Text
stringlengths 37
1.96k
|
---|
දත් ඇන්ද සතියක් දෙකක් පාවිච්චි කරාට පස්සේ නැවත ගෙන්නලා බලනවා. |
ඒ දත් ඇන්ද නිසා කට කැපිලාද, හපන්න අපහසුද දත් ඇන්ද |
පිරිසිදුව තියෙනවද කියලා බලන්නයි. හැම දත් ඇන්දක් හදන්නම මේ පියවරවල් |
ඔක්කොම අවශ්ය වෙන්නේ නැහැ. දත් එකක් දෙකක් අඩු නම් ප්රාථමික |
අච්චවෙන් කෙලින්ම පිරික්සුම් දත් ඇන්ද හදන්න පුළුවන්. කෘත්රිම දත් ඇන්දක |
වෙනස්කම් කාලයක් දත් ඇන්දක් පාවිච්චි කරනකොට සවි වෙන ගතිය අඩුවෙන්න |
පුළුවන්. තවත් දත් එකතු කරන්න වෙන්න පුළුවන්, දත් ඇඳි ඉරි |
තැලීම එන්න පුළුවන්. මේ වගේ දෙයක් වුණොත් කරන පිළියම තමයි |
මෙතැන කතා කරන්නේ. Relining - දත් ඇන්දේ සවි වන පෘෂ්ඨය |
නැවත අතුරා සකසනු ලබයි. කාලයත් සමග හනු අස්ථිය ගෙවීම නිසා |
දත් ඇන්ද බුරුල් වෙන්න පුළුවන්. එහෙම උනහම සවි වෙන පෘෂ්ඨය |
නැවත අතුරලා දත් ඇන්ද කටට සුදුසු විදියට සකසනවා. Rebasing - |
මේකෙදි කරන්නේ දත් ඇන්ද හපන පෘෂ්ඨය හැර අනිත් සියලුම පෘෂ්ඨයන් |
නැවත සකස් කරන එක. දත් එකතු කිරීම (Denture addition ) |
- මේක සිද්ධ කරන්න අර්ධ දත් ඇඳි වලට. දත් ඇන්ද |
පාවිච්චි කරනකොට කටේ තියෙන තවත් දතක් ගලවන්න වුණොත් ඒ හිඩැසට |
ගැලපෙන දතක් තියෙන දත් ඇන්ට අමුණන්න පුළුවන්. පිළිසකර කිරීම ( |
Denture repair ) - කාලයක් පාවිච්චි කරනකොට දත් ඇන්ද කැඩුනොත් |
හරි ඉරි තැලුනොත් හරි අලුත් දත් ඇන්දක් හදන්නේ නැතුව තියෙන |
දත් ඇන්ද පිළිසකර කර ගන්න පුළුවන්. දත් ඇන්දක් පිරිසිදු කිරීම |
දත් ඇන්දක් පිරිසිදු කිරීම හැමදාම රෑට කරන්න ඕන දෙයක්.පිරිසිදු ජල |
භාජනයක් අරගෙන භාජනයට උඩින් දත් ඇන්ද තියලා සබන් දාල දත් |
බුරුසු පාවිච්චි කරලා පිරිසිදු කරගන්න ඕන. වතුර භාජනයක් උඩ තියලා |
කරන්නේ හදිස්සියේ හරි අත ලිස්සලා දත් ඇන්ද වැටුනොත් වැටෙන්නේ වතුර |
භාජනයට නිසා දත් ඇන්ද කැඩෙන්නෙ නැහැ.මේ විදිහට පිරිසිදු කර දත් |
ඇන්ද වතුර භාජනයක සම්පූර්ණයෙන්ම ගිල්ලලා මුළු රෑම තියන්න ඕනේ. කවදාවත් |
දත් ඇන්ද රෑට කටේ දාගෙන නිදා ගන්න එපා. ඒ වගේම |
දත් ඇදි පිරිසිදු කරන්න විශේෂිත වූ රසායනික ද්රව්ය වෙළෙඳ පොළේ |
තියෙනවා. දත් ඇදි නිසා ඇතිවන ගැටලු දත් ඇඳි නිසා ඇතිවන |
ගැටලු කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒව තමයි කෙටි කාලීන ගැටලු |
හා දීර්ඝ කාලීන ගැටලු. කෙටි කාලීන ගැටලු - ප්රධාන කෙටිකාලීන |
ගැටලුව තමයි දත් ඇන්ද හදපු අලුත සවි වෙන ගැටලු නිසා |
කට තුවාල වෙන එක. මේකට denture related ulceration කියලා කියනවා. |
