text
stringlengths 1
163k
|
---|
සිරාගෙ කාමරේ Sunday, November 18, 2012 at 10:37:00 AM GMT+5:30 |
මෙම ලියවිලි පෙළම මම කියෙව්වා... බොහොම වටින තොරතුරු එකතුවක්... |
ඖරංසෙබ් කියන රජතුමා කොපමණ කාලයක් රජ කලාද... සීක් අධ්‍යාත්මික නායකයන් කීප දෙනෙකුම ඔහුගේ පාලන කාලය තුල සිටි නිසයි එහෙම ඇහුවෙ... |
Hasitha Tuesday, November 20, 2012 at 9:48:00 PM GMT+5:30 |
ඖරංසෙබ්ට රජතුමා කියන වදනට වඩා සුදුසු වෙන්නේ අධිරාජයා කියන වචනේ. මොකද එයා මෝගල් අධිරාජ්‍යයේ පාලකයෙක්නේ. ෂාහ් ජහාන්ගෙන් [අපි දන්න ටාජ් මහල් හදපු කෙනා] පස්සේ සිහසුනට පත්වෙන ඖරංසෙබ් 1658 ඉදන් 1707 වෙනකම් රාජ්‍ය බලයේ ඉන්නවා. |
ඖරංසෙබ්ගේ කාලය තුළ සීක් ගුරුවරු කීප දෙනෙක්ම ඉන්නේ කීප දෙනෙක් ඖරංසෙබ් මරා දැම්ම නිසා වගේම ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් ලාබාල වයසේදීම මිය ගිය නිසා |
Dude Sunday, November 18, 2012 at 12:12:00 PM GMT+5:30 |
මේක ලියන්න කරුණු හොයලා වචන ගලපන්න හසිත වෙච්ච මහන්සිය සික් කාරයෙක්වත් වෙයිද කියලා මම කල්පනා කලේ. |
ඉතින් ඊ ලඟට මොනවා ගැනද ලියන්නෙ? |
අපේ රොඩීන් ගැන ලියමුද? |
Hasitha Tuesday, November 20, 2012 at 9:50:00 PM GMT+5:30 |
සීක්කාරයන්ට නම් වැඩි කරදරයක් නැහැනේ අයියේ. ගුරුමුඛීවලින්ම පොත්පත් ඇතිනේ ඒ ගැන හොයන්න. අපිටනේ කරදරේ සිංහලෙන් මේ ගැන පොත් පත් අඩුයිනේ.... |
ඊළඟ ලියන්න ඉන්නේ ශාක්‍ය වංශයේ කතාවේ ඉතුරු කොටහ. රොඩීන් ගැන ලියන්න කරපු යෝජනාව හොඳයි. බලමුකෝ උත්සාහයක් දරලා |
කේ.යූ.ජී. උදාර Sunday, November 18, 2012 at 12:25:00 PM GMT+5:30 |
තාම මේ ලිපි පෙළේ එකක්වත් කියෙව්වෙ නැහැ. හෙමිහිට වෙලාව අරගෙන සෙට් එක ම කියවන්න ඕනෙ. මේ වගේ වටින දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට බොහොම ස්තූතියි හසිත......... |
Hasitha Tuesday, November 20, 2012 at 9:51:00 PM GMT+5:30 |
එක අතකට ඒ වැඩේ හුඟක් පහසුයි. නැත්නම් එක කොටසක් ලියලා අනික ලියන්න වුණු පරක්කුවත් එක්ක බලද්දී මුල් කොටස් අමතකයි. දැන් ඒ කරදරේ නැහැනේ :) |
වීපොකුරෙ වීයා Sunday, November 18, 2012 at 1:33:00 PM GMT+5:30 |
//බලවත් සීක් නායකයින් මේ ප්‍රදේශ 12 පාලනය කරනවා// |
ඉංග්‍රීසින්ට ලේසියෙන් මේ ප්‍රදේශ අල්ලගන්න බැරිවෙන්න ඇති..ප්‍රදේශ 12ක් පාලනය කලානම් කොච්චර බලවත්ද..! |
Hasitha Tuesday, November 20, 2012 at 9:52:00 PM GMT+5:30 |
කොච්චර බලවත් වුනත් ඉංග්‍රීසීන්ගේ යුධ ශක්තියත් එක්ක සටන් කරන්න අපහසු වුණා වගේම ඔක්කෝටම වඩා ඉංග්රීසින්ගේ සූත්තර වැඩවලින් ගැලවිලා ඉන්න බැරිවෙන්න ඇති. දන්නවනේ උඩරටට වුණු දේ |
