඇති නිකොටින් |
මගින් රුධිර වාහිනී හකුලන අතර විදුරුමස් වලට ලැබෙන රුධිර සැපයුම |
අඩාල වේ.මෙමගින් විදුරුමස් වල ඇති අහිතකර බැක්ටීරියාවන්ට වර්ධනය වීමට ඉඩ |
සලස්වයි. 5. මන්දපෝෂණය- පෝෂණ ඌණතා ඇති රෝගීන්ගේ විදුරුමස් රෝගයට ගොදුරුවීමේ |
සම්භාවිතාවය ඉහළය. උදාහරණයක් වශයෙන් විටමින් c ඌනතාව ඇති ඇති රෝගීන්ගේ |
විදුරුමස් ඉදිමීම බහුලව දැකගත හැක. 6 - මානසික ආතතිය. විදුරුමස් |
රෝග වල ප්රභේද විවිධ වූ සංකීර්ණ ආකාරවලට විදුරුමස් රෝග වර්ගීකරණය |
කළ හැකි වුවද පාඨකයාගේ පහසුව සඳහා ඉතා සරල වර්ගීකරණයකි දිරිපත් |
කිරීමට බලාපොරොත්තු වෙමි . 1. විදුරුමස් ඉදිමීම( Gingivitis ) 2. |
දීර්ඝකාලීන විදුරුමස් දියවීම( Chronic periodontitis ) 3. ආක්රමණශීලි විදුරුමස් දියවීම( |
Aggressive periodontitis ) විදුරුමස් රෝග ඇති වන අයුරු දත් මැදීමේ |
දුර්වලතා ඇතුළු අනිකුත් පෙර සදහන් කරන ලද අවදානම් සාධක හේතුවෙන් |
පරිදන්ත පටකය තුළ අහිතකර බැක්ටීරියා ඝනත්වය තිබිය යුතු ප්රමාණයට වඩා |
විශාල වශයෙන් ඉහළ යනු ලබයි. මෙලෙස බැක්ටීරියා ඝනත්වය වැඩි වීමත් |
සමග එම බැක්ටීරියා වලින් නිපදවනු ලබන විෂ ද්රව්ය ප්රමාණය ද |
වැඩි වේ. මෙලෙස නිපදවන විෂ ද්රව්ය මගින් විදුරුමස් ඉදිමීම (gingivitis |
) නම් වූ රෝගී තත්ත්වය ඇති වේ . විදුරුමස් ඉදිමීමේ |
රෝග ලක්ෂණ විදුරු මස් වලින් ලේ ගැලීම ,විදුරුමස් වල රෝස |
පැහැය රත් පැහැයට හැරීම , විදුරුමස්වල දාරයේ ඇති ආරුක්කු හැඩය |
නැති වීම දැක්විය හැක . විදුරුමස් ඉදිමීම (gingivitis) සම්පූර්ණයෙන්ම සුව |
කළ හැකි රෝගී තත්ත්වයක් වන නමුත් ප්රතිකාර නිසි කලට සිදු |
නොකළහොත් එය දීර්ඝකාලීන විදුරුමස් දිය වීම (Chronic periodontitis ) දක්වා |
වර්ධනය විය හැක . දීර්ඝකාලීන විදුලි මස් දියවීම අදියර කීපයක් |
යටතේ සිදුවන තත්ත්වයකි . මුලින්ම විදුරුමස් දතට සම්බන්ධ වන ස්ථානයකි |
කාණුවක් වැනි ව්යුහය(Gingval sulcus) හි ගැඹුර(sulcus depth ) වැඩි වීමට |
පටන් ගනී. මෙම තත්ත්වය periodontal pocketing ලෙස නම් වේ .මෙයට |
හේතුව විදුරු මස දත මුලේ පෘෂ්ඨයෙන් ගැලවී යාමය . මෙලෙස |
periodontal pocket ඇති වීමත් සමගම එය තුළ මැලියම් වර්ධනය වී |
බැක්ටීරියා ඝනත්වය තවත් ඉහළ යයි . ඊළඟ පියවරේ දී සිදු |
වන්නේ විදුරුමස් ක්රමයෙන් දියවී ගොස් දතේ මුල පෑදීමයි (gingival recession |
) . දතේ මුල නිරාවරණය වූ විට ඇති ප්රධානම රෝග |