දත් ඇඳේ තුවාල වන කොටස ගාලා ඉවත් කරාම මේ ගැටළුව |
විසඳෙනවා. දීර්ඝ කාලීන ගැටලු - ප්රධාන දීර්ඝ කාලීන ගැටලුව තමයි |
denture stomatitis තත්ත්වය. මේකෙදි වෙන්නේ දත් ඇඳි පිරිසිදුව බවේ ගැටලු |
නිසා කටේ පුස් බැඳීමක් සිද්ධ වෙන එක. මේ තත්ත්වය පාලනය |
නොවන දියවැඩියා රෝගීන්ගේ සහ steroid කාණ්ඩයේ ඖෂධ නිතර භාවිතා කරන |
අයගේ සුලබව දකින්න පුළුවන්. මේ තත්ත්වයේදී කට අමුතු රතු පැහැයක් |
ගන්නා අතර අධික කට දැවිල්ල ගතියක් රෝගියාට දැනෙනවා. කෘතිම දත් |
ඇන්දක් කියන්නේ නැති වෙච්ච දත් නැවත ලබාගන්න තියෙන ක්රමවලින් තියෙන |
ලාභදායීම ක්රමයයි. හැබැයි අනිත් ක්රම වලට වඩා රෝගියාට පොඩ්ඩක් විතර |
අපහසුවක් දැනෙනවා. නමුත් කාලයක් ගතවෙනකොට මුහුණේ මාංශ පේශී වලින් දත් |
ඇන්ද නිවැරදිව පාලනය කරගන්න හුරු වෙනවා. ඒ නිසා දත් ඇන්දක් |
දාපු ගමන්ම හොඳ Fit එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම |
දත් ගලවපු ගමන්ම දත්ත ඇඳක් දාන්නත් එපා. මොකද තුවාල හොද |
වෙනකොට කටේ හම හැකිලිලා හැකිලිලා දත් ඇන්ද බුරුල් වෙන්න බලනවා. |
නිසි වෛද්ය උපදෙස් අනුව දත් ඇන්ඳක් පාවිච්චි කරනවා නම් ගැටලු |
මීට සති දෙකකට විතර කලින් දවසක උදේ 10 විතර තංගල්ල |
මූලික රෝහලේ දන්ත එකකයට පැමිණි වයස අවුරුදු 17 විතර දරුවෙකු |
කිව්වේ හම්බන්තොට මහ රෝහලේ දත් වලට කම්බි දාන වෛද්යවරයා තමන්ව |
තංගල්ල රෝහලට යොමු කරපු බවයි. දරුවා දීපු ලියුමක් කියවපු දන්ත |
වෛද්යවරයාට තේරුණා දරුවා යොමු කරල තියෙන්නේ රෝහලේ දන්ත සංරක්ෂණය විශේෂඥ |
වෛද්ය ඒකකයට කියලා. දරුවාව ඒකකයට යොමු කරන්න කලින් දන්ත වෛද්යවරයා |
දරුවාගේ කට හොඳින් පරික්ෂා කරල බැලුවා. දන්ත වෛද්යවරයාට දැකගන්න ලැබුනේ |
උඩු ඇන්දේ දකුණු පැත්තේ පලවෙනි කෘන්තක දත අසාමාන්ය විදියට ඉස්සරහට |
නෙරලා ඇවිත් තියෙන බවයි. තවත් හොඳින් ඒ දත පරික්ෂා කරපු |
දන්ත වෛද්යවරයා දැක්කේ පළවෙනි කෘන්තක දතේ තල්ල පැත්තට වෙන්න (Palate |
) තවත් පුංචි දතක් පිහිටලා තියෙනවා කියලයි. ඒ පුංචි දත් |
පැටියව පරික්ෂා කරල බැලුවම දන්ත වෛද්යවරයාට තේරුණා මේ පුංචි දත් |
පැටියා තවත් නල දතක් නෙමෙයි අර කෘන්තක දත් එන්න ආපු |
පුංචි දතක කියලා. දරුවා ගෙනාපු X- ray එකක් පරික්ෂා කරල |
බලපු දන්ත වෛද්යවරයා වැඩිපුර ප්රතිකාර සඳහා දරුවාව රෝහලේ දන්ත සංරක්ෂණය |
පිළිබඳ විශේෂඥ වෛද්ය ඒකකයට යොමු කළා. මේ දරුවාගේ පළවෙනි කෘන්තක |
දතෙන් මතු වෙච්ච මේ පුංචි දත මොකක්ද? දන්ත වෛද්ය විද්යාවේදී |
මෙය හඳුන්වන්නේ " Dens Evaginatus " කියලා. ඒකේ සරල තේරුම |