සෙන්නා Sunday, November 18, 2012 at 3:01:00 PM GMT+5:30 |
සීක් වරු කියන්නෙ හරිම සටන් කාමී ජාතියක් කියලා තමා පේන්ඩ තියෙන්නෙ. මට හිතුනෙ සීක් වරු හිටියෙ නැත්නම් මුලු ඉන්දියාවම අද වෙද්දි මුස්ලිම් රාජ්‍යයක්.. |
ස්තූතියි හසිත මේ වෙච්ච මහන්සියට.. අර ඩූඩ් කිව්වා වගේ අපේ රොඩී අය ගැන ලියමුද ඊලඟට. මට මතකයි රොඩී පෙලපත ඇරබුනු හැටි තිබුනා සුදු වැද්දා හරි සුදු ගෝනා හරි පොත් දෙකින් එකක.. ඒක බොහොම රසවත් කතාවක් වෙයි ... |
Chandana Sunday, November 18, 2012 at 6:48:00 PM GMT+5:30 |
සුදු වැද්දා පොතේ. හැබැයි ඒක කතාවක් විතරයි නේද..? සැබෑ විස්තරය තියන්නේ මට මතක විදිහට නොක්ස් ගේ පොතේ. |
දිනුක Monday, November 19, 2012 at 7:46:00 PM GMT+5:30 |
සුදු වැද්දා පොත පුරාම තියෙන්නේ නොක්ස්ගේ පොතේ විස්තර නෙමෙයිද? |
Anonymous Tuesday, November 20, 2012 at 2:08:00 AM GMT+5:30 |
ස්පිට්ල් මහතා ඔහුගේ පොත් වලට නොක්ස් ගේ පොත් වලින් කරුණු ගන්න ඇති කියල නම් හිතෙනවා කියවද්දී. |
මගේ මතකය අනුව නම් සුදු වැද්දා පොතේ තියන්නේ රජ කුමාරිකාව වැද්දත් එක්ක කතා කලා කියල ඔප්පු උනාට පස්සේ වැද්දත් එක්කම පිටත් කරනවා කුලයෙන් පහ කරලා. |
නොක්ස් ගේ පොතේ රොඩී කියන අය සම්බන්ධව සඳහන් වෙලා තියන්නේ මෙහෙම. රජ්ජුරුවන්ට දඩමස් වෙනුවට මිනී මස් ගෙනත් දීපු වැදිපිරිසක් ගැන රජ්ජුරුවෝ උරණ වෙලා ඒ අයට කිසි කෙනෙක් වතුර වත් දෙන්න එපා කියල නීතියකුත්, කිසිම රැකියාවක් නොකර සිඟා ගෙන කන්න ඕනි කියල නීතියකුත් පනවල ඔවුන් ඉඳපු තත්ත්වයෙන් පහත හෙලලා නගරයෙන් පිටමන් කළා. ඒ අයගෙන් පැවත එන අය තමයි ඉහත නමින් හඳුන්වල තියන්නේ. |
සුදු වැද්දා/සුදු ගෝණා පොත් කියෙව්වේ සෑහෙන කාලෙකට කලින් නිසා වැඩි මතකයක් නම් නෑ. |
Hasitha Tuesday, November 20, 2012 at 9:55:00 PM GMT+5:30 |
සීක්වරු නිසා වගේම හින්දූන් නිසා [හින්දූන්ගෙනුත් රාජ්පුත්වරු වගේ අය] ඉන්දියාවේ මුස්ලිම් රාජ්‍යයක් වුනේ නැහැ. අනික් අතට බටහිර ජාතීන් පැමීණෙන්න පටන් ගත්තු එකත් ඒකට හේතුවක් වුණා. එහෙම නොවුණා නම් සමහර විට ලංකාවත් මුස්ලිම් රාජ්‍යයක් වෙලා තියේවි |
රොඩී අය ගැන ලියන්න බලමු. සුදු ගෝනා සහ සුදු වැද්දා නම හුඟ කාලෙකට කලින් කියෙව්වේ. කතාව ආයිත් මතක් කරගන්න වෙනවා |
Hasitha Tuesday, November 20, 2012 at 9:56:00 PM GMT+5:30 |
සුදු වැද්දා පොතේ රොඩී අය ගැන කතාවක් තිබුණාද කියලා නම් මතක නැහැ ආයි කියවලා බලන්න වෙනවා. |