ලක්ෂණයක් වන්නේ උණුසුම් හෝ සීතල ආහාරයක් / ද්රවයක් ලබා ගන්නා |
විට දත් හිරිවැටීම.( දත් හිරිවැටීම තවත් හේතු රාශියක් නිසා සිදු |
විය හැක.) අවසාන අදියරේ දී දතේ මුල වටා ඇති පරිදන්ත |
තන්තු හා හනුක අස්ථිය විනාශ වී දත් සෙලවීමට පටන් ගනී |
. වැදගත් කරුණක් නම් දුම්පානය කරන පුද්ගලයන්ගේ විදුරුමස් රෝග වල |
දී විදුරුමස් වලින් ලේ ගැලීම යන ලක්ෂණ ඇති නොවේ . |
මෙයට හේතුව දුම්කොළ වල ඇති නිකොටින් මගින් රුධිර වාහිනී හකුලා |
දැමීමයි . එවැනි පුද්ගලයන්ගේ රෝගය මූලික අවධියේ දී හඳුනා ගැනීම |
අපහසු වේ . දීර්ඝකාලීන විදුරුමස් දියවීම( chronic periodontitis ) තත්ත්වය |
සුව කළ නොහැකි රෝගයක් වන අතර පාලනය කිරීම පමණක් සිදු |
කළ හැක . ආක්රමණශීලී විදුරුමස් දියවීම (aggressive periodontitis) මෙය නව |
යෞවන වයසේ දී ආරම්භ වන අතර ඉතා සීඝ්රයෙන් පැතිරෙන තත්ත්වයකි |
. පරම්පරාගත ආවේණික බවක් ඉතා හොඳින් පෙන්නුම් කරයි. විදුරුමස් රෝග |
වලට ප්රතිකාර ප්රතිකාර ගැන කතා කරන විට වැදගත්ම අංගය වන්නේ |
විදුරුමස් රෝග වළක්වා ගැනීමයි. මෙයට විදුරුමස් රෝග සෑදීමට අදාල වෙනස් |
කළ හැකි අවදානම් සාධක වලින් මිදීම ඉතා වැදගත් වේ . |
එමෙන්ම විදුරුමස් රෝග වලට බලපාන වෙනත් රෝගී තත්ත්වයන් (දියවැඩියාව වැනි |
) ඇත්නම් ඒවා පාලනය කිරීමට ඉතා වැදගත්ය. විදුරුමස් ඉදිමීම යන |
රෝගී තත්ත්වය ඇති අයකුගේ මූලික අරමුණ විය යුත්තේ නිසි ප්රතිකාර |
ලබා ගෙන එම රෝගය විදුරුමස් දියවීම දක්වා වර්ධනය වළක්වාගෙන රෝගය |
සුව කර ගැනීමයි. විදුරුමස් ඉදිමීම සදහා සඳහා ප්රතිකාර ලෙස නිවැරදි |
මුඛ සෞඛ්ය පුරුදු පවත්වාගෙන යෑම , අවදානම් සාධක වලින් මිදීම |
, දත් සුද්ද කිරීම (scalling), මුඛ සෝදන දියර (mouth wash) |
භාවිතා කිරීම පෙන්වා දිය හැක .එමෙන්ම වෛද්යවරයෙකුගේ උපදෙස් රහිතව මුඛ |
සෝදන දියර භාවිතය සුදුසු නොවේ. විදුරුමස් දියවීමේ රෝගී තත්වයකි අයකුගේ |
මූලික අරමුණ විය යුත්තේ නිසි අයුරින් මුඛ සෞඛ්ය පවත්වා ගැනීම |
හා නිසි ප්රතිකාර වලට ප්රතිකාරවලට යොමුවීම මගින් රෝගය පාලනය කර |
ගැනීමයි . විදුරුමස් දියවීමට කරන ප්රතිකාරයන් රෝගයේ අවදිය අනුව වෙනස් |
වේ. මෙම රෝගී තත්ත්වයට ප්රතිකාර කිරීමේ දී ද නිසි මුඛ |
සෞඛ්ය පුරුදු පවත්වා ගැනීම හා අවදානම් සාධකවලින් මිදීම අත්යවශ්ය වේ. |
රෝගී මූලික අවධියේ දී දත් සුද්ද කිරීම(Scalling ) පමණක් ප්රමාණවත් |
වන අතර රෝගය වඩා උත්සන්න වූ විට විශේෂ ප්රතිකාර සිදුකරනු |
