Text
stringlengths 37
1.96k
|
---|
) වෙලා තිබුණෙත් නැහැ . වෛද්යවරයා වහාම දතේ X ray |
එකක් ගන්න තීරණය කළා . X ray එක අරගෙන වෛද්යවරයා |
ඒක හොඳින් පරීක්ෂා කරලා බැලුවා. දතේ පැල්ම (Tooth fracture ) |
ස්නායු කුහරයට ගොඩක්ම ආසන්න තියෙන්නේ .ඒ වගේම දරුවාගේ දතේ මුල |
සම්පූර්ණ වෙලත් නැහැ (Open apex root) . හදිසි ප්රතිකාරයක් ලෙස |
කරන්න තිබුනේ කැඩිච්ච දත් කෑල්ල දතට තියලා අලවන එකයි. මුලින්ම |
දන්ත වෛද්යවරයා කළේ කටේ තියෙන දත්මුල් දත් මුල් කෑල්ලට සවිවන |
කැල්සියම් හයිඩ්රොක්සයිඩ් (Setting calcium hydroxide ) ටිකක් තවරපු එක. ඒ |
ස්නායු කුහරයේ ආරක්ෂාවටයි . පස්සේ කැඩිච්ච දත් කෑල්ල අරන් පොඩ්ඩක් |
රළු කළා .ඊටත් පස්සෙ GIC කියන පිරවුම් ද්රව්යයෙන් දත් කෑල්ල |
දත් මුලට තියලා ලෙව්වා. එහෙම කළාට දත කැඩිලා ආපහු අලවලා |
කියලා හොඳට පේනවා . ඒකට දන්ත වෛද්යවරයා කළේ දතේ පාට |
composite කියන පිරවුම් ද්රව්යයන් දත අලවපු ප්රදේශය පුරවලා හදපු එක. |
මූලික ප්රතිකාර වලින් පස්සේ දරුවව දකුණු පළාතේ තියෙන දෙවන දන්ත |
සංරක්ෂණ ඒකකය වෙච්ච තංගල්ල මූලික රෝහලේ දන්ත සංරක්ෂණය ඒකකයේ දන්ත |
සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්යවරිය(Consultant in Restorative Dentistry ) වෙත යොමු |
කළා. මේ පුතාගේ කැඩිච්ච දත සම්බන්ධයෙන් තියෙන ගැටළු මොනවද? දත |
ස්නායු කුහරයට ගොඩක් ළඟින් කැඩිලා තිබ්බේ. X ray හා පියවි |
ඇහැට පේන්න ස්නායු කුහරය පිටතට විවෘත වෙලා තිබුනේ නැති වුණාට |
ඇසට පෙනෙන්න නැති මට්ටමේ විවෘත වීම (Microscopic pulp exposure ) |
තියෙන්න පුළුවන් .ඒ වගේම දරුවාගේ දතේ මුල සම්පූර්ණයෙන්ම හැදිලා තිබුණෙත් |
නැහැ . දතේ කැඩිච්ච කෑල්ල ඇලෙව්වා උනාට පැල්ම හරහා විසබීජ |
දතේ මුලට ගිහිල්ලා ස්නායු කුහරය මැරුණොත්(Non vital dental pulp ) |
දත මුල සම්පූර්ණ වෙන්නේ නැහැ . මුල සම්පූර්ණ නොවෙච්ච දත් |
පස්සෙ කාලෙක ස්නායු පිරෙව්වා කියලත් සාර්ථක වෙන්න තියෙන අවස්ථාව අඩුයි |
. දත බේරෙන්නෙ නැතුව සජීවී භාවය( Vitality ( පවත්වා ගන්න |
ඕනේ නං Partial pulpotomy කියන ප්රතිකාරය කරන්න ඕනේ කියලා විශේෂඥ |
වෛද්යවරිය තීරණය කරනවා .මේ ප්රතිකාරය දතේ අනාගතය ගැන හිතලා ආරක්ෂාව |
සඳහා කරන ප්රතිකාරයක්. ප්රතිකාරය අරමුණ වන්නේ දත සජීවීව තියා ගන්න |
එකයි දතේ මුල සම්පූර්ණ කරගන්න එකයි . විශේෂඥ වෛද්යවරිය මුලින්ම |
කළේ දතේ සජීවී තාවය පරීක්ෂාකල බලපු එක (Vitality testing). දත |
සජීවී. ඊට පස්සේ දරුවගේ දත හිරි වැට්ටුවා හිරිවට්ටන බෙහෙත් විදලා |
. හිරි වැටුනහම ස්නායු කුහරයෙ වහලේ(Roof of pulp chamber) ඉඳලා |