Hasitha Tuesday, November 20, 2012 at 9:59:00 PM GMT+5:30 |
නොක්ස්ගේ පොතේ එයා ලංකාවට ආපු හැටි වගේම රජතුමාගේ හිර භාරයෙන් පැනලා ගිය හැටි මුල් සහ අවසාන කොටස්වල තියෙනවා. අතරමැද්දේ තියෙන්නේ ලංකාවේ පිහිටීම, පාලනය, ආගම, සංස්කෘතිය, පාලනය වගේ අංශ ගැන කතා කරලා. ඒකේ සතුන් ගැන කියවෙන කොටසේ රජතුමාට සුදු ගෝනෙක් අල්ලගෙන ආපු හැටි ගැන තියෙනවා |
සෙන්නා Tuesday, November 20, 2012 at 10:13:00 PM GMT+5:30 |
බටහිර් ජාතීන් නාවනම් ලංකාව මුස්ලිම් රටක් වෙයි කියන්ඩ බලපාන හේතුව මොකක්ද හසිත ? මම අහලා, කියවලා තියන විදිහටනම් ඒ කාලේ වෙනකොටත් ලංකාවෙ මුස්ලිම් ජනගහනය අල්පයි.. වෙන මතකයට එන විශාල මුස්ලිම් බලපෑමක් තිබුනෙත් නෑනෙ අපට.. ඔබ අදහස් කරන්නෙ මෝගල් රාජ්‍යයේ පැතිරීමක් ගැනද ? |
Hasitha Tuesday, November 20, 2012 at 10:32:00 PM GMT+5:30 |
Hasitha Tuesday, November 20, 2012 at 10:35:00 PM GMT+5:30 |
බටහිර ජාතීන් පැමිණීම වගේම ආගමික හිංසන ප්‍රතිපත්ති නිසා හින්දු, සීක් නැගී ඒම් එක්ක මෝගල් බලය ලංකාවට ව්‍යාප්ත වීමක් සිද්ධ වුණේ නැහැ. ඒත් විශේෂයෙන්ම බටහිර ජාතීන් නොපැමිණෙන්න මෝගල් බල ව්‍යාප්තියේ තවත් අදියරක් විදිහට ලංකාවට ආක්‍රමණයක් එල්ල වෙන්න ලොකු ඉඩක් තිබුණා |
අසරණයා Sunday, November 18, 2012 at 5:30:00 PM GMT+5:30 |
මේ වෙච්ච මහන්සියට කොහොම ස්තුතියි කරන්නද?. |
ඉන්දියාවේ හින්දුන් හැමෝම සීක් වරු නෙවෙයි නේ.එතකොට අනිත් හින්දුන් ඒ කියන්නේ නේරුල ගාන්දිලා වගේ කට්ටිය මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කලේ නැද්ද? නැත්නම් ඒ කාලේ සුළු ජන කොටසක් ද? එක ටිකට කියවන්න ලැබුනේ නැති නිසා ඒ ගැන පොඩි ප්‍රශ්නයක්.. |
Hasitha Tuesday, November 20, 2012 at 10:05:00 PM GMT+5:30 |
සීක් දහම අදහන අය සීක්වරු විදිහට ගන්න පුලුවන්. සීක්වරු එක අතකට ජන වර්ගයක් විදිහටත් ගන්න පුලුවන්. හින්දූන් කිව්වාම ඒ ආගම අදහන උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු ජනතාව [දෙමළ] ඒකට අයිතියිනේ. මුස්ලිම් අධිරාජ්‍යය සමයේ ගැටුම් තිබුණත් ඉන්දියාව බ්‍රිතාන්‍ය බලයට යටත් වීමත් එක්ක හින්දු, මුස්ලිම් දෙපිරිස එකතු වෙලා තමා රට නිදහස් කරගන්න ගියේ. හැබැයි සුද්දගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ තියරියට එයාලත් අහුවුණා. හරියට සිංහල දෙමළ අය ලංකාවේ අහුවුණා වගේ |
කස්ස Sunday, November 18, 2012 at 5:38:00 PM GMT+5:30 |
මේ ඔක්කොම කියවන්න ඕනේ බන්, ඒත් වෙලාවක් නෑ.සමාවෙයන්!.වැඩ වලින් ටිකක් නිදහස් වුනාම අනිවා කියවනව. |
