text
stringlengths 1
163k
|
---|
රාගම මුලික රෝහල-සති 2ක් |
ආයෙමත් පේරාදෙණිය- මාසයක්(අතේ කළ සැත්කමක් නිසා) |
අන්තිමට නුවර- දවස් 3ක්(පරීක්ෂණ සදහා) |
මීට අමතරව ක්ලීනික්... පරීක්ෂණ.. අනංමනං ගොඩකට ඉස්පිරිතාල වල රවුම් ගැහුවා... මෙහෙම බලද්දි මම වැඩිපුර ඉදලා තියෙන්නේ ඉස්පිරිතාල වල....ඒත් හිනා යන වැඩේ කියන්නේ මෙච්චර ඉදලත් අද වෙනකන්ම මට තියෙන ලෙඩේ මොකද්ද කියලා හොයාගෙන නෑ...තාමත් පරීක්ෂණ... ඉතින් තවත් මාව මේවට ඇදන් යන එකට අම්මත් එක්ක වලි දාගන්නව ඇරෙන්න මොනවා කරන්නද? |
මම කියන්න ගියේ මේ සැරේ නතර වුන වාට්ටුව ගැන...මේක දැක්කම පුදුම හිතුනා...වහලේට යටින් ඉටිරෙදි ගහලා..ඒත් ඒක තැනින් තැන ඉරිලා.. මීයන්ගේ රජ දහන වුනේ ඒක.. මට ලැබුන ඇදට උඩින් ඉටිරෙද්දේ ලොකු හිලක්...මම පණ බයේ හිටියේ කොයි වෙලාවේ මී පැටව් ඇගට වැටෙයිද කියලා... එකට මම කලේ හැම වෙලේම ඔළුවේ හිටන් වහගෙන හිටි එක....මම හිතන්නේ මේ දවස් වල එහේ මී පැටවුන්ගේ ක්‍රිඩා උත්සවයක් වත් තියෙන්න ඇති...හොද සෞඛ්‍ය සේවයක් පවතිනවා යැයි කියන රටේ මෙහෙම දේවලුත් තියෙනවා ඉතින්.. |
ඒ වගේම ගොඩක් බෙහෙත් වර්ග ගන්න වෙන්නෙත් පිටින්.. එහෙම බලද්දි ප්‍රයිවට් ඒවාගෙයි මේවගෙයි වෙනසක් නෑ...ඒ වගේම තමයි මේ තැන්වල ඉන්න බහුතරයක් හිතාගෙන ඉන්නේ ලෙඩ්ඩු කියන්නේ එයාලට වද දෙන්න ආපු අය කියලා..මම දන්න තරමින් නම් කිසිම කෙනෙක් කැමැත්තෙන් අසනීප වෙන්නේ නෑ..පරීක්ෂණ වලට කියලා වරුවක් මාව බඩගින්නෙ තියලා ඔන්න පටන් ගත්තා ලේ ගන්න... මගේ අසනීපයත් එක්ක ලේගැනීම අමාරු වැඩක් .. එයාලට හරියටම ලේ ගන්න නහර හොයා ගන්න බැරි නිසා එයාලට හිතෙන හැම තැනකටම ඇනලා බලනවා...අන්තිමට 13 පාරක් ට්‍රයි කිරිමෙන් අනතුරුව ඒ වැඩේ හරි නෑ කියලා ගත්තෙ නැද්ද ලොකු කට්ටක්....ඔක්කොමත් ඉවසුවැකි ඒත් ඒ නර්ස්ලාගේ තදියමට තමා මට වැඩිපුර කේන්ති ගියේ...එයාලා දන්නෙ නැතිව ඇති කට්ටකින් ඇනලා ඒ මදිවට ඒක සැරින් සැරේ හෙලවද්දි රිදෙනව කියලා...ඒ මදිවට කියනව ඉවසන්නලු.. අන්තිමට නර්ස්ලා දෙන්නෙක් ඉන්ජෙක්ෂන් කට්ටකින් ඇනලා අත දෙපැත්තට ඇද ඇද ලේ ටික ගත්තා...කොහොමින් හරි අන්තිමට අතේ තැන් තැන් වල පුංචි පුංචි හිල්...ඒ මදිවට අත නිල් වෙලා... |
ඒ හැම දේකටම පස්සේ ගෙදර ආවා...දැන් නම් නිවන් දැක්ක වගේ...... |
ලිව්වේ අකීකරු හිත at 1:24 AM |
අසංක උදයංග Asanka Udayanga December 18, 2010 at 2:49 AM |
ඔයාගේ අකීකරු හිත ලස්සනයි...අද තමයි මේ පෑත්තේ ආවේ...දිගටම ලියන්න...අපි ඉන්නවා හෑමදාම |
dinesh December 18, 2010 at 8:05 AM |
නංගි බබා ඔහොම ලියනකොට අපිට දුක හිතෙනවනෙ. |
හපෝ..........ඔය නර්ස්ල ඔහොම තමා.දැන් වැඩියෙන් වැඩ කරන්න කියල තියන හින්ද තවත් මලෙන් ඇත්තෙ. |
හි...හි...මී පැටියෙක් වැටෙන්න තිබුනෙ ඇදට... |
එක පාරක් පස් යටත් දැම්මලු.මොකද්ද අනේ ඔයාගෙ අසනීපෙ.? |
නිම්ශා December 18, 2010 at 2:00 PM |
ඔයාට අයේ ඉස්පිරිතලයක් දකින්න නොලැබේවා කියලා ප්‍රර්තනා කරන්නම්... |
මයියා December 18, 2010 at 5:54 PM |
I know you have been hospitalized for your arms and legs... |
No arms.. no legs...no worries |
``` Outsider``` December 18, 2010 at 7:33 PM |
රෝහල් වල ගත කරන එක ගොඩක් අමාරු වැඩක් තමයි. අත්දැකීම් වලින්ම මමත් ඒක දන්නව. |
මොනා කරන්නද සමහරුන්ට එහෙම වෙන අවස්ථා අඩුයි. තවත් සමහරුන්ට නිතරම් රෝහල් ගානෙ රස්තියාදු වෙන්න වෙනව. අපේ ශරීර වල ස්වභාවයන් වෙනස් එකිනෙකාට. අතීත කර්මත් ඒකට බලපානව ඇති. |
