Text
stringlengths
37
1.96k
ඉවත් කර නියම කළ ඖෂධ ලබා ගන්. මුළු දවස පුරා
කෙළ ගැසීම, දවස පුරා උණුසුම් හා දැඩි ආහාර ගැනීමෙන් වළකින්න.
මුළු දවස පුරා බීම බට වලින් පානය කිරීම නොකළ යුතුයි.
පසුදින ප්රවේශමෙන් ලුණු වතුරෙන් කට සේදීම යුතුයි ශල්යකර්මයේ සංකූලතා සිර
වූ ඥාණ දත් ඉවත් කිරීම සුළු ශල්යකර්මයක් බැවින් සංකූලතා ඇතිවීමේ
අවදානමක් ඇත. ඇතිවිය හැකි සංකූලතා රාශියක් තිබුණද ප්රධාන සංකූලතා කීපයක්
ඉදිරිපත් කරමි. 1.රුධිර වහනය වීම 2. කම්මුලට, තොළට තුවාල සිදුවීම
3.ස්නායු වලට හානි සිදුවීම 4. තුවාලය සුවවීම ප්රමාද වීම 5.හනු
අස්ථික සන්ධිය(temporomandibular joint ) පැනීම 1.රුධිර වහනය වීම - මැහුම්
ලිහිම නිසා සිදුවේ 2. කම්මුල /තොල තුවාල වීම - හනු
අස්ථි කොටස් ඉවත් කිරීමට හා දත ගැලවීමට භාවිතා කරන උපකරණ
මගින් සිදුවිය හැක. 3.ස්නායු වලට හානි වීම - අධර දන්ත
ස්නායුවට (inferior dental nerve ) හා ජිහ්ව ස්නායුවට (lingual nerve)
හානි සිදුවිය හැක . අධර දන්ත ස්නායු ස්නායුවට හානි වීම
- ඥාන දත මුල ස්නායුවට ඉතා ආසන්න වූ විට මෙය
සිදුවිය හැක . හානිය සිදු වූ විට යටි තොලේ එක්
පැත්තක් තාවකාලිකව හිරි වැටී පවතී. ජිහ්ව ස්නායුවට හානි වීම- හනු
අස්ථි කොටස් ඉවත් කරන විට සිදුවිය හැක. හානිය සිදු වූ
විට දිවේ එක් පැත්තක් තාවකාලිකව හෝ සදාකාලිකව හිරි වැටී පවතී
. මෙම සිදුවීම් දෙකම සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩු බැවින්
අනවශ්ය බියක් ඇතිකර ගත යුතු නැත. තුවාල සුව වීම ප්රමාද
වීම - මැහුම් ලිහිම හා තුවාලයේ ඇති ලේ කැටිය ගැලවීම
මගින් සිදුවේ. ඥාන දත් ගැලවීම හැර වෙනත් ප්රතිකාර ඥාන දත
මුල අධර දන්ත ස්නායුවට ඉතා ආසන්න වූ විට ඥාන දත
ගැලවී මගින් අදාළ ස්නායුවට හානි සිදුවිය හැක . මෙවැනි අවස්ථාවලදී
දත සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කිරීම වෙනුවට දතෙ ඉහළ කොටස පමණක්
ඉවත් කිරීම සිදුවේ මෙය coronectomy නම් වේ. මෙම සුළු ශල්යකර්ම
සිදු කිරීමෙන් පසුව නැවත දන්ත වෛද්යවරයා හමුවට ( Review )
අවශ්ය නැත. නමුත් සංකුලතා ඇති වුවහොත් දන්ත වෛද්යවරයා හමුවිය යුතුයි.
