Text
stringlengths
37
1.96k
පිළිකාවක් ද?" කියලා. ඉතින් තව මොනව කියන්නද? මේ දරුවාගේ තත්ත්වයට
කියන්නේ "Natal teeth "කියලා. දරුවාට මාස හයක් වෙනකොට මෝදු වෙන්න
ඕන දත් දරුවෝ ඉපදෙනකොටම මෝදු වෙලා . මේ තත්ත්වෙ එච්චර
සුලබ එකක් නෙමෙයි . හැබැයි Natal teeth තත්ත්වයේදී සැලකිලිමත් වෙන්න
ඕන කාරණා ටිකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි මේ දත් හෙළවෙනවද
කියන එක . මොකද සමහර වෙලාවට මේ දත් වල මුළ
සම්පූර්ණ වෙලා නැති නිසා හෙළ වෙන්න පුළුවන් . එහෙම වුනොත්
ගැලවිලා දරුවාට ගිලෙන්න අවදානමක් තියෙනවා. දෙවැනි කාරණය තමයි Natal teeth
නිසා දරුවාට කිරි දෙන්න අම්මාට අපහසුවක් තියෙනවද කියන එක .
දත් සෙලවෙන්නේත් නැත්තං දරුවාට කිරි දෙන්න අපහසුවක් නැත්නම් Natal teeth
වලට මොකුත් කරන්න ඕනේ නැහැ. හැබැයි දත් සෙලවෙනවා හරි කිරි
දෙන්න අපහසුවක් තියෙනවා නම් හරි Natal teeth ගලවලා අයින් කරන්න
ඕනේ. බොහෝම කලාතුරකින් සමහර syndrome වලට Natal teeth පිහිටලා තියෙන්න
පුළුවන් . මේ වගේ අසාමාන්ය දෙයක් දැක්ක ගමන් අම්මලා කලබල
වෙන එක සාමාන්යයි. මොකද ඕනෙම අම්මා කෙනෙකුගේ එකම පැතුම නිරෝගි
දරුවෙක්. හැබැයි මේ වගේ වෙලාවට කලබල වෙන්නෙ නැතුව නිසි වෛද්ය
විදුරුමස් රෝග හෙවත් periodontal disease අප රටේ මෙන්ම ලෝක ජනගහනයේ
ද සුලබව දැකිය හැකි රෝගයක් වන විදුරුමස් ආශ්රිත රෝග පිළිබඳව
සවිස්තරාත්මක විග්රහයක් මෙම ලිපියේ අන්තර් ගත වේ. විදුරු මස් වල
ව්යුහය ,විදුරුමස් රෝග ඇති වීමට බලපාන හේතු සාධක ,විදුරුමස් රෝග
වල ප්රභේද , රෝග ලක්ෂණ හා විදුරු මස් රෝග වලට
අදාල ප්රතිකාර ක්රම පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලබා ගත හැක
. වැදගත් කරුණක් නම් විදුරුමස් රෝග ව්යාප්ත වන ආකාරය පිළිබඳව
සොයා ගැනීමට සිදුකරන ලද පරීක්ෂණය විදේශීය විද්යාඥයන් පිරිසක් විසින් ශ්රී
ලංකාවේ මධ්යම කදුකරයේ තේ වතු දෙකක් ආශ්රිතව වැඩිහිටියන් 480 සම්බන්ධ
කරගෙන 1970 සිට 1985 දක්වා සිදු කර තිබීමයි. විදුරුමස් රෝග
පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට පරිදන්ත පටකය හෙවත් periodontium එක
සම්බන්ධව මනා අවබෝධයක් ලබා ගත යුතුය පරිදන්ත පටකයේ ව්යුහය පරිදන්ත
පටකය හෙවත් periodontium යනු දතක් හනු අස්ථියට සම්බන්ධ කරන හා
පරිවරණය කරන විශේෂිත පටකයකි. පරිදන්ත පටකය සෑදී ඇත්තේ විදුරුමස්(Gingiva), පරිදන්ත
තන්තු(periodontal ligament), දන්ත බදාමය හා හනු අස්ථිය(Alveolar bone) යන පටක
4 එකතුවෙනි . දතක මුල ආවරණය කරන විශේෂිත පටකය දන්ත
බදාම වේ . දන්ත බදාමය හා හනු අස්ථිය එකිනෙකට සම්බන්ධ
කරනු ලබන්නේ පරිදන්ත තන්තු නම් වූ විශේෂිත නූල් වැනි පටකයක්
මඟිනි . මෙම සියල්ලම ආවරණය කරන පටකය විදුරුමස් නම් වේ.වඩා
හොඳ අවබෝධයක් ලබා ගැනීමට රූප සටහන බලන්න . විදුරු මස්
රෝග සාමාන්ය ජන වහරේ විදුරුමස් රෝග ලෙස හැදින්වුවද මෙහි නිවැරදිම
වචනය විය යුත්තේ පරිදන්ත පටකය ආශ්රිත රෝග යන්නයි . නමුත්
තේරුම් ගැනීමේ පහසුව තකා මෙම ලිපියේ ද විදුරු මස් රෝග
යන වචනය භාවිතා කරමි . විදුරු මස් රෝග යනු පරිදන්ත
පටක වල විශේෂිත බැක්ටීරියාවන් (p.gingivalis) කීපයක් අධික ලෙස වර්ධනය වී
එම බැක්ටීරියා මගින් නිකුත් කරන විෂ රසායනික මගින් පරිදන්ත පටකය
විනාශ වීම හා පරිදන්ත පටකටකයේ ප්රතිශක්තිය හීන වී යාමයි .