ඉතින් අමාරුවෙන් හරි හිත හදාගෙන වෛද්‍ය පරීක්ෂණ වලට මුහුණ දෙන්න. නියම වෙලාව ආවම ඔයා සම්පූර්ණයෙන්ම සුවපත් වෙයි. ඒ පිළිබඳ විශ්වාසයෙන් ඉන්න. |
හිස් අහස December 19, 2010 at 8:05 AM |
රෝහලක දවස් 5 ඉඳලා ජීවිතේම එපා උනා මට ..ඔයා කොහොම හිටියද කියන්න මම දන්නේ නෑ ..ඒත් මට විස්වාසයි ඔයාගේ හිතේ හයිය ගොඩක් ඉහල බව නැත්නම් කොහොමද ඔයතරම් ඉවසලා . |
ඔයා නීරෝගි වෙන්ඩ පතන්නම් |
සුදු හංසි December 20, 2010 at 1:54 AM |
ම්.... රොහල් ගත උනේ අසනිපයක් නිසානේ නංගි බබෝ.... අපි ගෙදර හිටියනම් නර්ස්ල රිදවනවට වඩා රිදෙනව...මොකෝ බෙහෙත් නොකරම... තනියම වේදනාව දරාගන්න වෙනවනේ.... කොහොමෙන් කොහොමහරි ඔයා දැන් සනීපෙන්නේ..... ඒක ඇති මට.... |
prasanna86k December 20, 2010 at 6:15 PM |
ඊක්මනට සනීප වෙයි ඔයාට. බය නැතුව ඉන්න. |
ජනේලයෙන් එහා - out of the window - *ජනේලයෙන් එහා - out of the window* *------------------------------------------------* ගිනි ගහන අව්ව , බස් එකේ ඇතුල හිටියත් ඒ අව්ව ජනේලය අස්සෙන් මාව හොයාන එ... |
අළු: January 2019 |
Posted by ප්‍රියන්ත ෆොන්සේකා at 1:23 AM No comments: |
(2019 ජනවාරි 20 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) |
‘මේ පුරවැසි නාලිකාවයි. අද දවසේ අපගේ වැඩ සටහන් මෙතැන් පටන් ආරම්භ කෙරෙනු ඇත. අපගේ ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ද්විත්වයත්, පුවත්පතත්, සමාජ මාධ්‍ය තීරයත් යන සියල්ල මෙරට පුරවැසියන්ගේ ප්රමුඛ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන අතර මෙහි පළ කෙරෙන ප්රවෘත්ති සහ සෙසු වැඩසටහන්/ලිපි ඇතුළු සියලු විකාශය කෙරෙන හෝ මුද්‍රණය කෙරෙන ඕනෑම දෙයක් වෙනුවෙන් පුරවැසි නාලිකාව පුරවැසියා වෙත වගකීමට බැඳී සිටින හෙයින් ඕනෑම මොහොතක ඒ පිළිබඳ විමසා බැලීමට ඔබට අයිතියක් ඇත. ඒ සඳහා පහත අංක යටතේ අප අමතන මෙන්......‘ |
සිහිනයක දුටු ප්‍රකාශයකින් මා අද ලිවීම ආරම්භ කොට ඇතැයි ඔබට සිතෙන්නට ඉඩ ඇති බැව් මම දනිමි. සියලු ටෙලිවිෂන හා ගුවන් විදුලි නාලිකා මෙන්ම ප්‍රධාන පුවත්පත් ද මූලිකව රජයට හෝ කිසියම් පෞද්ගලික ආයතනයකට නොඑසේනම් තනි පවුලකට/පුද්ගලයෙකුට අයිතිව ඇති වටපිටාවක පුරවැසි නාලිකාවක් පිළිබඳ අදහස සිහිනයක මිස වෙන කොතැනක මුණ ගැසේවි ද? එහෙත්, මේ සිහින යථාවත් කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු කාලයයි. මා එසේ ලියන්නේ ඇයි? |
දැනට දින කිහිපයකට පෙර පුරවැසි සංවිධාන කිහිපයක එකමුතුවෙන් තැනුනු ‘අලුත් පියාපත්‘ සංවිධානය ජන මාධ්‍යයේ වගකීම සහ වගවීම සිහි කැඳවමින් සහ ආචාරධාර්මික මාධ්‍ය භාවිතය ඉල්ලා සිටිමින් දිවයිනේ ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ල වෙතම පාහේ සංදේශයක් රැගෙන ගිය බැව් අපි දැන් දනිමු. කළු පැහැති ඇදුමින් සැරසී, කළු මුකවාඩම් බැද, නිහඬ විරෝධයක් ද සමගින් ගිය මෙම සංදේශ භාර දීමේ ගමන කෙළවර වූයේ නොසිතූ විරූ ලෙස ‘එන්ජීඕකාර සහ පක්ෂ දේශපාලනය හා බැඳුණු‘ නඩයක් මාධ්‍ය වෙත තර්ජනය කරන්නට හා පහර දෙන්නට පැමිණි බැව් වර නගමින් ඔවුන් පිළිබඳ ස්වකීය මාධ්‍ය තුළ ‘අසත්‍ය‘ ප්රවෘත්ති පළ කරන්නට මාධ්‍ය ආයතන කිහිපයක්ම පියවර ගැනීමත් සමග ය. ‘මව්බිම‘ පුවත්පත හා ‘සිරස ටීවී‘ නාලිකාව මේ පුවත් පළ කිරීමේ පෙරමුණු බලඇණියේ උන් අතර සිය ශ්‍රව්‍ය දෘෂ්‍ය විද්‍යුත් නාලිකාවේ බලය භාවිතා කරමින් ඔවුහු විරෝධතා සංදේශය රැගෙන පැමිණි පිරිස්වල මුහුණු සමීප රූපයට ගනිමින් ‘ඔවුන් රටට හෙළි දරව් කරන්නට‘ කටයුතු කළේ චාන්දනී සෙනවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, සමණලී ෆොන්සේකා වැනි සම්මානනීය නිළියන්ගේ, විමුක්ති ජයසුන්දර වැනි සම්මාන දිනූ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ, විදර්ශන කන්නන්ගර වැනි සමාජ ක්‍රියාධරයින්ගේ මුහුණු රක්ත වර්ණයෙන් රවුම් කොට දක්වමිනි. |