නැවත වෛද්යවරයා හමුවිය යුතු අවස්ථා 1.මුඛය විවෘත කිරීමට ඇති අපහසුව
2.අධික රුධිර වහනය 3. අධික වේදනාව සහ ඉදිමුම 4. තොලේ
හෝ දිවේ ඇති අඩු නොවන හිරි ගතිය 5. නාසයෙන් රුධිරය
ගැලීම පණිවිඩය හනු අස්ථිය තුළ සිර වූ ඥාණ දත් ඔබටත්
ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි . කෑම රැඳීමේ හා
දිරිමේ අවධානම වැඩි නිසා ඉතා හොඳින් මැද පිරිසිදුව තබා ගත
යුතුයි . දරුවන් බලාපොරොත්තු වන කාන්තාවන් විශේෂයෙන් මෙවැනි ඥාන දත
ගැන අවධානය යොමු කළ යුතුයි . මන්දයත් ගර්භණී සමයේ අවසාන
කාලයේදී හනු අස්ථිය තුළ තුල සිරවූ ඥාණ දත් වලින් වේදනාවක්
ඇති වුවහොත් ඒ සඳහා ප්රබල වේදනා නාශක දීමක් සිදු කළ
නොහැකි අතර සුළු ශල්යකර්මය ද සිදු කළ නොහැක. එබැවින් ගැබ්
ගැනීමටත් ප්රථම මෙවැනි දැන් දත් ගලවා ඉවත් කිරීම යෝග්ය වේ.
මෙවැනි ශල්යකර්ම සියලු මහා රෝහල් හා ඇතැම් මූලික රෝහල් වල
ඇති විශේෂඥ මුඛ හා හනුක ශල්ය ඒකක ( OMF) මගින්
සිදු කරගත හැකිය. හනු අස්ථිය තුළ තුළ සිර වූ ඥාණ
දත් ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මිථ්යා මත රාශියක් පවතින අතර
ඒවා විශ්වාස කොට මෙම ඥාණ දත් ගලවා ඉවත් නොකර වේදනාව
විඳින පිරිස් අනන්තවත් ඇත. නිසි තක්සේරුවක් කොට නිවැරදි ක්රමවේදයක් යටතේ
මෙම දත් ඉවත් කිරීම මගින් සංකූලතා අවම වන ලෙස ශල්යකර්මය
දත් අවපැහැ ගැනීම හා ඒවාට කරන ප්රතිකාර පුද්ගලයකු ගේ බාහිර
පෙනුම ඔප් නැංවීමට විශාල වශයෙන් ඉවහල් වන සාධකයක් ලෙස දත්
වල පැහැය සැලකිය හැක .පංච කල්යාණයේ එක් අංගයක් ලෙස දන්ත
කල්යාණ එක්කර තිබීම මෙයට කදිම උදාහරණයකි. එමෙන්ම දත් වල පැහැය
නිසා සමාජයට මුහුණ දීමට මැළි වන තරුණ තරුණියන්ද දැකිය හැක
. එබැවින් දත් අවපැහැ ගැන්වෙන ආකාරය හා එයට කළ හැකි
ප්රතිකාර පිළිබඳව මෙම ලිපියෙන් විස්තර කරනු ලැබ. දත් අවපැහැ ගැනීම
ප්රධාන කාණ්ඩ 2ට බෙදිය හැක. 1) බාහිර සාධක මත දත්
පැහැ ගැනීම 2) අභ්යන්තර සාධක මත දත් අවපැහැ ගැනීම බාහිර
සාධක මත දත් අවපැහැ ගැනීම දතේ පෘෂ්ඨයට පිටතින් තැන්පත් වෙන
ද්රව්ය මගින් දත් වල පැහැය වෙනස්වීම මෙලෙස හඳුන්වනු ලබයි. මැලියම්
තැන්පත් වීම (කහ ), කහට තැන්පත් වීම , ඇතැම් ආහාර
ද්රව්ය (කෝපි ,තේ ,ලෝවී ), ඇතැම් ඖෂධ වර්ග (යකඩ), දුම්පානය(දුඹුරු
/ කළු ), වර්ණ ජනක බැක්ටීරියා (කළු ) මෙයට උදාහරණ
වේ. අන්තර සාධක මත දත් අවපැහැ වීම. මේවාට උදාහරණ ලෙස
වයස (කහ) අක්රිය දත් දිරුම් (තද දුඹුරු/කලු), දත් මියයාම(තද දුඹුරු/අළු
), දත්වලට සිදුවන අනතුරු (තද කහ / දුඹුරු), ජානමය රෝග