2mm විතර ප්රමාණය ස්නායු පටකය ඉවත් කළා.ඒකට හේතුව දතේ පැල්ම |
නිසා විෂබීජ ගියොත් ආසාදනය වෙන්න අවස්ථාව වැඩිම අවස්ථාව තියෙන්නේ පැල්මට |
ආසන්න කොටසේ ස්නායු වීමයි . ස්නායු කුකරයෙන් සක්රියව ලේ ගලන |
එක නැවතුනහම සවි නොවෙන කැල්සියම් හයිඩ්රොක්සයිඩ් (Non setting calcium hydroxide |
) ස්තරයක් ස්නායු ඉවත් කරපු කොටසට දැම්මා . ඒකට හේතුව |
වුණේ කැල්සියම් හයිඩ්රොක්සයිඩ් ඉතිරි ස්නායු කුහර කොටස් එක්ක එකතු වෙලා |
එකතුවෙලා ආරක්ෂිත ස්තරයක් හදන එකයි . මේ ආරක්ෂිත ස්ථාන නිසා |
ස්නායු කුහරයට විෂබීජ ඇතුල් වන එක නවතිනවා . සවි නොවන |
කැල්සියම් හයිඩ්රොක්සයිඩ් ස්තරයට උඩින් සවිවන කැල්සියම් හයිඩ්රොක්සයිඩ් ස්තරයක් දැම්මා. ඊට |
උඩින් zinc phosphate ස්ථරයක් දාපු විශේෂඥ වෛද්යවරිය ඉතිරි කොටස composit |
පිරහුම් ද්රව්යයන් පිරවීමේ වගකීම දන්ත වෛද්යවරයාට පැවරුවා . මේ ප්රතිකාරය |
මෙතනින් ඉවර නෑ. අවුරුද්දක් යනකම් මාස 3කට වරක් දරුවාගේ දතේ |
සජීවී භාවය පරික්ෂා කරන්න ඕනේ . X ray අරගෙන දතේ |
මුල සම්පූර්ණ වෙනවද කියල බලන්න ඕනේ. ඒ දෙකේ ගැටළු කියනවා |
නම් ඒවාට අදාළ ප්රතිකාර පස්සේ කරන්න ඕනේ .දතක් සංරක්ෂණය මූලික |
අරමුණ වන්නේ දතේ සජීවී භාවය රැක ගන්න එක. ඒකට කරන්න |
පුලුවං උපරිම කරලා බැරි වුණොත් විතරයි දත අජීවී භාවයට පත් |
විදුරුමස් රෝග හෙවත් periodontal disease අප රටේ මෙන්ම ලෝක ජනගහනයේ |
ද සුලබව දැකිය හැකි රෝගයක් වන විදුරුමස් ආශ්රිත රෝග පිළිබඳව |
සවිස්තරාත්මක විග්රහයක් මෙම ලිපියේ අන්තර් ගත වේ. විදුරු මස් වල |
ව්යුහය ,විදුරුමස් රෝග ඇති වීමට බලපාන හේතු සාධක ,විදුරුමස් රෝග |
වල ප්රභේද , රෝග ලක්ෂණ හා විදුරු මස් රෝග වලට |
අදාල ප්රතිකාර ක්රම පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලබා ගත හැක |
. වැදගත් කරුණක් නම් විදුරුමස් රෝග ව්යාප්ත වන ආකාරය පිළිබඳව |
සොයා ගැනීමට සිදුකරන ලද පරීක්ෂණය විදේශීය විද්යාඥයන් පිරිසක් විසින් ශ්රී |
ලංකාවේ මධ්යම කදුකරයේ තේ වතු දෙකක් ආශ්රිතව වැඩිහිටියන් 480 සම්බන්ධ |
කරගෙන 1970 සිට 1985 දක්වා සිදු කර තිබීමයි. විදුරුමස් රෝග |
පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට පරිදන්ත පටකය හෙවත් periodontium එක |
සම්බන්ධව මනා අවබෝධයක් ලබා ගත යුතුය පරිදන්ත පටකයේ ව්යුහය පරිදන්ත |
පටකය හෙවත් periodontium යනු දතක් හනු අස්ථියට සම්බන්ධ කරන හා |
පරිවරණය කරන විශේෂිත පටකයකි. පරිදන්ත පටකය සෑදී ඇත්තේ විදුරුමස්(Gingiva), පරිදන්ත |
තන්තු(periodontal ligament), දන්ත බදාමය හා හනු අස්ථිය(Alveolar bone) යන පටක |