මූලිකව, මාධ්‍යවලින් ජාතිවාදී ප්‍රචාර නවතා දමන මෙන් ඉල්ලීමට, සත්‍ය ප්‍රචාරය කිරීම පමණක් සිදු කරන මෙන් ඉල්ලීමට, මිත්‍යාව සමාජගත කිරීම නවත්වන මෙන් ඉල්ලීමට පුරවැසියකු හෝ කණ්ඩායමකට නොහැකි වන්නේ කෙසේ ද? දිගින් දිගටම රටේ බහුතර මාධ්‍ය ආයතන අනේක විධ මිත්‍යා මතිකයන් සමාජගත කරන තත්වයක උන් බවත්, එය ක්‍රමිකව ඉහළ නැගෙමින් පවතින බවත් කිසිවකුට රහසක් නොවේ. ඒ හා සමානව සිංහල හා බෞද්ධ නොවන ජනවර්ගයන් හා ආගම් පිළිබඳව ද සත්‍ය නොවන, ගොඩ නැංවූ සහ ඇතැම් විට වෛරී ප්‍රකාශ සහ තොරතුරු ද සමාජගත කරන්නට ඇතැම් මාධ්‍ය මූලිකත්වය ගෙන තිබුණු බව ද රහසක් නොවේ. ඒ සියල්ල හා සමග, රට තුළ සිදුවන සියළු දේශපාලනික හා ආගමික හා සමාජයීය කටයුතු ස්වකීය ‘මිතුරු දේශපාලනික පක්ෂයට හෝ කලාපයට‘ වාසිදායක වන පරිදි තොරතුරු වාර්තාකරණය තුළ දී වර නැගීමට ද බහුතරයක් මාධ්‍ය නිරතුරුව කටයුතු කළ බව කිසිසේත්ම රහසක් නොවේ. ඉදින්, ඉතා පැහැදිලි කාරණා පිළිබඳ ස්වකීය විරෝධය ප්‍රකාශ කරන්නටත්, යහපත් මාධ්‍ය භාවිතාවක් ඉල්ලා සිටින්නටත් පුරවැසියාට නොහැකි ඇයි? |
‘අලුත් පියාපත්‘ ඇතුළු සංවිධාන එකමුතුවේ පිරිස දහස් ගණනක් නොවූව ද ඔවුන් මේ තැබූයේ මිලියන ගණනක සමස්ථ පුරවැසි ප්‍රජාවේ අනාගතය වෙනුවෙන් වූ අගනා පියවරකි. සත්‍යය, මිත්‍යාවෙන් තොර යථාව සහ ජාතිවාදයෙන් හා වෛරයෙන් තොර මනුෂ්‍යත්වය ඉල්ලා සිටීම සමස්ථ පුරවැසියාගේ යහපත් සහ දියුණු හෙට දවස වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඉල්ලීමකි. සියලු පුරවැසියන් ස්වකීය තනි පුද්ගල දේශපාලනික දෘශ්ටීන් මොහොතකට පසෙක තබා ඒ ඉල්ලීම සමග සිටගත යුතුම ය. |
‘සිරස‘ නාලිකාවේ ප්‍රති-විරෝධය ගැඹුරින් කියවා ගැනීමත් මෙවැනි අවකාශයක දී අත්‍යාවශ්‍ය ය. ‘සිරසට අත තබා පසුතැවිලි නොවන්නැයි‘ කියමින් සිය ප්‍රේක්ෂාගාරය වෙත ‘තගරි‘ දමමින් තමන් කියනා දෙයම පිළිගන්නට ඔවුන් කරන ‘චණ්ඩි පාට්‘ ඉල්ලීම පසුපස සැඟව ඇත්තේ මාධ්‍යයේ බලාධිකාරය නිශ්චිත පුද්ගල කණ්ඩායමක් වෙතින් ගිලිහී යාම ඉඩ ඇතැයි යන්න පිළිබඳ වන බියයි. ආණ්ඩු තැනීම, බිලියන ගණනින් කෙරෙන මුදල් හුවමාරු, කොමිස්, සුඛිත ජීවිත ඇතුළු එකිනෙකට බැඳුණු කාරණා සියල්ල ජන මාධ්‍යයේ හිමිකාරීත්වය සමග ද තදින් පෑහි ඇති හෙයින් ජන මාධ්‍යය පුරවැසියාගේ ඉල්ලීමට අනුව පාලනය වීම හෝ පිළිගත් ආචාරධර්මික පැවැත්මක් වෙත පැමිණීම හෝ ස්වකීය අවශ්‍යතා ඉටු නොකරන කලාපයක් වෙත තල්ලු වීමක් බව මාධ්‍ය අයිතිකරුවන් හා රාජ්‍ය මාධ්‍ය පාලනය කරන ආණ්ඩු හොඳින් දන්නා බැව් පැහැදිලි ය. (ජන මාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය හා සබඳතා වටහා ගැනීමට වෙරිටේ රීසර්ච් ආයතනයේ Media Ownership Monitor වෙබ් අඩවිය විමසා බලන්න.) |
අප ඉදිරියේ පියවර දෙකක් ඇත. මෙම ‘අලුත් පියාපත්‘හි ඉල්ලීම තව දුරටත් බල ගන්වමින් අදාල ඉල්ලීම් ඉටු කරන මෙන් සියලු මාධ්‍ය ආයතන වෙත බල කිරීම සඳහා පෙළ ගැසීම පළමුවැන්නයි. ‘ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධයි‘ යනුවෙන් අපගේ ෆේස්බුක් ප්‍රොෆයිල මුහුණු ද රත් පැහැයෙන් රවුම් කරමින් ‘සිරස‘ සිදු කළ සදාචාර විරෝධී කටයුත්තට ඔවුන්ගේම ක්‍රියාව ප්‍රතික්‍රියාව ලෙස යෙදීමට මා සිදු කළ ෆේස්බුක්‘ ඉල්ලීම ඉතා කෙටි කාලයකින් විශාල ප්‍රජාවක් තුළ පැතිරීම අපගේ බලය පෙන්වන, මා හොඳින්ම අත්දුටු, කදිම සාක්ෂියකි. එවැනි විවිධ විරෝධතා සහ පෙළගැසීම්, අපට හැකි කලාපයන් තුළ හෝ සිදු කිරීම අනගි මැදිහත් වීමකි. දෙවැන්න තරමක් දීර්ඝකාලීන ය. නමුත් දිනිය හැකි ය. ඒ පෞද්ගලික ‘සිරස‘වල්වලට එරෙහි ‘පුරවැසි සිරස‘ හෙවත් ‘හිස‘ පෙරමුණට කැඳවමින් පුරවැසි මාධ්‍ය ජාලයක් නිර්මාණය කර ගැනීමයි. |