ලබයි. ඒවා නම් දතේ මුල හා විදුරු මස් පිරිසිදු කිරීම |
( root surface debridement & curettage), දියවූ විදුරුමස් ඒ වෙනුවට |
වෙනත් ස්ථානයකින්(උදාහරණ - තල්ල) විදුරුමස් ගෙන බද්ධ කිරීම (gingival graft), |
විනාශ වූ හනු අස්ථිය වෙනුවට අස්ථි බද්ධ කිරීම( alveolar bone |
graft ) හා ප්රතිජීවක (Antibiotics )ඖෂධ ලබා දීමයි. මෙවැනි විශේෂිත |
ප්රතිකාර වල මූලික අරමුණ වන්නේ පරිදන්ත පටකයේ බැක්ටීරියා ඝනත්වය අඩු |
කිරීම හා විනාශ වූ පටක නැවත සැකසීම මගින් දත් වල |
සවිමත් බව රැක ගැනීමයි . දත් මුල් දිය වීම සඳහා |
විශේෂ ප්රතිකාර සිදු කරනු ලබන්නේ පේරාදෙණිය දන්ත වෛද්ය පීඨයේ පරිදන්ත |
දෙපාර්තමේන්තුව හා දිවයිනේ රෝහල් වල පිහිටා ඇති දන්ත සංරක්ෂණ විශේෂඥ |
වෛද්ය ඒකක වලයි. විදුරුමස් රෝග සමාජයේ බහුල රෝගයක් වුවද අවදානම් |
සාධක වලින් මිදීම හා මුඛ සෞඛ්ය පුරුදු පවත්වා ගැනීම මගින් |
යුතු මස් රෝගවලින් වැළකී සිටීමට හැකියාවක් ඇත. ඔබටත් විදුරුමස් රෝගය |
ඇතැයි සැක කරන්නේ නම් ළඟම ඇති රජයේ රෝහලේ දන්ත වෛද්යවරයා |
ඉපදෙනකොටම ආපු දත් මීට මාස දෙකකට විතර කලින් දවසක තංගල්ල |
මූලික රෝහලේ සහන සේවා රාජකාරි ගිය වෙලාවේ Dental unit එකට |
හවස තුනට විතර ප්රසව හා නාරිවේද වාට්ටුව භාර හෙද නිලධාරිණියගෙන් |
කෝල් එකක් ආවා. කෝල් එක ගත්ත මට අහන්න ලැබුණේ මෙහෙම |
කතාවක්. "Dental එක නේද ?" "ඔව් Dental එක තමයි " |
"මට ඩොක්ටර් කතා කරන්න පුලුවන්ද? Referral එකක් තියෙනවා" "ඩොක්ටර් තමයි |
කතා කරන්නේ " "Doctor ඊයේ ඩිලිව කරපු දරුවෙක් ඉපදෙන කොටම |
දත් දෙකක් පිහිටලා තියෙනවා . "අම්මා හොදටම බය වෙලා. අපි |
තේරුම් කරල දුන්නට පිළිගන්නෙ නැහැ " "හරි මිස් අම්මවයි දරුවායි |
Dental එකට එවන්නකෝ " ඔහොම කියලා මම Phone එක තිබ්බ. |
විනාඩි 15කට විතර පස්සේ Midwife නෝන කෙනෙක් එක්ක දරුවයි අම්මයි |
ආවා. දරුවාගේ අම්මත් එක්ක ආච්චි සීයා බර සෙට් එකක් ආවා. |
දරුවත් එක්ක Midwife නෝනට පුටුවක වාඩි වෙන්න කියලා දරුවාගේ කට |
ඇරලා බැලුවා . දරුවාගේ යටි ඇන්දේ ඉස්සරහ විදුරුමස් වලින් වැහිච්ච |
ඉදිමුම් දෙකක් තිබ්බා . දැක්ක ගමන් මේ මොකක්ද කියලා කියන්න |
පුළුවන් වුණත් වැඩි හොඳට Gloves දාලා පොඩ්ඩක් පරික්ෂා කරලා බැලුවා. |
හිතපු දෙයම තමයි. යටි ඇන්දේ ඉස්සරහ කිරිදත් 2 මෝදු වේගෙන |
එනවා . වෙලා තියෙන වැඩේ දරුවාගේ අම්මා ටයි ආච්චිටයි තේරුම් |
කරලා දුන්නා. තේරුම් කරල දුන්නට පස්සේ ආච්චි අහනවා" Doctor මේක |