අනිවා කියවලා බලන්න අයියා. මොකද සීක් අයත් එක්ක ඔයාලට නම් ඇයි හොඳයිකම් එහෙමත් පවත්වන්න ලැබෙනවා ඇතිනේ. |
රතී, Sunday, November 18, 2012 at 6:30:00 PM GMT+5:30 |
වටිනා තොරතුරැ පෙලක්. පින් දෙනවා කියලා දෙනවට මේ පොඩි උන්ට |
Hasitha Tuesday, November 20, 2012 at 10:06:00 PM GMT+5:30 |
ස්තුතියි අගය කළාට. අපි කරපු දේවල්වලින් බාල පරම්පරාවට වැඩක් තියෙන බව අහන්නත් සතුටුයි :) |
Bindi Sunday, November 18, 2012 at 8:40:00 PM GMT+5:30 |
අද කොටස කියෙව්වා . පරණ ටික එක්ක සේරම ආයේ කියවන්න ඕන . ස්තුතියි හසිත |
Hasitha Tuesday, November 20, 2012 at 10:07:00 PM GMT+5:30 |
දැන් ඔක්කොම එක පාරම කියවන්න පුලුවන්නේ අක්කේ. කලින් තිබ්බ අපහසුතා දැන් මග හැරිලා ඇත්තේ කියලා හිතනවා |
සු දී ක Monday, November 19, 2012 at 6:02:00 AM GMT+5:30 |
මම කලිනුත් කිව්වා, මම හොය හොයා හිටි විස්තරයක් තමයි හසිතගේ ලිපි පෙළ. සික් පියෙකුට දාව ඉපදුනු ලංකාවේ ජීවත් වෙන තරුණියකගෙන් වත් මට මේ විස්තරය අහ ගන්න බැරි වුනා. ඔවුන්ගේ ආගමේ කුමක් හෝ විශේෂයක් තියෙනවා, ඔවුන් සියලු දෙනා ආර්ථික වශයෙන් ශක්තිමත් වන්න. |
Hasitha Tuesday, November 20, 2012 at 10:09:00 PM GMT+5:30 |
//...මම කලිනුත් කිව්වා, මම හොය හොයා හිටි විස්තරයක් තමයි හසිතගේ ලිපි පෙළ. සික් පියෙකුට දාව ඉපදුනු ලංකාවේ ජීවත් වෙන තරුණියකගෙන් වත් මට මේ විස්තරය අහ ගන්න බැරි වුනා....// |
මේ ටික දැක්කාම නම් මට නිරහංකාර සතුටක් ඇතිවෙනවා අයියා. බොහොම ස්තුතියි :) |
සීක්වරුන්ගේ ආර්ථික ශක්තිමත්බවට ආගමික හැදියාව ආගමෙන් උගන්වන දැඩි ශික්ෂණය ලොකු හේතුවක් වෙන්න ඇති |
ගිමන් නිවන්නා Monday, November 19, 2012 at 7:42:00 AM GMT+5:30 |
සීක්වරු ගැන පොතකට ඇති තරම් විස්තර ලිව්වා නේද. ලොකු මහන්සියක් ඒවගේම වටිනාකම කියල නිම කරන්න බෑ. |
Hasitha Tuesday, November 20, 2012 at 10:10:00 PM GMT+5:30 |
සෑහෙන්න නම් ලිව්වා තමා අයියා. පොතක්ට සෑහෙන්න වුණත් ලියවෙන්න ඇති :D |
ඉෂාන් Monday, November 19, 2012 at 9:28:00 AM GMT+5:30 |
නොදන්නා දේවල් සෑහෙන ප්‍රමාණයක් දැනගත්තා. ජය! |
ඊලග ලිපි පෙළ මොන වගේ දෙයක් ගැනද? |
Hasitha Tuesday, November 20, 2012 at 10:11:00 PM GMT+5:30 |
@ ඉෂාන් |
ඊළඟට ලිපි පෙළක් ලියන්න නම් තාම අදහසක් නැහැ. රොඩී අය ගැනත් යමක් ලියන්න කියලා ඉල්ලීමකුත් තියෙනවා නොවැ. බලමුකෝ :) |
මධුරංග Monday, November 19, 2012 at 11:49:00 AM GMT+5:30 |
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න මග පදපු ලිපි පෙලක් ! |