වහල් බවින් මිදෙන තෙක්ම ඇතැම් වහලුන්ට ඔවුන් වහලුන් බව නොතේරුණු බැව් අතීත වහල් සමය ආශ්රිත කථිකා අපට පහදා දී ඇත. මාධ්‍ය වහල් බවින් අප මිදී පුරවැසි නාලිකාවක ආශ්‍රය ලබන්නට මුල පුරන දිනක අපගේ සීමා අපට වැටහෙනු ඇත. ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවන් ඉදිරියට තබමින් පුරවැසි නාලිකාවක රුවගුණ වටහා ගැන්මට ජපාන එන්එච්කේ ආයතනය පමණක් හෝ විමසන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි. |
Posted by ප්‍රියන්ත ෆොන්සේකා at 4:30 AM 2 comments: |
Labels: ‘අනිද්දා‘ කොලම, ජන මාධ්‍ය, ටෙලිවිෂනය, දේශපාලන, සමාජ, සංවාද |
(2019 ජනවාරි 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) |
කොස්ටාරිකා |
නව වසරක් එළඹ ඇත. සුපුරුදු පරිදි, සියලුම මාධ්‍යයන් භාවිතා කරමින් රාජ්‍ය නායකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියල්ලෝම සෙස්සන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතමින් සිටිති. වඩා යහපත් හෙට දිනයක් උදෙසා එකිනෙකා වෙත සුබ පැතුම් එක් කිරීම වඩාත් යහපත් කටයුත්තක් වුවත්, එය පොදුවේ සමාන සිතුවිලි දාමයකට සියල්ලන් කැඳවීමක් වුවත් ‘සුබ නව වසර‘ යනුවෙන් අප හඳුනාගන්නා, පිළිගන්නට කැමති දෙය කුමක් ද යන්න විමසීම මේ අනාගත සුබ සිද්ධිය විග්රහ කර ගැනීමටත්, දිනා ගැනීමටත් වඩා සාර්ථක එළඹුම බැව් මම විශ්වාස කරමි. |
නිදහස ලබා ගෙවුණු වසර 70ක කාලය මුළුල්ලේම අප වඩාත් සුඛිත දේශයක් බිහි කරගැනීම සඳහා බලාපොරොත්තු තබා සිටිනා බැව් නොරහසකි. අප පසුකරමින් ඇදෙන දකුණු කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය ආදී වෙනත් ආසියාතික රටවල් මෙන්ම එක් එක් පාර්ශවයන්ගෙන් අප පසුකරමින් සිටින බංග්ලාදේශය, නේපාලය ආදී අසල්වැසි දකුණු ආසියාතික රටවල් ද දෙස බලමින් කණගාටුවට පත් වන අපි, අපගේ ජයග්‍රහණය උදෙසා යළි යළිත් සැලසුම් සකස් කරමින් ඉදිරි සාර්ථකත්වයන් අපේක්ෂා කරති. දේශපාලනික බල කලාපය කෙතරම් ආචාරධාර්මික පිරිහීමකට ලක්ව තිබුණ ද, පුරවැසි සමාජය කෙතරම් තරගකාරී, එකිනෙකා පරයා යන්නට තනන අරගල බිමකට පැමිණ තිබුණ ද අපේ අනාගත සැලසුම් සියල්ලේම මූලික සඳහන ආර්ථිකය බැව් යළි යළිත් විශ්වාස කරමින්ම අපි ‘අනාගත සිංගප්පූරුවක්‘ තැනීමෙහි ‘සිහිනයක‘ ගිලෙමින් කටයුතු කරමු. නව වසර පිළිබඳ ‘කිරියෙන් පැණියෙන් ඉතිරෙන‘ ප්‍රාර්ථනයේ හැඟවුම ද මේ ආර්ථික සශ්‍රීකත්වයයි. |
ආර්ථිකය හා ඒ ඉලක්ක හා බැඳුණු දේශපාලනය වෙනස් වීමත් සමග රට වඩාත් සුඛිත තත්වයක් වෙත ළඟා වනු ඇතැයි යන ‘බ්‍රේස්ලට් සිහින‘ හා/හෝ ‘ආසියාවේ ආශ්චර්ය‘ දැක්මවල් අප සිත් තුළ සාමූහික චින්තන ස්වරූපයක් ලෙස පැලපදියම් වූයේ කවරදා පටන් ද? මේ ‘සිහින-ආශ්චර්ය‘ දෘෂ්ටීන් හමුවේ අපට මග හැරී ඇති කලාපයන් මොනවා ද? සැබවින්ම මේ ඉලක්ක ළඟා කර ගත හැකි ද? අප දිනාගන්නට කැමති අනාගත දේශයේ තත්වයන් දැනටමත් දිනාගෙන ඇති රාජ්‍යය සිංගප්පූරුව නම් ඔවුන් අද ඔවුන්ගේ රාජ්‍යයේ තත්වය ගැන සිතන්නේ කුමක් ද? සැබෑ දියුණුව සෙසු රවටලට නොදෙවනි තුංග ගොඩනැගිලිවලින් පිරි නගර හා ආර්ථිකය නගා සිටවූ රාජ්‍යයක් ද නොඑසේනම්, දියුණු මානව සංවර්ධනයක් සහිත රාජ්‍යයක් ද? |