විදුරුමස් රෝග වලට බලපාන අවදානම් සාධක ( risk factors )
විදුරුමස් රෝග ඇති වීමේ හැකියාව වැඩි කරනු ලබන සාධක අවදානම්
සාධක (risk factors ) ලෙස නම් කරයි. විදුරු මස් රෝග
සදහා අවදානම් සාධක ප්රධාන කාණ්ඩ දෙකකි . ඒවා නම් වෙනස්
කළ හැකි අවදානම් සාධක(modifiable risk factors) හා වෙනස් කළ නොහැකි
අවදානම් සාධක(non modifiable risk factors) වේ. වෙනස් කළ නොහැකි අවදානම්
සාධක (non modified modifiable risk factors ) 1.වයස - වයස්ගත
වන විට රෝග වලට ගොදුරු වීමේ හැකියාව වැඩි වීමත් ප්රතිශක්තිය
අඩු වීමත් විදුරුමස් රෝග අවදානම වැඩි කරයි . 2. ස්ත්රී
පුරුෂ භාවය - කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන්ගේ විදුරුමස් රෝග සුලබය .
3. ජාන මෙය හේතු - ඇතැම් විශේෂ ජාන සැකසුම් ඇති
පුද්ගලයන්ට විදුරු මස් රෝග අවදානම ඉහළය . විදුරුමස් රෝග පරම්පරාගතව
පැවත ඒව මෙය තහවුරු කිරීමට සාධකයකි . වෙනස් කළ හැකි
අවදානම් සාධක(modifiable risk factors ) 1. මුඛ සෞඛ්ය - මුඛ
සෞඛ්ය පිරිහීම මගින් දත් මැලියම් ( dental plaque & calculi)
එකතු වී ඒව මත බැක්ටීරියා වර්ධනය වීම මගින් විදුරුමස් රෝග
අවදානම ඉහළ යයි. 2. මැලියම් රඳවන සාධක( plaque retentive factors
) - අක්රමවත් ලෙස පිහිටි දත් , නිසි ප්රමිතියක් නොමැතිව
නිපදවූ කෘතීම දත් ඇඳි , ප්රමිතියක් නොමැති දත් පිරවුම් (
Overhanging restorations ) දත් මැලියම් බැඳීම වේගවත් කර වයි .
3. වෙනත් රෝගාබාධ - දියවැඩියාව , රුධිරය ආශ්රිත රෝග ,
ජානමය රෝග හා ඇතැම් ඖෂධ වර්ග විදුරු මස් රෝග අවදානම
ඉහළ නංවයි. දියවැඩියා රෝගී තත්ත්වය විදුරුමස් රෝග සඳහා විශාල වශයෙන්
බලපාන ලබයි.දියවැඩියාව පාලනය නොවන රෝගීන්ගේ විදුරුමස් රෝග ද පාලනය නොවන
අතර විදුරුමස් රෝග ඇති අයගේ දියවැඩියා පාලනය ද සතුටුදායක නොවේ.