Hasitha Tuesday, November 20, 2012 at 10:12:00 PM GMT+5:30 |
ඒක සැබැයි :) |
අනූ Monday, November 19, 2012 at 6:15:00 PM GMT+5:30 |
නොදැන හිටි දේවල් ගොඩයි... එකක් හෝ දෙකක් ඇර අනික් ලිපි නම් කියෙව්වා... පින්තූරත් විස්තරවලට හරියටම ගැළපෙනවා... ආයෙමත් මේ වගේ ලස්සන කතාවක් අපිට කියල දෙන්න අයියා... |
Hasitha Tuesday, November 20, 2012 at 10:14:00 PM GMT+5:30 |
පින්තූර නැත්නම් මේ කතාව ඔළුවට යනවා හරි අඩුයිනේ. ඒක නිසාමයි මෙච්චර පින්තූර එකතු කළේ... ආයි කතාවක් කියන්න බලමුකෝ ඉඩ ලැබෙන විදිහට :) |
දිනුක Monday, November 19, 2012 at 7:50:00 PM GMT+5:30 |
මට මේ ලිපි පෙළ බොහොම වැදගත් උනා ආගමක පරිණාමය ගැන අධ්‍යයනය කරන්ඩ.බලන්ඩ සමානාත්මතාව වගේ දේවල් ඇති කරන්ඩ බිහිවෙච්ච ධර්මයක් ලේ හලන කණ්ඩායමක් වෙච්ච හැටි.ඒක ඉතිං එයාලගෙම වැරැද්දකුත් නෙමෙයි.අනිත් ආගම්වලත් බලපෑම ආවනේ.ඒ වගේම ගුරු ගෝබින්ද් සිං කරන්නෙත් ක්‍රිස්තියානිය බිහි කෙරුවා වගේ සීක් දහමත් අනිත් ඒවත් එක්ක කළවං කරපු එක නේද? |
අනිත් අයටනං මේ ලිපියෙන් මොනවා තේරුණාද මන්දා, මටනං තේරුණේ ආගම කියන්නේ තනිකරම දේශපාලනය කියන එක. |
Hasitha Tuesday, November 20, 2012 at 10:18:00 PM GMT+5:30 |
ආගමක් තමන්ගේ ගමන අවිහිංසාවාදිව පටන් ගත්තත් ඒක මර්දනය කරන්න යාමෙන් හරි ඒ ආගම ව්‍යාපත් කරන්න යාමේදී හරි ඒක අවිහිංසාවෙන් හිංසාවට යන එක පුදුමයක් නෙමේ. |
සීක් දහම කියන්නේම කලවම් වුණු එකක් තමා. සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් විශේෂයෙන්ම හින්දු හා ඉස්ලාම් ධර්ම වගේම බුදු දහම, ජෛන දහම වගේම පෙරදිග දහම් රැසක එකතුවෙන් තමා සීක් දහම නිර්මාණය කරන්නේ. |
ගුරු ගෝබින්ද් සිං සීක් දහමට අලුත් චාරිත්‍රයක් හඳුන්වා දෙනවා. අන්තිමට සීක්වරුන්ගේ පදනම වෙන්නේ ඒක.අ මට හිතුණේ සීක්වරුන්ගේ මොරාල් අප් කරන්න කාරපු ජිල්මාට් එකක් කියලා. |
ආගම කියන්නේ දේශපාලනය කියන එකට එකඟයි. ලංකාවේ බුදු දහම වුණත් දෙවනපෑතිස් සමයේ ඉදන් ලාංකීය දේශපාලනයත් එක්ක බද්ධ වෙලා තියෙන හැටි පේනවානේ |
Arachchi Ralahami Tuesday, December 11, 2012 at 2:28:00 PM GMT+5:30 |
ආගම යනු දේශපාලනයයි කියන කාරනය කොමියුනිස්ට් මතවාදයක්. උජ්ජේදවාදයට අයට පදනමකින් යුතුව ආගම් කෙරෙහි ඒ අයුරින් අර්ථදෑක්වීම කිසිසේත් සුදුසු නොවේ. |
අටම්පහුර Monday, November 19, 2012 at 8:58:00 PM GMT+5:30 |
හසිත ඔයා මේක ලියුවේ නැත්තං මට මෙව්වා දැන ගන්ඩ ක්‍රමයක් නැ |
Hasitha Tuesday, November 20, 2012 at 10:19:00 PM GMT+5:30 |
සමහර විට අයියා :) |