නව වසර එළඹෙන මොහොතේ සිංගප්පූරුව අතහැර කොස්ටාරිකාව දෙස හැරී බලමු යැයි මම ඔබට යෝජනා කරන්නට කැමැත්තෙමි. නගර - රාජ්‍යයක් වන සිංගප්පූරුව බොහෝ කලාපවලින් ආසියාවේ මධ්‍යස්ථානයක් බවට පත් වෙමින්, පළවෙනි ලෝකයට අයත් රාජ්‍යයක් බවට පත් වෙමින් තිබිය දී, දූපත් රාජ්‍යයක් නොවූවත්, රටේ නැගෙනහිරින් සහ බටහිරින් මුහුදින් සීමාවන රාජ්‍යයක් වන, වර්ග කිලෝ මීටර 51,060ක භූමි ප්‍රමාණයකින් හා මිලියන 5ක පමණ ජන සංඛ්‍යාවකින් හෙබි ලතින් ඇමරිකානු රාජ්‍යයක් වන කොස්ටාරිකාව සියලු ලතින් ඇමරිකානු රාජ්‍යයන් අභිබවා ගිය මානව සංවර්ධන දර්ශකයන් සමගින් කලාපීය සටහනෙහි ඉහළින්ම සිය රාජ්‍ය නාමය සටහන් කරගෙන සිටියි. අපූර්වත්වය එය නොවේ. ලොව දියුණුම හා ආර්ථික වශයෙන් බලවත්ම රටවල්වල ජනතාව අතරට පමණක් පැමිණිය හැකි යැයි බැලූ බැල්මට පෙනෙන වඩාත් සතුටින්ම ජීවත්වන පුරවැසියන්ගෙන් සමන්විත රාජ්‍ය ලැයිස්තුවේ ඉහළම අංකයක් කොස්ටරිකාවට හිමිව තිබීමයි. යුරෝපීය, උතුරු ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු නාම අතර ඇති එකම ලතින් ඇමරිකානු රාජ්‍ය නාමය කොස්ටරිකාවයි. |
කොස්ටරිකාව මේ පෙරළිකාර ඉදිරි ගමන පැමිණ ඇති ආකාරය විමසමින් ස්වයං විවේචනාත්මකව අපේ ‘කිරියෙන් පැණියෙන් ඉතිරෙන‘ අනාගත පැතුම් දෙස විමසන්නට මම ඔබට ආරාධනා කරනු කැමැත්තෙමි. සමකාසන්න රාජ්‍යයක් වන කොස්ටරිකාව 2021 වන විට පූර්ණ වශයෙන් ප්ලාස්ටික්වලින් සහ කාබන්වලින් නිදහස් රාජ්‍යයක් වීමට සූදානම් බවට තොරතුරු එම සෙවීම දී ඔබට හමුවනු ඇත. කෘෂිකර්මාන්තය ද පෙරමුණේ තබමින් වඩාත් ඵලදායී කාර්මික නිෂ්පාදන කරා එළඹ වාර්ෂිකව දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන ගණනින් ඉහළ නංවා ගන්නා එම රාජ්‍යය, ස්වකීය වන ගහනය, පරිසරය, ජෛව විවිධත්වය යනාදිය ගැන දැඩිව අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය දෙස අවධානය යොමු කර ඇති අයුරු ද හඳුනාගනු ඇත. |
දැන් අපිට අපේ 2025 හෝ 2030 තිරසාර සංවර්ධන ඉලක්කවල මේ කලාප වෙත අවධානයන් දක්වමින් ප්‍රති තර්ක ගොණු කළ හැකි ය. යටකී ‘සංවර්ධන ඉලක්ක‘ සාක්ෂාත් කරගැනීමට අප ද පිඹුරුපත් සකසා අවසන් බව ද, ලෝක සංවිධාන හා ආර්ථික සහයෝගිතාකරුවන් ඒ පිළිගෙන ඇති බව ද දැක්විය හැකි ය. එහෙත්, අපි අපේ ඉලක්ක කරා ගමන් කරන්නේ කා සමගින් ද? ඒ ඉලක්ක ඉටු කරගන්නට, යථාවාදී අයුරින් ඒ සඳහා තරග වදින්නට අපේ පුරවැසි ප්‍රජාව සූදානම් ද? |
අප අතහැර ඇති, කොස්ටරිකාව වැඩිම අවධානය දී ඇති කලාපයන් වෙත අපේ අවධානය යොමු වනු ඇත්තේ මේ සාකච්ඡාව ආරම්භ කළ පසු ය. 4.4%ක් වන ලෝක සාමාන්‍ය අගය පරයමින් 6.9%ක දළ ජාතික නිෂ්පාදිත අගයක් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති කොස්ටාරිකාව වඩාත් සබුද්ධික පුරවැසි ප්‍රජාවක් සමග, ගැඹුරු සාමූහික විඥාණයක්, සාමූහික පරිකල්පනයක් සහිතව අනාගත සිහින වෙත එළඹ ඇති බව ය. කොස්ටරිකාව පොදු එකඟතාවක් මත සිය හමුදාව විසිරුවා හැර ඇති රාජ්‍යයකි. අනෙකා සැක කිරීම වෙනුවට අනෙකාට ආදරය කිරීම හා විශ්වාස කිරීම පිළිගෙන ඇති එරට පුරවැසියා යුද්ධය, ගැටුම, අර්බුදය පිළිබඳ වන භීතීන් සිය මනසින් පසෙක තබා ඇත. වඩාත් දියුණු සංස්කෘතික ක්‍රියා පිළිවෙත් වෙත යොමු වෙමින් මනසින් ද පොහොසත් ප්‍රජාවක් තනා ගනිමින් සිය පුරවැසි ප්‍රජාවේ මානසික සෞඛ්‍යය දියුණු තලයක් කරා රැගෙන විත් ඇත. සංතුෂ්ටිදායක ප්‍රජාවක් අනාගත සිහින වෙත වඩාත් කැමැත්තෙන් හා සාමූහිකව පිය ඔසවනු ඇති බව අපට උදාහරණ හමුවන්නේත්, අප ඒ හමුවේ වඩාත් පසුගාමී තැනක වන බව අපට පැහැදිලි වන්නේත් කොස්ටරිකාව විමසන විට ය. |