" දතට පිටින් දතක්" කියන එකයි. මෙය දත වර්ධනයේ සිද්ධ |
වෙච්ච විකෘති තත්ත්වයක් (Developmental Anomaly ). මෙය දතෙන් මතු වූ |
වෙනම ගැටිත්තක්( Tubercle ) හෝ තුඩක් (Cusp) විදිහට දකින්න ලැබෙනවා. |
හැබැයි මේ ගැටිත්තේ දතක මූලික පටක 3 ම දකින්න පුළුවන්.ඒ |
වගේම මේ පුංචි දතේ ස්නායු කුහරය ( Pulp Chamber ) |
ප්රධාන දතේ ස්නායු කුහරය හා සම්බන්ධ වෙලා තියෙනවා. මෙම වර්ධන |
විකෘති තත්ත්වය සුලබව දකින්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි.මෙය බහුලව දකින්න ලැබෙන්නේ |
පුරස්චාර්වක දත් වල හපන පැත්තේ ( Occlusal surface ) හරහාත් |
ඉදිරිපස දත් වල තල්ල පැත්තේය. මේ දරුවාගෙත් එය පිහිටා ඇති |
වේ පළවෙනි කෘන්තක දතේ තල්ල පැත්තේ. මෙම තත්ත්වයේදී ඇතිවන ප්රධාන |
ගැටලුව තමයි මේ පුංචි දත ගෙවිලා ගිහින් හරි තද දෙයක් |
හපන කොට හරි කැඩිලා ගියොත් හරි පුංචි දතේ ස්නායු කුහරය |
පිටතට නිරාවරණය වෙනවා. ඒකෙන් ප්රධාන දතේ ස්නායු කුහර පිටතට නිරාවරණය |
වෙනවා. මොකද මේ දත් දෙකම ස්නායු කුහර වලින් එකිනෙකට සම්බන්ධ |
නිසා. මේ සම්බන්ධය නිසා ප්රධානදත තද කැක්කුම් ම දීලා අජීවී |
තත්වෙට පත් වෙනව. එහෙම වුනොත් ප්රධාන දත ස්නායු පිරවුමක් කරන්න |
හරි ගලවන්න හරි වෙනවා . මෙම තත්ත්වය තියන රෝගීන්ට දත |
අජීවී තත්ත්වයට පත් වන එක වළක්වන්න කරන ප්රතිකාර කීපයක්ම තියනවා. |
ඒවා සිදු කරන්නේ දන්ත සංරක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්යවරුන්. ඔබටත් මේ |
වගේ අසාමාන්ය තත්ත්වයක් තිබෙනවා නම් දන්ත සංරක්ෂණය සම්බන්ධ විශේෂඥ වෛද්යවරයෙක් |
හමුවෙලා දත කැක්කුම් දෙන්න කලින් නිසි ප්රතිකාර සිදු කර ගන්න. |
~දත් සුදු කරන බෙහෙත් ~ කාලෙක ඉඳලා දත් සුදු කරන |
බෙහෙතක් ගැන ලොකු කැම්පේන් එකක් යනවා fb එකේ. ඕක දකින |
දකින මගෙ යාලුවො සමහර අය ඒ බෙහෙතෙ ෆොටෝ එකක් එවලා |
මගෙන් ඇහුවා ඒ බෙහෙත හොඳද කියලා. මම ඇත්තටම ඒ බෙහෙත |
ගැන ඉගෙන ගෙන නැති නිසා කාටවත් ඒක පාවිච්චි කරන්න කියලා |
කිව්වෙ නෑ. මොකද ඒක පාවිච්චි කරපු සමහර අය දාලා තිබ්බ |
කමෙන්ට්ස් එහෙම දැක්ක නිසා. හොඳ වගේම නරකත් කියලා තිබුනා. (විදුරු |
මස් ඉදිමුන, කළුවුන වගෙ කතා ) මේ බෙහෙතෙ mechanism of |
action ගැන පැහැදිලි කිරීමක් කොහෙවත් තියෙනව දැක්කෙ නෑ. ඒත් දත්වල |
කහට යවන්න පුලුවන් කියලා සඳහන් වෙලා තිබ්බ. ඒ කොහොමද කියලා |
තිබ්බෙ නෑ. දන්නෙ නැති දේවල් දතක උලලා දතේ බැඳිලා තියෙන |
කහට යවද්දි වෙන්න පුළුවන් නරකම දෙයක් තමයි කහටත් එක්කම දතේ |
එනැමල් එකත් දියවෙලා යන එක. දතට හානියක් නොවී දතේ බැඳිලා |