4. දුම්කොළ- දුම් සහිත දුම්කොළ(smoking tobacco / සිගරට්) සහ දුම්
රහිත දුම්කොළ(smokeless tobacco /බුලත් විට,බාබුල්) යන කුමන ආකාරය දුම්කොළයක් වුවද
විදුරුමස් රෝග සඳහා අවදානම ඉහළ නංවයි. දුම්කොළ වල ඇති නිකොටින්
මගින් රුධිර වාහිනී හකුලන අතර විදුරුමස් වලට ලැබෙන රුධිර සැපයුම
අඩාල වේ.මෙමගින් විදුරුමස් වල ඇති අහිතකර බැක්ටීරියාවන්ට වර්ධනය වීමට ඉඩ
සලස්වයි. 5. මන්දපෝෂණය- පෝෂණ ඌණතා ඇති රෝගීන්ගේ විදුරුමස් රෝගයට ගොදුරුවීමේ
සම්භාවිතාවය ඉහළය. උදාහරණයක් වශයෙන් විටමින් c ඌනතාව ඇති ඇති රෝගීන්ගේ
විදුරුමස් ඉදිමීම බහුලව දැකගත හැක. 6 - මානසික ආතතිය. විදුරුමස්
රෝග වල ප්රභේද විවිධ වූ සංකීර්ණ ආකාරවලට විදුරුමස් රෝග වර්ගීකරණය
කළ හැකි වුවද පාඨකයාගේ පහසුව සඳහා ඉතා සරල වර්ගීකරණයකි දිරිපත්
කිරීමට බලාපොරොත්තු වෙමි . 1. විදුරුමස් ඉදිමීම( Gingivitis ) 2.
දීර්ඝකාලීන විදුරුමස් දියවීම( Chronic periodontitis ) 3. ආක්රමණශීලි විදුරුමස් දියවීම(
Aggressive periodontitis ) විදුරුමස් රෝග ඇති වන අයුරු දත් මැදීමේ
දුර්වලතා ඇතුළු අනිකුත් පෙර සදහන් කරන ලද අවදානම් සාධක හේතුවෙන්
පරිදන්ත පටකය තුළ අහිතකර බැක්ටීරියා ඝනත්වය තිබිය යුතු ප්රමාණයට වඩා
විශාල වශයෙන් ඉහළ යනු ලබයි. මෙලෙස බැක්ටීරියා ඝනත්වය වැඩි වීමත්
සමග එම බැක්ටීරියා වලින් නිපදවනු ලබන විෂ ද්රව්ය ප්රමාණය ද
වැඩි වේ. මෙලෙස නිපදවන විෂ ද්රව්ය මගින් විදුරුමස් ඉදිමීම (gingivitis
) නම් වූ රෝගී තත්ත්වය ඇති වේ . විදුරුමස් ඉදිමීමේ
රෝග ලක්ෂණ විදුරු මස් වලින් ලේ ගැලීම ,විදුරුමස් වල රෝස
පැහැය රත් පැහැයට හැරීම , විදුරුමස්වල දාරයේ ඇති ආරුක්කු හැඩය
නැති වීම දැක්විය හැක . විදුරුමස් ඉදිමීම (gingivitis) සම්පූර්ණයෙන්ම සුව
කළ හැකි රෝගී තත්ත්වයක් වන නමුත් ප්රතිකාර නිසි කලට සිදු
නොකළහොත් එය දීර්ඝකාලීන විදුරුමස් දිය වීම (Chronic periodontitis ) දක්වා
වර්ධනය විය හැක . දීර්ඝකාලීන විදුලි මස් දියවීම අදියර කීපයක්
යටතේ සිදුවන තත්ත්වයකි . මුලින්ම විදුරුමස් දතට සම්බන්ධ වන ස්ථානයකි
කාණුවක් වැනි ව්යුහය(Gingval sulcus) හි ගැඹුර(sulcus depth ) වැඩි වීමට
පටන් ගනී. මෙම තත්ත්වය periodontal pocketing ලෙස නම් වේ .මෙයට
හේතුව විදුරු මස දත මුලේ පෘෂ්ඨයෙන් ගැලවී යාමය . මෙලෙස
periodontal pocket ඇති වීමත් සමගම එය තුළ මැලියම් වර්ධනය වී
බැක්ටීරියා ඝනත්වය තවත් ඉහළ යයි . ඊළඟ පියවරේ දී සිදු
වන්නේ විදුරුමස් ක්රමයෙන් දියවී ගොස් දතේ මුල පෑදීමයි (gingival recession