අප සිංගප්පූරුව දකින්නේම එහි ඇති ආර්ථික පසුබිම පමණක් තේරුම් ගනිමිනි. ‘සල්ලි සියල්ල නොවන බව‘ වටහාගත් විගම අපට අපගේ අර්බුදයට පිළියම් සෙවිය යුතු මාර්ගය පසක් වනු ඇත. ටියුෂන් මුදලාලිලා වෙත දරුවන් තබමින්, තරග පිටියකට ඔවුන් ඇද දමමින්, සංස්කෘතික මිනිසා නසා, හමුදා කඳවුරු හා හමුදා පුහුණු ගැන විශ්වාස තබමින්, සැකයෙන් හා බියෙන් ගැහෙමින් අපට දිනාගත හැකි අභිවෘද්ධියක් නැත. |
සංස්කෘතික ජීවිතය මුණගැසෙන, නැගිය හැකි නව වසරක් වේවා! |
Posted by ප්‍රියන්ත ෆොන්සේකා at 6:19 AM 2 comments: |
Labels: ‘අනිද්දා‘ කොලම, කොස්ටාරිකාව, සමාජ, සංවාද |
(2018 දෙසැම්බර් 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) |
අවසානයේ සිදුවිය හැකි බිහිසුණුම දෙය සියල්ල යළි සාමාන්‍ය තත්වයට පත්වීම බව පසුගිය දිනවල සිදුවුණු දේශපාලනික අස්ථාවරතා සමයේ ධනංජය කරුණාරත්න සිය ෆේස්බුක් අඩවියේ ලියා තැබී ය. වැඩිදෙනෙකු සිනා මුහුණුවලින් සංග්‍රහ කොට තිබුණු ධනංජයගේ ප්‍රකාශය වඩාත් ගැඹුරින් සිතා බැලූ අයෙක් වී නම් එහි වන සිනහව ඉක්මවන ඛේදනීය තත්වය වටහා ගනු ඇත. මගේ මේ ආරාධනය ධනංජය මතු කරන කාරණයත් සමගම සිතමින් ‘අවසානය’ ලෙස අප වටහා ගන්නා ස්ථානය පිළිබඳව යළි සිතා බලන්නට එකතු වෙන ලෙස ය. කලාව ඇසුරෙහි දී වුව අප ‘කෙළවර වීම’ ලෙස වටහා ගන්නා තත්වය කෙතරම් දුරට අප යම් ආකෘතික සිතන්නකු බවට පත් කොට ඇත් ද යන්න පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට ය. |
ඇමරිකානු හොලිවුඩ් මහා සිනමා සම්ප්රදාය තුළ තිර රචනා ‘ගුරු’ කෙනෙකු ලෙස ඉහළ තැනක තබා පිළිගන්නා සිඩ් ෆීල්ඩ් ‘හොඳ තිර රචනයක’ පැවතිය යුතු ගුණාංග රාශියක් පිළිබඳව සාකච්ඡා කරයි. ඔහුගේ ක්‍රමවේදයට අනුව ප්‍රේක්ෂකයා අතරමං නොකරන කතාවකට නිසි මුලක්, මැදක් හා අගක් තිබිය යුතු ය. නිසි චරිත සංවර්ධන රීතින් අනුව නැගුණු ප්‍රධාන චරිතයක් අදාල කතාව තුළ නිශ්චිතව මුණ ගැසෙන ‘දුෂ්ට චරිතය’ පරාජය කොට අග කොටස නියම කරන කාල සමය තුළ දීම සිය ජයග්‍රහණය වාර්තා කළ යුතු ය. ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂාගාරයෙන් නැගිට යා යුත්තේ සිතෙහි ඇති අපැහැදිලිතා සමගින් නොවේ. කතාව තුළ අප වර්ධනය කළ සියලුම අර්බුද සිනමා කෘතියේ අවසන් රූප රාමුවත් සමග විසඳී ගොස් සැහැල්ලු මනසකින් යුතු ප්රේක්ෂකයකු අසුනින් නැගී සිටිය යුතු ය! |
සිඩ් ෆීල්ඩ් මේ යෝජනා කරන්නේ නැවුම්, පෙර නොවූ විරූ ආඛ්‍යාන ස්වරූපයක් නොවේ. ක්‍රි.පූ. 335 දී පමණ ඇරිස්ටෝටල් විසින් රචනා කරන ලදැයි සැළකෙන ‘කාව්‍ය ශාස්ත්‍රය’ නමැති ග්‍රන්ථය තුළ ඔහු යෝජනා කළ අඛ්‍යාන රචනා ක්‍රමවේදය තුළ වන යෝජනාවම ය. වසර දහස් ගණනක් තිස්සේ නාට්‍ය, සාහිත්‍ය ඈ ආඛ්‍යානය ප්රමුඛ කොටගත් ලේඛණයන් තුළත්, පසුකාලීනව එම රටාවන් ගුරු කොටගත් සිනමාව තුළත් යළි යළිත් ඉතා සුළු අපගමනයන් මධ්‍යයේ වුව මුණගැසෙන්නේ ඇරිස්ටෝටලියානු ක්රමවේදයම ය. සිඩ් ෆීල්ඩ් අනු දකින්නේ ද එයයි. |
මෙම ක්‍රම රීතීන් වඩාත් ප්‍රබල ලෙස සිත්හි සටහන් වූ පසු අප තිරය, වේදිකාව ආදී ස්ථානවල දකින්නට වැඩිපුරම ආසා කරන්නේ ඉහත පරිදි සියල්ල පරදා ජය ලබන ‘වීරයකු’ මුණ ගැසෙන කතා ස්වරූපයන් ය; ඒ හා සමග සියළු ගැටළු විසඳී, සියල්ලෝ සතුටින් විසිර යන කතන්දර ය. මෙම ස්වරූපයන්හි ඇති සිත් ඇදගන්නා බව කොතරම් ද යත් ‘හොලිවුඩ් මහා සිනමාවට’ දැඩිව ආසක්ත වුණු පුද්ගලයන් අබිං කෑවුන් වැනියැයි වාමවාදී සිනමා විචාරකයකු වරෙක ලියා ඇත. එම රටාවම ඉල්ලීම ඇබ්බැහියකි. ‘අබිං කෑ පරිදි’ එම රටාවම විමසන අප අවසානයේ කතන්දර ලෙස විශ්වාස කරන්නේම එම ස්වරූපයන් පමණි. |