( Enamel Hypoplasia, Amelogenesis Imperfecta- කහ /දුඹුරු /අළු , Dentinogenesis
Imperfecta- නිල් පැහැයට හුරු අළු / කහ දුඹුරු , දන්ත
ෆ්ලෝරෝසියාව - මළකඩ පැහැය, දත් වර්ධනය වෙන සමයේ ලබාගත් ඖෂධ
- (ළා අළු ළා නිල් ළා දම් පැහැති ටෙට්රාසයික්ලින් ලප
) නම් කළ හැක . දත් අවපැහැ ගැන්වීමට අදාළව ප්රතිකාර
කිරීමේදී මූලිකවම සිදු කර යුත්තේ අවපැහැ ගැන්විමටඅදාළ හේතු සාධක අනාවරණය
කර ගැනීමයි . අවපැහැයට අදාළ හේතු සාධක සෙවීමේ දී අනාවරණය
කරගත යුතු කරුණු වන්නේ අවපැහැ ගැන්වීම එක් දතක් /කීපයක් හෝ
සියලුම දත්වල දැකිය හැකි වීද යන්න , අවපැහැ ගැනීම ආරම්භ
වූ කාලය , දත් අවපැහැ ගැන්වූ වර්ණය , කිරි දත්
වල මෙවැනි තත්ත්වයක් තිබුණේ ද යන්න , අවපැහැ ගැන්වීම වැඩිවේද
/අඩු වේද යන්න , දත්වල පැහැය වෙනස්වීම ඒකාකාරී ද නැද්ද
යන්න, විශේෂ රටාවක් හඳුනාගත හැකි ද යන්න, සහෝදර සහෝදරියන්ගේ දත්වලත්
මෙවැනි තත්ත්වයන් නැද්ද යන්න, කුඩා කාලය ලබාගත් ඖෂධ හා කුඩා
කාලයේ ජීවත් වූ ප්රදේශය යන කරුණ සලකා බැලිය යුතුය .
ඇතැම් අවස්ථාවලදී අවපැහැ ගැනීමට හේතුව හා එයට කරන ප්රතිකාර තීරණය
කිරීමට එක්ස්රේ ගැනීම දත් වල සංවේදී පරීක්ෂාව පරික්ෂා කිරීම සිදු
කළ යුතු වේ . අවපැහැ ගැනීමට හේතු සාධක අනාවරණය කර
පසු අදාළ සාධකයට අනුකූලව ප්රතිකාරය සිදු කළ යුතුයි.එමෙන්ම අදාළ සාධකය
නැවැත්විය හැකි නම් රෝගියා ඒ පිළිබඳව දැනුවත් කර අදාල සාධකය
නැවැත්විය යුතුය (උදාහරණ -දුම් පානය ) දත් අවපැහැ ගැනීමට කරන
ප්රතිකාර බාහිර සාධක මත දත් අවපැහැ ගැනීමට සිදුකරන ප්රතිකාර නම්
මුලින්ම අවපැහැ ගැනීමට හේතුවන බාහිර සාධක ඉවත් කළ යුතුය(උදාහරණ ලෙස
දුම්පානය නතර කිරීම, නිවැරදිව දත් මැදීම) . ඉන්පසු දත් මත
තැන්පත් වී ඇති මැලියම් , ජනක බැක්ටීරියා, සිගරට් කහට වැහි
දෑ දත් සුද්ද කිරීම(scaling and polishing ) මගින් ඉවත් කළ
යුතු ය. එමෙන්ම අවපැහැයට හේතු වන බාහිර සාධක නැවත ළඟා
වීම වැළැක්විය යුතුය . අභ්යන්තර සාධක මත අවපැහැ ගැනිමට කරන
ප්රතිකාර මෙවැනි අවපැහැ ගැනීම් සඳහා ඇති ප්රතිකාර ක්රම වන්නේ දත්
විරංජනය(bleaching), Micro abration ප්රතිකාර , Resin infiltration ප්රතිකාරය , Veneering
ප්රතිකාරය , දන්ත කිරුලු (PFM Crown )ප්රතිකාරය මෙවැනි ප්රතිකාර ක්රම
රාශියක් ඇත. සෑම ප්රතිකාරයක් ම සෑම අවපැහැ ගැනීමකට සුදුසු නොවන
අතර අදාල ප්රතිකාරය තෝරාගනු ලබන්නේ අවපැහැ ගැනීමට බලපෑ හේතු සාධක
හා අවපැහැ ගැන්වී ඇති ප්රමාණය මතය. දන්ත විරංජනය (dental bleaching
) - දන්ත පටක වල ඇති අවපැහැ ගැනීම් රසායනික ක්රම