4 එකතුවෙනි . දතක මුල ආවරණය කරන විශේෂිත පටකය දන්ත |
බදාම වේ . දන්ත බදාමය හා හනු අස්ථිය එකිනෙකට සම්බන්ධ |
කරනු ලබන්නේ පරිදන්ත තන්තු නම් වූ විශේෂිත නූල් වැනි පටකයක් |
මඟිනි . මෙම සියල්ලම ආවරණය කරන පටකය විදුරුමස් නම් වේ.වඩා |
හොඳ අවබෝධයක් ලබා ගැනීමට රූප සටහන බලන්න . විදුරු මස් |
රෝග සාමාන්ය ජන වහරේ විදුරුමස් රෝග ලෙස හැදින්වුවද මෙහි නිවැරදිම |
වචනය විය යුත්තේ පරිදන්ත පටකය ආශ්රිත රෝග යන්නයි . නමුත් |
තේරුම් ගැනීමේ පහසුව තකා මෙම ලිපියේ ද විදුරු මස් රෝග |
යන වචනය භාවිතා කරමි . විදුරු මස් රෝග යනු පරිදන්ත |
පටක වල විශේෂිත බැක්ටීරියාවන් (p.gingivalis) කීපයක් අධික ලෙස වර්ධනය වී |
එම බැක්ටීරියා මගින් නිකුත් කරන විෂ රසායනික මගින් පරිදන්ත පටකය |
විනාශ වීම හා පරිදන්ත පටකටකයේ ප්රතිශක්තිය හීන වී යාමයි . |
විදුරුමස් රෝග වලට බලපාන අවදානම් සාධක ( risk factors ) |
විදුරුමස් රෝග ඇති වීමේ හැකියාව වැඩි කරනු ලබන සාධක අවදානම් |
සාධක (risk factors ) ලෙස නම් කරයි. විදුරු මස් රෝග |
සදහා අවදානම් සාධක ප්රධාන කාණ්ඩ දෙකකි . ඒවා නම් වෙනස් |
කළ හැකි අවදානම් සාධක(modifiable risk factors) හා වෙනස් කළ නොහැකි |
අවදානම් සාධක(non modifiable risk factors) වේ. වෙනස් කළ නොහැකි අවදානම් |
සාධක (non modified modifiable risk factors ) 1.වයස - වයස්ගත |
වන විට රෝග වලට ගොදුරු වීමේ හැකියාව වැඩි වීමත් ප්රතිශක්තිය |
අඩු වීමත් විදුරුමස් රෝග අවදානම වැඩි කරයි . 2. ස්ත්රී |
පුරුෂ භාවය - කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන්ගේ විදුරුමස් රෝග සුලබය . |
3. ජාන මෙය හේතු - ඇතැම් විශේෂ ජාන සැකසුම් ඇති |
පුද්ගලයන්ට විදුරු මස් රෝග අවදානම ඉහළය . විදුරුමස් රෝග පරම්පරාගතව |
පැවත ඒව මෙය තහවුරු කිරීමට සාධකයකි . වෙනස් කළ හැකි |
අවදානම් සාධක(modifiable risk factors ) 1. මුඛ සෞඛ්ය - මුඛ |
සෞඛ්ය පිරිහීම මගින් දත් මැලියම් ( dental plaque & calculi) |
එකතු වී ඒව මත බැක්ටීරියා වර්ධනය වීම මගින් විදුරුමස් රෝග |
අවදානම ඉහළ යයි. 2. මැලියම් රඳවන සාධක( plaque retentive factors |
) - අක්රමවත් ලෙස පිහිටි දත් , නිසි ප්රමිතියක් නොමැතිව |
නිපදවූ කෘතීම දත් ඇඳි , ප්රමිතියක් නොමැති දත් පිරවුම් ( |
Overhanging restorations ) දත් මැලියම් බැඳීම වේගවත් කර වයි . |
3. වෙනත් රෝගාබාධ - දියවැඩියාව , රුධිරය ආශ්රිත රෝග , |
ජානමය රෝග හා ඇතැම් ඖෂධ වර්ග විදුරු මස් රෝග අවදානම |
ඉහළ නංවයි. දියවැඩියා රෝගී තත්ත්වය විදුරුමස් රෝග සඳහා විශාල වශයෙන් |