මෙය සත්‍යයක් ද? |
සැබවින්ම කලාතුරකින් හෝ ‘වීරයකු විසින් සියලු නරක පරාජය කරනු ලැබීම’ සිදු වීමට ඇති ඉඩ ඉතා අවම බව තත්‍ය ලෝකය බොහෝ උදාහරණ අප වෙත සපයා දී ඇත. වඩාත් පෙරටුගාමී කලා භාවිතයන් අප වෙත ගෙන එන්නේ ද ‘වීරයකු නැති’ මෙම ලෝක යථාවයි. නැතහොත්, ඊටත් වඩා, පරාජය කිරීමට අසීරු බිහිසුණු සහ ඛේදනීය දුෂ්ටත්වයන් සහ අමිහිරි තත්‍ය ලෝක ස්වභාවයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඉතාලි, ප්‍රංශ ආදී සිනමාවන්, සංස්කෘතික විප්ලව සමයන්ගෙන් පසු ඉරාන සහ චීන රටවල සිනමාවන් මේ ආකාර ප්රතිවිරෝධී ආඛ්‍යාන අප වෙත තැබූ උදාහරණයන් ය. බ්‍රෙෂ්ට්, දාරියෝ ෆෝ, ඉයනෙස්කෝ සහ පින්ටර් වැනි නාට්‍යකරුවන් මේ ආකාර නාට්‍ය වේදිකා උදාහරණයන් අප වෙත තබා ඇත. |
වඩා දියුණු කලා කෘති සේවනය කරන සමාජයක් සාදා ගැනීමෙහි ඇති වටිනාකම් රැස අතර මෙම ‘වීරයාගේ ජය’ පමණක් නොපතන බහුවිධ අවසානයන් වටහා ගැනීමේ තත්වය හමුවීම ද වෙයි. සැම මොහොතකම තබා කලාතුරකින් වුව වෘකයා පරාජය නොවන බව වටහා ගැනීම ජීවිතය, ඒ හා සමග බද්ධව පවතින සමාජ දේශපාලන දේහය වටහා ගැනීමටත්, එයට එරෙහිව ස්වකීය අරගලය වඩාත් දියුණු ලෙස ක්‍රියාත්මක කිරීමටත් සහාය දක්වනු ඇත. වඩා සබුද්ධික සමාජ ජීවියෙකු නිර්මාණය කර ගැනීමට උදව් දෙනු ඇත. |
ධනංජයගේ ‘සිනහ කැඳවන සුළු’ පාඨය දෙස දැන් අපි නැවත හැරී බලමු. ඔහු කී පරිද්දෙන්ම දැන් යළි එලඹ ඇත්තේ සියල්ල සාමාන්‍ය වූ තත්වයකි. ප්රජාතන්ත්රවාදය බිඳ දැමූ පාලකයින්ට අධිකරණය පාඩම් උගන්වා ඇත. වරදකරුවන් එය පිළිගෙන ඇත. ‘වැරදි’ භාවිතයන් සඳහා පෙළඹුණු පාලක කණ්ඩායම් ඉල්ලා අස්වී ගොසිනි. දැන්, ‘කූඨප්‍රාප්තියෙන් පසු’සියල්ල යහපත් තත්වයකට පැමිණ ඇත. ‘සිඩ් ෆීල්ඩියානු ක්‍රමවේදයට’ අනුව නම්, නැතිනම් ‘ඇරිස්ටෝටල්ට අනුව’ නම් මෙය ඉතා අනගි කතා ස්වරූපයකි. දුෂ්ටයා, වීරයා, ගැටුම ඈ සියල්ල එකහැරම හඳුනාගත හැකි තරමටම සියලු කරුණු පැහැදිලි ය! |
නමුත් අප සමාජ දේශපාලන කලාපය දෙසත් ‘මහා සම්ප්රදාය අනුදකින හොලිවුඩය’ දෙස බලනායුරින් බලන සම්මත ආකාරය යළි විමසිය යුතු ය. අප මනස වෙත ස්ථිර කර දී ඇති ‘මහා සම්ප්රදාය’ විසින් ගොඩ නගා ඇති ආඛ්‍යාන ස්වරූපයේ ආකෘතිය බිඳ හෙළන්නට අප කටයුතු කළ යුතු ය. ‘වීරයා’ පිළිබඳ සම්මත ගොඩනැගීම හෝ ‘දුෂ්ටයා’ පිළිබඳ සම්මත ගොඩනැගීම පෙරමුණේ තබමින්, නොදැනුවත්ව වුව, අප කියවමින් පවතින ඒකාකෘතික රාමුගත ස්වරූපවලට ඔබ්බෙන් වන අපැහැදිලි අඩවි විමසීමට අප කටයුතු කළ යුතු ය. |
සියල්ල යළි යථා තත්වයට එළඹීම, මහා සිනමාවේදී මෙන්ම, තත්‍ය ලෝකය තුළ දී ද අපි සැහැල්ලු විය හැකි අවස්ථාවක් ලෙස ගනිමු. පැහැදිලිව පෙනෙන ගැටුම කෙළවර වූ පසු දැන් එළඹ ඇත්තේ හුස්ම පහළ හෙළා සැහැල්ලු විය හැකි මොහොත බව අපි විශ්වාස කරමු. එහෙත් සිනමා තිර රාමුව හෝ ප්‍රොසීනියම් ආරුක්කුව හතරැස් ආකෘතියක බහා අප වෙත තෝරා බේරා ඉදිරිපත් කළ ආඛ්‍යානයක පරිද්දෙන් එය එවැනි සැහැල්ලුවකින් කෙළවර වන කතාංගයක් නොවේ. එය අනවරත ක්රියාදාමයකි; බහුවිධ අවසාන ඇති ගලායෑමකි; බහුමානීය දෘශ්ටිකෝණ ඇති කලාපයකි. |
මුල, මැද සහ අග සහිත සම්මත මහා ආඛ්‍යානය ක්‍රමිකව සමාජය, දේශපාලනය මෙන්ම ජීවිතය ද ඒ ආකෘතික ස්වරූපය හරහාම වටහා ගන්නට අප පොළඹවන බව වටහා ගැනීමම වඩාත් නැවුම් හා වෙනස් ප්‍රවේශ ඔස්සේ සමාජ, දේශපාලන මෙන්ම පුද්ගලබද්ධ ලෝකයන් දෙසද පිවිස බැලීමේ අනගි දොරටුවක් විවර කර දෙන්නකි. |
ඔව්! අපි අලුතෙන්ම, වෙනස් ව, බලමු! |
Posted by ප්‍රියන්ත ෆොන්සේකා at 2:20 PM No comments: |
Labels: ‘අනිද්දා‘ කොලම, දේශපාලන, ධනංජය කරුණාරත්න, සමාජ, සංවාද |
ඉන්ඩෙක්ටර් කට්ටල බෙදාහරින්නා ඉලෙක්ට්‍රොනික උපාංග බෙදාහරින්නා | සංරචක -Mart.com |
ගෙදර > නිෂ්පාදන > කට්ටල > ඉන්ඩෙක්ටර් කට්ටල |
ඉන්ඩෙක්ටර් කට්ටල 300 නිෂ්පාදන සොයා ගනී |
විස්තර:INDUCTOR POWER DESIGN KIT SMD |
Bourns, Inc.- බර්න්ස්, ඉන්කෝපරේෂන් සමාගම විසින් 1947 දී Marlan සහ රෝස්මරී බර්න්ස් විසින් ආරම්භ කරන ලද ඉෙලක්ෙටොනික් උපාංග සහ ඒකාබද්ධ විසඳුම් නිර්මාණය, ඉෙලක්ෙටොනික් කර්මාන්තය හා ෙමෙහයවීම සඳහා මූලිකත්වය ගනු ලැබ ඇත. කර්මාන්තයේ නවෝත්පාදකයකු ලෙස, Bourns පරිගණක, ටෙලිකොමියුනිකේෂන්, මෝටර් රථ හා ජංගම ඉෙලක්ෙටොනික වැනි ඉහළ වර්ධන කර්මාන්තවල නිෂ්පාදන සංවර්ධනය සඳහා ඉලක්ක කරයි. |
Bourns සමාගමේ නිෂ්පාදන හා සේවා වල ගුණාත්මකභාවය, වටිනාකම් සහ නවෝත්පාදනය සඳහා වූ මිනුම් දණ්ඩක් ස්ථාපිත කරන ලදී. 1952 දී Trimpot & reg; රේඛාවයි. මෙය ලොව ප්‍රථම වරට අත්ලැවුණු පොටිනිමීටරයේ ප්‍රථම වරටයි. විශිෂ්ඨත්වය වෙනුවෙන් කැපවුණු කැපවීම මගින් පාරිභෝගිකයින්ට තම නිෂ්පාදන සහ සේවාවන් ගෝලීය පදනමකින් සපුරාලීම සඳහා අඛණ්ඩ වැඩිදියුණු කිරීමක් සහතික කරයි. Bourns දර්ශනය පදනම් වන්නේ නිෂ්පාදන ගුණත්වය, විශ්වසනීය බෙදාහැරීම සහ එහි ලෝක ව්‍යාප්ත පාරිභෝගිකයින් සඳහා හොඳම සමස්ත වටිනාකමයි. ගෝලීය නිෂ්පාදන සහ පාරිභෝගික සහාය සැපයීමේ හැකියාව පවත්වා ගෙන යෑමට අමතරව, Bourns පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා තාක්ෂනය සංවර්ධනය හා එහි නිෂ්පාදන හැකියාවන් පුළුල් කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කරයි. වෙනස්වන අවශ්‍යතා. මෙම අඛණ්ඩ ආයෝජන මගින් Bourns සංඝටක අවම කිරීම උදෙසා ප්රවනතාවය ප්‍රචලිත කරයි. QS 9000 සහ ISO 9001/2000 යන සහතික කිරීම් වලට අනුකූලව සමාගම විසින් සිය නිෂ්පාදන මෙහෙයුම් වල ගුණාත්මකභාවය කෙරෙහි දක්වන කැපවීම පෙන්නුම් කරයි. |
බර්න්ස්, පොටිමිට්ටිමීටර්, ඉහළට ආරක්ෂක උපකරණ, සංෙව්දක, මොඩියුලර් සම්බන්ධතා, පතිෙරෝධක ජාල, ස්විච්, එන්ෙකොෙඩර්, වින්ඩෝස් පාලක, ෙර්ඛීය චලිතාපවතින්, ඩයල්ස්, නිරවද්‍යතාවයෙන් යුත් ෙපොනිෂන්සිටි, ඉන්ජිනේරුමය සංරචක, චිප් පතිරෝධක සහ චිප් පතිරූප අරා , සහ තවත්. මීට අමතරව, අපගේ ටයර් ආරක්ෂණ සැපයුම තයිරොයිර්ගේ ප්‍රබල ආරක්ෂකයන්, නැවත පදිංචි කළ හැකි හා විදුලි සංදේශ ෆියුස්, ගෑස් විසර්ජන ටියුබ, රේඛා ආරක්ෂක මොඩියුල, චිප් ඩයෝඩ සහ ESD ආරක්ෂක නිෂ්පාදන ඇතුළත් වේ. බාහිර ශාක නිෂ්පාදන මධ්‍යම කාර්යාල, මධ්‍යස්ථාන සහ බහු අදියර ආරක්ෂා කරන්නන් මෙන්ම ජාල අතුරු මුහුණත (NIDS) සහ ඩිජිටල් අනුපිළිවෙලවල් (DSL) නිෂ්පාදන වේ. මෑත නිෂ්පාදිත පේළි එකතු කිරීම් DC / DC පරිවර්තක, ක්ෂුද්‍ර-ඉෙලක්ෙටොනික ෙමොඩියුල, විෙශේෂ පතිෙරෝධක සහ බල අර්ධ සන්නායක ඇතුළත් ෙව්. |
කොටස#:SRR-A-LAB2 |
කොටස#:EKDMGN07-KIT |
විස්තර:KIT POWER INDUCTOR 0603-1008 |
කොටස#:SRP-A-LAB3 |
විස්තර:SMD HIGH POWER INDUCTOR KIT |
ගබඩාවේ ඇත:1838 |
කොටස#:B82559X0001 |
විස්තර:KIT INDUCTOR POWER 82559 SERIES |
කොටස#:PF0560NLKIT |
විස්තර:SHIELDED DRUM CORE INDUCTO NPB |
ගබඩාවේ ඇත:3618 |
කොටස#:B82559X0002 |
විස්තර:KIT INDUCTOR ERU25 POWER SMD |
කොටස#:DK0051 |
නිෂ්පාදකයින්:American Technical Ceramics |
විස්තර:INDUCTOR KIT ATC WL SERIES |
කොටස#:744870 |
විස්තර:SEPIC APPLICATIONS WE-DD |
කොටස#:CM252016-LAB1 |
විස්තර:KIT INDUCTOR CHIP SMD |